id
int64
5.96k
184k
heading
stringlengths
3
163
content
list
6,502
අද කොළඹට වතුර නෑ
[ "කොළඹ නගර සභාව සහ කොළඹ නාගරික බල ප්‍රදේශයට අද දිනය තුළ ජල සැපයුම තාවකාලිකව අත්හිටුවන බව ජල සම්පාදන හා ජලප්‍රවාහන මණ්ඩලය පවසයි.", "ඒ අනුව අද පෙරවරු 8.30 සිට රාත්‍රී 10 දක්වා ජල සැපයුම අත්හිටුවනු ඇත. කොළඹ, පෑලියගොඩ, වත්තල, මාබෝල, ජාඇල, කැස්බෑව, කෝට්ටේ, මහරගම, බොරළැස්ගමුව, කැලණිය, මහර, දොම්පෙ, බියගම, දෙකටන, මල්වාන නගර සභා හා ප්‍රාදේශීය සභා ප්‍රදේශවලට අදාළ කාලය තුළ මෙසේ ජල සැපයුම අත්හිටුවන බව සඳහන් වේ.", "එමෙන්ම කඩුවෙල බල ප්‍රදේශයට අයත් බත්තරමුල්ල,‍ හෝකන්දර, මාළඹේ යන ප්‍රදේශවලට හා දෙහිවල ගල්කිස්ස, කොටිකාවත්ත, කොළොන්නාව යන ප්‍රදේශවලට ද ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලප්‍රවාහන මණ්ඩලය පවසයි. විදුලි බල මණ්ඩලයේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් අඹතලේ ජල පොම්පාගාරයට විදුලි සැපයුම අත්හිටුවීම, ජලසැපයුම සීමාකිරීමට හේතුව බව ජලසම්පාදන හා ජලප්‍රවාහන මණ්ඩලය දක්වයි." ]
6,503
නුවර පාසල් සඳුදා යළි විවෘතයි
[ "මහනුවර නගරයේ ප්‍රධාන පාසල් 4 ක් එළඹෙන සඳුදා යළි විවෘත ‍කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.", "62 වන ජාතික නිදහස් දින උත්සවය සදහා රාජකාරී කටයුතුවලට පැමිණි ආරක්ෂක අංශ සාමාජිකයින්ට නවාතැන් පහසුකම් ලබාදීමේ අරමුණින් මෙම පාසල් තාවකාලික වසා දැමිණි. ලබන සඳුදා යළි විවෘත කෙරෙන පාසල් වන්නේ ධර්මරාජ, කිංස්වුඩ්, උසස් බාලිකා සහ මහාමායා බාලිකා යන විද්‍යාලය.", "එහෙත් මහාමායා බාලිකා විද්‍යාලයේ ප්‍රාථමික අංශය සඳුදා විවෘත නොකෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි. එම විද්‍යාලයේ ප්‍රාථමික අංශය විවෘත කෙරෙන දිනය පසුව දැනුම් දෙනු ඇත." ]
6,504
හමුදා මාධ්‍ය ප්‍රකාශක ධුරය ප්‍රසාද් සමරසිංහට
[ "යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක ධුරය සඳහා බ්‍රිගේඩියර් ප්‍රසාද් සමරසිංහ මහතා පත්කර තිබේ.", "ලබන සඳුදා සිට බ්‍රිගේඩියර් ප්‍රසාද් සමරසිංහ මහතා එම ධුරයේ වැඩ බාරගැනීමට නියමිතය. මෙ‍තෙක් යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක ධුරයේ කටයුතු කළ බ්‍රිගේඩියර් උදය නානායක්කාර මහතා හමුදා මාධ්‍ය ක්ෂේත්‍ර ඉංජිනේරු ධුරයේ වැඩ බාරගැනෙනු ඇත.", "මේ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අයි.එම්.කරුණාරත්න මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි ආධුනිකයින් බඳවාග‍ැනීමේ අධ්‍යක්ෂකවරයා ලෙස පත්කර තිබේ. නව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙතෙක් නම් කර නොමැති බව අද දෙරණ කළ විමසීමකදී අයි.එම්.කරුණාරත්න මහතා පැවසීය." ]
6,505
ඩෙංගු මර්දනයට කියුබාවේ බී.ටී.අයි
[ "ඩෙංගු රෝග වාහක මදුරු මර්දනය සඳහා කියුබාවේ බී.ටී.අයි. බැක්ටීරියා ලීටර් 30,000 ක් මෙරටට ගෙන්වීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.", "මීට අදාළ මූලික පියවර දැනටමත් ගෙන ඇති අතර ප්‍රථම අදියරේ දී මහනුවර දිස්ත්‍රික්කයේ අදාළ බැක්ටීරියා ඉසීමට නියමිත බව සඳහන් වේ. මෙය ආදර්ශනයක් ලෙස පළමුව සිදුකිරීමට නියමිතය.", "මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ තුනක් ඉලක්ක කරගනිමින් බැක්ටීරියාව ඉසීමට යෝජනා වී ඇති අතර එය කියුබානු විශේෂඥයින්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ සිදුකිරීමට නියමිත බව ද වාර්තා වේ." ]
6,506
වරාය බහාලුම් මෙහෙයුම් ඉහළ යයි.
[ "ශ්‍රී ලංකා වරාය අධිකාරියේ බහාලුම් මෙහෙයුම් ඉහළ ගොස් ඇති බව එම අධිකාරිය පවසයි.", "පසුගිය දෙසැම්බර් මාසයේ දී බහාලුම් මෙහෙයුම් ප්‍රමාණය සියයට 12 . 5 කින් ඉහළ ගොස් ඇති බව වරාය අධිකාරිය පවසයි. 2008 වසරේ දෙසැම්බර් මාසයේ දී ශ්‍රී ලංකා වරාය අධිකාරිය මගින් සිදුකළ සමස්ත බහාලුම් ප්‍රමාණය එක් ලක්ෂ 36,268 කි. එය පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ දී එක් ලක්ෂ 53,317 ක් දක්වා ඉහළ ගොස් තිබේ.", "යුද්ධය නිමාවීමත් සමග වරායේ උතුරු පිවිසුම් දොරටුව යළි විවෘත කිරීම ද මෙම බහාලුම් මෙහෙ‍යුම් ඉහළ යාමට හේතුවූ බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය පවසයි." ]
6,507
නිට්ටඹුවේ රිය අනතුරකින් පුද්ගලයෙක් මියයයි
[ "නිට්ටඹුව ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.", "කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ කඹුරාදෙනිය ප්‍රදේශයේ දී පාර මාරුවෙමින් සිටි පදිකයෙකු ජිප් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය පවසයි. අනතුරින් මියගොස් ඇත්තේ 54 හැවිරිදි ගොඩවෙල, අල්ගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.", "සිද්ධිය සම්බන්ධයෙන් ජිප් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අද අත්තනගල්ල ම‍හේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය." ]
6,508
කළුගඟ සංවර්ධන ව්‍යාපෘතිය කඩිනම් කෙරේ
[ "කළුගඟ සංවර්ධන ව්‍යාපෘතිය කඩිනම් කිරීමට රජය පියවර ගෙන තිබේ. අදියර දෙකකින් මෙම ව්‍යාපෘතිය නිමකිරීමට යෝජිතය.", "පළමු අදියර සදහා වැය කෙරෙන මුදල අමෙරිකානු ඩොලර් මිලියන 167 ක් බව රජය පවසයි. එහි ප්‍රධානතම ඉදිකිරීම ‍වන කළුගඟ වේල්ල සහ උපවේලි දෙක සදහා වැය වන මුදල අමෙරිකානු ‍ෙඩාලර් මිලියන 102 ක් බව ද සඳහන් වේ. ජාත්‍යන්තර සංවර්ධන කටයුතු සදහා වන ඔපෙක් අරමුදලේ ණය ආධාර මත මෙය ක්‍රියාත්මක කෙරෙන බව ද වාර්තා වේ." ]
6,509
දැයට කිරුළෙන් පෙළපොත් සහන මිලට
[ "පෙළපොත් සහ අතිරේක කියවීම් පොත් දැයට කිරුළ ප්‍රදර්ශ‍න‍ භූමියෙන් සහන මිලට ලබාගත හැකි බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.", "මීට අමතරව ගුරු මාර්ගෝපදේශ සංග්‍රහ සහ පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර එම ප්‍රදර්ශන භූමියේ පිහිටි අධ්‍යාපන අමාත්‍යාංශයේ විභාග දෙපාර්තමේන්තු ප්‍රදර්ශන කුටියෙන් ලබාගත හැකිය. එමෙන්ම ලබන වසරේ දී පාසල් සිසුන්ට හඳුන්වා දීමට නියමිත නව පාසල් බෑගය පිළිබඳව ද මෙහිදී ජනතාව දැනුවත් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.", "අළුතින් හඳුන්වා දෙන පාසල් බෑගය පරිහරණය කරන ආකාරය වෛද්‍යවරයෙකු විසින් මෙහිදී පැහැදිලි කරන බව ද අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි." ]
6,510
බෝම්බ ප්‍රහාර ගැන අගමැති යූසුෆ්ගේ කනස්සල්ල
[ "මුස්ලිම් ආගමික උත්සව සමය ඉලක්ක කරගනිමින් එල්ල වන බෝම්බ ප්‍රහාර පිළිබඳව පකිස්තාන අගමැති යූසුෆ් රාසා ගිලානි සිය දැඩි කනස්සල්ල පළ කර තිබේ.", "පකිස්තාන කරච්චි නගරයේ ඊයේ සිදුවූ බෝම්බ පිපිරීම් දෙකකින් පුද්ගලයින් 25 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් බොහෝ පිරිසක් තුවාල ලැබීය. ප්‍රථම බෝම්බ ප්‍රහාරය ෂියා මුස්ලිම් බැතිමතුන් පිරිසක් ගමන් කරමින් සිටි බස් රථයක් ඉලක්ක කරගනිමින් එල්ලවිය.", "යතුරු පැදියකින් පැමිණි මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු විසින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බව වාර්තා වේ. ප්‍රහාරයෙන් මියගිය සංඛ්‍යාව 12 කි. කරච්චි නගරයේ පිහිටි රෝහලක් අසල අනෙක් බෝම්බ පිපිරීම සිදුව තිබේ. රෝහලේ හදිසි අනතුරු ඒකකය අසල සිදුවූ මෙම පිපිරීමෙන් පුද්ගලයින් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ බව ද සදහන් වේ." ]
6,511
20/20 ජය ඕස්ට්‍රේලියාවට
[ "සංචාරක පකිස්තාන කණ්ඩායම සමග ඊයේ පැවති 20/20 ක්‍රිකට් තරඟය ලකුණු 2 කින් ජයගැනීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමත්විය.", "කාසියේ වාසිය දිනාගත් ඕස්ට්‍රේලියානු කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර එම කණ්ඩායම පන්දුවාර 18 යි පන්දු 4 ක් තුළ සියලු දෙනා දැවී ලකුණු 127 ක් ලබාගත්තේය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීම සදහා පිටියට පිවිසි පකිස්තාන කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුළු 9 ක් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 125ක් පමණි.", "දෙරට අතර පැවති ටෙස්ට් තරඟ තුනෙන් සහ එක්දින තරඟ 5න් ද ජයහිමිකරගැනීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමත්විය." ]
6,512
විනය රටේ අනාගතයට පිටිවහලක්
[ "විනයගරුකත්වය රටේ අනාගතයට මනා පිටිවහලක් වන බව නාවික හමුදාපති වයිස් අද්මිරාල් තිසර සමරසිංහ මහතා පවසයි. ඒ සඳහා ක්‍රීඩාවෙන් විශාල දායකත්වයක් ලැබෙන බව ද ඔහු සඳහන් කරයි.", "නාවික හමුදාපති ධුරය දක්වා පැමිණි ගමනේ දී තමාගේ සාර්ථකත්වයට ද ක්‍රීඩාවෙන් ලැබූ විනය ඉවහල් වූ බව හෙතෙම පවසයි. ඊයේ පස්වරුවේ කොළඹ රාජකීය විද්‍යාලයීය පිහිනුම් තටාක නැරඹුම් මැදිරිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවෙමින් තිසර සමරසිංහ මහතා මේ බව ප්‍රකාශ කළේය." ]
6,513
රුසියාවෙන් ලංකාවට ණය මුදලක්
[ "රුසියාව, ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 300 ක ණය මුදලක් ලබාදීමට පියවර ගෙන තිබේ.", "මෙම ණය මුදල ශ්‍රී ලංකාවට ආයුධ මිලදී ගැනීම සඳහා ලබාදෙන බව රුසියානු මාධ්‍ය වාර්තා කරයි. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ රුසියානු සංචාරයට සමගාමීව මෙම ණය මුදල ලබාදෙන බව සඳහන් වේ.", "මීට අමතරව රුසියාව සහ ශ්‍රී ලංකාව අතර ද්වීපාර්ශ්වික ගිවිසුම් කිහිපයකට ද එළඹීමට නියමිතව ඇති බව වාර්තා වේ. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා රුසියාවේ තෙදින නිල සංචාරයක් සඳහා අද අලුයම දිවයිනෙන් පිටත්ව ගියේය." ]
6,514
දැයට කිරුළ තෙවන දිනය අද
[ "දැයට කිරුළ ප්‍රදර්ශනයේ තෙවැනි දිනය අදය.", "අද පෙරවරු 9 ට ප්‍රදර්ශනය ආරම්භ වූ අතර රාත්‍රී 12 දක්වා මහජනතාව සඳහා ප්‍රදර්ශනය විවෘතව තැබේ. ඊයේ දිනය තුළ ලක්ෂයකට අධික නරඹන්නන් පිරිසක් ප්‍රදර්ශනය නැරඹීම සදහා පැමිණි බව සංවිධායකයින් පවසයි.", "මේ වන විටත් ප්‍රදර්ශනය නැරඹීම සදහා අතිවිශාල ජනතාවක් ප්‍රදර්ශන භූමිය වෙත පැමිණෙමින් සිටින බව අද දෙරණ වාර්තාකරු සදහන් කළේය. ප්‍රදර්ශනය ලබන 10 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය." ]
6,515
එරාවුර් දූෂණ සිද්ධිය ගැන පරීක්ෂණ
[ "මානසික ආබාධයකින් පෙළුණු කාන්තාවක් දූෂණයට ලක්කිරීම සම්බන්ධයෙන් එරාවුර් පොලිසිය පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.", "දූෂණයට ලක්ව ඇත්තේ එරාවුර්, තලාවාය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 40 ක පමණ කාන්තාවකි. 2009 ජුනි මාසයේ දිනක මෙම කාන්තාව අතවරයට ලක්වී ඇති අතර ඇය මේ වන විට ගැබ් ගෙන ඇති බව වෛද්‍ය පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.", "එරාවුර් ප්‍රදේශයේ වෙළඳ සැලක හිමිකරුවෙකු විසින් මෙම අතවරය සිදුකර ඇති බව පොලිසිය පවසයි." ]
