comments
stringlengths
1
3.7k
labels
stringclasses
4 values
සත්තකින්ම වසන්තය ඇවිල්ලා පුරුදු විදිහටම රුදුරු ගිම්හාන කාලයකට පස්සෙ. කනාටු වෙලා ගිය තනකොල අයෙමත් දලු දමාවි. තනිකම පෙලුනු හදවත අයෙමත් ඔබ සොයා කැ ගහන හැටි.හැම කවියෙක්ම එකයි කවියෙක්ට ආදරෙ කරපු දගකාර හිතක දොංකාරය. ඔයා අඩන්න එපා දැන් පෙරයමත් පහුකරලා මැදියමත් ගෙවිලා ගිහින් අලුයමට ලගයි. සුසුම් හෙලනවා. සුසුම් වලට වටිනාකමක්. කාලය ගෙවිලා ගිහින් දින සති මාස. ආලොකයේ වේගය.. දැන් නැගිටින්නකො බබා ඉර මල පිපිලා.මේ ගිරි දුර්ග පසු කරමින් හමන සුලග ට සත්තකිනම මම ආසා කලා..චික් චික් කොහෙදො හිටපු හුනෙක්.රතුපාට මැයි මල් පොකුරු. සිතලට ගුලි වෙන්න ගුලිවෙච්ච හිත වගෙම. පොද වැස්සක් වැටෙන කොට දැනෙන හැගිම අනොරා වැහි වහිනකොට නැත්තෙ ඇයි කියලා දන් නැ. කාමයෙහි රලු පරලු බවක් නැත.බොද වු කනාමැදිරි එලි. නිදි නැති සඳ කාන්තිය. බලාපොරොත්තු. සෙල්ලක් කාර ජිවිතය. පැබ්ලො ලියු කවි පද. කෙටි ප්‍රෙමයක දිගු මතකය. සති අහ විභාගය නෙත ලග ඇති පොත්. බලාපොරොත්තු. අකලට පිපුනු රොබොරොසියා මල්. ජිවිතය එකාකාරීයි. නැ එහෙම හිතෙනවා. සත්තකිනම වසන්ත්ය ඇවිල්ලලු........අනෙ මන්දා.....{පහුගිය කාලෙ මං ගැන හොයලා බලපු හැමොටම ගොඩක් ස්තුතියි. අයෙමත් ලියන්නයි බලාපොරොත්තුව}.
BLOG
දින සති මාස නොදැනිම ගත වුණේ යපෙර බල, දුබල වී ගත හැකිළුනේ යබර වැඩ එකල මෙන් නොම හිනැහුණේ යපුරවන්න ට තිබෙන බඩ, රැලි පෙනේ ය කාණු ද වතුර බැස යන එහි ඉවුරු මතවැතිරී සිටී රුපියල් හා පුංචි ශතපුරවා මල්ලකට ගමි කරකවා නෙතවිසිකර දැමූ බිඳුවෙන් රත් කරමි ගත ~~~~~~~ නිමිත්ත:ඉඳ හිට ගොතන්නට කව් මම යොදමි හිතලද හැකි සතුට ඉන් පවසා නිමක් නැතඅද දින දුටිමි බෝතල් මිනිසකුගෙ වතපතුලෙහි ඉතිරි 'පැන්' ඔහුගේ බඩට යෙතහිටිවන කවි, සයිබර් කවි, සිව්පද, සදැස් කවි, කවි බ්ලොග්, පද්‍ය නිර්මාණ, කවි සංවාද, සිංහල කවි, hitiwana kawi, kawi madu, kawi sanwaada, sadas kawi, sinhala kawiImage Source : Google.
BLOG
"සුවඳ මල් නෙලන්නටනැත ගියේ අප්පච්චිතලා පරසතු කුසුම්ගනිනවා හිර කූරු...අවලමේ ගිය ගෑණිකියා උන් වස් කීවේආච්චිට අපි දීලාගිහිපු අපෙ අම්මාට...සිමෙන්තිය පිරි මැදලාබැම්ම බැන්දේ නැතත්ගොඩගහපු පස් කන්දතාම මට පේනවා...මරුවාට පෙම් කළත්ඌ සමඟ යමි සිතත්එක කුසේ උපන් ඌගැන නොහිතා පුළුවන්ද...බැරි වුණත් ලොකු අකුරුපූරුවේ කරුමෙකටහැකි වුණා නෙලන්නටදාස් පෙති සමිඳුන්ට...අනිත්‍යය මෙනෙහි කොටබුදු සමිඳු පුද දෙන්නහෝ 'කැමති කරුණකට'මගෙන් මල් අරගන්න...දෙව් ලොවට වඩින්නටමෙගඳ මල් වට්ටියත්ගන්න හොඳ මිලකටඑන්න 'හැන්දෑවට'....මීට,මල් කෙල්ල".
BLOG
කසාවත හැරදමාකලාවට බැන්ද පෙම..ඔබ..හොරා ගත් හැටි අරුම.අහිංසක හිත් දෙකකපිපී හිනැහුනු මලක්.හෙට දිනකඅතිර බවගැන සිතාවද වෙද්දිඅර පුංචි මලනිරුදක කතරක තනිවෙලා..මිදෝරිය ඉකිබිඳීවි..කබුකිහල වැලපේවි..ඒ මලට පිබිදෙන්නවරම් නොම දුන් නිසා.නකජිමා සොහොන් කොතමත යළිත් පිබිදෙන්නඒ මලට ඉඩදෙන්නයළිත් අත් පටළන්නඑන්න..ආදර නොරිකෝ සං ..සකුරා මල් ඇතිරිල්ලේඅපේ පෙම් විජිතයටඑන තුරා ඔබ යළිත්බලං ඉන්නංමං..දෙවෙන්දරා.."ඉක්මනින්ම නැවත එතොත්මළවුන්ගේ අවුරුදු දාමටත් නැවත එන්න ඇහැකිමළ ගිය ඇත්තන් කැටුවම " _දෙමින්ත ජයසිංහ_.
BLOG
මංගල කසී සළු මාලා දෑතේ රන් වළලූහැඳ පැලැඳ මාසිටියා ඔබගේඅතිනත ගත් දිනයේඅතිනත ගත් දිනයේමල්සර මිණි බුබුළු දිලිසීසිහිනෙන් නොදුටු රැයේනීල තරු පොකුරූ මා දුටුවානීල තරු පොකුරූ මා දුටුවාජීවන ගීය ලොවේ මියුරූසවනට නොදී සැලේසියොතුන්ගේ ගීතේ මා ඇසුවාසියොතුන්ගේ ගීතේ මා ඇසුවා෴.
BLOG
පුරහඳ අයිති රාත්‍රියටය...තරු පිරි අහසක පුන්සඳක් යනුනේක දැසිදස්සන් පිරිවරාසිටිනා මහේශාක්‍ය වරයෙකු මෙනි..අහසතලයත් පොලෝ මහී කතත්සියල්ලන්ට හොරෙන්සිය සදාතනක පෙම් මුණු මුණුවේවෙලෙමින් මුළු වටපිටාවමඑකම රසගුලාවක් කර ඇත..දිවා දැඩි සූර්ය රැසින් පීඩිතසිය පෙම්වතිය සනහනඅහස් ගැඹපිණිති විසුරුවා ඇය නළවතිසුවඳව පුෂ්පයෝ දක්වාඈ ඔහු පසසති...කදෝපැණි එළිත්..තාරුකා එළිත්..අහසත් පොලෝ මහීත්අතර රහස් මුකුළු පණිවිඩඔබ මොබ ගෙන යති..ඒ පුරහඳ පෑයු දිනය සුවිශේෂීය..ඇමසන් වනයේහරි මධ්‍යයේමිනිස් ඇසකට නොදිටිය හැකිමිනිස් පයකට ළං විය නොහැකිඒ ගිරිකුළ් නම් මුරකරුවන් විසින් රක්නාඅසම සම ඒ පෙදෙසේපුරහඳ පෑයු අහස යට..ඔවුන් සියල්ලෝකලකට පසු එක්ව ඇතසියල්ලන්ට එහි යා නොහැකනමුත් ඔවුන් සැමට යා හැක..මා එහි දොරකඩ සිටිමි..ඔවුන් මහා කතාවකය..අතරින් පතර සිනහවන්ය..“මේ මිදි යුෂ ගන්න මත් වන තරමටම පැසී නෑ තවම“...“යහපත්ය.. එහෙනම් මදක් දෙන්න..“දැක පුරුදු ඔවුන් දෙසබලා සිටියෙමි දොරකඩ සිටනෙත් කොණින් මා දෙස බලාඔවුන් ඔවුන්ගේ දෙඩුම් වලයේසුස්..සිද්ධාර්ථ.. අල්ලාහ්එක්ක සත්‍ය සායි.. වගේමක්‍රිෂ්ණාලා එක්ක තව ගොඩක් අයඑක මේසයක සුහද පිළිසඳරකඑන්න ඇතුළට..ඇරයුමක් කලා මට අයෙක්යන්න බෑ මටබර වැඩීයි මගේ හිතබැඳීමෙන් බැඳී ඇතසිතිවිලි වලින් පිරී ඇතනිර්වාණයේ දොරකඩින් මමහැරී ආවෙමි එන්නපුරහඳ මගේ පසුපසින්මා එක්ක ආවේය..පසුව ලියමි :- පුරහඳ පායන දවසට පිස්සන්ට පිස්සු වැඩිවේළු.
BLOG
එළඹෙන්නත් ප‍්‍රථමසැඳෑ කළ,හේමන්තය ගෙන එද්දිඅඳුර..දොස් නගන්නේ කාටදඉරටද. හඳටද.2015.11.15.
BLOG
තමාගේ එකම හා පරම හතුරා සිතයි.
BLOG
මා ලොකු අයියාගේ පොල්වත්තේ විශ්ව විද්‍යාලය දැයට තොප්පිය වැඩසටහන නිසා වසා දමා ඇත. ඉදින් මේ ලැබුණු නිවාඩුවේ ඔහු වෙහෙසෙන්නේ රටට සමාජයට දෙයක් ඉටු කිරීමටයි , එවන් විටෙක ඔහු අතින් මේ විසදුනේ අමුතුම ගණනකි . එය ඔහුටම පුදුමයක් නිසා අද කාමරයේ අලවන්නට ඔහු තීරණය කලෙමිතියරි 1 .සෑම තනිකඩ එකෙකු පිටිපසම සෙට් කර ගත නොහැකි කෑල්ලක් සිටී .තියරි 2. සෑම සාර්ථක මිනිසෙක් පිටිපසම කාන්තාවක් සිටීතියරි 1 = තියරි 2( සම්මත උෂ්ණත්වයේදී සහ පීඩනය යටතේ ජීවත චක්‍රය බැවින් )සෑම තනිකඩ එකෙකු පිටිපසම සෙට් කර ගත නොහැකි කෑල්ලක් සිටී = සෑම සාර්ථක මිනිසෙක් පිටිපසම කාන්තාවක් සිටීපොදු වචන කපා දැමීමෙන් ,තනිකඩ එකෙකු.සෙට් කර ගත නොහැකි කෑල්ලක් =සාර්ථක මිනිසෙක්.කාන්තාවක් --- 1සෙට් කර ගත නොහැකි කෑල්ලක් = කාන්තාවක් = ස්ත්‍රිය --- *{ ස්ත්‍රිය නම් සර්වත්‍ර කුලකයේ අවයව දෙකකි }* ගෙන් 1 ට ,තනිකඩ එකෙකු.ස්ත්‍රිය =සාර්ථක මිනිසෙක්.ස්ත්‍රිය=> තනිකඩ එකෙකු = සාර්ථක මිනිසෙක් ========================තියරිය එක කියා මෙය නම් කලද දෙවෙනි තියරියක් එයි යන්න ගැන මටම තව විශ්වාස නැත ... පුහා.
BLOG
.
BLOG
සුසුම් අතරින් හඩගා කියන අතීතාවර්ජනයක මතක පොදී එක මිටකට ගෙන භුමිදානය කලෙමි හදවතට නුදුරු බිම් කඩක යලිදු සොයා ගන්නට ඇවැසි විට................ ෴෴සචි෴෴ —.
BLOG
ඔයාල දැන් තමන්ගේ නිවසට හෝ ව්‍යාපාරික ස්ථානයට cctv කැමරා තමන්ම ස්ථාපනය කරගෙන ඇති.අපේ සිංහල පැකේජ ලබා ගත් විශාල පිරිසක් තම නිවසට cctv කැමරා system සවිකර ගත්තා කියල කියල තිබුනා..ඔයාලට තවත් උදවුවක් විදිහට මම අද කියා දෙන්නම් cctv කැමරා සවිකරන්න ගියාම අප වඩාත්ම සැලකිලිමත් විය යුතු කරුනු මොනවාද කියා..1.තැනේ හැටියට සුදුසු කැමරා තෝරා ගන්න.(tvl අගය අවම වශයෙන් 700 වත් විය යුතුය)2.එළිමහනට cmos cctv කැමරා සවිකරයි නම් කෙලින්ම සුර්ය ආලෝකය කාචයට නොවැටෙන පරිදි සවිකරන්න.3.එක කැමරාවකින් වැඩිම ප්‍රදේශයක් පෙනෙන පරිදි සවිකරන්න.4.cctv කැමරාව යකඩ බාර් මත සවිකරන විට ලීකොට කැබැල්ලක් තබා ඒ මත සවිකරන්න.(අකුණුවලින් වන හානි නැවැත්වීමට)5.සියලුම කැමරා වල වයර pvc නල තුලින් dvr එක වෙත රැගෙන යන්න.6.dvr එක පහසුවෙන් කිසිවකුට ලඟා විය නොහැකි තැනක තබන්න.7.අන්තර්ජාලයෙන් නැරබීම හා දුරකතනයෙන් නැරබීම සෑම විටම අවහ්‍ය නොවේ.මෙය ඉන්ටනෙට් බිල වැඩිකරන සාදකයකි.8.ඔබගේ dvr එකට අදාළ මුරපද හා අන්වර්ථ නාම කිසිවකුට නොදෙන්න.9.කැමරා සවීරිමෙදි උස ගැන සැලකිලිමත් වෙන්න අඩි අටකට වඩා උස සුදුසු නැත.10.ptz කැමරා සතියට වරක් වත් ක්‍රියාත්මක කාර බලන්න.11.ups එකක් හරහා system එකට විදුලිය ලබා දෙන්න.12.ඔබ cctv කැමරා වෙනත් අයකුට සවිකර දේනම් ඔහුට අනත්ර්ජාලයෙන් නැරබීමට අවශ්‍ය නම් වේගවත් අන්තර්ජාල සම්බන්දතාවක් ලබා ගත යුතු බව කියන්න.13.slt පැකේජයක් නම් familly එකක් වීම හොඳයි.නැතිනම් 4G මොඩම් එකක් වත් අවශ්‍යය.14.ජංගම දුරකථන වලින් නැරබීම ස්මාර්ට් ෆෝන් එකක් තිබීම වැදගත් වේ.එහි අන්තර්ජාල සම්බන්දතාවය HSDPA හෝ ඊට ඉහල වේගවත් එකක් විය යුතුය.ඔබට ජය.
BLOG
ඔන්න මාර්තු මාසෙට දාන්න යන පලවෙනි Post එක.අද ගෙනාවේ Android ෆෝන් use කරන ඔයාලට පට්ටම වැදගත් App එකක් අරගෙන.මේකට කියන්නේ Ad Away.Ad Away කියන්නේ Open Source Ad බ්ලොක් කරන App එකක්..මේක මෙහෙම කරන්නේ host ෆයිල් යොදාගෙන.ඒ උනත් 2013 මාර්තු 14 හරියටම අදට අවුරුද්දකට කලින් මේක Google Play Store එකෙන් ඉවත් කරා.*මෙය භාවිතා කිරිම සදහා ඔබේ Device එක Root කර තිබිය යුතුයි.හරි එහෙනම් මුලින්ම මේ Ad Away App එක පහලින් බාගෙන Install කරගන්න.හරි එහෙනම් දැන් install කරගත්තු App එක open කරගන්න.එතකොට Root Permission එක අහනවා.එකට Grant දෙන්න.ඊලගට Main window එකට එනවා.එතනින් "Download files and apply ad blocking" ක්ලික් කරන්න.මේක කරන්න කලින් ඔයාගේ Device එකේ Data හෝ wifi On කරලා තියෙන්නෙත් ඕනේ.මොකද අර Hosts file නෙට් එකෙන් තමා Download කරගෙන Install කරන්නේ.(මෙගා බයිටක් වත් යන්නෑ ඔය වැඩේට)හරි දැන් වැඩේ හරි.Host එක Download වෙලා Applyත් උනාට පස්සේ අහනවා Device එක Reboot කරන්නද කියලා.මම නම් ඉතින් ඒක No කරලා නිකන් හිටියා..දැන් ඉතින් කරදරකාර Ad වලින් බේරිලා ඉන්න පුළුවන්.එහෙනම් යාලුවනේ අදට මම ගිහින් එන්නම් .වැඩේ හොද නම් පහලින් අදහසකුත් දාගෙනම යන්න.ඒ වගේම අපේ Facebook page එකටත් Like එකක් දාගෙනම යන්න..එහෙනම් සියලු දෙනාටම සුභ දවසක්.....
BLOG
සිගරට් බොන්නෙපා ඔය හැටි.... පපුව පිච්චෙයි.... ගිණිගන්න තැනක.. තව මොනවා පිච්චෙන්නද... බොන්නෙපා ඔය හැටි... විඳවලා මැරෙන්න වෙයි... විඳවමින් ජීවත් වෙනවට වැඩිය... මැරෙන එක සැප නැද්ද... ඇයි මැරෙන්නම හදන්නේ... වටිනාකමක් නැති තැන... ජීවිතයක් තියනවද.... මට ආසයි අන්තිම පාරට මුන බලන්න.... එපා.. එපා... ඒ ඇයි.... එතකොට මට... මැරෙන්න හිතෙනෙකක් නැහැ.
BLOG
අවුරුදු තුනකටත් වැඩි කාලයක් පාළු කම රජ කරපු අපේ ගෙදර අද උදේ ඉඳන්ම එකම ගාලගෝටියක්. ඒ හැම කෙනෙක් අතරම මම හොයන්න උත්සාහ ගත්තෙ ඔයාව. ඒ ඇයිද කියන්න දන්නෙ නෑ... අතරින් පතර පුංචි කසුකුසුවකුත් මට ඇහුනා. ඒ ඇහුනු දේවල් විස්වාස නොකර ඉන්න මම හිත හයිය කර ගන්න ඕනෙ.අවසන් කටයුතු කරනවා කිව්වෙ අනිද්දනෙ. දවස් තුනක් තියෙනෙවා. ඔයාට වැඩ ඇති, එහෙම ලේසියෙන් වැඩ ටික අතරමඟ දාල එන්න පුළුවන්ද නේද...හත්මුතු පරම්පරාව කියන්නෙ කවුද කියලා හරියටම අද නම් බලාගත්තා. අපේ මඟුල් ගෙදරට ආවා වගේ දහ ගුණයක් විතර නෑදෑයො අද ඇවිල්ලා... දකිනකොට නම් හරි සතුටුයි. ඒත් ඒ මූනවල් වල තියෙන දුක් පෙනුම දකිනකොට මම කොහොමද හිනාවෙලා ඉන්නෙ. ඔයා ඉක්මනට එන්නකො. මම ආයෙමත් අඳුන්නලා දෙන්නම් කට්ටියවම.දෙවෙනි දවසත් උනා. සැරින් සැරේ වාහන වල සද්ද ඇහෙද්දි මම ගේට්ටුව ලඟට ගිහින් බැළුවෙ ඒ ඔයාගෙ කාර් එක වෙන්න ඇති කියලා.. අද නම් දුරම ඉන්න නෑදෑයොත් ආවා. අප්පච්චිගෙයි අම්මගෙයි හිත මිත්‍රයො... අනේ ඔයත් ඉක්මනට එනව නම්....ම්ම්ම්ම් අද නම් අවසන් කටයුතු කරනවලු.. අම්මයි අප්පච්චියි ලඟින් මමත් වාඩි උනා හාමුදුරුවො පාංශකූලෙ දෙන්න වැඩියාම. අම්ම අඬන හැටි දැක්කාම මගේ ඇස් වලින් කඳුළු බේරෙන එක නතර කරන්නෙ කොහොමද... ඔයා ඇවිත් හිටිය නම්, ඔයාගෙ උරහිසට ඔළුව තියාගන්න තිබුනා. හිමීට අප්පච්චි ලඟට කිට්ටු වෙලා අප්පච්චිගෙ උරහිසට ඔලුව තියාගත්තා. පාංශකූලෙ ඉවර වෙලා කනත්තට යනකන්, අප්පච්චිගෙ පිටිපස්සෙන් කකුල් දෙක අද්ද අද්ද ගාට ගාට ගියාට, බෙල්ල කරකව කරකව පිටිපස්ස බැළුවෙ හති දමාගෙන දුවගෙන එන ඔයාව හරි ගෙනඟ මැද්දෙන් පීරගෙන එන ඔයාගෙ කාර් එක හරි දකිනකන්.පෙට්ටිය වල උඩින් තියලත් අන්තිම පාරට කවුරු හරි බලන්න ඉන්නවනම් කියලා ඇරලා පෙන්නුවා... සෙනඟ පීරලා බැල්මක් දාලා බැලුවෙ දැන් වත් ඇවිල්ල ඇති කියලා හිතාගෙන... අනේ ඔයා දැක්ක නම්....ලස්සනම ලස්සන සුදුපාට සාරියක් මට අන්දලා තිබුනා.. පුංචි පබලු වලින් වැඩ දාලා... මතකද මම තෝරගත්ත‍ මගෙ මඟුල් සාරියත් පුංචි පබළු වලින් වැඩ දාපු එකක්. ඒ වගේම ලස්සන මල්... මං ආස කලා වගේම අමු මල් වලින් අදත් සරසලා තිබුනා... ඒත් පුංචි අඩුවක්. ඔයා ආස කරපු ඒ පොකුටු කොන්ඩෙ නම් නෑ... අන්තිම පාරට ඔයා බලන්න ආපු දවසින් පස්සෙ මහරගමදි දීපු බෙහෙත් වලට අහුරු පිටින් ගැලවුන නිසා අන්තිමට පිහිටට හිටියෙ බොරු කොන්ඩයක් තමයි... සේරම වැඩ ඉවර උනාට පස්සෙ එක්කෙනා දෙන්නා කනත්තෙන් එහාට ගියා... අම්මයි අප්පච්චියිත් ගියා... මාව එක්කන් යන්න අමතක කරලා ගියා. මට මතක් උනා ආයෙමත් අපේ මඟුල් ගෙදර. අම්මයි අප්පච්චියි එදත් මාව දාලා ඔය විදිහටම ගියා. එදා නම් ඔයා හිටියනෙ. යන සෙනඟ අතරේ ආයෙමත් ඇස් දිව්වා...මට සින්දුවක් මතක් උනා..... එදා මෙදා තුර කදුලට විවරවුදෑස් පියන්පත් කවුළු වසාලයේ තලාගිය ‍ස්නේහයේ සුවසිනා පිරුණු රත් දෙතොල් වසා...මිලාන වී ගිය - රෝස කුසුම් පෙතිකම්මුල් සුදුමැලි පාට පොවාදෑත ලයේ බැද අවසන් ගමනකසොදුරිය මට‍ නොකියාම ගියා...මගේ කතාවට සම්පූර්ණයෙන්ම ගැලපෙන්නෙ නැති උනත්, ඒ මතකයත් එක්ක ගඟක් වගේ ගලන්න ගත්ත කඳුළු මට නවත්තන්න බැරි උනා.ඔයාගෙ දෙමව්පියො නෑදෑයො නැතත් ඔයා එයි කියලා මම විශ්වාස කලා. මාස දෙකකට උනත් ඔයා මට දුන්නු ආදරේ බොරුවක් ම නෙමෙයි කියල මම හිතුවා. මට සමාවෙන්න...... මම ඔයාගෙ වෙච්චි ඒ දවස වෙද්දි මෙහෙම දෙයක් දැනන් හිටිය නම්, කවදාවත් ඔයාව මෙහෙම අතරමං කරන්නෙ නෑ...... සත්තකින්ම ඒ වෙනකොට අපි කවුරුත් දැනගෙන හිටියෙ නෑ........................... (සත්‍ය සිදුවීමකි...).
BLOG
එක කැලයක කොබෙයි කුරුල්ලෙක් සහ කිරිල්ලියක් වාසය කළා. මේ දෙන්නා සමඟියෙන් වැඩ කරලා ලස්සන කැදැල්ලක් හදා ගත්තා. දෙන්නම සමාදානයෙන් පියාඹා ගිහින් කෑම සොයාගෙන කාල සතුටින් ඉන්නවා. සුපුරුදු පරිදි මේ දෙන්නා කෑම ‍‍සොයාගෙන පියඹා යනකොට දැක්කා එක ගමක ගමරාලයි ගමහාමිනෙයි මහන්සි වෙලා කැලෑව කොටලා හේනක් හදල බිම සකස් කරනවා. පසුව උඳු, මුං, තල, කුරහන් ධාන්‍ය වර්ග වපුරනවා දැක්කා.‍Óමේ හේනේ වපුරපු ධාන්‍ය වර්ග ටික ටික අරන් ගිහින් කැදැල්ලේ තැන්පත් කළොත් වැසි කාලයට සහ ඉඩෝර කාලයට අපිට ප්‍රයෝජනවත් වෙයි” කිරිල්ලි කීවා. පහුවැනිදා කුරුල්ලයි කිරිල්ලියි පුංචි හොටෙන් පස් පීර පීරා උඳු, මුං, තල, කුරහන් සොයාගෙන ටික ටික ගෙනල්ලා කැදැල්ලේ පැත්තක තැන්පත් කළා.ටික දවසක් යන විට තද ඉඩෝරයක් ආවා. කැදැල්ලේ තිබුණු ධාන්‍ය අඩුවෙන්න පටන් ගත්තා. කුරුල්ලා කිරිල්ලිගෙන් ඇසුවා,“ඔයා මේ ධාන්‍ය වර්ග හොරෙන් හොරෙන් කෑවා නේද.” කියල. කිරිල්ලි කීවා “නෑ නෑ මම හොරෙන් කෑවේ නෑ” කියල. කුරුල්ලා කිරිල්ලි කියපු කතාව පිළිගත්තේ නෑ.“ධාන්‍ය වර්ග හොරෙන් කෑවා මදිවට බොරු කියනවා” කියල තරහ ගිය කුරුල්ලා කිරිල්ලිට හොටෙන් අනින්න පටන් ගත්තා. කිරිල්ලිට හොඳටම තුවාල වුණා. කිරිල්ලී මේ නපුරු කුරුල්ලත් එක්ක කැදැල්ලේ ඉන්න බෑ කියල වෙන ගසක කැදැල්ලක් හදාගෙන තනියම හිටියා. ටික දවසක් යනකොට වැසි වහින්න පටන් ගත්තා. අව්වේ සැරට වේලිලා අඩුවුණු ධාන්‍ය වර්ග වැස්ස නිසා ඒ තෙතමනයට අර ධාන්‍ය මහත් වෙලා ධාන්‍ය ගොඩ ලොකු වුණා. මේ ධාන්‍ය ගොඩ දැකපු කුරුල්ලට හිතුණා “කිරිල්ලී හොරෙන් ධාන්‍ය කෑවා කියල ඉක්මන් වෙලා හොටෙන් කොටල කරදර කරපු එක මෝඩකමක්. හරි හැටි දෙයක් සොයා බලන්නැතුව වැඩ කරාම සිදුවන පාඩුව මේ නිසා මම හොඳ පාඩමක් ඉගෙන ගත්තා” කියල කුරුල්ලා හිතුවා “කිසි දෙයක් හරියට සොයා බලන්නැතුව කිරිල්ලිට කරදර කරා” කියල දුක්වුණා. ඉන්පසුව කුරුල්ලා කිරිල්ලී සොයාගෙන පියාඹා ගිහින් කරපු වරදට කිරිල්ලියගෙන් සමාව ගත්තා. ඉන්පසු කුරුල්ලයි කිරිල්ලියි ඉස්සර වගේම සතුටින් සමාදානයෙන් කැදැල්ලේ ජීවත් වුණා.(ජනකතාවක් ඇසුරෙනි)එනිඳු සුපසන් ප්‍රේමසුන්දර2 ශ්‍රේණිය ‘බී’,කේරි විදුහල,කොළඹ 8http://www.lk/2014/11/16/_art.fn=au141116.
