date
stringlengths 24
24
| title
stringlengths 0
176
| short_title
stringlengths 10
69
| content
stringlengths 0
19.7k
|
---|---|---|---|
2020-09-08T11:03:07.000Z | සෞදියේදී කොරෝනා වැළඳුණු මාලනී ඇතුළු මැදපෙරදිග හිරවුණු ලාංකිකයින්ගේ කඳුළු කතාව.. | විදෙස්ගතව දුක්විඳින ශ්‍රමිකයින් | COLOMBO (News 1st) : මෙරට දළ දේශීය නිශ්පාදනයෙන් සියයට 8 ක් ලැබෙනුයේ විදෙස්ගත ශ්‍රමිකයින්ගෙන් ය. එහෙත් රටට විශාල විදෙස් විනිමයක් උපයා දුන් ඔවුන්ගෙන් බොහෝ දෙනෙකු තවදුරටත් මව් රටට පැමිණීමට නොහැකිව අසරණ වී සිටී. ඕමානයේ සිට යළිත් මව්බිමට පැමිණීමට ලියාපදිංචී සිටින සංඛ්‍යාව 2,500 කට අධිකයි. ශ්‍රමිකයින්ගේ අදහස් මොකද අපි මෙහෙම ඉන්න ඉන්න අපිට කන්න බොන්න සල්ලි සෑහෙන්න වියදමක් යනවා. ඉතිං අපිට ඒක ලොකු ප්‍රශ්නයක්. එහෙම උදව් කරන්න කියලත් කවුරුවත් නෑ. පුළුවන්නම් ගවර්මන්ට් ෆ්ලයිට් එකක් එවලා හැකිතාක් ඉක්මණට අපිව ගෙන්න ගන්න. ඉතිං වෙන දෙයක් ඉල්ලන්නේ නෑ . මොකද කම්පැනියෙන් අපිට ටිකට් අරන් දෙන්න කැමැති නෑ මොකද අපි සේවා කාලය සම්පූර්ණ කරපු නිසා. පාසල් නිවාඩු සමයේ දෙමාපියන් හමුවීමට ගිය මෙරට සිසුන් පිරිසක්ද යළි දිවයිනට පැමිණීමට නොහැකිව සිටී. සිසුන්ගේ අදහස් දැනට ඕමානයේ මාස 4 කට වැඩි කාලයක් නිවෙස්වල සිරවී සිටිනවා. අපි අතරින් වැඩි දෙනෙක් මේ අවුරුද්දේ උසස් පෙළ හා සාමාන්‍ය පෙළ විභාගවලට මුහුණ දෙන්න සිටිනවා. සියලුම නිරෝධායන වියදම් පෞද්ගලිකව දරමින් ඔ්මානයේ ශ්‍රී ලාංකිකයන්ගේ සංගමයේ මෙහෙයවීමේන් කළමනාකරණය වන පෞද්ගලික ගුවන් යානය මගින් පාසල් වාරය ආරම්භ කිරීමට පෙර ශ්‍රී ලංකාවට පැමිණීමට කරුණාකර අපිට ඉක්මණින් අවසර ලබාදෙන්න කියලා ඉල්ලා සිටිනවා. ඕමානයේ ශ්‍රී ලාංකිකයන්ගේ සංගමයේ සභාපති රෝයි ලසන්ත මහතා ඕමානයට ආවේ එක ෆ්ලයිට් එකයි. රජයේ නිරෝධායනයට යන්න පුළුවන් විදිහට. ඒ කියන්නේ එම්බසි එක හරහා ඇරේන්ජ් වෙච්ච එක ෆ්ලයිට් එකයි ආවේ. මෙහේ 2500 ක් රෙජිස්ටර් වෙලා ඉන්නේ ගොඩාක් වෙලාවට. රැකියා නැතිවෙච්ච මිනිස්සු සහ සමහරක් වේලාවට මෙහෙ තාවකාලික රැකියාවලට ඇවිල්ලා දැනට යාමට විදිහක් නැතිව ඉන්න මිනිස්සු. ඉතිං තත්ත්වය ටික ටික නරක අතට හැරෙනවා මිසක හොද අතට හැරෙන විදියක් පෙන්න නෑ. අනිත් එක තමයි දැනට තියෙන ප්‍රධානම ප්‍රශ්නය දැනටත් ඕමාන්වල විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ඕන් එම්බසි එකේ වැඩකරන අයට ක්‍රියාකලාපය එච්චරම සතුටු දායක නෑ. ඒ හින්දා ගොඩාක් ප්‍රශ්න ඇතිවුණා. ඉතිං එහෙම තියෙද්දිත් අපිට දැනගන්න ලැබිලා තියනවා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සේවයෙන් නියුතු අයව නැවත ලංකාවට කැඳවලා තියෙනවා කියලා. ඒ වෙනුවට කාවවත් ආදේශකයකුත් නැතුව එතකොට එහෙම තත්ත්වයක් තුළ මේ වගේ රටවල්වල ගොඩාක් ගෘහ සේවිකාවෝ ඉන්නවා. එතකොට ඒ මිනිස්සු ගොඩාක් ප්‍රශ්ණවලට මුහුණ දෙනවා. මේ අතර කොරෝනා වසංගතය හේතුවෙන් රැකියා අහිමි වු තරුණයින් පිරිසක් මේ දිනවල ඩුබායිහි පිහිටි ශ්‍රී ලංකා කොන්සියුලර් කාර්යාලයට මීටර් 30 ක් පමණ දුරින් එළිමහනේ ජීවත් වන ආකාරය දැක්වෙන දර්ශනද අප වෙත ලැබී තිබේ. අදහස් මේ තමයි ඒ මිනිස්සු ජීවත් වෙන තැන. එළිමහන් තැනක ජීවත් වෙන්නේ. ඒ මිනිස්සුන්ගේ බාත් එක. මේ බෝට්ටුවක් ලෑන්ඩ් මාස්ටර් එකක තමයි මේ මිනිස්සු නිදාගන්නේ. මේ ඒ මිනිස්සුන්ගේ ඇඳුම්. මේ මිනිස්සු ඉන්‍නේ ගහ යට. පීඩාවට පත් මිනිසුන් මෙතන ඉන්නවා අපි සමහර කට්ටිය ඉන්නවා මාස 6 සමහර කට්ටිය මාස 8 ක් අවුරුද්දක්.මේ කොවිඩ් වෛරසය නිසා අපිට ජොබ් එකක් හොයාගන්න බැරිවුණා. දැන් කොහොමත් ජොබ් නෑ. ඉතිං අපිට යාගන්නත් බැරිවුණා එයාර්පෝට් වහලා නිසා. දැන් මේ ඉන්න තැන්වලට ගෙවාගන්න විදිහක් නෑ ඇත්තටම. මෙතන ගොඩාක් කට්ටිය ඉන්නවා අපිව එළියට දමාවි. මේ අතර සෞදියේ ජීවත්වන කේ. ඩී මාලනී මහත්මිය නිවුස්ෆස්ට් කියා සිටියේ කොරෝනා වැළදී ඇති තමන් පිළිබඳව සොයා බැලීමට කිසිවෙකුත් නොමැති බවයි. කේ ඩී මාලනී සෞදියේ වැඩකරන ගමන් තමා මට මේ ලෙඩේ හැදුණේ. දැන් දවස් 5 ක් 6 ක් ප්‍රතිකාර කළාට හරියන්නේ නෑ. ඒ නිසා පුළුවන්නම් මාව ලංකාවට ගන්න කියලා තමයි කියන්නේ. මොකද මේ ගෙවල්වල ප්‍රතිකාරයක් වෙන්නේ නෑ ගෙදර හිටියට කැම බීම වෙලාවට දෙන්නේ නෑ. බිස්කට් එකක් කාලා තමයි බෙහෙත් බොන්නේ. මට කතා කරගන්නවත් අපහසුයි . ඇත්තටම මාව ගන්න ලංකාවට. |
2020-09-08T10:31:42.000Z | නිව්ස්ෆස්ට් අනාවරණයෙන් පසු හන්තාන විනාශය බලන්න බලධාරීන් යයි | හන්තාන විනාශය බලන්න බලධාරීන් යයි | COLOMBO (News 1st) : හන්තාන බටහිර බෑවුමේ අනවසරයෙන් හෙළිපෙහෙළි කර ඇති අක්කර අටක පමණ භූමි ප්‍රදේශය අද මහනුවර දිස්ත්‍රික්ක ලේකම් හා හන්තාන කළමනාකරණ කමිටු සභාපති තිස්ස කරුණාරත්න මහතා නිරීක්ෂණයට ලක්වුණි. ඒ, නිව්ස්ෆස්ට් ඊයේ කළ අනාවරණයෙන් පසුවයි. ජනතා වතු සංවර්ධන මණ්ඩලයට පරිපාලන බලය හිමි භූමියේ කොටසක් කිසියම් පිරිසක් විසින් වැටවල් ඉදිකර වෙන් කර ඇති අතර එහි කොටසක් ගිනි තබා විනාශ කර ඇති අයුරුද දක්නට ලැබුණි. මහනුවර දිස්ත්‍රික් ලේකම් තිස්ස කරුණාරත්න මහතා මේක ඉතාමත් අනවසර ක්‍රියාවක් . රජයේ ඉඩමක් අනවසරයෙන් එළිපෙහෙළි කිරීම නීත්‍යානූකූල නැති වැඩක් . ඊට අමතරව හන්තාන සංරක්ෂණ කලාපයට අයිති කොටසේ මෙවැනි එළි කිරීමක් හෝ යම් වෙනසක් කරනවා නම් භුමියේ අනුමැතිය ලබාගන්න ඕන අනුමැතියට මේ කාරණය ඉදිරිපත් වෙලා නෑ ඒ නිසා මේක දෙයාකාරයකින්ම නීතී විරෝධි කාරණයක් |
2020-09-08T09:13:54.000Z | හේන් වගාවට වනජීවී ඉඩම් දීමේ බලය යළි දිසාපතිවරුන්ට?: කැබිනට් පත්‍රිකාව හෙට.. | හේන් වගාවට වනජීවී ඉඩම් දීමේ බලය යළි දිසාපතිවරුන්ට? | COLOMBO (News 1st): වනජීවී හා වන සංරක්ෂණ ඉඩම්වල දිසාපතිවරයාගේ අනුමැතියෙන් හේන් වගා කිරීමට අදාළ යෝජනාවක් හෙට කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව අමාත්‍ය සී.බී රත්නායක මහතා පවසයි. වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය සී.බී රත්නායක මහතා මම හෙට දවසේ කැබිනට් පේපර් එකක් යවනවා වන සම්පත් එකට අයිති හේන් වගා කරනවා නම්, ඒක දිසාපතිතුමාගේ නිර්දේශය මත ඒ අවශ්‍ය කටයුතු කරන්න පුළුවන්ද කියන එක තීන්දු කරන්න කියන එක. දිසාපතිතුමන්ලා මේ කාර්යභාරය හොදින් කරන නිසා මේ සඳහා හෙට දවසේ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. අවශේෂ කැළෑ ඉඩම් වගාකිරීම ඇතුළු කටයුතුවලට ලබාදීමට දිසාපතිවරුන්ට හා ප්‍රාදේශීය ලේකම්වරුන්ට තිබූ බලතල චක්‍රලේඛ දෙකකින් සීමාකර තිබේ. මේ චක්‍රලේඛ දෙක මගින් සිදුවූයේ හිතුමතේ තනි පුද්ගලයෙකුගේ තීරණ මත මේ වටිනා ඉඩම් ලබාදීම නවතා කමිටුවක් මගින් නිසි පරිදි ඇගයීමකින් පසුව තීරණ ගැනීමට බලය ලබාදීමයි. ඒවා අහෝසි කර යළිත් දිසාපතිවරුන් හා ප්‍රාදේශීය ලේකම්වරුන්ට බලය දිය යුතු බවට මහ මැතිවරණයට පෙර කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් විය. එය ක්‍රියාත්මකවීම වැළැක්වුණේ ඊට එල්ලවූ දැඩි විරෝධය නිසයි. සී.බී රත්නායක අමාත්‍යවරයා අද අනාවරණය කරන මේ කැබිනට් පත්‍රිකාවෙන් යළිත් ඉදිරිපත් වන්නේ එම යෝජනාවද? |
2020-09-08T08:53:57.000Z | New Diamond ගින්න සාර්ථක මට්ටමකට පාලනය වෙලා - නාවික හමුදාව | New Diamond ගින්න සාර්ථක මට්ටමකට පාලනය වෙලා | COLOMBO (News 1st) – New Diamond නැමැති බොරතෙල් ප්‍රවාහන නෞකාවේ යළි ඇති වූ ගින්න මේ වනවිට සාර්ථක මට්ටමකට පාලනය කිරීමට සමත් වී ඇතැයි නාවික හමුදාව පවසයි. නිවේදනයක් නිකුත් කරමින් නාවික හමුදාව සඳහන් කළේ, දහන අපෝෂක රසායනික ද්‍රව්‍ය හා ජලය යොදා ගනිමින් ගින්න මැඩැපැවැත්වීමේ මෙහෙයුම අඛණ්ඩව ක්‍රියාත්මක බවයි. මේ අතර නෞකාවට කිලෝමීටරයක් පමණ දුරින් වූ ප්‍රදේශයේ ඩීසල් ඉන්ධන පැල්ලමක් නිරීක්ෂණය කර තිබේ. නෞකාවේ ගින්න හේතුවෙන් සාගර පරිසරයට සිදුවූ බලපෑම තක්සේරු කිරීම සඳහා ගිය පරීක්ෂණ කණ්ඩායම ජල නියැදි ලබාගෙන තිබේ. මේ අතර නාරා ආයතනයට අයත් සමුද්‍රීය පර්යේෂණ නෞකාවක් අද එම මුහුදු ප්‍රදේශය වෙත ළඟා වී වැඩිදුර පරීක්ෂණ සිදු කිරීමට නියමිත ය. New Diamond නෞකාවේ හටගත් ගින්න පෙරේදා පස්වරුව වනවිට මැඩපැවත්වුවද ඊයේ දහවල් වනවිට නැව අභ්‍යන්තරයේ වරින්වර ගිනි ගැනීම් ඇති විය. ඊයේ පස්වරුවේ නාවික හමුදාව නිවේදනය කළේ, පවතින කාලගුණ තත්ත්වය හේතුවෙන් ගින්න යළි ඇති වූ බවයි. ඒ අනුව යළිත් ගිනි නිවීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කෙරිණි. ගුවන් හමුදාව ප්‍රකාශ කළේ, අද උදෑසන යළි ගින්න පාලනය කර ගැනීමට හැකි වුවද වරින් වර ගිනි ගැනීම් ඇති වූ බවයි. නෞකාව මේ වනවිට පිහිටා ඇත්තේ ශ්‍රී ලංකාවේ සිට මුහුදු සැතපුම් 28 ක් දුරින් ය. මේ අතර MT New Diamond නැමැති බොරතෙල් ප්‍රවාහන නෞකාවේ කාර්ය මණ්ඩල සාමාජිකයින් 20 දෙනෙකු අද හම්බන්තොට වරායට රැගෙන ආවේ ය. ගලවා ගැනීමෙන් අනතුරුව ඔවුන් නාවික හමුදාවේ සිදුරළ නෞකාවේ රඳවා සිටියේ ය. මේ අතර මතුව ඇති තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡාවක් අද නීතීපති දෙපාර්තමේන්තුවේදී පැවැත්විය. නීතිපති සම්බන්ධීකරණ නිලධාරිනී රජයේ නීතිඥ නිශාරා ජයරත්න මෙනවිය මීපා එක නීතිපතිට දැනුම් දුන්නා රක්ෂණ සමාගමට ලිඛිතව දැනුම් දුන්නා . නැව ඉවත්කර ගැනීම ඇතුළු කරුණු 03 ක් පිළිබඳව නමුත් ප්‍රතිචාරයක් නෑ. ඒ නිසා නීතිපතිගේ අවදානය යොමු වුණා. නැව ශ්‍රී ලංකා මුහුදු සීමාවෙන් ඉවත් කිරීමේ හැකියාව පිළිබඳව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ කළමනාකරු අශ්විනි කාරියවසම් මහතා සමුද්‍ර දූෂණ වැළැක්වීමේ නීති රාමුව ඇතුළේ තමයි අපි කටයුතු කරන්නේ . ඒ පනතේ වළක්වා ගැනීමත් සිදුවුණාට පස්සේ ගන්නා ඕන ක්‍රියාමාර්ග සම්බන්ධයෙනුත් නීතීමය ප්‍රතිපාදන පැහැදිලිව තියනවා . අපි ඒ අනුව කටයුතු කරමින් ඉන්නවා නීතීපති දෙපාර්තමේන්තුව සමග . නෞකාවෙන් හදිසි තෙල් විසිරීමක් සිදුවුවහොත් ඒ සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා හදිසි තත්ත්ව කළමනාකරණ කණ්ඩායම ද අද කොළඹදී රැස්විය. |
2020-09-08T08:45:16.000Z | සහරාන් ඉත්තෙක්: අප්‍රේල් 21 ප්‍රහාරය පිටුපස ඉන්නේ අදිසි බලවේගයක් - හකීම් ජනපති කොමිසමේදී කියයි | සහරාන් ඉත්තෙක් | COLOMBO (News 1st) : ජාතික තවුහීද් ජමාත් සංවිධානයට හෝ එහි නායක සහරාන් හසීම්ට සෘජුව ISIS ත්‍රස්තයින් සමග සබඳතා නොතිබූ බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් මහතා පවසයි. අප්‍රේල් 21 ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දෙමින් හකීම් මහතා කියා සිටියේ මෙම ප්‍රහාරය පිටුපස රට අස්ථාවර කිරීමේ අරමුණින් ක්‍රියාත්මක වූ අදිසි බලවේගයක් තිබූ බවයි. අප්‍රේල් 21 ප්‍රහාරය විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවට ඊයේ සවස 6.00 ට පමණ පැමිණි රවුෆ් හකීම් මහතා පැය 3 කට ආසන්න කාලයක් සාක්ෂි ලබා දුන්නේ ය. ඔහු කියා සිටියේ 2019 අප්‍රේල් 21 ත්‍රස්ත ප්‍රහාරයට ISIS ත්‍රස්තයින්ගේ නම භාවිත කිරීම හරහා ඒ පිටුපස සිටි අදිසි බලවේගයේ අරමුණු ඉටුවූ බව ය. සහරාන් ඇතුළු කණ්ඩායම මෙම අදිසි බලවේගය විසින් ඉත්තන් ලෙස භාවිත කළ කුලියට ගත් අන්තවාදීන් පිරිසක් බව ද හකීම් මහතා පෙන්වා දුන්නේ ය. මෙය එක්වරක් පමණක් සිදුවීමට තිබූ ප්‍රහාරයක් බවත් එය නැවත ඇතිවීමේ අවස්ථාවක් නොමැති බවත් ඔහු කොමිසම හමුවේ ප්‍රකාශ කළේ ය. එහිදී ජනාධිපති කොමිසම මෙම අදිසි බලවේගය කවුරුන්දැයි සාක්ෂිකරුගෙන් විමසුවේ ය. ඊට පිළිතුරු දුන් මුස්ලිම් කොංග්‍රසයේ නායකයා පැවසුවේ, මාධ්‍ය නොමැති අවස්ථාවක එය ප්‍රකාශ කිරීමට සූදානම් බවයි. මේ අතර මුජුබර් රහුමාන් මන්ත්‍රීවරයා ඊයේ ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකයට ප්‍රකාශයක් ලබාදීමෙන් පසුව කියා සිටියේ ඉන්දියාවට පලාගොස් ඇතැයි කියන අප්‍රේල් 21 ප්‍රහාරයේ ප්‍රධාන සැකකාරියක වන සාරා නැමැති කාන්තාව ආපසු ගෙන්වා ගැනීමට පියවර ගත් යුතු බවයි. පුල්ස්තිනී රාජේන්ද්‍රන් හෙවත් සාරා කටුවාපිටිය බෝම්බකරු හස්තුන් නමැත්තාගේ බිරිඳලෙස සැළකේ. ඇය ඉන්දියාවට පලාගොස් ඇතැයි සැක කළ හැකි බව මීට පෙර ජනාධිපති කොමිසමට අනුබද්ධ අපරාධ විමර්ශන නිලධාරියෙකුගේ සාක්ෂියකින් ප්‍රකාශ විය. කොමිසම හමුවේ පසුගිය ජුලි 23වැනිදා ලබාදුන් සාක්ෂියකින් හෙළි වූයේ සාරා ඉන්දීය බුද්ධි අංශයට තොරතුරු ලබාදුන් බවට සැක කළ හැකි තොරතුරු ඇති බවය. සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබර් රහුමාන් මහතා මේ මෙහෙයුමේ හිටපු කාන්තාවක් අද වෙනකොට මේ රටින් පිටුවහල් වෙලා කියලා මාධ්‍යවල පළ වුණා. විශේෂයෙන්ම සාරා කියන ඒ කාන්තාව. ඉතින් එයාව ගෙන්න ගත්තා නම් මේකේ සියලු සුළ මුල කවුද මේක පිටිපස්සේ හිටියේ මොන පරමාර්ථයෙන්ද මේක කළේ , මේක කාගේ උවමනාවට වෙච්ච දෙයක්ද? කියන සියලු දෙවල් හොයාගන්න පුළුවන්. දැන් ඒ කාන්තාව පිටුවහල් කරන්න උදව් කරයි කියන පොලිස් නිලධාරියත් දැන් පොලිස් අත්අඩංගුවේ ඉන්නවා. දැන් තියෙන්නේ වහාම ඉන්දියන් ආණ්ඩුවට කියලා ඉන්දියාවේ ඉන්නවා නම් එයාව ලංකාවට ගෙන්න ගෙන එයාගෙන් සුළ මුල දැනගන්න පුළුවන් . අප්‍රේල් 21 ප්‍රහාරය සිදු වූ කාලසීමාවේ අම්පාර, සයින්ද මර්දු ප්‍රදේශයේ නිවසක සිදුවූ පිපිරීමට අදාළව කල්මුණේ මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවට පුලස්තිනී රාජෙන්ද්‍රන් හෙවත් සාරාගේ මව ඊයේ පෙනී සිටියා ය. එහිදී මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ, සාරාගේ මවගේ සාම්පල් ලබාගෙන සාරාගේ DNA පරීක්ෂණ වාර්තාවක් නැවත අධිකරණයට ඉදිරිපත් කරන ලෙසය. සාරාගේ මව කොළඹට රැගෙන ගොස් පරීක්ෂණය සිදුකරන ලෙස ද අධිකරණය නියෝග කළේ ය. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජාලිය සේනාරත්න මහතා පැවසුවේ, අධිකරණ නියෝගය අනුව අදාළ පරීක්ෂණය අද සිදුවන බවයි. මේ අතර ආණ්ඩු පක්ෂය පවසන්නේ, රවුෆ් හකීම් මහතා පවසන ආකාරයට අප්‍රේල් 21 ප්‍රහාරය පිටුපස සිටින අදිසි බලවේගය වහා හෙළි කළ යුතු බවයි. සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා හකීම් ඇමතිතුමා එහෙම කිව්වා නම් ඒ අදෘශ්‍යමාන බලවේගය ඉදිරියට ගේන්න ඕනේ. මං දන්නවා නීතියේ හැටියට සාක්ෂි සැඟවීමක් ලොකු වරදක්. ඉතින් එතුමා ගාව ඒ වාගේ දේවල් තියෙනවා නම් ඒවා ඉදිරිපත් කරන්න පුළුවන් කම්ෂන් සභාවට ගිහිල්ලා. බොහොම පාරිශුද්ධ ලෙස. |
2020-09-08T07:12:42.000Z | අන්දමන්ද දූපත්වල සිර වූ ධීවරයින් බේරා ගැනීමට කඩිනම් සැලසුම් | අන්දමන්දහි සිර වූ ධීවරයින් බේරා ගැනීමට සැලසුම් | COLOMBO (News 1st) : අන්දමන්ද දූපත්වලට ගසා ගෙන ගිය ශ්‍රී ලාංකික බහුදින යාත්‍රාවේ සිටි ධීවරයින් 06 දෙනා මෙරටට ගෙන්වා ගැනීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කර ඇති බව ධීවර දෙපාර්තමේන්තුව පවසයි. ධීවර දෙපාර්තමේන්තුවේ සෝදිසි මෙහෙයුම් අංශයේ සහකාර අධ්‍යක්ෂ පද්මප්‍රිය තිසේරා මහතා සඳහන් කළේ, ඔවුන් ගමන් ගත් ධීවර යාත්‍රාවට හානි සිදුව ඇති බවයි. එය අලුත්වැඩියා කිරීම සඳහා ඒජන්තවරයෙකු ද පත්කර ඇතැයි තිසේරා මහතා සඳහන් කළේ ය. එම යාත්‍රාවේ සිටි ධීවරයින් 06 දෙනා අන්දමන් දූපත්වල මේ වනවිට රඳවා සිටී. එහෙත් එම ධීවර යාත්‍රාව අලුත්වැඩියා කිරීමට ඉන්දියාව අවසර ලබා දී නොමැති බව සහකාර ධීවර අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කළේ ය. මෙම ධීවරයින් පිරිස කුඩාවැල්ල ධීවර වරායෙන් මුහුදු ගොස් තිබේ. |
2020-09-08T06:59:48.000Z | ගව ඝාතනය වැළැක්වීමට අගමැති ගෙන ආ යෝජනාව සම්මතයි | ගව ඝාතනය වැළැක්වීමට ගෙන ආ යෝජනාව සම්මතයි | COLOMBO (News 1st) : ගව ඝාතනය වැළැක්වීමට පියවර ගත යුතු බවට අග්‍රාමාත්‍යවරයා ගෙන ආ යෝජනාවක් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම සම්මත කර තිබේ. |
2020-09-08T05:20:26.000Z | New Diamond නෞකාවේ කාර්ය මණ්ඩලයේ 20 දෙනෙකු හම්බන්තොට වරායට | New Diamondහි 20 දෙනෙකු හම්බන්තොට වරායට | COLOMBO (News 1st) : MT New Diamond නෞකාවේ කාර්ය මණ්ඩල සාමාජිකයින් 20 දෙනෙකු හම්බන්තොට වරායට රැගෙන විත් ඇති බව නාවික හමුදා ප්‍රකාශකවරයා සඳහන් කරයි. |
2020-09-08T04:47:14.000Z | බන්ධනාගාරයේ සිටින 'පොඩි ලැසී' ලබන 25 අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නියෝගයක් | 'පොඩි ලැසී' අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නියෝගයක් | COLOMBO (News 1st): බන්ධනාගාරගත කර සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන 'පොඩි ලැසී' නැමැත්තා ලබන 25 වනදා අධිකරණය හමුවට ඉදිරිපත් කරන්නැයි ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේ ය. ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා නියෝග කළේ, බූස්ස බන්ධනාගාරයට ගොස් පොඩි ලැසි නැමැත්තාගෙන් ප්‍රකාශයක් ලබා ගන්නා ලෙසය. ඒ, ජනාධිපතිවරයාට, ආරක්ෂක ලේකම්වරයාට සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන් කිහිප දෙනෙකුට ප්‍රසිද්ධියේ මරණ තර්ජන එල්ල කිරීම පිළිබඳව 'කොස්ගොඩ තාරක' සහ 'පොඩි ලැසී' යන දෙදෙනා සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කළ අවස්ථාවේදී ය. බූස්ස බන්ධනාගාරයේ රැඳවියන් කිහිප දෙනෙකු ඔවුනට ලැබෙන පහසුකම් ප්‍රමාණවත් නොවන බව පවසා උපවාසයක් ආරම්භ කර තිබූ අතර ඒ පිළිබඳ සොයා බැලීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරුන් කිහිප දෙනෙකු ජූනි මස 26 වැනි දින බූස්ස බන්ධනාගාරයට ගොස් ඇති බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ ය. එහිදී 'පොඩි ලැසී' නමැත්තා එම නිලධාරීන්ටත් බූස්ස බන්ධනාගාර අධිකාරිවරයාටත්, ජනාධිපතිවරයාටත් , ආරක්ෂක ලේකම්වරයාටත් ඔවුන්ගේ පවුල්වල අයටත් ප්‍රසිද්ධියේ මරණ තර්ජන එල්ල කර ඇති බව දිලීප පිරිස් මහතා අනාවරණය කළේ ය. නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා පෙන්වා දුන්නේ, අධිකරණ නියෝග මත රඳවා සිටින පිරිස මැර බලය අවි බලය සමග රජයේ නිලධාරීන්ට ප්‍රසිද්ධියේ මරණ තර්ජන එල්ල කිරීම බරපතල කාරණයක් බව ය. සිද්ධිය සම්බන්ධයෙන් සාක්ෂි රැසක් සටහන් කරගෙන ඇති බවත් දිලීප පිරිස් මහතා අධිකරණයට පෙන්වා දුන්නේ ය. ඔහු අධිකරණය හමුවේ කියා සිටියේ, බන්ධනාගාරයට ගෙන එන අවස්ථාවේ බෝම්බ ගසා ප්‍රතිවාදීන් ඝාතනය කිරීමට බන්ධනාගාරය තුළ සිට මොවුන් සැලසුම් කර ඇති බවයි. ඔවුනට එතරම් ආත්ම ශක්තියක් ලැබුණේ කෙසේදැයි සොයා බැලිය යුතු බවත් ඇතැම් බන්ධනාගාර නිලධාරින් සැකකරුවන් සිටින හිරකුටිවලට වඳිනවා දුටු බවත් තවත් ඇතැමුන් හිතෙන් වඳින බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වරයා අධීකරණය හමුවේ පැවසුවා. නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා වැඩිදුරටත් කරුණු දක්වමින් කියා සිටියේ ධර්මකිර්තිගේ තාරක පෙරේරා විජේසේකර හෙවත් 'කොස්ගොඩ තාරක' නමැත්තා ගිනි අවි පරිහරණය කිරීම මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු අපරාධ රැසක් සම්බන්ධයෙන් මේ වනවිට රැඳවුම් නියෝග ලබාගෙන අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටින බවයි. බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින 'පොඩි ලැසි' නැමැති සැකකරුට එරෙහිව මහාධිකරණයේ අධිචෝදනා ගොනු කිරීමට බලාපොරොත්තුවන බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා කියා සිටියේ ය. ඒ අනුව බූස්ස බන්ධනාගාරයට ගොස් 'පොඩි ලැසී' නමැත්තාගෙන් ප්‍රකාශ ලබා ගැනීමටත් 25 වන දින ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමටත් නියෝග කළ මහේස්ත්‍රාත්වරයා එදින ආරක්ෂාව තර කිරීමට පියවර ගන්නා ලෙස ද නියෝග කළේ ය. |
