comments
stringlengths 1
3.7k
| labels
stringclasses 4
values |
---|---|
සහශ්‍රවර්ෂය: 3 වන සහශ්‍රවර්ෂය සියවස්: 20 වන සියවස – 21 වන සියවස – 22 වන සියවස දශක: 1990ගණන් 2000ගණන් 2010ගණන් – 2020ගණන් – 2030ගණන් 2040ගණන් 2050ගණන් වසර: 2021 2022 2023 – 2024 – 2025 2026 2027 ක්‍රිස්තු වර්ෂ 2024 (MMXIV) වනු ඇත්තේ ග්‍රෙගෝරියානු දින දසුනේ, බදාදා දිනයකින් ඇරඹෙන අධික අවුරුද්දක් (බැඳිය විසින් මුළු දින දසුන දක්වනු ඇත), පොදු යුගයෙහි (CE) සහ ක්‍රිස්තු වර්ෂ (AD) නාමකරණයන්හී 2024 වන වසර, 3 වන සහශ්‍රවර්ෂය තුල 14 වන වසර, 21 වන සියවස තුල 14 වන වසර, සහ 2020ගණන් දශකයෙහි 5 වන වසර ලෙසිනි. .
|
ACADEMIC
|
බ්‍රිතාන්‍ය ඉන්දියාව බෙදා වෙන් කිරීම පදනම් වූයේ, 1909 සිතියමකින් පුළුල් ලෙසින් දැක්වෙන අයුරු, එකල පැවැති ආගම් අනුවය ඉන්දියාව බෙදා වෙන් කිරීම (හින්දි-උර්දු: हिन्दुस्तान का बटवारा (දෙවනගිරි) ہندوستان کا بٹوارا (නස්ටාලීක්) Hindustān ka Batwārā)[1] යනු, ආගමික ජනවිකාසය අනුව බ්‍රිතාන්‍ය ඉන්දියාව බෙදා වෙන් කිරීමයි. මේ හේතුවෙන්, පකිස්තානු ඩොමීනියන් රාජ්‍යය (මෙය පසුව කැඩී වෙන් වූයේ පකිස්තානු ඉස්ලාමීය ජනරජය සහ බංග්ලාදේශ ජනතා ජනරජය ලෙසිනි) සහ ඉන්දියානු සංගමය (පසුව ඉන්දියානු ජනරජය) යන ස්වෛරී රාජ්‍යයන් බිහිවීම සිදු විය. 1947 ඉන්දියානු නිදහස් පණත විසින් බෙදා වෙන් කිරීම සඳහා නියම කර ගත් දිනය වූයේ 1947 අගෝස්තු 15 වන දිනය විය. කෙසේවෙතත් දිනකට පෙර අගෝස්තු 14 දින වන විට පකිස්තානය ප්‍රතිස්ථාපනය වී තිබුණි. ආශ්‍රිත[සංස්කරණය] ↑ විලියම් ඩ්වයිට් විට්නි (1906) (ඉංග්‍රීසියෙන්). ද සෙන්චරි ඩික්ෂනරි ඇන්ඩ් සයික්ලොෆීඩියා: සයික්ලොෆීඩියා ඔෆ් නේම්ස්. සෙන්චරි කම්පනි. http://books.google.com/books?id=aYIhAQAAMAAJ&pg=PA505&dq=British+India+Official+Language+Hindustani+It+is+the+official+language+and+means+of+general+intercourse+throughout+nearly+the+whole+peninsula.&hl=en&sa=X&ei=y5HdT4WoG46s8QTpqvnWCg&ved=0CDUQ6AEwAA#v=onepage&q=British%20India%20Official%20Language%20Hindustani%20It%20is%20the%20official%20language%20and%20means%20of%20general%20intercourse%20throughout%20nearly%20the%20whole%20peninsula.&f=false. Retrieved 17 ජූනි 2012. "හින්දුස්තානී. වන් ඔෆ් ද ලැන්වේජස් ඔෆ් හින්දුස්තාන්, අ ෆෝම් ඔෆ් හින්දි විච් ගෲ අප් ඉන් ද කෑම්ප්ස් ඔෆ් ද මොහමඩන් කොන්කරර්ස් ඔෆ් ඉන්දියා, සින්ස් 11ත් සෙන්චරි, ඈස් අ මීඩියම් ඔෆ් කමියුනිකේෂන් බිට්වීන් දෙම් ඇන්ඩ් ද සබ්ජෙක්ට් පොපියුලේෂන් ඔෆ් සෙන්ට්‍රල් හින්දුස්තාන්. ඉට් ඊස් මෝ කරප්ටඩ් ඉන් ෆෝම් දෑන් හින්දි, ඇන්ඩ් අබවුන්ඩ්ස් විත් පර්සියන් ඇන්ඩ් ඇරබික් වර්ඩ්ස්. ඉට් ඊස් ද ඔෆීෂියල් ලැන්වේජ් ඇන්ඩ් මීන්ස් ඔෆ් ජෙනරල් ඉන්ටර්කෝර්ස් ත්‍රෑඅවුට් නියරලි ද හෝල් පෙනින්සුලා."
|
ACADEMIC
|
සයිකෝසියාව හෙවත් මනෝ විකාරය යනු මනසේ ඇතිවන අසාමාන්‍ය තත්වයකි. එය විස්තර කරනුයේ යථාර්තය සමග සමිබන්ධ විය නොහැකි මානසික තත්වයක් ලෙසයි ("loss of contact with reality"). ලොව පුරා බොහේ මිනිසුන් පිරිසක් මෙයට අයත් විවිධ තත්ත්වයන්ගෙන් පිඩා විඳිති. බොහෝ දෙනා පවසන ආකාරයට පෞරුෂයේ වෙනස්වීම් සහ සිතුවිලිවල ඇතිවන අසාමන්‍යතා මෙලෙස හදුන්වයි. මෙම පොදුවේ හදුන්වන සයිකෝසියාව නම් තත්වයේ විවිධ ස්වරූපයන් ඇත මායා දර්ශන, මායාව, බුද්ධිය අඩුවිම යනාදිය මෙම තත්ත්වයට ගැනේ. මෙම ඉහත කි ලක්ෂණ භින්නෝන්මාදය ලෙස හැඳින්වෙන රෝගයටද බොහෝවිට අදාල ලක්ෂණ වේ.
|
ACADEMIC
|
බොහෝ අධ්‍යාපන ක්‍රම වලදී ශාරීරික අධ්‍යාපනය හෝ ශාරීරික පුහුණුවීම් භාවිතයට ගැනෙන අතර මෙහි දී ක්‍රීඩාවේ දී සහ විවිධ ක්‍රියාකාරකම් වලදී සංජාණනය, ක්‍රියාකාරිත්වය සහ මානසික ක්‍රියාකාරිත්වයන් හැසිරෙන ආකාරය පිළිබදව අධ්‍යයනය කෙරේ. ශාරීරික අධ්‍යාපනයෙහි ප්‍රාථමික ඉලක්කයන් කාලය හා ස්ථානය අනුව ඉතිහාසය මුළුල්ලේම විවිධ වී ඇත. බොහෝ අවස්ථා වල දී එක් වරම විවිධ වර්ගවල ශාරීරික අධ්‍යාපන ක්‍රම බිහිවී ඇති අතර ඇතැම් ඒවා ජාත්‍යන්තර වශයෙන් ද බිහි වී ඇත. බොහොමයක් නූතන විද්‍යාලවල අරමුණ වී ඇත්තේ අදාල ශිෂ්‍යයින් දැනුමෙන්, හැකියාවන්ගෙන්, දක්ෂතාවන්ගෙන් සහ ගුණාංගයන්ගෙන් හෙබි උද්‍යෝගිමත් පුද්ගලයෙකු බවට පත් කර වැඩිහිටි අවදියේ දී නිරෝගී ජීවිතයක් ගත කිරීමට හැකියාව ලබා දීමයි. ඇතැම් පාසැල් වලට ශාරීරික අධ්‍යාපනය සිසුන්ගේ බර අඩු කර ගැනීමේ උපක්‍රමයක් ලෙසට භාවිතා කෙරේ. මෙහිදී භාවිතයට ගැනෙන වැඩ සටහන් වලදී ශිෂ්‍යයන්ගේ ශාරීරික සුවතා වර්ධනය කිරීම චාලක ක්‍රියාකාරීත්වයන් වර්ධනය කිරීම, ක්‍රීඩාවෙහි නීති රීති සහ දැනුම පිළිබද අවබෝධයක් ලබාදීම, කණ්ඩායම් හැගීම ඇති කිරීම හෝ තනිව ක්‍රියාකිරීමේ හැකියාව ලබාදීම සහ තරගකාරී ක්‍රියාකාරකම් වල නිරත වීමට හැකියාව ලබා දේ.
|
ACADEMIC
|
ක්ෂේත්‍ර ගැඹුර ක්‍රමය යොදා ගනිමින් විශාලනය කරන ලද ඡායාරූපයක් ප්‍රකාශ විද්‍යාවේ දී (විශේෂයෙන් එය චිත්‍රපට හා ඡායාරූප ශිල්පයට සම්බන්ධ වන විට) ක්ෂේත්‍ර ගැඹුර (DOF) යනු රූපයේ තියුණු ලෙස පෙනෙන දර්ශන කොටසයි. කාචයකට නියමාකාරයෙන් නාභිගත කළ හැක්කේ යම් එක් දුරක් පමණක් වුවත් නාභිගත කළ දුරෙන් දෙපසට වන දුරවල්වලදී තියුණු බව ක්‍රමයෙන් අඩු වේ. එමනිසා DOF තුළ දී සාමාන්‍ය දර්ශන තත්ත්ව යටතේ දී තියුණු නොවීම අදෘශ්‍යමාන වේ. භූ දර්ශන වැනි සමහරක් රූපවලදී විශාල DOF සුදුසු වන අතර අනෙක් කාර්යයන්හි දී ආලේඛ වැනි කුඩා DOF යොදා ගැනීම වඩාත් යෝග්‍ය වේ. DOF නිර්ණය කරනු ලබන්නේ වස්තු දුර, කාචයේ නාභීය දුර හා කාචයේ f අංකය (සාපේක්ෂ විවරය) මතය. සමීප දුරවලදී හැර DOF දළ වශයෙන් නිර්ණය කරනු ලබන්නේ වස්තු විශාලනය හා කාචයේ නාභීය දුර මතය. දී ඇති නාභීය දුරක් සඳහා වස්තුව සමීපයට චලනය කිරීමෙන් හෝ වැඩි නාභීය දුරක් සහිත කාචයක් යොදා ගැනීමෙන් විශාලනය ඉහළ නැංවීමෙන් DOF අඩු වන අතර විශාලනය අඩු කිරීමෙන් DOF වැඩි වේ. දී ඇති වස්තු විශාලනයක් සඳහා f අංකය ඉහළ නැංවීම (විවර විෂ්කම්භය අඩු කිරීම) DOF වැඩි කරයි. f අංකය පහළ දැමීම DOF ද පහළ දමයි. නාභිගත කිරීම අති නාභි දුරකට සකස් කළ විට අති නාභි දුරෙන් අර්ධයක සිට අනන්තය දක්වා DOF ව්‍යාප්ත වේ. මෙය දී ඇති f අංකයක් සඳහා තිබිය හැකි විශාලම DOF වේ. ඡායාරූපකරණයේ ඩිජිටල් තාක්ෂණය හඳුන්වාදීම මඟින් රූපයේ තියුණු බව පාලනය කිරීමට අතිරේක ක්‍රම සපයා දී තිබේ. සමහරක් ක්‍රම සාම්ප්‍රදායික ක්‍රමවලින් කිසිසේත් කළ නොහැකි DOF සඳහා ඉඩ ලබා දෙන අතර සමහරක් රූපය නිපදවීමෙන් පසු DOF තීරණය කිරීමට ඉඩ ලබා දේ.
|
ACADEMIC
|
1980 දී කාල් රොසෙන්ඩොල් විසින් තම පියාගේද උපකාරය ඇතිව Pacific Data Image ආයතනය ආරම්භ කරන ලදි. පසු කලකදී රිචඩ් චුවැන්ග් සහ ග්ලෙන් එන්ටිස් ඔහුට එකතු වුණු අතර, ඔවුන් විසින් පසුගිය දශක දෙක තුළ භාවිතයට ගත් inhouse පරිගණක සජිවිකරණ මෘදුකාංගය නිර්මාණය කරන ලදි. 1980 වකවානුවේ දී PDI ආයතනය NBC, Sky Movies වැනි ආයතන සඳහා සජිවිකරණය කරන ලද රූප සහ ලාංඡන ඇතුලත් නොයෙකුත් රූපවාහිනි දැන්වීම් නිර්මාණය කරන ලදී. ඒ අතර ඔවුන් විසින් පසු කලක දී එනම් වර්ෂ 1991 වකවානුවේ දී Terminator 2; විනිශ්චය කිරීමේ දිනයට සමගාමීව පින්තූර සජිවිකරණය කිරීමේ දෘශ්‍යමාන මෙවලම් බිහි කරන ලදි. The PDI/DreamWorks Studio in Redwood City, California 1997, Dreamwork SKG ආයතනය විනෝදයන් සැපයීමේ ශිල්පීන් තිදෙනෙක් විසින් ආරම්භ කරන ලදි. ස්ටීවන් ස්පෙල්බර්ග් මහතා එහි අධ්‍යක්ෂක සහ නිෂ්පාදකයා ලෙසත්, ඩේවිඩ් ගැෆැන් එහි සංගීත පාලකයා ලෙසත්, ක්‍රියාකළ අතර පෙර Disney හි විධායකයා වූ ජෙෆ්රෙ කැට්ස්බර්ජ් මහතා ද ඔවුනට සහය විය. Dream work සමාගම PDI සමාගම සමඟ වෙනම ආයතනයක් පිහිටු වීමට ලිඛිත එකඟතාවයක් ඇති වූයේ ඉන්පසුවයි. එම ආයතනය මඟින් 1998 දී Antz චිත්‍රපටයෙන් ආරම්භ කර දිගටම චිත්‍රපට නිෂ්පාදනය සිදුකරන ලදි. එම අවුරුද්දේදීම Dream Works SKG ආයතනය මඟින් සම්ප්‍රදායික ශිල්පීය ක්‍රම උපයෝගී කරගනිමින් The Prince of Egypt චිත්‍රපටය නිර්මාණය කරන ලදි. 2000 වසරේ දී Dream work SKG ආයනය, Dream Works Animation නමින් නව ආයතනයක් ඇති කළ අතර එමඟින් දෙවර්ගයටම අයත් සජිවිකරණය කරන ලද චිත්‍රපට නිෂ්පාදනය කෙරිණි. සාම්ප්‍රදායික ලෙස සජීවිකරණය කළ චිත්‍රපට දකුණු කැලිෆෝනියා ශාඛාවේ අංශයක් මඟින් නිෂ්පාදනය කෙරේ. එහි ලාභයෙන් වැඩිකොටසක් Dream works SKG ආයතනය ලබාගනී.මෙම ආයතනය පසු කලෙක දී වෙන්ව ගොඩනැංවුණු අතර, Dream Works Animation SKG Inc. නව ආයතනයක් ඇති කළ අතර එහි ලාභය PDI සහ PDI LLC හි තැන්පත් කරන ලදි. වර්තමානය[සංස්කරණය] 2004 වන තෙක්, Dream Work සජිවිකරණ ආයතනය මඟින් CG සජිවිකරණය කළ චිත්‍රපට නිෂ්පාදනය වූ අතර සම්ප්‍රදායික ද්විමාන චිත්‍රපට භාවිතයෙන් බැහැර කරන ලදි. Dream Work සජිවිකරණ ආයතනය එංගලන්තයේ බ්‍රිරිස්ටල් හි ස්ථාපිත Aardman සජිවිකරණය සහ stop-motion සජිවිකරණ ආයතන සමඟ සබදකම් පවත්වන ලදි. මෙම සම්බන්ධතා මඟින් Dream Work ආයතනය විසින් stop-motion චිත්‍රපට බ්‍රිරිස්ටල් හි නිෂ්පාදනය කරන ලදි. එමෙන්ම ඇමරිකාවේ සමහර CG සජිවිකරණ චිත්‍රපට සඳහා Aardman ආයතනය සහය දැක්වීය. මෙම සම්බන්ධකම් Flushed Away චිත්‍රපටයේ පිළිගැන්වීම 2006 නොවැම්බර් මාසයේ දී අවසන් වූ අතර මේ පිළිබඳව ඔක්තෝබර් 3 වැනි දින දැනුම් දෙන ලදි. එයට හේතුව ලෙස ඔවුන් සඳහන් කළේ “නිර්මාණාත්මක වෙනස” යි. 2004 තෙක් මෙම ආයතනය විසින් පරිගණකයෙන් සජිවිකරණය කළ චිත්‍රපට දෙකක් නිෂ්පාදනය කරන ලදි. මෙම ආයතනයේ ලාංඡනය, වර්ණවත් අකුරුවලින් සමන්විත වන අතර, එහි ළමයෙක් සඳ එළියේ මාලු අල්ලන පින්තූරයක් ද ඇත. මෙම ශබ්ද පථය Dream work තේමා ගීතයෙන් ලබාගෙන ඇත. 2001 දී Shrek බිහිකිරීම නිසා මෙය ඉතා සාර්ථක වූණි. ජෝන් පවෙල් විසින් අධ්‍යක්ෂණය කරන ලද True lover's first kiss චිත්‍රපටයට Shrek හි ශබ්ද පථය යොදා ගන්නා ලදි. සටහන්[සංස්කරණය] DreamWorks Animation SKG History
|
ACADEMIC
|
".........තත්ථ කතමෝ සම්මා වාචා? මුසාවාදා වේරමණී පිසුණාවාචා වේරමණී ඵරුසාවාචා වේරමණී සම්ඵප්පලාපා වේරමණී අයං වුච්චතී සම්මා වාචා........" නිවැරදි වචන යනු වාග් සුචරිතයයි.වචනයෙන් සිදුවන සිවුවැදෑරුම් වැරදි වලින් වැලකී ක්‍රියා කිරීමයි. එනම්, බොරු කීමෙන් වැලකීම කේළාම් කීමෙන් වැලකීම ඵරුස වචන කීමෙන් වැලකීම හිස් වචන කීමෙන් වැලකීම
|
ACADEMIC
|
දේවවාදී නොවන දර්ශන මත පදනම්වූ ආගම්වල ආගමික ස්ථාන පන්සල් නම්වේ. බුද්ධාගම[සංස්කරණය] ප්‍රධාන ලිපිය: බෞද්ධ පන්සල් ජෛනාගම[සංස්කරණය] ප්‍රධාන ලිපිය: ජෛන පන්සල්
|
ACADEMIC
|
ආටිචෝක් (English:Artichoke) Scientific classification Kingdom: Plantae (unranked): Angiosperms (unranked): Eudicots (unranked): Asterids Order: Asterales Family: Asteraceae Tribe: Cynareae Genus: Cynara Species: C. cardunculus Binomial name Cynara cardunculus L. ආටිචෝක් පැලෑටිය
|
ACADEMIC
|
එළාර රජ අනුරාධපුරයේ සොළී රජ රාජ්‍ය කාලය ක්‍රිපූ 205 – ක්‍රිපූ 161 වාර්ගික දෙමළ පදවි නාම මනු නීදි චෝලන් උපත ක්‍රිපූ 235 මරණය ක්‍රිපූ 161 පූර්වප්‍රාප්තිකයා අසේල රජ අනුප්‍රපාප්තිකයා දුටුගැමුණු රජ රාජ වංශය චෝල රජ වංශය ආගම හින්දු ආගම, සායිව ආගම එළාර යනු, වර්තමාන දකුණු ඉන්දියාවේ, එකල චෝල රාජධානියේ සොළී රජෙක් වූ අතර, වර්තමාන ශ්‍රී ලංකාවේ කොටසක් [1] ක්‍රිපූ 205 සිට ක්‍රිපූ 161 දක්වා පාලනය කල අතර, මෙයට [1] අනුරාධපුරය පුරාතන අගනගරයද අයත් විය. සොළී රටෙහි දෙමළ ජාතිකයෙකු වන එළාර, සිංහලයන් විසින් පවා සාම්ප්‍රදායික ලෙසින් සැලකෙන්නේ ධර්මිෂ්ඨ රජෙකු ලෙසිනි.[2] ආශ්‍රිත[සංස්කරණය] ↑ 1.0 1.1 http://mahavamsa.org/mahavamsa/original-version/21-five-kings/ ↑ මහාවංශය පරිච්ඡේදය XXV
|
ACADEMIC
|
බ්‍රෝඩ් ෂීට් (පුවත්පත්වල හැඩය හා ප්‍රමාණය ගැන මිම්මකි) ඒ ඒ පුවත්පත්වල ප්‍රමාණයන් - 2005 අගෝස්තුවේදී - ‘ල මොන්ඩේ’ පත්‍රය බර්ලයිනර් ෆෝර්මැට් ස්වරූපයෙනි. ‘ද ගාඩියන්’ පත්‍රය බ්‍රිතාන්‍ය බ්රෝඩ් ෂීට් ස්වරූපයෙනි. ‘ඩේලි මේල්’ පුවත්පත ටැබ්ලොයිඩ් වර්ගයේ එකකි. 'ද ටයිම්ස්' පත්‍රය කොම්පැක්ට් ස්වරූපයෙනි. බර්ලයිනර් සෙයිටුන්ග් සහ නියුස් ඩියුට්ෂ්ලන්ඩ් පත්‍ර දෙක බ්රෝඩ් සීට් සහ බර්ලයිනර් දෙක අතර ප්‍රමාණයකි. ප්‍රමාණය බලා ගැනීම සඳහා සුදු පාට A 4 ප්‍රමාණයේ කඩදාසියක් ඉදිරියෙන් තබා ඇත. බ්රෝඩ්ෂීට් යනු විවිධ පුවත්පත්වල හැඩයන් අතර විශාලතම ප්‍රමාණයයි. එහි විශේෂ ලක්ෂණයක් වන්නේ පිටුවේ දිග ප්‍රමාණයයි. (සාමාන්‍යයෙන් මෙය අඟල් 22 ක් හෝ ඊට වැඩිය) මෙම වචනය භාවිතයට පැමිණෙන්නේ ජනප්‍රිය තනි පිටුවේ කවි කොළ හෝ දේශපාලන උපහාස ප්‍රකාශන අඩංගු වීදි වල විකුණන ලද ප්‍රකාශනයන් මුල් කර ගනිමිනි. මෙම බ්රෝඩ්ෂීට් ප්‍රමාණයේ පළමු පුවත්පත නම් 1618 දී ප්‍රකාශනය කළ Dutch Courante uyt Halian පුවත්පත යි. අනෙකුත් සාමාන්‍ය පුවත්පත්වල හැඩයන් කුඩා බර්ලයිනර්, ටැබ්ලොයිඩ්/කොම්පැක්ට් යනාදී නම් වලින් හැඳින්වේ. විස්තර[සංස්කරණය] බොහෝ බ්රෝඩ්ෂීට් පුවත්පත් සාමාන්‍යයෙන් අඟල් 29½ x 23½ වේ. මෙය සාමාන්‍ය ටැබ්ලොයිඩ් පුවත්පතක් මෙන් දෙගුණයක් විශාලය. ඕස්ට්‍රේලියානු සහ නවසීලන්ත බ්රෝඩ්ෂීට් ප්‍රමාණයේ පුවත්පත් හැම විටම A 1 ප්‍රමාණයේ ඒවාය.(84.1 x 59.4 සෙ.මී) එක්සත් ජනපදයෙහි බ්රෝඩ්ෂීට් එකකින් ඉදිරිපිටු බාගය අඟල් 15 ක් දිගු වන අතර දිග අඟල් 22¾ කි. බොහෝ එක්සත් ජනපද පුවත්පත් වල අමුද්‍රව්‍ය මිළ අඩු කර ගැනීම සඳහා එම පුවත්පත් වල ප්‍රමාණය අඟල් 22¾ x 12 දක්වා අඩු කර ඇත. බ්රෝඩ්ෂීට් ප්‍රමාණය වර්ග දෙකකි. • සම්පූර්ණ බ්රෝඩ් සීට් ප්‍රමාණය:- සම්පූර්ණ බ්රෝඩ්ෂීට් ප්‍රමාණයේ කොළයක් කෙළින් අතට භාගයක් වන සේ නවනු ලැබේ. එවිට එය පිටු 4 ක් ලෙස සකස් වේ. මෙය පළමු පිටුව සහ පළමු පිටුවේ ඇතුල් පැත්ත සහ අවසාන පිටුව සහ අවසාන පිටුවේ ඇතුල් පැත්තයි. මෙම පිටු හතර සාමාන්‍යයෙන් ‘ස්ප්රෙඩ්’ (Spread) යනුවෙන් හැඳින්වේ. ඇතුල් බ්රෝඩ්ෂීට් පිටු ඒ ආකාරයෙන් අතුලත් කරනු ලැබේ. • භාග බ්රෝඩ්ෂීට් ප්‍රමාණය:- භාග බ්රෝඩ්ෂීට් යනු සාමාන්‍යයෙන් ඇතුල් පිටුවකි. ලම්බාකාරව නවන ලද එකක් නොවේ. සාමාන්‍ය ක්‍රමයට නොවන පුවත්පතක් සඳහා උදාහරණයක් නම් එය පිටු දෙකේ භාග බ්රෝඩ්ෂීට් ප්‍රමාණයේ හෝ පිටු හතරේ සම්පූර්ණ බ්රෝඩ්ෂීට් ප්‍රමාණයේ පුවත්පත් විය හැකිය. බ්රෝඩ්ෂීට් ක්‍රමයේ පත්තර, පත්තර විකුණන ස්ථානවල ඉඩකඩ පිරිමසා ගැනීම සඳහා දෙකට නමනු ලැබේ. මෙම ක්‍රමය පිටු අංක සඳහා බලපාන්නේ නැත. බොහෝ වැදගත් ප්‍රවෘත්තිමය කථා හරස් නැම්මට උඩින් යොදනු ලැබේ. මෙය ටැබ්ලොයිඩ් ප්‍රකාශනවල දක්නට නොලැබේ. ඒවායේ මෙම හරස් නැමීම දක්නට නොමැත. ඓතිහාසිකව ගත් කල බ්රෝඩ්ෂීට් ක්‍රමය සංවර්ධනය වයේ 1712 දී පත්රවල පිටු ප්‍රමාණය අනුව බද්දක් අය කිරීම ආරම්භ කිරීමෙන් පසුවය. බ්රෝඩ්ෂීට් ක්‍රමයේ පුවත්පත් මුද්‍රිත ප්‍රවෘත්ති පතුරුවා හැරීම සඳහා වඩා ජනප්‍රිය ආකෘතියක් බවට පත් වී තිබේ. මෙම ක්‍රමයට ලෝකයේ ඉංග්‍රීසි භාෂාවෙන් පල වන විශාල බෙදා හැරීමක් සහිතව පවතින පුවත් පතක් නම් “ ද ටයිම්ස් ඔෆ් ඉන්ඩියා” පුවත්පතයි. ඊළඟට ඒ ආසන්නයටම පැමිණෙන්නේ “ද නිව් යෝර්ක් ටයිම්ස්” පුවත්පතයි. (ඔඩිට් බියුරෝ ඔෆ් සර්කියුලේෂන් අනුව) References[සංස්කරණය] http://en.wikipedia.org/wiki/Broadsheet
|
ACADEMIC
|
ගරු සජිත් ප්‍රේමදාස පා.ම. Sajith Premadasa සජිත් ප්‍රේමදාස එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක පාර්ලිමේන්තුව සඳහා මන්ත්‍රී හම්බන්තොට දිස්ත්‍රික්කය වෙනුවෙන් හිටපු සෞඛ්‍යය නියෝජ්‍ය අමාත්‍ය පුද්ගලික තොරතුරු උපත ජනවාරි 12, 1967 (1967-01-12) (වයස 47) ජාතිකත්වය ශ්‍රී ලාංකික දේශපාලන පක්ෂය එක්සත් ජාතික පක්ෂය කලත්‍රයා(යන්) ජලනි ප්‍රේමදාස උගත් ශාස්ත්‍රාලයය රාජකීය විද්‍යාලය, කොළඹ, ආර්ථික විද්‍යාව පිළිබඳ ලන්ඩන් ශාස්ත්‍රාලයය ජීවනෝපායය දේශපාලක Website http://sajithpremadasa.org සජිත් ප්‍රේමදාස යනු ශ්‍රී ලාංකික දේශපාලනඥයෙකි. ඔහු, හම්බන්තොට දිස්ත්‍රික්කය සඳහා වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී වරයෙක් වන අතර ශ්‍රී ලංකාවේ හිටපු සෞඛ්‍යය නියෝජ්‍ය අමාත්‍යවරයාද වෙයි. ඔහු, හිටපු ශ්‍රී ලංකා ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ගේ පුත්‍රයා වන අතර අධ්‍යාපනය ලබා ඇත්තේ කොළඹ රාජකීය විද්‍යාලය සහ ආර්ථික විද්‍යාව හා දේශපාලන විද්‍යාව පිළිබඳ ලන්ඩන් ශාස්ත්‍රාලයය වෙතිනි. පටුන 1 දේශපාලනය 1.1 ජන සුවය 1.2 සසුනට අරුණ 2 මේවාද බලන්න දේශපාලනය[සංස්කරණය] එ.ජා.පයේ ඡන්ද වලින්, 2000දි 83% ඡන්ද ප්‍රතිශතයකුත්, 2001දි 82% ඡන්ද ප්‍රතිශතයකුත්, 2004දි 84% ඡන්ද ප්‍රතිශතයකුත්, 2010දි 89% ඡන්ද ප්‍රතිශතයකුත් ලබාගෙන ඇත. ජන සුවය[සංස්කරණය] 1994 වසරේදී ආරම්භ කල ජන සුවය පදනම මගින්, ජනතාවට දියුණු වීම සඳහා අවස්ථාවන් සලසා දීම සිදු කරනු ලබයි. සසුනට අරුණ[සංස්කරණය] 2600 වන ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තියට සමගාමීව, දිවයිනේ බෞද්ධ විහාරස්ථාන සහ දහම් පාසල් සංවර්ධනය කරනු වස්, සජිත් ප්‍රේමදාස මහතා විසින් සසුනට අරුණ නමින්, නව ව්‍යාපෘතියක් ආරම්භ කරන ලදී. මේවාද බලන්න[සංස්කරණය] රණසිංහ ප්‍රේමදාස
|
ACADEMIC
|
මෙම ලිපිය හෝ ලිපි කොටස ගල්සියඹලා සමගින් ඒකාබද්ධ කිරීමට යෝජිතය. (සංවාදය) Gal Siyambala (ගල් සියඹලා) Velvet Tamarind පටුන 1 හැඳින්වීම 2 විද්‍යාත්මක නාම: 2.1 ලතින් නාම: 3 සබැඳියන් 3.1 මූලාශ්‍ර හැඳින්වීම[සංස්කරණය] ගල් සියඹලා යන සිංහල නමින් හැඳින්වෙන්නේ දකුණු, අග්නිදිග ආසියාවේ සහ අප්‍රිකවේ වැවෙන පළතුරු වර්‍ගයකි. ගල් කැට (Pebble) ස්වරූපයකින් තද බවකින් යුක්ත වීම සහ සියඹලා වලට තරමක් සමාන බැවින් ගල් සියඹලා (Pronounced: Gal Siyambala; Meaning: Pebble-like/Hard Tamarind). ඇඹුල් රස මිශ්‍ර පැණි රසකින් යුක්තය. සියඹලා වලට සාපේක්ෂව පැණි රසින් වැඩි අතර මදය වියළි බවින් වැඩි පිටි/කුඩු ස්වරූපයක් ගනී. පිට බූව විල්ලුද (Velvet) ස්වරූපයක් ගන්නා සියඹලා (Tamarind) වැනි බැවින් Velvet Tamarind ලෙස ඉංග්‍රීසි බසින් හැඳින්වේ විද්‍යාත්මක නාම:[සංස්කරණය] Dialium indum ලතින් නාම:[සංස්කරණය] Dialium Cochinchinense Dialium Ovoideum සබැඳියන්[සංස්කරණය] http://nittygrits.org/gal_siyambala http://www.agri.ruh.ac.lk/medicinalplants/medicinal_plants/families/leguminasae/plants/gal_siyambala.html මූලාශ්‍ර[සංස්කරණය] http://nittygrits.org/gal_siyambala http://www.agri.ruh.ac.lk/medicinalplants/medicinal_plants/families/leguminasae/plants/gal_siyambala.html
