Text
stringlengths 37
1.96k
|
---|
එක. සර්-: පේෂන්ට් කැමති නැත්තම් අපිට දත ගලවන්න බැහැනේ.. ෆයිල්
|
එකේ පේෂන්ට් කැමති නැහැ කියලා ලියලා පේෂන්ට් යවන්න... වෙන කරන්නම
|
දෙයක් නැති තැන ෆයිල් එකේ එහෙම ලියලා පේෂන්ට්ව යැව්වා. පුළුවන්
|
තරම් ඉක්මනට දත ගලවගන්න කියලා උපදෙස් දුන්නත් ඔහු කිව්වෙ කැක්කුම
|
ආවොත් ගලවන්නම් කියන එක... ඔහුට මොකක් වුණාද දන්නේ නැහැ... කෙනෙක්ට
|
වේදනාවක් දැනෙන්න කියලා කිසිම වෙලාවක ප්‍රාර්ථනා නොකරන මට මෙයාට නම්
|
ඉක්මනට වේදනාව දැනෙන්න කියලා ප්‍රාර්ථනා නොකර ඉන්න බැරි වුණා... වේදනාව
|
කියන්නේ හැම රෝගෙකම රෝග ලක්ෂණයක් නෙවෙයි. මුඛ පිළිකා වලට හැදෙන
|
තුවාල වල නම් වේදනාවක් ඇත්තෙම නැති තරම්. ඒ නිසා වේදනාවක්
|
නැති වුණත් කටේ තුවාලයක්, ගෙඩියක්, වර්ණ වෙනස් වීමක් තියෙනවානම් ඉතා
|
මෙම ලිපියෙන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ශල්‍යකර්මයෙන් පසු කළ
|
යුතු දේවල් සහ ඇති විය හැකි සංකූලතා පිළිබඳවයි. සාමන්‍යයෙන් මෙම
|
ශල්‍යකර්මයෙන් සුවය ලබන්න දින 5-5-7 දක්වා කාලයක් ගත වෙනවා. විදුරුමස්
|
වල ඇති තුවාලය සම්පූර්ණයෙන්ම හොඳ වෙන්න සති 3-4 දක්වා කාලයක්
|
ගත වෙනවා. සංකූලතා ඇති වීම වළක්වා ගෙන තුවාලය හොඳින් සුව
|
කර ගැනීමට පහත උපදෙස් ඉතා වැදගත් වෙනවා. ශල්‍යකර්මයෙන් පසුව පළමුපැය
|
24 ඇතුළත ලේ ගැලීම සාමන්‍ය දෙයක්. මෙය නතර කිරීමට පිරිසිදු
|
ගෝස් කැබැල්ලක් තබා විනාඩි 45ක් පමණ හපාගෙන සිටිය යුතුයි. එමගින්
|
ලේ ගැලීම නතර වෙනවා. නිතර කෙළ ගැසීමෙන් වැළකී සිටීම වැදගත්.
|
තුවාලය සුව වීමට එතැන ලේ කැටියක් සෑදීම අවශ්‍ය වෙනවා. නිතර
|
කෙළ ගැසීමෙන් ඒ ලේ කැටිය ගැලවී ඉවතට ය හැකියි. එමගින්
|
තුවාලය සුව වීමට බාධා ඇති වෙනවා. නතර නොවන ලේ ගැලීමක්
|
සිදුවේ නම් වහාම වෛද්‍ය උපදෙස් පැතිය යුතුයි. දත ගැලවූ පැත්තේ
|
කම්මුල ඉදිමීම සිදුවිය හැකියි. ඉදිමීම අඩු කිරීමට අයිස් රෙදි කැබැල්ලක
|
ඔතා එම ස්ථානයේ තබන්න. විනාඩි 10ක් අයිස් තැබීමෙන් පසුව විනාඩි
|
20ක් එය ඉවත් කර තබන්න. පළමු පැය 24 තුල මෙය
|
නැවත නැවත කිරීමෙන් ඉදිමුම යම් තරමකට අඩු කර ගත හැකියි.