BLOG
හරියටම අවුරුදු දෙකකට පස්සෙ post එකක් දාන්න හිතුනා.ඒකත් අහම්බයක්. මුනු පොතේ රවුමක් යනකොට දැක්කා මන් හදපු page එක. පම්පෝරි ගහල තේරුමක් නෑ. ආව වැඩේ කරමුකො.තේරුමක් නැති ජීවිතේ තේරුමක් ඇති දෙයක් කරන්න හිතුවට කවදාවත් එහෙම දෙයක් කරන්න ඉඩක් මට ලැබිලා නැතිය කියලයි මම නම් හිතන්නෙ. මෙකත් ඉතින් තෙරුමක් ඇති දෙයක් නෙවේ.දකින හැම දේම විවේචනය කරන එකත් හොද දෙයක් නෙවේ. ඒත් ඉතින් මේ කාලෙ වෙන මොනවා කියල ක‍රන්ඩද..අවුරුදු දෙකක් ඇතුලත ලෝකේ කොයිතරම් දේවල් වෙනස් වෙලාද..එදා දැකපු දේවල් අද වෙද්දි පැහැදිලි කරන්න වෙන්නෙ වෙන විදියකට. ඇයි එහෙම වෙන්නේ..ඉස්කෝලේ යන කාලේ love කරපු කොල්ලෝ කෙල්ලෝ ගොඩක් අය මේ වෙද්දි වෙන් වෙලා."කොහොමද මචන් උබේ love එක නැගලම යනවද.. ""නෑ බන් දැන් ඒක ඉවරයි.ඒක වෙන එකක් set කරගෙන,ලගදිම marry කරනවලු."" යකෝ තොපි දෙන්නා ඒ කාලේ හිටියේ ඉසුරුමුනි පෙම් යුවල වගේනේ..මන් නම් ජිවිතේට හිතුවෙ නෑ මේක කැඩෙයි කියලා.""ඒවා එහෙම තමයි බන් කල් යද්දි තෙරුම් යනවා ගැලපෙන්නේ නෑ කියලා. "" යකෝ ඒකිත් මාර එකක්නේ. අපිත් කොච්චර කට්ටක් කෑවද තොපි හින්දා. අනේ මන්දා මොනවා වෙලාද කියලා. දැන් එතකොට උබ., "මටත් අලුත් එකක් set උනා. තව අවුරුද්දකින් විතර බදින්න ඕන. මෙහෙම ඉදලා හරියන්නෙ නෑනෙ. දැන් ඉතින් අපිත් වයසට යනවනේ.""වයස" යනවා. වයස යනවද.. අපි වයස යවාගන්නවද.. නැත්තම් කාල‍යත් එක්ක මේ හැම දේම වෙනස් වෙනවද.. වෙනස අපි දකින්නෙ කොහොමද.. මේ ගැන නම් හොයන්නම වෙනවා.
BLOG
බ්‍රහස්පතින්දා දවසේ පත්තර කන්තෝරුවෙන් ලැබුණේ ඉතාමත්ම අසුබ ආරංචියක්..... මම ටික වෙලාවක් එකතැනක නැවතිලා කල්පනා කළේ සිදුවෙලා තියෙන විනාශය ගැන. මේ වෙනුවෙන් අපිට මොකක් ද කරන්න පුළුවන් කියලා හිතුවත් අන්තිමේ දී තේරුම්ගියා අපිට කිසිම දෙයක් කරන්න බැහැ කියලා. ඕනම කෙනෙක් ඕනම වෙලාවක මගෙන් ඇහුවොත් මේ ලෝකේ වැඩියෙන්ම ඇළුම් කරන්නේ කොතනට ද කියලා. මම කිසිම පැකලීමකින් තොරව කියන්නේ ඒ සීගිරියට කියලා. ඒත් දැනගන්න ලැබුණා සීගිරියේ චිත්‍ර වලට කෘමි විශේෂයක් හානි කරන බව. පරිසරයට විනාඩියක් වැඩසටහන කිරීමෙන් ලබාගත් පාරිසරික දැනුමත්, පුරාවිද්‍යාව හැදෑරීමෙන් ලැබූ පුරාවිද්‍යාත්මක දැනුම්ත් සංකලනය වූ මට එකවරම මතක් වුණේ සීගිරියේ කෘමීන් ආක්‍රමණයට පෙර එහි සිටි බඹරැන් ඉවත් කිරීම ගැන. මම මගේ ප්‍රාදේශීය ප්‍රවෘත්ති කර්තෘ තුමාට කථා කරලා මේ ගැන කිව්වා. සජීව, ඔයාට සියයට සියයක්ම විශ්වාසනම් වැඩේට බහින්න. අහුමුළු නැතිවෙන්න හොයන්න. ඔහු කිව්වේ මාව නැවත නැවතත් දිරිමත් කරමින්. මම ඉන්නේ ගාල්ලේ සීගිරියේ සිදුවන දේ සොයන්න අමාරුයි ඒත් මම වැඩේට බැස්සා. බඹරුන් ගැන ලියවුණු පර්යේෂණ පත්‍රිකා සොයා බැලුවා. සීගිරියට අළුතෙන් ආවායැයි කියන කුඹලුන් ගැන විස්තර හෙව්වා. මම විශ්ව විද්‍යාල මහාචාර්යවරැ ගණනාවකට කථා කළා. ඔවුන් සියළු දෙනාම කිව්වේ ඒක වෙන්න පුළුවන් වැඩක් කියලා. මගේ මතය වුණේ පරිසරයේ ආහාරදාමයේ එක් පුරැකක් වූ බඹරැන් ඉවත් කිරීම නිසා වෙනත් කෘමියෙක් ඉස්මතුවෙලා කියන එකයි. අවසානයේදී මගේ දැනුම ආචාර්ය මහාචාර්ය වරැන්ගේ උදව්වෙන් තහවුරැ කරගන්න හැකියාව ලැබුණා. ඒ අනුව සිරස රෑපවාහිනී සේවයේ බ්‍රහස්පතින්දා රාත්‍රියේ ප්‍රවෘත්ති ප්‍රකාශයේ ප්‍රධාන පුවතක් වුනේ සීගිරියේ චිත්‍ර වලට හානි සිදුකරන කෘමින් පැමිණියේ බඹරැන් ඉවත් කිරීම නිසා බවයි. සෙනසුරාදා ලංකාදීප පුවත් පතේත් ඉරිදා ලංකාදීප පුවත් පතේත් මගේ මේ හෙළිදරව් කිරීම පළවනවා. මේ සම්බන්ධව අනිත් මාධ්‍ය ආයතනත් අවදි විය යුතුයි. ඔබගෙන් අපි ඉල්ලා සිටි‍න්නේ එකම එක දෙයයි. සීගිරියට කෘමි හානිය සිදුවූයේ බඹරුන් ඉවත් කිරීම නිසා බව අපි විද්‍යාත්මක පැහැදිලිකිරීම් අනුව ප්‍රකාශ කර තිබෙනවා. මෙයට එරෙහිව අපි දැවැන්ත හඩක් නැගිය යුතුයි. අද සීගිරිය වගේ හෙට තවත් ස්ථාන විනාශ වන්නට ඉඩ නොදිය යුතුයි. ඒ වගේම බඹරුන් ඉවත් වී තනිවූ සීගිරිය සමුගන්න ඉඩ නොදිය යුතුයි.
BLOG
අද ගොඩක් දෙනෙක් ආගමික සහජීවනය කියලා දෙයක් ගැන කතා කරනවා... මම කැමතියි මම දකින විදියට ඔය කියන ආගමික සහජීවනය කියන්නේ මොකක්ද කියලා පොඩ්ඩක් කියන්න....ඇත්තටම අපි දන්න කාලෙක ඉදලා අපේ රටේ සිංහල, දෙමළ, මුස්ලිම් කියන ජන වර්ග තුනම ජීවත් උණා. මිනිස්සු බොහොම සහයෝගයෙන් සමගියෙන් ජීවත් උණා..පොඩි වෙලාවකට මුස්ලිම් අයව පැත්තකින් තියමුකො... දෙමළ අය ගැන හිතලා බලන්ඩ... දෙමළ අය මොකද කලේ.. මෙතන කතා කරන්නෙ බහුතරයක් ගැන නෙමෙ... දෙමළ අය රටෙන් කොටසක් ඉල්ලුවා... ඉල්ලලා යුද්ධ කලා.. ඒ අයගේ වගේම අපේ සිංහල අයගෙත් ජීවිත ගොඩක් නැති උණා... ඒ අය අපේ රටෙන් කොටසක් ඉල්ලුවෙ ඇයි . මේක ඒ අයගෙ රටක් නොවන හින්දා.. දෙමළගෙ මුල් බිම දකුණු ඉන්දියාව උන්ට අපේ රටේ බැරි නම් කිසි ප්‍රශ්ණයක් නැතු දකුණු ඉන්දියාවෙ ගිහින් ජීවත් වෙන්න පුලුවන්.. ඒත් සිංහල උණ අපිට මේ රට නැති උනොත් වෙන කොහෙටද යන්න පුලුවන්.. සිංහල මිනිස්සු ජීවත් වෙන තව රටක් මේ ලෝකෙ කොහෙ හරි තියෙනවද . මම නම් දන්නෙත් නෑ අහලත් නෑ එහෙම වෙන රටක් ගැන... ඔය සහජීවනය ගැන කථා කරන කෙනෙක්වත් එහෙම රටක් ගැන අහලා තියෙනව නම් මාව පොඩ්ඩක් දැනුවත් කරන්න ඈ...කොහොම හරි දෙමළව පරද්දලා අපි අපේ රට අපිට ආයෙ අරගත්තා... ඊලඟට මොකද වෙන්නෙ . ඊලඟට සටනට එන්නෙ මුස්ලිම් කාරයා.... අද සහජීවනය ගැන කතා කරන අය කියනවා ඇයි අපිට සමඟියෙන් ජීවත් වෙන්න බැරි කියලා... ඇත්තටම පුද්ගලිකව මාත් කැමතියි සමඟියෙන් කවුරුත් එක්ක ජීවත් වෙන්නෙ... ඒත් සිංහලයගෙ රට උණ මේ ලංකාවෙ මඩකලපුව පැත්තට ගිහින් ජීවත් වෙන්න උත්සාහයක් දරලා බලපල්ලා පුලුවන් වෙයිද කියලා.... කඩයක් දාගෙන බිස්නස් කරන්ඩ බලහන් පුලුවන් වෙයිද කියලා... පන්සලක් හදලා සද්දෙට පිරිත් දාන්ඩ බලපන් පුලුවන් වෙයිද කියලා... සිංහල බෞද්ධයන් බහුතරයක් ඉන්නර රටක එක පැත්තක බුදුන් වදින්ඩ තියා ගිහින් ජීවත් වෙන්නවත් පුලුවන්ද . බෑ.. ඇයි ඒ . ආගමික සහජීවනය හින්දද .ඒත් අපි ජීවත් වෙන පළාත් වල හොදට ගෙවල් දොරවල් හඳාගෙන බිස්නස් කරගෙන මුස්ලිම් අය හොඳට ජීවත් වෙනවා ඔනෙ තරම්.. සිංහල මිනිස්සු උන්ට මෙතුවක් කාලෙකට කරදර කලාද .මෙතන හැම මුස්ලිම් කෙනෙක් ගැනම නෙමෙ කියන්නෙ.... අන්තවාදි මුස්ලිම් කොටස් ගැනයි කතා කරන්න ඔනේ... හැබැයි ඒ අන්තවාදින් සුලුතරය උනත් බහුතරය උණ අනික් මුස්ලිම් අයත් යුද්ධයක් ඇති උනොත් උදව් කරන්නෙ ඔය සහජීවනය කියලා කෑගහගෙන යන සිංහල අවජාතකයින්ට නෙමෙ. උන් උදව් කරන්නෙ උන්ගෙ ජාතියට ආගමට...ඒකයි සිංහලයට උන් එක්ක හැප්පෙන්න බැරි....සිංහල ජාතිය, බුදු දහම රැකගන්න කෙනෙක් ඉස්සරහට එනවනම් මුස්ලිම් උන්ට විරුද්ධව ඒ කෙනාව පස්සට අදින්න හදන්නෙ මුස්ලිම් මිනිහෙක් නෙමෙ තවත් සිංහල තාත්තෙකුට දාව සිංහල අම්මෙකුගෙ බඩි ඉපදුන සිංහලයෙක්මයි... මේක අපේ ජාතියෙ අවාසනාව... මේවා ගැන කතා කරනකොට සමහර සහජීවන මහත්තුරු බනින්නෙ අපිට නෙමෙ අපේ අම්මලා තාත්තලට.... මට තේරෙන්නෙ නෑ ඒ අය මොන අරමුණු හිතේ තියාගෙන ඒ විදියට කතා කරනවද කියන්න...ඒ අවසානෙට මම දෙයක් කියන්නම්...මේ යන විදියට ගියොත් අපිට රටක් ඉතුරු වෙන්නෙ නෑ මේ ලෝකෙ.. මේක මුස්ලිම් රටක් වෙලා නතර වෙන්නෙ.... මුස්ලිම් ජාතිය බහුතරය උන රට සුලු ජාතියක් නෑ... ඒ වගේම අද සහජීවනේ ගැන කතා කරලා තම්බියට කඩේ යන ඈයොන්ට උනත් තම්බියා උදව් කරන්නෑ අනේ මේ අපි ගැන කැක්කුමෙන් ඒ කාලේ කතා කරපු සහජීවන මහත්තයෙක්නෙ කියලා... උබලා ඔය කරන වැඩෙන් දුක් විදින්නෙ අපි නෙමෙ.. උබෙයි අපෙයි දරුවො... ඒකත් මතක තියාගෙන සහජීවනේ ඔලුව උඩ තියාගෙන තම්බියට ගුද මාර්ගෙ දීගෙන ජීවත් වෙයන්... අපේ දරුවන්ගෙ අනාගතයට අබ සරණයි .
BLOG
පරදවා දළ රළ සයුරසොයාගත් පොඩි දූපතකඋසම තැන සෙවූ මමකරවීමි මාළිගාවක්හැකි ලෙසින්මතකයේ වලාකුල් මතවාඩි වී සිටි දිළිඳු වූ දැරියටඇය ද එය නොදැනලොව ද එය නොදැනදූපතට පමණක් අයිති වූ කාලයෙන්කල්පයක් ගත වුව දනොවුනි එක පලුද්දක්මාළිගා බිත්ති මතකල්පයේ හැම කැබැල්ලක් තුලහෑරුවෙමි...ගල් බොරළු වැදී තුවාල වනඇඟිලි තුඩගින් වැගිරුණුරුධිරයෙන් පොඟවමින් හිමිහිටකාෂ්ඨක මහ පොළවගැඹුරු පතුලෙන් අතට ගත්තෙමිදුටු සෙනඟ ඇස් අන්ධ කරවනලොවෙන් සැඟවුණු අරුම මිණි කැටලොවට නවමු වු අරුම අබරණමට කුමකට ද මේ වස්තුවඅමිල වූ වස්තුවක්මගෙ හිතේ සිටි කලඅබරණ පැළඳුවෙමි ඇගෙ කරදිළිඳු බව ඇගෙ ගියෙ ද කොයි අත.ඉතින් දැන් ඈ කුමරියකිමාළිගාවක වෙසෙනනොමැත්තක් නොමැතිහරි පුංචි දූපතකකුමරි මෝරද්දි තව තවදූපත මදි ය ඇගෙ හිතටලෝකටම දැක බලා ගන්නටතමයි ඇගෙ හිත නැගුණු අදහස...ඉතින් ඈ විටින් විටමුහුදු, සමුදුරු උඩින්චාරිකා කරවීය දස දිගමාලිගාවෙහි සිටිනකාලෙ අඩු විය ටිකෙන් ටිකගමන් වියදමට ඇගෙකර පැළඳි රන් මාලවිකිණුවෙද උකස් කලෙදමම නොදන්නා දෙයකි තවටිකෙන් ටික ඇය"දිළිඳු වූ කුමරියක්" වන බවහිත හිතා සිටි හවස් යාමෙකමාළිගාවෙහි බිත්තියක කොණපිපිරි ගිය සළකුණක් දැකකඳුළු පොඩ්ඩක් ඇඟිල්ලට ගෙනබිත්තියේ මේ කවිය ලියනෙමිකාටවත් නොපෙනෙනා බව දැනකවිය ලියූ අවසනමාලිගාවෙහි බාල්කයක්හුරතලෙන් මට අඬගසයි"එන්න මගෙ එල්ලෙන්න"සහන් පද්මසංඛ පීරිස්(THЕ SAHAN)2014 සැප්තැම්බර් 10.
BLOG
......................
BLOG
අද post එක ලියන්නට වෙන්නේ මට නම් කිසිසේත්ම අදාල නැති කෙනෙකු පිලිබඳවය.විවාහ වී සිටින හා විවාහ වීමට බලාපොරොත්තුවෙන් සිටින අයට නම් මේක වැදගත් වන්නටද පුළුවන.ඒ කෙනා අන් කිසිවෙකු නොව “බිරිඳයි“.ඇය තරම් විවාදයට පාත්‍රවූ කෙනෙකු සොයාගන්නට හැකිවේද යන්න සැක සහිතය.ඇය වෙනුවෙන් නිර්වචන සපයන්නටද පිරිමි පාර්ශවය කිසිම දිනක මැලිවීද නැත.අද අහම්බෙන් වගේ නෙත ගැටුනු මේ නිර්වචන කිහිපයත් එවැනිම අපූරු නිර්වචන කිහිපයක්.උපුටා ගත්තේ 1991 අගෝස්තු මුතුහර කලාපයෙන්.ඒ කියන්නේ මම යන්තම් පෙරලෙන වයසේ ඉන්න කාලේ බිරිඳ ගැන ඉදිරිපත් වෙලා තියෙන අදහස්.හැබැයි මේ හැම අදහසක්ම වගේ අදටත් අදාලයි කියලයි මට නම් හිතෙන්නේ.01.බිරිඳ යනු ඔබ පවසන දේ ඇසීමට සූදානම් නැතත්, “ඇයි ඔයා මොකුත් නොකියන්නේ... “ යැයි නිතර අසන තැනැත්තියයි.02.බිරිඳ යනු එකම හේතුවකට ඇඬීමට මෙන්ම,සිනාසීමට හැකි තැනැත්තියයි.සමහරවිට ඔබ තුල පුදුමය ඇති කරමින් ඇය එකම වේලාවේ මේ ක්‍රියාවන් දෙකම සිදුකරයි.03.ක්‍රීඩාවට කැමැත්තක් නොදැක්වූවත් හැම විටම ජයග්‍රහණය කරන තැනැත්තියයි.04.පිලිවෙලකට ඔබේ පවුල සකසන්නී බිරිඳයි.05.බිරිඳ යනු ඔබ තෝරන සෑම දෙයකටම අකමැත්ත පලකරන තැනැත්තියයි.06.ඔබේ යම් ක්‍රියාවකට උදව් දීමෙන් පසුව,එම ක්‍රියාව සම්පූර්ණයෙන් කලේ තමා යැයි උදම් අනන්නේ බිරිඳයි.07.ඔබේ මිතුරන් සියළු දෙනාගේම මාතෘකාවයි.08.“මෙතැනින් යනවා යන්න.“ යැයි පවසතත්,යටි සිතින් “ අනේ මාව තුරුල් කරගන්න.“ යැයි කියන තැනැත්තියයි.09.ඔබේ සිහින තුල ස්වර්ණමය වැලිතලා,සිහිළැල් දිය ඇළි, මද උණුසුම් කඳුවැටි හා සුළං රැළි සිතුවම් කරන්නී බිරිඳයි.10.ඔබට මෙන්ම ඔබගේ දරුවන්ටද මවක වන තැනැත්තියයි.ඔන්න ඔහොම තමයි ඒ කට්ටියනම් කියලා තිබුනේ.අත්දැකීම් තියන අයට වෙනත් නිර්වචන තියේනම් ඒවත් මෙතන comment එකක් විදියට කොටලා ගියාට තරහක් නැහැ.නොදන්න අයටත් දැනගන්න.
BLOG
ගාලු පුරවර බලා දිවයනසියක් උන් තෙරපෙච්චි බසයකතුනේ අසුනේ ඇතුල් කෙලවරඉබේ ලියැවුනි මෙසේ කවි පදසියක් උන් එක එකා තෙරපීඉහල ගත් පය තබනු නොහැකීමුවින් නොම බැන උනුන් හිදිතීකවන්දය මෙහි සිත නොමැත මෙහිඅනෙක් දෙදෙනා නිදි සුවෙන් ඇතවිරූපී ඒ බලනු රිසි නැතජීවිතේ ඇති අරුත පසිදනුනුබට හැකි නම් කියාදෙනු මටඉදිරි අසුනේ නැවුම් යුවලක්ජීවිතේ සොදුරුව කියාදෙත්ලගින් හිටගෙන යනෙන උන්ගේජීවිතේ සෙදුරුව විදිති නෙත්කළුතරින් ඒ නැගපු යුවතියදුටුවතින් මා පහන් විය සිතඇපල් පණුවන් කනව මයි යනපසක් විය ඒ සැනෙන් නියමයදවස තිස්සේ ඔට්ටුවුනු ඒකෝඩ් ලොකෙන් බැහැර වුනු මන්ගෙදර යන මේ බස් එකේ උන්දැකල හොල්මන් ඔන්න නිදි මන්.
BLOG
චිත්‍රාල් සෝමපාල සමඟ "චැටර්-බොක්ස්"-ශ්‍රී ලංකා සමඟ පැවැත්වූ සංවාදය.සංගීත ලෝකයට ඔහුගේ පිවිසුම, ලාංකීය රොක් සංගීත කලාව ගැන ඔහු දරන අදහස්, රොක් සංගීත කලාවට අලුතෙන් එක් වන අයට ඔහුගේ උපදෙස් සහ තවත් බොහෝ දේ විනාඩි 6ක කාලයක් තුල...මෑතකදී ඔහු ගැයූ ගීත සහ වෙනත් ඔහුගේ ජනප්‍රිය ගීත.
BLOG
සුබ දවසක් ටික දවසකින් තමයි බ්ලොග් එක ලියන්නේ ඉතින් අද ඔයාලට කියල දෙන්න යන්නේ google map එකක් කොහොමද බ්ලොග් පිටුවකට එකතු කරන්නේ කියල ....මේ google map වලින් විවිද සංචාරක සටහන් වලට තමන්ගේ ගමන් මාර්ග සටහන ඇතුලත් කරන්න පුළුවනි .මුලින්ම මෙන්න මේ https://maps.com/ එකෙන් ගිහිල්ල google maps වලට පිවිසෙන්නමෙන්න මේ වගේ රූපයක් තමයි ඔබට හමුවන්නේ ....මෙහි ඇති direction මත ක්ලික් කර ඔබට අවශ්‍ය ස්ථාන දෙක අතර මාර්ග සටහන ලබා ගතහැකි වන අතර එය බ්ලොග් පොස්ට් එකකට ඇතුලත් කර ගැනීම සදහා එම පින්තුරයේ දකුණු අත පැත්තේ පහල කොටසේ ඇති දැති රෝදය මත ක්ලික් කරන්න.\එවිට එහි ඇති මෙනුවෙන් share and embed map යන්න තෝරා ගන්න එයින් ඔබ තෝරාගත් iframe එක කොපි කරගෙන බ්ලොග් පොස්ට් එකේ HTML කොටසේ පේස්ට් කරන්න .... වැඩේ ඉවරයි .
BLOG
මේකත් අදඡායාරූපශිල්පයේ ගොඩ දෙනෙක් අත්හදා බලන දෙයක්.මමත් අන්තර්ජාලයෙන් හොයලා බැලුවා.ඔයාලටත් දැනගැනීම පිණිස ඒක මම පල කරන්නම්කො..මම දන්නා පරිදි HDR කිරීමේදී යොදා ගන්නේ එකම ස්ථානයකදී සාමාන්‍ය විදිහට හා Explosure එක අඩු හා වැඩි කරන ලද ඡායාරූප 2ක් හෝ වැඩි ගණනක් ගෙන එකතු කර HDR ඡායාරූපය සකස් කිරීමයි..මෙම තාක්ෂණය ගැන හරියටම දන්නා කෙනෙක් ගේ අදහස මට නම් සැහෙන වටිනවා.මම ඉදිරිපත් කරන්නේ ෆොටෝෂොප් මගින් මේ දෙය සිදු කරන අන්දම පමණි.මෙහිදී යොදාගන්නේ ඉහත පරිදි ඡායාරූප කීපයක් නොව,එකම ඡායාරූපය Explosure අඩු වැඩි කිරීමෙනි.මුලින්ම ඔබ ළඟ ඇතිඡායාරූපයක් තෝරාගන්න.ඉන්පසු එමඡායාරූපයේම copy 2ක් හදාගන්න.ෆොටෝෂොප් මත එම ඡායාරූප 2ක open කර ගන්න.ඉන්පසු එකඡායාරූපයක් වෙත යන්න.ඉන්පසු Image->Adjustments->Explosure වෙත ගොස් එහි Explosure අගය -2 ලෙස ලබාදෙන්න.ඉන්පසු එම ඡායාරූපය save කරගන්න.අනෙක් ඡායාරූපයයටද ඉහත පිළිවෙලටම ගොස්Explosure අගය +2 ලෙස ලබාදෙන්න.ඉන්පසු එයත් save කරගන්න.මෙන්න උදාහරණයක්...දැන් ඔබ සතුව මුල් ඡායාරූපයට අමතරව ඊට සාපේක්ෂව අඳුරු සහ දීප්තිමත් ඡායාරූප දෙකක් ඇත.දැන් ෆොටෝෂොප් මත ඇති ඡායාරූප 2ක close කරාට කම් නැත..වෙත යන්න..ලැබෙන popup box එකෙන් අපි පෙරදී සකස් කරගත් චායාරූප 3 තෝරාගෙන ok කරන්න.ඉන්පසු තවත් popup box එකක් ලැබෙයි,එහි ද ඔබට ගැලපෙන පරිදි Preset,Mode,Edge Glow සහ Tone and Detail තෝරා ok කරගන්න..අවසානයේ ඔබට සකස් වූ HDR රූපය ලැබේ.ඉහතදී Preset එක Custom විදිහට ලබා දී Remove Ghost කියන තැන Tick එක යෙදීමෙන් රූපය අලංකාරවත් වෙයි...ජය වේවා.
BLOG
සොඳුර නොකිපෙන්න .දුෂ්කරයි රළු කරළු වූ මේ මාවතසොඳුර නොහඬන්න . කර්කෂයි රුදු කටුක වූ මේ මාවත එන්න. අත මට දෙන්නපා නඟමු අපි එක්වන්වපොඩි කඳුළු බිඳුවකට බැහැජීවිතේ වසා ගත්කිළිටි රොන් මඬ කැටිති දොවන්නටබලන් අර.නබෝ ගැබ වසාගත්දාගප් බුබුළු අගදේවතා කොටු අලු කරන චුඩාමිණබලන් නළියනා අර බෝ ළපලුනුඹේ තොල් දෙපට අගවල ගැසෙන ප්‍රහර්ෂය සේමනිමල වූ බෝ රුකේපොතු කැපුණු කඳ තුළබැක්ටීරියා හා දිලීරද වෙසෙත්.අතු අග රැඳි පලු පත්මා වවුලෝ බුදිත්සැදැහැවතුනට අකැප මුත්.දාගැබේ සුදු සෙවණැ පත්කාකයෝ වසුරුද හෙළූ මුත්ජීවිතය විලසින්ම ඒ හැමනිතින් අංජලිකරණීය වෙත්.ස්නේහය සුදුයිසුදු ඔසරි පට සේ මුදුයි - මොළකැටියිමරණයද මුදුයි සියුමැලියිසුදු වියන් බැ‍ඳෙනුයේ ඒ නිසයිජීවිතය හැඩි දැඩියි - කලුයිරාත්‍රියසේම බිය කරුයිළහිරු එහි ගෙන ආ යුතුයිඑතෙක් දෙපයින්ම අප යා යුතුයි.සොඳුර නැඟිටින්න . පිසගන්න ඔය කඳුළුඑන්න අත මට දෙන්න.පා නඟමු අපි එක්වන්වදොවා පැන් සනහාසල් මලක් සේ ගෙන ජීවිතයපුද කරමු ඉතින් අපිඅපගේම දෙපා මුල.
BLOG
අපට එපා පලා බබා කිව්ව අයත් වෙලා බබා රට හැදෙනව කොහොම තබා පක්ස හැදෙයි ඉබේ සුබා ඉවර කරමි පලා බබා සමහරු කර සටන් හඹා හැදිල වැඩිල ඉන්න බබා මොනව උනත් අපේ බබා නැති කළහොත් පලා බබා ඉන්දියාව පියා කොබා කඩුව අරං ඒවි නොබා සමහරු අත ඉහේ තබා බැඳගෙන අත් හිනා පබා තාප්පවලට මුහුණු ඔබා ඉදිරියෙදී දකිනු සුබා කතිර දමමු අපිත් ඔබා අද දවල්ට පරිප්පුයි පලා මැල්ලුමයි තමයි මගේ කවි සිත පන ගැහුවේ ඉන්දියාවේ පරිප්පුයි ලංකාවේ පලා යි හාමු වෙලා හැදිච්ච හාමුලා ඉන්න පළාත් සබා අපට සරණයි අපේ සරණයි.
