text
stringlengths 201
3.03M
|
---|
දිනූ සක්වල මමයි - London Kavi : ලන්ඩන් කවි.ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය.දිනූ සක්වල මමයි.පසුගිය කලාප.වීඩියෝ.කාව්‍ය ස්මරණ.නිර්මාණ යොමුව.දිනූ සක්වල මමයි.නීතීඥ කල්‍යාණප්‍රිය ජයසුරිය - කොළඹ.2022-September.“පතව්‍යා ඒක රාජේන.සග්ගස්ස ගමනේනවා.සබ්බ ලෝකාධි පච්චේන.සෝතාපත්ති ඵලං වරං.”.මුලු පෘථිවි රාජ්‍යය හිමි කිරුළ මට එපා.දිව බොජුන් දිව සලුද දිව කුමරියක් එපා.සියලු ලොව සක්විති ව රජ සැපය මට එපා.සිවු අපා ජය ලදොත් ඒ සැපද මට එපා..කාල සිටු පුතේ නූඹ දිනූ සක්වල මමයි.දහම් බිඳ මහ සතාණෝ නුඹට දෙසු දැයයි.මහ සිටාණෝ නුඹෙන් පැතු නිධානය මෙයයි.රනින් දිලි කහවණු වෙ අගේ සිඳුනා දැනෙයි.මඟ සතර ඵල අතර ළදරු විය නිමා කර.නයින් දහසකින් ක්ෂණයකින් ප්‍රතිමඬිති කර.දහම පෙළ ගසා දුන් මගෙ පියා සෑසිකර.කාල පුතු වැඳ වැටුණි සිටාණෝ පෙරටුකර..අනේපිඬු සිටුතුමා ගේ පුත් කාල සිටුතුමා ධර්මයට නැඹුරු කිරීමේ අදහසින් පියතුමා විසින් තම පුතා බුදු රජාණන් වහන්සේ වෙත පමුණුවා යම් ධර්ම කරුණක් ඉගෙන ගෙන එන වතාවක් පාසා රන් කහවණුව බැගින් දීමට පොරොන්දු කරගෙන තිබී ඇත. පුරුද්දක් වශයෙන් කරගෙන ආ මෙම ක්‍රියාවලියේ කූට ප්‍රාප්තිය සිදු වූ දින කාල සිටුතුමා ධර්මය ඉගෙනීමට පැමිණි වෙලාවේ බුදු රජාණන් වහන්සේ බුදු නුවණින් දුටුවේ එදින කාල සිටුතුමා දහසක් නයින් ප්‍රතිමණ්ඩිත සෝතාපන්න ඵලය සාක්ෂාත් කරගන්නා බවය. මුලින් දුටු මේ කාරණය මත බුදු රජාණන් වහන්සේ අධිෂ්ඨාන කර ඇත්තේ ඉගෙන ගන්නා ධර්ම කරුණු සිටුපුතාට මතක සිටින නොවන ලෙසයි. කහවණුව ට ලොල් වී සිටි එතුමා ධර්මය මතක තබා ගැනීමට දැරූ අධික උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස ක්ෂණික ව අවබෝධය ලබා ගැනීම නිසා සෝතාපන්න වූ පසු අනේපිඬු සිටුතුමා ගේ නිවසට වැඩම කර දන් වැළඳීමෙන් අනතුරුව සෝතාපත්ති ඵලයේ වටිනාකමේ මහිම දැණුම් දීමට දේශනා කරන ලද ගාථාවයි..තවත් කවි.පෙම්බර හිමියනේ.සන්ධ්‍යා ප්‍රනාන්දු.ලෝකෝපකාරයේ සිත්ගත් කවි.රණස්ගල්ලේ නා හිමි.පයිතගරස්ටත් ප්‍රේමයක් තිබුනද?.කිමද කාරණ.පරාජයේ සතුට.ජයතිලක කම්මැල්ලවීර.ශීශීරයේ ලියූ කෙටි කවි.ලෝකෝපකාරයේ සිත්ගත් කවි.උඳුවප් පෝයදා.ඒ. එම්. අබේසිංහබණ්ඩා.නොපවතින උනුසුම.එන්න කවියක්ව.පසුගිය කලාප.ජනවාරි කලාපය.පෙබරවාරි කලාපය.මාර්තු කලාපය.අප්‍රේල් කලාපය.මැයි කලාපය.ජූනි කලාපය.ජූලි කලාපය.අගෝස්තු කලාපය.සැප්තැම්බර් කලාපය.ඔක්තෝබර් කලාපය.නොවැම්බර් කලාපය.දෙසැම්බර් කලාපය.2022 ජනවාරි කලාපය.2022 පෙබරවාරි කලාපය.2022 මාර්තු කලාපය.2022 අප්‍රේල් කලාපය.2022 මැයි කලාපය.2022 ජුනි කලාපය.2022 ජුලි කලාපය.අගෝස්තු කලාපය.Copyright London Kavi : ලන්ඩන් කවි©2022 | Site by tr |
කොළඹ යුගයේ සිත්ගත් කවි Archives - London Kavi : ලන්ඩන් කවි.ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය.කොළඹ යුගයේ සිත්ගත් කවි.පසුගිය කලාප.වීඩියෝ.කාව්‍ය ස්මරණ.නිර්මාණ යොමුව.Category: කොළඹ යුගයේ සිත්ගත් කවි.කොළඹ යුගයේ සිත්ගත් කවි.කිවිපති, කලාභූෂණ සේසිරි විජේසේකර.කලාපය: 2021-July.පොල් අතු වැටෙන විට ගොක් අතු හිනැහීම.ඇසුපිරු තැනින් එන වදනද මිහිරිමය.ගුණ නැණ සුවඳ සපිරුණු තැන සුවඳමය.ඉවසන සුළු ගතිය කවදත් දැහැමිමය.අන් කිසිවක් නොවෙි එය වැඩිහිටිකමය.අරුනෝදයේ එන මදනල සීතලය.දහවල හිරු එළිය ගෙනදෙයි කලබලය.පොදු වස්තුවකි කොයි කාටත් මිහිතලය.සැන්දෑවක තිබෙයි උණුසුම් සුරතලය.ආගම සදාචාරය නීතිය රැකුම.ලෝකය පිදිය යුත්තන් නිසි ලෙස පිදුම.කරුණක් නොවෙිවා කිසි කෙනෙකුට පුදුම.එය ලොව හොද නරක දෙක අතරෙහි බෙදුම.පොල් අතු වැටෙන විට ගොක් අතු හිනැහීම.පෙන්වයි සමාජයෙ වැඩිහිටි සැලකීම.එය පෙර නිමිති වෙයි කෙනෙකුගෙ පිරිහීම.එක් ඇරි අට මඟක් වෙයි හරි වැටහීම.හසරැලි සරසවන්නට මුවඟ වැඩිහිටි.සේසත් බවට පත්කරවමුකො සැරයටි.අනුවන දනට අමතක කරන හිටිහැටි.දායාදයක් වනු නියතමය හණ මිටි.කොළඹ යුගයේ සිත්ගත් කවි – බුදු සිරි අසිරිය.පණ්ඩිත විමල් අභයසුන්දර.කලාපය: 2021-May.බුදු සමිඳුන් හෙවණේ සිටියොත් මට කොතැනෙක හෝ දස දිසන්තයේ.එ මොහොත නම් පුර පසලොස්වක වෙයි වෙසක් මලින් පිරි වසන්තයේ.ලොවුතුරු මිහිරේ මහිමය උදහන දෙව්දහ පුර සල් දුමන්තයේ.දෙව්දුනු එළියෙන් අන්තය දැක්වෙයි අනන්ත සක්වළ සමන්තයේ.ගම් දොර වන රොද අද්දර පන්සල් කුටියේ රූස්ස රුප්පාවේ.අබ තෙල් පානේ වැටියෙන් විහිදෙන කැන් කිඳු මදු මුදවට පාවේ.දෙ සඳුන් සුවඳින් පින් පරිසරයේ පැද්දෙන ගංටාවෙහි රාවේ.ගෙන එන්නේ නොපැවැසූ උදානය බෝමුල බුද්ධ ගයාවේ.මල් පෙත්තක් බිම වැටුණ ද හඬ හැඳිනිය හැකි නිසසල එළි මහනේ.දවහත් තරු දෑ සමන් සේදු මැදියම් රෑ කල හඳ පහනේ.ඇස්වුණු බුදු බණ පදවල පිළිරැව් මිගදායේ ඉසි වන දහනේ.සව්නේ මඬලේ නොපෙනෙන ගැඹුරට කිඳා බසියි දී සිත් සහනේ.සන්සුන් දසුනේ උපසම සිරියේ ගල රළ පෙළ පෑ රැස් මූදේ.ගන රන් නැව් බඳු දෙතිසක් වර මහ පුරිස් ලකුණු රැඳි සිරිපාදේ.සිහිලළ පහසින් සුවපත් වුණු පින් බිම්කඩවල දාගබ් සෑදේ.වාහල්කඩවල පුදසුන් දෝවනයට මගෙ හද බැති මල් පීදේ.නිල් කටරොළු මල් පැහැ රැඳි වෙල පෙළ රොද බැඳි පාටට පැලක් තියා.විහඟුන් ගැවැසෙන ගිරිකුළු අතරේ පිළසල නෙන් පිළිබහන් නියා.අරණේ ඉන්නම් ගං ගල් ඇසුරේ සිවු පිළිසිඹියා සැපත් සොයා.සඳ සේ මුල වන ගායත්තිය ගෙන අටකුරු විරිතින් ගයක් ගයා.ගැළියායෙන්බද කෑමෙන් මුලු දී පැහැර උරෙන් උර සිවු පිරිසේ.බුදු එළියෙන් ඇස තෙමෙන මානෙ උළුලුයෙන් එකත්පස හිඳ නිසි සේ.බුදු මුව බලමින් දෝත තබා ගෙන සැදැහැ බරින් නතු වුණු සිරසේ.තෙවළා බණ කවි සිඳු කිමිදෙන්නම් හැම අකුර ම වණ පොත් වන සේ.තුන් ලෝ තලයෙහි කිසියම් තැනකට වඩනා සඳ සත් වග සඳහා.කෙළ සුවහස් දන විස්මය ගන්වන සිත් ගමනින් ඉදුහය විදහා.සිවුරඟ සෙනඟක් ඇත් අස් රතයක් අහස්යානයක් සර සහරා.සඳ විමනක් නව්කාවක් කුමට ද ම හිමිට ගොඩ දිය නුබ හරහා.ගඟ දිය බස්නා ඉමිහිරි තාලෙට පිලඹළ මොනරුන් රැඟුම් සෙවී.අරණින් නොමිදී අරණේ පසු වී වන වාසයකින් මහලු නොවී.අජකරණී නදියෙහි ඉවුරේ සිත් අලවන සෙනසුන් ලෙනක මැවී.සප්පක තෙර මෙන් ථෙර ගීතයත් නංවමි පවිවේකයෙන් නිවී.හදිසියෙ දුටුවොත් හිමියාණන් වඩනා බව මගෙ ගම් පියෙස මඟා.හිටිවන ගාතා පෙළක් ගයා සම්බුදු අසිරිය කිවි බසට නඟා.සිරි පා නමදින්නට බදැඳිලි මල් මිටි මිටි ගෙන හිස මතට නඟා.පිළිවන් නම් වංගීස බමුණු හට මට බැරි ඇයි වී පියට ළඟා.ගස්වැල්වල මල්ගොඩ දිය පිපි මල් අහසේ පිපි මල් උහට උහේ.සිවු දෑ ගඳ දුම් පුනු රැසි පෝ දින විහිදෙන පින් බර වෙසක් මහේ.තෙමඟුල සිදු වුණු තෙමඟුල් සිහි කළ සිල් පිරිසෙහි බුදු මතුර ඇහේ.බුදු සිරි අසිරිය පවසන්නට මට සවියක් නැත මගෙ පුරුදු බහේ.කොළඹ යුගයේ සිත්ගත් කවි.සාගර පලන්සුරිය.කලාපය: 2021-April.උපුටා ගැණීම – සුදෝ සුදු කාව්‍යය – කවි 103 – 109.නෙත් අඳ පුතා දවසක් මව වෙත පැමිණ.සිප ගණිමින් නොපෙණෙතත් මවගේ මුහුණ.“අම්මේ මේ ළමයි හොඳ නැහැ බොරු කියන”.කිව්වම ඈ විතාලා “මොකදැයි කරුණ”.“මල් ලස්සනයි හොඳ හොඳ පාටයි” කීවා.“පෙණෙනවා” “දකිනවා” කියනා ඒවා.මොනවද අම්මෙ මම අහගන්නට ආවා.තෝරා දෙන්න මම දන්නේ නැහැ මේවා.මල්වල හොඳ සුවඳ මිස පාටක් කොහෙද.ඒවා මොලොක් බව තේරෙනවා මටද.“එළියක් කියා” මොකවත් හෙම තියෙනවද.මට තේරුම් ගන්න අම්මේ බැරි මොකද.උණුසුම දැනේ දහවල් මට රැයට වඩා.වෙනසක් හෙම තියෙනවද මෙහි මෙයට වඩා.මට නොදැනෙන්නෙ මම කණකොලුවෙක්ලු කුඩා.ලොකු වෙන කොට දැනේවිද මම අසමි අඬා.ඇඟිලි තුඩට මල් පෙති වල ඇති මෙලෙක.මට දැනෙනවා එය අල්ලන හැම විටෙක.“පාට” කියා ඇත්නම් ගතියක් මලක.අම්මේ අත නොගෑවෙන එක තමයි දුක.“ලස්සන” කියන දේ නැහැයට වත් කණට.මගේ දිවට හරි මගෙ අත පය වලට.නොදැනෙන්නේ මොකද තෝරා දෙන කලට.ඉවසාගෙන ඉන්ට අම්මේ බැරිය මට.ඇයි අම්මේ අඬන්නේ මේ කඳුළු හෙලා.මට දැනෙනවා යයි මගෙ අත දිගට ගලා.නාඩන් අම්මේ නාඩන් මම විහිළු කළා.එන්ටද ගොසින් බොරු කී කොල්ලන්ට තලා.1 2 … 184 185 Older Posts.තවත් කවි.ඉර්දි පෑමක අගය.ඉංජිනේරු,කිවිපති අජන්ත සෙනෙවිරත්න.ලන්ඩන් කවියට ආසිරී …..මරණය..නිදහස ට කවි.සුදු පුංචි දියණි….කෝ. ආනන්ද - පැරීසිය.ඇගේ ගීතය.තුසිතා සුරේකා.මීගමුව.සාගර ජලය මදි හැඬුවා ඔබ සන්දා.මහාචාර්ය එඩ්වර්ඩ් එම් පෙරේරා - ජර්මනිය.මුහුදට දුක දැනේවිද ?.රැගෙන යන්න මා……...බුත්පිටියේ - නිරෝෂා ගුණසේකර.මහබඹා තමන්ටම කෙඳිරු සැහැල්ල.සුනිල් ලීලානන්ද පෙරේරා - රත්නපුර.පසුගිය කලාප.ජනවාරි කලාපය.පෙබරවාරි කලාපය.මාර්තු කලාපය.අප්‍රේල් කලාපය.මැයි කලාපය.ජූනි කලාපය.ජූලි කලාපය.අගෝස්තු කලාපය.සැප්තැම්බර් කලාපය.ඔක්තෝබර් කලාපය.නොවැම්බර් කලාපය.දෙසැම්බර් කලාපය.2022 ජනවාරි කලාපය.2022 පෙබරවාරි කලාපය.2022 මාර්තු කලාපය.2022 අප්‍රේල් කලාපය.2022 මැයි කලාපය.2022 ජුනි කලාපය.2022 ජුලි කලාපය.අගෝස්තු කලාපය.Copyright London Kavi : ලන්ඩන් කවි©2022 | Site by tr |
සිංහල ජන කවිය හා ප්‍රේමය - London Kavi : ලන්ඩන් කවි.ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය.සිංහල ජන කවිය හා ප්‍රේමය.පසුගිය කලාප.වීඩියෝ.කාව්‍ය ස්මරණ.නිර්මාණ යොමුව.සිංහල ජන කවිය හා ප්‍රේමය.මහාචාර්ය උදය ප්‍රශාන්ත මැද්දේගම - පේරාදෙණිය.2022-March.සිංහල ජනකවියේ විසිතුරු බවˎ රසවත් බවˎ දේශීයත්වයˎ ගැමි සමාජතත්ව නිරූපණය වැනි විවිධ අංශ පිළිබඳව බොහෝ අය ලියා ඇති හෙයින් මේ ලිපියේ ඒ ගැන එතරම් සවිස්තරව සටහන් නොකරමි. ජනකවියේ ගැබ්වන ප්‍රේමය සම්බන්ධ සිතුවිලිˎ හැඟීම් ආදිය ගැබ්වන මා සිත්ගත් කවි කීපයක් පමණක් මෙහි උපුටා දක්වන්නෙමි. බොහෝ ජන කවියෝ ගැහැණුන් කෙරෙහි තම සිතේ වූ ප්‍රේමය මෙන්ම රාගික ආශාව ද නොපැකිළ පැවසූහ:.තනේ පුදබුදු වෙනවා දකින්කල මදක්.සෙනේ වඩයි සළෙළුන් දැක්ක කල උදක්.වනේ බිඟු රොනට හැසිරෙන සේම නදක්.අනේ මට ගෑනු ළඟ ඉන්න ඇති හිතක්.වරෙක එක් ජන කවියෙක් එක්තරා ගැමි තරුණියක කෙරෙහි වු සිය ප්‍රේමය පවසන්නේ මෙසේය:.ඔයේ නමං වතුර යන්නේ ගලාගෙන.ළිඳේ නං ව තුර එන්නේ උනාගෙන.කළේ නං වතුර බොන්නේ පුරාගෙන.මගේ නං ළඳේ යන්නේ වඩාගෙන.තවත් ගැමියෙක් සිය ජිවිතයේ පාළුව ත් බිරිඳකගෙන් තොර ජීවිතයේ නිසරු බවත් උපමා පවා යොදාගනිමින් පවසා ඇත්තේ මෙසේය:.අඳින කොට සළුව ළඳ නුඹ රුව වාගේ.බඳින කොට වරල නිල් මැණිකක් වාගේ.බලන කොට මූන රන්පිළිමේ වාගේ.යනකොට ගෙදර නැතුවා පාළුව මාගේ.තවත් ජනකවියෙක් තමාගේ පැරණි බිරිඳ හා අලුත් බිරිඳ සසඳා ඇත්තේ මෙසේය:.ආදි අපි දෙන්න දිය පිට නෙළුම් මෙනේ.දැන් දැන් අපි දෙන්න දිවිදුටු මුවන් මෙනේ.දියේ පුරුදු ගොඩ නුපුරුදු මසුන් මෙනේ.අලුත බැඳිසෙනේ හුණු නැති බුලත් මෙනේ.සිංහල ජනකවි අතර විශාල සංඛ්‍යාවක් පබැඳී ඇත්තේ නෑනා මස්සිනා ආදරය තේමා කරගනිමිනි. ගැමි දිවියේ ඉතා රමණිය ප්‍රේම සම්බන්ධතාවන් වූයේ නෑනා මස්සිනා අතරය. එබඳු කවි අතර වැඩිවශයෙන් ඇත්තේ මස්සිනා නෑනා අරමුණු කරගෙන ඇය අමතිමින් කී කවිය. මේ එයින් කීපයකි:.වැසිදිය අයිති ගං හෝ ඇළ සමුදුරටයි.මල් පැණි අයිති වට ගුමු දෙන බමරාටයි.මීරා අයිති කිතුලේ කල වැද්දාටයි.නෑනා අයිති කාට ද මස්සි නාටයි.තවත් තරුණ කවියෙක් තම සිතේ ඇති විශෙෂ ආශාවක් උපහාසය ද මුසු කරමින් කියා ඇත්තේ මෙසේය :.මාම ගෙ හිතේ මා මරවා වැඩ ගන්ට.නැන්දගේ හිතේ උන්දැගෙ දූ මට දෙන්ට.අක්කගේ හිතේ නංගිව දී බේරෙන්ට.මගේ හිතේ දෙන්නම අරගෙන යන්ට.මහියංගන විහාර වන්දනාව හා බැඳුණ ජනකවි විශාල සංඛ්‍යාවක් ඇත. ඒ අතර ඉතා ජනප්‍රිය කවියකින් ද නෑනා කෙරෙහි වූ ආදරය ප්‍රකාශ වෙයි:.මහියංගනේ එක එලිය යි බන් නෑනා.ඒ එළියට අපි ඉඳගෙන පොල් ගානා.වේර ගං තොටේ ඔරු දෙක යස මානා.එක නුවරක ඉපදෙමු රං කුරු නෑනා.‘එක නුවරක ඉපදෙමු රං කුරු නෑනා’ – මේ ආත්මයෙදි නොහැකි වේ නම් ලබන ආත්මයේදිවත් අපි එක ළඟ ඉපදෙමුයි කවියා ප්‍රාර්ථනා කරයි. එයින් ඔහුගේ සිතේ නෑනා කෙරෙහි වු දැඩි සෙනෙහස ධ්වනිත වෙයි. ඔරුවේ නැගී මහවැලි ගඟ දිගේ පැමිණ ඔරුව වේරගංතොටේ නවත්වා විඩා හරිමින් වන්දනා නඩය ගං ඉවුරේ වාඩිලා ගෙන බත් පිස කා පසුවදා උදේ ගඟෙන් නා පිරිසිදු වී මල් නෙළාගෙන සෑය වඳින්ට ගියහ. අප කුඩා වියේදී ද -අඩසියවසකටත් පෙර-ඒ අත්දැකීම ලබා ඇත. සිය ඔරුවට සමාන්තරව නවතා තිබූ ඔරුවක සිටි සිය නෑනා දුටු තරුණ කවියා සිතේ පුබුදු වු හැගීම් පැවසූයේ ඒ කවියෙනි ..කෙමෙන් තරුණ වියට ළං වෙමින් සිටි තවත් ගැමි තරුණයෙක් සිය නෑනා සිහිකරමින් ඇය කෙරහි වු ප්‍රේම ය ප්‍රකාහ කළේ ඉතා සරලˎ එහෙත් නිර්ව්‍යාජ ලෙසිනි:.පානේ තෙල් නැතුව කලුවර පැතිරෙනවා.මූනේ උඩුරැවුල දැන් ටික ටික එනවා.යානේ නිදි නැතිව තුන්යම පසුවෙනවා.නෑනේ නුඹ නිසා මගෙ හදවත දනවා.එබඳුම තවත් ගැමි කවියෙක් පැරණි කවියන් ට සුපුරුදු ‘මුව පියුම’ උපමාව අනුකරණය නොකරමින් තම පරිසරයේ දුටු වැව්පොකුණු වල නිතර පිපී තිබූ මානෙල් මල් සිය නෑනාගේ මුහුණට සමාන කිරීම සඳහා තෝරා ගන්නේ මෙසේය:.අත් ටික්කිරි කහපලු ටින් කිරි වා ගේ.දත් ටික්කිරි කියතෙන් කළ වැඩක් වගේ.මූණ ටිකක් කැඩපත ඇල්ලුවා වගේ.රන් මැණිකා මට මානෙල් මලක් වගේ.තමා අවට වූ ඇල දොළ ඔය වෙල දෙස බලමින් සිය ආදරය දිනා සිටි නෑනා ද සිහි කරමින් තවත් ගැමි තරුණයෙක් ප්‍රේමය ප්‍රකාශ කරන්නේමෙසේය:.ඔයේවතුර සිඳුනම ගල් කැට නැද්ද.වෙලට වතුර බැන්දම වෙල රුව නැද්ද.කරට මාලයක් බැන්දම රුව නැද් ද.රන් මැණිකා මං දැක්ම දුක නැද්ද.මේ කවි යේ මුල් පේළි තුනේ ඇතුළත් උපමාවන් අප සිත්හි පැහැදිලි රුප මැවීමට සමත් වෙයි. කවියාගේ සිතට නිරායාශයෙන් ගලා ආ මෙබඳු උපමාවන් නිසා ජන කවියේ රසවත් බව වැඩිවෙයි. ‘ආදරය’ˎ ‘ප්‍රෙමයˎ ’ සෙනෙහස’ වැනි වචන කෙළින්ම යොදා නොගන්නා මේ කවියා මෙහි දී භාවිත කරන ‘දුක ‘ යන්නෙන් අදහස් වන්නේ ‘ආදරයයි’. ගැමි වහරේ ‘දුක’ යනු සංවේගය සඳහා ම නොව ආදරය සඳහා ද යෙදෙයි. කවියාගේ පෙම්වතිය වෙනත් දීගයක ගොසිනි. ඇය සිහිකරමින් තරුණයා කියන මේ කවියෙන් දැනෙන්නේ ඔහුගේ මුවින් පිටවන දුක් සුසුම් යැයි සිතේ:.මඩම් පැල්ල චීත්ත ඇඳ ගන්ට ගියා.සුවඳ සබන් ගාලා නාගන්ට ගියා.ලූනු මිරිස් අමු කරවල කන්ඩ ගියා.රං මැණිකා මිගමුවට දීග ගියා.උගත් කවීන් මෙන් පැරණි කවි සමයෙන් ණයට ගත් උපමා රූපක නොව තමාට හුරු පුරුදු පරිසරයෙන් තෝරාගත් අලංකාර ජනකවියා භාවිත කරයි. සාමාන්‍යයෙන් උපමා රූපක වැනි අලංකාර රහිතව වුව ද සිත් කාවදින ලෙස සිය හැඟීම් පැහැදිලිව පැවසීමට ජනවියා සමත්වෙයි..දෑත හොඳයි බත් උයවාගෙන කන්ට.මූන හොඳයි දහවල බල බල ඉන්ට.දෙපය හොඳයි කඩිසර ගමනින් යන්ට.මගෙ ලිය හොඳියි සබයක සිටු ගන්ට.මේ කවියේ අවසන් පේළියෙන් කියැවෙන අදහස ගැන සිතා බලන්න. උගත් කවීන්ගේ නිර්මාණයන්හි පවා මෙබඳු ධ්වනි පූර්ණ යෙදුමක් දක්නට ලැබෙන්නේ දුර්ලභ වශයෙනි. බොහෝ ජනකවීන් අවංකව සිය සිත්තුළ ඇති වු ප්‍රේමාන්විත හැඟීම් රසවත් ලෙස කවියට නැගූ අතර ඉඳහිට ඇතැම් ගැමි කවියෙක් ගැහැණිය කෙරෙහි වු අකැමත්තˎ කෝපය පළවන ආකාරයේ කවි ද කියූහ. සමරහ විට බිඳුණ පෙමක් නිසා ඇති වු සිත් තැවුල පැවසීම සඳහා ඔවුන් ඒ කවි කියන්නට ඇත:.ගෑනු උපන්නේ මේ රට කඹුරන්ට.ගෑනු උයන බත් මාලුත් නො දකින්ට.පිරිමි පිරිමි නුවරක උපදින්ට.ගෑණු නැති රටක් නැද්දෝ මට යන්ට.තවත් ජන කවියෙක් තම සිතේ ඊර්ෂ්‍යාවක් නැත්නම් කෝපයක් ඇති කළ රාගාධික කාන්තාවක් උපහාසයට ලක් කරන්නේ මෙසේය.රං මැණිකා නුඹ කාටත් ගුණ කාරි.විස්ස පිරුණ කොල්ලෙක්වත් අත නාරී.වැස්ස පින්න නො බලන රතිකෙළි කාරී.පස්ස නුඹේ යකඩෙන් තැලුවද බාරී.තවත් කවි.අකම්පිත අරහත් සිත.මහාචාර්ය ටී .එස්. අබේවික්‍රම - ලන්ඩනය.අවාරේ.කල්ප පල්ලියගුරුගේ - ලන්ඩනය.නව වසරට සෙත්කවි.පොඩි සිත්…!.දක්ෂිණී සාවිත්‍රි ප්‍රනාන්දු ද සිල්වා - දෙහිවල.කවිය නුඹ.නන්දිකා ගමගේ - ගාල්ල - යක්කලමුල්ල.කේතලේ මගේ.විශේෂඥ වෛද්‍ය කේ.එල්.වික්‍රමරත්න - කොළඹ 5.තව ඇසේ මට.පියුමි ජයකලණි වික්‍රම ආරච්චි-එක්සත් රාජධානිය.කුළුඳුල් ආදරය.වෛද්‍ය ශානි ඇන්තනි - ලන්ඩනය.ඉවස ගෙන සිටිමි අද , පොසොන් සඳ දෙයි සුවය!.ලක්ෂ්මි පෙරේරා- ලන්ඩනය.A Spring Delight AH.පසුගිය කලාප.ජනවාරි කලාපය.පෙබරවාරි කලාපය.මාර්තු කලාපය.අප්‍රේල් කලාපය.මැයි කලාපය.ජූනි කලාපය.ජූලි කලාපය.අගෝස්තු කලාපය.සැප්තැම්බර් කලාපය.ඔක්තෝබර් කලාපය.නොවැම්බර් කලාපය.දෙසැම්බර් කලාපය.2022 ජනවාරි කලාපය.2022 පෙබරවාරි කලාපය.2022 මාර්තු කලාපය.2022 අප්‍රේල් කලාපය.2022 මැයි කලාපය.2022 ජුනි කලාපය.2022 ජුලි කලාපය.අගෝස්තු කලාපය.Copyright London Kavi : ලන්ඩන් කවි©2022 | Site by tr |
ලයනල් මුණසිංහ – Book Hunter.HOTLINE : +94 713 551 551.Track Your Order.Products search.My Cart 0.Home.All Books.Authors.Publishers.English Books.About Us.Contact Us.Home / Product book author / ලයනල් මුණසිංහ.Book categories.ත්‍රාස්‍යජනක.නවකතා.පරිවර්තන.කෙටිකතා.ළමා.සම්මානලාභී / නිර්දේශිත.ධනාත්මක / මනෝවිද්‍යා.අධ්‍යාපනික.ආගමික.විශේෂ පොත් කට්ටල.කාව්‍යය.චරිතාපදාන.වෙනත්.Products.How My Body Works Collection රු6,930.00.පිළිකා වාට්ටුව රු850.00 රු680.00.කොන්කළ දෝණි රු850.00 රු680.00.The Adventure Series by ENID BLYTON රු8,584.00.Ladybird Book Pack රු6,950.00.Default sorting Sort by popularity Sort by average rating Sort by latest Sort by price: low to high Sort by price: high to low.Select Category අධ්‍යාපනික ආගමික කාව්‍යය කෙටිකතා චරිතාපදාන ත්‍රාස්‍යජනක ධනාත්මක / මනෝවිද්‍යා නවකතා පරිවර්තන විශේෂ පොත් කට්ටල වෙනත් සම්මානලාභී / නිර්දේශිත ළමා Select Tag - Eugenie Grandet 105 2 States 2020 suwarna pusthaka nominated books 2021 ස්වර්ණ පුස්තක සම්මානය – අවසන් පූර්ව වටය සදහා නිර්දේශිත නවකතා 3 Idiots 48 A Baby's Cry A History Of Ceylon A Life of D.H.Lawrence A Mother's Story of Nuturing Genius A New Kind Of Dreaming A Yellow God- An Idol of Africa A. M. Oxon Philalethes Abdul Kalam Dharmishta Palanaya Acharawathi Adara Ankura Adisi Nadiya Adolf Hitlar Adventurous Four Aesop's Fabies After You Agatha Christie ahami urumaya ahasin tharuwak Alan Temperley Albert Camus Albert Lihanov Alex Frith Alexander Dumas Alexander Raskin Alexander Solzhenitsyn Alexandera David Neel Alexandre Dumas Alibaba: The House That Jack Ma Built Alison Leslie Gold All Of a Kind Family Allan and the Holy Flower Allan and the Ice Gods Allan's Wife Amazoia Ambapali Amityville Ananda Gunathilake Ancient Allan Anduren Aa Urumakkaraya Angels And Demons Ann Frank Mathaka Suwanda anne book pack Anthony Eaton Antibodies Anton Chekhov anuja chauhan Apache Devil Arigo- Surgeon of The Rusty Knife Arthur C Clarke Arundhati Roy arya Astrid Lindgren Asylum Avatar of Vishnu Avushvits Premaya Awalama Saha Ehetuwa Awasan Gamana Ayesha babarawile holmana balamuduwee mithuru haula balamuduwee mithuru haula 1 Barbara Willard Battle For Inspector West Beezus and Ramona Belshazzar Benita Bertolt Brecht Betty Mahmoody Beverly Atlee Cleary Beyond The Himalayas Big Little Lies Binjamin Wilkomirski biography bird box bird box 2 Bobbsey Twins body parts Bolivian Diary Boliviyanu Dinapotha Booker T. Washington Bookrack publishers Bram Stoker Brenda Maddox Brida Bureau By the Shores of Silver Lake Cancer Ward Caroline years 1 Catacombs Cathleen Miller Cathleen Miller and Waris Dirie Cathy Glass. Celestial Bodies CEYLON - THE PARADISE OF ADAM Ceylon the Portuguese Era Chandaala Bandara Walawwa Charles Dickens Charles L. Grant Cheena Andare Cheena Janakatha Chetan Bhagat Chicken Soup for the Soul – #1 Chicken Soup for the Soul – 2 Chicken Soup for the Soul – 3 Chicken Soup for the Soul – 5 Chicken Soup for the Soul – 6 Chicken Soup for the Soul – 7 Children's book Chinghiz Aitmatov Christain Jacq Christen A Memory Christian Jacq Christine Wilson CID Detective Series CK Media Claudine At St Clare's Clementine rose 1 Clementine rose 2 Clementine rose 3 Clementine rose 4 Cleopatra Cobra Coma Como Agua Para Chocolate Conan of Aquilonia Conan The Warrior cut D.H. Lawrence Dadayakkarayage Kathawa Dale Carnegie dalmatian 101 Damaged Dan Brown Danga Pancha Emil Danga Pancha Emil 2 Danga Pancha Emil 3 Daniel Goleman David L. Robbins David Walliams Dean Koontz Delphine Minoui demian Denna Depaththen Aarathi Madden Desert Children desert flower Devol Gira dewatha Dharmayoddha Kalki Dheemathi Dhetha Yoma Ahasa Desa Diary of A Wimpy Kid Discovering Ceylon dodie smith Dr.Joseph Murphy Dracula Drama Duncan Clark E.L. James Edgar Rice Burroughs Edgar Wallace Edger Rice Burroughs Edith Nesbit Educational Book educational books egiptu sellama El Salto Del Tigre Elephant Walk Eleven Minutes Elizabeth Laird Ellen Prescott Emil's pranks English Book english books English Novel Enid Blyton Ernesto Che Guevara ET everly Atlee Cleary Excavation Eye of Brahma Fahrenheit 451 Far-Off Things Farewell Farmer Boy FAST publishing Fifty Shades of Grey Finding Stevie fing First Term At Malory Towers Five Are Together Again Five On A Hike Together Five Run Away Together Folk Tales of China Folk Tales of Nepal Fragments: Memories of a childhood Frank Chandler Franklin W. Dixon Frederick Forsyth Frederick Marryat From the Earliest Period of the Year 1815 from the monk who sold his ferrari Gailanne Maravel Gene Wilder George S. Clason Ghostly Haunts Gini Pupura giraga sasalawiya Girl With A Peal Earring God Father Good Old Secret Seven Grantha (Pvt) Ltd GRASSHOPPER: The Little Soldier Great Expectations Growth Of The Soil Gudrun Pausewang Gulsary Guy de Maupassant Guy in the Jungle H Rider Haggard Ha Jin hada nihada Half Girlfriend Hamara Banawara Hana Pravda Hangi Vihangi Hardcase harry and hope Have You Filled A Bucket Today? Heidi Henry Rider Haggard Heta Aluth Dawasak himalayen epitata bihisunu Hit Them Where It Hurts hith genima Honore De Balzac Horace Walpole How I Braved Anu Aunty and Co-Founded A Million Dollar Company How I Taught My Grandmother To Read Hue - Hue ; The Monster Hunter Quatermain's Story Huntress Of The Sea I Am A Barbarian I Gloria Gold I Was Writing This Diary for You I'm Nujood Age 10 and Divorced If You Could See What I Hear Ignacio Ramonet illustrated In the Fifth At Malory Towers Indiana Jones And The Kingdom Of The Crystal Skull Inferno Island of Blue Dolphins Ivanhoe Jack Canfield and Mark Victor Hansen Jack London Jacqueline Harvey Jagmohan Chopra James A. Michiner James Hadley Chase James Rollians James Rollins Jasvinder Sanghera Jay Anson Jeevithayata Ayubowan Jeff Kinney Jerome K. Jerome Jim Corbett Jo Jo Moyes Johann Rudolf Wyss Johanna Spyri John Creasey John G Fuller John Geddie John Gray John Steinbeck Jokha Alharthi Jolly Family Josh Malerman Judith Summers Just For Boys Just For Girls K4 Kabali kadima pasala Kala Nadee Gala Basee Kalki 2 Kamala Markandaya Kanda Uda gindara Kata Kirilli Kathyana Amarasinghe kd kd2 Keheli Prakasakayo Keheli publishers Kenneth Anderson Keshi Books Kevin J Anderson Kevin Missal Khaled Hossein Kid's Book Kids Board King Kong King Solomon's Mines Kirkland Revels Kishwar Desai Knut Hamsun koombiyo Kristin Barnett Ksheera Sagaraya Kalambina Kulati Muhuda Kumana Netum Keli Kumara kobei L. M. Montgomery L.L. Foreman L.M.Montgometry Lady Chatterley's Love Lady Here's Your Wreath Lady Of The Lotus Ladybird Book Ladybird Classical Lakshmi Novu Lakshmi Last Term At Malory Towers Laura Esquivel Laura Ingalls Wilder Laura Lee Hope Leadership Wisdom Lee Kuan Yew Liane Moriarty Life of Pi Life without limits Limpopo Galabasi Lionel Fernando Little Clearing In The Woods Little house Little House In Brookfield Little House in the Big Woods Little House on the Prairie Little House publication Little Town At The Crossroads Little Town on the Prairie LOBO GRAY Lorna Doone Lost Without My Daughter Louisa May Alcott Love without limits Lu Xun Luke Short M.D. ගුණසේන M.D. ගුණසේන - M. D. Gunasena Maa Maa Prathi Maa Maarayakuge Papochcharanaya Madeleine Roux Maduwanwela Mage Kokilaviye Mage Mulpotha Hewath Ohuge Kathawa mage-iridawa Magic And Mystery In Tibet Mahaakaala Mahamegha Publishers Makar Chudra malorie Malory towers Mama Novemi Mama Manmulawel Manna Bahadur Maria Angels Anglada Maria D. Wilkes Mario Puzo Mark Twain Masterman Ready Masurage Diyaniya mathaka miya adena sada Matt Crossick Maxim Gorky Meet Just William Meka Ape Jaale Kade Memories of Anne Frank Menfreya In The Morning Merian C. Cooper Michale Morpurgo Mind Game Mistress Mellyn Mona Magulakda Manda Morning Star Mostly Murder Mother Motivational books Mr.Stink Muses Publishing House My Life Fidel Castro My Dad's A Policeman My French Whore My India My Year N.Sharma Naaga Washiya Napoleon Hill Nepala Janakatha new New Term at Malory Towers new2 Nick Vujicic Nikolay Nosov Nimala Mala Nimnage ithihasaya No Comebacks No More Hurt Nogan Girihisa Nethin Iwathata Norman Vincent Peale Not Without My Daughter Novels Nujood Ali Oheth Mehemada? Meheth Ehemai Oka Thama Api Kiwwe Oleg Tikhomirov On the Banks of Plum Creek On the Night of the Seventh Moon On the Way Home Orhan Pamuk Origin Origins Love Othello Ovuhu Bagdad Awoya Paandawapura Pahan Publishers Panhida Paul Brickhill Paul E. Peiris Paul E. Pieris Paul M.M.Cooper Paulo Coelho Pearl S. Buck Peony Pet Sematary Petha Phyllis A. Whitney Piyare Saha Shon Piyen Piyawara Negen Mudunata Podi Hamudhuruwan Wethatai Pol matta Pradeep Rathnayaka Prescription for a doctor priya samaga iridawak progress Pujaniya Atamastanaya Pulun Pirawu Porisadaya Punchi Kochchiya Puzzle For The Secret Seven Queen of the Dawn Queen Sheba's Ring R.D.Blackmore R.L. Spittel R.L.Brohier Raama Ramesh Rajantharaya Ramayanaya Ramon The Brave Ramona and her father Ramona and her mother Ramona Forever Ramona Qumbi Age 8 Ramona the Pest Ramona's World Ramses Ramses 2 Ramses 3 Ramses 4 Ramses 5 raum kauluwa Ray Bradbury redee seenuwa Revolution Rhonda Byrne River Of Ink Roald Dahl Robert E. Howard Robert Ervin Howard Robert James Waller Robert Knox Robert Louis Stevenson Robert Standish Robert Svoboda Robin Cook Robin Sharma Robin Sherma Robyn Scott Romantic Ruins Run Mummy Run Ruth Ware. Saapekshani Sakkaran Samul Baker Sandamala Sandstorm Sandya Saha Vindya Sansaaranyaye Asabada Sansaranyaye Urumakkarya Sansaranyei Dhadayakkaraya Santhiparan Sapthambaraye Diga Dawasak Sarah Delmage Sarah Lean Sarana Patha Maha Parata Saratchandra Chattapadhyay Saratchandra Chattopadhyay Sareng Bou Saru pasa Sasha Satanak Mada Satanak sathange salakuna Satyayoddha Kalki Saving Danny Sayed Mahmoody Sayonara Scott Odell Sea Prayer sebe minisekuge kathawak Second Form At Malory Towers Secret Seven On The Trail Seema Self help books Senehase Donkaraya Senehasin Luhu Bandi Maranaya Shame shari lapena She She and Allan Shen Li Sigma Force Silk Vendetta Sir Arthur Conan Doyle Sir Walter Scott Sith Mahima Slumdog Millionaire Snare Of Serpents Some Inner Furry Somerset Maugham Sons and lovers Sooriya Kusuma sp sp2 Sphinx Stephen King Stephen R. Covey Suddilage Kathawa Sudha Murty Sue Macdonald Summer Term at Malory Towers Summer Term At St Clare's Sura Asura Yamaya Susan Spencer Swarna Wanniyei Walli Ammala Swiss Family Robinson Sydney Smith Sydney Taylor Tales Of Panchathanthra Tangled web Tarzan And The City of Gold Tarzan And The Forbidden City Tarzan and the Golden Lion Tarzan And The Leopard Men Tarzan The Invincible Tarzan the Terrible Tarzan The Untamed Tarzan Triumphant Teksasayei Wedikkaaaya Thapasa Premaya Thawath Ek Mawak The 7 Habits of Highly Effective People The Adventures Of Dunno and His Friends The Adventures of Huckleberry Finn The Alchemist The Amityville Horror The Black Opal The Boy Next Door The Bridges of Madison Country The Caroline Years The Caroline years 1 The Caroline years 3 The Castle Of Adventure The Castle of Otranto The Child Bride The Child of Storm The Children of the New Forest The Circus Of Adventure The Count of Monte Cristo the couple next door The Curse Of Nalanda The Da Vinci code The Death of Mrs. Westaway The Dogs of War The Eternal Lover The Eyes of Darkness The Fall The Famous Five The Final Journey The final Question The First Four Years The Fourth Protocol The Fox The Garbage King The Ghost Kings The Girl in Room 105 The God Of Small Thingd The Grapes of Wrath The Great Escape The Greatness Guide The Greatness Guide – 2 The Hardy Boys The Hound of the Baskervilles the incredible power of faith in action The Ivory Child The Jungle Girl The Lair Of The White Worm The Land that Time Forgot The Left Hand of The God The Legend Of The Man With No Name The Long Winter The Lost Symbol The Mad King The Man Eater of Malgudi The Man-eating Leopard of Rudraprayag The Married Man The Messingkauf Dialogues the monk who sold his ferrari The Monkey The Moon Maid The Moon Men & The Red Hawk The Moonflower The Mountain Road The Mysterious Kundalini The Mystery of Tally Ho Cottage The Mystery Of The Invisible Thief The Mystery Of The Strange Bundle The Night The Angels Came The O'Sullivan At St Clare's The Odyssey Of Homer The Penny Pony The People of the Mist The People that Time Forgot and out of Time's Abyss The power of positive living The Pride of the Peacock The Prince and The Pauper The Ragamuffin Mystery The Railway Children The Red Baired Woman the Return of She The Return of Tarzan The Rider The Rifle and Hound of Ceylon The Saddest Girl In The World The Sailors Wife The Sea Of Innocence The Secret Of Cliff Castle The Secret Woman The Son of Tarzan The Spirit of Bambatse the spring of the tiger The Story of My Marriage The Story of The Treasure Seekers The Teeth - How My Body Works The things men do The Treasure Hunters The Treasure Of The Great Reet The Treasure of the Lake The Tutankhamun Affair The Twins At St Clare's The Two Destinies The Violin of Auschwitz The Virgin of the Sun The Wanderer's Necklace The Wimpy Kid The Witch's Head The Wolf Leader The Woman In White The World's Desire The X files The Zoya Factor These Happy Golden Years They Came To Bagdad Thi ha tha Third Year At Malory Towers This Is The Jungle Thissa Abeysekara Three Cheers Secret Seven Three Men In A Boat Thun Mollu Tom Sullivan Too Young For Love top10 Tracy Chevalier Travels on foot through the island of ceylon Treasure Island Trending Trending Books Tri Sinhala - The Last Phase 1796-1815 Twenty Chickens for a Saddle ulfan Unstoppable Until I Say Good-Bye: My Year of Living with Joy Up From Slavery Upper Fourth At Malory Towers usborne Uthpalawannawe bhuutha kekiya Uththama gehenu Uththarithara Yashodhara Vairamuththu Varun Agarwal Vasant G. Rele Victoria Holt Vikas Swarup Viraginige Sabaa Katha Saha Chekovge Keti Katha Vishnu Sharma Vivahakaya viwartha maruth Viyaru Sihinayak Waiting wanawasanaya Wanna dasi Waris Dirie Wasana Dineki Meka Watchers Wendel With Bret Witter What Young INDIA Wants What's Better Than Money What's happening to me When Daddy Was A Little Boy When the World Shook Where The White Sambhur Roams Whirl Wind Whirlwind Whispering Wind White Fang Why Didn't They Ask Evans Wild White Boy Wilkie Collins Will you love me? Willam Shakespeare William Edmund Barrett William Murray Graydon Winter Term at Malory Towers Wisdom's Daughter Wu Chengen X Yann Martel Zhou Shuren Zilpha Keatley Snyder අචිනි හෙට්ටිආරච්චි සෝමචන්ද්‍ර අතුල විතානගේ අනුර දිසානායක අනුල ද සිල්වා අනුහස් විදුරංග අඳුරෙන් ආ උරුමක්කාරයා අපේ තාත්තා පැංචා කාලේ අබ්දුල් කලාම් ධර්මිෂ්ඨ පාලනය අභය හේවාවසම් අමන්දා දළුපොත අමර. ඒස්. කුලසිංහ අම්බිකා දිසානායක අරියරත්න ඡන්ද්‍රවංශ අලි බාබා ජැක්මා අවතැන්වුවෝ අශ්විණි ජයවර්ධන අසංක රණතුංග අසංක රුවන් සාගර අසෝක. ඇම් හේරත් අසෝකා ඇම්. හේරත් ආචාර්ය පණ්ඩිත කේ.බී.ඒ. එඩ්මන්ඩ් ආචාර්ය මොහොමඩ් මහීස් ආචාර්ය රෝහිණි විජේසුරිය ආතර් ප්‍රනාන්දු ආනන්ද අමරසිරි ආනන්ද සෙල්ලහේවා ආරියරත්න චන්ද්‍රවංශ ආරියවංශ අබේසේකර ආශිර්වාද ප්‍රකාශන ආසියාතික දේශපාලනේ හැරවුම් ලකුණ ඇඩොල්ෆ් හිටිලර් ඉ. ක. ජිනදාස ඉන්දුමතී ජයසේන ඉන්ද්‍රජිත් ඒන් ගලප්පත්ති ඉන්ද්‍රාණි කරුණාරත්න ඉන්ඳ්‍රජිත් කුමාර ඉමේෂ් මධුසංක යාපා ඉරේෂා සමරසිංහ ඊ.කොලොන්නගේ ඊසොප්ගේ උපමා කතා උඩුහාවර ආනන්ද හිමි උත්පලා ජයවර්ධන උපාලි උබයසේකර උපාලි කන්නන්ගර උපාලි රත්නායක උමයංගනා පූජනී ගුණසේකර උෂ්මි මීගහගේ එඩ්මන්ඩ් ජයසුරිය එමිලි පොත් කට්ටලය එම්. ඩී මහින්දපාල එම්. ඩී. එච්. සෙනෙවිරත්න එරික් ඉලයප්ආරච්චි එල් එස් එස් පතිරත්න එල්. එස්. එස්. පතිරත්න එල්. එස්. එස්. පතිරත්න එල්.ඩබ්.චන්ද්‍රතිලක බණ්ඩාර එස්. චන්ද්‍රසිරි දසනායක එස්. නන්දලාල් ඒ ඒ. එම්. කරුණාරත්න ඒ. පී. ගුණරත්න ඒරන්ද වාකිෂ්ට ඔෂිනි සෙව්වන්දි ගුණසේකර කඩුල්ල ප්‍රකාශකයෝ කත්‍යානා අමරසිංහ කදිම පාසල කපිල කුමාර කාලිංග කමල් පෙරේරා කරුණාතිලක හදුන්පතිරණ කවීෂ නඳුන් කග්ගොඩආරච්චි කසුන් නිරංග ද සොයිසා කාංචනා අමිලානි කීර්ති ලංකා ගුණරත්න කීර්ති වැලිසරගේ කුමාර සිරිවර්ධන කුමාරදාස බාලසුරිය කුෂාන් රණතුංග කුසුමා එපිටවල කුසුම්සිරි විජයවර්ධන කෙහෙලි ප්‍රකාශකයෝ කොන්කළ දෝණි කෝසල තිලකරත්ත කේ කේ. ජී. කරුණාතිලක කේ. සී. පෙරේරා කේ.ඒම්.සිරිසේන කේෂි සූරියදාස කෝමා කෝශලී සිරිචන්ද්‍ර කෞෂල්‍ය කුමාරසිංහ ක්‍රිශානි සඳමාලි මුණසිංහ ගංගා නිරොෂිණී සුදුවැලිකන්ද ගංගා නිරෝෂණී සුදුවැලිකන්ද ගංගා නිරෝෂිණි සුදුවැලිකන්ද ගංගා නිරෝෂිණී සුදුවැලිකන්ද ගංගා ෂයිනි ගමගේ ගයනි ගුරුගේ ගාන්ධි ගාමිණි කන්දෙපොළ ගාමිණී කුමාර විතාන ගාමිණී බස්නායක ගාමිණී හපුආරච්චි ගී ද මොපසාං ගුණතිලක මැටියගනේ ගුණතිලක මැටියනගේ ගුණදාස යාපා ගුණසේකර ගුණසෝම ගොඩගේ ප්‍රකාශන ග්‍රන්ථ සමාගම චතුර චාමින්ද චතුරංග සමරදිවාකර චන්දන ගුණසේකර චන්ද්‍ර අනගිරත්න චන්ද්‍ර ශ්‍රී රණසිංහ චන්ද්‍රශ්‍රී රණසිංහ චන්ද්‍රසිරි පල්ලියගුරු චන්ද්‍රානි අමරකෝන් චන්න්ද්‍රරතන බණ්ඩාර චම්මින්ද වෙලගෙදර චරිතා ජයසූරිය චරුණ්‍යා දෙහිගම චා. සුෂිල් මුණසිංහ චිංගීස් අයිත්මාවතවි චිත්‍රා අමරසේකර චිත්‍රා අයි පෙරේරා චින්තා ලක්ෂ්මි සිංහ ආරච්චි චින්තා ලක්ෂ්මී සිංහ ආරච්චි චින්තා ලක්ෂ්මී සිංහආරච්චි චින්තා සුභාෂිණි රණසිංහ චුලානන්ද සමරනායක චුලාභය ශාන්ත කුමාර චූලානන්ද සමරනායක චූලාභය ශාන්ත කුමාර හේරත් ජනනි සේනාධීර ජය ගතිමි ජීවිතය ජයකොඩි සෙනෙවිරත්න ජයතිලක කම්මැල්ලවීර ජයන්ති සමරසේකර ජයරත්න රුබේරු ජයශංඛ කරුණාරත්න ජැක්සන් ඇන්තනි ජිනේන්ද්‍රවංශ ද සිල්වා ජී.ඩබ්ලිව්. නන්දිසේන ජී.බී.සේනානායක ජීවන්ත දයානන්ද ජේ.ඊ. ගුණසේකර ටෙනිසන් පෙරේරා ටෙනිසන් පෙරේරා ටෝනි රණසිංහ ඩබ්. එස්. බණ්ඩාර ඩබ්ලිව්. ජි. වැල්ලවත්ත ඩී පීටර් ඩී බී මල්ලිකාරච්චි ඩී. පී. වික්‍රමසිංහ ඩී. පී. සමරසිංහ ඩී.එච්.ලෝරන්ස් ඩේවිඩ් කරුණාරත්න ඩේවිඩ් හසී තත්සරණි සතරසිංහ තනුජා ලුම්බිණි තඹවිට තරිඳු උදුවරගෙදර තරිඳු ශ්‍රී ලොකුගමගේ තරුෂි නිරංගා ජයසිංහ තිලක කුඩාහෙට්ටි තිස්ස ප්‍රේමසිරි තුෂාරි සුදසිංහ ජයවර්ධන තොම්සන් ඒ. වැන්දබෝනා ත්‍රිමාණ ප්‍රකාශන දයා ඩි. ෆොන්සේකා දයා ඩී. ෆොන්සේකා දයාපාල ජයනෙත්ති දයාවංශ ජයකොඩි සහ සමාගම දර්ශන එරංග දර්ශන චන්දිමාල් දර්ශනා ශම්මි විජේතිලක දිමුතු සමුද්‍ර ලියනගේ දිලීප ජයකොඩි දිල්හාරා සන්දීපනී දීප්ති මංගලා දේවක සඳරුවන් ධනපාල ගුණසේකර නදී කම්මැල්ලවිර නදීකා බෝගහවත්ත නදීරා විජේන්ද් නබෝ ප්‍රකාශන නයනා ජයසිංහ නලින් ප්‍රකාශකයෝ නවෝද්‍යා වැලිගමගේ නිබන්ධිකා වන්නිනායක නිමල් බණ්ඩාර නිමිමි මුදිතා හේරත් නිම්මි මුදිතා හේරත් නිලූක කඳුරුගමුව නිලේකා ධනංජනී ගුණවර්ධන නිල් ලකී ක්‍රිස්ටෝපර් නිශානි දිසානායක නිශ්ශංක විජේමාන්න නිෂාදි තෙන්නකෝන් නිහාරා මොනරවිල නීල් විජේරත්න නෝබට් අයගමගේ නෞමි කත්‍යානා ධර්මරත්න පංච තන්ත්‍ර කතන්දර පද්මා ගුණසේකර පරාක්‍රම ඇස්. විජේවර්ධන පායි ගේ විස්මිත මුහුදු ගමන පාලිත ජයකොඩි පියදාස උඩවත්ත පියල් පනාපිටිය පිළිකා වාට්ටුව පී. ඇම්. සේනාරත්න පී.බී. ජයසේකර පොත් මී පොත් මී ප්‍රතිභා ප්‍රකාශන ප්‍රදිප්කුමර බාලසූරිය ප්‍රදීප් කුමාර බාලසූරිය ප්‍රභාත් මිරිහාගල්ල ප්‍රමුදිත දේවසුරේන්ද් ප්‍රියංකා කහවණුගොඩ ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා ප්‍රීති රණ්දෙනිය ප්‍රේමකීර්ති රණතුංග ප්‍රේමචන්ද්‍ර අල්විස් ප්‍රේමසිරි මාහිංගොඩ බන්දුල පී. දයාරත්න බරීස් පලෙවොයි බිසෝ ප්‍රකාශන බෙදිම් සහ බැඳිම් භද්‍රජි මහින්ද ජයතිලක භාතිය අර්තනායක මංගල සෝමලාල් රාසිංආරච්චි මංජුල දිසානායක මංජුල වෙඩිවර්ධන මංජුල සේනාරත්න මනෙල් කරුණාතිලක මනෝරි ගමගේ මනෝ ප්‍රනාන්දු මනෝහරී ජයලත් මලික් තුසිත ගුණරත්න මලිති රත්නායක මලී දිසානායක මල් නගරයේ පොඩ්ඩෝ මල්කාන්ති ගුණතුංග මහාචාර්ය බන්දුසේන ගුණසේකර මහානාම දුනුමාල මහින්ද කරුණාරත්න මහින්ද ප්‍රසාද් මස්ඉඹුල මහින්ද සෙනරත් ගමගේ මහින්ද හත්තක මහේෂි වීරකෝන් මාධවී සේනාරත්න මානෙල් ඊරියගම මානෙල් කරුණාතිලක මානෙල් ජයන්ති ගුණසේකර මායාරංජන් මායාසටන් මාලිනි ගෝවින්නගේ මාලිනී ගෝවින්නගේ මිහිලි මුතු කරාබුව පැළඳි යුවතිය මුතුමුදලිගේ නිශ්ශංක මුදිතා කරුණාසිංහ මුදිතා හෙරත් මුදිතා හේරත් මොහාන් රාජ් මඩවල මොහාන් රාජ් මඩවල මොහාන් ශ්‍රියන්ත ආරියවංශ යනූෂා ලක්මාලි යශෝදරා ගුණසේකර යේෂා ෆර්නෑන්ඩු රංගන කුරුවිට රංජන් වික්‍රමනායක රංජිත් කුරුප්පු රත්නායක තිලකරත්න රමණි රුක්ලාන්ති රවි රත්නවේල් රවීන්ද්‍ර විජේවර්ධන රාණි සේනාරත්න රාජපක්ෂ රුක්ෂාන් ප්‍රභාත් කරුණාතිලක රුදු රොන් සුනු රුවන් සමරසිංහ රුවිනි තල්පාවිල රූපා ශ්‍රියානි ඒකනායක රෝහණ රත්නායක රෝහිණි විජේසුරිය ලක්මාලි කරුණානායක ලක්ශාන්ත අතුකෝරල ලයනල් මුණසිංහ ලෂ්මන් දෙවසේන ලසිත රවීන් උමගිලිය ලස්සන වසිලිස්සා ලියනගේ අමරකීර්ති ලීලනන්ද ගමාච්චි ලීලානන්ද ගමාච්චි ලූනු සහ කඳුළු ලූශුන් චීන විප්ලවයේ පන්හිද ලේඛා මදරසිංහ වන රජදහන වන වදුලේ පුංචි ගෙදර වර්නන් පෙරේරා වසන්තා පිගේරා විජිතානන්ද යද්දෙහිගේි විජේසුරිය ග්‍රන්ථ කේන්ද්‍රය විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය විදර්ශන ප්‍රකාශන විමලසේන කංකානමගේ විමල් හපුගොඩාඅරච්චි විරාජිනී තෙන්නකෝන් විලියම්ගේ උපන්දිනය සහ වෙනත් කතා විසි වසක් වන්නියේ වෘකයන්ගේ අඩවිය හෙවත් වයිට් ෆෑන්ග් වෙෙද්‍ය ලංකා දසනායක වෛද්‍ය ඉරේෂ එස්. දසනායක වෛද්‍ය නුවන් තොටවත්ත වෛද්‍ය සරත් පඬුවාවල ශමෙල් ජයකොඩි ශාඕ චී යාං (කසුන්) - ලියු හුයි (රසිකා) ශාන්ත බන්නක ශාන්ති දිසානායක ශ්‍යාමන් හේමකොඩි ශ්‍රීමා ලාලනී ෂෙං ලි සචින්තා ලයානි සචී පනාවල සතුටු පවුල සන්ථව ප්‍රකාශන සඳ උත්පලාවී සමදරා චාන්දනී දන්තනාරායන සමන් අතාවුදහෙට්ටි සමන් ආතාවුදහෙට්ටි සමන් කලුආරච්චි සමයවර්ධන සමයවර්ධන ප්‍රකාශකයෝ සමරවීර විජයසිංහ සමරසිංහ ගුණසේකර සමුද්‍ර සෙනරත් සමුර්දි බදුගේ සයිමන් නවගත්තේගම සයුර ප්‍රකාශන සරත් කැල්ලපත සරත් විජේසූරිය සරත්චන්ද්‍ර ජයකොඩි සරසවි ප්‍රකාශකයෝ සරසවි ප්‍රකාශන සරිත් විජේසුන්දර සරු පස සවින්දි ආරියතිලක සාගර විජේසේන සෑබෑ මිනිසෙකුගේ කතාවක් සිබිල් වෙත්තසිංහ සිරිල් චන්ද්‍රෙස්කර ගුණවර්ධන සිරිසේන රත්නායක සීලානි කරුණාරත්න සුගතපාල ද සිල්වා සුජීව දිසානායක සුජීව හෙට්ටිතන්ත් සුදත් පොඩිරත්න සුදත් රොහාන් සුදර්මන් සතරසිංහ සුනිල් එල්.ආර්. බණ්ඩාර සුනිල් කුලරත්න සුනිල් සිරිවර්ධන සුනේත්‍රා රාජකරුණානායක සුමිත් නානායක්කාර සුමිත්‍රා රාහුබද්ධ සුමුදු ප්‍රේමචන්ද් සුරත් ද මැල් සුරේඛා සමරසේන සුසන්ත දන්දෙණිය සුසර ප්‍රකාශකයෝ සුසර ප්‍රකාශකයෝ සුසිත රුවන් සුුභාවි ප්‍රකාශන සූරිය ප්‍රකාශකයෝ සේන තෝරදෙනිය සේනානි ධර්මරත්න සේපාලි මායාදුන්නේ සේමාලි කැල්ලපත සොමසිරි ලියනගේි සෝමරත්න බාලසූරිය සෝමවීර සේනානායක සෝමා ටී. පෙරේරා ස්ටැන්ලි පතිරාජ ස්වර්ණකාන්ති රාජපක්ෂ හක්ල්බරිගේ හපන්කම් හයිඩ් හසිත අබේවර්ධන හසිත කැකුලාවල ළහිරු කෝකිල විතාන.Order by Ascending Descending.Filter Order by price Order by date Order by title.15%.පොලිස් නිලධාරියෙකුගේ මතක සටහන්.In Stock.රු650.00 රු553.00.Add to cart.𝐇𝐮𝐧𝐭𝐞𝐫 𝐇𝐨𝐥𝐝𝐢𝐧𝐠𝐬 (𝐏𝐕𝐓) 𝐋𝐭𝐝..685 B, 3rd Kurana, Colombo Road, Negombo.0713 551 [email protected] categories.අධ්‍යාපනික.ආගමික.කාව්‍යය.කෙටිකතා.චරිතාපදාන.ත්‍රාස්‍යජනක.ධනාත්මක / මනෝවිද්‍යා.නවකතා.පරිවර්තන.විශේෂ පොත් කට්ටල.වෙනත්.සම්මානලාභී / නිර්දේශිත.ළමා.Quick Look.Home.All Books.Authors.Publishers.English Books.About Us.Contact Us.Security..© All rights Reserved by 𝐇𝐮𝐧𝐭𝐞𝐫 𝐇𝐨𝐥𝐝𝐢𝐧𝐠𝐬 (𝐏𝐕𝐓) 𝐋𝐭𝐝 . 2021 CREATED BY VW-VerveWebs..My Cart (0 items).No products in the cart. |
බදියුදීන්ගේ මාමණ්ඩියට ඇප ඉල්ලා කළ ඉල්ලිම ප්‍රතික්ෂේප වෙයි - Tharunaya.com.Page Nav.HIDE.Grid.GRID_STYLE.Hover Effects.TRUE.Pages.About.Write for Us.Advertising.{fbt_classic_header}.Header Ad.Main Menu.HOME.සිංහල ටෙලිනාට්‍ය.ගින්දර වීඩියෝ.දේපළ ඉඩකඩම් විකිණිමට.ලග්න ඵලාපල.රථවාහන විකිණිමට.Contact Us.Breaking News:.latest.Contact Us.Name.Email *.Message *.බදියුදීන්ගේ මාමණ්ඩියට ඇප ඉල්ලා කළ ඉල්ලිම ප්‍රතික්ෂේප වෙයි.News August 27, 2021 ගොසිප් Edit this post.Facebook.Twitter.Linkedin.Pinterest.Email.මෙහෙකාර සේවයේ යෙදී සිටියදී පිලිස්සීමෙන් මියගිය දැරියගේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහත.....මෙහෙකාර සේවයේ යෙදී සිටියදී පිලිස්සීමෙන් මියගිය දැරියගේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ගේ මාමණ්ඩියට කොවිඩ් ආසාදිතව ඇති බැවින් ඔහු ඇප මත මුදා හරින ලෙසට නිතීඥවරුන් කළ ඉල්ලීමක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය අද (27) ප්‍රතික්ෂේප කළාය..සැකකරුට කොවිඩ් ආසාදිතවී නම් ඔහු වහාම රෝහල්ගත කර අවශ්‍ය ප්‍රතිකාර ලබා දීමට පියවර ගන්නා ලෙසට මෙහිදී මහේස්ත්‍රාත්වරිය බන්ධනාගාර අධිකාරීවරයාට නියෝග කළාය..තම සේවාදායකයාට කොවිඩ් ආසාදිතවී ඇති බැවින් ඕනෑම කොන්දේසියක් මත ඔහුට ඇප ලබා දෙන ලෙසට මෙම සිද්ධියේ දෙවැනි සැකකරු වන අලි ඉබ්‍රාහීම් සායිබු කිදර් මොහොමඩ් සිහාබ්දීන් නමැත්තා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නිතීඥ අනූජ ප්‍රේමරත්න මහතා කළ ඉල්ලීමක් මහේස්ත්‍රාත්වරිය එසේ ප්‍රතික්ෂේප කළාය..ජනාධිපති නිතීඥ අනූජ ප්‍රේමරත්න මහතා අද (27) අධිකරණයෙන් මෙම ඉල්ලීම කළේ මෝසම් පත්‍රයක් ඉදිරිපත් කරමිනි. තම සේවාදායකයා කොවිඩ් මර්දන දෙවැනි එන්නත ලබා ගෙන නොමැති බවත් එහෙයින් ඔහුට ජිවිත තර්ජනයක් ඇතිවීමේ ඉඩක් ඇති බවත් සදහන් කළ ජනාධිපති නිතීඥ අනූජ ප්‍රේමරත්න මහතා ඔහුට අවශ්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සදහා රෝහල්ගත වීමට අවශ්‍ය බැවින් ඇප මත මුදා හරින ලෙසට අධිකරණයෙන් ඉල්ලීය..බන්ධනාගාර ගත රැඳවියකුට කොවිඩ් ආසාදිත වූ බවට සඳහන් කළ පමණීන් ඇප ලබා දිය නොහැකි බවත් ප්‍රතිකාර ලබාදීම සඳහා බන්ධනාගාර අධිකාරිවරයාට නියෝගයක් නිකුත් කළ හැකි බවත් මෙහිදී මහේස්ත්‍රාත්වරිය සදහන් කළාය..ඒ අනුව, ඇප ලබා දෙන ලෙසට කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ අධිකරණය සැකකරුට අවශ්‍ය ප්‍රතිකාර ලබාදිමට කටයුතු කරන ලෙසට බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කළේය..lankadeepa..Facebook.Twitter.Linkedin.Pinterest.Email.Related Posts.ගොසිප්.No comments.Newer Post Older Post Home.Subscribe to: Post Comments (Atom).Popular Posts.දමිතා අබේරත්න රක්ෂිත බන්ධනාගාරයට.සූරියවැව මන්දපෝෂණ රැස්වීමේ ජනතාව විරෝධතා.ඩී.වී.චානක ඇමතිකම එපා කියයි..සරුසාර එකක් ඉල්ලයි.පාර්ලිමේන්තුව විසුරුවා හදිසි මහ මැතිවරණයක්..පොහොට්ටුවේ දැඩි විරෝධය.රාජ්‍ය ඇමතිලා 35ක් දිවුරන්න සූදානම්.Latest Posts.{latest}.Cloud Labels.Corona උණුසුම් පුවත උණුසුම් පුවත් කලා පුවත් කොරෝන කොරෝනා ක්‍රීඩා පිටිය ගොසිප් ජායා රූප දේශපාලන මුළුතැන්ගෙය රූපලාවන්‍ය විදෙස් පුවත් ව්‍යාපාරික පුවත්.Powered by Blogger..Ads Place.Featured Post.ගල් අගුරු නැව් එනවා..පැය 8-10 විදුලි කැපිල්ලක් නෑ.ගල් අඟුරු තොග මිලදී ගැනීමට සැලසුම් කර ඇති නිසා ඉදිරියේදී පැය 8-10ත් අතර විදුලි කප්පාදුවක් කිරීමට අවශ්‍ය නොවනු ඇති බව ලංකා ගල් අඟුරු සමාගම පව....Popular Posts.සූරියවැව මන්දපෝෂණ රැස්වීමේ ජනතාව විරෝධතා.පාර්ලිමේන්තුව විසුරුවා හදිසි මහ මැතිවරණයක්..පොහොට්ටුවේ දැඩි විරෝධය.මන්ත්‍රිනියකගේ පුතා හෙරොයින් සමග අත්අඩංගුවට.සියළු ශ්‍රීලනිප ඇමතිවරුන්ගේ තනතුරු අහෝසි කරයි.Category.Corona 15.උණුසුම් පුවත 1106.උණුසුම් පුවත් 9134.කලා පුවත් 33.කොරෝන 48.කොරෝනා 2520.ක්‍රීඩා පිටිය 273.ගොසිප් 1.ජායා රූප 3.දේශපාලන 2085.මුළුතැන්ගෙය 26.රූපලාවන්‍ය 18.විදෙස් පුවත් 3.ව්‍යාපාරික පුවත් 40.Copyright ©.Footer Menu.Home.About Us.Privacy.Contact |
ලක්සල ප්‍රදර්ශනාගාරයක් ඇමෙරිකාවට - Tharunaya.com.Page Nav.HIDE.Grid.GRID_STYLE.Hover Effects.TRUE.Pages.About.Write for Us.Advertising.{fbt_classic_header}.Header Ad.Main Menu.HOME.සිංහල ටෙලිනාට්‍ය.ගින්දර වීඩියෝ.දේපළ ඉඩකඩම් විකිණිමට.ලග්න ඵලාපල.රථවාහන විකිණිමට.Contact Us.Breaking News:.latest.Contact Us.Name.Email *.Message *.ලක්සල ප්‍රදර්ශනාගාරයක් ඇමෙරිකාවට.News August 27, 2021 උණුසුම් පුවත් Edit this post.Facebook.Twitter.Linkedin.Pinterest.Email.ඉතිහාසයේ ප්‍රථම වරට ”ලක්සල” අළෙවි ප්‍රදර්ශනාගාරයක් ඇමරිකා එක්සත් ජනපදයේ විවෘත කිරීම සඳහා වූ ව්‍යාපාරික ගිවිසුමකට අත්සන් තැබීම “ලක්සල” ආයතනය....ඉතිහාසයේ ප්‍රථම වරට ”ලක්සල” අළෙවි ප්‍රදර්ශනාගාරයක් ඇමරිකා එක්සත් ජනපදයේ විවෘත කිරීම සඳහා වූ ව්‍යාපාරික ගිවිසුමකට අත්සන් තැබීම “ලක්සල” ආයතනය හා “බූම් ලංකා බතික් ඇන්ඩ් ගිෆ්ට්ස් එල්.එල්.සී (සිලෝන් ගැලරි)” වරලත් නියෝජිත ආයතනය අතර සිදුකෙරිණි..මෙම ගිවිසුම අත්සන් තැබීම තුම්මුල්ල ”ලක්සල” ආයතනයේදී සිදුකෙරිණි..කොවිඩ් වසංගත තත්වය සමඟ විදේශීය සංචාරකයින් මෙරටට නොපැමිණීම නිසා සියයට 90 කින් පමණ පහත වැටුණු ලක්සල අලෙවි ආදායම නව ව්‍යාපාරික සැලැස්මක් යටතේ පූර්ණය කර ගැනීම හා දේශීය නිෂ්පාදකයන්ට ශක්තිය සැපයීම මෙහි මූලික අරමුණ බව මෙම අවස්ථාවට එක්වෙමින් බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟලුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසීය..ඇමරිකා එක්සත් ජනපදයේ “ෆ්ලොරිඩා” හි ආරම්භ කරනු ලබන එම වරලත් අලෙවිසැල මගින් ”ලක්සල” සන්නාමය යටතේ මෙරට පාරම්පරික හස්ත කර්මාන්ත නිර්මාණ ශිල්පීන්ගේ භාණ්ඩ බතික්, අත්යන්ත්‍ර රෙදිපිළි හා ශ්‍රී ලාංකීය තේ, කෝපි, කුළුබඩු, ආයුර්වේද නිෂ්පාදන, කාබනික ආහාර වර්ග හා දේශීය රූපලාවන්‍ය භාණ්ඩ ආදිය ප්‍රවර්ධනය කිරීමට නියමිතය..මෙවැනි ”ලක්සල” අලෙවි ප්‍රදර්ශනාගාර 50ක් ඇමරිකාවේ අනෙකුත් ප්‍රාන්ත තුලද ස්ථාපිත කිරීමට සියළු කටයුතු සූදානම් කර අවසන් බව රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය..මීට අමතරව 2023 වසර අවසන් වීමට ප්‍රථම මෙවැනි වරලත් අලෙවි නියෝජිත ප්‍රදර්ශනාගාර ජපානය, ඕස්ටේ්‍රලියාව, එක්සත් රාජධානිය, කැනඩාව හා මැදපෙරදිග රටවල් තුළද විවෘත කිරීමට සැලසුම් කරමින් සිටින බව දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේය..බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟලුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍යංශ ලේකම් ජානක ධර්මකීර්ති, ලක්සල ආයතන සභාපති නීතීඳ ලක්මල් වික්‍රමආරච්චි යන මහත්වරුන් සහ සිලෝන් ගැලරි වරලත් නියෝජිත ආයතන සභාපති සුදර්මා වර්ණකුලසූරිය මෙනෙවිය ද මෙම අවස්ථාවට එක්ව සිටියහ..lankadeepa.Facebook.Twitter.Linkedin.Pinterest.Email.Related Posts.උණුසුම් පුවත්.No comments.Newer Post Older Post Home.Subscribe to: Post Comments (Atom).Popular Posts.දමිතා අබේරත්න රක්ෂිත බන්ධනාගාරයට.සූරියවැව මන්දපෝෂණ රැස්වීමේ ජනතාව විරෝධතා.ඩී.වී.චානක ඇමතිකම එපා කියයි..සරුසාර එකක් ඉල්ලයි.පාර්ලිමේන්තුව විසුරුවා හදිසි මහ මැතිවරණයක්..පොහොට්ටුවේ දැඩි විරෝධය.රාජ්‍ය ඇමතිලා 35ක් දිවුරන්න සූදානම්.Latest Posts.{latest}.Cloud Labels.Corona උණුසුම් පුවත උණුසුම් පුවත් කලා පුවත් කොරෝන කොරෝනා ක්‍රීඩා පිටිය ගොසිප් ජායා රූප දේශපාලන මුළුතැන්ගෙය රූපලාවන්‍ය විදෙස් පුවත් ව්‍යාපාරික පුවත්.Powered by Blogger..Ads Place.Featured Post.ගල් අගුරු නැව් එනවා..පැය 8-10 විදුලි කැපිල්ලක් නෑ.ගල් අඟුරු තොග මිලදී ගැනීමට සැලසුම් කර ඇති නිසා ඉදිරියේදී පැය 8-10ත් අතර විදුලි කප්පාදුවක් කිරීමට අවශ්‍ය නොවනු ඇති බව ලංකා ගල් අඟුරු සමාගම පව....Popular Posts.සූරියවැව මන්දපෝෂණ රැස්වීමේ ජනතාව විරෝධතා.පාර්ලිමේන්තුව විසුරුවා හදිසි මහ මැතිවරණයක්..පොහොට්ටුවේ දැඩි විරෝධය.මන්ත්‍රිනියකගේ පුතා හෙරොයින් සමග අත්අඩංගුවට.සියළු ශ්‍රීලනිප ඇමතිවරුන්ගේ තනතුරු අහෝසි කරයි.Category.Corona 15.උණුසුම් පුවත 1106.උණුසුම් පුවත් 9134.කලා පුවත් 33.කොරෝන 48.කොරෝනා 2520.ක්‍රීඩා පිටිය 273.ගොසිප් 1.ජායා රූප 3.දේශපාලන 2085.මුළුතැන්ගෙය 26.රූපලාවන්‍ය 18.විදෙස් පුවත් 3.ව්‍යාපාරික පුවත් 40.Copyright ©.Footer Menu.Home.About Us.Privacy.Contact |
කොරෝනා මර්ධන කමිටුවේදී අද ගත් තීන්දු මෙන්න… - Tharunaya.com.Page Nav.HIDE.Grid.GRID_STYLE.Hover Effects.TRUE.Pages.About.Write for Us.Advertising.{fbt_classic_header}.Header Ad.Main Menu.HOME.සිංහල ටෙලිනාට්‍ය.ගින්දර වීඩියෝ.දේපළ ඉඩකඩම් විකිණිමට.ලග්න ඵලාපල.රථවාහන විකිණිමට.Contact Us.Breaking News:.latest.Contact Us.Name.Email *.Message *.කොරෝනා මර්ධන කමිටුවේදී අද ගත් තීන්දු මෙන්න….News August 27, 2021 දේශපාලන Edit this post.Facebook.Twitter.Linkedin.Pinterest.Email.දැනට පවතින නිරෝධායන ඇඳිරි නීති කාල සීමාව සැප්තැම්බර් 06 දා අළුයම 4.00 දක්වා දීර්ඝ කිරීමට තීරණය කෙරේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධා.....දැනට පවතින නිරෝධායන ඇඳිරි නීති කාල සීමාව සැප්තැම්බර් 06 දා අළුයම 4.00 දක්වා දීර්ඝ කිරීමට තීරණය කෙරේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (27) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති කොවිඩ් මර්දන විශේෂ කමිටු රැස්වීමේ දී මෙම තීරණයට එළැඹිණ..එන්නත්කරණ වැඩපිළිවෙළෙහි ප්‍රගතිය පිළිබඳ මෙහිදී දීර්ඝ වශයෙන් සමාලෝචනයට ලක් කෙරුණු අතර මෙතෙක් එන්නත ලැබී නැති වයස අවුරුදු 30ට වැඩි යම් පුද්ගලයෙක් හෝ ප්‍රදේශයක් වේ නම් ඒ බව දන්වා, අවශ්‍ය එන්නත් ඉල්ලුම් කරන ලෙස සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් දැනුවත් කරන්නැයි ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය..යම් කරුණක් හේතුවෙන් එන්නතේ පළමු මාත්‍රාව ලබා ගැනීමට නොහැකි වූ අයෙක් වේ නම් දෙවන මාත්‍රාව ලබා දෙන ස්ථානයකදි එය ලබාගැනීමට අවස්ථාව සලසා ඇති බව සඳහන් කෙරිණ..එන්නත ලබා ගැනීම සඳහා ජනතාව උනන්දු කරවීමට ප්‍රාදේශීය දේශපාලනඥයන් කටයුතු කළ යුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාා පෙන්වා දුන්නේය..මෙම වෛරසය පාලනය කර ගැනීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ මෙතෙක් නිර්දේශ ඉදිරිපත් කළ වෛද්‍යවරු සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රධානීන් ඉදිරියේ දී ද ගතයුතු සුදුසුම ක්‍රියාමාර්ග පිළිබඳ නිරන්තර අවධානයෙන් කටයුතු කළ යුතු බව ජනාධිපතිවරයා සඳහන් කළේය..වයස අවුරුදු 60ට වැඩි සහ බෝ නොවන රෝගවලින් පෙළෙන පුද්ගලයන්ට වෛරසය ආසාධනය වුවහොත් හැකි ඉක්මණින් රෝහල් ගත කළ යුතුය. එසේ රෝහල්ගත වන පුද්ගලයන් නිසි වෛද්‍ය ප්‍රතිකාරවලින් සුවය ලබා ඉක්මණින් රෝහල්වලින් පිටව යාම වාර්තා වන බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය..කොවිඩ් ආසාධිතයෙකු නොවන සහ නිවසේ කිසිවෙකු නිරෝධායනයට ලක් නොවන පුද්ගලයෙකු මිය ගිය හොත් දේහය පිළිබඳ අවසන් කටයුතු පැය 24ක් ඇතුළත සිදු කිරීමට ගෙන ඇති තීරණය තවදුරටත් ක්‍රියාත්මක කිරීම කෙරෙහි විශේෂ අවධානය යොමු විය..නිවෙස්වල ප්‍රතිකාර ලබන කොවිඩ් රෝගීන් නිරන්තර වෛද්‍ය අධීක්ෂණයට ලක් කිරීමේ වැඩපිළිවෙළ මේ වන විට සාර්ථකව ක්‍රියාත්මක වන බව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය..නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන කාලසීමාව තුළ ජනතාවගේ දෛනික අවශ්‍යතා ඉටු කිරීමට ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳ සමාලෝචනය කෙරුණු අතර දෛනික රැකියාවල නිරත සහ අඩු ආදායම්ලාභී ජනතාව කෙරෙහි විශේෂ අවධානයෙන් කටයුතු කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා අවධාරණය කළේය..ජාතික ආර්ථිකය ද කළමනාකරණය කර ගනිමින් වසංගතය පාලනය කර ගැනීමේ අවශ්‍යතාවය අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් පෙන්වා දෙනු ලැබිණ..ජනතාවට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහන මිලට ලබාදීමට ස.තො.ස මගින් ක්‍රියාත්මක වැඩපිළිවෙළ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැහැදිළි කළේය..දිවයිනම ආවරණය වන පරිදි ජනතාවට දේශීය ප්‍රතිශක්ති වර්ධක ඖෂධ ලබාදීම සඳහා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය මගින් ක්‍රියාවට නංවා ඇති ව්‍යාපෘති පිළිබඳ රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා විස්තර කළේය..මෙම වසංගත තත්ත්වය සහ ඉන් ආරක්ෂා වීමට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ නිරන්තරයෙන් ජනතාව දැනුවත් කරමින් නිසි මාධ්‍ය මෙහෙවර ඉටු කිරීමට සියලු රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය කැපවී සිටින බව සඳහන් කළ අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා එම කටයුතු සම්බන්ධීකරණය ජනමාධ්‍ය අමාත්‍යාංශය මගින් සිදු කරන බව ද පැවසීය..නිසි සෞඛ්‍යාරක්ෂිත පුරුදු අනුගමනය කරමින් මෙම රෝගයෙන් වැළකී සිටීමේ වගකීම මහජනතාවට පැවරෙන බව කොවිඩ් මර්දන කමිටු සාමාජික විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සඳහන් කළේය..අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, අමාත්‍යවරුන් වන බැසිල් රාජපක්ෂ, කෙහෙළිය රඹුක්වැල්ල, බන්දුල ගුණවර්ධන, ඩලස් අලහප්පෙරුම, රාජ්‍ය අමාත්‍යවරුන් වන සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ , සිසිර ජයකොඩි, චන්න ජයසුමන, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, සෞඛ්‍ය ලේකම් මේජර් ජෙනරාල් විශේෂඥ වෛද්‍ය සංජීව මුණසිංහ, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හා යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන යන මහත්ම මහත්මීහු ඇතුළු කොවිඩ් මර්දන විශේෂ කමිටුවේ සාමාජිකයෝ මේ අවස්ථාවට එක්ව සිටියහ..– ජනාධිපති මාධ්‍ය ඒකකය.lankacnews.Facebook.Twitter.Linkedin.Pinterest.Email.Related Posts.දේශපාලන.No comments.Newer Post Older Post Home.Subscribe to: Post Comments (Atom).Popular Posts.දමිතා අබේරත්න රක්ෂිත බන්ධනාගාරයට.සූරියවැව මන්දපෝෂණ රැස්වීමේ ජනතාව විරෝධතා.ඩී.වී.චානක ඇමතිකම එපා කියයි..සරුසාර එකක් ඉල්ලයි.රාජ්‍ය ඇමතිලා 35ක් දිවුරන්න සූදානම්.පාර්ලිමේන්තුව විසුරුවා හදිසි මහ මැතිවරණයක්..පොහොට්ටුවේ දැඩි විරෝධය.Latest Posts.{latest}.Cloud Labels.Corona උණුසුම් පුවත උණුසුම් පුවත් කලා පුවත් කොරෝන කොරෝනා ක්‍රීඩා පිටිය ගොසිප් ජායා රූප දේශපාලන මුළුතැන්ගෙය රූපලාවන්‍ය විදෙස් පුවත් ව්‍යාපාරික පුවත්.Powered by Blogger..Ads Place.Featured Post.ඔක්ටේන් 80 බාල පෙට්‍රල් ලීටර අනූලක්ශයක් තෙල් සංස්ථා ටැංකි වල.සපුගස්කන්ද තෙල් පිරිපහදුව නිෂ්පාදනය කරන දැවිතෙල් වල සල්ර්ප ප්‍රතිශතය වැඩි වීම මත කර්මාන්තශාලා වලින් දැවි තෙල් මිලට ගැනීම ප්‍රතික්ෂේප කර ඇතැය....Popular Posts.සූරියවැව මන්දපෝෂණ රැස්වීමේ ජනතාව විරෝධතා.පාර්ලිමේන්තුව විසුරුවා හදිසි මහ මැතිවරණයක්..පොහොට්ටුවේ දැඩි විරෝධය.මන්ත්‍රිනියකගේ පුතා හෙරොයින් සමග අත්අඩංගුවට.සියළු ශ්‍රීලනිප ඇමතිවරුන්ගේ තනතුරු අහෝසි කරයි.Category.Corona 15.උණුසුම් පුවත 1105.උණුසුම් පුවත් 9133.කලා පුවත් 33.කොරෝන 48.කොරෝනා 2520.ක්‍රීඩා පිටිය 273.ගොසිප් 1.ජායා රූප 3.දේශපාලන 2085.මුළුතැන්ගෙය 26.රූපලාවන්‍ය 18.විදෙස් පුවත් 3.ව්‍යාපාරික පුවත් 40.Copyright ©.Footer Menu.Home.About Us.Privacy.Contact |
එන පොට හොද නෑ.. ඩෙල්ටා දරුවන් අතර වේගයෙන් පැතිරෙනවා.. ඇතුලත් කරන්න රෝහල් නෑ..- රිජ්වේ රෝහලෙන් රටට කියයි.. - Tharunaya.com.Page Nav.HIDE.Grid.GRID_STYLE.Hover Effects.TRUE.Pages.About.Write for Us.Advertising.{fbt_classic_header}.Header Ad.Main Menu.HOME.සිංහල ටෙලිනාට්‍ය.ගින්දර වීඩියෝ.දේපළ ඉඩකඩම් විකිණිමට.ලග්න ඵලාපල.රථවාහන විකිණිමට.Contact Us.Breaking News:.latest.Contact Us.Name.Email *.Message *.එන පොට හොද නෑ.. ඩෙල්ටා දරුවන් අතර වේගයෙන් පැතිරෙනවා.. ඇතුලත් කරන්න රෝහල් නෑ..- රිජ්වේ රෝහලෙන් රටට කියයි...News August 06, 2021 කොරෝනා Edit this post.Facebook.Twitter.Linkedin.Pinterest.Email.ඩෙල්ටා කොරෝනා ප්‍රභේදය ශ්‍රී ලංකාවේ දරුවන් අතර ශීඝ්‍රයෙන් පැතිරී යමින් තිබෙන බවත් පවතින තත්ත්වය අනුව ඉදිරියේදී දරුවන් ඇතුළත් කිරීමට රෝහලක්.....ඩෙල්ටා කොරෝනා ප්‍රභේදය ශ්‍රී ලංකාවේ දරුවන් අතර ශීඝ්‍රයෙන් පැතිරී යමින් තිබෙන බවත් පවතින තත්ත්වය අනුව ඉදිරියේදී දරුවන් ඇතුළත් කිරීමට රෝහලක් පවා සොයාගැනීමේ අපහසුවක් ඇතිවිය හැකි නිසා දරුවන් දැඩි ලෙස ආරක්ෂා කරගත යුතු බවත් රිජ්වේ ආර්යා ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රධානී, ළමා රෝග විශේෂඥ වෛද්‍ය නලීන් කිතුල්වත්ත මහතා අවධාරණය කරයි..“කොවිඩ් සහ ළමයි සම්බන්ධයෙන් කතා කරන කොට ඉතාමත් කෙටියෙන්ම කියන්න තියෙන්නේ එනපොට හොඳ නෑ කියලයි. අපිට කියන්න තියන පණිවුඩය තමයි දරුවන් ආරක්ෂා කරගන්න. දරුවන් පරිස්සම් කරගන්න. මම මෙහෙම කියන්නේ ඇයි? මේකට හේතු ගණනාවක් තියනවා. රිජ්වේ ආර්යා ළමා රෝහල විතරක් නෙවෙයි, බොහෝ රෝහල්වල දරුවන්ට කොවිඩ් වැළඳුනහම ප්‍රතිකාර කරන වාට්ටු දැන් පිරි ඉතිරී යමින් තිබෙනවා. කෙටියෙන්ම කියනවා නම් දරුවෙකුට කොවිඩ් වැළඳුනොත් රෝහලක් හොයාගන්න අමාරු තත්ත්වයක් දැන් ඇතිවෙලා තියනවා.“.“දෙමව්පියන්ගෙන් සියයට අනූවක්ම මට කතා කරන්නේ කොවිඩ් සම්බන්ධයෙන්. මගේ දරුවට කොවිඩ් හැදිල තියනවා. මොකද කරන්නේ ? මම කොහේටද යන්නේ කියලයි ඔවුන් අහන්නේ. ඔබ කළ යුත්තේ ඔබේ ප්‍රදේශයේ සිටින මහජන සෞඛ්‍ය පරීක්ෂක සහ වෛද්‍යවරයෙකු හමුවෙලා ඒ ගැන සාකච්ඡා කර කුමක්ද කළ යුත්තේ කියන එක තීරණය කරන එකයි. “.ඔහු මෙම අදහස් පල කර ඇත්තේ අන්තර්ජාල නාලිකාවක සාකච්චාවකට එක්වෙමිනි..lankacnews.Facebook.Twitter.Linkedin.Pinterest.Email.Related Posts.කොරෝනා.No comments.Newer Post Older Post Home.Subscribe to: Post Comments (Atom).Popular Posts.දමිතා අබේරත්න රක්ෂිත බන්ධනාගාරයට.සූරියවැව මන්දපෝෂණ රැස්වීමේ ජනතාව විරෝධතා.ඩී.වී.චානක ඇමතිකම එපා කියයි..සරුසාර එකක් ඉල්ලයි.රාජ්‍ය ඇමතිලා 35ක් දිවුරන්න සූදානම්.පාර්ලිමේන්තුව විසුරුවා හදිසි මහ මැතිවරණයක්..පොහොට්ටුවේ දැඩි විරෝධය.Latest Posts.{latest}.Cloud Labels.Corona උණුසුම් පුවත උණුසුම් පුවත් කලා පුවත් කොරෝන කොරෝනා ක්‍රීඩා පිටිය ගොසිප් ජායා රූප දේශපාලන මුළුතැන්ගෙය රූපලාවන්‍ය විදෙස් පුවත් ව්‍යාපාරික පුවත්.Powered by Blogger..Ads Place.Featured Post.ගල් අගුරු නැව් එනවා..පැය 8-10 විදුලි කැපිල්ලක් නෑ.ගල් අඟුරු තොග මිලදී ගැනීමට සැලසුම් කර ඇති නිසා ඉදිරියේදී පැය 8-10ත් අතර විදුලි කප්පාදුවක් කිරීමට අවශ්‍ය නොවනු ඇති බව ලංකා ගල් අඟුරු සමාගම පව....Popular Posts.සූරියවැව මන්දපෝෂණ රැස්වීමේ ජනතාව විරෝධතා.පාර්ලිමේන්තුව විසුරුවා හදිසි මහ මැතිවරණයක්..පොහොට්ටුවේ දැඩි විරෝධය.මන්ත්‍රිනියකගේ පුතා හෙරොයින් සමග අත්අඩංගුවට.සියළු ශ්‍රීලනිප ඇමතිවරුන්ගේ තනතුරු අහෝසි කරයි.Category.Corona 15.උණුසුම් පුවත 1106.උණුසුම් පුවත් 9134.කලා පුවත් 33.කොරෝන 48.කොරෝනා 2520.ක්‍රීඩා පිටිය 273.ගොසිප් 1.ජායා රූප 3.දේශපාලන 2085.මුළුතැන්ගෙය 26.රූපලාවන්‍ය 18.විදෙස් පුවත් 3.ව්‍යාපාරික පුවත් 40.Copyright ©.Footer Menu.Home.About Us.Privacy.Contact |
කෑම උයන්න හොඳම භාජනය කුමක්ද? - Tharunaya.com.Page Nav.HIDE.Grid.GRID_STYLE.Hover Effects.TRUE.Pages.About.Write for Us.Advertising.{fbt_classic_header}.Header Ad.Main Menu.HOME.සිංහල ටෙලිනාට්‍ය.ගින්දර වීඩියෝ.දේපළ ඉඩකඩම් විකිණිමට.ලග්න ඵලාපල.රථවාහන විකිණිමට.Contact Us.Breaking News:.latest.Contact Us.Name.Email *.Message *.කෑම උයන්න හොඳම භාජනය කුමක්ද?.News August 05, 2021 මුළුතැන්ගෙය Edit this post.Facebook.Twitter.Linkedin.Pinterest.Email.නිවෙසේ සාමාජිකයන් රැඳෙන තරමට ගෘහණියට වැඩි වාර ගණනක් ආහාර පාන සම්පාදනය කිරීමට සිදුවෙනවා. කෝවිඩ් සමඟ නිතර සංචරණ සීමා අලුත් වෙද්දී මේ අත්දැකී.....නිවෙසේ සාමාජිකයන් රැඳෙන තරමට ගෘහණියට වැඩි වාර ගණනක් ආහාර පාන සම්පාදනය කිරීමට සිදුවෙනවා. කෝවිඩ් සමඟ නිතර සංචරණ සීමා අලුත් වෙද්දී මේ අත්දැකීමට ඔබත් නිරන්තරයෙන්ම මුහුණ පානවා ඇති..රසමසවුළුවලින් නිවැසියන් සන්තර්පණය කිරීමේදී කෑම පිසීමට මොන තරම් භාජන තෝරා ගන්නවාද? ඇලුමිනියම්, නොන් - ස්ටික්, පිඟන් මැටි, මල නො බැඳෙන වානේ, යකඩ, මැටි ආදී විවිධවූ බඳුන් මේ අතරින් ප්‍රධානයි. පලිබෝධ නාශකවලින්, කෘමිනාශකවලින් ආහාරවලට එක්වන වස විස ගැන අප නිතරම අසා තිබෙනවා. එහෙත් භාජනවලින් සිරුරට එක්වන වස විස ගැන වැඩි දෙනකුට එතරම් අවබෝධයක් නැහැ. ඔබ නො දන්නවාට පිසීමට ගන්නා ආහාර වගේම පිසීමට ගන්නා භාජන ද විස ආකර වීමට පුළුවන්. මෙහි ප්‍රතිඵල තයිරොයිඩ් ගැටලු, හෝර්මෝන අසමතුලිතතාව, මතකය අහිමි වීම, හදවතේ ගැටලු, වකුගඩු ආබාධ, පිළිකා වැනි රෝගාබාධයන්ය. මලබද්ධය, සමේ ගැටලු, ශක්තිය අඩු වීම, අංශභාගය, අක්මා ගැටලු, මොළයේ අක්‍රමිකතා ද මේ හේතුවෙන් හට ගැනීමට පුළුවන..අපව රෝගී නො කරන භාජන මොනවාද?.නොන් - ස්ටික් බඳුන්.අද කාලයේ ගෘහණියගේ වැඩිම ඉල්ලුම ඇත්තේ නොන් - ස්ටික් බඳුන්වලටයි. ගෘහ උපකරණ අලෙවි සලකට ගිය ද වැඩිපුර දක්නට ඇත්තේ මෙවැනි බඳුන්ය. ඊට හේතුව ඒවා භාවිත කිරීමට ඇති පහසුවයි. ලෙහෙසියෙන් පිරිසුදු කළ හැකි, සැහැල්ලු, අඩු තෙල් ප්‍රමාණයක් අවශ්‍ය නොන් - ස්ටික් බඳුන් කාලයේ තාලයට ගැළපෙන්නකි. එහෙත් එය සෞඛ්‍යයට කෙතරම් හිතකරද? ආහාර පිසීමට ගන්නා බඳුන් අතරින් වඩාත් අහිතකර උපකරණය වන්නේ මෙයයි. බොහෝ නොන් - ස්ටික් බඳුන්වල තවරා ඇත්තේ පොලි ටෙට්රා ෆ්ලූරෝ එතිලීන්, ටැෆ්ලෝන් වැනි රසායනවලිනි. මෙවැනි බඳුන්වල ආහාර පිසින විට ඉහත සඳහන් කළ රසායන රත්වී විස දුමක් පිට වෙනවා. විස දුමේ මර්කරි, කැඩ්මියම් වැනි විස ලෝහ අඩංගුයි. පොදුවේ සිරුරටත් විශේෂයෙන් මොළයට හා පෙණහලුවලට ඒවායින් බරපතළ හානි සිදුවෙයි..මිලෙන් අඩු නොන් - ස්ටික් බඳුන්වල මාරාන්තික විසක් වන පර්ෆ්ලූරෝඔක්ටනොයික් අම්ලය තවරා තිබෙයි. මේවා පිළිකාකාරකයි. තමන් පිළිකාවකට ගොදුරු වූයේ ඇයිදැයි සිතාගත නොහැකි අය සමාජයේ ඕනෑතරම්ය. හේතුව ඇතැම් විට මුළුතැන් ගෙයි ඇති නොන් - ස්ටික් බඳුන විය හැකියි..ග්‍රැනිට් ආහාර පිසින බඳුන්.මේ බඳුන්වල ද ගල්වා ඇත්තේ ද ඉහත දැක්වූ රසායනමය. එනිසා ප්‍රතිඵල එකමයි..ඇලුමිනියම් බඳුන්.කාලයක් භාවිත කළ හැකි, ලාබදායක, සවිමත්,සැහැල්ලු ඇලුමිනියම් බඳුන් ද බොහෝ ගෘහණියන්ගේ තෝරා ගැනීමයි. අවාසනාවකට ඇලුමිනියම් බඳුන්වල ඇලුමිනියම් ආහාර පිසීමේදී ආහාරයට එක්වෙයි. ඔබටම මෙහි ඇත්ත නැත්ත තහවුරු කරගත හැකියි. අලුත මිලදීගත් බඳුනේ බර බලන්න. වසර තුනකට පසු එහි බර තිරන්න. උපකරණයේ බර සැලකිය යුතු මට්ටමින් අඩු වෙනවා. ඇලුමිනියම් තයිරොයිඩ් ග්‍රන්ථියට අක්මාවට විසයි. මලබද්ධය, සමේ ගැටලු, දුබල බව, අංශභාගය, අක්මා ගැටලු, හෘද ගැටලු, මොළයේ අක්‍රමිකතා ඇති කරනවා. විවිධාකාරයේ ඇලුමිනියම් බඳුන් වෙළෙඳ පොලේ තිබෙනවා. රසායන ආලේපිත ඇලුමිනියම් බඳුන්, ඔප දැමූ බඳුන් ආදී විවිධාකාරයෙන් මේවා තිබුණ ද සියල්ලම භාවිතයට සුදුසු නැහැ..මල නො බැඳෙන ලෝහ බඳුන්.සියයට සියයක් මල නො බැඳෙන ලෝහ බඳුන් ඉහත බඳුන්වලට වඩා සෞඛ්‍ය ආරක්ෂිතයි. එහෙත් අවදානමක් නැත්තේ ද නැහැ. තඹ එක්කළ ලෝහ බඳුන් භාවිත නො කළ යුත්තේ ඒවා තෙල් සහ ආම්ලික ආහාර සමග ප්‍රතික්‍රියා කරන බැවිනි. මල නො බැඳෙන ලෝහ බඳුන් පමණට වඩා ඔප දැමීමට නිකල් යොදන අතර ඒවා උග්‍ර විස සහිතයි. මල නො බැඳෙන ලෝහ බඳුන් මිලදී ගැනීමේදී ක්‍රෝමියම් - නිකල් අනුපාතය දෙස බලන්න. නිකල් අනුපාතය අඩුවූ තරමට එය භාවිතයට හිතකරයි. අවාසනාවකට බොහෝ බඳුන්වල එක්ස් - වයි ලෙස ( යර ) සඳහන්කළ යුතු ක්‍රෝමියම් - නිකල් අනුපාතය සඳහන්කර නැහැ. ක්‍රෝමියම් එක්ස්වලින් ( x ) ද නිකල් වයිවලින්( y ) ද සඳහන්කර තිබෙනවා..ආහාර පිසින සෙරමික් බඳුන්.මේ බඳුන් නම් සියයට සියයක්ම වාගේ සෞඛ්‍ය ආරක්ෂිතයි. එහෙත් මේවා දුර්ලබයි වාගේම මිලෙන් ඉතා ඉහළයි..යකඩ, පිත්තල, වීදුරු, ලෝකඩ බඳුන් සෞඛ්‍යයට අහිතකර නැති වුණත් බරින් වැඩිකමත් මල බැඳීමට ඇති ඉඩත් යකඩ බඳුන්වල ඇති අවාසියක්. මල බැඳුණු බඳුන්වල කෑම පිසීම සුදුසු නැහැ. පිත්තල බඳුන්වල කෑම පිසීමේදී ආහාරවල පෝෂ්‍ය ගුණයෙන් සියයට 93 ක්ම සුරැකෙයි..ඇලුමිනියම් බඳුන්වල කෑම පිසීමේදී පෝෂකවලින් ආරක්ෂා වන්නේ සියයට 13 ක් පමණයි. වීදුරු බඳුන්වල ආහාර පිසීම හොඳ පියවරකි. මයික්‍රොවේව් උඳුන්වල පිසීමේදී වැඩි දෙනෙක් යොදා ගන්නේ වීදුරු බඳුන්. කන්සා ලෝහ නැත්නම් ලෝකඩ බඳුන් පෝෂකවලින් සියයට 97 ක් සුරකියි. අවාසනාවකට මේවා වෙළඳ පොළේ දක්නට ඇත්තේ අඩුවෙන්..ආහාර පිසින බඳුන් වගේම පිසින ආකාරය ද අපේ සෞඛ්‍යයට බලපායි. ප්‍රෙෂර් කුකර් නැත්නම් පීඩන උඳුනේ පිසීමේදී වැදගත් පෝෂක බොහොමයක් ( සියයට අනූවක් පමණ 90%) අහිමි වෙයි. බොහොමයක් පීඩන උඳුන් සාදා ඇත්තේ ඇලුමිනියම්වලින්. එයත් අවාසියක්..මැටි බඳුන් ආහාර පිසීමට කදිමයි. පෝෂණ ගුණය සියයට සියයක්ම රැකෙන අන්දමින් මැටි බඳුන්වල කෑම පිසීමට හැකියි. මැටි බඳුන්වල පිසින කෑම රසයෙන් ද ඉහළයි..tharunee.Facebook.Twitter.Linkedin.Pinterest.Email.Related Posts.මුළුතැන්ගෙය.No comments.Newer Post Older Post Home.Subscribe to: Post Comments (Atom).Popular Posts.දමිතා අබේරත්න රක්ෂිත බන්ධනාගාරයට.සූරියවැව මන්දපෝෂණ රැස්වීමේ ජනතාව විරෝධතා.ඩී.වී.චානක ඇමතිකම එපා කියයි..සරුසාර එකක් ඉල්ලයි.රාජ්‍ය ඇමතිලා 35ක් දිවුරන්න සූදානම්.පාර්ලිමේන්තුව විසුරුවා හදිසි මහ මැතිවරණයක්..පොහොට්ටුවේ දැඩි විරෝධය.Latest Posts.{latest}.Cloud Labels.Corona උණුසුම් පුවත උණුසුම් පුවත් කලා පුවත් කොරෝන කොරෝනා ක්‍රීඩා පිටිය ගොසිප් ජායා රූප දේශපාලන මුළුතැන්ගෙය රූපලාවන්‍ය විදෙස් පුවත් ව්‍යාපාරික පුවත්.Powered by Blogger..Ads Place.Featured Post.ඔක්ටේන් 80 බාල පෙට්‍රල් ලීටර අනූලක්ශයක් තෙල් සංස්ථා ටැංකි වල.සපුගස්කන්ද තෙල් පිරිපහදුව නිෂ්පාදනය කරන දැවිතෙල් වල සල්ර්ප ප්‍රතිශතය වැඩි වීම මත කර්මාන්තශාලා වලින් දැවි තෙල් මිලට ගැනීම ප්‍රතික්ෂේප කර ඇතැය....Popular Posts.සූරියවැව මන්දපෝෂණ රැස්වීමේ ජනතාව විරෝධතා.පාර්ලිමේන්තුව විසුරුවා හදිසි මහ මැතිවරණයක්..පොහොට්ටුවේ දැඩි විරෝධය.මන්ත්‍රිනියකගේ පුතා හෙරොයින් සමග අත්අඩංගුවට.සියළු ශ්‍රීලනිප ඇමතිවරුන්ගේ තනතුරු අහෝසි කරයි.Category.Corona 15.උණුසුම් පුවත 1105.උණුසුම් පුවත් 9133.කලා පුවත් 33.කොරෝන 48.කොරෝනා 2520.ක්‍රීඩා පිටිය 273.ගොසිප් 1.ජායා රූප 3.දේශපාලන 2085.මුළුතැන්ගෙය 26.රූපලාවන්‍ය 18.විදෙස් පුවත් 3.ව්‍යාපාරික පුවත් 40.Copyright ©.Footer Menu.Home.About Us.Privacy.Contact |
ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ එන්නත්කරණය ඉදිරි දින කිහිපයේ වේගවත් කරනවා…. සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල - Tharunaya.com.Page Nav.HIDE.Grid.GRID_STYLE.Hover Effects.TRUE.Pages.About.Write for Us.Advertising.{fbt_classic_header}.Header Ad.Main Menu.HOME.සිංහල ටෙලිනාට්‍ය.ගින්දර වීඩියෝ.දේපළ ඉඩකඩම් විකිණිමට.ලග්න ඵලාපල.රථවාහන විකිණිමට.Contact Us.Breaking News:.latest.Contact Us.Name.Email *.Message *.ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ එන්නත්කරණය ඉදිරි දින කිහිපයේ වේගවත් කරනවා…. සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල.News August 28, 2021 දේශපාලන Edit this post.Facebook.Twitter.Linkedin.Pinterest.Email.වයස අවුරුදු 60 ඉක්මවූ සියලූ පුරවැසියන් එන්නත්කරණයට ලක් කිරීම ඉදිරි දින කිහිපය තුළ වඩා වේගවත් කරන බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙළිය රඹුක්වැල.....වයස අවුරුදු 60 ඉක්මවූ සියලූ පුරවැසියන් එන්නත්කරණයට ලක් කිරීම ඉදිරි දින කිහිපය තුළ වඩා වේගවත් කරන බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සමග ඊයේ (27 දා* සවස පැවති සාකච්ඡුාවකදී පැවසීය..එම වයස ඉක්මවූ සෑම අයකුගේම දිස්ත‍්‍රික් මට්ටමින් තොරතුරු ඇතුළත් සංඛ්‍යාලේඛන වාර්තාවක් දිස්ත‍්‍රික් ලේකම්වරුන් හරහා ඉතා කඩිනමින් ලබා ගැනීමට මේ වන විට පියවර ගෙන ඇතැයිද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. අමාත්‍යවරයා පත්වීමෙන් පසු රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පළමු වරට මෙලෙස සාකච්ඡුාවක් සඳහා එක්විය. මෙරට එන්නත්කරණ ක‍්‍රියාවලිය මේ වනවිට ජාත්‍යන්තර පැසසුමට ලක්ව ඇතැයිද ඉදිරියේදී දරුවන් සඳහා ද එන්නත ලබාදීම පිළිබඳව අවධානය යොමු වෙමින් ඇතැයිද අමාත්‍යවරයා කීවේය..මෙම ව්‍යසනය මර්දනය කිරීම සඳහා සියලූ පාර්ශ්වයන්ගේ සහාය අවශ්‍ය බවත්, එම සහාය මේ වන විට බොහෝ සෙයින් ලැබෙන බවත් හෙතෙම පැවසීය. කොරෝනා මර්දනයෙහි තාක්ෂණික වගකීම වසංගත රෝග ඒකකයට පැවරෙන බවත් එම වගකීම් පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මූලික අවධානය යොමුවිය යුතු බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙහිදී පෙන්වා දුන්නේය..මේ වන විට සිදුවන කොවිඞ් මරණ සංඛ්‍යාව අවම කිරීම සඳහා අවුරුදු 60 ඉක්මවූ පිරිස්වලටට පූර්ණ එන්නත්කරණය කඩිනම් කිරීම අත්‍යවශ්‍ය බවත් වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා මෙහිදී පෙන්වා දුන්නේය. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතාද මෙම අවස්ථාව සඳහා එක්ව සිටියේය..devaina.Facebook.Twitter.Linkedin.Pinterest.Email.Related Posts.දේශපාලන.No comments.Newer Post Older Post Home.Subscribe to: Post Comments (Atom).Popular Posts.දමිතා අබේරත්න රක්ෂිත බන්ධනාගාරයට.සූරියවැව මන්දපෝෂණ රැස්වීමේ ජනතාව විරෝධතා.ඩී.වී.චානක ඇමතිකම එපා කියයි..සරුසාර එකක් ඉල්ලයි.පාර්ලිමේන්තුව විසුරුවා හදිසි මහ මැතිවරණයක්..පොහොට්ටුවේ දැඩි විරෝධය.රාජ්‍ය ඇමතිලා 35ක් දිවුරන්න සූදානම්.Latest Posts.{latest}.Cloud Labels.Corona උණුසුම් පුවත උණුසුම් පුවත් කලා පුවත් කොරෝන කොරෝනා ක්‍රීඩා පිටිය ගොසිප් ජායා රූප දේශපාලන මුළුතැන්ගෙය රූපලාවන්‍ය විදෙස් පුවත් ව්‍යාපාරික පුවත්.Powered by Blogger..Ads Place.Featured Post.ගල් අගුරු නැව් එනවා..පැය 8-10 විදුලි කැපිල්ලක් නෑ.ගල් අඟුරු තොග මිලදී ගැනීමට සැලසුම් කර ඇති නිසා ඉදිරියේදී පැය 8-10ත් අතර විදුලි කප්පාදුවක් කිරීමට අවශ්‍ය නොවනු ඇති බව ලංකා ගල් අඟුරු සමාගම පව....Popular Posts.සූරියවැව මන්දපෝෂණ රැස්වීමේ ජනතාව විරෝධතා.පාර්ලිමේන්තුව විසුරුවා හදිසි මහ මැතිවරණයක්..පොහොට්ටුවේ දැඩි විරෝධය.මන්ත්‍රිනියකගේ පුතා හෙරොයින් සමග අත්අඩංගුවට.සියළු ශ්‍රීලනිප ඇමතිවරුන්ගේ තනතුරු අහෝසි කරයි.Category.Corona 15.උණුසුම් පුවත 1106.උණුසුම් පුවත් 9134.කලා පුවත් 33.කොරෝන 48.කොරෝනා 2520.ක්‍රීඩා පිටිය 273.ගොසිප් 1.ජායා රූප 3.දේශපාලන 2085.මුළුතැන්ගෙය 26.රූපලාවන්‍ය 18.විදෙස් පුවත් 3.ව්‍යාපාරික පුවත් 40.Copyright ©.Footer Menu.Home.About Us.Privacy.Contact |
තව සතියක් රට වැසීම සතුටක්: හැබැයි මිනිස්සු මහ පාරෙනේ! රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ ලේකම් - Tharunaya.com.Page Nav.HIDE.Grid.GRID_STYLE.Hover Effects.TRUE.Pages.About.Write for Us.Advertising.{fbt_classic_header}.Header Ad.Main Menu.HOME.සිංහල ටෙලිනාට්‍ය.ගින්දර වීඩියෝ.දේපළ ඉඩකඩම් විකිණිමට.ලග්න ඵලාපල.රථවාහන විකිණිමට.Contact Us.Breaking News:.latest.Contact Us.Name.Email *.Message *.තව සතියක් රට වැසීම සතුටක්: හැබැයි මිනිස්සු මහ පාරෙනේ! රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ ලේකම්.News August 28, 2021 කොරෝනා Edit this post.Facebook.Twitter.Linkedin.Pinterest.Email.‘තව සතියක් රට වැසීම ගැන සතුටුයි. කොහොම වුණත් මීට වඩා දැඩි සංචරණ සීමා පැනවිය යුතුයි. මොකද නිරෝධායන ඇඳිරිනීතිය දැම්මාට මිනිස්සු හතර අතේ ඇවිදි....‘තව සතියක් රට වැසීම ගැන සතුටුයි. කොහොම වුණත් මීට වඩා දැඩි සංචරණ සීමා පැනවිය යුතුයි. මොකද නිරෝධායන ඇඳිරිනීතිය දැම්මාට මිනිස්සු හතර අතේ ඇවිදිනවා. දැඩි නීති පනවා රට වැහුවේ නැත්නම් අපි හිතන්නේ නැහැ සාර්ථක ප‍්‍රතිඵල ගන්න පුළුවන් වෙයි කියලා.’’ යැයි රජයේ වෛද නිලධාරීන්ගේ සංසදයේ ලේකම් වෛද කමල් ඒ. පෙරේරා මහතා ‘දිවයින’ට ඊයේ (27 දා* පැවසීය..එසේම අවුරුදු 60ට වඩා වැඩි වැඩිහිටියන් වෙනුවෙන් සිදුකෙරෙන එන්නත්කරණය ද මීට වඩා දැඩි කළ යුතු බව ද හෙතෙම කීය..මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද කියා සිටියේය..‘‘නිරෝධායන ඇඳිරිනීතිය පැනෙව්වාට මිනිස්සු හතර අතේ ඇවිදිනවා. සමහරක් අය මාස්ක් එකවත් හරියට දාගෙන නැහැ. නීති දැඩිව හරියට රට වහන්න ඕනෑ. ඒ වගේම මේ පාරවල්වල ඇවිදින අයට ඇන්ටිජන් කරලා පරීක්‍ෂා කිරීමේ ක‍්‍රමවේදයක් සකස් කළ යුතුයි. දැන් කොවිඞ්වලින් මියයන ප‍්‍රමාණය එන්න එන්නම වැඩියි. මේ තත්ත්වය පාලනය කරන්න දැඩි සංචරණ නීති පැනවිය යුතුයි. ඒ වගේම කොවිඞ් අවදානම වැඩිපුර තියෙන ප‍්‍රදේශවල ඇන්ටිජන් හා පී.සී.ආර්. පරීක්‍ෂණ වැඩි වැඩියෙන් කිරීම ඉතා අත්‍යවශ්‍යයි..අපි කිව්වනේ හරියට සති 2ක් රට වහන්න කියලා. ඒ අනුව සැප්තැම්බර් 06 වැනිදා දක්වා රජය රට වහන්න තීරණය කළානේ. ඒ වුණාට දැඩි සංචරණ සීමා පැනවිය යුතුයි..devaina.Facebook.Twitter.Linkedin.Pinterest.Email.Related Posts.කොරෝනා.No comments.Newer Post Older Post Home.Subscribe to: Post Comments (Atom).Popular Posts.දමිතා අබේරත්න රක්ෂිත බන්ධනාගාරයට.සූරියවැව මන්දපෝෂණ රැස්වීමේ ජනතාව විරෝධතා.ඩී.වී.චානක ඇමතිකම එපා කියයි..සරුසාර එකක් ඉල්ලයි.පාර්ලිමේන්තුව විසුරුවා හදිසි මහ මැතිවරණයක්..පොහොට්ටුවේ දැඩි විරෝධය.රාජ්‍ය ඇමතිලා 35ක් දිවුරන්න සූදානම්.Latest Posts.{latest}.Cloud Labels.Corona උණුසුම් පුවත උණුසුම් පුවත් කලා පුවත් කොරෝන කොරෝනා ක්‍රීඩා පිටිය ගොසිප් ජායා රූප දේශපාලන මුළුතැන්ගෙය රූපලාවන්‍ය විදෙස් පුවත් ව්‍යාපාරික පුවත්.Powered by Blogger..Ads Place.Featured Post.ගල් අගුරු නැව් එනවා..පැය 8-10 විදුලි කැපිල්ලක් නෑ.ගල් අඟුරු තොග මිලදී ගැනීමට සැලසුම් කර ඇති නිසා ඉදිරියේදී පැය 8-10ත් අතර විදුලි කප්පාදුවක් කිරීමට අවශ්‍ය නොවනු ඇති බව ලංකා ගල් අඟුරු සමාගම පව....Popular Posts.සූරියවැව මන්දපෝෂණ රැස්වීමේ ජනතාව විරෝධතා.පාර්ලිමේන්තුව විසුරුවා හදිසි මහ මැතිවරණයක්..පොහොට්ටුවේ දැඩි විරෝධය.මන්ත්‍රිනියකගේ පුතා හෙරොයින් සමග අත්අඩංගුවට.සියළු ශ්‍රීලනිප ඇමතිවරුන්ගේ තනතුරු අහෝසි කරයි.Category.Corona 15.උණුසුම් පුවත 1106.උණුසුම් පුවත් 9134.කලා පුවත් 33.කොරෝන 48.කොරෝනා 2520.ක්‍රීඩා පිටිය 273.ගොසිප් 1.ජායා රූප 3.දේශපාලන 2085.මුළුතැන්ගෙය 26.රූපලාවන්‍ය 18.විදෙස් පුවත් 3.ව්‍යාපාරික පුවත් 40.Copyright ©.Footer Menu.Home.About Us.Privacy.Contact |
රොබරෝසියා . . ..රොබරෝසියා . . ..Saturday, October 3, 2015.සෙනෙහසක පහන්...මඳක් ඉස්සී බලන විට ඇස් මඟහරින.අකුරු නැති කවි අතර ගොළු බව.දරන්නට නොහැකිව වසන්තය නික්මිණ...එහෙත් මිතුරිය,.ඇස් වසාගෙන අවදියෙන් සිටි ප්‍රේමය.දැල්වූ පහන් වෙයි තවත් අපමණ.ජීවිතය නිවෙන තුරු දැල්වෙන....-රොෂාන් නයනජිත් හේවාවිතාරණ-.Posted by Robarosiya at 3:47 AM 3 comments:.Email ThisBlogThis!Share to TwitterShare to FacebookShare to Pinterest.Labels: ආදරය, කාව්‍ය.Sunday, April 12, 2015.සිහිවටන....පියවෙමින් ඇති සඳක මඳ එළියක...මල් බඳුන් පැහැයෙන් ඇඳෙන සැඳෑ අහසක...චෙරි මලක මෘදු පියල්ලක දෙකක...දිගු සෙවනැලි සදන උයන් තුරු සෙවණක...හුරු පුරුදු සුළඟක සිහිවටන මුසුකර...ඔබට කියවන්නට බොහෝ දේ තබා ඇත මම...අහම්බෙන් හෝ ඔබට මුණගැහෙන කවියක දෙකක...ගිලිහුණේ අතිනත් නොවේ ජීවිතය බව ලියා ඇත.....-රොෂාන් නයනජිත් හේවාවිතාරණ-..Posted by Robarosiya at 1:08 AM 2 comments:.Email ThisBlogThis!Share to TwitterShare to FacebookShare to Pinterest.Labels: ආදරය, කාව්‍ය.Sunday, January 25, 2015.කළු ජනවාරියට වසර පහයි. ප්‍රගීත් කෝ..?.උණු රුහිරු සුවඳයිද නිජබිමක සාරය මැරූ හැටී.සුදු වෑන් ඉගිළුණිද පපු සොයා තබමින් අමු වෙඩී.පන්හිඳක් ගොළුවෙයිද ආදරෙන් අඳුරෙහි ලියූ එඩී.ජනවාරි එලියයිද මිනිහෙක්ව මතකයක් වුන දැඩී....-රොෂාන් නයනජිත් හේවාවිතාරණ-..Posted by Robarosiya at 2:08 AM No comments:.Email ThisBlogThis!Share to TwitterShare to FacebookShare to Pinterest.Labels: කාව්‍ය.Wednesday, December 3, 2014.දෙසැම්බරයක කවි.....ලදළු පත් නැළවෙනා මුදු සුලඟකිනි.සුවඳ සුදු අරවින්ද පිපි ලෙසිනි.නිලන තුරු සිරසි මත සඳ පිරුණි.ඔබෙ නයන දිගු බැල්ම සිත ඇඳුණි....ළයාදර සිහින අග රැඳි සුසුම්වැනි.අහිංසක සඳ මුහුණ වදනක සිනාසුණි.දයාබර සිතුවමක පැහැ ගෙන මල් සැළුණි.සෙනෙහෙබර දෙසැම්බරයක තව කවි පිපුණී....-රොෂාන් නයනජිත් හේවාවිතාරණ-.Posted by Robarosiya at 5:07 AM 4 comments:.Email ThisBlogThis!Share to TwitterShare to FacebookShare to Pinterest.Labels: ආදරය, කාව්‍ය.Tuesday, December 2, 2014.ත්‍රිමා....සැලෙන සෙලවෙන සිත් දරාගෙන.සටන් පෙරමුණු වුනි මලානික.එකම සිහිනෙක ජයම පත පත.ත්‍රිමා ඔබ විය රතු පියාපත....දැවෙන දැල්වෙන අඳුරු යුගයක.ටයර් සෑ දුම් නැහැය හකුළන.සටන් සගයින් මියෙන විට තව.සටන සියතට ගත් පහන විය නුඹ....පෙනෙන නොපෙනෙන ජයක පෙරමඟ.කුරිරු වධයක උපරිමය විඳ.දිවිය අතහැර ගියද මිලිනව.නොමල මිනිසා නුඹයි බබලන....පිපෙන හිනැහෙන අළුත් මල් වල.සුවඳ කොයිබද ගියේ අතහැර.මියෙන උපදින බොහෝ දිනවල.ඔබෙ රුහිරු ඇත සැඳෑ අහසක....නැඟෙන පිබිදෙන යෝධ පෙම ලඟ.තිළිණ කළ මේ සෙවණ "ඉගෙනුම".නිමා නොවුනත් ධවල භීෂණ.ත්‍රිමා එනවද සටන් බිම වෙත?....-රොෂාන් නයනජිත් හේවාවිතාරණ-.Posted by Robarosiya at 4:43 AM 2 comments:.Email ThisBlogThis!Share to TwitterShare to FacebookShare to Pinterest.Labels: කාව්‍ය, නිදහස් අධ්‍යාපනය.Sunday, November 30, 2014.දෙසැම්බරයක...තුහින පිණි පා දොවන දෙසැම්බර් අහස යට.දීර්ඝම දවස් ඇත සඳත් හෙමිහිට නිවෙන...නිදිබරම තුරු කිණිති නිසොල්මන් සෙවනැලි සදන.රැය ගෙවෙයි, බලා ඉමි ඔන්ලයින් එයිදැයි සොඳුර...පහන් තරු මග හැරුණු ජීවිතේ අඳුර ලඟ.සහන් එළි දල්වමින් ඔබ හිඳියි බොහෝදුර...ඉඳහිටක හමාඑන මඳනලක මල් සුවඳ මුසුකර.ආස කවියක් පා කරමි ඔබව සිපගනු පිණිස...සිතින් මම මවාගෙන ඔබේ රුව ගුණ වරුණ.අහිංසක සිනහවක දිගහරිමි ජීවිතය...මිහිදුමට තුරුළුවී අඳුරු වෙයි මුළු හන්තාන.වැහි වලා නිවායයි ඔබ නොමැති සඳපාන...කවිපොතෙහි කවි අතර වසත් මල් සුපිපෙන්න.එක් වරක් හෝ ඇවිත් දැකගන්න ඉඩදෙන්න...ඉවසමින් දකින හැම නෙතක ඇඳි පෙම් සිහින.සරසවිය වෙත එන්න මගේ හදවත රැගෙන...-රොෂාන් නයනජිත් හේවාවිතාරණ-.Posted by Robarosiya at 10:31 AM 3 comments:.Email ThisBlogThis!Share to TwitterShare to FacebookShare to Pinterest.Labels: ආදරය, කාව්‍ය.Monday, November 24, 2014.ප්‍රාර්ථනාවක සිසිරය....ගිනිදැල් පවා මෘදුව දැල්වෙන පහනක.මලානික එළියෙහි සැලෙන සෙවනැලි අතර.අඩක් ලියැවුණු කවියක් දෙකක් තුරුළු කරගෙන.සිසිරයෙහි රාත්‍රිය යළි යළිත් නිමාවිය....තෙතබරිත අහස්කුස සෙමින් සුසුමන් සලන.පත් සිඳුණු තුරු පවා මතක උණුසුම සොයන.තබා ගිය සළකුණුත් හිම වලින් මැකී යන.සිසිරයෙහි හිමිදිරිය යළි යළිත් උදාවිය....එහෙත් සුහදිනිය..,.දැක නැතත් ඔබේ ඔය පුංචි ඇස් පියවි ලෙස.වසන්තය ගෙන එතැයි බොහෝ විට මට සිතිණ.....-රොෂාන් නයනජිත් හේවාවිතාරණ-.Posted by Robarosiya at 12:17 PM 4 comments:.Email ThisBlogThis!Share to TwitterShare to FacebookShare to Pinterest.Labels: ආදරය, කාව්‍ය.Tuesday, November 18, 2014.රහසකට රහසින්.....හේමන්ත උයන වෙත සුළඟ හෙමිහිට එන්න.විලෝ තුරු හෙවණ යට මල් කිණිති අතුරන්න.දුක දැකපු දෑසකින් ජීවිතේ දැකගන්න.සුළඟ ඔබ නොකියන්න විඳගන්න ඉඩදෙන්න....කදෝකිමි එළි අතර නිවෙන තරු දිදුලන්න.වැහිවලා සේද සළු සෙමින් ඉවතට යන්න.ඇදවැටුණ මිනිසකුගේ ආදරය දල්වන්න.නොවැම්බර් සුසුමකට උණුසුමින් ලංවෙන්න....සඳඑලියෙ නැහැවෙමින් සෙනෙහසින් සැනහෙන්න.වසන්තය හමා එන සිහිනයෙහි නවතින්න.දුක පිරුණු සිනහවක සොඳුරු බව වැටහෙන්න.කවියකට තුරුළු වී හාදු එක එක දෙන්න....විලෝ තුරු පත් සැලෙන සිලිසිලියෙ තනිවෙන්න.හිතන්නට බොහෝ ඇති තවත් දේ දැනගන්න.මතකයන් විතරමද ජීවිතයෙ අස්වැන්න.ආදරය මුණගැහෙන කවිපොතම ඔබ වෙන්න.....උයන වෙත ඔබ එන්න.....-රොෂාන් නයනජිත් හේවාවිතාරණ-.Posted by Robarosiya at 11:07 AM 7 comments:.Email ThisBlogThis!Share to TwitterShare to FacebookShare to Pinterest.Labels: ආදරය, කාව්‍ය.Older Posts Home.Subscribe to: Posts (Atom).Follow @Robarosiya.Blog Archive.▼ 2015 (3).▼ October (1).සෙනෙහසක පහන්...► April (1).► January (1).► 2014 (8).► December (2).► November (3).► May (3).► 2013 (22).► June (1).► April (1).► March (1).► February (8).► January (11).► 2012 (6).► December (6).Labels.ආදරය (22).කාව්‍ය (30).ගීතමය (2).නිදහස් අධ්‍යාපනය (2).නිසදැස් (4).Copyright © 2015 Roshan Hewavitharana.Followers.Subscribe To.Posts.Atom.Posts.All Comments.Atom.All Comments.Popular Posts.වීරත්වයේ හා පරිත්‍යාගයේ දිනය, ජුනි 20.නිදහස් අධ්‍යාපනයෙහි උන්නතියත්, නූපන් පරපුරෙහි එහි උරුමයත් වෙනුව....සැඳෑවක සටහන්-ඇයට ලියමි.වසන්තය පසුකර ....ත්‍රිමා....සැලෙන සෙලවෙන සිත් දරාගෙන සටන් පෙරමුණු වුනි මලානික එකම සිහිනෙක ජයම පත පත ත්‍රිමා ඔබ විය රතු පියාපත... දැවෙන දැල්වෙන අඳුරු....සවන්දෙන්න.. හදවතින්....සුහදිණිය ඔබ කියූ වදනක දෙකක මම ජීවිතය ලියූවෙමි.. ඔබේ එක් නෙත් සැරයක අහම්බෙන් හෝ මදෙස බැලූ ඇසිල්ලෙක මතක මල් පිපී වස....සෙනෙහසක පහන්...මඳක් ඉස්සී බලන විට ඇස් මඟහරින අකුරු නැති කවි අතර ගොළු බව දරන්නට නොහැකිව වසන්තය නික්මිණ.. එහෙත් මිතුරිය, ඇස් වසාගෙන....රහසකට රහසින්.....හේමන්ත උයන වෙත සුළඟ හෙමිහිට එන්න විලෝ තුරු හෙවණ යට මල් කිණිති අතුරන්න දුක දැකපු දෑසකින් ජීවිතේ දැකගන්න සුළඟ ඔබ නොකියන්න ව....සිහිනයක අග ....අත වනන සුලඟකට හාදු එක එක තියා වසන්තයෙ එරබදුත් පිපෙනවා ඔබ එයි කියා ... අරුණෝද මිහිදුමෙහි සුසුම් උණුසුම තියා නොඑන ඔබ ද....සිහිවටන....පියවෙමින් ඇති සඳක මඳ එළියක.. මල් බඳුන් පැහැයෙන් ඇඳෙන සැඳෑ අහසක.. චෙරි මලක මෘදු පියල්ලක දෙකක.. දිගු සෙවනැලි සදන උයන් තු....වස්සානය.....එක් මලක් හෝ නොපිපි ගිම්හාන කාලයක තුරුලතා පණපොවා අලුත් දළු ඇහැරවන නිලන නිල් වසන්තය හරිත පැහැයෙන් ඇන්ද මේ ඒ වස්සානයමයි මතකය....දෙසැම්බරයක...තුහින පිණි පා දොවන දෙසැම්බර් අහස යට දීර්ඝම දවස් ඇත සඳත් හෙමිහිට නිවෙන.. නිදිබරම තුරු කිණිති නිසොල්මන් සෙවනැලි සදන රැය ග....Tweets by @Robarosiya.RECENT COMMENTS.View Roshan Hewavitharana's (Sri Lanka) professional profile on LinkedIn..Roshan Hewavitharana. Theme images by Petrovich9. Powered by Blogger. |
කුකුළු මස් 850යි..බිත්තර 25යි.. - Tharunaya.com.Page Nav.HIDE.Grid.GRID_STYLE.Hover Effects.TRUE.Pages.About.Write for Us.Advertising.{fbt_classic_header}.Header Ad.Main Menu.HOME.සිංහල ටෙලිනාට්‍ය.ගින්දර වීඩියෝ.දේපළ ඉඩකඩම් විකිණිමට.ලග්න ඵලාපල.රථවාහන විකිණිමට.Contact Us.Breaking News:.latest.Contact Us.Name.Email *.Message *.කුකුළු මස් 850යි..බිත්තර 25යි...Dulakshi November 24, 2021 උණුසුම් පුවත් Edit this post.Facebook.Twitter.Linkedin.Pinterest.Email.බිත්තර, කුකුල් මස් මිලද මේ වන විට දැඩි ලෙස ඉහල ගොස් ඇති අතර මෙම තත්වයන් මත පාරිභෝගික ජනතාව විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මෙම තත්වයන් පිලිබදව ....බිත්තර, කුකුල් මස් මිලද මේ වන විට දැඩි ලෙස ඉහල ගොස් ඇති අතර මෙම තත්වයන් මත පාරිභෝගික ජනතාව විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත..මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන ජනතාව පවසනුයේ මේ වන විට බිත්තරය මිල රුපියල් 22ත් 24ත් අතර මිලකට අලෙවි වන අතර කුකුල් මස් ක්‍රිලෝවක මිලද රුපියල් 800ත් 850ත් අතර මිලකට අලෙවි වන බවත් එම තත්වයන් මත තමන් මේ වන විට දැඩි අසීරුතාවයන්ට පත්ව ඇති බවත්ය..බිත්තර හා කුකුල් මස් මිල මෙසේ ඉහල යාම පිලිබදව කරන ලද විමසිම්වලදි අදහස් දක්වන කුකුල් මස් හා බිත්තර වෙලදුන් පවසනුයේ බිත්තර හා කුකුල් මස් තොග මිල දැඩි ලෙස ඉහල යාමත් සමග මෙම තත්වයන් උදාවි ඇති බවත්..මිල ඉහල යාමත් සමග බිත්තර කුකුල් මස් අලෙවියද පහල බැස ඇති බවත් එම තත්වයන් මත තමන්ද විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවද වෙලදුන් වැඩි දුරටත් පවසති..මේ අතර එලවලු මිල දැඩි ලෙස ඉහල යාම හා එලවලු හිගය හේතුවෙන් සමන්‍ය එලවලු වෙලදුන් දැඩි අසරන තත්වයන්ට පත්ව ඇත..මෙම තත්වයන් පිලිබදව අදහස් දක්ව එලවලු වෙලදුන් පවසනුයේ මේ වන විට එලවලු හිගයක් පවතින බවත් ලැබෙන එලවලුද මිල දැඩි ලෙස ඉහල මට්ටමක පැවතිමත් සමග තමන් දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවත්ය..තමන් වෙලදාම් සදහා එලවලු ක්‍රිලෝ හතරක් පහක් පමන ලබා ගන්නා බවත් එසේ ලබා ගන්නා එලවලු ග්‍රැම් සියය දෙසිය පනහක බැගින් විකිනිම සිදු කරන බවත් එසේ එලවලු විකිනිමද මේ වන විට දැඩි ලෙස පහල බැස ඇති බවත් එම තත්වයන් මත එලවලු සැහෙන ප්‍රමාණයක් අපතේ යාමත් සමග තමන් දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවත්ය..මෙම තත්වයන් මත තමන්ට එලවලු වෙලදාමෙන් ඉවත් විමට ිදුව ඇති තත්වයක් උදාවිමත් සමග සමග තමන්ට යන එන මං නැතිවන තත්වයන්ට පත්ව ඇති බවද පිරිස තව දුරටත් පවසති...Facebook.Twitter.Linkedin.Pinterest.Email.Related Posts.උණුසුම් පුවත්.No comments.Newer Post Older Post Home.Subscribe to: Post Comments (Atom).Popular Posts.දමිතා අබේරත්න රක්ෂිත බන්ධනාගාරයට.සූරියවැව මන්දපෝෂණ රැස්වීමේ ජනතාව විරෝධතා.ඩී.වී.චානක ඇමතිකම එපා කියයි..සරුසාර එකක් ඉල්ලයි.පාර්ලිමේන්තුව විසුරුවා හදිසි මහ මැතිවරණයක්..පොහොට්ටුවේ දැඩි විරෝධය.රාජ්‍ය ඇමතිලා 35ක් දිවුරන්න සූදානම්.Latest Posts.{latest}.Cloud Labels.Corona උණුසුම් පුවත උණුසුම් පුවත් කලා පුවත් කොරෝන කොරෝනා ක්‍රීඩා පිටිය ගොසිප් ජායා රූප දේශපාලන මුළුතැන්ගෙය රූපලාවන්‍ය විදෙස් පුවත් ව්‍යාපාරික පුවත්.Powered by Blogger..Ads Place.Featured Post.ගල් අගුරු නැව් එනවා..පැය 8-10 විදුලි කැපිල්ලක් නෑ.ගල් අඟුරු තොග මිලදී ගැනීමට සැලසුම් කර ඇති නිසා ඉදිරියේදී පැය 8-10ත් අතර විදුලි කප්පාදුවක් කිරීමට අවශ්‍ය නොවනු ඇති බව ලංකා ගල් අඟුරු සමාගම පව....Popular Posts.සූරියවැව මන්දපෝෂණ රැස්වීමේ ජනතාව විරෝධතා.පාර්ලිමේන්තුව විසුරුවා හදිසි මහ මැතිවරණයක්..පොහොට්ටුවේ දැඩි විරෝධය.මන්ත්‍රිනියකගේ පුතා හෙරොයින් සමග අත්අඩංගුවට.'නෙලුම් කුළුණ මාර්කට් කලොත් රටේ ආර්ථිකය ගොඩ '-රාජ්‍ය අමාත්‍ය අරුන්දික.Category.Corona 15.උණුසුම් පුවත 1106.උණුසුම් පුවත් 9134.කලා පුවත් 33.කොරෝන 48.කොරෝනා 2520.ක්‍රීඩා පිටිය 273.ගොසිප් 1.ජායා රූප 3.දේශපාලන 2085.මුළුතැන්ගෙය 26.රූපලාවන්‍ය 18.විදෙස් පුවත් 3.ව්‍යාපාරික පුවත් 40.Copyright ©.Footer Menu.Home.About Us.Privacy.Contact |
ශ්‍රී ලංකාවට පොහොර දෙන බවට මෝදි කියයි - Tharunaya.com.Page Nav.HIDE.Grid.GRID_STYLE.Hover Effects.TRUE.Pages.About.Write for Us.Advertising.{fbt_classic_header}.Header Ad.Main Menu.HOME.සිංහල ටෙලිනාට්‍ය.ගින්දර වීඩියෝ.දේපළ ඉඩකඩම් විකිණිමට.ලග්න ඵලාපල.රථවාහන විකිණිමට.Contact Us.Breaking News:.latest.Contact Us.Name.Email *.Message *.ශ්‍රී ලංකාවට පොහොර දෙන බවට මෝදි කියයි.Dulakshi June 02, 2022 උණුසුම් පුවත් Edit this post.Facebook.Twitter.Linkedin.Pinterest.Email.යල කන්නය සඳහා අවශ්‍ය පොහොර කඩිනමින් ලබාදීමට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා එකඟතාව පළ කළ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි. ....යල කන්නය සඳහා අවශ්‍ය පොහොර කඩිනමින් ලබාදීමට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා එකඟතාව පළ කළ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි. ඉන්දීය ණය ආධාර යටතේ මෙම පොහොර තොගය සැපයෙන අතර මෙරටට ලැබී දින 20ක් ඇතුළත බෙදාහැරීමට සැලසුම් කර තිබේ..වාරිමාර්ග ක්ෂේත්‍රය මුහුණ දෙන අභියෝග සහ විසඳුම් පිළිබඳ (01) කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේය..උමාඔය සහ මොරගහකන්ද ව්‍යාපෘති මේ වසර නිම වීමට පෙර අවසන් කර, මහ කන්නය සඳහා ප්‍රතිලාභ ලබාදිය හැකි බව සාකච්ඡාවේ දී අනාවරණය කෙරිණ. මොරාණ, මහගල්ගමුව පෝෂිත ඇළ, මහගෝණ වැව, විලකණ්ඩිය වැව සහ ගොඩිගමුව වැව ව්‍යාපෘති මීට සමගාමීව වැඩ නිමවීමට නියමිතය..විදේශීය අරමුදල් යටතේ අරඹා ඇති ව්‍යාපෘති අපේක්ෂිත කාලසීමාවේ දී අවසන් කිරීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිතුමා උපදෙස් දෙනු ලැබීය..ගත වූ තෙදින තුළ සමස්ත විදුලි උත්පාදනයෙන් 80%ක් ජල සහ සුළං බලයෙන් ජාතික විදුලිබල පද්ධතියට සැපයූ බව අනාවරණය විය. ජලය මත පාවෙන සූර්ය පැනල ව්‍යාපෘති ඉහළ නැංවීමට හා වහලය මත සවිකරන සූර්ය පැනල සඳහා ලබාදෙන ප්‍රතිලාභ වැඩි කර, පාරිභෝගිකයන් දිරිගැන්වීමට පියවර ගත යුතු බව ජනාධිපතිතුමා පැවසීය..යල කන්නයේ වගා කටයුතු පිළිබඳ විශේෂ අවධානය යොමු කෙරුණු අතර වාරිමාර්ග දෙපාර්තමේන්තුව සහ මහවැලි අධිකාරිය යටතේ ජලය සැපයෙන ඉඩම්වලින් 50%ක් මේ වන විටත් වපුරා තිබේ. මහවැලි ගෙවතු දෙලක්ෂ විසිපන්දහසක අතිරේක භෝග වගා සඳහා සැලසුම් කර ඇති බව වාරිමාර්ග අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා සඳහන් කළ අතර මෙතෙක් වී වගා කර නොමැති ඉඩම් වෙනත් භෝග වගා සඳහා යොමු කර ඇති බව නිලධාරිහු පෙන්වා දුන්හ..ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි අනුර දිසානායක, අමාත්‍යාංශ ලේකම් යූ.ඩී.සී. ජයලාල් යන මහත්වරු ඇතුළු අමාත්‍යාංශයට අයත් රේඛීය ආයතනවල නිලධාරීහු සාකච්ඡාවට එක්ව සිටියහ..– ජනාධිපති මාධ්‍ය අංශය..Facebook.Twitter.Linkedin.Pinterest.Email.Related Posts.උණුසුම් පුවත්.No comments.Newer Post Older Post Home.Subscribe to: Post Comments (Atom).Popular Posts.දමිතා අබේරත්න රක්ෂිත බන්ධනාගාරයට.සූරියවැව මන්දපෝෂණ රැස්වීමේ ජනතාව විරෝධතා.ඩී.වී.චානක ඇමතිකම එපා කියයි..සරුසාර එකක් ඉල්ලයි.පාර්ලිමේන්තුව විසුරුවා හදිසි මහ මැතිවරණයක්..පොහොට්ටුවේ දැඩි විරෝධය.රාජ්‍ය ඇමතිලා 35ක් දිවුරන්න සූදානම්.Latest Posts.{latest}.Cloud Labels.Corona උණුසුම් පුවත උණුසුම් පුවත් කලා පුවත් කොරෝන කොරෝනා ක්‍රීඩා පිටිය ගොසිප් ජායා රූප දේශපාලන මුළුතැන්ගෙය රූපලාවන්‍ය විදෙස් පුවත් ව්‍යාපාරික පුවත්.Powered by Blogger..Ads Place.Featured Post.ගල් අගුරු නැව් එනවා..පැය 8-10 විදුලි කැපිල්ලක් නෑ.ගල් අඟුරු තොග මිලදී ගැනීමට සැලසුම් කර ඇති නිසා ඉදිරියේදී පැය 8-10ත් අතර විදුලි කප්පාදුවක් කිරීමට අවශ්‍ය නොවනු ඇති බව ලංකා ගල් අඟුරු සමාගම පව....Popular Posts.සූරියවැව මන්දපෝෂණ රැස්වීමේ ජනතාව විරෝධතා.පාර්ලිමේන්තුව විසුරුවා හදිසි මහ මැතිවරණයක්..පොහොට්ටුවේ දැඩි විරෝධය.මන්ත්‍රිනියකගේ පුතා හෙරොයින් සමග අත්අඩංගුවට.'නෙලුම් කුළුණ මාර්කට් කලොත් රටේ ආර්ථිකය ගොඩ '-රාජ්‍ය අමාත්‍ය අරුන්දික.Category.Corona 15.උණුසුම් පුවත 1106.උණුසුම් පුවත් 9134.කලා පුවත් 33.කොරෝන 48.කොරෝනා 2520.ක්‍රීඩා පිටිය 273.ගොසිප් 1.ජායා රූප 3.දේශපාලන 2085.මුළුතැන්ගෙය 26.රූපලාවන්‍ය 18.විදෙස් පුවත් 3.ව්‍යාපාරික පුවත් 40.Copyright ©.Footer Menu.Home.About Us.Privacy.Contact |
ශ්‍රී ලංකාව සාගතය අබියස - UN කියයි - Tharunaya.com.Page Nav.HIDE.Grid.GRID_STYLE.Hover Effects.TRUE.Pages.About.Write for Us.Advertising.{fbt_classic_header}.Header Ad.Main Menu.HOME.සිංහල ටෙලිනාට්‍ය.ගින්දර වීඩියෝ.දේපළ ඉඩකඩම් විකිණිමට.ලග්න ඵලාපල.රථවාහන විකිණිමට.Contact Us.Breaking News:.latest.Contact Us.Name.Email *.Message *.ශ්‍රී ලංකාව සාගතය අබියස - UN කියයි.Dulakshi June 08, 2022 උණුසුම් පුවත් Edit this post.Facebook.Twitter.Linkedin.Pinterest.Email.උග්‍ර අහාර හිඟය හා අධික ලෙස මිල ඉහළ යාම නිසා ඉදිරි මාස කිහිපය තුළ ශ්‍රී ලංකාවේ අහාර සුරක්ෂිතතාව තවදුරටත් පිරිහෙනු ඇතැයි ලෝක ආහාර වැඩසටහන සහ ....උග්‍ර අහාර හිඟය හා අධික ලෙස මිල ඉහළ යාම නිසා ඉදිරි මාස කිහිපය තුළ ශ්‍රී ලංකාවේ අහාර සුරක්ෂිතතාව තවදුරටත් පිරිහෙනු ඇතැයි ලෝක ආහාර වැඩසටහන සහ එක්සත් ජාතීන්ගේ අහාර හා කෘෂිකර්ම සංවිධානයේ නවතම වාර්තාවක් අනතුරු අඟවයි..අදට යෙදී ඇති ලෝක ආහාර සුරක්ෂිතතා දිනයට සමගාමීව ඔවුන් නිකුත් කළ මේ වාර්තාවේ දැක්වෙන්නේ, ආදායම් අඩුවීම හා ආහාර මිල වැඩිවීම ප්‍රමාණවත් ආහාර වේලක් ලබා ගැනීමට බලපෑමක්වී ඇති බවයි..මේ වාර්තාව නම් කර ඇත්තේ ලෝකයේ කුසගින්න සම්බන්ධයෙන් ඇති අවදානම් රටවල් හා ඉදිරි මාස තුනක කාලයේ උග්‍ර ආහාර අනාරක්ෂිතභාවයක් ඇතිවීමට ඉඩ ඇති රටවල් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම් වාර්තාව ලෙසයි..අහාර වියදම ඉහළ යාම, තෙල් සහ ආනයනික භාණ්ඩ සැපයුම් ක්‍රියාවලිය අඩාලවීම හා ඒවායේ මිල ඉහළ යාම මෙන්ම විනිමය අනුපාත දුර්වලවීම නිසා 2022 වසරේ ශ්‍රී ලංකාවේ උද්ධමනය ඉතා ඉහළ මට්ටමකට පත්වනු ඇතැයි එම වාර්තාවෙන් අනතුරු අඟවා තිබේ..එහි සඳහන් වන්නේ මේ හේතුවෙන් ජුනි සහ සැප්තැම්බර් කාල සීමාවේදී ශ්‍රී ලංකාවේ අහාර අඩු වනු ඇති බවයි..රටේ වැඩිම අස්වැන්නක් ලබාදෙන මහ කන්නයේ අපේක්ෂා කළ අස්වැන්න සාමාන්‍ය අගයටත් වඩා අඩුවී ඇති අතර ඊට ප්‍රධානම හේතුව 2021 අප්‍රේල් සහ නොවැම්බර් අතර කාල සීමාවේ රසායනික පොහොර හා කෘමි නාශක තහනම් කිරීම බව ද මේ වාර්තාවේ සඳහන් ය..ලෝක ආහාර වැඩසටහන සහ එක්සත් ජාතීන්ගේ අහාර හා කෘෂිකර්ම සංවිධානය සිය වාර්තාවෙන් ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාව පිළිබඳ අර්බුදයෙන් මිදීමට වහා ගතයුතු ක්‍රියාමාර්ග ද නිර්දේශ කර තිබේ..– වහාම ජාත්‍යන්තරයෙන් රසායනික හා කාබනික පොහොර සඳහා ආධාර ලබාගැනීම..– පශු සම්පත් අංශය ද දුර්වලවී ඇති බැවින් අධික පෝෂණයක් ඇති සත්ව ආහාර හා ඖෂධ රටට ගෙන්වාගෙන සත්ත්ව ආහාර නිෂ්පාදන කර්මාන්තය බල ගැන්වීම...Facebook.Twitter.Linkedin.Pinterest.Email.Related Posts.උණුසුම් පුවත්.No comments.Newer Post Older Post Home.Subscribe to: Post Comments (Atom).Popular Posts.දමිතා අබේරත්න රක්ෂිත බන්ධනාගාරයට.සූරියවැව මන්දපෝෂණ රැස්වීමේ ජනතාව විරෝධතා.ඩී.වී.චානක ඇමතිකම එපා කියයි..සරුසාර එකක් ඉල්ලයි.පාර්ලිමේන්තුව විසුරුවා හදිසි මහ මැතිවරණයක්..පොහොට්ටුවේ දැඩි විරෝධය.රාජ්‍ය ඇමතිලා 35ක් දිවුරන්න සූදානම්.Latest Posts.{latest}.Cloud Labels.Corona උණුසුම් පුවත උණුසුම් පුවත් කලා පුවත් කොරෝන කොරෝනා ක්‍රීඩා පිටිය ගොසිප් ජායා රූප දේශපාලන මුළුතැන්ගෙය රූපලාවන්‍ය විදෙස් පුවත් ව්‍යාපාරික පුවත්.Powered by Blogger..Ads Place.Featured Post.ගල් අගුරු නැව් එනවා..පැය 8-10 විදුලි කැපිල්ලක් නෑ.ගල් අඟුරු තොග මිලදී ගැනීමට සැලසුම් කර ඇති නිසා ඉදිරියේදී පැය 8-10ත් අතර විදුලි කප්පාදුවක් කිරීමට අවශ්‍ය නොවනු ඇති බව ලංකා ගල් අඟුරු සමාගම පව....Popular Posts.සූරියවැව මන්දපෝෂණ රැස්වීමේ ජනතාව විරෝධතා.පාර්ලිමේන්තුව විසුරුවා හදිසි මහ මැතිවරණයක්..පොහොට්ටුවේ දැඩි විරෝධය.මන්ත්‍රිනියකගේ පුතා හෙරොයින් සමග අත්අඩංගුවට.සියළු ශ්‍රීලනිප ඇමතිවරුන්ගේ තනතුරු අහෝසි කරයි.Category.Corona 15.උණුසුම් පුවත 1106.උණුසුම් පුවත් 9134.කලා පුවත් 33.කොරෝන 48.කොරෝනා 2520.ක්‍රීඩා පිටිය 273.ගොසිප් 1.ජායා රූප 3.දේශපාලන 2085.මුළුතැන්ගෙය 26.රූපලාවන්‍ය 18.විදෙස් පුවත් 3.ව්‍යාපාරික පුවත් 40.Copyright ©.Footer Menu.Home.About Us.Privacy.Contact |
විසිරි සිහින: 05. පස්වෙනි කොටස (ඔබ ආයෙමත් ඇවිදින්).විසිරි සිහින.Sunday, August 22, 2021.05. පස්වෙනි කොටස (ඔබ ආයෙමත් ඇවිදින්).04 වෙනි කොටස ට මෙතනින්.ප්‍රමුදිතා නිවසට එනවිට අම්මා උන්නේ එහා ගෙදර නැන්දා සමගින් ඉස්තෝප්පුවෙහි ඉදාගෙන කතා බහේ යෙදෙමිනි .ඇය නැන්දා පිටව ගිය පසු කාමරය වෙත පැමිණියේ."පුතේ කොහොමද අක්කට" අසමිනි.."මම ICU එකට ගාවට ගිහින් බැලුව අම්මා.අක්කට උන්නට වඩා ගොඩක් හොඳයි හැබැයි අපිට ඇතුලට ගිහින් බලන්න බැහැ.තව චුට්ටක් හරි ගියාම වාට්ටුවකට දාවි එතකොට අපි යමුකෝ බලන්න".ප්‍රමුදිතා අම්මාගේ හිස අතගාමින් පැවසුවාය..ප්‍රධාන ගේට්ටුව අසල වාහන නලා හඬක් ඇහෙන්නට විය.."බලන්න පුතේ කවුද කියලා".අම්මා සයනයෙන් නැගී සිටින්නට තැත් දරමින් පැවසුවාය.."අම්මා ඉන්න මම පොඩ්ඩක් ගිහින් බලන්නම්.".ප්‍රමුදිතා අත්බෑගය පුටුව මතට දමා ආපසු ගේට්ටුව අසලට පැමිණියාය.හමුදා ජීප් රථයේ සිටියේ රත්නායකයි.."කොහොමද දරුවො අක්කට?".රියදුරු අසුනේ සිට ඇය දෙසට එබෙමින් රත්නායක ඇසුවේය."අනේ සර් , අක්කා තාම අයි සී යූ එකේ.ඒ වුනාට දැන් කලින් තිබ්බට වඩා ගොඩක් හොඳයි .අපිට බලන්න යන්න දෙන්නේ නැහැනේ .මම අද ගිහිල්ලා මෙහෙ ආවා විතරයි.වාට්ටුවකට දානකම් ඉතින් බලන් ඉන්න වෙනවා.".ප්‍රමුදිතා පැවසුවාය..අද පැමිණ සිටින්නේ ඔහු පමණි .ඔහුගේ ප්‍රධානියා ලෙස පෙනුණු ඒ නිලධාරියා අද නැත .ප්‍රමුදිතාගේ විමසිලිමත් දෑස සොයන්නේ තමන්ගේ ප්‍රධානියා බව දැනගත් රත්නායක."සර් පල්ලියෙ දාලයි මං මේ ටවුන් එක පැත්තට යන්න ගියේ.එහෙනම් මං ගිහින් එන්නම් දරුවො.මොන හරි උවමනාවක් වුනොත් කියන්නකො." කියා රිය පණ ගන්වා ගත්තේය.ජීප් රථය නොපෙනී යන තුරු බලා උන් ප්‍රමුදිතා සුසුමක් හෙලා ආපසු හැරී ආවාය.."කවුද දරුවො ඒ ආවේ?".අම්මා දොර අසලටම විත් ඇසුවාය.."අර එදා අක්කාව ඉස්පිරිතාලෙට අරන් ගියපු හමුදාවේ සර්ලා . අක්කට කොහොමද කියලයි ඇහුවේ?".ප්‍රමුදිතා පිළිතුරු දෙමින් ගෙතුලට යන්නට සැරසුනාය .ඉතින් රාත්‍රී ආහාරයට කුමක් හෝ සරල දෙයක් සාදාගත යුතුය .කන බත් පිඩක් පවා උගුරෙන් පහළට නොයන තරමට අක්කාට සිදු වූ දේ ඇයව කම්පනයකට පත්කොට ඇත.එහෙත් අම්මාගේ නිරෝගී බව ගැන මේ මොහොතේ තමා සිතිය යුතුය .."පුතේ දැන් ඔය උයන්න මහන්සි වෙන්න එපා.අපේ ගෙදර ඉඳිආප්ප හදනවා. මං අම්මටයි ඔයාට ඉඳිආප්ප ටිකක් එවන්නම්".එහා ගෙදර නැන්දා තාප්පයෙන් මෙපසට එබෙමින් පැවසුවාය..ප්‍රමුදිතා ඇය දෙස ස්තුති පූර්වක බැල්මකින් බලා යළි කාමරයට වැදුණාය..ප්‍රමුදිතා අල්මාරිය ඇර ඒ දෙස මොහොතක් බලා උන්නාය .තමා හා අක්කාට මහා ගොඩක් ඇඳුම් නැතුවද අක්කා ඒ සියල්ල පිළිවෙලකට සෝදා නවා තැන්පත්කොට තබන්නේ දුටුමනතින් ප්‍රිය උපදවන ආකාරයට ය.ඇයගේ සුපුරුදු සුවඳ මුලු කාමරය පුරාම තවමත් පැතිර ඇත .ප්‍රමුදිතා නැගී එන ඉකිය වලකා ගනිමින් අල්මාරිය වසා දැමුවාය..*****************************************************************************."පට්ට මහන්සියි බන්. එලියට යන්න ඕන මට ටිකක්.".රත්නායක අමතා බිම්සර පැවසුවේ ආපසු කෑම්ප් එකට එන අතර මගදීය. සිය ප්‍රධානියා කුමක් හෝ වියවුලක පසුවන බවක් රත්නායකට වැටහේ. ඒත් ඒ කුමක්දැයි ඔහුට නිශ්චය කරගත නොහැක.."කොහෙටද සර් යන්න ඕන?".රත්නායක එපමනක් පමණක්ම ඇසුවේය.."උස්වැටකෙයියාව පැත්තට යමු . ගිහින් ඉක්මනින් චේන්ජ් එකක් දාගෙන.".බිම්සර එපමණක්ම කියා ඇස්පියාගත්තේ අසුනේ හිස රඳවනයට හිස තබාගනිමිනි..රත්නායක ජීප් රථය නැවැත්වූයේ උස්වැටකෙයියාව මුහුදු තීරයේය.තද කලු පැහැති ටීශර්ටයකින්ද නිල්පැහැ ඩෙනිම් කලිසමකින්ද සැරසගත් බිම්සර වාහනයෙන් බිමට බැස්සේ අතවූ බියර් කෑනයද ගෙනමය.."මන් චුට්ටක් මෙහෙන් ඉන්නම්.".බිම්සර එපමණක් කියා මුහුදුවෙරල අද්දර තනවා තිබූ කුඩා සමර්හට් එකක් වෙත ගියේය..ඔහු එසේ පවසන්නේ තනිව සිටින්නට අවැසි නිසා බව දන්නා රත්නායක ජීප් රථය ඔහු පෙනෙන දුරකින් නවත්වා බලාඋන්නේය..බිම්සර බියර් කෑනය හෙමි හෙමින් පානය කරන අතරේ ඈත මුහුදු තීරය දෙස අව්කණ්නාඩි අතරින් බලාඋන්නේය..හිතේ කුමක් හෝ අතහැරී යාමක අඩුව හැම විටම ජීවිතයට ඉතින් දැනේ..මේ දින දෙකේදීම ඒ අඩුව තමා යළි පෙළන්නේ සුපුරුදු ඉසව්වට යළි පැමිණි නිසාවිය යුතුය.ඉතා තුරුණු වියෙහිදී සතුටින් කෙළිදෙලෙන් ගතකල ඒ ප්‍රදේශය තමාහට හිස් වන්නට පටන් ගත් යුගය ඔහුට තවම මතකය..බිම්සර හිසකේ ඇදගත්තේ අධික නොසන්සුන් බවෙනි..ජංගමය කම්පනය වනු දැනෙන්නේ කලිසමේ සාක්කුවෙනි.."අප්පච්චි...".බිම්සර අමතුමට සම්බන්ධ වූයේ බියර් කෑනය පසෙක තබාය.."පුතේ කොහොමද ඔහේ තත්වය?".අප්පච්චිගේ හඬ හිතේ දාහය නිවාලන තරමේ ස්වරයකි.."මෙහෙ ගැන නම් කතාකරල වැඩක් නෑ අප්පච්චි. මෙච්චර මිනිස්සු අසරණ වෙලා ඉන්න හැටි දැක්කම එපාවෙනව අප්පච්චි.".බිම්සර පැවසුවේ හිතේ නැගෙන වේදනාවෙනි.."මාත් නිවුස්වලින් දිගටම දැක්කා සුදුපුතේ. පරෙස්සමින් වැඩ ටික කරගන්න .තාම අවදානම පහවෙලා නෑනේ.මගෙ පුතාත් පරෙස්සමින් වැඩ ටික කරගන්න. තෙරුවන් සරණයි.".අප්පච්චී ඇමතුම නිමාකරමින් පැවසුවේය..හිතේ හටගන්නා සියලුම දුක්වේදනා ,මොහොතකින් නිවාලන්නට අප්පච්චීට හැකිවන්නේ විශ්වකර්ම බලයක් බඳු ස්වරයෙන්මය..හිතේ කාන්සිය උතුරා යන ඕනෑම මොහොතක අප්පච්චී එය ඉවෙන් මෙන් දැන ඇමතුමක් දෙන්නේ telepathy නිසාදැයි බිම්සරට විටෙක සිතෙයි.හිස්වූ බියර් කෑනය අතදරාගෙන බිම්සර නැගී උන්නේ තවත් දවසක නිමාව ඈත ක්ෂතිජයෙන් සනිටුහන් වන රන් පැහැ ඉරෙහි අවසන් රේඛාවන්ද දැක්කාට පසුවය.."අප්පච්චී කෝල් කලා.".එපමණක් කීම රත්නායකට සිය ප්‍රධානියා ගේ මුගුණේ අඳුරු වළාකුළු මැකී යන්නට හේතුවට ප්‍රමාණවත්ය.ඔහු සැනසුම් සුසුමක් හෙලා රිය පණ ගන්වා ගත්තේය..******************************************************************************.අතිශය කාර්යබහුල සතියක් ගෙවී යන විට රට තුළ පැන නැග්ගේ අහුමුලු වලින් හිස ඔසවන ජාතිවාදයක සලකුණු ය.වසර ගණනාවක් තිස්සේ එක් ජාතික ජාතිවාදී අරගලයක් හේතුවෙන් බැට කෑ සාමාන්‍ය ජනතාවගේ දුක් කඳුළු සෝසුසුම් මෙන්ම රුහිරු වැගිරීම් ද දේපල හානි හා අවතැන් වීම් ද දුටු බිම්සරට මේ හිස ඔසවා ඔසවාගෙන එන අඳුරු වලාකුළු වල බරපතළ කම මොනවට වැටහෙන්නට විය.."අපිට මෙතනින් නම් ගැලවෙන්න හම්බෙන්නෙ නැහැ බං.ඒ ගමන තැනින් තැන පටන් අරගෙන නේද ?".බිම්සර ධාවනය වන රියෙහි සිට රත්නායකහට පැවසීය.."මිනිස්සුන්ට කුපිත වෙන්න එක පොඩි කාරණයක් තිබ්බත් ඇති සර්. අඬන්න ඉන්න මිනිහට ඇහැට ඇඟිල්ලෙන් අනිනවා වගේ ...කොනකින් ගිනි පුපුරක් තිව්වම ඇති ...කට්ටිය හොඳට තෙල් දාගෙනම ඇවිලෙනවා.ඒකෙනුත් අන්තිමට වෙන්නේ අහිංසක මිනිස්සු ටික දෙනෙක් දෙපැත්තෙන්ම මැරෙන එකතමයි".රත්නායක පැවසුවේ සුසුමක් හෙළමිනි..පල්ලිය පෙනෙන තෙක් මානයේ දී බිම්සරගේ දෑස් නොසන්සුන් වන ආකාරය රත්නායක නිරීක්ෂණය කළේ හොරහිනි..මෙතන මොකක් හරි හොරයක් තියනවා. ඒක අර පොඩි කෙල්ලට නම් වෙන්න බැහැ. ඒ ළමය තාම ස්කෝලෙ යන පුංචි ළමයෙක් නේ.එදා අර ඒ ගෑනුළමයගෙ අක්කව ගෙනිච්ච දවසෙ ඉඳන් තමා මේ පැටලිල්ල.රත්නායක තනිවම සිතුවේය .එහෙත් තමාගේ ප්‍රධානියාගෙන් එබඳු දෙයක් ඇසීමට තරම් රාජකාරිමය සම්බන්ධතාවේ ඔවුන් සමීප නොවේ.."අර ලෙඩාට කොහොමද දන්නෑ නේද සර්?".රත්නායක ඇහුවේ ඔවුන්ගේ නිවස දෙස බලමිනි.."උඹට ඕනෑ නම් ගිහින් අහගෙන වරෙන්.".බිම්සර එපමනක් කියා ඉවත බලා ගත්තේය..දිසාරත්න තිරිංග පෑගුවේ එක්වරමය.."යකෝ...මරන්නද යන්නෙ මාව" බිම්සරට කෑගැස්සුණි.රත්නායක සිනාවක් පෑවේ හිසකසමිනි.."ඉන්න සර් මං ගිහින් පොඩ්ඩක් අහල එන්නම් කෝකටත්..මොනා උනත් ඉතින් සර් ගෙනිහින් බාර දීපු ලෙඩා නේ.".බිම්සර කට කොනකින් සිනහ වී ඉවත බලාගත්තේය.."මංම හින්දා හොඳයි ඉතිං." රත්නායක හිනැහෙමින් නිවෙස දෙසට ගියේය.."ගෙදර කවුද ?"රත්නායක කිහිප වරක් හඬනගා කතා කළ ද නිවසේ දොර ජනෙල් සියල්ල වසා ඇත .ඔවුන් කිසිවෙක් ගෙදර නැති බවක් පෙනේ ..තවත් වරක් හඬනගා කතා කරන විට අල්ලපු ගෙදර කාන්තාව තාප්පෙන් එබී බැලුවාය.."ආ කාවද හොයන්නේ කුසුමක්කාවද ? එයාලා ගියා ඉස්පිරිතාලෙට.".රත්නායක ඇයට ස්තූති කොට ආපසු ජීප් රථයට පැමිණියේය.බිම්සර විමසුමෙන් ඔහු දෙස බැලුවේය.."ගෙදර කවුරුත් නැහැ ඉස්පිරිතාලයට ගිහිල්ලාලු සර්.".රත්නායක දේවස්ථානය දෙසට වාහනය ධාවනය කරමින් පැවසුවේය. රෝහල වෙත යෑමේ හදිසි සිතුවිල්ලක් පහළ වුවද රත්නායක එය වරදවා වටහා වටහාගනු ඇතැයි බිම්සරට සිතුනි..සිඟිති නංගිගෙ ෆෝන් නම්බර් එක වත් මට එදා ඉල්ල ගන්න බැරි වුණා.එක්කෝ අද ආපහු යන ගමන් ඒ පැත්තෙ පොඩ්ඩක් ගිහින් යන්ඩ ඕනේ..බිම්සර සිතුවේ සියලුම සිද්ධීන් අමතක කොට දමා රාජකාරි කටයුතුවල යෙදෙමිනි ..********************************************************************************.(මේ කතාව තුළ මතුවන්නාවූ චරිත සහ නම් ගම් සියල්ලම ජීවත්ව සිටි හෝ ජීවත් ව සිටින්නා වූ කිසිදු ජීවමාන චරිතයකට කිසිදු සම්බන්ධකමක් නොකියන බව ප්‍රකාශ කර සිටිමි.).හමුවෙමු යළිත් ...ආදරය සමගින්..මම.( විසිරි 🧡).Posted by විසිරි සිහින at 10:44 PM.Email ThisBlogThis!Share to TwitterShare to FacebookShare to Pinterest.Labels: ඔබ ආයෙමත් ඇවිදින් ( නවකතාව ).12 comments:.රන්වන් මකරාAugust 23, 2021 at 10:45 AM.-Jae Ma.ReplyDelete.Replies.විසිරි සිහිනAugust 24, 2021 at 1:19 AM.thank you.Delete.Replies.Reply.Reply.ඩ්‍රැකීAugust 24, 2021 at 9:31 AM.හ්ම්... කතාව ටිකක් ෆාස්ට් ෆෝවඩ් කරමුද? සතියක් විතර ඉස්සරහට?.ReplyDelete.Replies.විසිරි සිහිනAugust 25, 2021 at 9:36 PM.ඉන්න මම කොටස් කීපයක් එකට දාන්නම් .එතකොට ඉක්මනින් ඒවිනෙ ගානටම.Delete.Replies.Reply.Reply.කොළොම්පුරේ (අසංග රණසිංහ ආරච්චි)August 24, 2021 at 4:26 PM.මේක නොවරදවා කියවනවා. ලස්සනයි. අපුරු ලෙසින් ගෙත්තම් කරලා තියේනවා. ඔෆිස් කොම්පියුටරෙන් කියෙව්වත් කොමෙන්ට් කරන්නට බෑ..ReplyDelete.Replies.විසිරි සිහිනAugust 25, 2021 at 9:37 PM.බොහොම ස්තුතියි ..Delete.Replies.Reply.Reply.D.G.M බස්සාAugust 24, 2021 at 7:39 PM.ඩ්‍රැකියා පෙන්නපු පාර දිගේ ආවෙ. හොඳ වැඩක්. සුභ පැතුම්!.ReplyDelete.Replies.විසිරි සිහිනAugust 25, 2021 at 9:37 PM.බොහොම ස්තුතියි ..Delete.Replies.Reply.Reply.ඩ්‍රැකීAugust 25, 2021 at 1:12 AM.ස්තූතියි බකුස් සහ අසංග..තට්ට අයියත් කියවනව කියල කිව්වා. නිදියත් එයි හෙට පාන්දරිම්ම..ReplyDelete.Replies.විසිරි සිහිනAugust 25, 2021 at 9:38 PM.බොහොම ස්තුතියි . තට්ටයා (අයියා හෝ මල්ලී) කලින්කොටස් කීපයක් කියෙව්වා වගෙ මතකයි ඩ්‍රැකී.Delete.Replies.Reply.Reply.කල්‍යාණ මිත්‍රAugust 25, 2021 at 5:06 AM.බ්ලොග් එකේ අප්ඩේට් වෙන වේගේ මදි මැඩම්.. ළඟ ළඟ දාල දිනපතා ෆේස්බුක් එකේ අප්ඩේට් වෙන එකට පැරලල් ගේමු මේකත්..ReplyDelete.Replies.විසිරි සිහිනAugust 25, 2021 at 9:39 PM.කොටස් තුනහතරක් එකට දාන්න ඕනෙ එහෙනම්.Delete.Replies.Reply.Reply.Add comment.Load more....Newer Post Older Post Home.Subscribe to: Post Comments (Atom).Followers.මම සිහින දකින්නියක්මි.විසිරි සිහින.විසිර ගිය සිහිනයන් එකතු කර රැගෙන එමි.View my complete profile.Total Pageviews.Labels.My Diary.travel notes.අදහස්.අපූරුම දේවල්.අරමුණු.උගත් පාඩම්.ඔබ ආයෙමත් ඇවිදින් ( නවකතාව ).කෙටිකතා.පරිවර්තන.මතක.මතකයේ රැඳෙන පොත්.රයිලිගෙ කතා.විසිරි කවි.විසිරි සිතුවිලි.විසිරිගෙ සේයා රූ.....වෙනත් අයගේ කියවපු අපූරු කතා.සඳක් සේ ( නවකතාව).සමාජ විපරම්.සෞඛ්‍ය.හසරැල් සැලුණාවේ (නවකතාව ).හැඟීම්.Blog Archive.► 2022 (25).► September (2).► August (1).► July (2).► June (2).► May (5).► April (4).► March (4).► February (4).► January (1).▼ 2021 (56).► December (2).► November (6).► October (6).► September (9).▼ August (9).07. හත්වෙනි කොටස (ඔබ ආයෙමත් ඇවිදින්).06. හයවෙනි කොටස -( ඔබ ආයෙමත් ඇවිදින්).05. පස්වෙනි කොටස (ඔබ ආයෙමත් ඇවිදින්).04. හතරවෙනි කොටස (ඔබ ආයෙමත් ඇවිදින්).2021 ( 25 ) ඉතින් තනිමග යමි.03. තුන්වෙනි කොටස (ඔබ ආයෙමත් ඇවිදින්).02. දෙවෙනි කොටස (ඔබ ආයෙමත් ඇවිදින් ).01. ඔබ ආයෙමත් ඇවිදින් - පළමු කොටස.00. පෙරවදන - ඔබ ආයෙමත් ඇවිදින්.► July (10).► June (3).► March (1).► February (4).► January (6).► 2020 (58).► October (9).► July (3).► June (6).► May (7).► April (21).► March (11).► February (1).► 2019 (18).► December (1).► November (1).► October (1).► August (1).► May (1).► April (9).► February (2).► January (2).► 2018 (20).► December (10).► August (1).► June (1).► May (2).► April (1).► March (1).► February (2).► January (2).► 2017 (59).► December (2).► November (2).► October (4).► September (2).► August (5).► July (1).► June (6).► May (7).► April (6).► March (9).► February (5).► January (10).► 2016 (22).► December (13).► November (4).► October (5).my blog list.Transylvania."මූව මග්ගොනට යවන්න ඕනේ ".අනිත් කොන - a doctor's heart sutra.The social function of music....කොළඹ ගමයා.බ්‍රිතාන්‍ය රජ පවුලේ ජර්මන් හා රුසියානු සම්බන්ධතා.කඩදාසි කොලේ.361: උන්මාද චිත්‍රාදෝ මා - පසුවදන.ජිවිතේ යාත්‍රාව.නිද්‍රාව..නිදහස් සිතුවිලි.682. අද සිරී ලම්කාවෙ වහා විසඳාගත යුතු දැවෙන පස්න හෙවත් බෙර්නිං කුවෙස්චන්ස්.....රසිකොලොජි - Rasikology.සල්මන් රුෂ්ඩි සහ මට හමුවුණු ජාත්‍යන්තර අයියලා තුන් දෙනෙකුගේ කතා - Salman Rushdie and other stories.Ian's Den ඉයන්ගේ අඩවිය.පොරොන්දුවක් කඩ කිරීම.සොඳුරු සඳවතී.අහන්නකො......ගස් ලබ්බ.අටම්පහුර.ඉස්සෙල්ලම ගහපු එකා.තරුරසී.තරුණ අපේ හීන මැරූ - උඹල තමයි කම්බ හොරූ....chef-architect.කෑ බනික.මගේ බ්ලොග.53. How Seedr can helped you???.කලාහිත.. Kalahitha.අධි පරිභෝජනවාදයෙන් මිදී සරළ ජිවන රටාවකට හුරුවෙමු.තිලක සිත.මළ ඉලව් ලිෆ්ට් එක.රස්තියාදුකාරයා.සුභ ගමන් ආදරණීය ආටියා...........නොපළ කතා.අ(සම්මුතිය).test post for facebook – Aru-ge adaviya.කඩේ ගියා හෝ නැතා…මේ සින්දුව අහන්න...සින්ඩරෙල්ලාගේ සපත්තුව....!.රූබරිය !.රසුදැල්.මිලියන ගණන් වටිනා 99 මිනිස්සු.වැව් ඉස්මත්ත.කොච්චි මිරිස්.රොශාන් මහානාම,කොච්චියාගේ යාඤාව සහ බුද්ධත්වයට පත් සමන්තබද්‍ර.අහසෙන් එන්න....පස් මසකට පෙර ජීවිතේ පෙරළුණු අලුත් පිටුව.යාං හෑල්ල.ඔපිස් එකේ කොරෝනාගෙන් බේරෙන හැටි - How to avoid Corona at office.සමකය වටේ.Katchatheevu Feast 2020Drone vedio | கச்சதீவு அந்தோனியார் ஆலய திருநாள் 2....Nelum Yaya.ප්‍රන්ස බස සහ ඉංග්‍රීසි බස වෙනුවෙන් මරා ගැනීම.A T Sudarshana.Maharada Oba Giya daa (මා හැර දා ඔබ ගිය දා ).කතා කරන පන්හිඳ.පොකුරු වැහි.හිත්.දුමී.122. කිමද සොඳුරියෙ හඬන්නේ යළි අපිට හිමි වෙනවා අපී.....බස්සිගේ නවාතැන.ඔබේ රහස් සතුටු බුබුළ (Happiness Bubble).කැලේ පිපුණු මල්.01 පළමු දවස 2019 ජූනී 22.උඩුවාගේ සටහන්....රත්නම්ගේ වේදනාව.මාරයාගේ හෝරාව....නිවිති එක්ක දෙල් කිරට....මම එරන්දී... I'm Erandi.STRESS ද?.සින්බෑඩ්ගේ අඩවිය.දිනපොත 25.සජ්ජාගේ පඩංගුව.පරිසරය සමඟ පවුලත් සුරකිමු ...!!!!!.පැමිණ යන්නට මත්තෙන්...හැකි නම් තබන්න සටහනක්..එය මට මහත් දිරියක්. Ethereal theme. Powered by Blogger. |