|
ACADEMIC
|
ඕරියා සාහිත්‍යය[සංස්කරණය] ඕරියාවට 13 වන සියවස තෙක් දිවෙන පොහොසත් සාහිත්‍යය උරුමයක් ඇත. 14 වන සියවසේදී ජීවත් වු සරලා දාස ඔරිස්සාහි වයිසා ලෙස හැදින්වේ. ඔහු මහා භාරතය ඕරියානු භාෂාවට පරිවර්ථනය කරන ලදී. එමෙන්ම මහා භාරතය, රාමායනය හා ශ්‍රීමඩ් භාග්යභභගම් වැනි සම්භාව්‍යය සංස්කෘතික ලේඛන පරිවර්ථනය කිරීමේ ක්‍රියාවලිය තුලින් එම භාෂාව සම්මත කරණයට පත් විය. ජගන්නාත් ඩෑස් විසින් ශ්‍රීමඩ් භගභතම් ඕරියානු භාෂාවට පරිවර්ථනය කළ අතර ඔහුගේ පරිවර්ථනය තුලින් භාෂාවේ ලිවීම් ආකාරය සම්මත කරණයට භාජනය විය. ඕරියා රාජ්‍යයට පද්‍යය පිලිබදව බලවත් සම්ප්‍රදායයක් ඇත. (විහේෂයෙන් ආගමික භක්තිය පිලිබද පද්‍යය) වෙනත් ප්‍රසිද්ධ පුරාථන ඔරියා කවීන් අතරට කබි සම්රන් උපේනද්ර් බන්ජා හා කබි සුර්යයා බාලා දේවි රතා ඇතුළත්ය. 19 වන සියවසේ දී ඕරියානු සාහිත්‍යයේ ගද්‍ය හා පද්‍යලිවීමේ සුප්‍රසිද්ධ පුද්ගලයන් වුයේ ෆකිර් මෝහන් සේනාපති (1843 – 1918), ගෞරි ශන්කර් රේ, ගෝපාල් චන්ද්රධ ප්රවහාරාජ්, පණ්ඩිත් නිල්මානි විද්‍යාරත්න, කබිබාර් රාධානාත් රේය. 20 වන සියවසේ ඔරියානු සාහිත්‍ය්‍ය හා ඔරියානු භාෂාවට වටිනාකමක් ලබාදුන් පුද්ගලයන් අතරට ගොඩ භාෂි මොහොප්පත්රා , කාලිංග චරණ පණිභ්රෂහි, ඛණ්හු චාරන් මොහන්ති (1906 – 1997), ගොපිනාත් මොහන්ති, සචින්ද නන්ද රෞද්ද්‍රේ, සුාර්න්ද්‍ර මොහන්ති, මනෝජ් දාස්, ක්රිගෂෝරි චරන්දාස්, සීත කාන්තා මොහොප්පත්රා , රාමකාන්ත රාත්, බිනපානි මොහන්ති, ජගදිස් මොහන්ති, සරෝජනි සචෝ, රාජේන්ද්ර ක්රිතෂෝර් පාණ්ඩ, පද්මජ් පාල්, රාම චන්ද්‍ර බිහේරා හා ප්‍රතිබා සත්පති අයත්ය. http://en.wikipedia.org/wiki/Indian_literature#Oriya_literature
|
ACADEMIC
|
කැනඩාවේ දේශපාලනය ව්යවස්ථානුකූල රාජ්යත්වයකින් වූ රාමුවක් තුළ හා බලවත් ප්රජාතාන්ත්රික සම්ප්රදායක් ඇතුළත් සන්ධීය ක්රමයේ පාර්ලිමේන්තු ආණ්ඩුවකින් ක්රියාත්මක වේ. බොහෝ ව්යවස්ථාදායක භාවිත, එක්සත් රාජධානියේ වෙස්ට් මිනිස්ටර් පාර්ලිමේනතුවේ ලිඛිත නොවූ සම්මතයන් අනුව යමින් ක්රියාත්මක වේ. කෙසේ නමුත් කැනඩාව එක්කර ගත් වෙනස්කම් ද එහි ඇත. උදාහරණ වශයෙන් ගතහොත් පක්ෂ විනය, එක්සත් රාජධානියට වඩා තදින් ක්රියාත්මක වේ. පාර්ලිමේන්තුවේ වැඩි ඡන්ද, විශ්වාසය පළ කිරීමේ යෝජනා හැටියට සැලකෙන අතර පාර්ලිමේන්තුවේ කැබිනට් නොවන මන්ත්රීවරුන්ගේ බලතල ඒ මඟින් අඩු කිරීමට ද යොමු වේ. ආණ්ඩු පක්ෂයේ සිටින එවැනි පක්ෂ කණ්ඩායම් හා විරුද්ධ පක්ෂයේ සිටින කණිෂ්ඨ හෝ පහල එක් අංශයකට පමණක් වූ මන්ත්රී කොටස් පසු පෙළ මන්ත්රීවරු වශයෙන් හැඳින්වේ. පසු පෙළ මන්ත්රීවරුට පොදු ගිණුම් කාරක සභාවේ හෝ ජාතික ආරක්ෂක කමිටු වැනි කමිටුවල නියෝජිතයන් වාඩි වීම මඟින් ඔවුන්ට පාර්ලිමේන්තුවේ බලපෑම් කළ හැකි වේ. Reference[සංස්කරණය] http://en.wikipedia.org/wiki/Politics_of_Canada
|
ACADEMIC
|
මාර්ග සංවර්ධන අධිකාරිය මූලස්ථානය "සෙත්සිරිපාය", බත්තරමුල්ල, ශ්‍රී ලංකාව අයවැය අමෙරිකා ඩොලර් බිලියන 2 (සාමාන්‍යයෙන්) වෙබ් අඩවිය rda.gov.lk exway.rda.gov.lk මාර්ග සංවර්ධන අධිකාරිය යනු ශ්‍රී ලංකාවේ පවතින ජාතික මහාමාර්ග ජාලය නඩත්තු කරන, නව මාර්ග තැනීම සැලසුම් කරන, නව පාලම්, අධිවේගී මාර්ග, අනෙකුත් මහාමාර්ග ඉදිකරන සහ පවතින මාර්ග තව දුරටත් සංවර්ධනය කිරීම් ආදී කටයුතු සිදුකරනු ලබන අධිකාරි බලය සහිත ආයතනයකි. භාහිර සබැදි[සංස්කරණය] Road Development Authority Expressway Operation Maintenance and Management Divisionසැකිල්ල:Sri-lanka-stub
|
ACADEMIC
|
මෙම ලිපිය the web browser පිලිබඳ වේ. the operating system සඳහා, Google Chrome OS බලන්න. ගූගල් ක්‍රෝම් ගූගල් ක්‍රෝම් වින්ඩෝස් 8 මත විකිපීඩියා මුල් පිටුව පෙන්වමින් සංවර්ධකයා(යන්) ගූගල් සංස්ථාපිත ප්‍රථම නිකුතුව සැප්තැම්බර් 2, 2008 (2008-09-02) ස්ථාවර නිකුතුව 28.0.1500.95 (ජූලි 30, 2013; 16 මාස ගණනකට පෙර (2013-07-30)) ජංගම අනුවාද: Android 28.0.1500.64 (ARM, x86) (ජූලි 10, 2013; 16 මාස ගණනකට පෙර (2013-07-10))[1] iOS 28.0.1500.16 (ජූලි 30, 2013; 16 මාස ගණනකට පෙර (2013-07-30))[2] ක්‍රමලේඛනය කර ඇත්තේ C++, assembly, Python, JavaScript මෙහෙයුම් පද්ධති Android (4.0 and later) iOS (4.3 or later) Linux OS X (10.6 and later) වින්ඩෝස් (XP SP2 and later) යන්ත්‍රය WebKit,Blink,V8 ලබාගත හැකි භාෂා ගණන භාෂා 53 ක් සංවර්ධන ක්‍රියාවලිය ක්‍රියාකාරි වර්ගය වෙබ් බ්‍රව්සරයකි,ජංගම වෙබ් බ්‍රව්සරයකි බලපත්‍රය Proprietary EULA (Google Chrome Terms of Service) වෙබ් අඩවිය google.com/chrome ගූගල් ක්‍රෝම් යනු ගූගල් සමාගම විසින් වැඩි දියුණු කරන ලද නොමිලේ ලබාගත හැකි වෙබ් බ්‍රවුසරයකි. එය 27 වැනි සංස්කරණය තෙක් පිටු දර්ශන සැකැස්ම සැකසීමට වෙබ්කිට් ලේඅවුට් එන්ජිම යොදාගත් අතර 28 වැනි සංස්කරණයේ සිට වෙබ්කිට් පාදක කරගත් බ්ලින්ක් ලේඅවුට් එන්ජිම භාවිතා කරයි.[3] මුල්ම වරට 2008 සැප්තැම්බර් දෙවන දින එහි බිටා සංස්කරණය මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය සඳහා දියුණු කෙරිනි. එහි පළමු ස්ථාවර සංස්කරණය 2008 දෙසැම්බර් එකොලොස් වන දින මහජනතාවට නිකුත් කරන ලදි. StatCounter වෙබ් අඩවියට අනුව ගූගල් ක්‍රෝම් බ්‍රව්සරය 2013 අප්‍රේල් වන විට ලෝක වෙබ් බ්‍රව්සර් භාවිතය අතින් 39% කොටසකට හිමිකම් කියයි.[4] 2008 සැප්තැම්බරයේදී ගූගල් සමාගම සිය වෙබ් බ්‍රව්සරයේ කේත විශාල කොටසක් ක්‍රෝමියම් නමැති විවෘත කේත මෘදුකාංගයක් ලෙස නිදහස් කෙරිණි. ඉතිහාසය[සංස්කරණය] ගූගල් සමාගමේ එරික් ෂ්මිත් සයවසරක් තිස්සේ තම සමාගමේ ස්වාධීන වෙබ් බ්‍රව්සරය දියුණු කිරීමට මැලිවිය. ඔහු ප්‍රකාශ කර සිටියේ "ඒ කාලේ ගූගල් කියන්නේ සමාන්‍ය සමාගමක්" ; ඔහුට එකල බ්‍රව්සරය යුද්ධයක පැටලී සටනක් දීමට කිසිදු කැමැත්තක් නොතිබිණි. එහෙත් ගුගල් සමාගමේ සමනිර්මාතෘ වන සර්ජි බ්රින් සහ ලැරී පෙජ් විසින් මොසිල්ලා පදනමේ මෘදුකාංග ශිල්පින් කුලියට යොදා ගෙන ගූගල් ක්‍රෝම්හි අදර්ශනයක් සැදීමෙන් පසු එරික් ස්කිමිත් එහි විශිෂ්ටත්වය ඉදුරාම තම සිත වෙනස් කල බව කියා සිටියා. මූලාශ්‍ර[සංස්කරණය] ↑ "Chrome". Google Play. Google. September 12, 2012. සම්ප්‍රවේශය September 12, 2012. ↑ Google Inc. (July 30th, 2013). "Chrome". App Store. Apple. සම්ප්‍රවේශය July 30th, 2013. ↑ "Google going its own way, forking WebKit rendering engine". Ars Technica. http://arstechnica.com/information-technology/2013/04/google-going-its-own-way-forking-webkit-rendering-engine/. Retrieved 3 April 2013. ↑ "Top 5 Browsers from Oct 2012 to Apr 2013 - StatCounter Global Stats". StatCounter. සම්ප්‍රවේශය 31 May 2013. This article අසම්පූර්ණ වෙයි. ලිපිය වැඩිදියුණු කිරීමට උදවු වීමට හෝ, එහි ගැටළු සාකච්ඡා පිටුවෙහි සංවාදයට භාජනය කිරීමට හෝ කාරුණික වන්න.
|
ACADEMIC
|
ප්‍රාථමික නිෂ්පාදනය යනු වායුගෝලීය හෝ ජලීය හෝ කාබන් ඩයොක්සයිඩ් වෙතින් කාබනික සංයෝග නිෂ්පාදනයයි. ප්‍රභා ස‍්වයංපෝෂීන් විසින් සිදුකරයි.
|
ACADEMIC
|
මාදම්පිටිය Madampitiya — උප නගරය — මාදම්පිටිය ඛණ්ඩාංක: 6°57′38″N 79°52′20″E / 6.96056°N 79.87222°E / 6.96056; 79.87222ඛණ්ඩාංක: 6°57′38″N 79°52′20″E / 6.96056°N 79.87222°E / 6.96056; 79.87222 රට ශ්‍රී ලංකාව පළාත බස්නාහිර පළාත දිස්ත්‍රික්කය කොළඹ දිස්ත්‍රික්කය පාලනය / පරිපාලනය • නගරාධිපති වේලා කලාපය Sri Lanka Standard Time Zone (UTC+5:30) Postal Code 01500 [1] මාදම්පිටිය (කොළඹ 15) යනු ශ්‍රී ලංකාවේ, කොළඹ පිහිටි උපනගරයකි. මට්ටක්කුලිය මෝදර පෑලියගොඩ මාදම්පිටිය බ්ලූමැන්ඩල් ආශ්‍රිත[සංස්කරණය] ↑ http://mohanjith.net/postal_codes/western/colombo/01500-madampitiya.html
|
ACADEMIC
|
පුරාවිද්‍යාත්මක කර්මාන්තයක් ලෙස හැඳින්වෙනුයේ කිසියම් තනි නිෂ්පාදනයක් සඳහා අදාල වන උපාංග පරාසයක් වේ. උදාහරණයක් ලෙස ලැන්ග් ඩේල් පොරෝ කර්මාන්තය පෙන්වා දිය හැක. මෙහි උපාංග සමූහයන් මඟින් විවිධ වස්තූන් සහ හැසිරීම් රැසක් පිළිබඳ සාක්ෂි ලැබේ. මෙම පුරා විද්‍යාත්මක කර්මාන්ත සඳහා වඩාත් නිවැරදි යෙදුම් වනුයේ පුරා විද්‍යාත්මක සංස්කෘතීන් යන්නයි. මේවා ශිලා කර්මාන්ත ලෙස ද හැඳින්වෙන අතර ආරම්භක අවධියේ දී භාවිතා වූ ශිලා කර්මාන්ත කිහිපයක ලැයිස්තුවක් මෙහි දැක්වේ. References[සංස්කරණය] http://en.wikipedia.org/wiki/Archaeological_industry
|
ACADEMIC
|
අප්‍රේල් 21, ග්‍රෙගරි දින දසුනට අනුව අවුරුද්දේ 111 වන දිනය වේ (අධික අවුරුද්දක නම් 112 වන දිනය). අවුරුද්ද අවසන් වීමට තවත් දින 254 ඉතිරිව තිබේ . This article අසම්පූර්ණ වෙයි. ලිපිය වැඩිදියුණු කිරීමට උදවු වීමට හෝ, එහි ගැටළු සාකච්ඡා පිටුවෙහි සංවාදයට භාජනය කිරීමට හෝ කාරුණික වන්න.
|
ACADEMIC
|
තිස්තුන්කෝටියක් දෙවිදේවතාවියෝ සිංහල ජාතිකයන් වන්දනා කරන දෙවිවරු බොහෝ ඇත. මින් සියල්ල/ බහුතරය මියගිය ශ්‍රේෂ්ඨ ප්‍රද්ගලයන් වේ. දෙව්ලොවට අධීපති ශක්‍ර දෙවියන් වන අතර ඉන් පසුව සතරවරම් දෙවිවරු සිටී. මහින්දාගමනයෙන් පසුව ලක්දිව රාජ්‍ය ආගම බුද්ධාගම වුවද බහුතර සිංහලයෝ බුද්ධාගම සමග සමගාමීව තවමත් තිස්තුන්කෝටියක් දෙවි දේවතාවියෝ විශ්වාස කරති. පටුන 1 සතරවරම් දෙවිවරු 1.1 සම්මත සතරවරම් දෙවිවරු 1.2 මධ්‍යකාලීන සතරවරම් දෙවිවරු 2 අනෙකුත් දෙවි දේවතාවියෝ 2.1 රට පුරාම පාහේ අදහන දෙවි දේවතාවියෝ 2.2 ප්‍රාදේශීය දෙවි දේවතාවියෝ 3 රුක් දෙවිවරු සහ රුක් දේවතාවියෝ 4 ආශ්‍රිත ලිපි සතරවරම් දෙවිවරු[සංස්කරණය] ප්‍රධාන ලිපිය: සතරවරම් දෙවිවරු සම්මත සතරවරම් දෙවිවරු[සංස්කරණය] දෘතරාෂ්ට විරූඪ විරූපාක්ෂ වෛශ්‍රවණ හෙවත් කුවේර මධ්‍යකාලීන සතරවරම් දෙවිවරු[සංස්කරණය] සමන්බෝක්සල් කතරගම දෙවියෝ උපුල්වන් විභිෂණ අනෙකුත් දෙවි දේවතාවියෝ[සංස්කරණය] රට පුරාම පාහේ අදහන දෙවි දේවතාවියෝ[සංස්කරණය] පත්තිනි අම්මා නාථ දෙවියෝ ප්‍රාදේශීය දෙවි දේවතාවියෝ[සංස්කරණය] උපුල්වන් දෙවියෝ විභීශණ දෙවියෝ කතරගම මහසෙන් සුමන සමන් දෙවියෝ මින්නේරි දෙවියෝ අයියනායක දෙවියෝ ගලේ බණ්ඩාර දෙවියෝ සපුමල් බණ්ඩාර දෙවියෝ උපුල්වන් දෙවියෝ දැඩිමුණ්ඩ දෙවියෝ සිද්ධ සුනියම් දෙවියෝ කඩවර ගැටබරු දෙවියෝ මුතුමාරි දෙවියෝ රංවල දෙවියෝ ඉලන්දාරි දෙයියෝ කුමාර බණ්ඩාර දෙයියෝ හිටිබණ්ඩාර දෙයියෝ රුක් දෙවිවරු සහ රුක් දේවතාවියෝ[සංස්කරණය] සාමාන්‍යායෙන් රුක් දෙවිවරුන්ට වෙනම නම් නොමැති අතර අදාල ගසේ නමින් හඳුන්වයි. නිදසුන: පන්සලේ මහනුගේ දෙයියෝ ආශ්‍රිත ලිපි[සංස්කරණය] දෙවියෝ (බෞද්ධ සංකල්පය)
|
ACADEMIC
|
පාරිසරික විද්‍යාවේ - උප ප්‍රභේද රූපය -පාරිසරික විද්‍යාඥයෙක් ජල නියැදි ලබා ගැනීම වායුගෝලීය විද්‍යාවන්:- පෘථිවියේ පිටත වායුමය ස්ථරය හා වෙනත් පද්ධති අතර ඈති අන්තර් සම්බන්ධතාව අවධාරණය කරන නව සංසිද්ධි විද්‍යාව අධයනය කිරීමයි. වායුගෝලීය විද්‍යාවන්ට කාළගුණ විද්‍යාත්මක අධයයනයන්, හරිතාගාරවායු සංසිද්ධිය, වායු දූෂකවල වායුගෝලීය සංසරණය ආදර්ශනය, ශබ්ද දූෂණයට අදාළ හඩ ප්‍රචාරණ සංසිද්ධි සහ ආලොක දූෂණය පවා ඈතුළත්වේ. උදාහරනයක් ලෙස ගෝලීය උණුසුම්වීමේ සංසිද්ධිය ගතහොත් භෞතික විද්‍යාඥයින් විසින් වායුගෝලීය සංසරණය හා අධොඅරක්ත කිරණ සම්ප්‍රේෂණය සඳහා පරිගණක අදර්ශණ නිර්මාණය කරයි,රසායන විද්‍යාඥයින් වයුගොඅලයේ ඈති රසායන ද්‍රව‍්‍ය වට්ටෝරු හා ඒවායේ ප්‍රතික්‍රියා පිළිබඳ අධ‍්‍යයනය කරයි. ජීව විද්‍යාඥයින් කාබන්ඩයොක්සයිඩ් ප්‍රවාහයට සතුන්ගෙ හා ශාකවල දායකත්වය පරීක්ෂා කරයි. කළගුණ විද්‍යාඥයින් වායුගෝලීය ගති විද්‍යාව තේරුම් ගැනීමේදී අමතර පෘථුල බවක් එක්කරයි. පරිසර විද්‍යාව :- එකිනෙකට සබෑඳි ගහන අතර හෝ ගහනයක් තුල ගති විද්‍යාව දර්ශීය ලෙස විශ්ලේෂණය කිරීමයි.මෙම අධ‍්‍යයනය, අවධානමට ලක්වූ විශේෂ, විලෝපික/ගොදුරු අන්තර් ක්‍රියා, වාසභූමි, පරිසර දූෂක වලින් ගහණවලට සිදුවෙන බලපෑම් හෝ යෝජිත ඉඩම් සංවර්ධණ ක්‍රියවලියක් නිසා විශේෂ වල ජීව්‍යතාවයට සිදුවෙන බලපෑම් විශ්ලෙෂණය ආදියට යොමුවේ. බලපෑම් එකක් හෝ වැඩිගණනක් මගින් පීඩාවට පත් පරිසර පද්ධතියක් අන්තර්ක්ෂේත්‍රියව අධ‍්‍යයනය කිරීමෙදී එයට එකිනෙකට සම්බන්ධ පරිසර විද්‍යා යොජිත අංශ කිහිපයක් ඇතුලත් විය හැකිය.උදාහරණයක් ලෙස කර්මාන්ත සංවර්ධණ ක්‍රියාවලියක් පිහිටුවන මෝයක් අවට සිදුකරන අධ‍්‍යයනයකදී එක්තර විශේෂයකට ජල හා වායු දූෂණය මඟින් බලපෑම් එල්ලවිය හැකිබව පරීක්ෂාකෙරේ.මෙම අධ්‍යයනයට ජීව විද්‍යාඥයින් සත්ව ශාක පිළිබඳ විස්තර කරනුලබයි.රසායන විද්‍යාඥයින් ජලය දූෂක වගුරට පරිවහනය කිරීම පිළිබඳව අධයයනය කරනු ලබයි.හෞතික විද්‍යාඥයින් වායු දූෂක විමෝචනය පිළිබඳව අධයයනය කරනු ලබයි.භූ විද්‍යාඥයින් විසින් වගුරෙහි ඇති පස් පිළිබඳව හා බොක්ක ආශ්‍රිතව ඇති මඩ පිළිබඳව තේරුම් ගැනීමට අධාර කරණු ලබයි. පාරිසරික රසායන විද්‍යාව:- යනු පරිසරයේ පවතින රසායන වෙනස්කම් පිළිබඳ අධ‍්‍යයනයයි.අධ‍්‍යයනය කරන ප්‍රධාන ක්ෂේත්‍ර වලට පස දූෂණය හා ජල දූෂණයද අයත්ය.අධ‍්‍යයනය කරන මාතෘකා අතරට පරිසරයේ රසායනික හායනය, රසායනික ද්‍රවය වල බහු-අවධි පරිවහනය.(උදාහරණයක් ලෙස විලක ඇති ද්‍රාවකයක් වායුගොඅලයට ඇතුල්වූ විට වායු දූෂකයක් ලෙස ක්‍රියා කිරීමා සහ ජීවීන් හත රසායනික ද්‍රවය වලින් සිදුවෙන බලපෑම් අයත්වේ. උදාහරණයක් ලෙස අධ‍්‍යයනයක් ගත් විට කාන්දු වෙන ද්‍රාවක ටැංකියක ද්‍රාවක, පසට එක්වී වඳවීයාමේ තර්ජනයට ලක්වූ උභය ජීවීන්ගේ වාසස්ථානයකට ඇතුළුවේ. භෞතික විද්‍යාඥයින් පස දූෂණය වන ප්‍රමාණය මතුපිටින් ප්‍රවාහය වන ද්‍රාවක ප්‍රමාණය, අවබෝධ කරගැනීමට පරිගණක ආදර්ශ තැනිය යුතුය.රසායන විද්‍යාඥයින් එක් එක් පස් වර්ග සමග ද්‍රාවකය ඇති කරගන්නා අණුක බන්ධන පිළිබඳව විශ්ලෙෂණය කළ යුතුය. ජීව විද්‍යාඥයින් වඳවීමේ තර්ජනයට ලක්වූ උභයජීවියාගේ ආහාර වන ජලාශයේ වසය කරන copepods‚ ශාකවර්ග හා පසෙහි ජීවත්වන සන්ධිපාදකයින් මත ඇතිවන බලපැඇම පිළිබඳව අධයයනය කළයුතුය. References[සංස්කරණය]
|
ACADEMIC
|
රත්මලාන ගුවන්තොටුපළ IATA: RML – ICAO: VCCC RML Location of airport in Sri Lanka Summary Airport type පොදු / යුධමය Owner ශ්‍රී ලංකා රජය Operator Airport and Aviation Services (Sri Lanka) Ltd Serves කොළඹ Location රත්මලාන Hub for FitsAir Helitours Lankan Cargo Millennium Airlines Elevation AMSL 16 ft / 5 m Coordinates 6°49′19.18″N 79°53′10.35″E / 6.8219944°N 79.8862083°E / 6.8219944; 79.8862083ඛණ්ඩාංක: 6°49′19.18″N 79°53′10.35″E / 6.8219944°N 79.8862083°E / 6.8219944; 79.8862083 Runways Direction Length Surface ft m 4/22 6,675 2,000 Asphalt රත්මලාන ගුවන්තොටුපළ ( වර්ථමානයේ කොළඹ නාගරික ගුවන් තොටුපොළ ලෙස හැදින්වේ ) හෙවත් පෙර කොළඹ ගුවන් තොටුපොළ ලෙස හැදින්වු ගුවන් තොටුපොළ ශ්‍රී ලංකාවේ කොළඹ නගරය ආසන්නයේ පිහිටි අන්තර්ජාතික ගුවන් තොටුපොළවල් දෙකෙන් එකකි. 1960 දි බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපොළ පිහිටු විමට පෙර එය කොළඹ පිහිටි එකම අන්තර්ජාතික ගුවන් තොටුපොළ විය. ආශ්‍රිත ලිපි[සංස්කරණය] ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ගුවන්තොටුපළවල් ශ්‍රී ලංකාවේ ගුවන්තොටුපළවල්
|
ACADEMIC
|
6 වන ආවර්තයේ මූලද්‍රව්‍යයක් යනු, රසායනික මූලද්‍රව්‍යයන්ගේ ආවර්තිතා වගුවෙහි සයවන පේළියෙහි (හෝ ආවර්තයෙහි) පිහිටන, ලැන්තනයිඩද අඩංගු රසායනික මූලද්‍රව්‍යයන් අතුරින් එකකි. ආවර්තිතා වගුව සකස් කර ඇත්තේ පේළි ලෙසින් වන අතර, එසේ කර ඇත්තේ මූලද්‍රව්‍යයන්ගේ පරමාණුක ක්‍රමාංකය වැඩිවත්ම, ඒවායේ රසායනික චර්යාවේ පුනරාවර්ත (ආවර්තිත) උපනතීන් සන්නිදර්ශනය කර දැක්වීමටය: රසායනික චර්යාවන් පුනරාවර්තනය වීම ඇරඹෙත්ම නව පේළියක් ඇරඹෙන අතර, එයින් ගම්‍ය වන්නේ, සමතුල්‍ය චර්යාවන් සහිත මූලද්‍රව්‍යයන් එකම සිරස් තීරුවක තැබෙන බවයි. සයවන ආවර්තයෙහි මූලද්‍රව්‍යයන් 32 ක් අඩංගු වන අතර, වැඩිම මූලද්‍රව්‍යයන් අඩංගු ආවර්තය පිළිබඳ තරගයෙහි 7 වන ආවර්තය හා සමගින් සමසමව සිටිමින්, සීසියම් වෙතින් ඇරඹී රේඩෝන් වෙතින් කෙළවර වෙයි. වර්තමානයේ අවසන් මූලද්‍රව්‍යය ඊයම් වෙයි; ඉක්බිතිව පැමිණෙන සියළු මූලද්‍රව්‍ය විකිරණශීලී වෙතත්, වසර 1019 ට වැඩි ප්‍රමාණයක් වන බිස්මත්හී අර්ධ-ආයු කාලය, විශ්වයේ වර්තමාන ආයු කාලයට වඩා 1,000 ගුණයක් වැඩි වෙයි. නීතියක් වශයෙන්, 6 වන ආවර්තයේ මූලද්‍රව්‍යයන් විසින් ඒවායේ 6s කවච පළමුවෙන්ද, ඒවායේ 4f, 5d, සහ 6p කවච ඉක්බිතිව එම පිළිවෙලට පුරවතත්, සේරියම් වැන්නන් විෂයෙහි ව්‍යතිරේකයන් පවතියි. ගුණාංග[සංස්කරණය] මෙම ආවර්තය සතුව, ලැන්තනයිඩද පවතින අතර, විරල පාංශුන් ලෙසින්ද ඒවා හැඳින්වෙති. නියෝඩිමියම් වැනි බොහෝ ලැන්තනයිඩ, ඒවායේ චුම්බක ගුණාංග නිසා ප්‍රකට වෙති. රත්රන් වැනි, 6 වන ආවර්තයේ බොහෝ අන්තරික ලෝහ ඉතා වටිනා වුවද, තැල්ලියම් වැනි, 6 වන ආවර්තයේ බොහෝ අනෙකුත් ලෝහ අතිශයින් විෂ සහිත වෙති. අවසන් ස්ථායි මූලද්‍රව්‍යය වන ඊයම්, 6 වන ආවර්තයෙහි පවතියි. සටහන්[සංස්කරණය] ආශ්‍රිත[සංස්කරණය]
|
ACADEMIC
|
රෙජිස්ට්‍රාර් ජනරාල් (Registrar General) This article අසම්පූර්ණ වෙයි. ලිපිය වැඩිදියුණු කිරීමට උදවු වීමට හෝ, එහි ගැටළු සාකච්ඡා පිටුවෙහි සංවාදයට භාජනය කිරීමට හෝ කාරුණික වන්න. අඩවියෙන් බැහැර පිටු[සංස්කරණය] ශ්‍රී ලංකාව ශ්‍රී ලංකා රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය.
|
ACADEMIC
|
හෙද සේවය[සංස්කරණය] හෙද සේවය යනු පුද්ගලයින්, පවුල් සහ ප්‍රජාවගේ ප්‍රශස්ථ සෞඛ්‍ය තත්වය සහ ක්‍රියා කාරිත්වය පවත්වා ගැනීම සහ යථාතත්වයට පත් කර ගැනීම සදහා මූලිකව අවධානය යොමු කරන වෘත්තියකි. හෙද සේවය පිළිබදව ඇති නූතන අර්ථ දැක්වීම්වලට අනුව එය පුද්ගලයෙකුගේ හෝ පවුලක උපතේ සිට මරණය දක්වා වූ ජීවන අත්දැකීම්වල ගුණාත්මකභාවය වර්ධනය කර ගැනීම සදහා ඉලක්ක කරගත් විද්‍යාවක් සහ කලාවක් ලෙසට විග්‍රහ කෙරේ.
|
ACADEMIC
|
ලන්ඩන විශ්වවිද්‍යාලීය ශාස්ත්‍රාලයෙහි ප්‍රධාන ගොඩනැගිල්ල පොදු විශ්වවිද්‍යාලයක් යනු ප්‍රමුඛතම වශයෙන් ජාතික හෝ උපජාතික රාජ්‍ය අරමුදල් මගින් වියදම් පියවා ගන්නාවූ හා එබැවින් පෞද්ගලික විශ්වවිද්‍යාල වලට වඩා වෙනස් වන්නාවූ විශ්වවිද්‍යාලයකි.
