comments
stringlengths 1
3.7k
| labels
stringclasses 4
values |
---|---|
බොරුල්ල කනත්තේ හොල්මන් ඉන්නවාලූ...(මෙහි දැක්වෙන වීඩියෝවේ විනාඩි 4.10 සිට බලන්න) අපේ රටේ රූපවාහිනී මහගෙදර කියලා තමන් ම හදුන්වාගන්න ස්වාධීන(නමට පමණක්) රූපවාහිනිය තමයි එහෙම කියන්නේ... ඒක තහවුරු කරන්න ඔවුන් පාවිච්චි කරලා තියෙන්නෙත් බොරුල්ල කනත්තේ ම මුරකාරයෝ දෙන්නෙක්...ආදි කාලයේ සිට මිනිස් සිත්සතන් තුළ පැලපදියම් වී තිබූ මිත්‍යා දෘෂ්ටික විශ්වාසයන්, සැබෑ සිදුවීම් සේ නැවත සමාජගත කරලමින් මිනිස් සමාජය ප‍්‍රාථමික යුගය කරා ඇදගෙන යාමට උඩගෙඩි දෙන මෙවැනි මාධ්‍යකාරයන් රටට ම මහ අපලයකි... රූපවාහිනියෙන්, රේඩියෝවෙන්, පත්තරෙන් පළ කරන දේ ‘‘ඇත්ත ම ඇත්ත‘‘ ලෙස පිළි ගන්නා දුබල සමාජයක් තවමත් අපට ඉතිරි ව ඇත. ඒයින් පන්නරය ලබන රාජ්‍ය මාධ්‍යක් මෙසේ ප‍්‍රාථමික මට්ටමේ දේ පළ කරමින් වැජඹෙන්නට උත්සාහ ගන්නේ නම් අනාගත ශ‍්‍රී ලංකාව යන තැන පැහැදිලි කර ගන්නට තවත් උදාහරණ අවශ්‍ය නැත.ඔවුන්ට අවශ්‍ය වන්නේ කුමක් හෝ විකුණා යහතින් වැජඹීම මිස අන් කිසිවක් නො වන බව මෙවැනි දේවලින් වඩාත් තහවුරු වේ... මෙවැනි මාධ්‍යකරුවන් සැබෑ මාධ්‍යවේදීන්ට ද කරන්නේ අපහසයකි...අදාළ වීඩියෝ ව මෙතැනින්වලී.
|
BLOG
|
ඔහු අහසයි -නුඔ සදවතියයිඒ් අහසේ බබළනඔහු වැස්සයි - නුඔ දේදුන්නයිපිනි බිදුමත දිදුලනමා මහ පොළවයි සද එළියේ සැනහෙනඅහසට වැඩියෙන් අදුනන්නේ පොළවයි සදුගේ සොමිගුණමා වැහි ළිහිණෙකි නුබ ගැඹරේ පියඹනපින්නට නොපෙනෙන දේදුන්නේ විසිතුරු දකිමින් නැළවෙන.
|
BLOG
|
සිප්සල නරඹන යාළුවන්ට ඉලෙක්ට්‍රොනික් සම්බඳ විශේශ දෙයක් අරන් එන්නයි අද සූදානම.TV හදන විට සමහර ලෙඩ එනව TVඑකේ මතකයන් ගබඩා කරන උපකරණය එනම්memory icතුලින්.ඉතින් මේකට මෙමරි IC භාවිතා කලයුතුයි.TCL වගේ TV වලට නම් හිස් IC එකක් යෙදූ විට එයා ගබඩා කරගන්නවා.නමුත් Hitachi,Sharpවගේ TV වලට ඒ ඒ TV වලට වුවමනාකරණ මෙමරි අපි විසින් හිස් IC එකක් භාවිතා කරන් එයට ප්‍රෝගෑම් කර TV එකට දැමිය යුතුය.ෆ්ලෑශ් මෙමරි අයිසී කොතෙකුත් තිබ්බත් සුලබව භාවිතා වෙන්නේ ඉහත රූපයේ සඳහන් EEprom 24CXX වර්ගයේ ic.මෙමරි අයිසී පිලිබඳ කොතෙකුත් විස්තර කල හැකිද.නම්ත් එයට කාළය අවහිර වන නිසා මම හොයාගත්තු IC DATA වගයක් ඔයාල එක්ක බෙදා ගන්නම්.ඔයාලට හම්බෙන TV වලින් කිසිම කරදරයක් නැතුව ලෙහෙසියෙන්memory icවල DATA ගන්න විදි ක්‍රම මීලඟ ළිපියෙන් ඉදිරිපත් කරන්නම්.Sony KV-XA25M60 Chassis BG3R 24C08***********************************************TCL 21M76S***********************************************TCL 2127***********************************************Hitachi LT-20PV2S***********************************************Hitachi MD-21SFL***********************************************LG 21FS2BL***********************************************LG 21FU4BL Slim***********************************************ඉතිරිය මීලඟ ළිපියෙන්.
|
BLOG
|
යම් භාෂාවක වචන, වාක්‍ය පමණක් නොව වෙබ් පිටු පවා තවත් භාෂාවකට ක්ෂණිකව පරිවර්තනය කර දීමේ සේවාවක් ලෙස Google Translate සරලව හැඳින්විය හැක. මෙය Google ආයතනයෙන් නොමිලයේ සපයන තවත් විශිෂ්ට සේවාවකි.මෙය ආරම්භ වී දැනට වසර කිහිපයක් ගත වුවද තවමත් සහය දක්වන්නේ සීමිත භාෂා ගණනකට පමණි. එම භාෂා කිහිපය අතරට අද දින සිංහල භාෂාවද එක් කිරීමට Google ආයතනය කටයුතු කර තිබේ.lk/#si/en/ වෙත පිවිසීම මඟින් දැන් ඔබට එය අත්හදා බැලීමට පුළුවන.Google Translate වෙත සිංහල භාෂාව එක් කිරීම සම්බන්ධයෙන් වසර ගණනාවක සිට කතා බහට ලක් වුවුද, එය තරමක් පමා වූයේ සිංහල වැනි සංකීර්ණ භාෂාවක් සඳහා ඇල්ගොරිතමයක් ගොඩනැගීම ඉතාමත් අසීරු කාර්යයක් බැවිනි. එය තරමක් පහසු කර ගැනීම සඳහා ඔවුන් පරිවර්තන සමුහයක් (Translate Community) නිර්මාණය කිරීමට කටයුතු කරන ලදී. එයට සමගාමීව සිංහල පරිවර්තන සතිය (Sinhala Translate Week) වැනි වැඩසටහන් ද දේශීය වශයෙන් ක්‍රියාත්මක වූ අතර මේ සඳහා සහභාගී වූවන් දසදහස් වශයෙන් පරිවර්තන සිදු කරමින් මෙම මහඟු කර්තව්‍යය සඳහා සහයෝගය දක්වන ලදී.අද දින සිංහල භාෂාවද ඇතුළුව භාෂාවන් 10ක් Google Translate වෙත එකතු කර ඇත. පහත දැක්වෙන්නේ එම භාෂාවන්ය.com/ වෙත පිවිසීමෙන් පමණක් දැනට භාවිතා කල හැකි අතර නුදුරේදීම mobile apps හා Google Chrome වෙතද එක් කරන බව Google සමාගම පවසයි.Google Translate වෙත සිංහල එක් වීමෙන් ශ්‍රී ලාංකිකයන් හට සැලසෙන වාසිය අමුතුවෙන් කිව යුතු නොවේ. මේ සඳහා Google ආයතනයටත්, Google ආයතනයේ ලාංකික නියෝජිතයින් හටත්, පරිවර්තන සමූහය සමඟ එක් වූ සියලුම පරිවර්තකයන් හටත්, නන් අයුරින් සහය දැක්වූ සැමටත් අපගේ හද පිරි ස්තුතිය හා ගෞරවය පිරිනැමිය යුතුය.
|
BLOG
|
අපේ ජංගම දුරකථන අලුත්වැඩියා කරන සිංහල පාඩම් මාලාවත් නැගල යනවා කියල මට විශාල පිරිසක් දන්වලා තිබුනා..ඇත්තටම කියනවනම් ජංගම දුරකථන අලුත්වැඩියාව අපට ගෙදර ඉදන් උනත් ඉගෙන ගන්න පුළුවන්..ජංගම් දුරකතයක මුලික කොටස් ටික අල්ල ගත්තාම ඕක මහා කජ්ජක් නොවෙයි..ඕකට ඩිප්ලෝමා උපාදි ගහන්න ඕනා නැහැ. කඩ්ඩ ටිකක් තමයි ඕනා වෙන්නේ..පරිගණකයක අකුරු ටිකක් කොටා ගන්න පුළුවන් වීමත් ගොඩක් වටිනවා..හරි අපි අද බලමු චීන ජංගම දුරකතනයක් හිටි අඩියේම හිර වුනොත් මොකද කරන්නේ කියලා..කරන්න තියෙන්නී china දුරකථනය නිෂ්පාදනයේ තිබු තත්ත්වයට එහි සියලු සෙටිග්ස් හදන එකයි.ගොඩක් අය මේක දන්නේ නැහැ..phone හද තැනකට ඕක අරන් ගියොත් එයා කෝඩ් එකක් පෙනෙන්න ගහලා ඔයාලගෙන් දෙතුන් සියක් කඩා ගන්නවා..දැන් ගොඩක් අය ළඟ තියෙන්නේ china phone. මේ තියෙන්නේ චීන දුරකථන වලට අදාළ කෝඩ් ටිකක්..ඔය හිරවෙලා හරි හරියට වැඩ ගන්න බැරිව ස්ලෝ වෙලා හරි අකුරු ටයිප් කරන කොට පිස්සුකෙලින දුරකථන තියෙනෙවා නම් default user code එක ගහලා බලන්න phone එක නැවත ආරම්භ වේවි.කලබල වෙන්න එපා වැඩේ නිකම්ම ගොඩ ගියා කියලා ඔබට පෙනේවි..මෙන්න ඉතා වටින කෝඩ් ටිකක්.ගහලම බලමුකෝ වැඩේ..ඔබට ජය.
|
BLOG
|
ගමයා තමයි කොට අදින ඉස්කෝලෙ අංශ ප්‍රධානාචාර්ය. ඉතින් ඉස්කෝලෙ ඇරෙන වෙලාවට එලියට බැහැලා ළමයි යනවා බලා ඉන්න එකත් ගමයගේ දෛනික රාජකාරියේ කොටසක්. ඒ වගේම, ඉස්කෝලෙ ඇරිලත් එක පාර ගෙදර යන්නෙ නැති එවුන් ඉන්නවනෙ. දවසක් දෙන්නෙක් එහෙම හැංගිලා ඉඳලා ඩෙස්ක් එකකට ගිණි තියලා තිබ්බා.එදත් ගමයා හැමෝම ඇත්තටම ගිහිල්ලද කියලා බලන්න පඩි පෙල දිගේ උඩ තට්‍ටුවට නගිනකොට, මෙන්න ජෝඩුවක් පඩි පෙලේ ලෑන්ඩිං එකේ ඉඳගෙන මෙලෝ සිහියක් නැතුව සිප වැළඳ ගන්නවලු. ගමයත් ඉතිං දෙන්නාගෙ නම් ලියාගෙන, කිව්වලු පහුවදා එනකොට අම්මා හරි තාත්තා හරි එක්කයි ඉස්කෝලෙ එන්න ඕනෙ කියලා.කිව්වත් වගෙ ඔන්න පහුවදා අම්මල දෙන්න ඇවිල්ලා. මේ මිනිස්සු හුඟක් එන්නෙ අවට තියෙන වතුවල ඉඳලා. වතු කියන්නෙ, අපි කොළඹ තියෙන පැල්පත් නැතිනම් මුඩුක්කු කියලා හඳුන්වන දේටම ඒවායේ ජීවත්වෙන අය කියන නම. ඒවායේ ඒවාටම ආවේනික සංස්කෘතියක් තමයි තියෙන්නෙත්.ඔන්න ඉතිං පැමිණිල්ල විභාග කරන්න ගමයා, විදුහල්පති, විනය භාර ආචාර්ය වගෙ කට්ටියක් හිටියා. මුලින්ම විදුහල්පති චෝදනා ගොනු කරන්න ගත්තා."මේ ළමයි දෙන්නා ඊයෙ ඉස්කෝලෙ ඇරුනට පස්සෙ පඩි පෙලේ ඉඳගෙන සිප වැළඳ ගෙන තියෙනවා.""මොකක්ද හරියටම උනේ කියල කියන්නකෝ, සර්" එක අම්මෙක් තරමක් ගොරෝසු හඬින් කිව්වා."වෙච්ච දේ තමයි කිව්වෙ." ඒ විදුහල්පති."මොකක්ද ඒ ළමයි ඇත්තටම කලේ." ඒ අනිත් අම්මා."ඊයෙ මං යන කොට මේ ළමයි දෙන්නා පඩි පෙලේ ඉඳන් කිස් කර කර හිටියා." ගමයා කාටත් තේරෙන භාෂාවෙන්ම කිව්වා."ආ ඕකද." අර මුලින් කතා කරපු අම්මා අහපි. " ඉතිං මොකක්ද ඕකෙ ඇති වැරැද්ද."අනිත් අම්මත් ප්‍රශ්නාර්ථයක් මූණෙ රඳවගෙන අනිත් අම්මත් එක්ක එකඟ වුනා.ඇත්තටම මම ඔතන හිටියෙ නැහැ. ගමයයි, අනිත් අයයි පස්සෙ හිනාවෙවී ඕක මට කිව්වා. "ඕං බලපංකො මචං. කාට කියන්නද මේවා." කියලා.පස්සෙ ඒකෙ ඇති වැරැද්දක් නැති වුනත් ඉස්කෝලෙදි කිස් කරන එක ඉස්කෝලෙ විනය නීති වලට පටහැනි නිසා, ඉස්කෝලෙදි එහෙම නොකරන්න කියලා අවවාද කරලා සභාව විසුරුවා හැරලා.ප. ලි.:අපිත් එක්ක නිතර පැටලෙන අධ්‍යාපන අධ්‍යක්ෂ කෙනෙක් කිව්ව කටේ මසුරං දාන්න වටින කතාවක් මට මතක් වෙනවා. අතන කිංස්ලි එක (සිනමා ශාලාවක්) ඉස්සරහා කොල්ලෙක් ලිස්සලා වැටුනොත්, ඕක දකින උන් බනින්නේ කොල්ලගේ අම්මට. ඒ මොකටද දන්නවද. කොල්ලට පාරේ යන හැටි උගන්නලා නෑ කියලා. ඒ කොල්ලම ඉස්කෝලේ යුනිෆෝම් එක ගහගෙන ඉන්දැද්දි ලිස්සලා වැටුනොත් බැනුම් අහන්නේ කවුද දන්නවද. ගුරුවරු. ඒ මොකටද. ඒත් ඒ හේතුවමයි. කොල්ලට පාරේ යන හැටි උගන්නලා නෑ කියලා. දැන් මේ ඉස්කෝලේ සිප වැලඳ ගැනීම සම්බන්ධයෙන් කෙනෙකුට හරි හිතෙන්න පුලුවන් අර අම්මට හිතුන දේම. " ඉතිං මොකක්ද ඕකෙ ඇති වැරැද්ද."ඇත්තෙන්ම පෞද්ගලිකව මට නම් ඕකෙ ඇති වැරැද්දක් නෑ. නමුත් මගේ පෞද්ගලික මතය මෙතනට අදාල නෑ. ලංකාවේ ඉස්කෝලයක් සම්බන්ධයෙන් නම්, ඕක දැකපු පිටස්තරයෙක් බනින්නෙත් උන් දෙන්නට නෙවෙයි. මේවා දැකලත්, ඇස් කන් පියාගෙන ඉන්නවා කියලා ගුරුවරුන්ට. ඉස්කෝලෙත් වේසා මඩුවක් නැතින මගුල් සක්වලක් හැටියට හංවඩු ගැහෙනවා.ඕකට මොනවත් කියන්න ගිහිල්ලා එකෙක් වහ බිව්වොත් හෙම, ඒත් කපෝතිය ගහන්නේ ගුරුවරයමයි.ගෙදර ගියොත් අඹු නසී. මග හිටියොත් තෝ නසී.මේ පජාත රස්සාවත් ඇත්තෙන්ම අර අතුරේ යනවා වගේ වැඩක් තමයි.Originally published @ මට හිතෙන හැටි.
|
BLOG
|
අන්තර්ජාලය පාවිච්චි කරන ගොඩදෙනෙක් ,, තමන් ගන්න පින්තුර අනෙක් අයටත් දැක බලා ගැනීමට , පේස්බුක් වැනි සමාජ ජාලා වෙබ් අඩවිවලට එකතු කරන්නේ ෆොටෝ එක share කරගැනීමේ ක්‍රමයක් විදිහට.. නමුත් මේ ක්‍රමය මගින් ෆොටෝ share කිරීමේදී නියමිත පරිදි privacy settings සාදා තිබුනේ නැතිනම්ෆොටෝ එකක් තවත් අයෙකුට අනිසිලෙස පාවිච්චි කරගැනීමේ ඉඩකඩ බොහෝ වැඩියි..... ඊමේල් එකක් මගින් ෆොටෝshare කරගැනීමේදී ,, ,,, බොහෝ ඊමේල් සේවාවන් ගෙන් අපට ඇමිනුමක් වශයෙන් එකතු කරන්න පුළුවන් 25 mb විශාල ෆයිල් පමණයි ...මේ සදහා විකල්පයක් වශයෙන් යොදාගන්න පුළුවන්, 150 mb දක්වාෆොටෝ එකවර share කිරීමට නොමිලයේම අවස්ථාවක් ලබාදෙන වෙබ් අඩවියකට තමයි යන්න හදන්නේ ....kicksend මේ වෙබ් එකට මුලින්ම පිවිසෙන්න ...ඊට පසුව එහි ඔබට රෙජිස්ටර් වී ගිණුමක් සාදා ගත යුතුයි ...මේ සදහා පේස්බුක් ගිණුම හරහාද පුළුවනි ....දැන් අවශ්‍ය පොටෝ ටික සිලෙක් කර ,, share කලයුතු කෙනාගේ ඊමේල් එක දෙන්න ...ඊට පසුව kicksend වෙබ් අඩවිය මගින් ඒවා ලැබිය යුතු පුගලයාගේ ඊමේල් ඉන්බොක්ස් එකට එහි ඩවුන්ලෝඩ් ලින්ක් එකත් සමග ඊමේල් එකක් යවනවා... එය හරහා පැමිණ ඔහුට අවශ්‍ය ෆොටෝ ටික ඩවුන්ලෝඩ් කරගන්න පුළුවනි ...මේ වගේ ඔබ දන්නා තවත් වෙබ් අඩවි තියෙනවා නම් ...ඒවා ගැන ප්‍රතිචාර පාවිච්චි කරන්න පුළුවනි .
|
BLOG
|
බස් රථ වල හඬ පරයා, උදේ ඉඳන් ගී ගයලා සත්සර මුව හැර දමලා, හිරු යන විට බැහැලාඉදිකඩ ළඟ නෙතු දල්වා, මා එනතුරු මඟ බලලාසිටි දියණිගෙ සිත සනසා, ලමි තුරුලට ගෙන සිබලා දියණිගේ කුසගිනි නිවන්නට හදේ ගිනි අවුලා තියාමම නුබේ පැන නොඇසෙනා මෙන් හිඳිමි තෙත්වුන නෙතු පියාහඬට සුවයක් නොලදහොත් අද, මහ හඬින් හෙට දින ගයානුබේ කුසගිනි නිවනු කොහොමද දෙපා නැති වැන්දබු පියාදියණියේ ඔබ හා දොඩන්නට වදන් ඇති මුත් සිත පුරාහෙට දිනේ මහ මඟ ගයන්නට වදන් සුරකිමි රනයුරාදුවේ උගතෙකු වෙලා මතු නුබ මගේ වෙහෙසෙහි පලදරාආවොතින් ළඟ හිඳ ගයන්නම් මගේ හඬ වියැකෙන තුරාඑක හැන්දෑවක බස් රථයකදී මට මුණගැහුණු බැරැන්ඩි හඬින් ගීතයක් ගායනා කල අබාධිත පුද්ගලයෙකු පිටුපස ඇතැයි මගේ සිතේ ගොඩ නැගුණු කතාව.
|
BLOG
|
ඇගේ ලිංගික දර්ශන මෙතැනින්ඇමරිකාවේ ගෞරවාන්විත විශ්ව විද්‍යාල අතුරින් ප්‍රමුඛතම එකක් වන උතුරු කැරොලිනාවේ ඩියුක් සරසවියේ රූමත් සිසුවියක්, සරසවියට ගෙවිය යුතු අධ්‍යන වියදම ගෙවීම සඳහා ලිංගික දර්ශන රඟපාන බව මෑතකදී හෙළිවිය. අවුරුදු දහ අටක් වන මේ රූමතිය රඟපෑ ලිංගික දර්ශන නැරඹු ඇයගේම යහළුවෙක් ඇය හඳුනා ගැනීමෙන් පසු මේ සිද්ධිය පළමුව සරසවිය තුළත් පසුව ඉන් පිටත් මහත් ආන්දෝලනයක් ඇතිකර තිබේ. ඇය තම කතාව බ්ලොගයක ලියා ඇති අතර ඩියුක් සරසවියේ පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක්ද දී තිබේ. ඇය කාමෝද්දීපන සිනමාවේ රඟපාන්නේ වසරකට ඩොලර් 60000ක් වැය වන, සරසවියට ගෙවිය යුතු අධ්‍යන වියදම් පියවීමට බව ඇය පැහැදිලි කොට තිබේ."ලිංගික සිනමාවේ රඟපෑම මට ඉමහත් සිතාගත නොහැකි තරම් ප්‍රීති-ප්‍රමෝදයක්" ගෙන දෙන්නේ යැයි ඇය පවසන්නීය. "හැම දර්ශනවාරයක් අවසානයේම මම දන්නවා අවංකව දවසක වැඩ නිමා කළා කියා. ලිංගික දර්ශන යනු මගේ කලාවේ පිටවාන: මගේ ආදරය, මගේ සතුට, මගේ නිවහන."කාමෝද්දීපන සිනමාවේදී ඇය භාවිත කරන නම "BELLE KNOX"ය. "කාමෝද්දීපන සිනමාව යනු ඩොලර් බිලියන ගණනින් ප්‍රතිලාභ ගෙන දෙන, ගැහැණු සහ මිනිසුන් මිලියන ගණනක් පරිභෝජනය කරන කර්මාන්තයක්. එහෙත් කැමරාව පිටුපස සිදුවන සූරාකෑම, අපයෝජන සහ ලිංගික ශ්‍රමිකයන්ට සිදුවන හිංසනය ගැන කතා කරන්න කවුරුත් නැහැ. අපිත් සිහින සහ අභිලාෂයන් ඇති ගෑනු-මිනිස්සු විදියට සලකන්න කිසිවෙකුටත් අවශ්‍ය නැහැ" ඇය පවසන්නීය. PLAY BOYසඟරාව සමග සාකච්ඡාවකදී ඇය කියා සිටියේ අධික අධ්‍යන වියදම නිසා ලිංගික දර්ශන රඟපෑම හැර වෙනත් විකල්පයක් නොතිබූ බවය. TIMEසඟරාව ඇගේ ලිංගික සිනමා ආක්‍රමණය පිළිබඳ ඇය කියන දේ සැකයට බඳුන් කරයි. ඇයගේ ස්ත්‍රීවාදී අර්ථදැක්වීම බිඳ වැටෙන්නේ බොහෝ කාමෝද්දීපන සිනමාපට වල ස්ත්‍රිය, පිරිමින්ගේ මන දොළ සපුරන වස්තුවක් බවට පත්වන නිසා සහ ස්ත්‍රියට අවමන් වන අයුරින් සලකන නිසාය.මීට පෙරද ෆ්ලොරිඩාවේ ඇමරිකානු සිසුවෙක් තම පවුලේ ආර්ථික ප්‍රශ්න වලට පිළියමක් ලෙස කාමෝද්දීපන සිනමාවට යොමුවී පාසැළෙන්ද එළවනු ලැබීය.මෑතකදී නිව්ජර්සි වල වෙසෙන අවුරුදු 18ක සිසුවියක් තමන්ට ජීවත්වීමට සහ තම අධ්‍යාපනයට අවශ්‍ය මුදල් ඉල්ලා, තම දෙමව්පියන්ට එරෙහිව නඩුමගට බැස්සාය.ඒකීය පුද්ගලයාත් ධනවාදයත් හැසිරෙන ආකාරය පුදුම ආතල් එකැක් යැයි අපට සිතෙන්නේ අපේ ගොන් කම නිසා විය යුතුය.
|
BLOG
|
(01)youtube videos download කර දෙන keeptube(02)තම web site එකට එන්නන් ගණන කර ගැනීමට easycounter(03)බෙහෙත් වල අතුරු අභාධ සොයා ගැනීමට drugcite(04)තම IP Address එක සොයා ගැනීමට whatsmyipaddress(05)web අඩවියකimage සියල්ල download කරගැනීමට scrapii(06)passport හෝ ID photos සාදා ගත හැකි idphoto4you(07)Video කොන්ෆරන්සින් කල හැකි anymeeting(08)තම desktop එක එකවර 10 දෙනෙක්ට share කල හැකි pocketmeeting(09)චායාරුපයක් cartoon රුපයක් බවට පත් කිරීමට mywebface(10)විවිධ භාෂා වල වචන උච්චාරණය කරන ආකාරය පෙන්වන forvo(11) පහසුවෙන් ගැලීම් සටහන්(Flow Chats) සැදිය හැකිgliffy(12) Social Network(Facebook/Twitter/Google + ) එකවුනට් සියල්ල එකම තැනකට ගෙනත් දෙන(13)Social Network(Facebook/Twitter/Google + ) එකවුනට් සියල්ල එකම තැනකට ගෙනත් දෙනyoona(14) Files Upload කර තැබිය හැකිletscreate(15) අන්තර්ජාලයේ ඇති වෙබ් අඩවි අතරින් විශ්වසනීය වෙබ් අඩවි පෙන්වනmywot(16) Online ක්‍රමයට සමීක්ෂණ පැවත විය හැකිsurveymonkey(17) මනරම් ලෙස ජීව දත්ත (Bio Data) සාදා ගැනීමටceevee(18) ඕනෙම format එකක ඇති files තවත් format එකකට convert කර ගැනීමටzamzar(19) තමන් ලියපු වචනය හඩනගා කියවනispeech(20) නොමිලේකොන්ෆරන්සින් calls ගත හැකිrondee(21) online photo edit කල ගැනීමටcitrify(22) තම විවිධ අන්තර්ජාල accounts වල password මතක තබා දෙනpasspac(23) නොමිලේ E Mail කැම්පේන් කර ගැනීමට පහසුකම් සලසනmailchimp(24) Audio Clip Uplode කර තබා ගැනීමට ඉඩ දෙනsoundcloud(25) තාවකාලික E Mail ගිණුමක් සද ගත හැකි10minutemail(26) Online සිංහල-ඉංග්‍රීසි හාඉංග්‍රීසි-සිංහල ඩික්ෂනරියක් වනmaduraonline(27)තමන්ගේ E Mail හැසිරීම ප්‍රස්ථාරිකව පෙන්වන(28) ලොව ඕනෑම මුදල් ඒකකයක් තවත් මුදල් ඒකකයකට පරිවර්තනය කර දෙනcoinmill(29) සිංහල වචන වල තේරුම සොයා දෙනsinhaladictionary(30) එදිනෙදා කිරීමට ඇති වැඩ ගැන පහසුවෙන් ලයිස්තු සද ගත හැකිtodo(31) වෙබ් අඩවි වල හිමිකරුවන් පිළිබද විස්තර සොයා දෙනwhois(32) නොමිලේ games download කර ගත හැකිgametop(33)E mail සංවිධානය කර දෙනzenbe(34)සෙවුම් වචනයේ තේරුම පෙන්වනpowerset(35)ජාත්‍යන්තර පුවත් අලුත් තලයකට ඉදිරිපත් කරනhubdub(36)එදිනෙදා වැඩ සිහිගන්වන notes දැමිය හැකිstixy(37)රූපවාහිනී වැඩසටහන් නැරබීමට ඉඩ සලසා දෙනfancast(38)තමන් කැමති slide show සැදීමටcapzles(39)online කන්ටෙන්ස් හුවමාරු කිරීමටshifd(40)විවිධ PC Games ලබා දෙනpogo(41)තමන්ගේම සර්වරයක් නැතුව පරිගණක ගණනාවක් සමග වැඩ කළ හැකිsocius(42)පහසුවෙන් පරිහරණය කළ හැකි data base සද ගැනීමටblist(43)PC එකෙන් තමන් කළ වැඩ විශ්ලේෂණය කර ගැනීමටwakoopa(44)සිංහලෙන් internet එකේ search කර දෙනsasrutha(45)විශාල files ඊ මේල් කළ ගැනීමටfilemail(46)තම සංගීත නිර්මාණ ලොවටම විවර වල ගැනීමටmixmtatch music(47)සම්පුර්ණ ප්‍රශ්නයකට පිළිතුරු දෙන search engin එකක්find how(48)පහසුවෙන් ප්‍රස්ථාර හා වගු සැදිය හැකිvizlytics(49)screen share කළ ගැනීමටscreentoaster(50)online හමුවීම් පහසු කරනfuze meeting(51)blog එකට ඔරලෝසුවක් දම ගැනීමටclock link(52)slide show සාදා ගැනීමටslide(53)online data base එකක් තැන ගත හැකිinfodome(54)දීර්ග URL කෙටි කර ගත හැකිtinyurl(55)නොමිලේ blog අඩවි සැදීමට හැකි(56)අලංකාර ලෙස online ෆොටෝ edit කිරීමටpicnic(57)තොරතුරු backup කර දෙන(58)ඕන හැටියට PDF තනා දෙන(59)ඉංග්‍රීසි වචන උචාරණය කර පෙන්වන(60)එදිනෙදා වැඩ SMS මගින් සිහි කර දෙනhttp://geek.lk/Naveenසහෝදරයාගෙන් උපුටා ගැනීමකි.
|
BLOG
|
ජීවිතය නම් සලපතළ මළුව මතබොහෝ දෙන ඇවිත් යති...ඒ පියසටහන් පමණක් ඉතිරි කරය...බොහෝ පා සටහන්ඉක්මණින් මැකී යති...සමහර පියසටහන්කාලයාගේ ඇවෑමෙන්කලකට පසු මැකී යති...නමුදු...කලාතුරකින් තබා යනඇතැම් පියසටහන්දිවි ඇති තෙක් මැකී නොයයි...ජීවිතය...ඒ පියසටහන් රැගෙනඅනාගතයක් ගැන නොදැනමතක පමණක් රැගෙනගලා යනු ඇත...- මතක සැමරුම ----------------------පහුගිය ලඟ උන්නු කාලේ නුඹ නිතරම කියපු දෙයක් තිබුනා හැමදේම විසඳෙන්නේ ඉරණමත් එක්ක කියලා.එදා නුඹට හිනා උනත් අද හිතෙනවා ඒ දේ ඇත්ත කියලා...සිද්ධ උන වගේම තවමත් සිද්ධවෙන දේවල් පුදුමයි වගේම අදහන්නත් බැරි තරම්...කොහොමත් නුඹ අද ලඟ නෑ...හොඳම යෙහෙලියකටත් වඩා ජීවිතේට ගොඩක් ලං උනු.,ජීවිතේ කියා දීපු නුඹ අද ගොඩක් ඈත් වෙලා...සත්තයි...නුඹ නිතරම කියන විදියට මේ ජීවිතේ වෙලාවකට පිස්සුවක් වගේ...බස්සි...නුඹ නැති හෙට දවසේ ජීවිතය කොහොම වේවිද...තවමත් මට පිළිතුරක් නැති ප්‍රශ්නයක්...සතුටින් පරිස්සමට ඉන්න...----------------------------------------------------------------------------------------------------------------------------------පසු සටහන -මාස ගණනකට පසු බ්ලොගයට ගොඩවැදුනේ අද...ලියන්න තරමට හිතේ නිදහසක් නැති හින්දමද කොහෙද බ්ලොග් එක පැත්තට නිකමටවත් ආවේ නෑ...මේකත් අද හවස fb එකට කාලෙකින් දාපු status එකක්...ජීවිතේ ගෙවෙන්නේ සංක්‍රාන්ති සමයක් වගේ දැනෙන්නේ...හැමදේම අතරේ බ්ලොග් එකේ හෙට දවස කොහොම වේවිද කියන එක තවමත් ප්‍රශ්නාර්ථයක්...බලමු...
|
BLOG
|
ශ්‍රී ලංකාවේ මුහුදුබඩ පළාත් අමු සොහොනක් බවට පත්කළ සුනාමිය පැමිණ දශකයක කාලයක් ගෙවී යද්දී, මුහුදෙන් පැමිණි සුනාමි රළ මෙන් කිහිප ගුණයක ජල ධාරිතාවක් මේ මොහොතේ අහසින් මෙබිම මතට පතිතවෙමින් ඇත. එයින් පවුල් එක් ලක්‍ෂ අසූදහසක් අවතැන් වී ඇත. මුරණ්‌ඩු වැසි ජලය සමග හාදුවී කඳු බෑවුම්ද දඟ කරන්නට පටන්ගෙන ඇත.ඊයේ වන විට පස් කඳු කඩාවැටීම සහ එම අවදානමෙන් උඩරට දුම්රිය මාර්ගයේ ගමනාගමනය සහමුලින්ම අඩාල වී තිබුණි. බදුල්ල පැත්තේ නායයැමකින් කිහිප දෙනෙක් ජීවිත හැර ගොස් තිබුණි. නමුත් අහස කිසිදු ඉස්‌පාසුවක් හෝ සමාවක් නොදෙන අයුරකි. වර්ෂාව තව වැඩිවිය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු හඟවන්නේය. නිවාස 3500 කට වැඩි සංඛ්‍යාවක් දැනටමත් ගංවතුර විසින් සමතලා කර ඇත. පොළොන්නරුවේ පමණක් කුඹුරු අක්‌කර 40,000 ක් විනාශ වී තිබේ. මෙය සැබැවින්ම ජාතික ආපදා තත්ත්වයක් නොවන්නේද.එහෙත් මේ දක්‌වා තමන් පත්ව ඇති අසරණ බව විමසන්නට කිසිවෙක් පැමිණ නැතැයි පොළොන්නරු ගොවීන් පවසන බව 'දිවයින' ඊයේ වාර්තා කළේය.ඒ කියන්නේ මේ රටේ ජනතාව ගැන උතුරා යන කැක්‌කුමකින් දේශපාලන වේදිකා මත, දේශපාලන වාද මණ්‌ඩපවල කෑ කොස්‌සම් ගහන දේශපාලනය, රට මතට අනෝරා වැසි ඇදහැලෙන බවක් නොදන්නා බවද. ඔවුන් සිතාසිටිනේ සිය සරුසාර අස්‌වැන්න ඉහළම මිලකට විකුණා කෝටිපතියන් බවට පත්ව සිටින පොළොන්නරුවේ ගොවීන් මේ මොහොතේ පවුල් පිටින් තරු හෝටලවල නිවාඩුව ගතකරන අතරවාරයේ සුද්දන් මෙන් අව්ව තපිමින් සිටින බවක්‌ද.රෝමය ගිනිගනිද්දී නීරෝ වීනා වාදනය කළා මෙන්, ශ්‍රී ලංකාව ගංවතුරේ ගිලෙද්දී දේශපාලකයන් වේදිකාවල බයිලා කියමින් සිටින්නේද.ඒ අතර හෙද, පරිපූරක සහ අතුරු වෛද්‍ය සේවාවන්ට අයත් නිලධාරීන් දසදහසක් පමණ දෙනා සිය දීමනා වැඩි නොකිරීමට එරෙහිව ලබන අඟහරුවාදා සිට අඛණ්‌ඩ වැඩ වර්ජනයක් දියත් කිරීමට සැරසෙන්නේය.ඒ කියන්නේ ගංවතුර නිසා ගහෙන් වැටුණු මිනිසාට ඇනීම පිණිස ගොනකු බවට පත්වීමට සෞඛ්‍ය සේවයේ මේ පිරිස් බලා සිටිනා බවය.ගොන්නු නොවන්නට, ලෙඩ රෝග බහුලව පැතිරයන මෙවැනි ආපදා මොහොතක මේ ආකාරයේ තීරණවලට නොඑළඹෙති.වර්ජනය පවත්වන කාලයේ හදිසි සේවාවන් පමණක් ක්‍රියාත්මක කරන බව හෙද, පරිපූරක සහ අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ පෙරමුණේ සම කැඳවුම්කරු සමන් රත්නප්‍රිය උන්නැහේ පවසා තිබේ.ඒ අනුව දෙගොඩතලා යන වතුරෙන් වගාබිම පාළුවී, ජීවිතයම නන්නත්තාර වී සිටින ගොවියා, වැස්‌සට, පින්නට හසුව උණ හෙම්බිරිස්‌සාව හැදී බෙහෙත් උගුරක් ගැනීමට රජයේ රෝහලට පැමිණි විට ඔහුව පිළිගෙන ප්‍රතිකාරයට මේ උන්නැහේලා සූදානම් නැත. නමුත් බෙහෙත් උගුරක් මුදලට හෝ ගැනීමට සතයක් නොමැතිව ඒ කළකිරීමෙන් ඒ ගොවියාම වසබී ආපසු රෝහලට පැමිණෙද්දී බෙහෙත් කිරීමට මේ උන්නැහේලා සූදානම්ය. අපූරුය...මේ රටේ සෞඛ්‍ය සේවාව, රෝගියාව ප්‍රාණ ඇපයට ගන්නා කාලකණ්‌ණි පිරිසකගේ ග්‍රහණයට හසුවන්නේ දේවත්වයෙහි ලා සමාජය විසින් සැලකූ ක්‍ෂේත්‍රයක වටිනාකම බල්ලාට බිල්ලක් කරමිනි. මිනිසුන්ව ප්‍රාණ ඇපයට ගැනීම ත්‍රස්‌තවාදීන්ගේ ක්‍රියාවකි. රෝගියාව ප්‍රාණ ඇපයට ගැනීම ත්‍රස්‌තවාදියාටද පංතියක් පහළ ම්ලේච්ජ ක්‍රියාවකි. නමුත් අද මෙරට සෞඛ්‍ය සේවාව ඒ ම්ලේච්ජත්වයට ඇබ්බැහි වී ඇත්තේය.ජනාධිපතිවරණයක්, මහා මැතිවරණයක් යනු සිය ඉල්ලීම් ඉටුකරගැනීමට හොඳ අවස්‌ථාවක් බව බොහෝ වෘත්තීය සමිති දන්නේය. අදාළ සෞඛ්‍ය වෘත්තීය සමිතිය ද ඒ බව හොඳින් දනියි. අනෙක් අය පරිද්දෙන්ම කල දුටු කල වළ ඉහ ගැනීමට ඔවුන්ද සැරසෙන්නේය. නමුත් ඔවුන් මේ මාළු බාන්නේ රටම ආපදාවට ලක්‌කර ගලායන බොර වතුරක බව හිතට ගන්නේ නම් මැනවි.
