Delete data
Browse files- data/hplt.csv +0 -3
- data/nsina.csv +0 -3
- data/nsina_5.csv +0 -11
- data/semi_sold.csv +0 -3
data/hplt.csv
DELETED
@@ -1,3 +0,0 @@
|
|
1 |
-
version https://git-lfs.github.com/spec/v1
|
2 |
-
oid sha256:d2d73d6e17d7a0e12eaf12f51d6e12549a911bc392e83e49f7b6c91eb9fcd61c
|
3 |
-
size 8075064779
|
|
|
|
|
|
|
|
data/nsina.csv
DELETED
@@ -1,3 +0,0 @@
|
|
1 |
-
version https://git-lfs.github.com/spec/v1
|
2 |
-
oid sha256:ea42c56712fb77521f544937893c6b1755b7202826196f79eeac858534fb9e3d
|
3 |
-
size 2310810756
|
|
|
|
|
|
|
|
data/nsina_5.csv
DELETED
@@ -1,11 +0,0 @@
|
|
1 |
-
nid,news
|
2 |
-
world-56693727,"මෙම වෙනස්කම් සිදුවන්නේ එක්සත් රාජධානියේ රාජකීය පවුලේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයකු අභාවයට පත්වූ බැවිනි. ඒ රැජිණගේ ස්වාමි පුරුෂයා බව ප්‍රවෘත්ති නරඹන හෝ අසන ඔබ දැනටමත් දනී. ෆ්ලිප් කුමරු, බීබීසීය මේ ආකාරයෙන් මරණය වාර්තා කරනු ලබන රාජකීයයන් හතරදෙනාගෙන් එක අයෙකි. දෙවෙනි එලිසබෙත් රැජිණ, ඇයගේ පුත් සහ ඔටුන්න හිමි චාල්ස් කුමරු (වේල්සයේ කුමරු) සහ ඔහුගේ පුත් එනම් ඊළඟට සිහසුනට පත්වන තැනැත්තා වන විලියම් කුමරු (කේම්බ්‍රිජ් හි ආදිපාද) අනෙක් රාජකීයයෝ වෙති. අනෙකුත් මාධ්‍ය ආයතනවලට වඩා බීබීසී විසින් මෙම මරණය වඩා වැදගත් ලෙස සලකන බව පෙනෙන්නට තිබේ. ඒ කුමක් නිසාද? දෙවෙනි එලිසබෙත් රැජිණ රටේ වැඩිම කලක් කිරුළු දැරූ රාජකීයයා වන අතර ඇය සිහසුනේ මෙතෙක් ගතකළ කාලය වසර 69කි. ඇය, එක්සත් රාජධානිය සේ ම තවත් රටවල් 15 ක රාජ්‍ය නායිකාව වන්නීය. එසේ ම, ස්වාධීන රටවල් 54 කින් සමන්විත ස්වේච්ඡා සංගමයක් වන පොදු රාජ්‍ය මණ්ඩලයේ ප්‍රධානියා වන්නේ ද ඇය ය. එම රටවල් සැමෙකක් ම පාහේ පෙරදී බ්‍රිතාන්‍ය පාලනය යටතේ පැවතිණි. බ්‍රිතාන්‍යයේ මහජනයා මෙන්ම ඉන් ඔබ්බට ද ඇය අතිශය වැදගත් තැනැත්තියක වේ. බ්‍රිතාන්‍ය රාජකීයයෙකුගේ අභාවයක දී ලෝක මාධ්‍ය ඊට වැඩි අවධානයක් යොමු කරයි. එවැන්නක ආවරණය නිවැරදිව ක්‍රියාත්මක කිරීම සඳහා බීබීසී සෑම උත්සාහයක් ම දරන අතර ඊට අතිශය සාධාරණ හේතුවක් ද වේ. බීබීසී සඳහා අරමුදල් සම්පාදනය කෙරෙන්නේ බ්‍රිතාන්‍ය ආණ්ඩුවෙන් නොවේ. සෘජුව ම බ්‍රිතාන්‍යයේ මහජනතාව බලපත්‍ර ගාස්තුව (licence fee) ලෙසින් හැඳින්වෙන බද්දක ආකාරයෙන් එය ඉටු කරති. මෙම අරමුදල් සැපයීමේ ආකෘතිය සංස්ථාවේ කතෘ මණ්ඩල ස්වාධීනත්වය සහතික කරයි. බලපත්‍ර ගාස්තු ගෙවන්නන්ට මෙන්ම එක්සත් රාජධානිය තුළ වසර ගණනාවක් පුරා රාජකීය පවුල කෙරෙහි අඛණ්ඩව පවතින මහජන අවධානයට බීබීසී විසින් වටිනාකමක් දෙනු ලැබිය යුතු වේ. මව් රැජිණ ලෙස පොදුවේ හඳුන්වන ලද, එලිසබෙත් රැජිණගේ මව, 2002 වසරේදී අභාවයට පත්වූ විට දින තුනක් පුරා ඇයට ගෞරව පළ කිරීමට ලක්ෂයකට අධික ශෝකවන්නන් පිරිසක් වෙස්ට්මින්ස්ටර් මාලිගයට පැමිණියහ. ඇයගේ දේහය සහිත දෙන මිහිදන් කිරීම සඳහා වින්ඩ්සර් වෙත ගෙන යන මග දෙපස මිලියනයකට අධික පිරිසක් රැස් වූ බව ඇස්තමේන්තු කෙරුණු අතර මිලියන 10 ක් රූපවාහිනිය ඔස්සේ එය නැරඹුහ. ජාත්‍යන්තර මාධ්‍යත් එය විස්තරාත්මකව ආවරණය කෙරිණි. රාජකීය පවුලේ සාම��ජිකයින්ට අදාළ පුවත්, ප්‍රවෘත්තිමය වටිනාකමක් ඇතැයි ලොව පුරා සැලකෙන බැවින් එය ඇතැම් විටෙක පුදුමය දනවන්නක් නොවිය හැකිය. විවිධ රාජකීය සිදුවීම් සඳහා බිලියනය ඉක්මවූ ගෝලීය ප්‍රේක්ෂක සංඛ්‍යාවක් සිටි බවට ඇස්තමේන්තුගත කර ඇත. සරලව ගතහොත් එය ප්‍රධාන පුවතක් වන අතර බීබීසී ද එය එවැනි ආකාරයෙන් සලකයි. \රාජකීයයන් කෙරෙහි තවමත් ආකර්ෂණය යොමුවෙන්නේ 'හුදෙක් ජනප්‍රිය පුද්ගලයන්ට' එය ලැබෙන ආකාරයෙන් නොවෙයි,\"" යැයි රාජකීය තොරතුරු පිළිබඳ බීබීසී වාර්තාකරු ජොනී ඩයිමන්ඩ් පවසයි. \""ඒ ඇයිද කියා එක එල්ලේ කියන්න බැහැ. රාජකීයත්වය පිළිබඳ සුරංගනා කතාව රස විඳීමට බොහෝදෙනා පෙළබෙන්නේ විස්තර කල නොහැකි යම් කරුණක් නිසා මිස නූතන ලෝකයේ එය නිරර්ථක බව නොදැන නොවේ. එවැනි විශාල ප්‍රවෘත්තිමය සිදුවීමකදී බීබීසී ලෝක සේවය එය වාර්තාකරණ ස්ථානයක් ලෙස බලාපොරොත්තු විය හැක. \""රාජකීය පවුලේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකුගේ අභාවය ලොව වටා ජනයාගේ විශාල අවධානය යොමුවෙන දෙයක්. බ්‍රිතාන්‍ය ගුවන්විදුලි සංස්ථාව වශයෙන්, එවැනි අවස්ථාවකදී වඩාත් පරිපූර්ණ පුවත් ආවරණයක් අපේක්ෂාවෙන් ලොව පුරා සිටින මිලියන සියගණනක් වූ ප්‍රේක්ෂකයින්, ශ්‍රාවකයින් හා පාඨකයින් අප වෙත එනවා\"" යැයි ලෝක සේවා භාෂාවන්හි ප්‍රවෘත්ති පාලක තරික් කෆාලා පැවසීය. බීබීසී ග්‍රාහකයින්ගේ අවධානයට මුලින්ම යොමුවන්නේ මෙම පුවත වෙනත් කොතැනකින් හෝ පළමුවෙන් දැනගැනීමට ලැබීමයි. ඒ මක්නිසා ද යත්, මෙම පුවත පළමුව වාර්තා කිරීමට නොව වාර්තාකරණය නිවැරදිව ඉටුකිරීම තහවුරු කිරීමට බීබීසී අපේක්ෂා කරන බැවිනි. සැණින් ඉදිරිපත් කෙරෙන පුවතකට වඩා බොහෝවිට නිල නිවේදනයක් ලෙස මෙම වාර්තාකරණය හැඟෙනු