|
ACADEMIC
|
දුම්රිය මාර්ග පද්ධති පිලිබඳ ඉංජිනේරු විද්‍යාව යනු විවිධ පැතිකඩ සහිත, සියලු දුම්රිය මාර්ග පද්ධති නිර්මාණය, ගොඩනැගීම සහ ක්‍රියාකාරීත්වය සම්බන්ධව කටයුතු කරන ඉංජිනේරු විෂය ක්ෂේත්‍රයකි. එය සිවිල් ඉංජිනේරු විද්‍යාව, පරිගණක ඉංජිනේරු විද්‍යාව, විද්‍යුත් ඉංජිනේරු විද්‍යාව, යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාව සහ නිෂ්පාදන ඉංජිනේරු විද්‍යාව ඇතුළු ඉංජිනේරු විෂය ක්ෂේත්‍ර රාශියක් ආවරණය කරයි. තවත් ඉතා වැදගත් ඉංජිනේරු උප විෂය ක්ෂේත්‍ර රාශියක්ද මෙයට ඇතුලත් වේ. ඉතිහාසය[සංස්කරණය] දහ නව වන සියවසේ අග භාගයේ දී ඇති වූ දුම්රිය මාර්ග වල ආරම්භයත් සමඟම , දුම්රිය මාර්ග ඉංජිනේරු විද්‍යාව සම්බන්ධව පැන නැගෙන, ඊට අනන්‍යවූ ගැටළු විසඳීම සඳහා විශේෂිත වූ ඉංජිනේරුවන් පිරිසකගේ අවශ්‍යතාවයක් පැන නැගිනි. දුම්රිය මාර්ග ව්‍යාප්ත වීම හා එය ප්‍රධාන ආර්ථික බලවේගයක් බවට පත්වීමත් සමඟම ඉංජිනේරුවන් විශාල ප්‍රමාණයක් මෙම ක්ෂේත්‍රයට සම්බන්ධ විය. ඒ අතරින් Richard Trevithick, George Stephenson සහ Isambard Kingdom Brunel යන අය විශේෂ වේ. වර්තමානයේ දුම්රිය මාර්ග පද්ධති පිලිබඳ ඉංජිනේරු විද්‍යාව, Channel Tunnel වැනි විශාල ව්‍යාපෘතීන් වල දියුණුවත් සමඟ ඉතා ප්‍රබල ඉංජිනේරු විෂය ක්ෂේත්‍රයක් බවට පත් වී ඇත. උප විෂය ක්ෂේත්‍ර[සංස්කරණය] විධානය, පාලනය හා සංඥා කිරීම(Command, Control & Signaling) බල ශක්තිය සඳහා විදුලි බලය යෙදවීම (Energy Electrification) ස්ථිර යටිතල පහසුකම් පිලිබඳ ඉංජිනේරු විද්‍යාව(Infrastructure Permanent Way engineering) ආලෝක රේල් පීලි පද්ධති(Light rail systems) On-track plant රේල් පීලි පද්ධති සංකලනය(Rail System Integration) දුම්රිය පාලන පද්ධති(Train control systems) දුම්රිය මාර්ග වාහන පිලිබඳ ඉංජිනේරු විද්‍යාව(Railway vehicle Engineering) රෝද-පීලි අතුරු මුහුණත(Wheel-rail interface) පද්ධති ඉංජිනේරු විද්‍යාව(Systems Engineering) පද්ධති සංකලනය(Systems Integration) මූලාශ්‍ර[සංස්කරණය] http://en.wikipedia.org/wiki/Railway_systems_engineering
|
ACADEMIC
|
දුන්හිඳ දිය ඇල්ල ස්ථානය බදුල්ල, ශ්‍රී ලංකාව වර්ගය REDA සම්පූර්ණ උස අඩි 210, මී. 64 Average flow rate 9:56 PM බදුල්ල නගරයට කි.මි 5ක් පමණ දුරින් පිහිටි දුන්හිඳ දිය ඇල්ල ලංකාවේ ඇති අලංකාරතම දිය ඇලි වලින් එකකි. එහි උස අඩි 210 කි. එනම් මී 64කි. දිය ඇල්ල පාමුල පැතිර පවත්නා මීදුම (ජල වාෂ්ප ) මෙයට එම නම ලැබීමට හේතුවයි. (සින්හලෙන් "දුන්" යනු මීදුම හෙවත් දුම යන්නයි ) බදුලු නගරය හරහා ගලා බසින බදුලු ඔය මේ දිය මනරම් දිය ඇල්ල නිර්මාණය කරයි. දිය ඇල්ලට ලගා වීම සදහ කි.මි. 1ක පමණ දුරක් අඩි පාරක් දිගේ යාමට සිදුවේ. මෙම අඩි පාර දිගේ ටික දුරක් යන විට තවත් කුඩා දිය ඇල්ල ක් දක්නට ලැබේ .It's called "Kuda Dunhinda". දුන්හිඳ ඇල්ලේ අලංකාරය නිසාම දුෂ්කර මඩ සහිත අඩි පාරේ ගමන් කිරීමට කවුරුත් පසුබට නොවෙයි.මෙම මාවත දිගටම ඔබගේ වෙහෙස නිවිම සඳහා ඖෂධීය පාන විකුණන වෙළෙන්දන් බොහොමයක් සිටිති. මෙම අඩි පාර අවසානයේ දිය ඇල්ල නැරඹීම සදහා නරබන්නන් හට ආරක්ෂිත වේදිකාවක් ඉදිකර ඇත.ඔබ නිර්භීත අයෙකු නම් දිය ඇල්ල පාමුලට ගොස් ගඟ තරණය කොට ඇල්ලේ අලංකාරතම දසුන ලංකාවේ දියඇලි උස අනුව ලංකාවේ මධ්‍යම පලාතේ දියඇලි ඛණ්ඩාංක: 7°01′N 81°04′E / 7.017°N 81.067°E / 7.017; 81.067
|
ACADEMIC
|
පේරාදෙණිය ගල් බංගලාව. මහනුවරට අයත් උපනගරයක් වූ පේරාදෙණියේ පිහිටා තිබෙන, පේරාදෙණිය විශ්වවිද්‍යාලයට අයත් ගල් බංගලාව, විශ්වවිද්‍යාලය විසින් වර්තමානයේදී අමුත්තන්ගේ නිවාසයක් ලෙස පවත්වාගෙන යනු ලබයි. අතීතය[සංස්කරණය] මහකන්ද වතුයායේ හිමිකරුවා වූ තේ වැවිලිකාර කර්නල් තෝමස් යැට්ස් රයිට් විසින් 1939 වර්ෂයේදී මෙම බංගලාව ඉදිකල බව සඳහන් වෙයි. එකල මෙම බංගලාව රයිට්ගේ බංගලාව, ලෙස හඳුන්වා තිබෙයි. පසුකාලීනව මෙම බංගලාව පේරාදෙණිය, ලංකා විශ්වවිද්‍යාලය විසින් සිය භාරයට ගනු ලැබූ අතර, එය විවාහක ශාස්ත්‍රඥයින් වෙනුවෙන් වූ නේවාසිකාගාරයක් ලෙස භාවිතයට ගන්නා ලදී. වර්තමානයේදී බංගලාව, පේරාදෙණිය විශ්වවිද්‍යාලයට බාහිරින් පැමිණෙන ශාස්ත්‍රඥයින් වෙනුවෙන් වූ අමුත්තන්ගේ නිවාසයක් ලෙස භාවිතයට ගනු ලැබේ. බාහිර සබැඳි[සංස්කරණය] From LPs to cassettes - a trail of music ආශ්‍රිත[සංස්කරණය]
|
ACADEMIC
|
සහශ්‍රවර්ෂය: 1 වන සහශ්‍රවර්ෂය සියවස්: 8 වන සියවස – 9 වන සියවස – 10 වන සියවස දශක: 860ගණන් 870ගණන් 880ගණන් – 890ගණන් – 900ගණන් 910ගණන් 920ගණන් වසර: 889 890 891 – 892 – 893 894 895 වසර 892 (DCCCXCII) යනු ජූලියානු දින දසුන ප්‍රකාර, සෙනසුරාදා දිනයකින් ඇරඹෙන අධික අවුරුද්දක් (බැඳිය විසින් මුළු දින දසුන දක්වනු ඇත) විය.
|
ACADEMIC
|
1997 කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථාන බෝම්බ ප්‍රහාරය 1997 Colombo World Trade Centre bombing ස්ථානය කොටුව, කොළඹ, ශ්‍රී ලංකාව දිනය 1997 ඔක්තෝම්බර් 15 (UTC+5:30) ප්‍රහාර මාදිලිය බෝම්බ ප්‍රහාර මරණ 15 තුවාලකරුවන් 105 සැකකෙරෙන අපරාධකරුවා දෙමළ ඊළාම් විමුක්ති කොටි 1997 කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථාන බෝම්බ ප්‍රහාරය යනු එම වසරේ ඔක්තෝම්බර් 15 වන දින, කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථාන ගොඩනැගිල්ල අසල, දෙමළ ඊළාම් විමුක්ති කොටි විසින් ක්‍රියාත්මක කරනු ලැබූ දැවැන්ත බෝම්බ ප්‍රහාරයකි. පටුන 1 සිදුවීම 2 මේවාද බලන්න 3 මූලාශ්‍ර 4 භාහිර සබැදි සිදුවීම[සංස්කරණය] 1997 ඔක්තෝම්බර් 15 වන දිනදී, එල්ටීටීඊ ය විසින්, පුපුරණ ද්‍රව්‍ය තොගයක් පැටවූ ට්‍රක් රථයක් ගලදාරි හෝටලයට අයත් වාහන අංගණය වෙත ධාවනය කරවා, එහි වූ පුපුරණ ද්‍රව්‍ය තොගයට RPG ප්‍රහාරයක් එල්ල කොට රථය පුපුරුවා හරින ලදී. එම වසරේ ඔක්තෝම්බර් 12 දින විවෘත කෙරුණු කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථාන ගොඩනැගිලි ද්විත්වයට පිටුපසින්, මෙම බෝම්බ ප්‍රහාරයට ලක්වූ ගලදාරි හෝටලයේ වාහන අංගණය පිහිටුවා තිබුණි. ගොඩනැගිල්ල විවෘත කිරීමෙන් දින තුනකට පසු එනම් ඔක්තෝම්බර් 15 වන දින එල්ල කල මෙම ප්‍රහාරයේ මූලිකම ඉලක්කය වන්නට ඇත්තේ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය බවට සැක කෙරේ.[1] ප්‍රහාරය නිසා පුද්ගලයෝ 15 දෙනෙකුට සිය ජීවිත අහිමිව ගිය අතර, තවත් 105 දෙනෙකුට තුවාල සිදුවිය. තුවාල ලැබූ අය අතර බ්‍රිතාන්‍ය ජාතික සංචාරකයෝ කිහිපදෙනෙක්ද වූහ.[2] මේවාද බලන්න[සංස්කරණය] දෙමළ ඊලාම් විමුක්ති කොටි ත්‍රස්තවාදීන් සිවිල් වැසියන්ට එල්ල කල ප්‍රහාර ලයිස්තුව මූලාශ්‍ර[සංස්කරණය] ↑ බ්‍රිටිෂ් ටුවරිස්ට්ස් වූන්ඩෙඩ් ඉන් ටමිල් ටයිගර් බෝම්බ් බ්ලාස්ට් ↑ ගලදාරි හොටෙල් බෝම්බ් භාහිර සබැදි[සංස්කරණය] ගලදාරි අ කම්මෙමොරේෂන් න සා සං දෙමළ ඊළාම් විමුක්ති කොටි නායකයෝ මියගිය නායකයෝ වේළුපිල්ලේ ප‍්‍රභාකරන් පොට්ටු අම්මාන් ශංකර් මහත්තයා නඩේසන් එස්. පී. තමිල්සෙල්වන් සුසේයි බාල්රාජ් කිටූ ත්‍රස්ථවාදය අතහැරි නායකයෝ කුමරන් පද්මනාදන් කරුණා අම්මාන් වත්මන් නායකයෝ නෙදියවන් සන්තෝෂම් මාස්‌ටර් අංශ චාල්ස් ඇන්තනී සේනාංකය කළු කොටි මුහුදු කොටි ගුවන් කොටි ජෙයන්තන් සේනාංකය ප්‍රහාර සාමාන්‍ය සිවිල්වැසියන් මරාදැමීම් 1987 මධ්‍යම බස් නැවතුම්පල බෝම්බ ප්‍රහාරය හැව්ලොක් බෝම්බ ප්‍රහාරය 1996 මහ බැංකු බෝම්බ ප්‍රහාරය 1996 දෙහිවල දුම්රිය බෝම්බ ප්‍රහාරය 1997 කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථාන බෝම්බ ප්‍රහාරය 1998 දළදා මාලිගාවට එල්ල වූ ප්‍රහාරය වැලිවේරිය බෝම්බ ප්‍රහාරය අකුරැස්ස මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය 2008 දෙහිවල දුම්රිය බෝම්බ ප්‍රහාරය 2008 කොටුව දුම්රිය නැවතුම්පල බෝම්බ ප්‍රහාරය 2008 පිළියන්දල බස් බෝම්බ ප්‍රහාරය 2008 මොරටුව බස් බෝම්බ ප්‍රහාරය 2008 පොල්ගොල්ල බස් බෝම්බ ප්‍රහාරය කැබිතිගොල්ලෑව සමූලඝාතනය කාත්තන්කුඩි මුස්ලිම් පල්ලියේ සමූලඝාතනය ශ්‍රී මහා බෝධි සමූලඝාතනය පල්ලියගොඩැල්ල සමූලඝාතනය අරන්තලාව භික්‍ෂු ඝාතනය ගෝනගල සමූලඝාතනය ගෝමරන්කඩවල සමූලඝාතනය මහවිලච්චිය සමූලඝාතනය මහගොඩයාය සමූලඝාතනය කෙන්ට් සහ ඩොලර් ෆාම් සමූලඝාතන කල්ලරාව සමූලඝාතනය කෝකිලායී සමූලඝාතනය බණ්ඩාරනායක ගුවන් තොටුපළ ප්‍රහාරය ලයන්එයාර් 602 පියාසැරිය එයාර් ලංකා යූඑල්512 පියාසැරිය 2009 කොළඹ මරාගෙන මැරෙන ගුවන් ප්‍රහාරය හමුදා 1990 ශ්‍රී ලාංකික පොලිස් නිලධාරින් සමූලඝාතනය 2006 දිගම්පතන ට්‍රක් බෝම්බ ප්‍රහාරය 2008 වව්නියාව බෝම්බ ප්‍රහාරය ෆෝ ෆෝ බ්‍රාවෝ ඝාතනයන් රජීව් ගාන්ධි රණසිංහ ප්‍රේමදාස ලක්ෂ්මන් කදිර්ගාමර් ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ ගාමිණී දිසානායක රන්ජන් විජේරත්න සරෝජිනී යෝගේස්වරන් ඇල්ෆ‍්‍රඩ් දොරේඅප්පා ත්‍රස්තවාදස සහ ඊට එරෙහි ක්‍රියාමාර්ග අවධි ඊළාම් යුද්ධය I ඉන්දියානු මැදිහත්වීම ඊළාම් යුද්ධය II ඊළාම් යුද්ධය III උතුර සහ නැගෙනහිර මුදාගැනීමේ මානුෂීය මෙහෙයුම් සටන් වඩමාරච්චි මෙහෙයුම පූනරින් සටන අලිමංකඩ පළමු සටන රිවිරැස මෙහෙයුම 1996 මුලතිව් සටන ජයසිකුරුයි මෙහෙයුම අලිමංකඩ දෙවන සටන සාම්පූර් සටන තොප්පිගල සටන පුදුකුඩිඉරුප්පු සටන අනුබද්ධ සංවිධාන බ්‍රිතාන්‍ය දෙමළ සංගමය දෙමළ පුනරුත්ථාපන සංවිධානය ගෝලීය දෙමළ සංසදය කැනේඩියානු දෙමළ කොංග්‍රසය දෙමළ තරුණ සංවිධානය දෙමළ ඊළාම් දේශාතික්‍රාන්ත ආණ්ඩුව - අ.එ.ජ.
|
ACADEMIC
|
සහශ්‍රවර්ෂය: 1 වන සහශ්‍රවර්ෂය සියවස්: 9 වන සියවස – 10 වන සියවස – 11 වන සියවස දශක: 960ගණන් 970ගණන් 980ගණන් – 990ගණන් – 1000ගණන් 1010ගණන් 1020ගණන් වසර: 989 990 991 – 992 – 993 994 995 වසර 992 (CMXCII) යනු ජූලියානු දින දසුන ප්‍රකාර, සිකුරාදා දිනයකින් ඇරඹෙන අධික අවුරුද්දක් (බැඳිය විසින් මුළු දින දසුන දක්වනු ඇත) විය.
|
ACADEMIC
|
පි. ඩි. ජෙ කුමාරසිරි සේවය/ඛණ්ඩය ශ්‍රී ලංකා ගුවන් හමුදාව පදවිය එයාර් වයිස් මාර්ෂල් අණදීම් අධ්‍යක්ෂ ගුවන් ඉංජිනේරු සටන්/යුද්ධ ශ්‍රී ලාංකික සිවිල් යුද්ධය ප්‍රදාන උත්තම සේවා පදක්කම psc එයාර් වයිස් මාර්ෂල් පි. ඩි. ජෙ කුමාරසිරි (තවද: ජයනාත් කුමාරසිරි) USP, psc යනු ශ්‍රී ලංකා ගුවන් හමුදා නිලධාරියෙක් වන අතර ඔහු ගුවන්යානා ඉංජිනේරු අධ්‍යක්ෂ ශ්‍රී ලංකා ගුවන් හමුදාව තනතුර හොබයි. එයාර් වයිස් මාර්ෂල් පි. ඩි. ජෙ කුමාරසිරි කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි. ආශ්‍රිත[සංස්කරණය] එයාර් වයිස් මාර්ෂල් පි. ඩි. ජෙ කුමාරසිරිගේ ඉංග්‍රීසි විකිපීඩියා පිටුව කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසු හමුදා නිලධරයන්
|
ACADEMIC
|
ඉස්කුරුප්පු ඇණ විවිධ කටයුතු සඳහා විවිධ හැඩවලින් සහ විවිධ ප්‍රමාණවලින් පැමිණේ. එ.ජ. කාර්තුව කාසිය (විෂ්කම්භය 24 මිමී) පරිමාණයට දක්වා ඇත. ඉස්කුරුප්පු ඇණයක් යනු හෙලික්සීය කට්ටයක් හෝ හොටකින් යුත් මිටක් හා එහි කෙළවරක ඉස්කුරුප්පු ඇණය කැරකැවීම සඳහා වූ සැකැස්මකින් යුත් උපකරණයකි. එහි ප්‍රධාන භාවිතයන් වන්නේ වස්තු එකිනෙක රඳවා තබා ගැනීම සඳහා පොට සහිත සම්බන්ධකයක් ලෙස හා ව්‍යාවර්තය රේඛීය බලයකට පරිවර්තනය කරන සරල යන්ත්‍රයක් ලෙසය. එය මිටක් වටා ඔතා ඇති ආනත තලයක් ලෙස ද අර්ථ දැක්විය හැකිය. ඉස්කුරුප්පු ඇණ හා මුරිච්චි ඇණ[සංස්කරණය] ඉස්කුරුප්පු ඇණ සිලිණ්ඩරාකාර මිටකින් යුක්තව පොට සහිත සම්බන්ධක ලෙස භාවිතා කරනු ලැබේ. බොහෝමයක් අවස්ථාවලදී එහි එක් කෙළවරක් ක්‍රමයෙන් සිහින් වන පරිදි ඇති අතර එය මත හෙලික්සීය කට්ටයක් හෝ හොටක් තනා ඇත. එහි අනෙක් කෙළවර වූ හිස කිසියම් හෝ ආකාරයකින් භ්‍රමණය කළ හැකිය. පොට වස්තුවෙහි අනුරූප හෙලික්සය සමඟ එකතු වේ. වස්තුව කරාමයක් ආධාරයෙන් ගැලපෙන හෙලික්සයකින් යුක්තව නිර්මාණය කර හෝ ඉස්කුරුප්පු ඇණය එයට ඇතුළු වන මුල් අවස්ථාවේ දී හෙලික්සය නිර්මාණය වන පරිදි හෝ තනා ඇත. හිස ඉස්කුරුප්පු නියනකට හෝ රෙන්ච් යතුරකට ඉස්කුරුප්පුව කරකැවිය හැකි සේ හැඩ ගස්වා ඇත. එමඟින් ඇණය තද කිරීම හෝ බුරුල් කිරීම කළ හැක. හිස ඉස්කුරුප්පු ඇණයේ කඳට වඩා වැඩි විෂ්කම්භයකින් යුක්ත වන අතර එහි පොටක් නොපවතී. එමනිසා ඉස්කුරුප්පු ඇණය කඳෙහි දිගට වඩා වැඩි දිගක් සහිත ද්‍රව්‍යයක් තුළට කිඳා බැස්විය නොහැක. තවද එමඟින් සම්පීඩනයක් ද සැපයිය හැක. ඉස්කුරුප්පු ඇණ ඒවායේ කාර්යක්ෂමතාවය අඩු නොවන පරිදි ඉවත් කිරීම සහ නැවත ඇතුල් කිරීම සිදු කළ හැක. ඒවාට ඇණවලට වඩා වැඩි සම්බන්ධක බලයක් තිබෙන අතර නැවත භාවිතයට ඉඩ ප්‍රස්ථාව ඇත. ඉස්කුරුප්පු ඇණ බොහොමයක් තද වීම සිදු වනුයේ ඔරලෝසු කටු කැරකෙන දිශාවට භ්‍රමණය කිරීමෙනි. ඒවා දකුණත් පොටවල් නම් වේ. වමත් පොටවල්වලින් යුත් ඉස්කුරුප්පු ඇණ විශේෂිත අවස්ථාවලදී යොදා ගනී. ආශ්‍රිත ලිපි[සංස්කරණය] ඇණ
|
ACADEMIC
|
ජයවීර අස්ථාන රජු උඩරට රාජධානියේ රජ රාජ්‍ය කාලය 1552-1582 ඔටුනු පැලඳීම 1552 අවසන් කටයුතු ශ්‍රී ලංකාව පූර්වප්‍රාප්තිකයා සේනාසම්මත වික්‍රමබාහු රජු අනුප්‍රපාප්තිකයා කරලියැද්දේ බංඩාර රජු පියා සේනාසම්මත වික්‍රමබාහු රජු සේනාසම්මත වික්‍රමබාහු රජු මියයාමෙන් පසු ජයවීර බංඩාර උඩරට රජ කලා.ඔහු මුල් කල මායාදුන්ෙන්රජුට ෙගාඩක් උදව් කළ නමුත් තමා රජ පැමිණි කල්හි උඩරට යටත් කර ගැනීමටමායාදුන්ෙන් උත්සාහ කළත් එය අපහසු විය.ෙමතුමා අවුරැදු 41 උඩරට පාලනය කර මිය ගිෙය්ය. පටුන 1 ගවේෂණය 2 මේ අඩවිත් බලන්න 3 මූලාශ්‍ර 4 අඩවියෙන් බැහැර පිටු ගවේෂණය[සංස්කරණය] මේ අඩවිත් බලන්න[සංස්කරණය] මහාවංශය සිංහලේ රාජාවලිය ශ්‍රී ලාංකීය ඉතිහාසය සීතාවක රාජධානිය කොරතොට අංගම්පොර සම්ප්‍රදාය මූලාශ්‍ර[සංස්කරණය] Kings & Rulers of Sri Lanka http://en.wikipedia.org/wiki/Rajasinha_I_of_Sitawaka ජයවීර අස්ථාන රජ මරණය: ? 1582 රාජ පදවි නාමයන් පූර්වප්‍රාප්තික සේනාසම්මත වික්‍රමබාහු රජු උඩරට රාජධානියේ රජ 1581–1593 අනුප්‍රාප්තික : කරලියැද්දේ බංඩාර රජු අඩවියෙන් බැහැර පිටු[සංස්කරණය] න සා සං List of Kandyan monarchs Kotte Royal Blood line (1473-1592) Sena Sammatha Wickramabahu (1473–1511) · Jayaweera Astana (1511–1551) · Karaliyadde Bandara (1551–1581) · Dona Catherina (1581–1581) · Rajasinha I (1581–1593) · Yamasinghe Bandara (1 year) House of Dinajara (1590–1739) Vimaladharmasuriya I (1590-1604) · Senarat (1604-1635) · Rajasinghe II (1635-1687) · Vimaladharmasurya II (1687-1707) · Vira Narendra Sinha (1707-1739) Nayaks of Kandy (1739–1815) Vijaya Rajasinha (1739-1747) · Kirti Sri Rajasinha (1747-1782) · Rajadhi Rajasinha (1782-1798) · Vikrama Rajasinha (1798-1815) Monarchs of the Kotte Royal Blood line were only regional rulers න සා සං සිරි සඟබෝ රාජ වංශය (1220-1597) දඹදෙණිය රාජධානිය (1220–1345) තෙවන විජයබාහු (1220–1224) දෙවන පරාක්‍රමබාහු (1234–1269) හතරවන විජයබාහු (1267/8–1270) පළමු බුවනෙකබාහු (1271–1283) අරාජික සමය (1283–1302) තෙවන පරාක්‍රමබාහු (1302–1310) දෙවන බුවනෙකබාහු (1310–1325/6) හතරවන පරාක්‍රමබාහු (1325/6–1325/6) තෙවන බුවනෙකබාහු (1325/6–1325/6) පස්වන විජයබාහු (1325/6–1344/5) ගම්පොළ රාජධානිය (1345–1412) හතරවන බුවනෙකබාහු (1344/5-1353/4) පස්වන පරාක්‍රමබාහු (1344/5-1359) තෙවන වික්‍රමබාහු (1357-1374) පස්වන බුවනෙකබාහු (1372/3-1391/2) දෙවන වීර බාහු (1391/2-1397) වීර බාහුගේ පළමු පුතු (1397) වීර බාහුගේ දෙවන පුතු (1397) වීර අලකේශ්වර (1397-1409) පරාක්‍රමබාහු ඈපා (1409-1412) කෝට්ටේ රාජධානිය (1412–1597) හයවන පරාක්‍රමබාහු (1412-1467) දෙවන ජයබාහු (1467-1472) හයවන බුවනෙකබාහු (1472-1480) හත්වන පරාක්‍රමබාහු (1480-1484) අටවන පරාක්‍රමබාහු (1484-1518) නවවන ධර්ම පරාක්‍රමබාහු (1509-1528) සත්වන විජයබාහු (1509-1521) හත්වන බුවනෙකබාහු (1521-1551) දොන් ජුවන් ධර්මපාල (1551-1597) සීතාවක රාජධානිය (1521–1593) මායාදුන්නේ (1521-1581) පළමුවන රාජසිංහ (1581-1593) සෙංකඩගල රාජධානිය (1473-1592) සේනාසම්මත වික්‍රමබාහු (1473–1511) ජයවීර අස්ථාන (1511–1551) කරලියද්දේ බණ්ඩාර (1551–1581) දෝන කැතරිනා (1581–1581) පළමුවන රාජසිංහ (1581–1591) සෙංකඩගල පාලකයින් ප්‍රාදේශීය පාලකයින් පමණි. Sri Lankan biographical හා බැඳි මෙම ලිපිය තවමත් අංකුර ලිපියකි. විකිපීඩියාවට උදවුවක් ලෙසින් ඔබ හට එය විහිදුවාලිය හැක. න සා සං ශ්‍රී ලාංකික ඉතිහාසය-හා බැඳි හා බැඳි මෙම ලිපිය තවමත් අංකුර ලිපියකි. විකිපීඩියාවට උදවුවක් ලෙසින් ඔබ හට එය විහිදුවාලිය හැක. න සා සං
|
ACADEMIC
|
991 මැක්ඩොනල්ඩා සොයාගැනීම සොයාගත් තැනැත්තේ ඕ. ස්ටෲවෙ සොයාගත් ස්ථානය විලියම්ස් බේ සොයාගත් දිනය ඔක්තොම්බර් 24, 1922 නිලනාමයන් විකල්ප නම් 1922 NB කක්ෂීය ලක්ෂණ කාලාරම්භය අගෝස්තු 18, 2005 (JDCT 2453600.5) විහේලිකය 3.619 AU අපහේලිකය 2.680 AU අඩ-මහා අක්ෂය 3.150 AU උත්කේන්ද්‍රියතාවය 0.149 කක්ෂීය කාලාවර්තය 5.590 a මධ්‍යන්‍යය විෂමතාවය 5.949° ආනතිය 2.077° ආරෝහණ මංසලෙහි දේශාංශකය 63.394° පරිතාරාන්තිකයේ විස්තාරය 254.387° 991 මැක්ඩොනල්ඩා යනු, තෙමිස්ටියානු ක්ෂුද්‍ර ග්‍රහයෙකි. ඔටෝ ස්ටෲවෙ විසින්, 1922දී, ඇඑජහී, විස්කෝන්සින්හී, විලියම්ස් බේහී, පිහිටි යර්කීස් නිරීක්ෂණාගාරය මෙය සොයාගැනුනි. ස්ටෲවෙ විසින් 1939දී ඇරඹීමට උපකාර කල මැක්ඩොනල්ඩ් නිරීක්ෂණාගාරය අනුව යමින් එයට නම් තබා ඇත. [1] ආශ්‍රිත[සංස්කරණය] ↑ Lutz D. Schmadel, ඩික්ෂනරි ඔෆ් මයිනර් ප්ලැනට් නේම්ස්: ඇඩෙන්ඩම් ටු ෆිෆ්ත් එඩිෂන්: 2006 - 2008. බාහිර සබැඳි[සංස්කරණය] JPL ස්මෝල්-බොඩි ඩේටාබේස් වෙත වන 991 මැක්ඩොනල්ඩා සොයාගැනුම · කක්ෂ සටහන · කක්ෂ මූඛ්‍යාංග · භෞතික පරාමිතික ඩිස්කවරි සර්කම්ස්ටන්සර්ස්: නම්බර්ඩ් මයිනර් ප්ලැනට්ස් න සා සං සුළු ග්‍රහයෝ සංචාලකය 990 යර්කීස් 991 මැක්ඩොනල්ඩා 992 ස්වෝසි න සා සං සෞර ග්‍රහ මණ්ඩලයේ කුඩා වස්තූන් සුළු ග්‍රහයෝ Designation Groups Moons Meanings of names Pronunciation of names Asteroids Aten asteroid Families Jupiter Trojans Main-belt Near-Earth Spectral types Distant minor planets Centaurs Damocloids Neptune trojans Trans-Neptunian objects Detached Kuiper belt Oort cloud Scattered disc Comets Extinct Great Lost Main-belt Non-periodic Periodic Sungrazing Meteoroids Bolide Dust Fireball Meteor Meteorite Tektite Lists / categories Asteroid groups and families Asteroid moons Binary asteroids Minor planets මෙම පිළිබඳ ලිපිය ප්‍රධාන වළල්ලට ආජන්ම C-වර්ගයේ ක්ෂුද්‍ර ග්‍රහයෙකු පිළිබඳ අංකුර ලිපියකි. එය පුළුල් කිරීමෙන් ඔබ හට විකිපීඩියාවට උදව් විය හැක.
|
ACADEMIC
|
සහශ්‍රවර්ෂය: 2 වන සහශ්‍රවර්ෂය සියවස්: 19 වන සියවස – 20 වන සියවස – 21 වන සියවස දශක: 1950ගණන් 1960ගණන් 1970ගණන් – 1980ගණන් – 1990ගණන් 2000ගණන් 2010ගණන් වසර: 1982 1983 1984 – 1985 – 1986 1987 1988 ක්‍රිස්තු වර්ෂ 1985 (MCMLXXXV) නම් ග්‍රෙගෝරියානු දින දසුනේ, අඟහරුවාදා දිනයකින් ඇරඹෙන සාමාන්‍ය අවුරුද්දක් (බැඳිය විසින් මුළු දින දසුන දක්වනු ඇත), පොදු යුගයෙහි (CE) සහ ක්‍රිස්තු වර්ෂ (AD) නාමකරණයන්හී 1985 වන වසර, 2 වන සහශ්‍රවර්ෂය තුල 985 වන වසර, 20 වන සියවස තුල 85 වන වසර, සහ 1980ගණන් දශකයෙහි 6 වන වසර ලෙසිනි. .