tag:blogger.com,1999:blog-628344550111716809.post5387286978909162012..comments2022-08-05T21:29:42.983-07:00.Comments on විසිරි සිහින: 88. ඔබේ ඇස්දෙක ඔබේ දරුවන්.විසිරි සිහිනhttp://www.blogger.com/profile/[email protected]:blogger.com,1999:blog-628344550111716809.post-62225321505741103672018-05-18T20:20:26.239-07:002018-05-18T20:20:26.239-07:00.දරුවන් නිසා කොතෙකුත් ආර්ථික අපහසුතා තිබ්බත් මම රස්....දරුවන් නිසා කොතෙකුත් ආර්ථික අපහසුතා තිබ්බත් මම රස්සාවෙන් අයින් වුණා..අද මව සතුටු වෙනවා මෙහෙකාරියන්ට එහෙමත් නැත්නම් කුල කියවන්න බලන් ඉන්න නෑදෑයින්ට දරුවන් බාර කලේ නැති එකට...දරුවෝ වෙනුවෙන් මොනාද අපිට කරන්න බැරි... කතා කරන පන්හිඳhttps://www.blogger.com/profile/[email protected]:blogger.com,1999:blog-628344550111716809.post-81791309848812154692018-05-16T03:12:11.780-07:002018-05-16T03:12:11.780-07:00.++++++++++++.++++++++++++ තඩියාhttps://www.blogger.com/profile/[email protected]:blogger.com,1999:blog-628344550111716809.post-46272310266820026202018-05-14T03:10:05.644-07:002018-05-14T03:10:05.644-07:00.අද ඉන්න සමහර අම්මලා තාත්තලා දැක්කම ඒ ළමයින්ගෙ අනාග....අද ඉන්න සමහර අම්මලා තාත්තලා දැක්කම ඒ ළමයින්ගෙ අනාගතෙත් කොහොම වේවිද කියල හිතන්න අමාරුයි.. ගිම්මිගේ කොලමhttps://www.blogger.com/profile/[email protected]:blogger.com,1999:blog-628344550111716809.post-40081479687291727852018-05-11T02:49:22.907-07:002018-05-11T02:49:22.907-07:00.My most respectful salute to you dear Madam!.My most respectful salute to you dear Madam! Ravihttps://www.blogger.com/profile/[email protected]:blogger.com,1999:blog-628344550111716809.post-85978884298218974982018-05-08T22:04:59.469-07:002018-05-08T22:04:59.469-07:00.ඒක ඇත්ත......ඒක ඇත්ත..... රස්තියාදුකාරයාhttps://www.blogger.com/profile/[email protected]:blogger.com,1999:blog-628344550111716809.post-11984141208579003352018-05-08T06:56:52.353-07:002018-05-08T06:56:52.353-07:00.ඇත්තටම හැමෝම දෙමවුපියෝ දරුවෝ ගැන මේ විදියට හිතනවාන....ඇත්තටම හැමෝම දෙමවුපියෝ දරුවෝ ගැන මේ විදියට හිතනවානම් දරුවෝ කොයි තරම් සුරක්ෂිතද? Anonymoushttps://www.blogger.com/profile/[email protected]:blogger.com,1999:blog-628344550111716809.post-6798512094045752732018-05-07T06:50:17.483-07:002018-05-07T06:50:17.483-07:00.කාලෙකට පස්සෙ වැදගත් පණිවිඩයක් අරන් අක්කා ඇවිත්. ....කාලෙකට පස්සෙ වැදගත් පණිවිඩයක් අරන් අක්කා ඇවිත්. ජයවේවා!!! Duminda Abeysekarahttps://www.blogger.com/profile/[email protected] |
විසිරි සිහින: 15. පහලොස් වෙනි කොටස ( ඔබ ආයෙමත් ඇවිදින්).විසිරි සිහින.Sunday, September 26, 2021.15. පහලොස් වෙනි කොටස ( ඔබ ආයෙමත් ඇවිදින්)."මේ සැරේ හොයාගත්ත ලොකේශන් එක මරු සුදු අයියෙ. මගෙ යාලුවො ටිකක් ගිහින් ෆොටෝස් දාල තිබ්බා. අපි දෙන්නත් යං යං කියකියමයි උන්නෙ.".පොඩ්ඩා යසස් පැවසුවේ ඉදිරියටම නෙතැතිව ගමන් ගන්නා බිම්සර වෙතට එබෙමිනි.."මාත් ඊයෙ නම් බැලුවා. තැන එච්චරම එක්ස්පෝස් වෙලා නෑ වගේ තාම නේද? අපේ රටේ තැනක් ඉතින් කාගන්නෙ නැතුව ඉන්න මිනිස්සු දන්නෙ නෑනෙ. මට බය ඇල්ලටත් ඕකම වෙයිද කියල.".ලොකු මල්ලී පැවසුවේ රිය පදවන අතරේය..ෆෝවීල් ජීප් රථයක අවදානම්කාරී ධාවනය ලොකුමල්ලී මනාව හසුරවමින් කන්ද නග්ගවන ආකාරය බිම්සර බලා උන්නේ ආඩම්බරය මුසු හැඟීමකිනි. තමාගේ සොහොයුරන් තිදෙනාම ජීවිතය මනාව සකස් කරගනිමින් සිටින ආකාරය සිතට සතුටක්මය.."ඕන්න අපි ආවා කෑම්පින් සයිට් එකට.".ජීප් රථයෙන් බැස මීටර් පන්සියයක් පමණ පාගමනින් පසු කන්ද මුදුණේ තැනිතලා බිමකට ඔවුන් පැමිණ තිබුණි.."ශහ් මාරම වීව් එකක්නේ පොඩ්ඩා කිව්ව හරි.".අදාල ස්ථානයේ තිබුණේ අංශක තුන්සියහැටේ දර්ශනයකි. මල්ලිලා තිදෙනා කූඩාරම් අටවන අතරේදි බිම්සර ඒ මේ අත ඇවිද්දේ වටාපිටාව නිරික්සන්නටය..තවමත් මිනිස් ඇසින් එතරම්ම දූෂිත නොවූවද ඉඳහිටක ඇවිදින් ගිය ඇතැමුන් ශේෂ කොට ගිය අපද්‍රව්‍ය තවමත් එහි තැන තැන නොදිරා ඇත..තැනිතලා බිමට ඈතින් හතරවටින් විහිදෙන කඳුවලල්ල මැනවින් පෙනෙන්නේ මේ උදෑසන ඉතාම පැහැදිලි වූ හෙයිනි. වලාකුල් එකිනෙක අහස් බිමෙන් කඳුරටා අතරේ සලුපිලි පොරවමින් ගමන් කරන්නේ ලතාවකටය.ඈතම කන්දක නිවසකින් ඉහලට නැගෙන සුදු දුමාරයකි.බිම්සර දෑත් පොරවා බැඳගනිමින් ඒ දෙසම බලාඋන්නේය..අවට පරිසරය සිසාරා ඇත්තේ කුඩා කුඩා පඳුරුය. නම නොදන්නා කැලෑ මල් රාශියක් ඒ පඳුරු සිසාරා පිරීයමින් පවතී. මේ උදාව ඇත්තේ වස්සන කාලයයි. ඉදින් හැමගසක්ම මල්පුරා ඇත.."සුදු අයියේ එන්නෝ.".පොඩ්ඩන් කෑඅගසා අමතන හඬ ඈත කඳුවලල්ලේ වැදෙමින් දෝංකාර දෙයි..බිම්සර ආපසු හැරී කූඩාරම අසලට ආවේය.."මේ පාර අපිට ලොකු ටෙන්ට් එකක් හම්බ වුණා. ඔක්කොටම එකට ඉන්න පුලුවන් මෙහෙම එකක් ගත්තාම.".කූඩාරම තුලට පිවිසි බිම්සරට ලොකු මල්ලී පැවසුවේය.."ඔව් ඒක නම් මරු තමා. කොහෙන්ද මේක.".බිම්සර කුඩා කොට්ටයක් බඳු අසුනකට බරදෙමින් ඇසීය. ගණ බ්ලැන්කට්ටු කිහිපයක් කූඩාරමේ කොනක විය.."ඔය මගෙ යාලුවෙක් ඕවා ගෙන්වනන්ව. මම ඕඩර් එකක් දාලම ගෙන්නගත්ත.".ලොකු මල්ලී සෑහෙන සමාජාශ්‍රයක් ඇතිව ජීවත් වන්නෙකි.ඔහුට විවිධ මට්ටම් වල විවිධ තරාතිරමේ යහළු මිත්‍රාදීන් ඇත..පොඩ්ඩන් දෙදෙනා විශයානුබද්ධ ක්‍රියාකාරකම් මෙන්ම සංගීතයටද දැක්වූයේ අපූරු කුසලතාවයකි. යසස් ජීප් රථයට ගොස් යළි ගිටාරයද රැගෙන කූඩාරම අසලට ආවේ."හරි හරි දැන් සෙට් එකම බහිමු එළියට. ඕක අස්සෙ ඉන්න නෙවේනෙ ආවේ..."කියමිනි..ලොකු මල්ලී ගෙන ආ කුඩා ගෑස් ලිපට සවිකල බාබකියු එක මතට පොඩ්ඩා අල සහ මස් අතුරමින් උන්නේය..ජීප් රථයේ වූ ශීත පෙට්ටිය රැගෙන ආවේ ලොකු මල්ලීය. එතුල ඇත්තේ බියර් කෑනයන් බව බිම්සර දුටුවේ පෙරදා බඩු අසුරන මොහොතේය. අයියා මල්ලිලා කොයිතරම් සමීප වුවද අප්පච්චීට ඇති ගෞරවය හේතුවෙන් බියර් වැනිදෑ සඟවාගෙනම අසුරන්නට ඔවුන් පෙලඹුණහ..යසස් ගිටාරය සුසර කරමින් ගීයකට මුල පිරුවේය. සහස් බාබකියු යන්ත්‍රය අසල සිටම එයට අත්වැල් ඇල්ලීය..අහස පොලව උහුලනවලු.ඉරත් හඳත් මුහුවෙනවලු.පටන් ගත්ත දාට ආදරේ.සිනහ පඳුරෙ කඳුලු සුසුම් පොකුර ආදරේ.නෙතට පිරිත් පැන් ඉහිනා සුතුර ආදරේ.කඳුලු වදුලෙ සිනහ පොට්ටු නටන ආදරේ.සිතට තට්ටු කරන සිහින කෙවිට ආදරේ ...ආදරේ ...ආදරේ.....ආදරේ..ආදරේ...කොල්ලන් දෙන්නාගේ හඬ මෙන්ම ස්වර වාදනයන්ද පරිසරයට මුසුවන්නේ අපූරු තාලමවමිනි..අවේලාවෙ හීනමවන හීනමානෙ දෙපලු කරන.මුරන්ඩුකම දුන්න ආදරේ.රෑ තුන් යම පාලුමකන.තනිවම හිනැහෙන මුමුණන.තුරුණු සිරිත සොඳුරු ආදරේ...ආදරේ ...ආදරේ.....ආදරේ..ආදරේ...සාගරේක කඳුලු හදන මහ සුලඟක සුසුම් බෙදන.විනයක් නැති දැහැන ආදරේ.හිතෙන් හිතට ඉව අල්ලන.නෙතින් නෙතට මාරුකෙරෙන.දාර්ශනික දහම ආදරේ ....අහස පොලව උහුලනවලු.ඉරත් හඳත් මුහුවෙනවලු.පටන් ගත්ත දාට ආදරේ.සිනහ පඳුරෙ කඳුලු සුසුම් පොකුර ආදරේ.නෙතට පිරිත් පැන් ඉහිනා සුතුර ආදරේ.කඳුලු වදුලෙ සිනහ පොට්ටු නටන ආදරේ.සිතට තට්ටු කරන සිහින කෙවිට ආදරේ ...ආදරේ ...ආදරේ.....ආදරේ..ආදරේ...පොඩ්ඩන් දෙදෙනා සමග හරි හරියට ගීයට එක්වූ ලොකු මල්ලී පොඩ්ඩන්ට ඇස් ඉඟිමරමින් පෙන්වූයේ මුවඟ පොපියන සිනහවකින් යුතුව බියර් කෑනය හිස්කරමින් ඈත කඳුයාය දෙස බලාඉන්නා බිම්සරවය. පොඩ්ඩන් දෙන්නා සිදුවීම නොදන්නාමුත් සිය වැඩිමහල් සොහොයුරාගේ යම්කිසි වෙනසක් සිදුව ඇති බව වටහා ගත්හ..අවසාන පදපෙළ සමගම බිම්සර වටකරගත් තිදෙනා ඔහු වටා නටමින්ම ගීය ගයන්නට වූහ. බිම්සර පියවි ලොවට ආවේ එවිටය.."සුදු අයියේහ්.... ආයෙ රහස් බෑ ඔන්න. අපිටත් කියනවකො නෑනා ගැන".සහස් පැවසුවේ ඔහුගේ උරහිසේ එල්ලෙමිනි.."ම්..මොන නෑනෙක්ද ? පිස්සුද බං..එහෙම එකක් නෑ...".බිම්සර ඉවතට හරවා ගත් මුවින් යුතුව සිනහව ගිල ගත්තේය.."අනේ ..අනේ ...බොරු ඕන්නෑ සුදු අයියේ....මොනවද අප්පා...".යසස් ද එක්වූයේ ඒ ඇවිටිල්ලටය.."වද නොදී හිටපල්ලකො...කියන්නම් පස්සෙ.".බිම්සර ගැලවීයන්නට උත්සාහ දරමින් පැවසීය.."ආ..ආ....ආආ.....ඔය කියවුනේ....එහෙනම් ඒක තමා..".ආදරේ...ආදරේ...ආ..ආ...... ආදරේ.ආදරේ...ආදරේ...ආ..ආ... ආදරේ....දවස ගෙවී ගියේ සිනහවෙන් සහ කතාබහෙනි. අන්තිමේදි සිය සොහොයුරාගේ පෙම් පවත් සියල්ලන්ම දැනගත්තේ සිනහ උතුරන විහිලු තහලු මැදය.."මම අම්මපා බයේ උන්නේ. සුදු අයියා අක්කා කෙනෙක් ගේන්න පරක්කු වෙනකොට".යසස් පැවසුවේ සිනාවතිනි.."ඇයි ඒ මොකද ? මගෙ ගැන එච්චරකට වද වෙන්නෙ තමුසෙ.".බිම්සර ඇසුවේ විමසිල්ලෙනි.."නෑ ඉතින් අපි යාලුවෙන කෙල්ලන්ගෙ ගෙවල් වලින් ඇහුවොත් අයියා බඳින්නැතුව ඉද්දි මල්ලිලාට හදිස්සි මොකද කියල...ඒකයි..".සිනා හතරක් එකවිට පිපිර ගියේය.."සුදු අයියේ මුන් නම් අපි වගෙ නෙවෙයි ඔන්න ....මේ ටිකට කෙල්ලෙක් දාගෙන ඇති.".ලොකු මල්ලී පැවසුවේ නිදන්නට කූඩාරමට යනවිටය. රාත්‍රී දොලහ පසුවන තුරුම සින්දු කියමින් කෑම කමින් බියර් සහ වෙනත් සිසිල් බීම පානය කල සිව් සොහොයුරන් නිදන්නට සැරසුනේ පසුදා තරමක් ඇවිදින්නට යන්න උවමනා හෙයිනි.."එක කෙල්ලෙක් දාගෙන ඇති කියල අපහාස කරන්න එපා ලොක්කයියෙ.".යසස් සිනහා වුණේ සහස්ගේ එවදන් වලටය.."හැදිලා ඉවරයි හැදිලා ඉවරයි".ලොකු මල්ලී හිනැහුණේ මොවුන්ගේ විහිලුවලටය..කොල්ලන් තිදෙනා නින්දට ගියද බිම්සර කල්පනා කලේ හිසට අත්දෙක බැඳගෙනය. කූඩාරමේ ඉහල විනිවිද පෙනෙන කොටසකින් අහස්කුස ඇති තරු යායක් පෙනෙයි. බිම්සර නින්ද එනතුරුම ඒ තරුරටා දෙස බලාඋන්නේය. මේ මොහොතේදී තමාද ඇයද සිටින්නේ මේ තරුවියන යටමය. එහෙත් දෙන්නා දෙතැනකය. කවදා හෝ ඇයද සමගින් මෙසේ තරුවියනක් යට සිටින්නට සිත පෙරුම් පුරාගනී..🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡.උදෑසනින් සිව් සොහොයුරන් ඇසැරගත්තේ දසතම පැතිරයන කුරුලුහඬටය. කූඩාරම තුල මනා උණුසුමක් රැඳවුණේ ලොකුමල්ලී උවමනාවටත් වඩා ජීප් රථයේ පුරවාගෙන ආ බ්ලැන්කට් තොගයෙනි..සියල්ලන්ටම පෙර බිම්සර කූඩාරමෙන් පිටතට ගියේ උදෑසන අසිරිය විඳින්නටය. පරිසරය නැවුම් ය . උදා හිරු කිරණ ලා පැහැයෙන් තවමත් කඳු යායෙන් එබී බලන්නට පටන් ගත්තා විතරය. අසල තැනිතලාව පුරාවටම ඇති කුඩා පඳුරු වල බටිත්තන් වැනි කුඩා කුරුල්ලන් රැසක් හඬ නගමින් කලබලකරති. ඔවුන් දවස පටන් ගන්නේ සියල්ලන්ටම කලිනි.."සුදු අයියෙ ආ...".ලොකු මල්ලී දුම් දමන කෝපි කෝප්පයක්ද රැගෙන ඔහු අසල විය.."මෙච්චර ඉක්මනින් කෝපිත් හැදුවද ?".බිම්සර කෝපි බඳුණ අතට ගනිමින් ඇසුවේය. ලොකු මල්ලී එයට පිළිතුරක් නොදීම දෑත ඉහලට ඔසවා කම්මැලි හැරියේය.."අද ප්ලෑන් එක මොකක්ද ? මම හෙට උදේ ආපහු යනවා.".කූඩාරම අකුලන මල්ලිලාට සහය වෙමින් බිම්සර ඇසුවේය.."මේ කන්ද නගිමුද? තව පොඩ්ඩනෙ උඩට යන්න ඕන. එහා පැත්තට වැටෙන ඇල්ලක් තියේලු නේද? ඔන්නොහෙ බලල සේෆ් නම් නාගෙනම යන්.".යසස් පැවසුවේය.."මේ සීතලේ ඇල්ලෙන් නාන්න පුලුවන්ද බං".සහස් , යසස්ට පැවසුවේ කටද ඇද කරගනිමිනි.."උඹ ඉතින් මහ ගිනි දවාලෙවත් නාන එකෙක්යැ.".යසස් සිය නිවුන් සොහොයුරාට පහරක් ගසමින්ම පැවසීය. මේ නිවුන්නන් දෙන්නාගේ බැඳීම අපූරුය. ඔවුන් දෙන්නා කුඩාකල සිටම පුදුමාකාරව එකට බැඳී උන්හ..පවුලක සොහොයුරු සොහොයුරියන් අතර තිබිය යුත්තේ මේ ආකාර බැඳීම්ය. බිම්සරට මෙත්මි සහ ප්‍රමුදිතා මතක් වූයේ අහේතුකවමය. ඔවුන් දෙදෙනා අතර ඇත්තේද අපූරුම බැඳීමකි. කොල්ලන් තුන්දෙනා සමගින් බිම්සර පෙරදා රෑ මෙත්මි ගැන සියලු පවත් පැවසුවේය.."සුදු අයියේ, අර නංගිට කවුරුහරි ඉන්නවද දන්නෑනේහ්.".යසස් ඒ කතාව මැද්දට පැන්නේ සියල්ලන්ම සිනාගස්සවමිනි.."උඹට මං කියන්නෑ. ඒ කෙල්ල තව ඒලෙවල් කරනව. පාඩුවේ හිටපන් චුට්ටො".බිම්සර සිනාව අතරින්ම පැවසීය.."ඉතින් සුදු අයියා එහෙනම් ඒ අක්කා එක්ක යාලුවෙන්න ගියේ අක්කා ඕලෙවල් කරන්නත් කලින්නෙ. මං ඊට වඩා හොඳයිනෙ".යසස් පැවසුවේ කුටු කුටු ගාමිනි.."උඹලට මම මේ කතාව නොකියා උන්නෙත් ඔන්න ඕවා නිසාමයි. එතකොට ඒක වාසියට අරන් එනවා කරේ යන්න.".බිම්සර සිනාව සඟවා තදින් පැවසීය.."විහිලුවක්නෙ කලේ..සුදු අයියේ. සොරි".යසස් පැවසුවේ හිසද පසෙකට ඇලකොටය..********************************************************************************************.කාලයකට පසු ජීවිතය ප්‍රාණවත්ව ගෙවීයනු බිම්සරට දැනුණේ සුපුරුදු පරිසරයේ සිය සොහොයුරන් හා එක්ව උන්නාට පසුය. අනෙක් අතට දැන් ජීවිතයේ අරමුණක් ඇත. ඇය ජීවිතයේ අඳුරු හැඟීම් සියල්ල මකා දමමින් යළි දෑස්මානයේ සිටින්නීය..හවස් යාමයේ සිව් සොහොයුරන් ආපසු නිවස බලා ආවේ සිනාවෙන් කතාවෙන් කෙලිදෙලෙන්මය.."ලොක්කයියෙ කවුරු හරි ඇවිල්ල වගෙ ගෙදර ඉස්සරහ වාහන දෙකක්.".ඈතින්ම නිවෙස ඇති ඉසව්ව දෙස බලා පොඩ්ඩා යසස් කෑගැසීය. බිම්සරද ඕනෑවට එපාවට මෙන් එදෙස බැලුවේය..ලොකු මල්ලී ජීප් රථය නැවැත්වූයේ නිවසේ පසුපසට වන්නටය. පිටුපස දොරින් ගෙතුලට ආ සිව් සොහොයුරෝ සාලය හරහා නොගොස් කාමර වෙත යන්නට තීරණය කලද මුලුතැන්ගෙය තුල වූයේ ලොකු නැන්දා හෙයින් එයද මඟහැරුණි.."ආ ඉලන්දාරි ටික රවුම් ගහන්න ගිහින් එන වෙලාව යසයි. සුදු පුතා අප්පච්චි ඉන්න දිහාට යන්න.අර කට්ටියක් ඇවිල්ලත් ඉන්නව ඔයාව හම්බවෙන්න.".ලොකු නැන්දා සිනහසෙමින් පැවසුවාය. බිම්සර නළලද රැළි කරගෙන ඇය දෙස බලා නිහඬවම සාලය දෙසට ඇවිද ගියේය. පැමිණ උන්නේ මේධා සහ ඇයගේ මව, පියා සහ සොහොයුරාත් , ඔහුගේ බිරිඳත්ය. බිම්සර සිතට ආ නොරිස්සුම වලකාගනිමින් පියා අසලට ගොස් ඉඳගත්තේ මේධා දෙසවත් නොබලා සෙසු අයට සිනහවකින් ප්‍රතිචාර දක්වමිනි.."කොහොමද පුතා. අපි මේ ඔයාගෙ නැන්දලගේ ගෙදර ආව ගමන්. ආපහු යන ගමන් මෙහෙටත් ගොඩවෙලා යන්න හිතුනා.".මේධාගේ පියා පැවසුවේ බිම්සර වෙතට සුහද සිනහවක් පාමිනි.."හොඳින් ඉන්නවා අන්කල්. මේ පොඩි නිවාඩුවකට ගෙදර ඇවිල්ල යන්න ආවා.".බිම්සර සිතාමතාම මේධාගෙ බැල්ම මඟ හැර උන්නද ඇය තමා වෙතම එල්ලවූ දෑසින් සිටිනු ඔහුගේ නෙත්කොණට පෙණුනි.."මෙයා මාව බලන්නවත් එන්නෑ ඩැඩී. මහ නරකයි.".මේධාගේ පමණටත් වඩා වදන් වල දැවටෙන නෝක්කාඩු බස නෑහුණාක් මෙන් බිම්සර උන්නේය.."ඔයාව බලන්න එනවට වඩා බිම්සර පුතාට මේ දවස්වල රටේ වැඩ ඕනතරම් තියනවා ඩාලින්. ඒ නිසා කරදර කරන්න එපා.".මේධාගේ පියා තරවටු ස්වරයකින් මෙන් පැවසීය.."ඉතින් පුතා , අපි මේ කොහොමත් මෙහෙ එන්න කියලා උන්නෙත්.....".මේධාගේ මවගේ වදන් අතරමග නැවතුණේ....තේ සහ කෙටිකෑම සහිත බන්දේසියද ගෙන ඇය සාලයට සුමනම්මා සමග පැමිණි හෙයිනි.."ඕවා ඔතනින් තියල යන්න.".ලොකු නැන්දා සුමනම්මාව ඉක්මනින් ආපසු යවා මේධාගේ මව අසලින් හිඳගත්තාය.."මම ඉතින් මේ අයව අදම එක්ක ආවේ සුදු පුතා , මේ කාරණා මෙහෙම පහුකරල බැරි නිසයි.".ලොකු නැන්දාගේ වදන් වලින් බිම්සරගේ සිතෙහි නොසන්සුන් බව වැඩිවීගෙන ආවේය..එහෙත් නිහඬ වතම පිරූ ඔහු අප්පච්චී දෙස බැලුවේ ඔහු වෙතින් අදහසක් බලාපොරොත්තු වෙමිනි.."අප්පච්චි දිහා බලන්න නෙවේනෙ. මේක ගැන තීරණයකට එන්න ඔයානෙ කතාකරන්න ඕන.".ලොකු නැන්දාගේ හඬට සිනාවත පානා මේධාගේ මුහුණද බිම්සරගේ කේන්තිය තව තවත් අවුස්සාලීය.."මම එදත් නැන්දට කෙලින්ම මේක ගැන කියලා ඇති .නැන්ද, මේධා කියන්නේ හොඳ ගෑනු ළමයෙක්. ඒක මම පිළිගන්නව. ඒත් මේ යෝජනාවට මම කැමති නෑ. මම මේධව බඳින්න අදහසක් කොහෙත්ම නෑ.".බිම්සර සෘජුවම කතා කලේය..මේධාගේ වත විරූපව යනුද ඇය හඬාගෙන ඉවතට දුව යනුද දැක මේධාගේ මව ඇය පසුපසම දුවගියාය.ලොකු නැන්දා කෝප ගත්තේ එවදන් අසාය.."කෙල්ල හොඳනම්, පවුලුත් ගැලපෙනව නම් ආයේ මොකක්ද අකමැත්තක්. ඔයා මේකට කැමති වෙන්නම ඕන සුදුපුතා.".ලොකු නැන්දා සිය ආධිපත්‍යය පතුරවාහරිමින් උන්නාය.."කලබල වෙන්න අවශ්‍ය නෑ මිසිස් කාරියවසම්. අපි ටිකක් නිදහසේ කතාකරමුකො.".මේධාගේ පියා කතාබහ කලේ ඉවසුම් සහිතවය. එහෙත් ඒ ඉවසුමට යටින් සැඟවී තිබූ කපටි ස්වභාවය හඳුනා නොගන්නට තරම් බිම්සර නොමේරූ අයෙක් නොවීය.."කලබල නොවෙන්න කියන්නෙ කොහොමද මිස්ටර් ගුණවර්ධන. ඔයාල මා ගැන තිව්ව විශ්වාසයක් තොයනව.මම ඒක කඩන්නෙ නෑ කොහොමවත්ම.".ලොකු නැන්දා මේ ඇයගේ විශ්වාසය රකින්නට ඇපයට ගන්න හදන්නේ තමාවය. බිම්සර හඬ අවදිකලේ බොහෝ ඉවසීමෙනි.."ලොකු නැන්දා, ගුණවර්ධන අන්කල් මට ඔය දෙන්නටම කියන්න තියෙන්නෙ මෙච්චරයි. මම ලොකු නැන්දට මේ යෝජනාව ගේනකොටම මම මේකට කැමති නැති බව කිව්වා. එහෙම නේද ලොකු නැන්දා. ඒත් ඔයා ඇහුවෙ නෑ. මම මේධාට නෙවෙයි කිසිම ගෑනුලමයෙක්ට කැමතිවෙන්නෙ නැහැ.".බිම්සර පැවසුවේ තරහෙන්ම පුපුරා හැලෙන ලොකු නැන්දාගේ මුහුණ මඟහරිමිනි.."එහෙම අකමැත්තක් තියේ නම් ඇයි ඔයා අපේ දුවව මෙච්චර ලඟින් ආශ්‍රය කලේ. අන්තිමට ඒ කෙල්ලට වෙන කැමති පිරිමි ළමයෙක්ව හොයාගන්නත් බැරිඋනා.".එතනට කඩාවැදුණ මේධාගේ අම්මා පැවසුවේ බිම්සරට දොස් නගමිනි.."ලඟින් ආශ්‍රය කලා කියන්න ඇන්ටිට මොකක්ද තියන ශාක්ෂිය? මම මේධා එක්ක කොහේවත් තනිවම ගිහින් තියද ? අඩුමගානේ එයාව අතකින්වත් අල්ලලවත් තියද කියලා එයාගෙන්ම අහන්න. සමාවෙන්න ඇන්ටි අන්කල් ඔය දෙන්න ඉස්සරහ මම මෙහෙම කියනවට. ඔයාල මගේ පිටට එහෙම අනවශ්‍ය චෝදනාවක් කරන්න කලින් මේධාට එන්න කියන්න මෙතනට. අපි එයාවත් තියාගෙනම එයාගෙයි මගෙයි එහෙම ආශ්‍රයක් තිබ්බද කියන එක අහමු.".බිම්සරගේ සෘජු වදන් වලට තිගැස්සී ගියේ ගුණවර්ධන යුවල පමණක් නොව නැන්දාදය.."දුව මෙහෙට එන්න. මේක අපි අදම කතාකරලා ඉවර කරගම්මු".මේධාගේ මව හඬනගා පැවසුවාය.මේධා පැමිණියේ ඇස්වල පිරුණ කඳුලුද අත්ලෙන් පිසිමිනි.."ඔය දෙන්නාගේ දුරදිග ගිය ආශ්‍රයක් තියෙයි කියල ඔයාම අම්මට කියලා තිබුණා. එහෙම නේද දුව. ඉතින් දැන් මේ බිම්සර කියනවා ඔය එක්ක එයාගේ එහෙම ක්ලෝස් රිලේශන්ශිප් එකක් තිබ්බෙ නෑ කියල.".ගුණවර්ධන අන්කල් පැවසුවේ මේධාට ආසුන්ගන්නා ලෙස පවසමිනි.."මම ඔයාට ඇරෙන්න වෙන කිසි කෙනෙක්ට ආදරේ කරල නෑනෙ බිම්සර. අනේ ඇයි ඉතින් ඔහොම කරන්නේ.".මේධාගේ රඟපෑම ඉතාම අනුවේදනීය තත්වයක් එතැනට මවා පෑවේය.අනෙක් අය කෙසේ වෙතත් අප්පච්චීද ඒ හඬින් සසැලීයනු බිම්සර දුටුවේය.."මේධා ඔයා මට ආදරේ කරන්න ඇති. නමුත් මම ඔයාට ආදරේ කලේ නෑ.අපි දෙන්නා අතර කිට්ටු සම්බන්ධයක් තිබුණා කියලා ඔයා කියන පදනම මොකක්ද?".බිම්සර ඇසුවේ තද හඬකිනි. තව දුරටත් ඇයගේ කඳුලු මත මෙතන තත්වය තීරණය විය යුතු නොවේ.."අපි එකට පාටීස් වලට ගියානෙ බිම්සර. මම මගේ යාලුවන්ට ඔයා මගේ ෆියොන්සේ කියලා ඉන්ට්‍රොඩියුස් කරල දීලාත් ඉවරයි. මම කොහොමද ඉතින් එයාලට ආයේ ෆේස් කරන්නෙ.".මේධා ඉකිගසමින් හඬන්නට වූවාය.."සුදුපුතා , මේ හොඳටම ඇති. ඔයාට වටින්නෙ නෑ මෙහෙම කරන්න මේ දුවට. කරුණාකරලා තමන් අතින් එහෙම දේවල් වෙලා තියනව නෙ. ඒ නිසා මගහරින්න එපා.".ලොකු නැන්දා තදින්ම පැව්ස්සුවේ මේධාගේ මවගේ මුහුණට සිනහවක්ද නංවමිනි.."ඔයා එක්ක මම පාටීස් වලට ගියාට ඔයා එක්ක මම නයිට් ක්ලබ් ගිහින් නෑනේද මේධා. එතකොට අපි එහෙනම් ඒ ගැනත් කතාකරමුද?".බිම්සර ලොකු නැන්දාව ගණන් නොගෙනම මේධා වෙත පැණයක් ඉදිරිපත්කලේ එසැනින් මේධා තිගැස්සී යනු දැකය.."මොකක්, මොනවද පුතා මේ කියන්නෙ. මගෙ දුව එහෙම කෙල්ලෙක් නෙවෙයි,. නිකම් අභූත චෝදනා විතරක් කරන්න එපා.".මේධාගේ මව පුපුරාහැලුණාය.."මේධා මම අම්මලට කියන්නද මම දන්න දේවල්. ඔයාම කියනවද?මතක තියාගන්න මේධා ඔයාට වඩා මම මේ සමාජයේ ගැටෙන මනුස්සයෙක්. අනෙක ලියෝන් කියන්නේ කවුද කියල නොදැන ඉන්න මම ඇස්කන් පියාගෙන උන්න කෙනෙක් නෙවෙයි.".මේධා බියපත්වූයේ ලියෝන්ගේ නම ඇසෙද්දීය. ලියෝන් යනු මේධාගේ දීර්ඝ කාලීන විදෙස් පෙම්වතාවූ අතර ඔහු මේධා භාවිත කලේ ඔහුගේ විදෙස් වෙබ්සයිටයන්හි කටයුතු සඳහාය. මේධා මුලින් ඒ සම්බන්ධව අකමැත්තක් පලකලද පසුව අතගැවසෙන්නාවූ අධික මුදල් සහ සැපසම්පත් හේතුවෙන් එයට කැමති වූවාය..එම සේයා රූ සහ වීඩියෝ පට මුදාහැරුණේ විදෙස් වෙබ්සයිටයන් වලටය. ඒවාට ශ්‍රීලාංකිකයනට පිවිසීමට නොහැකි හෙයින් මේධාද ඒ ගැන වදවූයේම නැත..එහෙත් බිම්සර යනු සාමාන්‍යම අයෙක් නොවන බව මේධාට අමතක විය. ඉදින් සියල්ල ඔහු දැනගෙනම නිහඬව සිට ඇත. මේධා නැගී උන්නේ."මමී, ඩැඩී අපි යමු." කියමිනි..බිම්සරගේ කටකොණකට ආවේ උපහාසාත්මක සිනහවකි. ලොකු නැන්දා අගක් මුලක් නොදැන උඩබිම බලමින් උන්නාය. ගුණවර්ධන යුවලද මේධාගේ බලකිරීම හෙයින්ම නැගී උන්නද පිටත්ව යන මොහොතේදී මේධාගේ පියා බිම්සර වෙත හෙලුවේ දරුණු ගණයේ බැල්මකි.බිම්සර එය කිසිසේත්ම ගණන් නොගන්නා අන්දමින් හිනැහුණේය. අප්පච්චී ඔහු දෙස බලාඋන්නේ කවදත් සිය පුත්‍රයා ගැන ඇති අචල විශ්වාශයෙනි..ඔවුන් පිටව ගිය පසු ලොකු නැන්දා බිම්සරට බැණ වදින්නට වූයේ අගක් මුලක් නොදන්නා හෙයිනි.."මොනවද අර කල දේ සුදුපුතා. ඒ මිනිස්සු කොච්චර වැදගත් අයද ? ඔයාලට එහෙම පවුලක් ආයෙ හම්බවෙන්නෙ නෑ.ඒක මතක තියාගන්න.".ලොකු නැන්දා අප්පච්චීටද බනින්නට වූවාය.."කොහෙද අප්පච්චි ඉන්නව. හැම එකටම සද්ද නෑ. අඩුගානෙ එක වචනයක් කතාකරන්න තිබ්බා එවෙලෙ.".බිම්සර අසුනෙන් නැගී උන්නේය.."ලොකු නැන්දා , අප්පච්චිට වචනයක් වත් කියන්න එපා. අප්පච්චි දන්නව මම කිසිම දවසක වැරැද්දක් කරන්නෑ කියල. ඔයා හරි ලොකු නැන්දා ඒ වගේ පවුලක් අපට ආයේ හම්බවෙන්නෙ නෑ. මොකද මේධා කියන්නේ ලංකාවේ අය නොදන්නවට අනෙක් රටවල හරි ෆේමස් කෙනෙක්. ඒ මොනවයින්ද කියල මටලොකු නැන්දගේ මුහුණ බලාගෙන කියන්න බෑ. ඒ නිසා ඔයා ඔය කියන වැදගත් කියන පට්ටම එයාලට ගැලපෙන්නෙ නෑ ලොකු නැන්දා.".බිම්සර කාමරයට ඇවිදගියේ මේ සියල්ලෙන්ම මිදී විවේක ගන්නටය.."දාන්න සුදු අයියා පහක්".පොඩ්ඩා යසස් උන්නේ කාමරයේ දොර අසලමය. බිම්සර යන්තමින් මෙන් ඔහුගේ අතට අත ගටා කාමරයට ඇතුලු විය.."අපිට ලොකු ලොකු අයගේ කතාවලට එබෙන්න බෑනෙ සුදු අයියෙ. අපි ඒ උනාට මෙහෙට වෙලා ඇන්ටනාව දාගෙනමයි උන්නෙ".ලොකු මල්ලී පැවසුවේ ඇඳෙන් නැගී සිටිමිනි. බිම්සර ඇඳෙහි හිඳගෙන නලල දෑතින්ම තෙරපා ගත්තේය.."ටේක් ඉට් ඊසි සුදු අයියා. ආයෙ ලැජ්ජාවක් තියේ නම් ගුණවර්ධන ෆැමිලි එක ඔය යෝජනාව අරන් එන්නෙ නෑ මෙහෙ. අපේ ලොකු නැන්දත් වැඩේ අල්ලල දාවි ඒ කිව්ව ටිකෙන්ම.".සහස් පැවසුවේ කාමරයේ ජනේලයෙන් පිටතට යොමුවන ඇස් සමගිනි.."මම කෙල්ලෙක්ගේ චරිතෙ ඝාතනය කරන්න කැමති නෑ ලොකු මල්ලි. ඒත් ඔක්කොම දහජරා වැඩ කරන ගමන් මගේ කරේම එල්ලෙන්න හේතුව මට වගේම ඕගොල්ලන්ටත් හිතාගන්න පුලුවන්නෙ.එයාට ඕනම උනේ ගාඩ් එකක්. ආරක්ෂාවට.මම සෑහෙන්න කාලෙක ඉඳන් ඕක ෆලෝ කරල හොයාගත්තෙ.".බිම්සර පැවසුවේ තරමක් හිත සහනයකට ආ පසුය. පසුදා පාන්දරින්ම ආපසු කොලඹ බලා යායුතු බව ඔහු තරයේ තීරණය කොට ගත්තේය.."සුදුපුතා අපි ටිකක් කතාකරමුද?".අප්පච්චී බිම්සර රාත්‍රී කෑම මේසයෙන් නැගිටින මොහොතේම පැවසුවේය. අප්පච්චීවත් අම්මාවත් කිසිම දිනයක නිවසේ හෝ බාහිරයෙන් පැමිණෙන ප්‍රශ්න කෑම මේසයේදී හෝ නින්දන කාමරයේදී හෝ කතාබහට නොගන්නට හුරුව උන්හ. ඉදින් බිම්සරත් මල්ලිලාත් සියල්ලන්ම එක්ව ආහාරගන්නා මොහොතේදී දිවාකාලයේ ගැටලුවක් සිදුනොවූ අන්දමට සියල්ලන්ම හැසිරුනෝය..ආලින්දයේ අසුන්දෙකකට බරව ගත් පියපුතුන් දෙදෙනාට කතාබහ කරගන්නට ඉඩදී අනෙක් සොහොයුරන් කාමර වෙත ඇදෙනුද සුමනම්ම්මා මුලුතැන්ගෙයට ඇදෙනුද පෙනුනි.."සුදු පුතේ , හැමදාමත් වගේ මම විශ්වාස කරන්නේ මගෙ පුතාව. ලොකු නැන්දා ගියේ බොහොම ආවේගයෙන් තවතව කියවලා. එයා පිළිගන්න සූදානම් නෑ ඔයා කිව්ව දේවල්. මොකද ලොකු නැන්දා මේ නවීන ලෝකයේ වෙන දේවල් වලට එච්චර හුරුවුනම කෙනෙක් නෙවෙයි..මං වුනත් එහෙමතමා. නමුත් මට පුතා කිව්ව ඒ දේවල් වල බරපතල කම තේරෙනව.".අප්පච්චී බොහොම නිවීසැනසිල්ලේ කතාව ඇරඹුවේය.."අප්පච්චි , මම මේධාගේ යෝජනාවට ඒක ආව දවසෙම අකමැති උනා අප්පච්චිට මතකයිනේ? ඒත් ලොකු නැන්දා මේක කණකටම ගත්තේ නෑ.අප්පච්චි මේ කටයුත්ත අපි කලා නම් මටත් ආමි එකෙන් එළියට යන්න වෙනවා ඒ ආරංචි වල හැටියට.".බිම්සර පැවසුවේ ඈත කඳක දිලෙන ආලෝක පහන් දෙසම බලාඅගෙනය.."මට තේරෙනවා , දැන් ඒක අමතක කරල දමන්න. නමුත් ගුණවර්ධන ගැන මම දන්නෙ සෑහෙන කාලෙක ඉඳලා. මිනිහා පොළඟා වගේ පන්න පන්න හපන එකෙක්.ඔය මුහුණෙ පිටට පේන්න තියන ශාන්තුවර ගතිය මිනිහාගෙම වාසියට තියෙන පෙනුමක්.සුදුපුතා ටිකක් කල්පනාවෙන් ඉන්න ඕන.".අප්පච්චී පැවසුවේය.බිම්සර කිසිවක්ම නොකියා හිසසැලුවේය.."ඒ වගේම මම පුතාල කාටවත් ජීවිතේ කිසිම දේකට බලකිරීමක් කරල නෑ මේ වෙනකල්. මට පුතාගෙන් අහන්න තියෙන්නෙ පුතාගේ ජීවිතේ ඉස්සරහ ගැන තාමත් මොකුත් තීරණයක් නැද්ද කියල?".අප්ප්ච්චිගේ ස්වරයේ කිසිදු වෙනසක් නොවූවද එහි වූයේ ප්‍රශ්නාර්ථයක් සහ බලාපොරොත්තුවකි.."බලමු අප්පච්චි...පොඩි පොඩි ප්‍රශ්න ටිකක් තියනව මේ දිනවල. මම අප්පච්චි එක්ක හෙමීට කතාකරන්නම්.".බිම්සර නින්දට යන්නට අසුනෙන් නැගිට්ටේ අප්පච්චීගේ දෙපාමුල දණගසා වඳිමිනි.."තුණුරුවන්ගේම පිහිටයි. හෙට උදෙන්ම යනවද සුදු පුතේ.?".අප්පච්චී බිම්සරගේ හිස මත අතතබමින් පැවසුවේය.."ඔව් අප්පච්චි, උදෙන්ම ගියොත් ලේසියි. සුමනම්මා කන්න හදල දෙනව කිව්වා.අරන්ම යන්නම්.".බිම්සර සිනාවෙන් පිරි මුවින් කාමරයට වැදුණේය..🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡.(මේ කතාව තුළ මතුවන්නාවූ චරිත සහ නම් ගම් සියල්ලම ජීවත්ව සිටි හෝ ජීවත් ව සිටින්නා වූ කිසිදු ජීවමාන චරිතයකට කිසිදු සම්බන්ධකමක් නොකියන බව ප්‍රකාශ කර සිටිමි.).🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡.හමුවෙමු ....ආදරයෙන්.මම.(විසිරි).Posted by විසිරි සිහින at 5:29 AM.Email ThisBlogThis!Share to TwitterShare to FacebookShare to Pinterest.Labels: ඔබ ආයෙමත් ඇවිදින් ( නවකතාව ).4 comments:.D.G.M බස්සාSeptember 26, 2021 at 5:59 AM.+++++++++++.ReplyDelete.Replies.Reply.Mahesh RathnayakeSeptember 26, 2021 at 6:27 AM.ආවෙමි.. කියවීමි...ReplyDelete.Replies.Reply.Pra JaySeptember 26, 2021 at 7:49 PM.+++++++.ReplyDelete.Replies.Reply.ලිඛිතාSeptember 30, 2021 at 2:27 PM.ආමි.. කියෙව්වෙමි....ReplyDelete.Replies.Reply.Add comment.Load more....Newer Post Older Post Home.Subscribe to: Post Comments (Atom).Followers.මම සිහින දකින්නියක්මි.විසිරි සිහින.විසිර ගිය සිහිනයන් එකතු කර රැගෙන එමි.View my complete profile.Total Pageviews.Labels.My Diary.travel notes.අදහස්.අපූරුම දේවල්.අරමුණු.උගත් පාඩම්.ඔබ ආයෙමත් ඇවිදින් ( නවකතාව ).කෙටිකතා.පරිවර්තන.මතක.මතකයේ රැඳෙන පොත්.රයිලිගෙ කතා.විසිරි කවි.විසිරි සිතුවිලි.විසිරිගෙ සේයා රූ.....වෙනත් අයගේ කියවපු අපූරු කතා.සඳක් සේ ( නවකතාව).සමාජ විපරම්.සෞඛ්‍ය.හසරැල් සැලුණාවේ (නවකතාව ).හැඟීම්.Blog Archive.► 2022 (25).► September (2).► August (1).► July (2).► June (2).► May (5).► April (4).► March (4).► February (4).► January (1).▼ 2021 (56).► December (2).► November (6).► October (6).▼ September (9).16.දහසය වෙනි කොටස ( ඔබ ආයෙමත් ඇවිදින්).15. පහලොස් වෙනි කොටස ( ඔබ ආයෙමත් ඇවිදින්).14. දහ හතර වෙනි කොටස ( ඔබ ආයෙමත් ඇවිදින්).13. දහතුන්වෙනි කොටස ( ඔබ ආයෙමත් ඇවිදින්).12. දොලොස් වෙනි කොටස ( ඔබ ආයෙමත් ඇවිදින්).11. එකොලොස්වෙනි කොටස ( ඔබ ආයෙමත් ඇවිදින්).10.දහ වෙනි කොටස ( ඔබ ආයෙමත් ඇවිදින් ).09. නව වෙනි කොටස (ඔබ ආයෙමත් ඇවිදින්).08. අටවෙනි කොටස (ඔබ ආයෙමත් ඇවිදින් ).► August (9).► July (10).► June (3).► March (1).► February (4).► January (6).► 2020 (58).► October (9).► July (3).► June (6).► May (7).► April (21).► March (11).► February (1).► 2019 (18).► December (1).► November (1).► October (1).► August (1).► May (1).► April (9).► February (2).► January (2).► 2018 (20).► December (10).► August (1).► June (1).► May (2).► April (1).► March (1).► February (2).► January (2).► 2017 (59).► December (2).► November (2).► October (4).► September (2).► August (5).► July (1).► June (6).► May (7).► April (6).► March (9).► February (5).► January (10).► 2016 (22).► December (13).► November (4).► October (5).my blog list.Ian's Den ඉයන්ගේ අඩවිය.ජවිපෙ ගමන නිමයි, නායක අනුර කියයි..! (from LankaeNews).Transylvania."මූව මග්ගොනට යවන්න ඕනේ ".අනිත් කොන - a doctor's heart sutra.The social function of music....කොළඹ ගමයා.බ්‍රිතාන්‍ය රජ පවුලේ ජර්මන් හා රුසියානු සම්බන්ධතා.කඩදාසි කොලේ.361: උන්මාද චිත්‍රාදෝ මා - පසුවදන.ජිවිතේ යාත්‍රාව.නිද්‍රාව..නිදහස් සිතුවිලි.682. අද සිරී ලම්කාවෙ වහා විසඳාගත යුතු දැවෙන පස්න හෙවත් බෙර්නිං කුවෙස්චන්ස්.....රසිකොලොජි - Rasikology.සල්මන් රුෂ්ඩි සහ මට හමුවුණු ජාත්‍යන්තර අයියලා තුන් දෙනෙකුගේ කතා - Salman Rushdie and other stories.සොඳුරු සඳවතී.අහන්නකො......ගස් ලබ්බ.අටම්පහුර.ඉස්සෙල්ලම ගහපු එකා.තරුරසී.තරුණ අපේ හීන මැරූ - උඹල තමයි කම්බ හොරූ....chef-architect.කෑ බනික.මගේ බ්ලොග.53. How Seedr can helped you???.කලාහිත.. Kalahitha.අධි පරිභෝජනවාදයෙන් මිදී සරළ ජිවන රටාවකට හුරුවෙමු.තිලක සිත.මළ ඉලව් ලිෆ්ට් එක.රස්තියාදුකාරයා.සුභ ගමන් ආදරණීය ආටියා...........නොපළ කතා.අ(සම්මුතිය).test post for facebook – Aru-ge adaviya.කඩේ ගියා හෝ නැතා…මේ සින්දුව අහන්න...සින්ඩරෙල්ලාගේ සපත්තුව....!.රූබරිය !.රසුදැල්.මිලියන ගණන් වටිනා 99 මිනිස්සු.වැව් ඉස්මත්ත.කොච්චි මිරිස්.රොශාන් මහානාම,කොච්චියාගේ යාඤාව සහ බුද්ධත්වයට පත් සමන්තබද්‍ර.අහසෙන් එන්න....පස් මසකට පෙර ජීවිතේ පෙරළුණු අලුත් පිටුව.යාං හෑල්ල.ඔපිස් එකේ කොරෝනාගෙන් බේරෙන හැටි - How to avoid Corona at office.සමකය වටේ.Katchatheevu Feast 2020Drone vedio | கச்சதீவு அந்தோனியார் ஆலய திருநாள் 2....Nelum Yaya.ප්‍රන්ස බස සහ ඉංග්‍රීසි බස වෙනුවෙන් මරා ගැනීම.A T Sudarshana.Maharada Oba Giya daa (මා හැර දා ඔබ ගිය දා ).කතා කරන පන්හිඳ.පොකුරු වැහි.හිත්.දුමී.122. කිමද සොඳුරියෙ හඬන්නේ යළි අපිට හිමි වෙනවා අපී.....බස්සිගේ නවාතැන.ඔබේ රහස් සතුටු බුබුළ (Happiness Bubble).කැලේ පිපුණු මල්.01 පළමු දවස 2019 ජූනී 22.උඩුවාගේ සටහන්....රත්නම්ගේ වේදනාව.මාරයාගේ හෝරාව....නිවිති එක්ක දෙල් කිරට....මම එරන්දී... I'm Erandi.STRESS ද?.සින්බෑඩ්ගේ අඩවිය.දිනපොත 25.සජ්ජාගේ පඩංගුව.පරිසරය සමඟ පවුලත් සුරකිමු ...!!!!!.පැමිණ යන්නට මත්තෙන්...හැකි නම් තබන්න සටහනක්..එය මට මහත් දිරියක්. Ethereal theme. Powered by Blogger. |
විසිරි සිහින: 55. පොත්ගුල්ලියකගේ මතක 1.විසිරි සිහින.Saturday, May 13, 2017.55. පොත්ගුල්ලියකගේ මතක 1.ඉස්සරම දවසක මම මුහුණු පොතට ලිව්වා පොඩි සටහන් පෙළක්...පොත් ගුල්ලියකගෙ මතක කියලා....එක තව ආලවට්ටම් ටිකක් එහෙම දාල බ්ලොගේට ලියන්න හිතුනා ඉතින් ...ඒ කලින් ලිව්වට වඩා තව මතක තියධ කියල අවුස්සන්න ත් ඕන...නමුත් ළමා කාලේ කියන්නේ කොච්චර මතක ගොඩක් තියන සුන්දරම කාලයක්ද නේද......කියවීම.....ඒක නිකම්ම නිකම් කියවීමක් නම් නොවෙයි.....මේ අවදිවන්නේ පොත් කියවීමක් ගැන මතක.....ඉස්සරම පොඩිම කාලේ ම පටන් පොත් කියවන්න මගේ තිබුනේ නොනවතින පිපාසයක්....ඒක කොහොම ඇති වුනාද කියලා කියන්න මම දන්නේ නැහැ.නමුත් සම්පත් ඉතා සීමිත වු ඒ වගේ කාලයක වුණත් අතට අහුවෙන පත්තර කැබැල්ල පවා ..ලෝබකමින් අකුරක් නෑර කියෙව්ව යුගයක් ඒක....පාසල අහවර වී ගෙදර ආවමත් බත් පිගාන එක අතකටත් පත්තරය අනෙක් අතටත් අරගෙන තමා කන්න සුදානම් වෙන්නේ ...අපේ තාත්තා අදටත් කියන්නේ ...මම කාල තියෙන්නේ පත්තර කියලා.....අද වගේ විවිධාකාර පත්තර සඟරා ඒ කාලේ තිබුනේ නැහැ...නමුත් තිබුණ සීමිත ප්‍රමාණය ..අර්ථ රසයෙන් අනුනයි ...ඒ ලිපි එක්ක...මගේ මතකය අවදි වන්නේ ඒ පතපොත එක්ක.....ඉස්සරම පුංචි කාලේ ..සූකිරි...මීපැණි ..සුරතලා....ඔන්න ඔහොම පත්තර තිබුණා මතකද.....හරිම සරල සුන්දර ළමා පත්තර ...සුරතලා පත්තරේ චිත්‍ර ඇන්දේ පියල් උදය සමරවීර මහත්මයා...එයා ඒ කාලේ උන්නේ මාතර...අපේ ලොකු මල්ලී එක පාරක් වෙසක් කලාපයක එයාගේ යාලුවෝ එක්ක...ඒකෙ කතාවක උන්නා....මල් මාමා..බූ බබා ..බටකොළ ආච්චි ..ඔන්න ඔය වගේ කල්පිත චරිත අපේ ළමා කාලේදි පත්තර හරහා අපේ ලෝකෙට ආව ....ඉන් පස්සේ විජය මිහිර...පත්තර ...දැනුම් සාගරයක් එක්ක ...මගෙත් මල්ලිලාගේත් පත්තර එකතුව කාලයක්ම අපේ මහා ගෙදර සුරක්ෂිතව තිබුණා....මම එයින් සමහර කලාප මගේ දරුවන්ගේ පාසල් වැඩ සදහා අරගෙනත් ආවා.....අද කාලේ වගේ පින්තුර අච්චු ගහල කොළ ප්‍රින්ට් කරලා නැති ඒ කාලේ..පාසල් පැවරුම් සම එකටම පත්තර ගොන්න පෙරලගෙන රූප සහ කරුණු සොයන අපි මට දැනුත් මැවිලා පේනවා.ප්‍රහේලිකා පිරවීම්....ඒවාට තෑගි ලැබුනත් නොලැබුනත් ඒවා පුරවා යවන්න ඒ කාලේ මම හරිම ආසයි..අදටත් පත්තරයක් අතට ගත්තම ප්‍රහේලිකාවක් තියේ නම් එක පුරවන්න යන්නේ ඒ පුරුද්දට.ළමා පුවත්පත් වලට කවි කෙටි කතා රචනා ලියන්නට අපේ ළමා කාලේ උන්න ළමයි හරිම ආසයි...දෙමවුපියන් වුණත් එකාට අපිට බලකලා....උනන්දු කළා...ඒත් දැන් මේ යුගයේ දරුවන් එහෙම ලියන්න හරිම මැලි බවක් දක්වන්නේ... ඒ කාලේදී තමනේ නිර්මාණයක් පල වුනාම සතුටු වෙන්න වගේම තවකෙක්ගේ නිර්මාණයක් කියවලා දැනුමක් සතුටක් ලබන්නත් අපි පුරුදු වුනේ එතනිනුයි.....මගේ ළමා වියේ පොත් ගොන්නේ තිබුනේ රුසියන් ළමා කතා... දැන් තියෙන්නේ ඒවායේ දෙවැනි තුන් වෙනි වට ..ඒ කියන්නේ ආයේ ආයෙම මම ඒ පොත් ගන්නවා....කාට හෝ ඒවා පිරිනමන්න..ලස්සන වසිලිස්සා....රුසියන් ළමා කතා....බොහෝ පොත්..ඒ එකතුවේ තිබුණා....ඒ වගේම සිංහල ගත කතුවරුන් වුන...ලාල් ප්‍රේමනාත් ද මැල් මහතා වගේ අයගේ රහස් පරීක්ෂක ළමා කතා....කල්ලන්දුවේ මුතු කොල්ලය ...ආදී ළමා කතා ...වීරත්වය දනවන සුළු....කතා චිත්ත රුප මවමින් ...අප වෙත ආව....ඒ වගේ ළමා යොවුන් සාහිත්‍යයක් එදා තිබුණා......මතකයේ අහුමුලු අතර සැරිසරන ඒ කතා එක්ක මම තාමත් ජිවත් වෙන්න ආසයි...ඒ කතා සාහිත්‍යය එක්ක අපේ ලිවීමේ හැකියාවන් දියුණු වුනා...මගේ රචනා හැකියාව ..පාසල් කාලයේ හැකියා...දියුණු වුනේ ඒ සාරයෙන් ....මඩොල් දුව ..අඹ යාළුවො වැනි කතා..අදටත් කියවන්න හිතෙනවා..නේද....ඒ කතාවල ගැමි පරිසරය..චිත්ත රූප මවන හැටි....අමතක නොවෙන්නේ ඒ නිසාමයි...ගැමි පරිසරය හා බැඳුනු අසිරිය ඒ කතාවල නොඅඩුව තිබුණා....අනෙක් අපුරුම දේ තමයි...ඉස්සර අපිට පත පොත කියවන්න තිබුණ පරිසරය...ගස් ගල් උඩ නැගල හරි සොබා දහම එක්ක අනුගත වෙලා අපි නිදහසේ කියෙව්වා....අද වගේ අපිට දියූ තාක්ෂණික මෙවලම් තිබුනේ නැහැ...අඩුම ගානේ මුල්ම අවධියේදී රුපවාහිනී යන්ත්‍රයක් වත් අපේ නිවෙස්වල තිබුනේ නැහැ...ඒ නිසා.පොත් පත් කියවීමට ලොකු කාලයක් ඉතුරු වුනා....අතීත මතක අවුස්සාගෙන පොත් පත් කියවන මේ ලිපි පෙලට තව ටිකක් එක්කාසු කරන ඉක්මනට එන්නම්...මේ සටහන් පෙලට ඔබේ අත්දැකීම් ....මතක් වෙනවා නම් ලියන්න ...අතීතය තුළ සැරිසරන එක කොච්චර සුන්දරද කියලා මඳක් සිතන්න .........ඉතින් පොත් ගුල්ලියගේ දෙවන කොටසින් එන්නම් ඉක්මනට ........Posted by විසිරි සිහින at 7:16 PM.Email ThisBlogThis!Share to TwitterShare to FacebookShare to Pinterest.Labels: මතක.16 comments:.samakayawateMay 13, 2017 at 11:32 PM.මාතර පියල් උදය සමරවීර මට මුලින්ම හමුවන්නේ ලංකාදීපයේ වැඩට ගිය දවසේ. එහිදි මුලින්ම මා එක්ක කතා බහ කරපු අයගෙන් කෙනෙක් තමා පියල් අයියා. ඒ වෙනකොට ඔහු විජය පත්තරයේ ප්‍රධාන චිත්‍ර ශිල්පියා ලෙස කටයුතු කරේ. ඔහුගේ කවට සිතුවම් අපි අරබයා හැමදාමත් වගේ ඇඳුණා. පසු කාලයක විජය පුවත්පතේ ප්‍රධාන කර්තෘ ධුරයත් ඔහු ට පිරිනැමුණා. ඒ දෙල්තොට චන්ද්‍රපාල මහතාගන් හිස් වු විජය කතු පුටුවට..ReplyDelete.Replies.විසිරි සිහිනMay 17, 2017 at 4:41 PM.ස්තුතියි නලින්....අගේ ඇති මතක.Delete.Replies.Reply.Reply.Anith Kona May 14, 2017 at 12:57 AM.මකාගේ යලක්.. මල් මාමා නිසාම විජය පත්තරේ බොහොම ආසාවෙන් කියවූවා....ඔබ හරි පොතකින් ලැබෙන පරිකල්පන ශක්තිය අද දරුවන්ට නෑ. ඒ අය ඒ වෙනුවට කාටූන් හෝ ෆිල්ම් බලන්න පෙළඹෙනවා. මේ ළඟදී මම එක්තරා තරුණ ලියන්නෙක්ට උපදෙස් දුන්නා, මේ මේ පොත් කියවන්න කියලා... අයියෝ ෆිල්ම්ස් නම් බැලුවා පොත් කියවන්න කම්මැලී කියලා කීවේ නැද්ද ? ඉතින් කොහොමද ලියැවීම් සාර්ථක වෙන්නේ ? ඊළඟ කොටස ලියන්න ඉක්මනින් කියවන්න බලන් ඉන්නවා.ReplyDelete.Replies.විසිරි සිහිනMay 17, 2017 at 4:41 PM.ස්තුතියි නංගි ...ලියන්නම් ඉක්මනට.Delete.Replies.Reply.Reply.bakkarege satahanMay 14, 2017 at 3:42 AM.මම මුළින්ම තනියම කියවපු පොත මේක කියවද්දී මතක් වුනා.ඒ පොතේ නම "කැළෑ ගමේ ඉස්කෝලේ ".ඒ කාලෙ දේවල් දැන් සෑහෙන්න අමතක වුනත් මට තාමත් ඒ පොත කියවපු හැටි මතක් කරගන්න පුලුවන් ..ReplyDelete.Replies.විසිරි සිහිනMay 17, 2017 at 4:41 PM.ඒවා නැවත නැවත හොයාගෙන කියවන්න හිතෙනවා නේද.Delete.Replies.Reply.Reply.සොඳුරු සඳවතී May 14, 2017 at 5:45 AM.මේකේ ලියලා තියෙන බොහෝ දේවල් මගේ ජිවිතේ හා සමානයි.මමත් පොඩි කාලෙ පොත් ගුල්ලියක් පොතක් අතට ගත්තම කන්න බොන්න එළිවෙනවා රෑ වෙනවා මතකයක් නෑ.මම ඕ ලෙවල් කරන කාලෙදි අපේ තාත්තා ඉස්කෝලෙට ඇවිල්ල මැඩම්ට කියල මගේ ලයිබ්‍රි කාඩ් එකත් තහනම් කලා.අපිට ඒ කාලේ ලයිබ්‍රි එකෙක්න් පොත් දෙකක් ගෙදර ගෙනියන්න පුලුවන් සතියකින් තමා මාරු කරන්න දෙන්නේ. මම එක දවසඉන් හෝ දෙකකින් මගේ පොත් කියවනවා ඊට පස්සෙ යාලුවන්ගෙ පොත් එක්ක මාරු කරනවා ඉතින් මම සතියෙම පොත් කියවනවා. අපේ තාත්තට යකා නැගලා මට ලයිබ්‍රි එකත් තහනම් කලා..ReplyDelete.Replies.UnknownMay 14, 2017 at 11:46 AM.තාත්තයි මායි අතරේත් සීතල යුද්දයක් තිබුණා....සෑහෙන්න පොත් කියවීම එක්ක... මාත් සෑහෙන්න ඇබ්බැහි වෙලා හිටියේ ඔය වගේම.....Delete.Replies.Reply.විසිරි සිහිනMay 17, 2017 at 4:42 PM.සමහරක් කාලවල අපේ අම්මත් මට ඔහොම තහංචි දැම්මා..නමුත් කියවීමේ පිපාසය සන්සිදුනේ නැහැ.ස්තුතියි සඳු.Delete.Replies.Reply.Reply.UnknownMay 14, 2017 at 11:45 AM.සොඳුරු මතකයන්..... පොත් එක්ක පොඩි කාළේම බැඳිලා තියෙන්නේ...වෙන් කරන්න බැරි වෙන්නම....ReplyDelete.Replies.විසිරි සිහිනMay 17, 2017 at 4:43 PM.එක තමයි මිනිස්සුන් සුන්දර කරන අඩිතාලම.Delete.Replies.Reply.Reply.sewwandiMay 14, 2017 at 11:41 PM.මගේ ළමා කාලයත් ඔය වගේම තමයි..අපට කියවන්න ගොඩක් පොත් තිබුනේ නෑ තමයි..ඒත් අපේ අම්මා මට රුසියන් කතා පොත් ටිකනම් ගෙනත් දුන්නා.ඒ වගේම සුරතලා. හඳ මාමා,මිහිර, විජය පත්තර..මම නම් අපේ අම්මයි පුංචියි ගෙනාපු තරුණි පත්තරේත් කියෙව්වා..තව යොවුන් ජනතා කියලා පත්තරේකුත් ගෙනාවා මතකයි. අනික සිළුමිණ..අපේ මමා ගෙනාපු චිත්‍ර කතා පත්තරත් මම කියවනවා හොරෙන් අරන්...දැන් ළමයෙක්ට පොතක් දුන්නම කියවන්න අනේ මට කම්මැලියි කියනවා...ReplyDelete.Replies.විසිරි සිහිනMay 17, 2017 at 4:43 PM.එක හරිම කණගාටුවට හේතුවක් නේද සෙව්වන්දි ...ස්තුතියි ඔයාට මතක අවිස්සුවට.Delete.Replies.Reply.Reply.Pra JayMay 16, 2017 at 5:07 AM.මං බ්ලොග් හුඟක් නොකියවන්න හේතුව තමයි ෆස්ට් ලව් එක වෙන පොත්වලට මුල් තැන දීම.ReplyDelete.Replies.විසිරි සිහිනMay 17, 2017 at 4:44 PM.ඒක ඇත්ත ..නමුත් බ්ලොග් කියවිමෙත් එක රසාස්වාදයක් නැතුව නෙවෙයි නේද.Delete.Replies.Reply.Reply.ජිවිතේ යාත්‍රාවMay 30, 2017 at 7:55 AM.මෙක මම ආසම මාතෘව කියලා ඔයා දන්නවා. මේ මතකත් ගොඩයි. ඇත්තටම අක්කා කියවීම තරම් ආකර්ෂණීය දෙයක් මට තාම හම්බ වේලා නෑ. (එහෙම උනානම් මෙහෙම වෙන්නැ නේ නේද 😂).කොහොම උනත් අක්කා mee මතක එක්ක අතීතයට අරන් ගියා. මකාගෙ යලක් අපිත් කියෙව්වා මතකයි. ඉස්සර පින්තුර තියෙන පත්තර කැල්ලක් පෙන්න බැ. කන්න සිහියකුත් නැ. විජය පත්තරේට ආසම එක පින්තුර වලින් පිරිලා හින්දා..ReplyDelete.Replies.Reply.Add comment.Load more....Newer Post Older Post Home.Subscribe to: Post Comments (Atom).Followers.මම සිහින දකින්නියක්මි.විසිරි සිහින.විසිර ගිය සිහිනයන් එකතු කර රැගෙන එමි.View my complete profile.Total Pageviews.Labels.My Diary.travel notes.අදහස්.අපූරුම දේවල්.අරමුණු.උගත් පාඩම්.ඔබ ආයෙමත් ඇවිදින් ( නවකතාව ).කෙටිකතා.පරිවර්තන.මතක.මතකයේ රැඳෙන පොත්.රයිලිගෙ කතා.විසිරි කවි.විසිරි සිතුවිලි.විසිරිගෙ සේයා රූ.....වෙනත් අයගේ කියවපු අපූරු කතා.සඳක් සේ ( නවකතාව).සමාජ විපරම්.සෞඛ්‍ය.හසරැල් සැලුණාවේ (නවකතාව ).හැඟීම්.Blog Archive.► 2022 (25).► September (2).► August (1).► July (2).► June (2).► May (5).► April (4).► March (4).► February (4).► January (1).► 2021 (56).► December (2).► November (6).► October (6).► September (9).► August (9).► July (10).► June (3).► March (1).► February (4).► January (6).► 2020 (58).► October (9).► July (3).► June (6).► May (7).► April (21).► March (11).► February (1).► 2019 (18).► December (1).► November (1).► October (1).► August (1).► May (1).► April (9).► February (2).► January (2).► 2018 (20).► December (10).► August (1).► June (1).► May (2).► April (1).► March (1).► February (2).► January (2).▼ 2017 (59).► December (2).► November (2).► October (4).► September (2).► August (5).► July (1).► June (6).▼ May (7).59. ජිවිතය සහ ආදරය ගැන පුංචි කතා 3.58. ජිවිතය සහ ආදරය ගැන පුංචි කතා 2.57. ජීවිතය සහ ආදරය ගැන පුංචි කතා 1.56. කපුටු අම්මාගේ වලප.55. පොත්ගුල්ලියකගේ මතක 1.54. ලිවීම.53. හිතන්නට යමක්.► April (6).► March (9).► February (5).► January (10).► 2016 (22).► December (13).► November (4).► October (5).my blog list.Ian's Den ඉයන්ගේ අඩවිය.ජවිපෙ ගමන නිමයි, නායක අනුර කියයි..! (from LankaeNews).Transylvania."මූව මග්ගොනට යවන්න ඕනේ ".අනිත් කොන - a doctor's heart sutra.The social function of music....කොළඹ ගමයා.බ්‍රිතාන්‍ය රජ පවුලේ ජර්මන් හා රුසියානු සම්බන්ධතා.කඩදාසි කොලේ.361: උන්මාද චිත්‍රාදෝ මා - පසුවදන.ජිවිතේ යාත්‍රාව.නිද්‍රාව..නිදහස් සිතුවිලි.682. අද සිරී ලම්කාවෙ වහා විසඳාගත යුතු දැවෙන පස්න හෙවත් බෙර්නිං කුවෙස්චන්ස්.....රසිකොලොජි - Rasikology.සල්මන් රුෂ්ඩි සහ මට හමුවුණු ජාත්‍යන්තර අයියලා තුන් දෙනෙකුගේ කතා - Salman Rushdie and other stories.සොඳුරු සඳවතී.අහන්නකො......ගස් ලබ්බ.අටම්පහුර.ඉස්සෙල්ලම ගහපු එකා.තරුරසී.තරුණ අපේ හීන මැරූ - උඹල තමයි කම්බ හොරූ....chef-architect.කෑ බනික.මගේ බ්ලොග.53. How Seedr can helped you???.කලාහිත.. Kalahitha.අධි පරිභෝජනවාදයෙන් මිදී සරළ ජිවන රටාවකට හුරුවෙමු.තිලක සිත.මළ ඉලව් ලිෆ්ට් එක.රස්තියාදුකාරයා.සුභ ගමන් ආදරණීය ආටියා...........නොපළ කතා.අ(සම්මුතිය).test post for facebook – Aru-ge adaviya.කඩේ ගියා හෝ නැතා…මේ සින්දුව අහන්න...සින්ඩරෙල්ලාගේ සපත්තුව....!.රූබරිය !.රසුදැල්.මිලියන ගණන් වටිනා 99 මිනිස්සු.වැව් ඉස්මත්ත.කොච්චි මිරිස්.රොශාන් මහානාම,කොච්චියාගේ යාඤාව සහ බුද්ධත්වයට පත් සමන්තබද්‍ර.අහසෙන් එන්න....පස් මසකට පෙර ජීවිතේ පෙරළුණු අලුත් පිටුව.යාං හෑල්ල.ඔපිස් එකේ කොරෝනාගෙන් බේරෙන හැටි - How to avoid Corona at office.සමකය වටේ.Katchatheevu Feast 2020Drone vedio | கச்சதீவு அந்தோனியார் ஆலய திருநாள் 2....Nelum Yaya.ප්‍රන්ස බස සහ ඉංග්‍රීසි බස වෙනුවෙන් මරා ගැනීම.A T Sudarshana.Maharada Oba Giya daa (මා හැර දා ඔබ ගිය දා ).කතා කරන පන්හිඳ.පොකුරු වැහි.හිත්.දුමී.122. කිමද සොඳුරියෙ හඬන්නේ යළි අපිට හිමි වෙනවා අපී.....බස්සිගේ නවාතැන.ඔබේ රහස් සතුටු බුබුළ (Happiness Bubble).කැලේ පිපුණු මල්.01 පළමු දවස 2019 ජූනී 22.උඩුවාගේ සටහන්....රත්නම්ගේ වේදනාව.මාරයාගේ හෝරාව....නිවිති එක්ක දෙල් කිරට....මම එරන්දී... I'm Erandi.STRESS ද?.සින්බෑඩ්ගේ අඩවිය.දිනපොත 25.සජ්ජාගේ පඩංගුව.පරිසරය සමඟ පවුලත් සුරකිමු ...!!!!!.පැමිණ යන්නට මත්තෙන්...හැකි නම් තබන්න සටහනක්..එය මට මහත් දිරියක්. Ethereal theme. Powered by Blogger. |
විසිරි සිහින: November 2021.විසිරි සිහින.Tuesday, November 30, 2021.2021(32). මතක සුවඳ.උදේම ඇහැරලා මිදුලට බහින කොට ඈතින් එන මල් සුවඳක් නැහැ පුඩු සිසාරලා හමා ගියා....නම නොදන්නා ...හිතාගන්න බැරි මලක සුවඳක් වෙන්න ඕන ඒක.....ඔන්න ඉතින් විසිරිගෙ හිත ඉගිල්ලෙන්න ගත්තා......ඉස්සරම ගෙදර ට එහා පැත්තෙ පොඩි කඳු කෑල්ලක කෝපිගස් යායක් තිබුණා ....එක කාලෙකට සුදුපාටට අතුදිගේම කෝපි මල් පිරෙන්න ගන්නවා......මගෙ කාමරේ ජනේල පලු දෙක ඇරියාම උදේට හීන් සුලඟක දැවටිලා එන්නෙ ඒ කෝපි මල් සුවඳ.....වෙන වෙනම ගත්තාම රුවෙන් ඒ හැටි හැඩක් නැතත්....කෝපි මල් අහුරක තිබ්බේ ලස්සනම හැඩයක්......අපේ ගෙදර මිදුලේ ඇහැල ගහක් තිබුණා...මහ විසාල කඳක් තිබ්බ ලොකු ඇහැල ගහක්...මල් රෑන් පිපුණාම ඔලුවෙ ගෑවෙන ගානට අතු පහත් වෙලා......ඇහැල මල් සුවඳ දැනෙන්නෙ පාන්දරට.....ඉදලකුත් අරන් සුදු වැලි පොලවෙ වැටුණ ඇහැල මල් පෙති සීරුවට අතුගාන කෙට්ටු කෙල්ලෙක්.....ඒ සුවඳ පෙනහලු වලට ඇදගන්නවා ....මට තාම දැනෙනවා......ඉස්සර ගෙදරට එන පාර කෙලවර තිබ්බා ඇට්ටේරියා ගහක්..මල් පිපෙන කාලෙට සුවඳ ....හැන්දෑවට පොහොට්ටු දිග හැරෙන්න ගන්න කොට මම මල් වට්ටිය අරන් ගහ යටට යනවා...හුස්ම පොරෝගෙන වට්ටිය පිරෙන්න නෙලාගන්න කැකුලු පිපෙන්නෙ රෑ වෙනකොට...ඉස්තෝප්පුවෙ ඉඳන් බලන් ඉන්න කොට අඳුරේ ඒ මල් ගහ සුදට දිලිසෙනවා...ඉස්කෝලෙ යන්න බස් එක එනකල් පාර අයිනට ගියාම ගහ හෙමින් හොලවලා රේණු හතර අතට විසුරවන්න...තරම් දඟ කමකුත් හිතේ තිබ්බා...අපිට තිබ්බෙ පොඩි කුඹුරු කෑල්ලක්....ඒකෙ අස්වැන්න ගෙදර පරිභෝජනයට ඇති උනා....කුඹුරෙ ගොයම් කපන කාලෙට කැපෙන ගොයම් ගස් වලයි..ඉන් පස්සෙ ඉතුරු වෙන ඉපනැල්ලෙයි සුවඳට මං කැමතියි....ඒක එන්නෙ පොළව මහී කාන්තාවගෙ හුස්ම එක්ක කියලා මට ඉස්සර ඉඳන්ම හිතුණෙ....නියරක් උඩින් වාඩිවෙලා වෙල්දෙනිවල හුලඟේ එන මඩ මුසු ඉපනැලි සුවඳට මං ඉව අල්ලනවා......තාමත් ගමට දුවන්න ආස ඒකයි.....කුඹුර අයිනෙන් අලුත කපපු ඇලක නිල් මානෙල් පිපෙනවා....දම් පාට ලොකු පෙති මැද කහ රේණු.....ඒ අස්සෙ එහෙ මෙහෙ සරන මීමැස්සො.....වතුරෙ ඉන්න දඟ මාලුන්ගෙ විසේට මල් උඩට වැටෙන දිය බිංදු.....වෙල් යාය මැද තියන ගොඩ කෑල්ලෙන් දෙබලක් තියන කෝටුවක් කඩන් මම මානෙල් මල් කඩාගන්නවා.....මල් නටුව දිගේ පටලවලා ඇද්දම එන ඒ මල නටුව දිග ඇතුව කඩාගන්නවා.....ඇල අයිනෙන් වාඩිවෙලා ඇලට කකුල් දාගෙන ...මානෙල් මල් සුවඳ විඳින අර කෙට්ටු කෙල්ල ..මගෙ මනසින් ආයෙ එහෙ යං කියලා අදිනවා.........වෙල් දෙණි ගානෙ ඇවිදලා එක එක කොළ ජාති පොඩි කර කර ඒවාට ආවේණික සුවඳ බලන්න...නියර දිගේ ඉබේ හැදුණ වෙල් මුකුණුවැන්න...වැල් ගොටුකොල කඩන්න.....සෙරෙප්පු නොදා නියරවල් ගානෙ මඩ චිරි චිරි ගාගෙන දුවන්න.....මට ඒ පුරුදු සුවඳවල් අතවනනවා.........මම.අතීතයේ සැරිසරන විසිරි.......Posted by විසිරි සිහින at 2:27 AM 6 comments:.Email ThisBlogThis!Share to TwitterShare to FacebookShare to Pinterest.Labels: මතක.Tuesday, November 23, 2021.2021(31) නාඳුනන්නෙකු හට පෙම් කළෙමි.නාඳුනන්නෙකු හට පෙම් කළෙමි......එදවස .....මම උන්නේ වේදිකා බිමකය...ඔහු උන්නේ...වේදිකා අසුනේය.....එකදු ඇස් බැල්මක් නොලද මුත් ....මම ඒ රුවට බැඳුණෙමි....සිත ඇදුණු එදවස...ප්‍රේමයක් වීදැයි නොදනිමි.....පසු දිනක....උනුන් අසලින් හිඳ ගතිමු...අපි...කතාවන් සිනාවන් බෝ විය...ඉඳහිටක නෙතුසරක් විහිදුණි....බොහෝ ලොබ වීමි එයටද.එහෙත්....ප්‍රේමයක් වී දැයි නොදනිමි.....නොසිතූ පැයක කෙළවර.නාඳුනන කෙටි පණිවිඩයක.සිත තිගැස්වන සටහනක් විය...." අවසන...මම ඔබ සොයා ගත්තෙමි....".විපිළිසර මතක පොත ඇහැරිනි...." මා ඔබට රහසින් පෙම්කරන්නා වෙමි....".එහි එසේ ලියවුණි.....ඉදින්....මම දනිමි....අප අතර ප්‍රේමයක් ඇතිවුණි.......අපි ඉනික්බිති සමුගතිමු.....ඉදින්..ප්‍රේමය ම ඉතිරි විය...විසිරි ❤.Posted by විසිරි සිහින at 6:36 AM 10 comments:.Email ThisBlogThis!Share to TwitterShare to FacebookShare to Pinterest.Labels: විසිරි කවි.Wednesday, November 10, 2021.2021(30) කවි මතක.සියුම් තැතකින් පාරා.ජීවිතේ දුක්ම මතකයන් පිටට ගමි.තව තවත් ගැඹුරටම හද පලා.සැඟව ගත් සෝ සුසුම් ඇද බලමි....ඒ මතක අකුරු කර සිනාවෙන්.සෙනෙහසක දවටමින් හැඩ බලමි.ඉනික්බිති ලේ ගලන ඒ අකුරු.ඔප දමා ලෝකයට විසි කරමි........එවන් අකුරට බැඳෙන දහස් දන."ඒ මමද....මා නොවෙද..." කියනු දැක.....රිදුම් දුන් මතක අමතක කරමි.සිතක් සෙනෙහසින් යළි පුරවමින්.නෙතු පියා සිත මගේ වසාළමි.......කිත්මා වාසනා දහනායක.විසිරි ❤️.Posted by විසිරි සිහින at 1:10 AM 16 comments:.Email ThisBlogThis!Share to TwitterShare to FacebookShare to Pinterest.Labels: විසිරි කවි.Sunday, November 7, 2021.2021 (29) අහන් ඉන්න අහගෙන ඉන්න.අපි හැමෝම ජීවිතේ හැල්මෙ දුවන අය....ඒත් සමහර වෙලාවට අපිට මග නැවතිලා බලන්න සිද්ද වෙන අවස්ථාවන් ජීවිතේ එමට එනවා .......අද දවසේ හුඟක් මුහුණු පොත් බිත්ති වල හමුවන්නේ එකම පුවතක්.. සිය දිවි නසා ගැනීමක්...තරුණ නලුවෙක්....සිත්වල කම්පනය විවිධාකාර ලෙසින් ලියවෙනවා.....ඔබ අඩුමගානේ දවසකට එක අයෙක්ට හෝ සවන්දෙනවද?.ඔව් අපි ඇහුම්කන් දෙන්නෝ.....නිවසෙදි..රැකියාවෙදි... සමාජයේදි...මගතොටදි....විවිධාකාර ලෙස අපිට ඇහුම් කන් දෙන්න වෙනව....ඉතින් එතනිනුත් චුට්ටක් ඔබ්බට හිතන්න ඕන අපි.......යමෙක් ඔබ වෙතට ඒ නම්....." මට චුට්ටක් කතාකරන්න පුලුවන් ද ....?" කොයිම හෝ වෙලාවක අන්න ඒ වචන ඔබට අහන්න ලැබුණොත් ඒ මොහොත මග හරින්න එපා....සමහර විට ඔබ ඉතාම කාර්‍යබහුල වෙන්න පුලුවන් ....ඒත් ඔබෙන් අර විදියට අසන්නාට වචනයක් දෙකක් කියන්න....ඒ වචන වලින් එකම මොහොතක් අංශක180ක්ම හරවල දාන්න පුලුවන් වෙනව.......සමහර අය වාචිකව කියන දේ සමහර අයගෙන් එන්නෙ අවාචිකව.....ඒක තේරුම් ගන්න අපිට ඕන කරන්නෙ පොඩිම අවධානයක් පමණයි....මගෙ සිසුන් මට කියන්නෙ...." මැඩම් එක්ක හැරෙන්න වත් බෑ හොරෙන්...." කියන කතාව ඇතුලෙ මම මගේ සිසු දරුවන්ව නිරීක්ෂණය කරල තියන බව මටම සාක්කි දෙනව...ඒ බොහොම අවදානම් වයස් වල ඉන්න ලොකු විවිධත්වයක් ඇති සිසුන් සමූහයක්. කොරෝනා සමයේ ඔවුන් සියල්ල එක පොකුරක රැඳවීම තුළ ඔවුන් මානසිකත්වයෙන් නොවැටෙන්න ලොකු ක්‍රියාදාමයක අපි නියැලුණා......Whatsap ගෲප් එකේ .....How are you all...hope all of you stay safe and happily ...කියලා දවසකට දෙකකට පාරක් උදේම යැව්වම...ඔය පනහම රිප්ලයි කරනව....බොහොම කැමැත්තෙන් .......අනෙක ඔබ සහ මම අවශ්‍යම විට ඒ සඳහා ඇහුම්කන් දෙන්න සුදුසු අයෙක්ව හඳුනාගන්නත් ඕන...ඒක හරියට ඇහුම්කන්දෙන්න වගේම එහෙම කෙනෙක් තමාට හොයාගන්න යන කාසියෙ දෙපැත්ත ........ඔබ කෙනෙක් ගැන විශේෂම අවධානයකින් ඉන්න බව දැනුනම ඔවුන් ඔබව විශ්වාස කරන්න ගන්නව..... සාමාන්‍යයෙන් කෙනෙක්ගෙ නමින් ඒ කෙනා හඳුනගන්න...අමතන්න...ඔබේ අකුරු වල වචන වල ඔබේ ස්වරයේ ආදරය කරුණාව දයාව ඉතුරු කරන්න........සිදුවීමක් සිදුවෙලා පැය විසි හතරක් යනවිට ඒක සාමාන්‍ය කරණය වෙනව...ඕනම සියදිවි නසා ගැනීමක් එහෙමයි....ඒ නිසා....ජීවිතේ ගෙවෙන හැම දවසම තව අයෙක්ට ඇහුම්කන් දෙන්න ඉඩක් තියාගන්න....ඒකෙන් හුඟාක් අනාගත ව්‍යසන ඇහිරිලා යාවි....ඉතින් ඒ නිසා මේ සිදුවීම සිදුවුණ උණුසුම් මොහොතේ පමණක් මේ කාරණය ගැන කතාකරල ඒක අමතක උනාම ආයෙම අතෑරල නොදා ඇහුම් කන් දීම පුරුද්දක් කරගන්න.......ඔබ දන්නවද.... ඔය ඕනම දේකට ලොකුම බෙහෙත තියෙන්නෙ අපේ ආදරය ඇතුලෙ....එතනින් පටන් ගන්න .....ඔබ ට එය කල හැකියි ........මම.කිත්මා වාසනා දහනායක.විසිරි ❤️.Posted by විසිරි සිහින at 4:41 AM 10 comments:.Email ThisBlogThis!Share to TwitterShare to FacebookShare to Pinterest.Labels: හැඟීම්.Thursday, November 4, 2021.2021 (28 ) නැහැ සහ බැහැ කියන්න හුරුවෙන්න.අපි පොඩිකාලෙ ඉඳන් අහල තියන කතාව මාතෘකාවට හාත්පසින්ම වෙනස් එකක් නිසා ඔබ සමහරක් විට මේ දිහා විමසිල්ලෙන් බලාවි...ඔව් අපිට අපේ දෙමවුපියන් වැඩිහිටි අය,ගුරුවරුන් ඔය හැමකෙනාම කියාදුන්නෙ."නෑ බෑ කියන්න එපා.ඒක හොඳ පුරුද්දක් නෙවෙයි" කියන එක..නමුත් ඔබ ජීවිතේ යම්කාලයක් ගෙව්වාට පස්සෙ වටහා ගතයුතු එක දෙයක් තමයි මේ මාතෘකාවට අදාල වෙන්නෙ..ඔබ යම් මොහොතක ඔබට වැදගත් නොවන්නාක්වූ දේකට පවා නෑ ,බෑ නොකියනවා කියන්නෙ ඔබ ඔබට ඉතා වැදගත් දේකට පවා නෑ, බෑ කියන එක.මොකද ඔබ අර නොවැදගත් දේට එසේ නොකීමෙන් මගහැරගන්නේ ඔබට වඩා වැදගත් දෙයක් වෙන්න පුළුවන් ..ඉතින් හුරුවෙන්න...උදාහරණයක් විදියට.ඔබේ මිතුරෙක්/ මිතුරියක් ඔබට අඬගසාවි කෝපි කෝප්පයක් බොන්න යන්න...හැබැයි ඒ එක්කම ඇය/ ඔහු ඔබට කියාවි .. .අහවලා ගැන නියම ඕපාදූප ටිකක් තියනවා කියන්න කියල....ඉතින් ඒකට "මට එන්න බැහැ" කියන එක ඔබට බලපාන්නෙ හොඳ අතටද නරක අතටද කියල හිතන්න.....ඔබේ කාර්‍යාලීය සගයෙක් සමහර විටෙක ඔබට ඔහු / ඇයගේ සෘනාත්මක සිතුවිලි එක්කරන්න හදන මොහොතක ...ඔබ එය ප්‍රතික්ෂේප කලොත්....එය "නැහැ ...මම ඒකට එකඟ නැහැ" කියන එක ඔබට බලපාන්නෙ කොහොමද කියල හිතන්න.....ඔබේ සිහින ,ඔබේ ඉලක්ක, ඔබේ අරමුණු වලට හිනාවෙන අය...ඔව් සමහර විට ඒ ඔබේ ලඟම නෑයෙක් වෙන්න පුළුවන් ...ඔවුන් ඒ හිනාවීමෙන් ඔබට ඔබේ සිහින, අරමුණු සහ ඉලක්ක ගැන සැකසංකා ඇතිවෙන්න යනව නම් එතනදි "නෑ ....ඔබ වැරදියි...ඔව් මම ඒක කරනව" කියන එක ඔබට බලපාන අන්දම හිතන්න....ඔබේ ජීවිතේ වැඩසටහන ආපස්සට අදින ඕනම කෙනෙක්ට ,ඕනම දේකට නෑ, බෑ කියන එක ඇයි ගැටලුවක් වෙන්නෙ කියලා ආයෙම හිතන්න.ඔබට හැමකෙනාටම අවශ්‍ය ,ගැලපෙන විදියෙ කෙනෙක් වෙන්න අමාරුයි .ඔබ එහෙම වෙන්න අවශ්‍යත් නැහැ . නමුත් ඔබ ඔබට අවශ්‍ය පුද්ගලයා වෙන්න. ඔබේ මූලිකත්ව වටහා ගන්න.ඔබේ ඉලක්ක හඳුනාගන්න..ඉදිරි සතිය, මාසය, අවුරුද්ද යන කාලවල ඔබ ඔබට යාහැකි හොඳම තැනට යන්න අරමුණු කරගන්න.අන්න එතනදි...නෑ හරි බෑ හරි කියන්න වෙන වෙලාවල ඒක කියන්න පසුබට වෙන්නත් එපා..ඔව්....මේ නෑ සහ බෑ දෙක නිසා සමහරක් අය ඔබ එක්ක පොඩ්ඩක් අසතුටුවේවි....ඉතින් .....ඔබම තීරණය කරන්න.....අන් අයව සතුටින් තියන්න ඔවුන් ගේ අවශ්‍යතා වෙනුවෙන් නෑ බෑ නොකියා කටයුතු කරනවාද එහෙම නැත්නම් ඔබේ සිහින, ඉලක්ක කරායන්නට අන්න ඒ නාස්තිකරන කාලය යොදාගන්න නොපැකිලව නෑ සහ බෑ කියනවද කියල......Everytime you say YES to something that is unimportant , you say NO to something that is important..ඉතින් මම .....මට කල නොහැකි , මට කාලය වෙන්කරන්න බැරි බොහෝ දේට.නෑ...සහ බෑ කියන්න හුරුවෙලා ඉන්නවා.....ඔබ කොහොමද ?.(අන්තර්ගත අදහස් රොබින් ශර්මා ලියූ the greatness guide පොත ඇසුරින්. මෙය පරිවර්තනයක් නොව අනුවාදයක් බව සලකන්න).© කිත්මා වාසනා දහනායක.Posted by විසිරි සිහින at 4:16 AM 10 comments:.Email ThisBlogThis!Share to TwitterShare to FacebookShare to Pinterest.Labels: පරිවර්තන.Tuesday, November 2, 2021.2021 ( 27) The seven forms of wealth.The seven forms of wealth.මගේ නිතර කියවන පොත් එකතුවේ තියන එක් පොතක් තමයි රොබින් ශර්මාගෙ The greatness guide..මොකුත්ම කරන්න නොහිතෙන කම්මැලිකම ඉහවහා යන වෙලාවක මම හුඟක් වෙලාවට කරන්නෙ ඒකෙන් එක කොටසක් කියවන එක..අද මේ මොහොතෙදි මම කියවූ එක් පරිච්ඡේදයක් සිංහලට පරිවර්තනය කරල මගෙන් අඩුමකුඩුම ටිකකුත් දාල හැඩකරල ගන්න හිතුණා ඔන්න..ඒකෙ 71 වෙනි කොටස the seven forms of wealth..මේකෙ කියවෙනවා කෙනෙක් ධනවත් වෙන විදි හතක් ගැන.ඇත්තෙන්ම අපි සාමාන්‍යයෙන් කෙනෙක් ධනවත් කියන්නෙ ඒ කෙනාට මුදල් ඇතුලු භෞතික සම්පත් තිබීමනෙ..නමුත් කෙනෙක් ධනවත් කියන්න පුලුවන් විදි බොහොමයක් තියනවා මේ සටහනට අනුව..අපි බලමු ඒ මොනවද කියල..01. අභ්‍යන්තරිකව ධනවත් වීම.ඒ කියන්නෙ inner wealth.මේකෙදි අපි කෙනෙක් තමන්ගේ ධනාත්මක මානසික පසුබිමක සිටීම, තමන් හට ගරු කිරීම , ආත්ම ගෞරවය ඉහලින් සැලකීම , අභ්‍යන්තරිකව පවත්නා සාමකාමී බව මෙන්ම ආධ්‍යාත්මික භාවයේ ඉහළ තත්වයක පැවතීම විග්‍රහ කරල තියනව..ටිකක් බරසාර වැඩියි වගේ නේද ?.අපි මෙහෙම හිතමුකො.ඇත්තෙන්ම අපි අපේ සිතුවිලි එක්ක රැඳෙන මොහොතක ,අපි අපි ගැනම තබාගන්න ඉහල තක්සේරුව මෙන්න මෙතනදි වැදගත් වෙනවා.මොකද මුලු ලෝකෙම ඔබට ඉහල තක්සේරුවක් දුන්නට පලක් නෑ ඔබ ඒ දේ ඔබට දෙන්නෙ නැත්නම්.....02. දෙවැන්න තමයි කායික ධනවත්බව...ඒ කියන්නෙ physical wealth එක....ඔබේ නීරෝගී බව තමා ඔබේ ධනය...නීරෝගිකම හැර ධනයක් ලොවේ කොයින්දා ...කියල අහල තියනවනෙ..Your health is your wealth.....ඔබ ඔබේ රැකියාව හෝ එයින් ලැබෙන පීඩනය නිසා රෝගී වෙනව නම් ඒ රැකියාව කොපමණ ඉහළ තනතුරක් උනත් පලක් තියද ?.ඇයි ඔබ රෝහලක නවතින්නට සිදුවෙන හොඳම ව්‍යාපාරිකයෙක් වෙන්නෙ...?.ඒ වගේම ඔබ ඉක්මනින් සමාදානයේ සැතපෙන්න නම් කොපමණ පෝසතෙක් උනත් පලක් නෑනේද ?.ඉතින් ඔබේ ධනවත් කම ඔබේ නීරෝගී බවම කරගන්න....03. පවුල සහ සමාජීය ධනවත්බව.Family and social wealth.ඔබ ඔබේ පවුල තුල සතුටින්නම්....ඔබ වඩා හොඳින් වැඩකරන අයෙක් වෙයි ඉබේම.එසේ නොමැතුව ජීවිතේ අන්තිම මොහොතට එනකල්ම ඉඳලා අනේ මට පවුල වෙනුවෙන් කැපවෙන්න බැරිඋනා කියල දුක්වෙලා පලක් නැහැ..හැමවිටම ඔබේ පවුල, මිතුරන් සහ ඔබේ ආසන්නතම අය සමග හොඳ සම්බන්ධතාවයක් පවත්වා ගන්න...ඒ ධනවත්බව ඔබව තෘප්තිමත් කරාවි.....මේ සමාජ කවයට ඔබ අනුගමනය කරන අය ...ඒ කියන්නෙ ඔබේ mentors ලා එහෙමත් එක්කරගන්න අමතක කරන්න එපා..04. රැකියාවේ ධනවත් බව.Career wealth.ඇත්තෙන්ම රැකියාව කියන්නෙ ඔබට ආභරණයක් වෙන්න ඕනෙ.ඔබේ වටිනාකම තව තවත් ඉන් වැඩිකරදෙන්න හැකිවෙන්න ඕනෙ .හැමවිටම හොඳම පුද්ගලයාවන්න උත්සාහයක් දරන්න...හොඳම කෙනෙක් වෙනව කියන්නෙ අනෙක් අය පාගගෙන ඉහලට යනඑකට නම් නෙවෙයි ඔන්න.......05.ආර්ථික ධනවත් බව.Economical wealth.ඔව් මුදල් අත්‍යාවශ්‍ය දෙයක් ජීවිතේ ට.එය ජීවිතේ අතිශය ම වැදගත් දේ නෙවෙයි නමුත් ඒක ඉතා වැදගත් දෙයක්.හොඳ ආර්ථික පසුබිමක් තියේ නම් ජීවිතේ සැපපහසුයිනෙ.අතමිට හොඳින් මුදල් ගැවසෙනවා නම් ඔබට ඔබ කැමති භෞතික සැපසම්පත් පහසුවෙන් ලබාගන්න පුළුවන්.06. විනෝදාස්වාදී ධනවත්බව.මේක ඉතින් ඔබේ adventure එකක්...ඔබ අභියෝග බාරගන්නවද ?.සතුටින් ඉන්න ඔබ කෙතෙක් දේ කරනවද කියල මොහොතකට හිතන්න....සංචාරයේ යෙදෙන එක...විනොදාංශ ආදිය මේ දේවල් ජීවිතේට ඕනම දේවල්නෙ....07. Impact wealth ..මේක ටිකක් සංකීර්ණ එකක්...මේකට සිංහල වචනයක් මට හිතාගන්න බැරිඋනා....ඔබේ හදවත ගැන මොහොතක් හිතන්න...ඇත්තෙන්ම එය ක්‍රියාත්මක වෙන්නේ එය ජීවයෙන් පිරිලා තියන අතරේ තවත් බොහෝ ඉන්ද්‍රියයන් ජීවත් කරන්න....ඔබ හිතන්න ඔබ ගැන...ඔබ වෙනසක් කරන්න....යමෙක් වෙනුවෙන් වෙනසක් ඇතිකරන්න සමත්වෙලා තියද ? ඒක කොච්චර වෙනස් එකක් , හැඟීමක් ද කියල ඔබට මොහොතකට දැනිල තියද ?.ආපස්සට ජීවිතේ හැරිලා බැලුවාම ...මම එහෙම කරල තියනවා කියන දේ මට පේන්න ගන්නව....ඒ මගේ රැකියාව මට දීලා තියන තැන....බිංදුවටම වැටිලා අපේක්ෂාවක් නැති අයෙක්ට පොඩිම හරි බලාපොරොත්තුවක් දෙන්න ,නගා සිටුවන්න අපිට පුළුවන් වෙන්න ඕනෙ..ඉතින් අපි මේ අසීරුම කාලයක ....ධනවත් වෙලා ඉන්නෙ ඉහත කී බොහෝ දේ අඩුවැඩි ඇතුව.ඔබ ඔබේ ධනවත්බව ගැන තෘප්තිමත් ද ?.© කිත්මා වාසනා දහනායක.Posted by විසිරි සිහින at 11:23 PM 6 comments:.Email ThisBlogThis!Share to TwitterShare to FacebookShare to Pinterest.Labels: පරිවර්තන.Newer Posts Older Posts Home.Subscribe to: Posts (Atom).Followers.මම සිහින දකින්නියක්මි.විසිරි සිහින.විසිර ගිය සිහිනයන් එකතු කර රැගෙන එමි.View my complete profile.Total Pageviews.Labels.My Diary.travel notes.අදහස්.අපූරුම දේවල්.අරමුණු.උගත් පාඩම්.ඔබ ආයෙමත් ඇවිදින් ( නවකතාව ).කෙටිකතා.පරිවර්තන.මතක.මතකයේ රැඳෙන පොත්.රයිලිගෙ කතා.විසිරි කවි.විසිරි සිතුවිලි.විසිරිගෙ සේයා රූ.....වෙනත් අයගේ කියවපු අපූරු කතා.සඳක් සේ ( නවකතාව).සමාජ විපරම්.සෞඛ්‍ය.හසරැල් සැලුණාවේ (නවකතාව ).හැඟීම්.Blog Archive.► 2022 (25).► September (2).► August (1).► July (2).► June (2).► May (5).► April (4).► March (4).► February (4).► January (1).▼ 2021 (56).► December (2).▼ November (6).2021(32). මතක සුවඳ.2021(31) නාඳුනන්නෙකු හට පෙම් කළෙමි.2021(30) කවි මතක.2021 (29) අහන් ඉන්න අහගෙන ඉන්න.2021 (28 ) නැහැ සහ බැහැ කියන්න හුරුවෙන්න.2021 ( 27) The seven forms of wealth.► October (6).► September (9).► August (9).► July (10).► June (3).► March (1).► February (4).► January (6).► 2020 (58).► October (9).► July (3).► June (6).► May (7).► April (21).► March (11).► February (1).► 2019 (18).► December (1).► November (1).► October (1).► August (1).► May (1).► April (9).► February (2).► January (2).► 2018 (20).► December (10).► August (1).► June (1).► May (2).► April (1).► March (1).► February (2).► January (2).► 2017 (59).► December (2).► November (2).► October (4).► September (2).► August (5).► July (1).► June (6).► May (7).► April (6).► March (9).► February (5).► January (10).► 2016 (22).► December (13).► November (4).► October (5).my blog list.Ian's Den ඉයන්ගේ අඩවිය.ජවිපෙ ගමන නිමයි, නායක අනුර කියයි..! (from LankaeNews).Transylvania."මූව මග්ගොනට යවන්න ඕනේ ".අනිත් කොන - a doctor's heart sutra.The social function of music....කොළඹ ගමයා.බ්‍රිතාන්‍ය රජ පවුලේ ජර්මන් හා රුසියානු සම්බන්ධතා.කඩදාසි කොලේ.361: උන්මාද චිත්‍රාදෝ මා - පසුවදන.ජිවිතේ යාත්‍රාව.නිද්‍රාව..නිදහස් සිතුවිලි.682. අද සිරී ලම්කාවෙ වහා විසඳාගත යුතු දැවෙන පස්න හෙවත් බෙර්නිං කුවෙස්චන්ස්.....රසිකොලොජි - Rasikology.සල්මන් රුෂ්ඩි සහ මට හමුවුණු ජාත්‍යන්තර අයියලා තුන් දෙනෙකුගේ කතා - Salman Rushdie and other stories.සොඳුරු සඳවතී.අහන්නකො......ගස් ලබ්බ.අටම්පහුර.ඉස්සෙල්ලම ගහපු එකා.තරුරසී.තරුණ අපේ හීන මැරූ - උඹල තමයි කම්බ හොරූ....chef-architect.කෑ බනික.මගේ බ්ලොග.53. How Seedr can helped you???.කලාහිත.. Kalahitha.අධි පරිභෝජනවාදයෙන් මිදී සරළ ජිවන රටාවකට හුරුවෙමු.තිලක සිත.මළ ඉලව් ලිෆ්ට් එක.රස්තියාදුකාරයා.සුභ ගමන් ආදරණීය ආටියා...........නොපළ කතා.අ(සම්මුතිය).test post for facebook – Aru-ge adaviya.කඩේ ගියා හෝ නැතා…මේ සින්දුව අහන්න...සින්ඩරෙල්ලාගේ සපත්තුව....!.රූබරිය !.රසුදැල්.මිලියන ගණන් වටිනා 99 මිනිස්සු.වැව් ඉස්මත්ත.කොච්චි මිරිස්.රොශාන් මහානාම,කොච්චියාගේ යාඤාව සහ බුද්ධත්වයට පත් සමන්තබද්‍ර.අහසෙන් එන්න....පස් මසකට පෙර ජීවිතේ පෙරළුණු අලුත් පිටුව.යාං හෑල්ල.ඔපිස් එකේ කොරෝනාගෙන් බේරෙන හැටි - How to avoid Corona at office.සමකය වටේ.Katchatheevu Feast 2020Drone vedio | கச்சதீவு அந்தோனியார் ஆலய திருநாள் 2....Nelum Yaya.ප්‍රන්ස බස සහ ඉංග්‍රීසි බස වෙනුවෙන් මරා ගැනීම.A T Sudarshana.Maharada Oba Giya daa (මා හැර දා ඔබ ගිය දා ).කතා කරන පන්හිඳ.පොකුරු වැහි.හිත්.දුමී.122. කිමද සොඳුරියෙ හඬන්නේ යළි අපිට හිමි වෙනවා අපී.....බස්සිගේ නවාතැන.ඔබේ රහස් සතුටු බුබුළ (Happiness Bubble).කැලේ පිපුණු මල්.01 පළමු දවස 2019 ජූනී 22.උඩුවාගේ සටහන්....රත්නම්ගේ වේදනාව.මාරයාගේ හෝරාව....නිවිති එක්ක දෙල් කිරට....මම එරන්දී... I'm Erandi.STRESS ද?.සින්බෑඩ්ගේ අඩවිය.දිනපොත 25.සජ්ජාගේ පඩංගුව.පරිසරය සමඟ පවුලත් සුරකිමු ...!!!!!.පැමිණ යන්නට මත්තෙන්...හැකි නම් තබන්න සටහනක්..එය මට මහත් දිරියක්. Ethereal theme. Powered by Blogger. |
විසිරි සිහින: 54. ලිවීම.විසිරි සිහින.Saturday, May 6, 2017.54. ලිවීම.මම මේ දවස් වල බ්ලොග් එකේත් විසිරි සිහින මුහුණු පොතේත් ලියාගෙන ලියාගෙන යනවාය....ඒ ලිවිල්ල බලාගෙන ඉන්න අයට වෙලාවකට මං මේ පිස්සෙක් වගේ ලියන්නේ ඇයිද යන ප්‍රශ්නය ඇතිවෙන්නට ඉඩ ඇත.....ඊයේ එක්කෙනෙක් මගෙන් ඕක ඇහුවාම මම කටට ආ උත්තරේ ලෙස දුන්නේ .... වෙන කරන්න දෙයක් නැති නිසා එන ස්ට්‍රෙස් එක අඩු කරගන්න ලියනවා " කියාය.. ...ඒත් ඊට පස්සෙ මම ම කල්පනා කලේ මට ලියනවා හැර කරන්නට ඕන තරම් වැඩ තියනවා නේද කියාය.....උදේ 4ට නැගිට රෑ 11 ට නිදාගන්න...ගෙදරත් රැකියා ස්ථානයේත් අටෝරාශියක් වැඩ තියන මට ....කරන්න දෙයක් නැති කමට ලියනවා කීම අමු බොරුවක් බව මම නොදන්නවා නොවේය..නමුත් ලිවීම කියන්නේ ස්ට්‍රෙස් අඩු කරන්නට කියාපු බේතකි...මට සම්බන්ධව එය එසේමය...තරහක් සතුටක් දුකක් විනෝදයක්..ඔය එකී මෙකී නොකී ඕනම හැඟීමකට ලිවීම මාර උත්තේජනයක් සපයයි..එය තරහ සමබ්න්ධයෙන් releasing factor එකක් වන අතර සන්තුශ්ටි දායක වෙලාවකදී....bursting factor එකකි......මම පරණ බ්ලොගෙන් මිදී විසිරි සිහින ලියන්නට ආවේද...පසු කාලයක විසිරි සිහින මුහුණු පොත් ගිණුමකට ආවේද මෙන්න මේ ලිවීමේ අභිලාශයෙන්ම පමණි....මට ලිවීමේදී නිදහස ඕනෑමය..සමහරක් විට නන්නාඳුනන චරිතයක්ව සිටීම ඒ නිදහසට backup එකකි......නැත්නම් ලියන සේරම මටත් මගෙ ගෙදර අයටත් අදාල කරගෙන රස්සාවටත් අදාල කරගෙන විස්සෝප වන්නෝ එමටය....ලිවීම යනු එලෙස විය යුත්තක් නොවෙන නිසා මම මෙසේ ලියමි.......ලිවිම ගත්තාම ඉස්සර අපේ ආච්චි කිව්වේ..මොනවා ලිව්වත් මැල්ලුම් මිටියක් ලියාගන්නත් ගෑනු ළමයෙක් උනාම පුළුවන් වෙන්න ඕනය කියාය...ඒ කාලේ බැරි උනත්...දැන් නම් හීනියට මැල්ලුම් මිටියක් ලියන එකත් සිම්පල්ය ....අත ලියාගන්නේ නැතුව කොළ මැල්ලුම් ලියනවා මෙන්ම.....හිතට එන අදහස් ද පරෙස්සමින් ලිවිම කලාවකි...පොඩ්ඩ එහෙමෙහෙ උනොත් ලියවෙන්නේ හිත්ය.....පාරේ ඇවිද එන විට ...බස් එකක කෝච්චියක යන විට....පොතක් පතක් කියවන විට...මිනිසුන් සමග කතා කරන විට....ලියන්නට එක එක නිමිති එනවාය...ඒවා සමහරක් විට ෆෝන් එකේ එවෙලෙම කොටාගන්නා අතර...සමහරක් ඒවා මනසේ කටු සටහනක් ඇඳගන්නවාය......ෆෝන් එකට බ්ලොගර් ඇප් එක දමා ගත්තාම ටික ටික මෙන්න මෙහෙම සටහන් දමා ගත හැක....මගෙ ලියවිලි ලියවෙන්නේ එහෙමය......ලිවීම ගැන කියන විට කොළවල ලිවීම අතහැරීද නැත...මම මේ අවුරුද්දේ අරමුණ කරගත්තේ පොතක් ලියන්නය...ඒක තාම පරිච්ඡේද තුනකට සීමා වී ෆයිල් එක තුළටවී නිසොල්මනේය....බෝල බෝල අකුරු වලින් සටහන් තබා ගන්නට ආස නිසා...පොත් කීපයක කවි ටික මම ලියා තබනවාය....තවත් වයසට යනවිට බෝල අකුරු හැකියාව නැති වුණ කාලෙක බලා සතුටු වන්නට හැකි අකුරු ගොඩක් මගෙ එකතුවේ ඇත........ලිවීම මගේ ජීවිතය ට බොහෝ දේ ලබා දෙයි....ඒකාකාරී ජීවිතය පීඩනයෙන් මුදවන්නට ලිවීම මට සහය වේ......මගේ සමහර ලියවිලි ....මුහුණු පොතෙන්..බ්ලොගෙන් එහාට ගොස් පත්තර වල වෙබ් අඩවි වලට යනවිට ...විශේෂයෙන්ම සෞඛ්‍ය ලිපි....මම එයින් තවකෙකු දැනුවත් වන දෙස බලා තෘප්තිමත් වෙමි.....හාස්‍යය ..විනෝදය සඳහා එදිනෙදා දකින..සහ...අත්දකින...දේ ලිවීමද අපූරුම දෙයකි.....මම ආසම දේ මටම හිනා වෙන්නට කුමක් හෝ ලිවීමය....ඉතින්...මේ මගේ ලිවීමය .......Posted by විසිරි සිහින at 7:00 AM.Email ThisBlogThis!Share to TwitterShare to FacebookShare to Pinterest.Labels: හැඟීම්.32 comments:.සෙන්නාMay 6, 2017 at 7:35 AM.ලියලා කෝටිපතියෝ වෙච්ච මිනිස්සුත් ඉඳලා තියනවා නේ ! දිගටම ලියමු...ReplyDelete.Replies.විසිරි සිහිනMay 7, 2017 at 5:08 AM.එහෙම අයත් ඉන්නවා නේද සෙන්නා...අපි ත් සන්තුෂ්ටිය අතින් ලියලා කෝටිපතියෝ වෙනවා.Delete.Replies.Reply.රස්තියාදුකාරයාMay 8, 2017 at 4:51 AM.මරු ඒක.Delete.Replies.Reply.Reply.සොඳුරු සඳවතී May 6, 2017 at 7:35 AM.ඔයා මෙන්ම මමත් ලියන්නෙක් කියා ආයේ අමුතුවෙන් කියන්නට ඕනෑ නැත. මටත් ඔහොම පිස්සුවක් ඇත. ඉස්සරෝම සිංහලෙන් මගේ නම තියෙන මූණු පොත් පිටුව තිබුනේ මගේ පෙට් නේම් එකෙනි. එ දවස මම තනිකරම ලිව්වේ එකී ෆේක් ගිණුමෙනි.අඩුම තරමේ මගේ පොටෝවක්වත් මේ මෑතක් වන තුරුම නොදැම්මෙමි.පසුව බොහෝ අය කිව්වේ මගේ සෑබෑ නමින් ලියන්න ගන්න එයයි වටින්නේ කියාය.ඉතින් මම මගේ සැබෑ නමින් ලියන්නට පටන් ගතිමි. මා ෆේක් කියා සමහර කවි පිටුවලින් මගේ නිර්මාණ බාර ගත්තේද නැත. ඉතින් මා ඉන් පසු මගේ පින්තූරයක්ද දමා ෆේක් එක රියල් කර දිගටම ලියමි.. ලියමි... ලියමි...ReplyDelete.Replies.විසිරි සිහිනMay 7, 2017 at 5:10 AM.ෆේක් වීම කෙතරම් නිදහස් දැයි තේරුනේ විසිරී සිහිනයෙන් ලියන්නට ගත්තාමය...දැන් මගේ තරාතිරම හෝ කිසිදු පුද්ගලික කාරණයක් ලිවීමට අදාළ නැත....සැබෑ නමින් ලියනවා හා සමානවම මට මෙහිදී තෘප්තියක් ලැබේ......අපි ලියමු..ලියමු ..ලියමු.Delete.Replies.Reply.Reply.samakayawateMay 6, 2017 at 9:05 AM.//සමහරක් විට නන්නාඳුනන චරිතයක්ව සිටීම ඒ නිදහසට backup එකකි.....// සත්‍යයකි එය දැන් මටද බොහෝ සෙයින් වැටහී ඇත. ආරුඪ නමකින් මුලින්ම නොආ එකේ අවාසිය යම් තාක් දුරට ඇතැම් ලියැවිලිවලදි ගම්‍ය වෙයි..ReplyDelete.Replies.අටම්පහුරMay 7, 2017 at 12:48 AM.ඒකෙන්ම.Delete.Replies.Reply.විසිරි සිහිනMay 7, 2017 at 5:12 AM.ෆේක් වුණත් නැතත් දන්නා අය එකම ලිපියකින් අපගේ ලිවීම් ආරය හඳුනා ගනී.....නමුත් නලින් ..අටම්...මේ ලිවීමේ නිදහස මට රියල් අකවුන්ට් එකේදී නොලැබෙයි ..විශේෂයෙන්ම මුහුණු පොතේදී ..ඒ නිසා..මේ විදිය බොහොම හොඳය.Delete.Replies.Reply.Reply.UnknownMay 6, 2017 at 10:25 AM.ඉස්සර නම් සෑහෙන්න ලීවේය... මුහුණු පොත පැමිණියාට පසු කොටන්නට පටන් ගත්තෙන් ලීවීම ක්ෂය ම වී ගියේය.... දැන් ලියන්නේ ම නැත... කොටන්නද කම්මැලිය....ඉතින් පිස්සු වගේය....ReplyDelete.Replies.විසිරි සිහිනMay 7, 2017 at 5:14 AM.සින්බෑඩ් යනු....මගේ ළමා අවදියේ කතා වල අපූරු චරිතයකි....ඒ නිසා නොලියා ඉන්න එක නම් කරන්නම එපාය..අපි නැති වෙන්නේ ඔන්න ඔය මුහුණු පොතේ කෙටිල්ලෙනි ...ආයෙත් ලියන්න යයි ඉල්ලමි.Delete.Replies.Reply.Reply.චතුරංග බුද්ධිකMay 6, 2017 at 10:26 AM.අනේ මන්දා මගේ සිතුවිලි කොහෙන් හරි කාන්දු වෙනවා ද කියලා....ඒ ගැන වෙනම සටහනක් දාන්ට ඕනේ පස්සේ වෙලාවක....ReplyDelete.Replies.විසිරි සිහිනMay 7, 2017 at 5:15 AM.මටත් හිතුනෙම අර බර්මියුඩා වට වත් අහුවෙනවද කියාය....ලියන්න ලියන්න ඒ සටහනත්.Delete.Replies.Reply.Reply.Duminda AbeysekaraMay 6, 2017 at 10:51 PM.දුකත් සතුටත් කියන හැඟුමන් ඇදී එනවිට එක මත.හිතත් නලියා වචන සිතුවිලි එකින් එකට ගැළපෙණු ඇත.මටත් එහෙම වී ලියෙයි පදවැල් එවිට සැනසුම් වෙයි සිත.හෙටත් එමි මම කියවගන්නට ලියණු දිගටම බ්ලොග මත.....ජයවේවා!!!.ReplyDelete.Replies.විසිරි සිහිනMay 7, 2017 at 5:16 AM.කවිය රසවත් මිතුරු සිත ගෙන එනා ඇරයුම ඉවත නොහෙලමි.හෙටත් අලුතින් හැඟුම් අරගෙන බ්ලොගේ පිටුවක් හෙමින් සරසමි.ස්තුතියි දුමි.Delete.Replies.Reply.Reply.ChamikaraMay 7, 2017 at 2:57 AM.ලියන්නෝ සහ වවන්නෝ දිනනෝ කියලා කියලා කව්ද මන්දා කියලා තියෙනවා.ReplyDelete.Replies.විසිරි සිහිනMay 7, 2017 at 5:17 AM.ඔව් ඔව් මමත් වවනවා..එළවලු..ඒ වගේම ලියනවා .....Delete.Replies.Reply.Reply.ඉවාන් පවුලූශාMay 7, 2017 at 9:21 PM.අපිට නං උලත් එකයි පිලත් එකයි ඩෝ.ReplyDelete.Replies.විසිරි සිහිනMay 13, 2017 at 6:29 PM.ඒක වෙන්නැති ඔය හෝ ගාල ලියන්නේ නේ.Delete.Replies.Reply.Reply.සිතුවිලි සිත්තමට නැගෙනා කවි පොතMay 7, 2017 at 9:25 PM.ඇත්තටම, ලිවීම මගෙත් හිත සැහැල්ලු කරගන්න මාධ්‍යය. මේ තියෙන්නේ මං මගේ ලිවීම ගැන ලියපු සටහනක්. :).ReplyDelete.Replies.විසිරි සිහිනMay 13, 2017 at 6:30 PM.ඇත්තෙන්ම ඔව්...මම ඒ සටහන කියවන්නම්.Delete.Replies.Reply.Reply.රාජ්May 8, 2017 at 1:43 AM.කියෙව්ව!.ReplyDelete.Replies.විසිරි සිහිනMay 13, 2017 at 6:30 PM.ස්තුතියි රාජ්.Delete.Replies.Reply.Reply.රස්තියාදුකාරයාMay 8, 2017 at 4:53 AM.ඇත්තටම මන් ලියන්නෙ ඇයි. අනේ මන්දා දැවෙන ප්‍රශ්ණ විසිස්‍රි මේවා.ReplyDelete.Replies.විසිරි සිහිනMay 13, 2017 at 6:30 PM.හා හා දැවෙන්න එපා...නිවිලා හිතලා බලන්නකෝ.Delete.Replies.Reply.Reply.sewwandiMay 8, 2017 at 8:40 PM.මමත් පුරුද්දක් විදිහට දවසේ සිදුවීම් සේරම පොතක ලියනව.දුකක් සතුටක් දැනුනත් ලියනවා.කාට හරි බනින්න ඕනෙනම් එවත් ලියනවා...ඇත්තටම ලිවීමෙන් මානසික සහනයක් ලැබෙනවා....ReplyDelete.Replies.විසිරි සිහිනMay 13, 2017 at 6:31 PM.පොතක ලියන එකත් අපුරුම වැඩක්....ඒත් මතක ඇති කාලෙකින් මම ලියල නෑ එහෙම.Delete.Replies.Reply.Reply.නදීර May 9, 2017 at 12:17 AM.ලියන්නේ හිතේ කැකෑරි තියෙන දේවල් එලියට දාල හිත සැහැල්ලු කරගන්න නේ.ReplyDelete.Replies.විසිරි සිහිනMay 13, 2017 at 6:31 PM.ඔව්...ඒකත් එක දෙයක් තමයි නේද.Delete.Replies.Reply.Reply.Ajith Dharma.May 12, 2017 at 2:12 AM.මුහුණු පොතේ නම් දිගට හරහට ලියල තියනවා දැක්ක. බ්ලොගේ අප්ඩේට් වෙන්නේ නැහැ ඒ තරමට නේද?.ReplyDelete.Replies.විසිරි සිහිනMay 13, 2017 at 6:33 PM.ඒවා කෙටි සටහන් නිසා කෙලින්ම මුහුණු පොතට දාන්න ලේසියි..නමුත් බ්ලොග් පෝස්ට් එකක් ලියද්දි ඊට වඩා ටිකක් ඕනෑකමින් ලියන්න මම උත්සාහ ගන්නවා...ඒකයි පමාව.Delete.Replies.Reply.Reply.ජිවිතේ යාත්‍රාවMay 30, 2017 at 7:47 AM.කොහොම උනත් මට නම් මැල්ලුම් ලියන්න බැරිය..ඇත්තටම ලියන කෙනෙකුට නිදහස ඕනේ. අක්කා දැන් නිදහස්ව ලියනවා. ඒවා කියවන්න ආස හිතනවා. තවත් ලියන්න සුබ පතනවා. ඔයා ලියන්න ඒ තමන්ගෙම නමින්ද නැද්ද කියන එක නෙවෙයි. අපි ඒවා ආසවෙන් කියවනවා. ඒ නිසා දිගටම ලියන්න. ජය.ReplyDelete.Replies.Reply.ජිවිතේ යාත්‍රාවMay 30, 2017 at 7:47 AM.කොහොම උනත් මට නම් මැල්ලුම් ලියන්න බැරිය..ඇත්තටම ලියන කෙනෙකුට නිදහස ඕනේ. අක්කා දැන් නිදහස්ව ලියනවා. ඒවා කියවන්න ආස හිතනවා. තවත් ලියන්න සුබ පතනවා. ඔයා ලියන්න ඒ තමන්ගෙම නමින්ද නැද්ද කියන එක නෙවෙයි. අපි ඒවා ආසවෙන් කියවනවා. ඒ නිසා දිගටම ලියන්න. ජය.ReplyDelete.Replies.Reply.Add comment.Load more....Newer Post Older Post Home.Subscribe to: Post Comments (Atom).Followers.මම සිහින දකින්නියක්මි.විසිරි සිහින.විසිර ගිය සිහිනයන් එකතු කර රැගෙන එමි.View my complete profile.Total Pageviews.Labels.My Diary.travel notes.අදහස්.අපූරුම දේවල්.අරමුණු.උගත් පාඩම්.ඔබ ආයෙමත් ඇවිදින් ( නවකතාව ).කෙටිකතා.පරිවර්තන.මතක.මතකයේ රැඳෙන පොත්.රයිලිගෙ කතා.විසිරි කවි.විසිරි සිතුවිලි.විසිරිගෙ සේයා රූ.....වෙනත් අයගේ කියවපු අපූරු කතා.සඳක් සේ ( නවකතාව).සමාජ විපරම්.සෞඛ්‍ය.හසරැල් සැලුණාවේ (නවකතාව ).හැඟීම්.Blog Archive.► 2022 (25).► September (2).► August (1).► July (2).► June (2).► May (5).► April (4).► March (4).► February (4).► January (1).► 2021 (56).► December (2).► November (6).► October (6).► September (9).► August (9).► July (10).► June (3).► March (1).► February (4).► January (6).► 2020 (58).► October (9).► July (3).► June (6).► May (7).► April (21).► March (11).► February (1).► 2019 (18).► December (1).► November (1).► October (1).► August (1).► May (1).► April (9).► February (2).► January (2).► 2018 (20).► December (10).► August (1).► June (1).► May (2).► April (1).► March (1).► February (2).► January (2).▼ 2017 (59).► December (2).► November (2).► October (4).► September (2).► August (5).► July (1).► June (6).▼ May (7).59. ජිවිතය සහ ආදරය ගැන පුංචි කතා 3.58. ජිවිතය සහ ආදරය ගැන පුංචි කතා 2.57. ජීවිතය සහ ආදරය ගැන පුංචි කතා 1.56. කපුටු අම්මාගේ වලප.55. පොත්ගුල්ලියකගේ මතක 1.54. ලිවීම.53. හිතන්නට යමක්.► April (6).► March (9).► February (5).► January (10).► 2016 (22).► December (13).► November (4).► October (5).my blog list.Ian's Den ඉයන්ගේ අඩවිය.ජවිපෙ ගමන නිමයි, නායක අනුර කියයි..! (from LankaeNews).Transylvania."මූව මග්ගොනට යවන්න ඕනේ ".අනිත් කොන - a doctor's heart sutra.The social function of music....කොළඹ ගමයා.බ්‍රිතාන්‍ය රජ පවුලේ ජර්මන් හා රුසියානු සම්බන්ධතා.කඩදාසි කොලේ.361: උන්මාද චිත්‍රාදෝ මා - පසුවදන.ජිවිතේ යාත්‍රාව.නිද්‍රාව..නිදහස් සිතුවිලි.682. අද සිරී ලම්කාවෙ වහා විසඳාගත යුතු දැවෙන පස්න හෙවත් බෙර්නිං කුවෙස්චන්ස්.....රසිකොලොජි - Rasikology.සල්මන් රුෂ්ඩි සහ මට හමුවුණු ජාත්‍යන්තර අයියලා තුන් දෙනෙකුගේ කතා - Salman Rushdie and other stories.සොඳුරු සඳවතී.අහන්නකො......ගස් ලබ්බ.අටම්පහුර.ඉස්සෙල්ලම ගහපු එකා.තරුරසී.තරුණ අපේ හීන මැරූ - උඹල තමයි කම්බ හොරූ....chef-architect.කෑ බනික.මගේ බ්ලොග.53. How Seedr can helped you???.කලාහිත.. Kalahitha.අධි පරිභෝජනවාදයෙන් මිදී සරළ ජිවන රටාවකට හුරුවෙමු.තිලක සිත.මළ ඉලව් ලිෆ්ට් එක.රස්තියාදුකාරයා.සුභ ගමන් ආදරණීය ආටියා...........නොපළ කතා.අ(සම්මුතිය).test post for facebook – Aru-ge adaviya.කඩේ ගියා හෝ නැතා…මේ සින්දුව අහන්න...සින්ඩරෙල්ලාගේ සපත්තුව....!.රූබරිය !.රසුදැල්.මිලියන ගණන් වටිනා 99 මිනිස්සු.වැව් ඉස්මත්ත.කොච්චි මිරිස්.රොශාන් මහානාම,කොච්චියාගේ යාඤාව සහ බුද්ධත්වයට පත් සමන්තබද්‍ර.අහසෙන් එන්න....පස් මසකට පෙර ජීවිතේ පෙරළුණු අලුත් පිටුව.යාං හෑල්ල.ඔපිස් එකේ කොරෝනාගෙන් බේරෙන හැටි - How to avoid Corona at office.සමකය වටේ.Katchatheevu Feast 2020Drone vedio | கச்சதீவு அந்தோனியார் ஆலய திருநாள் 2....Nelum Yaya.ප්‍රන්ස බස සහ ඉංග්‍රීසි බස වෙනුවෙන් මරා ගැනීම.A T Sudarshana.Maharada Oba Giya daa (මා හැර දා ඔබ ගිය දා ).කතා කරන පන්හිඳ.පොකුරු වැහි.හිත්.දුමී.122. කිමද සොඳුරියෙ හඬන්නේ යළි අපිට හිමි වෙනවා අපී.....බස්සිගේ නවාතැන.ඔබේ රහස් සතුටු බුබුළ (Happiness Bubble).කැලේ පිපුණු මල්.01 පළමු දවස 2019 ජූනී 22.උඩුවාගේ සටහන්....රත්නම්ගේ වේදනාව.මාරයාගේ හෝරාව....නිවිති එක්ක දෙල් කිරට....මම එරන්දී... I'm Erandi.STRESS ද?.සින්බෑඩ්ගේ අඩවිය.දිනපොත 25.සජ්ජාගේ පඩංගුව.පරිසරය සමඟ පවුලත් සුරකිමු ...!!!!!.පැමිණ යන්නට මත්තෙන්...හැකි නම් තබන්න සටහනක්..එය මට මහත් දිරියක්. Ethereal theme. Powered by Blogger. |
විසිරි සිහින: December 2021.විසිරි සිහින.Thursday, December 30, 2021.02. හසරැල් සැලුණාවේ.පළමු කොටසට මෙතනින්.“බබා පොඩි ප්‍රශ්නයක්”.නිවසට විත් ඇඟ සෝදා සයනයටවන් මානවී වෙත පැමිණි හසිත පැවසුවේ ඇයගේ හිස පිරිමදිමිනි.රාත්‍රී එකොළහ පසුවී ගොස් හෙයින් මානවී උන්නේද නිදිබර දෑසිනි. එහෙත් හසිතගේ බසින් මානවී ඔහු දෙසට හැරුනේ කලබලයෙනි..“ඕකනේ බැරි පොඩි ප්‍රශ්නයක් කිව්වාහමත් කලබල වෙනවා. ඉතින් ලොකු ප්‍රශ්නයක් එහෙම කියන්න තියා හිතන්නවත් බැහැනේ.මෙහෙට එන්නකො”.හසිත පැවසුවේ ඇය සිය ලය මත සතපාගෙනය..“ඇයි ඩොක්ටර් මොකුත්?..”.මානවී බියපත් වුයේ තමා පරික්ෂා කරන තිරයෙන් ආවරණය වූ කුටියට යැවූ පසු වෛද්‍යවරයා හසිතට කුමක් හෝ ගැටලුකාරී තත්වයක් ගැන කියන්නට ඇතැයි සිතාය.හසිත තමා ඇය නිකරුණේ කලබල කිරීම ගැන පසුතැවුණේය.."අයියයියෝ නෑ වස්තුවේ. අපේ පොඩ්ඩා හොඳ සනීපෙන්. මේ තාත්තා වගේ ෆිට් පොරකගේ බබාට ආයේ මොන ප්‍රශ්නද ? එහෙම එකක් නෙවෙයි. ඉතින් මට කියන්න දෙන්නකෝ ".හසිත මානවීගේ නහයද සෙමින් මිරිකමින් පැවසීය. මානවී සුසුමක් හෙළා ළය සැහැල්ලු කරගත්තාය..“මම කෑම අරන් එන්න රෙස්ටෝරන්ට් එකට ගිහින් කෑම සූදානම් කරනකල් චුට්ටක් එෆ්බී ගියා. ඒකෙ වීඩියෝ එකක් අප්ලෝඩ් වෙලා තිබ්බා. සරෝජ් අංකල්ට අද අර කොළඹ තිබ්බ පිකටින් එකේදී කවුරු ගහල ඔලුව පැලිලා”.හසිත පැවසූ දෙයින් මානවී සිය කය ඔහු වෙතින් මෑත් කොට හිඳ ගත්තාය. ඇයගේ නිදිබර භාවය කොහෙන් අතුරුදහන් වූවාදැයි සිතාගන්නට නැති තරම්ය.."අනේහ් හසී..ඉතින් එයාට ගොඩක් අමාරුයිද?".මානවීගේ මුහුණ ශෝකාකුල විය.." නෑ මම ගොසිප් සයිට්ස් එහෙමත් සර්ච් කළා. පිටත තුවාල විතරයි වගේ. මැහුම් දාලා අද හොස්පිටලයිස් කරලා. ඒක නෙවෙයි බබා කාරණේ, ඕක වෙලා තියෙන්නේ අපි චැනලින් උන්න වෙලාවේ. අංකල්ව තියෙන්නෙත් ඒ හොස්පිටල් එකටමයි".හසිත කියන්නට සුදානම් වූ දේ මානවීටද වැටහුනේ අම්මා මුහුණකට සෝදාගන්නට කියා ගියද ආපසු ආවේ බියපත්ව මුහුණද සෝදා නොගෙන බව සිහිවීමෙනි..ඇය තමාගෙන් ඇස් සඟවමින් මුළු කාලයම උන් බවද තමාට මතකය. උපන්දා සිට අම්මාගේ චර්‍යාවල වෙනස්කම් වලට මුහුණ දුන්නේ තමන් හෙයින් මානවී අම්මාගේ සිත කියවන කැඩපතක් බඳු වූවාය.."එහෙනම් අම්මි කලබල වුණේ මේ නිසා තමා. මට වෙනසක් දැනුණා එවෙලෙත්".මානවී සුසුමක් හෙළමින් පැවසුවාය.."ඒ වෙලාවේ ඩොක්ටර් ආව නිසා මට ඕක දිගින් දිගට අහන්න අමතක වුණෙ. අපි ආපහු එනකොට අම්මිගෙ මූඩ් එකේ ලොකු අවුලක් තිබ්බෙ නෑනෙ. ඉතින් මටත් ඒක නෝමල් වුණා".මානවී පැවසුවේ ඒ මොහොතේ වූ සිදුවීම් ආවර්ජනය කරමිනි.." බබී හෙට අපි යමුද සරෝජ් අංකල්ව බලල එන්න".හසිත මානවීගෙන් ඇසුවේ යළිත් කල්පනාවේ ගැලෙමිනි. මෙවන් කාලයක රෝහල් ගණනේ යාම එතරම්ම සුදුසු නොවේ.එහෙත් මේ පුද්ගලයා විශේෂය. මානවී එයට එක හෙලාම කැමතිවුයේ සරෝජ් හිරිපිටිය යනු තමා බෙහෙවින් ආදරය කරන සහ ගරුකරන පුද්ගලයා වූ හෙයිනි.." අම්මි හරි හිතුවක්කාරයි හසී. එයාට කොච්චර කිව්වත් වැඩක් නැහැ".මානවී කතාකලේ කලකිරීමෙනි.හසිත ඇයගේ හිස පිරිමැද්දේ ඒ හැඟීම දුරස් කරන්නට මෙනි.මානවීගේ අම්මා ගැන මානවී තරම්ම හසිත අවබෝධ කරගෙන උන්නේය.ඉතින් එවන් අම්මා කෙනෙකු ගැන මානවී එසේ සිතිය යුතු නොවේ.." අම්මි ගැන එහෙම හිතන්න එපා බබී. එයා ජිවිතේ වින්ද අත්දැකීම් නිසානේ ඔහොම හැසිරෙන්නේ. ඒ නිසා අම්මි ගැන වැරදියට හිතන්න එපා. අපිත් අම්මල තාත්තලා වෙන්න යන අයනේ. අපිට පුළුවන් වෙන්න ඕනේ අම්මිව තේරුම් ගන්න".හසිත කෙතරම් දුරදිග බලා අදහස් ප්‍රකාශ කරන්නෙක්ද යන වග මානවී හොඳින්ම වටහාගෙන උන්නාය. ඇය කිසිවක්ම නොකියා යලි ඔහුගේ ලයට තුරුලුව දෑස් පියාගත්තාය..***..රාත්‍රිය උදාවී බොහෝ වෙලාවක් ගත වුවද නිවේතා නිදිනොමැතිවම බලා උන්නාය. ගෙන ආ ආහාර පාර්සලයද එහෙන් මෙහෙන් අතගා කුණු බඳුණට හෙලූ මුත් එහි රසවත් නොදැනුණ තරම්ය. හිත තුවාලයක් වූවා සේ වේදනා දෙයි. එය අද ඊයේ ඇතිවූ එකක් නොවේ. අවුරුදු විසිගණනක අතීතය තවමත් හද පාරවාලයි..ලේ වැකුණු හිසින් යුතුව ට්‍රොලිය මත උන් සරෝජ් හිරිපිටියගේ දෑස් තමාගේ දෑස් හමුවූ ඒ මොහොත තම සිතට ඇතිකළේ කුමනාකාරයේ සිතුවිල්ලක්ද යන්න නිවේතාට තවමත් සිතාගන්නට නොහැක. ඒ හැඟීම තමාහට කිසිදා වටහාගන්නට තම දෛවය ඉඩ දුන්නේ නැත..ජීවිතය කිසිමාකාරයකින් තමාට සතුටක් තෘප්තියක් උදාකර දුන්නේම නැති තරම්ය. කාලය ජිවිතයේ කිසිදු ප්‍රශ්නයක් මෙතුවක් කල් විසඳා දුන්නේද නැත. එහෙයින් ජීවිතේ ඉතුරු කාලයද මෙසේම ගෙවාදමනු විනා අන් කුමක් පතන්නද?.හිසපුරා දැවී යන්නක් බඳුව නැගෙන වේදනාව දරා ගත නුහුණු තැන නිවේතා සිය ඇඳ අසල කබඩයෙන් ගත් වේදනා නාශක පෙති දෙකක් වතුර සමග පානය කොට සයනය මතට ගුලි ගැසුණාය. හදවතේ කුටීර දවාගෙන එන්නාක් බඳු අපහසුවක් වරින් වර දැනේ.නිවේතා දෑතම ළයට තබාගෙන ඒ අසීරු බව සමනය කොට ගන්නට වෙර දැරුවාය. කලකට පෙර කඳුලුවලින් මිදීගොස් වියළි නිම්නයන් වූ දෑස් කෙවෙණි යළිත් උතුරායන්නට පටන්ගෙනය.ඉකිගසා හඬන්නටවත් ඉතින් තමාහට නොහැකි අයුරු..ඉස්සරම දවසක නෙතින් ගලාගිය කඳුලක් පිසලාගන්නට අත තැබුණු සුවඳ කැවූ තෙත් ගතිය රැඳි ටිෂූ පතක පහස තවම දැනෙන්නා සේය..ඒ මොහොතේ කොළඹ පෞද්ගලික රෝහලක විශේෂිත පුද්ගලයන් සඳහා වූ කාමරයක නිදි නොමැති දෑසින් යුතුව කල්පනාවක උන්නේ නියෝජ්‍ය අමාත්‍ය සරෝජ් හිරිපිටියයි. හිසට යෙදූ මැහුම් සහිත ප්‍රදේශයෙන් තරමක් වේදනාවක් ආවද ශරීර ගතකල වේදනා නාශක අධි මාත්‍රාවන් හෙයින් එය යම්තාක් දුරට සමනයව තිබිණ..දිවාකාලයේ පැවැත්වූ උද්ඝෝෂණය පැවති ස්ථානයට තමා ගියේ විෂය භාර ඇමතිවරයාගේ අනුදැනුම මත සාකච්ඡාවක යෙදෙන්නටය. ඇත්තෙන්ම එතන පැවති වාතාවරණය සුහද සාකච්ඡාවක් පමණක්ම වුවද හදිසියේ එතනට කඩාවැදුන ආවේගකාරී පුද්ගලයන් කිහිප දෙනෙක්ගේ කලබලකාරී හැසිරීම සම්පුර්ණ වාතාවරණයම උඩු යටිකුරු කරදැමිය..ආවේගකාරී පුද්ගලයකු විසින් නියෝජ්‍ය අමාත්‍ය වරයාගේ කමිස කොලරය අල්ලාගෙන බැන වදින්නට යාමේදී ආරක්ෂක නිලධාරියෙකු මැදිහත්ව ඔහුට පහරක් ගසා එලවා දැමීමත් සමගම එතන ඉන්පසු ඇතිවූ කෝලහාල තත්වය අතරතුරදී සරෝජ් හිරිපිටියගේ හිසට ගඩොල් පහරක් එල්ලවීමත් සිද්ධියේ සාරාංශය විය. පහරදුන් තැනැත්තා ඒ මොහොතේම පොලිස් අත්අඩංගුවට පත්වූ අතර සරෝජ් හිරිපිටිය වහාම අසලම වූ පෞද්ගලික රෝහලට ගෙනයනු ලැබුවේ අධික ලෙස රුධිර වහනයක් වන්නට වූ හෙයිනි.තුවාලය එතරම් ගැඹුරට නොවූවද දහවල් කාලයේ දැඩි අව්ව සමග ලේ ගැල්ම අධික වන්නට ඇත. කෙසේ හෝ මැහුම් කීපයක් දමන්නට තරමේ තුවාලයක් ඉතුරුවී තිබුණි..හදිසි ප්‍රතිකාර ඒකකයේ වෛද්‍යවරයා තමා ට්‍රොලිය මත සිටිද්දීම පරික්ෂා කරන අතරේ ආරක්ෂක නිලධාරියාහට යම් උපදෙසක් දෙන්නට හිස එසවූ මොහොතේ තමන්හට මීටර් පහළොවක් පමණ දුරින් තමන් දෙස දෑස් විසල් කොට බලා උන් ඒ ස්ත්‍රී රුව..ඔව් ඒ ඇයම බව තමන්හට සියයට දහසක් විශ්වාසය..“මාස්ක් එකක් නොවෙයි බුර්කාවක් ඇන්දත් ඔය ඇස් මට හංගන්න බෑ සුද්දි”.සරෝජ් හිරිපිටිය තමාටම මුමුණා ගත්තේ දෙතොලතර ඉතා කලාතුරකින් නැගෙන සිනහවද සමගිනි. ඇය ජීවිතය පුරා මේ අන්දමින් එල්බගෙන සිටීමම කිසිදා තමන්හට බරක් නොවීය...***." සර් විසිටර්ස්ලා වගයක් ඇවිත් ඉන්නවා. මොකද කරන්නේ ?".පෞද්ගලික ආරක්ෂක නිලධාරී වූ සංජය ඇසුවේ උදෑසන ආහාරය ගෙන අවසන්වූ සරෝජ් හිරිපිටියගෙනි. මාධ්‍ය හමුවීම් ,වෛද්‍ය අනුදැනුම මත කෙසේ හෝ නැවැත්වුවද අනෙකුත් ඇමතිවරුන් මධ්‍යම රාත්‍රී වනතුරුත් කඩාවැදුන හෙයින් සංජය උන්නේ බෙහෙවින් නොරිස්සුමෙනි. සිය ප්‍රධානියාට අවශ්‍ය විවේකය නොලැබිමම ඔහුගේ ඒ නොසන්සුන් බවට හේතුවිය.." මේ විදියට ගියොත් මේ වගේ කාලයක හරිම අවදානම්නේ සර්".කිට්ටුම සහ හිතවත්ම පෞද්ගලික ආරක්ෂක ප්‍රධානියා වූ ඔහු පැවසුවේ රටේ වර්තමාන සෞඛ්‍ය තත්වයේ බරපතලකම හේතුවෙනි. එහෙත් බහුතරයකට මේ අවදානම වැටහෙන්නේම නැති තරම්ය.." මොකක් කරන්නද බං . මුන් එන එක නවත්වන්න විදියක් නෑ නේ ".සරෝජ් හිරිපිටිය තෙහෙට්ටුවෙන් වුව සිනාවෙන්නට වෙර දරමින් පැවසිය. නියෝජ්‍ය ඇමතිවරයාගේ ආරක්ෂක කාර්ය මණ්ඩලයේ වසර ගණනාවක් සේවය කල හෙයින් සංජයට ඔහුගේ ඇවතුම් පැවතුම් සියල්ල හුරුය..එහෙයින් කලාතුරකින් මුහුණේ නලියන සිනහව ඊයේ මේ සා තුවාල වී වේදනාත්මක තත්වයක පසුවද්දීද ඇමතිවරයාගේ මුහුණේ වරින් වර මැවීම සංජයට කුතුහලය දනවන්නක් විය.එහෙත් මේ සම්බන්ධව ප්‍රශ්න කල නොහැකි හෙයින් ඔහු මුනිවතම රැක්කේය." කවුද ඒ ගමන ?'.සරෝජ් හිරිපිටිය සයනයේ මඳක් ඉහලට වී ඉඳගත්තේය. සංජය වහා ලඟට විත් කොට්ටය සකසා ඉඳගෙන උන් ඉරියව්ව පහසුකළේය.." මානවී බේබි".සංජය ඇමතිවරයාගේ මුහුණ දෙස විමසුමෙන් බැලුවේ මෙවදන් ඇසුන පසු ඔහුගේ ප්‍රතිචාරය කුමක් වේදැයි බලනු රිසිවය. කිසිදා නොවූ විරු තරමින් සරෝජ් හිරිපිටිය කලබල වුයේය .අතවු වතුර වීදුරුවේ දියබිඳු ගතට හැලුණේ අත වෙවුලා යමිනි..“ඉතින් ඕක අහ අහ ඉන්න එකක්ද මනුස්සයෝ? ඉක්මනට එන්න කියන්න. හරිඅප් සංජය. එයා ගිහිල්ලත් දන්නෙත් නෑ”.සරෝජ් හිරිපිටිය සිය ගත වැකුණු ජලය පිසදමන සංජයගේ අත පසෙකට කරමින් ඇඳුම් බසින්නට තැත් දැරුවේය..“සර්, ඇඳෙන් බහින්න එපා කියල ඩොක්ටර් කීපාරක් දැන් කිව්වද? ඉන්න කලබල නොකර. බේබිලා මේ දොර ළඟ ඉඳගෙන ඉන්නවා. මම එක්කන් එන්නම්”.සංජය හඬනගා පැවසුවේ ඉලන්දාරියකු සේ කලබල කරනා සිය ප්‍රධානියා ඇඳෙන් බැසීම වළක්වමිනි. සරෝජ් හිරිපිටිය යළිත් සයනයේ හරිබරි ගැසුණේ සංජයට අවනත වෙමිනි ..“උඹව මං අල්ලගන්නම්කෝ පස්සේ. ඊයෙ ඉඳන් කට වැඩී උඹේ සෑහෙන්න”.සරෝජ් හිරිපිටිය සිනාවෙමින් පැවසුවේය ..සංජය කාමරයේ දොර විවෘත කළේ එබසට සිනා වෙමිනි. විවර වූ දොරින් ඇතුලට පැමිනියේ මානවී සහ හසිතය. ඔවුන් දෙදෙනා දුටු මනතින් සරෝජ් හිරිපිටියගේ දෑස් ප්‍රීතියෙන් දිදුලන්නට විය..“චූටි කෙල්ලේ සුභාරංචියකුත් අරන් වගේ ඇවිත් තියෙන්නේ”.සරෝජ් හිරිපිටිය මානවීගේ පිනපෝ ගවුමේ වෙනස දැක සතුටින් පිනා ගිය හඬින් හඬ අවදි කළේය. හසිත සහ මානවී එකිනෙකා දෙස බලමින් සිනාසුනේ සරෝජ් හිරිපිටිය එක්වනම අල්ලාගත් මේ වෙනස දැකය.."අනේ අනේ මෙච්චර අමාරුවෙන් ඉඳලත් ඒක දැක්කානේ".මානවී සරෝජ්ගේ අතකින් අල්ලාගෙනම පැවසුවාය..“වෙච්ච දේ ටීවී එකෙන් දැක්කේ. කෝල් එකක් නොගත්තෙ මෙතැන කලබල බව දන්න නිසයි”.හසිත පැවසුවේ කාමරයේ පසෙක වූ සෝපාවේ අසුන් ගනිමිනි..“ඇයි අර මාව දැකලා හොල්මනක් දැක්ක වගේ බලන් ඉඳලා දුවපු කෙනා කිව්වේ නැද්ද?”.සරෝජ් හිරිපිටිය සිනා වූයේ පෙරදා සිදුවීම සිහිකරමිනි.ඒ එසේනම් අම්මා ඔහු දුටු බව රහසක් නොවේයැයි මානවීට වැටහුණි..“ඊයේ ඒ වෙලාවෙ අපි දෙන්නත් උන්නේ මෙහෙ. මගේ පළවෙනි වීඕජී appoinment එකට ඇවිල්ලා. අම්මිත් ආව මෙහෙට. වොශ්රූම් යන්න ඕන කියලා ආව කෙනා දාඩිය පෙරාගෙන ආපහු දුවගෙන ආවත් මොකුත් කිව්වේ නැහැ”.මානවී පෙර දවසේ සිදුවීම හෙළි කළේ සරෝජ් හිරිපිටිය හිස සලමින් එයට ඇහුම්කන් දෙන අතරය..“එයාගෙ හිතුවක්කාරකම අදටත් අඩුවක් නෑ චූටි දුව. හැබැයි එයා දන්නේ නැහැ එයාට වඩා මං හිතුවක්කාරයි කියලා”.සරෝජ් පැවසුවේ සිනහව වියැකී යන මුවිනි. ගතවූ ජීවිතය පුරාවට නිවේතා කළේ තමන්ගේම තීරණ අනුව ක්‍රියාකිරීමය. මේ තාක් කාලයකදී තමා කළේද ඇයට රිසිසේම හැසිරෙන්නට දී බලාසිටීමය.ඒ හේතුවෙන් අවසානයේ සිදුවූයේ දෙදෙනාගේම ජීවිතවලට අසාධාරණයක් නොවේද ?.“අම්මට කියලා අපිටත් ඇතිවෙලා තියෙන්නේ. එයා හරිම stubborn. නිතර නිතර කියන්න ගියොත් දමලා ගහලා ආයෙ රට යාවි කියලා කියලා බයයි . ඒ නිසා එයාට ඕන එකක් කරගන්න දීලා අපි සාමයෙන් ඉන්නවා”.මානවී පැවසුවේ නෝක්කාඩු බසිනි..“අද ඔයාලා එනවා කියලා දන්නවද?”.සරෝජ් හිරිපිටිය ඇසුවේ දඟකාර සිනාවක් මුවේ මතුවන අතරේය..“පිස්සුද එයා අපි මේක දන්න බව වත් දන්නේ නැහැ. ඊයෙ අපේ ගෙදර යමු කිව්වම අච්චර රෑ වෙලා එයාගේ මගේ රාජ්‍යයේ තනිවෙන්න ඕනකමට එයාගෙ heaven එකට ගියා. රෑ එළිවෙනකල් නින්ද නැතිව ඇති. අද මට ගුඩ් මෝනින් කෝල් එකවත් දුන්නේ නැහැ”.මානවී ගතු කීවේ කුඩා දැරියකසේය..“එයාගෙ heaven එක”.සරෝජ් හිරිපිටිය සිනහ වූයේ නිවේතාගේ සිහින නිවහනට ඇය තැබූ නම සිහිවීමෙනි..my heaven ..කවදත් ඇය ජීවත් වූයේ ඒ සිහින තුළය..අම්මා සම්බන්ධව කතාකරනා මොහොතවල සරෝජ් හිරිපිටියගේ මුවෙහි මතුවන මේ සිනහව හසිත දුටුවේ නව යොවුන් දඟකාර කොල්ලකුගේ සිනහවක් මෙනි.."බබී, මෙච්චර කල් ගිහිල්ලත් ඔයාගෙ අම්මිව මතක් කරනකොට ,එයා ගැන කතාකරන කොට සරෝජ් අංකල්ගෙ මුණෙ එන හිනාව මාරම රොමෑන්ටික්. ඒකට මම මාරම ආසයි".හසිත දිනක් මානවී සමගින් පැවසුවේ සරෝජ් හිරිපිටිය සමග හවස තේ පානයකදී කළ කතා බහකට අනතුරුවය. ඉඳහිටක දිනයක තමන් දෙදෙනාව කැඳවාගෙන ගොස් කතාබහක යෙදෙන්නට ඔහු කෙතෙක් කාර්‍යබහුල වුවද අමතක නොකළේය.."ඒකටත් එක්ක හරියන්න අපේ අම්මි. මගෙ අම්මෝ ඔය නම ඇහුණත් ඇති පුපුරන්න.මොන තරහක් පිරිමහනවද මන්දා හසී".එදවස මානවී පැවසුවේ අම්මාගේ හැසිරීම සිහිපත් කරමිනි..යළි හමුවෙමු තුන්වෙනි කොටසින්.කිත්මා වාසනා දහනායක.(විසිරි සිහින ).Posted by විසිරි සිහින at 5:11 AM 3 comments:.Email ThisBlogThis!Share to TwitterShare to FacebookShare to Pinterest.Labels: හසරැල් සැලුණාවේ (නවකතාව ).Sunday, December 26, 2021.01 . හසරැල් සැලුණාවේ.වේලාව හතර පසුවී විනාඩි තිහක් ඔරලෝසුවේ දැක්වෙයි. ඉහ ගිනිගන්නා තරම්ම අව්ව සැරය. ඇඳ උන් කපු බ්ලවුසයෙන් නිරාවරණය වූ පිට දිගේ ගලා ආ දාඩිය බින්දුවක් ඉණ පෙදෙසටම ගොස් ඇඳුමට උරාගන්නවා දැනෙද්දී නිවේතාට පෞද්ගලික රෝහලේ විසල් ද්වාරයෙන් ඇතුලට පියවර ඔසවාගන්නට හැකිවිය. අත්සේදීම , උෂ්ණත්වය පරික්ෂාකොට බැලීම ආදී අත්‍යාවශ්‍ය කාරණා ඉටුකරන්නට තවත් කෙටි වේලාවක් ගතවිය.ඒ අතරම අත්‍යාවශ්‍ය කාරණා කිහිපයක් සහිත ෆෝරමයක්ද පිරවිය යුතුය.ඉක්මනින් එය පුරවාදී රෝහල් සංකීර්ණයේ සායන අංශය වෙත ඇය ඇතුළුවූවාය..අභ්‍යන්තරයම වායු සමීකරණය කොට ඇති නිසා සැණෙකින් දහඩිය නිවී ගියාක් මෙනි. මුහුණ වසා ඇති මුව ආවරණය ඔක්කෝටම එහා යන කරදරයකි. එහෙත් කරන්නට දෙයක් නැත.මේ රටටම බලපාන්නා වූ තත්වයක් මිස තමන්ට පමණක් අදාල වූවක් නොවෙන හෙයින් මේ සියල්ලම ඉවසාගන්නට සිදුව ඇත. අකුලාගත් කුඩය අත්බෑගයට දමා ගත් පසු නිවේතා අවට සිසාරා බැලුවේ තමා යායුතු අංශය කොයි අත වේදැයි සිතමිනි. මොහොතකට හෝ මඳක් ඉඳගෙන විඩානිවන්නට හිතට අවැසිය..එහෙත් ඈතින් අතක් වනා කතාකරන රුවකින් පුටුවකට බරව මොහොතක් ගෙවන්නට සිතට ආ සිතුවිල්ල වැලකුණි.."පරක්කු වුණාද මං? ".අත්බෑගයෙන් ගත් ටිශූ පැකට්ටුවෙන් එකක් එලියට අදිමින්ම නිවේතා ඇසුවාය.."නෑ අම්මි තව වෙලා තියනව. මගේ නම්බර් එක තුනනෙ. තාම ඩොක්ටර් ආවෙත් නෑ".රෝස පැහැයෙන් යුත් මාතෲ ගවුමක් ඇඳි සුරඟනක් බඳු දෝණි ඇයගේ සැමියා අත එල්ලීගෙනම පවසන්නීය. තාමත් එච්චරකට මොකුත්ම පේන්නෙත් නැහැ. පොඩි කෙල්ලනේ තාමත් නිවේතා සිතින් මිමිණුවාය.."අම්මි ඉඳගන්නවද?".හසිත ඇසුවේ උන් තැනින් නැගී සිටින්නට තනමිනි.." එපා පුතා, ඕන නෑ. වෙලාව තියන නිසා මම පොඩ්ඩක් වොෂ් රූම් එකට ගිහින් එන්නද දෝණි?".පැයකට නොඅඩු කාලයක් රිය තුළම උන් හෙයින් ශාරීරික අවශ්‍යතාවයන්ද ඉස්මතු වෙමින් තිබුණි. ඒ මදිවාට පිපාසය එන වාරයක් ගානේ වතුර බීම ද එනතුරාම සිදුවිය. කැබ් රථයේ රියදුරු වායුසමීකරණය ක්‍රියාත්මක නොකළේ නිවේතාගේ කැමැත්ත සහිතවමය.."ඔතනින් දකුණට යන්න අම්මි".මානවී පැවසුවේ නිවේතාගේ බෑගයට අත දිගු කරමිනි. හිස වනා එයද ප්‍රතික්ෂේප කල නිවේතා ඉක්මනින් කොරිඩෝරය දෙසට ඇදුණේ අවශ්‍යතාවයද ඉටුකොට ගෙන මුහුණද මඳක් සෝදාගන්නට සිතමිනි..කොරිඩෝරයට යන පාර අසල කලබලකාරී තත්වයකි. මෙවන් කාලයක මිනිසුන මෙසේ එක ගොඩේම රැස්වී පොදි කෑම කෙතරම්ම භයානකද? එහෙත් මේ ව්‍යසනය මේ සා පැතිරීමට ප්‍රධානම හේතුව වන්නේත් මිනිසුන්ගේ නොසැලකිලිමත් බවම නොවේද?."එහාට වෙන්න එහාට වෙන්න මේ ට්‍රොලිය අපිට ගන්න දෙන්න".රෝහල් ආරක්ෂක නිලධරීන් දෙදෙනෙක් මඳක් සැරෙන් කතාකරමින් ට්‍රොලියක් ගෙනයන්නට ඉඩ පහසුකම් සලසාගන්නට වෙර දරති. එහෙත් තම තමන්ගේ සෞඛ්‍ය අවශ්‍යතාවයන්ට පැමිණ සිටින කිසිවෙක් තවකෙකුහට ඉඩ දෙන්නට සූදානමක් නොමැත. මිනිසුන් ආත්මාර්ථකාමී යැයි එවන් විටෙක චෝදනා නගන්නටද නොහැක. මන්ද සියල්ලන්ටම අවැසි වන්නේ තමන්ගේ ආ කාරිය ඉක්මනින් ඉටු කරගෙන ප්‍රවේශමද සලසාගෙන ඉක්මනින් යන්නටය..නිවේතා මඳක් පසෙකට වූයේ ට්‍රොලිය ගන්නට ඉඩ දෙමිනි. ට්‍රොලිය මත සිටින තැනැත්තා වටකොටගත් ආරක්ෂක නිලධාරීන්ය. කුමක් හෝ අමුතු කලබලයක් මෙතන සිදුවන බවක් පෙනෙයි..“අර උද්ඝෝෂණය වෙලාවෙ කවුද ගහපු ගල්පාරක් ඇමතිතුමාට වැදිලානෙ. ඔලුවමලු පැලිල තියෙන්නෙ. ලේ එකයි.”.එතනින් යන කවුදෝ කියනු ඇසෙයි." මොනව වුණත් පව්, රටට වැඩක් කරන මනුස්සයෙක්".අනෙකා පවසන්නේ ට්‍රොලිය ගෙනයන දෙස බලමිනි.." කවුද හැබෑටම ඒ?".එතනින් යන්නට ආ අයෙක් කතාබහ කරන දෙදෙනාගෙන් නැවතී අසන්නට විය.."නියෝජ්‍ය ඇමතිතුමානෙ, සරෝජ් හිරිපිටිය ඇමතිතුමා".නිවේතා අසල වූ බිත්තියකට හේත්තුවූයේ හිස කැරකෙන්නක් බඳු හැඟීමක් ආ හෙයිනි..සරෝජ් හිරිපිටිය...සරෝජ් හිරිපිටිය…නියෝජ්‍ය ඇමතිතුමා..එවදන් යළි යළිත් සවනත දෝංකාර දෙන්නාක් බඳුය..නිවේතා ට්‍රොලිය පසුපස ඉක්මන් අඩිතබා ඇවිද ගියේ යළිත් ඒ ඇසුණ වදන් ගැන අවිශ්වාසයෙනි. තමා මේ මෙහෙයවන්නේ අදිසි බලවේගයකින් විය යුතුය. නැතහොත් හැකි ඉක්මනින් ඉවත බලා හැරී සැඟව යා යුතු මොහොතක තමා කාන්දමක් සේ ඒ දෙසටම ඇදී යයි..“මිස් ඔය පැත්තට යන්න බෑ”.ආරක්ෂක නිලධාරියෙක් ඇයගේ ගමන අවහිරකලේය. නිවේතා රවාගත් මුහුණෙන් ඔහුව පසෙකට කොට ට්‍රොලිය දෙසටම ඇදුණාය. වෛද්‍යවරයකු හිසේ ඇති තුවාලය පරීක්ෂා කරන්නට පැමිණ ඇත. කෙටි කොණ්ඩය හෙදියක් ලවා කතුරකින් එහාමෙහා කරමින් ඔහු පරීක්ෂාකරයි..“වාසනාවකට මතුපිට තුවාලයක් විතරයි ඇමතිතුමා. හොඳ පාරක්නෙ කාල තියෙන්නෙ”.එසේ කියූ වෛද්‍යවරයා හෙදියකට අමතා ට්‍රොලිය හදිසි ප්‍රතිකාර අංශයට ඇතුල් කරගන්නා ලෙස පැවසීය.."මොනව කරන්නද ඩොක්ටර් , අපේ මිනිස්සුන්ට සේවයක් කරන්න ගියාම ආපස්සට ඔන්න ඔහොම ඒවා තමයි ලැබෙන්නෙ ඉතින්".සරෝජ් හිරිපිටිය සිනාවෙන්නට වෙර දරමින් පවසනු නිවෙතා බලාඋන්නාය. නිවේතා බලා උන්නේ තවමත් ලේ වැකුණ මුහුණෙන් යුතුව ආරක්ෂක නිලධාරීන් අමතන සරෝජ් හිරිපිටිය දෙසය. එක මොහොතක ආරක්ෂක නිලධාරීන් සමග කතාබහේ යෙදී සිටියදීම ඒ ඇස් ක්ෂණිකව යොමුවුණේ තමා දෙසටය. මුහුණු ආවරණයෙන් නොවැසුන තම දෑසට ඒ දෑස් හසුවන ක්ෂණයේම නිවේතා ආපසු හැරුණාය..ආ කාර්‍යය ද අමතකව නිවේතා ආපසු දුවගෙන මෙන් ආවේ මානවී ඉන්නා දෙසටය. ඒ වනවිටද ප්‍රසව හා නාරි වෛද්‍යවරයා රෝගීන් පරීක්ෂාවට පැමිණ තිබුණි.." අම්මි , ආ යූ ඕකේ?".අම්මාගේ මුහුණේ ඇති දැඩි කලබල වෙනස් ගතිය මානවී එක් ක්ෂණයකින් වටහා ගත්තාය. අම්මා මුහුණ දොවාගන්නට ගියද එසේ කළ ආකාරයක් නොපෙනේ. මානවී විමසිල්ලෙන් අම්මාගේ කලබල මුහුණ දෙස බැලුවාය.." ඔ.ඔව්..දෝණි, අතන පොඩි කලබලයක් ..ම...මම ..මම ආව ඉක්මනින්".නිවේතා මානවී වෙතින් මුහුණ සඟවාගෙනම පැවසුවාය. වැඩිදුර කතාබහට ඉඩක් නොලැබුණේ මානවීගේ අංකය ඇතුළට කතාකල හෙයිනි..“sorry ,මේ දවස්වල තත්වය එක්ක ඇතුලට යන්න පුලුවන් මේ අම්මටයි තාත්තටයි විතරයි මිස්. ඒ නිසා කරුණාකරලා මිස් එළියෙන් ඉන්න”.ඇතුලට යන්නට ආ නිවේතා ආපසු අසුන වෙතට ඇදුණේ හසිත ඇයව ඇතුලට යවන්නට උත්සාහ කරද්දීමය..“පිස්සුද පුතා, ෆස්ට් ටයිම් ඉන්න ඕන බබාගේ අම්මයි තාත්තයි. දෝණිට කම්ප්ලිකේශන්ස් මොකුත් නැති එකේ ඔය දෙන්නා ගිහින් අහගෙන එන්න ඩොක්ටර් කියන දේවල්".නිවේතා මානවී හසිත සමගින් ඇතුලට යවමින් පැවසුවාය..ආපසු අසුන වෙත පැමිණියද මනස යකාගේ කම්මල මෙනි.වසර ගණනාවකට පසුව වුවද සරෝජ් හිරිපිටියගේ දෑස් එදා මෙන්ම සජීවීව බබලයි. ඔහු කවදත් සිනාසෙන්නේ ඇස් වලිනි. මුවගට සිනහවක් එන්නේ අඩුම වශයෙනි. එහෙත් දෑස් සිනාමුසුව බැබලේ..මාස්ක් එක නිසා මාව අඳුනගන්න නැතුව ඇති. නිවේතා සුසුමක් හෙලා ළය සැහැල්ලු කොට ගත්තාය. දුරින් දුරට අසුන් පනවා ඇති හෙයින් නිවේතා මොහොතක් අසුනේ ඇන්දට හිස තබා ගෙන උන්නාය.විසිර යන සිතුවිළි දියණියට හෝ නොපෙනෙන්නට එක්තැන් කොට ගතයුතුව ඇත..වෛද්‍ය පරීක්ෂාවෙන් අනතුරුව මානවී හසිත සමගින් පිටතට සිනාමුසුවය. නිවේතා ඔවුන් සමගම නැගී උන්නේ " මොකද ඩොක්ටර් කිව්වේ" අසමිනි. හසිත සිටින්නේ සිනහව ගිලගෙනය. මානවී නෝක්කාඩු බැල්මකින් ඔහු දෙස රවා බලමින් උන්නාය. දෙන්නගේ රණ්ඩුවක් මෙතනත්.. නිවේතා යටි සිතින් සිනාවෙමින් සිතුවාය..මානවී වයසට වඩා බෙහෙවින් සුරතල් වන්නීය. ආදරයම සොයන්නීය. හසිත ඇයව මනා ලෙස තේරුම් ගත අයෙක් විම හිතට සැහැල්ලුවකි..“කා එකට යං කෝ අම්මි කියන්න. මේ මිනිස්සු ඉස්සරහ මට මෙයාගෙන් ගුටි කන්න බෑ ".හසිත සිනාවෙමින් පවසයි.."මොකක්ද අනේ. මං තරහයි අප්පා.".මානවී නෝක්කාඩුවෙන් මෙන් හසිතගේ අත ගසා දමා නිවේතාගේ අතේ එල්ලුනාය.." හරි , හරි කියන්නෑ. කෝ එන්න අම්මිට අමාරුයි ඔයාව එල්ලන් යන්න ".හසිත මානවීට කතාකරන්නේ පවා පුදුම ආදරයකිනි. නිවේතාගේ දෑස් තෙත්ව ගියේ මේ හිත්වල ඉපදී නැළවෙන ආදරය දුටුවිටය.." බලන්නකෝ අම්මි, ඩොක්ටර් ඇහුවා මෙයා ඕලෙවල් පන්තියේ ළමයෙක් එහෙම නෙවෙයි නේද කියල මාව පෙන්නලා. හසී ත් බක බක ගාලා හිනාවුනා ".නිවේතාගේ මුවගට සිනහවක් පැමිණියේ මානවීගේ එවදන වලටය. ඇත්තෙන්ම ඇය තවමත් සුරතල් පෙනුමකින් යුතුවන්නීය. වයස විසිතුනක්යයි කිසිම විටෙක කෙනෙක් පිළිගන්නේද නැති තරම්ය.." ඕක ඉතින් අමුතුවෙන් කියන්න දෙයක්ද දෝණි . දකින දකින හැමෝම අහන දේනේ".නිවේතා සිය දියණියගේ හිස සිප ගනිමින් පැවසුවාය. ඉතා කුඩාකල සිටම ඈ වෙතින් හමනා මුදු සුවඳ අදත් නිවේතාට එකලෙසම දැනේ.." අම්මි අද අපේ ගෙදර යං".මානවී මෙන්ම හසිතද දැඩි සේ බලකලද නිවේතා එය ප්‍රතික්ෂේප කලේ සිය නිවසට යාමට අවශ්‍ය බව පවසමිනි.." එහෙනම් අපි ඩිනර් අරන් යමුද බබා ".හසිත ඇසුවේ මානවී දෙසට නැඹුරු වෙමිනි. සිය දියණිය තරමටම තමා ගැන වදවෙන්නා වූ හසිත ගැන නිවේතාට කවදත් තිබුනේ අප්‍රමාණ දරු සෙනෙහසකි.." පුතා කෑම අරන් යමු. දෝනිට දැන් වෙහෙස පාටයි. මාව ගෙදරට ඩ්‍රොප් කරගෙන ඔයාල ගෙදර යන්න. මම වීක් එන්ඩ් එක දිහාට ඒ පැත්තේ එන්නම් ඉඳල යන්න".නිවේතා අත්ඔරලෝසුව දෙස බලමින්ම පැවසුවාය. ඇත්තෙන්ම හිතට මේ මොහොතේ අවශ්‍ය වන්නේ හුදෙකලා වීමකි. හිතේ අභ්‍යන්තරය දැඩි කැළඹිල්ලකට හසුව ගොසිනි. රාත්‍රී ආහාරය සඳහා සැහැල්ලු යමක් ගන්නට හුරුව උන් නිවේතා ඉඳහිටක දියණියගේ ආශාව මත ඔවුන් කැමති ආකාරයටද අහර ගැනීම පිළිකෙව් කලේ නැත.." අම්මි මේ රෙස්ටෝරන්ට් එකේ බිරියානි එක මාර රසයි. කෑවොත් අම්මි ඉල්ලනවා ආයෙම දවසක්. නේද හසී".දෝනි ඇසුවේ හසිත සුපුරුදු අවන්හලක රිය නවත්වාලූ මොහොතේය.." මෙයා නම් අම්මි, මේකේ මුදලාලිගේ ඉහත ආත්මෙක ණයක් අරන් තියද කොහෙද? මුදලාලි අර එහා පැත්තේ හදන බිල්ඩින් එකේ එක තට්ටුවකට කන්ට්‍රිබියුට් කරලා ඇත්තේ අපේ බබී".හසිත සිනහවෙමින් පැවසුවේය..සිනහවෙන් කතාවෙන් කාලය ගෙවී ගියද නිවේතාගේ සිතෙහි වුයේ තදබල වික්ෂිප්ත භාවයකි. අවුරුදු බොහෝ ගණනක් ගතවන්නට ඇත. එහෙත් ඒ මතක සියල්ල අමතක කල නොහැකි තරම්ය. මානවී සහ හසිත, නිවේතා නිවසට ඇරලවා ආපසු ගියේ බොහෝ රෑ වීය..මානවීට වෙහෙසෙන්නට සුදුසුම නැත. ගර්භනී භාවයේ මුල්ම අවධිය හෙයින් සංකුලතා එකින් එක මතුවෙමින් පවතී . එහෙත් හසිත යනු මානවීටම ගැලපෙන ඇයව ඉතා හොඳින් වටහාගත් ස්වාමිපුරුෂයෙකු වූවා මෙන්ම හසිතගේ දෙමවුපියන්ද මානවීට ඉතාම ආදරයෙන් සලකන අය වූ හෙයින් නිවේතා මානවීව සිය නිවෙස වෙත කැඳවා නොගත්තාය. මානවී කුඩාකල සිටම හැදුණේ ඉතාමත් ස්වාධීන අන්දමටය .ඇය ලද දෙයින් සතුටු වන්නට කවදත් හුරුව උන්නාය. නිවේතාට සිය ස්වාධීනත්වය විඳින්නට ඉඩදී ඇයද අවශ්‍ය මොහොතක විනා අන් සැමවිටම අම්මා වෙත දුව නොයන්නට හුරුව උන්නාය..ඉතින් ජීවිතයට මීට වඩා සතුටක් වෙන කොයින්ද? අවසානයේ ඉතින් තමා අත්තම්මෙක් බවටද පත්වන්නට කාලය එළඹ ඇත..**********************************************************************.අලුත් කතාවක් එක්ක ඔන්න ආයෙම මම ආවා. සමහර අය මුහුණු පොතේ මේ වනවිට මේක කියවනවා ඇති. ඉතින් බ්ලොග් එකටත් ඔන්න එකතු කරගෙන යනවා ඉඩ ඇති අන්දමට.මම.කිත්මා වාසනා දහනායක.විසිරි සිහින.Posted by විසිරි සිහින at 9:23 PM 9 comments:.Email ThisBlogThis!Share to TwitterShare to FacebookShare to Pinterest.Labels: හසරැල් සැලුණාවේ (නවකතාව ).Newer Posts Older Posts Home.Subscribe to: Posts (Atom).Followers.මම සිහින දකින්නියක්මි.විසිරි සිහින.විසිර ගිය සිහිනයන් එකතු කර රැගෙන එමි.View my complete profile.Total Pageviews.Labels.My Diary.travel notes.අදහස්.අපූරුම දේවල්.අරමුණු.උගත් පාඩම්.ඔබ ආයෙමත් ඇවිදින් ( නවකතාව ).කෙටිකතා.පරිවර්තන.මතක.මතකයේ රැඳෙන පොත්.රයිලිගෙ කතා.විසිරි කවි.විසිරි සිතුවිලි.විසිරිගෙ සේයා රූ.....වෙනත් අයගේ කියවපු අපූරු කතා.සඳක් සේ ( නවකතාව).සමාජ විපරම්.සෞඛ්‍ය.හසරැල් සැලුණාවේ (නවකතාව ).හැඟීම්.Blog Archive.► 2022 (25).► September (2).► August (1).► July (2).► June (2).► May (5).► April (4).► March (4).► February (4).► January (1).▼ 2021 (56).▼ December (2).02. හසරැල් සැලුණාවේ.01 . හසරැල් සැලුණාවේ.► November (6).► October (6).► September (9).► August (9).► July (10).► June (3).► March (1).► February (4).► January (6).► 2020 (58).► October (9).► July (3).► June (6).► May (7).► April (21).► March (11).► February (1).► 2019 (18).► December (1).► November (1).► October (1).► August (1).► May (1).► April (9).► February (2).► January (2).► 2018 (20).► December (10).► August (1).► June (1).► May (2).► April (1).► March (1).► February (2).► January (2).► 2017 (59).► December (2).► November (2).► October (4).► September (2).► August (5).► July (1).► June (6).► May (7).► April (6).► March (9).► February (5).► January (10).► 2016 (22).► December (13).► November (4).► October (5).my blog list.Ian's Den ඉයන්ගේ අඩවිය.ජවිපෙ ගමන නිමයි, නායක අනුර කියයි..! (from LankaeNews).Transylvania."මූව මග්ගොනට යවන්න ඕනේ ".අනිත් කොන - a doctor's heart sutra.The social function of music....කොළඹ ගමයා.බ්‍රිතාන්‍ය රජ පවුලේ ජර්මන් හා රුසියානු සම්බන්ධතා.කඩදාසි කොලේ.361: උන්මාද චිත්‍රාදෝ මා - පසුවදන.ජිවිතේ යාත්‍රාව.නිද්‍රාව..නිදහස් සිතුවිලි.682. අද සිරී ලම්කාවෙ වහා විසඳාගත යුතු දැවෙන පස්න හෙවත් බෙර්නිං කුවෙස්චන්ස්.....රසිකොලොජි - Rasikology.සල්මන් රුෂ්ඩි සහ මට හමුවුණු ජාත්‍යන්තර අයියලා තුන් දෙනෙකුගේ කතා - Salman Rushdie and other stories.සොඳුරු සඳවතී.අහන්නකො......ගස් ලබ්බ.අටම්පහුර.ඉස්සෙල්ලම ගහපු එකා.තරුරසී.තරුණ අපේ හීන මැරූ - උඹල තමයි කම්බ හොරූ....chef-architect.කෑ බනික.මගේ බ්ලොග.53. How Seedr can helped you???.කලාහිත.. Kalahitha.අධි පරිභෝජනවාදයෙන් මිදී සරළ ජිවන රටාවකට හුරුවෙමු.තිලක සිත.මළ ඉලව් ලිෆ්ට් එක.රස්තියාදුකාරයා.සුභ ගමන් ආදරණීය ආටියා...........නොපළ කතා.අ(සම්මුතිය).test post for facebook – Aru-ge adaviya.කඩේ ගියා හෝ නැතා…මේ සින්දුව අහන්න...සින්ඩරෙල්ලාගේ සපත්තුව....!.රූබරිය !.රසුදැල්.මිලියන ගණන් වටිනා 99 මිනිස්සු.වැව් ඉස්මත්ත.කොච්චි මිරිස්.රොශාන් මහානාම,කොච්චියාගේ යාඤාව සහ බුද්ධත්වයට පත් සමන්තබද්‍ර.අහසෙන් එන්න....පස් මසකට පෙර ජීවිතේ පෙරළුණු අලුත් පිටුව.යාං හෑල්ල.ඔපිස් එකේ කොරෝනාගෙන් බේරෙන හැටි - How to avoid Corona at office.සමකය වටේ.Katchatheevu Feast 2020Drone vedio | கச்சதீவு அந்தோனியார் ஆலய திருநாள் 2....Nelum Yaya.ප්‍රන්ස බස සහ ඉංග්‍රීසි බස වෙනුවෙන් මරා ගැනීම.A T Sudarshana.Maharada Oba Giya daa (මා හැර දා ඔබ ගිය දා ).කතා කරන පන්හිඳ.පොකුරු වැහි.හිත්.දුමී.122. කිමද සොඳුරියෙ හඬන්නේ යළි අපිට හිමි වෙනවා අපී.....බස්සිගේ නවාතැන.ඔබේ රහස් සතුටු බුබුළ (Happiness Bubble).කැලේ පිපුණු මල්.01 පළමු දවස 2019 ජූනී 22.උඩුවාගේ සටහන්....රත්නම්ගේ වේදනාව.මාරයාගේ හෝරාව....නිවිති එක්ක දෙල් කිරට....මම එරන්දී... I'm Erandi.STRESS ද?.සින්බෑඩ්ගේ අඩවිය.දිනපොත 25.සජ්ජාගේ පඩංගුව.පරිසරය සමඟ පවුලත් සුරකිමු ...!!!!!.පැමිණ යන්නට මත්තෙන්...හැකි නම් තබන්න සටහනක්..එය මට මහත් දිරියක්. Ethereal theme. Powered by Blogger. |