6,516
ඇෆ්ගනිස්ථානයට රොකට් ප්‍රහාරයක්
[ "ඇෆ්ගනිස්ථානයට එල්ල වූ රොකට් ප්‍රහාරයකින් පුද්ගලයින් දස දෙනෙකු ජීවිතක්ෂයට පත් වී ති‍බේ. ප්‍රහාරයෙන් තවත් 28 දෙනෙකු තුවාල ලැබීය.", "මෙම ප්‍රහාරය තලෙයිබාන් ත්‍රස්තවාදීන් විසින් එල්ල කර ඇති බව ඇෆ්ගනිස්ථාන පොලිසිය පවසයි. කාබුල් නගරයට උතුරින් පිහිටි ජනාකීර්ණ වෙළඳපලක් ආසන්නයට මෙම ප්‍රහාරය එල්ල වී ඇති බව සඳහන් වේ. මෙම ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ දී ප්‍රංශ ආරක්ෂක අංශ සාමාජිකයින් පිරිසක් තලෙයිබාන් කැරලි කණ්ඩායම් සාමාජිකයින් සමඟ සාකච්ඡාවක් පවත්වමින් සිට ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.", "ප්‍රංශ ආරක්ෂක අංශ වලට අයත් තුන් දහසකට අධික පිරිසක් මේ වන විටත් ඇෆ්ගනිස්ථානයේ රැඳී සිටින අතර එල්ල වූ ප්‍රහාරයෙන් කිසිඳු ආරක්ෂක අංශ සාමාජික‍යෙකුට හානියක් සිදු වී නැත." ]
6,517
රන් දිනූ ක්‍රීඩකයින්ට උපහාර
[ "11 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ දී බර ඉසිලීමේ ක්‍රීඩා‍වෙන් රන් පදක්කම් දිනා ගත් ක්‍රීඩකයින්ට පොළොන්නරුවේ දී උපහාර පිරිනැමීමක් සිදු කෙරුණි.", "චින්තන ගීතාල් විදානගමගේ හා කමල් බණ්ඩාර යන ක්‍රීඩකයින් පිළිගැනීමේ උත්සවය පොළොන්නරු නගර මධ්‍යයේ දී පැවැත්වුණි. කෘෂිකර්ම අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු ගම්වාසීන් විශාල පිරිසක් මෙම ක්‍රීඩකයින් පිළිගැනීමේ උත්සවයට පැමිණ සිටියහ.", "දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ දී කිලෝ ග්‍රෑම් 69 බර පන්තිය යටතේ තරග වැදුණු චින්තන ගීතාල් විදානගමගේ කිලෝග්‍රෑම් 162 ක බරක් ‍ඔසවා මෙවර රන් පදක්කම හිමි කර ගත්තේය. කමල් බණ්ඩාර රන් පදක්කම දිනා ගත්තේ කිලෝග්‍රෑම් 56 බර පන්තිය යටතේ කිලෝග්‍රෑම් 135 ක බරක් ඔසවමිනි." ]
6,518
තරුණ සිරකරුවන්ට වෘත්තීය පුහුණුව
[ "බන්ධනාගාරගතව සිටින තරුණ සිරකරුවන්ට නිසි අධ්‍යාපනයක් හා වෘත්තීය පුහුණුවක් ලබා දීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.", "මේ වන විට ඒ සඳහා අධ්‍යාපන අමාත්‍යංශය හා වෘත්තීය පුහුණු අධිකාරිය දැනුවත් කර ඇති බව බන්ධනාගාර කොමසාරිස් මේජර් ජනරාල් වී.ආර් ද සිල්වා මහතා ප්‍රකාශ ක‍ළේය. අවුරුදු 16 ත් 21 ත් අතර වයසේ පසුවන තරුණ සිරකරුවන් සඳහා මෙම වැඩසටහන ක්‍රියාත්මක කර ඇත.", "මේ වන විට තරුණ සිරකරුවන් 60 දෙනෙකු පමණ බන්ධනාගාරගතව සිටින බව සඳහන් වේ. ඔවුන් පසුගිය දා අඹේපුස්ස ප්‍රදේශයේ ඉදිකළ වෙනත් බන්ධනාගාරයකට අනියුක්ත කරනු ලැබීය." ]
6,519
මැතිවරණ නිරීක්ෂණයට මූලික කටයුතු සැකසේ
[ "ඉදිරියේ දී පැවැත්වීමට නියමිත මහමැතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා අවශ්‍ය මූලික කටයුතු මේ වන විට සැලසුම් කරමින් සිටින බව පැෆ්රල් සංවිධානය පවසයි.", "ඒ සඳහා විශේෂ සාකච්ඡාවක් ලබන 18 වන දින පැවැත්වීමට නියමිත බව පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේය." ]
6,520
ලිහිසි තෙල් මිල පහළ යයි
[ "ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ලිහිසි තෙල් වෙළඳපලට නිකුත් කිරීමත් සමඟ ලිහිසි තෙල් මිල සියයට විසි පහකින් පමණ පහළ ගොස් තිබේ.", "ඛනිජ තෙල් නීතීගත සංස්ථාව විසින් පසුගිය වසරේ ජුනි මාසයේ සිට ලිහිසි තෙල් සහ ග්‍රීස් වර්ග වෙළඳපලට නිකුත් කිරීම ආරම්භ කළේය. එහි දී එම ලිහිසි තෙල් සහ ග්‍රීස් වර්ග පාරිභෝගිකයාට අඩු මිලට ලබා දීමට පියවර ගත් බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නියෝජ්‍ය සාමාන්‍යධිකාරී සිරිල් සුදුවැල්ල මහතා ප්‍රකාශ කළේය. එමඟින් වෙළඳපොළ තුල පැවති ලිහිසි තෙල් සහ ග්‍රීස් මිල පහළ ගොස් ඇති බව ඔහු පවසයි." ]
6,522
උසස් නිලධාරීන් 208කට මාරුවීම්
[ "වහාම ක්‍රියාත්මක වන පරිදි උසස් පොලිස් නිලධාරීන් 208 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබා දී තිබේ.", "පොලිස්පති මහින්ද බාලසූරිය මහතාගේ උපදෙස් මත මෙම ස්ථාන මාරු වීම් ලබා දී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතා ප්‍රකාශ කළේය. ඒ අනුව සහකාර පොලිස් අධිකාරී තනතුරේ සිට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුර දක්වා වූ තනතුරු වලට අයත් නිලධාරීන් 99 දෙනෙකුට ස්ථාන මාරු වීම් ලබා දී තිබේ.", "මීට අමතරව උප පොලිස් පරීක්ෂක තනතුරේ සිට ප්‍රධාන පොලිස් පරීක්ෂක තනතුර දක්වා තනතුරු වලට අයත් නිලධාරීන් 109 දෙනෙකුට ද ස්ථාන මාරු වීම් ලබා දී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය." ]
6,523
ටී.එම්.වී.පී තීරණය බදාදා
[ "ටී.එම්.වී.පී පක්ෂය ඉදිරි මහමැතිවරණයේ දී තරග කරන ආකාරය සම්බන්ධයෙන් ලබන බදාදා අවසන් තීරණයකට එළඹෙන බව එම පක්ෂයේ නායක සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් මහතා පවසයි.", "මේ සම්බන්ධයෙන් ඊයේ ත්‍රිකුණාමලය ප්‍රධාන අමාත්‍ය නිල නිවසේ දී ටී.එම්.වී.පී පක්ෂයේ ප්‍රධානයීන් විශේෂ සාකච්ඡාවක් පවත්වනු ලැබීය. එහි දී ඔවුන් තීරණය කර ඇත්තේ රජය සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව මේ පිළිබඳව අවසන් තීරණයක් ගත යුතු බවය.", "ඒ සඳහා රජය සමඟ සාකච්ඡා කර අවසන් තීරණයකට පැමිණෙන ලෙස ටී.එම්.වී.පී පක්ෂයේ දේශපාලන මණ්ඩලය නැගෙනහිර පළාත් ප්‍රධාන අමාත්‍ය සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් මහතාට පවරා තිබේ. එම සාකච්ඡා ලබන බදාදා පැවැත්වීමට නියමිතය.", "මේ අතර ඉදිරි මහමැතිවරණයේ දී තරග කරන ආකාරය සම්බන්ධයෙන් ද දෙමළ ජාතික සන්ධානය ලබන සතිය තුළ අවසන් තීරණයක් ගැනීමට නියමිතව තිබේ. එම පක්ෂයේ නායක ආර්.සම්බන්ධන් මහතා මේ දින වල එංගලන්තයේ සංචාරයක නිරත වී සිටී. ආර්.සම්බන්ධ‍න් මහතා දිවයිනට පැමිණි වහාම මැතිවරණයේ දී තරග කරන ආකාරය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගන්නා බව දෙමළ ජාතික සන්ධානයේ ප්‍රකාශකයෙක් අද දෙරණට සඳහන් කළේය." ]
6,524
දුර ගමන් බස් සේවා විධිමත් කෙරේ
[ "ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ දුර ගමන් බස් සේවා විධිමත් කිරීමට තීරණය කර තිබේ.", "ඒ යටතේ දැනට ධාවනය වන බස් රථ වලට අමතරව තවත් බස් රථ යෙදවීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි. එහි දී දුර ගමන් බස් රථ කාලසටහන පැයකට වරක් බසයක් ධාවනය වන ආකාරයට බස් රථ යෙදවීමට නියමිතය.", "ඒ සඳහා අදාළ අංශ සමඟ මේ වන විටත් සාකච්ඡා ආරම්භ කර ඇති බව ද ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය ප්‍රකාශ කළේය. ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කළේ ඉතා කඩිනමින් මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවය." ]
6,525
වේලි කැඩීයාමේ අවධානමට විශේෂ වැඩසටහනක්
[ "ජලාශ වල සහ වැව් වල තිබෙන වේලි කැඩීයාමේ අවධානමක් මතුවුවහොත් ඒ සඳහා සූදානම් වන ආකාරය පිළිබඳව විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පියවර ගෙන තිබේ.", "ජපාන ආධාර යටතේ මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බව ආපදා කළමණාකරන මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා ප්‍රකාශ කළේය." ]
6,526
රසායනාගාර පරීක්ෂණ පුද්ගලික අංශයෙන්
[ "රසායනාගාර පහසුකම් නොමැති රෝහල් වල රසායනාගාර පරීක්ෂණ පුද්ගලික අංශය මඟින් සිදු කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය පියවර ගෙන තිබේ.", "රසායනාගාරයක් නොමැති රෝහල් වල එම පරීක්ෂණ කටයුතු සිදු කරනු ලබනුයේ එවැනි පහසුකම් ඇති රෝහලකට රසායනාගාර සාම්පල යැවීම මගිනි. මෙම වැඩපිළිවෙල හේතුවෙන් බොහෝ රසායනාගාර පරීක්ෂණ ප්‍රමාද වීම හේතුවෙන් රෝගීන්ට බොහෝ දුෂ්කරතාවලට මුහුණදීමට සිදුවේ. එම නිසා මෙම තීරණය ගෙන ඇති අතර පසුගිය දා සිදු කළ නියාමන ව්‍යාපෘතියක් මඟින් එහි සාර්ථක බව වටහා ගෙන ති‍බේ.", "පෞද්ගලික අංශය මඟින් සිදු කරන මෙම රසායනාගාර පරීක්ෂණ සඳහා සියලු මූල්‍ය පහසුකම් සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ලබා දීමට නියමිතය. දිවයින පුරා රසායනාගාර පහසුකම් නොමැති රෝහල් වල මෙම නව වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය ප්‍රකාශ කළේය." ]
6,527
බලපිටියේ රිය අනතුරක්
[ "බලපිටිය ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වී තිබේ.", "අද අළුයම 1 . 30 ට පමණ සුඛෝපභෝගී බස් රථයක් තාප්පයක ගැටීමෙන් මෙම අනතුර සිදු වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතා ප්‍රකාශ කළේය. බස් රථයේ රියදුරුට නින්ද යාම හේතුවෙන් මෙම අනතුර සිදු වී ඇති බව ද පොලිසීය පවසයි.", "අනතුර සිදු වන අවස්ථාවේ මගීන් කිසිවෙක් නොසිටි බව ද වාර්තා වේ. මෙම අනතුර සම්බන්ධයෙන් බලපිටිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි." ]
6,528
එල්.ටී.ටී.ඊ සැකකරුවන් පිරිසක් පුනරුත්ථාපනය කෙරේ
[ "එල්.ටී.ටී.ඊ සැකකරුවන් ලෙස අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගතව සිටි පුද්ගලයින් 115 දෙනෙකු පුනරුත්ථාපනය කිරීමට පියවර ගෙන තිබේ.", "කොළඹ රිමාන්ඩ් බන්ධනාගා‍රයේ සිටි සිරකරුවන් පිරිසක් මෙසේ පුනරුත්ථාපනය කිරීම සඳහා යොමු කර ඇති බව බන්ධනා‍ගාර කොමසාරිස් ජනරාල් මේජර් ජනරාල් වී.ආර් ද සිල්වා මහතා ප්‍රකාශ කළේය.", "මේ අතර ජනවාරී මාසය තුළ බන්ධනාගාර ගතව සිටි එල්.ටී.ටී.ඊ සැකකරුවන් 96 දෙනෙකු නිදහස් කිරීමට ද පියවර ගෙන තිබේ. නීතිපති උපදෙස් අනුව මෙම නිදහස් කිරීම සිදු කළ බව බන්ධ‍නාගාර කොමසාරිස්වරයා සඳහන් කළේය. හදිසි නීතිය යටතේ පසුගිය කාලය තුළ අත්අඩංගුවට ගත් මොවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණි." ]
6,529
පිදුරුතලාගල ලැව්ගින්නක්
[ "නුවරඑළිය පිදුරුතලාගල සහ වෙදමුල්ල රක්ෂිත වල ලැව්ගින්නක් හට ගෙන තිබේ.", "ඊයේ පස්වරුවේ මෙම ගින්න හට ගත් බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් ඩී.කේ.පී කුමාරසිංහ මහතා ප්‍රකාශ කළේය. යුද හමුදාව සහ වන සංරක්ෂණ නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් ගින්න මැඩපවත්වා ඇත.", "ක්ෂණිකව ක්‍රියාත්මක වීම හේතුවෙන් විශාල ප්‍රදේශයක පැතීරීමට තිබූ ගින්න මැඩපැවැත්වීමට හැකි වූ බව දිස්ත්‍රික් ලේකම්වරයා ප්‍රකාශ කළේය. මේ දින වල පවතින වියළි කාළගුණ තත්වය හේතුවෙන් මෙම ගින්න හටගෙන තිබේ." ]
6,530
වොෂින්ටනයේ හිම කුණාටුවෙන් දෙදෙනෙක් මියයයි
[ "අමෙරිකාවේ වොෂින්ටන් නගරයට බලපෑ හදිසි හිම කුණාටු හේතුවෙන් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වී තිබේ.", "නැගෙනහිර අමෙරිකාවේ වොෂින්ටන් නගරයට බලපෑ ඇති හිම කුණාටුව හේතුවෙන් එහි දෛනික කටයුතු සම්පූර්ණයෙන්ම පාහේ ඇණ හිට ඇති බව වාර්තා වේ. මෙහි දී අඟල් 28 ක් පමණ උසට හිම තට්ටුවක් ඇති වී තිබේ.", "මේ හේතුවෙන් විශාල රිය අනතුරු සංඛ්‍යාවක් සිදු වී ඇති අතර නිවාස බොහෝමයක විදුලි බලයද විසන්ධි වී ඇත. හිම පතනය හේතුවෙන් ගුවන් ගමන් වාර රැසක් ද අවලංගු කර ඇති බව සඳහන් වේ. වොෂින්ටන් නගරයට වසර 90 කට පසු ඇති වී ඇති අධිකම හිම පතනය මෙය බව ද වාර්තා වේ.", "මෙම හිම කුණාටුව ඉදිරි දින කිහිපයේ තවදුරටත් පැවතිය හැකි බව කාළගුණ බලධාරීන් වැඩිදුරටත් දැනුම් දී ඇත." ]