|
ACADEMIC
|
මෙම ලිපිය විකිපීඩියාවෙහි ඉක්මන් මකාදැමීමේ උපමානයට අදාල බව යෝජිතව ඇත්තේ මන්ද මෙම ලිපිය ඉස්ලාම් ආගම ලිපියේ ඡේදයක් ලෙස පැවතිම සහ මෙම අන්තර්ගතය එහි අඩංගු බැවිනි. නිසාවෙනි. ස්ථීර උපමානයක් සදහා, CSD බලන්න. %E0%B6%B8%E0%B7%99%E0%B6%B8+%E0%B6%BD%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%BA+%5B%5B%E0%B6%89%E0%B7%83%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F%E0%B6%B8%E0%B7%8A+%E0%B6%86%E0%B6%9C%E0%B6%B8%5D%5D+%E0%B6%BD%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%A1%E0%B7%9A%E0%B6%AF%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BD%E0%B7%99%E0%B7%83+%E0%B6%B4%E0%B7%90%E0%B7%80%E0%B6%AD%E0%B7%92%E0%B6%B8+%E0%B7%83%E0%B7%84+%E0%B6%B8%E0%B7%99%E0%B6%B8+%E0%B6%85%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B6%AD%E0%B6%BA+%E0%B6%91%E0%B7%84%E0%B7%92+%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94+%E0%B6%B6%E0%B7%90%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%92.NA එහෙත් මෙම ලිපිය ඉක්මන් මකාදැමීමේ උපමානයට අදාල නොවන්නේ නම්, හෝ ඔබ විසින් අදාල කරුණ නිවැරදි කිරීමට අදහස් කරන්නේ නම්, කරුණාකර මෙම නිවේදනය ඉවත් කරන්න, එහෙත් ඔබ විසින් නිර්මාණය කර තිබෙන පිටුවල ඇති නිවේදන ඉවත් නොකරන්න. ඔබ විසින් මෙම පිටුව නිර්මාණය කලේ නම් සහ එහි ඉක්මන් මකාදැමීමක් සදහා ඔබ එකඟ නොවන්නේ නම්, පහත දැක්වෙන බොත්තම එබීමෙන් ඔබ හට පෙර-ආකෘතිකරණය කල ස්ථානයකට යා හැකි වන අතර එහිදී ඔබ හට මෙම ලිපිය මකා නොදැමිය යුත්තේ කුමක් නිසාද යන්න පිළිබඳව පැහැදිළි කලහැක. අවශ්‍යනම් ඔබට මෙහි සාකච්ඡා පිටුවට කෙලින්ම ගොස් පණිවුඩයක් තැබීමට හෝ ඔබ විසින් පෙර තබන ලද පණිවුඩයකට ප්‍රතිචාර ලැබී ඇත්දැයි පරීක්ෂාව කලහැක. මෙම නිවේදනය සමඟ එක්කලපසු, ඉක්මන් මකාදැමීමේ උපමානය සමග අවිවාදයෙන් යෝග්‍ය වී ඇත්නම් හෝ සාකච්ඡා පිටුවෙහි තබා ඇති මකාදැමීම නොකලයුතු ඇති කරුණු ප්‍රමාණවත් නොමැතිනම් හෝ මෙය ඕනෑම වේලාවක මකා දැමීමට ඉඩ ඇත. පරිපාලකවරු වෙත සටහන: මකා දැමීමට පෙර මෙම ලිපිය සතුව එහි සාකච්ඡා පිටුවෙහි ඇති අන්තර්ගතය පරීක්ෂා කරන්න. පරිපාලකයනි: මකා දැමීමට පෙර සැබැඳි, ඉතිහාසය (අන්තිම), සහ ලඝු පරීක්ෂා කරන්න. ගූගල් හී පරීක්ෂාවකට භාජනය කරන්න: ජාල, පුවත්. මෙම පිටුව අවසන් වරට සංස්කරණය කරන ලද්දේ Salin813 (දායකත්ව| ලඝු) විසින් 3 වසර ගණනකට පෙර ට පෙරදීය කරුණාකර පහත සැකිල්ල කර්තෘගේ සාකච්ඡා පිටුව මත පිහිටුවීමකට භාජනය කරන්න: {{subst:db-reason-notice|ඉස්ලාම්- යුතුකම් සහ පිළිවෙත් - ආහාර පාන සහ සමාජ|header=1|මෙම ලිපිය ඉස්ලාම් ආගම ලිපියේ ඡේදයක් ලෙස පැවතිම සහ මෙම අන්තර්ගතය එහි අඩංගු බැවිනි.}} ~~~~ ඉස්ලාම්- යුතුකම් සහ පිළිවෙත් - ආහාර පාන සහ සමාජ මෙම පිළිවෙත් බහුතරයක් 'අඩාබ්' ගණනයට වැටේ. මෙයට 'අස්සලාම් අලෙයිකුම්' කියා ආචාරය කිරිම (ඔබට යහපතක්ම වේවා) 'බිස්මිල්ලාහ්' (දෙවියන්ගේ නාමයෙන්) ලෙස ආහාරයට පෙර ප්‍රකාශ කිරිම, ආහාර ගැනීමට දකුණු අත පමණක් භාවිතා කිරිම අයත් වේ. ඉස්ලාමික සනිපාරක්ෂක පිළිවෙත් ප්‍රධාන ළුහයෙන් පුද්ගල පිරිසුදු භාවයට බලපාන ඒවා වේ. ඉස්ලාම් අවමගුල් චාරිත්‍ර අතර 'සලාත් අල් ජන සාහ්' ලෙස පවසා හොදින් ඔතන ලද දේශය භුමිදානය කිරිම අයතවේ. මුස්ලිම්වරැ යුදෙව්වන් මෙන් ඌරැ මස්, ලේ, පිකුදු සහ මත්දුව්‍ය නොගනිති. සියලුම මාංශ ශාක භක්ෂකයෙකුගෙන් පමිණිය යුතු අතර ඒවා දෙවියන් වෙනුවෙන් මරණ ලද සතුන් විය යුතුය. මුස්ලිම්වරැන් ආහාරයට ගැනිමට අවසර ඇති ආහාර 'හලාල්' ලෙස හැදින්වේ.
|
ACADEMIC
|
ජපන් සමුද්‍ර ආත්මාරක්ෂා බලකායට අයත් Oyashio සබ්මැරීනයක්,2006 සබ්මැරීනයක් යනු ජල ප්‍රවාහන යාත්‍රාවකි.මෙයට දිය යටදී නිදහසේ ක්‍රියා කළ හැකිය. සබ්මර්සිබ්ලයක ඇති සීමිත ක්‍රියාවලට වඩා වෙනස් ක්‍රියාවලියක් මෙහි අන්තර්ගත වේ.සබ්මැරීනය යන වචනය බොහෝ විට යෙදෙන්නේ විශාල ස්වයංපාලක මිනිසුන් ගමන් කරන යාත්‍රාවකටයි. කෙසේ වුවත් ඓතිහාසිකව හෝ අනියම් ලෙස සම්බැරීනය යන්න කුඩා හෝ මධ්‍ය ප්‍රමාණයේ යාත්‍රාවන්ට,දුරස්ථ පාලක වාහනයන්ට,රොබෝවන්ට ද යෙදිය හැකිය.සබ්මැරීන යන වචනයට ඇත්තේ නාම විශේෂණ අර්ථයකි.එනම් මුහුද යට යන අරුත යි.එනමුත් සබ්මැරීන් ඉංජිනේරු විද්‍යාව හා සබ්මැරීන් කේබල් යන වචන සබ්මැරීන් යන්නෙහි මුලික අර්ථය හා අදාළ නොවේ.සබ්මැරීන් යනු සබ්මැරීන් බෝට්ටු යන්නේ කෙටි යෙදුමයි. ඓතිහාසික හේතුන් නිසා සබ්මැරීන බෝට්ටු ලෙසද හැඳින්වේ. මෙයට හේතුව නැවකින් මුහුදට හෙලන යාත්‍රා බෝට්ටු ලෙස හැඳින්වීමයි.මුල් සබ්මැරීන දියත් කෙරුනේද මේ ආකරයටයි. ඉංග්‍රීසි යෙදුමක් වන යු බෝට් යන්න හටගෙන ඇත්තේ ජර්මන් බසින් සබ්මැරීනයට යොදන නම අධාරයෙනි. `U-Boot`, යන්නේ අදහස වන්නේ මුහුද යට බෝට්ටුව යන්නයි. පරීක්ෂණාත්මක සබ්මැරීන බිහිවී තිබුණ ද සබ්මැරීන සැලැස්ම දියත් වුයේ 19 වැනි ශතවර්ෂයේ දීය. පළමු ලෝක යුද්ධ සමයේ දී සබ්මැරීන බහුල ලෙස භාවිතා විය.ඒවා භාවිත වුයේ මෙවැනි කාර්යයන් සදහාය. සතුරු නෞකා හෝ සබ්මැරීන වලට පහරදීම,ගුවන් යානා භාරක නෞකා ආරක්ෂාවට,බාධක පැමිණවීම යනු ඒවාය. තවද බැලිස්ටික් මිසයිල සබ්මැරීන න්‍යෂ්ටික ප්‍රහාර සඳහා ද නැවත පිරික්සුම් සඳහා සහ විශේෂ භට කණ්ඩායම් අබිරහස් ලෙස යෙදවීම සඳහා ද යොදා ගැනේ. සාමාන්‍ය ජනයා මේවා යොදා ගන්නේ සාගර විද්‍යාව,බේරා ගැනීම්,නිරීක්ෂණ සහ පහසුකම් නිරීක්ෂණය/නඩත්තු කටයුතු සඳහා ය. සබ්මැරීන විශේෂ ලෙස යොදා ගන්නේ මුහුද යට සෙවීම් සහ බේරාගැනීම්, මුහුද යට අලුත්වැඩියා කටයුතු ආදිය සදහාය. සබ්මැරීන සංචාරක සහ අධ්‍යයන පර්යේෂණ සඳහා ද යොදා ගැනේ. සබ්මැරීන සතුව විවිධ හැකියාවන් පවතී.ස්වයංක්‍රියව පාලනය කිරීමට ඇති හැකියාව මෙන්ම එක් පුද්ගලයෙක් හෝ දෙදෙනකු සමඟ පැය කිහිපයක් ක්‍රියාත්මක වීමේ සිට මාස හයක් පමණ ක්‍රියාත්මක වීමට ඇති හැකියාව දැක්විය හැකිය. මෙයට උදාහරණයක් ලෙස රුසියානු ටයිපූන් පංතිය දැක්විය හැකිය. සබ්මැරීන වලට මිනිසුන්ට යා නොහැකි ස්ථානවල පවා ක්‍රියාත්මක වීමේ හැකියාව පවතී. වර්තමාන ගැඹුරු දිය සබ්මැරීනවල මූලාරම්භය සනිටුවන් වන්නේ බාතිස්කේප් වලිනි,එනම් එය කිමිදුම් කුටියේ වර්ධන අවස්ථාවකි. බොහෝ විශාල සබ්මැරීනවල සිලින්ඩරාකාර බඳක්,කෝණික කෙරවලවල් සහ සිරස් ව්‍යුහයක් සහිත බෝට්ටුවක් අඩංගු වේ.මෙය සාමාන්‍යයෙන් නැව මැද පවතී.මෙහි සන්නිවේදන හා සංවේදන උපකරණ සහ පරීක්ෂක අඩංගු වේ.නවීන සබ්මැරීන වල මෙම ව්‍යුහය රුවල ලෙස හැඳින්වේ. පැරණි ආකෘතිවල මෙහෙයුම් ස්ථානයක් දැකිය හැකිය. වෙනම ස්ථාපනය වු,සබ්මැරීන කඳ ට ඉහළින් පීඩන වැස්ම කෙටි පරීක්ෂණයන් යෙදීම සඳහා භාවිතා විය. සබ්මැරීනයේ කෙළවර අවර පෙත්ත සහ ද්‍රවගතික පාලක වරල් පත් අන්තර්ගත විය.කුඩා සහ ගැඹුරු කිමිදුම් සබ්මැරීන මෙම සාම්ප්‍රදායික ආකෘතියෙන් බැහැර විය.
|
ACADEMIC
|
ප්‍රක්ෂේපණ විකිරණ ශිල්පය එක්ස්රේ කිරණ භාවිතා කරමින් ද්විමාණ ප්‍රතිබිම්භ ලබාගත හැකි ක්‍රමෝපායකි. සාමාන්‍යයෙන් එක්ස් කිරණවලට භාජනය කරනු ලබන සිරුරේ බෙහෝ කොටස්වල ප්‍රක්ෂේපණයන් දෙකක් පමණක් ලබාගන්නා අතර එමගින් එකිනෙකට සෘජු කෝණීව එක්ස් කිරණ ගමන් කරනු ලබයි. මෙය සිදු කරනුයේ හේතු දෙකක් නිසාවෙනි. පළමු හේතුව වන්නේ බොහොමයක් වූ අස්ථි බිදීම් දෘෂ්‍යමාන වන්නේ එක් තලයකින් පමණක් වන අතර නිරවද්‍ය තලය ප්‍රතිබිම්භය ලබාගන්නා තෙක් විකිරණ වේදියාට පැහැදිලි නොවන බැවිණි. දෙවැන්න වනුයේ අස්ථි බිදීම්වල පිහිටීම සහ සිරුරට ඇතුළු වූ ආගන්තුක ද්‍රව්‍යයවල පිහිටීම පිළිබදව අවබෝධයක් ලබාගැනීම සදහාය. මෙලෙස හැකි තරම් තොරතුරු යම්කිසි රෝගයක් පිළිබදව රැස් කර ගැනීම වැදගත් වනුයේ එමගින් අස්ථි බිදිමට ලක් වූ රෝගියාට ප්ලාස්ටර් ඔෆ් පැරිස් මගින් ආධාරකයන් සැපයීම හෝ ශල්‍ය කර්මයක් සිදු කරන්නේ ද යන්න පිළිබදව නිර්ණය කළ හැකි බැවිණි. මැමෝගැෆි සහ දන්ත වෛද්‍ය විද්‍යාවේදී ද ප්‍රක්ෂේපණ විකිරණ ශිල්පය භාවිතා කෙරුණ ද මෙම ලිපියේ සදහන් කිරීමට එම මාතෘකාවන් ඉතා සංකිර්ණය.
|
ACADEMIC
|
සහශ්‍රවර්ෂය: 1 වන සහශ්‍රවර්ෂය සියවස්: 6 වන සියවස – 7 වන සියවස – 8 වන සියවස දශක: 570ගණන් 580ගණන් 590ගණන් – 600ගණන් – 610ගණන් 620ගණන් 630ගණන් වසර: 606 607 608 – 609 – 610 611 612 වසර 609 (DCIX) යනු ජූලියානු දින දසුන ප්‍රකාර, බදාදා දිනයකින් ඇරඹෙන සාමාන්‍ය අවුරුද්දක් (බැඳිය විසින් මුළු දින දසුන දක්වනු ඇත) විය. මෙම වසර සඳහා 609 යන නාමය භාවිත වීම ඇරඹුනේ මුල් මධ්‍යතන යුගයේදී, වසර නම් කිරීම සඳහා යුරෝපයේ ප්‍රචලිත භාවයට පත් ක්‍රමය ලෙසින් ක්‍රිස්තු වර්ෂ දින දසුන් යුගය ඇරඹීම හා සමගය.
|
ACADEMIC
|
වෙනත් භාවිතා සඳහා, සොදොම් හා ගොමෝරා (වක්‍රෝත්තිහරණය) බලන්න. සොදොම් හා ගොමෝරා හි විනාශය, ජෝන් මාටින්, 1832. හාට්මාන් ෂෙඩල්ගේ නුරෙම්බර්ග් වංශකතාවහි, සොදොම් හා ගොමෝරා ප්‍රවර්තනය,1493. ලොත්ගේ බිරිය, ලුණු කණුවක් බවට පෙරැලී ඇති අයුරු මධ්‍යයේ දැක්වෙන බව නිරීක්ෂණය කරන්න. උප්පත්ති කථාව පරිදී, සොදොම් (හෙබ්‍රෙව්: סְדוֹם, සම්මතය Sədom ටයිබේරියානු Səḏôm, ග්‍රීක Σόδομα) සහ ගොමෝරා (හෙබ්‍රෙව්: עֲמוֹרָה, සම්මතය ʿAmora ටයිබේරියානු Ġəmôrāh / ʿĂmôrāh, ග්‍රීක Γόμορρα) දෙවියන්වහන්සේ විසින් විනාශ කරන ලද නගර දෙකකි.
|
ACADEMIC
|
අතුල ගුණවර්ධන උපත ශ්‍රී ලංකාව නිවහන ඇමරිකාව ජාතිකත්වය ශ්‍රී ලාංකික අධ්‍යාපනය නාලන්දා විද්‍යාලය, කොළඹ වෘත්තිය මහාචාර්ය ප්‍රසිද්ධ වන්නේ ගණිත හා පරිගණක පීඨ මහාචාර්ය ආගම බෞද්ධ මහාචාර්ය අතුල ගුණවර්ධන යනු ඇමරිකාව විස්කොන්සින් වය්ට්වෝටර් විශ්ව විද්‍යාලය ගණිත හා පරිගණක පීඨ මහාචාර්ය වරයායි. අතුල ගුණවර්ධන කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි. ආශ්‍රිත[සංස්කරණය] කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසු මහාචාර්ය වරුන්
|
ACADEMIC
|
කලාවැව සිට තිසාවැවට ජලය ගෙනයාම සඳහා ක්‍රි.ව. 457 දී ධාතුසේන රජතුමා විසින් කරවූ යෝධ ඇළකි. බාහිර යොමු[සංස්කරණය] යෝධ ඇළ දිනෙන් දින වනසයි
|
ACADEMIC
|
මුලික ශාස්ත්‍රීය නර්ථනයක් සන්ත්‍රියා හෝ සන්ත්‍රියා නිට්යා මුලික ඉන්දියානු සම්භාවනිය නර්තනයන්ගෙන් එකකි. සන්ත්‍රියා නර්තනය ජීව මාන දෙයක් ලෙස එහි නිර්මාර්තෘ 'ශ්‍රීමන්ත සංකාර දේව' ක්‍රි.පු. 15 .දී පමණ ආසාමි සිට පැමිණීමත් සමඟ ආරම්භ විය. සංකාර දේව සන්ත්‍රියා නර්තනය නිර්මාණය කළේ අන්කියානාත් (අසැම්ස් නැමැති රංගන මාර්ගයක් ) ආශ්‍රය කරගනිමිනි. එම නර්තනය සන්ත්‍රියා නර්තනය ඔස්සේ ව්‍යාප්ත විණි. ශාස්ත්‍රඥ මහේෂ්වර මියෝග් විසින් වඩා ඉක්මනින් ප්‍රචලිත කිරීම සඳහා ඊට සන්ත්‍රියා යන නම යෙදිණි. මෙම නර්තනය සන්ට්‍රියා ඔස්සේ බොහෝ ප්‍රේක්ෂකයින් අතරට ගිය අතර ඒ චාරිත්‍රානුකූල හා වෙනත් අවස්ථාවන්හිද රඟ දැක්විණි. ඒ අතරම ඒය මුලින්ම නිර්මාණය වූයේ අදින් වර්ෂ 500 කට පමණ පෙරයි. සටහන්[සංස්කරණය] | Sattriya_dance |}
|
ACADEMIC
|
මඩොල් දූව මඩොල් දූව නවකථාවේ මුල් කෘතියේ පිටකවරය කර්තෘ මාර්ටින් වික්‍රමසිංහ රට ශ්‍රී ලංකාව භාෂාව සිංහල ප්‍රභේදය(න්) ළමා සාහිත්‍යය ප්‍රකාශිත දිනය 1947 මාධ්‍ය වර්ගය මුද්‍රිත මඩොල් දූව (ඉංග්‍රීසි: Madol Doova [maˌɖol ˈduːʋə]) සිංහල ළමා නවකථාව ශ්‍රී ලාංකික මහා ගත්කතු මාර්ටින් වික්‍රමසිංහයන් විසින් රචනා කොට ඇත.1947 දී ප්‍රථමවරට ප්‍රකාශයට පත්කොට ඇත.1890 ගණන් වල ලංකාවේ දකුණු පලාතේ වෙරළබඩ ජීවත්වූ උපාලි ගිනිවැල්ලලේ යන යොවුන් තරුණයා මෙහි ප්‍රධාන චරිතයයි.ඔහු හා ඔහුගේ මිතුරා වන ජින්නා නොහොත් ජිනපාළ සමඟ සිදු කල අපූරු ක්‍රියා මෙම කථාවට පාදක වී තිබෙනවා.උපාලි සිය මිතුරා සමඟ පාළු දූපතක ජීවත් වීම සඳහා සිදුකරන ලද ඉමහත් කැපවීම මෙහි හොදින් විස්තර කෙරෙනවා.මෙම කෘතිය පසුව දෙමළ,ඉංග්‍රීසි,ලන්දේසි,රුසියන්,චීන,රුමේනියන්,බල්ගේරියන් ඇතුළු ලොව පුරා භාෂා රාශියකට පරිවර්තනය කර තිබෙනවා.1976 දී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා මෙම කථාව චිත්‍රපටයකටද නඟා තිබෙනවා.
|
ACADEMIC
|
සැකිල්ල:දිනදසුන/ඉරුදිනපළමුමසඇරඹෙන්නේබදා: ඔක්තොම්බර් 19, ග්‍රෙගරි දින දසුනට අනුව අවුරුද්දේ 292 වන දිනය වේ (අධික අවුරුද්දක නම් 293 වන දිනය). අවුරුද්ද අවසන් වීමට තවත් දින 73 ඉතිරිව තිබේ .
|
ACADEMIC
|
සහශ්‍රවර්ෂය: 1 වන සහශ්‍රවර්ෂය සියවස්: 6 වන සියවස – 7 වන සියවස – 8 වන සියවස දශක: 600ගණන් 610ගණන් 620ගණන් – 630ගණන් – 640ගණන් 650ගණන් 660ගණන් වසර: 634 635 636 – 637 – 638 639 640 ක්‍රිස්තු වර්ෂ 637 (DCXXXVII) යනු ජූලියානු දින දසුන ප්‍රකාර, බදාදා දිනයකින් ඇරඹෙන සාමාන්‍ය අවුරුද්දක් (බැඳිය විසින් මුළු දින දසුන දක්වනු ඇත) විය. මෙම වසර සඳහා 637 යන නාමය භාවිත වීම ඇරඹුනේ මුල් මධ්‍යතන යුගයේදී, වසර නම් කිරීම සඳහා යුරෝපයේ ප්‍රචලිත භාවයට පත් ක්‍රමය ලෙසින් ක්‍රිස්තු වර්ෂ දින දසුන් යුගය ඇරඹීම හා සමගය.
|
ACADEMIC
|
සහශ්‍රවර්ෂය: 2 වන සහශ්‍රවර්ෂය සියවස්: 15 වන සියවස – 16 වන සියවස – 17 වන සියවස දශක: 1470ගණන් 1480ගණන් 1490ගණන් – 1500ගණන් – 1510ගණන් 1520ගණන් 1530ගණන් වසර: 1498 1499 1500 – 1501 – 1502 1503 1504
|
ACADEMIC
|
සුළං ඉන්ජිනේරු විද්‍යාව යනු ව්‍යුහාත්මක ඉන්ජිනේරු විද්‍යාවේ කොටසක් වන අතර එය තම ගවේෂණයන් සුළඟ මගින් සාමාන්‍ය පරිසරයට සහ ගොඩ නංවන ලද පරිසරයට වන බලපෑම අධ්‍යයනය කිරීමට කැප කර ඇත. මෙහි විෂය ක්ෂේත්‍රයට යම් අපහසුතා ඇති කරන ප්‍රභල සුළං මෙන්ම පුළුල් වශයෙන් පැතිරුණ විනාශ කිරීම් ඇති කරවන ටොනේඩෝ සහ හරිකේන් වැනි සුළි සුළං ද අයත්ය. සුළං ඉන්ජිනේරු විද්‍යාව ගොඩනැගීම කාලගුණ විද්‍යාව ගුවන්ගති විද්‍යාව , භූ විද්‍යා සාධක , සුළං ශක්තිය , වායු දූෂණය සහ තවත් ඉන්ජිනේරු සිද්ධාන්ත බොහෝමයක් මත රැදී පවතී. තවද දේශගුණ අනුරූ වායුගෝලීය සීමා මායිම් මට්ටම් සුළං උමං, සහ සංඛ්‍යාත්මක අනුරූ ද මේ සදහා භාවිතයට ගැනේ. සුළග ගොඩනැගිලි සමග ගැටෙන ආකාරය ද මෙම විෂයටම අයත් වේ. අතීතය[සංස්කරණය] වෙනත් ස්ථානවල ගොඩනැගිලි සංස්ථාපනය පිළිබද 1960 එක්සත් රාජධානියේ ජාතික භෞතික විද්‍යා විද්‍යාගාරයේ පැවති රැස්වීම්වලින් පසුව සුළං ඉන්ජිනේරු විද්‍යාව වෙනම ඒකකයක් ලෙස උපුටා ගැනුණි. References[සංස්කරණය] http://en.wikipedia.org/wiki/Wind_engineering
|
ACADEMIC
|
උපත - මයිකල් කර්ක් ඩග්ලස් 1944 සැප්තැම්බර් 25(වයස65) නිව් බ්රන්ස්වික්,.නිව් ජර්සි,ඇමෙරිකාව රැකියාව - නලුවෙකි,නිශ්පාදකයෙකි ක්‍රීයාකාරි වර්ශ - 1966-වර්තමාන භාර්යාව(වරු.) - ඩියැන්ඩ්රා ලූකර්(1977-2000) කැතරීන් සෙටා ජෝන්ස්(2000-වර්තමාන.) මයිකල් කර්ක් ඩග්ලස්(1944 සැප්තැම්බර් 25 උපත ලද) ඇමෙරිකානු නලුවෙකු මෙන්ම නිශ්පාදකයෙකි. ඔහු හට "එමි","ගෝල්ඩන් ග්ලෝබ්" හා තවත් ශාස්ත්රීය සම්මාන දෙකක් හිමි විය. එකක් 1975 දි නිශාපදකයෙක් වශයෙන් හොදම නිර්මානයට හිමි සම්මානය "වන් ෆ්ලිව් ඔවර් ද කුකූස් නෙස්ට්"සඳහා ද,1987 දි "වෝල් ස්ට්රීට්" හොදම නලුවාට හිමි සම්මානය ලැබුනි. ඔහු හට "එම්මි","ගෝල්ඩන් ග්ලෝබ්" හා තවත් ශාස්ත්රීය සම්මාන දෙකක් හිමි විය. එකක් 1975 දි නිශාපදකයෙක් වශයෙන් හොදම නිර්මානයට හිමි සම්මානය "වන් ෆ්ලිව් ඔවර් ද කුකූස් නෙස්ට්"සඳහා ද,1987 දි "වෝල් ස්ට්රීට්" හොදම නලුවාට හිමි සම්මානය ලැබුනි.ඔහු විසින් 2009 දි,"AFI" සම්මානය ලබන ලදි. පෙර ජීවිතය. නිව් බ්රන්ස්වික්,නිව් ජර්සි හි උපත ලද ඔහුගේ පියා වන කර්ක් ඩග්ලස් ඇමෙරිකානු නලුවෙකු වන අතර මව වන ඩියානා ඩිල් බර්මියුඩියානු නිලියෙකි. ඔහුගෙ පියාගේ දෙමාපියන් වන බ්රඉයිනා සැන්ග්ලෙල් හා හර්ශෙල් ඩැනියල්ලොවිච් ජුදා දේශයෙන් සංක්රමනය වූ අය වෙති. ඔහුගෙ මව ගේ පියා බර්මියුඩාවෙ නීතිපති ලෙසටත්,බර්මියුඩාවේ මිලිටරි සේවයේ ද නිරත විය. ඔහු විසින් "ඇලන් ස්ටීවන්සන් "පාසැල,"ජීනිවා ජත්යන්තර පාසල"හා ඩියර්ෆීල්ඩ් හි "ඊගල්බෘක් අසැලෙන් උපාධියක් 1960දි ලබා ගත්තේය.1968 දි,සාන්ත බාබරා හි "කැලිෆෝනියා විශ්ව විද්යාලයෙන්" පශ්චාත් උපාධිය ඔහු ලැබු අතර,"UCSB ඇලුමිනි අසොසියේශන්" හි නායකත්වයද දැරුවේය. "ජොයෙල්(1947),පීටර්(1955) හා එරික්(1958-2004) "ඔහුගෙ සහෝදරයන් ලෙසට නම් කර ඇත.
|
ACADEMIC
|
ව්‍යාකරණ, ශෛලිය, සංගතිය, ස්වාස්ථය හෝ අක්ෂර වින්‍යාසය අරභයා මෙම පිටුව විෂයයෙහි පිටපත-සංස්කරණය සිදු කිරීම අවශ්‍ය බව පෙනේ. එය සංස්කරණය කිරීමෙන් ඔබ හට උපකාර විය හැක. ගුවන් විදුලි ප්‍රවෘත්ති රූපවාහනි ප්‍රවෘත්ති වලට සමාන වන අතර එකම වෙනස එය ගුවන් විදුලියකින් ප්‍රචාරණය වීම පමණ එය දෘශ්‍ය අංශයට වඩා ශෘව්‍ය අංශය පිළිබදව සැලකෙන්නේ යොමු කරයි. වාර්තා කරුවන් ශබ්ද පටිගත කරන අතර ඒවා ගුවන් විදුලය හරහා ප්‍රචාරය කරයි. රූපවාහිනියට වඩා සිඝ්‍රයෙන් ගුවන් විදුලයේ පුවත් අලුත් වේ. සාමාන්‍යෙන් පැයකට වරක් හෝ දේවරක්. බොහෝ ගුවන් විදුල විකාශන වල ප්‍රවෘත්ති විකාශනයට මිනිත්තු 0-06 දක්වා දිවෙයි. සමහර විකාශන මුළු මිනිත්තු හයම තමන් නිපදවා ගන්නා අතර සමහරුන් ජාලාත්මක විකාශකන් අරභා මිනිත්තු දෙකක හෝ තුනක දේශිය ප්‍රවෘත්ති ප්‍රකාශයක් සිදු කරයි. බොහෝ විට වෙළද දැන්වීම් සහ කාලගුණය සදහාද මෙයන් යම් කලායක් භාවිතා වේ. විශාල නගරවල නම් වාහන තද බදය පළිබදව වාර්තාද ඇතුලත්ව ඇත. සමහර විකාශනයන් කාර්ය බහුල පැය වලදී පමණක් වාහන තද බදය වාර්තා කරන අතර තවත් සමහරු දවස පුරා වාර්තා කරයි.