විසිරි සිහින: 85. Be Cool.විසිරි සිහින.Wednesday, February 21, 2018.85. Be Cool.ඔබට තරහා යනවාද..?.ඕක අහන්නත් දෙයක් ද ...?...ඔබ කියාවි....උදේට දහසකුත් එකක් රාජකාරි ඉවර කරල බස් එකට දුවන ඔබ.....ඒ බස් එක පමා වුණත් කේන්ති ගන්නවා....ඔබේ වාහනය රිය තදබදයක හිරවුණාමත් ඔබට ඇතිවෙන්නෙ තරහක්....සුපිරි වෙලඳ සලක...බඩු තෝරගන්න ගියාම..බැංකුවේ පෝලිමේ ඉන්නකොට.....තරහ එන්න හේතු ගොඩයි........තරහ යෑම සාමාන්‍ය දෙයක්....නමුත් හරි කෙනා එක්ක ...හරි වෙලාවට....හරි ප්‍රමානයෙන්...හරියාකාර හේතුවකට...ඒ වගේම හරි විදියකට...තරහ ගැනීම පහසු දෙයක් නොවෙයි.......මේක කියන්නෙ ඇරිස්ටෝටල්......ඒ කියන්නෙ අපි තරහ ගන්න හේතු බැලුවාම ...ඔය කියන කාරණා වලට අදාලවම නම් නෙවේ අපි තරහ ගන්නෙ......නරකම දේ මෙන්න මේකයි....අපි නිතර නිතර තරහා ගන්න කොට....ඒක අපිට පුරුද්දක් වෙනවා .....ඕනම දෙයක් නිතර වෙනකොට ඒක තමා ගේ පරිසර සාධකයක් වෙන්න ගන්නවා...ඉතින් තරහ ගැනීම ඔබේ සාමාන්‍ය තත්වය වෙද්දි......ඔබේ මිත්‍ර සම්බන්ධතා බිඳ වැටෙන්න පුලුවන් ....ඔබේ ආයතනික සම්බන්ධතා කඩා වැටෙන්න...සමාජයේ ඔබ නොරුස්සන පුද්ගලයෙක් වන්න පුලුවන් ...ඔබව දකින කෙනා....ආ එයා නට් ලූස් පොරක්...කුකුල් කේන්ති කාරයෙක් වගේ ලේබලයන් වලට ඉබේම හසුවෙන්න පුලුවන් ....ඉතින් මේ තත්වයට ඔබ පත්විය යුතුද.....?.ඒ වගේම ඔබ දන්නා සාර්ථක පුද්ගලයන් ගැන බලන්න...ඔවුන් තමන්ගේ ආතතීන් පාලනය කරගන්නා අපූරුව බලන්න...ඔබ තරහ පාලනය කරගන්නෙක් වෙන කොට...ඔබ තරහ වගේ හේතූන් නිසා ඔබෙන් ගිලිහෙන කාලය ඉතුරු කරගන්නවා......වැදගත්ම දේ ......ඔබේ වචන පාලනය කර ගැනීම......Words are like arrows.once released, they are impossible to retrieve .So choose yours with care..මේ වැකිය අපි දන්නා දෙයක්...තරහා පිටවෙන යමක් කියවෙන්නට පෙර 1 ඉඳලා 100ට ගනින්න කියන එක අපි අහලා තියන හොඳම වලක්වාගැනීමේ පියවරක්...නමුත් හොඳවයින් දෙකක් කියවෙන්න එනවෙලාවට ඉලක්කම් පවා අමතක වෙන එකනෙ නරක ...නේද.......මම කියවපු පොතක අපූරු සටහනක් තිබුණා...හිමාලයේ උන් පුරාණ ඉසිවරයන් කොට්ටාසයක් තමන් යමක් පවසන්න කලින් පිලිපැදපු එක් නීතියක් තියෙනවාලු ..ඒක තමා ත්‍රිත්ව දොරටු නීතිය.....මුල්ම දොරටුවේදී අපි සිතන්න ඕන අපි කියන්න යන දේ සත්‍යයක්මද කියලා..ඒකඔව් නම් දෙවනි දොරටුව වෙත යන්නට පුලුවන් ...එතන්දී අපි යළි සිතන්න ඕනෑ මේ කියන්න යන දේ කීමට අවශ්‍යමද කියන එක...ඒකටත් එන්නෙ ඔව් කියන උත්තරය නම් ඔබ යනවා තෙවනි දොරටුවට....එතනදී ඔබ ඔබෙන් අහනවා..ඔබේ ඒ කියන්නට යන දේ කාරුණිකද කියන එක...ඒකත් ඔව් නම් ඔබට ඔබේ සිතුවිලි වදන් වලට හරවා පිටකල හැකියි.........මේ ගැන ආයෙම හිතන්න.......මේක මහ කාලයක් ගන්නා දෙයක් නම් නෙවෙයි...ක්ෂණිකව ඔබට කල හැක්කක්....එමෙන්ම ඔබේ තරහ පාලනය කරන්නට සුදුසුම පියවරක්........ඉතින් ...හුඟාක්ම තරහ යන්න ඉන්න මොහොතක....ඔබට හැකි නම් ......ඉවසන්න.....ඔබ ඉතුරු කරගන්නේ ඔබේම සැහැල්ලුව .....එහෙනම් Be Cool.....මම.විසිරි.Posted by විසිරි සිහින at 5:36 AM.Email ThisBlogThis!Share to TwitterShare to FacebookShare to Pinterest.Labels: අදහස්.8 comments:.අරුFebruary 21, 2018 at 5:42 AM.වැඩේ කියන්නේ මට තරහා නොගියත් සමහරු හිතන්නේ මට තරහ ගිහින් කියලා... කොහොමත් තරහා යෑම පරිනත වීමත් එක්ක පාලනය වෙනවා කියලයි මට හිතෙන්නේ... ඒත් අසාධරන වලට තරහා යෑම නම් පාලනය කර ගන්න බැහැ සමහර වෙලාවට....ReplyDelete.Replies.Reply.UnknownFebruary 21, 2018 at 7:00 AM.ඇත්තටම ඔයා කියන විදියට අපී ඉන්න උත්සාහ කරනවානම් ගේ ඇතුලේ තියන පොඩි පොඩි රණ්ඩු ගොඩාක් අඩු වෙයි නෙද,? එතකොට ඒ ඉවසීම එළියටත් ගෙනියන්න පුළුවනි. තරහා ගියාමනේ මේ ඔක්කොම වෙන්නේ. ඔයා හරි..ReplyDelete.Replies.Reply.සොඳුරු සඳවතී February 21, 2018 at 7:22 AM.මේකනේ අක්කා තරහා යනවනම් හොදයිනේ, වැඩේ කියන්නේ තරහා එන එකනේ... හි හී.ReplyDelete.Replies.Reply.Pra JayFebruary 21, 2018 at 10:58 PM.“Any fool can do something cool and look cool, but it takes skill to make something uncool cool again.”.― Criss Jami.ReplyDelete.Replies.Reply.ThattayagekolamaFebruary 22, 2018 at 2:10 AM.සුපිරි! අම්මට සිරි ඔයා හිතන්නෙ මගේ හිතෙන්ද ඈ!? මම දන්න මේ ලොකේ මට වඩා කේනති යන එකෙකු ඇත්නම් ඒ අපේ අයියා! අපි පාරම් පරික කේන්ති කාරයෝ! " අපේ තාත්තා එතනින් ගියාම සීයා බාප්පලා මේ සියල්ල අපරාදෙ කියන්න බෑ එකෙකුට එකෙක් නොපරදින කේන්ති කාරයෝ! සීමා සහිත කේන්ති යන්නන්ගේ සමූපාකාර සමිතිය" කියලා අපි ඇයි නොපිහිටෙව්වේ කියලා හිතෙනවා! ඉතින් මේ කයි වාරුවට කියනවා නම් නොවේ. මගේ කොල්ලත් එමමයි! ඉතින් ඒ හින්දාම අපි නැතිකර ගත්තු දේවලුත් එමටයි! කේන්ති ගිහිල්ලා බැනලා , කෑ ගහලා , බඩු පොලොවෙ ගහලාස් මහා විනාසයක් කලාම තමයි අර 100 ට ගනින සීන් එක මතක් වෙන්නේ..ReplyDelete.Replies.Reply.වැසි දැරිය - The Rain Girl February 24, 2018 at 12:04 AM.විසිරි සිහින බ්ලොග් එකක් ලියනවා කියලා දැනන් හිටියේ නැහැ නොවැ..!.මටත් ඉස්සර නම් හරියට තරහ යනවා. පස්සේ අජාන් බ්‍රහ්මවංසෝ හාමුදුරුවන්ගේ පොතක් කියවලා සෑහෙන්න හරි ගියා..ReplyDelete.Replies.Reply.රස්තියාදුකාරයාFebruary 26, 2018 at 11:17 PM.යුරොපානු හාමුදුරුවො කෙනෙක් ඉන්නෙ අර අජාන් චා බ්‍රක්මවන්ස වගේ නමක් තියෙන ඒ හාමුදුරුවො ගාවත් ඔය සම්බන්ධව ඉතාමත් ලස්සන කතා වගයක් තියෙනවා.ReplyDelete.Replies.Reply.කතා කරන පන්හිඳMay 18, 2018 at 8:23 PM.තරහව ඔබව අප්‍රියජනක පුද්ගලයෙක් කරනු ඇත..ඒ නිසා be cool.ReplyDelete.Replies.Reply.Add comment.Load more....Newer Post Older Post Home.Subscribe to: Post Comments (Atom).Followers.මම සිහින දකින්නියක්මි.විසිරි සිහින.විසිර ගිය සිහිනයන් එකතු කර රැගෙන එමි.View my complete profile.Total Pageviews.Labels.My Diary.travel notes.අදහස්.අපූරුම දේවල්.අරමුණු.උගත් පාඩම්.ඔබ ආයෙමත් ඇවිදින් ( නවකතාව ).කෙටිකතා.පරිවර්තන.මතක.මතකයේ රැඳෙන පොත්.රයිලිගෙ කතා.විසිරි කවි.විසිරි සිතුවිලි.විසිරිගෙ සේයා රූ.....වෙනත් අයගේ කියවපු අපූරු කතා.සඳක් සේ ( නවකතාව).සමාජ විපරම්.සෞඛ්‍ය.හසරැල් සැලුණාවේ (නවකතාව ).හැඟීම්.Blog Archive.► 2022 (25).► September (2).► August (1).► July (2).► June (2).► May (5).► April (4).► March (4).► February (4).► January (1).► 2021 (56).► December (2).► November (6).► October (6).► September (9).► August (9).► July (10).► June (3).► March (1).► February (4).► January (6).► 2020 (58).► October (9).► July (3).► June (6).► May (7).► April (21).► March (11).► February (1).► 2019 (18).► December (1).► November (1).► October (1).► August (1).► May (1).► April (9).► February (2).► January (2).▼ 2018 (20).► December (10).► August (1).► June (1).► May (2).► April (1).► March (1).▼ February (2).85. Be Cool.84. ජීවිතය ත්‍යාගයක්.► January (2).► 2017 (59).► December (2).► November (2).► October (4).► September (2).► August (5).► July (1).► June (6).► May (7).► April (6).► March (9).► February (5).► January (10).► 2016 (22).► December (13).► November (4).► October (5).my blog list.Ian's Den ඉයන්ගේ අඩවිය.ජවිපෙ ගමන නිමයි, නායක අනුර කියයි..! (from LankaeNews).Transylvania."මූව මග්ගොනට යවන්න ඕනේ ".අනිත් කොන - a doctor's heart sutra.The social function of music....කොළඹ ගමයා.බ්‍රිතාන්‍ය රජ පවුලේ ජර්මන් හා රුසියානු සම්බන්ධතා.කඩදාසි කොලේ.361: උන්මාද චිත්‍රාදෝ මා - පසුවදන.ජිවිතේ යාත්‍රාව.නිද්‍රාව..නිදහස් සිතුවිලි.682. අද සිරී ලම්කාවෙ වහා විසඳාගත යුතු දැවෙන පස්න හෙවත් බෙර්නිං කුවෙස්චන්ස්.....රසිකොලොජි - Rasikology.සල්මන් රුෂ්ඩි සහ මට හමුවුණු ජාත්‍යන්තර අයියලා තුන් දෙනෙකුගේ කතා - Salman Rushdie and other stories.සොඳුරු සඳවතී.අහන්නකො......ගස් ලබ්බ.අටම්පහුර.ඉස්සෙල්ලම ගහපු එකා.තරුරසී.තරුණ අපේ හීන මැරූ - උඹල තමයි කම්බ හොරූ....chef-architect.කෑ බනික.මගේ බ්ලොග.53. How Seedr can helped you???.කලාහිත.. Kalahitha.අධි පරිභෝජනවාදයෙන් මිදී සරළ ජිවන රටාවකට හුරුවෙමු.තිලක සිත.මළ ඉලව් ලිෆ්ට් එක.රස්තියාදුකාරයා.සුභ ගමන් ආදරණීය ආටියා...........නොපළ කතා.අ(සම්මුතිය).test post for facebook – Aru-ge adaviya.කඩේ ගියා හෝ නැතා…මේ සින්දුව අහන්න...සින්ඩරෙල්ලාගේ සපත්තුව....!.රූබරිය !.රසුදැල්.මිලියන ගණන් වටිනා 99 මිනිස්සු.වැව් ඉස්මත්ත.කොච්චි මිරිස්.රොශාන් මහානාම,කොච්චියාගේ යාඤාව සහ බුද්ධත්වයට පත් සමන්තබද්‍ර.අහසෙන් එන්න....පස් මසකට පෙර ජීවිතේ පෙරළුණු අලුත් පිටුව.යාං හෑල්ල.ඔපිස් එකේ කොරෝනාගෙන් බේරෙන හැටි - How to avoid Corona at office.සමකය වටේ.Katchatheevu Feast 2020Drone vedio | கச்சதீவு அந்தோனியார் ஆலய திருநாள் 2....Nelum Yaya.ප්‍රන්ස බස සහ ඉංග්‍රීසි බස වෙනුවෙන් මරා ගැනීම.A T Sudarshana.Maharada Oba Giya daa (මා හැර දා ඔබ ගිය දා ).කතා කරන පන්හිඳ.පොකුරු වැහි.හිත්.දුමී.122. කිමද සොඳුරියෙ හඬන්නේ යළි අපිට හිමි වෙනවා අපී.....බස්සිගේ නවාතැන.ඔබේ රහස් සතුටු බුබුළ (Happiness Bubble).කැලේ පිපුණු මල්.01 පළමු දවස 2019 ජූනී 22.උඩුවාගේ සටහන්....රත්නම්ගේ වේදනාව.මාරයාගේ හෝරාව....නිවිති එක්ක දෙල් කිරට....මම එරන්දී... I'm Erandi.STRESS ද?.සින්බෑඩ්ගේ අඩවිය.දිනපොත 25.සජ්ජාගේ පඩංගුව.පරිසරය සමඟ පවුලත් සුරකිමු ...!!!!!.පැමිණ යන්නට මත්තෙන්...හැකි නම් තබන්න සටහනක්..එය මට මහත් දිරියක්. Ethereal theme. Powered by Blogger. |
විසිරි සිහින: 13. දහතුන්වෙනි කොටස ( ඔබ ආයෙමත් ඇවිදින්).විසිරි සිහින.Tuesday, September 21, 2021.13. දහතුන්වෙනි කොටස ( ඔබ ආයෙමත් ඇවිදින්)."සුදු පුතේ , ගම් පළාතෙ එන්න එහෙම හිතක් නැද්ද තාම?".අප්පච්චීගේ ඇමතුම ආවේ බිම්සර නානකාමරයෙන් පිටට එන අතරේමය. මේ දිනවල අතිශයින්ම කාර්යබහුල වූ හෙයින් අප්පච්චීට ඇමතුමක් දෙන්නටවත් බැරිවූ බව බිම්සරට සිහිවූයේ ඒ මොහොතේමය. සියුම් වරදකාරී හැඟීමක් හිතට එද්දී බිම්සර දුරකතනයට සවන් දෙමින්ම බැල්කනිය වෙත ගියේය.."මේ ටිකේම උන්නේ ඊස්ටර්න් ගිහින් අප්පච්චි, ඒකයි කතාකරන්නවත් බැරිඋනේ. තාම මේ සිදුවීම් සෙට්ල් වෙලාම නෑනෙ.".බිම්සර පිළිතුරු දුන්නේ සමාව අයදින ස්වරයෙනි.."ඒකට කමක් නෑ පුතේ. ගෙදර එන්න ඉස්පාසුවක් නැද්ද තාම?".අප්පච්චීගේ හඬටම සිත නිවීයන්නේය. කිසිමදාක අප්පච්චී කේන්තියෙන් තරහින් ද්වේශයෙන් කතාකරනු තමාහට ඇසී නැත. ඔහු සමගින් කතාකරන්නාගේ පවා සිත නිවාලන ස්වරයක් අප්පච්චීට වෙයි.."මම ලබන සුමානේ ඇවිල්ලා යන්න එන්නම් අප්පච්චි.".බිම්සර පැවසුවේ සමුගන්නට මොහොතකට පෙරය. ගම්පියසේ දිනක් දෙකක් ගතකරන්නට බිම්සරට ඇති ආශාව පවා දෙවනි වූයේ සුලෝචනා සම්බන්ධ සිදුවීමේ තත්වයයි. ඉදින් මේ සිකුරාදා ඇයව රශිත හමුවට රැගෙන ගොස් ඉන්පසු ගමේ යන්නට බිම්සර තීරණය කලේය..අප්පච්චී සමග වූ කතාබහෙන් පසුව බිම්සර දුරකතනයද ගෙන තවත් මොහොතක් සඳැල්ලේ වූ පුටුවට බරව ගත්තේ. වට්ස් ඇප් අයිකනය ක්‍රියාත්මක කරමිනි. සහෝදරයන් හතර දෙනාගේ වට්ස් ඇප් සංවාදයන් සක්‍රියව ඇත්තේ කලකට පෙර මසකය. හතරදෙනාගෙන් එක් අයකු හෝ නැත්නම් වීඩියෝ සාකච්ඡාවන් නොපැවැත්වේ. බොහෝ විට එවිට සැලසුම් වන්නේ කෙටි පණිවුඩයන් පමණි. අනෙක් තිදෙනා අතර කෙටි පණිවුඩ රැසක් , විකාර විහිලු තහලු බෙදාගෙන තිබුණද තමා මාස ගාණකින් ඊට සම්බන්ධව නැති බව බිම්සරට පෙනිණි.රාජකාරිය හෝ කුමක් හෝ නිසාවෙන් තමා අතින් ගිලිහ යන්නේ මේ අත්‍යාවශ්‍ය බැඳීම් නොවේදැයි බිම්සරට පසුතැවිල්ල මැද්දෙන් සිතුණි..වට්ස් ඇප් ඇමතුමක් යවා මොහොතකින් ලොකු මල්ලීද නිවුන්නන් වූ පොඩි මල්ලිලා දෙන්නාද වීඩියෝ ඇමතුමට එක්වූවෝය.."කොහොමද කට්ටියම ..කාලෙකින්".බිම්සර තිරයේ පෙනෙන්නාවූ රූ දෙස බලාගෙනම ඇසීය..මේ වනවිට , පාසල් අධ්‍යාපනය හමාරකොට විශ්ව විද්‍යාලයට නොගිය ලොකු මල්ලී දිහස් ව්‍යාපාරික කටයුතු හා එක්වී දැන් සාර්ථක ව්‍යාපාරිකයෙකු වී ඇත. පොඩ්ඩන් දෙදෙනා විශ්ව විද්‍යාලයේ පළමු වසරේය.."හොඳින් ඉන්නව සුදු අයියෙ. මේ ටිකේ පට්ට බිසි ඇතිනේද ? අපි කෝල් නොකලෙත් ඒකමයි.".ලොකු මල්ලී පැවසුවේ සිනාවෙමිනි. කවදත් ලොකු මල්ලී මෙන්ම අනෙක් දෙන්නාද බිම්සරට සැලකුවේ ගෞරවය මුසු සෙනෙහසකිනි.."අපි නම් දැක්කා ෆොටෝස්".නිවුන්නන්ගෙන් වැඩිමලා වූ සහස් පැවසුවේ සිනා උතුරනා මුවෙනි.."ආපෝ ඕක නම් ඔන්න කියන්න එපා. මට ඇති වෙලා ඉන්නෙ.පාරක බහින්න බෑ ඔය මගුලක් නිසා. මට ඕක ගත්තු එකා අහුවෙනකල් මම මේ බලන් ඉන්නෙ.".බිම්සර පැවසුවේ නොරිස්සුමෙනි. ඒ මොහොතේද ඔහුගේ මතකයට ආවේ සුලෝචනා විසින් පෙන්වූ ප්‍රමුදිතාගේ දුරකතනයේ සේයාරූය. ඇය ඒ මතට ඇඟිලි තබමින් තම මුහුණ නිරීක්ෂණය කල අන්දම ඔහුට සිහිවිය.."අප්පෝ ඒකට අපිට ..හා නැද්ද චූටො..".සහස් ...නිවුන්නන්ගෙන් බාලයා යසස්ට පැවසුවේ මුවද අතකින් වසා ගෙනය."ආයෙ අහල..අපිට ෆැකල්ටි එකෙත් මාර තැන ඔයා නිසා. අනේ කෙල්ලොන්ගෙන් මාර සැලකිලි.".යසස් පැවසුවේ හිනාව උතුරා යන මුවිනි.."පිස්සු නම් නටන්න එපා දෙන්නා හරිද ?".බිම්සර සිනහව වලකා ගනිමින් තරවටු ස්වරයෙන් පැවසුවේය.."එහෙනම් මම ලබන සතිය දිහාට ගෙදර එන්න ඉන්නෙ. ඔය දෙන්නත් එන්න පුලුවන්නම් හොඳයි . මම හෙට කියන්නම්කො එන්නෙ කවද්ද කියල.".බිම්සර ඇමතුම නිමා කලේ එසේ කියමිනි..වට්ස් ඇප් දුරකතන ඇමතුම නිමාවී මොහොතකින් ලොකු මල්ලී යලිත් බිම්සර වෙත ඇමතුමක් ගත්තේය.."ඇයි ලොක්කො...ආපහු.".බිම්සර ඇසුවේ සාමාන්‍යයෙන් ලොකු මල්ලී යළිත් ඇමතුමක් ගන්නේ අනෙක් දෙදෙනා මගහැර කතාකල යුතු යමක් ඇත්නම් එය පවසන්නට හෙයිනි.."සුදු අයියෙ ඔයා මොකක් හරි අවුලක ඉන්න බවක් මට දැනුණා . ඒකයි මම ආයේ ගත්තේ. අර දෙන්නාට ඕවා තේරෙන්නෙ නෑනෙ.".ලොකු මල්ලී සහ බිම්සර අතර හැමදාම වූයේ සමීප බවකි. වයස් පරතරය අඩුහෙයින් දෙදෙනා අතර පෙරසිටම වූයේ බෙහෙවින් සමීප බවකි.."ප්‍රශ්න නැත්තෙත් නෑ..ඇත්තෙත් නෑ...ඒ ඔක්කොටම වඩා මගෙ අතින් ඔයාලව නිග්ලෙක්ට් වෙනවද කියල මට හිතුණා ලොක්කො.".බිම්සර පැවසුවේ පසුතැවිලි හඬිනි.."පිස්සුද සුදු අයියෙ, ඔයා ඔයාගෙ ජීවිතේ ඔක්කොම මගහැරගෙන අපි ගැනයි හැමදාම බැලුවේ. ඉතින් ඔයා ඔය කරන රස්සාව එක්ක ඔයාට තියන වගකීම් ගැන අප්පච්චියි අපියි හොඳටම දන්නවා. පිස්සු නම් හිතන්න එපා ඔන්න.".ලොකු මල්ලී පැවසුවේ බෙහෙවින් දයාර්ද වූ හඬකිනි.."අපි ඇවිල්ලම කතාකරමු එහෙනම්. යමුද රවුමක් ආවම හතර දෙනා.".බිම්සර ඇසුවේ සුපුරුදු කෙලිලොල් හඬිනි. අයියාගේ සිතේ පැවති පීඩනය සමනය වූ බව ඒ හඬින්ම ලොකු මල්ලී අවබෝධ කරගත්තේය,."අනිවා යමු...කෑම්පින් එකක් සෙට් කරමුනේ..වෙනදායන පැත්තෙ.".ලොකු මල්ලී ඇමතුම අවසන් කලේ කෙටි තීරණයක්ද දෙමිනි..🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡.සිකුරාදා උදයේ බිම්සර සුලෝචනාගේ නිවසට පැමිණියේ රිද්මාද සමගිනි. අම්මාහට බිම්සරගේ පැමිණීම වෙනසක් නොවූවද ඔහු පමණක් ප්‍රමුදිතා සහ සුලෝචනා සමගින් කොළඹ යන කතාව අම්මාට දැනුම් නොදෙන්නට සියල්ලෝම වගබලා ගත්හ..අනවශ්‍ය සැකයක් හෝ ගැටලුවක් ඇතිවිය යුතු නොවේ යයි සියල්ලෝම තීරනය කරගත්තේ අම්මා කලබල කලයුතුනොවන හෙයිනි.."එහෙනම් ඇන්ටි අපි ගිහින් එන්නම්.එද්දි ටිකක් හවස් වෙන්න පුලුවන්.".රිද්මා සමුගනිමින් පැවසුවාය. අම්මා ගමනට එක්නොවූයේ රිද්මා සහ ප්‍රමුදිතා සමගින් සුලෝචනා යනහෙයිනි."එහෙනම් සුදු අයියෙ ඔන්න මම හොස්පිට්ල් එක ගාවින් බහිනවා. ඔයාල යන්න".රිද්මා සමුගත්තේ එසේ කියමිනි..බිම්සර සිය නිලරථය භාවිත නොකර පෞද්ගලික ජීප් රථයෙන් පැමිණියේ සුලෝචනා මෙන්ම තමන්ගේද වැඩි පහසුව සහ ආරක්ෂාව පිණිසය..ප්‍රමුදිතා සමගින් පසුපස අසුනේ හිඳගෙන උන් සුලෝචනා වෙතින් කිසිදු කලබල ස්වරූපයක් ගම්‍ය නොවූ අතර ඇයගේ මානසිකත්වය කුමන ආකාරයක පවතීද යන්න බිම්සරට වටහා ගන්නට නොහැකිවිය. ආගන්තුක අයෙක්ට වුවත් මේ ආකාරයට ඇය රැගෙන යන්නට නොහැකියාවක් නැතිබව ඔහුට කල්පනා විය. ඉදින් මේ අනුව ඇයගේ ආරක්ෂාව සම්බන්ධව වඩාත් සැලකිලිමත් විය යුතු නොවේද?.අධිවේගී මාර්ගය ඔස්සේ කොළඹ දෙසට වාහනය පදවන අතරේ රියෙහි කැසට් රෙකෝඩරය සක්‍රිය කල බිම්සර සිය ඉදිරිපස කන්ණාඩියද පිටුපස අසුනේ උන් සුලෝචනා මැනවින් පෙනෙන ආකාරයට සකසා ගත්තේය..ඔබෙන් තොර ලෝකයක් කොයින්දෝ.ඔබෙන් තොර ගීතයක්.ඔබෙන් තොර හීනයක්.ඔබෙන් තොර මාවතක් කොයින්දෝ....අබේවර්ධන බාලසූරියයන්ගේ ලයාන්විත හඬ රිය තුල නින්නාද අන මොහොතේ බිම්සරගේ නෙත වරින් වර පැටලුණේ සුලෝචනාගේ කල්පනාබර වතෙහිය. ඇය ගීය රස විඳින්නාක් මෙන් දැනුණද ඒ ඇස්වල කඳුලක් බඳු දිලිසීමක්ද බිම්සරට එක්වනම නෙතට හසුවිය..දකින හැම හීනයක ඔබේ රුව පෙනෙන්නේ'.අසන හැම ගීතයක ඔබ පමණි සිටින්නේ.ඔබ පමණි සිටින්නේ....ගීතයේ පදවැලක් පාසාම බිම්සර උන්නේ සුලෝචනාගේ නෙත් අතර විටින්විට පැටලෙමිනි. එහෙත් ඇය උන්නේ රිය කවුලුවෙන් ඉවත බලාගෙනය. ගීය අවසානයේ ඇයගේ මුවින් පිටවූ සුසුමේ මහා හැඟීම් ගොඩක් වී යැයි බිම්සරට සිතුණි..**********************************************************************************.කොලඹ ප්‍රසිද්ධ පෞද්ගලික රෝහලක රිය ගාලට සිය රථය ඇතුල්කල බිම්සර ප්‍රමුදිතා සිය සොයුරිය සමගින් රියෙන් බසිනාතුරු බලාඋන්නාය.."යමුද?".සුලෝචනා දෙස බලාගෙනම බිම්සර ඇසුවේ ඉදිරියට පියවර තබමිනි. ප්‍රමුදිතා අක්කාගේ අතකින් අල්ලාගෙන පෙරට පියවරක් තැබුවාය. රශිතගේ සායන කාමරය වෙත යන්නට විදුලි සෝපානය වෙත පැමිණි පසු සුලෝචනා එක්වනම නංගීගේ අතින් අල්ලාගත්තාය. ඇය විදුලි සෝපානය භාවිත කරන්නට බිය බව ප්‍රමුදිතාට සිහිවූයේ ඒ මොහොතේය.."සර්..අයියෙ.." ප්‍රමුදිතාගේ ඇමතුමින් බිම්සර ආපසු හැරී බැලුවේය.."අක්කා ලිෆ්ට් එකේ යන්න බයයි".සුලෝචනාගේ වතෙහි වුයේ බියපත් පෙනුමකි.බිම්සර ඇය වෙතට අඩියක් තබා සමීප විය.."බයද මේකෙ යන්න.අපි තට්ටු පහක් උඩට යන්න ඕනනෙ චූටි. පඩිපෙලේ යන්න බෑ ඒ නිසා.".බිම්සර ඇයට පැවසුවද සුලෝචනා බියපත්ව හිස දෙපසට වැනුවාය.."මං ඉන්නවනෙ..මාව හයියෙන් අල්ලගන්නකො. බයවෙන්න එපා.".බිම්සර සුලෝචනාගේ අත්දෙකින්ම අල්ලාගෙන තමා වෙතට ළංකොටගත්තේය..සුලෝචනා උන්නේ දෑස් තදින්ම පියාගෙනය. බිම්සර ඇයගේ බඳ වටා අත්දෙක යවා සිය ගතට ළංකොට ගත්තේය..සෝපානය ඉහලට ඇදෙන විට සුලෝචනා සිය වත ඔහුගේ ගතට තදකොට ගෙන දෑස් වසා ගත්තාය..තුරුණු හද පිරීයන්නේ කියාගන්නට බැරි හැඟීමකිනි.එහෙත් බියපත් යුවතිය සම්බන්ධව හිතේ රැඳී ඇත්තේ ඉමහත් වේදනාවක්මය. ප්‍රමුදිතා මේ යුවල දෙස නොබලාම ඉවත බලාගත්තද ඇයගේ සිතෙහි වූයේද සතුටින් පිනුම් ගසන්නාක් බඳු හැඟීමකි..බිම්සර සෝපානය පස්වෙනි මහලට ආ පසු සුලෝචනා සියගතින් මුදවාලීමටද ඉමහත් ලෝබකමක් දැනුණි. එහෙත් රශිත තමන් එනතුරු බලාසිටී.."අපි ආවා චූටි..යමු දැන්.".සිය ගතින් ඇය මෑත්කරමින් බිම්සර සෝපානයෙන් ඇය පිටතට ගත්තේය.ප්‍රමුදිතාගේ මුහුණේ වූයේ මඳසිනහවකි..සුලෝචනාගේ අතින් අත නොහැර පෙරට යන බිම්සරට ඉඩදී මොහොතක් පසුවූ ප්‍රමුදිතා ඔවුන් දෙදෙනා යන අන්දම ජංගමයේ සේයාරුවකට හසුකරගත්තේය.රිද්මා අක්කාට එය පෙන්විය යුතුමය.."ඔය ෆොටෝ ගත්තට කමක් නෑ ඕවා හතර වටේ පෙන්වනව එහෙම නෙවෙයි හරිද?".බිම්සර ආපස්සට හැරී බලමින් පැවසීය.ප්‍රමුදිතා තිගැස්සී ගියේ බිම්සරගේ හඬිනි..“කොහොමද දැක්කේ ?“.ප්‍රමුදිතා සිනාවෙමින් ඇසුවාය..“මම කොටි එක්කත් හැප්පිච්ච මිනිහෙක් හරිද නංගි?...හොඳ කල්පනාවක් ඇතුව තමයි කොතන ගියත් අපි.”.බිම්සර ප්‍රමුදිතාට ඉදිරිපස ඈතින් වූ වීදුරු ජනේලය පෙන්වා එහි දිස්වෙන ඔවුන්ගේ පිළිබිඹු දැක්වීය..රශිත උන් සායන කාමරයට පිවිසි බිම්සර සුලෝචනා අසුනක හිඳුවා පසෙකින් හිඳගත්තේය,."ඉතින් ඉතින් කොහොමද නංගි ඔයාට?".රශිත ඇසුවේ නිහඬ සිනාවකින් බලාඉන්නා සුලෝචනා දෙස බලමිනි.."සැපදුක් අහ අහ ඉන්න නෙවෙයි එක්ක ආවේ. ටෙස්ට් ටික කරල අපිට යන්න දීපන්".බිම්සර තදකොටගත් දත් අතරින් ගෙරවීය.."දැක්කා නේද චූටි නංගි, මූ දැන්ම අයිතිකාරයා වෙලා.".තවතවත් බිම්සරව අවුස්සමින් රශිත පැවසුවේ සුලෝචනාටය.."යකෝ අයිතිකාරයා උනේ කොයිකාලෙද කියල උඹට මම අලුතින් කියාදෙන්න ඕනද?".බිම්සර පසෙකට වී සිනාසෙන හෙදිය දෙසත් හොරැහින් බලමින් ඇසුවේය..ප්‍රමුදිතා මේ සියල්ල බලා උන්නේ සිනාමුසුවය. තමා නොදන්නා සුන්දර කතාවක් අක්කාට සහ බිම්සර අයියාට තිබී ඇති බව පමණක් ඇයට දැනේ..විවිධ පරීක්ෂණ රාශියකට පසුව ප්‍රමුදිතා කැඳවා සුලෝචනා කාමරයෙන් පිටතට යැවූ රශිත අසුනට යළි බරවූයේ සුසුමක්ද හෙළමිනි..බිම්සර විමසුම් ඇසින් ඔහු දෙස බලා උන්නේය.."මචං, ඇත්තෙන්ම කිව්වොත් Brain function වල නම් මොකුත්ම අවුලක් නෑ. ඒත් shocking attack එකේ බලපෑම තාම මෙයාට තියෙන්නෙ. අපිට සයිකියෑට්‍රිස්ට් කෙනෙක්ගෙන් තවදුරටත් ඇඩ්වයිස් ගන්න වෙනවා.".රශිත පැහැදිලි කලේ පවත්නා තත්වය බිම්සරට අවබෝධ කරදෙමිනි.."ඉතින් ඇයි සයිකෑට්‍රිස්ට් කෙනෙක්ව ඕන වෙන්නෙ.?".බිම්සර ඇසුවේ සුලෝචනාගේ පිටතට පෙනෙන්නට මානසික වියවුලක් නොමැති වූ හෙයිනි.."මෙහෙමයි මෙන්ටල් ඉශූ එකක් ම නෙවෙයි . ඒත් මේක අයිතිවෙන්නෙත් PTSD ගණයට. මේකෙදි එයා මුහුණ දුන්න වාතාවරණය එයාට කොච්චර බලපෑවාද යන්න හොයාගන්න වෙනවා. අනෙක මේකෙදි අපිට සමහර වෙලාවට නංගිව එක්ස්පෝස් කරන්නත් වේවි සමහර දේට. අපි අද ආව එකේම මගෙ යාලුවෙක් ඉන්නව පෙන්නගෙනම යමුද ?".රශිත ඇසුවේ බිම්සර දෙස බලමිනි. සිය නළලත ඇඟිලි තුඩගින් තෙරපා හරිමින් උන් බිම්සර හිස වැනුවේ අනුමැතිය දෙමිනි..රශිත විසින් යොමු කල මනෝ වෛද්‍යවරයා හමුවන්නට බිම්සර සුලෝචනාද කැඳවාගෙන ගියේය..සිදුවීම් දාමයේ සියලු විස්තර එකින් එක විස්තර සහිතව වටහාගත් වෛද්‍යවරයා ප්‍රමුදිතාගෙන් අක්කාගේ වර්තමාන දින චර්යාව ගැන සවිස්තරව කරුණු විමසුවේය.."අපිට ප්‍රතිකාර පටන් ගන්න වෙනවා දැන්ම. නමුත් සති දෙකකට මම බෙහෙත් ටිකක් දෙන්නම්. ඒක අරගෙන අපි ආයෙ සති දෙකකින් හම්බ වෙමු. අනෙක් ට්‍රීට්මන්ට් පටන් ගන්න.".ඇත්තෙන්ම පැය ගානක් තිස්සේ පරීක්ෂණ වලට මුහුණදෙමින් සුලෝචනා උන්නේ බෙහෙවින්ම හෙම්බත්වය.."අපි ටූ වීක්ස් වලින් ආපහු එන්නම් එහෙනම් ඩොක්ටර් . තැන්ක් යූ සෝ මච්.".බිම්සර සුලෝචනා පෙරටු කොටගෙන කාමරයෙන් පිටවිය. හුරුවට පුරුද්දකට මෙන් ඒ යන එන හැම වතාවකම සුලෝචනාගේ සුරත තිබුණේ බිම්සරගේ අත තුල පැටලීගෙනය. ඇයටද එහි නුහුරක් නොවූයේ විදුලි සෝපානයේ සිටම ඔහුගේ ස්පර්ශය ඇයට පහසුවක් වූ හෙයිනි.."අපි එහෙනම් ආයෙ සති දෙකඉන් එන්නෙ මචං".බිම්සර රශිතගෙන් සමුගනිමින් පැවසීය.."බයවෙන්න එපා ඕක එච්චර ලොකු කේස් එකක් නෙවෙයි.".රශිත බිම්සරගේ වතෙහි වූ නොසන්සුන් බව වටහාගනිමින් පැවසීය.."මම රිද්මාට කියල ගෙදර අයව දැනුවත් කරවන්නම් මේ තත්වය ගැන. එහෙනම් නංගි පරෙස්සමින් ගිහින් එන්න.".සුලෝචනාහට ද සමුදෙමින් රශිත පැවසීය.."අක්කට බඩගිනිද?".ප්‍රමුදිතා සෙමින් මෙන් ඇසුවේ සුලෝචනා රියට ගොඩවූ වහාම වතුර බෝතලය බීගෙන යනු දුටු හෙයිනි..ඇය හිස දෙපසට වනා නැතැයි පැවසුවාය.."බඩගිනිත් ඇති තෙහෙට්ටුත් ඇති. අපි කාලාම යමු නංගි.".බිම්සර රිය පණගන්වමින් පැවසුවේය. කොළඹින් ඈත්ව උස්වැටකෙයියාව මාර්ගයේ මඳක් දුර ධාවනය කල රථය මුහුදු වෙරල අයිනේ වූ නිස්කලංක අවන්හලකට හැරවූ බිම්සර කලින් වෙන් කරවාගත් කුඩා කබානාවේ කෑම මේසය වෙතම අක්කා නගෝ දෙදෙනාව එක්කරගෙන ගියේය.."මම ඇතුලට ගිහින් මූන සෝදන් එන්නම් . දෙන්නම මේකෙ වොශ් රූම් එකෙන් මුහුණ කට සෝදගෙන කෑම මේසෙට එන්න.".බිම්සර ඔවුන් එතුලට හැරලවා ආපසු ඉක්මනින් එන්නට ගියේය..ප්‍රමුදිතා සහ සුලෝචනා මුහුණ කට සෝදාගත්තේ දවසක්ම පසුවූ අපහසුතාවයෙන් මිදෙමිනි. කෙතරම් සුව පහසු වුවද කොලඹ නගරයේ ගොඩනැගිලි අතරේ දැවෙන කටුකබව ඉතින් ගතට මෙන්ම සිතටද වෙහෙසක්මය.."දැන් හවස් තුනටත් කිට්ටුයි. ඉක්මනින් කමු.".බිම්සර කෑම මේසයට ඉඳගත්තේ ආසාවෙන් මුහුද දෙස බලාඉන්නා සුලෝචනාට පවසමිනි.."ඉස්සර ඉතින් මාසෙකට පාරක් හරි අපි බීච් එකට යනවනෙ අයියෙ. දැන් ඉතින් අක්කට කාලෙකින් යන්න උනෙ නෑනෙ. ආස ඇති.".ප්‍රමුදිතා අක්කාගේ පිඟානට කෑම බෙදමින් පැවසුවාය.."අව්ව අඩුවුනාම බීච් එකට ගිහින්ම යමු එහෙනම්. අම්මට කෝල් කලාද නංගි. හවස් වෙනවට බයවෙන්න එපා කියන්න.".බිම්සර නිසොල්මනේ කෑම ගන්නා සුලෝචනා දෙස බලමින් පැවසුවේය. ඇය තමාගේ අදරය පමණක් නොව වගකිමද බව දැන් ඉතින් තමාට වැටහේ..අම්මා අමතා ආපසු පැමිණීමට සවස් වන බව පැවසූ ප්‍රමුදිතා අක්කාට බිම්සරගේ ඇසුරෙහි සිටින්නට ඉඩ සලසා දෙමින් මොහොතකට පසෙකට වූවාය.ඊට මොහොතකට පෙර සුලෝචනා දවස පුරාම පරීක්ෂණ වලට යෙදවූ හෙයින් අධික වෙහෙසින් යුතුව උන් නිසාම මඳකට ඇතුල් කාමරයක ඇඳෙහි සැතපුණාය. ඒ මොහොතේ බිම්සර ප්‍රමුදිතා සමගින් කතාබහට එක්විය.."ඔයා මේ වෙද්දි සමහරක් දේවල් දන්නවා ඇතිත්නෙ නංගි. නමුත් මට ඔයා එක්ක යම් යම් කාරණා ටිකක් මේ වෙලාවේ කතාකරන්න ඕනෙ. මොකද ඉස්සරහට කරන කියන හැම දෙයක්ම වෙන්නේ ඒ අනුවයි.".බිම්සර බැරෑරුම් හඬකින් කතාව ඇරඹීය.ප්‍රමුදිතා නිහඬවම ඔහුගේ හඬට සවන් දුන්නාය.."අක්කයි මායි අතරේ ඇත්තෙන්ම කටවචනයකට කතා වුණ ආදරයක් තිබ්බෙ නෑ නංගි. ඒත් අක්කා වගේම මාත් දැනගෙන උන්නා අපි දෙන්නගේ ජීවිතයේ අපි දෙන්නට විශේෂ තැනක් තියන බව . ඒත් ඒ වයසෙදි ඒක මේ තරම් මගෙ හිතට තදින්ම බලපාපු එකක් වෙයි කියල මට තේරුණේ නෑ. ඒත් ඔයාගෙ අක්කා එක පාරටම අතුරුදහන් වුණාම මම පිස්සෙක් නොවී බේරුණෙත් මගේ හමුදා රැකියාවට පින්සිද්දවෙන්නයි..අක්කයි මායි අතරේ තිබුණ දේ දන්න හොඳම කෙනා තමා දැන් අක්කව බලන ඩොක්ටර් රශිත. නමුත් නංගි අක්කාගේ මේ ගැටලුව නිසා එයාට මාව කවදාවත් ආයේ මතකයට නො එන්නත් පුලුවන්. එහෙම උනත් , මගේ තීරණය වෙනසක් වෙන්නෙ නෑ ඔයාගේ අක්කා ගැන.”.බිම්සර පැවසුවේ සිනහාවෙන්නට උත්සාහ දරමිනි..“අයියේ....අක්කා කිසිම දවසක ඔයා ගැන අපිට කියල නෑ. මායි අක්කයි අතර තිබ්බෙ ලොකු වයස පරතරයක්නෙ. ඒ කාලේ මම පොඩි නිසා අක්කා මා එක්ක ඕවා කතාකරන්න නැතුව ඇති.නමුත් කාලයත් එක්ක මට තේරුණා අක්කා ඉන්නේ ලොකු දුකක් හිතේ තදකරන් කියලා. ඒ වගේම එයාගේ ඇස්වල මොකක්දෝ බලාපොරොත්තුවක් හැමදාම තිබුණා කියල මට දැන් හිතෙනව අයියේ. “.ප්‍රමුදිතා පැවසුවේ මතකය යළි අලුත් කරමිනි.."එතකොට අක්කාට ඔය කාලෙන් පස්සෙ කිසිම සම්බන්ධකමක් වත් තිබ්බෙ නැද්ද? ගෙදරින් අක්කට යෝජනාවක් එහෙම ආවේ නැද්ද ?".බිම්සරගේ ප්‍රශ්න පත්‍රයට ප්‍රමුදිතාට සිනායන්නට ආවද ඇය එය වලකා ගත්තාය.."මම එහෙම ඇහුවට නංගි වරදවා හිතන්න එපා. ඇත්තටම අක්කා වෙන කෙනෙක් එක්ක එෆයාර් එකක් තිබ්බා නම් හරි, බැඳලා උන්නා නම් හරි මම අක්කාට ප්‍රශ්නයක් වෙන්නෙ නෑ කියල තීරණයක් අරන් උන්නෙ කොහොමත්. ඒත් මට දැනුවත්ව නම් එහෙම දෙයක් තේරුණේ නැහැ.".බිම්සර සිය අදහසට කරුණු එකතුකලේය.."අක්කාට කිසිම එෆයාර් එකක් තිබ්බේ නම් නෑ කියන එක මම සහතිකවම දන්නවා අයියේ. අපි ගමේ ඉන්න කාලේ අක්කාට ප්‍රොපෝසල් එකක් ආවා. අපේම නැන්දාගේ පුතාව. අක්කා කොහෙත්ම ඒකට කැමතිඋනේ නෑ. ඒ අයියා නරක කෙනෙකුත් නෙවෙයි. ඒත් අක්කා කීවෙම මට ඔය කිසිම එකක් එපා කියලමයි. එයා හේතුවක් කිව්වෙ නෑ කිසිම වෙලාවක.".ප්‍රමුදිතා මතකය අවුස්සාලමින් පැවසුවාය.."මට අක්කා එක්ක ටිකක් කතා කරන්න ඕනෙ නංගි.".බිම්සර ප්‍රමුදිතාට පැවසුවේ ඒ මොහොතේමය.ඔවුන් දෙදෙනාට සමීපවන්නට ඉඩ සලසා දියයුතු බව ඇයට වැටහෙමින් තිබුණි.ඇය ඔවුන්ට කතාකරන්නට ඉඩදී ඇතුල් කාමරයට වැදුණේ නිදිමත බව පවසමිනි..********************************************************************************************************.යළි හමුවෙමු.(විසිරි ).Posted by විසිරි සිහින at 11:06 PM.Email ThisBlogThis!Share to TwitterShare to FacebookShare to Pinterest.Labels: ඔබ ආයෙමත් ඇවිදින් ( නවකතාව ).8 comments:.Pra JaySeptember 22, 2021 at 12:54 AM.+++++++++.ReplyDelete.Replies.විසිරි සිහිනSeptember 23, 2021 at 1:58 AM.thank you.Delete.Replies.Reply.Reply.Mahesh RathnayakeSeptember 22, 2021 at 7:11 AM.කතා කරමුු හේනං.. නෝටි වැඩ ඔට්ටු නෑ ඕං....ReplyDelete.Replies.විසිරි සිහිනSeptember 23, 2021 at 1:58 AM.aniwaryayen.Delete.Replies.Reply.Reply.D.G.M බස්සාSeptember 22, 2021 at 10:30 AM.++++++++++.ReplyDelete.Replies.විසිරි සිහිනSeptember 23, 2021 at 1:58 AM.thank you.Delete.Replies.Reply.Reply.අහස් යාත්‍රිකයාSeptember 23, 2021 at 3:58 AM.අගෙයි..ReplyDelete.Replies.විසිරි සිහිනSeptember 26, 2021 at 5:32 AM.ස්තුතියි බොහොම.Delete.Replies.Reply.Reply.Add comment.Load more....Newer Post Older Post Home.Subscribe to: Post Comments (Atom).Followers.මම සිහින දකින්නියක්මි.විසිරි සිහින.විසිර ගිය සිහිනයන් එකතු කර රැගෙන එමි.View my complete profile.Total Pageviews.Labels.My Diary.travel notes.අදහස්.අපූරුම දේවල්.අරමුණු.උගත් පාඩම්.ඔබ ආයෙමත් ඇවිදින් ( නවකතාව ).කෙටිකතා.පරිවර්තන.මතක.මතකයේ රැඳෙන පොත්.රයිලිගෙ කතා.විසිරි කවි.විසිරි සිතුවිලි.විසිරිගෙ සේයා රූ.....වෙනත් අයගේ කියවපු අපූරු කතා.සඳක් සේ ( නවකතාව).සමාජ විපරම්.සෞඛ්‍ය.හසරැල් සැලුණාවේ (නවකතාව ).හැඟීම්.Blog Archive.► 2022 (25).► September (2).► August (1).► July (2).► June (2).► May (5).► April (4).► March (4).► February (4).► January (1).▼ 2021 (56).► December (2).► November (6).► October (6).▼ September (9).16.දහසය වෙනි කොටස ( ඔබ ආයෙමත් ඇවිදින්).15. පහලොස් වෙනි කොටස ( ඔබ ආයෙමත් ඇවිදින්).14. දහ හතර වෙනි කොටස ( ඔබ ආයෙමත් ඇවිදින්).13. දහතුන්වෙනි කොටස ( ඔබ ආයෙමත් ඇවිදින්).12. දොලොස් වෙනි කොටස ( ඔබ ආයෙමත් ඇවිදින්).11. එකොලොස්වෙනි කොටස ( ඔබ ආයෙමත් ඇවිදින්).10.දහ වෙනි කොටස ( ඔබ ආයෙමත් ඇවිදින් ).09. නව වෙනි කොටස (ඔබ ආයෙමත් ඇවිදින්).08. අටවෙනි කොටස (ඔබ ආයෙමත් ඇවිදින් ).► August (9).► July (10).► June (3).► March (1).► February (4).► January (6).► 2020 (58).► October (9).► July (3).► June (6).► May (7).► April (21).► March (11).► February (1).► 2019 (18).► December (1).► November (1).► October (1).► August (1).► May (1).► April (9).► February (2).► January (2).► 2018 (20).► December (10).► August (1).► June (1).► May (2).► April (1).► March (1).► February (2).► January (2).► 2017 (59).► December (2).► November (2).► October (4).► September (2).► August (5).► July (1).► June (6).► May (7).► April (6).► March (9).► February (5).► January (10).► 2016 (22).► December (13).► November (4).► October (5).my blog list.Ian's Den ඉයන්ගේ අඩවිය.ජවිපෙ ගමන නිමයි, නායක අනුර කියයි..! (from LankaeNews).Transylvania."මූව මග්ගොනට යවන්න ඕනේ ".අනිත් කොන - a doctor's heart sutra.The social function of music....කොළඹ ගමයා.බ්‍රිතාන්‍ය රජ පවුලේ ජර්මන් හා රුසියානු සම්බන්ධතා.කඩදාසි කොලේ.361: උන්මාද චිත්‍රාදෝ මා - පසුවදන.ජිවිතේ යාත්‍රාව.නිද්‍රාව..නිදහස් සිතුවිලි.682. අද සිරී ලම්කාවෙ වහා විසඳාගත යුතු දැවෙන පස්න හෙවත් බෙර්නිං කුවෙස්චන්ස්.....රසිකොලොජි - Rasikology.සල්මන් රුෂ්ඩි සහ මට හමුවුණු ජාත්‍යන්තර අයියලා තුන් දෙනෙකුගේ කතා - Salman Rushdie and other stories.සොඳුරු සඳවතී.අහන්නකො......ගස් ලබ්බ.අටම්පහුර.ඉස්සෙල්ලම ගහපු එකා.තරුරසී.තරුණ අපේ හීන මැරූ - උඹල තමයි කම්බ හොරූ....chef-architect.කෑ බනික.මගේ බ්ලොග.53. How Seedr can helped you???.කලාහිත.. Kalahitha.අධි පරිභෝජනවාදයෙන් මිදී සරළ ජිවන රටාවකට හුරුවෙමු.තිලක සිත.මළ ඉලව් ලිෆ්ට් එක.රස්තියාදුකාරයා.සුභ ගමන් ආදරණීය ආටියා...........නොපළ කතා.අ(සම්මුතිය).test post for facebook – Aru-ge adaviya.කඩේ ගියා හෝ නැතා…මේ සින්දුව අහන්න...සින්ඩරෙල්ලාගේ සපත්තුව....!.රූබරිය !.රසුදැල්.මිලියන ගණන් වටිනා 99 මිනිස්සු.වැව් ඉස්මත්ත.කොච්චි මිරිස්.රොශාන් මහානාම,කොච්චියාගේ යාඤාව සහ බුද්ධත්වයට පත් සමන්තබද්‍ර.අහසෙන් එන්න....පස් මසකට පෙර ජීවිතේ පෙරළුණු අලුත් පිටුව.යාං හෑල්ල.ඔපිස් එකේ කොරෝනාගෙන් බේරෙන හැටි - How to avoid Corona at office.සමකය වටේ.Katchatheevu Feast 2020Drone vedio | கச்சதீவு அந்தோனியார் ஆலய திருநாள் 2....Nelum Yaya.ප්‍රන්ස බස සහ ඉංග්‍රීසි බස වෙනුවෙන් මරා ගැනීම.A T Sudarshana.Maharada Oba Giya daa (මා හැර දා ඔබ ගිය දා ).කතා කරන පන්හිඳ.පොකුරු වැහි.හිත්.දුමී.122. කිමද සොඳුරියෙ හඬන්නේ යළි අපිට හිමි වෙනවා අපී.....බස්සිගේ නවාතැන.ඔබේ රහස් සතුටු බුබුළ (Happiness Bubble).කැලේ පිපුණු මල්.01 පළමු දවස 2019 ජූනී 22.උඩුවාගේ සටහන්....රත්නම්ගේ වේදනාව.මාරයාගේ හෝරාව....නිවිති එක්ක දෙල් කිරට....මම එරන්දී... I'm Erandi.STRESS ද?.සින්බෑඩ්ගේ අඩවිය.දිනපොත 25.සජ්ජාගේ පඩංගුව.පරිසරය සමඟ පවුලත් සුරකිමු ...!!!!!.පැමිණ යන්නට මත්තෙන්...හැකි නම් තබන්න සටහනක්..එය මට මහත් දිරියක්. Ethereal theme. Powered by Blogger. |
විසිරි සිහින: 01. ඔබ ආයෙමත් ඇවිදින් - පළමු කොටස.විසිරි සිහින.Thursday, August 5, 2021.01. ඔබ ආයෙමත් ඇවිදින් - පළමු කොටස..පල්ලියේ උදේ පහට ගීතිකා ගැයෙන හඬින් සුලෝචනා ඇහැරගත්තාය. කෙතරම් රාත්‍රී වන තුරු නිදිමරාගෙන වැඩ කලද උදේ පහට සුපුරුදු ගීතිකා හඬින් ඇහැරෙන්නට ඇය හුරුව උන්නාය..ඇඳේම සිට ඒ ගීතිකා හඬට මොහොතක් සවන් දුන් ඇය ඇඳෙන් නැගිට උන්නේ ඇඳ රෙද්ද සකසා පොරෝනයද නවා කොට්ටය යටට කරමිනි.ලා රෝස පැහැගත් පොරෝනය වටා මල් ලියකම් මසා ඇත. ඊට මඳක් තද රෝස පැහැයෙන් සහ සුදු පැහැයෙන් ඉරි වැටී ගිය ඇඳ ඇතිරිල්ල ද එකදු ඉරක් නොමැති වන සේ සකසා තැබීමට සුලෝචනා යුහුසුලු වූවාය. කෙතරම් කාර්යබහුල දවසක් වුවද පිළිවෙලකට පටන් ගත්තාම අගේය. නැත්නම් මුලු දවසම කලබලයෙන් පැටලෙමින් වැඩ කරන්නට සිදුවෙයි..නිවසේ සිට පල්ලියට මීටර් පන්සියයකට වඩා වැඩි වුවද ගීතිකා හඬ ඇසෙන්නේ මේ ලඟ ලඟම සේය. ඊට එක් හේතුවක් වන්නේ මේ වෙලාවට පාරේ අතොරක් නැතිව දුවන වාහන අඩුවීමය. නැත්නම් මේ වන විට නලාහඬින්ද කෑකොස්සන් ගැසීමෙන්ද මුලු මාවතම කලබලයෙන් පිරීගොසිනි. සුලෝචනා කාමරයේ ඇඳුම් වැටෙන් සිය තුවාය සහ ගෙදරට අඳින ගවුමද ගෙන කුඩා නාන කාමරයට වැදුනාය. අම්මා තවම නින්දේ විය යුතුය. උදෑසන නැගිටීම අම්මාගේ සෙම අවුස්සන්නක් හෙයින් සුලෝචනා අම්මාට උදෙන් නැගිටින්නට ඉඩ දෙන්නේම නැති තරම්ය..මුහුණ කට සෝදා ඇඳුම් මාරුකර මුලුතැන්ගෙයට පැමිණි සුලෝචනා කේතලය වතුර පුරවා ගෑස් ලිප මත තබා එය ක්‍රියාත්මක කලාය.කුස්සියේ කොණක ඇති කුඩා ශීතකරණය විවෘතකල සුලෝචනා පෙරදා රෑ කපා භාජන වල දමාතිබූ එලවලු සහ පොල්කිරි පිටට ගත්තාය. කෙතෙක් රෑබෝවී ගෙදරට ආවද මේ කටයුත්ත කෙසේ හෝ කරනා හෙයින් ඇයට උදේට ඉතාම පහසුය.නැත්නම් උදේ යමයුද්දයක් ලෙස ඔක්කෝම වැඩ ටික වවාගන්නට වෙන්නේද ඇයටමය..අම්මා කාලයක සිට මුළුතැන්ගෙයි වැඩකටයුතුවලින් නිදහස් කොට තැබුවේ ජීවිතයේ බොහෝ කාලයක් තිස්සේ අම්මා විඳි දුක් වේදනාවන් වලින් ඇය නිදහස් කොට තැබිය යුතු බව සුලෝචනා තරයේ විශ්වාස කළ හෙයිනි..කේතලය විසිල් හඬ නගන විට සුලෝචනා කෝප්ප ටික සෝදා තේ සාදා කෝප්ප වලට වෙන වෙනම වත්කලාය. මිකී මවුස් කෝප්පය පොඩ්ඩීගේය. අම්මාගේ කෝප්පය සුදුපාට පෝසිලේන් එකකි. තමාගේ කෝප්පය රතු බින්දු වැටුණ කලු කෝප්පයයි..තේ බඳුන් දෙක රැගෙන අම්මාගේ කාමරයට යන විටත් පොඩ්ඩී නැගිට පාඩම් කරමින් උන්නාය. සුලෝචනා ඇයගේ තේ කෝප්පය මේසය මත තබා පොඩ්ඩීගේ හිස අතගෑවාය. පොඩ්ඩී හිස නගා සුලෝචනා දෙස බලා සිනාවූයේ නිදිමත පිරුණ දෑසිනි.අම්මා නැගිටුවා තේ බඳුන ඇය අතට දුන් සුලෝචනා වහ වහා කුස්සියට ගියේ උදේ සහ දවල් ආහාරය සකසන්නටය. තේ පානයට මොහොතකට පෙර අම්මාගේ හීන් හඬින් නැගෙන කැස්ස සුලෝචනා ගේ සවනත වැකුණේ ඇය යලිත් අම්මාගේ කාමරය දෙසට අද්දවා ගනිමිනි .."ඇයි අම්මා ආයෙම කැස්ස නේද ?" සුලෝචන ඇසූයේ නිහඬවම තේ පානය කරමින් සිටින අම්මා වෙතට පියවර තබමිනි .."නෑ ලොකු පුතේ ...මේ දවස් වල උදේට ටිකත් සීතලයි නේ .ඉතින් චුට්ටක් වෙලා යනකම් පොඩි කැස්සක් එනවා .උණුවෙන් තේක බිව්වට පස්සේ ඒක හරි යනවා.".අම්මා පැවසුවේ සිය පිට සෙමින් අතගානා සුලෝචනා ගෙ අතකින් අල්ලා ගනිමිනි..නිහඬවම යළි මුලුතැන්ගෙයට ඇදුණ සුලෝචනා දිවා ආහාරය සකසන්නට යුහුසුලු වූවාය..උයන්නට පිහන්නට මෙන්ම කෑම ගන්නටද ප්‍රමාණවත් ඉඩ පහසුකමක් ඇති සුලෝචනාගේ මුලුතැන්ගෙය පිළිවෙලකට සකසා ඇත්තේ ඇයගේම රුචිකත්වයට අනුවය..වැඩිමනත් බඩුබාහිරාදියෙන් තොර කුඩා වපසරියේ අත්‍යාවශ්‍ය භාණ්ඩ පමණක් අසුරාතබා ඇත. නිවසන තිදෙනාට සරිලන තරමේ පිඟන් කෝප්ප මෙන්ම උයන පිහන භාණ්ඩද ,කුඩා ශීතකරණය සහ රවුම් මේසයක්ද පුටු තුනකින්ද පමණක් සමන්විත කුඩා මුලුතැන්ගේ හැඩිකරගන්නට සුලෝචනා අකමැති වූවාය..පොඩ්ඩී තේ බඳුනද රැගෙන සුලෝචනා උයන දෙසට ආවේ පාඩම මොහොතකට නවත්වාය..මුලුතැන්ගේ කෙලවරක කුඩාමේසයේ පුටුවක් ඇදගත් පොඩ්ඩී තේ බඳුන හෙමි හෙමින් පානය කරන්නට වූවාය.." අද ක්ලාස් නේද පොඩ්ඩි?" සුලෝචනා නෑඹිලියෙන් සේදූ සහල් රයිස්කුකරයට දමමින් ඇසුවාය. පොඩ්ඩිට ක්ලාස් ඇති දවස් වලට ඇයට දවල්ට කන්න ගෙනියන්නට වෙනම බත් එකක් බඳින්නට ඕනෑය. පොඩ්ඩී කෙතෙක් වැඩුණ කෙල්ලෙක් වුවද ඇය කිසිම කරදරයක් නොමැති කෙල්ලෙකි. අක්කාටත් අම්මාටත් කරදරයක් නොවන්නට උපරිම උත්සාහ දරන්නී, උයාදෙන බත් මුල රැගෙන පන්ති යනවා මිසක අන් කෙල්ලන් හා වැටී කඩචෝරු කන්නට කණුකුණු ගාන්නේද නැත.." ඔව් ලොකූ, ක්ලාස් ෆීස් දෙන්නත් තියනවා අද. " පොඩ්ඩී තේ බඳුණ සෝදා අදාල ස්ථානයේ නවා තබමින් සුලෝචනා අසලට ආවාය.." මොනව හරි වැඩක් තියේ නම් කියන්න ලොකූ" පොඩ්ඩී කවදත් සුලෝචනාට උදව් කරන්නට පැකිලෙන්නේ නැත.." මම සල්ලි පර්ස් එකට දාල ඇති පොඩ්ඩි, ඊයෙ මට ෆෝන් එකේ රිමයින්ඩර් එක ආව අද ෆීස් දෙන්න ඕනෙ කියල." සුලෝචනා එලවලු දෙක ඒදා ලිප මත තබමින් පැවසුවාය.." ඔයා ගිහින් වැඩක් කරගන්න පොඩ්ඩි. මේ උයන එක සිම්පල් නෙ අනේ. ඔක්කොම මම රෑ ලෑස්ති කරලනෙ තියෙන්නෙ" පොඩ්ඩීව දොරවෙතට තල්ලුකොට ගෙන යමින් සුලෝචනා පැවසුවාය.." අක්කා ඉතින් මටවත් කුස්සිය අහලකට එන්න දෙන්නෙ නෑනෙ පොඩ්ඩියෙ. එයාට ඔක්කොම කරන්න පුලුවන් කියල ඔක්කොම බදාගන්නව කිසිම විවේකයක් නොගෙනම" අම්මා කාමරයේ සිට පොඩ්ඩීට කියනු ඇසේ. සුලෝචනා එලවලු ටික සෑදෙන තුරු පෙතිපාන් ගෙඩියට රාත්‍රියේ සදාතිබූ සැන්ඩ්විච් පේස්ට් එක ගාන්නට වූවාය..උදේටත් කෑම සාදා වහ වහා කඩය අරින්නට අවශ්‍යය. උදෑසනම විවිධාකාර අවශ්‍යතා සඳහා බොහෝ දෙනා කඩයට පැමිණෙති. ඉතින් මේ ආසන්නයේ ඇති සියලුම බඩුබාහිරාදියෙන් සපිරි වෙලඳසැල ඇයගේ ස්ථානය නිසා සුලෝචනා වහ වහා එය විවෘත කරන්නට සූදානම් වූවාය..කඩයට ගියාට පසු ආපසු එන්නට වෙන්නේ දිවා ආහාරය ගන්නටය. අම්මා ටිකකට කඩයේ නවත්වා නිවෙසට දිව එන ඇය ඉක්මනින් කෑම කා ආපසු කඩයට දුවයන්නීය. හවස් යාමයේ සෙනග අඩුහෙයින් සුලෝචනාට බාහිර උපාධියේ දේශන වල පාඩම් කටයුතු කරගන්නට පහසුය. අම්මා ඇය ආපසු නැවත නිවෙසට ගොස් රාත්‍රී ආහාරයට අවැසි යමක් සකසා තබන්නීය. ඉන්පසු අම්මාගේ දවස ගතවන්නේ ඇය විසින් සකසන කුලුබඩු පැකට් කිරීමේ ව්‍යාපාරයේ කටයුතු සඳහාය. අම්මාගේ අත්ගුණය නිසාම ඒ ඇය සදන කුලුබඩු ඉතාම රසවත් බව පවසන බොහෝ දෙනා අම්මාගේ කුලුබඩු පැකට් ගන්නටම සුලෝචනාගේ වෙලඳ සලට එන්නෝය..ඉතාම කුඩාකල සිටම අම්මා ඉගැන්නූ පිළිවෙළ සුලෝචනා මෙන්ම නංගී ප්‍රමුදිතාද මැනවින් ජීවිතයට ආදේශ කොට ගත් හ. ඉතින් ගෙදර දොර මෙන්ම පාසල් කටයුතු පවා ඔවුන් අතින් ඉටුවූයේ අනලස්වය.."ලොකූ මම යනවා."සුලෝචනා කඩයේ බුදුපිළිමයට මල් තබා වඳින්නට සකසමින් උන්නාය..නිවසේ සිට කඩයට ඇති කුඩා ඉඩෙහි සිටවූ වතුසුද්ද ගහ හැමදාම මල් පුරාසිටී. ඊට ආසන්නව ආධාරකයක් මතට යැවූ සමන්පිච්ච වැලද මල් සුවඳ විහිදුවාලයි.දවස පුරාම මල් දරන වතුසුද්ද ගහට පරිවාරව , තිදෙනා විසින් එක්ව සිටවූ සීනියාස්,කූඩලු සහ දහස්පෙතියා පාත්ති ද නිතිපතා මල් පුරාදෙයි..නමුත් සුලෝචනා කඩයේ බුදුපහනට හැමදාම සමන්පිච්ච මල්ම පුදන්නට බොහෝ ආසා කලාය. එකදු නටුවක් උඩට නොහැරෙන්නට මල්වට්ටිය ඉක්මනින් සකසන ඈ...පහන ,හඳුන්කූරු රඳවනය ආදිය පෙරදා පිරිසිදු කොට තැබූ තැනින් ගෙන බුදුපිළිමය අසල තැබුවාය..පල්ලිය පේනමානයේ ජීවත්වුවද සුලෝචනාලා බෞද්ධය.එහෙත් මේ ප්‍රදේශයේ බෞද්ධ ,කතෝලික ,හින්දු මෙන්ම මුස්ලිම් අයද ඉතාමත් සමගියෙන් සහ සහජීවනයෙන් වෙසෙති.පන්සලට මෙන්ම පල්ලියට අවශ්‍ය වන මොහොතක ඕනෑම කටයුත්තකට සුලෝචනාලාද සෙසු ගම්වාසීන් සමග ගියේ ආගම ගැන භේදයකින් නොසිතාය..මිදුලේ සමන්පිච්ච වැලෙන් නෙලූ මල් පිරුණ පීරිසිය පොඩ්ඩී ලවා අතගැස්සවූ සුලෝචනා එය බුදුපහන අසලින් තැබුවාය..සුලෝචනාලා සිටින නිවෙස පාර අයිනටම වන්නට පිහිටා නැත. ඉදිරිපස ඉසව්වම මල් වවා තණපිඩැලි අල්ලා ඇත. ගේට්ටුව අසලට වන්නට කඩකාමරය ඇත.එයට පිවිසුම වෙනම කුඩා ගේට්ටුවකිනි.නිවසට පිවිසෙන්නට ඇති ප්‍රධාන ගේට්ටුව අවහිර නොවන්නට තාවකාලිකව කඩකාමරය සැදුවේ සුලෝචනාගේම අදහසකට අනුවය..පොඩ්ඩී අඩක් නැවී සුලෝචනාට වැඳ කඩයේ දොරෙන්ම පාරට බැස්සාය. පන්ති පවත්වන ස්ථානයට ඒ හැටි දුරක් නැති හෙයින් නංගී පයින්ම ඒ දුර යන බව සුලෝචනා දැන උන්නාය.."පරෙස්සමින් පොඩ්ඩි.දවල්ට බත් එක ගත්තනෙ..ඔක්කොම දේවල් හරිනෙ" සුපුරුදු සිහිගැන්වීම් සියල්ලම සුලෝචනා මුවින් පිටවෙද්දී පොඩ්ඩී මහපටැඟිල්ල ඔසවා සිනාවූවාය.පොඩ්ඩී දැන් උසස්පෙළ පන්තියේය.ඇය පෙරට වඩා ඇඟපතින්ද සුන්දරව වැඩී ඇත.එහෙත් අම්මා සහ තමා සමග තවමත් සුරතල් වන්නේ පොඩි එකියක් සේමය..ඉතින් එතැන් පටන් දවස පටන් ගන්නේ යුද්ධයක් පරිද්දෙනි.අද පල්ලියේ පූජාවය.අලුතින් සුදු පිරියම් කොට පිළිසකර කල පල්ලිය කඩේ මිදුලටද පෙනෙන්නේ එහි සුවිසල් බව නිසාමය.රාත්‍රී කාලයට පල්ලියේ ආලෝකය සුලෝචනාලාගේ ගෙමිදුලටම වැටෙයි.."සුලෝ, ගුඩ්මෝනින්."සසංකා කඩයට ගොඩවෙමින් පැවසුවාය.පාසලේ එකපන්තිවල ඉගන ගත් සසංකා පල්ලියට යන හැමදවසකම පුරුද්දට මෙන් සුලෝචනා බලායන්නට කඩයට ගොඩවන්නීය..ඇය රෝස පැහැගත් දිගු ගවුමකින් සැරසී උන්නාය.."ශා...අද ලස්සන"සුලෝචනා කවුන්ටරයෙන් පිටට ආවේ සසංකාගේ ගවුම අතින් අල්ලමිනි.ඇය වටයක් කැරකී ගවුමේ හැඩ දක්වා සිනාවූවාය.."අද නාඳින ගවුම් ඉතින් කවදා අඳින්නද කෙල්ලෙ.පූජාවට කෙල්ලොයි කොල්ලොයි ඔක්කොම එන්නෙ එකාට එකා නොදෙවනි වෙන්නනෙ"සසංකා පැවසුවාය. මිනිසුන් එකාදෙන්නා පල්ලිය දෙසට ඇදෙන ප්‍රමාණය එන්න එන්නම වැඩිවෙයි.අද විශේෂ පූජාවකි.ඉදින් සෙනගද වැඩි එනිසාමය.."මං යන්නම්, ඉඳගන්න තැනක් නැතිඋනොත් අම්මාට ඉන්නෙ පල්ලියෙ කියල අමතක වෙලා මට දෙකක් කියයි"සසංකා සුලෝචනාගෙන් මිලදී ගත් සුපුරුදු ඉටිපන්දම් ටිකද ගෙන වහා ආපසු හැරුණාය.හැරුණ වේගයට කවුන්ටරයේ කෙළවරකට ඇයගේ රෝස ගවුම පැටලී වාටිය අසලින් ඉරීගියේය.."අයියෝ ,අනේ. ඔයාට තියන හදිස්සිය බලන්නකො අප්පා.මේ ගවුමත් පැටලුණා.ඉන්න ඉන්න මම පැටලුම අරිනකල්"සුලෝචනා පැවසුවේ සසංකාගේ ගවුමේ ඇණයට පැටලුණ කොටස මුදාහරිමිනි.."චුට්ටනෙ ඉරුණෙ.ඕක පේන්නෑ"සසංකා වහ වහා දිව ගියාය.ගවුමෙන් ගිලිහී ගිය රෝස පැහැති නූලක් ඇණයට දැවටීම තිබෙනු සුලෝචනාට පෙනුණි.."සසංකා අක්කගෙ ගවුම ඉරුනනේද ලොකූ.?".පාරට බැස්සද මොහොතකට පමාවෙමින් උන් පොඩ්ඩී ඇසුවාය.."ඔව් අප්පා මේ කෙල්ලට ගානක්වත් නෑනෙ. අර හිනාවෙවී යන්න ගියේ. ඔයා දැන් එලියට බැහැල ගොඩක් වෙලානෙ පොඩ්ඩී. මොකෝ තාම ඔතන.?".සුලෝචනා ඇසුවාය.."නෙතාරා කෝල් කලා අක්කේ. එයාලගෙ වෑන් එකෙන් එනව කියල මටත් යන්න පුලුවන් කිව්වා. ආ...මේ ආවෙ වෑන් එක...යන්නම් ලොකූ..".පොඩ්ඩී නොපෙනී යනතුරු සුලෝචනා සිනාවෙන්ම බලා උන්නාය.."ගුඩ්මෝනින් දුව"."හායි ගුඩ් මෝනින් ස්වීටී"."ගෝඩ් බ්ලෙස් යූ දුව".පල්ලියට යන අය වෙතින් සුලෝචනා සමගින් හුවමාරු වූ සිනා කතා එමටය.ආගම් විවිධාකාර වුවත් මිනිසුන් කෙතරම් හදවත් වලින් සුන්දරදැයි සුලෝචනා ඔවුන්හට ප්‍රති උත්තර දෙමින්ම සිතුවාය.කොහොමටත් අසල්වාසී කතෝලික ආගමේ අය හරිම මිත්‍රශීලීය.සුලෝචනාත් පොඩ්ඩී සහ අම්මාත් ඔවුන් සැලකුවේ ඔවුන්ගේම අය සේය.කෑමක් හැදුවත් උත්සවයක් තිබුණත් කෑම පිඟානක් තාප්පයෙන් මේ පසට දිගු නොවූ දවසක් නැති තරම් ය..පල්ලියේ පූජාව පටන් ගන්නට සීනු හඬ වදින්නට වූවිට සුලෝචනා ආපසු කඩකාමරයට වැදුණාය. අම්මා නිවසට ගොසිනි.උදෑසන කෑම ටික ගත්පසු අම්මා බෙහෙත් ටික බී මොහොතක් ඇලවෙන්නීය.ඖෂධ හේතුවෙන් එන්නාවූ නිද්‍රාශීලි බව ඇයට ටික වේලාවක් යනතුරු අපහසුවක් ගෙන එයි..සුලෝචනා කවුන්ටරය රෙදි කැබැල්ලකින් පිසදමා බිම අතුගෑවේ පූජාව ආරම්භ වන හඬට සවන් දෙමිනි.පන්සලේ ගාන්ඨාර හඬ මෙන්ම පල්ලියේ ගාන්ඨාර හඬද එක හා සමානව ලයාන්විතව නාදවෙන්නේ හිතට සැනසුමක් එක්කරමිනි. පූජාව අවසන්ව ආපසු යන බොහොමයක් දෙනා කඩයට ගොඩවන්නේ අත්‍යාවශ්‍ය බඩුයමක් මිලදී ගන්නටය.ඉදින් අවශ්‍ය දෑ සකසා තබා ගත්විට සියල්ලන්ටම පහසුය..සුලෝචනා කඩකාමරයෙන් පිටතට කුණු ටික අතුගා එය කුණුබඳුනට දමා පසෙකට කොට නැගී උන්නාය.පවනට බඳු වේගයෙන් ත්‍රී රෝද රථයක් පල්ලියට ඇදී ගියේය.."පූජාවටවත් වෙලාවට එන්න බැරිද මන්දා.යන වේගය බලන්නකො"සුලෝචනා නොපහන් දෑසින් ත්‍රීරෝද රථය දෙස බැලුවාය.මෙහෙම වේගයෙන් යන වාහනයකට දරුවෙක්වත් වැදුණෝතින් සිදුවෙන්නේ දරුණු තුවාලයකි.වාහනයක් අතට ගන්නා සමහරක් දෙනෙක්ගේ අවිචාරවත් බව රිය අනතුරු වැඩිකරන්නක් ව ඇත..අනික් අතට මේ වෙලාවේ පාරේ සෙනඟ ද බහුලය . මිනිසුන්ගේ මෙවැනි නොපනත්කම් නිසා කීදෙනෙක් නම් මහමග අනතුරු වලට ලක් වන්නේදැයි සුලෝචනා කල්පනා කරමින්ම ආපසු හැරුණාය.සුලෝචනා කුඩා ගේට්ටුවෙන් ඇතුළට විත් කොස්ස බිත්ති මුල්ලක තැබුවාය.වීදුරු කබඩයේ කෙලවරක පැටලුන රෝස පැහැ නූල් කැබල්ල සුලෝචනාගේ නෙත ගැටුණේද ඒ මොහොතේමය..එක්වනම අහස ගිගුම් දුන්නේය.කඩයේ වීදුරු කබඩ් එකක් තමා වෙත විසිරී පහත්වෙනු සුලෝචනා දුටුවේ දෑතින්ම කන්දෙක වසාගෙන බිමට පහත්වෙද්දීය. අවට හාත්පසින්ම අඳුරුව යනු සුලෝචනාට අවසාන මොහොතේ මතකයේ රැඳුණි..*****************************************************************************************************************************************.වසර දෙකකට පෙරාතුව අප සියල්ලන්ම සසල කළ ඒ අඳුරු මතකයන් කතාවක් ඔස්සේ ගෙන හැර පෑමට මා සිතා උන්නේ බොහෝ කලක සිටය..මේ සිදුවීම් බොහොමයක් සත්‍ය ඒවා මත පාදක වුවද මෙම කතාවට ආදේශ කරන ලද්දා වූ ආදර කතාවක් නිර්මාණය වූයේ මගේ මනසේය..එහෙයින් මේ කතාව තුළ මතුවන්නාවූ චරිත සහ නම් ගම් සියල්ලම ජීවත්ව සිටි හෝ ජීවත් ව සිටින්නා වූ කිසිදු ජීවමාන චරිතයකට කිසිදු සම්බන්ධකමක් නොකියන බව ප්‍රකාශ කර සිටිමි..මම ( විසිරි 🧡️ ).Posted by විසිරි සිහින at 9:24 PM.Email ThisBlogThis!Share to TwitterShare to FacebookShare to Pinterest.Labels: ඔබ ආයෙමත් ඇවිදින් ( නවකතාව ).12 comments:.සොඳුරු සඳවතී August 6, 2021 at 4:36 AM.අපිනම් එෆ්බී එකෙන් කියවනෝ.ReplyDelete.Replies.විසිරි සිහිනAugust 9, 2021 at 8:17 PM.බොහොම ස්තුතියි නන්ගී.....Delete.Replies.Reply.Reply.Ajith Dharma.August 8, 2021 at 4:24 AM.කතාව හොඳයි නේ . මාත් කියවන්න පටන් ගත්ත.ReplyDelete.Replies.විසිරි සිහිනAugust 9, 2021 at 8:16 PM.බොහොම ස්තුතියි.Delete.Replies.Reply.Reply.ලිඛිතාAugust 11, 2021 at 12:41 PM.Interesting.ReplyDelete.Replies.විසිරි සිහිනAugust 12, 2021 at 5:06 AM.ස්තුතියි ලිඛිතා.Delete.Replies.Reply.Reply.කල්‍යාණ මිත්‍රAugust 19, 2021 at 5:53 AM.අර මගුල් ඇස් බී එකේ මෙයාගේ පෝස්ට් හොයන්න බල්ලෝ දාන්න ඕනි. ඊට ලේසියි පුරුදු විදියට මේකේ කියවනවා.. ආයේ පටන් ගත්ත ඔන්න එකේ ඉඳල කියවන්න. :).ReplyDelete.Replies.විසිරි සිහිනAugust 23, 2021 at 2:49 AM.අනේ පේජ් එකේ පිළිවෙලටම යනවනෙ ඒක.Delete.Replies.Reply.Reply.ඩ්‍රැකීAugust 24, 2021 at 9:09 AM.අඩෙහ්... කටුවපිටිය සිද්ධිය වගෙයි පේන්නෙ. ඔන්න මාත් කියවන්න පටන් ගත්තා..ReplyDelete.Replies.Reply.නිදිගෙ පංච තන්තරේAugust 28, 2021 at 4:53 AM.ඩ්රැකී රෙකම්න්ඩ් කළා හොඳයි කියලා, ටිකක් කියෙව්වා. ඇවිත් කියවන්නන් මගේ රාජකාරි ඉවර වුණාම. හිතට ඇල්ලුවා. ජය වේවා!.ReplyDelete.Replies.Reply.නිදිගෙ පංච තන්තරේAugust 28, 2021 at 11:46 PM.අද ආයෙම ඇවිත් කියෙව්වා.... ඉතිං ඊට පස්සේ....ReplyDelete.Replies.Reply.චතුරංග බුද්ධිකMay 14, 2022 at 12:27 AM.අම්මෝ, ඒ මොකක්ද අන්තිමට වුණේ???.අර ගවුම පැටලුනු සිද්ධිය කියවන කොට නම් මොකක් හරි ඇති කියලා හිතුණා....ඒ ගවුමට පැටලුනු එකද වැටුණේ???.ඔයා දන්නවාද දෙයක්???.මේකේ සුලෝචනා ඉන්නවානේ....ඒ වගේ කෙනෙක් දැක්කොත් වහාම පණිවිඩයක් එවන්ට ඕනේ හොඳද???.ඇත්තමයි මම මේ දවස් වල එහෙම කෙනෙක්ව හොය හොයා ඉන්නේ....ReplyDelete.Replies.Reply.Add comment.Load more....Newer Post Older Post Home.Subscribe to: Post Comments (Atom).Followers.මම සිහින දකින්නියක්මි.විසිරි සිහින.විසිර ගිය සිහිනයන් එකතු කර රැගෙන එමි.View my complete profile.Total Pageviews.Labels.My Diary.travel notes.අදහස්.අපූරුම දේවල්.අරමුණු.උගත් පාඩම්.ඔබ ආයෙමත් ඇවිදින් ( නවකතාව ).කෙටිකතා.පරිවර්තන.මතක.මතකයේ රැඳෙන පොත්.රයිලිගෙ කතා.විසිරි කවි.විසිරි සිතුවිලි.විසිරිගෙ සේයා රූ.....වෙනත් අයගේ කියවපු අපූරු කතා.සඳක් සේ ( නවකතාව).සමාජ විපරම්.සෞඛ්‍ය.හසරැල් සැලුණාවේ (නවකතාව ).හැඟීම්.Blog Archive.► 2022 (25).► September (2).► August (1).► July (2).► June (2).► May (5).► April (4).► March (4).► February (4).► January (1).▼ 2021 (56).► December (2).► November (6).► October (6).► September (9).▼ August (9).07. හත්වෙනි කොටස (ඔබ ආයෙමත් ඇවිදින්).06. හයවෙනි කොටස -( ඔබ ආයෙමත් ඇවිදින්).05. පස්වෙනි කොටස (ඔබ ආයෙමත් ඇවිදින්).04. හතරවෙනි කොටස (ඔබ ආයෙමත් ඇවිදින්).2021 ( 25 ) ඉතින් තනිමග යමි.03. තුන්වෙනි කොටස (ඔබ ආයෙමත් ඇවිදින්).02. දෙවෙනි කොටස (ඔබ ආයෙමත් ඇවිදින් ).01. ඔබ ආයෙමත් ඇවිදින් - පළමු කොටස.00. පෙරවදන - ඔබ ආයෙමත් ඇවිදින්.► July (10).► June (3).► March (1).► February (4).► January (6).► 2020 (58).► October (9).► July (3).► June (6).► May (7).► April (21).► March (11).► February (1).► 2019 (18).► December (1).► November (1).► October (1).► August (1).► May (1).► April (9).► February (2).► January (2).► 2018 (20).► December (10).► August (1).► June (1).► May (2).► April (1).► March (1).► February (2).► January (2).► 2017 (59).► December (2).► November (2).► October (4).► September (2).► August (5).► July (1).► June (6).► May (7).► April (6).► March (9).► February (5).► January (10).► 2016 (22).► December (13).► November (4).► October (5).my blog list.Ian's Den ඉයන්ගේ අඩවිය.ජවිපෙ ගමන නිමයි, නායක අනුර කියයි..! (from LankaeNews).Transylvania."මූව මග්ගොනට යවන්න ඕනේ ".අනිත් කොන - a doctor's heart sutra.The social function of music....කොළඹ ගමයා.බ්‍රිතාන්‍ය රජ පවුලේ ජර්මන් හා රුසියානු සම්බන්ධතා.කඩදාසි කොලේ.361: උන්මාද චිත්‍රාදෝ මා - පසුවදන.ජිවිතේ යාත්‍රාව.නිද්‍රාව..නිදහස් සිතුවිලි.682. අද සිරී ලම්කාවෙ වහා විසඳාගත යුතු දැවෙන පස්න හෙවත් බෙර්නිං කුවෙස්චන්ස්.....රසිකොලොජි - Rasikology.සල්මන් රුෂ්ඩි සහ මට හමුවුණු ජාත්‍යන්තර අයියලා තුන් දෙනෙකුගේ කතා - Salman Rushdie and other stories.සොඳුරු සඳවතී.අහන්නකො......ගස් ලබ්බ.අටම්පහුර.ඉස්සෙල්ලම ගහපු එකා.තරුරසී.තරුණ අපේ හීන මැරූ - උඹල තමයි කම්බ හොරූ....chef-architect.කෑ බනික.මගේ බ්ලොග.53. How Seedr can helped you???.කලාහිත.. Kalahitha.අධි පරිභෝජනවාදයෙන් මිදී සරළ ජිවන රටාවකට හුරුවෙමු.තිලක සිත.මළ ඉලව් ලිෆ්ට් එක.රස්තියාදුකාරයා.සුභ ගමන් ආදරණීය ආටියා...........නොපළ කතා.අ(සම්මුතිය).test post for facebook – Aru-ge adaviya.කඩේ ගියා හෝ නැතා…මේ සින්දුව අහන්න...සින්ඩරෙල්ලාගේ සපත්තුව....!.රූබරිය !.රසුදැල්.මිලියන ගණන් වටිනා 99 මිනිස්සු.වැව් ඉස්මත්ත.කොච්චි මිරිස්.රොශාන් මහානාම,කොච්චියාගේ යාඤාව සහ බුද්ධත්වයට පත් සමන්තබද්‍ර.අහසෙන් එන්න....පස් මසකට පෙර ජීවිතේ පෙරළුණු අලුත් පිටුව.යාං හෑල්ල.ඔපිස් එකේ කොරෝනාගෙන් බේරෙන හැටි - How to avoid Corona at office.සමකය වටේ.Katchatheevu Feast 2020Drone vedio | கச்சதீவு அந்தோனியார் ஆலய திருநாள் 2....Nelum Yaya.ප්‍රන්ස බස සහ ඉංග්‍රීසි බස වෙනුවෙන් මරා ගැනීම.A T Sudarshana.Maharada Oba Giya daa (මා හැර දා ඔබ ගිය දා ).කතා කරන පන්හිඳ.පොකුරු වැහි.හිත්.දුමී.122. කිමද සොඳුරියෙ හඬන්නේ යළි අපිට හිමි වෙනවා අපී.....බස්සිගේ නවාතැන.ඔබේ රහස් සතුටු බුබුළ (Happiness Bubble).කැලේ පිපුණු මල්.01 පළමු දවස 2019 ජූනී 22.උඩුවාගේ සටහන්....රත්නම්ගේ වේදනාව.මාරයාගේ හෝරාව....නිවිති එක්ක දෙල් කිරට....මම එරන්දී... I'm Erandi.STRESS ද?.සින්බෑඩ්ගේ අඩවිය.දිනපොත 25.සජ්ජාගේ පඩංගුව.පරිසරය සමඟ පවුලත් සුරකිමු ...!!!!!.පැමිණ යන්නට මත්තෙන්...හැකි නම් තබන්න සටහනක්..එය මට මහත් දිරියක්. Ethereal theme. Powered by Blogger. |
විසිරි සිහින: 111. Be cool...විසිරි සිහින.Monday, April 22, 2019.111. Be cool...ඕනෑම අයෙක්ට තරහා ගන්නට පුලුවන් ...නමුත් තරහ ගත යුතුම කෙනා සමග තරහා ගැනීම, තරහා ගත යුතු හරිම මට්ටමට තරහා ගැනීම , එයට උචිතම වේලාවේ තරහ ගැනීම, තරහ ගත යුතු සාධාරණ ම හේතුවට තරහා ගැනීම සහ එයට ගැලපෙන ආකාරයට තරහ ගැනීම......මෙන්න මේක පහසු දෙයක් නොවේ........මේක කීවේ නම් මං නෙවේ....ඇරිස්ටෝටල්..අපි එදිනෙදා ජීවිතයේ මුහුණ පාන ආතතීන් සහ පීඩනයන් එක්ක බැලුවාම අපේ සැහැල්ලුව සතුට සහ ඉවසීම ඉතාම සුලු හේතුවකින් පවා බිඳිලා යන්න පුලුවන් .....ඉතාම කාර්‍යබහුල අවිවේකී දවසක නිමාවේදී ඔබ නිවෙස බලා වාහනය පදවන විට....ඔබට ඉදිරියෙන් සෙමින් ගමන් කරන වාහනයේ රියැදුරාව මරන් කන්න හිතෙනව නේද...?...කඩිමුඩියේ සුපර්මාකට් එකට දුවල බඩුවක් හොයාගන්න ගියාම ...ඒක හොයාගන්න බැරුව සේල්ස් ළමයෙක්ගෙන් උදව් ඉල්ලුවම ඔන්න එයා වැරදි රාක්කයක් පෙන්වනව....ගත්තු බඩුත් දාල එන්න හිතෙනව නේද හොඳ දෙකක් කියල.....?....ඔය වගේ දහසකුත් එකක් කාරණා නිසා අපි ඉන්නෙ පිපිරෙන්න ඔන්න මෙන්න තත්වයක....හුඟක් වෙලාවට......ගැටලුව තියෙන්නෙ ඔතන නෙවේ....දිනපතාම මේ ආතතීමය ගතිය එන්න ගත්තම හුඟාක් ඇබ්බැහි වීම් වගේ අපි ඉබේම තරහ යෑම අපිට සාමාන්‍ය පුරුද්දක් කරගන්න පෙලඹෙනව.......එතකොට ගෙදර අය එක්ක, කාර්‍යාලයෙදි , මග තොටදි...අපේ මේ තරහා ගන්නා සුලු තත්වය නිසා අපේ මානව සම්බන්ධතා ටිකක් හෙලවෙන්න ගන්නව....ඔබ ගැන අනෙක් අය දකින්නෙ කුකුල් කේන්ති කාරයෙක් එයා ...අම්මෝ බෝම්බයක් ...හොස්ස ලඟින් මැස්ස යන්න බෑ එයාගෙ වගෙ අර්ථකථන එක්ක.......ඉතින් ඒ වෙලාවට cool person කෙනෙක් වෙන්න උත්සාහ ගන්න ....අමාරුම අවස්ථා වලත් ....අර cool වීමේ ප්‍රයෝජනය ඔබ තරහා ගැනීම නිසා නාස්ති කරන තප්පර, විනාඩි,පැය ඔබට ඉතුරු වීම.......වචන කියන්නෙ ඊතල වගේ දෙයක්නෙ....ඒක දුන්නෙන් මුදා හැරියම වගේ තමා මුවින් පිටවුනාම ආයෙ ආපස්සට ඇදගන්න බෑ....අන්න ඒ නිසා මුවෙන් පිටවෙන තනි වචනය පවා ඔබේ දිගු කාලීන මිත්‍රත්වයන් පවා බිඳ දමන බර අවි බව මතක තබා ගන්න.......ඔබත් එක්ක ඇවිලෙන්න එන අයෙක් ගෙන් මිදෙන්න අර 1 - 100 ට ගනන් කරන එක සරලම විසඳුමක්...ප්‍රතිචාර දක්වන්නට කලින් වෙලාව ගන්න....ඒක වටිනව .......අර ඉස්සරම කාලෙ උන්න පුරාණ නැණවතුන් ....මෙන්න මෙහෙම දෙයක් කලාලු.......වචන භාවිතයට පෙර ඔවුන් බැලුවලු.....ද්වාර තුනක් ගැන...සරලවම කීවොත් ගේට්ටු තුනක් ගැන......පලවෙනි එක තමා මේ කියවෙන්නට යන දේ ඇත්තක්ද කියන එක....අන්න ඒක ඔව් නම් පලවෙනි ගේට්ටුවෙන් එහාට යනව ....දෙවනි ගේට්ටුව තමයි..මේ කියන්න යනදේ අවශ්‍යම එකක්ද යන එක .....ඒකටත් ඔව් නම් තමයි තුන්වෙනි ගේට්ටුවට යන්නෙ....එතනදි අහනව තමන්ගෙන්ම....මේ කියන්න යන දේ කාරුණිකද...යන බව....අන්න ඒකත් ඔව් නම් තමයි ඒ වචනය සඳහා මුව විවර වෙන්නෙ.......ඉතින් හිතන්න ඒ සෘෂිවරුන් කෙතරම්ම වාග් සංවරයකින් ඉන්න ඇත්ද කියල....අපි එහෙම නෙවෙයි නේද ..අවංකවම...කියන්න හිතන දේ හිතෙන කොටම කටින් පිටවෙලා කියවලා ඉවර වෙලා තමයි අර ගේට්ටු තුන ගැන හිතන්නෙ.......ඉතින් ඔබ ට ලෝකය වෙනුවෙන් එහි මිනිසුන් වෙනුවෙන් ....හුඟාක් දේ කල හැකියි.......මේ වකවානුවේ අපි අපේම රට ගැන හිතන වෙලාවක....රූප පෙට්ටිය ගාව ඉඳගත්තාම මට හිතෙන්නෙ ...අපේ රටේ මිනිස්සුන්ගෙ කටවල් වලට නම් ගේට්ටු නොවෙයි ඉබි යතුරු ත් දාල හිතන්න පොළඹවන්න ඕන කියන දේ.........ඒ වගේම පසු ගිය දා සිදු වූ යම් යම් දේ ගැන අදහස් දැක්වීමේදීත් ....මේ තත්වය ඕනවටත් වඩා හොඳින් දැක්කා ......හැකි තාක් දුරට මගේ අතින් තව අයෙක්ට නොරිදවන්න මම වග බලා ගත්තේ ඒ නිසයි.....මිනිසුන්ට හැම විටම ඔවුන් පවත්නා ලෙස පැවතීමට ද...ඔවුන් පැවතිය යුතු අන්දමට පැවතීමටද....ඔවුන්ට සාර්ථක පුද්ගලයන් වීමටද හැකි තාක් උදව් වන්න .....එයට ඔබේ වචන මහඟු සේවයක් කරාවි.......විසිරි සිහින.Posted by විසිරි සිහින at 7:50 AM.Email ThisBlogThis!Share to TwitterShare to FacebookShare to Pinterest.No comments:.Post a Comment.Newer Post Older Post Home.Subscribe to: Post Comments (Atom).Followers.මම සිහින දකින්නියක්මි.විසිරි සිහින.විසිර ගිය සිහිනයන් එකතු කර රැගෙන එමි.View my complete profile.Total Pageviews.Labels.My Diary.travel notes.අදහස්.අපූරුම දේවල්.අරමුණු.උගත් පාඩම්.ඔබ ආයෙමත් ඇවිදින් ( නවකතාව ).කෙටිකතා.පරිවර්තන.මතක.මතකයේ රැඳෙන පොත්.රයිලිගෙ කතා.විසිරි කවි.විසිරි සිතුවිලි.විසිරිගෙ සේයා රූ.....වෙනත් අයගේ කියවපු අපූරු කතා.සඳක් සේ ( නවකතාව).සමාජ විපරම්.සෞඛ්‍ය.හසරැල් සැලුණාවේ (නවකතාව ).හැඟීම්.Blog Archive.► 2022 (25).► September (2).► August (1).► July (2).► June (2).► May (5).► April (4).► March (4).► February (4).► January (1).► 2021 (56).► December (2).► November (6).► October (6).► September (9).► August (9).► July (10).► June (3).► March (1).► February (4).► January (6).► 2020 (58).► October (9).► July (3).► June (6).► May (7).► April (21).► March (11).► February (1).▼ 2019 (18).► December (1).► November (1).► October (1).► August (1).► May (1).▼ April (9).110. Psychological First Aid (2).109. Psychological First Aid 01.108. ආදරණීය මිනිස්සු.113. ඇවිදින්න යං.111. Be cool...107. ජීවිතයක අගය.106. ඔබ පරිසරයේ කොටසක්ද.114. අසන්නෙමි.105. ආදරය පමණක්......දෙන්න..► February (2).► January (2).► 2018 (20).► December (10).► August (1).► June (1).► May (2).► April (1).► March (1).► February (2).► January (2).► 2017 (59).► December (2).► November (2).► October (4).► September (2).► August (5).► July (1).► June (6).► May (7).► April (6).► March (9).► February (5).► January (10).► 2016 (22).► December (13).► November (4).► October (5).my blog list.Transylvania."මූව මග්ගොනට යවන්න ඕනේ ".අනිත් කොන - a doctor's heart sutra.The social function of music....කොළඹ ගමයා.බ්‍රිතාන්‍ය රජ පවුලේ ජර්මන් හා රුසියානු සම්බන්ධතා.කඩදාසි කොලේ.361: උන්මාද චිත්‍රාදෝ මා - පසුවදන.ජිවිතේ යාත්‍රාව.නිද්‍රාව..නිදහස් සිතුවිලි.682. අද සිරී ලම්කාවෙ වහා විසඳාගත යුතු දැවෙන පස්න හෙවත් බෙර්නිං කුවෙස්චන්ස්.....රසිකොලොජි - Rasikology.සල්මන් රුෂ්ඩි සහ මට හමුවුණු ජාත්‍යන්තර අයියලා තුන් දෙනෙකුගේ කතා - Salman Rushdie and other stories.Ian's Den ඉයන්ගේ අඩවිය.පොරොන්දුවක් කඩ කිරීම.සොඳුරු සඳවතී.අහන්නකො......ගස් ලබ්බ.අටම්පහුර.ඉස්සෙල්ලම ගහපු එකා.තරුරසී.තරුණ අපේ හීන මැරූ - උඹල තමයි කම්බ හොරූ....chef-architect.කෑ බනික.මගේ බ්ලොග.53. How Seedr can helped you???.කලාහිත.. Kalahitha.අධි පරිභෝජනවාදයෙන් මිදී සරළ ජිවන රටාවකට හුරුවෙමු.තිලක සිත.මළ ඉලව් ලිෆ්ට් එක.රස්තියාදුකාරයා.සුභ ගමන් ආදරණීය ආටියා...........නොපළ කතා.අ(සම්මුතිය).test post for facebook – Aru-ge adaviya.කඩේ ගියා හෝ නැතා…මේ සින්දුව අහන්න...සින්ඩරෙල්ලාගේ සපත්තුව....!.රූබරිය !.රසුදැල්.මිලියන ගණන් වටිනා 99 මිනිස්සු.වැව් ඉස්මත්ත.කොච්චි මිරිස්.රොශාන් මහානාම,කොච්චියාගේ යාඤාව සහ බුද්ධත්වයට පත් සමන්තබද්‍ර.අහසෙන් එන්න....පස් මසකට පෙර ජීවිතේ පෙරළුණු අලුත් පිටුව.යාං හෑල්ල.ඔපිස් එකේ කොරෝනාගෙන් බේරෙන හැටි - How to avoid Corona at office.සමකය වටේ.Katchatheevu Feast 2020Drone vedio | கச்சதீவு அந்தோனியார் ஆலய திருநாள் 2....Nelum Yaya.ප්‍රන්ස බස සහ ඉංග්‍රීසි බස වෙනුවෙන් මරා ගැනීම.A T Sudarshana.Maharada Oba Giya daa (මා හැර දා ඔබ ගිය දා ).කතා කරන පන්හිඳ.පොකුරු වැහි.හිත්.දුමී.122. කිමද සොඳුරියෙ හඬන්නේ යළි අපිට හිමි වෙනවා අපී.....බස්සිගේ නවාතැන.ඔබේ රහස් සතුටු බුබුළ (Happiness Bubble).කැලේ පිපුණු මල්.01 පළමු දවස 2019 ජූනී 22.උඩුවාගේ සටහන්....රත්නම්ගේ වේදනාව.මාරයාගේ හෝරාව....නිවිති එක්ක දෙල් කිරට....මම එරන්දී... I'm Erandi.STRESS ද?.සින්බෑඩ්ගේ අඩවිය.දිනපොත 25.සජ්ජාගේ පඩංගුව.පරිසරය සමඟ පවුලත් සුරකිමු ...!!!!!.පැමිණ යන්නට මත්තෙන්...හැකි නම් තබන්න සටහනක්..එය මට මහත් දිරියක්. Ethereal theme. Powered by Blogger. |
විසිරි සිහින: January 2018.විසිරි සිහින.Saturday, January 27, 2018.115. ජිවත් වන්න මේ ලෙසට.මම පොතක කියවපු සටහනක් තියෙනවා මෙහෙම ....ඔබ උපදින වෙලාවේ මුළු ලෝකයම උද්දාමයට පත්වෙද්දී ඔබ හඬන්නට ඇති....ඔබ ඒ නිසා ජිවත් විය යුත්තේ...කවදා හෝ ඔබ සෙසු අය හඬා වැටෙද්දී ඔබ සතුටින් මිය යන ආකාරයටය.....ඇත්තෙන්ම හිතන්න මේ සටහනේ සත්‍යය.....අපි ජිවත් වෙන්නේ ජීවිතය කියන්නේ කුමක්ද කියලා අපිටම අමතක වෙන යුගයක........හිතන්න ...ඔබ සමහරක් වෙලාවට වචන වලින් කෙනෙක්ව හඳටත් එහා තැනක තියාවි....ඒත්..ඔබ පාරෙන් එහා පැත්තේ ගෙදර ඉන්න ඔබේම අසල්වැසියා ගැන කිසිවක් දන්නේ නැහැ.....අපිට ගණිත සංකල්ප භාවිත කරලා මුදූ ගානකින් එහාට මිසයිලයක් ටක්කෙටම යවන්න පුළුවන්...ඒත්,,,අපිට අපේ ආදරනියයන් එක්ක මොහොතක් ගෙවන්න ෂෝට් ලීව් එකක් දාගන්න වෙලාවක් නැහැ......අපිට ජංගම දුරකථන, විද්‍යුත් මේල, ෆැක්ස්..ඔය වගේ ඇති නවීන ඕන තරම් දේවල් තියන නිසා අපි ලෝකය එක්ක හරිම සමීපයි.....කියලා හිතුවත්....මේ කාලය තමයි මිනිසුන් එකිනෙකා අතරින් සැබෑවටම ඈත් වෙලා ඉන්න යුගය...අපි අපේ මානව බැඳීම් වලින් ඈත් වෙන්න අරන්...අපි අපේ අරමුණු ග්‍රහණය කරගන්න විදි වෙනස් වෙන්න අරන්....අපි කෙටියෙන් කිව්වොත් ලෝකය දකින විදිය එහෙම පිටින්ම වෙන ස් වෙන්න අරන්......මේ ගැටලුවට සරලවම උත්තර දෙන්න....ඔබ කවදා හරි මැරුනොත් ඔබ වෙනුවෙන් කවුද අඬන්න ඉන්නේ...?.මේ ජිවත් වෙන කාලේදී ඔබ ස්පර්ශ කල මිනිස් සිත් සතන් ගණන ඔබට හිතන්න පුලුවන්ද.......ඔබ හිතන්න.....බර්නාඩ් ෂෝ මරණ මංචකයේ ඉද්දි කෙනෙක් ඇහුවලු ඔහුගෙන්..ඔබට යලුත් ජිවත් වෙන්න ලැබුනොත් ඔබ වෙන්නේ කවුරුද කියල....ඔහු දුන්න උත්තරේ තමයි.....මම මේ තරම් කල් වෙන්න බැරි උන..ඒත් මට වෙන්න ඕනෑම වුන කෙනා බවට පත් වෙනවා...කියන එක......ඉතින් නැවත සිතන්න......ඔබ ජිවත් විය යුත්තේ කෙසේද.....ඔබ තුල ඇති සත්‍යය වටහා ගන්න.....ජීවිතය යන ගමන සුන්දර ගමනක් කරගන්න.ජීවිතය කියන්නේ ඉඩක් හසරක් නැතුව වැඩ කරන එකට නම් නොවේ...අපි හැමෝම එකම අරමුණකින් ලෝකයට ඇවිල්ලා ඉන් පසු විවිධ මාවත් වල යන අය ....ඔබේ මාවත ඔබ සකසා ගන්න....ඔබ සෙස්සන් ඔබ වෙනුවෙන් ලෝකය නිර්මාණය කරදෙන තුරු සිටින්නෙක්ද......එසේ නම් මෙන්න මේ වදන එක්ක ඒ ක්‍රමය වෙනස් කරන්න....ඔබගේ ලෝකය තුළ ඔබ දකින්නට පතන වෙනස ඔබම වන්න.මහත්මා ගාන්ධි තුමා.Be the change that you wish to see most in your world.Mahatma gandhi.ස්තුතියි.මම.විසිරි.Posted by විසිරි සිහින at 3:31 AM No comments:.Email ThisBlogThis!Share to TwitterShare to FacebookShare to Pinterest.Labels: අදහස්.83...ප්‍රේමය සුන්දරයි.සඟවන්න එපා හසරැල්.දල්වන්න එපා ගිනිදැල්.ඔබම කෙරේ සිත බැඳුණ දිනේ සිට.මගෙම හැඟේ ඔබ නම් .....සමහරක් සිංදු ජීවිතේ ඊ සැරයක් වගේ වේගයෙන් මතක අවුලනවා..ප්‍රේමය කියන්නේ අපූරුම වස්තු විශයයක්....ඒක එක එක්කෙනා තමන්ට අයිති ආකාරයට වෙන වෙනම බාර ගන්නවා.......ඊයේ Charithaගෙ පෝස්ට් එකත්...මට මේක ලියන්න මතක රැසක් ගෙනාවා.....සමහරක් අය ලියද්දි.....ප්‍රේමයයි වෛරය යි අතරේ වෙනස කෙස් ගසකට සමයි ...කියල.....එහෙම නොවන අපූරු මානවීය බැඳීම් මිනිස්සුන්ගෙ ගාව ඉතුරු වෙනවා..........ඉස්සරම බාලිකාවක් වෙලා උසස් පෙල කරන කාලෙ ......ජීවිතේ ට එක්කාසු වුණ ...මගදි කිසිත් හිතේ කහටක් නැතුව අත හැරී ගිය ...නමක් දෙන්නට අපහසු සුන්දර බැඳීමක් මටත් තිබුණා ...ඒකට මම ආදරය හෝ ප්‍රේමය කියන්නේ නෑ....සමහරක් වෙලාවට එතන යාලුකම ..සහෝදරකම...වගේම සෙනෙහසකුත් තිබුණා..........මං තාම ඒ බාලිකා මතකයට ආස.....පුදුමාකාර සුන්දරත්වයක් ජීවිතේට එක් කල ඒ බැඳීම ....අත හැරුණත් ....කිසිම දාක ඔහු මට වෛර නොකල නිසා......සමහරක් විට ජීවිතේ තෝරා ගැනීම් වලදී......සමහර දේ අතහැරෙනව...........කාලයක් ගතවෙලා ......අපි දෙමවුපියනුත් වෙලා.....වෙන වෙනම කුටුම්භ වල ජීවිත ගෙනියනවා.......අවුරුදු විසි ගානකට පස්සෙත්....ඉස්සර මතකයන්...මතක් කරලා හිනාවෙන්න .....ඔහුට වගේම මටත් හැකි........බැඳීම වගේම හිතේ කහටත් " අතහැරපු" නිසා...........අද කාලේ ඇතිවෙනවට වඩා කලින් බිඳෙන ප්‍රේම වෘත්තාන්ත දුටුවම .......පොඩ්ඩ එහාමෙහා වෙනවිට ...ආදරය අමතක වෙලා වෛරය පැසවන හැටි දකින කොට.............මට ඒ බැඳීම් ගැන දැනෙන්නෙ ඉස්සරම දවසක.....බාලිකා ඇසක් බිමට හැරුණාම ....අපූරු සෙනෙහස් බැල්මකින් ....බලපු යොවුන් ඇස් දෙකක මිහිර........එපමණයි.........මම.විසිරි.Posted by විසිරි සිහින at 3:12 AM 9 comments:.Email ThisBlogThis!Share to TwitterShare to FacebookShare to Pinterest.Labels: මතක.Newer Posts Older Posts Home.Subscribe to: Posts (Atom).Followers.මම සිහින දකින්නියක්මි.විසිරි සිහින.විසිර ගිය සිහිනයන් එකතු කර රැගෙන එමි.View my complete profile.Total Pageviews.Labels.My Diary.travel notes.අදහස්.අපූරුම දේවල්.අරමුණු.උගත් පාඩම්.ඔබ ආයෙමත් ඇවිදින් ( නවකතාව ).කෙටිකතා.පරිවර්තන.මතක.මතකයේ රැඳෙන පොත්.රයිලිගෙ කතා.විසිරි කවි.විසිරි සිතුවිලි.විසිරිගෙ සේයා රූ.....වෙනත් අයගේ කියවපු අපූරු කතා.සඳක් සේ ( නවකතාව).සමාජ විපරම්.සෞඛ්‍ය.හසරැල් සැලුණාවේ (නවකතාව ).හැඟීම්.Blog Archive.► 2022 (25).► September (2).► August (1).► July (2).► June (2).► May (5).► April (4).► March (4).► February (4).► January (1).► 2021 (56).► December (2).► November (6).► October (6).► September (9).► August (9).► July (10).► June (3).► March (1).► February (4).► January (6).► 2020 (58).► October (9).► July (3).► June (6).► May (7).► April (21).► March (11).► February (1).► 2019 (18).► December (1).► November (1).► October (1).► August (1).► May (1).► April (9).► February (2).► January (2).▼ 2018 (20).► December (10).► August (1).► June (1).► May (2).► April (1).► March (1).► February (2).▼ January (2).115. ජිවත් වන්න මේ ලෙසට.83...ප්‍රේමය සුන්දරයි.► 2017 (59).► December (2).► November (2).► October (4).► September (2).► August (5).► July (1).► June (6).► May (7).► April (6).► March (9).► February (5).► January (10).► 2016 (22).► December (13).► November (4).► October (5).my blog list.Transylvania."මූව මග්ගොනට යවන්න ඕනේ ".අනිත් කොන - a doctor's heart sutra.The social function of music....කොළඹ ගමයා.බ්‍රිතාන්‍ය රජ පවුලේ ජර්මන් හා රුසියානු සම්බන්ධතා.කඩදාසි කොලේ.361: උන්මාද චිත්‍රාදෝ මා - පසුවදන.ජිවිතේ යාත්‍රාව.නිද්‍රාව..නිදහස් සිතුවිලි.682. අද සිරී ලම්කාවෙ වහා විසඳාගත යුතු දැවෙන පස්න හෙවත් බෙර්නිං කුවෙස්චන්ස්.....රසිකොලොජි - Rasikology.සල්මන් රුෂ්ඩි සහ මට හමුවුණු ජාත්‍යන්තර අයියලා තුන් දෙනෙකුගේ කතා - Salman Rushdie and other stories.Ian's Den ඉයන්ගේ අඩවිය.පොරොන්දුවක් කඩ කිරීම.සොඳුරු සඳවතී.අහන්නකො......ගස් ලබ්බ.අටම්පහුර.ඉස්සෙල්ලම ගහපු එකා.තරුරසී.තරුණ අපේ හීන මැරූ - උඹල තමයි කම්බ හොරූ....chef-architect.කෑ බනික.මගේ බ්ලොග.53. How Seedr can helped you???.කලාහිත.. Kalahitha.අධි පරිභෝජනවාදයෙන් මිදී සරළ ජිවන රටාවකට හුරුවෙමු.තිලක සිත.මළ ඉලව් ලිෆ්ට් එක.රස්තියාදුකාරයා.සුභ ගමන් ආදරණීය ආටියා...........නොපළ කතා.අ(සම්මුතිය).test post for facebook – Aru-ge adaviya.කඩේ ගියා හෝ නැතා…මේ සින්දුව අහන්න...සින්ඩරෙල්ලාගේ සපත්තුව....!.රූබරිය !.රසුදැල්.මිලියන ගණන් වටිනා 99 මිනිස්සු.වැව් ඉස්මත්ත.කොච්චි මිරිස්.රොශාන් මහානාම,කොච්චියාගේ යාඤාව සහ බුද්ධත්වයට පත් සමන්තබද්‍ර.අහසෙන් එන්න....පස් මසකට පෙර ජීවිතේ පෙරළුණු අලුත් පිටුව.යාං හෑල්ල.ඔපිස් එකේ කොරෝනාගෙන් බේරෙන හැටි - How to avoid Corona at office.සමකය වටේ.Katchatheevu Feast 2020Drone vedio | கச்சதீவு அந்தோனியார் ஆலய திருநாள் 2....Nelum Yaya.ප්‍රන්ස බස සහ ඉංග්‍රීසි බස වෙනුවෙන් මරා ගැනීම.A T Sudarshana.Maharada Oba Giya daa (මා හැර දා ඔබ ගිය දා ).කතා කරන පන්හිඳ.පොකුරු වැහි.හිත්.දුමී.122. කිමද සොඳුරියෙ හඬන්නේ යළි අපිට හිමි වෙනවා අපී.....බස්සිගේ නවාතැන.ඔබේ රහස් සතුටු බුබුළ (Happiness Bubble).කැලේ පිපුණු මල්.01 පළමු දවස 2019 ජූනී 22.උඩුවාගේ සටහන්....රත්නම්ගේ වේදනාව.මාරයාගේ හෝරාව....නිවිති එක්ක දෙල් කිරට....මම එරන්දී... I'm Erandi.STRESS ද?.සින්බෑඩ්ගේ අඩවිය.දිනපොත 25.සජ්ජාගේ පඩංගුව.පරිසරය සමඟ පවුලත් සුරකිමු ...!!!!!.පැමිණ යන්නට මත්තෙන්...හැකි නම් තබන්න සටහනක්..එය මට මහත් දිරියක්. Ethereal theme. Powered by Blogger. |
විසිරි සිහින: 10.දහ වෙනි කොටස ( ඔබ ආයෙමත් ඇවිදින් ).විසිරි සිහින.Thursday, September 9, 2021.10.දහ වෙනි කොටස ( ඔබ ආයෙමත් ඇවිදින් )..බිම්සර හදිසි රාජකාරි කටයුතු සඳහා නැවත මූලස්ථානයට කැඳවනු ලදුව නැගෙනහිර පළාත වෙත සතියකට යොමුකොට තිබුණි. මේ මොහොතේ වුව රාජකාරිය යනු අංක එක හෙයින් ඔහු කිසිවක්ම නොකියා එයට අනුමැතිය දුන්නේය.."මොකෝ වෙන්නෙ දැන්.".බිම්සර ඇඳුම් බෑගයද ඇඳ මත තබා යන්නට සූදානම් වෙමින් ඇමතුම ගත්තේ රිද්මාටය.."අද මේ ඩිස්චාජ් කරන ඩොකියුමන්ට් වල වැඩ. මේකට ගවන්මන්ට් එකෙන් වන්දියක් එහෙම හම්බවෙයිනෙ. ඉතින් ලීගල් ඩොකියුමන්ට්ස් ඔක්කොම යන්න කලින් හරියට ඇරෙන්ජ් කරගන්න ඕන.".රිද්මා පිළිතුරු දුන්නාය.."කෝ දැන්?".බිම්සර ඇසුවේ යන්නට මොහොතක් තබා හෝ ඒ රුව දකිනු රිසියෙනි.."තාම ඇඳේ. හිටුකො ෆොටෝ එකක් අරන් එවන්න.".රිද්මා සුලෝචනා ඉන්නා දෙසට යමින් පැවසුවාය.."ඒ සුදු අයියා කෝල් එකක් අරන් දෙන්නද එක්කො. සවුන්ඩ් අඩුකරල වීඩියෝ එකක්?".රිද්මා දඟකාර හඬකින් ඇසුවාය.."ඕන්නෑ..ඕන්නෑ..තමුසෙගෙ ඉස්කෝලෙ කාලෙ නොමේරූ ගති තාම හරි ගිහින් නෑ කියල ප්‍රදර්ශනය නොකර ෆොටෝ එකක් අරන් එවනවකො.".බිම්සර පැවසුවේ රෝහල් වාට්ටුවක ඇමතුමක යෙදීමට වඩා ඇයගේ මානසිකත්වය ගැන ප්‍රවේශම් වෙමිනි. රිද්මා සයනය මත හිඳගෙන ඉන්නා සුලෝචනා සමග සිනාවෙමින් ඇයගේ සේයාරුවක් ගත්තාය. ඒ දෙය ගැන පවා සුලෝචනාට ඒ හැටි අවබෝධයක් නොවීය.."ඔන්න වට්සැප් කලා .බලනවා".රිද්මා ඇමතුමේ රැඳෙමින්ම එය යැව්වාය.."මම අද ඊස්ටර්න් යනවා සතියකට එහෙ ඩියුටි. කොහොමද අරහෙ එක්ක යන ඒවා ඔක්කොම හරිද?".බිම්සර කල් ඇතුව දැනුවත් වී උන් කාරණා සියල්ල ගැන යළිත් ඇසීය.."ඔව් එහෙ ඔක්කොම හරි , මම ගෙදරට අත්‍යාවශ්‍ය බඩුත් ගෙනිහින් දැම්මා. තමුසෙ වියදම් දැරුවා කියන්න ගියෙ නෑ මම.".රිද්මා ප්‍රමුදිතා සමගින් අත්‍යාවශ්‍ය භාණ්ඩ මිලදී ගන්නට ගියේ සිදුවීමෙන් හානිවූ අයට රෝහල හරහා සුබසාධනයෙන් මුදලක් වෙන්කර ඇති බව පවසමිනි.."අක්කා සල්ලි පොතට දාල තියෙන්නෙ රිද්මා අක්කේ. ඒත් අක්කාගේ එකවුන්ට් එකට කාඩ් එක එක්ස්ෆයර් වෙලා ගිය සුමානෙ. මේක රිනිව් කරගන්න යන්න ඕන කියකියාත් උන්නේ එයා.".ප්‍රමුදිතා මුදල් ගන්නට මැලිවෙමින් පැවසුවාය.."මේක ඔක්කොටම දෙන ෆන්ඩ්ස්නෙ නන්ගි. ඒ නිසා අපි ඒ ගැන නොහිතා අවශ්‍යම දේවල් ගම්මු.".රිද්මා පැවසුවේ බිම්සරගේ මුදල් යැයි අනාවරණය නොවීම වඩා සුදුසු යැයි සිතමිනි..රිද්මා විසින් එවන ලද්දාවූ සේයාරුව දෙස බලාඋන් බිම්සර මෙත්මිගේ මුහුණේ අතීත ස්වරූපයේ තවම ඉතුරුවී ඇති ලකුණු සිතේ මවාගත්තේය. ඇස් ලොකු කොට බලන මොහොතක, තමා බැන වැදුනු විටෙක කඳුලු පිරීයන ලොකු ඇස් දෙක ඔහුගේ මුවගට එක්කලේ මඳසිනහවකි. බිම්සර කිසිවක්ම නොකියා ජංගමය පපුවට ගෙන දෑස් වසාගත්තේය..පසුගිය කාලයේ සිදුවූ සිද්ධියට සමානවම නැගෙනහිර පළාතේ සිදුවූ කාරණාවල ද අලුයට ගිනි තවම පැතිරෙමින් පවතී. විශේෂ විමර්ශන කණ්ඩායමක් හා සමගින් බිම්සර එහි ගියේ රාජකාරි කටයුතු සඳහාය. මේ මොහොතේ ඇය සමීපයේ ඉන්නට බලකරන සිතට සිය රාජකරියේ බරපතලකම ඒත්තු ගන්වමින් බිම්සර තවතවත් ඉවසුම් සහගත විය..වේගයෙන් ඇදීයන ජීප් රථ පෙලෙහි බිම්සර උන්නේ එක් රියකය. රත්නායක සුපුරුදු ලෙස එය පැදවූ අතර බිම්සර ඉදිරි අසුනට වී දෑස් මොහොතකට පියාගත්තේය..ඉදින් යළි අතීතයම ඇස් අද්දර විය..උසස්පෙළ හමාරවී බිම්සර නුවර එලියට ගියේ ගෙදරින් ආ හදිසි ඇමතුමේ හේතුවෙනි. ව්භාගය අවසන්ව දිනක් දෙකක් ඉන්නට හිතේ තියාගෙනම උන්නේ මෙත්මිට කියායන්නට අවැසිවූ හෙයිනි. අප්‍රකාශිත වූවද එය ප්‍රේමයම බව සිත වටහාගෙන හමාරය. එහෙත්,."සුදු පුතේ හෙටම ගෙදර එන්න." යැයි අප්පච්චී පැවසුවිට කුමක් හෝ බරපතල කාරණයක් ඇතිබව බිම්සරට එදා වැටහුණි. නැත්නම් කීයටවත් අප්පච්චී එසේ කියන්නේ නැත.."කමක් නෑ, හෙට ගෙදර ගිහින් ලබන සතිය දිහාට ආපහු ඇවිල්ල බලල යනවා" යැයි ඔහු සිතාගත්තේය. ඉදින් ගමට ගිය පසු සියල්ල තිබුණේ උඩුයටිකුරුවීය..මාස හයකින් විභාගය නිසා ගෙදර නොඑන්නයැයි අම්මා සහ අප්පච්චී මගින් මගටම කීමේ බරපතල හේතුව බිම්සරගේ දෑස් ඉදිරිපිට දිස්ව තිබුණි..අම්මා...ඇය උන්නේ පිළිකාවක අවදානම් අදියරට පැමිණය.."ඇයි අප්පච්චී මෙච්චර කාලයක් මට මේවා හැංගුවේ".බිම්සර ඇසුවේ වේදනාවෙන් හඬාවැටෙමිනි.."සුදු පුතේ, අපි කරන්න ඕන ප්‍රතිකාර අම්මට අඩුවක් කලේ නැහැ. දැන් ඉතින් අපි ලොකු නැන්දාගේ ඇරේන්ජ්මන්ට් වලට අනුව අපි එහේ ගිහින් ඉතුරු වැඩ ටික කරගම්මු.".ඉතුරු සති දෙක ගතවූයේ අම්මා සමග විදෙස්ගතවන්නටය. ආපසු ඉතින් ඇයව හමුවන්නට කිසිදු කාලයක් ඉතුරුව තිබුණේ ද නැත.."මචං රශියා..අනේ බං අර පොඩි එකීව පොඩ්ඩක් බලපන්.මේ වෙච්ච කාරණා ටික කියලා මම එනකල් පරෙස්සමින් ඉන්න කියපන්. මම ගිහින් එහෙ ඇරෙන්ජ්මන්ට් ටික සෙට් වුණ ගමන් කෝල් එකක් දෙනවා කිව්ව කියපන්. කොහොමහරි කොහෙට හරි...".බිම්සර ඒ මොහොතේද උන්නේ අම්මා සමග ගුවන්තොටුපලට යමිනි. සිතේ ඇති වේදනාව මෙන්ම කලබලකාරී බවද අතිමහත්ව ප්‍රකාශවූ ඒ හඬින් සියල්ල අවබෝධ කරගත් රශිත ඔහුගේ පණිවිඩය ඇයට ලබාදෙන්නට පොරොන්දු වූවේය..ඕස්ට්‍රේලියාවට ගොස් සතියකට පමණ පසු රශිත ඇමතූ තමන්ට දැනගන්නට ලැබුණේ යහපත් කාරණයක් නම් නොවේ.ඉදින් එදා පටන් ඇය අතුරුදහන්ව ගියාය. කිසිදු සලකුණක් හෝ නොතබා ඇය අම්මා සහ කුඩා නැගණිය සමග යන්නට ගොස් තිබුණි. ජීවිතයේ අතිමහත්ම දුෂ්කරකාලය පැමිණියේ ඉන්පසුවය. අම්මා ජීවිතය සමග දැඩිසේ ඔට්ටු ඇල්ලුවාය. බිම්සර අම්මා ලඟම සිය හිත් තැවුල් අමතක කර රැඳී උන්නේය. ..ඉඳහිටක රශිත ඇමතුවද ඔහුට කිසිදු කාරණයක දැනගන්නට ලැබුණේද නැත..ඉදින් ජීවිතය හිස්වම යන්නට විය. ඕස්ට්‍රේලියාවේ ජීවිතය බිම්සරට වෙහෙසකර එකක් වූයේම අම්මා සම්බන්ධ කාරණා හෙයිනි. ඒ අතර උසස්පෙල ප්‍රතිපල ආවද බිම්සර තරමක් හොඳ ප්‍රතිපල ලබා තිබුනද විශ්ව විද්‍යාලයට යෑම ඔහු ප්‍රතික්ෂේප කලේය. අම්මා සුව වන තුරු ජීවිතයේ ඉතින් අන් අරමුණක් ඇතැයි ඔහුට නිනව්වක් නොවූ තරම්ය. අවසානයේ වසර දෙකක සියලු වෙහෙස වතුරේම යවමින් අම්මා දෑස් පියාගත්තේ සියලුම දුක්වේදනාවන්ට සමුදෙමිනි. බිම්සර ආපසු ලංකාවට පැමිණියේ සියලු බලාපොරොත්තු අහිමිවූවකු සේය.."සුදුපුතේ ඔයා අම්මා වෙනුවෙන් කරන්න ඕන හැමදේම කලා. හිතන්න අම්මා දුක් නොවිඳ සැනසීම ලැබුවා කියලා දැන්.".අප්පච්චී පැවසුවේ බිම්සර හඬාවැටෙනා අන්දම දැකදැක සිටිනු නොහැකිවය..🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡."අප්පච්චී මම හමුදාවට ඇප්ලයි කලා.".සති ගණනාවකට පසු බිම්සර පැවසුවේය. ඒ රටේ බිහිසුණුම කාලයක යුද සෙවණැලි ඇතිරෙමින් තිබූ සමයේය.ඉදින් එක්වනම බිම්සරගේ අදහසට අනුමැතියක් දෙන්නට අප්පච්චීට නොහැකිවිය.."මට කරදරයක් වෙන්නෙ නෑ අප්පච්චි. මම පරෙස්සම් වෙන්නම්. අහන්න අප්පච්චි, මට හිත හදාගන්න හොඳම දේ මේක. මට ඒ නිසා බෑ නොකියා යන්න දෙන්න".බිම්සර අප්පච්චිගේ පාමුල දණගසාගෙන ඔහු දෝත අල්ලාගෙන පැවසුවේය. බොහෝ කල්පනාවකට පසු අප්පච්චී බිම්සරගේ හිස අතගා ඔහුට ආශිර්වාද කලේ ඒ ගමනටය.."අප්පච්චියි මල්ලිලයි බලාගන්න මම ඉන්නව අප්පච්චි. බයවෙන්න එපා. මට කිසිම කරදරයක් වෙන්නෙ නෑ.".බිම්සර හමුදා පුහුණුවට යන්නට එළියට බැස්සේ ඒ පොරොන්දුව අප්පච්චීට දෙමිනි..ඉදින් කාලය ගතව ගියේ ඉතාම දරුණු සමයකයට යටවීය.ජීවිතාශාව දල්වන්නාක්වූ කිසිවක්ම නොවූ සිය දිවියට වූ එකම අවශ්‍යතාවය වූයේ අප්පච්චී සහ මල්ලිලා රැකබලා ගන්නට මෙන්ම ඔවුන්ට අවශ්‍ය පහසුකම් සපයා දෙන්නටම පමණකි. හතර අතින් යුදගිනි ඇවිලෙනා රටක සමහරක් විට ජීවිතයම අවිනිශ්චිත වූ සමයක ඔහු හිතක් නැත්තෙකු සේ ඔහේම උන්නේය. දරුණුම ගණයේ නොවූවද ඉඳහිටක වූ සමහරක් අනතුරුද ජීවිතය තවත් හයිය බව ඔහුට කියාදුන්නේය..ඉතාම කලාතුරකින් පමණක් නිවාඩු ලබා නුවරඑළියේ නිවසට ගියද බිම්සර උන්නේ තමා විසින්ම ගොඩ නගාගත් ලෝකයක හුදෙකලාවීය..යොවුන් වියේ හද ඔද්දල් කළ ප්‍රේමය සලකුනක් නොතබාම සැඟව ගිය හිත බිඳුණු ප්‍රේමවන්තයෙකු පමණක් අවසානයේ ඉතුරුවී තිබුණි..ඉතාම කලාතුරකින් පමණක් එකී ඉසව්වට වරක් දෙකක් ආවද ඒ ගමනද පැය කිහිපයකට පමණක් සීමාව ආපසු යන්නක් විය. රශිත හැකිතාක් දුරට මෙත්මි ගැන සොයාබැලූවද කිසිදු හෝඩුවාවක් ඇය ගැන තේජාගෙන් හෝ ලබාගන්නට නොහැකි විය.."අපේ අම්මාත් අන්තිමට අපිට නැතිවුනේ ඔය ගෑණු නිසා.අපේ අම්මයි උන්ගේ තාත්තයි අතර සම්බන්ධයක් තියනව කියල ඒ මහ අම්මණ්ඩි අවුලාගත්තු ඇවිලීම නිසා අන්තිමට අපේ අම්මා රට ගියා. අපිට කල දේට ඕකුන්ට ඔහොම වෙලා මදි.".තේජාගේ ද්වේශ සහගත වදන් නොඅසනු රිසිව ඉන් පසු රශිතද ඒ ගැන ඇසුවේම නැත..යුද්ධය නිමාවූයේ රටටම සහනයක් අත්කරදෙමිනි. සෙස්සන් ජයපැන් බොන මොහොතේ පවා බිම්සර උන්නේ හුදෙකලාවය. උතුරුකරයේ කරදිය සුලඟින් නැහැවුන කලපුවක් අසල බිම්සර බලාඋන්නේද ඈත සිය ජයග්‍රහණය සමරන සෙබල පිරිස දෙසය..මේ තරම් කුඩා රටක ඇය සැඟව ගියායයි සිතීමද විටෙක විහිලුවක් මෙන් විය. බිම්සර සිය උත්සාහය අත්නොහැර ඇයව සොයන්නට වෙර දැරීය. නමුත් මෙත්මි හෝ ඇයගේ මව ගේ කිසිදු නෑදෑ අයෙක් නොවූ නිසාවෙන් ගම්පළාතක් ගැන හෝ සොයාගන්නට නොහැකි වී තිබුණි..ඉතින් ඒ අයට වූ දේ දැනගන්නට ඉඩ ලැබෙන්නේ දැන්ය. උන්නේ කොහිද වූයේ කිමෙක්ද යන්නම මහා ප්‍රහේලිකාවකි..නැගෙනහිර පළාතේ ගැටලු නිමව එනවිට ඇයව රිද්මාලාට අයත් පොල්වත්තේ නිවෙසට ගෙනගොස් තිබෙනු ඇත. ඉදින් රිද්මා හරහා ඇය බලන්නට යන්නට සැලසුමක් සාදාගන්නේ කෙලෙසකදැයි බිම්සර කල්පනා කරමින්ම උන්නේය..අදාල ලියකියවිලි කටයුතු නිමාවූ පසු ප්‍රමුදිතාගේ සහයද ඇතිව රිද්මා, සුලෝචනා සිය රියට නංවාගත්තාය.."අක්කා අපි ඔන්න අද යන්නෙ අලුත් ගෙදරකට.".ප්‍රමුදිතා අක්කාගේ හිසකේ අතරට ඇඟිලියවමින් පැවසුවාය. සුලෝචනාගේ මුහුණේ මඳ සිනහවක් ඉපිද ආවද එය සජීවී සිනහවක් නම් නොවේ..සිදුවීම සිදුවී මාසයකට වැඩිකාලයක් ගතවුවද ඇයගේ එම සජීවී බව තවම යථා තත්වයට පැමිණ නැත.ඉදින් එයට කාලය අවැසි බව වෛද්‍යවරුන් පැවසූහ..අක්කාගේ හිසකේ ගණව ඇත. ගෙදරට ගොස් වතුර එකක් රත්කොට ඇය නැහැවිය යුතුය. කෙතෙක් අපහසුතා දරාඋන්නද දිනපතා ස්නානය කල ඇයට යන්තමින් ස්පොන්ජ් බාත් එකකින් සෑහෙන්නට සිදුවිය..සුලෝචනා කැඳවාගෙන නිවසට යන අතරමග දී ප්‍රමුදිතා අම්මා අමතා එන බව පවසාඋන්නාය. අම්මා සිරිසේන මාමාගේ බිරිඳ වූ ඈන් නැන්දා සමගින් කාමරය අස්පරස් කොට යළි සකසන්නට ඇත. අක්කා කැමති අන්දමේ ආහාර සකසන්නට අම්මාට ඕනෑ වූයේ පෙරදා පටන් ය..ගේට්ටුව විවරකොට වාහනය ගෙවත්තට දැමූ රිද්මා ප්‍රමුදිතාගේ සහයද ඇතිව සුලෝචනාට බසින්නට උදව්කලාය. නුහුරු ලෙස පියවර ඔසවමින් රියෙන් බට සුලෝචනා දැස් විදහා බැලුවේ හාත්පස හරිත වර්ණයෙන් දිදුලන පරිසරය දෙසය.."ගස් දැක්කම ආස හිතුණා නේහ්..".ප්‍රමුදිතා අක්කාගේ දෑසට එබෙමින් පැවසුවාය. සුලෝචනා මඳ සිනහවකින් හිස නගා සිය නැගෙණියගේ වත දෙස බලාඋන්නාය. තවමත් ඇයට නිසි ආකාරව අදහස් ප්‍රකාශනයට මුහුණේ මස්පිඬු ක්‍රියානොකරයි.."පොඩ්ඩියෙ අක්කාව ගෙට එක්කන් එන්නකො. පස්සෙ පුලුවන්නෙ වටපිටාව බලන්න".අම්මා ගෙතුල සිට පැමිණෙමින් පැවසුවාය.."යමු අක්කෙ ගෙට" ප්‍රමුදිතා අක්කාගේ අතකින් අල්ලාගත්තේ එහා පසින් වාරු දෙන රිද්මා අනුව යමිනි.."මගෙ කෙල්ල..රත්නත්‍රයේ සරණයි මගෙ අම්මට.".අම්මා ඉකිය වලකාගන්නට තැත් කරමින් සුලෝචනා බදාගත්තාය.."මම වතුර ලොකු ,මුට්ටියක් රත්කරල ඈන් නැන්දා එක්ක බාත්රූම් එකට ඇල්ලුවා. පුතේ අක්කව නෑව්වට කමක් නැද්ද කියල අර දොස්තර නෝනාගෙන් අහන්න.".අම්මා පිටි අත්ලෙන් කඳුලු පිසිමින්ම පැවසුවාය.."කමක් නෑ අම්මා. නාවන්න.එහෙදිත් මම හිතන්නෙ කෙස්ටික වෙනම හේදුවා ස්ටාෆ් එකේ අය.".රිද්මා පැවසුවේ ගෙතුලට එබෙමිනි.ඇය උන්නේ ජංගමය ඔස්සේ බිම්සරට සියලු තොරතුරු කෙටි පණිවිඩ ඔස්සේ වාර්තාකරමිනි.."තමුසෙ මට අප්ඩේට් නොවැරදීම දෙනවා ඔන්ටයිම් හරිද ?".බිම්සර උදේම රාජකාරි සඳහා පිටවයන්නට පෙරද පැවසීය.."ඕවට ගෙවන්න වෙයි සුදු අයියා හරිද ?".රිද්මා සිනාසුනේ එසේ කියමිනි.."ඉස්කෝලෙ යන කාලේ අර කොල්ලො දෙන්නෙක්ම පස්සෙන් ආව කාලෙ උඹව බේරගත්තා මතකද ? ආන්න ඒවට මේ ණය ගෙවන්නෙ උඹ.".බිම්සර සිනාවූයේ කාලයකට පසු හදවතේ ඉපදෙනා සැහැල්ලුවෙනි..රිද්මා පිටව ගියේ දිවා ආහාරයද ඔවුන් සමග රැගෙනය. අම්මා සහ ප්‍රමුදිතා එක්ව උණුවතුරෙන් නහවනු ලැබූ සුලෝචනා දිවා ආහාර ගත් වහාම නින්දට වැටුණාය.."කොහොමත් එයාට අවශ්‍ය විවේකය. ඒ නිසා ටිකක් ඔහොම ඉන්න දෙන්න. හවස් වෙලා ඇහැරවාගන්න.දැන්ම එලියට එක්ක යන්න එපා. බැලන්ස් මදිනෙ.මම හෙට අනිද්දා එන්නම්. අපි බලමු එතකොට. දැනට කාමරයෙන් සාලෙට ඉස්තෝප්පුවට වගෙ පරෙස්සමින් එක්ක යන්න.".රිද්මා පිටවයන මොහොතේ ප්‍රමුදිතා සහ අම්මාහට උපදෙස් දුන්නාය.."අපි ඒ විදියට කරන්නම් අක්කේ.".ප්‍රමුදිතා ඇයට රිය ගන්නට ගේට්ටුව හැර දෙමින් පැවසුවාය.."අම්මේ අක්කට පරණ මොකුත් මතක් කරන්න යන්න එපා." ඔහොම ඉන්න දෙමු ටිකක් දවස්. අක්කා ඉන්නෙ කම්පනය නිසා ඇතිවුන බලපෑමෙන් කියල අර ඩොක්ටර් රශිතත් කිව්වා. හෙමි හෙමීටලු හරියන්නෙ.".ප්‍රමුදිතා පැවසුවේ ඈන් නැන්දා සමගින් මුලුතැන්ගේ පුටුවක හිඳගෙන කතාබහේ යෙදෙන අම්මා වෙත යමිනි.."ඔව් ඔව් අක්කෙ. පරෙස්සමින් ඕන කතාබහ කරන්න. මෙහෙට එහෙම කිසිකෙනෙක් යන්නෙ එන්නෙ නෑනෙ පිට අය. ඒ නිසා පාඩුවේ උන්නැහැකි.".ඈන් නැන්දාද ප්‍රමුදිතාගේ වදන් ස්ථීරකරමින් පැවසුවාය.."එයාම මොනව හරි මතක් වෙලා ඇහුවොත් මොකද අපි කරන්නෙ".අම්මා ඇසුවේ ප්‍රමුදිතාගෙනි. රිද්මා අක්කා එන අතරමග පැවසූදේ ඇයට එවිට සිහිවිය.."සමහරක් විට ඔය සිදුවීම එයාගෙ මතකයෙන් සම්පූර්ණයෙන්ම නැතිවෙලා ගිහින් තියෙන්නත් පුලුවන්ලු අම්මා. හැබැයි මතක තිබිලා ඇහුවොත් අපි පරෙස්සමින් ඕන උත්තර දෙන්න.".සවස්යාමයේ ප්‍රමුදිතා මිදුල අතුගෑවේ අඳුර වැටෙන්නට පෙර අක්කා අවදිකොට තේ බඳුනද අතට දෙමිනි. සුලෝචනා ආලින්දයේ පුටුවකට එක්කරගෙන විත් හිඳුවා තබා ඇය මිදුල අතුගාන්නට වූවාය. වැලි අතුල මිදුලේ අයින්දිගටම තණකොල පාපිස්සක් බඳුය. අනවශ්‍ය අන්දමට වැවී නොඑන හෙයින් හැඩිවන්නේද නැත.."මම මේ අයින් දිගට පාත්ති හදලා දාස්පෙතියායි සීනියාසුයි දාන්න ඉන්නෙ අක්කේ.එහෙම හොඳයිනේ. මල් පිපුණාම ලස්සනට තියේවි.".ප්‍රමුදිතා අක්කා දෙස බලමින්ම පැවසුවාය. සිනාවකින් පමණක් ප්‍රතිචාරය දක්වන්නිය දෙස බලා සිටින්නටත් බැරිතරම් දුකක් දැනේ.."අන්න ඈන් නැන්දා කිව්වා එහෙ රාජපොහොට්ටුයි හෙන්දිරික්කයිත් තියනව කියල ගෙනල්ල දෙන්නම් කියල.".අම්මා අක්කාගේ අසලින් සිට ගත්තේ එසේ කියමිනි..සුලෝචනා හිස යාන්තමින් හරවා අම්මා දෙස බලා සිනාවූවාය..කොහොම දුවල පැනල උන්න කෙල්ලද දෙයියනේ...අම්මාට දැනුනේ වාවාගන්නට අසීරු වේදනාවක්මය. එහෙත් සුලෝචනා ඉදිරිපිට හඬාවැටෙන්නට නොහැක.."සිරිසේන මාමා අන්න පිටිපස්සේ පාත්ති ටිකක් හදවගන්නත් එක්ක අර ලොරියෙ වැඩකරන ළමයව එවනව කිව්වා. කන්න බොන්න හරි අපි ගහක් කොලක් වවාගම්මු නේද පොඩ්ඩියෙ.".අම්මා පැවසුවේ ඉදල පසෙක තබා ගස්වලට වතුර බටය අල්ලන ප්‍රමුදිතාටය.."ඔව් අම්මේ , ඈන් නැන්දා එදා ඈට වර්ග පැකට් ටිකක් ගේන්නම් කිව්වා පොලේ ගියාම.".ප්‍රමුදිතා මතකය අවුස්සමින් කීවාය. වතුර බටයට ඇඟිලි කෙලවර තබා ගස්වලට නැහැවී යන සේ විදින ආකාරය දෙස බලා ඉන්නා ප්‍රමුදිතාට අක්කා පෙරදිනවල වතුර දමන අතරේ තමා සමග වතුර ගසාගන්නා ආකාරය මතක් වී අක්කා දෙස බැලුණි. සුලෝචනාද නංගී දෙස බලාඋන්නේ ඒ මතකයක් හිතට ආවාක් මෙනි..ප්‍රමුදිතා අක්කා දෙසට වතුර බටය හරවා."විදින්නද ආ..."ඇසුවේ සිනානගමිනි. සුලෝචනා සිනාවූයේ අත්දෙකින්ම මුහුණ වසා ගනිමිනි..අනේ ඔයා ඉක්මනින් සනීප වෙන්න මගේ අක්කේ.ප්‍රමුදිතා සිතින් වැලපෙමින් මුහුණේ සිනහවක් නගා ගත්තාය.."සරල සුන්දර දේවල් අක්කට මතක් වෙන්න දෙන්න , කිසිම වෙලාවක එයාව කලබල වෙන දේවල් මතක් කරන්නවත් එපා.".රිද්මා පැවසුවේ රෝහලෙන් ටිකට් කපා එන්නට පෙරාතුවය. ඇය ඒ කාරණය අවධාරණය කලේ අක්කාහට පෙර දිනක වාට්ටුවේ දී වූ සිදුවීමක් සිහිකරය..සුලෝචනා වාට්ටුවේ සයනයේ හිඳගෙන ඉන්නා මොහොතක යාබද ඇඳක රෝගියෙක් බලන්නට ආ ගැහැණු ළමයෙක් ඇය දෙස බලා සිනාසී තිබුණි. ඉදින් සුලෝචනාද ඇයට මිතුරු සිනහවක් පෑවාය. ඒ ගැහැණු ළමයා පැවසූ ආකාරයට ඇය සුලෝචනා සමගින් කතාබහ කරන්නට සිතා ඇයගේ සයනය වෙත එන්නට තැත් දැරූ මොහොතේ ඇයගේ ගවුමේ කෙළවර ඇඳේ ඇණයක දැවටී ඉරීගොස් ඇත. ඒ මොහොතේ ඇය ඇඳ උන්නේ රෝස පැහැති ගවුමකි..මේ සිදුවීම දුටු වහාම සුලෝචනා දෑතින්ම දෙසවන වසා ගෙන කෑගසන්නට වූ බව ඒ ගැහැණුළමයා පැවසුවාය..ඉතින් ඇය තවම සිටින්නේ සිදුවීමට අදාල කම්පනයේ ඇතැම් ලකුණුද සමගිනි.."අපි ඕකට කියන්නෙ Post Traumatic Stress Disorder කියල නංගි. යම් කම්පනදායක සිදුවීමක් එක්ක එයාලා ඔහොම තැතිගැනෙන එක සාමාන්‍ය දෙයක්. ඉතින් එදා ඒ ආසන්න සිදුවීමක් වෙන්න ඇති මෙහෙම වෙන්න අක්කට. අපි හරියටම දන්නෙ නෑනෙ මොකක්ද ඒ එයා එහෙම බයවෙන්න හේතුව කියල.".රිද්මා පැවසුවාය.."නෑ අක්කේ මම ඒක මොකක්ද කියලා දන්නවා. ඔය දවසේ අක්කා කඩේ ඉද්දි එයාගේ යාලුවා ආවා චර්ච් යන්න.මට මතකයි මම දැක්කා ගෙදර ඉඳන් එනකොට එයා ඇඳලා උන්නෙ රෝස පාට ගවුමක්. අක්කා කෑගැහුවා අන්න ගවුම පැටලිලා ඉරුණා කියලත් ඒ වෙලාවෙ. ඒ අක්කා කලබල වෙලා එලියට යනකොට ශෝකේස් එකේ කොණකට ගවුම පැටලිලා තිබ්බා. අක්කට ඕක මතක් වෙන්න ඇත්තේ.".ප්‍රමුදිතා සිදුවීම ගලපා පැවසුවාය.."ඒක එහෙනම් හරියටම හරි නංගි..අක්කාගේ මතකයේ පෙර මතකය තියනවා. ඒ සිදුවීම් එයාව කම්පනය කරන්නට ඇති. එහෙම ඒවා වෙන්න දෙන්න එපා. කිසිම කෙනෙක් දැන් ඔය සිද්දිය එයාට ඇහෙන්න කතාකරන්න එපා දැන්ම.".රිද්මා පැවසුවාය..අම්මාගේ කාලය ගෙවුනේ අක්කාව බලාගන්නටමය. එහෙත් පවුලේ ආදායම් මාර්ගයන් සියල්ල අවහිරව ගොසිනි. තැන්පතු මුදල් සියල්ල අවසන් වන්නට පටන් ගෙනය. රිද්මාගේ පියා මැදිහත්ව වන්දි මුදලක් සඳහා ලියකියවිලි බාරදුන්නද ඒ සම්බන්ධ වැඩකටයුතු මඳක් පමාවෙමින් පවතී.මන්ද ප්‍රමුඛත්වය දුන්නේ මියගිය අය සම්බන්ධ කටයුතුවලට හෙයිනි..රාත්‍රී ආහාරයට පසු අක්කා නින්දට යවා අම්මා ප්‍රමුදිතා සමගින් කතාබහ කලේ ඉදිරියට කලයුතු දේ ගැනය.."පුතේ මට ආපහු තුනපහ පැකට් හදන එක කරන්න දැන් පුලුවන්නේ.".අම්මා පැවසුවේ හදිසියේ ආ සිතුවිල්ලෙනි. ඇත්තෙන්ම කාලය කාර්යබහුලව අවශ්‍ය නොවන හෙයින් මෙය පහසුවෙන් කරගෙනයන්නට හැක.."ඒක නම් ඇත්ත අම්මේ. අරහෙ ඉන්න කොටත් අම්මගේ තුනපහ අහලා කොච්චර කට්ටිය ආවද. අම්මට අක්කා බලාගන්න ගමන් පුලුවන් නේද ඒක හෙමීට කරන්න.".ප්‍රමුදිතා ඇසුවාය. ඇය තව මාස දෙකකින් උසස්පෙළට සූදානම් විය යුතුව ඇත. දැනටමත් කාලය පාඩම් වලින් බොහෝ ඈත්ව ගොසිනි.."ඔව් අපි ඕක කරමු පුතේ, ඒකෙන් හොඳ ආදායමක් ලැබුණා නේ , මට ඈන් එක්ක ඕකට බඩුගෙන්න ගන්න එක කතාකරගන්න පුලුවන්.".අම්මා මුලුතැන්ගෙයට ඇවිදයමින් පැවසුවාය..🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡.(මේ කතාව තුළ මතුවන්නාවූ චරිත සහ නම් ගම් සියල්ලම ජීවත්ව සිටි හෝ ජීවත් ව සිටින්නා වූ කිසිදු ජීවමාන චරිතයකට කිසිදු සම්බන්ධකමක් නොකියන බව ප්‍රකාශ කර සිටිමි.).හමුවෙමු යළිත්.මම.( විසිරි 🧡).Posted by විසිරි සිහින at 8:26 PM.Email ThisBlogThis!Share to TwitterShare to FacebookShare to Pinterest.Labels: ඔබ ආයෙමත් ඇවිදින් ( නවකතාව ).2 comments:.Pra JaySeptember 10, 2021 at 6:43 AM.+++++++.ReplyDelete.Replies.Reply.D.G.M බස්සාSeptember 10, 2021 at 4:55 PM.++++++++++++.ReplyDelete.Replies.Reply.Add comment.Load more....Newer Post Older Post Home.Subscribe to: Post Comments (Atom).Followers.මම සිහින දකින්නියක්මි.විසිරි සිහින.විසිර ගිය සිහිනයන් එකතු කර රැගෙන එමි.View my complete profile.Total Pageviews.Labels.My Diary.travel notes.අදහස්.අපූරුම දේවල්.අරමුණු.උගත් පාඩම්.ඔබ ආයෙමත් ඇවිදින් ( නවකතාව ).කෙටිකතා.පරිවර්තන.මතක.මතකයේ රැඳෙන පොත්.රයිලිගෙ කතා.විසිරි කවි.විසිරි සිතුවිලි.විසිරිගෙ සේයා රූ.....වෙනත් අයගේ කියවපු අපූරු කතා.සඳක් සේ ( නවකතාව).සමාජ විපරම්.සෞඛ්‍ය.හසරැල් සැලුණාවේ (නවකතාව ).හැඟීම්.Blog Archive.► 2022 (25).► September (2).► August (1).► July (2).► June (2).► May (5).► April (4).► March (4).► February (4).► January (1).▼ 2021 (56).► December (2).► November (6).► October (6).▼ September (9).16.දහසය වෙනි කොටස ( ඔබ ආයෙමත් ඇවිදින්).15. පහලොස් වෙනි කොටස ( ඔබ ආයෙමත් ඇවිදින්).14. දහ හතර වෙනි කොටස ( ඔබ ආයෙමත් ඇවිදින්).13. දහතුන්වෙනි කොටස ( ඔබ ආයෙමත් ඇවිදින්).12. දොලොස් වෙනි කොටස ( ඔබ ආයෙමත් ඇවිදින්).11. එකොලොස්වෙනි කොටස ( ඔබ ආයෙමත් ඇවිදින්).10.දහ වෙනි කොටස ( ඔබ ආයෙමත් ඇවිදින් ).09. නව වෙනි කොටස (ඔබ ආයෙමත් ඇවිදින්).08. අටවෙනි කොටස (ඔබ ආයෙමත් ඇවිදින් ).► August (9).► July (10).► June (3).► March (1).► February (4).► January (6).► 2020 (58).► October (9).► July (3).► June (6).► May (7).► April (21).► March (11).► February (1).► 2019 (18).► December (1).► November (1).► October (1).► August (1).► May (1).► April (9).► February (2).► January (2).► 2018 (20).► December (10).► August (1).► June (1).► May (2).► April (1).► March (1).► February (2).► January (2).► 2017 (59).► December (2).► November (2).► October (4).► September (2).► August (5).► July (1).► June (6).► May (7).► April (6).► March (9).► February (5).► January (10).► 2016 (22).► December (13).► November (4).► October (5).my blog list.Transylvania."මූව මග්ගොනට යවන්න ඕනේ ".අනිත් කොන - a doctor's heart sutra.The social function of music....කොළඹ ගමයා.බ්‍රිතාන්‍ය රජ පවුලේ ජර්මන් හා රුසියානු සම්බන්ධතා.කඩදාසි කොලේ.361: උන්මාද චිත්‍රාදෝ මා - පසුවදන.ජිවිතේ යාත්‍රාව.නිද්‍රාව..නිදහස් සිතුවිලි.682. අද සිරී ලම්කාවෙ වහා විසඳාගත යුතු දැවෙන පස්න හෙවත් බෙර්නිං කුවෙස්චන්ස්.....රසිකොලොජි - Rasikology.සල්මන් රුෂ්ඩි සහ මට හමුවුණු ජාත්‍යන්තර අයියලා තුන් දෙනෙකුගේ කතා - Salman Rushdie and other stories.Ian's Den ඉයන්ගේ අඩවිය.පොරොන්දුවක් කඩ කිරීම.සොඳුරු සඳවතී.අහන්නකො......ගස් ලබ්බ.අටම්පහුර.ඉස්සෙල්ලම ගහපු එකා.තරුරසී.තරුණ අපේ හීන මැරූ - උඹල තමයි කම්බ හොරූ....chef-architect.කෑ බනික.මගේ බ්ලොග.53. How Seedr can helped you???.කලාහිත.. Kalahitha.අධි පරිභෝජනවාදයෙන් මිදී සරළ ජිවන රටාවකට හුරුවෙමු.තිලක සිත.මළ ඉලව් ලිෆ්ට් එක.රස්තියාදුකාරයා.සුභ ගමන් ආදරණීය ආටියා...........නොපළ කතා.අ(සම්මුතිය).test post for facebook – Aru-ge adaviya.කඩේ ගියා හෝ නැතා…මේ සින්දුව අහන්න...සින්ඩරෙල්ලාගේ සපත්තුව....!.රූබරිය !.රසුදැල්.මිලියන ගණන් වටිනා 99 මිනිස්සු.වැව් ඉස්මත්ත.කොච්චි මිරිස්.රොශාන් මහානාම,කොච්චියාගේ යාඤාව සහ බුද්ධත්වයට පත් සමන්තබද්‍ර.අහසෙන් එන්න....පස් මසකට පෙර ජීවිතේ පෙරළුණු අලුත් පිටුව.යාං හෑල්ල.ඔපිස් එකේ කොරෝනාගෙන් බේරෙන හැටි - How to avoid Corona at office.සමකය වටේ.Katchatheevu Feast 2020Drone vedio | கச்சதீவு அந்தோனியார் ஆலய திருநாள் 2....Nelum Yaya.ප්‍රන්ස බස සහ ඉංග්‍රීසි බස වෙනුවෙන් මරා ගැනීම.A T Sudarshana.Maharada Oba Giya daa (මා හැර දා ඔබ ගිය දා ).කතා කරන පන්හිඳ.පොකුරු වැහි.හිත්.දුමී.122. කිමද සොඳුරියෙ හඬන්නේ යළි අපිට හිමි වෙනවා අපී.....බස්සිගේ නවාතැන.ඔබේ රහස් සතුටු බුබුළ (Happiness Bubble).කැලේ පිපුණු මල්.01 පළමු දවස 2019 ජූනී 22.උඩුවාගේ සටහන්....රත්නම්ගේ වේදනාව.මාරයාගේ හෝරාව....නිවිති එක්ක දෙල් කිරට....මම එරන්දී... I'm Erandi.STRESS ද?.සින්බෑඩ්ගේ අඩවිය.දිනපොත 25.සජ්ජාගේ පඩංගුව.පරිසරය සමඟ පවුලත් සුරකිමු ...!!!!!.පැමිණ යන්නට මත්තෙන්...හැකි නම් තබන්න සටහනක්..එය මට මහත් දිරියක්. Ethereal theme. Powered by Blogger. |
විසිරි සිහින: January 2022.විසිරි සිහින.Friday, January 14, 2022.03. හසරැල් සැලුනාවේ ( තුන් වෙනි කොටස )..“එක්ස්කියුස්මී සර්,ඩොක්ටර් එනවා දැන්”.සංජය දොරට තට්ටු කර ඇතුලට ආවේ එසේ කියමිනි. හෝරාවකට ආසන්න කාලයක් ගතවී යන්නට ඇති බව අත් ඔරලෝසුව දෙස බැලූ මානවී දුටුවාය..“එහෙනම් අපිත් යමුද?”.මානවී ඇසුවේ හසිතගෙනි..“ඔව් මේ වගේ කාලෙක අපි මෙහෙම එන එකත් හොඳ නැහැ විශේෂයෙන්ම අංකල්ට. ඒත් මෙච්චර දෙයක් වෙලත් නෑවිල්ලා කොහොමද? මෙයත් අඬන්න ගත්තා අහපු වෙලාවේ ඉඳන්. එහෙනම් අංකල් අපි යන්නම්”.හසිත අසුනෙන් නැගී සිටිමින් පැවසුවේය. සරෝජ් හිරිපිටිය මේ සොඳුරු යුවල දෙස බලා උන්නේ හදවතේ පිරුණු ආදරයෙනි.තමාහට ජිවිතයේ අහිමිවූ සොඳුරු අත්දැකීමක් විඳින ඔවුන් තුලින් ඔහු දුටුවේ ලෝකයේ ඇති ඇති සුන්දර බැඳීමකි..“හොඳයි දෙන්නම පරිස්සමින් යන්න. මොනවා හරි අවශ්‍ය වුණ ඕනම වෙලාවක මට කතා කරන්න චූටි දුව”.සයනය අසල දෑත් එක්කර මඳක් පහත් වූ මානවී වළකාලමින් සරෝජ් හිරිපිටිය පැවසුවේ ඇයගේ හිස අත ගාමිනි. ඔවුන් තමන්ගේ කාර්යබහුල ජීවිතය හේතුවෙන් තමා අමතන්නේ අත්‍යවශ්‍යම කාරණාවකට පමණක් බව ඔහු හොඳින්ම දැන උන්නේය. එහෙත් ඔවුන්ට අවැසි ඕනෑම මොහොතක තමා ඔවුන් වෙනුවෙන් සිටිනා බව ඔවුන් දෙදෙනාම දනී. එය එසේ වෙතත් නොදන්නේ , නැත.. නොදන්නා සේ හිඳින්නේ නිවේතා පමණි..තමාගේ ජීවිතයේ ඉතාමත්ම වැදගත් අය අතරින් මානවී ඉහළින්ම සිටින්නීය. ඇය වෙනුවෙන් තමාට කළ හැකි ඕනෑම දෙයක් කරන්නට තමා පෙර දවස සිටම පසුබට නොවූ බව සරෝජ් සිහිපත් කළේය. එහෙත් නිවේතා තමාහට ඒ සඳහා ඉඩ නොදුන් බවද ඔහු සිහි කළේ මුවගට නැඟෙන මඳ සිනහව ද සමඟිනි..“හිතුවක්කාරී , උඹ තරම් නපුරු හිතුවක්කාර ගෑනියෙක් මම ජීවිතේටම දැකල නැහැ”.❤️.ගත වූ දිනයේ බොහෝ රාත්‍රී වූ පසු නින්දට ගිය නිවේතා උදෑසන පිබිදුණේ මඳක් පමා වීය. තවමත් හිතට සහ හිසට ඇති බර ගතිය සහ ගතට ඇති අප්‍රාණික බව එසේමය. සයනයෙන් නොනැගිටම දෑස් වසා ගෙනම මොහොතක් උන් නිවේතා ඇඳ අසල කුඩා මේසය මත වූ ජංගම දුරකතනය අතට ගත්තාය. වේලාව පෙරවරු දහයද පසු වී ගොසිනි..දුරකථනයෙන් මඟහැරුණු ඇමතුම් දෙකකි. දෙකම මානවීගෙන්ය .නිවේතා වත රැඳී මඳ සිනහවක් ද සමඟ ඇමතුමක් ගත්තේ ඇඳේ මදක් කෙලින් වී කොට්ටයක් පිට තබා ගනිමිනි..“අම්මි ගුඩ් මෝනිං මං දෙපාරක්ම ගත්තා”.මානවීගේ ජීවී ගුණය සපිරි කටහඬ දවසටම දිව ඔසුවක් බඳුය. කුඩාකළ සිටම මානවී කිසිම විටක කණගාටුවක් දුකක් ඇතිව අනෙකෙක් හා කතානොකළාය.ඇයට ඇත්තේ ඉන්ද්‍රජාලික ස්වරයක් බව ඇයගේ පාසල් මිතුරියන්ද විටෙක පැවසූ හැටි නිවේතාට මතකය..“පොඩ්ඩක් නින්ද ගියා දෝණි. ඊයේ රෑ වුණත් නේ නිදාගන්නකොට”.නිවේතා පැවසුවේ ආදරය උතුරා යන හඬිනි. තමාගේ ජීවිතයේ මහරු බලාපොරොත්තුව වූයේ ඇයම මිස අන් කවරෙක්ද? සියලුම ජීවිත ආශාවන් බිඳී ගිලිහී යන යුගයක තමා රඳවා තැබූ බලාපොරොත්තුව ඇයම විය. අම්මා සහ දියණිය අතර වූ ඒ දැඩි බන්ධනය හටගත්තේ අන්න ඒ අන්දමිනි.."ඔයාගෙ කටහඬත් අමුතු වෙලා.සනීප නැද්ද අම්මි?".මානවී එක්වරම ඇසුවේ කළබල කාරී ස්වරයකිනි.කටහඬක මෙන්ම ඇස් බැල්මක දැවටුණ කුඩා වෙනසක් පවා ඇය අල්ලාගන්නේ නිමේෂයකිනි.."පොඩ්ඩක් ඔලුව බරයි දෝණි. ටිකක් වෙලා යද්දි හරියයි".“අම්මී”.මානවී හඬ මදක් අදිමින් ඇමැතීම පමණක්ම කොට නිහඬ වූවාය..“දෝණි, ඇයි පුතේ මොකක් හරි ප්‍රශ්නයක්ද?”.නිවේතාද මානවීගේ ස්වරයේ සුළු වෙනස පවා වටහා ගනී. ඇය ඉමහත්ව කලබලද වන්නේය..“නෑ නෑ අම්මි මායි හසීයි හොස්පිට්ල් ගියා මේ එන ගමන්”.නිවේතා මදක් නිහඬ වූයේ මානවීගේ වදන් වන අරුත වටහා ගෙනය. තමාගේ නිහඬතාවය අනුව ඇය තමා කියන්නට ගිය දේ වටහා ගන්නට ඇතැයි මානවීට වැටහුනි.“කොහොමද දැන්?”.නිවේතා නිහඬ තත්පර ගණනාවකට පසුව හඬ අවදි කළාය. ඒ වචන දෙක ඇයගේ මුවින් පිටවන්නට ගතවන ඇත්තේ කල්ප කාලාන්තරයකට හැඟුම් සටනක්ය. මානවී අම්මාගේ පිටතින් පෙන්වන දැඩි ගතිය යට සැඟව ගත් මුදු ගුණ මැනවින් වටහාගෙන උන්නාය. යටපත් කරන්නට දිය එබූ රබර් බෝලයක් පරිද්දෙන් මතුව එන අම්මාගේ හැඟුම් මානවී අවබෝධ කරගත්තේ මේ අද ඊයේ පටන් නම් නොවේ.."කොහොමජ ජැන් කියල අහන ලස්සන. අනේ අනේ අම්මි ඊයෙ ඔයා ඔච්චර ඕක දැකළත් මට හැංගුවානෙ. හරිම නරකයි අනේ ඔයා".මානවී කට ඇදකරමින් කියන අයුරු සිතේ මැවී සිනාසුණද ඇත්තෙන්ම ඒ සිනහව ආවේ හදවතින්ම නම් නොවේ.හිතේ ඇත්තේ මහම බරකි.දුකක් දෝ වේදනාවක් දෝ කියාගන්නට නොහැකි තරමේ හැඟීමකි..“එච්චර අමාරුවක් නෑ ඔය ඇඳට වෙලා හිනා වෙවී ඉන්නේ. ඔළුවේ එක්ස්රේ එක අවුලක් නෑ කිව්වා. මැහුම් දාලා පිටින් තියෙන තුවාලෙට”.මානවී ප්‍රවෘත්ති වාර්තාකරණයක අන්දමින් කියවාගෙන ගියාය. නිවේතා සුසුමක් හෙලුවේ කිසිවක්ම නොකියාය. සිතට රිදුමක් දැනුන බව සැබැවි. එහෙත් ඒ ඔස්සේ තමා දුර්වල වීම සිදුනොවිය යුතුය..“අම්මි ගිහින් බලලා එන්න නේද අම්මි? එයා ඔයා ඒවි කියලා බලන් ඉන්නවා වගේ”.මානවී පැකිළී පැකිළී ඇසූවේ නිවේතා කෝප ගනී යැයි බියෙන් මෙනි. නිවේතා නොරිස්සුම් බව යටපත් කොට ගත්තේ මානවී ඉන්න තත්ත්වය ගැන යළිත් සිතමිනි. ඇය සියුමැලි හිතක් ඇත්තෙකි. අනෙක දරුවකු දරා ඉද්දී ඉතින් නොරිස්සුමක් හෝ ඇය මත්තේම පිට කළ යුතු නැත..මානවී කවදත් සරෝජ් හිරිපිටියට දැඩි සේ ඇළුම් කළාය..“ඇයි ඉතින් මං මොකටද ඔතැනට යන්නේ දොස්තරලා නර්සස්ලා එයාව බලාගන්න ඉන්නවනෙ. මම නිකං නිවුස් එකක් වෙන්න ඕන නෑනේ. අනික ඉතින් අමාරු නෑ කිව්වනේ”.නිවේතා නොසැලකිලිමත් හඬින් පැවසුවාය..“කවදා ඉවරවෙන හිතුවක්කාරකම්ද මන්දා අප්පා මෙව්වා නම් ඩබලම එකයි එකාට එකෙක් පරදින්නේ නැහැ”.මානවී යටි සිතින් සිනාසෙමින්.“ඔයාගේ කැමැත්තක්" යැයි පවසා ජංගම දුරකථනය තැබුවේද සමුනොගමිනි. නිවේතා ආපසු මානවීහට එසැණින්ම ඇමතුමක් ගත්තාය..“හසිත යනවද ආපහු හවස හොස්පිට්ල් . මම සුප් එකක් හදල දෙන්නද?”.නිවේතා ඇසුවේ සිය හඬ සාමාන්‍යකරණයට ගන්නට වෙර දරමිනි..“නෑ ඕන නෑ ඉතින් අම්මි. එයා ඉන්නේ වී.අයි.පී කාමරේකනේ. එතනින් හොඳට කෑම බීම ලැබෙනවා”.මානවී යටි සිතින් හිනැහෙමින් පිළිතුරු දුන්නාය..“මේවට උත්තර දෙන්න ඕනේ මේ විදියටම තමයි”.මානවී සිතුවේ ඉන් ඔබ්බට වදනක් හෝ නොපවසා ජංගම නිහඬ කරවමිනි..නිවේතා ඇමතුම විසන්ධි වූ පසුව මොහොතක් දෑස් පියා ඔහේ නිහඬව බලා උන්නාය. සිත මෙන්ම ගත ද වෙහෙසකාරී බවක් රැගෙන ඇත. ගිලන් වූවකු සේ අප්‍රාණිකව දෙපා අද්දවමින් නිවේතා කාමරයට යාබද කුඩා නාන කාමරයට වැදුනේ ගත දොවා ගනු රිසියෙනි. ගත දොවා ගත් පසුව අල්මාරියේ දොර විවෘත කොටගෙන මොහොතක් බලා උන් නිවේතා කලු පැහැයට සුදු මල් වැටුනු ගවුම අතට ගෙන ගත ලා ගත්තාය..මේ කුඩා නිවස මානවීගෙ වදනින්ම කිවහොත් " මයි හෙවන්" නිවේතාගේම අදහසකට අනුව ඇය ගෘහ නිර්මාණ ශිල්පියෙකු ලවා සැකසූවකි. කවදා හෝ මානවී විවාපත් වූ දිනයක තමාහට නිදහසේ සිටීමට ප්‍රමාණවත් අන්දමට හුරුබුහුටි ගෘහයක් ගොඩනගා ගන්නට නිවේතා සැලසුම් කළේ විදෙස්ගතව ජීවත් වූ කාලයේදීය..එය තමා විසූ ප්‍රාන්තයේ වූ බොහෝ කුඩා නිවෙස් වල ආකෘතීන් වල අංග එක් කොට තමාට ඇවැසි අන්දමින්ම නිමවාගත්තක් විය. පර්චස් පහළොවක ඉඩමේ නාන කාමර දෙකක් සහිත කාමර දෙකක් ද කුඩා මුළුතැන්ගෙයක්,ඉදිරිපස සහ පසු පිටුපස කුඩා වැරැන්ඩා දෙකකින් සමන්විතව ගිය නිවසේ මිදුල ඕනෑවටත් වඩා ඉඩකඩ ඇතිව සකසනු ලැබීය. හදිසියේ හෝ මානවී හසිත සමඟ පැමිණි විට නවතින්නට අවශ්‍ය නිසා කාමර දෙකකින් යුතුව සැලසුම පසුව වෙනස් කළද නිවේතාට අවශ්‍ය වූයේ තමාට පමණක් හුදකලා විය හැකි කුඩා නිවසකි..ගේට්ටුවේ සිට නිවස දක්වා ඇති ඉඩ පරාසය ක්‍රමානුකූලව උද්‍යාන සැලසුමකට ලක් කර ගත්තේ නිවේතා විසිනි. විදෙස්ගතව ඉන්නා කාලයේ ඉන්නා කාලයේ රැකියාව කරන අතරතුරම හැදෑරු ගෘහ නිර්මාණ ශිල්පය සහ උද්‍යාන අලංකරණ පාඨමාලා තමන්හට තමාගේම නිදහස් තෝතැන්නක් නිර්මාණය කරගන්නට බෙහෙවින් දායක විය..සුදු පැහැය ගත් නිවස වටා වූ තාප්පය නිර්මිත වූයේ දුඹුරු කළු පැහැයෙනි. කළු පැහැ අකුලා ඉහලට යවන ස්වයංක්‍රීය ගේට්ටුවකින් සමන්විත ගේට්ටුව නිවේතා යෙදුවේ පරිහරණයේ පහසුව උදෙසාය. ගේට්ටුවත් නිවසත් අතර ඇති උද්‍යානයේ වර්ණ සංකලන අපූර්වත්වය එහි එන සියල්ලන්ගේම නෙත් ඇද බැඳ තබන්නට විය..නිවේතා ඉදිරිපස දොර විවෘතව තිබියදීම මිදුලට බැස ඇවිද ආවාය. උදුපියලිය වැව් තීරයේ නිරාවරණ දෙපතුළ ගැටෙන විට දැනෙන්නාවූ සුවය කියා නිමකළ නොහැක. මානවී කුඩා කාලයේ දී ඇය සිටි ඇනෙක්සියේ වූ උඳු පියළි ගොල්ලේ පෙරලි පෙරලි දිව යන අන්දම සිහිවී නිවේතාට සිනාවක් නිතැතින්ම උදාවිය..ගෙමිදුල කෙළවරක තැනූ කුඩා පොකුණ නිවේතා බොහෝවිට නිදහස්ව සිටින්නට කැමතිවූ තැනයි. පොකුණ වටා කොළ සහ සුදු පැහැයෙන් යුත් ජලයට ප්‍රියවන ශාක ගොන්නක් වවා ඇත. අවැසි තැන අදාළ හිරු එළිය පමණට වැටෙන්නටද සෙසු තැන් මනා සෙවනක් ලබාදෙන සේද ඇයගේ මුලු ගෙමිදුලම නිර්මාණයේදී නිවේතා සැලකිලිමත් වූවාය..නිවේතා කුඩා පොකුණ අසල බංකුවේ හිඳගෙන දෙපා දියපහරට යොමු කළාය. පොකුණ වටා ගලායන ජලය ආපසු සිලි සිලි හඬ නංවමින්ම පොකුණ තුළට වැටී ගලායයි. මුළු පොකුණ වටකොට ඇති බංකුවේ හිඳ ගත් විට දෙපා ගලායන දියට දමා සිටිය හැක. දෑස් පියාගෙන මොහොතක් සිටින විට ඇසෙන දියපහරේ සිලි සිලි නද යලි සිතට ගෙන එන්නේ අපූරු මානසික සුවයකි..එතන සිටිනා රතු සහ කහ මසුන් නිවේතා බංකුවට පැමිණි වහාම පොකුණු ගැට්ට ආසන්නයට පැමිණෙති. බංකුවේ කෙළවරක තබා ඇති මත්ස්‍ය ආහාර බිඳක් ගෙන ඔවුන් වෙතට විසිර වූ නිවේතා උන් නොඉවසිල්ලෙන් ආහාර ගන්නා අන්දම බලා උන්නාය. මනස සමාධිගත කරන්නට අවැසි බොහෝ දේ මේ උයන් බිම පුරා ඇතද අද නම් ඒ පැතූ මානසික නිදහස ඇය වෙත ලඟා වන්නේ නැත..හාත්පස සිසාරා බලන මොහොතක් පාසා නිවේතා දකින්නේ සිය නිවහනෙහි පවත්නා සුන්දරත්වයම මිස අන් යමක් නොවේ. මේ දසුන් ද කාලාන්තරයක් තිස්සේ ඒකාකාරීය. ඉඳහිටක සහායකයන් කිහිප දෙනෙකු උද්‍යාන සැලසුම් ආයතනයෙන් ගෙන්වාගන්නා නිවේතා යම් යම් වෙනස්කම් එහි කළද,විටෙක ඇය මන්දෝත්සාහිව මල් පෝච්චි ප්‍රතිමා ආදිය ඔහේ තිබෙන්නට හැරියාය. කෙසේ වුව ජීවත් වන්නට අවැසි පරිසරය මෙතැන අපූරුවට නිමැවී තිබේ..ආදරය රහිත ජීවිතය බොහෝ වෙහෙස කර බව ඇයට දැනේ. ඒ වෙනසට හේතුව මානවී දුර ඇමතුමින් කියු කාරණාය. අනෙක් අතට බොහෝ කාලයකට පසුව සරෝජ් හිරිපිටියගේ දෑසට හසුවීම ද සිත පෙරදා පටන් සසල කළ කාරණයකි. පලා යා යුතු වුවත් දෙපා අවසඟව තමා ඔහු දෙස බලා උන් කාලය මදක් වැඩි බව නිවේතාට වැටහුනේ සරෝජ්ගේ තියුණු දෑසට හසු වීමත් සමගය..කිසි තරහක්, ක්‍රෝධයක්, ද්වේශයක් නොමැති ඒ දෑස් දුටු විට, අවුරුදු විසි ගණනකට පෙර මෙන්ම අදත් තමා තිගැස්සුණ අන්දම නිවේතා දෑස් වසාගෙනම සිහිපත් කළාය..❤️.නිවස තුළ ස්ථාවර දුරකථනය හඬ නගනු ඇසී නිවේතා වහවහා නිවස තුලට පැමිණියේ ඇයගේ ජංගම දුරකථනයද මිදුලට එන විට රැගෙන ඒමට නොහැකි වූ බැවිනි. ඒ මානවීදෝ යන සැකය ඇයගේ සිතෙහි ඇතිවිය.නිවේතා දුරකතනය සම්බන්ධව විමසුමෙන් සිටින්නේ මානවී සිටිනා තත්වය මතය..නිවේතා කඩිනමින් දුවමින් මෙන් ගෙතුළට ආවාය.කුඩා පොත් රාක්කයට පැත්තකින් ඇති රඳවනය මත තවමත් නාද වෙමින් පවතින දුරකතනය වෙත අත දිගු කරමින්ම ඉදිරියට ආ නිවේතා බිම ඉහිරී ගොස් තිබූ වතුර පදාසය නොදුටුවේ ඇමතුමට අවධානය දෙමින් හදිසියේම ආ ගමන නිසාවෙනි..නිවස තුළ වූ තැබූ මල් බඳුනක් වියළී යාම හේතුවෙන් එක්කළ ජලය බඳුනේ යට සිදුරු හරහා පිටතට ගලා විත් ඇත. නිවේතා රිසීවරය අතට ගන්නවාත් සමගම පය ලිස්සා ආපස්සට වැටෙන්නට වූවාය. අත රැඳි රිසීවරය සමගින් බිම පතිත වන නිවේතාගේ කෑගැසුම් හඬ නිවසේ සීමාවෙන් පිටතට නම් ගියේ නැත. දුඹුරු සිමෙන්තියේ හැඩකල පොළොවේ "දබහ්" හඬින් බිම පතිතව තදින් බිම හිස වැදුණු නිවේතා එකෙනෙහිම සිහිසුන්ව ගියාය. අත වූ රිසිවරය තදින් ග්‍රහණයව තිබියදීම බිම වැටුණු ඇයගේ හිසට යටින් සිහින් ලේ දහරාවක් ඔපදැමූ දුඹුරු සිමෙන්ති පොළොව හරහා ගලා යන්නට විය..***********************************************************************************************************.හමුවෙමු යළිත්.කිත්මා වාසනා දහනායක.(විසිරි සිහින).Posted by විසිරි සිහින at 7:20 AM 4 comments:.Email ThisBlogThis!Share to TwitterShare to FacebookShare to Pinterest.Labels: හසරැල් සැලුණාවේ (නවකතාව ).Newer Posts Older Posts Home.Subscribe to: Posts (Atom).Followers.මම සිහින දකින්නියක්මි.විසිරි සිහින.විසිර ගිය සිහිනයන් එකතු කර රැගෙන එමි.View my complete profile.Total Pageviews.Labels.My Diary.travel notes.අදහස්.අපූරුම දේවල්.අරමුණු.උගත් පාඩම්.ඔබ ආයෙමත් ඇවිදින් ( නවකතාව ).කෙටිකතා.පරිවර්තන.මතක.මතකයේ රැඳෙන පොත්.රයිලිගෙ කතා.විසිරි කවි.විසිරි සිතුවිලි.විසිරිගෙ සේයා රූ.....වෙනත් අයගේ කියවපු අපූරු කතා.සඳක් සේ ( නවකතාව).සමාජ විපරම්.සෞඛ්‍ය.හසරැල් සැලුණාවේ (නවකතාව ).හැඟීම්.Blog Archive.▼ 2022 (25).► September (2).► August (1).► July (2).► June (2).► May (5).► April (4).► March (4).► February (4).▼ January (1).03. හසරැල් සැලුනාවේ ( තුන් වෙනි කොටස ).► 2021 (56).► December (2).► November (6).► October (6).► September (9).► August (9).► July (10).► June (3).► March (1).► February (4).► January (6).► 2020 (58).► October (9).► July (3).► June (6).► May (7).► April (21).► March (11).► February (1).► 2019 (18).► December (1).► November (1).► October (1).► August (1).► May (1).► April (9).► February (2).► January (2).► 2018 (20).► December (10).► August (1).► June (1).► May (2).► April (1).► March (1).► February (2).► January (2).► 2017 (59).► December (2).► November (2).► October (4).► September (2).► August (5).► July (1).► June (6).► May (7).► April (6).► March (9).► February (5).► January (10).► 2016 (22).► December (13).► November (4).► October (5).my blog list.Ian's Den ඉයන්ගේ අඩවිය.ජවිපෙ ගමන නිමයි, නායක අනුර කියයි..! (from LankaeNews).Transylvania."මූව මග්ගොනට යවන්න ඕනේ ".අනිත් කොන - a doctor's heart sutra.The social function of music....කොළඹ ගමයා.බ්‍රිතාන්‍ය රජ පවුලේ ජර්මන් හා රුසියානු සම්බන්ධතා.කඩදාසි කොලේ.361: උන්මාද චිත්‍රාදෝ මා - පසුවදන.ජිවිතේ යාත්‍රාව.නිද්‍රාව..නිදහස් සිතුවිලි.682. අද සිරී ලම්කාවෙ වහා විසඳාගත යුතු දැවෙන පස්න හෙවත් බෙර්නිං කුවෙස්චන්ස්.....රසිකොලොජි - Rasikology.සල්මන් රුෂ්ඩි සහ මට හමුවුණු ජාත්‍යන්තර අයියලා තුන් දෙනෙකුගේ කතා - Salman Rushdie and other stories.සොඳුරු සඳවතී.අහන්නකො......ගස් ලබ්බ.අටම්පහුර.ඉස්සෙල්ලම ගහපු එකා.තරුරසී.තරුණ අපේ හීන මැරූ - උඹල තමයි කම්බ හොරූ....chef-architect.කෑ බනික.මගේ බ්ලොග.53. How Seedr can helped you???.කලාහිත.. Kalahitha.අධි පරිභෝජනවාදයෙන් මිදී සරළ ජිවන රටාවකට හුරුවෙමු.තිලක සිත.මළ ඉලව් ලිෆ්ට් එක.රස්තියාදුකාරයා.සුභ ගමන් ආදරණීය ආටියා...........නොපළ කතා.අ(සම්මුතිය).test post for facebook – Aru-ge adaviya.කඩේ ගියා හෝ නැතා…මේ සින්දුව අහන්න...සින්ඩරෙල්ලාගේ සපත්තුව....!.රූබරිය !.රසුදැල්.මිලියන ගණන් වටිනා 99 මිනිස්සු.වැව් ඉස්මත්ත.කොච්චි මිරිස්.රොශාන් මහානාම,කොච්චියාගේ යාඤාව සහ බුද්ධත්වයට පත් සමන්තබද්‍ර.අහසෙන් එන්න....පස් මසකට පෙර ජීවිතේ පෙරළුණු අලුත් පිටුව.යාං හෑල්ල.ඔපිස් එකේ කොරෝනාගෙන් බේරෙන හැටි - How to avoid Corona at office.සමකය වටේ.Katchatheevu Feast 2020Drone vedio | கச்சதீவு அந்தோனியார் ஆலய திருநாள் 2....Nelum Yaya.ප්‍රන්ස බස සහ ඉංග්‍රීසි බස වෙනුවෙන් මරා ගැනීම.A T Sudarshana.Maharada Oba Giya daa (මා හැර දා ඔබ ගිය දා ).කතා කරන පන්හිඳ.පොකුරු වැහි.හිත්.දුමී.122. කිමද සොඳුරියෙ හඬන්නේ යළි අපිට හිමි වෙනවා අපී.....බස්සිගේ නවාතැන.ඔබේ රහස් සතුටු බුබුළ (Happiness Bubble).කැලේ පිපුණු මල්.01 පළමු දවස 2019 ජූනී 22.උඩුවාගේ සටහන්....රත්නම්ගේ වේදනාව.මාරයාගේ හෝරාව....නිවිති එක්ක දෙල් කිරට....මම එරන්දී... I'm Erandi.STRESS ද?.සින්බෑඩ්ගේ අඩවිය.දිනපොත 25.සජ්ජාගේ පඩංගුව.පරිසරය සමඟ පවුලත් සුරකිමු ...!!!!!.පැමිණ යන්නට මත්තෙන්...හැකි නම් තබන්න සටහනක්..එය මට මහත් දිරියක්. Ethereal theme. Powered by Blogger. |