BLOG
ඇල්පිටිය අම්බලන්ගොඩ මාර්ගයේ පනෙල්කන්ද හන්දියෙ සොහොන් බිම අසලින් ඇතුලට ඇති ගුරු පාර කොහාට යන පාරක්දැයි මම නොදනිමි. නමුත් ඒ පාරෙන් අපේ ගෙදරට යා හැකි බව නම් දනිමි. පාර අයිනේ පාරේ නම ගැසූ පුවරුවක් තිබීම සාමාන්‍ය දෙයක් වුවත් මගේ මතකයේ ඇත්තේ එවැනි පුවරුවක සටහනක් නොව "පිස්සු බලු රෝග වෙද මහතා" යැයි කෙටූ ලැලී පුවරුවක්. අපේ ගෙදර පිහිටියේ තරමක් උසින් කදු ගැටයකයි. පල්ලමේ ගෙදර වූයේ මේ වෙද මහතාගේ ගෙදරයි. කවුරුත් 'බලුවෙදා' යැයි ඔහුව ඇමතුවේ ඔහුට නිග්‍රහ කිරීමට නොව භාවිතයේ පහසුවට යි.ඒ වෙදමහතාට අපි සීයා කීවෙමු. නමුත් ඔහුගේ බාල දියණිය නැන්දා නොව දිස්නා අක්කාය. අප කුඩා කල දෙමව්පියන් වැඩට ගිය විට දිස්නා අක්කා සමඟ ඒ ගෙදරට වී සිටිමු. පාසැල් යන දිනවල ගෙදරම්මලාගේ ගෙදර සිටියත් නිවාඩු කාලයට බලු වෙදාගේ නිවසේ කෙළිදෙලෙන් කාලය ගත කලෙමු. දිස්නා අක්කාත් ඇයගේ මවත් ස්වයං රැකියාවක් ලෙස කොහු ලණු අඹරයි. මම ද ඊට සහය වන්නේ බොහොම ආසාවෙනි.හීං ලණු තුනක් ගෙන එකට තබා කෙලවර හිල් පොල්කටුවක් තුලින් යවා ගැටයක් දමයි. ඊ ළගට ඉතිරි කෙලවරවල් තුන එකට තබා පොල්ලක ගැටගසයි. එක් අයෙක් පොල් කටුවෙන් අල්ලා සිටින අතර අනෙකෙක් ලණු ඇදෙන සේ පොල්ල අල්ලාගෙන කරකවයි. එවිට ලණු තුන එකට ඇඹරේ. හොදට ඇඹරුණු පසු ලණුවේ මැදින් කෙනෙක් අල්ලා සිටිය දී කෙලවර දෙක එකට තබා මැදින් අල්ලා සිටින තැන නිදහස් කරයි. එවිට ලණුව හොඳට ඇඹරී කඹයක් බවට පත්වෙයි. බොහෝ විට එහි අවසන් කොටස වන මැදින් අල්ලා සිටින්නා මම වෙමි.අප එහි ගියවිට දහවල් ආහාරය ගන්නේ ද සියාගේ ගෙදරිනි. දිස්නා අක්කා හෝ සීයා අපට ආහාර කැවීම සිදු කරයි. එසේ ආහාර කවන විට කතන්දර කීම සීයාගේ පුරුද්ද කි. මුලින් මුලින් කවන වේලාවට පමණක් කතා කීව ද අපේ කතා ඇසීමට තුබූ ආසාව නිසා සියාට හැකි හෑම අවස්ථාවකම කතාවක් කීමට සිදු විය. අවසානයේ අවසානයක් නැති කතා ද සීයාට කීමට සිදුවිය. ඒ අපගෙන් ගැලවීම උදෙසාය. එවැනි එක් කතාවක් මෙසේ ලියමි."ඔන්න එක කැළැවකට ආවලු කෝච්චියක්, ඉතින් ඒ කෝච්චියට සත්තු ඔක්කොම නගින්න පටන් ගත්තලු. මුලින් අලි නගිනවලු, ඊ ළගට සිංහයෝ, කොටි වල්ස්සු නගිනවලු. ඊ ළඟට නරි නගිනවලු, ඉතින් තාම සත්තු කෝච්චියට නගිනවලු""ඉතින් ඊට පස්සේ ." අපි සීයාගෙන් අසමු. "ඉතින් තාම නගිනවනේ, නැගලා ඉවර උනාම කියන්නම්කෝ" සීයා කියයි. ඔය වගේ ඉවරයක් නැති කතා ද සෑහෙන ප්‍රමානයක් සියා කියා ඇත. සීයාගේ කටේ නිතරම කියැවෙන සින්දු කැල්ලක් ද ඇත. එය මට තාමත් මතක ඇත. "කොස් තම්බා පොල් ගාලා කන්න දුන්නේ මං, මෙන්න බොලේ මේ ගෑනිට මං එපාලූ දැන්" යනු ඒ කවියයි.සීයා ලෙඩුන් අඩු කාලවලට මාළු ඇල්ලීමට යයි. ඒ යන ගමනට මා කවදාවත් රැගෙන නොගියත් අයියා නම් සීයා සමඟ මාළු ඇල්ලීමට බොට්ටුවෙන් ගඟේ යයි. ඒ නිසා බොහෝ දිනවල දවල්ට වෙල් මාළු හෝ ගඟේ මාළු කෑමට ලැබෙයි. ඊට අමතරව ඌරු මස් ද සීයාගේ ගෙදර වෙයි. ඒ පිස්සු බලු රෝගය හඳුනා ගැනීමට රෝගින්ට ඌරු මස් කන්නට දෙන නිසායී.මගේ කූඩා අවදියේ මතකයන් අතරේ සදා අනුස්මරණිය චරිතයකි වෙද සීයා. හේ කියා දුන් කයි කතන්දර තාමත් මට අද ඊයේ වගේ මතකය. දිස්නා අක්කා ද ඒ මතකයේ සිටියත් ඇගේ මවත් අයියලා දෙන්නා ගැනත් ඇත්තේ බොඳ වූ මතකයකි.
BLOG
. .වෙරළෙන් ඈත දියඹෙ ගැඹුරටතුරුල් වී පෙම් කෙලින මූදට නැලවි නැලවී එපා වෙන විට ගාට ගාටා ඇදෙයි වෙරළට .. පිහිනගන්නට නොදත් වැලිකැට කැන්දගෙන ගොස් දියඹෙ ඈතටක්ෂිතිජ රේඛා පෙන්වු පලියට මූද රැඳෙවිද උන්ගෙ තනියට . මෙතෙක් ගතවූ කල්ප කාලෙට මූදු දෙව්ලොව දොරටු හරිනට යාත්‍රා කළ වෙරළෙ වැලි කැට නතර වූයේ බඹ ගණන් යට .
BLOG
1ඔන්න යාලුවනේ ඔයාලට ගොඩක් වැදගත් වෙන දෙයක් අරගෙන මම අද බ්ලොග් එක පැත්තට ආව...මේක ගොඩක් වැදගත් වෙන්නේ වින්ඩෝස් 8 සහ 8.1 පාවිච්චි කරන කස්ටියට.....ඔයාල මොකක් හරි සොෆ්ට්වෙයා එකක් ඉන්ස්ටෝල් කරන්න යනකොට මෙහෙම එරර් එකක් ආව මතක ඇතිනේ.....ඉතින් මේක හදාගන්නේ කොහොමද කියල තමයි අද මේ මම කියන්න හදන්නේ.මෙතෙන්දි ඔයාල ඔය Download this Feature කියන එක සිලෙක්ට් කරත් සමහර වෙලාවට ඩවුන්ලෝඩ් වෙන්නේ නැහැ....ඒ නැතත් ඩවුන්ලෝඩ් වෙන්න ගත්තත් සමහර වෙලාවට පට්ට වෙලාවක් යනවා සමහර වෙලාවට ඩවුන්ලෝඩ් වෙන්නෙම නැහැ.ඒ නැතත් ඔයාල .5 for windows 8 කියල ගූගල් සර්ච් කරලා ගත්තත් මෙගාබයිට් 230 ගානක සෙටප් එකක් දෙනවා....ඒ උනත් කමක් නෑ කියමුකෝ....මටත් ඔන්න ඔය වගේ කේස් එකක් ඇවිල්ල මම ඔය මට හම්බුවෙච්ච 230 mb සෙටප් එක බාල ඉන්ස්ටෝල් කරන්න ඩබල් ක්ලික් කර....මෙන්න යකෝ .මේක ඉන්ස්ටෝල් කරන්නත් ආපහු.5 ඕනෙයි කියල මැසේජ් එකක් එනවා.ඉතින් බිල් ගේට්ස් ගේ අම්ම මතක් කර කර මම හෙව්වා මේකට ටූල් එකක්.....කොච්චර අනං මනං දාල බැලුවත් හරිගියේ නෑ...අන්තිමට හම්බුනා පට්ට පට පට ටූල් එකක්.zipමෙන්න ඉන්ටෆෙස් එක >>>>>>>>මේකෙදි බොහොම පොඩි දෙයයි කරන්න තියෙන්නේ....මුලින්ම ඔයාලගේ ඔප්ටිකල් ඩිස්ක් ඩ්‍රයිව් එකට ඒ කිව්වේ ඩීවීඩී රොම් එකට හරි රයිටරේට හරි වින්ඩෝස් 8 බූටබල් ඩිස්ක් එකක් දාල ඉන්න...එහෙම නැත්නම් වින්ඩෝස් 8 ඉමේජ් ෆයිල් එකක් තියෙනවනම් Virtual ඩ්‍රයිව් එකකට දැම්මත් කමක් නෑ....ඊළඟට ඔය Installation Settings කියල තියෙන තැන තියෙන Drop down ලිස්ට් ඒකෙන ඔයාලගේඩිස්ක් ඩ්‍රයිව් එකට අදාළ ඩ්‍රයිව් ලෙටර් එක තෝරාගන්න....ඊළඟට ඔය Installation Source කියන තැනට අරදාපු වින්ඩෝස් 8 ඩිස්ක් එකේsources\sxsකියන ෆෝල්ඩර එක තෝරලා දෙන්න. මේක ගොඩක් වෙලාවට තෝරන්න ඕනෙත් නෑ.ඊළඟට ඔය පැත්තකින් තියෙන Start Installation කියන බොත්තම උඩ ක්ලික් කරලාටිකක් වෙලා ගේ වටේ පිටේ ඇවිදලා අම්මට පොඩ්ඩක් උදවු කරලා තේ එකක් එහෙම බීල ඇවිත් බලන්න.Installation Completedකියල වැටිලා තියෙයි.දැන් ඔයාලට අර එරර් එක ආපු සොෆ්ට්වෙයා එක ආයෙමත් දාල බලන්න ලස්සනට ඉන්ස්ටෝල් වෙයි.එහෙනම් මෙන්න ටූල් එක බාගන්න ලින්ක් එක....මේක ගොඩක් දෙනාට වැඩ කරලා තියෙනවා. fail උනොත් ඔයාල වෙන මොකක් හරි ක්‍රමයක් හොයල බලල මටත් කියන්න...එහෙනම් අපි ගියා....zipබායි.
BLOG
සිනා පිපෙනා මේ වසන්තයනෙලා දෝතින් මලක් සේ... සිනා සී..ම‍ගේ ලොව වෙත ඔබයි ගෙන ආවේසිනා සී... ඔබයි ගෙන ආවේ..වසන්තය මලක් සේ...නිබඳ සුවඳයි ඔබ නිසා මටගම මැදින් හමනා පවන සිහිලැල්ගම් දොරින් පිටමං නොවේවානැවුම් සුහුඹුල් යෞවනේ හස‍රැල්.. නිසල සිතුවිලි සසල තුරුලියඅතර තනිවෙමි ඔබ නිසා සතුටින්අහස සමුදුර වැළඳ සැනසෙනතැනක සගවමි හද සෙනේ සුසුමින්.
BLOG
ඔන්න සෑහෙන කාලෙකට පස්සෙ ආයිත් ලිපියක් දාන්න හිතුනා. මෙච්චර දවසක් ලියන්න බැරිවුනේ දැඩි ලෙස කාර්යබහුල වෙලා හිටපු හින්දා. දැන් කස්ටිය කල්පනා කරනවා ඇති මොකක්ද යකෝ මේකට මෙච්චර කාර්යබහුල වෙන්න තරම් තිබුන ඒක මොකක්ද කියල. තවත් සමහර අය ඒක ඒක ඒවා හිතනවා ඇති ඒත් මම ඒවා ගැන කතා කරන්න යන්නේ නෑ. හුහ්. වෙන මොනවත් නෙමෙයි ඔන්න අපේඅනික් අක්කත් කසාද බැඳලා ගියා. ඔකේ වැඩ තමයි තිබුනෙ. ඒ එක්කම බ්ලොග් ලියන්නවත් කියවන්නවත් මානසිකත්වයක් තිබුනෙ නෑ.පහුගිය දවස් වල කට්ටිය ලියපු එකම ලිපියක්වත් කියවන්න බැරිවුනේ ඒ හින්ද තමයි .සමා වන සේක්වා......දැන් ඉස්සරහට ආයිත් පටන් ගන්න බැරියැ කියල තමයි හිතාගෙන ඉන්නෙ. කැම්පස් පටන් ගත්ත හින්ද ඒවයෙත් වැඩඑකතු වෙයි. ඒ උනත් අද ඉඳන් නම් කට්ටිය ලියන ඒවා අනිවා බලන්නම්. මොනවා මොනවා හරි ලියන්නත් බලන්නම්. ලියනවා කිව්වට ඔහේ වල්පල් ලියන්නත් බැහැනේ . ඒ හින්ද ටිකක් කල් අරගෙන ඒක දෙක ලියන්න තමයි වෙන්නෙ. කොහොම කොහොම හරි බ්ලොග් ඒකෙ උපන් දිනෙත් ලගම එනවා. ඊට කලින් පොස්ටු 100 කොහොම හරි සම්පුර්ණ කරගන්න හිතාගෙන හිටියේ. ඔක්කොම දැන් වතුරේ.එහෙනම් ජයවේවා කිව්වා ඕං.
BLOG
බුරුසු උඩු ‍රැවුලක් ඇති වීරයා තම අත් ඔර්ලෝසුව දෙස සුභ නැකත එනතෙක් බලා සිට නිවසින් එලියට බසියි. එවිට ඔහුගේ බිරිය සුභ ලකුණක් වන්නට වතුර වීදුරුවක් ‍රැගෙන ලතාවකට එයි. ඉන් ඉක්බිති ඔහුගේ දෛවඥයා බුලත් අතක් ‍රැගෙන ඔහු ඉදිරියට පැමිණ දේව කන්නලව්වක් කර හතර ගාතෙන් වැඳ වැටේ.ඉනික්බිති ඡන්දයට නාම යෝජනා දෙන වීරයා විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් බිලී බා ගැනීමට හැකි වීම ගැන ප්‍රසිද්ධියේ උදම් අනයි. ඒ අතර තම අතේ නිතරම තබා ගෙන සිටින ජීවම් කරන ලද මැජික් බෝලයක් ජනතාවට පෙන්වන්නේ ඔවුන් එහි බලයෙන් වශී කරගන්නටය.තම අතේ තවරාගෙන සිටින ජීවම් කළ තෙල් විරුද්ධ පක්ෂ අපේක්ෂකයාගේ තවරන්නට ඒ අතර උත්සහ කරයි. එම පුද්ගලයාද බිය වී අතට අත නොදී වැඳ ආචාර කරයි.අනතුරුව වීරයා ප්‍රසිද්ධ දේවාලයකට ගොස් දෙවියන්ට කන්නලව් කරමින් වැඳ වැටී තමන් ඡන්දයෙන් දිනවා දෙන මෙන් යදියි.ඔබ මේ කියෙව්වේ රජනි කාන්ත් රඟපාන දකුණු ඉන්දියානු චිත්‍රපටියක ජවනිකාවක් නොව ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා තමා නාම යෝජනා දෙන්නට ආ සැටි හා ඉන්පසු කල කී දේවල්ය.මෙසේ අසීමාන්තික ලෙස මිථ්‍යා මතවල ගැලී එල්බී ගිලෙමින් සිටින ,ඇසට ඇසක් දතට දතක් න්‍යායෙන් කටයුතු කරන නායකයින් සිටින මෙවන්රටකට,එහි ජනතාවට, අබසරණ මිස අන් කිසි සරණක් ඇත්තේම නැත්ද.
BLOG
කාලෙන් කාලෙට, උඹ එක එක කොක්කුන්ට යාළු වුනා,සමහර වෙලාවට උඹ ඒ කොක්කු එක්ක එකතුවෙලා මට කොජොක් කරනව,සමහර කොක්කු උඹව දාල ගියා, සමහර කොක්කුන්ට උඹ පයින් ගැහුව,මම පැත්තකට වෙලා මගේ වාරෙ එනකම් උඹ දිහා බලාගෙන හිටියා,කවුරුත් නැතිකොට, උඹ මට, මහ දවල් හද පෙන්නන කථා කරනව,මම මැරීගෙන උඩ බලාගෙන ඉන්නකොට උඹ ආයෙම කොකෙක් හොයාගෙන,මට පස්සෙ තේරුම් යනව මාස පොය දවසට, දවල්ට හඳ පායන්නෙ නෑ කියල,උඹනම් මාර කෙකියෙක්.
BLOG
සරසවි ඇදුරන්ගේ වැටුප් ප්‍රශ්නය සහ උසස් පෙළ සිසුන්ගේ Z Score ගැටළු වලින් රජය දිනෙන් දිනම නිදහස් අධ්‍යාපනය කාබාසිනියා කිරීමේ වැඩපිළිවෙලක නිරත වී සිටි.මෙම වැඩපිළිවෙලත් සමඟතව තවත් නිහඩතාවය රැක ගැනීමට අපොහොසත් වු මොරටු සරසවියේ ඉංජිනේරු සිසුන්ගේ හඬ අවදි වු අයුරුයි මේ.
BLOG
ඉතින් යාලුවනේ ,ගොඩක් කාලෙකට පස්සේ අපි හම්බ වෙන්නේ. මේ දවස් වල EXAM . දන්නවනේ ඉතින්. පාඩම් කර කර ඉදිද්දී ඔයාලවත් මතක් උනා. ඉතින් අපි වර්ගජ සමීකරණ විසඳන හැටි කලින් කතා කරලා තියනවනේ. මේ කියන්න යන්නේ වර්ගජ සමීකරණ විසඳන්න වෙන දෙයක් දෙන්න. පොඩි සොෆ්ට්වෙයා කෑල්ලක්. මේකෙන් පුළුවන් වර්ගජ සමීකරණයක විසඳුම් හොයා ගන්න. මේක සිංහල සොෆ්ට්වෙයා එකක්. වලින් හදලා තියන්නේ. 24kb තරම් පොඩි එකක්. වර්ගජ සමිකරණයේ සංගුණක ටික මේකට දුන්නාම සුටුස් ගාලා උත්තර එනවා. හැබැයි සංකීර්ණ සංඛ්‍යා වලින් එන උත්තර නම් එන්නේ නෑ.බාගෙනම බලන්න එහෙනම්. DOWNLOAD NOW මේක exe එකක් විදිහට තියන්නේ. ආය ඉන්ස්ට්‍රෝල් කරන්න ඕන නෑ.
BLOG
යන්නමයිවැර වෑයමමද සුළඟටත්ඈතටම ගසාගෙනඉතින් කොහොමදසූළි සුළඟක් ආවොතින්දෑතක් ඇතිවෙයිදනික්මී නොගොස්වෑයමින් නැවතෙන්න2014.08.16(සන්නස.පහන් වැට - 2014 ඔක්තෝබර් කලාපය).
BLOG
මේක මට වගේම ඔයාලටත් ගොඩක් වටිනව කියල හිතපුනිසයි බෙදාගන්න හිතුවෙ. මචn මේකෙන් පුලුවන් අපිට ඕන application වල speed එක අපිට ඕන විදිහට limit කරගන්න. කැමතිනම් සම්පුර්ණ net එකේම උනත් මේක නොමිලෙ දෙන එකක්.මම මේ ගැන එළකිරියෙත් ත්‍රේඩ් එකක් දැම්ම ඕන්. පහල screen shot ටිකකුත් දාලා තියෙන්නේ. අනිත් එක 5.mb තමා වගේ පොඩි සයිස් බාගන්නත් ලේසි. නම netbalancer කියල seriousbit එකෙන් දෙන්නේ. එහෙනම් බාගෙන බලාගන්නකෝ මේක limited connection ගොඩක්වටී මොකද video එකක් උනත් දාගත්තාම බලල ඉවර වෙන්නත් කලින් ඔක්කොම වෙනවනේ..........................................
BLOG
කවිකම් කෙරුම මෙන් සිතකට සුවය දෙනවෙනයම් දෙයක් වෙද මේ ලොව කිසිම තැනසිතට නැගෙන කවි සිතිවිලි පදට ගෙනකවියක් කර ලියමි සැනසුම ලබා ගෙනඅයා දෙනෙත ලෝකය දැකුමෙහී රිසින්පියා සලා යන විහඟෙකුගේ විලසින්සොයා නිදහසේ අරුණළු යමි රහසින්ලියා තබමි ගමනක ඇරඹුම මෙලෙසින්පද ගැට ගසා කරනා විට මම කවිකම්සිතිවිලි ගලා එයි බිඳිමින් සීමා ඉම්පන්හිඳ තුළට කවනෙමි ඒ සියළු හැඟුම්කඩදහි කෑල්ලක රඳවමි මතක කුසුම්.
BLOG
4pt 0in 5.0pt; font-family:"Calibri","sans-serif"; mso-ascii-font-family:Calibri; mso-ascii-theme-font:minor-latin; mso-hansi-font-family:Calibri; mso-hansi-theme-font:minor-latin; mso-bidi-font-family:Latha; mso-bidi-theme-font:minor-bidi; mso-bidi-language:AR-SA;}මල් ඔසරියෙන්සැරසී හැමවිටම වගේපොත් ටිකතුරුළු කරගෙන අපෙ දෙවට දිගේතැන්පත් කමටතාලෙට පා තබපු අගේඔබ ගිය අයුරුතාමත් පෙනෙනවා වගේසිසුකැළ වෙතටපොවමින් සිප් මනාවන්නිතරම මුවගරැදි පෙම්බර සිනාවන්අමතක කරපුහැමදුක් වේදනාවන්ජාතිත් මගේඅම්මා වාසනාවන්පැහැබර අනාවක්නැති බව සිහිවෙනවාදුක්බර හැගුම්හැමවිටකම මතුවෙනවාදුක් කදුළැලිපිරී දෙනයන නලියනවාපෙම්බර අම්මෙඔබ ගැන තව වැලපෙනවානැටුවෙමිසිනාවිමි නගමින් රස දෝතදුක්වීමිහැඩිමි හැමුවෙන් සැඩනල බීතදිව්වෙමිබැලුවෙමි පාලුයි සතර අතසෙව්වෙමිසොයමි අම්මා අද ගෙදර නැතඅපගේ ගෙපැලඔබටහ අමිහිරි විදමිහිකත ඔබටසුව යහනක් දුන්නාදමුමුනන සුළංරැළි සමගින් වී හාදගෙදරදි වගේතවමත් කවි ලියනවදඅව්වැසි සුළංනිති පීඩා නොම දේවානිසසල රැයේතනිකම නම් නොදැනේවාතරුවැල් සමගහද ආලෝකය දේවාඔබගේ සොහොනෙදහසක් මල් පිබිදේවා.
BLOG
දරු මුණුබුරන් සුරතල්කෙලි කවටකම් අතරපෑනේ මිතුරු පෙම්වතඑවූ ඉපැරණි සිතුවමටදඇතැම් හවසකහදේ ඉඩදෙන.
BLOG
පරිඝනක මෘදුකාංගයක් නිර්මානය කරනවා කියන්නේ හරිම සංඛිරන දෙයක් කියලා ඔයාලා දන්නවා ඇතිනේ. මෘදුකාංගයක් හදන්න අවශවන අදහස ඔයාටලත් ඇති හැබැයි ඒක හදන්න පරිගනක ක්‍රමලේඛන භාෂාවක් (Programming Language) අන්න ඒකට විසදුමක් විදිහට අද මම ඔයාලට ගේනවා නියම සොෆ්ට්වෙයා ඒකක්. හරියටම කිව්වොත් සොෆ්ට්වෙයා හදන්න පුළුවන් සොෆ්ට්වෙයා එකක් . හැබැයි මේකේ නොමිලේ දෙන සංස්කරනයේ දි ඔයාට මෘදුකාංගයක් .exe විදිහට හදන්න ලැබෙන්නේ පැය විසිහතරකට එක් වරක් පමනයි ඒ කියන්නේ සොෆ්ට්වෙයාර් එකcompile කරන්න ලැබෙන්නේ ඒක දවසකට වතාවක් පමනයි. ඒ වගේම මතක තබාගතයුතුදේ තමයි වෙනත් ක්‍රමලේඛන භාෂාවලින් කරන හැමදේම මේකෙන් කරන්න බෑ හැබැයි අපිට වැදගත්වන බෝහෝමයක් දේවල් මේකෙන් කරන්න පුළුවන්.
BLOG
කාලෙකට පස්සේ ඔන්න බ්ලොග් පැත්තට ආවා.... අද පුංචි කතන්දරයක් කියන්න තමයි යන්න....එහෙනම් ඔන්න ළමායි දග නොකර කතන්දරේ අහන්න ඕනේ....ඔන්න සීයෙකුයි ආච්චියෙකුයි ඉන්නවා.මේ දෙන්නා හරිම ආදරෙන් ජීවත් වෙන්නෙ.දෙන්නගෙම එකගතාවෙන් තමයි හැම දෙයක්ම වෙන්නෙ.දවසක් මේ ගෙදරට එන අමුත්තෙක් මේ දෙන්නා ආදරෙන් ජීවත් වෙනවා දැකලා මෙහෙම අහනවා."ඔයාලා මේ තරම් ආදරෙන් ජීවත් වීමේ රහස මොකක්ද කියලා මටත් කියන්නකෝ"එතකොට සීයා,ආච්චි දිහා බලාගෙන මෙහෙම කියනවා."අම්මා,තාත්තා,බිරිද,සහෝදර සහෝදරියෝ මේ අයට නොකියන ගොඩක් දේවල් අපි යාලුවන්ට කියනවා.මෙයා මගේ ජීවිතේට ආපු දවසේ ඉදන් මගෙ හොදම යාලුවා උනේ මෙයා.එදා ඉදන් අපි අතර කිසිම රහසක් තිබුනෙ නෑ.එයා කැමති හැම දේම මගේ කැමැත්ත උනා.මම කැමති හැම දේම එයාගෙ කැමති දේවල් උනා.ඉතින් අදටත් අපි ආදරෙන් සතුටින් ජීවත් වෙනවා.ආදරේ කරන කාලේ කියලා වෙනම කාලයක් අපිට නෑ අපි අදටත්,හැමදාමත් ආදරෙන් ඉන්නවා.කළු ගල් දෙකක් වගේ අපෙ හිත් හයියයි.කාටවත් බිදවන්න බැරිතරම් අපෙ විශ්වාසය ශක්තිමත්"ඒ පිලිතුරෙන් ගොඩක් සතුටු උන අමුත්තා ආච්චිගෙන් මෙහෙම අහනවා."වරමක් දුන්නොත් ඔයා මොනවද ඉල්ලන්නෙ."ක්ෂනකයකින් ආච්චි මෙහෙම කියනවා සීයගෙ මූන බලාගෙන."මට කලින් මගෙ ආදරණීය සැමියා මැරෙන්න ඕනෙ"මේ වචන වලට අමුත්තා පුදුම වෙනවා.ඔහු සිතනවා "ආදරය කරන කෙනා තමන්ට කලින් මැරෙනවට කැමති වෙනවා,පුදුමයිනෙ"ඔහු දකිනවා සීයගෙ මුහුණෙ සුපුරුදු හිනාව ආච්චිගෙ මේ වචන වලට පස්සෙත් තිබෙන බව.අමුත්තගෙ මුහුණේ ඇතිඋන කුතුහලය දැක්ක ආච්චි මෙහෙම කියනවා."අපි එක වහලක් යටට ආපු දවසෙ ඉදන් මම නැතුව එක දවසක්වත් මෙයා ඉදලා නෑ.දත් මදින බුරුරුවට දාන ටූත් පේස්ට් ටිකේ ඉදලා මෙයාගෙ හැම දෙයක්ම කරේ මම.ඉතින් මම නැතිව මෙයා කොහොම ඉදීද කියලා හිතෙනකොට මගෙ හිතට ගොඩක් අමාරුයි,දුකයි.මට මොහොතකට කලින් හරි මෙයා මැරෙන්න ඕනෙ.ඊලග මොහොතෙ මම කොහොමත් මැරෙනවා."අමුත්තා මේ හැම වදනක්ම හිතට අරන් ආදරණීය යුවලගෙන් වෙන්වෙලා ගියේ ජීවිතේ නැවුම් ආකල්ප ගොඩකුත් එක්ක.ජීවිතේ හැම දේකටම වඩා වටින්නෙ මානුෂීය බැදීම්.රස්සාව,කාර්ය බහුලත්වය මේ කිසිම දෙයක් නිසා ඒ බැදීම් අමතක කරන්න එපා.ඔයාට ඔයාගෙ රැකියාවෙදි,නිවසින් පිටතදි මුනගැහෙන බොහෝ දෙනෙක්ට ඔයා බොහොම ආචාරශීලීව සැලකුම් කරනවා නේද.අන්න ඒ ආචාරශීලීබව,ෙගෳරවය ඔයාගෙ ආදරණීය පෙම්වතියට,බිරිදටත් ලබා දෙන්න.උදවුවක් ලැබුන විට ස්තූති කරන්න.ඇයව,ඔහුව අගය කරන්න.දුරකථන ඇමතුමකදී ආචාරශීලී වන්න,ආදරණීය වන්න.ඇය සකස් කරන ආහාර රසවත් බව ඇයට පවසන්න.ඔහු ඔබ වෙනුවෙන් ආහාරයක් පිලියෙල කලවිට ඇතැම් විට එය රසවත් නොවුනත් ඔහුව අගය කරන්න.අලුත් ලස්සන ඇදුමක් ඇන්දවිට ඇයව,ඔහුව අගය කරන්න.විවාහයට පෙර පෙම්වතුන්ව,පෙම්වතියන්ව සිටි කාලයේ මෙන් ආදරණීයව හැසිරෙන්න.ආදරයේ නැවුම් බව හැමදාමත් පවත්වාගෙන යන්න.ආදරණීය ජීවත වල ආදරණීය බව රැක ගන්න මේ හැම වචනයක්ම ප්‍රයෝජනවත් වේවි.ආදරණීය බැදීම් තර වේවා,ශක්තිමත් වේවා.ජීවිතයේ හැම අස්සක් මුල්ලක්ම ආදරයෙන් පිරේවා.පින්තුර ගූගල් ගෙනි.