|
හිරි වැට්ටීමෙන් පසුව පැය තුනක් පමණ කාලයක් එම හිරි ගතිය
|
හිබෙනවා. එම කාලය ඇතුලත දිව හා කම්මුලේ ඇතුල් පැත්ත ඔබට
|
නොදැනීම හැපීම නිසා තුවාල සිදුවෙන්න පුළුවන්, එය වළක්වා ගත යුතුයි,
|
ඒ වගේම උණුසුම් පාන වර්ග ගැනීමෙන් වැළෛය යුතුයි. එහි නියම
|
උණුසුම හිරි ගතිය නිසා නොදැනීමෙන් තුවාල සිදු වෙන්න පුළුවන්. වෙහෙස
|
වී කරන කටයුතු වලින් මඳකට ඈත්ව විවෙකීව සිටීමෙන් ලේ ගැලීම
|
අඩු කර ගත හැකියි. පළමු පැය 24 තුළ කට සේදීමෙන්
|
වැළකී සිටින්න. එයින් ලේ කැටිය ගැලවී යා හැකියි. පසු දිනයේ
|
මඳ රස්නය ඇති ලුණු වතුරෙන් කට සේදීම සිදු කරන්න. එයින්
|
ඉදිමුම සහ වේදනාව අඩු වේ. හොඳින් ජලය පානය කරන්න. එහෙත්
|
ඇල්කොහොල් අඩංගු පාන වර්ග, කැෆේන් අඩංගු පාන වර්ග, කෝලා පාන
|
වර්ග සහ උණුසුම් පාන වර්ග ගැනීමෙන් වැළකී සිටින්න. බට වලින්
|
බීම් වර්ග පානය කිරීමෙන් වැළකී සිටින්න. පළමු පැය 24 තුළ
|
මෘදු ආහාර (යෝගට්, ජෙලි වැනි) ලබාගන්න. ඝන ආහාර සහ අධික
|
මිරිස් යෙදූ ආහාර ගැනීමෙන් වැළකී සිටින්න. පළමු පැය 24 තුළ
|
දත් මැදීමෙන් හෝ මුඛ සේදුම් දියර භාවිතයෙන් වැළකී සිටින්න. පසු
|
දින සාමාන්‍ය පරිදි දත් මදින්න. එහෙත් තුවාලය අසල තදින් මැදීමෙන්
|
වළකින්න. සෑම ආහාර වේලකටම පසුව මද උණුසුම් ලුණු වතුරෙන් කට
|
සෝදන්න. ඔබ දුම් පානය කරන කෙනෙක් නම් ශල්‍යකර්මයෙන් දින 3ක්
|
ගතවන තෙක් දුම්පානයෙන් වළකින්න. දුම්කොළ සැපීම සිදු කරනවා නම් සතියක්
|
යනතෙක් එයින් වැළකී සිටින්න. වෛද්‍යවරයා විසින් ලබාදෙන වේදනා නාශක සහ
|
ප්‍රතිජීවක ඖෂධ උපදෙස් පරිදි භාවිතා කරන්න. මෙම ශල්‍යකර්මයෙන් සංකූලතා කිහිපයක්
|
ඇතිවිය හැකියි. නිසි පරිදි තුවාලය සුව නොවීම ඉන් එකක්. සතියක්
|
පමණ ගත වුණත් නිසි පරිදි තුවාලය සුව නොවන්නේ නම් වෛද්‍ය
|
උපදෙස් සඳහා යොමු වීම වැදගත්. ඒ වගේම මෙම දත ආසන්නයෙන්
|
මුහුණේ පහළ කොටසේ සංවේදනය සඳහා වැදගත් වන ස්නායුවක් ගමන් කරනවා.
|
එම නිසා ශල්‍යකර්මයට පෙර එම ස්නායුව පිහිටා ඇති ආකාරය නිවැරදිව
|
සොයාගැනීම වැදගත්. ඒ වගේම ශල්‍යකර්මය අතරතුර මෙම ස්නායුවට හානි සිදුවෙන්න
|
පුළුවන්. මෙම හානිය බොහෝවිට තාවකාලිකයි. එම නිසා ශල්‍යකර්මයට පෙර ඒ
|
පිළිබඳව වෛද්‍යවරයාගෙන් විමසා දැනගැනීමත් වැදගත්. Posted by දත් වෙද සුමිතුරු
|
at 12:11 AM 7 comments: Email This BlogThis! Share to
|
Twitter Share to Facebook Share to Pinterest Labels: ඥාණ දත්
|
(Wisdom Teeth) Sunday, May 24, 2015 ඥාණ දත්.... (Wisdom Teeth)
|
-I ඥාණ දත් කියන්නෙ මොනවද? ඥාණ දත් කියන්නේ හනු වල
|
කෙළවරේම එන දත් වලට. සාමාන්‍යයෙන් මේ දත් හතරක් තියෙනවා. උඩ
|
හනුවේ හා යට හනුවේ 2 බැගින්. මේ දත් එන්නේ වයස
|
18-24 අතර කාලයේ. ඉතින් මේ දත පසු කාලීනව එන නිසා
|
විව්ධ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. මේ දත් අස්ථිය හෝ විදුරුමස්
|
තුළ ගිලී පවතින්න පුළුවන්. අවුරුදු 24 ට පස්සෙ තාමත් මේ
|
දත් ඇවිත් නැත්තම් ගොඩක් වෙලාවට මේ හේතුව නිසා වෙන්න පුළුවන්.