විසිරි සිහින: 06. හයවෙනි කොටස -( ඔබ ආයෙමත් ඇවිදින්).විසිරි සිහින.Wednesday, August 25, 2021.06. හයවෙනි කොටස -( ඔබ ආයෙමත් ඇවිදින්).විසිරි සිහින: 05. පස්වෙනි කොටස (ඔබ ආයෙමත් ඇවිදින්)."අක්කා වාට්ටුවට දමල අම්මේ".තාමරීගේ ඇමතුමක් ලද විගස ප්‍රමුදිතා කෑගැසුවේ සතුට දරාගන්නට නොහැකිවය.දෛවය කෙතෙක් කුරිරු වුවද එය අම්මා සහ තමා වෙතින් අක්කා උදුරාගන්නට තරම්ම අසාධාරණ වී නැත.."ඉක්මනට ඇඳ ගන්න අම්මෙ අපි යං ඉස්පිරිතාලෙට.ලෙඩ්ඩු බලන වෙලාව නොවුනට කමක් නැහැ.තාමරී අක්කනෙ එන්න කිව්වේ.".ප්‍රමුදිතා අම්මාව හදිසි කළේද නොඉවසිල්ලෙනි.වහ වහා රෝහලට යන්නට සූදානම් වූ දෙදෙනාව රෝහල වෙත ඇරලුවේද අසල්වාසී ත්‍රීරෝද රථ හිමියෙකි.."අපේ ත්‍රීවීල් පාක් එකේම කීදෙනෙක් මේකෙන් නැතිවුනාද? තුවාල වුණාද ? කුසුමක්කේ ඒ අතින් කෙල්ල ගොඩ ආවා කියන එකම ඇති.".ඔහු රෝහලට ඔවුන් ඇරලවා මුදල්වත් නොගෙනම පිටවගියේය.මේ මිනිස්සු එහෙමය. දුකේදීත් සැපේදීත් එකාවන්ව සිටින්නෝය.."ඔයාලව එක්ක එන්න කියල කිව්වෙ අපෙ ලොකු ඩොක්ටර් . දැන් අක්කා ඉන්නෙ අපෙ වෝඩ් එකේ.යමු ඉක්මනින් ".තාමරී පය ඉක්මන් කලේ වාට්ටුවට යාමටය.ප්‍රධාන වෛද්‍යවරයා හමුවී සුලෝචනා ගැන අවශ්‍ය කරුණු කාරණා මේ දෙදෙනාට පහදාදීම ඇයට අවශ්‍ය විය.එය තමා අතින් කියවෙනවාට වඩා ප්‍රධාන වෛද්‍යවරයා වෙතින් පැවසීම වඩාත් උචිතය..තිරරෙදි වලින් වටකළ සයනයේ වැතිර ඉන්නා සුලෝචනා දුටුවිට අම්මාගේ ඉකිය හැඬුමකට පරිවර්තනය විය.හදේ සිරව තිබූ වේදනාවන් වක්කඩක් කැඩුවාක් සේ දෝරේ ගලායන්නට විය.."අනේ අම්මෙ මේ වාට්ටුවක කෑගහල ඔහොම අඬන්න එපා.".ප්‍රමුදිතා අම්මාට කෙඳිරුවේ ඇයව වත්තන් කොට ගනිමිනි. වාට්ටුවේ අය මේ හඬින් හිස් ඔසවා බලනා අන්දමට ප්‍රමුදිතා බියවූවාය.."අම්මාට අඬන්න දෙන්න දරුවො.තමන්ගෙ දරුවෙක් මෙහෙම ඉන්නව දැකම මොන අම්මාටද අඬන්නැතුව ඉන්න කියන්න පුළුවන්".ප්‍රධාන හෙද නිලධාරිනිය ප්‍රමුදිතා ට පැවසුවේ අම්මාට ඉඳගන්නට පුටුවක්ද ළංකරමිනි.."හැබැයි ඉතින් ඔය දෙන්නට ඉස්සරහට අක්කා ගොඩගන්න සෑහෙන දෙයක් කරන්න වෙනව.ඒකට නම් අඬ අඬ හූල්ලල බෑ.".ඇය අවධාරණය කරමින් පිටවගියේ ප්‍රධාන වෛද්‍යවරයා හට එතුළට එන්නට ඉඩ සලසමිනි.."කොහොමද තාමරී අපෙ මේ කෙල්ලට.තාම නිදිද?".ප්‍රධාන වෛද්‍යවරයා සුලෝචනාගේ කම්මුලකට සෙමින් තට්ටු කලේය.ඉතා අපහසුවෙන් ඇස් පියන් විවර කල සුලෝචනා යළි ඇස් වසා ගත්තාය.."සුලෝචනා ඔයාට මාව ඇහෙනවද ?".ප්‍රධාන වෛද්‍යවරයා ඇයගේ අසලට වී කතාකලේය.යාන්තමින් ඇස් පියන් විවර කරමින් ප්‍රතිචාර දක්වන සුලෝචනා වෙතට අම්මාව කැඳවූයේ ප්‍රධාන වෛද්‍යවරයා විසිනි.."අම්මේ අඬන්නෙ නැතුව දුවට පොඩ්ඩක් කතාකරන්න බලන්නකො.".ඔහු මඳක් ඉවත්වූයේ අම්මාට ඉඩදෙමිනි.."මගෙ ලොක්කියේ...රත්තරන් පුතේ...".අම්මා ඉකිය වලකාගනිමින් සුලෝචනා ගේ හිස අතගාමින් කතාකලාය.අම්මාගේ හඬට සුලෝචනා ගේ ප්‍රතිචාර මනාව ලැබිණි.ඇයගේ වැසුණ ඇස් අතරින් කඳුළක් ගලාගියේය.."එයා රිකවර් වේවි.රෙස්ට් එක ඕන නිසා අම්මල ටිකක් ඉඳල දැන් යන්න.නිතරම හැමෝම එන්න එපා.ඔය දෙන්නාට විතරක් ලෙඩා බලන්න අපි පර්මිෂන් දෙන්නෙ.".වෛද්‍යවරයා පිටව ගියේ ඇඳ ඉහපතේ සටහනක් තබමිනි.හිත් වලට සැනසුම් සුසුමක් හෙලුණේ එවදන් අසාය..*********************************************************************************************************.විශේෂ විමර්ශනයන් කවදා කෙසේ අවසන් වේදැයි සිතාගන්නට නොහැක.අතුබෙදී ඇති කුමන්ත්‍රණ ජාලයක සියල්ලෝම සිරව ඇතිසේය.බිම්සර ද සිය කණ්ඩායම සමග රජයේ අණපරිදි ප්‍රදේශය පුරා මෙහෙයුම් වල නිරත වූවේය.එහෙත් සියල්ලෙන්ම මිදී හුදෙකලා වෙන මොහොතක බිම්සරගේ කල්පනාබරිත බව රත්නායක නිරීක්ෂණය කලේය.ඔහු සිටින්නේ කම්පනයක සේයා ඇතිවය.එහෙත් එබඳු ප්‍රශ්න කිරීම් වලට රාජකාරි මට්ටමෙන් ඉඩක් ඇත්තේම නැත.." මේ කිට්ටුව මම අඳුනන අංකල් කෙනෙක්ගෙ ගෙදරක් තියනව.අද යනගමන් එහෙට ගිහින් යං.".හවස කලින් වැඩකටයුතු ඉවර කළ පසු බිම්සර පැවසීය.රත්නායක ජීප් රථයට නැගුණේ යායුතු දිසාව ගැන අසාදැනගෙනය..පල්ලිය පිටුපස පාරේ සැතපුමක් දෙකක් පමණ ගිය විට නිස්කලංක වටපිටාවක වූ පොල්වත්තකට ජීප් රථය හැරවුණේ බිම්සරගේ අනුදැනුමෙනි.පොල්වත්ත මැදින් ඇති පාරේ කෙලවර පැරණි තාලයට සැදූ නිවෙසකි.එය වටා ෆාම් ගස් වවා තිබුණි.පොල්වත්තේ තැනින් තැන යටිතල බෝග ලෙස අන්නාසිද ගම්මිරිස් වැල් ද වවා තිබුණි..ජීප් රථ්යේ හඬට ආලින්දයට විත් බලා උන්නේ සුමනදාස අංකල් ය.."අනේ අනේ කොල්ලො , අපිව බලන්න එන්න බෝම්බම පත්තුවෙන්න උනා එහෙනම්.".සුමනදාස අංකල් බිම්සරගේ පිටට පහරක් ගසමින් සිනාවූයේ ය.බිම්සර සිනාවී බිමබලා ගත්තේය.ඉස්සරත් සුමනදාස අංකල් තමාහට කතාකලේ ඔහොම්මය.පිටට පහරක් ගසා හෝ උරහිස මිරිකා දමමිනි.."එන්න එන්න ගෙට ඉතින් .ඔය මහත්තයත් එන්න.".රත්නායකටද ඇරයුම් කල සුමනදාස අංකල් ගේ ඇතුලට පිවිසියේය.."සර් මම ජීප් එකේම ඉන්නම්.සර් කතාකරල එන්නකො.".රත්නායක පැවසූවේ නාඳුනන කතබහට වඩා ඒ පරිසරය ඔහුට විඳින්නට අවැසි වූ හෙයිනිහෙයිනි. අනෙක ඒ ඒ අයගේ පෞද්ගලික කතාබහට තමා තුන්වැන්නෙක්ව සිටිය නොයුතුය.."මං ආපහු ලංකාවට ආවෙ ගිය අවුරුද්දෙ අංකල්.ඔපරේශන්ස් කාලෙ ඉවරවෙලා මම පකිස්තාන් ගියා ට්‍රේනින්. අවුරුදු ගාණක් උන්නෙ එහෙ.මේ හදිසියෙ මේකට වම හොස්පිට්ල් එකේදි මට නංගිව හම්බවුනේ.".බිම්සර පැවසුවේය.."ඔව් ඔව් අපෙ රිද්මා එදාගෙට ගොඩවුනේම සුදු අයියා හම්බවුණා කියාගෙන..ඒත් ටෙලිෆෝන් නොම්මරෙවත් ඉල්ලගන්න බැරිඋනා කියල කියව කියව උන්න.".සුමනදාස අංකල් බිම්සර සමග පැවසුවේ සිනාසෙමිනි.."කෝ නංගි, ඇන්ටි එහෙම.".බිම්සර ඇසුවෙ නිවසේ ඇති අසාමාන්‍ය නිහැඬියාව හෙයිනි.."අම්මයි දූයි සමාජසේවෙනෙ .තුවාල කාරයො වගයක් බලන්න ගියා අර ඒ පැත්තෙ.ඔය එන්නෙ කියනකොටම.".ජීප් රථය අසලින්ම නැවැත්වූ කාරයෙන් මුලින්ම බැස්සේ සුනිලා ඇන්ටීය.මොහොතක් විශ්මයෙන් මෙන් බලා උන් ඇය බිම්සර වැලඳගත්තේ අනේ පුතේ දැක්කකල් කියමිනි.."අනේ අම්මලටත් පිස්සුනෙ.මේ අවුරුදු ගාණක් අපිව අමතක කරල දාපු පොරවල් බදාගෙන ඉඹින්නෙ.".රිද්මා ගෙතුළට යන්නට ගියේ බිම්සරට පහරක්ද ගසමිනි.."ඉරිසියා කරන්න එපා හලෝ.".බිම්සර කීවේ හිනැහෙමිනි..සුනිලා ඇන්ටී බිම්සරට තේ සාදන්නට කියා ගෙතුළට ගියාය..රිද්මා මුහුණකට සෝදාගෙන යළි පිටතට ආවේ බිම්සර තේ පානය කරන අතරේය.."මහත්තයා මහත්තයා".මිදුල දෙසින් කවුරුන් හෝ හඬගසන හඬකින් සුමනදාස අංකල් නැගී උන්නේ "ඉන්න පුතා මම පොඩ්ඩක් බලල එන්නම්" කියමිනි.."මේ ඕයි. එනවකො පොඩ්ඩක් වත්ත දිහාට යන්න.".රිද්මා වටපිට බලමින් පැවසුවාය.බිම්සර ඇය දෙස බැලුවේ කිමදැයි අසන්නාක් මෙනි.."යංකො".රිද්මා ගෙතුළට එබී,."අම්මේ මම සුදුඅයියා එක්ක වත්තට යනව ටිකක්".කියා කෑගැසුවාය.."ඕයි මම යුනිෆෝම් ඉන්නෙ.".බිම්සර එලියට යන්නට මැලිකලේය.."මනමාලියෙක් බලන්න යන්න කතාකලෙ නෑ.තමුසෙට කාරණයක් කියන්න තියනව.ඕන්නම් එනව නැත්නම් ඉන්නව.".රිද්මා නොමනාපයෙන් හිස ගැස්සුවාය..රිද්මාගේ හොරගල් ඇල්ලීම සැකසහිත වුවද ඒ කුමක් නිසාදැයි බිම්සරට හිතාගන්නටත් නොහැක.."මොකෝ තමුසෙට කොල්ලෙක්වත් හරිගිහින් ද? ආපෝ ඇති යන්තම්.".බිම්සර නැගී උන්නේ හිනාවෙමිනි.කාලයකට පසු තමන්ගේම අය අතරට ආවාක් බඳු හැඟීමක් සිතට දැනේ..පොල්වත්තේ මඳක් දුරට යනවිට බිම්සර නැවතී උන් පුංචිඅම්මලාගේ නිවස පෙනෙයි.ඒ නිවෙස යළි පිළිසකර කොට අලුතින් කවුරුන් හෝ පදිංචිව ඉන්නවාසේය.."අරහෙ රෙන්ට් කරලද අලුතින්.".බිම්සර ඇසුවේ ඒ නිවස දෙස බලමිනි.."ඔව් ගිය මාසෙ අලුතින් කට්ටියක් ආවේ.ඔය ගේ ගත්ත අය ඒක රෙන්ට් කරනවනෙ ඒ කාලෙ ඉඳන්ම.".රිද්මා පොල්වත්තේ ඇලව ගිය කජුගසේ අත්තක ඉඳගත්තාය.."සුදු අයියේ ඉතින් කියනවකො තමුසෙ තාම බැන්දෙ නැත්ද.".රිද්මා ඇසුවේ කජු අත්තක් අල්ලාගෙන ඒ නිවස දෙස බලාඉන්නා බිම්සරගෙනි.."දැන් තමුසෙ මාව මේ වත්තට එක්ක ආවෙ මගෙ කසාදයක් ගැන අහන්නද.?අනේ මේ සිඟිති වැඩකට ඇති එකක් කතාකරනවකො.".බිම්සර නුරුස්සනා හඬින් පැවසුවේය. අකමැතිම මාතෘකාවට රිද්මා ද පැමිණීම ඔහු කෝපගන්වන්නක් විය.."ඕකනෙ බැරි තමුසෙල එක්ක.හොස්ස ළඟින් මැස්ස යන්න බෑ මල පැන්න ගමන්.".රිද්මා ගස්සමින් පැවසුවාය.."හරි කමක් නෑ මේ අහනවකො.තමුසෙට මතකද අර ඉස්කෝලෙ ඒ ලෙවල් කාලෙ මැරෙන්න ගියා කෙල්ලෙක්ට. අර දහයෙ පන්තියෙ උන්න පොඩි එකියෙක්ට.".රිද්මාගේ හඬින් බිම්සර තිගැස්සී ගියේය.ඒ අතීතය තමන්ට අමතක කරන්නට හැකි නම් තමා මේ සා විඳවන්නේද ?.බිම්සර රිද්මා දෙස බැලුවේ කේන්තියෙනි.ඇය මේ යළි උලුප්පාලන්නේ අමතක කලා යැයි හිතන අතීතයකි.."සිඟිති මේ ...කාලෙකට පස්සෙ මං මේ ආවේ ඔය පරණ කතා ආයෙ අවුස්සගන්න නෙවේ.තමුන් දන්නව ඒ මං මැරෙන්න ගිය කෙල්ල ගැන වගේම මම කොච්චර ඒ කෙල්ල ගැන වදවුනාද කියලත්..ඒත් ඒක අහන්න කියන්න කලින් ජීවිතේ හැමදේම වෙනස් වෙච්ච හැටිත් ඔයා දන්නව.ඉතින් ඇයි මේ ...".බිම්සර කෝපය මැඩගනිමින් කලකිරීම මුසු ස්වරයෙන් ඇසුවේ ය.."ඒ ළමයා ඊයෙ බෝමබයට අහුවෙලා හොස්පිට්ල් ඇඩ්මිට් කරල ඉන්නව සුදු අයියෙ."රිද්මා බිම්සරගේ මුහුණ දෙසම බලමින් පැවසුවාය .බිම්සර තිගැස්සී ගියේ ඉද්ද ගැසුවාසේය.."මොකක් සිඟිති මොකක්.ඒ ...ඒ..එහෙම වෙන්නෙ කොහොමද .එයා බුඩිස්ට්නෙ.අනික එයාල මෙහෙ උන්නෙ නෑ මම අර ගමන ගිහින් එද්දි.ඒක වෙන්නෙ කොහොමද?".බිම්සර හිසකේ ඇදගත්තේය.."ඒක ලොකු කතාවක්ලු සුදුඅයියා.ඒවා පස්සෙ හොයාගම්මු.අපි හොස්පිට්ල් යංද එයාව බලන්න.".රිද්මා ඇසුවේ කම්පනයකට ලක්ව මෙන් බලාඉන්නා බිම්සරගෙනි.ඔහු ඇස් ලාරතකට හැරෙමින් පවතී..බිම්සරගේ ජිප් රථය රිද්මාගේ මෝටර්රථය පසුපසින් රෝහලවෙත ධාවනය විය. රිද්මාට රෝහලට යාමේ හදිසි අවශ්‍යතාවයක් ඇතිබව මවුපියන්ට පවසා ඇය නික්ම යත්ම බිම්සරද ඔවුන්ගෙන් සමුගත්තේ නැවත දිනක එනබවට පොරොන්දු වෙමිනි..රෝහල් බිමට ජීප් රථය හරවන්න යැයි රත්නායකට පැවසූ බිම්සර රිද්මා සමගින් රෝහල තුලට ඇවිද ආවේය..වාට්ටු සංකීර්ණයක කොරිඩෝ අතරින් එහෙමෙහෙ ගමන්ගන්නා අය අතර බිම්සර ඇවිද ගියේ තිගැස්මෙන් යුතුවය..අතීත මතක සිතේ තදින් වෙලී ඇහැර එද්දී බිම්සර සිය හිත පාලනය කොට ගත්තේ ආයාසයෙනි.රිද්මාද නිහඬවම ඔහුට සමාන්තරව ගමන් ගත්තාය.ඇයටද අතීතය සිහිවූයේ එකපෙලටය.."සුදු අයිය චුට්ටක් ඉන්න.මම වෝඩ් එකෙ බලල එන්නම්.".රිද්මා වාට්ටුවේ දොර අසල ඔහු නවතා ඇතුලට ගියාය.හෙදියන් කිහිප දෙනෙක් සමග කතකරමින් මොහොතක් ගතකල ඇය යළි දොර අසලට විත්.එන්න.කියා ඔහුට කතාකලේය.බිම්සර තිගැස්ම ළයේ දරාගෙනම වාට්ටුව වෙත ගියේය..ඇය දැන් කුමන ආකාරයක ළඳක් වන්නට පුලුවන් ද? ඇය විවාහක වන්නටත් ඉඩ ඇත.දරුවන් සිටින්නටත් පුළුවන.කෙසේ වුව ඇය දකින්නට හිත නොඉවසුම් ය..ස්ක්‍රීනයෙන් වටවු ඇඳක් අසලට ආ රිද්මා එතුළට ගියේ ඔහුටද එන ලෙස සන් කරමිනි.බිම්සර මොහොතක් පැකුලුනේය.රිද්මා ඔහුට යලි රවාබලා."එනවා..විකාර නොකර".කීවේය.බිම්සර ස්ක්‍රීනය මෑත්කරමින් ඇඳ අසලට ආවේද ඔහුගේ දෑස් විමතියෙන් විසල් වූයේද එකමොහොතේය.."මේ මේ එයා..."..බිම්සර රිද්මාගේ අත තදකොට අල්ලාගත්තේය.."ඕයි මගෙ අත.රිදෙනව අතාරිනව..මොකෝ මේ?".රිද්මා හොල්මනක් දුටුවා සේ බිරාන්තව ඉන්නා බිම්සරගෙන් ඇසුවේ අතද ගසාදමමිනි.."මෙයාව ඊයෙ හොස්පිට්ල් ගෙනාවෙ මම. ශොප් එකක් කඩන්වැටිලා හිරවෙලා ඇතුළෙ උන්නෙ.මමමයි ගෙනාවෙ.".ඔහු රිද්මාට පැවසුවේ පියවුන දෑසින් සිටින්නී දෙසම බලාගෙනය..ඒ මොහොතේ ලේ වැකී ගිය ඇයගේ මුහුණ ඔහුට හඳුනාගන්නටවත් ඉඩක් මොහොතක් නොවූ අයුරු ඔහුට සිහිවිය.."ඇහ්....මදෑ....ඉතින් ඕයි අඳුනගත්තෙ නැද්ද?".රිද්මා ඇසුවේ මේ අපූරු සිදුවීම ගැන ඇතිවූ සතුටිනි.."ඒ උන්න හැටියට මේ වයසක ගෑනියෙක්ද අම්මෙක්ද කෙල්ලෙක්ද කියලවත් පෙනුන්නෑ .ලේ උතුරනව.".බිම්සර මොහොතක් ඇය අසලට ලංවිය..පියවගිය නෙත් යට කලුගැසී ඇත.මුහුණම ඉදිමී ඇත.ඔහු කිසිවක්ම නොකියා ඇය අත මත සිය අත තැබීය.මොහොතකට ඒ අත ගැස්සුනාදැයි ඔහුට දැනී නොදැනී ගියේය..බිම්සර සුසුමක් හෙලා ඇඳේ පාමුලට හේත්තුවී අත්බැඳගත්තේ පපුව හරහාය.."රිද්මා අක්කී....ඔයා ආව කියල නර්ස්ලා කීවා.".තාමරී ස්ක්‍රීනය මෑත් කරමින් ඇතුලට ආවේ බිම්සර ගැන වගේ වගක් නැතිවය.ආ වේගයෙන්ම දෑත මුවට තබා ගත් ඇය "සොරි" කියා ඔහු දෙස එකමබැල්මක් හෙලිය.."නංගා මෙයාව දන්නවද?".බිම්සරව පෙන්නා රිද්මා ඇසුවාය.තාමරී මොහොතක් ඔහුදෙස බලාඋන්නේය.ඔහුද ඇය දෙස බලාඋන්නේ අඳුනාගන්නටය.මේ වසර දහයකට පමණ පසුය.සියල්ලන්ම වෙනස්ව ගොසිනි.."මේ බිම්සර අයියා.මතකද දැන්වත්?".රිද්මා ඇසුවෙ තාමරීගෙනි.ඇය ඔහු දෙස, රිද්මා දෙස මෙන්ම සුලෝචනා දෙසද මාරුවෙන් මාරුවට බැලුවාය.ඇය සිතෙත් විදුලි කෙටුවේ අතීතයයි.."අනේ බිම්සර අයියා...අඳුනගන්නත් බෑ."තාමරී පැවසුවේ සිතට දැනුණ සතුටටමය.."ඊයෙ කෙල්ලව අරන් ඇවිල්ල තියෙන්නෙ අයියා.ඒත් මේ කියනකල් ඒ සුලෝචනා කියල එයා දන්නෑ.".රිද්මා පැවසුවාය.."සුලෝචනා..?".බිම්සර මිමිණුවේ සිදුවීම වූ ස්ථානයේදීම ඒ නම කාගෙන්හෝ ඇහුණාසේ මතක හෙයිනි.."මෙත්මිගෙ දෙවනි නම සුලෝචනා අයියෙ.".තාමරී පැවසුවාය.ඇත්තෙන්ම තමා ඇයගේ වතගොත පවා දැන උන්නේ කෙතරම්ම සීමිතවද ?."පොඩි එකී කිව්වා තමයි මට හමුදාවෙන් අක්කව හොස්පිට්ල් ගෙනිච්චෙ කියල.".තාමරී පැවසුවාය..සුලෝචනා දෙසට යොමුව ගිය දෙනෙතින් කල්පනාවේ ගැලී ඉන්නා බිම්සර දෙස මොහොතක් බලාඋන් රිද්මා තාමරී ද කැටුව මොහොතකට පිටතට ගියාය..බිම්සර සෙමින් අඩිය තබා ඇය වත අද්දරට ආවේය.අතීත මතක සලකුණු ඒ මුහුණේ ඇත්දැයි සොයන්නට මෙන් ඇයගේ වත පුරා ඔහු දෙනෙත දිවගියේය.එහෙත් ඇය කිසිවක් නොදැන නිද්‍රාවකය.."අන්තිමට ඔයාව මට හම්බවුණා ...ඒත්...".බිම්සර සිය අත ඇයගේ හිස මත තබා සෙමින් පිරිමැද්දේය.ඔහුගේ මුහුණට ආවේ දඟකාරම සිනහවකි..ඉතින් බොහෝ මතක අවුස්සමින් අද දවස ගතකරන්නට සිදුවන බව බිම්සරට සිහිවිය..බිම්සර ආපසු එනවිට වාට්ටුවේ හෙදියන් සමග රිද්මා කතබහකය.තාමරීද එතැනය.."මෙන්න සුදු අයියා මුන් ඔයාට වහ වැටිල.".රිද්මා සිනාසුනේ බිම්සරටය.බිම්සරට සිනාවෙන්නටවත් කල්පනාවක් නොවීය.."දැන් ඒ ළමයගෙ තත්වෙ මොකද?".ඔහු ඇසුවේ රිද්මාගෙනි.."ක්‍රිටිකල් ස්ටේජ් එකෙන් නම් දැන් අවුට්.ඒත් තාම ඉන්නෙ සබ්කොන්ෂස් වගෙ.කල්පනාව එනව යනව.ඒත් මටහිතෙනව ඉක්මනින් හරියාවි කියල.".බිම්සරට ඇසින් ඉඟියක් කල රිද්මා පැවසුවාය.බිම්සර එය නොදුටුවා සේ ඉවත බලාගත්තේය.."මම එහෙනම් යනව.".බිම්සර කොරිඩෝරය වෙත ඇවිදයමින් පැවසීය."එයි සුදු අයියා.නම්බර් එක අදවත් දීල යනව.නැත්නම් මම විස්තරයක් වත් දෙන්නෙ කොහොමද ?".ඔහු පසුපස දිව ආ රිද්මා ඇසුවාය.සිය පර්ස් එක ඇදගත් බිම්සර නම්වරය රැඳි කාඩ්පත ඇය අතට දී ඔහුගේ ජංගමය ඇයට පෑවේ ඇයගේ අංකය ගන්නටය.."සුදු අයියා ආ යූ ඕකේ ?".රිද්මා ඇසුවේ ඔහු වතේ ඇති නොසන්සුන් කම බලමිනි.."Actually i am not ok සිඟිති . මට අප්ඩේට් දෙන්න.".බිම්සර ආපසු හැරී ගියේ රිද්මා සුසුමක් හෙලද්දීය..රෝහල තුලට යද්දී තිබුණ ස්වරූපය සිය ප්‍රධානියා ගේ නැති බව රත්නායක අවබෝධ කරගත්තේය.ඔහුගේ මුවේ වූයේ හංගාගත් හිනාවකි.එහෙත් එසැනින්ම ඔහු දෑස බියෙන් පිරේ.සුසුමක්ද මතුවෙයි.."ස්...සර්..මං මෙහෙම ඇහුවට තරහ ගන්න එපා.මට සර්ගෙ වෙනසක් පේනව.".රත්නායක බැරිම තැන බැනුම් අහන්නට හෝ හිත හදාගෙන ඇසුවේය.."ආහ්..මොකක්ද ?".බිම්සර කල්පනා ලොවින් බිමට වැටුණේ ඒ කියමන සමගය.."නෑ සර්ට මොකුත් ප්‍රශ්නයක් නෙවෙයි නේද කියල ඇහුවෙ".රත්නායක මාවත දෙසටම හැරවුණ නෙතින් ඇසීය.."අවුරුදු ගාණක් තිබ්බ ප්‍රශ්නෙකට අද උත්තර හම්බවුණා .ඒත් ඒ උත්තර අසම්පූර්ණයි.ඒ එක්ක තව ප්‍රශ්න ගොඩක් එන්න පටන් අරන්".බිම්සර පැවසුවේ රත්නායක ගේ මුහුණ දෙස බලමිනි.." එකින් එක විසඳෙයි සර්.හැමදේම හොඳට වෙයි"රත්නායක සිය ප්‍රධානියා දෙසම බලමින් පැවසීය..බිම්සර සුසුමක් හෙලුවේය.ඒවා එසේම වේ නම් ඉතින් කොතරම් දෙයක්ද?.කෑම්ප් එක වෙතට පැමිණි වහාම කාමරයට වැදුණ බිම්සර රත්නායකට සිය රාත්‍රී ආහාරයද කාමරයටම එවන ලෙස පවසා නාන කාමරයට වැදුණේය.තරමක් වේලා නානකාමරයේ වතුරමල යටට වී දෑස් වසාගෙනම ඔහු උන්නේ සිතේ හටගැනුණ ගිනිගත් බව නිවාලන්නට මෙනි.අවුරුදු ගණනාවක් තිස්සේ හදවත ගිනිගත්තේ එකම රුවක් වෙනුවෙනි.ඇය එක්වනම අතුරුදහන් වී යළි දැස් අද්දර මතුව ඇත..සුදු කොට කලිසමක් සහ අත්කැපූ ටීශර්ටයක් ඇඳ කාමරයේ කුඩා ආලින්දයක් බඳු කොටසේ වූ පුටුවට පැමිණි බිම්සර එහි හිසරඳවනයට හිස තබා ගත්තේ දෑස් පියාගනිමිනි..දුම්වැටියක් දල්වන්නට සිත කරන බලකිරීමට අවනත නොවී ඔහු බොහෝ දුර ඈතක මතක චාරිකාවට එක්විය..*****************************************************.පාසල් සීනුව වැදෙන්නට අන්තිමම මොහොතේ පාසලට දුව එන කොල්ලන් සහ කෙල්ලන්ට කෑගසා උගුරද බැරෑඬිව ඇත.බිම්සර අසල වූ කරාමය හැර වතුර දෝතක් බීවේය. උදෑසන මේ ශිෂ්‍යනායකයන්ට පැවරෙන රාජකාරිය මහත් වෙහෙසක්ව ඇත. එහෙත් වගකීම වගකීමමය.." රශිතයා ගේට් එක වහපන්.දැන් ආයෙ එන උන්ව ගන්නෙ පන්සිල් ගත්තට පස්සෙ."ආරක්ෂක නිලධාරීන් සමග රශිත ගේට්ටුව වසන්නට ගියේ බිම්සර අතේ වූ වතුර හිසකේ වලම දවටාගත්විටය.කොපමණ කීවද වෙලාවට එන්නේ නැති කොල්ලන් සහ කෙල්ලන් අපමණය.ඇතමුන්ට සාධාරණ හේතු ඇතද සාමාන්‍ය පෙල සහ උසස්පෙළ ඉන්නා කොල්ලන් නම් අණ්ඩපාලයෝය.උන්ට ප්‍රමාදය ගැන කියන්නට ඇති හේතු කොහෙන් නිර්මාණය වෙනවාදැයි හිතාගන්නටත් බැරිතරම් අරුමපුදුම ඒවාය.."අනෙ අයියෙ ..ඇතුලට ගන්නකො අපිව ප්ලීස්."කෙල්ලන් කිහිප දෙනෙක් ගේ කිචිබිචි හඬ ගේට්ටුව අසලින් ඇසේ.රශිත ඔවුන්ට බැණ වදින අන්දම ද බිම්සරට ඇසේ.රශිතටද කේන්තිගිය විට හඬ පාලනයක්ද නැති තරම්ය..ඔහු ගේට්ටුව අසලට ගියේ මේ ගාලගෝට්ටිය අසමිනි.."වෙලාවට ඉස්කෝලෙ එන්න ගෑනුලමයි උනාම දැනගන්න ඕන.හිටපල්ල පන්සිල් අරන් පාසල් ගීය කියල ඉවරවෙනකල් ඔහොම හිටගෙන"කී රශිත යළි ගේට්ටුව වසාලන්නට තැත් කලේය.."අනේ අයියෙ අපි එළියෙ ඉන්න බයයි.අර ශෝමෑන් කෙනෙක් ඊයෙත් මේ හරියෙ උන්නා."එක කෙල්ලක් කුටුකුටු ගාමින් කියවයි.බිම්සර නැගෙන්නට ආ සිනහව වලකා ගනිමින්."ඔන්න ඕකුන් ඇතුලට අරන් අයිනෙන් පෝලිමෙ ඉන්න කියපන්"කියා රශිතට කීවේය..පොඩි කෙල්ලන් වුව අද පාරේ තියන්නට යෑම විවිධාකාර අවදානම් කටයුතු ඇතිකරයි..රශිත මුහුණ දෙක කරගෙන ගේට්ටු පලුවේ කුඩාකොටස පමණක් ඇරියේය.එතැනින් රිංගා ආවේ කෙල්ලන් තිදෙනෙකි.නිම්සර ඇස්කොණකින් පමණක් ඔවුන් දෙස බලා අත්බැඳගත්තේ පන්සිල් ගන්නටය.පන්සිල් ගෙන පාසල් ගීය කියූ පසු පමාවී එන ළමුන් පන්තිවලට යවන්නේ නිදහසට කාරණා ඇසීමෙන් අනතුරුවය..ඒ අතරට කොණ්ඩ දිග කොල්ලන්, රැවුල් නොකැපූ කොල්ලන් ,මෙන්ම සුදුගවුම් කොට කෙල්ලන්ද අහුවන්නේ බැනුම් අහන්නටය.."දැන් මොකද අද පරක්කු?" බිම්සර පමාවී ආ කෙල්ලන් තිදෙනාගෙන් ඇසුවේ ටිකක් මඩවන්නටමය. උදේ පාන්දර මේ පොඩි එවුන් ටික අවුස්සාගැනීමම දවසටම හිනාවෙවී ඉන්නට හැකි කාරණයකි.."අයියෙ...මෙව්..මේ...."කෙල්ලන් ගොතගසන්නේ කුමක් හෝ කියාගන්නට බැරිවය.එකෙක් වත් ඔලුව උස්සා මුහුණ බලන්නේ නැත.මුන්ගෙ කට්ටකම....බිම්සරට සිතුණි.."ඇයි ගොතන් ආ බොරුව අමතක උනාද?",බිම්සර ඇසුවේ සිනහව මතුවන්නට ඉඩ නොදෙමිනි.මේ කෙල්ලන් ටිකක් බයකොට පන්තිවලට යවනවා මිසක විනයභාර ගුරුතුමා වෙත යවන්නට ඔහුට අවශ්‍යතාවයක් නොවීය..ප්‍රධාන ශිෂ්‍යනායක බිම්සර ඉදිරියේ පොඩි කෙල්ලන් තුන්දෙනා බිමබලාගෙන ඇඹරෙති.."කියනකල් පන්තිවලට යන්න වෙන්නෙ නෑ ඉතින් "බිම්සර ගේට්ටුව දෙස බලමින් කීවේය. උප ප්‍රධාන ශිෂ්‍යනායක රශිත අනෙක් කොල්ලන්ගේ කොණ්ඩා සහ රැවුල් බලමින් බැණවදිමින් උපදෙස් දෙයි.."අපි කලින් ආවා ..මේ මේ මෙත්මිට සනීප නැතිවුණා.ඉතින් ආපහු ගියා ....මේ...මේ.."එක කෙල්ලක් ගොතගසමින් කියන්නට යන දේ ඔලුවට වැටහෙද්දී පමා වැඩිය.කෙල්ලන් රතුවීලාය..බිම්සර ලැජ්ජාවක් ආවද සිය මුහුණ දැඩිකොට ගත්තේය.."කෝ කවුද මෙත්මි කියන්නෙ."බිම්සර යලි ඇසුවේ අර කෙල්ල කියූ කාරණය අමතක කරදැමුවාක් මෙනි.තුන්දෙනාගෙන් පසුපසම උන් කෙල්ල පැකිලි පැකිලී ඉදිරියට ආවාය.ආවා නොව අනෙක් දෙන්නා ඇයව ඉදිරියට තල්ලු කලහ.."මොකක්ද පන්තිය?"බිම්සර ඇයගෙන් ඇසීය.ඇය නිහඬය.බිමබලාගෙනම ඉන්නේ ඇතිවුණ ලැජ්ජාවට වියයුතුය.."අද පන්තියට යන්නෙ නැද්ද? අහපු දේට උත්තර දෙනව"බිම්සර දැඩිහඬින් පැවසීය.."දහය ඩී "ඇය බිමබලාගෙනම පවසන්නේ කැඩිකැඩීයන හඬිනි..බිම්සරට දුකසිතුනි.මේ මැඩෙව්වා ඇතිය.."හරි ...යනවල ඔක්කොම පන්තියට.ආයෙ එහෙම පරක්කු වෙලා ආවොත් හරවල ගෙදර යවන්නෙ...තේරුනාද තුන්දෙනාටම"බිම්සර ඇසුවෙ තුන්දෙනාගෙන්ම වුවත් ඔහුගේ එල්ලය වුනේ මෙත්මි නම්වූ බිම බලාඋන් කෙල්ලය.තුන්දෙනාම ඔලුබක්කන් මෙන් බිමබලාගෙන ඔලු වනද්දී බිම්සරට හිනාගියේය.."සොරි අයියෙ ...ආයෙ එහෙම වෙන්නෑ"ඒ කෙල්ල ඔලුව උස්සා බලා බිම්සරට පැවසුවේ පන්තියට යන්න හැරෙන මොහොතේමය.බිම්සර තිගැස්සී ගියේ ඒ මුහුණ දුටු මනතිනි..සුහස් බිම්සර නානායක්කාර තමන්ගේ පාසැලේ පමණක් නොව අසල පාසල් වල පවා ප්‍රසිද්ධ යෞවනයෙකි.පාසලේ ප්‍රධාන ශිෂ්‍යනායකයා මෙන්ම ශිෂ්‍යභට කණ්ඩායමේ ප්‍රධානියාද වූ ඔහු දුටුවෙක් වරක් හැරී බලන්නට පෙළඹෙන පෞරුෂයක් දරාඋන්නේය.තම පාසලේ පමණක් නොව ප්‍රදේශයේ බාලිකා පාසල්වල කෙල්ලන්ගේද ක්‍රශ් එක වූයේ බිම්සරය..එහෙත් ඔහු ගැහැණු ළමයෙක් ගේ දෑසක් හමුවේ මෙසේ සසලවී නැත..ඇය ගේ කඳුලු පිරුණ බියපත් දෑස , මඳක් අවුල්ව ගිය හිසකේ බිම්සරගේ එක බැල්මකට හසුවිය.."මොකො බං හොල්මනක් දැක්ක වගෙ ඇස් උඩ තියන් බලන් ඉන්නෙ?".රශිත ඇසුවේ කෙල්ලන් ගිය දෙසම බලා ඉන්නා බිම්සරගෙනි.."න්..නැහ්...මොකුත් නැ..අපි යං පන්තියට".බිම්සර පෙරට ඇඳුණේ රශිතට කිසිවක්ම නොපවසාය.පන්තියේ පාඩමේ උන්නද හවස ක්‍රීඩාංගනයේ උන්නද බිම්සරගේ සිත ඔද්දල් කර තිබුණේ ඒ වටකුරු දෑසයි..හාපැටියෙක් වගෙ.බය වෙලා උන්නෙ.පව්....ඔහු තමන්ටම මුමුණා ගත්තෙය. කෙතෙක් කෙල්ලන් තමා වටා කැරකුණද ඒ කිසිම කෙල්ලක ගැන බිම්සරට ආකර්ෂණයක් ඇතිවී තිබුණේ නැත.යෞවනය සුන්දරය.කොලු කෙල්ලන්ගේ සබඳතා සාමාන්‍ය දෙයකි.කෙල්ලන්ට විහිළු කරන්නට දඟකම් පාන්නට බිම්සරද කිසිවිටෙක මැලිවූයේ නැත. එහෙත් පාසලේ ප්‍රධන ශිෂ්‍ය නායකයා වීමම තමා යම්තාක් දුරට හැසිරීමේ පාලනයක තබන්නක් බව ඔහු දැන උන්නේය.එහෙත් මේ හැඟීම අමුතුය..🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡.බිම්සර නැවතී උන්නේ පුංචි අම්මාගේ ගෙදරය..හයේ පන්තියේදී ශිෂ්‍යත්ව විභාගය සමත්වූ පසු පුංචි අම්මා බිම්සරව සිය නිවෙසට කැන්දාගෙන ආවේ නුවර එලියේ ඔවුන්ගේ ගමේ සිටය. තමන්ට වඩා ආර්ථික අතින් බොහෝ ඉහල තැනක උන් පුංචිඅම්මා බිම්සරගේ සම්පූර්ණ අධ්‍යාපන කටයුතු සිය භාරයට ගත්තේ ඉතා කැමැත්තෙනි. බිම්සරට වඩා වයසින් වැඩිමල් අක්කලා තුන්දෙනෙක් පමණක් උන් පුංචි අම්මාගේ නිවසේ බිම්සරට තිබුනේ ඉතා ඉහලම සැලකිල්ලකි. ඇය නොඅලස්ව කල වියදමට හරියන්නටම බිම්සරද අධ්‍යාපනයෙන් මෙන්ම විෂය බාහිර කටයුතු වලින්ද ඉතා ඉහල දස්කම් දැක්වීය..අම්මා සහ තාත්තා බිම්සරගේ අධ්‍යාපනය වෙනුවෙන් පුංචි අම්මාගේ මැදිහත්වීම ගැන කිසිම ගැටලුවක් ඇති නොකලේ ඔවුන්හට බිම්සර හැරුණකොට තවත් පිරිමි දරුවන් තිදෙනෙක් ගේ වැඩ කටයුතු බලාකියාගන්නටද තිබුණ හෙයිනි. එහෙත් අම්මා සහ තාත්තා සමග බිම්සරගේ තිබුණු බැඳීම නිවෙසින් පිටව ආවා කියා කිසිදිනෙක අඩුවක් වී තිබුණේද නැත..පාසල නිමවී නිවෙසට ආවද බිම්සර උන්නේ වෙනම ලෝකයකය. කවදාවත් නොවූ තරමට ඒ පොඩි එකිය තමා සසල කොට තිබිණ.බිම්සර ඉක්මනින් නාගෙනම ඇඳට වැටුණේ ඒ මතක යලි සිහිකරමිනි.."සුදුමල්ලි ඇයි මේ ආව වෙලේ ඉඳන් ඇඳට වෙලා.".පොඩි අක්කා කාමරයට එන විටත් බිම්සර උන්නේ දෑතම හිසයටට බැඳ සිවිලිම දෙස බලාගෙනය..බිම්සර තිගැස්සී කල්පනා ලොවින් මිදී යන අන්දම දුටු පොඩි අක්කා සිනාවූයේ."මොකද මොකද කොල්ලො ගැස්සුනේ ආ..?" කියමිනි.."මොනවට ගැස්සෙන්නද ? විකාරද ?".බිම්සර සැරවුනේ සිය හැඟීම් වලකා ගනිමිනි.පොඩි අක්කාට කොණක් අසුවුණොත් ගැලවෙනවා හමාරය..පොඩි අක්කා හිනාවූයේද නක්කලයටය.ඇය කොහොමත් හරිම සුහදශීලී එමෙන්ම දඟකාර යුවතියකි.."අපිත් ඔය වයස පහුකලා කොල්ලො. කෝ කවුද කියපන්කො කෙල්ල ? ලස්සනයිද ඈ?".පොඩි අක්කා වදේ ගසන්නට වූවාය.."මඟුලක් කියවන්නේ නැතුව යනව පොඩි අක්කා. මට මේ හිස කැක්කුමක් හැදිලා ඇඳට වෙලා උන්නේ. තමුසෙ මේ බහුභූත කියවන්න ගත්තා.".බිම්සර සැර වූයේ අක්කාටය.ඇයව එලවාගෙන තවත් මොහොතක් සිය මනෝලෝකයේ සැරිසරන්නට ඔහුට අවැසි විය.."හරි හරි ලොක්කා ..ඕවා එක හීනෙන් එලිවෙන්නෑ. අපිත් ඉන්නෙ මේ රටේමනෙ.".පොඩි අක්කා බිම්සරගේ කකුලෙන් ඇද කාමරයෙන් පිටව යන අතරේ පැවසුවාය.බිම්සර මුවෙන් මතුවන්නට ආ සිනහව වලකා ගනිමින් කොට්ටයට මුහුණ තදකරගත්තේය..මෙතුවක් කල් නොවුන අන්දමට ඒ කෙල්ල තමා කලඹා ඇත..පොඩි කෙල්ලෙක් අප්පා ...ඕලෙවල් කරලවත් නෑ. මං මේ මොනවද මන්දා හිතන්නේ..බිම්සර හිත පාලනය කොට ගන්නට තැත් දැරුවේය..පසුදා පාසලට ගිය මොහොතේ පටන් බිම්සර උන්නේ කඩිගුලක් මත ඉඳගෙන ඉන්නා හා සමාන හැඟීමකිනි. ගේට්ටුවේ රාජකාරි අතරේවත් ඇය දුටුවේ නැත. එක්කෝ ඇය තමා එන්නට පෙර පාසලට ඇවිල්ලා වෙන්නට ඇත, නැත්නම් අද පාසල් පැමින නැත. බිම්සර පන්තියට ගොස් රශිතවද මඟහැර දහයේ පන්ති පැත්තට ඇදුණේ වෙනසක් නොපෙනෙන්නටය. අතරමග හමුවන ගුරුවර ගුරුවරියන්ට ගුඩ්මෝනින් කියමින්ද වදනක් දෙකක් කතාකරමින්ද දහයේ සෙක්ශන් එකට යනවිට තරමක් වේලාවද ගොසිනි. තමන්හට උදේම අද පන්තිකාමර විශයයක් නොමැති හෙයින් බිම්සර නිවීහැනහිල්ලේ පන්ති එකින් එක දෙස බලමින් පෙරට ඇදුණේය..දහය ඩී.එසේනම් මේ ඇය ඉන්නා පන්තියයි. පන්තියේ එකදු සිසුවෙක් නැත. බිම්සර පන්තියට ලන්ව කාලසටහන බැලුවේය..ගෘහ විද්‍යාව / කෘෂිකර්මය.එසේ නම් කෙල්ලන් ඇත්තේ ගෘහ විද්‍යා කාමරයේ වියයුතුය.බිම්සර ගෘහ විද්‍යා කාමරය පැත්තෙන් ඇවිද ගියේ කාටවත් ඇස ගැසේදැයි හොරෙන් බලමිනි.."අනේ බිම්සර පුතා පොඩ්ඩක් මෙහෙට එන්නකො".ගෘහ විද්‍යා කාමරය පසුකරන විටම එතැන දොර අසල උන් ගුරුතුමිය මඳක් හඬනගා කතාකලාය..බිම්සර තිගැස්සී මෙන් ඒ දෙස බැලුවේය. කතාකරන්නේ ගෘහ විද්‍යා භාර ගුරුතුමියයි.කියලාවත් කරගන්නට බැරි උදව්වකි.බිම්සර හිනාවක් ආයාසයෙන් මුව තවරාගෙන අය ඉන්නා දෙසට ආවේය.."පුතා වැඩකටද යන්නෙ?".ගුරුතුමිය ඇසුවේ බලෙන් කලබලකාරී බවක් ආරූඪ කොට ගෙනඋන් බිම්සරගෙනි.."ඔව් මැඩම් මේ ප්‍රින්සිපල් සර්ගෙ වැඩකට යන ගමන්.කමක් නෑ ..කියන්න." බිම්සර පැවසුවේ හිතයටින් සිනාසෙමිනි.."අනේ පුතා මේ කාමරයේ ෆෑන් එක වැඩ කරන්නෙ නෑනෙ.පොඩ්ඩක් බලන්න පුලුවන්ද?".ගුරුතුමිය ඇසුවේ ආයාචනාත්මක හඬිනි..ෆෑන් එකක් සිංගර් එකෙන් ගෙනල්ල හරි දෙන්නම්කො මැඩම් මෙහෙම උදව්වක් කලාට..බිම්සර යටි සිතෙන් කියූවේ තමාටමය..පන්තිකාමරයට බිම්සර එනවිටද කෙල්ලන් සැන්ඩ්විච් හදන්නට පටන් ගෙනය.හිස් වැසුම් දමා මුඛවාඩම් දමා ඒප්‍රන් ඇඳ ඇති හෙයින් මොවුන්ගෙන් දිස් වන්නේ තරමක විකට පෙනුමකි..ෆෑන් එක නම් හදන්න බැරියැ. මේ බිල්ලො ගොඩේ කෙල්ලව හොයාගන්නේ කොහොමද ඉතින්.බිම්සර පුටුවක් ගෙන තබා ෆෑන් එක පරීක්ෂා කලේ එසේ සිතමිනි.."අනේ මෙතූ..පුතේ ඔය පුටුව අල්ලගන්නකො. ඔය අයියා වැටෙයි.".එක්වන ගුරුමව පැවසුවේ බිම්සර තිගස්වමිනි.ඒ වැඩෙත් මැඩම්ම විසඳලා දුන්නා එහෙනම්..බිම්සර සිනාව වලකා ගනිමින් අවට දෙස හොරෙන් නෙත යොමුකලේය..කෙල්ල ලංවූයේද බයෙන් බයෙන් මෙනි.බිම්සර බිමට බැස යළි ඉස්කුරුප්පු නියනද නැගෙන පුටුවට නැගෙන්නට සූදානම් වන විට මෙත්මි පුටුව අල්ලාගෙනය.."මාව වැට්ටුවොත් අල්ලගන්නම්කො".බිම්සර කුටුකුටු හඬින් පුටුවට නගින අතරේ මුමුණා කීවේ ඇයට පමණක් ඇසෙන්නටය.ඇය කෙතෙක් තිගැස්සුනාද ඇත්තෙන්ම පුටුව මඳක් සෙලවගියේය.."ඕක හයියෙන් අල්ලගන්නවකො".බිම්සර සැර කලේ ඇස් දෙක ලොකු කොට බලා ඉන්නා පොඩි කෙල්ලටය.අන්තිමේ ඇය පුටුව දෑතින්ම බදාගෙන උන්නේ ෆෑන් එක හදා ඉවර වන තුරුය.බිම්සර හිතාමතාම අදාල කාර්‍යයට වේලාවක් ගත්තේය. ඒ අතර ඇයටද හොරෙන් ඇයදෙස විටින් විට බැලුවේය..ඉන් පසු පුටුවෙන් බිමට බහිනා අතරේ."මට සැන්ඩ්විච් කෑල්ලක් අරන් එන්න ඕන. ඉන්ටවල් එකට " බිම්සර පැවසුවේය. ඇය බයබිරාන්තව බලාඋන්නා පමණි.පිළිතුරක් ලැබෙනා තුරු නොසිට ගුරුතුමිය වෙතට ගිය බිම්සර ඇයගෙන් සමුගෙන පන්තියට ගියේ මිටෙන් මුදාහල කුරුල්ලෙකු සේය..*****************************************************************************."උඹ මොකෝ නිකම් මේ කුරුල්ලා වගෙ අද?".රශිත ඇසුවේ පමාවී පන්තියට පැමිණි බිම්සරගෙනි.සිය ප්‍රාණසම මිතුරාගෙන් සැඟවිය යුතු තරමේ කාරණයක් ඔහුට නැත.පාසලට ඇතුල් වූ දා පටන් රශිත සහ බිම්සරගේ මිත්‍රත්වය කිසිදු විටක බිඳීගියේ නැත.."ඉන්ටවල් එක වෙනකල් හිටපන්කො කියන්නම්.".බිම්සර සිනාවූයේ දඟකාර විලාසයකිනි.හිතේ උතුරායන්නේ නොසන්සිඳුණ කොලුකමය.."මට ඒ කිව්ව තාලෙ නම් ඇල්ලුවෙ නෑ රජෝ. උඹ මොකාටද මේ නටන්න එන්නෙ කවදාවත් නැතුව.".රශිත ඇසුවේ නලලද රැලිකරගනිමිනි.සිය මිතුරාගේ හැසිරීම ඇත්තෙන්ම වෙනස්ය.."කියන්නම් කියල කිව්වනෙ . ඉතින් වද නොදී හිටපන්කො.".බිම්සර රශිතගේ බඩට පහරක් ගසමින් පැවසීය..දිවා විවේකය එත්ම රශිතවද අතින් ඇදගත් බිම්සර පන්තියෙන් පිටතට ආවේ ඇය එතැයි පෙරමග බලමිනි.."මොකක්ද බන් කියපන්කො.ආව වෙලාවෙ ඉඳන් උබ මේ බෙල්ල කොරවක්කා වගේ දික්කරගෙන හතර වටේ බලන්නෙ.".රශිත බැන වැදුනේ තමාහට කැන්ටිමට යන්නටවත් නොදී ඇදගෙන ආ මිතූරාටය..බිම්සරගේ නොසන්සුන් මුහුණ එලිය වැටුණේ ඈතින් වටපිට බලමින් හොරගල් අල්ලමින් එන මෙත්මි දුටුවිටය.ඔහුගේ මුහුණේ ඇඳීගිය සිනහව ඔස්සේ ඒ දෙස බැලූ රෙශිතද නැවත නැවත දෙදෙනා දෙසම මාරුවෙන් මාරුවට බැලුවේ.මේ මොන සමයමක්දැයි.අසන්නාක් මෙනි..බිම බලාගෙනම ඔවුන් ඉන්නා තැනට පැමිණි පොඩිත්තිය අත පිටුපසට කොට තබා උන් කෑම පෙට්ටිය ඔහු වෙත දිගුකලාය.."මේ මොනවද?".ඇය තවත් අවුස්සනු වස් බිම්සර ඇසුවේ ඇයගේ මුහුණටම එබෙමිනි.."සැන්ඩ්විච්".තනිවචනයේ උත්තරයද ආවේ කැඩිකැඩී මෙන්ය.."කෙනෙක් එක්ක කතාකරනකොට මූණ දිහා බලල කතාකරන්න කියාදීල නැද්ද ගෙදරින්".බිම්සර ඇසුවේ සැරෙනි.වදනින් වදනට දැරිය තිගැස්සී ගියාය..රශිත මේ පිස්සුව කුමක්දැයි විමසුම් ඇසින් බලාඋන්නේය..මේකා නටන්න හදන්නේ පොඩි කෙල්ලෙක් අවුස්සාගෙනය..රශිතට බිම බලාගෙනම බියෙන් ඉන්නා පොඩි එකිය දැක දුකත් හිතුණි.."අකමැත්තෙන් වෙන්න ඇති ඒ කියන්නෙ ගේන්න ඇත්තෙ . මට එපා . අරන් යනව ඕක.".බිම්සර ඒ සැරෙන්ම පැවසුවේ බිමබලාගෙනම ඉන්නා කෙල්ලටය. හිතේ ඇතිව ඇත්තේ ඉලන්දාරි දඟකාරකමක සිතුවිල්ලකි.."මොනවද නංගි ඔය.?".රශිත ඇසුවේ කාරුණික හඬකිනි.මේ බිම්සර නටනා විගඩමින් බියපත්වන පොඩි දැරිවිය ගැන ඔහුට අනුකම්පා සිතුණි.."සැන්ඩ්විච්".ආයෙම තනි උත්තරයකි.කෙල්ල හිසවත් ඔසවා බලන්නේ නැත.."කෝ දෙන්න ඕක මෙහෙට. මූට එපා නම් මම කන්නම්.".රශිත අතදිගු කලේ කෑම පෙට්ටියටය.බිම්සර ඔහුට රවා බැලුවේය.."ඇයි උඹට එපානෙ. මට කැන්ටිමට යන්නත් නෑ.මම කන්නම් මේක.".රශිත කෑම පෙට්ටිය ගත්තේ බිම්සර රවාගෙනම ඉන්නා විටය..පොඩි එකී තාම නිසොල්මනේය.."යනව එහෙනම් පන්තියට .මෙතනට වෙලා තව ඉන්නෙ මොකටද?".බිම්සර සැරකලේ ඇයටය.හිත ඇතුලෙන් සිනාපහල වෙද්දී මේ කෙල්ලව මැඩවීම ඔහුට ගෙන ආවේ සතුටක්මය. මෙත්මි එක් වරක් පමණක් හිස ඔසවා ඔහු දෙස බලා හඬාගෙනම ආපසු හැරී දිව්වාය.."මොකක්ද ඌරො අර කල වැඩේ.අර පොඩි එකී දැන් පන්තියට අඬාගෙනනෙ යන්නෙ.".රශිත බැනවැදුණේ සිය මිතුරාගේ නොදැමුණු ක්‍රියාවටය.."ඉතින් ගිහින් නලෝපන්.මට මොකෝ".බිම්සර කෑම පෙට්ටිය උදුරාගන්නට තැත් දරමින් පැවසීය.ඔහුගේ මුහුණේ ඇත්තේ නොසිඳුණ සිනහවකි.."උඹට දෙන්නෑ.ඒක ගත්තෙ මමනෙ.කන්නෙත් මම".රශිත එය මෑත් කරගනිමින් පැවසීය.."මෙහෙ දීපන් මෙහෙ දීපන්.දෙන්නම කමු".බිම්සර කෑම පෙට්ටිය ඇරියේය.සැන්ඩ්විච් දෙකක් ලස්සනට අසුරා ඇත.."මොකක්ද කියපන්කො සීන් එක. ඇත්තටම මේක හෙන රහයිනෙ බන්".රශිත ඇඟිලි වල දැවටුන මිශ්‍රණයේ කොටස්ද ලෙවකමින් පැවසීය.."ඌරු ගති තිබ්බට ඉස්කෝලෙදි ඒවා පෙන්වන්න එපා යකෝ.උඹ මේ ඉස්කෝලෙ වයිස් කැප්ටන්,ඒක මතක තියාගනින්.".බිම්සර සිය මිතුරාගේ අතට පහරක් ගසමින් පැවසීය.."ස්කූල් කැප්ටන් මේ නටන පිස්සුව එක්ක බැලුවම මම මොකක් කලාම මොකෝ.".රශිත පැවසුවේ මිතුරාව ගනනකට නොගනිමිනි..බිම්සර පෙරදා සිට මේ දක්වා සිදුවූ දේ රශිතට පැවසුවේය."මචන් , ඒකි පොඩි කෙල්ලෙක්, උඹ අපේ ඉස්කොලෙ විතරක් නෙවේ මේ හතරවටේම ගර්ල්ස්කූල්වලයි අනෙක් ඒවගෙයි ඔක්කොම කෙල්ලන්ගෙ ක්‍රශ් එක. මේක කරන්න එපා බන්.මේ වගෙ කෙල්ලෙක් බයිට් කරන එක පව්".රශිත පැවසුවේ සිය මිතුරා ඒ පොඩි කෙල්ලව විහිලුවකට ගන්නවායැයි සිතමිනි.."උඹට පිස්සුද රෙශියා. මම සීරියස්. මට ඒ කෙල්ලව ඊයෙ දැක්කම හිතට ආව ෆීලින් එක අර ගර්ල්ස්කූල් එකේ හවුස්කැප්ටන් බියුටි ක්වීන්ව දැක්කම වත් හිතට ආවේ නෑ බන්.මචන් අනේ මට සප් එක දීපන් ඈ.".බිම්සර සිය මිතුරාට ඇවිටිලි කලේය. ඇත්තෙන්ම ඒ බාලබොළඳිය තමාගේ හිත අවුස්සාදමා ඇත..මෙත්මි පන්තියට ගියේ අඬාගෙනය. තාමරී , ඇයගේ යෙහෙලිය කලබල වූයේ පන්තියේ අන්තිම පේලියේ ඩෙස්කුවට හිස ගසාගෙන අඬනා සිය යෙහෙලිය දුටුවිටය.."මෙතූ, මොකෝ වුනේ කෙල්ලෙ. අනේ අඬන්නැතුව කියන්නකො".තාමරී ඇයගේ හිස ඔසවන්නට තැත් දරමින් පැවසුවාය..වෙලාවට පන්තියේ වෙන ළමුන් නැත.සියල්ලන්ම කැන්ටිමට ගොසිනි.."දැන් අනික් අයත් ඒවි.කෝ ඔලුව උස්සන්නකො.මූණ සෝදගන්න යන් අපි.".තාමරී මෙත්මිගේ බෑගය අවුස්සා ලේන්සුව අතට දුන්නාය. ඇය තාමත් ඉකිගසන්නීය..කරාමය වෙත ගොස් මුහුණ සෝදා ලේන්සුවෙන් පිසදාගත් පසු මෙත්මි තාමරීහට සිදුවූ දේ පැවසුවාය..තාමරීට සිනහා ගියේ මහහඬිනි.."ඕකටද දෙයියනේ මේ එකෙක් මැරිලා වගේ අඬන්න ගත්තෙ. බිම්සර අයියා අනෙක් වුන්ට බනින හැටි අහන් ඉඳලම නැද්ද උඹ."තාමරී ඇසුවේ හිනැහෙමිනි.."ඊයෙත් කිසිම වැරැද්දක් නොකර අපිට කෑගැහුවෙ.අදත් බැන්නා.".මෙත්මි හූල්ලන්නට වූවාය.."ඔන්න ඕක අමතක කරපන්.දැන් ටීචත් එනවනෙ.යන් පන්තියට".මෙත්මිව ඉස්සරකොට ගත් තාමරී පන්තිකාමරයට ගොඩ වැදුණාය..🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡.පසුදා මෙත්මිට පාසල් ගෙනයන්නට කෑම පෙට්ටියක් තිබුණේ නැත. පොලිතින් භාවිතය තහනම් හෙයින් කෑම පෙට්ටියකට මිස පාසලට කෑම ගෙන ඒම තහනම්ය.අම්මා උදේම බැන වැදුනේ කෑම පෙට්ටිය පාසලේ අමතක කර දමා ආවාටය.."කමක් නෑ අම්මෙ මම පොඩ්ඩක් කාල යන්නම්.ආපහු දවල්ට ඇවිල්ල කන්නම්.එනකොට පෙට්ටිය අරන් එන්නම්.".මෙත්මි පැවසූවේ අද ආයෙමත් කෑම පෙට්ටිය ලබාගන්නට ඔහු වෙත යායුතු බව සිහිකරමිනි.තාමරීව හෝ යවා කෑම පෙට්ටිය ගෙන්වා ගත යුතුය..කෑම විවේකයේ මෙත්මි කරාමය වෙතට ගොස් වතුර ටිකක් බී ආපසු එනු දුටුවේ රශිතය. ඔහු ඇය දැක ඇය වෙතට ආවේය.."ආ නංගිගෙ කෑම පෙට්ටිය." ඔහු කුඩා බෑගයක දමා ගෙන ආ කෑම පෙට්ටිය මෙත්මි අත තැබුවේය. බලෙන් මෙන් බිම්සරව පන්තියේ රඳවා ආවේ මේ නටන්නට යන නැටුම හෙමින් නටපන් යැයි කියමිනි.කීදෙනෙක්ගේ විමසුම් ඇස්වලට මේ වෙද්දීත් මෙය ඉව වැටී ඇත්දැයි කියන්නට බැරිය..මෙත්මි කෑම පෙට්ටිය අතට ගත්තේ මඳ සිනහවක් පාමිනි.තාමරී දුව ආවේ ඒ මොහොතේය.."ඇයි කන්න ආවෙ නැත්තෙ?".තාමරී ඇසුවේ මෙත්මිගෙනි.."අද මම කන්න ගෙනාවෙ නෑ.කෑම ගේන්න පෙට්ටියක් නෑනෙ.".සිය යෙහෙලිය දෙසට හැරී සිනාවුණ මෙත්මි පැවසුවාය.රශිතට දැනුනේ තරමක සිත් වේදනාවකි.තමාගේ මිතුරා කල විහිලුව නිසා කෙල්ලට අද බඩගින්නේ ඉන්නට සිදුව ඇත.."ඉතින් මගේ එකෙන් කන්න තිබ්බනෙ.".තාමරී පැවසුවේ තරහා මුසු හඬිනි.."ඇයි ඉතින් වෙන කෑම පෙට්ටියක් තිබුණෙ නැද්ද?".රශිත ඇසුවේ අවංකවය.ඊයේ ඇය ගෙනා කෑම පෙට්ටියද ඉතා පිරිසිදු වුවත් පරණ පාටය..මෙත්මි කිසිවක් නොකියා සිනාවූවාය.ඒ සිනහවේ ඇත්තේ අසරණ භාවයකි..තාමරී රශිත වෙත ඇසකින් ඉඟිකලේ එසේ නොඅසන්නයැයි කියන්නාක් මෙනි.."ඊයේ සැන්ඩ්විච් හරිම රසයි නන්ගි.අපි කුඩුවත් ඉතුරු කලේ නෑ ඔන්න.".රශිත සිනාවෙමින් පවසා ඔවුන්ගෙන් සමුගෙන ගියේය.."කැන්ටිමට යන්."තාමරී පැවසුවේ නිහඬවම සිනාවී ඉන්නා සිය යෙහෙලියටය.මොන දේ මොන ප්‍රශ්න ආවත් සිනාවී සිටින සිය යෙහෙලිය ගැන තාමරීට ඇත්තේ ලොකුම ලෙන්ගතුකමකි.."එපා තාමරී, මම උදේ චුට්ටක් කාලා ආවෙ. ආයේ ගෙදර ගිහින් කන්න පුලුවන්.".ඇය එසේ කාටවත්ම කරදර කරන්නට කැමති අයෙක් නොවේ.."බූරුවො බලපන් තෝ කල දේ.".රශිත පන්තියට ආවේම බිම්සරට බැන වදිමිනි.සිදුවූ පවත් දැනගත් පසු බිම්සරට ඇතිවූයේ දැඩි වේදනාවක් සහ පසුතැවිල්ලක්මය.."ඉතින් බන් මම විහිලුවක්නෙ කලෙ.".ඔහු සිය මිතුරාගේ මුහුන දෙස බලා පැවසීය.."මචන් අපි විහිලුවට කරන දේ සමහර අයගෙ ආත්මගෞරවයට උනත් හානිකරන එකක් වෙන්න පුලුවන්.ඒ නිසා අනුන්ගෙ ජීවිත හැන්ඩ්ල් කරනකොට පරෙස්සමින්.".රශිත පැවසුවේ සිය මිතුරාගේ වේදනාව අවබෝධ කරගනිමිනි."ගිහින් කන්න අරන් දෙමුද කැන්ටිමෙන්.".බිම්සර ඇසුවේ ක්ෂණිකව හිතට ආ සිතුවිල්ලෙනි.මේ මොහොතේ ඔහු ඉන්නේ දුරක්දිගක් නොපෙනෙන මට්ටමේය.."ඔය ඉතින් උඹ ආපහු එකක් කරන්න් යනව. ඒකිගෙ හොඳම යාලුවා කතාකරලත් නොගිය එකී උඹ දැන් ගියාම මේන් කියල ගනී කියලද හිතන්නෙ.දුප්පත් ඇති ඒත් ආත්මගෞරවයක් හැමෝටම තියනව කියල අමතක කරන්න එපා.".රශිත පැවසීය.බිම්සර එදා දවසම ගතකලේ තෝන්තුවෙනි..පාසල නිමාවෙන්නට කලින් ප්‍රධාන ගේට්ටුව අසලට ගිය ඔහු ඇය පාසල නිමවී යනතුරුම බලාඋන්නේය..මෙත්මි ආවේ සිය යෙහෙලිය සමගිනි..බිම්සර පෙනෙන මානයට එනවිටම බිම බලාගත් මෙත්මි හිස එසෙව්වේ පාරටද ගියාට පසුවය, බිම්සර ඇය යනදෙසම බලාඋන්නේය.කෙතෙක් බිම බලාගෙන ගියද වංගුවට හැරෙන නිමේශයේ මෙත්මි ආපසු හැරී බැලුවාය.බිම්සර සිය දෙකන අත් දෙකෙන් අල්ලා හිස ඇලයකට නවා දෙතොල හසුරුවා සොරි කීවේය. මෙත්මි ඉක්මනින් බිම බලාගෙන වංගුවෙන් හැරී යන්නට ගියාය..වංගුවෙන් හැරුණ පසු ආයාසයෙන් සඟවා ගත් සිනහව මෙත්මිගේ මුවින් පිටවගියේය.හිරිමල් සිතට මේ සියල්ල බරවැඩිව යන බව පමණක් ඇයට වැටහෙමින් තිබුණි.."ඇඟිල්ලෙ තරමට ඉදිමියන් කෙල්ලෙ".අම්මා හැමදාම කියන කාරණය ඇයට මේ වෙලාවේත් සිහිවිය..යොවුන් වියේ ප්‍රේමය යනු කිසිත් බරක්පතලක් ඇත්තක් නම් නොවේමය.දුටුමනතින් හිතට ඇතුල්වන්නාවූ ආකර්ෂණය ප්‍රේමයකැයි වරදවා වටහගන්නා බොහොමයක් යොවුන් පෙම්වතුන් ඒ ආදරය බිඳී යන කල වෛරයේ ඉම් සොයායති..මෙත්මි සම්බන්ධයෙන් තමා සිතතුල ඇත්තේ ආදරයක්මද නැතහොත් ආකර්ෂණයක්ද යන්න බිම්සර තවදුරටත් සිතුවේය.මෙතුවක් කල් කිසිම යුවතියකට තමාගේ මේ අවධානය දිනාගන්නට නම් නොහැකිවිය. කොහොම උනත් තාම තීරණයකට එන්නට කල් වැඩිය..හිතට ආගන්තුකව ඇතුල් වූ මේ නුහුරු හැඟීම විඳිමින් ඉදිරියටම යායුතු බව පමණක් බිම්සරට සිතුණි.ඇය තවම සාමාන්‍ය පෙල ලියාවත් නැත,තමා උසස්පෙල කඩඉමේය..ඉතින් සියල්ලටම පෙර ඉගනීමට ඇයට බාධානොකල යුතුය.කාලය ඕනෑ තරම් ඇත.ආදරය ද විශේෂත්වයද කුමක්දැයි කියාගන්නට බැරි හැඟීම හිතේ තදකරන් ඉන්නා එකත් මිහිරකි..(මේ කතාව තුළ මතුවන්නාවූ චරිත සහ නම් ගම් සියල්ලම ජීවත්ව සිටි හෝ ජීවත් ව සිටින්නා වූ කිසිදු ජීවමාන චරිතයකට කිසිදු සම්බන්ධකමක් නොකියන බව ප්‍රකාශ කර සිටිමි.).හමුවෙමු යළිත් බිම්සර අවදිකරනා අතීත මතක සමගින්...ආදරයෙන්.මම.කිත්මා දහනායක.( විසිරි 🧡).Posted by විසිරි සිහින at 9:43 PM.Email ThisBlogThis!Share to TwitterShare to FacebookShare to Pinterest.Labels: ඔබ ආයෙමත් ඇවිදින් ( නවකතාව ).21 comments:.Pra JayAugust 25, 2021 at 10:16 PM.++++++++++++++++++.ReplyDelete.Replies.විසිරි සිහිනAugust 28, 2021 at 10:23 AM.thank you.Delete.Replies.Reply.Reply.D.G.M බස්සාAugust 26, 2021 at 7:11 AM.අද කොටස සෑහෙන වෙනදට වැඩිය කැමැත්තෙන් බැලුව. ඔහොම යං..ReplyDelete.Replies.විසිරි සිහිනAugust 28, 2021 at 10:23 AM.ස්තුතියි ගොඩක්.Delete.Replies.Reply.Reply.Mahesh RathnayakeAugust 27, 2021 at 1:29 AM.මාසෙකට කොටස් දහයක් විතර ලියන එක නෙවී වැඩේ.. ඉද හිටල ආවම කියවන එක.හක්ක පැන්න.ReplyDelete.Replies.විසිරි සිහිනAugust 28, 2021 at 10:24 AM.මම පොඩි පොඩි කොටස් ලියනකොට කමියා කිව්වා කොටස් දිගට දාන්න කියල. ඒකයි කොටස් කීපයක් එකට එකතුකලෙ.ලබන පාර ටිකක් අඩුවෙන් දාන්නම් .ස්තුතියි හොඳේ.Delete.Replies.Reply.Reply.කොමිටල් ඩ්‍රැකීAugust 27, 2021 at 4:51 PM.මාත් ආවා.ReplyDelete.Replies.විසිරි සිහිනAugust 28, 2021 at 10:24 AM.ඩ්‍රැකියුලා පරපුරක්ම ඇවිල්ලා. බයෙත් බෑ.Delete.Replies.Reply.Reply.ඔරිජිනල් රියල් ඩ්‍රැකීAugust 27, 2021 at 4:53 PM.ඇයි බං මමත් ඇවිල්ලා ඉන්නේ.ReplyDelete.Replies.කොමිටල් ඩ්‍රැකීAugust 27, 2021 at 4:57 PM.ආව නම් කියවලා පලයන් මෙතැන අහිංසකියන්ගේ ලේ බීලා තව ඩ්‍රැකියෝ බෝ කරන්නැතිව..Delete.Replies.Reply.කොමිටල් ඩ්‍රැකීAugust 27, 2021 at 5:28 PM.තවුසේලා දෙන්නා මේ ඉන්න එකී මදිවටද මෙතැනටත් රිංගලා තව ගෑණු හුටපට හදාගන්න හදන්නේ? බොලා දෙන්නා ආ දෙන්කෝ අද රෑට ගෙදර ......Delete.Replies.Reply.ස්කෘෘලොක්කයියාAugust 28, 2021 at 9:31 AM.ගහගන්නට එපා දෙන්නාටම බිරිඳ.වෙන්නම් නුඹල දෙන්නාවම මගෙ නොවෙද?.කිව්වලු....Delete.Replies.Reply.විසිරි සිහිනAugust 28, 2021 at 10:26 AM.ඩ්‍රැකියුලා පරපුරක්ම ඇවිල්ලා. බයෙත් බෑ...සාදරයෙන් පිළිගන්නවා ඔක්කොම.Delete.Replies.Reply.Reply.ඩ්‍රැකීAugust 28, 2021 at 4:31 AM.කතාව නම් පට්ට ලස්සනයි. මේ ෆේස්බුක් එකේ ගියපු කොටස් කීපයක් එකතු කරලා දාලා වෙන්නැති?.මට හිතට ආවෙ එක ප්‍රශ්නයක් විතරයි. ඒ ලෙවල් කාලෙ ළමයි ඔය තරම් බැරෑරුම් දේවල් හිතයි ද? අපිට නං ඒ තරම් තේරුමක් තිබුණෙ නෑ. සමහරවිට අපි මැට්ටො වෙන්ඩැති ඒ කාලෙ ඒ තරම් අත්දැකීම් නැති..ReplyDelete.Replies.විසිරි සිහිනAugust 28, 2021 at 10:26 AM.මම පොඩි පොඩි කොටස් ලියනකොට කමියා කිව්වා කොටස් දිගට දාන්න කියල. ඒකයි කොටස් කීපයක් එකට එකතුකලෙ.Delete.Replies.Reply.Reply.ඩ්‍රැකීAugust 28, 2021 at 4:32 AM.ඩ්‍රැකි සෙට්ටෙක මෙහෙටත් ගොඩ බැහැලා. අනික් ඩ්‍රැකියානිත් එන්න කලින් මං යනව. ඌප්ස්! පරක්කු වැඩියි....ReplyDelete.Replies.ඩ්‍රැකියානිAugust 28, 2021 at 4:35 AM.හ්ම්ම්... මම කිව්ව නේද, තනියම එහෙ මෙහෙ යන්න එපා, මං එනකල් ඉන්න කියල?.Delete.Replies.Reply.ඩ්‍රැකීAugust 28, 2021 at 4:36 AM.ඇත්ත. කිව්ව තමයි. ඒ උනාට මේ කතාව ට ඇබ්බැහි වෙනව. ඒකයි දැකපු ගමං ආවෙ..Delete.Replies.Reply.විසිරි සිහිනAugust 28, 2021 at 10:30 AM.ඩ්‍රැකියුලා පරපුරක්ම ඇවිල්ලා. ඒක නම් මරු අනේ. ඔක්කොම ඔයාගේ යාලුවොද.Delete.Replies.Reply.Reply.ඇඩම් ඩ්‍රේක් ඇන්ඩර්සන්August 28, 2021 at 4:39 AM.මාත් ආව. දිගට දිගට කියවල නිකං වෙරි වගේ. ආපහු එන්නං....ReplyDelete.Replies.විසිරි සිහිනAugust 28, 2021 at 10:29 AM.ආ ඔයාව නම් අර කතාවෙදි හම්බවෙච්ච එක්කෙනා නේහ්. මම පොඩි පොඩි කොටස් ලියනකොට කමියා කිව්වා කොටස් දිගට දාන්න කියල. ඒකයි කොටස් කීපයක් එකට එකතුකලෙ.ලබන පාර ටිකක් අඩුවෙන් දාන්නම් .ස්තුතියි හොඳේ.Delete.Replies.Reply.Reply.Add comment.Load more....Newer Post Older Post Home.Subscribe to: Post Comments (Atom).Followers.මම සිහින දකින්නියක්මි.විසිරි සිහින.විසිර ගිය සිහිනයන් එකතු කර රැගෙන එමි.View my complete profile.Total Pageviews.Labels.My Diary.travel notes.අදහස්.අපූරුම දේවල්.අරමුණු.උගත් පාඩම්.ඔබ ආයෙමත් ඇවිදින් ( නවකතාව ).කෙටිකතා.පරිවර්තන.මතක.මතකයේ රැඳෙන පොත්.රයිලිගෙ කතා.විසිරි කවි.විසිරි සිතුවිලි.විසිරිගෙ සේයා රූ.....වෙනත් අයගේ කියවපු අපූරු කතා.සඳක් සේ ( නවකතාව).සමාජ විපරම්.සෞඛ්‍ය.හසරැල් සැලුණාවේ (නවකතාව ).හැඟීම්.Blog Archive.► 2022 (25).► September (2).► August (1).► July (2).► June (2).► May (5).► April (4).► March (4).► February (4).► January (1).▼ 2021 (56).► December (2).► November (6).► October (6).► September (9).▼ August (9).07. හත්වෙනි කොටස (ඔබ ආයෙමත් ඇවිදින්).06. හයවෙනි කොටස -( ඔබ ආයෙමත් ඇවිදින්).05. පස්වෙනි කොටස (ඔබ ආයෙමත් ඇවිදින්).04. හතරවෙනි කොටස (ඔබ ආයෙමත් ඇවිදින්).2021 ( 25 ) ඉතින් තනිමග යමි.03. තුන්වෙනි කොටස (ඔබ ආයෙමත් ඇවිදින්).02. දෙවෙනි කොටස (ඔබ ආයෙමත් ඇවිදින් ).01. ඔබ ආයෙමත් ඇවිදින් - පළමු කොටස.00. පෙරවදන - ඔබ ආයෙමත් ඇවිදින්.► July (10).► June (3).► March (1).► February (4).► January (6).► 2020 (58).► October (9).► July (3).► June (6).► May (7).► April (21).► March (11).► February (1).► 2019 (18).► December (1).► November (1).► October (1).► August (1).► May (1).► April (9).► February (2).► January (2).► 2018 (20).► December (10).► August (1).► June (1).► May (2).► April (1).► March (1).► February (2).► January (2).► 2017 (59).► December (2).► November (2).► October (4).► September (2).► August (5).► July (1).► June (6).► May (7).► April (6).► March (9).► February (5).► January (10).► 2016 (22).► December (13).► November (4).► October (5).my blog list.Ian's Den ඉයන්ගේ අඩවිය.ජවිපෙ ගමන නිමයි, නායක අනුර කියයි..! (from LankaeNews).Transylvania."මූව මග්ගොනට යවන්න ඕනේ ".අනිත් කොන - a doctor's heart sutra.The social function of music....කොළඹ ගමයා.බ්‍රිතාන්‍ය රජ පවුලේ ජර්මන් හා රුසියානු සම්බන්ධතා.කඩදාසි කොලේ.361: උන්මාද චිත්‍රාදෝ මා - පසුවදන.ජිවිතේ යාත්‍රාව.නිද්‍රාව..නිදහස් සිතුවිලි.682. අද සිරී ලම්කාවෙ වහා විසඳාගත යුතු දැවෙන පස්න හෙවත් බෙර්නිං කුවෙස්චන්ස්.....රසිකොලොජි - Rasikology.සල්මන් රුෂ්ඩි සහ මට හමුවුණු ජාත්‍යන්තර අයියලා තුන් දෙනෙකුගේ කතා - Salman Rushdie and other stories.සොඳුරු සඳවතී.අහන්නකො......ගස් ලබ්බ.අටම්පහුර.ඉස්සෙල්ලම ගහපු එකා.තරුරසී.තරුණ අපේ හීන මැරූ - උඹල තමයි කම්බ හොරූ....chef-architect.කෑ බනික.මගේ බ්ලොග.53. How Seedr can helped you???.කලාහිත.. Kalahitha.අධි පරිභෝජනවාදයෙන් මිදී සරළ ජිවන රටාවකට හුරුවෙමු.තිලක සිත.මළ ඉලව් ලිෆ්ට් එක.රස්තියාදුකාරයා.සුභ ගමන් ආදරණීය ආටියා...........නොපළ කතා.අ(සම්මුතිය).test post for facebook – Aru-ge adaviya.කඩේ ගියා හෝ නැතා…මේ සින්දුව අහන්න...සින්ඩරෙල්ලාගේ සපත්තුව....!.රූබරිය !.රසුදැල්.මිලියන ගණන් වටිනා 99 මිනිස්සු.වැව් ඉස්මත්ත.කොච්චි මිරිස්.රොශාන් මහානාම,කොච්චියාගේ යාඤාව සහ බුද්ධත්වයට පත් සමන්තබද්‍ර.අහසෙන් එන්න....පස් මසකට පෙර ජීවිතේ පෙරළුණු අලුත් පිටුව.යාං හෑල්ල.ඔපිස් එකේ කොරෝනාගෙන් බේරෙන හැටි - How to avoid Corona at office.සමකය වටේ.Katchatheevu Feast 2020Drone vedio | கச்சதீவு அந்தோனியார் ஆலய திருநாள் 2....Nelum Yaya.ප්‍රන්ස බස සහ ඉංග්‍රීසි බස වෙනුවෙන් මරා ගැනීම.A T Sudarshana.Maharada Oba Giya daa (මා හැර දා ඔබ ගිය දා ).කතා කරන පන්හිඳ.පොකුරු වැහි.හිත්.දුමී.122. කිමද සොඳුරියෙ හඬන්නේ යළි අපිට හිමි වෙනවා අපී.....බස්සිගේ නවාතැන.ඔබේ රහස් සතුටු බුබුළ (Happiness Bubble).කැලේ පිපුණු මල්.01 පළමු දවස 2019 ජූනී 22.උඩුවාගේ සටහන්....රත්නම්ගේ වේදනාව.මාරයාගේ හෝරාව....නිවිති එක්ක දෙල් කිරට....මම එරන්දී... I'm Erandi.STRESS ද?.සින්බෑඩ්ගේ අඩවිය.දිනපොත 25.සජ්ජාගේ පඩංගුව.පරිසරය සමඟ පවුලත් සුරකිමු ...!!!!!.පැමිණ යන්නට මත්තෙන්...හැකි නම් තබන්න සටහනක්..එය මට මහත් දිරියක්. Ethereal theme. Powered by Blogger. |
tag:blogger.com,1999:blog-628344550111716809.post4896271312400814592..comments2022-08-05T21:29:42.983-07:00.Comments on විසිරි සිහින: 85. Be Cool.විසිරි සිහිනhttp://www.blogger.com/profile/[email protected]:blogger.com,1999:blog-628344550111716809.post-39599048609036734472018-05-18T20:23:40.253-07:002018-05-18T20:23:40.253-07:00.තරහව ඔබව අප්‍රියජනක පුද්ගලයෙක් කරනු ඇත..ඒ නිසා be....තරහව ඔබව අප්‍රියජනක පුද්ගලයෙක් කරනු ඇත..ඒ නිසා be cool කතා කරන පන්හිඳhttps://www.blogger.com/profile/[email protected]:blogger.com,1999:blog-628344550111716809.post-89349427857896351262018-02-26T23:17:48.442-08:002018-02-26T23:17:48.442-08:00.යුරොපානු හාමුදුරුවො කෙනෙක් ඉන්නෙ අර අජාන් චා බ්‍රක....යුරොපානු හාමුදුරුවො කෙනෙක් ඉන්නෙ අර අජාන් චා බ්‍රක්මවන්ස වගේ නමක් තියෙන ඒ හාමුදුරුවො ගාවත් ඔය සම්බන්ධව ඉතාමත් ලස්සන කතා වගයක් තියෙනවා රස්තියාදුකාරයාhttps://www.blogger.com/profile/[email protected]:blogger.com,1999:blog-628344550111716809.post-30746699054402122692018-02-24T00:04:49.325-08:002018-02-24T00:04:49.325-08:00.විසිරි සිහින බ්ලොග් එකක් ලියනවා කියලා දැනන් හිටියේ....විසිරි සිහින බ්ලොග් එකක් ලියනවා කියලා දැනන් හිටියේ නැහැ නොවැ..! මටත් ඉස්සර නම් හරියට තරහ යනවා. පස්සේ අජාන් බ්‍රහ්මවංසෝ හාමුදුරුවන්ගේ පොතක් කියවලා සෑහෙන්න හරි ගියා. වැසි දැරිය - The Rain Girl https://www.blogger.com/profile/[email protected]:blogger.com,1999:blog-628344550111716809.post-43511104771403506232018-02-22T02:10:47.243-08:002018-02-22T02:10:47.243-08:00.සුපිරි! අම්මට සිරි ඔයා හිතන්නෙ මගේ හිතෙන්ද ඈ!? මම....සුපිරි! අම්මට සිරි ඔයා හිතන්නෙ මගේ හිතෙන්ද ඈ!? මම දන්න මේ ලොකේ මට වඩා කේනති යන එකෙකු ඇත්නම් ඒ අපේ අයියා! අපි පාරම් පරික කේන්ති කාරයෝ! " අපේ තාත්තා එතනින් ගියාම සීයා බාප්පලා මේ සියල්ල අපරාදෙ කියන්න බෑ එකෙකුට එකෙක් නොපරදින කේන්ති කාරයෝ! සීමා සහිත කේන්ති යන්නන්ගේ සමූපාකාර සමිතිය" කියලා අපි ඇයි නොපිහිටෙව්වේ කියලා හිතෙනවා! ඉතින් මේ කයි වාරුවට කියනවා නම් නොවේ. මගේ කොල්ලත් එමමයි! ඉතින් ඒ හින්දාම අපි නැතිකර ගත්තු දේවලුත් එමටයි! කේන්ති ගිහිල්ලා බැනලා , කෑ ගහලා , බඩු පොලොවෙ ගහලාස් මහා විනාසයක් කලාම තමයි අර 100 ට ගනින සීන් එක මතක් වෙන්නේ. Thattayagekolamahttps://www.blogger.com/profile/[email protected]:blogger.com,1999:blog-628344550111716809.post-83302849326349899832018-02-21T22:58:45.811-08:002018-02-21T22:58:45.811-08:00.“Any fool can do something cool and look cool, but....“Any fool can do something cool and look cool, but it takes skill to make something uncool cool again.” ― Criss Jami Pra Jayhttps://www.blogger.com/profile/[email protected]:blogger.com,1999:blog-628344550111716809.post-70566400549638349742018-02-21T07:22:33.860-08:002018-02-21T07:22:33.860-08:00.මේකනේ අක්කා තරහා යනවනම් හොදයිනේ, වැඩේ කියන්නේ තරහ....මේකනේ අක්කා තරහා යනවනම් හොදයිනේ, වැඩේ කියන්නේ තරහා එන එකනේ... හි හී සොඳුරු සඳවතී https://www.blogger.com/profile/[email protected]:blogger.com,1999:blog-628344550111716809.post-45764310340684168292018-02-21T07:00:32.589-08:002018-02-21T07:00:32.589-08:00.ඇත්තටම ඔයා කියන විදියට අපී ඉන්න උත්සාහ කරනවානම් ගේ....ඇත්තටම ඔයා කියන විදියට අපී ඉන්න උත්සාහ කරනවානම් ගේ ඇතුලේ තියන පොඩි පොඩි රණ්ඩු ගොඩාක් අඩු වෙයි නෙද,? එතකොට ඒ ඉවසීම එළියටත් ගෙනියන්න පුළුවනි. තරහා ගියාමනේ මේ ඔක්කොම වෙන්නේ. ඔයා හරි. Anonymoushttps://www.blogger.com/profile/[email protected]:blogger.com,1999:blog-628344550111716809.post-77218629978306230892018-02-21T05:42:51.454-08:002018-02-21T05:42:51.454-08:00.වැඩේ කියන්නේ මට තරහා නොගියත් සමහරු හිතන්නේ මට තරහ ....වැඩේ කියන්නේ මට තරහා නොගියත් සමහරු හිතන්නේ මට තරහ ගිහින් කියලා... කොහොමත් තරහා යෑම පරිනත වීමත් එක්ක පාලනය වෙනවා කියලයි මට හිතෙන්නේ... ඒත් අසාධරන වලට තරහා යෑම නම් පාලනය කර ගන්න බැහැ සමහර වෙලාවට... අරුhttps://www.blogger.com/profile/[email protected] |
විසිරි සිහින: 16.දහසය වෙනි කොටස ( ඔබ ආයෙමත් ඇවිදින්).විසිරි සිහින.Thursday, September 30, 2021.16.දහසය වෙනි කොටස ( ඔබ ආයෙමත් ඇවිදින්)..ඊලඟ වෛද්‍ය හමුවේදී සුලෝචනා මානසික ප්‍රතිකාරයන් සඳහා යොමු කල යුතු අන්දම ගැන බිම්සර දැනුවත් කලේ රශිත සහ ඔහුගේ මිතුරු විශේෂඥ මනෝ වෛද්‍යවරයා විසිනි.."මෙහෙම අයෙක්ට එක්ස්පෝස් කිරීමක් කරනකොට අපි හොඳ අවධානයකින් ඒකෙ යෙදෙන්න අවශ්‍ය වෙනවා.මොකද මේ ළමයාගෙ යම් ප්‍රමාණයකට ශොක් එකකුත් තියන නිසා අපි ෆිට්ස් එහෙම එයිද කියලත් පොඩ්ඩක් අවධානයෙන් ඉන්න ඕනෙ".විශේෂඥ වෛද්‍යවරයා අවධාරණය කළේය.."එතකොට අපි මේක කරන්නම ඕනද ? නොකර උන්නොත් වෙන්න පුළුවන් අවාසිය මොකක්ද ?".බිම්සර විමසුවේ කල්පනාබරිතවය.."කෙනෙක් කම්පනයක් මනස ඇතුලෙ තියන් ඉන්නව කියන්නේ ඒක එයාගෙ සම්පූර්ණ ජීවන රටාවටම බලපානවා කියන එකයි. එයාගෙ මතකය ඇතුලු හුඟාක් දේවල් මේ තාවකාලික ගැටලුව නිසා අවහිරවෙලා දැනටම.ඒක අනාගත ජීවිතයටම කොච්චර බලපාන්න පුළුවන්ද ?".මානසික වෛද්‍යවරයා අතුරු පැනයකින්ම බිම්සරට පිළිතුරු දුන්නේය.."මචං behavior treatment කියන්නෙ හරිම ක්‍රමානුකූලව යන එකක්. බෙහෙත් බොනව වගේ අතුරු ආබාධත් නෑනෙ.අපි ඔක්කොම මේක ටීම්වර්ක් එකක් වගෙ යමු.ඩෝන්ට් වොරි".රශිත පැවසුවේ සිය මිතුරාගේ උරහිසට අත තබමිනි.බිම්සර සුසුමක් හෙලා හිසවනා එයට අනුමැතිය දුන්නේය.හිත තුළ කුකුසක් ඉතුරුවී ඇතද මේ ප්‍රතිකාරයන් ඇයගේ යහපත උදෙසාම හෙයින් කලයුතුව ඇත..]****************************************************************************.සුලෝචනා අදාළ ප්‍රතිකාර කටයුතු සඳහා පළමුවන වතාවට කැඳවා ගෙන ගියේද බිම්සර සහ රිද්මා විසිනි.ප්‍රමුදිතා හට උසස් පෙළ විභාගය ඉතාම නුදුරේ පැවතුණ හෙයින් ඇයගේ කාලය මේ සඳහා කැප කරවන්නට අවශ්‍ය නොවන බව රිද්මා සුලෝචනාගේ මවට පැහැදිලි කළාය.."තව සති දෙකයි නේ විභාගයට තියෙන්නෙත් අම්මා .ඒ නිසා නංගි මේ ටිකේ පාඩම් කරගත්තු වාවේ .අනික treatment වලට කොළඹ ගියාම මුළු දවසෙම ඔතනට වැය වෙනවා.අපි නංගි එක්ක යන්නං.පරිස්සමින් එක්කරගෙන එන්නම් අම්මා".රිද්මා පැවසුවේ සිය රථය තුලට වී සිටිනා බිම්සර දෙස බලමිනි.ඔහු ඉවත බලාගෙන සිටින්නේ එතරම්ම පැහැදිලි සිතුවිල්ලක නම් නොවේ.."මේ දරුවන්ටත් අපි නිසා තියෙන කරදරයක්. ජාති ජාතිත් තමංගෙ මිනිස්සු වත් නොකරන තරම් උදව් මේ ටිකේ ඔය දරුවෝ අපිට කළේ. පින් සිද්ධ වෙනවා දරුවනේ කවදාවත් ඔය දරුවන්ටත් ,ඔය දරුවන්ගේ දෙමව්පියන්ටවත් කරදරයක් හිරිහැරයක් ලෙඩක් දුකක් නම් වෙන්න එපා .තුණුරුවන්ගේම පිහිටයි".අම්මා පැවසුවේ දෑතද එක්කර ගනිමිනි. අම්මා මේ කෙටිකාලය තුළ ඔවුන් වෙත තමන්ගේ දරුවන්ට හා සමානවම බැඳී උන්නාය..සුලෝචනා රිද්මා සමගින් බිම්සර ගේ රථයට ගොඩවූයේ "අපි යමු නේද සුදු අයියේ "කියමිනි..සුලෝචනා පිටුපස අසුනට නැංවූ රිද්මා ඉදිරිපස අසුනට නැගුණේ..."තමුසෙ ඔය ඉස්සරහ කණ්ණාඩියෙන් පිටිපස්ස බල බලන්න ගිහිල්ලා වාහනයේ හප්ප දැනිය කියලයි මං කෝකටත් කියලා ඉස්සරහ සීට් එකට නැග්ගෙ ..."කියමිනි..වෙනදා තමන් හා එකට එක කියවාගන්නා බිම්සර අද කෙතරම් නිහඬදැයි රිද්මා විමසිල්ලෙන් බැලුවාය.."මොකෝ තමුසෙ නිකම් ඇටිකෙහෙල් ගිල්ල වගේ බලාගෙන ඉන්නේ.".මදක් දුර රිය ධාවනය කරන්නට ඉඩ හැර රිද්මා ඇසුවේ කුතුහලය පිරි දෑසිනි.."මන්දා නංගි , මේකට කැමති උනාට මට එක අතකට හිතට මහ බයකුත් දැනෙනවා! ".බිම්සර පැවසුවේ රියෙහි කන්නාඩියෙන් පිටුපස අසුනේ ඉන්නා සුලෝචනා දෙස බලමිනි.."ඕකට මොකද්ද බය වෙන්න තියෙන්නේ. රශිත එහෙම ඔයාට හොඳටම තේරුම් කරලා දුන්නා නේ.".රිද්මා ඇසුවේ විමසුම් ඇසිනි.."කෙල්ලට ලොකු shock එකක් වෙන්නේ නැතුව ඕන දෙයක් කමක් නැහැ . ඒත් එදා එතැන සිද්ධ වුනු දේවල් මතක් වෙනකොට මෙයාට ඒවා දරාගන්න පුළුවන් වෙයිද කියලා මට බයක් දැනෙනවා.".බිම්සර තම සිත තුළ පැවති කුකුස රිද්මාහට පැහැදිලි කළේය.."එක්ස්පෝස් කරන කොට එහෙම එකපාරටම කරන්නෑ සුදු අයියෙ.ඒක යන්නෙ පියවරෙන් පියවරටනෙ.අනෙක රශී, මම ,ඔයා ,සුලෝගෙ අම්මා ,නංගි..ඔක්කොම අය මේ වැඩේට එකතුවෙනවනෙ.".රිද්මා පැවසුවේ බිම්සරගේ කුකුස මැඩලමිනි.."ඔයත් එනවනේද ඩොක්ටර් ගාවට චූටිව යන්න.".බිම්සර ඇසුවේ රිද්මා දෙසට හැරෙමිනි.."එන්න නේන්නම් මේ ආවෙ..ගිහින්ම බලමුකො.".දෙදෙනාගේ කතාවට එතරම්ම අවධානයක් නැතුව මෙන් සුලෝචනා උන්නේ මාවත දෙසම බලාගෙනය.ඇයගේ මනසට ඔවුන්ගේ බස මනාව වැටහෙන්නේ නැතිතරම්ය. සුලෝචනා සුසුමක් හෙලා මාවත දෙපස වූ ගොඩනැගිලි, මිනිසුන් දෙස බලමින්ම ගමන් කලාය..*****************************************************************."ආ කොහොමද ඉතින් ?".සුලෝචනා සහ බිම්සර සමගින් රිද්මා මානසික වෛද්‍යවරයා වෙතට පැමිණියේ රශිතගේ යොමු කිරීමද සමගිනි.."මචං අපි එහෙනම් අද ඉඳන් එක්ස්පෝෂර් පටන්ගන්නව.".ඔහු රශිත වෙත පැවසුවේ සිනාමුසුවය.."ඕකේ මචං, කෙල්ල කෙසේ වෙතත් භාරකාරයාට එක්ස්පෝෂර්ස් කරන්න වෙයි වගේ .බලපන්කො මුගෙ මූණෙ හැටි.".රශිත බිම්සරගේ බඩට අතින් අනිමින් පැවසීය.බිම්සර කිසිවක් නොකියා රශිත දෙස රවා බැලුවේ තැනක් නොතැනක් නැති කියවීම නවතා දමනු රිසිවය.එහෙත් පාසල් සමයේ සිට එකාවන්ව උන් සිය මිතුරාගේ රැවීම් රශිතට ගණනක්ම නොවීය..මනෝ වෛද්‍යවරයා විසින් කලයුතු පියවර සියල්ලම මැනවින් පහදාදුන් පසු ක්‍රමානුකූලව සුලෝචනා අදාල මතකයන් වෙත යොමුකිරීම සිදුවිය.."සුලෝචනා ඔයාට මේ පත්තරයෙ ආටිකල් එක කියවන්න පුලුවන්ද?"වෛද්‍යවරයා විසින් ඇය අත තැබුවේ බෝම්බ පිපිරීමට අදාල ප්‍රවෘත්තිය සහිත ලිපියකි.එහි දේවස්ථානයේ සුන්බුන් සහිත සේයාරුවක් තිබුණද සිත කලඹන අන්දමේ සේයාරූ කපා ඉවත් කොට සකසා ගෙන ආවේ රිද්මා විසිනි..සුලෝචනා හිස වනා එම ලිපිය කියවන්නට ගත්තාය.ලිපියේ අකුරු අතර වේගයෙන් දිවගිය ඇයගේ ඇස්පිය එකිනෙක ගැටෙමින් කලබල වනු පෙනුනේය.සේයාරුවට අතතබා ගෙන යමක් කියන්නට සුලෝචනා වෙරදරනු බිම්සරට පෙනුනි.ඔහු වහා රිද්මාට ඇය අසලට යනමෙන් පවසුවාය.."මේ දවස ඔයාට මතකද නංගි?"රිද්මා ඇයගේ අතකින් අල්ලාගනිමින් පැවසුවාය.සුලෝචනා කිසිවක්ම නොකියා ඒ සේයාරූ දෙසම බලාඋන්නාය. ඇස් මෙන්ම අත්ද වෙවුලා යමින් පුවත්පත් කොටස බිමට පතිත වී ගියේය.සුලෝචනාගේ ඇස් වලින් කඳුලු පේලියක් ගලායන්නට විය.."එයාට මතක් වෙනවා.".මනෝ වෛද්‍යවරයා සෙමින් පැවසුවේය.."අපි මේ වගේ ක්‍රමක්‍රමයෙන් එක්ස්පෝස් කරමු..ගෙදර අයට කියාදෙන්න මනසට දරාගන්න පුලුවන් දේ විතරක්ම සිහිගන්වන්න කියල.".වෛද්‍යවරයා රිද්මාහට පැවසුවේය.සුලෝචනා හට මනස ඉහිල්වීමේ ක්‍රියාකාරකම් මාලාවක් සහ ඖෂධ ප්‍රතිකාරයන්ද තව දුරටත් නිර්දේශ කරදෙනු ලැබුණි..සුලෝචනා කඳුලු පිසලමින් බිම්සර සහ රිද්මා සමගින් අසුනෙන් නැගීඋන්නේ වෛද්‍යවරයා ඔවුන්හට යාමට ඉඩදුන් හෙයිනි..සුලෝචනා වෛද්‍යවරයා හමුවට ගොස් ආ මොහොතේ පටන් හුදෙකලාව ඉන්නටම තැත්දැරුවාය. රිද්මා , ප්‍රමුදිතාට සහ අම්මාට ඇයට නිදහසේ ඉන්නට ඉඩ දෙන්න යැයි පැවසූවේ මේ ප්‍රතිකාර ක්‍රමය ඇයට තරමක අසීරුතා මතුකරදෙන්නක් විය හැකි බව දන්නා හෙයිනි..පුවත්පත් කොටසේ වූ කාරණය කියවීමෙන් පසු සුලෝචනාට අඳුරු පැහැ මතකයක් සේ සිදුවීමක ඡායාමාත්‍රයක් මනසට ඇතුල් වූවා සේ හැඟෙන්නට විය.දැඩි හිසේ වේදනාවක් සමගින් එකිනෙක අඳුරු පැහැයෙන් මනසේ මතුවන අපැහැදිලි මතක හේතුවෙන් සුලෝචනා කෑගැසුවාය.."අක්කේ අක්කේ ඇයි මේ.?".ප්‍රමුදිතා දුවගෙන ආවේ සුලෝචනා කෑගසන හඬිනි.."ඔලුව රිදෙනවා ..ඉන්න බෑ අනේ".සුලෝචනා අඬන්නට වූයේ හිස දෑතින්ම බදාගනිමිනි.."අම්මේ අක්කගෙ බෙහෙත් ටික ගෙන්න.ලොකූ බයවෙන්න එපා.ඔයාට බෙහෙත් බිව්වම හරියාවි.ඉන්නකො අපි බේත් බිව්වම මම ඔයාගෙ ඔලුව මසාජ් කරන්නම්.".ප්‍රමුදිතා අක්කාගේ හිස අතගෑවාය..සුලෝචනා ඉකිගසන්නට වූයේ සිය සොහොයුරිය බදාගනිමිනි.."මෙහෙම කෙල්ලට දුක් විඳින්න වෙනව නම් අපි මේ බෙහෙත් කිරිල්ල අතාරිමු පුතේ.".අම්මා ඇඳ උන් ගවුමේ කරෙහි කදුලු පිසලමින් පැවසුවාය.."පිස්සුද අම්මේ මේ සේරම කරන්නෙ අක්කගෙම හොඳටනෙ.අම්මා කලබල නොවී ඉන්නකො.".ප්‍රමුදිතා අම්මා වෙත හැරෙමින් පැවසුවේ අක්කා සයනයේ වැතුරුන පසුවය..***********************************************************************************************.සුලෝචනා පසුදිනයේ ඇහැරගත්තේ වෙනදාට වඩා ප්‍රබෝධමත්වය. පෙරදා රාත්‍රියේ ඇතිවූ තදබල හිසේ වේදනාව මේ වනවිට සමනය වී ඇයට පහසුවක් දැනෙන්නට පටන්ගෙන තිබුනි..සුලෝචනා ඇඳෙන් නැගිට සිය ඇඳෙහි ඇතිරිල්ල සෙමින් නවා තබා නාන කාමරයට වැදුණාය.කාලය සමග සුලෝචනා ටිකෙන් ටික තමන්ගේ පුරුදු ජීවන රටාව යළි සකසා ගත්තාය.මුහුණකට සෝදා වෙනත් ඇඳුමකට මාරුවූ සුලෝචනා මිදුලට බැස්සේ අලුත් හුස්මක් ලය පිරෙන්නට අරගනිමිනි.මිදුල අතුගාමින් උන් ප්‍රමුදිතා අක්කා එන දෙස බලාඋන්නේ විමසිල්ලෙනි.."ගුඩ් මෝනින් ලොකූ".ප්‍රමුදිතා ඉදල ගසකට හේත්තුකොට අක්කා බදාගත්තාය.."ගුඩ්මෝනින් චූටි.මට දෙන්න මම අතුගාන්නම්".සුලෝචනා ඉදල දෙසට අතදිගු කලාය.ප්‍රමුදිතා යටි සිතින් සතුටින් පිනුම් ගැසුවාය.."ආ ඔන්න එහෙනම් ඔයා අතුගාන්න.මම අපි දෙන්නට තේ හදන් එන්නම්.".ප්‍රමුදිතා අක්කාගේ කොපුලක්ද සිපගනිමින් ගෙට දිව්වාය..සුලෝචනා ඉදල් රටා මවමින් සෙමින් මිදුල අතුගාන්නට පටන්ගත්තාය.වෙනදාට වඩා සිරුරට වෙහෙසක් දැනේ.එහෙත් මොකක්දෝ නැවුම් ගතියක්ද දැනේ.."අම්මෙ අම්මේ...".ප්‍රමුදිතා මුලුතැන්ගෙයට දුවආවේ අම්මාට අඬගසමිනි.උදෑසන ආහාරයට ඉඳිආප්ප තම්බමින් උන් අම්මා කලබලයෙන් නැගී උන්නාය.."මොකද දරුවො මම බයවුනා කෑගහන් එනකොට.ඇයි අක්කට ආපහු ඔලුව කැක්කුමලුද ?".අම්මා වහා ඇය වෙත ආවාය.."පිස්සුද අනේ .එන්නකො බඩ්ඩක් පෙන්වන්න.".ප්‍රමුදිතා අම්මාගේ අතින් ඇදගෙනම ජනේලය වෙත ආවාය.සුලෝචනා තාලයකට මිදිල අමදින්නීය.ඇගේ මුහුණේ සුන්දරම සිනාරැල්ලක් දැවටී ඇත.."එයා ටික ටික නෝමල් වෙන්න අරන්. අම්මට පේනවද වෙනස.".ප්‍රමුදිතා ඇසුවේ අක්කා වෙතම යොමුවූ නෙතිනි.."මූණත් එක්ක එලිය වැටිලා නේද පුතේ .අනේ මගෙ කෙල්ලට රත්නත්‍රයේ සරණයි.".අම්මා ඉකියකට ලඟ හඬින් පැවසුවාය..ප්‍රමුදිතා කාමරයට දුව ගොස් ජංගම දුරකතනය රැගෙන විත් කෙටි වීඩියෝවක් කලේ අක්කා අතුගාන අන්දමය.එය බිම්සර අයියාට යැවිය යුතුය.ඒ ප්‍රේමය ඇත්තෙන්ම බලාසිටින්නට ආසා හිතෙන අන්දමේ එකක් ය.බිම්සර අයියාගේ කැපවීම අක්කා වෙනුවෙන් කරන්නාවූ හැමදෙයක්ම සහ ඉවසීම විටෙක අදහාගන්නට අපහසු තරම් බව ප්‍රමුදිතාටද සිතේ..වට්ස් ඇප් හරහා අක්කාගේ වීඩියෝව බිම්සර වෙත යැවූ ප්‍රමුදිතා එය ඔහු වෙතින් බැලූ බව සටහන් වන නිල් ඉරිදෙකක් එනතුරු විටින් විට බැලුවාය.කාර්‍යබහුල නිලධාරියෙකු ලෙසින් ඔහුට කාලය පිලිබඳ සටනක් ඇතිබව දන්නා හෙයින් ප්‍රමුදිතා ඉවසීමෙන් බලාඋන්නාය.."නංගි...".දිවා ආහාර වේලාවට ආසන්න මොහොතකදී ප්‍රමුදිතාගේ ජංගමය නාදවූයේ බිම්සරගේ අංකයෙනි.."අයියෙ දැක්කද ?".ප්‍රමුදිතා ඇසුවේ හිතපිනා යන තරමේ සතුටිනි.."ඔව්නෙ ...මාර්වලස් ඒක නම්...එයාගේ මූණ හිනාවෙන් පිරිලා තියනව දැක්කමයි" බිම්සරගේ හඬ හැඟීම්බර විය.."ඊයේ රෑ ඔලුව බදාගෙන හරියට ඇඬුවා අයියෙ.අපි බෙහෙත් ටික දුන්නාම නින්ද ගියා. උදේ තමයි ඔය."."තව ට්‍රීට්මන්ට් වාර කීපයකට අක්කව ගෙනියන්න වෙනව නංගි.ඒත් මගෙ හිතට දැන් සැනසීමයි ඔහොම ටික ටික එයා රිකවර් වෙන එක ගැන.".බිම්සර පැවසුවේ හදවතේ පිරුණ සැනසීමෙනි.එහෙත් ඇයට තමා මතකයට නොඑන්නට ඉඩක් ඇත. අතීත මතකයේ සමහරක් තැන් ඇයට මේ අන්දමින් අපැහැදිලි වූයේ මන්දැයි වෛද්‍යවරයා ගෙන් ඇසූකල ඔහු පැවසුවේද ..."සමහරක් අනවශ්‍ය දේවල් මේ කාරණය එක්කම මෙයාගේ මෙමරි එකෙන් අයින් වෙන්න ඇති.ඔය අම්මගෙන් නංගිගෙන් අහල බලන්නකො ඒ ආසන්න කාලයෙ උන ඒවා මෙයාට මතකද කියල?".යනුවෙනි.ඒ සම්බන්ධව ඇසූකල ප්‍රමුදිතා අනාවරණය කලේ..."අයියේ අක්කගෙන් ඇහුවම ගමේ විස්තර එයාට මතක නෑ කියනවනෙ එහෙම දේවල්" යන අන්දමිනි..අකමැතිම අඳුරු අප්‍රසන්න යුගයක මතකයන් මේ සිදුවූ කම්පනය සමගින් ඇයට අහිමිව ගිස් ද ? එවිට ඒ ආසන්නයේ වූ පාසල් සමය ,දෙදෙනාගේ සොඳුරු අප්‍රකාශිත ආදරයද සුලෝචනා ගේ මතකයෙන් ගිලිහ ගොසින්ද?.බිම්සර දැඩිසේම කම්පාවූයේය.අවසන ඔහු සිත හදාගත්තේ සිදුවූ හැමදෙයක්ම සමබර වනු ඇතැයි යන විශ්වාසය හිතට ඇතිකරගනිමිනි..***************************************************************************************************************.ප්‍රතිකාර වාර දෙකතුනකදී සුලෝචනා පෙරටත් වඩා යහපත් ප්‍රතිචාරයන් දක්වන්නට සමත්ව උන්නාය. ප්‍රතිකාර වලට සමගාමීව සුලෝචනා ,පෙර සිදුවීම වූ දේවස්ථානයට මෙන්ම ඔවුන් පෙර නැවතී උන් නිවෙසටද එක්කරගෙන යන්නට ප්‍රමුදිතාට සහ අම්මාට උපදෙස් දෙනු ලැබීය.හදිසි අවශ්‍යතාවයක් වුවහොත් යැයි සිතා රිද්මාද ඒ ගමන් වලට එක්වූවාය..මානසිකව එම සිදුවීමට නිරාවරණය වූවාට වඩා කායිකව එවන් ස්ථාන වල ට එක්කරගෙන යෑමේදී සුලෝචනා ගේ තිගැස්ම සහ මානසික අසමතුලිත භාවය මොනවට දිස්වුවද ඒ හා සමානව සිදුකල ඉහිල්වීමේ කියාකාරකම් සහ ඖෂධ මාත්‍රාවල සහයෙන් ඇය සාමාන්‍ය තත්වයට පත්වූවාය..පෙරඔවුන් නැවතී උන් නිවෙසට ගිය දිනයේ සුලෝචනා කඩයට ගොස් බොහෝවේලාවක් බලා උන්නාය.ප්‍රමුදිතා ඇයව තනි නොකර ලඟටම වී උන්නාය.කැඩීබිඳී ගිය බඩුබාහිරාදිය ඉවත්කොට ගොඩනැගිල්ලද පිළිසකර කොට තිබූ හෙයින් සුලෝචනා තරමක් පහසුවෙන් මෙන් එහි බලාඋන්නාය.."නංගි, එදා උදේ සසංකා කඩේට ඇවිල්ල ගියානෙ . එයාට මොකද උනේ?"අක්කා ඇසූ කාරණයට ප්‍රමුදිතා පිළිතුරු දුන්නේ නැත. ඒ වෙනුවට ඇය කඩකාමරයේ පිටිපසට ගොස් කැඳවාගෙන ආවේ එදා උදේ කඩයට පැමිණ ගිය ඇයගේ මිතුරිය වූ සසංකාය..එදා කඩයට විත් මඳක් පමාවීම හේතුවෙන් දේවස්ථානය තුලට යන්නට ඉඩකඩ නොවූ හේතුවෙන් දේවස්ථාන බිමෙහි රැඳෙන්නට වූ ඇයද බරපතල ලෙස තුවාල ලබා දිවිගලවාගත්තාය.දේවස්ථානය තුල උන් ඇයගේ පවුලේ සාමාජිකයන් කිහිපදෙනෙක්ම ඒ අනතුරෙන් මියගිස් තිබුණි.." අනේ සුලෝ..."ඇය එක්වනම සුලෝචනා බදාගත්තාය..මිතුරියන් දෙදෙනා ඉකිලමින් හඬන්නට වූයේ මරණයේ අබියසටම ගොස් ආපසු හැරී යළි හමුවීම ගැන උපන් සංවේදී භාවයෙනි..හැඬුම් දෙඩුම් කතාබහ ඔස්සේ කාලය ගෙවී යන්නට විය.."පල්ලියටත් ගිහින්ම යමු පුතේ".අම්මා පැවසුවේ ගෙවත්තේ ඒ මේ අත ඇවිදින සුලෝචනාහටය.අම්මාගේ බසට හිස වනා එකඟවූ සුලෝචනා ගෙහිමි නැන්දාගෙන්ද සමුගෙන අම්මා සහ නංගී සමගින් දේවස්ථානය වෙත පිය එසවූවාය..'සුලෝචනා , කොහොමද දරුවො. දැන් සනීපයි නේද ?".දේවස්ථානයේ පියතුමා සුලෝචනා වෙත පැමිණියේ ආශීර්වාද කරමිනි.ඇය දුක්බර සිනහවක් පෑවේ කිසිත් නොකියාමය.."පසුගිය දේවල් ගැන කම්පා වෙන්න එපා දරුවා.මේ හැමදේම ලෝක ස්වභාවය.දැන් ප්‍රතිකාර කටයුතු ඉවරද පොඩි දුව?" ප්‍රමුදිතා ගෙන් එතුමා ඇසුවේ ඉන්පසුවය.."ඔව් ෆාදර්, දැන් හුඟක් ඉවරවෙලා.අක්කට මතකයි ඒ හැමදේම"ප්‍රමුදිතා පිළිතුරු දුන්නාය.."සුලෝචනාගේ වෙලාවට අර ආමි ඔෆිසර් එයාව අරන් ගියේ.නැත්නම් එදා ඒ අනතුර ගැන හිතාගන්නවත් අමාරුයි." පියතුමා ඔවුනට යළි ආශීර්වාද කොට ඔවුන්ගෙන් සමුගෙන ගිය පසු සුලෝචනා දේවස්ථානය තුළට සෙමින් ඇවිද ගියාය..සියලු පිළිසකර කිරීම් මේ වනවිට සමාප්ත ව තිබුණද මොකක්දෝ කිව නොහැකි අන්දමේ වේදනාත්මක බවක් සුලෝචනාහට දැනෙමින් තිබුණි.ඇය සුසුමක් හෙලා ආපසු නැගිට ආවාය.අම්මාත් නංගීත් සමගින් ආපසු නිවෙසට එන විට රෑ අඳුරද ගලා එමින් තිබුණි..********************************************************************."අද කොහෙද ඇවිදින්න ගියේ චූටි?" සුපුරුදු ඇමතුම බිම්සරගෙනි.පුරුද්දක් ලෙස දවස අවසානයේ බිම්සර සුලෝචනාහට ඇමතුමක් දෙමින් දවසේ විස්තර විමසයි..ඔහු පිළිබඳ මොකක්දෝ මතකයක් හිත යට තිබුණද සුලෝචනාහට එය පියවි මතකයට එන්නේ නැතිතරම්ය.."කලින් උන්න ගෙදරටයි පල්ලියටයි ගියා."සුලෝචනා මඳ සිනහවකින් යුතුව පවසන්නීය.මතක අතීතය කෙසේ වෙතත් බිම්සර යනු සුලෝචනාහට සුවිශේෂ පුද්ගලයෙක්ව හමාරය.."මං මේ වීක් එන්ඩ් එකේ එනවා.අපි පොඩි ගමනක් යමුද?".බිම්සර ඇසුවේ සිනාසෙමිනි..ඕක ඇහුව ගමන් ඇස් ලොකු කරන් කල්පනාවක ඇති එකත් එකටම...ඔහු තමාටම පවසා ගත්තේය.."අපි දෙන්නා විතරක් ?" සුලෝචනා ප්‍රශ්නාර්ථයක් නැගුවාය.."ඔව් අපි දෙන්නා විතරක්.මම අම්මට කියන්නම්.මේක වැදගත් ගමනක් චූටි."බිම්සරගේ හඬ ඉතා හැඟීම්බරවිය.සුලෝචනා කිසිත් නොකියා නිහඬවූවාය..බය ඇති...බිම්සර ඉන් පසු ඒ ගැන කිසිවක්ම නොපවසා ආගිය තොරතුරු පමණක් අසා ඇමතූමෙන් සමුගත්තේය.."දැන් නංගිට ඔක්කොම දේ වගේ මතක එකේ අපි ස්කූල් ටයිම් එකට යං මචං" රශිත සහ මනෝවෛද්‍ය වරයා සමග වූ දුරකතන සංවාදයකදී තීරණය වූයේ පෙර සතියේය.එහෙයින් ඇයව පාසල වෙත රැගෙන යා යුතු බව බිම්සර තීරණය කොට ගත්තේ ප්‍රමුදිතා පෙර දවසකදී සුලෝචනාගේ වීඩියෝ ගත කරන ලද පැවතුම එවීමත් සමගය..************************************************************************.කල් ඇතිව අම්මා මේ සම්බන්ධයෙන් දැනුවත් කළ යුතු බව බිම්සරට පැවසූයේ රිද්මා විසිනි .."සුදු අයියේ , දැන් ඉතින් සුලෝචනාගේ අම්මට ඔය දෙන්න ගැන කිව්වොත් හොඳයි නේද ? මොකද ඒ මනුස්සයා උනත් හිතෙනවනේ මෙහෙම නිතරම යන එන එක ගැන . ලොකු ගෑනු ළමයි ඉන්න අම්මල ගෙ හිතේ හැමතිස්සේම බයක් තියෙනවානේ .".රිද්මා පැවසුවේ සුලෝචනා පාසැල වෙත කැඳවා ගෙන යා යුතු බව බිම්සර පැවසූ මොහොතේය..එහෙයින් බිම්සර සහ රිද්මා , සුලෝචනා ගේ මව හමුවීමට යොදාගත්තේ රිද්මාගේ නිවසේ දීය.."ඇත්තෙන්ම පුතේ ,ඔයා මගේ දරුවාගේ ජීවිතේ බේරගත්තු බව ඇත්ත. ඒත් ඉන් පස්සෙත් ඔයා යන එනකොට මට යම්කිසි ඉවක් වගේ දේකුත් වැටහුණා. ඒත් මම අපේ ලොක්කි ස්කෝලේ යන කාලේ වත් ඔයාගේ නමක් වත් එහෙම සම්බන්ධතාවයක් වත් අහල තිබුණෙ නැහැනේ. ඉතින් මට හිතා ගන්න බැරි වුනා මොකද්ද මේ පුතා මෙච්චර වදවෙන එකේ හේතුව.".අම්මා පැවසුවේ සිනාමුසුව ය .." ඇත්තෙන්ම කිව්වොත් අම්මේ , මායි චූටියි අතරේ එහෙම සම්බන්ධයක් කියන්න තරම් දෙයක් ඇතිවෙලා තිබුණේ නැහැ .ඒ වෙනකොට මම ඒ ලෙවල් නිසාත් මෙයා ඕලෙවල් නිසාත් අනික අර තේජගෙන් ආව ප්‍රශ්න නිසාත් මට චූටිව පරිස්සං කරන්න සෑහෙන්න ඕන වුණා . ඉන්පස්සෙ වෙච්ච දේවල් තමයි මං මේ දැන් අම්මට කිව්වේ .".බිම්සර පැවසුවේ අම්මගේ මුහුණ දෙස සෘජුවම බලාගෙනය .."ඇන්ටි දැන් මෙන්න මේකයි වැඩේ .සුදු අයියා සුලෝචනා නංගි ගැන බලාපොරොත්තුවෙන් ඉන්නවා . මම හිතන්නේ නැහැ ඇන්ටි උනත් සුදු අයියාට අකමැති ඇති කියලා.".රිද්මා පැවසුවේ වර්තමාන තත්වයේ ඇති පිවිසුමට මුල පුරමිනි.."පුතේ අපි සෑහෙන දුප්පත් බව ඇත්ත. මේ දරුවන්ගේ තාත්තා අපිව පාරටම ඇදලා දැම්මත් මායි මගේ දරුවෝ දෙන්නයි කිසිමදාක අපේ නම කැත කරගත්තේ නැහැ . පුතා ගැන මගේ කිසිම අකමැත්තක් නැහැ .නමුත් පුතාගේ තාත්තගේ සහෝදරයන් ගේ අදහස් මොනවද කියන එකත් මේකෙදි අපට ඉතාම වැදගත් වෙනවානේ පුතේ ".අම්මා බෙහෙවින් දුරදිග බලන්නි යක් බවට තවදුරටත් සාක්ෂි අවශ්‍ය නොවේ .."මම අපේ අප්පච්චිලා එක්ක ඒ ගැන කතා කරන්නම් අම්මා.ඉතින් ඊට කලින් එදා චූටිව පෙන්නපු ඩොක්ටර් කියපු විදියට එයාට මගේ ගැන තියෙන මතකයත් අලුත් කරගන්න පුලුවන්ද කියන එක බලන්න එක තියෙන හොඳම තැන තමයි ඉස්කෝලේ.ඉතින් මට හෙට චූටිව ඉස්කෝලෙට එක්ක යන්න අම්මගෙන් අවසර ඕන . මම ඉස්කෝලෙ ප්‍රින්සිපල්ට කතා කරා.ඉරිදා දවස නිසා එහෙම එන එකේ ගැටළුවක් නැහැ .රිද්මාත් අපි එක්ක යනවා.".බිම්සර සියලුම දේ පැහැදිලි කොට නිහඬව අම්මාගේ මුහුණ දෙස බලා උන්නේ ඇයගේ ප්‍රතිචාරය දැන ගනු රිසියෙනි .."ඔය දරුවෝ මේ වෙනකන්ම කළේ මගේ කෙල්ලව ගොඩගන්න මේ ලෝකෙ කිසිම කෙනෙක් කරන්නේ නැති දේවල්.කෙල්ලගෙ අම්මා වෙලත් මට කරන්න බැරි දේවල් ඔය දරුවෝ දෙන්න කලා .ඒ නිසා හෙට තුන්දෙනාම පරිස්සමෙන් ගිහිල්ලා ඒ දේ කරගෙන එන්න .".අම්මා සිනාමුසුව සිය අවසරය ඔවුන්හට දුන්නාය..යලි හමුවෙමු ..විසිරි.Posted by විසිරි සිහින at 11:24 PM.Email ThisBlogThis!Share to TwitterShare to FacebookShare to Pinterest.Labels: ඔබ ආයෙමත් ඇවිදින් ( නවකතාව ).11 comments:.Mahesh RathnayakeOctober 1, 2021 at 1:16 AM.අද කොටසත් මරු.. ❤️❤️❤️.කලිං කොටසෙ අහපු පස්නෙට උත්තරේ 😃 ඒකට දැම්මට බලල නැති නිසා මෙතන ලියනව 😃.කලිං නං හිටිය දැං බ්ලොක්ද කොහෙද. පෙන්නන්නෙ නෑ. කෝමත් මූණු පොතේ ඒව වෙලාවකට ඩාම් වෙනව ඩූම් වෙනව නේ.. 😃.අවුලක් නෑ. ඊළඟ ඕඩරේට පොත දාන්නම්.ReplyDelete.Replies.විසිරි සිහිනOctober 3, 2021 at 4:41 AM.නෑ , මම හිතන්නේ ඔයා ඒ උන්නේ මගේ කලින් තිබ්බ විසිරි සිහින මුහුණු පොත් එකවුන්ට් එකේ.ඒක බ්ලොක් උනානේ.කිත්මා ප්‍රොෆයිල් එකේ ඔයා උන්නේ නෑ මතක හැටියට. මම එහෙනම් රික්වෙස්ට් එකක් දාන්නම්කෝ.Delete.Replies.Reply.Reply.Pra JayOctober 1, 2021 at 3:24 AM.++++++++.ReplyDelete.Replies.විසිරි සිහිනOctober 3, 2021 at 4:42 AM.thank you.Delete.Replies.Reply.Reply.ThattayagekolamaOctober 1, 2021 at 5:37 AM.දෙයියනේ! මෙහෙම බූරුවා ගහනවා වගේ ලියාගෙන ලියාගෙන යද්දී කොහොමද කියවන්නේ! සති අන්තෙ වත් ඇරියල් එක කවර් කරගෙන එන්නම්! බොරු ඕනෙ නෑ නේ!? කියෙව්වෙම නෑ!.ReplyDelete.Replies.D.G.M බස්සාOctober 1, 2021 at 6:09 AM.කමෙන්ට් කිරීමට පෝස්ට් එක කියවීමට අත්‍යාවශ්ය නැත - අනුග්‍රහය ප්‍රාජේ මැතිතුමා.Delete.Replies.Reply.විසිරි සිහිනOctober 3, 2021 at 4:43 AM.@ Thattayagekolama මේවා ලියන තියල හෙන ගහන්න වගේ දාන පොස්ට් අනේ. හෙමිට කියවන්න ඒකට කමක් නෑ.Delete.Replies.Reply.Reply.D.G.M බස්සාOctober 1, 2021 at 6:11 AM.සොරි, තාම වැට ගහන්න බෑ. කියවලම වැට හිටවන්නම් :).ReplyDelete.Replies.විසිරි සිහිනOctober 3, 2021 at 4:44 AM.මම මේ වැටවල් ටික එකතුකරලා වත්තේ මායිම අටෝගන්න ඉන්නේ .....Delete.Replies.Reply.Reply.D.G.M බස්සාOctober 1, 2021 at 1:09 PM.මහේෂ් කිව්ව එක හරි. අද කතාව සංවේදී වගේම නියමයි. එක හුස්මට කියෙව්වා..ReplyDelete.Replies.විසිරි සිහිනOctober 3, 2021 at 4:45 AM.බොහොම ස්තුතියි.Delete.Replies.Reply.Reply.Add comment.Load more....Newer Post Older Post Home.Subscribe to: Post Comments (Atom).Followers.මම සිහින දකින්නියක්මි.විසිරි සිහින.විසිර ගිය සිහිනයන් එකතු කර රැගෙන එමි.View my complete profile.Total Pageviews.Labels.My Diary.travel notes.අදහස්.අපූරුම දේවල්.අරමුණු.උගත් පාඩම්.ඔබ ආයෙමත් ඇවිදින් ( නවකතාව ).කෙටිකතා.පරිවර්තන.මතක.මතකයේ රැඳෙන පොත්.රයිලිගෙ කතා.විසිරි කවි.විසිරි සිතුවිලි.විසිරිගෙ සේයා රූ.....වෙනත් අයගේ කියවපු අපූරු කතා.සඳක් සේ ( නවකතාව).සමාජ විපරම්.සෞඛ්‍ය.හසරැල් සැලුණාවේ (නවකතාව ).හැඟීම්.Blog Archive.► 2022 (25).► September (2).► August (1).► July (2).► June (2).► May (5).► April (4).► March (4).► February (4).► January (1).▼ 2021 (56).► December (2).► November (6).► October (6).▼ September (9).16.දහසය වෙනි කොටස ( ඔබ ආයෙමත් ඇවිදින්).15. පහලොස් වෙනි කොටස ( ඔබ ආයෙමත් ඇවිදින්).14. දහ හතර වෙනි කොටස ( ඔබ ආයෙමත් ඇවිදින්).13. දහතුන්වෙනි කොටස ( ඔබ ආයෙමත් ඇවිදින්).12. දොලොස් වෙනි කොටස ( ඔබ ආයෙමත් ඇවිදින්).11. එකොලොස්වෙනි කොටස ( ඔබ ආයෙමත් ඇවිදින්).10.දහ වෙනි කොටස ( ඔබ ආයෙමත් ඇවිදින් ).09. නව වෙනි කොටස (ඔබ ආයෙමත් ඇවිදින්).08. අටවෙනි කොටස (ඔබ ආයෙමත් ඇවිදින් ).► August (9).► July (10).► June (3).► March (1).► February (4).► January (6).► 2020 (58).► October (9).► July (3).► June (6).► May (7).► April (21).► March (11).► February (1).► 2019 (18).► December (1).► November (1).► October (1).► August (1).► May (1).► April (9).► February (2).► January (2).► 2018 (20).► December (10).► August (1).► June (1).► May (2).► April (1).► March (1).► February (2).► January (2).► 2017 (59).► December (2).► November (2).► October (4).► September (2).► August (5).► July (1).► June (6).► May (7).► April (6).► March (9).► February (5).► January (10).► 2016 (22).► December (13).► November (4).► October (5).my blog list.Ian's Den ඉයන්ගේ අඩවිය.ජවිපෙ ගමන නිමයි, නායක අනුර කියයි..! (from LankaeNews).Transylvania."මූව මග්ගොනට යවන්න ඕනේ ".අනිත් කොන - a doctor's heart sutra.The social function of music....කොළඹ ගමයා.බ්‍රිතාන්‍ය රජ පවුලේ ජර්මන් හා රුසියානු සම්බන්ධතා.කඩදාසි කොලේ.361: උන්මාද චිත්‍රාදෝ මා - පසුවදන.ජිවිතේ යාත්‍රාව.නිද්‍රාව..නිදහස් සිතුවිලි.682. අද සිරී ලම්කාවෙ වහා විසඳාගත යුතු දැවෙන පස්න හෙවත් බෙර්නිං කුවෙස්චන්ස්.....රසිකොලොජි - Rasikology.සල්මන් රුෂ්ඩි සහ මට හමුවුණු ජාත්‍යන්තර අයියලා තුන් දෙනෙකුගේ කතා - Salman Rushdie and other stories.සොඳුරු සඳවතී.අහන්නකො......ගස් ලබ්බ.අටම්පහුර.ඉස්සෙල්ලම ගහපු එකා.තරුරසී.තරුණ අපේ හීන මැරූ - උඹල තමයි කම්බ හොරූ....chef-architect.කෑ බනික.මගේ බ්ලොග.53. How Seedr can helped you???.කලාහිත.. Kalahitha.අධි පරිභෝජනවාදයෙන් මිදී සරළ ජිවන රටාවකට හුරුවෙමු.තිලක සිත.මළ ඉලව් ලිෆ්ට් එක.රස්තියාදුකාරයා.සුභ ගමන් ආදරණීය ආටියා...........නොපළ කතා.අ(සම්මුතිය).test post for facebook – Aru-ge adaviya.කඩේ ගියා හෝ නැතා…මේ සින්දුව අහන්න...සින්ඩරෙල්ලාගේ සපත්තුව....!.රූබරිය !.රසුදැල්.මිලියන ගණන් වටිනා 99 මිනිස්සු.වැව් ඉස්මත්ත.කොච්චි මිරිස්.රොශාන් මහානාම,කොච්චියාගේ යාඤාව සහ බුද්ධත්වයට පත් සමන්තබද්‍ර.අහසෙන් එන්න....පස් මසකට පෙර ජීවිතේ පෙරළුණු අලුත් පිටුව.යාං හෑල්ල.ඔපිස් එකේ කොරෝනාගෙන් බේරෙන හැටි - How to avoid Corona at office.සමකය වටේ.Katchatheevu Feast 2020Drone vedio | கச்சதீவு அந்தோனியார் ஆலய திருநாள் 2....Nelum Yaya.ප්‍රන්ස බස සහ ඉංග්‍රීසි බස වෙනුවෙන් මරා ගැනීම.A T Sudarshana.Maharada Oba Giya daa (මා හැර දා ඔබ ගිය දා ).කතා කරන පන්හිඳ.පොකුරු වැහි.හිත්.දුමී.122. කිමද සොඳුරියෙ හඬන්නේ යළි අපිට හිමි වෙනවා අපී.....බස්සිගේ නවාතැන.ඔබේ රහස් සතුටු බුබුළ (Happiness Bubble).කැලේ පිපුණු මල්.01 පළමු දවස 2019 ජූනී 22.උඩුවාගේ සටහන්....රත්නම්ගේ වේදනාව.මාරයාගේ හෝරාව....නිවිති එක්ක දෙල් කිරට....මම එරන්දී... I'm Erandi.STRESS ද?.සින්බෑඩ්ගේ අඩවිය.දිනපොත 25.සජ්ජාගේ පඩංගුව.පරිසරය සමඟ පවුලත් සුරකිමු ...!!!!!.පැමිණ යන්නට මත්තෙන්...හැකි නම් තබන්න සටහනක්..එය මට මහත් දිරියක්. Ethereal theme. Powered by Blogger. |
විසිරි සිහින: 04. හතරවෙනි කොටස (ඔබ ආයෙමත් ඇවිදින්).විසිරි සිහින.Sunday, August 15, 2021.04. හතරවෙනි කොටස (ඔබ ආයෙමත් ඇවිදින්).03. තුන්වෙනි කොටස ට මෙතනින්.*******************************************************************************."රත්නායක , යමු හොස්පිට්ල් එකට ටිකක්".තවත් බොහෝ වේලාවක් සැරිසැරූ පසු එක්වනම බිම්සර, රත්නායක ඇමතීය.විමසුම් ඇසින් සිය ප්‍රධානියා දෙස බැලූ රත්නායක නිහඬවම රිය පැදවූයේ රෝහල වෙතය..රෝහල් බිමේ තැන තැන සෙනගය.කාගේ හෝ කවුරුන් තුවාල ලබා සිටින්නෝය.එක්කෝ මියගිය අයය.බිම්සර වාහනයෙන් බැස රෝහල තුලට පැමිණියේය..සතුට ,සාමය උතුරාගිය නගරයක් විශාලා මහනුවරක් වූ ඉක්මන....වාට්ටුවල කොරිඩෝරයන්ගේ පවා තුවාලකරුවන්ය.හමුදා නිලඇඳුමින් ඒ අතරින් ගමන් ගන්නා බිම්සර දෙස සමහර අය බැලුවේ ගෞරවය මුසු දෑසිනි..වාට්ටු අතරින් ඇවිද යන තරුණ හමුදා නිලධාරියා ඉදිරිපසට කාමරයක දොරක් විවෘත වී ආවේ ගැහැණු ළමයින් රොත්තකි.වෛද්‍ය නිල කබාය සහ ස්ටෙතස්කෝපයන් සහිතව ආ හෙයින් ඔවුන් වෛද්‍යවරියන් බව ඔහුට වැටහුණි.බිම්සර මඳක් කොරිඩෝරයේ මැදින් අයිනට වී ඔවුන් පසුකර ගියේය.."සුදු අයියා...?" එක්වනම යුවතියකගේ හඬින් බිම්සර ආපිට හැරී බැලුවේය.ගැහැණු ළමුන් ගොන්නේ එක් අයෙක් ඔහු දෙස ඇඟිල්ලක් දිගුකොට ගෙන බලාඉඳී.බිම්සර මොහොතක් දෙකක් ඇය දෙස බලා උන්නේය.."සිඟිති....?" විශ්මයෙන් මෙන් ඔහුගේ මුවින් එවදන් පිටවෙත්ම අනෙක් කෙල්ලන් මහ හඬින් සිනාවූවේ රිද්මාගේ සුරතල් නාමය ඔවුන්ද දැන උන් හෙයිනි.බිම්සරට තම මුවින් පිටවූ එවදන් ඇදගන්නට හැකිනම් කියා සිතුණි.."පිස්සුද මනුස්සයො ගෙවල්වලට කියන නම් මේ ප්‍රසිද්ධ තැන්වල කියන්නෙ".රිද්මා බිම්සරගේ අතක් කෙනිත්තුවාය.අනෙක් කෙල්ලන් බිම්සර දෙසම බලාගත්වනමය.."මට මතක නමෙන් නෙ මං කතාකරන්නෙ....ඉතින් ඉතින් මෙහෙද වැඩ?".බිම්සර ගණනකට නොගෙන ඇසුවේය.."නැත්තං...ඕගොල්ලො ඉතින් අපි උන්නද මළාද කියලවත් අවුරුදු ගාණකින් බලන්න ආවද ? වැඩක් නෑ ඕයි වැඩක් නෑ..තමුසෙල වගෙ අයියලා පොල්පිත්තකිනුත් කපා ගන්න පුළුවන් ".රිද්මා කියවන්නට ගත්තාය.."කතාකරන කැත....තමන් වැඩ කරන හොස්පිට්ල් එක නේද මේක? ".බිම්සර ඇසුවේ මතුවන්නට එන සිනහව ආයාසයෙන් වලකා ගනිමිනි..අනෙකුත් යුවතියන් ඇස් දල්වාගෙන බලාසිටින්නේ රිද්මා සහ තමන් දෙසය.."ඔව් මේක මගේ රාජ්ජෙ තමා...තමුන් මොකෝ ඉතින් මෙහෙ.?".රිද්මා පාසල් කාලයේ පරිදිමය.බිම්සර සිය හිස්වැසුම අතට ගෙන කොණ්ඩය අතරින් ඇඟිලි තුඩු යවා යළි හිස්වැසුම දමා ගත්තේය.."ඊයෙ ඉඳන් මෙහෙ , තාම ඉන්වෙස්ටිගේශන් ඉවර නෑනෙ.මං නිකම් ආවෙ කැෂුවල්ටීස් බලල යන්න තත්වෙ".බිම්සර පැවසුවේ කොරිඩෝරයේ බිම පවා ඉන්නා තුවාලකරුවන් දෙස බලමිනි.."අපිටත් හුස්මක් ගන්න නෑ .තාම ඊයෙ උදේ ආව ගමන්.අපි මේ පොඩ්ඩක් චේන්ජ් කරන් එන්න ක්වාටර්ස් එකට යන්න කියල.".රිද්මා පැවසුවේ යෙහෙළියන් දෙස බලමිනි.."මාත් යන්න ඕනෙ ආයෙ පල්ලිය පැත්තට.ඕකේ එහෙනම් මං වෙලාවක එන්නම් එහෙ. ඇන්ටියි අංකලුයි මතක් කලා කියන්නකො".බිම්සර ආපසු හැරුණේ ඇයට සමුදෙමිනි.රිද්මා ඔහුගේ උරහිසට පහරක් ගසා ආපසු ගොස් යෙහෙළියන් හට එක්වූවාය.."කවුද බං ඒ හැන්ඩියා.".එක් කෙල්ලක් රිද්මාගෙන් අසනු බිම්සරට යාන්තමට ඇසුණි.යුවතියන්ගේ මෙන්ම කාන්තාවන්ගේ ආකර්ෂණය නොඅඩුව ලැබෙන පෙනුමකින් යුත් බිම්සර සිය නිලඇඳුම නිසා තව තවත් කැපී පෙනෙන පෙනුමක් ලද්දේය.එහෙත් සිය හදවත ඒ විෂය සම්බන්ධයෙන් ඇත්තේ උදාසීන භාවයකිනි.එයට හේතුව ඇත්තේ බොහෝ දුරකලක මතකයකය.."ර්...රිද්මා අක්කී...." තාමරී කොරිඩෝරයේදී ඇයට හමුවූයේ නිලනිවසට යන අතරේය.."මොකෝ නංගා....කලබලෙන්".රිද්මා හතිලන තාමරී දෙසම බලා ඇසුවාය.."අනේ අක්කි අපේ සුලෝචනා ඉන්ජර්ඩ් වෙලා ගෙනාවනෙ.මේ දැන් එයාට ආයෙ ඇරස්ට් එකක් ආවා.ඒ වැඩ ඉවර වෙලා එද්දියි ඔයාව දැක්කෙ ඈතට...මං දුවන් ආවෙ ඔයා දැකල".තාමරී පැවසුවාය.."සුලෝචනා කීවෙ...?".රිද්මා මතකයට නගාගන්නට තැත් දරමින් ඇසුවේ එවන් නමක් ඇයගේ මතකයේ නොවූ හෙයිනි..තාමරී සහ තමා ඉගන ගත් පාසලේ සිටි සමකාලීන මිතුරියන් අතරවත් එහෙම නමක් ඇයට මතකයේ නොවීය.."අහ්...සොරි... සොරි ...අක්කිලා සුලෝව දන්නෙ මුල් නමින්නෙ... මෙත්මිව මතකද අක්කා ...අනේ ඉස්කෝලෙ මාත් එක්කම උන්න..අනේ අන්න එයා..." රිද්මාගේ ඇස් නලලට ගියේද ඇය ආපස්සට කොරිඩෝරය දෙසම හැරී බැලුවේද එකසැනිණි.."මොනව මෙත්මි....එයා එයා කොහොමද ඕකට අහුවුනේ.එයා බුඩිස්ට්නෙ අනේ".රිද්මා කලබලයෙන් ඇසුවාය.තාමරී සිදුවූ දේ සැකෙවින් ඇයට පැවසුවාය.."මම ක්වාටර්ස් ගිහින් ඉක්මනින් චේන්ජ් එකක් දාගෙන ICU එන්නම් නංගා."රිද්මා ඇයගෙන් සමුගත්තේ යෙහෙළියන් මගබලා ඉන්නා හෙයිනි..මගෙත් සිහිය අරයකාගේ නම්බර් එකවත් ඉල්ලගන්න බැරිඋනානෙ කලබලේට...රිද්මා තමන්ටම දොස් පවරාගනිමින් නිලනිවස වෙත ඇදුණාය.ඉක්මනින් ඇඳුම් මාරුකොට තේ බඳුනක් පමණක් බිවූ රිද්මා වහවහා දැඩිසත්කාර ඒකකය වෙත දුව ආවේ මෙත්මි ලෙසින් ඇය දැන උන් සුලෝචනා බලන්නටය.ඒ මොහොතේ ඇය අවදානමෙන් මිදී උන්නාය.."පල්ලියට කිට්ටුවමද මෙත්මිලාගෙ ගේ තියෙන්නෙ නංගා".රිද්මා ඇසුවේ තාමරීගෙනි.දැඩිසත්කාර ඒකකයේ ඇඳවල් හතරම මේ අනතුරෙන් අසාධ්‍යව ඇති අයගෙන් පිරීගොසිනි.."ඔව් අක්කි, ඒ කිට්ටුවමලු ඉන්නෙ. මටත් පහුගිය කාලෙම සුලෝ ගැන කන්ටෑක්ට්ස් තිබුණෙ නෑ.මම මෙහෙට ආවෙත් ගිය මාසෙනෙ".තාමරී පැවසුවේ පසුතැවිලි හඬිනි.මිතුදම් කෙතෙක් ප්‍රබලව එකල තිබුණද අතරමග කාලයකදී ඇතිවන විවිධ දුරස්ථභාවයන් හේතුවෙන් ඔවුනොවුන්ගේ බැඳීම් ගිලිහ ගොසිනි.."එයාල ඉස්කෝලෙ යන දවස්වල උන්නෙ නම් එහෙ නෙවේ මට මතක හැටියට".රිද්මා මතකය අවදිකරන්නට තැත්කලාය.නමුත් තාමරීලා ඇයට වඩා අවුරුද්දක් පසු පන්තියේය.ලොකුවට ආශ්‍රයක් නොතිබුණ හෙයින් ඇය ගැන දන්නේම නැත.."සුලෝලාට ගොඩාක් ප්‍රශ්න ආවලු අක්කි ඒ කාලෙදි. මම ෆැකල්ටි ගියාම මටත් කෙල්ල මිස් උනා.මට හරිම දුකයි ඒ ගැන".තාමරී පැවසුවේ ඉමහත් පසු තැවිල්ලකිනි.."එදා අහම්බෙන් සුලෝගෙ නංගි හොස්පිට්ල් එකේදි හම්බ උනේ නැත්නම් මේ ඔක්කොම ආයෙ මිස් වෙනවා අක්කි. අනේ අපි දිගටම බලමු හොඳේ.".තාමරී ආයාචනාත්මක හඬින් පැවසුවාය.රිද්මා ඇයගේ අතට සෙමින් තට්ටුකලේ බියනොවී ඉන්න යන ඉඟියෙනි..******************************************************************************.ප්‍රමුදිතා යළිත් වරක් රෝහල වෙත යාමට සූදානම් වූයේ අම්මට බෙහෙත් ටික වදෙන් පොරෙන් මෙන් පොවාගෙන ය .මෙම කාරණා හේතුවෙන් අම්මගේ අධි රුධිර පීඩන තත්ත්වය තව තවත් වැඩි වී ඇත .."මේ වෙලාවේ අම්මා ටිකක් සන්සුන් වෙන්න. සුලෝචනාත් හොස්පිට්ල් ඉන්න වෙලාවේ අම්මත් මෙහෙම උනොත් මේ පොඩි ළමයට තමයි කරදරේ.ඔයා පුළුවන් තරම් සන්සුන් වෙලා බෙහෙත් ටික බීලා ඉන්නකො අපි සතියකින් විතර ආපහු බලමු".නිවස කිට්ටුව සිටිනා වෛද්‍යවරිය වෙත ප්‍රමුදිතා අම්මා රැගෙන ගියේ මේ මොහොතේ දී නැවත අම්මාද රෝහල් ගත කිරීම කළ නොහැක්කක් බැවිනි ..මුළු රෝහලම මේ වන විට සිදුවූ අනතුරට මූලිකත්වය දෙමින් කඩි ගුලක් සේ කලබල වී ඇත.."නැන්දි අම්මා එක්ක පොඩ්ඩක් ඉන්න.මං ඉස්පිරිතාලෙට දුවලා එන්නම්.".ප්‍රමුදිතා අල්ලපු ගෙදර කාන්තාවට පැවසුවේ මේ මොහොතේ දී සියල්ලන්ම එකිනෙකාට උදව් කරගැනීමට ඇප කැපවී ඉන්නා බැවිනි.."හරි දරුවෝ ඔයා පරිස්සමින් ගිහින් එන්න .අක්කව බලන්න තාම දෙන්නේ නැහැ නේද?".ඇය ඇසුවේ රෝහලට යන්නට සූදානම් වී පාරට බසින ප්‍රමුදිතා ගෙනි.."ඔව් නැන්දේ අදවත් පොඩ්ඩක් බලන්න පුළුවන්ද කියලා අක්කගේ යාළුවෙක් ඉන්නවා එයාගේ අහන්ඩ ඕනේ.".ප්‍රමුදිතා එකම බැල්මක් පමණක් වෙළඳසැල දෙසට හෙළුවාය.එය තවමත් සුන්බුන් ගොඩක් පමණි.කවුරුන් හෝ කතා කරගෙන එය අස් පරස් කර දැමිය යුතුය..******************************************************************************.රෝහලට පැමිණ තාමරීට ඇමතුමක් දුන් ප්‍රමුදිතා ඇයගේ උදව්වෙන් දැඩි සත්කාර ඒකකයේ දොර අසලට පිවිසුණාය .."දෙවෙනි ඇඳේ ඉන්නෙ අක්කා.".තාමරී පැවසුවේ කලබලයෙන් ඇස් එහෙ මෙහෙ කරමින් අක්කා ව සොයනා නැගනියටය.."අනේ ඉතින් අඳුර ගන්න වත් බෑ නේ අක්කෙ.".ප්‍රමුදිතාට ඉකි ගැසුනි.."එහෙම තමයි නංගී.මේ වගෙ තැනකදි ලෙඩෙක්ගෙ ඔක්කොම කටයුතු මැෂින් වලින්නෙ කරගෙන යන්නෙ.අක්කට දැන් හුඟක් අමාරු අඩුයි.බයනොවී ඉන්න.".පෙරදා සුලෝචනා පත්වූ තත්වය නංගීට නොපවසා ඉන්නට තාමරී සිතාගත්තාය..නිකම් මොකටද ඒ ළමයව කලබල කරන්නෙ.ඇය සිතාගත්තාය.."මෙතන ගොඩක් වෙලා ඉන්න දෙන්නේ නැහැ නංගි.එනිසා අපි යමු.".තාමරී ප්‍රමුදිතා ද කැදවාගෙන ආපසු රෝහල් කැන්ටිම වෙතට ආවාය.."ගෙදර තත්වෙ කොහොමද නංගි?".කෙටිකෑමක් සහ තේ බඳුන් දෙකක් රැගෙන ප්‍රමුදිතා ඉදිරිපසින් හිඳගත් තාමරී කතාබහට එළඹුනාය.."අම්මට ප්‍රෙෂර් වැඩිවුණා අක්කෙ.ගෙවල් ළඟ ඩොක්ටර් ගෙන් බෙහෙත් ගත්තා.කඩෙත් තාම ඒ විනාස වෙච්ච විදියමයි.අස් කරන්නවත් මට හිතක් නෑ අක්කෙ.".ප්‍රමුදිතා තාමරී ලංකල තේ බඳුන තොලගාමින් පැවසුවාය.."අම්මා උන්නාට ලොකූ තමා අක්කෙ මුලු ගෙදරම වැඩ හොයල බලල අපි දෙන්නවම බලාගත්තෙ.අනේ එදා උදෙත් මගෙ බත් එක අතට දීලා කඩේට ගියෙ.".ප්‍රමුදිතාගේ කටහඬ බිඳීයමින් තිබුණි.."මට හරිම දුකයි නංගි . අක්කා මගේ හොඳම යාළුවා .ඒත් ඒලෙවල් ඉවර වෙච්ච ගමන්ම ඔයාලට මොකද උනේ වුනේ කියලා වත් මම දැනගෙන උන්නේ නැහැ.මම අපේ අක්කලගෙ ඒලෙවල් ඉවර උන ගමන්ම ස්වීඩන් වල අපේ පුංචි ගාවට ගියා.ආපහු මම ඕලෙවල් වලට ඇවිල්ල තමා දන්නෙ ඔයාල නෑ කියල. ඒ කාලෙදි තමයි ඔයාලා මෙහෙන් ගිහින් තිබුණේ.".තාමරී පැවසුවේ අතීත සිදුවීම් මෙනෙහි කරමිනි.."අනේ ඔව් අක්කේ ඒ දවස්වල අපිට ආව ප්‍රශ්න අක්කට ආරංචි වෙන්නත් ඇති. අන්තිමේදී අපි අවුරුදු හයක් විතර අම්මලාගේ ගමට ගිහිල්ලා උන්නේ. එහෙ ඉස්කෝලෙකට මං අන්තිමට ගියේ.ඒ උනාට අක්කේ ඒ දුප්පත් ගම්වල ඉස්කෝලවල මට ඕලෙවල් කරගන්න තරමටවත් පහසුකම් නැහැ. අන්තිමට අපි ආවා ආපහු.ඒ ඇවිල්ලා තමයි මෙහෙ ආයෙ සෙට්ල් උනේ.".ප්‍රමුදිතා තාමරිට පැවසුවේ සිදු වූ කාරණා ඇය යම්තාක් දුරට දැන ඉන්නා ඇතැයි උපකල්පනය කරමිනි.."ඔයාලා දැන් ඉන්නෙ රෙන්ට් එකට ද නංගි?".තාමරි ඇසුවේ ප්‍රමුදිතා ගෙනි.."ඔව් අක්කේ ඔය ඉන්න තැන දැන් අපි අවුරුදු තුනක් තිස්සේ ඉන්නවා.අනේ කිසිම කරදරයක් නැහැ. ඒ කඩ කාමරයත් අපට වෙනම කුලියක් ගන්නේ නැතුව ඒ ගෙදර කට්ටිය දුන්නෙ.".ප්‍රමුදිතා අසල්වැසි පවුල ගැන සිහිපත් කළේ බෙහෙවින් කෘතඥ වෙමිනි.."එහෙනම් නංගි දැන් ඔයා ගෙදර යන්න.මට ඕන වුණත් කෝල් එකක් දෙන්න.මං ගැන බලලා ඔයාටත් අප්ඩේට් කරන්නම්.".තාමරිගෙන් සමුගෙන ප්‍රමුදිතා යලි නිවස බලා පැමිණියාය. අක්කා මේ තරමට හෝ සුවවීම හිතට සතුටකි.එහෙත් ...ඇයගේ සැබෑ තත්වය තාමත් තමන් දන්නේ නැත..අක්කාගේ කාමරයට ඇතුළුවූ ප්‍රමුදිතා ඇයගෙ සයනයේ මදක් වැතිරුණාය. මේ තමා සහ අක්කා නිදන කාමරයයි .කාමරය පුරාම තිබෙන්නේ ඇයගේ සුවඳ ය .අක්කා කෙතරම් දුරට පිළිවෙලකට ජීවත්වූ අයෙක් ද යන්න කාමරය දෙස බැලූ බැල්මෙන්ම කෙනකුට සිතාගත හැක.අක්කා රෝහල්ගතව ගෙවෙන සිව් වැනි දිනයද අදය. එදා උදෑසන නවා තැබූ පොරෝනය තවමත් එසේමය.ප්‍රමුදිතා අක්කාගේ සුවඳ රැඳුණු පොරෝනය සිය මුහුණට තද කොට ගෙන මොහොතක් දෑස් පියා උන්නාය .ඒ තුළින් හමා එන්නාවූ අක්කාගේ සුවඳ ඇයගේ නෙත් කෙවෙනි යළිත් කඳුළින් තෙමා ලන්නට විය..*********************************************************************************.(මේ කතාව තුළ මතුවන්නාවූ චරිත සහ නම් ගම් සියල්ලම ජීවත්ව සිටි හෝ ජීවත් ව සිටින්නා වූ කිසිදු ජීවමාන චරිතයකට කිසිදු සම්බන්ධකමක් නොකියන බව ප්‍රකාශ කර සිටිමි.).හමුවෙමු ...ආදරය සමගින්..මම.( විසිරි 🧡).Posted by විසිරි සිහින at 8:48 PM.Email ThisBlogThis!Share to TwitterShare to FacebookShare to Pinterest.Labels: ඔබ ආයෙමත් ඇවිදින් ( නවකතාව ).8 comments:.Pra JayAugust 16, 2021 at 2:32 AM.++++++++.ReplyDelete.Replies.විසිරි සිහිනAugust 16, 2021 at 7:51 PM.thank you.Delete.Replies.Reply.Reply.රන්වන් මකරාAugust 16, 2021 at 11:29 AM.<3.ReplyDelete.Replies.විසිරි සිහිනAugust 16, 2021 at 7:51 PM.thank you.Delete.Replies.Reply.Reply.කල්‍යාණ මිත්‍රAugust 19, 2021 at 6:18 AM.ම්හු.. මදි මදි.. හොඳටම මදි.. රිද්මා ගැලපෙනවා අර බිං කුණ්ඩාට. උන්ව සෙට් කරලා දාන්න.. සුලෝ ගැන මම බලාගන්නම් පුළුවන් විදියකට...ReplyDelete.Replies.විසිරි සිහිනAugust 22, 2021 at 10:44 PM.එව්වා කැත වැඩ ඈ.....Delete.Replies.Reply.Reply.ඩ්‍රැකීAugust 24, 2021 at 9:25 AM.බකමූණට කියන්ඩ ඔ්නෙ මේ කතාව ගැන..ReplyDelete.Replies.විසිරි සිහිනAugust 28, 2021 at 10:32 AM.සෙට් එකක්ම ඇවිල්ලා ඉන්නෙ ඔත්තුවට.Delete.Replies.Reply.Reply.Add comment.Load more....Newer Post Older Post Home.Subscribe to: Post Comments (Atom).Followers.මම සිහින දකින්නියක්මි.විසිරි සිහින.විසිර ගිය සිහිනයන් එකතු කර රැගෙන එමි.View my complete profile.Total Pageviews.Labels.My Diary.travel notes.අදහස්.අපූරුම දේවල්.අරමුණු.උගත් පාඩම්.ඔබ ආයෙමත් ඇවිදින් ( නවකතාව ).කෙටිකතා.පරිවර්තන.මතක.මතකයේ රැඳෙන පොත්.රයිලිගෙ කතා.විසිරි කවි.විසිරි සිතුවිලි.විසිරිගෙ සේයා රූ.....වෙනත් අයගේ කියවපු අපූරු කතා.සඳක් සේ ( නවකතාව).සමාජ විපරම්.සෞඛ්‍ය.හසරැල් සැලුණාවේ (නවකතාව ).හැඟීම්.Blog Archive.► 2022 (25).► September (2).► August (1).► July (2).► June (2).► May (5).► April (4).► March (4).► February (4).► January (1).▼ 2021 (56).► December (2).► November (6).► October (6).► September (9).▼ August (9).07. හත්වෙනි කොටස (ඔබ ආයෙමත් ඇවිදින්).06. හයවෙනි කොටස -( ඔබ ආයෙමත් ඇවිදින්).05. පස්වෙනි කොටස (ඔබ ආයෙමත් ඇවිදින්).04. හතරවෙනි කොටස (ඔබ ආයෙමත් ඇවිදින්).2021 ( 25 ) ඉතින් තනිමග යමි.03. තුන්වෙනි කොටස (ඔබ ආයෙමත් ඇවිදින්).02. දෙවෙනි කොටස (ඔබ ආයෙමත් ඇවිදින් ).01. ඔබ ආයෙමත් ඇවිදින් - පළමු කොටස.00. පෙරවදන - ඔබ ආයෙමත් ඇවිදින්.► July (10).► June (3).► March (1).► February (4).► January (6).► 2020 (58).► October (9).► July (3).► June (6).► May (7).► April (21).► March (11).► February (1).► 2019 (18).► December (1).► November (1).► October (1).► August (1).► May (1).► April (9).► February (2).► January (2).► 2018 (20).► December (10).► August (1).► June (1).► May (2).► April (1).► March (1).► February (2).► January (2).► 2017 (59).► December (2).► November (2).► October (4).► September (2).► August (5).► July (1).► June (6).► May (7).► April (6).► March (9).► February (5).► January (10).► 2016 (22).► December (13).► November (4).► October (5).my blog list.Ian's Den ඉයන්ගේ අඩවිය.ජවිපෙ ගමන නිමයි, නායක අනුර කියයි..! (from LankaeNews).Transylvania."මූව මග්ගොනට යවන්න ඕනේ ".අනිත් කොන - a doctor's heart sutra.The social function of music....කොළඹ ගමයා.බ්‍රිතාන්‍ය රජ පවුලේ ජර්මන් හා රුසියානු සම්බන්ධතා.කඩදාසි කොලේ.361: උන්මාද චිත්‍රාදෝ මා - පසුවදන.ජිවිතේ යාත්‍රාව.නිද්‍රාව..නිදහස් සිතුවිලි.682. අද සිරී ලම්කාවෙ වහා විසඳාගත යුතු දැවෙන පස්න හෙවත් බෙර්නිං කුවෙස්චන්ස්.....රසිකොලොජි - Rasikology.සල්මන් රුෂ්ඩි සහ මට හමුවුණු ජාත්‍යන්තර අයියලා තුන් දෙනෙකුගේ කතා - Salman Rushdie and other stories.සොඳුරු සඳවතී.අහන්නකො......ගස් ලබ්බ.අටම්පහුර.ඉස්සෙල්ලම ගහපු එකා.තරුරසී.තරුණ අපේ හීන මැරූ - උඹල තමයි කම්බ හොරූ....chef-architect.කෑ බනික.මගේ බ්ලොග.53. How Seedr can helped you???.කලාහිත.. Kalahitha.අධි පරිභෝජනවාදයෙන් මිදී සරළ ජිවන රටාවකට හුරුවෙමු.තිලක සිත.මළ ඉලව් ලිෆ්ට් එක.රස්තියාදුකාරයා.සුභ ගමන් ආදරණීය ආටියා...........නොපළ කතා.අ(සම්මුතිය).test post for facebook – Aru-ge adaviya.කඩේ ගියා හෝ නැතා…මේ සින්දුව අහන්න...සින්ඩරෙල්ලාගේ සපත්තුව....!.රූබරිය !.රසුදැල්.මිලියන ගණන් වටිනා 99 මිනිස්සු.වැව් ඉස්මත්ත.කොච්චි මිරිස්.රොශාන් මහානාම,කොච්චියාගේ යාඤාව සහ බුද්ධත්වයට පත් සමන්තබද්‍ර.අහසෙන් එන්න....පස් මසකට පෙර ජීවිතේ පෙරළුණු අලුත් පිටුව.යාං හෑල්ල.ඔපිස් එකේ කොරෝනාගෙන් බේරෙන හැටි - How to avoid Corona at office.සමකය වටේ.Katchatheevu Feast 2020Drone vedio | கச்சதீவு அந்தோனியார் ஆலய திருநாள் 2....Nelum Yaya.ප්‍රන්ස බස සහ ඉංග්‍රීසි බස වෙනුවෙන් මරා ගැනීම.A T Sudarshana.Maharada Oba Giya daa (මා හැර දා ඔබ ගිය දා ).කතා කරන පන්හිඳ.පොකුරු වැහි.හිත්.දුමී.122. කිමද සොඳුරියෙ හඬන්නේ යළි අපිට හිමි වෙනවා අපී.....බස්සිගේ නවාතැන.ඔබේ රහස් සතුටු බුබුළ (Happiness Bubble).කැලේ පිපුණු මල්.01 පළමු දවස 2019 ජූනී 22.උඩුවාගේ සටහන්....රත්නම්ගේ වේදනාව.මාරයාගේ හෝරාව....නිවිති එක්ක දෙල් කිරට....මම එරන්දී... I'm Erandi.STRESS ද?.සින්බෑඩ්ගේ අඩවිය.දිනපොත 25.සජ්ජාගේ පඩංගුව.පරිසරය සමඟ පවුලත් සුරකිමු ...!!!!!.පැමිණ යන්නට මත්තෙන්...හැකි නම් තබන්න සටහනක්..එය මට මහත් දිරියක්. Ethereal theme. Powered by Blogger. |
tag:blogger.com,1999:blog-628344550111716809.post2590265054727275805..comments2022-08-05T21:29:42.983-07:00.Comments on විසිරි සිහින: 05. පස්වෙනි කොටස (ඔබ ආයෙමත් ඇවිදින්).විසිරි සිහිනhttp://www.blogger.com/profile/[email protected]:blogger.com,1999:blog-628344550111716809.post-17574207894294131392021-08-25T21:39:18.599-07:002021-08-25T21:39:18.599-07:00.කොටස් තුනහතරක් එකට දාන්න ඕනෙ එහෙනම්.කොටස් තුනහතරක් එකට දාන්න ඕනෙ එහෙනම් විසිරි සිහිනhttps://www.blogger.com/profile/[email protected]:blogger.com,1999:blog-628344550111716809.post-26599116083229974602021-08-25T21:38:38.151-07:002021-08-25T21:38:38.151-07:00.බොහොම ස්තුතියි . තට්ටයා (අයියා හෝ මල්ලී) කලින්කොට....බොහොම ස්තුතියි . තට්ටයා (අයියා හෝ මල්ලී) කලින්කොටස් කීපයක් කියෙව්වා වගෙ මතකයි ඩ්‍රැකී විසිරි සිහිනhttps://www.blogger.com/profile/[email protected]:blogger.com,1999:blog-628344550111716809.post-19156213039880748272021-08-25T21:37:28.651-07:002021-08-25T21:37:28.651-07:00.බොහොම ස්තුතියි ..බොහොම ස්තුතියි . විසිරි සිහිනhttps://www.blogger.com/profile/[email protected]:blogger.com,1999:blog-628344550111716809.post-70634533032472231582021-08-25T21:37:20.186-07:002021-08-25T21:37:20.186-07:00.බොහොම ස්තුතියි ..බොහොම ස්තුතියි . විසිරි සිහිනhttps://www.blogger.com/profile/[email protected]:blogger.com,1999:blog-628344550111716809.post-45121225374137500252021-08-25T21:36:42.750-07:002021-08-25T21:36:42.750-07:00.ඉන්න මම කොටස් කීපයක් එකට දාන්නම් .එතකොට ඉක්මනින් ඒ....ඉන්න මම කොටස් කීපයක් එකට දාන්නම් .එතකොට ඉක්මනින් ඒවිනෙ ගානටම විසිරි සිහිනhttps://www.blogger.com/profile/[email protected]:blogger.com,1999:blog-628344550111716809.post-40797142549099913112021-08-25T05:06:25.647-07:002021-08-25T05:06:25.647-07:00.බ්ලොග් එකේ අප්ඩේට් වෙන වේගේ මදි මැඩම්.. ළඟ ළඟ දාල ....බ්ලොග් එකේ අප්ඩේට් වෙන වේගේ මදි මැඩම්.. ළඟ ළඟ දාල දිනපතා ෆේස්බුක් එකේ අප්ඩේට් වෙන එකට පැරලල් ගේමු මේකත්. කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/[email protected]:blogger.com,1999:blog-628344550111716809.post-3976774663195178772021-08-25T01:12:01.008-07:002021-08-25T01:12:01.008-07:00.ස්තූතියි බකුස් සහ අසංග. තට්ට අයියත් කියවනව කියල ක....ස්තූතියි බකුස් සහ අසංග. තට්ට අයියත් කියවනව කියල කිව්වා. නිදියත් එයි හෙට පාන්දරිම්ම. ඩ්‍රැකීhttps://www.blogger.com/profile/[email protected]:blogger.com,1999:blog-628344550111716809.post-10555644011704346572021-08-24T19:39:03.364-07:002021-08-24T19:39:03.364-07:00.ඩ්‍රැකියා පෙන්නපු පාර දිගේ ආවෙ. හොඳ වැඩක්. සුභ පැත....ඩ්‍රැකියා පෙන්නපු පාර දිගේ ආවෙ. හොඳ වැඩක්. සුභ පැතුම්! D.G.M බස්සාhttps://www.blogger.com/profile/[email protected]:blogger.com,1999:blog-628344550111716809.post-41269983339276209512021-08-24T16:26:14.176-07:002021-08-24T16:26:14.176-07:00.මේක නොවරදවා කියවනවා. ලස්සනයි. අපුරු ලෙසින් ගෙත්තම්....මේක නොවරදවා කියවනවා. ලස්සනයි. අපුරු ලෙසින් ගෙත්තම් කරලා තියේනවා. ඔෆිස් කොම්පියුටරෙන් කියෙව්වත් කොමෙන්ට් කරන්නට බෑ. කොළොම්පුරේ (අසංග රණසිංහ ආරච්චි)https://www.blogger.com/profile/[email protected]:blogger.com,1999:blog-628344550111716809.post-3414079667658463992021-08-24T09:31:56.547-07:002021-08-24T09:31:56.547-07:00.හ්ම්... කතාව ටිකක් ෆාස්ට් ෆෝවඩ් කරමුද? සතියක් විතර....හ්ම්... කතාව ටිකක් ෆාස්ට් ෆෝවඩ් කරමුද? සතියක් විතර ඉස්සරහට? ඩ්‍රැකීhttps://www.blogger.com/profile/[email protected]:blogger.com,1999:blog-628344550111716809.post-22722584166720508732021-08-24T01:19:35.581-07:002021-08-24T01:19:35.581-07:00.thank you.thank you විසිරි සිහිනhttps://www.blogger.com/profile/[email protected]:blogger.com,1999:blog-628344550111716809.post-3908409335563719342021-08-23T10:45:45.857-07:002021-08-23T10:45:45.857-07:00.-Jae Ma.-Jae Ma රන්වන් මකරාhttps://www.blogger.com/profile/[email protected] |
tag:blogger.com,1999:blog-628344550111716809.post4344139022626300989..comments2022-08-05T21:29:42.983-07:00.Comments on විසිරි සිහින: 53. හිතන්නට යමක්.විසිරි සිහිනhttp://www.blogger.com/profile/[email protected]:blogger.com,1999:blog-628344550111716809.post-52356867808575443092017-05-30T07:42:07.028-07:002017-05-30T07:42:07.028-07:00.වැදගත් ලිපියක් අක්කා.වැදගත් ලිපියක් අක්කා ජිවිතේ යාත්‍රාවhttps://www.blogger.com/profile/[email protected]:blogger.com,1999:blog-628344550111716809.post-11978662979167949522017-05-06T06:53:06.756-07:002017-05-06T06:53:06.756-07:00.ඕනෑම ප්‍රශ්නෙකදී ....මේ දේ ඇත්ත.ඕනෑම ප්‍රශ්නෙකදී ....මේ දේ ඇත්ත විසිරි සිහිනhttps://www.blogger.com/profile/[email protected]:blogger.com,1999:blog-628344550111716809.post-37915636134777472682017-05-06T06:52:41.266-07:002017-05-06T06:52:41.266-07:00.ඉවාන්ට පිස්සු නෙව...මාරු තමා... ස්තුතියි සඳු.ඉවාන්ට පිස්සු නෙව...මාරු තමා... ස්තුතියි සඳු විසිරි සිහිනhttps://www.blogger.com/profile/[email protected]:blogger.com,1999:blog-628344550111716809.post-68556423958116245072017-05-06T06:52:09.709-07:002017-05-06T06:52:09.709-07:00.ස්තුතියි දුමී.ස්තුතියි දුමී විසිරි සිහිනhttps://www.blogger.com/profile/[email protected]:blogger.com,1999:blog-628344550111716809.post-70005659306372048142017-05-06T06:51:53.947-07:002017-05-06T06:51:53.947-07:00.ස්තුතියි.ස්තුතියි විසිරි සිහිනhttps://www.blogger.com/profile/[email protected]:blogger.com,1999:blog-628344550111716809.post-37655486386053636062017-05-06T06:51:42.776-07:002017-05-06T06:51:42.776-07:00.ඒකනේ....රිපීට් ටෙලිකාස්ට්.....ඒකනේ....රිපීට් ටෙලිකාස්ට්.... විසිරි සිහිනhttps://www.blogger.com/profile/[email protected]:blogger.com,1999:blog-628344550111716809.post-40092155916781349792017-05-06T06:50:21.900-07:002017-05-06T06:50:21.900-07:00.ඔව් ඔව් ...දැන් එක පාරක් ඔව් කිව්වනේ...හැක්.ඔව් ඔව් ...දැන් එක පාරක් ඔව් කිව්වනේ...හැක් විසිරි සිහිනhttps://www.blogger.com/profile/[email protected]:blogger.com,1999:blog-628344550111716809.post-52552069068496724662017-05-06T06:49:43.434-07:002017-05-06T06:49:43.434-07:00.ඒක හරි...නමුත් අපි රෝහල් වලදී ඒක කළ යුතුයි කියලා ම....ඒක හරි...නමුත් අපි රෝහල් වලදී ඒක කළ යුතුයි කියලා මම කියන්නේ.. විසිරි සිහිනhttps://www.blogger.com/profile/[email protected]:blogger.com,1999:blog-628344550111716809.post-82678706090071027332017-05-06T06:48:52.813-07:002017-05-06T06:48:52.813-07:00.ඔව් ඔව්......ඔව් ඔව්..... විසිරි සිහිනhttps://www.blogger.com/profile/[email protected]:blogger.com,1999:blog-628344550111716809.post-52138118336663872902017-05-06T06:48:30.894-07:002017-05-06T06:48:30.894-07:00.සත්තකින්ම ඔව් ....සත්තකින්ම ඔව් ... විසිරි සිහිනhttps://www.blogger.com/profile/[email protected]:blogger.com,1999:blog-628344550111716809.post-39337141959097454142017-05-06T06:42:20.841-07:002017-05-06T06:42:20.841-07:00.ස්තුතියි නලීන්.....ස්තුතියි නලීන්.... විසිරි සිහිනhttps://www.blogger.com/profile/[email protected]:blogger.com,1999:blog-628344550111716809.post-24898002753588833872017-05-05T03:06:41.100-07:002017-05-05T03:06:41.100-07:00.දුප් , කැමරා හොම්බා.දුප් , කැමරා හොම්බා ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/[email protected]:blogger.com,1999:blog-628344550111716809.post-58299661246782055532017-05-05T03:06:39.755-07:002017-05-05T03:06:39.755-07:00.දුප් , කැමරා හොම්බා.දුප් , කැමරා හොම්බා ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/[email protected]:blogger.com,1999:blog-628344550111716809.post-27503912084649035482017-05-05T03:06:28.734-07:002017-05-05T03:06:28.734-07:00.දුප් , කැමරා හොම්බා.දුප් , කැමරා හොම්බා ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/[email protected]:blogger.com,1999:blog-628344550111716809.post-33634933359099750572017-05-04T21:39:51.916-07:002017-05-04T21:39:51.916-07:00.එක පාරක් කියහංකො සෙද්ද... දෙපාර දෙපාර කියන්න ඕනැයි....එක පාරක් කියහංකො සෙද්ද... දෙපාර දෙපාර කියන්න ඕනැයි ඕක... Dilshanhttps://www.blogger.com/profile/[email protected]:blogger.com,1999:blog-628344550111716809.post-28914884968671039992017-05-04T20:33:28.538-07:002017-05-04T20:33:28.538-07:00.අපේ ජාතික ප්‍රශ්ණ වලටත් අදාල වෙන්නෙ ඔය තමන්ගෙ පැත්....අපේ ජාතික ප්‍රශ්ණ වලටත් අදාල වෙන්නෙ ඔය තමන්ගෙ පැත්තෙන් විතරක් බැලීමනෙ රස්තියාදුකාරයාhttps://www.blogger.com/profile/[email protected]:blogger.com,1999:blog-628344550111716809.post-11028481786804433002017-05-04T09:03:23.758-07:002017-05-04T09:03:23.758-07:00.හැමෝම කියවන්න ඕන ලිපියක් කියල මට හිතෙනවා මේක . ඉවා....හැමෝම කියවන්න ඕන ලිපියක් කියල මට හිතෙනවා මේක . ඉවාන්ගෙ කමෙන්ට් එකත් මරු සොඳුරු සඳවතී https://www.blogger.com/profile/[email protected]:blogger.com,1999:blog-628344550111716809.post-32040527155939237712017-05-04T07:03:17.847-07:002017-05-04T07:03:17.847-07:00.කෙනෙක් රටේ ආබාධිත වුණානම් දුකක් දැනෙයි නිරෝගි අය ද....කෙනෙක් රටේ ආබාධිත වුණානම් දුකක් දැනෙයි නිරෝගි අය දකීවිනම් හිතක් සුහදවී ඔවුනට සලකයිනම් තුටක් ලැබෙයි ලෙංගතුකම රැඳේවිනම්...... ජයවේවා!!! Duminda Abeysekarahttps://www.blogger.com/profile/[email protected]:blogger.com,1999:blog-628344550111716809.post-18673828942222608502017-05-04T03:30:28.671-07:002017-05-04T03:30:28.671-07:00.++++.++++ වාසිතය ( ඩියෝන් මිතිල ප්‍රනාන්දු )https://www.blogger.com/profile/[email protected]:blogger.com,1999:blog-628344550111716809.post-81676549178498411502017-05-04T00:13:10.233-07:002017-05-04T00:13:10.233-07:00.අන්න හරි. මිස්ගෙ අතපය හොඳට තියෙන නිසා මිස්ට මොකද. ....අන්න හරි. මිස්ගෙ අතපය හොඳට තියෙන නිසා මිස්ට මොකද. අපේ අතපය මිස්ගෙ වගෙ නවන්නෙ අපිට රිදෙන්නෙ නෑ කියල හිතාගෙනද, ඇයි යකෝ එහෙම නවන්න පුලුවං නං අපි නවනවනෙ. අල්ලලා නවනකං බලං ඉන්නවයැ. හොඳ වැඩෙ සුමනා තව බනින්න තිබ්බෙ ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/[email protected]:blogger.com,1999:blog-628344550111716809.post-26310158581721001952017-05-03T23:31:25.617-07:002017-05-03T23:31:25.617-07:00.+++++++++++.+++++++++++ Pra Jayhttps://www.blogger.com/profile/[email protected]:blogger.com,1999:blog-628344550111716809.post-37076745403644738192017-05-03T23:25:33.671-07:002017-05-03T23:25:33.671-07:00.හැබැයි ඔය හිතුවිල්ල හුඟක් තැංවල වචනයක් විතරයි. කවු....හැබැයි ඔය හිතුවිල්ල හුඟක් තැංවල වචනයක් විතරයි. කවුරුවත් අනික් කෙනාගෙ පැත්තට ගිහිං මොනව ප්‍රශ්නයක් දිහාවත් බලන්න ලෑස්ති නෑ ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/[email protected]:blogger.com,1999:blog-628344550111716809.post-77750578247753553592017-05-03T23:16:34.762-07:002017-05-03T23:16:34.762-07:00.හැබැයි ඔය හිතුවිල්ල හුඟක් තැංවල වචනයක් විතරයි. කවු....හැබැයි ඔය හිතුවිල්ල හුඟක් තැංවල වචනයක් විතරයි. කවුරුවත් අනික් කෙනාගෙ පැත්තට ගිහිං මොනව ප්‍රශ්නයක් දිහාවත් බලන්න ලෑස්ති නෑ ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/[email protected]:blogger.com,1999:blog-628344550111716809.post-76939439635503831842017-05-03T23:15:15.981-07:002017-05-03T23:15:15.981-07:00.අන්න හරි. මිස්ගෙ අතපය හොඳට තියෙන නිසා මිස්ට මොකද. ....අන්න හරි. මිස්ගෙ අතපය හොඳට තියෙන නිසා මිස්ට මොකද. අපේ අතපය මිස්ගෙ වගෙ නවන්නෙ අපිට රිදෙන්නෙ නෑ කියල හිතාගෙනද, ඇයි යකෝ එහෙම නවන්න පුලුවං නං අපි නවනවනෙ. අල්ලලා නවනකං බලං ඉන්නවයැ. හොඳ වැඩෙ සුමනා තව බනින්න තිබ්බෙ ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/[email protected]:blogger.com,1999:blog-628344550111716809.post-16594323815379890432017-05-03T22:41:43.905-07:002017-05-03T22:41:43.905-07:00.//මෙහෙම දෙයක් මට වුනොත් කොහොම වෙයිද කියලා කියන හැඟ....//මෙහෙම දෙයක් මට වුනොත් කොහොම වෙයිද කියලා කියන හැඟීම ලබා ගත යුතු වෙනවා// මං හිතන්නෙ මේක වෛද්‍යවරයෙක් වගේම හැම මනුස්සයෙක්ම හිතන්න ඕන දෙයක්. එහෙම නොහිතන අවස්ථා වලදි ආභාද සහිත මනුස්සය මනසින් වැටෙන වැටිල්ල දන්නෙ ඒ මනුස්සයම විතරයි. හැම දෙනෙකුටම කියවන්න වටින සටහනක් සරතැසට සෙවනක්https://www.blogger.com/profile/[email protected] |