|
BLOG
|
2015 වඒෂයේ සිට 10 ශ්‍රේණිය සඳහා නියමිත සාමාන්‍ය පෙළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය නව විෂය මාලාව ජාතික අධ්‍යාපන ආයතනයේ අඩවියෙන් භාගත කර ගත හැකියි.ඒ සඳහා යොමු වීමට මෙතනට ක්ලික් කරන්න.
|
BLOG
|
***සියළුම සිංහල බ්ලොග් අඩවි වලටශ්‍රී ලංකා ජාතික ධජය ඇතුලත් කරන්න.***මාස ගානකට පස්සෙ තමයි මේ පෝස්ට් එකක් ලියන්නෙ. අද නිදහස් දිනය ඔය හැමෝම දන්නවනේ අද ඔයාගෙ බ්ලොග් එකටත් ජාතික කොඩියක් ඇඩ් කරගන්න ඕන නම් මෙයින් කැමති එකක් ඇඩ් කරගන්න. අපේ බ්ලොග් වලට ලංකාවෙන් විතරක් නෙවීනෙ කට්ටිය එන්නෙ පිට රටවල් වලිනුත් එනවනේ ඒ අයට අද අපේ ලංකාවට විශේෂ දිනයක් කියල පෙන්වන්න ඕන.ආ වැඩිය කතා ඕන නෑ ලස්සනයි හොදයි කියල හිතෙනවනම් දාගන්න.1.gif"style="position:fixed;top:0px;left:0px;border:none;z-index:5;"/>ලිපිය ගැන ඔයාට හිතෙන දේ ගැන කමෙන්ට් එකක් දාල ගියොත් ඒක මට ලොකු හයියක් වෙයි..අපි ගියා ඈ ජය වේවා.. සුභ අනාගතයක් ..පහලින් ඔයාගෙ බ්ලොග් එකේ ලින්ක් එකත් කමෙන්ට් කරන්න.
|
BLOG
|
සල්ලි කියන්නේ ජීවිතේ එක දෙයක් විතරයි.අපි හැමෝම සල්ලි පස්සේ දුවනවා මමත් ඇතුලුව එත් සල්ලි වලට ජීවිතේ ගන්න බෑනේ ඒක ඔයත් මමත් දන්නවා.සල්ලි වලට බේත් ගන්න පුලුවන් ඒත් ජීවිතේ සල්ලි වලට ගන්න බෑ ඒක තේරුම් ගන්නේ අපි අපිට මොකක් හරිම දෙයක් වුනහම.මට මතකයි එක පුද්ගලයෙක් කිවුවා සල්ලි පස්සේ අපි යන්න ඔනේ නෑ සල්ලි අපි ලගට ගෙන්න ගන්න පුලුවන් කියලා ඒ කිවුව ඔයත් මාත් ඔයා අර එදා අපි ලගට ගෙන්න ගන්න හදපු දේ පස්සේ හති දා ගෙන දුවනවා නෙද .මගේ වැරැද්ද කාටවත් දෙන්නේ නැතිව මම ම තියා ගන්නවා.මොකද මම් කරපු දේ වලට කවුරුවත් වග නොකිව යුතු නිසා.එදා හැම දේම මට නැති වුනා මම ඔයා වෙනුවෙන් ගොඩාක් දේ හීන මැවුවත් ඒ හීන බොද වුනා ඒ හීන හීන විතරක්ම වුනා ඒකට කමක් නෑ.ඔයාට හොදක් වෙනවනම් මම යන්නම්.ඒත් මට අද ඒක හොදක් කියලා හිතෙනවා මැඩම් මොකද අද ඔයා මම ලග හිටියා නම් මගේ මේ දුක ඔයාගේ කරගෙන ඔයත් දුක් විදිනවා නේද ." ආදරෙට කදුළු තරම් වෙන කිසි දෙයක් කිට්ටු නෑ "මේ හැම දේම වෙලා ඉවර වෙලා ඔයා අද සතුටින් ඉන්නවා ඒ සතුට නිකන් විහිලුවටවත් නැති කරන්න ඔනේ නෑ කවදාවත් මොකද් මම ඔයාට ඒ තරමට ම ඔයාට මම ආදරය කල නිසා මැඩම්.අනික මතක තියා ගන්න කොල්ලෙක් කියල කියන එකාටත් හැගීම් දැනීම් දුක කියන එක තියෙනවා ඉවසන්න පුලුවන් ප්‍රමාණයක් තියෙනවා.ඔය හැම දේම ඉවර වෙලත් මම ජීවත් වුනා මොකද ඔයා ලස්සනට ඉන්නවා දකින්න මම හැමදාම ඉන්න ඔනේ කියලා හිතුන නිසා,ඒත් අද ඒ හැම් දේම වෙනස් වෙලා මොකද කාටත් හොරෙන් මට යන්න වෙන නිසා.එදා මට ඇති වුන තද ඔලුව කැක්කුම ඉවසා ගන්න බැරි තැන ගියා දොස්තර කෙනෙක්ව හම්බ වෙන්න. ඒ දොස්තර මාමා මට දෙන්න පුලුවන් උපරිම දස වද දුන්නා අරෙහෙට පෙරලනවා මෙහෙට පෙරලනවා පස්සේ ගුහාවක් වගේ එකක් අස්සටත් දාලා පුදුම වදයක් දුන්නේ.ඔක්කොටම පස්සේ මට තව දවසක් එන්න කියලා කිවුවා රිපොට් ගන්න.කොහොමෙන් කොහොමෙන් හරි දින ටික ගෙවිලා ගියා දොස්තර මාමා හමුවෙන්න වෙන් කර ගත්තු වෙලාවට ගියා මම අනේ දෙයියනේ කියලා දොස්තර මාමා කියපු වෙලාවට විනාඩි 15 විතර පරක්කු වෙලා ආවා .-සොරි පුතා පොඩ්ඩක් ලේට් වුනා ,අද ගොඩාක් ට්‍රැෆික් එකයි.පුතා මම ඔයාගේ රිපොට් ටික අපේ ටීම් එකත් එක්ක (තව දොස්තරලා ටිකක් එක්ක ) බැලුවා පුතා ඔයාගේ රිපොට් ටිකක් අප්සට් ඒත් අපිට ඒක හදා ගන්න පුලුවන් බය වෙන්න එපා.මට ටික දවසක ඉදලා තේරුන දේ අද මම මගේ කන් දෙකෙන්ම අහ ගත්තා.මේ දේවල් මම මහ ලොකු මිනිහා වගේ තනියම කර ගත්තා එකට කාපු බීපු බෝඩිමේ හිටපු වුන් තුන් දෙනා දන්නෙත් නෑ.ගෙදරට කියන්න කොහොමත් බෑ මොකද අම්මාත් ලොකු අසනීප තත්වෙක ඉන්න නිසා.මේ හැම දේම වෙන අතරේ මම හේතුවක් නැතිවම බෝඩිම් ජීවිතෙන් මිදෙන්න තීරනය කලා කාටවත් මුකුත් නොකියා යන්න ගියා.යාළුවන්ගෙන් හිමින් සැරේ ඈත් වුනා.තනියම් ඉන්න එකත් මහා අමාරු දෙයක් කරන්න දෙයක් නෑ.ඔය දේවල් අතරේ කාළයත් ගෙවිලා ගියා පස්සේ අන්තිම තැනටත් අවා .එදා මාත් එක්ක කතා කරපු දොස්තර මාමාලා මාත් එක්ක කතා කරලා මගේ ඔලුව අත ගාලා යද්දි දැනුන දේ වචනෙන් කියන්න බෑ.ඒකමහා දුකක් කරන්න දෙයක් නෑ මම අරගෙන ආපු කාලේ ඉවර ඇති නෙහ්.පස්සේ පස්සේ දොසතර මාමලා අන්තිම තීරනෙත් අරගෙන කියන්නේ අන්තිමට කිවුව පුතා ඔයා දිගටම බේත් බොන්න.මට ඒ දේ ඇහෙද්දි මට වෙන කාවවත් නෙමෙ අතක් වුනේ ඒ ඔයාව.මට දාලා යන්න් බැරි දෙයක් තියෙනවා නම් ඒ ඔයා විතරයි මැඩම් .ජීවිතේ සමහර දේවල් වලදි අපි ගොඩාක් බොලදයි කියලා කියන කතාව් ඇත්ත."ආදරේ කියන්නේ මහ අමුතු දෙයක් අනේ මන්දා ඇයි බන් මට ආදරේ දැනුනේ ඇයි ඒක දැනිලත් දුක වැඩි බන් "ප:ලි :- මමත්වය ආරූඩ කර ගෙන ලියන ලද්දක්++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++රිදවන්න ආයේ හමු වෙන්නෙපා..හිනහෙන්න පෙර සේ යලි ඔබ එපා..ආදරය මාගේ හිත යට තියා..නවතින්න ලෝකේ ඔහුගේ වෙලා.
|
BLOG
|
අපි කව්ද . හරියටම උත්තරයක් මමගාව නම් නෑ..මෙහෙම පටන්ගන්නම්කො...උදේ හිරු එළිය වැටුනවෙලේ ඉදන් අපි...අපේ ජීවිතේ අරමුණු වෙනුවෙන් කැපවෙනව...පොඩිකාලෙ දැක්ක හීන වෙනුවෙන්...දෙමව්පියන්ගෙ සතුටු කඳුළු වෙනුවෙන්...ගොඩක් වෙලාවට අපි අනාගතේ සැලසුම් කරනව...ඒ සැලසුම් වෙනුවෙන් මහන්සි වෙනව..හැබැයි...සමහර වෙලාවට ගන්න තීරණ වරදිනව...ඒ වෙලාවට... ගොඩක් හිතට රිදේවි...හිටියටත් වඩා පහතට වැටුන වගේ දැනේවි..ඇස්වහගෙන වෙච්ච දේ ගැන හිතන්න පොඩ්ඩක්...වැටුන පඩිය වෙනුවට ආයෙම නැගිටින්න...හැබැයි.. පඩියක් නෙමෙයි.. එකපාර පඩි කීපයක්...හිතන්න.. වැරදුනේ හරිපාරට යන්න ඕනි නිසා කියල...ආයෙම හිතන්න අපේ අරමුණ ගැන..." සිංහයෙක් අඩියක් පස්සට ගන්නෙ... ලොකු පිම්මක් පනින්න..."ජීවිතේ අපි දිනනව කියන්නෙ...හරියටම අපි කව්ද කියන එක හොයාගත්ත දවසට.
|
BLOG
|
මේ දවස්වල ඡන්ද උණුසුම නේ. මැතිවරණ කියන්නේලංකාවට ඉංග්‍රීසීන් ලබා දුන් දෙයක්. සර්වජන ඡන්ද බලයත් එහෙමයි. ඒ නිසා මැතිවරණහේතුවෙන් අපට ලැබුණු ඉංග්‍රීසි වචන රැසක් ම තිබෙනවා. මැතිවරණයට ඉලෙක්ෂන්, ඉලැක්සොං වගේ වචන කවුරුත්පාවිච්චි කරනවා. ඉස්සර මිනිස්සු කිව්වෙ ඡන්දෙ ඉල්ලන්නෙ කවුන්සලේටයන්න කියලායි. මේ කවුන්සලේ තමයි 1931 සිට 1947 දක්වා තිබුණු රාජ්‍ය සභාව හෙවත් StateCouncil. කට්ටියක් එකතු වෙලා කතා කර කර ඉන්නකොට ඒකටකවුන්සලේ දාලා කියලා උපහාසයෙන් කියන ව්‍යවහාරෙකුත් ගමේ ගොඩේ තිබෙනවා.ඉන් පසු ආවේ පාර්ලිමේන්තුවයි. මේ parliamentකියන ඉංග්‍රීසි වදනේ තත්භව ස්වරූපයක්.පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට ඇම්පී, එම්පී (MP) වගේවචන පාවිච්චි කරනවා. එක්තරා කාලෙක ගම්වල මැම්බර් (member) මහත්තුරු හිටියා. හැබැයි මේ අය ගම් සභාවේසාමාජිකයෝයි. මැම්බර් අයියා, මැම්බර් මාමා කියලාත් ව්‍යවහාර වුණා. කොමිටිය (committee),බජට්ටෙක (budget), හැන්සාඩ් වාර්තාව (hansard) වගේ නාම පද මෙන් ම ‘හැන්සාඩ්ගත කරනවා’ වැනි ක්‍රියාපදත්භාවිතයට ආවේ පාර්ලිමේන්තුවෙන්. මන්ත්‍රීවරු පාර්ලිමේන්තු යන්නේ එස්කොඩ් එකදාගෙන. මේ තත්භව වචනයක්. මුල් ඉංග්‍රීසි වචනය escortඋච්චාරණය කරන්නේ එස්කොට් කියලායි. හල් ටයන්න අගට එන ඉංග්‍රීසි වචන සිංහලට තත්භවවෙද්දි හල් ඩයන්න වෙන අවස්ථා තවත් තිබෙනවා. වොලිබෝල් පිටියට (court) සිංහල ඉංගිරිසියේ කෝඩ්ඩෙක කියනවා. වයර් කෝඩ්ඩෙකකියනකොට නම් එතන තිබෙන්නේ නම් වදනයි. ඡන්ද කාලෙට රැස්වීම් තිබෙනවා. මේවාට රැළි කියනවා.මෙයත් රැලී (rally) නම් ඉංග්‍රීසිවදනේ තත්භව ස්වරූපයක්. මීටිං (meeting) කියන සිංහල වදනේඒක වචන ස්වරූපය ලෙස භාවිතා වන්නේ මීටිමයි. දැන් පුංචි රැස්වීමට පොකට් මීටිමකියලාත් කියනවා.පිකටිං කියන වචනෙත් දේශපාලනය එක්ක සම්බන්ධයි. එහිඉංග්‍රීසි මූලික ස්වරූපය picket වුණත් සිංහලේදී පිකට් කරනවා කියන්නේ නැහැ.කියන්නේ පිකටිං කරනවා කියලායි. පෝස්ටර්, බැනර්, කටවුට්, හෑන්ඩ් බිල්, ලීෆ්ලට්වගේ වචනත් දේශපාලනය එක්ක සිංහල වුණ ඉංග්‍රීසි වචනයි. මේ සටහන අවසන් කරන්න පුංචි විහිළු කතා දෙකක්සඳහන් කරනවා. 1977 මැතිවරණයේදී සිරිමා බංඩාරනායක අගමැති ධුරය දැරූ සමගි පෙරමුණුආණ්ඩුව ජනතාවට කොයි තරම් එපා වෙලා තිබුණා ද කිව්වොත් එක්සත් ජාතික පක්ෂයෙන්පොල්පිත්තක් තිබ්බත් පාර්ලිමේන්තුවට තේරෙන තත්වයක් තිබුණා. 77ට කලින්පාර්ලිමේන්තුවේ සිටියේ තරමක් දැන උගත් මිනිස්සු. ඒත්, 77න් පසුව තත්වය වෙනස් වුණා.77දි පාර්ලිමේන්තුවට තේරී පත් වුණ මන්ත්‍රීවරුන්ගේ ඉංග්‍රීසි දැනුම ගැන හිනා වෙනකතන්දර නිර්මානය වුණා. එක් කතාවකට අනුව පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුවකලබල ඇති වුණා ම එජාප නායකයා එක් අලුත් මන්ත්‍රීවරයෙකුගෙන් ඇහුවලු ඔය පැත්තටකර්ෆිව් දාන්න ද කියලා. එතකොට ඒ මන්ත්‍රී කිව්වලු “අනේ සර්, කව්පි නම් කාලා ඇතිවෙලා තියෙන්නේ. දානව නම් මයිසූර් පරිප්පු ටිකක් දාන්න” කියලා. ඊට ටිකක් පස්සෙ කාලෙක ජේ.ආර්.ගෙ ආණ්ඩුවෙන් මන්ත්‍රීවරුන්ටවාහන දෙන්න පටන් ගත්තා. ඔය කාලෙම තමයි, ඒ කාලේ ලෝක බැංකුවේ සභාපති ධුරය දැරූසයිරස් වෑන්ස් ලංකාවට ආවේ. සයිරස් වෑන්ස් එන බව ඇසූ ඇතැම් මන්ත්‍රීවරු තමන්ටත්වෑන් එකක් ඕනෑ කියලා කිව්වාලු.මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් මෙතැනින් ගත් බව කියන්න ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.
|
BLOG
|
හිතුවක්කාර කිරිල්ලීනුඹට යන්නම ඕනෑ නම්කැදැල්ලේ දොර විවර කරන්නම්ඉතින් යන්න ඉගිල්ලීමේ විසල් අහස - මනමාල සිනා පාතරු ඇසක් ඉඟිමරා බලා හිඳීනිදහසේ සිහිනයේ තුරුලු වෙමින්ඉතින් යන්න ඉගිල්ලීහී සරින් රුදුරු - හද බිඳී පෙර එදා මඟ සොයා පලා ආ කැදැල්ලේනුහුරු නම් පුරුදු ඒ උණුසුම දැන් ඉතින් යන්න ඉගිල්ලීසත්සර මුසුව - ස්ටැන්ලි පීරිස්කටහඬ - ආසිරි ප‍්‍රියන්ත මුම්මුල්ලගේ.
|
BLOG
|
4pt 0in 5. එය වඩාත් කළ එළි බසින්සේ සිංහල අවුරුදුකාලයටයි. කාන්තාවන් පුරුෂයන් වශයෙන්භේදයක් නොමැතිව කෙරෙන මේ ක්‍රීඩාවේදී වැඩිපුරම ඔන්චිල්ලාව දෙසට නැඹුරු වන්නේ තරුණගැහැණු ළමයින්ගේ අවධානයයි. වාරම් කවිකියමින් අවුරුදු කාලයේදී සෑම නිවෙසකට පාහේ ඔන්චිල්ලාවක් බැද පදින තරුණියන් දැකගන්නට පුළුවන. ඔන්චිලි චිලිචිල්ල මලේ - වැල්ල දිගට නෙල්ලි කැලේකඩන්ට බැරිකටු අකුලේ- කඩා දියන් මගේ මලේඋඩ යන රවුමටපපුවයි දන්නේපහළට එනකොටනිවිලයි එන්නේපොල්ලක්පැන්නට බය නොසිතෙන්නේපත්තිනිදෙවිදුට පිං දීපන්නේපදිනා කල විත්වැල් ඔන්චිල්ලාඅදිනා වත තදකර ඇදගල්ලාපදිනා වැල්දෙක බුරුල් නොදෙල්ලාසොදිනා ගීකියමින් පැදපල්ලාසතර දෙනයි අපිආවේ ඔක්කොමසතර වටට සොඳකැරකෙන ගෙත්තමසතර අතට අල්ලා මාලක්කමකතර ගමට බාරයිඅපි ඔක්කොමඉඳ ගත්තෙමි උසපුටුවක ගුවනාබැඳ ගත්තෙමිජය කොන්ඩය මුදුනාඇඳ ගත්තෙමිවතකුත් ආබරණාවැඳ ගත්තෙමිනාරායණ සරණාපදිනා කල විත්වැල් ඔංචිල්ලාඅඳිනා වත තදකර ඇදගල්ලාපදිනා වැල්දෙක බුරුල් නොදෙල්ලාසොඳිනා ගීකියමින් පැදපල්ලාමිතුර මෙනුඹඅපි එක්ව සියල්ලාකතුර ලෙසටබැඳි රන් ඔංචිල්ලානතර වෙවීගුවනේ ඔංචිල්ලාමෙවර පදිමුඅපි රන් ඔංචිල්ලාවිසි තුරු කරබැඳි රන් ඔංචිල්ලාරිසි රිසි අයඅරගෙන පැදපල්ලාඇසි පිය නොහෙළා බලා සිටිල්ලාකිසි තැන නැතමේ ලෙස ඔංචිල්ලාපුර වර මැදබැඳි රන් ඔංචිල්ලාදුර යන තරමටපුදුම නො වෙල්ලාවවුලන් ලෙෂකැරකෙයි ඔංචිල්ලාඅපිත් පදිමුදැන් රන් ඔංචිල්ලාරනේ රුව සේඇති බාල ළදුන් නේකණේ තොඩු දෙකදෙපිට වැනෙන්නේඉනේ සළුව තදකර ඇද ගන් නේඅනේ ළදුනිඔංචිලි පැදපන් නේඅත්ත උසං උසංඋසංජම්බු පොකුරුසිලිං බිලිංලොකු අක්කේපදිං පදිංජම්බු කඩංබෙදං බෙදංවවුල් දහයිදහයි දහයිකොක්කු දහයිදහයි දහයිඅහසේ උඩ නගියිනගියිපදිමු අපිත්එහෙයි මෙහෙයිඉරු දෙවියෝයන්නේ උඩින්සඳ දෙවියෝයන්නේ උඩින්තරු බැබළෙනඅහස උඩින්නඩා ගහමුඅපිත් උඩින්.
|
BLOG
|
ඉලක්කයමානමුදඅපි දෙන්නම එකතු වෙලාපාට කරපු නිල් පාටඅහසට.....එක උණ්ඩයක්හොදටොම ඇති, කුඩු වෙලාවිසිරෙන්න වෙඩිතියන්න මුලු අහසටම.....අපේ අහසේ කෑලිවැටෙනවා දැකපු මිනිස්සු කියයි."ඇති යාන්තම් නියගය ඉවර වෙලාවැහි පොදක් වැටෙනවා" කියලා...තව එකඋන්ඩයක්ඉතුරුයි...ඒක අපිදෙන්නට.
|
BLOG
|
මේ යුගය නිදහස් අධ්‍යාපනය බල්ලාට ගිය යුගයක් ලෙස හැදින්විය හැක. ඒ මන්ද යත් දැන් දැන් රජයේ අධ්‍යාපන ආයතන තුල සිසුන් අපහසුතාවයට ලක් කරන අශික්කිත අධම ක්‍රියාකලාපයක් පවතින බැවිනි. 1943 දී C. කන්නන්ගර ශ්‍රීමතානන් ලබාදුන් නිදහස් අධ්‍යාපනය දැන් දැන් වල පල්ලට යමින් තිබේ. එතුමානන් 1942 කොමිටියක් පත් කර 1943 වන විට පහත සදහන් වරප්‍රසාද සිසුන් හට ලබා දෙන ලදිබාලාංශ පංතිවල සිට විශ්ව විද්‍යාල අධ්‍යාපනය දක්වා අධ්‍යාපනය නොමිලේ ලබාදීම.ප්‍රාථමික පාසල්වල ඉගැන්වීම් මාධ්‍යය මව්භාෂාව විය යුතු වීම.තුන්වන පංතියේ සිට ඉංග්‍රීසි සෑම පාසලකම ඉගැන්වීම.චිත්තවේගයන් පිළිබද අධ්‍යාපනය ප්‍රායෝගික හා බුද්ධිමය අධ්‍යාපනය තරම්ම වැදගත් වවීම.ඔහු ආදර්ශ සම්පන්න අධ්‍යාපන ඇමතිවරයෙක් විය. සිසුන් හට ශිෂ්‍යාධාර ක්‍රමයක්ද හදුන්වා දුන් ඔහු ඇත්තෙන්ම දෙවි කෙනෙක් හා සමාන මහත්මයෙකි. නමුත් වර්තමාන අධ්‍යාපන ඇමතිවරයා හුදෙක් විහිලු සපයන්නෙක් පමනක්ම වී තිබේ. විභාග අසමත් වන පිරිස වැඩි වන විට ඔහු කිවේ විභාගයේ පාස් කරන ලකුනු 30 සිට 15 දක්වා අඩු කරනවා කියාය ඔවු එවිට සංඛ්‍යාවක් ලෙස පාස් වන පිරිස වැඩිවේ. නමුත් ලමුන්ගේ ප්‍රගතියක් දැක ගැනීමට නොහැක ඒ වත්මන් අධ්‍යාපන ඇමති වරයාගේ ප්‍රතිපත්තියයි. මෙය ගෙන ආවේ සාමාන්‍ය පෙල ගණිතය ප්‍රශ්න පත්‍රය සදහායි.වත්මන් අධ්‍යාපන අමාත්‍යවරයා ATI පද්ධතියට පැමිණි සෑම අවස්තාවකම කිවූයේ අපි මෙය විශ්වවිද්‍යාල බවට පත් කරන බවයි. ඒ යුනිවසිටි කොලේජ් බවට පත් කිරීමෙන් බව ඔහු පැවසූයේ රෙද්දක්ද ඇදගෙනය. නමුත් යුනිවසිටි කොලේජ් කෙසේ වෙතත් දැන් ATI පද්ධතිය කඩා වැටීමකට ලක්වෙමින් පවතී. ඔවුන් මුලින්ම සිදු කලේ ශිෂ්‍යයන් කප්පාදු කිරීමයි. අන් වසර වලට සාපේක්ෂව මෙම වසර තුල සියලුම පාඨමාලා වලට බදවා ගත් සිසුන් සංඛ්‍යාව අඩුවී තිබේ. දැන් අලුත්ම නාඩගම වී තිබෙන්නේ ප්‍රශ්න පත්‍රයක් නැවත ලිවීම සදහා එනම් රිපීට් කිරීම සදහා ගාස්තුවක් අය කිරීමට කටයුතු සලසා තිබීමයි. එයත් ලේසි පහසු මුදලක් නොව 500 ක මුදලකි. නමුත් සාකච්චා වලින් පසු එය 200 දක්වා අඩු කර තිබේ. සමහර ලමුන් හට විෂයයන් පහ හය රිපීට් කිරීමට වන අවස්තා අනන්තවත් ඇත. එවිට එම ශිෂ්‍යයෙකු රුපියල් 1000 කට වැඩි මුදලක් ගෙවිය යුතු වේ. මේ සිදු කර ඇත්තේ මුල් පියවරක් පමනි මෙම වසරේ මුලදී දෙහිවල ආයතන තුල මෙන්ම අනෙක් ආයතන තුලත් ප්‍රතිසංස්කරන කටයුතු කඩිනමින් සිදුකෙරුනි. පාරවල් පවා තාර දමා ප්‍රතිසංස්කරනය කරන ලදි. අප හට පවතින බියනම් මෙම ආයතන පද්ධතිය අර්ධ රජයේ හෝ පෞද්ගලික කරනය කිරීමට සැරසේදැයි කියායි. මන්ද යත් මෙය විශ්වවිද්‍යාල සිසුන් මර්ධනය කරමින් පෞද්ගලික විශ්වවිද්‍යාල විවෘත කරන සමයක් නිසායි.
|
BLOG
|
ජිවිතේ කියන්නෙ හරි පුදුමාකාර දෙයක් කියල සමහර වෙලාවට මට හිතිලා තියනවා. කාලයත් එක්ක ජීවිතේ කොච්චර නම් වෙනස් වෙලාද. පොඩි කාලේ මවපු හීන සමහරක් අද වෙනකොට හැබෑ වෙලා . තවත් සමහර හීන තේරුමක් නැති මහා පුස් දේවල් කියලත් තේරුණා. මෙච්චර දේවල් වෙන ජීවිතේ සිද්ද වෙන ලොකු වෙනසක් තමයි විවාහය කියන එක මම නම් දකින්නෙ. කව්රු කොහොම කිව්වත් පොඩි කාලේ කියල නෑ කෙල්ලෝ කොල්ලන්ට කැමතියි. කොල්ලෝ කෙල්ලන්ට කැමතියි . ඒ කාලේ ඉතින් ලස්සන කෙල්ලෙක් එහෙම කතා කරලා යනකොට අනික් කොල්ලන්ගේ මුනවල් දැක්කත් ඇති පට්ට ගටක් එනවා . ඇයි ඉතින් ඒ කාලේ එහෙම එකක් වෙන්නෙත් බොහොම කලාතුරකින්නේ.උනාම කොල්ලෝ අතරේ අර කොල්ලා මහා වාසනාවන්තයෙක් හැටියට තමයි සලකන්නේ. (අත්දැකීමෙන් එහෙම කියනවා නෙමෙයි ඕං. )ඔහොම ගිහින් ගිහින් ගිහින් ඉගෙනගෙන ඉවරවෙලා හෝ නැතා හෝ අන්තිමට තමන්ගේ ජිවිතේ ඉතුරු කාලය එකට ගත කරන්න පුළුවන් කෙනෙක් එක්ක කසාද බඳිනවා. ඊට පස්සෙත් නිදහසක් කියල එකක් නෑ කොහොම උනත්. කොච්චර නම් වැඩ තියනවද ඊට පස්සෙ. නේ.....හ්. හැබෑටම කසාද බඳින ඒකෙ තේරුම මොකක්ද. මම කියන්නෙ ලංකාවේ විදියට. පිටරටවල් වල නම් ඕන වෙලාවක දෙන්නට වෙන් වෙලා යන්න පුළුවන්නේ. නමුත් ආසියාතික ගොඩක් රටවල එහෙම නිදහසක් දකින්න ලැබෙන්නෙ නෑ.සමහර අය කියනවා මේවා සිද්ද වෙන්නෙ දෙවියන්ගේ කැමැත්තට කියල. සමහර අය කියනවා සසරෙ පතාගෙන ආපු හින්ද කියල.(ඒකනේ යාළුවෙලා මාස දෙකෙන් පැනල ගිහින් කසාද බඳින්නේ..) කොච්චර උනත් තමන්ගෙ ආර්ථික තත්වෙ හොඳ නැත්නම් එහෙමත් නැත්නම් ඉන්න හිටින්න හරි හමන් තැනක් නැත්තම් , හදිස්සි වෙලා කරගන්න කසාදෙ ගාල ගෝට්ටි පිරුණු සුරපුරයක් බවට පත් වෙනවා.ඉතින් මේ සුරපුරේ ටික දවසක් ඉන්නකොට දෙන්නගේ නොගැලපීම් වෙනදට වඩා හොඳට පේන්න ගන්න පටන් ගන්නවා. ඊට පස්සෙ කසාදෙ තනිකරම mortal combat වගේ තමයි. තවත් සමහරු ගෙවල් වල බල කිරීමට විවාහ වෙනවා. ඒ මොකද අම්මල තාත්තලාගේ හිත නරක කරන්න තියන අකමැත්ත නිසා හෝඑයාලට තියන බය නිසා. කලින් තරම් නැතිවුනත් මේකෙත් ප්‍රශ්න මතු වෙන්න පුළුවන්. ඒ උනත් මම දැකල තියනවා එහෙම බැඳපු අය ටික කාලෙකට පස්සෙ බලනකොට ආදරෙන් වෙලිලා එතිලා ඇඹරිලා ලෝකෙටම ආදර්ශයක් විදියට ඉන්නවා. එකෙන් සනාථ වෙනවා හැම දෙයක්ම වෙන්නෙ හේතුවක් ඇතිව කියල.තව කියන්න ඒව නම් සෑහෙන්න තියනවා. ඒත් එහෙම උනොත් කට්ටියට බලන්න එපා වෙන හින්ද දැනට නවත්තන්නම් . හිතුනොත් ඉතුරු ටිකත් පස්සෙ වෙලාවක ලියල දාන්නම්කො.
|
BLOG
|
සිංහල අපි හැමෝම ජාතිවාදි විය යුතුයි. මොකද දමිළයා මුසල්මානුවා තම ජාතිය වෙනුවෙන් කතා කරන විට අන්න නියම මිනිසුන් උන් තමන්ගේ ජාතිය වෙනුවෙන් කතා කරනවා කියන අපි අපේ සිංහල කොල්ලෙක් / කෙල්ලෙක් සිංහල ජාතිය වෙනුවෙන් කතා කරනකොට මෙන්න මූ ජාතිවාදය අවුස්සනවා කියලා කෑ ගහල වරිගෙ නසා ගන්නා පිරිසට අයත් වන්නන්ගේ කුලකයට අයිති බැවිනි. රට ජාතියට ආදරය කිරීම ජාතිවාදය පැතිරවීමක් නොව නියම ජාතිකයෙකුගේ ලක්‍ෂණයක් බව අපි හඳුනාගැනීමට තව කොපමණ කල් ගන්නවාද යන්න මත සිංහල ජාතියේ පැවතීම හා වැනසීයාම රඳා පවතින බව තේරුම් ගන්නේ කොපමණ සුළු පිරිසක්ද. කිසියම් කෙනෙකු සර්ව ආගමික හෝ සර්ව ජාතික නම් ඒ අයගේ හෘද සාක්ෂිය විමසීමට බඳුන් කල යුතුයි. මොකද ජාතියක් හෝ ආගමක් මිනිසෙකුට තිබිය යුත්තේ එකක්(එය මාරු කිරීම වෙනත් කරුනකි) බැවිනි. සිංහල බෞද්ධ වන කිසියම් කෙනෙකු සත්ත්ව මාංශ කෑමේ ආශාවෙන් මුස්ලිම් ප්‍රතිපත්ති අනුගමනය කිරීම වැනි වූ දෙබිඩි පිළිවෙතක් තමයි මේ සර්ව ආගමික හෝ සර්ව ජාතික මිනිසුන්ගේ ක්‍රියා පිළිවෙත් වලින් පැහැදිලි වන්නේ. එයට මැදි වන සාමාන්‍ය ජනතාව සිතන්නේ මොහු ඉතා හොඳ සාධාරණ පුද්ගලයෙකු වශයෙනි. එහෙත් ඔහුගේ මන්ද මානසිකත්වය බැව් දන්නේ ඔහුම පමණි. මොකද ඔහු සිංහල බෞද්ධ වුවත් වෙනත් ජාතියක වුවත් මිනිසකු නිසා තමන්ට රිසි දේ කිරීමට ඔහුට හැකියාව පැවතීමයි. එහෙත් අවාසනාව නම් ඔවුන් එම දෙබිඩි ජීවිත සාධාරණිකරනය කිරීමට යොදා ගන්නේ සමාජය වීමයි.මතු සම්බන්ධයි .
|
BLOG
|
හරියටම තව පැය 12 ක් වත් නැහැ...මොකටද..................................................................................................... අහ් සිහින බක්මහ උළෙලට මිසක් වෙන මොකටද නේද.... එහෙනමි හෙට හමිබෙමු මගේ පළමු සිහින බක්මහ උළෙලෙදි ඔයාලා සේරවම.
|
BLOG
|
ඉවසීම යනු කල්මැරීම නොව අත්හැරීමයි.
|
BLOG
|
උතුරුදිග ලුණු දිය තලාවේඉහළට මදක්ඇස් උස්සා බලනදූවකි හෙමිනකවුරු හෝ එනපිළිගත යුතුය අදිටනිනවෙලී එකිනෙකවැලිත් බිම්තඹුරුත්ඉඩ ලද විටක ලතවනඅතරතුර ඉරු තාප උරමිනඑකලාවඅයාගත් දෑසිනතුන්සිය හැටපස් දවසගව්වේ දුරින් හිඳගෙනමින් සොයා පින් පුරනරංචුවට ට්‍රෝලරලං වීම තුන් හිතකවත් වෙදමුර සංචාරය කරන බෝට්ටුව නම්ඉඳහිට එනබලා අතගාහිඳීදැයි සැක හැරඅඩි කීපයක් වැල්ලේ ඔබා යනවසරකින් පායනදෙදිනක් කෙරේ පෙම් බැඳඋන් තබා යන අඩිලයේ සඟවාගෙනවැලි පිරෙන්නට නොදීතවත් වසකුත් රකිනතනිකම මෙයය නොම දැනලතවෙනනොපෙනෙන ඉමකඋන්ඈ අයිති කරගන්නනඩු කියනඈ දැකගන්නනම් නොම එනබඳ පුරා ඔරුදරුවන්ට නිරතුරුමසු පුරා පාරමී දම් පිරුසුරුවමයි ඔහුදූපතක් වුවගැහැනියක් බවගණනකට නොම ගෙනඅල්තාරයටපිටදීඅන්තෝනි මුනිඳුදඔහේ මහ බර කල්පනාවක.
