cheranga-uom
added newsfirst data
ae26518
{"Header": ["\nචීනයේ අවුරුදු උදාව සැමරීමට එක් වූ පුද්ගලයින් 35ක් මරුට"], "Time": ["\n01 Jan, 2015\t", "| 11:53 am ", "\n"], "Url": "https://www.newsfirst.lk/sinhala/2015/01/01/%e0%b6%a0%e0%b7%93%e0%b6%b1%e0%b6%ba%e0%b7%9a-%e0%b6%85%e0%b7%80%e0%b7%94%e0%b6%bb%e0%b7%94%e0%b6%af%e0%b7%94-%e0%b6%8b%e0%b6%af%e0%b7%8f%e0%b7%80-%e0%b7%83%e0%b7%90%e0%b6%b8%e0%b6%bb%e0%b7%93/", "Content": "චීනයේ ෂැංහයි නගරයේ නව අවුරුදු උදාව සැමරීමට එක් වූ පුද්ගලයින් අතර ඇති වූ තෙරපීමකින් 35 දෙනෙකු ජිවිතක්ෂයට පත්වූහ. විදෙස් වාර්තා පැවසුවේ, ගොඩනැගිල්ලකින් විසි කළ ව්‍යාජ මුදල් නෝට්ටු එකතු කිරීමට උත්සහ දරන අවස්ථාවේ තෙරපීම සිදුව ඇති බව ය. චීනයේ ෂැංහයි නගරයේ ‍චෙන් යී චතුරස්‍රය ආසන්නයෙන් මෙම සිදුවීම වාර්තා විය. තෙරපීමෙන් 43 දෙනෙකු තුවාල ලබා ඇති අතර තුවාල ලැබූවන්ගෙන් බහුතරය සිසුන් බව විදෙස් වාර්තා පවසයි."}