BLOG
හැඟුම් මතු කරගතම උණුසුම්කළා මොහොතින්ඔබේ සුරතින්උදෑසන නිදිදැහැන් බිඳිමින්රැගෙන සුරතින්පිරිමදී නුඹසයන මත පෙම්හදිසියෙන් මෙන්තබා පසෙකින්අමතකව මාගියා සැනෙකින්නොනැවතී පෙම්හදින් උණුසුම්බලා හිදිනෙම්එනතුරා දැන්පුපුර පුපුරානැගෙන පෙම් දැල්ගිණි දවයි හදපතුරු ගසමින්එනතුරා නුඹබලා සිටිමින්දැවෙයි සියොලඟමහා දුකකින්නැගෙන ගිණි දැල්නිවන්නට දැන්අයෙක් ආවොත්සමුගනිමි මංඋණුසුමින් මාඅවදි කරවාදුරක ගිය නුඹයලිදු එනතුරුබලා සිටිනටවරම් නෑ දැන්නොහඩනෙමි මතුසුරතාන්තය ලඟ***********************************නිමිත්ත-උදේ පාන්දර 6ට විදුලි ඉස්තිරික්කය ප්ලග් එකට ගසා, ඇඳුම් මැදගෙන, නැවත ප්ලග් එක නොගලවා රැකියාවට ගිය බිරිඳට ඉස්තිරික්කය ලියූ කවි පෙලක්. සෑමා 8ට පමණ ඇදුම් අයන් කරන්නට විදුලි ඉස්තිරික්කය ලඟට ගිය නිසා සිදුවන්නට ගිය මහා විපතක් මඟ හැරුනේය. මේ එම අවස්ථාවේ විදුලි ඉස්තිරික්කය සෑමාට කියූ කවි පෙලක්ය.Written_by_sAm_ශ්‍රී_Perera_8:10am_31/08/2014.
BLOG
නිනව් නැතිව පෙමින් වෙලි අපි ඇවිද්ද මේ මාවතඇගිලි තුඩින් ඉලිප්පෙමින් හාදු දුන්න ඔබ මා වෙතපාලුව කෝ කොහෙද ගියේ සෙමරසැලු දෙදෙනා වෙතනුඹේ සුවද හද පතුලේ ගැඹුරු කොනක පිරිලා ඇතමල් වැට නැ පාරදිගේ ගල් බැම්මක් බැදිලා අදඇලපාරෙත් ලස්සන නැ කාණු වතුර වැටිලාමදඑදා තිබුන නී හඩ නැ බස් රථයක් දුහලාමදටික දිනකින් නුඹ නාවේ මේ වෙන දේ දැනිලාමදමගහැරගිය මේ පාරෙම බස් රථයට නැගෙනාවිටදරාගන්න බැරි වෙනකොට හිත වරදින් පෙලෙනාවිටකවුළු දොරෙන් අනන්තයේ ඇත ඉමක් සොයනාවිටපෙරට වඩා හිත රිදෙන්නෙ ඔබ මා මග හරිනාවිට.
BLOG
ජනවාරි 01අළුත් අවුරුද්ද උදාවුනා. මේක කැලැන්ඩර් වර්ෂයක ආරම්භය. කැලැන්ඩරය කියන්නේ අවස්ථා ගණනාවක් වෙනස්කම් වලට භාජනය වෙලා නිර්මාණය වුනු දෙයක්. දැන් මුළු ලෝකයම එකම කැලැන්ඩරයක් පිළිගත්තත් අපි කොහොමද දන්නේ ඉස්සර අවුරුද්දට තිබුණේ දින 365 ක්මද කියලා.කොහොම වුනත් අළුත් අවුරුද්ද කියන්නේ වෙළෙන්දන්ගේ නිර්මාණයක් කියලයි මටනම් හිතෙන්නේ. අවුරුද්ද ඒ තරමටම වාණිජ්‍ය වෙලා.අද පළමුවැනිදා කියලා මටනම් විශේෂ වැඩක් තිබුණේ නැහැ. උදේ පත්තරේට ලිපි දෙක තුනක් ලියන්න කරුණු හෙව්වා. හවස තිබුණා එක්සත් ජාතික පක්ෂයේ රැස්වීමක් කතළුව හන්දියේ. මෛත්‍රී ගුණරත්න මහතාගේ සංවිධානත්වයෙන්. රනිල් වික්‍රමසිංහට විරුද්ධව තිබුණු මේ රැස්වීමට සිරස නාලිකාවත් සහභාගීවෙලා තිබුණා. ඔවුන්ට රනිල් වික්‍රමසිංහ ප්‍රධානය කරපු ගලත් අරගෙන රට වටේ යන්න පටන් අරගෙන.මෙතන කැපී පෙනුනු චරිතයක් තමයි සෝම අක්කා.සෝමා අක්කා කියන චරිතය එක්සත් ජාතික පක්ෂයේ ගාල්ලේ රැස්වීම් වාර්තා කරන ඕනම කෙනෙක් දන්නවා.ඇය පක්ෂය වෙනුවෙන්ම කැප වෙලා ඉන්නවා. හබරාදුව ආසනයට පක්ෂයෙන් මොන සංවිධායක ආවත් එයා වෙනුවෙන් දිවි හිමියෙන් වැඩකරන සෝම අක්කාට එක්සත් ජාතික පක්ෂයෙන් ලැබුණු දෙයකුත් නැහැ. එයා දන්නේ අලියා හොදයි. කොළ පාට හොදයි . අපි කැපුවත් කොළ කියන්න විතරයි. රටේ දේශපාලන ප්‍රවාහය ගැන, ආර්ථිකය ගැන කිසිම දැනුමක් එයාට නැහැ. ඒ අහිංසක සෝම අක්කාට විතරක් නෙවෙයි රටේ බහුතරයකට මේ දැනුම නැති නිසා තමයි අපිට මේ තරම් කෙල වෙලා තියෙන්නේජනවාරි 02අද පත්තරේ අද දවසට නොමිළේ බෙදනවා. මමත් නොමිලයේම එකක් ගත්තා. අළුත් පත්තරේට තියෙන්නේ අළුත් මුහුණුවරක්. දැකපු ගමන්ම ආස හිතුනා. ඇත්තටම ඒකට ගොඩක් දේවල් ලියන්න පුළුවන් කියලා හිතුන නිසා දවල් වෙලා පත්තර කන්තෝරුවට කෝල් කරලා ප්‍රධාන කර්තෘ කාංචන දසනායක සම්බන්ධ කර ගත්තා. ‘‘අපිට ලංකාදීපෙ රාමුවෙන් වෙනස් වෙන්න කියලා තියෙන්නේ. ඒ නිසා තවම ලංකාදීපයේ අයත් එක්ක වැඩ කරන්න පටන්ගත්තේ නැහැ.‘‘ ඔහු එහෙම කිව්වා.ඇත්තටම ඒක හොද දෙයක් කියලා මට හිතෙනවා. අපේ බොහොමයක් මාධ්‍යවේදීන් පත්තර කිහිපයකට විවිධ නම්වලින් ලියනවා. ඒ නිසා හැම පුවත් පතේම යන්නේ එකම ලිපිය. ඇතැම් අය මීට මාස කිහිපයකට පෙර එක පත්තරයකට ලියපු විශේෂාංගය පොඩ්ඩක් වචන එහා මෙහා කරලා තවත් එකකට ලියනවා. තව සතියකින් දෙකකින් තවත් එකකට ඒකම ලියනවා. මේක ලොකු වරදක්. එහි ප්‍රතිඵල භයානකයි. ඒ නිසා විජය පුවත් පත් සමාගමෙන් ආරම්භ කරපු අද පුවත්පතේ ස්ථාවරය හොදයි කියල මම හිතනවා.ජනවාරි 03අද උදේම කිතුලම්පිටිය ආනන්ද විදුහලේ ළමුන් සහ දෙමාපියන් පිරිසක් පාරට බැහැලා. ඔවුන් තමන්ගේ පාසල යළිත් ඉල්ලනවා. ආනන්ද විද්‍යාලයේ හයවැනි වසර ඊයේ සිට ඉවත් කරලා. ඊයේ පාසල් ගියාට පස්සේ තමයි ඒ ළමයි දන්නේ තමන්ට පාසලේ ඉඩක් නැති බව. ඔවුන්ට වාඩිවෙන්න පුටුවක් නැහැ. උගන්වන්න ගුරුවරයෙක් නැහැ. අද දෙමාපියන් සමග මේ ළමුන් එළියට බැහැලා. ඔවුන්ට උළුවිටිකේ රිචඩ් පතිරණ විද්‍යාලයට යන්න සිදුවෙනවා කියා දෙමාපියන් මැසිවිලි නගනවා. මේ අවස්ථාව වාර්තා කරන්න අපේ මාධ්‍යවේදීන් කිහිප දෙනෙක්ම ගිහින් හිටියා.මෙතෙන්දී අපේ අය අනුමත කළ නොහැකි දේවල් කරනවා. කොහේ හරි පාසලක් වෙනුවෙන් යම් පිරිසක් උද්ඝෝෂණය කරනවානම් විද්‍යුත් නාලිකා වලින් කියන්නේ ලොකු දෙයක් වුනේ නැතොත් වැඩක් නැහැ කියලා . දැන් අපේ අය මේ අහිංසක මිනිසුන් ලවා ලොකු දේවල් කරවනවා. අදත් ඒ දේම වුනා. අහිංසක විදියට පාසල ඉදිරිපිට උද්ඝෝෂණයේ යෙදුණු අය කලේගානේ පිහිටි කලාප කාර්යාලයට ගියේ පා ගමණෙන්. විද්‍යුත් නාලිකා වලට මේ නිසා හොද රූප රාමු ලැබුණා.ඒ වගේම ටික වේලාවකින් පාර මැද ටයර් කිහිපයක් ගිනිබත් වුනා. ටයර් ගිනි තියපු එක පිටිපස්සෙත් අපේම මාධ්‍යවේදියෙක් ඇති කියල තමයි මට හිතෙන්නේ.
BLOG
කිළිටි කුණු පුරවගත් කමිසදහදිය සමග මුසුවසදයි හඩු දුඟඳකියයි දිවියක අරුම....ඉස්ටේසමේ පඩිය මතඑකම බිත්ති මුල්ලකඑකම වෙණ වැයුමඑකම තනුවටවයන්නේ භෛරවියදොලොස් වස පුරාවට....නුඹ මෙන්ම දිරා ගියමහළු වූ වීණාවවයද්දී නගයිනුඹේ ජීවිත ප‍ටුනදුක්බරද එතරම්ම එය නුඹටවයන භෛරවිය තරමටම....කියාපන් දහදිය දුඟඳනුඹ වසන්නේ ඔය තරමටමහදවතේ කොනකආලයේ පුසුඹද.
BLOG
ආයෙත් කාලෙකින් ගීයකට තේමා වෙච්ච හේතුවක් ගැන විස්තරයක් දාන්න හිතුනා බ්ලොග් එකේ..කොහොම උනත් දැන් මගේ බ්ලොග් එක එක පැත්තකට විතරක් සීමාවේගෙන එනවද කියලත් හිතෙනවා..කොහොම උනත් ගීයක පසුබිම් කතා ගැන ලියපු ලිපි වලට ගොඩක් ප්‍රතිචාර තිබුනු නිසා තවත් එක සියුම් සංවේදීම කතාවක් සැඟවුනු ගීතයක් ගැන ලියන්න හිතුනා නිධාන කතාව..ගීතය තමයි රත්න ශ්‍රී විසින් ලියපු සුදු නෙලුම කෝ සොර බොර වැවේ කියන ගීතය.හුඟක් දෙනා කතාවේ සුලමුල දන්නවා ඇති.ඒත් කතාවේ තියන සංවේදීකමටයි..කතාව දන්නේ නැති අයට කියවන්නයි බ්ලොග් එකට එකතු කරන්නම්..අසූව දශකයේතමය් ගීතය රත්නශ්‍රී විසින් ලියවිලා තියෙන්නේ.දේශපාලන මාරුකිරීමක් හේතුවෙන් ඒ කාලේගීපද රචකයාට යන්න ලැබෙනවා මොනරාගල පැත්තෙ තියන අති දුශ්කර ගමක ඉස්කොලකටඋගන්වන්න(හුලංදාවද කොහෙද) .ගමේ මිනිස්සු හුඟක් දුප්පත් අය..ඒ නිසා හුඟක් ලමයි ඉස්කෝලේගිහිං ඉවර උනහම ගෙදර වැඩකට හේනක වැඩකට උදව් දෙන එකයි කලේ..එතුමා මෙහෙම පාසලේපංතියේ උගන්නනකොට දකිනවා පංතියේ ගැනු ලමෙක් හැමදාම එකම ඇඳුමක් ඇඳලා පංතියට එන.පොඩි විශේශත්වයක් තිබුනේ මේ ගැනුලමයා හැමදාමත් පාසල් ගිහින් ඉවරවෙලා ගමේ වැවට ගිහින් සුදු නෙලුම් මල් කඩලා දෙමටමල් විහාරෙට එන මිනිස්සුන්ට විකුනපු එක. ඒ කාලේ ගීපද රචකය පංසලට යනකොට පෙලක්වෙලාවට මේ පුංචි ගැනුලමයත් ඉන්නවලු සුදු නෙලුම් විකුන විකුනා..කොහොම උනත් ලඟඑන පුර පෝයට මල් නෙලන්න මේ පුංචි නංගියා වැවට බැස්ස හැමදාමත් වගේ..ඒත් එදා හොදටමඅනෝරා වැස්සක් වැටෙමින් තිබුනේ..හිතේ ලොකුවටම ආසාවක් තිබුනේ පෝයට මල් විකුනලා ඒසල්ලි වලින් කවක‍ටුපෙට්ටියක් ගන්න ඉස්කෝලේ වැඩ වලට.ඒත් අවාසනවකට ඇය ටිකෙන් ටික දියට ඇදිල ගිහින්නොපෙනී ගියා..දවස් තුනකට පස්සෙයි ඇගේ මිනිය හම්බුනේ..රත්නශ්‍රීට මේබව ආරංචි වෙලා ඔහු යනවාමලගෙදර..මිනිය තියන්න තැනක් නැ.ගෙදරක් කියල එකම කාඹරයයි තියෙන්නේ. ගමේම මිනිස්සු එකතුවෙලා ඉටි රෙදි වලින් පැලක් හදලා ඒ පැලේ අඹ කොට වලින් හදපු පෙට්ටියක මිනිය තියලාතියනවා..මේ කවියා තමන්ගේ හදවත විඳවමින් දකිනවා ඉස්කෝලේට ඇඳල ඇඳල කහපාට වෙච්ච එකමසුදු ගවුම මිනියට අන්දවලා තියනවා.මේ සියල්ලදැකලා සියලු සිදුවීම් එකතු කරලා රත්නශ්‍රී මේ සිදුවීම් පෙල ගීයකට පෙරලනවා."සුදු නෙලුම කෝසොර බොර වැවේමල් සුවඳ දුන්මුතියංගනේපුන් පෝයදපහලෝස්වකේමල් නෙලාවිකිනූ පංසලේ"කොහොම උනත්ගීතයට අනුභූතිය වෙච්ච සිදුවීම හුලංදාවේ ඉස්කොලේ ගිය දෙමට මල් විහාරෙ සුදු නෙලුම්විකුනපු පුංචි දැරිය උනත් සොර බොර වැවයි මහියන්ගනේ පංසලයි ගීපද අතරට එකතු කරලාතියෙන්නේ ගීතයේ සංවේදි බව අසන්නාට හොඳට දැන්නේන්න වෙන්න ඕනි.වැවට කලුවර යා උනාසංසාර දුක බෝ උනානෙලූ මල් මිට ඉහිරුනාඑහා ඉවුරට පා උනාසිහින් සිරිපොද වෑහුනාඉවුරු දෙකොපුල සේදුනාසුදු නෙලුම් මල දැස පියවීමෙහා ඉවුරට පා උනාරත්නශ්‍රීකියන විදියට එදා මේ පුංචි දැරිය සදහට දෙනෙත් පියාගනිද්දි ඇගේ දෙමවුපියන්ගේ ඇසේ සිහින් කඳුලක් වැහෙන්නේඇයත් හැමෝටම උරුම සංසාර දුකට පත් උනු නිසයි..කොහොම උනත් මා අසා ඇති පරිදි දිනෙකඅමරදේවයන් ජෝන් ද සිල්වා රඟහලේ මේ ගීය ගයද්දි එතන හිටපු මහාචාර්‍ය සරත්චන්ද්‍රයන්ගේඇස් වලත් කඳුලු පිරුනලු..ගී පද-රත්න ශ්‍රී විජේසිංහගායනය - පංඩිත් අමරදේව.
BLOG
අපි හින්දු මිනිස්සු නෙවේ. අපි සිංහල බෝධ්ධයෝ ඒ වුනත් අයි අපි අපේ වගකීම්, නිවහල් කම තරුණ කම මෙවැනි පිටස්තර සරුව පිත්තල වැඩ වලට පවල දෙන්නේ. ඉන්දියාවෙන් එන හෝලි උත්සවෙත් ඇමෙරිකාවේ හැල්ලෝවින් එකත් සමරන්න අපේ අයට පිස්සුවෙන් වගේ උනන්දුවක් තියෙන්නේ. අලුත් අවුරුද්දටවත් අපේ එවුන්ට ඔච්චර ගැම්මක් ඇවිත් නැතුව ඇති. අපේ එවුන් හිතල කරපු නිර්මාණාත්මක දෙයක් කසිම තැනක නැතිදොයි මටනම් බයයි. සංස්කෘතිය, චින්තන ඇමෙරිකාවට හා ඉන්දියාවට පාවාදීමෙන් පසු සම්පත් සියල්ල චීනයට ලියා දීමටද අපි බලන් ඉන්නේ. පහුගිය දවසක මම දැක්ක අපේ ඉස්කෝලේ එවුන් කට්ටියකුත් හොලී සමරලා. මගේ ඉස්කෝලේ කොළඹ ප්‍රධාන බුද්ධාගමේ පාසලක්.අනිත් එවුන්ට කෙසේ වෙතත් මට මගේ ඉස්කෝලේ එවුන්ගේ වැරැද්ද කියන්න උරුමයක් තියෙනවා. අනේ ඉස්කෝලේ මෝඩ පරයිනේ උඹල බැංකුවල,ලිපිකරු රස්සාවල,පොඩි පොඩි බිස්නේස් වල ඉඳල හොයා ගත්ත පඬියාලමෙන් ඇඟේ පාට කුඩු ගාගෙන ගොන්නු වගේ නටපිය කාලකන්නි. අපේ රටේ එවුන් කට ඇරියොත් කියන්නේ මිනිස්සුන්ට කන්න බොන්න විදියක් නැහැ මිනිස්සුන්ගේ අතේ සල්ලි නැහැ කියල. උඹට මතක නැද්ද මල්ලියේ උඹ අලුත්ම සැම්සුන් ෆෝන් අරන් හැලොවින් පාර්ටි ගිහින් කාම ක්ලබ් එකේ ජරා ගැණු එක්ක සමයන් නටල,සෙල්පි ෆොටෝ ගහල, ලොකු ගණන්වල බිර,අරක්කු,විස්කි එක ඇතුලේ බීල අවා. උඹලගේ ගොන් පාට් වල ෆොටෝ හැම තැනම. යකෝ උඹල සල්ලි නැහැ,කන්න නැහැ කියා කියා ඔය වියදම් කලේ ඇටෙද.991608470856191.1073742319.371721489511562&type=1 (එවැනි බුරු රැලක් මෙම ලින්ක් එකෙන් දැක්වේ.).
BLOG
තිත්ත රස හාදුවක්, විස්කි උණුසුම රැඳුන...බරක් නොම ගෙනෙයි නම්, කඳුල නුපුරුදු හිතට...ඇතොත් ඉඩ සුසුමකට, හිමිදිරියෙ ගතු කියන..පිස්සු කෙල්ලේ ඉතින්, ඇමතුමක දුරින් මම... පරණ නොම්මරයමයි, මකන්නට නැතුව ඇති...ඒ නැතත් ඇඟිලිතුඩු වලටනම් පුරුදු ඇති...වැරදියි තමයි ඒත්, අපිට ඇයි හරි වැරදි...හෙට උදේ ‘වෙරිමතට’ හිතපුරා බනිමු අපි... කතාවක් කියන්නම් හුරු පුරුදු චරිත නැති...වෙලාවක් තිබුණොතින් කවියකුත් ලියමු අපි...අපිට අපි අයිති නැති වුනත් තනිකමක් නැති..’මම කැමති පාට’ නැති සිතුවමක් අඳිමු අපි... හුදකලා රැකියාවන් කරන බොහෝ දෙනෙක්ගේ වගේ මගේත් රාජකාරී කාලය බොහෝදුරට ගෙවෙන්නේ සංගීතයට සවන්දෙන අතරේ... එහෙම වෙලාවක ජීවිතේ පළවෙනිපාරට අද ඇහුන මේ ගීතය ඉවරවෙන්නත් කලින් මගේ හිත පැහැරගත්තේ වැඩියක්ම ඒකේ තියෙන අසාමාන්‍යය පදමාලාව හින්දා වෙන්න ඕනේ...වැඩි ආයාසයක් නැතුවම උඩ තියෙන කවියත් ලියවුනේ මගේ හිතේත් මේ වගේ අදහසක් හොල්මන් කරමින් තිවුන හින්දාද මන්දා… (මට වැටහුණ විදිය වැරදි නැතිනම්) මේ ගීතයේ තියෙන්නේ සම්බන්ධය බිඳුන ප්‍රේමවන්තයෙක් තමන්ගේ හිටපු පෙම්වතියට, සුරාවෙන් මත්වෙලා එක රැයක් පහන් කරන්න කරන ආරාධනාවක්... ඉතිං මට හිතුණේ ඒක ආදරයෙන් පැරදුන ජෝඩුවකට වෙන්න පුළුවන් හොඳම දෙයක් නෙමේද.... වාසනාවකට හෝ අවාසනාවකට එතනින් එහාට මොකද වෙන්නේ කියන එක ගැන ගීතයේ සඳහනක් නෑ.. ඒ ගීතයේ කියවෙන කතානායකයා, අලුතින් සම්බන්ධයක් පටන් ගන්නෙ නැතුව පරණ ගෑණුලමයාටම ආරාධනා කරන්නේ ඇයි.... ඊටත් කළින් ඒ දෙන්නාගේ සම්බන්ධය බිඳුනේ ඇයි... එතකොට ඒ ගෑණුළමයාටත් එදා රෑ තනිකමක් දැනුනද... තනිකමක් දැනුනත් එයා මේ ආරාධනාව පිළිගනියිද... ඒහෙම පිළිගත්තත් ඒගොල්ලෝ ආයෙත් හමුවුණාම බලාපොරොත්තු වුන විදියට සතුටින් හැමදේම ඉවර වේවිද... නැතිනම් පරණ දේවල් ගැන එළිවෙනකල් රණ්ඩු වේවිද... එහෙම නැතුව සතුටින් රාත්‍රිය ගතවුනානම් ඒ හැමදේම අමතක කරලා ආයෙත් උදේට වෙන්වෙලා යන්න පුලුවන් වේවිද... තමන් කල දේ ගැන පසුතැවීමක් ඉතුරුවෙයිද... නැතිනම් සතුටක් ඉතිරිවෙයිද.... ඒදෙන්නාටත් නොදැනිම ආයෙත් පරණ සම්බන්ධය පටන් ගනියිද...එදා රෑ ඒදෙන්නා සංවාසයේ යෙදෙයිද. තුරුළු වෙලා නිදාගනියිද... නැතිනම් එළිවෙනකල් කතා කර කර ඉඳියිද... කරමින් හිටිය වැඩෙත් නවත්තලා, තවපාරක් උනන්දුවෙන් සිංදුව අහලා ඉවරවුනාට පස්සේ මගේ හිතට වද දුන්න ප්‍රශ්න ඔන්න ඔයවගේ...ලි. එහාපැත්තේ ඉන්න ඔෆිස් හිතවතියක් මේ සිංදුව අහලා කිව්වේ… "මටනම් තියෙන ප්‍රශ්නේ කොල්ලා ඇයි විස්කි බෝතලයක් අරන් යන්නැතුව ඒකත් කෙල්ලගේ ගෙදර තියෙනවද කියලා අහන්නේ"කියලා.
BLOG
4pt 0in 5.0pt; font-family:"Calibri","sans-serif"; mso-ascii-font-family:Calibri; mso-ascii-theme-font:minor-latin; mso-fareast-font-family:"Times New Roman"; mso-fareast-theme-font:minor-fareast; mso-hansi-font-family:Calibri; mso-hansi-theme-font:minor-latin; mso-bidi-font-family:Latha; mso-bidi-theme-font:minor-bidi;}පුංචි ගිණිකූරු වෙළෙන්දියතවමත් මගේ හිත අද්දරහිම මිදෙන සීතලේඅන්තිම ගිණි කූරත් දල්වාඋණුසුම් වෙන්න හැදුවරස බොජුන් කුස් පුරවනඋණුසුම් අවන්හල් ඉදිරිපිටඈ සිටින්නීහිස්වූ කුසින්මැලවුනු වතින්පුංචි ගිණි කූරු වෙළෙන්දියහිම මිදෙන සීතලේමැදියම් රැය තෙක්මගිණිකූරු විකුණන්න හැදුවකාමරය උණුසුම්යරස බොජුන් මේස මතබැබළෙන විදුලි එළි සමගසියල්ල සූදානම්යජනේලයට එපිටින් ඈ සිටින්නීසීතලේ ගැහෙමින්හිස්වූ කුසින්ඒ දෑස මහ හැරසාදය අරඹන්න.
BLOG
අදත් මං ගෙනාවෙ ටිකක් වෙනස් දෙයක්. අපි ඉස්සර කාලේ ඉදන්ම අපේ දේවල් ආරක්ෂා කරගන්න මේ යතුර කියන දේ පාවිච්චි කරානෙ. ඒත් දැන් ඊට වැඩිය ගොඩාක් දියුණු ආරක්ෂක ක්‍රම තියෙනවනේ. ඒත් ඔයා හිතුවද පරන ක්‍රමයට යතුරකින් ඔයගේ Computer එක Lock කරන්නයි, Unlock කරන්නයි පුලුවන් කියලා. ඒ කියන්නෙ නිකන් කාර් එකක් වෑන් එකක් Start කරනවා වගේ.අන්න එහෙම එකට යතුරක් හදාගන්න විදිය තමයි මං අද කියලා දෙන්නෙ. ඒත් මේකෙ පොඩි වෙනසක් තියෙනවා. මොකද, මේකෙ යතුරු හිල තමයි අපේ USB Port එක.එතකොට යතුර තමයි ඔයාගේ Pen Drive එක. මේකට අපි Use කරන්නෙ Predator කියන Software එක.මුලින්ම පහලින් ඒක බාගෙන ඉන්නකෝ...exe කියන File එක Install කරගන්න ඕන.ඊට පස්සෙ Predator එක Open කරගන්න.එතකොට මේ වගේ Window එකක් එයි. ඒක ආවම ඔයාගෙ යතුර,එහෙමත් නැත්තන් Pen Drive එක PC එකට Connect කරලා OK කියන Button එක Press කරන්න. එහෙම කරාම පහල තියෙනවා වගේ Window එකක් Open වේවි. දැන් ඒකෙ New Password කියන තැනට ඔයා කැමති Password එකක් දෙන්න. මොකද ඔයාගේ Pen Drive එක ඔයාගේ අතින් නැති උනොත් Computer එක Unlock කරන්න ඒ Password එක ඕන වෙනවා. ඊට පස්සෙ Select Drive කියන තැනින් ඔයාගෙ Pen එක තෝරලා දෙන්න. එතන එකේ ඔයාගේ USB Drive එක නැත්තන් දකුණු පැත්තෙ තියෙන List Fixed කියන එකට Tick එකක් දාල ආපහු බලන්න.එතනින් ඔයාගේ Pen Drive එක තේරුවාට පස්සෙ OK කරන්න. දැන් ඔයාගේ Task Bar එකේ පහල තියෙනවා වගේ Icon එකක් මතු වෙයි.ඒ කියන්නෙ දැන් වැඩේ හරි... පොඩ්ඩක් ඉන්න. තාම වැඩේ ඉවර නෑ.ඔයාට තව එක වැඩක් කරන්න ඉතුරුයි.ඒ icon එක උඩ Right-Click කරාම එන Menu එකේතියෙනඒකෙPreference කියන එකට යන්න. ගිහින් AutoStart with Windows කියන එකට Tick එකක්දාලා OK කරන්න. අවුල් වගේ නම් පහල රූපෙ බලන්න.දැන් ඔයාගේ Pen Drive එක නැති උනොත් මොකද කරන්නෙ.ඔයාගේ PC එක Lock වෙලා නම් ඔයාගෙ KeyBoard එකේ කැමති ඕනම Key එකක් එක දිගට 3 පාරක් Press කරන්න. එතකොට එයි පහල තියෙනවා වගේ Screen එකක්.ඒකෙ ඔයා ඉස්සෙල්ලා දුන්න Password එක දෙන්න.ඔයා වැරදි Password එකක් දුන්නොත් ඔයාගේ PC එක ආපහු Lock වේවි පහල තියෙනවා වගේ.මේ ගැන මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් ඒ ගැන Comment එකක් දමා විමසන්න.මේ ලිපි පල කරන්න අපිට ඔයාලගෙ අදහස් වැදගත් වෙනවා.ඒ නිසා මේ පිලිබද ඔබේ අදහස් පහලින් Comment කරන ලෙස අපි ඉල්ලා සිටිනවා.එහෙනම් නැවතත් මෙවැනි ලිපියකින් හමුවෙමු . . .