6,531
ශ්‍රී ලංකාව නැවතත් තෙවන තැනට
[ "බංග්ලාදේශයේ පැවැත්වෙන 11 වන දකුණු ආසියානු සාග් ක්‍රීඩා උළෙලේ පදක්කම් සටහනේ ශ්‍රී ලංකාව නැවත වරක් තෙවන ස්ථානයට පත් ව තිබේ. ඒ ඊයේ පැවැති මළල ක්‍රීඩා තරග වල දී රන් පදක්කම් 3 ක් ලබා ගැනීමත් සමඟය.", "එහි දී චමින්ද විජේකෝන් මීටර 1500 පිරිමි ධාවන තරගයෙන් ද , චන්ද්‍රිකා සුභාශිනී මීටර 200 කාන්තා ධාවන තරගයෙන් ද , හේෂාන් උණම්බුව මීටර 100 පසුපස ආර පිහිනුම් තරගයෙන් ද රන් පදක්කම් දිනාගනු ලැබීය. ඒ අනුව මේ වන විට ශ්‍රී ලංකාව රන් පදක්කම් හතක් , රිදී පදක්කම් 16 ක් සහ ලෝකඩ පදක්කම් 24 ක් ලබා සිටියි.", "මෙතෙක් තුන් වන ස්ථානයේ සිටි බංග්ලාදේශය සිව්වන ස්ථානයට පත් ව තිබේ. මෙම තරගාවලියේ ඉන්දීය කණ්ඩායම රන් පදක්කම් 46 ක් ,රීදී පදක්කම් 25 ක් සහ ලෝකඩ පදක්කම් 10 ක් ලබා ගනිමින් ඉදිරියෙන් සිටී." ]
6,532
අයෙක් මරුට 16කට තුවාලයි
[ "නත්තරම්පොත මැණික්හින්න මාර්ගයේ බස් රථයක් අනතුරට ලක් වීමෙන් පුද්ගලයින් 16 දෙනෙකු තුවාල ලබා තිබේ. නත්තරම්පොත, කිරිමැටිය හන්දිය අසළ දී අද උදෑසන මෙම අනතුර සිදු වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ප්‍රිශන්ත ජයකොඩි මහතා ප්‍රකාශ කරයි. අනතුරින් පුද්ගලයින් 15 දෙනෙකුට සුළු තුවල සිදු වී ඇති අතර එක් පුද්ගලයෙකුගේ තත්ත්වය බරපතල බව වත්තේගම පොලීසිය පවසයි. අනතුර සම්බන්ධයෙන් වත්තේගම පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි. මේ අතර බලපිටිය ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වී තිබේ. අද අළුයම 1 . 30 ට පමණ සුඛෝපභෝගී බස් රථයක් තාප්පයක ගැටීමෙන් මෙම අනතුර සිදු වී ඇති බව සඳහන් වේ.. අනතුරින් මිය ගොස් ඇත්තේ බස් රථයේ රියදුරු බව බලපිටිය පොලීසිය පවසයි." ]
6,533
ජනපතිට ආචාර්ය උපාධියක්
[ "ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට මොස්කව් මිත්‍රත්ව ලුලුම්බා සරසවියෙන් ආචාර්ය උපාධියක් පිරිනමා තිබේ. රුසියාවේ තෙදින නිල සංචාරයක නිරත වී සිටින ජනාධිපතිවරයාට ඊයේ පස්වරුවේ මෙම ආචාර්ය උපාධිය පිරිනමා ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.", "ත්‍රස්තවාදය නිමා කරමින් රටට සාමය උදා කිරීම හේතුවෙන් සාමය සඳහා පිරිනැමෙන ආචාර්ය උපාධියක් මෙසේ පිරිනමා තිබේ. 1995 වසරේ පළමු වරට ලුලුම්බා සරසවියෙන් රාජ්‍ය නායකයින් වෙත මෙම ආචාර්ය උපාධිය පිරිනැමීම ආරම්භ කරනු ලැබිණි.", "ඒ අනුව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙම ආචාර්ය උපාධිය ලබා ගත් 6 වන ජනාධිපතිවරයා ලෙස වාර්තා වේ. මේ අතර අද දිනය තුළ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා රුසියාව සමඟ අධ්‍යාපන හා තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය සම්බන්ධයෙන් විශේෂ ගිවිසුම් කිහිපයකට ද එළඹීමට නියමිත බව ද සඳහන් වේ.", "ලෝකයේ විශාලතම ගෑස් නිපදවන සමාගමේ සභාපතිවරයා සමඟ ද අද දිනයේ ජනාධිපතිවරයා සාකච්ඡා කිරීමට නියමිත බව ජනාධිති මාධ්‍ය අංශය වැඩිදුරටත් කියා සිටියි." ]
6,534
අලුත් ලොකු ලූණූ බීජයක්
[ "ලොකු ලූණූ බීජ හිඟයට විකල්පයක් ලෙස වැඩි අස්වනු සහිත දේශීය ලොකු ලූණූ බීජයක් හඳුන්වා දීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. ආනයනය කළ ලොකු ලූණූ බීජ වල ගුණාත්මක භාවය පහළ මට්ටමක පැවතීම සහ විවිධ රෝග වලට ඔරොත්තු දීමේ හැකියාවක් නොමැතිකම හේතුවෙන් මෙම නව බීජ ප්‍රභේදය හඳුන්වා දුන් බව කෘෂීකර්ම දෙපාර්තමේන්තුව පවසයි.", "\"දඹුලු සිලෙක්ෂන්\"නමින් මෙම නව බීජ ‍ප්‍රභේදය හඳුන්වා දී තිබේ.", "දිලීර රෝග වලට පවා ඔරොත්තු දීමේ හැකියාව ඇති මෙම බීජ ප්‍රභේදය හෙක්ටයාර වගාවකින් ලොකු ලූණූ ටොන් 44 ක අස්වැන්නක් ලබා ගැනීමට හැකි බව කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ජනාදරී ද සොයිසා මහත්මිය ප්‍රකාශ කළාය." ]
6,535
එදා හොර ඡන්ද ලක්ෂ දෙකකට වැඩිය දැම්මා-එස්.බී
[ "කිසිදු හෝ දේශපාලන මංකොල්ලයක් සිදු නොවු එකම මැතිවරණය මෙවර ජනාධිපතිවරණය බව එස්.බී.දිසානායක මහතා පවසයි. පසුගිය සෑම මැතිවරණයකදීම විවිධ ඡන්ද දුෂණ, වංචා සිදුවු බව ඔහු පවසයි.", "යටිනුවර ඌරාපොල විහාරස්ථාන ශාලාවේ පැවති ජනහමුවක් අමතමින් එස්.බී.දිසානායක මහතා මෙම අදහස් පළ කරන ලදී.", "චන්ද්‍රිකා මැතිණියගේ කාලයේ පැවැත්වූ ප්‍රථම ජනාධිපතිවරණයේදී විදේශගත වුවන්ගේ හා මියගිය අයගේ ඡන්දය පවා භාවිතා කරමින් හොර ඡන්ද ලක්ෂ දෙකකට අධික ප්‍රමාණයක් දැමුවේ තමාගේ මෙහෙය වීමෙන් බවද එස්.බී. දිසානායක මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේය." ]
6,536
යාපනයට අලුත් බන්ධනාගාරයක්
[ "යාපනය දිස්ත්‍රික්කය තුළ නව බන්ධනාගාරයක් ඉදිකිරීම සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ අවධානය යොමුවී තිබේ.", "යාපනය තුළ මෙතක් ස්ථීර බන්ධනාගාර ගොඩනැඟිල්ලක් නොමැති බව බන්ධානාගාර කොමසාරිස් මේජර් ජනරාල් වි.ආර්.ද සිල්වා මහතා ප්‍රකාශ කරයි.", "කුලී පදනමට ගත් නිවාස දෙකක් තාවකාලිකව බන්ධනාගාරයක් ලෙස පවත්වාගෙන යනු ලබන බවත්, මෙහි සිරකරුවන් 400 කට වැඩි පිරිසක් සිටින බවත් හෙතෙම සඳහන් කරයි.", "එම නිසා කඩිනමින් ස්ථීර බන්ධනාගාරයක අවශ්‍යතාවය උද්ගතව ඇති බව බන්ධනාගාර ‍කොමසාරිස්වරයා අවධාරණය කරයි.", "මේ පිළිබඳව අධිකරණ අමාත්‍යවරයාට දැනුම් දී කඩිනමින් ඒ සඳහා පියවර ගන්නා බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය." ]
6,537
කුමන්ත්‍රණකරුවන්ට එරෙහිව සෞඛ්‍ය ඇමති සීරුවෙන්
[ "රජය විසින් ක්‍රියාත්මක කරන කටයුතු පවත්වාගෙන යාම සඳහා ඇති බාධක ඉවත් කිරිමට පියවර ගත යුතු බව සෞඛ්‍ය ආරක්ෂණ හා පෝෂණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.", "පසුගිය කාලය තුළ ඇතැම් කණ්ඩායම් සෞඛ්‍ය සේවය කඩාකප්පල් කිරීම සදහා විවිධ උත්සාහයන් දැරූ බව අමාත්‍යවරයා පෙන්වා දෙයි. පසුගිය කාලය තුළ සෞඛ්‍ය සේවාව අඩාල කිරිමට උත්සාහ දැරූ කුමන්ත්‍රණකරුවන්ට එ‍රෙහිව අනිවාර්යයෙන්ම කටයුතු කරන බව අමාත්‍යවරයා අවධාරණය කරයි..", "බදුල්ල මහා‍ රෝහලේ ආදේශක සනීපාරක්ෂක කම්කරුවන් පිරිසක් ස්ථීර කිරීම වෙනුවෙන් බදුල්ල ‍ ‍හෙද අභ්‍යාස විද්‍යාලයේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය." ]
6,538
රන් හොරෙකුට වැඩ වරදියි
[ "අම්බලන්තොට නගරයේ රන් භාණ්ඩ වෙළෙඳසලකින් රුපියල් හාරලක්ෂ 20,000 ක් පමණ වටිනා රන් මාල කිහිපයක් පැහැ‍රගෙන යමින් සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.", "අද පස්වරු 1.30 ට පමණ අදාල වෙළෙඳසලින් රන් මාලයක් මිලදී ගැනීමේ මුවාවෙන් පැමිණි සැකකරු මෙම පැහැර ගැනීම සිදුකර ඇති බව අම්බලන්තොට පොලිසිය පවසයි.", "සැකකරු පළායමින් සිටියදී පොලිසියට ලැබුණු තොරතුරක් මත අත්අඩංගුවට ගෙන ඇති අතර ‍එම අවස්ථාවේ ඔහු සතුව රන් මාල 17 ක් තිබු බව පොලිසිය සඳහන් කරයි.", "සැකකරු අම්බලන්තොට අක්කරකාල්ගොඩ ප්‍රදේශයේ පදංචිකරුවෙකු බව අනාවරණය වී තිබේ." ]
6,539
අර්ථසාධක අරමුදල් සාමාජිකයන් යළි ලියාපදිංචි කෙරේ
[ "සේවක අර්ථසාධක අරමුදලේ සියළු සාමාජිකයන් නැවත ලියාපදිංචි කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට කම්කරු දෙපාර්තුමේන්තුව පියවර ගෙන ඇති බව එම දෙපාර්තුමේන්තුවේ කොමසාරිස් ‍ජෙනරල් ඩබ්. ජේ. එල්. යූ. විජේවීර මහතා පවසයි.", "දැනට මෙම වැඩසටහන කොළඹ සහ ගම්පහ යන නගර වල සම්පූර්ණ කර ඇති බවත් ඒ මහතා සඳහන් කළේය. එමෙන්ම නව රක්ෂණ සැලැස්මක් ද මෙම වැඩසටහන යටතේ සාමාජිකයන් වෙත හඳුන්වාදීමට නියමිතය. නව ලියාපදිංචිය යටතේ ජාතික හැඳුනුම්පතේ අනුක්‍රමික අංකය අර්ථසාධක අරමුදලේ අංකය ලෙස භාවිත කළ හැකිය. මෙම අරමුදල යටතේ සාමාජිකයන් වෙත අවසන් වසරේදී 10%ක පොලී අනුපාතයක් ද හිමිවේ." ]
6,540
ලකුණ ගැන තීරණය 11වනදා
[ "අලියා ලකුණ යටතේ තරඟකිරීම පිළිබඳව තීරණය ලබන පෙබරවාරි 11වන දින පැවැත්වෙන කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී තීරණය කරන බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් තිස්ස අත්තනායක මහතා පවසයි.", "එමෙන්ම ජනතා විමුක්ති පෙරමුණ, එක්සත් ජාතික පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහජන පාර්ශවය, ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ සහ මුස්ලිම් කොංග්‍රසය යන පක්ෂ සමඟ කෘත්‍යාධිකාරී මණ්ඩලය සාකච්ජා කිරීමට බලාපොරොත්තු වන බව ද ඒ මහතා සඳහන් කළේය. එසේ ජවිපය ඇතුළු අනෙකුත් පක්ෂ සමඟ සාකච්ජා කිරීමෙන් පසු මැතිවරණයට තරඟවැදීම පිළිබඳව තීරණය කරන බව ද අත්තනායක මහතා පැවසීය." ]
6,541
ත්‍රස්තවාදය පැරදවීම පොදු ජයග්‍රහණයක්
[ "ත්‍රස්තවාදය පරාජය කර රටට සාමය උදා කිරීම ශ්‍රි ලාංකික ජනතාවගේ පොදු ජයග්‍රහණයක් බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.", "රුසියානු මිත්‍රත්ව සරසවිය මගින් පිරිනැමු සම්මානනීය ආචාර්ය උපාධිය පිලිගැනීමෙන් පසු පැවති උත්සව සභාව අමතමින් ජනාධිපතිවරයා ‍මේ බව සඳහන් කළේය. මෙය තමාගේ පෞද්ගලික ජයග්‍රහණයක් නොව ශ්‍රි ලාංකීය පොදු ජනතාවගේ ජයග්‍රහණයක් බව ද එහිදි අදහස් දැක්වු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කළේය.", "මීට දින කිහිපයකට පෙර සාධාරණ හා සාමකාමී මැතිවරණයක් මගින් ශ්‍රි ලංකාවේ හය වන ජනාධිපතිවරයා වශයෙන් තේරී පත්වීමෙන් අනතුරුව තමන් මෙම අවස්ථාවට සහභාගි වන බවද මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. පසුගිය සිව් වසර තුළ සංවර්ධනය අතින් විශාල වර්ධනයක් ලැබු ශ්‍රි ලංකාව වර්තමානයේ ලොව විවිධ දේශයන්හි අයෝජකයන් අතර ජනප්‍රිය වෙළද මධ්‍යස්ථානයක් වී ඇති බවද ජනාධිපතිවරයා එහිදි වැඩිදුරටත් සඳහන් කළේය." ]
6,542
ටි.එම්.වී.පී තීරණය ජනපති හමුවෙන් පසු
[ "ඉදිරි මැතිවරණයේදී ටි.එම්.වී.පීයේ සහය ලබාදෙන කණ්ඩායම තීරණය කිරීම ලබන බදාදා ජනාධිපතිවරයා හමුවීමෙන් පසු සිදුකරන බව එම පක්ෂය පවසයි.", "පසුගියදා පැවති ටි.එම්.වි.පී නියෝජිත රැස්වීමකදී කණ්ඩායම් දෙකක් මහ මැතිවරණයේදී තරඟ කිරීම පිලිබද මත දෙකක සිටි බව වාර්තා වේ. ඉන් එක් කණ්ඩායමක් ස්වාධීනව තරඟ කිරීම පිලිබද අදහස් දැක්වු අතර තවත් කණ්ඩායමක් ආණ්ඩුවට සහය දැක්විය යුතු බව සඳහන් කර තිබේ." ]
6,543
සන්ධාන අපේක්ෂකයින් ‍තේරීමේ පරීක්ෂණ අද සහ හෙට