විසිරි සිහින: October 2019.විසිරි සිහින.Saturday, October 19, 2019.116. ඔබේ...ජීවිතය ට ස්තුති වන්ත වෙන්න ❤️.ඔබේ...ජීවිතය ට ස්තුති වන්ත වෙන්න ❤️.මගේ වෘත්තීය ජීවිතය තුළ මම ගතකරන විසි දෙවනි අවුරුද්ද මේක..පුහුණු කාල සීමාව එක්ක ගත්තොත් විසි හතරක්........එයින් වසර දහ අටක්ම මම ගත කලේ කායික ආබාධයන්ගෙන් පූර්ණ කාලීනව හෝ අර්ධකාලීනව ආබාධ සහිත වූවන්ට ප්‍රතිකාර කරමින්........මගේ වෘත්තීය ගත්තම කායික මානසික ආබාධයන් දෙකටම ප්‍රතිකාර සලසන ක්‍රමවේදයක්........ඉතින් මම රැකියාවට බැඳුණෙ අවුරුදු විසි එකෙන්.... එතැන් පටන් කායික ආබාධයන් ට ලක් වුණ මිනිසුන් එක්ක වසර දහ අටක් මම කාලය කැප කලා....එයින් ජීවිතේ ට උගත් යම් යම් දේ වරින් වර ලියා තැබීමත් කලා.......මම මනුස්සයෙක් විදියට ඉපදීම ගැන තෘප්තිමත් ...ජීවිතේ දුක සතුට අභියෝග කඩා වැටීම්, බිඳීම් මොන සුබ අසුබ දේ ආවත් මම මනුස්සයෙක් වීම ගැන මම මගෙ දෛවය ට ස්තුතිවන්ත වෙනවා.......ඒ වගේම නීරෝගී මනුස්සයෙක් වීම ගැන...මම සතුටු වෙන්න අරන්....මටත් ඔය ලෙඩදුක් අටෝරාසියක් නැතුවා නෙවෙයි.... hypothyroidism , අධි රුධිර පීඩනය, අධික කොලෙස්ටරෝල් මට්ටම වගේම වයසට යන කොට එන හන්දි අමාරු වගේ ලෙඩත් මටත් එනව........නමුත් කායික ආබාධයන් නිසා එක් තැන් වුණ සුෂුම්නා ආබාධ සහිත රෝගීන්, අංශබාගය ඇතුලු ස්නායුමය රෝගී තත්ව වලට ලක් වුණ අය, උපතේ සිට ආබාධයන් ට ලක් වුණ දරුවන්, පිලිස්සුම් කැපුම් කෙටුම් ආදිය නිසා විකෘතිතා වලට ලක් වුණ අය, සන්ධි සහ ඒ ආශ්‍රිත රෝග නිසා සදාකාලිකව වම වේදනාවෙන් පසු වන අය.......ඒ අය එක්ක ගත කල අවුරුදු දහ අට මට තියෙන්නෙ කොච්චර නම් වාසනාවන්ත ජීවිතයක් ද කියල හැම මොහොතෙම පසක් කර දුන්න.......ඔබ ඔබේ ජීවිතේ ගැන දුක් වෙන මොහොතක හිතන්න අද තව විනාඩි දහයකින් ඔබේ බෙල්ලෙන් පහළට පණ නැතිවෙනව...ඔබට සියලු දේ වැටහෙනව...කතාකරන්න ත් පුලුවන් ...ඒත් ගෙලෙන් පහලට පණ නෑ....ඔබට හිතාගන්න පුලුවන් ද ..මේ දැන් ඔබ ඉන්න තත්වය සහ ඒ තත්වය අතර වෙනස.......එහෙම කෙනෙක් එක්ක ජීවිතේ කතාකරල තියනවා නම් .....ඔබ වටහාගනී...ඒ කෙනෙක් ජීවිතේ ට කොච්චර ආසද කියල.......ඔබ මානසිකව ආබාධයන්ට ලක් වුණ කෙනෙක් එක්ක කතාකරල තියේ නම්....ඔබ වටහා ගනීවි ඔබ ලෝකය දකින ආකාරය ඔවුන් ට කිසිම වෙලාවක අත්විඳින්නට නොහැකි බව....ජීවිතේ ගැන යථාර්ථය කෙසේ වෙතත් .....ඒකෙ වින්දනීය භාවය කිසිම ආකාරයකට නොවිඳින මිනිසුන් ඉන්නව....ඔවුන් යලි නගා සිටුවන්න රෝහලක කාර්‍ය මණ්ඩලය හුඟාක්ම උත්සාහ ගන්නව...ඒත් මනස වියල් වුණ අයෙක් ගොඩ ගන්න එක කායික අබාධයන්ට ප්‍රතිකාර කරනවට වඩා ගොඩාක් අමාරුයි .......මිනිස්සු ජීවිතේ අතාරින්න තීරණ ගන්නෙ බොහොම ක්ෂණයකින් ...ඒ ඒ කෙනාට අදාල හේතු ඒ ඒ අයට අනුව සාධාරණ ඇති....නමුත් ජීවිතය කියන දෙයින් පළායෑම කියන දේ ....බොහෝම කමැත්තෙන් බැහැර කල හැකි දෙයක්.......මිනිස්සු ජීවිතේ හැරයන අවස්ථා තියනව ...සමහර ක්ෂණික ආවේග, දරාගත නුහුණු තැන්....ඒවා අතර මුල් වෙනව....නමුත් ....ප්ලෑන් කර කර ඉක්මන් සහ පහසු මරණ ක්‍රම සොයන්නා ඇත්තෙන්ම ගලවා ගත හැකි මට්ටමේ අය....ඔවුන් අන්තර්ජාලය වගේම ඉන් එහාට කාරණා සොයන්නෙ ඇත්තෙන්ම ජීවිතේ නසා ගන්න අවැසි කම වගේම තව වතාවක් ඉඩ හසරත් ජීවත් වෙන්නත් පතමින්......ජීවිතේ නසා ගන්න ගිනි තියාගත්, අධි මාත්‍රාවලින් ඖෂධ ගත් අය බේරුණාම දැකල තියද ...ඔවුන් ඉල්ලන්නෙ අනේ මාව බේරගන්න කියල....ඒ අන්තිම මොහොතකදි ඔවුන් ට ජීවිතාශාව ඇතිවෙනව......අපිට අවශ්‍යම දේ insight එක.....ඒ කියන්නෙ තමන් තමන්ගේ ඇතුලාන්තය වටහා ගැනීම....ඒක බැරි නම් ඒකට සහය විය හැකි අයෙක් ගෙන් සහය ලබා ගැනීම.....හැබැයි තවකෙක්ට ඇහුම් කන් නොදෙන තරම් හිතුවක්කාර වෙන අයෙක් වේ නම් ...ඒ අතිපණ්ඩිත කම බොහෝම නරක දෙයක්....මොකද සියල්ල දත් සහ තමන් කියන දේම නිවැරදියි කියන මතය දරන අය එක්ක වැඩ කිරීම මානසික / කායික ආබාධ සහිත රෝගීන් සමග වැඩ කිරීමට වඩා මාරම අමාරු දෙයක්.........ජීවිතය ට ආදරය කරන්නට...පලදායී අන්දමට ජීවිතේ ගෙවන්නට අවශ්‍යම නම්....කලයුතු පලවෙනිම දේ අත්දැකීම් සහිත සහ ඔබට උපදෙස් දිය හැකි මට්ටමේ අයෙක්ව තෝරාගැනීම....ඒ ඔබට ගැටලුවෙන් මිදෙන්න අවශ්‍ය නම් විතරමයි.... එහෙම නැත්නම් ඉතින් ජීවිතේ කලුපාට කොලයක් කියලා හිතාගෙන ඒ අඳුරේම ගැලෙන එක වලක්වන්න බෑ........කලුපාට කොලයකට වුණත් පාට අහුරු ටිකක් ඉස්සාම ලස්සනම සිත්තමක් මවන්න පුලුවන් ......~~~ කිත්මා ~~~.Posted by විසිරි සිහින at 9:37 AM 2 comments:.Email ThisBlogThis!Share to TwitterShare to FacebookShare to Pinterest.Labels: අදහස්.Newer Posts Older Posts Home.Subscribe to: Posts (Atom).Followers.මම සිහින දකින්නියක්මි.විසිරි සිහින.විසිර ගිය සිහිනයන් එකතු කර රැගෙන එමි.View my complete profile.Total Pageviews.Labels.My Diary.travel notes.අදහස්.අපූරුම දේවල්.අරමුණු.උගත් පාඩම්.ඔබ ආයෙමත් ඇවිදින් ( නවකතාව ).කෙටිකතා.පරිවර්තන.මතක.මතකයේ රැඳෙන පොත්.රයිලිගෙ කතා.විසිරි කවි.විසිරි සිතුවිලි.විසිරිගෙ සේයා රූ.....වෙනත් අයගේ කියවපු අපූරු කතා.සඳක් සේ ( නවකතාව).සමාජ විපරම්.සෞඛ්‍ය.හසරැල් සැලුණාවේ (නවකතාව ).හැඟීම්.Blog Archive.► 2022 (25).► September (2).► August (1).► July (2).► June (2).► May (5).► April (4).► March (4).► February (4).► January (1).► 2021 (56).► December (2).► November (6).► October (6).► September (9).► August (9).► July (10).► June (3).► March (1).► February (4).► January (6).► 2020 (58).► October (9).► July (3).► June (6).► May (7).► April (21).► March (11).► February (1).▼ 2019 (18).► December (1).► November (1).▼ October (1).116. ඔබේ...ජීවිතය ට ස්තුති වන්ත වෙන්න ❤️.► August (1).► May (1).► April (9).► February (2).► January (2).► 2018 (20).► December (10).► August (1).► June (1).► May (2).► April (1).► March (1).► February (2).► January (2).► 2017 (59).► December (2).► November (2).► October (4).► September (2).► August (5).► July (1).► June (6).► May (7).► April (6).► March (9).► February (5).► January (10).► 2016 (22).► December (13).► November (4).► October (5).my blog list.Ian's Den ඉයන්ගේ අඩවිය.ජවිපෙ ගමන නිමයි, නායක අනුර කියයි..! (from LankaeNews).Transylvania."මූව මග්ගොනට යවන්න ඕනේ ".අනිත් කොන - a doctor's heart sutra.The social function of music....කොළඹ ගමයා.බ්‍රිතාන්‍ය රජ පවුලේ ජර්මන් හා රුසියානු සම්බන්ධතා.කඩදාසි කොලේ.361: උන්මාද චිත්‍රාදෝ මා - පසුවදන.ජිවිතේ යාත්‍රාව.නිද්‍රාව..නිදහස් සිතුවිලි.682. අද සිරී ලම්කාවෙ වහා විසඳාගත යුතු දැවෙන පස්න හෙවත් බෙර්නිං කුවෙස්චන්ස්.....රසිකොලොජි - Rasikology.සල්මන් රුෂ්ඩි සහ මට හමුවුණු ජාත්‍යන්තර අයියලා තුන් දෙනෙකුගේ කතා - Salman Rushdie and other stories.සොඳුරු සඳවතී.අහන්නකො......ගස් ලබ්බ.අටම්පහුර.ඉස්සෙල්ලම ගහපු එකා.තරුරසී.තරුණ අපේ හීන මැරූ - උඹල තමයි කම්බ හොරූ....chef-architect.කෑ බනික.මගේ බ්ලොග.53. How Seedr can helped you???.කලාහිත.. Kalahitha.අධි පරිභෝජනවාදයෙන් මිදී සරළ ජිවන රටාවකට හුරුවෙමු.තිලක සිත.මළ ඉලව් ලිෆ්ට් එක.රස්තියාදුකාරයා.සුභ ගමන් ආදරණීය ආටියා...........නොපළ කතා.අ(සම්මුතිය).test post for facebook – Aru-ge adaviya.කඩේ ගියා හෝ නැතා…මේ සින්දුව අහන්න...සින්ඩරෙල්ලාගේ සපත්තුව....!.රූබරිය !.රසුදැල්.මිලියන ගණන් වටිනා 99 මිනිස්සු.වැව් ඉස්මත්ත.කොච්චි මිරිස්.රොශාන් මහානාම,කොච්චියාගේ යාඤාව සහ බුද්ධත්වයට පත් සමන්තබද්‍ර.අහසෙන් එන්න....පස් මසකට පෙර ජීවිතේ පෙරළුණු අලුත් පිටුව.යාං හෑල්ල.ඔපිස් එකේ කොරෝනාගෙන් බේරෙන හැටි - How to avoid Corona at office.සමකය වටේ.Katchatheevu Feast 2020Drone vedio | கச்சதீவு அந்தோனியார் ஆலய திருநாள் 2....Nelum Yaya.ප්‍රන්ස බස සහ ඉංග්‍රීසි බස වෙනුවෙන් මරා ගැනීම.A T Sudarshana.Maharada Oba Giya daa (මා හැර දා ඔබ ගිය දා ).කතා කරන පන්හිඳ.පොකුරු වැහි.හිත්.දුමී.122. කිමද සොඳුරියෙ හඬන්නේ යළි අපිට හිමි වෙනවා අපී.....බස්සිගේ නවාතැන.ඔබේ රහස් සතුටු බුබුළ (Happiness Bubble).කැලේ පිපුණු මල්.01 පළමු දවස 2019 ජූනී 22.උඩුවාගේ සටහන්....රත්නම්ගේ වේදනාව.මාරයාගේ හෝරාව....නිවිති එක්ක දෙල් කිරට....මම එරන්දී... I'm Erandi.STRESS ද?.සින්බෑඩ්ගේ අඩවිය.දිනපොත 25.සජ්ජාගේ පඩංගුව.පරිසරය සමඟ පවුලත් සුරකිමු ...!!!!!.පැමිණ යන්නට මත්තෙන්...හැකි නම් තබන්න සටහනක්..එය මට මහත් දිරියක්. Ethereal theme. Powered by Blogger. |
විසිරි සිහින: 2022.විසිරි සිහින.Tuesday, September 27, 2022.2022(04) ඔබ නොදුටු මසිත.ඉතින් පවසමි.ඔබට නොව.හිස් අහසට.කෑල මල් පිරි ගොමුවට.බටිති කූජන අහුරට.මම ඔබට පෙම් කල වග.......ඉතින් සසැළෙමි හිත මත.කියාගත නුහුණු මේ පෙම ගැන.ලියා තබනෙමි ඉතින් රහසෙම...ඒ සොඳුරු වූ ඔබ ගැන .....ඔබ ....කිසිදු විට නොකියවන.මේ මගේ සිතමය.....විසිරි ❤.Posted by විසිරි සිහින at 8:01 AM No comments:.Email ThisBlogThis!Share to TwitterShare to FacebookShare to Pinterest.Labels: විසිරි කවි.Sunday, September 25, 2022.2022(3) අනේ නුඹ කවියක් වුනා නම්.දෙතොලතර හෙමි හෙමින්.පැටලී සිටින්නට.නෙතු අතර ඉසියුම්ම කඳුලක රැඳෙන්නට.හස බිඳක ජීවිතේ මේ යයි කියන්නට.අනේ නුඹ කවියක්.වුනා නම් සිතෙයි මට........පදරුතක නෙතු දවටමින් සිත දවන්නට.මියැසියක තත් සුසර කරමින් ගැයෙන්නට.සෙනෙහසේ මුදු ස්වර දැහැන් වී රැඳෙන්නට.අනේ නුඹ කවියක්.වුනා නම් සිතෙයි මට......විසිරි ❤️.Posted by විසිරි සිහින at 8:58 AM No comments:.Email ThisBlogThis!Share to TwitterShare to FacebookShare to Pinterest.Labels: විසිරි කවි.Friday, August 5, 2022.2022 (2) නුඹ තරම් සෙනෙහසක්.කෙහෙකැරළි අතැඟිලෙන් කන්පෙතග රඳවමින.උණුසුම්ම සුසුමකින් ළං ළංව නෙතුසිඹින.දෝත පා මලක් සේ ළයට තුරුලුව තබන.නුඹ තරම් සෙනෙහසක් කොහේ කොහි නම් විණිද .....?.නෙත් පුරා නුහුරු හැඟුමන් ඉතින් අරන් එන.ලවන් උණුසුම් වෙමින් මුදු දෙතොල් තුළ රැඳෙන.හිස හොවා ගෙල මුලට ආදරේ කියාදෙන.නුඹෙ සුවඳ තවමත්ම මගේ ඇසුරෙම රඳන.අතැර යනු නොහී ලොබ බඳින සෙනෙහෙන් දැවෙන.ළය හොවා මහිස යළි සිඹ සෙමින් පිරිමදින.ළං ළං ව දෑස් තුළ කිමිද සෙනෙහස සොයන.අනේ නුඹ මා පැතූ සිහිනයම විය සබඳ.......කිත්මා වාසනා දහනායක.විසිරි ❤️.Posted by විසිරි සිහින at 4:28 AM 2 comments:.Email ThisBlogThis!Share to TwitterShare to FacebookShare to Pinterest.Labels: විසිරි කවි.Monday, July 25, 2022.2022 (01) ප්‍රේමයක තතු.නිහඬ තත්පර රැසක අවසන.නෝක්කඩු පිරි නුඹේ වුවනත.පසක් කරදෙයි ප්‍රේමයක තතු.ජීවිතේ බෝ අසීරුම කල......විසිරි.❤.Posted by විසිරි සිහින at 11:04 PM 6 comments:.Email ThisBlogThis!Share to TwitterShare to FacebookShare to Pinterest.Labels: විසිරි කවි.Saturday, July 2, 2022.23. අවසන් කොටස ( හසරැල් සැලුනාවේ)."නිවී ඇත්තම කියන්න. ඔයා අකැමතිනම් මම චූටිදුවට කියන්නම් වැඩිය මොකුත් කරන්න එපා කියලා".මානවී සහ හසිතට නින්දෙන් ඇහැරී හඬන කුඩා පුතුගේ රාජකාරි කර ගැනීමට ඉඩ දී සරෝජ් සමගින් යළි නිවස බලා පැමිණෙන නිවේතාගේ කල්පනා බරිත මුහුණ දෙස බලමින් සරෝජ් ඇසුවේ ඇය එතරම් සාද සමාජ වලට කැමැත්තක් නොදක්වන්නේ යැයි සිතූ හෙයිනි ..නිවේතා මද සිනහවක් පා සිය උර හිස වටා වැටුනු සරෝජ්ගේ අතකින් අල්ලා ගත්තාය.."ආස නැ.තු..ව නෙ.මෙ.යි .ඒත් අපි දැන් ව.ය.සයිනේ".නිවේතා හීන් හඬින් පැවසුවේ පස අසුනේ සිටින සංජයට ද නොඇසෙන්නටය. සරෝජ්ගේ මුහුණේ ආදරය පිරි සිනහවක් පහළ විය.."නෑ අපි වයස නැහැ.මට තාමත් ඔයා එදා වගේමයි. කෙල්ලගෙත් ආසාවනෙ නිවී. අපි පුංචියට පාටි එකක් ගම්මු".සරෝජ් හිරිපිටිය නිවේතාගේ හිස සිය උරහිසට වාරු කර ගනිමින් පැවසුවේය. මුවින් නොකීවද නිවේතාද එවන් සැමරුමකට කැමති බව ඔහු වටහාගත්තේ නිතැතින්මය.."දැන් මේ යන ගමන් අපි ඔයාට හෙටට අඳින්න ෆ්‍රොක් එකක් ගන්න යං".සරෝජ් පැවසුවේ අතරැඳි ඔරලෝසුවේ වේලාව බලමිනි.."සාරි අඳින්න ඕන නෑ නිවී. ඒකට ඔයාට කරදරයි.මම දන්න dress designer කෙනෙක් ඉන්නවා .අපි එයා ළඟ තියෙන ඇඳුම් බලන්න යං.shopping complex ගානේ රස්තියාදු වෙන්න ඕන නැහැනෙ එතකොට".සරෝජ් හඳුනන ඇඳුම් නිර්මාණ ශිල්පිනියගේ ඇඳුම් නිර්මාණ ගොන්නෙන් නිවේතාහට ගැලපෙන ගවුමක් තෝරාගන්නට අසීරු නොවීය.." ඔයා ඇඟ ශේප් එකට තියන් ඉන්න නිසා මේ ලා දම්පාට ෆ්‍රොක් එක ලස්සනට මැච් වෙනවා.".නිවේතා නිහඬ සිනාවකින් සරෝජ් දෙස බලා අනුමැතිය පැතුවාය.ඇයට මේ සියල්ල තවමත් සිහිනයකි.සරෝජ් ඇය ගත ලා උන් ඒ ඇඳුම දෙස බලා මහපටැඟිල්ල ඔසවා සිය කැමැත්ත ප්‍රකාශකළේය.."ලස්සනයි"යැයි දෙතොළ මෑත්කොට රහසින් පැවසුවේය. ඒ ඇස්වල එවකටද වූයේ නොවියැකෙන පෙම්වත් බැල්මකි..ගවුමට ගැලපෙන ආයිත්තම් ගැනීමට ගිය පැය දෙකකට ආසන්න සාප්පු සවාරියක අවසානයේ නිවේතා දැඩි වෙහෙසට ලක්ව උන්නාය. සරෝජ් ඇයගේ වෙහෙසට පත් වත දැක නිවෙසට යා යුතු බව තීරණය කළේය.."ඔයාට වෙහෙසයි. අපි ඉක්මනින් ගෙදර යං".නිවේතාගේ හිස සිය උරහිසට වාරු කොට ගත් සරෝජ් ඇයගේ සවනතට මිමිණීය.තමාගේ අපහසුතා ගැන පවා මේ තරම් දුරට සිතන ඔහු කෙතරම් ආදරණීය ස්වාමි පුරුෂයකු වේදැයි නිවේතාට සිතා ගන්නට නොහැකි තරම්ය. සිය ජීවිතයට අහම්බෙන් සපැමිණි ඔහු එකම දිනයකදී සිය පෙම්වතා වීම ද ඉන් අනතුරුව ඔහුගේ ජීවිතයෙන් තමා සදහටම ඈත් වී යාමද මිසක ඔහුගේ අයිතිවාසිකමක් කිසිදිනක තමා නොපැතූ බව නිවේතාට සිහිවිය..එහෙත් අද වන විට ඔහු සිය ස්වාමිපුරුෂයා වීමේ මොහොත එළඹී ඇත.එය සිතට ඇති කරන්නේ ඉමහත් ආනන්දයකි..නිවේතා නිවසට පැමිණි විටම ඇය පිළිගන්නට ඉදිරියට දුව ආවේ චාමලීය.ඇයගේ වත සිනහවකින් හැඩවෙමින් තිබුණි.මේ වන විටත් මානවී චාමලී සහ සංජය ඇතුලු කාර්‍ය මණ්ඩලයට වැඩකටයුතු පවරා ඇතුවා වන්නට බොහෝ ඉඩ ඇත.."චාමලී , මැඩම්ට හොඳටම මහන්සියි වොෂ් එකක් දාලා චේන්ජ් කරන්න උදව් වෙන්න".සරෝජ් හිරිපිටිය නිවේතාගෙ අත මුදාහරිමින් චාමලී වෙත ඇයව පැවරුවේය. ඇස් ඉඟියෙන් කාමරයට යන්න යැයි පවසා ඉහළමාලයට පිය එසවීය.."මැඩම්ගෙ මුහුණේ ලස්සන අද ? සතුටින්ම ඉන්න මැඩම් .ඉතිං හෙට ඔක්කොම දේවල් හරි ලස්සනට සිද්ධවේවි.".චාමලී ඇඟ සෝදා පැමිණ ඇඳුම් ගතලූ පසු නිවේතාගේ ඇඳුම් සකස් කරමින් පැවැසුවාය. මඳ වෙහෙසක සිටි හෙයින් රාත්‍රී ආහාරය වන තුරු මදවේලාවක් සයනයට වී වැතිර උන් නිවේතා සරෝජ් සමඟින්ම රාත්‍රී ආහාරය ලබාගත්තාය.."නිදිමතද ඔයාට?".රාත්‍රී ආහාරය අවසන්ව කාමරය වෙත නිවේතා අතින් අල්ලාගෙන යන අතරේදී සරෝජ් හිරිපිටිය ඇසුවේය. නිවේතා හිස දෙපසට වනා නිදිමතක් නැති බව හැඟවූවාය.."අපි ටිකක් කතා කරමු එහෙනම්".සරෝජ් නිවේතා සමගින් පියමැන්නේ නිවේතාගේ කාමරයට යාබදව ඇති එළිමහන් වැරන්ඩාවටය.සඳ එළිය ගස් අතරින් පෙරී ගෙන ගලා එමින් තිබුණි.මඳ සුළඟේ දැවටී එන සේපාලිකා මල් සුවඳ නැහැ පුඩු සිසාරා හමා යන්නට විය.."සේපාලිකා?".නිවේතා සරෝජ් හිරිපිටිය දෙස බලමින් ඇසුවාය.."ඔව් මම පැලයක් ගෙනල්ලා හිටෙව්වේ මේ වත්ත ගත්තු දවස් වලමයි.දැන් මේකෙ මල් පිරෙනවා.ඔයාට මතකද ඉස්සෙල්ලා මම ඔයාලගේ ගෙදරට ආව දවසේ ඔයාලගේ සේපාලිකා ගහෙන් මල් ටිකක් අරන් ඔයාගේ අතේ කිව්වා".අතීත මතකයන් ඇවිස්සීම තරම් සුන්දර දෙයක් ජීවිතවල තවත් තිබේද ? එහෙත් මෙතුවක් කාලයකට තමාගේ යටි සිතේ පමණක් තිබේ යැයි සිතූ ඇතැම් සුන්දර මතකයන් සරෝජ් වෙත ද ඒ ආකාරයෙන්ම ඉතිරිවී තිබීම නිවේතාට අදහා ගන්නට ද නොහැකි තරම් විය.."ඔහොම මගේ දිහා බලන්නෙ ඇයි ඔයා හිතනවද මට ඒ දේවල් අමතකයි කියලා?".සරෝජ් ඇසුවේ නිවේතාගේ විශ්මයට පත් මුහුණ දෙස සිනහ වෙමින් බලමිනි.."ආ ඒක නෙමෙයි මම අහන්න හිටියේ ..අර පොත් ඇතුලෙ තිබුනා බොහොම පරණ චොක්ලට් කොල කොළ වේලිච්ච මල් ඒ වගේ දේවලුත් .ඒ දේවල් වලට සම්බන්ධකම මට හිතාගන්න පුළුවන්. ඒ උනාට ඒව කොහොමද ඔයාගේ අතට ආපහු හම්බ උනේ ?".සරෝජ් හිරිපිටිය ඒ චොක්ලට් දවටන සහ වියළි මල් ඔවුන්ගේ අතීත මතකයන්හි සිහිවටන බව දැන උන්නේය .නමුත් ඒ දේවල් නිවේතා වෙත යළි තිබෙන්නේ කෙසේ දැයි ඔහුට පැනයක් ඇතිවිය .."ඒ කා.ලෙම ම.ගේ බ.ඩු ටික කුඩ..ම්මාලා නි.ලීකා ගේ ගෙදරට ගෙ.නැ.ල්ලා දා.ලා ති.බුණා. ඒවා මට නි.ලීකා ආ.ප හු දුන්නා".ජීවිතයේ සොඳුරුම යැයි කිව හැකි මතක පරිච්ඡේදයක සිහිවටන තමන් සතුව අදටත් ද තිබෙන්නේ එසේ බව නිවේතා පැහැදිලි කළාය.."නිවී මට ඔයා එක්ක කතා කරන්ඩ ඕනේ .මේ marriage එක සම්බන්ධයෙන් ඔයාට මුකුත් අකමැත්තක් එහෙම තියෙනවද .එහෙම නැත්නම් මොනවා හරි ප්‍රශ්නයක් ..?".සරෝජ් ඇසුවේ නිවේතාගේ සුරත සිය ළය මත තබාගෙන දෑස් පියා ගනිමිනි..නිවේතා සිය කොපුල් රත් පැහැයට හැරෙන විට බිම බලාගෙන සිනහසුනාය .ඇත්තෙන්ම ජීවිතයේ හතරවන දශකයද ගෙවා හමාර කොට ඇති හෙයින් තමන්ගේ ජීවිතයේ අභ්‍යන්තරයේ ඇති සිතුම් පැතුම් ගැන නිවේතාටද දැනට ඇත්තේ තරමක් අපැහැදිලි තත්ත්වයකි.එහෙයින් කුමක් කියන්නටද හරියටම සිතාගත නොහැකිව ඇය මුණිවතම රැක ආය."මැරේජ් එකට පස්සේ පස්සේ අපි දෙන්නගේ ජීවිතේ මොන විදිහට ගතවෙයිද කියලා ඔයාට බයක් තියෙනවා නං ඒ බය අතාරින්නයි මම මෙහෙම කතා කරන්න හිතුවේ .නිවී අපි දෙන්නට සතුටින් ජීවත් වෙන්න පුළුවන්. මේ සම්බන්ධකම ගැන ඔයා බයෙන් සැකෙන් වගේ හිතන්න උවමනා නැහැ. කාලයට ඉඩ දෙමු අපි අපිට ලං වෙලා ජීවත් වෙන එකනේ වැදගත්ම දේ".දෙදෙනකු අතර ඇති අවබෝධය ආදරය මත පදනම් වනවිට සැක සංකා බොහොමයක් බොහෝමයක් ජීවිතයෙන් ඈත්ව යයි .යහපත් මානසික බැඳීමක් ඇති වන විට පුද්ගලයන් දෙදෙනකු අතර සිදුවන කායික බැඳීම ද බෙහෙවින් සුන්දර වනු ඇති බව සරෝජ් දැන උන්නේය .ඉතින් කෙසේ වුවත් හෙට සිට ඇය සිටින්නේ තමාගේම වෙමිනි...වෙනදාටත් වඩා සොඳුරු ලෙසින් දවස උදාවන විට නිවේතා සිටියේ රූපලාවණ්‍ය ශිල්පිනියක විසින් සොඳුරු ලෙස හැඩගන්වන මොහොතේය .උදෑසන සරෝජ්ගේ නිවසේම විවාහය ලියාපදිංචි කිරීමේ කටයුතු සිදු කරන්නට තීරණය වූ අතර ඒ සඳහා තෝරා ගත් කිහිප දෙනෙකුට පමණක් ඇරයුම් කරනු ලැබ තිබිණි ..මානවී සහ හසිතත් හසිතගේ දෙමව්පියනුත් සුභාෂිණීගේ දෙමව්පියනුත් නිවේතාට ප්‍රතිකාර කළ සරෝජ්ගේ වෛද්‍ය මිතුරාද ඒ මොහොතට පැමිණ සිටියහ .නිවේතා සුභ මොහොතේදී ආලින්දයට කැඳවාගෙන එන මොහොතට ඇයට අත දුන්නේ මානවීය .ජීවිතේ මෙවන් සිදුවීම් කෙතරම් අහඹුදැයි සියල්ලෝම සිතූහ.නිදහසේ ලියා පදිංචි කරන්නට කල් වේලාව ඇති හෙයින් නිවේතා සහ මානවී ආලින්දයේ අසුනක හිඳුවා සරෝජ් හිරිපිටිය මදක් ඉදිරිපසට ඇවිද ගියේය .මිදුලට පැමිණි නාදුනන රියකින් පැමිණියේ නොසිතූ පුද්ගලයන් කිහිපදෙනෙකි . නිවේතා දෑස් අදහාගත නොහැකිව මොහොතක් බලා උන්නාය..ඉදිරිපස දොරින් අඩියට දෙකට පැමිණ ඇය බදා ගත්තේ නිලීකාය. ඇය පසුපසින් ඔහුගේ ඇයගේ සැමියා සහ රත්නායක මාමාත් නැන්දාත් සිනහා වතින් පැමිණ සිටියහ.."ඔයා කවද්ද ආවේ?".නිවේතා අදහාගත නොහැකිව අසමින් බලා උන්නාය.."අපිට ලංකාවට ආවේ පෙරෙයිදා .මොකුත් නොකිය සප්‍රයිස් කරන්න ඊයේ එන්න හදනකොට සරෝජ් අයියා තමයි කිව්වේ හොඳම සර්ප්‍රයිස් එක තියෙන්නේ අද කියලා අදම එන්න කියලා".නිවේතා සුපුරුදු රැවුම් බැල්ම සරෝජ් වෙතට හෙළුවාය.."අනේ අනේ අද දවසේ වත් මට රවන් නැතුව ඉන්නකො මැණිකේ".සරෝජ් හිරිපිටිය සිනාපිරි වතින් පැවසුවේ සෙස්සන්ද සිනහාගන්වමිනි ..ඉතින් සතුටු සාමීචි සාද කතා මැද නැකැත් වේලාවද එළඹිණි..සොඳුරු අන්දමින් ගතවී ගිය කාලයකදී සරෝජ් හිරිපිටිය නිවේතා රසාදරී ගමගේගේ නීත්‍යානුකූල ස්වාමි පුරුෂයා ලෙසින් අභිසෙස් ලැබුවේය.දෑඟිලි වල රන්මුදු පැලදුනි. නිවේතාගේ ගෙල වටා සොඳුරු හැඩයක් දැරූ රන් මාලයක් පළඳමින් සරෝජ් හිරිපිටිය ඇයගේ ගෙල යාන්තමින් සිපගත්තේය.."දැන් ඉතින් කිසිම දෙයක් බැහැයි කියලා බෑ".නිවේතා ඒ පහසින් ඇකිලී යද්දි සරෝජ් ඇයගේ සවනතට කෙඳිරුවේය ..සුභාෂිණීගේ දෙමවුපියන් සිය දියණියගේ විවාහය දා මෙන්ම අද දිනයේ ද සතුටු වූයේ සතුටු කඳුළු පිසලමිනි . ඔවුන් රත්නායක මාමා සහ නැන්දා සමගින් අලුතෙන් හැඳුනුම්කම් හිතවත්කම් ඇති කරගත් අතර මුළු නිවස පුරා සිනහා කතා පැතිරී යමින් තිබුණි ..මානවීගේ සිඟිති පුතු සරෝජ් හිරිපිටියගේ අතේ දැවටෙමින් සිටියේ බොහෝ කාලයකට පෙර මානවී ඔහුගේ දෝතේ සුරතල් සුරතල් වූ ආකාරයටය .."ඉස්සර අම්මත් ඔහොම තමයි මගේ අතේ හිටියේ දන්නවද චන්ඩියො".සරෝජ් හිරිපිටිය සිය මුනුපුරා ඉහලට ඔසවමින් ඇසුවේය.මඳ සතුටු සිනා සපිරි මුහුණු අතරට නොනැවතී මහා සිනහවක් මවන්නට කුඩා මුණුපුරා සමත්වූයේ ඒ මොහොතේය .."අයියෝ මේ කොල්ලා කළ වැඩේ .දැන් දැන් ඉතින් අංකල්ට ආයෙ ඇදුම් මරු කරන්න වෙනවා".මුහුණ දිගේ ගලා හැලෙන තෙතමනය සහ සරෝජ්ගේ කමිසයද තෙමාගෙන ගලා බසින්නට වූ මොහොතේදී මානවී කෑගසමින්ම වහ වහා සිය පුතු අතට ගත්තාය . නිවේතා දෝතින්ම ඇයගේ මුහුණ වසාගෙන සිනාසෙන්නට පටන් ගත්තාය.."අර මොකටද ඇඳුම් මාරු කරන්නේ? මේවා තමයි සුභම ලකුණු ජීවිතේට ලැබෙන".සරෝජ් හිරිපිටිය සිනහවතින් පවසමින්ම නිවේතාගේ අතින් අල්ලා ගත්තේ ජීවිතයේ සොඳුරුම සුභ ගමනකට පියවර පෙරට තබමිනි. ඒ පියවරක් පියවරක් පාසා සරෝජ් හිරිපිටිය නිවේතාගේ වතෙහි උදාවී සැලෙනාවූ හසරැල් සිය වතෙහිද තවරාගත්තේය..**********************************************************************.සමාප්තයි !.ඉතින් ස්තුතියි මා සමගින් රැඳී උන්නාට..කිත්මා වාසනා දහනායක.(විසිරි සිහින).Posted by විසිරි සිහින at 9:16 PM 6 comments:.Email ThisBlogThis!Share to TwitterShare to FacebookShare to Pinterest.Labels: හසරැල් සැලුණාවේ (නවකතාව ).Sunday, June 26, 2022.22. විසි දෙවෙනි කොටස ( හසරැල් සැලුනාවේ)..පමාවට සමාවෙන්න ......*****************************************************."සර් සර්...කෝල් එකක්".චාමලී කඩාබිඳගෙන මෙන් කාමරයට ඇතුළු වූයේ ඒ ඇසිල්ලේමය. නිවේතාගේ දෑත මුදාහළ සරෝජ් නැගී උන්නේ එකම එක බැල්මක් ඇයවෙත තබාය.චාමලී ආවාට ගියාට කාමරයට එසේ කඩා වැදෙන්නේ නැතිබව සරෝජ් මෙන්ම නිවේතා ද දනී.කුමක් හෝ හදිසියක් මිස අන් කිසිවක් හිතාගන්නට නොහැක.."සර්ගෙ ෆෝන් එකට දිගටම ගත්තාලු.ආන්ස්වර් නැති නිසයි මගේ එකට ගත්තෙ".කාමරයෙන් පිටව යන සරෝජ් පසුපසින් දුව යමින් චාමලී පැවසුවාය.නිවේතා කිසිවක් හිතා ගන්නට නොහැකිව උන් අසුනේම ඔහේ උන්නාය.සරෝජ් කාමරයෙන් පිටව ගිය වහාම නිවේතා වෙත ආ චාමලී ඇයව අසුනෙන් නැගිටුවා ගෙන කාමරය තුළට කැඳවාගෙන ගියාය.මොහොතකට පෙර සිදු වූ සිදුවීම හෙයින් නිවේතා උන්නේ අන්දමන්ද වූ ස්වභාවයකිනි.එහෙයින් ඇයට සරෝජ් හිරිපිටිය මේ සා කලබලයකින් කාමරය වෙත යළි පිටත්වීම සිතාගන්නට අසීරු විය..නිවේතා සයනයේ හිඳගෙන සිටියදී සරෝජ් යළි කාමරේට පැමිණියේය.ඔහු ඒ වන විට පිටතට යන්නට සුදුසු ඇඳුමකින් සැරසී සිටියේය.."නිවී,මට පොඩි හදිස්සියක් මම ඉක්මනට ගිහින් එන්නම්.ඔයා නිදාගන්න".කලබල වූ ස්වරූපයෙන් පැවසූ සරෝජ් හිරිපිටිය වහවහා රියදුරුට අමතමින් කාමරයෙන් පිටව ගියේය.."ක.වු..ද ක.තා..කළේ?".නිවේතා චාමලීගෙන් විමසුවේ ඉන්පසුය.."සංජය කතාකලේ මැඩම්".චාමලීද කිසිවක් සිතාගත නුහුණු අන්දමින් ද බලා උන්නාය.නිවේතා ගේ සිතට සරෝජ් සම්බන්ධව අනියත බියක් එකතුවන්නට පටන්ගෙන තිබුණි..**************************************************.රාත්‍රී එකොළහට පමණ නික්ම ගිය සරෝජ් යළි පැමිණියේ පාන්දර පහට පමණය.නිවේතා විටින් විට කැඩි කැඩී ඇහැරෙන නින්දෙන් යුතුව ඔහු එන මඟ බලා උන්නාය .තවමත් බෙහෙත් වර්ග රාශියක් බොන හෙයින් නිදිමත ඉබේම පැමිණෙන හෙයින් ඇයට කඩින් කඩ නින්ද ගියාය.ඇහැරෙන සෑම මොහොතකදීම චාමලීහට අමතා සරෝජ් පැමිණියාදැයි විමසූ නිවේතා ඔහුගේ පැමිණීම පමා වෙන විට තව තවත් බියට මෙන්ම නොරිස්සුමට පත්වූවාය..සිදු වූ සිද්ධිය අසා වැඩි වේලාවක් නොවූ හෙයින් ඔහු යම්කිසි කරදරයක පැටලීදැයි ඇයට අනියත බියක් ඇති විය. සරෝජ් පාර්ලිමේන්තුවේ දී හෝ වෙනත් කාර්යාල කටයුතු වලදී කවදාවත් ආරවුල් ඇතිකර ගත් අයෙක් නොවීම හිතට යම්කිසි සහනයක් විය .නමුත් මේ ගැටලුවේදී ඔහු අධික ලෙස කෝප ගත් බව ඇයට සිහිවිය .එහෙයින් ඔහු මේ අසත්‍ය ප්‍රවෘත්තිය පැතිරවූ පුද්ගලයන් සමගින් අධික ලෙස තරහින් සිටිනා බව නිවේතා දැන උන්නාය.සංජය විසින් අමතනු ලදුව ඔහු වහ වහා පිටව ගියේ ඒ සම්බන්ධයෙන් වූ කිසියම් කටයුත්තකටද යන්න ඇයට ගැටලුවක් විය..පාන්දර යාමයේ සරෝජ් නැවත නිවසට එනවිට නිවේතා නිදි සුවයෙන් උන්නාය .."සර් මැඩම්ට දිගටම නින්දක් නැහැ. සැරින් සැරේට නින්ද යනවා ආපහු ඇහැරෙනවා .ඇහැරුන ගමන් සර් කෝ ආවද කියකිය හොයනවා".චාමලී කාමරයේ දොර අසල සිට ඔහුට පැවසූවේය.."මගෙන් ඇහුවා කවුද සර්ට කතා කළේ කියලා මම කිව්වා සංජය කියලා නැත්තං ඇත්ත දේ දැන ගත්තොත් මෙතන කලබල කරන හැටි මම දන්න නිසා".චාමලී පැවසුවේ සරෝජ්ගේ මුහුණේ ඇති වෙහෙසකර භාවයට යටින් මතුවන අපූරු සිනහව දෙසද බලමිනි.."චූටි දුවට පුතෙක් හම්බ උනා. මැඩම්ව නැගිට්ටාම ලෑස්ති කරන්න බබාව බලන්න යන්න.හැබැයි කියන්න එපා මොකටද කියල".සරෝජ් චාමලී සමගින් පවසා කාමරයෙහි දොරෙන් මොහොතකට එබී නින්දේ පසුවන නිවේතා දෙස බලා යළි සිය කාමරය වෙත පිවිසියේය. රෝහලේ සිට පැමිණ හෙයින් ස්නානය කොට නැවත ඇඳුමකට මාරුවී ඇය සමගින් කිරිකැටියා බලන්නට යා යුතුය ..ඔහු චාමලීට පැවසුවේ මානවී සම්බන්ධ මේ අලුත් ප්‍රවෘත්තිය කිසිසේත්ම නිවේතාට නොදන්වන ලෙසය .ඇය මේ අලුත් දසුනෙන් පුදුම කිරීමට ඔහු බලාපොරොත්තු විය..උදෑසන නිවේතා අවදිකරවා චාමලී ඇයට තේ බඳුන පිළිගැන්වූයේ."සර් ආවා මැඩම් පොඩි ගමනක් යන්න තියෙනවා කියලා මැඩම්ට සූදානම් වෙන්න කිව්වා".කියමිනි .නිවේතා විමතියෙන් මෙන් ඇය දෙස බලා උන්නාය මේ කරන කිසිවක් තවමත් තමන්ගේ මනසට නොවැටහෙයි .එසේ නම් සරෝජ් පිටව ගොස් ඇත්තේ තමා සිතූ බරපතළ ගැටළුවට නොවිය යුතුය..චාමලීගේ ආධාරය ඇතිව නිවේතා මුහුණ සෝදා අලුත් ඇඳුමකින් සැරසුණාය .දැන් දැන් ඇයට චාමලීගේ වැඩිදුර උදව් නොමැතිව තමන්ගේ වැඩ කටයුතු කර ගැනීමට හැකියාව ලැබී ඇත .චාමලී අත්‍යාවශ්‍ය වන්නේ හදිසියේ හෝ සමබරතාවය ගිලිහී ඇද වැටුණහොත් යැයි බියක් තවමත් ඇති හෙයිනි.."හරි..කෝ මැඩම් ලෑස්ති වෙලාද ඉන්නේ ?".සරෝජ් හිරිපිටිය චාමලීගෙන් අසමින්ම කාමරයට පැමිණියේ තමා ඇඳ සිටි කමිසයේ අත නවමිනි .උදෑසන ස්නානය කිරීමෙන් පසු තවමත් යන්තමින් හිස රැඳි තෙත හිසකේ ගසා හරිමින් පැමිණෙන ඔහු සැබැවින්ම කඩවසම්ය . නිවේතා මුවග රැඳුණු සිනහව ඇතිව ඔහු දෙස බලා උන්නාය.."ගුඩ් මෝනින් නිවී.ලෑස්ති වෙලා නේද ඉන්නේ පොඩි ගමනක් යන්න තියෙනවා යමුකෝ".නිවේතාගේ ප්‍රශ්නාර්ථය රැඳී මුහුණ මඟහරිමින් සරෝජ් පැවසුවේ මුවගට උදාවන තෘප්තිමත් හසරැල්ල සඟවා ගනිමිනි. අලුත් සිඟිත්තා දුටුවිට නිවේතාගේ මුහුණේ ඇතිවන සතුට සහ විශ්මය දකින්නට ඔහු බෙහෙවින් ආශා කළේය .."අ.පි කො..හෙද මේ ය..න්නේ?".මඳ දුරක් රිය ගමන් ඇරඹූ පසු නිවේතා සිය යාබද අසුනේ හිඳගෙන සිටින සරෝජ් වෙතින් විමසුවාය.ඔහු ඇයට පිළිතුරු නොදී මඳ සිනහවක් පා සිය සුරත ඇයගේ හිස මත තබා සෙමින් සෙලවීය.."යමුකො. තව ටිකයි නේ. ඔයාට බඩුවක් පෙන්නන්න තියෙනවා".සරෝජ් හිරිපිටියගේ මුවෙහි මැරෙන ඒ සොඳුරු සිනහව දෙස නිවේතා මොහොතක් බලා උන්නාය.පෙරදා රාත්‍රියේ සිදුවූ කතාබහ සම්පූර්ණයෙන්ම අමතක කලා සේ හැසිරෙන මොහු නම් පුදුමාකාර පුද්ගලයෙකි..කොළඹට තදාසන්න වූ පෞද්ගලික රෝහලක් වෙත සිය රථය හැර වෙන මොහොතේදීත් සරෝජ් හිරිපිටිය කල්පනාවක නියැලෙමින් සිටියේය. නිවේතා ඔහුගේ කල්පනාවට කිසිසේත්ම බාධාවක් නොකරමින් බලා උන්නාය.පෞද්ගලික රෝහලට රිය ඇතුළත් වුවද නිවේතා සරෝජ් දෙස විමතියෙන් බැලුවේ මේ කුමන කාරණයකට ද යන්න සිතාගත නොහැකිවය. තමාගේ මාසික වෛද්‍ය පරීක්ෂණයට දින මේ දිනවල නොවන බව ඇය දනී. එසේ වූවා නම් චාමලී තමා දැනුවත් කරනු ඇත .."බහින්න".නිවේතාගෙ උරහිසෙන් අල්ලා ඇයව රියෙන් බිමට බස්වාගත් සරෝජ් හිරිපිටිය සංජය සමඟ එක පෙළට වැටුණේ නිවේතාගේ අතින් අල්ලා ගෙනමය. මේ වන විට අත්වාරුව නැතිව ඇයට ඇවිදින්නට හැකි වුවද පිටස්තර ස්ථානයකට යන විට ඇයගේ සිතේ ඇතිවන චකිතය හෙයින් සමබරතාවය ගිලිහී යන බව සරෝජ් හිරිපිටිය දැන උන්නේය .එහෙයින් සාමාන්‍යයෙන් ඇය පිටතට යන විටෙක චාමලී හෝ හසිත සමගින් සරෝජ් ඇයව අල්ලා ගැනීමට පෙළඹුණහ..සරෝජ් හිරිපිටිය නිවේතා සමගින් දෙවන මහලේ වූ කාමරයකට ඇතුළත් වූයේ ඇයගේ අතින් ද අල්ලාගෙනමය .රෝහල් සයනයෙහි මදක් එසවී සිය කිරිකැටියාට කිරි දෙමින් සිටින මානවී දුටුවිට නිවේතාගේ ඇස් විසල් විය .."අ.නේ චූ..ටි දු.ව".නිවේතාට කෑ ගැසුණේ ඉන්නා තැන ගැනවත් අවබෝධයක් නැති ආකාරයෙනි .මානවී විඩාබර ගතින් වුවද අම්මා දුටුමතින් සිනාසුනේ ඇස් වලින් ගලාහැලෙන්නාවූ කඳුලට ද ඉඩ දෙමිනි .නිවේතා දෑතින්ම මුව වසාගෙන ඉකි ගසමින් හඬන්නට වූයේ සරෝජ්ගේ ගතට බරවෙමිනි.."අනේ අනේ මේ ආත්තම්මා අඬන්න ගත්තනෙ. surprise එකක් උනාම ඔහොම අඬනවද කියන්න. චූටි පුතාව බලන්නකො නාඬා".සරෝජ් හිරිපිටිය නිවේතා මානවීගේ සයනය අසලට කැඳවාගෙන ආවේ ඇය හඬා වැටෙද්දීමය.."කෝ මෙතනින් ඉදගන්නකෝ".අසල වූ සැපපහසු පුටුවක් ඇය වෙතට ලං කර ඇය එහි ඉන්දවූ සරෝජ් හිරිපිටිය හෙදිය අමතා කුඩා බිළිදා නිවේතාගේ අතට දෙන මෙන් ඉල්ලා සිටියේය ..රෙදි කඩක පරිස්සමින් ඔතා කොට්ටයක් මත තබා බිළිඳු පුතු දෝතට වඩිනා විටද නිවේතා උන්නේ ආදරයේ මේ සුන්දර මොහොත දරාගන්නට අපහසුව හඬමිනි..මල් පෙත්තක් බඳු කිරි කැටි අත් පා විටින් විට සිප ගනිමින් කුඩා බිළිඳු පුතු දෙස නිවේතා බලා උන්නේ හිතේ උතුරා යන ආදරය දරාගත නොහැකිවය. මානවී ගේ මේ බිලිදු අවදිය නිවේතාට යහපත් සිහි කල්පනාවක් නොවූ හෙයින් මතකයේ ඇත්තේම නැත. ඉතා කුඩා කාලයේ දී මානවී හැදී වැඩුණේ මානසික රෝහලේ සෞඛ්‍ය කාර්යය මණ්ඩලය අතේය.එවකට නිවේතාගේ යහපත් මානසික තත්ත්වයක් නොවූ හෙයින් ඇය මානවී සම්බන්ධව කිසිදු දයාර්ද බැල්මකින් බැලුවේද නැත. ඇය අතින් දරුවාට අනතුරක් වේයැයි බියෙන් නිතරම සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ කවුරුන් හෝ දරුවා සහ ඇය අතර සිටි නිසා දරුවා සහ අම්මා අතර සැමවිටම දුරස්ථභාවයක් එවකට ඇතිවී තිබුණි..ඉතින් නිවේතා මේ හා හා පුරා කියා දකින්නේ අලුත උපන් කුඩා මුනුපුරුගේ මොළකැටි බවයි .මුවගට වදනක් හෝ නගා ගත නොහැකිව ඇය දරුවාගේ අත්පා සෙමින් සෙමින් සිප ගත්තාය.."දැන් බබාව දෙන්න.එයාව ඩොක්ටර් බලන්න තියෙනවනේ".ටික වේලාවකට පසු හෙද නිලධාරිනිය නිවේතා අතින් දරුවා ප්‍රවේශමෙන් රැගෙන කුඩා තොටිල්ලේ තැබුවාය.නිවේතාගේ ශරීර උණුසුමෙන් මිදුණු වහාම කුඩා බිලිඳා මහ හඬින් හඬා වැටෙන්නට විය.."අන්න දැක්කද ඒ පුංචි වෙලාවටත් අත්තම්මට හුරුවෙලා".සරෝජ් හිරිපිටිය සිනහසෙමින් පැවසුවේය .ඔහුගේ සිතද තිබුණේ ආසාවෙන් සහ ආදරයෙන් උතුරා යමිනි.මානවී කුඩාම කාලයේදී ඇයව බලන්නට මානසික රෝහලට කීය වාරයන් සරෝජ්ට සිහිවීය. ඒ ගමන්වාර වල දී පවා මානවී සරෝජ්ගේ අතින් ඉවතට ගන්නා හැම මොහොතකදීම හඬා වැටුණේද මේ ආකාරයටමය..ඉන්පසු නිවේතාහට මානවි වෙතට යාමට නැගිට ගැනීමට සරෝජ් උදව් කළේ ඇයගේ එකම බැල්මකින් ඒ අවශ්‍යතාවය හදුනාගෙනය.."ඇ.යි ම..ට නො.කිව්වේ?".සරෝජ් දෙසද නෝක්කාඩු බැල්මකින් බලමින් නිවේතා මානවීගේ හිස පිරිමදිමින් නළල සිප ගත්තාය .."හිටපු ගමන්නේ අම්මි වෝට බෑග් එක කැඩුනේ .ඒ වෙලාවේ හසී කලබල වුණා .ඉතින් අංකල්ට කතා කරගෙන හොස්පිටල් එකට ගෙනිච්චේ අම්මි ඒ වෙලාවේ කලබල කරලා බැරි නිසයි".මානවී අම්මාගේ අතින් අල්ලාගෙනම පැවසුවාය .."ඒ උ.නා.ට මට කි.යන්න ති.බ්.බනේ?".නිවේතා සරෝජ් හිරිපිටිය දෙසට රැව්ම් බැල්මක් පා කළාය.සරෝජ් හිරිපිටිය දෑතින්ම සිය දෙකන් අල්ලාගෙන හිස මදක් ඇලයට පා "සොරී" කීවේය..42..ඉතින් කිරිසුවඳ මුලු නිවසම පුරා උතුරායන්නට විය.දෙදිනකට පසු මානවී හසිත සමගින් සුපුරුදු ලෙස හසිතගේ මහගෙදරටම බිළිඳු පුතු සමගින් රෝහලෙන් නික්ම ගියාය. නිවේතා දිනපතා උදෑසන සරෝජ් හෝ සංජය විසින් චාමලීද සමගින් හසිතගේ මහගෙදරට ඇරලවනු ලදුව හැන්දෑවට ආපසු කැඳවාගෙන ආවාය. රාත්‍රී කාලයද මානවී ලඟ නවතින්නට තරම් නිවේතාට හැකිකමක් නොවන බව ඇයට වටහා දෙන්නට අපහසු නොවීය. අනෙක් අතට රටේ පවතින වර්තමාන සෞඛ්‍ය වාතාවරණය හෙයින් බිලිඳු පුතු රැකගැනීමේ වගකීම සියල්ලන්ගේම සිත්වල තිබුණි..සිරිත් පරිදි කටකතාවල උණුසුම මැකීයන්නට රටේ තවත් දහසක් ප්‍රවෘත්ති එක රැයින් ඉපදී තිබුණි. එහෙත් සරෝජ් හිරිපිටිය ප්‍රසිද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවක් අතරේදී මාධ්‍යයකින් නැගූ ඒ සම්බන්ධ පැනයට සිනහාවෙමින් පිළිතුරු දුන්නේය.."නිවේතා කියන්නේ මගේ ප්‍රථම ප්‍රේමය.ඇයත් මාත් වෙන්වෙලා අවුරුදු විස්සකින් වගේ මේ නැවත හමුවුණේ.ඉතින් ඒකට අනියම් ලේබලයක් ගහලා රටම කැළඹවූ අයට මම ස්තුති වන්ත වෙනවා. ප්‍රේමයක් ආදරයක් නොහඳුනන බල ලෝබයෙන් පෙළෙන අන්න ඒ වගේ අයට හෙට දවසේ ඔබට සේවයක් කරන්න පුළුවන් වෙයිද කියන එක තීරණයත් ඔබට බාරයි.".සරෝජ් හිරිපිටිය ගේ නිවී සැනසුණ එවදන් රූපවාහිනිය ඔස්සේ නිවේතාද බලා උන්නාය.ඔහු සිත තුළ කිසිදු චකිතයක් නොමැත.මුවෙහි පවත්නා සිනහවද අව්‍යාජය.ඉතින් තමා අනවශ්‍ය අන්දමට කලබල විය යුතු නොවේ..මානවීගේ සිඟිති පුතු බලන්නට මානවඩු යුවල පැමිණියේ මාස තුනක් පමණ ගතවූ පසුය.ඔවුන් නිවේතාහට හමුවන්නේ මුල්ම වතාවට හෙයින් මඳ චකිතයක් ඇය සිතේ ඉබේටම ඇතිවෙමින් තිබුණි.එහෙත් මානවඩු යුවළ නිවේතාහට දැක්වූයේ උණුසුම් හැඟීමැති පිළිගැනීමකි.."දුවව දකින්න අපි දෙන්නම උන්නේ හුඟක් ආසාවෙන්.පහුගිය කාලේ ගොඩාක් කරදර වුන බව අපි දැනගත්තට එන්න වුණේ නැහැ මේ කොරෝනා නිසා. චූටි පුතාට මාස තුනක් ඉවර වෙනකන් අමාරුවෙන් හිටියේ බලලා යන්න එන්න".සුභාෂීණීගේ මව පැවසූයේ කිසිත් කහටක් නැති හැඟීමෙන් නිවේතාගේ දෝතින්ම අල්ලාගෙනය. නිවේතා ආයාසයෙන් මුවගට සිනහවක් නගාගත්තාය. කතාබහ සතුටු සාමීචි අවසන්ව නිවසින් නික්ම යන්නට පෙර නිවේතා හමුවට පැමිණි සුභාෂිණීගේ මව නිවේතා සමගින් යළි කතාබහට එක්වූවාය.."දුව අපිත් දැන් වයසයි. අපේ දුව ඔයත් අතර මට වෙනසක් නැහැ.සරෝජ් පුතා කියන්නේ දාහකින් හොයාගන්න බැරි හොඳම මනුස්සයෙක්.ඒ නිසා ඔයාල දෙන්නා එකතු වෙනවා නම් සුභාගේ තාත්තයි මායි දෙන්නම හරිම කැමතියි .සුභාගේ ආත්මයට වුණත් සැනසීමක් ලැබෙන්නේ සරෝජ් සතුටින් හිටියොත් විතරයි.මේ නිසා ජීවිතේ ගැන හොඳ තීරණයක් ගන්න දුව".නිවේතාගේ සිත වික්ෂිප්තයට පත් වූයේ මෙවන් පරාර්ථකාමී මිනිසුන් තවමත් ලෝකයේ ඇත්දැයි හිතාගන්නට නොහැකිවය. තමන්ගේ පවුලේ අය පමණක් නොව සුභාගේ පවුලේ අය පවා බලාපොරොත්තු වන්නේ තමා සමගින් සරෝජ් හිරිපිටියගේ එක්වීමය.නිවේතා සිය ඇතුළාන්තයට මොහොතක් එබී බලන්නට වූවාය..සරෝජ් හිරිපිටිය සිය ජීවිතයට එක්වූ ආකාරය මෙන්ම තමා ඔහුගේ ජීවිතයෙන් නික්ම ගිය ආකාරය සිතුවම් පටයක් සේ නෙත්මානයේ දිගහැරෙනා විට නිවේතා අතීත මතක අතරේ දෑස් වසාගෙනම සැරිසැරුවාය..සරෝජ් හිරිපිටිය සුභාෂිනීගේ මව්පියන් නික්ම ගිය පසු නිවේතා කොහිදැයි සොයමින් ගෙතුළට පැමිණෙන විටද නිවේතා උන්නේ ඒ අතීත මතක ඔස්සේ බොහෝ දුරක ගොස් තනිවෙමිනි.සරෝජ් මඳක් මෑතට වී ඇයගේ වත දෙස බලාඋන්නේය.ඇය වත දෑස් පියව ඇතද මනසින් අවදිව සිටිනා බව ඔහු වටහා ගත්තේය.මඳ මුදු සිනහාවකින් විකසිතව යන ඇය වත අතීතයේ සේම පිරුණු හැඟීමක් සිතට ගෙන එයි.සිය පපුව හරහා දෑත් බැඳ ගෙන ඇය වත වූ අසිරිය නරඹමින් සරෝජ් බලා උන්නේය..නිවේතා පියවි ලොවට ආවේ කවුරුන් හෝ තමා දෙස බලා සිටිනා බව ඉවෙන් මෙන් හැඟීය. හිස එක්වරම හරවා බැලූ විට තමාට මද දුරකින් තමා දෙස බලාගෙන නිසොල්මනේ සිටිනා සරෝජ් හිරිපිටිය දැක ඇය තිගැස්සී ගියාය.."කොහේ සංචාරයකටද ගිහින් උන්නේ ?".සරෝජ් සිනහසෙමින් විත් ඇයට සෝපාවේ යාබදව හිඳ ගත්තේය.නිවේතා හොරයක් අසුවූවාසේ මඳ සිනහවක් පෑවේ ඉවතටය.."සුභාගේ අම්මල මොනවද කිව්වෙ?".සරෝජ් ඇසුවේ තමාදෙස නෙත්කොණෙන් බලමින් සිටිනා නිවේතාගෙනි.."මො..කුත් නැ.හැ.".නිවේතාගේ වත ලා රත්පැහැයකට හැරෙනු ඔහු දුටුවේය.."ඇයි බොරු කියන්නෙ.ඔයාට කියපු ටික මටත් කියලා තමයි සුභාගේ අම්මලා ඔයාව හම්බවෙන්න ආවේ".සරෝජ්ගේ එවදන් හමුවේ නිවේතා මුණිවත රැක්කාය.."නිවී".සරෝජ් නිවේතා දෙස මොහොතක් බලා උන්නේ ආදරණීය බැල්ම නොඅඩුවම ඇස දවටාගෙනය.."මොනව හරි කියන්න තියේ වගේ පේනවා ඔයාගෙ මූණෙන්".නිවේතා ඇසට පිරී එන කඳුලු වලකාගනිමින් සරෝජ් දෙස බැලුවාය.එදා මෙන්ම නොවෙනස්ම ආදරණීය ඒ බැල්ම තවමත් ඒ වතෙහි නොඅඩුව දිස්වේ.නිවේතා එකවනම ඔහු වෙතට ඇදීවිත් සිය හිස ඔහු ළයට තෙරපා ගෙන දෑස තදකොට පියාගත්තාය.සරෝජ් ගේ වතෙහි ඒ මොහොතේ පිපුනු සිනහව කෙතරම් සොඳුරු දැයි නිවේතා දෑස් පියා උන් හෙයින් දුටුවේ නැත .."කෙල්ලෙ, අපි බඳිමු හෙටම?".සරෝජ් නිවේතාගේ හිස පිරිමදිමින් පැවසුවේය.නිවේතා කිසිත් නොකියා හිස වැනුවේ ඒ මොහොත සිතට ගෙන ආ සුවදායී හැඟීම අහිමිකරගන්නට අකමැති වූ හෙයිනි.."ඔලුව වනන්නෙ හා කියන්නද බෑ කියන්නද ඔය.කෝ මට පේන්නෙ නෑනෙ".සරෝජ් ඇයගේ හිස දෝතට ගත්තේ එසේ අසමිනි.නිවේතා කෝලබවින් යුතුව හිනැහුණාය.."නිවී, අහන්න . මට ඔයාව බඳින්න ඕනේ රටේ ලෝකේ උන්ගෙ කතාවලට බයේවත් ඔයා ආපහු මාව දාල යයි කියලවත් නෙවෙයි. අනෙක මෙච්චර කාලයක් ගිහිල්ලා ඔයාව නීතියකින් බැඳලා හිරකරගන්න හදනවත් නෙවෙයි. ඒත් මට ඔයාගේ ගෞරවය රකින්න ඕනෙ. මේ තරම් කලක් නොඅහපු කතන්දර අපි ඇයි අහන්නෙ නිරපරාදේ ".සරෝජ් ඇයගේ නලලත සිපුමක් තබමින් පැවසුවේ ආදරයෙනි. මේ සා සියල්ල සිදුවීත් ඔහු තවමත් සිතන්නේ තමා ගැනමය.තම ගෞරවය ගැනමය.."යමු පැට්ටා බලල එන්න".සරෝජ් නිවේතා අත්දෙකින් අල්ලා නැගිටුවා ගත්තේය.නිවේතා උන්නේ කවදාවත් නැති තරමේ සැනසීමකිනි. එකිනෙකා අත වෙලී අම්මා සහ සරෝජ් අංකල් කාමරයට එනු දුටු මුල්ම මොහොතේම මානවීගේ සිතට අමුත්තක් වැටහුණි..ටොම් ඇන්ඩ් ජෙරී නිකම් ශිශිරතාරක නින්දට වැටුණ හිම වලස් ජෝඩුවක් වගේ තැන්පත් ස්වභාවයක් අරන් මොකෝ මේ...ඇය යටිසිතෙන් සිනාවෙමින් සිතුවාය.මොහොතකට පෙර කෑම රැගෙන ආ හසිත නානකාමරයේය.මානවී අත උන් බිලිඳු පුතු තොටිල්ලේ තැබුවාය..සරෝජ් නිවේතාද සමගින් කුඩා සෝපාවේ ඉඳගත්තේය.වෙනදා සේ කලබල දඟ නැති රැවුම් එරවුම් නැති අම්මා දෙස මානවී බලාඋන්නේ විශ්මය රැඳි දෑසිනි.."ආ හසිත ඔයත් ඉන්න එක හොඳයි .මම මේ පොඩි ඉන්විටේශන් එකක් දෙන්න ආවේ".සරෝජ් නානකාමරයෙන් පිටතට ආ හසිතට පැවසුවේ මානවී දෙසද හොරෙන් බලමිනි.."ඉන්විටේශන් එකක් ? මොකක්ද අංකල් ෆන්ක්ශන් එක?".මුහුණ තුවායෙන් තෙතමාත්තු කරමින් පැමිණි හසිත ඇසුවේ විමතියෙනි.."අපි හෙට බඳිනවා. ඒක තමා ෆන්ක්ශන් එක".මානවීගේ සහ නිවේතාගේ මුව විවර වූයේ එකම මොහොතේය.හසිතගේ සිනහව මහහඬින් පිටවෙද්දී ඔහු දෑතින්ම මුව වසා ගත්තේ දරුවා ඇහැරේ යයි බියෙනි.නිවේතා සරෝජ්ගේ පසට හැරුණේ මේ ඇසුණ දෙයට හේතු අසන්නාක් මෙනි.."හෙ . ට?".නිවේතා ඇසුවේ ඔහු වතට එබෙමිනි.."ඔව් හෙට..අනිද්දා වෙනකල් ඉන්න බෑ .ඔයා හිත හදාගත්ත වෙලාවේ මේක නොකලොත් අනිද්දා වෙද්දි ආයෙ වෙනස්වෙන්න බැරි නෑනෙ".සරෝජ් ස්ථීරවම කියාඋන්නේය.."අම්මි...අම්මී....ඒ කියන්නේ ෆයිනලි ඔයා අංකල්ට හා කිව්වා එහෙනම්".මානවී සතුටින් සිනහාවෙමින් අම්මාගේ කොපුල් සිප ගත්තාය.නිවේතා යමක් ප්‍රකාශ කරන්නට තැත් දැරුවද මානවී හෝ අන්කිසිවෙකු එය වගකට ගත්තේ නැත.."දැන් ඉතින් බොරුවට කුරුකුරු ගන්න එපා. අනේ ඒවුනාට අංකල් හෙට කොහොමද ඒක කරන්නේ .අනේ පොඩි ෆන්ක්ශන් එකක්වත් ගන්න prepare වෙන්න කාලය මදි නේ".මානවී නෝක්කාඩු බසින් කියන්නට පටන් ගත්තේ ඇයට සිතේ තිබූ ආකාරයට කුඩා උත්සවයක් ගැනීමේ අවශ්‍යතාවය තිබූ හෙයිනි.."හරි ඔයා ඕගනයිස් කරන්නකෝ තව පැය තියෙනවනේ විසි හතරක්ම.සංජය, චාමලී ඉන්නවා අනිත් අයත් ඉන්නවා ඒ අය ඕන පිළිවෙළට උදව් කරාවි ඔයාට ඕන විදියකට කරන්න".නිවේතා ඔහුගේ අතින් අදිමින් මේ කරන්නට යන දේ වළක්වන්නට තැත් දැරුවද සරෝජ් ඇයගේ උරහිස වටා සිය අතක් යවා සිය ගතට ළං කොටගෙනම මානවීට සිය අභිමතයට අනුව ක්‍රියා කරන්නට අවසර දුන්නේය.."පි.ස්.සුද අනේ ඔ.යා.ලට..ඕවා එපා අ.නේ".නිවේතා සැමදාම බිය වූයේ සමාජයටය.මේ මොහොතේදීත් ඇය එකෙළ මෙකෙළ වන්නේ ඒ නිසාම බව සරෝජ් මෙන්ම මානවීද වටහාගත්තෝය.."අම්මි දැන්වත් ඔයා ඔයාගේ සතුට ගැන හිතන්න.හැමදාමත් ඔයා සතුට කියන තැනින් පලා ගියේ අනිත් මිනිස්සුන්ගේ ගැන හිත හිත.දැන් ඉඳලවත් ඔයා සන්තෝසෙන් ඉන්න අම්මි".මානවී අම්මාගේ ගතට තුරුළුව ඇය සිපගනිමින් පැවසුවාය..******************************************************.අවසන් කොටසින් ඉක්මනින් හමුවෙමු.කිත්මා වාසනා දහනායක.(විසිරි සිහින ).Posted by විසිරි සිහින at 4:42 AM 8 comments:.Email ThisBlogThis!Share to TwitterShare to FacebookShare to Pinterest.Labels: හසරැල් සැලුණාවේ (නවකතාව ).Thursday, June 2, 2022.21. විසි එක්වෙනි කොටස ( හසරැල් සැලුනාවේ )..නිවසට පැමිණ මොහොතේ පටන් සරෝජ් හිරිපිටිය තමා හට මුහුණ නොදුන් බව නිවේතාට හොඳින් වැටහුනි.කෙතරම් කාර්ය බහුල ජීවිතයක් ගත කළ ද සැන්දෑවේ හෝ රාත්‍රියේ නිවසට පැමිණි වහාම තමා සමගින් වචනයක් හෝ දෙකක් කතා කරන්නට සරෝජ් කිසිවිටක අමතක කළේ නැත..මානවී සහ හසිත නිවසේ සිටීනම් ඔවුන් සමඟද වචනයක් හෝ දෙකක් කතා කර මිසක ඔහු සිය කාමරයට නොගියේය.එහෙත් අද දවසේ ඔහු පැමිණියේ ඉතා වේගවත් ගමනකිනි.රියෙන් බැස තමා දෙසවත් නොබලා වහ වහා පඩි පෙළ නැග කාමරයට වැදුනු ඔහු දොර වසා ගත්තේ ද මහහඬිනි.නිවේතා චාමලීගේ මුහුණ දෙස බැලුවේ ඇයද විශ්මයාර්ථ බැල්මකින් නිවේතා දෙස බැලූ ඇසිල්ලේමය..සරෝජ් හිරිපිටිය රියෙන් බැස ගෙතුළට වදින මොහොතේදී සංජය ඉදිරිපස අසුනෙන් බැස නිවේතා සිටි දෙසට ඇවිද ආවේය.නිවේතා ඔහුගේ හැසිරීම හේතුවෙන් සිටින්නේ බෙහෙවින් කලබල වී බව සංජයට වැටහුනි.."මැඩම් ඔෆිස් එකේ පොඩි ප්‍රශ්නයක් වෙලා වෙලායි ආවේ.දන්නවනේ ඉලෙක්ෂන් එකට කිට්ටු නිසා එක එක ප්‍රශ්න .පොඩ්ඩක් කාම්ඩවුන් වෙන්න දෙන්න. මොකුත් අහන්න යන්න එපා".සංජය එසේ කීවද ඔහු සඟවන්නා වූ කුමක් හෝ දෙයක් වේ යැයි ඇයට වැටහුණි.එහෙත් හාරාවුස්සා බලන්නට තරම් තමාහට අයිතියක් ඇත්තේ ද නැත.අනෙක් අතට පාර්ලිමේන්තුවේ ගැටලු යනු තමාගේ විෂය සීමාවට හෝ තමාගේ දැනුම් සීමාවට අයත් දේවල් නොවේ.නිවේතා සුසුමක් හෙලා චාමලීහට පැවසුවේ තමා කාමරයට ඇරලවන ලෙසය..අනෙකුත් දිනවල සැන්දෑයාමේ වනතුරු මිදුලි එහෙමෙහෙ සැරිසරන නිවේතාගේ සිත අද තරමක් දුරට කලබල වී ඇති බව චාමලීටද වැටහුනි.ඇය එහෙයින් මුනිවත රකිමින් නිවේතා කාමරය වෙත රැගෙන ගියාය..රාත්‍රී ආහාරයට බත් කාමරයෙන් පිටතට නො පැමිණි සරෝජ් හිරිපිටිය නිවේතාට තනිවම ආහාර ගන්නා ලෙස චාමලී හරහා කියා එවා තිබුණි.ඔහුගේ මේ වෙනස බෙහෙවින්ම හිතඔද්දල් කරවමින් තිබුණද නිවේතා සිය හැඟීම් හැකිතාක් දුරට මැඩ ගත්තාය.උඩින් පල්ලෙන් බත් කටක් දෙකක් කා ඇයද යළිත් කාමරයට වැදුනේ හුදෙකලා වීමේ අභිලාෂය ඇතිවය..ඒ මොහොතේ සරෝජ් හිරිපිටිය සිය කාමරයේ සිටියේ බෙහෙවින් නොසන්සුන්වය. රියෙන් බැස එන තුරුම ඔහුගේ සිතේ වූයේ අතිමහත් කෝපයකි.ඒ එන අතරතුරදී ද සිය දෑත් එකට මිටමොලවා ගනිමින් ආවේගය පාලනය කරන්නට තැත් දැරුවද ඔහුගේ සිතෙහි වූයේ මැඩගත නුහුණු දැඩි කෝපයක් සහ වේදනාවකි..තම ජීවිතයේ බෙහෙවින් ආදරය කළ ගැහැණුන් දෙදෙනාටම මේ නොගැලපෙන කතාව නිසා සිදුවන්නේ ඉමහත් ලැජ්ජාවකි. සුභාෂිණී මේ කිසිවක් නොදන්නී ජීවිතයෙන් සමුගෙන කොහේ හෝ ලෝකයක සැනසුමෙන් සිටිනවා ඇත. එහෙත් ඇය මුළු ජීවිත කාලයක් පුරා පවත්වාගෙන ආ ගෞරවණීය ජීවන රටාවට පලුද්දක් නොවිය යුතුය.ජීවත්ව සිටින්නා වූ කාලයේදී සරෝජනී කිසිම විටක තමාගේ හෝ ඇයගේ ආත්ම ගෞරවය බිඳ වැටෙන්නට කිසිවක් නොකළාය.ඇය හදිසි අනතුරකින් මිය ගියද එහිදී ඇයගේ ගෞරවය බිඳී යන අන්දමේ කිසිම චෝදනාවක් නොලබන්නට සමත් වූවාය.ඉතින් දැන් මෙසේ වන විට ජීවත්ව සිටින තමාට නිවේතාට මෙන්ම මිය ගිය ඇයට ද සිදුවන්නේ අති මහත් ලජ්ජාවකි. කැළලකි..අනෙක් අතට ජීවිත කාලයක් තිස්සේ දුක් විඳි නිවේතා මේ කිසිවක් දන්නේ නැත.ඇය කෙරෙහි තම සිතේ ඇත්තේ අතිමහත් ප්‍රේමයක් වුවද මේ වන විටත් තමන් දෙදෙනා අතර සිප ගැනීමක් හෝ හුවමාරු වී නොමැත.ඉතින් මෙවැනි කතාවක් ලෝකය හමුවේ නිරාවරණය වන විට නිවේතා යළිත් මානසිකව කඩා වැටීම නවතාලිය හැකි දැයි සරෝජ් වේදනාවෙන් කල්පනා කළේය..මේ වියවුල මැද්දේ නිවසට එනවිට මිදුලේ කෙළවරක වූ අසුනේ හිඳගෙන උන් නිවේතා ඔහුගේ ඇසට හසු වූයේද නැත.කාමරයට වැදී සිය ආවේගය මැකී යන සේ දොර තදින් වසා ගත් පසුවද, කාමරය පුරා ඒ මේ අත වේගයෙන් ඇවිදිමින් තමන්ගේ ආවේගය පාලනය වන තුරු කියෙව්වද ඔහුගේ සිතට ඒ මොහොතේ නිවේතා පහළ ඇති බව සිහිපත් වූයේවත් නැත..රාත්‍රී ආහාරය පවා පිළිකෙව් කළ ඔහු තරමක් දුරට රාත්‍රී වන විට සිත සංසුන් කර ගනිමින් උන්නේය.."සර් අර නිවුස් ටික මම හැම සයිට් එකටම කතා කරලා අයින් කරලා දැම්මා.ඒ වගේම TCR යුනිට් එකටත් කතා කරලා complain එකකුත් දැම්මා.අපි ටිකක් කාම් ඩවුන් වෙලා පොඩ්ඩක් බලාගෙන ඉම්මු මෙතෙන්දි මොකද වෙන්නේ කියලා".සංජය රෑ බෝවී ඇමතුමක් දෙමින් සරෝජ් හිරිපිටියහට පැවසුවේය. ඔහු සම්පූර්ණ හවස් භාගයම ගත කළේ මේ සිද්ධියේ අලගිය, මුලගිය තැන් සෙවීමටය. සරෝජ් හිරිපිටිය මද සැනසුම් සුසුමක් හෙලුවේ නිවේතාගේ සිතට මෙය අනවශ්‍ය බරක් විය නොයුතු බැවිනි..වේලාව රාත්‍රී දහය පමණ වන්නට ඇත.මේ වන විටත් නිවේතා නිදි නොමැතිව ඇති බව සරෝජ් අනුමාන කළේය.මුළුතැන්ගෙයට ඇමතුමක් යවා ඇයට සහ තමාට කෝපි බඳුන් දෙකක් සාදා චාමලී අත එවන මෙන් පැවසූ සරෝජ් හිරිපිටිය නිවේතා හමුවන්නට පියගැටපෙළ බැස ඇයගේ කාමරය වෙත ආවේය.තමාගේ සිතිවිල්ල නිවැරදි කරමින් නිවේතා සිටියේ කාමරයේ බැල්කනිය අසල හාන්සි පුටුවේ සිට ඈත පෙනෙන වෙල් යාය දෙස බලාගෙනය.."නිවී ඇයි මෙතනට වෙලා .මේ රෑ වුණාම හුළඟ සීතලයි.නිදාගන්නෙ නැද්ද ?".සරෝජ් හිරිපිටිය ඇයට යාබද අසලට බර වූයේ එසේ අසා ගෙනමය.නිවේතාගේ මුහුණ වූයේ දැඩි අඳුරකි.එයට හේතුව මේ යැයි නිශ්චය කරගත නොහැකි වුවද දිවා කල තමා පෙලූ ගැටලුව නම් ඇයට අනාවරණය වී නොමැති බව සරෝජ් හිරපිටියට සියයට දෙසීයක් විශ්වාස විය..නිවේතා දිගින් දිගටම මුනිවත රකිමින් නිහඬවම වෙල් එළියට උඩින් අහසේ පායා ඇති තරු දෙස බලා ගෙන උන්නාය."නිවී වට් ඉස් ද ප්‍රොබ්ලම්, ඔයාට සනීප නැද්ද ?එහෙම නැත්තං ඇඟට අමාරුද?".සරෝජ් අතක් දිගු කොට ඇයගේ නලලතට තබමින් ඇසුවේය .නිවේතා මෙතුවක් වෙලා තද කොට ගෙන සිටි වේදනාව ඉවුරු තලා යන්නට විය ඇය ඉකි ගසමින් හඬන්නට වූවාය.."මොකද මේ ?මොකක්ද ප්‍රශ්නේ? මට තේරෙන්නේ නෑ. ඇයි මේ අඬන්නේ".සරෝජ් හිරිපිටිය සිය අසුන ද ඇදගෙනම ඇය වෙතට පැමිණියේය.නිවේතා හිස දෙපසට වනමින් කිසිවක් කතා නොකර හඬන්නට වූවාය ..මේ අතරතුර චාමලී ඔවුන් දෙදෙනාගේ කෝපි බඳුන් දෙක ද රැගෙන ආවාය .."චාමලී, මොකක්ද මේ මැඩම්ට වෙලා තියෙන්නේ? ඇයි අසනීපයක්ද? එහෙම නැත්තම් මොකුත් ප්‍රශ්නයක්ද ? කොච්චර ඇහුවත් කියන්නේ නැහැනේ අඬා වැටෙනවා මිසක".සරෝජ් හිරිපිටිය මදක් තද ස්වරයෙන් චාමලී වෙතින් ඇසුවේය .."එහෙම ප්‍රශ්නයක් නම් වුණේ නැහැ සර්. ඒ උනාට අද සර් ගෙදරට ආවේ අමුතු වෙලා නේ. මැඩම් මේ වෙලාවේ මිදුලෙ හිටියේ.සර් මැඩම් එක කතා කරේ නැතුව උඩට යනකොට මැඩම්ට ඇත්තටම දුක හිතෙන්න ඇති".චාමලී තමා තේරුම් ගත් ප්‍රමාණය ඔහු වෙත ප්‍රකාශ කර සිටියේය."ඒකද ප්‍රශ්නේ නිවී. ඇත්ත කියන්න".සරෝජ් නිවේතාගේ අතකින් අල්ලාගෙන ඇසුවේය.තමාගේ කුඩා වෙනසක් මේ අන්දමේ තදින් සිතට ගන්නා ඇය හා තමා අතර ඇති බැඳියාව කෙතරම් දුරක් යායුතු දැයි යන්න දැන් තමාටද ප්‍රශ්නයකි. මේ වර්තමානයේ ඇතිවී ඇති කටකතා සියල්ලටම විසඳුමක් ලෙස ඇය හා කතා කළ යුතුව ඇති බව සරෝජ් හිරිපිටිය අවබෝධ කොට ගත්තේය.."එහෙනම් චාමලී ඔයා යන්න නිදාගන්න. මම මැඩම් එක්ක තව ටිකක් කතා කරල එන්නම්".චාමලී හිස වනා කාමරයෙන් පිටවී ගියාය.."නිවී අද ඇත්තටම පොඩි ප්‍රශ්නයක් වුණා. මේක ඔයත් එක්ක මං කතා කරන්නට ඕනේ.හැබැයි කලබලවෙන්න වත් අඩන්නවත් බැහැ තේරුණාද?".සරෝජ් හිරිපිටිය නිවේතාගේ අතකින් අල්ලා ගනිමින් පැවසුවේ දීර්ඝ කතාවකට මුල පුරමිනි . ඇයගේ විසල් වී යන දෑස් දෙස බලා මොහොතක් ඔහු සිනාවෙන්නට තැත්දැරුවේය..පෙර දවසක දී මෙන්ම යම් කිසි දෙයක් කියන්නට යන විට විශාල වන ඒ දෑස් අදද එක ලෙසම සුන්දරය.සරෝජ් කතාව ආරම්භ කරමින්ම ඔහුගේ අතකින් නිවේතාගේ මුහුණට වැටී තිබූ කෙහෙරැල්ලක් කන පිටුපසට කොට සඟවා තැබුවේය.."කියන්නත් කලින් බය වෙලානේ. ඉතින් කොහොමද දෙයක් කතා කරන්නේ".සරෝජ් හිරිපිටිය පානය කොට අවසන් කළ කෝපි බඳුන් දෙක තරමක් ඈතින් තබමින් පැවසුවේය.."නිවී, ජීවිතයේ ප්‍රශ්න කියන දේවල් අපිට ආවේ අද ඊයේ නෙමෙයිනේ .අපි හැම දේකටම මූණ දුන්නා. සමහර තැන්වලදී අපි අපිට මිස්වුණා. සමහර තැන් වලදී අපිට ඒ දේවල්වලට කොහොමහරි මුහුණ දීලා ජීවිතේ ඉස්සරහට ගෙනියන්න සිද්ධ වුණා ..ඒත් ඒ ගමනෙදි ඔයාට මාවයි මට ඔයාවයි අතහැරුණා. නිවී,ඇත්තෙන්ම කිව්වොත් ඒ අතහැරීම වුනේ මගේ පැත්තෙන් නෙමෙයි ඔයාගේ පැත්තෙන් .ඒ හේතුව නිසාම මට සුභාෂිණී එක්ක ජීවිතය පටන් අරගෙන ඉස්සරහට යන්න සිද්ධ වුණා".සරෝජ් හිරිපිටිය පැවසුවේ කිසිම චෝදනාත්මක ස්වරයකින් නම් නොවේ .නිවේතා ඔහුගේ මුහුණ දෙස බලා සිටිමින්ම ඔහු කියන්න තේරුම් ගන්නට උත්සාහ කළාය. ඇයගේ නිහඬතාවය ගණන් නොගෙනම සරෝජ් දිගින් දිගටම කතා කරගෙන ගියේය.."සුභාෂිණීගෙන් මගේ ජීවිතයට කවදාවත් වැරැද්දක් වුණේ නැහැ. ඇත්තෙන්ම එයාව විවාහ කර ගත්තට පස්සෙ මගෙන් එයාට කිසිම වරදක් වුණෙත් නැහැ. ඒ උනාට සුභාෂිණී දැනගෙන හිටියා මගේ හිතේ ඔයා ගැන තිබුන දේවල් .අපි අතරේ කවදාවත් රහසක් තිබුණෙ නැහැ .මම මගේ හැමදේවල්ම එයාට කිව්වා ඒ වගේම එයාගෙ දේවලුත් මම හැමදේම දැනගෙන හිටියා".සරෝජ් හිරිපිටිය ගැඹුරු සුසුමක් හෙලුවේ ඒඅහිමි වීම සම්බන්ධයෙන් ඇතිවූ වේදනාව ද සමඟිනි.."අපි දෙන්නා අතර කවදාවත් රන්ඩුවක් වුනේ නැහැ ඔයා සම්බන්ධයෙන් .මම සුභාෂිණීව විවාහ කර ගත්තත් ඔයා ගැන මගේ හිතේ තිබුන ආදරය වෙනස් වෙන්නේ නැහැ කියන එක සුභාෂිණී හොඳටම දැනගෙන හිටියා .කවදාවත් ඒක එයාට ප්‍රශ්නයක් වුණෙත් නැහැ .දැන් ඉතින් කරන්න දෙයක් නැහැනේ කොහොමත් එයා අකාලයේ යන්නම ගියා".සරෝජ් හිරිපිටිය පැවසුවේ දැඩි වේදනාවෙනි. නිවේතා සිය අත මත තිබු ඔහුගේ අත සෙමින් පිරිමැද්දාය .ඔහුගේ වේදනාවට තමන්හට කළ හැකි යම් දෙයක් ඇතිදැයි ඇය නොදැන උන්නාය.එහෙත් ඔහු කිසි විටෙකත් මේ සිදු වූ කිසිම දේකට තමාට චෝදනා කරන්නේ නැතිවීමද හිතට බරකි.."ඒ සේරම දැන් අතීතයට අයිති වෙලා ඉවරයි නිවී .හැබැයි දැන් තියෙන්නෙ වෙනත් විදියක ප්‍රශ්නයක්".සරෝජ් හිරිපිටිය නිවේතා දෙස බලමින් ඇයට මේ දේවල් කිව යුතුදැයි යළිත් කල්පනා කළේය.."මොකක්ද?".නිවේතා විමසුමෙන් ප්‍රශ්න කළාය .මේ සියල්ලම ඇය දැන උන්නද අලුතෙන් මේ සම්බන්ධව ඇති වී ඇත්තේ කුමන ප්‍රශ්නයක්දැයි ඇයට සිතා ගන්නට නොහැක.සරෝජ් හිරිපිටිය නිවේතා දෙස හැරී නවතම ඇතිවූ තත්ත්වය කෙටියෙන් පැහැදිලි කළේය..නිවේතා ඉහලට ගත් හුස්ම පහළට හෙළා ගත නොහැකිව බය බිරාන්ත වී බලා උන්නාය ..මෙවන් අභූත චෝදනාවක් ඉදිරිපත් වීම ඇයට දරාගත නොහැකි විය .ඉකි ගසමින් හඬන්නට පටන් ගත් නිවේතා සනසා ගන්නට සරෝජ් හැකි හැම තැතක්ම දැරුවේය .."මෙතන අඬන්න කිසිම දෙයක් සිද්ධ වෙලා නැහැ නිවී.අපිට මේ ප්‍රශ්නයට මුහුණ දෙන්න වෙනවා මේක මහා අභූත චෝදනාවක් .ඒ හැම කතාවම නිර්නාමිකව යන දේවල් වුණත් මේකට යටින් ඉන්නේ කවුද කියන එක මට හොයාගන්න එක මහ දෙයක් නෙමෙයි"."මං නි..සා..නේ ඔ.ක්.කො..ම".නිවේතා ඒ මොහොතේ යළිත් කැඩි කැඩී යන හඬින් පවසා හඬන්නට වූවාය."මෙතන කිසිම චෝදනාවක් ඔයාට එල්ල වෙලා නැහැ. මේක තනිකරම මට ගහන මඩ ප්‍රහාරයක් විතරයි .නිවී මෙතන තියෙන්නේ ඒක නෙමෙයි .අපිට කතා කරන්න විශේෂ වැදගත් දෙයක් මෙතන තියෙනවා".සරෝජ් හිරිපිටිය පැවසුවේ ඉදිරියට කතා කළ යුතු දෙය ගැන ඇයගෙන් කුමනාකාරයේ ප්‍රතිචාරයක් ඒ දැයි සිතමිනි .නිවේතා කඳුළු ගලා යන දෑසින්ම ඔහු දෙස බලා උන්නේ ඒ කුමක්දැයි යන්න අටියෙනි.."මිනිස්සුන්ට ඕන දෙයක් කියන්න පුළුවන් එක ඒක වෙනම කතාවක් හැබැයි ඒ කතාවට අපි කිසිම වෙලාවක සැලෙන අවශ්‍ය වෙන්නේ නැහැ මොකද අපි දන්නවා අපි නිවැරදියි කියලා..නිවී දැන් අපිට අපි ගැන තීරණයක් ගන්න කාලය ඇවිල්ලයි කියලයි මම හිතන්නේ දැන් මගේ ජීවිතේ ගැන ඔයා හැමදේම දන්නවා වගේම ඔයා ගැනත් මම දන්නවා .ඔයා මේ මගේ වහල යටට ආවේ මගේ වුවමනාවට. මමයි ඔයාව මෙතනට ගෙනාවේ ඔයා ප්‍රතිකාර ගන්න ඕන නිසා. ඉතිං මේ වගේ වහලක් යට එකට ඉන්නකොට මිනිස්සුන්ගෙන් චෝදනා වල ඉලක්ක වෙන්න තියෙන ඉඩ වැඩියි තමයි"."චූටිදූටවත් හසිතටවත් ඔයාටවත් මටවත් මේ ගෙදර ඉන්න අනිත් අයට වත් ඒක කිසිම ප්‍රශ්නයක් නොවෙයි .ඒත් රටට ලෝකෙට ඒක ප්‍රශ්නයක්. හැබැයි අපි තීරණයක් ගන්ඩ ඕනේ එක එකාට බයේ නෙවෙයි. අපි ගැන ජීවිතේ අපිට උවමනාවක් තියද කියන හේතුව නිසයි".සරෝජ් හිරිපිටිය දීර්ඝව කරගෙන ගිය කතාබහ නවතා ඇය දෙස බැලුවේය.."ම..ම ආ..ප.හු ය..න්.නම්".නිවේතා පැවසුවේ ඒ මොහොතේ ඇයගේ සිතට ආ තද තීරණයයි .තමා නිසා විවිධාකාර කටකතාවලට සරෝජ් හිරිපිටිය ලක්වීමම ඇයගේ සිතට දරා දරා ගන්නට බැරි වේදනාවක් විය තමා සරෝජ් අතහැර දැමුවේ ඔහුගේ සුබසිද්ධිය තකා මිස ඔහු ගැන තම සිතේ ඇති වූ ආදරයේ අල්ප මාත්‍රයක හෝ අඩුවීමක් නිසා නොවේ ..දැනුදු මේ පැමිණ ඇත්තේ එවන් අවස්ථාවක් යැයි නිවේතාට සිතුණි. සරෝජ් හිරිපිටියගේ කීර්තිනාමය පාර්ලිමේන්තුවේ සහ රටේම පැතිර යන මොහොතක තමන් සම්බන්ධ කටකතා ඇතිවීම එයට මහත් කලු පැල්ලමක් බව ඇයට වැටහුණි .එහෙනම් ඒ ජීවිතයෙන් ඈත්ව සිටීම ඔහුගේ සුබ සිද්ධියට හේතු වනු ඇතැයි ඇය සිතුවාය..."ඔය මොළේට ඔයිට වඩා ඇත්තටම දුරදිගක් හිතෙන්නේ නැද්ද නිවී. එක වතාවකුත් මගෙන් ඈත් වෙලා මගෙන් පලා ගියේ මට හොඳක් වෙන්න කියලා හිතලා නේද ?මේ සැරේ කරන්න හදන්නෙත් ඒකමයි. ඉතින් ගිය සැරේ මට හොඳක් වුණාද කියන එක ඔයා හොදටම දන්නවා .මේ සැරේ යන්න ගියත් වෙන්නේ ඒ ටිකම තමයි".සරෝජ් හිරිපිටිය තරමක් දැඩි ස්වරයෙන් පැවසුවේය.."ම.ට ඔ.යා..ගේ වෙ.න්.න බැ...හැ ම.ට ය..න්.න දෙ..න්න".නිවේතා ඉවත බලාගෙන තවමත් හරියාකාරව මුවඟින් පිටනොවන වදන් වලින් පැවසුවාය .හදවත දහසක් කැබලි වලට කැඩි කැඩී යද්දි යද්දී ඇය ඒ අදහස අමාරුවෙන් හෝ මුවින් පිට කර ගත්තේ සරෝජ් හිරිපිටියගේ යහපත ගැනම සලකමිනි.."එතකොට ඒ කියන්නේ ඔයාට මාව ඕන නැහැ ඔයාට මං ගැන කිසිම හැඟීමක් මෙච්චර කාලෙකට තිබුණේ නැද්ද නිවී".සරෝජ් දැඩි ස්වරයෙන් ඇසුවේය.."නැ.හැ නැ..හැ මං ඔයාට කිසිම කැ.මැ.ත්..ත.ක් .ඇතු.ව නෙ..මේ හි.ටි.යෙ .ඔ.යාට ආද..රේ ක.ලෙත් නැ..හැ".නිවේතා කෑගසා මෙන් තද ස්වරයෙන් පැවසුවාය.."එහෙමද? එහෙමද කියන්නේ එහෙනම්. පොඩ්ඩක් ඔහොම ඉන්නවා".සරෝජ් හිරිපිටිය තම හිතට ආ ආවේගයෙන්ම අසමින් නැගිට වහ වහා සිය කාමරය වෙත ගියේය .නිවේතා කිසිවක් සිතා ගන්නට නොහැකිව පුදුමයෙන් මෙන් බලා උන්නාය කාමරයට ගිය වේගයෙන්ම ආපසු පැමිණි සර්ව හිරිපිටිය තමා අත වූ රෙදි බෑගය නිවේතාගේ උකුල මතට දැමූවේය.."එතකොට මේ මොනවද? මේවායේ ලියල තියෙන්නෙ මොනවාද?".නිවේතා රෙදි බෑගය විවර කල බැලූ විට ඇයගේ ඇස් නළලට යන තරමේ පුදුමයක් ඇයට ඇතිවිය. ඉතින් සියලු දේ තවදුරටත් තව දුරටත් සඟවා ගත නොහැක සරෝජ් සියල්ල කියවා ඇත. නිවේතා කර කියාගත නොහැකි බැල්මෙන් පොත් දෙසත් ඔහු දෙසත් බැලුවාය.."ඔව් ! මං ඔය ඔක්කොම කියෙව්වා ඔයා හෙඩ් ඉන්ජරි එක නිසා අයි.සී.යූ.හිටපු දවස් වල මම සේරම අරන් ගිහිල්ලා කියෙව්වා. මෙච්චර කාලයක් අපි දෙන්නගෙ කතාවේ අපි නොහිතපු ඔයාගේ පැත්ත ඔයා ඔය පොත් වල ලියලා තියෙනවා .මං ඒ ඔක්කොම කියවලා ඉවරයි නිවී. දැන් තවදුරටත් මට බොරු කරන්න විතරක් ලැහැස්ති වෙන්න එපා".සරෝජ් හිරිපිටිය පැවසුවේ නිවේතා අසල අසුනේ හිඳ ගනිමිනි. නිවේතා කිසිවක් නොකියා පොත් දෙසම බලා උන්නාය ඉතින් තවදුරටත් තමාට කියන්නට කිසිවක් නොමැත සරෝජ්ට සියලු දේ අනාවරණය වී හමාරය. තමා මේ තමාගේ ඇතුලාන්තය පොත්වල ලියා තැබුවේ කවදාහෝ මානවීගේ ඇස ගැටීමට මිසක සරෝජ් අභිමුව නිවැරදිකාරියක් වීමට නම් නොවේ..සරෝජ් හිරිපිටිය අත දිගුකොට නිවේතාගේ අත් දෙකින් අල්ලා ගත්තේ ඉතා හැඟුම්බර අන්දමිනි..යලි හමුවෙමු.කිත්මා වාසනා දහනායක.(විසිරි සිහින).Posted by විසිරි සිහින at 7:50 AM 5 comments:.Email ThisBlogThis!Share to TwitterShare to FacebookShare to Pinterest.Labels: හසරැල් සැලුණාවේ (නවකතාව ).Thursday, May 26, 2022.20. විසි වෙනි කොටස ( හසරැල් සැලුනාවේ )."මැඩම් නිදිද ?".කාමරයේ දොරට තට්ටු කොට පැමිණි සරෝජ් ඇසුවේ චාමලීගෙනි.."මූණ නම් වැහි වලාකුළු ගොඩකින් පිරිලා උන්නෙ සර්.කෑවෙත් උඩින් පල්ලෙන්".චාමලී හිනැහෙමින් පිළිතුරු දුන්නාය.ඉන් පසු සරෝජ් හට කාමරයට ඇතුල් වන්නට දී ඇය ආලින්දය වෙත ඇවිද ගියාය.වදනින් නොකීවද මේ අපූරු කතාන්දරය ඇයගේ සිතද බෙහෙවින් පහන් කරවා තිබුණි..සරෝජ් හිරිපිටිය නිවේතාගේ සයනයේ පසෙකින් හිඳ ගත්තෙය. සුවසේ නිදන ඇයගේ මුහුණේ ඇත්තේ ශාන්ත භාවයකි.අනතුරෙන් වූ වේදනාත්මක භාවයන් දැන් නැති තරම්ය.හිසකේ කොටට කපා ඇති හෙයින් ආයෙමත් ඇය පාසල් සමයේ මෙන් ස්වරූපයක් ලබා ඇත.වත රැඳෙන මද සිනහවද සහිතව සරෝජ් ඇයගේ පොරෝනය මනාව සකසාලීය. නිවේතා සිහින් කෙඳුරුමක් නගා ඇලයට හැරුණාය.සරෝජ් ඇයගේ නින්දට බාධානොකොට නැගී උන්නේය. ඇය වෙතින් මෑත්ව යන්නට මොහොතක් තබා සිතට ආ අදිසි සිතුවිල්ලකට අනුව ඇය නළලතට සිය දෙතොල යාන්තමින් තබා සිහින් සිපුමක් තවරාලීය. ඉන්පසු සුසුමක් හෙළා කාමරයෙන් පිටව චාමලී උන් ඉසව්වට ඇවිද ආවේය.."චාමලී, හෙට උදේම මැඩම්ට ට්‍රීට්මන්ට් කරන්න ගෙදරට එනවා තෙරපිස්ට්ස්ලා. ඒ මිස්ලා සර්ලා එක්ක එකතුවෙලා මැඩම්ගේ ටයිම්ටේබල් එකහදාගන්න. එක එක තෙරපි ස්ලොට්ස් මැඩම්ට පහසුවක් වෙන විදියට ඇරේන්ජ් කරගන්න.ඔහොම බබා වගෙ උන්නට ඔය මැඩම් හරි හිතුවක්කාරයි.ඒ නිසා පොඩ්ඩක් කල්පනාවෙන් හරිද?".සරෝජ් හිරිපිටිය චාමලීහට උපදෙස් දෙමින් පවසා උන්නේ ඉදිරි ප්‍රතිකාර කටයුතු ගැනය. හෙට දවසේ අත්‍යාවශ්‍ය රාජකාරි කටයුත්තක් හෙයින් චිකිත්සක නිලධාරීන් පැමිණෙන මොහොතේදී තමන්ට සිටිය නොහැකි බව සරෝජ් හෙදියට දන්වා උන්නේය. පළමු දිනයේ තමාට ඉන්න ලැබුණා නම් හොඳය.එහෙත් තම රාජකාරි කාරණය ද මඟහරින්නට නොහැකි එකකි.."හරි සර්, මානවී මැඩමුත් එනවා කිව්වා කොහොම හරි.මම ඔක්කොම බලාගන්නම්".සරෝජ් හිස වනා එකඟතාවය පළකොට ඉහළමාලයට නැගීගියේය. හිතේ ඇතිව ඇත්තේ සැහැල්ලුවකි. ඇය කෙසේ හෝ සිය නෙත්මානයේ දැන් සුරක්ෂිතව සිටින්නීය..නිවේතා පාන්දරින් අවදිවූයේ කාලයකට පසුය. සති දෙකකට වඩා කාලයක් රෝහල් සයනයේ වැතිර විවිධ යන්ත්‍රවලට සවිව ගත් බටවලින් සමන්විතව උන් හෙයින් නින්දක් කියා පහසුවෙන් දෙයක් ලැබුණේ නැති තරම්මය. එහෙත් පෙරදා රැයේ යළිත් සුව නින්දක් නෙතුමතට පැමිණ තිබුණි.ඇහැරගත් මොහොතේ පටන් සුපුරුදු යැයි හැඟෙන සුවඳක් සිය සයනයේ හෝ වතෙහි හෝ තැවරී ඇතැයි ඇයට සිතුණි.."මැඩම්ගෙ මූණ අද හරිම ෆ්‍රෙශ්. එන්න අපි වීල්චෙයා එකට මාරුවෙමු. තේ එක බීලා අපි මූණ සෝදලා ඉම්මුකෝ".චාමලීගේ සහය ඇතිව රෝදපුටුවට පැමිණි නිවේතා ඇයගේ සහයද සමගින් විවෘත ආලින්දය වෙතට පැමිණියාය. ජනේලය විවෘත කළ වහාම වෙල්යාය පිස එන සිහිල් සුළං රැල්ලක් කාමරය තුළට හමා ආවේය. උදෑසන අරුණාලෝකය බිමට ලඟාවෙන්නට පටන් ගත්තා පමණි.."අර බලන්නකො මැඩම්".නිවේතා චාමලී ඇසින් පෙන්වූ දෙසට නෙතු යොමු කළාය. ගෙවත්ත වටා සුදු වැලි ඇතිරූ මාවතේ උදෑසන දුවමින් සිටියේ සරෝජ්ය. සුදු පැහැ ටීශර්ටයක් සහ නිල් බොටම් කලිසමක් හැඳ ක්‍රීඩා සපත්තු යුවලකින් සහ සුදු පැහැ කැප්තොප්පියකින් යුතුව දිවයන ඔහු දෙස නිවේතා බලාඋන්නේ මුවග රැඳි සිනහවද සමගිනි.ඇත්තෙන්ම පනස්විය ඉක්මවා උන්නද සරෝජ් කඩවසම් ය. ප්‍රවෘත්ති මවන්නන් අතර සමාජජාලයන් අතරේ පවා නිතර කතාබහ වන්නේ මේ කඩවසම් නියෝජ්‍ය අමාත්‍යවරයා ගැනය..අහම්බෙන් මෙන් දුව යන අතර නිවේතාගේ කාමරයේ ජනේලය වෙත යොමුවූ සරෝජ්ගේ ඇස් ඇයගේ නෙතුමත ගැටුණි.ඔහු මුවේ විසිර ගියේ මඳ සිනහවකි. ඒ ආඩම්බරකාර බවක් රැඳි මන්දස්මිතය කවදත් තමා ආසක්ත කල සිනහවමය.නිවේතා සිනහසෙන්නට අමතකවූ ලෙසින් එදෙස බලා උන්නාය. ව්‍යායාම සඳහා දුවන අතරේම නිවේතාගේ කාමරයෙහි ජනේලය අසලට පැමිණි සරෝජ් ඇය අත ඉදුණු පේරගෙඩියක් තබා කොපුලට ඇඟිල්ලකින් තට්ටුකොට යළි සිය ව්‍යායාම් කරා දිවගියේය.නිවේතා ක්ෂණයකින් වූ සියලුම දේ අදහා ගන්නට නොහැකි සේ මොහොතක් අතමත රැඳි පේරගෙඩිය දෙස බලා උන්නාය.චාමලී හිනැහුණේ මේ අපූරු යුවළගේ හැසිරීම් රටා දැකය.නිවේතාගේ කොපුලක රත්පැහැය සඟවාගන්නට නොහැකිවූ තරම්ය..***.සරෝජ් හිරිපිටිය යළි නිවේතාට මුණ ගැසුණේ උදෑසන තේ මේසයේදීය.."මම ඉක්මනින් යනවා.අද ඉම්පෝර්ටන්ට් වැඩක් තියෙනවා.එහෙනම් චාමලී එක්ක අද ඔක්කොම දේවල් ටික හරියට බලාගන්න ඕනේ. ඔයාගේ ට්‍රීට්මන්ට් වලට අද කට්ටිය එනවා.තේරුනාද නිවී?".ඉක්මන් සමුගැනීමකින් යුතුව සරෝජ් හිරිපිටිය සිය රථයට ගොඩවන්නට පෙර නිවේතාට පැවසුවේ ඇයගේ මුහුණ මුහුණෙහි හෝ ශෝකීරේඛා දෙස බලමින්මය. පෙර අතීතයේ වූ නිවේතා මෙම අහඹු අනතුරෙන් පසු සිතා ගන්නට නොහැකි අන්දමට වෙනස් වෙමින් පවතී.එය ඇයගේ අනතුරෙහි අතුරුඵලයක් ද එසේ නැතහොත් ඇය මෙතුවක් කල් වසං කළ යටි සිතේ වූ ප්‍රේමය ඉස්මතු වී ඒමක්ද යන්න සරෝජ්ට හිතාගන්නට නොහැකි විය.."අපේ සර්ගෙ මූනේ දැන් තියෙන එළිය බලපන්කෝ බං".සංජය රියදුරුහට පැවසුවේ සිය අමාත්‍යංශය බලා සරෝජ් ගමන් කරන මොහොතේදීය. රියදුරුද ඒ වදනට හිස සලමින් සිනාසුනේ සරෝජ් හිරිපිටිය පසුපස අසුනේ සිට ඔවුන් දෙදෙනා දෙසම රවා බලද්දිය.."ලිඳ ලඟ සංගමය වගේ පටන් ගත්තද උඹලා දෙන්නත්.".සරෝජ් හිරිපිටියගේ වදන් වල වූයේ ඇත්තෙන්ම තරහක් නම් නොවේ.මුවග වූයේද මඳ සිනහවකි.එහෙත් මොවුන් අවුස්සාගැනීම තමන්හට ඉන්න නොලැබෙන කාරණයක් බව ඔහු දැන උන්නේය.."ඇත්තමයි සර් කාලෙකින් සර් හිනාවෙලා ඉන්නවා අපි මේ දකින්නේ.ඇත්තටම අපිට හරි සතුටුයි නේද බං".සංජය පැවසුවේ හදවතින්ම නැගෙන සතුට වදන් වලට හරවමිනි. කවදත් තමන්හට හිතෛෂී වූ සිය කාර්‍ය මණ්ඩලය ගැන සරෝජ් හැමවිටම බොහෝ නම්‍යශීලී විය.."සිද්ද වෙච්ච හැමදෙයක්ම උඹලා දන්නවනේ. මේ වතාවෙ වත් මගේ හිතට සැනසීමක් ලැබෙනවා නං එච්චරයි.එහෙම නැතත් මම දැන් දුක් වෙන්නේ නැහැ".සරෝජ් හීරිපිටිය පැවසුවේ සිය හදවතේ වූ හැඟීම් හෘදයාංගම වචනවලට හරවමිනි. තම සිතේ ශාන්තිය කවදා කෙසේ ලැබෙව්ද නොලැබේද යන්න සිතාගන්නට නොහැකිවුව නිවේතා සිය ඇස්මානයේ සිටීමම සිතට සහනයකි..පෙර දවසේ රාත්‍රියේ ඇය නළලත දෙතොල තබා සමුගත්තද රාත්‍රියේ බොහෝ වේලාවක් යනතුරු තමන්හට නින්දක් නොපැමිණි බව සරෝජ් සිහිකළේ සිතට දැනෙන්නාවූ සහනය සහ සියුම් ආශාවක් බඳු හැඟීම ද සමඟිනි.ජීවිතේ මැදි වයසට එළඹ සිටියද සිත තවමත් සොයන්නා වූ ආදරණීය උණුසුම ඒ ආදරණීය හැඟීම සමගින්ම පවතින්නේ ඈ වෙත පමණි. කිසිදු විටෙක ඇය දුටු මොහොතේ දී අසංවර හැඟීමක් හිත පිරී ගියේ නැති තරම්ය.ආදරය ජීවිතය නිවා සැනසෙන දිනයක් පැමිණෙ නම් එය දෝතින් වැළඳ ගන්නට තමා සූදානම්ය..***.සියලු වැඩකටයුතු වැඩ කටයුතු හමාර වී හවස් යාමයේ සරෝජ් නිවසට පැමිණෙන විට ඔහු දුටුවේ දැඩි ලෙස හෙම්බත් වූ මුහුණින් විසිත්ත කාමරය සෝපාවක වැතිර ඉන්නා මානවීය.ඇය අසල ඇයගේ දෙපා පිරිමදිමින් සැනසුම් බස් පවසමින් සිටිනුයේ හසිතය.ඉවෙන් මෙන් සිදුව ඇති දේ සිතා ගන්නට සරෝජාට හැකිවිය.නිවේතා එකත් එකටම ලොකු අඩව්වක් අල්ලලා තිබේ.."චූටි දුව මොකද ...ඇඟට අමාරුයි ද ඔයාට අද කොහොමද මෙහෙ යුද්දෙ?".සරෝජ් හිරිපිටිය ඉදිරිපස අසුනේ හිඳ ගත්තේ මානවීගේ හිසත් අත ගාගෙනමය.මානවීගේ මුහුණේ දැඩි වෙහෙසක් දකින්නට ඇත.."අද මෙහෙ ලෝක යුද්දෙ වගේ අංකල්. අම්මිත් එක හරි අමාරුයි මේ ට්‍රීට්මන්ට් කරන්න.අපි කිව්වට අහන්නෙත් නැහැ.එයාට කියන දේවල් කරගන්න බැරි වෙනකොට තරහ යනවා.ඊට පස්සේ හොඳටම අඬනවා.අන්න චාමලීවත් එලව ගත්තා එලියට".හසිතගේ වදන් සිනාමුසු ඉවසමින් සරෝජ් හිරිපිටිය අසුනෙන් නැගී උන්නේ."මට ගුටි කන්න වෙයිද දන්නේ නැහැ".කියමිනි .කාමරයේ දොර අසල පුටුවක් තබාගෙන චාමලී හිඳගෙන සිටියාය.දැඩි වෙහෙසකර මුහුණින් සිටිය ද ඇයගේ මුහුණේ නොරිස්සුමක් නම් නොවීය.."සර් හොඳටම තරහ ගිහිල්ලා ඉන්නේ නම්.පැය ගාණක් ඇඬුවා.මටත් හොඳටම බැන්නා .පුලුවන්නං ගිහින් ශේප් කරගන්න".චාමලී මද සිනහවකින් පැවසුවේ සම්පූර්ණ දිවා කාලයේම නිවේතා සමඟ කළ හරඹය විස්තර කරමිනි.සරෝජ් හිරිපිටියේ නිහඬ සිනාවක් ඇතිව කාමරය තුලට ඇවිද ආවේය .දොර දෙසට පිටුපා නිවේතා සයනයේ වැතිර උන්නාය.."නිවී, කොහොමද ඔයාට?".සරෝජ් හිරිපිටිය ඇය අසලින් හිඳ ගත්තේ සිය අතක් ඇයගේ වම් උරහිසට තබමිනි. වැරෙන් ඒ අත ගසා ලූ නිවේතා මහ හඬින් හඬන්නට පටන් ගත්තා.සිය වෛද්‍ය මිතුරා පැවසූ සමහරක් කාරණා ඒ මොහොතේ දී සරෝජ්ට සිහිවිය. මේ බොහෝ ලෙසින් ඉවසිය යුතු තැනය.."ඇයි මේ අඬන්නේ? ම්ම්..කියන්නකො.. කෝ බලන්නකෝ මේ පැත්තට හැරෙන්නකෝ".කුඩා දැරියක සුරතල් කරන පියකු බඳු සරයෙන් සරෝජ් නිවේතාගේ හිස පිරිමැද්දේය. ඇයගේ මානසික අසමතුලිතතාවය ද සියල්ලන්ම විසින් වටහා ගත යුතු බව වෛද්‍යවරුන් පැවසූ අතර සමහරක් විට ඇයගේ නොහැකියාවන් ඇයට අවබෝධ වීමම මේ අධික නොරිස්සීමට හේතුවී ඇතිවාවන්නට ඇත..සරෝජ් හිරිපිටිය නිවේතා සෙමින් සයනයේ කෙළින් කොට ඇඳ විට්ටමට කොට්ට දෙකක් තබා යම් තරමකට ඔසවා හිඳුවා ලූයේය. ඇයගේ මුහුණේ කිසිදු ප්‍රියමනාප බවක් නොවීය.කේන්තියද ශෝකයද අපේක්ෂා භංගවීමද මේයැයි කියා ගත නොහැකි බොහෝ කරුණු කාරණා රැසක් ඒ මුහුණේ දකින්නට තිබුණි.."තේ බීලා ද ඉන්නේ ?".ඇය සවස තේ පානය ද ප්‍රතික්ෂේප කළ බව චාමලීගෙන් දැනගෙන උන් හෙයින් සරෝජ් හිරිපිටිය ඇසූවේ නිවේතා කතා කරවීමේ අභිලාෂය නිසා මිස වෙන අන් යමක් හේතුවෙන් නොවේ.."තේ බිව්වෙ නෑනේ ?මටත් තේකක් බොන්න ඕන.අපි ටිකක් වත්තට යමුද මම ඉක්මනට change එකක් දාගෙන එන්නම් .චාමලී ...මැඩම්ව තව ටිකකින් එක් කරන් එන්න .මම වොෂ් එකක් දාලා change එකක් දාගෙන එන්නම්".සරෝජ් හිරිපිටිය නිවේතාගේ හිස මත තැබූ අත සෙමින් හිසකේ අතර යවා පිරිමැද නැගී උන්නේය.සමහර ව්‍යායාම ප්‍රතිකාර සහ ක්‍රියාකාරකම් හේතුවෙන් දැඩි වෙහෙසකට පත්වී උන් සිත ක්ෂණයකින් නිවී ගියා බඳු විය. ඒ අත්ලෙහි සුවදායක පහස අතීතයේ දැනුණ දිනවලදී පවා මේ අන්දමින් සිතේ වූ දුක් දාහයන් නිවී ගියා මතකය. කුඩම්මා සහ පාලිකා අක්කාගේ කෙණෙහිලිකම් මත දැවීගිය හිත , වරක් දෙවරක් හිස මත අත තැබූ සැණින් සැනසුම ලැබීය..චාමලී තදකරගත් සිනහවද ඇතිව නිවේතා සූදානම් කළාය.."පූස් පැට්ටෙක් වගේ දැන්නම්.සර් දකින්න තිබ්බෙ උදේ පුපුරපු පිපිරිල්ල".චාමලී යටපත් කොටගත් සිනහවෙන්ම සිතුවාය.ප්‍රේමයට කල නොහැක්කේ කුමක්ද ? සරෝජ් හිරිපිටිය නම්වූ ප්‍රසිද්ධ නියෝජ්‍ය අමාත්‍යවරයා මේ කාන්තාව සම්බන්ධව දක්වන සුමට හැසිරීමම චාමලීගේ සිත පහන් කරවාලීය..ගෙවත්තේ පහළවූ සමර් හවුසියේ තේ පානයට අවැසිදෑ සූදානම් කොට සකසා තිබුණි.චාමලී නිවේතාගේ රෝදපුටුව එතනට ගෙන ගියාය. මානවී සහ හසිත හදිසි උවමනාවක් මවාගෙන ගමනක් යාමට අවැසි යැයි පවසා නික්ම ගියේ චාමලීටද ඇසෙන් ඉඟිකොට එතැනින් යන ලෙස පවසමිනි.."සර් , මට කෝල් එකක් ගන්න යන්න වෙනවා.කමක් නැද්ද මැඩම්ව මෙතන තියලා මම ගිහින් ආවාට".චාමලීගේ මුහුණේ ඇති ඉරියව් සරෝජ් හඳුනාගත්තේය.ඇයට මේ මොහොතේ අවැසි නිවේතා සහ තමන්හට නිදහසේ සිටින්නට දීම බව ඔහු දැනසිටියේය. තේ මේසය සකසා තිබුණේ නිවේතා කන්නට ආසම වූ බ්ලූබෙරි චීස් කේක් සමගිනි. එය දුටු මනතින් ඇයගේ ඇස් බබලන අන්දම සරෝජ් දුටුවේය.."ආසයිනේද ? ම්..".නිවේතාගේ රෝද පුටුව අසළට සිය පුටුව ඇදගත් ඔහු සුදු පැහැ පෝසිලේන් පීරිසියකට කේක් කැබැල්ලක් බෙදා ගත්තේ හැන්දක්ද සමගිනි.නිවේතා ඔහු දෙස බලාඋන්නේ කිසිවක්ම සිතාගත නොහැකිවය.."කමු".දකුණු අත සවි නැති හෙයින් වම් අත දිගු කොට පීරිසිය ගන්නට නිවේතා වෑයම් කළාය.සරෝජ් සිය අතවූ පීරිසිය පසෙකට කළේ මඳ රැවුම් බැල්මක්ද සමගිනි.ඉන්පසු හැන්දෙන් කේක් කැබැල්ලක් ගෙන ඇය මුවඟට තැබුවේද සිනා රහිත වතිනි.නිවේතා නිහඬවම මුව විවර කළාය.කීකරු කුරුලු පැටවෙකු සේ අණට කීකරුවූ ඇය දැක සිත පත්ළෙන් නැගෙන සිනහව මැඩ ගනිමින් සරෝජ් පසුවූයේය.."රසයිද?".වචන නොමැති මුව මඳ සිනහවකට විවරකරවාගන්නට තැත් දරමින් ඔහු ඇයගේ දෑසට එබුණේය. සිනා අමතක කාලය අහවරව සිනාවක් ඒ වත ඉපදෙනා තුරු තමා කෙතරම් නම් කල්බලන්නට ඇත්ද?."ඉතින් ! කියන්න බලන්න අද මොකද ළමයාට තරහා ගියේ කියලා?".සරෝජ් හිරිපිටිය තේ බඳුණක් සකසමින් බොහෝ ඉවසීමෙන් අවශ්‍ය මාතෘකාවට එළඹියේය. සිනාවත අඳුරකට යළි හැරෙනු දැක දැකම ඔහු ගණනකට නොගෙන තේ එකක් සාදා එය මඳක් නිවෙන්නට හැරියේය.."බෑ..නේ.".හැඬුම් බර වතින් කැඩි කැඩී එන වදන් සරෝජ්ගේ සිතේ අනුකම්පාව උපදවාලීය.."මේ අහන්න නිවී, මුලදී ඒවා ඔයාට කරන්න බැරිවෙයි. පහුවෙනකොට අමාරුවෙන් හරි ඔයාට ඒවා කරන්න පුළුවන් වේවි.ඒ නිසා බෑ කියලා බෑනේ".සරෝජ් තේ බඳුන ඇය මුවට ළං කරමින් පැවසීය.නිවේතා සිය මුව පසෙකට හරවා එය ප්‍රතික්ෂේප කලාය.හිතුවක්කාර කම නම් අඩුවක් නෑ....සරෝජ් යටිසිතෙන් මුමුණාගත්තේය.සැර වැර වී අණපණත් යොදා මේ ජීවියා නම් ආණ්ඩුමට්ටු කළ නොහැක. එහෙයින් ඔහු අවසාන තුරුම්පුව ද භාවිත කළේය.."දැන් එතකොට චූටි දුවට බබා හම්බවුණාම ඒ බබාගෙ වැඩ කරන්න අපිට සර්වන්ට්ස්ලා ගන්න වේවි එහෙනම්.ඔයාට අත අමාරුයිනෙ.ඇවිදින්න එහෙමත් බෑනෙ. නැලවිලි කවියක් කියවන්න වත් ඉතින් බෑනෙ. කමක් නෑ ඔයාට තෙරපි බැරිනම් ඔහොම ඉන්න.අපි අර වැඩ වලට වෙන කට්ටිය හොයමු".නිවේතා දෙස හොරැහින් බලා සරෝජ් පැවසුවේ බොහෝ නිවීහැනහිල්ලේය.නිවේතා තිගැස්සී යනු ඔහු දුටුවද නොදුටුවා සේ සිටියේය..***.සරෝජ් හිරිපිටිය නිවේතාගේ මුහුණේ වූ වෙනස්කම් දෙස ගණනකට නොගෙන බලා සිටියේය. ඇත්තෙන්ම යමක් ඇයගේ සිතට දන්වන්නට නම් ටිකක් තදින් ක්‍රියා කළ යුතුය.මේ වන විට නිවේතාගේ ජීවිතයේ ඇති ලොකුම බලාපොරොත්තුව මානවීගේ දරුවා ය.එහෙයින් ඒ වෙනුවෙන් ඇය ඕනෑම දෙයක් කරන්නට කැප වන බව සරෝජ් දැන උන්නේය..සරෝජ් විසින් ඉදිරිපත් කළ කාරණය තමන්ගේ ජීවිතයට කෙතරම් වැදගත්ද යන්න නිවේතා මොහොතක් කල්පනා කළාය.මානවීට තව මාස කිහිපයකින් දරුවා ලැබෙන විට මිත්තණිය ලෙස තමා ඇයව දෝතට ගත යුතුය.මානවීගේ ශරීර ලකුණු දෙස බලා ඇයටද උපදින්නේ දුවෙකු යැයි නිවේතා ට ඉබේම සිතුණු දවස් ඉබේම සිහිවිය.තමා මවක වූ දා තමා පියවි සිහියකින් නොවූ හෙයින් ඇත්තෙන්ම නොවිඳි ඒ සුන්දර හැඟීම් මානවීගේ දියණිය වෙතින් හෝ ලැබීමට ඇය බලා උන්නේ පුදුමාකාර ආසාවකිනි.."මොකද කියන්නේ? මම දැන්ම හෙල්පර්ස්ලා හොයන්න කියලා හසිතට කියන්නද?".සරෝජ්ගේ ස්වරයේ තිබුනේ දැඩි බවකි.නිවේතා දෙසට ගලා එන කඳුළු වළකා ගමින් එපා යැයි හිස දෙපසට වැනුවාය.."ඒකනෙ ඔයාට පුලුවන් ඔයා මේක කොහොම හරි කරන්න ඕනෙ.චූටි දූ වුණත් බලාගෙන ඉන්නේ ඔයා බබාව බලාගන්නකන් නේ.මම කියන්නං ඒ එන therapistලට ඔයාට ගොඩක් අමාරු දේවල් එක සැරේටම කරවන්න එපා කියලා.එහෙම හොඳයි නේද ?".සරෝජ් හිරිපිටිය අත වූ තේ බඳුන නිවේතාගේ මුවට ලං කරමින් ඇසුවේය. නිවේතා කිසිවක් නොකියා හිස වනා නිහඬ වූවාය.."තේ බීල ඉවර වෙලා අපි අමු ටිකක් වත්ත පහලට.මට නිතර ගෙදර ඉන්නේ වෙන්නෙත් නැහැනේ.යමුකෝ මම ඔයාට garden එක පෙන්නන්නම්කො ".කතා කරමින් උන් මාතෘකාව නිවේතාගෙ සිතට තරමක් බර වැඩි බව දන්නා හෙයින් සරෝජ් හිරිපිටිය ඇය සමගින් සිය ගෙවත්තේ සුදු වැලි අතුල මාවත් දිගේ ඇවිද යන්නට සිතුවේය. නිවේතාගේ රෝද පුටුව සෙමින් තල්ලු කරමින් ඇවිද යන සරෝජ් දෙසට චාමලී දිව ආවේ දෙන්න සර් මම වීල්චෙයා එක ගන්නම් කියමිනි.."නෑ චාමලී ඔයා ගිහින් වැඩක් කරගන්න මම මැඩම් එක්ක ටිකක් වත්තේ ඇවිදලා එන්නම්".සරෝජ් හිරිපිටිය ඇයව ප්‍රතික්ෂේප කොට ඉදිරියටම සෙමින් ඇදී ගියේය.ආපසු හැරී එන චාමලීගෙන් මානවී මොකද ගිය සැණෙන් ආපස්සට ආවේ යැයි ඇසුවාය.."දෙන්න ඇවිදින්න ගියා දැන් නම් මූණ හොඳයි වගේ පොඩි මැඩම්" චාමලී හිනැහෙමින් පැවසුවාය.."අම්මා හිතාගන්නත් බැරි විදියට හුඟාක් වෙනස් වෙලා හසී.මට ඇත්තටම හිතාගන්න බැරි මේක එයාගේ ලෙඩේ නිසා ඇති වෙච්ච වෙනස්කමක් ද නැත්තං ඇත්තටම අම්මා වෙනස් වුණා ද කියන එකයි".මානවී සැනසුම් සුසුමක් හෙලමින් හසිත හා පැවසුවාය.ඇත්තෙන්ම සිතට දැනෙන්නේ පුදුමාකාර නිවීමක්මය.."ඇත්තම කිව්වොත් පොඩි මැඩම් අසනීපයත් එක්ක ලොකු මැඩම්ගෙ behaviour changes ඇවිල්ලා තියෙනවා තමයි .ඒ උනාට මට හිතෙන්නෙ මැඩම්ගෙ මූණ දිහා බැලුවම එයා මේ ටික ඉන්නෙ හුගාක් සන්තෝසෙන් කියලා .ඒකට හේතුව සර්".චාමලී පැවසුවේ සිය වෘත්තිය අත්දැකීම් සමගිනි.."ඔව් චාමලී .ඇත්තෙන්ම අම්මා සන්තෝසෙන් ඉන්නේ අංකල් නිසා තමයි .අම්මාගේ ජීවිත කාලෙම අම්මා සන්තෝසෙන් උන්නානම් හිටියේ අංකල් නිසා.නරකට හෝ හොඳට හෝ මේ වගේ දෙයක් වුනේ ඒ දෙන්නා එකට ඉන්න ඕන නිසා වෙන්න ඇති".මේ වන විට සරෝජ් සහ නිවේතාගේ ජීවිත කතාව චාමලීද දැන් උන් හෙයින් මානවී කිසිවක් සඟවන්නේ නැතිව ඇයට පැවසුවාය .ප්‍රේමය යනු කෙතරම් සුන්දර මනෝභාවයක් ද යන්නට හොඳම උදාහරණයක් ලෙස දකින්නේ මෙවන් සොඳුරු යුවළවල්ය.."ඔයා දන්නවද නිවී. මං මේ ඉඩම ගත්තේ හරියටම මම බෑන්ක් එකේ ජොබ් එක කරන කාලේ. මට මෙතන ඕන වුණේ අපි දෙන්නට ගෙයක් හදන්න.ඒ උනාට අන්තිමට මෙතන ගේ හදනකොට අපිදෙන්නා වෙන් වෙලා".නිවේතා රෝද පුටුවේ තබා ගෙන ඉදිරියට තල්ලු කොට ගෙන යන අතරේ සරෝජ් හිරිපිටිය පැවසුවේය.නිවේතා සුසුමක් හෙලා නිහඬ වූවාය.."මං දන්නවා මේවා ඇහුවම ඔයාට දුක හිතෙයි.ඒ වුණාට නිවී මම මේවා අද ඔයාට කියන්නේ ඔයාව රිද්දන්න නෙමෙයි. එක කාලයක් අපි හුඟක් දුරස්වෙලා උන්නානේ. ඒ කාලේ වෙච්ච දේවල් අපි එකිනෙකා ටිකක් දැන ගත්තොත් හොඳයි කියලා මට හිතෙනවා.ඒකයි මම ඔයාට මේ විස්තර කියන්නේ ".සරෝජ් හිරිපිටිය බොහෝ නිවීසැනසිල්ලේ නිවේතාගේ රෝදපුටුව ඉදිරියට තල්ලු කරමින් කතා කළේය. ඇවිද යන අතරමඟදී තැනක නැවතී පලතුරු ගසකින් ඉදුණු පලතුරක් කඩා ඇය අත තැබීය..ඔයා ඉතින් home designing ඒ වගේම interior decorations and gardening ඔක්කොම qualified වෙච්ච කෙනෙක්නේ.මං මේ ඉඩම ගනිද්දිත් ඒකේ ගේ හදද්දිත් professionals ලගෙ advices අනුව තමයි වැඩ කටයුතු කරගෙන ගියේ. දැන් ඉතින් ඔයාගෙනුත් අහගෙන මට හදන්න වෙනවා මේකේ තියෙන අඩුපාඩු ".නිවේතා හිස මදක් හරවා සරෝජ් දෙස බැලුවේ එවදන් වලින් ලැබූ උත්තේජයද ඇතිවය.තමා ආසා කළ අංශය මෙන්ම තමන්ගේ වෘත්තීය ද වූයේ එයය. ඉතින් සරෝජ්ගේ මේ ගෙවත්තේ කිනම් හෝ වෙනස්කමක් තමා අතින් කරනු දැකීම ඔහු රුචි නම් එය තමා උද්දාමයට පත් කරන්නක් බව නිවේතා වටහා ගත්තාය.."ල.ස්.ස.න.යි" කැඩි කැඩී එන බස් වහරින් යුතු වුව ද නිවේතා ඔහුගේ උද්‍යානය පිළිබඳ ඇයගේ සිතට ආ හැඟීම නොවළහා පළ කළාය .."මටත් අර ඔයාගේ වගේ පොන්ඩ් එකක් හදා ගන්ඩ ඕනේ .පොඩ්ඩක් නිදහස් වෙලාවට කකුල් දෙක වතුරට දාගෙන ඉන්න පුළුවන් ජාතියෙ එකක්".සරෝජ් හිරිපිටිය නිවේතාගේ රෝදපුටුව මාවත අතර මැද්දේ නවතා එතැන වූ අඹ ගසකට පිටදී සිට ගත්තේය.තමා ඉදිරිපිටටවී දෑත පපුව හරහා බැඳ ගෙන බොහෝ සැහැල්ලුවෙන් කතාබස් කරන මේ පුද්ගලයා ඇත්තෙන්ම පාර්ලිමේන්තුව නියෝජනය කරන නියෝජ්‍ය ඇමතිවරයකු ලෙස දුටුවෙකු විශ්වාස කරන්නේ ද නැත..කර කැපූ ටී ෂර්ට් එකක් සහ ලිනන් වර්ගයේ දිග කලිසමක් හැඳ රබර් සෙරෙප්පු දෙකක් දෙපයට දමාගෙන සිටින ඔහුගේ ඇත්තේ අපූරුම කඩවසම් පෙනුමකි .නිවේතා මොහොතක් ඔහු දෙස නෙත් නොපියා බලා උන්නාය .."හරි හරි මැඩම් ඔහොම බලන්න එපා මගේ දිහා .මම ෆ්‍රී කරගන්න හිතනව නෙමෙයි .හොඳට ගෙවන්නම් මේකට ".සරෝජ් හිරිපිටිය හඬනගා හිනැහුනේ එසේ කියමිනි නිවේතා ඉමහත් ලොබින් ඔහුගේ සිනහව දෙස බලා උන්නාය.දීර්ඝ කාලයක් තිස්සේ තමා බලාපොරොත්තු වූ අපූරුම ඒ සිනහව තමා හමුවේ මෙසේ තවමත් දකින්නට ඇත.පසුගිය දශක ගණනාවක් පුරා සිදු වූ සියලුම අඳුරු මතකයන් සියල්ල මතකයෙන් අකා මකා දමන්නට මේ සිනහව ප්‍රමාණවත්ය.."මං ඔයාගෙ හෙවන් එකට ගියා නේ .ඉතින් එහෙ ගිය වෙලාවේ මම දැක්කා ඔයාගේ ලස්සන පොන්ඩ් එක.සනීප වෙච්ච ගමන් මටත් එයින් එකක් හදලා ඕන මෙහේ ගෙදර .හරිද?".සරෝජ් හිරිපිටිය නිවේතාගේ රෝද පුටුවේ ඇඳි දෙකට දෑත තබා ඇයගේ මුහුණට එබී පැවසුවේය .ඔහුගේ සුසුමන් ඇඟට දැනෙන තරමටම ඔහු ළඟ මොහොතේ දී නිවේතා හැකිළී ගියාය.ආදරය ප්‍රේමය හා උණුසුම යනාදී පුද්ගල මනෝභාවයන්ට වයස අදාල නොවන්නේ ඒ හැඟීම් වල ඇති තාරුන්‍යයේ උණුසුම හෙයිනි.දෙකොපුල සෙමින් රත් පැහැයට නැගෙද්දී නිවේතා සිනහා නොමැති වතින් බිම බලා උන්නේ නිරුත්තරය."මොකද බය වෙලා වගේ ඇකිලෙන්නේ . ම්ම්..".බිඳකුදු හෝ ඉවත් නොවී ඔවුන් උන්තැන සිටගෙනම සරෝජ් හිරිපිටිය ඇසුවේ ඉතා මෘදු හඬකිනි. නිවේතා මොහොතකට දෑස් ඔසවා ඔහු දෙස බැලුවේ බැලුවාය.ආදරේයැයි අතීතයේ දවසක ප්‍රකාශ කළ දා ඔහුගේ දෑස් බැබලුණේ යම් ආකාරයකට ද අද ද ඒ බැබලීම එසේම විය. හඬ එදා මෙන්ම පෙම්වත් විය. නිවේතා සිය දෑස් ඔහුගෙන් ඔහුගෙන් මුදා ගත නොහැකිව ආසක්ත වී බලා උන්නාය..නිවේතා සිය අභ්‍යන්තරයෙන් මතුව එන්නාවූ වෙනස ගැන සිතාගන්නට වත් නොහැකි අන්දමින් වික්ෂිප්ත වූවාය. මෙතුවක් කල් තමා ඔහුව ප්‍රතික්ෂේප කල වේගයටම සමානුපාතිකව තමා දැන් ඔහුට ළං වෙමින් සිටින්නීය.එහෙත් එකම දෙයක් සිය සිතතුළ අදටද නොවෙනස්ව තදින් මුල්බැස ඇති බව ඇය දැන උන්නාය.ඒ තමා සරෝජ්හට නොගැලපෙන්නියක් යන්නය. මේ සා හිත දවන හීනමානය තමසිතින් ඉවත්ව නොයන්නේ කුමන පාපයකින්දැයි නිවේතා දැඩි සොවින් සිතුවාය..එහෙත් සියලු දුක්පිරිපත නිවා සනහන ඒ සිනහව හමුවේ ජීවිතයේ සියලු වේදනා නිවී යන්නට පටන්ගෙනය.සරෝජ්ගේ නිවසේ තමා කෙතරම් කාලයක් තව ගතකළයුතුදැයි තීරණයද ගන්නේ ඔහුම මිස තමා නොවේ. මේ මොහොත වනවිට ඔහුගේ සියලු අනපනත් වලට කීකරුව බලාඉන්නට තමන්හට ඉබේම සිදුව ඇත.එය විටෙක සැනසුමකි.මෙතුවක් කල් නොවිඳි තරමේ තෘප්තිමය හැඟීමකි..***.කාළයත් සමගින් නිවේතා සිය චිකිත්සක ප්‍රතිකාර වලට සෙමින් අනුගත වූවාය. විටෙක හඬා වැටෙමින්ද , තවත් විටෙක ප්‍රතික්ෂේප කරමින්ද, දිරිය සිඳී ගොස් විඩාවෙන් පසුබාමින්ද අධෛර්යමත් වන ඇයම තවත් විටෙක මහා උනන්දුවකින් කැමැත්තෙන් කැපවීමෙන් අදාළ කටයුතු සියල්ලම කළාය..සරෝජ් හිරිපිටිය හැකි සැම මොහොතකම නිවේතා අසළට පැමිණ ඇයගේ ප්‍රතිකාර කටයුතු විමසා බැලුවේය.මානවී මෙන්ම හසිතද චාමලීද ඇය වටා පවුරක් ලෙසින් නොවැටී සිටින්නට සහය වූහ.."දැන් ඉතින් ස්ටෙප්ස් තියනවනෙ.ඔය ක්‍රච් එක අයින්කරන්න තමා ඕනෙ.".සරෝජ් හිරිපිටිය පැවසුවේ නිවේතා අත්වාරුවේ ආධාරය සහිතව පියවර ඔසවන අතරේය. නිවේතා මඳකට හිස ඔසවා බලා සිනහසුනාය.."මොකද තාම බයද?".ඔහු ඇසුවේ ඒ සිනහව තුළ සිත අතරමං වන්නට පෙරය. කාන්දමක් සේ හිත අද්දවා තබන්නේ ඒ හසරැල්ලේමය.."ටිකක්".කතාබහ සෙමි සෙමින් සාමාන්‍ය තත්වයට පැමිණෙමින් ඇත. ඉඳහිටක දැනෙන කට පැටලුම් ගතිය විනා කතාබහේ ලොකු ගැටළුවක් නොමැති තරම්ය. මතකය සම්බන්ධ සිදුවීම් කිසිවක් ගැටලුසහගත නොවූ හෙයින් කතාව සහ ඒ ආශ්‍රිත දේවල් ගොඩනඟා ගැනීම එතරම් අපහසුවක් නොවීය..නමුදු මේ වන විට ඇත්තේ හිතේ චකිතයකි.සරෝජ් හිරිපිටිය තමා වෙත මේ සා සමීප වීම කිනම් අරමුණක් උදෙසා ඇත්දැයි තවමත් තමාට සිතා ගත නොහැක.ඉතින් එය කෙසේ නිරවුල් කරගන්නද යන්න සිතේ ඇති ගැටලුවකි.."ඕක පොඩ්ඩක් පැත්තකින් තියන්න. ඊට පස්සෙ ඔය බාර් එක අල්ලගන්නකො.මම දැකල තියෙනවා වෙනදට physiotherapist ආවම ඔයා එයා එක්ක ඇවිදින හැටි.හරි මමත් ඒ වගේ මේ හරියෙන් ඉන්නම්.හිමිහිට එන්නකෝ බලන්න".සරෝජ් හිරිපිටිය ඊලඟ අභියෝගය කළේ ඒ අවස්ථාවේය. ඇය ඉදිරිපසට අඩියක් තබා බියෙන් මෙන් ඔහුදෙස බැලුවාය.ඔහු තමා වෙත දෝතම පා සිටින්නේ පෙර පුරුදු ළයාන්විත බැල්මෙන්මය.නිවේතා සිත දිරිගෙන අඩියක් දෙකක් පෙරට තැබුවාය. ජීවිතකාලයේ එකම එක පරිච්ඡේදයක තමා හව්හරණක් නොමැතිව වැටෙමින් උන් සමයක දෝත පා තමා නැගිටුවාලූ ඒ දෑතම අදත් තමා වෙතට එකසේම පා ඔහු සිටී. නිවේතා වාරුගෙන ඉදිරියට පා තබා ආවාය. අඩියක්..දෙකක්..තුනක්...ඉන් පසු ඇය උන්නේ ඔහු දෑතට වාරුවී සිනාසෙමිනි. ඉතින් තමා බිම වැටුණේ පය පැකිලුණේ නැත.."හපනි" හැමදාමත් අසන්නට කැමැති වූ ප්‍රිය ස්වරයෙන් සරෝජ් පැවසුවේය. සුපුරුදු උණුසුමැති දෑත් වලල්ල ඇය වටා එතී තිබුණේ නිවේතාට කිසිදු අපහසුවක් ඇතිනොකරමිනි.."චූටි දූ ඇඩ්මිට් කරන්න තියෙන්නෙ ලබන මාසේ නේද නිවී?".ඇයව මුදාහරිමින් සරෝජ් ඇසුවේය. සරෝජ් හිරිපිටිය තමාට මෙන්ම සිය දියණියට දක්වන මේ සැලකිල්ල නිවේතා වටහාගෙන උන්නේ මානවී ඉතා කුඩා කල සිටමය.."ඔව් ,මට ආසාවේ බෑ".නිවේතාගේ ඇස් මාතෲත්වයේ බලාපොරොත්තු වලින් දිදුලන්නට විය.සරෝජ් ඇය දෙස බලාඋන්නේ මේ ගැහැණිය සිය ජීවිතයේ ඒ අභාග්‍යසම්පන්න ඉරණමට ඒ කාලයේ මුහුණ නොදුන්නා නම් ...යන සිතුවිල්ලද ඇතිවය.."කෝ බලන්න දැන් චූටි බබාව ගෙනාවම අත්තම්මාට පුළුවන් ද බබාව ගන්න කියල".සරෝජ් සිය අතේ වූ පොත ඇය දෝතේ තබමින් පැවසීය. දකුණත තවමත් නුහුරු වුව වමත මනාව සුහුරුව ඇති හෙයින් නිවේතා පොත දෑතින් බදාගෙන මෙන් අල්ලාගත්තාය.."අත තමයි.."නිවේතාගේ මුහුණ බෙරිව ගියේ තවමත් අත හොඳින්ම ක්‍රියානොකරන හෙයිනි.."නෑ කොහොමත් අත සනීප වෙන්න ටිකක් කල් යනවනෙ.ඩොක්ටර්ස්ලා වගේම ඔයාගේ තෙරපි කරන යාලුවෝ ටිකත් ඒක කිව්වනෙ නේද? කලබල නොවී අපි බලමුකො නිවී".සැබවින්ම සරෝජ් හට ඇත්තේ කඩාවැටෙනා සිතක් නිවාලිය හැකි ස්වරයකි.ජීවිතය තමා හට ගෙන ආ ඉරණම තමා විසින් භාරගත යුතුය.මෙතුවක් කල් දෛවය කළ සියලු සරදම් තමා හට ලැබුණේ ජීවිතය අගාධයට හෙළමිනි.නමුත් ඒ කිසිවක් හමුවේ නොසැලුණු ආදරණීය සබඳතා කිහිපයක් තවමත් තමා වටා ඇත.ඒ හයියම තමා හට ජීවිතය ගොඩනගා ගන්නට ප්‍රමාණවත් බව නිවේතා වටහා ගෙන උන්නාය..කෙතරම් කාර්යබහුල චරිතයක් වුවද සරෝජ් හිරිපිටිය නිවේතා වෙනුවෙන් හැකි පමණින් තම කාලය වෙන්කොට තැබුවේය. ඇය සුවපත් වීම තමන්ගේ වගකීමක් බව ඔහු විශ්වාස කළා බඳුවිය. ඇය සුවපත් වූ පසු තවදුරටත් තමා ඇසුරේ මේ නිවසේ සිටි ද එසේ නැතහොත් කුමන තීරණයක් ගනීවිද යන්න සම්බන්ධව නිතරම සරෝජ් තුළ මහා දෙගිඩියාවක් පැවතුනේය. ඔවුන් දෙදෙනා අතර නිශ්චිත යැයි කිව හැකි සබඳතාවයක් නැති වුවද ඇය තමා සතු ප්‍රේමණීය වස්තුවක් බව ඔහු තම සිතටම සැමවිටම ඒත්තු ගැන්නුවේය..දේශපාලන ලෝකය කිසිදා සුන්දර එකක් නම් නොවේ. සරෝජ් හිරිපිටිය කෙතරම් ගැටුම්කාරී තත්ත්වවලින් මිදී ඈත්ව සිටියද විවිධාකාර දේශපාලන පක්ෂ අතර සිදුවන ඝට්ටන සමුදායට මැදිවීම අනිකුත් ඇමතිවරුන්ට මෙන්ම ඔහුටද පොදු විය.ඉදිරියට එන පාර්ලිමේන්තු මැතිවරණය හමුවේ සරෝජ් හිරිපිටියට ප්‍රධාන අමාත්‍ය ධුරයක් අනිවාර්යෙන්ම ලැබෙනු ඇතැයි පැතිරී ගිය හාහෝව විවිධාකාර පක්ෂ අතර සහ පුද්ගලයන් අතර ගැටුම්කාරී තත්ත්වයන්ගේ කොනකට ඔහුද ඇදෙන්නට හේතුවක් විය..කියන්නට දෙයක් නොමැති තැන පුද්ගලයෙකුගේ පෞද්ගලික ජීවිතය ඇදගෙන මඩ ප්‍රහාර එල්ල කිරීම සාමාන්‍යයෙන් ශ්‍රී ලාංකික දේශපාලනයේ පොදු පුරුද්දකි. තමා මෙන් නොව ප්‍රධාන අමාත්‍ය ධූරයට ඇස ගසාගෙන සිටින්නා වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කිහිප දෙනෙක් සරෝජ් හිරිපිටියට විරුද්ධව සිය ප්‍රචාර දියත් කරන්නට පටන් ගත්තේ මේ අතරය.."සර් පොඩි ප්‍රශ්නයක්.ප්‍රශ්නයක් කිව්වට ඇත්තෙන්ම ප්‍රශ්නෙකුත් නෙමෙයි.මේ එක එකාගේ gossip දැන් පැතිරෙන්න පටන් අරගෙන.ඉලෙක්ෂන් එක කිට්ටු වෙනකොට එක කට්ටියක් පුදුමාකාර බයෙන් ඉන්නේ සර්ට මිනිස්ටර් post එක ලැබේවි කියලා.".කාර්යාලයේ සෙනග අඩු මොහොතක සරෝජ් හිරිපිටිය වෙත පැමිණි සංජය පැවසුවේ සිය ජංගම දුරකථනයේ එක් ප්‍රවෘත්තියක් පෙන්වමිනි.සමාජ ජාල ගත පේජයක සරෝජ් හිරිපිටිය සහ නිවේතාගේ සේයාරුවක් අලුත් ප්‍රවෘත්තියක් මවා තිබුණි..වසර ගණනාවකට පසු කඩවසම් නියෝජ්‍ය ඇමතිවරයාගේ අනියම් බිරිඳ හෙළිවේ. නීත්‍යානුකූල බිරිඳගේ මරණය සැකයකි..සරෝජ හිරිපිටියගේ මුහුණේ මස් පිඩු කෝපයෙන් නලියන්නට විය. හිමගිරක් මෙන් නිසල වුවද සරෝජ් කෝපගත්විට හැසිරෙන අන්දම සංජය වුවද දැක ඇත්තේ වරක් හෝ දෙකක් පමණි.එවන් ඉවසීමක් ඇත්තෙක් මෙසේ කෝපගැනීම කොහෙන් කෙළවර වේදැයි සංජයටම සිතාගන්නට අපහසුය..නොසරුප් වදන් වැලක් මුවගින් පිටවෙද්දී සරෝජ් හිරිපිටිය උන් අසුනද බිමට ඇදවැටෙන සේ පයින් ගසාගෙනම නැගී උන්නේය.."සර් ප්ලීස්. මේක මම කට්ටිය එහෙමෙහෙ වෙනකල් ඉඳලා සර්ට කියන්න ආවේ ඔන්න ඔය තරහ එන බව දන්න නිසා.අද කාලේ සෝශල් මීඩියාවල පතුරු ගහන සිද්ධි වලට ආයුෂ තියෙන්නෙ සතියක් නැත්නම් දෙකක්.අලුත් එකක් ආවගමන් හැමෝටම ඒක මතක නැතිවෙනවා.ඒ නිසා ටිකක් ඉවසමු සර්".සංජය අඩියට දෙකට සරෝජ් අසළට පැනගත්තේය.සරෝජ් සිය දබරැඟිල්ල සංජයගේ මුහුණ අසල ලෙලවාලීය.."අද දවස ඉවර වෙන්නකලින් ඔක්කොම සයිට්ස් වලින් මේක අයින්වෙන්න ඕනෙ හරිද? එතනින් එහාට මේක පස්සෙ ඉන්නෙ කවුද කියන එකත් මමම හොයාගන්නම්"."හරි හරි මම දැනටත් ඒක හොයන්න සෙට් කරගෙන ඉන්නෙ.සර් කාම්ඩවුන් වෙන්නකො".සංජයගේ බසින් මඳක් නිවීගිය සරෝජ් යළි අසුනටම ඇදවැටුණේය..***.යළි හමුවෙමු.කිත්මා වාසනා දහනායක.( විසිරි සිහින).Posted by විසිරි සිහින at 1:57 AM No comments:.Email ThisBlogThis!Share to TwitterShare to FacebookShare to Pinterest.Labels: හසරැල් සැලුණාවේ (නවකතාව ).Sunday, May 22, 2022.19. දහනව වෙනි කොටස ( හසරැල් සැලුනාවේ ).හසිත වහ වහා ගෙන ආ රෝදපුටුවට නිවේතා මාරුකළේද සරෝජ් විසිනි. සේවකයකු විසින් විවෘත කළ දොරෙන් ඇතුළට රෝදපුටුව තල්ලුකොට ගෙන යන ඔහුගේ අතක උණුසුම සිය උරහිසට දැනෙද්දී ඇසට ගලාඑන කඳුලු වලකාගන්නට නිවේතා අසමත් වූවාය. ඒ කඳුල ඉකියක්ව පිටට නොඑන්නට දරාගනිමින් ඇය නෙතුපියාගෙනම උන්නාය.." ට්‍රීට්මන්ට් වලට පහසු නිසා මං පහළ තට්ටුවේ කාමරයක් සූදානම් කරන්න කිව්වා. චූටිදුව ගිහින් පොඩ්ඩක් බලන්න ඔක්කොම හරිද කියලා. ඒක හරි නැත්තම් අපි වෙන කාමරයකට ශිෆ්ට් වෙමු".සරෝජ් පහළමාලයේ කාමරයක් අසළ නැවතෙමින් මානවීට පැවසුවේ ඇසින් නිවේතාද සමගින් ඇතුළට යන ලෙස පෙන්වමිනි.ඇයට සුවපහසුව කෙතෙක් සැලසුවද ඇයගේ රුචිකත්වයට එය ගැලපේදැයි සිතාගන්නට නොහැකි හෙයින් ඊට කාලය දිය යුතුය..මානවී නිවේතාගේ රෝද පුටුව හසිතට කාමරයට තල්ලු කරගෙන යන්නට ඉඩ දී ඒ පසුපසින් කාමරයට ඇතුළු වූවාය. නිවේතා කාමරය සිසාරා එකම ඇස් බැල්මක් හෙළුවේ තමා කැමති හැමදේම සරෝජ් කෙසේ වටහාගෙන ඇත්දැයි අදහා ගන්නට බැරි තරම් විමතියෙනි..සරෝජ් සහ තමා අතර කතාබහ සංවාදයන් පැවතුණේ අල්ප කාලයකි.ඒ ගතවූ කාලයේ හෝ තමන් දෙදෙනා අතර සිය රුචි අරුචිකම් සම්බන්ධයෙන් කිසිවක්ම කතබහට ලක්නොවූ බවද නිවේතාට සිහිවිය. මානවී සහ නිලීකා වෙතින් දැනගන්නාවූ යම් යම් කාරණා මිසක සරෝජ් මේ සා තමා ගැන වටහාගන්නට ඉඩක් නොමැත. ඒ පැනයද හිත තබාගෙනම විමතිය මුසු බැල්මෙන් නිවේතා මානවී දෙස බැලුවාය.."මගෙ දිහා ඔහොම බැලුවාට ඉතින් මට කියන්න දෙයක් නෑ සුදූ. මේවා ඔක්කොම සරෝජ් අංකල්ගෙ වැඩ".මානවී ඇයගේ වතට එබෙමින් පැවසුවාය.."ඇයි කාමරේට කැමති නැද්ද ?වෙනස් කරන්න ඕනද ? නැත්නම් වෙන කාමරයක් බලමු".සරෝජ් පැමිණ සිටියේ තමා අසලටමය.නිවේතා හිස දෙපසට වනා එය එසේ නොවේ යැයි පැවසුවාය.මීට වඩා සිත නිවාලන තැනක් ඇත්නම් ඒ තම නිවසම පමණි.."තව ටිකකින් නර්ස් ඒවි. ඒ ආවම චේන්ජ් කරගෙන ඇඳට මාරුවෙමු. චූටි දුව එහෙනම් නර්ස් ආවම කරන්න ඕන දේවල් ටික කියලා දෙන්න.මම උඩ රූම් එකට යනවා.ආ..ඔයාටයි හසිතටයි මෙතන නෙක්ස්ට් රූම් එක ඇරේන්ජ් කරල ඇති.නර්ස් ආවම පොඩ්ඩක් රෙස්ට් කරල ඉන්න".කාන්තාවන් කාන්තාවන් අතරේ කතාබහ විය හැකි කාරණා සම්බන්ධයෙන් තමා මෙතැන සිටීමම සමහරක් විට අපහසුතාවයකට හේතුවනු ඇතැයි සරෝජ් වටහාගත්තේය. ඉතින් කෙටි වේලාවකට හෝ තමා මෙතැනින් මිදීයාම උචිත බව ඔහුට දැනුණි..නිවේතා සරෝජ් හැරී යන දෙස බලාඋන්නාය.ළය මත්තේ දැඩිව තදවූ සුසුමක් ඉබේම නිදහස් ව යනු ඇයට දැනුණි.මානවී අම්මාගේ මුහුණ දෙස නිහඬව බලාඋන්නාය.."අම්මි ජනෙලෙ ගාවට යං.එන්නකො ඔයාට මෙතන සීනරි එක පෙන්වන්න".මානවී රෝදපුටුවට මඳ තල්ලුවක් දුන්නාය. කාමරයේ ජනේලය විවෘත වූයේ ඈතින් දිලෙනා කුඹුරු යායකටය. නිල්ල නිලන නිල්වන් කුඹුරු යායට මායිම්වන සරෝජ්ගේ ගෙවත්ත සිමෙන්ති වැටකින් මායිම් කොට තිබුණි.සිමෙන්ති වැට දිගටම මල්පුරා ගොස් තිබූ කහ සහ නිල් මල් වැල් රැසකි. නිවේතා පහන්ව යන සිතින් යුතුව එදෙස බලාඋන්නාය.."ලස්සනයිනේ?".මානවී ඒ දසුනෙන් වශීවී මෙන් ඇසුවාය.නිවේතාද හිස වනා පිළිතුරු දුන්නේ එය අනුමත කරමිනි. රෝගයක් සුව වන්නට ගතට මෙන්ම සිතටද ඔසු අවශ්‍ය වේ. ගත දුබල වන දා එයට කෙතෙක් ප්‍රතිකාර කළ ද සිත සවිමත් නොවේ නම් ඒ කිසිදු ප්‍රතිකාරයකින් පලක් නොවේ. ඒ කාරණය සරෝජ් මනාව අවබෝධ කරගත් හෙයින් නිවේතාගේ ඉදිරි ප්‍රතිකාර කටයුතු සියල්ල මනාව සංවිධානය කළේ නිලීකාගෙන් සහ මානවී ගෙන් ඇය සම්බන්ධ දේ අසා දැනගෙන ය.."මේවා...මේවා..?".නිකිතා කාමරයේ වූ තිර ඇතිරිලි පෙන්වමින් මානවී ගෙන් විමසුවේ ඇයගේ රුචිකත්වය සරෝජ් දැන ගත්තේ කෙසේදැයි ආයාසයෙන් අසන්නට ය .."ඔයාට ඒවායින් වැඩක් නෑනේ අන්තිමේ කොහොමහරි ඔයා ආස විදිහට ඔක්කොම තියෙනවනේ?".මානවී අම්මාගේ කොපුලක් සෙමින් මිරිකමින් පැවසුවාය..මෙතුවක් කල් ජීවිතයේ පිටට පෙන්වා තිබූ අකමැත්තට වඩා යටි සිතේ තදවී තිබු කැමැත්ත මතුවී ගෙන එනු නිවේතාට ක්‍රමයෙන් දැනුනි.."ඔන්න මම ආවා. අපි වොශ් එකක් දාලා චේන්ජ් කරගෙන ඉමු නේද මැඩම්?".කාමරයේ දොරට තට්ටු කොට ඇතුළට පැමිණි හෙදිය ඇසුවේ නිවේතාගෙනි. පෞද්ගලික හෙද ආයතනයකින් පැමිණි ඇය සැබැවින්ම ප්‍රියමනාප වූ තරුණියක් වූවාය. නිවේතා මද සිනහවක් පා මානවී දෙස බැලුවාය."අම්මි එහෙනම් මේ මිස් එක්ක ගිහින් වොෂ් එකක් දාගෙන එන්න. මම චුට්ටක් එහා කාමරයට ගිහින් රෙස්ට් එකක් ගන්නම්".මදක් ඇයගේ මුහුණට පහත් වී කුඩා සිපුමක් කම්මුලෙහි තැබූ මානවී හෙදියට ද සිනහවක් පා කාමරයෙන් පිටවී ගියාය .."මැඩම් මම චාමලී. අපි එහෙනම් යමු වොශ් එකක් දාලා එන්න".චාමලී නිවේතාගේ රෝදපුටුව ඉදිරියට තල්ලු කරගෙන යමින් පැවසුවාය. දකුණු අර්ධය තාමත් හරි හරියාකාරව ක්‍රියා කරන්නේ නැති හෙයින් ඇයගේ සහය තමාට ලබා ගන්නට සිදුවෙයි.නමුත් මෙතුවක් කාලයක් ස්වාධීනවම කරගෙන ආ තමන්ගේ සියලු වැඩකටයුතු විශේෂයෙන්ම සෝදා පවිත්‍ර කර ගැනීමේ කටයුතු තවකෙකුහට නිරාවරණය වන්නට සිදුවීමම මහත් අසරණ භාවයකි.ඇසට කදුලක් උණා එද්දි නිවේතා සුසුමකින් එය මගහැරවා ගන්නට තැත්දැරුවාය..ගත දොවා අලුත් ඇඳුමකට මාරුවීමේදී ද බොහෝ දුරට හෙදියගේ සහාය ලබා ගන්නට නිවේතාට සිදුවිය.."මැඩම්ට තෙරපි කරන්නට පටන් ගත්තට පස්සේ ඕව ටික ටික හරි යාවි.ඒ නිසා වැඩිය ඕවා ගැන හිතන්න එපා".නිවේතාගේ අපහසුතාවය වටහාගත් චාමලි ඇයගේ අතකින් අල්ලාගෙනම පැවසුවාය.දෛනික කටයුතු වලදී තවකෙකු මත යැපීම කෙතරම්ම කෙනෙකුහට අසීරු ද යන්න චාමලී සිය වෘත්තීය අත්දැකීමෙන්ම වටහා ගෙන උන්නාය.නිවේතා බොහෝ අසරණව පිළිතුරු සිනහවක් පෑවාය..යළිත් සරෝජ් සහ නිවේතා හමුවූයේ සවස් යාමයේ දී තේමේසයේ දීය.."පුළුවන් තරං අම්මව කෑම මේසෙටත් එළියටත් එක්ක යන්න ඕන චූටි දුව.ඔයාලා ඉන්න දවසට ඔයාලත් චාමලීට උදව් කරන්න. නැත්නම් එයා කාමරයටම වෙලා ඉන්න බලාවි".චාමලී නිවේතා කාමරයෙන් තේ මේසය වෙත කැඳවාගෙන එන තෙක් බලා උන් මානවීට සරෝජ් හිරිපිටිය පැහැදිලි කළේ ඒ ආකාරයට ය. හැකිතාක් දුරට සාමාන්‍ය ජීවිතයට අනුගත කළ යුතුය.සමහරවිට එයඒ තරම්ම පහසු දෙයක්ද නොවනු ඇත..නිවේතාගේ මුහුණට අලුත් එළියක් වැටී ඇති බව මානවී දුටුවේ ඇයගේ වත දුටු ක්ෂණයෙහිමය.ඇතැම් විට එය රෝහලෙන් පිටව විත් ගත දොවා පහසු ආකාරයට සිටින්නට ලැබීම නිසා වන්නට ද ඇත.නමුත් ඊට වඩා අම්මාගේ ඇස් වල අමුතු බැබළීමක් තිබේයැයි මානවීට සිතුනි.."නිවී, දැන් කලින්ට වඩා ඇඟට පහසු ද?".සරෝජ් ඇසුවේ ඔහුගේ සුපුරුදු සාමාන්‍ය හඬිනි.නිවේතා නිහඬවම හිස වැනුවාය.." ඔලුව වනනවාට වඩා නරකද කතා කරන්න උත්සාහ කළා නම් ටිකක්.කොහොමත් ඔයාට speech therapist කෙනෙක් එනවා හෙට ඉඳලා.ඒ කියන දේවල් චාමලී එක්ක හරිවිදිහට කරන්න. අනිත් දේවල් වලටත් අපි therapy පටන් ගන්නවා මේ සතියෙ ඉඳලම".සරෝජ් පැවසුවේ ඇයගේ වැඩකටයුතු සම්බන්ධව තීරණ ගැනීම වචනයෙන් මෙන්ම ඉරියව්වෙන්ද පෙන්වමිනි. මානවී සියල්ල නිහඬව යටිසිතින් සිනහසෙමින් බලා උන්නාය..මේ ටොම් ඇන්ඩ් ජෙරීලා දෙන්නා මෙහෙමවත් එක තැනක ඉන්න එක කොච්චර දෙයක්ද ?අපේ අම්මිගෙ පුස්පාට් දැන්වත් අඩු වෙලා ගියොත් ලොකු දෙයක්..ඇය යටි සිතින් සිතුවාය.එතුවක් කල් ජීවිතයේ අම්මා තමා වෙනුවෙන්ම සියලුම දැ කැප කළාය. සරෝජ් අංකල් හට අම්මගේ සිත තුළ වූ සෙනෙහස ඇයට කිසිදා රහසක් වූයේ නැත.නමුත් අම්මා සැමවිටම සිය සිතුවිලි සඟවා තබන්නට උත්සාහ ගත්තාය.නමුදු මේ සෙනෙහස සිත ඇතුලේ තබාගෙන ඇය සැමදා දුක් විඳි බව තමා දනී. කෙතරම් අභාග්‍ය සම්පන්න තත්වයක් වුවද මේ සිදුව ඇත්තේ ඔවුන් දෙදෙනා යළි එක්කිරීමේ ඉරණම් තීරණයක් නම් එය ඉතසිතින්ම පිළිගන්නා බවට මානවී සිය සිතට ඒත්තු ගැන්වුවාය..***."තේ බීලා ටිකක් මිදුළට යන්න චූටිදුවයි චාමලීයි එක්ක.චූටි දුව ඔයාල අද මෙහෙ ඉන්නවානේද? දවසක් දෙකක් ඉඳල යන්න.නැත්නම් අම්මාට පාලු හිතෙයි".සරෝජ් හුනස්නෙන් නැගී සිටිමින් පැවසුවේය. නිවේතාහට සිය නිවෙස සහ ඒ ආශ්‍රිත සියලුම දේ හුරුවන්නට නිදහස දිය යුතුය.තමා සිටිනා විට තවමත් ඇය සිටින්නේ අපහසුතාවයකින් බව ඔහුට වැටහෙයි.එහෙයින් කෙටි වේලාවකට හෝ නිවසෙන් බැහැරව යෑමට සරෝජ් තීරණය කළේය.."අනේ අංකල් හෙට මම වැඩට යන්න ඕන. බබී විතරක් මෙහේ තියල ගිහිල්ලත් බැහැනේ.අපි තව ටිකක් හවස් වෙලා යන්නම්.ඊළඟට එන්නේ week end එකනෙ.අපි නවතින්නම බලාගෙන එන්නම්".නිවේතාගේ සහ සරෝජ්ගේ මුහුණ දෙස මාරුවෙන් මාරුවට බලමින් හසිත පැවසුවේ සමාව අයදින ස්වරයකිනි. නිවේතාගේ මුහුණ මොහොතකට බෙරිව ගියද ඇය ඒ හැඟීම යළි වලකා ගත්තාය.."අංකල් කොහෙද යන්නෙ?".මානවී ඇසුවේ නිවේතාගේ සිතතුළ තෙරපෙමින් තිබූ පැනයය.නිවේතාද දැස් දල්වාගෙන ඔහුගේ වත දෙස බලාඋන්නේ පිළිතුර අපේක්ෂාවෙනි.." මම යාළුවෙක් මුණගැහෙන්න පොඩ්ඩක් ගිහින් එනවා චූටිදුව".නිවේතාගේ දෑස් මගහරිමින් මානවීට පිළිතුරු දුන් සරෝජ් සමුගැනීමකුදු නොකොට රිය ගෙන්වාගෙන පිටව ගියේය. නිවේතාගේ සිතෙහි සියුම්ම වේදනාවක් ඇහැරෙමින් තිබුණි. ඒ වේදනාවට සමගාමීව නෙත් පුරා පිරුණු කඳුළක් කොපුල් දිගේ ගලා බැස්සේ ය .."ඇයි අම්මි , අනේ ඇයි ඔයා අඬන්නෙ?".මානවී අඩියට දෙකට නිවේතා අසලට ළං වූවාය. අම්මාගේ ඇස් වල ඇත්තේ වේදනාත්මක බැල්මකි. ඇයගේ සිත තුළ පවතින්නාවූ දේ කුමක් දැයි සිතාගන්නට මානවීට නොහැකිය.."ට..ර.හ වෙ.ල්.ලා".සරෝජ් ගිය දෙසට වම් අත දිගු කරමින් පැටලෙන ස්වරයෙන් නිවේතා මුමුණද්දී මානවීගේ මුවගට ආවේ මුදු සිනහවකි.හසිතද සිය සිනහව විසිරයායැයි බියෙන් මෙන් වහා ඉවත බලාගත්තේය..මේ මොහොතේ අම්මාහට කැපෙන්නටම උත්තරයක් දෙන්නට මුව නලියන්නේ වුවද ඇය ඉන්නා තත්වය මත එවැන්නක් කීම නුසුදුසු බව මානවී වටහාගෙන උන්නාය.."තරහා වෙලා නෙමේ .එයාට ඉතින් වැඩ තියෙනවනේ.අපි ගාවට වෙලාම ඉන්න බැහැනේ.හා හා තේ බීලා ඉවර නම් අපි යන්කෝ මිදුලට.චාමලී ඔයාට පුලුවන් නේද වීල්චෙයා එක ගන්න".නිවේතාගේ ශෝකාකූල මුහුණ දෙස බලමින් මානවී ඇයගේ අවධානය වෙනස් කරන්නට යෝජනාවක් ගෙන ආවාය. අම්මා කවදත් ගස් කොළන් අතර සැරිසරන්නට ඉතා කැමැතිය..චාමලී රෝදපුටුව මිදුලට ගෙන සුදු වැලි ඇතිරූ මාවත දිගේ නිවේතා රැගෙන ගියාය. සුදු පාට වැලි අතුළ මාවත දෙපස කළු පැහැයෙන් කෙටි උසකින් මායිම් තාප්පවලින් සීමාකොට තිබුණි.එම මායිම් ගැටි දෙකට ඔබ්බෙන් වූයේ සිහින් දිග පත් ඇති කොළ පැහැති විසිතුරු ශාක ගොන්නකි..කාලයක් තිස්සේ උමතුවෙන් මෙන් පැල තවාන් වල ඇවිදිමින් විවිධාකාර විසිතුරු පැල එක් රැස්කිරීම නිවේතාගේ විනෝදාංශයක් විය.උද්‍යාන අලංකරණයේදී ඒ ඒ ස්ථානවලට ගැලපෙන්නා වූ ශාකයන් තෝරා ගැනීමට ඇය ඉතා දස්කම් දැක්වූවාය. සරෝජ්ගේ නිවසේ මිදුලේද උද්‍යාන අලංකරණයට කවුරුන් හෝ පළපුරුදු වෘත්තිකයෙක්ගේ සේවය ලබා ගෙන ඇති බවක් පෙනේ.නඩත්තුවද මනාව පවත්වාගෙන යයි..සැලකිය යුතු තරම් ඉඩවපසරියක් හිමි සරෝජ්ගේ ගෙමිදුලේ අස්කොන් සියල්ලටම යා හැකිවන සේ සුදු වැලි අතුළ මාවත් සකසා තිබුණි.."අමුතුවෙන් ජොගින් පාත්වේස් ඕන්නෑ අංකල්ට නම්. මේ වත්තේම ඇවිදින එක මාරම ශෝක්.අනික හිතටත් සනීපයි නේ අම්මි".මානවී හසිතගේ අතෙහි එල්ලීගෙන ඔවුන් හා සමගාමීව ඇවිදින අතරේ පැවසුවාය.වෙල් යායම පිස හමන්නේ සනීපදායක සුලඟකි. දාහය නම් බිඳක් හෝ ඇත්තේම නැති තරමය. වත්ත කෙළවරකට වන්නට පළතුරු ගස් යායක් වවා ඇත.දේශීය හැම පළතුරක්ම පාහේ එහි ඇතුවා සේය..මානවී ඉදීගෙන එන්නා වූ ඇඹිල්ල කරල් කිහිපයක් කඩාගෙන සෙමින් සපමින් අවට සිරි නැරඹුවාය. අම්මා සුවවන්නට ඕනෑවටත් වඩා පහසුකම් මෙහි ඇත.ඉතින් හවස් යාමයේ තමා පිටවයෑම සුදුසුමය..නිවේතා සන්සුන්ව යන සිතින් හාත්පස බලමින් උන්නාය.ඇය සිතතුළ එකින් එක පොදි ගැසෙන්නේ සරෝජ්ට මුහුණ දෙන්නට අපහසු චකිතය විනා අන්කිසිවක් නොවේ.ඔහු සිටින්නේ කිසිවක්ම ගණන් නොගත් ආකාරයටය. එය හිතට දරාගන්නට නොහැක්කකි.බනිනවා නම් දොස් නගනවානම් හිත හදාගන්නට හැක.නමුත් සරෝජ්ගේ දඬුවම් දීම වෙනස්ම ආකාරයක එකක්ය...සරෝජ් යළි පැමිණියේ බොහෝ රෑවීය. ඒවන විට මානවී සහ හසිත නික්ම ගොස් තිබුණි. සේවක මණ්ඩලයේ කිහිප දෙනෙක් මෙන්ම චාමලීද සිටිනා හෙයින් මානවී අම්මාගෙන් සමුගෙන ගියේ සිතේ බරක් නොමැතිවමය.."මැඩම් රෑට ලයිට් ඩයට් ගන්නෙ කියලා පොඩි මැඩම් කිව්වා.අපි එහෙනම් සුප් එක්ක කෝසස් ගම්මු. කෑම මේසෙට ඇරලා තියෙන්නෙ. යමු නේ".සවස මිදුලේ ඇවිද ඒමෙන් මඳ වෙහෙසකට පත් නිවේතා සයනයට ඔසවා මෙන් තැබුවේ හසිතය.තවමත් අනතුරෙහි විවිධාකාර සංකූලතා ශරීරයට බලපෑම් ඇතිකරමින් තිබේ.එහෙයින් විවේකය ඉතාම අවශ්‍යය. සරෝජ් එනතුරා බලාඋන්නද චාමලීහට ආ ඇමතුමෙන් අණකෙරුණේ තමන්හට රාත්‍රී අහරගෙන බෙහෙත් බී නිදාගන්නා ලෙසය.කිසිදා නොවූ අන්දමින් තමා ඔහු එන මගක් බලන්නේ මන්දැයි නිවේතාටම ගැටලුවකි.ඇය බෙරිව ගත් වතින් යුතුව ඕනැවට එපාවට මෙන් අහරගත්තාය. චාමලී අතින් ලද බෙහෙත් ටික බී සයනයට වට ඇයගේ නෙතු අතරට නින්ද ලඟාවූයේ ඉතා ඉක්මනිනි..***.යළි හමුවෙමු.කිත්මා වාසනා දහනායක.( විසිරි සිහින).Posted by විසිරි සිහින at 4:58 AM 4 comments:.Email ThisBlogThis!Share to TwitterShare to FacebookShare to Pinterest.Labels: හසරැල් සැලුණාවේ (නවකතාව ).Newer Posts Older Posts Home.Subscribe to: Posts (Atom).Followers.මම සිහින දකින්නියක්මි.විසිරි සිහින.විසිර ගිය සිහිනයන් එකතු කර රැගෙන එමි.View my complete profile.Total Pageviews.Labels.My Diary.travel notes.අදහස්.අපූරුම දේවල්.අරමුණු.උගත් පාඩම්.ඔබ ආයෙමත් ඇවිදින් ( නවකතාව ).කෙටිකතා.පරිවර්තන.මතක.මතකයේ රැඳෙන පොත්.රයිලිගෙ කතා.විසිරි කවි.විසිරි සිතුවිලි.විසිරිගෙ සේයා රූ.....වෙනත් අයගේ කියවපු අපූරු කතා.සඳක් සේ ( නවකතාව).සමාජ විපරම්.සෞඛ්‍ය.හසරැල් සැලුණාවේ (නවකතාව ).හැඟීම්.Blog Archive.▼ 2022 (25).▼ September (2).2022(04) ඔබ නොදුටු මසිත.2022(3) අනේ නුඹ කවියක් වුනා නම්.► August (1).2022 (2) නුඹ තරම් සෙනෙහසක්.► July (2).2022 (01) ප්‍රේමයක තතු.23. අවසන් කොටස ( හසරැල් සැලුනාවේ).► June (2).22. විසි දෙවෙනි කොටස ( හසරැල් සැලුනාවේ).21. විසි එක්වෙනි කොටස ( හසරැල් සැලුනාවේ ).► May (5).20. විසි වෙනි කොටස ( හසරැල් සැලුනාවේ ).19. දහනව වෙනි කොටස ( හසරැල් සැලුනාවේ ).► April (4).► March (4).► February (4).► January (1).► 2021 (56).► December (2).► November (6).► October (6).► September (9).► August (9).► July (10).► June (3).► March (1).► February (4).► January (6).► 2020 (58).► October (9).► July (3).► June (6).► May (7).► April (21).► March (11).► February (1).► 2019 (18).► December (1).► November (1).► October (1).► August (1).► May (1).► April (9).► February (2).► January (2).► 2018 (20).► December (10).► August (1).► June (1).► May (2).► April (1).► March (1).► February (2).► January (2).► 2017 (59).► December (2).► November (2).► October (4).► September (2).► August (5).► July (1).► June (6).► May (7).► April (6).► March (9).► February (5).► January (10).► 2016 (22).► December (13).► November (4).► October (5).my blog list.Ian's Den ඉයන්ගේ අඩවිය.ජවිපෙ ගමන නිමයි, නායක අනුර කියයි..! (from LankaeNews).Transylvania."මූව මග්ගොනට යවන්න ඕනේ ".අනිත් කොන - a doctor's heart sutra.The social function of music....කොළඹ ගමයා.බ්‍රිතාන්‍ය රජ පවුලේ ජර්මන් හා රුසියානු සම්බන්ධතා.කඩදාසි කොලේ.361: උන්මාද චිත්‍රාදෝ මා - පසුවදන.ජිවිතේ යාත්‍රාව.නිද්‍රාව..නිදහස් සිතුවිලි.682. අද සිරී ලම්කාවෙ වහා විසඳාගත යුතු දැවෙන පස්න හෙවත් බෙර්නිං කුවෙස්චන්ස්.....රසිකොලොජි - Rasikology.සල්මන් රුෂ්ඩි සහ මට හමුවුණු ජාත්‍යන්තර අයියලා තුන් දෙනෙකුගේ කතා - Salman Rushdie and other stories.සොඳුරු සඳවතී.අහන්නකො......ගස් ලබ්බ.අටම්පහුර.ඉස්සෙල්ලම ගහපු එකා.තරුරසී.තරුණ අපේ හීන මැරූ - උඹල තමයි කම්බ හොරූ....chef-architect.කෑ බනික.මගේ බ්ලොග.53. How Seedr can helped you???.කලාහිත.. Kalahitha.අධි පරිභෝජනවාදයෙන් මිදී සරළ ජිවන රටාවකට හුරුවෙමු.තිලක සිත.මළ ඉලව් ලිෆ්ට් එක.රස්තියාදුකාරයා.සුභ ගමන් ආදරණීය ආටියා...........නොපළ කතා.අ(සම්මුතිය).test post for facebook – Aru-ge adaviya.කඩේ ගියා හෝ නැතා…මේ සින්දුව අහන්න...සින්ඩරෙල්ලාගේ සපත්තුව....!.රූබරිය !.රසුදැල්.මිලියන ගණන් වටිනා 99 මිනිස්සු.වැව් ඉස්මත්ත.කොච්චි මිරිස්.රොශාන් මහානාම,කොච්චියාගේ යාඤාව සහ බුද්ධත්වයට පත් සමන්තබද්‍ර.අහසෙන් එන්න....පස් මසකට පෙර ජීවිතේ පෙරළුණු අලුත් පිටුව.යාං හෑල්ල.ඔපිස් එකේ කොරෝනාගෙන් බේරෙන හැටි - How to avoid Corona at office.සමකය වටේ.Katchatheevu Feast 2020Drone vedio | கச்சதீவு அந்தோனியார் ஆலய திருநாள் 2....Nelum Yaya.ප්‍රන්ස බස සහ ඉංග්‍රීසි බස වෙනුවෙන් මරා ගැනීම.A T Sudarshana.Maharada Oba Giya daa (මා හැර දා ඔබ ගිය දා ).කතා කරන පන්හිඳ.පොකුරු වැහි.හිත්.දුමී.122. කිමද සොඳුරියෙ හඬන්නේ යළි අපිට හිමි වෙනවා අපී.....බස්සිගේ නවාතැන.ඔබේ රහස් සතුටු බුබුළ (Happiness Bubble).කැලේ පිපුණු මල්.01 පළමු දවස 2019 ජූනී 22.උඩුවාගේ සටහන්....රත්නම්ගේ වේදනාව.මාරයාගේ හෝරාව....නිවිති එක්ක දෙල් කිරට....මම එරන්දී... I'm Erandi.STRESS ද?.සින්බෑඩ්ගේ අඩවිය.දිනපොත 25.සජ්ජාගේ පඩංගුව.පරිසරය සමඟ පවුලත් සුරකිමු ...!!!!!.පැමිණ යන්නට මත්තෙන්...හැකි නම් තබන්න සටහනක්..එය මට මහත් දිරියක්. Ethereal theme. Powered by Blogger. |