|
BLOG
|
සිරිපොද සිරි බිඳිති සරසිදෙවුලොව බට මල් වැස්සකිසිනිදු සුවැති සේද අඟනසදලු තලා සිරි නරඹති.කානු පිරී ඉතිරි ගොස්ගේ අස්සට වතුර ගලතිදණක් තෙමී සිටින තොපටමුරූගසන් වරුසාවකි.වරුසාවෙන් සේදුනු සඳමත්වූ සිත මත් කරවයිවරුසාවෙන් සේදුනු සිත්මතින් විඩාවී ගොරවයි. කුසුම් සුවඳ තවරාගත්මිහිබට සුරඟන කෙල්ලක්නිල්පොකුණේ රන් කොතලින්දිය කෙළිනා සැටි මනරම්.එය කවියකි.සුරඟන නැත.ඒ ලතාය.කානුව උඩ වකුටුගැසීසලෙලු හිඟන සිත සෝදයිඇයට වඩා කොට ටැප් එකදවසේ කුණු සෝදාලයි.හොකි පිත්ත කරගහගෙනකොන්ඩ කරල් දෙකක් ගොතාඇය පාසල් ගිය කාලයයන්තම් මට මැවී පෙනෙයි."කවුද යකෝ කෑගහන්නේමේක බබාගේ තට්ටුව""කවුද යකෝ උඹ කොහේදමන්නෙන් පාරක් ඕනෙද"සද්දේ හින්ද තමයි මල්ලිකොන්ද කෙලින් තියන් ඉන්නෙ.කෑ ගහලා කෑ ගහලාබීපන් මේ වැල්මී ටිකමැරෙනකන්ම මෙහෙම තමයිපරම සැනසුමත් මේකයි.අවුරුද්දක් ලයින් දාලකරට ගත්ත ගොන් කරත්තෙඇදන් යන්න බෑ බන් ඔයමාළුන්ගේ පිලී ගඳට.උඹලට වගේ මාකට් එකදිරවන්නෑ මචන් අපිටඋගුරම ලේ රහ වෙනකන්බෙරිහන් දෙන්නේ කොහොමද.අනික,සල්ලි මවන්නට ඔච්චර*රිකට්ටක් කන්නෙ මොකදගුලියක් එහෙමෙහෙ ඇද්දොත්මොනරකොලේඩබල් එකේ.සුදුව කියල සුදු හුනුකුඩුදීල කරකවන්න ඇහැකිපැකට් එකක අතුලෙන් ඇදපැකට් දෙකක් ගහත ඇහකි.කරුවලේක චේන්පොටක්පෝන් එකක් පර්ස් එකක්මොකක්වත්ම නැති වුනොතින්ෂෙඩ් එකකට ගේම් එකක්.සල්ලි සල්ලි සල්ලි සල්ලිඉදල හිටල කන්න බොන්නබුකියට පූජා කරන්නසූස්තියේනිදි වදින්න......කොරියාවට ගියෙමි - Iවෙත යන්න.
|
BLOG
|
ස්වයං වින්දනය යනු මුලික වශයෙන්ම, තමන් අත්විඳි අත්දැකීමක් , මනඃ කල්පිතයක් නැතිනම් හැගීම් දනවන රූප මාලාවක් උපයෝගයෙන් ලිංගික තෘප්තිය උදෙසාම පමණක් උපයෝගී කරගනු ලබන අති පෞද්ගලික ක්‍රියාකාරකම් මාලාවකි. තමන්ගේ අත්දැකීමකින් හෝ හැගීම් දනවන රූප මාලාවකින් තරමේ තෘප්තියක් මනඃ කල්පිතයක් අනුසාරයෙන් ලබාගත නොහැකි අතරම උවමනාවටත් වඩා වෙහෙසීමද , සමහර විට සුරාන්තයට පත නොවීමෙන් ඉච්ච භංගත්වයටද පත්විය හැක .එනමුත් මනඃ කල්පිතයක් මත ස්වයං වින්දනයේ යෙදීම යනු අසාමාන්‍ය හෝ විකෘති සිතුවිලි දාමයක් නොවන අතර පුද්ගලයාගේ මානසික මට්ටම අනුව හැසිරීම වෙනස් විය හැක.උදාහරණයක් ලෙස ප්‍රධාන මාවතක ගමන ගන්න තරුණියන් දෙස බැලීමෙන් පමණක් මනඃ කල්පිතයක් මවා ස්වයං වින්දනයේ යෙදෙන්නන් ගැන දැක්විය හැක . ස්වයං වින්දනයේ යෙදෙන පුද්ගලයා සුරාන්තයට ලඟා වුන පසුව ස්වයං වින්දනය නම් ක්‍රියාකාරකම අවසන් වන අතර එය තවත් එක සාමාන්‍ය අවස්තාවක් ලෙස මතකයෙන් බැහැර වේ.ජනාධිපතිවරණ අපක්ෂකයෙකුගේ පාර්ශවය ගැනීමද සෑම අතින්ම ස්වයන්වින්දනයේ යෙදීම හා සමාන කාර්යයකි .උදාහරණයක් ලෙස වත්මන් ජනාධිපතිවරයාට සහය දැක්වීම අතීත අත්දැකීමක් හෝ හැගීම් ඇති කරන මාධ්‍යක් නිසා ඇතිවන උත්තේජනයකින් ස්වයං වින්දනයේ යෙදීමක් හා සමාන වන අතර පොදු අපේක්ෂකයාට සහය දැක්වීම මනඃ කල්පිතයක් අනුසාරයෙන් ස්වයං වින්දනයේ යෙදීමක් බව පැහැදිලිව අර්ථ ගැන්විය හැක.මක් නිසාදයත් වත්මන් ජනාධිපතිවරයා විසින් කරනු ලැබූ සංවර්ධන ක්‍රියා මාර්ග ගැන මෙන්ම ඔහු ගේ පාලනය තුල ජන ජීවිතය ගැන සිතා කෙනෙකු වත්මන් ජනාධිපතිවරයාට සහය දැක්විය හැක.එලෙසින්ම පොදු අපේක්ෂකයා ඇති කරතැයි බලාපොරොත්තු වන යහ පාලනය ගැන සිහින මවා තවත් කෙනුකු ඔහුට සහය දීමට පුළුවන .අත්දැකීමක් හෝ වෙනත් මාධ්‍යක් යනු කෙනෙකු ලබාගත් පෞද්ගලික ජයග්‍රහණයක් වන අතර මනඃ කල්පිතයක් යනු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මනඃ කල්පිතයක් වන අතර ඒවා කිසිම දිනෙක සැබෑනොවෙන හෝ සැබෑවීමට කෝටියකට එකක් වැනි වත් සම්භාවි තාවයක් නැති සිතුවිලි සමදායක් බවද කිවයුතුය.උදාහරණයක් ලෙස ඔබ කැමතිම බොලිවුඩ් හෝ හොලිවුඩ් , නළුවා හෝ නිළිය කිසිම දිනක ඔබ හා .................................................................................. නොපැමිණෙනු ඇත . ප.ලි - සිහින වල ජීවත් නොවන්න ...... මක්නිසාදයත් සුරාන්තයට පසුව ෆැන්ටසිය බිදවැටෙන බැව් ප්‍රත්‍යක්ෂ නිසාය .
|
BLOG
|
.නැගෙතත් අවර ගිරගින් දිනකර...............මඬලසැලෙතත් සුනෙර පවනින් සෙදෙතත්....... අනලපිපෙතත් ගිරි මුදුන් සෙල් වල..............පියුමුපුලබොරු නැත්තේමය මහතුන් පැවසූ.........තෙපුලසුභාෂිතයේ එන ඔය කවියෙන් කියවෙන්නෙ බස්නාහිරෙන් ඉර පෑව්වත් මහත්තුරු බොරු කියන්නෙ නෑ කියල. හැබැයි නෝනලනම් හරීඊඊඊඊඊඊයට බොරු කියනවා. දේශපාලනයට ඕනෙ කරන මූලික සුදුසුකමක් තමයි බොරු කියන එක. හිරුණිකා නෝනා කෙනෙක් හින්දා එයාට ඒ සුදුසුකම හොඳටම තියෙනවා.හිරුණිකාට ජය වේවා ...ප.ලි ====1 . මේක අනාවැකියක්. හිරුණිකා කවද හරි ලංකාවෙ ජනාධිපති වෙනවා.හැබැයි ඒ වෙන්නෙ මෙයින් අවුරුදු 38කින් පස්සෙ නැගෙනහිර පළාතෙන් බිහි වෙලා දැහැමෙන් සෙමෙන් , දශරාජධර්මයෙන් රට පාලනය කරන්න නියමිත මහා පුරුෂයාගේ පාලන කාලයට කලින්. මෙන්න ඒ මහා පුරුෂයා ගැන අනාවැකිය.2. ඔය "නැගෙතත් අවර ගිරගින්..." කියන කවිය මගේ බ්ලොග් එකේ පල කරපු දෙවෙනි වතාව මේ. පළවෙනි වතාවත් අනාවැකියක් ගැන.[ 21 - Jan - 2014 ].
|
BLOG
|
කළු සුදු අළු - ඉරි රටා හැඩතල - බකන් නිලමු.හරි කළු සුදු අළු එක්තරා විදියකට වර්ණ තුනක්.කළු පාටට බහුතරයක් මිනිස්සු කැමති නැහැ ඒ ඒකේනමයි පෙනුමයි නිසාම, කළු ජීවිත අඳුරු ජීවිත කියන හැඟීමක් කළු පාටින් මතු උනාට කළුකියන්නෙත් මේ ලෝකේ තියෙන තවත් එක පාටක්, කළු පාටේ ප්‍රකාශනය තදයි, ඒ වගේ ම ප්‍රබලයි,ඕනෑම දෙයක් අතරින් එකවර ඉස්මතු වෙන්න ඒ පාටට පුදුම හැකියාවක් තියෙනවා, විද්‍යාත්මකව බැලුවම සියලු ම වර්ණයන් ඒ වර්ණය අවශෝෂණය කර ගන්න නිසා පරිවර්තිත වර්ණයක් නැහැ,ඉතින් දර්ශනය වෙන්නේ කළු විතරයි. එක එක්තරා අන්දමක ඇස රැවටීමක්.ඔව් ඔබත් මමත් ඒරැවටීමේ කොටස් කරුවෝ, පාට රැවටීම තෝරා ගත්තා, අපි රැවටෙන එක තෝරා ගත්තා, ඒ තේරීම වෙනස්කල දා ඔබ කිසිම පාටක් නො දකිනු නියතයි.සුදු ගැන මොකද හිතෙන්නේ, පන්සල ද මතක් වෙන්නේඑහෙමත් නැත්තන් ලණුවකින් ලයිට් කණු දෙකක ගැට ගහපු කොඩියක් ද මතක් වෙන්නේ.අළු පාට සුදුත් කළුත් කලවම් උනාම ඒවා පාටක් උනාට ඒවර්ණයට ඊට ආවේණික වෙච්ච ම අනන්‍යතාවයක් තියෙන වර්ණයක්, මිනිස්සුත් අළු පාට උනාටහැබැයි අඩු වැඩි වශයෙන් කළු සුදු පාටට බරයි.පාට තිබුණාට පාට හුදකලා වෙනවා ඒවාට මතු වෙන්නේඉරි රටා හද තල නැත්නම්, ඉතින් ඒ සියල්ලේ සංකලනය තමා දෘශ්‍ය මායාව මමත් ඔබත් දකින.ඉතින් මම අන්දපු ඒ මායාවල් ටිකක ඔබත් එක්ක බදාගන්නයි මේ සුදානම. හැමදාම ලියන එකේ චිත්‍ර ටිකක් ඔබට කියන කතා ටික පුලුවන්නම් කියවලා යන්න.මතක තියා ගන්න ඔබ දකින දෙය නොවන බව ඔබට පෙනෙන්නේඑහි වෙනස බවත් වෙනසක් නොමැතිව ම ඔබේ ඉඳුරන් එය ග්‍රහණය කොට ඔබ මුලා කරන බවත්.ඒ දේ හොඳින් මතක තියන් එහෙනම් ඉතින් බකන් නිලමු.1. නිව්ටන්ගේමොලේ පිටකොටුව පොලේ - වැටුණු ඇපල්2. දහසකුත් කටු අතර තවමත් පිපෙන - කළු රෝස3. හිනාවෙයන් - උඹටම4. සන්ධ්‍යා කාලෙනතැබෑරුම් අසලේනබහුජන හිතායබහුජන සුඛායකාල(කන්නි)5. උඹලා දිව්වට සමහරු තාමත් එකතැන - අස්පයා6. සැපය සොයා - එක මිනිහෙක්7. පළමු තොටිල්ල - දෙතන7.නුඹේ කැඩපත - මුහුණහරි මේ සියලුම මායාවල් වලින් ටිකක් ඇන්දේ මෙහෙමයි කොම්පීතරෙන්, ඉතාම සතුටින් දැනුම් දෙන වගනම් මේ ක්‍රියාවලියෙන් පසු මූසිකයේ වමත් බොත්තම ක්‍රියා විරහිත වී ඇත.හරි එහෙනම් බකන් නිලන්න ආවට ස්තුතියි, මීට වඩා යමක් කරන්නයි උත්සාහ කලේ, මොනවා කරන්නද වයධම්මා සංකාරා නේ , ඉතින් මවුස් ඒකටත් ඒ දේ පොදුයිනේ.ආ තවදෙයක්, මේ ටිකෙන් රසම සිතුවම මොකක්ද කියලා යනවා නම් ලොකු උදව්වක්, මටනම් කාලේ බෝතලේ.
|
BLOG
|
එක්තරා සුවිශේෂී හේතුවක් හින්දා මට හිතුණා මරණය ගැන කතන්දරයක් ලියන්න.ඔන්න එක ආච්චී කෙනෙක් ගියාලු එයා ගේ හිතවතියක ගේ මළ ගෙදරකට, ඒ කියන්නේ සිංහලෙන් කියනවා නම් "මර්ඩර් හවුස්" එකකට. ඒ ගිහිල්ලා ආපහු ඇවිල්ලා කේන්තියෙන් පිපිරි පිපිරී ගෙදර හිටිය උන්දෑ ගේ ළමයින්ට කියලා තියෙන්නේ මේකයි."මං දැක්කා අර සිරියාවතී ගේ මිනියේ අත්වලටයි, කකුල්වලටයි මේස් දාලා තියෙනවා. ඔන්න නොකිව්වැයි කියන්න එපා, මං මැරුණු දාක නං ඒ කෝලං කරන්න හිතනවා නෙමෙයි. මට එහෙම ඒ විදියට මේස් දාන්න ආවොත් මගෙන් හොඳවෑයින් දෙකක් අහගන්න පුළුවන් වෙයි උඹලාට."අපි පොඩි කාලේ අපේ ගමේ විවිධ මරණ වෙන්න ඇති. නමුත් මගේ හිතේ හොඳින් ම රැඳිලා තියෙන මුල්ම මළ ගෙදරක මතකය අපේ බාප්පා ගේ මරණයයි.බාප්පා මැරුණේ අපේ සීයලා, ආච්චිලා කිසිම කෙනෙක් මැරෙන්න කලිනුයි. ඒ කියන්නේ ඒ මරණය, ස්වභාවික රෝගී තත්වයක් නිසා සිදුවුණත්, හදිසි මරණයක්.බාප්පා හිටියේත්, ආච්චීත්, සීයාත් එක්ක, අපි පොඩි කාලේ හිටිය තාත්තා ගේ මහ ගෙදරමයි. එක දවසක් මං මහ රෑ හදිසියේ කළබල සද්දයක් නිසා නැගිටලා බලන කොට බාප්පාට අසනීප වෙලා හොස්පිටිතාලේ ගෙනිහිල්ලා. අපි වෙනදා වගේ පාසල් ගියා. මං හිටියේ හතේ පන්තියේ.එදා හවස අපි පාසල් බසයේ ඇවිත් ගෙදර ලඟින් බහින කොට බස් එකේ කොන්දොස්තර අපෙන් ඇහැව්වා "බාප්පා මැරුණාලු නේද." කියලා.ඒ කතාවෙන් අපි ගල් ගැහුණා වගේ වුණත් මල්ලියි, මායි ගෙදරට ගොඩ වෙලා එතැන රැස්වෙලා හිටිය අය ගේ විකාර රූපී මුණත් තහඩු දකින කල්ම ඒ කතාව විශ්වාස කෙරුවේ නෑ.එදා තමයි මං දැනගත්තේ මළ ගෙදරක් වුණාම බිත්තිවල එල්ලලා තියෙන බුද්ධ රූප ඇරුණාම අනිත් සියළුම ෆොටෝ අනිත් පැත්ත හරවනවාය කියලා.බාප්පාගේ අවසන් ගෞරවය දක්වන්න ආපු අයට සංග්‍රහ කරන්න එලිෆන්ට් හවුස් බීම, බුලත් විටවලට අමතරව, සිගරැට් බන්ඩල් පිටින් ගෙනත් තිබුණා මට මතකයි.අපේ පන්තියේ ඉස්සර හිටපු මදාවි කොල්ලෙක් (පොර මේ වෙනකොට ගියේ වෙනත් ඉස්කෝලෙකටයි) තවත් ලොකු කොල්ලන් දෙන්නෙක් එක්ක ඇවිත් මේ සිගරැට් දෙක තුනක් අරන් දෙන්න කියලා මගෙන් ඉල්ලනවාත් මට මතකයි.බාප්පා ගේ අවසන් කටයුතු කෙරුණේ සාමාන්‍ය චාරිත්‍රාණුකුලවයි. මං පසුව සහභාගී වුණු අවමංගල්‍යවලට වඩා තිබුණු එකම වෙනස තමයි බාප්පාව ආදාහනය කෙරුණේ අපේ ඉඩමේ ම වීම. ඇත්තටම ඊට අවුරුදු හතකට පස්සේ මැරුණු සීයාව ආදාහනය කෙරුණේත් එතැනමයි.මේ දෙන්නා ගේ ම අළු කැළණි ගඟට දැම්මා මිස සොහොන් හැදීමක් කෙරුණේ නෑ.මේ විස්තරය ලියන්න හිතුණු සුවිශේෂී හේතුව දැනට නොකියා වෙනත් කාරණයක් කියන්නම්. ඒ තමයි මාතලන් ගොයියා ලියපු අවමගුල් ගැන ලිපිය කියවා මං එතැන ලියපු දේ. තමන් මලාම මොකක්ද කරන්න ඕනෑ කියලා තමන්ගේ ඥාතීන්ට කියලා මැරෙන්න අපිට පුළුවන් නේද.මේ ලඟදී මං දන්නා කියන කෙනෙකුගේ ඥාතියෙක් මිය ගියාම පහුවදාම අවසාන කටයුතු කෙරුණා. ඒ මිය ගිය අයගේ ඉල්ලීම අනුව. ඒ වගේම තවත් මැණියෙකු ගේ සිරුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයට බාර දුන්නා. එහෙම ඉල්ලීම් නැතුව යමෙක් මැරෙන්නේ තමන්ගේ මරණයෙන් පසු කෙරෙන අවසාන කටයුතු කෙසේ කෙරුණත් තමන්ට ඉන් ප්‍රශ්ණයක් නැති නිසා විය යුතුයි.මා මල පසු සොහොන් කොතේ දුක් ගීයක් ලියනු මැනවිඑතකොට ඒ ගී රාවය හීන් හඬින් මට ඇසේවි කියලා මහගම සේකර ලිව්වා.මා මල පසු සොහොන් කොතේ බලු බැටියෙක් බඳිනු මැනවිඑතකොට ඌ රෑ ජාමෙට හීන් හඬින් මට බුරාවිකියලා ඉවාන් පවුලූෂා ලියා තිබුණා.රොබරෝසියා ගසුත් මැරෙන එකේ අපි ගැන මොන කතාද, නේද.මට නං කියන්න තියෙන්නේ මා මල පසු සොහොන් කොතේ ස්මයිලි ෆේස් එකක් ☺ අඳිනු මැනවි කියලයි. එහෙම කිව්වාට දුක් ගීයක් ලිව්වා කියල මං අර මේස් දානවට විරුද්ධ ආච්චී වගේ ඔහෙලා එක්ක තරහ වෙලා, ඒ කමෙන්ට් කපලා දාන්නේ හෙම නෑ හොඳේ.-කතන්දරකාරයාප/ලි:සුවිශේෂී හේතුව ඊලඟ දවසේ ලියන්නම්.
|
BLOG
|
ආදර කතාවෙ පළවෙනි කොටස ---> මෙතනින්මගේ ආදරවන්තියව මට හමු වීම මම ඒ වෙනකොට මගෙ ජීවිතේ ගොඩක් දේවල් නැති කරගෙන තිබුනෙ... සමහර දේවල් මගෙ කැමැත්තෙන්ම අත ඇරිය. මගෙ යාලුවො මට කතා කලේ ෆේස්බුකා කියල... මට අත අරින්න බෑ කිවුව ෆේස්බුක්. මම ෆේස්බුක් අත ඇරිය. ෆෝන් එක අත අරින්න බෑ කිවුව, ෆෝන් එකත් විකුණල දැම්ම.. කොණ්ඩෙට තියෙන ආසාව අත අරින්න බෑ කිවුව... තට්ටෙම ගෑව.. ඒ විතරක් නෙමෙයි මගෙ කායික මානසික සෞඛ්‍යයයත් මම බොහොම දරුණු විදියට නැති කරගෙන තිබුන.. මේ ඒ කාලය --> විදවීමයි වින්දනයයි එකතු වෙන තිත.. ආයෙමත්.... මට ගෙදර කරන්න තරම් විශේෂ වැඩක් නොතිබුන අතර වර්ක්ශොප් එකේ වැඩට ගියා. ඒ අතර මම අපේ ප්‍රදේශයේ ජනප්‍රිය ආයතනයක තොරතුරු තාක්ෂණ ඩිප්ලෝමාවක් හදාරන්න ගියා. ඒ කාලයේ පංති එන යහලුවන් එක්ක සම්බන්ධ වෙන්න ජංගම දුරකතනය සහ ෆේස්බුක් නැවත භාවිතය පටන් ගත්ත. ඔන්න ඔය කාලෙ මගෙ නෑදෑ වෙන අක්ක කෙනෙක් එයාගෙ දුව ගැන ලැබුන තොරතුරක් මත මගෙන් උදවුවක් ඉල්ලුව. එයාගෙ දුව එයාට හොරෙන් ෆේස්බුක් එකවුන්ට් එකක් හදාගෙන ද කියල බලන්නයි කියල. ඔන්න ඉතින් මම හොයන්න පටන් ගත්ත. එයාගෙ නම ශලිනි. මම කොයි තරම් හෙවුවත් එහෙම එකක් හම්බ උනේ නෑ, ඒ කිවුවෙ අර මගෙ නංගි කෙනාගෙ කියල සැක කල හැකි එකවුන්ට් එකක්. ඒත් මට දෙයක් හම්බ උනා.. ඒ ශලිනි කියල ෆේස්බුක් එකවුන්ට් එකක්, මගෙ ලිස්ට් එකේ යාලුවො කීපදෙනෙකුත් ඒ එකවුන්ට් එකේ හිටිය. මේ අර නංගිද කියල පොඩි සැකයක් තිබුන නිසා කෝකටත් කියල රික්වෙස්ට් එකක් දැම්ම. ඔන්න මගෙ ආදර කතාවෙ ආරම්භය... මීට වසර 3,4කට පමණ පෙර ශලිනි නම් අන්වර්ථ නාමයකින් මුහුණු පොතේ සැඟවී සිටි මගේ ආදරවන්තිය හමු වීම.මුලදි මම ඈ එක්ක මැසේජ් කලේ ඇගේ පිංතූර වලට කමෙන්ට් කලේ මේ අර මට හොයන්න කියපු නංගි ද කියල පුංචි සැකයකුත් එක්ක. ඒත් පසුකාලීනව ඒ සැකය දුරු වෙලා මේ කියපු ශලිනි මගෙ හොඳම යාලුවෙක් උනා. මේ කාලය ඇතුලත මම ගොඩක් දේවල් මගෙ ආදරවන්තිය පිළිබඳව දැනගත්ත. ඈ ගැන ගොඩක් අධ්‍යයනය කලා.මීළඟට ඈ පිළිබඳව මගේ අධ්‍යයනය, ඇගේ විස්තර, ඇගේ අතීතය.... මීළඟ පෝස්ටුවෙන් බලාපොරොත්තු වන්න...සැ. යු. - මෙම පෝස්ටුව තුළ මෙයට සම්බන්ධ ලින්ක් කීපයක්ම දමා තිබේ.
|
BLOG
|
කාලෙකට පස්සෙ බොලොග් එකට මොනවහරි කොටන්න හිතුන එකේ මේ දවස් වල නැගල යන චන්දෙ ගැන තමයි ඉතින් හිතෙන යමක් කියන්න යන්නෙ.කොළඹ දිස්ත්‍රික්කය පහුගිය ජනාධිපතිවරණෙදි මහින්ද මහත්තයා වැඩි චන්ද 81718කින් දිනන්නෙ.මහින්ද - 614,740 (52.93%)සරත් - 533,022 (45.9%)සමස්ථ චන්ද දායකයන්ගෙන් 77%ක ප්‍රමාණයක් ගියවර චන්දෙ ප්‍රකාශ කරල තියෙනවා. මෙවරත් ඊට ආසන්න අගයකින් චන්දය භාවිතාවෙයි. මැතිවරණ කොට්ටාශ ක් අතරින් මහින්ද මහතා 9ක් සහ ෆොන්සේකා මහතා 6ක් ජයග්‍රහනය කර ඇත.2010දි ෆොන්සේකා මහතා ජයග්‍රහනය කල බොරැල්ල, මැද කොළඹ,නැගෙනහිර කොළඹ,උතුරු කොළඹ,බටහිර කොළඹ සහ දෙහිවල යන මැතිවරණ කොට්ටාශ මෙවර මෛත්‍රිපාල මහතා ජයගැනීමට ඉඩක් පවතී.2010 ජනාධිපතිවරණයේදී මහින්ද මහතා 53%ක් ලබා ජයගත් කොලොන්නාව, 53%ක් ලබා ජයගත් රත්මලාන සහ 52%ක් ලබා ජයගත් කෝට්ටේ මැතිවරණ කොට්ටාශ මෙවර මෛත්‍රිපාල මහතා ජයගැනීමට යම් ඉඩක් ඇත.හෝමාගම,කඩුවෙල ,කැස්බෑව,මහරගම,අවිස්සාවේල්ල සහ මොරටුව මැතිවරණ කොට්ටාශ මහින්ද මහතා ජයගැනීමට මෙවරද ඉඩකඩ පවතී.හෙළ උරුමයේ බලපෑම මෙහිදී ඉතා වැදගත්වේ.
|
BLOG
|
අකුරට යනවයි කියලාටිකිරි අයියා බැදි වලමයිඉන්නකො මම ගුරු ගෙදරටගිහින් කියන්නම්ගිහින් කියලා පොඩි නැන්දටඅල්ලල දෙන්නම්මාළු ඇඹුල් තියල් කරලපොල් සම්බල රහට හදලඇල් හාලේ බතුත් එක්කඅනල කවන්නම්කවන ගමන් මමත් කවනතරමට කන්නම්කරුවල ඇති වැහි දවසටමහ රෑ මැද ලගින් ඉදන්පල් හොරු ගැන හොල්මන් ගැනකතා කියන්නම්කතා කියලා බය ඇරෙන්නවිහිළු කරන්නම්(ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ මහතා).
|
BLOG
|
නිදා හුන් ශිශිර නිද්‍රාවෙන්අවදි වන්නට කාලයයි මේ..නෙතු මානයේ දැවටුනුසිහින දහසක ඡායාමාත්‍රයන්ලුහුබඳින්නට කාලයයි මේ...තණපත් මත රැඳුනු පිණිබිඳුනිරුවත් දෙපා සිප ගත් කලකය පුරා දෝරෙ ගලනප්‍රහර්ෂයකින් උමතු වන්නට කාලයයි මේ..විටෙක සිඳී ගිය උමතු සිතුවිලි ගඟයලිත් සයිබර් අවකාශය පුරාගලා යවන්නට කාලයයි මේ...
|
BLOG
|
4pt 0in 5.4pt 0in 5.
|
BLOG
|
පෝය දවසේ බුදුන් වහන්සේ ගැන කල්පනා වුණා.එතුමන්ගේ ඉගැන්වීම් තියරටිකලි ගත්තාම ඉතාම ඉහළයි විතරක් නෙමෙයි; බුද්ධ චරිතය හදාරණ කොට අර තියරි ඔක්කෝම ප්‍රැක්ටිකලි ඔප්පු වෙනවා. බුදුන් වහන්සේගේ ඉගැන්වීම් අතරින් මා කැමතිම ඉගැන්වීම තමයි "අටලෝ දහමින් කම්පා නොවන්න" කියන එක.මේක ඉගෙන ගත්තේ පොඩි කාලේ දහම් පාසලෙන් සහ ඉස්කෝලේ බුද්ධාගම පාඩමෙන්. ඒ කාලේනම් මේවා ඉගෙන ගෙන මතකයට ගත්තේ බුද්ධාගම විෂයට ඉහළ ලකුණු ගන්න.නමුත් මේ දර්ශනයේ අගය වැටහෙන්නේ සමාජයේ ජීවත් වෙනකොට..සතුට සේම දුකද ප්‍රශංසාවන් සේම නින්දාවන්ද උරුම ජීවිතය විඳිද්දී.ඕනෑම දෙයක් නොසැලී දරාගන්න අවශ්‍ය පදනම ලබාදෙන දැනුමක් විදිහට, මේක මටනම් මාරයි...නිකම් දේශනාව විතරක් නෙමෙයිනේ; බුද්ධ චරිතය ගත්තත් ඒක ප්‍රායෝගිකව පේන්න තියෙනවානේ. කොයි තරම් ශ්‍රේෂ්ට, විශිෂ්ට මනුස්සයෙක් වුණත් ගෞතමයන්ටත් කොයිතරම් නින්දා, අපහාස, දුක් කම්කටොළු විඳින්න වුනාද ;ගෞරවයන්, ප්‍රශංසාවන් වාගේම.නමුත් කිසිවකට නොසැලී, සන්සුන් මනසින් උන් වහන්සේ ඒවාට මුහුණ දුන් ආකාරය තම දේශනාවට ප්‍රායෝගික වටිනාකම එක් කළා. තියරි එක වාගේම ප්‍රැක්ටිකල් වලිනුත් බුදු හාමුදුරුවෝ මේ විෂන් එකේ අගය ඉහළින්ම පෙන්වා දුන්නා.තවත් කැමතිම තැනක් තමයි කාලාම සූත්‍රය."කාලාමයෙනි, යමක් ඇසූ පමණින් හෝ පොත පතෙහි සඳහන් වන්නේ යැයි කියා හෝ මෙය මෙසේ වීයැයි කියා හෝ පරපුරෙන් පරපුරට නොනැසී, නොසිඳී පැවත ආවේ යයි කියා හෝ තර්කය හේතු කොටගෙන හෝ න්‍යාය හේතු කොටගෙන හෝ මේ අපගේ ශාස්තෘවරයා විසින් දේශන කරන ලද්දකැයි ගුරු ගෞරවයෙන් හෝ නොපිළි ගත යුතුය.එය නුවණින් මෙනෙහි කර ස්වීය චින්තනයට යොමු කර සත්‍ය යයි තමන්ට වැටහෙන්නේ නම් පමණක් පිළිගත යුතුය"පූර්ණ නිදහස් චින්තනය පිළිබඳ මෙවන් ඉගැන්වීමක් කොයි තරම් ශ්‍රේෂ්ටද. බෞද්ධ දර්ශනය හෝ විවේචනය කිරීමට, එරෙහිව තර්ක කිරීමට බාධා පමුණුවා නැහැ. මෙහි අගය කොතරම් දැයි වැටහෙන්නේ නිදහස් චින්තනයට ඉඩක් නැති, ආගමික/දේශපාලනික දර්ශන ගැන සිතා බලන කොට.සාගරයක් වගේ විශාල බෞද්ධ දර්ශනයේ කථා කළ යුතු තැන් අසීමිතයි.ඒත් අදට මේ ඇති :).
|
BLOG
|
කොහොමද කට්ටියට... ඔක්කොමල හොදින් ඇති කියලා හිතනවා.. අද කියන්න යන්නේ Mobile Phone එකකින් කොහොමද සිංහල බ්ලොග් කියවන්නේ කියලා. දැන් ගොඩක් අයට Mobile Phone තියන නිසා ගොඩක් වැඩ එකෙන්මනේ කරන්නේ FB යන්න Mail යවන්න Radio අහන්නත් වගේම Games ගහන්නත් දැන් Mobile එක තමා ගන්නේ. දැන් මේ වැඩ මෙච්චර කරන්න පුලුවන් එකේ Sinhala Blog එකක් බලාගන්න බැරිනම් වැඩක්ද නේද...මේකට හොදටම ගැලපෙන Browser එක තමා Opera Browser එක මෙක දාගත්තම සිංහල අකුරු කියවන්න පුලුවන්.Opera Browserඑක ගන්න මෙතනින් යන්න.com/mobileදැන් අකුරු වල ඉස්පිලි ඇලපිලි එහෙම අවුල් වගේ නම් මෙන්න මේ කියලා තියන විදිහට කරන්න එතකොට හරි.Browser එක Open කරගන්නදැන් එකේ මෙන්න මේ විදිහට Type කරලා යන්න (WWW නෑ හොදද) opera:configදැන් පිටුවක් ලෝඩ් වෙයි දැන් මෙන්න මේ Use bitmap fonts for complex scriptsකියන එක Yes කරන්නදැන් Save කරන්නඑච්චරයි.. දැන් සිංහල කලින් පෙනුන් නැති සයිට් එකකට ගිහින් බලන්න සිංහල අකුරු දැන් කියවගන්න පුලුවන් වෙයි.එහෙනම් කට්ටියටම ජය වේවා ගිහින් එන්නම්.
|
BLOG
|
ඉස්සෙල්ලාම කියන්න ඕනේ.මේක මගේ බ්ලොග් එක.ඒ හින්දා ලියන්නේ මට හිතෙන මම දකින විදිහ.වෙන කෙනෙකුට එකම දේ දිහා වෙනස් විදිහකට බලලා වෙනස් කමෙන්ට් එකක් දෙන්න පුළුවන්. ඒත් මේ මම දකින විදිහ.මේ දක්වා මේ ෆිල්ම් එක පිලිබඳ කිසිම රිවිව් එකක් කියවන්න ලැබුනේ නැ.ඉතින් තනිකරම මගේ අදහස පමණයි.කුස පබා බැලුවට පස්සේ බලපු එකම සිංහල චිත්‍රපටිය. වෙන සිංහල චිත්‍රපටි ආවෙත් නැද්ද මන්දා. කොහොම හරි ඕනෙම දෙයක් ගැන විචාරයක් දෙනකොට හොඳ ටික කියලා ඉන්න එපැයි.මහින්දාගමනය , කුසපබා වගේ කඩේ යන ෆිල්ම්ස් වලට වඩා හුඟාක් හොඳයි. තරුණ අධ්‍යක්ෂකවරයෙකුගේ හොඳ උත්සාහයක්. චිත්‍රපටියේ සංගීතය ලස්සනයි. ඒගොල්ලොන්ට මියුසික් ඇල්බම් එක කලින් රිලීස් කරන්න තිබුනා. එහෙම වුනා නම් තවත් මිනිස්සු අද්දගන්න තිබුනා බලන්න. ලස්සන සින්දු 3ක් තියනවා. උදයන්ති කුලතුංග, සඳනි සුලක්කනා දෙදෙනාටම හොඳින් රඟපෑමේ හැකියාව තියනවා කියලා පේනවා. කමල් අද්දරාරච්චිට රඟපාන්න පුළුවන් කියලා හැමෝම දන්නවනේ. රූපගත කරන්න අරගෙන තිබුණු තැන් (ගෙවල් සහ ආර්ට් ගැලරි එක ) උසස් තේරීමක් තියනවා.ෆිල්ම් එක මුල ටික බලාගෙන යනකොට ෂෝර්ට් ෆිල්ම් එකක ගතියක් දැනුනා.කමල් අද්දරාරච්චිට අතීතය මතක් වෙන්න පටන් ගන්න තැන දක්වා තියන කාලය ටිකක් වැඩියි කියලා හිතුනා. ඒ ටික ටිකක් කම්මැලියි.ඒ මුල ටිකේ විතරක් සින්දු 2ක් තියනවා. අනිත් එක ඒ එක සින්දුවක් රූපගත කරලා තිබුන කොන්සේප්ට් එක මට තේරුනේ නැ මම හිතන්නේ. පෝසත් කොල්ලෙක්, ඩෙට් එකකට ගෑනු ළමයෙක්වකුණු ඇලක් උඩින් තියන පාලමකට අරන් යයි කියලා මම හිතන්නේ නැ.කන්න සයිවර් කඩේකටත්. සමහර විට එතන මට නොතේරෙන මොකක් හරි කොන්සේප්ට් එකක් ඇති. කොහොම උනත් උදයන්තිගේ පෙම්වතාට වැඩ උදයන්තිගේ රඟපෑම නම් ඉතාම උසස්.ෆිල්ම් එකේ මුල බලන කොට අග තේරෙන නිසා එතනින් එහාට බලාගෙන ඉන්න කම්මැලියි. ඉවරවෙන්නේ කීයටද වගේ නොසන්සුන් ගතියක් දැනුනා. මුලයි අගයී සම්බන්ධතාවය දුරස් වගේ දැනුනා.කමල්ව අරගෙන තියෙන්නේ ෆිල්ම් එක විකුනගන්නද දන්නෑ කියලා හිතුනා. මොකද කමල්ට වඩා තරුණ නළුවෝ ඉන්න නිසා. බිමල් හරි ධනංජය හරි ගත්තත් අවුලක් නැ.කොහොම වුනත් මුළු ෆිල්ම් එකම බලලා ඉවර වුනාම හොඳයි කියලා හිතුනා. බලන්න ගියේ අපරාදේ කියලා හිතුනේ නැ. වෙනසකට තිබුනේ මම බලන්න බලාපොරොත්තුවෙන් ගිය තරම් බාවාත්මක එකක් නොවුන එකයි.ෆිල්ම් එකේ වර්ණ ලස්සනට පෙනුනේ නැත්තේ මම බලපු ෆිල්ම් හෝල් එකේ අවුලක් කියලා හිතනවා. මොකද පෝස්ටර්ස් වල පාට මාර ලස්සනයි.