[ "එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉදිරි මැතිවරණය සදහා ඉදිරිපත් වන අපේක්ෂකයින් තෝරා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ අද සහ හෙට පැවැත්වේ.", "පළාත් මට්ටමින් සම්මුඛ පරික්ෂණ මණ්ඩල තුනක් යටතේ අපේක්ෂකයින් තෝරා ගැනීම සිදුකරන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා සඳහන් කළේය. සන්ධානයේ සෙසු පක්ෂ වලටද සිය අපේක්ෂකයන් නම් කරන ලෙස දන්වා ඇති බව ද ඒ මහතා පැවසීය." ]
6,545
සෞදි රැකියා පිළිබඳ ප්‍රචාර අසත්‍යයි
[ "සෞදි අරාබියාවේ රැකියා සදහා ශ්‍රි ලංකාව ඇතුලු රටවල් කිහිපයකින් පුද්ගලයන් ගෙන්වීම තහනම් කිරිමට එරට රජය පියවර ගනු ඇති බවට පළවී ඇති වාර්තා සම්පුර්ණයෙන් අසත්‍ය බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.", "කිසිදු හේතුවක් මත සෞදි රජය එවැනි තීරණයක් නොගන්නා බවට සහතික වී ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කිංස්ලි රණවක මහතා සදහන් කරයි. මේ වන විට ලක්ෂ හතරහමාරක පමණ ශ්‍රි ලාංකිකයන් පිරිසක් සෞදී අරාබියේ සේවය කරන අතර තවත් පිරිස් සදහා එරටින් විශාල ඉල්ලුමක් පවතින බව කිංස්ලි රණවක මහතා පැවසීය.", "අදාළ ප්‍රකාශය එරට රජ‍යේ ප්‍රකාශයක් නොවන බව ද, ශ්‍රි ලාංකිකයන් විදේශ රැකියා සදහා යොමු කිරීමේ වැඩපිළිවෙළ තවදුරටත් ක්‍රියාත්මක වන බව ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය." ]
6,546
කෝටි 20 ක් වටිනා ඖෂධ ගෙන්වයි
[ "රුපියල් කෝටි 20 ක් පමණ වටිනා අත්‍යවශ්‍ය ඖෂධ තොගයක් වහා ගෙන්වා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.", "රජයේ රෝහල් වල පවතින ඖෂධ හිඟයට කඩිනම් විසදුම් ලබාදීම මෙහි අරමුණ වී තිබේ. ඖෂධ වර්ග 39 ක් මීට අයත් වන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අධ්‍යක්ෂ වෛද්‍ය සරත් වීරබණ්ඩාර මහතා පවසයි. එම ඖෂධ රජයේ රෝහල් වලට බෙදා හැරීමට පියවර ගන්නා බව ද ඔහු වැඩිදුරටත් සදහන් කළේය." ]
6,547
රිය අනතුරු නිසා මරණ තුනක්
[ "කටුගස්තොට නිත්තවෙල ක්‍රිඩාංගණය අසල සිදුවු රිය අනතුරකින් කාන්තාවක් මියගොස් තිබේ. කැබ් රථයක ගැටීමෙන් ඊයේ පස්වරුවේ සිදුවු මෙම අනතුරින් මියගොස් ඇත්තේ 62 හැවිරිදි කාන්තාවකි.", "කටුගස්තොට තිත්තප්පගල ප්‍රදේශයේදී ද යතුරු පැදියක ගැටීමෙන් තුවාල ලබා මහනුවර මහරෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 84 හැවිරිදි පුද්ග‍ලයෙකු මියගොස් තිබේ.", "එමෙන්ම කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ පස්යාල ප්‍රදේශයේදී ලොරි රථයක ගැටුණු පාපැදිකරුවෙකු මිය‍ගොස් ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේය." ]
6,548
හදිසි ගොඩබැස්සවීමක්
[ "මගීන් 356 දෙනෙකු රැගත් එමිරේට්ස් ගුවන් සමාගමට අයත් යානයක් මුම්බායි ගුවන් තො‍ටුපල වෙත හදිසියේ ගොඩබස්වා තිබේ. ඒ ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල වීම පිලිබද ලැබුණ තොරතුරක් හේතුවෙනි.", "ගුවන් තොටුප‍ලේදී අදාල යානයේ සිදුකළ පරික්ෂා කිරීම් වලින් පසු පුද්ගලයන් කිහිපදෙනෙකු ප්‍රශ්න කිරිම සදහා රදවාගෙන ඇති බවද වාර්තා වේ." ]
6,549
ජනාධිපතිවරණ ජය යනුකොවිච්ට
[ "යුක්‍රේන ජනාධිපතිවරණයෙන් ජය ගැනීමට එ‍රට විරුද්ධ පක්ෂ නායක වික්ටර් යනුකොවිච් සමත්ව තිබේ.", "ජනාධිපතිවරණයේ පළමු වටය අවසානයේදී අග්‍රාමාත්‍ය යුලි‍යා ටයිමොෂෙන්කෝට වඩා සුළු ඡන්ද ප්‍රමාණයක් වික්ටර් යනුකොවිච්ට ලැබී ඇති බව වාර්තා වේ. 59 හැවිරිදි යනු‍කො‍විච් රුසියානු හිතවාදියෙකු ලෙස සැලකේ." ]
6,550
අමෙරිකාවේ බලාගාරයක පිපිරීමක්
[ "අමෙරිකා එක්සත් ජනපදයේ විදුලි බලාගාරයක සිදුවු විශාල පිපිරීමක් හේතුවෙන් පුද්ගලයන් පස් දෙනෙකු මියගොස්, තවත් 12 දෙනෙකු තුවාල ලබා තිබේ.", "පිපිරීමෙන් පසු ගෑස් කාන්දු වීමක් හේතුවෙන් අනතුර සිදුව ඇති බව කනෙක්ටිකට් ප්‍රාන්තයේ මිඩ්ල්ටවුන් නගරාධිපති සෙබස්තියන් ගිලියානෝ පවසයි. අනතුරින් පසු තවත් පිරිසක් සිරවී සිට ඇති බවද වාර්තා වේ.", "අදාළ බලාගාරයේ පුද්ගලයන් සියයක් දෙසියක් අතර ප්‍රමාණයක් සේවය කරන බව මිඩ්ල්ටවුන් නගරාධිපතිවරයා මාධ්‍ය වෙත සදහන් කර ඇත. එහෙත් අනතුර සිදුවන අවස්ථාවේදී එහි සිටි පිරිස පිළිබඳ මෙතෙක් අනාවරණය වී නොමැති බව ද ඔහු සදහන් කර තිබේ." ]
6,551
ශ්‍රි ලංකාවට රන් 13ක්
[ "11 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ ශ්‍රි ලංකාව ලබාගත් රන් පදක්කම් සංඛ්‍යාව 13 දක්වා ඉහළ ගොස් තිබේ. ඒ ඊයේ සහ පෙරේදා දෙදින තුළ එක්වු රන් පදක්කම් හතත් සමගය.", "මේ වන විට පදක්කම් සටහනේ පෙරම‍ුණේ පසුවන ඉන්දියාව රන් 67 ක් , රීදි 40 ක් සහ‍ ලෝකඩ පදක්කම් 22 ක් ලබාසිටියි. පාකිස්තානය රන් 17 ක් , රීදි 23 ක් සහ ‍ලෝකඩ පදක්කම් 27 ක් ලබා ගනිමින් දෙවන ස්ථානයේ පසුවෙයි.", "සත්කාරක බංග්ලාදේශය ලබාගෙන ඇති රන් පදක්කම් සංඛ්‍යාව 14 කි. ඔවුන්ට පසුපසින් සිටින ශ්‍රි ලංකා කණ්ඩායම රීදි පදක්කම් 26 ක් සහ ලෝකඩ පදක්කම් 36 ක් ලබා ගැනීමට ද සමත් වී තිබේ." ]
6,552
කුරුදු අපනයනයෙන් ලංකාව ඉදිරියට
[ "කුරුදු අපනයනය කරන රටවල් අතරින් ඉහළ ස්ථානයකට පැමිණීමට ශ්‍රි ලංකාව සමත්වී තිබේ.", "තවදුරටත් කුරුදු නිෂ්පාදනය ඉහළ නැංවීම සදහා පියවරගෙන ඇති බව අපනයන සංවර්ධන හා ජාත්‍යන්තර වෙළද කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි. මේ යට‍තේ අපනයන සංවර්ධන දෙපාර්තමේන්තුව සමග එක්ව නවීන කුරුදු නිෂ්පාදන මධ්‍යස්ථ‍ාන පිහිටුවීමට සැලසුම් කර ඇති බවද වාර්තා වේ.", "රුපියල් මිලියන තුනක පමණ වියදමින් තල්දූව , කරන්දෙණිය , තෙල්වත්ත සහ කොස්ගොඩ යන ප්‍රදේශවල එම මධ්‍යස්ථාන පිහිටුවීමට නියමිතය." ]
6,553
උතුරේ නව සන්ධානයක්
[ "උතුරේ නව දේශපාලන සන්ධානයක් ඇති වීමේ වටපිටාවක් සැකසී ඇති බව වාර්තා වේ.", "දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ සහ දෙමළ ජාතික සන්ධානයට විරුද්ධ කණ්ඩායමක් අතර නව සන්ධානය ගොඩනැගෙනු ඇති බව විදෙස් මාධ්‍යක් පෙන්වාදෙයි. උතුරු පළාතේ යාපනය සහ වන්නි මැතිවරණ දිස්ත්‍රික් සදහා නව සන්ධානය තරග කිරීමට අ‍පේක්ෂිතය.", "මේ වන විට දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් කණ්ඩායම් කිහිපයකට බෙදී සිටී. ඉදිරියේදී පැවැත්වීමට නියමිත මහ මැතිවරණයේදී ඉන් කිහිපදෙනෙකු ආණ්ඩුව සමග එක්වනු ඇති බවට ද තොරතුරු වාර්තා වේ. ජනාධිපතිවරණයේදී එම්.කේ.සිවාජිලිංගම් මන්ත්‍රීවරයා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස තරඟ කළ අතර එන්.ශ්‍රි කාන්තා මන්ත්‍රීවරයා ඔහුට සහය පළකළේය.", "ආර්.සම්බන්ධන‍්‍ මහතාගේ නායකත්වයෙන් යුත් සෙසු පිරිසේ සහය හිමිවුයේ විපක්ෂයටය. කෙසේ වුවද දෙමළ ජාතික සන්ධානය යළි ආණ්ඩුව සමග එක්වීම කෙරෙහි අවධානය යොමු කර ඇති බව ද වාර්තා වේ." ]
6,554
වත්තලින් මළ සිරුරක්
[ "වත්තල අඹගහවත්ත පාර ප්‍රදේශයේ නිවසක තිබී මියගිය පුද්ගලයෙකුගේ සිරුරක් සොයාගෙන තිබේ.", "වත්තල පොලිසියට ලැබුණ තොරතුරක් මත සොයාගත් මෙම මළසිරුර නරක් වී තිබු බව පොලිසිය පවසයි. මියගිය පුද්ගලයා වයස අවුරුදු 78 ක් පමණ වු අවිවාහකයෙකු බවට පොලිසිය විසින් හදුනාගෙන තිබේ.", "මළසිරුර පිලිබද පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ රාගම රෝහලේදී පැවැත්විණි. මෙම මරණය මොට්ට ආයුධයකින් හිසට පහරදීමෙන් සිදුවු ඝාතනයක් බව ඉන් අනාවරණය වී ඇත. සිද්ධිය සම්බන්ධයෙන් වත්තල පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි." ]
6,555
ළමා සොල්දාදුවන්ට ඉක්මනින් නිදහස
[ "රැඳවුම් භාරයේ සිටින එල්. ටී. ටී. ඊ ළමා සොල්දාදුවන්ව සිටි සියළුම ළමුන් මැයි මාසය වන විට නිදහස් කරන බව ශ්‍රී ලංකාව පවසයි.", "වසරක පුනරුත්ථාපන වැඩසටහනකින් පසු මෙසේ මෙම ළමුන් ඔවුන්ගේ දෙමාපියන් සහ ඥාතීන් වෙත භාරදීමට ශ්‍රී ලංකා රජය කටයුතු කරන බව ළමා ආරක්ෂණ අධිකාරියේ ප්‍රධානී ජගත් වැල්ලවත්ත මහතා BBC සන්දේශය වෙත සඳහන් කර තිබේ.", "එක්සත් ජාතීන්ගේ සංගමයට අනුව රැඳවුම් භාරයේ සිටින හිටපු එල්. ටී. ටී. ඊ සාමාජිකයන්ගෙන් 40%ක් පමණ වයස අවුරුදු 18ට අඩු ළමුන් බව ද සඳහන්ය. එමෙන්ම පවතින වාර්තා අනුව දැනට එල්. ටී. ටී. ඊ සාමාජිකයන් 11, 000ක් පමණ රැඳවුම් භාරයේ සිටී." ]
6,556
ෆොන්සේකා වෙනුවෙන් උත්තර බඳින්න මහින්ද ජිනීවා යයි
[ "ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ ප්‍රකාශයන් සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා ආපදා කළමනාකරණ හා මානව හිමිකම් පිළිබඳ අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා අද ජිනීවා බලා පිටත්ව ගොස් තිබේ.", "නීතිපති මොහාන් පීරිස් මහතා සමග අමාත්‍යවරයා අද පෙරවරුවේ ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර එක්සත් ජාතින්ගේ මානව හිමිකම් මුලස්ථානය බලා පිටත් වූ බව ආපදා කළමනාකරණ හා මානව හිමිකම් අමාත්‍යංශය සඳහන් කරයි.", "ඉකුත් මැතිවරණ සමයේ ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා විසින් ප්‍රකාශ කරන ලද ප්‍රකාශයන් දෙකක් සම්බන්ධයෙන් මෙම කරුණු දැන්වීම කිරීමට සිදුව ඇති බව කියැවේ.", "ඒ අනුව යුද්ධයේ අවසාන කාල පරිච්ඡේදයේ යටත් වූ එල්.ටී.ටී.ඊ නායකයින් කිහිපදෙනෙකු ඇතුළු පිරිසකට වෙඩි තබන්නට ආරක්ෂක ලේකම්වරයා නියෝග කළ බවට ෆොන්සේකා මහතා කළ ප්‍රකාශයත්,ජනාධිපතිවරණයේ දී සිදුවී යයි කියනු ලබන අක්‍රමිකතා පිළිබඳ කරනු ලැබූ ප්‍රකාශයත් ජාත්‍යන්තරයේ අවධානයට ලක්වීම නිසා මෙසේ කරුණු දැක්වීමට සිදුව ඇති බව සඳහන් වේ.", "එසේ වුවද යටත් වූ එල්.ටී.ටී.ඊ නායකයන් ඇතුළු පිරිසකට වෙඩි තබන්නට ආරක්ෂක ලේකම්වරයා විසින් නියෝග කළ බවට තමා ප්‍රකාශයක් නොකළ බවත්,එය තමා කළ ප්‍රකාශයක් වැරදි ලෙස කළ උපුටා දැක්වීමක් බවත් ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා විසින් පසුව කරුණු දක්වන ලදී." ]
6,557
අනූෂ පැල්පිට අලුත් පුටුවේ වාඩිවෙයි
[ "විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ නව අධ්‍යක්ෂ ජනරාල් වශයෙන් අනුෂ පැල්පිට මහතා කොළඹ නාරාහේන්පිට පිහිටි විදුලි සංදේශ නියාමන කොමිෂන් සභා කාර්යාලයේදී අද වැඩ බාරගෙන තිබේ.", "වැඩ භාර ගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අනුෂ පැල්පිට මහතා කියා සිටියේ සමබර හා සාධාරණ සේවාවක් මහජනතාවට ලබාදීම‍ වෙනුවෙන් තමා කැපවන බවයි.", "රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ වශයෙන් කටයුතු කරන අනුෂ පැල්පිට මහතා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයා ඉවත් වීමෙන් පසු එකී පුරප්පාඩුව වෙනුවෙන් ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබිණි." ]
6,558
මහ මැතිවරණය අ‍ප්‍රේල් 08
[ "ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා රුසියානු සංචාරයෙන් පසුව නැවත ලංකාවට පැමිණි පසු පාර්ලිමේන්තුව විසිරවීමට බලාපොරොත්තුවන බවත්, එමෙන්ම අ‍ප්‍රේල් 08 වන දින මහ මැතිවරණය පැවැත්වීමට බලාපොරොත්තු වන බවත් රාජ්‍ය ආරංචි මාර්ග සඳහන් කරයි." ]
6,559