|
ACADEMIC
|
මෙම ලිපිය හෝ ලිපි කොටස ඉරාක යුද්ධය සමගින් ඒකාබද්ධ කිරීමට යෝජිතය. (සංවාදය) ස්ථිරසාර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට කෙටුම්පත් සැකසීමේ අරමුනින් ජනවාරි 31 දින ඉරාක ජනමතය එරටතාවකාලික ආණ්ඩුව බලයට පත් කර ගත්හ. එසේ වුවත් ඡන්ද විමසීම අතර ප්‍රචන්ඩ ක්‍රියා සිදු වූ අතර සුන්නි ජනතාව ඡන්ද වර්ජනයේ යෙදුනද බොහෝ ‘කුර්දි’ සහ ‘ෂියා’ ජනතාව ඡන්දය ප්‍රකාශ කළහ. පෙබරවාරි 4 වනදා ‘පෝල් වුල්ෆොවිට්ස්’ ප්‍රකාශ කලේ ඡන්ද විමසීමට අවශ්‍ය ආරක්ෂක කටයුතු සඳහා එක්සත් ජනපද සෙබළු 15000කගේ සේවා කාලය දීර්ඝ කර ඇතිබවයි. එහෙත් ඡන්ද විමසීමෙන් පසුව ඔවුන් ඉරාකයෙන් නැවත ගෙන්වා ගන්නා බවද ප්‍රකාශ කළේය. පෙබරවාරි සිට අප්‍රේල් දක්වා වූ කාලය අන්නෝන්‍ය අපේක්ෂාවන් හේතු කොට ගෙන ඉතා සාමකාමී ලෙස ගෙවී ගිය අතර එම කාලය නොවැම්බර් සිට ජනවාරි දක්වා තිබූ සංහාරයට සාපේක්ෂව ඉතා සහනදායී කාල පරාසයක් විය මෙම තත්වය හේතුවෙන් ත්‍රස්ත ප්‍රහාරයද දින 70 ක සාමාන්‍යයක සිට දින 30ක සාමාන්‍යයක් දක්වා අවම වී තිබීමද විශේෂත්වයකි. ත්‍රස්ත ක්‍රියා නවතිනු ඇතැයි ජනතාව තුල තිබූ බලාපොරොත්තු සුනු විසුණු වූයේ එක්සත් ජනපද හමුදාවන් ආපසු සියරට බලා යාමෙන් පසුවය. ඇමරිකාණු ආක්‍රමණයෙන් පසුව ගෙවුණු බිහිසුනුම මාසය ලෙස මැයි මස හැඳින්වේ . මරාගෙන මැරෙන බෝම්බකරුවන් විශ්වාස කලේ ඔවුන්ට ඉරාක,අරාබි, සුන්නි, සිරියානු සහ සවුදි ජාතිකයන් අධෛර්යට පත්කොට ඉරාකයෙන් සම්පුර්නයෙන්ම ඉවත් කල හැකිය යන්නයි. . ඔවුන් ගේ ප්‍රධාන ඉලක්කය වූයේ ෂියා ජනතාව එකතුවන ස්ථානයි. එහි ප්‍රතිඵලයක් ලෙස 700කට අධික ඉරාක සිවිල් ජනතාව මියගිය අතර එක්සත් ජනපද සෙබළු 79ක්ද දිවි පිදුහ. 2005ගිම්හානකාලය තුල ‘බැග්ඩෑඩ්’ සහ වයඹ දිග ඉරාකයේදී ගැටුම් දැකගත හැකිවියන. එක්සත් ජනපද බලකායන් සිරියානු දේශසීමා වලින් ඈතට බලය තහවුරුකර ගැනීමට සිදු කල මෙහෙයුම් ගැටුම්වලට මුල්විය. මෙම ගැටුම් දේශසීමාව හා අගනුවර අතර ප්‍රදේශවල සහ දේශසීමාව අසල ශරත් සෘතුව තෙක් ඇවිලිණි. ඔක්තෝම්බර් මස පැවති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවන් මත විමසුමකින් දෙසැම්බර් මසදී ජාතික සභාව පත් කරගත හැකිවිය. 2005 ත්‍රලදී ත්‍රස්ත ක්‍රයා ඉහල ගිය අතර සිද්ධීන් 34,131 ක් වාර්තා වූ අතර පෙර වසරේදී එම ප්‍රමානය 26496 ලෙස වාර්තා විය. 2006 සිවිල් යුද්ධය හා ඉරාක ස්ථාවර ආණ්ඩුව[සංස්කරණය] 2006 ජුනි මසදී ‘නූරිඅල්-මලිකි’ සහ ‘ජෝජ්.ඩබ්ලිව්. බුෂ් අතර හමුව 2006 වසරේ මුල්භාගය තුල ආණ්ඩුව නිර්මාණය කිරීමේ සාකච්ජා ,නිකායික ප්‍රචණඩ ක්‍රියා වල වර්ධනය වීම සහ නොනවතින සුළු ප්‍රති ඒකාබද්ධ පිරිස් වල ගැටුම් වලින් පිරී ගියේය. 2006 පෙබරවාරි 22 දා සිදු වූ ‘සමර්රා’ නගරයේ අස්කාරී පල්ලිය තුල සිදු වූ බෝම්බ ප්‍රහාරය වැනි දරුණුතත්වයකට නිකායික ප්‍රචන්ඩ ක්‍රියා වල වර්ධනය හේතු විය.මෙම ප්‍රහාරය සිදු වූ පල්ලිය ‘ෂියා’ මුස්ලිම් භක්තිකයන්ගේ ප්‍රධාන ආගමික ස්ථානයක් වන අතර ඉරාකයේ සිටින ‘අල්කයිඩා’ සාමාජිකයන් විසින් සුදු කල ප්‍රහාරයක් ලෙසට මෙය විශ්වාස කෙරේ.කෙසේ වුවත් මෙහිදී ජීවිත හානි කිසිවක් සිදු නොවූවද පල්ලියට හානි සිදු විය. ප්‍රහාරය දින කිහිපයක සිට පැවතුණු ප්‍රචන්ඩ ක්‍රියාවල ප්‍රතිඵලයක් ලෙසටද හඳුන්වාදේ. පෙබරවාරි 23 දා වනවිට වෙඩි වැදී මිය ගිය 100කට අධික ප්‍රමාණයක්ද, එය ආසන්න වශයෙන් 165ක් පමණ විය හැකි යැයි සඳහන්ය. මෙම ප්‍රහාර වලින් පසුව බැග්ඩෑඩ් හි දිනකට සිදු වන ඝාතනවල සාමාන්‍යය 11 සිට 33 දක්වා ඉහල ගිය බවට එක්සත් ජනපද හමුදාවන් ගනනය කර ඇත. මෙම ප්‍රචණ්ඩකාරී වාතාවරනය ‘සිවිල් යුධ තත්වයකට’ සමාන බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය විස්තර කලහ. ‘ජෝන්ස් හොප්කින්ස්’බ්ලුම්බර්ග් පොදු සෞඛ්‍යය පාසල විසින් 2006 දී සිදු කල අධ්‍යනයකට අනුව ඇමරිකානු ආක්‍රමණයෙන් පසුව 601000කට අධික ඉරාක ජනයා මියගොස් තිබෙන බවට ඇස්තමේන්තු කර ඇත. ‘අල්අස්කාරී’ පල්ලියේ සිදු වූ ප්‍රහාරය ෙතක් 365000 කට අධික ඉරාක ජාතිකයන් මියගොස් ඇති බවත්, ඉරාක සරණාගතයන්ගේ ප්‍රමානය මිලියන 1.6 කට අධික සංඛ්‍යාවක් දක්වා වර්ධනය වූ බවත් එක්සත් ජාතීන්ගේ සරණාගතයින් සඳහා වන මහකොමසාරිස් කාර්යාලයද ඇස්තමේන්තු කර ඇත. ඉරාක ජාතික සභා අනුමැතිය අනුව 2006 මැයි 20 වනදා වත්මන් ආණ්ඩුව රාජකාරි ආරම්භ කලහ. 2005 දෙසැම්බර්රයේ පැවති මැතිවරනයේ ප්‍රත්ඵල අනුව එය සිදු විය. නව ස්ථාවර රජයක් පත්කෙරෙන තෙක් පැවතුණු තාවකාලික ආණ්ඩුව විසින් භාරකාර පාලනය සමය ඉතා සාර්ථකව ගෙන ගිය බවට තොරතුරු සඳහන්ය. References[සංස්කරණය] http://en.wikipedia.org/wiki/Iraq_war#2005:_Elections_and_transitional_government
|
ACADEMIC
|
පෙබරවාරි 26, ග්‍රෙගරි දින දසුනට අනුව අවුරුද්දේ 57 වන දිනය වේ. අවුරුද්ද අවසන් වීමට තවත් දින 308 ඉතිරිව තිබේ (අධික අවුරුද්දක් නම් 309). This article අසම්පූර්ණ වෙයි. ලිපිය වැඩිදියුණු කිරීමට උදවු වීමට හෝ, එහි ගැටළු සාකච්ඡා පිටුවෙහි සංවාදයට භාජනය කිරීමට හෝ කාරුණික වන්න.
|
ACADEMIC
|
ජාතික කොඩිය ආදර්ශ පාඨය "එකමුතුබව, නිදහස, විනිසුරු" අගනුවර හා විශාලතම නගරය ෆ්‍රීටවුන් - උතුරු අක්ෂාංශ 8° 29.067′ බටහිරදේෂාංශ 13° 14.067′ රාජ්‍ය භාෂාව ඉංග්‍රීසි රාජ්‍යය ව්‍යවස්ථා සමූහාණ්ඩුව ජාතික භාෂාව ක්‍රියෝ කතා කිරීම ජනගහණයෙන් 97% කි ජනාධිපති එමස්ථ බායි කොරොමා (APC) උප ජනාධිපති අල්හජි සමුවල් සැම් - සුමානා (APC) පාර්ලිමේන්තු කථානායක අබෙල් තනනියල් බැන්කොලේ ස්ට්‍රොන්ජ් (APC) අග විනිසුරු උමු හාවා ටෙජාන් ප්ලෝන් නිදහස එක්සත් රාජධානිය සිට 1961 අප්‍රේල් 27 සමූහාණ්ඩුව ප්‍රකාශයට පත් කිරිම 19 අප්‍රේල් 1971 වර්ග ප්‍රමාණය එකතුව 71,740 වර්ග කිලෝමීටර 27,699 වර්ග සැතපුම් ජලය (%) 1.1 ජනගහනය ජුලි 2009 තක්සේරුව - 6,440,053 ඝනත්වය 79.4 වර්ග කිලෝමීටර 205.66 වර්ග සැතපුම් දළ ජාතික නිෂ්පාදිතය 2008 තක්සේරුව එකතුව ඩොලර් 4,286 බිලියන ඒක පුද්ගල ආදායම ඩොලර් 725 දළ ජාතික නිෂ්පාදිතය (සාමාන්‍ය) 2008 තක්සේරුව එකතුව ඩොලර් 1.953 බිලියන ඒක පුද්ගල ආදායම ඩොලර් 331 ගිනි (2003) 62.9 (ඉහළ) මානව සංවර්ධන දර්ශකය HDI (2007) 0.365 (සුපිරි ලෙස පහළ) මුදල් ලිඕන් (SLL) මං තීරැව දකුණ අන්තර්ජාලය .si දුරකතන සංකේත 232 සියරා ලියෝන් සමූහාණ්ඩුව බටහිර අප්‍රිකානු රටකි. මායිම් උතුරින් ගිනියා.ගිනිකොණින් ලයිබීරියාව හා නිරිතදිගින් අත්ලාන්තික් සාගරයට අයත්ය. වර්ග මීටර් 71,440 වර්ග කිලෝමීටර (වර්ග සැතපුම් 27,699) හා ජනගහනය මිලියන 6.4 කි. මෙහි ව්‍යවස්ථාදායක සමූහාණ්ඩුවක් හා බටහිර ප්‍රදේශයේ පළාත් 03 ක් හා නැවත පළාත් 14 කට බෙදේ. සෞම්‍ය දේශපාලනයක් ඇති අතර ෆ්‍රීටවුන් අගනුවර වේ. රාජ්‍ය භාෂාව ඉංග්‍රීසිය.නමුත් ක්‍රියෝ භාෂාව රටේ බහුලව කතා කරන භාෂාවයි. එය ජනගහනයෙන් 97% ක් භාවිතා කරන භාෂාවයි. මෙහි වෙසෙන ජනවර්ග 15 ක් සියරා ලියෝන් හි රට වාසීන් ලෙස සැලකේ. විශාලම ජනවර්ග 02 වන්නේ මෙන්ඩේ සහ ටෙමිනේ වේ. මොවුන් මුළු ජනගහනයෙන් 30% කි. මෙහි සාරවත් ඛනිජ සම්පත් ඇති අතර පතල් මැණික් ආර්ථිකයේ ප්‍රධාන වේ. ලෝකයේ මැණික් නිෂ්පාදනයේ ඉහළම 10 දෙනා අතර සිටී.ලෝකයේ විශාලතම ස්වාභාවික වරායන්ගෙන් 03 වන විශාලතම වරාය පවතී. මෙහි ආදිවාසීන් වන්නේ ෂර්බි, ටෙමිනේ, ලිම්බා, සහ ටයිරාය. 1462 එහි පැමිණි පෙට්‍රෝද සින්ටා මෙහි නම තැබීය. 1808 ෆ්‍රීටවූ බ්‍රිතාන්‍ය කොළනියක් විය. 1896 රට ඇතුළත බ්‍රිතාන්‍ය ආරක්ෂකයන් විය. 1961 දෙකම එකතුවෙන් නිදහස ලැබීය. දශක 02 තුළ රජය පාලනය නොසලකා හැරි අතර ලිබියානු අරගලය එහි මායිම් අතරට යාමෙන් සෙයිරා ලියෝන් සිවිල් යුද්ධය ආරම්භ විය. 2000 වර්ෂයේ දී එය සමතයට පත්විය.පලීසං ක්‍රියාන්විතයෙන් සතුරු හමුදා පරාජය කළ අතර 1988 සිවිල් ආණ්ඩුවක් පත් කර ගැණුනි. මෙහි විශේෂ අධිකරණය 2002 වර්ෂයේ පිහිටුවන අතර එයින් 1996 සිට පැවති යුධ අපරාධ හා මානව අපරාධ විසඳන ලදී. මෙය මානව වර්ධනයේ පහළම මට්ටමේ සිටින 03 වන රට වන අතර, සහ මානව දිළිඳු ලැයිස්තුවේ( Human Poverty Index ) 07 වන පහළම ස්ථානයේ සිටී.
|
ACADEMIC
|
ගල් යුගයේ ආහාර රටාව[සංස්කරණය] ගල් යුගයේ ජීවත් වූ මිනිසුන්ගේ ආහාර වූයේ ඔවුන් ජීවත් වූ ස්වභාවික පරිසරයෙන්ම සොයාගත් ශාක හා සතුන්ය.මොවුහු සතුන්ගේ අක්මාව,වකුගඩු සහ මොලය වැනි කොටස් ඇතුලත්ව සත්ව මාංශ කෑමට වැඩි ප්‍රියතාවයක් දැක්වුහ. ඔවුහූ කිරි ආහාර, ධාන්‍ය මෙන්ම කාබෝහයිඩ්‍රේට් අධික ශාක ආහාරද ආහාරයට ගත්හ.එසේම කොල වර්ග හා අල වර්ගද එළවළු, පලතුරු සහ දඩයම් කරගත් සතුන්ද ආහාරයට ගෙන ඇත. දැනට හමුව ඇති සාක්ෂිවලින් පිළිබිඹු වන්නේ මිනිස් ක්‍රියාකාරකම් හා ධාන්‍ය වර්ග ආහාරයට ගැනීම අතර සම්බන්ධය අවුරුදු 23000 ක් තරම් ඈත අතීතයට දිව යන බවකි. විස්කොන්සින්හි හිම දිය වීමට ආසන්න කාලයේ , එනම් වසර 15000 කට 9000 කට පෙර ආසියාව, යුරෝපය , උතුරු අමෙරිකාව, සහ ඕස්ට්‍රේලියාවේ මෙගෆවුනා ඇති විය.මෙය ප්‍රථම හොලෝසිනේ හි අභාවය විය. මෙම සිදුවීම එකල විසු මිනිසුන්ගේ ආහාර ගැනීමේ පුරුදු වෙනස් කිරීම කෙරෙහිද, නව කෘෂිකාර්මික ක්‍රමවේදයන්ගේ වැඩි දියුණුව කෙරෙහි ද බලපාන ලදී. එසේම ශාකමය ආහාර ,ආහාර වේලේ ස්ථිර කොටසක් බවටද පත් විය. සමහරවිට මෙම අභාවයට හේතු වන්නට ඇත්තේ මිනිසුන් විසින් ලොම් සහිත මැමත් වැනි විශාල සතුන් වැඩියෙන් දඩයම් කිරීම නිසා එම සතුන් අභාවයට පත්විය. නමුත් වෙනත් විද්‍යාඥයින් විශ්වාස කරන ආකාරයට නම් කාලගුණ විපර්යාසයක් නිසා මේ තත්ත්වය ඇතිවිණි. පේලියොලිතික් මානවයා ප්‍රථම වරට සකස් කරගත් බීම වර්ගය බීර ලෙස සැලකේ. සත්ව හමින් සෑදු මලු තුළ හෝ ලී බදුන් තුළ ස්වභාවිකව මිදි පැසවා පානය කිරීමට ඔවුන් පුරුදු වී සිටියහ. සටහන[සංස්කරණය] | Stone_Age |}
|
ACADEMIC
|
බූරුවා Conservation status Domesticated Scientific classification Kingdom: Animalia Phylum: Chordata Class: Mammalia Order: Perissodactyla Family: Equidae Genus: Equus Subgenus: Asinus Species: E. africanus Subspecies: E. africanus asinus Trinomial name Equus africanus asinus Linnaeus, 1758 බූරුවා අශ්ව පවුලේ සාමාජිකයෙකි. අශ්වයෙකුට වඩා ප්‍රමාණයෙන් කුඩාවන මෙම සිව්පා සතා පහසුවෙන් හීලෑ කරගත හැකි සතෙකි. ක්‍රි.පූ. 3000 ට පමණ පෙර ඊජිප්තු වැසියන් බර ඇදීම සඳහා බූරුවා භාවිතා කල බව පැවසේ. පිරිමි බූරුවෙකු සහ ගැහැණු අශ්වයෙකු අතර ඇති වන සංවාසයෙහි ප්‍රතිඵලයලක් ලෙසින් කොටළුවකු බිහි වේ. ගති ලක්ෂණ[සංස්කරණය] සාමාන්‍යයෙන් සෙමී 80 සිට 160 (අඟල් 31 සිට 63 ) දක්වා උසකින් යුතුවන මොවුන්ගේ බර කි.ගෑ. 80 සිට 480 (රාත්තල් 180 සිට 060 ) පරාසයක වෙයි. තවද ජීවන කාලය අවුරුදු 30 සිට 50 දක්වා අතර වෙයි. මෙසේ උඅස හා බර වෙනස් වන්නේ ඔවුන්ගේ පරපම්පරාව හා පාලනය නිසාය.
|
ACADEMIC
|
මෙම ලිපිය සත්‍යාපනය සඳහා අමතර උපහරණ අවශ්‍ය වෙයි. විශ්වසනීය මූලාශ්‍ර වෙත වන උපහරණ එක් කිරීමෙන් මෙම ලිපිය වැඩිදියුණු කිරීමට උපකාරී කිරීමෙන් කාරුණික වන්න. මූලාශ්‍ර රහිත කරුණු අභියෝගයට ලක්වීමට හා මකා දැමීමට ඉඩ ඇත. (සැප්තැම්බර් 2010) ගුද පවිත්‍රීකරණය යනු මල පහකිරීමෙන් පසුව ගුදය පවිත්‍රකිරීමේ ස්වස්ථතාත්මක පරිචයයි. ගුදය සහ සට්ටම් (තට්ටම්) පවිත්‍රීකරණය සඳහා වැසිකිලි කඩදාසි හෝ ඒ හා සමාන වෙනත් කඩදාසිමය නිෂ්පාදිත හෝ භාවිතා කිරීම විශේෂයෙන්ම බොහෝ බටහිර රටවල දක්නට ලැබේ. අනෙක්තන්හී, ජලය භාවිතා කිරීම සිදුවිය හැක ( මිටි වැසිකිළි පෝච්චියකදී මෙන් දිය පිහිරක් භාවිතය හෝ, වගුරුවා අතින් සේදීම). අනෙකුත් සංස්කෘතීන්හිදී හා සන්දර්භයන්හිදී, පහන්කඩ (පාන්කඩ), ශාක පත්‍ර ( මුහුදු පැලෑටි ඇතුළුව), ඉරිඟු කරල් බඩ, මුහුදුහතු හෝ කෝටු වැනි දෑ භාවිතා කෙරෙයි.[1] කඩදාසි[සංස්කරණය] මූලික ලිපිය: වැසිකිළි කඩදාසි වැසිකිළි කඩදාසි මිටියක්. පසු-මල පහකිරීම් පවිත්‍රීකරණයට වැසිකිළි කඩදාසි භාවිතය මුලින්ම ඇරඹුනේ චීනයෙහිය. බටහිර සංස්කෘතියෙහි එය පුළුල් ලෙසින් පැතිර ගියේය. ලොව සමහර කොටස් වල, විශේෂයෙන් වැසිකිළි කඩදාසි සපයා ගත හැකිවීම හෝ පහසු මිලට ගත හැකිවීම හෝ සිදුවීමට පෙරාතුව, පුවත්පත්, දුරකතන නාමාවලී පිටු, හෝ අනෙකුත් කඩදාසිමය නිෂ්පාදිත භාවිතය සුලබ විය. ජලය[සංස්කරණය] මිටි වැසිකිළි පෝච්චියක උඩු දැක්මක්. මිටි වැසිකිළි පෝච්චියක දිය මලක්. ප්‍රංශයෙහිදී 1710 ගණන් වලදී මිටි වැසිකිළි පෝච්චි භාවිතයට පත්වීම ඇරඹුමත් හා සමගම වැසිකිලි ස්වාස්ථ්‍යයට අතිරේක අවකාශයන් එකතු විය. ආශ්‍රිත[සංස්කරණය] ↑ http://www.ecosanres.org/pdf_files/Ecological_Sanitation.pdf එකොලොජිකල් සැනිටේෂන්, පිටු 57, කඩදාසි, ගල්, උද්භිදීය ද්‍රව්‍යය, ජලය සහ ඉරිඟු බඩ ලැයිස්තුගත කරයි. ස්වීඩන ජාත්‍යන්තර සංවර්ධන සහයෝගීතා ඒජන්සිය, 1998
|
ACADEMIC
|
ලතින් ඇමරිකාව භූමිප්‍රමාණය [convert: invalid number] ජනගහණය 572,039,894 ජනගහණ ඝණත්වය 27 /කිමී2[convert: unknown unit] ජාතිකත්ව නාමය ලතින් ඇමරිකානු, ඇමරිකානු රටවල් 19 පරායත්ත රාජ්‍යයන් 1 භාෂා ස්පාඤ්ඤ, පෘතුගීසි, කේචුවා, මායන් භාෂා, ගුවාරනි, ප්‍රංශ, අයිමාරා, නවුවට්ල්, ඉතාලියානු සහ අනෙකුන්. රෝමානික භාෂා (එනම්, ලතින් වෙතින් ව්‍යුත්පන්නවූ) – විශේෂයෙන් ස්පාඤ්ඤ සහ පෘතුගීසි, සහ සමහරවිට ප්‍රංශ – ප්‍රාථමික ලෙසින් භාෂිකවන්නාවූ ඇමරිකාවන් හී ප්‍රදේශයක් ලතින් ඇමරිකාව (ලතින්: අමේරිකා ලතීනා) ලෙසින් හැඳින්වෙයි.
|
ACADEMIC
|
පොදු සම්භවයක් සහිත නමුත් විවිධ ප්‍රදේශවල විසිරී ජීවත්වන ජනයා පොදුවේ ගත්කල ඩයස්පෝරාවක් ලෙස හැඳින්වේ. වදන[සංස්කරණය] "විසිරීම, පැතිරීම" යන අරුත ඇති ග්‍රීක වචනය වන διασπορά යන්න මෙම වදනේ මූලාරම්භයයි[1]. මූලාශ්‍ර[සංස්කරණය] ↑ සැකිල්ල:LSJ
|
ACADEMIC
|
ඈඩම් ස්මිත් මධ්‍යස්ථ ආර්ථික විශ්ලේෂකයන් ගේ විවේචන නොසලකා හරිමින් 1980 දශකයේ සිට අනුගමනය කළ තරඟකාරී ප්‍රතිපත්තියේ මූලික හරය වුයේ ප්‍රති මිල තීරක කාටල ගිවිසුම් ත්‍යාග පත්‍රයයි. කාටල ගිවිසුම් ගැන Adom smith විසින් Wealth of natorus නමැති ග්‍රන්ථයේ දක්වා ඇතත් ඒවා වැළැක්වීමට ගතයුතු නෛතික ක්‍රියාමාර්ගයන් ගැන සඳහන් කොට නැත. කෙසේ නමුත් මේ දිනවල කාටල ගිවිසුම් වලට එරෙහිව යන දැඩි ප්‍රතිපත්තියක් අනුගමනය කරයි. යුරෝපා සංගම් ව්‍යවස්ථාවේ 81 වැනි වගන්තියෙන් කාටල ගිවිසුම් තහනම් කර ඇති අතර, එක්සත් ජනපදය තුළ Sherman පනත මඟින් (1890) තහනම් කර ඇත. Sherman Act යටතේ තරඟකාරී නීතිය සියලුම ආකාරයේ භාරයක් හා එක්ව පවතින ගිවිසුම් නැතහොත් කුමන්ත්‍රණයක් යනුවෙන් සඳහන් කර ඇත. යුරෝපා ව්‍යවස්ථාවේ 81 වන වගන්තියේ සඳහන් වන්නේ තරඟකාරී නීතියේ ඉලක්කය කවුරුන්ද යන්න අදියර දෙකකින් පැහැදිලි කර ඇත. මෙහි සඳහන් වන්නේ ආර්ථිකයට සම්බන්ධ කටයුතු කරන කවුරුන් හෝ යන්නයි. මෙයට සේවකයන් අන්තර්ගත වන්නේද නැත. මන්දයත් ඔවුන් ස්වාභාවයෙන් ම ස්වාධීනව ආර්ථික හෝ වාණිජමය කටයුතු වල නිරත නොවන නිසා රාජ්‍ය සේවකයන් සියල්ලෝ සමාජමය අරමුණක් සඳහා එකමුතුව කටයුතු කරයි. එම නිසා (ප්‍රාතිඥාව) ගිවිසුමක් බවට පත්වන අතර එය සම්මුති ප්‍රයෝගයන් ලෙස වර්ධනය වීමක් හෝ සම්මේලනයක් තුළ තීරණ ගැනීමක් විය හැකිය. ඇමෙරිකානූ ප්‍රතිභාරකාර නීතිය පවසන්නේ ද මීට සමානම අදහසකි. එහි ඕනැම ආකාරයේ ගනුදෙනුවක් හෝ හමුවීමක් යන්නෙන් දක්වා ඇත. එම නිසා මේ මඟින් සිල්ලර වෙළනේදාට දෙනු ලබන සියලුම ලිඛිත හෝ වාචික ගිවිසුම් මෙමඟින් ආවරණය කෙරේ. සිරස් ගිවිසුම් වලදී එකමතිකත්වය අවම මට්ටමක පවති. මෙම ගිවිසුම් ඇතිවන්නේ එකම මට්ටමක නොවන සැපයුම් ජාලයේ ඇති නිෂ්පාදන ආයතන අතර ය. උදා: සුපිරි වෙළඳසැල් හා පාන් නිෂ්පාදකයන් අතර ගිවිසුම්. මෑතකදී ඇමරිකානු ශේෂ්ඨාධිකරණය, ප්‍රතිභාරකාර නඩුවලදී රෙදිපිළි නිෂ්පාදකයින් හා රෙදිපිළි වෙළෙන්දන් වැනි සෘජුව තරඟයේ නොයෙදෙන්නන් අතර ඇති ගිවිසුම් ගැනත්, සැපයුම් ජාලයේ සමාන තත්වයේ පවතින සමාගම් අතර තරඟකාරිත්වය සීමා කරන ගිවිසුම් තහනම් කිරීමත් (සිල්ලර වෙළනේදන් හා බෙදා හරින්නන් අතර ගිවිසුම් වැනි) මගින් සැකසුම් ප්‍රතිපත්තියක් අනුගමනය කරන ලදී. මේ ආකාරයට පිරිස් ගිවිසුම් (Verical Agreements) තවමත් නීති විරෝධි වන අතර ඒවා නීති විරෝධි යැයි ඔප්පු කිරීමේ ගිවිසුම එකපයින්ම නීති විරෝධී වීමකට වඩා නීතිමය හේතුන් මත පදනම්ව නීති විරෝධි යැයි ප්‍රකාශ කිරීම සුදුසු බව අධිකරණය විසින් මෑත කාලයකදී පෙන්වා දෙන ලදී. සටහන්[සංස්කරණය] Antitrust law Collusion and cartels
|
ACADEMIC
|
සහශ්‍රවර්ෂය: 1 වන සහශ්‍රවර්ෂය සියවස්: 8 වන සියවස – 9 වන සියවස – 10 වන සියවස දශක: 770ගණන් 780ගණන් 790ගණන් – 800ගණන් – 810ගණන් 820ගණන් 830ගණන් වසර: 804 805 806 – 807 – 808 809 810 වසර 807 (DCCCVII) යනු ජූලියානු දින දසුන ප්‍රකාර, සිකුරාදා දිනයකින් ඇරඹෙන සාමාන්‍ය අවුරුද්දක් (බැඳිය විසින් මුළු දින දසුන දක්වනු ඇත) විය.
|
ACADEMIC
|
ඉන්ද්‍රජිත් කුමාරයා කුමාරයා Victory of Meghanada', Painting by Raja Ravi Varma රාජ වංශය යක් පියා රාවණ රජ මව මදෝරාවණ බිසව මේඝනාද කුමරු හෙවත් ඉන්ද්‍රජිත් කුමරු, රාවණා රජුගේ පුත්‍කුමරා විය. ආශ්‍රිත ලිපි[සංස්කරණය] රාවණා රජ ශ්‍රී ලාංකික ඉතිහාසය-හා බැඳි හා බැඳි මෙම ලිපිය තවමත් අංකුර ලිපියකි. විකිපීඩියාවට උදවුවක් ලෙසින් ඔබ හට එය විහිදුවාලිය හැක. න සා සං
|
ACADEMIC
|
පාලින්දනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය — ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය — රට ශ්‍රී ලංකාව පළාත බස්නාහිර පළාත දිස්ත්‍රික්කය කළුතර දිස්ත්‍රික්කය වේලා කලාපය ශ්‍රී ලංකාවේ සම්මත වේලාව (UTC+5:30) පාලින්දනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය යනු, ශ්‍රී ලංකාවේ, බස්නාහිර පළාතේ, කළුතර දිස්ත්‍රික්කයේ, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකි . පාලින්දනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කාර්යාලය පිහිටා ඇත්තේ, ප්‍රදේශයේ ප්‍රධාන නගරයක් වන බදුරලිය නගරයෙහිය. 2006 වන විට, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ලියාපදිංචි මුළු ජනගහණය වූයේ 32,790 වන අතර, මෙයට ගෘහයන් 8,247 ක් අයත් විය. ලියාපදිංචි මුළු වාහන සංඛ්‍යාව, 4,506 ක් වූ අතර, මෙයට මෝටර්රථ 118 ක්ද, මෝටර් සයිකල 841 ක් සහ පාපැදි 3199 ක් අයත් වූහ. ආශ්‍රිත[සංස්කරණය] ඩිවිෂනල් සෙක්‍රටේරියට්ස් පෝර්ටල් මෙම ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතේ ස්ථානයක් පිළිබඳ ලිපිය අංකුර ලිපියකි. එය පුළුල් කිරීමෙන් ඔබ හට විකිපීඩියාවට උදව් විය හැක.
|
ACADEMIC
|
සහශ්‍රවර්ෂය: 1 වන සහශ්‍රවර්ෂය සියවස්: 5 වන සියවස – 6 වන සියවස – 7 වන සියවස දශක: 540ගණන් 550ගණන් 560ගණන් – 570ගණන් – 580ගණන් 590ගණන් 600ගණන් වසර: 576 577 578 – 579 – 580 581 582 ක්‍රිස්තු වර්ෂ 579 (DLXXIX) යනු ජූලියානු දින දසුන ප්‍රකාර, ඉරිදා දිනයකින් ඇරඹෙන සාමාන්‍ය අවුරුද්දක් (බැඳිය විසින් මුළු දින දසුන දක්වනු ඇත) විය. මෙම වසර සඳහා 579 යන නාමය භාවිත වීම ඇරඹුනේ මුල් මධ්‍යතන යුගයේදී, වසර නම් කිරීම සඳහා යුරෝපයේ ප්‍රචලිත භාවයට පත් ක්‍රමය ලෙසින් ක්‍රිස්තු වර්ෂ දින දසුන් යුගය ඇරඹීම හා සමගය.