|
BLOG
|
ඔන්න කිවුවත් වගේ FUTURE LEADERS camp ඒක ගැන කියන්නයි යන්නේ... ඊට කලින් මම ලියපු පොස්ට් දෙක පොඩ්ඩක් කියවල හිටියනම් හරි...htmlඒ දවස වල එහෙම කිවුවට දැන් තමයි තේරෙන්නේ මේකත් බොරුවට සල්ලි නාස්ති කරවන්න කරපු වැඩක් කියල... කැම්ප් ඒකෙන ගන්න දෙයක් තිබුන තමයි ඒත් ඒ දේ එයිට වඩා සුන්දර විදිහට කැම්පස් ඒක ඇතුලෙදි ගන්න පුළුවන්..හ්ම්.. අපි මං ලියල තියන විදිහටම පටන් ගමු එහෙනම්...ඒක ශාරීරික ක්‍රියාකාරකම්: අවුරුදු 20ක් තිස්සේ කම්මැලි කමට හැදුන කෙනෙක්ට සති 3-4 කින් තමන්ගේ ජිවිත ක්‍රියාකාරම් වෙනස් කරගන්න අමාරුයි.. ඒ සති ටික අමාරුවෙන් ඒවා කලාට ආයේ ගෙදර ආවම සුපුරුදු ජීවිතේම තමයි. ඒක තේරෙනවා කැම්පස් ආවම.. අනික කැම්ප් එකේදී පාන්දර ඇහැරවන ඒක.. ඊට පස්සේ PT යන එක ඕක කරවන්නේ උදෙන්ම නැගිටින්න පුරුදු කරන්නලු එත් ප්‍රශ්නේ තියෙන්නේ කැම්පස් ආවට පස්සේ කොහොමත් ඔයිට කලින් ඇහැරෙන එක කැම්ප් ගිය එකා නොගිය එකා කියල වෙනසක් නෑ.. මොකද උදෙන්ම Lectures තියනවනම් පුළුවන් ඉක්මනට lectures දුවන්නයි බලන්නේ නැත්නම් ඒ ලෙක් එකට සොරි වෙනවා හෝල් එකේ දොර වහපුවම.. කොහොම හරි කමක් නෑ උදෙන්ම නැගිට්ටවපු එක හොදයි කියමුකේ එහෙනම්..පස්සේ අපි බලමු සරඹ, කණ්ඩායම් ක්‍රියාකාරකම් ගැන..මේකෙනම් ඉතින් කණ්ඩායමක් විදිහට හැසිරෙන්න ඕනේ විදිහ ගැන පොඩි අවබෝදයක් දෙනවා.. ඒත් ඒක එච්චර සල්ලි වියදම් කරලා උගන්නන ඕනෙද කියන ඒක ප්‍රශ්නයක්... මොකද මිනිහ කියන්නේ සමාජීය සත්වයෙක් ඉතින් මිනිහෙක්ට පුළුවන් තමන් ඉන්න පරිසරයට අවශ්‍ය විදිහට ඉක්මනින් හැඩගැහෙන්න.. එහෙම එකේ මෙච්චර සල්ලි වියදම් කලේ ඇයි කියන ඒක ප්‍රශ්නයක්..මොනා උනත් වටිනා දෙයක් තිබ්බා.. ඒ ප්‍රතමාදාර උගන්නපු ඒක සහ නිතිය උගන්නපු ඒක ඇත්තටම ඒක ගොඩක් වටිනවා.. ඒත් උවමනාවක් තිබ්බනම් මේ දෙකත් කැම්පස් එකේ මුල් සති දෙක තුනේ උගන්නන්න තිබ්බා අමතර වියදමක් නැතුව..වැඩක්ම නැති දේවල් වලට තිබ්බේ භෝජනාගාර වත පිළිවෙත Power Point වලින් උගන්නපු ඒක මේ වගේ දෙයක් ප්‍රයෝගිකව නැතුව කොහොම උගන්නුවත් වැඩක් තියනවද කියන ඒක ප්‍රශ්නයක්...සාපේක්ෂව ගත්තොත් මේ වැඩසටහන 70% විතර අසාර්ථකයි.. මේ වැඩසටහන රුපියල් කෝටි 20ක් වටින්නේ නෑ..ඒ සල්ලි වලට කරන්න වැඩ ගොඩක් තියනවා තව.. කැම්පස් එකක ඉන්න එකෙක්ට තේරෙනවා සමහර අඩු පාඩු කැම්පස් එකේ තියන.. ඒ සල්ලි කැම්පස් එකට යෙදෙවුවනම් එකේ වටිනාකම වැඩි.
|
BLOG
|
ජීවිතය සුන්දරයිආදරයක් ලබද්දීඑත්...ප්‍රශ්නයක්ආදරය ලබන්න කලින්ආදරයේ දකින සුන්දරත්වය,ටික කලක යද්දීබාදක පිරුනකටු පදුරු වැවුණුමහා දුෂ්කර මාවතක් වෙනවා...ඉතින් හැගීමට වහල් වෙලාඋත්තරයක් දෙන්න කලින්හිතන්න....පුලුවන්ද කියලාතරණය කරන්නකටු පදුරු පිරුන මාවත...ලබන්නට නම්සතුට පිරුන ජිවිතයක්කැප කරන්න වෙනවා හුගක් දේවල්එක වචනයක් වෙනුවෙන්අකුරු හතරක් වෙනුවෙන්...ඒ බාදකය තරණය කරන්න බැරුවඑක හැගීමකට වහල් වෙලාකවමදාවත් දෙන්නා එපාඋත්තරයක්.
|
BLOG
|
මන්තීරු එක දෙක වැඩිකර බේස් ලයින් මග රගන විට දැහැන නොබිදගෙන නොබියව සිටගෙන පාර අද්දර මහල් පිට මහල් පැලකර ගොඩනැගිලි හෙවනැලි පෙරලෙනවිට යන මගට සන්සුන්ව තනි තට්ටුවක ගමනක් තනියෙන්ම යන වෙලද අරියාදු නගර සෝබන' රැලි සුලි පිලිල වැඩි වෙන හෙට දවස සැබෑ මිනිසෙකුගෙ සැබැරූපය තව තවත් අරුත් ගැන්වී දිදුලවන ඉන්ද්‍රනිල් මිනක් වී වැලලෙන්නටද. නියමිත.
|
BLOG
|
අහවලා මෛත්‍රීට. අහවලා ආණ්ඩුවට.මේ දවස්වල වෙබ් අඩවිවලට හිට් ලබා ගැනීමටත්, පුවත්පත් විකුණා ගැනීමටත් හොඳම ක්‍රමය මෙවැනි පුවත් නිර්මානය කිරීමයි.එසේම, මේ දිනවල රටේ ප්‍රධාන දේශපාලන වැඩසටහන වී තිබෙන්නේ ද මේ ඒ පැත්තට මේ පැත්තට පැනීමයි. ඒ වෙනුවෙන් ආණ්ඩුව අත දිග හැර වියදම් කරමින් ද, තනතුරු හා වරප්‍රසාද පුදමින් ද සිටියි. එසේම, අලුත් ගෙම්බන් මහ ඉහළින් පිළි ගැනීම තුළින් තැන අහිමි වන පැරණි ගෙම්බන් වයින් කර ගැනීම ද කරති.විපක්ෂ දේශපාලකයෙක් ආණ්ඩුවට එක් වීමත්, ආණ්ඩු පක්ෂයෙන් දේශපාලකයෙක් විපක්ෂයට එක් වීමත් සමාන ප්‍රතිවිරුද්ධ ක්‍රියා නො වන බව අපි කලින් ද කීවෙමු. එයට හේතුව, විපක්ෂය තෝරා ගැනීම යනු ප්‍රජාතන්ත්‍රවාදය, යහපාලනය, නිදහස පිළිබඳ අපේක්ෂා සහිත ඉදිරිගාමී පියවරක් වීමත්, ආණ්ඩුව තෝරා ගැනීම යනු ඍජුවම පවුල්වාදය, දූෂණය, ප්‍රජාතන්ත්‍ර විරෝධය හා ඒකාධිපතිවාදය සරණ යාම වීමත් නිසා ය.රාජපක්ෂ ජනාධිපතිවරයාට එක් වන අයටකළ ගුණ සැලකීම වැනි අදේශපාලනික කතන්දර හැර වෙනත් කියන්නට දෙයක් නැත.එහෙත්, මෛත්‍රීපාල යනු මේ මොහොතේ ක්‍රමයේ වෙනසක් වෙනුවෙන් ඇති අවංක ජනතා අපේක්ෂාවකි.අප මෙම සටහන තබන්නේ අන් කිසිවක් නිසා නො වේ. ආණ්ඩුවෙන් කවරෙක් විපක්ෂයට එක් වෙනවා ද යන්න අපි නො දනිමු. බැසිල් රාජපක්ෂ එකතු වුණත් පුදුම ද නො වන්නෙමු. නාමල් රාජපක්ෂ නම් එකතු නො වන බව දනිමු. අනෙක් ඕනෑම කෙනෙකුට විපක්ෂය සමග එකතු වීමට හේතු ප්‍රත්‍ය තිබේ.එහෙත්, එක්සත් ජාතික පක්ෂයෙන් ද කිහිප දෙනෙක් ආණ්ඩුවට එකතු වනු ඇත. මේ වනාහි දේශපාලන කාලකන්නිකමෙහි ප්‍රතිඵලයකි.පහත නම් සඳහන් කවරෙක් හෝ ආණ්ඩුවට එකතු වීම ගැන පුදුම විය යුතු නැත. ඔවුන්ගේ පාවා දීමෙන් විගලිත නො වීමට ජන මනස සූදානම් කිරීම වැදගත් ය.ජෝන් අමරතුංගසජිත් ප්‍රේමදාසකරු ජයසූරියරවි කරුණානායකරෝසි සේනානායකවිජේදාස රාජපක්ෂපාලිත තෙවරප්පෙරුමපාලිත රංගෙ බංඩාරමංගල සමරවීරහරින් ප්‍රනාන්දුචන්ද්‍රානි බංඩාරබුද්ධික පතිරණදයා ගමගේමේ අය විවිධ මට්ටම්වලින් පැනීම සඳහා සාකච්ඡා පැවැත්වූ අයයි. තවත් නම් මෙම ලේඛනයට එකතු කළ හැකි ය. එහෙත්, ඔවුන්ගේ වටිනාකම අඩු ය. රතු පාටින් දැක්වෙන්නේ පැනීමෙන් ආණ්ඩුවට වැඩි වාසියක් ලබා ගත හැකි චරිත ය.රනිල් වික්‍රමසිංහ ජනාධිපති අපේක්ෂකයා වූවා නම්, මේ පිරිස මේ වන විටත් විපක්ෂය පාවා දී හමාර ය.විශ්වාස කළ නො හැකි මේ පාවා දෙන්නන් මීළඟ ඡන්දයකදී දේශපාලනයෙන් පන්නා දැමීම එක්සත් ජාතික පාක්ෂිකයන් සතු වගකීමකි.මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් මෙතැනින් ගත් බව කියන්න ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.
|
BLOG
|
අනුරාධපුරේට කිලෝමීටර් 20 ක් විතර ඈතින් තියෙන ගමක ඉස්කෝලෙකට බුදු මැදුරක් හදලා දෙනවා මේ අවුරුද්ද අන්තිමේට. වැඩ පටන් ගන්නේ ලබන මාසේ මැද. අපිත් එක්ක මේ වැඩේට එකතු වෙන්නේ ලෝකේ පුරා ඉන්න කෙහෙල්කොටුවේ සාමාජිකයෝ. ඕගොල්ලත් මේ වැඩේට සම්බන්ධ වෙන්න කැමතිනම් [email protected] එකට පණිවිඩක් එවන්ඩ.
|
BLOG
|
සීතල හිමිදිරිඋදැසන මිදුම අතරින් නොපැහැදිලි මාවත දිගේ ඔහු ඇවිදයයි. අප සැමට ඔහු නොපෙනුනත්පෙනෙන අතලොස්සට ඔහුගෙන් හිරිහැරයක් නොමැත. තම සංසාරගත පුරුදු ක්‍රියාකාරකම්හිඅජීවි ඔහු අදටත් යෙදෙන්නේ මිනිස්වෙස් ගත් පාපතරයන් විසින් අතරමග නවතාදැමු තම ජීවන ගමන නැවතුන අයුරු ඔහුටද වටහාගතනොහැකිබැවින්දොයි විටෙක මට සිතේ.1988 භීෂණය රටවටාසීග්‍රයෙන් පැතිරෙමින් අප කතා නායක විසූ අරංගල අතුරුගිරිය ඔරුවල ප්‍රදේශද තදින් තමග්‍රහනයට නතුකරගන තිබින. තමන් රාජකාරි කලකර්මාන්ත ශාලාවෙහි තරුණ කොයිකා අතරත් ජනප්‍රිය චරිතයක් වූ ඔහු දවසේ තම රාජකාරියටපලමු උදැසන ශාරිරික අභ්‍යසයන්හිද, සැඳැසමයේතම සෙවකමිතුරන් සමග පාපන්දු ක්‍රිඩාවේ ද නියැලින. හේ පාපන්දු ක්‍රිඩාවේකෙලපැමිනියෙකි. අතුරුගිරිය නගරාසන්න ආයතනික ක්‍රිඩා පිටියක් වුවද එකල ජනප්‍රියපාපන්දු ක්‍රිඩා සමාජයක් ඒවටා බිහිව පැවතියේය.ජවීපයට මුවාවෙමින් එකල රටකල ඇත්තන් තරුණයන්බිලිබෑම වඩ වඩාත් ත්‍රීවුරකරමින් පැවති සමයක් වුවද අප කතානායක සහ ඔහුගේ මිතුරු කැලතම ක්‍රිඩා දිවියට දොරගුලු දැමිමට අකමැත්තවුන් හෙයින්ම බිම්කලුවර වැටෙනතෙක් ක්‍රිඩාපිටියෙහිගතකලෝය.තවත් දිනයක්සුපුරුදු ලෙස ගෙවි දවසේ සැඳැසමය ගතවෙමින් පැවති මොහොතකි. අප කතානායක සුපුරුදුමිතුරන්ගෙන් වෙන්වි සෙමින් නිවෙස්නය කරා ගමන්කලේ ලඟ ලඟම ඉව අල්ලන මාරයා ගැන කිසිත්නොදැනය . අඳුරේ පැමිනි වෙඩිඋන්ඩයන් පිට පිටම තරුණ සිරුරවිනිවිද යෑමට ගතවුයේ එක් නිමෙෂයක් පමනි. මොහොතකට ප්‍රථම ජවාධික සිරුරක් හෙබි තරුණයාඋනු රුධිර ධාර වැහේමින් පරඬැල් කඳක් මෙන් මහපොළව සිපගත්තේය.ලේරහට වහවැටිබළලුන් තොලකට ලෙවකා පැනදිව්වොය. උදේහවා තමන්සමග එකට සිටි මිතුරාගේ අකල් වියෝවෙන් කම්පිතවුද, කොපාග්ගින්නෙන් බුරබුරා නැගි තරුණ කැල තමමිතුරාට ලෙහෙසියෙන් සමුදුන්නේ නැත. පොලිසීය නගරපීරායමින් මියගිය තරුණයාගේ සිරුර සෙවීමට වෙහෙසින. වැඩපොලේහි තම මිතුරාගේ සිරුරසඟවා තැබු තරුණයින් අවමංගල්‍ය පෙරහරින් නගරය පුරා විදිසංචාරය කරමින්, ඉමහත් ගෞරවාදරයෙන්යුක්තව තම හිතවතාගේ සිරුර මිහිදන්කරනු ලැබුවෝය.භීෂනයටපිංසිදුවන්නට පොලීසියද තම වාඩුව පියවාගත්තේ බුරුතු පිටින් තරුණයන් අතඩංගුවටගනිමිනි. ඔවුන්ටමසරිලන ලෙසට හමුදා කඳවුරක් අතුරුගිරිය නගරයේ ස්ථාපනය කොට පැවතීයෙන් තරුණයින් කිහිපදෙනකු හැර අනෙකුන්ට ගඩොල් පොරනු තුල සැතපෙන්නට සිදුවිය.කාලයත් සමගදේශපාලනික මෙන්ම සමාජීය සිතුම් පැතුම් වලද වෙනස්වීම් ඇතිවිය. අතීතයේ බොහෝ සිදුවීමකාලයත් සමග වැලලී හමාරය. නමුත්අහඹුලෙස ඇතැම් සිදුවීම මතුව නැතීවියැම ඇතැම්විට සිදුවේ. එසේම කාලයත් සමක වැලලීනොයනතවත් බොහෝදේ පවති. ධවල වර්ණයෙන් හැඩවූ ක්‍රිඩාඇඳුමෙන් සැරසුන තරුණයා හිමිදිරි උදැසන මිහිදුම් අතරින් පෙනි නොපෙනි යන්නේඑබැවින්දෝයි මට සිතේ.
|
BLOG
|
06.com/2014/06/21/168227/#sthash.com/2014/06/21/168227/#sthash.com/2014/06/21/168227/#sthash.com/2014/06/21/168227/#sthash.
|
BLOG
|
4pt 0in 5. මල - නෙළුම් මල2.මළ- මළමිණිය3.වල - කැළය4.වළ - වලවල්5.වැල - මල්වැල6.වැළ - කුහුඹුවැළ7.ඇල - ඇලවීම8. ඇළ - දියඇළ9.නල - පයිප්ප10.නළ - සුළඟ11.මුල - ගසේමුල, ආරම්භය 12.මුළ - සොරමුළ13.කුල - කුලගෝත්‍ර14.කුළ - මුදුන, කඳු මුදුන15.ගන - ගනකම16.ගණ - සමූහය17.සරන - හැසිරෙන18.සරණ - පිහිට19.මහන - මැසීම20.මහණ - භික්ෂුව සෑහෙන කාලෙකට කලින් දවසක් ඈ අම්මෙ මේ ටික ටයිප් කරන් එනවද අහලා කොළයක් දුන්නා... මම හා කියලා ගත්තා...ඇත්තම කීවොත් ඈ තුන වසරෙදි... දැන් ඈ 4 පන්තියේනෙ..තවමත් ටයිප් කරන් නොගිය ඒ ලිපිය ඔන්න අද ටයිප් කළා.. ඒ විතරක් නෙමේ කාට හරි බලාගන්න බැරියැ කියලා ඔන්න මෙතනත් තිබ්බා... ( මාර අම්මෙක්නෙ කියන්න එපා ඉතින්... :( )පසු සටහන: ගිය වසර පුරාවටම ලියාගන්න හැකි උනේ එකම ලිපියක් පමණයි... මේ වසරෙත් දැනට එකයි.. ඉතින් මසකට එකක්වත් ලියාගන්න දරන පුංචි උත්සාහයක් නෙමේලු.
|
BLOG
|
ලියූ කවි පද දහක් අතරේලියා ගන්නට බැරිව ලතැවුනඑකම එක දිග පුංචි කවියක්තවම ලියනවා මං...තවම ලියනවා මං...නුඹෙ සුවඳ රැදි පපුව ගැඹුරේකියා ගන්නට බැරිව සැනහුනුඑකම එක දිග පුංචි පැතුමක්තවම පතනවා මං...තවම පතනවා මං... උණුසුමක් රැදි පළල් උරයකවෙලී සැතපී නිදන යුගයකනුඹෙ සුසුමක් සමග මියැදීයන්න තිබුනා නම්..මගෙ දෙනෙත්පෙති තෙමා රිදවනකදුළු නැ එහෙනම්... සදවතක රැදි සදළු තලයකතරු කැටක් වී රැදුනු දවසකලතෙක් සෙනෙහස නුඹේ සිත ලඟරැදී නොතිබුනි නම්..මගෙ දරදඩු පිරිමි සිත යටකඳුළු නැ එහෙනම්.
|
BLOG
|
හැකි වුනානම් පපුව...ඉරා පැන මොර දෙන්න....මුවින් මා නුබට දුන් ....තහංචිය වලකන්න ....කියනු ඇත මොර දෙමින් උදුරාන .අනේ තව එක් වරක්.....හඩනු මා දුරකතනය....නුබේ නමින්....පෙර ලෙසම...ලෙන් ගතුව. 15/07/2012.
|
BLOG
|
මෙලෝ රහක්,නැති උනාට..තිබහට බොන, ඇල්වතුරයි..කුසගින්නට,බත් ඇටයයි..වගේ මාත්ඕනම වෙයි.
|
BLOG
|
හෙන ගේමක් දීල තමයි ගත්තෙ ෆොටෝ එක..මගෙ පළවෙනි මූන් ෆොටෝ එක..තවත් හොඳ සූම් ලෙන්ස් එකක් තිබුනානම් කියල හිතෙනව.
|
BLOG
|
දැන් හැමදේම උඩු යටිකුරු වෙලා. හීන පේන්නෙත්කණපිටට. නිරායාසයෙන්ම මගේ අහිංසක හිත ඇදිලා ගියේ ඊයේ දවාලෙ මං දැක්ක පිස්සු හැදිලාසඳ බොඳවෙන ජාතියේ චාම් හීනෙකට.මී හරක් ජෝඩුවක් සුපර් මාකට් එකක ඉඳගෙන කතාකරනවා.“මචෝ, මේ දවස්වල රසම රස කෑම ජාතිය මොකක්ද එක මීහරකෙක් අහපි.”“ම්හ්, අධ්‍යාපනේ තමා රසම, එකෙත් ජාතිම කොටස තමරිසල්ට් කියන්නේ, මං ආසම ඒ හරියට.”“මාත් ඕක අහල තියනවා. ඇත්තම කියපං බංපුන්නක්කුවලටත් වඩා පට්ටද.” පලවෙනි මීහරකා අනිත් එකාගෙන් අපහු අහනවා.“අනේ මචෝ, මට හරි ආසයි මැරෙන්න කලින් ඇමතියෙක්වෙන්න”“ඉතින් ආණ්ඩුවෙන් හරි විපක්සෙන් හරි නාම යෝජනාදුන්නොත් හරිනේ”“එත් අනේ ජනී ජනයා අපට ඡන්දෙ දෙයිද.”මේ ප්‍රශ්නෙට පළවෙනි මී හරකා තප්පුලලා හිනාවුණා.“මොහ්, මොහ්, මොහ්”“අනේ මැට්ටෝ කතා සාප්පුවේ ඉන්නෙත් අපේම උන්නේ.අපි දෙන්නත් එතෙන්ට වැඩි නෑ. ජනී ජනයා අකමැති උනොත් අපි අර ලිස්ට් එකෙන්වත් යමුකො”“නායක වෘෂභ රාජ කැමති වෙයිද.”“එයාට ඕවා ගාණක් නෑ බං, අධ්‍යපනෙත් ඇඳගෙන නානවනෙ”එක මී හරකෙක් කිව්වා.“අපරාදේ කන්න තියන එක” අනිත් හරකා බොහොම දුකින්කිව්වා.“මේ දවස්වල රස්නෙ හින්ද වෙන්න ඇති”ඔන්න එතකොටම මට උඩ ගිහින් ඇහැරුණා. වෙලාව අමුමඅමු දවල් දොළහයි. මං නිව්ස් දැම්මා. ස්ට්‍රයික් එක ගැන වගක්වත් නෑ. Z score ගැනහාවක්හුවක් නෑ. ප්‍රවෘත්ති මුල ඉඳලා අගටම මල්මාලා දාලා හිනාවෙන දර්ශන, මුල්ගල්තැබීම්, රගර් මැච්.....“ඇත්තටම ඇයි දන්නෑ නේද පච පෙට්ටියේ ඔය ඉස්ට්‍රයික්ගැන යන්නේ නැත්තේ” මී හරකෙක් ආයෙත් අහපි.“පච පෙට්ටිවල, පත්තර කඩදාසිවල ලියන්න තරම් අධ්‍යාපනයත්ඉතුරු වෙලා නෑලු බං. දැන් හැමෝම කාලා ඉවරලු ඒක.”“එතකොට ඔය හුචැස් අධ්‍යපනෙත් අපේ වෘෂභරාජලා කාලාදාලාද.”“කාලා ඉවරමත් නෑලු, අපේ ජෝඩුවක් ඒක අනනව කියලාතමා ආරංචි.”“කතා සාප්පුවේ අය හැම වගකිමකින්ම නිදහස් බං,සල්ලිත් ලැබෙනවා, පිටරට යන්නත් පුළුවන්.”“ඒක නෙමේ හරිම ගිරිස්මයි කූල් ඩ්‍රින්ක් එකක්වත්බොමුකෝ.” එක මී හරකෙක්යෝජනා කළා.“බැහැ මෙයා බිල් ඇමති පැය තුනහමාරකට විතරක් බලේනැති කරලනේ.”“අර මොකද.”“විෂ්ප විද්‍යාල ළමයි අයිස් පැකට් බීලා ලෙඩවෙනවලු.අනිත් ඒක හැමදාම වැඩ කරන මිනිස්සුන්ට පැය තුනක විරාමයක් දවසකට ලබා දෙන්නලු.උතුම් පරමාර්ථයක් එහෙම නේද. ඒ විතරක් නෙමේ අර මහ විභාග ලියන ළමයි වැඩිපුර පාඩම්කරලා ලෙඩවෙයි කියලා බල ඇමතිට බයයිලු.”“ඇත්ත, ඇත්ත රට සංවර්ධනයට ශ්‍රම බලකාය ලෙඩ නොවීඉන්න එපායැ”“අනේ බලන්න කතා සාප්පුවේ අය මිනිස්සු ගැනගොඩාරියක් හිතනවා. විශේෂයෙන්ම ළමයි ගැන.”“ඒක හරි ළමයි නම් හරිම වාසනාවන්තයි. ආයෙත් විෂ්පවිද්‍යාල වලට ළමයි ගද්දි ඩබොල් බැජ් ගන්නවා කියලා තමා ආරංචිය.. ”“එතකොට ඒවා ඇතුලෙ ඉඩකඩ ප්‍රශ්නයක් ඇති වෙන්නෙනැද්ද.”“ආයෙ පිස්සුවක් ඇතැ , කතා සාප්පුවෙ අය මොළකාරයෝ.ඔය ඩබොල් බැච් ගන්න තව අවුරුදු පහක්වත් යනවා. එතකොට බඳින අය බැඳලා, රට යන අය රටගිහින් මැරෙන අය මැරිලා ...” එක මී හරකෙක් කියාගෙන ගියා.“එතකොට.”“ප්‍රතිඵලවලින් වගේම සොබාවික වරණයෙන් තේරෙන අපේදරුවො ටිකක් විෂ්ප විද්‍යාලවලට යයි.”“ආ මට තේරුණා, මාරයිනේ. සොබාදහමට අනුව...” අනිත්මී හරකටත් මාර හැපි.“එතකොට ඔය විෂ්ප විද්‍යාලවල ආචාර්යවරුන්ගේ ප්‍රශ්නෙ.”එක මී හරකෙක් බැරෑරුම්ව ඇහුවා.“අය්යෝ, එතන ප්‍රශ්නයක් නෑ. බොහෝම පැහැදිලිපිළිතුරක් විතරයි තියෙන්නේ.”අනිත් මී හරකා බොහෝම සැහැල්ලුවෙන් කිව්වා.“පිළිතුර....” ඒ මොකක්ද.“පිළිතුර තමා කාලය.”“ඒ කිව්වේ.”“එපා වුණාම හැමෝටම ස්ට්‍රයික් එක කාලයක් එක්කමනැතිවෙලා යයි”“එපා වුණේ නැත්තම්...”“එහෙම වුණොත් කාලය විතරක් යයි”“එතකොට...”“හා හා වැඩිපුර ප්‍රශ්න අහන්න එපා ඕනෑවට වඩා ප්‍රශ්නගැන හිතුවාම උමතු වෙනවා කියල බුදුබනෙත් තියනවලු.”“ඒ වුණාට අප්පා...”“අනේ මෝඩ ගොනෝ, ගොනෙක් වුණාට උම්බෑ කියන්න එපා”එක මී හරකෙක් කියනවා.උඹත් ගොනෙක් නෙ ඉතින් “මොහ් මොහ් මොහ්” අනිත් මීහරකත් හිනාවුණා.“ඔව් ඉතින් කෑගහන්න එපා...”මී හරක් දෙන්නම නිහඬ වුණා. දැන් දෙන්නම කතාසාප්පුව පැත්තට ඇදෙනවා.මහ මැතිවරණය ඇරඹේ. මම අපහු උඩ ගිහින් ඇහැරුණා.එතකොටම විදුලියත් විසන්දි වුණා. ආ ලයිට් කපලා. මම පුටුවෙම තව ටිකක් ඇහැපියා ගත්තා,කව්රු හරි මාව නැගිට්ටවනකම්...-මොරටු සරසවි සිසුවෙක්-.
|
BLOG
|
අහන් ඉන්න අහගෙන ඉන්න මගේ හිත මොනවද මුමුණනවා... මේ ගීතය ඔබ බොහෝ දෙනෙක් දැනටමත් අසා ඇති බව මම හිතනවා. ගීතයට අයිතිකරුවන් දෙදෙනෙකු සිටියත් මේකලා ගමගේ සොයුරිය ගායනා කරන මෙම ගීතය මම හිතනවා යම් විශේෂයක් එක් කල හැඟුම්බර ගීතයක් කියලා. ඔබත් රස විදලා බලන්න...අහන් ඉන්න - අහගෙන ඉන්න මගෙ හිත..මොනවද..මුමුණනවාමගෙ හිත..මොනවද..මුමුණනවා....යාය පුරා නෙක නෙක පාටින් මුදු මල් පෙති ඇහැරෙනවා...පොද වැස්සක සීතල ඇවිදින් සිතට එබෙනවා...කෝඩුකාර මල් රේණු අගින් සුවද බෙදනවා...ඒ සුවදින් මගේ හුස්ම රටා මවනවා...අහන් ඉන්න - අහගෙන ඉන්නමගෙ හිත..මොනවද..මුමුණනවා....//සිලි සිලියේ හමන සුලග කොදුරන්නෙ අපටමයි...සතුට මිසක දුක මොකටදසෙනෙහස මහමෙරයි...අමාවකේ දුක දුරලනදහසක් තරුකැට නුඹටයි... ඒ එලියෙන් දැල්වෙන ලෝකයමගෙමයි මටමයි...අහන් ඉන්න - අහගෙන ඉන්නමගෙ හිත..මොනවද..මුමුණනවා මගෙ හිත..මොනවද..මුමුණනවා....ගායනය : මේකලා ගමගේසංගීතය : රුවන් ශ්‍රී වල්පොලපද රචනය : සෝමලතා හේරත් මැණිකේThey are differently abled.
|
BLOG
|
තුතියසොබා මවුණීතුරුලට ගෙන දයාවෙන්පුංචි වියළි බිජුවකමුල් වැඩුවපාදා දෙපත් කොළ කෙරුවමොළකැටි කඳඅතු ඉති රිකිලි කර හැඩ කෙරුවරේණු නටන සුවඳ හමනහැඩ මල් අතු අග තැබුව...මීමැසි ගුමු ගුමුවබඹර රූං නද වැයුවාපැනිකුරුල්ලන් රඟ දුන්නාසමනොළ චාමර සැලුවාතුඩඟින් රොන් ගෙන පියාසැලුවාසුමුදු වත්සුණු සොරාගෙනනෑගම් ගියාපාට කුංකුම තිලකෙ තියා…අතු අග පිපුණාබරවි වැඩුණාපැහැයෙන් දිලුනාසුවඳත් හැමුවාලේනුන් එළවා සියොතුන් ඇදුණාඅතු ඉති සිඳලා නෙලාගෙන ගියාරිදුමන් වින්ඳාතුටුකැන් දැකලා විඳගෙන උන්නාමවුනි උන් නුඹේ හින්දා...සලා කොළ වඩා ළා දළුසරසා මලින් අතුපල බර වුණා සිව් සමයේ රැකමව් සෙනේහසින්...වසත් කල ගෙවුණාසුවඳ මල් පොහොට්ටු නැතඅතු අග බර වෙන්නදෙන්නට නන් නදරෑනින් ඒවිද...කට්ට කාෂ්ටක අව්ව විඳ විඳඉරිතැලුන පොත්ත පෑරුණවට වටා වැඩී මේරුණ කඳේඉරි රටා අතර සැඟවුනනව දළු රිකිල්ලවරම් යදිනවාකඳ පාමුලින් මතුවෙන්නටවැඩෙන්නට වි නව අත්තක්...නිමිත්ත: වියපත්ව තනිවෙච්ච කලකට පෙර සරුසාර ගහක්~~~oOo~~~කොරල් පර වලට චණ්ඩ රළ අමුතු දෙයක් නෙවෙයි. විටෙක ගොඩබිමෙන් මුදා හරින කුණුකන්දල් අරන් යන මහ රළ පෙරළා ඒවා ආපහු අරගෙන ඇවිත් වනසන්නේ මේ පුංචි ලෝකයේ බහුතරය වසා සිටින සුවිසල් සාගර ජලය හා උස් මිටි තැන් වලින් අඩුවක් නැති කඳු, තැනි, පාතාල, අගල් වලින් පිරුණ පූඑත්ළලයත් අතර හැඩ කරන වෙරළ තීරයයි. එදෙස මෙදෙස රැල්ලේ ඇදෙන කුණු රොඩු කොරල් පර වල පැටලෙනවා. ගල්මල් අඩවියට ද මෙය අමුත්තක් නොවිය, පැටලෙන කුණු මූදු රළ ම අරන් ගියාවේ, නැත්නම් දිරාපත් වුනවේ කියා නොසලකා හැරියා. එහෙත් සහෘද බ්ලොග් සටහනකට, ෆේස්බුක් මිතුරු පොස්ටුවක මවිසින් කරන කොමන්ටුවක් පවා බොහෝම පහත් නිරස ඊමෙල් හා කොමන්ට් ප්‍රහරවලට මුල් වුණා.තවත් එක් සිරකරුවෙක් කථාවෙන් උත්සාහ ගත්තේ මැදපෙරදිග රැකියාවේ අඳුරු පැතිකඩ පෙන්වීම වගේම අපේම තානාපති සේවයකින් පවා පිහිටක් නොලැබ අසරණවිම ගෙන හැර දැක්වීමයි. අරාබී ජාතිකයාගේ පරිත්‍යාගය ඉස්මතුකරන්නට කතාව පැත්තක් ගත් චෝදනාව එල්ල විය. දානපතීන්ගේ පරිත්‍යාග උපයෝගී කරගෙන අසරණයින්ට පිහිට වෙන අනෙකුත් රටවල තානාපති සේවාවන්, ස්වේච්ඡා සංවිධාන වෙතත් අපේම තානාපති අංශයෙන් පවා සිරිජයන්ත වැනි අයට එසේ පිහිටක් නොවෙනේ මන්දැයි යන ප්‍රශ්න, චෝදනා කරන අය අමෝරා ගෙන එන බෝඩ් ලේබල් වලට වැහී අන්ධ කරනවා වෙන්න ඇති.බ්ලොග් ලිවීම කලාවක්, නිදහස් හිතකින් කල යුතු කාරියක් හැටියටයි මම සලකන්නේ. මා අතින් ලියන දෙයකින් අකටයුත්තක් නොවෙන්න නිතරම උත්සාහ ගන්නවා. ඒ නිසා කාලයාට ඉඩ දී පොඩි විරාමයක් ගත්තා, එය ලේසි දෙයක් නොවුන ද ආයෙ පටන් ගැන්ම ඊටත් වඩා අමාරු දෙයක් වුණා.මගේ ලිවීමේදී සිදුවන වැරදි පෙන්වා දීම මා බොහෝ අගේ කරනවා වගේම භාර ගන්නේ ස්තුති පූර්වකව.මේ නිහඬ කාලයේ දී ද විටින් විට මා ගැන හොයා බලන්න තරම් කාරුණික වූ සැමටත් බොහෝමත්ම ස්තුතියි.(මේ සටහන නිමිත්ත හා සම්බන්ද නැත).