අමරකිත්ති හිමියන් හෙළ උරුමය හැර යයි
[ "ජාතික හෙළ උරුමයේ සභාපති,කොළඹ දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය කොටපොල අමරකිත්ති හිමියන් පක්ෂයේ සභාපති ධූරයෙන් මෙන්ම පක්ෂ සාමාජිකත්වයෙන් ද ඉවත් වී තිබේ.", "ජාතික හෙළ උරුමය ගොඩ නඟන විට ර‍ටේ ප්‍රධාන ගැටලුව බවට පත්ව තිබුණේ උතුරු-නැඟෙනහිර ත්‍රස්තවාදය බැවින් ත්‍රස්තවාදයට එරහිව දකුණේ ජන මතය බල ගැන්වීමටත්,නායකත්වය ශක්තිමත් කිරීමටත් තමන් දේශපාලනයට පිවිසුණු බව උන්වහන්සේ කියා සිටියි.", "තමන් කැපවූ එකී අරමුණ මේ වන විට දිනා ගෙන ඇති බැවින් තව දුරටත් දේශපාලනයේ නියැළීමට තමන්ට අවශ්‍යතාවයක් නැති බැවින් හා ශාසන කටයුතු වෙනුවෙන් කැපවීමට අදහස් කරගෙන සිටින බැවින් පක්ෂයෙන් ඉවත් වීමට තීරණය කළ බව අද දෙරණ කළ විමසුමකට පිළිතුරු දෙමින් කොටපොල අමරකිත්ති හිමියන් පැවසීය.", "ජාතික හෙළ උරුමයේ ප්‍රධාන පක්ෂ කාර්යාලයෙන් මේ පිළිබඳ විමසු විට එහි ප්‍රකාශකයෙකු කියා සිටියේ කොටපොල අමරකිත්ති හිමියන් පක්ෂයේ දේශපාලන කටයුතු වලින් ඉවත් වී මාස 6 ක් පමණ වන බවයි.", "එහෙත් අප කළ විමසීමේදී උන්වහන්සේ කියා සිටියේ තමන් පක්ෂයේ සභාපති ධූරයෙන් හා සාමාජිකත්වයෙන් ඉවත් වී සති දෙකක් පමණ වුවත් මේ සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ මාධ්‍යයට නිවේදනය කර සිටියේ අද බවයි.", "ඉදිරියේදී කිසිදු දේශපාලන ව්‍යාපෘතියක කොටස්කරුවෙකු වන්නට තමන්ගේ කිසිදු බලාපොරොත්තුවක් නැතැයිද,ජාතික හෙළ උරුමයේ දේශපාලන ගමනට තමන් ආශිර්වාද කරන බවද පූජ්‍ය කොටපොල අමරකිත්ති හිමියන් වැඩිදුරටත් සඳහන් කළේය." ]
6,560
බ්‍ර්ගේඩයර් ප්‍රසාද් මේජර් ජෙනරාල් වෙයි
[ "යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍ර්ගේඩයර් ප්‍රසාද් සමරසිංහ මහතා මේජර් ජෙනරාල් ධූරයට උසස් කරමින් සංඥා බලකා ප්‍රධානී ලෙස පත් කළ බව සඳහන් වේ." ]
6,561
නැඟෙනහිරින් ඩෙංගු යළි හිස ඔසවයි
[ "වසරේ මුල් මාසය තුළ ඩෙංගු රෝගය ‍නැගෙනහිර පළාත තුළ ව්‍යාප්ත වීමේ වර්ධනයක් පෙන්නුම් කරන බව නැඟෙනහිර ප්‍රාදේශීය වසංගත රෝග මර්දන විශේෂඥ වෛද්‍ය එස්.මුර්තී මහතා පවසයි.", "ඩෙංගු රෝගය ව්‍යාප්ත වීම හේතුවෙන් පසුගිය වසරේදී මඩකළපුව දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 12 දෙනෙකු මියගිය අතර 650 දෙනෙකු රෝගයට ගොදුරු විය.", "ජනවාරි මාසය තුළ ඩෙංගු රෝගය වැළඳීමෙන් නැඟෙනහිර පළාතේ පුද්ගලයින් 6 දෙනෙකු මියගිය බව විශේෂඥ වෛද්‍ය එස්.මුර්තී මහතා කියා සිටියි.", "මේ තත්ත්වය තුළ ඩෙංගු මර්දනය කිරීම සඳහා පොලිසිය සහ අනෙකුත් රාජ්‍ය ආයතනවල සහය ලබා ගන්නා බව විශේෂඥ වෛද්‍ය මුර්ති මහතා වැඩිදුරටත් සඳහන් කළේය." ]
6,562
තවත් පිරිසක් කිලිනොච්චියේ පදිංචියට
[ "කිලිනොච්චි දිස්ත්‍රික්කය තුළ තවත් අවතැන් වුවන් පිරිසක් හෙට දිනය තුළ පදිංචි කිරීමට සැලසුම් කර ඇතැයි ආපදා සහන සේවා හා නැවත පදිංචි කිරිමේ අමාත්‍යාංශයේ ලේකම් යු.එල්.එම්.හල්දීන් මහතා පවසයි.", "කිලිනොච්චි දිස්ත්‍රික්කයේ කරච්චි නගරය තුළ මෙම පිරිස පදිංචි කරවන බව අමාත්‍යාංශ‍ ලේකම්වරයා සදහන් කළේය.", "තම ඥාතීන්ගේ නිවෙස් වල රැඳී සිටි අවතැන් වු පවුල් 450 කට අයත් පුද්ගලයින් 1420 දෙනෙකු මෙසේ පදිංචි කිරීමට නියමිතව තිබේ.", "පසුගිය දින කිහිපය තුළම ඥාතීන්ගේ නිවෙස්වල රැඳී සිටි අවතැන් වුවන් විශාල පිරිසක් යළි පදිංචි කරවීමට රජය පියවර ගනු ලැබිණි." ]
6,563
මානව සම්පත් කළමනාකරණයට-ඉ
[ "(රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා,ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී රෙෂාන් දේවපුර මහතා ඇතුළු සමුභාවනීය අමුත්තන් ඡායා රූපයේ දැක්වේ.)", "රාජ්‍ය අංශය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයෙන් සවිබල ගැන්වීමේ තවත් පියවරක් වශයෙන් ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) විසින්\"ඉ-මානව සම්පත් කළමනාකරණ ව්‍යාපෘතිය\"නොබෝදා ක්‍රියාවට නැංවිණි.", "රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය කේන්ද්‍ර කර ගනිමින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර තිබේ. මේ අනුව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ අභ්‍යන්තර කටයුතු රැසක් මෙම ඉ-මානව සම්පත් කළමනාකරණ ව්‍යාපෘතිය යටතේ තොරතුරු සන්නිවේදන තාක්ෂණයෙන් සවිබල ගැන්විණි.", "ශ්‍රී ලංකා පරිපාලන සේවය,රාජ්‍ය කළමනාකරණ සහකාර සේවය,රියදුරු සේවය, කාර්යාල සේවක සේවය,භාෂා පරිවර්තක සේවය, පුස්තකාල්‍යාධිපති සේවය යන සේවාවන් මෙම ව්‍යාපෘතිය යටතේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයෙන් සවිබල ගන්වා තිබේ.", "මේ අනුව ඉහත විෂය ක්ෂේත්‍රයන්ට අයත් නිලධාරීන් හතළිස් හය දහසකගේ පමණ සේවා ස්ථිර කිරීම් ,උසස්වීම්,ස්ථාන මාරුවීම්,විනය කටයුතු,විශ්‍රාම ගැන්වීම් ආදී කටයුතු ඉතා කඩිනමින් හා විධිමත්ව සිදු කිරීමට හැකියාව ලැබෙනු ඇත.", "රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු ඇමති ආචාර්ය සරත් අමුණුගම ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී රෙෂාන් දේවපුර යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේදී මෙම ව්‍යාපෘතිය ආරම්භ කෙරිණි.", "තොරතුරු සන්නිවේදන තාක්ෂණය සහ මානව සම්පත් කළමනාකරණය මෑත යුගයේදී අප සමාජය හා දැඩි ලෙස බද්ධ වී තිබෙන බවත් ඒ තුළින් වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී සේවාවක් ලබා ගැනීමට හැකිවන බවත් මෙහිදී සඳහන් කළ ඇමති සරත් අමුණුගම මහතා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ ඉහළම ප්‍රතිලාභයන් රටට අත්කර ගැනීම සදහා මෙවැනි ව්‍යාපෘතීන් මහගු අත්වැලක් වන බවත් වැඩි දුරටත් සදහන් කළේය.", "ශ්‍රී ලංකාව ඉතා සීඝ්‍රයෙන් තොරතුරු සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රයේ ඉහළට පියමන් කරමින් සිටින බව මෙහිදී කියා සිටි ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී රෙෂාන් දේවපුර මහතා ඒ බව ජාත්‍යන්තර වාර්තා මගින් පවා සනාථ කර තිබෙන බවද කීය.", "රාජ්‍ය අංශය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයෙන් සවිබල ගැන්වීම සදහා ශ්‍රි ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය විශාල දායකත්වයක් ලබා දී තිබෙන බව ද එය තව දුරටත් පුළුල් ලෙස සිදු කිරීමට පියවර ගනිමින් සිටින බවද රෙෂාන් දේවපුර මහතා වැඩිදුරටත් මෙහිදී සඳහන් කළේය." ]
6,564
ලසන්ත ඝාතනයට ෆොන්සේකාට චෝදනා
[ "සන්ඩේ ලීඩර් පුවත්පතේ කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනයට සම්බන්ධ කරමින් තමා අත්අඩංගුවට ගැනීමේ කූට සැලසුමක් ක්‍රියාත්මක වන බව ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා පවසයි.", "ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් මේ වන විට අත්අඩංගුවේ සිටින ආරක්ෂක අංශ නිලධාරියෙකුට විවිධ අකාරයෙන් බලපෑම් කරමින් එකී ඝාතනය තමාගේ මැදිහත්වීමෙන් සිදුවූවක් බවට ඔහුගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට උත්සාහ ගනිමින් සිටින බවට තමාට ආරංචි වී ඇතැයිද හෙතෙම කියා සිටියේය.", "අද සවස කොළඹ රාජකීය මාවතේ පිහිටි ෆොන්සේකා මහතාගේ කාර්යාලයේදී දැනට අත්අඩංගුවේ සිටින හමුදා නිලධාරීන්ගේ ඥාතීන් හා මාධ්‍යවේදීන් හමුවේ කරුණු දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.", "ආරක්ෂක ලේකම්වරයා සිය තනතුරේ කටයුතු අත්තනෝමතික ලෙස පාවිච්චි කරමින් සිටින බවත්,නූතන ඉඩි අමීන් කෙනෙකු පහළ වී දරුණු ඒකාධිපති පාලනයකට රට ගමන් කරමින් සිටින බවත් ෆොන්සේකා මහතා පැවසීය.", "තමන්ගේ කාර්යාල වලට පහරදීම්,ආධාරකරුවන්ට පහරදීම්,තම කාර්යාලයේ බඩු බාහිරාදිය පැහැර ගැනීම් හා විනාශ කිරීම් වලට අදාලව පැමිණිලි බාර ගැනීමටවත් පොලීසිය ක්‍රියා නොකළ බව ද ඔහු සිහිපත් කළේය.", "තම ජීවිතයට එල්ල වී ඇති තර්ජන මෙන්ම කුමන්ත්‍රණ පිළිබඳ ජාත්‍යනතර අධිකරණ මගින් හෝ සහනයක් ලබා ගැනීමට තමන් කටයුතු කරන බව හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය." ]
6,565
වේගවත්ම මිනිසා ශ්‍රීලංකාවට තවත් රන් ගෙනෙයි
[ "ශ්‍රීලාංකික මලල ක්‍රීඩක ෂෙහාන් අඹේපිටිය ආසියාවේ වේගවත්ම මිනිසා බවට පත්වෙමින් දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර් 100 තරඟ ඉසව්වෙන් රන් පදක්කම දිනා ගන්නට සමත් වී තිබේ.", "ඒ අද සවස බංග්ලාදේශයේ ඩකා අගනුවර සුප්‍රසිද්ධ ක්‍රීඩාංගණයේදීය. ඒ අනුව මෙම පදක්කමත් සමග දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ ශ්‍රීලංකාව දිනා ගත් රන් පදක්කම් සංඛ්‍යාව 14 දක්වා ඉහළ යයි." ]
6,566
සරත් ෆොන්සේකා අත්අඩංගුවට
[ "යුද හමුදා නීති උල්ලංඝණය කළ බවට වූ චෝදනා නිසා ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා යුද හමුදාව මගින් අත්අඩංගුවට ගත් බව හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ මහතා පවසයි.", "යුද රහස් හෙළිදරව් කරමින් හමුදා නීති උල්ලංඝණය කිරීම නිසාත්, ඔහුගේ ඇතැම් ප්‍රකාශ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහාත් මෙසේ අත්අඩංගුවට ගත් බව හෙතෙම අද දෙරණට කියා සිටියේය." ]
6,567
ෆොන්සේකා යුද අධිකරණයට
[ "ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා යුද හමුදා පොලීසිය විසින් අත්අඩංගුවට ගත් බව ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ලක්ෂ්මන් හුළුගල්ල මහතා පවසයි.", "ඔහු යුද හමුදාපතිවරයා ලෙස මෙන්ම ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා ලෙස කටයුතු කරන අවධියේම විරුද්ධවාදීන් මෙන්ම ආරක්ෂක හමුදාව යොදාගෙන රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක් දියත් කරමින් සිට බවට තොරතුරු ලැබී ඇතැයිද හෙතෙම සඳහන් කරයි.", "ජෙනරාල් ෆොන්සේකා එරෙහිව හමුදා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත්,එහිදී ඔහු‍ට එරෙහි චෝදනා වලට කරුණු ඉදිරිපත් කරන බවත් අධ්‍යක්ෂ ජෙනරාල්වරයා මාධ්‍යයට අද පවසා සිටියේය.", "සරත් ෆොන්සේකා මහතා කරන ලද ප්‍රකාශයන් හා නිර්මාණය කරන ලද තත්ත්වයන් නිසා ශ්‍රීලංකාව ජාත්‍යන්තර යුද අධිකරණය අබියසට කැඳවන තත්ත්වයක් උදාවූ බවද ඔහු කියා සිටියේය." ]
6,568
අවතැන් පිරිසක් නැවත පදිංචි කරයි
[ "කිලිනොච්චි දිස්ත්‍රික්කය තුළ තවත් අවතැන් වුවන් පිරිසක් අද දිනය තුළ පදිංචි කිරීමට සැලසුම් කර ඇතැයි ආපදා සහන සේවා හා නැවත පදිංචි කිරිමේ අමාත්‍යාංශය පවසයි.", "කිලිනොච්චි දිස්ත්‍රික්කයේ කරච්චි නගරය තුළ මෙම පිරිස පදිංචි කරන බව ‍අමාත්‍යාංශ‍ ලේකම් යු.එල්.එන් හල්දීන් මහතා සඳහන් කළේය. ඥාතීන්ගේ නිවෙස් වල රැඳී සිටි අවතැන් වු පවුල් 450 කට අයත් පුද්ගලයින් 1420 දෙනෙක් මෙසේ පදිංචි කිරීමට නියමිතය.", "ඒ අනුව පසුගිය දින කිහිපය තුළම ඥාතීන්ගේ නිවෙස්වල රැඳී සිටි අවතැන් වුවන් විශාල පිරිසක් යළි පදිංචි කරවීමට රජය පියවර ගෙන තිබේ." ]