විසිරි සිහින.විසිරි සිහින.Tuesday, September 27, 2022.2022(04) ඔබ නොදුටු මසිත.ඉතින් පවසමි.ඔබට නොව.හිස් අහසට.කෑල මල් පිරි ගොමුවට.බටිති කූජන අහුරට.මම ඔබට පෙම් කල වග.......ඉතින් සසැළෙමි හිත මත.කියාගත නුහුණු මේ පෙම ගැන.ලියා තබනෙමි ඉතින් රහසෙම...ඒ සොඳුරු වූ ඔබ ගැන .....ඔබ ....කිසිදු විට නොකියවන.මේ මගේ සිතමය.....විසිරි ❤.Posted by විසිරි සිහින at 8:01 AM No comments:.Email ThisBlogThis!Share to TwitterShare to FacebookShare to Pinterest.Labels: විසිරි කවි.Sunday, September 25, 2022.2022(3) අනේ නුඹ කවියක් වුනා නම්.දෙතොලතර හෙමි හෙමින්.පැටලී සිටින්නට.නෙතු අතර ඉසියුම්ම කඳුලක රැඳෙන්නට.හස බිඳක ජීවිතේ මේ යයි කියන්නට.අනේ නුඹ කවියක්.වුනා නම් සිතෙයි මට........පදරුතක නෙතු දවටමින් සිත දවන්නට.මියැසියක තත් සුසර කරමින් ගැයෙන්නට.සෙනෙහසේ මුදු ස්වර දැහැන් වී රැඳෙන්නට.අනේ නුඹ කවියක්.වුනා නම් සිතෙයි මට......විසිරි ❤️.Posted by විසිරි සිහින at 8:58 AM No comments:.Email ThisBlogThis!Share to TwitterShare to FacebookShare to Pinterest.Labels: විසිරි කවි.Friday, August 5, 2022.2022 (2) නුඹ තරම් සෙනෙහසක්.කෙහෙකැරළි අතැඟිලෙන් කන්පෙතග රඳවමින.උණුසුම්ම සුසුමකින් ළං ළංව නෙතුසිඹින.දෝත පා මලක් සේ ළයට තුරුලුව තබන.නුඹ තරම් සෙනෙහසක් කොහේ කොහි නම් විණිද .....?.නෙත් පුරා නුහුරු හැඟුමන් ඉතින් අරන් එන.ලවන් උණුසුම් වෙමින් මුදු දෙතොල් තුළ රැඳෙන.හිස හොවා ගෙල මුලට ආදරේ කියාදෙන.නුඹෙ සුවඳ තවමත්ම මගේ ඇසුරෙම රඳන.අතැර යනු නොහී ලොබ බඳින සෙනෙහෙන් දැවෙන.ළය හොවා මහිස යළි සිඹ සෙමින් පිරිමදින.ළං ළං ව දෑස් තුළ කිමිද සෙනෙහස සොයන.අනේ නුඹ මා පැතූ සිහිනයම විය සබඳ.......කිත්මා වාසනා දහනායක.විසිරි ❤️.Posted by විසිරි සිහින at 4:28 AM 2 comments:.Email ThisBlogThis!Share to TwitterShare to FacebookShare to Pinterest.Labels: විසිරි කවි.Monday, July 25, 2022.2022 (01) ප්‍රේමයක තතු.නිහඬ තත්පර රැසක අවසන.නෝක්කඩු පිරි නුඹේ වුවනත.පසක් කරදෙයි ප්‍රේමයක තතු.ජීවිතේ බෝ අසීරුම කල......විසිරි.❤.Posted by විසිරි සිහින at 11:04 PM 6 comments:.Email ThisBlogThis!Share to TwitterShare to FacebookShare to Pinterest.Labels: විසිරි කවි.Saturday, July 2, 2022.23. අවසන් කොටස ( හසරැල් සැලුනාවේ)."නිවී ඇත්තම කියන්න. ඔයා අකැමතිනම් මම චූටිදුවට කියන්නම් වැඩිය මොකුත් කරන්න එපා කියලා".මානවී සහ හසිතට නින්දෙන් ඇහැරී හඬන කුඩා පුතුගේ රාජකාරි කර ගැනීමට ඉඩ දී සරෝජ් සමගින් යළි නිවස බලා පැමිණෙන නිවේතාගේ කල්පනා බරිත මුහුණ දෙස බලමින් සරෝජ් ඇසුවේ ඇය එතරම් සාද සමාජ වලට කැමැත්තක් නොදක්වන්නේ යැයි සිතූ හෙයිනි ..නිවේතා මද සිනහවක් පා සිය උර හිස වටා වැටුනු සරෝජ්ගේ අතකින් අල්ලා ගත්තාය.."ආස නැ.තු..ව නෙ.මෙ.යි .ඒත් අපි දැන් ව.ය.සයිනේ".නිවේතා හීන් හඬින් පැවසුවේ පස අසුනේ සිටින සංජයට ද නොඇසෙන්නටය. සරෝජ්ගේ මුහුණේ ආදරය පිරි සිනහවක් පහළ විය.."නෑ අපි වයස නැහැ.මට තාමත් ඔයා එදා වගේමයි. කෙල්ලගෙත් ආසාවනෙ නිවී. අපි පුංචියට පාටි එකක් ගම්මු".සරෝජ් හිරිපිටිය නිවේතාගේ හිස සිය උරහිසට වාරු කර ගනිමින් පැවසුවේය. මුවින් නොකීවද නිවේතාද එවන් සැමරුමකට කැමති බව ඔහු වටහාගත්තේ නිතැතින්මය.."දැන් මේ යන ගමන් අපි ඔයාට හෙටට අඳින්න ෆ්‍රොක් එකක් ගන්න යං".සරෝජ් පැවසුවේ අතරැඳි ඔරලෝසුවේ වේලාව බලමිනි.."සාරි අඳින්න ඕන නෑ නිවී. ඒකට ඔයාට කරදරයි.මම දන්න dress designer කෙනෙක් ඉන්නවා .අපි එයා ළඟ තියෙන ඇඳුම් බලන්න යං.shopping complex ගානේ රස්තියාදු වෙන්න ඕන නැහැනෙ එතකොට".සරෝජ් හඳුනන ඇඳුම් නිර්මාණ ශිල්පිනියගේ ඇඳුම් නිර්මාණ ගොන්නෙන් නිවේතාහට ගැලපෙන ගවුමක් තෝරාගන්නට අසීරු නොවීය.." ඔයා ඇඟ ශේප් එකට තියන් ඉන්න නිසා මේ ලා දම්පාට ෆ්‍රොක් එක ලස්සනට මැච් වෙනවා.".නිවේතා නිහඬ සිනාවකින් සරෝජ් දෙස බලා අනුමැතිය පැතුවාය.ඇයට මේ සියල්ල තවමත් සිහිනයකි.සරෝජ් ඇය ගත ලා උන් ඒ ඇඳුම දෙස බලා මහපටැඟිල්ල ඔසවා සිය කැමැත්ත ප්‍රකාශකළේය.."ලස්සනයි"යැයි දෙතොළ මෑත්කොට රහසින් පැවසුවේය. ඒ ඇස්වල එවකටද වූයේ නොවියැකෙන පෙම්වත් බැල්මකි..ගවුමට ගැලපෙන ආයිත්තම් ගැනීමට ගිය පැය දෙකකට ආසන්න සාප්පු සවාරියක අවසානයේ නිවේතා දැඩි වෙහෙසට ලක්ව උන්නාය. සරෝජ් ඇයගේ වෙහෙසට පත් වත දැක නිවෙසට යා යුතු බව තීරණය කළේය.."ඔයාට වෙහෙසයි. අපි ඉක්මනින් ගෙදර යං".නිවේතාගේ හිස සිය උරහිසට වාරු කොට ගත් සරෝජ් ඇයගේ සවනතට මිමිණීය.තමාගේ අපහසුතා ගැන පවා මේ තරම් දුරට සිතන ඔහු කෙතරම් ආදරණීය ස්වාමි පුරුෂයකු වේදැයි නිවේතාට සිතා ගන්නට නොහැකි තරම්ය. සිය ජීවිතයට අහම්බෙන් සපැමිණි ඔහු එකම දිනයකදී සිය පෙම්වතා වීම ද ඉන් අනතුරුව ඔහුගේ ජීවිතයෙන් තමා සදහටම ඈත් වී යාමද මිසක ඔහුගේ අයිතිවාසිකමක් කිසිදිනක තමා නොපැතූ බව නිවේතාට සිහිවිය..එහෙත් අද වන විට ඔහු සිය ස්වාමිපුරුෂයා වීමේ මොහොත එළඹී ඇත.එය සිතට ඇති කරන්නේ ඉමහත් ආනන්දයකි..නිවේතා නිවසට පැමිණි විටම ඇය පිළිගන්නට ඉදිරියට දුව ආවේ චාමලීය.ඇයගේ වත සිනහවකින් හැඩවෙමින් තිබුණි.මේ වන විටත් මානවී චාමලී සහ සංජය ඇතුලු කාර්‍ය මණ්ඩලයට වැඩකටයුතු පවරා ඇතුවා වන්නට බොහෝ ඉඩ ඇත.."චාමලී , මැඩම්ට හොඳටම මහන්සියි වොෂ් එකක් දාලා චේන්ජ් කරන්න උදව් වෙන්න".සරෝජ් හිරිපිටිය නිවේතාගෙ අත මුදාහරිමින් චාමලී වෙත ඇයව පැවරුවේය. ඇස් ඉඟියෙන් කාමරයට යන්න යැයි පවසා ඉහළමාලයට පිය එසවීය.."මැඩම්ගෙ මුහුණේ ලස්සන අද ? සතුටින්ම ඉන්න මැඩම් .ඉතිං හෙට ඔක්කොම දේවල් හරි ලස්සනට සිද්ධවේවි.".චාමලී ඇඟ සෝදා පැමිණ ඇඳුම් ගතලූ පසු නිවේතාගේ ඇඳුම් සකස් කරමින් පැවැසුවාය. මඳ වෙහෙසක සිටි හෙයින් රාත්‍රී ආහාරය වන තුරු මදවේලාවක් සයනයට වී වැතිර උන් නිවේතා සරෝජ් සමඟින්ම රාත්‍රී ආහාරය ලබාගත්තාය.."නිදිමතද ඔයාට?".රාත්‍රී ආහාරය අවසන්ව කාමරය වෙත නිවේතා අතින් අල්ලාගෙන යන අතරේදී සරෝජ් හිරිපිටිය ඇසුවේය. නිවේතා හිස දෙපසට වනා නිදිමතක් නැති බව හැඟවූවාය.."අපි ටිකක් කතා කරමු එහෙනම්".සරෝජ් නිවේතා සමගින් පියමැන්නේ නිවේතාගේ කාමරයට යාබදව ඇති එළිමහන් වැරන්ඩාවටය.සඳ එළිය ගස් අතරින් පෙරී ගෙන ගලා එමින් තිබුණි.මඳ සුළඟේ දැවටී එන සේපාලිකා මල් සුවඳ නැහැ පුඩු සිසාරා හමා යන්නට විය.."සේපාලිකා?".නිවේතා සරෝජ් හිරිපිටිය දෙස බලමින් ඇසුවාය.."ඔව් මම පැලයක් ගෙනල්ලා හිටෙව්වේ මේ වත්ත ගත්තු දවස් වලමයි.දැන් මේකෙ මල් පිරෙනවා.ඔයාට මතකද ඉස්සෙල්ලා මම ඔයාලගේ ගෙදරට ආව දවසේ ඔයාලගේ සේපාලිකා ගහෙන් මල් ටිකක් අරන් ඔයාගේ අතේ කිව්වා".අතීත මතකයන් ඇවිස්සීම තරම් සුන්දර දෙයක් ජීවිතවල තවත් තිබේද ? එහෙත් මෙතුවක් කාලයකට තමාගේ යටි සිතේ පමණක් තිබේ යැයි සිතූ ඇතැම් සුන්දර මතකයන් සරෝජ් වෙත ද ඒ ආකාරයෙන්ම ඉතිරිවී තිබීම නිවේතාට අදහා ගන්නට ද නොහැකි තරම් විය.."ඔහොම මගේ දිහා බලන්නෙ ඇයි ඔයා හිතනවද මට ඒ දේවල් අමතකයි කියලා?".සරෝජ් ඇසුවේ නිවේතාගේ විශ්මයට පත් මුහුණ දෙස සිනහ වෙමින් බලමිනි.."ආ ඒක නෙමෙයි මම අහන්න හිටියේ ..අර පොත් ඇතුලෙ තිබුනා බොහොම පරණ චොක්ලට් කොල කොළ වේලිච්ච මල් ඒ වගේ දේවලුත් .ඒ දේවල් වලට සම්බන්ධකම මට හිතාගන්න පුළුවන්. ඒ උනාට ඒව කොහොමද ඔයාගේ අතට ආපහු හම්බ උනේ ?".සරෝජ් හිරිපිටිය ඒ චොක්ලට් දවටන සහ වියළි මල් ඔවුන්ගේ අතීත මතකයන්හි සිහිවටන බව දැන උන්නේය .නමුත් ඒ දේවල් නිවේතා වෙත යළි තිබෙන්නේ කෙසේ දැයි ඔහුට පැනයක් ඇතිවිය .."ඒ කා.ලෙම ම.ගේ බ.ඩු ටික කුඩ..ම්මාලා නි.ලීකා ගේ ගෙදරට ගෙ.නැ.ල්ලා දා.ලා ති.බුණා. ඒවා මට නි.ලීකා ආ.ප හු දුන්නා".ජීවිතයේ සොඳුරුම යැයි කිව හැකි මතක පරිච්ඡේදයක සිහිවටන තමන් සතුව අදටත් ද තිබෙන්නේ එසේ බව නිවේතා පැහැදිලි කළාය.."නිවී මට ඔයා එක්ක කතා කරන්ඩ ඕනේ .මේ marriage එක සම්බන්ධයෙන් ඔයාට මුකුත් අකමැත්තක් එහෙම තියෙනවද .එහෙම නැත්නම් මොනවා හරි ප්‍රශ්නයක් ..?".සරෝජ් ඇසුවේ නිවේතාගේ සුරත සිය ළය මත තබාගෙන දෑස් පියා ගනිමිනි..නිවේතා සිය කොපුල් රත් පැහැයට හැරෙන විට බිම බලාගෙන සිනහසුනාය .ඇත්තෙන්ම ජීවිතයේ හතරවන දශකයද ගෙවා හමාර කොට ඇති හෙයින් තමන්ගේ ජීවිතයේ අභ්‍යන්තරයේ ඇති සිතුම් පැතුම් ගැන නිවේතාටද දැනට ඇත්තේ තරමක් අපැහැදිලි තත්ත්වයකි.එහෙයින් කුමක් කියන්නටද හරියටම සිතාගත නොහැකිව ඇය මුණිවතම රැක ආය."මැරේජ් එකට පස්සේ පස්සේ අපි දෙන්නගේ ජීවිතේ මොන විදිහට ගතවෙයිද කියලා ඔයාට බයක් තියෙනවා නං ඒ බය අතාරින්නයි මම මෙහෙම කතා කරන්න හිතුවේ .නිවී අපි දෙන්නට සතුටින් ජීවත් වෙන්න පුළුවන්. මේ සම්බන්ධකම ගැන ඔයා බයෙන් සැකෙන් වගේ හිතන්න උවමනා නැහැ. කාලයට ඉඩ දෙමු අපි අපිට ලං වෙලා ජීවත් වෙන එකනේ වැදගත්ම දේ".දෙදෙනකු අතර ඇති අවබෝධය ආදරය මත පදනම් වනවිට සැක සංකා බොහොමයක් බොහෝමයක් ජීවිතයෙන් ඈත්ව යයි .යහපත් මානසික බැඳීමක් ඇති වන විට පුද්ගලයන් දෙදෙනකු අතර සිදුවන කායික බැඳීම ද බෙහෙවින් සුන්දර වනු ඇති බව සරෝජ් දැන උන්නේය .ඉතින් කෙසේ වුවත් හෙට සිට ඇය සිටින්නේ තමාගේම වෙමිනි...වෙනදාටත් වඩා සොඳුරු ලෙසින් දවස උදාවන විට නිවේතා සිටියේ රූපලාවණ්‍ය ශිල්පිනියක විසින් සොඳුරු ලෙස හැඩගන්වන මොහොතේය .උදෑසන සරෝජ්ගේ නිවසේම විවාහය ලියාපදිංචි කිරීමේ කටයුතු සිදු කරන්නට තීරණය වූ අතර ඒ සඳහා තෝරා ගත් කිහිප දෙනෙකුට පමණක් ඇරයුම් කරනු ලැබ තිබිණි ..මානවී සහ හසිතත් හසිතගේ දෙමව්පියනුත් සුභාෂිණීගේ දෙමව්පියනුත් නිවේතාට ප්‍රතිකාර කළ සරෝජ්ගේ වෛද්‍ය මිතුරාද ඒ මොහොතට පැමිණ සිටියහ .නිවේතා සුභ මොහොතේදී ආලින්දයට කැඳවාගෙන එන මොහොතට ඇයට අත දුන්නේ මානවීය .ජීවිතේ මෙවන් සිදුවීම් කෙතරම් අහඹුදැයි සියල්ලෝම සිතූහ.නිදහසේ ලියා පදිංචි කරන්නට කල් වේලාව ඇති හෙයින් නිවේතා සහ මානවී ආලින්දයේ අසුනක හිඳුවා සරෝජ් හිරිපිටිය මදක් ඉදිරිපසට ඇවිද ගියේය .මිදුලට පැමිණි නාදුනන රියකින් පැමිණියේ නොසිතූ පුද්ගලයන් කිහිපදෙනෙකි . නිවේතා දෑස් අදහාගත නොහැකිව මොහොතක් බලා උන්නාය..ඉදිරිපස දොරින් අඩියට දෙකට පැමිණ ඇය බදා ගත්තේ නිලීකාය. ඇය පසුපසින් ඔහුගේ ඇයගේ සැමියා සහ රත්නායක මාමාත් නැන්දාත් සිනහා වතින් පැමිණ සිටියහ.."ඔයා කවද්ද ආවේ?".නිවේතා අදහාගත නොහැකිව අසමින් බලා උන්නාය.."අපිට ලංකාවට ආවේ පෙරෙයිදා .මොකුත් නොකිය සප්‍රයිස් කරන්න ඊයේ එන්න හදනකොට සරෝජ් අයියා තමයි කිව්වේ හොඳම සර්ප්‍රයිස් එක තියෙන්නේ අද කියලා අදම එන්න කියලා".නිවේතා සුපුරුදු රැවුම් බැල්ම සරෝජ් වෙතට හෙළුවාය.."අනේ අනේ අද දවසේ වත් මට රවන් නැතුව ඉන්නකො මැණිකේ".සරෝජ් හිරිපිටිය සිනාපිරි වතින් පැවසුවේ සෙස්සන්ද සිනහාගන්වමිනි ..ඉතින් සතුටු සාමීචි සාද කතා මැද නැකැත් වේලාවද එළඹිණි..සොඳුරු අන්දමින් ගතවී ගිය කාලයකදී සරෝජ් හිරිපිටිය නිවේතා රසාදරී ගමගේගේ නීත්‍යානුකූල ස්වාමි පුරුෂයා ලෙසින් අභිසෙස් ලැබුවේය.දෑඟිලි වල රන්මුදු පැලදුනි. නිවේතාගේ ගෙල වටා සොඳුරු හැඩයක් දැරූ රන් මාලයක් පළඳමින් සරෝජ් හිරිපිටිය ඇයගේ ගෙල යාන්තමින් සිපගත්තේය.."දැන් ඉතින් කිසිම දෙයක් බැහැයි කියලා බෑ".නිවේතා ඒ පහසින් ඇකිලී යද්දි සරෝජ් ඇයගේ සවනතට කෙඳිරුවේය ..සුභාෂිණීගේ දෙමවුපියන් සිය දියණියගේ විවාහය දා මෙන්ම අද දිනයේ ද සතුටු වූයේ සතුටු කඳුළු පිසලමිනි . ඔවුන් රත්නායක මාමා සහ නැන්දා සමගින් අලුතෙන් හැඳුනුම්කම් හිතවත්කම් ඇති කරගත් අතර මුළු නිවස පුරා සිනහා කතා පැතිරී යමින් තිබුණි ..මානවීගේ සිඟිති පුතු සරෝජ් හිරිපිටියගේ අතේ දැවටෙමින් සිටියේ බොහෝ කාලයකට පෙර මානවී ඔහුගේ දෝතේ සුරතල් සුරතල් වූ ආකාරයටය .."ඉස්සර අම්මත් ඔහොම තමයි මගේ අතේ හිටියේ දන්නවද චන්ඩියො".සරෝජ් හිරිපිටිය සිය මුනුපුරා ඉහලට ඔසවමින් ඇසුවේය.මඳ සතුටු සිනා සපිරි මුහුණු අතරට නොනැවතී මහා සිනහවක් මවන්නට කුඩා මුණුපුරා සමත්වූයේ ඒ මොහොතේය .."අයියෝ මේ කොල්ලා කළ වැඩේ .දැන් දැන් ඉතින් අංකල්ට ආයෙ ඇදුම් මරු කරන්න වෙනවා".මුහුණ දිගේ ගලා හැලෙන තෙතමනය සහ සරෝජ්ගේ කමිසයද තෙමාගෙන ගලා බසින්නට වූ මොහොතේදී මානවී කෑගසමින්ම වහ වහා සිය පුතු අතට ගත්තාය . නිවේතා දෝතින්ම ඇයගේ මුහුණ වසාගෙන සිනාසෙන්නට පටන් ගත්තාය.."අර මොකටද ඇඳුම් මාරු කරන්නේ? මේවා තමයි සුභම ලකුණු ජීවිතේට ලැබෙන".සරෝජ් හිරිපිටිය සිනහවතින් පවසමින්ම නිවේතාගේ අතින් අල්ලා ගත්තේ ජීවිතයේ සොඳුරුම සුභ ගමනකට පියවර පෙරට තබමිනි. ඒ පියවරක් පියවරක් පාසා සරෝජ් හිරිපිටිය නිවේතාගේ වතෙහි උදාවී සැලෙනාවූ හසරැල් සිය වතෙහිද තවරාගත්තේය..**********************************************************************.සමාප්තයි !.ඉතින් ස්තුතියි මා සමගින් රැඳී උන්නාට..කිත්මා වාසනා දහනායක.(විසිරි සිහින).Posted by විසිරි සිහින at 9:16 PM 6 comments:.Email ThisBlogThis!Share to TwitterShare to FacebookShare to Pinterest.Labels: හසරැල් සැලුණාවේ (නවකතාව ).Sunday, June 26, 2022.22. විසි දෙවෙනි කොටස ( හසරැල් සැලුනාවේ)..පමාවට සමාවෙන්න ......*****************************************************."සර් සර්...කෝල් එකක්".චාමලී කඩාබිඳගෙන මෙන් කාමරයට ඇතුළු වූයේ ඒ ඇසිල්ලේමය. නිවේතාගේ දෑත මුදාහළ සරෝජ් නැගී උන්නේ එකම එක බැල්මක් ඇයවෙත තබාය.චාමලී ආවාට ගියාට කාමරයට එසේ කඩා වැදෙන්නේ නැතිබව සරෝජ් මෙන්ම නිවේතා ද දනී.කුමක් හෝ හදිසියක් මිස අන් කිසිවක් හිතාගන්නට නොහැක.."සර්ගෙ ෆෝන් එකට දිගටම ගත්තාලු.ආන්ස්වර් නැති නිසයි මගේ එකට ගත්තෙ".කාමරයෙන් පිටව යන සරෝජ් පසුපසින් දුව යමින් චාමලී පැවසුවාය.නිවේතා කිසිවක් හිතා ගන්නට නොහැකිව උන් අසුනේම ඔහේ උන්නාය.සරෝජ් කාමරයෙන් පිටව ගිය වහාම නිවේතා වෙත ආ චාමලී ඇයව අසුනෙන් නැගිටුවා ගෙන කාමරය තුළට කැඳවාගෙන ගියාය.මොහොතකට පෙර සිදු වූ සිදුවීම හෙයින් නිවේතා උන්නේ අන්දමන්ද වූ ස්වභාවයකිනි.එහෙයින් ඇයට සරෝජ් හිරිපිටිය මේ සා කලබලයකින් කාමරය වෙත යළි පිටත්වීම සිතාගන්නට අසීරු විය..නිවේතා සයනයේ හිඳගෙන සිටියදී සරෝජ් යළි කාමරේට පැමිණියේය.ඔහු ඒ වන විට පිටතට යන්නට සුදුසු ඇඳුමකින් සැරසී සිටියේය.."නිවී,මට පොඩි හදිස්සියක් මම ඉක්මනට ගිහින් එන්නම්.ඔයා නිදාගන්න".කලබල වූ ස්වරූපයෙන් පැවසූ සරෝජ් හිරිපිටිය වහවහා රියදුරුට අමතමින් කාමරයෙන් පිටව ගියේය.."ක.වු..ද ක.තා..කළේ?".නිවේතා චාමලීගෙන් විමසුවේ ඉන්පසුය.."සංජය කතාකලේ මැඩම්".චාමලීද කිසිවක් සිතාගත නුහුණු අන්දමින් ද බලා උන්නාය.නිවේතා ගේ සිතට සරෝජ් සම්බන්ධව අනියත බියක් එකතුවන්නට පටන්ගෙන තිබුණි..**************************************************.රාත්‍රී එකොළහට පමණ නික්ම ගිය සරෝජ් යළි පැමිණියේ පාන්දර පහට පමණය.නිවේතා විටින් විට කැඩි කැඩී ඇහැරෙන නින්දෙන් යුතුව ඔහු එන මඟ බලා උන්නාය .තවමත් බෙහෙත් වර්ග රාශියක් බොන හෙයින් නිදිමත ඉබේම පැමිණෙන හෙයින් ඇයට කඩින් කඩ නින්ද ගියාය.ඇහැරෙන සෑම මොහොතකදීම චාමලීහට අමතා සරෝජ් පැමිණියාදැයි විමසූ නිවේතා ඔහුගේ පැමිණීම පමා වෙන විට තව තවත් බියට මෙන්ම නොරිස්සුමට පත්වූවාය..සිදු වූ සිද්ධිය අසා වැඩි වේලාවක් නොවූ හෙයින් ඔහු යම්කිසි කරදරයක පැටලීදැයි ඇයට අනියත බියක් ඇති විය. සරෝජ් පාර්ලිමේන්තුවේ දී හෝ වෙනත් කාර්යාල කටයුතු වලදී කවදාවත් ආරවුල් ඇතිකර ගත් අයෙක් නොවීම හිතට යම්කිසි සහනයක් විය .නමුත් මේ ගැටලුවේදී ඔහු අධික ලෙස කෝප ගත් බව ඇයට සිහිවිය .එහෙයින් ඔහු මේ අසත්‍ය ප්‍රවෘත්තිය පැතිරවූ පුද්ගලයන් සමගින් අධික ලෙස තරහින් සිටිනා බව නිවේතා දැන උන්නාය.සංජය විසින් අමතනු ලදුව ඔහු වහ වහා පිටව ගියේ ඒ සම්බන්ධයෙන් වූ කිසියම් කටයුත්තකටද යන්න ඇයට ගැටලුවක් විය..පාන්දර යාමයේ සරෝජ් නැවත නිවසට එනවිට නිවේතා නිදි සුවයෙන් උන්නාය .."සර් මැඩම්ට දිගටම නින්දක් නැහැ. සැරින් සැරේට නින්ද යනවා ආපහු ඇහැරෙනවා .ඇහැරුන ගමන් සර් කෝ ආවද කියකිය හොයනවා".චාමලී කාමරයේ දොර අසල සිට ඔහුට පැවසූවේය.."මගෙන් ඇහුවා කවුද සර්ට කතා කළේ කියලා මම කිව්වා සංජය කියලා නැත්තං ඇත්ත දේ දැන ගත්තොත් මෙතන කලබල කරන හැටි මම දන්න නිසා".චාමලී පැවසුවේ සරෝජ්ගේ මුහුණේ ඇති වෙහෙසකර භාවයට යටින් මතුවන අපූරු සිනහව දෙසද බලමිනි.."චූටි දුවට පුතෙක් හම්බ උනා. මැඩම්ව නැගිට්ටාම ලෑස්ති කරන්න බබාව බලන්න යන්න.හැබැයි කියන්න එපා මොකටද කියල".සරෝජ් චාමලී සමගින් පවසා කාමරයෙහි දොරෙන් මොහොතකට එබී නින්දේ පසුවන නිවේතා දෙස බලා යළි සිය කාමරය වෙත පිවිසියේය. රෝහලේ සිට පැමිණ හෙයින් ස්නානය කොට නැවත ඇඳුමකට මාරුවී ඇය සමගින් කිරිකැටියා බලන්නට යා යුතුය ..ඔහු චාමලීට පැවසුවේ මානවී සම්බන්ධ මේ අලුත් ප්‍රවෘත්තිය කිසිසේත්ම නිවේතාට නොදන්වන ලෙසය .ඇය මේ අලුත් දසුනෙන් පුදුම කිරීමට ඔහු බලාපොරොත්තු විය..උදෑසන නිවේතා අවදිකරවා චාමලී ඇයට තේ බඳුන පිළිගැන්වූයේ."සර් ආවා මැඩම් පොඩි ගමනක් යන්න තියෙනවා කියලා මැඩම්ට සූදානම් වෙන්න කිව්වා".කියමිනි .නිවේතා විමතියෙන් මෙන් ඇය දෙස බලා උන්නාය මේ කරන කිසිවක් තවමත් තමන්ගේ මනසට නොවැටහෙයි .එසේ නම් සරෝජ් පිටව ගොස් ඇත්තේ තමා සිතූ බරපතළ ගැටළුවට නොවිය යුතුය..චාමලීගේ ආධාරය ඇතිව නිවේතා මුහුණ සෝදා අලුත් ඇඳුමකින් සැරසුණාය .දැන් දැන් ඇයට චාමලීගේ වැඩිදුර උදව් නොමැතිව තමන්ගේ වැඩ කටයුතු කර ගැනීමට හැකියාව ලැබී ඇත .චාමලී අත්‍යාවශ්‍ය වන්නේ හදිසියේ හෝ සමබරතාවය ගිලිහී ඇද වැටුණහොත් යැයි බියක් තවමත් ඇති හෙයිනි.."හරි..කෝ මැඩම් ලෑස්ති වෙලාද ඉන්නේ ?".සරෝජ් හිරිපිටිය චාමලීගෙන් අසමින්ම කාමරයට පැමිණියේ තමා ඇඳ සිටි කමිසයේ අත නවමිනි .උදෑසන ස්නානය කිරීමෙන් පසු තවමත් යන්තමින් හිස රැඳි තෙත හිසකේ ගසා හරිමින් පැමිණෙන ඔහු සැබැවින්ම කඩවසම්ය . නිවේතා මුවග රැඳුණු සිනහව ඇතිව ඔහු දෙස බලා උන්නාය.."ගුඩ් මෝනින් නිවී.ලෑස්ති වෙලා නේද ඉන්නේ පොඩි ගමනක් යන්න තියෙනවා යමුකෝ".නිවේතාගේ ප්‍රශ්නාර්ථය රැඳී මුහුණ මඟහරිමින් සරෝජ් පැවසුවේ මුවගට උදාවන තෘප්තිමත් හසරැල්ල සඟවා ගනිමිනි. අලුත් සිඟිත්තා දුටුවිට නිවේතාගේ මුහුණේ ඇතිවන සතුට සහ විශ්මය දකින්නට ඔහු බෙහෙවින් ආශා කළේය .."අ.පි කො..හෙද මේ ය..න්නේ?".මඳ දුරක් රිය ගමන් ඇරඹූ පසු නිවේතා සිය යාබද අසුනේ හිඳගෙන සිටින සරෝජ් වෙතින් විමසුවාය.ඔහු ඇයට පිළිතුරු නොදී මඳ සිනහවක් පා සිය සුරත ඇයගේ හිස මත තබා සෙමින් සෙලවීය.."යමුකො. තව ටිකයි නේ. ඔයාට බඩුවක් පෙන්නන්න තියෙනවා".සරෝජ් හිරිපිටියගේ මුවෙහි මැරෙන ඒ සොඳුරු සිනහව දෙස නිවේතා මොහොතක් බලා උන්නාය.පෙරදා රාත්‍රියේ සිදුවූ කතාබහ සම්පූර්ණයෙන්ම අමතක කලා සේ හැසිරෙන මොහු නම් පුදුමාකාර පුද්ගලයෙකි..කොළඹට තදාසන්න වූ පෞද්ගලික රෝහලක් වෙත සිය රථය හැර වෙන මොහොතේදීත් සරෝජ් හිරිපිටිය කල්පනාවක නියැලෙමින් සිටියේය. නිවේතා ඔහුගේ කල්පනාවට කිසිසේත්ම බාධාවක් නොකරමින් බලා උන්නාය.පෞද්ගලික රෝහලට රිය ඇතුළත් වුවද නිවේතා සරෝජ් දෙස විමතියෙන් බැලුවේ මේ කුමන කාරණයකට ද යන්න සිතාගත නොහැකිවය. තමාගේ මාසික වෛද්‍ය පරීක්ෂණයට දින මේ දිනවල නොවන බව ඇය දනී. එසේ වූවා නම් චාමලී තමා දැනුවත් කරනු ඇත .."බහින්න".නිවේතාගෙ උරහිසෙන් අල්ලා ඇයව රියෙන් බිමට බස්වාගත් සරෝජ් හිරිපිටිය සංජය සමඟ එක පෙළට වැටුණේ නිවේතාගේ අතින් අල්ලා ගෙනමය. මේ වන විට අත්වාරුව නැතිව ඇයට ඇවිදින්නට හැකි වුවද පිටස්තර ස්ථානයකට යන විට ඇයගේ සිතේ ඇතිවන චකිතය හෙයින් සමබරතාවය ගිලිහී යන බව සරෝජ් හිරිපිටිය දැන උන්නේය .එහෙයින් සාමාන්‍යයෙන් ඇය පිටතට යන විටෙක චාමලී හෝ හසිත සමගින් සරෝජ් ඇයව අල්ලා ගැනීමට පෙළඹුණහ..සරෝජ් හිරිපිටිය නිවේතා සමගින් දෙවන මහලේ වූ කාමරයකට ඇතුළත් වූයේ ඇයගේ අතින් ද අල්ලාගෙනමය .රෝහල් සයනයෙහි මදක් එසවී සිය කිරිකැටියාට කිරි දෙමින් සිටින මානවී දුටුවිට නිවේතාගේ ඇස් විසල් විය .."අ.නේ චූ..ටි දු.ව".නිවේතාට කෑ ගැසුණේ ඉන්නා තැන ගැනවත් අවබෝධයක් නැති ආකාරයෙනි .මානවී විඩාබර ගතින් වුවද අම්මා දුටුමතින් සිනාසුනේ ඇස් වලින් ගලාහැලෙන්නාවූ කඳුලට ද ඉඩ දෙමිනි .නිවේතා දෑතින්ම මුව වසාගෙන ඉකි ගසමින් හඬන්නට වූයේ සරෝජ්ගේ ගතට බරවෙමිනි.."අනේ අනේ මේ ආත්තම්මා අඬන්න ගත්තනෙ. surprise එකක් උනාම ඔහොම අඬනවද කියන්න. චූටි පුතාව බලන්නකො නාඬා".සරෝජ් හිරිපිටිය නිවේතා මානවීගේ සයනය අසලට කැඳවාගෙන ආවේ ඇය හඬා වැටෙද්දීමය.."කෝ මෙතනින් ඉදගන්නකෝ".අසල වූ සැපපහසු පුටුවක් ඇය වෙතට ලං කර ඇය එහි ඉන්දවූ සරෝජ් හිරිපිටිය හෙදිය අමතා කුඩා බිළිදා නිවේතාගේ අතට දෙන මෙන් ඉල්ලා සිටියේය ..රෙදි කඩක පරිස්සමින් ඔතා කොට්ටයක් මත තබා බිළිඳු පුතු දෝතට වඩිනා විටද නිවේතා උන්නේ ආදරයේ මේ සුන්දර මොහොත දරාගන්නට අපහසුව හඬමිනි..මල් පෙත්තක් බඳු කිරි කැටි අත් පා විටින් විට සිප ගනිමින් කුඩා බිළිඳු පුතු දෙස නිවේතා බලා උන්නේ හිතේ උතුරා යන ආදරය දරාගත නොහැකිවය. මානවී ගේ මේ බිලිදු අවදිය නිවේතාට යහපත් සිහි කල්පනාවක් නොවූ හෙයින් මතකයේ ඇත්තේම නැත. ඉතා කුඩා කාලයේ දී මානවී හැදී වැඩුණේ මානසික රෝහලේ සෞඛ්‍ය කාර්යය මණ්ඩලය අතේය.එවකට නිවේතාගේ යහපත් මානසික තත්ත්වයක් නොවූ හෙයින් ඇය මානවී සම්බන්ධව කිසිදු දයාර්ද බැල්මකින් බැලුවේද නැත. ඇය අතින් දරුවාට අනතුරක් වේයැයි බියෙන් නිතරම සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ කවුරුන් හෝ දරුවා සහ ඇය අතර සිටි නිසා දරුවා සහ අම්මා අතර සැමවිටම දුරස්ථභාවයක් එවකට ඇතිවී තිබුණි..ඉතින් නිවේතා මේ හා හා පුරා කියා දකින්නේ අලුත උපන් කුඩා මුනුපුරුගේ මොළකැටි බවයි .මුවගට වදනක් හෝ නගා ගත නොහැකිව ඇය දරුවාගේ අත්පා සෙමින් සෙමින් සිප ගත්තාය.."දැන් බබාව දෙන්න.එයාව ඩොක්ටර් බලන්න තියෙනවනේ".ටික වේලාවකට පසු හෙද නිලධාරිනිය නිවේතා අතින් දරුවා ප්‍රවේශමෙන් රැගෙන කුඩා තොටිල්ලේ තැබුවාය.නිවේතාගේ ශරීර උණුසුමෙන් මිදුණු වහාම කුඩා බිලිඳා මහ හඬින් හඬා වැටෙන්නට විය.."අන්න දැක්කද ඒ පුංචි වෙලාවටත් අත්තම්මට හුරුවෙලා".සරෝජ් හිරිපිටිය සිනහසෙමින් පැවසුවේය .ඔහුගේ සිතද තිබුණේ ආසාවෙන් සහ ආදරයෙන් උතුරා යමිනි.මානවී කුඩාම කාලයේදී ඇයව බලන්නට මානසික රෝහලට කීය වාරයන් සරෝජ්ට සිහිවීය. ඒ ගමන්වාර වල දී පවා මානවී සරෝජ්ගේ අතින් ඉවතට ගන්නා හැම මොහොතකදීම හඬා වැටුණේද මේ ආකාරයටමය..ඉන්පසු නිවේතාහට මානවි වෙතට යාමට නැගිට ගැනීමට සරෝජ් උදව් කළේ ඇයගේ එකම බැල්මකින් ඒ අවශ්‍යතාවය හදුනාගෙනය.."ඇ.යි ම..ට නො.කිව්වේ?".සරෝජ් දෙසද නෝක්කාඩු බැල්මකින් බලමින් නිවේතා මානවීගේ හිස පිරිමදිමින් නළල සිප ගත්තාය .."හිටපු ගමන්නේ අම්මි වෝට බෑග් එක කැඩුනේ .ඒ වෙලාවේ හසී කලබල වුණා .ඉතින් අංකල්ට කතා කරගෙන හොස්පිටල් එකට ගෙනිච්චේ අම්මි ඒ වෙලාවේ කලබල කරලා බැරි නිසයි".මානවී අම්මාගේ අතින් අල්ලාගෙනම පැවසුවාය .."ඒ උ.නා.ට මට කි.යන්න ති.බ්.බනේ?".නිවේතා සරෝජ් හිරිපිටිය දෙසට රැව්ම් බැල්මක් පා කළාය.සරෝජ් හිරිපිටිය දෑතින්ම සිය දෙකන් අල්ලාගෙන හිස මදක් ඇලයට පා "සොරී" කීවේය..42..ඉතින් කිරිසුවඳ මුලු නිවසම පුරා උතුරායන්නට විය.දෙදිනකට පසු මානවී හසිත සමගින් සුපුරුදු ලෙස හසිතගේ මහගෙදරටම බිළිඳු පුතු සමගින් රෝහලෙන් නික්ම ගියාය. නිවේතා දිනපතා උදෑසන සරෝජ් හෝ සංජය විසින් චාමලීද සමගින් හසිතගේ මහගෙදරට ඇරලවනු ලදුව හැන්දෑවට ආපසු කැඳවාගෙන ආවාය. රාත්‍රී කාලයද මානවී ලඟ නවතින්නට තරම් නිවේතාට හැකිකමක් නොවන බව ඇයට වටහා දෙන්නට අපහසු නොවීය. අනෙක් අතට රටේ පවතින වර්තමාන සෞඛ්‍ය වාතාවරණය හෙයින් බිලිඳු පුතු රැකගැනීමේ වගකීම සියල්ලන්ගේම සිත්වල තිබුණි..සිරිත් පරිදි කටකතාවල උණුසුම මැකීයන්නට රටේ තවත් දහසක් ප්‍රවෘත්ති එක රැයින් ඉපදී තිබුණි. එහෙත් සරෝජ් හිරිපිටිය ප්‍රසිද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවක් අතරේදී මාධ්‍යයකින් නැගූ ඒ සම්බන්ධ පැනයට සිනහාවෙමින් පිළිතුරු දුන්නේය.."නිවේතා කියන්නේ මගේ ප්‍රථම ප්‍රේමය.ඇයත් මාත් වෙන්වෙලා අවුරුදු විස්සකින් වගේ මේ නැවත හමුවුණේ.ඉතින් ඒකට අනියම් ලේබලයක් ගහලා රටම කැළඹවූ අයට මම ස්තුති වන්ත වෙනවා. ප්‍රේමයක් ආදරයක් නොහඳුනන බල ලෝබයෙන් පෙළෙන අන්න ඒ වගේ අයට හෙට දවසේ ඔබට සේවයක් කරන්න පුළුවන් වෙයිද කියන එක තීරණයත් ඔබට බාරයි.".සරෝජ් හිරිපිටිය ගේ නිවී සැනසුණ එවදන් රූපවාහිනිය ඔස්සේ නිවේතාද බලා උන්නාය.ඔහු සිත තුළ කිසිදු චකිතයක් නොමැත.මුවෙහි පවත්නා සිනහවද අව්‍යාජය.ඉතින් තමා අනවශ්‍ය අන්දමට කලබල විය යුතු නොවේ..මානවීගේ සිඟිති පුතු බලන්නට මානවඩු යුවල පැමිණියේ මාස තුනක් පමණ ගතවූ පසුය.ඔවුන් නිවේතාහට හමුවන්නේ මුල්ම වතාවට හෙයින් මඳ චකිතයක් ඇය සිතේ ඉබේටම ඇතිවෙමින් තිබුණි.එහෙත් මානවඩු යුවළ නිවේතාහට දැක්වූයේ උණුසුම් හැඟීමැති පිළිගැනීමකි.."දුවව දකින්න අපි දෙන්නම උන්නේ හුඟක් ආසාවෙන්.පහුගිය කාලේ ගොඩාක් කරදර වුන බව අපි දැනගත්තට එන්න වුණේ නැහැ මේ කොරෝනා නිසා. චූටි පුතාට මාස තුනක් ඉවර වෙනකන් අමාරුවෙන් හිටියේ බලලා යන්න එන්න".සුභාෂීණීගේ මව පැවසූයේ කිසිත් කහටක් නැති හැඟීමෙන් නිවේතාගේ දෝතින්ම අල්ලාගෙනය. නිවේතා ආයාසයෙන් මුවගට සිනහවක් නගාගත්තාය. කතාබහ සතුටු සාමීචි අවසන්ව නිවසින් නික්ම යන්නට පෙර නිවේතා හමුවට පැමිණි සුභාෂිණීගේ මව නිවේතා සමගින් යළි කතාබහට එක්වූවාය.."දුව අපිත් දැන් වයසයි. අපේ දුව ඔයත් අතර මට වෙනසක් නැහැ.සරෝජ් පුතා කියන්නේ දාහකින් හොයාගන්න බැරි හොඳම මනුස්සයෙක්.ඒ නිසා ඔයාල දෙන්නා එකතු වෙනවා නම් සුභාගේ තාත්තයි මායි දෙන්නම හරිම කැමතියි .සුභාගේ ආත්මයට වුණත් සැනසීමක් ලැබෙන්නේ සරෝජ් සතුටින් හිටියොත් විතරයි.මේ නිසා ජීවිතේ ගැන හොඳ තීරණයක් ගන්න දුව".නිවේතාගේ සිත වික්ෂිප්තයට පත් වූයේ මෙවන් පරාර්ථකාමී මිනිසුන් තවමත් ලෝකයේ ඇත්දැයි හිතාගන්නට නොහැකිවය. තමන්ගේ පවුලේ අය පමණක් නොව සුභාගේ පවුලේ අය පවා බලාපොරොත්තු වන්නේ තමා සමගින් සරෝජ් හිරිපිටියගේ එක්වීමය.නිවේතා සිය ඇතුළාන්තයට මොහොතක් එබී බලන්නට වූවාය..සරෝජ් හිරිපිටිය සිය ජීවිතයට එක්වූ ආකාරය මෙන්ම තමා ඔහුගේ ජීවිතයෙන් නික්ම ගිය ආකාරය සිතුවම් පටයක් සේ නෙත්මානයේ දිගහැරෙනා විට නිවේතා අතීත මතක අතරේ දෑස් වසාගෙනම සැරිසැරුවාය..සරෝජ් හිරිපිටිය සුභාෂිනීගේ මව්පියන් නික්ම ගිය පසු නිවේතා කොහිදැයි සොයමින් ගෙතුළට පැමිණෙන විටද නිවේතා උන්නේ ඒ අතීත මතක ඔස්සේ බොහෝ දුරක ගොස් තනිවෙමිනි.සරෝජ් මඳක් මෑතට වී ඇයගේ වත දෙස බලාඋන්නේය.ඇය වත දෑස් පියව ඇතද මනසින් අවදිව සිටිනා බව ඔහු වටහා ගත්තේය.මඳ මුදු සිනහාවකින් විකසිතව යන ඇය වත අතීතයේ සේම පිරුණු හැඟීමක් සිතට ගෙන එයි.සිය පපුව හරහා දෑත් බැඳ ගෙන ඇය වත වූ අසිරිය නරඹමින් සරෝජ් බලා උන්නේය..නිවේතා පියවි ලොවට ආවේ කවුරුන් හෝ තමා දෙස බලා සිටිනා බව ඉවෙන් මෙන් හැඟීය. හිස එක්වරම හරවා බැලූ විට තමාට මද දුරකින් තමා දෙස බලාගෙන නිසොල්මනේ සිටිනා සරෝජ් හිරිපිටිය දැක ඇය තිගැස්සී ගියාය.."කොහේ සංචාරයකටද ගිහින් උන්නේ ?".සරෝජ් සිනහසෙමින් විත් ඇයට සෝපාවේ යාබදව හිඳ ගත්තේය.නිවේතා හොරයක් අසුවූවාසේ මඳ සිනහවක් පෑවේ ඉවතටය.."සුභාගේ අම්මල මොනවද කිව්වෙ?".සරෝජ් ඇසුවේ තමාදෙස නෙත්කොණෙන් බලමින් සිටිනා නිවේතාගෙනි.."මො..කුත් නැ.හැ.".නිවේතාගේ වත ලා රත්පැහැයකට හැරෙනු ඔහු දුටුවේය.."ඇයි බොරු කියන්නෙ.ඔයාට කියපු ටික මටත් කියලා තමයි සුභාගේ අම්මලා ඔයාව හම්බවෙන්න ආවේ".සරෝජ්ගේ එවදන් හමුවේ නිවේතා මුණිවත රැක්කාය.."නිවී".සරෝජ් නිවේතා දෙස මොහොතක් බලා උන්නේ ආදරණීය බැල්ම නොඅඩුවම ඇස දවටාගෙනය.."මොනව හරි කියන්න තියේ වගේ පේනවා ඔයාගෙ මූණෙන්".නිවේතා ඇසට පිරී එන කඳුලු වලකාගනිමින් සරෝජ් දෙස බැලුවාය.එදා මෙන්ම නොවෙනස්ම ආදරණීය ඒ බැල්ම තවමත් ඒ වතෙහි නොඅඩුව දිස්වේ.නිවේතා එකවනම ඔහු වෙතට ඇදීවිත් සිය හිස ඔහු ළයට තෙරපා ගෙන දෑස තදකොට පියාගත්තාය.සරෝජ් ගේ වතෙහි ඒ මොහොතේ පිපුනු සිනහව කෙතරම් සොඳුරු දැයි නිවේතා දෑස් පියා උන් හෙයින් දුටුවේ නැත .."කෙල්ලෙ, අපි බඳිමු හෙටම?".සරෝජ් නිවේතාගේ හිස පිරිමදිමින් පැවසුවේය.නිවේතා කිසිත් නොකියා හිස වැනුවේ ඒ මොහොත සිතට ගෙන ආ සුවදායී හැඟීම අහිමිකරගන්නට අකමැති වූ හෙයිනි.."ඔලුව වනන්නෙ හා කියන්නද බෑ කියන්නද ඔය.කෝ මට පේන්නෙ නෑනෙ".සරෝජ් ඇයගේ හිස දෝතට ගත්තේ එසේ අසමිනි.නිවේතා කෝලබවින් යුතුව හිනැහුණාය.."නිවී, අහන්න . මට ඔයාව බඳින්න ඕනේ රටේ ලෝකේ උන්ගෙ කතාවලට බයේවත් ඔයා ආපහු මාව දාල යයි කියලවත් නෙවෙයි. අනෙක මෙච්චර කාලයක් ගිහිල්ලා ඔයාව නීතියකින් බැඳලා හිරකරගන්න හදනවත් නෙවෙයි. ඒත් මට ඔයාගේ ගෞරවය රකින්න ඕනෙ. මේ තරම් කලක් නොඅහපු කතන්දර අපි ඇයි අහන්නෙ නිරපරාදේ ".සරෝජ් ඇයගේ නලලත සිපුමක් තබමින් පැවසුවේ ආදරයෙනි. මේ සා සියල්ල සිදුවීත් ඔහු තවමත් සිතන්නේ තමා ගැනමය.තම ගෞරවය ගැනමය.."යමු පැට්ටා බලල එන්න".සරෝජ් නිවේතා අත්දෙකින් අල්ලා නැගිටුවා ගත්තේය.නිවේතා උන්නේ කවදාවත් නැති තරමේ සැනසීමකිනි. එකිනෙකා අත වෙලී අම්මා සහ සරෝජ් අංකල් කාමරයට එනු දුටු මුල්ම මොහොතේම මානවීගේ සිතට අමුත්තක් වැටහුණි..ටොම් ඇන්ඩ් ජෙරී නිකම් ශිශිරතාරක නින්දට වැටුණ හිම වලස් ජෝඩුවක් වගේ තැන්පත් ස්වභාවයක් අරන් මොකෝ මේ...ඇය යටිසිතෙන් සිනාවෙමින් සිතුවාය.මොහොතකට පෙර කෑම රැගෙන ආ හසිත නානකාමරයේය.මානවී අත උන් බිලිඳු පුතු තොටිල්ලේ තැබුවාය..සරෝජ් නිවේතාද සමගින් කුඩා සෝපාවේ ඉඳගත්තේය.වෙනදා සේ කලබල දඟ නැති රැවුම් එරවුම් නැති අම්මා දෙස මානවී බලාඋන්නේ විශ්මය රැඳි දෑසිනි.."ආ හසිත ඔයත් ඉන්න එක හොඳයි .මම මේ පොඩි ඉන්විටේශන් එකක් දෙන්න ආවේ".සරෝජ් නානකාමරයෙන් පිටතට ආ හසිතට පැවසුවේ මානවී දෙසද හොරෙන් බලමිනි.."ඉන්විටේශන් එකක් ? මොකක්ද අංකල් ෆන්ක්ශන් එක?".මුහුණ තුවායෙන් තෙතමාත්තු කරමින් පැමිණි හසිත ඇසුවේ විමතියෙනි.."අපි හෙට බඳිනවා. ඒක තමා ෆන්ක්ශන් එක".මානවීගේ සහ නිවේතාගේ මුව විවර වූයේ එකම මොහොතේය.හසිතගේ සිනහව මහහඬින් පිටවෙද්දී ඔහු දෑතින්ම මුව වසා ගත්තේ දරුවා ඇහැරේ යයි බියෙනි.නිවේතා සරෝජ්ගේ පසට හැරුණේ මේ ඇසුණ දෙයට හේතු අසන්නාක් මෙනි.."හෙ . ට?".නිවේතා ඇසුවේ ඔහු වතට එබෙමිනි.."ඔව් හෙට..අනිද්දා වෙනකල් ඉන්න බෑ .ඔයා හිත හදාගත්ත වෙලාවේ මේක නොකලොත් අනිද්දා වෙද්දි ආයෙ වෙනස්වෙන්න බැරි නෑනෙ".සරෝජ් ස්ථීරවම කියාඋන්නේය.."අම්මි...අම්මී....ඒ කියන්නේ ෆයිනලි ඔයා අංකල්ට හා කිව්වා එහෙනම්".මානවී සතුටින් සිනහාවෙමින් අම්මාගේ කොපුල් සිප ගත්තාය.නිවේතා යමක් ප්‍රකාශ කරන්නට තැත් දැරුවද මානවී හෝ අන්කිසිවෙකු එය වගකට ගත්තේ නැත.."දැන් ඉතින් බොරුවට කුරුකුරු ගන්න එපා. අනේ ඒවුනාට අංකල් හෙට කොහොමද ඒක කරන්නේ .අනේ පොඩි ෆන්ක්ශන් එකක්වත් ගන්න prepare වෙන්න කාලය මදි නේ".මානවී නෝක්කාඩු බසින් කියන්නට පටන් ගත්තේ ඇයට සිතේ තිබූ ආකාරයට කුඩා උත්සවයක් ගැනීමේ අවශ්‍යතාවය තිබූ හෙයිනි.."හරි ඔයා ඕගනයිස් කරන්නකෝ තව පැය තියෙනවනේ විසි හතරක්ම.සංජය, චාමලී ඉන්නවා අනිත් අයත් ඉන්නවා ඒ අය ඕන පිළිවෙළට උදව් කරාවි ඔයාට ඕන විදියකට කරන්න".නිවේතා ඔහුගේ අතින් අදිමින් මේ කරන්නට යන දේ වළක්වන්නට තැත් දැරුවද සරෝජ් ඇයගේ උරහිස වටා සිය අතක් යවා සිය ගතට ළං කොටගෙනම මානවීට සිය අභිමතයට අනුව ක්‍රියා කරන්නට අවසර දුන්නේය.."පි.ස්.සුද අනේ ඔ.යා.ලට..ඕවා එපා අ.නේ".නිවේතා සැමදාම බිය වූයේ සමාජයටය.මේ මොහොතේදීත් ඇය එකෙළ මෙකෙළ වන්නේ ඒ නිසාම බව සරෝජ් මෙන්ම මානවීද වටහාගත්තෝය.."අම්මි දැන්වත් ඔයා ඔයාගේ සතුට ගැන හිතන්න.හැමදාමත් ඔයා සතුට කියන තැනින් පලා ගියේ අනිත් මිනිස්සුන්ගේ ගැන හිත හිත.දැන් ඉඳලවත් ඔයා සන්තෝසෙන් ඉන්න අම්මි".මානවී අම්මාගේ ගතට තුරුළුව ඇය සිපගනිමින් පැවසුවාය..******************************************************.අවසන් කොටසින් ඉක්මනින් හමුවෙමු.කිත්මා වාසනා දහනායක.(විසිරි සිහින ).Posted by විසිරි සිහින at 4:42 AM 8 comments:.Email ThisBlogThis!Share to TwitterShare to FacebookShare to Pinterest.Labels: හසරැල් සැලුණාවේ (නවකතාව ).Thursday, June 2, 2022.21. විසි එක්වෙනි කොටස ( හසරැල් සැලුනාවේ )..නිවසට පැමිණ මොහොතේ පටන් සරෝජ් හිරිපිටිය තමා හට මුහුණ නොදුන් බව නිවේතාට හොඳින් වැටහුනි.කෙතරම් කාර්ය බහුල ජීවිතයක් ගත කළ ද සැන්දෑවේ හෝ රාත්‍රියේ නිවසට පැමිණි වහාම තමා සමගින් වචනයක් හෝ දෙකක් කතා කරන්නට සරෝජ් කිසිවිටක අමතක කළේ නැත..මානවී සහ හසිත නිවසේ සිටීනම් ඔවුන් සමඟද වචනයක් හෝ දෙකක් කතා කර මිසක ඔහු සිය කාමරයට නොගියේය.එහෙත් අද දවසේ ඔහු පැමිණියේ ඉතා වේගවත් ගමනකිනි.රියෙන් බැස තමා දෙසවත් නොබලා වහ වහා පඩි පෙළ නැග කාමරයට වැදුනු ඔහු දොර වසා ගත්තේ ද මහහඬිනි.නිවේතා චාමලීගේ මුහුණ දෙස බැලුවේ ඇයද විශ්මයාර්ථ බැල්මකින් නිවේතා දෙස බැලූ ඇසිල්ලේමය..සරෝජ් හිරිපිටිය රියෙන් බැස ගෙතුළට වදින මොහොතේදී සංජය ඉදිරිපස අසුනෙන් බැස නිවේතා සිටි දෙසට ඇවිද ආවේය.නිවේතා ඔහුගේ හැසිරීම හේතුවෙන් සිටින්නේ බෙහෙවින් කලබල වී බව සංජයට වැටහුනි.."මැඩම් ඔෆිස් එකේ පොඩි ප්‍රශ්නයක් වෙලා වෙලායි ආවේ.දන්නවනේ ඉලෙක්ෂන් එකට කිට්ටු නිසා එක එක ප්‍රශ්න .පොඩ්ඩක් කාම්ඩවුන් වෙන්න දෙන්න. මොකුත් අහන්න යන්න එපා".සංජය එසේ කීවද ඔහු සඟවන්නා වූ කුමක් හෝ දෙයක් වේ යැයි ඇයට වැටහුණි.එහෙත් හාරාවුස්සා බලන්නට තරම් තමාහට අයිතියක් ඇත්තේ ද නැත.අනෙක් අතට පාර්ලිමේන්තුවේ ගැටලු යනු තමාගේ විෂය සීමාවට හෝ තමාගේ දැනුම් සීමාවට අයත් දේවල් නොවේ.නිවේතා සුසුමක් හෙලා චාමලීහට පැවසුවේ තමා කාමරයට ඇරලවන ලෙසය..අනෙකුත් දිනවල සැන්දෑයාමේ වනතුරු මිදුලි එහෙමෙහෙ සැරිසරන නිවේතාගේ සිත අද තරමක් දුරට කලබල වී ඇති බව චාමලීටද වැටහුනි.ඇය එහෙයින් මුනිවත රකිමින් නිවේතා කාමරය වෙත රැගෙන ගියාය..රාත්‍රී ආහාරයට බත් කාමරයෙන් පිටතට නො පැමිණි සරෝජ් හිරිපිටිය නිවේතාට තනිවම ආහාර ගන්නා ලෙස චාමලී හරහා කියා එවා තිබුණි.ඔහුගේ මේ වෙනස බෙහෙවින්ම හිතඔද්දල් කරවමින් තිබුණද නිවේතා සිය හැඟීම් හැකිතාක් දුරට මැඩ ගත්තාය.උඩින් පල්ලෙන් බත් කටක් දෙකක් කා ඇයද යළිත් කාමරයට වැදුනේ හුදෙකලා වීමේ අභිලාෂය ඇතිවය..ඒ මොහොතේ සරෝජ් හිරිපිටිය සිය කාමරයේ සිටියේ බෙහෙවින් නොසන්සුන්වය. රියෙන් බැස එන තුරුම ඔහුගේ සිතේ වූයේ අතිමහත් කෝපයකි.ඒ එන අතරතුරදී ද සිය දෑත් එකට මිටමොලවා ගනිමින් ආවේගය පාලනය කරන්නට තැත් දැරුවද ඔහුගේ සිතෙහි වූයේ මැඩගත නුහුණු දැඩි කෝපයක් සහ වේදනාවකි..තම ජීවිතයේ බෙහෙවින් ආදරය කළ ගැහැණුන් දෙදෙනාටම මේ නොගැලපෙන කතාව නිසා සිදුවන්නේ ඉමහත් ලැජ්ජාවකි. සුභාෂිණී මේ කිසිවක් නොදන්නී ජීවිතයෙන් සමුගෙන කොහේ හෝ ලෝකයක සැනසුමෙන් සිටිනවා ඇත. එහෙත් ඇය මුළු ජීවිත කාලයක් පුරා පවත්වාගෙන ආ ගෞරවණීය ජීවන රටාවට පලුද්දක් නොවිය යුතුය.ජීවත්ව සිටින්නා වූ කාලයේදී සරෝජනී කිසිම විටක තමාගේ හෝ ඇයගේ ආත්ම ගෞරවය බිඳ වැටෙන්නට කිසිවක් නොකළාය.ඇය හදිසි අනතුරකින් මිය ගියද එහිදී ඇයගේ ගෞරවය බිඳී යන අන්දමේ කිසිම චෝදනාවක් නොලබන්නට සමත් වූවාය.ඉතින් දැන් මෙසේ වන විට ජීවත්ව සිටින තමාට නිවේතාට මෙන්ම මිය ගිය ඇයට ද සිදුවන්නේ අති මහත් ලජ්ජාවකි. කැළලකි..අනෙක් අතට ජීවිත කාලයක් තිස්සේ දුක් විඳි නිවේතා මේ කිසිවක් දන්නේ නැත.ඇය කෙරෙහි තම සිතේ ඇත්තේ අතිමහත් ප්‍රේමයක් වුවද මේ වන විටත් තමන් දෙදෙනා අතර සිප ගැනීමක් හෝ හුවමාරු වී නොමැත.ඉතින් මෙවැනි කතාවක් ලෝකය හමුවේ නිරාවරණය වන විට නිවේතා යළිත් මානසිකව කඩා වැටීම නවතාලිය හැකි දැයි සරෝජ් වේදනාවෙන් කල්පනා කළේය..මේ වියවුල මැද්දේ නිවසට එනවිට මිදුලේ කෙළවරක වූ අසුනේ හිඳගෙන උන් නිවේතා ඔහුගේ ඇසට හසු වූයේද නැත.කාමරයට වැදී සිය ආවේගය මැකී යන සේ දොර තදින් වසා ගත් පසුවද, කාමරය පුරා ඒ මේ අත වේගයෙන් ඇවිදිමින් තමන්ගේ ආවේගය පාලනය වන තුරු කියෙව්වද ඔහුගේ සිතට ඒ මොහොතේ නිවේතා පහළ ඇති බව සිහිපත් වූයේවත් නැත..රාත්‍රී ආහාරය පවා පිළිකෙව් කළ ඔහු තරමක් දුරට රාත්‍රී වන විට සිත සංසුන් කර ගනිමින් උන්නේය.."සර් අර නිවුස් ටික මම හැම සයිට් එකටම කතා කරලා අයින් කරලා දැම්මා.ඒ වගේම TCR යුනිට් එකටත් කතා කරලා complain එකකුත් දැම්මා.අපි ටිකක් කාම් ඩවුන් වෙලා පොඩ්ඩක් බලාගෙන ඉම්මු මෙතෙන්දි මොකද වෙන්නේ කියලා".සංජය රෑ බෝවී ඇමතුමක් දෙමින් සරෝජ් හිරිපිටියහට පැවසුවේය. ඔහු සම්පූර්ණ හවස් භාගයම ගත කළේ මේ සිද්ධියේ අලගිය, මුලගිය තැන් සෙවීමටය. සරෝජ් හිරිපිටිය මද සැනසුම් සුසුමක් හෙලුවේ නිවේතාගේ සිතට මෙය අනවශ්‍ය බරක් විය නොයුතු බැවිනි..වේලාව රාත්‍රී දහය පමණ වන්නට ඇත.මේ වන විටත් නිවේතා නිදි නොමැතිව ඇති බව සරෝජ් අනුමාන කළේය.මුළුතැන්ගෙයට ඇමතුමක් යවා ඇයට සහ තමාට කෝපි බඳුන් දෙකක් සාදා චාමලී අත එවන මෙන් පැවසූ සරෝජ් හිරිපිටිය නිවේතා හමුවන්නට පියගැටපෙළ බැස ඇයගේ කාමරය වෙත ආවේය.තමාගේ සිතිවිල්ල නිවැරදි කරමින් නිවේතා සිටියේ කාමරයේ බැල්කනිය අසල හාන්සි පුටුවේ සිට ඈත පෙනෙන වෙල් යාය දෙස බලාගෙනය.."නිවී ඇයි මෙතනට වෙලා .මේ රෑ වුණාම හුළඟ සීතලයි.නිදාගන්නෙ නැද්ද ?".සරෝජ් හිරිපිටිය ඇයට යාබද අසලට බර වූයේ එසේ අසා ගෙනමය.නිවේතාගේ මුහුණ වූයේ දැඩි අඳුරකි.එයට හේතුව මේ යැයි නිශ්චය කරගත නොහැකි වුවද දිවා කල තමා පෙලූ ගැටලුව නම් ඇයට අනාවරණය වී නොමැති බව සරෝජ් හිරපිටියට සියයට දෙසීයක් විශ්වාස විය..නිවේතා දිගින් දිගටම මුනිවත රකිමින් නිහඬවම වෙල් එළියට උඩින් අහසේ පායා ඇති තරු දෙස බලා ගෙන උන්නාය."නිවී වට් ඉස් ද ප්‍රොබ්ලම්, ඔයාට සනීප නැද්ද ?එහෙම නැත්තං ඇඟට අමාරුද?".සරෝජ් අතක් දිගු කොට ඇයගේ නලලතට තබමින් ඇසුවේය .නිවේතා මෙතුවක් වෙලා තද කොට ගෙන සිටි වේදනාව ඉවුරු තලා යන්නට විය ඇය ඉකි ගසමින් හඬන්නට වූවාය.."මොකද මේ ?මොකක්ද ප්‍රශ්නේ? මට තේරෙන්නේ නෑ. ඇයි මේ අඬන්නේ".සරෝජ් හිරිපිටිය සිය අසුන ද ඇදගෙනම ඇය වෙතට පැමිණියේය.නිවේතා හිස දෙපසට වනමින් කිසිවක් කතා නොකර හඬන්නට වූවාය ..මේ අතරතුර චාමලී ඔවුන් දෙදෙනාගේ කෝපි බඳුන් දෙක ද රැගෙන ආවාය .."චාමලී, මොකක්ද මේ මැඩම්ට වෙලා තියෙන්නේ? ඇයි අසනීපයක්ද? එහෙම නැත්තම් මොකුත් ප්‍රශ්නයක්ද ? කොච්චර ඇහුවත් කියන්නේ නැහැනේ අඬා වැටෙනවා මිසක".සරෝජ් හිරිපිටිය මදක් තද ස්වරයෙන් චාමලී වෙතින් ඇසුවේය .."එහෙම ප්‍රශ්නයක් නම් වුණේ නැහැ සර්. ඒ උනාට අද සර් ගෙදරට ආවේ අමුතු වෙලා නේ. මැඩම් මේ වෙලාවේ මිදුලෙ හිටියේ.සර් මැඩම් එක කතා කරේ නැතුව උඩට යනකොට මැඩම්ට ඇත්තටම දුක හිතෙන්න ඇති".චාමලී තමා තේරුම් ගත් ප්‍රමාණය ඔහු වෙත ප්‍රකාශ කර සිටියේය."ඒකද ප්‍රශ්නේ නිවී. ඇත්ත කියන්න".සරෝජ් නිවේතාගේ අතකින් අල්ලාගෙන ඇසුවේය.තමාගේ කුඩා වෙනසක් මේ අන්දමේ තදින් සිතට ගන්නා ඇය හා තමා අතර ඇති බැඳියාව කෙතරම් දුරක් යායුතු දැයි යන්න දැන් තමාටද ප්‍රශ්නයකි. මේ වර්තමානයේ ඇතිවී ඇති කටකතා සියල්ලටම විසඳුමක් ලෙස ඇය හා කතා කළ යුතුව ඇති බව සරෝජ් හිරිපිටිය අවබෝධ කොට ගත්තේය.."එහෙනම් චාමලී ඔයා යන්න නිදාගන්න. මම මැඩම් එක්ක තව ටිකක් කතා කරල එන්නම්".චාමලී හිස වනා කාමරයෙන් පිටවී ගියාය.."නිවී අද ඇත්තටම පොඩි ප්‍රශ්නයක් වුණා. මේක ඔයත් එක්ක මං කතා කරන්නට ඕනේ.හැබැයි කලබලවෙන්න වත් අඩන්නවත් බැහැ තේරුණාද?".සරෝජ් හිරිපිටිය නිවේතාගේ අතකින් අල්ලා ගනිමින් පැවසුවේ දීර්ඝ කතාවකට මුල පුරමිනි . ඇයගේ විසල් වී යන දෑස් දෙස බලා මොහොතක් ඔහු සිනාවෙන්නට තැත්දැරුවේය..පෙර දවසක දී මෙන්ම යම් කිසි දෙයක් කියන්නට යන විට විශාල වන ඒ දෑස් අදද එක ලෙසම සුන්දරය.සරෝජ් කතාව ආරම්භ කරමින්ම ඔහුගේ අතකින් නිවේතාගේ මුහුණට වැටී තිබූ කෙහෙරැල්ලක් කන පිටුපසට කොට සඟවා තැබුවේය.."කියන්නත් කලින් බය වෙලානේ. ඉතින් කොහොමද දෙයක් කතා කරන්නේ".සරෝජ් හිරිපිටිය පානය කොට අවසන් කළ කෝපි බඳුන් දෙක තරමක් ඈතින් තබමින් පැවසුවේය.."නිවී, ජීවිතයේ ප්‍රශ්න කියන දේවල් අපිට ආවේ අද ඊයේ නෙමෙයිනේ .අපි හැම දේකටම මූණ දුන්නා. සමහර තැන්වලදී අපි අපිට මිස්වුණා. සමහර තැන් වලදී අපිට ඒ දේවල්වලට කොහොමහරි මුහුණ දීලා ජීවිතේ ඉස්සරහට ගෙනියන්න සිද්ධ වුණා ..ඒත් ඒ ගමනෙදි ඔයාට මාවයි මට ඔයාවයි අතහැරුණා. නිවී,ඇත්තෙන්ම කිව්වොත් ඒ අතහැරීම වුනේ මගේ පැත්තෙන් නෙමෙයි ඔයාගේ පැත්තෙන් .ඒ හේතුව නිසාම මට සුභාෂිණී එක්ක ජීවිතය පටන් අරගෙන ඉස්සරහට යන්න සිද්ධ වුණා".සරෝජ් හිරිපිටිය පැවසුවේ කිසිම චෝදනාත්මක ස්වරයකින් නම් නොවේ .නිවේතා ඔහුගේ මුහුණ දෙස බලා සිටිමින්ම ඔහු කියන්න තේරුම් ගන්නට උත්සාහ කළාය. ඇයගේ නිහඬතාවය ගණන් නොගෙනම සරෝජ් දිගින් දිගටම කතා කරගෙන ගියේය.."සුභාෂිණීගෙන් මගේ ජීවිතයට කවදාවත් වැරැද්දක් වුණේ නැහැ. ඇත්තෙන්ම එයාව විවාහ කර ගත්තට පස්සෙ මගෙන් එයාට කිසිම වරදක් වුණෙත් නැහැ. ඒ උනාට සුභාෂිණී දැනගෙන හිටියා මගේ හිතේ ඔයා ගැන තිබුන දේවල් .අපි අතරේ කවදාවත් රහසක් තිබුණෙ නැහැ .මම මගේ හැමදේවල්ම එයාට කිව්වා ඒ වගේම එයාගෙ දේවලුත් මම හැමදේම දැනගෙන හිටියා".සරෝජ් හිරිපිටිය ගැඹුරු සුසුමක් හෙලුවේ ඒඅහිමි වීම සම්බන්ධයෙන් ඇතිවූ වේදනාව ද සමඟිනි.."අපි දෙන්නා අතර කවදාවත් රන්ඩුවක් වුනේ නැහැ ඔයා සම්බන්ධයෙන් .මම සුභාෂිණීව විවාහ කර ගත්තත් ඔයා ගැන මගේ හිතේ තිබුන ආදරය වෙනස් වෙන්නේ නැහැ කියන එක සුභාෂිණී හොඳටම දැනගෙන හිටියා .කවදාවත් ඒක එයාට ප්‍රශ්නයක් වුණෙත් නැහැ .දැන් ඉතින් කරන්න දෙයක් නැහැනේ කොහොමත් එයා අකාලයේ යන්නම ගියා".සරෝජ් හිරිපිටිය පැවසුවේ දැඩි වේදනාවෙනි. නිවේතා සිය අත මත තිබු ඔහුගේ අත සෙමින් පිරිමැද්දාය .ඔහුගේ වේදනාවට තමන්හට කළ හැකි යම් දෙයක් ඇතිදැයි ඇය නොදැන උන්නාය.එහෙත් ඔහු කිසි විටෙකත් මේ සිදු වූ කිසිම දේකට තමාට චෝදනා කරන්නේ නැතිවීමද හිතට බරකි.."ඒ සේරම දැන් අතීතයට අයිති වෙලා ඉවරයි නිවී .හැබැයි දැන් තියෙන්නෙ වෙනත් විදියක ප්‍රශ්නයක්".සරෝජ් හිරිපිටිය නිවේතා දෙස බලමින් ඇයට මේ දේවල් කිව යුතුදැයි යළිත් කල්පනා කළේය.."මොකක්ද?".නිවේතා විමසුමෙන් ප්‍රශ්න කළාය .මේ සියල්ලම ඇය දැන උන්නද අලුතෙන් මේ සම්බන්ධව ඇති වී ඇත්තේ කුමන ප්‍රශ්නයක්දැයි ඇයට සිතා ගන්නට නොහැක.සරෝජ් හිරිපිටිය නිවේතා දෙස හැරී නවතම ඇතිවූ තත්ත්වය කෙටියෙන් පැහැදිලි කළේය..නිවේතා ඉහලට ගත් හුස්ම පහළට හෙළා ගත නොහැකිව බය බිරාන්ත වී බලා උන්නාය ..මෙවන් අභූත චෝදනාවක් ඉදිරිපත් වීම ඇයට දරාගත නොහැකි විය .ඉකි ගසමින් හඬන්නට පටන් ගත් නිවේතා සනසා ගන්නට සරෝජ් හැකි හැම තැතක්ම දැරුවේය .."මෙතන අඬන්න කිසිම දෙයක් සිද්ධ වෙලා නැහැ නිවී.අපිට මේ ප්‍රශ්නයට මුහුණ දෙන්න වෙනවා මේක මහා අභූත චෝදනාවක් .ඒ හැම කතාවම නිර්නාමිකව යන දේවල් වුණත් මේකට යටින් ඉන්නේ කවුද කියන එක මට හොයාගන්න එක මහ දෙයක් නෙමෙයි"."මං නි..සා..නේ ඔ.ක්.කො..ම".නිවේතා ඒ මොහොතේ යළිත් කැඩි කැඩී යන හඬින් පවසා හඬන්නට වූවාය."මෙතන කිසිම චෝදනාවක් ඔයාට එල්ල වෙලා නැහැ. මේක තනිකරම මට ගහන මඩ ප්‍රහාරයක් විතරයි .නිවී මෙතන තියෙන්නේ ඒක නෙමෙයි .අපිට කතා කරන්න විශේෂ වැදගත් දෙයක් මෙතන තියෙනවා".සරෝජ් හිරිපිටිය පැවසුවේ ඉදිරියට කතා කළ යුතු දෙය ගැන ඇයගෙන් කුමනාකාරයේ ප්‍රතිචාරයක් ඒ දැයි සිතමිනි .නිවේතා කඳුළු ගලා යන දෑසින්ම ඔහු දෙස බලා උන්නේ ඒ කුමක්දැයි යන්න අටියෙනි.."මිනිස්සුන්ට ඕන දෙයක් කියන්න පුළුවන් එක ඒක වෙනම කතාවක් හැබැයි ඒ කතාවට අපි කිසිම වෙලාවක සැලෙන අවශ්‍ය වෙන්නේ නැහැ මොකද අපි දන්නවා අපි නිවැරදියි කියලා..නිවී දැන් අපිට අපි ගැන තීරණයක් ගන්න කාලය ඇවිල්ලයි කියලයි මම හිතන්නේ දැන් මගේ ජීවිතේ ගැන ඔයා හැමදේම දන්නවා වගේම ඔයා ගැනත් මම දන්නවා .ඔයා මේ මගේ වහල යටට ආවේ මගේ වුවමනාවට. මමයි ඔයාව මෙතනට ගෙනාවේ ඔයා ප්‍රතිකාර ගන්න ඕන නිසා. ඉතිං මේ වගේ වහලක් යට එකට ඉන්නකොට මිනිස්සුන්ගෙන් චෝදනා වල ඉලක්ක වෙන්න තියෙන ඉඩ වැඩියි තමයි"."චූටිදූටවත් හසිතටවත් ඔයාටවත් මටවත් මේ ගෙදර ඉන්න අනිත් අයට වත් ඒක කිසිම ප්‍රශ්නයක් නොවෙයි .ඒත් රටට ලෝකෙට ඒක ප්‍රශ්නයක්. හැබැයි අපි තීරණයක් ගන්ඩ ඕනේ එක එකාට බයේ නෙවෙයි. අපි ගැන ජීවිතේ අපිට උවමනාවක් තියද කියන හේතුව නිසයි".සරෝජ් හිරිපිටිය දීර්ඝව කරගෙන ගිය කතාබහ නවතා ඇය දෙස බැලුවේය.."ම..ම ආ..ප.හු ය..න්.නම්".නිවේතා පැවසුවේ ඒ මොහොතේ ඇයගේ සිතට ආ තද තීරණයයි .තමා නිසා විවිධාකාර කටකතාවලට සරෝජ් හිරිපිටිය ලක්වීමම ඇයගේ සිතට දරා දරා ගන්නට බැරි වේදනාවක් විය තමා සරෝජ් අතහැර දැමුවේ ඔහුගේ සුබසිද්ධිය තකා මිස ඔහු ගැන තම සිතේ ඇති වූ ආදරයේ අල්ප මාත්‍රයක හෝ අඩුවීමක් නිසා නොවේ ..දැනුදු මේ පැමිණ ඇත්තේ එවන් අවස්ථාවක් යැයි නිවේතාට සිතුණි. සරෝජ් හිරිපිටියගේ කීර්තිනාමය පාර්ලිමේන්තුවේ සහ රටේම පැතිර යන මොහොතක තමන් සම්බන්ධ කටකතා ඇතිවීම එයට මහත් කලු පැල්ලමක් බව ඇයට වැටහුණි .එහෙනම් ඒ ජීවිතයෙන් ඈත්ව සිටීම ඔහුගේ සුබ සිද්ධියට හේතු වනු ඇතැයි ඇය සිතුවාය..."ඔය මොළේට ඔයිට වඩා ඇත්තටම දුරදිගක් හිතෙන්නේ නැද්ද නිවී. එක වතාවකුත් මගෙන් ඈත් වෙලා මගෙන් පලා ගියේ මට හොඳක් වෙන්න කියලා හිතලා නේද ?මේ සැරේ කරන්න හදන්නෙත් ඒකමයි. ඉතින් ගිය සැරේ මට හොඳක් වුණාද කියන එක ඔයා හොදටම දන්නවා .මේ සැරේ යන්න ගියත් වෙන්නේ ඒ ටිකම තමයි".සරෝජ් හිරිපිටිය තරමක් දැඩි ස්වරයෙන් පැවසුවේය.."ම.ට ඔ.යා..ගේ වෙ.න්.න බැ...හැ ම.ට ය..න්.න දෙ..න්න".නිවේතා ඉවත බලාගෙන තවමත් හරියාකාරව මුවඟින් පිටනොවන වදන් වලින් පැවසුවාය .හදවත දහසක් කැබලි වලට කැඩි කැඩී යද්දි යද්දී ඇය ඒ අදහස අමාරුවෙන් හෝ මුවින් පිට කර ගත්තේ සරෝජ් හිරිපිටියගේ යහපත ගැනම සලකමිනි.."එතකොට ඒ කියන්නේ ඔයාට මාව ඕන නැහැ ඔයාට මං ගැන කිසිම හැඟීමක් මෙච්චර කාලෙකට තිබුණේ නැද්ද නිවී".සරෝජ් දැඩි ස්වරයෙන් ඇසුවේය.."නැ.හැ නැ..හැ මං ඔයාට කිසිම කැ.මැ.ත්..ත.ක් .ඇතු.ව නෙ..මේ හි.ටි.යෙ .ඔ.යාට ආද..රේ ක.ලෙත් නැ..හැ".නිවේතා කෑගසා මෙන් තද ස්වරයෙන් පැවසුවාය.."එහෙමද? එහෙමද කියන්නේ එහෙනම්. පොඩ්ඩක් ඔහොම ඉන්නවා".සරෝජ් හිරිපිටිය තම හිතට ආ ආවේගයෙන්ම අසමින් නැගිට වහ වහා සිය කාමරය වෙත ගියේය .නිවේතා කිසිවක් සිතා ගන්නට නොහැකිව පුදුමයෙන් මෙන් බලා උන්නාය කාමරයට ගිය වේගයෙන්ම ආපසු පැමිණි සර්ව හිරිපිටිය තමා අත වූ රෙදි බෑගය නිවේතාගේ උකුල මතට දැමූවේය.."එතකොට මේ මොනවද? මේවායේ ලියල තියෙන්නෙ මොනවාද?".නිවේතා රෙදි බෑගය විවර කල බැලූ විට ඇයගේ ඇස් නළලට යන තරමේ පුදුමයක් ඇයට ඇතිවිය. ඉතින් සියලු දේ තවදුරටත් තව දුරටත් සඟවා ගත නොහැක සරෝජ් සියල්ල කියවා ඇත. නිවේතා කර කියාගත නොහැකි බැල්මෙන් පොත් දෙසත් ඔහු දෙසත් බැලුවාය.."ඔව් ! මං ඔය ඔක්කොම කියෙව්වා ඔයා හෙඩ් ඉන්ජරි එක නිසා අයි.සී.යූ.හිටපු දවස් වල මම සේරම අරන් ගිහිල්ලා කියෙව්වා. මෙච්චර කාලයක් අපි දෙන්නගෙ කතාවේ අපි නොහිතපු ඔයාගේ පැත්ත ඔයා ඔය පොත් වල ලියලා තියෙනවා .මං ඒ ඔක්කොම කියවලා ඉවරයි නිවී. දැන් තවදුරටත් මට බොරු කරන්න විතරක් ලැහැස්ති වෙන්න එපා".සරෝජ් හිරිපිටිය පැවසුවේ නිවේතා අසල අසුනේ හිඳ ගනිමිනි. නිවේතා කිසිවක් නොකියා පොත් දෙසම බලා උන්නාය ඉතින් තවදුරටත් තමාට කියන්නට කිසිවක් නොමැත සරෝජ්ට සියලු දේ අනාවරණය වී හමාරය. තමා මේ තමාගේ ඇතුලාන්තය පොත්වල ලියා තැබුවේ කවදාහෝ මානවීගේ ඇස ගැටීමට මිසක සරෝජ් අභිමුව නිවැරදිකාරියක් වීමට නම් නොවේ..සරෝජ් හිරිපිටිය අත දිගුකොට නිවේතාගේ අත් දෙකින් අල්ලා ගත්තේ ඉතා හැඟුම්බර අන්දමිනි..යලි හමුවෙමු.කිත්මා වාසනා දහනායක.(විසිරි සිහින).Posted by විසිරි සිහින at 7:50 AM 5 comments:.Email ThisBlogThis!Share to TwitterShare to FacebookShare to Pinterest.Labels: හසරැල් සැලුණාවේ (නවකතාව ).Older Posts Home.Subscribe to: Posts (Atom).Followers.මම සිහින දකින්නියක්මි.විසිරි සිහින.විසිර ගිය සිහිනයන් එකතු කර රැගෙන එමි.View my complete profile.Total Pageviews.Labels.My Diary.travel notes.අදහස්.අපූරුම දේවල්.අරමුණු.උගත් පාඩම්.ඔබ ආයෙමත් ඇවිදින් ( නවකතාව ).කෙටිකතා.පරිවර්තන.මතක.මතකයේ රැඳෙන පොත්.රයිලිගෙ කතා.විසිරි කවි.විසිරි සිතුවිලි.විසිරිගෙ සේයා රූ.....වෙනත් අයගේ කියවපු අපූරු කතා.සඳක් සේ ( නවකතාව).සමාජ විපරම්.සෞඛ්‍ය.හසරැල් සැලුණාවේ (නවකතාව ).හැඟීම්.Blog Archive.▼ 2022 (25).▼ September (2).2022(04) ඔබ නොදුටු මසිත.2022(3) අනේ නුඹ කවියක් වුනා නම්.► August (1).► July (2).► June (2).► May (5).► April (4).► March (4).► February (4).► January (1).► 2021 (56).► December (2).► November (6).► October (6).► September (9).► August (9).► July (10).► June (3).► March (1).► February (4).► January (6).► 2020 (58).► October (9).► July (3).► June (6).► May (7).► April (21).► March (11).► February (1).► 2019 (18).► December (1).► November (1).► October (1).► August (1).► May (1).► April (9).► February (2).► January (2).► 2018 (20).► December (10).► August (1).► June (1).► May (2).► April (1).► March (1).► February (2).► January (2).► 2017 (59).► December (2).► November (2).► October (4).► September (2).► August (5).► July (1).► June (6).► May (7).► April (6).► March (9).► February (5).► January (10).► 2016 (22).► December (13).► November (4).► October (5).my blog list.Transylvania."මූව මග්ගොනට යවන්න ඕනේ ".අනිත් කොන - a doctor's heart sutra.The social function of music....කොළඹ ගමයා.බ්‍රිතාන්‍ය රජ පවුලේ ජර්මන් හා රුසියානු සම්බන්ධතා.කඩදාසි කොලේ.361: උන්මාද චිත්‍රාදෝ මා - පසුවදන.ජිවිතේ යාත්‍රාව.නිද්‍රාව..නිදහස් සිතුවිලි.682. අද සිරී ලම්කාවෙ වහා විසඳාගත යුතු දැවෙන පස්න හෙවත් බෙර්නිං කුවෙස්චන්ස්.....රසිකොලොජි - Rasikology.සල්මන් රුෂ්ඩි සහ මට හමුවුණු ජාත්‍යන්තර අයියලා තුන් දෙනෙකුගේ කතා - Salman Rushdie and other stories.Ian's Den ඉයන්ගේ අඩවිය.පොරොන්දුවක් කඩ කිරීම.සොඳුරු සඳවතී.අහන්නකො......ගස් ලබ්බ.අටම්පහුර.ඉස්සෙල්ලම ගහපු එකා.තරුරසී.තරුණ අපේ හීන මැරූ - උඹල තමයි කම්බ හොරූ....chef-architect.කෑ බනික.මගේ බ්ලොග.53. How Seedr can helped you???.කලාහිත.. Kalahitha.අධි පරිභෝජනවාදයෙන් මිදී සරළ ජිවන රටාවකට හුරුවෙමු.තිලක සිත.මළ ඉලව් ලිෆ්ට් එක.රස්තියාදුකාරයා.සුභ ගමන් ආදරණීය ආටියා...........නොපළ කතා.අ(සම්මුතිය).test post for facebook – Aru-ge adaviya.කඩේ ගියා හෝ නැතා…මේ සින්දුව අහන්න...සින්ඩරෙල්ලාගේ සපත්තුව....!.රූබරිය !.රසුදැල්.මිලියන ගණන් වටිනා 99 මිනිස්සු.වැව් ඉස්මත්ත.කොච්චි මිරිස්.රොශාන් මහානාම,කොච්චියාගේ යාඤාව සහ බුද්ධත්වයට පත් සමන්තබද්‍ර.අහසෙන් එන්න....පස් මසකට පෙර ජීවිතේ පෙරළුණු අලුත් පිටුව.යාං හෑල්ල.ඔපිස් එකේ කොරෝනාගෙන් බේරෙන හැටි - How to avoid Corona at office.සමකය වටේ.Katchatheevu Feast 2020Drone vedio | கச்சதீவு அந்தோனியார் ஆலய திருநாள் 2....Nelum Yaya.ප්‍රන්ස බස සහ ඉංග්‍රීසි බස වෙනුවෙන් මරා ගැනීම.A T Sudarshana.Maharada Oba Giya daa (මා හැර දා ඔබ ගිය දා ).කතා කරන පන්හිඳ.පොකුරු වැහි.හිත්.දුමී.122. කිමද සොඳුරියෙ හඬන්නේ යළි අපිට හිමි වෙනවා අපී.....බස්සිගේ නවාතැන.ඔබේ රහස් සතුටු බුබුළ (Happiness Bubble).කැලේ පිපුණු මල්.01 පළමු දවස 2019 ජූනී 22.උඩුවාගේ සටහන්....රත්නම්ගේ වේදනාව.මාරයාගේ හෝරාව....නිවිති එක්ක දෙල් කිරට....මම එරන්දී... I'm Erandi.STRESS ද?.සින්බෑඩ්ගේ අඩවිය.දිනපොත 25.සජ්ජාගේ පඩංගුව.පරිසරය සමඟ පවුලත් සුරකිමු ...!!!!!.පැමිණ යන්නට මත්තෙන්...හැකි නම් තබන්න සටහනක්..එය මට මහත් දිරියක්. Ethereal theme. Powered by Blogger. |
මැතිවරණයේදී චමල් පරදන්න බැසිල් වැඩ කරපු හැටි ගම්මන්පිල කියයි - Tharunaya.com.Page Nav.HIDE.Grid.GRID_STYLE.Hover Effects.TRUE.Pages.About.Write for Us.Advertising.{fbt_classic_header}.Header Ad.Main Menu.HOME.සිංහල ටෙලිනාට්‍ය.ගින්දර වීඩියෝ.දේපළ ඉඩකඩම් විකිණිමට.ලග්න ඵලාපල.රථවාහන විකිණිමට.Contact Us.Breaking News:.latest.Contact Us.Name.Email *.Message *.මැතිවරණයේදී චමල් පරදන්න බැසිල් වැඩ කරපු හැටි ගම්මන්පිල කියයි.Dulakshi March 15, 2022 උණුසුම් පුවත් Edit this post.Facebook.Twitter.Linkedin.Pinterest.Email.1982 මුල්කිරිගල ආසනයේ අතුරු මැතිවරණයේදී චමල් රාජපක්ෂ මහතාගේ මැතිවරණ මෙහෙයුම් කළමනාකරු ලෙසින් මහින්ද රාජපක්ෂ මහතා කටයුතු කරද්දී ප්‍රතිවාදී එජ....1982 මුල්කිරිගල ආසනයේ අතුරු මැතිවරණයේදී චමල් රාජපක්ෂ මහතාගේ මැතිවරණ මෙහෙයුම් කළමනාකරු ලෙසින් මහින්ද රාජපක්ෂ මහතා කටයුතු කරද්දී ප්‍රතිවාදී එජාපයෙන් ඉදිරිපත්වූ ආනන්ද කුලරත්න මහතාගේ මැතිවරණ කළමනාකරුවා ලෙසින් බැසිල් රාජපක්ෂ මහතා කටයුතු කළ බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කර සිටියේ ය..එදා චමල් රාජපක්ෂට එරෙහි වූ බැසිල් මෙදා ගෝඨාභය රාජපක්ෂ මහතා දේශපාලනිකව ඝාතනය කරමින් පවතින බව පිවිතුරු හෙළ උරුමයේ නායකයා වැඩි දුරටත් සඳහන් කර සිටියේය..ඒ මහතා මේ බව සඳහන් කළේ අන්තර්ජාල නාලිකාවක වැඩසටහනක් හා එක් වෙමිනි..එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ රට බංකොලොත් වූවා නොව සිතාමතාම බංකොලොත් කළ බවයි. පසුගිය වසරේ ආනයනය සඳහා බිලියන 21 වියදම් කළ අතර ඉන් අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය සීමා කර ගත්තා නම් අඛණ්ඩ ඉන්ධන සැපයුමක් සැපයීමට තිබුණු බව උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කළේය..මෙම ඩොලර් ප්‍රශ්නයට වගකිව යුත්තේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා බවත් ඔහු සිතාමතාම රටේ ආර්ථිකය බිඳ වට්ටමින් සිටිනුයේ බෙලහීන වන ශ්‍රී ලංකාව තුළ විදේශ ආධිපත්‍ය ගොඩනැගීමට බවත් පිවිතුරු හෙළ උරුමයේ නායකයා මෙහිදී ප්‍රකාශකර සිටියේය..කාලීන දේශපාලන අර්බුදයේ තිරය පිටුපස රහස් රැසක් නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙහිදී හෙළිදරව් කළේය...Facebook.Twitter.Linkedin.Pinterest.Email.Related Posts.උණුසුම් පුවත්.No comments.Newer Post Older Post Home.Subscribe to: Post Comments (Atom).Popular Posts.දමිතා අබේරත්න රක්ෂිත බන්ධනාගාරයට.සූරියවැව මන්දපෝෂණ රැස්වීමේ ජනතාව විරෝධතා.ඩී.වී.චානක ඇමතිකම එපා කියයි..සරුසාර එකක් ඉල්ලයි.පාර්ලිමේන්තුව විසුරුවා හදිසි මහ මැතිවරණයක්..පොහොට්ටුවේ දැඩි විරෝධය.රාජ්‍ය ඇමතිලා 35ක් දිවුරන්න සූදානම්.Latest Posts.{latest}.Cloud Labels.Corona උණුසුම් පුවත උණුසුම් පුවත් කලා පුවත් කොරෝන කොරෝනා ක්‍රීඩා පිටිය ගොසිප් ජායා රූප දේශපාලන මුළුතැන්ගෙය රූපලාවන්‍ය විදෙස් පුවත් ව්‍යාපාරික පුවත්.Powered by Blogger..Ads Place.Featured Post.ජනපති හා රාජපක්ශලා වැල් පාලමෙන් ගොඩ උනා - සජිත්.ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බලයට පැමිණි දිනවල රටටත් සහ ජනතාවටත් වැල් පාලමකින් එතෙර විය යුතු බව කිව්වද අද වන විට එම පාලමෙන් එතෙර වී ඇත්තේ....Popular Posts.සූරියවැව මන්දපෝෂණ රැස්වීමේ ජනතාව විරෝධතා.පාර්ලිමේන්තුව විසුරුවා හදිසි මහ මැතිවරණයක්..පොහොට්ටුවේ දැඩි විරෝධය.මන්ත්‍රිනියකගේ පුතා හෙරොයින් සමග අත්අඩංගුවට.'නෙලුම් කුළුණ මාර්කට් කලොත් රටේ ආර්ථිකය ගොඩ '-රාජ්‍ය අමාත්‍ය අරුන්දික.Category.Corona 15.උණුසුම් පුවත 1114.උණුසුම් පුවත් 9142.කලා පුවත් 33.කොරෝන 48.කොරෝනා 2520.ක්‍රීඩා පිටිය 273.ගොසිප් 1.ජායා රූප 3.දේශපාලන 2085.මුළුතැන්ගෙය 26.රූපලාවන්‍ය 18.විදෙස් පුවත් 3.ව්‍යාපාරික පුවත් 40.Copyright ©.Footer Menu.Home.About Us.Privacy.Contact |
දැවැන්ත අර්බුධයක් මැද තෙල් බොන වාහන පාර පුරා - උදයගම්මන්පිල - Tharunaya.com.Page Nav.HIDE.Grid.GRID_STYLE.Hover Effects.TRUE.Pages.About.Write for Us.Advertising.{fbt_classic_header}.Header Ad.Main Menu.HOME.සිංහල ටෙලිනාට්‍ය.ගින්දර වීඩියෝ.දේපළ ඉඩකඩම් විකිණිමට.ලග්න ඵලාපල.රථවාහන විකිණිමට.Contact Us.Breaking News:.latest.Contact Us.Name.Email *.Message *.දැවැන්ත අර්බුධයක් මැද තෙල් බොන වාහන පාර පුරා - උදයගම්මන්පිල.Dulakshi September 22, 2022 උණුසුම් පුවත් Edit this post.Facebook.Twitter.Linkedin.Pinterest.Email.ආර්ථික අර්බූදය හේතුවෙන් රජය සතු යම් වැදගත් ව්‍යාපාරයක් පුද්ගලික අංශයට ලබා දෙන්නේ නම් නිස්චිත කාලයකට පසු රජය විසින් එම ව්‍යාපාරය යළි මිලදී ගැ....ආර්ථික අර්බූදය හේතුවෙන් රජය සතු යම් වැදගත් ව්‍යාපාරයක් පුද්ගලික අංශයට ලබා දෙන්නේ නම් නිස්චිත කාලයකට පසු රජය විසින් එම ව්‍යාපාරය යළි මිලදී ගැනීමටත් ඒ සදහා “ යළි මිලදී ගැනීමේ අරමුදලක් “ බිහිකිරිරීමටත් කටයුතු කල යුතු බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි..පිවිතුරු හෙළ උරුමයේ නායකයා මේ බව සදහන් කර සිටියේ පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමිනි. එහිදී ඒ මහතා වැඩි දුරටත් මෙසේ ප්‍රකාශකර සිටියේය..ඉන්දිරා ගාන්ධිගෙන් ලක් රජයට පාඩමක්.1972 වසරේ ජාත්‍යන්තර සමුළුවක අවසානයේ පැවැත්වුන රාත්‍රී භෝජන සංග්‍රහයකදී, එවකට ලෝකෙ හිටිය අගමැතිනියන් දෙදෙනා එක තැන වාඩි වෙලා හිටියා. ලංකාවේ සිරිමාවෝ මැතිණිය ඉන්දියාවේ ඉන්ධිරා මැතිණිය, එතන රස මසවුළු පිරිලා තිබුණත් ඉන්දිරා ගාන්ධි මැතිණිය රාත්‍රී ආහාරයට ගත්තේ ජලය වීදුරුවක් විතරයි.මේ ගැන අපේ සිරිමාවෝ මැතිණිය ප්‍රශ්න කළහම එතුමිය කිව්වේ අපේ රටේ දැවැන්ත දුර්භික්ෂයක්, ජනතාව ලක්ෂ සංඛ්‍යාත ගණනින් කන්න නැතිව දුක් විඳිනවා, ඒ නිසා මම දුර්භික්ෂය අවසන් වනතුරු රාත්‍රී කෑම ගන්නෙ නෑ කියල ප්‍රතිඥාවක් දුන්න කියල. සිරිමාවෝ මැතිණියට ප්‍රශ්නයක්, එතුමිය අහනව ඉන්දිරා මැතිණියගෙන් ඔබතුමිය රෑට කෑවෙ නෑ කියලා ලක්ෂ සංඛ්‍යාත ජනතාවගේ බඩගින්න නිවෙන්නෙ කොහොමද කියලා. එතකොට ඉන්දිරා මැතිණිය උත්තර දෙනවා මම බඩගින්නෙ හිටියයි කියලා ලක්ෂ ගානක් ජනතාවගේ බඩ පිරෙන්නේ නැති බව ඇත්තයි , හැබැයි මගේ ජනතාව දැන් දන්නවා මම ඔවුන් වෙනුවෙන් කැපකිරීමක් කරනවා ඔවුන්ගේ බඩගින්නෙ වේදනාව මටත් දැනෙනවා. ඒ නිසා මම ඔවුන්ගේ බඩගිනි ප්‍රශ්නෙ විසඳාවී කියන, විශ්වාසය ඒ අය තුළ ඇති වෙනවා ජනතාවගේ විශ්වාසය දිනා ගන්නේ නැතුව ජනතාවගේ ගෞරවය දිනා ගන්නේ නැතුව ආණ්ඩුවකට කිසිම මොහොතක කිසිම ප්‍රශ්නයක් විසදන්න බැහැයි කියල ඉන්දිරා ගාන්ධි මැතිණිය උත්තර දෙනවා..අර්බුද අවස්ථාවේ අපි ජනතාවට කැපකිරීම් කරන්න කියලා ඉදිරියේ අමාරුයි කියලා, දේශනා පවත්වල හරියන්නේ නැහැ. අපි කැපකිරීම් කරන්න ලෑස්ති කියන එක කතා වෙන් නෙමේ ක්‍රියාවෙන් , ආදර්ශයෙන් ජනතාවට පෙන්නන්න ඕන. මන් දන්නෑ අපේ වර්තමාන ආණ්ඩුව ඉන්දිරා ගාන්ධි මැතිණිය දුන්න ඒ ආදර්ශය දන්නවද කියලා, හැබැයි ඉන්දිරා මැතිණියගේ ආදර්ශය දන්නවනම් මේ අර්බුදය මැද මෙවැනි අමාත්‍ය මණ්ඩලයක් පත් කරාවි ද? තෙල් අර්බුදය මැද මෙච්චර තෙල් පුච්චන වාහන තවමත් භාවිතා කරාවි ද? විවිධ උත්සව පවත්වාවිද? කියන ප්‍රශ්නය අපිට මතු වෙනවා. ඇත්තෙන්ම මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මේ අර්බුදයෙන් ගොඩ ඒමට ගන්න තියෙන තීන්දු ඉතා වේදනාකාරී. මම ෂෙහාන් සේමසිංහ ඇමතිතුමාගෙ කතාව අහන් හිටිය, එතුමා කිව්වේ සහතික ඇත්ත. ගන්න තියෙන තීන්දු ජනතාවට වේදනාකාරී. සැත්කමක් කරද්දි, රිදෙනවා තමයි. රිදෙනවයි කියලා සැත්කම නොකර හිටියොත් ලෙඩා මිය යනවා.හැබැයි ඒ වේදනාකාරී සැත්කමට යොමු වෙන්න නම් අපි දන්නවා ඉදිරියේදී මේ අර්බුදයෙන් ඇත්තෙන්ම ගොඩ එන්න ඕනේ නම් බදු වැඩි කරන්න සිද්ධ වෙනවා. සහනාධාර කප්පාදු කරන්න සිද්ධ වෙනවා. ජලය විදුලිය ඉන්ධන වගේ උපයෝගීතා සේවාවන් සැබෑ පිරිවැය නිරූපිත මිලකට දෙන්න සිද්ධ වෙනවා. රාජ්‍ය ව්‍යාපාර ප්‍රතිව්‍යුහගත කරන්න වෙනවා. රාජ්‍ය සේවය කප්පාදු කරන්න වෙනවා. මේවා අතිශයින්ම ජනප්‍රිය නොවන තීන්දු. ජනතාවගේ විරෝධතා මතු වෙන තීන්දු. ඒ තුළින් ඇතිවන දුෂ්කරතා ජනතාව දරාගන්න නම් මේ දුක අපිට දෙන්නෙ අපේ හොඳටයි , නායකයෝ අපිව ගොඩදමාවි, අපි මේ විඳින වේදනාව අපේ නායකයන්ට තේරෙනවා කියන හැඟීම ජනතාවගේ සිත් තුළ ජනිත කරන්න ආණ්ඩුව සමත් විය යුතුයි. අන්න එතනදි ඒ දුෂ්කර තීන්දු අරගත්තේ නැත්නම් ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න බෑ. මේ දුෂ්කර තීන්දු අරගන්න ජනතාවගේ එකඟතාවය ගන්න නම් නායකයනුත් ජනතාවත් එක්ක එකට කැපකිරීම් කරන්න සූදානම් කියන එක පෙන්විය යුතුයි..එහෙම නැතුව උඹලා පටි තද කර ගනිල්ලා කියලා බණ දේශනා කිරීමෙන් නම් මේ අර්බුදයෙන් ගොඩ ඒමට අවශ්‍ය දේශපාලන නායකත්වය සපයා දෙන්න ආණ්ඩුවට පුළුවන් වෙන්නේ නැහැ..රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම ගැන ලොකු සංවාදයක් අද රටේ තියනවා. මට රාජ්‍ය ආයතනයක එක්ක දීර්ඝකාලීන අත්දැකීම් තියෙනවා. මුලින්ම පරිසර අමාත්‍යවරයා ගේ ජේෂ්ඨ උපදේශක විදිහට තමයි ආණ්ඩුවට සම්බන්ධ වුණේ, අධිකාරී වල සභාපති ධූර පළාත් අමාත්‍ය ධූර, කැබිනට් අමාත්‍යධුර කරද්දි මේ රාජ්‍ය ව්‍යාපාරය ගැන අත්දැකීම දැක්කා. රාජ්‍ය ව්‍යාපාර වල ප්‍රශ්න ගණනාවක් තියෙනවා . පෞද්ගලික අංශ ව්‍යාපාරයක අයිතිකරුවා කළමනාකරුගේ බෙල්ල මිරිකගෙන ඉන්නේ. කළමනාකරුවන් ඒ පීඩනය ඇති කරනවා සේවකයන්ට , ඒ නිසා සේවකයන්ට වත් කළමනාකරුවන්ට වත් අයිස් ගහන්න වත් හොරකම් කරන්න වත් අවස්ථාව නැහැ..මොකක්ද රාජ්‍ය අංශයේ තත්ත්වය, අපි ඇත්තම කතා කරමු ඇමතිවරයාගේ සිට සුළු සේවකයා දක්වා හැමෝම කල්පනා කරන්නේ මේ ආයතනයෙන් මට මොකක්ද වෙන වාසිය මිසක් මට මොකක්ද මේ ආයතනයට කළ හැක්කේ කියන එක නෙමෙයි. පත්වීම් ලබා දෙද්දී දක්ෂයාට වඩා තනතුර ලැබෙන්නෙ හිතවතාට, ටෙන්ඩර් ලබාදෙන්නේ හොඳම සැපයුම්කරුවා ට වඩා හිතවතාට, මෙන්න මේ දුර්වලතා නිසා තමයි රාජ්‍ය ව්‍යාපාර පෞද්ගලික අංශයත් එක්ක තරගකාරීව පවත්වාගෙන යන්න බැරි වෙලා තියෙන්නේ. මේ අඩුපාඩු තියෙනවා කියලා අපි පිළිගන්න ඕන. එහෙම නැත්නම් රාජ්‍ය ව්‍යාපාර පාඩු ලබන්නත් ඒ හා තරඟකාරී ව්‍යාපාර ලාභ ලබන්නත් හේතුවක් නැහැනේ..යළි ගන්නා අරමුදලක් ?.දැන් මේ රාජ්‍ය ව්‍යාපාර ප්‍රතිව්‍යුහගතකරණය කිවුව ගමන් බොහෝ දෙනෙක් හිතනවා පෞද්ගලීකරණය , මේවා පෞද්ගලික අංශයට සියට සීයක් දෙනවා මේවා විදේශිකයන්ට විකුණන්න යනවා කියල..විකල්ප ගණනාවක් තියෙනවා. මං කැමතියි ඒ විකල්ප මොනාද කියල මේ ගරු සභාවේ අවධානය යොමු කරන්න. අපට මුලින්ම කරන්න පුළුවන් දේ තමයි Management Buyout. තමන්ගේ ආයතනය පෞද්ගලික අංශයට දෙනවට විරුද්ධ නම් සේවකයන් සහ කළමනාකරුවන් එකතුවෙලා ඒ ව්‍යාපාරයේ යම් ප්‍රතිශතයක් මිලදී අරගෙන කළමනාකරණය බාරගන්නවා. ඒක අද ලෝකෙ පුරා වෙන දෙයක්. නමුත් මම දන්නෙ නැහැ එවැනි දෙයක් කරන්න සූදානමක් හැකියාවක් සහ මූල්‍ය ශක්තියක් ඒ සේවකයන්ට තියෙනවද කියලා..දෙවෙනි කාරණය තමයි ටෙලිකොම් එක ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් දුන්න ආකාරයට යම් කොටස් ප්‍රතිශතයක් සමග කළමනාකරණය පෞද්ගලික අංශයට භාර දෙනවා. ඇත්තෙන්ම Public Private Partnership නැත්තං රාජ්‍ය පෞද්ගලික හවුල් ව්‍යාපාර කියන්නේ මේක..ඒ වගේම තවත් සමහර ව්‍යාපාර අපට තියෙනවා සියයට සියයක් පුද්ගලික අංශයට විකුණන්න සිද්ධ වෙනවා. ඒවට යම් විරෝධයක් තියෙනවා නම් මේවා අනිවාර්යෙන්ම ආණ්ඩුව ගාව තියෙන්න ඕන නම්, අපට ඒකට විකල්පයක් තියෙනවා. ආණ්ඩුවට පුළුවන් ව්‍යාපාර යළි මිලදී ගැනීමේ අරමුදලක් හදන්න. ව්‍යාපාර විකුණන්නෙ නිශ්චිත කාලයකට , යළි මිලදී ගැනීමේ ගිවිසුමක් සහිතව ඊට පස්සේ සෑම වසරකම අයවැයේ ආණ්ඩුවේ ආදායමෙන් ප්‍රතිශතයක් ,සියයට එකක් දෙකක් හරි මේ අරමුදලට බැර කරනවා. එතකොට අර ව්‍යාපාරෙ නියමිත කාලය අවසන් උනහම ඒ ව්‍යාපාරය් ශුද්ධ වත්කම් වල වටිනාකමට නැවතත් ආණ්ඩුවට එය අත්පත් කර ගැනීමේ හැකියාව තියෙනවා. අමාරු කාලෙ නියඟය ආවාම ගස්වල කොළ හැලෙනවා .ආයෙත් වස්සාන කාලයේ දි ගස්වල දළු දාලා හැදෙනවා. ඒ වගේ ආණ්ඩුවට බැරි උනහම විකුණනවා, හැකියාව තියෙන දවසට යළි මිලදී ගැනීමේ එකඟතාවයෙන්..ඒ විතරක් නෙමේ වාර්ෂිකව මිලදී ගැනීම සඳහා අවශ්‍ය අරමුදල් ගොඩනැගීමට එවැනි මුදලක් වෙන් කළ යුතුය කියලා පාර්ලිමේන්තුවේ පනතකින් සම්මත කරලා ව්‍යාපාර යළි මිලදීගැනීමේ අරමුදල පිහිටවන්න පුළුවන්. තවත් අපිට විකල්ප ගණනාවක් තියෙනවා වැදගත් වෙන්නේ ආණ්ඩුවත් සමස්ත ජාතියක් අලුතෙන් හිතන්න පටන් ගන්න ඕනේ. හිතපු රූප රාමුවෙන් ඉවත්වෙලා අපි අලුතෙන් හිතන්න පටන් ගත්තොත් අපිට මේ අර්බුදයෙන් ගොඩ යන්න පුළුවන්...Facebook.Twitter.Linkedin.Pinterest.Email.Related Posts.උණුසුම් පුවත්.No comments.Newer Post Older Post Home.Subscribe to: Post Comments (Atom).Popular Posts.දමිතා අබේරත්න රක්ෂිත බන්ධනාගාරයට.සූරියවැව මන්දපෝෂණ රැස්වීමේ ජනතාව විරෝධතා.ඩී.වී.චානක ඇමතිකම එපා කියයි..සරුසාර එකක් ඉල්ලයි.පාර්ලිමේන්තුව විසුරුවා හදිසි මහ මැතිවරණයක්..පොහොට්ටුවේ දැඩි විරෝධය.රාජ්‍ය ඇමතිලා 35ක් දිවුරන්න සූදානම්.Latest Posts.{latest}.Cloud Labels.Corona උණුසුම් පුවත උණුසුම් පුවත් කලා පුවත් කොරෝන කොරෝනා ක්‍රීඩා පිටිය ගොසිප් ජායා රූප දේශපාලන මුළුතැන්ගෙය රූපලාවන්‍ය විදෙස් පුවත් ව්‍යාපාරික පුවත්.Powered by Blogger..Ads Place.Featured Post.ජනපති හා රාජපක්ශලා වැල් පාලමෙන් ගොඩ උනා - සජිත්.ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බලයට පැමිණි දිනවල රටටත් සහ ජනතාවටත් වැල් පාලමකින් එතෙර විය යුතු බව කිව්වද අද වන විට එම පාලමෙන් එතෙර වී ඇත්තේ....Popular Posts.සූරියවැව මන්දපෝෂණ රැස්වීමේ ජනතාව විරෝධතා.පාර්ලිමේන්තුව විසුරුවා හදිසි මහ මැතිවරණයක්..පොහොට්ටුවේ දැඩි විරෝධය.මන්ත්‍රිනියකගේ පුතා හෙරොයින් සමග අත්අඩංගුවට.'නෙලුම් කුළුණ මාර්කට් කලොත් රටේ ආර්ථිකය ගොඩ '-රාජ්‍ය අමාත්‍ය අරුන්දික.Category.Corona 15.උණුසුම් පුවත 1114.උණුසුම් පුවත් 9142.කලා පුවත් 33.කොරෝන 48.කොරෝනා 2520.ක්‍රීඩා පිටිය 273.ගොසිප් 1.ජායා රූප 3.දේශපාලන 2085.මුළුතැන්ගෙය 26.රූපලාවන්‍ය 18.විදෙස් පුවත් 3.ව්‍යාපාරික පුවත් 40.Copyright ©.Footer Menu.Home.About Us.Privacy.Contact |
රාජ්‍ය ආයතනවල ප්‍රධානීන් පත් කිරීම සදහා සාධාරණ හේතු ඉල්ලයි - Tharunaya.com.Page Nav.HIDE.Grid.GRID_STYLE.Hover Effects.TRUE.Pages.About.Write for Us.Advertising.{fbt_classic_header}.Header Ad.Main Menu.HOME.සිංහල ටෙලිනාට්‍ය.ගින්දර වීඩියෝ.දේපළ ඉඩකඩම් විකිණිමට.ලග්න ඵලාපල.රථවාහන විකිණිමට.Contact Us.Breaking News:.latest.Contact Us.Name.Email *.Message *.රාජ්‍ය ආයතනවල ප්‍රධානීන් පත් කිරීම සදහා සාධාරණ හේතු ඉල්ලයි.Dulakshi August 17, 2022 උණුසුම් පුවත් Edit this post.Facebook.Twitter.Linkedin.Pinterest.Email.රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල හා රජය සතු ව්‍යවසාය ආයතනවල සභාපති සහ අධ්‍යක්ෂ තනතුරු සඳහා නව පත්කිරීම් සිදු කිරීමේ දී හෝ වෙනස් කිරීමේ දී ප....රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල හා රජය සතු ව්‍යවසාය ආයතනවල සභාපති සහ අධ්‍යක්ෂ තනතුරු සඳහා නව පත්කිරීම් සිදු කිරීමේ දී හෝ වෙනස් කිරීමේ දී පූර්ව අනුමැතිය ලබා ගැනීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කමිටුවක් පත් කර තිබේ..ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ සභාපතිත්වයෙන් යුත් කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස අග්‍රමාත්‍ය ලේකම් අනුර දිසානායක, අමාත්‍ය මණ්ඩල ලේකම් ඩබ්ලිව්.එම්.ඩී.ජේ. ප්‍රනාන්දු යන මහත්වරු කටයුතු කරති..කමිටුවේ ලේකම්වරයා ලෙස ජනාධිපති අතිරේක ලේකම් චමින්ද කුලරත්න මහතා පත් කර ඇත..රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල හා රජය සතු ව්‍යවසාය ආයතනවල සභාපති සහ අධ්‍යක්ෂ මණ්ඩල තනතුරු වෙනස් කිරීමට අවශ්‍ය නම් සාධාරණීකරණය කළ හැකි හේතු සහිතව නාම යෝජනා ඉහත කමිටුවට ඉදිරිපත් කර පූර්ව අනුමැතිය ලබා ගැනීම අනිවාර්යය කර තිබේ..පූර්ව එකඟතාවකින් තොරව රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල හා රජය සතු ව්‍යවසාය ආයතනවල සභාපති සහ අධ්‍යක්ෂ මණ්ඩල තනතුරු වෙනස් කිරීමට විටින් විට ජනාධිපතිතුමා වෙත කෙරෙන ලිඛිත ඉල්ලීම් සහ ඇතැම් අවිධිමත් පත්කිරීම් පිළිබඳ අවධානය යොමු කරමින් මෙම කමිටුව පත් කර තිබේ..මේ පිළිබඳව ජනාධිපති ලේකම්ගේ අත්සනින් යුතුව සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්ට සෘජුව ලිපියක් යොමු කර ඇති අතර, ඒ සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය වෙනුවෙන් අග්‍රාමාත්‍ය ලේකම් හා මුදල්, ආර්ථික ස්ථායීකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයට පිටපත් යොමු කර තිබේ..– ජනාධිපති මාධ්‍ය අංශය..Facebook.Twitter.Linkedin.Pinterest.Email.Related Posts.උණුසුම් පුවත්.No comments.Newer Post Older Post Home.Subscribe to: Post Comments (Atom).Popular Posts.දමිතා අබේරත්න රක්ෂිත බන්ධනාගාරයට.සූරියවැව මන්දපෝෂණ රැස්වීමේ ජනතාව විරෝධතා.ඩී.වී.චානක ඇමතිකම එපා කියයි..සරුසාර එකක් ඉල්ලයි.පාර්ලිමේන්තුව විසුරුවා හදිසි මහ මැතිවරණයක්..පොහොට්ටුවේ දැඩි විරෝධය.රාජ්‍ය ඇමතිලා 35ක් දිවුරන්න සූදානම්.Latest Posts.{latest}.Cloud Labels.Corona උණුසුම් පුවත උණුසුම් පුවත් කලා පුවත් කොරෝන කොරෝනා ක්‍රීඩා පිටිය ගොසිප් ජායා රූප දේශපාලන මුළුතැන්ගෙය රූපලාවන්‍ය විදෙස් පුවත් ව්‍යාපාරික පුවත්.Powered by Blogger..Ads Place.Featured Post.ජනපති හා රාජපක්ශලා වැල් පාලමෙන් ගොඩ උනා - සජිත්.ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බලයට පැමිණි දිනවල රටටත් සහ ජනතාවටත් වැල් පාලමකින් එතෙර විය යුතු බව කිව්වද අද වන විට එම පාලමෙන් එතෙර වී ඇත්තේ....Popular Posts.සූරියවැව මන්දපෝෂණ රැස්වීමේ ජනතාව විරෝධතා.පාර්ලිමේන්තුව විසුරුවා හදිසි මහ මැතිවරණයක්..පොහොට්ටුවේ දැඩි විරෝධය.මන්ත්‍රිනියකගේ පුතා හෙරොයින් සමග අත්අඩංගුවට.'නෙලුම් කුළුණ මාර්කට් කලොත් රටේ ආර්ථිකය ගොඩ '-රාජ්‍ය අමාත්‍ය අරුන්දික.Category.Corona 15.උණුසුම් පුවත 1114.උණුසුම් පුවත් 9142.කලා පුවත් 33.කොරෝන 48.කොරෝනා 2520.ක්‍රීඩා පිටිය 273.ගොසිප් 1.ජායා රූප 3.දේශපාලන 2085.මුළුතැන්ගෙය 26.රූපලාවන්‍ය 18.විදෙස් පුවත් 3.ව්‍යාපාරික පුවත් 40.Copyright ©.Footer Menu.Home.About Us.Privacy.Contact |
මුදල් නෑ..ඉන්ධන ඇණවුම් කිරීම තුන් ගුණයකින් අඩු වේ - Tharunaya.com.Page Nav.HIDE.Grid.GRID_STYLE.Hover Effects.TRUE.Pages.About.Write for Us.Advertising.{fbt_classic_header}.Header Ad.Main Menu.HOME.සිංහල ටෙලිනාට්‍ය.ගින්දර වීඩියෝ.දේපළ ඉඩකඩම් විකිණිමට.ලග්න ඵලාපල.රථවාහන විකිණිමට.Contact Us.Breaking News:.latest.Contact Us.Name.Email *.Message *.මුදල් නෑ..ඉන්ධන ඇණවුම් කිරීම තුන් ගුණයකින් අඩු වේ.Dulakshi September 05, 2022 උණුසුම් පුවත් Edit this post.Facebook.Twitter.Linkedin.Pinterest.Email.ලංකා ඛනිජ තෙල් සංස්ථාවෙන් අත්පිට මුදලට ඉන්ධන මිලදී ගන්නා ලෙස සියලුම ඉන්ධන පිරවුම්හල්වලට නියෝග කළ දිනයේ පටන් මේ දක්වා පිරවුම්හල් ඉන්ධන ඇණවුම්....ලංකා ඛනිජ තෙල් සංස්ථාවෙන් අත්පිට මුදලට ඉන්ධන මිලදී ගන්නා ලෙස සියලුම ඉන්ධන පිරවුම්හල්වලට නියෝග කළ දිනයේ පටන් මේ දක්වා පිරවුම්හල් ඉන්ධන ඇණවුම් කිරීම තුන් ගුණයකින් අඩුවී ඇති බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය කියා සිටී. චෙක්පත් මාර්ගයෙන් ඉන්ධන ඇණවුම්වල මුදල් ගෙවීමේ පහසුකම සලසා තිබූ කාලයේ එක් ඉන්ධන පිරවුම්හලකින් ඉන්ධන තොග 60ක් පමණ මාසයකට ඇණවුම් කළද එම ක්‍රමය අහෝසි කරමින් මුදලට ඉන්ධන සඳහා ගෙවීමේ ක්‍රමය හඳුන්වා දුන් පසු මාසයක කාලයක් සඳහා ඉන්ධන ඇණවුම් කිරීම තොග 20ක් දක්වා සීමා වූ බව එම සංගමයේ සම ලේකම් කපිල නාඔටුන්න පැවැසුවේය..කිසිදු ඉන්ධන පිරවුම්හල් හිමියකුට එකවර ඩීසල් සහ පෙට්‍රල් තොග දෙකක් අත්පිට මුදලට ඇණවුම් කිරීමට හැකියාවක් නොමැති බැවින් මේ දිනවල සියලුම පිරවුම්හල් ඇණවුම් කරන්නේ ඩීසල් හෝ පෙට්‍රල් යන දෙවර්ගයෙන් එක් තොගයක් පමණක් බව බෙදුම්කරුවෝ කියති. ලීටර් හයදහස් හයසිය බැගින් වන ඩීසල් සහ පෙට්‍රල් තොග දෙකක් සඳහා රුපියල් ලක්ෂ 60ක මුදලක් වැය වේ. ඒ අනුව එක් ඉන්ධන පිරවුම්හලකට මාසයකට ඉන්ධන තොග මිලදී ගැනීමට නම් රුපියල් එක්කෝටි අසුලක්ෂයක් වැය කළ යුතු වේ..මෙය දැරිය නොහැකි මුදලක් බැවින් හැකි ඉක්මනින් නැවතත් පෙර තිබූ චෙක්පත් මාර්ගයෙන් ඉන්ධන සඳහා ගෙවීමේ වැඩපිළිවෙළ සකස් කර දෙන ලෙස මෙරට සිටින ඉන්ධන බෙදුම්කරුවන් 1250ම බලශක්ති ඇමැතිවරයාගෙන් ඉල්ලා සිටින බව කපිල නාඔටුන්න පැවැසුවේය. සීමිත ලෙස ඉන්ධන ඇණවුම් කිරීම මත එක පිරවුම්හලකට ලැබෙන තොග පැය කිහිපයක් යන්නට පෙර අවසන් වන බැවින් නැවතත් ඉන්ධන ලැබෙන තුරු ඒ අසල පෝලිම් වැඩි වශයෙන් නිර්මාණය වේ..මේ අතර ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමයේ සභාපති කුමාර රාජපක්ෂ කියා සිටියේ පිරවුම්හල් 400ක් තෙල් නොමැතිව වසා දමා නොමැති බවත් එක් දිනකට පිරවුම්හල් 300ත් 400ත් අතර ප්‍රමාණයක් පමණක් තාවකාලිකව තෙල් තොග නැවත පැමිණෙන තුරු වසා ඇති බවත්ය..Facebook.Twitter.Linkedin.Pinterest.Email.Related Posts.උණුසුම් පුවත්.No comments.Newer Post Older Post Home.Subscribe to: Post Comments (Atom).Popular Posts.දමිතා අබේරත්න රක්ෂිත බන්ධනාගාරයට.සූරියවැව මන්දපෝෂණ රැස්වීමේ ජනතාව විරෝධතා.ඩී.වී.චානක ඇමතිකම එපා කියයි..සරුසාර එකක් ඉල්ලයි.පාර්ලිමේන්තුව විසුරුවා හදිසි මහ මැතිවරණයක්..පොහොට්ටුවේ දැඩි විරෝධය.රාජ්‍ය ඇමතිලා 35ක් දිවුරන්න සූදානම්.Latest Posts.{latest}.Cloud Labels.Corona උණුසුම් පුවත උණුසුම් පුවත් කලා පුවත් කොරෝන කොරෝනා ක්‍රීඩා පිටිය ගොසිප් ජායා රූප දේශපාලන මුළුතැන්ගෙය රූපලාවන්‍ය විදෙස් පුවත් ව්‍යාපාරික පුවත්.Powered by Blogger..Ads Place.Featured Post.ජනපති හා රාජපක්ශලා වැල් පාලමෙන් ගොඩ උනා - සජිත්.ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බලයට පැමිණි දිනවල රටටත් සහ ජනතාවටත් වැල් පාලමකින් එතෙර විය යුතු බව කිව්වද අද වන විට එම පාලමෙන් එතෙර වී ඇත්තේ....Popular Posts.සූරියවැව මන්දපෝෂණ රැස්වීමේ ජනතාව විරෝධතා.පාර්ලිමේන්තුව විසුරුවා හදිසි මහ මැතිවරණයක්..පොහොට්ටුවේ දැඩි විරෝධය.මන්ත්‍රිනියකගේ පුතා හෙරොයින් සමග අත්අඩංගුවට.'නෙලුම් කුළුණ මාර්කට් කලොත් රටේ ආර්ථිකය ගොඩ '-රාජ්‍ය අමාත්‍ය අරුන්දික.Category.Corona 15.උණුසුම් පුවත 1114.උණුසුම් පුවත් 9142.කලා පුවත් 33.කොරෝන 48.කොරෝනා 2520.ක්‍රීඩා පිටිය 273.ගොසිප් 1.ජායා රූප 3.දේශපාලන 2085.මුළුතැන්ගෙය 26.රූපලාවන්‍ය 18.විදෙස් පුවත් 3.ව්‍යාපාරික පුවත් 40.Copyright ©.Footer Menu.Home.About Us.Privacy.Contact |
මා බලයට පත්වී මාස 6න් විසදුම දෙනවා - සජිත් - Tharunaya.com.Page Nav.HIDE.Grid.GRID_STYLE.Hover Effects.TRUE.Pages.About.Write for Us.Advertising.{fbt_classic_header}.Header Ad.Main Menu.HOME.සිංහල ටෙලිනාට්‍ය.ගින්දර වීඩියෝ.දේපළ ඉඩකඩම් විකිණිමට.ලග්න ඵලාපල.රථවාහන විකිණිමට.Contact Us.Breaking News:.latest.Contact Us.Name.Email *.Message *.මා බලයට පත්වී මාස 6න් විසදුම දෙනවා - සජිත්.Dulakshi June 27, 2022 උණුසුම් පුවත් Edit this post.Facebook.Twitter.Linkedin.Pinterest.Email.දේශපාලන පළි ගැනීම්වලට ලක් වූ 60000කට ආසන්න පිරිසට සමගි ජන බලවේගය බලයට පත් වී පළමු මාස 6 ඇතුළත ප්‍රායෝගික විසදුම් ලබා දෙන බව සමගි ජන බලවේග දේ....දේශපාලන පළි ගැනීම්වලට ලක් වූ 60000කට ආසන්න පිරිසට සමගි ජන බලවේගය බලයට පත් වී පළමු මාස 6 ඇතුළත ප්‍රායෝගික විසදුම් ලබා දෙන බව සමගි ජන බලවේග දේශපාලන පළි ගැනීම්වලට ලක්වූවන්ට සහන ලබා දීමේ දිස්ත්‍රික් කමිටු මාලාවේ ගම්පහ දිස්ත්‍රික් සම්මේලය අමතමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය..අවස්ථා 2ක දී පමණක් ආණ්ඩු බලය ලැබුණත් තමා විපක්ෂයේ සිටින කාලයේ 60000කට ආසන්න පිරිසක් දේශපාලන පළි ගැනීම්වලට ලක් වූ බවත් වත්මන් රජය විපක්ෂයේ සිටින විට සහ මැතිවරණ සමය ආසන්න වන විට දේශපාලන පළි ගැනීම්වලට ලක් වූවන්ට නිසි සාධාරණයක් ඉටු කරන බවට පැවසුවත් ඔවුන්ට මේ වන තෙක් නිසි සාධාරණයක් ඉටු වී නොමැති බවත් පැවසූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් කියා සිටියේ තමා නිවාස ඉදිකිරීම් ඇමතිවරයා ලෙස කටයුතු කරන අවදියේ විශේෂ වැඩපිළිවෙළක් යටතේ දේශපාලන පළි ගැනීම්වලට ලක් වූ සියයට 90කගේ ඉල්ලීම්වලට සහ අභියාචනාවලට විසදුම් දුන් බවයි..එසේම ඒ සඳහා කැපවූ සියලු දෙනාට සිය ස්තූතිය පළ කරන බවද විපක්ෂ නායකවරයා වැඩිදුරටත් කියා සිටියේය..දේශපාලන පලිගැනීමට ලක්වූවන්ගේ විශේෂ සම්මේලනය පැවැතියේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙනි..දේශපාලන පලිගැනීමට ලක්වූවන් විශාල පිරිසක් ඊට එක්ව සිටියහ...Facebook.Twitter.Linkedin.Pinterest.Email.Related Posts.උණුසුම් පුවත්.No comments.Newer Post Older Post Home.Subscribe to: Post Comments (Atom).Popular Posts.දමිතා අබේරත්න රක්ෂිත බන්ධනාගාරයට.සූරියවැව මන්දපෝෂණ රැස්වීමේ ජනතාව විරෝධතා.ඩී.වී.චානක ඇමතිකම එපා කියයි..සරුසාර එකක් ඉල්ලයි.පාර්ලිමේන්තුව විසුරුවා හදිසි මහ මැතිවරණයක්..පොහොට්ටුවේ දැඩි විරෝධය.රාජ්‍ය ඇමතිලා 35ක් දිවුරන්න සූදානම්.Latest Posts.{latest}.Cloud Labels.Corona උණුසුම් පුවත උණුසුම් පුවත් කලා පුවත් කොරෝන කොරෝනා ක්‍රීඩා පිටිය ගොසිප් ජායා රූප දේශපාලන මුළුතැන්ගෙය රූපලාවන්‍ය විදෙස් පුවත් ව්‍යාපාරික පුවත්.Powered by Blogger..Ads Place.Featured Post.ජනපති හා රාජපක්ශලා වැල් පාලමෙන් ගොඩ උනා - සජිත්.ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බලයට පැමිණි දිනවල රටටත් සහ ජනතාවටත් වැල් පාලමකින් එතෙර විය යුතු බව කිව්වද අද වන විට එම පාලමෙන් එතෙර වී ඇත්තේ....Popular Posts.සූරියවැව මන්දපෝෂණ රැස්වීමේ ජනතාව විරෝධතා.පාර්ලිමේන්තුව විසුරුවා හදිසි මහ මැතිවරණයක්..පොහොට්ටුවේ දැඩි විරෝධය.මන්ත්‍රිනියකගේ පුතා හෙරොයින් සමග අත්අඩංගුවට.'නෙලුම් කුළුණ මාර්කට් කලොත් රටේ ආර්ථිකය ගොඩ '-රාජ්‍ය අමාත්‍ය අරුන්දික.Category.Corona 15.උණුසුම් පුවත 1114.උණුසුම් පුවත් 9142.කලා පුවත් 33.කොරෝන 48.කොරෝනා 2520.ක්‍රීඩා පිටිය 273.ගොසිප් 1.ජායා රූප 3.දේශපාලන 2085.මුළුතැන්ගෙය 26.රූපලාවන්‍ය 18.විදෙස් පුවත් 3.ව්‍යාපාරික පුවත් 40.Copyright ©.Footer Menu.Home.About Us.Privacy.Contact |
ඉඩමක් ඇති නිවසක් සාදා ගැනීමට නොහැකි අයට රුපියල් 650,000ක් - Tharunaya.com.Page Nav.HIDE.Grid.GRID_STYLE.Hover Effects.TRUE.Pages.About.Write for Us.Advertising.{fbt_classic_header}.Header Ad.Main Menu.HOME.සිංහල ටෙලිනාට්‍ය.ගින්දර වීඩියෝ.දේපළ ඉඩකඩම් විකිණිමට.ලග්න ඵලාපල.රථවාහන විකිණිමට.Contact Us.Breaking News:.latest.Contact Us.Name.Email *.Message *.ඉඩමක් ඇති නිවසක් සාදා ගැනීමට නොහැකි අයට රුපියල් 650,000ක්.Dulakshi September 06, 2022 උණුසුම් පුවත් Edit this post.Facebook.Twitter.Linkedin.Pinterest.Email.ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ දිස්ත්‍රික් කළමණාකරුවන් සදහා මහනුවර පැවති වැඩමුළුවෙන් පසු එම අධිකාරියේ ණය මුදල් අයකර ගැනීම 69.9% කින් ඉහළ ගොස්....ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ දිස්ත්‍රික් කළමණාකරුවන් සදහා මහනුවර පැවති වැඩමුළුවෙන් පසු එම අධිකාරියේ ණය මුදල් අයකර ගැනීම 69.9% කින් ඉහළ ගොස් ඇතැයි සභාපති රජීව් සූරියආරච්චි මහතා පවසයි..පසුගිය මාසයේ දී (අගෝස්තු) එම අධිකාරියේ අයවිය යුතු ණය මුදලින් රුපියල් මිලියන 260කට ආසන්න මුදලක් එකතු කර ගැනීමට දිස්ත්‍රික් කළමණාකරුවන් සමත් වී ඇත. පසුගිය ජූලි මාසයේ දී එලෙස අය කරගැනීමට හැකියාව ලැබුණේ රුපියල් මිලියන 153 ක් පමණි..1979 සිට මේ දක්වා ජනතාවට ලබා දී ඇති නිවාස ණය වලින් එම අධිකාරියට අය විය යුතුව තිබු මුදල රුපියල් බිලියන 10 ඉක්ම වූ අතර මාසික ව අය කර ගත යුතු මුදල රුපියල් මිලියන 563 ක් විය. එහෙත් පසුගිය කාලයේ පැවති කොවිඩ් වසංගතය හා ආර්ථික අර්බුදය හේතුවෙන් ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ ණය අයවීම පහත වැටී තිබිණි..ජුලි මාසයේ දි ජාතික නිවාස සංවර්ධන අධිකාරියට එකතු කර ගැනීමට හැකි වි තිබුණේ අදාළ ණය වලින් රුපියල් මිලියන 153 ක් පමණි. ඒ අනුව මහනුවර වැඩමුළුවේ දි රුපියල් මිලියන 300 ක මාසික අයකර ගැනීමේ ඉලක්කයක් දිස්ත්‍රික් කළමණාකරුවන්ට ලබාදුන් බව පැවසු සභාපතිවරයා ඒ සදහා ක්‍රියාත්මක සැලැස්මක් ද හදුන්වා දුන් බව සදහන් කළේය. ණය අයවිම 69.9%කින් ඉහළ ගොස් ඇත්තේ එහි ප්‍රතිඵලයක් ලෙසයි..මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ සභාපතිවරයා සදහන් කළේ ජාතික නිවාස සංවර්ධන අධිකාරියට මාසික වැටුප් හා දීමනා ගෙවීම සදහා රුපියල් මිලයන 165 ක් අවශ්‍ය බවයි. රටේ පවතින ආර්ථික තත්ත්වය අනුව මහා භාණ්ඩාගාරයෙන් යැපීමකින් තොරව ආදායම් උපද්දවා ගැනීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇතැයි ද සභාපතිවරයා කියා සිටියේ ය..පසුගිය වසරේ දි ජාතික නිවාස සංවර්ධන අධිකාරිය නිවාස 20,747 ක ඉදිකිරිම් ආරම්භ කර තිබේ. ඉන් 13,011 ක ඉදිකිරිම් අවසන් කර ප්‍රතිලාභීන්ට භාර දි අවසන්. තවත් නිවාස 7,733 ක ඉදිකිරිම් අවසන් වෙමින් පවති. වර්ග අඩි 550 ක විශාලත්වයකින් යුතු මෙම එක් නිවසක් විසිත්ත කාමරයක්, නිදන කාමර 02 ක් සහ මුළුතැන්ගෙයකින් සමන්විතයි. ඉඩමක් ඇති එහෙත් නිවසක් සාදා ගැනීමට නොහැකි පුද්ගලයන් වෙනුවෙන් ජාතික නිවාස සංවර්ධන අධිකාරිය රුපියල් 650,000 ක මුදලක් ලබා දෙයි. එය වාරික වශයෙන් නිවෙස් හිමියාගෙන් අය කර ගැනේ...Facebook.Twitter.Linkedin.Pinterest.Email.Related Posts.උණුසුම් පුවත්.No comments.Newer Post Older Post Home.Subscribe to: Post Comments (Atom).Popular Posts.දමිතා අබේරත්න රක්ෂිත බන්ධනාගාරයට.සූරියවැව මන්දපෝෂණ රැස්වීමේ ජනතාව විරෝධතා.ඩී.වී.චානක ඇමතිකම එපා කියයි..සරුසාර එකක් ඉල්ලයි.පාර්ලිමේන්තුව විසුරුවා හදිසි මහ මැතිවරණයක්..පොහොට්ටුවේ දැඩි විරෝධය.රාජ්‍ය ඇමතිලා 35ක් දිවුරන්න සූදානම්.Latest Posts.{latest}.Cloud Labels.Corona උණුසුම් පුවත උණුසුම් පුවත් කලා පුවත් කොරෝන කොරෝනා ක්‍රීඩා පිටිය ගොසිප් ජායා රූප දේශපාලන මුළුතැන්ගෙය රූපලාවන්‍ය විදෙස් පුවත් ව්‍යාපාරික පුවත්.Powered by Blogger..Ads Place.Featured Post.ජනපති හා රාජපක්ශලා වැල් පාලමෙන් ගොඩ උනා - සජිත්.ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බලයට පැමිණි දිනවල රටටත් සහ ජනතාවටත් වැල් පාලමකින් එතෙර විය යුතු බව කිව්වද අද වන විට එම පාලමෙන් එතෙර වී ඇත්තේ....Popular Posts.සූරියවැව මන්දපෝෂණ රැස්වීමේ ජනතාව විරෝධතා.පාර්ලිමේන්තුව විසුරුවා හදිසි මහ මැතිවරණයක්..පොහොට්ටුවේ දැඩි විරෝධය.මන්ත්‍රිනියකගේ පුතා හෙරොයින් සමග අත්අඩංගුවට.'නෙලුම් කුළුණ මාර්කට් කලොත් රටේ ආර්ථිකය ගොඩ '-රාජ්‍ය අමාත්‍ය අරුන්දික.Category.Corona 15.උණුසුම් පුවත 1114.උණුසුම් පුවත් 9142.කලා පුවත් 33.කොරෝන 48.කොරෝනා 2520.ක්‍රීඩා පිටිය 273.ගොසිප් 1.ජායා රූප 3.දේශපාලන 2085.මුළුතැන්ගෙය 26.රූපලාවන්‍ය 18.විදෙස් පුවත් 3.ව්‍යාපාරික පුවත් 40.Copyright ©.Footer Menu.Home.About Us.Privacy.Contact |
දැන් අරගල කරන්න ඕන රටට ඩොලර් ගෙන්වා ගන්න - ප්‍රසන්න රණතුංග - Tharunaya.com.Page Nav.HIDE.Grid.GRID_STYLE.Hover Effects.TRUE.Pages.About.Write for Us.Advertising.{fbt_classic_header}.Header Ad.Main Menu.HOME.සිංහල ටෙලිනාට්‍ය.ගින්දර වීඩියෝ.දේපළ ඉඩකඩම් විකිණිමට.ලග්න ඵලාපල.රථවාහන විකිණිමට.Contact Us.Breaking News:.latest.Contact Us.Name.Email *.Message *.දැන් අරගල කරන්න ඕන රටට ඩොලර් ගෙන්වා ගන්න - ප්‍රසන්න රණතුංග.Dulakshi August 31, 2022 උණුසුම් පුවත් Edit this post.Facebook.Twitter.Linkedin.Pinterest.Email.පවතින ආර්ථික අර්බුදය විසදීම සදහා සයවැදෑරුම් වැඩපිළිවෙලක් මත පදනම්ව අතුරු අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු බවත්, ඉකුත් වසරේදී අයවැය යෝජන....පවතින ආර්ථික අර්බුදය විසදීම සදහා සයවැදෑරුම් වැඩපිළිවෙලක් මත පදනම්ව අතුරු අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු බවත්, ඉකුත් වසරේදී අයවැය යෝජනා ඉදිරිපත් කරන අවස්ථාවේ තිබූ තත්ත්වයට හාත්පසින්ම වෙනස් ආර්ථික සහ සමාජීය පසුබිමක් මේ වනවිට රටතුළ ඇතිව තිබෙන බැවින් අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමට පාර්ලිමේන්තුව නියෝජනය කරන හා නොකරන සියලුම දෙනාගේ සහය අපේක්ෂා කරන බවත්. නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග මහතා පවසයි..වියදම් කළමණාකරණය සඳහා පියවර ගැනීම, නව වෙළඳ සහ ආයෝජන ප්‍රතිපත්තීන් හඳුන්වාදීම, රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීම, නව නීති සහ නීති ප්‍රතිසංස්කරණ හඳුන්වාදීම, රාජ්‍ය මූල්‍ය කළමණාකරණය සඳහා ව්‍යවස්ථාදායකයේ කාර්ය ශක්තිමත් කිරීම වැනි මූලික කරුණු හය මත පදනම්ව සකස් කෙරුණු මෙම අයවැය මෙරට අනාගත ගමන් මගේ දිශානතිය තීරණය කරන බව ද රණතුංග මහතා පෙන්වා දෙයි..බත්තරමුල්ල, සෙත්සිරිපායේ පිහිටි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේදී අද (31) පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ඉදිරි කටයුතු සැලසුම් කිරීම සදහා මෙම සාකච්ඡාව පැවැත්විණි..එහිදී අමාත්‍යවරයා මෙසේද පැවසීය..“මෙය ඉතාමත් දුෂ්කර ආර්ථික කොන්දේසි මධ්‍යයේ හදපු අයවැයක්. එවැනි වටපිටාවක් මැද සාමාන්‍ය ජනතාවට පීඩාවක් එල්ල නොකර ජනාධිපතිවරයා මෙවැනි අයවැයක් ඉදිරිපත් කිරීම අපි අගය කරන්න ඕන. මේ රජයට ඉතාම කෙටි කාලයක් ඇතුළත ආර්ථික අර්බුදය ජයගෙන සමාජීය හා දේශපාලික වශයෙන් රට ස්ථාවර කරන්න පුළුවන් බව මට විශ්වාසයි. ඒ සඳහා අවශ්‍ය මූලික පියවර අන්තර්කාලීන අයවැයෙන් ඉදිරිපත් කර තිබෙනවා. ඒ නිසා ජනාධිපතිවරයාගේ රට ගොඩනඟන වැඩපිළිවෙල ශක්තිමත් කරන්න මේ මොහොතේ සියලුම දෙනා එකට එක්විය යුතුයි..රට මුහුණ දී තිබෙන ආර්ථික අර්බුදය හමුවේ අඩුආදායම් ලාභීන්ට උපරිම සහන ලබාදෙන ගමන්ම අධ්‍යාපනය, සංචාරක, කෘෂිකර්මාන්තය, ප්‍රවාහනය වැනි කේෂ්ත්‍ර නවීන ලෝකයට ගැළපෙන ලෙස දියුණු කරන්න අවශ්‍ය යෝජනා මෙවර අයවැයේ අඩංගු කර තිබෙනවා. විශේෂයෙන්ම මෙවර අයවැයෙන් අධ්‍යාපනයට වැඩි අවධානයක් යොමුකිරීම ඉතා හොඳයි. එමෙන්ම විදෙස් සිසුන්ට මෙරටට පැමිණ අධ්‍යාපනය හදාරන්නට පහසුකම් සපයාදීමත් ඉතාම හොඳ දෙයක්. ඒ නිසා මෙය කාලීන වශයෙන් රටට අවශ්‍ය සාධනීය ලක්ෂණ අඩංගු කර ඉදිරිපත් කළ අයවැයක් ලෙස මෙය හඳුන්වන්න පුළුවන්. මේක අයිසිං තවරපු සීනි බෝල අයවැයක් නෙමෙයි. මේ අයවැය යෝජනා ක්‍රියාත්මක කරන්න පක්ෂ විපක්ෂ දෙගොල්ලන්ගේම සහය අවශ්‍යයි. අභියෝග බාරගන්න බය විවේචකයෝ මේ අයවැයෙත් අඩුපාඩු කියයි. නමුත් අපි අපේ ගමන යනවා..කොරෝනා වසංගතය නිසා අපිට දීර්ඝ කාලයක් රට වසා තබන්න සිදුවුණා. රට නැවත විවෘත්ත කරල සංවර්ධන වැඩ පටන් ගත්ත විතරයි රටේ අරගලයක් පටන් ගත්තා. මේවයින් වුනේ අපේ වටිනා කාලය හා ශ්‍රමය නිකරැණේ අපතේ ගිය එක විතරයි. ඒ නිසා මේ අර්බුදයෙන් රට ගොඩ ගන්න අපි එකතුවෙලා වැඩ කරන්න ඕන..අපි දැන් අරගල කරන්න ඕන රටට ඩොලර් ගෙන්ව ගන්න, ආයෝජකයන් ගෙන්වා ගන්නයි. ඒ වගේම ස්ථාවර ආණ්ඩුවක් පිහිටුවා ගන්න. ස්ථාවර ආණ්ඩුවක් නැත්නම් රටට ආයෝජකයන් එන්නෙ නැහැ. පාරවල් ගානේ බෝඩ් උස්සගෙන කෑ ගැහුවට සිස්ටම් චේන්ජ් කරන්න බැහැ. ආර්ථික අර්බුද විසඳන්න බැහැ. ජනතාව අමාරුවෙන් ඉන්න වෙලාවක අපි 225ටම එකට එකතුවෙලා ගමනක් ගියොත් මේ වලෙන් ගොඩට එන්න පුළුවන්. එහෙම නොවුනොත් එය ඉතාම අවාසනාවන්ත තත්ත්වයක්” යැයිද අමාත්‍යවරයා සඳහන් කළේය..Facebook.Twitter.Linkedin.Pinterest.Email.Related Posts.උණුසුම් පුවත්.No comments.Newer Post Older Post Home.Subscribe to: Post Comments (Atom).Popular Posts.දමිතා අබේරත්න රක්ෂිත බන්ධනාගාරයට.සූරියවැව මන්දපෝෂණ රැස්වීමේ ජනතාව විරෝධතා.ඩී.වී.චානක ඇමතිකම එපා කියයි..සරුසාර එකක් ඉල්ලයි.පාර්ලිමේන්තුව විසුරුවා හදිසි මහ මැතිවරණයක්..පොහොට්ටුවේ දැඩි විරෝධය.රාජ්‍ය ඇමතිලා 35ක් දිවුරන්න සූදානම්.Latest Posts.{latest}.Cloud Labels.Corona උණුසුම් පුවත උණුසුම් පුවත් කලා පුවත් කොරෝන කොරෝනා ක්‍රීඩා පිටිය ගොසිප් ජායා රූප දේශපාලන මුළුතැන්ගෙය රූපලාවන්‍ය විදෙස් පුවත් ව්‍යාපාරික පුවත්.Powered by Blogger..Ads Place.Featured Post.ජනපති හා රාජපක්ශලා වැල් පාලමෙන් ගොඩ උනා - සජිත්.ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බලයට පැමිණි දිනවල රටටත් සහ ජනතාවටත් වැල් පාලමකින් එතෙර විය යුතු බව කිව්වද අද වන විට එම පාලමෙන් එතෙර වී ඇත්තේ....Popular Posts.සූරියවැව මන්දපෝෂණ රැස්වීමේ ජනතාව විරෝධතා.පාර්ලිමේන්තුව විසුරුවා හදිසි මහ මැතිවරණයක්..පොහොට්ටුවේ දැඩි විරෝධය.මන්ත්‍රිනියකගේ පුතා හෙරොයින් සමග අත්අඩංගුවට.'නෙලුම් කුළුණ මාර්කට් කලොත් රටේ ආර්ථිකය ගොඩ '-රාජ්‍ය අමාත්‍ය අරුන්දික.Category.Corona 15.උණුසුම් පුවත 1114.උණුසුම් පුවත් 9142.කලා පුවත් 33.කොරෝන 48.කොරෝනා 2520.ක්‍රීඩා පිටිය 273.ගොසිප් 1.ජායා රූප 3.දේශපාලන 2085.මුළුතැන්ගෙය 26.රූපලාවන්‍ය 18.විදෙස් පුවත් 3.ව්‍යාපාරික පුවත් 40.Copyright ©.Footer Menu.Home.About Us.Privacy.Contact |
'රාජකාරියක් නැති රාජ්‍ය සේවකයන් බරක්' - රාජ්‍ය පරිපාලන ලේකම් - Tharunaya.com.Page Nav.HIDE.Grid.GRID_STYLE.Hover Effects.TRUE.Pages.About.Write for Us.Advertising.{fbt_classic_header}.Header Ad.Main Menu.HOME.සිංහල ටෙලිනාට්‍ය.ගින්දර වීඩියෝ.දේපළ ඉඩකඩම් විකිණිමට.ලග්න ඵලාපල.රථවාහන විකිණිමට.Contact Us.Breaking News:.latest.Contact Us.Name.Email *.Message *.'රාජකාරියක් නැති රාජ්‍ය සේවකයන් බරක්' - රාජ්‍ය පරිපාලන ලේකම්.Dulakshi August 25, 2022 උණුසුම් පුවත් Edit this post.Facebook.Twitter.Linkedin.Pinterest.Email.නිශ්චිත රාජකාරියක් නොමැති රාජ්‍ය සේවකයන් තවදුරටත් නඩත්තු කිරීම ගැටලු සහගත වී ඇතැයි රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත....නිශ්චිත රාජකාරියක් නොමැති රාජ්‍ය සේවකයන් තවදුරටත් නඩත්තු කිරීම ගැටලු සහගත වී ඇතැයි රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්.පි.කේ. මයාදුන්න මහතා සඳහන් කරයි..ක‍්‍රමවේදයකින් තොරව රාජ්‍ය සේවකයන් බඳවා ගැනීම හරහා රාජ්‍ය සේවක අතිරික්තයක් දැනට පවතින බවත් සඳහන් කළේය..දෙරණ නාලිකාව සමග සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය..“විදිමත්ව බඳවා ගැනීමේ ක්‍රමවේදය ප්‍රතිපත්තිමය වශයෙන් වෙනස් කරපු අවස්ථා තියෙනවා. නිශ්චිත තනතුරකට ඇබෑර්තු නෑ හැබැයි රැකියා විරහිත උපාධිධාරීන් ඉන්නවා නම් බඳවා ගන්නවා. ඒ විදියට සමහර වෙලාවට සංස්ථා, මණ්ඩල කියන ඒවායේ දී මේ කාර්ය මණ්ඩල සංඛ්‍යාව නොසලකා යම් යම් අධිකාරී විසින් බඳවා ගෙන තියෙනවා වරින් වර. කම්කරු, කාර්ය කාරක සහායක වගේ තනතුරු ඇරුණහම අනෙක් ඔක්කෝම එන්න ඕනේ තරග විභාගවලින්. මුළු රාජ්‍ය සේවයෙන් තුනෙන් එකක් ඉන්නේ ඒ කැටගරි එකේ. අපි තුනෙන් එකක් නඩත්තු කරන්නේ මේ කියන රියදුරු, කම්කරු, සහායක කියන ප්‍රමාණය. මේවා තවදුරටත් මෙහෙම නඩත්තු කරන්න බෑ. අපි අවුරුද්දකට රාජ්‍ය වැටුප් සම්බන්ධයෙන් ත්‍රිලියනයක් භාණ්ඩාගාරයෙන් වියදම් කරනවා. ස්ථීර වශයෙන්ම අපි හැමෝම දන්නවා මේ රාජ්‍ය සේවයේ අකාර්යක්ෂම නිකන් ඉන්න විශාල පිරිසක් ඉන්නවා පේනවා. ඒකට හේතුව තමා නිශ්චිත තනතුරක් නැතුව බඳවා ගත්තු ප්‍රමාණයක් රාජ්‍ය සේවයේ ඉන්නවා. සමස්තයක් විදියට ගත්තහම මේකෙන් තුනෙන් එකක් අඩුවෙන් වුණත් මහජන සේවය පවත්වන්න මේ රාජ්‍ය සේවයට බැරිකමක් නෑ.”..Facebook.Twitter.Linkedin.Pinterest.Email.Related Posts.උණුසුම් පුවත්.No comments.Newer Post Older Post Home.Subscribe to: Post Comments (Atom).Popular Posts.දමිතා අබේරත්න රක්ෂිත බන්ධනාගාරයට.සූරියවැව මන්දපෝෂණ රැස්වීමේ ජනතාව විරෝධතා.ඩී.වී.චානක ඇමතිකම එපා කියයි..සරුසාර එකක් ඉල්ලයි.පාර්ලිමේන්තුව විසුරුවා හදිසි මහ මැතිවරණයක්..පොහොට්ටුවේ දැඩි විරෝධය.රාජ්‍ය ඇමතිලා 35ක් දිවුරන්න සූදානම්.Latest Posts.{latest}.Cloud Labels.Corona උණුසුම් පුවත උණුසුම් පුවත් කලා පුවත් කොරෝන කොරෝනා ක්‍රීඩා පිටිය ගොසිප් ජායා රූප දේශපාලන මුළුතැන්ගෙය රූපලාවන්‍ය විදෙස් පුවත් ව්‍යාපාරික පුවත්.Powered by Blogger..Ads Place.Featured Post.ජනපති හා රාජපක්ශලා වැල් පාලමෙන් ගොඩ උනා - සජිත්.ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බලයට පැමිණි දිනවල රටටත් සහ ජනතාවටත් වැල් පාලමකින් එතෙර විය යුතු බව කිව්වද අද වන විට එම පාලමෙන් එතෙර වී ඇත්තේ....Popular Posts.සූරියවැව මන්දපෝෂණ රැස්වීමේ ජනතාව විරෝධතා.පාර්ලිමේන්තුව විසුරුවා හදිසි මහ මැතිවරණයක්..පොහොට්ටුවේ දැඩි විරෝධය.මන්ත්‍රිනියකගේ පුතා හෙරොයින් සමග අත්අඩංගුවට.'නෙලුම් කුළුණ මාර්කට් කලොත් රටේ ආර්ථිකය ගොඩ '-රාජ්‍ය අමාත්‍ය අරුන්දික.Category.Corona 15.උණුසුම් පුවත 1114.උණුසුම් පුවත් 9142.කලා පුවත් 33.කොරෝන 48.කොරෝනා 2520.ක්‍රීඩා පිටිය 273.ගොසිප් 1.ජායා රූප 3.දේශපාලන 2085.මුළුතැන්ගෙය 26.රූපලාවන්‍ය 18.විදෙස් පුවත් 3.ව්‍යාපාරික පුවත් 40.Copyright ©.Footer Menu.Home.About Us.Privacy.Contact |
විමල්ගේ මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස් වෙයි - Tharunaya.com.Page Nav.HIDE.Grid.GRID_STYLE.Hover Effects.TRUE.Pages.About.Write for Us.Advertising.{fbt_classic_header}.Header Ad.Main Menu.HOME.සිංහල ටෙලිනාට්‍ය.ගින්දර වීඩියෝ.දේපළ ඉඩකඩම් විකිණිමට.ලග්න ඵලාපල.රථවාහන විකිණිමට.Contact Us.Breaking News:.latest.Contact Us.Name.Email *.Message *.විමල්ගේ මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස් වෙයි.Dulakshi March 14, 2022 උණුසුම් පුවත් Edit this post.Facebook.Twitter.Linkedin.Pinterest.Email.69 ලක්ෂයේ ජනවරම’ දුර්වර්ණ කරන ආණ්ඩුවකින් ලබාදුන් තනතුරක් දැරීම තම හෘදසාක්ෂියට අනුකුල නොවන බැවින් නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොත්මලේ ප්‍රාදේශීය ....69 ලක්ෂයේ ජනවරම’ දුර්වර්ණ කරන ආණ්ඩුවකින් ලබාදුන් තනතුරක් දැරීම තම හෘදසාක්ෂියට අනුකුල නොවන බැවින් නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොත්මලේ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපති ධුරයෙන් ඉල්ලා අස්වන බව ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් පියතිස්ස මහතා පවසයි..අද(14) පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මෙසේ පැවැසුවේය..සිය ඉල්ලා අස්වීමේ ලිපිය අද(14) දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට යොමු කරන බව ද ජානිපෙ නියෝජ්‍ය ලේකම්වරයා මෙහිදී වැඩිදුරටත් පැවසුවේය..ආණ්ඩුව 69 ලක්ෂයේ ජනවරමට පිටුපෑමට මෙන්ම එම ජනවරම නිර්මාණය කිරීමට පුරෝගාමී මෙහෙවරක් ඉටු කළ නායකයන් දෙපළක් ජනාධිපතිවරයා සිය බලතල ප්‍රකාරව අමාත්‍ය මණ්ඩලයෙන් ඉවත් කර සිදුකර ඇති ක්‍රියාව කිසිසේත්ම පිළිගත නොහැකි වීම, එමගින් මතුව ඇති ජනතා ප්‍රසාදය සුළුපටු එකක් නොවීම, ගොවි ජනතාවගෙන් සහ සෙසු ජනකොටස්වලින් ආණ්ඩුවට එල්ල වී ඇති බලවත් විරෝධය යන කරුණු හේතුවෙන් තවදුරටත් ඉහත කී තනතුර දැරිය නොහැකි බව ද මෙහිදී නිමල් පියතිස්ස මන්ත්‍රීවරයා අවධාරණය කළේය..69 ලක්ෂයේ ජනවරම මෙන්ම පාර්ලිමේන්තුවේ 2/3 ජනවරම නිර්මාණය කිරීමට ආරම්භයේ සිට විවිධ කැපකිරීම් කරන ලද දේශපාලන පක්ෂ සහ ඒවායේ නායකයන් නොසලකා හරිමින් සාමූහික ප්‍රයත්නයකින් තොරව ඇතැම් ජාතික තලයේ තීන්දු තීරණ ගැනීම තුළින් එම පක්ෂ දේශපාලනික වශයෙන් අනාරක්ෂිත වූ බවත් සමස්ත සමාජය පුරාම එම තීන්දු තීරණ ගත් ජනාධිපතිවරයා හා ආණ්ඩුව පිළිබඳ ප්‍රසාදය වේගයෙන් අහිමි වූ බවත් ජානිපෙ නියෝජ්‍ය ලේකම්වරයා මෙහිදී සඳහන් කළේය. කාබනික පොහොර හඳුන්වාදීමේ තීන්දුව ඊට නිදසුනක් ලෙස දැක්විය හැකි බව ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය..එසේම රටටත්, ජනාධිපතිවරයාටත් සතුරු බොහෝ අය ආණ්ඩුවේ සහ අමාත්‍ය මණ්ඩලයේ සිටින පරිසරයක් තුළ සැබෑ මිතුරන් අමාත්‍ය මණ්ඩලයෙන් ඉවත් කිරීම රටත් ජනතාවත් කුමන අයුරකින් දරා ගනී දැයි පැවසිය නොහැකි බව ද නිමල් පියතිස්ස මහතා කීය. ජාතික නිදහස් පෙරමුණට මුල සිටම සතුටුවිය හැකි පරිසරයක් ජනාධිපතිවරයාගේ නායකත්වය යටතේ නිර්මාණය නොවූවත් තම පක්ෂය, ‘පක්ෂයට වඩා රට’ මුල් තැනට තබා දේශපාලනය කරන හෙයින් සිදුවන අසාධාරණකම් ඉවසූ බවත් ඒ මහතා වැඩිදුරටත් කීය. නිදසුනක් ලෙස අමාත්‍ය මණ්ඩලය හා රාජ්‍ය අමාත්‍යවරුන් පත් කිරීමේ දී තම පක්ෂයේ ජාතික සංවිධායක ජයන්ත සමරවීර මහතාට කිසිදු විෂයක් ගැසට් නොකළ අමාත්‍යාංශයක් ලබාදීම ඊට එක් නිදසුනක් පමණක් බව ද නිමල් පියතිස්ස මහතා සිහිපත් කළේය...Facebook.Twitter.Linkedin.Pinterest.Email.Related Posts.උණුසුම් පුවත්.No comments.Newer Post Older Post Home.Subscribe to: Post Comments (Atom).Popular Posts.දමිතා අබේරත්න රක්ෂිත බන්ධනාගාරයට.සූරියවැව මන්දපෝෂණ රැස්වීමේ ජනතාව විරෝධතා.ඩී.වී.චානක ඇමතිකම එපා කියයි..සරුසාර එකක් ඉල්ලයි.පාර්ලිමේන්තුව විසුරුවා හදිසි මහ මැතිවරණයක්..පොහොට්ටුවේ දැඩි විරෝධය.රාජ්‍ය ඇමතිලා 35ක් දිවුරන්න සූදානම්.Latest Posts.{latest}.Cloud Labels.Corona උණුසුම් පුවත උණුසුම් පුවත් කලා පුවත් කොරෝන කොරෝනා ක්‍රීඩා පිටිය ගොසිප් ජායා රූප දේශපාලන මුළුතැන්ගෙය රූපලාවන්‍ය විදෙස් පුවත් ව්‍යාපාරික පුවත්.Powered by Blogger..Ads Place.Featured Post.ජනපති හා රාජපක්ශලා වැල් පාලමෙන් ගොඩ උනා - සජිත්.ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බලයට පැමිණි දිනවල රටටත් සහ ජනතාවටත් වැල් පාලමකින් එතෙර විය යුතු බව කිව්වද අද වන විට එම පාලමෙන් එතෙර වී ඇත්තේ....Popular Posts.සූරියවැව මන්දපෝෂණ රැස්වීමේ ජනතාව විරෝධතා.පාර්ලිමේන්තුව විසුරුවා හදිසි මහ මැතිවරණයක්..පොහොට්ටුවේ දැඩි විරෝධය.මන්ත්‍රිනියකගේ පුතා හෙරොයින් සමග අත්අඩංගුවට.'නෙලුම් කුළුණ මාර්කට් කලොත් රටේ ආර්ථිකය ගොඩ '-රාජ්‍ය අමාත්‍ය අරුන්දික.Category.Corona 15.උණුසුම් පුවත 1114.උණුසුම් පුවත් 9142.කලා පුවත් 33.කොරෝන 48.කොරෝනා 2520.ක්‍රීඩා පිටිය 273.ගොසිප් 1.ජායා රූප 3.දේශපාලන 2085.මුළුතැන්ගෙය 26.රූපලාවන්‍ය 18.විදෙස් පුවත් 3.ව්‍යාපාරික පුවත් 40.Copyright ©.Footer Menu.Home.About Us.Privacy.Contact |
'මම දැන්ම විශ්‍රාම යන්නේ නෑ '- මහින්ද රාජපක්ශ - Tharunaya.com.Page Nav.HIDE.Grid.GRID_STYLE.Hover Effects.TRUE.Pages.About.Write for Us.Advertising.{fbt_classic_header}.Header Ad.Main Menu.HOME.සිංහල ටෙලිනාට්‍ය.ගින්දර වීඩියෝ.දේපළ ඉඩකඩම් විකිණිමට.ලග්න ඵලාපල.රථවාහන විකිණිමට.Contact Us.Breaking News:.latest.Contact Us.Name.Email *.Message *.'මම දැන්ම විශ්‍රාම යන්නේ නෑ '- මහින්ද රාජපක්ශ.Dulakshi August 21, 2022 උණුසුම් පුවත් Edit this post.Facebook.Twitter.Linkedin.Pinterest.Email.තමන් දේශපාලනයෙන් විශ්‍රාම නොයන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. “මම දිගටම දේශපාලනයේ ඉන්නවා. මම විශ්‍රාම යන්නේ සුදුසු වෙලාවට පමණය....තමන් දේශපාලනයෙන් විශ්‍රාම නොයන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි..“මම දිගටම දේශපාලනයේ ඉන්නවා. මම විශ්‍රාම යන්නේ සුදුසු වෙලාවට පමණයි. එතකන් මම යන්නේ නැහැ” හිටපු ජනාධිපතිවරයා සන්ඩේ ටයිම්ස් පුවත්පතට පවසා ඇත..ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට නායකත්වය දීමට ඔහු අවශ්‍යද යන්න තීරණය කළ යුතු බවද ඔහු පැවසීය..“ඒක තීරණය කරන්න පක්ෂයට බාරයි. එහෙම නොවුණත් මම නීතිඥයෙක් නිසා මට උසාවිවල ප්‍රැක්ටිස් කරන්න පුළුවන්. අවශ්‍ය වුණොත් මම යන්න ලෑස්තියි.” ඔහු වැඩිදුරටත් පැවසීය..තමන්ගෙන් විමසා සිටියේ නම් ගෝඨාභය රාජපක්ෂට රට හැර නොයන ලෙස උපදෙස් දෙන බවත් ඒ මහතා පවසා ඇත..“යන්නද කියලා එයා මගෙන් ඇහුවා නම් මම කියනවා එපා යන්න එපා කියලා. ඔහු කළ යුතු දේ ඔහු අවසන් කළ යුතුව තිබුණි. නමුත් ගෝඨාභය දේශපාලනඥයෙක් නෙවෙයි. රටේ සියලු ව්‍යසනයන්ට ගෝඨාභය රාජපක්ෂ වගකිව යුතු නැත. මා ඇතුළු පසුගිය රජයන් සියල්ලටම පිළිතුරු දිය යුතුයි. අවාසනාවකට ඔහු ක්‍රියා කළේ තමා විශ්වාස කළ විශේෂඥයන්ගේ උපදෙස් මතය. එබැවින් ඔහුට දොස් පැවරිය නොහැක. ඔහු ආරක්‍ෂක ලේකම්ව සිටියදී මනා පරිපාලන දක්‍ෂතාවක් පෙන්නුම් කළා. ජනාධිපතිවරයා වශයෙන් ඔහුට දැඩි පීඩනයක් එල්ල විය. ඔහු පෙර දැඩි මතධාරියෙකි. ඔහු මෘදු විය. ඔහු කළ දේ නොකළ යුතුව තිබුණි, නමුත් ඔහු දේශපාලනඥයෙකු නොවේ. ඔහු ඉදිරියේ ඇති කාර්යය නිවැරදිව අවසන් කළ යුතුව තිබුණි. ” හිටපු ජනාධිපතිවරයා සදහන් කර ඇත...Facebook.Twitter.Linkedin.Pinterest.Email.Related Posts.උණුසුම් පුවත්.No comments.Newer Post Older Post Home.Subscribe to: Post Comments (Atom).Popular Posts.දමිතා අබේරත්න රක්ෂිත බන්ධනාගාරයට.සූරියවැව මන්දපෝෂණ රැස්වීමේ ජනතාව විරෝධතා.ඩී.වී.චානක ඇමතිකම එපා කියයි..සරුසාර එකක් ඉල්ලයි.පාර්ලිමේන්තුව විසුරුවා හදිසි මහ මැතිවරණයක්..පොහොට්ටුවේ දැඩි විරෝධය.රාජ්‍ය ඇමතිලා 35ක් දිවුරන්න සූදානම්.Latest Posts.{latest}.Cloud Labels.Corona උණුසුම් පුවත උණුසුම් පුවත් කලා පුවත් කොරෝන කොරෝනා ක්‍රීඩා පිටිය ගොසිප් ජායා රූප දේශපාලන මුළුතැන්ගෙය රූපලාවන්‍ය විදෙස් පුවත් ව්‍යාපාරික පුවත්.Powered by Blogger..Ads Place.Featured Post.ජනපති හා රාජපක්ශලා වැල් පාලමෙන් ගොඩ උනා - සජිත්.ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බලයට පැමිණි දිනවල රටටත් සහ ජනතාවටත් වැල් පාලමකින් එතෙර විය යුතු බව කිව්වද අද වන විට එම පාලමෙන් එතෙර වී ඇත්තේ....Popular Posts.සූරියවැව මන්දපෝෂණ රැස්වීමේ ජනතාව විරෝධතා.පාර්ලිමේන්තුව විසුරුවා හදිසි මහ මැතිවරණයක්..පොහොට්ටුවේ දැඩි විරෝධය.මන්ත්‍රිනියකගේ පුතා හෙරොයින් සමග අත්අඩංගුවට.'නෙලුම් කුළුණ මාර්කට් කලොත් රටේ ආර්ථිකය ගොඩ '-රාජ්‍ය අමාත්‍ය අරුන්දික.Category.Corona 15.උණුසුම් පුවත 1114.උණුසුම් පුවත් 9142.කලා පුවත් 33.කොරෝන 48.කොරෝනා 2520.ක්‍රීඩා පිටිය 273.ගොසිප් 1.ජායා රූප 3.දේශපාලන 2085.මුළුතැන්ගෙය 26.රූපලාවන්‍ය 18.විදෙස් පුවත් 3.ව්‍යාපාරික පුවත් 40.Copyright ©.Footer Menu.Home.About Us.Privacy.Contact |
රාජපක්ෂ විරෝධී සුළඟත් සූදානම්: මහින්ද සුළඟ ඇරඹූ තැනින්ම අරඹයි - Tharunaya.com.Page Nav.HIDE.Grid.GRID_STYLE.Hover Effects.TRUE.Pages.About.Write for Us.Advertising.{fbt_classic_header}.Header Ad.Main Menu.HOME.සිංහල ටෙලිනාට්‍ය.ගින්දර වීඩියෝ.දේපළ ඉඩකඩම් විකිණිමට.ලග්න ඵලාපල.රථවාහන විකිණිමට.Contact Us.Breaking News:.latest.Contact Us.Name.Email *.Message *.රාජපක්ෂ විරෝධී සුළඟත් සූදානම්: මහින්ද සුළඟ ඇරඹූ තැනින්ම අරඹයි.janaka March 12, 2022 උණුසුම් පුවත Edit this post.Facebook.Twitter.Linkedin.Pinterest.Email.ජනපතිවරයා විසින් ඇමති ධුරවලින් ඉවත් කළ විමල් වීරවංශ හා උදය ගම්මන්පිල මහත්වරුන් ප්‍රමුඛ ආණ්ඩුවේ සන්ධානගත පක්ෂ 11 සිය පළමු වෙඩි මුරය පත්තු කිර....ජනපතිවරයා විසින් ඇමති ධුරවලින් ඉවත් කළ විමල් වීරවංශ හා උදය ගම්මන්පිල මහත්වරුන් ප්‍රමුඛ ආණ්ඩුවේ සන්ධානගත පක්ෂ 11 සිය පළමු වෙඩි මුරය පත්තු කිරීමට සූදානම්..එම කණ්ඩායමේ නායකයින් තීරණය කොට තිබෙන්නේ ඒ පළමු වෙඩි මුරය 2015 පෙබරවාරි මස "මහින්ද සුළඟ" ආරම්භ කළ නුගේගොඩින්ම ඇරඹීමටයි..යෝජිත දිනය.ඒ සඳහා දැනට මාර්තු 29 වැනි අඟහරුවාදා දින තෝරාගෙන තිබෙනවා..එදිනට එම විරෝධතාවය පැවතුණහොත් එය පැවැත්වෙන්නේ සමගි ජන බලවේගය ආණ්ඩුවට එරෙහි විරෝධතාවය කොළඹදී පවත්වා හරියටම සති දෙකකට පසු..ආණ්ඩුව පන්නා දැමීම මුල් කොටගත් සමග ජන බලවේග විරෝධය එළඹෙන 15 වැනි අඟහරුවාදා කොළඹදී පැවැත්වීමට නියමිතයි..ඉලක්කය අපැහැදිලියි.එම කණ්ඩායම මෙම වෙඩි මුරය පත්තු කරන්නේ කාට එරෙහිව දැයි යන්න තවමත් ප්‍රශ්නයක්..එම කණ්ඩායමේ නායකයින්ට ප්‍රශ්න තිබෙන්නේ බැසිල් රාජපක්ෂ මහතා සමඟ බව ප්‍රසිද්ධ කරුණක්..එහෙත් මේ මෑතකදී එක්තරා ජනප්‍රිය පුද්ගලික රූපවාහිනි සේවයක් සමඟ සාකච්ඡාවකට එක් වෙමින් විමල් වීරවංශ මන්ත්‍රීවරයා සඳහන් කළේ තමා යළිත් රාජපක්ෂවරු සමඟ දේශපාලනය නොකරන බවත් පවුල් දේශපාලනය රාජපක්ෂලාගෙන් අවසන් වන බවත්ය..රාජපක්ෂ විරෝධය.ඒ අනුව එම කණ්ඩායමේ විරෝධතා රැළිය බැසිල් රාජපක්ෂ මහතා පමණක් ඉලක්ක කොට නොව රාජපක්ෂ ආණ්ඩුව ඉලක්ක කර පැවැත්වෙනු ඇති බව තහවුරු වනවා..පක්ෂ 11 කණ්ඩායම පාර්ලිමේන්තුවේ ස්වාධීන වන බව ප්‍රකාශ කළද තවමත් එසේ සිදුවී නැහැ..එහෙත් දැනගන්නට තිබෙන තොරතුරු වලට අනුව එම කණ්ඩායම ඉතා ලඟදීම පාර්ලිමේන්තුවේ ස්වාධීන කණ්ඩායමක් ලෙස කටයුතු කිරීමට තීරණය කර තිබෙනවා..පුරෝගාමින් හතර දෙනා.2015 පෙබරවාරි මස "මහින්ද සුළඟ" නිර්මාණය කිරීමට පුරෝගාමී වූ 4 දෙනා අතුරින් තිදෙනෙකුම අද පක්ෂ 11 සන්ධානය සමගයි සිටින්නේ..එසේ නොමැති එකම පුරෝගාමියා වන්නේ සභා නායක දිනේෂ් ගුණවර්ධන ඇමතිවරයායි..ඔහු හා ඔහු නායකත්වය දරන මහජන එක්සත් පෙරමුණ මෙම ආන්ඩුවේ සන්ධානගත පක්ෂ 11 කණ්ඩායමට එක්වීම මුල සිටම ප්‍රතික්ෂේප කළා..Facebook.Twitter.Linkedin.Pinterest.Email.Related Posts.උණුසුම් පුවත.No comments.Newer Post Older Post Home.Subscribe to: Post Comments (Atom).Popular Posts.දමිතා අබේරත්න රක්ෂිත බන්ධනාගාරයට.සූරියවැව මන්දපෝෂණ රැස්වීමේ ජනතාව විරෝධතා.ඩී.වී.චානක ඇමතිකම එපා කියයි..සරුසාර එකක් ඉල්ලයි.පාර්ලිමේන්තුව විසුරුවා හදිසි මහ මැතිවරණයක්..පොහොට්ටුවේ දැඩි විරෝධය.රාජ්‍ය ඇමතිලා 35ක් දිවුරන්න සූදානම්.Latest Posts.{latest}.Cloud Labels.Corona උණුසුම් පුවත උණුසුම් පුවත් කලා පුවත් කොරෝන කොරෝනා ක්‍රීඩා පිටිය ගොසිප් ජායා රූප දේශපාලන මුළුතැන්ගෙය රූපලාවන්‍ය විදෙස් පුවත් ව්‍යාපාරික පුවත්.Powered by Blogger..Ads Place.Featured Post.ජනපති හා රාජපක්ශලා වැල් පාලමෙන් ගොඩ උනා - සජිත්.ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බලයට පැමිණි දිනවල රටටත් සහ ජනතාවටත් වැල් පාලමකින් එතෙර විය යුතු බව කිව්වද අද වන විට එම පාලමෙන් එතෙර වී ඇත්තේ....Popular Posts.සූරියවැව මන්දපෝෂණ රැස්වීමේ ජනතාව විරෝධතා.පාර්ලිමේන්තුව විසුරුවා හදිසි මහ මැතිවරණයක්..පොහොට්ටුවේ දැඩි විරෝධය.මන්ත්‍රිනියකගේ පුතා හෙරොයින් සමග අත්අඩංගුවට.'නෙලුම් කුළුණ මාර්කට් කලොත් රටේ ආර්ථිකය ගොඩ '-රාජ්‍ය අමාත්‍ය අරුන්දික.Category.Corona 15.උණුසුම් පුවත 1114.උණුසුම් පුවත් 9142.කලා පුවත් 33.කොරෝන 48.කොරෝනා 2520.ක්‍රීඩා පිටිය 273.ගොසිප් 1.ජායා රූප 3.දේශපාලන 2085.මුළුතැන්ගෙය 26.රූපලාවන්‍ය 18.විදෙස් පුවත් 3.ව්‍යාපාරික පුවත් 40.Copyright ©.Footer Menu.Home.About Us.Privacy.Contact |
විවෘත ගිණුම් යටතේ ආනයනය තහනම් කරන්නැයි මහ බැංකුව දැනුම් දෙයි - Tharunaya.com.Page Nav.HIDE.Grid.GRID_STYLE.Hover Effects.TRUE.Pages.About.Write for Us.Advertising.{fbt_classic_header}.Header Ad.Main Menu.HOME.සිංහල ටෙලිනාට්‍ය.ගින්දර වීඩියෝ.දේපළ ඉඩකඩම් විකිණිමට.ලග්න ඵලාපල.රථවාහන විකිණිමට.Contact Us.Breaking News:.latest.Contact Us.Name.Email *.Message *.විවෘත ගිණුම් යටතේ ආනයනය තහනම් කරන්නැයි මහ බැංකුව දැනුම් දෙයි.Dulakshi August 22, 2022 උණුසුම් පුවත් Edit this post.Facebook.Twitter.Linkedin.Pinterest.Email.විවෘත ගිණුම් යටතේ ආනයනය කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කරන ලෙස මහ බැංකුව (CB) මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර ඇති බව ඩේලි මිරර් වාර්තා කරයි. අත්....විවෘත ගිණුම් යටතේ ආනයනය කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කරන ලෙස මහ බැංකුව (CB) මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර ඇති බව ඩේලි මිරර් වාර්තා කරයි..අත්‍යාවශ්‍ය ආනයන සඳහා මුදල් සැපයීමට ප්‍රමාණවත් විදේශ විනිමය බැංකු අංශය සතුව පවතින බවද මහ බැංකුව අවධාරණය කර ඇත..“විවෘත ගිණුම් වෙළඳාම තහනම් කිරීමට අපි යෝජනා කර තිබෙනවා. භාණ්ඩාගාරය විසින් අදාළ චක්‍රලේඛය කඩිනමින් නිකුත් කිරීමට බලාපොරොත්තු වේ. මේ වන විට අත්‍යාවශ්‍ය ආනයන සඳහා ප්‍රමාණවත් විදේශ විනිමයක් බැංකු පද්ධතිය සතුව පවතින බව අපි විශ්වාස කරනවා,” මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසීය..මහ බැංකු නිර්දේශය මත රජය මැයි මාසයේදී විවෘත ගිණුම් පදනම් කරගත් ආනයන තහනම් කළද ජුනි මාසයේදී විවෘත ගිණුම් ගෙවීමේ කොන්දේසි යටතේ අත්‍යවශ්‍ය භාණ්ඩ 10 ක් ආනයනය කිරීමට අවසර දෙමින් තහනම ලිහිල් කරන ලදී..විවෘත ගිණුම් වෙළෙඳාම ලිහිල් කිරීම වෙළෙඳපොළේ අත්‍යවශ්‍ය භාණ්ඩ මිල පහත වැටීමට බලපා ඇති බව වෙළෙඳ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. කෙසේ වෙතත්, ආචාර්ය වීරසිංහ මෙම ප්‍රකාශ ප්‍රතික්ෂේප කළේය..විවෘත ගිණුම් ක්‍රියාකාරකම් සඳහා පනවා ඇති සීමා කිරීම් හේතුවෙන් හවාලා සහ උන්ඩියල් වැනි අවිධිමත් ආකාරයේ විනිමය අනුපාත පහත වැටුණු අතර ඒ හේතුවෙන් භාණ්ඩ මිලෙහි සිල්ලර මිල ද පහත වැටුණි..විවෘත ගිණුමක් නිසා භාණ්ඩ මිල පහත වැටුණු බවට ඇතැම් වෙළෙන්දෝ ප්‍රකාශ කිරීමට කලද, ඉන්දීය ණය රේඛාව යටතේ ආනයනය කිරීම ඇතුළු තවත් ප්‍රතිපත්තිමය තීරණ සහ ක්‍රියාමාර්ග රැසක් මෙම පහත වැටීමට හේතු වූ බවද ආචාර්ය වීරසිංහ අවධාරණය කළේය. කිරිපිටි සහ සහල් වැනි අත්‍යාවශ්‍ය භාණ්ඩ සමහරක් ආනයනය කරනු ලැබුවේ බැංකු අංශයෙන් ලබාදෙන විදේශ විනිමයෙන් බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය..මේ අතර, විවෘත ගිණුම් ගෙවීමේ කොන්දේසි යටතේ අනුමත ආනයනකරුවන් සඳහා අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය නිෂ්කාශනය කිරීමේ බලපැවැත්වෙන දිනය මේ මස 31 වැනිදා දක්වා දීර්ඝ කරමින් වෙළෙඳ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යවරයා මේ සතියේ නිවේදනයක් නිකුත් කළේය..Facebook.Twitter.Linkedin.Pinterest.Email.Related Posts.උණුසුම් පුවත්.No comments.Newer Post Older Post Home.Subscribe to: Post Comments (Atom).Popular Posts.දමිතා අබේරත්න රක්ෂිත බන්ධනාගාරයට.සූරියවැව මන්දපෝෂණ රැස්වීමේ ජනතාව විරෝධතා.ඩී.වී.චානක ඇමතිකම එපා කියයි..සරුසාර එකක් ඉල්ලයි.පාර්ලිමේන්තුව විසුරුවා හදිසි මහ මැතිවරණයක්..පොහොට්ටුවේ දැඩි විරෝධය.රාජ්‍ය ඇමතිලා 35ක් දිවුරන්න සූදානම්.Latest Posts.{latest}.Cloud Labels.Corona උණුසුම් පුවත උණුසුම් පුවත් කලා පුවත් කොරෝන කොරෝනා ක්‍රීඩා පිටිය ගොසිප් ජායා රූප දේශපාලන මුළුතැන්ගෙය රූපලාවන්‍ය විදෙස් පුවත් ව්‍යාපාරික පුවත්.Powered by Blogger..Ads Place.Featured Post.ජනපති හා රාජපක්ශලා වැල් පාලමෙන් ගොඩ උනා - සජිත්.ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බලයට පැමිණි දිනවල රටටත් සහ ජනතාවටත් වැල් පාලමකින් එතෙර විය යුතු බව කිව්වද අද වන විට එම පාලමෙන් එතෙර වී ඇත්තේ....Popular Posts.සූරියවැව මන්දපෝෂණ රැස්වීමේ ජනතාව විරෝධතා.පාර්ලිමේන්තුව විසුරුවා හදිසි මහ මැතිවරණයක්..පොහොට්ටුවේ දැඩි විරෝධය.මන්ත්‍රිනියකගේ පුතා හෙරොයින් සමග අත්අඩංගුවට.'නෙලුම් කුළුණ මාර්කට් කලොත් රටේ ආර්ථිකය ගොඩ '-රාජ්‍ය අමාත්‍ය අරුන්දික.Category.Corona 15.උණුසුම් පුවත 1114.උණුසුම් පුවත් 9142.කලා පුවත් 33.කොරෝන 48.කොරෝනා 2520.ක්‍රීඩා පිටිය 273.ගොසිප් 1.ජායා රූප 3.දේශපාලන 2085.මුළුතැන්ගෙය 26.රූපලාවන්‍ය 18.විදෙස් පුවත් 3.ව්‍යාපාරික පුවත් 40.Copyright ©.Footer Menu.Home.About Us.Privacy.Contact |
රාජ්‍යය සේවකයන් හොද චේතනාවෙන් ගත් ක්‍රියාමාර්ගවලට ආරක්ෂාව ලැබෙන නීති හදන්නැයි අගමැති දන්වයි… - Tharunaya.com.Page Nav.HIDE.Grid.GRID_STYLE.Hover Effects.TRUE.Pages.About.Write for Us.Advertising.{fbt_classic_header}.Header Ad.Main Menu.HOME.සිංහල ටෙලිනාට්‍ය.ගින්දර වීඩියෝ.දේපළ ඉඩකඩම් විකිණිමට.ලග්න ඵලාපල.රථවාහන විකිණිමට.Contact Us.Breaking News:.latest.Contact Us.Name.Email *.Message *.රාජ්‍යය සේවකයන් හොද චේතනාවෙන් ගත් ක්‍රියාමාර්ගවලට ආරක්ෂාව ලැබෙන නීති හදන්නැයි අගමැති දන්වයි….News July 15, 2021 දේශපාලන Edit this post.Facebook.Twitter.Linkedin.Pinterest.Email.රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතන සේවකයන් විසින් රාජකාරි ඉටු කිරීමේ දී සද්භාවයෙන් යුතුව ගන්නා ලද ක්‍රියාමාර්ග වලට අදාළව එම සේවකයන් සඳහා සුදුසු ආර.....රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතන සේවකයන් විසින් රාජකාරි ඉටු කිරීමේ දී සද්භාවයෙන් යුතුව ගන්නා ලද ක්‍රියාමාර්ග වලට අදාළව එම සේවකයන් සඳහා සුදුසු ආරක්ෂාවක් ලබාදීම පිණිස නීති කෙටුම්පත් කරන්නැයි ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දුන්නේය..“දේශපාලන පළිගැනීම්වලට ලක්වූ රාජ්‍ය හා අර්ධ රාජ්‍ය සේවකයන් හට සහන සලසාලීම පිළිබඳව අරලියගහ මන්දිරයේ දී පැවති සාකච්ඡාවේ දී අග්‍රාමාත්‍යතුමා මෙම උපදෙස් ලබා දුන්නේය..ඒ අනුව අදාළ නීති කෙටුම්පත් කිරීමේ ක්‍රියාවලියට සහය දීම පිණිස නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ඇතුළු කමිටුවක් පත්කරමින් එම නිර්දේශ මසක් ඇතුළත ලබාදෙන්නැයි ද අග්‍රාමාත්‍යතුමා මෙහි දී නියෝග කළේය..දේශපාලන පළිගැනීම්වලට ලක්වූ රාජ්‍ය හා අර්ධ රාජ්‍ය සේවකයන් හට සහන සලසාලීමට අදාළ අරමුණ අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණි සෙනරත් මහතා විසින් මෙහි දී පැහැදිලි කරන ලදි..2019 නොවැම්බර් 27 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණයට අනුව මේ වනවිට ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් නීති කෙටුම්පත් සම්පාදක දිල්රුක්ෂි සමරවීර මහත්මිය සහ නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් විවේකා සිරිවර්ධන මහත්මිය මෙහි දී කරුණු පැහැදිලි කළහ..නිලධරයන්ට තිබෙන නෛතික රාමුව ඉක්මවා සද්භාවයෙන් යුතුව රාජකාරි ඉටු කිරීමට ඉඩදිය හැකි සීමාවන් හඳුනාගෙන ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සැකසීමට ආයතන ප්‍රධානීන්ට උපදෙස් ලබා දීම සඳහා චක්‍රලේඛයක් නිකුත් කිරීමට අදාළව සකස් කළ කෙටුම්පතක්ද අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ලෙස ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇතැයි රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශ ලේකම් ජේ.ජේ රත්නසිරි මහතා මෙහි දී කියා සිටියේය..යහපාලන ආණ්ඩුව නෛතික නොවන ක්‍රියාවලියක් ඔස්සේ ගන්නා ලද ක්‍රියාමාර්ග හේතුවෙන් රජයේ සේවයකයන්ට මුහුණ පෑමට සිදු වූ ගැටලු අධිකරණ අමාත්‍යංශයේ ලේකම් එම්.එම්.පී.කේ මායාදුන්නේ මහතා පැහැදිලි කළේය..මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණි සෙනරත්, අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ, අධිකරණ අමාත්‍යංශයේ ලේකම් එම්.එම්.පී.කේ මායාදුන්නේ, රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශ ලේකම් ජේ.ජේ රත්නසිරි, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් (නීති) ගනේශ් ධර්මවර්ධන, අතිරේක ලේකම් (නීති) චන්ද්‍රා ජයතිලක, නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් විවේකා සිරිවර්ධන, ජනාධිපති අධ්‍යක්‍ෂ ජනරාල් (නීති) හරිගුප්ත රෝහණධීර, නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුවේ නීති කෙටුම්පත් සම්පාදක දිල්රුක්ෂි සමරවීර මහත්ම මහත්මීහු එක්ව සිටියහ..රොහාන් වැලිවිට,.අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම්..lankacnews.Facebook.Twitter.Linkedin.Pinterest.Email.Related Posts.දේශපාලන.No comments.Newer Post Older Post Home.Subscribe to: Post Comments (Atom).Popular Posts.දමිතා අබේරත්න රක්ෂිත බන්ධනාගාරයට.සූරියවැව මන්දපෝෂණ රැස්වීමේ ජනතාව විරෝධතා.ඩී.වී.චානක ඇමතිකම එපා කියයි..සරුසාර එකක් ඉල්ලයි.පාර්ලිමේන්තුව විසුරුවා හදිසි මහ මැතිවරණයක්..පොහොට්ටුවේ දැඩි විරෝධය.රාජ්‍ය ඇමතිලා 35ක් දිවුරන්න සූදානම්.Latest Posts.{latest}.Cloud Labels.Corona උණුසුම් පුවත උණුසුම් පුවත් කලා පුවත් කොරෝන කොරෝනා ක්‍රීඩා පිටිය ගොසිප් ජායා රූප දේශපාලන මුළුතැන්ගෙය රූපලාවන්‍ය විදෙස් පුවත් ව්‍යාපාරික පුවත්.Powered by Blogger..Ads Place.Featured Post.ජනපති හා රාජපක්ශලා වැල් පාලමෙන් ගොඩ උනා - සජිත්.ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බලයට පැමිණි දිනවල රටටත් සහ ජනතාවටත් වැල් පාලමකින් එතෙර විය යුතු බව කිව්වද අද වන විට එම පාලමෙන් එතෙර වී ඇත්තේ....Popular Posts.සූරියවැව මන්දපෝෂණ රැස්වීමේ ජනතාව විරෝධතා.පාර්ලිමේන්තුව විසුරුවා හදිසි මහ මැතිවරණයක්..පොහොට්ටුවේ දැඩි විරෝධය.මන්ත්‍රිනියකගේ පුතා හෙරොයින් සමග අත්අඩංගුවට.'නෙලුම් කුළුණ මාර්කට් කලොත් රටේ ආර්ථිකය ගොඩ '-රාජ්‍ය අමාත්‍ය අරුන්දික.Category.Corona 15.උණුසුම් පුවත 1114.උණුසුම් පුවත් 9142.කලා පුවත් 33.කොරෝන 48.කොරෝනා 2520.ක්‍රීඩා පිටිය 273.ගොසිප් 1.ජායා රූප 3.දේශපාලන 2085.මුළුතැන්ගෙය 26.රූපලාවන්‍ය 18.විදෙස් පුවත් 3.ව්‍යාපාරික පුවත් 40.Copyright ©.Footer Menu.Home.About Us.Privacy.Contact |