ඇත. මෙම පුවත වාර්තා කිරීමේදී ඇස් ඇදගන්නා ආකාරයේ ග්‍රැෆික් නිර්මාණ අනෙකුත් පුවත් ආයතනවල දැකිය හැකිවීමට ඉඩ ඇතත්, බීබීසී ආවරණය තුළ පාලනයක් ඇති ප්‍රකාශන ස්වරයක් සමග වියැකී ගිය ජීවිතයක ස්මරණය අවධාරණය කෙරිය යුතු වේ. අභාවය නිවේදනය කෙරුණු වහා බීබීසී අනෙකුත් පුවත් වාර්තා නොකරනු ඇත. එසේම වෙබ් අඩවි මෙන්ම රූපවාහිනී සහ ගුවන්විදුලි පුවත් ප්‍රකාශවලින් ඇතැම් සරල විශේෂාංග ඉවත් කෙරේ. එනමුත්, රාජකීය අභාවය පිළිබඳ නිවේදනයෙන් පසු එළඹෙන පැය කිහිපයේදී එය සියලු මාධ්‍යවල ප්‍රධාන පුවත බවට පත්වනු ඇත. ෆිලිප් කුමරුට කෙදිනවත් සිහසුනට උරුමයක් නොතිබූ අතර එතැනට හිමිකම දරන්නේ ඔහුගේ වැඩිම��ල් පුතු චාල්ස් කුමරු ය. එසේම ඔහුව 'රජු' ලෙස කෙදිනකවත් හදුන්වනු නොලැබීය. එක්සත් රාජධානිය තුළ රජ කෙනෙකු හා විවාපත් වන කාන්තාවකට රැජිණ යන ගරු නාමය භාවිත කළ හැකි නමුත් සිහසුන දරන රැජිණ හා විවාහ වන පුරුෂයකුට රජු යන නාමය දැරිය නොහැක. එය දැරිය හැක්කේ සිහසුන අරා සිටින පුරුෂයෙකුට පමණි. නමුත් 1947 නොවැම්බර් 20 වෙනිදා විවාපත් වූ තැන් සිට ඔහු එලිසබෙත් රැජිණගේ සමීපයෙන් නිරන්තරයෙන් ම වූ සහකරු විය. බ්‍රිතාන්‍ය ඉතිහාසයේ වැඩිම කාලයක් කිරුළ දරන රැජිණගේ වල්ලභයා වූ අතර රැජිණට සහය වීම ඔහුගේ මූලික කාර්යය විණි. ඔවුන් සෑහෙන දුරකට කණ්ඩායමක් ලෙස ක්‍රියා කළ අතර රැජිණගේ සෑම කතාවක් ම ඇරඹෙන්නේ \""මාගේ ස්වාමි පුරුෂයා සහ මම...\"" යනුවෙනි. \""මේ වසර ගණනාව පුරාම මා සමග සිටි ඔහු, සරලවම මගේ ශක්තිය,\"" යැයි හෘදයාංගමව ඇය කියා සිටියේ සිය විවාහයේ ස්වර්ණ සංවත්සරයේ කතාවේදී ය. \""මමත්, ඔහුගේ මුළු පවුලත්, මෙම රාජ්‍යය මෙන්ම අනෙක් සියළු රටවල්ද, ඔහු අයිතිවාසිකම් කියනවාට වඩා, අප සිතනවාට වඩා ඔහු හට ණය ගැතිය.\"" එය ඔහුගේ අභාවය ආවරණයට වැදගත්කමක් ගෙනෙනවා යැයි ප්‍රත්‍යක්ෂ වනවාද? \""මේ, ඇත්තෙන්ම අවසාන ගෝලීය රාජකීයයා සහ රැජිණගේ පසෙකින් හිඳින, රැජිණ සමග ගමන් ගත්, ලෝකයේ සෑම කොනකම දැකගත හැකි වූ ෆිලිප් කුමරු,\"" යැයි ඩයිමන්ඩ් පැවසීය. \""ඔහු ඇත්තෙන්ම ගෝලීය තාරකාවක්, ඒ වගේම එවැනි තැනකට ආ මුල් අයගෙන් කෙනෙක්\"""
|
3 |
-
world-40357706,"පූර්ව ආරක්ෂක පියවරක් ගනිමින් පිලිප් කුමරු රෝහලට ඇතුළත් කිරීමට පියවර ගත් බව 'බකිංහැ ම් මාළිගය' මගින් නිකුත් කරන ලද නිවේදනයක දැක්වෙයි. පිලිප් කුමරාගේ සෞඛ්‍ය තත්වය සම්බන්ධයෙන් බරපතළ ප්‍රශ්නයක් නොමැති බව ඔහුට ප්‍රතිකාර කරන ලන්ඩනයේ රෝහල (King Edward VII Hospital, London) ප්‍රකාශ කරන බවක් බීබීසියට දැන ගැනීමට ලැබී ඇති අතර, ඔහුගේ ශරීර සෞඛ්‍ය වර්ධනය වෙමින් පවතින බව බකිංහැම් මාළිගය පවසයි. දැනට 96 වැනි වියේ පසුවෙන පිලිප් ආදිපාදවරයා සිය නිල කටයුතු වලින් ඉවත් වෙන බව පසුගිය මැයි මාසයේ ප්‍රකාශයට පත්කළ අතර එම තීන්දුවට රැජිනගේ සහයෝගය ලැබුණි. මේ අතර එලිසබත් රැජින දිගටම සිය රාජකාරි කටයුතුවල නිරත වෙමින් අද (ජූනි 21) බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ නව සැසි වාරය විවෘත කරමින් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශනය කියැවීමෙහි නිරත වූවාය. රැජින පාර්ලිමේන්තුව විවෘත කරන උත්සවවල දී පිලිප් කුමරුන් ද චාරිත්‍රයක් වශයෙන් එම අවස්ථාවට සහභාගී වන නමුත�� රෝහල්ගත කරනු ලැබීම නිසා ඔහුට මෙවර එම අවස්ථාව අහිමි විය. එහෙත් ඊයේ (ජූනි 20) පැවැත්වුන තුරඟ තරඟ නැරඹීමට ආදිපාදවරයා සිය බිරිඳ වන එලිසබත් රැජිනත් සමඟ සහභාගී විය. ආදිපාදවරයා කොපමණ දිනක් රෝහලේ ගත කරනු ඇද්ද යන්න පැහැදිලි නැත. සාමාන්‍යයෙන් යහපත් ශරීර සෞඛ්‍ය වාර්තාවක් සහිත පිලිප් කුමරු 2011 සහ 2012 වසරවල ද රෝගාතුර වීමෙන් රැජින කිරුළු පැලඳීමේ දියමන්ති ජුබිලියට සහභාගී වීමේ අවස්ථාව අහිමි විය. ගුණදායක ආහාර අනුභව කරන, මඳ පමණට සුරා පානය කරන, නිරතුරුව ශාරීරික ව්‍යායාමවල යෙදෙන පිලිප් කුමරු තවමත් ආධාරයකින් තොරව තරප්පු පේළි නගින අතර මෙයින් අවුරුදු හැත්තෑවකට ආසන්න කාලයකට පෙර එලිසබත් කුමරියගේ අතගත් දිනයේ අඳින ලද නිල ඇඳුමට තමා තවමත් කදිමට ගැළපෙන බව කියා සිටියි. විහිළු තහළු කීමේ රුචියක් ඇති පිලිප් කුමරු විවාද සම්පන්න ප්‍රකාශන නිසාත් මාධ්‍ය අවධානයට ලක් වෙන චරිතයකි."
|
4 |
-
world-39806248,තවත් මාස දෙකක කාලයක් පොදු කටයුතුවල නිරත වීමෙන් පසු විශ්‍රාම ගන්නා පිලිප් කුමරු ඉන් අනතුරුව ලැබෙන ආරාධනා භාර නොගන්නා බව බකිංහැම් මාළිගය මගින් නිකුත් කර ඇති නිවේදනයක දැක්වෙයි. සිය සැමියා විසින් ගන්නා ලද තීරණයට එලිසබත් රැජිනගේ පූර්ණ අනුමැතිය සහ සහයෝගය ලැබී ඇති බවත් එම රාජකීය නිවේදනයේ දැක්වෙයි. එඩින්බ්‍රා ආදිපාද පිලිප් කුමරුගේ දිවියට ලබන මාසයේ දී වයස අවුරුදු අනූ හයක් සම්පුර්ණ වෙයි. බ්‍රිතාන්‍ය දේශපාලන දහරාවේ සියලු පක්‍ෂ වලින් ආදිපාදවරයාට ශුභපැතුම් පළවෙමින් ඇති බවත් වාර්තා වෙයි. පිලිප් කුමරාගේ සමාජ දායකත්වය ඉදිරි වසර ගණනාවක් සඳහාත් මහා ප්‍රතිලාභයක් වනු ඇතැයි බ්‍රිතාන්‍ය අගමැතිනි තෙරේසා මේ ප්‍රකාශ කළාය.