6,569
මධ්‍යම රාත්‍රීයේ පාර්ලිමේන්තුව විසුරුවයි
[ "අද මධ්‍යම රාත්‍රීයේ දී පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නියමිත බව රජයේ දේශපාලන ආරංචි මාර්ග පවසයි.", "තෙදින නිල සංචාරය නිම කරමින් ජනපති මහින්ද රාජපක්ෂ මහතා දිවයිනට පැමිණීමෙන් පසු මෙම තීරණය ගනු ඇති බව වාර්තා වේ. පාර්ලිමේන්තුව විසුරුව‍ා හැරීම අති විශේෂ ගැසට් පත්‍රයක් මඟින් නිවේදනය කරනු ඇති බව ද රජයේ ආරංචි මාර්ග දක්වයි.", "2004 අප්‍රේල් 02 වන දින පැවති මහමැතිවරණයෙන් පසුව අප්‍රේල් මස 22 වන දින පාර්ලිමේන්තුව රැස්විය. ඒ අනුව දැනට පවතින පාර්ලිමේන්තුවේ නිල කාලය ලබන අප්‍රේල් මස 22 වන දායින් අවසන් වේ." ]
6,570
කාන්තාවක් ගිනි තබා ඝාතනය කරයි
[ "දොඩංගොඩ තිත්තවැල්ගොඩැල්ල ප්‍රදේශයේ නිවසක් තුළ දී කාන්තාවක් ගිනි තබා ඝාතනය කර තිබේ.", "ඊයේ පස්වරුවේ මෙම ඝාතනය සිදු කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතා ප්‍රකාශ කළේය. මෙසේ මිය ගොස් ඇත්තේ අවුරුදු 27 ක් පමණ වයසැති කාන්තාවකි.", "මෙම ඝාතනය සිදු කළ බවට සැකකෙරෙන පුද්ගලයා ප්‍රදේශයෙන් පළා ගොස් ඇති බව පොලීසිය පවසයි. දොඩංගොඩ පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි." ]
6,571
ග්‍රාමීය ජනතා සෞඛ්‍ය නැංවීමට වැඩසටහන්
[ "ග්‍රාමීය ජනතාවගේ සෞඛ්‍ය පහසුකම් නැංවීමේ අරමුණින් විශේෂ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.", "ඒ අනුව රෝහල් වල ග්‍රාමීය රෝහල් වල පහසුකම් නැංවීමට කටයුතු කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංහය පවසයි. මේ යටතේ ග්‍රාමීය රෝහල් සඳහා ඖෂධ සංයෝජකයින් 191 දෙනෙකුට නව පත්වීම් ලබා දී ඇත.", "ඊයේ පස්වරුවේ සෞඛ්‍ය අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා මෙම පත්වීම් ලබා දී ඇති බව ද සඳහන් වේ. ඔවුන් සියලු දෙනාම ග්‍රාමීය රෝහල් වලට අනියුක්ත කර තිබේ." ]
6,572
උතුරේ සිසුන්ට නිල ඇඳුම්
[ "උතුරේ යළි පදිංචි කළ ගම්මාන වල සිටින පාසල් සිසුන්ට අවශ්‍ය නිල ඇඳුම් රෙදි අද දිනයේ පිටත් කර හරින බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.", "ඒ අනුව වව්නියාව උතුර සහ වව්නියාව දකුණ යන ප්‍රදේශ වල අධ්‍යාපන කලාප වලට අයත් පාසල් වල සිසුන්ට මෙම නිල ඇඳුම් රෙදි ලබා දීමට නියමිතය. අද දිනයේ යවනු ලබන මෙම රෙදි තොගය පාසල් සිසුන් පනස්දහසකට බෙදා දීමට නියමිත අතර එහි වටිනාකම රුපියල් මිලයන 14 ක් බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.", "උතුරේ යළි පදංචි කළ ගම්මාන වල පාසල් වල සිටින සිසුන්ට යවන පළමු නිල ඇඳුම් රෙදි තොගය වන්නේ ද මෙම තොගයයි. මීට පෙර යාපනය සහ මන්නාරම යන ප්‍රදේශ වලට නිල අඳුම් රෙදි යැවූ බව ද අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කළේය." ]
6,573
මන්නාරමින් පුපුරන ද්‍රව්‍ය තොගයක්
[ "මන්නාරම පොලිස් වසමේ මූර්වීදීය , කාර්ටු පල්ලිය ප්‍රදේශයේ පාළු ඉඩමක සඟවා තිබූ පුපුරන ද්‍රව්‍ය ඇතුළු ‍බෝම්බ තොගයක් සොයා ගෙන තිබේ.", "කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් මෙම පුපුරණ දුව්‍ය සොයා ගෙන මන්නාරම පොලීසියට භාර දී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශ පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතා ප්‍රකාශ කළේය.", "එහි දී සී 4 වර්ගයේ අධි බලැති පුපුරණ ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 27, ග්‍රෑම් 741 ක් අඩංගු පාර්සල් 6 ක් , කිලෝග්‍රෑම් 02, ග්‍රෑම් 850 ක් බර පැති බෝම්බයක් සහ කිලෝග්‍රෑම් 1, ග්‍රෑම් 580 ක් බර පැති බෝම්බයක් සෙ‍ායා ගෙන තිබේ. ‍", "මේ අතර මුලතිව් වෙල්ලමුල්ලිවයික්කාල් දේවපුරම් ප්‍රදේශයේ වළ දමා තිබූ පුපුරණ දුව්‍ය ඇතුළු යුධ උපකරණ තොගයක් සොයා ගෙන ති‍බේ. විශේෂ ‍පොලිස් කණ්ඩායමක් සිදු කළ සෝදිසි මෙහෙයුමක දී මෙම උපකරණ සොයා ගෙන ඇති බව වාර්තා වේ. එහි දී සී 4 වර්ගයේ අධි බලැති පුපුරණ ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 2046 ක් , මිලිමීටර 14 . 5 උණ්ඩ 400 ක් මිලි මීටර 60 වර්ගයේ ෂෙල් උණ්ඩ 105 ක් , ස්වයංක්‍රීය පතරොම් තුවක්කුවක් ඇතුළු යුධ උපකරණ රැසක් සොයාගෙන ඇත." ]
6,574
ඩයිනමයිට් යොදා මසුන් මැරූ තිදෙනෙක් අත්අඩංගුවට
[ "ගාල්ල මහමෝදර ප්‍රදේශයේ දී ඩයිනමයිට් පුපුරණ ද්‍රව්‍ය යොදා මරණ ලද මසුන් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.", "ගාල්ල දිසා අපාරධ විමර්ශන ඒකකය සිදු කළ වැටලීමක දී මෙම පුද්ගලයින් තිදෙනා අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි. අත්අඩංගුවට ගත් මෙම පුද්ගලයින් ති‍දෙනා ලොරියකින් මාළු ප්‍රවාහනය කරමින් සිට ඇති බව සඳහන් වේ.", "එහි ඩයිනමයිට් පුපුරණ ද්‍රව්‍ය යොදා මරන ලද මසුන් සහිත මාළු පෙට්ටි 20 ක් තිබූ බව ගාල්ල පොලීසිය පවසයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ." ]
6,575
ඇෆ්ගනිස්ථානයේ පිපිරීමක්
[ "ඇෆ්ගනිස්ථානයේ සිදු වූ පිපිරීමකින් බ්‍රිතාන්‍ය සෙබළුන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වී තිබේ.", "ස්කෝට්ලන්ඩ් රාජකීය රෙජිමේන්තුවේ පළමු පෙළ සෙබළුන් දෙදෙනෙකු මෙසේ මිය ගොස් ඇති බව එරට ආරක්ෂක අමාත්‍යාංශය පවසයි. ඇෆ්ගනිස්ථානයේ හෙල්මන්ඩ් ප්‍රාන්තයේ සැන්ගින් ප්‍රදේශයේ මෙම පිපිරීම සිදු වී තිබේ.", "2001 වසරේ සිට මේ දක්වා ගත වූ කාලය තුළ බ්‍රිතාන්‍ය සෙබළුන් 225 දෙනෙකු ඇෆ්ගනිස්ථා‍නයේ දී මිය ගොස් ඇති බව වාර්තා වේ." ]
6,576
මෝටර් රථ අනතුරු දෙකක්
[ "අම්බලන්ගොඩ අකුරළ ප්‍රදේශයේ දී වෑන් රථයක් සහ ත්‍රී රෝද රථයක් ගැටීමෙන් සිදු වූ රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වී ති‍බේ.", "ඊයේ පස්වරුවේ මෙම අනතුර සිදු වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතා සඳහන් කළේය. අනතුරින් මිය ගොස් ඇත්තේ ත්‍රී රෝද රථයේ පිටුපස ගමන්ගත් කුරුඳුවත්ත බටපොල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් දෙදෙ‍නෙකි. ත්‍රි රෝද රථයේ රියදුරු තුවාල ලබා ඇති අතර ඔහු වැඩි දුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.", "මේ අතර කොළඹ මීගමුව ප්‍රධාන මාර්ග‍‍යේ දඬුගම ප්‍රදේශයේ දී යතුරු පැදියක් සහ බස් රථයක් එකිනෙක ගැටීමෙන් සිදු වූ අනතුරකින් යතුරුපැදිකරු ජීවිතක්ෂයට පත් වී තිබේ. මෙසේ මිය ගොස් ඇත්තේ රාගම පොලීසියට අනියුක්තව සේවය කළ පොලිස් සැරයන්වරයෙකු බව වාර්තා වේ. බස් රථ‍ෙය් රියදුරු අත්අඩංගු‍වට ගෙන ඇති අතර ඔහු අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය." ]
6,577
රජරට මිරිදිය මසුන් වඳවීමේ තර්ජනයක
[ "මාතලේ සහ රජරට ප්‍රදේශ වල වැව් සහ ජලාශ අශ්‍රීත මිරිදිය මත්ස්‍ය සම්පත වඳ වී යාමේ අවධානමක් මතුව තිබේ.", "ආක්‍රමණික ජලජ පැලෑටි වැව් සහ ජලාශ වල පිරීයාම මෙම අවධානමට හේතුව බව පරිසරවේදීන් පවසයි. මේ වන විට ආක්‍රමණික ජලජ පැලෑටි වර්ග 13 ක් පමණ වැව් සහ ජලාශ වල දක්නට ලැබෙන බව ද ඔවුන් පෙන්වාදෙයි.", "එමඟින් ජලාශ ආශ්‍රිත ජෛව විවිධත්වයට අහිතකර බලපෑමක් එල්ල වී තිබේ. මෙම ජලජ පැලෑටි පැතිර යාම හේතුවෙන් ජල ධාරිතාවට ද බලපෑමක් ඇති කළ හැකි බව පරිසරවේදීන් අවධාරණය කරයි." ]
6,578
ඕස්ට්‍රේලියා කොදෙව් දෙවන එක්දින තරගය අද
[ "ඕස්ට්‍රේලියාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන එක්දින තරගය අද ඕස්ට්‍රේලියාවේ ඇඩ්ලේඩ් හී දී පැවැත්වේ.", "දෙරට අතර පැවති පළමු තරගය ලකුණු 113 කින් ජය ලබා ගැනීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමත්විය. ඕස්ට්‍රේලියාව සහ බටහිර ‍ඉන්දීය‍ කොදෙව් කණ්ඩායම් අතර එක්දින තරග 5 ක් පැවැත්වීමට නියමිතව ඇත. දෙරට අතර පැවති ටෙස්ට් තරගාවලිය ද 2 ට බින්දුවක් ලෙස ඕස්ට්‍රේලියානු කණ්ඩායම ජය ලබාගත්තේය." ]
6,579
ලංකාවට රන් 16ක්
[ "11 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ ශ්‍රි ලංකාව ලබාගත් රන් පදක්කම් සංඛ්‍යාව 16 දක්වා ඉහළ ගොස් තිබේ. ඒ ඊයේ ලබා ගත් රන් පදක්කම් තුනත් සමඟය.", "මීටර 100 ධාවන තරගයෙන් ශෙහාන් අඹේපිටිය ද , දුර පැනීමේ ඉසව්වෙන් චාමලී දිල්රුක්ෂි ද , කාන්තා කිලෝග්‍රෑම් 57 ට අඩු බර පන්තියේ ටයි‍කොන්ඩෝ තරගයෙන් ෆාතිමා කේෂියා ද රන් පදක්කම් දිනාගනු ලැබීය. ඒ අනුව තවමත් ශ්‍රී ලංකා කණ්ඩායම පදක්කම් සටහනේ සිව්වන ස්ථානයේ‍් රැඳී සිටියි.", "තරග‍ාවලියේ අවසන් දිනය අදය." ]
6,580
ෆොන්සේකා ගැන අමෙරිකාව සෙවිල්ලෙන්
[ "ජනාධිපති අපේක්ෂක සරත් ෆොන්සේකා මහතා අත්අඩංගුවට ගැනීම යුද්ධයෙන් මුදාගත් රට තුළ යළි බෙදුම්වාදී තත්ත්වයක් ඇතිකිරීමට අහිතකර අන්දමින් බලපෑ හැකි යැයි අමෙරිකා එක්සත් ජනපදය අනතුරු අඟවයි.", "මෙම තත්ත්වය සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ගයන් ශ්‍රී ලාංකීය නීතියට අනුගතවේද යන්න පිළිබඳව තම දැඩි අවධානය යොමුකරන බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තුමේන්තුවේ ප්‍රකාශක පිලිප් ක්‍රොව්ලි මහතා AFP වෙත ප්‍රකාශයක් කරමින් සඳහන් කර ඇත. එමෙන්ම එම ක්‍රියා මාර්ග ගතයුත්තේ ශ්‍රි ලංකාවේ ජන සමාජය තුළ අර්බුදකාරී තත්ත්වයක් ඇතිනොවන අන්දමට බව ද ඔහු එහිදී අවධාරණය කර තිබේ.", "යුද හමුදා නීති උල්ලංඝණය කළ බවට වූ චෝදනා නිසා ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා මෙසේ යුද හමුදාව මගින් අත්අඩංගුවට ගත් බව හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ මහතා ප්‍රකාශ කර සිටියේය." ]
6,581
නාමල් මහ මැතිවරණයට
[ "ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ වැඩිමහල් පුත් නාමල් රාජපක්ෂ මහතා ඉදිරි මහ මැතිවරණය සඳහා ඉදිරිපත්වීම සඳහා අද එක්සත් ජනතා නිදහස් සන්ධානය මගින් සම්මුඛ පරීක්ෂණයට භාජනය කළ බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.", "එක්සත් ජනතා නිදහස් සන්ධානය එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයින්ගේ නාම යෝජනා සැකසීමේ කමිටු මේ වන විටත් පත් කර අවසන් බව සඳහන් වේ.. එම කමිටු මේ වන විට දිස්ත්‍රික්ක කිහිපයකම අපේක්ෂකයින් කැඳවා සම්මුඛ පරීක්ෂණ පවත්වා ඇති අතර මෙම නාම යෝජනා කමිටු වල සභාපතීත්වය දරනු ලබන්නේ අග්‍රාමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මහතා විසිනි. ජනාධිපතිවරයාගේ වැඩිමහල් පුත් නාමල් රාජපක්ෂ බෙහෝ දුරට හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් තරග වදින බව තොරතුරු වාර්තා වේ." ]
6,582
සැමියා ගැන තොරතුරක් දෙන්නැයි අ‍නෝමා ඉල්ලයි