|
BLOG
|
කාලෙකට කලින් බොහොම කාලෙකට කලින්, ඔය එක එක කාලෙට එක එක පිස්සු එනවානේ, මේ කාලේ මට තිබ්බ පිස්සුව තමයි විදුලි පරිපථ හදන එක. සමහර විට මතක ඇති සෙනිත් කියලා පොත් සෙට් එකක්ම අවා. මගේ ගුරුවරයා උනේ අපේ ඉස්කෝලෙම උන්න දිම්මා. සතේ අතේ නැති කාලේ මට කොයින්ද පොතක් ගන්න සල්ලි මට මතක විදිහට ඒ කාලේ ඒ පොත රු 100 ක් උනෙත් නැහැ. කොහොම උනත් ගුරාගෙන් පොත ඉල්ලන් මාත් පෝඩ්ඩක් වැඩේට බැස්සා. සර්කිට් හදන උණ තදේට දැනෙන්නේ වෙසක් එක කිට්ටු උනාම, බුදුරැස් මාලාවක් හදාගන්න.අවශ්‍ය වියදම් , උවමනා වියදම් ඇරුනාම, ආශා වියදම් සපයන්න අපේ මව් දෙම්පියන්ට හැකියාවක් තිබුනෙත් නැහැ, හැකියාව තිබ්බාත් ඒ ප්‍රතිපාදන කවදාවත් අනුමත වෙන්නෙත් නැහැ. ඉතින් මම කියලා නිකා හිටියේ නැහැ, ස්වයං රැකියාවක් විදිහට වත්තේ තියන පුවක්, කජු දෙකම ඇහිඳලා එකතු කරනවා. මට මතක විදිහට කජු ගෙඩි 100ක් රු 20/- ක් විතර ඇති පුවක් ගෙඩියක් ශත 10 ක් විතර ඇති. ඒ තරම් ශක්තිමත් ව්‍යාපාරයක් නොවුනත්, වෙසක් එකට බුදුරැස්මාලාවක් ගොඩදාගන්න පුලුවන් ආසන්න මුදලක් හොයා ගන්න ඇහැකි. ඒත් සල්ලි මදි නම් ඉතින් කඩේ යනවට ගමන් ගස්තු විදිහට රුපියලක් දෙකක් ගන්නවා, (ඔව් ඒ කාලේ ඉදින්ම කලේ කඩේ යන එක තමයි :D)කොහොමින් කොහොමින් හරි, ගුරාගේ පිහිටෙන් මගේ ශක්තියෙන් දැන් බුදුරැස් මාලවක් හදන්න සල්ලි ටික තියනවා. ඒ කාලේ ඔය සෙනිත් පොත් තිබ්බේ බොරැල්ලේ YMBA එකේ කඩේක, මට දැන් නම් කඩේ මතක නැහැ. දවසක් ගුරා එක්ක ඔතනට මාත් අවා සැරයක්. කිරිබත්ගොඩ ලකී රෙකෝඩ්බාර් එකයි (දැන් නම් මේක නැහැ මම හිතන්නේ), රොවින්ටර් එකයි තමයි ඔය සර්කිට් බඩු ගන්න අපිට ලඟම තැන. රොව්න්ටර් එක නම් මම ඊයේ යනකොටත් දැක්කා. ඒක දැකපු හින්දා තමයි මේ අතීතයක් මතක් උනේ. ඔය රොවින්ටර් එකයි, ලකී එකයි ගත්තාම පොඩි වෙනසක් තිබ්බා. රොවින්ටර් එක පොඩි ඉඩක තිබ්බේ, හැබැයි A/C ඉතින් මම හරි ආසයි ඕකට රිංගන්න. ඇයි බොලේ කූල් එකේ පොඩේඩක් ඉන්න පුලුව්න් එකම තැනනනේ. දැන් නම් ඔෆිසියේ මගේ ඇඟටම වදින කරුම A/C එක එපා වෙලා තිබුණත්, ඒ දවස් වල මොන තරම් ආසද A/C පොඩ්ඩක් වද්දගන්න.ඉතින් කොහොමින් කොහොමින් හරි බුදුරැස්මාලව හදන්න,සෙනිත් පොතේ තියන විදිහට මාත් බඩු ටික ගත්තා. ඒකේ තිබ්බේ බැටර් හයකින් වැඩේ ගොඩදාන්න පුලුවන් කියලා. ඉතින් බැටරි එකක ගාන ඇහැව්වාම මගේ ඇස් දෙක උඩ ගිය හින්දා වෙන්ට ඇති රොවින්ටර් එකේ උන් කිව්වේ, ඔය සර්කිට් එක කරන්ට් එකට ගහන්න පුලුවන් කියලා. මාත් ඉතින් හදපිනා ගිය සතුටින් සර්කිට් බෝඩ් එකයි තව අර 22k, 5 ඕම්, කැපැසිටර් අරගෙන ගෙදර ඇවිත් වැඩේට බැස්සා. ෆෝමිකා බොඩ් කපාගෙන හිල් හදන් වද වෙන්න ඕනේ උනේ නැහැ. රෙඩිමේට් සර්කිට් බෝඩ් එක තිබ්බ හින්දා. දැන් ඉතින් සෙනිත් පොතේ තිබ්බ විදිහට ගානට ඔක්කොම සෙට් කරලා බවුත් එකෙන් ඊයම් එහෙම වක්කරලා, බොහොම සුමට විදිහට සර්කිට් එක හදලා ඉවර කලා. දැන් තියෙන්නේ විදුලි බලය සපයන්න. කියන්න කනගාටුයි මම කෙලින්ම සර්කිට් එක සම්බන්ධ කලා ගෙදර තියන 230V ප්ල්ග් එකකට. මට මතක විදිහට චුරුස් ගලා සද්දයක් අවා, එච්රයි, නිමි නිමි පත්තු වෙන බුදුරැස්මාලව වෙනුවට දුම්දාන බුදුරැස්මාලාවක් මට ඉතුරු උනා.ඔය වෙනකොට පවර්පැක් එක ගැන මාගේ ගුරුවරයා මා දැනුවත් නොකර තිබීම ඉතාම ශෝචනීය තත්වයක්. රොවින්ටර් එකෙන් කර්නට් එකට ගහන්න පුලුවන් කියලා කියලා තියෙන්නේ පවර්පැක් එක හරහා කියන එක මට තේරුම් ගියේ පස්සේ දවසක වෙච්ච සින් එක ගුරා එක්ක කතා කරපු වෙලාවක. ඉතින් බුදුරැස් මලා හැදිල්ල එහෙම්ම නතර උනා. හැමදාම අපේ අම්මා කියන්නා වගේ ඒ වෙසක් එකටත් අපේ ගෙදර කලුවරේම තිබ්බා.වැප්.
|
BLOG
|
ඉස් ඉස්සෙල්ලම 2014 වර්ෂයට ආපු හැමෝටම සුභ පතන්න ඕනි. මාධවගේ කතා කියෝන හැමෝටමත්, ලෝක වාසී හැමෝටමත්.එහෙනං යමුකෝ කතා පොජ්ජට. මේක හරි අමුතු දෙයක් සිංදු කතාන්දර. ඇත්තටම කොච්චර හොඳට ශ්‍රවණය කිරීමේ හැකියාවක් තිබුනා උනත් සමහර දේවල් ඇහෙන්නේ මහ අමුතු කතා විදියට. මාධවට නං උපතින්ම ශ්‍රවණ ආබාධයක් තියෙන නිසා එහෙම ඇහෙන එක අමුත්තක් නෑ කියලා මාධව ඉස්සර හිතුවට දැන් මාධවට හිතෙනවා අනික් අයටත්, ඒ කියන්නේ මාධවට වගේ නෙමෙයි හොඳට ඇහෙන අයටත් එහෙම කේස් වෙනවා නේන්නං බලං යද්දි. මේ ඉස් ඉස්සෙල්ලම කියන්න යන්නෙ ආන්න ඒ වගේ කතාන්දර ටිකක්.මේක උනේ මාධවගේ මිතුරු චමීරයට. මාධවයා මුලදි ලිංකිං පාක් අයගේ සිංදු අහන්නේ නැති කාලේ වෙච්ච සිද්ධියක් මේක.ලින්කින් පාක් අයගේ සිංදුවක් තියනවනේ. බොහොම ජනප්‍රිය සිංදුවක්. අහලා නැති අය මේ ලින්ක් එකෙන් අහන්න. වීඩියෝ එකත් එක්කම.. “ ඉතිං චමීරයා ඒ කාලේ දවසක මාධවට කියනවා උඹ අහලා තියනවද ලින්කින් පාක් ලගෙ “අයි බ්‍රේකින් මයි හැන්ඩ් ලෙන්ස්“ සිංදුව කියලා. දැන් මාධව ඒ කාලේ ඕක අහලා නෑනේ. ටික දවසක් ගිහිං මනුස්සයා රොක් උනාම (මාධව රොක් අහන්න ගත්තට පස්සේ) මේ සිංදුව අහලා බලද්දි මාධවට මතක් උනා මේ කතාව. බලද්දි ඒකෙ තියෙන්නෙ මෙන්න මෙහෙම.. “ ඒකේ habits කියන කෑල්ල ටිකක් ඇදලා කෑගහනවනේ. ඒක තමයි මේ චමීයට ඇහිලා තියෙන්නේ “ I breaking my hand lens “ කියලා.ඒක එක දෙයක්.තව තව ඒවා තියනවා ඔය වගේ.මාධව මේවා අහුල ගත්තේ අන්තර්ජාලයේ එහෙ මෙහෙ යද්දි හම්බුන දේවල් වලින්. ඒ ටිකත් කියලම ඉමුකෝ.ඔන්න සිංදුවක් තියනවනේ “මං අහන්නෙ නං නෑරත්තරනේ.“ කියලා. ඕක සමහරුන්ට ඇහෙනවා මෙන්න මෙහෙම. “මං අහන්නෙ නං නෑ රත්නසිරි“ කියලා.තවත් සිංදුවක් තියනවා මේ විදියට. “අනේ මං බලාන උන්නා. යලිත් ඔබ එතැයි කියාලා.“ කාගෙද මංදා හෙන හැඟුම්බර විදියටනේ ඔය කොටස කියන්නේ. හැඟුම්බර කමේ වැඩි කමටද මංදා ඒක සමහරුන්ට ඇහෙනවා මේන්න මෙහෙම.“අනේ මං බලාන උන්නා ලලිත් ඔබ එතැයි කියාලා“ විදියට.. ඒ තරම්ම හැඟුම් බර විදියට කියන්නේ.තවද ඉදිරියට යද්දී මේ සිංදුත් මේ විදියට ඔයාලට ඇහිලා නැද්ද බලන්න. අනිවා එක්ක හරි මේ විදියට ඇහිලා ඇති. මාධවටත් සමහර ඒවා ඇහිලා තියනවා.සඳ මිඳුලට එනවා. ඇඳිවත සිහිවෙනවා (ඇගෙ වත කියන එක ඇහෙන්නෙ ඇඳිවත කියලා.)මගෙ රත්තරන්ගෙ ලේනා ........ (මගෙ රත්තරන් හෙලේනා කියන එක.)මදුමතියේ බඩුම තමා (මදුමතියේ ඔබම තමා කියන එක)රන් සමනළ ජෝඩු බබාගේ (රන් සමනල ජෝඩුව වාගේ.)උප්පැන්නේ පියාගේ නම ලියන තීරුවේ... පියාගේ නම තිලක් උනේ කොහොමද අම්මේ............ (මේක හරි කතාව තිලක් නෙමෙයි ඉරක්.)අද දීගෙක ගිය ඔබ මට බුලට් අතක් දීලා (ඇත්තටම ඒක තියෙන්නෙ බුලත් අතක් දීලා කියලනේ.)ඔයා ලැබෙන්නේ නැතිනම් තනිකර බෙන් ටෙන්... (ඔයා ලැබෙන්නේ නැතිනම් තනිකඩ වෙන්නං)අන්තිම ටික නං ටිකක් කුණුහරුප වගේ. කමක් නෑ. ඒත් කමක් නෑ ඉතිං මේකයි කතාවඅර සිංදුවක් තියෙන්නෙ ලස්සන ගීතයක්සීගිරියේ කුරුටු ගීත ලස්සනයි ඒ ලස්සන ගී ලියන්න බෑ මට *කයි ( * සහිත වචනය “දුකයි“ කියා නිවැරදි කරගන්න හොඳේ.)තවද සමහරුන් යම් කිසි තට්ට අයියා කෙනෙක්ගේ මේ ගීතය ගායනා කරනුයේ “ සුදු අරලියා මල පිපුනේ ඇයි තනිව ලි0ගික ඇසුරකට මට දැන් අවසරද “ යනුවෙනි.ඉවරායි.
|
BLOG
|
"අතට නිදහස දීම"...ආයේ පොඩ්ඩක් නෙමෙයි අත පාවිච්චී කරන එක 100%ක්ම නතර කරන්ඩ...ඕක ඔය අවුරුද්දුසීයට පොඩ්ඩක් වැඩි ඉතිහාසේ හැමදාම තිබුන හීනයක් තමයි. ඕතැන ඉතිහාසය කියුවේමෝටර් වාහන ඉතිහාසය...අස්පයන්ම පැන්ෂන් යවලා ජර්මනියේ බෙන්ස් උන්නැහේ තෙල් ගහන ඇන්ජීම්හයි කරපු වාහන හදන්න ගත්ත කාලේට වැඩිය ඔය රියදුරු දෑතක්(එකක් හරි) නැතිව දුවන හීනේටවයස තියෙනවා.(මුල් වාක්කේ කියවලා දුවගෙන ආපු අය දැන් හැරිලා ගියොත් හොඳා...) ”කාර් එලවන වැඩේ කාර් එකටම බාර දෙන්ඩ ඕනේ...තාමවාහනයක් එලවන්න මිනිහෙක් නැතිවබැරිකියන්නේ මට නම්හරි පුදුමයක්.....කොම්පිතරයට කලින් කාර් ලෝකේට ආපු එක ඉතිහාසේ වුන වැරැද්දක්....”මෙහෙම කියුවේ ගුගුල් ලොක්කා 2010 දී...ඒ එක්කම ගුගුල්ලාතමන් සෙල්ෆ් ඩ්‍රවින් කාර් වලට අත ගහපු විත්තිය ලෝකේට කියුවා.එදා ඉඳන් මේ අවුරුද්දුතුනට වාහන හදන හැමෝම වාගේ ඔය ඉබේ දුවන වැඩෙට අත ගහන්න ගත්තා.ගුගුල්ලගේ වාහනේ 2017දී පාරේ දුවන්න ගනියි. 2020 වේද්දී අද ලංකාවේහ්යිබ්‍රිඩ් වලට තියෙන තැන ස්මාර්ට් කාර් වලට තියෙයි.Fordලොක්කා බිල් ෆොර්ඩ් උන්නැහෙත් ”කාර් කියන්නේ ඉස්සරහට මිනිස්සුන්ටස්මාර්ට් ෆොන් එකක් කොම්පියුටරයක් වාගේ එකක් වේවී” කියලත් කියලා තියෙනවා...ඇමරිකාවේසිලිකන් වැලි කියුවාම අයි.ටී.. Detroit කියුවාම කාර් තමයිමතක් වෙන්නෙලු හැබැයි ඉස්සරහට සිලිකන් වැලි කියුවමත් කර් වේයිමද දන්නේ නෑ ...දැන් දැන්....ටොයොටා වාගේ සමාගමුත් අයි ටී කාරයෝ එක්ක හොඳ හිත තියා ගන්න සිලිකන් වැලිවල කන්තොරු දාගෙන ඉන්නවා.ටොයොටා කියුවාම මතක් වුනේ ටොයොට සමාගමත් මේ ඉබේදුවන වැඩේ ගැන හරි උනන්දුවකින් වැඩ කොරනව.පහුගිය දොහක අධිවේගී මාර්ග වල සාර්ථකව වාහනයක්ඉබේ දුවන්න පුළුවන් තාක්ෂණය තියෙනවා කියලා පෙන්නඩ කාර් එකක් රියදුරා සුක්කානම අත හැරලා,බ්‍රේක් ඇක්සලරේට්එකෙන් කකුල් ඉවත් කරලා Automated Highway Driving Assistකියන තාක්ෂනයෙන්දුවවලා පෙන්නුවා.හැබයි මේක දැකල මළ පැනපු කට්ටියකුත් හිටියා අයුබොවන්ඩ.ජපාන පොලීසියේමහත්තුරු කියුවේ මේක තනිකරම මාර්ග නිතී කඩ කිරිමක්ලු...ප්‍රවාහන අමාත්‍යංශයත් අයේ නිකන්හිටියේ නැහැ ප්‍රමුඛ නිෂ්පාදකයෙකුට ගැලපෙන් නැති ක්‍රියාවක් විදිහට හෙළා දැකලා තිබුන...සිලිකන් වැලි වල වැඩ්ඩෝ ගොඩක් එළියට ආපු ස්ටැෆොර්ඩ් විශ්වවිද්‍යාලේත් 2008 දී මෝටර් වාහනවලට පරික්ෂන ආයතනය්ක් පටන් ගත්තේ හුළං හමන පැත්ත බලලා..හිටපු ගමන්ම අනාගතේ කාර් ගැන ලියන්න හිතුනේ පහුගිය දොහක මෝටර්ෂෝ එකක් බලන්න ගිය හින්ද.වේලාවක් හබ්බ වුනාම එකේදී දැකපු වාහනයක් දෙකක් ගැන ලියලා දාන්ඩඕනේ..ටොයොටා සමාගමේAutomated Highway Driving Assist විඩියෝව.
|
BLOG
|
ඉරාකයේ සිදු කල මෙහෙයුමකින් අවරුදු අටක් පමණ අතුරුදහන් වෙලා සිටි ඇමරිකානු මැරීන්හමුදා සෙබලෙක්ව මුදා ගැනීමට සමත් වනවා. නමුත් CIA නිළධාරිණියකට ලැබෙනඔත්තුවකින් දැනගන්න ලැබෙනවාඑක්තරා සිරකරුවෙකුගේ මොළ සේදීමකින් (Brain Wash) අනතුරුව ත්‍රස්ථවාදීන් සඳහා උදව් දීමට ත්‍රස්තවාදීඒ ජන්තවරයෙක් විදියට ඇමිරිකාවට නැවත පැමිණෙන බව.එනිසා මෙමඒජන්ත වරියගේ සම්පූර්ණ සැකය යොමු වන්නේ නිකලස් බ්‍රෝඩි ටහෙවත් ළඟදි මුදාගත් මැරීන් සෙබලා වෙත. මේ නිසා ඇය හෙවත් කැරී මැතිසන් විසින් තම රහස් කණ්ඩායමක් යොදවා බ්‍රෝඩි ගැන ඇහැ ගහගෙන සිටින්නේ තම සැකය තහවුරු කර ගැනීම සඳහා තොරතුරු ලබාගැනීම සඳහා ය.මුලු රටම, විරුවෙක් විදියට සිතා සිටින මෙමහිටපු මැරීන් සෙබළාගේ හැසිරීම කෙරෙහි රහසින් CIA නියෝජිත වරිය සැකයෙන් යුතුව බලා සිටියත් ඇයට තම ඉහළ නිළධාරියාගේ මැදිහත්වීම මත නිත්‍යානුකූල අවසරය කෙටි කාලයක් සඳහා ලබා ගැනීමට සමත් වන අතර වැඩි කල් නොගොස්ම ඇය තම සැකකරු කෙරෙහි පෙම් කිරීමට පෙළඹේ.ඇමරිකාවට ත්‍රස්ථවාදී බලපෑමක් ඇති බව හෙළිවන අතරඑය කුමන ආකාරයේඑකක් දැයි නිශ්චිත වශයෙන්හඳුනාගැනීමට නොහැකි වේ. කෙසේ නමුත් මුල් ප්‍රහාරය ඉතාමත් අදක්ෂ අන්දමින් ව්‍යර්ථ වන අතරඑහිදී තවත් චරිතයක් කරළියට පැමිණේ.පළමු කථා මාලාවඑතැනින් අවසන් වන අතර දෙවැන්න ආරම්භ වන්නේ ත්‍රස්ථවාදී අරමුණ සොයා යෑම තුලින්. මේ වන විට ත්‍රස්ථවාදීඔත්තු කරුවා, බ්‍රෝඩි බවට තහවුරු වන අතරඔහු තම සහාය CIA එක වෙත ලබා දීමට එකඟ වීමත් සමඟ ද්විත්ත්ව ඒජන්ත වරයෙක් බවට පත් වේ.ඒ නමුත් ත්‍රස්ථවාදී ඉලක්කය කුමක්දැයි යන්න ඔහු පවා නොදන්නා අතරඑය සොයා ගැනීමට උදවු වේ.කෙසේ නමුත් අවසානයේදී මොවුන්ට මෙම ඉලක්කය හඳුනා ගැනීමට හැකි වේද නැද්ද යන්න දැන ගැනීම සඳහා මෙම කතා මාලාව නැරඹීමට සිදු වේ.මොහොතින් මොහොත කුතුහලයෙන් පිරි මෙම කතා මාලාව මම ප්‍රිය කරනා ඝණයේඑකකි. කොටස් දොලසකින් යුක්ත මාලා තුනක් සහිත මෙය මේ වන විට මාලා දෙකක් නිකුත් වී ඇති අතර මෙය ලියා ඇත්තේ කණ්ඩායමක් වීම මෙහි ඇති විශේෂ ලක්ෂණයයි.අවශ්‍ය කෙනෙකුට මෙම Homelandකතා මාලාව සිංහල උපසිරුස සමඟව බාගත කරගන්න පුළුවන් උවමනා නම් බයිස්කෝප් අඩවියට ගියොත්.කාලෙකට ඉහත දීඕනයියාදුන්, යුධ බල්ලෝ නම් Frederick Forsyth ගේThe Dogs of War නම් සිංහල පරිවර්ථනය කියැවීමෙන් අනතුරුව මා මෙවැනි කතා වලට ප්‍රිය කිරීමට පෙළඹුනු අතරඑනිසාමඔහුගේ වෙනත් කෘති කිහිපයක්ම ගෙන කියවීමී.ඒවා නම්පලිගැනීමේමෙහෙයුම (Avenger)නාග මෙහෙයුම(The Cobra)සිරකරුවා සහඔත්තුකරුවා(The Afghan)මේ පොත් අතරින් 2006දී ලියා ඇති සහ 2013දී පරිවර්ථනය කර ඇති “සිරකරුවා සහඔත්තුකරුවා“හෙවත්The Afghanයන පොතේ ඇති කතාව Homeland කතා මාලාවට යම් සමානකමක් දක්වන අතරඑහි ඇත්තේ කතා මාලාවේ අනෙක් පැත්තය.අල්කයිඩා සංවිධානය විසින් එල්ල කිරීමට සූදානම් වන ප්‍රහාරයක් පිළබඳව CIA වෙත සැල වීමත් සමගම එය කුමක්දැයි සොයාගැනීම සඳහා ඇමරිකානු හමුදාවෙන් විශ්‍රාම ගිය නිළධාරියෙකු, ඇමරිකානු අත්තඩංගුවේ සිටින ඇෆ්ගන් ජාතික ත්‍රස්ථවාදියෙකු වෙනුවට නිදහස් වී ගොස් ඔත්තු බැලීම පිළබඳව අතිශය කුතුහලාත්මක කතාවක් මෙම පොත තුල අන්තර්ගත වේ.කෙසේ නමුත් මේ දෙක සංසංදනය කිරීම කල නොහැකි අතර දෙකම මාගේ සිත අතිශය ලෙස ඇදගැනීමට සමත් විය.
|
BLOG
|
හා හා පුරා කියලා ඔන්න මාත් කස්ටොම් රොම් එකක් හැදුවා...මේක මගෙ පලවෙනි රොම් එක...ඒනිසා අඩු පාඩු තියෙන්න පුලුවනනේ නිසා ඔයාලගෙ උදව් ඕන...මේක xperia ray ෆෝන් එකට විතරමයි.මගේ ෆෝන් එකෙත් රන් වෙන්නේ මේ OS එක තමා..තාම කිසි අවුලක් ආවේ නෑ..මේක CM9 හා ASOP මත පදනම් උන එකක්...Sony S,Xperia Ray,Galaxy Nexus වගේ ෆෝන් වල Os වල එකතුවක් කියන්නත් පුලුවන්....0......................
|
BLOG
|
බොහොම බොහොම කාලෙකින් ඕං අද ආවා බ්ලොග් එක පැත්තට...ඇත්තටම කිව්වොත් මට “හිතුවක්කාරයෙකුගේ සටහන් “ කියලා අවාරෙට හරි ලියැවෙන බ්ලොග් එකක් තිබුනා නේද කියලා මතක් උනේ අද උදේ නන්නත්තාර වෙලා කල්පනා කර කර ඉද්දි...කොහොමත් මට පහුගිය කාලෙම මට මගේ කියලා තියෙනවා කියලා මතකේ තිබුනේ mobile එකයි, ඇඳුම් පැලඳුම් ටිකයි, යන හැමතැනම අරන් යන බෑග් එකයි විතරයි...ඉතිං කොහොමෙන් හරි ඇවිත් බලද්දි මුකුත්ම නොලියා උනුනු කාලෙදිත් කට්ටිය ඇවිල්ලා ගිහින් තියෙනවා.ඒක ගැන නම් සතුටුයි...පහුගිය ගෙවුනු හීනයක් වගේ මාස ටිකේදි ජීවිතේට ගොඩක් අරමුණු, හීන එකතු උනත් ටික ටික බොඳවෙලා යනවා කියලා දැනුනු හීන ඊයේ දවසෙදි කුඩුපට්ටම් වෙලා ගියේ ජීවත් වෙන්න අළුත් අරමුණක් හොයාගන්න ඉඩ ඇරලා...ඊයේ දවසෙදි අවුරුදු ගානක් පාවිච්චි කරපු sim එකත් මාරු කරලා, අළුතෙන් sim එකකුත් දාගත්තේ ගොඩක් දේවලින් ඈත් වෙලා ටික කාලෙකට ඉන්න ඕනි කියලා...දැකපු හීන ආපහු දකින්න කියලා හිත සිය දහස් වාරයක් කීවත් ආපහු මට ඒ හීන ඇය ගැන දකින්න බැරිවේවි...සමහර විට යලි දකිවී...මොකද අනාගතය ගැන අද කියන්න අපි කාටවත් බැරි නිසා...ඇයම කීව විදියට කාලය ගොඩක් දේ වෙනස් කරනවා...අපි බලමු...ආපහු සැරයක් බ්ලොග් ලියන, E-money හොයන්න ට්‍රයි කරන, games ගහන, mobile එක facebook යන්න විතරක් use කරපු තනියම උන්නු කාලෙට එන්න වෙලා...සී සීකඩ විසිරිලා ආපහු ජීවත් වෙන්න අරමුණක්, අළුත් ජීවිතයක් හොයන හිත හදාගන්න ආපහු ලියන්න ගන්න එක ලොකු උදව්වක් වේවි.කොහොම උනත් පහුගිය කාලෙදි ගොඩක් දේ ජීවිතේට ඉගෙන ගත්තා...පුළුවන් විදියට අද ඒ දේවල් මේ සටහන් කරන්නේ කවදහරි, කාටහරි වැදගත් වෙයි කියලා වගේම මට මගේ හිතත් නිදහස් කරගන්න ඕනි හින්දා...කවමදාවත් හිතේ ඇතිවෙන ආදරයක් හංගගෙන ඉන්න එපා. තමන්ට තමන්ගේ ආදරේ විශ්වාස නම් ඒක ඔහුට හෝ ඇයට කියන්න...නැතිනම් ගොඩක් කාලයක්, නැතිනම් සමහරවිට ජීවිත කාලයක් පසුතැවෙන්න වේවි...සමහරවිට ඔහුට හෝ ඇයට ලැබිය හැකිව තිබූ හොඳම ආදරය ඔබේ ආදරය විය හැකියි...ආදරයක් ඇතිවෙන්නේ වෙලාවල් බලලා නෙමෙයි...සන්නස්ගල සර් කියන නිතරම කියන විදියට ජීවිතෙම ඇක්සිඩන්ට් එකක් නම් ආදරෙත් ඒ වගේ ඇක්සිඩන්ට් එකක්...වයස, කුලමල, ජාතිය හොයලා නෙමෙයි අපි ආදරය කරන්නේ...ආදරය ප්‍රකාශ කිරීමේදි ඔබ ඇත්තටම ඇයට ආදරෙයි නම් වයස, නෑදැ පරම්පරාවල් මොනා කියයිද, ගෙදර අය මොනවා හිතාවිද, අහල පහල උන් මොනා හිතාවිද කියන එක ප්‍රශ්නයක් කරගන්න එපා...කවදහරි ඔහු හෝ ඇය ඔබට අහිමි වෙලා ගියත්, ඈත් වෙලා ගියත් කවදාවත් වෛර කරන්න එපා...අහිමි උන ආදරේ ප්‍රකාශිත එකක් උනත්..අප්‍රකාශිත එකක් උනත් ඔහුට හෝ ඇයට උදව්වක් අවැසි හැමවෙලාවෙම ඒක කරලා දෙන්න...කවදමහරි දවසක අපි ආදරය කරන කෙනාට වෙන ආදරයක් තිබුනොත්, ඔබේ ආදරය ඇයට ප්‍රශ්නයක් උනොත් එතනින් ඈත් වෙන්න ආදරය හිතේ තියාගෙන...විසඳගන්න අමාරු, ජීවිතේම අවුල් කරන ප්‍රශ්නයක් ආපු තැනදි ඔබට කරන්නට කිසිම දෙයක් ඉතුරු වෙලා නැතිනම් පොඩ්ඩක් පැත්තකට වෙලා කාලයට ඉඩ දෙන්න...කාලය ගොඩක් ප්‍රශ්න විසඳනවා වගේම හිතේ තියන ගොඩක් තුවාල හෙමින් සීරුවේ සනීප කරනවා...ඔබේ ආදරය කවදහරි ඔබට ලැබුනත්, නොලැබුනත් කවදාවත් ඒ කාලෙට වෛර කරන්නවත්, ගෙවුනු කාලය අපරාදෙ කියලා හිතන්නවත් එපා...ගෙවුනු කාලය ආපහු ගන්න බෑ. ඒක ඇත්ත...ඒත් ඒ ආදරය කරපු, කරන කාලෙදි ලැබුනු අත්දැකීම්, වින්ද දේවල් කවදහරි ඔබට ජීවිතේදි වටීවි.මොනදේ උනත් කවදාවත් ඔබේ හිත ඔබට නැති කරගන්න එපා...හිත නැතිඋනොත් වෙන්නේ මැරෙන්න හිතන එක විතරනේ...හිත අහිමි වෙලා නම් තියෙන්නේ පුළුවන් ඉක්මනට ඒ හිත හොයාගන්න...හිත තුවාල වෙලා...කැඩිලා බිඳිලා සී සීකඩ ගිහින් තිබුනත් ඒ හිත පුළුවන් තරම් පරිස්සමට බලාගන්න...කාලය හෙමින් සීරුවට හිත සුවපත් කරාවි...සමහරවිට අහිමි උන ආදරෙත් කවදමහරි දවසක ඔබට ලැබෙන්නත් පුළුවන්...මොකද ජීවිතේ වෙන්නේ අපි හිතන දේ වත්, ප්‍රාර්ථනා කරන දේමත් නොවෙන නිසා...ම්ම්ම්ම්ම්....ඕං ඉතින් කිව්වා...මොනාහරි අමතක උනා කියලා නම් මතක් වෙන්නේ නැහැ...කාලෙකින් බ්ලොග් එකක් කියෙව්වෙවත් නැහැ...ලියන්න කියවන්න බලනවා අද ඉඳන්වත් ආපහු...හිත හදගන්න ට්‍රයි කරන ගමන් ප්‍රශ්න විසඳන්න කාලෙට ඉඩ දීලා බලන් ඉන්න එකේ කරන්න කියන්න දේකුත් තියෙන්න එපායැ...අදට ඇති වගේ...ජය වේවා හැමෝටම එහෙනම්.
|
BLOG
|
4pt 0in 5.0pt; font-family:"Calibri","sans-serif"; mso-ascii-font-family:Calibri; mso-ascii-theme-font:minor-latin; mso-hansi-font-family:Calibri; mso-hansi-theme-font:minor-latin; mso-bidi-language:AR-SA;} අදකතා කරමු කට ගැන,ඇස(2) කණ(2) නාසය(පුඩු2) අනෙක් අගපසගයන් තුලින් කරනා කරුණු කරනා එක්කටකින් පතිචාර දක්වන විට කොතෙක් ප්රෙවේසම් විය යුතුද,එම ප්‍රවේසම් වීමෙන් තමුන්ටනිහඩව කුසල් රැස්කරන්නට හැකියාවක් ලැබෙනවා,එසෙය් නොකිරීමෙන් විපාක ලැබෙනවා,උදාහරණයක් සමගින් අප කට ගැන කරනා කීපයක් දැනගමු “ කෝකාලික “ යනු දේවදත්ත හිමියෝශිෂ්‍ය භික්‍ෂූන් වහන්සේ නමකි. උන්වහන්සේ අගසව් සැරියුත්- මුගලන්මහරහත් දෙනම පිළිබඳ වෛරයෙන් පසුවූහ. දිනක් බුදු රජාණන්වහන්සේ හමුවට පැමිණ “කෝකාලික“ හිමියන්සැරියුත් - මුගලන් මහරහතන් වහන්සේ දෙනමට නින්දා අපහාස කළහ. ඉතා පහත්ආශාවන්ට වසඟ වී ඉතා නරක ජීවිතයක් ගත කරන දෙනමක් ලෙස උන් වහන්සේලාට චෝදනාකළහ. රහතන් වහන්සේලාට එසේ නින්දා අපහාස නොකරන ලෙස තථාගතයන් වහන්සේතුන්වරක්ම උන්වහන්සේගෙන් ඉල්ලා සිටියහ. එහෙත් එම හිමියෝබුද්ධ අවවාදය නොපිළිගත්හ. සැරියුත් - මුගලන් මහරහත් දෙනමට තව තවත්දොස් පවරා ජේතවනාරාමයෙන් පිටව ගිය කෝකාලික හිමියන්ගේ ශරීරය පුරා තුවාලමතු වී ඒවා පුපුරා ගොස් අපමණ වේදනාවට පත්ව එදින රැයේදීම අපවත් විය.රෑමැදියම බුදුරදුන් හමුවට පැමිණි “ සහම්පති” මහාබ්‍රහ්මයා “ කෝකාලික”හිමියන් මරණයට පත්වපදුම නරකයේ උපන් බව දැන්වීය. බුදුරජාණන් වහන්සේ පසු දින දම් සභාවේදීඑම සිද්ධිය සිහි පත් කරමින් කෝකාලික සූත්‍රයෙන් ධර්ම දේශනා කළහ. එමසූත්‍රයට අයත් ඉහත සඳහන් ගාථාවෙහි සර්වකාලීන අගයෙන් යුතු දහම් පණිවිඩයක්තිබේ. එය නම් වාචසික අසංවරයෙන් මුහුණ දීමට සිදුවන කටුක ප්‍රතිවිපාකයයි.සමාජ සබඳතා පවත්වාගෙන යාම සඳහා පුද්ගලයා විසින් වචනය ප්‍රධාන මාධ්‍යයක් ලෙස ප්‍රයෝජනයටගනියි.එසේ භාවිතා කරන වචන සුභාෂිත හා දුභාෂිත හෙවත් යහපත් වචන හා අයහපත් වචන නමින්කොටස් දෙකකට වෙන් කළ හැකිය. බුදු දහමට අනුව අයහපත් වචන යනු වචනයෙන්සිදුවන අකුසල්ය. ඒවා සතරාකාරවෙයි. එනම්, බොරුකීම , කේළාම් කීම, අසභ්‍ය වචන කීම,හිස් වචන කීමයනුවෙනි. මෙම වැරැදි වචනභාවිතයෙන් පුද්ගලයාට හා සමාජයට සිදුවන හානිය ඉතා විශාලය. අන්‍යෝන්‍යවිශ්වාසය හා සුහදතාවය බිඳ වැටීම, සමගිය සාමය නැතිවීම ගැටුම් ඇතිවීම හා වටිනා කාලයනිකරුණේ විනාශ වී යාම එමගින් සිදුවෙයි. අයහපත් වචන කතා කරන පුද්ගලයාමෙලොවදී විවිධ නින්දා අපහාස වලට ලක්ව මරණයෙන් පසු දුගතිගාමී වීමදවැලැක්විය නොහැකි දෙයකි. පුද්ගලයාට සිදුවන මෙවැනි අයහපත් ප්‍රතිඵලනිසා ධර්මයේ දුර්භාෂිතය කෙටේරියකට උපමා කර ඇත. භාවිතා කරන වචනසුභාෂිත වචන වීම සඳහා සම්පූර්ණ විය යුතු අංග හතරක් සංයුක්ත නිකායේසුභාෂිත සූත්‍රයේ පෙන්වා ඇත.සභ්‍ය වචනයක් වීමදැහැමි වචනයක් වීමපි‍්‍රය වචනයක් වීමසත්‍ය වචනයක් වීම මෙවැනි සුභාෂිත වචන භාවිතා කිරීම ,වාචසික කුසල් වර්ධනයකර ගැනිමකි. එය සමාජයේ පි‍්‍රය මනාප පුද්ගලයකු වීමට පමණක් නොව සසර සුගතිගාමිවීමටද හේතුවකි.නිර්වාණගාමී මාර්ගයේ සම්මාවාචා අංගය සපුරා ගැනීම සඳහා ද යහපත් වචනකථා කිරීම ඉවහල් වේ.එනිසා බුදුරදුන් වාචසික සංවරය බෙහෙවින් අගය කර ඇත. පිරිසක් රැස් වූ විටදැහැමි දෙයක් පමණක් කතා කරන ලෙසත් නැතිනම් රහතුන් වහන්සේ සේ නිශ්ශබ්දවසිටින ලෙසත් අවධාරණය කර ඇත. “ ධම්මීවාකථා අරියොවා තුණ්හි භාවොති “ (අරිය පර්යේෂණ සූත්‍රය මඞන)පින්වත, ඔබ ද මෙම දහම් කරුණු කෙරෙහි අවධානයයොමුකර තම වාචසික සංවරය තුළින් දෙලොව සැනසීම සලසා ගැනීමට උනන්දුවන්න .මෙය ශාස්ත්‍රපති කැටවල ඉන්දසාර හිමි විසින්බුදුසරණ පුවත් පතට කල ලිපියක් ඇසුරින්.