|
ACADEMIC
|
ප්‍රාග් ෛඑතිහාසික භූ දර්ශනය ජලජ පුරා විද්‍යාව මඟින් අධ්‍යයනය කරනු ලබන්නේ දේශගුණයේ හා භූ විද්‍යාවේ වෙනස් වීම් නිසා වර්තමානයේ දී ජලය යට පිහිටන ප්‍රාග් ෛඑතිහාසික වස්තු හා වැඩ බිම්ය. නැවුම් හා ක්ෂාර ජලජ වස්තු අප පැවතුණු කාලය පුරාවටම මිනිසුන්ට වැදගත් ආහාර ප්‍රබවයක් බවට පත්ව තිබේ. පැරණි ගම්මාන ජලය ප්‍රබව ආසන්නයේ පිහිටා තිබීම එතරම් පුදුමයක් වීමට හේතුවක් නොවේ. අවසාන අයිස් යුගයේ සිට මේ දක්වා මුහුදු මට්ටම අඩි 250ක් (දළ වශයෙන් මීටර් 75ක්) තරම් උස් වී ඇත. එමනිසා අයිස් යුගය පුරාවට වූ මනුෂ්‍ය ක්‍රියාකාරකම්වල වාර්තාවල විශාල ප්‍රමාණයක් දැන් සොයා ගත හැක්කේ ජලය යටිනි. දැන් කළු මුහුද ලෙස හඳුන්වන ප්‍රදේශය වතුරෙන් යට වීම (වර්තමානයේ පොස්පරස් පිහිටි ස්ථානයේ පිහිටි භූමි පාලමක් මධ්‍යධරණී මුහුදෙහි වැඩි වන ජල පීඩනය යටතේ බිඳී වැටීමත් සමඟ) එකල සුවිසල් මිරිදිය ජලාශයක් වූ ඒ වටා පිහිටි මනුෂ්‍ය ක්‍රියාකාරකම් විශාල ප්‍රමාණයක් ගිල්වන ලදී. බටහිර යුරෝපයේ වෙරළෙහි පිහිටි සුවිශේෂී ලෙන් කලා වැඩ බිම් දැන් ප්‍රවේශ විය හැක්කේ කිමිදීම මඟින් පමණි. එයට හේතුව එම ගුහාවල ඇතුළත ජලයෙන් පිරී නොපැවතුණත් ඒවාට ඇතුළු වන ස්ථාන ජලය යට පිහිටීමයි. ෛඑතිහාසික වැඩ බිම් ඉතිහාසය පුරාවට එක් එක් කාලවල දී සිදු වූ භූමිකම්පා මඟින් මනුෂ්‍ය ජනපද ගිල්වීම සිදු වී ඇත. එවැනි ව්‍යසනවල අවශේෂ ලෝකය පුරා පිහිටන අතර ඇලෙක්සැන්ඩ්‍රියා පෝර්ට් රෝයල් වැනි වැඩ බිම් වර්තමානයේ දී වැදගත් පුරා විද්‍යාත්මක වැඩ බිම් බවට පත්ව තිබේ. නටඹුන් වූ නෞකා සමඟ මෙන්ම පුරා විද්‍යාත්මක පර්යේෂණවලට බහු තේමා අනුගමනය කළ හැකිය. ඒවාට අවසාන ව්‍යසනය පිළිබඳ සාක්ෂි, ව්‍යසනයට පෙර තිබූ ව්‍යුහ හා භූ දර්ශනය හා එහි ඇති වුණු සංස්කෘතිය හා ආර්ථිකය ඇතුළත් වේ. නැවක් මුහුදුබත් වීමක් මෙන් නොව භූ කම්පා අවස්ථාවක් හරහා නඟරයක් විනාශ වීම වසර ගණනක් පුරාවට සිදු විය හැකි අතර විනාශයේ යම් කොටස් සඳහා සාක්ෂි ද තිබිය හැක. (සමහරක් විට අතරතුර වූ නැවත ගොඩනැඟීම් ද සමඟ) References[සංස්කරණය] http://en.wikipedia.org/wiki/Maritime_archaeology#Submerged_sites
|
ACADEMIC
|
තංගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය — ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය — රට ශ්‍රී ලංකාව පළාත දකුණු පළාත දිස්ත්‍රික්කය හම්බන්තොට දිස්ත්‍රික්කය වේලා කලාපය ශ්‍රී ලංකාවේ සම්මත වේලාව (UTC+5:30) තංගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය යනු, ශ්‍රී ලංකාවේ, දකුණු පළාතේ, හම්බන්තොට දිස්ත්‍රික්කයේ, පිහිටි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකි. පටුන 1 ජනගහනය 2 ග්‍රාම නිළධාරි වසම් 3 ආර්ථිකය 4 ප්‍රාදේශීය ලේකම්වරුන් 5 ආශ්‍රිත ලිපි 6 මූලාශ්‍ර ජනගහනය[සංස්කරණය] ග්‍රාම නිළධාරි වසම්[සංස්කරණය] ආර්ථිකය[සංස්කරණය] ප්‍රාදේශීය ලේකම්වරුන්[සංස්කරණය] ආශ්‍රිත ලිපි[සංස්කරණය] ශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ශ්‍රී ලංකාවේ පළාත් ශ්‍රී ලංකාවේ පරිපාලන දිස්ත්‍රික්ක මූලාශ්‍ර[සංස්කරණය] Divisional Secretariats Portal
|
ACADEMIC
|
සම්බන්ධක පුරා විද්‍යාව යනු සාම්ප්‍රදායික පුරා විද්‍යාවේ හා මානව විද්‍යාවේ යන දෙකෙහිම අවයව සංයුක්ත කරන 1940 දශකයේ දී වෝල්ටර් ටේලර් විසින් දියුණු කරන ලද අතීතය පිළිබඳ අධ්‍යයනය කිරීමේ ක්‍රමයකි. එය ටේලර්ගේ A Study of Archaeology ග්‍රන්ථයෙන් හොඳින් නිරූපනය වේ. (1948, ඇමරිකානු මානව විද්‍යා සංගමය, නිබන්ධනය 69) ටේලර් විසින්, අතීතයේ සාකල්‍ය දර්ශනයක් සැපයීම සඳහා ආහාර, ජනාවාස රටා, මෙවලම් හා අනෙක් අවයව පිළිබඳ අධ්‍යනය සංයුක්ත කරන සංයුක්ත විෂය පථයක් ලෙස පුරා විද්‍යාව දකින ලදී. මෙම ප්‍රවේශය ටේලර්ගේ ඔහුගේ කාලයේ ප්‍රසිද්ධ පුරා විද්‍යාඥයන් පිළිබඳ විවෘත හා විශේෂිත විවේචන සමඟ එම කාලයේ සිට බොහොමයක් පුරා විද්‍යාඥයන් අතර කැළඹීමක් ඇති කරන ලදී. නමුත් වර්තමානයේ ටේලර්ගේ ප්‍රවේශය මෙම විෂය පථය තුළ සම්මත ක්‍රියාවක් වේ. විෂය පථය අත්පත් කරගෙන සිටි පුරා විද්‍යාවට වූ විස්තරවලින් යුත්, ඓතිහාසික ප්‍රවේශය විවේචනය කළ පළමුවැන්නන්ගෙන් කෙනෙක් වූයේ ටේලර්ය. පැටී ජෝ වොට්සන්ට අනුව ටේලර්ගේ අරමුණ වූයේ නරක දෙයක් ඇති කිරීම නොව ඇමරිකානු පුරා විද්‍යාඥයින්ගේ විසින් සිදු කළ ඉලක්ක අරමුණු හා අභිමතාර්ථ ඉටු කිරීමයි. (1983, A Study of Archaeology හි 1983 සංස්කරණයට පෙරවදන. පුරා විද්‍යාත්මක ගවේෂණ සඳහා වූ මධ්‍යස්ථානය, දකුණු ඉලිනොයිස් විශ්ව විද්‍යාලය, කාබන් ඩේල්)
|
ACADEMIC
|
ගණිතයේ දී බහුපදයක් යනු, ආකලනය, ව්‍යාකලනය, ගුණනය හා නියත ධන පූර්ණ සංඛ්‍යා දර්ශක යොදා ගෙන විචල්‍ය හා නියත එකක් හෝ වැඩි ගණනකින් සැදී ඇති ප්‍රකාශනයකි. උදාහරණයක් ලෙස , බහු පදයක් වන නමුත් එසේ නොවේ. එයට හේතුව එහි විචල්‍යයකින් බෙදීමක් ඇතුළත්වීම හා ධන පූර්ණ සංඛ්‍යාවක් නොවන දර්ශකයක් ඇතුළත් වීමයි. බහු පද, වීජ ගණිතයේ වඩාත්ම වැදගත් සංකල්පවලින් එකක් වන අතර ගණිතය හා විද්‍යාව පුරාවටම ද එය වැදගත් වේ. ඒවා මූලික ප්‍රශ්නවල සිට විද්‍යාවේ සංකීර්ණ ගැටළු දක්වා පුළුල් පරාසයක ගැටලු ආවරණ වන බහු පද සමීකරණ ගොඩ නැංවීමට භාවිතා වේ. සරල රසායන විද්‍යාවේ හා භෞතික විද්‍යාවේ සිට ආර්ථික විද්‍යාව දක්වා පරාස ගත වන පසුබිමක දක්නට ලැබෙන බහු පද ශ්‍රිත අර්ථ දැක්වීමට ඒවා යොදා ගනී. තවද කලනයේ දී හා සංඛ්‍යාත්මක විශ්ලේෂණයේ දී අනෙකුත් ශ්‍රිත ආසන්න කිරීමට භාවිතා වේ. වීජ ගණිතයේ හා වීජීය ජ්‍යාමිතියේ එක් බලවත් සංකල්පයක් වන බහු පද වළලු තැනීමට ද බහු පද භාවිතා වේ. බහු පද සම්බන්ධයේදී පැස්කල් ත්‍රිකෝණය තවත් එක ප්‍රධාන කරුණකි. බහු පද සමීකරණ විසඳීම[සංස්කරණය] සෑම බහු පදයක්ම බහු පද ශ්‍රිතයකට අනුරූප වෙයි. එහි දී f(x) බහු පදයට සමානව සකසනු ලැබේ. බහු පද සමීකරණවලදී බහු පදය ශුන්‍යයට සමානව සකසනු ලැබේ. සමීකරණයේ විසඳුම් බහු පදයේ මූල ලෙස හඳුන්වන අතර ඒවා ශ්‍රිතයේ ශුන්‍යයන් හා එහි ප්‍රස්ථාරයේ x - අන්තඃඛණ්ඩ වේ. x = a බහු පදයක මූලයක් නම් (x - a) යන්න බහු පදයේ මූලයක් වේ. f(x) = x2 + 1 වැනි සමහරක් බහු පදවලට තාත්වික මුල නොමැත. නමුත් කෙසේ හෝ පිළිතුරු ගැනීමට අවසර දී ඇති කුලකය සංකීර්ණ සංඛ්‍යා දක්වා විස්තීර්ණ කළ හොත්, සියලු (නියත නොවන) බහු පදවලට අඩුම වශයෙන් එක් ප්‍රභින්න මූලයක් වත් තිබේ. මෙය වීජ ගණිතයේ මූලික ප්‍රමේය යේ ප්‍රතිඵලයකි. මුල ආසන්න කිරීම හා නිරවද්‍යම මුල සෙවීම අතර වෙනසක් තිබේ. දෙවන මාත්‍රයේ බහු පදවල මූල සඳහා වූ සූත්‍රය ඉපැරණි කාලයේ සිට පැවතුනි. (වර්ගජ සමීකරණ බලන්න) 16 වන සියවසේ සිට 4 වන මාත්‍රය දක්වා සූත්‍ර ද භාවිතයට එක් විය. නමුත් 5වන මාත්‍රය සඳහා වූ සූත්‍ර පර්යේෂකයන් මඟ හැර ගියේය. 1824 දි නීල්ස් හේන්ඩ්රික් අබෙල්, මාත්‍රය පහට හෝ වඩා වැඩි බහු පදවල මූල සඳහා එහි සංගුණක ආශ්‍රයෙන් සූත්‍රයක් (අංක ගණිතමය ක්‍රියාවලි හා ආමූල පමණක් අඩංගු) පැවතිය නොහැකි බව ඔප්පු කරන ලදී. (ආබෙල් රෆිනි ප්‍රමේයය බලන්න) මෙම ප්‍රතිඵලය , මූල හා බහු පද අතර සම්බන්ධය විස්තරාත්මකව අධ්‍යයනය කරන ගාලොයිස් සිද්ධාන්තයේ ආරම්භයට මඟ පෑදීය. එක් නොදන්නා රාශියක් ඇති බහු පද සංඛ්‍යාත්මක විසඳීම පරිගණක මඟින් ඩියුරන්ට් - කර්නර් ක්‍රමය හෝ වෙනත් මූල සොයන ඇල්ගොරිතමයක් යොදා ගෙන පහසුවෙන් සිදු කළ හැක. නොදන්නා රාශි කිහිපයකින් යුත් සමීකරණ එක් නොදන්නා රාශියක් ඇති සමීකරණ බවට පත් කරන ආකාරය බච්ඩර්ගර්ගේ ඇල්ගොරිතමය යටතේ සාකච්ඡා වේ. සියලු බහු පද 1වන මාත්‍රයේ වනවිට එය ඒකජ සමීකරණ පද්ධතියක් ලෙස හඳුන්වන අතර එහි දී විශේෂිත ලෙස ගවුසීය ඉවත් කිරීම ඇතුලු විවිධ පරාසයකින් යුත් විසඳුම් ක්‍රම රාශියක් පවතී. රිචඩ් බර්ක්ලෑන්ඩ් හා කාල් මේයර් විසින් ඕනෑම බහු පදයක මුල, බහු විචල අධි ජ්‍යාමිතික ශ්‍රිත අනුසාරයෙන් ප්‍රකාශ කළ හැකි බව පෙන්වා දෙන ලදී. ෆර්ඩිනන්ඩ් වොන් ලින්ඩ්මන් හා හිරෝෂි උමෙමුරා විසින් මූල, ඉලිප්සීය ශ්‍රිත පිළිබඳ සිද්ධාන්තවල ඇති තීටා ශ්‍රිතවල සාධාරණීකරණයක් වූ සීගල් මාපාංතික ශ්‍රිත අනුසාරයෙන් ද ප්‍රකාශ කළ හැකි බව පෙන්වා දෙන ලදී. මෙම අහඹු බහුපදවල ක්‍රම , පංචජ සමීකරණ විසඳීම සඳහා සොයා ගන්නා ලද ක්‍රමවල සාධාරණීකරණයන්ය.
|
ACADEMIC
|
ජවන හා පිටිය මලල ක්‍රීඩා වලට අයත් වන තරඟ ඉසව් හතකින් මෙය සමන්විත වේ. මෙම නම සෑදී ඇත්තේ හත යන අරුත දෙන ‘හෙප්ටා’ සහ තරඟය යන අරුත දෙන ‘ඇන්ලොන්’ නම් වන ග්‍රීක වචන දෙකෙහි එකතුවෙනි. මෙම තරඟයට සහභාගී වන ක්‍රීඩකයා -හෙප්ටතලීට් ලෙස හඳුන්වයි. සැකැස්ම[සංස්කරණය] හෙප්ටැත්ලොන් කාණ්ඩ දෙකකි. පළමු වර්ගය කාන්තාවන් සඳහා වන එලිමහන් තරඟයක් වන අතර එය ඔලිම්පික් තරඟ හා අන්තර්ජාතික මළල ක්‍රීඩා සම්මේලන ශූරතාවය සඳහා පවත්වන තරඟ එකතුවකි. අන්තර්ජාතික මළල ක්‍රීඩා සම්මේලන ශූරතාවය සඳහා මෙය අවුරුදු පතා පැවැත්වේ. පහත දැක්වෙන තරඟ ඉසව් මේ සඳහා පවත්වන අතර පළමු ඉසව් හතර පළමු දිනයේ දී ද දෙවන ඉසව් 3 දෙවන දිනයේ දී ද පැවැත්වේ. අනෙක් කාණ්ඩය පිරිමි සඳහා වන ගෘහස්ත තරඟයකි. අන්තර්ජාතික මළල ක්‍රීඩා සම්මේලනය ලෝක ගෘහස්ත මළල ක්‍රීඩා ශූරතාවය සඳහා මෙය පවත්වනු ලබයි. පහත දැක්වෙන තරඟ ඉසව් මේ සඳහා ඇතුල් වන අතර පළමු ඉසව් හතර පළමු දිනයේ දී ද දෙවන ඉසව් තුන දෙවන දිනයේ දී ද පවත්වයි. මෙම කාණ්ඩ දෙක සඳහාම ලකුණු ලබා දීම එක සමාන ලෙස සිදුවේ. සෑම ඉසව්වක දීම ඔහුගේ හෝ ඇයගේ ක්‍රියාකාරීත්වය මත ලකුණු ලබා දීම සිදු වන්නේ මළල ක්‍රීඩා සඳහා වූ අන්තර් ජාතික සම්මේලනය මඟින් නිකුත් කරන ලද ලකුණු සටහනකට අනුවය. තරඟය දිනන්නේ වැඩිම ලකුණු ලබාගත් මළල ක්‍රීඩකයාය. 1980 ගණන්වල මුල් කාලයේ සිට සප්ත ප්‍රයාමය සඳහා ගැහැණු ක්‍රීඩිකාවන‍් තරඟ වදින ලදී. මූලිකව පවත්වනු ලැබූ පංචප්‍රයාම තරඟය ඉසව්වලට අමතරව මීටර 800 සහ හෙල්ල විසි කිරීමේ ඉසව් මේ සඳහා එකතු කරන ලදී. ඔලිම්පික් ක්‍රීඩා වලදි පළමුවරට මෙම තරඟය පවත්වනු ලැබූයේ 1981 වසන්ත ඔලිම්පික් ක්‍රීඩා තරඟය සඳහාය. මෑත කාලයේ දී ගැහැණු ඩිකැත්ලන් තරඟ පවත්වන ලදි. එයට අන්තර්ගතව ඇත්තේ පිරිමින් සඳහා වන තරඟ ඉසව්වේ අන්තර්ජාතික මළල ක්‍රීඩා සම්මේලනය මේ සඳහා වාර්තා සටහන් තැබීම ආරම්භ කර ඇති අතර එසේ වුව ද සප්ත ප්‍රයාම තරඟ ගැහැණුන් සඳහා වන ශූරතා මට්ටමේ තවදුරටත් තිබෙනු ඇත.
|
ACADEMIC
|
ලිපියේ මාතෘකාව ලිපියට නොගැලපෙන බැවින් හෝ විකිපීඩියා ලිපි නාමකරන සම්මතයන්ට පටහනි බැවින් හෝ අක්‍ෂර වැරදි බැවින්..... මෙම ලිපියේ මාතෘකාව වෙනස් කලයුතුව හෝ නිවැරදි මාතෘකාව ඇති ලිපිය සමග ඒකාබද්ධ කලයුතුව ඇත. "ගෙනයන්න" විධානය භාවිතාකර මෙම ලිපියේ මාතෘකාව නිවැරදි කරන්න. නැතහොත් අදාල ලිපිය සොයා ඒකාබද්ධකරන්න. This article අනාථ ලිපියක් වන්නේ, වෙනත් කිසිම ලිපියක් එය වෙත නොබැඳෙන බැවිනි. කරුණාකර මෙම ලිපියට ආශ්‍රිත ලිපි වලින් සබැඳි එක්කරන්න ; යෝජනා මෙහි තිබිය හැක. අනාවරණයේ යුගය 1492 කොලම්බස් ගේ සංචාරයත් සමග ඇරඹේ. එය යුරෝපියානු මිෂනාරීන් ගේ කොලනි බිහිවීමෙන් ප‍්‍රතිමූර්තිමත් වේ. කතෝලික ධර්ම ධූත ගමන් අනාවරණ යුගයේදී රෝමානු කතෝලික දේවස්තානය ක‍්‍රිස්තියානිය නව ලෝකයට ව්‍යාප්ත කර මිනිසුන් ක‍්‍රිස්තියානියට හැරවීම සඳහා ධූත ගමන් විශාල සංඛ්‍යාවක් සිදු කලේය. මේ කාලයේදීම ෆ‍්‍රැන්සිස් ක්ෂාවියර් සහ අනෙකුත් ජේසුයිට්, ඔගස්ටිනියන්, ෆ‍්‍රැන්සිස්කන් හා ඩොමිනිකන් නිකායිකයෝ ආසියාවට හා දුරස්ථ පෙරදිගට ගමන් කළෝ ය. පෘතුගීසීහු අප‍්‍රිකාව ට ධූත පිරිස් යැවූහ. මෙම ඇතැම් ධූත ගමන් අධිරාජ්‍යවාදය සහ පීඩනය සමග සම්බන්ධ වූ නමුත් මැටෝ රිචී ගේ ජේසුයිට් නිකායික චීන ධූත ගමන වැනි සමහරක් සංස්කෘතික අධිරාජ්‍යවාදයකට වඩා සංස්කෘතික සංකලනයක් කෙරෙහි අවධානය යොමු කළෝ ය. ප්‍රොතෙස්තන්ත කොලනි නව ලෝකයෙහි වඩාත් ප‍්‍රකට ම ප්‍රොතෙස්තන්ත කොලනි ඇති කිරීම වන්නේ දකුනු අමෙරිකාවේ බි‍්‍රතාන්‍ය පියුරිටන් වරු අතිනි. ස්පාඥ්ඥ හා ප‍්‍රංශ ජාතිකයන්ට වෙනස් ව එංගලන්ත පියුරිටන් වරු ස්වජාතිකයන්ව ආගමට හැරවීමට එතරම් උත්සාහ කරන්නේ නැත. පියුරිටන් හෙවත් ධර්ම චාරිකයෝ (පිල්ග‍්‍රිම්ස්) ඔවුනගේ ආගම අරභයා වූ මැඩපැවැත්වීම් අධික බැවින් එංගලන්තයෙන් පිටත් වී ඇත. මුලින්ම ඔවුන් පහත් තලයේ රටවල වාසය කලද මොවුනගේ ආගම් ඇදහීම ප‍්‍රාන්ත රාජ්‍යයෝ ද පිළිගැනීමට අදිමදි කළ හෙයින් පියුරිටන් යුටෝපියාවක් ඇති කිරීමේ අරමුණ පෙරදැරි කරගෙන ඔවුන් නව ලොව බලා පිටත් වී ඇත. References[සංස්කරණය] http://en.wikipedia.org/wiki/History_of_Christianity#Age_of_Discovery_.281492.E2.80.931769.29
|
ACADEMIC
|
රචනාවක් යනු කෙටි ලිඛිත කෘතියකි. එය රචනා වන්නේ රචකයාගේ පෞද්ගලික මතිමතාන්තර වලට අනුවය. රචනා නවකතාමය ස්වරූපයෙන් බැහරව යම් මාතෘකාවකට අදාලව විස්තරාත්මකව ලියවෙන්නකි. සාහිත්‍ය විචාර, දේශපාලනමය ප්‍රතිපත්ති, විවාද, එදිනෙදා ජීවිතයේ අත්දැකිම් හා රචකයාගේ මතකයන් ආදියෙන් රචනා සමන්විත වේ. රචනා යන්නෙහි අර්ථය නිසියාකාරව දැක්වීම අපහසුය. එය කෙටි කතා, ලිපි යන අර්ථ වලටද සමානකමක් දක්වයි. නූතන රචනා බොහොමයක් වාක්‍ය එක් වී සෑදෙන සාමාන්‍ය ලියවිලි වේ. එහෙත් සමහර කාව්‍යයන් ද රචනා බවට නම් කර ඇත. රචනාවක් හැඳින්විය හැක්කේ එම කෘතියේ ප්‍රමාණය මතය. එහෙත් එයට විරුද්ධ තේරුමක් ඇති රචනා ද දැක්විය හැක. උදා: ජෝන් ලොක්ගේ An Essay concerning human understanding තෝමස් මැලකස්ගේ An Essay on the principle population අවධානයට ලක් වූ රචකයෝ[සංස්කරණය] G.K චෙස්ටර්මන්, වර්ජිනායා වුල්ෆ්, වෝල්ටයර්, එඩ්රියන් රිච්, ඇලම්පර් හෂ්මි, ජෝආන් ඩිඩියන්, ජින් බොල්ඩ්‍රිලාඩ්, බෙන්ජමින් ඩිසරෙලි, සුසැන් සොන්ටැග්, නැටිලියා ජින්ස්බර්ග්, සාරා සුලෙරි, ඇනි ඩිලාඩ්, ජෝසෆ් ඇඩිසන්, රිචඩ් ස්ටිල්, චාර්ලිස් ලැම්බි, ලියෝ ටෝල්ස්ටෝයි, විලියම් හැස්ලිට්, තොම්ස් බැබින්ටන් මැතවුලේ, රැල්ෆ් වෝල්ඩෝ එමර්සන්, හෙන්රි ඩේවිඩ් තොරෙඩ්, පර්ස් බිග් ෂෙලි, මේරි ෂෙලි, වෝල්ටර් බේජ් හොට්, මොරිස් මිටර්ලින්ක්, ජෝර්ජ් ඕවෙල්, ජොර්ජ් බර්නාඩ් ෂෝ, ජොන් ඩි. ඇගටා, රෙනෝල්ඩ්ස් ප්‍රයිස්, ගෝ විඩාල්, මාගරිට් යුවර්සෙනා, ජේ.එම් තෝම්සි, ගැස්ටන් වැරිංහේන් සහ ඊ.බී. වයිට් රචනා අයත් වන කාණ්ඩය සත්‍ය වශයෙන් පැවසීම දුෂ්කරය. නවකතාවක් පරිද්දෙන්ම, රචනාවක් යනු ඕනෑම දෙයක් පිළිබඳ සෑම දෙයක්ම පැවසීමේ උපරකරණයකි. සාම්ප්‍රදායානුකූලව අර්ථ දැක්වීමට අනුව රචනාවක් යනු කෙටි ලිපියකි. එම නිසා එමගින් සෑම දෙයක් පිළිබඳවම සෑම කරුණක් ම දැක්වීම, එම සීමා තුළ දී කළ නොහැක. එනමුත් රචනා කිහිපයක් මඟින් එම සෑම කරුණක්ම අල්ලා විස්තර කළ හැක. මොන්ටෙයින්ගේ තුන්වන කෘතිය මෙයට සමාන වේ. රචනා යන සාහිත්‍ය විශේෂය අතිශය වෙනස්වන සුළුය. මෙය තුන් ආකාරයකින් ලබකා බැලිය හැක. පළමු ආකාරය පෞද්ගලික පැතිකඩකින් යන්නය. දෙවන පැතිකඩේ දී ඉලක්ක ද තෙවන පැතිකඩේ දී විශ්වයම සාරාංශ කර සලකා බැලිය හැක. සමහර රචකයොත් සිය වටපිටාව පිළිබඳව ද සමහර රචිකයෝ සිය පෞද්ගික අත්දැකීම් ද රචනාවට ලක් කරති. එහෙත් සමහරු යම් කිසි විද්‍යාත්මක, සාහිත්‍යමය හෝ දේශපාලනමය තේමාවක් යටතේ සිය රචනා ලියති. එහෙත් ඉතා සරු හා සෑහීමකට පත්විය හැකි රචනා වනුයේ ඉහත අවස්ථා තුනේම පැවතිය හැකි ඒවාය.
|
ACADEMIC
|
ස්කෑම්ස් (Scams) පරණ ඒජන්සි බිඳ වැටෙන හා නව ඒජන්සි මඟින් ඔවුන්ගේ ස්ථාන ලබා ගන්නා නිරන්තරයෙන් වෙනස් වන කර්මාන්තයේ ඒජන්සියක් සඳහා වූ අවශ්‍යතාවය නිසා ස්කෑම් කලාකරුවන්ට නව, සැකයට බඳුන් නොවන නිරූපිකාවන් ගොදුරු කර ගැනීමට බොහොමයක් අවස්ථා ඇත. නීත්‍යානුකූල නිරූපන ඒජන්සියකට වෙළඳ වටපිටාව ගැන දැනුමක් තිබිය යුතු අතර ඔවුන්ගේ වෙළඳපොළ සඳහා අවංකවම නිරූපිකාවන් ඉදිරිපත් කළ යුතුය. එයට නිරූපිකාවගේ අලෙවිකරණය ද්‍රව්‍ය නිපදවීම සඳහා ඡායාරූපකරුවන්, ග්‍රැෆික් නිර්මාණකරුවන් හා මුද්‍රණකරුවන් සමඟ සබඳතා තිබිය යුතුය. එක්සත් ජනපදයේ better business වංක ව්‍යාපාර පුහුණු වීම හා ස්කෑම් පවත්වන ඒජන්සිවලට එරෙහිව චෝදනා ගොනු කරයි. ස්කෑම් කලාකරුවන් හා විශ්වාසය තැබිය නොහැකි ඒජන්සි සාමාන්‍යයෙන් දීර්ඝ කාලීන ගිවිසුම් ඉල්ලා සිටින අතර නිරූපිකාවන් අධි කොමිස් ප්‍රතිශතයකට යොමු කරවීමට හෝ අනවශ්‍ය අයිතිවාසිකම් සඳහා අත්සන් කරවීමට අධි පීඩන උපාය මාර්ග භාවිතා කරයි. නිරූපන ස්කෑම්වල එක් උදාහරණයක් වන්නේ තමන්ට වැඩ තිබේ යැයි කියා ගන්නා ඒජන්සියක් සත්‍ය වශයෙන්ම , නිරූපිකාවන් බවට පත්වීමට සිටින අයට ඡායාරූප හා නිරූපන පාඨමාලාවන් විකුණා මුදල් ඉපයීමට තැත් කිරීමයි. නීත්‍යානුකූල ඒජන්සියක් ඒජන්සි කොමිස් මුදලෙන් පිට ආදායම් එකතු කිරීම සිදු නොකළ යුතුය. References[සංස්කරණය] http://en.wikipedia.org/wiki/Modeling_agency#Scams
|
ACADEMIC
|
"එ.ජ. ඉංග්‍රීසි" මෙතැනට යළියොමුවෙයි. දේශපාලන සංවිධානය සඳහා, යූ.එස්. ඉංග්ලිෂ් (සංවිධානය) බලන්න. මෙමලිපියෙහි IPA වාග්විෂයක සංකේත අඩංගුය. යෝග්‍ය අනුවාද පහසුකම් නොමැත්තේ නම්, ඔබ හට, යුනිකේත අක්ෂර වෙනුවට ප්‍රශ්නාර්ථ ලකුණු, කොටු, හෝ අනෙකුත් සංකේත දිස්විය හැකිය. එක්සත් ජනපදයෙහි ඉංග්‍රීසි භාෂාවෙහි ව්‍යාප්තිය. තද නිල් පැහැයෙන් දැක්වෙන්නේ අදාළ ප්‍රාන්තයන්හී අධික සංකේන්ද්‍රණයකින් ඉංග්‍රීසි බස කථා කරනුවන් සිටින බවයි. ඇමරිකානු ඉංග්‍රීසි යනු බොහෝවිට එක්සත් ජනපදයෙහි භාවිතා වන්නාවූ ඉංග්‍රීසි භාෂාවෙහි උපභාෂා කට්ටලයකි. දේශිය කථනය සඳහා ඉංග්‍රීසි භාවිතා කරන ලොව ජනයා අතුරින් තුනෙන්-දෙකක් වෙසෙන්නේ එක්සත් ජනපදයෙහිය. [1] එක්සත් ජනපදයෙහි වඩාත් පොදු භාවිත භාෂාව ඉංග්‍රීසි වෙයි. එ.ජ. ෆෙඩරල් රජය සතුව නිල භාෂාවක් නොමැති වුවද, ෆෙඩරල් රජය විසින් භාවිතා කෙරෙන පොදු භාෂාව ඉංග්‍රීසි වන අතර එහි පුළුල් භාවිතය නිසාම එය එක්සත් ජනපදයෙහි තත්වාකාර භාෂාව ලෙසින් සැලකෙයි. [2] [3] එක්සත් ජනපදයෙහි ඉංග්‍රීසි භාෂා භාවිතය බ්‍රිතාන්‍ය ජනපදීකරණයෙහි ප්‍රතිඵලයකි. ඉංග්‍රීසි-කථක පදිංචිකරුවන්ගේ පළමු රැල්ල උතුරු ඇමරිකාව වෙත පැමිණියේ 17වන සියවසෙහිදී වන අතර 18වන හා 19වන සියවස්හිදී තවද සංක්‍රමණ සිදු විය. එතැන් පටන්, බටහිර අප්‍රිකාවෙහි, දේශීය ඇමරිකානු ජනගහනයෙහි, අයර්ලන්ත, ස්පාඤ්ඤ, සහ සංක්‍රමණිකයන්ගේ භාෂාවන් වෙතින් ඇමරිකානු ඉංග්‍රීසි භාෂෘව ආභාෂය ලැබීය. ශබ්ද විද්‍යාව[සංස්කරණය] මෙයද බලන්න: උකුරු ඇමරිකානු ඉංග්‍රීසි ප්‍රාදේශීය ශබ්ද විද්‍යාව මෙම ඡේදය සත්‍යාපනය සඳහා අමතර උපහරණ අවශ්‍ය වෙයි. විශ්වසනීය මූලාශ්‍ර වෙත වන උපහරණ එක් කිරීමෙන් මෙම ලිපිය වැඩිදියුණු කිරීමට උපකාරී කිරීමෙන් කාරුණික වන්න. මූලාශ්‍ර රහිත කරුණු අභියෝගයට ලක්වීමට හා මකා දැමීමට ඉඩ ඇත. (ජූනි 2009) එංගලන්තයේ කථා කරන ආකාරයට ඉංග්‍රීසි භාෂාව හා සමගින් සසඳන කල, උතුරු ඇමරිකානු ඉංග්‍රීසි භාෂාව [4] වඩාත් සමජාතීය වෙයි. සටහන්[සංස්කරණය] ↑ ක්‍රිස්ටල්, ඩේවිඩ් (1997). ඉංග්ලිෂ් ඈස් අ ග්ලෝබ්ල් ලැන්වේජ්. කේම්බ්‍රිජ්: කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලීය මුද්‍රණාලය. ISBN 0-521-53032-6. ↑ ක්‍රැෆර්ඩ්, ජේම්ස්. "ලැන්වේජ් ලෙජිස්ලේෂන් ඉන් ද යූ.එස්.ඒ.". languagepolicy.net. 2008-06-24. සම්ප්‍රවේශනය 2011-10-03. ↑ "ස්ටේට්ස් විත් ඔෆීෂියල් ඉංග්ලිෂ් ලෝස්". us-english.org. සම්ප්‍රවේශනය 2011-10-03. ↑ උතුරු ඇමරිකානු ඉංග්‍රීසි (ට්‍රජිල්, පි. 2) යනු එක්සත් ජනපදයෙහි සහ කැනඩාවෙහි කථනය සඳහා භාවිතා වන ඉංග්‍රීසි භාෂා ප්‍රභේද සඳහා භාවිතා වන සමූහ පදයකි.
|
ACADEMIC
|
ශුද්ධවර පාප් වහන්සේ පළමුවන ක්ලෙමන්ට් පාප් වහන්සේ පාප්ධූරය ඇරඹීම 92 පාප්ධූරය අවසන් වීම 99 පූර්වප්‍රාප්තිකයා ඇනක්ලීටස් පාප් වහන්සේ අනුප්‍රාප්තිකයා ඉවාරිස්ටුස් පාප් වහන්සේ පෞද්ගලික තොරතුරු උපත ක්‍රිව පළමුවන සියවස රෝමය, රෝමානු අධිරාජ්‍යය මරණය සාම්ප්‍රදායික ලෙසින් 99 හෝ 101 කර්සනීසස්, ටොරිකා, බොස්පරන් රාජධානිය (වර්තමාන ක්‍රිමියාව, රුසියාව/යුක්‍රේනය) ශුද්ධවරය මංගල්‍යය දිනය 23 නොවැම්බර් ක්ලෙමන්ට් ලෙසින් නම් කෙරුණු අනෙකුත් පාප් වහන්සේලා රෝමයේ ශුද්ධවූ ක්ලෙමන්ට් ලෙසින්ද හැඳින්වෙන, පළමුවන ක්ලෙමන්ට් පාප් වහන්සේ (ලතින්: Clemens Romanus; ග්‍රීක: Κλήμης Ῥώμης; මරණය 99), මුල් දිනයක සිට රෝමයේ රදගුරුතුමා ලෙසින් ලැයිස්තුගත කර තිබුනද, නිලය දැරුවේ 92 සිට එතුමාගේ මරණය සිදුවූ 99 දක්වාය.[1] සභාවේ පළමු අපෝස්තලික පිතෘවරයා ලෙසින් එතුමා සැලකෙයි.[2] ක්ලෙමන්ට් තුමාගේ ජීවිතය ගැන දන්නේ ස්වල්ප විස්තරයකි. ටර්ටලියන් ප්‍රකාර, ක්ලෙමන්ට් තුමා අභිෂේක කරන ලද්දේ ශුද්ධවූ පේදුරු තුමා විසින් වන අතර,[2] එතුමා, පළමුවන සියවසෙහි අවසන් භාගයෙහිදී රෝමයේ සභාවෙහි ප්‍රමුඛ සාමාජිකයෙක්ව සිට ඇත. කතෝලික සභා අභිධාන පූර්වප්‍රාප්තික ඇනක්ලීටස් පාප් වහන්සේ රෝමයේ රදතුරුතුමා පාප් වහන්සේ 88–101 අනුප්‍රාප්තිකයා ඉවාරිස්ටුස් පාප් වහන්සේ ආශ්‍රිත[සංස්කරණය] ↑ උපන්‍යාස දෝෂය: අනීතික <ref> ටැගය; ODCC_self නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි ↑ උපන්‍යාස දෝෂය: අනීතික <ref> ටැගය; CE නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
|
ACADEMIC
|
1930 ගණන්වල අතීන්ද්‍රිය සංජානන පරීක්ෂණ උදෙසා මුලින් ම යොදා ගත්තේ සෙනර් සටහන්පත් ය. ඉන්ද්‍රිය පරිබාහිර සංජානනය (ඉංග්‍රීසි: Extrasensory perception) හෙවත් ඊඑස්පී(ESP) යනු හඳුනාගත් භෞතික සංවේදන මගින් ලබා නොගන්නා, එ නමුත් මනසින් සංවේදන වන තොරතුරු ග්‍රහණය වීම කි. ඩ්‍යුක් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් වන ජේ. ආර්. රයින් විසින් පහත සඳහන් හැකියාවන් සඳහා මෙම අර්ථ දැක්වීම යොදා ගන්නා ලදී. ටෙලිපති (පංචේන්ද්‍රියේ සහය නොමැතිව හැඟීම් හා සිතුවිලි ඇති වීම) පූර්වඥානය (අනාගත අවස්ථා පිළිබඳ පූර්ව දැනුම) හා අනාගත සංජානනය(පසිදුරන්ගේ සහය නොමැතිව පුද්ගලයින්ට විවිධ අවස්ථාවන් වස්තූන් , අනාගත සිදුවීම් පිළිබඳ අවබෝධය ලබා ගැන්මට ඇති හැකියාව) ඇතැම් විට හයවන සංවේදනය, අසංඥ කෞශ්‍යලයක්, සහජ ඥානයක් ලෙස ව්‍යවහාර වෙයි. එනම් විද්‍යාව මගින් පහදා නොදුන් තොරතුරු ලබා ගැනීමේ ප්‍රභවයන් වෙයි. ඉන්ද්‍රිය පරිබාහිර සංජානනය ගැන පැතුරුණු විශ්වාසයන් පැවතිය ද විශ්වාසදායී තොරතුරු හා සෛද්ධාන්ත නොමැතිවීම නිසා ඒ පිළිබඳව ඒත්තු ගැන්වීමට නොහැකි වී ඇත. විද්‍යාත්මකව පහදා දිය හැකි තොරතුරු තවමත් නොමැති වීම නිසා ඉන්ද්‍රිය පරිබාහිර සංවේදන විවාදාත්මක මාතෘකාවකි. අධිමානසික ශක්තීන් මගින් මෙහි පැවැත්ම ගැන පර්යේෂණ කෙරෙන අතර ගැන්ස්ෂීල්ඩ් වැනි පර්යේෂණ මගින් එය හොඳ සාක්ෂි ද සපයා ඇත. නමුදු විද්‍යාත්මක පසුබිමක් තුළ ඉන්ද්‍රිය පරිබාහිර සංවේදන අවබෝධය සහමුලින්ම පිළිගෙන නැත. ඇතැම් පුද්ගලයන් ESP පිළිබඳව විශ්වාස කිරීමට සතුටු වන අතර ඇතැමුන් එය පිළිගැනීම දැඩි ලෙස ප්‍රතික්ෂේප කරති. පාර-මනෝවිද්‍යාඥයින් (Parapsychologists) මෙම විෂයය පිළිබඳව විද්‍යාත්මකව අධ්‍යනය කරමින් මෙයට එකතරා සංකීර්ණත්වයක් ලබා දී ඇත. ඔවුන් ESP හි එකිනෙකට වෙනස් ආකාර 4ක් හඳුනාගෙන ඇත. ඒවා නම්, දිවැස (Clairvoyance) පරචිත්ත ඥානය/ටෙලිපති (telepathy) චිත්ත ශක්තියෙන් වස්තුවක් චලනය කිරීමේ හැකියාව (psychokinesis) අනාගත සිද්ධි දැනගැනීමේ හැකියාව (precognition) සමහර පුද්ගලයන් විශ්වාස කරන්නේ සියලුම මිනිසුන්ට මෙම හැකියාව යම් පමණකින් හෝ ඇති නමුත් බොහෝමයක් දෙනා එම හැකියා වර්ධනය කර ගැනීමට නොපෙළඹෙන බවයි. බොහෝ දෙනා ESP පිළිබඳව සැක පහළ කරති. මේ පිළිබඳව වාර්තාගත වූ සංසිද්ධීන් අතරින් ඇතැම් ඒවා වංචනික බව හෙළි වී තිබේ. බොහෝ දෙනා මේ පිළිබඳව පළමු-ඝනයේ අත්දැකීම් නොමැතිව මෙය විශ්වාස කිරීමට මැලි වෙති. විද්‍යාත්මක සාක්ෂි වල හිඟතාවය එම පිරිස වැඩි වීමට හේතු වී තිබේ. නමුත් බොහෝදෙනා, ඇතැම් අවස්ථාවලදී, විස්තර කිරීමට/පැහැදිලි කිරීමට අපහසු සිද්ධීන් වලට මුහුණ දී ඇත. උදාහරණ වශයෙන් දුරකථනය නාද වන හඬ ඇසෙද්දීම මෙන් අනෙක් කෙලවරේ සිටින පුද්ගලයා කවරෙක්දැයි ඉබේම මෙන් වැටහෙන/දැනෙන අවස්ථා මෙන්ම හදිසි අනතුරු ආදී අහඹු සංසිද්ධීන් කලින් හැඟීම ආදිය දැක්විය හැක. J.B. රයින්[සංස්කරණය] ඩ්යුක් සරසවියේ උද්භිද විද්‍යාඥයෙකු වූ ජෝෂප් බෑන්ක්ස් රයින් 1934දි "අතීන්ද්‍රිය-සංජානනය" නමින්, ESP පිළිබඳව අතිමහත් සාක්ෂි අන්තර්ගත කෘතියක් ප්‍රකාශයට පත් කළේය. කෙසේවෙතත් අනෙකුත් විද්‍යාඥයන් එහි සඳහන් ප්‍රතිඵල නැවත ලබා ගැනීමට අපොහොසත් වූහ. මේ නිසා එම කෘතිය පිළිබඳව පැවති මුල් විශ්වසනීයත්වය සහ ජනප්‍රියත්වය අඩු විය.
|
ACADEMIC
|
දෙහිවල-ගල්කිස්ස — අර්ධ නාගරික — දෙහිවල-ගල්කිස්ස ඛණ්ඩාංක: 6°50′23″N 79°52′33″E / 6.83972°N 79.87583°E / 6.83972; 79.87583ඛණ්ඩාංක: 6°50′23″N 79°52′33″E / 6.83972°N 79.87583°E / 6.83972; 79.87583 රට ශ්‍රී ලංකාව දිස්ත්‍රික්කය කොළඹ දිස්ත්‍රික්කය පාලනය / පරිපාලනය • නගරාධිපති ධනසිරි අමරතු০ග ජනගහණය (2001) • සම්පූර්ණ 210,546 වේලා කලාපය Sri Lanka Standard Time Zone (UTC+5:30) • ගිම්හානය (DST) Summer time (UTC+6) දෙහිවල-ගල්කිස්ස යනු බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කයේ දෙහිවල-ගල්කිස්ස මහනගර සභාවට අයත් ප්‍රදේශය වේ. පටුන 1 අයත් නගර සහ ගම්මාන 1.1 විශාල නගර 1.2 අර්ධ නාගරික සහ ග්‍රාමීය ප්‍රදේශ 2 පාලනය 3 ජාතිය අනුව ජනගහන තොරතුරු 4 ආශ්‍රිත ලිපි අයත් නගර සහ ගම්මාන[සංස්කරණය] විශාල නගර[සංස්කරණය] දෙහිවල ගල්කිස්ස නුගේගොඩ (කොටසක්) අර්ධ නාගරික සහ ග්‍රාමීය ප්‍රදේශ[සංස්කරණය] නැදිමාල කළුබෝවිල කොහුවල අත්තිඩිය පාලනය[සංස්කරණය] ප්‍රධාන ලිපිය: දෙහිවල-ගල්කිස්ස මහනගර සභාව දෙහිවල-ගල්කිස්ස මහනගර සභාව මගින් පාලනය කෙරේ. ජාතිය අනුව ජනගහන තොරතුරු[සංස්කරණය] ජාතිය ජනගහනය % ප්‍රතිශතය සිංහල 158,070 75.35 ශ්‍රී ලංකා දෙමළ 22,737 10.84 ඉන්දියානු දෙමළ 2,060 0.98 මුස්ලිම් 20,357 9.70 වෙනත් ( බර්ගර්, මැලේ ) 6,563 3.13 එකතුව 209,787 100 ආශ්‍රිත ලිපි[සංස්කරණය] දෙහිවල-ගල්කිස්ස මහනගර සභාව දෙහිවල ගල්කිස්ස න සා සං ශ්‍රී ලංකාවේ නගර අගනුවර ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ (අගනගරය) කොළඹ (වාණිජ අගනගරය) මහනගර සභා අක්කරපත්තුව අනුරාධපුර බදුල්ල බණ්ඩාරවෙල මඩකලපුව දඹුල්ල දෙහිවල-ගල්කිස්ස ගාල්ල ගම්පහ හම්බන්තොට යාපනය කඩුවෙල කල්මුනේ මහනුවර කුරුණෑගල මාතලේ මාතර මොරටුව මීගමුව නුවරඑළිය රත්නපුර නගර සභා අම්බලන්ගොඩ අම්පාර බලංගොඩ බේරුවල බොරලැස්ගමුව චවාකච්චේරි හලාවත ඇඹිලිපිටිය එරාවුර් ගම්පොල හපුතලේ හැටන්-දික්ඔය හික්කඩුව හොරණ ජා ඇළ කඩුගන්නාව කළුතර කාත්තන්කුඩි කටුනායක-සිදුව කෑගල්ල කැස්බෑව කින්නියා කොලොන්නාව කුලියාපිටිය මහරගම මන්නාරම මිනුවන්ගොඩ නාවලපිටිය පානදුර පෑළියගොඩ පේදුරු තුඩුව පුත්තලම සිතාවකපුර තලවාකැලේ-ලිදුල තංගල්ල ත්‍රිකුණාමලය වැල්වැටිතුරෙයි වවුනියාව වත්තල වත්තේගම වැලිගම
|
ACADEMIC
|
සුශ්මිතා සෙන් Sushmita Sen at the premiere of the movie Dulha Mil Gaya. උපත Sushmita Sen 19 නොවැම්බර් 1975 (1975-11-19) (වයස 39) හය්ඩ්‍රාබද්, අන්ද්‍ර ප්‍රදෙශ්, බටහිර බෙන්ගාලය, ඉන්දියාව අනෙකුත් නම් සුශ් වෘත්තිය රංගනය (නිළියක) සක්‍රීය වසර 1994 - වර්තමානය දක්වා ඉන්දියානු ජාතිකයෙක් වන මැය වඩාත් වැඩිපුර දක්නට ලැබෙන්නේ ඉන්දියානු චිත්‍රපට වලය. හිටපු රූ රැජිනක් වන මැය 1994 දී ලෝක රූ රැජින තරගයෙන්ද ජයග්‍රහණය කරන ලද අතර මෙම තරගය ජයග්‍රහණය කල ප්‍රථම ඉන්දියානු කාන්තාව බවටද පත් විය. ජීවන චරිතය සෙන් උපත ලැබුවේ බෙන්ගාලී පවුලකය. ඇයගේ පියා සුබීර් සෙන් හිටපු ඉන්දීය ගුවන් හමුදා උසස් නිලධාරියෙකු වු අතර ඇගේ මව සුබෙර සෙන් විලාසිතා සහ ස්වර්ණාභරණ මෝස්තර නිර්මාණ ශිල්පිණියක ලෙස කටයුතු කළාය. ඇයගේ සහෝදරයාගේ නම රජීව් සෙන් ය.ශාන්ත තෙරේසා රෝහලේ උපත ලත් ඇය වාසය කලේ දිල්ලි නගරයේය. ගුවන් හමුදා ස්වර්ණ ජයන්ති විද්‍යාලය ඇයගේ පාසල විය. 2000 වසරේදී ඇය විසින් රේනි නැමති දරුවෙකු හදා වඩාගත් අතර 2010 ජනවාරි මස 13 වන දින මාස 3ක් වයසැති දරුවෙක් හදාගත් අතර ඇයගේ නම අලිශා විය. ලෝක රූ රෑජින තරගය 1994 දී වයස අවුරුදු 18 වන සෙන් ෆෙමිනා ඉන්දීය රූ රෑජින තරගයෙන් ජයග්‍රහණය කලේ අයිශ්වර්යා රායිවද පරාජය කරමින්ය.1994 දීම ඉන්දියාව නියෝජනය කරමින් පිලිපීනය මැනිලා නුවර පැවති ලෝක රූ රෑජින තරගයට සහභාගී වී ඉන් ජයග්‍රහණය කරන ලදි. එම තරඟයේ ප්‍රාරම්භක වටයේදී සෙන් 3වැනි ස්ථානය දිනාගත් අතර කොලොම්බියා රූ රෑජිනක් වන කැරොලය්නා ගෝමස්ට පසු පසින් සිටියේය.සුෂ්මිතා පිහිනුම්, සම්මුඛ පරීක්ෂණ සහ රාත්‍රී ගවුම් තරඟ වලින් පිළිවෙලින් දෙවෙනි,පස්වෙනි සහ තුන්වන ස්ථාන වලට පත් විය. අවසන් තරඟයේ අවසන් තුන්දෙනා අතරට සෙන්ද,කොලොම්බියා සහ වෙනිසියුල රැජිනන් පැමිණි අතර අවසානයේ ජයග්‍රහණය හිමි වූයේ සුශ්මිතා සෙන් ටය. එම ජයග්‍රහණයෙන් පසු ඇයට ඉන්දියාවේ එම කිරුල හිම කරගත් ප්‍රථම කාන්තාව බවට පත් වීමටද අවස්ථාව ලැබුණි.
|
ACADEMIC
|
මැඩගස්කර්හි වෙළෙඳපොලක විකිනීමට තබා ඇති සාම්ප්‍රදායික බෙහෙත් ලෝක සෞඛ්‍ය සංවිධානය අර්ථදක්වා ඇති ආකාරයට සාම්ප්‍රදායික වෛද්‍ය ක්‍රම යනු: " ශාක, සත්ව සහ ඛණිජ පාදක බෙහෙත්, අධ්‍යාත්ම්ක චිකිත්සා, අතින් සිදුකරන ශිල්පක්‍රම ආදියෙන් එකක් හෝ කිහිපයක් භාවිතා කරමින් ප්‍රථිකාර, රෝග විනිශ්චය, රෝග වැලැක්වීම හෝ නිරෝගිතාව පවත්වාගැනීම යොදාගන්නා සෞඛ්‍යමය පුරුදු, ක්‍රියාමාර්ග, දැණුම සහ විශ්වාස වේ."[1] සාමාන්‍යයෙන්න් මෙවා පරම්පරා ගණනාවක් විසින් විවිධ සමාජවල අවුරුදු දහස්ගණනක් තිස්සේ යොදාගෙන ඇත. මූලාශ්‍ර[සංස්කරණය] ↑ "Fact sheet no. 134: Traditional medicine". World Health Organization. 2008-12-01. සම්ප්‍රවේශය 2009-05-02.
|
ACADEMIC
|
ගොනුව:නක්ෂත්‍ර දුරේක්ෂය නක්ෂත්‍ර දුරේක්ෂය මෙය යටිකුරු,අතාත්වික ප්‍රතිබිම්බයක් අනන්තයේ ලබාගෑනී මට අභිසාරී කාච 2 යොදා සාදන ලද වර්තන දුරේක්ෂයකි
|
ACADEMIC
|
කැපුම්තලය වක්‍ර හැඩැති පටියක් ලෙසින් හෝ අඩසඳ ආකාර ආස්තරයක් ලෙසින් හෝ සහිත පිහි වර්ග සඳහා පොදුවේ භාවිතාකරන යෙදුමකි. කෘෂිකාර්මික භාවිතයෙහිදී එය වක්වූ පටි හැඩැති හා එක් පැත්තක් පමණක් මුවහත් තලයක් සහිත උපකරණයක් වන අතර කැලෑ කැපීම වැනි භාවිතයේදී එය දිග මිටක් සහිත අඩ සඳ හැඩැති ආස්තරයක ආකාර තලයක් සහිත උපකරණයකි. දෑ කැත්තක් පටුන 1 කැති වර්ග 2 දේශපාලන භාවිතය 3 ජන භාවිතය 3.1 සිංහල 3.2 දෙමළ 4 අනෙකුත් යෙදුම් 5 ප්‍රාදේශීය වචන කැති වර්ග[සංස්කරණය] කොළකැති දෑකැති වීසිකැති දේශපාලන භාවිතය[සංස්කරණය] කොමියුනිස්ට් ලාංඡනය මිටිය හා දෑකැත්ත. කොමියුනිස්ට් ලාංඡනයේ මිටිය හා දෑකැත්ත පවතියි. මිටිය විසින් කම්කරුවාද දෑකැත්ත විසින් ගොවියාද නිරූපණය කෙරෙයි. ජන භාවිතය[සංස්කරණය] සිංහල[සංස්කරණය] කැත්තට පොල්ල වගේ යැයි ජන භාවිතයක් ඇත. මෙහි තේරුම එකඟතාවයකට හෝ සම්මුතියකට එළඹීම මානයේ වත් නොමැති ආරාවුල් තත්ත්වයකි. කැත්තේ උදැල්ලේ වැඩ යැයි යෙදුමක්ද ජන භාවිතයේ පවතියි. මෙහි අරුත වන්නේ ගෘහාශ්‍රිත පිටස්තර පරිසරය ආශ්‍රිත එළිපෙහෙලි කිරීම් ආදි කටයුතු වලට ඇති හැකියාව වෙයි. කැති පොරෝ අමෝරාගෙන හෝ කැති පොරෝ මන්න පොලු ගෙන හෝ කැති ගානවා හෝ ආදි වශයෙන්ද ජන වහරක් පවතියි. මෙහිදී අදහස් වන්නේ කැත්ත භාවිතා වන්නේ ආයුධයක් වශයෙන් බවයි. දෙමළ[සංස්කරණය] දෙමළ චිත්‍රපටවල බොහෝ විට දක්නට ලැබෙන්නේ එහි එන (විශේෂයෙන්) පුරුෂ චරිතයන් ඉණ තුල සඟවාගෙන කැත්තක් රැගෙන යන බවයි. කෘෂිකාර්මික දෑකැත්ත මෙහිදී භාවිතා වන අතර භාවිතය ආරක්ෂක හෝ ආක්‍රමණික උපකරණයක් ලෙසිනි. අනෙකුත් යෙදුම්[සංස්කරණය] කැති කඳ යනු කැති මුවාත් තියන ලී කොටයට යෙදුමකි. කැති පීර යනු කැත්තක හැඩය ගත් පීර වෙයි. කැති මල්ල යනු ගස් මදින්නාගේ පිහියා ආදිය දමන මල්ල වෙයි. කැති ලනවා යනු මැදීමට කිතුල් මල් ආදිය කපනවා යන්නයි. ප්‍රාදේශීය වචන[සංස්කරණය] සමරරක් ප්‍රදේශයන්හිදී පිහා කැත්ත ලෙසද රජරට පළාතේ ඇඹුල් කැත්ත ලෙසද හැඳින්වෙන්නේ පිහිය නම් මෙවලමටය.
|
ACADEMIC
|
ඉඹුල්පේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය — ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය — රට ශ්‍රී ලංකාව පළාත සබරගමුව පළාත දිස්ත්‍රික්කය රත්නපුර දිස්ත්‍රික්කය වේලා කලාපය ශ්‍රී ලංකාවේ සම්මත වේලාව (UTC+5:30) ඉඹුල්පේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය යනු, ශ්‍රී ලංකාවේ, සබරගමුව පළාතේ, රත්නපුර දිස්ත්‍රික්කයේ, පිහිටි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකි. පටුන 1 ජනගහනය 2 ග්‍රාම නිළධාරි වසම් 3 ආර්ථිකය 4 ප්‍රාදේශීය ලේකම්වරුන් 5 ආශ්‍රිත ලිපි 6 මූලාශ්‍ර ජනගහනය[සංස්කරණය] ග්‍රාම නිළධාරි වසම්[සංස්කරණය] ආර්ථිකය[සංස්කරණය] ප්‍රාදේශීය ලේකම්වරුන්[සංස්කරණය] ආශ්‍රිත ලිපි[සංස්කරණය] ශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ශ්‍රී ලංකාවේ පළාත් ශ්‍රී ලංකාවේ පරිපාලන දිස්ත්‍රික්ක මූලාශ්‍ර[සංස්කරණය] Divisional Secretariats Portal
|
ACADEMIC
|
ස්කාරා බ්‍රේ ස්කොට්ලන්තයේ ඕක්නි මහා භූමි ප්‍රදේශයේ බටහිර වෙරළ තීරයේ ස්කේල් මුහුදු බොක්ක මත පිහිටා ඇති ස්කාරා බ්‍රේ, නව ශිලා යුගයට අයත් විශාල ශෛලමය ගොඩනැංවීම් සහිත ගම්මානයකි. එහි නිවාස 10ක් පවතින අතර ක්‍රි.පූ. 3100-2500 කාලයේ දී ජනාවාස වී ඇත. යුරෝපයේ වඩාත්ම සම්පූර්ණ නව ශිලා ගම්මානය මෙය වන අතර යුනෙස්කෝ ලෝක උරුමවලට අයත් වීමට ආරක්ෂා සහිතව මෙය පැවතුණි. ස්කාර් බ්‍රේහි සොයා ගැනීම හා එහි ලක්ෂණ ස්කාර් බ්‍රේ නම් වූ විශාල පස් ගොඩැලිවලින් තෘණ උදුරා දැමීමට තරම් විශාල කුණාටුවක් නිසා 1850 වන තෙක් ස්කාර් බ්‍රේ පැවතියේ පසට යට විය. ස්කේල් හි ස්කොට්ලන්ත වාසියකු වන විලියම් වොට් විසින් ශෛලමය ගොඩනැඟිලි කීපයක් කටු සටහන් සොයා ගන්නා ලද අතර මූලික කැනීම් ද සිදු කරන ලදී. 1926 ඇති වූ තවත් කුණාටුවකට පසු 1928 ත් 1930 ත් අතර දී එය වීර් ගෝඩන් ඩයිල්ඩ් විසින් සම්පූර්ණයෙන් කැනීමට භාජනය කරන ලදී. ස්කාරා බ්‍රේ පදිංචිකරුවන් පැහැදිලි ලෙසම ග්රූව්ච්වෙයා සාදන්නෝ සහ භාවිතා කරන්නෝ වූහ. නිවෙස් මැටියෙන් ඉදි කළ ඒවා විය. ඒවා පොළවට කිඳා බැස්සේය. ඒවා විශාල කුණු ගොඩවල් බවට පත් වූයේය. ඒවා සුළු වශයෙන් ස්ථිර නිවාස වූ අතර ඔක්නෙයි හි රළු ශීත දේශගුණයට ඔරොත්තු දෙන ආකාරයේ නිර්මාණයක් විය. නිවසක් වර්ග මීටර 40 ක වපසරියකින් යුක්ත වූ අතර එහි විශාල හතරැස් කාමරයක් ද උෂ්ණත්වය ලබා දීමට හා කෑම පිසීමට විශාල ලිපක් ද විය. දූපතේ එතරම් ගස් නොතිබූ නිසා එම නිවෙස්වල වහළ සෙවිලි කිරීම සිදු වූයේ ලී දඬු හා තල්මස් ඇටකටු තණ පිඩැලි සමඟ ඇල්ලීමෙනි. නිවෙස්වල ගලින් කරන ලද ගෘහ භාණ්ඩ විශාල සංඛ්‍යාවක් විය. ඊට කබඩ්, මේස, පුටු හා ඇසුරුම් පෙට්ටි අන්තර්ගත විය. කාණු පද්ධතියක් පවා ග්‍රාම නිර්මාණයේ සම්පාදනය කොට තිබිණි. සෑම නිවසකම ප්‍රාථමික මට්ටමේ වැසිකිලියක් තිබිණි. සොයා ගත් නිවාස දහයෙන් හතකම ඇඳවල් හා මේස සහිත එක හා සමාන ගෘහ භාණ්ඩ විය. ඒවා වූයේ ද සමාන ස්ථානවලය. මේසය තිබුණේ නිවසට ඇතුළු වන විටම පෙනෙන ලෙස දොරට මුහුණ දා බිත්තියට හේත්තු කරය. අටවනනිවසේ මේස හෝ ඇසුරුම් පෙට්ටි නොතිබිණි. නමුත් එය එක හා සමාන කුඩා කුටිවලට බෙදා තිබුණි. මෙම නිවසේ කැනීම්වලදී ගල් කැබලි, අස්ථීන් සහ සත්ව අං හමු විය. මෙම ගොඩනැඟිල්‍ල ඇටකටු ඉදිකටු හෝ ගිනිගල් කෙටේරි වැනි සරල ආයුධ නිෂ්පාදනය කළ වැඩපළක් විය හැකිය. යුරෝපයේ මිනිස් මැක්කා පියුලෙක්ස් ඉරිටන්ස් පිළිබඳ ප්‍රථම වාර්තාව මෙම බිමෙන් සොයා ගන්නා ලදී. විකිරණ කාබන් පරීක්ෂාවෙන් පෙන්නුම් කරන්නේ ස්කාරා බ්‍රේ හි ජනාවාස ඇතිවීම ක්‍රි.පූ. 3100 සිට වසර 600ක් පුරා පමණ පැවති බවයි. ක්‍රි.පූ. 2500 දී පමණ කාළගුණ විපර්යාසය සිදු වීමෙන් පසු එනම් බොහෝ ශීතල තෙත් කාළගුණයක් පැවතීමට පටන් ගත් පසු පදිංචිකරුවන් විසින් මෙය අත්හැර දමන්නට ඇත. ස්කාරා බ්‍රේහි මිනිසුන් එහි පදිංචිය හදිසියේ අත්හැරීමට හේතු පිළිබඳ නොයෙකුත් සිද්ධාන්ත ඇතත් මෙය සිදු වූ ආකාරයට අදාල ශක්තිමත් සාක්ෂි තවම හමු වී නැත. මෙම දෘශ්‍යමාන ගොඩනැඟිලි මෙහි ජීවී සම්භවයක් තිබූ බවට හැඟීමක් ඇති කරනවන නමුත් මෙම භූමිය නැවත සොයා ගැනීමට පෙර සමුද්‍ර ඛාදනය නිසා මීට අදාල සාක්ෂි බොහෝ ලෙස විනාශ වී ඇත. අනාවරණය වූ ශේෂයන් පුරාණ ස්මාරකවලට යාබදව තිබෙන්නට ඇත. කොටු කරන ලද ප්‍රදේශයේ දකුණට වන්නට වූ පර්වතයේ සෝදා යාමක් දක්නට ලැබී ඇත. විශාල ශෛලමය පවුර විසින් වූ ශේෂ සෝදා යාමෙන් ආරක්ෂා කෙරෙයි. References[සංස්කරණය] http://en.wikipedia.org/wiki/Skara_Brae
|
ACADEMIC
|
ස්වාධීන රූපවාහිනී දියත්කල දිනය 13 අප්‍රේල් 1979 (1979-04-13) රූප ආකෘතිය PAL-B ප්‍රචාරණ උද්‍යෝග පාඨය ඔබේ පවුලේ නාලිකාව රට ශ්‍රී ලංකාව භෘෂාව සිංහල පෙරදී හැඳින්වුනේ ටී.වී. ශ්‍රී ලංකා සහෝදර නාලිකා(ව) වසන්තම් ටීවී, ප්‍රයිම් ටීවී වෙබ් අඩවිය itn.lk ස්වාධීන රූපවාහිනීය ( ITN ) යනු ශ්‍රී ලංකාවේ විකාශන කටයුතු සිදුකරනු ලබන රාජ්‍ය රූපවාහිනී නාලිකාවක් වේ. මෙය ශ්‍රී ලංකාවේ පළමු රූපවාහිනී නාලිකාවයි. මෙහෙයවනු ලබන්නේ ස්වාධීන රූපවාහිනී සේවා සමාගම ( ඉංග්‍රීසි: Independent Television Network Limited ) විසිනි. පටුන 1 ඉතිහාසය 2 සංඛ්‍යා තරංග සහ ආවරණය 3 වැඩසටහන් 4 මේ අඩවිත් බලන්න 5 මූලාශ්‍ර ඉතිහාසය[සංස්කරණය] ශ්‍රී ලංකාවේ පළමු රූපවාහිනී නාලිකාව ලෙස ස්වාධීන රූපවාහිනී නාලිකාව 1979 අප්‍රේල් මස 13 වෙනි දින තම විකාශන කටයුතු ආරම්භ කලේය. සංඛ්‍යා තරංග සහ ආවරණය[සංස්කරණය] ශ්‍රී ලංකාවේ භූමියෙන් 99% ආවරණය කර ස්වාධීන රූපවාහිනී නාලිකාව තම විකාශන කටයුතු සිදුකරනු ලබයි. වැඩසටහන්[සංස්කරණය] ප්‍රධාන ලෙසම විකාශන කටයුතු සිංහල භාෂාවෙන් සිදුකරනු ලබයි. දිනපතා පුවත් ඉංග්‍රීසි සහ දෙමළ භාෂාවෙන්ද විකාශනය සිදුකරනු ලබයි. මේ අඩවිත් බලන්න[සංස්කරණය] ශ්‍රී ලංකාවේ රූපවාහිනී නාලිකා ශ්‍රී ලංකාවේ ගුවන් විදුලි නාලිකා ශ්‍රී ලංකාවේ මාධ්‍යය මූලාශ්‍ර[සංස්කරණය] න සා සං ශ්‍රී ලංකාවේ රූපවාහිනී නාලිකා සිංහල බෞද්ධයා නාලිකාව හිරු ටීවී ස්වාධීන රූපවාහිනීය ජාතික රූපවාහිනිය සිරස ටීවී සියත ටීවී ස්වර්ණවාහිනී ටීඑන්එල් ටීවී දෙරණ ටීවී ලංකා දෙමළ නේත්‍රා ටීවී ශක්ති ටීවී වසන්තම් ටීවී වෙට්ට්‍රි ටීවී ඉංග්‍රීසි ආර්ට් ටීවී සීසීටීවී නිව්ස් ඊටීවී එන්ටීවී ප්‍රයිම් ටීවී ක්‍රීඩා සීඑස්එන් එම්ටීවී ස්පෝට්ස් සැටලයිට්/කේබල් චැනල් සී හෙරිටේජ් ටීවී ශ්‍රී ටීවී යංග් ඒෂියා ටෙලිවිෂන් ශ්‍රී ලංකාව හා සබැඳි හා බැඳි මෙම ලිපිය තවමත් අංකුර ලිපියකි. විකිපීඩියාවට උදවුවක් ලෙසින් ඔබ හට එය විහිදුවාලිය හැක. න සා සං
|
ACADEMIC
|
සැකිල්ල:දිනදසුන/ඉරුදිනපළමුමසඇරඹෙන්නේබදා: මෑත වර්ෂයන්හී නොවැම්බර් 7 2012 (බදාදා) 2011 (සඳුදා) 2010 (ඉරිදා) 2009 (සෙනසුරාදා) 2008 (සිකුරාදා) 2007 (බදාදා) 2006 (අඟහරුවාදා) 2005 (සඳුදා) 2004 (ඉරිදා) 2003 (සිකුරාදා) නොවැම්බර් 7, ග්‍රෙගරි දින දසුනට අනුව අවුරුද්දේ 311 වන දිනය වේ (අධික අවුරුද්දක නම් 312 වන දිනය). අවුරුද්ද අවසන් වීමට තවත් දින 54 ඉතිරිව තිබේ .