[ "ඊයේ රාත්‍රී 9.30 ට පමණ පැමිණි හමුදා නිලධාරීන් විසින් තම සැමියා බලහත්කාරයෙන් රැගෙන ගිය බවත්, මේ වනතුරුත් ඔහු රඳවා සිටින තැනක් පිළිබඳවවත් තමා නොදන්නා බවත්, සරත් ෆොන්සේකා මහතාගේ බිරිඳ වන අනෝමා ෆොන්සේකා මහත්මිය පවසයි.", "කොළඹ, ක්වීන්ස් පාරේ පිහිටි ඔවුන්ගේ නිවසේ අද පැවති මාධ්‍ය හමුවකදී ෆොන්සේකා මහත්මිය මේ බව සඳහන් කළාය.", "එමෙන්ම දිවි පරදුවට තබා වසර 30ක කාලයක් තිස්සේ කොටි ත්‍රස්තවාදීන්ට එරෙහිව සටන් කළ තම සැමියා කළ මෙහෙවර වෙනුවෙන් ඔහුට කෘතගුණ සලකන්නේ මෙසේ දැයි ඒ මහත්මිය විමසා සිටියාය. යුධ හමුදාව යනු නීති ගරුක පිරිසක් බව තමා විශ්වාස කළ බවත්, නමුත් මෙම සිදුවීම නිසා එය පිළිගත නොහැකි බව ද ඇය වැඩිදුරටත් අවධාරණය කළාය.", "තම සැමියා පිළිබඳ තොරතුරක් දැනගැනීමට උපකාර කරන ලෙස ඉල්ලා සිටි ඇය මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය නිසා ඇතිවූ අසනීප තත්ත්වයට ෆොන්සේකා මහතා තවමත් ප්‍රතිකාර ලබාගන්නා බවත්, ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පිළබඳව සොයාබැලීමට නොහැකිවීම නිසා තමා කණගාටුවට පත්වන බවත් කියා සිටියාය." ]
6,583
ඇමති මහින්ද අද එ.ජා මහ කොමසාරිස් හමුවෙයි
[ "ආපදා කළමනාකරණ හා මානව හිමිකම් අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ මහකොමසාරිස්වරයා හමුවීමට නියමිතව තිබේ.", "උතුරු නැඟෙනහිර ප්‍රදේශ වල අවතැන් ව සිටි ජනතාව යළි පදිංචි කිරීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ මහකොමසාරිස් ඇන්ටෝනියෝ ගු‍ටායිනෝ මහතා සමඟ සමරසිංහ මහතා සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තා වේ. මානූෂීය මෙහෙයුමෙන් පසු අවතැන් වූ ජනතාව යළි පදිංචි කරවීමේ දී ශ්‍රී ලංකා රජය ලබා ඇති ප්‍රගතිය මෙහි දී සමරසිංහ මහතා විසින් පැහැදිලි කරනු ඇතැයි සඳහන් වේ.", "මහින්ද සමරසිංහ අමාත්‍යවරයා ජිනීවා බලා පිටත් වූයේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් නවනීදන් පිල්ලේ මහත්මිය හමුවීමේ අරමුණින් බව අමාත්‍යංශ ආරංචි මාර්ග දක්වයි.", "ජනාධිපතිවරණ කාලසීමාව තුළ සරත් ෆොන්සේකා මහතා සිදු කළ ඇතැම් ප්‍රකාශ සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය එක්සත් ජාතීන්‍ වෙත දැන්වීම මෙම සංචාරයේ ප්‍රධාන අරමුණ වී තිබේ." ]
6,584
ප්‍රජාතන්ත්‍රවාදයට මරු පහරක්
[ "ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා නීති විරෝධී ලෙස අත්අඩංගුවට ගැනීම ප්‍රජාතන්ත්‍රවාදයටත්,ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවටත්,රටේ නීතියටත් එල්ල කෙරුණු මරු පහරක් බව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.", "එක් එක් අවස්ථාවල විවිධ චෝදනා නැඟීම හැර සරත් ෆොන්සේකා මහතා පිළිබඳව ආණ්ඩුව පැහැදිලි ප්‍රකාශයක් කර නැතැයි හෙතෙම කියා සිටියි. ආණ්ඩුව චෝදනා නඟන ආකාරයේ ආණ්ඩුවට එරෙහි කුමන්ත්‍රණයක් සරත් ෆොන්සේකා මහතා විසින් දියත් කර නොමැති බවත්,එවැනි චෝදනාවක් හෝ ඇත්නම් ක්‍රියා කළ යුත්තේ පොලීසිය මිස හමුදාව නොවන බවත් රනිල් වික්‍රමසිංහ මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබේ.", "ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා අත්අඩංගුවට ගැනීමට කිසිදු නීතිමය පදනමක් නොමැති බව අවධාරණය කරන විපක්ෂ නායකවරයා ආණ්ඩුව අනුගමනය කරනු ලබන ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවන්ට විරෝධය පළ කරන බවත්,ෆොන්සේකා මහතා නිදහස් කර ගැනීමේ අරගලය ආරම්භ කරන බවත් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ." ]
6,585
OMC ඒෂියා කප් විවෘත 2010 ශූරතාවය මාර්තු මස ශ්‍රී ලංකාවේදී
[ "ආසියානු කලාපයේ පමණක් නොව ලෝකයේ ප්‍රමුඛතම කේෂාලංකාර නිරූපණය වන Orgarnisation Mondiale Coiffure (OMC) ඒෂියා කප් විවෘත 2010 ශූරතාවය ශ්‍රී ලංකාවේ මාර්තු මාසයේදී පැවැත්වීමට නියමිතය.", "මාර්තු මස 7 සහ 8 යන දිනවල සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී එය පැවැත්වේ. මෙම කාර්යය සංවිධානය කරනු ලබන්නේ ශ්‍රී ලංකා කොණ්ඩා මෝස්තර සහ රූපලාවන්‍ය ශිල්පීන්ගේ සංගමය මගිනි. ජපානය, දකුණු කොරියාව, පිලිපීනය, ඉන්දියාව, චීනය, හොංග් කොංග්, සිංගප්පූරුව, තායිලන්තය, පාකිස්ථානය, ඉන්දුනීසියාව සහ මැලේෂියාව ඇතුළු රටවල් 15කට වැඩි සංඛ්‍යාවක කණ්ඩායම් මේ සඳහා සහභාගි වේ.", "මෙම තරඟාවලිය සඳහා City and Guides(අධ්‍යාපන), Nature`s Secrets(වෘත්තීය සම සුරැකුම් කාණ්ඩය), Pro Spot(ජෙල්), L`Oreal(කේෂාලංකරණ වර්ණ), Glamours(වෘත්තීය උපකරණ සැපයුම්කරු) ආදී වෙළඳ නාම අනුග්‍රහය ලබාදේ. එසේම ජාතික උකස් හා ආයෝජන බැංකුව අනුග්‍රාහකත්වය මෙන්ම දෙරණ රූපවාහිනිය සහ සියත, රියල් හා වෙට්රි ගුවන් විදුලි සේවාවන් විද්්‍යුත් මාධ්‍ය අනුග්‍රාහකත්වය ලබා දේ. නිල ගුවන් සේවා අනුග්‍රාහකත්වය ලබාදෙන්නේ කිංග්ෆිෂර් ගුවන් සේවාවයි.", "ඉතාම තරඟකාරී අංශ වන කාන්තා හා පිරිමි කොණ්ඩා මෝස්තර තරඟ ආදියෙන් මෙම ශූරතාවය සමන්විතය. ඊට අමතරව මනාලියන්ගේ කොණ්ඩා මෝස්තර හා මේක් අප්, ස්ටේජ් මේක් අප්, ෆැන්ටසි කොණ්ඩා මෝස්තර හා නිය මාදිලි ආදිය ද තරඟාවලියට අයත්ය. අවුරුදු 25ට අඩු ආධුනිකයන් සඳහා කනිෂ්ට අංශය විවෘතය. ශ්‍රී ලංකා කොණ්ඩා මෝස්තර සහ රූපලාවන්‍ය ශිල්පීන්ගේ සංගමයේ ආරම්භක සභාපති නයනා කරුණාරත්න මහත්මියගේ විශේෂ ඉල්ලීම පරිදි ඒෂියා කප් විවෘත ශූරතාවය සඳහා මනාලියන්ගේ කොණ්ඩා මෝස්තර හා මේක් අප් අංශයෙන් ද තරඟ ඇතුළත් කර ඇත.", "කරුණාරත්න මහත්මිය පවසන පරිදි ආසියානු කලාපයේ අතිශය දක්ෂතාවයන් ප්‍රදර්ශනය වන මෙම කාර්යය තරඟකරුවන්ට ඉතා වැදගත් වේ. එසේම මේ සඳහා සෑමදෙනාටම සහනකාරී මිල ගණන් යටතේ සම්බන්ධ විය හැකිය. මෙම වසරේ (OMC) කමිටුව සජීවි නිරූපිකාවන් වෙනුවට ආදර්ශයන් යොදාගෙන තරඟ පැවැත්වීමට ඉඩ ලබා දී ඇත. මෙම කාර්යය තරඟකරුවන්ට මෙන්ම නරඹන්නන්ටද විවෘතය. ශ්‍රී ලංකා කොණ්ඩා මෝස්තර සහ රූපලාවන්‍ය ශිල්පීන්ගේ සංගමයේ ශ්‍රී ලංකා සාමාජිකයන්ට ඔවුන්ගේ සාමාජික කාඩ්පත් ඉදිරිපත් කිරීමෙන් OMC ඒෂියා කප් විවෘත 2010 ශූරතාවයෙහි දින දෙක සඳහාම නොමිලේ ඇතුල්වීමේ හැකියාව ඇත. OMC ඒෂියා කප් විවෘත 2010 ශූරතාවය පිළිබඳ වැඩි විස්තර හා අයදුම්පත් [email protected], [email protected] හෝ දුරකථන අංක 0112- 596221 ලබාගත හැකිය." ]
6,586
ෆොන්සේකා ගැනීම නීතියට එකඟයි
[ "ආරක්ෂක හමුදාවේ සේවය කළ සොල්දාදුවෙකු හෝ නිලධාරියෙකු සේවයෙන් විශ්‍රාම ගිය පසු වුවද මාස 06 ක කාලයක් තුළ ඔහු ‍හෝ ඇය සේවය කරන කාලයේ කළ වැරදි සම්බන්ධයෙන් වුව යුද හමුදා පොලීසිය මගින් අත්අඩංගුවට ගත හැකි බව රජයේ ආරක්ෂක ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.", "හමුදා පනතේ 57 වන වගන්තියේ සඳහන් එකී විධිවිධාන වලට අනුව ‍ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා සම්බන්ධයෙන් කටයුතු කරන බව ද හෙතෙම කියා සිටියේය.", "සරත් ෆොන්සේකා මහතා හමුදාපති ධූරයේ මෙන්ම ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ධූරයේ කටයුතු කරන කාලයේ කරන ලද දේශපාලන කුමන්ත්‍රණ මෙසේ අත්අඩංගුවට ගැනීමට හේතු වූ බව අද සවස පැවති මාධ්‍ය හමුවේදී ඇමතිවරයා පැවසීය.", "මේ වන විට ෆොන්සේකා මහතා සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණ පවත්වාගෙන යන බවත්,ඉදිරියේදී චෝදනා ගොනු කර නීතිපති දෙපාර්තමේන්තුවේද උපදෙස් මත ක්‍රියා කරන බව ද රඹුක්වැල්ල මහතා වැඩිදුරටත් සඳහන් කළේය." ]
6,587
පාර්ලිමේන්තුව විසුරුවා හැරෙයි
[ "අද මධ්‍යම රාත්‍රීයේ සිට බල පැවැත්වෙන පරිදි පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබේ. ඊට අදාල ගැසට් නිවේදනය මේ වන විටත් නිකුත් කර ඇති බව ජනාධිපති ලේකම් කාර්යාලය සඳහන් කරයි. ඒ අනුව ශ්‍රීලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 6 වන පාර්ලිමේන්තුවේ නිල කාලය මේ වන විට අවසන් වී තිබේ." ]
6,588
ෆොන්සේකා ගැන රතු කුරුසෙට ඉල්ලීමක්
[ "හමුදා අත්අඩංගුවේ පසුවන විශ්‍රාමික ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා සමග සබඳතාවක් ඇති කර දෙන ලෙස ඔහුගේ පවුලේ සාමාජිකයින් ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයෙන් ඉල්ලීමක් කර තිබේ.", "එම ඉල්ලීමට අනුව ෆොන්සේකා මහතා සහ ඔහුගේ පවුලේ සාමාජිකයින් අතර සබඳතාවක් ඇති කිරීමට උත්සාහ දරන බව ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයේ ප්‍රකාශිකා සරසි විජේරත්න මහත්මිය පැවසුවාය.", "මේ පිළිබඳ අදාල බලධාරීන් සමග සාකච්ඡා කරමින් සිටින බව සරසි විජේරත්න මහත්මිය කියා සිටියාය. එහෙත් මේ වන විටත් එම උත්සහය සාර්ථක වී නොමැති බව ඇය තවදුරටත් ප්‍රකාශ කළාය.", "කෙසේ වෙතත් ඊයේ පැවති මාධ්‍ය හමුවකදී යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජනරාල් ප්‍රසාද් සමරසිංහ මහතා ප්‍රකාශ කළේ ෆොන්සේකා මහතාගේ පවුලේ සාමාජිකයෙකුට ඔහුව හමුවීම සදහා අවස්ථාව ලබා දී ඇති බවයි." ]
6,589
ඊයේත් ෆොන්සේකා හමුවුණා-හමුදා ප්‍රකාශක
[ "ජෙනරාල් සරත් ෆොන්සේකාගේ බිරිඳ වන අනෝමා ෆොන්සේකා මහත්මිය හා නීතිඥ විජේදාස රාජපක්ෂ යන අය ඊයේ දිනයේ සරත් ෆොන්සේකා මහතා හමුවූ බව හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ මහතා පවසයි." ]
6,590
රුසියාවෙන් ශ්‍රීලංකාවට ශිෂ්‍යත්ව වැඩිකරයි
[ "ශ්‍රී ලාංකික සිසුන්ට ලබාදෙන ශිෂ්‍යත්ව ප්‍රමාණය වැඩි කිරිමට රුසියාව එකඟත්වය පළ කර තිබේ. මොස්කව් විශ්ව විද්‍යාලයේ උපකුලපති හා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර පැවති සාකච්ඡාවකදී ඊට අදාල එකඟතාවයට පැමිණ ඇති බව සඳහන් වේ..", "ඒ අනුව වෛද්‍ය ‍, ඉංජිනේරු සහ වෙනත් පාඨමාලා සඳහා ශ්‍රීලංකාවේ ‍සිසුන්ට ඉදිරි‍යේදී වැඩි අවස්ථා හිමිවනු ඇති බවත්,මොස්කව් විශ්ව විද්‍යාලය සමග උසස් අධ්‍යාපන අමාත්‍යාංශය සහ අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව මීට අදාල වැඩපිළිවෙළ සකස් කිරීමට නියමිතව ඇත.", "එමෙන්ම ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රය සඳහා තොරතුරු තාක්ෂණය ව්‍යාප්ත කිරීමට අවශ්‍ය සහයෝගය ලබාදීමට ද රුසියානු රජය එකඟත්වය පළ කර ඇත." ]
6,591
විරුද්ධ පාක්ෂිකයා වසර 5 ක් හිරේ
[ "ඉරානයේ විරුද්ධ පක්ෂ ක්‍රියාකාරිකයෙකුට වසර 5 ක සිර දඬුවමක් නියම වී තිබේ. පසුගිය වසරේ පැවති ජනාධිපතිවරණයට එරෙහිව උද්ඝෝෂණ පැවැත්වීම සහ එය සංවිධානය කිරීම ඔහුට එරෙහිව එල්ල වී තිබු චෝදනා වේ.", "හිටපු කර්මාන්ත අමාත්‍යවරයෙකු වන මොහු ඉරාන අධිකරණය මගින් ජනාධිපතිවරණයට එරෙහිව උද්ඝෝෂණ පැවැත්වීම හේතුවෙන් සිරගත කෙරුණු දෙවැනි විපක්ෂ ක්‍රියාකාරිකයා විය.", "ඊට අමතරව තවත් උද්ඝෝෂකයින් 8 දෙනෙකුට සිරදඬුවම් නියම කිරීමට ඉරාන අධිකරණය පියවරගෙන ඇති බව සඳහන් වේ. පසුගිය මාසයේදී උද්ඝෝෂකයින් දෙදෙනෙකු එල්ලා මරා දැමීමට ඉරාන අධිකරණය නියෝග කර තිබුණි.", "ජනාධිපතිවරණයට එරෙහිව උද්ඝෝෂණ පැවැත්වීම දෙවියන්ට එරෙහිව යුද ප්‍රකාශ කිරීමක් ලෙස සලකමින් අධිකරණය එම ‍නියෝගය ලබාදුන් බව සඳහන් වේ." ]
6,592