|
5 |
-
world-52097318,"ඔහු මෙම ප්‍රකාශය කළේ හැරී කුමරු සහ මේගන් පදිංචිය සඳහා කැනඩාවේ සිට එක්සත් ජනපදයට පැමිණි බවට වාර්තා පළ වෙමින් තිබියදී ය. ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපති ට්‍රම්ප් සඳහන් කර ඇත්තේ ඔහු \""රැජිනගේ සහ එක්සත් රාජධානියේ මිතුරෙකු සහ ප්‍රසාදිතයෙකු\"" වන බවය; නමුත් \""ඔවුන් ගෙවිය යුතුයි!\"" යනුවෙන් ද සඳහන් කර ඇත. මහජන මුදලින් ආරක්ෂාව ලබා ගැනීමට කිසිදු සැලසුමක් නොතිබුණු බව හැරී යුවළ පැවසූහ. කොරෝනාවෛරසය ව්‍යාප්තවෙමින් පවතිද්දී හැරී යුවළ කැලිෆෝනියාවේ පවතින, මේගන් ට අයත් නිවසේ පදිංචියට පැමිණ ඇති බවට වාර්තා වේ. එම යුවල ජ්‍යෙෂ්ඨ රාජකීය තත්ත්වයෙන් ඉවත්වීම මාර්තු 31වනදා න��ල වශයෙන් සිදුවන අතර ඉන් පසුව ඔවුන් රැජින නියෝජනය කරමින් රාජකාරී නොකරනු ඇත. නමුත් මෙම විධිවිධාන වසරකින් යළි විමර්ශනය කෙරෙනු ඇත. ප්‍රකාශකයෙකු හරහා ඉරිදා නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ \""එක්සත් ජනපද ආණ්ඩුවෙන් ආරක්‍ෂක පහසුකම් ඉල්ලා සිටීමේ සැලසුමක් ආදිපාදවරයා සහ ආදිපාදවරිය සතුව නොතිබුණු අතර පෞද්ගලික වියදමින් ආරක්ෂාව සලසාගෙන තිබූ\"" බවය. සිය පුතු ආචි සමඟ මෙම වසරේ වැඩි කාලයක් හැරී යුවල ජීවත් වුයේ කැනඩාවේ ය. ඔවුන් කැනඩාවට පැමිණියේ නත්තල් නිවාඩු සමයේ වැන්කුවර් දූපත් හි සති හයක සංචාරයක් අවසාන කරමිනි. \""රාජකීය තත්ත්වය වෙනස් කිරීම\"" හේතුවෙන් හැරී පවුලට ආරක්ෂාව සැපයීම නතර කරන බව කැනඩා රජය පසුගිය මාසයේ දී නිවේදනය කළේය. දැන් ජනාධිපති ට්‍රම්ප් ද ඒ මග ගෙන තිබේ. පසුගිය සතියේ හැරී යුවල ලොස් ඇන්ජලීස් නුවරට පැමිණ සිටි බව එක්සත් ජනපද මාධ්‍ය සඳහන් කරයි. මේගන් හැදී වැඩුණේ ලොස් ඇන්ජලීස් නුවර ය. ඇයගේ මව මේ වන විට ජීවත් වන්නේ එම නුවරය. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ ට්විටර් පණිවිඩය නිකුත් වූයේ එක්සත් ජනපදය පුරා නව කොරෝනාවෛරසය ව්‍යාප්ත වෙමින් පවතින අතරවාරයේ ය. මේ වනවිට කොවිඩ් - 19 ආසාදිතයන් 135,499ක් එක්සත් ජනපදයෙන් වාර්තා වී තිබේ. මිය ගිය පුද්ගල සංඛ්‍යාව 2,381කි. කැලිෆෝනියාවේ කොරෝනාවෛරස ආසාදිතයන්ගේ ගණන දිනෙන් දින ඉහළ යමින් පවතින අතර එම ප්‍රාන්තයේ පමණක් 5,565 දෙනෙකුට කොවිඩ් - 19 කොරෝනාවෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු කර ගෙන තිබේ. එහි 121 දෙනෙකු මරණයට පත් විය. මේ හේතුව නිසා කැලිෆෝනියාවේ වැසියන් නිවසට වී සිටිය යුතු බවට නියෝගයක් එහි ආණ්ඩුකාරවරයා විසින් නිකුත් කරනු ලැබීය. නිවසින් බැහැරව යාමේ අවසරය ඇත්තේ අත්‍යවශ්‍ය සේවා සපයන්නන් හට පමණි. එක්සත් ජනපදය තුළ ඉහළම සීමා පැනවීම් සහ තහනම් නියෝග නිකුත් කර ඇත්තේ කැලිෆෝනියාවට ය. හැරී කුමරුගේ පියා වන චාල්ස් කුමාරයාට නව කොරෝනාවෛරසය ආසාදනය වී ඇති බව මෙම සතිය මුල දී වාර්තා විය. නමුත් ඔහු \""යහපත් සෞඛ්‍ය තත්වයෙන්\"" පසුවන බව බැකිංහම් මාලිගාව නිවේදනය කළේය. 71 හැවිරිදි චාල්ස් කුමරුට කොවිඩ් -19 වෛරසය ආසාදනය වීමෙන් අනතුරුව දියත් වූ දින හතක ස්වයං නිරෝධායනය අවසාන කර ඇත. ඔහු රජයේ නියෝග අනුගමනය කරමින් සිටින බව මාලිගාව නිවේදනය කළේය. රජයේ නියමයට අනුව, රෝග ලක්ෂණ මතු පුද්ගලයා දින හතක් වෙන් වී සිටිය යුතු අතර ඔහු සමඟ වාසය කරන අනෙකුත් පුද්ගලයන් සති දෙකක් හුදෙකලා වී සිටිය යුතුය. මෙම තොරතුරු ද දැනගන්න:"
|
6 |
-
world-56771015,"වින්ඩ්සර් හි ශාන්ත ජෝර්ජ් දේවස්ථානයේ දේ මෙහෙය ඇරඹෙන්නේ බ්‍රිතාන්‍යයේ වේලාවෙන් සවස 3 ට ය. ඒ වේලාවෙහි දී, කුමරු සිහිකරමින් රට පුරා විනාඩියක නිහැඬියාවක් පළ කෙරෙනු ඇත. අනූනව වැනි වියේදී දිවියෙන් සමුගත් ෆිලිප් කුමරුගේ දේහය වින්ඩ්සර් මාලිගයේ පෞද්ගලික දේවස්ථානයෙහි තැන්පත් කර තිබේ. සිය අවමඟුල් කටයුතු ඉතා චාම් මට්ටමින් සිදුකරන ලෙස ෆිලිප් කුමරු ඉල්ලීමක් කර ඇතැයි වාර්තාවෙන අතර, ඔහුගේ දේහය තැන්පත් කරනු ලැබ තිබෙන්නේ රාජ්‍ය ගෞරව සහිතව (laid in state) නොවේ. වින්ඩ්සර් මාලිගයේ පෞද්ගලික දේවස්ථානය තුළ තැන්පත් කරනු ලැබ ඇති දේහය නැරඹීමට මහජනයාට අවස්ථාවක් නොමැත. දැනට බල පැවැත්වෙන කොවිඩ්-19 කොන්දේසි යටතේ තිස්දෙනකුට පමණක් සීමා වන අවමඟුල් උළෙල පැවැත්වෙන ආකාරය රූපවාහිනිය ඔස්සේ නැරඹීමට මහජනතාවට අවස්ථාව ලැබෙයි. බකිංහම් මාලිගයේ කලින් සැලසුම් අනුව ෆිලිප් කුමරා මියගිය විටෙක එම අවමඟුල සඳහා අටසීයක් ප්‍රභූන්ට ආරාධනා කිරීමට නියමිතව තිබිණි. එහෙත් කොවිඩ්-19 වසංගතය සැලකිල්ලට ගනිමින් අවමඟුල රජ පවුලේ සමීපතම සාමාජිකයන්ට සීමාවන අතර එය පැවැත්වෙන්නේ හමුදා උත්තමාචාරය සහිතවය. දරුවන් හතරදෙනා දේහයත් සමඟ සෙනසුරාදා අවමඟුල් පෙරහැරේදී එඩින්බරෝ ආදිපාදවරයාගේ දේහය සමඟ ඔහුගේ දරුවන් හතරදෙනා ගමන් ගනිති. ඒ අනුව දරුවන් හතරදෙනා වන ඔටුන්න හිමි චාර්ල්ස, ඇන්ඩෘ සහ එඩ්වඩ් සමඟ ඔවුන්ගේ එකම සොහොයුරිය වන ඈන් කුමරියත් මුණුපුරන් වන විලියම් සහ හැරී කුමාරවරුත් ඊට එක්වනු ඇත. යොදා ඇති සැලසුම් අනුව විලියම් සහ හැරී කුමරුන් දෙදෙනා එක ළඟින් ගමන් නොකරනු ඇත. දෙසොහොයුරන් අතර ඔවුන්ගේ ඥාති සහෝදරයකු වන පීටර් ෆිලිප් ගමන් ගැනීමට නියමිතය. මෙම අවමඟුල් උත්සවයට සහභාගීවන්නන් කොවිඩ්-19 පාලන කොන්දේසි අනුව යමින් මුඛ ආවරණ සහිතව සමාජ දුරස්ථභාවය පවත්වා ගනු ඇත. සහභාගීවෙන කණ්ඩායමට දෙවෙනි එලිසබත් රැජිනගේ සහ ෆිලිප් කුමරාගේ පවුලේ සාමාජිකයන් ඇතුළත් වෙති. ඊට අතිරේකව ෆිලිප් කුමරාගේ ජර්මන් පාර්ශ්වයේ ඥාතීන් තුන්දෙනෙක් එම අවස්ථාවට සහභාගීවීම සඳහා ඇරයුම් ලබා සිටිති. එඩින්බරෝ ආදිපාදවරයා මියයන විට සිය බිරිඳ සමඟ ඇමෙරිකා එක්සත් ජනපදයේ ජීවත් වූ හැරී කුමරු සිය මුත්තණුවන්ගේ අවමඟුලට සහභාගීවීම සඳහා එංගලන්තයට පැමිණි අතර ඔහු නිරෝධායන කාලය සම්පූර්ණ කිරීමෙන් අනතුරුව සිය ඥාතීන් ද සමඟ මෙම අවමඟුල් උත්සවයට සහභාගී වෙයි. අවමඟුල් දේවමෙහෙය පවත්වන පූජකවරුන් සහ දේහය රැගෙනයාමට හවුල්වන්නන් ඉහත කී තිස්දෙනාට ඇතුළත් නොවෙති. රජපවුලට යුද නිල ඇඳුම් තහනම් සෙනසුරාදා අවමඟුලට සහභාගීවෙන රාජකීය කුටුම්භයේ සාමාජිකයන් යුද නිල ඇඳුමින් සැරසී නොසිටිය යුතුව ඇතැයි රැජින විසින් තීන්දු කරනු ලැබ ඇත. ඒ වෙනුවට ඔවුන් ශෝකය පළකෙරෙන ඇඳුමින් සැරසිය යුතු අතර ඔවුන් සතු නිල ලාංඡන පමණක් පැළඳීමට රැජිනගේ අවසරය ලැබී ඇත. එසේ නොවේ නම් ශෝකය පළකරනු ලබන අවස්ථාවන්ට ඔබින සාමාන්‍ය ඇඳුමකින් සැරසීමට ද අවසරය දී ඇත. රැජින එවැනි පියවරක් ගෙන තිබෙන්නේ ඇන්ඩෘ සහ හැරී කුමරුන් දෙදෙනාගේ තත්ත්වයන් සැලකිල්ලට ගනිමිනි. ඔවුන් දෙදෙනාම මේවනවිට යුද සේවයෙන් සමුගෙන ඇති අතර ඔවුන් යුද ඇඳුමින් සැරසීම මගින් ගැටලු මතුවීම වළක්වා ගනු ලැබීම එම තීන්දුවට බලපා ඇතැයි විශ්ලේෂකයෝ පවසති. මියගිය ෆිලිප් කුමරාගේ දේහය ඇතුළත් මංජුසාව ශාන්ත ජෝර්ජ් දේවස්ථානය කරා රැගෙන යනු ලබන්නේ විශේෂයෙන් පිළියෙළ කරන ලද 'ලෑන්ඩ්රෝවර්' රථයකිනි. තම අභාවයෙන් පසුව සිය දේහය ගෙනයනු ලබන කෙටිදුර සඳහා උපයෝගී කරගැනීම සඳහා සිය අවමඟුල් රථය සැලසුම් කරන ලද්දේ ෆිලිප් කුමරා විසින්මය. 2003 වසරේ දී තමාට වයස අවුරුදු 82ක් සම්පූර්ණවීමත් සමඟ ෆිලිප් කුමරා සිය අවමඟුල් රථය සැලසුම් කරන ලද අතර ඔහු ආශා කරන 'ලෑන්ඩ් රෝවර්' රථයක් ඒ සඳහා යොදාගත්තේය. නවීකරණය කරන ලද එම රථය හරිත පැහැයෙන් නිමවා තිබෙන්නේ යුද හමුදාව සංකේතවත් කරමිනි. එම රථය පිළිබඳ තොරතුරු බ්‍රහස්පතින්දා (අප්‍රියෙල් 15) බකිංහැම් මාලිගය විසින් ප්‍රකාශයට පත්කරනු ලැබුණි. පෙරහැර ගමන්ගනු ඇත්තේ ඉතාම කෙටි දුරක් වන අතර එම කාලය තුළ දේහය සහිත මංජුසාව එම රථය මගින් ගෙනයනු ඇත. දේහය රථයෙහි තැන්පත් කරනු ලැබීම සහ අවමඟුල් පෙරහැර ගමන් ආරම්භකරනු ලැබීම බ්‍රිතාන්‍ය වේලාවෙන් සවස 2.40ට සිදුකෙරෙන අතර සැලසුම අනුව ඒ අතරවාරයේ ආරාධිතයන් ද රැජින ද එම පෙරහැරට එකතුවෙයි. පෞද්ගලික දේවස්ථානයෙන් ආරම්භ කෙරෙන අවමඟුල් පෙරහැර අසල පිහිටි චතුරශ්‍රය පසුකරමින් විනාඩි දහතුනකට පසුව බ්‍රිතාන්‍ය වේලාවෙන් සවස 2.53ට ශාන්ත ජෝර්ජ් දේවස්ථානයේ පියගැටපෙළ අසලට ළඟාවනු ඇත. ඒ සමඟ හමුදා ආචාරය සහිතව දේහය ශාන්ත දේවස්ථානය තුළට ගෙනයමින් අවසන් ආගමික කටයුතු ආරම්භ කෙරෙයි. ආගමික කටයුතු සිදුකරනු ලබන්නේ කැන්ටබ��ියේ අගරදගුරු ප්‍රධානත්වයෙනි. එම සියලු අවස්ථා රූපවාහිනිය ඔස්සේ නැරඹීමට මහජනයාට අවස්ථාව ලැබෙන අතර බ්‍රිතාන්‍ය වේලාවෙන් සවස තුනට මිනිත්තුවක ජාතික නිහඬ කාලයක් ප්‍රකාශයට පත්කරනු ලැබ ඇත. එම ජාතික ශෝක කාලයේ ආරම්භය සහ අවසානය සංඥා කරනු ලබන්නේ රාජකීය කාලතුවක්කු හමුදාවේ වෙඩි මුරයකිනි. මියගිය එඩින්බරෝ ආදිපාදවරයාගේ දේහය ඇතුළත් මංජුසාව තැන්පත්කරනු ලබන්නේ ඔහුගේ ධජය මගින් ආවරණය කරමිනි. ඒ මත ඔහුගේ නිලයට අයත් සියලු අධිකාර ලාංඡන සහ භාණ්ඩ තැන්පත් කෙරෙයි. කුමරා නාවික හමුදා නිලධාරියකු ලෙස පළඳින ලද හිස්වැස්ම සහ අසිපත ද ඊට ඇතුළත් වෙයි. ඊට අමතරව ෆිලිප් කුමරා සතු යුද සම්මාන සහ ලාංඡන ආදිය අල්තාරය අබියස ප්‍රදර්ශනය කිරීමට ද විධිවිධාන යොදා ඇත. අවමඟුල් උත්සවය නිමාවේ දෙවෙනි එලිසබත් රැජිනගේ වල්ලභයා ලෙස අවුරුදු 73ක් ඇයත් සමඟ සියලු රාජකීය කාර්යයන්ට දායක වූ ෆිලිප් කුමරාගේ දේහය වින්ඩ්සර් මාලිගා භූමියට අයත් ශාන්ත ජෝර්ජ් දේවස්ථානයේ ඇතුළු ගැබක රාජකීය කුටියක සදාකාලිකව සැතපෙන ඉරියව්වෙන් තැන්පත් කෙරෙයි. ෆිලිප් කුමරා වෙනුවෙන් ප්‍රකාශිත ජාතික ශෝක කාලය අවමංගල්‍ය දිනයේ ම අවසන් වෙයි. එහෙත් රජ පවුලේ සාමාජිකයන් සති දෙකක කාලයක් දිගටම ශෝක කාලය ගතකරනු ඇත. එහෙත් ඔවුන් කලින් යොදාගනු ලැබ ඇති රාජකාරිවලට සහභාගී වෙන අතර එම අවස්ථාවන්හි කළු පටි පැළඳ සිටීමට නියමිතය. පිලිප් කුමරු ගැන තවත් තොරතුරු;"