2020-09-08T03:52:21.000Z | රුපියල් 700ක එළවළු මල්ල රුපියල් 350කට.. | රුපියල් 700ක එළවළු මල්ල රුපියල් 350කට | COLOMBO (News 1st): වෙළඳපොළේ රුපියල් 700 ක මිලෙන් යුත් එළවළු මල්ල රුපියල් 350 ක සහන මිලකට ලබාදීමේ විශේෂ වැඩසටහනක් කෘෂිකර්ම අමාත්‍යාංශය ආරම්භ කර තිබේ. ඒ, කෘෂිකර්ම අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක වන සෞභාග්‍යයේ දැක්ම වැඩසටහන යටතේදීය. මෙම එළවළු මල්ල කැරට්, ලංකා අර්තාපල්, බීට්, තක්කාලි, ලීක්ස් සහ නෝකෝල් යන එළවළු වර්ග 06කින් සමන්විතය. කොළඹ දිස්ත්‍රික්කයේ කොටුව දුම්රිය ස්ථානය, මරදාන දුම්රිය ස්ථානය, ඉසුරුපාය, සුහුරුපාය, සෙත්සිරිපාය සහ නුගේගොඩ යන ස්ථාන 6 කදී මෙම සහනදායී එළවළු මල්ල මිලදී ගැනීමට හැකිබව කෘෂිකර්ම අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වේ. එමෙන්ම මහනුවර දිස්ත්‍රික්කයේ ස්ථාන 3කදී මෙම වැඩසටහන ක්‍රියාත්මකයි. |
2020-09-08T03:17:28.000Z | කාන්තාවකගෙන් ලිංගික අල්ලස් ඉල්ලූ පොලිස් නිලධාරියෙකු රිමාන්ඩ් | ලිංගික අල්ලස් ඉල්ලූ පොලිස් නිලධාරියෙකු රිමාන්ඩ් | COLOMBO (News 1st) - කාන්තාවකගෙන් ලිංගික අල්ලස් ඉල්ලීමේ චෝදනාව යටතේ සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ උප පොලිස් පරීක්ෂකවරයෙකු ලබන 22වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය අද නියෝග කළේය. ඒ, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඉදිරියේ නඩුව අද කැඳවමින්ය. නඩු කටයුත්තකට අදාල ලේඛනයක පිටපතක් ලබා දීමට, එකී අල්ලස ඉල්ලා තිබූ සැකකාර උප පොලිස් පරීක්ෂකවරයා පැමිණිලිකාර කාන්තාව සමග හොරණ ප්‍රදේශයේ නවාතැන්පොළක රැඳී සිටියදී අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මගින් පසුගිය 26 වැනිදා අත්අඩංගුවට ගෙන තිබුණි. |
2020-09-08T01:50:25.000Z | තෙල් නෞකාවේ යළි හටගත් ගින්න තවදුරටත්... | තෙල් නෞකාවේ යළි හටගත් ගින්න තවදුරටත්... | COLOMBO (News 1st) - New Diamond බොරතෙල් ප්‍රවාහන නෞකාවේ ඊයේ (07) පස්වරුවේ යළි හටගත් ගින්න තවදුරටත් පවතින බව නාවික හමුදාව පවසයි. නාවික හමුදා ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා පැවසුවේ, ගින්න මැඩපැවත්වීම සඳහා ඒකාබද්ද මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක කෙරෙන බවය. නෞකාව ගිනි ගැනීමෙන් මෙරට සාගරයට යම් හානියක් සිදුවී ඇද්ද යන්න පිළිබඳව මේ වනවිට විමර්ශනයක් ආරම්භ කර තිබේ. ඒ සඳහා විද්‍යාඥයින්ගෙන් සමන්විත කණ්ඩායමක් සිටී. එම කණ්ඩායමට රුහුණු විශ්වවිද්‍යාලයේ සාගර විද්‍යා අංශයේ විද්‍යාඥයින් දෙදෙනෙක්, සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ විද්‍යාඥයින් දෙදෙනෙක් සහ නාරා ආයතනයේ විද්‍යාඥයින් දෙදෙනෙක් ඇතුළු පිරිසක් වේ. අද අලුයම 4.50 ට නාවික හමුදාවට අයත් වේග ප්‍රහාරක මුර යාත්‍රාවක් මගින් පිටත්ව ගිය එම පිරිස පෙරවරු 10.30 ට පමණ නෞකාව ආසන්නයට ළඟාවී තිබුණි. මේ අතර නෞකාවෙන් හදිසි තෙල් විසිරීමක් සිදුවුවහොත් ඒ සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා හදිසි තත්ත්ව කළමානාකරණ කණ්ඩායම අද රැස්වේ. සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති දර්ශනී ලහඳපුර මහත්මිය අප කළ විමසීමකඳී සඳහන් කළේ, මේ සඳහා නාවික හමුදාව, ගුවන් හමුදාව, ආපදා කළමානාකරණ දෙපාර්තමේන්තුව, ධීවර දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන 15 ක් සහභගී වන බවය. නෞකාව ආසන්නනේ ඇති අධිසංවේදී පරිසර කලාප මේ වනවිට හඳුනාගෙන ඇති අතර ඊට බලපෑමක් එල්ල වුවහොත් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරෙනු ඇති. |
2020-09-08T07:16:37.000Z | විපක්ෂයේ විරෝධතා මැද ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රී ධුරයේ දිවුරුම් දෙයි | ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රී ධුරයේ දිවුරුම් දෙයි | COLOMBO (News 1st) - මරණ දඬුවම නියම වී සිටින ප්‍රේමලාල් ජයසේකර මහතා වික්ෂයේ විරෝධය මැද පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස අද දිවුරුම් දුන්නේ ය. 2015 ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු අතරවාරයේ කහවත්තේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරු වූ ප්‍රේමලාල් ජයසේකර මහතා ඇතුළු තිදෙනෙකුට මේ වනවිට මරණ දඬුවම නියම වී තිබේ. නමුත් ජයසේකර මහතා අභියාචනාධිකරණයේ ගොනු කළ පෙත්සමකට අදාළව නිකුත් කළ අතුරු නියෝගයකින් ඔහුට පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගීවීමේ අවස්ථාව ලැබුණි. ඒ අනුව අද පෙරවරුවේ ජයසේකර මහතා පාර්ලිමේන්තු සංකීර්ණයට රැගෙන ආවේ බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේදීය. පස්වරු 1.00 ට පාර්ලිමේන්තු රැස්වීම ආරම්භයේ මන්ත්‍රීවරයෙකු ලෙස ඔහු දිවුරුම් දුන් අතර එහිදී විපක්ෂයෙන් පලවූයේ දැඩි විරෝධයක් ය. සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරු අද කළු පැහැති සාටක ද පැළඳ සභාවට පැමිණ සිටිය හ. ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීවරයාගේ දිවුරුම් දීමේ ක්‍රියාවළිය පිළිබඳව විරෝධය දක්වමින් සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් අද පස්වරුවේ පාර්ලිමේන්තු සභාවෙන් පිටව ගියේ ය. සමගි ජන බලවේගය මතු කළ ඇතැම් කරුණු හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කරන ලෙස පසුව ආණ්ඩු පක්ෂය ඉල්ලීමක් කළේ ය. එම අවස්ථාවේ පාර්ලිමේන්තුව තුළ දර්ශන... https://www.youtube.com/watch?v=tnEalyUjNg4 |
2020-09-08T02:25:45.000Z | දේශපාලනඥයින් සහ රාජ්‍ය නිලධාරීන් පිරිසක් අදත් ජනපති කොමිසමට | දේශපාලඥයින්,රාජ්‍ය නිලධාරීන් පිරිසක් ජනපති කොමිසමට | COLOMBO (News 1st) - අප්‍රේල් 21 ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසමට අදත් දේශපාලනඥයින් සහ රාජ්‍ය නිලධාරීන් පිරිසක් පැමිණ තිබේ. අප්‍රේල් 21 ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසමට හිටපු පොලිස්පති පුජීත් ජයසුන්දර මහතා පැමිණියේ ය. මේ අතර ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකය වෙත සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා, රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම, හිටපු අමාත්‍ය මංගල සමරවීර යන මහත්වරුන් පැමිණියේ ප්‍රකාශ ලබාදීම සඳහාය. නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා මහතා අද දෙවැනි දිනටත් කොමිසමේ පොලිස් ඒකකයට පැමිණියේ ය |
2020-09-08T01:12:21.000Z | බන්ධනාගාරගත කර සිටින ප්‍රේමලාල් ජයසේකර පාර්ලිමේන්තුවට රැගෙන එයි | ප්‍රේමලාල් ජයසේකර පාර්ලිමේන්තුවට | COLOMBO (News 1st) - මරණ දඬුවම නියමව බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා අද පාර්ලිමේන්තුව වෙත රැගෙන විත් තිබේ. ඒ, ඊයේ අභියාචනාධිකරණය විසින් ඔහුට පාර්ලිමේන්තු සැසිවාර සඳහා සහභාගීවට අවසර ලබාදීමෙන් අනතුරුවයි. ඔහු මෙවර මහ මැතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් රත්නපුර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් විය. අද පස්වරුවේ ඔහු සිය මන්ත්‍රී ධුරයේ දිවුරුම්දීමට නියමිතය. මේ අතර පාර්ලිමේන්තුව අද පස්වරු 1.00 ට රැස්වනු ඇති. |
2020-09-08T00:41:48.000Z | නිට්ටඹුවේදී ත්‍රීරෝද රථයක් සහ බස් රථයක් ගැටීමෙන් පුද්ගලයෙකු මරුට | නිට්ටඹුවේදී බස් - ත්‍රීවිල් අනතුරකින් අයෙකු මරුට | COLOMBO (News 1st) - නිට්ටඹුව, කලල්පිටිය ප්‍රදේශයේ සිදුවු අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබේ. පොලීසිය පැවසුවේ, අද උදෑසන අනුරාධපුර සිට කොළඹ බලා ධාවනය වූ ත්‍රිරෝද රථයක්, මීගමුව සිට මහනුවර බලා ධාවනය වූ බස් රථයක ගැටී අනතුර සිදුව ඇති බවයි. අනතුරින් ත්‍රිරෝද රථයේ රියැදුරු මියගොස් ඇති අතර, තවත් අයෙක් බරපතල තුවාල සහිතව වතුපිටිවල රෝහලට ඇතුළත් කර තිබේ. මියගිය පුද්ගලයා 35 හැවිරිදි ගලෙන්බිඳුනුවැව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ත්‍රිරෝද රථ රියැදුරුගේ නොසැළකිලිමත් රිය ධාවනය අනතුරට හේතුවන්නට ඇතැයි, පොලීසිය සැක පල කරන අතර බස් රථයේ රියැදුරු මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබේ. |
2020-09-08T02:59:20.000Z | කිලිනොච්චියේ සිට ත්‍රීකුණාමලයට කේරල ගංජා ප්‍රවාහනය කළ කාන්තාවක් අත්අඩංගුවට | ගංජා ප්‍රවාහනය කළ කාන්තාවක් දැලේ | COLOMBO (News 1st) - කිලිනොච්චියේ සිට ත්‍රීකුණාමලය දක්වා කේරල ගංජා ග්‍රෑම් 500ක් රැගෙන ආ කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ. අප වාර්තාකරු පැවසුවේ ත්‍රීකුණාමලය විෂ මත්ද්‍රව්‍ය ඒකකය විසින් මෙම වැටලීම සිදු කරනු ලැබ තිබෙන බවයි. අදාළ කාන්තාව මගී බස් රථයකින් මෙම ගංජා තොගය ප්‍රවාහනය කර තිබේ. තවත් පුද්ලයෙක්, පුද්ගලයින් දෙදෙනෙකුට ලබා දෙන අවස්ථාවේ මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බව පොලීසිය පවසන ලදී. අත්අඩංගුවට ගත් සැකකාරිය කිලිනොච්චි ප්‍රදේශයේ පදිංචිකාරිනියකි. සැකකාරිනිය අද ත්‍රීකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. |
2020-09-07T23:59:53.000Z | මුවන් මැරූ ගල්ගමුව ප්‍රා. සභාවේ සේවකයෙකුට වැඩ වරදී | මුවන් මැරූ ගල්ගමුව ප්‍රා. සභාවේ සේවකයෙකුට වැඩ වරදී | COLOMBO (News 1st): මරා දැමු මුවන් දෙදෙනෙකු සහ තවත් මුව මස් තොගයක් සමග පුද්ගලයෙකු ගල්ගමුව, ගොන්නගොමුව ඇල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. මීගලෑව වනජීවී කාර්යාලයේ නිලධාරීන් හා සිවිල් ආරක්ෂක නිලධාරීන් විසින් ඊයේ රාත්‍රියේ දී මෙම වැටලීම සිදු කරනු ලැබිණි. පොලීසිය පැවසුවේ, සැකකරු ගල්ගමුව ප්‍රාදේශිය සභාවේ සේවය නියුතු අයෙක් වන අතර ඔහු සන්තකයේ තිබු තුවක්කුවක් ද පොලිස් භාරයට ගත් බවය. සැකකරුවා අද ගල්ගමු මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය. https://www.facebook.com/NewsfirstSL/videos/662773257945864/ |
2020-09-07T22:29:00.000Z | රු. මිලියන 4 කට ආසන්න මත්පෙති 18,900 ක් සමග තිදෙනෙකු අත්අඩංගුවට | මත්පෙති 18,900 ක් සමග තිදෙනෙකු අත්අඩංගුවට | COLOMBO (News 1st) - මත්පෙති 18,900 ක් සමග සැකකරුවන් තිදෙනෙකු මෝදර පොලිස් වසමේදී අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, බස්නාහිර පළාත තුළ සිදු කළ විශේෂ වැටලීම්වලදීය. පොලීසිය පැවසුවේ, මත්පෙති තොගය ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදී සිය භාරයට ගත් බවයි. ඒවායේ වටිනාකම රුපියල් මිලියන 4 කට ආසන්න බව පොලීසිය පැවසීය. සැකකරුවන් පානදුර, දැරණියගල සහ වැල්ලම්පිටිය ප්‍රදේශවල පදිංචිකරුවන් වේ. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය. |
2020-09-07T22:06:53.000Z | අයිස්, කේරල ගංජා ඇතුළු මත්ද්‍රව්‍ය සමග 5 දෙනෙකු වස්කඩුවේදී අත්අඩංගුවට | මත්ද්‍රව්‍ය සමග 5 ක් වස්කඩුවේදී අත්අඩංගුවට | COLOMBO (News 1st) - අයිස්, කේරල ගංජා ඇතුළු මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් 5 දෙනෙකු කළුතර, වස්කඩුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, වස්කඩුව ප්‍රදේශයේ ආපනශාලාවක කළ වැටලීමකිනි. පොලීසිය පැවසුවේ, එහි තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 14 යි මිලිග්‍රෑම් 200, කේරල ගංජා ග්‍රෑම් 22 ක්, ගංජා ගසක්, මත්ද්‍රව්‍ය පානයට යොදා ගන්නා උපකරණ දෙකක්, මුදලින් රුපියල් 64,000 ක් සහ ත්‍රිරෝද රථයක් සිය භාරයට ගත් බවය. සැකකරුවන් අවුරුදු 20,27,30 සහ 37 යන වයස්වන පසුවන වස්කඩුව ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ. ඔවුන් අද කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. |
2020-09-08T02:30:49.000Z | චීනයේ පෑන්ගොං විල අසලදී ඉන්දීය හමුදාවෙන් අනතුරු ඇඟවීමේ වෙඩි ප්‍රහාරයක්... | ඉන්දු-චීන දේශසීමා ගැටුම | (News 1st): ඉන්දු-චීන දේශසීමාවේ පිහිටි චීනයේ පෑන්ගොං විල අසල ඉන්දීය හමුදා විසින් අනතුරු ඇඟවීමේ වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබේ. පසුගිය සති දෙක තුළ දෙවරක් චීන හමුදා ලඩාක්හි පෑන්ගොං විල අසල කලහාකාරී ලෙස හැසිරුනු බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය. ඉන්දීය සොල්දාදුවන් වෙඩි ප්‍රහාරය එල්ල කිරීමත් සමග චීනයේ ඒකපාර්ශවිකත්වය වැළැක්වීමට ඉන්දියාවට හැකිවූ බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් වේ. චීන හමුදාවන්හි ක්‍රියාවන්ගෙන් පසු ඉන්දීය හමුදා ප්‍රහාරය එල්ල කළ කර ඇති බව පෑන්ගොං විල අසල ඉන්දීය හමුදා එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් අදහස් පල කරමින් චීනය ප්‍රකාශ කළේය. ප්‍රහාරයට ප්‍රතිවිරුද්ධ ක්‍රියාවන් ගැනීමට චීන දේශසීමා ආරක්ෂකයින්ට බල කරන බව ද මහජන විමුක්ති හමුදාවේ ප්‍රකාශකයෙකු සඳහන් කර තිබේ. හමුදා ප්‍රකාශකවරයා සඳහන් කළේ, ඉන්දීය ප්‍රහාරය කුමක් සදහා වූ ප්‍රතිප්‍රහාරයක්ද යන්න තවමත් නිශ්චිතව හඳුනා ගත නොහැකි වූ බවයි. ඉන්දීය හමුදා, දේශ සීමාවන් උල්ලංඝණය කොට පෑන්ගොං විලේ දකුණු ඉවුරට සහ ෂෙන්පාවෝ කඳුකර ප්‍රදේශයට ඇතුළු වී ඇති බව මහජන විමුක්ති හමුදාවේ ප්‍රකාශකයා සඳහන් කළේය. ඉන්දීය සෙබළුන් එල්ල කළ ප්‍රහාරය බරපතල ප්‍රහාරයක් බව පවසමින් චීනය, මෙවැනි ප්‍රකෝපකාරී ක්‍රියාවන්ගෙන් වළකින ලෙස ඉන්දියාවෙන් ඉල්ලා සිටි බව ද විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් වේ. මේ අතර ජුනි 15 වැනිදා ගැල්වාන් නිම්නයේ ඇතිවූ ගැටමුකින් ඉන්දීය සෙබළුන් 20 දෙනෙකු මිය ගොස් ඇත. එම ගැටුමෙන් පසු ඉන්දූ-චීන දේශසීමාවන් සම්බන්ධයෙන් දෙරට අතර සාකච්ජා පැවැත්වෙන අතරතුර ඉන්දියාව මෙවැනි ප්‍රහාරයක් එල්ල කළ බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් වේ. |
2020-09-07T20:36:58.000Z | තේ කර්මාන්තය නගා සිටුවීම පැතිකඩ කිහිපයක් ඔස්සේ සිදුවිය යුතුයි - ජනපති | තේ කර්මාන්තය නගා සිටුවීමට ජනපති උපදෙස් | COLOMBO (News 1st) - බරපතළ පසුබෑමකට ලක්ව ඇති තේ කර්මාන්තය නගා සිටුවීම පැතිකඩ කිහිපයක් ඔස්සේ සිදුවිය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කර තිබේ. ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ, කර්මාන්තයේ බිඳ වැටීමට හේතු වූ සාධක හඳුනාගෙන ලෝක වෙළෙඳපොළෙහි ශ්‍රී ලංකා තේ සඳහා තිබූ ඉහළ ඉල්ලුම නැවත අත්කර ගැනීම ඉලක්ක විය යුතු බවය. සමාගම් වතු ප්‍රතිසංස්කරණ, තේ වතු ආශ්‍රීත බෝග වගා, තේ කර්මාන්තශාලා නවීකරණය හා තේ අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳ ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මේ බව පැවසීය. පාඩු ලැබීමට සහ අකර්මණ්‍ය හේතු කෙටි කලකදී හඳුනාගෙන ස්ථීර විසඳුම් දෙන්නැයි, ජනාධිපතිවරයා එහිදී උපදෙස් දී තිබේ. ජනාධිපතිවරයා වැඩිදුරටත් උපදෙස් දුන්නේ, පාඩු ලබන වතු සමාගම් නියාමනය ව්‍යාපෘතියක් ලෙස කුඩා තේ වතු හිමියන්ට පවරා සක්‍රීය කරන ලෙසය. https://www.facebook.com/NewsfirstSL/videos/322374872338177/ |
2020-09-07T21:41:43.000Z | පළාත් කිහිපයකට තද වැසි.. | පළාත් කිහිපයකට තද වැසි.. | COLOMBO (News 1st) - බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව පැවසුවේ, ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවය. මේ අතර අධික වැසි හේතුවෙන්, කොළඹ, කළුතර, ගාල්ල, කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කවලට පැන වූ නායයාමේ අනතුරු ඇඟවීමේ නිවේදන අද පස්වරු 4.00 දක්වා ක්‍රියාත්මකය. |
2020-09-07T21:15:53.000Z | අද සිට සියලු රජයේ පාසල් සාමාන්‍ය පරිදි විවෘත කෙරේ | කොරෝනා හමුවේ වැසුණු පාසල් අද සිට සමාන්‍ය පරිදි | COLOMBO (News 1st) - අද සිට සියලු රජයේ පාසල්වල 1 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා සිසුන්ට සාමාන්‍ය පරිදි පාසල් විවෘත කෙරේ. පෙරවරු 7.30 සිට පස්වරු 1.30 දක්වා සාමාන්‍ය වේලාව අනුව පාසල් පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පැවසීය. කොරෝනා වසංගත තත්ත්වයත් සමග ලබා දුන් අතුරු නිවාඩුව අවසන් කරමින් පසුගිය අගෝස්තු 10 වැනි දා සිට සියලු රජයේ පාසල්වල අධ්‍යයන කටයුතු අදියර කිහිපයක් යටතේ යළි ආරම්භ කෙරිණි. ඒ අනුව, 6 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා සිසුන්ට පසුගිය 2 වැනි දා සමාන්‍ය පරිදි පාසල් විවෘත කෙරිණි. තවද අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ලබන මස 12 වැනි දා ආරම්භ වන අතර නොවැම්බර් මස 6 වැනි දා තෙක් පැවැත්වේ. මේ වනවිට 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ලබන මස 11 වන ඉරිදා පැවැත්වීමට දින නියම කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය. 2020 වසරේ අධ්‍යයන පොදු සහතික පත්‍ර සමාන්‍ය පෙළ විභාගය පවත්වනු ලබන්නේ, ලබන වසරේ ජනවාරි 18 වැනි දායි. එය ජනවාරි මස 27 වැනි දා තෙක් පැවැත්වේ. |