|
BLOG
|
යන්න ආසයි ආයිමත්ඉස්කෝලෙට දවසකට හරිකළු ලෑලි ඩෙස් බංකුයකඩ පුටු මේසඅතර සුවඳ විඳින්නටගුරුවරුන්ගේ වීරකතාපඬි කතා එක්කපොඩි ගුටියකුත් කන්නචෝක් කෑල්ලක්කඩල අරන්තවකෙකුට ගහන්නපොඩිපහේ කට් එකකින්මුහුදේ පොඩ්ඩක් නාන්නඇරුනාම ඉස්කෝලේපොඩි වලක් බහින්නරටේ නැති ලොකු කතාකෙල්ලෝ බල බල කියන්නආයිමත් එනවනම්ඒ ලස්සන දවස් ටිකහැබැයි ඔන්නවිභාගනම් නැතුවහරිය.
|
BLOG
|
යම් දෙයක දියුණුව,යමෙකුගේ දියුණුව කාරණා කිහිපයක් මත පදනම් වෙනවා.ඉන් එකක් තමයි කලට වේලාවට වැඩ කිරීම.දියුණු වෙන රටක් හැටියට ශ්‍රී ලංකාවේ හැමෝටම පාහේ පුද්ගලික වාහනයක් භාවිතා කිරීමට තරම් වත්කමක් හිමිව නැත.ඉතින්,කලට වේලාවට අවශ්‍ය තැනට යන්න අපිට තියෙන එකම විසදුම කුමක්ද.පොදු මගී ප්‍රවාහන සේවයක් යනු ඉහත අවශ‍්‍යතාවය සපුරාගැනීමට ඇති මාර්ගයයි.නැතිනම්, රටක සංවර්ධනයේ මූලිකම පුරුකයි.ලංකාවේ පොදු මගී ප්‍රවාහනය පිළිපදව සමාජය තුළ ඇත්තේ එතරම් යහපත් මානසිකත්වයක් නම් නොවේ.එයට හේතු මෙහි ගෙන දැක්වීමෙන් පලක් නැත.නමුත්, දැන් දැන් අප රටේ ගමනාගමන රටාවන් තුළ සිදුවන විපර්යාස පිළිබදව ඔබ විමසිලිමත් වූවාද.රටක දියුණුව රජය මතම පවරා නොසිට පුද්ගලික අංශයද ඒ සදහා හවුල් කරගත් රාජ්‍යයන් අද රජුන් සේ ලොව කැපී පෙනෙයි.නමුත්,යටගියාවේ අප රට තුළ වූයේ කුමක්දැයි ඔබ අවබෝධයෙන් සිටින බව මා දනිමි.නමුත්,එම යටගියාව වළලා දමමින් වර්තමානයේ සියලු අංශයන්ගේ ආශිර්වාද මැද රටේ ප්‍රවාහන පහසුකම් නගා සිටුවෙන බව ඔබට දැනුනාද.මහාමාර්ග ප්‍රවාහනය අතින් අධිවේගී මාර්ග ඉදිවීම,ලංගම ශක්තිමත් කිරීම, අධි සුඛෝපභෝගී බස් රථ සේවා (විවිධ පුද්ගලික ආයතන විසින් ආසන වෙන් කරවා ගත හැකි) වැනි දෑ උදාහරණ ලෙස දැක්විය හැක.දුම්රිය මාර්ග ප්‍රවාහනය දෙසින් සුඛෝපභෝගී සීඝ්‍රගාමී දුම්රිය සේවාවන් හා එම ආසන වෙන් කරවා ගැනීමේ පහසු ක්‍රම මෙන්ම ඉදිරියේදී එක්වන විදුලි දුම්රිය සේවාවන් (අද දින මුල්ම විදුලි දුම්රිය කට්ටලය මෙරටට ගෙන්වා ඇත.) දැක්විය හැක.ගුවන් ප්‍රවාහනය අතින් ප්‍රාදේශීය මට්ටමේ ගුවන් සේවා ඇරඹීම විශේෂ මංසළකුණක් ලෙස දැක්විය හැක.ජලය මගින් එසේත් නැතිනම් මුහුදෙන් හෝ ගංගා මතින් ප්‍රවාහනය දියුණුව පිළිබදවද විවිධ ක්‍රියාමාර්ග ගනිමින් පැවතීම සතුටුදායකය.ඔව්.ඔබ සිතන දේ නිවැරදිය.මේ සේවා කොපමණ දියුණු වුවත් අප තවමත් මහ මග පැය ගණන් තපින්නෙමු. නමුත්, මේ අප රටේ ප්‍රවාහන අංශයේ දියුණුවේ ආරම්භක අවධියයි.අඩු වියදමකින් සුඛෝපභෝගී සේවාවක් ලබා දීමේ අවස්ථාවට රට සූදානම් වන මේ අදියරේ ඒ සදහා පුංචි කාලයක් ලබා දීම සාධාරණ නොවේද.
|
BLOG
|
බඩා මාමාගේ දෛනික වඩ එක්ක බ්ලොගක් ලියන එක අමාරු වැඩක්. ඒත් පුළුවන් වෙලාවට පුළුවන් විදියට කතා අරන් එනවා. මේ කතාව පාසල් සමයේ ටියුෂන් පන්තියක වෙච්ච කතාවක්.බඩා මාමා ගිය ටියුෂන් පන්තියක හිටියා හුරු බුහුටි හෙණ පොෂ් කෙල්ලෙක්. කතා කරන වචන වලින් 20% ඉංග්‍රීසි. මේ කෙල්ලගේ හුරුබුහුටි භාවය නිසාම කිව්වේ "ටෙඩි බෙයා" කියල. ටෙඩි බෙයාට ට්‍රයි කරපු කොල්ලෝ බොහොම හිටියත් ටෙඩී නෙමෙයි ඒ එකෙක්වත් තඹේකට මායිම් කලේ. සැපයුම අඩු නිසා ඉල්ලුම ඉහළ යාමෙන් ටෙඩීට පන්තියේ තිබුණේ දැවන්ත ඉල්ලුමක්.එක දවසක් ටෙඩී පන්තියට එනවා පේන්වා වයසක පොරක් එක්ක. පන්තියට මීටර් 200ක් විතර තියලා, අර පොරව නවත්තලා ටෙඩී තනියම පන්තියට යනවා. ඒ වෙනකොට පන්තියට එන බඩාට මේක පහසුවෙන්ම දර්ශනය වෙනවා. සුදු පාට ජාතික බැනියමයි සරමයි ඇඳපු තැන්පත් පාට මනුස්සයෙක්. මනුස්සයාගේ ඩයල් මීටර් කරගත්තු බඩා ටෙඩී පන්තියට යනකම් ඉඳලා අර පොර එක්ක කතාවකට සෙට් වුණා. මුලින්ම නිකම් ආගිය තොරතුරු අහලා කතාව පටන් ගෙන ටික දුරක් යනකොට දැනගත්තා පොර චිත්‍ර ශිල්පියෙක් කියල. හැබයි බඩා ටෙඩී ගැන වචනයක්වත් ඇහුවේ නෑ. අර අමාරුවෙන් චිත්‍ර පාඩමේ කරපු දේවල මතක් කරන් පොරට ටෝක දාගෙන ඉන්න කොට අර කඩ ඉම් උත්තරය පිට වුණා. මේ මනුස්සයා ටෙඩී ගේ තාත්තා. ටෙඩී ඉන්න විදියට අපි හිතුවේ තාත්තා සුද්දෙක් වෙන්න ඕනය කියල. හැබයි මෙන්න ඇත්ත තත්වය. පොෂ් ඉංග්‍රීසි කතා කරන, නෙස්කැෆේ බොන, ෆැබ් එකෙන් කන (ලමයි, මේ අවුරුදු 20කට කලින්, අද ෆැබ් කියන්නේ නිකම්ම නිකම් කඩයක් වුණාට අපේ කාලේ තත්වය වෙනස්), ටිෂූ වලින් මූණ පිහින ටෙඩි බෙයාගේ තාත්තා රෙදි අඳින පොරක්. දෙන්නම් ජම්බු කියල බඩා ටෙඩී ගේ නම වෙනස් කලා. "රෙදි බෙයා".නමේ තේරුම් කොල්ලන්ට මීටර් වුණේ බඩා ආයෙත් ටෙඩී ගේ තාත්තාව කොල්ලන්ට පෙන්නුවාමයි. අද වෙනතුරුත් ටෙඩි / රෙදි බෙයා බඩා මාමාගේ මූණ බලන්නේ නෑ.
|
BLOG
|
ලෝකයේ පවතින ඇතැම් අරුම පුදුම දේ විටෙක විද්‍යාවටත් නිවැරැදි ලෙසින් හසු වන්නේ නැහැ. ඒ නිසාම මෙම සංසිද්ධීන් අභිරහස් ලැයිස්‌තුවට ඇතුළත් කරනවා. ඉන්දියාවේ නවදිල්ලි නුවර "කුටුබ් "චතුරස්‍රයේ පිහිටා තිබෙන යකඩ කුළුණ මේ විදිහට ලැයිස්‌තු ගත අභිරහස් අතරට එකතු වෙලා. ක්‍රි. ව. 1020 වසරේ දීs දිල්ලි නගරයේ ගොඩනඟන ලද මෙම කුළුණ ආංග්පාල් රජතුමා විසින් ඉදි කළ බැව් විශ්වාස කරනවා. 19 වැනි ශතවර්ෂයේ දෙවැනි භාගය වන විට "කැප්ටන් ආර්චර්" නමැත්තා මෙහි තිබුණු අකුරු සටහනක් දැක්‌කා. මේ ගැන බ්‍රිතාන්‍ය රජයට දැනුම් දුන්නා. බ්‍රිතාන්‍ය රජය යටත් විජිතයන්හි පුරා වස්‌තු ගැන බොහොම උනන්දුවක් දැක්‌වූවා. බ්‍රිතාන්‍ය පුරා විද්‍යාඥ "ඡේම්ස් ප්‍රින්සෙප්" මෙහි තිබුණු අක්‌ෂර කියවා ඉංග්‍රීසියට පරිවර්තනය කළ අතර චන්ද්‍රd නම් පාලකයෙක් ගැන සටහනක් තිබෙන බව ඔහු කියා සිටියා. මීටර් හතක් උසින් යුක්‌ත මේ කුළුණේ මීටර් 1.07 ක් පොළව අභ්‍යන්තරයේ පිහිටා තිබෙනවා. කුළුණේ බර ටොන් හයකටත් අධිකයි. විෂ්කම්භය සෙන්ටි මීටර් 41 ක්. කුළුණේ විශ්මයන් මේ එකක්‌වත් නොවෙයි. එදා මෙදා තුර අව්වට වැස්‌සට ඔරොත්තු දෙන මේ කුළුණ අඩුම තරමින් මළ බැඳිලාවත් නැහැ. යකඩ හෝ වානේ මතුපිට සහිත යමක් ජලයට හෝ වාතයේ අඩංගු තෙතමනයට නිරාවරණය වුණාම මළ බැඳීම සිද්ධ වෙනවා. සාමාන්‍යයෙන් මේ විදිහට මළ බැඳුණාම භාණ්‌ඩ තොග වශයෙන් විනාශ වෙනවා. ඇමරිකා එක්‌සත් ජනපදය වැනි රටවලත් මළ බැඳීම නිසා සිදු වෙන භාණ්‌ඩ විනාශයෙන් ඩොලර් මිලියන ගණනක අලාබ සිදු වෙලා තිබෙනවා. යකඩ ඔක්‌සිජන් සමග ප්‍රතික්‍රියා කිරීමෙන් සිදු වෙන ඔක්‌සිකරණය නිසා මළ බැඳීම සිද්ධ වෙනවා. මළ බැඳීමෙන් භාණ්‌ඩ ආරක්‌ෂා කර ගැනීමට විවිධ ක්‍රම තිබෙනවා. ඒ අතර එක් විකල්පයක් විදිහට පෘෂ්ඨය මතුපිට තීන්ත ආලේප කරනවා. තවත් ක්‍රමයක් විදිහට ලෝහ ආරක්‌ෂණ ද්‍රව්‍ය ආලේප කරනවා. තුනී තෙල් තට්‌ටුවක් ලෝහ මත රැඳවීම තවත් ක්‍රමයක්. එය තාවකාලිකයි. යන්ත්‍ර වෙනුවෙන් මේ විදිහට තෙල් ආලේප කරන අතර මතුපිට පෘෂ්ඨයේ සිට ගැඹුරට යන්නට පෙරාතුව සූරා දමනවා. නමුත් ඉන්දියාවේ නවදිල්ලියේ තිබෙන කුළුණට මේ සාත්තු සප්පායම් මොකුත්ම නැහැ. ඒ හින්දා මළ නොබැඳෙන රහස සෙවීමට එය පිහිටි ස්‌ථානයෙන් ගලවා පරීක්‌ෂාවට ලක් කළා. එහිදි පෙනී ගියේ මෙහි සංයුතිය පිරිසිදු යකඩ නොවන බවත්, කාබන් වලින් තොර හෝ කාබන් ස්‌වල්පයක් පමණක් ඇතුළත් බවයි. ඒත් එක්‌කම අතුරු ගැටලුවක් ඇති වුණා. කුළුණ නිර්මාණය කිරීමට පිරිසිදු යකඩ යොදා ගත්තේ නැත්නම් මෙය මළ බැඳිය යුතුයි. ඒත් එහෙම වුණේ නැහැ. කාන්තාර ප්‍රදේශවල නම් යකඩ වල මළ ඇති වෙන්නේ යාරයකට මිලියනයෙන් 0.25 ක් තරම් ප්‍රමාණයක්. ඇමරිකා එක්‌සත් ජනපදයේ නම් මිලියනයෙන් කොටස් 105 ක්. නිවර්තන කලාපයේදීs මිලියනයෙන් කොටස් 600 ක්. තත්ත්වය මේ විදිහට වුණත් ඉන්දියාවේ යකඩ කුළුණ කුළුනේ රහස් පුරාවිද්‍යාඥයන්ට බොහෝ වස්‌තු බීජ සපයනු ලැබුවා. ඉන්දියාවේ පුරාවිද්‍යා පර්යේෂණායතනයේ රසායන විද්‍යාඥ එම්. කේ. ඝෝෂ්ගේ අදහස වුණේ මෙය නිර්මාණයේදි යකඩ උණු කොට අච්චුවකට දමනු වෙනුවට කම්කරුවන් 120 ක් දෙනා සති දෙකක් මුළුල්ලේ යකඩ කුට්‌ටියකට පහර දීමෙන් මෙම කුළුණ නිර්මාණය වුණ බවයි. කුළුණ වටා ගොඩනැඟුණ තවත් රසවත් කතාන්දරත් තිබෙනවා. කුළුණට පිටුපා හේත්තු වෙලා තවත් ඒ අන්දමට හේත්තු වී සිටින කෙනෙකුගේ දෑත් ස්‌පර්ශ කිරීමෙන් වාසනාව ලැබෙන බවත් විශ්වාස කරනවා. වාසනාව හොයාගෙන යන්නන්ගෙන් කුළුණට හානි සිදු වෙතැයි වූ අවදානම නිසා 1997 වසරේදී මේ කුළුණ වටා ලෝහ වැටක් ඉදි කරනු ලැබුවා.
|
BLOG
|
ගණිතයේ අදුනිකයින්ට තියන ගොඩක් ලොකු ප්‍රශ්නයක් තමයි ධන සංඛ්‍යා හා ඍන සංඛ්‍යා සුළු කරගන්න තියන අමාරුව. ඉතින් මේ හදන්නේ ධන ඍන කචල් එක සදහටම ඉවර කරලා දාන්න. ඉතින් එහෙනම් පහලින් දානවා වීඩියෝ එක . බලන්නකෝ.......බලන්න.
|
BLOG
|
දවස ගිය අවුරුද්දේ ඊද් නිවාඩුවට කලින් දවස.ඒ කියන්නේ අගෝස්තු 17.ඔය දවස් වල මගියාගේ හාමිනේ දුව හම්බවෙන්න හිටපු කාලේ.ජුනියර්ට වයස තුනයි.ඉතින් ඊද් දවස් වල ශෝපින්ග් මෝල් වල හොදටම සෙනග.මම හවස තුනට විතර ගියා මෙහෙ තියන සාප්පු සන්කීර්ණයකට.නම ඩුබායි මෝල් කියල.එකේ තියනව ලෝකේලොකුම මාලු ටැංකිය.ඉතින ඕක පටන් අරගෙන අවුරුදු කීපයක් ගියත් මම බලන්න ගිහින් තිබුනේ නැහැ.පින්තුරෙhttp://sharememe.එහෙං මෙහෙං යන්න තියනවා අපිටත් අමාරුයි හොයා ගන්න.මම ඔන්න ටිකට් තුනකුත් ඇන්න ඇතුලට ගියා.මාලු ටැන්කිය ඇතුල උමගක් වගේ වටේට විදුරු.ජුනියර් එහාට මෙහාට දුවනවා, මාළු බලන්න.ඌ මේ වගේ එකක් දැක්ක පලවෙනි එක නිසා හෙන එක්සයිට්.මමත් ඕන විදියට නටන්න දීල හිටිය.ඔය උමග උඩ රවුන් කීවෙ ඕවලාකාරයි.මගෙත් ඔලුව ටිකක් මන්නන් වෙලා ගියා නිකන් කැරකෙනවා වගේ.ඔය විසිතුරු බලන අතර පොඩිඑකත් එහෙ මෙහෙ දුවනව.මම පුතා එක කොනකට යනව පොටෝ එකක් අරගෙන කැමරාවෙන් පොටෝ එක දිහත් බලල,ලමය හිටි තැන බැලුව.කෝ ජුනියර් ...............එහා කොනේ ඉදන් මෙහා කොනට යනකල් දෙපාරක් ගියා.එලියට ගිහින් වටෙන්ම අවිදලත් බැලුව මේක නැහැ.හාමිනේට ඔලුව කැරකෙනවා කියල එලියට ගිහින් පුටුවක වැඩි වෙලා උන්නේ.මම එයට නොපෙනෙන්න මේකව හොයනවා.මොකද මේ ඉන්න තත්ත්වේ අනුව ඔය වගේ දෙයක් කියන්න බැරි නිසා.හැමතැනම බැලුව නැහැ.පුතා වෙනදට ගිය දිහකින් ඒ ගිය පාර දිගේම ආපහුඑන පුරුද්දක් තියනවා.එක නිසා මම ටිකක් බැලුව එයිද කියල.විනාඩි දහයක් විතර හිටිය දැන් නම් ඉන්නම බැහැ.මගේ පපුව නිකන් බර වෙලා වගේ.අත් දෙකත් සිතල වෙලා කතා කර ගන්නවත් බැහැ.මගේ වෙනස දැකපු වයිෆ්ට තේරුණා වෙලා තියන දේ.එයා අඩනවා දුවනවා ලමය හොයන්න.මම එතන හිටපු සිකුරිටි එකාට කිව.ඌ ඒ ගමන්ම උන්ගේ ලොක්කට කෝල් කරලා ඇදගෙන හිටිය ඇදුම් ගැන විස්තරයක් සහ පුතාගේ ෆොටෝ එකක් යැව්වා.ඌ කියනවා බය වෙන්න එපාය හැම මීටර් 20 කටම එක සිවිල් ඔෆිසර් කෙනෙක් ඉන්නවය ඒ හැමෝටම ෆොටෝ එක යැව්වය කියල.මමත් ඒ ළඟ යයි කියල හිතන්න පුළුවන් හැම කඩේටම ගිහින් බැලුව.මිනිහ ආසයි ඔය සෙල්ලම් කාර් වලට.ඒක නිසා ඒ ළඟ තිබුන සෙල්ලම් බඩු කඩේ හැමතැනම බැලුව.දැන් විනාඩි විස්සකට වැඩි.මම මුලින් ගොඩක් විශ්වාස කරා පුතා ගිය පාරේම අපහු එනවා කියල.වෙලාව යනකොට ඒ විශ්වාසේත් හෙලෙන්න ගත්ත.බලන්න පුළුවන් හැම තැනකම බැලුව.CID එකේ උන් ටිකත් එහාට මෙහාට කෝල් කරනවා විතරයි.දැන් වයිෆ් කලන්තේ දාන ගානටඇවිත්.එයත් පුටුවක ඉන්දල මම හැමතැනම දුවනවා.මම කෝකටත් කියල එතනින් ටිකක් ඈත තියනවා කොරිඩෝවක් කෘතීම වැව උඩින් යන පාලමට.මම ඔය කොරිඩෝවට ගියා,මෙන්න එනවා දුවගෙන පාලම පැත්තේ ඉදං. අර කොරිඩෝවේ තියන හැම කඩේකම දෙන කොලයි, කෑම කඩවල මෙනු කොලයි ගොන්නක් අතේ.තවත් නැවතී නැවතී කඩ වල ඉස්සරහ ඉන්න පිලිපීන කෙල්ලෝ එක්ක චැට් එක දානවා එන ගමනුත්.අම්ම අප්පා ඉන්නවද මලාද නැහැ.එක දැක්කම හිනා ගියත්, අල්ලගත්ත ගමන් උරහිසෙන් හොල්ලල ඇහුව කොහෙද ගියේ කියල.දුන්න උත්තරේ ;" සංසාරේ අප්පච්චි මට චිකන් ගුඩි කන්න ඕන" ( චිකන් ගුඩි කියන්නේ KFC එකේ පොප්කොර්න් එකට)එකට කිසි ගානක් නැහැ.දෙන්නම් උබට චිකන් ගුඩි කියල ඇන්න ගියා මව් යානය ගාවට.එක්ක ගිහින් මව් යානයට බාරදුන්න නැත නම් මොනවායින් මොනවා වෙයිද නොදන්නා නිසා ඉන්න තත්වේ අනුව.අම්මගෙන් නම් ගුටිකෑවා ( මම අද වෙනකල් ගහල නෑ කොල්ලට, මට ගහන්න ඕන උනොත් ළමයාගේ අම්මට එක හත කරලා කියනවා හෙහ් හෙහ් හේ අම්මගෙන් කනවා එතකොට)ඉතින් එදායින් පස්සෙ තමා මම ජුනියර් එක්ක මොනවහරිගන්න ඕනෑ උනත්නොයන්නේ.එයා එක්ක යනවා නම් බඩුමුට්ටුගන්නේ නැහැ.මෝල් එකේ පොලිස් පොස්ට් එකට ගිහින් ළමය ලැබුන කියල ඉන්ෆොර්ම් කරලා ගෙදර ආවේ. . .ප.ලි: දේශකයගෙපොස්ට් එක නිසා ලීවෙ.
|
BLOG
|
...86.
|
BLOG
|
අවුරුද්දට ගමට ඇවිත් ඔංචිලි වාරම් පදින්න අම්මේ තව දවස් තුනයි නැහැ විසුමක් එය ගෙවන්න හැමදාමත් නෑදෑයෝ සරදම් කලේ කෙට්ටු කියලා මේ ගමනෙදී මහත් වෙලයි ඔන්න අම්මේ මං එන්නේ තාත්තගෙ බීමත්කමට නෑයෝ සාද නොදුන්නට නාඩ ඉදින් මයේ අම්මේ මං ඉන්නවා නේද නුඹට අයියා අක්කා නැති අඩුවක් නොදැනෙන්නට නුඹේ හිතට පිස්සු නට නටා ඉන්නම් අම්මේ මම නුඹේ ලගින් අපි තුන් දෙනා ආදරයෙන් එන අවුරුදු සමරමුකෝ මත්වතුරට තිත තින්න තාත්තාට කියන්නකෝ ආදරයත් ගෝනි ගනන් සංතෝසෙත් ගෝනි ගොඩක් පුරවාගෙන මං එනවා රස්සාවට තිත තියලා.
|
BLOG
|
2002 මම මුලින්ම ඉතාලියට පය තබාපු වසර,,මාසයක් පමන මම ඉතාලියෙ රැදී උන්නා,මේ මාසෙදී මම කීප වතාවක්ම ඇදුම් කඩවල ඇවිද්දා, ඇදුම් මිලදී ගන්න, ඒ කාලෙදී මම මේ කඩවල දැක්ක විශේෂ දෙයක් තමා මේඩ් ඉන් ශ්‍රී ලංකා නාමය දැරූ ඇදුම් පැලදුම්. රෙදි පිළි කඩ 10කට ගියොත් මේ කඩ අඩුම 6කවත් මට මේඩ් ඉන් ශ්‍රී ලංකා ලාංජනය දැක ගන්න පුලුවන් උනා.මේ 2014 අවුරුදු 12කට පස්සෙ ඒ මම දැකපු මේඩ් ඉන් ශ්‍රී ලංකා ලාංජනය විසි වෙලා එතෙන්ට මේඩ් ඉන් බංග්ලාදේශ්,මේඩ් ඉන් වියට්නාම් නම් ආදේශ වෙලා. අපේ නාමයට මොනා වෙලාද කියලා දන්නෙ නෑ.පහු ගිය කාලේ මම අපේ නාමය දැක්කේ එකම කඩේක ඒ මොකද්ද වාසනාවකට තාමත් අපේ රටෙන් තමන්ගේ ඇගලුම් කර්මාන්ත ශාලා ජාලය ගලවාගෙන වෙනත් රටකට අරන් ගියේ නැති calzadonia වෙලද නාමය යටතේ ලෝකෙ පුරා රටවල විකිනෙන කාන්තා පිරිමි යට ඇදුම්. ඇත්තටම මට වැටහෙන විදිහට අද අපේ රටෙන් යුරෝපයට අපනයනය වෙන ඇගලුම් ප්‍රමානය ඉතා පහල අඩියකට බැහැලා වගේ.කොහෙද වරද කියලා මට තේරෙන්නෙ නෑ. දැන් මම යන්නේ යුරෝපය තුල ජීවත් වෙන ලාංකිකයින් වෙතට.ඇත්තටම අද අපි මොන රටකට ගියත් අපි කෑම බීම ගන්නෙ අපේ ක්‍රමේට,,අපි ඒ රටේ තියන කෑම බීම ගන්නෙ ඉතා අඩුවෙන්.මේ අපේ කෑම බීම අපේ රටවලින් යුරෝපයට අපනයනය වෙන්න පටන් ගත්තෙ 2000 වසරෙන් පස්සෙ වගේ,,ඒකට ලාංකිකකයන් යුරෝපය බලා සංක්‍රමනය වීම වැඩි වීමත් යුරෝපා සංගමය යූරෝ මුදල් ඒකකයට මාරු වෙලා ආනයන නීති ලිහිල් වීමත් නොයෙක් බදු සහන අපේ රට වලට හිමි වීමත් බලපෑවා. ඉතින් මේ මුල් කාලවල අපේ රටේ තියන සෑම කෑම බීමක්ම මේ රටවල ආවා අමුවෙන්,ටින් ආහාර විදිහට,ශීතකල ආහාර විදිහට වගේ නොයෙක් ක්‍රම වලින්,මේ කෑම නිශ්පාදනයට ටින් කිරීමට වගේ දේට අපේ රටේ අලුතෙන් කර්මාන්ත ශාලා බිහි උනා නොයෙක් වෙළද නාමයන් යටතේ. ඒත් මේ මෑත කාලෙක ඉදන් අපෙන් ආපු නිශ්පාදන අඩු වෙලා ඒ නිශ්පාදන වලටම අපේ සිංහල අකුරු නැති වෙලා වෙනත් භාශා ඇවිල්ලා, එතනත් මේඩ් ඉන් ශ්‍රී ලංකා නාමය හැලිලා මේඩ් ඉන් තායිලන්ඩ්,මේඩ් ඉන් ඉන්දියා,මේඩ් ඉන් බංග්ලාදේශ්,මේඩ් ඉන් පිලිප්පීන් වගේ නම් ඇවිල්ලා,අනෙක් වෙනස තමා තාමත් ඉතුරු උනු අපේ සමහර නිශ්පාදන වල මිල අර රට වලින් එන නිශ්පාදන වලට වඩා මිල වැඩි වීම,තායිලන්ත පොලොස් ටින් එක අපේ පොලොස් ටින් එක ලගින්වත් යන්නෙ නෑ,,රස අතින් ගත්තත් අපි ඉදිරියෙන්,ඒත් අපි පොලොස් ටින් එකේ මිල අතින් ඉදිරියට ගිහින්,,අර රාක්ක වල අපේ පොලොස් ටින් ඉතුරු වෙනවා කියලා අපේ රටවලට අදාල ආහාර කඩ කරන අපේම කඩ හිමියෝ කියන්නෙ. කොටින්ම අපේ රටින් ආපු හාල් අද එන්නෙම නැති තරම්,,එතෙන්ට බංග්ලාදේශ්,ඉන්දියන් හාල් ආදේශ වෙලා.මට දැන ගන්න ලැබුනු විදිහට මේ මිල වැඩි වීමට එකම හේතුව අපේ රටෙන් මේ ආහාර අපනයනයට අය කරන බදු මුදල අනෙක් රටවලට වඩා ඉතා ඉහල අගයක් ගැනීම.සිලෝන් ටී දැන් කොහෙද,අද සිලෝන් ටී ඉතාලි සුපර් මාකට් වල නැත්තටම නැති වෙලා,,ඒකට අප්‍රිකානු රටවල තේ ඒ හිඩස පුරෝනවා,,කාලයක් ලිප්ටන් නාමය යටතේ තිබුනු අපේ බිමේ වැවුනු තේ අද කෙන්යානු බිමේ වැවෙන තේ ඒ ඉඩ අරගෙන.තේ වෙලදාමත් අඩියෙමද කොහෙද, ඉන්දියන් සාගරෙයේ ටූනා මාළුවා හෙවත් කෙලවල්ලා ඉතාලි රෙස්‍ටුවරන්ට් වල ඉහලම තැනක් අරගෙන තිබුනේ,,මේඩ් ඉන් ශ්‍රී ලංකා නාමය යටතේ 2008 මා රැකියාව කරපු රෙස්‍ටුවරන්ට් එකක සතියකට කිලෝ 50 ආවා, අපේ කෙලවල්ලට ඒ තරම් ඉහල ස්තානයක් යුරෝපා කෑම මේසෙ තියෙන්නේ,ඔයාලා පහු ගිය ටිකේ අහන්න ඇති යුරෝපයට දෙවනියට මාලු සපයන්නා වෙච්චි අපිට යුරෝපා සංගමෙන් රතු ලයිට් දාපු එක,ඒ කියන්නේ තව මාස 3න් අපි යුරෝපා සංගම් නීති වලට පිටින් මාළු සම්බන්ධ දේ කලොත් එයාලා අපෙන් මාළු ගැනීම නවත්තනවා,ඊට පස්සෙ මේඩ් ඉන් ශ්‍රී ලංකා කෙලවල්ලට අබ සරනයි...අපේ රටවල කාලකන්නි දේශපාලකයන්ගේ ඉහල නිලධාරීන්ගේ බූරු තීරන,මුදල් ගසා කෑමේ යටි කූට්‍ටු වැඩ,තුප්පහි අපනයන කරුවන්ගේ ජරා වැඩ නිසා,,අපේ රට වලට සිදු වන මේ හානිය ඉතා අධිකයි.තව කාලයක් මෙහෙම ගියොත් යුරෝපයට සිදු වන මේඩ් ඉන් ශ්‍රී ලංකා අපනයන සදහටම නැතුව යාවි.ශ්‍රී ලංකා ආර්ථිකයට සිදු වන මේ හානිය කොච්චරක්ද කියලා මේ රට කන දේශපාලුවන්ට කවදා වැටහේවිද කියලා කවුද දන්නෙ.
|
BLOG
|
....නඩය කතරගමටපැමිනෙද්දී දහවල් එක පමණ වී තිබිනි. තිස්සමහරාමයේදී හිඟන කොළුවා පැවසුවා සේම කතරගමපූජාභූමියට ලං වෙද්දී හිඟන්නන් සොයා ගැනීම අපහසු වූයේ නැත. විනාඩි දහයක් ගතවෙන්නටමත්තෙන් සාදා ගෙන ආ බත් පැකට් සියල්ලම බෙදා දී ඉවර කරගත හැකිවූයෙන් ඔවුන් නැවතීමටබලාපොරොත්තු වූ නවාතැන කරා යන්නට පිටත්විය. නවාතැන පිහිටා තිබුනේ පුජා භූමියට ඉතාමආසන්නවය. තිලංග සේවයේ නියුතු බැංකුවේ සංචාරක බංගලාවක් වූ එය, දින දෙකකට තිලංග විසින් වෙන්කරගෙන තිබුනි.
|
BLOG
|
බලන්න මේ රිලවගෙ ලස්සන.සුදුම සුදුයි. හරිම ලස්සනයි.මෙයා මෙච්චර ලස්සනනම් මෙයාගෙ කටහඬ කොච්චර මිහිරි ඇත්ද .[ 27 - Dec - 2013 ].
|
BLOG
|
'එවිට ස්වාමිවූ දෙවියන්වහන්සේ සර්පයාට කථාකොට, තා මේක කළ බැවින් සියලු තිරිසනුන්ටත් වනයේ සියලු සත්වයන්ටත් වඩා තෝ ශාප ලද්දෙක්ය. තෝ බඩගා යමින් තාගේ ජීවිතයේ සියලු දවස් වලම ධූලි කන්නෙහිය.' -ශුද්ධ බයිබලයලංකාවට සර්වජන ඡන්ද අයිතිය හිමිවූයේ ආසියාව තුළ ඕස්ටේ‍්‍රලියාවටත් ප‍්‍රථමයෙන් බැව් මැතිවරණ කොමසාරිස්වරයා සිහිපත් කරදුන්නේය. එනමුදු වර්තමානයේ දී ජාතියක් සහ රටක් වශයෙන් අප පිළිබිඹු කරමින් සිටින්නේ ඒ පරිණතභාවය නොවේ. කඩතුරාවකින් වසාහෙළන්නට නොහැකි සංස්කෘතික සහජත්වයෙන්ම උරුමව තිබෙන ගෝති‍්‍රක මිලෙජ්චත්වය පරසුද්දන්ගේ නීතියෙන් හෝ දේශපාලනික ඉගැන්වීම් වලින් නවත්වන්නට ඉඩදෙන්නේ කොහොමද .ඇසට ඇසක්, දතට දතක්, මහලේකම් වරයෙක්ට මහලේකම්වරයෙක්. රාජපක්ෂ ජනාධිපතිවරයා රටේ සාමය හා ඒකීයභාවය දිනාදෙන්නට පෙරමුණ ගත්තාක් මෙන්ම රටේ දේශපාලනික පක්ෂ කීතු කීතු කරමින් ප‍්‍රජාතන්ත‍්‍රවාදය බිංදුවටම ඇද දමන්නට ද එලෙසම පෙරමුණ ගත් බවට ඉතිහාසය සාක්ෂි දරනු ඇත. අපට නම් වැටහෙන්නේ එකක් කඩතොළු මකාලන්නට දරන උත්සාහයන්ගේ දී සියක් කඩතොළු සාදා ගන්නා බවයි.
|
BLOG
|
2014 අවුරුද්ද ඉවරවෙලා 2015 ලබන්න ඔන්න මෙන්න. දවසින් දවස ගතවෙලා අවුරුද්දක් ගතවෙච්ච ඉක්මන හිතාගන්නත් බැරිතරම්. මතකද අපි ඔක්කොම මේ අවුරුද්දෙ ජෙරී වගේ හැමදේකදීම සතුටින් ඉන්න හිතාගත්තා. මම මේ කල්පනා කරමින් ඉන්නෙ මේ අවුරුද්දෙ මම එහෙම හිටියද කියන කාරණාව. හිතට එකඟව කිව්වොත් මේ අවුරුද්ද පුරාවටම මම හැමදාම එක වගේ සතුටින් සැහැල්ලුවෙන් හිටියා කිව්වොත් ඒක ඇත්තක් නෙමේ. නමුත්, පොඩි පොඩි දුක් දොම්නස් තිබුනා උනත්, සමස්තයක් වශයෙන් ගත්තාම මේ අවුරුද්ද මට හුඟක් හොඳයි.සාමාන්‍යයෙන් මම අවුරුද්ද මුලදි ඒ අවුරුද්දෙ මම කරන්න බලාපොරොත්තු වෙන දේවල් ලැයිස්තුගත කරනවා. අන්තිමේදි බලනවා ඒවලින් කොච්චරක් මම කළාද මොනවද කරන්න බැරිවුනේ කියලා. මම ඔහොම කිව්වට ලැයිස්තුගත කරන තරම් ලේසියෙන් නම් වැඩ සිද්ධ වෙන්නේ නෑ. අවුරුද්ද අන්තිම වෙද්දි ගොඩක් වැඩ ඉතුරු වෙච්ච අවුරුදුත් තිබුනා. මේ අවුරුද්දෙ ලැයිස්තුව බලද්දි නම් මට හිතෙන්නෙ කරන්න හිතපු ගොඩක් දේවල් මේ අවුරුද්දෙ අපි කරලා කියලා. අවුරුද්දෙ තව දවස් කීපයක් තියෙන නිසා තව තව දේවල් කරගන්න පුළුවන් වේවි.ඒ දේවල් කරගන්න මට උදව් වෙච්ච අයටත් 2014 අවුරුද්ද සුභ වෙන්න පතපු අයටත් ගොඩාක් ස්තුතියි.ඔයගොල්ලන්ට කොහොමද 2014.