|
7 |
-
world-56693727,"මෙම වෙනස්කම් සිදුවන්නේ එක්සත් රාජධානියේ රාජකීය පවුලේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයකු අභාවයට පත්වූ බැවිනි. ඒ රැජිණගේ ස්වාමි පුරුෂයා බව ප්‍රවෘත්ති නරඹන හෝ අසන ඔබ දැනටමත් දනී. ෆ්ලිප් කුමරු, බීබීසීය මේ ආකාරයෙන් මරණය වාර්තා කරනු ලබන රාජකීයයන් හතරදෙනාගෙන් එක අයෙකි. දෙවෙනි එලිසබෙත් රැජිණ, ඇයගේ පුත් සහ ඔටුන්න හිමි චාල්ස් කුමරු (වේල්සයේ කුමරු) සහ ඔහුගේ පුත් එනම් ඊළඟට සිහසුනට පත්වන තැනැත්තා වන විලියම් කුමරු (කේම්බ්‍රිජ් හි ආදිපාද) අනෙක් රාජකීයයෝ වෙති. අනෙකුත් මාධ්‍ය ආයතනවලට වඩා බීබීසී විසින් මෙම මරණය වඩා වැදගත් ලෙස සලකන බව පෙනෙන්නට තිබේ. ඒ කුමක් නිසාද? දෙවෙනි එලිසබෙත් රැජිණ රටේ වැඩිම කලක් කිරුළු දැරූ රාජකීයයා වන අතර ඇය සිහසුනේ මෙතෙක් ගතකළ කාලය වසර 69කි. ඇය, එක්සත් රාජධානිය සේ ම තවත් රටවල් 15 ක රාජ්‍ය නායිකාව වන්නීය. එසේ ම, ස්වාධීන රටවල් 54 කින් සමන්විත ස්වේච්ඡා සංගමයක් වන පොදු රාජ්‍ය ��ණ්ඩලයේ ප්‍රධානියා වන්නේ ද ඇය ය. එම රටවල් සැමෙකක් ම පාහේ පෙරදී බ්‍රිතාන්‍ය පාලනය යටතේ පැවතිණි. බ්‍රිතාන්‍යයේ මහජනයා මෙන්ම ඉන් ඔබ්බට ද ඇය අතිශය වැදගත් තැනැත්තියක වේ. බ්‍රිතාන්‍ය රාජකීයයෙකුගේ අභාවයක දී ලෝක මාධ්‍ය ඊට වැඩි අවධානයක් යොමු කරයි. එවැන්නක ආවරණය නිවැරදිව ක්‍රියාත්මක කිරීම සඳහා බීබීසී සෑම උත්සාහයක් ම දරන අතර ඊට අතිශය සාධාරණ හේතුවක් ද වේ. බීබීසී සඳහා අරමුදල් සම්පාදනය කෙරෙන්නේ බ්‍රිතාන්‍ය ආණ්ඩුවෙන් නොවේ. සෘජුව ම බ්‍රිතාන්‍යයේ මහජනතාව බලපත්‍ර ගාස්තුව (licence fee) ලෙසින් හැඳින්වෙන බද්දක ආකාරයෙන් එය ඉටු කරති. මෙම අරමුදල් සැපයීමේ ආකෘතිය සංස්ථාවේ කතෘ මණ්ඩල ස්වාධීනත්වය සහතික කරයි. බලපත්‍ර ගාස්තු ගෙවන්නන්ට මෙන්ම එක්සත් රාජධානිය තුළ වසර ගණනාවක් පුරා රාජකීය පවුල කෙරෙහි අඛණ්ඩව පවතින මහජන අවධානයට බීබීසී විසින් වටිනාකමක් දෙනු ලැබිය යුතු වේ. මව් රැජිණ ලෙස පොදුවේ හඳුන්වන ලද, එලිසබෙත් රැජිණගේ මව, 2002 වසරේදී අභාවයට පත්වූ විට දින තුනක් පුරා ඇයට ගෞරව පළ කිරීමට ලක්ෂයකට අධික ශෝකවන්නන් පිරිසක් වෙස්ට්මින්ස්ටර් මාලිගයට පැමිණියහ. ඇයගේ දේහය සහිත දෙන මිහිදන් කිරීම සඳහා වින්ඩ්සර් වෙත ගෙන යන මග දෙපස මිලියනයකට අධික පිරිසක් රැස් වූ බව ඇස්තමේන්තු කෙරුණු අතර මිලියන 10 ක් රූපවාහිනිය ඔස්සේ එය නැරඹුහ. ජාත්‍යන්තර මාධ්‍යත් එය විස්තරාත්මකව ආවරණය කෙරිණි. රාජකීය පවුලේ සාමාජිකයින්ට අදාළ පුවත්, ප්‍රවෘත්තිමය වටිනාකමක් ඇතැයි ලොව පුරා සැලකෙන බැවින් එය ඇතැම් විටෙක පුදුමය දනවන්නක් නොවිය හැකිය. විවිධ රාජකීය සිදුවීම් සඳහා බිලියනය ඉක්මවූ ගෝලීය ප්‍රේක්ෂක සංඛ්‍යාවක් සිටි බවට ඇස්තමේන්තුගත කර ඇත. සරලව ගතහොත් එය ප්‍රධාන පුවතක් වන අතර බීබීසී ද එය එවැනි ආකාරයෙන් සලකයි. \රාජකීයයන් කෙරෙහි තවමත් ආකර්ෂණය යොමුවෙන්නේ 'හුදෙක් ජනප්‍රිය පුද්ගලයන්ට' එය ලැබෙන ආකාරයෙන් නොවෙයි,\"" යැයි රාජකීය තොරතුරු පිළිබඳ බීබීසී වාර්තාකරු ජොනී ඩයිමන්ඩ් පවසයි. \""ඒ ඇයිද කියා එක එල්ලේ කියන්න බැහැ. රාජකීයත්වය පිළිබඳ සුරංගනා කතාව රස විඳීමට බොහෝදෙනා පෙළබෙන්නේ විස්තර කල නොහැකි යම් කරුණක් නිසා මිස නූතන ලෝකයේ එය නිරර්ථක බව නොදැන නොවේ. එවැනි විශාල ප්‍රවෘත්තිමය සිදුවීමකදී බීබීසී ලෝක සේවය එය වාර්තාකරණ ස්ථානයක් ලෙස බලාපොරොත්තු විය හැක. \""රාජකීය පවුලේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකුගේ අභාවය ලොව වටා ජනයාගේ විශාල අවධානය යොමුවෙන දෙයක්. බ්‍රිතාන්‍ය ගුවන්විදුලි සංස්ථාව වශයෙන්, එවැනි අවස්ථාවකදී වඩාත් පරිපූර්ණ පුවත් ආවරණයක් අපේක්ෂාවෙන් ලොව පුරා සිටින මිලියන සියගණනක් වූ ප්‍රේක්ෂකයින්, ශ්‍රාවකයින් හා පාඨකයින් අප වෙත එනවා\"" යැයි ලෝක සේවා භාෂාවන්හි ප්‍රවෘත්ති පාලක තරික් කෆාලා පැවසීය. බීබීසී ග්‍රාහකයින්ගේ අවධානයට මුලින්ම යොමුවන්නේ මෙම පුවත වෙනත් කොතැනකින් හෝ පළමුවෙන් දැනගැනීමට ලැබීමයි. ඒ මක්නිසා ද යත්, මෙම පුවත පළමුව වාර්තා කිරීමට නොව වාර්තාකරණය නිවැරදිව ඉටුකිරීම තහවුරු කිරීමට බීබීසී අපේක්ෂා කරන බැවිනි. සැණින් ඉදිරිපත් කෙරෙන පුවතකට වඩා බොහෝවිට නිල නිවේදනයක් ලෙස මෙම වාර්තාකරණය හැඟෙනු ඇත. මෙම පුවත වාර්තා කිරීමේදී ඇස් ඇදගන්නා ආකාරයේ ග්‍රැෆික් නිර්මාණ අනෙකුත් පුවත් ආයතනවල දැකිය හැකිවීමට ඉඩ ඇතත්, බීබීසී ආවරණය තුළ පාලනයක් ඇති ප්‍රකාශන ස්වරයක් සමග වියැකී ගිය ජීවිතයක ස්මරණය අවධාරණය කෙරිය යුතු වේ. අභාවය නිවේදනය කෙරුණු වහා