2020-09-07T20:21:28.000Z | New Diamond නෞකාවෙන් සාගරයට වූ හානි සොයා විද්‍යාඥයින් පිරිසක් දියඹට | තෙල් නැවෙන් සාගරයට වූ හානිය ගැන විමර්ශනයක් | COLOMBO (News 1st) - ගිනි ගැනීමට ලක් වූ New Diamond නෞකාවෙන් සාගරයට වූ හානිය පිළිබඳ විමර්ශනයක් අද සිට ආරම්භ කරනු ඇත. සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරි ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා පැවසුවේ, ඒ සඳහා විද්‍යාඥයින් පිරිසකගෙන් සමන්විත කණ්ඩායමක් මේ වනවිට පිටත්ව ගොස් ඇති බවය. එම පිරිසට රුහුණු විශ්වවිද්‍යාලයේ සාගර විද්‍යා අංශයේ විද්‍යාඥයින් දෙදෙනෙක්, සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ විද්‍යාඥයින් දෙදෙනෙක් සහ නාරා ආයතනයේ විද්‍යාඥයින් දෙදෙනෙක් ඇතුළු පිරිසක් එක් වනු ඇති. මේ අතර MT New Diamond නමැති බොරතෙල් ප්‍රවාහන නෞකාවේ ඊයේ පස්වරුවේ යළි හටගත් ගින්න තවදුරටත් පවතින බව නාවික හමුදාව පැවසුවේ ය. නාවික හමුදා ප්‍රකාශක කැප්ටන් ඉන්දික ද සිල්වා මහතා පැවසුවේ, සංගමන්කන්ද තුඩුවට නාවික සැතපුම් 30 කට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ පවතින අයහපත් කාලගුණික තත්ත්වයත් සමග හටගත් අධික සුළං ප්‍රවාහයන් නෞකාවේ අභ්‍යන්තරයේ පැවති ගිනි පුපුරු හා අධික උෂ්ණත්වයට බලපෑම මත පාලනය කර තිබූ ගින්න නැවතත් හටගෙන ඇති බවයි. https://www.facebook.com/NewsfirstSL/videos/3192736204181180/ |
2020-09-07T19:33:01.000Z | ගෙවුණු දවස උණුසුම් කළ පුවත්… | ගෙවුණු දවස උණුසුම් කළ පුවත්… | දේශීය පුවත් 1. 21 ත්‍රස්ත ප්‍රහාරය, මුජිබර් රහුමාන් හෙළි කළ දේ..: හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබර් රහුමන් මහතා ඊයේ අප්‍රේල් 21 ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකයට පැමිණ තිබේ. 2. සෞදියෙන් පිටවන ලාංකික ශ්‍රමිකයින්ගෙන් දඩ අය නොකිරීමට තීරණයක් – සෞදි රජය: සෞදි අරාබියෙන් පිටව යන ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගෙන් කිසිදු ගාස්තුවක් හෝ දඩ මුදලක් අය නොකිරීමට සෞදි රජය තීරණය කර තිබේ. 3. හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ නැවත සේවයේ පිහිටුවීම සම්බන්ධයෙන් ජනපති කොමිසමේ සාකච්ඡාවක්: හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතා නැවත සේවයේ පිහිටුවීම සම්බන්ධයෙන් ඊයේ දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව හමුවේ සාකච්ඡා විය. 4. මැණික් සහ ස්වර්ණාභරණ කර්මාන්තකරුවන්ට පැනවූ බදු 2ක් ඉවතට: මැණික් සහ ස්වර්ණාභරණ කර්මාන්තකරුවන් උපයන ලාභය මත පනවා ඇති 14%ක ආදායම් බද්ද සහ සහ 15% වූ රත්‍රං ආනයන බද්ද ඉවත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර තිබේ. විදෙස් පුවත් 5. අමෙරිකාවේ කොරෝනා ව්‍යාප්තිය යළිත් උත්සන්න වෙයි: අමෙරිකාවේ කොරෝනා ව්‍යාප්තිය යළිත් වරක් උත්සන්න වී තිබේ. |
2020-09-07T11:33:15.000Z | 21 ත්‍රස්ත ප්‍රහාරය : මුජිබර් රහුමාන් හෙළි කළ දේ.. | මුජිබර් රහුමාන් ජනාධිපති කොමිසමට | COLOMBO (News 1st) : හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබර් රහුමන් මහතා අද අප්‍රේල් 21 ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකයට පැමිණියේ ය. ඒ, එම ඒකකය කළ කැඳවීමකට අනුව ප්‍රකාශයක් ලබා දීම සඳහා ය. සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා මේ මෙහෙයුමේ හිටපු කාන්තාවක් අද වෙනකොට මේ රටින් පිටුවහල්වෙලා කියලා මාධ්‍යවල පළ වුණා. විශේෂයෙන්ම සාරා කියන ඒ කාන්තාව. ඉතින් එයාවත් ගෙන්වා ගන්න ඔ්නේ ලංකාවට . එයා ඉන්දියාවේ ඉන්නවා කියලත් යම් යම් මාධ්‍යවල පළ වුණා. ඉතින් එයාව ගෙන්නාගත්තානම් මේකේ සියලු සුළ මුල කවුද මේක පිටිපස්සේ හිටියේ, මොන පරමාර්ථයෙන්ද මේක කළේ, මේක කාගේ උවමනාවට වෙච්ච දෙයක්ද? කියන සියලු දෙවල් හොයගන්න පුලුවන් ඉතින් එකත් මම කියලා ආවා. මාධ්‍යවේදී ප්‍රශ්නය ඒ කාත්තාව පිට කරලා තියෙන්නේ ඔබතුමාගේ ආණ්ඩුවේ හිටපු ඇමතිවරයෙක්නේ. මල්ලි කෙනෙක්නේ මුජුබර් රහුමාන් මහතා නෑ නෑ . ඇමතිවරයෙක්ගේ මල්ලි කෙනෙක් කවුරුත් නෙවෙයි. දැන් ඒ කාන්තාව පිටුවහල් කරන්න උදව් කරයි කියන පොලිස් නිලධාරීයත් දැන් පොලිස් අත්අඩංගුවේ ඉන්නවා. දැන් තියෙන්නේ වහාම ඉන්දියන් ආණ්ඩුවට කියලා ඉන්දියාවේ ඉන්නවා නම් එයාව ලංකාවට ගෙන්නගේන එයාගෙන් සුළ මුල දැනගන්න පුළුවන්. |
2020-09-07T10:49:36.000Z | සෞදියෙන් පිටවන ලාංකික ශ්‍රමිකයින්ගෙන් දඩ අය නොකිරීමට තීරණයක් - සෞදි රජය | ලාංකික ශ්‍රමිකයින් ගැන සෞදිය ගත් තීන්දුව | COLOMBO (News 1st) : සෞදි අරාබියෙන් පිටව යන ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගෙන් කිසිදු ගාස්තුවක් හෝ දඩ මුදලක් අය නොකිරීමට සෞදි රජය තීරණය කර තිබේ. විදේශ සබඳතා අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වුණේ සෞදි අරාබිය තාවකාලිව මෙම තීරණයට එළැඹ ඇත්තේ දැනට පවතින කොරෝනා වසංගත තත්ත්වය සැළකිල්ලට ගනිමින් බවයි. කෙසේ වෙතත් සෞදි අරාබියේ තවදුරටත් රැඳී සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගේ සුබසාධනය වෙනුවෙන් එරට ගත් මෙම තීරණය විදේශ සබදතා අමාත්‍යාංශය ඇගයීමට ලක්කර තිබේ. මේ අතර විදේශ සේවා නියුක්ති කාර්යංශය පැවසුවේ විදෙස්ගතව සිටින ශ්‍රී ලාංකික ශ්‍රමියකයින් 50,000 කට අධික පිරිසක් නැවත දිවයිනට පැමිනීමට ලියාපදිංචි වී ඇති බවයි. |
2020-09-07T10:20:52.000Z | හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ නැවත සේවයේ පිහිටුවීම සම්බන්ධයෙන් ජනපති කොමිසමේ සාකච්ඡාවක් | ලලිත් ජයසිංහ නැවත සේවයේ පිහිටුවීම ගැන සාකච්ඡාවක් | COLOMBO (News 1st) : හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතා නැවත සේවයේ පිහිටුවීම සම්බන්ධයෙන් අද දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව හමුවේ සාකච්ඡා විය. වැඩබලන පොලිස්පති සී. ඩී වික්‍රමරත්න මහතා අද කොමිසම හමුවේ පෙනී සිටිමින් කියා සිටියේ ඊට අදාළ නිර්දේශ ජාතික පොලිස් කොමිසමට ඉදිරිපත් කිරීමට හැකි බවයි. අවස්ථා දෙකකදී තමන් යළි සේවයේ පිහිටුවන්නැයි ජාතික පොලිස් කොමිෂන් සභාවෙන් ලලිත් ජයසිංහ මහතා අභියාචනා කළ ද එය ප්‍රතික්ෂේප වීම සම්බන්ධයෙන් මෙහිදී කරුණු විමසුවේ ය. පොලිස් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨතම නිලධාරීන් පිළිබඳව පැමිණිලි පාර්ශවය කළ ප්‍රශ්න කිරීමකට පිළිතුරු දුන් වැඩබලන පොලිස්පතිවරයා , ප්‍රථමයෙන් තමාත් දෙවනුවට ලලිත් ජයසිංහ මහතාත් ජ්‍යෙෂ්ඨත්වයෙන් ඉදිරියෙන් සිටින බවත් තමා එකොළොස් වතාවක් වැඩ බලන පොලිස්පති ධුරයේ කටයුතු කර ඇති බවත් ප්‍රකාශ කළේ ය. ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ දැනුම සහිත ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් වන ලලිත් ජයසිංහ මහතාගේ සේවය පොලිස් දෙපාර්තමේන්තුවට අවශ්‍ය බව ය. එමෙන්ම සේවයේ සිටියේ නම් පොලිස්පති ධුරයට පවා පත්වීමට ලලිත් ජයසිංහ මහතාට හැකියාව තිබූ බව වැඩබලන පොලිස්පතිවරයා කියා සිටියේ ය. වැඩ තහනමට ලක්ව සිටි පොලිස් පරීක්ෂක නියොමාල් රංගජීව මහතා සම්බන්ධයෙන් කළ නිර්දේශය හා ලලිත් ජයසිංහ මහතා සම්බන්ධයෙන් වන නිර්දේශය පිළිබඳව දෙආකාරයකින් කටයුතු කිරීම සම්බන්ධයෙන් කොමිසම ප්‍රශ්න කළේ ය. ලලිත් ජයසිංහ මහතා නැවත සේවයේ පිහිටුවීම සම්බන්ධයෙන් නීතිපති මතය ද විමසූ බව මෙහිදී වැඩබලන පොලිස්පතිවරයා කියා සිටියේ ය. කොමිසම ප්‍රශ්න කළේ, පරිපාලනමය තීරණ ගැනීමේ මූලික වගකීම තමන් සතුව තිබියදී නීතිපති මතය විමසුවේ මන්ද යන්නයි. තමන් සාමාන්‍යයෙන් යම් යම් තීරණ ගැනීමේදී නීතිපති මතය විමසන බව මෙහිදී පොලිස්පතිවරයාගේ පිළිතුර විය. ජයසිංහ මහතා සේවයේ නොපිහිටුවීම ඇතැම්විට පරිපාලනමය දෝෂයක් විය හැකි බවද ඔහු එහිදී කියා සිටියේ ය. |
2020-09-07T10:12:02.000Z | සුනාමියක් තියා ගංවතුරක් ආවත් දුවන්න තැනක් නැති මිනිස්සු | ගංවතුරක් ආවත් දුවන්න තැනක් නැති මිනිස්සු | COLOMBO (News 1st) : ගම්මැද්ද කණ්ඩායම් අදත් ජනතාව හමුවෙන්න අනුරාධපුර, ගාල්ල සහ මන්නාරම දිස්ත්‍රික්කවල සංචාරය කළේ ය. අනුරාධපුර , ගලෙන්බිඳුනුවැව ගමේ ඉන්නෙත් හිත් බිඳුනු මිනිස්සු ය. විශේෂයෙන් මහසෙන්පුර පවුල් 70ක් බොන්නේ කිවුල් වතුර. කාලෙක ඉඳලා කිවුල් වතුර බොන නිසා මේ ගම වකුගඩු පුරයකි. මේ ගම්මුන්ට වතුර ගන්න ළිඳක් සකස් කරලා දීලා තියෙනවා කිලෝමීටර දෙකක් විතර දුරින්. ළිඳ තියෙන්නේ රක්ෂිතය ළඟ. නමුත් ළිඳ වටකර අලි. මාස තුනකට කලින් ගමේ කෙනෙක් මැරුණේ වතුර ගන්න ළිඳට ගිය වෙලාවේ අලි ප්‍රහාරයකින් ය. ඒ නිසා මේ ගමේ අයට වතුරත් ඕනේ. අලි වැටකුත් ඕනේ. මන්නාරම, මුසාලේ, උත්තරීපුතුරේ ගම්මුන්ට තියෙන්නෙ oneway වාසනාවක්. වාසනාව තමයි ආණ්ඩුවෙන් ගෙවල් හදලා දීපු එක . අවාසනාව තාම පදිංචි වෙන්න අවසර දීලා නැහැ . වහපු ගෙවල් දිහා බලාගෙන තැන තැන ජීවත් වෙන මේ මිනිසුන්ට බොන්න වතුරත් නෑ. වතුර දකින්න ගංවතුරක් එන්නම ඕනේ. නැතිනම් ගෙදර තියෙන ටැංකියට වතුර පුරෝගන්න දවසකට රුපියල් 1200ක් ඕනේ. මේ ගාන හොයාගන්නවත් මේ මිනිස්සුන්ට හරිහමන් රස්සාවක් නැහැ. ඔහු ඉල්ලන්නේ පිපාසය නිවන ක්‍රමයක් ය. අම්බලන්ගොඩ ඉඳලා කිලෝමීටර පහක් ගියාම මහවෙල කියන ගම හමු වෙනවා. මහවෙල මිනිස්සු මුණගැසීමත් සතුටක්. ඒකට හේතුව තමයි සුනාමි ආපු වෙලාවේ ලී කොට හරහට දාපු පාලමකින් පැනලා දුවලා දිවි බේරා ගත් පිරිසක් මේ ගමේ ඉන්නේ. නැත්නම් දුවන්නෙ වෙන්නේ මුහුද දෙසට. දැන් ඒ තාවකාලික පාලම නැහැ.ආයෙ සුනාමියක් තියා ගංවතුරක් ආවත් දුවන්න තැනක් නැහැ. අඩි 10 ක් පළල පාලමක් දුන්නොත් හැමදාම පාසලට පොලීසියට රෝහලට යන්න කිලෝ මීටර් හතර හමාරක් දුර ගෙවන ගම්මුන්ට විනාඩි දෙකෙන් යන්න පුළුවන්. මෙගොඩ ඉඳන් බැලුවම වේරගොඩ ගම පේනවා. මේ ඇලට පාලමක් නැති නිසා ගම් දෙකක නෑදෑකමත් ඈත් වෙලා. |
2020-09-07T09:58:52.000Z | මැණික් සහ ස්වර්ණාභරණ කර්මාන්තකරුවන්ට පැනවූ බදු 2ක් ඉවතට | මැණික් කර්මාන්තකරුවන්ට සහනයක් | COLOMBO (News 1st) : මැණික් සහ ස්වර්ණාභරණ කර්මාන්තකරුවන් උපයන ලාභය මත පනවා ඇති 14%ක ආදායම් බද්ද සහ සහ 15% වූ රත්‍රං ආනයන බද්ද ඉවත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර තිබේ. 2018 වසරේ දී රත්‍රං ආනයනය සඳහා 15%ක බද්දක් පනවනු ලැබුවේ ය. ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ, ස්වර්ණාභරණ මිල ඉහළ යාමට මේ බදු හේතු වී ඇති බවයි. අදාළ බදු කඩිනමින් ඉවත් කර මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයේ උන්නතියට පියවර ගත යුතු යැයි ජනාධිපතිතුමා අද පෙන්වා දුන්නේ ය. ඒ, මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳව අද දහවල් ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ය. මෙහිදී මැණික් සඳහා වන ලෝක වෙළෙඳපොළේ කේන්ද්‍රය බවට පත්වීමට ශ්‍රී ලංකාවට නොහැකිවීම ආශ්‍රිත ගැටලු නිරාකරණයට රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා ඉදිරිපත් කළ යෝජනා 14ක් දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක්ව තිබේ. මෙරටදී හමු නොවන ලෝකයේ වෙනත් රටවලට ආවේණික මිල අධික මැණික් ආනයනයට පහසුකම් සැලසීමේ සහ මැණික් සංචිත පවත්වා ගෙන යාමේ වැදගත්කම ලොහාන් රත්වත්තේ මහතා මෙහිදී පෙන්වා දුන්නේ ය. මැණික් කැණීම් බලපත්‍ර නිකුත් කිරීමේදී සිදුවන ප්‍රමාදයන් වළක්වා ගැනීම සඳහා අදාළ සියලු ආයතන එක් තැනක ස්ථාපනය කරන්නැයි ජනාධිපතිතුමා මෙහිදී ප්‍රකාශ කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ය. ස්වර්ණාභරණ නිෂ්පාදකයන් සහ සාම්ප්‍රදායික ස්වර්ණාභරණ ශිල්පීන්ට රත්‍රං මිලදී ගැනීමට රාජ්‍ය බැංකු මගින් 4%ක සහන පොලියක් යටතේ රුපියල් ලක්ෂ 10ක ණය මුදලක් සපයන ලෙස ජනාධිපතිතුමා රාජ්‍ය බැංකුවලට මෙහිදී උපදෙස් දුන්නේ ය. වතු සමාගම්වලට අයත් මැණික් ඉල්ලම් සහිත වගා නොකළ ඉඩම් මැණික් කර්මාන්තයට නිදහස් කර ගැනීමට ඇති බාධක ඉවත් කර කැනීම් සඳහා පවරා ගැනීමට ද මෙහිදී තීරණය කර තිබේ. |
2020-09-07T09:35:34.000Z | පළාත් සභා ගැන විවිධ මත | පළාත් සභා ගැන විවිධ මත | COLOMBO (News 1st) : පළාත් සභා අහෝසි කළ යුතු බවට ආණ්ඩු පක්ෂයේ පාර්ශව මතුකරන අදහසට විරුද්ධව ආණ්ඩුවේම පාර්ශව මේ වනවිට විවිධ විවේචන එල්ල කරමින් සිටී. පළාත් සභා අවශ්‍ය බවට පොදුජන පෙරමුණේ හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් පිරිසක් අදත් ප්‍රකාශ කළේ ය. සබරගමු පළාත් සභාවේ හිටපු පළාත් සභා මන්ත්‍රී අජිත් ශාමින්ද මහතා ග්‍රාමීය ජනතාවගෙන් යැව්වොත් පළාත් සභාව තමයි ජනතාවට සමීපම ආයතනය. හාමුදුරු කෙනෙක්ගෙන් ගමේ ප්‍රභූ කෙනෙකුගෙන් ඇහුවොත් කියයි පාර්ලිමේන්තුවට වඩා සමීප ආයතනය පළාත් සභාව කියලා. කොළඹ සීතල කාමරවල ඉන්න අයට මේක අවශ්‍ය නොවුණට පළාත් සභාව කියන එක අත්‍යවශ්‍ය ආයතනයක් බවට අද රටේ ජනතාව පිළිඅරන් තියෙනවා. විශේෂයෙන් ගමේ ජනතාව පිළිඅරන් තියනවා. අපේ ආණ්ඩුවේ පළාත් පාලන රාජ්‍ය ඇමතිකම ගත්තු පුද්ගලයාම මේ පළාත් සභාව එපා කියන එක විට එ වැනි හාස්‍යයට ලක්කරන කරුණක් තවත් නෑ. එයාට පුළුවන් නං ගමේ ඇවිල්ල මේක කියන්න කියන්න. මහජන එක්සත් පෙරමුණේ කෑගල්ල දිස්ත්‍රික් සංවිධායක අනුර කුමාර තෙන්නකෝන් මහතා මේ පළාත් සභා මැතිවරණය තවදුරටත් කල් අරින එක විවිධ අයගේ පෞද්ගලික මතවලට ඉඩ දෙමින් කල් අරින එක සුදුසු දෙයක් නෙවෙයි ලංකා සමසමාජ පක්ෂයේ යටියන්තොට ආසන සංවිධායක අශෝක රාජපක්ෂ මහතා මේ රජය පත්වීමත් සමගම මේ රජය මගින් පත් කරපු පළාත් සභා විෂය භාර රාජ්‍ය ඇමතිතුමා ප්‍රකෘති තත්ත්වයට පත් කරපු ජනතා මතය විකෘති තත්ත්වයට පත් කරන්න යම් උත්සාහයක් දරමින් ඉන්නවා මේ වකවානුව වනවිට. ඒක අපි තරයේ හෙළා දකිනවා. |
2020-09-07T09:55:47.000Z | ලාංකික ශ්‍රමිකයින් 56,000ක් මෙරටට පැමිණීමේ අපේක්ෂාවෙන් | රටට පැමිණීමේ අපේක්ෂාවෙන් ලාංකික ශ්‍රමිකයින් රැසක් | COLOMBO (News 1st) : විදේශගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 56,000ක් යළි මෙරටට පැමිණීමට අපේක්ෂාවෙන් සිටින බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි. මේ පිරිස යළි ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් සිදුවන්නේ කුමක්ද? ඊයේ සන්ඩේ ටයිම්ස් පුවත්පත එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් ලැබුණු ඊමේල් පණිවිඩයක් උපුටා දක්වමින් වාර්තා කළේ, එහි සිටින ශ්‍රී ලාංකිකයින් 350,000 අතරින් 25,000 - 30,000 අතර පිරිසක් ආපසු ඒමට අපේක්ෂාවෙන් සිටින බවයි. ඉන් 14,000 ක් ඉතා අසරණ තත්ත්වයේ සිටින බව පුවත්පත් වාර්තාවේ සඳහන් විය. මේ අතර සෞදි අරාබියේ රියාද් නුවර මාෂා කඳවුරේ මාස ගණනාවක සිට 30 කට අධික ශ්‍රී ලාංකිකයින් පිරිසක් සිරවී සිටී. මෙම පිරිස රඳවා සිටින්නේ වීසා අවසන් වීම, වැටුප් නොලැබීම ඇතුළු විවිධ හේතු මුල් කරගෙනයි. ශ්‍රමියකයින්ගේ අදහස් - අපිට රස්සාවල් නැහැ. දැන් මාස හතරකින් 5කින් පඩි නැහැ . මොකද මේ කියලා අපිට තේරෙන්නේ නැහැ . ඇයි අපිට ප්ලයිට් එකක් එවන්නේ නැත්තේ? ලංකාවෙන් එනකොට විදේශසේවා එකේ අපි රක්ෂණය වෙනවා. අඩු ගානේ රක්ෂණයෙන්වත් අපිට ටිකට් එකක් දෙන්න බැරිද? අපි මෙතන අසරණ වෙලා දුක් විදිනවා. මෙතන අවුරුදු දෙකක්. අවුරුදු දෙකක් දැන්. මගේ අවුරුද්දෙ පඩිය ගන්න අවුරුදු දෙකක්. ඇයි මෙහෙම කරන්නෙ ? අපේ දරුවො අසරණ වෙලා. කවද්ද එන්නෙ කියලා අහනවා. මොනවද අපි කියන්නෙ ? අපිව අද යවනවා හෙට යවනවා කියලා ඇයි අපිව යවන්නෙ නැත්තෙ ? අපි ලංකාවට කවද්ද එන්නෙ ? අපි මේ රටට ඇවිල්ලා අවුරුදු 5ක් වෙනවා දැනට. ඇයි..? හාම්පුතාගෙන් අවුරුදු දෙකෙන් අපේ වීසා කැන්සල් වෙනවා. ඇයි ඒ ගැන කවුරුත් යවන්නෙ නැත්තෙ ? අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානයේ සභාපති සරෝජා පෝල්රාජ් මහතා මේ විදෙස්ගත කාන්තාවන් මේ කොවිඩ් 19 නිසා විදෙස්ගත වෙලා ඉන්න අයගෙන් බොහෝ අය ඒ රටවල්වලදිත් අතවරයන්ට ලක්වෙච්ච ඒවා, අතවරයන් නිසා ගැබ් ගත්ත අවස්ථා එහෙම වාර්තා වෙනවා. එතකොට ඒ කාන්තාවන් ලංකාවට ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙළ මොකක්ද ? ඒ හිංසනයන් හා අපරාධවලට ලක්වෙච්ච මිනිස්සුන්ගෙ ජීවිතවලට ගන්නා වගකීම මොකක්ද ? අපි ඇතැම් විටෙක ඒ වගේ අතවරයක් නිසා. ඉතින් එතකොට ඒ පිටරටක ගෘහ සේවිකාවක් හැටියට ගිහිල්ලා අතවරයට ලක්වෙලා එහෙම ගැබ්ගැනීමක් සිද්ධවෙච්ච කාන්තාවකට ගබ්සාවේ අයිතිය ලංකාවෙ තියෙනවාද? මේ අතර කොවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් ගෙන්වා ගැනීමේ වැඩ පිළිවෙළ පිළිබඳව අද පැවති උත්සවයක් අතරවාරයේ යුද හමුදාපතිවරයාගෙන් මාධ්‍යවේදීන් විමසුවේ ය. යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා මොනතරම් අමාරුකම් තිබ්බත් අපි ඔවුන් සියලු දෙනාම ශ්‍රී ලංකාවට රැගෙන එන්න ශ්‍රී ලංකාවේ රජය විසින් සැලසුමකට අනුව කරගෙන යනවා. නමුත් යම් යම් කල්වේලා බැලුවට පස්සෙ ප්‍රමාදයන් ඇති.ඒ හැම ප්‍රමාදයක්ම රටේ ජීවත්වන සමාජයේ ඉන්න ශ්‍රී ලාංකිකයන්ගේ යහපත වෙනුවෙන් තමයි ඒ ප්‍රමාදයන් ඇති වෙලා තියෙන්නෙ. ඒ නිසා තමයි තාමත් අද දිනය වනවිටත් අපිට සමාජයේ කොවිඩ් පැතිර යාම වළක්වා ගනිමින් ශ්‍රී ලංකාවට රැගෙන එන්නෙ. මේක ඉතාමත් පහසු කාර්යයක් නෙවෙයි. එන අයවලුන් කොවිඩ් සමග එද්දී ඔවුන් නිරෝධායනය කරන අවස්ථාව දක්වා ඔවුන් PCR පරීක්ෂණයෙන් හමුවන තෙක් කාලපරාසය තුළ අපි ඔවුන්ව තවත් පුද්ගලයෙකුට පැතිර නොයන ආකාරයෙන් රැක බලාගෙන කරන ක්‍රියාවලිය. මේ අතර ඔස්ට්‍රේලියාවේ ද වෝක් ෆ්‍රී පදනම සහ පොදු රාජ්‍ය මණ්ඩලීය මානව හිමිකම් මුල පිරීම එක්ව සකස්කළ වාර්තාවක දැක්වෙන්නේ ලොව නුතන වහල්වාදයට ගොදුරු වූ මිලියන 40.3 ක පිරිස අතරින් සියයට 40 ක් ශ්‍රී ලංකාව ප්‍රමුඛ පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල පුද්ගලයින් බවයි. එවැනි ඉහළ අගයක් පොදු රාජ්‍ය මණ්ඩලීය රටවලින් වාර්තා වීම කෙරෙහි කොවිඩ් වසංගතයද බලපා ඇතැයි අදාළ වාර්තාවේ සඳහන් ය. |