ගැබිණියක් කළලය ගෙවත්තේ වල දමයි.. පොලිසියෙන් ගොඩ ගනී… - Tharunaya.com.Page Nav.HIDE.Grid.GRID_STYLE.Hover Effects.TRUE.Pages.About.Write for Us.Advertising.{fbt_classic_header}.Header Ad.Main Menu.HOME.සිංහල ටෙලිනාට්‍ය.ගින්දර වීඩියෝ.දේපළ ඉඩකඩම් විකිණිමට.ලග්න ඵලාපල.රථවාහන විකිණිමට.Contact Us.Breaking News:.latest.Contact Us.Name.Email *.Message *.ගැබිණියක් කළලය ගෙවත්තේ වල දමයි.. පොලිසියෙන් ගොඩ ගනී….News September 02, 2021 ගොසිප් Edit this post.Facebook.Twitter.Linkedin.Pinterest.Email.අවිවාහක තෙමස් ගැබිණියක් විසින් තම නිවසේ මල් පාත්තියක් තුල වල දැමුවේ යැයි කියන කළලයක් නුවරඑලිය මහෙස්ත්‍රාත් ලුෂාකා කුමාරි ජයරත්න මහත්මිය ඉද....අවිවාහක තෙමස් ගැබිණියක් විසින් තම නිවසේ මල් පාත්තියක් තුල වල දැමුවේ යැයි කියන කළලයක් නුවරඑලිය මහෙස්ත්‍රාත් ලුෂාකා කුමාරි ජයරත්න මහත්මිය ඉදිරියේදි (01) දින නුවරඑලිය පොලිසියේ නිලධාරින් විසින් ගොඩ ගනු ලැබුහ..නුවරඑලිය කැලේගාල පහල ගිබ්සන් ප්‍රදේශයේ ඇය පදිංචිව සිටි නිවසේ මල් පාත්තියක වලලා තිබියදි කළලය ගොඩ ගැණින..26 හැවිරිදි එම අවිවාහක ගැබිණි තරුණිය ගබ්සාවෙන් පසුව ප්‍රතිකාර ලබා ගැනිමට නුවරඑලිය මහ රෝහල වෙත (31) දින ඇතුලත් වි ඇති අතර , රෝහලේදි වෛද්‍යවරුන් විසින් ඇය පරික්ෂා කිරිමෙන් අනතුරුව ඇයට ගබ්සාවක් සිදු වි ඇති බවට වෛද්‍යවරුන් විසින් නුවරඑලිය පොලිසියට කරන ලද දැනුම් දිමක් මත නුවරඑලිය පොලිසියේ නිලධාරින් විසින් ඇය පදිංචි නිවස සහ නිවස අවට (01) දින පරික්ෂා කිරිමේදි එම තරුණිය විසින් වල දැමුවේ යැයි කියන කළලය වල දමා තිබු ස්ථානය හදුනාගෙන මහෙස්ත්‍රාත්වරිය ඉදිරියේදි ගොඩගනු ලැබුහ..ප්‍රේම සම්බන්ධතාවයක් හේතුවෙන් ඇය ගැබ් ගන්නට ඇති බවත්, පසුව එම ගැබ ගබ්සා කිරිමක් සිදු කර ඇති බවට සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන නුවරඑලිය පොලිසියේ ආපරාධ විමර්ෂණ අංශයේ නිලධාරින් සැකකරයි..ගොඩගත් කළලය පශ්චාත් මරණ පරික්ෂණය සදහා නුවරඑලිය මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන ලෙස මහෙස්ත්‍රාත්වරිය නුවරඑලිය පොලිසිය නියෝග කලහ..එම තරුණියගේ පෙම්වතා අත්අඩංගුවට ගැනිමට නුවරඑලිය පොලිසිය විමර්ෂණයක් ආරම්භ කර ඇති අතර , අදාල තරුණිය මේ වන විට නුවරඑලිය මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබයි..Facebook.Twitter.Linkedin.Pinterest.Email.Related Posts.ගොසිප්.No comments.Newer Post Older Post Home.Subscribe to: Post Comments (Atom).Popular Posts.දමිතා අබේරත්න රක්ෂිත බන්ධනාගාරයට.සූරියවැව මන්දපෝෂණ රැස්වීමේ ජනතාව විරෝධතා.ඩී.වී.චානක ඇමතිකම එපා කියයි..සරුසාර එකක් ඉල්ලයි.පාර්ලිමේන්තුව විසුරුවා හදිසි මහ මැතිවරණයක්..පොහොට්ටුවේ දැඩි විරෝධය.රාජ්‍ය ඇමතිලා 35ක් දිවුරන්න සූදානම්.Latest Posts.{latest}.Cloud Labels.Corona උණුසුම් පුවත උණුසුම් පුවත් කලා පුවත් කොරෝන කොරෝනා ක්‍රීඩා පිටිය ගොසිප් ජායා රූප දේශපාලන මුළුතැන්ගෙය රූපලාවන්‍ය විදෙස් පුවත් ව්‍යාපාරික පුවත්.Powered by Blogger..Ads Place.Featured Post.ජනපති හා රාජපක්ශලා වැල් පාලමෙන් ගොඩ උනා - සජිත්.ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බලයට පැමිණි දිනවල රටටත් සහ ජනතාවටත් වැල් පාලමකින් එතෙර විය යුතු බව කිව්වද අද වන විට එම පාලමෙන් එතෙර වී ඇත්තේ....Popular Posts.සූරියවැව මන්දපෝෂණ රැස්වීමේ ජනතාව විරෝධතා.පාර්ලිමේන්තුව විසුරුවා හදිසි මහ මැතිවරණයක්..පොහොට්ටුවේ දැඩි විරෝධය.මන්ත්‍රිනියකගේ පුතා හෙරොයින් සමග අත්අඩංගුවට.'නෙලුම් කුළුණ මාර්කට් කලොත් රටේ ආර්ථිකය ගොඩ '-රාජ්‍ය අමාත්‍ය අරුන්දික.Category.Corona 15.උණුසුම් පුවත 1114.උණුසුම් පුවත් 9142.කලා පුවත් 33.කොරෝන 48.කොරෝනා 2520.ක්‍රීඩා පිටිය 273.ගොසිප් 1.ජායා රූප 3.දේශපාලන 2085.මුළුතැන්ගෙය 26.රූපලාවන්‍ය 18.විදෙස් පුවත් 3.ව්‍යාපාරික පුවත් 40.Copyright ©.Footer Menu.Home.About Us.Privacy.Contact |
කොළ වරාය නගරයේ ජලජ ගුවන් තොටුපලක් - Tharunaya.com.Page Nav.HIDE.Grid.GRID_STYLE.Hover Effects.TRUE.Pages.About.Write for Us.Advertising.{fbt_classic_header}.Header Ad.Main Menu.HOME.සිංහල ටෙලිනාට්‍ය.ගින්දර වීඩියෝ.දේපළ ඉඩකඩම් විකිණිමට.ලග්න ඵලාපල.රථවාහන විකිණිමට.Contact Us.Breaking News:.latest.Contact Us.Name.Email *.Message *.කොළ වරාය නගරයේ ජලජ ගුවන් තොටුපලක්.Dulakshi March 10, 2022 උණුසුම් පුවත් Edit this post.Facebook.Twitter.Linkedin.Pinterest.Email.කොළඹ වරාය නගරයේ ජලජ ගුවන් තොටුපළක් ස්ථාපිත කිරිමට යයි. ඊට අදාළ මූලික කටයුතු අවසන් කර ඇතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. සංචාරක කර....කොළඹ වරාය නගරයේ ජලජ ගුවන් තොටුපළක් ස්ථාපිත කිරිමට යයි. ඊට අදාළ මූලික කටයුතු අවසන් කර ඇතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරිමේ අරමුණින් එම ජලජ ගුවන් තොටුපළ ස්ථාපිත කෙරෙන බව ද ඇමතිවරයා කියා සිටි..සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා මේ බව සදහන් කළේ මෙරට අභ්‍යන්තර ගුවන් තොටුපළ සංවර්ධනය කිරිම සම්බන්ධයෙන් පැවති විශේෂ සාකච්ඡාවක දීයි. සංචාරක අමාත්‍ය කාර්යාලයේ පැවති මෙම සාකච්ඡාවට සංචාරක අමාත්‍යාංශයේ ලේකම් එස්.හෙට්ටිආරච්චි, ගුවන් තොටුපළ අපනයන කළාප සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස, ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ජි.ඒ.චන්ද්‍රසිරි යන මහත්වරු ඇතුළු නිළධාරිහු සහභාගි වුහ..දේශිය හා විදේශීය සංචාරක ව්‍යාපාරය නංවාලීමේ අරමුණින් මෙරට සංචාරක කළාප ආශ්‍රිතව පිහිටා ඇති අභ්‍යන්තර ගුවන් තොටුපළ 05 ක් සංවර්ධනය කිරිමට හදුනාගෙන තිබේ. සීගිරිය, කොග්ගල, අම්පාර, අනුරාධපුරය සහ හිගුරක්ගොඩ එම ගුවන් තොටුපළ 05යි. ප්‍රමුඛතා පදනම යටතේ මෙම ගුවන් තොටුපළ 05 සංවර්ධනය කිරිමට රජය සිය විශේෂ අවධානය යොමු කර ඇති අතර එය කඩිනම් කරන ලෙස ඇමතිවරයා මෙහි දි බළධාරින්ට උපදෙස් දුන්නේය..සීගිරිය දෙස් විදෙස් සංචාරකයන් රැසක් ආකර්ෂණය කරගත් සංචාරක කළාපයකි. කොග්ගල අභ්‍යන්තර ගුවන් තොටුපළ පිහිටා ඇත්තේ තල්මසුන් නැරඹීමට ප්‍රසිද්ධ මිරිස්ස වෙරළ තීරය ආසන්නවයි. අම්පාර අභ්‍යන්තර ගුවන් තොටුපළ නැගෙනහිර වෙරළ තීරයට ආසන්නව පිහිටීමත් අනුරාධපුර හා පොළොන්නරුව පැරණි රාජධානි කෙරෙහි ඇති දෙස් විදෙස් සංචාරක ආකර්ෂණය සැලකිල්ලට ගනිමින් අනුරාධපුර හා හිගුරක්ගොඩ අභ්‍යන්තර ගුවන් තොටුපළ සංවර්ධනය කිරිමටත් සැලසුම් කර තිබේ..ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙහි දි වැඩි දුරටත් පෙන්වා දුන්නේ මඩකළපුව ගුවන් තොටුපළ අභ්‍යන්තර ගුවන් තොටුපළක් ලෙස සංවර්ධනය කිරීමෙන් ද නැගෙනහිර වෙරළ ආශ්‍රිත සංචාරක ව්‍යාපාරය දියුණු කිරිමට හැකිබවයි. ඒ පිළිබද ව ද අවශ්‍ය පියවර ගන්නා ලෙස ඇමතිවරයා මෙහි දී උපදෙස් දුන්නේය. වසර 55 කට පසු රත්මලාන ගුවන් තොටුපළේ ජාත්‍යන්තර ගුවන් ගමන් යළි ආරම්භ කිරිමට සැලසුම් කර ඇති බව ද මෙහි දි අනාවරණය විය..මේ වන විට මෙරට අභ්‍යන්තර ගුවන් පථ 10 ක් ශ්‍රී ලංකා ගුවන් හමුදා පාලනයේ පවති. සිගිරිය, කොග්ගල, අම්පාර, අනුරාධපුරය, හිගුරක්ගොඩ, කටුකුරුන්ද, ත්‍රීකුණාමලය, වවුනියාව, විරවිල හා පුත්තලම එම ගුවන් තොටුපළ වේ. ඊට අමතරව ගුවන් තොටුපළ හා ගුවන්සේවා සමාගම යටතේ රත්මලාන, යාපනය, මත්තල හා මඩකලපුව ගුවන් තොටුපළ ක්‍රියාත්මක අතර එම ගුවන් තොටුපළ අභ්‍යන්තර ගුවන් තොටුපළ ලෙස ද ක්‍රියාත්මකයි...Facebook.Twitter.Linkedin.Pinterest.Email.Related Posts.උණුසුම් පුවත්.No comments.Newer Post Older Post Home.Subscribe to: Post Comments (Atom).Popular Posts.දමිතා අබේරත්න රක්ෂිත බන්ධනාගාරයට.සූරියවැව මන්දපෝෂණ රැස්වීමේ ජනතාව විරෝධතා.ඩී.වී.චානක ඇමතිකම එපා කියයි..සරුසාර එකක් ඉල්ලයි.පාර්ලිමේන්තුව විසුරුවා හදිසි මහ මැතිවරණයක්..පොහොට්ටුවේ දැඩි විරෝධය.රාජ්‍ය ඇමතිලා 35ක් දිවුරන්න සූදානම්.Latest Posts.{latest}.Cloud Labels.Corona උණුසුම් පුවත උණුසුම් පුවත් කලා පුවත් කොරෝන කොරෝනා ක්‍රීඩා පිටිය ගොසිප් ජායා රූප දේශපාලන මුළුතැන්ගෙය රූපලාවන්‍ය විදෙස් පුවත් ව්‍යාපාරික පුවත්.Powered by Blogger..Ads Place.Featured Post.ජනපති හා රාජපක්ශලා වැල් පාලමෙන් ගොඩ උනා - සජිත්.ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බලයට පැමිණි දිනවල රටටත් සහ ජනතාවටත් වැල් පාලමකින් එතෙර විය යුතු බව කිව්වද අද වන විට එම පාලමෙන් එතෙර වී ඇත්තේ....Popular Posts.සූරියවැව මන්දපෝෂණ රැස්වීමේ ජනතාව විරෝධතා.පාර්ලිමේන්තුව විසුරුවා හදිසි මහ මැතිවරණයක්..පොහොට්ටුවේ දැඩි විරෝධය.මන්ත්‍රිනියකගේ පුතා හෙරොයින් සමග අත්අඩංගුවට.'නෙලුම් කුළුණ මාර්කට් කලොත් රටේ ආර්ථිකය ගොඩ '-රාජ්‍ය අමාත්‍ය අරුන්දික.Category.Corona 15.උණුසුම් පුවත 1114.උණුසුම් පුවත් 9142.කලා පුවත් 33.කොරෝන 48.කොරෝනා 2520.ක්‍රීඩා පිටිය 273.ගොසිප් 1.ජායා රූප 3.දේශපාලන 2085.මුළුතැන්ගෙය 26.රූපලාවන්‍ය 18.විදෙස් පුවත් 3.ව්‍යාපාරික පුවත් 40.Copyright ©.Footer Menu.Home.About Us.Privacy.Contact |
කිලෝව 410යි.තේ දළු කිලෝවකට ඉතිහාසයේ වැඩිම මිල - Tharunaya.com.Page Nav.HIDE.Grid.GRID_STYLE.Hover Effects.TRUE.Pages.About.Write for Us.Advertising.{fbt_classic_header}.Header Ad.Main Menu.HOME.සිංහල ටෙලිනාට්‍ය.ගින්දර වීඩියෝ.දේපළ ඉඩකඩම් විකිණිමට.ලග්න ඵලාපල.රථවාහන විකිණිමට.Contact Us.Breaking News:.latest.Contact Us.Name.Email *.Message *.කිලෝව 410යි.තේ දළු කිලෝවකට ඉතිහාසයේ වැඩිම මිල.Dulakshi September 02, 2022 උණුසුම් පුවත් Edit this post.Facebook.Twitter.Linkedin.Pinterest.Email.ගුණාත්මක තේ දඵ නෙලීම සහ නිෂ්පාදන කාර්යාවලිය පිළිබඳව තේ කර්මාන්තයේ නිරතවූවන් දැනුවත් කිරීමේ දීපව්‍යාප්ත වැඩසටහන් මාලාවේ සමාරම්භක හමුවක් වැව....ගුණාත්මක තේ දඵ නෙලීම සහ නිෂ්පාදන කාර්යාවලිය පිළිබඳව තේ කර්මාන්තයේ නිරතවූවන් දැනුවත් කිරීමේ දීපව්‍යාප්ත වැඩසටහන් මාලාවේ සමාරම්භක හමුවක් වැවිලි කර්මාන්ත හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් අද බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේදී හිදී පැවත්විණි..මෙය සංවිධානය කිරීම සිදුකෙරුණේ ශ්‍රි ලංකා තේ මණ්ඩලය ,තේ පර්යේෂණ ආයතනය සහ කුඩා තේවතු සංවර්ධන අධිකාරිය මගිනි..එහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේ ප්‍රකාශ කලේය..” මෙරට තේ කර්මාන්තය තුළ මෑත ඉතිහාසයේ මුහුණ දුන් විශාලම අර්බුධය හැටියට පොහොර සම්බන්ධ ගැටලුව පෙන්වාදෙන්න පුළුවන්. ඒ අනුව සිලෝන් තේ නාමයට විය හැකි හානිය පිලිබදවත් අප බොහොම පැහැදිලිව අවබෝධ කොටගෙන තිබෙනවා. ඒ නිසා අප විශ්වාස කරනවා ඉදිරි කාලය තුල ඒ ගැටළු කලමනාකරනය කොට ගෙන තේ වගාව ආශ්‍රිත කර්මාන්තය ශක්තිමත්ව පවත්වා ගෙන යාමට හැකිවෙයි කියල..පවතින ආර්ථික අර්බුදය හමුවේ අපේ රුපියල අවප්‍රමාණ වීමේ වාසිය මේ වනවිට ගොවියාට ලැබිල තියෙනවා. ඒ අනුව 2019 දෙසැම්බර් මාසයේදී ගාල්ල දිස්ත්‍රික්කය තුළ තේ දළු කිලෝවකට ලැබුනු රුපියල් 80 ක් 85ක් වැනි මුදල මේ වනවිට රුපියල් 250ත් 290ත් අතර අගයක් දක්වා ඉහල ගිහින් තියෙනවා. එක් අවස්ථාවක ඉතිහාසයේ වැඩිම මිල ලෙස දළු කිලෝවක් රුපියල් 410කටත් ගිහින් තියෙනවා..දළු අස්වැන්න අඩුවීම වගේම අප මුහුණ දෙන ප්‍රධාන ගැටලුව තමයි අප නිෂ්පාදනය කරන තේ වල තිබෙන ගුණාත්මකභාවයේ විශාල අඩුව. ඒ තත්වයන් ජයගැනීමට අප පසුගිය අවුරුදු දෙකේදී විවිධ වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කරල තියෙනවා. එහෙත් ඒවාටත් විවිධ අභියෝග එල්ල වුනා..ඒ නිසා ගුණාත්මකභාවයෙන් ඉහල පැල වලට වටිනාකමක් ලබාදීම , නිසි පොහොර සැපයුම ,ශාඛ නඩත්තුව, පාංශු ඛාදනය වැළැක්වීම හා ජල කලමනාකරනය පිළිබඳව අප මෙහිදී වඩාත් අවධානය යොමු කල වියයුතු වෙනවා..එමෙන්ම විධිමත් ලෙස දළු කැඩීම හා ප්‍රවාහනයද තේවල ගුණාත්මක භාවය ප්‍රවර්ධනය කරගැනීමට ඉවහල් වෙනවා. එනිසා අද පටන් මෙලෙස දිවයින පුරා කුඩා තේ වතු කර්මාන්තය ආශ්‍රිතව ආරම්භ කෙරෙන ගුණාත්මක තේ දඵ නෙලීම සහ නිෂ්පාදන කාර්යාවලිය පිළිබඳව දැනුම්වත් කිරීමේ ප්‍රායෝගික වැඩසටහන තේ කර්මාන්තයේ උන්නතියට හේතු වෙනවා. විවිධ බාධක මැද වුවත් 2021 වසරේදී හොද අපනයනය ආදයමක් තේ, පොල්, රබර්, කුරුදු ඇතුළු අපනයන බෝග ආශ්‍රිත අපගේ වැවිලි කර්මාන්ත ක්ෂේත්‍රයෙන් ලැබිල තියෙනවා. එය ඩොලර් මිලියන 3.8 ක මුදලක්. තේ වලින් විතරක් එය ඩොලර් මිලියන 1.3 ක මුදලක්. එනිසා මේ දුෂ්කර මොහොතේ අපි හැමෝම පවතින තත්වයන් අවබෝධ කොට ගෙන කටයුතු කලයුතුයි. එහිදී ලෝක වෙලදපොලේ තාමත් හොද ඉල්ලුමක් තිබෙන අපේ තේ කර්මාන්තය හොදින් නඩත්තු කරගෙන නිෂ්පාදන ඵලදායිතාවය වැඩි කර ගැනීම අපේ ආර්ථිකය සරු කර ගැනීමට අප එක්ව කලයුතුම වෙනවා ”.මෙම අවස්ථාවට වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම්තුමා ඇතුඵ ඒ ඒ ආයතනයන්හි සභාපතිවරුන් අධ්‍යක්ෂකකරුන් ඒ ඒ ආයතනයන්හි ප්‍රාදේශීය මට්ටමේ නිළධාරින්ද එක්ව සිටියහ..මාධ්‍ය ඒකකය.වැවිලි අමාත්‍යාංශය..Facebook.Twitter.Linkedin.Pinterest.Email.Related Posts.උණුසුම් පුවත්.No comments.Newer Post Older Post Home.Subscribe to: Post Comments (Atom).Popular Posts.දමිතා අබේරත්න රක්ෂිත බන්ධනාගාරයට.සූරියවැව මන්දපෝෂණ රැස්වීමේ ජනතාව විරෝධතා.ඩී.වී.චානක ඇමතිකම එපා කියයි..සරුසාර එකක් ඉල්ලයි.පාර්ලිමේන්තුව විසුරුවා හදිසි මහ මැතිවරණයක්..පොහොට්ටුවේ දැඩි විරෝධය.රාජ්‍ය ඇමතිලා 35ක් දිවුරන්න සූදානම්.Latest Posts.{latest}.Cloud Labels.Corona උණුසුම් පුවත උණුසුම් පුවත් කලා පුවත් කොරෝන කොරෝනා ක්‍රීඩා පිටිය ගොසිප් ජායා රූප දේශපාලන මුළුතැන්ගෙය රූපලාවන්‍ය විදෙස් පුවත් ව්‍යාපාරික පුවත්.Powered by Blogger..Ads Place.Featured Post.ජනපති හා රාජපක්ශලා වැල් පාලමෙන් ගොඩ උනා - සජිත්.ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බලයට පැමිණි දිනවල රටටත් සහ ජනතාවටත් වැල් පාලමකින් එතෙර විය යුතු බව කිව්වද අද වන විට එම පාලමෙන් එතෙර වී ඇත්තේ....Popular Posts.සූරියවැව මන්දපෝෂණ රැස්වීමේ ජනතාව විරෝධතා.පාර්ලිමේන්තුව විසුරුවා හදිසි මහ මැතිවරණයක්..පොහොට්ටුවේ දැඩි විරෝධය.මන්ත්‍රිනියකගේ පුතා හෙරොයින් සමග අත්අඩංගුවට.'නෙලුම් කුළුණ මාර්කට් කලොත් රටේ ආර්ථිකය ගොඩ '-රාජ්‍ය අමාත්‍ය අරුන්දික.Category.Corona 15.උණුසුම් පුවත 1114.උණුසුම් පුවත් 9142.කලා පුවත් 33.කොරෝන 48.කොරෝනා 2520.ක්‍රීඩා පිටිය 273.ගොසිප් 1.ජායා රූප 3.දේශපාලන 2085.මුළුතැන්ගෙය 26.රූපලාවන්‍ය 18.විදෙස් පුවත් 3.ව්‍යාපාරික පුවත් 40.Copyright ©.Footer Menu.Home.About Us.Privacy.Contact |
කොවිඩ් රෝගීන්ගේ ජීවිත බේරා ගැනීමට ලෝකයේ රටවල් රැසක අනුමැතිය හිමි වූ ඖෂධය මෙරටට අහිමි වෙයි - Tharunaya.com.Page Nav.HIDE.Grid.GRID_STYLE.Hover Effects.TRUE.Pages.About.Write for Us.Advertising.{fbt_classic_header}.Header Ad.Main Menu.HOME.සිංහල ටෙලිනාට්‍ය.ගින්දර වීඩියෝ.දේපළ ඉඩකඩම් විකිණිමට.ලග්න ඵලාපල.රථවාහන විකිණිමට.Contact Us.Breaking News:.latest.Contact Us.Name.Email *.Message *.කොවිඩ් රෝගීන්ගේ ජීවිත බේරා ගැනීමට ලෝකයේ රටවල් රැසක අනුමැතිය හිමි වූ ඖෂධය මෙරටට අහිමි වෙයි.News August 27, 2021 ගොසිප් Edit this post.Facebook.Twitter.Linkedin.Pinterest.Email.කොවිඩ් රෝගීන්ගේ ජීවිත බේරා ගැනීමට ලෝකයේ රටවල් රැසක අනුමැතිය හිමි වූ “රෙගන් කෝව් ” නමැති ඖෂධය මෙරටට ගෙන්වීමේ අවස්ථාව අහිමි වී ගොස් තිබෙනවා. ඒ....කොවිඩ් රෝගීන්ගේ ජීවිත බේරා ගැනීමට ලෝකයේ රටවල් රැසක අනුමැතිය හිමි වූ “රෙගන් කෝව් ” නමැති ඖෂධය මෙරටට ගෙන්වීමේ අවස්ථාව අහිමි වී ගොස් තිබෙනවා. ඒ, දේශපාලන බලපෑම් හේතුවෙන්..“රෙගන් කෝව් ” නමැති ඖෂධය දැඩි අසාධ්‍ය රෝගීන්ට පවා ලබාදීමේදී සියයට 31 ක සාර්ථකත්වයක් පෙන්නුම් කරන බවටයි වාර්තා වන්නේ..අසාධ්‍ය රෝගීන්ගේ ජීවිත අවදානම එමගින් සියයට 81 කින් අඩු වන බවද පරීක්‍ෂණවලින් සනාථ කර ඇති බව සදහන්. අමෙරිකාව, ජපානය, ඉන්දියාව ඇතුළු රටවල් රැසක්ද දැනටමත් ඊට අනුමැතිය ලබාදී තිබෙනවා..“රෙගන් කෝව් ” නමැති මෙම ඖෂධය සම්බන්ධයෙන් ලෝකයේ පළමු වරට කතාබහක් මතු වුණේ අමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට කොරෝනා වෛරසය අසාදානය වූ අවස්ථාවේදී එය ලබාදීමත් සමගයි..සංකූලතා සහිතවුවද ඩොනල්ඩ් ට්‍රම්ප් එමගින් සුවය ලැබීමත් සමග ඔහු විසින්ම එම ඖෂධය සම්බන්ධයෙන් අනාවරණ කරනු ලැබුවා. ඒ වනවිටත් එම ඖෂධය පැවතුණේ සායනික පරීක්‍ෂණ මට්ටමේයි. පසුව එම එන්නතට රටවල් රැසක අනුමැතිය හිමිව ඇති බවටයි වාර්තා වන්නේ..මෙම ඖෂධය මෙරටට රැගෙන ඒම සඳහා පෞද්ගලික සමාගමක් මෙරට සෞඛ්‍ය බලධාරීන්ගෙන් කළ ඉල්ලීමකට අනුව ඊට අනුමැතිය ලැබී ඇති බවටද වාර්තා පළ වුණා. කෙසේවෙතත් එම අනුමැතිය හදිසියේ අවලංගු කර ඇත්තේ දේශපාලන බලපෑමක් මත බවටයි වැඩිදුරටත් වාර්තා වන්නේ..nethnews.Facebook.Twitter.Linkedin.Pinterest.Email.Related Posts.ගොසිප්.No comments.Newer Post Older Post Home.Subscribe to: Post Comments (Atom).Popular Posts.දමිතා අබේරත්න රක්ෂිත බන්ධනාගාරයට.සූරියවැව මන්දපෝෂණ රැස්වීමේ ජනතාව විරෝධතා.ඩී.වී.චානක ඇමතිකම එපා කියයි..සරුසාර එකක් ඉල්ලයි.පාර්ලිමේන්තුව විසුරුවා හදිසි මහ මැතිවරණයක්..පොහොට්ටුවේ දැඩි විරෝධය.රාජ්‍ය ඇමතිලා 35ක් දිවුරන්න සූදානම්.Latest Posts.{latest}.Cloud Labels.Corona උණුසුම් පුවත උණුසුම් පුවත් කලා පුවත් කොරෝන කොරෝනා ක්‍රීඩා පිටිය ගොසිප් ජායා රූප දේශපාලන මුළුතැන්ගෙය රූපලාවන්‍ය විදෙස් පුවත් ව්‍යාපාරික පුවත්.Powered by Blogger..Ads Place.Featured Post.ජනපති හා රාජපක්ශලා වැල් පාලමෙන් ගොඩ උනා - සජිත්.ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බලයට පැමිණි දිනවල රටටත් සහ ජනතාවටත් වැල් පාලමකින් එතෙර විය යුතු බව කිව්වද අද වන විට එම පාලමෙන් එතෙර වී ඇත්තේ....Popular Posts.සූරියවැව මන්දපෝෂණ රැස්වීමේ ජනතාව විරෝධතා.පාර්ලිමේන්තුව විසුරුවා හදිසි මහ මැතිවරණයක්..පොහොට්ටුවේ දැඩි විරෝධය.මන්ත්‍රිනියකගේ පුතා හෙරොයින් සමග අත්අඩංගුවට.'නෙලුම් කුළුණ මාර්කට් කලොත් රටේ ආර්ථිකය ගොඩ '-රාජ්‍ය අමාත්‍ය අරුන්දික.Category.Corona 15.උණුසුම් පුවත 1114.උණුසුම් පුවත් 9142.කලා පුවත් 33.කොරෝන 48.කොරෝනා 2520.ක්‍රීඩා පිටිය 273.ගොසිප් 1.ජායා රූප 3.දේශපාලන 2085.මුළුතැන්ගෙය 26.රූපලාවන්‍ය 18.විදෙස් පුවත් 3.ව්‍යාපාරික පුවත් 40.Copyright ©.Footer Menu.Home.About Us.Privacy.Contact |
හිටපු ජනාධිපති තුමත් පාස්කු ප්‍රහාරයෙ වින්දිතයෙක්…. කාදිනල් උන්නාන්සෙ මේ ගහන්නෙ වෙන ලයින් එකක්… - Tharunaya.com.Page Nav.HIDE.Grid.GRID_STYLE.Hover Effects.TRUE.Pages.About.Write for Us.Advertising.{fbt_classic_header}.Header Ad.Main Menu.HOME.සිංහල ටෙලිනාට්‍ය.ගින්දර වීඩියෝ.දේපළ ඉඩකඩම් විකිණිමට.ලග්න ඵලාපල.රථවාහන විකිණිමට.Contact Us.Breaking News:.latest.Contact Us.Name.Email *.Message *.හිටපු ජනාධිපති තුමත් පාස්කු ප්‍රහාරයෙ වින්දිතයෙක්…. කාදිනල් උන්නාන්සෙ මේ ගහන්නෙ වෙන ලයින් එකක්….janaka March 18, 2022 උණුසුම් පුවත් Edit this post.Facebook.Twitter.Linkedin.Pinterest.Email.කීර්ති ප්‍රනාන්දු – තිලංග සුමතිපාල පසුගිය දා පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දිසා කොළඹ දිසා සමුළුවේ දී කාදිනල් තුමා පැවිද්දෙක් නොව ගිහියෙක.....කීර්ති ප්‍රනාන්දු –.තිලංග සුමතිපාල පසුගිය දා පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දිසා කොළඹ දිසා සමුළුවේ දී කාදිනල් තුමා පැවිද්දෙක් නොව ගිහියෙක් බව ප්‍රකාශ කළේය. පාස්කු ප්‍රහාරයට වගකිව යුතු පුද්ගලයින්ට දඬුවම් කළ යුතු බවට කාදිනල්වරයා දිගින් දිගටම කරන බලපෑම හමුවේ මේ එළි දුටුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිචාරය ද?. මේ පිළිබඳව අප ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර විමසුවෙමු. මේ අප නැගූ ප්‍රශ්නවලට ඔහු ලබා දුන් පිළිතුරුය...ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙ කොළඹ දිසා සමුළුවෙ දි තිලංග සුමතිපාල මහත්මයා කාදිනල් තුමා ඉලක්ක කරගෙන බරපතල ප්‍රකාශයක් කළා. කාදිනල් තුමා පැවිද්දේක නොවෙයි ගිහියෙක් කියලා කිව්වා. මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අදහස ද?..ඒක අපේ අදහසක් නොවෙයි. ඒක පුද්ගලික කතාවක්..ඒත් ඒ කතාව කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සමුළුවේ දී….ඔව්… ඒත් එතුමා කොළඹ දිස්ත්‍රික් නායකයා විදිහට ප්‍රකාශයක් කළා. ඒකට අපි අදාල නෑ. අපි මොකද ඒකට කරන්නෙ..ඔව්… අප විමසා සිටින්නෙ පක්ෂයක් හැටියට ඒ පිළිබඳව දරන අදහස.පුද්ගලයෙකුගෙ ප්‍රකාශයක් ගැන පක්ෂයක් විදිහට අපට කල්පනා කරන්න බෑනෙ. ඒක එයාගෙ පුද්ගලික මතයක්. අපේ මතය නොවෙයි..ඔබතුමා කියන්නෙ ඒක පක්ෂයෙ මතය නොවෙයි කියල ද?.ඔව්… පක්ෂයේ මතය නම් අපි ඒ ගැන කෙලින්ම කියනවානෙ. කාදිනල් තුමා ගැන අපිටත් ප්‍රශ්න ගණනාවක් තියනවා. නමුත් ඒ වගේම යම් ගෞරවයක් කාදිනල් උන්නාසෙටත් කතෝලික සභාවටත් අපේ තියනවා. මේ රටේ කතෝලිකයන් සම්බන්ධවත් අපට විශාල ගෞරවයක් තිබෙනවා..ඒ වගේම පාස්කු ප්‍රහාරයෙ දැන් වෙලා තිබෙන්නෙ වෙන එකක්. පාස්කු ප්‍රහාරයෙ වින්දිතයො පැත්තක. ගහපු මිනිහව හොයා ගන්නත් නෑ. හැබැයි කතෝලික පල්ලියෙන් කරන්නෙ හිටපු ජනාධිපතිතුමාගෙ නම කියමින් එතුමා හිරේ දාන්න කියන එක..හිරේ දාන්න ඕන හරිනම් රාජකාරිය කරපු නැති මිනිස්සු ටිකනෙ. ඉතින් අපි ඒවට කතා කරන්න යන්නෙ නෑ. මොකද හේතුව එක් අතකින් පියතුමන්ට බනින්න එහෙම දේශපාලනයක් අපි කරන්නෙ නැති නිසා. හාමුදුරුවරුන්ට පියතුමන්ලට පාර දිගේ බැන බැන යන දේශපාලනය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලනය නොවෙයි..නැවත මුලින්ම ඇසූ ප්‍රශ්නයටම යන්නම්. කොළඹ දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සමුලුව පැවැත්වුනේ. එහිදි ශ්‍රී ලංකා නිදස් පක්ෂ කොළඹ දිස්ත්‍රික් සංවිධායකවරයා කාදිනල්වරයා වගේ කෙනෙක් ඉලක්ක කරගෙන ඒ විදිහෙ ප්‍රකාශයක් කිරීම පක්ෂයට හොඳ නෑ නේද? කාදිනල් තුමා කියන්නෙ ජත්‍යාන්තරව පිලිගත්ත ආගමික නායකයෙක්….හැබැයි එයා කරන එවත් තියනවා..හරි… හැබැයි කාදිනල් තුමා ගිහියෙක් කියලා හැඳින්වීම හොඳ නෑ නේද?.ඒක වැරදියි. හැබැයි මෙහෙමයි. අන්තිමට හැමෝගෙම කරන කතා වලට පක්ෂ ලේකම් විදිහට උත්තර දෙන්න ගයොත් ඉවරයක් වෙන්නෙ නෑ… පක්ෂ ලේකම් විදිහට මට එතකොට හැම එකටම කියන්න වෙනවා නෑ නෑ ඒක හොඳ නෑ කියලා. ඒක එයාගෙ මතය. ඒක අපේ මතය නෙමෙයි..අපි අහන්නෙ දයාසිරි ජයසේකර මැතිතුමාගෙ මතය නොවෙයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම්වරයාගේ මතය..පැහැදිලියි නෙ. පක්ෂ මතය විදිහට අපි පක්ෂයෙ මධ්‍යම කාරක සභාවෙ තීන්දුවක් අරන් කියන්න කියන දෙයක් කියනවා. ඒ හැර මේක පක්ෂයෙ මතයක් නෙමෙයි. මේක තිලංග සුමතිපාල මැතිතුමා දරපු මතයක්. ඒක එතුමාට කියන්න අයිතියක් තියනවා. පක්ෂයක් විදිහට අපි ඒක අනුමත කරලා තිබුණෙ නෑ කොහෙවත්..ඒක හරි. නමුත් සමාජයෙ මේ සිද්ධිය මතුවෙන්න හේතුවක් තිබුණා. වෙන දේකදිනම් ඔබතුමාලා එක පාරටම කියනවා මේක අපේ පක්ෂයේ මතය නොවෙයි. මෙහෙම දෙයක් ප්‍රකාශ කිරීම වැරදියි කියලා. නමුත් කාදිනල් උන්නාසෙට කළ ප්‍රකාශ පිළිබඳව ඔබතුමන්ලා කිසි කෙනෙක් කතා කරලා තිබුණෙ නෑ. ප්‍රශ්නය එතන..කතා කරන්න ඕන නැතිවුනේ මොකද හේතුව ඉතින් කාදිනල් උන්නාන්සෙ කියන දේවල්වලට ඇත්තටම අපිටත් උත්තර දෙන්න හිතෙනවා. නමුත් ඉතින් හොඳ නෑනෙ. ඒක කරගන්න ඕන නැති නිසා මේ සද්ද නැතිව ඉන්නෙ. හැබැයි කාදිනල් උන්නාන්සෙත් ගහන ගැහිල්ල අපේ පක්ෂෙ නායකටනේ ගහන්නෙ..බෝම්බ ගහපු උනුත් පැත්තක නෑ. ත්‍රස්වාදීන්ට ගත්ත පියවරකුත් නෑ. හැබැයි කාදිනල් උන්නාන්සෙට ඕන මෛත්‍රීපාල සිරිසේන මහත්තයව හිරේ දාන්න. ඒවත් හරි කැත වැඩනෙ එහෙම කතා කළොත්..මෙච්චර කාලෙකට කතෝලික සභාවෙන් කියන දේවලට අපි උත්තර දෙන්න ගියෙ නෑ පක්ෂයක් විදිහට. හැබැයි දැන් ඔයා අහනවා මගෙන් කාදිනල් උන්නාසෙට මෙහෙම කිව්වා කියලා. එතකොට අනික් පැත්තෙන් ඔයා අහන්නෙ නෑ නෙ ඔයා මොකක් මේ කියන්නෙ… මෛත්‍රීපාල සිරිසේන මහත්තයත් ජාත්‍යාන්තරව පිළිගත්ත නායකයෙක්. රටේ හිටපු ජනාධිපති. ඉතින් එයාට ගහන එකත් වැරදියිනෙ එහෙනම්. හරියට මෛත්‍රීපාල සිරිසේන මහත්තයා බෝම්බ ගැහුව වගේනෙ කතා කරන්නෙ..ඔබතුමා පාර්ලිමේන්තුව නියෝජනය කරන නියෝජිතයෙක්. ඔබතුමා පක්ෂයේ ලේකම් තුමා. රජයේ ප්‍රධාන පාර්ශව කරුවෙක් ඔබ. පාස්කු කොමිසමේ එළියට ආපු නැති පරීක්ෂණ වාර්තා ටිකත් එළියට ආව කියනවනෙ. රජයට මේ වැරදි කරුවො එළියට අරගෙන ඒ අයට නිසි දඬුවම් දෙන්න කියලා ඔබතුමලාගෙ පැත්තෙන් ලොකු හඬක් නගන්නෙ නෑ නේ ද?.ඇයි නැත්තේ. දිගින් දිගටම අපි කිව්වානෙ… මම මොනතරම් කියලා තියනව ද?. ඔය චෝදනාව එනකොට මම හැම වෙලාවෙම කිව්වෙ මෛත්‍රීපාල සිරිසේන මහත්තයත් දැන් මේකෙ වින්දිතයෙක් කියලා. එයාගෙ බලය නැති වුනා. තව අවුරුදු පහක් ජනාධිපති වෙන්න තිබුණා නම් ඒක නැතිව ගියා. එයත් වින්දිතයෙක්. මැරුණු අය විතරක් නෙමෙයි වින්දිතයො. එයත් වින්දිතයෙක්. එතකොට ඒ වින්දිතයට කාගෙන්වත් සහනයක් නෑ. කාදිනල් උන්නාන්සෙත් කියන්නෙ මෛත්‍රීපාල සිරිසේන මහත්තයා හිරේ දාන්න කියලා..මේ පරීක්ෂණ වාර්තාව ක්‍රියාත්මක කරන්න කියලා ඔබතුමලා කියනව ද?.මම පාර්ලිමේන්තුවෙදිත් කිව්වානෙ. පාර්ලිමේන්තුවෙදි කිව්වා මීට සති දෙකකට කලින්. අරන් බලන්න..ඒ පරීක්ෂණ සිද්ධ වුනා නම් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට, පැවති අණ්ඩුවට කාදිනල් තුමා හෝ, කතෝලික සභාව හෝ කවුරන් හෝ නගන බරපතල චෝදනාවක් එල්ලවෙන්නෙ නෑ නේ ද?.මොන බරතල කමක්ද ඒ චෝදනාවල තියෙන්නෙ. කිසිම බරපතල කමක් නෑ චෝදනාවෙ. කොහෙද සාක්ෂි තියෙන්නෙ ජනාධිපතිතුමා මේකට සම්බන්ධයි කියන්න. මොනවද තියන සාක්ෂි. පිස්සුනෙ ඒගොල්ලන්ට.හරියට එළියට ආව නම් ඕක ඔප්පු වෙනවා නේද?..ඉතින් කාදිනල් උන්නාන්සෙලා කරන්න ඕන ඒ වැඩේ නෙ. පාර දිගේ පෙළපාළි යන්න ඕන නීතිය ඉටු කරන්න කියලා. ඒක කරන්නෙ නෑනෙ. ඒක පැත්තකින් තියලා ඒගොල්ලො වෙන ලයින් එකක් ඔය ගහන්නෙ. ඒ කියන්නෙ ඒ ගොල්ලන්ට ඕන ඔය ඇමරිකාවෙ එහෙත් නැතිනම් පිටරටක ලයින් එක ගහලා මෛත්‍රීපාල සිරිසේන මහත්තයව හිරේ දාන්න..ඒකටනේ මේ වැඩේ කරන්නෙ. දැන් අර හිරේ දාපු දෙන්න නිදහස් කළා. වචනයක් කතා කළා ද මේ ගොල්ලො.? පූජිත් ජයසුන්දර නිදොස්කොට නිදහස් කළා. ආරක්ෂක ලේකම් නිදොස් කොට නිදහස් කළා. එක වචනයක් කතා කළාද ඔය කතෝලික සභාවෙන්..අපිට කතා කරන්න පුලුවන්. කතා කරන්න බැරි කතෝලික සභාව හරහා මුලු කතෝලික ජනතාවම ඇති වෙලා තිබෙන පීඩනය ගැන අපි හදවතින් කල්පනා කරන නිසා තමයි අපිට මේකට මුකුත් කියන්න බැරි. නැතිනම් අපිටත් ඕවට හොඳට කතා කරන්න පුලුවන්..හරි… අපි හිතමු කතෝලික සභාව අභූත චෝදනාවක් නගනවා කියලා. ඒ අභූත චෝදනාවෙන් හිටපු ජනාධිපතිතුමාව නිදහස් කරගන්න වෙන්නෙ කතෝලික සභාව කියන විදිහට මේ කොමිෂන් සභා වාර්තාව ක්‍රියාත්මක වුනොත් නෙ. රජය ඇතුළෙ ඉන්න ඔබතුමාලට ඇයි ඒක ක්‍රියාත්මක කරන තැනට වැඩ කරන්න බැරි..අපි කරනවා. අපි කරලා තියනවා. ඔයාලගෙ ඔය නිවුස් වෙබ් එකෙන් හොයා ගන්න අපි කියලා තියන ඒවා..අපිට පේනවා කතා කරලා තියනවා. නමුත් ඒක වෙන්නෙ නෑ නෙ..වෙන්නෙ නෑ.. ඒ වෙන්නෙ නැති එක ආණ්ඩුවෙන්නෙ අහන්න ඕන..ඉතින් ඔබතුමාලා ආණ්ඩුවෙ පාර්ශවකරුවො නෙ?..ඔව් ඉතින්. අපි ඇතුළෙ හිටියට කියනවා කතාව..මෙහෙම ගියොත් හිටපු ජනාධිතිතුමාට නැගෙන චෝදනාවත් නවතින්නෙ නෑ නේද?….ඔව් නවතින්නෙ නෑ. අපි බලමු මොකද ඉදිරියෙදි වෙන්නෙ කියලා..Facebook.Twitter.Linkedin.Pinterest.Email.Related Posts.උණුසුම් පුවත්.No comments.Newer Post Older Post Home.Subscribe to: Post Comments (Atom).Popular Posts.දමිතා අබේරත්න රක්ෂිත බන්ධනාගාරයට.සූරියවැව මන්දපෝෂණ රැස්වීමේ ජනතාව විරෝධතා.ඩී.වී.චානක ඇමතිකම එපා කියයි..සරුසාර එකක් ඉල්ලයි.පාර්ලිමේන්තුව විසුරුවා හදිසි මහ මැතිවරණයක්..පොහොට්ටුවේ දැඩි විරෝධය.රාජ්‍ය ඇමතිලා 35ක් දිවුරන්න සූදානම්.Latest Posts.{latest}.Cloud Labels.Corona උණුසුම් පුවත උණුසුම් පුවත් කලා පුවත් කොරෝන කොරෝනා ක්‍රීඩා පිටිය ගොසිප් ජායා රූප දේශපාලන මුළුතැන්ගෙය රූපලාවන්‍ය විදෙස් පුවත් ව්‍යාපාරික පුවත්.Powered by Blogger..Ads Place.Featured Post.ජනපති හා රාජපක්ශලා වැල් පාලමෙන් ගොඩ උනා - සජිත්.ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බලයට පැමිණි දිනවල රටටත් සහ ජනතාවටත් වැල් පාලමකින් එතෙර විය යුතු බව කිව්වද අද වන විට එම පාලමෙන් එතෙර වී ඇත්තේ....Popular Posts.සූරියවැව මන්දපෝෂණ රැස්වීමේ ජනතාව විරෝධතා.පාර්ලිමේන්තුව විසුරුවා හදිසි මහ මැතිවරණයක්..පොහොට්ටුවේ දැඩි විරෝධය.මන්ත්‍රිනියකගේ පුතා හෙරොයින් සමග අත්අඩංගුවට.'නෙලුම් කුළුණ මාර්කට් කලොත් රටේ ආර්ථිකය ගොඩ '-රාජ්‍ය අමාත්‍ය අරුන්දික.Category.Corona 15.උණුසුම් පුවත 1114.උණුසුම් පුවත් 9142.කලා පුවත් 33.කොරෝන 48.කොරෝනා 2520.ක්‍රීඩා පිටිය 273.ගොසිප් 1.ජායා රූප 3.දේශපාලන 2085.මුළුතැන්ගෙය 26.රූපලාවන්‍ය 18.විදෙස් පුවත් 3.ව්‍යාපාරික පුවත් 40.Copyright ©.Footer Menu.Home.About Us.Privacy.Contact |
2023 වර්ෂය මැදදී කෘෂිකර්මාන්තයේ විශාල ප්‍රගතියක් ඇති වේවි - මහින්ද අමරවීර - Tharunaya.com.Page Nav.HIDE.Grid.GRID_STYLE.Hover Effects.TRUE.Pages.About.Write for Us.Advertising.{fbt_classic_header}.Header Ad.Main Menu.HOME.සිංහල ටෙලිනාට්‍ය.ගින්දර වීඩියෝ.දේපළ ඉඩකඩම් විකිණිමට.ලග්න ඵලාපල.රථවාහන විකිණිමට.Contact Us.Breaking News:.latest.Contact Us.Name.Email *.Message *.2023 වර්ෂය මැදදී කෘෂිකර්මාන්තයේ විශාල ප්‍රගතියක් ඇති වේවි - මහින්ද අමරවීර.Dulakshi August 24, 2022 උණුසුම් පුවත් Edit this post.Facebook.Twitter.Linkedin.Pinterest.Email.එළඹෙන මාස් කන්නයේදී වී වගාවට අවශ්‍ය යූරියා පොහොරවලට අමතරව ගොවි ජනතාවගේ ඉල්ලීම පරිදි බණ්ඩි පොහොර හෙවත් මියුරේට් ඔෆ් පොටෑෂ් (MOP) ලබා දීම සඳහා....එළඹෙන මාස් කන්නයේදී වී වගාවට අවශ්‍ය යූරියා පොහොරවලට අමතරව ගොවි ජනතාවගේ ඉල්ලීම පරිදි බණ්ඩි පොහොර හෙවත් මියුරේට් ඔෆ් පොටෑෂ් (MOP) ලබා දීම සඳහා ඩොලර් මිලියන 25ක් ලබා දීමට මුදල් අමාත්‍යාංශය එකඟතාවය පළකර ඇතැයි කෘෂිකර්ම, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය..23 දින පෙරවරුවේ ජාතික ගොවිජන එකමුතුවේ දිස්ත්‍රික් නියෝජිතයින් සමඟ කෘෂිකර්ම අමාත්‍යවරයා එළඹෙන මහ කන්නයේ වගා කටයුතු පිළිබඳව සාකච්ඡා කළේය. විශේෂයෙන් වී, බඩඉරිඟු සහ එළවළු වගාවට බලපාන කරුණු පිළිබඳව මෙහිදී අවධානය යොමු කෙරිණි..වගාවට අවශ්‍ය යූරියා පොහොර, වෙනත් පොහොර වර්ග, කෘමිනාශක සහ වල්නාශක මෙන්ම දිලීරනාශක සහ කාබනික පොහොර පිළිබඳව සාකච්ඡා කරනු ලැබීය. මහ කන්නය සඳහා අවශ්‍ය සම්පූර්ණ යූරියා පොහොර ප්‍රමාණය ලබා දීමට ලෝක බැංකුව ඩොලර් මිලියන 110ක් ලබා දීමට එකඟතාවය පළ කර තිබේ. එමෙන්ම මියුරේට් ඔෆ් පොටෑෂ් මිලදී ගැනීම සඳහා මහා භාණ්ඩාගාරය විසින් ඩොලර් මිලියන 25ක් වැය කිරීමට නියමිතය. වගාවට අත්‍යාවශ්‍ය පොහොර විශේෂයන් වන TSP හෙවත් ත්‍රිත්ව සුපිරි පොහොර මිලදී ගැනීමට යෝජිතව ඇතත්, ඒවා මිලදී ගැනීමට හැකි රටක් තවමත් සොයා ගැනීමට අපහසු වී ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය..මේ සම්බන්ධව (22) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී විදේශ කටයුතු අමාත්‍යවරයා සමඟ සාකච්ඡා කළ බවත්, TSP මිලදී ගත හැකි රටක් පිළිබඳව සොයා බැලීමට විදේශ කටයුතු අමාත්‍යවරයා එකඟතාවය පළ කළ බවත් අමාත්‍යවරයා සඳහන් කළේය..එමෙන්ම වගාවට අවශ්‍ය කෘමිනාශක, වල්නාශක සහ දිලීරනාශක පුද්ගලික සමාගම් විසින් ගොවිජන මධ්‍යස්ථාන හරහා අලෙවි කිරීමේ වැඩපිළිවෙලක් සම්බන්ධව ද අවධානය යොමු කර තිබේ..කෙසේ වුවද 2023 වර්ෂය මැද වන විට මේ රටේ කෘෂිකර්මාන්තය තුළ විශාල ප්‍රගතියක් අත්කරගත හැකි වනු ඇතැයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය. සියළුම දිස්ත්‍රික්කවල පවතින ගොවි ගැටළු සම්බන්ධයෙන් ගොවි නියෝජිතයෝ අමාත්‍යවරයා වෙත කරුණු ඉදිරිපත් කළහ..– මාධ්‍ය ඒකකය..Facebook.Twitter.Linkedin.Pinterest.Email.Related Posts.උණුසුම් පුවත්.No comments.Newer Post Older Post Home.Subscribe to: Post Comments (Atom).Popular Posts.දමිතා අබේරත්න රක්ෂිත බන්ධනාගාරයට.සූරියවැව මන්දපෝෂණ රැස්වීමේ ජනතාව විරෝධතා.ඩී.වී.චානක ඇමතිකම එපා කියයි..සරුසාර එකක් ඉල්ලයි.පාර්ලිමේන්තුව විසුරුවා හදිසි මහ මැතිවරණයක්..පොහොට්ටුවේ දැඩි විරෝධය.රාජ්‍ය ඇමතිලා 35ක් දිවුරන්න සූදානම්.Latest Posts.{latest}.Cloud Labels.Corona උණුසුම් පුවත උණුසුම් පුවත් කලා පුවත් කොරෝන කොරෝනා ක්‍රීඩා පිටිය ගොසිප් ජායා රූප දේශපාලන මුළුතැන්ගෙය රූපලාවන්‍ය විදෙස් පුවත් ව්‍යාපාරික පුවත්.Powered by Blogger..Ads Place.Featured Post.ජනපති හා රාජපක්ශලා වැල් පාලමෙන් ගොඩ උනා - සජිත්.ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බලයට පැමිණි දිනවල රටටත් සහ ජනතාවටත් වැල් පාලමකින් එතෙර විය යුතු බව කිව්වද අද වන විට එම පාලමෙන් එතෙර වී ඇත්තේ....Popular Posts.සූරියවැව මන්දපෝෂණ රැස්වීමේ ජනතාව විරෝධතා.පාර්ලිමේන්තුව විසුරුවා හදිසි මහ මැතිවරණයක්..පොහොට්ටුවේ දැඩි විරෝධය.මන්ත්‍රිනියකගේ පුතා හෙරොයින් සමග අත්අඩංගුවට.'නෙලුම් කුළුණ මාර්කට් කලොත් රටේ ආර්ථිකය ගොඩ '-රාජ්‍ය අමාත්‍ය අරුන්දික.Category.Corona 15.උණුසුම් පුවත 1114.උණුසුම් පුවත් 9142.කලා පුවත් 33.කොරෝන 48.කොරෝනා 2520.ක්‍රීඩා පිටිය 273.ගොසිප් 1.ජායා රූප 3.දේශපාලන 2085.මුළුතැන්ගෙය 26.රූපලාවන්‍ය 18.විදෙස් පුවත් 3.ව්‍යාපාරික පුවත් 40.Copyright ©.Footer Menu.Home.About Us.Privacy.Contact |
'අපි ගංවතුරට ගසාගෙන ආපු කුරුම්බා කෝම්බ නෙමෙයි "- ගම්මන්පිල - Tharunaya.com.Page Nav.HIDE.Grid.GRID_STYLE.Hover Effects.TRUE.Pages.About.Write for Us.Advertising.{fbt_classic_header}.Header Ad.Main Menu.HOME.සිංහල ටෙලිනාට්‍ය.ගින්දර වීඩියෝ.දේපළ ඉඩකඩම් විකිණිමට.ලග්න ඵලාපල.රථවාහන විකිණිමට.Contact Us.Breaking News:.latest.Contact Us.Name.Email *.Message *.'අපි ගංවතුරට ගසාගෙන ආපු කුරුම්බා කෝම්බ නෙමෙයි "- ගම්මන්පිල.Dulakshi September 05, 2022 උණුසුම් පුවත් Edit this post.Facebook.Twitter.Linkedin.Pinterest.Email.ප්‍රශ්න කතා කර සිටිනු වෙනුවට ප්‍රශ්න වලට උත්තර සොයන නව දේශපාලන ව්‍යාපාරයක් ආරම්භ කර ඇති බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා....ප්‍රශ්න කතා කර සිටිනු වෙනුවට ප්‍රශ්න වලට උත්තර සොයන නව දේශපාලන ව්‍යාපාරයක් ආරම්භ කර ඇති බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කර සිටියේය. ඒ මහතා මේ බව සඳහන් කර සිටියේ මහරගම තරුණ සේවා සභා පරිශ්‍රයේදී උත්තර ලංකා සභාගය ජනගත කිරීමේ උත්සවය හා එක් වෙමිනි..එහිදී උදය ගම්මන්පිල මහතා වැඩිදුරටත් මෙසේ අදහස් දැක්වීය..නව සභාගයක් රට ඉල්ලන්නේ ඇයි ?.මිත්‍රවරුණි 1947 ඉදන්ම මේ ශ්‍රී ලංකාවේ සභාග බිහිවෙලා තියනවා. සන්ධානයන් ගොඩනැගිල තියනවා. එහෙම නම් ඒ සන්ධානයි මේ සන්ධානයේ අතර තියෙන වෙනස මොකක්ද ? හැමෝම සන්ධාන ගොඩනැඟූ බව ඇත්තයි. හැමෝම සභාගයන් හැදූ බව ඇත්තයි . හැබැයි ඒ කවුරුවත් ජනතාවගේ ප්‍රශ්න වලට උත්තර සපයන්න අසමත් වෙලා තියෙනවා .ඒක නිසා තමයි අපිට සභාගය අභාග්‍ය වෙලා තියෙන්නේ..උදාහරණයක් වශයෙන් 2019 මෙතන ඉන්න හැමෝම එකතු වෙලා හැදුව මහා දැවැන්ත සබාගයක්. මෙතන ඉන්න නායකයෝ ඔක්කොම එකට අස්සන් තැබුවා. ජනතාව පැතුම් පොදි බැඳගෙන ලක්ෂ හැට නමයක මහ ජනවරමක් බාර දුන්න. අපේ වචන විශ්වාස කරපු මහජනතාවගේ සිහින සැබෑ කරන ජනතාව දුකෙන් මුදවා ගන්න අපි හැමෝම දකින සිහින රාජ්‍යය බවට ලංකාව පත් කරන ආණ්ඩුවක් හැදුවා කියලා අපි හිතුවා . නමුත් මිත්‍රවරුනි ජනතා න්‍යාය පත්‍රය පැත්තකට දාලා පුද්ගලික න්‍යාය පත්‍ර පවුලේ න්‍යාය පත්‍ර ඉදිරියට අරන් ඇවිල්ලා ඔබෙත් අපෙත් සිහින පැතුම් බලාපොරොත්තු සියල්ල මේ නායකයන් පොඩිපට්ටම් කරල දැම්මා . ගමන අතරමඟ නතර වුණා කියලා පෙනුනත් නැග්ග බස් එක වැරදුනා විතරයි , අපි බස් එකෙන් බැස්සා. ඒත් අපේ ගමන අපි යනවා කියන එක අපි බය නැතුව ප්‍රකාශ කරනවා ..ජනතාව රජ කරවන යුගයක්.මිත්‍රවරුනි අපි දකින සිහිනය අපිට අමතක කරන්න බෑ. ජනතාවගේ අහිංසක බලාපොරොත්තු අපිට බොඳ කරන්න බෑ . කවුරු මේක අතහැරියත් මේ රටේ අහිංසක ජනතාව වෙනුවෙන් ඒ ගමන යන්න අපි සූදානම් කියන්න අද අපි මෙතැනට ආවේ . මිත්‍රවරුනේ අපි ගංවතුරට ගලාගෙන ආපු කුරුම්බා කෝම්බ නෙවෙයි . අපි උඩුගම් බලා පීනපු මිනිස්සු. නැවත වතාවක් මේ මව්බිමේ ජනතාවගේ පැතුම් ඉටුවන තුරුම අපි උඩුගම් බලා පීනන්න සූදානම් කියන්නයි මෙතෙන්ට ආවෙ . අපි නායකයො රජ කරපු යුගය ඉවරයි .පවුල් රජ කරපු යුගය ඉවරයි . ප්‍රතිපත්තියක් වැඩපිළිවෙළක් නායකත්වයේ තබාගෙන ජනතාව රජ කරවන යුගයයි අද අපි ආරම්භ කරන්නෙ කියන එක අපි සමස්ත ජාතියටම සිහිපත් කරනවා ..එදා දුටු අර්බුදය.අද ආර්ථික අර්බුදය ගැන හැමෝම කතා කරනවා . ඩලස් අලහප්පෙරුම ඇමති තුමත් ඉන්නවා , අපි මේ ආර්ථික අර්බුදය එනවා කියලා ඇමති මණ්ඩලයට කිව්වේ 2020 ඔක්තෝම්බර් මාසෙ. අපිට කිව්වා බොරුවට බය කරන්න එපා . එහෙම ප්‍රශ්නයක් ඇති වෙන්න අපි ඉඩ තියන්නේ නැහැ කියලා . මේක පිළිගන්න නැතිවුනාම 2021 ජූලි මස දොළොස්වෙනි ද මාධ්‍ය හමුවක් තියලා අපි රටට කිව්වා . දැවැන්ත විදේශ විනිමය අර්බුදයක් කරා රට ගමන් කරමින් තිබෙනවා . එය විසඳුවෙ නැත්නම් දැවැන්ත ආර්ථික අර්බුදයක් බවට පත්වෙනවා කියලා . මොකක්ද ආණ්ඩුවේ ඇමතිවරු කිව්වේ ගම්මන්පිල බොරු බිල්ලන් මවනවා . අපිට ඇති තරම් ඩොලර් තියනවා. අපිට ඇති තරම් සල්ලි තියෙනවා කවුරුවත් බය වෙන්න අවශ්‍ය නැහැ කිව්වා . ලෙඩෙක් තමන්ට ලෙඩක් තියෙනවා කියලා පිළිගන්නෙ නැත්තං ඔහු කවදාවත් බෙහෙත් බොන්න යන්නෙ නෑ . ඔහු කවදාවත් දොස්තර මහත්තයෙක් හම්බ වෙන්න යන්නේ නෑ . මේ ආණ්ඩුවටත් උනේ අන්න ඒකයි..උත්තරය ණය ද?.අද මේ තත්ත්වය යටතේ මොකක්ද ආණ්ඩුව කරන්නේ. මහා උදාර උදාන පාටය වෙලා තියෙන්නෙ මොකක්ද ? අපිට ණය ලැබෙනවා. ඉන්දියාවෙන් අච්චර ලැබුණා. චීනයෙන් මෙච්චර ලැබෙනව. කෑලි කෑලි වලට උනත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලැබෙනවා . ණය ලැබීම තමයි ආණ්ඩුවේ උදාන වාක්‍ය වෙලා තියෙන්නේ. අමතක කරන්න එපා මේ ලබා ගන්න සෑම ඩොලරයක් ම පොලී සමග ආපසු ගෙවිය යුතුයි ..අපි අද උජාරුවට කාල බීලා ඉන්නේ අපේ ආදරණීය දරුවන් මත බර පටවන්න . අපේ දරුවන් උගසට තියලා අපි කාලා බීලා ඉන්නේ . අපි සැබැවින්ම දරුවන්ට ආදරේ දෙමව්පියන් නම් අපේ දරුවන් උගසට තියලා කාල බීල උජාරුවට ඉන්න අපිට පුලුවන්ද , අපේ ප්‍රශ්නය ණයබරින් මිරිකී ම නම් අපේ ප්‍රශ්නය ජාතික ආදායමෙන් 145 % දක්වා ණය බර වැඩිවීම නම් උත්තරය ණය ගැනීම වෙන්නෙ කොහොමද?.උත්තරය කුමක්ද?.මිත්‍රවරුනේ අපි පිටරටවලින් ඉල්ලන්න ඕන ණය නෙමෙයි අපේ මිත්‍ර රටවලින් අපි ඉල්ලන්න ඕන ආයෝජන . ඒ අයගෙ ආයෝජන තුලින් අපේ රට ගොඩගන්න අපිට ශක්තිය තියෙනවා. ආණ්ඩු ගණනාවකට ගොඩදාගන්න බැරිවෙච්ච ශ්‍රී ලංකාවේ මන්නාරම් ද්‍රෝණියේ තියෙන තෙල් හා ගෑස් නිධිය ගොඩ ගන්න අවශ්‍ය කරන මූලික කොන්දේසි හය අපි අවුරුදු එකහමාරක් තුළ සම්පූර්ණ කරලා පෙන්නුවා . නමුත් අද ඒ තෙල් නිධිය ගෑස් නීතිය ගොඩ ගන්න කාටවත් වුවමනාවක් නෑ. තෙල් මිල ඉහළ යනවා කියන්නේ හරි නම් අපේ රටේ ආදායම වැඩි වෙනවා කියන එක . හැබැයි තෙල් මිල ඉහළ යද්දී අද අපි බයෙන් ගැහෙනවා . මොකද අපිට වැඩිම විදේශ විනිමය වැය වෙන්නේ තෙල් පිටරටින් ගේන්න . ශ්‍රී ලංකාවේ පිහිටීම හරිම අපූරුයි ආසියාවේ හරිමැද පිහිටි ලංකාව ආසියාවේ සේවා කේන්ද්‍රය බවට පත් පත්කිරීමෙන් පමණක් මේ ණය අර්බුදය විසඳන්න පුළුවන් . කෝ ආණ්ඩුවට ඒකට වැඩපිළිවෙළක් තියෙනවද , බලන්න ලෝක සිතියමේ ලංකාව දිහා ලංකාවට උඩින් තියනව ඉන්දියාව ලංකාවට දකුණේ මැලේසියා වෙනකන් රටක් නැහැ . ලංකාවට වම් පැත්තෙන් සෝමාලියා වෙනකන් රටක් නෑ . ලංකාවට පහළින් ඇන්ටාක්ටිකාව වෙනකම් රටක් නැහැ. ලෝක සිතියමේ මහ මුහුද මැද මෙසේ තනිවුනු තව එක රටක්වත් නැහැ . ඒ නිසා ලංකාව ගේ නව ගුණයක් විශාල සුවිශේෂී ආර්ථික කලාපයක් exclusive economic zone , ලංකාවට වෙන්වෙලා තියෙනවා . ලංකා වගේ 23 ගුණයක් විශාල මහද්වීපික තටාකයක් අපිට වෙන් වෙලා තියෙනවා . මෙන්න මේවයි තියෙන මහා සම්පත් ගොඩ ගන්න විදේශ ආයෝජන ගෙනෙන සැලැස්මක් ආණ්ඩුවටත් නෑ විපක්ෂයටත් නෑ . අපිට බෑ අපි දුප්පත් අපිට මුකුත් කර ගන්න බැහැ කියලා මැසිවිලි නගමින් ලෝකෙ පුරා හිගා කන්න . අදටත් ආර්ථික අර්බුදයෙන් මිදෙන්න ආණ්ඩුවට වැඩපිළිවෙළක් නැහැ ..අද විපක්ෂය කරන්නෙ එකිනෙකාට චෝදනා නගමින් ජනතාව හොඳට දන්න ජනතාව මිරිකෙන ජනතාවගේ ප්‍රශ්න නැවත නැවත පුනරුච්චාරනය කරන එක විතරයි . ඒ දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්නයි මේ නැවුම් සභාගය බිහිවෙන්නෙ. ජනතාවගේ ප්‍රශ්න ගැන කතා කර කර ඉන්නවා වෙනුවට ජනතාවගේ ප්‍රශ්න වලට උත්තර හොයන දේශපාලන සංස්කෘතියක් හදන්න ..ඒ උත්තර ක්‍රියාත්මක කරන්න ආණ්ඩුවට බලකරන දේශපාලන සංස්කෘතියක් හදන්න ආණ්ඩුව කරන්න නැත්තං ජනතාවත් එක්ක එකට එකතු වෙලා ඒවා මහ පොළොවේ පැල කරන දේශපාලන සංස්කෘතියක් හදන්න .අපිට ඕන දේ අපි වවාගමු කියන්න ආණ්ඩුවක් ඕනෙද, අපිට ඕනේ දේ අපි හදාගමු කියන්න ආණ්ඩුවක් ඕනෙද , සිරිලක දේ සිරි සැප දේ කියලා කියන්න පාරිභෝගිකයාට ආණ්ඩුවක් ඕනද , මේවා අපිට ආණ්ඩුවක් නැතුව ජනතාවත් එක්ක කරන්න පුළුවන් වැඩ ..අපි අලුත් යුගයකට පා තබනවා. සිංහලයනි වරෙල්ලා දමිළයනි වරෙල්ලා මුසල්මානුවනි වරෙල්ලා වාද භේද පසෙක තබා වරල්ලා. මේ ගිනි ගන්නේ ඔබටයි මටයි අපි හැමෝටම තියෙන එකම රට . මේ රට ඇර අපිට යන්න තැනක් නෑ. මේ රටේ ගිනි නිවන මං සෙවීමේ වගකීම අපි අද සෑම කෙනෙක්ගෙ උරය මත තියෙනවා. ඒ නිසා ප්‍රශ්න ගැන කතා කරන එක පැත්තක තියල ප්‍රශ්න වලට උත්තර හොයන්න ඒ උත්තර මහපොලොවේ පැලකරන මේ දේශපාලන ව්‍යාපාරයේ ජීවමාන සක්‍රීය සාමාජිකයෙක් වන ලෙස සමස්ත ජාතියටම ආයාචනා කරනවා ..– Media unit..Facebook.Twitter.Linkedin.Pinterest.Email.Related Posts.උණුසුම් පුවත්.No comments.Newer Post Older Post Home.Subscribe to: Post Comments (Atom).Popular Posts.දමිතා අබේරත්න රක්ෂිත බන්ධනාගාරයට.සූරියවැව මන්දපෝෂණ රැස්වීමේ ජනතාව විරෝධතා.ඩී.වී.චානක ඇමතිකම එපා කියයි..සරුසාර එකක් ඉල්ලයි.පාර්ලිමේන්තුව විසුරුවා හදිසි මහ මැතිවරණයක්..පොහොට්ටුවේ දැඩි විරෝධය.රාජ්‍ය ඇමතිලා 35ක් දිවුරන්න සූදානම්.Latest Posts.{latest}.Cloud Labels.Corona උණුසුම් පුවත උණුසුම් පුවත් කලා පුවත් කොරෝන කොරෝනා ක්‍රීඩා පිටිය ගොසිප් ජායා රූප දේශපාලන මුළුතැන්ගෙය රූපලාවන්‍ය විදෙස් පුවත් ව්‍යාපාරික පුවත්.Powered by Blogger..Ads Place.Featured Post.ජනපති හා රාජපක්ශලා වැල් පාලමෙන් ගොඩ උනා - සජිත්.ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බලයට පැමිණි දිනවල රටටත් සහ ජනතාවටත් වැල් පාලමකින් එතෙර විය යුතු බව කිව්වද අද වන විට එම පාලමෙන් එතෙර වී ඇත්තේ....Popular Posts.සූරියවැව මන්දපෝෂණ රැස්වීමේ ජනතාව විරෝධතා.පාර්ලිමේන්තුව විසුරුවා හදිසි මහ මැතිවරණයක්..පොහොට්ටුවේ දැඩි විරෝධය.මන්ත්‍රිනියකගේ පුතා හෙරොයින් සමග අත්අඩංගුවට.'නෙලුම් කුළුණ මාර්කට් කලොත් රටේ ආර්ථිකය ගොඩ '-රාජ්‍ය අමාත්‍ය අරුන්දික.Category.Corona 15.උණුසුම් පුවත 1114.උණුසුම් පුවත් 9142.කලා පුවත් 33.කොරෝන 48.කොරෝනා 2520.ක්‍රීඩා පිටිය 273.ගොසිප් 1.ජායා රූප 3.දේශපාලන 2085.මුළුතැන්ගෙය 26.රූපලාවන්‍ය 18.විදෙස් පුවත් 3.ව්‍යාපාරික පුවත් 40.Copyright ©.Footer Menu.Home.About Us.Privacy.Contact |
සජබෙ ඩීල් නැති දේදුණු සන්ධානයක්! වහාම ජනාධිපතිවරණයක් තබනු – සජිත් - Tharunaya.com.Page Nav.HIDE.Grid.GRID_STYLE.Hover Effects.TRUE.Pages.About.Write for Us.Advertising.{fbt_classic_header}.Header Ad.Main Menu.HOME.සිංහල ටෙලිනාට්‍ය.ගින්දර වීඩියෝ.දේපළ ඉඩකඩම් විකිණිමට.ලග්න ඵලාපල.රථවාහන විකිණිමට.Contact Us.Breaking News:.latest.Contact Us.Name.Email *.Message *.සජබෙ ඩීල් නැති දේදුණු සන්ධානයක්! වහාම ජනාධිපතිවරණයක් තබනු – සජිත්.janaka March 16, 2022 උණුසුම් පුවත Edit this post.Facebook.Twitter.Linkedin.Pinterest.Email.දරාගත නොහැකි ජීවන වියදම, රටේ පවතින පොහොර හිඟය ඉන්ධන සහ ගෑස් අර්බුදය, විදුලි කප්පාදුව ඇතුළු ජනතාව මුහුණ දෙන පීඩනය මුල් කර ගනිමින් රජයට එරෙහ.....දරාගත නොහැකි ජීවන වියදම, රටේ පවතින පොහොර හිඟය ඉන්ධන සහ ගෑස් අර්බුදය, විදුලි කප්පාදුව ඇතුළු ජනතාව මුහුණ දෙන පීඩනය මුල් කර ගනිමින් රජයට එරෙහිව සමගි ජන බලවේගය සංවිධානය කළ දැවැන්ත විරෝධතාව දිවයිනේ නන් දෙසින් පැමිණි අති විශාල ජනකායකගේ සහභාගීත්වයකින් කොළඹ දී ඊයේ (15) පස්වරුවේ පැවැත්විණි..“රට විනාශයි දැන් ඇති, ජනතාවට විනාසේ ආණ්ඩුව සිනාසේ, ජනතාව ගින්දරේ ආණ්ඩුව මන්දිරේ, ජනතාව කලුවරේ ආණ්ඩුව සුරපුරේ, ජනතාවට ඇපත් නෑ ආන්ඩුවට වගක් නෑ, රට වළ පල්ලට ගොවියා මහපාරට, උන්ට සැප රථ ගොවින්ට ඇප නැත, පිස්සො රජවෙලා වැසියෝ නැතිවෙලා, වැඩ බැරිනම් ගෙදර යන්න, සෞභාග්‍යයේ දැක්ම කොහොමද?, දැන් සැපද, බෙහෙත් නෑ, හාල් මිල සැපද, සිමෙන්ති මිල සැප ද, ආදී සටන් පාඨ සඳහන් විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් ඔවුහු විරෝධතා පා ගමනෙහි නිරත වූහ..විරෝධතාකරුවන් “ගෝඨා ගෙදර පළ” යනුවෙන් සඳහන් කලු පටි පැළඳ විරෝධතාවේ නිරතවීම විශේෂත්වයකි. මොළ හතාගේ ආර්ථිකය, අතිගරු ගෝඨාභය රාජපක්ෂ ආදීය සඳහන් මිනීපෙට්ටි කිහිපයක්, මල්වඩම්, හිස් පිගන්, ජනාධිපතිවරයාගේ, අගමැතිවරයාගේ සහ මුදල් අමාත්‍යවරයාගේ අනුරූ, ගෑස් ටැංකි, හාල් උර, ආදිය ප්‍රදර්ශනය කරමින් උද්ඝෝෂණය කළහ..විරෝධතාව අතරතුර පන්දම් දල්වමින් දුම්මල ගසමින් ආණ්ඩුව පලවා හැරීමට යාග පවතිවමින් විරෝධතාකරුවෝ පැමිණියහ. විරෝධතාව සඳහා විශාල පොලිස් ආරක්ෂාවක් යොදවා තිබෙනු දක්නට ලැබිණි..රට කාබාසිනියා කළ ආණ්ඩුව ගෙදර යැවීමට තමන් කොළඹ පැමිණි බව විරෝධතාව අමතමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කළේ ය. සමගි ජන බලවේගය දැවැන්ත වෘක්ෂයක් බවත් දේදුණු සන්ධානයක් බවත් අවධාරණය කළ විපක්ෂ නායකවරයා එය කිසිවෙකු සමග ඩීල් දේශපාලනයට සූදානම් නොමැති බව ද ප්‍රකාශ කළේ ය..ජනාධිපතිවරයාගෙන් තවත් රට කාබාසිනියා නොකර ගෙදර යන ලෙස ඉල්ලා සිටි හෙතෙම ජන මතය උරගා බැලීමට පාර්ලිමේන්තුවේ 2/3ක අනුමැතිය ගෙන නැවත ජනාධිපතිවරණයක් පවත්වන ලෙසත් එවිට ජනතාව නියම තීන්දුව ලබා දෙනු ඇති බවත් සඳහන් කළේ ය..මාර්ග දෙක ඔස්සේ පැමිනි පෙළපාලිකරුවන් එකට එකතු වී ජනතා ප්‍රශ්න පැවසීමට අවශ්‍ය බව පවසමින් ජනාධිපති ලේකම් කාර්යාලයට ඇතුළට යාමට උත්සාහ කළ අතර පොලිස් විශේෂ කාර්යාලය ඇතුළු ආරක්ෂක අංශ යොදවා ඔවුන් වැළැක්වීමට ක්‍රියාකිරීම නිසා අතිශය උණුසුම්කාරී තත්ත්වයක් ද හට ගත්තේය..පෙළපාලියෙන් ගෙන ආ මිනිපෙට්ටි ජනාදිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට මහ පාරේ ගිනිතබා විනාශ කිරීමට පියවර ගැනිණි..Facebook.Twitter.Linkedin.Pinterest.Email.Related Posts.උණුසුම් පුවත.No comments.Newer Post Older Post Home.Subscribe to: Post Comments (Atom).Popular Posts.දමිතා අබේරත්න රක්ෂිත බන්ධනාගාරයට.සූරියවැව මන්දපෝෂණ රැස්වීමේ ජනතාව විරෝධතා.ඩී.වී.චානක ඇමතිකම එපා කියයි..සරුසාර එකක් ඉල්ලයි.පාර්ලිමේන්තුව විසුරුවා හදිසි මහ මැතිවරණයක්..පොහොට්ටුවේ දැඩි විරෝධය.රාජ්‍ය ඇමතිලා 35ක් දිවුරන්න සූදානම්.Latest Posts.{latest}.Cloud Labels.Corona උණුසුම් පුවත උණුසුම් පුවත් කලා පුවත් කොරෝන කොරෝනා ක්‍රීඩා පිටිය ගොසිප් ජායා රූප දේශපාලන මුළුතැන්ගෙය රූපලාවන්‍ය විදෙස් පුවත් ව්‍යාපාරික පුවත්.Powered by Blogger..Ads Place.Featured Post.ජනපති හා රාජපක්ශලා වැල් පාලමෙන් ගොඩ උනා - සජිත්.ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බලයට පැමිණි දිනවල රටටත් සහ ජනතාවටත් වැල් පාලමකින් එතෙර විය යුතු බව කිව්වද අද වන විට එම පාලමෙන් එතෙර වී ඇත්තේ....Popular Posts.සූරියවැව මන්දපෝෂණ රැස්වීමේ ජනතාව විරෝධතා.පාර්ලිමේන්තුව විසුරුවා හදිසි මහ මැතිවරණයක්..පොහොට්ටුවේ දැඩි විරෝධය.මන්ත්‍රිනියකගේ පුතා හෙරොයින් සමග අත්අඩංගුවට.'නෙලුම් කුළුණ මාර්කට් කලොත් රටේ ආර්ථිකය ගොඩ '-රාජ්‍ය අමාත්‍ය අරුන්දික.Category.Corona 15.උණුසුම් පුවත 1114.උණුසුම් පුවත් 9142.කලා පුවත් 33.කොරෝන 48.කොරෝනා 2520.ක්‍රීඩා පිටිය 273.ගොසිප් 1.ජායා රූප 3.දේශපාලන 2085.මුළුතැන්ගෙය 26.රූපලාවන්‍ය 18.විදෙස් පුවත් 3.ව්‍යාපාරික පුවත් 40.Copyright ©.Footer Menu.Home.About Us.Privacy.Contact |
කබ්‍රාල්ට ඉවත් වන්නැයි ජනපති දන්වයි - Tharunaya.com.Page Nav.HIDE.Grid.GRID_STYLE.Hover Effects.TRUE.Pages.About.Write for Us.Advertising.{fbt_classic_header}.Header Ad.Main Menu.HOME.සිංහල ටෙලිනාට්‍ය.ගින්දර වීඩියෝ.දේපළ ඉඩකඩම් විකිණිමට.ලග්න ඵලාපල.රථවාහන විකිණිමට.Contact Us.Breaking News:.latest.Contact Us.Name.Email *.Message *.කබ්‍රාල්ට ඉවත් වන්නැයි ජනපති දන්වයි.Dulakshi March 17, 2022 උණුසුම් පුවත් Edit this post.Facebook.Twitter.Linkedin.Pinterest.Email.ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් සමඟ ජනාධිපති රාජපක්ෂ මහතා කළ සාකච්ඡාවෙන් පසුව ජනාධිපතිවරයාගේ නියෝගයෙන් සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගෙ....ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් සමඟ ජනාධිපති රාජපක්ෂ මහතා කළ සාකච්ඡාවෙන් පසුව ජනාධිපතිවරයාගේ නියෝගයෙන් සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගෙන් ලැබුණු උපදෙස් අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඉක්මනින් ඉල්ලා අස්වනු ඇතැයි ‘ද මෝනිං’ පුවත්පත වාර්තා කරයි..රහස්‍ය මූලාශ්‍රවලට අනුවල පවතින ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට තාක්ෂණික සහය දීර්ඝ කිරීමේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නියම කරන ලද පළමු කොන්දේසිය ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති කබ්රාල් මහතා ඉවත් කිරීමට දන්වා ඇති බවද එම වාර්තාවේ සදහන්ය..අද ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස ජනාධිපතිවරයා දැනුම් දී තිබුනද නිවාඩ් කබ්රාල් මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට කතා කර ඔහු ඉවත් කිරීම ව්‍යවස්ථා විරෝධී බව පැහැදිලි කර ඇති බවද වාර්තාවේ දැක්වෙයි..ඊට ප්‍රතිචාර වශයෙන් අගමැති රාජපක්ෂ මහතා කබ්රාල් මහතාට පවසා ඇත්තේ තවදුරටත් ප්‍රමාද නොකර තම තනතුරෙන් ඉවත් වන ලෙසත් එසේ කිරීම ඔහුට වඩා හොඳ බවත්ය..වත්මන් භාණ්ඩාගාර හා මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්. ආටිගල මහතා මහ බැංකුව භාර ගැනීමට නියමිත බව තව දුරටත් දැක්වෙයි..කෙසේ වෙතත් ඩේලි මිරර් පුවත්පත වාර්තා කරන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මහ බැංකු අධිපති ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස දන්වා ඇති බවට පැතිර යන කටකතා අසත්‍ය බවත් තමනට එවන් දැනුම් දීමක් කර නැති බවත් මහ බැංකු අධිපති අජිත් කබ්රාල් මහතා පැවසූ බවය..ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් දිවයිනට පැමිණෙන බවට පළ වූ වාර්තාවලින් පසුව මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කළේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් සහ ශ්‍රී ලංකා බලධාරීන් සමඟ පැවැත්වෙන සාකච්චාවල අරමුණ ණය ප්‍රතිව්‍යුහගත කිරීම නොවන බවය..කෙසේ වෙතත්ල ජනාධිපතිවරයා ඊයේ ජාතිය අමතමින් කියා සිටියේ තමන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කරමින් සිටින බවත් වාසි සහ අවාසි පරීක්ෂා කර බලා ඔවුන් සමඟ කටයුතු කිරීමට තීරණය කළ බවත්ය...Facebook.Twitter.Linkedin.Pinterest.Email.Related Posts.උණුසුම් පුවත්.No comments.Newer Post Older Post Home.Subscribe to: Post Comments (Atom).Popular Posts.දමිතා අබේරත්න රක්ෂිත බන්ධනාගාරයට.සූරියවැව මන්දපෝෂණ රැස්වීමේ ජනතාව විරෝධතා.ඩී.වී.චානක ඇමතිකම එපා කියයි..සරුසාර එකක් ඉල්ලයි.පාර්ලිමේන්තුව විසුරුවා හදිසි මහ මැතිවරණයක්..පොහොට්ටුවේ දැඩි විරෝධය.රාජ්‍ය ඇමතිලා 35ක් දිවුරන්න සූදානම්.Latest Posts.{latest}.Cloud Labels.Corona උණුසුම් පුවත උණුසුම් පුවත් කලා පුවත් කොරෝන කොරෝනා ක්‍රීඩා පිටිය ගොසිප් ජායා රූප දේශපාලන මුළුතැන්ගෙය රූපලාවන්‍ය විදෙස් පුවත් ව්‍යාපාරික පුවත්.Powered by Blogger..Ads Place.Featured Post.ජනපති හා රාජපක්ශලා වැල් පාලමෙන් ගොඩ උනා - සජිත්.ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බලයට පැමිණි දිනවල රටටත් සහ ජනතාවටත් වැල් පාලමකින් එතෙර විය යුතු බව කිව්වද අද වන විට එම පාලමෙන් එතෙර වී ඇත්තේ....Popular Posts.සූරියවැව මන්දපෝෂණ රැස්වීමේ ජනතාව විරෝධතා.පාර්ලිමේන්තුව විසුරුවා හදිසි මහ මැතිවරණයක්..පොහොට්ටුවේ දැඩි විරෝධය.මන්ත්‍රිනියකගේ පුතා හෙරොයින් සමග අත්අඩංගුවට.'නෙලුම් කුළුණ මාර්කට් කලොත් රටේ ආර්ථිකය ගොඩ '-රාජ්‍ය අමාත්‍ය අරුන්දික.Category.Corona 15.උණුසුම් පුවත 1114.උණුසුම් පුවත් 9142.කලා පුවත් 33.කොරෝන 48.කොරෝනා 2520.ක්‍රීඩා පිටිය 273.ගොසිප් 1.ජායා රූප 3.දේශපාලන 2085.මුළුතැන්ගෙය 26.රූපලාවන්‍ය 18.විදෙස් පුවත් 3.ව්‍යාපාරික පුවත් 40.Copyright ©.Footer Menu.Home.About Us.Privacy.Contact |
ඉදිරියේදී වඩාත් භයානක කොවිඩ් ප්‍රභේද ඇතිවීමේ අවදානමක් : වෛරසයේ අවසානයක් දැකීමට නොහැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥ කමිටුව කියයි - Tharunaya.com.Page Nav.HIDE.Grid.GRID_STYLE.Hover Effects.TRUE.Pages.About.Write for Us.Advertising.{fbt_classic_header}.Header Ad.Main Menu.HOME.සිංහල ටෙලිනාට්‍ය.ගින්දර වීඩියෝ.දේපළ ඉඩකඩම් විකිණිමට.ලග්න ඵලාපල.රථවාහන විකිණිමට.Contact Us.Breaking News:.latest.Contact Us.Name.Email *.Message *.ඉදිරියේදී වඩාත් භයානක කොවිඩ් ප්‍රභේද ඇතිවීමේ අවදානමක් : වෛරසයේ අවසානයක් දැකීමට නොහැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥ කමිටුව කියයි.News July 16, 2021 කොරෝනා Edit this post.Facebook.Twitter.Linkedin.Pinterest.Email.ලොව පුරා ව්‍යාප්ත වන භයානක කෝවිඩ් ප්‍රභේදවල ඉහළ සම්භාවිතාව හේතුවෙන් වසංගත තත්ත්වයේ අවසන් වීමේ ඉඩක් නොමැති බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා....ලොව පුරා ව්‍යාප්ත වන භයානක කෝවිඩ් ප්‍රභේදවල ඉහළ සම්භාවිතාව හේතුවෙන් වසංගත තත්ත්වයේ අවසන් වීමේ ඉඩක් නොමැති බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා සිටිනවා. එම සංවිධානයේ හදිසි ප්‍රතිචාර කමිටුව සඳහන් කරන්නේ විකෘති ප්‍රභේද හේතුවෙන් වසංගත තත්ත්වය අවසන් වීමේ ඇති හැකියාව අවම වෙමින් පවතින බවයි.." ජාතික වශයෙන්, කලාපිය වශයෙන් සහ ගෝලීය වශයෙන් උත්සහ ගනු ලැබුවත් වසංගතයේ අවසන් වීමක් දක්නට නොමැති බවයි" ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි ප්‍රතිචාර කමිටුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටින්නේ..ගෝලීය වසංගත තත්ත්වය කෙරෙහි අවදානය යොමු කරමින් එම කමිටුව සඳහන් කර සිටින්නේ ප්‍රභේද හතරක් සමග වසංගත තත්ත්වය අඛණ්ඩව ව්‍යාප්ත වෙමින් පවතින බවයි..ඉදිරියේදී පාලනය කිරීම අපහසු වඩාත් ප්‍රබල කොවිඩ් ප්‍රභේද මතුවීමේ අවදානමක් ඇති බවත් එය ගෝලීයව ව්‍යාප්ත වීමේ ප්‍රබල සම්භාවිතාවක් ඇති බවයි හදිසි ප්‍රතිචාර කමිටුව වැඩිදුරටත් අනතුරු අඟවා සිටින්නේ.." වර්තමානයේ ඇතිවී තිබෙන ප්‍රවණතා සම්බන්ධයෙන් අවදානය යොමු කිරීමේදී දැඩි කණගාටුවක් ඇතිවන බවයි" ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි කමිටුවේ සභාපති Didier Houssin වාර්තාකරුවන් සමග ප්‍රකාශ කර සිටියේ..ගෝලීය වසංගත තත්ත්වයක් සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ප්‍රකාශයට පත් කොට වසර එකහාමාරක් ගතවී ඇති අවස්ථාවේදී තවමත් අප වෛරසය පසුපස දුවමින් සිටින බවත් වෛරසය තවමත් අපව හඹා එමින් සිටින බවයි ඔහු ප්‍රකාශ කර සිටියේ..ගෝලීය වශයෙන් වැඩි අවදානයක් යොමු කොට ඇති කොවිඩ් ප්‍රභේද 04ක් සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සිය අවදානය යොමු කොට ඇති අතර මේ වන විට ඉන්දියාවෙන් පළමු වරට හඳුනා ගැනුණු ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය හේතුවෙන් වෛරස ව්‍යාප්තිය වේගවත් වී ඇත..කෙසේ වුවත් ඉදිරියේදී ගෝලීය වශයෙන් පාලනය කිරීමට අපහසු සහ වේගවත් ව්‍යාප්තියක් සහිත කොවිඩ් ප්‍රභේද මතුවීමේ වැඩි අවදානමක් ඇති බවයි එම කමිටුව අනතුරු අඟවා සිටින්නේ..ඇතැම් විකෘති කොවිඩ් ප්‍රභේදවලට මේ වන විට ලබා දෙමින් ඇති කොවිඩ් මර්ධන එන්නත් වලින් ලැබෙන ප්‍රතිශක්තිකරණය පසුකර යාමේ හැකියාවක් ඇතිවීමට ඉඩ ඇති බැවින් ඒ සම්බන්ධයෙන් දැඩි සැලකිල්ලකින් පසුවිය යුතු බවයි..මේ අතරවෛරස ව්‍යාප්තියේ මුලාරම්භය වූ අවස්ථාවේදී ලබාගත් දත්ත සම්බන්ධයෙන් විනිවිද භාවයකින් කටයුතු කරන ලෙසට ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානි Tedros Adhanom Ghebreyesus චීනයෙන් අද ඉල්ලා සිටියා..වෛරසය පැතිර ගිය පළමු දිනවල ලබා ගත් මුලික දත්ත නොමැතිකම නිසා මෙම වසර මුලදී වුහාන් හිදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥයින් කණ්ඩායමක් විසින් සිදුකරන ලද පර්යේෂණ වලින් අපේක්ෂිත ප්‍රථිපල අත්කර ගැනීමට නොහැකිවී ඇති බවයි වාර්තා වන්නේ..nethnews.Facebook.Twitter.Linkedin.Pinterest.Email.Related Posts.කොරෝනා.No comments.Newer Post Older Post Home.Subscribe to: Post Comments (Atom).Popular Posts.දමිතා අබේරත්න රක්ෂිත බන්ධනාගාරයට.සූරියවැව මන්දපෝෂණ රැස්වීමේ ජනතාව විරෝධතා.ඩී.වී.චානක ඇමතිකම එපා කියයි..සරුසාර එකක් ඉල්ලයි.පාර්ලිමේන්තුව විසුරුවා හදිසි මහ මැතිවරණයක්..පොහොට්ටුවේ දැඩි විරෝධය.රාජ්‍ය ඇමතිලා 35ක් දිවුරන්න සූදානම්.Latest Posts.{latest}.Cloud Labels.Corona උණුසුම් පුවත උණුසුම් පුවත් කලා පුවත් කොරෝන කොරෝනා ක්‍රීඩා පිටිය ගොසිප් ජායා රූප දේශපාලන මුළුතැන්ගෙය රූපලාවන්‍ය විදෙස් පුවත් ව්‍යාපාරික පුවත්.Powered by Blogger..Ads Place.Featured Post.ජනපති හා රාජපක්ශලා වැල් පාලමෙන් ගොඩ උනා - සජිත්.ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බලයට පැමිණි දිනවල රටටත් සහ ජනතාවටත් වැල් පාලමකින් එතෙර විය යුතු බව කිව්වද අද වන විට එම පාලමෙන් එතෙර වී ඇත්තේ....Popular Posts.සූරියවැව මන්දපෝෂණ රැස්වීමේ ජනතාව විරෝධතා.පාර්ලිමේන්තුව විසුරුවා හදිසි මහ මැතිවරණයක්..පොහොට්ටුවේ දැඩි විරෝධය.මන්ත්‍රිනියකගේ පුතා හෙරොයින් සමග අත්අඩංගුවට.'නෙලුම් කුළුණ මාර්කට් කලොත් රටේ ආර්ථිකය ගොඩ '-රාජ්‍ය අමාත්‍ය අරුන්දික.Category.Corona 15.උණුසුම් පුවත 1114.උණුසුම් පුවත් 9142.කලා පුවත් 33.කොරෝන 48.කොරෝනා 2520.ක්‍රීඩා පිටිය 273.ගොසිප් 1.ජායා රූප 3.දේශපාලන 2085.මුළුතැන්ගෙය 26.රූපලාවන්‍ය 18.විදෙස් පුවත් 3.ව්‍යාපාරික පුවත් 40.Copyright ©.Footer Menu.Home.About Us.Privacy.Contact |
ඉන්ධන නැති උනේ සල්ලි නැති නිසා..දැන් ඒක හරි-ඇමති සී.බී - Tharunaya.com.Page Nav.HIDE.Grid.GRID_STYLE.Hover Effects.TRUE.Pages.About.Write for Us.Advertising.{fbt_classic_header}.Header Ad.Main Menu.HOME.සිංහල ටෙලිනාට්‍ය.ගින්දර වීඩියෝ.දේපළ ඉඩකඩම් විකිණිමට.ලග්න ඵලාපල.රථවාහන විකිණිමට.Contact Us.Breaking News:.latest.Contact Us.Name.Email *.Message *.ඉන්ධන නැති උනේ සල්ලි නැති නිසා..දැන් ඒක හරි-ඇමති සී.බී.Dulakshi March 13, 2022 උණුසුම් පුවත් Edit this post.Facebook.Twitter.Linkedin.Pinterest.Email.ඉන්ධන ලබා ගැනිමේදි රජය මුල්‍ය අර්බුධයකට මුහුණ පැ බවත්, මේ වන විට එම අර්බුධය විසදා ගනිමින් මෙරටට අවශ්‍ය ඉන්ධන ගොඩබාගෙන ඇති බව වනජිවි සහ වන සං....ඉන්ධන ලබා ගැනිමේදි රජය මුල්‍ය අර්බුධයකට මුහුණ පැ බවත්, මේ වන විට එම අර්බුධය විසදා ගනිමින් මෙරටට අවශ්‍ය ඉන්ධන ගොඩබාගෙන ඇති බව වනජිවි සහ වන සංරක්ෂණ අමාත්‍ය සි.බි.රත්නායන මහතා පැවසිය..සි.බි.රත්නායක මහතා ඒ බැව් කියා සිටියේ (13) දින නුවරඑලියේදි මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් කරමිණි..මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වු අමාත්‍ය සි.බි.රත්නායක මහතා කියා සිටියේ.ඇත්ත වශයෙන්ම ඉන්ධන ලබා ගැනිමේදි මුල්‍ය අර්බුධයකට මුහුණ පැවා , ඒක නිරාකරණය කරගෙන රටට අවශ්‍ය ඉන්ධන ගොඩ බලා තියෙනවා..මට අලුතින් විෂය පථයන් එකතු විමක් කියනවාට වඩා අලුතින් ගැසට් කිරිමක් තමයි සිදු කරලා තියෙන්නේ, මිට පෙරත් මෙම විෂය පථයම තමයි මට තිබුණේ..එතකොට රාජ්‍ය අමාත්‍යවරයෙක් හිටියා දැන් රජ්‍ය අමාත්‍යවරයාගේ විෂය පථයන් මට ගැසට් කරලා තියෙනවා..වන ගහණය 30% දක්වා වැඩි කිරිමට අරමුණක් තියෙනවා, වන සතුන් ආරක්ෂා කරගෙන සංචාරක ක්ෂේත්‍රය දියුණු කිරිමටත්, පාසල් ළමුන්ගේ සිට තරුණ ප්‍රජාව දක්වා නැවත වගා කිරිමේ ක්‍රමයක් ඇති කරන්න කටයුතු කරනවා..හරිත ශ්‍රි ලංකාවක් එක් අයෙකුට එක් පැළයක් යනුවෙන් මම තේමාවක් හදාගෙන ඉන්නවා , වන සංරක්ෂණ , වනජිවි , දැව සංස්ථාව ,සත්ව උද්‍යානත් එක්ව මෙම වැඩ සටහන සිදු කරන්න කටයුතු කරනවා..වන ගම්මාන ව්‍යාපෘතිය හදුන්වා දෙන්නත්, වනජිවි දෙපාර්තුමේන්තුව ඒකකයක් වශයෙන් සක්‍රිය කරගෙන සංචාරක කර්මාන්ත දියුණු කරන්න කටයුතු කරනවා..නුවරඑලිය ග්‍රේගරි වැව තිබුණ විදිහ ගැන ජනතාව දන්නවා, නුවරඑලිය භුමිය ජනතාව නිවැරදි ආකාරයට භුක්ති විදින්න දෙන්න ඕනි , පෞද්ගලිකරණය සිදු කරන්න බැ..නුවරඑලිය වසන්ත සැණකෙලියට බොහෝ පිරිසක් එන්නේ අශ්ව තරග බලන්න ඒ නිසා ඒවට අවශ්‍ය පහසුකම් සංවර්ධනය කරන්න ඕනි යනුවෙන් පැවසිය...Facebook.Twitter.Linkedin.Pinterest.Email.Related Posts.උණුසුම් පුවත්.No comments.Newer Post Older Post Home.Subscribe to: Post Comments (Atom).Popular Posts.දමිතා අබේරත්න රක්ෂිත බන්ධනාගාරයට.සූරියවැව මන්දපෝෂණ රැස්වීමේ ජනතාව විරෝධතා.ඩී.වී.චානක ඇමතිකම එපා කියයි..සරුසාර එකක් ඉල්ලයි.පාර්ලිමේන්තුව විසුරුවා හදිසි මහ මැතිවරණයක්..පොහොට්ටුවේ දැඩි විරෝධය.රාජ්‍ය ඇමතිලා 35ක් දිවුරන්න සූදානම්.Latest Posts.{latest}.Cloud Labels.Corona උණුසුම් පුවත උණුසුම් පුවත් කලා පුවත් කොරෝන කොරෝනා ක්‍රීඩා පිටිය ගොසිප් ජායා රූප දේශපාලන මුළුතැන්ගෙය රූපලාවන්‍ය විදෙස් පුවත් ව්‍යාපාරික පුවත්.Powered by Blogger..Ads Place.Featured Post.ජනපති හා රාජපක්ශලා වැල් පාලමෙන් ගොඩ උනා - සජිත්.ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බලයට පැමිණි දිනවල රටටත් සහ ජනතාවටත් වැල් පාලමකින් එතෙර විය යුතු බව කිව්වද අද වන විට එම පාලමෙන් එතෙර වී ඇත්තේ....Popular Posts.සූරියවැව මන්දපෝෂණ රැස්වීමේ ජනතාව විරෝධතා.පාර්ලිමේන්තුව විසුරුවා හදිසි මහ මැතිවරණයක්..පොහොට්ටුවේ දැඩි විරෝධය.මන්ත්‍රිනියකගේ පුතා හෙරොයින් සමග අත්අඩංගුවට.'නෙලුම් කුළුණ මාර්කට් කලොත් රටේ ආර්ථිකය ගොඩ '-රාජ්‍ය අමාත්‍ය අරුන්දික.Category.Corona 15.උණුසුම් පුවත 1114.උණුසුම් පුවත් 9142.කලා පුවත් 33.කොරෝන 48.කොරෝනා 2520.ක්‍රීඩා පිටිය 273.ගොසිප් 1.ජායා රූප 3.දේශපාලන 2085.මුළුතැන්ගෙය 26.රූපලාවන්‍ය 18.විදෙස් පුවත් 3.ව්‍යාපාරික පුවත් 40.Copyright ©.Footer Menu.Home.About Us.Privacy.Contact |
ලංකාවේ මිනිස්සු පෝළිම් වල ඉන්නේ පාලකයාගෙ අම්මට අප්පට බනිමින්- හදුන්නෙත්ති - Tharunaya.com.Page Nav.HIDE.Grid.GRID_STYLE.Hover Effects.TRUE.Pages.About.Write for Us.Advertising.{fbt_classic_header}.Header Ad.Main Menu.HOME.සිංහල ටෙලිනාට්‍ය.ගින්දර වීඩියෝ.දේපළ ඉඩකඩම් විකිණිමට.ලග්න ඵලාපල.රථවාහන විකිණිමට.Contact Us.Breaking News:.latest.Contact Us.Name.Email *.Message *.ලංකාවේ මිනිස්සු පෝළිම් වල ඉන්නේ පාලකයාගෙ අම්මට අප්පට බනිමින්- හදුන්නෙත්ති.Dulakshi March 11, 2022 උණුසුම් පුවත් Edit this post.Facebook.Twitter.Linkedin.Pinterest.Email.ලංකාවේ ජනතාව පෝලිම් වල සිටින්නේ තමන් විසින්ම පත් කළ නායකයන්ගෙන් මවු පියන් මතක් කරමින් වුවද කියුබාවේ ජනතාව දුක් විඳිමින් පෝලිමේ සිටින්නේ ආඩම....ලංකාවේ ජනතාව පෝලිම් වල සිටින්නේ තමන් විසින්ම පත් කළ නායකයන්ගෙන් මවු පියන් මතක් කරමින් වුවද කියුබාවේ ජනතාව දුක් විඳිමින් පෝලිමේ සිටින්නේ ආඩම්බරයෙන් සහ සතුටින් බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කරයි..තම සමාජ ජාල ගිණුම් ඒ විශේෂ සටහනක් තබමින් ඔහු මේ බව කියා සිටියි..එම සම්පූර්ණ සටහන මෙසේය..කියුබාවේ පෝලිම් සහ ලංකාවේ පෝලිම් !.කියුබානු ජනතාව දුක් විදිමින් පෝලිම් වල ලතවෙන බව ලංකාවේ පෝලිම් යුගය අවසන්.කල ආර්ථික ඔස්තාද්ලා පහුගිය කාලයේ කම්පා විය.!.කියුබාව කස්ත්‍රෝ ගේ විප්ලවය නිසා පෝලිම් යුගයට ඇද වැටුනේය.. !.ජේ ආර් ගේ ඕපන් ඉකොනොමි ආශ්චර්ය නිසා ලංකාව පෝලිම් යුගය අවසන් කොට ගොඩ ගියේය.. !.ඒ කාලේ පෝලිම් ගැන විග්‍රහය එහෙම ය..ආර්ථිකය විවෘත කල නිසා වොෂිං මැෂින්.. ෆිජ් .. ටී වී .. තව බොහෝ දේ පහළ විය.. !.ඒ කාලේ පලිගු මැනිකේ ටෙලි නාට්‍ය යේ සූරසේන ලා පට් පට් ගා සල්ලි හොයාගෙන පට් පට් ගා වියදම් කලේය… !.දැන් ලංකාවේ ජනතාව ආයෙමත් පෝලිමේ ය..කියුබාව ඒ කාලෙ වගේ ය..නමුත් පැහැදිලි වෙනසක් ඇත්තේය. !.ලංකාවේ ජනතාව පෝලිමේ ඉන්නේ තමන්ම පත් කළ නායකයා ගේ අම්මා මතක් කරමින්ය..ඒ තමන් ගැසූ කතිරයට – තමන් ටම සාප කරගනිමින්ය . කියුබානු ජනතාව පෝලිමේ සිටියේ චේ ෆිදෙල් මතක් කරමින් ඔවුන් ගැන ආඩම්බරයෙන් ය. තමන් වෙනුවෙන් මෙන්ම ඇමරිකානු සම්බාධක වලට එරෙහිව ඔවුන් පෝලිමේ සිටියේ රට වෙනුවෙන් ය. !.ලංකාවේ ජනතාව පෝලිමේ ඉන්නේ පොරකමින්ය ..අඩමින්ය .. එකිනෙකා ට ආඩපාලි කියමින්ය.. පාවාදෙමින්ය්… මරාගනිමින්ය..කියුබානු ජනතාව පෝලිමේ සිටියේ ආඩම්බරයෙන් සිනාසෙමින්ය… සතුටින් ය. !.විද්‍යාව.. අද්‍යාපන ය .. ක්‍රිඩාව .. සාමය .. යුද්ධය අල්ලස් .. දූෂණ.. නැති අවසානයේ විප්ලවයේ ප්‍රතිඵල දකිමින් පෝලිම් අවසන් වනු දකිමින් ය..කියුබානු පෝලිම සම්බාධක වල ප්‍රතිඵල නිසා මිස කියුබානු ජනතාව තෝරාගත් නායකයින් වැරදි නිසා නොවේය. !.ලංකාවේ පෝලිම සම්බාධක නිසා නොව ජනතාව තෝරාගත් නායකයින් හා ප්‍රතිපත්ති වැරදි නිසා මය.!.අද කියුබානු පෝලිම් අවසන් වෙමින් තිබේ. පෝලිමේ සිටියත් ඔවුන් සතුටු සිනාවෙන්ය ..ලංකාවේ පෝලිම් ආරම්භ වෙමින් තිබේ...සතුට වෙනුවට සතුට තිබූ මුහුණු වලින් ද.කදුළු වැගිරේ .. !.පෝලිම් වල වෙනස ජනතාව තේරුම් ගත් දා ...ලංකාවේ ජනතාව දිනන දා ය...Facebook.Twitter.Linkedin.Pinterest.Email.Related Posts.උණුසුම් පුවත්.No comments.Newer Post Older Post Home.Subscribe to: Post Comments (Atom).Popular Posts.දමිතා අබේරත්න රක්ෂිත බන්ධනාගාරයට.සූරියවැව මන්දපෝෂණ රැස්වීමේ ජනතාව විරෝධතා.ඩී.වී.චානක ඇමතිකම එපා කියයි..සරුසාර එකක් ඉල්ලයි.පාර්ලිමේන්තුව විසුරුවා හදිසි මහ මැතිවරණයක්..පොහොට්ටුවේ දැඩි විරෝධය.රාජ්‍ය ඇමතිලා 35ක් දිවුරන්න සූදානම්.Latest Posts.{latest}.Cloud Labels.Corona උණුසුම් පුවත උණුසුම් පුවත් කලා පුවත් කොරෝන කොරෝනා ක්‍රීඩා පිටිය ගොසිප් ජායා රූප දේශපාලන මුළුතැන්ගෙය රූපලාවන්‍ය විදෙස් පුවත් ව්‍යාපාරික පුවත්.Powered by Blogger..Ads Place.Featured Post.ජනපති හා රාජපක්ශලා වැල් පාලමෙන් ගොඩ උනා - සජිත්.ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බලයට පැමිණි දිනවල රටටත් සහ ජනතාවටත් වැල් පාලමකින් එතෙර විය යුතු බව කිව්වද අද වන විට එම පාලමෙන් එතෙර වී ඇත්තේ....Popular Posts.සූරියවැව මන්දපෝෂණ රැස්වීමේ ජනතාව විරෝධතා.පාර්ලිමේන්තුව විසුරුවා හදිසි මහ මැතිවරණයක්..පොහොට්ටුවේ දැඩි විරෝධය.මන්ත්‍රිනියකගේ පුතා හෙරොයින් සමග අත්අඩංගුවට.'නෙලුම් කුළුණ මාර්කට් කලොත් රටේ ආර්ථිකය ගොඩ '-රාජ්‍ය අමාත්‍ය අරුන්දික.Category.Corona 15.උණුසුම් පුවත 1114.උණුසුම් පුවත් 9142.කලා පුවත් 33.කොරෝන 48.කොරෝනා 2520.ක්‍රීඩා පිටිය 273.ගොසිප් 1.ජායා රූප 3.දේශපාලන 2085.මුළුතැන්ගෙය 26.රූපලාවන්‍ය 18.විදෙස් පුවත් 3.ව්‍යාපාරික පුවත් 40.Copyright ©.Footer Menu.Home.About Us.Privacy.Contact |
22 සංශෝධන ක්‍රියාවලිය මගින් බෙදුම්වාදී ව්‍යවස්ථා සංශෝධන කුමන්ත්‍රණයක් ?? - Tharunaya.com.Page Nav.HIDE.Grid.GRID_STYLE.Hover Effects.TRUE.Pages.About.Write for Us.Advertising.{fbt_classic_header}.Header Ad.Main Menu.HOME.සිංහල ටෙලිනාට්‍ය.ගින්දර වීඩියෝ.දේපළ ඉඩකඩම් විකිණිමට.ලග්න ඵලාපල.රථවාහන විකිණිමට.Contact Us.Breaking News:.latest.Contact Us.Name.Email *.Message *.22 සංශෝධන ක්‍රියාවලිය මගින් බෙදුම්වාදී ව්‍යවස්ථා සංශෝධන කුමන්ත්‍රණයක් ??.Dulakshi August 30, 2022 උණුසුම් පුවත් Edit this post.Facebook.Twitter.Linkedin.Pinterest.Email.කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා විසින් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත යොමු කරන ලද ලිපියක් මෙහි දැක්වේ. ගරු කථානායකතුමා ශ්‍රී ල....කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා විසින් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත යොමු කරන ලද ලිපියක් මෙහි දැක්වේ..ගරු කථානායකතුමා.ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.ශ්‍රී ජයවර්ධනපුර, කෝට්ටේ..ගරු කතානායකතුමනි.22 වැනි ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලිය මගින් පාර්ලිමේන්තුව තුළ බෙදුම්වාදී ව්‍යවස්ථා සංශෝධන කුමන්ත්‍රණයක් සිදු කිරීමේ අනතුර පිළිබඳව.මේ වන විට ගරු අධිකරණ අමාත්‍යවරයා විසින් 22වැනි ව්‍යවස්ථා සංශෝධනය නමින් ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට ඇතුළත් කර ඇත. නමුත් යම් වෙනස්කම් සහිතව අවස්ථා දෙකකදී ගැසට් කරන ලද එම කෙටුම්පතට විවිධ දේශපාලන පක්ෂ විසින් ඉදිරිපත් කරන ලද සංශෝධන යෝජනා ඇතුළත් කර නොමැති බවට අදහස් ඉදිරිපත් වී ඇත. සර්වපාක්ෂික එකඟතාවයක් සඳහා ආණ්ඩුව විසින් සියලු දේශපාලන පක්ෂවලට ආරාධනා කරන තත්ත්වයක් යටතේ එසේ දේශපාලන පක්ෂවල යෝජනා සැලකිල්ලට නොගැනීම බරපතළ දේශපාලන වරදක් බව අපගේ පිළිගැනීමයි. ඊට අමතරව දැන් එම වරද නිවැරදි කිරීම සඳහා අධිකරණ අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන විකල්ප ක්‍රමවේදය මගින් ඊට වඩා බරපතළ වරදක් සිදුවීමේ හැකියාව තිබෙන බව ඔබතුමාට දැනුම් දීමට කැමැත්තෙමු..එම විකල්ප විසඳුම් අනුව පාර්ලිමේන්තුවේ තෙවනවර කියවීම හෙවත් කාරක සභා අවස්ථාවේ දී දේශපාලන පක්ෂ විසින් ඉදිරිපත් කරන සංශෝධන කෙටුම්පතට ඇතුල් කිරීමට ඉඩ ලැබෙනු ඇත. නමුත් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සහ ඊට පසුව පළාත් සභා මැතිවරණ සංශෝධන පනත් සම්මත කිරීමේදී කාරක සභා අවස්ථාවේදී දියත් වූ මෙහෙයුම ප්‍රජාතන්ත්‍රවාදයේ බලවත් විකෘතියක් පවා ඔබතුමා පිළිගන්නවා ඇත. එහිදී අධිකරණය පවා නොමඟ යවමින් අධිකරණයේදී එකඟ වූ සංශෝධන බව වෙනස්කම් සහිතව යෝජනා කර සම්මත කරනු ලැබීය. ඊට අමතරව කෙටුම්පතේ අඩංගු නොවූ මහජනයා නොදන්නා සංශෝධන විශාල ප්‍රමාණයක් මන්ත්‍රීවරුන්ට පවා ලිඛිතව ලබා නො දී කලබලකාරී සහ බලහත්කාරී ලෙස සම්මත කළ ආකාරය ඔබතුමාට මතක ඇත..එවැනි තත්ත්වයක් තුළ යෝජිත 22 වැනි සංශෝධනය 21 වැනි සංශෝධනය ලෙස සම්මත කිරීමේදී විශාල සංශෝධන ප්‍රමාණයක් අතරට යම් බෙදුම්වාදී සංශෝධන එනම් 13වැනි සංශෝධනය බලාත්මක කිරීම සඳහා අවශ්‍ය වන සුළු සංශෝධන කිහිපයක් ඇතුළු කිරීමේ අනතුරක් මතුවේ. අප විසින් එවැනි සැකයක් සහ ඒ මත පදනම්ව චෝදනාවක් මතු කරනු ලබන්නේ පහත සඳහන් හේතු කාරණා නිසා බවද ඔබතුමාට දැනුම් දීමට කැමැත්තෙමු..1’අධිකරණ අමාත්‍යවරයා විසින් දේශපාලන පක්ෂවල යෝජනා කෙටුම්පතට ඇතුල් නොකර විශාල සංශෝධන ප්‍රමාණයක් කාරක සභා අවස්තාවේදී ඇතුළු කිරීමට ක්‍රියා කිරීම..2’ගරු එම්.ඒ. සුමන්තිරන්, විග්නේෂ්වරන් සහ ආර්.සම්බන්ධන් යන මන්ත්‍රීවරුන් විසින් විවිධ අවස්ථාවල පළකරන ලද අදහස් අනුව ජනාධිපති අපේක්ෂකවරුන් වූ ගරු රනිල් වික්‍රමසිංහ මහතා සහ ඩලස් අලහප්පෙරුම මහතා විසින් ඔවුන්ගේ අපේක්ෂා ඉටු කරන බවට පොරොන්දු ලබා දී ඇත..3’එම මන්ත්‍රීවරුන්ගේ ප්‍රධානතම අපේක්ෂාව සහ ඉල්ලීම 13වැනි ව්‍යවස්තා සංශෝධනය බලාත්මක කිරීම ය. ඒ සඳහා ජේ.ආර්. ජයවර්ධන මහතා විසින් පනවන ලද 154 වගන්තියට අදාල ව්‍යවස්ථාමය බාධක 4ක් පමණ ඉවත් කිරීමට සිදුවේ..4’සජිත් ප්‍රේමදාස මහතා විසින් ඉදිරිපත් කරන ලද අප විසින් ශේෂ්ඨාධිකරණයට පෙත්සම් ඉදිරිපත් කර අත්හිටුවූ 22 වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතෙහි 13 වැනි සංශෝධනය බලාත්මක කිරීම සඳහා අවශ්‍ය වන සංශෝධන දෙකක් එනම් 154 වගන්තියේ අඩංගු වූ බාධක දෙකක් ඉවත් කිරීම සඳහා වන සංශෝධන අඩංගු වීම සහ එම කෙටුම්පත එම්.ඒ. සුමන්තිරන් මන්ත්‍රීවරයා විසින් සකස් කළ බව ප්‍රකාශ වීම..ඒ අනුව 22වැනි සංශෝධනයට කාරක සභා අවස්ථාවේදී ඉතා කූඨ ලෙස 13වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කිරීම සඳහා අවශ්‍ය වන සුළු සංශෝධන කිහිපය ඇතුළු කිරීමේ පැහැදිලි ඉඩක් තිබෙන බව ඔබතුමා පිළිගන්නවා ඇත..එවැන්නක් සිදුවුවහොත් ජාත්‍යන්තර මැදිහත්වීම මත ශ්‍රී ලංකාව බෙදුම්වාදයේ ගොදුරක් බවට පත්වන බව සහ ශ්‍රී ලංකාවේ ඉතිහාසය අවසන් වන බව ඉතා පැහැදිලිය..එම නිසා පළමුවෙන්ම ඔබතුමා කතානායක තනතුරේ අසුන් ගෙන සිටිය දී නැවත නිවැරදි කළ නොහැකි එවැනි මහා ඓතිහාසික පාවාදීමකට ඉඩ ලබා නොදෙන ලෙස ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමු. ඊට අමතරව එවැනි තත්ත්වයක් වැළැක්වීම සඳහා පහත සඳහන් පියවර ගන්නා ලෙස අප ඔබතුමාගෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිමු..1’නීතිපතිවරයා විසින් අධිකරණයේදී එකඟවන සංශෝධන සංකල්ප වශයෙන් නොව නිශ්චිත වගන්ති ලෙස පනත් කෙටුම්පත විවාදයට ගැනීමට සති 2කට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ මහජනයාට ලිඛිතව ලබා දීම..2’ඊට අමතරව දේශපාලන පක්ෂ විසින් යෝජනා කරනු ලබන සහ ආණ්ඩුව විසින් පිළිගන්නා සංශෝධන සියල්ල දෙවන වර කියවීම ට සති දෙකකට පෙර මන්ත්‍රීවරුන්ට සහ පොදු මහජනතාව ලිඛිතව ලබා දීම..3’මහජනයාගේ පරමාධිපත්‍යයට බලපෑම් එල්ලවිය හැකි රටේ උත්තරීතර නීතිය සංශෝධනය කිරීම සෙසු පනත් සම්මත කිරීමට වඩා බරපතළ කරුණක් වන බැවින් එවැනි සංශෝධන කාරක සභා අවස්ථාවේදී මන්ත්‍රීවරුන් 225 දෙනෙකුගෙන් අනුකම්පාවට යටත් කළ නොහැකි බැවින් එම සංශෝධන පිළිබඳව මහජනයා පූර්වගාමීව දැනුවත් කළ යුතු බව දේශපාලන ප්‍රතිපත්තියක් ලෙස පිළිගැනීම..4’ඉහත පිළිගැනීමට ගරු කරමින් අධිකරණ තීන්දුව ලැබුණු සැනින් දෙවන වර කියවීමේ විවාදය ආරම්භ නොකර ලිඛිතව ලබා දෙන සංශෝධන පිළිබඳව මන්ත්‍රීවරුන් සහ මහජනයා අතර සංවාදයට ඉඩ සැලසීම සඳහා ඉහත සඳහන කළ ආකාරයට සති දෙකක කාලයක් ලබාදීම..5’කාරක සභා අවස්ථාවේදී එසේ ලිඛිතව පූර්වගාමීව ප්‍රකාශයට පත් කරනු ලබන සංශෝධන හැර වෙනත් කිසිදු සංශෝධනයක් කෙටුම්පතට ඇතුළත් නොකරන බවට අධිකරණ අමාත්‍යතුමා සහ අග්‍රාමාත්‍යතුමා විසින් මහජනයාට ප්‍රතිඥාවක් ලබාදීම..ඔබතුමාට තෙරුවන් සරණයි.මේ වගට.ආචාර්ය ගුණදාස අමරසේකර.කැඳවුම්කරු.ජාතික සංවිධාන එකමුතුව..Facebook.Twitter.Linkedin.Pinterest.Email.Related Posts.උණුසුම් පුවත්.No comments.Newer Post Older Post Home.Subscribe to: Post Comments (Atom).Popular Posts.දමිතා අබේරත්න රක්ෂිත බන්ධනාගාරයට.සූරියවැව මන්දපෝෂණ රැස්වීමේ ජනතාව විරෝධතා.ඩී.වී.චානක ඇමතිකම එපා කියයි..සරුසාර එකක් ඉල්ලයි.පාර්ලිමේන්තුව විසුරුවා හදිසි මහ මැතිවරණයක්..පොහොට්ටුවේ දැඩි විරෝධය.රාජ්‍ය ඇමතිලා 35ක් දිවුරන්න සූදානම්.Latest Posts.{latest}.Cloud Labels.Corona උණුසුම් පුවත උණුසුම් පුවත් කලා පුවත් කොරෝන කොරෝනා ක්‍රීඩා පිටිය ගොසිප් ජායා රූප දේශපාලන මුළුතැන්ගෙය රූපලාවන්‍ය විදෙස් පුවත් ව්‍යාපාරික පුවත්.Powered by Blogger..Ads Place.Featured Post.ජනපති හා රාජපක්ශලා වැල් පාලමෙන් ගොඩ උනා - සජිත්.ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බලයට පැමිණි දිනවල රටටත් සහ ජනතාවටත් වැල් පාලමකින් එතෙර විය යුතු බව කිව්වද අද වන විට එම පාලමෙන් එතෙර වී ඇත්තේ....Popular Posts.සූරියවැව මන්දපෝෂණ රැස්වීමේ ජනතාව විරෝධතා.පාර්ලිමේන්තුව විසුරුවා හදිසි මහ මැතිවරණයක්..පොහොට්ටුවේ දැඩි විරෝධය.මන්ත්‍රිනියකගේ පුතා හෙරොයින් සමග අත්අඩංගුවට.'නෙලුම් කුළුණ මාර්කට් කලොත් රටේ ආර්ථිකය ගොඩ '-රාජ්‍ය අමාත්‍ය අරුන්දික.Category.Corona 15.උණුසුම් පුවත 1114.උණුසුම් පුවත් 9142.කලා පුවත් 33.කොරෝන 48.කොරෝනා 2520.ක්‍රීඩා පිටිය 273.ගොසිප් 1.ජායා රූප 3.දේශපාලන 2085.මුළුතැන්ගෙය 26.රූපලාවන්‍ය 18.විදෙස් පුවත් 3.ව්‍යාපාරික පුවත් 40.Copyright ©.Footer Menu.Home.About Us.Privacy.Contact |
සර්ව පාක්ශික මල පිපෙයි...ජාතික ආණ්ඩුවක්?? - Tharunaya.com.Page Nav.HIDE.Grid.GRID_STYLE.Hover Effects.TRUE.Pages.About.Write for Us.Advertising.{fbt_classic_header}.Header Ad.Main Menu.HOME.සිංහල ටෙලිනාට්‍ය.ගින්දර වීඩියෝ.දේපළ ඉඩකඩම් විකිණිමට.ලග්න ඵලාපල.රථවාහන විකිණිමට.Contact Us.Breaking News:.latest.Contact Us.Name.Email *.Message *.සර්ව පාක්ශික මල පිපෙයි...ජාතික ආණ්ඩුවක්??.Dulakshi March 11, 2022 උණුසුම් පුවත් Edit this post.Facebook.Twitter.Linkedin.Pinterest.Email.ඉදිරියේදී කැවදන සර්වපාක්ෂික සමුළුව හරහා ජාතික ආණ්ඩුවක් යෝජනා කර එමගින් ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා සූදානමක් ඇති බව දේශපාලන ක්ෂේත්‍රයේ සාකච....ඉදිරියේදී කැවදන සර්වපාක්ෂික සමුළුව හරහා ජාතික ආණ්ඩුවක් යෝජනා කර එමගින් ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා සූදානමක් ඇති බව දේශපාලන ක්ෂේත්‍රයේ සාකච්ඡා කෙරෙමින් පවතී..එම ජාතික ආණ්ඩුවේ අග්‍රාමාත්‍ය ධුරය රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දෙනු ඇති බවට ද එම තොරතුරු වාර්තා කරයි..මේ පිලිබදව ප‍්‍රධාන පෙලේ මාධ්‍ය නාලිකා විසින් ඉදිරිපෙල දේශපාලක්‍ඥයන් කිහිප දෙනෙකුගෙන්ම සාකච්චා අතරතුර විමසුවද ඔහුන් එය ප‍්‍රතික්‍ෂෙප කිරීමක් හෝ පිලිගැනීමක් සිදු නොකලේය..මේ සම්බන්ධයෙන් කොළඹ පැවති මාධ්‍ය හමුවක දී ජාතික සංවිධාන එකමුතුව විසින් පළකරන ලද අදහස් මෙසේය..ජාතික සංවිධන එකමුතුවේ කැදවුම්කරු වෛද්‍ය ගුණදාස අමරසේකර මහතා,.ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඓතිහාසික ජනවරම නිර්මාණය කෙරෙන්නේ බෙදුම්වාදී සහ ආගමික අන්තවාදී බලවේග වල න්‍යාය පත්‍රය පරාජය කිරීම සඳහාය. මේ වන විට ඉන්දියාව ප්‍රමුක බටහිර අධිරාජ්‍යවාදී බලවේග මානව හිමිකම් නාමයෙන් බෙදුම්වාදී මාර්ග සිතියමට අදාල ඉල්ලීම් ඉදිරිපත් කරනවා, බලපෑම් කරනවා. 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කළ යුතු බවට සහ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඔවුන්ට වුවමනා ආකාරයට සංශෝධනය කිරීමට බලපෑම් කරනවා. එසේ නොමැතිනම් ජනාධිපතිතුමා ඇතුළු යුද්ධයට නායකත්වය ලබා දුන් රණවිරුවන්ට එරෙහිව ජාත්‍යන්තර නීතිය ක්‍රියාත්මක කරන බවට බලපෑම් කරනවා, බියගැන්වීම් කරනවා..වෙනත් වචනවලින් කියනවා නම් යුද අපරාධ චෝදනා ප්‍රාණ ඇපයට යොදාගනිමින් බෙදුම්වාදීන් ව්‍යවස්ථා සංශෝධන කප්පම් ඉල්ලා සිටිනවා. ඒ සඳහා බලපෑම් කිරීම සදහා පවතින ආර්ථික අර්බුදය එම බලවේග විසින් ඉතා සූක්ෂම ලෙස යොදා ගන්නවා..එම බලපෑම්වල ප්‍රධාන කොන්දේසියක් තමයි ජාතික ආණ්ඩුවක් හෙවත් සර්වපාක්ෂික ආණ්ඩුවක් නිර්මාණය කිරීම. එවිට බෙදුම්වාදී සහ ආගමික අන්තවාදී බලවේග වලට මෙන්ම ඔවුන් වෙනුවෙන් වක්‍රව පෙනී සිටින දේශපාලන බලවේග වලට හැකියාව ලැබෙනවා ආණ්ඩුව සමග කේවල් කිරීමට..මෛත්‍රීපාල සිරිසේන මහතා සර්වපාක්ෂික සමුළු යෝජනාව ඉදිරිපත් කරන්නේ සද්භාවයෙන් වෙන්න පුළුවන්. ඒත් ආණ්ඩුව තුළ සිටින බටහිර න්‍යාය පත්‍රයට ගොදුරු වූ පිරිස් එම යෝජනාව අයුතු ලෙස භාවිතා කරමින් ජාතික ආණ්ඩුවක් නිර්මාණය කිරීමට උත්සාහ කරනවා..දැලිපිහියෙන් රැවුල කපනවා වගේම බෙල්ල කපන්නත් හැකියාව තිබෙනවා. ඒ නිසා ජාතිකවාදී බලවේග මෙම උගුලට පය නොතැබිය යුතු බව අපි ප්‍රකාශ කරනවා...Facebook.Twitter.Linkedin.Pinterest.Email.Related Posts.උණුසුම් පුවත්.No comments.Newer Post Older Post Home.Subscribe to: Post Comments (Atom).Popular Posts.දමිතා අබේරත්න රක්ෂිත බන්ධනාගාරයට.සූරියවැව මන්දපෝෂණ රැස්වීමේ ජනතාව විරෝධතා.ඩී.වී.චානක ඇමතිකම එපා කියයි..සරුසාර එකක් ඉල්ලයි.පාර්ලිමේන්තුව විසුරුවා හදිසි මහ මැතිවරණයක්..පොහොට්ටුවේ දැඩි විරෝධය.රාජ්‍ය ඇමතිලා 35ක් දිවුරන්න සූදානම්.Latest Posts.{latest}.Cloud Labels.Corona උණුසුම් පුවත උණුසුම් පුවත් කලා පුවත් කොරෝන කොරෝනා ක්‍රීඩා පිටිය ගොසිප් ජායා රූප දේශපාලන මුළුතැන්ගෙය රූපලාවන්‍ය විදෙස් පුවත් ව්‍යාපාරික පුවත්.Powered by Blogger..Ads Place.Featured Post.ජනපති හා රාජපක්ශලා වැල් පාලමෙන් ගොඩ උනා - සජිත්.ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බලයට පැමිණි දිනවල රටටත් සහ ජනතාවටත් වැල් පාලමකින් එතෙර විය යුතු බව කිව්වද අද වන විට එම පාලමෙන් එතෙර වී ඇත්තේ....Popular Posts.සූරියවැව මන්දපෝෂණ රැස්වීමේ ජනතාව විරෝධතා.පාර්ලිමේන්තුව විසුරුවා හදිසි මහ මැතිවරණයක්..පොහොට්ටුවේ දැඩි විරෝධය.මන්ත්‍රිනියකගේ පුතා හෙරොයින් සමග අත්අඩංගුවට.'නෙලුම් කුළුණ මාර්කට් කලොත් රටේ ආර්ථිකය ගොඩ '-රාජ්‍ය අමාත්‍ය අරුන්දික.Category.Corona 15.උණුසුම් පුවත 1114.උණුසුම් පුවත් 9142.කලා පුවත් 33.කොරෝන 48.කොරෝනා 2520.ක්‍රීඩා පිටිය 273.ගොසිප් 1.ජායා රූප 3.දේශපාලන 2085.මුළුතැන්ගෙය 26.රූපලාවන්‍ය 18.විදෙස් පුවත් 3.ව්‍යාපාරික පුවත් 40.Copyright ©.Footer Menu.Home.About Us.Privacy.Contact |
'නෙලුම් කුළුණ මාර්කට් කලොත් රටේ ආර්ථිකය ගොඩ '-රාජ්‍ය අමාත්‍ය අරුන්දික - Tharunaya.com.Page Nav.HIDE.Grid.GRID_STYLE.Hover Effects.TRUE.Pages.About.Write for Us.Advertising.{fbt_classic_header}.Header Ad.Main Menu.HOME.සිංහල ටෙලිනාට්‍ය.ගින්දර වීඩියෝ.දේපළ ඉඩකඩම් විකිණිමට.ලග්න ඵලාපල.රථවාහන විකිණිමට.Contact Us.Breaking News:.latest.Contact Us.Name.Email *.Message *.'නෙලුම් කුළුණ මාර්කට් කලොත් රටේ ආර්ථිකය ගොඩ '-රාජ්‍ය අමාත්‍ය අරුන්දික.Dulakshi September 23, 2022 උණුසුම් පුවත් Edit this post.Facebook.Twitter.Linkedin.Pinterest.Email.ආයතනයේ ප්‍රශ්න පිටට නොදී ආයතනය ඇතුළතදීම විසඳා ගැනීමට සියලුම පාර්ශවයන් උත්සහ ගත යුතු බව නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්....ආයතනයේ ප්‍රශ්න පිටට නොදී ආයතනය ඇතුළතදීම විසඳා ගැනීමට සියලුම පාර්ශවයන් උත්සහ ගත යුතු බව නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පැවසීය..රාජ්‍ය ආයතන බොහෝමයක් කඩා වැටීමට හේතුව ආයතනයේ ප්‍රශ්න සාකච්ඡා මාර්ගයෙන් විසඳා නොගෙන එකිනෙකාට චෝදනා කර ගැනීම බවද ඔහු සදහන් කළේය..නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය යටතේ ඇති ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරියේ ප්‍රගති සමාලෝචන රැස්වීමට සහභාගී වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය..එහිදී රාජ්‍ය අමාත්‍යවරයා මෙසේද පැවසීය..“මේක සියලුම දෙනාට අභියෝගාත්මක කාලයක්. රට ආර්ථිකමය වශයෙන් දැඩි පසුබෑමකට ලක්වෙලා. ජනතාව ජීවන බරින් හෙම්බත් වෙලා ඉන්න කාලයක්. අපි හැමෝටම ප්‍රශ්න තියෙනවා. මේ අර්බුදකාරී අවස්ථාවේ අපි ඉවසීමෙන් කටයුතු කරන්න ඕන. මේ වෙලාවෙ ඉවසීමෙන් වැඩ නොකලොත් ප්‍රශ්න තවත් වැඩි වෙනවා..අපි සියලුම දෙනාට තියෙන්නේ එකම බලාපොරොත්තුවයි. ඒ එක්ව නැගිටීමයි. අපි සමගියෙන් වැඩ කළොත් මේ අර්බුද ජය ගැනීම එතරම් අමාරු නැහැ..හැම ආයතනයකම පුංචි පුංචි ප්‍රශ්න තියෙනවා. ඒවා සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගත යුතුයි. අපේ ප්‍රශ්න අපි පිටට කියන්න ගියොත් අමාරුවේ වැටෙන්නේ අපිමයි. ඇතුළත ගිණි පිටට නොදී අපිම නිවා ගන්න උත්සහ ගනිමු. වෘත්තීය සමිතිවල ඉල්ලීම්වලට අපි ඇහුම්කන් දෙනවා. ඒ ඉල්ලීම් ඉටු කරන්නත් අපි කටයුතු කරනවා..රට මුහුණදී තිබෙන ආර්ථික අර්බුදය හමුවේ රාජ්‍ය ආයතන පවත්වාගෙන යන්න මහා භාණ්ඩාගාරයෙන් සල්ලි ඉල්ලන්න බැහැ. අපේ ආදායම අපිම උපද්දවා ගන්න ඕන. ඒ සඳහා ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරියට සුවිශේෂී වැඩ කොටසක් කරන්න පුළුවන්. මේ ආයතනය මැදිහත් වෙලා රටට එක ඩොලරයක් හරි ගේන්න වැඩපිළිවෙළක් සකසන්න පුළුවන්නම් ඒක තමයි අපේ සාර්ථකත්වය..ලංකාව ඉදිකිරීම් කේෂ්ත්‍රයෙන් ඉදිරියෙන්ම සිටි රටක්. අපි වරායන් හැදුවා. ගුවන්තොටුපළක් හැදුවා. නමුත් අපිට ඒක මාර්කට් කරන්න බැරිවුණා. අපිට වැරදුණේ එතනයි. දැන් නෙළුම් කුළුණට බනිනවා. අපි හරියට නෙළුම් කුළුණ මාර්කට් කර ගත්තොත් එය ආර්ථිකමය වශයෙන් රටට ගොඩක් වාසි වේවි..මේ අමාත්‍යංශයේ කැබිනට් අමාත්‍ය ප්‍රසන්න රණතුංග ඇමතිතුමා අපිට බලය දුන්නේ වැඩ කරන්න. ආයතනයක් සාර්ථකව පවත්වාගෙන යන්නනම් අපි එක පවුලක් වගේ වැඩ කරන්න ඕන. එහෙම නොවුනොත් අපිත් ඉවරයි. ආයතනයත් ඉවරයි. රට ගොඩගත හැක්කේ එක්ව වැඩ කිරීමෙන් පමණයි” යැයි ඔහු වැඩිදුරටත් සදහන් කළේය..නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේ අතිරේක ලේකම් අනිල් විජේසිරි, ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරියේ සභාපති මහාචාර්ය සොහාන් විජේසේකර, ක්‍රියාකාරී අධ්‍යක්ෂ යූ.එස්. අබේරත්න මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ..Facebook.Twitter.Linkedin.Pinterest.Email.Related Posts.උණුසුම් පුවත්.No comments.Newer Post Older Post Home.Subscribe to: Post Comments (Atom).Popular Posts.දමිතා අබේරත්න රක්ෂිත බන්ධනාගාරයට.සූරියවැව මන්දපෝෂණ රැස්වීමේ ජනතාව විරෝධතා.ඩී.වී.චානක ඇමතිකම එපා කියයි..සරුසාර එකක් ඉල්ලයි.පාර්ලිමේන්තුව විසුරුවා හදිසි මහ මැතිවරණයක්..පොහොට්ටුවේ දැඩි විරෝධය.රාජ්‍ය ඇමතිලා 35ක් දිවුරන්න සූදානම්.Latest Posts.{latest}.Cloud Labels.Corona උණුසුම් පුවත උණුසුම් පුවත් කලා පුවත් කොරෝන කොරෝනා ක්‍රීඩා පිටිය ගොසිප් ජායා රූප දේශපාලන මුළුතැන්ගෙය රූපලාවන්‍ය විදෙස් පුවත් ව්‍යාපාරික පුවත්.Powered by Blogger..Ads Place.Featured Post.ජනපති හා රාජපක්ශලා වැල් පාලමෙන් ගොඩ උනා - සජිත්.ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බලයට පැමිණි දිනවල රටටත් සහ ජනතාවටත් වැල් පාලමකින් එතෙර විය යුතු බව කිව්වද අද වන විට එම පාලමෙන් එතෙර වී ඇත්තේ....Popular Posts.සූරියවැව මන්දපෝෂණ රැස්වීමේ ජනතාව විරෝධතා.පාර්ලිමේන්තුව විසුරුවා හදිසි මහ මැතිවරණයක්..පොහොට්ටුවේ දැඩි විරෝධය.මන්ත්‍රිනියකගේ පුතා හෙරොයින් සමග අත්අඩංගුවට.'නෙලුම් කුළුණ මාර්කට් කලොත් රටේ ආර්ථිකය ගොඩ '-රාජ්‍ය අමාත්‍ය අරුන්දික.Category.Corona 15.උණුසුම් පුවත 1114.උණුසුම් පුවත් 9142.කලා පුවත් 33.කොරෝන 48.කොරෝනා 2520.ක්‍රීඩා පිටිය 273.ගොසිප් 1.ජායා රූප 3.දේශපාලන 2085.මුළුතැන්ගෙය 26.රූපලාවන්‍ය 18.විදෙස් පුවත් 3.ව්‍යාපාරික පුවත් 40.Copyright ©.Footer Menu.Home.About Us.Privacy.Contact |
පිටි නැතුව වතු කම්කරුවන් අමාරුවේ - Tharunaya.com.Page Nav.HIDE.Grid.GRID_STYLE.Hover Effects.TRUE.Pages.About.Write for Us.Advertising.{fbt_classic_header}.Header Ad.Main Menu.HOME.සිංහල ටෙලිනාට්‍ය.ගින්දර වීඩියෝ.දේපළ ඉඩකඩම් විකිණිමට.ලග්න ඵලාපල.රථවාහන විකිණිමට.Contact Us.Breaking News:.latest.Contact Us.Name.Email *.Message *.පිටි නැතුව වතු කම්කරුවන් අමාරුවේ.Dulakshi September 19, 2022 උණුසුම් පුවත් Edit this post.Facebook.Twitter.Linkedin.Pinterest.Email.වතුකර ජනතාවගේ ප්‍රධාන ආහාරය වුනේ රෝටි එත් අද මේ වතුකර ජනතාවට රෝටිවත් කන්න බැහැ පිටිවල තියෙන ගනන් නිසා මෙම තත්වයන් මත අද වතු කර ජනතාව දැඩි දු....වතුකර ජනතාවගේ ප්‍රධාන ආහාරය වුනේ රෝටි එත් අද මේ වතුකර ජනතාවට රෝටිවත් කන්න බැහැ පිටිවල තියෙන ගනන් නිසා මෙම තත්වයන් මත අද වතු කර ජනතාව දැඩි දුෂ්කරතාවයන්ට පත්වෙලා ඉන්නේ මෙම තත්වයන් පිලිබදව රජය අවදානය යොමුකල යුතුයි..මහනුවර කරිටාස් ආයතනයේ අධ්‍යක්ෂ ඩෙස්මන් පෙරේරා පියතුමන් මේ බව පවසන ලද්දේ හැටන් සිටික් ආයතනයේදි වතු ප්‍රජාවගේ ජිවිත ආලෝක කරමු යන තේමාව යටතේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි..මෙහිදි වැඩි දුරටත් අදහස් දැක්වු ඩෙස්මන් පෙරේරා පියතුමන් ඉංදියානු රජයෙන් මේ වතුකර ජනතාවට දෙන්න කියු බඩු මල්ල නිසි ලෙස දුන්නාද, එය කීදෙනකුටද දුන්නේ ඒ දුන්නෙත් හාල් බැගයක් පමනයි අපි මේ පිලිබදව මේ වතු කර ජනතාව දැනුවත් කල යුතුයි මොකද මෙය ලබා දුන්නේ එම පිරිසටයි එම නිසා එය නිසි ලෙස ලබා දිමට අදාල නිලධාරින් පියවර ගත යුතුයි..මේ වතුකර ජනතාව මේ රටට ඇවිත් වසර 200ක් පමන වෙනවා එත් මේ වතුකර ජනතාව විදින දුක විවිධ ප්‍රිඩාවන් බොහෝ දෙනකු දන්නේ නැහැ එම නිසා මේ පිලිබද අදාල පිරිස් දැනුවත් කල යුතුයි..අද වතුකරයේ දළු කඩන කාන්තාවන්ට වතු තුල තේදළු කඩන අවස්ථාවලදි හදිසියකට හෝ වැසි කිලි යාමටවත් ක්‍රමයක් නැහැ මේ වතු කර ජනතාවටත් ජිවිතයක් තියෙනවා එම තත්වයන් පිලිබදවත් අදාල පිරිස් සොයා බැලිය යුතුයි..මේ වන විට වතුකරය තුල පවතින මිනිස් ජවාරම් පිලිබදව නන්දන මනතුංග පියතුමන් වීශේෂයෙන් සොයා බලනවා එය පමනක් නොවෙයි මේ පියතුමන් වතුකරය තුල සිදුවන ස්ත්‍රි දුෂන ඇතුළු කාන්තාවන්ට සිදුවන විවිධ හිරි හැර පිලිබදවද සොයා බලනවා..ජාතික ආයතන වතුකර ව්‍යාපෘතියේ අධ්‍යක්ෂක මයිකල් රාජේන්ද්‍රන් පියතුමන් වතුකර ජනතාව මේ රටට පැමින වසර 200ක් පමන ගත වුනත් අද වන විටත් මේ වතුකර ජනතාවගේ දරුවන්ට තම මවු භාෂාවෙන් අධ්‍යපානය හැදැරිමට නොහැකි තත්වයක් පවතිනවා..වීශේෂයෙන් ගාල්ල මාතර කළුතර වැනි ප්‍රදේශවල මෙය ඌග්‍රයි අනිකුත් භාෂාවල් ඉගෙන ගන්න එක හොදයි එත් හැම දෙනාටම තම මවු භාෂාවෙන් අධ්‍යාපනය ලැබිමට ඉඩ ලබා දිය යුතුයි..මේ වතු කර ජනතාව මේ රටේ ආර්ථිකය නගා සිටුවන්න විශාල සේවයක් කරනවා එත් එම ජනතාව නගා සිටුවිමට ප්‍රජාමුල සංවිධන හෝ දේශපාලන නායකයන් නිසි ලෙස පියවර ගන්නේ නැහැ මේ අයට තනිව නැගිට ගැනිමට බැහැ එම නිසා මේ ජනතාව වෙනුවෙන් යම් සේවයක් කිරිමට කැමති සියලුම දෙනා එකට එක් කර ගෙන මෙම වතුකර ජනතාව නගා සිටුවිමට පියවර ගත යුතුයි ඒ සදහා මග පෙන්වන්න අපි සුදානම්..– මනුර සුදත් සෙල්ලහේවා..Facebook.Twitter.Linkedin.Pinterest.Email.Related Posts.උණුසුම් පුවත්.No comments.Newer Post Older Post Home.Subscribe to: Post Comments (Atom).Popular Posts.දමිතා අබේරත්න රක්ෂිත බන්ධනාගාරයට.සූරියවැව මන්දපෝෂණ රැස්වීමේ ජනතාව විරෝධතා.ඩී.වී.චානක ඇමතිකම එපා කියයි..සරුසාර එකක් ඉල්ලයි.පාර්ලිමේන්තුව විසුරුවා හදිසි මහ මැතිවරණයක්..පොහොට්ටුවේ දැඩි විරෝධය.රාජ්‍ය ඇමතිලා 35ක් දිවුරන්න සූදානම්.Latest Posts.{latest}.Cloud Labels.Corona උණුසුම් පුවත උණුසුම් පුවත් කලා පුවත් කොරෝන කොරෝනා ක්‍රීඩා පිටිය ගොසිප් ජායා රූප දේශපාලන මුළුතැන්ගෙය රූපලාවන්‍ය විදෙස් පුවත් ව්‍යාපාරික පුවත්.Powered by Blogger..Ads Place.Featured Post.ජනපති හා රාජපක්ශලා වැල් පාලමෙන් ගොඩ උනා - සජිත්.ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බලයට පැමිණි දිනවල රටටත් සහ ජනතාවටත් වැල් පාලමකින් එතෙර විය යුතු බව කිව්වද අද වන විට එම පාලමෙන් එතෙර වී ඇත්තේ....Popular Posts.සූරියවැව මන්දපෝෂණ රැස්වීමේ ජනතාව විරෝධතා.පාර්ලිමේන්තුව විසුරුවා හදිසි මහ මැතිවරණයක්..පොහොට්ටුවේ දැඩි විරෝධය.මන්ත්‍රිනියකගේ පුතා හෙරොයින් සමග අත්අඩංගුවට.'නෙලුම් කුළුණ මාර්කට් කලොත් රටේ ආර්ථිකය ගොඩ '-රාජ්‍ය අමාත්‍ය අරුන්දික.Category.Corona 15.උණුසුම් පුවත 1114.උණුසුම් පුවත් 9142.කලා පුවත් 33.කොරෝන 48.කොරෝනා 2520.ක්‍රීඩා පිටිය 273.ගොසිප් 1.ජායා රූප 3.දේශපාලන 2085.මුළුතැන්ගෙය 26.රූපලාවන්‍ය 18.විදෙස් පුවත් 3.ව්‍යාපාරික පුවත් 40.Copyright ©.Footer Menu.Home.About Us.Privacy.Contact |
මත්තල විකුණනවා - නිමල් සිරිපාල කියයි - Tharunaya.com.Page Nav.HIDE.Grid.GRID_STYLE.Hover Effects.TRUE.Pages.About.Write for Us.Advertising.{fbt_classic_header}.Header Ad.Main Menu.HOME.සිංහල ටෙලිනාට්‍ය.ගින්දර වීඩියෝ.දේපළ ඉඩකඩම් විකිණිමට.ලග්න ඵලාපල.රථවාහන විකිණිමට.Contact Us.Breaking News:.latest.Contact Us.Name.Email *.Message *.මත්තල විකුණනවා - නිමල් සිරිපාල කියයි.Dulakshi August 19, 2022 උණුසුම් පුවත් Edit this post.Facebook.Twitter.Linkedin.Pinterest.Email.මත්තල ගුවන්තොටුපල ප‍්‍රතිව්‍යුහගත කිරීමට සිදුවන බව වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සඳහන් කරයි. ඒ අනුව එම ගුවන් ....මත්තල ගුවන්තොටුපල ප‍්‍රතිව්‍යුහගත කිරීමට සිදුවන බව වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සඳහන් කරයි..ඒ අනුව එම ගුවන් තොටුපලේ යම් කොටස් ප්‍රමාණයක් විකිණීමට කටයුතු කරන බවද හෙතෙම පැවසීය..එම ගුවන් තොටුපළ ඉදිකිරීමට ලබාගත් ඩොලර් මිලියන 100 ක ණය මුදල ද ගෙවිය යුතුව ඇති බවත් දැනට එම ගුවන්තොටුපළ මිලියන 100 ක පමණ පාඩුවක් ලබන බවත් ඔහු පෙන්වා දෙයි..කටුනායක ගුවන් තොටුපලේ පැවැති උත්සව අවස්ථාවකදී අමාත්‍යවරයා මේ අදහස් පළ කළේය..”මත්තල ගුවන් තොටුපල දැනට මිලියන 100 ක් පමණ පාඩු ලබන ගුවන් තොටුපලක්. කොවිඩ් අර්බුදය සහ වෙනත් කාරණා මත එතන්ට ගුවන් යානා යන්නේ නැහැ. නමුත් අපට දෙවෙනි ගුවන් තොටුපලක් රටට අවශ්‍යයි. මොකද යම් ආකාරයකින් මේ ගුවන් තොටුපලේ යම් ප්‍රශ්නයක් ඇති වුණොත්, අපිට ආපහු ඉන්ියාවට ගුවන් යානා හරවන්න බැහැ. ඒ නිසා එක්තරා ආකාරයකින් මත්තල ගුවන් තොටුපල තියෙන්නේ අපේ තවත් ආරක්ෂිත ගුවන් තොටුපලක් හැටියට. එතකොට විනාඩි 20කින් විතර එතන්ට ගුවන් යානා යවන්න පුළුවන්. නමුත් එය ආදායම් උපදවන ගුවන් තොටුපලක් බවට පත්වෙන්න ඕනේ. ඒ නිසා අපි දැන් ඒ ස්ථානයේ ගුවන් යානා සඳහා වෙනත් විවිධ පහසුකම් ලබා දීම පිළිබඳ වැඩපිළිවෙලක් සකස් කරලා ඒ සඳහා අපි ලෝකයේ සෑම රටකම ගුවන් යානා සමාගම් සහ ව්‍යවසායකයින්ට යෝජනා ඉදිරිපත් කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා. එය සාර්ථක වෙයි කියලා හිතනවා. ඒ වගේම ඒ ගුවන් තොටුපල ඩොලර් මිලියන 100ක පමණ ණයක් අරන් අපි හදලා තියෙන්නේ. ඒ ණය අපි ගෙවිය යුතුයි. ඒ නිසා අපි ඒ ගුවන් තොටුපලේ කාර්යයන් ප්‍රතිව්‍යූහගත කිරීමේ කාර්යභාරයක අපි යෙදෙන්නට ඕනේ. ඒ සඳහා අවශ්‍ය කටයුතු අපි ඉදිරියේ දී කරගෙන යනවා. මෙහි පළවෙනි පියවර ඒ ගුවන් තොටුපලට ආදායම් ලබා ගැනීම සඳහා අපි ගෙනයන වැඩපිළිවෙල අසාර්ථක වුණොත්. සමාගමේ යම් කොටස් ප්‍රමාණයක් විකුණනවා”..Facebook.Twitter.Linkedin.Pinterest.Email.Related Posts.උණුසුම් පුවත්.No comments.Newer Post Older Post Home.Subscribe to: Post Comments (Atom).Popular Posts.දමිතා අබේරත්න රක්ෂිත බන්ධනාගාරයට.සූරියවැව මන්දපෝෂණ රැස්වීමේ ජනතාව විරෝධතා.ඩී.වී.චානක ඇමතිකම එපා කියයි..සරුසාර එකක් ඉල්ලයි.පාර්ලිමේන්තුව විසුරුවා හදිසි මහ මැතිවරණයක්..පොහොට්ටුවේ දැඩි විරෝධය.රාජ්‍ය ඇමතිලා 35ක් දිවුරන්න සූදානම්.Latest Posts.{latest}.Cloud Labels.Corona උණුසුම් පුවත උණුසුම් පුවත් කලා පුවත් කොරෝන කොරෝනා ක්‍රීඩා පිටිය ගොසිප් ජායා රූප දේශපාලන මුළුතැන්ගෙය රූපලාවන්‍ය විදෙස් පුවත් ව්‍යාපාරික පුවත්.Powered by Blogger..Ads Place.Featured Post.ජනපති හා රාජපක්ශලා වැල් පාලමෙන් ගොඩ උනා - සජිත්.ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බලයට පැමිණි දිනවල රටටත් සහ ජනතාවටත් වැල් පාලමකින් එතෙර විය යුතු බව කිව්වද අද වන විට එම පාලමෙන් එතෙර වී ඇත්තේ....Popular Posts.සූරියවැව මන්දපෝෂණ රැස්වීමේ ජනතාව විරෝධතා.පාර්ලිමේන්තුව විසුරුවා හදිසි මහ මැතිවරණයක්..පොහොට්ටුවේ දැඩි විරෝධය.මන්ත්‍රිනියකගේ පුතා හෙරොයින් සමග අත්අඩංගුවට.'නෙලුම් කුළුණ මාර්කට් කලොත් රටේ ආර්ථිකය ගොඩ '-රාජ්‍ය අමාත්‍ය අරුන්දික.Category.Corona 15.උණුසුම් පුවත 1114.උණුසුම් පුවත් 9142.කලා පුවත් 33.කොරෝන 48.කොරෝනා 2520.ක්‍රීඩා පිටිය 273.ගොසිප් 1.ජායා රූප 3.දේශපාලන 2085.මුළුතැන්ගෙය 26.රූපලාවන්‍ය 18.විදෙස් පුවත් 3.ව්‍යාපාරික පුවත් 40.Copyright ©.Footer Menu.Home.About Us.Privacy.Contact |