බීබීසී අනෙකුත් පුවත් වාර්තා නොකරනු ඇත. එසේම වෙබ් අඩවි මෙන්ම රූපවාහිනී සහ ගුවන්විදුලි පුවත් ප්‍රකාශවලින් ඇතැම් සරල විශේෂාංග ඉවත් කෙරේ. එනමුත්, රාජකීය අභාවය පිළිබඳ නිවේදනයෙන් පසු එළඹෙන පැය කිහිපයේදී එය සියලු මාධ්‍යවල ප්‍රධාන පුවත බවට පත්වනු ඇත. ෆිලිප් කුමරුට කෙදිනවත් සිහසුනට උරුමයක් නොතිබූ අතර එතැනට හිමිකම දරන්නේ ඔහුගේ වැඩිමහල් පුතු චාල්ස් කුමරු ය. එසේම ඔහුව 'රජු' ලෙස කෙදිනකවත් හදුන්වනු නොලැබීය. එක්සත් රාජධානිය තුළ රජ කෙනෙකු හා විවාපත් වන කාන්තාවකට රැජිණ යන ගරු නාමය භාවිත කළ හැකි නමුත් සිහසුන දරන රැජිණ හා විවාහ වන පුරුෂයකුට රජු යන නාමය දැරිය නොහැක. එය දැරිය හැක්කේ සිහසුන අරා සිටින පුරුෂයෙකුට පමණි. නමුත් 1947 නොවැම්බර් 20 වෙනිදා විවාපත් වූ තැන් සිට ඔහු එලිසබෙත් රැජිණගේ සමීපයෙන් නිරන්තරයෙන් ම වූ සහකරු විය. බ්‍රිතාන්‍ය ඉතිහාසයේ වැඩිම කාලයක් කිරුළ දරන රැජිණගේ වල්ලභයා වූ අතර රැජිණට සහය වීම ඔහුගේ මූලික කාර්යය විණි. ඔවුන් සෑහෙන දුරකට කණ්ඩායමක් ලෙස ක්‍රියා කළ අතර රැජිණගේ සෑම කතාවක් ම ඇරඹෙන්නේ \""මාගේ ස්වාමි පුරුෂයා සහ මම...\"" යනුවෙනි. \""මේ වසර ගණනාව පුරාම මා සමග සිටි ඔහු, සරලවම මගේ ශක්තිය,\"" යැයි හෘදයාංගමව ඇය කියා සිටියේ සිය විවාහයේ ස්වර්ණ සංවත්සරයේ කතාවේදී ය. \""මමත්, ඔහුගේ මුළු පවුලත්, මෙම රාජ්‍යය මෙන්ම අනෙක් සියළු රටවල්ද, ඔහු අයිතිවාසිකම් කියනවාට වඩා, අප සිතනවාට වඩා ඔහු හට ණය ගැතිය.\"" එය ඔහුගේ අභාවය ආවරණයට වැදගත්කමක් ගෙනෙනවා යැයි ප්‍රත්‍යක්ෂ වනවාද? \""මේ, ඇත්තෙන්ම අවසාන ගෝලීය රාජකීයයා සහ රැජිණගේ පසෙකින් හිඳින, රැජිණ සමග ගමන් ගත්, ලෝකයේ සෑම කොනකම දැකගත හැකි වූ ෆිලිප් කුමරු,\"" යැයි ඩයිමන්ඩ් පැවසීය. \""ඔහු ඇත්තෙන්ම ගෝලීය තාරකාවක්, ඒ වගේම එවැනි තැනකට ආ මුල් අයගෙන් කෙනෙක්\"""
|
8 |
-
world-40357706,"පූර්ව ආරක්ෂක පියවරක් ගනිමින් පිලිප් කුමරු රෝහලට ඇතුළත් කිරීමට පියවර ගත් බව 'බකිංහැ ම් මාළිගය' මගින් නිකුත් කරන ලද නිවේදනයක දැක්වෙයි. පිලිප් කුමරාගේ සෞඛ්‍ය තත්වය සම්බන්ධයෙන් බරපතළ ප්‍රශ්නයක් නොමැති බව ඔහුට ප්‍රතිකාර කරන ලන්ඩනයේ රෝහල (King Edward VII Hospital, London) ප්‍රකාශ කරන බවක් බීබීසියට දැන ගැනීමට ලැබී ඇති අතර, ඔහුගේ ශරීර සෞඛ්‍ය වර්ධනය වෙමින් පවතින බව බකිංහැම් මාළිගය පවසයි. දැනට 96 වැනි වියේ පසුවෙන පිලිප් ආදිපාදවරයා සිය නිල කටයුතු වලින් ඉවත් වෙන බව පසුගිය මැයි මාසයේ ප්‍රකාශයට පත්කළ අතර එම තීන්දුවට රැජිනගේ සහයෝගය ලැබුණි. මේ අතර එලිසබත් රැජින දිගටම සිය රාජකාරි කටයුතුවල නිරත වෙමින් අද (ජූනි 21) බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ නව සැසි වාරය විවෘත කරමින් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශනය කියැවීමෙහි නිරත වූවාය. රැජින පාර්ලිමේන්තුව විවෘත කරන උත්සවවල දී පිලිප් කුමරුන් ද චාරිත්‍රයක් වශයෙන් එම අවස්ථාවට සහභාගී වන නමුත් රෝහල්ගත කරනු ලැබීම නිසා ඔහුට මෙවර එම අවස්ථාව අහිමි විය. එහෙත් ඊයේ (ජූනි 20) පැවැත්වුන තුරඟ තරඟ නැරඹීමට ආදිපාදවරයා සිය බිරිඳ වන එලිසබත් රැජිනත් සමඟ සහභාගී විය. ආදිපාදවරයා කොපමණ දිනක් රෝහලේ ගත කරනු ඇද්ද යන්න පැහැදිලි නැත. සාමාන්‍යයෙන් යහපත් ශරීර සෞඛ්‍ය වාර්තාවක් සහිත පිලිප් කුමරු 2011 සහ 2012 වසරවල ද රෝගාතුර වීමෙන් රැජින කිරුළු පැලඳීමේ දියමන්ති ජුබිලියට සහභාගී වීමේ අවස්ථාව අහිමි විය. ගුණදායක ආහාර අනුභව කරන, මඳ පමණට සුරා පානය කරන, නිරතුරුව ශාරීරික ව්‍යායාමවල යෙදෙන පිලිප් කුමරු තවමත් ආධාරයකින් තොරව තරප්පු පේළි නගින අතර මෙයින් අවුරුදු හැත්තෑවකට ආසන්න කාලයකට පෙර එලිසබත් කුමරියගේ අතගත් දිනයේ අඳින ලද නිල ඇඳුමට තමා තවමත් කදිමට ගැළපෙන බව කියා සිටියි. විහිළු තහළු කීමේ රුචියක් ඇති පිලිප් කුමරු විවාද සම්පන්න ප්‍රකාශන නිසාත් මාධ්‍ය අවධානයට ලක් වෙන චරිතයකි."
|
9 |
-
world-39806248,තවත් මාස දෙකක කාලයක් පොදු කට��ුතුවල නිරත වීමෙන් පසු විශ්‍රාම ගන්නා පිලිප් කුමරු ඉන් අනතුරුව ලැබෙන ආරාධනා භාර නොගන්නා බව බකිංහැම් මාළිගය මගින් නිකුත් කර ඇති නිවේදනයක දැක්වෙයි. සිය සැමියා විසින් ගන්නා ලද තීරණයට එලිසබත් රැජිනගේ පූර්ණ අනුමැතිය සහ සහයෝගය ලැබී ඇති බවත් එම රාජකීය නිවේදනයේ දැක්වෙයි. එඩින්බ්‍රා ආදිපාද පිලිප් කුමරුගේ දිවියට ලබන මාසයේ දී වයස අවුරුදු අනූ හයක් සම්පුර්ණ වෙයි. බ්‍රිතාන්‍ය දේශපාලන දහරාවේ සියලු පක්‍ෂ වලින් ආදිපාදවරයාට ශුභපැතුම් පළවෙමින් ඇති බවත් වාර්තා වෙයි. පිලිප් කුමරාගේ සමාජ දායකත්වය ඉදිරි වසර ගණනාවක් සඳහාත් මහා ප්‍රතිලාභයක් වනු ඇතැයි බ්‍රිතාන්‍ය අගමැතිනි තෙරේසා මේ ප්‍රකාශ කළාය.