BLOG
මිථ්‍යා ගතික වූභාවාත්මක උත්කර්ෂණය සහිතඅත්‍යානන්දන සිතුම් වේදඅධිතාත්විකත්වීයෙන් විමසන්නේදඒ වත් බැඳි චිත්තරාගනිර්මාපකයා සිතනුවත් නොතබාමහුදෙක්‌ස්‌වප්නමය කල්පිතයකපදනමක්‌ සේඅටවා බිළාලයකුලා හෙරලි ඇටගාන්නාටියෙන් මෙරමාලවාදසුන් වෙන්වාදී මනඃකල්පිතආත්මීය ලෝකයක ගිල්වන්නේය.වියත්කැල නුවණින්විමසාසිටිනුයෙන්අනේකප්‍රකාර දෛව නියුක්තයන්හුදෙක්සකය සේඅනෙකක්මතටම වන්නේය.
BLOG
කොහොමද කස්ටියට . ඔන්න අදත් අවා සුපුරුදු පරිදි බිට්කොයින් ගැන පෝස්ටුවක් අරන් අද මම ඔයාලට දෙන්න හදන්නේ බිට්කොයිට් Cloud Mining කරන සයිට් එකක් එහෙම කිව්වම ඉතින් අපේ BTC සෙට් එක දන්නවනේ නේද . අහ් නොදන්න අයටනම් කියන්න වෙන්නේ මුල ඉදන් බිට්කොයින් ගැන ලියපු ලිපි බලන්න කියලා තමා :) එහෙනම් කෙලින්ම වැඩේට බහිමුකෝ ඉස්සෙල්ලම මෙන්න මේ සයිට් එකට ගිහින් රෙජිස්ටර් වෙන්න ඊට පස්සේ එකෙන් Earn කරන්න තමා තියෙන්නේ BTC තියන අය Deposit කරලා Level Up කරගන්න අනිත් අය එකෙන්ම BTC හොයල Level Up කරගන්න .Easy Method එකක් තියෙන්නේ ගිහිල්ලා බැලුවම ඔයාලටත් තේරේවි එහෙනම් මන් ගියා ඕන් ඔයලට ජය .
BLOG
රූකඩ මඩු යාග පොලේරූකඩ මඩු යාග පොලේ කෝළ නුඹේ රුවට ළොලේආල පිරූ මා ගැන දැන් නැද්ද නිනව්වක්...ඈත ලන්ද දියමංකඩ ඔහොම පිපී තිබුණු මලටආලවන්ත බහක් දෙන්න ආ බඹරින්දුමලට ළොලේ පිණි කඳුළේනිතර රැඳී උන් බඹරින්දු....යාය පුරා මල් උතුරා කෝළ දැරිවි කුමරි වෙලාමාල හතක වරම ගන්න දෑත වනන්නානිබඳ මගේ පිරුණු සෙනේනුඹ නොදනී මල්මද ලන්දු...Mp3 -Rookada Madu----සිහින සතක් දුටුවෙමි මමසිහින සතක් දුටුවෙමි මම සත් දවසක් එක විලසින්එක සිහිනෙක ඔබ දුටුවා සිඟන්නියක සේ..ඔබ මගේ පැල්පතට පැමිණ, ආයාචනයක් කරමින්ජීවත් වන්නට කිසිවක් ඉල්ලා සිටියා..කිසිවක් දෙන්නට මට නැත, තිබුනේ පිරිසිදු හදවතසිඟන්නියේ එය ඔබ හට දුන්නා මතකයි..එදා මගේ හද අරගත් ඔබ, අද මට වැඩි පොහොසත්ඒ හින්දා මටත් එලෙස පිහිට වනු මැනේ..Mp3 -Sihina Sathak----මංගල මල්දමමංගල මල්දම පතා හිඳිම් මම පතමී මමමට නොවෙද ලඳේ වත මනකල් උකුළු මුකුළු පෙමමුකුළු පෙම....මංගල මල්දම පතා හිඳිම් මම පතමී මමමට නොවෙද ලඳේ නෙත නිලුපුල් සලිත ලලිත පෙමලලිත පෙම....කිරිසාගරයෙන් කිඳුරු ලියන් ආවාමට පෙම් මුතුලැල් පළඳනවැයි කිව්වාසුර ළඳුන් වනේ දේව ළඳුන් ආවාමට මල්සරගේ දුන්න අරන් ආවාකිඳුරු ලතාවියදිව්ය කුමාරියමට මොටද ළඳේ නැත්නම්ඔබ දේහ සුරූපයසද්දන්ත කුලේ ඇතා පිටින් එන්නම්රන්පාවඩ මත කැන්දාගෙන යන්නම්රන් මිරිවැඩි රන් කසී සලුත් දෙන්නම්ගාන්ධාරයෙන් විලවුන් ගෙන එන්නම්පොකුරු හිනාවයිදෑස ඉනාවයිවත සුවඳ කොකුම් බිඟු රොන්හද ගීත ලතාවයිමංගල මල්දම පතා හිඳිම් මම පතමී මමමට නොවෙද ලඳේ වත මනකල් උකුළු මුකුළු පෙමමුකුළු පෙම....මංගල මල්දම පතා හිඳිම් මම පතමී මමමට නොවෙද ලඳේ නෙත නිලුපුල් සලිත ලලිත පෙමලලිත පෙම....මුකුළු පෙම....ලලිත පෙම ....මුකුළු පෙම....ලලිත පෙම ....සහාය ගායනය - සිසිර සේනාරත්නපද රචනය - ආචාර්ය අජන්තා රණසිංහMp3 -Mangala Maldama.
BLOG
ඒ නොදැක්ක ආදරය,නොවින්ද සෙනෙහස,මට තාමත් කඳුළු ගේනව,එදා වගේම තවමත් ආදරෙයි මම නුඹට............
BLOG
කුසෙහි රඳවන්තොටිල්ලක් වන්කිරි කර දුන්රුහිරු ගඟුලැල්කඳුළු හංගන්සිනහ දන්දුන්තුරුළු කරන්මඟ කියාදුන්අම්මේ නුඹේඋණුහුමලෝකෙටම සිසිලයිඋණුහුමෙන් දෙනසෙනෙහෙ ගඟුලෙන්.
BLOG
ස්තුතියි හැමදේටම, පුළුවන් උනොත් ආයෙත් එන්නම්.උඹ අන්තිමට කෑගහලා කියපු වචන ටික මට තාම උඹේ කට හඬින්ම මතකයි.මිටර් පනහක් දුවන්න මම මොකට එච්චර වෙලා ගත්තද මටතව තප්පර තිහකට කලින් එතනට දුවා ගන්න තිබුන නම් උඹ තාම අපිත් එක්ක' මොනා කරන්නද උඹේහිත දුර්වලයි කියලා දන්නවා, ඒත් උඹට තව ටිකක් ඉවසන්න තිබුනා.අද වගේ මතකයි උඹ හැමදාම කියනවා උඹේ ජිවිතය අයිතිඋඹට නෙමෙයි කියලා, කකුලෙනුයි අත් දෙකෙනුයි උඹව උස්සලා ත්‍රී වීල් එකකට දාලා ලේබේරෙන උඹ ලඟින් ඉදගන්න මිනිහෙක් නැතුවඉද්දි උඹව උස්සලා උකුලෙන් තියාගත්තු ඒ කෙල්ලට කියලා. ඒ කෙල්ල නිසාවත් උඹට නවතින්නබැරි උනාද උඹේ කථාවේ උඹේ කොටසට උඹම තිත තියා ගත්තු මොහොතෙමඒ කෙල්ලත් එ කෙල්ලගෙ කොටසට තිත තියාගන්න තිබුනා මමත් එතනම නොහිටිය නමි තව කොච්චර කාලයක් ගියත් උඹලා දෙන්නා ගැන මතකේ මටඅමතක වෙන එකක් නෑ. ඒ මොහොත අමතක වෙන එකක් නෑ, උඹ පස්සෙන් එන්න හදපු ඒ කෙල්ලව මමනවත්තන්න අතින් අල්ලපු වෙලාවේ තමයි මට දැනුනේ ආදරෙට කෙනෙක්ව කොච්චර ශක්තිමත් කරන්නපුළුවන්ද කියලා.අපි බට්ටී බට්ටී කියලා විහිළු කරපු ඒ කෙල්ලගෙ අතටතප්පරයෙන් දාහන් එකකදි පොලු කෑල්ලක් කොහෙන් අහු උනාද කියලා මට මතක නෑ. උඹට ආදරේකරපු ඒ කෙල්ල උඹව මතක හිටින්න සලකුනක් මගේ වම් අතේ හොදට පේන්නම තිබ්බා උඹලගේ කථාවට මම කොහෙන් ආවද කියලා මට හරියටම මතකනෑ මතකය හරි නමි උඹේ පුංචි කෙල්ල නිසාම තමයි මම උඹලගේ කථාවට ආවේ අපේ යාළුකම් උඹේ බැඳීමි හැමදෙයක්ම තිබුනේ උඹෙන්ගලාගෙන ගියපු ලේ වල බන් උඹව උකුලට ගත්තු කෙල්ල ඉස්පිරිතාලෙන් එලියට බැස්සේ ඒකිගේජීවිතේ උඹම වෙයි කියලා හිතලවත් උඹලා දෙන්නට ඉන්න හොඳම යාළුවත් දෙන්නම එකමසිද්දියකින් හමිබවෙයි කියලා හිතාගෙන නෙමෙයි වෙන්න ඇති උඹේ ලේ ගවුමේ ගාගෙන ඉස්පිරිතාලෙන් එලියට බැහැපුඋඹෙ පුංච් කෙල්ල ගෙදර යන්න වට පිට බලපු විදිහ දැක්කම මට කථා කරන්න හිතුනා බයෙන්බයෙන් කථා කරපු කෙල්ලට ගෙදර යන්න තිබුන සල්ලිත් උඹෙ රතුපාට කරලා තිබුනා අදටත් ඒකොළ ටික එ කෙල්ල පරිස්සමි කරනවා ඇති. ඒ කෙල්ලට එදා සල්ලි දුන්නේ උඹවගේ හොඳ යාළුවොදෙන්නෙක් ලැබෙයි කියලා හිතලා නෙමෙයි කොච්චර හොඳ යාළුකම් උනත් මොකටද මගේ හොඳම යාළුවවත්හොඳම යෙහෙලියගේ ආදරේවත් බේරගන්න බැරි උන කොට ප.ලි :- වීදී දරුවො ව්‍යාපෘතිට සඳහා විස්තර සෙවිමටපුනුරුත්තාපන කඳවුරට ගිය අවස්ථාවේ අවුරුදු විසිදෙකකට පමණ කලින් මත් කුඩුවලට ඇබ්බැහිවීම නිසා පොලිසියමගින් පුනුරුත්තාපන කදවුරට බාරදී පුනුරුත්තාපන කාලය අවසන් වූ පසුද ගෙදර යාමවඅකමැති වි එම පුනුරුත්තාපන කඳවුරෙම සේවයට බැදි මුදල් නොලබන සේවයක් ඉටු කරනපුද්ගයෙක්ගේ සැබෑ කථාවකි. ප.ප.ලි:- සැබැනමි යොදා නොගත්තේ අදාල පුද්ගලයා හා එම කාන්තාව දැනටත් ජීවත් වන බැවින් බැවිසලකන්න. මනංකල්පිත නම් යොදා නොගත්තේ ඒ චරිත වලට මම කැමති නමි යෙදිමෙන් අසාධාරණයක්සිදුවේ යැයි සිතුනු බැවින් බැවි සලකන්න.
BLOG
මනමේ කුමරිය මං ලඳ බොළඳ පියතුමගෙන් මිදි සැමියා සමග කුලගෙට පිවිස ඔහු ගෙය යන ගමන..පෙම් සිත නලියන පෙම් බස් තෙපලුවද නිතරනොහදුන බිය දුකකි සිත වෙව්ලුම් කෑවේ..මල් ගොමු,ලතා මණ්ඩප ගෙන දුන්නත් මිහිරවනයේ මලක උව සුව වින්දේ මං බියෙනවෙව්ලන මා අතැගිලි පහස නොදැනුනේ කුමරුනි නුඹ සතුටෙන් හන්දා ද..මා හන්දා ඔබ නිකරුනේ සටනට වැදුනේ නුඹ ගැන බියෙන් මගේ හදවත මොහොතක නතර වුනේනුඹේ ජය මිසක අන් කිසිවක් නැත පැතුවේමගෙ බස් ඇසුමට ගිහින් මරුමුව වැටුනේ..සිතේ සතුට වැඩි වේලා නොරැදුනේමා මනසින් සිහි විකලට වැටුනේ වනයේ ගොර හැඩි කමට බියගුළු සිත තව චංචල වුයේ..රැකවරණක් කොහිද කුමරුනි මට නුඹ නැති දාක..වනයේ ගොර සතුන් මා දැන් දැන්මස් කරතියි සිතුනේ..ඒ හන්දා වැදි රජු නිසා මා දිවි රැක ගැනුමට පමණයි සිතුවේ..චපල කමට උපමා නොවමාගෙන ආවේ..ගහගෙන යන සැඩ සුළගක පවාතුත්තිරි ගසක වුව සෙවනයි අප සැම ඉල්ලන්නේ..අසරණ කමට ගැහැනියක කල කි දේ නිසාමද මෙතරම් මං ගැරහුම් ලද්දේ.
BLOG
ලබාගන්නා තුරු.. විමුක්තිවාදයෙන්ද,ලබාගත් පසු.. ප්‍රගතිගාමිත්වයෙන්ද,පවත්වාගනුවස්.. පක්ෂගාමිත්වයෙන්ද,ලොවට පෙනෙනුවස්.. පරහිතගාමිත්වයෙන්ද,ආදි වු.. මනෝ විලම්භනයෙන්..රඟනා නුඹට, කුමක් නැතත්,අඩුම තරමින්.. හෘදය සාක්ෂියක් වත්.
BLOG
බිඟු නදඇසුනිද .තනිකඩ සියපතදළ හකුලාගෙනඉකි බිඳිනා.....රිදවනු නොවහිමිහිට රොන් ගන්නම්එහෙත් නොවෙමිමම සමනලයා....ඇසුවෙද . දුටුවෙද .මල් රොන් හැරමල් සුවඳින්සැනසෙන වන බඹරා....පරවුනු මල ලඟලතවෙනු බැහැ මටකාලය කාගෙත්පසමිතුරා....සෙනෙහස වෙනසකඅනුහස විඳ සිඳිඅදහස් රහසෙමළමැද හොවා....හිතවත්කම මතනුරාව අතුරාහිමිහිට වැතිරෙමියහන තලා.....උදහස් අදහස්පටු ඉරි මදහස්සුරත් දෙතොල් පෙතිඅතර රුවා....ආපසු එන්නම්....රොන් අරගන්නම්යන්නම වෙයිබැහැ වෙන්ට පමා.
BLOG
මේ සති අන්තයේ සෙනසුරාද දවසේ ගෙදර ඉන්න කම්මැලිකමක් හිතුනා. ඒ නිසාම පොඩ්ඩක් කොහාට හරි ඇවිදලා එන්න ඕන කියන අදහස හිතට තදින්ම දැනුන නිසා මගේ ගමන් මල්ලට කැමරාවත් ඔබාගෙන කෝට්ටේ පැත්තට එන්ඩ ගෙදරින් පිටත් උනා. කොහේ හරි දුරකට යන්න නම් වෙලාව මදි නිසා කෝට්ටේ පැත්තේ ඉතුරු නටබුන් ටික බලාකියාගෙන එන්ඩ තමා ගෙදරින් පිට වෙලා ආවේ.කෝට්ටේ නටබුන් වලින් මට බලන්ඩ කියලා ඉතුරු උනේ අලකේශ්වර මාලිගයේ නටබුන් ටිකයි බැද්දගාන වෙහෙරකන්ද නටබුන් ටිකයි විතරයි.මම ගෙදරින් පිටත් වෙලා කිරිබත්ගොඩට ඇවිදින් 154 කිරිබත්ගොඩ අඟුලාන බස් එකකට නැග්ගා. බොරැල්ලට ටිකට් අරගෙන බොරැල්ල හන්දියෙන් බැහැගත්තා. ඊට පස්සේ 153 බොරැල්ල නවරෝහල බස් එකක නැගලා බංගලා හන්දියට ආවා. එතැන ඉදලා පයින්ම දේවාල පාරට ආවා. ගෙදරින් එනකොට අවුව පායලා තිබුනට කොළඹට කිට්ටු වෙනකොට හිරිපොද වැස්සක් වැටීගෙන ආවා. වැස්සක් වැස්සා කියලා ආයේ හැරෙන්න යෑ.. මම පොද වැස්සෙම අලකේශ්වර මාලිගයේ නටබුන් බලන්න ආවා.මේ තැන අලකේශ්වර මාලිගයක් තිබ්බ බවට ඔප්පු වෙලා තියෙන්නේ කැණීම් වලින් හම්බ වෙච්ච ඇඹරුම් ගල්, ජල පෙරණ වැනි උපකරණ නිසා. නැත්නම් මේ ස්ථානය අලකේශ්වර සොහොනේ නටබුන් කියලත් මතයක් තියෙනවා.13 වෙනි සියවසේ දි තමයි අලගක්කෝනාර පරපුර ලංකාවට එන්නේ. මේ පරම්පරාවම තමා අලකේශ්වර පරම්පරාව කියලා හදුන්වන්නේ. අලගක්කෝනාර එහෙමත් නැත්තන්ම් අලකේශ්වර පරම්පරාවේ නිශ්ශංක අලගක්කෝනාර කියන සාමාජිකයා තමයි කෝට්ටේ රාජධානිය නිර්මාණය කරන්න මූලිකත්වය අරගෙන කටයුතු කරලා තියෙන්නේ.දැන් බලන්න යන්නේ කෝට්ටේ රාජධානිය නිර්මාණය කරන්න මූලික වෙලා කටයුතු කරපු නිශ්ශංක අලගක්කෝනාරගේ මාලිගාවේ නටබුන්.. එහෙනම් පින්තූර ටික බලලම ඉම්මුකෝ.. .දේවාල පාර ඉවර වෙනවත්තෙක්කම වගේ පල්ලෙහා තියෙන පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවෙන් හයි කරපු බෝඩ් ලෑලි පේන්න තියෙනවා.මේ පුරාවිද්‍යා භූමිය වටේට කම්බි වැටක් ගහලා තියෙනවා. ඒ වගේම ඇතුල් වෙන්න ලොකු ගේට්ටුවකුත් තියෙනවා. ඒත් ගෙට්ටුවට ඉබ්බා දාලා වහලා. වැටෙන් පැන්නොත් ලඟටම ගිහින් බලාගන්ඩ පුලුවන්. ඒත් මම කම්බි වැටෙන් පැන්නේ නෑ. නිකන් මොකෝ අනුන්ගේ ඉඩම් වලට පනින්නේ.. :)පහලින් තියෙන්නේ මාලිගාවේ නටබුන්. එකිනෙකට වෙනස් කබොක් අත්තිවාරම් දෙකක් විතරයි ඉතුරු වෙලා තියෙන්නේ.කුඩේ හෙවිල්ලගෙන එක අතකින් කැමරාවත් මානගෙන පින්තූර කෑලි දෙක තුනක් අරගෙන මම ආයෙම කෝට්ටේ ප්‍රධාන පාරට එන්ඩ හැරුනා. මගේ ඊලඟ වෑයම බැද්දගානට යාගන්න එක. මම කෝට්ටේ පාරෙන් 163 දෙහිවල විදේශ සේවා බස් එකක නැගලා පිටකෝට්ටේ හන්දියට ආවා.එතන ඉදලා හිරිපොද වැස්සෙම තලවතුගොඩ පාර දිගේ බැද්දගාන පාරට ආවා.ලිපිය ගොඩක් දිග වන නිසා ඒ ටික ඊලඟ ලිපියෙන් කියන්නම්..----------------------------------------------------------------------ප.ලි. - කෝට්ටේ ගමන ගැන මම ලියපු ලිපි තුන මෙන්න.පළමු ලිපිය | දෙවන ලිපිය | තුන්වන ලිපිය.
BLOG
අමුතු ලස්සනක් අහස අගිස්සේපායා ඇත දැන් අපි එන පාරේසුදෝ සුදු රැළිති නංවන සයුරේඇදෙමු ඉදිරියට සමව සුළඟ සේගළන ගඟ මතින් ඔරුව හසුරුවාලැහැඹ තුරුලේසැඟව සිටියේ…ඇසෙනා හඬගා කියන කතාවක්සවනට මුසුවේ කුරුලු බසින්වැටෙනා හෙවනැලි තුරු අතරින්මැවෙනා හැඩතල ඒ අතරින්හැම රස ගන්වනරස ලොව මෙහෙම තමා…සිසිල දැනෙනා විටක මසිතේමැවේ එකවන් දසුන් මෙලෙසේගතට එකසේ සිතට සැමසේවිඳිය හැකිනම් මෙවන් රිසිසේනොවේ මුසපත්අදුරු අහසේ... ©ඒ.ජී.උදය ශාමේන්ද්‍ර.
BLOG
එන්නවිඳගන්නඅන්තිම මලක සුවඳමහා සුළඟකට හසුවීගිලිහී වැටුන අන් හැම මලමඅන්තිම වරට දුටුජීවත්ව සිටිනා එකම මලවැඩි කාලයක් නොමැතනොපෙනේද අර එන කුණාටුවප්‍රමාදය සැමදාමහේතුවේ පසුතැවිල්ලටඉතිරිවේ මහා හිස්කමක්අන්තිම මලත් වැටුනු පසුහිස් අහස් පසුබිමේඅග හිස් අතු ඉති පමණක්ඉතින් කුණාටුවට පෙරාතුවඑන්න විඳ ගන්නමේ අන්තිම මලේ සුවඳප්‍රමාදය සැමදාම හේතුවේ පසුතැවිල්ලට.
BLOG
මම ඉස්සරඉඳන්ම ආසා කලා හඳ දිහා බලාගෙන ඉන්න. පෝය දවසට හඳ දිහා බලාගෙන සීමාවක් නැති කල්පනාලෝකෙක තනිවෙලා ඉන්න එකට මම ගොඩක් ආසා කලා. එහෙම ‍ටික කාලයක් යද්දී මම පුරුදු වුනාකළුවරට වෙලා තනියම ඉන්න. හැමදාම රෑට හඳ නැති නිසා වෙන්නැති ඒකට පුරුදු වෙන්නඇත්තේ. එහෙම කල්පනා කරන්න පටන්ගත්තම නවතින්නේ පටන්ගත්ත තැනින් නෙවෙයි. ඊටසම්පූර්ණයෙන්ම වෙනස් තැනකින්.පොඩි කාලේ මම කරපු කියපු දේවල්, ඉස්කෝලෙයන කාලේ කරපු පිස්සු වැඩ, උ/පෙළට පන්ති යන කාලේ ගත්ත ආතල්, එතනින් එහාට එක එක කෝස්කරද්දී කරපු වැඩ ගැන එහෙම මතක් වෙද්දීත් හිනා යනවා. මොකද ඒ කාලේ කොයි තරම්සැහැල්ලු විදියටද ජීවත් වුනේ කියලා. කිසිම බරක් පතලක් නෑ හිතෙන හිතෙන දේ කරනවා.හැබැයි මොන දේ කරත් මොකක්හරි හේතුවකට ගෙදරින් එළියට යනවා කියන්නේ ගොඩක් අමාරුදෙයක්. අද කාලේ තරමටම ඒ කාලෙත් සමාජය දූෂණය වෙලා තිබුනේ නැති වුනාට යාලුවො එක්කඑහේ මෙහේ යන්න අවසර දුන්නෙම නැති තරම්. ඒක නිසා එහෙම ගමනක් බිමනක් සෙට් වුනොත්ඉතිං අනිවා දානෙ ගෙදරක් හරි මළගෙයක් හරි තමයි ඉතිං. එක පාරක් යාළුවෙකුට උගේ කෙල්ල‍ගේඋපන්දිනේට දෙන්න තෑග්ගක් ගන්න මාතර යන්න සෙට් වුනා අපි තුන්දෙනෙක්. ඉතිං අපිතුන්දෙනාම ගෙදට බොරු කියලා තමා ගියේ. මොකද ඇත්ත කියන්නේ කොහොමද.. (අපේ අම්මලාටතාත්තලාට පාරම්රික අදහස් තියෙන අය නිසා අපි “ආදරය”කියන වචනය ගැන ගෙදරදී කතා කලේ නැති තරම්. දැනට වුනත් ඒක එහෙමයි.) ඒක නිසා මොකක්හරි බොරුවක් ගහලා තමා ගියේ. හොඳම දේ වුනේ ඊට දවස් දෙකකට පස්සේ... ඒ තමා මුලුලංකාවම අඬවපු සුනාමිය ආවේ අපි තුන්දෙනා ගිය දවසට දවස් දෙකකට පස්සේ. බැරි වෙලාවත්සුනාමිය තව දවස් දෙකක් කලිං ආවා හරි හෝ අපේ ගමන තව දවස් දෙකක් පහුවෙලා ගියා නම්,අපේ අම්මලා තාත්තලා වත් දන්නේ නෑ අපිට මොනවද වුනේ කියලා. එහෙම වුනා නම් සමහරවෙලාවට අනුමාන කරයි සුනාමියට අහු වුනා කියලා. ඒත් කෙහේදි, කොයි වෙලාවෙදි, අහුවුනාදකියලා කවමදාවත් දැන ගන්න වෙන්නේ නෑ. එහෙනං ඉතිං මේ බ්ලොග් එකත් නෑ... :D ඔහොම ගොඩක් සැහැල්ලුවෙන්තමා හිටියේ. පනින් පෙර හිතා‍ බැලුවෙම නෑ ඒ කාලෙ නම්. ඔය විදියට ඒවා ගැන කල්පනා කර කර ඉන්නකොටආයේ එතනින් ලිංක් වෙනවා ඒ කාලේ මම ආදරේ කරපු අය, මට ආදරේ කරපු අය, යාඵ මිත්‍රයෝගැන, නෑදෑයෝ ගැන. විතරක් නෙවෙයි සීමාවක් නැතුව එක එක චරිත ගැන. චිත්‍රපටි වල චරිත,කාටුන් වල චරිතත් ඒ අතර ඉන්නවා. සමහර වෙලාවට කළුවරේ හිඳගෙන තනියම මනසින් වීඩියෝගේම් පවා ප්ලේ කරනවා. එහෙම නැත්තං ප්ලේ කරපු ඒවගේ වැරදි වුන තැන් ගැන කල්පනාවෙනවා, අපරාදේ මට එහෙම නැතුව මෙහෙම කරන්න තිබුනනේ, එහෙම කලා නම් අවුට් වෙන්නේ නෑනේද කියලා... :Dඊට පස්සේ කල්පනා වෙනවා ජීවිතේ තීරණාත්මකඅවස්ථා වලදි මම ගත්ත තීරණ. ඒ ගත්ත තීරණ වලින් මම ගොඩ ගියපු තීරණ, මට වැරදුනු තැන්වගේම කිසිම තීරණයක් නොගෙන කාලය විසින් විසඳුමක් දෙනකං බලාගෙන හිටුපු සහ ඉන්න තීරණවගේ නානාප්‍රකාර දේවල්.සමහර වෙලාවට හිතට දුකක් ශෝකයක් දැනෙන්නගන්නවා සමාජය ඉන්න තැනයි මම ඉන්න තැනයි දිහා බැලුවම. එහෙම තැනක් ආවම එතනින් කල්පනාවනැවතලා අනිත් දේවල් ගැන හිතුවට වඩා වැඩි කාලයක් ඒවා ගැන කල්පනා වෙනවා. ඊට පස්සේඉබේම පියවි ලෝකෙට එනවා. ඒ ඇවිත් සමහර වෙලාවට ආයෙම කල්පනාවට වැටෙනවා, එහෙම නැත්තංඑතනින් මේ ලෝකේ නවතිනවා.සමහර දවස් වලට කාමරේ ලයිට් එක නිවාගෙනඇඳට වෙලා ඕවා කල්පනා කර කර ඉන්නකොටදන්නෙමනැතුව නින්ද යනවා. ආයෙම නැගිටිනනේ පස්සේ දවසේ උදේට තමයි ඉතිං. ඔය විදියට හඳ තියෙනනැති රැයක් කියන්නේ මගේ ජීවිතේට ගොඩක් සමීප දෙයක්. හැබැයි හිත හරි අවට පරිසරය හරිකලබල දවසක් නම් කල්පනාව අහලකටවත් එන්නේ නෑ.