2020-09-07T08:58:31.000Z | හම්බන්තොට මහා පරිමාණයෙන් රජයේ ඉඩම් අල්ලන පිරිසක් | හම්බන්තොට රජයේ ඉඩම් අල්ලන පිරිසක් | COLOMBO (News 1st) : හම්බන්තොට දිස්ත්‍රික්කයේ මහා පරිමාණයෙන් රජයේ ඉඩම් අල්ලන පිරිස් ගැන අද පැවති දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී සාකච්ඡාවට ලක්විය. දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම අද පැවැත්වුණේ දකුණු ආණ්ඩුකාර විලී ගමගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය උපුල් ගලප්පත්ති යන මහත්වරුන්ගේ සම සභාපතිත්වයෙනි. චමල් රාජපක්ෂ මහතා , නාමල් රාජපක්ෂ මහතා , මහින්ද අමරවීර මහතා යන අමාත්‍යවරුන් මෙන්ම දකුණු පළාතේ රාජ්‍ය ආයතන ප්‍රධානීන්ද මීට එක්ව සිටිය හ. හම්බන්තොට දිස්ත්‍රික්කයේ අලි - මිනිස් ගැටුම සම්බන්ධයෙන් හම්බන්තොට ප්‍රාදේශීය සභාවේ සභාපති අනුර සමරගුණරත්න මහතා ඉදිරිපත් කළ ප්‍රශ්නයක් හේතුවෙන් රැස්වීමේදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි. වනජීවී දකුණු පළාත් සහකාර අධ්‍යක්ෂ චන්න සුරවීර මහතා මේ සත්තුන්ට ගමන් කරන්න පුළුවන් වෙන්න මිනිස්සුන්ට හානියක් නොවන විදියට ඒක එහෙම කරන්නේ නැති තාක්කල් මේ ප්‍රශ්නය විසදන්න බෑ. අන්තිමට මේ ප්‍රශ්නය වනජීවී දෙපාර්තමේන්තුවටත් ප්‍රාදේශීය ලේකම්තුමාලට අපි ඔක්කෝටම තමා වදේ වෙන්නේ. අහිසංක මිනිස්සු තමා මේකෙන් දුක් විදින්නේ. විශේෂයෙන්ම අලි ගමන් කරන්නෙ බොහෝවිට ඒ ගොල්ලන්ට නිදහසේ ගමන් කරන්න පුළුවන් ප්‍රදේශවල විතරයි. හොඳම උදාහරණය තමා මේ අවුරුද්දේ මාර්තු මාසෙ ඉදන් ජූනි මාසෙ වෙනකන් එක අලි මරණයක් තිබුණේ නෑ. එක මිනිස් මරණයක් තිබුණේ නෑ. මිනිස්සු මිනිස්සුන්ගෙ සීමාවේ හිටියා. සත්තු සත්තුන්ගෙ සීමාවේ හිටියා. කොටස් ටික හරියට හදුනගෙන සත්තුන්ට යන්න පුලුවන් ප්‍රදේශයක් ඊළඟට මිනිස්සු අපි ඉන්න ඕන කොහෙද කියන එකත් මිනිස්සු සමහරවිට කැලෑ මැද ඉන්නවා නම් ඒවා වට කරලා විදුලි වැටක් ගහලා ඒගොල්ලන්ට ආරක්ෂාව ලබා දෙන්න පුළුවන්. ඊළඟට සත්තුන්ට යන මාර්ග ටික පැහැදිලි කරලා දුන්නොත් අඩු ගානෙ ඒගොල්ලන්ට මීටර් 500ක කෑල්ලක් හරි මාරුවෙන්න දෙනවා නම් දෙන්න පුළුවන් ඒගොල්ලන්ට යන්න පුළුවන්. වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා දැන් හඳුනාගත්ත ප්‍රදේශවලට මොනාහරි සලකුණක් යොදනවාද ? චන්න සුරවීර මහතා සලකුණු කරලා තියෙන්නේ. සලකුණු කළාට ඇමති තුමනි අපිට කරන්න බැරි මේක මහා පරිමාණයේ අල්ලා ගැනීම් තියෙනවා. ඒක නීත්‍යානුකූල නොවන අල්ලා ගැනීම්තියෙනවා. එතකොට එහෙම වෙච්චම ඒ ප්‍රශ්නෙ හින්ද තමයි. ප්‍රශ්නය ඒවා අයින් කරන්න. එළිෆන්ට් කොරිඩෝස් ටික අල්ලාගෙන ඉන්නවා නම් සම්පුර්ණ පියවර ගන්න ඕනේ. පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා හැබැයි මිනිස්සු වගා කරපු ඉඩම්වල අයිතිය දෙන්න ඕනේ. චන්න සුරවීර මහතා හරියට ගිහිල්ලා ගොවි සංවිධානවල පුද්ගලයොත් එක්ක කතා කරොත් ඒ පුද්ගලයෝ කියයි කොයි වාගේ තත්ත්වයක්ද ඇති වෙලා තියෙන්නේ කියලා. නමුත් හඩ විදියට ඉදිරියට එන්නේ බිම් මට්ටමේ අයගේ හඩ නෙවෙයි. මත්තල තියෙන ඉඩම්වල කිසිම අයිතියක් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට නෑ. ඔක්කෝම ඉඩම් මහවැලියේ සහ වන සංරක්ෂණ දෙපාර්තමෙන්තුව යටතේ. ඉතින් ඒවාගේ ඒවාට අපිට කටයුතු කරන්න බෑ. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ තියෙන ඉඩම්වල කිසි විදියකට එහෙම අල්ලගන්න අපි දීලා නෑ. |
2020-09-07T08:36:20.000Z | කොමිෂන් කන්නද? - අධිකරණ ඇමති | කොමිෂන් කන්නද? - අධිකරණ ඇමති | COLOMBO (News 1st) : 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන දැන් පුළුල් සංවාදයක් රට තුළ නිර්මාණය වී තිබේ. කෙටුම්පත සකස් කිරීමට මූලිකත්වය දුන් අධිකරණ අමාත්‍යවරයා කළුතරදී මේ පිළිබඳව පැහැදිලි කළේ ය. අපි මේ ඇවිල්ලා ඉන්නේ වැඩ කරන්න මිසක් සංශෝධන කර කර අලුතින් පොත් ලියන්න නෙවෙයි. දහනම වැනි සංශෝධනය උස්සගෙන ආවා දැන් ඒක ඉවත් කරනවා. ඇයි ඉවත් කරන්නේ? වැඩ කරන ජනාධිපතිතුමාට වැඩ කරන්න පුළුවන් පරිසරයක් නිර්මාණය කරලා දෙන්න. පොලිස් කොමිසමට බලය දුන්නා දහනව වැනි සංශෝධනයෙන් අලුත් කොමිසම් ගෙනාවා. මොනවාද ඒකෙන් බලාපොරොත්තු වුණේ. අපරාධ අඩුවෙන්න ඕනේ එහෙම නේද? අපරාධ අඩු වුණාද ? වැඩි වුණාද ? 2015දී කුඩු පරික්ෂා කිරීම සඳහා ආවා 6700ක්, 2016 දී 7900 ක් වුණා. 2018 දී 11,000ක් වුණා, 2018 වසරේදී 12,000 ක් වුණා, ගිය අවුරුද්දේ 16,000ක් වුණා. මේ වසරේ මේ වෙද්දි 14,000ක් වෙලා එහෙනම් කොමිසන් තියලා වැඩක් තියෙනවද? කොමිසන් ද ඕනේ අපරාධ නතර කරන්න ද ඕනේ? ඒ හින්ද තමයි අපි කල්පනා කරලා තියෙන්නේ කොමිෂන් ඇති රිපෝට් හදලා හදලා යවලා වැඩක් නෑ.මේ කොමිෂන් කන්නද? |
2020-09-07T08:04:25.000Z | හන්තාන කඳුවැටියේ කොටසක් ගිනි තබයි | හන්තාන කඳුවැටියේ කොටසක් ගිනි තබයි | COLOMBO (News 1st) : හන්තාන කඳුවැටියේ බටහිර බෑවුමේ ජනතා වතු සංවර්ධන මණ්ඩලයට පරිපාලන බලය හිමි භූමියේ කොටසක් කිසියම් පිරිසක් විසින් වැටවල් ඉදිකර වෙන් කර තිබේ. එහි කොටසක් ගිනි තබා විනාශ කර ඇති අයුරු ද දක්නට ලැබුණි. හන්තාන කළමනාකරණ කමිටු සාමාජික අමිත් සේනානායක මහතා 2010 පෙබරවාරි 17 වැනිදා නිකුත් කළ 16යි 41 කියන අති විශේෂ ගැසට් පත්‍රයෙන් පාරිසරික සහ නියාමනය කිරීමේ බලය මධ්‍යම පරිසර අධිකාරියට. කිසියම් පිරිසක් සංවිධානාත්මකව මෙහි ඉඩම් අත්පත් කිරීමේ මුවාවෙන් මේ පාරිසරික පද්ධතිය ගිනි තබමින් ඉන්නවා. ප්‍රශ්නය තියෙන්නේ මේක මධ්‍යම පරිසර අධිකාරියට කළමනාකරණය සහ නියාමනය කිරීමේ බලය ලැබිලා තියෙද්දිත් ඔවුන් මේ සම්බන්ධයෙන් කළමනාකරණය කරන්නෙත් නැහැ. ඊළඟට අනිකුත් ආයතන ජනතා වතු සංවර්ධන මණ්ඩලය හෝ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව, ඔවුන්ට හිතුමතේ හිතුවක්කාර ලෙස මේ වනවිට ඉඩම් බැහැර කිරීම් සිද්ධ කරනවා. එහි ප්‍රතිඵලයක් ලෙස මේ සියලු සිද්ධි සිද්ධ වෙමින් තියෙන්නේ. මධ්‍යම පළාත් පරිසර සංරක්ෂණ එකමුතුවේ සාමාජික මහීල් බණ්ඩාර මහතා පරිසරය විනාශ කරනවා කියන්නේ සංවිධානාත්මක අපරාධයක් වගේ තමයි. මේ නැතිවෙන්නේ අපිට හුස්ම ටික අපිට තියෙන ජලය තමයි මේ නැතිවෙන්නේ අපේ ජීවිත තමයි පරිසර විනාශයෙන්. පරිසරය විනාශ වෙනකම් ඇස් වහගෙන හිටපු නිලධාරින්ට නීතිය ඉදිරියේ එක හා සමානව දඩුවම් කරන ලෙස ඉල්ලා සිටිනවා. |
2020-09-07T07:31:31.000Z | New Diamond නෞකාවේ පාලනය කළ ගින්න නැවතත් - නාවික හමුදාව | New Diamond නෞකාවේ පාලනය කළ ගින්න නැවතත් | COLOMBO (News 1st) : අයහපත් කාලගුණික තත්ත්වයත් සමග හටගත් අධික සුළං ප්‍රවාහය නිසා New Diamond නෞකාවේ පාලනය කර තිබූ ගින්න නැවතත් හටගෙන තිබෙන බව නාවික හමුදාව නිවේදනයක් නිකුත් කරමින් පවසයි. නාවික හමුදාව සඳහන් කළේ , ආපදාවට පත්වූ නෞකාව සංගමන්කන්ද තුඩුවට නාවික සැතපුම් 30 කට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ මේ වනවිට පවතින බව ය. ගින්න පාලනය කිරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව, ගුවන් හමුදාව, ඉන්දීය නාවික හමුදාව, ඉන්දීය වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව ඇතුළු පාර්ශවකරුවන්ට අයත් නෞකා, ගුවන් යානා සහ ටග් යාත්‍රා යොදා ගනිමින් කඩිනමින් කටයුතු කරමින් සිටී. ආපදා කළමනාකරණ කණ්ඩායම් ඊයේ සවස ගින්න පාලනය කිරීමෙන් පසු ගින්න වැළැක්වීමට දහන අපෝෂක රසායනික ද්‍රව්‍ය හා ජලය යොදා ගනිමින් සිදු කළ ආපදා කළමනාකරණ මෙහෙයුම අඛණ්ඩව සිදු කළ බව නාවික හමුදාව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටක් සඳහන් විය. |
2020-09-07T06:51:33.000Z | මෙරට තුළ PCR පරීක්ෂණ 2,39,907 ක් | මෙරට තුළ PCR පරීක්ෂණ 2,39,907 ක් | COLOMBO (News 1st) - මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 3123 ක් දක්වා ඉහළ ගොස් තිබේ. වෛරසය ආසාදිතව රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 186 කි. සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2925 ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කළේය. තවත් කොරෝනා රෝගින් දෙදෙනෙකු ඊයේ(06) දිනයේ දී වාර්තා විය. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ එක්සත් අරාබි එමීර් රාජ්‍ය හා ඉන්දියාවේ සිට පැමිණ නිරෝධායනට ලක්වෙමින් සිටි දෙදෙනෙකු එලෙස කොරෝනා අසාදිතයින් ලෙස හඳුනාගත් බවයි. කොරෝනා අසාදිතයින් හඳුනා ගැනීම සඳහා මෙරට තුළ PCR පරීක්ෂණ 2,39,907 ක් සිදුකර ඇතැයි කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. එම මධ්‍යස්ථානය පැවසුවේ ඊයේ දිනය තුළ පමණක් PCR පරික්‍ෂණ 1,820 ක් සිදුකර ඇති බවයි. ඒ අනුව අද උදෑසන වනවිට කන්දකාඩු සහ සේනපුර පුනරුත්ථාපන මධ්‍යස්ථානයන්ට සම්බන්ධ සියලු ආසාදිතයින් සංඛ්‍යාව 640 කි. ඒ අතරට පුනරුත්ථාපනය වන රැඳවියන් 519 දෙනෙකු , කාර්ය මණ්ඩලය 67 දෙනෙකු, ආරාධිත කාර්ය මණ්ඩලය 05 දෙනෙකු , පවුල් හා සමීපතමයින් 48 දෙනෙකු සහ වැලිකඩ බන්ධනාගාරයේ කොරෝනා ආසාදිත වූ රැඳවියා ඇසුරු කළ පුද්ගලයින් අයත් වේ. මේ අතර කොරෝනා හේතුවෙන් විදේශයන්හි සිරවී සිටි ශ්‍රීලාංකිකයින් 110 දෙනෙකු අද දිවයිනට පැමිණියේය. ඒ, ජර්මනිය, ඩුබායි, කටාර්, ඉන්දියාව හා ජපානයේ සිටයි. එසේම තවත් 86 දෙනෙකු අද දිනයේ පැමිණීමට නියමිතව තිබේ. එම සියලුදෙනා නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට කටයුතු සූදානම් කර තිබේ. එසේම අද දිනයේදී යුද හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළින් පුද්ගලයින් 32 දෙනෙකු තම නිරෝධායන කටයුතු අවසන් කර නිවෙස් වෙත පිටත්ව යාමට නියමිතය. මේ වනවිට නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර තම නිවෙස් වෙත පිටව ගොස් ඇත පුද්ගලයින් සංඛ්‍යාව 38,359 කි. ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 63 ක් තුළ පුද්ගලයින් 6610 දෙනෙකු නිරෝධායනය වෙමින් ඇතැයි කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේය. ඒ අනුව, කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයට අදාලව පුද්ගලයින් 626 දෙනෙකු මේ වනවිට පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇති අතර දැනට එම මධ්‍යස්ථානයට සම්බන්ධව ප්‍රතිකාර ලබන කොරෝනා ආසාදිත පුද්ගලයින් සංඛ්‍යාව 14 කි. |
2020-09-07T06:35:20.000Z | New Diamond නෞකාවේ අභ්‍යන්තර ගිනි සම්පූර්ණයෙන් නිවීමට තව දින දෙකක් ගත වෙයි - ගුවන් හමුදාව | New Diamondහි අභ්‍යන්තර ගිනි නිවීමට තවත් දින දෙකක් | COLOMBO (News 1st) : ශ්‍රී ලංකාවට ආසන්න මුහුදේදී ගිනි ගැනීමට ලක්වූ New Diamond නෞකාවේ අභ්‍යන්තර ගිනි ගැනීම් සම්පූර්ණයෙන් නිවා දැමීමට තව දින 2 ක් පමණ ගත වනු ඇතැයි ගුවන් හමුදාව පවසයි. ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘෘප් කැප්ටන් දුෂාන් විජේසිංහ මහතා අප කළ විමසුමකදී ප්‍රකාශ කළේ, අදාළ ගින්න නිවීම සඳහා අද උදෑසනත් ගිනි නිවීමේ ද්‍රාවණ කිලෝග්‍රෑම් 1000ක් ඉසීමට කටයුතු කළ බවයි. ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසූවේ නෞකාව ඇතුළත යකඩ කොටස් උණුවීම හේතුවෙන් එක්වරම ගින්න නිවා දැමීම අසීරු වී ඇති බවයි. මේ දක්වා නැව අභ්‍යන්තරයට ගිනි නිවීමේ ද්‍රාවණ එක්කිරීමේ හැකියාවක් ලැබී නොමැති බව ද ඔහු ප්‍රකාශ කළේ ය. මේ අතර New Diamond නෞකාව ගලවා ගැනීමේ මෙහෙයුම් සඳහා පැමිණි විශේෂඥයින් පිරිස නෞකාව ආසන්නයට ළඟා වී ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා පැවසුවේ ය. නෞකාව ගලවා ගැනීමේ කටයතු සඳහා තවක් විශේෂඥයින් පිරිසක් ඊයේ රාත්‍රියේ මත්තල ගුවන් තොටුපොළෙන් දිවයිනට පැමිණියේ ය. මේ අතර නෞකාවේ ඉදිරි කටයුතු පිළිබඳ සොයා බැලීම සඳහා රුහුණු විශ්වවිද්‍යාලයේ සාගර විද්‍ය අධ්‍යන අංශයේ නාරා ආයතනයේ සහ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ විශේෂඥයින් පිරිසක් අද New Diamond නෞකාව ආසන්නයට ළගා වීමට නියමිත ය. New Diamond නෞකාව මේ වනවිට පවතින්නේ, ගොඩබිම සිට නාවික සැතපුම් 28 ක් දුරින් ය. ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කැප්ටන් දුෂාන් විජේසිංහ මහතා පැවසුවේ අද දිනයේත් නිරීක්ෂණ ගුවන් යානා යොදා නෞකාවේ තත්ත්වය පිළිබඳ වාර්තාවක් ලබා ගැනීමට නියමිත බවයි. ඉන්දියානු වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවට අයත් ඩ්‍රෝනියර් යානාවක් මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ සිට ආපදාවට පත් නෞකාව පිහිටි මුහුදු ප්‍රදේශයේ නිරීක්‍ෂණ කටයුතු ආරම්භ කළේ ය. මේ අතර ග්‍රීසියේ ඇතෑන්ස් නුවර පිහිටි සමාගමක් වන නෞකාවේ වාණිජ හිමිකරු මේ වනවිට නැව ගලවා ගැනීමේ කටයුතු සිංගප්පූරු සමාගමට භාරකර තිබේ. නාවික හමුදාව නිවේදනය කළේ, එම ආයතනය විසින් නෞකා මෙහෙයුම් සඳහා බොරතෙල් සම්බන්ධ විශේෂඥයින් හා උපකරණ New Diamond නෞකාව වෙත යොමු කරමින් ඇති බවයි. ධීවර දෙපාර්තමේන්තුවේ සෝදිසි මෙහෙයුම් අංශයේ සහකාර අධ්‍යක්ෂ පද්මප්‍රිය තිසේරා මහතා ධීවර ප්‍රජාවට දැනුම් දෙන්නේ, New Diamond නෞකාව ආශ්‍රිත ප්‍රදේශයට යාමෙන් වළකින ලෙසයි. කුවේට්හි මීනා අල් අහමදි වරායේ සිට ඉන්දියාවේ පරාදීප් වරාය දක්වා යාත්‍රා කරමින් තිබූ New Diamond නෞකාවේ පසුගිය බ්‍රහස්පතින්දා පෙරවරුවේ මෙම ගින්න හටගත්තේ ය. ගින්න ඇතිවන අවස්ථාවේ නෞකාව යාත්‍රා කරමින් තිබුණේ සංගමන්කන්දේ සිට නාවික සැතපුම් 38 ක් පමණ දුරින් ය. පැනමා ධජය යටතේ යාත්‍රා කළ එම නෞකාවේ බොරතෙල් ලීටර් මෙට්ට්‍රික් ටොන් දෙලක්ෂ 70,000 ක් සහ නෞකාවට අවශ්‍ය ඩීසල් ලීටර් මෙට්ට්‍රික් ටොන් 1700 ක් පමණ වේ. |
2020-09-07T06:02:02.000Z | අත්තනගලු ඔයේ පහළ ද්‍රෝණියේ සුළු ගංවතුර තත්ත්වයක් ඇති විය හැකියි - වාරිමාර්ග දෙපාර්තමේන්තුව | වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක් | COLOMBO (News 1st) : අත්තනගලු ඔයේ පහළ ද්‍රෝණියේ ඇතැම් ස්ථානවල අද රාත්‍රී කාලයේදී සුළු ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ සුගීශ්වර සීනිපැල්ලගේ මහතා සඳහන් කළේ, විශේෂයෙන් ගම්පහ - ජා ඇල මාර්ගය , කිරිඳිවිට - ගනේමුල්ල මාර්ගය හා කිරිඳිවිට අවට ස්ථාන කිහිපයකදී ජලයෙන් යටවිය හැකි බවයි. |
2020-09-07T05:43:44.000Z | 20 වන ව්‍යවස්ථා සංශෝධනය පරාජය කිරීමට සමගි ජනබලවේග පාර්ලිමේන්තු කණ්ඩායමේ තීරණයක් | 20 පරාජයට සමගි ජනබලවේගයෙන් තීරණයක් | COLOMBO (News 1st) : 20 වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත පරාජය කිරීමට සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු කණ්ඩායම ඒකමතිකව තීරණය කර තිබේ. |
2020-09-07T04:53:15.000Z | යටියන්තොටදී බස් රථයක් අඩි 250ක ප්‍රපාතයකට පෙරළෙයි | බස් රථයක් අඩි 250ක ප්‍රපාතයකට පෙරළෙයි | COLOMBO (News 1st) : යටියන්තොට, හල්ගොල්ල වත්ත ප්‍රදේශයේදී බස් රථයක් ප්‍රපාතයකට පෙරළී තිබේ. මෙසේ අනතුරට ලක්ව තිබෙන්නේ යටියන්තොට, හල්ගොල්ල වත්තේ සිට අවිස්සාවේල්ල කර්මාන්තපුරයේ ඇඟලුම් කම්හලකට සේවකයින් ප්‍රවාහනය කරන බස් රථයකි. බස් රථය අඩි 250 ක පමණ ප්‍රපාතයකට පෙරළී තිබේ. අදාළ අනතුර වන අවස්ථාවේ බස් රථයේ රියැදුරු පමණක් සිට ඇති අතර ඔහු බරපතල තුවාල ලබා තිබේ. අප වාර්තාකරු පැවසුවේ ඔහු මේ වනවිට කරවනැල්ල මුලික රෝහලට ඇතුළත් කර ඇති බවයි. |
2020-09-07T04:02:39.000Z | වැටලීමකින් බස්නාහිර පළාතේ මත්ද්‍රව්‍ය සමග 637 ක් අත්අඩංගුවට | බස්නාහිර පළාතේ මත්ද්‍රව්‍ය සමග 637ක් දැලේ | COLOMBO (News 1st) : බස්නාහිර පළාත තුළ සිදු කළ විශේෂ වැටලීමකදී මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් 637ක් අත්අඩංගුවට ගෙන තිබේ. බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක කළ එම වැටලීමේදී හෙරොයින් සමග අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් සංඛ්‍යාව 283කි. එහිදී පොලිස් භාරයට ගෙන ඇති හෙරොයින් ප්‍රමාණය ගෑම් 217 කට ආසන්න වේ. ඊයේ උදෑසන 6.00 සිට අද උදෑසන 5.00 දක්වා ක්‍රියාත්මක කළ එම වැටලීමේදී ගංජා ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් පුද්ගලයින් 124 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය සඳහන් කළේ ය. |
2020-09-07T04:36:08.000Z | රාජිත සේනාරත්න ඇතුළු තිදෙනෙකුට සිතාසි | රාජිත සේනාරත්න ඇතුළු තිදෙනෙකුට සිතාසි | COLOMBO ( News 1st ) : හිටපු ධීවර අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතාට, වරාය නීතිගත සංස්ථාවේ සභාපති උපාලි ලියනගේ සහ එම සංස්ථාවේ හිටපු කළමනාකරණ අධ්‍යක්ෂ නීල් රවින්ද්‍ර මුණසිංහ නැමැති විත්තිකරුවන් තිදෙනාට ලබන ඔක්තෝම්බර් 29 වැනිදා මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි යැවීමට කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා අද නියෝග කළේ ය. රාජිත සේනාරත්න මහතා ධීවර අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ මෝදර ධීවර වරාය ඉතා අඩු මුදලකට පෞද්ගලික සමාගමකට බදු පදනම මත ලබාදීමෙන් රජයට අති විශාල පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් අල්ලස් හා දුෂණ විමර්ශන කොමිෂන් සභාව පවරා ඇති නඩුව එදිනට කැඳවීමට තිරණය කළ විනිසුරුවරයා එම නියෝගය කර තිබේ. 2014 අගෝස්තු 01 වැනිදා සහ 2014 නොවැම්බර් 01 අතර කාලය තුළදී රජයට පාඩුවක් සිදුවන බව දැනගෙනම පෞද්ගලික සමාගමකට මෝදර ධීවර වරාය අඩු මුදලකට බදු දීමෙන් අල්ලස් පනත යටතේ සහ ලංකා දණ්ඩනීති සංග්‍රහය යටතේ ගැනෙන වැරදි සිදු කළේ යැයි චෝදනා නගා තිබේ. |