|
10 |
-
world-52097318,"ඔහු මෙම ප්‍රකාශය කළේ හැරී කුමරු සහ මේගන් පදිංචිය සඳහා කැනඩාවේ සිට එක්සත් ජනපදයට පැමිණි බවට වාර්තා පළ වෙමින් තිබියදී ය. ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපති ට්‍රම්ප් සඳහන් කර ඇත්තේ ඔහු \""රැජිනගේ සහ එක්සත් රාජධානියේ මිතුරෙකු සහ ප්‍රසාදිතයෙකු\"" වන බවය; නමුත් \""ඔවුන් ගෙවිය යුතුයි!\"" යනුවෙන් ද සඳහන් කර ඇත. මහජන මුදලින් ආරක්ෂාව ලබා ගැනීමට කිසිදු සැලසුමක් නොතිබුණු බව හැරී යුවළ පැවසූහ. කොරෝනාවෛරසය ව්‍යාප්තවෙමින් පවතිද්දී හැරී යුවළ කැලිෆෝනියාවේ පවතින, මේගන් ට අයත් නිවසේ පදිංචියට පැමිණ ඇති බවට වාර්තා වේ. එම යුවල ජ්‍යෙෂ්ඨ රාජකීය තත්ත්වයෙන් ඉවත්වීම මාර්තු 31වනදා නිල වශයෙන් සිදුවන අතර ඉන් පසුව ඔවුන් රැජින නියෝජනය කරමින් රාජකාරී නොකරනු ඇත. නමුත් මෙම විධිවිධාන වසරකින් යළි විමර්ශනය කෙරෙනු ඇත. ප්‍රකාශකයෙකු හරහා ඉරිදා නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ \""එක්සත් ජනපද ආණ්ඩුවෙන් ආරක්‍ෂක පහසුකම් ඉල්ලා සිටීමේ සැලසුමක් ආදිපාදවරයා සහ ආදිපාදවරිය සතුව නොතිබුණු අතර පෞද්ගලික වියදමින් ආරක්ෂාව සලසාගෙන තිබූ\"" බවය. සිය පුතු ආචි සමඟ මෙම වසරේ වැඩි කාලයක් හැරී යුවල ජීවත් වුයේ කැනඩාවේ ය. ඔවුන් කැනඩාවට පැමිණියේ නත්තල් නිවාඩු සමයේ වැන්කුවර් දූපත් හි සති හයක සංචාරයක් අවසාන කරමිනි. \""රාජකීය තත්ත්වය වෙනස් කිරීම\"" හේතුවෙන් හැරී පවුලට ආරක්ෂාව සැපයීම නතර කරන බව කැනඩා රජය පසුගිය මාසයේ දී නිවේදනය කළේය. දැන් ජනාධිපති ට්‍රම්ප් ද ඒ මග ගෙන තිබේ. පසුගිය සතියේ හැරී යුවල ලොස් ඇන්ජලීස් නුවරට පැමිණ සිටි බව එක්සත් ජනපද මාධ්‍ය සඳහන් කරයි. මේගන් හැදී වැඩුණේ ලොස් ඇන්ජලීස් නුවර ය. ඇයගේ ���ව මේ වන විට ජීවත් වන්නේ එම නුවරය. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ ට්විටර් පණිවිඩය නිකුත් වූයේ එක්සත් ජනපදය පුරා නව කොරෝනාවෛරසය ව්‍යාප්ත වෙමින් පවතින අතරවාරයේ ය. මේ වනවිට කොවිඩ් - 19 ආසාදිතයන් 135,499ක් එක්සත් ජනපදයෙන් වාර්තා වී තිබේ. මිය ගිය පුද්ගල සංඛ්‍යාව 2,381කි. කැලිෆෝනියාවේ කොරෝනාවෛරස ආසාදිතයන්ගේ ගණන දිනෙන් දින ඉහළ යමින් පවතින අතර එම ප්‍රාන්තයේ පමණක් 5,565 දෙනෙකුට කොවිඩ් - 19 කොරෝනාවෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු කර ගෙන තිබේ. එහි 121 දෙනෙකු මරණයට පත් විය. මේ හේතුව නිසා කැලිෆෝනියාවේ වැසියන් නිවසට වී සිටිය යුතු බවට නියෝගයක් එහි ආණ්ඩුකාරවරයා විසින් නිකුත් කරනු ලැබීය. නිවසින් බැහැරව යාමේ අවසරය ඇත්තේ අත්‍යවශ්‍ය සේවා සපයන්නන් හට පමණි. එක්සත් ජනපදය තුළ ඉහළම සීමා පැනවීම් සහ තහනම් නියෝග නිකුත් කර ඇත්තේ කැලිෆෝනියාවට ය. හැරී කුමරුගේ පියා වන චාල්ස් කුමාරයාට නව කොරෝනාවෛරසය ආසාදනය වී ඇති බව මෙම සතිය මුල දී වාර්තා විය. නමුත් ඔහු \""යහපත් සෞඛ්‍ය තත්වයෙන්\"" පසුවන බව බැකිංහම් මාලිගාව නිවේදනය කළේය. 71 හැවිරිදි චාල්ස් කුමරුට කොවිඩ් -19 වෛරසය ආසාදනය වීමෙන් අනතුරුව දියත් වූ දින හතක ස්වයං නිරෝධායනය අවසාන කර ඇත. ඔහු රජයේ නියෝග අනුගමනය කරමින් සිටින බව මාලිගාව නිවේදනය කළේය. රජයේ නියමයට අනුව, රෝග ලක්ෂණ මතු පුද්ගලයා දින හතක් වෙන් වී සිටිය යුතු අතර ඔහු සමඟ වාසය කරන අනෙකුත් පුද්ගලයන් සති දෙකක් හුදෙකලා වී සිටිය යුතුය. මෙම තොරතුරු ද දැනගන්න:"
|
11 |
-
world-56771015,"වින්ඩ්සර් හි ශාන්ත ජෝර්ජ් දේවස්ථානයේ දේ මෙහෙය ඇරඹෙන්නේ බ්‍රිතාන්‍යයේ වේලාවෙන් සවස 3 ට ය. ඒ වේලාවෙහි දී, කුමරු සිහිකරමින් රට පුරා විනාඩියක නිහැඬියාවක් පළ කෙරෙනු ඇත. අනූනව වැනි වියේදී දිවියෙන් සමුගත් ෆිලිප් කුමරුගේ දේහය වින්ඩ්සර් මාලිගයේ පෞද්ගලික දේවස්ථානයෙහි තැන්පත් කර තිබේ. සිය අවමඟුල් කටයුතු ඉතා චාම් මට්ටමින් සිදුකරන ලෙස ෆිලිප් කුමරු ඉල්ලීමක් කර ඇතැයි වාර්තාවෙන අතර, ඔහුගේ දේහය තැන්පත් කරනු ලැබ තිබෙන්නේ රාජ්‍ය ගෞරව සහිතව (laid in state) නොවේ. වින්ඩ්සර් මාලිගයේ පෞද්ගලික දේවස්ථානය තුළ තැන්පත් කරනු ලැබ ඇති දේහය නැරඹීමට මහජනයාට අවස්ථාවක් නොමැත. දැනට බල පැවැත්වෙන කොවිඩ්-19 කොන්දේසි යටතේ තිස්දෙනකුට පමණක් සීමා වන අවමඟුල් උළෙල පැවැත්වෙන ආකාරය රූපවාහිනිය ඔස්සේ නැරඹීමට මහජනතාවට අවස්ථාව ලැබෙයි. බකිංහම් මාලිගයේ කලින් සැලසුම් අනුව ��ිලිප් කුමරා මියගිය විටෙක එම අවමඟුල සඳහා අටසීයක් ප්‍රභූන්ට ආරාධනා කිරීමට නියමිතව තිබිණි. එහෙත් කොවිඩ්-19 වසංගතය සැලකිල්ලට ගනිමින් අවමඟුල රජ පවුලේ සමීපතම සාමාජිකයන්ට සීමාවන අතර එය පැවැත්වෙන්නේ හමුදා උත්තමාචාරය සහිතවය. දරුවන් හතරදෙනා දේහයත් සමඟ සෙනසුරාදා අවමඟුල් පෙරහැරේදී එඩින්බරෝ ආදිපාදවරයාගේ දේහය සමඟ ඔහුගේ දරුවන් හතරදෙනා ගමන් ගනිති. ඒ අනුව දරුවන් හතරදෙනා වන ඔටුන්න හිමි චාර්ල්ස, ඇන්ඩෘ සහ එඩ්වඩ් සමඟ ඔවුන්ගේ එකම සොහොයුරිය වන ඈන් කුමරියත් මුණුපුරන් වන විලියම් සහ හැරී කුමාරවරුත් ඊට එක්වනු ඇත. යොදා ඇති සැලසුම් අනුව