එක්සත් ජාතීන් අවධානයෙන්
[ "ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට අත්වූ ඉරණම පිළිබඳ තම අවධානයට ලක් වී ඇති බව එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බැන් කී මූන් මහතා පවසා තිබේ.", "මහ ලේකම්වරයාගේ ප්‍රකාශකයා වන මාර්ටින් නෙසර්කි පවසන පරිදි ශ්‍රීලංකාවේ මෙම සිදුවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන් සැලකිලිමත් බව බවත්,රජය නීතිමය ක්‍රියා මාර්ග ගන්නා අතරතුරදී ෆොන්සේකා මහතාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ද අවධානය යොමු කළ යුතු බව මහ ලේකම්වරයාගේ අදහස වී ඇත.", "එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා නුදුරේදීම මේ සම්බන්ධයෙන් ශ්‍රීලංකා ජනාධිපතිවරයා සමග සාකච්ඡා කරනු ඇති බවද මහ ලේකම්වරයාගේ ප්‍රකාශකයා සඳහන් කරයි.", "පශ්චාත් මැතිවරණ සමයේ ප්‍රචණ්ඩ ක්‍රියා අවම කර ගනිමින් සාමකාමී වාතාවරණයක් ගොඩනැඟීම ත්‍රස්තවාදය තුරන් කළ රටක ස්ථීරසාර සාමයක් ගොඩනැඟීමට හේතු සාධක වන බව ද,එළඹෙන මහ මැතිවරණය නිදහස් හා සාමකාමීව පැවැත්විය යුතු බවද මහ ලේකම්වරයා පෙන්වා දී තිබේ." ]
6,593
නාම යෝජනා පෙබරවාරි 19-26
[ "පාර්ලිමේන්තු මැතිවරණය සදහා නාම‍ යෝජනා බාර ගැනීම පෙබරවාරි මස 19 වැනිදා සිට 26 වැනිදා දක්වා සිදුකෙරේ. මහ මැතිවරණය අප්‍රියෙල් මස 8 වැනිදා පැවැත්වීමට නියමිතව ඇති අතර 7 වැනි පාර්ලිමේන්තුව අප්‍රියෙල් 22 වැනිදා රැස්වීමට නියමිතව තිබේ. ඊට අදාල ගැසට් නිවේදනය ඊයේ රාත්‍රි නිකුත් කෙරුණු අතර මේ වන විට 6 වන පාර්ලිමේන්තුව ඊයේ මධ්‍යම රාත්‍රියෙන් විසුරුවා හැරුණි." ]
6,594
නගරාධිපතිට පාට් දමා අත්හිටවූ සිරදඬුවම්
[ "හලාවත නගරාධිපති හිලරි ප්‍රසන්න ප්‍රනාන්දු මහතාට ගිනි අවියක් පෙන්වා මරණීය තර්ජන එල්ල කර ඔහුගේ මෝටර් රථයට පහර දී අලාභ හානී සිදුකළ පුද්ගලයෙකුට මාස 6 ක අත්හිටවු සිර දඬුවමක් නියම වී තිබේ..", "මෙම නියෝගය ලබා දුන්නේ හලාවත දිසා විනිසුරු කේ.පාක්‍යසුන්දරම් මහත්මිය විසිනි.", "පසුගිය ව‍සරේ දෙසැම්බර් 13 වැනි දින හෝ ඊට ආසන්න දිනක හලාවත නගාරධිපතිවරයාට මරණිය තර්ජනය එල්ල කළ බවට ඔහුට එරෙහිව ‍චෝදනා එල්ල වී තිබුණි.", "අදාල නඩුව කැඳවු අවස්ථාවේදී ‍ විත්තිකරු චෝදනා දෙකටම වරද පිළිගෙන තිබේ." ]
6,595
ෆොන්සේකා වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්
[ "ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා රඳවා තබා ගැනීමට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව නීතිඥ විජේදාස රාජපක්ෂ මහතා පවසයි.", "ඒ සඳහා මූලික කටයුතු මේ වන විටත් සූදානම් බව හෙතෙම අද දෙරණ කළ විමසීමකට පිළිතුරු දෙමින් කියා සිටියේය..", "ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට පැය 24 ක කාලයක් අත්‍යවශ්‍ය ඖෂධ පවා නොමැතිව සිර කරගෙන සිටි බවත්,තමා ඊයේ අවශ්‍ය කරන ඔෂධ රැගෙන යන තෙක් ඒ පිළිබඳව සැලකිල්ලක් නොදක්වා ඇති බවත් හෙතෙම සඳහන් කළේය." ]
6,596
මිනුවන්ගොඩ ත් ආයුධ
[ "මිනුවන්ගොඩ එල්ලග්ගල ප්‍රදේශයේ නිවසක් තුළ සඟවා තිබු ආයුධ තොගයක් සොයාගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ප්‍රිශාන්ත ජයකොඩි මහතා පැවසුවේ ඊයේ පස්වරුවේ මිනුවන්ගොඩ පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම ආයුධ තොගය සොයා ගත් බවයි.", "කානු දෙකේ තුවක්කු 5ක් , මිලිමීටර් 22 ගිනි අවියක් , එයාර් ගන් අවි දෙකක් , රයිෆලයක් , මිලිමීටර් 22 උණ්ඩ 110 ක් , මිලිමීටර් 38 උණ්ඩ 65 ක් , මිලිමීටර් හතයි දශම හයයි පහ වර්ගයේ උණ්ඩ 40 ක් එසේ ආයුධ අතරට අයත් වේ.", "මේ සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.." ]
6,597
ෆොන්සේකා අත්අඩංගුවට ගැනීමෙන් හානියක් නෑ
[ "විශ්‍රාමික ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා අත්අඩංගුවට ගැනීමෙන් ශ්‍රී ලංකාවේ දේශපාලන ස්ථායිභාවයට බලපෑමක් නොවන බව ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ප්‍රසාද් කාරියවසම් මහතා පවසයි.", "ඔහු පවසන පරිදි සරත් ෆොන්සේකා මහතා ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු වීමත් අත්අඩංගුවට ගැනීමත් අතර සබඳතාවක් නොමැත.", "සරත් ෆොන්සේකා මහතා හමුදා නිලධාරියෙකුව සිටියදී සිදුකරන ලදැයි පැවසෙන අයථා චෝදනා සම්බන්ධයෙන් මොහු අත්අඩංගුවට ගත් බව ප්‍රසාද් කාරියවසම් මහතා කියා සිටියි.", "ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ප්‍රසාද් කාරියවසම් මහතා විදෙස් මාධ්‍යකට කරන ලද ප්‍රකාශයක සඳහන් වන්නේ දෙමළ ජනතාවගේ ගැටලු සඳහා බලය බෙදා හැ‍රීමේ දේශපාලන විසඳුමක් පිළිබඳ දැනටමත් ශ්‍රී ලංකා රජයේ අවධානය යොමුව ඇති බවයි." ]
6,598
සත්‍යග්‍රහයට ගල් මුල් ප්‍රහාරයක්
[ "අලුත්ක‍ඩේ උසාවිය ඉදිපිට පැවැත්වෙන සත්‍යග්‍රහයට ගල් මුල් ප්‍රහාරයක් එල්ල වෙමින් පවතින බව ජ.වි.පෙ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.", "සාමකාමී සත්‍යග්‍රහයක් පවත්වද්දී උසාවිය ඉදිරිපිටදීම ගල් මුල් ප්‍රහාර එල්ල කරන විටත් පොලීසිය නිහඬව සිටීම ඉතා කනගාටු වන බවද හෙතෙම කියා සිටියේය.", "ආණ්ඩුවේ පළාත් සභා මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුගේ මෙහෙයවීමෙන් ඔවුන්ගේ මැර කණ්ඩායම් විසින් මෙම ප්‍රහාරය එල්ල කරන බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.", "ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා අත්අඩංගුවට ගැනීමට එරෙහිව අද පෙරවරුවේ අලුත්කඩේ උසාවිය ඉදිරිපිට විපක්ෂයේ පිරිස් විසින් සත්‍යග්‍රහයක් පවත්වන ලදී.", "පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතාගෙන් අද දෙරණ මේ සම්බන්ධයෙන් විමසූ කළ ඔහු පවසා සිටියේ කෙසෙල්වත්ත පොලීසියෙන් කිසිදු සිදුවීමක් වාර්තා වී නැති බවයි." ]
6,599
සත්‍යග්‍රහයට කඳුළු ගෑස්
[ "අලුත්කඩේ උසාවිය ඉදිරිපිට පැවැත්වූ සත්‍යග්‍රහයට පොලීසිය විසින් කඳුළුගෑස් ප්‍රහාරයක් එල්ල කර විසුරුවා ඇතැයි අද දෙරණ වාර්තාකරු සඳහන් කරයි.", "සත්‍යග්‍රහය පැවැත්වෙන විට එතැනට පැමිණ මැර පිරිසක් හා ගැටුමක් ඇතිවූ බවත්,එකී ගැටුම මැඩ පැවැත්වීම සඳහා මෙසේ කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළ බවත් හෙතෙම පවසයි.", "ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා රඳවා තබා ගැනීමට එරෙහිව විපක්ෂයේ පිරිස් විසින් මෙම සත්‍යග්‍රහය පවත්වනු ලැබිණි." ]
6,600
කොළඹින් මහ පුටුවක් හැලෙයි
[ "ඉදිරි මහ මැතිවරණයේ දී කොළඹ දිස්ත්‍රික්කය සඳහා එක් මන්ත්‍රී ආසනයක් අඩුවන බව මැතිවරණ මහලේකම් කාර්යාලය පවසයි.", "අතිරේක මැතිවරණ කොමසාරිස් ඩබ්ලිව්.පී. සුමනසිරි මහතා පවසන පරිදි පසුගිය මහ මැතිවරණයේ දී කොළඹ දිස්ත්‍රික්කය සඳහා මන්ත්‍රීවරුන් විසි දෙනෙකු ‍තෝරා පත්කර ගත්ත ද මෙවර තෝරා පත්කරගැනෙන්නේ මන්ත්‍රීවරුන් 19 දෙනෙකු පමණකි.", "මන්ත්‍රීවරුන් සංඛ්‍යාව තීරණය කිරීම ලියාපදිංචි ඡන්ද දායකයින්ට අනුරූපව සිදුවන අතර මෙවර කොළඹ දිස්ත්‍රික්කයේ ලියාපදිංචි ඡන්ද දායකයින් සංඛ්‍යාව අඩුවීම මෙලෙස එක් ආසනයක් අඩුවීමට හේතු වී ඇති බව වාර්තා වේ.", "ද්විත්‍ව ලියාපදිංචියක් සහිත වූ ඡන්දදායකයින් එක් ලියාපදිංචියකට සීමා කිරීමත් සමග කොළඹ දිස්ත්‍රික්කයේ ඡන්දදායකයින් සංඛ්‍යාව අඩු වී ඇති බව සඳහන් වේ.", "ඒ අනුව අදාළ මන්ත්‍රී ධුරය අනුරාධපුර දිස්ත්‍රික්කය සඳහා ඇතුළත් කෙරෙන අතර ඒ සමග අනුරාධපුර දිස්ත්‍රික්කය සඳහා මන්ත්‍රීවරුන් 9 දෙනෙකු තෝරා පත් කරගැනීමට නියමිත වේ." ]
6,601
හොඳම සාක්ෂිය ටිල්වින්ගෙන්
[ "ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා අත්අඩංගුවට ගැනීම සඳහා හොඳම සාක්ෂිය ලබා දුන්නේ ජ.වි.පෙ ප්‍රචාරක ලේකම් ටිල්වින් සිල්වා මහතා බව ජාතික නිදහස් පෙරමුණේ නායක,පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.", "ෆොන්සේකා මහතා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුරේ සේවය කරන කාලය තුළ දී ඇමරිකා එක්සත් ජනපදයේ කළ සංචාරයේදී ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ඔහුගෙන් ප්‍රශ්න කිරීමට සැරසෙද්දී කළ යුත්තේ කුමක්දැයි ෆොන්සේකා විසින් විමසන ලද්දේ තමාගෙන් බව ටිල්වින් සිල්වා ප්‍රසිද්ධියේ පවසා තිබූ බව ඔහු සිහිපත් කළේය.", "‍ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියාට යම් උපදෙසක් ලබා ගත යුතුව තිබුණේ නම් ඔහු කතා කළ යුත්තේ ආරක්ෂක අමාත්‍යංශයට බවත්,එසේ නොමැතිව හමුදා නීතියට පිටින් යමින් දේශපාලන පක්ෂයක ලේකම්වරයෙකුගෙන් ඒ පිළිබඳ උපදෙස් පැතීමෙන්ම ඔහු හමුදා නීති උල්ලංඝණය කරමින් ක්‍රියා කළ පුද්ගලයෙකු බවට තහවුරු වන බව මන්ත්‍රීවරයා කියා සිටියේය.", "රාජ්‍ය බලය අත්පත් කර ගැනීමෙන් පසු පැය 24 ක් තුළ මරණයට පත් කළ යුතු අය කවුද,පැය 72 ක් තුළ මරණයට පත් කළ යුතු අය කවුද,හා නිවාස අඩස්සියේ තැබිය යුත්තේ කවුද යන්න පිළිබඳ ජෙනරාල් සරත් ෆොන්සේකා සහ ඔහුගේ ගෝලබාලයින් නම් ලැයිස්තු සාදා තිබුණු බව විමල් වීරවංශ මහතා වැඩිදුරටත් සඳහන් කළේය." ]
6,602
ආණ්ඩුවේ සැබෑ ජනමතයක් නෑ
[ "2006 වසරෙන් පසු ආණ්ඩුව තුළ සැබෑ ජන මතයක් පිළිඹිබු නොවන බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් තිස්ස අත්තනායක මහතා පවසයි.", "2006 වසරෙන් පසු ආණ්ඩුව තුළ නියෝජණය වන්නේ එක්සත් ජාතික පක්ෂයෙන්,ජ.වි.පෙන්,මුස්ලිම් කොංග්‍රසයෙන් මිලදී ගත් හෝ විවිධ තාන්න මාන්න වරදාන ලබා දී තමන්ගේ පැත්තට ඇදගත් මන්ත්‍රීවරුන් පමණක් බවත්, ඔවුන්ට ඡන්ද දායකයා ඡන්දය ලබා දුන්නේ ආණ්ඩුවට මුක්කු ගසන්නට නොවන බවත් හෙතෙම කියා සිටියේය.", "එළඹෙන මහ මැතිවරණය හෝ නිදහස්ව හා සාධාරණව පැවැත්වීමට කටයුතු කරන ලෙස තමන් රජයෙන් ඉල්ලා සිටින බව ද මහ ලේකම්වරයා කියා සිටියේ අද පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි." ]
6,603
ෆොන්සේකා එක්ක පෞද්ගලික ප්‍රශ්නයක් නෑ
[ "සරත් ෆොන්සේකා මහතා අත්අඩංගුවට ගැනීම දේශපාලන හෝ පෞද්ගලික ප්‍රශ්නයක් මත සිදුවූවක් නොවන බව ජනමාධ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි.", "ෆොන්සේකා මහතා හමුදා නිලධාරියෙකු ලෙස කටයුතු කළ සමයේ සිදුකළ ක්‍රියා සහ එයින් පසුව සිදුකළ ප්‍රකාශ හේතුවෙන් මෙම අත්අඩංගුවට ගැනීම සිදුවූ බව ඔහු පෙන්වා දෙයි.", "සේනාධි නායකයාට විරුද්ධව කුමන්ත්‍රණය කිරීම, හමුදාවෙන් පැනගිය දහස් ගණනක් සෙබළුන් ඔහු යටතේ තබාගැනීම සහ අවි ආයුධ මිලදී ගැනීම යන චෝදනා තුනක් ප්‍රධාන වශයෙන් ඔහුට එරෙහිව ඉදිරිපත් කර ඇති බව අබේවර්ධන මහතා කියා සිටියි.", "‍මේ අතර සරත් ෆොන්සේකා මහතා විදෙස් මාධ්‍යයක් හමුවේ සිදුකරන ලදැයි කියන ප්‍රකාශයක් පිළිබඳ අදහස් දක්වමින් ජනමාධ්‍ය අමාත්‍යවරයා පැවසුවේ ජාත්‍යන්තර අධිකරණයක් හමුවේ සාක්ෂිකරුවෙකු වීමට සරත් ෆොන්සේකා මහතාට සදාචාරාත්මක අයිතියක් නොමැති බවයි." ]