2020-09-07T00:31:12.000Z | ප්‍රේමලාල් ජයසේකරට පාර්ලිමේන්තු සැසි වාර සඳහා සහභාගිවීමට අවසර | ප්‍රේමලාල්ට පාර්ලිමේන්තුවට යන්න අවසර | COLOMBO (News 1st) - පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් මරණ දඬුවම නියම වී සිටින ප්‍රේමලාල් ජයසේකර මහතා පාර්ලිමේන්තුවට රැගෙන යන ලෙසට අභියාචනාධිකරණය අද නියෝග කර තිබේ. ඒ, ඔහු ගොනුකළ පෙත්සම විභාග කර තීන්දුවක් දෙන තෙක් බලපැවැත්වෙන පරිදි අතුරු නියෝගයක් නිකුත් කරමින් ය. පෙත්සම විභාගයට ගැනීමට අවසරදුන් අධිකරණය එහි වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබූ වැලිකඩ බන්ධනාගාරයේ අධිකාරිවරයා සහ පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට ලබන 29 වනදා අධිකරණ හමුවේ පෙනී සිටින ලෙස ද නියෝග කර තිබිණි. පෙත්සම්කරුගේ මන්ත්‍රී ධූරය මේ දක්වා අභියෝගයට ලක්කර නොමැති බැවින් මහජන ඡන්දෙන් තේරීපත්වූ මහජන නියෝජිතයෙකු වූ ඔහුට පාර්ලිමේන්තු ගොස් දිවුරුම්දීමේ වරප්‍රසාදය හිමි බව අභියාචනාධිකරණය අවධාරණය කර තිබේ. |
2020-09-07T00:16:59.000Z | M.L.A.M හිස්බුල්ලා ජනාධිපති කොමිසම වෙත | M.L.A.M හිස්බුල්ලා ජනාධිපති කොමිසම වෙත | COLOMBO (News 1st) - ප්‍රකාශයක් ලබා දීම සඳහා, නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර M.L.A.M හිස්බුල්ලා අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකය හමුවට පැමිණ තිබේ. |
2020-09-07T00:25:20.000Z | අමෙරිකාවේ කොරෝනා ව්‍යාප්තිය යළිත් උත්සන්න වෙයි | අමෙරිකාවේ කොරෝනා ව්‍යාප්තිය යළිත් ඉහළට | COLOMBO (News1st): අමෙරිකාවේ කොරෝනා ව්‍යාප්තිය යළිත් වරක් උත්සන්න වී තිබේ. ඒ, එරට ප්‍රාන්ත 50 න් 22 කින්ම නව ආසාදිතයන් වාර්තා වීම ඉහළයාමත් සමගිනි. මීට සති තුනකට පෙර අමෙරිකාවෙන් නව ආසාදිතයන් වාර්තා වීම ඉහළගොස් තිබුණේ හවායි , ඉලිනොයී සහ දකුණු ඩකෝටා යන ප්‍රාන්තවල පමණක් වුවත් මේ වනවිට ජනාකීර්ණ බවින් අඩු බටහිර සහ දකුණු දිග ප්‍රදේශවලින් නව ආසාදිතයන් වාර්තා වීම ඉහළගොස් තිබේ. ශීත කාලයේදී ඉන්ෆ්ලුවෙන්සා රෝගීන් ඉහළ යාමේ අවදානමක් පවතින බැවින් ශීත කාලගුණය එළැඹීමට පෙර කොරෝනා ව්‍යාප්තිය පාලනය කළ යුතු බව අමෙරිකාවේ සෞඛ්‍ය බලධාරීහූ පෙන්වා දෙති |
2020-09-06T23:57:48.000Z | නවගමුවේ නිවසකට තාප්පයක් කඩා වැටීමෙන් තරුණියක් මරුට | තාප්පයක් කඩා වැටීමෙන් තරුණියක් මරුට | COLOMBO (News 1st) - නවගමුව, කොතලාවල පාසල් මාවතේ නිවසක් මතට තාප්පයක් කඩා වැටිමෙන් කාන්තාවක් මියගොස් තිබේ. පොලීසිය පැවසුවේ සිද්ධියෙන් තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇති බවය. 25 හැවිරිදි කාන්තාවක් එලෙස මියගොස් ඇති අතර තුවාලකරුවන් රෝහල් ගතකර ඇති බව පොලීසිය සඳහන් කළේය. |
2020-09-06T23:50:35.000Z | නවදිල්ලි අගනුවර මෙට්‍රෝ දුම්රිය සේවය අද සිට යළි ඇරඹේ | නවදිල්ලිහී මෙට්‍රෝ දුම්රිය සේවය යළි ඇරඹේ | COLOMBO (News1st) :නවදිල්ලි අගනුවර මෙට්‍රෝ දුම්රිය සේවය අද සිට යළි ඇරඹේ ඉන්දියාවේ නවදිල්ලි අගනුවර මෙට්‍රෝ දුම්රිය සේවය අද සිට යළි ඇරඹේ. කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් මෙම දුම්රිය සේවාව අවලංගු කෙරුණේ ඉකුත් මාර්තු මාසයේදීය. මේ අතර ඉන්දියාවේ බෙංගලූරූ නගරයේ කොරෝනා ආසාදනය වී සුවවූ අයෙකුට යළි එම වෛරසය ආසාදනය වී තිබේ. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, 27 හැවිරිදි මෙම කාන්තාවගේ සිරුරේ කොරෝනා වෛරසයට එරෙහි ප්‍රතිදේහ නිපදවී නොමැති බවය . කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් නවදිල්ලියේ නිවෙස් තුළට වී නිරෝධායනය වන පුද්ගලයන් සංඛ්‍යාව ඉකුත් දින 16 තුළ සියයට 80 ක ප්‍රතිශතයකින් ඉහළ ගොස් තිබෙන බව ඉන්දීය මාධ්‍ය පවසයි. මේ අතර කේරල ප්‍රාන්තයේ මුදල් අමාත්‍ය තෝමස් අයිසැක් හට ද කොරෝනා ආසාදනය වී තිබේ. |
2020-09-06T21:35:44.000Z | 'හයිෂෙන්' බලපෑම එල්ලවිය හැකි මිලියන 8ක ජනතාවකට ඉවත් වන්නැයි දැනුම් දීමක් | 'හයිෂෙන්': විශාල පිරිසකට ඉවත් වන්නැයි දැනුම් දීමක් | COLOMBO (News 1st) - හයිෂෙන් සුළි කුණාටුවෙන් ජපානයට දැඩි බලපෑම් එල්ල වී ඇති බව වාර්තා වේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ජපානයේ ගුවන් ගමන් සහ උමං දුම්රිය සේවා ද තාවකාලිකව අත්හිටුවා ඇති බවයි. හයිෂෙන් සුළි කුණාටුවෙන් බලපෑම් එල්ලවිය හැකි ප්‍රදේශවල මිලියන 8 ක ජනතාවකට ඉන් ඉවත්වන ලෙස එරට බලධාරීන් දැනුම් දී තිබේ. |
2020-09-06T21:17:22.000Z | විදේශීය විශේෂඥයින් නිව් ඩයමන්ඩ් නෞකාව ආසන්නයට.. | විශේෂඥයින් නිව් ඩයමන්ඩ් නෞකාව ආසන්නයට | COLOMBO (News 1st) - දිවයිනට පැමිණි විශේෂඥයින් පිරිස නිව් ඩයමන්ඩ් නෞකාව වෙත ළගා වී ඇතැයි නාවික හමුදාව පවසයි. නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා පැවසුවේ, ගලවා ගැනීමේ කටයුතු පිළිබඳ විශේෂඥයින් 6 දෙනෙකු එලෙස නෞකාව වෙත රැගෙන යමින් ඇති බවයි. නිව් ඩයමන්ඩ් නෞකා මෙහෙයුම සඳහා 10 දෙනෙකුගෙන් යුත් බ්‍රිතාන්‍ය හා නෙදර්ලන්ත විශේෂඥයින් පිරිසක් ඊයේ දිවයිනට පැමිණියේය. මෙම පිරිසට මුදවා ගැනීමේ මෙහෙයුම් විශේෂඥයින්, ආපදා තක්සේරුකරුවන් හා නීති උපදේශකයෙකු ද ඇතුලත් වේ. ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කැප්ටන් දුෂාන් විජේසිංහ මහතා පැවසුවේ අද දිනයේත් නිරීක්ෂණ ගුවන් යානා යොදා නෞකාවේ තත්ත්වය පිළිබඳ වාර්තාවක් ලබා ගැනීමට නියමිත බවයි. ඉන්දියානු වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවට අයත් ඩ්‍රෝනියර් යානාවක් මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සිට ආපදාවට පත් නෞකාව පිහිටි මුහුදු ප්‍රදේශයේ නිරීක්‍ෂණ කටයුතු ආරම්භ කරනු ලැබුවේය. මේ අතර නිව් ඩයමන්ඩ් නෞකාවේ වාණිජ හිමිකරු වන ග්‍රීසියේ ඇතෑන්ස් නුවර පිහිටි ආයතනය විසින් ආපදා ගැලවුම්කාර පාර්ශවය ලෙස සිංගප්පූරුවේ ජාත්‍යන්තර ආයතනයක් පත් කර තිබේ. නාවික හමුදාව නිවේදනය කළේ එම ආයතනය විසින් නෞකා මෙහෙයුම සඳහා බොරතෙල් සම්බන්ධ විශේෂඥයින් හා උපකරණ නිව් ඩයමන්ඩ් නෞකාව වෙත යොමු කරමින් ඇති බවයි. මේ අතර ධීවර දෙපාර්තමේන්තුවේ සෝදිසි මෙහෙයුම් අංශයේ සහකාර අධ්‍යක්ෂ පද්මප්‍රිය තිසේරා මහතා ධීවර ප්‍රජාවට දැනුම් දෙන්නේ නිව් ඩයමන්ඩ් නෞකාව ආශ්‍රිත ප්‍රදේශයට යාමෙන් වළකින ලෙසයි. කුවේට්හි මීනා අල් අහමදි වරායේ සිට ඉන්දියාවේ පරාදීප් වරාය දක්වා යාත්‍රා කරමින් තිබූ නිව් ඩයමන්ඩ් නෞකාවේ පසුගිය බ්‍රහස්පතින්දා පෙරවරුවේ මෙම ගින්න හටගත්තේය. ගින්න ඇතිවන අවස්ථාවේ නෞකාව යාත්‍රාකරමින් තිබුණේ සංගමන්කන්දේ සිට නාවික සැතපුම් 38 ක් පමණ දුරිනි. පැනමා ධජය යටතේ යාත්‍රා කළ එම නෞකාවේ බොරතෙල් ලීටර් මෙට්ට්‍රික් ටොන් දෙලක්ෂ 70000 ක් සහ නෞකාවට අවශ්‍ය ඩීසල් ලීටර් මෙට්ට්‍රික් ටොන් 1700 ක් පමණ වේ. මේ අතර ශ්‍රී ලංකාවට ආසන්න මුහුදේදී ගිනි ගැනීමට ලක්වූ නිව් ඩයමන්ඩ් නෞකාවේ ගින්න සම්පුර්ණයෙන් නිවා දමා ඇතැයි නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා ඊයේ ප්‍රකාශ කළේය. නාවික හමුදාපතිවරයා ප්‍රකාශ කළේ කෙසේ වෙතත් යළි ගින්න ඇතිවීමේ අවදානමක් ද පවතින බවයි. |
2020-09-06T21:02:05.000Z | අද දිනයේ දිවයින ආශ්‍රීතව වැසි හා සුළං තත්ත්වයේ අඩුවීමක් | අද දිවයින ආශ්‍රීතව වැසි හා සුළං තත්ත්වයේ අඩුවීමක් | COLOMBO (News 1st) - අද දිනයේ දිවයින ආශ්‍රීතව වැසි හා සුළං තත්ත්වයේ අඩුවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. කෙසේ වෙතත්, බස්නාහිර, සබරගමුව , මධ්‍යම, වයඹ හා ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවල විටින් විට වැසි ඇතිවන බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය. දිවයින වටා පැයට කිලෝමීටර් 50 ක් පමණ වන සුළං විටින් විට ඇතිවිය හැකි බව ද, එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා පැවසුවේය. මේ අතර, කුඩා සහ එක්දින ධීවර යාත්‍රා, අද මධ්‍යහන 12 දක්වා මුහුදු යාමෙන් වළකින්නැයි ධීවර දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. මේ අතර, දිස්ත්‍රික්ක 5 කට නායයෑම් පිළිබඳ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබේ. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ වසන්ත සේනාධීර මහතා පැවසුවේ අද පස්වරු 6.30 දක්වා එම නිවේදනය ක්‍රියාත්මක වන බවයි. |
2020-09-06T19:27:48.000Z | ගෙවුණු දවස උණුසුම් කළ පුවත්… | ගෙවුණු දවස උණුසුම් කළ පුවත්… | දේශීය පුවත් 1. එජාප ජාතික ලැයිස්තු අසුනට පාර්ලිමේන්තු යන්නේ රනිල්ද? :එක්සත් ජාතික පක්ෂයේ 74 වන සංවත්සරය ඊයේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැත්විණි. මෙම අවස්ථාව සඳහා පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ පිරිසක් සහභාගී විය. 2. බැසිල් පාර්ලිමේන්තු එනවාද ....? : ඉදිරියේදී පාර්ලිමේන්තුවට පැමිණීමට අපේක්ෂා කරන්නේදැයි මාධ්‍යවේදීන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතාගෙන් ඊයේ විමසා සිටියේ ය. 3. රු. කෝටි 2100 ක හදිසි විදුලි මිලදී ගැනීමේ සූදානමක් : රුපියල් කෝටි 2100 ක හදිසි විදුලි මිලදීගැනීමේ සූදානමක් පිළිබඳ පාරිභෝගික අයිතින් සුරැකීමේ සංවිධාන කිහිපයක් ඊයේ අනාවරණය කළේ ය. 4. New Diamond ගින්න: සමාලෝචනය හා උපදෙස් දීමට නීතිපති සමග සාකච්ඡාවක් : ගිනි ගැනීමට ලක්වූ නෞකාව සම්බන්ධයෙන් ඊයේ නීතීපති දෙපාර්තමේන්තුවේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්විය. 5. බිත්තර මිල හෙට සිට රුපියල් 2 කින් පහළට : බිත්තර මිල හෙට සිට රුපියල් 2.00 කින් පහළ දමන බව, සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි. විදෙස් පුවත් 1. හයිෂෙන් සුළි කුණාටුවෙන් ජපානයේ ලක්ෂ දෙකකට පීඩා : හයිෂෙන් සුළි කුණාටුව හේතුවෙන් ජපානයේ ලක්ෂ දෙකකට අධික පිරිසකට අනාරක්ෂිත ප්‍රදේශවලින් ඉවත් වන්නැයි නියෝග කර තිබේ. |
2020-09-06T11:04:35.000Z | බද්දේගම ජනතාවගේ ජීවිතය ගැන තීරණය කරන ගිං ගඟ | මිනිස්කමේ සුවඳ අරං එන ගම්මැද්ද | COLOMBO ( News 1st ) : වැස්සට, සුළඟට, අව්වට හුරුපුරුදු කණ්ඩායමක් මේ දවස්වල ගෙවල්වලට එනවා මිනිස්සු හම්බ වෙන්න. මිනිස්කමේ සුවඳත් අරං එන නිසා මිනිස්සුත් ඒ අය එනකං බලාගෙන ඉන්නවා. බද්දේගම පැත්තේ ගම්වල ජනතාවගේ ජීවිතය ගැන තීරණය ගන්නේ ගිං ගඟ. ගඟේ වතුර මට්ටම ඉහළ ගියොත් ගංවතුර එනවා. වතුර බැස්සොත් නියඟය පැමිණේ. බද්දේගම, ස්වර්ණපුර ගමට තියෙන්නේ වෙනම ප්‍රශ්නයක් ය. ගිං ගඟේ වතුර තිබ්බට වගාබිම්වලට ගෙන්න ගන්න විදිහක් නෑ. ඒ, ඇළක් නැති නිසා ය. අක්කර 250 ක් අවුරුදු 10 ක ඉඳල පුරන් වෙනවා. බොන්න වතුරත් නැහැ. පැත්තකින් කුඹුරු පුරන් වෙනවා තවත් පැත්තකින් ජීවිත තනි වෙනවා. එකම විසඳුම ඇලක් කපලා වතුර දෙන එක. බද්දේගම, නවබැරිල්ල වත්ත ගම්මානයට එකතු වෙන්නේ ගංවතුරෙන් බේරිල්ලක් නැති මිනිස්සු ය. මීට අවුරුදු 10 කට කලින් පවුල් 180 මේ ගමට පැමිණියේ ය. ගමට ආවේ මිනිස්සු විතරයි බොන වතුර නම් අද වෙනතුරු ඇවිත් නැහැ. 2017 ගිං ගඟ ජල ව්‍යාපෘතියෙන් භූගත ජලය රැස්කරන ටැංකියක් සෑදුවේ ය. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු කියන්නේ ඒ වතුර නොබොන ලෙස ය. ගම් දාලා මෙහෙට ආපු මිනිස්සුන්ට ඇති එකම සැනසීම ගංවතුර නැති එක විතරයි . හැබැයි අද වනතුරු තිබහට වතුර නම් නැහැ. මන්නාරම, මාන්දෙයි බටහිර මූන්‍ඩ්‍රාම්පිටි කියන්නේ ධීවර ගම්මානයක් ය. පවුල් 400න් 350 කරන්න ධීවර රස්සාවයි. මේ අයට ප්‍රශ්න දෙකකි. 1. මුහුදු ඛාදනය රළ සාලෙටම පැමිණේ. රැල්ල පාගන්න මුහුදට යන්න ඕනෙ නෑ. ගෙදර ඉඳන්ම රළ පාගන්න පුළුවන් ය. 2. ප්‍රදීපාගාරයක් නැති එක ජීවිතවලට එළියකුත් නැහැ . රස්සාව කරලා ගොඩට එන්න එළියකුත් නැහැ. ගූගල් යුගයක් ගැන කතා කලාට මේ ගමේ අය දකින්නේ මුහුද අයිනේ කළුගල් මිස Google නම් නෙවෙයි. ගමටම දුරකතන සංඥා නැහැ. කොරෝනා කාලයේ ළමයි online ඉගෙන ගත්තට මේ ළමයින්ට එවැනි අවස්ථාවක් නොවී ය. කටුගම්පල ගමට අනුරාධපුරයේ , ගල්පොත්තේ ගම ඉඳන් කිලෝමීටර් පහක් ඇතුළට යන්න ඕන . ගොඩ බෝග වගා කරන පවුල් සිය ගණනක් වතුර නැතිව දුක් විඳී. මේ මිනිස්සු බොන්නේ සල්ලි වතුර ය. සල්ලිවලට වතුර ගන්නත් කිලෝමීටර 03 ක් යන්න ඕන. හොඳ වතුර ටිකක් දෙන්න කියලා බලධාරීන් ළඟ හඬා වැටුණු කඳුළු ටික එකතු කළා නම් වැවක් හදන්න තිබුණි. කුරුණෑගල බුවනෙකබා රාජ සභාවට වෙච්ච දේ මතක අපිට අනුරාධපුර ,වෙහෙරගල වලගම්බා රජ සමයේ විහාරස්ථානයක් දක්නට ලැබුණි. ගම්මු කියන්නේ මෙහෙ පුරාවස්තු තියෙන බවයි. මේ වනවිටත් පන්සල නිධන් හොරුන්ගේ ග්‍රහණයට හසු වෙලා. බලධාරීන් එක්කෝ දන්නේ නැහැ. නැතිනම් බලන්නේ නැහැ. https://www.facebook.com/NewsfirstSL/videos/608950453105719/ |
2020-09-06T10:50:20.000Z | එජාප ජාතික ලැයිස්තු අසුනට පාර්ලිමේන්තු යන්නේ රනිල්ද? | එජාපයෙන් පාර්ලිමේන්තු යන්නේ රනිල්ද? | COLOMBO ( News 1st ) : එක්සත් ජාතික පක්ෂයේ 74 වන සංවත්සරය අද සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැත්විණි. මෙම අවස්ථාව සඳහා පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ පිරිසක් සහභාගී විය. මෙම සංවත්සරය සැමරීමේ උළෙල ආවරණය කිරීමට මාධ්‍යයට අවස්ථාව හිමිවූයේ නැහැ. උත්සවයට පාක්ෂිකයින් පිරිසක්ද සහභාගී විය. මාධ්‍යවේදී ප්‍රශ්නය කීවෙනි සංවත්සරයද සමරන්නේ පිළිතුර සංවත්සරය හැත්ත හය. මාධ්‍යවේදී ප්‍රශ්නය මතකත් නෑ නේ පිළිතුර මතක නෑ ඇත්තටම අපි පක්ෂෙ ගොඩනගන්න සංවත්සරය මතක තියාගෙන හිටියේ නෑ. එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක් උත්සවයෙන් අනතුරුව අදහස් පළ කළේ ය. මාධ්‍යවේදී ප්‍රශ්නය සංවත්සර සැමරීම කොහොමද? එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා අපි ආගමික වතාවත්වලට මුල් තැන දීලා පක්ෂයේ සැමරීම සිදු කළා. මාධ්‍යවේදී ප්‍රශ්නය එක්සත් ජාතික පක්ෂයේ සංවත්සරය මාධ්‍යයට ආවරණය කරන්න දෙන්නේ නැති පළවෙනි අවස්ථාව ඇයි මේ වජිර අබේවර්ධන මහතා නෑ මම හිතන්නේ නෑ එහෙම දෙයක් සිදු වුණා කියලා මාධ්‍යවේදී ප්‍රශ්නය කාවද යෝජනා වෙලා තියෙන්නේ නායකත්වයට දැන් රුවන් විජේවර්ධන මහත්මයාට දෙන්න එපැයි කියලා සමහරක් කට්ටිය කියනවා. වජිර අබේවර්ධන මහතා පක්ෂයක් හැටියට තක්සේරු කරලා ඒ ගැන කටයුතු කළ යුතුව තිබෙනවා මාධ්‍යවේදී ප්‍රශ්නය රුවන් විජේවර්ධන මහත්මයාට දැන් දෙන්න සූදානමක් තියනවද තරුණ නායකයෙක් . වජිර අබේවර්ධන මහතා මම එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් ඉදිරිපත් කරලා තිබෙන්නේ. එක්සත් ජාතික පක්ෂයේ ආරක්ෂාව සඳහා. එක්සත් ජාතික පක්ෂයේ අනාගතය සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග මහතා පාර්ලිමේන්තුවට දැනට යන්න පුළුවන් හොදම දක්ෂ කෙනා රනිල් වික්‍රමසිංහ මහත්මයා. මොකද විසි වෙනි සංශෝධනය හින්දා. එහෙම නැතුව එතුමා නම් කැමැත්තක් නෑ. නීති ගැන එතකොට ඔය ගේන සංශෝධන ගැන මම හිතන්නේ අපේ ඉන්න කණ්ඩායමේ දක්ෂම පුද්ගලයා එතුමා. අපි මෙච්චර කල් එතුමා යන්නත් බෑ කිව්වා. අපි යන්නත් එපා කිව්වා. දැන් නමුත් අද අපිට තේරිලා තියනවා මේ වගේ විනාශ වෙන සංශෝධනයක් ගේනවනම් ඒකට කතා කරන්න පුළුවන් පුද්ගලයෙක් අපි යවන්න ඕන කියලා. එතුමා තමයි මං හිතන්නේ පාර්ලිමේන්තුවේ ඒ ගැන කතා කරන්න පුළුවන් 225 ම ඉන්න දක්ෂයා. මං හිතනවා එතුමාගෙන් ඒ හොද නරක දෙපැත්තම රටට දැනුවත් කෙරෙන්න හා ආණ්ඩුවට දැනුවත් කෙරෙන්න මම හිතනවා එතුමා ගියොත් හොදයි කියලා. මාධ්‍යවේදී ප්‍රශ්නය ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයට රනිල් වික්‍රමසිංහ මහත්මයා ඉදිරිපත් වෙන එක අනිවාර්යයි ද? අර්ජුන රණතුංග මහතා තාම නෑ එතුමා තාම ඒකට කැමැත්තක් කරන්නේ නෑ.මේක මං හිතන්නේ අපෙන් එන යෝජනාවක්. මාධ්‍යවේදී ප්‍රශ්නය සංවත්සරය දවසේ වත් ඔබතුමන්ලාට හිතෙන්නේ නැද්ද මේකට මේ තරුණ නායකයෙක් ඕන කියලා අර්ජුන රණතුංග මහතා තරුණම කියලා ඕන් නෑනේ , දැන් ජනාධිපතිතුමා තරුණද? අගමැතිතුමා තරුණද? පොහොට්ටුවේ ඉන්න නායකයෝ තරුණද?එහෙම හිතන්න එපා.ඒක නායකයෝ කියන එක්කෙනා තරුණම වෙන්න ඕන් නෑ.නායකයෝ කියන්නේ කැප්ටන්ස්ලත් ඉන්නවා ලීඩස්ලත් ඉන්නවා.කැප්ටන්ලා ටීම් එක කැප්ටන් කරනවා.ලීඩස්ලා තමයි දිනන්නේ. මාධ්‍යවේදී ප්‍රශ්නය මාධ්‍යයට විවෘත නොකරන්න මොනවාහරි ප්‍රධාන හේතුවක් තිබුණද? හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් විජේවර්ධන මහතා නෑ ඒක ගැන මම කොහෙමද දන්නේ නෑ.ඒක මම හිතන්නේ මහලේකම් තුමාගෙන් අහන්න ඕන.ඒක ගැන මම දන්නේ නෑ ඇත්තටම. මාධ්‍යවේදී ප්‍රශ්නය රනිල් වික්‍රමසිංහ මහත්මයා සූදානම්ද ඔබතුමාට නායකත්වය භාර දෙන්න? රුවන් විජේවර්ධන මහතා රනිල් වික්‍රමසිංහ මැතිතුමා කියලා තියනවා තරුණ නායකත්වයක් එන්න අවශ්‍යයි කියලා.මං හිතනවා මේ සතියේ යම් කිසි තීරණයක් ගනියි කියලා. මාධ්‍යවේදී ප්‍රශ්නය දැන් ඔබතුමා සම්පූර්ණයෙන්ම සූදානම්ද නායකත්වය භාර ගන්න? රුවන් විජේවර්ධන මහතා අනිවාර්යෙන්ම. අනිවාර්යෙන්ම. මම සම්පූර්ණයෙන්ම සූදානම් නායකත්වය භාර ගන්න. මාධ්‍යවේදී ප්‍රශ්නය ඔබතුමා නායකත්වයට සුදානම් ඔබතුමා නෙමෙයිද ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට යා යුත්තේ ? රුවන් විජේවර්ධනමහතා නෑ මම ඉස්සර ඉදන්ම කිව්වේ ජාතික ලැයිස්තුවට මං යන්නේ නෑ කියලා. මම පාර්ලිමෙන්තුවට යනවා නම් මම ජනතාවගේ ඡන්දයෙන් තමයි පාර්ලිමේන්තුවට යන්න බලාපොරොත්තු වෙන්නේ ? |
2020-09-06T10:20:53.000Z | බැසිල් පාර්ලිමේන්තු එනවාද ....? | බැසිල් පාර්ලිමේන්තු එනවාද ....? | COLOMBO ( News 1st ) : ඉදිරියේදී පාර්ලිමේන්තුවට පැමිණීමට අපේක්ෂා කරන්නේදැයි මාධ්‍යවේදීන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතාගෙන් අද විමසා සිටියේ ය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා කවදාවත් අපි 19 ට පක්ෂ වෙලා නෑ. මම නම් ඡන්දේ පාවිච්චි කළෙත් නෑ. අපේ එක මන්ත්‍රීවරයෙක් පාවිච්චි කළෙත් නෑ. ඒත් එක්කම හුඟාක් දෙනෙක් ඡන්දය පාවිච්චි කළේ 20 ගේනවයි කියන පොරොන්දුව උඩ. මාධ්‍යවේදී ප්‍රශ්නය ඔබතුමා පාර්ලිමේන්තුවට එන්න අදහස් තියෙනවාද? බැසිල් රාජපක්ෂ මහතා නෑ දැන්ම එහෙම අවශ්‍යතාවක් නෑ. මෙතන හොඳයි වාගේ මාධ්‍යවේදී ප්‍රශ්නය 20 දී යම් යම් අඩුපාඩුකම් පෙන්වලා දෙනවා. ඒකේදී ජනාධිපතිවරයාට වැඩිම බලතයක් දෙනවා. බැසිල් රාජපක්ෂ මහතා ඔව් ඉතින් ජනතාව වැඩිම බලය දුන්නේ එතුමාටනේ. විධායක ජනාධිපති ක්‍රමය තියෙනවා නම් ඒ ක්‍රමය යටතේ අනිවාර්යෙන්ම ජනාධිපතිතුමාට වගකීමයි බලයයි දෙකම දෙන්න තමයි ජනතාවගේ අපේක්ෂාව. බැසිල් රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේ කොටදෙණියාව බඩල්ගම පිහිටි රබර් නිශ්පාදනාගාරයක නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් ය. දේශීයව භාවිත කිරීම සඳහා එම ආයතනයෙන් රබර් ආශ්‍රිත නිශ්පාදන ලබාගැනීම මෙම නිරීක්ෂණ චාරිකාවේ මුලික අරමුණයි. |