BLOG
හකාවති එක්ක නොමග යාමඊ.ඒ. ඩෝසන් ප්රී තීගේ 'හකාවති' පොත කියැවීමට පෙර, හකාවති යන වචනය මා අසා නොතිබූ එකකි. හකාවති යනු ආරාබි බසින් කතන්දරකාරයා යන්නයි. තැනින් තැන ගොස් කතා ගොතා කියා නැවත ගමරට පැමිණ තැනින් තැන දී දුටු දේ තමන් එන තුරු මඟ බලා සිටි අයට කියනා කතාකරුවෝ හකාවති වූහ. නියම කතන්දරකාරයෙක් සේ පෙනී සිටිනා ඊ.ඒ. ඩොසන්ප්රීතතීරචකයාත් , මේ ලෝකයට පිටතදී ඇසු දුටු චරිත සේ මවා පා, ඒවා මේ ලෝකයේ දී අසන්නට දකිනට ලැබෙන චරිත හා ගළපා ගන්නටඉඩ දී අපව නොමඟ යවයි.ඒ නොමඟ යෑම වඩාත් පහසු වන්නේ ඩෝසන් ප්රීයතී ගේ ලියැවිල්ලෙ ඇති අති සරල ස්වභාවයයි. හකාවති කියවන්නට අමුතුවෙන් බස උගත යුතු වන්නේ නැත. එලෙසම මනා ලෙස කපා කොටා සංස්කරණය කර ඉදිරිපත් වන හකාවති, ලියන්නට පුළුවන් බව පෙන්වීමට නොව කියවන්න යමක් දීමේ උවමනාවෙන් ලියැවී ඇති කාලයට ගැළපෙන කතා එකතුවකි.හකාවතියේ ජනප්රි යම කථාව 'මිරැන්ඩා' වන්නේ ඇයිදැයි මට නම් තේරුම් ගත නොහැකි කාරණාවකි. මිරැන්ඩා නිමවා ඇති සිනමාරූපී ගතිය මගින් ඇති කරවන දෙගිඩියාව සමහර විටෙක කියවන්නා සසල කරවන නිසා, ඒ වූවා ද නැත්නම් එහි ඇති ගතානුගතික නොවූ විලාසය කියවන්නා අවුස්සනේ දැයි මම නොදනිමි.හකාවතී, කතා එකතුවේ සියලුම කතා පිළිබඳ මා තුළ බොහෝ දුරට ඇත්තේ සමාන හැඟීමකි. ඒ කතා සියල්ලම එකක් අනෙක පරදවන තරමේ ප්රිබල හෝ දුබල ලක්ෂණ නැති ඒවා ලෙස මා දකිනා නමුත්, හැම කතාවක්ම එකිනෙකින් වෙනස් වූ ඒවා මිසක නැවත නැවත එකම දේ කියා පාඨකයාව පීඩාවට පත් කරවන ගතියක් ඒවායේ නැත. ඩෝසන් ප්රීකතී මරණයත්, විද්යා වත් පිළිබඳ මහත් සේ බලපෑ අදහස් ඇති රචකයෙකු සේ විටින් විට පෙනී ගියත් ඔහුගේ අනෙක් නිර්මාණ නොවිඳ නිගමනයකට එළඹීම නිවැරදි නොවේ. සමහර විටෙක මේ කථා එකතුවේ ඔහුගේ කථා සැරසවීමේ උපාංගය විද්‍යාව වූවා විය හැකිය. මරණය කොහොමටත් කොතැනත් නොවැළක්විය හැකි කාරණාවකි.යම් දුරකට අසාර්ථක කථාවක් ලෙස 'විනෝදය' මා දිකින්නේ තනිකරම රචකයා විසින්එකතු කළ'ප.ලි.' කොටස නිසාවෙනි. ඒ කිරි කළයක් දොවා ගොම බින්දුවක් දැම්මා සේය. ඩෝසන් ප්‍රීති එවැන්නක් කරන්නට ඇත්තේ ඒ කථාවේ එන ‘සුගතදාස’ නම් චරිතය අහවල් පුද්ගලයා වේ යැයි සමාජය විසින් තීරණය කිරීම නැවැත්වීමට විය යුතු යැයි මට හැඟේ. නමුත් ඒ බේරා ගැනීම පහළින් නොලියා කථාව තුළම ඉදිරිපත් කිරීමේ දක්ෂකම ඔහු අතින් මඟ හැරීම අපරාදයකි. නො එසේ නම් අමුතුවෙන් තේරුම් කරන්නට නොගොස්, කියවන්නාට රිසි ලෙස අර්ථය පහදාගන්න ඉඩ දෙන්නට තිබුණේ යැයි මට හැඟේ.ලේඛකයෙක් පිළිබඳ තවත් කෙනෙකු තුළ ඇති ඉරිසියා සහගත මානසිකභාවය සහ අවිචාරක හැඟීම කියවන්නාට දැනෙන ලෙස ලියා ඇති ඒ කථාව පාද සටහනක් නොයොදා සම්පූර්ණ කළ යුතු වූ එකකි.නමුත් 'ඔන්ලයින් පාංශකූල' කථාවේ එන සටහන් දැමීම, ඉතා ඵලදායි ලෙස කථාව ඉදිරිපත් කිරීමට ගත් උත්සාහයක් වන අතර ඒ අපූරු සැලැස්ම සිත් ගන්නා සුළු එකකි.කථාවක් ලියන්නට නියමිත නිතී රිතී නැති කාලයක, ඩෝසන් ප්රීනති ශිල්පය එලෙස අත්හදා බැලීම පැසැසුමට ලක් කළ යුතුය.හකාවතී තනිකරම, සමාජය පිළිබඳ සෝදිසියෙන් සිටිනා පාඨකයින් වෙනුවෙන් එවැනිම රචකයෙකු අතින් ලියැවුණ කතා එකතුවකි. ජංගම දුරකථනයේ මුහුණ ඔබාගෙන ජීවත් වෙන, කිසි දිනෙක තරුවක් කඩා වැටෙණු නොදකින, වැහි බිඳුවක හැඩය නොදන්නා තරුණ පරපුරක් බිහි වී ඇතැයි ගතු කීව ද, එසේ ඇබ්බහි වීමට ඩිජිටල් ලෝකයක් නිර්මාණය කළ වැඩිහිටි පරපුර අපි වන්නෙමු. අපටම අප සොයා ගත නොහැකි ලෙස තැන තැන අතරමං වී ඇති අප, ස්වභාවික උවමනාවන්, ඒවා පිරිමහන්නයි ඉල්ලා කෑ ගසද්දී, ගහල ගාලකට මුවාවී, සරණංකර පාරට හෝ අන්තර්ජාලයට ගොඩ වැදී හෝ ඒවා නිදහස් කරන්නට හැකි නම් එසේ කරණා ස්වභාවික සත්තු කොට්ටාශයක් බව හකාවති කථාවල අවංකව කියැවේ.මානුෂික හැඟිම් සහ සම්බන්ධතා හුදෙක් ප්රේදර්ශනය පිණිස ම හැඩ ගසා, බොන්සායි පැළ සේ හීලෑ කිරීමක නිරත වන, නිතර අනෙකා දෙස පූර්ව වීශ්වයකට එළඹී සිටිය යුතු යැයි බියෙන් පසු වෙන සමජායකට ඩෝසන් ප්රීනතිගේ හකාවතී කතාවලින් ඉගෙන ගත හැකි දේ බොහෝය.හිමාලි එන්.ලියනගේ.
BLOG
පසුගිය සෙනසුරාදා මුස්ලිම් ජාතිකයෙකුට අයත් වෙළඳසැලක් ගිනිබත් කිරීමට විරෝධය පළකරමින් ලබන සඳුදා දිනයේ මුස්ලිම් කණ්ඩායම් කිහිපයක් එක්ව හර්තාලයක් සංවිධානය කර ඇති බවට තොරතුරු ලැබීමෙන් පසු අගනුවර ආරක්ෂාව තර කිරීමට පියවර ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ ප්‍රකාශ කරයි.“සඳුදා හර්තාලයක් පවත්වන බවට තොරතුරැ ලැබිලා තියෙනවා, කලබලයක් ඇතිවීම වැලක්වීමට අවශ්‍ය පියවර අපි අරගෙන යනවා. ආරක්ෂාව තර කර තිබෙනවා,” යැයි ඔහු පැවසීය.අද දිනයේ නැගෙනහිර මුස්ලිම් ප්‍රදේශ වන කල්මුණේ, අක්කරපත්තු, සම්මන්තුරෙයි වැනි නගර වලින් දහස් ගනනින් මුස්ලිම් තරුණයින් එක්රැස් කර බස් වල පුරවා කොළඹට එවමින් තිබෙන බව අසන්නට ලැබෙයි. මේ සදහා මුස්ලිම් බස් හිමියන් නොමිලයේ තම බස් රථ ලබා දෙන බවද නැගෙනහිර අපගේ තොරතුරු මූලාශ්‍රයන් පවසයි.හෙට දිනයේ ඔවුන් මේ සැරසෙන්නේ කුමකටද... සිංහලයින්ගේ ආරක්ෂාව තර කරන්නට ආරක්ෂක අංශ වහා පියවර ගනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.පලි: මීට පැය කිහිපයකට පෙර පොලීසිය විසින් ජාතිවාදී හා ආගම්වාදී රැස්වීම් තහනම් කිරීමේ රහස මෙයයි.
BLOG
හායි.. 8.47p.mහායි .. 8.47p.mකොහොමද. 8.48p.mහොදින්,ඔයාට කොහොමද. 8.49p.mමාත් හොදින් 8.49p.mහි හි ඔය හරි ලස්සනයිනේ. 8.50p.mමන් ඇත්තටම කිව්වේ. බොරුවටනෙවේඇයි මුකුත් කියන්නේ නැත්තේ.. 8.52p.mOffilne"මේක මොකෙද්ද දන්නේ නෑ, හායි කිව්වා ගමන් මං ලස්සනයි කියනවා. මාව දන්නෙත් නෑ,"හායි.. 6.07p.mහායි .. 6.07p.mකොහොමද ඉතින්. 6.08p.mහොදයි 6.11p.mඇයි අපිත් එක්ක තරහද. 6.12p.m තරහ වෙන්න මම යාලු වෙලා හිටියද. 6.14p.mඅපෝ ඔයාගේ සැර කොච්චි කරලක්වගේහිකිස්ඔහොම තරහ ගන්න එපා ඉක්මනටම නාකි වෙයි 6.16p.mඇයි ඔයාට මොකද ඉතින් 6.19p.mOffline" එයා නම් හරිම විහිළුවෙන් වගේ, කවුද දන්නේ නෑ" කෝකටත් හෙට කතාකරල විස්තර අහල බලන්න ඕනනේ.හායි 4.31p.mහායි හායි කොහොමද ඉතින් 4.31p.m හොදින් ඔයාට කොහොමද බබෝ 4.32p.m බබා. අනේ යනවා යන්න , මං බබෙක්ද 4.31p.mඉතින් ඉතින් මොනවා හරි කියන්නකෝ අනේ... 4.32p...........කාලය කොතරම් මිහිරිද සොදුරිය .ඔයා එනකම් මම මග බලාගෙන හිටියේ 5.00 a.m*****************තවත් facebook ආදර කතාවක ආරම්භයක්. නොදැකපු, නොසිතු කෙනෙක්ට ආදරේ කිරීමේ කලාව.මතු සම්බන්දයි.
BLOG
අද ඔයාලට අරගෙන ආවේ Skype වලින් පොඩි පොඩි වැඩ ගොඩක් කර ගන්න පුළුවන් පුංචි සොෆ්ට්වෙයාර් එකක් හැබැයි ඒ ගැන කියන්න කලින් තව පොඩි දෙයක් ඔයාලට කියන්න තියෙනෝ. Microsoft සමාගමේ ඊළගට නිකුත් කරන්න නියමිත Windows10 වල ටෙක්නිකල් ප්‍රීවිව් එකක් ඔන්න නිකුත් කරලා තියෙනවා. මෙතනින් ඒ ගැන ඔයාලට දැන ගන්න පුළුවන්. හරි ඒ ඇති ඒ ගැන කිව්වා.. අපේ ට්‍රැක් එකට එමුකො දැන්. මේ සොෆ්ට්වෙයාර් එකෙන් කරගන්න පුළුවන් වැඩ. Skype Call රෙකෝඩ් කිරීම Voice Change කිරීම එකවර යහළුවන් හැමෝටම Message කිරීම Fun & Art Message Translate පහසුකම මේවගේ වුවමනා වන පොඩි පොඩි වැඩ ගොඩක් කරගන්න පුළුවන්. එහෙනම් පහලින් සොෆ්ට්වෙයාර් එක ගන්න. ඔයාලගේ අදහසත් කියන්න.
BLOG
මෙයා තමා මිස්ටර්‘කූල්‘...රයිගම් ළඟදි ලියල තිබ්බ නයි කතාවක් දැකල තමයි මෙයා ගැනත් පෝස්ට් එකක් දාන්න ඕන කියල හිතුනෙ... අර මාරයියා කියනව වගේ ලියන්න ඕනෙ නං කකුල් දෙක ළඟ තියෙන සෙරෙප්පු කුට්ටමෙන් හරි මාතෘකාවක් හොයා ගන්න පුළුවන් වෙන්න එපැයි... හි හි...ඔය අපෙ මාමණ්ඩිගෙ වැඩක් තමයි ගෙයි වැඩක් පටං ගන්න කලින් පොඩි පිංකමක් කරන එක... මෙදා පාර වැඩ ටික පටං ගන්න කලින් පිංකමක් කරන්න බැරි උනාය කියල කිය කිය ඉඳල තමයි මෙයාව ගෙනාවෙ... අපිට කොයින්ද කුකුලෝ.. මෙයාව ගෙනාවෙ මස් කඩෙං...මේ ගෙදර ඉන්නව සතෙක් දැක්කොත් පොල්ලක් අරං ගහන්න කියන එක විතරක්ම මතක් වෙන නැකතකින් ඉපදුනු කෙනෙක්... ඉතිං කොහෙද එයා එකක් සත්තු හදන්නෙ... බල්ලන්ට ආස අපි කීපදෙනාගෙම බලාපොරොත්තු, ඉල්ලීම් ඔක්කොම බල්ලට දාලා තියෙන්නෙත් එයා හින්දම තමයි.. අනිත් එක ඉතිං උඩ තට්ටුවල බල්ලො හැදිල්ල ලේසිත් නෑ නේ...කොහොමහරි ඔය කිව්ව එක්කෙනයි එයාගෙ අම්මයි ගිහින් මිස්ටර් කූල්ව මල්ලක දාගෙන ගේනකොට මෙයා හිටියෙ මැරිල වගේම තමා.. ගෙදර ඇවිත් ලණු කෑල්ලක් කකුලෙ බැඳල, කන්න බොන්න දුන්නට මූ නෙවෙයි ඒ පැත්ත ඇහැක් ඇරල බැලුවෙ... කවුරුහරි ඒ හරියට එන සද්දෙ විතරයි ඇහෙන්න ඕනෙ.. කකුල කඩාගනීද කියල බය හිතෙන ගානට කෑ ගගහා දුවන්න හදනව..දවස් දෙකක් ගියා දුන්න කෑම කන්න පටං ගන්න.. දැං නං සති තුනක් විතර වෙනව... හෙන චණ්ඩියා... දෙන ඕනෙ ජාතියක් කනව.. කංකුංද, නිවිතිද, පාන්ද පරිප්පුද... ඕනෙ එකක්.. දෙපාරක් කෙටුව.. ගිලල දැම්ම.... දැං අපි කවුරු ඇල්ලුවත් මෙයාට ගානක් නෑ...රෑට අල්ලල දානව බැරල් එකකට.. නැත්තං මේ පැත්තෙ ඉන්න උගුඩුවො එහෙම දෙනව වැඩේ... උදේ 5.30ට විතර අපේ මාමණ්ඩි මුන්දැව බැරල් එකෙන් එළියට ගන්නව.. එතකොට පටන් ගන්න කෑ ගැහල්ල නවතින්නෙ 10 විතර වෙලා තමා.. කොහොමත් මෙහෙදි පහමාර, හය වෙනකොට ඇහැරෙන හින්ද හොඳයි.. හි හි...හවස තුන විතර වෙනකොට මෙයා නඟිනව මොකක් හරි එකක් උඩට.. හරිබරි ගැහිලා ඉඳගන්නව... ඊට පස්සෙ නිදි කිරන්න ගන්නව.. ඒ වෙලාවට අපි ඕනෙ කෙනෙක්ට මෙයාව උස්සගෙන ගිහින් බැරල් එකට දාන්න පුළුවන්... මුන්දැ නෙවේ ඇහැරෙන්නෙ.. ගෙදර ඉන්න කට්ටියගෙ හැටියටම වෙන්ටෑ... හි හි..අද උදේ රිංගල නැන්දම්මගෙ නිවිති පාත්තියට... කොල පාට අස්සෙ වැල ගෙඩිය වගේ ඉන්න ලස්සන දැකල මං මේ ෆොටෝ ගන්න ගියෙ.. ඒ වෙනකොටත් නිවිති පාත්තියෙන් බාගෙකට වඩා පාගල පොඩි කරල... මං සද්ද නැතුව ආවෙ.. හෙට විතර අහගන්න පුළුවන් වෙයි ධර්ම දේසනාවක්...හි හි.
BLOG
ජනිතා රාජපක්ෂ කියන්නේ බ්ලොග් අවකාශයේ සහ ගූගල් බස් සමූහයේ පැරනි සාමාජිකාවක්.මේ තියෙන්නේ ජනිතා ලියපු බ්ලොග්ස්කඳුලු බින්දුවදඟ මල්ලමීට දින දෙකකට පමනපෙර ඇය අසනීපවී රොහල් ගතකර ඇති බවත් අයට ඉක්මන් සුවය පතා සෙත් පතන ලෙසත් ඉල්ලා ඇගේ මෑණියෝ ඇයගේ ෆේස්බුක් ගිනුමේ සටහන් කර තිබෙනවා දුටුවා.ඇයගේ අසනීප තත්වය ගැන විස්තර අසා ඇගේ මෑනියන්ටත් ඇයගේ පෙම්වතා වන සයිබර් අවකාශයේ අප සියලු දෙනා හඳුනන විශේෂයෙන් "බයිස්කෝප් සිංහලෙන්" අඩවියට නිතර ලිපි ඉදිරිපත් කළ දිනුෂ්ක උදාර හෙවත් රොකියාටත් ෆේස්බුක් පනිවිඩ යැව්වේ අපට ඇය වෙනුවෙන් කල හැකි දෙයක් ඇත්නම් කියන්නයි ඉල්ලා සිටිමින්.ජනිතා සොයුරිය ඩුබායිහි සේවය කල බව දන්නා පසන්, සංජු ඇතුලු සයිබර් අවකාශයේ හිතවතුන් හිතවතියන් කීප දෙනෙක් මගෙනුත් විස්තර විමසුවා මා වැඩි විස්තරයක් දන්නවා ඇතැයි සිතා.අන්තර්ජාලයේ රැඳී ඉන්න රොකියට කාල වේලාව බොහෝ අඩු ඇති. "ඇගේ තත්වය බොහෝම බැරෑරුම්. ඇය දැනට දැඩි සත්කාර ප්‍රතිකාර ලබනවා. හුස්මගනීම පහසු කරවීම පිනිස ඇයව කෘතිම ස්වසන යන්තයයට සවි කර තිබෙන්නේ. වෛද්‍යවරුන් ඔවුන්ගේ උපරිමය අය වෙනුවෙන් ඉටු කරනවා. ඉක්මනින් ඇගේ තත්වය යහපත් වේවි" කියා ඔහු පිලිතුරු එවා තිබුනා.ඇගේ මෑණියෝත් පිලිතුරු එවා තිබුනා.අද උදේ කාර්යාලයට එන ගමන් මා ඇයට දුරකතන ඇමතුමක් ලබා ගත්තා."ගොඩක් ස්තූතියි පුතා කතා කල එකට""ජනිතාට ඩුබායි වලදී කෑම විෂවීමක් නිසා අසනීප වෙලා අපි ලංකාවට ගෙන්වා ගත්තා ප්‍රතිකාර වලට""ඒ අසනීපය හොඳ වුනාට පසුව අය ආපහු අසනීප උනා, වෛද්‍යවරු කියපු විදිහට වෛරසයක් ඇතුලු වෙලා""එයා දැන් ඉන්නේ ICU එකේ, වෙන්ටිලේටර් එකට සම්බන්ධ කරලා""එයාට ඉක්මනින් සනීප වේවි කියලා ඩොක්ටර්ස්ලා කියනවා.""අපෙන් මොනවද කෙරෙන්න ඕන ආන්ටි" මම අහුවේ හදවතින්ම මොකද ජනිතා ඇත්තෙන්ම හරිම හොඳ කෙනෙක් බව මම තේරුම් අරන් හිටියා ඇයත් එක්ක මම කතා බහ කරලා තියෙන්නේ කීප සැරයක් උනාට.(මගේ මිතුරෙක් ඩුබායි ඇවිත් හෝටල් ක්ෂෙත්‍රයේ රැකියාවක් හොයපු වෙලාවක මම අයටත් කතා කර උදව් ඉල්ලුවා ඇයත් ඒ ක්ෂේත්‍රයේම වැඩ කරන කෙනෙක් නිසා. ඇය දන්නා හඳුනන තැන් වලට මගේ යාලුවගේ සීවී එක යවමින් ඒ අයට පුද්ගලිකව කතා කරමින් බොහෝ වෙහෙසක් දැරුවා ඇහට වත් නොදැක්කා උනත් ලාංකික සොයුරෙක්ට ඇයට හැකි උපරිමයෙන් උදව් කරන්න)"අනේ පුතා ඇයට ඉක්මන් සුවය ලබා දෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න""ජනිතාව දන්න යාලුවන්ට කිව්වට කමක් නෑනේද.ආන්ටිගේ මොබයිල් නම්බර් එක මම ඒ අය ඉල්ලුවොත්දෙන්නද." මම තව දුරත් ඇහුවා"කමක් නෑ පුතා. දුවගේ යාලුවන්ට කියන්න පුලුවන් නම් දුවට සෙත් පතලා බෝධිපූජාවක් එහෙම කරන්න කියලා. බලන්න එන්න කැමති අයට මාත් එක්ක එන්න පුලුවන්. මට කතා කරන්න කියන්න.""ෆයිනෑන්ශියලි උනත් උදව්වක් ඕන නම් කියන්න ආන්ටි" මම කිව්වේ පවුලේ කෙනෙක්ට අසනීපයක් උනු වෙලාවකදී දෙමාපියෝ සහෝදරයෝ පවුලේ අය අසරණ වෙන විදිහ මම පුද්ගලිකවම අත්විඳලා තියෙන නිසා."එහෙම කරන්න පුලුවන් නම් ලොකු දෙයක් පුතා. ජයවර්ධනපුර රෝහලේ නිසා වියදම් එහෙම තියෙනවා. ඩයලයිස් මැසින් එකක් පාවිච්චි කරන්න ඕන කිව්වා ඒකටත් සෑහ්න ගානක් යාවි""හරි ආන්ටි මම යාලුවොත් එක්කත් කතා කරලා ආන්ටිට ආපහු කතා කරන්නම්. ජනිතා නංගිට ඉක්මනට සනීප වෙන්න කියලා අපි හමෝම පාර්ථනා කරනවා. බය වෙන්න එපා ආන්ටි එයා ඉක්මනට සනීප වේවි."එහෙම කියලා ෆෝන් එක තිබබ් ගමන් මම ඕනයට, රන්දිකාට, මරේට කතා කලා. මරේයි ඕනයයි නම් ආන්සර් කලා. පෝස්ට් එකක් දාන්න අපි කට්ටිය කතාවෙලා ජනිතා වෙනුවෙන් අපිට පුලුවන් දෙයක් කරමු. ඕනයයි මරේයි දෙනන්ම කිව්වේ එහෙම.හරි එහෙනම් කියන්නලා, අපි මොකෝ කරන්නේ. කොහොමද කරන්නේ.මේ තියෙන්නේ ආන්ටිගේ මොබයිල් නම්බර් එක -ධම්මිකා රාජපක්ෂ - 0773 150205හරි ඔන්න ආන්ටිගේ බෑන්ක් එකවුන්ට් නොම්මරේ ආවා. 8180 0304 49Commercial BankMaharagama Branchමුදල් දාන්න කැමති කෙනෙක් ඉන්නවානම් ජනිතාගේ අම්මට කතා කරලා එකවුන්ට් නොම්මරේ තහවුරු කරගෙනම දාන්න කියලා ඉල්ලීමක් කරන්න කැමතියි.___________ඊයේ රෑ (2014-05-10) ජනිතා අප අතරින් වියෝ වූ බව දැනගන්න ලැබුනා.ඇයටනිවන් සුව අත්වේවායිපතමු.
BLOG
තවමත් මේක ගැන දන්නෙ නද්ද. එහෙනම්මෙතන ක්ලික් කරන්න...සියල්ල සිංහලෙන් සරලව ඉගෙන ගන්න.ඔන්න Paidverts අලුත්වැඩියාවෙන් පස්සෙ අයෙත් ආවා...Paidverts කරන අයට හොඳ ආරංචියක් තියෙන්වා කියන්න. Paidverts වාගෙම මාසයකට ලොකු ගානක් හම්බ කරන්න පුලුවන් උණු උණු website එකක් ගිය සතියෙ ආව...මේකෙත් වැඩ කරන්න තියෙන්නෙ Paidverts එකේ විදියටමයි..මේ අලුත් website එකේ බැදෙන්න කැමති අය පල්ලෙහා button එක ක්ලික් කරන්නPaidverts නම් සුපිරියි. සමහරු මාසයකට ලක්ෂ 2ක 3ක් හොයනවා , මට දැන් හැමදාම සුපිරි ඇඩ්ස් එනවා..Paidverts වලින් මාසයකට ලොකු ගානක් හොයන්න කැමති අය පල්ලෙහාඅ ලින්කුව ක්ලික් කරලා සියල්ල සරලව සිංහලෙන් ඉගෙන ගන්න➟දවසට මිනිත්තු දහයක් ඇඩ්ස් ක්ලික් කරල මාසයකට රු.30000 ක් හොයන්න කැමතිද.➟ගෙදර ඉඳන් Part Time Online Job එකක් කරල Sri Lanka වේ ATM එකෙන් සල්ලි ගන්න කැමතිද.➟ඔබ අන්තර්ජාලයෙන් මුදල් සෙවිමට පහසුම සහ ඉක්මන්මක්‍රමය ඉගෙනගැනිමට කැමතිද.එහෙනම් සියල්ල සිංහලෙන් සරලව ඉගෙන ගැනිමට මෙතන ක්ලික් කරන්න.com/2014/11/blog-post_6.htmlහොඳට කරගෙන යන්න කොල්ලනේ..ප්‍රශ්නයක් තියෙනවනම් comment එකක් දාන්න ...ඔබට ජය .
BLOG
සමහර Assignments කරන්න ගියාම එන වචන වල තේරුම් හොයන්න ගියාම තියෙන සනීපෙ මතක ඇතිනේ. මේ තියෙන්නේ ඒකට විසඳුමක්. කරන්න තියෙන්නේ මෙච්චරයි. ඉඟිය දාගන්න Firefox එකට. 3 වෙනි වෙලුමෙන් පස්සෙ වැඩ නැතිව ගියා. දැන් 13න් පස්සෙ ආයෙ වැඩ කරනවා. දැන් ඉතිං 20 වන වෙළුම නේ. ඉතිං මාත් ආයෙම දාගත්ත. ඕන වෙලාවට උදව්වක් ගන්න ලේසි නොවැමෙන්න ලිංකුව http://subasa.phpමේකෙ අයිතිය ගැන කියනවනම්..අයිතියසුබස ඉඟිය ඈඳුම GPL යටතේ බෙදා හරිනු ලබන අතර එහි අන්තර්ගත වාක්කෝෂය Creative Commons Attribution-Noncommercial-No Derivative Works 3.0 Unported බලපත්‍රයේ සඳහන් කොන්දේසි මත බෙදා හැරේ.