|
ACADEMIC
|
මෙය හඳුනාගත හැකි නර්තන ශෛලීන් ඒවා ප‍්‍රදර්ශනය කිරීම් ඒවායේ ආරම්භය පිළිබඳ අවබෝධ කිරීම් හෝ ඒවා කතා තේමාවේ පදනම ලෙස රැගත් චිත‍්‍රපට ලයිස්තුවකි. මෙම ලිපිය නාර්තනික චිත‍්‍රපට හෝ කැමරාව උදෙසා නර්තනය උදෙසා නොවන අතර ඒවා වෙනත් ප‍්‍රභේදයෝ ය. එසේ ම මෙය සංගීතමය චිත‍්‍රපට පිළිබඳවද නොවේ. කෙසේ වුවද මෙය සුවිශේෂි කලාවකි. මෙහි සංගීතමය චිත‍්‍රපට අඩංගු නොවන්නේ නොවේ. නමුත් ඒවා විභේදනය වී ඇත්තේ වෙනස් ප‍්‍රභේදයක් යටතේ ය. මෙම ලයිස්තු සඳහා ෆ්‍රෙඞ් ඇස්ටෙයාර් හා ජීන් කෙලී ගේ චිත‍්‍රපට ඉමහත් සේ දායක වී තිබේ. ආශ්‍රිත[සංස්කරණය] http://en.wikipedia.org/wiki/Dance_in_film
|
ACADEMIC
|
මෙම ලිපිය බිහාර්හි නාලන්දා ප්‍රදේශය පිලිබඳ වේ. වෙනත් භාවිතා සඳහා, නාලන්දා (වක්‍රෝත්තිහරණය) බලන්න. නාලන්දා नालंदा — පුරවරය — Ruins of Nalanda University නාලන්දා ඛණ්ඩාංක: 25°08′12″N 85°26′38″E / 25.1367959°N 85.4438281°E / 25.1367959; 85.4438281ඛණ්ඩාංක: 25°08′12″N 85°26′38″E / 25.1367959°N 85.4438281°E / 25.1367959; 85.4438281 රට ඉන්දියාව ප්‍රාන්තය බිහාර් දිස්ත්‍රික්කය නාලන්දා වේලා කලාපය IST (UTC+5:30) PIN 803115 Telephone code +91-6112 වාහන ලියාපදිංචිය BR 21 ආසන්නතම පුරවරය රාජ්ගිර් Lok Sabha constituency Nalanda Vidhan Sabha constituency නාලන්දා ආශ්‍රිත ලිපි[සංස්කරණය] නාලන්දා විශ්වවිද්‍යාලය
|
ACADEMIC
|
ඉලෙක්ට්‍රොනික ව්ද්‍යාව යනු විද්‍යුත් මෙවලම් පිලිබඳ අධ්‍යයනය හා ඒවායේ භාවිතයයි. මෙහිදී අර්ධ සන්නායක හෝ තාපයනික කපාට වැනි, ඉලෙක්ට්‍රොන හෝ අනෙකුත් ආරෝපිත අංශු වල චලිතය පදනම් කරගත්, සාපේක්ෂව අඩු වෝල්ටීයතවකින් ක්‍රියාත්මක වන උපකරණ හා පද්ධති සැලකිල්ලට ගැනේ. පරමාණුවක ඉලෙක්ට්‍රොන නමැති රින ආරෝපිත ද්‍රව්‍යයක් සඳහන් වේ.එම ඉලෙක්ට්‍රෝනය නමැති ආරෝපණය සමග සිදුකරන ලබන වෙනස් කිරීම් මෙම තාක්ෂනය ලෙස හදුනාගත හැක.මෙකී ඉලෙක්ට්‍රෝන රාශියක් එක තැනකින් තවත් තැනකට ගෙනයනවිටදී එය විදුලි ධාරාවක් ලෙස හඳුන්වන අතර,කුඩා විදුලි ධාරා වලට සිදුකරන සුක්ෂම වෙනස් කිරීම් සඳහා යොදාගනු ලබන තාක්ෂනය සත්‍යලෙසම ඉලෙක්ට්‍රොනික තාක්ෂනය වේ.කෙසේ නමුත් ලොව කිසිදු පුද්ගලයෙකු එම විදුලිය නමැති අපුරු ෂ්ෂ්ෂ (උපාංගයක්/ද්‍රව්‍යයක්/අංශුවක්....ආදී විවිද අර්ථකතන දියහැකි උවත්) දැනට භෞතික වශයෙන් මේ ආකාරයේ යය් දැක නැත.නමුත් බොහෝ දෙනෙකු මෙම විදුලිය අත්දැක ඇතිබව නම් නොරහසකි. අදත් බොහෝ ඉංජිනේරුවන්/විද්‍යා ශුරීන් මෙය ගැන ඉහලින් කතා කරන්නට ගත්තත් ඔවුන් මෙම දෙය ගැන දන්නා තරම ඉතා අල්ප බව ආධුනිකයන් සියලු දෙනාම දැනගතයුතුම ඇත්තකි(එහෙයින් නොදන්නා දෙය ඉගෙන ගැනීමට කිසිදු දැනුමක් හෝ අත්දැකීමක් නොමැතිවීම ගැන බය නොවන්න). මතුපිට සවිකලහැකි(SMD) කුඩා විද්‍යුත් උපාංග යොදාගන්නා ඉලෙක්ට්‍රොනික තාක්ෂණය
|
ACADEMIC
|
සහශ්‍රවර්ෂය: 2 වන සහශ්‍රවර්ෂය සියවස්: 19 වන සියවස – 20 වන සියවස – 21 වන සියවස දශක: 1950ගණන් 1960ගණන් 1970ගණන් – 1980ගණන් – 1990ගණන් 2000ගණන් 2010ගණන් වසර: 1984 1985 1986 – 1987 – 1988 1989 1990 ක්‍රිස්තු වර්ෂ 1987 (MCMLXXXVII) නම් ග්‍රෙගෝරියානු දින දසුනේ, බ්‍රහස්පතින්දා දිනයකින් ඇරඹෙන සාමාන්‍ය අවුරුද්දක් (බැඳිය විසින් මුළු දින දසුන දක්වනු ඇත), පොදු යුගයෙහි (CE) සහ ක්‍රිස්තු වර්ෂ (AD) නාමකරණයන්හී 1987 වන වසර, 2 වන සහශ්‍රවර්ෂය තුල 987 වන වසර, 20 වන සියවස තුල 87 වන වසර, සහ 1980ගණන් දශකයෙහි 8 වන වසර ලෙසිනි. .
|
ACADEMIC
|
පකිස්තාන ඉස්ලාමීය ජනරජයෙහි صدر مملكت پاکستان ජනාධිපති පකිස්තාන ජනාධිපතිවරයාගේ ලාංඡනය තතනතුරුධාරි මම්නූන් හුසේන් Style අත්‍යුත්තම නිවහන එයිවාන්-ඉ-සඩ්ර්, ඉස්ලාමබාදය පත් කරන්නා මැතිවරණමය පර්ෂදය ධූර කාල ප්‍රමාණය පස් අවුරුදු, එක් වරක් යළි පත්විය හැකි සමාරම්භක දරන්නා ඉස්කැන්ඩර් මිර්සා සංස්ථාපනය මාර්තු 2, 1956; 58 වසර පෙර (1956-03-02) වෙබ් අඩවිය www.president.gov.pk පකිස්තානයේ ජනාධිපතිවරයා (උර්දු: صدر مملكت پاکستان ) පත් කරනු ලබන්නේ, පකිස්තාන ඉස්ලාමීය ජනරජයේ නාමමාත්‍රික ඖපචාරික රාජ්‍ය නායකයා ලෙසිනි.
|
ACADEMIC
|
මෙම ලිපිය තර්කානුකූල ප්‍රස්තූත පිලිබඳ වේ. වෙනත් භාවිතා සඳහා, ප්‍රත්‍යක්ෂය (වක්‍රෝත්තිහරණය) බලන්න. "උපග්‍රහණය" මෙතැනට යළියොමුවෙයි. වීජීය ජ්‍යාමිතියෙහි පදය සඳහා, උපග්‍රහණය (වීජීය ජ්‍යාමිතිය) බලන්න. ප්‍රත්‍යක්ෂයක් හෝ, උපග්‍රහණයක් හෝ යනු, තර්කාංගයක් හෝ තර්කනයෙහි ඇරඹුම් ලක්ෂ්‍යයක් හෝ වෙයි. සම්භාව්‍ය ලෙසින් සංකල්පිත ආකාරයට, ප්‍රත්‍යක්ෂයක් යන්න තෙරම් ස්ඵුට තර්කාංගයක්දැයි කිවහොත් මතභේදයකින් තොරව සත්‍යය බැවි පිළිගැනෙයි. [1] ආශ්‍රිත[සංස්කරණය] ↑ "අ ප්‍රොපසිෂන් දැට් කමෙන්ඩ්ස් ඉට්සෙල්ෆ් ටු ජෙනරල් ඇක්සෙප්ටන්ස්; අ වෙල්-එස්ටැබ්ලිෂ්ඩ් ඕර් යුනිවර්සලි කන්සීඩඩ් ප්‍රින්සිපල්; අ මැක්සිම්, රූල්, ලෝ" ඇක්සියම්, නා., අර්ථදැක්වීම 1a. ඔක්ස්ෆර්ඩ් ඉංග්‍රීසි ශබ්ද කෝෂය මාර්ගගත, සම්ප්‍රෙව්ශය 2012-04-28. Cf. ඇරිස්ටෝටල්, පොස්ටීරියර් ඇනලිටික්ස් I.2.72a18-b4.
|
ACADEMIC
|
කොළඹ වරාය නගරය Colombo Port City ඉදිකිරීමට අපේක්ෂිත කොළඹ වරාය නගරය ඉදිකිරීමට අපේක්ෂිත කොළඹ වරාය නගරය කොළඹ වරාය නගරය Colombo Port City කොළඹ වරාය නගරය ඉදිකරනු ලබන කලාපය ඛණ්ඩාංක: 06°56′00″N 79°50′00″E / 6.9333333°N 79.8333333°E / 6.9333333; 79.8333333ඛණ්ඩාංක: 06°56′00″N 79°50′00″E / 6.9333333°N 79.8333333°E / 6.9333333; 79.8333333 රට ශ්‍රී ලංකාව නගරය කොළඹ වර්ගප්‍රමාණය • සම්පූර්ණ 2.33 කිමී2 (0.90 වර්ග සැත) වේලා කලාපය ශ්‍රී ලංකා සම්මත වේලා කලාපය (UTC+05:30) කොළඹ වරාය නගරය යනු ශ්‍රී ලංකාවේ, කොළඹ ගාලු මුවදොර පිටියට ආසන්න මුහුදේ හෙක්ට්යාර 233 ක ප්‍රමාණයක් ගොඩකරමින් ඉදිකිරීමට අපේක්ෂිත නව වරාය නගරයකි. මුහුද ගොඩකරමින් වරාය නගරයක් ශ්‍රී ලංකාව තුල ඉදිකෙරෙන ප්‍රථම අවස්ථාව ලෙස මෙය ඉතිහාසයට එක් වේ. කොළඹ දකුණු වරායේ ඉදිකිරීම් නිරික්ෂණයට පැමිණි අවස්ථාවක, මහින්ද රාජපක්ෂ මැතිතුමන්ට ඇතිවූ අදහසකට අනූව මෙම නව වරාය නගරයේ මූලික සංකල්පය බිහිවුණි.[1] නවීන පන්නයේ මාර්ග පද්ධතියක් ඇතුළුව සංචාරක හෝටල්, ආපන ශාලා, ජල තටාක සහ සංචාරකයන්ට අවශ්‍ය ක්‍රීඩා පහසුකම් රැසක් සමගින් මෙම නව වරාය නගරය ඉදිකෙරේ. පටුන 1 ඉදිකිරීමට නියමිත කලාපය 2 ඉදිකිරීම 2.1 පළමු අදියර 2.2 දෙවන අදියර 3 භූමි පරිහරණය 4 ආශ්‍රිත 5 බාහිර සබැඳි ඉදිකිරීමට නියමිත කලාපය[සංස්කරණය] නව කොළඹ දකුණු වරායේ දක්ෂිණ මායිම සහ කොටුව ප්‍රදීපාගාරය අතර කලාපයේ මෙම නව වරාය නගරය ඉදිකිරීමට අපේක්ෂිත වේ. ගොඩකිරීමට අපේක්ෂිත මුළු භූමි ප්‍රමාණය හෙක්ට්යාර 233 කි.[1] ඉදිකිරීම[සංස්කරණය] ගාලු මුවදොරට ආසන්න මුහුදේ අක්කර 500කට වැඩි ප්‍රමාණයක් ගොඩකරමින් ඉදි කරන මෙම නව වරාය නගරයේ පලමු අදියරේ ඉදිකිරීම් කටයුතු ශ්‍රී ලංකා ජනපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සහ චීන ජනාධිපති ෂී ජින්පින් මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් 2014 සැප්තැම්බර් 17 වන දිනදී ආරම්භ කෙරුණි.[2] වරාය නගරයේ ව්‍යාපෘති සැලසුම චීන මහජන සමූහාණ්ඩුවේ සීමාසහිත චයිනා කොමියුනිකේෂන් ක්‍රන්ස්ට්‍රක්ෂන් සමාගම විසින් ඉදිරිපත් කොට තිබේ. ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු චයිනා හාබර් ඉංජිනියරින් සමාගම විසින් සිදු කරයි. ව්‍යාපෘතිය ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් ක්‍රියාවට නංවනු ලබන අතර, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විසින් ආයෝජනය වෙනුවෙන් වූ බදු සහන ලබාදීම සිදුකෙරේ. අදියර දෙකක් යටතේ කොළඹ වරාය නගරයේ ඉදිකිරීම් කටයුතු සිදුවෙයි.[3] පළමු අදියර[සංස්කරණය] වරාය නගරයේ පළමු අදියර යටතේ දියකඩනය ඉදිකිරීම, ඉඩම් ගොඩකිරීමේ කටයුතු සම්පූර්ණයෙන්ම අවසන් කිරීම හා සංවර්ධනය කළ හැකි ඉඩම්වලින් හෙක්ටයාර් 75ක ප්‍රමාණයක යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සිදු කරනු ලැබේ. මේ සඳහා වූ ඇමරිකානු ඩොලර් මිලියන 1337ක ආයෝජනය චයිනා කොමියුනිකේෂන් කන්ස්ට්‍රක්ෂන් සමාගම විසින් සිදු කරයි. පළමු අදියරේ ඉදිකිරීම් කටයුතු මාස 39 ක් තුල අවසන් කිරීමට නියමිතය.[4] දෙවන අදියර[සංස්කරණය] දෙවන අදියර යටතේ ඉතිරි සංවර්ධනය කළ හැකි ඉඩම් හෙක්ටයාර් 95ක ප්‍රමාණයේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම අපේක්ෂාව වී තිබේ. මෙම සමස්ථ ව්‍යාපෘතිය වසර අටකින් නිමා කිරීම සැලසුම කොට ඇත. භූමි පරිහරණය[සංස්කරණය] අළුතින් ගොඩකරනු ලබන කොළඹ වරාය නගරයේ භූමියෙන් හෙක්ටයාර් 125ක ප්‍රමාණයක් ශ්‍රී ලංකා රජයට හිමිවන අතර ඉතිරි හෙක්ටයාර් 108ක ප්‍රමාණය චීන ආයෝජකයාට හිමිවෙයි. ඉන් හෙක්ටයාර් 88ක් වසර 99ක බදු පදනම මත ලබාදෙන අතර ඉතිරි හෙක්ටයාර් 20 ක ප්‍රමාණය නිදහසේ භුක්ති විඳීම සඳහා ලබා දීමට නියමිත වේ. ආශ්‍රිත[සංස්කරණය] ↑ 1.0 1.1 "ෆෝමියුලා වන් ට්‍රැක් ටු බී බිල්ට් ඔන් ප්ලෑන්ඩ් ‘නිව් පෝට් සිටි’ කළම්බු". ද සන්ඩේ ලීඩර්.එල්කේ. සම්ප්‍රවේශය 2014-05-02. ↑ "කොළඹ නව වරාය නගර නිර්මාණ කටයුතු ඇරඹේ". නිව්ස්.එල්කේ. සම්ප්‍රවේශය 2014-9-18. ↑ "ශ්‍රී ලංකා චීන ජනපතිවරු කොළඹ වරාය නගර සංවර්ධන ව්‍යාපෘතිය අරඹති". රිවිර. සම්ප්‍රවේශය 2014-9-18. ↑ "කොළඹ වරාය නගර ව්‍යාපෘතියෙන් සුපිරි ප‍්‍රතිලාභ රැසක්". ලක්හඬ නිව්ස්. සම්ප්‍රවේශය 2014-9-18. බාහිර සබැඳි[සංස්කරණය]
|
ACADEMIC
|
සමර්ටන් පාක් යනු දකුණු ඕස්ට්‍රේලියාවේ ඇඩිලේඩ්හී උප-නගරයකි. ප්‍රධාන වශයෙන් නිවැසියන් පදිංචි මෙම උප-නගරය තුල සමර්ටන් පාක් වෙරළ හා ශුද්ධවූ හෘදය ශාස්ත්‍රාලය පිහිටා ඇත.
|
ACADEMIC
|
සිරිල් වික්‍රමගේ 1932 වර්ෂයේ දී කුරුණෑගල කොහිලගෙදර ග්‍රාමයේ උපන්නේය.
|
ACADEMIC
|
හෙලනික් රේඩියෝෆෝනියා ටිලියෝරාසි Ελληνική Ραδιοφωνία Τηλεόραση වර්ගය විකාශනකරු (රූපවාහිනිය, ගුවන්විදුලිය හා අන්තර්ජාලගත) රට ග්‍රීසිය උපයෝජ්‍යතාවය ග්‍රීසිය ලොවපුරා අයිතිකරු මහජන අයිතිය දියත්කල දිනය 1938 (ගුවන්විදුලිය) 23 පෙබරවාරි 1966 (රූපවාහිනිය) වසාදැමුම 11 ජූනි 2013 පූර්ව නාමයන් EIR (ජාතික ගුවන්විදුලි පදනම) (1938–1970) EIRT (ජාතික ගුවන්විදුලි රූපවාහිනි පදනම) (1970–1974), ERT (හෙලනික් ගුවන්විදුලිය රූපවාහිනිය) (1975–2013) නිල වෙබ් අඩවිය wayback.archive.org/*/http://www.ert.gr/ (අභාවගත) රූප ආකෘතිය 576i 16:9 (SDTV) 1080i 16:9 (HDTV) හෙලනික් රේඩියෝෆෝනියා ටිලියෝරාසි[1] (ග්‍රීක: Ελληνική Ραδιοφωνία Τηλεόραση, Ellinikí Radiofonía Tileórasi හෝ ERT, වචනාර්ථය "ග්‍රීක ගුවන්විදුලිය-රූපවාහිනිය") යනු, ග්‍රීක රජය සතුව තිබී වසාදමන ලද මහජන ගුවන්විදුලි සහ රූපවාහිනී විකාශන සංස්ථාවයි. ආශ්‍රිත[සංස්කරණය] ↑ http://www.ert.gr/ertae/en/Etaireia/etaireia.asp
|
ACADEMIC
|
යළියොමුව [[Radio Kalutara is launched to provide the best music to the Sri Lankan living worldwide.We hope that you will enjoy this and provide us your feedback.Your response will important us to improve this and give you a quality music. ලොවපුරා විසිරි සිටින ශ්‍රි ලාංකීය සහෘදයිනි, ඔබ වෙනුවෙන් ඔබගේ රසාස්වාදය උදෙසා ඝොෂාකාරි ශබ්දයෙන් තොර,සැම සතියකම ශ්‍රි ලාංක ාවේ ඔබේ හද බැදගත් ගීත, අපේම සොහොරු සොහුරියන් විසින් මෙහෙයවනුය් ලබන සංස්කෘතික,ආගමික,සංගීතමය වැඩසටහන් පෙළක්ම ඔබේ රාසස්වාදය උදෙසා රේඩියො කළුතරිම්න් විකාශනය කරනු ලැබේ. රේඩියො කළුතරින් ප්‍රචාරය නොවන ඔබ රස වින්දනය කිරිමට කැමති ගීත අප වෙත දන්වන්න. එම ගීත ඔබේ රාසස්වාදය උදෙසාම රේඩියො කළුතරින් ප්‍රචාරය කිරිමට සුදානම්..දුර ඇත රටක තනිවී සිටින ඔබට,ඔබේ ගීත, මතකයන් සමග අතිතයට ගෙනයාමට අප හා එක්වන්න, ඔබේ රාසස් වාදය අපේ තෘප්තියයි.. රැදි සිටින්න රේඩියො කළුතර සමගින්..]] Http://fbcdn-sphotos-f-a.akamaihd.net/hphotos-ak-prn1/t1/76978 445624648837711 1637871019 n.png රේඩියො කළුතර Http://fbcdn-sphotos-a-a.akamaihd.net/hphotos-ak-ash3/t31.0-8/p843x403/1669626 631956773537830 1938361319 o.jpg රේඩියො කළුතර
|
ACADEMIC
|
රික් පෙරී රික් පෙරී 2011 ජූනි වලදී. 47වන ටෙක්සාස් ආණ්ඩුකාරවර වත්මන් තනතුරුධාරි තනතුර දැරීම දෙසැම්බර් 21, 2000 Lieutenant බිල් රැට්ලිෆ් (2000-03) ඩේවිඩ් ඩිව්හර්ස්ට් ( 2003 සිට) පූර්වප්‍රාප්තිකයා ජෝර්ජ් ඩබ්. බුෂ් 39වන ටෙක්සාස් ලුතිනන් ආණ්ඩුකාරවර නිලය දැරීම ජනවාරි 19, 1999 – දෙසැම්බර් 21, 2000 Governor ජෝර්ජ් ඩබ්. බුෂ් පූර්වප්‍රාප්තිකයා බොබ් බුලොක් අනුප්‍රාප්තිකයා බිල් රැට්ලිෆ් 9වන ටෙක්සාස් කෘෂිකර්ම කොමසාරිස් නිලය දැරීම ජනවාරි 15, 1991 – ජනවාරි 19, 1999 Governor ඈන් රිචර්ඩ්ස් ජෝර්ජ් ඩබ්. බුෂ් පූර්වප්‍රාප්තිකයා ජිම් හයිටවර් අනුප්‍රාප්තිකයා සූසන් කොම්බ්ස් 64 දිස්ත්‍රික්කය සඳහා ටෙක්සාස් නියෝජිත මන්ත්‍රී මණ්ඩලයෙහි සාමාජික නිලය දැරීම 1985–1991 පූර්වප්‍රාප්තිකයා ජෝ හන්නා අනුප්‍රාප්තිකයා ජෝන් කුක් පුද්ගලික තොරතුරු උපත ජේම්ස් රිචඩ් පෙරී මාර්තු 4, 1950 (1950-03-04) (වයස 64) පේන්ට් ක්‍රීක්, ටෙක්සාස් දේශපාලන පක්ෂය රිපබ්ලිකන් පක්ෂය ( 1989 සිට) ඩිමොක්‍රටික් පක්ෂය ( 1989 දක්වා) කලත්‍රයා(යන්) ඇනිටා තිග්පෙන් දරුවන් ග්‍රිෆින් සිඩ්නි නිවහන වෙස්ට් ඔස්ටින්, ටෙක්සාස් ( ටෙක්සාස් ආණ්ඩුකාරවර මන්දිරයෙහි අළුත්වැඩියා කටයුතු පැවති කාලයෙහිදී, 2007 සිට තාවකාලික නිවහන)[1] උගත් ශාස්ත්‍රාලයය ටෙක්සාස් ඒ ඇන්ඩ් එම් විශ්වවිද්‍යාලයය ආගම ක්‍රිස්තියානි (මෙතෝදිස්ත) අත්සන Website www.governor.state.tx.us හමුදා සේවය සේවාව/අංශය එක්සත් ජනපද ගුවන් හමුදාව සේවා වසර ගණන 1972–1977 තනතුර කපිතාන් ජේම්ස් රිචර්ඩ් "රික්" පෙරී (උපත මාර්තු 4, 1950) යනු 47වන සහ වර්තමාන ටෙක්සාස් ආණ්ඩුකාරවරයාය. රිපබ්ලිකන් පාක්ෂිකයෙක් වන පෙරී, 1998දී ටෙක්සාස් ලුතිනන් ආණ්ඩුකාරවර ලෙසින් තෝරා පත් කර ගැනුනු අතර එක්සත් ජනපද ජනාධිපති වනු වස් එවකට-ආණ්ඩුකාරවර ජෝර්ජ් ඩබ්. බුෂ් 2000 දෙසැම්බර් හිදී ඉල්ලා අස්වූ විට ආණ්ඩුකාරවර ධූරයෙහි රාජකාරි ඇරඹීය. පරිපූර්ණ ආණ්ඩුකාර-පදවීය ධූර කාලයන් සඳහා 2002, 2006 සහ 2010 දී පෙරී තේරී පත් විය. අද දක්වා වර්ෂ &0000000000000014.00000014, දින &0000000000000010.00000010 ක ධූර කාලයකට හිමි කම් කියන පෙරී, අඛණ්ඩව වැඩිම කලක් සේවය කරන වත්මන් එ.ජ. ආණ්ඩුකාරවරයා වන අතර, අයෝවා හී ටෙරී බ්‍රාන්ස්ටඩ් ට පසුව වැඩිම කලක් සේවය කරන වත්මන් එ.ජ. ආණ්ඩුකාරවරයා වෙයි. 2011 අගෝස්තු 13 දිනදී පෙරී විසින් ප්‍රකාශයට පත් කෙරුණේ, 2012 ජනාධිපතිවරණයෙහි එක්සත් ජනපද ජනාධිපති තනතුර සඳහා රිපබ්ලිකන් නාමයෝජනා සඳහා තරග වැදෙන බවයි .[2] ආශ්‍රිත[සංස්කරණය] ↑ සෙල්බි, ඩබ්. ගාඩ්නර්; නොවැක්, ෂොන්ඩා (සැප්තැම්බර් 27, 2007), "රෙන්ට් බිල් රන් අබවුට් $10,000 අ මන්ත් ෆො හවුස් ඔන් හිකරි ක්‍රීක් ඩ්‍රයිව්.", ඔස්ටින් ඇමරිකන්-ස්ටේට්ස්මන්, http://www.statesman.com/news/content/region/legislature/stories/09/27/0927house.html, සම්ප්‍රවේශය කෙරුණු දිනය මැයි 19, 2011 ↑ http://www.latimes.com/news/nationworld/nation/la-naw-rick-perry-20110814,0,6232946.story
|
ACADEMIC
|
ඩෙල්ෆ් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය — ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය — රට ශ්‍රී ලංකාව පළාත උතුරු පළාත දිස්ත්‍රික්කය යාපනය දිස්ත්‍රික්කය වේලා කලාපය ශ්‍රී ලංකාවේ සම්මත වේලාව (UTC+5:30) ඩෙල්ෆ් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය යනු, ශ්‍රී ලංකාවේ, උතුරු පළාතේ, යාපනය දිස්ත්‍රික්කයේ, පිහිටි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකි. පටුන 1 ජනගහනය 2 ග්‍රාම නිළධාරි වසම් 3 ආර්ථිකය 4 ප්‍රාදේශීය ලේකම්වරුන් 5 ආශ්‍රිත ලිපි 6 මූලාශ්‍ර ජනගහනය[සංස්කරණය] ග්‍රාම නිළධාරි වසම්[සංස්කරණය] ආර්ථිකය[සංස්කරණය] ප්‍රාදේශීය ලේකම්වරුන්[සංස්කරණය] ආශ්‍රිත ලිපි[සංස්කරණය] ශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ශ්‍රී ලංකාවේ පළාත් ශ්‍රී ලංකාවේ පරිපාලන දිස්ත්‍රික්ක මූලාශ්‍ර[සංස්කරණය] Divisional Secretariats Portal
|
ACADEMIC
|
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.