2020-09-06T09:34:10.000Z | රු. කෝටි 2100 ක හදිසි විදුලි මිලදී ගැනීමේ සූදානමක් | රු. කෝටි 2100 ක හදිසි විදුලි මිලදී ගැනීමේ සූදානමක් | COLOMBO ( News 1st ) : රුපියල් කෝටි 2100 ක හදිසි විදුලි මිලදීගැනීමේ සූදානමක් පිළිබඳ පාරිභෝගික අයිතින් සුරැකීමේ සංවිධාන කිහිපයක් අද අනාවරණය කළේ ය. රුපියල් කෝටි 2100 ක් ගෙවා අධික මිලට හදිසි විදුලි මිලදී ගැනීමකට ලංකා විදුලිබල මණ්ඩලයේ සූදානමක් පවතින බව පාරිභෝගික අයිතින් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසයි. ඔවුන් පවසන්නේ කෙටිකාලීන පදනම මත හොංකොං සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයට අයත් සමාගම් වෙත මේ වනවිටත් ටෙන්ඩර් පිරිනැමීමට අවශ්‍ය පියවර ලංකා විදුලි බල මණ්ඩලය මගින් ගෙන ඇති බවයි. එක් විදුලි ඒකයක් සඳහා ගෙවීමට යෝජිතව ඇත්තේ රුපියල් 31 කට ආසන්න මුදලක් ය. පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා කෙටි කාලීන පදනම මත විදේශීය සමාගම් දෙකකින් හොංකොං සමාගමක් සහ ඩුබායි සමාගම් දෙකකින් මෙගාවොට් 128 ක් විදුලි මිලදී ගැනීමක් කරන්න යනවා. ඉතාමත්ම අනීතික අකාරයට. අපි කියනවා විදුලි ඉංජිනේරුවෝ ඉන්නවා විදුලි මාෆියාව පිටිපස්සේ. විදුලිබල අමාත්‍යාංශ නිලදාරීන් ඉන්නවා. සමහර තානාපතිවරු ඉන්නවා. සහ විදුලිබල ඇමතිවරයා කියන පරිදිම පාර්ලිමේන්තුව තුළත් ඉන්නවා ඒ දූෂිත මාෆියාවට උදව් කරන දේශපාලකයෝ . ඉතින් ඒ නිසා තමයි දැන් මෙන්න මේ විදුලිය මිලදී ගැනීම කරන්න තියෙන්නේ. මෙයින් රටට අහිමිවන මුදල කෝටි 2100 ක් . කොයි රජය ආවත් මේ විදුලි මාෆියාව ක්‍රියාත්මක වෙන බව තමයි පෙනෙන්නට තියෙන්නේ. අදිකාරීවරයාගේ අත්වැරදීම එය හිතාමතා කළ කාර්යක් බවට දැන් අපිට පැහැදිලියි. මහජන උපයෝගීතා කොමිසමට අපි කියනවා මේ රටේ විදුලි පාරිභෝගිකයෝ රැක ගැනීමේ වගකීම තියෙන්නේ මහජන උපයෝගීතා කොමිසමට. පනත මගින්ම දීලා තියනවා. ඒ නිසා මේවට මේ තියන අනුමැතිය දෙන්න එපා. විදුලි බල මණ්ඩලය හාන්සි කරවන කෝටි 2100 ක් රටට අහිමි කරන මේ විදුලි මාෆියාව නැවතීම සඳහා වහාම කටයුතු කරන්න. මේ අතර මහජන අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය අද කොළඹදී මාධ්‍ය සාකච්ඡාවක් කැඳවා තිබුණි. මහජන අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු අනුරුද්ධ සෝමතුංග මහතා ඒ වගේම මේ හා සම්බන්ධ වන්නා වූ පුද්ගලික ජල විදුලි බලාගාර හිමි විදුලි හිඟයක් නිර්මාණය වනවිට විදුලි බලය සම්පාදනය කරන්නා වූ ව්‍යාපාරිකයෝ ඉන්නවා. ඒ විතරක් නෙමෙයි. මේක විශේෂයෙන්ම මධ්‍ය මට්ටමින් මෙහෙයවන්නා වූ ලංකා විදුලිබල මණ්ඩලයේ පාලන අධිකාරිය කව්රුන්ද? විදුලි ඉංජිනේරුවන් රැසකගෙන් සමන්විත වන්නා වූ මේ පාලන අධිකාරිය තමයි මේ ක්‍රියාත්මකභාවය මේ ඔපරේෂන් එක මෙහෙයවනු ලබන්නේ. ඒ නිසා අපි නිශ්චිත වශයෙන්ම කියනවා ගරු අමාත්‍යතුමනි මේ ප්‍රශ්නය ලඝු කරන්නට එපා දියවන්නවාට. |
2020-09-06T09:10:16.000Z | හයිෂෙන් සුළි කුණාටුවෙන් ජපානයේ ලක්ෂ දෙකකට පීඩා | හයිෂෙන් සුළි කුණාටුවෙන් ජපානයේ ලක්ෂ දෙකකට පීඩා | COLOMBO ( News 1st ) : හයිෂෙන් සුළි කුණාටුව හේතුවෙන් ජපානයේ ලක්ෂ දෙකකට අධික පිරිසකට අනාරක්ෂිත ප්‍රදේශවලින් ඉවත් වන්නැයි නියෝග කර තිබේ. ජපාන කාලගුණ බලධාරීන් සඳහන් කළේ, හයිෂෙන් සුළි කුණාටුව පැයට සැතපුම් 100 කට අධික වේගයකින් හමා යනු ඇති බවයි. එය කියුෂු ප්‍රදේශය පසු කරමින් සිටින අතර හෙට දිනයේදී දකුණු කොරියාවට පිවිසෙනු ඇති බවට විශ්වාස කෙරේ. මෙම කුණාටුව පැමිණෙන්නේ වසර ගණනාවකට පසුව කලාපයට බලපෑ ප්‍රබලතම සුළි කුණාටුවක් වන ''මේසැක්'' සුළි කුණාටුවෙන් පසුවයි. හයිෂෙන් සුළි කුණාටුව නිසා ජපානයේ කර්මාන්තශාලා, පාසල් සහ ව්‍යාපාරික ස්ථාන වසා දමා ඇති අතර ගුවන් ගමන් සහ දුම්රිය ගමන්වාර සිය ගණනක් අවලංගු කර තිබේ. . සුළි කුණාටුව නිසා ඇති විය හැකි තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීමට ජපානයේ කැබිනට් මණ්ඩලය හදිසියේ රැස්වීමටද නියමිත ය. එරට කාලගුණ බලධාරීන් පැවසුවේ දැඩි ලෙස අනතුරු ඇඟවීමට තරම් මෙම සුළිකුණාටුව බරපතල නොවන නමුත් වෙරළ තීරයේ අධික වැසි හා රළ පහර නිසා අවට ජනතාව බෙහෙවින් සැළකිලිමත් විය යුතු බවයි. වඩදිය බාදිය වැඩිවීම හේතුවෙන් පහත් බිම්වල හා විශේෂයෙන් ගංගා මෝය අවට ජල ගැලීම් සිදුවිය හැකි බවට ජපාන කාලගුණ ආයතනයේ පුරෝකතන අංශයේ අධ්‍යක්ෂවරයා සඳහන් කර තිබේ. මේ අතර මින් පෙර බලපෑ ''මේසැක්'' සුළි කුණාටුවට හසුව අතුරුදන්වූ නෞකාව පිළිබඳ විමර්ශන නැවැත්වීමට සිදුව ඇති බවද විදෙස් වාර්තාවල සඳහන් ය. '' ගල්ෆ් ලයිව්ස්ටොක්-වන් '' නමැති මෙම නෞකාව පසුගිය බදාදා අතුරුදන් වූයේ කාර්ය මණ්ඩලයේ 43 දෙනෙකු සහ හය දහසකට අධික එළදෙනුන්ද රැගෙන යාත්‍රා කරමින් තිබියදී ය. |
2020-09-06T07:24:27.000Z | දිස්ත්‍රික්ක 5 කට නායයෑමේ අනතුරු ඇඟවීම්: රූමස්සලදී ගසක් කඩා වැටීමෙන් කාන්තාවක් මරුට | කාලගුණය: රූමස්සලදී ගසක් කඩා වැටී කාන්තාවක් මරුට | COLOMBO (News 1st) : පවතින වැසි තත්ත්වය හේතුවෙන් හබරාදුව ,රූමස්සල , කුළුණු කන්ද ප්‍රදේශයේදී ගසක් කඩා වැටීමෙන් කාන්තාවක් මියගොස් තිබේ. පොලීසිය පැවසුවේ, පවතින අධික සුළං සමග කිතුල් ගසක් කඩා වැටීමෙන් ඇය මෙම අනතුරුට මුහුණ පා ඇති බවයි. අනතුරින් මියගොස් ඇත්තේ 59 හැවිරිදි කාන්තාවකි. දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එහි අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණනායක මහතා පැවසුවේ, දිවයිනේ ඇතැම් ස්ථාන වලට මිලීමීටර් 150 ඉක්ම වූ තද වැසි ඇති විය හැකි බවයි. මේ අතර, කුඩා සහ එක්දින ධීවර යාත්‍රාවලින් හෙට මධ්‍යහන 12 දක්වා මුහුදු යාමෙන් වළකින්නැයි ධීවර දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේය.. දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළං වේගය පැයට කිලෝමීටර 70 ක් පමණ දක්වා ඉහළ යාම ඊට හේතුවයි. මේ අතර දිස්ත්‍රික්ක 5 කට නායයෑම් පිළිබඳ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබේ. ඒ , කොළඹ, ගාල්ල, කළුතර, කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කවලට ය. වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ප්‍රදේශ රැසකට බලපෑම් එල්ල විය අප වාර්තාකරු පැවසුවේ බදුල්ල සහ අවට ප්‍රදේශවලට අද පස්වරුවේ ධාරානිපාත වැසි ඇද හැලුණු බවයි. මේ හේතුවෙන්, හාලිඇල කන්දෙගෙදර මාර්ගය ජලයෙන් යටවිය. මේ අතර, මාතර පොළ භූමියේ වෙළෙඳසැල් කිහිපයකට ද දැඩි සුළඟින් හානි සිදුවිය. මේ අතර කළුතර, පාලින්දනුවර, කොස්ගුලන ප්‍රදේශයේ කන්දක් මත තිබූ විශාල ගලක් මෝල්කාව-කෙලින්කන්ද ප්‍රධාන මාර්ගයට පෙරළී තිබුණි. අප වාර්තාකරුවන් පැවසුවේ ප්‍රදේශයේ නායයෑම් අවදානම හේතුවෙන් එහි පවුල් 8 ක් නිවාසවලින් ඉවත් කර ඇති බවයි. ඔවුන් මේ වනවිට කොස්ගුලන විහාරස්ථානයේ තාවකාලිකව ලැඟුම් ගෙන සිටී. මේ අතර අධික සුළං හේතුවෙන් මීගමුව - කොළඹ ප්‍රධාන මාර්ගයේ බණ්ඩාරවත්ත ප්‍රදේශයේ ගසක් අද පස්වරුවේ කඩා වැටුණි. අප වාර්තාකරුවන් පැවසුවේ එම ප්‍රදේශයේ වාහන තදබදය පැය 2කට ආසන්න කාලයක් පැවැති බවයි |
2020-09-06T07:02:16.000Z | මහ වැස්සට හාලි ඇල නගරය යටවෙයි | මහ වැස්සට හාලි ඇල නගරය යටවෙයි | COLOMBO (News 1st): දිවයිනේ පවතින වැසිබර කාලගුණ තත්ත්වය මේ වනවිට බදුල්ල, හාලි ඇල ප්‍රදේශයටද බලපා තිබේ. ඒ අනුව වර්ෂාව හේතුවෙන් හාලි ඇල නගරය ද යට වී තිබේ. |
2020-09-06T06:09:26.000Z | පවතින වැසි තත්ත්වය තවදුරටත්.. | පවතින වැසි තත්ත්වය තවදුරටත්.. | COLOMBO ( News 1st ) : දිවයිනේ දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, ඇතැම් ස්ථානවලට මි.මී. 150 ට වැඩි තද වර්ෂාපතනයන් ඇති විය හැකි බවයි. දිවයින වටා විටින් විට පැයට කිලෝ මීටර 50-60 තද සුළං ද ඇති විය හැකිය. නමුත් හෙට දිනයේදී දිවයිනේ පවතින වැසි හා සුළං තත්ත්වය තාවකාලික අඩුවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනය |
2020-09-06T05:24:45.000Z | නිරෝධායනය අවසන් කළ 552ක් නිවෙස් වෙත | නිරෝධායනය අවසන් කළ 552ක් නිවෙස් වෙත | COLOMBO (News 1st) : නිරෝධායනය අවසන් කළ තවත් පුද්ගලයින් 552 දෙනෙකු අද නිවෙස් බලා පිටත්ව ගිය බව යුද හමුදාව පවසයි. ඒ, ත්‍රිවිධ හමුදාව මගින් පාලනය වන නිරෝධායනය මධ්‍යස්ථානවල සිටයි. නිරෝධායන මධ්‍යස්ථාන 70 ක් තුළ පුද්ගලයින් 7403 දෙනෙකු මේ වනවිට නිරෝධායනය වෙමින් සිටින බව යුද හමුදාව පවසයි. මේ වනවිට නිරෝධායන අවසන් කර ඇති පුද්ගලයින් සංඛ්‍යාව 37, 522 කි. ඊයේ දිනය තුළ PCR පරීක්ෂණ 1880 ක් සිදුකර තිබේ. මේ වනවිට දිවයින පුරා සිදුකර ඇති PCR පරීක්ෂණ සංඛ්‍යාව 237,610 ක් බව යුද හමුදාව සඳහන් කළේ ය. |
2020-09-06T04:47:28.000Z | New Diamond ගින්න: සමාලෝචනය හා උපදෙස් දීමට නීතිපති සමග සාකච්ඡාවක් | New Diamond ගින්න: නීතිපති උපදෙස් පතයි.. | COLOMBO ( News 1st ) : ගිනි ගැනීමට ලක්වූ නෞකාව සම්බන්ධයෙන් අද නීතීපති දෙපාර්තමේන්තුවේදී විශේෂ සාකච්චාවක් පැවැත්විය. ගින්න නිවා දැමීමේ මෙහෙයුමට සම්බන්ධ වූ නාවික හමුදාව ,ගුවන් හමුදාව මෙන්ම සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය ඇතුළු පාර්ශව කිහිපයක් ඊට එක්ව සිටිය හ. නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා මෙතනදී සාකච්ඡා වුණේ දැනට කෙරෙන ගින්න නිවීමේ කටයුතුවලදී අපේ අනෙකුත් ආයතන විසින් කොච්චර වියදම් කරලා තියනවා ද ඒ වියදම් ආපහු අපේ ලංකාවට ගන්නවා නම් ඒ මොනවගේ ක්‍රමවේදයක්ද පාවිච්චි කරන්න ඕන සහ දැනට ගින්නේ පවතින තත්ත්වය පිළිබඳව. සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති නීතිඥ දර්ශනී ලහඳපුර මහතා අද පැවැත්වුණේ නීතීපතිතුමාගේ ප්‍රධානත්වයෙන් මේ ඇතිවෙලා තියන සිද්ධිමය ක්‍රියාදාමය ඇතුළේ ගත යුතු ක්‍රියාමාර්ග නීතීමය ක්‍රියාමාර්ග මොනවද කියන එක තමයි ඒ පිළිබඳව එතුමා අපට ඉතා පැහැදිලි විස්තරයක් කෙරුවා . සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරී ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා විද්‍යාඥයෝ කණ්ඩායමක් අද හරි හෙට හරි මෙම ස්ථානයට යාවි . සමුද්‍ර පරිසර දූෂණය ගැන වුණ හානිය ගැන සම්පුර්ණ දත්ත ලබා ගැනීම සඳහා විශේෂ අවදානයක් යොමු කළා . ඒ අනුව හෙට හෝ අද සවස නාරා ආයතනය හා අනෙකුත් සමුද්‍ර විද්‍යාඥයින් කණ්ඩායමක් අරගෙන හෙට උදේ හෝ එතන්ට යන්න බලාපොරොත්තු වෙනවා. |
2020-09-06T04:38:56.000Z | වැලිකඩ බන්ධනාගාරයට පාර්සලයක් විසි කිරීමට තැත් කළ අයෙකු අත්අඩංගුවට | වැලිකඩට පාර්සලයක් විසි කිරීමට තැත් කළ අයෙකු කොටු | COLOMBO ( News 1st ) : වැලිකඩ බන්ධනාගාරය තුළට ජංගම දුරකතන බැටරි 10ක්, හෙරොයින් හා රුපියල් 36,000 මුදලක් සහිත පාර්සලයක් විසි කිරීමට තැත්කළ සැකකරුවෙකු කොළඹ අපරාධ කොට්ඨාසය (CCD) මගින් අත්අඩංගුවට ගෙන තිබේ. |
2020-09-06T04:40:21.000Z | බිත්තර මිල හෙට සිට රුපියල් 2 කින් පහළට | බිත්තර මිල හෙට සිට රුපියල් 2 කින් පහළට | COLOMBO ( News 1st ) : බිත්තර මිල හෙට සිට රුපියල් 2.00 කින් පහළ දමන බව, සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි. ඒ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කළ ඉල්ලීමකට අනුවයි. ඒ අනුව හෙට සිට සුදු බිත්තරයක මිල රුපියල් 18 ක් ලෙසත් රතු බිත්තරයක මිල රුපියල් 18.50 ක් ලෙසත් සංශෝධනය වේ. බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර තංගල්ල කාල්ටන් නිවසේ පැවති හමුවකදී ඒ පිළිබඳ එකඟතාවකට පැමිණි බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළේය. බිත්තර මිල ඉහළ යාමට ප්‍රධාන හේතුව වී ඇත්තේ කුකුළු පැටවෙකුගේ මිල රුපියල් 350 ක පමණ ඉහළ මිලක පැවතීම බව, සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය එහිදී පෙන්වා දුන්නේ ය. එම මිල රුපියල් 175 ක් දක්වා පහළ දමන්නැයි සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ. එම අවස්ථාවේදී ම විෂය භාර අමාත්‍යවරුන් සම්බන්ධ කරගත් අග්‍රාමාත්‍යවරයා අදාළ ඉල්ලීම පිළිබඳ අවධානය යොමුකර අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නැයි දැනුම් දී තිබේ. |
2020-09-06T04:34:23.000Z | New Diamond නෞකාවේ ගින්න සම්පූර්ණයෙන්ම නිවා දමයි - නාවික හමුදාව | New Diamond නෞකාවේ ගින්න නිවා දමයි | COLOMBO (News 1st) : New Diamond නෞකාවේ ගින්න මේ වනවිට සම්පූර්ණයෙන් නිවා දමා ඇතැයි නාවික හමුදාපතිවරයා පවසයි. කුවේට්හි මීනා අල් අහමදි වරායේ සිට ඉන්දියාවේ පරාදීප් වරාය දක්වා යාත්‍රා කරමින් තිබූ New Diamond නෞකාවේ පසුගිය 03වැනිදා පෙරවරුවේ මෙම ගින්න හටගෙන තිබුණි.. ගින්න ඇතිවන අවස්ථාවේ එය යාත්‍රා කරමින් තිබුණේ, සංගමන් කන්දේ සිට නාවික සැතපුම් 38 ක් පමණ දුරිනි. ගිනි ගැනීමට ලක්වූ New Diamond නෞකාව මේ වනවිට ගොඩබිම සිට නාවික සැතපුම් 40 ක් දුරින් වූ ගැඹුරු මුහුදේ රඳවා තිබෙන බව නාවික හමුදාව පවසයි. |
2020-09-06T04:10:35.000Z | COVID-19 නිසා මෙල්බර්න් නුවර තවදුරටත් වැසේ | COVID-19 නිසා මෙල්බර්න් නුවර තවදුරටත් වැසේ | COLOMBO (News 1st) : COVID-19 ව්‍යාප්තියත් සමග ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර වසා දැමීමේ කාලය තවත් සති 02කින් දීර්ඝ කර තිබේ. මීට පෙර ප්‍රකාශයට පත් කළ සීමාවන්ට අනුව ලබන 13 වැනිදා මෙල්බන් යළි විවෘත කිරීමට නියමිතව තිබුණි. වික්ටෝරියා ප්‍රාන්ත බලධාරීන් සඳහන් කළේ , ඒ අනුව ලබන 28 වැනිදා දක්වා මෙල්බර්න් නුවර වසා තැබෙන බවයි. මේ වනවිට ඔස්ට්‍රේලියාවෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 26 278 කි. එරටින් පුද්ගල මරණ 753 ක් වාර්තා වේ. |
2020-09-06T03:18:50.000Z | සෞඛ්‍ය අංශ දැනුම් දී පැය 12 ක් තුළ ගුවන් තොටුපොළ යළි විවෘත කළ හැකියි - ඩී.වී. චානක | ගුවන් තොටුපොළ ගැන රාජ්‍ය ඇමතිගෙන් ප්‍රකාශයක් | COLOMBO (News 1st) : සෞඛ්‍ය අංශ දැනුම් දී පැය 12 ක් ඇතුළත ගුවන්තොටුපොළ යළි විවෘත කරන බව ගුවන් සේවා හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.වී චානක මහතා පවසයි. ඔහු සඳහන් කළේ, ඒ සඳහා අවශ්‍ය සියලු කටයුතු සූදානම් බවයි. |
2020-09-06T02:25:56.000Z | දුම්මලසූරියේදී නීති විරෝධී රා නිෂ්පාදානාගාරයක් වටලයි | නීති විරෝධී රා නිෂ්පාදානාගාරයක් වටලයි | COLOMBO (News 1st) : දුම්මලසූරිය ප්‍රදේශයේදී නීති විරෝධී රා නිෂ්පාදානාගාරයක් වටලා තිබේ. ඒ, වලාන දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් විසිනි. එහිදී ගෝඩා ලීටර් 4500 ටැංකි 08 ක් , ඇමෝනියා කිලෝග්‍රැම් 75 ක්, සීනි කිලෝග්‍රෑම් 50 මිටි 47 ක් සහ ඊස්ට් පැකට් 100 ක් සොයාගෙන තිබේ. වලාන දූෂණ මර්දන ඒකකයේ නිලධාරියෙකු පැවසුවේ සිද්ධිය සම්බන්ධයෙන් 33 හැවිරිදි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇති බවය. සැකකරු සහ භාණ්ඩ තොගය දුම්මලසූරිය පොලීසියට භාර දී තිබේ. |
2020-09-06T01:08:55.000Z | කාලගුණය අයහපත්, ධීවරයින්ට විශේෂ දැනුම් දීමක් | කාලගුණය අයහපත්, ධීවරයින්ට විශේෂ දැනුම් දීමක් | COLOMBO (News 1st) : කුඩා සහ එක්දින ධීවර යාත්‍රාවලින් හෙට මධ්‍යහන 12.00 දක්වා මුහුදු යාමෙන් වළකින්නැයි ධීවර දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේය. දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළං වේගය පැයට කිලෝමීටර 70 ක් පමණ දක්වා ඉහළ යාම ඊට හේතුවයි. මේ අතර දිවයිනේ වැසි සහ සුළං තත්ත්වයේ වැඩීවීමක් අදත් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මුලතිව් සහ මන්නාරම දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවය. දිවයින හරහා විටින් විට පැයට කිලෝමීටර් 50- 60 ක පමණ තරමක තද සුළං ඇති විය හැකි ය. ගිගුරුම් සහිත වැසි ඇති වනවිට අකුණු මගින් සහ තාවකාලික තද සුළං මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී. මේ අතර නායයෑමේ අවදානමක් හේතුවෙන් කළුතර, පාලින්දනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් කිහිපයක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර තිබේ. පාලින්දනුවර ප්‍රාදේශීය ලේකම් එස්. ත්‍රිමාන්න මහතා සඳහන් කළේ, අධික වර්ෂාවත් සමග කොස්ගුලණ ගම්මානයට කඳුමුදුනක සිට ගල් පෙරලීමක් සිදුව ඇති බවයි. මේ හේතුවෙන් පවුල් 11 ක පුද්ගලයින් පිරිසක් නිවෙස්වලින් ඉවත් කළ බව ඔහු පැවසුවේ ය. ජාතික ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානය අද පස්වරුවේ එම ප්‍රදේශය ස්ථානීය නිරීක්ෂණයකට ලක් කිරීමට නියමිත ය. අනතුරුව ඉදිරි ක්‍රියාමාර්ගවලට යොමුවන බව පාලින්ද නුවර ප්‍රාදේශීය ලේකම්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය. |
2020-09-06T00:31:02.000Z | නීති විරෝධීව කහ ප්‍රවාහනය කළ තිදෙනෙකු අත්අඩංගුවට | නීති විරෝධීව කහ ප්‍රවාහනය කළ තිදෙනෙකු දැලේ | COLOMBO (News 1st) : නීති විරෝධීව ලොරි රථයකින් ප්‍රවාහනය කළ කහ තොගයක් සමග සැකකරුවන් තිදෙනෙකු කල්පිටියේදී අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, නාවික හමුදාව අද අලුයම කළ වැටලීමකදීය. ලොරි රථයේ තිබී වියළි කහ කිලෝග්‍රෑම් 815 ක් සොයාගෙන තිබේ. කහ තොගය හා සැකකරුවන් කල්පිටිය පොලීසියට භාර දුන් බව නාවික හමුදාව සඳහන් කළේ ය. |
2020-09-05T22:41:49.000Z | පුවරසන්කුලම්හිදී පුරාවස්තු කැනීම් කළ 08ක් අත්අඩංගුවට | පුරාවස්තු කැනීම් කළ 08 දෙනෙකු දැලේ | COLOMBO (News 1st) : පුවරසන්කුලම්, අර්බානගර් ප්‍රදේශයේදී පුරාවස්තු කැනීම් කළ පුද්ගලයින් 08 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, පුරා වස්තු සෙවීමේ අරමුණින් පෞද්ගලික ඉඩමක කැනීම් සිදුකරන අවස්ථාවේදී ඔවුන් අත්අඩංගුවට ගත් බවයි. සැකකරුවන් සමග මෝටර් රථ දෙකක් ද පොලීසිය භාරයට ගෙන තිබේ. ඔවුන් ගම්පහ, කඩවත, අතුරුගිරිය, කටුනායක, වේයන්ගොඩ, පාදුක්ක, ප්‍රදේශවල පදිංචිකරුවන් පිරිසකි. සැකකරුවන් අද වව්නියාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය. |