BLOG
වැඩිදුර තොරතුරු සඳහා https://www.com/groups/hakavati/ වෙත එකතු වන්න.
BLOG
බලා ඉන්නම් නුඹ වඩිනකන්කඳු ගැටිති නිල්වලා අතරින්..බලා ඉන්නම් දවල් වන විටලඟට ඇවිදින් හිස සිඹිනකන්..බලා ඉන්නම් රක්ත නයනින් කඳුල වුව හැර පලා යනකන්..බලා ඉන්නම් හෙට වඩින්නේමා බලන්නැයි සිත සනසමින්.
BLOG
මහින්ද රාජපක්ෂ මහත්තයා ෆයිනල් මැච් එකක් බලන්න ගියොත් මැච් එක පරදිනවා කියලා අපේ සමාජයේ ලොකු විශ්වාසයක් තියනවා. ඒකට හේතු වෙලා තියෙන්නේ පැරදුණු ෆයිනල් මැච් 04කට ද කොහෙදෝ එතුමා ගිය එක.මහින්ද මහත්තයා ගියා කියලා මැච් එකක් පරදිනවා කියන හනමිටි අදහස්වල නම් මම නැහැ. හැබැයි මෙහෙම වෙන්න පුළුවන්..මානසික නිදහස-මානසික විශ්වාසය යම් කටයුත්තක් සාර්තක කර ගන්න ඉතා වැදගත් වෙනවා. දැනට සමාජයේ තියන මතවාදය එක්ක මහින්ද මහත්තයා පැමිණීම නිසා ම අපේ ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ජයග්‍රණය පිළිබද පූර්ව විශ්වාසය/ජවය බිදවැටීමෙන් පරාජයේ අමිහිරි සිතුවිලි එක්ක තරගයක් පරාජය වීමේ ඉඩකඩ තියනවා. ඒක හින්දා එතුමා ගෙදෙට්ට වෙලා ඉන්නවනම් අපිට හොදයි.අනිත් එක මහජන සල්ලිවලින් දුවන ගුවන් යානා අරගෙන වටා පිටාවේ ඉන්න හෙංචයියො ටිකත් දාගෙන මැච් බලන්න පිටරට සවාරි යන එක පොදු ජනතාවගේ පැත්තෙන් කොහොමත් හොද නැහැ.
BLOG
මේ කවිය මුලින්ම පලකලේ 2013 ජනවාරි 5 වෙනිදා ... මෙතනින් ගිහින් එය බලන්න හැකියි. අපි එයාව වැඩිය ගණන් ගන්නේ නැතිව ඉන්නවෙලාවටඔය ෆොටෝ එකේ ඉන්න විදිහට ෆුල් මනෝ පාරක් දා ගෙන ඉන්නවා. ෆොටෝ එක ගත්තට පස්සේ මට හිතුන එයාට මෙහෙම හිතෙනවා ඇති කියල.යාළු යාළුයාළු...කොහෙද ඔයායාළු...නැතිව ඔයා යාළු ...මට භරියට පාළු.නමුත් අද වෙනකොට ඔයා අපෙන් වෙන්වෙලා ගිහින් මාසයක් ගතවෙනවා... ඇත්තෙන්ම මේ කවිය දැන් සාධාරණ වෙන්නේ අපටයි. ඇත්තෙන්ම ඔයා නැතිව අපිට හරිම පාළුයි ආදරණිය බෙන්ජි... ඒ පාළුව මුළු ජිවිත කාලයටම තියේවි..යාළු යාළුයාළු...කොහෙද ඔයායාළු...නැතිව ඔයා යාළු ...මට භරියට පාළු. බෙන්ජි, ඔබගේ වෙන්වීමෙන් මට එක් දෙයක් ප්‍රත්‍යක්ෂ උනා.. ඒ තමයි අපි ආදරය කරන අය අපට කොතරම් වැදගත්ද යන කාරණය වඩා හොඳින් වැටහෙන්නේ ඒ අය අපට නැතිවූ විට බව. ඒ නිසා අපේ මේ කෙටි ජිවිත කාලය තුලදී, අපි ආදරය කරන සියලුම දෙනා ඉතා හොඳින් රැකබලාගෙන ඔවුන්ට උපරිම ලෙස ආදරය දැක්විය යුතුබව මගේ හැඟීමයි.මගේ ආදරණිය මිතුර මේ පාඩම මට කියාදුන් ගුරුතුමා ඔබයි. මේ සටහන ඔබට උපහාරයක් වේවා.
BLOG
අපේ තාත්තා හරි ආසයි වගා කරන්ඩ. ඒ නිසා අපේ ගේ පැත්තකින් තියෙන පොඩි ඉඩෙත් තාත්තා වගා කරනවා. වගා කරන එක වගේම තමා අපේ පැත්තේ හැදෙන්නේ නැති එළවලු පලතුරු ජාතිත් ගෙවත්තේ වවලා බලන්න උන්දෑ හරිම මනාපයි.ඒ නිසා අපේ තාත්තා එක වතාවක් ස්ට්‍රෝබෙරි වැව්වා. තව වතාවක් ලොකාට් හිටෙව්වා. දැන් ආසාව තිබ්බේ ඩ්‍රැගන් ෆෘට් හිටවලා බලන්න. මේ වැඩේ නං අති සාර්ථකයි. මලුත් ආවා . ගෙඩිත් ආවා .මලක් හැදීගෙන එනකොට මුලින්ම තියෙන්නේ පොහොට්ටුව නෙව. ඕං ඔය පල්ලෙහා පින්තූරු කෑල්ලේ තියෙන්නේ ඒ පොහොට්ටුව .ඊට පස්සේ තියෙන්නේ පිපීගෙන එන මල...මේ මල නිකන් හරියට පතොක් මලක් වාගේ.ඔය පහලින් තියෙන්නේ විකසිත වෙච්ච මල.. ඔය මල පිපිලා වැඩි වෙලාවක් තිබුනේ නෑ. පෑ ගණනක් තිබිලා ටික ටික ඇකිලෙන්න ගත්තා. අපේ තාත්තගේ හිතේත් මලක් පිපුනා වාගේ .ඊට පස්සේ ටික කාලෙකින් රතුවට ඩ්‍රැගන් ෆෘට් ගෙඩියක් හැදුනා. පහලින් තියෙන්නේ ඩ්‍රැගන් ෆෘට් ගෙඩිය .ගෙඩිය පැහුනට පස්සේ අපි කට්ටිය ඒක කපලා කන්න ගත්තා... පොත්තේ රතට රැවටුනාට ගෙඩි ඒ තරම්ම රහ නෑ.. බ්ලෙන්ඩරේ දාලා බීමක් හැදුවා. පුඃ... අමු වැටපෝරු ලීයක පොත්තකින් එන සුවඳක් එන්නේ. හරි අමාරුවෙන් බී ගත්තේ.පහලින් තියෙන්නේ අපේ ඩ්‍රැගන් ෆෘට් වැල... මේ පලතුර කොලෙලෙස්ටරෝල් වලට හොඳයි කියන්නේ... දෙයියනේ කියලා අපට නම් කොලෙස්ටරෝල් ලෙඩක් හැදිලා නෑ.. හැදෙන්ඩත් එපා . :).
BLOG
උපාලි විජේවර්දන 1983/පෙබරවාරි 13 වනදා ගුවන් අනතුරකින් මිය ගියා යැයී විශ්වාස කල උපාලි මහතා වසර 26 ක්ම මෙක්ෂීකොවේ ඉස්ලස් මරියස් නම් සිරගෙදර මත්ද්‍රවය ප්‍රවාහන මොලකරු චෝදනාවකට සිර දඩුවම් විදිමින් සිට ඇත. 1980 දශකයේ ලංකාවේ නමගිය මිලියන හිමියකු වූ උපාලි විජේවර්දන තමන්ගේ ව්‍යාපාරය කුඩු ව්‍යාපාරයෙන් දියුණු කරගත් බව තතු දත්තෝ දනිති. මැලේසියාවේ කොකෝවා වතු මිලදී ගෙන තිබු මොහු චොක්ලට් සමාගම් ව්‍යාපාරිකයෙකු ලෙස ප්‍රසිද්දිය දිනා සිටි නමුදු ජාත්‍යන්තරව එවකට මොහු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ලෙස ඇමරිකාවට අවශ්‍යව සිටි අයෙකි. ලංකාවට වඩා මෙක්සිකොවේ තම මුදල් තැන්පත් කර තිබු මොහු 1983 පෙබරවාරි 13 වන අගහරුවාදා තමන්ගේ ජෙට් යානය කඩාවැටීමෙන් දිවිගලවාගෙන ඇත්තේ ජාත්‍යන්තර මුහුදු මාර්ගයේ ගමන් කරමින් තිබු නැවකට පින්සිදු වන්නටයී. පසුව ලංකාවේ සුළු ව්‍යාපාරත් බිරිදත් අතහැර මැලේසියානු බිරිද සමග රහස් ජීවිතයක් ආරම්බ කොට ඇති මොහු සැගවුණු ජීවිතය තුල ලෝකයේ අංක එකේ මත්ද්‍රවය වෙළෙන්දෙක් වී ඇත්තේ රාෆායල් කරෝ යන නමිනි. මොහුගේ තිබු සමේ පැහැය නිසා මොහු මෙක්ෂිකො පෙනුමක් ගෙන ඇත. මොහුගේ ගුවන් අනතුරින් පසුව ඉන්දුනීසියා සහ මලයාසියා නාවික හමුදා ඒකාබද්දව මලක්කා සමුද්‍රයේ පරීක්ෂණ පැවැත්වුවද මොහු සමග ගමන් ගත් අනෙක් පස්දෙනාගේ තොරතුරක් වත් සොයාගැනීමට නොහැකි වී ඇත. මොහුගේ ජෙට් යානය ක්වාලා සෙලෙන්ගර් ප්‍රදේශයෙදී ගුවන් ගත වී විනාඩි 20 කින් පසුව තොරතුරක් නැති වී ඇත. අතුරුදහන් වන විට උපාලි විජේවර්දනගේ වයස අවුරුදු 44 කි ජෙට් යානය පිටත් වුයේ සුබැන්ග් ගුවන් තොටුපොලෙනි. සත්‍ය තොරතුරු අනුව ගුවන් යානයේ බෝම්බයක් සවිකොට ඇතිබව ජෙට් යානයට දැනගැනීමට ලැබුණු මොහොතේම සියලුදෙනාට පෙර උපාලි මහතාව ජීවිතාරක්ෂක කබා සමග බිමට හෙළා අනෙක් පිරිස සුදානම් වනවාත් සමග යානය පුපුරා ගොස් ඇත. මෙහිදී විසිවුණු කැබැල්ලකින් එම මහතාට දරුණු තුවාල සිදුවී ඇත. මුහුදේ පාවෙමින් සිටියදී නැවක් විසින් වාසනාවකට බේරා ගැනීම ගැන ඒ මහතා අප සමග කියා සිටියේ. “මම නැතිවුණා කියලා අනිවාර්යෙන්ම කැළණි හාමුදුරුවෝ මට සෙත් පතන්න ඇති එකයී මට ජීවත් වෙන වාසනාව උදා වුනේ. කැලණි පන්සලේ හාමුදුරුවන් සහ පොඩි හාමුදුරුවන් ආදරෙන් මතක් කරන උපාලි මහතා” මම 1983 සැප්තැම්බරේ නැවත මලයාසියාවට ගියා වෙන නමකින් යනකොට බිරිදට දරුවා ලැබිලා. එත් එක්කම මම එයා එක්ක වෙනම ජිවිතයක් පටන් ගන්න නැවෙන් මෙක්සිකොවට ගියා. මම එහෙ මගේ සල්ලි වලින් අලුත් ජීවිතයක් පටන් ගත්තා. නමුත් මගේ මිතුරන් මාව පාවලා දුන් නිසා මම පොලිසියට හසු වුණා ඔවුනට අවශ්‍ය වුනේ මගේ සල්ලි විතරයී. මට සල්ලි නිසා මගේ බිරින්දැවරු දෙදෙනාම නැතිවුණා දරුවත් නැතිවුණා මම වසර 45 කට හිරේ ගියේ. නමුත් මම හිරේදී හොදින් හිටියා සෙන් බුද්ධාගමේ පොත් හැකි තරම් කියෙව්වා මුලදී මට ගහල හිරේදීම මරන්න හැදුවා නමුත් මම බේරුනා. පසුව මට අන්තර්ජාලයෙන් දැන ගන්න ලැබුණා මම වෙනුවෙන් නිතර කැලණියේ පුද පූජා කල බව ඒ නිසා වෙන්න ඇති.” තම චිත්‍රපටයක් වැනි අතීතය සිහිකරමින් අප සමග පැවසු මොහුට අද අවසානයේ ඉතිරව ඇත්තේ එදා සොච්චම් ව්‍යාපාරයක් වූ උපාලි ව්‍යාපාරය පමණය නමුත් මොහු ලංකාවට දුරකතනයෙන් ඇමතුවද ලැබී ඇත්තේ පිළිගැනීම් නොව මරණ තර්ජනයී. වෙල්ගම සහෝදරයින් දැන් ඇදුම් ගැලවීමට කාලයයි අපට හමුවූ උපාලි මහතා පැවසු එක දෙයක් සදහන් කිරීමට කැමති “මට නිමල් වෙල්ගම කිව්වා” උපාලි උබ දැන් මැරිලා ඉවරයී උබට ඕනෑතරම් කොම්පැනියේ සල්ලිවලින් පින් දුන්නා උබව ආපහු මැරුවට කාටවත් නඩු නැහැ ඒ නිසා මෙහෙ එන්න එපා” නමුත් ජීවිතයේ අනෙක කම්කටලු අත්දැකීම් විද ඇති උපාලි මහතා මෙම දිනවල තමන්ගේ මහලු වයසේදී එකම පුතාව සහ මැලේසියානු බිරිදව සොයමින් සිටි. මුදල් වවලට වඩා වටිනා දේවල් මට තියෙනවා ඒවත් නැති වුණා දාට මම ලංකාවට එනවා ගුවන් තොටුපොළට එන්න පෙරම මාධ්‍ය කරුවන් කැදවලා ඊට පස්සේ බලමු මාව මරණ හැටි අපේ පරපුරේ පණ හයියයී” විජේවර්දනලා, ජයවර්දනලා අකාලේ මරුනේ නැහැ. LANKALEAKS විශේෂ වාර්තා කරු විදුර සමරසිංහ මහතා මෙක්සිකොවේ සිට වාර්තා කරයී. උපාලි මහතගේ තොරතුරු දැනගැනීමට කැමැත්තක් දක්වන යමෙක් ඇත්නම් lankalekas skype මගින් අපගෙන් යුරෝපයේ දහවල් වෙලාවලදී විමසිය හැක. නැතහොත් vidurasamara [email protected] වෙත දැන්විමෙන්ද පුළුවන.
BLOG
ජිවිතය.... හරි හුරුපුරුදු මාතෘකාවක්....මගේ ලියවිලි අතර,ඒ නිසාම ජිවිතය ගැන හිතන්න වැඩිපුරජීවිතය හරියටම දියපහරක් වගේ...විටෙක නිහඩයි..විටෙක රුදුරුයි....තවත් තැනක හිතාගන්න බැරිතරම්ම ලස්සනයි...ඒ වගේම,නිසල දියේ ගැඹුරටම යනකම් පේනව... පිවිතුරුව වනතරමට ලස්සනයි....හැබැයි ඒ දියම බොර වුනාම...කිසිදෙයක් තේරුම් ගන්න බෑ....ඒකයි මම ජිවිතය දියපාරක් කිව්වෙ....ජිවිතය පුළුවන් තරම් නිසලව නිහඩව ගෙවන්න...එතකොට ආදරණීය ලස්සන ජීවිතයක් උරුමවේවි.
BLOG
එඩ්වඩ් මෝඩේක් යනු 19 වන සියවසේ විසූ පුද්ගලයෙකි.ඔහු සාමාන්‍ය මිනිසුන්ට වඩා වෙනස් පුද්ගලයෙකි.සාමාන්‍ය මිනිසුන්ට තිබෙන මුහුණට අමතරව ඔහුගේ හිස පිටුපසින්ද තවත් මුහුණක් පිහිටා තිබීම මෙම අසාමාන්‍යත්වයට හේතුවයි.එම මුහුණට කතා කිරීමේ හැකියාවක් හෝ ආහාර ගැනීමේ හැකියාවක් නොමැති වුවත් එයට සිනහාවීමේ හැකියාව හා ඇඩීමේ හැකියාව පැවතිනි.එඩ්වඩ් හට තම හිසට පිටුපසින් ඇති එම මුහුණ මහත් කරදරයක් විය මන්ද එම මුහුණ රාත්‍රී කාලයේදී ඔහු නිදන විට රැය පහන්වන තුරුම අඩමින් හේ සිනාසෙමින් ඔහුගේ නින්දට බාධා කරන්නට විය.මෙම කරදරයෙන් මිදීමට එඩ්වඩ් ‍‍වෛද්‍යවරුන් කරා ගොස් තම ගැටලුව පවසා මුහුණ ඉවත් කරදෙනමෙන් ආයාචනා කලද එයට යහපත් ප්‍රතිචාර නොලැබිනි.අවසානයේ වයස අවුරුදු 23 දී එඩ්වඩ් මෝඩේක් සියදිවි හානී කර ගත්තේය.(මෙය සත්‍ය සිද්ධියකි.)-මෙය ජායාරූපය Edward Mordake නැමැත්තාගේ අනුරුවකි.-මෙය ඔහුගේ සැබෑ ජායාරූපයකි.
BLOG
මාලනි බුලත්සිංහලගේ "අනේ පුංචි කාලිදාස" ගීතයේ තාලයට ගායනා කරන්න. අසා නැත්නම් ගීතය මෙතනින් ගන්න. අනේ මචං නානසාර...ගිරි පුප්පා කියන වීර කතා...අහං ඉන්න බෑ...මට වටරැක විජිත වෙන්න බෑ...පත්තරයේ තීරු පෙළේරූපවාහිණී අතරේ..තවුසන් තඩි ටෝක් දීදී...නටයි ජවනිකා..ජාතිවාදේ මනෝරංග සිහිනය නපූරුයි...අනේ මචං නානසාර...රජපවුලේ දෙටු කුමරුන්එක්කලා හුරතල් වෙනහැටිහරිම සුන්දරයි...අනේ මචං නානසාර...ගිරි පුප්පා කියන වීර කතා...අහං ඉන්න බෑ...මට වටරැක විජිත වෙන්න බෑ...අනේ එපා වෙනස් වෙන්ට...බොදු බලේ වැටේවි...දෙකක් දාං කාරෙක එළවන්ට ගනීවී...එහෙම උනොත් රජ මැදුරේ ගිනි ඇවිලේවී...අනේ මචං නානසාර...කාලය ඉගිලිලා යන්නේ...වජ්‍රා අතේ තියෙන අයට,එරෙහි නෙවෙන් බං...අනේ මචං නානසාර...ගිරි පුප්පා කියන වීර කතා...අහං ඉන්න බෑ...මට වටරැක විජිත වෙන්න බෑ.
BLOG
හිරු කිරණ රැස් දැකමිලින වන බව දැනගෙනතණපත් අග තුහිනවිලස ක්ෂය වන තනිමලමිය ඇදෙන හැඩ කයගිලී සැඟවෙන දෙනයනසුපුන් සඳ පැරදුනසිනා වියැකුණු තනිමලපෙති එකිනෙක විසිරතැලි පෑගි පොඩි වනපා අසල හිනැහෙනඅනේ අසරණ තනිමලසිහිනය මත ඉපිදසිහිනය මතින් මියැදෙනසිතුම් පොදි රැකගෙනලොවට රහසින් මියෙයි තනිමල.
BLOG
මෙකේ නම තමා ටැන්කි ඔන්ලයින් Play කරන්නත් වැඩිය Data කැපෙන්නේ නෑ සුපිරිම Game එකක් තමා මේක සමහර අයනම් දන්නවත් ඇති නොදන්න කස්ටියට තමා කියන්නේ Need For Speed Game වල වගේ මේකෙත් අපි සෙල්ලම් කරන ටැන්කිය හදා ගන්න ඕන මෙකේ එක එක Rank තියනවා ඒවත් මම පහලින් දාන්නම්කො මේ තමා Logo එකමේ තමා Rank ටිකමේ තියෙන්නේ Play කරන Button ටිකමෙන්න ලින්කුවඅහ් මෙකේ හැමදාම Log වෙනවට Bonus හම්බවෙනවාපහලින් Screen Shot ටිකකුත් දාන්නම්කෝ බලන්න.
BLOG
මම ඔයාලට මිට පෙර පොස්ට් එකකින් කියලා දුන්න මතක ඇති පිටරටින් බඩු අනතර්ජාලය හරහා ඉතා අඩු මිලට ගෙන්වා ගන්නා ආකාරය.ඇත්තටම කියනවා නම් ලංකාවෙන් ගන්නවාට වඩා ගොඩක් අඩුවට බඩු ගෙන්වා ගන්න පුළුවන්.මේ වැඩේ කරන්න කඩ්ඩ ටිකක් තියෙන්න ඕනා.මොකද ඔය සියලුම වෙබ් අඩවි වල සිංහලින් ඕවාදාලා නැහැ..ඉංග්‍රීසි භාෂාව ඔබේ අනාගතය සදහා දැන් ඉතා වැදගත්බව කිව යුතුම කරුණක්..විශේෂයෙන් කියන්න ඕනා දැන් ලංකාවේ හුගක් පාසල් වලට අන්තර්ජාල පහසුකම් සහිත විද්‍යාගාර ලැබිලා..ගොඩක් සිසුන් අපේ බ්ලොග් එක කියවනවා කියල ආරංචියි..පාසල් වල සිසුන් විශාල ප්‍රමාණයක් මට කියලා එවලා තිබුනා අන්තර්ජාලයෙන් ගෙදරටම බඩු ගෙන්වා ගන්න විදිහ තව ටිකක් කියලා දෙන්න කියලා..ඒ හැමෝට හරියන්න තමයි මේ පොස්ට් එක බලන්න ඔබේ ගැටලුවටත් පිළිතුර මෙහි තිබේද කියා..අන්තර්ජාලයෙන් බඩු ගෙන්වීමේදී සැලකිය යුතු කරනු..1.සෑම විටම පාහේ වෙබ් කාඩ් එකක් භාවිතා කරන්න.(සම්පත් බැංකුවේ වෙබ් කාඩ් එකක් වඩා හොඳයි..)2.ක්‍රෙඩිට් කාඩ් භාවිතා කිරීමේදී වඩා පරෙස්සම් වන්න..3.කුඩා අයිටම් හා මිලෙන් අඩු අයිටම් ගෙන්වන්න..4.paypal හරහා ගනුදෙනු කරන්න..5.ebay අඩවිය භාවිතා කරන්න..6.ඔබගේ email ලිපින වෙත බලෙන්ම එන වෙබ් අඩවිවලට මුදල් ගෙවීමෙන් වලකින්න.7.ඉන්ටෙර්නෙට් කැෆේ වලින් වෙබ් කාඩ භාවිතා කල පසු සියලු ගිණුම් වලින් ඉවත් විමට වග බලා ගන්න8.ලන්සු තබා භාණ්ඩ මිලට ගන්න..9.ඔබට විශ්වාස අඩවිවලින් පමණක් භාණ්ඩ ඇනවුම් කරන්න..10.ඇනවුම් කිරීමට ප්‍රථම භාණ්ඩය පිලිබඳ සියලු විස්තර අදා වෙබ් පිටුවෙන් හොයා ගන්න.11.බොහෝ විට සති දෙකක් ඇතුලත භාණ්ඩ ලැබිය යුතුවේ.එසේ නොවේ නම් seller දැනුවත් කරන්න..12.ඔබ ගෙන්වූ භාණ්ඩ වල ලැයිස්තුවක් පිළියෙළ කර ගන්න.13.ඔබේ වෙබ් කාඩ් වලට හෝ වෙනත් ගිණුම් වලට අදාළ කිසිදු දත්තයක් කිසිවකුට නොදෙන්න.14.නොමිලේ ප්‍රවාහනය කරන මිල අඩු භාණ්ඩ ගෙන්වන්න.15.බරින් වැඩි භාණ්ඩ ගෙන්වීමේදී tax ගෙවීමට සිදුවිය හැක.16.යම් භාණ්ඩයට මුදල් ගෙවීමට පෙර එය ලංකාවට එවන එකක් ද යන්න හොඳින් විමසා බලන්නන.මේ තියෙන්නේ මට පහුගිය දවසක ගෙදරටම ආපු පෙන් එකක්.. ඒක සුපිරියටම වැඩ..ඔබට ජය.
BLOG
කාලෙකින් මුකුත්ලියන්නත් බැරි උනා... ඇත්තම කිවොත්ඉයන්න දෙයක් හිතට එන්නෙම නැ මේ කාලේ මොකද මන්දා... ලිය වෙන්නේ නැති නිසා බ්ලොග්කියවෙන්නෙත්නැ...හැම මාස 6කටම සැරයක් මමත් ඉතින් ෆේල් වෙන්න එක්සැම් ලියනවනේ...සෝ මේ දවස් වල එකට රේඩිවෙන්න ඕනා... රේඩිවෙන්න කීවට ඔන්න අදයි නොට් එකක් හොයා ගෙනආවේ...සෝ තව ඉතින් සතියක් දෙකක් තියනවනේ ....සාමන්යෙන් මම මුණු පොතට ටිකක් විතර ඇබ්බැහි වෙලා කියන එක මට තේරෙනවා... හැබැයි චැට් කරන්න මල් කඩන්න එහෙමත් නෙමේ.. හැබැයි මම චැට් කරන වනම් පොඩි දේවල් ටිකක් කරනවා.. මොකද මමත් ඕන තරම් ඒ කලේ ෆේක් ඒවා එක්ක සෙල්ලම් කරලා තියනවා... දැන් නම් ෆේක් ඒවා එක්ක ඇත්තෙම නැති තරම්... ( නැ ම කියලා කියන්නත් බැ)මොනවා උනත් මුණු පොතේ ටිකක් ෆ්‍රෙන්ඩ්ෂිප් පරණ වෙලා තියන ගර්ල්ස් බෝයි ඕන කෙනෙක් එක්ක චැට් කරනවා උනත් විශේෂයේනම් මම ඉතින් ඔය ගැනු ළමයි එක්ක චැට් කරනකොට වැඩියෙන්ම ඒ ය එක්ක කතා කරලම තහවුරු කරගන්න ඕනා මේ ඇත්තටම ගැහැණු ළමයෙක්මද කියලා.... මොකද ඉතින් ෆේක් ඒවා වැහි වහලනේ... සෝ එකට ඉතින් මොබයිල් ෆෝන් එක නම් යුස් කරන්නම වෙනවා...මම නම් මුණු පොතේ චැට් කරන්නේ ලව් කරන්න නෙමේ ඇත්තටම ටයිම් පාස් කරන්න විතරයි.. සෝ අනික ඉතින් තාම නම් මම තනිකඩ නිසා එහෙම උනත් කාටවත් වැඩක් නැනේ. සෝ එත් කියනවනේ මොනවා උනත් බුකියෙන් නම් කෙල්ලෙක් කොල්ලෙක් හොයා ගන්න එපා දෙන්නා දෙපැත්තට වෙලා ස්ටේටස් එහෙම දා දා ඉදිවී හැමදාම කියලා..ඉතින් මෙහෙම නම්බර් එක දෙන අයත් ඉන්නවා නැති අයත් ඉන්නවා. හිතන්න එපා මම චැට් කරපු ගමන් අනිත් පැත්තට නම්බර් එක ඉල්ලනවා කියලා එහෙම නම් නැ මටත් හිතට ඇල්ලුවොත් චැට් කරනකොට. චැට් එක ටිකක් දිගට ගියොත් විතරනේ ඔය වැඩේ වෙන්නේ.. ඔහොම දවසක් දෙකකින් නම්බර් එක දෙන්න බැරි ය ඉන්නවනම් ඇත්තටම මම ඒ අය එක්ක චැට් කරන්නේ නැ...මම මේ එක කියන්නම නෙමේ ගියේ.. සමහර අය මොබයිල් නම්බර් එක දෙන්න ගොඩාක් බය අය ඉන්නවා. මට හිතාගන්න බැරි ඇයි කියල.. මොකක්ද එකෙන් වෙන්නේ ඇත්තටම මොනවද මොබයිල් නම්බර් එකෙන් කරන්න පුළුවන්.. කරන්න පුළුවන් කතා කරන එක ටෙක්ස්ට් කරන එකනේ මුලික වශයෙන්ම.. ඉතින් කැමති නම් කතා කරන්න කැමති නම් ටෙක්ස් වාට රිප්ලයි යවන්න පුලුවන්නේ.. කවුරු හරි වදයක් වෙනවනම් ඔය ඕන තරම බ්ලොක් ඇප්ලිකේෂන් තියෙන්නේ එකක් දාගෙන බ්ලොක් කරලා දන්නා පුළුවන්නේ... ඉතින් ඔහොම කරලා දන්නා පුළුවන් වෙනකොට ඉතින් මොබයිල් ෆෝන් නම්බර් එකකට මාත් එක්ක වලියක් දාගන්න ආවා ෆේක් එකවුන්ට් එකක ගලිෂ් බෝයි කෙනෙක් නම රජිත මාධව ලු.. ජපුර කැම්පස් එකේ රිසර්ච් එකක් කරනවලු ෆේස් බුක් එක ගැන.. මට එයා ( ෆේක් එකේ උන්නේ කෙල්ලෙක් නේ ) නම්බර් එක ඉල්ලන කිසිම අවශ්‍යතාවයක් තිබුනේ නැ. මොකද චැට් කලෙත් එදාමනේ...එත් ඕනාවට වඩා බැංකුව ගැන විස්තර අහන්න අව නිසා වැඩ කරන තැන ගැන කියපු දේවල් මම දන්න තරම් වත් නොදන්නා නිසා මගෙන් බෑන්ක් එක ගැන අහපු දෙයකට උත්තර දෙන්න චැට් එකෙන්ම බැරි නිසා මම පුලුවන්නම් මොබයිල් නම්බර් එක දෙන්න පුලුවන්ද අහපුවහම ඉතින් එකට මාර විදිහට කේන්ති අර ගෙන නම්බර් එක ඉල්ලලා විනාඩි 30 කට විතර පස්සේ කියවන්න ගත්තේ නැතිද.මට නම් මොබයිල් නම්බර් එක ලොකු ආරක්ෂා කරගන්න දෙයකුත් නේම්... පස්සේ එයාගේ කියාගත්තු නම්බර් එක දුන්නත් මම ඒ පස්සේකියවන්න ගන්නකන්ම මම කෝල් කලේ නම් නැ මොකද මට නම්බර් එක ඕඅන උනේ අහපු දේට උත්තර දෙන්න ඕන නිසා විතරක් හින්දා.. එහෙම දෙයක් දන ගන්න ඕනේ නැත්නම් ඉතින් මම කතා කරන්න ඕනේ නැනේ...මට නොතේරෙන එකම ප්‍රශ්නේ මොබයිල් නම්බර් එකක් දන ගත්තා කියලා මොනවද කරන්න පුළුවන්... වදයක් වෙනවනම් අර දේත් කරන්න පුලුවන්නම්.