|
BLOG
|
කොහොමද කට්ටියට අද කියන්න යන්නේ Chrome Browser සිංහල අකුරු පේන්නේ නැති එක හදාගන්න විදිය ගැන FB Blog මේ ඔක්කොගෙම සිංහල අකුරු වෙනුවට කොටු කොටු වැටෙනවා. අපේ සර් කෙනෙක්ගේ පරිගණකයේ මේ දේ වෙලා මට බලන්න කිවා මටත් එක පාරටම හොයා ගන්න බැරි උනා පස්සේ ඉක්මන් ප්‍රතිකාරය විදිහට Firefox install කරල දීලා අවා. මම ඇවිත් Lap එක දාලා බලද්දී හොදට තිබුන මගේ Lap එකෙත් වැඩේ අවුල් හොයල හොයල අන්තිමේ හොයාගත්තා විසදුම. මේක මම ගත්තෙත් සිංහල වෙබ් සයිට් එකකින් මම Code එක Notepad එකේ save කරල තිබ්බා ඒත් සයිට් එකේ නම හොයාගන්න බැරි උනා. කොහොම හරි මුල් ලිපිය ලියපු කෙනාට ස්තුති වෙනවා.හරි දැන් වැඩේට බහිමු මෙන්න මේ එක එකේ ගහලා Enter Button ඔබන්නchrome://flags/#disable-direct-writeදැන් මේ පහල දාලා තියන පින්තූරෙ වගේ කරන්න දැන් Browser එක Close කරල ආයෙම Open කරගන්න වැඩේ හරි.Enable Chrome sinhala font not showingඑහෙනම් ගිහින් එන්නම් කට්ටියටම ජය වේවා.
|
BLOG
|
දහමපොත් තුල දිරයි තැන තැන වියලි බෝ පත් පෙනෙයි සිව් කොනබොහෝ කල් සිට සිතුවෙ මේ ගැනඅසනු සිංහල රටේ මහ දනඅසිපතින් ඵල ගනියි මැරයන්තැඹිලි,කොලහා ගැටෙයි සිහලුන්ස්වර්ණ සිරුරත් ලෝහිතයි දැන්පලක් නෑ මේ ධජයෙ හිඳිමින්අහින්සක දන හෙලන සුසුමන්පවන වී මා ගතෙහි වෙලෙමින්සොරුන් රජ සැප විඳියි සතොසින් නැඟෙනු කුමටද ඔවුන් සුරතින්නුබ ගැබෙහි යලි ලෙළෙන්නට නම් නොහැක හද නැගි සොවෙහි නැත නිම්පලා යමි යලි නො එන්නට මම්සොයාගනු නරි රජෙක් හැකි නම්.
|
BLOG
|
දැන් කට්ටිය Android smart phone එකක් ගත්ත ගමන් කියන්නේ Phone එක root කරගන්න ඔනේ කියලා. එ Phone එක Root කර ගත්තාම phone එකෙන් සමාන්‍යයේන් ගන්න පුලුවන් ප්‍රයොජන වලට අමතර වැඩි පහසුකම් phone එකෙන් අපිට ගන්න පුලුවන් නිසාවෙනි.මොකක්ද මේ root කරනවා කියන්නේ.මේ ලිපිය කියවන සමහරක් දෙනා Root කරනවා කියන දේ පලමු වතාවට අසන්න පුලුවන්. එක නිසා Root කිරිම කියන්නේ මොකක්ද කියලා ඉස්සෙල්ල බලමු. Android කියන්නේ Linux පාදක වු OS එකක් එ කියන්නේ PC වලට දාන Ubuntu,open suse වගේ linux මෙහෙයුම් පද්ධතියක්. ගොඩාක් දෙනෙක් PC එකේ OS එක විදිහට භාවිතා කරන්නේ Windows. එ නිසා windows වලින් මෙක පැහැදිලි කර ගමු. Windows PC එක තමන්ට අයිති නම් භාවිතා කරන්නේ Administrator විදිහට. එත් තවත් කවුරු හරි computer එක පාවිච්චි කරන්න ගන්නවානම් අපි එ අයට දෙන්නෙ Gest profile එක හරහා computer එක පාවිච්චි කරන්න. එතකොට Administrator විදිහට අපිට කරන්න පුලුවන් වැඩ Gest profile එකේන් වැඩ කරන කෙනාට කිරිමට නොහැකි වෙනවා එ කියන්නේ පහසුකම් සිමා සහිතයි. අපි Android phone එකක් ගත්තාම එක අපිට පාවිච්චි කරන්න වෙන්නේ අර Windows වලදි gest profile එකේන් use කරන කෙනෙක් වගේ. එ කියන්නේ අපිට ඇත්ත්ටම Android phone එකෙන් කරන්න පුලුවන් සියලුම වැඩ සාමාන්‍ය විදිහට phone එක තියෙන කොට කරන්න බැරි වෙන්න සිමා කරලයි තියෙන්නේ. මෙ කියන Root කිරිම කරාම අපිට අර Administrator කෙනෙක් වගේ phone එක හසුරුවන්න පුලුවන්.අපි phone එක root කර ගත්තාමඇත්තෙන්මඅපිට වාසි දායකයි. root කරාම phone එකෙ bloatware disable කිරිම, os එකෙ සියලුම files හැසිරවිම්, ඔනැම app එකක් install කිරිම හා permissens සැකසිම firewall එකක් run කිරිම... වැනි ඔනැම දෙයක් නිදහසේ කරගන්න පුලුවන්.Phone එක root කරන්න අවශ්‍ය දෙවල්1.Java JDK සහ Android SDK computer එකේ install කරලා තියෙන්න ඔනේ2.phone එකත් එක්ක එන data cable drivers PC එකට install කරලා තියෙන්න ඔනේ3.org එකේන් නොමිලේ download කර ගන්න පුලුවන්ඉස්සෙල්ල android phone එකේ settings--->applications--->Development පත් එකේන් ගිහින් USB debugging යන්න enable කරන්න.දැන් phone එකේ SD card එක ගලවලා phone එක data cable එකෙන් Computer එකකට connect කරන්නදැන් computer එකට install කරගත්ත superoneclick open කර ගන්න. Root කියන button එක click කරන්නඉට පස්සේ phone එක Root වෙන්න පටන් ගනිවි. අවසානයේ test run එකක් කරන්න dialog box එකක් පෙන්වාවි. එහිදි yes ලබාදි run test එකක් සිදු කර බලන්න.දැන් Rootකිරිමඉවරයි. phone එක restart කරලාබලන්න අලුතේන් SuperUser binary phone එකට install වෙලා තියෙවි. එක හරහා ඔයාට android phone එකේ root access කරන්න පුලුවන්.
|
BLOG
|
.දන්නවද . ඇමරිකාවෙ එක්තරා නගරයක නගරාධිපති මිනිහෙක් නෙවෙයි පූසෙක්.ඇලස්කාවෙ Talkeetna කියන නගරයේ තමයි මේ අපූරු පූස් නගරාධිපති තුමා ඉන්නෙ. Stubbs යන නමින් හැඳින්වෙන මේ අපූරු පූස් නගරාධිපතිතුමා 1997 වසරේ සිට මේ දක්වාම (2014) අඛණ්ඩව Talkeetna නගරයේ නගරාධිපති ධුරය හොබවනවා.දේශපාලකයෙක්ව නගරාධිපති තනතුරට පත් කර ගත්තට වැඩක් නෑ කියල හිතපු නගර වැසියො එකතු වෙලා Stubbs කියන නැට්ටක් නැති පූසව නගරාධිපති තනතුරට පත් කර ගත්තලු. මේ ඉන්නෙ නැට්ට නැති නගරාධිපතිමේක විහිලුවට වගේ කරපු දෙයක් වුණත් මේ ගැන ආරංචිය පැතිරුණාම මේ අපූරු නගරාධිපතිවරයාව බලන්න සංචාරකයො වැල නොකැඩී එන්න පටන් ගත්තලු. ඒකෙන් සංචාරක කර්මාන්තය දියුණු වෙලා නගරය දියුණු වෙන්න පටන් ගත්තලු. ඉතින් නගර වැසියන්ටත් සතුටුයිලු. ඉතින් නගර වැසියො තීරණය කළාලු Stubbs ව යාවජීව නගරාධිපති හැටියට දිගටම තියා ගන්න.නගරාධිපති තැන්පත් ස්ටබ්ස් මැතිතුමාමේ නගරාධිපතිතුමාට එච්චර බරපතල වැඩ රාජකාරි පැවරිලා නෑ. සංචාරකයන් ඉදිරියේ පෙනී සිටල පුරු පුරු ගාන එකයි නගරෙ තියෙන වෙළඳසැල් වලට ගිහින් ඒවයින් දෙන භෝජන සංග්‍රහ භුක්ති විඳින එකයි තමයි නගරාධිපතිතුමට අයිති ප්‍රධානම සෙරමෝනියල් රාජකාරි. ඊට අමතරව වාර්ෂික අයවැය ලේඛනය වගේ වැදගත් ලියකියවිලි වලට මඩ ගෑවුණු බළල් අඩි සළකුණක් තියලා ඒවා අනුමත කරන එකත් නගරාධිපතිතුමාගෙ රාජකාරියක්.සංචාරකයෙක් නගරාධිපති තුමාව කුචි කුචි කරන අවස්ථාවක්නගරාධිපතිතුමාට පොඩ්ඩක් විතර තරහ ගිහින්අපේ නගරාධිපති තුමාට පහුගිය දවස් වල පොඩි අකරතැබ්බයකටත් මුහුණ දෙන්න වුණා. එතුමාගේ ආරක්ෂාවට හිටපු බ්ලැක් කැට් කොමාන්ඩෝස්ලගෙ සුලු අතපසුවීමකින් ප්‍රයෝජන ගත්ත මැර බවුවෙක් එතුමාව හපා කාලා. කොහොම වුණත් මේ වෙනකොට නගරාධිපතිතුමා සුවපත් වෙලා හොඳ සෞඛය තත්වයෙන් ඉන්නවලු.නගරාධිපතිතුමාට එල්ල වූ අමානුෂික ප්‍රහාරය ගැන CNN ප්‍රවෘත්ති සේවය ගෙන ආ Breaking News එකක් මේ.com/2013/09/04/us/alaska-cat-mayor-attacked/ ]Breaking News by CNNනගරාධිපති තැන්පත් ස්ටබ්ස් මැතිතුමාට චිරාත් කාලයක් යෙහෙන් වැජඹී දශරාජ ධර්මයෙන් නගරය පාලනය කිරීමට අවශ්‍ය ශක්තිය හා ධෛර්යය ලැබේවායි ප්‍රාර්ථනා කරමින් මගේ වචන ස්වල්පය මෙයින් අවසන් කරනවා. අසා සිටි ඔබ සැමට ස්තූතියි. අපේ ස්ටබ්ස් මැතිතුමාට ජයශ්‍රී ...ඤාව් ඤාව් ඤාව් ඤාවෝ ... ප.ලි====** ලංකාවෙ ජනාධිපති විදිහට පූසෙක්ව පත් කර ගත්තනම් අපේ රටත් බලාගෙන ඉන්දෙද්දිම දියුණු වෙයි. [ 17 - Feb - 2014 ].
|
BLOG
|
4pt 0in 5.0pt; font-family:"Calibri","sans-serif"; mso-ascii-font-family:Calibri; mso-ascii-theme-font:minor-latin; mso-hansi-font-family:Calibri; mso-hansi-theme-font:minor-latin; mso-bidi-font-family:"Iskoola Pota"; mso-bidi-theme-font:minor-bidi; mso-bidi-language:AR-SA;}ඊට පස්සේරොහාන් ගොඩක් වෙනස් උනා එයා හැදුවේ පුළුවන් තරම් ඉක්මනට ලංකාවෙන් යන්න එයාට ඒ තරම්දුකක් එක්ක ඒ මතකයෙන් අයින් වෙන්න එයා ඉකමනට එක්සැම් ටික ඉවර කරල ලංකාවෙන් යන්නලෑස්ති උනා. මං කිව්වෙම එයාට තව සතියක් දෙකක්වත් ලංකාවේ ඉන්න කියල. එත් එයා ඉන්නේනැහැ කියල මං දැනගෙන හිටිය. එක ඉරිදා දවසක රොහාන් පංති ඇවිත් ඔක්කොටම කිව්වා මේඑයාගේ අන්තිම දවස කියල. එහෙම කියල එයා කලින්ම පංතියෙන් යන්න ගියා. ගිහින් මට කෝල්කළා කරලා පල්ලෙහාට පොඩ්ඩක් එන්න කිව්වා. මම ගියාම එයා පඩි පෙළ ගාව බලාගෙන ඉන්නවා.මං දන්නවා මේ අවසාන වෙලාව කියල එදායින් පස්සේ මට රොහාන් හම්බ වෙන්නේ නැහැ. එයා ඒසතියේ බදාදා ලංකාවෙන් යනවා ආයේ කවදාවත් එන්නේ නැහැ. මට කියන්න දෙයක් තිබ්බේ නැහැඇත්තටම මගේ උගුරේ මොනවා හරි හිර වෙලා වගේ මට වෙලාව අල්ලා තියාගන්න පුළුවන් නම්නැත්තම් මට රොහාන්ට යන්න එපා කියල තියා ගන්න පුළුවන් නම්, එත් රොහාන්ට මං ආදරේකරන්නේ නැහැ රොහාන් මං වෙනුවෙන් ඉන්න ඕනි කියනදේ මට එයාගෙන් ඉල්ලන්න බැහැ මම එයාගේයාළුවෙක් විතරයි ඊට එහායින් එයා මගේ ජිවිතේ මෙච්චර ඉඩක් අරං ඉන්නවා කියල මේ මොහොත වෙනකම් මං දැනගෙන හිටියේ නැහැ.මට දැනුනෙත් නැහැ රෝහානුයි මායි දෙන්නම කියන්න දෙයක් නැතිව බලාගෙන හිටිය රොහාන් බොහොමඅමාරුවෙන් වචන ටිකක් ගැට ගත්තා “Dushi Iam Going.” “Yes I Know Rohan” ඊට වඩා මුකුත් කියන්න මටපුළුවන් කමක් තිබ්බේ නැහැ රොහාන් පස්සේ හිමින් සැරේ මට කිව්වා දඟකරන්නේ නැතිව ඉන්නකියල එහෙම්ම මාව බදාගත්තා. රොහාන් ඔව් මාව පිච්චිලා ගියා මට හිතාගන්න බැහැ මං අඩනවදඉබේම කඳුළු වැටෙනවද කියල. ඒ උණුහුම මේ ආත්මයෙන්ම විඳින අන්තිම පාර මේ. ඇයි මේ දාලයන්න බැරි ගතියක් ඇයි මේ තරම් දුකක්. වෙන්න බැහැ මේ කතාව මෙහෙම ඉවර වෙන්න බැහැකියල හිතුන වාර අනන්තයි. එත් ඒ වෙලේ මං ආත්මාර්ථකාමී වෙන්න ඇති. රොහාන් මාව ගොඩක්වෙලා බදාගෙන ඔළුව අත ගෑවා. මටත් එයාටත් අපි දෙන්නගෙන් අයින් වෙලා යන්න බැහැ කියලහිතුන. එත් එයා හිමිහිට මාව එයාගෙන් ඈත් කළා. ඇත්ත අපි දෙන්නගේ පාරවල් වෙනස් අපියන්න ඕනි ඒ පාරවල් වල. මගේ පුංචි මුණේ කඳුළු ටික එයා පිහිදාන ගමන් මං යන්නම්කිව්වා මම රොහාන් යනකං බලාගෙන ඉඳල පංතියට ගියා බැහැ මට ඉගෙන ගන්න බැහැ මගේ එහාපැත්තේ විහිළු කර කර හිටිය රොහාන් නැති ඒ පුටුව මගේ අහංකාරකමට මට හයියෙන් හිනාවෙනවද කියල හිතුන. එත් අපිට එහෙම වෙන්න බැහැ. එයා ගියා මගේ ජිවිතේ හිටිය හොඳමයාළුවා මාව දාල ගියා. එයාට යන්න උනා. ඊට දවස් දෙකකට පස්සේ රොහාන්ට මම කතා කරලාවිශ් කළා ඒ වෙලෙත් මං හොඳටම ඇඩුව ඊට පස්සේ එයා එදා රෑ ප්ලේන් එකට නැග්ග කියල මටඅන්තිම මැසේජ් එක එවල තිබ්බ. මම සති දෙකක් බලං හිටය එයා පපරිස්සමෙන් ගියා කියල එත්එයා ඔන්ලයින් හිටියේ නැහැ.10:56AMRohan: nothing10:57AMme: okayRohan: okie i got to gohappy birthdaygood luck with everythingand don't worryyour too young to fall sick10:58AMjust takesome medicine and get well soonbyeme: Thank utc එදායින්පස්සේ රොහාන්ටයි මටයි රටවල් දෙක අතර වෙනස නිසා ගොඩක් කතාකරන්න බැරි උනා එයත් ඉඳලහිටල මං නැතිව පාළුයි කියලා කිව්වා එත් ඒ අතරම එයාගේ ජීවිතේට වෙන කෙනෙක් ආව කියලත්කිව්වා ඒ කෙනා මං වගේමයි කියලත් කිව්වා එත් එයා කිව්වේ ආයේ කෙනෙක් එයාගේ ජීවිතේටඑන්නේ නැහැ කියල. එත් එයා එයාගේ ජිවිතේඑයාගේ පාරේ ගියා මමත් මගේ පාරේ ගියා ඒ ගෑණු ළමය එක්ක මමත් හිතුවක්කාරයත් එක්ක Rohan: okwell i am sorry i had to take thegirl shopping4:13PMme: why are u saying sorry for that. මට රොහාන් අමතක වෙලාම ගියා. එයා ගැනහොයන්න, බලන්න වෙන කෙනෙක් ඉන්න නිසාත් එයාට කොහොමවත් මාව දකින්න ඕනි උනේ නැති නිසාමම එයා ගැන හොයන්න් ගියෙත් නැහැ. මට මගේ ජිවිතේ මගේ ආදරේ වෙනුවෙන් මම ජිවත් උනා.එත් මම හිතුව හරි රොහාන්ට මං නැතිව ඉන්න බැහැ කොහෙත්ම බැහැ. එයාට මාව අමතක කරනවාකියල කිව්වට එහෙම කරලා නැහැ. ආයෙමත්දවසක රොහාන් මගේ ජීවිතේට ආව ඒ මන් නොහිතපු විදිහකට මං හීනෙන්වත් නොහිතපු විදිහට.මන් අලුත් ඔෆිස් එකේ ඉන්න කොට එක දවසක් මට දන්නේ නැති IDD නම්බර් එකකින් මිස් කෝල්ස් තුනක් තිබ්බ.
|
BLOG
|
ලංවන්නට දහසකුත් හේතු තිබියදී ,දුරස් වන්නට හේතු සොයනා ,ඔබට ,තවත් හේතු අනවශ්‍යයි..."ඇයි" කියලද ඇහුවේ..ඔබේ වෙහෙස දැකලා,මටම දුක හිතිලා,ඔබෙ සතුට වෙනුවෙන්,මම ඔබව ඈත්කළා....දැන් සතුටින් ඉන්න.
|
BLOG
|
යළි නොඑයි ගිම්හානයසිසිරයක සිරව ඇතහදවතවසන්තය මිහිරි කළදම් පැහැයශ්වේත වර්ණ තුහිනයකසිරව ඇත...යළි නොඑයි ගිම්හානය.
|
BLOG
|
පූර්විකාව (මංජුල සමරසේකර විසිනි)සිරස අද සටන දේශපාලන වැඩසටහන පැවැත්වීමේන් කලේ ඉතා හොද දෙයකි.මේ හරහා කරුණු කීපයක් සාක්ෂාත් වුණි. මට තේරුණ කාරණාවලට අමතරව ඔබට යමක් වැටහුණා නම් මෙහි සටහන් කරනු ඇතැයි බලාපොරොත්තු වෙමි.1. මහින්ද රාජපක්ෂ යනු තව දුරටත් යුද්ධය මෙහෙයවූ අභීත නායකයා නොව, විරුද්ධ මතවාද ජනතාවට ලගා වීම වැලැක්වීම සදහා නිර්ලජ්ජිතව තාක්ෂණික කඩා කප්පල් කාරි ක්‍රියා සිදු කරවන බියගුළු ගොඩේ බයියෙකු බව බඩේ බත් මෙන් සපථ විය.(න ජච්චා ගොඩේ බයියා හෝති - කම්මනා ගොඩේ බයියා හෝති)2. මේ ඡන්දයේ අරමුණ වියරු ඒකාධිපති රාජපක්ෂ පාලනය පෙරළා දමා සාධාරණ මැතිවරණයක් පවත්වා ජනතාවට තමන් කැමැති පාලනයක් සෘජු හෝ වක්‍ර බලකිරීමකින් තොරව පත්කරගත හැකි වාතාවරණයක් සැකසීම පමණක් මිස රාජපක්ෂ වෙනුවට සිරිසේන පත්කර ගැනීම නොවන බව පැහැදිලි විය.3. ඉහත දෙවනි කාරණය අනුව කටයුතු කළද, ඒ බව මහජනතාවට සන්නිවේදනය කිරීමේදී චන්ද්‍රිකා බණ්ඩාරනායක සහ රාජිත සේනාරත්න යම් ආකාරයක හානියක් පොදු අපේක්ෂක පාර්ශවයට සිදු කළ හැකි බව පැහැදිලි විය.(මේ නම් අතරට තවත් නම් කීපයක් එක් විය හැකි බව ඉගි ලැබෙමින්ද පවතී, නමුත් ප්‍රභල කථිකයෙක් ලවා මේ පොදු ප්‍රයත්නයේ අපේක්ෂාව අනුව අවශේෂ තනි පුද්ගල චරිතවල ස්වභාවය ගැන තැකීමක් කළ යුතු නැති බව සන්නිවේදනය කළ යුතුව තිබේ)3. පෞද්ගලිකව මා හටද, තවත් බොහෝ දෙනා හටද ඇති වී තිබූ ප්‍රමුඛ ගැටළුවක් වූ ජනාධිපතිවරණයේදී ජවිපෙහි භූමිකාව ගැන ඉතා පැහැදිලි හෝඩුවාවක් ජවිපෙ නායක අනුර කුමාර දිසානායක සහෝදරයා ලබා දෙනු ලැබිණ.ජවිපෙ තම නිල මතය තවම සෘජුව ප්‍රකාශ නොකළද, රාජපක්ෂ පාලනයේ දුර්දාන්ත ස්වභාවය පැහැදිලි කරන, අන් සියළු පක්ෂවලට වඩා නිර්මාණශීලී ප්‍රචාරක වැඩ පිළිවෙලක් ජවිපෙහි ඉතාම මෑතකදී දියත් කරනු ඇත. ඒ හරහා මෛත්‍රී දිනවිය යුතු බව නොකීවද, මහජනතාව ගත යුතු ක්‍රියාමාර්ගය ගැන පැහැදිලි මාර්ගෝපදේශයක් ලබා දෙනු ඇත. ජවීපෙ තම අපේක්ෂකයෙකු ඉදිරිපත් නොකරනු ඇත.(මේ වැඩසටහන තුළ සිටි ප්‍රතාවත්ම චරිතය බවට පත්වූයේ නිසැකයෙන්ම මෛත්‍රී නොව අනුර කුමාරයි. මෛත්‍රීලාට, රාජිතලාට, රතන හිමියන්ට කෙළ වූ විට මතක් වූ සත්‍ය තර්ජන, අවලාද, මඩ ප්‍රහාර හමුවේ නොබියව, නොසැලී, දිගින් දිගටම පැවසූ අනුර කුමාර සහෝදරයා නැවතත් තම නායකත්ව හැකියාව මනාව ප්‍රදර්ශණය කලේය)4. මෛත්‍රීපාල සහ රතන හිමි හෙළි කරන ලද කරුණු ඇසුරෙන් ශ්‍රීලනිපයේ සහ සංධාන ආණ්ඩුව ජේය්‍යෂ්ඨ ඇමතිවරුන් අතර ඇති තද බල පීඩනය ගැන මනාව පැහැදිලි විය. කුමන ආකාරයේ කුමන්ත්‍රණයකින් හෝ රාජපක්ෂ නැවත බලයට පත්වූවොත්, මීළග වසර කීපය තුළ රටපුරා අති භයානක ලේ වැගිරීම් සිදුවන ආකාරයේ මහජන නැගීටීමකට ඉහත කී අමාත්‍යවරුගේම සහයෙන් මාර්ගය විවර වනු ඇත.5. අවසාන වශයෙන් රාජපක්ෂ පාලනය බලාපොරොත්තු වූවාට වඩා බෙහෙවින් පොදු අපේක්ෂකයා කැපී පෙනෙන තත්වයක් උඩ, අපි මීට සති කීපයකිට කලින් කීවාක් මෙන්, මේ වියරු ඒකාධිපතියා ශ්‍රී ලංකාව වැනි රටකට දරාගත නොහැකි මට්ටමේ මිල අධික තාක්ෂණික උපකරණ, මැර කණ්ඩායම්, කටකතා බලකායන්, සයිබර් ප්‍රහාරකයන්, මාධ්‍ය මර්ධකයන්, සුරා, අල්ලස්, ගණිකාවන්, ජිල්මාට්, රාජ්‍ය දේපල, රාජ්‍ය සේවකයන් ඉදිරි සති කීපයේ සිට භාවිතා කරනු ඇත. මෙය බොහෝ විට ශ්‍රී ලංකා ඉතිහාසයේ පැවති භයානකම, දූෂිතම මැතිවරණය බවට පත්වනු ඇත.( මේ අවසාන කාරණයට බිය වන අයට කියන්නට ඇත්තේ, හැංගිලා ඉන්න ඔබට අනාගතයේ ඔබේ දරුවා ශාප කරනු ඇති බවයි )සටන සම්පූර්ණ සංවාදය2014 නොවැම්බර් මස 22වන දින සිරස මාධ්‍යය ඔස්සේ ප්‍රචාරය වූ, එසේම ශ්‍රී ලංකා ටෙලිකොම් Peo TV සහ ඩයලොග් TV මගින් වාරණය කරන ලද "සටන" සම්පූර්ණ දේශපාලන සංවාදය මෙතැනින් නරඹන්න..
|
BLOG
|
සුභ නව වසරක් වේවා සැමටම.
|
BLOG
|
හැමෝටම ආයුබෝවන් කිව්වා එහෙනම්.. ඔන්න අද මගේ ලිපිය. Facebook එකේ වර්තමානයේ හදුන්වා දුන් නවතම අංගයක් තමා Facebook Video Auto Play කියන්නේ.ලංකාවේ අපිට නම් මහා ඇණයක්. හේතුව අපේ Data පරිස්සම් කරගන්නෙත් ගොඩක් අමාරුවෙන් නේ. මේ ඇණේන් ගැලවෙන්නේ මෙහෙමයි..පළමුව මෙන්න මේ ලින්ක් එකට යන්නStop Facebook Video Autoplayඉන් පසු පහත පෙනන අයුරින් Auto Play Video එක Off කර දමන්න..එහෙනම් මම ගියා ලිපිය වැදගත් නම් Share And Comment එහෙම කරලා යන්න.
|
BLOG
|
නැවතුමක් ගැනසිතා ගන්නටතොටුපලක් නැතිවිල් තෙරේ,හබලකට වාරු ගෙනඔරුව පැද යමිහිතු මතේ....වැව් දියට නැමීඅරලියා මල්හිනැහෙමින් අත වනා,මිතුරු කමකටඇරයුම් ගෙනෙයිමග දිගට ඇස් ගස ගසා....අතු අගිස්සේරවන පොලඟුන්දෙස බලා,දිගු කරන අතගුලි කරන්නෙමිසිතට බිය වැඩි නිසා.
|
BLOG
|
ඔයාලදැන් ගොඩක් නිෂ්පාදන කරන්න පටන් අරන් ඇති..led බල්බ්, නාම පුවරු වගේ හා තවත් ගොඩක්දේවල්..ඔයාල අලුතින් නිෂ්පාදන හෝ වෙනත් දෙයක් නිෂ්පාදනය කලත් එක විකුනන්න ලේසිම ක්‍රමයක් කියලා දෙන්නම්... දැන් ගොඩක් දෙනෙක්ට බැංකු ගානේ රස්තියාදු වීමට කාලයක් නැහැ..ebay එකේ sell කරලා වැඩක්නැහැ..සල්ලි ලංකාවට ගෙන්න ගන්න ගියාම දන්න උප්පරවැට්ටි ඔක්කොම දාන්න වෙනවා..මමකියලා දෙන්නම් ඒකට අපේම රටේ ebay එක වගේ වෙබ් අඩවියක් මෙතනින් ගිහින් බලන්න පට්ට තමයි..මේතියෙන්නේ ඒගොල්ලෝ කියන වැඩි විස්තරයක්..තාක්ෂණිකදියුණුව එහි පරිශීලකයන් අතර දැනුවත් බව වැඩි කරයි තාක්ෂණිකදියණුව අපේ ශිෂ්ටාචාරය හැඩ ගැන්වීමේ දී ප්‍රධාන භූමිකාවක් ඉටු කර ඇත. එය සාර්ථකවඅපේ එදිනෙදා ජිවිතයට සමීප වී ඇති බැවින් ජනතාවට දැවැන්ත ප්‍රතිලාභලැබී තිබෙනවා. අදලෝකයේ කිසිම කෙනෙක්ට එකම තාක්ෂණික මෙවලමක්වත් නොමැතිව ජීවත්වීම ගැන හිතන්නවත්පුළුවන් කමක් නෑ. මෙය ජන සන්නිවේදනයටද බලපෑමක් කර ඇති බැවින් ගෝලීයකරණය කියන දෙයදතාක්ෂනික සංවර්ධනය සමඟ ඍජු සම්බන්ධයක් දක්වනවා. එය අපේ සමාජයේ සෑම අංශයක් සදහාම බලපාඇති බැවින් අපගේ ජීවිත වල අධ්‍යාපනය, සෞඛ්ය, ආර්ථිකය සහ මානව සබඳතා සහ සියල්ල සදහාදසම්බන්ධ වී ඇත.තාක්ෂණයේප්‍රතිලාභ විසින් අපට මඟ පෙන්වීමක් ලබා දීඇත.එය අපගේ සීමිත සහ අපිට ලගා විය හැකි දේවල් තුල අපිට සොයාගත නොහැකි සහ අපිට අවශ්‍ය හුගක් දේවල් සදහා පිළිතුරුහොයන්න අපට සහාය වී තිබේ. තාක්ෂණය නිසිපරිදි භාවිතා කිරීමෙන් අපිට ප්‍රයෝජන රාශියක් ලබා ගත හැක. තාක්ෂණය ඔබගේ සෑම අවශ්‍යතාවයකටමහොඳ විසඳුමක් ලබා දෙන බැවින් වෙනත්අය මත රැදී සිටීමට ඔබට කිසිම අවශ්‍යතාවක් නැත.ඔබගේ අධ්‍යාපන කටයුතු, විනෝදාත්මක කටයුතු, පරිගණක ක්‍රීඩා, සංගීතය වැනි ඕනෑම දෙයකටතාක්ෂනය ඔබට යොදාගන්න පුළුවන්.තාක්ෂණයඅපගේ සන්නිවේදන ලෝකයේ ප්‍රධානම දේ වන බැවින්, අපගේ බොහෝ අවශ්‍යතා තාක්ෂනය මගින්ඉටු කරගන්න පුළුවන්. අපට දැරිය හැකි මිලක්විශේෂයෙන් පරිගණක හා අන්තර්ජාල සබදතා සදහා තිබෙන බැවින් එම කාර්ය තවත් පහසු කරයි.අපිට ගෙදර ඉදන්ම හෝ පාරේ ගමන් කරන විටත් ලෝකයේ අනිත් කෙලවරේ වෙන දේවල් ටැබ්ලට්වගේම ස්මාර්ට් දුරකථන නිසා හොයාගන්නත් පුළුවන්. ඒ වගේම ඕනෑම නවතම සිද්ධියයක් අපගේලැප්ටොප් පරිගණකය හරහාද ඉතාමත් විස්තර සහිතව පහසුවෙන් ලබාගන්න පුළුවන්.මෙයඑක්තරා ආකාරයකට ව්‍යාපාරික ලෝකයට ප්‍රධාන අභියෝගයක්ද වී ඇත. ඒ පාරිභෝගිකයන් දැන්දැනුවත් වී ඇති අතර අතරඔවුන් භාණ්ඩ හාසේවා වල ඇති ඕනෑම අඩු පාඩුවක් අන්තර්ජාලය ඔස්සේම ප්‍රශ්න කිරීමට පැකිලෙන්නේ නොමැතිනිසාය.ඔවුන්ගේ පාරිභෝගිකයන් වඩාත් දැනුවත් නිසා, පාරිභෝගිකයන් තෘප්තිමත් කිරීමට ව්‍යාපාර හිමිකරුවන්ද වඩා වැඩි කාලයක් හා මුදල් වැය කිරීමට සිදු වී ඇත. ඒ වගේමඔහුන්ට ව්‍යාජ හෝ තත්වයෙන් පහත් භාණ්ඩ හා සේවා ලබා දීම ඇහැරී ඇත. Kaymu වගේ ලෝකයේ ප්‍රධන පෙලේ ව්‍යාපාරඔහුන්ගේ පාරිබෝගිකයන්ට වේගවත් වගේම විශිෂ්ට සේවාවක් ලබා දීමට Live Chat වැනිදේවල්ද එකතු කරලා තිබේ.ලාභඉපැයීමට බහුජාතික සමාගම් විසින් භාවිතා කෙරෙන ඕනෑම ව්‍යාජ සහ කපටි සහගත ක්‍රම පිළිබඳතොරතුරු බෙදා ගැනීමට පාරිබෝගකයන් දැන් පසුබට වන්නේ නැත. දැන් ඔවුන් ඉතා පහසුවෙන්අන්තර්ජාලය හරහා ඕනෑම සමාගමක් හෝ සංවිධානයක් ගැන ඔහුන් දන්නා දේවල් ව්‍යාප්ත කරයි.මීටඅමතරව තුන්වන ලෝකයේ රටවල් වල ආර්ථික දියණුව වගේම දේශපාලන තත්වයන් වගේම භූගෝලීයතත්වයන් පිළිබද විස්තරද ඉතා පහසුවෙන් හොයාගන්න පුළුවන්. තාක්ෂණයේ දියණුව තොරතුරුලබා දීමට පමණක් සීමා නොවන අතර සමාජයේ ඕනෑම දෙයක් දියුණු කිරීමට අදාල පසුබිමක් සදා ගැනීමටදයොදා ගත හැකිය.ඔබට ජය.