විලියම් සහ හැරී කුමරුන් දෙදෙනා එක ළඟින් ගමන් නොකරනු ඇත. දෙසොහොයුරන් අතර ඔවුන්ගේ ඥාති සහෝදරයකු වන පීටර් ෆිලිප් ගමන් ගැනීමට නියමිතය. මෙම අවමඟුල් උත්සවයට සහභාගීවන්නන් කොවිඩ්-19 පාලන කොන්දේසි අනුව යමින් මුඛ ආවරණ සහිතව සමාජ දුරස්ථභාවය පවත්වා ගනු ඇත. සහභාගීවෙන කණ්ඩායමට දෙවෙනි එලිසබත් රැජිනගේ සහ ෆිලිප් කුමරාගේ පවුලේ සාමාජිකයන් ඇතුළත් වෙති. ඊට අතිරේකව ෆිලිප් කුමරාගේ ජර්මන් පාර්ශ්වයේ ඥාතීන් තුන්දෙනෙක් එම අවස්ථාවට සහභාගීවීම සඳහා ඇරයුම් ලබා සිටිති. එඩින්බරෝ ආදිපාදවරයා මියයන විට සිය බිරිඳ සමඟ ඇමෙරිකා එක්සත් ජනපදයේ ජීවත් වූ හැරී කුමරු සිය මුත්තණුවන්ගේ අවමඟුලට සහභාගීවීම සඳහා එංගලන්තයට පැමිණි අතර ඔහු නිරෝධායන කාලය සම්පූර්ණ කිරීමෙන් අනතුරුව සිය ඥාතීන් ද සමඟ මෙම අවමඟුල් උත්සවයට සහභාගී වෙයි. අවමඟුල් දේවමෙහෙය පවත්වන පූජකවරුන් සහ දේහය රැගෙනයාමට හවුල්වන්නන් ඉහත කී තිස්දෙනාට ඇතුළත් නොවෙති. රජපවුලට යුද නිල ඇඳුම් තහනම් සෙනසුරාදා අවමඟුලට සහභාගීවෙන රාජකීය කුටුම්භයේ සාමාජිකයන් යුද නිල ඇඳුමින් සැරසී නොසිටිය යුතුව ඇතැයි රැජින විසින් තීන්දු කරනු ලැබ ඇත. ඒ වෙනුවට ඔවුන් ශෝකය පළකෙරෙන ඇඳුමින් සැරසිය යුතු අතර ඔවුන් සතු නිල ලාංඡන පමණක් පැළඳීමට රැජිනගේ අවසරය ලැබී ඇත. එසේ නොවේ නම් ශෝකය පළකරනු ලබන අවස්ථාවන්ට ඔබින සාමාන්‍ය ඇඳුමකින් සැරසීමට ද අවසරය දී ඇත. රැජින එවැනි පියවරක් ගෙන තිබෙන්නේ ඇන්ඩෘ සහ හැරී කුමරුන් දෙදෙනාගේ තත්ත්වයන් සැලකිල්ලට ගනිමිනි. ඔවුන් දෙදෙනාම මේවනවිට යුද සේවයෙන් සමුගෙන ඇති අතර ඔවුන් යුද ඇඳුමින් සැරසීම මගින් ගැටලු මතුවීම වළක්වා ගනු ලැබීම එම තීන්දුවට බලපා ඇතැයි විශ්ලේෂකයෝ පවසති. මියගිය ෆිලිප් කුමරාගේ දේහය ඇතුළත් මංජුසාව ශාන්ත ජෝර්ජ් දේවස්ථානය කරා රැගෙන යනු ලබන්නේ විශේෂයෙන් පිළියෙළ කරන ලද 'ලෑන්ඩ්රෝවර්' රථයකිනි. තම අභාවයෙන් පසුව සිය දේහය ගෙනයනු ලබන කෙටිදුර සඳහා උපයෝගී කරගැනීම සඳහා සිය අවමඟුල් රථය සැලසුම් කරන ලද්දේ ෆිලිප් කුමරා විසින්මය. 2003 වසරේ දී තමාට වයස අවුරුදු 82ක් සම්පූර්ණවීමත් සමඟ ෆිලිප් කුමරා සිය අවමඟුල් රථය සැලසුම් කරන ලද අතර ඔහු ආශා කරන 'ලෑන්ඩ් රෝවර්' රථයක් ඒ සඳහා යොදාගත්තේය. නවීකරණය කරන ලද එම රථය හරිත පැහැයෙන් නිමවා තිබෙන්නේ යුද හමුදාව සංකේතවත් කරමිනි. එම රථය පිළිබඳ තොරතුරු බ්‍රහස්පතින්දා (අප්‍රියෙල් 15) බකිංහැම් මාලිගය විසින් ප්‍රකාශයට පත්කරනු ලැබුණි. පෙරහැර ගමන්ගනු ඇත්තේ ඉතාම කෙටි දුරක් වන අතර එම කාලය තුළ දේහය සහිත මංජුසාව එම රථය මගින් ගෙනයනු ඇත. දේහය රථයෙහි තැන්පත් කරනු ලැබීම සහ අවමඟුල් පෙරහැර ගමන් ආරම්භකරනු ලැබීම බ්‍රිතාන්‍ය වේලාවෙන් සවස 2.40ට සිදුකෙරෙන අතර සැලසුම අනුව ඒ අතරවාරයේ ආරාධිතයන් ද රැජින ද එම පෙරහැරට එකතුවෙයි. පෞද්ගලික දේවස්ථානයෙන් ආරම්භ කෙරෙන අවමඟුල් පෙරහැර අසල පිහිටි චතුරශ්‍රය පසුකරමින් විනාඩි දහතුනකට පසුව බ්‍රිතාන්‍ය වේලාවෙන් සවස 2.53ට ශාන්ත ජෝර්ජ් දේවස්ථානයේ පියගැටපෙළ අසලට ළඟාවනු ඇත. ඒ සමඟ හමුදා ආචාරය සහිතව දේහය ශාන්ත දේවස්ථානය තුළට ගෙනයමින් අවසන් ආගමික කටයුතු ආරම්භ කෙරෙයි. ආගමික කටයුතු සිදුකරනු ලබන්නේ කැන්ටබරියේ අගරදගුරු ප්‍රධානත්වයෙනි. එම සියලු අවස්ථා රූපවාහිනිය ඔස්සේ නැරඹීමට මහජනයාට අවස්ථාව ලැබෙන අතර බ්‍රිතාන්‍ය වේලාවෙන් සවස තුනට මිනිත්තුවක ජාතික නිහඬ කාලයක් ප්‍රකාශයට පත්කරනු ලැබ ඇත. එම ජාතික ශෝක කාලයේ ආරම්භය සහ අවසානය සංඥා කරනු ලබන්නේ රාජකීය කාලතුවක්කු හමුදාවේ වෙඩි මුරයකිනි. මියගිය එඩින්බරෝ ආදිපාදවරයාගේ දේහය ඇතුළත් මංජුසාව තැන්පත්කරනු ලබන්නේ ඔහුගේ ධජය මගින් ආවරණය කරමිනි. ඒ මත ඔහුගේ නිලයට අයත් සියලු අධිකාර ලාංඡන සහ භාණ්ඩ තැන්පත් කෙරෙයි. කුමරා නාවික හමුදා නිලධාරියකු ලෙස පළඳින ලද හිස්වැස්ම සහ අසිපත ද ඊට ඇතුළත් වෙයි. ඊට අමතරව ෆිලිප් කුමරා සතු යුද සම්මාන සහ ලාංඡන ආදිය අල්තාරය අබියස ප්‍රදර්ශනය කිරීමට ද විධිවිධාන යොදා ඇත. අවමඟුල් උත්සවය නිමාවේ දෙවෙනි එලිසබත් රැජිනගේ වල්ලභයා ලෙස අවුරුදු 73ක් ඇයත් සමඟ සියලු රාජකීය කාර්යයන්ට දායක වූ ෆිලිප් කුමරාගේ දේහය වින්ඩ්සර් මාලිගා භූමියට ���යත් ශාන්ත ජෝර්ජ් දේවස්ථානයේ ඇතුළු ගැබක රාජකීය කුටියක සදාකාලිකව සැතපෙන ඉරියව්වෙන් තැන්පත් කෙරෙයි. ෆිලිප් කුමරා වෙනුවෙන් ප්‍රකාශිත ජාතික ශෝක කාලය අවමංගල්‍ය දිනයේ ම අවසන් වෙයි. එහෙත් රජ පවුලේ සාමාජිකයන් සති දෙකක කාලයක් දිගටම ශෝක කාලය ගතකරනු ඇත. එහෙත් ඔවුන් කලින් යොදාගනු ලැබ ඇති රාජකාරිවලට සහභාගී වෙන අතර එම අවස්ථාවන්හි කළු පටි පැළඳ සිටීමට නියමිතය. පිලිප් කුමරු ගැන තවත් තොරතුරු;"
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
data/semi_sold.csv
DELETED
@@ -1,3 +0,0 @@
|
|
1 |
-
version https://git-lfs.github.com/spec/v1
|
2 |
-
oid sha256:e13515fa3c36ee7f304ebc5b81b128e4efb63b4dde89f3698246ca7eb9a052ba
|
3 |
-
size 38237212
|
|
|
|
|
|
|
|