|
දත් පැත්තකට ඇද වෙලා එන්න පුළුවන්. මේ නිසා ඒ දත
|
අනෙක් දත් වලට තද වීමෙන් ඒ අනෙක් දත් වලට විවිධ
|
ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒ දත් හනුවේ කෙළවර පිහිටා තිබීම
|
නිසා පිරිසිදු කිරීම අපහසු වෙන්න පුළුවන්. ඒ නිසා ඒ දත්
|
පහසුවෙන් නරක් වීමට පුළුවන්. එ වගේම පිරිසිදු කිරීම අපහසු නිසා
|
ඒ අවට විදුරුමස් නිතර ආසාදනය වෙන්න පුළුවන්. මේ නිසා දැඩි
|
වේදනාවක් හටගන්නවා. විදුරුමස් ආසාදිත තත්වයට පත්වුණ දතක් තමයි මේ රූපයෙන්
|
දැක්වෙන්නෙ. මේ වගේ අපහසුතා ඇතිවීම නිසා මේ දත ගලවා ඉවත්
|
කරන්න වෙනවා. අස්ථිය තුල ගිලී ඇති නිසා මෙය සාමාන්‍ය විදියට
|
ගලවා ඉවත් කරන්න බැහැ. ඒ සඳහා සුළු ශල්‍යකර්මයක් කළ යුතුයි.
|
එම දත ආසන්නයේ කුඩා කැපුමක් දමා දත වටේ ඇති අස්ථිය
|
ඉවත් කිරීමෙන් ඒ දත ගලවා ඉවත් කරන්න පුළුවන්. එක් දතක්
|
පමණක් මේ විදියට ඉවත් කරනවා නම් හිරි වට්ටල කරන්න පුළුවන්.
|
ඒත් දත් 4ම මේ විදියට ගලවා ඉවත් කරනවා නම් බොහෝවිට
|
සිහි නැති කරලා තමයි කරන්නෙ. මෙම ශල්‍යකර්මයට පෙර එක්ස් රේ
|
පරීක්ෂණයක් කිරීම අනිවාර්යයි. යටි හනුවේ මෙම දතට ආසන්නයෙන් ස්නායුවක් ගමන්
|
කරනවා. එම නිසා ඒ ස්නායුව දතට කොපමණ ළඟින් පිහිටා තිබෙනවාදැයි
|
දැනගන්න එක්ස් රේ පරීක්ෂණය ඉතාම වැදගත්. ශල්‍යකර්මයට පෙර ඔබ ඔබේ
|
වෛද්‍යවරයාට ඔබට ඇති රෝගි තත්ව, ඔබ ලබාගන්නා බෙහෙත්, ඔබට ඇති
|
ආසාත්මිකතා (allergies) දන්වා සිටීම වැදගත් වෙනවා. මෙම ශල්‍යකර්මය සඳහා සාමාන්‍යයෙන්
|
විනාඩි 30-45ක් තමයි ගත වෙන්නේ. මෙය ඉතා සුළු ශල්‍යකර්මයක් වුණාට
|
සමහර සංකූලතා ඇති වෙන්න පුළුවන්. එම් සංකූලතා ගැන වගේම ශල්‍යකර්මයෙන්
|
"ශලිනි, අනේ බබාගේ දත් ටික ඔක්කොම නරක් වෙලා නේද?' නිමන්ති
|
එහෙම ඇහුවේ තම මිතුරියගේ අවුරුදු 5ක් වයස බබාගෙ දත් ටික
|
ඔක්කොම කළු පාට වෙලා නරක් වෙලා තියෙනවා දැකලා.. "ඔව් නිමන්ති.
|
කොහෙද මෙයාලා හැම වෙලාවෙම පැණිරස කන එකමයි නේ වැඩේ. බේරන්න
|
බැහැ. ඒත් කමක් නෑ. ඕවා කිරිදත් නේ. වැටිලා ස්ථිර දත්
|
එන නිසා ඕක එච්චර ප්‍රශ්නයක් නැහැ.." ඇත්තටම කිරිදත් නරක් වෙන
|
එක ප්‍රශ්නයක් නැද්ද? ඒවා කොහොමත් වැටිලා ස්ථිර දත් එන නිසා
|
කිරි දත් පරිස්සම් කරන්න ඕනෙ නැද්ද? මේ අද ගොඩක් අයට
|
තියෙන ප්‍රශ්නයක්. ඒ නිසා අපි අද කිරි දත් ගැන කතා
|
කරමු.. අපි හැමෝම පොඩි කාලෙ ඉගෙන ගෙන තියෙන විදියට කටේ
|
කිරිදත් 20ක් තියෙනවා. මේවා හැදෙන්න පටන් ගන්නෙ බබා අම්මගෙ බඩේ
|
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.