|
BLOG
|
ලැබ් එක ඉවර වී ගිය සිකුරා දා මාගෙදරට එන්න අටියෙන් දක්නට අම්මාබසයට ගොඩ උනා මිණිපුර මහරගමාඅසුනට බර උනෙත් වට පිට බලමින්මාදෙතුන් දෙනයි හිටියේ මුළු බසයටමනමුත් විනාඩිය දෙක ගතවන කොටමආවා සෙනග දොර දෙකොනෙන් පිරෙන්නමඩ්‍රයිවර් අයිය පෑගුවනේ ලැල්ලටමදැන් ටික ටික බස් එක ගමනේ යනවාමගෙ ටික ටික නිදි නැති ඇස් පියවෙනවාහිස ටික ටික මගෙ පහලට යොමුවෙනවාකොට්ටාවට ටික ටික දැන් ලං වෙනවාකොන්දයියා ඇවිදින් මා සිටි තැනටතට්ටු දෙක තුනක් දැම්මා පිට මැදටමල්ලි ගෙදර යනවා වාගේ ජයටදෙන්න ටිකට් ගන්න සල්ලි කිව්ව මටකොට්ටාවේ බස් නැවතුම අසල සකීබසය නැවැත්තුවෙ ගන්නට සෙනග සකීසුන්දර දිගැසියක් බසයට එනව සකීදැක්කම මගේ නිදිමත උඩ ගියා සකීකොණ්ඩය ඇගේ ලේයර් කරලා තිබුණාකොන්ඩ කටුත් රන් වන් පැහැයෙන් දිලුනාසිහින් කෙස් රොදක් විත් නළලට තිබුණාඇස් දෙක මගේ ඈ වෙත කැරකී තිබුණාසිහින් නළල් තල ඇගෙ හඳ පළුව වගේඇස් දෙක ඇගේ බ්ලූ සෆාය මැණික් වගේචූටි නහය බට්ටිච්චගේ හොටය වගේකටට දෙන්න උපමාවක් නැතුව වගේඅළු පාටයි ඇය හැඳ සිටි බ්ලවුස් එකවිලේ හංස ජෝඩුව ඇත නොනින්දකඉඟටිය ගන්නට අකුලා එක මිටකගන්නට නොසිතයි ඇය දුටු කෙනෙක් සැකමැද පොල්ලේ එල්ලෙන සොඳ මහතුන්නේඅල්ල පනල්ලේ ඇයි එක තැන ඉන්නේකරුණාකර පස්සට යමු කියමින්නේකොන්දයියා හරි හයියෙන් මොර දෙන්නේටික ටික ටික මැද පොල්ලේ ඉන්න අයපස්සට යන්නේ කොන්දට රවමින්යසුන්දර දිගැසියත් ඒ හා ඇදෙමින්යඇවිත් නැවතුනේ මට අඩි තුනකින්යඑකවර ඇය මා දෙස ඇගෙ ඇස හරවාබලනා බව මට මීටර් වී නැතුවාගන්නට මගෙ ඇස් දෙක ඇවෙතින් හරවාඇදෙස බලා සිටි මා චාටර් වූවාරතු තොල් ඇති මුව සරසා නැති උපමාදසන් විදා සිනහව පා ඇය හා මාඅහකට නෙත් යුග ගත්තේ සිතකින් මානොව එය නොකරා ඉන්නට බැරියෙන් මාසුන්දර දිගැසියේ ඔබ යන්නේ කොහිදඅහන්නට සිතයි ඒ බව කියනවදඒත් හිත භයයි නාගන්නට වෙයිදකියලා හිතන්නට තව මොකවත් නැතිදඅවි උස්සපු වේල්ල වෙත බස් රථයදන්නේ නැති ලෙස එය දැන් ලං වීයවයසක අම්මෙක් නැග්ගේ එහිදීයකතාව ඇරඹුනෙ මචන්ලා මෙහිදීයවයසක අම්මා මා ඉන්නා අසලසිටගෙන ඇති බව දැක මගෙ හද සසලවී දුන්නා මගෙ ආසන නොව ලොල්ලරූබර දිගැසියත් ඇත දැන් මා අසලඇගෙ සුකොමල මුහුණ මගේ උර හිසටතිබ්බේ දෑඟුලක් පමණකි සම වෙන්ටහිසට කලින් හිත මුල් තැන අරගන්ටහිත කිව්වේ මට ඇය දෙස බලන්නටආයෙත් ඇය මගෙ දෙස දෙවරක් බලලාරතු තොල්පෙති විවර කරා එකල් බලාඅයියා යන්නේ මිණි පුරටද කියලාඇසුවේ මා ගන්න කලින් මුල පුරලාමගෙ කට කණ සොයමින් යන බව දැනිලාදන්නෙම නැති පැණි මුට්ටිය ඉවත හලාඔව් නංගියෙ මම මිණිපුර යමි කියලාදුන්නා පිළිතුරක් තව පැන එයි කියලාහිතුව වගේ දිගැසිය දැන් විඩෙන් විඩමගෙන් එව්වා මෙව්වා අහනවා හැඩමමත් ඇයට දාමින් මගෙ නොයෙක් වැඩකතා කරේ බලමින් ඇය දුන්න හැඩඅයියේ මම කුරුවිට හරියෙන් බැහැලායන්නම් එහෙනම් ගෙදරට පිය මැනලාමම ඉන්නේ NIBM කියලාදිගැසිය මට කිව්වා යන්නම් කියලායන්න එපා ස්වීටි නගේ මා දාලාමිණිපුර ගිරිහෙල් අරඹේ ඇති නිමලාමගෙ නිවසට කැන්දන් යන්නම් පැනලාකියන්නටම කිව්වා මගෙ සිත සැලිලාදිගැසිය මට සමුදී යන්නම් කියලාවම් පස සිටි ඇය මගෙ දකුණට පැනලාබසයේ දොර වෙත යන්නට පිය මැනලාඇරඹුවෙ මගෙ පිටි පතුලට කෙලවාලාඇගෙ සෙරෙප්පු ජෝඩුව පොෂ් එකක් නිසාඋල් අඩි දෙක තිබුණේ ඊ තල විලසායනවිට ඇය මා හද පෙම් මල් ගවසාඇනුනේ මගෙ ඇඟ නංවා හිරි වරුසාඇගෙ සුකොමල වත මට අමතක වීයසුළුදිය පහවන්නට මෙන් සිත් වීයඑච්චර චාටර් වන්නට නොම වීයදන්නා හැම කුණු හරුපම සිත් වීයතෝ පරට්ටි &$%^%#^%&* නීයන්මට රිදවූ සෙරෙප්පු දෙක *#&&^නීයන්යන යන තැන තෝ &&%$$&**() නීයන්අවසානේ තොගෙ %#@%^&&(&^ නීයන්.
|
BLOG
|
මම දෑසම පියාගත්තෙමි. අතේ තිබුණු දුරකථන තිරය මත තිබු අකුරු කිහිපය තවමත් ඇස්ගෙඩි දෙකමත හොල්මන් කරයි........."මට අවටම බොඳව ගියා සේ දැනින... මහා හඬක් නගමින්පපුවම සලිතකරන හෙනයක් මගේ ඔලුව උඩින් පුපුරා ගියේය..අවටම අඳුරු කරමින් තිබු වලාමතින් මහා වැස්සක් කඩා හැලෙන්නට විය.මා සිටියේ මහ පාරේය.දෑස් හැර මා නැවත දුරකතනයෙන් ඇය ඇමතුවෙමි..නමුත් ඇය විසින් දුරකථනය ක්‍රියා විරහිතකර තිබිණි... මහාඅනෝරා වැස්සේ මා ලොව මත අතරමං වුවා සේමට දැනිණි.. මෙතෙක් වෙලා ඇස් මත පොර බදිමින් සිටි උණු කදුළු බිඳු දෙක මගේ මුහුණ හරහා රූරා වැටිණි.මගේ පපුව තුල අස්සයෙක් දුවන්නාක්සේ ගැහෙන හඬ මටම ඇසිනි..මුවින් හඬක් හෝ පිටකිරීමට මට ශක්තිය නොවිය.. ගතම සීතල වී ගියමෙන් විය. මෙය මා බලාපොරොත්තු නොවූවකි..මට කකුල පන නැති වී ගියේය... මටත් නොදැනී මහ පාර මත මා දණින් සිටවිය. මට මුළු ලොවම අහිමි වී ගියා සේ දැනිණි.කිසිම හේතුවක් නැතිව.. කොහෙවත් යනපිස්සෙක් කියූ පලියට ඇය මා අවිශ්වාස කරමගේ පපුවම ගිනිතබා හීන අළුකරගෙන ඇය මගෙන් වෙන්වුවාය.. මට වචනයක් වත්කියන්නට ඉඩ නොතබා ඇය...... ඇගේ වචන වල තිබූ වේදනාව මට දැනිණි..ඒත් ඇයට මට කතා කිරීමට අවසරයක් දිය යුතුව තිබිණි. ඒත්......ඇය මට අහිමි වුවාය............ අදට වසර 5කි... තවමත්නුවර ඔරලෝසු කනුව අසල දණින් වැටී හැඬුව මාව.. මට මැවී පෙනෙයි...එදාට පසු මා ඇය නොදුටුවෙමි. පිස්සෙකු සේ ඇයගේ නිවසට පවා මා ඇය සොයාගියෙමි.නමුත් ඇය ගැන, ඇය කොහේදැයි මට සොයාගත නොහැකි විය...මගේ ජීවිතයම ලස්සන කර... ආදරයේ මුලකුරු කියාදී,ජීවිතය ජීවත්වෙන හැටි ඉගැන්වූ ඇය...යන්නට ගියාය...... මා තවමත් ඇය සොයමින් විදි පුරා අවිදින්නෙමි....මම.... සොයා යන්නෙමි...මගේ ජීවිතය....මම...රස්තියාදුවේ යමි......... හෙටත්...ඇය නැවත හමුවන තුරු,ආදරයේ නාමයෙන්...මා මියන තුරු.... - රස්තියාදුකාරයා -.
|
BLOG
|
ආයෙත් හිතුනා චුටි චුටි කතා කැලි ටිකක් ලියන්න..සමනළයාඔන්න කට්ටිය පුරෝගත්තු බස් එකක් ගමන ආරම්බ කර යන්න පටන් ගත්තලු.ටිකක් දුර යද්දින් එක්තරා මගියෙක් කොන්දොස්තරට කැ ගසනාවලුඅනේ කොන්දොස්තර මහත්තයෝ...ඔයාවත් මට උදව් කරන්න කියනවලුකොන්දොස්තර තැනත් මගියගේ කතාවට ඇහුම් කන් දීලා ඇසුවලු මොකක් ද මේ ප්‍රශ්නේ කියලා..මට මේ මනුස්සයා හොදටම බනිනව.කියා මගියා තවත් මගියෙක්ව පෙන්නුවලුඊට පස්සේ කොන්දොස්තර ඇහුවලු..මොනව කියලද බනින්නේ කියලඑක එක දේවල් කියලා බනිනව කීවලුබල්ලා..,මී හරකා කිය කිය බනිනව කීවලුඑහෙනම් ඉතින් තමුනුත් සතෙක් ගෙනමක්කියලාබනිනවා.. කීවලුබැනුම් ඇසු මගියා ටිකක් කල්පනා කලාලුඑක පාරටම ඔහු ඔහුට බැනු මගියා දෙස හැරි...සම..නළයා...කීවලු..කැමට පෙරදවසක් මන් රැ කැමට කැන්ටිමට යන්න ලැස්ති වෙලා කමරෙන් එලියට එද්දිම එහා කාමරේ ඉන්න සුරා කාමරේ දොර ලගදොර අරිනගමන් සුරා මා දිහා බලලාකන්න ඉස්සෙල්ලා මොනව හරි කරනවද.කියලා ඇහුවාමාත් බැලුවා කැමට ඉස්සෙල්ලා කියන්නේ ෂොට් එකක් දාන්න වෙන්නැති නෙ කියලාහ්ම්.......කිවා.මොනවද තියෙන්නේ....අරු එදා ගෙනාපු එකෙන් තව ටිකක් ඉතුරු වෙලා තියනව..සුරා කීවානියමයි නේ.. මට නිකන්ම හිතුනාඒත් එදා ගෙනාපු දෙකම ඉවර උනානේ..නැ..නැ..තව තියනවා...සුරා කීවාමොනවද.මිරිස් කුඩු,ගොරකා.,මොකාක්..මන් අහද්දින්මන් කිවේ අරු ලන්කාවෙන් එද්දින් ගෙනාපු පහේ ටිකක් ඉතුරු වෙලා තියනවාකරියක් හදනවනම්......යකෝ තේ ගෙනාපිය..මල්ලි අපිට තේ 4ක් ගෙන්න..මෙන්න වෙටර් කොලුවා උනුවතුර ටිකක් කොප්ප 4 කට දාලා හැදි 4 කුත් එක්ක ගෙනාවාමේක දිහා හොදට බලපු කසියා...යකො උනු වතුර නෙවේ තේ ගෙනාපිය..මොනවද මේ හුනු බිජු වගේ බැග්..මෙව වැඩක් නැ..හොදට කහට දාපු තේ 4ක් ගෙනාපන්(ටි බැග් ප්‍රොමොට් වෙන කාලේ උනු සිද්දියක්..)ප්‍රශ්න...ලොක්කා: මේ මාසෙ පඩි නම් ටිකක් පරක්කුයි,කමක් නැනේසේවක : හ්ම්..ලොක්කා: ඒ කියන්නේ ඔයාට ප්‍රශ්නයක් නැනේසේවක :නැලොක්කා: ඔයා නම් ප්‍රශ්න කියන ඒවා දන්නෙත් නැ වගේ..ශෝක් මනුස්සයෙක්සේවක: ප්‍රශ්න කියන ඒවා දන්නවනම් මන් විබාගේ ෆේල් වෙන් නැනේ.
|
BLOG
|
2014 සැප්තැම්බර් මස 29 වන දින ආසියානු සංවර්ධන අරමුදලේ නිලධාරීන්,දැනුමැති සමාජයක් සදහා අධ්‍යාපනය ව්‍යාපෘතිය(EKSP) අධයක්ෂක තුමා,දකුණු පළාත් EKSP ව්‍යාපෘතිය අධ්‍යක්ෂක තුමා සහ අධ්‍යාප අමාත්‍යාංශයේ නිලධාරීන් ඇතුළු නිලධාරීන් රැසක් අප පාසලේ පරිගණක විද්‍යාගාරයේ තොරතුරු ලබා ගැනීමට අප විද්‍යාලයට පැමිනුණා.මෙහිදි ඔවුන් බලාපොරොත්තු වන්නේ ශ්‍රී ලාංකීය ග්‍රාමීය පාසලක් වශයෙන් අප පාසල රජය සහ පෞද්ගලික අංශය සම්බන්ධ කරගනිම්න් පාසලේ දියුණුවට සහ ප්‍රජාවගේ දැනුම වර්ධනය කිරීමට දායකත්වය සපයා ඇති ආකාරය ලෝකයා හමුවේ ප්‍රදර්ශනය කිරීමයි.මෙහිදී ඔවුන් අප පරිගණක සම්පත් මධ්‍යස්ථානය භාරව සිටී අමල් ගුණවර්ධන මහතා සමග සම්මුඛ සාකච්ඡාවක් සහ අප පරිගණක විද්‍යාගාරය පිළිබද වීඩියෝ දර්ශන ලබා ගන්නා ලදී.
|
BLOG
|
පාට ගලපලාඇඟට තියලාකැරකිලා ඇඹරිලාකණ්ණඩිය ඉස්සරහහරියන්ඩ ගැලපෙන්ඩකරාඹුත් දාලායාළුවෝ හැඩයි කියුසෙරෙප්පුත් දෙපා ලාඑන ඈව හමුවන්නඇඳ මතින් පුටු වතෙන්ඇහිඳ ළංකොට නැහැයවිලවුන්ද ඉස කමිසෙගඳ බලා ඇඟෙහි ලාහනි හනික පමා වීඑයි ප්‍රේම කුරුල්ලා.
|
BLOG
|
4pt 0in 5.0pt; font-family:"Calibri","sans-serif"; mso-ascii-font-family:Calibri; mso-ascii-theme-font:minor-latin; mso-fareast-font-family:"Times New Roman"; mso-fareast-theme-font:minor-fareast; mso-hansi-font-family:Calibri; mso-hansi-theme-font:minor-latin; mso-bidi-font-family:"Iskoola Pota"; mso-bidi-theme-font:minor-bidi;}තිබූ තැනක සොර සතුරන් ගත නොහෙ නාඑසැඩ මනාවත් වතුරෙන් වල නොහෙ නාකොප වුවත් රජ මැතිදුන් ගත නොහෙ නාඋගත මනා සිල්පය මයි මතු රැකෙ නාඅල්ලට සිගා වත් රස නැති කැවිලි ක කාවල් කොළ බිම අතුට නිදි ලොබැබ දුක් ත කාකල් ගිය රෙදි වැරලි ඇද දැලි කුණෙන් ව කාඇල්මෙන් අකුරු උගනිව් ඉදිරි වැඩ ත කාකසේ සැමිටි වේවැල් කොටු ගෙන අ තේඇසේ කදුළු අකුරට ගිය කලට ග තේබසේ මියුරු තෙපලති දෙ ගුරු සවන තේදසේ පසේ ගෙඩි දෙති පිටට එක ර තේවේවැල් කොටු නාරන් සියඹලා අ තූකිතුල් පොල් ඉරටු වැල් කහඹිලියා අ තුමෙ හැම ඉපල් මගේ දෑසට නොපෑ යු තුපමා නො වී එමි අකුරට මෙයින් ම තුපොල් ඉරටේ අත තද කර ගති ම්මාඉන් ඔළමොළ කමකට සිත නොය ම්මාදැන් නිසලව ඉද අකුරුත් කිය ම්මාඉන් අප දග ගේක ලූ දෑය අ ම්මාඅම්මොයි කියා ගෑ සියොලග තෙල් රුව ටයම්මොයි කියා යති අකුරට ගුරුන් ගෙ ටබම්මොයි කියා බස් තෙපලති විටින් වි ටඅම්මොයි කියා කීවත් ගුරු දෙතෙයි බැ ටරුප්පා වල ඉද කෙළිනා දවස් දැ ඩීතැප්පා සේම ගිනි උසුලද්ද මැඩි මැ ඩිඅප්පා උකුල ඉද තෙපලන බස් ම දැ ඩිඅප්පා බලා උන්නත් වලකී ද ගෙ ඩිමෙම කවි පෙළ උපදේශාත්මක කවි පෙලක් වන අතර වදන්කවි පොතින් උපුටා ගත්තකි. මෙහි ඉගෙනීමේවටිනාකම දක්වා ඇත්තේ සිසුවෙකුගේ මුවින් පිටවන අදෝනාවක ස්වරූපයෙනි. ශිල්පය හැදෑරීමේ ඇති වැදගත්කම, එය කිසිවෙකුටත්පැහැර ගැනීමක් නොකල හැකි බවත් මෙයින් පැහැදිලි කරදෙයි. ඒ වගේම ශිල්පය ඉගෙන ගන්නට විදිනා දුක් ගැහැටපිළිබදවත් මනාව පෙන්නුම් කරදෙයි. කර්කශඅහර බුදිමින්, වැරහැලි අදිමින් ඉතා දුකසේ ඉගෙන ගන්නා බව කවියා කියයි.අනෙක් කාරණය නම් අද මෙන් එකල ගුරුන් දඩුවම් කලවිට උද්ඝෝෂන කිරීමේ සිරිතක් තිබුනේම නැත.එසේම ඒ ගුරුවරුන් දෙන දඩුවම් වල දැඩි බවත් එයින් සිසුවා හෝ දෙමාපියන් කෝපනොගන්නා බවත් මේ කවි පෙලෙන් පෙන්වා දී ඇත.“අම්මොයි කියා කීවත් ගුරු දෙතෙයි බැට, අප්පා බලා උන්නත් වලකී ද ගෙඩි, දසේ පසේ ගෙඩි දෙති පිටට එක රතේ, ඉන් අප දග ගේකලූ දෑය අපේ අම්මා යන පද ඊට උදාහරන වේ.මේ වෙලාවට තමයි සිහියට නැගෙන්නේ නොතලා හදනදරුවාත් හැදි නොගා හදන කිරි හොද්දත් දෙකම එක වගෙයි කියන පැරණි කියමන. මෙසේ දඩුවම් විදිමින් වුවද ඉගෙනුම ලැබු දරුවනටඉන් වරදක් නොවූ බවද පිළිගත යුතු සත්‍යයකි.දරුවා ද තමන්ගේ වැරදි තේරම් ගනී.වේවැල් කෝටු නාරං සියඹලා අතු..... යන කවියෙන් එය ගම්‍යවේ.
|
BLOG
|
පසුගිය අගොස්තු මස 30 වන දින සවස 6 ට පේරාදෙණිය, පැණිදෙණිය භාරතී විද්‍යායතන මහ පිරිවනේ පැවති අසූ මහ ශ්‍රාවක පූජාව. රන් ආලේපිත බුද්ධ පතිමා වහන්සේ පිරිවරාගත් අසූමහ ශ්‍රාවක ප්‍රතිමා වහන්සේලා මොහොතකට බුදුන් දවස අප දෙනෙත් ඉදිරියෙහි මවා පෑහ. ඔබ සැමට දළදා සමිඳු පිහිටයි.
|
BLOG
|
ඔබට සමහර විට මතක ඇති සමුදුරේ මීට වසර දෙකහමාරකට පමණ පෙර ලියවුන රෝම ශිෂ්ඨාචාරයේ නැගීසිටීම සහ සහ බිඳවැටීම ගැන ලියවුන ලිපි පෙල. මතක නැතිනම් මෙන්න ඒ ලිපි පෙළේ පළමු වැන්නhttp://sathsamudura.com/2011/11/roman-era.htmlඅද මේ කියන්න යන්නේ එම ලිපි පෙලට කදිමට ගැලපෙන වාර්තාමය චිත්‍රපටි මාලාවක් ගැනයි. මෙය කොටස් 13 කින් යුතු දීර්ඝ චිත්‍රපටි මාලාවක්. මෙහි රෝම ශිෂ්ඨාචාරය සමූහාණ්ඩුවක සිට මහද්වීම කිහිපයක් පුරා අධිරාජ්‍යයක් ලෙස විහිදුන ආකාරය, කොතරම් අසීරුලෙස රෝම ශිෂ්ඨාචාරය පවත්වාගෙන ගියාද යනාදී කාරණා ඇතුළුව වැදගත් කාරණා රැසක් දැනගැනීමට හැකියාව ලබදී තිබෙනවා.නැවත වරක් මතක් කරනවා නම්, ඉතිහාසඥයන්, දාර්ශනිකයන් යනාදී විද්වතුන්ගේ මතය අනුව අද තිබෙන බටහිර ශිෂ්ඨාචාරය ගොඩනගන්න පදනම වුනේ මේ රෝම ශිෂ්ඨාචාරයයි.History Channel ආයතනය විසින් නිමවා ඇති මෙම චිත්‍රපටි මාලාවේ නම තමයිROME Rise and fall of an empire.ඔබට අන්තර්ජාලය පුරාම සොය සොය මේ චිත්‍රපටි මාලාව සොයන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ මොකද කියනවා නම් Youtube හරහා පහසුවෙන්ම සියළුම කොටස් නැරඹීමේ හැකියාව තිබෙනවා.
|
BLOG
|
එක දවසක්,ලස්සන හැන්දෑවක්කොහේදෝ යන රස්තියාදුකාරයෙක්ඇවිත්අවුල් කල ජිවිතයක්,I wish if that hug never happened,I wish If I never knew you,I wonderWhy did u crossed my road in a middle of a life puzzle.
|
BLOG
|
විමල් වීරවංස මහතාගේ ෆේස් බුක් ගිනුමට කැමැත්ත පළ කිරීම (Like) ඉතා සීග්‍රයෙන් අඩුවෙමින් පවතින අතර මේ සතිය තුළ පමණක් එයට කැමැත්ත පළ කිරීම (Like)61.8%කින් අඩු වී තිබේ.සියල්ල බටහිර කුමන්ත්‍රණ ලෙස හඳුන්වා "බටහිර විරෝධීභාවය" නඩත්තු කිරීමට වඩාත් ප්‍රියකරන අමාත්‍ය විමල් වීරවංස මහතා තමාගේ නිල ෆේස්බුක් පිටුවේ වැඩිම කැමැත්ත පළ කිරීම් (likes) ප්‍රමාණයක් යොදා තිබුනේ තුර්කියේ ෆේස් බුක් ගිනුම් හිමිකරුවන් විසිනි.ඔහු එසේ තම ගිණුමෙහි likes වැඩිකරවාගැනීමට කටයුතු කර ඇත්තේ ඔහු අපේක්ෂා කළ ආකාරයට ශ්‍රී ලාංකිකයන් සිය ගිණුමට likes නොදැමීම නිසා විය යුතුය.කෙසේ නමුත් වීරවංශ මහතාගේ ඔහුගේ ෆේස් බුක් පිටුවේ likes අඩුවීම තුළින් පෙන්නුම් කරන්නේ තුර්කියේ ජනතාවද ඔහුව ප්‍රතික්ෂේප කර ඇති බවයි.
|
BLOG
|
මේ අන්තර්ජාතික ජෛව විවිධත්ව වසරයි.ජෛව විවිධත්වය කියන දේ අපේ කන් වලට ටිකක් හුරුපුරුදුව ඇතිමුත් එහි නියමාකාර අර්ථය ලොව කිහිපදෙනෙකු හැර අප කිසිවෙකු තවමත් වටහාගෙන නොමැති බව නම් නොඅනුමානයි.මේ ලෝකය මත වෙසෙන සෑම සත්වයෙකුම එකිනෙකකට වෙනස්.ඒ කියන්නේ එකම වර්ගයක සත්වයෙකුගේම විවිධාකාර අනුවර්ගයන් රාශියක් අපිට දැකගන්න පුලුවන්.නමුත්, අපි ඒ දැකලා තියෙන්නේ ඉන් 1000/1 විතරක් කියලත් අපි දැනගන්න ඕනා.ඒ අපි නොදැකපු සත්ව ජීවිත අපිට කවදාවත්ම දකින්න නොලැබෙන්න ඉඩ කඩ දැන් පැතිරිලා ඉවරයි.ඒ අවසානයට පෑදුණු මංපෙත් වහලා ඉන්න ටික හරි රැකගමු කියන එක තමයි මේ වසරේ තේරුම.මීට අවුරුදු 08කට විතර ඉස්සෙල්ලා දිනයක ලොව රටවල් 190ක විතර පරිසර බලධාරීන් රැස්වුණා.ඒ රැස්වීමේ ප්‍රතිඵලයක් විදිහට තමයි 2010 වසර වෙද්දි ලොව පුරා සිදුවන මේ ජෛව විවිධත්ව හානි වළක්වන බවට එකගතාවයකට ආවේ.මේ කාරණා සම්බන්ධව ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රියාකරන්නේ පරිසර හා ස්වාභාවික සම්පත් අමාත්‍යංශයේ ජෛව විවිධත්ව ලේකම් කාර්යාලයයි.කාරණා කොහොමින් කොහොම වුනත් එදා අවුරුදු 08කට ඉස්සෙල්ලා කරන්න හිතා ගත්ත දේවල් ඔක්කෝම අවසන් කරන්න නම් හැකි වෙලා නැහැ.නමුත්,ලෝකයේ ජෛව විවිධත්වය සංරක්ෂණ ක්‍රියාමාර්ග ඇහැට කනට පේන ගානට,ස්ථිර මට්ටමකට ඇවිල්ලා තියෙන්නේ මේ වසරට පින්සිද්ද වෙන්න බව නම් කිව යුතුමයි.ඇත්තටම කියනවනම්, අපේ රට තුලත් ජෛව විවිධත්වයේ අනාගතය වෙනුවෙන් ලොකු වැඩ කොටසක් ඉටුවෙලා හමාරයි.2010 වෙද්දි ඉවරකරන්න බැරිවුණ වැඩ ටික ඉදිරියට පෙළගස්ව ගැනීමේ අරමුණින් මේ සදහා වගකියන බළධාරීන් 2010 ඔක්තෝම්බර් මාසේදී නැවත හමුවීමට නියමිතයි.බළධාරීන්ට පමණක් ජෛව විවිධත්වය රකින්න දීලා කටබලියන් ඉන්නේ නැතිව අපිට පුලුවන් දෙයක් වචනෙකින් හරි කරන්න පුලුවන් නම් 2011 රතු දත්ත වාර්තාවට අලුතින් එකතුවෙන සත්ව නාම හරි අඩකින්වත් අඩුකර ගන්න අපිට පුලුවන් වෙයි.2010 වසරින් ඔබ්බටත් ජෛව විවිධත්වයට සුභ කලදවසක් බිහිවේවි ද.
|
BLOG
|
රෝජර් ෆ්‍රින්ච් වෘත්තීමය වයලීන වාදකයෙක් . නමුත් මෑත කාළයක පටන් ඔහුට වයලීනය නිසි ලෙස වාදනය කරගන්නට බැරිව යනවා . හේතුව අතේ ඇතිවූ අසාමාන්‍ය ගැස්මක්. මේ අසාමාන්‍ය ගැස්ම නිසා වයලීනය මත වයලීන අලුව ( bow එක ) ස්වර රටා අනුව නිවැරදි අයුරින් ගෙන යන්නට බැහැ. මෙය ඔහුගේ වෘත්තීය දිවියට කණකොකා හඬලන්නට පෙර මඟ සළකුණක් බව හඳුනාගත් ඔහු වෛද්‍ය පරික්ෂණ කිහිපයකට යොමු වෙනවා. මෙතැනදි කළ පරික්ෂණ වලදි හඳුනාගන්නෙ මොළයේ පතුලෙ වර්ධනය වන යම් ගෙඩියක් (Tumour) මඟින් නිකුත් කරන අසාමාන්‍ය විද්‍යුත් කම්පනයක් , ඔහුගේ අතේ ඇති ගැස්මට හේතු වන බව .තීරණය , මේ අසාමාන්‍ය කම්පනය පාලනය කරන්න නම් , මොළය පතුලේ අදාල ස්ථානයට ඇතුළු කරන්නට ඕන. එම ඉලෙක්ට්‍රොනික උපකරණයක් මඟින් මෙම අසාමාන්‍ය විද්‍යුත් ස්ඵන්දනය යථා තත්ත්වය ගන්න ඕන. ප්‍රශ්නය , කොහොමද හරියටම දැන ගන්නෙ මෙම උපකරණය නිවැරදිම ස්ථානයට ගමන් ගත්තා කියල , උත්තරයට , ඒකට නම් ස්කෑනින් පහසුකම් සහිත වෛද්‍ය තාක්ෂණික පරිගණක තිරයක් මඟින් එය කර ගතහැකි . ඒත් අදාල උපකරණය හරියටම මෙම අසාමාන්‍ය ගැස්ම පාලනය කරන්නට හැකි වේද . එහෙම නැත්නම් උපකරණයේ පිහිටීමත් එක්ක ලැබෙන ප්‍රතිපලය වෙනස් වේද . ප්‍රශ්න ගණනාවක් .ගැටළුව පිළිබඳ සාකච්ඡා කරන වෛද්‍යවරුන් , ස්නායු ශල්‍ය කණ්ඩායම , වෛද්‍ය ඉංජිනේරු කණ්ඩායම අමුතුම තීරණයකට එනවා .“අපි ශල්‍යකර්මය කරන අතරේ ඔහුට වයලීනය වාදනය කරන්නට දෙමු , ඒ වාදනයට අදාලව වයලීන බෝ එකේ සිදුවන කම්පනයන් තිරයකට ගත්තොත් , අපට බලාගන්න පුළුවන් , මෙ ඉලෙක්ට්‍රෝඩය හරියටම නිවැරදි තැනට ගියාද , ඒ එක්කම මේ අසාමාන්‍ය ගැස්ම කොයිතරමය පාලනය වනවා ද කියන එක. ඒ ඔස්සෙ අපට පුළුවන් වේවි , ඉතාමත් සියුම් විදියට මේ උපකරණය ස්ථාන ගත කරමින් , ටියුමර් එක නිකුත් කරන විද්‍යත් කම්පනය බිඳ දාන්න. “ ,එකඟයි මේ අළුත් අත්දැකීමට මුහුණ දෙන්නට සියල්ලන්.ශල්‍යකර්මය සහ අදාල ඉලෙක්ට්‍රෝඩය ඇතුළු කරන දවස . රෝජර් ශල්‍යාගාරයට එන්නෙ සාමාන්‍ය ශල්‍ය රෝගියෙක විදියටම . නමුත් විශේෂයක් . ඒ ඔහුට සිදු වෙනවා , ශල්‍ය ඇඳමත දිගා වෙලා වයලීනය වාදනය කරන්නට පුරුදු ලෙසින්ම.දැන් ඔහු වයලීනය වාදනය කරනවා , ඔහුගේ අතේ , ඇත්තටම වයලීන බෝ එකේ ඇති වන ගැස්ම පරිගණක තිරයක ප්‍රස්ථාර ගත වෙනවා. ඒ ප්‍රස්තාරය දිහා වගේම , මොළය තුලට ඉලෙක්ට්‍රෝඩය ගමන් කරන ආකාරය පෙන්වන තිරයත් දෙකම බලමින් ශල්‍ය වෛද්‍ය කණ්ඩායම ඉලෙක්ට්‍රෝඩය ඇතුළු කරනවා , සීරු මාරු කරනවා . ඔවුන්ට පෙනනෙවා ඉලෙක්ට්‍රෝඩයේ සීරුමාරු කිරිමත් එක්ක , අතේ තිබුණු අක්‍රමවත ගැස්ම ක්‍රමයෙන් අඩුවී , නැතිවී යන බව . සාර්ථකයි , ශල්‍යකර්මය සාර්ථකයි . සියල්ලලන්ටම සතුටුයි . වැඩියෙන්ම රෝජර්ට සහ ඔහුගේ සංගීත කණ්ඩායමට . මොකද දැන් ආයෙත් රෝජර් වයලීනයේ සුන්දර නාද රටා ලොවට මුසු කරනවා , හිතේ වගේම අතේ තිගැස්මකුත් නැතිව. ( වීඩියෝව බලන්න )මේ කතාව මට කියවන්න ලැබුණේ මෙන්න මෙතැනින්http://www.htmlපසු සටහන : හැමදාමත් “මාගල් වගේ“ ලිපිම එකතු වන නිසා , හිතුන පොඩි “පැදුරු වගේ“ ලිපිත් අතරින් පතර එකතු කරන්න. ( ඒත් “මාගල් ලියන පුරුද්දට“ , පැදුරත් මාගලක් වුනාද මන්දා)තවත් පණිවිඩයක් , සිංහල බ්ලොග් පරිශ්‍රය තුල බොහොම සුන්දර මානුෂීය කතාබහක යෙදුනු , කතුවරියක ,වෛද්‍යවරියක වූ ඇය , ඒ සොඳුරු කතා බහ සිංහල බ්ලොග් පරිශ්‍රයේ සීමාවෙන් පිටතට ගෙනයමින් “අනිත්කොණ “ නමින් පොතක් එළි දක්වන්නට සූදානම් . සිංහල බ්ලොග් පරිශ්‍රෙයේ හඳුනාගත් සහෘද ලේඛිකාවට, හෘදයාංගම සුබ පැතුම්.එක් කිරීමක් :මේ සිදුවීම හා සමාන වූ Black box කතා මාලාවේ Sing like me කතාංගය මෙතැනට එක් කරන්නෙ , “හිරු“ මේ ගැන කොමෙන්ටුවකින් සඳහන් කළ නිසා. රොජර්ට ඇත්තටම මුහුණ දෙන්නට වන දේට සමාන සිදුවීම පුංචි තිරයේ මතුවූ අපූරුව නරඹන්න. ( මෙම වීඩියෝව සමහර රටවලට නොපෙනනවාදැයි නොදනිමි).
|
BLOG
|
20 Build 4628 + Patch අද මම දෙනවා Internet Speed එක වගේම Data Usage එක මනින්න පුළුවන් මෘදුකාංගයක්...අන්තර්ජාලය සමග සම්බන්ධ වී සිටින අයට නම් මේ මෘදුකාංගය ඉතාමත් වටිනවා... තමන් භාවිත කරන දත්ත ප්‍රමාණය හා තවත් තොරතුරු මෙම මෘදුකාංගය ඔස්සේ බලාගන්නට හැකියාවක් තියෙනවා...වැඩි විස්තරයක් කියන්න දෙයක් නෑ..ඔයාලත් Internet පාවිච්චියට ගන්නවා නම් අනිවාර්යෙන්ම මෙවන් මෘදුකාංගයක් තිබීමෙන් ඔයාලට ලොකු පහසුවක් වෙනවා....මේ සොෆ්ට්වෙයාර් එකේ නවතම සංස්කරණයෙන් ගොඩක් පහසුකම් සලසල තියනව.මේ Software එකේ නම DU Meter 6.2.සොෆ්ට්වෙයාර් එක 3.7 mb වගේ වෙන්නෙ.ඔන්න පහල තියෙනවා Link එක බාගන්න.... සොෆ්ට්වෙයාර් එක හොදයි කියලා හිතෙනවානම් මගේ බ්ලොග් අවකාශයට Like එකක් දාලා Join වෙලා Comment එකක් එහෙම දාලා යන්න....සුභ දවසක්.....
|
BLOG
|
අනාගතේ එක දවසකමේ පායන ඉර හඳ යටනිහඬව ගලනා කාලයවෙනස්කරයි සුපුරුදු ලෙස....මාගේ ප්‍රීතිමත් නිවෙස.සැමවිට මෙලවූ ගෙයි ලිපනිවී යාවි දල්වන තෙක්සදහට උණු බත් මුට්ටියහිස්ව යාවි කැඩී බිඳී.ගෙමිදුල සහ වත්ත පිටියකුණුරොඩු වී හැඩි වී ගොස්වත්ත පුරා අඩි පාරත්වදුල වැවී වැසී යාවිනිලට වැවුණු කුඹුරු පොඩ්ඩඅස්වද්දනු ඇත තවකෙකුවැදුණු ගොයම එබව නොදැනපෙරමෙන් කිරි වදිනු නිසැකඅනාගතයකට නොරිසිවපරම්පරාවක ජීවයගෙය තුල වූ බව නොදැනමමලානිකව යයි හදවතසෙවන සදන සොඳුරු නිවෙසගොඩනැංවූ ස්ථිරවඅස්ථිරව යනු නිසැකයඅබලන් වී ගරාවැටීඔපදී දිලිසෙන විදුරුසුකුරුත්තම් බැබලි බැබලිදුර්වර්ණව කැඩී බිඳීපොළොවට සමතලා වේවිඅතීතයේ පාදම උඩඅනාගතය ගොඩනැගේවිඅහස උසට සුවිසාලෙටමන්දිරයක් ගොඩ නැගේවිඒ ඉදිවන අනාගතේසවිමත් පාදමට යටින්මගේ මුතුන් හෙලූ සුසුම්සදාකාලිකව තියේවි.සොබදමේ නියමය ලෙසමා ආලය කරන පිරිස්මා ආදර මේ බිම මතඑකින් එකා වැතිර යාවිසැමවිට සිදුවන්නා ලෙසපැරණි මතක වියැකී ගොස්අවලංගුව මැකී යාවිඅනාගතයකට ඉඩ දීමා මියගොස් ටික දිනකටමාද මතකයක් වනු ඇතමගේ කෙනෙකුගේ හදකටඉතා අල්ප ටික දිනකට...... (වෙනස්වන ලෝකය මහා පුදුමාකාර දෙයක්. අපි ආදරය කරන හැම දෙයක්ම අපේම ඇස් පනාපිටමනැති වෙන බව දකින කොට ඇතිවෙන්නේ දරාගන්න අමාරු දුකක්. ඉදින්මටනම් ප්‍රියවිප්‍රයෝගය කියන්නේ වේදනාවක්.ඉතිරි වෙන්නේ ජීවිතය පිලිබඳ ප්‍රශ්නාර්ථයක්).
|
BLOG
|
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.