BLOG
මගෙ මේ ආදර කතාව පටන් ගන්නෙ කොයි අවුරුද්දෙ ද කවද ද කියල නම් මම කියන්නෙ නෑ... හැබැයි ඔයාලට ඒක හොයාගන්න පුලුවන් වෙයි... ඒත් මම මේ කියන්න යන ආදර කතාවෙ කිසිම දෙයක් බොරුවක් නෙමෙයි.. ඒක මට දිවුරල කියන්න පුලුවන්...මගේ මේ පුංචි ආදර කතාව සම්බන්ධව ලියවෙච්ච පෝස්ට් කීපයක් තියෙනව...මේ තියෙන්නෙ ඒවල තියෙන සමහර උපුටාගැනීම් සමඟ ලින්ක්..."ඒ චරිතය හරි අමුතු විදියට මාව එයාට නතු කරගත්තෙ....කොයි තරම් ද කියනව නම් දැඩි හිතක් එක්ක දැඩි ප්‍රතිපත්ති තිබුන මාව බලල් පැටියෙක් වගෙ එයා ඔන්ලයින් එන වෙලාවට මාවත් ඌන්ලයින් ගෙන්නව ගන්න සමත් උනා.තවත් පුදුමයක්.මගෙ ෆේස්බුක් යාලුවො හොඳටම දන්නව, මම ෆේස්බුක් දවසෙම ලොග් වෙලා හිටියත් ඔන්ලයින් නම් යන්නෙ නැති විත්තිය.""ඒ වගේම මේ කෙල්ලත් එක්ක යාලු වෙන කොල්ල කොයි තරම් බුද්ධියෙන් වැඩ කරන කොල්ලෙක් වෙන්න ඕනද මේ කෙල්ලව හසුරවන්න.මම කියන්නෙ හොඳ විදියෙ කොල්ලෙක් ගැන. මොකද බුද්ධිමත් කොල්ලෙක් නම් මම තේරුම් ගත්ත වගේ මෙන්න මේක තේරුම් ගන්නව මේ සිද්ධියෙන්, "මේ ලෝකෙ තමන් ගොඩක්ම ආදරේ කරන තමන්ව චූටි කාලෙ ඉඳල ලොකුමහත් කරල අවුරුදු දහ අටක්ම හොඳින් බලාගත්තු තාත්තට මෙහෙම කරන්න පුලුවන් නම් එයාට වෙන කෙනෙක්ගෙ ආදරයක් වෙනුවෙන්.., ඒ අවුරුදු දෙක තුනක ආදරයක් තියෙන වෙන කෙනාට ඔයිටත් වඩා කොයි තරම් දේවල් කරන්න පුලුවන් වෙයි ද... තාත්තට මෙහෙම නම්..."""අපි එහෙම අපේ හිත් රවටගන්නෙ.... අපේම හිත් හදාගන්න නේද කියලත් හිතෙනව... ඒක එහෙම නම්.. තමන්ගෙ හිත රවටගන්න එකෙත් වරදක් නෑ වගෙයි නේද.""එයාලටම එයාලව තේරුම්ගන්න බැරි...එයාලටම එයාල ගැන තේරෙනෙ නැති..එයාලටමඑයාල බලාපොරොත්තු වෙන්නෙ මොනවදකියල තේරුම් ගන්න බැරි.. කොයි තරම් ඒක කියල දෙන්න හැදුවත් තේරුම්ගන්නෙ නැති අය ගැන(සමහර විට අර කියනවත් වගේ ඉන්න විසේකාර වයස නිසා ටිකක් තේරුම්ගන්න අමාරු කාලෙ නිසා වෙන්නත් ඇති.)එහෙම අය ආදරේ කියන දේ වැරදියට තේරුම්ගන්නව...""සමහර විට වෙන යාලුවෙක් එක්ක කතා කර කරසතුටු වෙනකොටතමන්ට ගොඩක් ආදරේ කෙනෙක් ඉන්නව නේද../..ආදරේ කරපු කෙනෙක් හිටිය නේද කියන එකත් අමතක වෙයි.. මොකද ඒක... ආදරේ... ඒක ආදරේම උනා නම් කෙල්ලෙක්ට/ කොල්ලෙක්ට තමන්ගෙ හෘද සාක්ෂියට එකඟව එහෙම දෙයක් කරන්න අමාරුයි.. කොයි තරම් උනත්වෙන කෙනෙක් තමන්ට ලං වෙද්දි තියා ලං වෙන්න හදනව කියල දැනෙනකොටත් ඒ කෙනා ගැන විකර්ෂණයක් ඇති වෙන්නෙ සැබෑ ආදරේ දි විතරමයි....."මුලින්ම මගෙ කතාවෙ එන චරිත වලට ආදර්ශ නම් දෙන්නම්... ඇත්ත නම් කියන එක හරි නෑ නෙ....ප්‍රධානම චරිතය - ආදරවන්තිය නයනිආදරවන්තියගෙ මව - මැණිකේආදරවන්තියගෙ පියා - සමන්ආදරවන්තියගෙ සහෝදරයා - විමල්ආදරවන්තියගෙ යහලු චරිත - කුමුදු, මලිත්, සිතුම්, නිමන්ත, ශ්‍යාමල්, පළිඟු, ශෙහානිමෙන්න චරිත ගැන විග්‍රහය - මේ කතාවට ආදරවන්තියගෙ මව සම්බන්ධයක් නෑ.. මොකද ඇය මෙතන නෑ.. නයනි චූටි කාලෙ, මයෙ හිතේ පහ හය වසරෙ ඉඳන්ම ඈව බලාගන්නෙ ඇගේ පියා සමන් සහ පියාගේ දයාබර මෑණියන් හා ඇගේ සහෝදරයා විමල් විසින්.. පොඩි කාලෙ ඉඳලම නයනි ට පිරිමි ළමුන් ආශ්‍රයට ඉඩක් දෙන්නෙම නෑ ඇගේ පියාණන් හා සහෝදරය..... ඈව පසුව ඇතුලු කරනව ගැහැණු ළමුන් පමණක් විතරක් ඉන්න පාසලකට හත වසරෙදි පමණ මගෙ මතකයට අනුව නම්..කොටින්ම සාමාන්‍ය පෙළ හදාරද්දීවත් ඈව අමතර පංති යැවීමක් කරන්නෙ නෑ. මේ අතරතුර ඇගේ සහෝදරය දෙමවුපියන්ගේත් වැඩි කැමැත්තක් නැති උවත් විවාහ වී විදේශගත වෙනව. ඒ සඳහා වියදම් දරන්නේ නයනිගේ පියාණන් විසින්.මේ කාලය වන විට නයනිගේ පියාණන් හට පදිංචි ස්ථානත් කීපවරක්ම මාරු කරන්නත් සිද්ධ වෙනව යම් යම් ආර්ථික ප්‍රශ්න හා වෙනත් ගැටලු නිසාවෙන්..මීළඟ කොටස ඊළඟ පෝස්ටුවෙන්.. අහම්බයකින් මුහුණුපොත තුළදී නයනි ව හමු වීම.
BLOG
බිංදු පිනි දියපලිඟු කැට ලෙසමලක පෙති අගදිලිසුනා ..දැනුනු සීතලසිසිගේ කිරණෙහිහිරුගේ තුරුලේඅමතක උනා ..උනුසුමට මත්වීහිරුට පෙම් බැඳිපුංචි පිනි බිඳමියැදුනා .
BLOG
ආදරවන්තයන්ගේ දිනය වෙනුවෙන් බස් රේඩියෝ කණ්ඩායම නිර්මාණය කළ සුන්දර වැඩසටහනක්, ඊයේ රසික ඔබේ සවන අත් පත් කරගත්තා.. ඊයේ ආදර හදිස්සියක ඉඳලා අහන්න බැරි වුණ හැම ආදරණීයයෙකුටම එය අහන්න හැකි වන්න.. අපි මෙතැන එය නවාතැන් කරනවා.පිටපතට දායක කොටගත් නිර්මාණයන් හි හිමිකම දරණා සියලු චිරන්තන සහ අද්‍යතන ලේඛකයන් කෙරෙහි බස්රේඩියෝ ප්‍රණාමය..මාර්ටින් වික්‍රමසිංහ - ගම් පෙරළිය [ නව කතා]මහේෂ් මධුරංග - අතීතයේ පිහි තුඩ,ග [පද්‍ය]රචින්ත ජයවර්ධන - පා පුවරුවක ඉඳගෙන ගියෙමි [ කෙටි කතා]පාව්ලෝ කෝයියෝ - මිනිත්තු එකොළහේ කතාව[ නව කතා]ලිෂාන් පුවක්ඕවිට - යුක්තාණුව [කෙටි කතා]තරුරසී ප්‍රනාන්දු - නේහා ...[කෙටි කතා]එදිරිවීර සරච්චන්ද්‍ර - මළවුන්ගේ අවුරුදු දා[ නව කතා]පැතුම් පුංචිහේවා -වියළි හේමන්තයක වැලන්ටයින් රාත්‍රියක් [ සඟරා ලිපි ]විශේෂ ස්තූතිය - වැඩ සටහන සඳහා සිය හඬ දායකත්වය ලබා දුන්, සුපුන් සුදාරක වෙතට.ළඟදීම යළි හමුවෙමු.. නැවුම් චන්ද්‍ර සංධ්වනියක් සමඟ...ඊයේ චන්ද්‍ර සංධ්වනි වෙනුවෙන් නිර්මාණය වූ බැනරය.
BLOG
අදත් ඔයාලට අරගෙන ආවේ වැදගත් වන කුඩා මෘදුකාංගයක්අපි භාවිතා කරන පරිගණකයේ දෘඩාංග පිලිබඳ දැනුමක් අප සතුව තිබීම ඉතා වැදගත් මොකද මොනවා හරිහාර්ඩ්වෙයාර්ගැටලුවක් අවොත් එය නිවරදි කර ගැනීමට මෙන්ම හාර්ඩ්වෙයාර් අප්ග්‍රේඩ් කිරීමකදී මෙන්ම විවිධ පරිගණක සොෆ්ට්වෙයාර් බාවිතයේදී පරිගණකයේ දෘඩාංග පිලිබඳ යම් දැනුමක් අනිවාර්යයෙන් අප සතුව තිබිය යුතුයි.අලුතෙන්පරිගණකය ක්ගනිපුඅයෙක් නම් ඉතින් මේක ගොඩක් වැදගත් වෙයි. මේ මගින් ඔයාලට පුළුවන් පරිගණකයේ කයේ සියලු දෘඩාංග පිලිබඳ විස්තර බලාගන්නත්. ඒ පිලිබඳ රිපෝට් එකක් අරන් සේව් කරගන්නත් පුළුවන්.මේක ඉන්ස්ටෝල් කිරීමක් අවශ්‍ය වෙන්නේ නැහැ රන් කරන්න විතරයි තියෙන්නේ එහෙනම් ඉතින් ඔයාලත් අරගෙනම බලන්න .
BLOG
කැසිනෝ ගහලා කාර් එකක් දින්න කතාව ඇත්තදඔව්. මම කැසිනෝ ගහලා කාර් එකක් දින්නා තමයි. ඒ කතාව ඇත්ත. මම ඒ කාර් එක දැන් විකුණලත් ඉවරයි. කැසිනෝ ව්‍යාපාරය රටේ නීත්‍යනුකූලව ලියාපදිංචි ව්‍යාපාරයක්නෙ.
BLOG
අද ලක්බිම පත්තරේ අපේ සිංහල බ්ලොග් 6ක ලිපි පළවෙලානෙ. ඒ බ්ලොග් අඩවි 6 තමයි,කැටපත් පවුරසිතූගේ සිතුවිලිමනුසත් උයනඅරුණි ශපිරෝ වෙතින්සංකල්පනාඅච්චාරුඉතින් ඒ අතරේ මගේ බ්ලොග් ලිපියකුත් තියනවා. මට දැනෙන්නෙ පුදුමාකාරසතුටක්.
BLOG
කොහොමද කට්ටියට ඔක්කොමල හොදින් ඇති කියලා හිතනවා අද මම කියන්නේ Mobile Application එකක් ගැන මෙම App එක අපේ Android Phone එකේ ස්ථාපනය කර ගත්තම මේ හරහා Apple, PC වගේ ඕනිම Device එකක් එක්ක File Share කරගන්න පුලුවන්. ඒ කියන්නේ Apple එක්ක Android එකකට File share කරගන්න Connect වෙන්න බැනේ මේ විදිහට File Share කරගන්න පුලුවන්. මේ App එකේ නම තමා "Zapya".මේකේ File Share කරගැනීමට වඩා ගොඩක් දේවල් තියනවා. 5MB වගේ File එකක් තත්පර 2 කින් විතර යවන්න ගන්න පුලුවන්. මේම මෘදුකාංගය මගින් කරන්නේ අදාල ජංගම දුරකථන හෝ උපකරන දෙක අතර Wi-Fi සම්බන්ධතාවයක් ගොඩ නගාගෙන ඒ මගින් Data හුවමාරු කර ගැනීමයි. දන්නවනේ Bluetooth වඩා කොහොමත් Wi-Fi වේගවත් කියල. මම හිතනවා ජංගම උපකරනයක තිබිය යුතුම ඇප් එකක් මේක කියලා.මෙන්න මෙතනින් ගිහින් එක කරගන්නඑහෙනම් ගිහින් එන්නම්.. කට්ටියටම ජය වේවා.
BLOG
රාජ සේවයේ පින්වතුන්ට යතුරු පැදි දෙන මහ පිංකම දැකළා කලබල වුන බස් ගැමුණුලාහීල්ලුවා අනේ අපේ මගියෝ ටික පිටරටින් ගෙන්නලා විකුනනා සේල් ගැමුණුලා යතුරු පැදි ගොඩ දැකලා හීල්ලුවා අනේ අපේ බිස්නස් ටික යතුරු පැදි නොලැබෙනා රාජ සේවේ අන් ගැමුණුලා අනිත් අයගේ එක දැකලා හීල්ලුවා අනේ අපටත් දියව් එක එක.
BLOG
ඇඩ්මන්ටයින් දම්වැල් හීතලෙන් ගැහෙනවානුඹ නැති දුකට ප්‍රොමිතියස්දම්වැල් වලට විතරමද දැනෙන්නේ මේ දුකගිරි බෙයද අස හැඬු කිඳුරියන්වත් කොයිබද.අසනි සර අවි සමඟ රිසිසේ කෙළින මහ දෙවිඅන්තේවාසික හර්මීස්බලය හා භීෂණයඛෙදා දෙනවා ප්‍රොමිතියස්යෙහෙන් දිගහැර අත මිටමිනිස් වග හට සෙත් පිණිසදෙව් ලොවින් සඟවා - සොරාගෙනඑදා නුඹ දුන් මහාර්ඝ වස්තුව''ගින්දර.''ගසා කනවා ලිහිණියන් - කඩ කඩා පපු කැවුතුමමුදුන්පත් හිරු යට නොවහීගඬු පිපෙන අඳුරෙදලෝකාන්තයේ තනිවුණමේ ගිරි දුදුල පාමුලරිදුම් දෙනවා හදවතවිනිවිදින බිය දැවටුණ - ඝනඳුරම පමණකි එදනුඹ නැති නිසා ප්‍රොමිතියස්දම්වැල් වලට විතරමද දැනෙන්නේ මේ දුකනුඹෙ දුකට හැඬු කිඳුරියන්වත් කොයිබද.බොත් උරා සාරය - සිදුරු කර ඇට මැස්සන්මුළු සමාජයේ දේහයකියන්නේ කවුද ප්‍රොමිතියස්මහ දෙවිඳු ගිජු නෙතට හසු වුණමහ දෙවි බිසව - හේරාරෝෂයෙන් උදස් කළඅයෝ - ආගෝස්හි රූබර කුමරියවෙත එදා ඔබ කියුරුදු අනාවෙක අන විනහිටියනම් අද දින - මහ කිවිඳු ඊස්කිලස්වත්ලියනවා සත්තයිප්‍රොමිතියස් බන්ධනය නොවමහ දෙවි චින්තනය පිළිබඳමේ මහා නාටකය අලුතින්දම්වැල් වලට විතරමද දැනෙන්නේ මේ වෙනසනුඹෙ දුකට හැඬු කිඳුරියන්වත් කොයිබද.දුටුවෙද නොඑන පිරිපතනුඹ නික්මෙන්න පෙර යමකාලවන් දරුවෙක් - දුන්නක් අතින් ගත් කුමරෙක්මාන්නා හීසර විදබිම ලන්න ගිජු ලිහිණින්ගලවාගන්න ලෝකයමේ හැකිලි ලූ යදමින්පරම්පරා දහ තුනකින්වත්ප්‍රොමිතියස් - වෙන්නට පෙර දකින්නාදම්වැල් වලට විතරමද දැනෙන්නේ මේ වෙනසගිරි බෙයද අස හැඬු කිඳුරියන්වත් කොයිබද.- ප්‍රසාද් නිරෝෂ බණ්ඩාර.
BLOG
නර්ථන ෂිල්පි කපිල පලිහවඩන ඉදිරිපත් කරන "Ripples on Water"මාර්තු 23 සහ 24 යන දින වල කොළඹ විහාර මහාදේවි එළිමහන් රංග පීටයේදී පවත්වනු ලබයි. ලොක ජල දිනයට සමගාමීව පවත්වනු ලබන මෙම උත්සවය සඳහා "International Water Management Institute"ආයතනය අනුග්‍රහය ලබා දේ.වැඩි විස්තර.
BLOG
4pt 0in 5.
BLOG
- මාතලන් - සාදන්නට විනය අම්මට සිරි ලංකා ර ටේතුන් වෙනි පාරටත් ගේමකි හැටට හැ ටේමේවා දකින මයි බොඩි ෆිෂ් ඉබේ නැ ටේඒ විතරක් නෙවෙයි කහනවා දකුණු ඇ ටේඅජ්ජා පනේ කෑ හරකා බලු නොව ටීදේශණ තියති කුක්කෝ ලව් කරන හැ ටීකරුමෙට නොමැති උන් වනනට උන්ගෙ නැ ටීසද්දය දමා පෙන් වති හැමි නෙනා හැ ටීකනකොට හොඳයි බලපිටි කුම් බල මා ළුවිඳවිය නොහැක කටු ඇනුනොත් නම් යා ළුදීලා බලු ටෝක් හිර බත් කෑවේ ලූකලකදි රහලු තව කලකදි අමු වහ ලූකියමින් අන් අයට පෙන් වා තම බූරූ ග තීකට ඇරියොත් සැම තැනකම නා ගනි තියන එන සැම තැනම අඩු නැත ගඳ ගස තිහඟුරන් කෙතේ ඉන්නා නරි හූ කිය තිපෙරකල වැටී කා රොස්මිඩ් මැදුරෙ රො ටීඑක ගෙයි කෑ වැටී රත් උන වෙලේ තැ ටීකෙහෙවලු කඩාගෙන දුවමින් පිස්සු වැ ටීපාරම් බාති අමු හෙළුවෙන් යවන හැ ටිතවකෙක් රටේ නිලදරුවන් ගස් බඳි තීඅවුලක් නැතුව අමු කුණු හබ්බත් කෙල තීකන්ටේනර් පිටින් පව් ඩර් කුඩු ගෙනෙ තීහිමිකරු නොමැත බව් සර් එත නෝල් එ තීමහ මැති ගෝලයෝ දහවල් මිනී මර යිප්‍රාදේශියෙ උන් දරු වන් රේප් කර යිකළාකරුවෝ මහ මග හොඳ හැටි ගුටි ක යිබලන බලන තැන මුන් මුලු රට වනස යිහදනට කලින් ජහ මන යාගේ වින යරට කන හරක් ටික හැදු වොත් නම් හොඳ යගන්නට කලින් තුන් වන වරටත් බල යමුන් ටික නොහැදුවොත් අත් වේ කොඩි වින ය-x-.
BLOG
අහල ඇතිනෙ නත්තල් සීයා නෝටි නැති ළමයින්ට තෑගි බෝග දෙන්න එන්නෙ පිණි මුවෝ 8 දෙනෙක් බැඳපු හිම කරත්තෙක කියල. හැබැයි ඉතින් ඒ හිම තියෙන පිණි මුවෝ ඉන්න රටවල් වල. ලංකාවෙ හිමවත් පිණි මුවෝවත් නැහැනෙ. ඉතින් ලංකාවෙ නත්තල් සීයා තෑගි බෙදන්න යන්නෙ ගෝන්නු 8 දෙනෙක් බැඳපු කරත්තෙකින්ලු. හැබැයි මේ පාර පොඩි අකරතැබ්බයක් වෙලා. පොඩි අතපසුවීමක් හින්දා එයින් එක ගෝනෙක්ව ආපහු එක්ක යන්න බැරි වෙලා. ඒ අතරමං වෙච්ච ගෝනා අද උදේ අපේ වත්තට ආවා. බොරු නෙවෙයි ඇත්තම ඇත්ත. ඒ ආපු ගෝනා මගේ ඇස් පනාපිටම වගා ලිඳකට වැටුණා. මෙන්න බලන්න පින්තූර.මේ අහල පහල කොහේවත් ගෝන්නු ජීවත් වෙන බවක් කවුරුත් අහල නෑ. ගෝනෙකුට ජීවත් වෙන්න පුලුවන් තරම් ලොකු කැලෑවකුත් ලඟපාතක නෑ. ඉතින් ඇත්තටම හිතා ගන්න බෑ මේ ගෝනා කොහෙන්ද ආවෙ කියල. උන්හිටි ගමන් ගහෙන් ගෙඩි එන්නා වගේ කඩා පාත් වෙලා ජබොක් ගාලා ලිඳට වැටුනම හිතා ගන්න බැරි වුණා මේ මොකෙක්ද කියල. මුලින්ම හිතුවෙ හරකෙක් කියල. ඒත් බලනකොට මුවෙක්ගෙ වගේ ඔලුව. ඒත් මුවෙක්ගෙ වගේ නෙවෙයි පාට. මුවෙක්නම් ඉතින් තිත් තිත් තිත් තියෙන්න එපැයි. අනික මෙයා සෑහෙන සද්ධන්තයි.ඇත්තටම මෙයා ගෝන අම්ම කෙනෙක්. බඩේ බබෙකුත් ඉන්න එක්කෙනෙක්. මේ වගා ලිඳ එච්චර ගැඹුරු නැති වුණාට මෙයාට තුවාල වෙලා තිබ්බ හින්දයි බඩේ ඉන්න බබා හින්දයි වෙන්න ඇති මෙයාට උත්සාහ කළාට මේකෙන් ගොඩ එන්න පුලුවන් කමක් තිබ්බෙ නෑ.ඉතින් අපි ඉක්මනින්ම පොලීසියටයි ,වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවටයි, පශුවෛද්‍ය කාර්යාලයටයි දුරකතන පණිවිඩ දුන්නා. ටෙලිෆෝන් එකෙන් කිවුවට පොලීසියෙ අය මුලින්ම විශ්වාස කලෙත් නෑ ගෝනෙක් වැටිල ඉන්නව කියල. මොකද මේ අහල පහල ගෝන්නු නැති නිසා. ඒ නිසා තාත්තට පොලීසියට ගිහින්ම පොලිස් අංකල් කෙනෙක්ව එක්ක එන්න වුණා.ඔය අතරෙදි ගෝනෙක් ඇවිත් කියන ආරංචිය පැතිරිලා එයාව බලන්න කට්ටිය එක් රොක් වෙන්න පටන් ගත්තා. ඒ ආපු සමහර අය එක එක ක්‍රම යොදල ගෝන අම්මව ගොඩට ගන්න උත්සාහ කළා . ඒකෙන් ගෝන අම්මා හොඳටම බය වුණා. හොඳ වෙලාවට ග්‍රාමනිලධාරිතුමා ඉක්මනින්ම එතනට ඇවිත් පොලීසියෙන් එනතුරු එක් රොක් වෙච්ච සෙනඟ පාලනය කර ගත්තා. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් උපදෙස් ලැබුනේ ඒ අය එනතුරු මොකුත් කරන්න උත්සාහ කරන්න එපා කියන එකයි. ගෝන අම්මව කලබල නොකර ඒ ඉන්න විදිහටම ඉන්න දෙන්න කියල ඒ අය කිවුවා.පොලීසියෙන් ඇවිත් මිනිස්සුන්ට එන්න බැරි වෙන්න ලණු වලින් අදාල ප්‍රදේශය වට කරලා වනජීවී සංරක්ශන දෙපාර්තමේන්තුවෙ අය එනතුරු ගෝන අම්මගෙ ආරක්ෂාව තහවුරු කළා.අපිට කිට්ටුම වනජීවී සංරක්ෂණ කාර්යාලය තියෙන්නෙ කිලෝමීටර් 50කටත් එහා රන්දෙණිගල. එහේ ඉඳන් වනජීවී නිලධාරීන්ට එන්න තවත් පැය 2ක් විතර ගත වුණා.මෙන්න ඒ අය ඇවිත් ගෝන අම්මව ගොඩ ගන්න උත්සාහ කරන ආකාරය.සෑහෙන පරිශ්‍රමයකින් පස්සෙ ගෝන අම්මව ගොඩට ගත්තා. මුලින්ම ලිඳේ ඉද්දිම බෙල්ලට කඹයක් දාලා එයාගෙ ඉස්සරහ කකුල් 2 කඹේකින් එකට ගැටගැහුවා. ඊට පස්සෙ ගොඩට ඇදල ගන්න අතරතුරේ පිටිපස්සෙ කකුල් දෙකත් එකට ගැටගැහුවා. ඊට පස්සෙ කකුල් 4ම එකට එකතු වෙන්න තව පාරක් ගැටගැහුවා. මේ දේවල් කරද්දි ගෝන අම්මා මරබයේ ලතෝනි දුන්නා.ඊට පස්සෙ ඉනිමඟක් මැස්සක් වගේ හදල ඒක උඩ පටවල ගෝන අම්මව වනජීවී අයගෙ වාහනේට උස්සගෙන ගියා. මේ තියෙන්නෙ එ අරගෙන යන විදිහ.ගෝන අම්මව බලන්න සෑහෙන පිරිසක් එක් රොක්වෙලා හිටියා. ඉස්කෝලෙ ළමයි ගුරුවරුත් එක්ක ඇවිත් හිටියා. සමහර මුදලාලිලා කඩවල් එහෙමත් වහල දාලා ගෝන අම්මව බලන්න ආවා.මේ ඉන්නෙ එක් රොක් වූ දහස් සංඛ්‍යාත ජනකායෙන් කොටසක්ගෝන අම්මව එක්කන් ගිහින් තුවාල වලට බෙහෙත් කරලා බබාව හම්බ වුණාට පස්සෙ කැලේට යවයි. සමහර විට නත්තල් සීයටම ආයෙ බාර දෙයිද දන්නෙත් නෑ.සංස්කරණය නොකළ වීඩියෝ දර්ශන========================[ 02 - Jan - 2014 ].
BLOG