2020-09-05T21:25:21.000Z | වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයෙන් ජංගම දුරකතන 13 ක් | වැලිකඩ: කාන්තා රැඳවියන්ගෙන් ජංගම දුරකතන 13 ක් | COLOMBO (News 1st) : වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා රැඳවියන්ගේ අංශයෙන් ජංගම දුරකතන 13 ක් සොයාගෙන තිබේ. බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ පරිපාලන කොමසාරිස් චන්දන ඒකනායක මහතා සඳහන් කළේ , බන්ධනාගාර බුද්ධි අංශය කළ සෝදිසි මෙහෙයුමකදී මේවා සොයාගත් බවයි. |
2020-09-05T20:58:44.000Z | New Diamond නෞකාව නිරීක්ෂණයට බ්‍රිතාන්‍ය සහ නෙදර්ලන්ත විශේෂඥයින් පිරිසක් දිවයිනට.. | ගිනිගත් නැව නිරීක්ෂණයට විශේෂඥයින් පිරිසක් දිවයිනට | COLOMBO (News 1st) : New Diamond නෞකාවේ මෙහෙයුම සඳහා 10 දෙනෙකුගෙන් යුත් බ්‍රිතාන්‍ය හා නෙදර්ලන්ත විශේෂඥයින් පිරිස අද උදෑසන දිවයිනට පැමිණියේ ය. මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ කාර්යභාර කළමනාකාරවරයා පැවසුවේ එම පිරිස රැගත් යානය බ්‍රිතාන්‍යයේ සිට අද උදෑසන 6.50 මෙරටට පැමිණි බවයි. එම පිරිසට මුදවා ගැනීමේ මෙහෙයුම් විශේෂඥයින්, ආපදා තක්සේරුකරුවන් හා නීති උපදේශකයෙකු ද ඇතුළත් ය. එම කණ්ඩායම නාවික හමුදාව මගින් කල්මුණේ සිට වේග ප්‍රහාරක යාත්‍රාවක් යොදා ගනිමින් ආපදාවට පත් නෞකාව පිහිටි මුහුදු ප්‍රදේශ වෙත රැගෙන යාමට සැලසුම් කර තිබේ. නාවික හමුදාව පැවසුවේ දහන අපෝෂක රසායනික ද්‍රව්‍ය හා ජලය යොදා ගනිමින් නෞකාවේ ගිනි නිවීම් කටයුතු හා ඊට සිසිලන ආවරණ ලබාදීම තවදුරටත් සිදු කෙරෙන බවයි. New Diamond නෞකාව මේ වනවිට ගොඩබිම සිට නාවික සැතපුම් 40 ක් දුරින් වූ ගැඹුරු මුහුදේ රඳවා තිබේ. නාවික හමුදාව පැවසුවේ ඊයේ මධ්‍යම රාත්‍රියේ ආපදා මෙහෙයුම සදහා ඕෂන් බ්ලිස් නැමැති ටග් යාත්‍රාව ද එක්වී ඇති බවයි. |
2020-09-05T20:00:01.000Z | New Diamond නැව ආශ්‍රිත ප්‍රදේශයේ විශේෂ නිරීක්ෂණයක් කිරීමේ සැලසුමක් - ගුවන් හමුදාව | ගිනිගත් නැව ආශ්‍රිත ප්‍රදේශයේ විශේෂ නිරීක්ෂණයක් | COLOMBO (News 1st) : සමුද්‍රීය නිරීක්ෂණ යානා යොදා ගනිමින් New Diamond නෞකාව ආශ්‍රිත ප්‍රදේශය නිරීක්ෂණය කිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව පවසයි. ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කැප්ටන් දුෂාන් විජේසිංහ මහතා පැවසුවේ ඒ සඳහා ගුවන් යානා දෙකක් යෙදවීමට නියමිත බවයි. ගින්න පැතිරීමේ අවදානමක් නොමැති බවට විශේෂඥයින් තහවුරු කළ පසු නෞකාව සම්බන්ධයෙන් ඉදිරි පියවර ගන්නා බව වෙළෙඳ නාවික ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් අජිත් සෙනෙවිරත්න මහතා පැවසුවේ ය. කුවේට්හි මීනා අල් අහමදි වරායේ සිට ඉන්දියාවේ පරාදීප් වරාය දක්වා යාත්‍රා කරමින් තිබූ New Diamond නෞකාවේ පසුගිය බ්‍රහස්පතින්දා පෙරවරුවේ මෙම ගින්න හට ගත්තේ ය. ගින්න ඇතිවන අවස්ථාවේ නෞකාව යාත්‍රා කරමින් තිබුණේ සංගමන්කන්දේ සිට නාවික සැතපුම් 38 ක් පමණ දුරින් ය. පැනමා ධජය යටතේ යාත්‍රා කළ එම නෞකාවේ බොරතෙල් ලීටර් මෙට්ට්‍රික් ටොන් දෙලක්ෂ 70,000 ක් සහ නෞකාවට අවශ්‍ය ඩීසල් ලීටර් මෙට්ට්‍රික් ටොන් 1,700 ක් පමණ තිබිණි. |
2020-09-05T20:45:55.000Z | ගම්මැද්ද ගෙයින් ගෙට ක්‍රියාන්විත අද මන්නාරම, අනුරාධපුර සහ ගාල්ලේදී.. | ගම්මැද්ද ගෙයින් ගෙට ක්‍රියාන්විත අද 9වැනි දිනටත් | COLOMBO (News 1st) : ගම්මැද්ද ගෙයින් ගෙට ක්‍රියාන්විතයේ 9 වැනි දිනය අදයි. මෙවර පස්වැනි වරටත් ගම්මැද්ද ගෙයින් ගෙට ක්‍රියාන්විතය දිවයින පුරා ක්‍රියාත්මක වන්නේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය විද්‍යාර්ථයින් සමග එක්වයි. ගම්මැද්ද කණ්ඩායම් අදත් මන්නාරම, අනුරාධපුර, ගාල්ල යන දිස්ත්‍රික්කවල සංචාරය කිරීමට නියමිතව තිබේ. |
2020-09-05T20:37:57.000Z | COVID- 19 අවදානම පහව ගොස් නැහැ - වෛද්‍ය පර්යේෂණ ආයතනය | COVID- 19 අවදානම පහව ගොස් නැහැ | COLOMBO (News 1st) : සමාජයෙන් කොරෝනා ආසාදිතයින් වාර්තා නොවුවද අවදානම පහව ගොස් නැතැයි වෛද්‍ය පර්යේෂණ ආයතනය පවසයි. එහි ප්‍රධාන වෛරස් රෝග විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ මහතා සඳහන් කළේ, සෞඛ්‍ය උපදෙස් නිසි ලෙස පිළිපදින ලෙසයි. සමාජය තුළින් අහඹු ලෙස තෝරාගත් නියැදි ඔස්සේ අඛණ්ඩව PCR පරීක්ෂණ සිදු කෙරෙන බව ද ජුඩ් ජයමහ මහතා පැවසුවේ ය. මේ අතර තවත් කොරෝනා රෝගීන් 6 දෙනෙකු ඊයේ වාර්තා විය. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ, කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියෙකු, බහරේන්, කටාර් හා ඉන්දියාවේ සිට පැමිණ නිරෝධායනට ලක්වෙමින් සිටි පුද්ගලයින් 5 දෙනෙකු එලෙස කොරෝනා ආසාදිතයින් ලෙස හඳුනාගත් බවයි. |
2020-09-05T19:00:11.000Z | ගෙවුණු දවස උණුසුම් කළ පුවත්… | ගෙවුණු දවස උණුසුම් කළ පුවත්… | දේශීය පුවත් 1. COVID-19 අපිට උගන්වන වැදගත්ම පාඩම මධ්‍යගත සෞඛ්‍ය සේවා පද්ධතියක අවශ්‍යතාවය – ජනපති : COVID-19 වසංගතය අපිට උගන්වන වැදගත්ම පාඩම මධ්‍යගත සෞඛ්‍ය සේවා පද්ධතියක අවශ්‍යතාවය බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. 2. New Diamond නැවෙන් කල්මුණේ රෝහලට ඇතුළත් කළ සේවකයාට කොරෝනා නැහැ : ගිනි ගැනීමට ලක්වූ New Diamond නෞකාවේ සිටි කල්මුණේ මූලික රෝහලේ ප්‍රතිකාර ලබන සේවකයා පසුගිය 04 වැනිදා PCR පරීක්ෂණයකට ලක් කර තිබේ. 3. නැවේ ගින්න මඩින්න දායක වූ සැමට ජනපති තුති පුදයි : MT New Diamond නෞකාවේ ගින්න මැඩලීමට දායක වූ සැමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ටිවිටර් පණිවුඩයක් නිකුත් කරමින් ස්තුතිය පළ කර තිබේ. 4. ගිනිගත් නෞකාවේ වත්මන් තත්ත්වය විමර්ශනයට කමිටුවක් : මෙරට නැගෙනහිර මුහුදේදී ගිනි ගත් MT NEW DIAMOND නෞකාවේ වත්මන් තත්ත්වය විමර්ශනය කිරීම සඳහා අමාත්‍යාංශ අතිරේක ලේකම්වරයෙකුගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කර ඇතැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේ ය. 5. කලා බාහිර උපාධි ලියාපදිංචිය තාවකාලිව නවතී : කලා විෂයට අදාළ බාහිර උපාධි පාඨමාලා සඳහා නව ලියාපදිංචිය තාවකාලිව නතර කිරීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව තීරණය කර තිබේ. විදෙස් පුවත් 1. බංග්ලාදේශයේ දේවස්ථානයක් අසල ගෑස් නලයක් පිපිරීමෙන් 13ක් මරුට: බංග්ලාදේශයේ දේවස්ථානයක් අසල සිදුවූ පිපිරීමකින් පුද්ගලයන් 13 ක් මියගොස් තිබේ. |
2020-09-05T11:36:38.000Z | UPDATE: බ්‍රිතාන්‍ය සහ නෙදර්ලන්ත විශේෂඥයින් පිරිසක් හෙට New Diamond නෞකාව වෙත.. | විශේෂඥයින් පිරිසක් හෙට New Diamond නෞකාව වෙත.. | COLOMBO (News 1st) : ශ්‍රී ලංකාවට ආසන්න මුහුදේදී ගිනි ගැනීමට ලක්වූ New Diamond නෞකාව වෙත යාම සඳහා 10 දෙනෙකුගෙන් යුත් බ්‍රිතාන්‍ය හා නෙදර්ලන්ත විශේෂඥයින් පිරිසක් හෙට උදෑසන මත්තල ගුවන්තොටුපොළ වෙත පැමිණීමට නියමිත ය. එම පිරිසට මුදවා ගැනීමේ මෙහෙයුම් විශේෂඥයින්, ආපදා තක්සේරුකරුවන් හා නීති උපදේශකයෙකු ද ඇතුළත් ය. මෙම කණ්ඩායම නාවික හමුදාව මගින් කල්මුණේ සිට වේග ප්‍රහාරක යාත්‍රාවක් යොදා ගනිමින් ආපදාවට පත් නෞකාව පිහිටි මුහුදු ප්‍රදේශවෙත රැගෙන යාමට සැලසුම් කර තිබේ. |
2020-09-05T11:19:17.000Z | COVID-19 ආසාදිතයින් සංඛ්‍යාව 3,121 දක්වා ඉහළට | COVID-19 ආසාදිතයින් සංඛ්‍යාව 3,121 දක්වා ඉහළට | COLOMBO ( News 1st ) : අද දිනයේ මේ වනවිට වාර්තා වන COVID-19 රෝගීන් ගණන 06 කි. ඒ අනුව මෙරට COVID-19 ආසාදිතයින් සංඛ්‍යාව 3,121 දක්වා ඉහළ ගොස් ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි |
2020-09-05T09:58:09.000Z | කාන්තාවන් බලගන්වන වනිතාභිමාන 2020 මහනුවරදී.. | කාන්තාවන් බලගන්වන වනිතාභිමාන 2020 මහනුවරදී.. | COLOMBO (News 1st) : ශ්‍රී ලංකාවේ ජනගහණයෙන් 52% ක් කාන්තාවන් ය. ඔවුන්ගේ ව්‍යවසායට ඇති හැකියාව ඉදිරියට ගෙන යාමට නිව්ස්ෆස්ට් අද පියවරක් තැබුවේ ය. ඒ, ශ්‍රී ලංකා වනිතාභිමාන 2020 වැඩසටහන ඔස්සේ ය. දැය නගන වනිතා බලගැන්වුම - ශ්‍රී ලංකා වනිතාභිමාන 2020 මෙරට කාන්තා ව්‍යවසායකයින් ඇගයීම වෙනුවෙන්ම සංවිධානය කළ වැඩසටහනයි. එහි මධ්‍යම පළාත් තරගය අද පෙරවරුවේ පැවැත්වුණේ විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් ය. NDB බැංකුව මෙම වැඩසටහන බලගන්වන අතර මධ්‍යම පළාත් ජයග්‍රාහකයින් අද පස්වරුවේ ඇගයීමට ලක්කෙරිණි. ඒ නායිකා, පරිසර කළමනාකරණය, සමාජ සේවා, ක්‍රීඩා, අධ්‍යාපන, ව්‍යවසායක (ක්ෂුද්‍ර), ව්‍යවසායක (කුඩා), ව්‍යවසායක (නැගී එන) වශයෙන් අංශ 8 ක් යටතේ ය. මෙලෙස මධ්‍යම පළාත් තරගයෙන් ජය ලැබූ 08 දෙනා ශ්‍රී ලංකා වනිතාභිමාන 2020 ජාතික තරගයට සුදුසුකම් ලබයි. මේ අතර වැඩසටහනට සමගාමීව අද දවස පුරා කැන්ඩි සිටි සෙන්ටර්හිදී වැඩසටහන් රැසක් පැවැත්වුණේ කාන්තාවන් වෙනුවෙන් ය. රූපලාවන්‍ය , මාධ්‍ය හා නායකත්ව, ස්වයං රැකියා, නීති උපදේශන අංශ මෙන්ම වෙළෙඳ ප්‍රදර්ශනයක්ද ඊට ඇතුළත් විය. |
2020-09-05T09:49:04.000Z | COVID-19 අපිට උගන්වන වැදගත්ම පාඩම මධ්‍යගත සෞඛ්‍ය සේවා පද්ධතියක අවශ්‍යතාවය - ජනපති | COVID-19 හරහා අප උගත් දේ ජනපති කියයි | COLOMBO (News 1st) : COVID-19 වසංගතය අපිට උගන්වන වැදගත්ම පාඩම මධ්‍යගත සෞඛ්‍ය සේවා පද්ධතියක අවශ්‍යතාවය බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. ජනාධිපතිතුමා මේ අදහස් පළ කළේ, කැලණිය, බොල්ලෑගල, මානෙල්වත්ත, නාගානන්ද අන්තර් ජාතික බෞද්ධ අධ්‍යන ආයතනයේ පැවති යහපත් සීමාවාසිකයා දෙවැනි දින වැඩමුළුවේ ආරධිත දේශනය පවත්වමින් ය. ''COVID-19 මැඩ පැවැත්විමට සහාය හා දායකත්වය දුන් සැමට මම මේ අවස්ථාවේ ස්තූතිවන්ත වෙනවා. සංවර්ධනය වූ රටවල් මෙම වසංගතය මැඩ පැවැත්වීමට අපොසත් වෙද්දී. ශ්‍රී ලංකාවට පුළුවන් වුණා සාර්ථක වෙන්න. මින් ඉගෙන ගත් තවත් වැදගත් පාඩමක් තමයි. මධ්‍යගත සෞඛ්‍ය සේවයක අවශ්‍යතාව. ශ්‍රී ලංකාවේ බොහො රජයේ රොහල්වල පරිපාලනය පළාත් සභාවලට තිබුණත් අපේ වාසනාවට සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ කළමනාකරණය වන රජයේ රෝහල් තිබුණා. සෞඛ්‍ය සේවාව පළාත් සභාවලට මුළුමනින්ම පවරා තිබුණේ නම්. COVID-19 වසංගතය හමුවේ ශ්‍රී ලංකාව දැක්වූ ප්‍රතිචාරය, කාර්යක්ෂමතාව, බොහෝ සෙයින් වෙනස් වෙන්න තිබුණා. ඇතැම් කාර්යයන් විෂයෙහි මධ්‍යම ආණ්ඩුවේ වගකීම. පවත්වා ගැනීමේ වැදගත්කම මෑතකාලීන අද්දැකීම්වලින් පැහැදිලි වුණා. එයින් හඳුනා ගත් තවත් ක්ෂේත්‍රයක් තමයි අධ්‍යාපනය. රාජ්‍ය පරිපාලනයේ ඉතාමත් අත්‍යවශ්‍යම පදනම වන්නේ නිරෝගීජනගහනය පවත්වා ගැනීම. සමහරක් වැදගත් සෞඛ්‍ය සේවා අරමුණු ළඟා කර ගැනීම රජයේ මුලික වගකිමක්.'' වැඩමුළුවට සහභාගී වූ ජනාධිපතිතුමා නාගානන්ද අන්තර්ජාතික බෞද්ධ අධ්‍යයන ආයතනයේ විධායක අධ්‍යක්ෂ කැලණිය, මානෙල්වත්ත විහාරාධිපති ආචාර්ය පූජ්‍ය බෝදාගම චන්දිම හිමිපාණන් බැහැ දැක කෙටි පිළිසඳරක ද නිරත වූ අතර අනතුරුව ජනාධිපතිතුමා මානෙල්වත්ත විහාරයේ බුද්ධ ශ්‍රාවිකා අධ්‍යන ආයතනයේ මෙහෙණින් වහන්සේලා සමග ද සුහඳ පිළිසඳරක නිරත විය. |
2020-09-05T09:01:14.000Z | 18ට සහ 19ට අත උස්සපු මන්ත්‍රීවරු 20ට කුමක් කරයිද? | 18ට සහ 19ට අත උස්සපු මන්ත්‍රීවරු 20ට කුමක් කරයිද? | COLOMBO (News 1st) : 18, 19 වගේම 20 ගැනත් මේ දවස්වල ලොකු කතාබහක් පවතී. 19 ගෙනාවේ 18 හොඳ නෑ කියලා ය. ඒවා ඔක්කොම වෙනුවට දැන් 20ක් ලෑස්ති ය. පහුගිය පාර්ලිමේන්තුවල සමහර මහජන නියෝජිතයො 18 ටයි 19ටයි දෙකටම මනාප පල කර තිබුණි. ඒ අයගෙන් පිරිසක් අලුත් පාර්ලිමේන්තුටත් පැමිණ ඇත. මේ එදා 18 වැනි සංශෝධනයටත් 18 අහෝසිකරල ගෙනා 19 වැනි සංශෝධනයටත් පක්ෂව අත ඉස්සූ අද පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් ය. ඔවුන් දැන් 20 වැනි සංශෝධනයේදී කුමක් කරයිද ? රෝහිත අබේගුණවර්ධන මහතා, මහින්ද යාපා අබේවර්ධන මහතා , මහින්ද අමරවීර මහතා, දිලුම් අමුණුගම මහතා , ලසන්ත අලගියවන්න මහතා , ඩලස් අලහප්පෙරුම මහතා , මහින්දානන්ද අලුත්ගමගේ මහතා , ඉන්දික අනුරුද්ධ මහතා , දිනේෂ් ගුණවර්ධන මහතා , බන්දුල ගුණවර්ධන මහතා , සිරිපාල ගම්ලත් මහතා , උදය ගම්මන්පිල මහතා , එස්.එම්.චන්ද්‍රසේන මහතා , සිසිර ජයකොඩි මහතා , පියංකර ජයරත්න මහතා, ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා , මොහාන් ද සිල්වා මහතා , නිමල් සිරිපාල ද සිල්වා මහතා , පියල් නිශාන්ත මහතා ,එස්.බී. දිසානායක මහතා , විමලවීර දිසානායක මහතා , දුමින්ද දිසානායක මහතා , ඩග්ලස් දේවානන්දා මහතා , වාසුදේව නානායක්කාර මහතා , සනත් නිශාන්ත මහතා , රමේෂ් පතිරණ මහතා , ජගත් පුෂ්පකුමාර මහතා , ජයන්ත කැටගොඩ මහතා , ඩිලාන් පෙරේරා මහතා , අරුන්දික ප්‍රනාන්දු මහතා , සහ ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා , සුදර්ශණී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය , සුසිල් ප්‍රේම්ජයන්ත මහතා, ශාන්ත බණ්ඩාර මහතා , විජිත බේරුගොඩ මහතා , අනුර ප්‍රියදර්ශන යාපා මහතා , සී බී රත්නායක මහතා , රොෂාන් රණසිංහ මහතා , කෙහෙළිය රඹුක්වැල්ල මහතා , නාමල් රාජපක්ෂ මහතා , ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා , නිමල් ලන්සා මහතා , ජානක වක්කුඹුර මහතා මෙන්ම , පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය , විදුර වික්‍රමනායක මහතා , කංචන විජේසේකර මහතා , මහාචාර්ය තිස්ස විතාරණ මහතා , තේනුක විදානගමගේ මහතා , චන්දිම වීරක්කොඩි මහතා , විමල් වීරවංශ මහතා ,මහින්ද සමරසිංහ මහතා , රංජිත් සියඹලාපිටිය මහතා , ජෝන් සෙනෙවිරත්න මහතා , ෂෙහාන් සේමසිංහ මහතා , කනක හේරත් මහතා , සහ ජයරත්න හේරත් මහතා යන මහත්ම මහත්මීන් ද මෙම ලැයිස්තුවට ඇතුළත් වෙයි. 18 සහ 19 ව්‍යවස්ථා සංශෝධන ඉදිරිපත් වූ සමයේ මැති සබයේ සිටි මහජන නියෝජිතයින් දෙදෙනෙකුගේ විශේෂත්වයක් තිබේ. එනම් චමල් රාජපක්ෂ මහතා කතානායක ධුරය හෙබවීම හා සරත් වීරසේකර මහත්මය 19 වැනි සංශෝධනයට විරුද්ධ වීමයි. වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා 18 වැනි සංශෝධනය ඉදිරිපත් වූ කාලයේ ජනාධිපති ධුරය හෙබවූයේ ය. 19 වැනි සංශෝධනය ඉදිරිපත් වනවිට එතුමා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුව සිටියේ නැහැ |
2020-09-05T09:16:04.000Z | New Diamond නැවෙන් කල්මුණේ රෝහලට ඇතුළත් කළ සේවකයාට කොරෝනා නැහැ | ගිනිගත් නැවේ සේවකයාට කොරෝනා නැහැ | COLOMBO (News 1st) : ගිනි ගැනීමට ලක්වූ New Diamond නෞකාවේ සිටි කල්මුණේ මූලික රෝහලේ ප්‍රතිකාර ලබන සේවකයා ඊයේ(04) PCR පරීක්ෂණයකට ලක් කර තිබේ. අදාළ පරීක්ෂණයන් ඔහුට කොරෝනා වැළදී නොමැති බව ද සෞඛ්‍ය අංශ තහවුරු කළේ ය. ප්‍රතිකාර ලබමින් සිටින්නේ අදාළ නෞකාවේ සේවය කළ පිලිපීන ජාතිකයෙකි. කුවේට්හි මීනා අල් අහමදි වරායේ සිට ඉන්දියාවේ පරාදීප් වරාය දක්වා යාත්‍රා කරමින් තිබූ New Diamond නෞකාවේ පෙරේදා පෙරවරුවේ මෙම ගින්න හටගෙන තිබුණි.. ගින්න ඇතිවන අවස්ථාවේ එය යාත්‍රා කරමින් තිබුණේ, සංගමන් කන්දේ සිට නාවික සැතපුම් 38 ක් පමණ දුරිනි. ගිනි ගැනීමට ලක්වූ New Diamond නෞකාව මේ වනවිට ආරක්ෂිත මුහුදු කලාපයක් වෙත රැගෙන ගොස් ඇති බව නාවික හමුදාව පවසයි. |
2020-09-05T08:52:33.000Z | ඉල්ලම පාමුල සල්ලං වෙච්ච මිනිස්සු | ඉල්ලම පාමුල සල්ලං වෙච්ච මිනිස්සු | COLOMBO (News 1st) : ගම්මැද්ද කණ්ඩායම් අදත් රත්නපුර , මුලතිව් හා පොළොන්නරුව දිස්ත්‍රික්කවල ජනතා ගැටලු සොයා ගියේ ය. කුරුවිට, ඇඳිරියන්වල ගමේ මිනිස්සුන්ට දවසට කිහිප වතාවක් මාරයා හමුවෙයි. ඒ, ගමේ තියෙන එකම පාලමෙන් එගොඩ මෙගොඩ යන විට ය. මේක වැල් පාලමක් වුණාට ගමේ මිනිස්සු එයට කියන්නේ මරු පාලම ලෙසය . මරු කියන්නේ හොඳ නිසා නෙවෙයි මරු පේන නිසා ය. පාලම උඩින් යනකොට කුරුගඟට වැටෙයි කියලා දරුවෝ බයෙන් සිටිති. කුරුවිට යනු මැණික් ඉල්ලම් තියෙන ගමකි. නමුත් මෙහෙ ඉන්නේ ඉල්ලම පාමුල සල්ලං වෙච්ච මිනිස්සු ය. මොවුන් අඩු නැතිව ගම්මැද්දට දුක පැවසුවේ ය. උටුටුපුලම් ගමේ පවුල් 400 හාරසීයක් අද වෙනතුරු පිරිසුදු වතුර පොදක් බී නොමැත. ගම්මැද්ද කණ්ඩායම හමුවේ මේ මිනිස්සු හිතේ තියෙන සියලුම බර අද මුදා හැරියේ ය. මුදල් හොයාගන්න පුළුවන් අය නළ ළිං හදාගෙන තිබේ. අනෙක් අය කොහෙන් හෝ වතුර ටිකක් හොයාගෙන බොයි. එහෙම නැති බොහෝ දෙනාට වතුර වෙනුවට ළඟ රැඳෙන්නේ කඳුළුයි, දහදියයි විතරයි. ගමට වැවක් තිබුණත් ඒ වැවෙන් නල පද්ධතියක් එලුවොත් පවුල් 400 කට වතුර බොන්න පුළුවන් ය. ගම්මැද්දත් එක්ක තියෙන ලෙන්ගතු කමට මෙහෙම දුක කිව්වට පොලොන්නරුව සෙවනපිටිය කරපොල ගමේ මිනිස්සු හඬ හඬා ම හිටියේ නැහැ . අලි උවදුරෙන් බේරෙන්න බැරිම තැන ගම්මු එකතුවෙලා අලි වැටක් හදන්න පටන් ගත්තේ ය. ධෛර්යවන්ත මිනිස්සු සෙවණපිටියේ සිටී. ඊයේ පෙරේදත් අලි ගහලා තිදෙනෙක් ජීවිතක්ෂයට පත් විය. ගමේ පවුල් 1,600න් වැඩි දෙනෙක් කරන්නේ ගොවිතැන ය. වගා කරන සේසතම අලින්ට පූජා කරන්න සිද්ධ වී ඇත. මේ ගමට තියෙන්නෙ අලි ප්‍රශ්නය පමණක්ම නොවේ. ගමේ බොන්න වතුර නැහැ. ළිංවල වතුර බොන්න එපා කියලා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු උපදෙස් දී තිබේ. ඒත් කොච්චර දවස් පිපාසය හංගන්න ද ? බැරිම තැන මේ කිවුල් වතුරෙන් දිවි ගෙවන්න පුරුදු වුණ අයගෙන් බොහෝ දෙනා අද වකුගඩු රෝගීන් ය. සෙවනපිටිය ගමට ඕන මිලියන ගණනක ව්‍යාපෘති නෙවෙයි. වතුර ටිකක්. |
