cheranga-uom
added newsfirst data
ae26518
{"Header": ["\nයාල වනෝද්‍යානය තුළ කොටියෙකු මිය යාම පිළිබඳ පරීක්ෂණවලට සහය වන්න – වනජීවි අධ්‍යක්ෂ ජනරාල්වරයා(VIDEO)"], "Time": ["\n01 Sep, 2015\t", "| 9:56 pm ", "\n"], "Url": "https://www.newsfirst.lk/sinhala/2015/09/01/%e0%b6%ba%e0%b7%8f%e0%b6%bd-%e0%b7%80%e0%b6%b1%e0%b7%9d%e0%b6%af%e0%b7%8a%e2%80%8d%e0%b6%ba%e0%b7%8f%e0%b6%b1%e0%b6%ba-%e0%b6%ad%e0%b7%94%e0%b7%85-%e0%b6%9a%e0%b7%9c%e0%b6%a7%e0%b7%92%e0%b6%ba/", "Content": "යාල ජාතික වනෝද්‍යානය තුළ කොටියෙකු මිය යාමේ සිද්ධිය සම්බන්ධ වගකීමෙන් ජීප් රථ රියදුරන්ට බැහැර විය නොහැකි බව වනජීවි දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි. ඔහු මේ බව පැවසුවේ, අනතුර සම්බන්ධ වගකීම වනජීවි දෙපාර්තමේන්තුව භාර ගත යුතු බවට ජීප් රථ රියදුරන් ප්‍රකාශ කිරීම හේතුවෙනි. රිය අනතුරකට ලක්වීමෙන් මෙම කොටියා මියගොස් සිටි බවත්, මීට පෙර අවස්ථාවලදී ද ජීප් රථ රියදුරන් අතින් කොටින් අනතුරට ලක්වීමේ සිදුවීම් වාර්තා වූ බවත් වනජීවි අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි. එහෙත් මේ සිද්ධිය මාධ්‍ය ඔස්සේ වාර්තා වීමත් සමග අදහස් දැක්වූ ජිප් රථ රියදුරන් පැවසුවේ එම අනතුර යාල ජාතික ව‍නෝද්‍යානයේ රාත්‍රී කාලයේ කඳවුරුවල හා සංචාරක නිකේතනවල රැදී සිටින්නන් අතින් සිදුවුවක් බව ය. // <![CDATA[(function(d, s, id) { var js, fjs = d.getElementsByTagName(s)[0]; if (d.getElementById(id)) return; js = d.createElement(s); js.id = id; js.src = \"//connect.facebook.net/en_US/sdk.js#xfbml=1&#038;version=v2.3\"; fjs.parentNode.insertBefore(js, fjs);}(document, 'script', 'facebook-jssdk'));// ]]&gt; යාල වනෝද්‍යානය තුළ කොටියෙකු මිය යාම පිළිබඳ පරීක්ෂණවලට සහය වන්නැයි, වනජීවි අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ඉල්ලීමක් Posted by Newsfirst.lk on Tuesday, September 1, 2015"}