2020-09-05T07:50:41.000Z | ගිනිගත් නෞකාවේ වත්මන් තත්ත්වය විමර්ශනයට කමිටුවක් | ගිනිගත් නැවේ තත්ත්වය විමර්ශනයට කමිටුවක් | COLOMBO ( News 1st ) : මෙරට නැගෙනහිර මුහුදේදී ගිනි ගත් MT NEW DIAMOND නෞකාවේ වත්මන් තත්ත්වය විමර්ශනය කිරීම සඳහා අමාත්‍යාංශ අතිරේක ලේකම්වරයෙකුගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කර ඇතැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේ ය. ''අපි අමාත්‍යාංශය විදිහට මේ පිළිබදව පූර්ණ අවදානයෙන් ඉන්නේ. අපි කමිටුවකුත් පත් කළා. සාකච්ඡාවකුත් පැවැත්වුවා. මේ එන නැවේ තෙල් කාන්දු වීමක් සිද්ධ වුණොත් දැවැන්ත පරිසර හානියක් සිදු වනබව අපි දන්නවා. ඒකට අපි මුහුණ දෙන්න ජාත්‍යන්තර වශයෙනුත් අපි සාකච්ඡා පවත්වලා තියනවා. වාසනාවට දැන් එහෙම අවදානමක් නැහැ. එහෙම තත්ත්වයක් ඇති වෙන්නේ නැහැ. ඇතිවුණානම් ලංකාවේ පරිසරය සම්පූර්ණයෙන් වෙනස් වෙන්න තිබුණා'' මේ අතර MT NEW DIAMOND නෞකාවේ ඇති වූ ගින්න මැඩලීමට දායක වූ සැමට ජනාධිපති ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ස්තුතිය පළ කරයි. ජනාධිපතිතුමා මේ බව සඳහන් කර ඇත්තේ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ය. ශ්‍රී ලංකා නාවික හමුදාවට, ගුවන් හමුදාවට හා ශ්‍රී ලංකා වරාය අධිකාරියට ද ස්තුතිය පළ කර ඇති ජනාධිපතිතුමා ගින්න නිවීමට සහාය වූ ඉන්දීය ආරක්ෂක අංශ ද සිහිපත් කර තිබේ. |
2020-09-05T06:46:21.000Z | හොර පාරෙන් ගෙන්නපු දුම්වැටි තොගයක් විනාශ කරයි | හොර පාරෙන් ගෙන්නපු දුම්වැටි තොගයක් විනාශ කරයි | COLOMBO ( News 1st ) : නීති විරෝධී ලෙස මෙරටට ආනයනය කරන ලද දුම්වැටි තොගයක් ශ්‍රී ලංකා රේගුව ඊයේ විනාශ කළේය. ශ්‍රී ලංකා රේගුවේ මධ්‍යම විමර්ශන අංශය විසින් මෙම වැටලීම් සිදු කරනු ලැබ තිබේ. එහිදී ඔවුන් භාරයට පත් නිති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ දුම්වැටි තොගය විනාශ කෙරුණේ, එම අංශයේ නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේදීය. ඒ පිළීබඳ අදහස් දැක්වූ මධ්‍යම විමර්ශන අංශයේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ මුදිත ජයසිංහ මහතා ''මේක ලංකාවට ආනයනය කරලා තියෙන්නේ හබ් ඔපරේෂන් යටතේ ඒ කියන්නේ, ලංකාව මධ්‍යස්ථානයක් කරගෙන ප්‍රතිඅපනයනය කරන්න තමයි මේ හදලා තියෙන්නේ. අපි සැක කරනවා මේක ලංකාවේ මාකට් එකට දාන්න ගෙනාපු ඒවා කියලා. බිලියන 23ක් සිගරට් කූරු මේ කන්ටේනර් එකේ අඩංගු වෙලා තියනවා. වටිනාකම දහතුන් කෝටි තිස්හය ලක්ෂයක්. වර්තමාන ට්‍රෙන්ඩ් එක තමයි විශාල ප්‍රමාණයක් මුහුදෙන් තමයි මේ ලංකාවට ගේන්නේ. මත්ද්‍රව්‍ය ගේන්නේ'' https://www.facebook.com/NewsfirstSL/videos/693440188190826/ |
2020-09-05T06:40:50.000Z | සපුගස්කන්දේ හෙරොයින් ජාවාරම: CCD කොස්තාපල්වරයා ද. ඉන්දියාවේදී දැලේ | CCD කොස්තාපල්වරයා ද. ඉන්දියාවේදී කොටු | COLOMBO ( News 1st ) : සපුගස්කන්ද, හෙයියන්තුඩුව ප්‍රදේශයෙන් හෙරොයින් කිලෝග්‍රෑම් 23 ක් සොයා ගැනීම සම්බන්ධයෙන් අවශ්‍යව සිටි කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, දකුණු ඉන්දියාවේ රාමේෂ්වරන් ධනුෂ්කොඩි ප්‍රදේශයේදී ය. තමිල්නාඩු වෙරළාරක්ෂක බලකාය විසින් අත්අඩංගුවට ගනු ලැබු මෙම සැකකරු ප්‍රවීන් කුමාර බණ්ඩාර ලෙස හඳුනාගෙන ඇතැයි ඉන්දීය මාධ්‍ය අනාවරණය කර තිබේ. මොහු පාතාල කණ්ඩායම් සමග සබඳතා පවත්වන්නේ දැයි ඉන්දීය ආරක්ෂක අංශ හා තමිල්නාඩු බුද්ධි අංශ විමර්ශන ආරම්භ කර ඇති බව එරට මාධ්‍ය වාර්තාවල සඳහන් ය. මීගහවත්ත පොලීසිය සපුගස්කන්ද, සමගි මාවත ප්‍රදේශයේ පසුගිය 02 වැනිදා කළ වැටලීමකදී වඩු මඩුවක බෆල් එකක් තුළ සගවා තිබූ හෙරොයින් තොගය හමුවිය. එහිදී එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනුණු අතර ඔහු සැකකාර පොලිස් කොස්තාපල්වරයාගේ වැඩිමහල් සොහොයුරා ය. තම සොහොයුරා වන පොලිස් කොස්තාපල්වරයා එම හෙරොයින් තොගය තමාට භාරදුන් බව ඔහු පොලීසියට පවසා තිබුණි. කොළඹ අපරාධ කොට්ඨාසයට අනුයුක්තව සේවය කරන අදාළ පොලිස් කොස්තාපල්වරයා අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මක කළේ ය. පොලීසිය සඳහන් කළේ, සැකකරු මුහුදු මාර්ගයෙන් මන්නාරම පේසාලේ ප්‍රදේශයට පැමිණ ඉන්දියාවට ඇතුළු වී ඇති බවට තොරතුරු ලැබී තිබෙන බවයි. සැකකාර පොලිස් කොස්තාපල්වරයා මෙරටට ගෙන්වා ගැනීමෙන් පසු නිරෝධායනයට යොමු කර පොලිස් භාරයට ගැනීමට නියමිතය. |
2020-09-05T05:56:46.000Z | බංග්ලාදේශයේ දේවස්ථානයක් අසල ගෑස් නලයක් පිපිරීමෙන් 13ක් මරුට | බංග්ලාදේශයේ ගෑස් නලයක් පිපිරීමෙන් 13ක් මරුට | COLOMBO (News 1st): බංග්ලාදේශයේ දේවස්ථානයක් අසල සිදුවූ පිපිරීමකින් පුද්ගලයන් 13 ක් මියගොස් තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, දේවස්ථානය අසල ඇති ගෑස් ප්‍රවාහන නලයක මෙම පිපිරීම සිදුව ඇති බවය. පිපිරීමෙන් දේව මෙහෙයන් සඳහා පැමිණි පුද්ගලයින් 30 කට ආසන්න පිරිසක් තුවාල ලබා තිබේ. ගිනි නිවීමේ නිලධාරීන් සැක පල කරන්නේ ගෑස් නලයක සිදුවූ කාන්දුවක් හේතුවෙන්න මෙම පිපිරීම සිදුවන්නට ඇති බවය. මියගිය පිරිස අතර වයස අවුරුදු 7 ක දරුවෙකු ද සිටී. බොහෝ තුවාලකරුවන් බරපතල තත්ත්වයේ පසුවන බැවින් මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. |
2020-09-05T05:24:07.000Z | මතුගම පෞ. බස් සේවකයින් වැඩවර්ජනයක | මතුගම පෞ. බස් සේවකයින් වැඩවර්ජනයක | COLOMBO (News 1st) : මතුගම බස් නැවතුම්පොළෙන් ආරම්භ කෙරෙන සියලු පෞද්ගලික බස් රථ සේවකයින් වැඩවර්ජනයක් ආරම්භ කර තිබේ. පොලීසිය පැවසුවේ බස් රථ සේවකයෙකුට තවත් සේවකයෙකු තියුණු ආයුධයකින් පහරදීමේ සිද්ධියක් මුල් කර ගනිමින් මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක බවයි. සිද්ධියෙන් තුවාල ලැබූ සේවකයා මේ වනවිට රෝහල්ගත කර ඇති අතර පහරදීමට සම්බන්ධ සැකකරු ප්‍රදේශයෙන් පලාගොස් ඇතැයි පොලිසිය සඳහන් කළේ ය. පොලීසිය පැවසුවේ සැකකරු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ක්‍රියාත්මක බවයි. අප වාර්තාකරු පැවසුවේ මේ වනවිටත් වැඩ වර්ජනය ක්‍රියාත්මක වන බවයි. |
2020-09-05T05:12:03.000Z | වැසි සහ සුළං තත්ත්වයේ හෙට වැඩිවීමක් | වැසි සහ සුළං තත්ත්වයේ හෙට වැඩිවීමක් | COLOMBO ( News 1st ) : හෙට දිනයේ දිවයිනේ වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක් පෙන්නුම් කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ පළාත්වල සහ ගාල්ල මාතර, මුලතිව්, මන්නාරම දිස්ත්‍රික්වල ඇතැම් ස්ථානවලට 100mm වැඩි තද වැසි ඇති විය හැකිය. දිවයින හරහා 50-60 kmph පමණ තද සුළඟක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. |
2020-09-05T04:34:42.000Z | කුලියාපිටිය සිර මැදිරියෙන් සිරකරුවෝ 4 ක් පැනයති | කුලියාපිටිය සිර මැදිරියෙන් සිරකරුවෝ 4 ක් පැනයති | COLOMBO (News 1st) : කුලියාපිටිය සිර මැදිරියෙන් සිරකරුවන් 4 දෙනෙකු පැන ගොස් ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. එහි පරිපාලන කොමසාරිස් චන්දන ඒකනායක මහතා සඳහන් කළේ, ඔවුන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් බවයි. ඊයේ රාත්‍රී සිර මැදිරියේ වහලයේ උළු ගලවා ඔවුන් පැන ගොස් තිබේ. මේ වනවිට පැනගිය එක් සිරකරුවෙක් වාරියපොල බන්ධනාගාරයට භාර වී ඇති බවද ඔහු සඳහන් කළේ ය. කුලියාපිටිය සිර මැදිරිය මේ වනවිට සිරකරුවන්ගේ නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස භාවිත කෙරේ. එය පාලනය වන්නේ වාරියපොල බන්ධනාරය මගින් ය. මෙම සිරකරුවන් පැනයාම පිළිබඳව සියලුම පොලිස්ථාන දැනුවත් කර ඇතැයි ද ඔහු සඳහන් කළේ ය. පලාගිය පුද්ගලයින් කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් බව ද චන්දන ඒකනායක මහතා සඳහන් කළේ ය. |
2020-09-05T02:59:06.000Z | නැවේ ගින්න මඩින්න දායක වූ සැමට ජනපති තුති පුදයි | නැවේ ගින්න මඩින්න දායක වූ සැමට ජනපති තුති පුදයි | COLOMBO (News 1st) : MT New Diamond නෞකාවේ ගින්න මැඩලීමට දායක වූ සැමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ටිවිටර් පණිවුඩයක් නිකුත් කරමින් ස්තුතිය පළ කර තිබේ. ජනාධිපතිවරයා එම පණිවුඩයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවට, ගුවන් හමුදාවට හා ශ්‍රී ලංකා වරාය අධිකාරියට ස්තුතිය පළ කර ඇති අතර ගින්න නිවීමට සහය වූ ඉන්දීය ආරක්ෂක අංශවලට ද ස්තුතිය පළ කර තිබේ. සමුද්‍රීය ජෛව සම්පත ආරක්ෂා කර ගැනීමට ඔවුන් දැක්වූ දායකත්වය පිළිබඳව ජනාධිපතිවරයා සිය ටිවිටර් පණිවුඩය මගින් ඇගයීමට ලක් කර තිබේ. මේ අතර MT New Diamond නෞකාව ආරක්ෂිත මුහුදු කලාපයක් වෙත රැගෙන ගොස් ඇතැයි, නාවික හමුදාව පවසයි. නාවික හමුදා ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා සඳහන් කළේ, එම නෞකාව ඊයේ රාත්‍රිය වන විට ගොඩබිමට පැමිණීම වේගවත්වූ නිසා ආරක්ෂිත කලාපයක් වෙත රැගෙන ගිය බවයි. |
2020-09-05T01:23:48.000Z | පානදුර, කුරුප්පුමුල්ලේ හෙරොයින් වැටලීමක් | පානදුර, කුරුප්පුමුල්ලේ හෙරොයින් වැටලීමක් | COLOMBO (News 1st) : පානදුර, කුරුප්පුමුල්ල ප්‍රදේශයේ වලාන දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් සිදුකළ වැටලීමකදී හෙරොයින් ග්‍රෑම් 427 යි මිලිග්‍රෑම් 387 ක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත් අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ, එම ප්‍රදේශයේම පදිංචි 28 හා 30 හැවිරිදි සැකකරුවන් දෙදෙනෙකු අද අලුයම එකට පමණ එලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි. සැකකරුවන් ද පානදුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. |
2020-09-05T00:50:14.000Z | කලා බාහිර උපාධි ලියාපදිංචිය තාවකාලිව නවතී | කලා බාහිර උපාධි ලියාපදිංචිය තාවකාලිව නවතී | COLOMBO (News 1st) : කලා විෂයට අදාළ බාහිර උපාධි පාඨමාලා සඳහා නව ලියාපදිංචිය තාවකාලිව නතර කිරීමට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව තීරණය කර තිබේ. එහි සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සඳහන් කළේ, කලා බාහිර උපාධිය යටතේ දැනට පවතින විෂයන් පිළිබඳව අධ්‍යනය කිරීමට සහ නව විෂයන් හඳුන්වාදීම සඳහා විද්වත් කමිටුවක් පත් කිරීමට පිවයර ගත් බවයි. අදාළ කමිටුවේ නිර්දේශය අනුව ඉදිරියේදි රැකියා ඉලක්ක කරගනිමින් නව විෂය මාලාවක් කලා බාහිර උපාධි පාඨමාලා සඳහා හඳුන්වා දෙන බව මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සඳහන් කළේ ය. ඔහු කියා සිටියේ, මේ වන විට කලා විෂයට අදාළව පවතින විෂය මාලාවන් දිගු කාලයක් තිස්සේ නවීකරණය වී නොමැති බවයි. ඒ හෙතුවෙන් බොහෝ සිසුන් විෂයන් කිහිපයක් පමණක් හැදිරීමට යොමු වි තිබේ. නව විෂය මාලාවක් හඳුන්වා දීමෙන් පසුව යළි කලා බාහිර උපාධි පාඨමාලා සඳහා නව සිසුන් ලියාපදංචිය ආරම්භ කිරීමට පියවර ගන්නා බව සභාපතිවරයා කියා සිටියේ ය. කෙසේ වෙතත් මෙරට විශ්ව විද්‍යාල මගින් පවත්වාගෙන යන කළමනාකරණ සහ විද්‍යා ඇතුළු අනෙකුත් බාහිර උපාධි පාඨමාලා සඳහා ලියාපදංචිය නතර කර නොමැති බව ද ඔහු පැවසී ය. |
2020-09-05T00:27:26.000Z | ගිනි ගත් New Diamond ආරක්ෂිත මුහුදු කලාපයක් වෙත | ගිනි ගත් නැව ආරක්ෂිත මුහුදු කලාපයක් වෙත | COLOMBO (News 1st) : ගිනි ගැනීමට ලක්වූ New Diamond නෞකාව ආරක්ෂිත මුහුදු කලාපයක් වෙත රැගෙන ගොස් ඇතැයි, නාවික හමුදාව පවසයි. නාවික හමුදා ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා සඳහන් කළේ එම නෞකාව ඊයේ රාත්‍රිය වන විට ගොඩබිමට පැමිණීම වේගවත්වූ නිසා ආරක්ෂිත කලාපයක් වෙත රැගෙන ගිය බවයි. මේ අතර නෞකාවේ වත්මන් තත්ත්වය නිරීක්ෂණය කිරීම සඳහා ගුවන් හමුදාව, චීන වරාය ගුවන් හමුදා කඳවුරින් අද වයි 12 වර්ගයේ ගුවන් යානයක් පිටත් කර හැර තිබේ. ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකශක, ගෘප් කැප්ටන් දුෂාන් විජේසිංහ මහතා පැවසුවේ, නෞකාවේ පිටත කොටසේ ගින්න පැතිරීම පාලනය කර ඇතත් තවදුරටත් ගින්න පවතී ද යන්න නිරීක්ෂණය කිරීම සඳහා එම යානය යෙදවූ බවයි. ගින්න නිවීමේ මෙහෙයුම් සඳහා එම්. අයි. 17 වර්ගයේ හෙළිකොප්ටර් යානායක් සූදානමින් තබා ඇතැයි ද ඔහු පැවසී ය. සංගමන් කන්දට ඔබ්බෙන්වූ මුහුදේ ගිනිගන්නා සුපර් ටෑන්කර් වර්ගයේ ඉන්ධන නෞකාවේ ගින්න පාලනය කිරීමට නාවික හමුදාව හා ගුවන් හමුදාව මේ වන විටත් දැඩි ප්‍රයත්නයක නිරතව සිටී. කුවේට්හි මීනා අල් අහමදි වරායේ සිට ඉන්දියාවේ පරාදීප් වරාය දක්වා යාත්‍රා කරමින් තිබූ New Diamond නෞකාවේ පෙරේදා පෙරවරුවේ මෙම ගින්න හටගෙන තිබිණ. ගින්න ඇතිවන අවස්ථාවේ එය යාත්‍රා කරමින් තිබුණේ, සංගමන්කන්දේ සිට නාවික සැතපුම් 38 ක් පමණ දුරිනි. පැනමා ධජය යටතේ යාත්‍රා කළ නෞකාවේ බොරතෙල් ලීටර් මෙට්ට්‍රික් ටොන් දෙලක්ෂ 70000 ක් සහ නෞකාවට අවශ්‍ය ඩීසල් ලීටර් මෙට්ට්‍රික් ටොන් 1700 ක් පමණ වේ. නිව් ඩයමන්ඩ් යාත්‍රාවේ මුළුතැන්ගෙයි සිදුවූ ගෑස් පිපිරීමකින් අනතුරුව ගින්න හටගෙන තිබු අතර ඒ පිලිබදව මෙරට නාවික හමුදාවට වාර්තා වී තිබුණේ පෙරේදා පෙරවරු 8.05 ට පමණයි. New Diamond නෞකාව ගිනි ගන්නා අවස්ථාවේ කාර්ය මණ්ඩලයේ 23 දෙනෙකු සිට ඇති අතර ඉන් වැඩි දෙනා පිලිපීන ජාතිකයින් ය. නෞකාවේ කාර්ය මණ්ඩල සාමාජිකයින් අතරින් එක් අයෙකු හැර සෙසු සියලු දෙනා බේරා ගැනිණ. අතුරුදන්ව සිටි අයෙකු ලද තොරතුරු අනුව මිය යන්නට ඇතැයි සැක කරන බව නාවික හමුදාව අද පෙරවරුවේ ප්‍රකාශ කළේ ය. |
2020-09-04T23:41:53.000Z | මැල්සිරිපුර රිය අනතුරකින් සැරයන්වරයෙක් මරුට | මැල්සිරිපුර රිය අනතුරකින් සැරයන්වරයෙක් මරුට | COLOMBO (News 1st) : දඹුල්ල කුරුණෑගල මාර්ගයේ මැල්සිරිපුර ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් පොලිස් සැරයන්වරයෙක් මියගොස් තිබේ. පොලීසිය පැවසුවේ, දඹුල්ල දෙසට ධාවනයවූ ලොරි රථයක, අතුරු මාර්ගයකින් පැමිණී ත්‍රිරෝද රථයක් ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි. අනතුරින් තුවාල ලැබූ ත්‍රිරෝද රථයේ ගමන්ගත් පොලිස් සැරයන්වරයා රෝහල්ගත කිරීමෙන් පසු මියගොස් තිබේ. එලෙස මියගොස් ඇත්තේ මැල්සිරිපුර, දියකදුරේ පදිංචි ගොකරැල්ල පොලීසියට අනුයුක්තව රාජකාරි කළ 45 හැවිරිදි පොලිස් සැරයන්වරයෙකි. |
2020-09-04T21:58:12.000Z | ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින් මිලියන 4 පනී | ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින් මිලියන 4 පනී | COLOMBO (News 1st) : ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව මිලියන 4 ඉක්මවා තිබේ. ඒ ගත වූ පැය 24 තුළ නව ආසාදිතයින් 87 දහසකට අධික සංඛ්‍යාවක් හදුනාගැනීමත් සමගයි. එය සටහන් වන්නේ ගත වූ පැය 24 තුළ ලොව පුරා, වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ලෙසයි. ඒ අනුව ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව හතළස් ලක්ෂ විසි දහස ඉක්මවී ය. ඊයේ දිනයේදී පමණක් ඉන්දියාවේ මිය ගිය කොරෝන ආසාදිතයින් සංඛ්‍යවා 1066 කි. ඒ අනුව එරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 69 635 ක් දක්වා ඉහළ ගියේ ය. මහාරාෂ්ට්‍ර, අන්ද්‍රා ප්‍රදේශ්, කර්නාටක, තමිල්නාඩු සහ උත්තර් ප්‍රදේශ් යන ප්‍රාන්ත , කොරෝනා හේතුවෙන් වැඩිම බලපෑමට ලක් ප්‍රාන්ත වේ. ඉන්දියාවෙන් වාර්තා වන සමස්ත කොරෝනා රෝගීන්ගෙන් 62% ක්ම වාර්තා වන්නේ මෙම ප්‍රාන්ත 5 න් බව එරට සෞඛ්‍ය අංශ නිවේදනය කළේ ය. එරටින් වාර්තා වන රෝගීන්ගෙන් 2 % ක පමණ ප්‍රමාණයක් මේ වන විට දැඩිසත්කාර ඒකකයේ පසුවන බව නවතම වාර්තා අනාවරණය කරයි. ඉන්දියාව කොරෝනා වසංගතයෙන් වැඩිම බලපෑමට පත් රටවල් ලැයිස්තුවේ 3 වන ස්ථානයේ පසුවේ. දෙවන ස්ථානයේ පසුවන බ්‍රසීලය අභිබවා යාමට ඉන්දියාවෙන් වාර්තා විය යුත්තේ තවත් කොරෝනා රෝගීන් 70 දහසක් පමණි . |
2020-09-04T20:42:55.000Z | සමාජ මාධ්‍ය හරහා වන මුදල් වංචා ගැන පැමිණිලි CIDයට | සමාජ මාධ්‍ය හරහා වන මුදල් වංචා ගැන පැමිණිලි CIDයට | COLOMBO (News 1st) : සමාජ මාධ්‍ය හරහා දැන්වීම් පළ කර මුදල් වංචා කරනු ලබන සංවිධානාත්මක කණ්ඩායම් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශය වෙත පැමිණිලි වාර්තාවී ඇතැයි, පොලිස් මූලස්ථානය පවසයි. පොලිසිය පැවසුවේ, තායිලන්තයේ රැකියා ඇබෑර්තු ඇති බවට දන්වා සමාජ මාධ්‍ය ජාලය භාවිත කරමින් දැන්වීම් පළ කර මුදල් වංචා කරනු ලබන සංවිධානාත්මක අපරාධ කණ්ඩායමක් පිළිබඳව බැංකොක්හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් මහජනයා දැනුවත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙතින් ඉල්ලා ඇති බවයි. මෝටර් රථ දිනුම් ඇඳීමක් ලැබී ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ දැනුවත් කර වංචනික පිරිස් විසින් ලබා දෙනු ලබන විවිධ බැංකු ගිණුම් වෙත මුදල් බැරකරවා, වංචා සිදුකිරීම ද තවත් එවැනි සිද්ධියකි. ලොතරැයි දිනුම් ඇදීමක් ලැබී ඇති බවට විද්‍යුත් තැපෑල මගින් දැනුවත් කර වංචනික පිරිස් විසින් ලබාදෙනු ලබන විවිධ බැංකු ගිණුම් වෙත මුදල් බැර කරවා ගැනීම ද තවත් එවැනි වංචාවකි. සංවිධානාත්මක කණ්ඩායම් සිදුකරන තවත් මූල්‍ය වංචාවක් වන්නේ, ෆේස්බුක් හරහා සම්බන්ධවූ නාදුනන තැනැත්තන් විසින් එවනු ලබන ත්‍යාග පාර්සල් ලබා ගැනීම, ඒවා නිශ්කාශනය කිරීම, රේගුවෙන් භාණ්ඩ හා පාර්සල් නිදහස් කර ගැනීම සඳහා විවිධ බැංකු වෙත මුදල් බැරකරවා ගැනීමයි. ෆේස්බුක් හරහා සම්බන්ධ වූ නාඳුනන තැනැත්තන්ගේ විවාහ යෝජනාවලට රැවටී සිදුවූ මුල්‍ය වංචා සම්බන්ධයෙන් ද පොලීසියට වාර්තාවී තිබේ. පොලීසිය මහජනතාවට දැනුම් දෙන්නේ, ඉහත පරිදි සංවිධානාත්මක කණ්ඩායම් පුද්ගලයින් රැවටීමට ලක්කර මුදල් වංචා කිරීමේ සිදුවීම් වාර්තාවී ඇති බැවින් මෙවැනි අපරාධවලට හසුවීමෙන් වළකින ලෙසයි. |
2020-09-04T20:31:56.000Z | තවත් කොරෝනා ආසාදිතයින් 4ක් | තවත් කොරෝනා ආසාදිතයින් 4ක් | COLOMBO (News 1st) ; තවත් කොරෝනා ආසාදිතයින් 4 දෙනෙකු ඊයේ පස්වරුවේ හඳුනා ගැනිණ. ඔවුන් ඊශ්‍රායල, පිලිපීනය සහ ඉන්දියාවේ සිට මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයින් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය. මේ අනුව මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 3115 ක් දක්වා ඉහළ ගොස් තිබේ. වෛරසය ආසාදිතව රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 196 කි. ඊයේ පස්වරුවේ තවත් කොරෝනා රෝගීන් 18 දෙනෙක් සුවය ලැබූහ. ඒ සමග මෙරට කොරෝනා ආසාදිතව සුවය ලැබූ සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 2907 ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ ය. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.