කොරෝනා ලෝකය පාලනය කරන්න නිපදවූ වෛරසයක්…? බිලියන ගණනක ජනගහන අඩු කිරිම ඉලක්කය..? - Tharunaya.com.Page Nav.HIDE.Grid.GRID_STYLE.Hover Effects.TRUE.Pages.About.Write for Us.Advertising.{fbt_classic_header}.Header Ad.Main Menu.HOME.සිංහල ටෙලිනාට්‍ය.ගින්දර වීඩියෝ.දේපළ ඉඩකඩම් විකිණිමට.ලග්න ඵලාපල.රථවාහන විකිණිමට.Contact Us.Breaking News:.latest.Contact Us.Name.Email *.Message *.කොරෝනා ලෝකය පාලනය කරන්න නිපදවූ වෛරසයක්…? බිලියන ගණනක ජනගහන අඩු කිරිම ඉලක්කය..?.News August 27, 2021 කොරෝනා Edit this post.Facebook.Twitter.Linkedin.Pinterest.Email.ලොව පුරා ඉතා සීඝ්‍රයෙන් පැතිර යමින් පවතින කොවිඩ්-19 වෛරසය මිනිසා විසින් සෑදුවක් ද යන සැකය දැන් දැන් අප කා තුළත් පැන නැගෙමින් පවතී. ඒ පිළිබ....ලොව පුරා ඉතා සීඝ්‍රයෙන් පැතිර යමින් පවතින කොවිඩ්-19 වෛරසය මිනිසා විසින් සෑදුවක් ද යන සැකය දැන් දැන් අප කා තුළත් පැන නැගෙමින් පවතී..ඒ පිළිබඳව කරුණු සොයමින් සිටි මට, Dr.James Fetzer විසින් 2020/09/30 වන දින principia-scientific.com නම් වෙබ් අඩවියේ පළ වූ ඇඟ ලොමු දැහැ ගැන්වෙන ලිපියක් හමුවිය..එම ලිපියේ සම්පූර්ණ සිංහල පරිවර්තනය තොරතුරු පිපාසිත ඔබ වෙත ගෙන එමින් එය අවසානය තෙක් ම ඉතා විචාරශීලිව කියවන මෙන් ඉල්ලා සිටිමි..මෙම ලිපියේ එන නිගමනයන්ට පදනම් වන මූලාශ්‍ර දැක්වීම සඳහා 1 සිට 20 දක්වා අංක යොදා ඇත.මෙම පරිවර්තනයට පාදක කරගත් මුල් ලිපිය කියවීම සඳහාත්, එකී මූලාශ්‍ර පරීක්ෂා කිරීම සඳහාත් පහතින් දැක්වෙන දිගුවට පිවිසෙන මෙන් වැඩිදුරටත් ඉල්ලා සිටිමි..(මෙහි එන කරුණු කිසිවක් පරිවර්තක වන මාගේ අදහස් නොවන බව කාරුණිකව සලකන්න)..ජර්මනියේ වෛද්‍යවරුන් 500 කට අධික සංඛ්‍යාවකින් සමන්විත ‘තොරතුරු සඳහා වෛද්‍යවරු’ ( Doctors for Information) නම් සංවිධානය ජාතික පුවත්පත් සාකච්ඡාවකදී ලොව තිගැස්සෙන ප්‍රකාශයක් කෙළේය: (1)German group of Doctors For Information.‘ කොරෝනා භීතිය නාට්‍යයකි. එය වංචාවකි. බරපතල වංචාවකි. අප ගෝලීය අපරාධයක මධ්‍යයේ සිටින බව තේරුම් ගැනීමට මෙය කාලයයි’.ප්‍රධාන පෙලේ මාධ්‍යවලින් ප්‍රචාරය කරන දැවැන්ත වැරදි තොරතුරු පිළිබඳව මහජනයා දැනුවත් කිරීම සඳහා මෙම විශේෂ දැනුමැති කණ්ඩායම සෑම සතියකම පිටපත් 500,000 ක වෛද්‍ය පුවත්පතක් ප්‍රකාශයට පත් කරයි. මිලියන 12 ක ජනතාවක් සහභාගි වන බවට, නම් ලබාදුන් එසේම මිලියන ගණනක ජනතාවක් ඇත්ත වශයෙන් ම සහභාගි වූ 2020/08/29 වන දින පැවැත් වූ විරෝධතා ව්‍යාපාරය ආකාරයේ දැවැන්ත මහජන විරෝධතා ව්‍යාපාර ඔව්හු යුරෝපයේ සංවිධානය කරති..මෙම 500කට අධික වෛද්‍යවරු මේ Covid-19 වසංගතය ගෝලීය අපරාධයක් යැයි පවසන්නේ ඇයි? අප නොදන්නා එහෙත් ඔවුන් දන්නා දෙය කුමක් ද?.මෙම වසංගතය කලින් සැළසුම් කර ඇති බව සිය ගණනක් ස්පාඤ්ඤ වෛද්‍යවරු පවසති..ස්පාඤ්ඤ වෛද්‍යවරු 600 කට අධික සංඛ්‍යාවකින් සමන්විත ‘සත්‍යය සඳහා වෛද්‍යවරු’ (Doctors for Truth) නම් සංවිධානය පුවත්පත් සාකච්ඡාවකදී එවැනිම ප්‍රකාශයක් කෙළේය..‘ කොවිඩ් –19 යනු දේශපාලන අරමුණු සඳහා නිර්මාණය කරන ලද ව්‍යාජ වසංගතයකි. මෙය සනීපාරක්ෂක ක්‍රමවේද අනුගමනයෙන් සමාවක් ලබා ගත හැකි ලෝක ආඥාදායකත්වයකි. සත්‍යය පතුරුවා හැර මෙම අපරාධ මෙහෙයුම නතර කරන ලෙස අපි වෛද්‍යවරුන්ගෙන්, මාධ්‍යවලින් සහ දේශපාලන බලධාරීන්ගෙන් ඉල්ලා සිටිමු.’ (2)Spanish group of Doctors For Truth.ජර්මනිය සහ ස්පාඤ්ඤය උදාහරණ දෙකක් පමණි. මෙවැනිම වෛද්‍ය ප්‍රවීනයින් සිය ගණන්වලින් සමන්විත විශාල කණ්ඩායම් ලොව පුරා රටවල් වල සිටිති..කොවිඩ්-19 , සාපරාධී මෙහෙයුමක් ලෙස හෙළි කරන PLANDEMIC නම් වූ ඇමරිකා එක්සත් ජනපදයේ පෙන්වන වාර්තා චිත්‍රපටයට වෛද්‍යවරුන් 27,000 කට වැඩි පිරිසක් සහාය දක්වයි!.ලොව පුරා වෙසෙන වෛද්‍ය වෘත්තිකයන් දහස් ගණනක් කොවිඩ්-19 වසංගතය අපරාධයක් යැයි පවසන්නේ ඇයි? ප්‍රධාන ධාරාවේ මාධ්‍යයෙන් අපට නොලැබෙන තොරතුරු මොනවාද?.පහත දැක්වෙන කරුණු දෙස විවෘත මනසකින් බලන ලෙසටත් පසුව ඔබේම නිගමනවලට පැමිණෙන ලෙසටත් මම ඔබට ආරාධනා කරමි..COVID-19 පරීක්ෂණ ක්‍රමයක් සඳහා පේටන්ට් බලපත්‍රය ලබා ගෙන ඇත්තේ 2015 දී!.රිචඩ් රොත්ස්චයිල්ඩ් (Richard Rothschild) නම් පුද්ගලයා 2015 දී නෙදර්ලන්ත රජයේ සංවිධානයක් සමඟ එක්ව ‘ COVID-19 සඳහා පරීක්ෂණ ක්‍රමයක්’ වෙනුවෙන් පේටන්ට් බලපත්‍රයක් ලබා ගෙන ඇත..2015 දී, එනම් රෝගය ඇතිවීමටත් වසර හතරකට පෙර COVID-19 සඳහා පරීක්ෂණ ක්‍රමයක් සකස් කර ගෙන තිබේ.(2b)Richard Rothshild patented a testing method for COVID-19 in 2015.COVID-19 පරීක්ෂණ කට්ටල මිලියන ගණනක්.2017 සහ 2018 දී විකුණා ඇත.අප දන්නා පරිදි COVID-19 රෝගය 2019 අග වන විට චීනයේ ඇති විය. එබැවින් එය COVID-19 ලෙස නම් කරන ලද අතර එය Corona Virus Disease-2019 සඳහා වන කෙටි යෙදුම ය. එය කෙසේ වෙතත්, World Integrated Trade Solution(WITS) හි එන තොරතුරු විශ්මය ජනක දෙයක් පෙන්නුම් කරයි:.ඒ COVID-19 ඇති වීමට වසර දෙකකට පෙර එනම් 2017 සහ 2018 වසරවල දී COVID-19 සඳහා වූ පරීක්ෂණ කට්ටල (Covid-19 Diagnostic Test Instruments යන නමින්ම) මිලියන සිය ගණනක් ලොව පුරා බෙදා හැර ඇති බවයි..එහෙත් යමෙකු විසින් මෙම අපකීර්තිමත් තොරතුර 2020 සැප්තැම්බර් 05 වන දින සමාජ.මාධ්‍යවල පළ කරන ලදී. ඊළඟ දවසේ එය ලොව පුරා ලැව් ගින්නක් සේ ප්‍රචාරය විය. එවිට හදිසියේ ම සැප්තැම්බර් 06 වන දින World Integrated Trade Solution(WITS) විසින් මුලින් යොදා තිබූ නම වූ ‘COVID-19’ යන්න කපා හැර ඒ වෙනුවට ‘වෛද්‍ය පරීක්ෂණ කට්ටල( Medical Test Kits)’ ලෙස නිශ්චිත නැති නමක් යෙදීය..එහෙත් වෙළඳාමේ දී මෙවැනි දේ සඳහා අවසරයක් නැත. මක්නිසාද යත් විවිධ රෝග සඳහා පරීක්ෂණ කට්ටල වර්ග බොහොමයක් තිබෙන බැවින් ඔබ නිශ්චිත විය යුතුය (නිශ්චිත වචන යෙදිය යුතුය)..මෙම තොරතුර ලොව පුරා ප්‍රසිද්ධියට පත්වීමෙන් පසුව ඔවුන් විසින් ‘COVID-19’ යන නිශ්චිත පදය ඉවත් කිරීමෙන් සනාථ වන්නේ ඒ ගැන වෙන කිසිවෙකු දැන ගන්නවාට ඔවුන් කැමති නැති බවය. කෙසේ වෙතත් ඔවුන්ට එක් විස්තරයක් මකා දැමීමට අමතක විය: ඒ මෙම ‘වෛද්‍ය පරීක්ෂණ කට්ටල’ සඳහා වූ නිෂ්පාදන කේතය වන 300215 යි. එහි තේරුම: ‘COVID-19 පරීක්ෂණ කට්ටල ( Covid-19 Diagnostic Test Instruments) යන්නයි..වසන් කිරීමට ඔවුන් ප්‍රමාද වැඩි විය. දැන් මෙම තීරණාත්මක තොරතුරු ලොව පුරා මිලියන සංඛ්‍යාවක ජනතාවක් වෙත හෙළිදරව් වී ඇත..(මෙම දත්ත සහිත PDF එක බාගත කර ගැනීමට මුල් ලිපියට පිවිසෙන්න https://www.stopworldcontrol.com/2017-covid19-testkits.pdf).COVID-19 ආරම්භයට වසර දෙකකට පෙර ඇමෙරිකා එක්සත් ජනපදය, යුරෝපා සංගමය, චීනය සහ ලොව පුරා ජාතීන් විසින් COVID-19 සඳහා රෝග විනිශ්චය කිරීමේ පරීක්ෂණ උපකරණ මිලියන ගණනක් අපනයනය කිරීම ආරම්භ ඇත..COVID-19 ‘ව්‍යාපෘතිය’.2025 දක්වා සැලසුම් කර ඇත.COVID-19 යනු 2025 මාර්තු අවසානය දක්වාම කරගෙන යාමට සැලසුම් කර ඇති ව්‍යාපෘතියක් බව ලෝක බැංකුව පෙන්වා දෙයි! එබැවින් එහි අරමුණ තවත් අවුරුදු පහක් සඳහා එය දිගටම කරගෙන යාමයි. (2 C)World Bank shows planned end date of project COVID-19.ඊළඟ අවුරුදු දෙක තුළ වසංගතයක් ඇතිවන බව ඇන්තනි ෆවුසි 2017දී සහතික කොට කියයි..2017 දී ඇන්තනි ෆවුසි අමුතු නිශ්චිතභාවයකින් යුතුව ඉතා අමුතු අනාවැකියක් පළ කළේය. ජනාධිපති ට්‍රම්ප්ගේ පළමු ධූර කාලය තුළ බෝවන රෝගයක් පුදුමාකාර ලෙස පැතිර යන බව ෆවුසි පූර්ණ විශ්වාසයකින් යුතුව ප්‍රකාශ කළේය. ඔහු පැවසූ දේ මෙන්න: (3)Fauci guarantees an outbreak with the next two years..කිසිදු ප්‍රශ්නයක් නොමැත.එය බෝවන රෝග පිළිබඳ ක්ෂේත්‍රයේ ඉදිරි පරිපාලනයට අභියෝගයක් වනු ඇත..“ඉදිරි වසර දෙක තුළ විශ්මය ජනක පැතිරියාමක් සිදුවනු ඇත. මේ ගැන කිසිවෙකුගේ සිතේ කිසිදු සැකයක් නැත.”.ට්‍රම්ප් පරිපාලනයේ පළමු ධූර කාලය තුළ වසංගතයක විශ්මය ජනක පැතිරයාමක් සිදුවනු ඇතැයි ෆවුසි සහතික කොට කියන්නේ කෙසේද? ඔහු දැන සිටි එහෙත් අප නොදන්නා දෙය කුමක් ද?.“ඉදිරි වසර දෙක තුළ විශ්මය ජනක පැතිරියාමක් සිදුවනු ඇත. මේ ගැන කිසිවෙකුගේ සිතේ කිසිදු සැකයක් නැත.”.–ඇන්තනි ෆවුසි.ළඟ එන ගෝලීය වසංගතයක් ගැන බිල් ගේට්ස් සහ මෙලින්ඩා ගේට්ස් සහතික කොට කියති..මිලියන 30 ක ජනතාවක් අතුගා දැමිය හැකි ගෝලීය වසංගතයක් මග එන බව 2018 දී බිල් ගේට්ස් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේය. ඉදිරි දශකය තුළ මෙය සිදුවනු ඇතැයි ඔහු පැවසීය. (4)Bill Gates announced a global pandemic.සකස්කරන ලද වෛරසයක් මානව වර්ගයාට විශාලතම තර්ජනයක් වන අතර ඉදිරි වසරවලදී මෙය මානව වර්ගයාට බලපානු ඇති බවට මෙලින්ඩා ගේට්ස් පැවසීය. (5)Melinda Gates says humanities greatest threat is an engineered virus.“ගෝලීය වසංගතයක් මග එයි..සකස්කරන ලද වෛරසයක් යනු මානව වර්ගයාට ඇති ලොකුම තර්ජනයයි..මෙය සිදුවන්නේ ඉදිරි දශකයේදී ය.”.–බිල් ගේට්ස් සහ මෙලින්ඩා ගේට්ස්.ඔවුන් කියා සිටින්නේ ලෝකයේ අධික ජනගණත්වය මෙම මග එන ගෝලීය වසංගතය සහතික කරන බවයි. නමුත් අපි අවංක වෙමු: පෘථිවියේ වැඩි කොටසක් ජනාවාස වී නොමැත. ඇමෙරිකාව හරහා ගුවන් යානයකින් පියාසර කරන විට කවුළුවෙන් පිටත බලන්න. ඔබට බොහෝ විට හිස් ප්‍රදේශ පෙනේවි. අතන මෙතන පිහිටි නගර කිහිපයක් පමණක් ඇත. එක්සත් ජනපදයේ බොහෝමයක් ප්‍රදේශ තවමත් පළල්ව පැතුරුණු විවෘත හිස් බිම් ය. සෙසු ලෝකයට ද එය එසේම වේ. ඕස්ට්‍රේලියාව, රුසියාව, ඉන්දියාව, චීනය, ඇමරිකාව, අප්‍රිකාව….මිනිස් වාසයක් නැති ප්‍රදේශය. බිල් ගේට්ස් අප ලවා විශ්වාස කරවන්නට හදන තරමට අපේ පෘථිවිය ජනාකීර්ණ නොවේ. මෙම ලෝක සිතියම එය පැහැදිලිව පෙන්වයි..පෘථිවියේ වැඩි ප්‍රදේශයක කිසිදු මිනිස් වාසයක් නැති තරම්ය. එබැවින්, ලෝකයේ අති විශාල ජනගහනයක් ඇති අතර ඒ නිසා එය මග එන ගෝලීය වසංගතයකට මුහුණ දීමට නියමිතය යන අදහස බොරුවකි..ගුවන් ගමන් මගින් ගෝලීය වසංගතයක් ඇති වන බව ද ගේට්ස් කියා සිටියේය. නමුත් පසුගිය ශතවර්ෂයේ ගණනය කළ නොහැකි තරම් සංඛ්‍යාවක් පුද්ගලයින් ගුවන් යානා වල ගමන් කර ඇත.ගෝලීය වසංගත රෝග නිරන්තරයෙන් පැතිරයාමට එය හේතුවක් වූවාද? කිසිසේත් ම නැත!.ඉදිරි වසර කිහිපය තුළ ගෝලීය වසංගතයක් ඇතිවන බවට සහතිකව ප්‍රකාශ කිරීම සඳහා හේතු ලෙස ඔවුන් ඉදිරිපත් කළ තර්ක බොරු ය. එබඳු සහතික කළ අනාවැකි පැවසීමට පැවති සැබෑ පදනම කුමක්ද?.වසංගතයක් සදහා පුහුණුවීම.වසංගතය ඇති වීමට මාස කිහිපයකට පෙර, ලොව අංක එකේ එන්නත් බෙදාහරින්නා වන බිල් ගේට්ස් නිව්යෝක් නගරයේ උත්සවයක් සංවිධානය කළේය. සිදුවීම කුමක් දැයි අනුමාන කළ හැකිද? එය ‘කොරෝනා වෛරස් වසංගත ව්‍යායාමයක්’ ය. ඔව්! ඔබ එය කියෙව්වා නිවැරදිව ය..බිල් ගේට්ස් කොරෝනා වෛරස් වසංගත ව්‍යායාමයක් සංවිධානය කළේය..ශ්‍රවණාගාරයෙහි තිබෙන විශාල තිරය මත මුද්‍රණය කොට ඇති අකුරු ඔබට පෙනේ. ‘වසංගතයක් බවට පත්වන සිදුවීම සඳහා අප සූදානම් විය යුතුය’. මෙම වසංගත අභ්‍යාසය Event201 ලෙස නම් කරන ලද අතර එය සිදු වූයේ 2019 ඔක්තෝම්බර් මාසයේදී ය..ඔවුන්ගේ නිගමනය වූයේ සියලු මනුෂ්‍ය වර්ගයාට එන්නත ලබා දිය යුතු බවය..Event201 හි අරමුණ වූයේ කොරෝනා වෛරස් වසංගතයක් සඳහා ලෝකය සූදානම් කිරීමයි..ඊළඟ වසරේදී එන්නත් විකිණීම පිළිබඳව ඔහු තුළ වූ උද්යෝගය.කොරෝනා වසංගතයක් සඳහා වූ මෙම අභ්‍යාසයයෙන් ටික කලකට පසු එය බිල් ගේට්ස් ට්විටර් පණිවිඩයක් මගින් පළ කළේය:.“ගෝලීය සෞඛ්‍යයේ හොඳම මිලදී ගැනීම් වලින් එකක් සඳහා ඊළඟ වසරේ කුමක් අදහස් විය හැකිද යන්න ගැන මම වික්ෂිප්ත වෙමි: එන්නත්.”.මේ ගැන සිතා බලන්න: ලෝකයේ අංක එකේ එන්නත් බෙදාහරින්නා ඉදිරි වසර කිහිපය තුළ ගෝලීය වසංගතයක් ඇති විය හැකි බවට සහතික වීමත්, ඔහුගේ බිරිඳ අප සැවොම ඉංජිනේරුමය වෛරසයකට බිය විය යුතු බව පැවසීමත්, ඔවුන් මග එන ගෝලීය වසංගතයක් සඳහා ව්‍යායාමයක් සංවිධානය කිරීමත්, එන්නත් එකම විසඳුම වනු ඇතැයි පැවසීමත්, මීළඟ වසරේදී එන්නත් විකිණීම පිළිබඳව ඔහු කෙතරම් උද්දාමයට පත්වේදැයි ට්විටර් හි පළ කිරීමත්, ඉන් ඉක්බිතිව, නිවේදනය කරන ලද වසංගතය පුපුරා යාමත් පිළිබදව සිතා බලන්න..ඇත්ත වශයෙන්ම, බිල් ගේට්ස් ප්‍රකාශ කරන්නේ මානව වර්ගයාට ඇති එකම විසඳුම ඔහුගේ එන්නත් මිලදී ගැනීම බවයි..2020 දී ඇතිවන කොරෝනා වෛරස් වසංගතය පිළිබඳව 2013 දී අනාවැකියක්:.2013 දී සංගීතඥයෙක් ‘පැන්ඩමික්’ (PANDEMIC) නමින් ගීතයක් ලිවීය. මිලියන ගණනක් මිනිසුන් මරා දමන, ආර්ථිකයන් වසා දමන සහ කැරලි ඇති කරන ගෝලීය වසංගතයක් ගැන ඔහු සිය පද රචනයෙන් විස්තර කළේය..අවුරුදු හතකට පසු අපේ ලෝකයේ අපි අද දකින දේ ඔහුගේ ගීතය වචනවලින් විස්තර කරයි..වසංගතයේ නිශ්චිත වර්ෂය: 2020 සහ.නිශ්චිත වෛරස් වර්ගය: කොරෝනා වෛරසය යන්න පවා ඔහු සඳහන් කළේය. (6) Lyrics of 2013 song that predicted coronavirus pandemic in 2020 මෙය 2013 දී ඔහුගේ පද රචනයේ පේළියකි:.‘2020 කොරෝනා වෛරසය සමඟ ඒකාබද්ධව සිරුරු ගොඩගැසීම’.මෙම ගීතය ඇමරිකාව පුරා දැන් පැතිර යන කැරලි ගැන ද පුරෝකථනය කර ඇත:.‘රාජ්‍යයේ පිටත වීථිවල කැරලි ඇතිවෙනවා. එය ඔබගේ දොරකඩටත් එනවා’.2020 දී කොරෝනා වෛරස් වසංගතයක් ඇතිවිය හැකි බවත්, මෙම වසංගතයේදී කෝලාහල ඇතිවිය හැකි බවත් මෙම සංගීතඥයා 2013 දී දැනගත්තේ කෙසේද? ඔහු එය මෙසේ පැහැදිලි කරයි..” මම 2012 දී පර්යේෂණ කළා. කියවන්න ‘කුමන්ත්‍රණ න්‍යායන්’ (‘Conspiracy Theories). ඔබ දන්නවා, මාධ්‍යයන් ට අවශ්‍ය නැහැ අප එම විමර්ශනයන් දැන ගන්නවාට. එම න්‍යායන්ට අනුව, 2020 – 2030 දශකය තුළ වසංගතයක් ඇති වීමට නියමිතව තිබුණා. ඒනිසා මම ඒ ගැන Pandemic නම් ගීතය ලිව්වා.”.‘ගෝලීය කොරෝනා වෛරස් වසංගතයකට සූදානම් වන්න’.ගෝලීය සූදානම පිළිබඳ අධීක්ෂණ මණ්ඩලය විසින් (The Global Preparedness Monitoring Board/ GPMB) 2019 සැප්තැම්බරයේ දී එනම් කොරෝනා වෛරස් වසංගතය පුපුරා යාමට පෙර ‘අවදානම් සහිත ලෝකයක්’ නමින් වාර්තාවක් නිකුත් කරන ලදී..කොරෝනා වෛරස් රෝගයක් සඳහා සූදානම් වීමේ අවශ්‍යතාව එයින් අවධාරණය කෙරිණි!.වාර්තාවේ පිට කවරයේ කොරෝනා වෛරසයක පිංතූරයක් සහ මුහුණු ආවරණ පැළඳ සිටින පුද්ගලයින්ගේ පිංතූරයක් ඇත..අපි එම වාර්තාවේ එන පහත දැක්වෙන රසවත් ඡේදය කියවමු:.” මාරාන්තික ශ්වසන රෝග කාරකයක් හිතාමතාම මුදා හැරීම ආවරණය කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය (WHO ද ඇතුළුව) අඩු තරමින් පද්ධතිමය වශයෙන් පුහුණු හා සමාකරණ අභ්‍යාස දෙකක් වත් පවත්වයි.”.ඔබට එය තේරුණාද?.මාරාන්තික ශ්වසන රෝග කාරකයක් හිතාමතාම මුදා හැරීම ආවරණය කිරීම සඳහා ඔවුන් පුහුණුවීම් කර ඇත..චීනයෙන් පැතිරීම නිවේදනය කරයි.2018 දී රෝග ආකෘතිකරණය පිළිබඳ ආයතනය )The Institute for Disease Modeling) විසින් චීනයේ, වුහාන් ප්‍රදේශයෙන් ආරම්භ වී ලොව පුරා ව්‍යාප්ත වී මිලියන ගණනක් මිනිසුන් මරා දමන උණ වෛරසයක් පෙන්වන වීඩියෝවක් නිපදවන ලදී. ඔවුන් එය හැඳින්වූයේ ‘ගෝලීය උණ වසංගතයක් සඳහා වූ සමාකරණයක්’ (A Simulation For A Global Flu Pandemic) යනුවෙනි. දැන් එය හරියට ම වසර දෙකකට පසුව සිදු වී ඇත. එය චීනයෙන් පැමිණෙනු ඇතැයි ඔවුන් කීවේ ඇයි? තවත් බොහෝ රෝග ඇති අප්‍රිකාවෙන් පැමිණෙන බව නොකීවේ ඇයි? නැත්නම් දකුණු ඇමරිකාවෙන් , එසේත් නැත්නම් ඉන්දියාවෙන් යැයි නොකීවේ ඇයි?.මුළු ලෝකයට ම ආසාදනය වන උණ වෛරසයක් චීනයෙන් පැමිණෙන බවත්, චීනයේත් වූහාන් ම ආරම්ක ප්‍රදේශය ලෙසත්, ඔවුන් දැන සිටියේ කෙසේද?..මෙම කොරෝනා වෛරසය නිර්මාණය කරන ලද්දක්ද?.වෛරසය පැමිණියේ කොහෙන්ද? ලොව ප්‍රමුඛතම ජීව විද්‍යාත්මක අවි පිළිබඳ විශේෂඥයෙකු වන්නේ ආචාර්ය ෆ්‍රැන්සිස් බොයිල් (Dr. Francis Boyle) ය. එය ආරම්භ වූයේ වුහාන් හි පිහිටි ජීව විද්‍යාත්මක අවි පිළිබඳ විද්‍යාගාරයක් වන Bio Safety Lab Level 4 වලින් බව ඔහු ට අවබෝධව තිබේ..මෙම විද්‍යාගාරය කොරෝනා වෛරස සංවර්ධනයට සුවිශේෂකරණය කර තිබේ..ඔවුන් දැනට පවතින වෛරස් ගෙන ඒවා අවි බවට පත් කරයි. ඒවා වඩා භයානක වන අතර ඒවා ජීව විද්‍යාත්මක අවි ලෙස භාවිතා කිරීම ඉන් අදහස් කෙරේ. ඊළඟ මිනිත්තු දෙකේ වීඩියෝ පටයේ ට්‍රම්ප් පරිපාලනයේ ප්‍රකාශකයෙකු වන ජීව විද්‍යාත්මක අවි පිළිබඳ විශේෂඥ ආචාර්ය ෆ්‍රැන්සිස් බොයිල් (Dr. Francis Boyle) සහ ජනාධිපති ට්‍රම්ප් මෙම වෛරසය වුහාන්හි විද්‍යාගාරයෙන් පැමිණි ආකාරය ගැන කතා කරයි..දැන් අපි මෙහි සිත්ගන්නා සුළු කොටසට පැමිණෙමු: 2015 දී ඇන්තනි ෆවුසි විසින් මෙම විද්‍යාගාරයට ඩොලර් මිලියන 3.7ක් ලබා දී තිබේ..ඉදිරි වසර දෙක තුළ වෛරස වසංගතයක පුපුරා යාම සහතික කළ එම පුද්ගලයාම කොරෝනා වෛරස නිපදවන විද්‍යාගාරයකට ඩොලර් මිලියන 4 කට ආසන්න මුදලක් ලබා දුන්නේය. මාධ්‍යවේදියෙකු ඇන්තනි ෆවුසි විසින් වුහාන් විද්‍යාගාරයට ලබා දුන් මෙම ප්‍රදානය ගැන ජනාධිපති ට්‍රම්ප්ගෙන් විමසනවා මෙහි එන කුඩා වීඩියෝ පටයක දැක්වේ..කෙසේ වෙතත් වුහාන් හි මෙම වෛරසය ඇති විය හැකි තවත් විකල්ප ක්‍රම තිබේ. සමහරු විශ්වාස කරන්නේ එය පැමිණියේ කොරෝනා වෛරස ආයුධ බවට පත් කිරීමට කටයුතු කරන වුහාන් වෛරස් විද්‍යා ආයතනයෙන් (Wuhan Virology Institute) බව ය..කොරෝනා වයිරස් වසංගතය පුරෝකථනය කළ චිත්‍රපට.පුරෝකථන ක්‍රමලේඛනය (Predictive programming) යනු ළඟදීම සිදුවීමට නියමිත සිදුවීම් පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ ක්‍රියාවලිය යි. පසුගිය වසරවල ගෝලීය කොරෝනා වයිරස් වසංගතයක් පිළිබඳව චිත්‍රපට සහ රූපවාහිනී කතා මාලා කිහිපයක් නිෂ්පාදනය කරන ලදී..‘Dead Plague’ චිත්‍රපටයේ කොරෝනා වෛරසයක් සහිත ගෝලීය වසංගතයක් නිරූපණය වන අතර ප්‍රතිකාරය ලෙස හයිඩ්‍රොක්සික්ලෝරෝක්වයින් ගැන පවා සඳහන් කරයි..සමාජීය දුරස්ථභාවය, මුහුණු ආවරණ, අගුලු දැමීම, අත් සේදීම යනාදිය සමඟ කොරෝනා වෛරසයක් ගෝලීයව පැතිරෙන ආකාරය ‘Contagion’ නම් තවත් චිත්‍රපටයකින් පෙන්නුම් කරයි.වචනාර්ථයෙන් අප දැන් දකින සෑම දෙයක්ම මෙම චිත්‍රපට වල විස්තරාත්මකව පුරෝකථනය කර ඇත..2012 පැවති ඔලිම්පික් Summergames වලදී වසංගතය නිරූපණය විය.2012 පැවති ගිම්හාන ඔලිම්පික් උළෙලේ (Summer Olympics-2012) සමාරම්භක උළෙලේ දී මුළු ලෝකයේම දෑස් ඉදිරිපිට කොරෝනා වෛරස් වසංගතයක් නිරූපණය කෙරුණි. රෝහල් ඇඳන් දුසිම් ගණනක්, හෙදියන් විශාල සංඛ්‍යාවක් පාලක පද්ධතියක රූකඩ බවට පත් වීම, මරණය සැඟවී සිටීම, යක්ෂ යෝධයෙක් ලොව පුරා නැගී එන අතර මුළු රංග ශාලාවම කොරෝනා වෛරසයක් මෙන් අහසින් පෙනෙන ආකාරයට ආලෝකමත් වීම එහිදී සිදු විය..ඔවුන්ගේ ඔලිම්පික් ක්‍රීඩා සමාරම්භක උළෙලේ දී කොරෝනා වෛරස් වසංගතයක් පෙන්වූයේ ඇයි?.2008 දී අනාවැකි පළ කළ ගෝලීය අගුළු දැමීම..කතුවරයකු සහ විමර්ශකයකු වන රොබින් ඩි රුයිටර් (Robin de Ruiter) 2008 දී ගෝලීය අගුළු දැමීමක් සිදුවනු ඇති බවට අනාවැකි පළ කළේය..අධිකාරවාදී පාලනයෙහි නව ලෝකයක් නිර්මාණය කිරීම මෙහි අරමුණ විය හැකි බව ඔහු පැවසීය..2008 අතීතයේ දී ඔහු ලියූ බොහෝ දේ දැන් අපේ ඇස් ඉදිරිපිටම සිදුවෙමින් පවතින නිසා මෙම පොත නැවත ප්‍රකාශයට පත් කර ඇත..සැලසුම් කළ වසංගතය ගැන ජනමාධ්‍යවේදී හු අනාවැකි පළ කළහ.ගවේෂණාත්මක මාධ්‍යවේදී හැරී වොක්ස් ( Harry Vox ) සැලසුම් සහගත ගෝලීය වසංගතයක් ගැන 2014 දී අනාවැකි පළ කළ අතර ‘පාලක පංතිය’ එවැනි දෙයක් කරන්නේ කුමක් නිසාදැයි කියා සිටියේය..‘පාලක පංතිය ඔවුන්ගේ පාලනය කිරීමේ ක්‍රමෝපායන් නමැති මෙවලම් කට්ටලය සම්පූර්ණ කිරීමට තවදුරටත් කිසිවක් කළ නොහැකි තැනක නතරවනු ඇත. ඔවුන්ගේ එම මෙවලම් කට්ටලයේ නැති ඇති එක් දෙයක් වන්නේ නිරෝධායන සහ ඇඳිරි නීතියයි. ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් එයින් ආසාදනය වීම සහ පාලනයේ ඊළග අදියර නිර්මාණය කිරීම මෙහි සැලසුමයි.‘(7)Harry Vox predicted the global pandemic.‘අනාගතය සඳහා වූ කෙටුම්පත(Scenario For The Future)’.මෙම කීර්තිමත් පර්යේෂකයා රොක්ෆෙලර් පදනමේ ( Rockefeller Foundation) සුප්‍රසිද්ධ කෘතියකට (Scenario For The Future Of Technology And International Development) යොමු වී ඇති අතර, දැන් සිදුවෙමින් පවතින සෑම දෙයක්ම වචනයෙන්ම අනාවැකි ලෙස කියා ඇත: ගෝලීය වසංගතය, අගුලු දැමීම, ආර්ථිකයේ බිඳවැටීම සහ අධිකාරී පාලනය පැනවීම..මේ සියල්ල භයානක නිරවද්‍යතාවයකින් යුතුව එය සිදුවීමට වසර දහයකට පෙර.විස්තර කර ඇත..එම කෘතියේ නම ‘තාක්ෂණයේ සහ ජාත්‍යන්තර සංවර්ධනයේ අනාගතය සඳහා වන කෙටුම්පත’ ( Scenario For The Future Of Technology And International Development) යන්නයි. (9) Scenario for the future described global pandemic එය සියල්ලම පවසයි..එහි අතීතයේ සිදු වුණා නම් යැයි පවසමින් ගෝලීය වසංගතයක් ගැන වාර්තා කරන LockStep නම් පරිච්ඡේදයක් ඇත.එහෙත් එය පැහැදිලිවම අනාගතය සඳහා පෙරහුරුවක් ලෙස අදහස් කෙරේ..2010 දී රොක්ෆෙලර් පදනම විසින් ප්‍රකාශිත අනාගතය සඳහා වූ කෙටුම්පතේ 2020 ඇති වන වසංගතය භයානක ලෙස විස්තර කර ඇත..එහිදී, ඔවුන් විසින් පුරෝකථනය කරන ලද වසංගතයට ඇමෙරිකාව සහ චීනය දක්වන එකිනෙකට වෙනස් ප්‍රතිචාර දෙකක් සංසන්දනය කරයි. ඇමෙරිකා එක්සත් ජනපදය මිනිසුන්ගේ ගුවන් ගමන් දැඩි ලෙස අධෛර්යමත් කළ අතර චීනය සියළු පුරවැසියන් සඳහා අනිවාර්‍ය නිරෝධායනයක් ක්‍රියාත්මක කළේය. පළමු ප්‍රතිචාරය මගින් වෛරසය තව තවත් පැතිරීම සිදු කරන බවට චෝදනා කරන එය හුස්ම හිරවන අගුළු දැමීමක් යෝජනා කරයි..මෙසේ ඒකාධිපති පාලනය ක්‍රියාත්මක කිරීම විස්තර කරයි..වසංගතය අතරතුර, ලොව පුරා සිටින ජාතික නායකයින් තම අධිකාරි බලය යොදවා දුම්රිය ස්ථාන සහ සුපිරි වෙළඳසැල් වැනි මහජනයා ගැවසෙන තැන් වලට ඇතුල් වීමේදී අනිවාර්යයෙන්ම මුහුණු ආවරණ පැළඳීමේ සිට ශරීර උෂ්ණත්ව පරීක්ෂාවන් දක්වා තද නීති රීති සහ සීමාවන් පැනවූ හ..පැහැදිලිව ම අධිකාරි බලය යෙදවීම අපේක්ෂිත ප්‍රතිචාරයයි.නමුත් මෙම ‘අනාගතය සඳහා වූ කෙටුම්පත’ ට අනුව.එය වඩාත් නරක අතට හැරෙයි..පුරවැසියන්ගේ සහ ඔවුන්ගේ ක්‍රියාකාරකම් කෙරෙහි වූ මෙම අධිකාරී පාලනය සහ අධීක්ෂණය වසංගතය මැකී ගිය පසු පවා නතර ව තීව්‍ර විය..සංවර්ධිත රටවල මෙම උච්ච වූ අධීක්ෂණය විවිධ ස්වරූපයන් ගත්තේය: නිදසුනක් වශයෙන්, සියලු පුරවැසියන් සඳහා ජෛවමිතික හැඳුනුම්පත් (Biometric IDs) සහ ජාතික අවශ්‍යතාවන්ට අත්‍යවශ්‍ය යැයි සැලකෙන ප්‍රධාන කර්මාන්ත දැඩි ලෙස නියාමනය කිරීම ගත හැකිය..මෙම අනාගතය සඳහා වූ කෙටුම්පතට අනුව (Scenario For The Future) ගෝලීය වසංගතය, ආරක්ෂිතව සිටීම සඳහා මිනිසුන් තම නිදහස සිය කැමැත්තෙන් ම පාවා දෙන උග්‍ර පාලනයක් ඇති කරයි..ගෝලීය පාලනය සඳහා අත්පොත.ප්‍රකාශිත වසංගතය ඇත්ත වශයෙන්ම දැන් මෙහි ඇති හෙයින්, රොක්ෆෙලර් පදනම තම දෙවන පියවර සමඟ ඉදිරියට පැමිණියේ ය. එය වසංගතය අතරතුර නව පාලන පද්ධති ක්‍රියාත්මක කරන්නේ කෙසේද යන්න පිළිබඳ අත්පොතකි (National Covid-19 Testing Action Plan). අවශ්‍ය සියලු පාලන ජාලා ක්‍රියාත්මක වූ විට පමණක් ලෝකය නැවත විවෘත කළ හැකිය..උක්ත රොක්ෆෙලර් ග්‍රන්ථ දෙක ඒකාබද්ධ කළ විට, පහත සැලැස්ම හෙළි වේ..1) . පළමුව ඔවුන් කොරෝනා වෛරසයක් සහිත ගෝලීය වසංගතයක් ප්‍රකාශයට පත් කර එමගින් කුමක් සිදු විය යුුතුද යන්න කියා පායි:එනම් සම්පූර්ණයෙන්ම නව ඒකාධිපති පාලනයක්..2) . දෙවනුව ඔවුන් මෙම පාලන ක්‍රමය ක්‍රියාත්මක කරන්නේ කෙසේද යන්න පිළිබඳ ප්‍රායෝගික පියවර කියා දෙයි..” වඩාත් සම්පූර්ණ සම්බන්ධතා ලුහුබැඳීම සක්‍රීය කිරීම සඳහා ඩිජිටල් යෙදුම් සහ පුද්ගල-ආරක්‍ෂිත ලුහුබැඳීම් මෘදුකාංග පුළුල් ලෙස භාවිතා කළ යුතුය..කොවිඩ් –19 වසංගතය සම්පූර්ණයෙන් පාලනය කිරීම සඳහා, ජනගහනයෙන් බහුතරයක් සතිපතා පරීක්ෂා කළ යුතුය”..මෙම ‘ අනාගතය සඳහා වූ කෙටුම්පතට ‘ අනුව, එන්නත් ලබා ඇත්තේ කව්රුන් ද යන්න දක්වන ඩිජිටල් හැඳුනුම්පතක් මුළු ලෝක ජනතාවටම ලැබිය යුතු අතර එමගින් ප්‍රමාණවත් එන්නතක් ලබා ගැනීමෙන් තොරව පාසල්, ප්‍රසංග, පල්ලි, පොදු ප්‍රවාහන යනාදිය සඳහා ඇතුළු වීම ප්‍රතික්ෂේප කරයි..දැන් 2020 දී බිල් ගේට්ස් සහ බොහෝ රජයන් ඉල්ලා සිටින්නේ එයයි..සෑම කෙනෙකුගේම සම්බන්ධතා පරික්ෂා කළ යුතුය.කාන්දු වූ රජයේ වීඩියෝවකින් (10) Andrew Cuomo talks with Bill Clinton about authoritarian control හිටපු ඇමෙරිකානු ජනාධිපති බිල් ක්ලින්ටන් සහ නිව්යෝක් ප්‍රාන්තයේ ආණ්ඩුකාර ඇන්ඩ්‍රෘ කියෝමෝ අතර සංවාදයක් දැක්වෙයි. සමස්ත ජනගහනය පරීක්ෂා කිරීම සහ ඔවුන්ගේ සියලු සම්බන්ධතා පරීක්ෂා කිරීම සඳහා විශාල පාලන පද්ධතියක් සකස් කරන්නේ කෙසේදැයි ඔවුහු සාකච්ඡා කරති. මෙම පාලන ක්‍රමය ක්‍රියාත්මක කිරීම සඳහා හමුදාවක් ගොඩ නගන්නේ කෙසේද යන්න පිළිබඳව ඔවුහු සාකච්ඡා කරති..‘සිය දහස් ගණනින් පාලන නියෝජිතයන් පත් කළ යුතුය. ඔවුහු සෑම කෙනෙකුම පරීක්ෂා කර පසුව ඔවුන්ගේ අනෙක් සියලු සම්බන්ධතා ද පරීක්ෂා කරති. මෙය මීට පෙර මෙම පරිමාණයට කිසි විටෙකත් සිදු වී නොමැත. මෙය සියලු දෙනාගේ සම්බන්ධතා පරීක්ෂා කරන ප්‍රශ්න කරන්නන්ගේ හමුදාවකි.’.ANDREW CUOMO,.GOVERNOR OF NEW YORK.ගෝලීය පාලනයේ නව මට්ටමක්.කෝවිඩ් -19 ට එරෙහිව එන්නත් ලබා ඇති පුද්ගලයින්ට පමණක් ගමන් කිරීමට, පාසලට යාමට, රැස්වීම්වලට සහභාගී වීමට සහ වැඩ කිරීමට අවසර දිය යුතු බව බිල් ගේට්ස් පැහැදිලි කළේය. (11) Bill Gates talks about a digital ID to control people ඩිජිටල් එන්නත් හැඳුනුම්පත් දැනටමත් සංවර්ධනය වෙමින් පවතී. එසේම බිල් ගේට්ස් හට තාක්‍ෂණය පිළිබඳ පේටන්ට් බලපත්‍රයක් ඇති අතර (12) Linking vaccines to a digital ID එමඟින් පුද්ගලයෙකුගේ ශරීරය ඕනෑම තැනක දී සොයා ගැනීමට හැකි ය. මෙම තාක්ෂණය WO2020-060606 (13) Gates has pattent on technology to trace a body anywhere ලෙස හැඳින්වේ. මීට අමතරව, ගේට්ස් හට ගෝලීය අධීක්ෂණ ජාලයක් පිහිටුවීමට අවශ්‍ය වන අතර එමගින් කොවිඩ් -19 ට නිරාවරණය (14) Gates wants a global monitoring system වූ සියලු දෙනා සොයා ගනු ඇත..සැලැස්ම: DNA වෙනස් කරන එන්නත මිනිස් සංහතියට එන්නත් කිරීම..නිර්මාණය කරන ලද වසංගත හා අනිවාර්ය එන්නත් මගින් ලෝකය පාලනය කිරීමේ සැලසුම් පිළිබඳව සුප්‍රසිද්ධ ගවේෂණාත්මක මාධ්‍යවේදියෙකු වන ඇන්තනි පැච් (Anthony Patch) විසින් වසර ගණනාවක් පුරා පර්යේෂණ සිදු කරන ලදී. 2014 දී සම්මුඛ සාකච්ඡාවකදී මෙම පර්යේෂකයා පහත සඳහන් දෑ පුරෝකථනය කළේය:.‘ ඔවුන් මිනිසා විසින් සාදන ලද කොරෝනා වෛරසයක් මුදා හරිනු ඇත. එහි ප්‍රතිපලයක් ලෙස ජනතාව ඔවුන්ව ආරක්ෂා කිරීම සඳහා එන්නතක් ඉල්ලා සිටිනු ඇත. මෙම එන්නත මගින් සිරුරට DNA හි තුන්වන වික්‍රිය (Third Strain of DNA ) එකතු කරනු ඇත. පුද්ගලයෙකුට එන්නත් කළ වහාම ඔවුන්ගේ DNA පරිවර්තනයකට භාජනය වේ. මෙම ජානමය වෙනස නිසා මිනිසුන්ට තමන් ගැනම සිතීමේ හැකියාව නැති වී යනු ඇත. මේ නිසා ඔවුන් පහසුවෙන් පාලනය කළ හැකිය; ප්‍රභූ පැලැන්තියේ වහලුන් බවට පත්වේ.’.ඇත්ත වශයෙන්ම එය උමතුවක් මෙන් පෙනෙන අතර ඇත්තෙන්ම එය උමතුවකි. එහෙත් මෙම වෘත්තීය විමර්ශකයා මෝඩයෙකු නොවන බව අප දැන සිටිය යුතුය. ඔහු වසර ගණනාවක් පර්යේෂණ කර ඇති අතර එම වසර ගණනාව පුරා කළ පර්යේෂණවලින් ඔහු සොයා ගත්තේ මෙයයි..මෙම මාතෘකා පිළිබඳ අපගේ අනවබෝධය නිසා වසර ගණනාවක් පුරා සිදුකළ පර්යේෂණ මත පදනම් වූ මෙම පූර්ණ දැනුම ප්‍රතික්ෂේප නොකිරීමට අප වගබලා ගත යුතුය,..අවුරුදු 20 ක පර්යේෂණ මෙසේ කියයි:.එන්නත අපගේ DNA වෙනස් කරයි..වෛද්‍ය කැරී මාඩෙජ් (Dr. Carrie Madej) මානුෂීය කටයුතු සඳහා ඩොමිනිකන් ජනරජයට යාමට පෙර ජෝර්ජියාවේ විශාල සායන දෙකක් මෙහෙය වූවාය. ඇය පසුගිය විසි වසර පුරා DNA සහ එන්නත් පිළිබඳව අධ්‍යයනය කළ අතර කොවිඩ් -19 සඳහා ඉතා භයානක එන්නත් මානව වර්ගයාට එන්නත් කිරීමේ සැලසුමක් ඇති බවට අනතුරු අඟවන හදිසි වීඩියෝවක් ඉදිරිපත් කළාය..මෙම නව එන්නත් වල අරමුණ දෙයාකාර ය.1). අපගේ DNA ප්‍රතික්‍රමලේඛණය (reprogramming) කිරීම මගින් අපව පාලනය කිරීමට පහසු දෙමුහුන් බවට පත් කිරීම..2).නව පාලන ක්ෂේත්‍රයක් විවෘත කරවන.ඩිජිටල් එන්නත් හැඳුනුම්පතක් (Digital Vaccine ID) හරහා අපව කෘතිම බුද්ධියට සම්බන්ධ කිරීම..ගුවන් යානා මගින් මිනිසුන්ට රෝග ප්‍රචාරණය කරන ආකාරය ඇය කිහිප වතාවක් නිරීක්ෂණය කර ඇති බව වෛද්‍ය කැරී මාඩෙජ් (Dr. Carrie Madej) පවසයි. සාධාරණ හේතු නිසා ඇයට මේ පිළිබඳ වැඩි විස්තර ප්‍රසිද්ධියේ බෙදා ගැනීමට නොහැකි වී තිබේ..සංවිධානාත්මක වසංගත ක්‍රම මගින් ජනගහන පාලනය.ආචාර්ය ජෝන් කෝල්මන් (Dr. John Coleman) CIA සංවිධානයෙ හි සුප්‍රසිද්ධ බුද්ධි නිලධාරියෙකි. ඔහු ‘The Committee of 300’ (300 කමිටුව) නමින් පොතක් ලියා තිබේ. රහස් සමාජ (Secret Societies) විසින් ආණ්ඩු, සෞඛ්‍ය සේවා, ආහාර කර්මාන්ත, මාධ්‍ය යනාදිය හසුරුවන ආකාරය එහි විස්තර කරයි. මෙම පොත CIA වෙබ් අඩවියෙන් සොයාගත හැකිය. (15) http://Download the book of CIA officer Coleman.ආණ්ඩු සහ මාධ්‍ය පාලනය කරන ඉහත බොහෝ රහස් සමාජවල ( Secret Societies ) මූලික අරමුණු වලින් එකක් වන්නේ පෘථිවි ජනගහනය පාලනය කිරීමයි..ආචාර්ය කෝල්මන් ඔවුන්ගේ උපාය මාර්ගය ගැන පහත සඳහන් දේ පවසයි..සීමිත යුද්ධ සහ වේගවත් මාරාන්තික රෝග සහිත සංවිධානාත්මක වසංගත මගින් 2050 වර්ෂය වන විට ලෝකයට ප්‍රයෝජනයක් නැතිව ආහාර අනුභව කරන්නන් අවම වශයෙන් බිලියන 4 ක් පමණ තුරන් කළ යුතුය..500,000,000 යටතේ මානව වර්ගයා පවත්වා ගැනීම.1980 දී ජෝර්ජියාවේ ග්‍රැනයිට් ස්මාරකයක් පිහිටුවන ලදි. එය ‘Guidestones’ ලෙස නම් කොට ඇත. එහි මාර්ගෝපදේශ 10 ක් නූතන භාෂා අටකින් කොටා ඇත. එම ග්‍රැනයිට් ස්මාරකයේ ම ඉහලින් කෙටි පණිවිඩයක් පැරණි භාෂා හතරකින් කොටා ඇත. පළමු මාර්ගෝපදේශය පහත පරිදි වේ:.සොබාදහම සමඟ නිරන්තර සමතුලිතතාවයෙන් යුතුව 500,000,000 ට අඩුවෙන් මානව වර්ගයා පවත්වා ගැනීම..CIA නිළධාරි ආචාර්ය කෝල්මන් හෙළි කළේ ‘ජනගහනය පවත්වා ගැනීම’ සඳහා ඔවුන්ගේ එක් ක්‍රමයක් වන්නේ ‘මාරාන්තික වේගවත් රෝගවලින් යුතු සංවිධානාත්මක වසංගත’ ඇති කිරීමයි..මානවවර්ගයා අඩු කිරීම සඳහා එන්නත් භාවිතා කිරීම.ලෝක ජනගහනය 10 – 15% දක්වා අඩු කිරීමේ ඉලක්කය සඳහා නව එන්නත් භාවිතා කළ හැකි බව බිල් ගේට්ස් TED කතාවකදී ප්‍රකාශ කළේය.(16) http://Gates talks about reducing world population using vaccines..‘මේ වන විට පෘථිවියේ බිලියන 6.7 ක ජනතාවක් සිටින අතර ළඟදීම බිලියන 9 ක් වනු ඇත. කෙසේ වෙතත්, නව එන්නත්, සෞඛ්‍ය සේවා සහ උපත් පාලනය ආදිය යොදා ගෙන අප පලදායි කාර්‍යයක් කළහොත් එම සංඛ්‍යාව සියයට දහයේ සිට පහළොව දක්වා අඩු කළ හැකිය’.කොවිඩ්-19 එන්නත.ජනගහන පාලනය සඳහාද?.මයික් ඇඩම්ස් (Mike Adams) යනු සුප්‍රකට ආහාර විද්‍යාඥයෙකි.ඔහු ජනප්‍රිය විද්‍යා පොතක් වන Food Forensics හි කතුවරයා වන අතර ISO පිළිගැනීම ලත් CWC Labs හි නිර්මාතෘවරයා ය. මීට වසර ගණනාවකට පෙර ඔහු පහත සඳහන් දේ පැවසීය..‘නිර්මාණය කරන ලද (ඉංජිනේරුමය) ජෛව ආයුධයක් ජනාකීර්ණ ස්ථානවල මුදා හරිනු ඇත. එන්නත නිපදවීම සඳහා එන්නත් කර්මාන්තයට විශාල වශයෙන් රජයේ අරමුදල් යෙදවීම අවශ්‍ය වේ. ආශ්චර්යමත් ලෙස ඔවුන් වාර්තාගත වේලාවට එන්නතක් නිපදවනු ඇත. සෑම කෙනෙකුම පෙළ ගැසී මෙම එන්නත ලබා ගැනීම අවශ්‍ය වනු ඇත.’.ඔහුගේ පණිවුඩයේ ඉතිරි කොටස නම්, මෙම එන්නත වසර කිහිපයක් තුළ සෙමෙන් මිනිසුන් මිලියන ගණනක් එසේත් නොමැති නම් බිලියන ගණනක් ඝාතනය කිරීමට පටන් ගන්නා බවයි. එය ලෝක ජනගහනය අඩු කිරීම සඳහා නිර්මාණය කර ඇති ඝාතන ස්විච එන්නතකි(Kill-Switch Vaccine)..සාරාංශය:.වසංගතය සැළසුම් කර තිබේද?.වෛද්‍යවරුන් දහස් ගණනක් වසංගතය ගෝලීය අපරාධයක් ලෙසත්, සනීපාරක්ෂක සමාවක් සහිත ලෝක ආඥාදායකත්වයක් ලෙසත් හඳුන්වයි..කොවිඩ් -19 ගෝලීය තලයට පැමිණීමට වසර දෙකකට පෙර, යුරෝපා සංගමය, ඇමරිකා එක්සත් ජනපදය, චීනය සහ අනෙකුත් රටවල් හදිසියේම කොවිඩ් -19 සඳහා පරීක්ෂණ කට්ටල මිලියන ගණනක් අපනයනය කිරීමට පටන් ගත්හ..2013 දී සංගීතඥයෙක් කොරෝනා වෛරසයක් සහිත ගෝලීය වසංගතයක් ගැන පුරෝකථනය කර 2020 දී මෙය සිදුවනු ඇතැයි පවසයි. ඔහු මෙය දැන සිටියේ ‘කුමන්ත්‍රණ න්‍යායන්’ පිළිබඳ පෞද්ගලිකව විමර්ශනය කළ නිසා ය..ට්‍රම්ප් පරිපාලනයේ පළමු ධූර කාලය තුළ බෝවන රෝගයක් පුපුරා යාම පිළිබඳව 2017 දී ඇන්තනි ෆවුසි සහතික කෙළේය..කොරෝනා වෛරස් වසංගතයක් ඇතිවීමට මොහොතකට පෙර බිල් ගේට්ස් විසින් ගෝලීය කොරෝනා වෛරස් වසංගත ව්‍යායාමයක් සංවිධානය කෙළේය: Event201..මෙම වසංගතය පුපුරා යෑමට පෙර ගෝලීය සූදානම පිළිබඳ අධීක්ෂණ මණ්ඩලය (Global Preparedness Monitoring Board) ලොවට කියා සිටියේ කොරෝනා වෛරස් වසංගතයකට සූදානම්ව සිටින ලෙසයි..2018 දී රෝග ආකෘතිකරණය පිළිබඳ ආයතනය ( The Institute for Disease Modeling) විසින් චීනයේ වුහාන් ප්‍රදේශයෙන් ආරම්භ වන උණ වෛරසයක් සහිත ගෝලීය වසංගතයක් ප්‍රකාශයට පත් කළේය..ඉදිරි වසරවලදී සාදන ලද වෛරසයකින් ගෝලීය වසංගතයක් ඇති විය හැකි බව 2018 දී බිල් සහ මෙලින්ඩා ගේට්ස් නිවේදනය කළේය..ඇන්තනි ෆවුසි වෙතින් ඩොලර් මිලියන ගණනක් ලබා ගත් වුහාන් හි පිහිටි ජීව විද්‍යාත්මක අවි පිළිබඳ විද්‍යාගාරයක් වන Bio Safety Lab Level 4 in Wuhan හි කොරෝනා වෛරසය (SARS-CoV-2)නිර්මාණය කරන ලදී..චිත්‍රපට කිහිපයක්ම කොරෝනා වෛරස් වසංගතය ඉතා විස්තරාත්මකව නිරූපණය කර ඇති අතර, ප්‍රතිකාරය ලෙස හයිඩ්‍රොක්සික්ලෝරොක්වයින් යන්න පවා දක්වා ඇත..2012 ගිම්හාන ඔලිම්පික් උළෙල (The Summer Olympics in 2012) ඔවුන්ගේ සමාරම්භක උළෙලේ දී කොරෝනා වෛරස වසංගතයක් රඟ දැක්වීය..ගෝලීය වසංගතයක් ඇතිවිය හැකි බැවින් ‘පාලක පන්තියට’ ඉහළ මට්ටමේ අධිකාරී පාලනයක් ක්‍රියාත්මක කළ හැකි බව ගවේෂණාත්මක මාධ්‍යවේදී හැරී වොක්ස් (Harry Vox) 2014 දී අනාවැකි පළ කළේය..මිනිසාගේ DNA වෙනස් කරන එන්නතක් සෑදීම සඳහා බලකිරීමට යොදා ගැනෙන, වසංගතයක් ( මිනිසා විසින් සාදන ලද වෛරසයකින් පැන නැගෙන) ගැන ගවේෂණාත්මක මාධ්‍යවේදි ඇන්තනි පැච් (Anthony Patch) අනාවැකි පළ කළේය..වෛද්‍ය කැරී මාඩෙජ් (Dr. Carrie Madej) දශක ගණනාවක් තිස්සේ DNA සහ එන්නත් පිළිබඳව අධ්‍යයනය කළ අතර,මිනිස් DNA ප්‍රතිනිර්මාණය කිරීම සඳහා කොවිඩ් -19 එන්නත භාවිතා කිරීමට සැලසුම් කර ඇති බව පවසයි..CIA නිලධාරි ආචාර්ය ජෝන් කෝල්මන් (Dr. John Coleman) රහස් සමාජ පිළිබඳව අධ්‍යයනය කළ අතර ඔවුන්ගේ ඉලක්කය වන්නේ වේගවත් මාරාන්තික රෝගවලින් යුතු සංවිධානාත්මක වසංගත මගින් පෘථිවි ජනගහනය අඩු කිරීම බව ප්‍රකාශ කළේය..1980 දී, මානව වර්ගයා සඳහා භාෂා අටකින් දැක්වෙන මාර්ගෝපදේශ දහයක් සහිතව විශාල ග්‍රැනයිට් ස්මාරකයක් ජෝර්ජියා ප්‍රාන්තයේ ඉදිකරන ලදි. මෙම ‘දස පනතෙහි’ පළමුවැන්න නම් මානව වර්ගයා බිලියන භාගයක් දක්වා අඩු කළ යුතු බවයි..බිල් ගේට්ස් TED කතාවකදී පැවසුවේ ලෝක ජනගහනය 10-15% කින් අඩු කිරීම සඳහා නව එන්නත් භාවිතා කළ හැකි බවයි..අප දැන් දකිමින් සිටින සිදුවීම් මීට වසර ගණනාවකට පෙර මයික් ඇඩම්ස් (The ‘Health Ranger’ Mike Adams) පුරෝකථනය කළේ ය. නිර්මාණය කරන ලද ජෛව ආයුධයක් මුදා හැරීම, ඉන් පසුව එන්නතක් සඳහා ජනතාව අතරින් එන ඉල්ලුම, එන්නත් කර්මාන්තය සඳහා දැවැන්ත රාජ්‍ය අරමුදල් යෙදවීම සහ වාර්තාගත කාලයකදි සංවර්ධනය කරන එන්නතක් යනු එම අනාවැකිය. මෙම එන්නත මගින් වසර කිහිපයක් තුළ ගණනය කළ නොහැකි තරම් මිනිසුන් ප්‍රමාණයක් මිය යනු ඇතැයි ඔහු අනාවැකි පළ කළේය..අධිකාරී පාලන ක්‍රමයක් (වසංගතයෙන් පසුව වඩාත් තීව්‍ර වන) ක්‍රියාත්මක කිරීම ප්‍රතිඵලය කර ගන්නා, මග එන ගෝලීය වසංගතයක් පිළිබඳව රොක්ෆෙලර් පදනම (Rockefeller Foundation) 2010 දී Scenario for the future නම් පොත මගින් ප්‍රකාශ කෙළේය..මෙම හික්ම වුණු ලෝකය නිර්මාණය කරන්නේ කෙසේද යන්න පියවරෙන් පියවර උපදෙස් සහිතව කියා දීමට රොක්ෆෙලර් පදනම (Rockefeller Foundation) 2020 දී අත්පොතක් ප්‍රකාශයට පත් කෙළේය. ලෝකය ‘ අගුලු දමන තුරු ‘ ජීවිතය යථා තත්ත්වයට පත් කළ නොහැකි බව එමගින් කියයි..එන්නත් හැඳුනුම්පත් (Vaccine IDs) මගින්, මයික්‍රොචිප්ස් (microchips) මිනිසුන් තුළට ඇතුළත් කිරීම මගින්, මුහුණු ආවරණ පැළඳීම අනිවාර්ය කිරීම මගින් , සමාජ දුරස්ථභාවයට යොමු කිරීම මගින්, බලහත්කාරී අගුළු දැමීම් මගින් සහ අතීශය පුද්ගලික සම්බන්ධතා සොයා ගැනීම් යනාදිය මගින් බිල් ගේට්ස් සහ ලොව පුරා බොහෝ දෙනෙක් පෙර නොවූ විරූ ආකාරයකින් පාලනය අත්පත් කර ගෙන ඇති බව අපි දකිමු..සිදුවන්නේ කුමක්ද යන්න විවේචනය කරන වෛද්‍යවරුන්ගේ, විද්‍යාඥයින්ගේ හෝ වෙනත් ප්‍රවීණයින්ගේ සෑම හඬක්ම අතිශයින් වාරණය කිරීම මෙම පාලනයේ කොටසකි..Read more at jamesfetzer.org.-Dr.James Fetzer.2020/09/30.පරිවර්තනය:.-Dr.Lochana Fernando.2020/11/25.lankacnews.Facebook.Twitter.Linkedin.Pinterest.Email.Related Posts.කොරෝනා.No comments.Newer Post Older Post Home.Subscribe to: Post Comments (Atom).Popular Posts.දමිතා අබේරත්න රක්ෂිත බන්ධනාගාරයට.සූරියවැව මන්දපෝෂණ රැස්වීමේ ජනතාව විරෝධතා.ඩී.වී.චානක ඇමතිකම එපා කියයි..සරුසාර එකක් ඉල්ලයි.පාර්ලිමේන්තුව විසුරුවා හදිසි මහ මැතිවරණයක්..පොහොට්ටුවේ දැඩි විරෝධය.රාජ්‍ය ඇමතිලා 35ක් දිවුරන්න සූදානම්.Latest Posts.{latest}.Cloud Labels.Corona උණුසුම් පුවත උණුසුම් පුවත් කලා පුවත් කොරෝන කොරෝනා ක්‍රීඩා පිටිය ගොසිප් ජායා රූප දේශපාලන මුළුතැන්ගෙය රූපලාවන්‍ය විදෙස් පුවත් ව්‍යාපාරික පුවත්.Powered by Blogger..Ads Place.Featured Post.ජනපති හා රාජපක්ශලා වැල් පාලමෙන් ගොඩ උනා - සජිත්.ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බලයට පැමිණි දිනවල රටටත් සහ ජනතාවටත් වැල් පාලමකින් එතෙර විය යුතු බව කිව්වද අද වන විට එම පාලමෙන් එතෙර වී ඇත්තේ....Popular Posts.සූරියවැව මන්දපෝෂණ රැස්වීමේ ජනතාව විරෝධතා.පාර්ලිමේන්තුව විසුරුවා හදිසි මහ මැතිවරණයක්..පොහොට්ටුවේ දැඩි විරෝධය.මන්ත්‍රිනියකගේ පුතා හෙරොයින් සමග අත්අඩංගුවට.'නෙලුම් කුළුණ මාර්කට් කලොත් රටේ ආර්ථිකය ගොඩ '-රාජ්‍ය අමාත්‍ය අරුන්දික.Category.Corona 15.උණුසුම් පුවත 1114.උණුසුම් පුවත් 9142.කලා පුවත් 33.කොරෝන 48.කොරෝනා 2520.ක්‍රීඩා පිටිය 273.ගොසිප් 1.ජායා රූප 3.දේශපාලන 2085.මුළුතැන්ගෙය 26.රූපලාවන්‍ය 18.විදෙස් පුවත් 3.ව්‍යාපාරික පුවත් 40.Copyright ©.Footer Menu.Home.About Us.Privacy.Contact |
නැව් වලින් තෙල් බෑම රීලෝඩ් ක්‍රමයට..මුදල් ගෙවා 500mt ගොඩ බායි - Tharunaya.com.Page Nav.HIDE.Grid.GRID_STYLE.Hover Effects.TRUE.Pages.About.Write for Us.Advertising.{fbt_classic_header}.Header Ad.Main Menu.HOME.සිංහල ටෙලිනාට්‍ය.ගින්දර වීඩියෝ.දේපළ ඉඩකඩම් විකිණිමට.ලග්න ඵලාපල.රථවාහන විකිණිමට.Contact Us.Breaking News:.latest.Contact Us.Name.Email *.Message *.නැව් වලින් තෙල් බෑම රීලෝඩ් ක්‍රමයට..මුදල් ගෙවා 500mt ගොඩ බායි.Dulakshi September 13, 2022 උණුසුම් පුවත් Edit this post.Facebook.Twitter.Linkedin.Pinterest.Email.කොළඹ වරායට පැමිණ තිබෙන ඉන්ධන නෞකාවලින් ඉන්ධන ගොඩබෑම සිදුවන්නේ මුදල් ගෙවන ප්‍රමාණයට යැයි තෙල් සංස්ථා අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි. කොළඹ වරායට ....කොළඹ වරායට පැමිණ තිබෙන ඉන්ධන නෞකාවලින් ඉන්ධන ගොඩබෑම සිදුවන්නේ මුදල් ගෙවන ප්‍රමාණයට යැයි තෙල් සංස්ථා අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි..කොළඹ වරායට පැමිණ තිබෙන ඉන්ධන නෞකා තුන අතරින් දෙකක ගොඩබෑම් සිදුකරන්නේ මේ ආකාරයෙන් බව ද එම ආරංචි මාර්ග සඳහන් කළේය..පසුගිය අගෝස්තු 23 දා මෙරටට පැමිණි බොරතෙල් මෙටි්‍රක් ටොන් ලක්‍ෂයක් අඩංගු නැවේ බොරතෙල් මෙටි්‍රක් ටොන් 5000 කට මුදල් ගෙවීමෙන් පසු එම බොරතෙල් ප්‍රමාණය ගොඩබා නැවත එම නැව මුහුදට ගොස් ඇති බව ද එම ආරංචි මාර්ග කියා සිටී..මීට අමතරව සැප්තැම්බර් 04 වැනිදා ඩීසල් මෙටි්‍රක් ටොන් 37,500 ක් රැගෙන මෙරටට පැමිණි නැව ද මුදල් ගෙවීම් කළ ඩීසල් මෙටි්‍රක් ටොන් 17,000 ක් ගොඩබා ඉතිරි ඉන්ධනවලට මුදල් ගෙවන තෙක් මුහුදේ නවතාගෙන සිටින බව ද එම ආරංචි මාර්ග කියා සිටී. මෙම නැව් දෙකට අමතරව ඩීසල් මෙටි්‍රක් ටොන් 37,500 ක් රැගත් නැවක් ද මෙරටට පැමිණ නැංගුරම්ලා තිබෙන බව එම ආරංචි මාර්ග පැවසීය..මෙසේ පැමිණෙන නැව්වලට විශාල මුදලක් ප්‍රමාද ගාස්තු ලෙස ගෙවීමට සිදුවන බව ද මෙවැනි තත්ත්වයක් හමුවේ අනිද්දා (15 දා) පැමිණීමට නියමිත පෙට්‍රල් නැව සඳහා මුදල් ගෙවීමේ ගැටලු මතුවිය හැකි බව ද එම ආරංචි මාර්ග කියා සිටී...Facebook.Twitter.Linkedin.Pinterest.Email.Related Posts.උණුසුම් පුවත්.No comments.Newer Post Older Post Home.Subscribe to: Post Comments (Atom).Popular Posts.දමිතා අබේරත්න රක්ෂිත බන්ධනාගාරයට.සූරියවැව මන්දපෝෂණ රැස්වීමේ ජනතාව විරෝධතා.ඩී.වී.චානක ඇමතිකම එපා කියයි..සරුසාර එකක් ඉල්ලයි.පාර්ලිමේන්තුව විසුරුවා හදිසි මහ මැතිවරණයක්..පොහොට්ටුවේ දැඩි විරෝධය.රාජ්‍ය ඇමතිලා 35ක් දිවුරන්න සූදානම්.Latest Posts.{latest}.Cloud Labels.Corona උණුසුම් පුවත උණුසුම් පුවත් කලා පුවත් කොරෝන කොරෝනා ක්‍රීඩා පිටිය ගොසිප් ජායා රූප දේශපාලන මුළුතැන්ගෙය රූපලාවන්‍ය විදෙස් පුවත් ව්‍යාපාරික පුවත්.Powered by Blogger..Ads Place.Featured Post.ජනපති හා රාජපක්ශලා වැල් පාලමෙන් ගොඩ උනා - සජිත්.ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බලයට පැමිණි දිනවල රටටත් සහ ජනතාවටත් වැල් පාලමකින් එතෙර විය යුතු බව කිව්වද අද වන විට එම පාලමෙන් එතෙර වී ඇත්තේ....Popular Posts.සූරියවැව මන්දපෝෂණ රැස්වීමේ ජනතාව විරෝධතා.පාර්ලිමේන්තුව විසුරුවා හදිසි මහ මැතිවරණයක්..පොහොට්ටුවේ දැඩි විරෝධය.මන්ත්‍රිනියකගේ පුතා හෙරොයින් සමග අත්අඩංගුවට.'නෙලුම් කුළුණ මාර්කට් කලොත් රටේ ආර්ථිකය ගොඩ '-රාජ්‍ය අමාත්‍ය අරුන්දික.Category.Corona 15.උණුසුම් පුවත 1114.උණුසුම් පුවත් 9142.කලා පුවත් 33.කොරෝන 48.කොරෝනා 2520.ක්‍රීඩා පිටිය 273.ගොසිප් 1.ජායා රූප 3.දේශපාලන 2085.මුළුතැන්ගෙය 26.රූපලාවන්‍ය 18.විදෙස් පුවත් 3.ව්‍යාපාරික පුවත් 40.Copyright ©.Footer Menu.Home.About Us.Privacy.Contact |
බේකරි හා ආපනශාලා පවත්වාගෙන යෑමට නොහැකි තත්වයක් - Tharunaya.com.Page Nav.HIDE.Grid.GRID_STYLE.Hover Effects.TRUE.Pages.About.Write for Us.Advertising.{fbt_classic_header}.Header Ad.Main Menu.HOME.සිංහල ටෙලිනාට්‍ය.ගින්දර වීඩියෝ.දේපළ ඉඩකඩම් විකිණිමට.ලග්න ඵලාපල.රථවාහන විකිණිමට.Contact Us.Breaking News:.latest.Contact Us.Name.Email *.Message *.බේකරි හා ආපනශාලා පවත්වාගෙන යෑමට නොහැකි තත්වයක්.Dulakshi May 26, 2022 උණුසුම් පුවත් Edit this post.Facebook.Twitter.Linkedin.Pinterest.Email.පසුගිය දිනවල තිරිගු පිටි , ගැස් ,සහ ආහාර ද්‍රව්‍ය මිල ඉහල යාම හමුවේ බේකරි නිෂ්පාදන වල අලෙවිය අඩු වි ඇති බවත්, ආපනශාලා වල ආහාර ගැනිමට පැමිණෙන....පසුගිය දිනවල තිරිගු පිටි , ගැස් ,සහ ආහාර ද්‍රව්‍ය මිල ඉහල යාම හමුවේ බේකරි නිෂ්පාදන වල අලෙවිය අඩු වි ඇති බවත්, ආපනශාලා වල ආහාර ගැනිමට පැමිණෙන පාරිභෝගිකයන්ගේ විශාල අඩුවක් පවතින බව එම කර්මාන්තය පවත්වාගෙන යන ව්‍යාපාරිකයන් කියා සිටියි..පාන් ඇතුළු බේකරි නිෂ්පාදන වල මිල ගත වු මාස කිහිපය තුල අවස්තා කිහිපයකදි වැඩි විම සහ බේකරි නිෂ්පාදන සදහා භාවිතා කරනු ලබන අමු ද්‍රව්‍ය මිල වැඩි විම හමුවේ අලෙවිය මේ වන විට ඉතා පහත වැටි එම කර්මාන්තය වසා දැමිමේ අවධානමකට පත් වි ඇති බව බේකරි හිමියන් කියා සිටින්නේ..මේ අතර ආපනශාලා හිමියන් කියා සිටින්නේ දැනට පවතින ගැස් අර්බුධය හමුවේ සහ පිටි මිල ඇතුළු ආපනශාලා වලට ආහාර ද්‍රව්‍ය පිළිවෙල කිරිම සදහා භාවිතා කරන සහල් ඇතුළු ද්‍රව්‍ය කිහිපයකම මිල ඉහල යාම හමුවේ පිලියෙල කරන ලද සැම ආහාර ද්‍රව්‍යකම මිල ඉහල යාම හමුවේ තම වෙලදසැල් වලට පාරිභෝගිකයන් පැමිණිමේ විශාල අඩුවක් ඇති බවයි ආපනශාලා හිමියන් කියා සිටියේ..ආපනශාලා වල සේවය කරන සේවකයන්ගේ පඩිය , කඩ කුලිය , විදුලි සහ ජල බිල්පත් ගෙවිමේදි තමන් එම ව්‍යාපාරයෙන් කිසිදු ආදායමක් නොලැබිම හමුවේ එම ව්‍යාපාරයද වසා දැමිමට සිදු වන බව හැටන් නගරයේ ආපනශාලා හිමියන් වැඩිදුරටත් පැවසිය...Facebook.Twitter.Linkedin.Pinterest.Email.Related Posts.උණුසුම් පුවත්.No comments.Newer Post Older Post Home.Subscribe to: Post Comments (Atom).Popular Posts.දමිතා අබේරත්න රක්ෂිත බන්ධනාගාරයට.සූරියවැව මන්දපෝෂණ රැස්වීමේ ජනතාව විරෝධතා.ඩී.වී.චානක ඇමතිකම එපා කියයි..සරුසාර එකක් ඉල්ලයි.පාර්ලිමේන්තුව විසුරුවා හදිසි මහ මැතිවරණයක්..පොහොට්ටුවේ දැඩි විරෝධය.රාජ්‍ය ඇමතිලා 35ක් දිවුරන්න සූදානම්.Latest Posts.{latest}.Cloud Labels.Corona උණුසුම් පුවත උණුසුම් පුවත් කලා පුවත් කොරෝන කොරෝනා ක්‍රීඩා පිටිය ගොසිප් ජායා රූප දේශපාලන මුළුතැන්ගෙය රූපලාවන්‍ය විදෙස් පුවත් ව්‍යාපාරික පුවත්.Powered by Blogger..Ads Place.Featured Post.ජනපති හා රාජපක්ශලා වැල් පාලමෙන් ගොඩ උනා - සජිත්.ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බලයට පැමිණි දිනවල රටටත් සහ ජනතාවටත් වැල් පාලමකින් එතෙර විය යුතු බව කිව්වද අද වන විට එම පාලමෙන් එතෙර වී ඇත්තේ....Popular Posts.සූරියවැව මන්දපෝෂණ රැස්වීමේ ජනතාව විරෝධතා.පාර්ලිමේන්තුව විසුරුවා හදිසි මහ මැතිවරණයක්..පොහොට්ටුවේ දැඩි විරෝධය.මන්ත්‍රිනියකගේ පුතා හෙරොයින් සමග අත්අඩංගුවට.උඩුවේ ධම්මාලෝක හිමි අත්අඩංංගුවට ගන්නැයි අධිකරණයෙන් නියෝග.Category.Corona 15.උණුසුම් පුවත 1114.උණුසුම් පුවත් 9142.කලා පුවත් 33.කොරෝන 48.කොරෝනා 2520.ක්‍රීඩා පිටිය 273.ගොසිප් 1.ජායා රූප 3.දේශපාලන 2085.මුළුතැන්ගෙය 26.රූපලාවන්‍ය 18.විදෙස් පුවත් 3.ව්‍යාපාරික පුවත් 40.Copyright ©.Footer Menu.Home.About Us.Privacy.Contact |
හමුදා නිලධාරියකු අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් කර ආර්ථික ප‍්‍රශ්න විසඳන්න බෑ – පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා - Tharunaya.com.Page Nav.HIDE.Grid.GRID_STYLE.Hover Effects.TRUE.Pages.About.Write for Us.Advertising.{fbt_classic_header}.Header Ad.Main Menu.HOME.සිංහල ටෙලිනාට්‍ය.ගින්දර වීඩියෝ.දේපළ ඉඩකඩම් විකිණිමට.ලග්න ඵලාපල.රථවාහන විකිණිමට.Contact Us.Breaking News:.latest.Contact Us.Name.Email *.Message *.හමුදා නිලධාරියකු අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් කර ආර්ථික ප‍්‍රශ්න විසඳන්න බෑ – පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා.News September 02, 2021 දේශපාලන Edit this post.Facebook.Twitter.Linkedin.Pinterest.Email.හමුදා නිලධාරියෙක් පත් කිරීමෙන් පවතින ආර්ථික ප‍්‍රශ්න විසඳිය නොහැකි බවත්, එම ප‍්‍රශ්නය විසඳිය හැකි වැඩපිළිවෙළ ඇත්තේ වෙළෙඳපොළ තුළ බවත්, ඩොලර.....හමුදා නිලධාරියෙක් පත් කිරීමෙන් පවතින ආර්ථික ප‍්‍රශ්න විසඳිය නොහැකි බවත්, එම ප‍්‍රශ්නය විසඳිය හැකි වැඩපිළිවෙළ ඇත්තේ වෙළෙඳපොළ තුළ බවත්, ඩොලර් නොමැති නිසා සීනි මිල ඉහළ යන බවත් සමගි ජනබලවේගයේ භාණ්ඩාගාරික කොළඹ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය..විපක්ෂ නායක කාර්යාලයේ පෙරේදා (31 දා) පැවති මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ මන්තී‍්‍රවරයා මේ බව කී අතර එහිදී වැඩිදුරටත් මෙසේද කියා සිටියේය..රජයේ වියදම් අඩු කරන ලෙසට කැබිනට් පත‍්‍රිකාවක් ඇතුළත් කර තිබෙන බව අපි පුවත්පත්වලින් දැක්කා. එහි අමතර දීමනා අවම කරන්න ආරම්භ නොකර තිබෙන සංවර්ධන ව්‍යාපෘති අත්හිටුවන්න යන වශයෙන් එහි සඳහන් වෙනවා. පසුගිය කාලයේ අපි විවිධ පෝලිම් දැක්කා. එහි ගෑස් පෝලිම්, කිරිපිටි පෝලිම්, ඉන්ධන පෝලිම් තිබුණා. ආනන්ද පාලිත මහතා අත්අඩංගුවට ගත්තත් නැතත් හෙට අනිද්දා ඉන්ධන පෝලිම් ඇති වෙනවා..ඒ අතරේ ජනාධිපතිතුමා විසින් ගැසට් එකක් නිකුත් කරලා. අත්‍යවශ්‍ය ආහාර සැපයීම් සඳහා වන හදිසි නීති රෙගුලාසි ශ‍්‍රී ලංකාව මුළුල්ලේම 2021 අගෝස්තු මස 30 වැනි දින සිට ක‍්‍රියාත්මක විය යුතු යැයි මෙම ප‍්‍රකාශයෙන් ප‍්‍රකාශ කරමි කියලා ජනාධිපතිතුමා අත්සන් කර තිබෙනවා..ඒ කියන්නේ හදිසි නීතිය යටතේ රෙගුලාසි පනවා තිබෙනවා. එය ආහාර සැපයීම සඳහා වී, සහල්, සීනි අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා. අපි දන්නවා ශත විසිපහට බද්ද අඩු කරලා සීනි ගෙනැල්ලා ඒ සම්බන්ධයෙන් රජයට වෙච්ච පාඩුව. රුපියල් බිලියන 15 ක් කියලා මුදල් අමාත්‍යාංශයෙන්ම දැනුම් දීලා තියෙන අවස්ථාවේ සතොසට ඒ රුපියල් අසූගාණට විකුණනවා වෙනුවට දෙසීය ගාණට විකුණලා සතොසට පාඩු කරමින් සමහරු ලබාගත්ත අධික ලාභයක් පිළිබඳව වෝහාරික විගණනයක් කරන්න කියලා අපි දිගින් දිගටම රජයට කිව්වා. නමුත් රජය කිසිම ක‍්‍රියාමාර්ගයක් ගෙන නැහැ. අපිට ආරංචි වෙන විදියට විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් එය සිද්ධ වෙන බව දැනගන්න ලැබෙනවා..ඒ කොහොම වුණත් අද වනවිට ශත 25 බද්දට ගේන සීනි කිලෝ එක 230, 240, 250 ට විකිණුවාට සතොසෙන් දෙනවා 130 ට කියන්නේ සලාක ක‍්‍රමයට. අපිට මතකයි එදා හාල්පොත තිබුණේ කොහොමද කියලා. එහිදී සමහරු කලින් ඉඳන්ම කිව්වා විකල්ප ආර්ථික මොඩලය හරහා රට නැවත 1977 කාලයට පත්වෙන වෙන බව..විශාල බදු සහන 2019 දෙසැම්බර් වනවිට ලබා දුන්නා. එහිදී හොරු කණ්ඩායමකට මහා විශාල ලාභ ලබන්න බදු ගෙවන්න තියෙන ප‍්‍රමාණය අතිශයින් අඩු කරලා ඔවුන්ගේ සුඛ විහරණයට අවස්ථාව ලබා දුන්න බව අපි දකිනවා. මේ ආයතනවල ලාභ රුපියල් බිලියන ගණන්වලින් ඉහළ යනවා. දැන් ලීසින් එක ගෙවා ගන්න ණය වාරිකය.ගෙවා ගන්න බැරුව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයා ඉතාමත්ම අමාරු තැනකට තල්ලූ වෙලා. එහිදී බැංකුවල ලාභය 2020 මුළු අවුරුද්දටම 2019 ටත් වඩා ඉහළ ගිහින් තිබෙනවා..අපි දකිනවා අද පත්තරේ තිබෙනවා කෝවිඞ් නිසා මියගිය 85% ක්ම නිදන්ගත රෝගී වූ අය බව. ඒ කියන්නේ රෝගියා මැරෙන්නෙ කොරෝනා වසංගතයට වඩා කලින් තිබුණු නිදන්ගත රෝග නිසා. එහිදී ලංකාවේ ආර්ථික ප‍්‍රශ්නයත් ඒකයි. ආර්ථිකය කඩා වැටෙන්නෙත් නිදන්ගත රෝග නිසා. එක පැත්තකින් කාලයක් තිස්සේ තිබුණු රාජ්‍ය මූල්‍ය අර්බුදය, ආදායමට වඩා වියදම වැඩිවීම. ඒ වගේම ණය කන්ද. ඒ වගේම ආනයනවලට සාපේක්ෂ ලෙස අපනයන මදිකමක්. එහිදී එක පැත්තකින් නිදන්ගත රෝගය රාජ්‍ය මූල්‍ය ප‍්‍රශ්නය. අනිත් රෝගය තමයි ගෙවුම් ශේෂ ප‍්‍රශ්නය. එතකොට කෝවිඞ් වසංගතය හරහා යම් කිසි විදියට ආර්ථිකයට පහරක් වැදිලා තියෙන එක අපි පිළිගන්නවා. නමුත් ඒ ආර්ථික පහර කළමනාකරණය කරගන්න පුළුවන් විය යුතුයි. මේ අපේ රටට පමණක් තියෙන ප‍්‍රශ්නයක් නෙමෙයි..අද බංග්ලාදේශයෙන් ඩොලර් මිලියන 200 ක් දුන්න බව කියනවා. ඒ රටේ මිනිස්සු කොච්චර ජීවත් වෙනවද? හැබැයි බංග්ලාදේශය මූල්‍ය අගය පොඞ්ඩක්වත් අව ප‍්‍රමාණය වෙලා නැහැ. ලංකාවේ අව ප‍්‍රමාණ වීම වෙනුවට ඔවුන්ගේ සංචිත ඩොලර් බිලියන හතළිස් ගාණකට වැඩිවෙලා තිබෙනවා. එතකොට එහෙනම් බංග්ලාදේශයටත් අපිට වඩා දරුණු පහරක් කොරෝනාවලින් වැදුණා. ඔවුන්ගේ ආර්ථිකය කඩා වැටුණේ නැහැ..මේ වනවිට හමුදාවේ ප‍්‍රධාන නිලධාරියෙක් නම් කරලා තිබෙනවා අත්‍යවශ්‍ය සේවා කොමසාරිස්වරයා විදියට. ඊළඟට හදිසි නීතිය දාලා තිබෙනවා. එසේ කරලා ආණ්ඩුව හිතනව නම් පෝලිම් නවත්තන්න පුළුවන් කියලා, සීනී රුපියල් 85 ට දෙන්න පුළුවන් කියලා, පරිප්පු මිල අඩු කරන්න පුළුවන් කියලා, අහස උසට ගිහිල්ලා තිබෙන හාල් මිල අඩු කරන්න පුළුවන් කියලා, මේ හදිසි නීතිය දාලා එය කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. හදිසි නීතිය දමලා ආර්ථික ප‍්‍රශ්න විසඳන්න බෑ. හමුදා නිලධාරියෙක් පත් කරල මේ ආර්ථික ප‍්‍රශ්නය විසඳන්න බැහැ. තියෙන එකම වැඩපිළිවෙළ තමයි වෙළෙඳපොළ..ආණ්ඩුව මහ ලොකුවට කෙටි පණිවුඩ යවලා කියනවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබුණ කියලා ඩොලර් මිලියන 787 ක්. ඊට පස්සේ බංගලාදේශයෙන් ඩොලර් මිලියන 150 ක්, චීනයෙන් හම්බ වෙනවා කියලා මිලියන 2000 ක් ඒ කියන්නේ ඩොලර් මිලියන 300 ක් විතර ප‍්‍රමාණයක්. හැබැයි ඔය බංග්ලාදේශයෙන් ලැබෙන ඩොලර් මිලියන 150 ක් අර කලින් ඉන්දියාවෙන් ලැබුණා කිව්වා ඩොලර් 400 වගේ තමයි. කෙටිකාලීන හුවමාරුවක්. මාස 3 ක කාලයකට මාස 3 කින් නැවත ගෙවිය යුතුයි. එහෙම නැත්තං එක පාරක් එය තව මාස තුනක් කල්.ගන්න පුළුවන්. එතකොට මාස හයට වඩා තියෙනවා නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟතාවකට එන්න වෙනවා. ඒ වගේම චීනයෙන් ලැබිලා තියෙන්නෙත් යුවාන් මිලියන 2000 ක්..ඩොලර් නැති නිසා තමයි සීනි මිල ඉහළ යන්නේ. ටික දවසකට පමණක් 130 ගාණේ සතොස හරහා සලාක ක‍්‍රමයට දේවි. එතැනින් එහාට තිරසාර විසඳුමක් නැහැ..devaina.Facebook.Twitter.Linkedin.Pinterest.Email.Related Posts.දේශපාලන.No comments.Newer Post Older Post Home.Subscribe to: Post Comments (Atom).Popular Posts.දමිතා අබේරත්න රක්ෂිත බන්ධනාගාරයට.සූරියවැව මන්දපෝෂණ රැස්වීමේ ජනතාව විරෝධතා.ඩී.වී.චානක ඇමතිකම එපා කියයි..සරුසාර එකක් ඉල්ලයි.පාර්ලිමේන්තුව විසුරුවා හදිසි මහ මැතිවරණයක්..පොහොට්ටුවේ දැඩි විරෝධය.රාජ්‍ය ඇමතිලා 35ක් දිවුරන්න සූදානම්.Latest Posts.{latest}.Cloud Labels.Corona උණුසුම් පුවත උණුසුම් පුවත් කලා පුවත් කොරෝන කොරෝනා ක්‍රීඩා පිටිය ගොසිප් ජායා රූප දේශපාලන මුළුතැන්ගෙය රූපලාවන්‍ය විදෙස් පුවත් ව්‍යාපාරික පුවත්.Powered by Blogger..Ads Place.Featured Post.ජනපති හා රාජපක්ශලා වැල් පාලමෙන් ගොඩ උනා - සජිත්.ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බලයට පැමිණි දිනවල රටටත් සහ ජනතාවටත් වැල් පාලමකින් එතෙර විය යුතු බව කිව්වද අද වන විට එම පාලමෙන් එතෙර වී ඇත්තේ....Popular Posts.සූරියවැව මන්දපෝෂණ රැස්වීමේ ජනතාව විරෝධතා.පාර්ලිමේන්තුව විසුරුවා හදිසි මහ මැතිවරණයක්..පොහොට්ටුවේ දැඩි විරෝධය.මන්ත්‍රිනියකගේ පුතා හෙරොයින් සමග අත්අඩංගුවට.උඩුවේ ධම්මාලෝක හිමි අත්අඩංංගුවට ගන්නැයි අධිකරණයෙන් නියෝග.Category.Corona 15.උණුසුම් පුවත 1114.උණුසුම් පුවත් 9142.කලා පුවත් 33.කොරෝන 48.කොරෝනා 2520.ක්‍රීඩා පිටිය 273.ගොසිප් 1.ජායා රූප 3.දේශපාලන 2085.මුළුතැන්ගෙය 26.රූපලාවන්‍ය 18.විදෙස් පුවත් 3.ව්‍යාපාරික පුවත් 40.Copyright ©.Footer Menu.Home.About Us.Privacy.Contact |
ආර්ථික අර්බුධය ලබන ජනවාරියේ පහව යනවා..- මහ බැංකු අධිපති - Tharunaya.com.Page Nav.HIDE.Grid.GRID_STYLE.Hover Effects.TRUE.Pages.About.Write for Us.Advertising.{fbt_classic_header}.Header Ad.Main Menu.HOME.සිංහල ටෙලිනාට්‍ය.ගින්දර වීඩියෝ.දේපළ ඉඩකඩම් විකිණිමට.ලග්න ඵලාපල.රථවාහන විකිණිමට.Contact Us.Breaking News:.latest.Contact Us.Name.Email *.Message *.ආර්ථික අර්බුධය ලබන ජනවාරියේ පහව යනවා..- මහ බැංකු අධිපති.Dulakshi November 25, 2021 උණුසුම් පුවත් Edit this post.Facebook.Twitter.Linkedin.Pinterest.Email.ආර්ථික අර්බුදය නිසා ඇති වි තිබෙන පීඩනය ලබන ජනවාරි මාසය වන විට පහව යනු ඇතැයි මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා විශ්වාසය පළ කරයි. ඔහු ....ආර්ථික අර්බුදය නිසා ඇති වි තිබෙන පීඩනය ලබන ජනවාරි මාසය වන විට පහව යනු ඇතැයි මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා විශ්වාසය පළ කරයි. ඔහු පෙන්වා දෙන්නේ කොවිඩ් වසංගතයත් සමග ඇති වු ආර්ථික අර්බුදය හේතුවෙන් මේ වන විට රටේ සියළුම ක්ෂේත්‍ර පීඩනයකට ලක් ව සිටින බවයි. එම පිඩනය ලබන ජනවාරි වනතුරු උපරිමයෙන් පවතින බවත් ඉන් අනතුරුව එය ක්‍රමයෙන් පහව යනු ඇති බවත් ඔහු පෙන්වා දෙයි..සංචාරක ක්ෂේත්‍ර යේ නියුතු වූවන් මුහුණ දෙන ගැටළු සම්බන්ධයෙන් මහ බැංකු ශ්‍රවණාගාරයේ දී පැවති විශේෂ සාකච්ඡාවක දී මහ බැංකු අධිපතිවරයා මේ බව සදහන් කළේය..මෙම සාකච්ඡාව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතාගේ ඉල්ලීම පරිදි පැවැත්විණි. සංචාරක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක සංචාරක, සිවිල් ගුවන් සේවා, ගුවන් තොටුපළ හා ගුවන් සේවා, ශ්‍රී ලංකන් යන ආයතන මේ වන විට මුහුණ දෙන ගැටළු සම්බන්ධයෙන් මෙහ දී දීර්ඝ ලෙස අවධානය යොමු කෙරිණි..සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙහි දි මහ බැංකු අධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේ සංචාරක ක්ෂේත්‍රය යථා තත්ත්වයට පත්වන තුරු එම ක්ෂේත්‍ර යේ නියුතු වූවන්ට ලබා දී ඇති සහන දීර්ඝ කරන ලෙසයි. සංචාරක ක්ෂේත්‍ර යේ නියුතු වුවන් ලබා ගෙන ඇති ණය ප්‍රතිව්‍යුහගත කරන ලෙස ඉල්ලීම් ඉදිරිපත්ව ඇතැයි ද ඇමතිවරයා මෙහි දී පෙන්වා දුන්නේය. ඊට ප්‍රතිචාර දැක් වු මහ බැංකු අධිපතිවරයා සදහන් කළේ ඒ සම්බන්ධයෙන් අවධානය යොමු ව ඇති බවයි. අදාළ ණය හිමියන්ගේ ඉල්ලීමක් සහිත යෝජනාවලියක් අදාළ බැංකු වෙත ඉදිරිපත්කොට එය ලබා ගැනීමටත් එවැනි ණයහිමියන්ට අවශ්‍ය වුවහොත් මහ බැංකුව මගින් නිර්දේශයක් ලබාදීමටත් හැකියාව ඇතැයි ඔහු සදහන් කළේය..ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙහි දි වැඩිදුරටත් සදහන් කළේ සංචාරක ක්ෂේත්‍ර යේ නියුතුවුවන්ගේ වාහන ලීසිං සමාගම් විසින් අත්පත්කර ගැනීමේ සිදුවීම් වාර්තා වි ඇති බවයි. ඊට අමතරව අදාළ ලීසිං සමාගම් ලීසිං සහනය ලබා දීමේ දි වාරිකයට තවත් මුදලක් එකතු කිරිමේ සිද්ධින් ද වාර්තා වී ඇතැයි ඇමතිවරයා කීවේය. ඊට ප්‍රතිචාර දක්වමින් මහ බැංකු අධිපති අජික් නිවාඩ් කබ්රාල් මහතා සදහන් කළේ ලීසිං සමාගම් වලට වාහන අත්පත් කර ගැනීම නතර කරන ලෙස දැනුම් දී ඇති බවයි. ලීසිං සහනය ලබාදීමේ දී වාරිකයට අමතර මුදලක් එකතු කිරීම සදහා කිසිසේත් අවසර නැතැයි අවධාරණය කළ මහ බැංකු අධිපතිවරයා ලීසිං සමාගම් වාහන අත්පත් කරගැනීමේ හා අමතර මුදල් එකතු කිරිමේ සිද්ධින් ඇත්නම් ඒ පිළිබද ව වහා මහ බැංකුව දැනුවත් කරන්න යැයි සංචාරක සංවර්ධන අධිකාරියට කීවේය. එවැනි සිද්ධින් වලට සම්බන්ධ ලිසිං සමාගම් වලට එරෙහිව පියවර ගන්නා බව ද ඔහු අවධාරණය කළේය. පසුගිය කාලය තුළ රුපියල් බිලියන 4,100 ක ණය සහන ලබා දී ඇති බව පෙන්වා දුන් මහ බැංකු අධිපතිවරයා රුපියල් බිලියන 330 ක ණය පොළී අඩු කර ඇති බව ද කීවේය..පසුගිය දින 21 ක කාලය තුළ සංචාරකයන් 29,000 ක් මෙරටට පැමිණී බවත් මේ වසර අවසන් වන විට150,000ත් 180,000 ත් අතර සංචාරක පිරිසක් මෙරටට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන බව පැවසු ඇමති ප්‍රසන්න රණතුංග මහතා ලබන වසර වන විට මෙරට සංචාරක ව්‍යාපාරය යථා තත්ත්වයට පත්වෙනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව ද සදහන් කළේය..කටුනායක ගුවන් තොටුපළේ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ දි නව සාමාන්‍යකරණය තත්ත්වය යටතේ ක්‍රියාත්මක නීතිරිති වලින් බාධා මතුවන බව ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගමේ උපසභාපති රජීව් සූරියආරච්චි මහතා කීවේය. ඒ පිළිබද ව මෙහි දී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරැණු අතර මහ බැංකු අධිපතිවරයා කීවේ මුදල් අමාත්‍යාංශය සමග සාකච්ඡා කර එම ගැටළු විසදීමට කඩිනමින් කටයුතු කරන බවයි..සංචාරක අමාත්‍යාංශ ලේකම් එස්.හෙටිටිආරච්චි, ගුවන් තොටුපළ හා අපනයන සැකසුම් කළාප රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මාධව දේවසුරේන්ද්‍ර, සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස, ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගමේ උප සභාපති රජිව් සූරියආරච්චි, සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂක ජෙනරාල් ධම්මිකා විජේසිංහ, මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති ටි.එම්.ජේ.වයි.පි.ප්‍රනාන්දු, ඇතුළු නිළධාරීන් රැසක් මේ සාකච්ඡාවට එක්ව සිටියහ...Facebook.Twitter.Linkedin.Pinterest.Email.Related Posts.උණුසුම් පුවත්.No comments.Newer Post Older Post Home.Subscribe to: Post Comments (Atom).Popular Posts.දමිතා අබේරත්න රක්ෂිත බන්ධනාගාරයට.සූරියවැව මන්දපෝෂණ රැස්වීමේ ජනතාව විරෝධතා.ඩී.වී.චානක ඇමතිකම එපා කියයි..සරුසාර එකක් ඉල්ලයි.පාර්ලිමේන්තුව විසුරුවා හදිසි මහ මැතිවරණයක්..පොහොට්ටුවේ දැඩි විරෝධය.රාජ්‍ය ඇමතිලා 35ක් දිවුරන්න සූදානම්.Latest Posts.{latest}.Cloud Labels.Corona උණුසුම් පුවත උණුසුම් පුවත් කලා පුවත් කොරෝන කොරෝනා ක්‍රීඩා පිටිය ගොසිප් ජායා රූප දේශපාලන මුළුතැන්ගෙය රූපලාවන්‍ය විදෙස් පුවත් ව්‍යාපාරික පුවත්.Powered by Blogger..Ads Place.Featured Post.ජනපති හා රාජපක්ශලා වැල් පාලමෙන් ගොඩ උනා - සජිත්.ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බලයට පැමිණි දිනවල රටටත් සහ ජනතාවටත් වැල් පාලමකින් එතෙර විය යුතු බව කිව්වද අද වන විට එම පාලමෙන් එතෙර වී ඇත්තේ....Popular Posts.සූරියවැව මන්දපෝෂණ රැස්වීමේ ජනතාව විරෝධතා.පාර්ලිමේන්තුව විසුරුවා හදිසි මහ මැතිවරණයක්..පොහොට්ටුවේ දැඩි විරෝධය.මන්ත්‍රිනියකගේ පුතා හෙරොයින් සමග අත්අඩංගුවට.උඩුවේ ධම්මාලෝක හිමි අත්අඩංංගුවට ගන්නැයි අධිකරණයෙන් නියෝග.Category.Corona 15.උණුසුම් පුවත 1114.උණුසුම් පුවත් 9142.කලා පුවත් 33.කොරෝන 48.කොරෝනා 2520.ක්‍රීඩා පිටිය 273.ගොසිප් 1.ජායා රූප 3.දේශපාලන 2085.මුළුතැන්ගෙය 26.රූපලාවන්‍ය 18.විදෙස් පුවත් 3.ව්‍යාපාරික පුවත් 40.Copyright ©.Footer Menu.Home.About Us.Privacy.Contact |
රෝගීව සිටින පුද්ගලයින්ට නිවෙසටම ගොස් කොවිඩ් එන්නත ලබාදීමට ක්‍රමවේදයක් සකස් කරන්න - ජනපති උපදෙස් දෙයි - Tharunaya.com.Page Nav.HIDE.Grid.GRID_STYLE.Hover Effects.TRUE.Pages.About.Write for Us.Advertising.{fbt_classic_header}.Header Ad.Main Menu.HOME.සිංහල ටෙලිනාට්‍ය.ගින්දර වීඩියෝ.දේපළ ඉඩකඩම් විකිණිමට.ලග්න ඵලාපල.රථවාහන විකිණිමට.Contact Us.Breaking News:.latest.Contact Us.Name.Email *.Message *.රෝගීව සිටින පුද්ගලයින්ට නිවෙසටම ගොස් කොවිඩ් එන්නත ලබාදීමට ක්‍රමවේදයක් සකස් කරන්න - ජනපති උපදෙස් දෙයි.News July 16, 2021 දේශපාලන Edit this post.Facebook.Twitter.Linkedin.Pinterest.Email.රෝගාබාධයන්ට ලක්ව, නිවෙස්වලින් බැහැරවිය නොහැකි අය වෙනුවෙන් ජංගම එන්නත්කරණ සේවාවක් කඩිනමින් ආරම්භ කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ....රෝගාබාධයන්ට ලක්ව, නිවෙස්වලින් බැහැරවිය නොහැකි අය වෙනුවෙන් ජංගම එන්නත්කරණ සේවාවක් කඩිනමින් ආරම්භ කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අද නිලධාරීන්ට උපදෙස් දෙනු ලැබුවා..රට පුරා දිස්ත්‍රික්ක මට්ටමින් එන්නත්කරණ ක්‍රියාවලිය වේගවත් කර තිබෙන අතර රෝගාබාධයන්ට ලක්ව නිවෙස්වලින් බැහැර විය නොහැකි පිරිසට එන්නත ලබාදීම ගැටලුවක්ව පවතී. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී හා මහජන සෞඛ්‍ය පරීක්ෂක සහාය ඇතිව හෝ විශේෂ දුරකථන අංක ඔස්සේ තොරතුරු ගෙන, ජංගම එන්නත්කරණ වැඩපිළිවෙළ කඩිනමින් ඇරඹීමේ අවශ්‍යතාවය මෙහිදී ජනාධිපතිතුමා අවධාරණය කර සිටියා..එන්නත්කරණය සහ ඉදිරි මෙහෙයුම් සම්බන්ධයෙන් කොවිඩ් මර්ධන විශේෂ කමිටුව සමඟ අද (16) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේදී ජනාධිපතිතුමා මේ බව ප්‍රකාශ කර සිටියා..පසුගිය දින කිහිපය තුළ හඳුනාගත් කොවිඩ් රොගීන්ගෙන් හා මරණ සංඛ්‍යාවෙන් ඉහළ ප්‍රතිශතයක් එන්නත ලබාගෙන නොමැති අය බව කොවිඩ් කමිටුව අනාවරණය කර සිටියා. මේ නිසා එන්නත්කරණයේ වැදගත්කම කෙරෙහි දැනුවත් කිරීම හා එන්නත්කරණ වැඩසටහනට ජනතාව යොමු කරවීමේ අවශ්‍යතාවය ජනාධිපතිතුමා පෙන්වා දුන්නේ...ගම්පහ හා කළුතර දිස්ත්‍රික්කවල වයස අවුරුදු 30ට වැඩි සියලු දෙනා ඉදිරි සිව් දින තුළ එන්නත්කරණය කළ හැකි බවයි අමාත්‍ය ප්‍රසන්න රණතුංග සහ රෝහිත අබේගුණවර්ධන පෙන්වා දුන්නේ..ආයෝජන ප්‍රවර්ධන හා සංචාරක කේෂ්ත්‍රයට අයත් කලාපවල එන්නත්කරණය 90%කින් අවසන් වී තිබේ. එම නිසා අදාළ කේෂ්ත්‍රවල විශේෂ පිබිදීමක් දක්නට ඇතැයි අමාත්‍ය නාමල් රාජපක්ෂ සඳහන් කළේ. ඕනෑම කේෂ්ත්‍රයක රැකියාවක නියුතු අයෙකුට එන්නත ලබාදෙන ඕනෑම ස්ථානයකින්, පහසුවෙන් එන්නත ලබාගැනීමට අවස්ථාව සලසා දෙන ලෙස ජනාධිපතිතුමා උපදෙස් දුන්නේ..ආයුර්වේද මධ්‍යස්ථාන ආශ්‍රිතව කොවිඩ් රෝගීන්ට සාර්ථකව ප්‍රතිකාර ලබාදීමට හැකි වූ බව දේශීය වෙදකම් ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි සඳහන් කර සිටියේ. එහිදී ප්‍රතිකාර ගත් කිසිවෙකු මරණයට පත් වී නොමැති අතර, ඉක්මණින් සුවය ලැබීම පිළිබඳව විශේෂ පර්යේෂණයකට යොමුවීමේ අවශ්‍යතාවය අමාත්‍ය රමේෂ් පතිරණ පෙන්වා දෙනු ලැබුවෙ..පාසල් ඇරඹීමෙන් පසු ප්‍රතිශක්තිකරණය වර්ධනයට සිසුන් සහ ගුරුවරුන් දේශීය ඖෂධ සඳහා යොමු කිරීමේ අවශ්‍යතාවය ජනාධිපතිතුමා විසින් පෙන්වා දෙනු ලැබිණ..nethnews.Facebook.Twitter.Linkedin.Pinterest.Email.Related Posts.දේශපාලන.No comments.Newer Post Older Post Home.Subscribe to: Post Comments (Atom).Popular Posts.දමිතා අබේරත්න රක්ෂිත බන්ධනාගාරයට.සූරියවැව මන්දපෝෂණ රැස්වීමේ ජනතාව විරෝධතා.ඩී.වී.චානක ඇමතිකම එපා කියයි..සරුසාර එකක් ඉල්ලයි.පාර්ලිමේන්තුව විසුරුවා හදිසි මහ මැතිවරණයක්..පොහොට්ටුවේ දැඩි විරෝධය.රාජ්‍ය ඇමතිලා 35ක් දිවුරන්න සූදානම්.Latest Posts.{latest}.Cloud Labels.Corona උණුසුම් පුවත උණුසුම් පුවත් කලා පුවත් කොරෝන කොරෝනා ක්‍රීඩා පිටිය ගොසිප් ජායා රූප දේශපාලන මුළුතැන්ගෙය රූපලාවන්‍ය විදෙස් පුවත් ව්‍යාපාරික පුවත්.Powered by Blogger..Ads Place.Featured Post.ජනපති හා රාජපක්ශලා වැල් පාලමෙන් ගොඩ උනා - සජිත්.ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බලයට පැමිණි දිනවල රටටත් සහ ජනතාවටත් වැල් පාලමකින් එතෙර විය යුතු බව කිව්වද අද වන විට එම පාලමෙන් එතෙර වී ඇත්තේ....Popular Posts.සූරියවැව මන්දපෝෂණ රැස්වීමේ ජනතාව විරෝධතා.පාර්ලිමේන්තුව විසුරුවා හදිසි මහ මැතිවරණයක්..පොහොට්ටුවේ දැඩි විරෝධය.මන්ත්‍රිනියකගේ පුතා හෙරොයින් සමග අත්අඩංගුවට.උඩුවේ ධම්මාලෝක හිමි අත්අඩංංගුවට ගන්නැයි අධිකරණයෙන් නියෝග.Category.Corona 15.උණුසුම් පුවත 1114.උණුසුම් පුවත් 9142.කලා පුවත් 33.කොරෝන 48.කොරෝනා 2520.ක්‍රීඩා පිටිය 273.ගොසිප් 1.ජායා රූප 3.දේශපාලන 2085.මුළුතැන්ගෙය 26.රූපලාවන්‍ය 18.විදෙස් පුවත් 3.ව්‍යාපාරික පුවත් 40.Copyright ©.Footer Menu.Home.About Us.Privacy.Contact |
ඉන්දියාවෙන් අන්තිම තෙල් නැව එයි..ඉන්පසු තෙල් ගන්න විදියක් නෑ - Tharunaya.com.Page Nav.HIDE.Grid.GRID_STYLE.Hover Effects.TRUE.Pages.About.Write for Us.Advertising.{fbt_classic_header}.Header Ad.Main Menu.HOME.සිංහල ටෙලිනාට්‍ය.ගින්දර වීඩියෝ.දේපළ ඉඩකඩම් විකිණිමට.ලග්න ඵලාපල.රථවාහන විකිණිමට.Contact Us.Breaking News:.latest.Contact Us.Name.Email *.Message *.ඉන්දියාවෙන් අන්තිම තෙල් නැව එයි..ඉන්පසු තෙල් ගන්න විදියක් නෑ.Dulakshi June 03, 2022 උණුසුම් පුවත් Edit this post.Facebook.Twitter.Linkedin.Pinterest.Email.ඉන්දීය ණය යෝජනා ක්‍රමය මගින් ඊළඟ ඩීසල් නැව මෙරටට ගෙන ආවාට පසු රටේ අවශ්‍යතාව පිරිමසා ගැනීම සඳහා තෙල් ආනයනයට වැඩපිළිවෙළක් තාමත් සකසා නොමැති නි....ඉන්දීය ණය යෝජනා ක්‍රමය මගින් ඊළඟ ඩීසල් නැව මෙරටට ගෙන ආවාට පසු රටේ අවශ්‍යතාව පිරිමසා ගැනීම සඳහා තෙල් ආනයනයට වැඩපිළිවෙළක් තාමත් සකසා නොමැති නිසා ඉදිරි සති දෙකෙන් පසු යළි බරපතළ ඉන්ධන අර්බුදයක් මතු විය හැකි බවට තෙල් සංස්ථා උසස් නිලධාරීහු අනතුරු අඟවති..ක්‍ෂණික මිලදී ගැනීම් යටතේ ඉන්ධන ලබා ගැනීමට යම් යම් සැලසුම් ක්‍රියාත්මක කළද සැපයුම්කාර සමාගම් ඒවාට ඉදිරිපත් නොවීම නිසා මෙම තත්ත්වය ඇති වී තිබෙන බවද ඔවුහු කියති..මේ වන විට ලංකා ඛනිජ තෙල් සංස්ථාව සතුව ඔටෝ ඩීසල් මට්‍රික් ටොන් 18,825ක්, සුපර් ඩීසල් මෙට්‍රික් ටොන් 42ක්, ඔක්ටේන් 92 පෙට්‍රල් මෙට්‍රික් ටොන් 33,498ක්, ඔක්ටේන් 95 පෙට්‍රල් මෙට්‍රික් ටොන් 13,067ක් සහ ජෙට් A1(ගුවන්යානා තෙල්) මෙටි්‍රක් ටොන් 386ක් තිබෙන බව විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා ට්විටර් පණිවුඩයක සඳහන් කර තිබුණත් එම ප්‍රමාණය සෑහෙන්නේ සති දෙකකට පමණ යැයි ද එම නිලධාරීහු සඳහන් කළහ..මේ වනවිට මෙරටට ගෙනා බොරතෙල් මෙට්‍රික් ටොන් 90,000ක් යොදා වැසී තිබු සපුගස්කන්ද තෙල් පිරිපහදුව සක්‍රිය කළත් එමගින් ඉන්ධන නිපදවීමට දින දෙක තුනක් ගතවන බව පිරිපහදුවේ උසස් නිලධාරීහු කියා සිටිති..මෙම පිරිපහදුව සඳහා මෙතෙක් කලක් භාවිත කළ බොරතෙල් වර්ගය වෙනුවට රුසියාවෙන් ආනයනය කළ බොරතෙල්වලින් පෙට්‍රල් හා ඩීසල් නිපදවාගත හැක්කේ සියයට 17ක් පමණකැයි විශ්වාස කරන අතර ඉන් වැඩිපුරම නිෂ්පාදනය කෙරෙන්නේ දැවිතෙල් හා තාර වැනි බර නිෂ්පාදන යැයිද ඔවුහු කියා සිටිති..සපුගස්කන්ද පිරිපහදුව සම්පූර්ණ ධාරිතාව යටතේ පිරිපහදුව සිදු කළහොත් මෙම මස මැද වනවිට බොරතෙල් අවසන් වී යළි එය නවතා දැමීමට සිදුවන බවද එහි නිලධාරීහු කියති. අවම ධාරිතාව යටතේ ක්‍රියාත්මක කළත් ලබන 27 වැනිදා වනවිට එය යළි නතර කරන්නට සිදුවී ඇත්තේ බොරතෙල් යළි ආනයනය කිරීමට වැඩපිළිවෙළක් යොදා නොමැති නිසාය..මේ වනවිට තෙල් සංස්ථාව සතුව පවතින සීමිත ඉන්ධන අරපිරිමැස්මෙන් රටපුරා ඉන්ධනහල් වෙත යවන බැවින් සමස්ත ඉන්ධනහල් 1190න් අඩකට වඩා වැඩි ප්‍රමාණයකට ඩීසල්, පෙට්‍රල් ලබාදීමට නොහැකිවී ඒවා වසා දමා තිබේ...Facebook.Twitter.Linkedin.Pinterest.Email.Related Posts.උණුසුම් පුවත්.No comments.Newer Post Older Post Home.Subscribe to: Post Comments (Atom).Popular Posts.දමිතා අබේරත්න රක්ෂිත බන්ධනාගාරයට.සූරියවැව මන්දපෝෂණ රැස්වීමේ ජනතාව විරෝධතා.ඩී.වී.චානක ඇමතිකම එපා කියයි..සරුසාර එකක් ඉල්ලයි.පාර්ලිමේන්තුව විසුරුවා හදිසි මහ මැතිවරණයක්..පොහොට්ටුවේ දැඩි විරෝධය.රාජ්‍ය ඇමතිලා 35ක් දිවුරන්න සූදානම්.Latest Posts.{latest}.Cloud Labels.Corona උණුසුම් පුවත උණුසුම් පුවත් කලා පුවත් කොරෝන කොරෝනා ක්‍රීඩා පිටිය ගොසිප් ජායා රූප දේශපාලන මුළුතැන්ගෙය රූපලාවන්‍ය විදෙස් පුවත් ව්‍යාපාරික පුවත්.Powered by Blogger..Ads Place.Featured Post.ජනපති හා රාජපක්ශලා වැල් පාලමෙන් ගොඩ උනා - සජිත්.ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බලයට පැමිණි දිනවල රටටත් සහ ජනතාවටත් වැල් පාලමකින් එතෙර විය යුතු බව කිව්වද අද වන විට එම පාලමෙන් එතෙර වී ඇත්තේ....Popular Posts.සූරියවැව මන්දපෝෂණ රැස්වීමේ ජනතාව විරෝධතා.පාර්ලිමේන්තුව විසුරුවා හදිසි මහ මැතිවරණයක්..පොහොට්ටුවේ දැඩි විරෝධය.මන්ත්‍රිනියකගේ පුතා හෙරොයින් සමග අත්අඩංගුවට.උඩුවේ ධම්මාලෝක හිමි අත්අඩංංගුවට ගන්නැයි අධිකරණයෙන් නියෝග.Category.Corona 15.උණුසුම් පුවත 1114.උණුසුම් පුවත් 9142.කලා පුවත් 33.කොරෝන 48.කොරෝනා 2520.ක්‍රීඩා පිටිය 273.ගොසිප් 1.ජායා රූප 3.දේශපාලන 2085.මුළුතැන්ගෙය 26.රූපලාවන්‍ය 18.විදෙස් පුවත් 3.ව්‍යාපාරික පුවත් 40.Copyright ©.Footer Menu.Home.About Us.Privacy.Contact |
ඩෙල්ටා ප‍්‍රභේදයට කලින් එකට වඩා ප්‍රබල පැණියක්…- ධම්මික බණ්ඩාර - Tharunaya.com.Page Nav.HIDE.Grid.GRID_STYLE.Hover Effects.TRUE.Pages.About.Write for Us.Advertising.{fbt_classic_header}.Header Ad.Main Menu.HOME.සිංහල ටෙලිනාට්‍ය.ගින්දර වීඩියෝ.දේපළ ඉඩකඩම් විකිණිමට.ලග්න ඵලාපල.රථවාහන විකිණිමට.Contact Us.Breaking News:.latest.Contact Us.Name.Email *.Message *.ඩෙල්ටා ප‍්‍රභේදයට කලින් එකට වඩා ප්‍රබල පැණියක්…- ධම්මික බණ්ඩාර.News August 31, 2021 කොරෝනා Edit this post.Facebook.Twitter.Linkedin.Pinterest.Email.ඔබ ඔය හදල තියෙන්නේ බොරු බෙහෙතක්ය, ඕකෙන් කවුරුවත් සනීප වෙලා නැහැ කියලා බෙහෙත රට පුරා මිනිසුන් අතරට ගියාට පස්සෙ නැගෙන චෝදනා සත්‍යයක්ද? මම ඒ .....ඔබ ඔය හදල තියෙන්නේ බොරු බෙහෙතක්ය, ඕකෙන් කවුරුවත් සනීප වෙලා නැහැ කියලා බෙහෙත රට පුරා මිනිසුන් අතරට ගියාට පස්සෙ නැගෙන චෝදනා සත්‍යයක්ද?.මම ඒ කිසිම චෝදනාවක් පිළිගන්නෙ නැහැ. මගෙන් පැණිය අරන් මම කියපු විදියට දින තුනක් නිර්මාංශව නියම මාත්‍රා ගණනම පාවිච්චි කළ කිසිවකුට කොරෝනා හැදුණෙ නැහැ. කවුරුවත් මියගියේ නැහැ. සමහරු මේ පැණිය අරන් මස් මාංශ කාලා අරක්කු බීපු අයට නම් කොරෝනා හැදෙන්න ඇති..එහෙනම් ඒ චෝදනා ගැන මෙතරම් විශාල ප්‍රචාරයක් ගියේ කොහොමද?.මගෙන් පැණිය ගන්න ඇවිත් අනියම් ලෙස ලබාගන්න බැරිව ආපසු ගිය දෙතුන් දෙනෙක් ප්‍රාදේශීය දේශපාලනඥයකු සමග එකතු වෙලා තමයි පළමුවෙන්ම මට පහර ගහන්න පටන් ගත්තෙ..මේ පැනිය ගැන පර්යේෂණ කරන්න සෞඛ්‍ය ඇමැතිවරිය දේශීය වෛද්‍ය විශේෂඥයන්ගෙ කොමිටියක් පත් කළා නේද. ඒකට මොකද වුණේ?.සෞඛ්‍ය ඇමැතිවරිය පත්කළ කොමිටියේ මමත් හිටියා. මට උදව් රන බටහිර වෛද්‍යවරුන් දෙදෙනකුත් හිටියා. නමුත් ඒ අය පැණිය ගැන පර්යේෂණ කළේ අනුරාධපුරය පැත්තෙ රෝහලක. ඒ කොමිටිය අපිව කැඳෙව්වෙ නැහැ. ඒ නිසා ඒකෙ වාර්තාව ඉල්ලපුවාම ඒක අමාත්‍යාංශයට භාරදුන්නා කිව්වා..ඔබට මුදල් උදව් කළ දේශීය වෛද්‍ය ඇමැතිගෙ ඉඳන් ආයුර්වේදයේ ලොක්කන් පසුව ඇයි ඊට විරුද්ධ වුණේ?.සායනික පරීක්ෂණ හරියට කළේ නැහැ. ආයුර්වේද වෛද්‍ය සභාව මගෙ බෙහෙත් වට්ටෝරුව ගන්න උත්සාහ කළා. මම දුන්නෙ නැහැ. ඒ නිසා මම බොරු බෙහෙත් හදන කෙනෙක් ගානට වැටුණා. මම මගේ භද්‍රකාලි මෑණියන් පාවා දෙන්න සූදානම් නැහැ..ඔබ හැදුව ධම්මික පැණිය බොරුවක් බවට පත්වුණේ ඇයි?.මම මේක රජයට, රටට හඳුන්වා දුන් වෙලාවෙ කවුරුත් නොදන්න දෙයක් වුණා. ආයුර්වේදයේ ලොක්කන් දෙදෙනෙක් මාව කොළඹ තරු පහේ හෝටලයකට කැඳවාගෙන ගිහින් තේ පැන් සංග්‍රහයක් කළා. හැබැයි එතැනදිත් මා එළවළු මිශ්‍රණයක් විතරයි අනුභව කළේ. ඉන් පස්සේ ඒ අය මාව ගාලු මුවදොර හෝටලය ළඟ තියෙන තල් ගස් සෙවනට කැඳවාගෙන ගියා. ඒ නිසා මා සමග දිගු වේලාවක් කතා කරමින් සිට ඒ අය මගෙන් මේ පැණියෙ ව්‍යාපාර අයිතිය ඉල්ලුවා. මම බැහැ කිව්වා. ඔන්න ඕක තමයි සටනේ ආරම්භය. මම මේවා ඕනෙම වෙලාවක හෙළිකරන්නත් සූදානම්. ළඟදි මම ඒකට වීඩියෝ එකක් මාර්ගයෙන් රටට හෙළි කරනවා..ඔබ ඔය පැණිය හදපු ආරම්භය ගැන යමක් කියන්න පුළුවන්ද?.මම මේ පැණිය මුල් අවස්ථාවේදිම මේ රටේ මිනිසුන් ලක්ෂ 40කට විතර නොමිලේ තමයි දුන්නෙ. පසුව මම මේ පැණිය හදන්න අවශ්‍ය මීපැණි, සාදික්කා හිඟයක් ඇතිවුණු වෙලාවෙ ඒවා මම චීනයෙන් රුපියල් ලක්ෂ 59ක් වියදම් කරලා ගෙන්වා ගත්තා. පසුව මම එක්තරා ප්‍රබල දේශපාලනඥයකුට කිව්වා දැන් පැණිය නොමිලේ දුන්නා අති, අවශ්‍ය බෙහෙත් ගෙන්වා ගන්න සහන මිලකට දෙන්න කියලා. ඒ හින්ද තමයි මම කාලෙ බෝතලේ රු. 2,500/-ට විකිණුවේ. ඒ මුදලින් පවා ඇතැම් රෝගීන්ට නොමිලේ ධම්මික පැණිය ලබාදුන්නා. කොවිඩ් 19 මුල් අවස්ථාවේදී මර බියෙන් උන්න මිනිසුන්ගෙ ජීවිත බේරාගන්න හැකි වුණා..ඔබේ පැණිය ගැන පරීක්ෂණ කරන්න ආව අය ධම්මික පැණිය බිව්වෙ නැද්ද?.බිව්ව විතරක් නෙවෙයි, ඒ අයගෙ ඥාතීන්ට බෙදන්න පැණි බෝතල් 100-200 අරන් ගියා. එක් විද්‍යුත් මාධ්‍යයක මාධ්‍යවේදියෙක් මගෙන් පැණිය බීලා පී.සී.ආර්. කරපු වෙලාව නෙගටිව් වුණා. නමුත් ප්‍රචාරය කළේ කොරෝනා හැදුණා කියලයි..ඔබගේ පැණියට විරුද්ධව අප්‍රසිද්ධව නැගී සිටි අයත් සිටියද?.ඒ ප්‍රශ්නයට කලින් කිව යුත්තක් තියෙනවා. මගෙ පැණිය නොමිලේ ගන්න, මිලදී ගන්න ආව දස දහස් ගණනක් පොලිසිය යොදවලා පාලනය කරන්න සිදුවුණා. ඒත් අරන් ගිය අය තමන්ට කොරෝනා සුවවුණා කියලා කියන්න තරම් ඉදිරියට ආවෙ නැත්තෙ ඇයිද යන්න ප්‍රශ්නයක්. අපේ මිනිස්සු හුඟ දෙනෙක් සත්‍යය කතා කරන්නෙ නැහැ. ධම්මික පැණිය බොරුවක්, වස විසක් තියෙනවා කියලා බොරු ආරංචි ඇතම් දේශපාලනඥයන් බටහිර වෛද්‍යවරු විසින් ප්‍රචාරයක් ගෙනගියා. නමුත් මගේ පැණිය පිටුපස බටහිර වෛද්‍යවරු කිහිප දෙනකුම උදව්වට හිටියා. අදටත් ඇතැම් වෛද්‍යවරු මගෙන් පැණිය ලබාගන්න රහසේ විමසීම් කරනවා..එවැනි අයට ඔබ ලබාදෙන ප්‍රතිචාරය මොකක්ද?.අද තියෙන ඩෙල්ටා වෛරසයට නම් කලින් එකට වඩා ප්‍රබල පැණියක් හදන්න ඕනෑ, නමුත් දැන් මම ඒවා කරන්නෙ නැහැ. සමහරු හිතුවා මම පැණිය හරහා දේශපාලනයට එන්න එනවා කියලා. තුන් හිතකවත් මම ඒ වගේ පිස්සුවක් නැහැ. මට දැන් පැණිය නිසා දොස්තරලා බණිනවා. දේශපාලනඥයො බණිනවා. හැම තැනකින්ම බැණුම්. ඒ නිසා මම තීරණය කළා මා සතුව තිබුණු ධම්මික පැණි බෝතල් 8,000ක් විතර ගෙවත්තෙම වළදාන්න. මම ඉඩකඩම් දේපොල තියෙන, කාලි මෑණියන් අදහගෙන ඉන්න අයෙක්..ඔබ කාලි මෑණියන් අදහනවා නම් මේ ප්‍රශ්නයෙදි ඇය ඔබට පිහිට වුණේ නැහැ කියලා හිතනවද?.නැහැ, එහෙම හිතන්නෙ නැහැ. ඒත් මම එකක් කියන්න ඕනෙ. කාලි මැණීයන් කියන්නෙ එකවර දඬුවම් දෙන මෑණි කෙනෙක් නෙවෙයි. ඉදිරියේදී ඇයගෙ දඬුවමට යටත් වන අය ගැන බලාග්නන පුළුවන්..ධම්මික පැණිය නිපදවන්න කර්මාන්ත අමාත්‍යාංශයෙන් පවා මැෂිමක් ලැබුණ නේද? ඒ අමාත්‍යාංශයේ අයත් ඔබගේ නිෂ්පාදන බලන්න ආව නේද?.මගේ මේ වැඩේට කර්මාන්ත අමාත්‍යාංශයේ සහාය ලැබුණා. මැෂිමකුත් ලැබුණා. නමුත් දැන් ඒ යන්ත්‍රයත් ආපහු එම අමාත්‍යාංශයට භාරදෙන්නයි තීරණය කරලා තියෙන්නෙ..මේ රටේ ආයුර්වේදය ගැන ඔබට විශ්වාසයක් නැද්ද?.ආයුර්වේදයත් ඉන්දියාවෙන් ආව වෛද්‍ය ක්‍රමයක්. කොරෝනාවලට බෙහෙත් හදන්න පුළුවන් ඍෂිවරුන්ටයි, පාරම්පරික වෙද මහතුන්ටයි පමණයි..ඔබගේ ධම්මික පැණි බෝතල් රජයේ ආයතන ගණනාවකට දහස් ගණනින් ලබාදුන් බවට ආරංචි පැතිර ගොස් තිබුණා?.ඔව් ඔව්. රජයේ ආයතන ගණනාවකටම මම නොමිලේ පැණි බෝතල් ලබාදුන්නා. වරාය සේවකයන් පිරිසකට ලබාදුන් ඒවාට නම් මුදල් ලබාගත්තා..ඔබ කීවා අධික වියදමක් දරා චීනයෙන් මෑපැණි ගෙන්වා ගත්තා කියලා. දැන් ඒ ඉතිරි වෙන ඒවට මොකද කරන්නෙ?.පාරම්පරික වෛද්‍යවරයකුට බෙහෙත් හදන්න ලබාදෙන්න අදහස් කරනවා..ධම්මික පැණිය නිසා ඔභට සිදුවුණු ඔබට සිදුවුණු අසාධාරණය ගැන ඔබ නිහඬව ඉන්නේ ඇයි?.මට සිදුවුණු හැම අසාධාරණයටම සාක්ෂියක් තියෙනවා. මම ඇත්ත රටටම ළඟදි හෙළි කරනවා..මේ ප්‍රශ්නයනිසා ඇත්තටම ඔභ ඉන්නේ කලකිරීමෙන්ද?.සත්තකින්ම ඔව්. මම ඉන්නෙ වේදනාවෙන්, කලකිරීමකින්. හිතුණොත් රට අතහැරලා යනවා..ඔබ කොරෝනා එන්නත විදගත්තාද?.නැහැ, මම විදගත්තෙ නැහැ..ඔබට ආයුර්වේදයෙන් කිසියම් බලපත්‍රයක් ලබාදී තිබෙනවද?.ඔව්. ආයුර්වේද බෙහෙත් නිෂ්පාදනයට 2020 දෙසැම්බර් සිට 2021 දෙසැම්බර් 21 දක්වා බලපත්‍රයක් ලබාදී තබෙනවා. මට කොරෝනාවලට බෙහෙත් හදන්න බලපත්‍රයක් ලබාදී නැහැ..lankacnews.Facebook.Twitter.Linkedin.Pinterest.Email.Related Posts.කොරෝනා.No comments.Newer Post Older Post Home.Subscribe to: Post Comments (Atom).Popular Posts.දමිතා අබේරත්න රක්ෂිත බන්ධනාගාරයට.සූරියවැව මන්දපෝෂණ රැස්වීමේ ජනතාව විරෝධතා.ඩී.වී.චානක ඇමතිකම එපා කියයි..සරුසාර එකක් ඉල්ලයි.පාර්ලිමේන්තුව විසුරුවා හදිසි මහ මැතිවරණයක්..පොහොට්ටුවේ දැඩි විරෝධය.රාජ්‍ය ඇමතිලා 35ක් දිවුරන්න සූදානම්.Latest Posts.{latest}.Cloud Labels.Corona උණුසුම් පුවත උණුසුම් පුවත් කලා පුවත් කොරෝන කොරෝනා ක්‍රීඩා පිටිය ගොසිප් ජායා රූප දේශපාලන මුළුතැන්ගෙය රූපලාවන්‍ය විදෙස් පුවත් ව්‍යාපාරික පුවත්.Powered by Blogger..Ads Place.Featured Post.ජනපති හා රාජපක්ශලා වැල් පාලමෙන් ගොඩ උනා - සජිත්.ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බලයට පැමිණි දිනවල රටටත් සහ ජනතාවටත් වැල් පාලමකින් එතෙර විය යුතු බව කිව්වද අද වන විට එම පාලමෙන් එතෙර වී ඇත්තේ....Popular Posts.සූරියවැව මන්දපෝෂණ රැස්වීමේ ජනතාව විරෝධතා.පාර්ලිමේන්තුව විසුරුවා හදිසි මහ මැතිවරණයක්..පොහොට්ටුවේ දැඩි විරෝධය.මන්ත්‍රිනියකගේ පුතා හෙරොයින් සමග අත්අඩංගුවට.උඩුවේ ධම්මාලෝක හිමි අත්අඩංංගුවට ගන්නැයි අධිකරණයෙන් නියෝග.Category.Corona 15.උණුසුම් පුවත 1114.උණුසුම් පුවත් 9142.කලා පුවත් 33.කොරෝන 48.කොරෝනා 2520.ක්‍රීඩා පිටිය 273.ගොසිප් 1.ජායා රූප 3.දේශපාලන 2085.මුළුතැන්ගෙය 26.රූපලාවන්‍ය 18.විදෙස් පුවත් 3.ව්‍යාපාරික පුවත් 40.Copyright ©.Footer Menu.Home.About Us.Privacy.Contact |
ජී.එල්. ඉල්ලූ සාකච්චාවට අගරදගුරු බෑ කියති.. - Tharunaya.com.Page Nav.HIDE.Grid.GRID_STYLE.Hover Effects.TRUE.Pages.About.Write for Us.Advertising.{fbt_classic_header}.Header Ad.Main Menu.HOME.සිංහල ටෙලිනාට්‍ය.ගින්දර වීඩියෝ.දේපළ ඉඩකඩම් විකිණිමට.ලග්න ඵලාපල.රථවාහන විකිණිමට.Contact Us.Breaking News:.latest.Contact Us.Name.Email *.Message *.ජී.එල්. ඉල්ලූ සාකච්චාවට අගරදගුරු බෑ කියති...News September 02, 2021 දේශපාලන Edit this post.Facebook.Twitter.Linkedin.Pinterest.Email.පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ පරීක්‍ෂණවලට අදාළව රජය ගෙන ඇති පියවර සම්බන්ධයෙන් දැනුම්දීම සඳහා සාකච්ඡාවකට පැමිණෙන්නැයි විදේශ අමාත්‍ය මහාචා....පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ පරීක්‍ෂණවලට අදාළව රජය ගෙන ඇති පියවර සම්බන්ධයෙන් දැනුම්දීම සඳහා සාකච්ඡාවකට පැමිණෙන්නැයි විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා කර ඇති ආරාධනය පිළිගැනීමට නම් පාස්කු ප්‍රහාරයේ විමර්ශන විනිවිදභාවයකින් සිදුවන බවට විශ්වාසයක් තමා තුළ ඇතිවිය යුතු යැයි මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් අමාත්‍යවරයා වෙත ලිඛිතව දන්වා යවා ඇත..එසේ සාකච්ඡා කරන්නට තමන් විවෘත නමුත් ඒ සඳහා කොන්දේසි කිහිපයක් සම්පූර්ණ විය යුතු බවත් එම කොන්දේසි සම්පූර්ණ වන තුරු සාකච්ඡාවට නොඑන බවත් කාදිනල්තුමා අමාත්‍යවරයා වෙත ලිපියක් යොමු කරමින් පැහැදිලිව දැනුම් දී ඇතැයි කතෝලික සභාවේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමෝ පැවසූහ..පාස්කු ප්‍රහාරය හා සම්බන්ධ විමර්ශන විශ්වාසනීයත්වයෙන් යුතුව සිදුවීමේ වැදගත්බවත්, එම විශ්වාසය ගොඩනැගීමට නම් පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාවෙන් ඉදිරිපත් කර ඇති නිර්දේශ ක්රියාත්මක කිරීම ආරම්භ විය යුතු බවත් කාදිනල්තුමා සිය ලිපියෙන් අමාත්‍යවරයාට දැනුම් දී ඇතැයි ද සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමෝ සඳහන් කළහ..සිරිල් ගාමිණී පියතුමන් මේ බව පැවසුවේ මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමිනි. ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ ඇති පරිදි විමර්ශන ආරම්භ කළොත් කාදිනල්තුමන්, කතෝලික සභාව හා ජනතාව තුළ විශ්වාසයක් ගොඩනැගෙන බවත් එය ගොඩනැගිය හැක්කේ රජයට පමණක් බවත් පියතුමෝ කීහ..ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්‍ෂවරයා සහ පොලිස්පතිවරයා ඉකුත් දා මාධ්‍ය හමුවේ කළ ප්‍රකාශය තුළ ඇතුළත් යම් කරුණුවලින් විශ්වාසය ගොඩනැගීමට වඩා විශ්වාසය පලුදු වී ඇතැයි ද සිරිල් ගාමිණී පියතුමෝ සඳහන් කළහ..ඒ නිසා සාකච්ඡාවක් කිරීමට අවශ්‍යනම් විශ්වාසය ගොඩනැගුණු පසු එය පැවැත්විය හැකි බව ද කාදිනල්තුමන් අමාත්‍යවරයාට දැනුම් දී ඇතැයි පියතුමෝ පැවසූහ..lankacnews.Facebook.Twitter.Linkedin.Pinterest.Email.Related Posts.දේශපාලන.No comments.Newer Post Older Post Home.Subscribe to: Post Comments (Atom).Popular Posts.දමිතා අබේරත්න රක්ෂිත බන්ධනාගාරයට.සූරියවැව මන්දපෝෂණ රැස්වීමේ ජනතාව විරෝධතා.ඩී.වී.චානක ඇමතිකම එපා කියයි..සරුසාර එකක් ඉල්ලයි.පාර්ලිමේන්තුව විසුරුවා හදිසි මහ මැතිවරණයක්..පොහොට්ටුවේ දැඩි විරෝධය.රාජ්‍ය ඇමතිලා 35ක් දිවුරන්න සූදානම්.Latest Posts.{latest}.Cloud Labels.Corona උණුසුම් පුවත උණුසුම් පුවත් කලා පුවත් කොරෝන කොරෝනා ක්‍රීඩා පිටිය ගොසිප් ජායා රූප දේශපාලන මුළුතැන්ගෙය රූපලාවන්‍ය විදෙස් පුවත් ව්‍යාපාරික පුවත්.Powered by Blogger..Ads Place.Featured Post.ජනපති හා රාජපක්ශලා වැල් පාලමෙන් ගොඩ උනා - සජිත්.ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බලයට පැමිණි දිනවල රටටත් සහ ජනතාවටත් වැල් පාලමකින් එතෙර විය යුතු බව කිව්වද අද වන විට එම පාලමෙන් එතෙර වී ඇත්තේ....Popular Posts.සූරියවැව මන්දපෝෂණ රැස්වීමේ ජනතාව විරෝධතා.පාර්ලිමේන්තුව විසුරුවා හදිසි මහ මැතිවරණයක්..පොහොට්ටුවේ දැඩි විරෝධය.මන්ත්‍රිනියකගේ පුතා හෙරොයින් සමග අත්අඩංගුවට.උඩුවේ ධම්මාලෝක හිමි අත්අඩංංගුවට ගන්නැයි අධිකරණයෙන් නියෝග.Category.Corona 15.උණුසුම් පුවත 1114.උණුසුම් පුවත් 9142.කලා පුවත් 33.කොරෝන 48.කොරෝනා 2520.ක්‍රීඩා පිටිය 273.ගොසිප් 1.ජායා රූප 3.දේශපාලන 2085.මුළුතැන්ගෙය 26.රූපලාවන්‍ය 18.විදෙස් පුවත් 3.ව්‍යාපාරික පුවත් 40.Copyright ©.Footer Menu.Home.About Us.Privacy.Contact |
කුසල්-ධනුෂ්ක-නිරෝෂන්ට නිදහසට කරුණු විමසීමේ ලිපි! - Tharunaya.com.Page Nav.HIDE.Grid.GRID_STYLE.Hover Effects.TRUE.Pages.About.Write for Us.Advertising.{fbt_classic_header}.Header Ad.Main Menu.HOME.සිංහල ටෙලිනාට්‍ය.ගින්දර වීඩියෝ.දේපළ ඉඩකඩම් විකිණිමට.ලග්න ඵලාපල.රථවාහන විකිණිමට.Contact Us.Breaking News:.latest.Contact Us.Name.Email *.Message *.කුසල්-ධනුෂ්ක-නිරෝෂන්ට නිදහසට කරුණු විමසීමේ ලිපි!.News July 16, 2021 ගොසිප් Edit this post.Facebook.Twitter.Linkedin.Pinterest.Email.එංගලන්ත තරග සංචාරයක නිරතව සිටින අතරතුරදී රාත්‍රියේ ඩර්හෑම් නගරයේ සංචාරය කරමින් අශෝභන ලෙස හැසිරුණු ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ උප නායක කුසල් ම.....එංගලන්ත තරග සංචාරයක නිරතව සිටින අතරතුරදී රාත්‍රියේ ඩර්හෑම් නගරයේ සංචාරය කරමින් අශෝභන ලෙස හැසිරුණු ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ උප නායක කුසල් මෙන්ඩිස්, ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක සහ නිරෝෂන් දික්වැල්ල යන ක්‍රීඩකයන්ට නිදහසට කරුණු විමසීමේ ලිපියක් භාර දෙයි..කොරෝනා ජෛව ආරක්ෂිත බුබුළ බිඳීම, හොර රහසේ හෝටලයෙන් පිටත්වීම හා රටට අපකීර්තිය ගෙන ඒම වැනි කරුණු යටතේ චෝදනා එල්ල වූ මේ තිදෙනා නිදහසට කරුණු විමසීමේ ලිපියට දක්වන ප්‍රතිචාර අනුව පරීක්ෂණ ඉදිරියට ගෙන යෑමට ශ්‍රී ලංකා ක්‍රිකට් අපේක්ෂා කෙරේ..මේ වෙනුවෙන් ම පත්කළ පංච පුද්ගල කමිටුව අනතුරුව පරීක්ෂණ ආරම්භ කරන අතර, ක්‍රීඩකයන් තිදෙනාගෙන් වෙන වෙනම ප්‍රශ්න කිරීමට නියමිතය. ශ්‍රී ලංකා ක්‍රිකට් පත් කළ මේ කමිටුවට උපරිමාධිකරණයේ හිටපු විනිසුරු නිමල් දිසානායක, නීතිඥ පණ්ඩුක කීර්තිනන්ද, නීතිඥ අසේල රණවක, නීතිඥ උචිත වික්‍රමසිංහ හා විශ්‍රාමික මේජර් ජෙනරාල් එම්.ආර්.ඩබ්ලිව්. ද සොයිසා යන මහත්වරු පත් කර ඇත..සිද්ධියෙන් පසුව කොළඹට ගෙන්වූ ක්‍රීඩකයන් තිදෙනා නිරෝධායන ක්‍රියාවලියේ නිරතව සිටි අතර, එම නිරෝධායනය අවසන් වූ පසු පරීක්ෂණයේ මූලික කටයුතු ආරම්භ කොට ඇත. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ තිදෙනාට එරෙහිව ක්‍රීඩා තහනමක් පනවා ඇති අතර, එංගලන්ත සංචාරයේදී ක්‍රීඩකයන්ට ගෙවන කිසිදු මුදලක් ඔවුන්ට නොදීමට තීරණය වී ඇත. පවතින කොරෝනා තත්ත්වය හමුවේ එම නීති කැඩීම සම්බන්ධව අනිවාර්ය දඬුවමක් දෙනු ඇතැයි පැවැසේ..noizetv.Facebook.Twitter.Linkedin.Pinterest.Email.Related Posts.ගොසිප්.No comments.Newer Post Older Post Home.Subscribe to: Post Comments (Atom).Popular Posts.දමිතා අබේරත්න රක්ෂිත බන්ධනාගාරයට.සූරියවැව මන්දපෝෂණ රැස්වීමේ ජනතාව විරෝධතා.ඩී.වී.චානක ඇමතිකම එපා කියයි..සරුසාර එකක් ඉල්ලයි.පාර්ලිමේන්තුව විසුරුවා හදිසි මහ මැතිවරණයක්..පොහොට්ටුවේ දැඩි විරෝධය.රාජ්‍ය ඇමතිලා 35ක් දිවුරන්න සූදානම්.Latest Posts.{latest}.Cloud Labels.Corona උණුසුම් පුවත උණුසුම් පුවත් කලා පුවත් කොරෝන කොරෝනා ක්‍රීඩා පිටිය ගොසිප් ජායා රූප දේශපාලන මුළුතැන්ගෙය රූපලාවන්‍ය විදෙස් පුවත් ව්‍යාපාරික පුවත්.Powered by Blogger..Ads Place.Featured Post.ජනපති හා රාජපක්ශලා වැල් පාලමෙන් ගොඩ උනා - සජිත්.ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බලයට පැමිණි දිනවල රටටත් සහ ජනතාවටත් වැල් පාලමකින් එතෙර විය යුතු බව කිව්වද අද වන විට එම පාලමෙන් එතෙර වී ඇත්තේ....Popular Posts.සූරියවැව මන්දපෝෂණ රැස්වීමේ ජනතාව විරෝධතා.පාර්ලිමේන්තුව විසුරුවා හදිසි මහ මැතිවරණයක්..පොහොට්ටුවේ දැඩි විරෝධය.මන්ත්‍රිනියකගේ පුතා හෙරොයින් සමග අත්අඩංගුවට.උඩුවේ ධම්මාලෝක හිමි අත්අඩංංගුවට ගන්නැයි අධිකරණයෙන් නියෝග.Category.Corona 15.උණුසුම් පුවත 1114.උණුසුම් පුවත් 9142.කලා පුවත් 33.කොරෝන 48.කොරෝනා 2520.ක්‍රීඩා පිටිය 273.ගොසිප් 1.ජායා රූප 3.දේශපාලන 2085.මුළුතැන්ගෙය 26.රූපලාවන්‍ය 18.විදෙස් පුවත් 3.ව්‍යාපාරික පුවත් 40.Copyright ©.Footer Menu.Home.About Us.Privacy.Contact |
සාෆි නිර්දෝෂ නැහැ; නොදන්නා පාර්ශවයකින් ඔහුගේ ගිණුමට මිලියන 400 ලැබී තිබියදී මිලියන 2.6ක පරිත්‍යාගය ඇස් බැන්දුමක් - වෛද්‍ය වසන්ත බංඩාර, - Tharunaya.com.Page Nav.HIDE.Grid.GRID_STYLE.Hover Effects.TRUE.Pages.About.Write for Us.Advertising.{fbt_classic_header}.Header Ad.Main Menu.HOME.සිංහල ටෙලිනාට්‍ය.ගින්දර වීඩියෝ.දේපළ ඉඩකඩම් විකිණිමට.ලග්න ඵලාපල.රථවාහන විකිණිමට.Contact Us.Breaking News:.latest.Contact Us.Name.Email *.Message *.සාෆි නිර්දෝෂ නැහැ; නොදන්නා පාර්ශවයකින් ඔහුගේ ගිණුමට මිලියන 400 ලැබී තිබියදී මිලියන 2.6ක පරිත්‍යාගය ඇස් බැන්දුමක් - වෛද්‍ය වසන්ත බංඩාර,.janaka June 16, 2022 උණුසුම් පුවත් Edit this post.Facebook.Twitter.Linkedin.Pinterest.Email.සිංහල මව්වරුන් වඳභාවයට පත් කිරීම සහ මුදල් විශුද්ධිකරණය පිළිබඳ චෝදනා වලට අදාළව නඩු කටයුත්තක් තිබියදී වෛද්‍යය සාෆි මහතාට හිඟ වැටුප් ගෙවන්නේ .....සිංහල මව්වරුන් වඳභාවයට පත් කිරීම සහ මුදල් විශුද්ධිකරණය පිළිබඳ චෝදනා වලට අදාළව නඩු කටයුත්තක් තිබියදී වෛද්‍යය සාෆි මහතාට හිඟ වැටුප් ගෙවන්නේ කෙසේදැයි ලංකා ලීඩ් වෙබ් අඩවිය ජාතික සංවිධාන වල මතය විමසන ලදී. එහිදී ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍යය ප්‍රකාශක වෛද්‍යය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේම වචනයෙන්,.“වෛද්‍යය සාෆි අධිකරණයේ නිර්දෝෂී වී නැහැ.එම නඩු කටයුතු තවම අවසන් නැහැ.ඔහුට විරුද්ධව තිබෙන විනය පරීක්ෂණ තවම අවසන් නැහැ.ඊට හේතුව ඔහු කට උත්තර ලබා නොදීම. එම තත්වය තුල වෛද්‍යය සාෆිට හිතවාදී අධ්‍යයක්ෂකවරියක් බවට චෝදනා එල්ල වී ඇති ශ්‍රීනි කරුණාරත්න නැමැති විමර්ෂණ කටයුතු භාර නියෝජ්‍යය අධ්‍යයක්ෂකවරිය විසින් වැරදි තීන්දුවක් ගන්නවා වැඩ තහනම් කිරීම වෙනුවට අනිවාර්ය නිවාඩු යැවීමට. ඒ නිසා අභියාචනාධිකරනයෙන් නියෝගයක් ලැබෙනවා හිඟ වැටුප් ගෙවීමට. එහෙත් විනය පරීක්ෂණ සහ නඩු කටයුතු අවසන්වන තෙක් ඔහුව සේවයේ පිහිටුවීමට බැහැ . එසේම අභියාචනාධිකරණය නියෝග කරනවා ඔහුට විනය පරීක්ෂණ සඳහා වහාම කට උත්තර ලබා දෙන ලෙස.විනය පරීක්ෂණ වාර්තාව අනුව ඔහ්ගේ වැඩ තහනම් විය හැකියි. ඔහුගේ ගිනුමට නොදන්නා පාර්ශවයකින් මිලියන 400ක් ලැබී තිබුණා. ඒ අනුව හිඟ වැටුප පරිත්‍යාග කිරීම මහා පරිත්‍යාගයක් වන්නේ කොහොමද?..Facebook.Twitter.Linkedin.Pinterest.Email.Related Posts.උණුසුම් පුවත්.No comments.Newer Post Older Post Home.Subscribe to: Post Comments (Atom).Popular Posts.දමිතා අබේරත්න රක්ෂිත බන්ධනාගාරයට.සූරියවැව මන්දපෝෂණ රැස්වීමේ ජනතාව විරෝධතා.ඩී.වී.චානක ඇමතිකම එපා කියයි..සරුසාර එකක් ඉල්ලයි.පාර්ලිමේන්තුව විසුරුවා හදිසි මහ මැතිවරණයක්..පොහොට්ටුවේ දැඩි විරෝධය.රාජ්‍ය ඇමතිලා 35ක් දිවුරන්න සූදානම්.Latest Posts.{latest}.Cloud Labels.Corona උණුසුම් පුවත උණුසුම් පුවත් කලා පුවත් කොරෝන කොරෝනා ක්‍රීඩා පිටිය ගොසිප් ජායා රූප දේශපාලන මුළුතැන්ගෙය රූපලාවන්‍ය විදෙස් පුවත් ව්‍යාපාරික පුවත්.Powered by Blogger..Ads Place.Featured Post.ජනපති හා රාජපක්ශලා වැල් පාලමෙන් ගොඩ උනා - සජිත්.ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බලයට පැමිණි දිනවල රටටත් සහ ජනතාවටත් වැල් පාලමකින් එතෙර විය යුතු බව කිව්වද අද වන විට එම පාලමෙන් එතෙර වී ඇත්තේ....Popular Posts.සූරියවැව මන්දපෝෂණ රැස්වීමේ ජනතාව විරෝධතා.පාර්ලිමේන්තුව විසුරුවා හදිසි මහ මැතිවරණයක්..පොහොට්ටුවේ දැඩි විරෝධය.මන්ත්‍රිනියකගේ පුතා හෙරොයින් සමග අත්අඩංගුවට.උඩුවේ ධම්මාලෝක හිමි අත්අඩංංගුවට ගන්නැයි අධිකරණයෙන් නියෝග.Category.Corona 15.උණුසුම් පුවත 1114.උණුසුම් පුවත් 9142.කලා පුවත් 33.කොරෝන 48.කොරෝනා 2520.ක්‍රීඩා පිටිය 273.ගොසිප් 1.ජායා රූප 3.දේශපාලන 2085.මුළුතැන්ගෙය 26.රූපලාවන්‍ය 18.විදෙස් පුවත් 3.ව්‍යාපාරික පුවත් 40.Copyright ©.Footer Menu.Home.About Us.Privacy.Contact |
දරුවන්ගේ අධ්‍යාපන කටයුතු පණගැන්වීමට ඉදිරියට එන්න – ඇමැති විමල් වීරවංශ ගුරු සංගම්වලින් ඉල්ලයි - Tharunaya.com.Page Nav.HIDE.Grid.GRID_STYLE.Hover Effects.TRUE.Pages.About.Write for Us.Advertising.{fbt_classic_header}.Header Ad.Main Menu.HOME.සිංහල ටෙලිනාට්‍ය.ගින්දර වීඩියෝ.දේපළ ඉඩකඩම් විකිණිමට.ලග්න ඵලාපල.රථවාහන විකිණිමට.Contact Us.Breaking News:.latest.Contact Us.Name.Email *.Message *.දරුවන්ගේ අධ්‍යාපන කටයුතු පණගැන්වීමට ඉදිරියට එන්න – ඇමැති විමල් වීරවංශ ගුරු සංගම්වලින් ඉල්ලයි.News September 02, 2021 දේශපාලන Edit this post.Facebook.Twitter.Linkedin.Pinterest.Email.* 5000 කතාව පැත්තකට දමා පොදු විසඳුම පිළිගන්න රජයක් ලෙස මේ දුෂ්කර අභියෝගාත්මක අවස්ථාවේ තමන්ට ලබාදිය හැකි, ගුරු විදුහල්පතිවරුන්ට පිළිගත හැකි ....* 5000 කතාව පැත්තකට දමා පොදු විසඳුම පිළිගන්න.රජයක් ලෙස මේ දුෂ්කර අභියෝගාත්මක අවස්ථාවේ තමන්ට ලබාදිය හැකි, ගුරු විදුහල්පතිවරුන්ට පිළිගත හැකි හොඳම විසඳුම ලබාදීමට තමන් කටයුතු කළ බවත්, එය පිළිගෙන දරුවන්ගේ අධ්‍යාපන කටයුතු පණගැන්වීමට පෙරට එන ලෙස ඉතා කාරුණිකව, ඉතාමත් බැගෑපත්ව මෙරට සමස්ත ගුරු විදුහල්පතිවරුන්ට දෙපා නමැඳ.ඇරැුයුම් කරන බවත් ගුරු විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කිරීමට පත්කළ අමාත්‍ය අනු කමිටු සාමාජික, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය..ඒ මහතා මෙසේ පැවසුවේ ඊයේ (01 වැනිදා) නාරාහේන්පිට රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ Zoom තාක්ෂණය ඔස්සේ පැවැති රජයේ මාධ්‍ය හමුවේදීය..එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේද සඳහන් කළේය..අප ඉදිරිපත් කරනු ලැබූ නිර්දේශ ඇතුළත් වාර්තාව පදනම් කරගනිමින් අමාත්‍ය මණ්ඩලය මෙම ප‍්‍රශ්නය විසඳීමට අදාළව තීරණ රැුසක් පසුගිය සදුඳා ගනු ලැබුවා. පළමුවැන්න ‘අමාත්‍ය මණ්ඩල අනු කමිටුවේ නිර්දේශ ක්රියාත්මක කිරීම ප‍්‍රතිපත්තියක් ලෙස අනුමත කිරීම’ යන්නයි. දෙවැන්න ‘ගුරු සේවය, ගුරු උපදේශක සේවය හා විදුහල්පති සේවය යන සේවාවන් සංවෘත සේවාවක් වශයෙන් 2021 නොවැම්බර් 20 වැනි දිනට පෙර ගැසට් නිවේදනයක් මගින් ප‍්‍රකාශයට පත් කිරීම’ යන්නයි. ඔබ දන්නවා මෙම සේවාවන් තුන ඒකාබද්ධ කොට එක සේවාවක් බවට පත් කිරීමේදී නව සේවා ව්‍යවස්ථාවක් සැකසිය යුතුයි. මෙම සේවාවන් තුන ඒකාබද්ධ කොට හදන සංවෘත සේවාවට, අධ්‍යාපන පරිපාලන සේවයට යෑමට ‘පාලමක්’ සාදා දිය යුතුයි. ඊට ගැළපෙන පරිදි අධ්‍යාපන පරිපාලන සේවා ව්‍යවස්ථාව වෙනස් කළ යුතුයි. මෙවැනි ක‍්‍රියාකාරකම් ජාලයක් තිබෙන නිසා තමයි අපි නිර්දේශ කළේ 2021 නොවැම්බර් 20 ට පෙර මේ පිළිබඳ ගැසට් නිවේදනය නිකුත් කළ යුතු බවට. අමාත්‍ය මණ්ඩලය ද එම නිර්දේශය ඉතා නිවැරදිව පිළිගෙන තිබෙනවා. ගුරු විදුහල්පතිවරුන් බොහෝ කාලයක් තිස්සේ ඉල්ලා සිටි මෙම ඉල්ලීම ඉටුවන අතරේ අමාත්‍ය මණ්ඩලය ඊළඟට අනුමත කළා ‘අමාත්‍ය මණ්ඩල අනු කමිටුව විසින් ගුරු-විදුහල්පති වැටුප් විෂමතාවන් ඉවත් කිරීම’ සඳහා නිර්දේශිත වැටුප් සංශෝධනයන් 2022 අය-වැය යෝජනාවක් මගින් අදියරගතව ක‍්‍රියාත්මක කිරීම පිණිස අවශ්‍ය පියවර ගැනීම’ යන්න..මොනවාද මේ ‘නිර්දේශිත වැටුප් සංශෝධනයන්’ කියන්නේ? එහි පළමු ඇමුණුමේ තිබෙනවා වැටුප් වර්ධනය වන අන්දම. ඒ අනුව විදුහල්පති සේවයේ තුන්වන ශ්‍රේණියට(SLPS III) වැටුප් වැඩි වෙනවා 19.54% කින්. එනම් 35,280, 42,175 දක්වා වැඩි වෙනවා. ඒ වගේම විදුහල්පති සේවයේ දෙවන ශ්‍රේණියට (SLPS II) වැටුප් වැඩි වෙනවා 21.59% කින්. එනම් 40,040, 48,685 දක්වා වැඩි වෙනවා. විදුහල්පති සේවයේ පළමුවැනි ශ්‍රේණියට (SLPS I) වැටුප් වැඩි වෙනවා 25.95% කින්. එනම් 46,325, 58,345 දක්වා වැඩි වෙනවා. ගුරුවරුන්ගේ වැටුප් වැඩිවීමත් මෙලෙසමයි.’.SLTS 3 – II ශ්‍රේණියට වැටුප් වැඩි වෙනවා 13.52% කින්..SLTS 3 – I C ක් ශ්‍රේණියේ වැටුප් වැඩිවීම 15.64% ක්. SLTS 3 – I B ශ්‍රේණියේ වැටුප් වැඩිවීම 18.48% ක්. එලෙසම SLTS 3 – I A ශ්‍රේණියට 20.43% කින් වැටුප් වැඩි වෙනවා. මෙම වැටුප් වැඩිවීම් කැබිනට් මණ්ඩලය අනුමත කර තිබෙනවා..මෙම වැටුප් වැඩිවීම් නොවැම්බරයේදී ඉදිරිපත් කරන අය-වැයත් සමග ක‍්‍රියාත්මක වෙනවා. රටේ පවතින ආර්ථික තත්ත්වය අනුව මහා භාණ්ඩාගාරයට දරාගත හැකි ආකාරයට මෙම වැටුප් වැඩිවීම ලබාදීමට අපි අනු කමිටුව ලෙස විවෘත ඉඩකඩක් තබනු ලැබුවා. මහා භාණ්ඩාගාරයට පෙනෙනවා නම්, ‘අපට මෙම ගෙවීම් එකවර කළ හැකියි’ කියා මුදල් ඇමැතිතුමා ඒ අදහස අයවැය කතාවේදී කියයි. මහා භාණ්ඩාගාරයට පෙනෙනවා නම් ‘මෙය අදියර දෙකකින් ලබාදිය යුතුයි’ කියා එය මුදල් ඇමැතිතුමා අයවැය කතාවේදී සඳහන් කරයි. එයයි අපි අතර ඇතිවී තිබෙන එකඟතාව..මීට අමතරව අපි තවත් ගුරු විදුහල්පති සේවාවන්ට අදාළ නිර්දේශ ගණනාවක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ සියල්ල පළාත් සභාවන්හි අධ්‍යාපනයට අදාළ බලධාරීන් සමග එක්ව මාස 06 ක් ඇතුළත ක‍්‍රියාත්මක කරන ලෙසද කැබිනට් මණ්ඩලය අධ්‍යාපන අමාත්‍යාංශයට නියෝග කර තිබෙනවා. ‘ශ‍්‍රී ලංකාවේ සමස්ත ගුරු ප‍්‍රජාව උපාධිධාරීන් බවට පත් කිරීම අපගේ විශේෂිත අරමුණක්. ඒ සඳහා අධ්‍යාපන විද්‍යාපීඨ ලෙස පවත්වාගෙන යන පීඨ 18ම විශ්ව විද්‍යාල පීඨ බවට පත් කළ යුතුය යන්න එම නිර්දේශ අතර තිබෙනවා. විදුහල්පතිවරුන්ට වෙනම කාර්ය මණ්ඩලයක් ලබාදීම, අනෙකුත් රජයේ මාණ්ඩලික නිලධාරීන්ට මෙන් ඉන්ධන දීමනාවක් ලබාදීම ආදී පහසුකම් ලබාදීමටත් අපි ඉදිරිපත් කළ අනෙකුත් නිර්දේශවලට ඇතුළත් වේ. ගුරුවරුන්ගේ හා විදුහල්පතිවරුන්ගේ අභිමානය පිළිගැනීම, අනන්‍යතාව පිළිගැනෙන පරිදි කාර්යාල පරිසරය සැකසීම, රටෙහි පවතින තත්ත්වය හමුවේ කාර්යක්ෂමව මාර්ගගතව ඉගෙනීම් කටයුතු පවත්වාගෙන යෑමට තාක්ෂණ උපකරණ සපයා ගැනීමට සහනදායී ක‍්‍රමවේදයන් හඳුන්වාදීම ආදිය ද අපේ නිර්දේශවලට එක්කොට තිබෙනවා..මෙවැනි වසංගත අභියෝගයක් පවතින මොහොතක රජයක් විදියට දෙන්න පුළුවන් සාධාරණම විසඳුම තමා මේ දීලා තිබෙන්නේ. කවුරුහරි මේ නිර්දේශවල ‘සුබෝධිනීගේ නම නැහැ’ කියා කෑගසනවා නම් ඒ ‘මස් රාත්තලම ඉල්ලන ෂයිලොක්ලා‘ මිස වෙන කවුරුවත් නොවෙයි. අපි අනුකමිටුව ලෙස නිර්දේශ කළේ නැහැ ‘අය – වැය ගෙන එනතුරු මාස 02 ක් රුපියල් 5000 බැගින් දෙනවා’ කියා. ඒක වැඩි හොඳක් ලෙස දැකලා කැබිනට් මණ්ඩලයේදී මුදල් අමාත්‍යතුමන් තමා යෝජනා කළේ..එය ඇත්තටම සද්භාවයෙන් කළ යෝජනාවක්. වෘත්තීය සමිති කියනවා නම් ‘ඒක එපා. ඒකත් තියාගෙන අයවැය යෝජනාවෙන් වැටුප් වැඩිවීම් ලබාදෙන විට එම මුදලූත් යොදාගන්න’ කියා එය ද ප‍්‍රශ්නයක් නැහැ. ඒක විවාද කරන්න කරුණක් නොවෙයි. ‘5000 කතාව’ පැත්තකට දමලා මේ පොදු විසඳුම පිළිගන්න, කියා අපි මේ රටේ විදුහල්පතිවරුන් සහ ගුරුවරුන්ගෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිනවා..devaina.Facebook.Twitter.Linkedin.Pinterest.Email.Related Posts.දේශපාලන.No comments.Newer Post Older Post Home.Subscribe to: Post Comments (Atom).Popular Posts.දමිතා අබේරත්න රක්ෂිත බන්ධනාගාරයට.සූරියවැව මන්දපෝෂණ රැස්වීමේ ජනතාව විරෝධතා.ඩී.වී.චානක ඇමතිකම එපා කියයි..සරුසාර එකක් ඉල්ලයි.පාර්ලිමේන්තුව විසුරුවා හදිසි මහ මැතිවරණයක්..පොහොට්ටුවේ දැඩි විරෝධය.රාජ්‍ය ඇමතිලා 35ක් දිවුරන්න සූදානම්.Latest Posts.{latest}.Cloud Labels.Corona උණුසුම් පුවත උණුසුම් පුවත් කලා පුවත් කොරෝන කොරෝනා ක්‍රීඩා පිටිය ගොසිප් ජායා රූප දේශපාලන මුළුතැන්ගෙය රූපලාවන්‍ය විදෙස් පුවත් ව්‍යාපාරික පුවත්.Powered by Blogger..Ads Place.Featured Post.ජනපති හා රාජපක්ශලා වැල් පාලමෙන් ගොඩ උනා - සජිත්.ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බලයට පැමිණි දිනවල රටටත් සහ ජනතාවටත් වැල් පාලමකින් එතෙර විය යුතු බව කිව්වද අද වන විට එම පාලමෙන් එතෙර වී ඇත්තේ....Popular Posts.සූරියවැව මන්දපෝෂණ රැස්වීමේ ජනතාව විරෝධතා.පාර්ලිමේන්තුව විසුරුවා හදිසි මහ මැතිවරණයක්..පොහොට්ටුවේ දැඩි විරෝධය.මන්ත්‍රිනියකගේ පුතා හෙරොයින් සමග අත්අඩංගුවට.උඩුවේ ධම්මාලෝක හිමි අත්අඩංංගුවට ගන්නැයි අධිකරණයෙන් නියෝග.Category.Corona 15.උණුසුම් පුවත 1114.උණුසුම් පුවත් 9142.කලා පුවත් 33.කොරෝන 48.කොරෝනා 2520.ක්‍රීඩා පිටිය 273.ගොසිප් 1.ජායා රූප 3.දේශපාලන 2085.මුළුතැන්ගෙය 26.රූපලාවන්‍ය 18.විදෙස් පුවත් 3.ව්‍යාපාරික පුවත් 40.Copyright ©.Footer Menu.Home.About Us.Privacy.Contact |
ටොසිලසිමැබ් ඖෂධ ආනයනයට සමාගම් 05 කට අවසර - Tharunaya.com.Page Nav.HIDE.Grid.GRID_STYLE.Hover Effects.TRUE.Pages.About.Write for Us.Advertising.{fbt_classic_header}.Header Ad.Main Menu.HOME.සිංහල ටෙලිනාට්‍ය.ගින්දර වීඩියෝ.දේපළ ඉඩකඩම් විකිණිමට.ලග්න ඵලාපල.රථවාහන විකිණිමට.Contact Us.Breaking News:.latest.Contact Us.Name.Email *.Message *.ටොසිලසිමැබ් ඖෂධ ආනයනයට සමාගම් 05 කට අවසර.News September 01, 2021 ගොසිප් Edit this post.Facebook.Twitter.Linkedin.Pinterest.Email.කොවිඩ් රෝගීන් ඇතුළු අසාධ්‍ය තත්ත්වයට පත්වන රෝගීන්ට ලබාදෙන ටොසිලසිමැබ් එන්නත් කඩිනමින් මෙරටට ගෙන්වීම සඳහා සමාගම් 05 කට අවසර ලබාදීමට සෞඛ්‍ය අම....කොවිඩ් රෝගීන් ඇතුළු අසාධ්‍ය තත්ත්වයට පත්වන රෝගීන්ට ලබාදෙන ටොසිලසිමැබ් එන්නත් කඩිනමින් මෙරටට ගෙන්වීම සඳහා සමාගම් 05 කට අවසර ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යංශයේ ඖෂධ පිළිබඳ විශේෂඥ කමිටුව අනුමැතිය ලබාදී තිබෙනවා..ජර්මනිය, ස්වස්ටර්ලන්තය, ජපානය සහ තර්කිය යන රටවලින් එම ඖෂධය ගෙන්වීමට විශේෂඥ කමිටුව අනුමැතිය ලබාදී ඇති බවයි සෞඛ්‍ය ආරංචිමාර්ග පැවසුවේ..ටොසිලසිමැබ් නමැති මෙම එන්නත් හිගයක් රට තුළ දැඩිව පවතින බවත් ඒ ඔස්සේ එන්නත් කළු කඩ මාෆියාවක් පවතින බවත් නෙත් නිවුස් පළමු වරට අනාවරණ කළා. පුද්ගලයික ආයතන මඟින් මෙරටට ගෙන්වන ටොසිලසිමැබ් එන්නතක වටිනාකම රුපියල් ලක්ෂ 4 ක් පමණ වන බවයි එමගින් අනාවරණ කෙරුණේ. ඇතැම් පිරිස් එම එන්නතක් රුපියල් ලක්‍ෂ 10 ඉක්මවූ මුදලකට ද අළෙවි කිරීමට සූදානම් වන බවටයි ඉකුත් දා කරුනු අනාවරණ වුණේ..පවතින තත්ත්වය පසැලකිල්ලට ගනිමින් නිෂ්චිත මිල ගණන් යටතේ එම එන්නත් ආනයනය කරන ලෙසයි සෞඛ්‍ය අමාත්‍යංශය අදාල සමාගම් වෙත උපදෙස් ලබාදී ඇත්තේ..එම එන්නතට අවම ලන්සුව රුපියල් දෙලක්ෂ 45,000 ක් පමණ වී තිබෙනවා. මෙරටට රැගෙන එන එන්නත් අදාළ සමාගම් විසින් එක් සථානයකින් පමණක් අලෙවි කළ යුතු බවටද සෞඛ්‍ය අමාත්‍යංශය කොන්දේසි පනවා ඇති බවයි වැඩි දුරටත් වාර්තා වුණේ..මේ අතර ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් අනතුරුව ප්‍රචාරය කෙරෙන බැලුම්ගල වැඩසටහනින්, රෝහල්වල පවතින ඖෂධ හිගය සහ ඒ ආශ්‍රීත කරුණු පිලිබදව සාකච්ඡාවට ලක් කෙරෙනෙවා..nethnews.Facebook.Twitter.Linkedin.Pinterest.Email.Related Posts.ගොසිප්.No comments.Newer Post Older Post Home.Subscribe to: Post Comments (Atom).Popular Posts.දමිතා අබේරත්න රක්ෂිත බන්ධනාගාරයට.සූරියවැව මන්දපෝෂණ රැස්වීමේ ජනතාව විරෝධතා.ඩී.වී.චානක ඇමතිකම එපා කියයි..සරුසාර එකක් ඉල්ලයි.පාර්ලිමේන්තුව විසුරුවා හදිසි මහ මැතිවරණයක්..පොහොට්ටුවේ දැඩි විරෝධය.රාජ්‍ය ඇමතිලා 35ක් දිවුරන්න සූදානම්.Latest Posts.{latest}.Cloud Labels.Corona උණුසුම් පුවත උණුසුම් පුවත් කලා පුවත් කොරෝන කොරෝනා ක්‍රීඩා පිටිය ගොසිප් ජායා රූප දේශපාලන මුළුතැන්ගෙය රූපලාවන්‍ය විදෙස් පුවත් ව්‍යාපාරික පුවත්.Powered by Blogger..Ads Place.Featured Post.ජනපති හා රාජපක්ශලා වැල් පාලමෙන් ගොඩ උනා - සජිත්.ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බලයට පැමිණි දිනවල රටටත් සහ ජනතාවටත් වැල් පාලමකින් එතෙර විය යුතු බව කිව්වද අද වන විට එම පාලමෙන් එතෙර වී ඇත්තේ....Popular Posts.සූරියවැව මන්දපෝෂණ රැස්වීමේ ජනතාව විරෝධතා.පාර්ලිමේන්තුව විසුරුවා හදිසි මහ මැතිවරණයක්..පොහොට්ටුවේ දැඩි විරෝධය.මන්ත්‍රිනියකගේ පුතා හෙරොයින් සමග අත්අඩංගුවට.උඩුවේ ධම්මාලෝක හිමි අත්අඩංංගුවට ගන්නැයි අධිකරණයෙන් නියෝග.Category.Corona 15.උණුසුම් පුවත 1114.උණුසුම් පුවත් 9142.කලා පුවත් 33.කොරෝන 48.කොරෝනා 2520.ක්‍රීඩා පිටිය 273.ගොසිප් 1.ජායා රූප 3.දේශපාලන 2085.මුළුතැන්ගෙය 26.රූපලාවන්‍ය 18.විදෙස් පුවත් 3.ව්‍යාපාරික පුවත් 40.Copyright ©.Footer Menu.Home.About Us.Privacy.Contact |
dubai.News [email protected] Setting.Settings.Log Out.Night mode.Ask From.Market.Advanced Search.Guest.Login.Register.Night mode.vbnvbnvb.dubai created a new article.Translate 20 hours ago.ආතතිය වැඩි නම් බල්ලන්ට ඒක දැනෙනවා | #dogs #human.ආතතිය වැඩි නම් බල්ලන්ට ඒක දැනෙනවා.මනුෂ්‍ය අප ආතතියෙන් පෙළෙනවා නම්, ඒ බව අපගේ බලු සුරතලුන්ට දැනෙන බව බෙල්ෆාස්ට් රැජින විශ්ව විද්‍යාලයේ පර්යේෂකයෝ පෙන්වා දෙති..dubai created a new article.Translate 20 hours ago.මියන්මාර රූ රුජින කැනඩාවට | #world.මියන්මාර රූ රුජින කැනඩාවට.මියන්මාරයේ හමුදා පාලනය විවේචනය කිරීම හේතුවෙන් හමුදා රජයේ උදහසට ලක් වුණු මියන්මාර රූ රැජින හැන් ලේ, තායිලන්තයේ සිට කැනඩාව බලා ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි..dubai created a new article.Translate 20 hours ago.රුසියාවේ ඉල්ලීමට ආරක්ෂක මණ්ඩලය රැස්වෙයි | #russia.රුසියාවේ ඉල්ලීමට ආරක්ෂක මණ්ඩලය රැස්වෙයි.රුසියානු ‘නෝර් ඩ් ස්ටී්‍රම්’ ගෑස් නල පද්ධතියට හානි කිරීම සම්බන්ධව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ රැස්වීමක් රුසියාවේ ඉල්ලීම පරදි කැඳවා තිබේ..dubai created a new article.Translate 20 hours ago.අවුන් සාන් සූ කීට තවත් සිරදඬුවමක් | #miynmar.අවුන් සාන් සූ කීට තවත් සිරදඬුවමක්.බලයෙන් නෙරපා, මියන්මාර හමුදා අත්අඩංගුවේ පසුවන, එරට ප්‍රජාතන්ත්‍රවාදී නායිකා අවුන් සාන් සූ කී ට තවත් තෙවසරක සිර දඬුවමක් නියම විය.dubai created a new article.Translate 20 hours ago.වෛද්‍යවරයාගේ නොසැලකිල්ල නිසා අනපේක්‍ෂිත ලෙස දිවියෙන් සමුගත් හර්ෂනීගේ අවසන් කටයුතු සිදු කෙරේ | #srilanka #operation.වෛද්‍යවරයාගේ නොසැලකිල්ල නිසා අනපේක්‍ෂිත ලෙස දිවියෙන් සමුගත් හර්ෂනීගේ අවසන් කටයුතු සිදු කෙරේ.සැත්කමකින් පසු අනපේක්‍ෂිත ලෙස දිවියෙන් සමුගත් හර්ෂනීගේ අවසන් කටයුතු අද(29) පස්වරුවේ සිදු කෙරුණා..Load more posts.Unfriend.Are you sure you want to unfriend?.Yes.Report this User.Send.Important!.Are you sure that you want to remove this member from your family?.Delete.You have poked Dubai.New member was successfully added to your family list!.Crop your avatar.Save.Comment reported successfully..Post was successfully added to your timeline!.You have reached your limit of 5000 friends!.File size error: The file exceeds allowed the limit (92 MB) and can not be uploaded..Unable to upload a file: This file type is not supported..We have detected some adult content on the image you uploaded, therefore we have declined your upload process..Load more.Load more.Your post was submitted, we will review your content soon..To upload images, videos, and audio files, you have to upgrade to pro member. Upgrade To Pro.Edit Offer.0%.Publish.Aayubo Italy.Aayubo Dubai.Aayubo Qatar.Aayubo Japan.Aayubo South korea |
පිළිකාවට හේතුවෙන මේ දේවල් අත්හරින්න.සිංහලதமிழ்.For Sri Lankan's Overseas.Main.Main.World.Featured.Politics.Gossips.Lifestyle.Sports.Technology.Entertainment.Finance.Recipes.Travel.Education.More.Horoscope.Contact.Aayubo Sri Lanka.X.For Sri Lankan's Overseas.Latest_News.Main.World.Featured.Politics.Gossips.Lifestyle.Sports.Technology.Entertainment.Finance.Recipes.Travel.Education.More.Aayubo Sri Lanka.Gallery.Videos.About.Advertise.Privacy Policy.Terms and Conditions.Contact Us.Search.DEC.23.පිළිකාවට හේතුවෙන මේ දේවල් අත්හරින්න.පිළිකා යනු නිශ්චිත වූ ශරීර කොටසක ඇති සෛල, පාලනයකින් තොරව ප්‍රතිනිෂ්පාදනය කිරීමට පටන් ගන්නා අතර එමඟින් ශරීරයේ අනෙකුත් කොටස් ආක්‍රමණය කිරීම හෝ පැතිරීම සිදු වේ. අනෙකුත් ශරීර කොටස් වලට පැතිර නොයන පිළිකාමය පිළිකාවන් වර්ග දෙකක්ද ඇත. වෛද්‍ය විශේෂඥයින්ට අනුව පිළිකා යනු බොහෝ රෝගාබාධ සමූහයකි...- දුර්වල ජීවන රටාව.- දුර්වල ආහාර ගැනීමේ ක්‍රියාවලිය.- නිසියාකාරව ව්‍යායාම නොකිරීම.- දුම්කොළ ආශ්‍රිත පරිභෝජනයන්.- ජානමය ලෙස.- ආසාදන මගින්..රසායනික ද්‍රව්‍ය හෝ විකිරණවලට පාරිසරිකව නිරාවරණය වීම යන කරුණු කාරණා මගින් පිළිකා වර්ධනය වනවා....බොහෝ අධ්‍යයනවලින් හෙළි වී ඇත්තේ දුර්වල ආහාර ගැනීමෙන් හා ක්‍රියාශීලී නොවීමෙන් පිළිකා වැළඳීමේ අවදානම වැඩි වන බවයි. ලෝක පිළිකා පර්යේෂණ අරමුදලට අනුව ඇමරිකාවේ පමණක් පිළිකා රෝගීන්ගෙන් 20% ක් පවා දුර්වල ආහාර රටා, බර වැඩිවීම, මත්පැන් පානය කිරීම හා ශාරීරික ක්‍රියාකාරකම් වලට සම්බන්ධ නොවන බව සොයාගෙන ඇත. කෙසේ වෙතත්, අනෙකුත් රෝග මෙන්ම, පිළිකා ද වළක්වා ගත හැකිය. ඔබට පිළිකා වැළඳීමේ අවදානම අඩු කළ හැකි වන්නේ,..- පලතුරු සහ එළවළු ඇතුළත් සමබර සෞඛ්‍ය සම්පන්න ආහාර සැලැස්මක් අනුගමනය කිරීම.- දුම්පානය නතර කිරීම.- ව්‍යායාම කිරීම හා.- සෞඛ්‍ය සම්පන්න ශරීර බරක් පවත්වා ගැනීම තුළිනි. දරුණුතම පිළිකා ඇති කරන ආහාර..සීනි සහ සීනි සහිත ආහාර..පිරිපහදු කළ සීනි සෞඛ්‍ය ගැටලු රාශියක් ඇති කරයි. මේ මගින් රුධිරයේ ඉන්සියුලින් මට්ටම ඉහළ නංවන අතර එමඟින් පිළිකා සෛල වර්ධනය වේ. සායනික පෝෂණ පිළිබඳ ඇමරිකානු සංගමය 2006 දී ලිපියක් පළ කර ඇති අතර එහිදී සීනි විශාල ප්‍රමාණයක් පරිභෝජනය කරන පුද්ගලයින්ට අග්න්‍යාශ පිළිකා ඇතිවීමේ අවදානම වැඩි බව ඔවුන් පැහැදිලි කරයි. ඔබ සීනි පරිභෝජනය සීමා කළ යුතුයි...සැකසූ මස්...බේකන්, හැම්, සොසේජස් සහ මෙන්ම ලුණු ද අඩංගු ආහාර. පෝෂණ හා පිළිකා සඟරාව විසින් කරන ලද එක් අධ්‍යයනයකින් හෙළි වූයේ සැකසූ මස් පරිභෝජනය කිරීමෙන් කොලරෙක්ටල් පිළිකා මෙන්ම පුරස්ථ ග්‍රන්ථියේ පිළිකා ඇතිවීමේ අවදානම වැඩි වන බවයි. එබැවින්, ඔබට හැකි තරම් මෙම වර්ගයේ මස් වලින් වැළකී සිටින්න...දුම් ගැසූ හෝ අච්චාරු දමන ලද ආහාර..මෙම වර්ගයේ ආහාර නිතිපතා පරිභෝජනය කිරීම ඉතාමත්ම අහිතකර ය. දුම් ඇල්ලීමේ ක්‍රියාවලියේදී විෂ මස් වලට උරා ගන්නා අතර අච්චාරු දමන ලද ආහාරවල, ආහාර ජීර්ණයේදී එන්-නයිට්‍රෝසෝ ලෙස වෙනස් වන නයිට්‍රේට් අඩංගු වන නිසා පිළිකාවට තුඩු දෙයි. තවද ඒවායේ ආයු කාලය දීර්ඝ කර ගැනීම සඳහා ඒවා කල් තබා ගන්නා ද්‍රව්‍ය එක් කරනු ලැබේ. කල් තබා ගන්නා ද්‍රව්‍ය අධික ලෙස පරිභෝජනය කිරීමද පිළිකාවට හේතු විය හැක...පාන් පිටි..අප දිනපතා පරිභෝජනය කරන බොහෝ ආහාර සෑදීමට සුදු පිටි භාවිතා කරයි. පිරිපහදු කළ පිටි වල විශේෂයෙන්ම අඩංගු වන්නේ අධික කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණයක්. සමහර අධ්‍යයනයන්ට අනුව, කාබෝහයිඩ්‍රේට් විශාල ප්‍රමාණයක් පරිභෝජනය කරන කාන්තාවන්ට පියයුරු පිළිකා ඇතිවීමේ අවදානම වැඩිය. මෙම වර්ගයේ පිටි ද රුධිරයේ සීනි මට්ටම වේගයෙන් වැඩි කරයි. සම්පූර්ණ හාල් පිටි, කුරක්කන් පිටි වැනි සෞඛ්‍ය සම්පන්න විකල්ප තෝරාගන්න....මයික්‍රෝවේව් පොප්කෝන්..මයික්‍රෝවේව් වල සාදන පොප්කෝන් වල ඉතා හානිකර විෂ ද්‍රව්‍යයක් වන පර්ෆ්ලෝරූක්ටැනික් අම්ලය අඩංගු වේ. බොහෝ අධ්‍යයන මගින් මෙම විෂ ද්‍රව්‍යයේ රිණාත්මක බලපෑම් සනාථ කර ඇති අතර එය වකුගඩු හා මුත්රාශයේ පිළිකා සමඟ සම්බන්ධ කර ඇත. මෙම අම්ලය ගැහැණු වඳභාවයට හේතු විය හැකි බව වෙනත් අධ්‍යයනවලින් ද පෙන්වා දී ඇත. මයික්‍රෝවේව් පොප්කෝන් වල ප්‍රොපයිල් ගැලට් වැනි GMO ද අඩංගු වේ...පොටටෝ චිප්ස්..අර්තාපල් අල චිප්ස් නිෂ්පාදනය කිරීමේ ක්‍රියාවලියට අධික තාපයක් අවශ්‍ය වන අතර එමඟින් පිළිකා කාරකයක් වන ඇක්‍රිලමයිඩ් සෑදේ. අර්තාපල් චිප්ස් වල පුරස්ථ ග්‍රන්ථිය, ආහාර ජීර්ණය, ඩිම්බකෝෂය සහ පියයුරු පිළිකා ඇතිවීමේ අවදානම වැඩි කළ හැකි රසායනික ද්‍රව්‍යයක් අඩංගු බව පිළිකා පිළිබඳ ජාත්‍යන්තර සඟරාව පවසයි. මීට අමතරව අර්තාපල් චිප්ස් වල කැලරි, මේද හා ලුණු අධිකව ඇති අතර එය තරබාරුකම, අධික කොලෙස්ටරෝල් සහ අධි රුධිර පීඩනය ඇති කරයි. දේශීය අල වර්ග හෝ නිවසේදීම අර්තාපල් අල චිප්ස් ඔලිව් තෙල් වැනි තෙල් වර්ගයක් සමඟ ඔබේම චිප්ස් සාදා ගන්නේ කෙසේදැයි ඉගෙන ගන්න. ඔබට ඇපල්, බතල කෙසෙල් චිප්ස් ද සාදා ගත හැකිය.........by Kaushalya De Silva.Photo source : Internet.502 Views.Comments.Submit.Suggested.අව්වේ වියළා ගත යුතු මුළුතැන්ගෙයි උපකරණ.771 Views.ආහාර වල නියම රසයට ගින්දර පාලනය.426 Views.ලැජ්ජාව නිසා සැඟවෙන භයානක ගුද පිළිකා.1020 Views.අධික සිහින් බවත් අවදානම්.535 Views.ඇන්ජියෝග්‍රෑම් පරික්ෂාවට පෙර සූදානම ගැන දැනුවත්ද.569 Views.Search.Friday, 30 September 2022.Inauspicious Time.Day to.Auspicious Direction.Weekly Horoscope.Weather Forecast.°c.More Information.ආයුබෝ News.About.Advertise.Privacy Policy.Terms and Conditions.Contact.Copyright @ 2022 Aayubo. All Rights Reserved |
ඇමසෝනියා – Book Hunter.HOTLINE : +94 713 551 551.Track Your Order.Products search.My Cart 0.Home.All Books.Authors.Publishers.English Books.About Us.Contact Us.Home / පරිවර්තන / ඇමසෝනියා.15% OFF.ඇමසෝනියා.රු1,200.00 රු1,020.00.In Stock.ඇමසෝනියා quantity.Add to cart.Quick Overview.Amazonia, James Rollians, ඇමසෝනියා, amasoniya, amazoniya, amasonia, manjula dissanayake.Categories: ත්‍රාස්‍යජනක, පරිවර්තන Tags: Amazoia, James Rollians, Muses Publishing House, මංජුල දිසානායක.Why shop from BookHunter?.FastDelivery.Deliver within 2-5 days to your door step.100% Guarantee.100% guarantee about quality and safe of your order.Description.Reviews (0).Description.ඇමසෝනියා Rs. 1200 -15% discount Rs.1020/-.This book is the sinhala translation of “Amazoia” by James Rollians..ඇමසන් ඝන වනාන්තරයට ඇතුළු වූ කාල් රෑන්ඩ්ගේ විද්‍යා ගවේෂක කණ්ඩායම සලකුණකුදු නොමැතිව අතුරුදන් වේ. වසර ගණනකට පසු, එකී කණ්ඩායමේ විශේෂ බලකා සෙබල සාමාජිකයකු වනයෙන් මිදී නැවත මිනිස් ශිෂ්ටාචාරය කරා පැමිණීමට සමත් වේ. තුවාල කැළලින් ද අංග ඡේදනයෙන් ද, බියෙන් ද පීඩාවට පත්ව සිටි ඔහු දැවැන්ත අබිරහසක් ලෝකය හමුවේ ඉතිරි කරමින් පැය කීපයක් තුළ දී මරණයට පත් වේ. එක අතක් අහිමිව වනයට පිවිසි ඔහු ට නැවත වනයෙන් පිටතට පැමිණෙන විට දෑතම හිමිව තිබුණි! මෙම ගුප්ත සිදුවීම වටහා ගැනීමට නොහැකි වූ අමෙරිකානු රජය; නේතන් රෑන්ඩ්, මෙකී ගුප්ත අබිරහස් සැඟවුණු වනය කරා පිටත් කර හරින්නේ අතුරුදන් වූ ඔහුගේ පියා පිළිබඳ තොරතුරක් ද සෙවීම සඳහා ය. මේ අතර අමෙරිකාවට ගෙන එන විශේෂ බලකා සෙබලාගේ මළ සිරුරෙන් නිකුත් වන මාරාන්තික රෝගකාරකයක් හේතුකරණයකොටගෙන අමෙරිකාවේ ප‍්‍රාන්ත කීපයක්ම ආසාදනයට ලක්වේ. පිරිසක් මරණයට පත්වේ. සිතිය නොහැකි වේගයෙන් මාරාන්තික රෝගය අමෙරිකාව ආක‍්‍රමණය කරයි. නූතන වෛද්‍ය විද්‍යාවට පවා අභියෝග කරන මෙම මාරාන්තික රෝගයට ප‍්‍රතිකාරයක් සොයා ගැනීම ද නේතන් හමුවේ ඇති අභියෝගයක් බවට වේ. එහෙත් එහි දී නේතන්ටත්, ඔහු සමඟ ගවේෂණයට සහභාගී වන විද්‍යාඥයන්ට සහ අමෙරිකානු සෙබලුන්ටත් නොසිතූ විරූ අනතුරුවලට සහ සතුරන්ට මුහුණ දීමට සිදුවේ. මිනිස් පරිකල්පනයෙන් පවා ඔබ්බට දිවෙන බියකරු සිදුවීම්වලට මුහුණ දෙමින්, රුධිර ගංගාවන් මතින්, අවසානයේ දී ඇමසන් වනයට භීතිය ගෙනාවූත් ඇග ලොමුදැහැගන්වනසුලු වූත් යමක් සොයා ගැනීමට ඔවූහු සමත් වෙති. ඇමසන් වනයේ අඳුරු ලෝකය තුළ මානව ශිෂ්ටාචාරයෙන් වෙන්ව හුදෙකලාව සිදුවන මේ බියකරු සිදුවීම කුමක් ද? මිනිසාට කිසිවිටෙක පැරදවිය නොහැකි ස්වභාවධර්මයේ නියමයට පිටුපෑමට නේතන් ඇතුළු පිරිසට හැකි වේ ද?.Reviews.There are no reviews yet..Be the first to review “ඇමසෝනියා” Cancel reply.Your email address will not be published. Required fields are marked *.Your rating * Rate… Perfect Good Average Not that bad Very poor.Your review *.Name *.Email *.Save my name, email, and website in this browser for the next time I comment..You may also like….15%.එස්කැවේෂන්.In Stock.රු1,200.00 රු1,020.00.Add to cart.15%.සෑන්ඩ්ස්ටෝම්.In Stock.රු1,500.00 රු1,275.00.Add to cart.Related products.10%.ව්‍යාඝ්‍ර දඩයම.In Stock.රු350.00 රු315.00.Add to cart.10%.බෝට්ටු සවාරිය.In Stock.රු400.00 රු360.00.Add to cart.10%.ඈ සහ ඇලන්.In Stock.රු450.00 රු405.00.Add to cart.20%.මේ ඔක්කොම වින් ඩික්සි නිසා.In Stock.රු330.00 රු264.00.Add to cart.𝐇𝐮𝐧𝐭𝐞𝐫 𝐇𝐨𝐥𝐝𝐢𝐧𝐠𝐬 (𝐏𝐕𝐓) 𝐋𝐭𝐝..685 B, 3rd Kurana, Colombo Road, Negombo.0713 551 [email protected] categories.අධ්‍යාපනික.ආගමික.කාව්‍යය.කෙටිකතා.චරිතාපදාන.ත්‍රාස්‍යජනක.ධනාත්මක / මනෝවිද්‍යා.නවකතා.පරිවර්තන.විශේෂ පොත් කට්ටල.වෙනත්.සම්මානලාභී / නිර්දේශිත.ළමා.Quick Look.Home.All Books.Authors.Publishers.English Books.About Us.Contact Us.Security..© All rights Reserved by 𝐇𝐮𝐧𝐭𝐞𝐫 𝐇𝐨𝐥𝐝𝐢𝐧𝐠𝐬 (𝐏𝐕𝐓) 𝐋𝐭𝐝 . 2021 CREATED BY VW-VerveWebs..My Cart (0 items).No products in the cart. |
අදානිගේ විදුලි ව්‍යාපෘතියකට මෙරට කැබිනට් අනුමැතිය - Tharunaya.com.Page Nav.HIDE.Grid.GRID_STYLE.Hover Effects.TRUE.Pages.About.Write for Us.Advertising.{fbt_classic_header}.Header Ad.Main Menu.HOME.සිංහල ටෙලිනාට්‍ය.ගින්දර වීඩියෝ.දේපළ ඉඩකඩම් විකිණිමට.ලග්න ඵලාපල.රථවාහන විකිණිමට.Contact Us.Breaking News:.latest.Contact Us.Name.Email *.Message *.අදානිගේ විදුලි ව්‍යාපෘතියකට මෙරට කැබිනට් අනුමැතිය.Dulakshi March 13, 2022 උණුසුම් පුවත Edit this post.Facebook.Twitter.Linkedin.Pinterest.Email.ඉදිරි වසර 6 ඇතුලත පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් මඟින් මෙගා වොට් 5000 ක ප්‍රමාණයක් උත්පාදනය කර එය ජාතික විදුලිබල පද්ධතියට එකතු කිරීමට කටයුතු ක....ඉදිරි වසර 6 ඇතුලත පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් මඟින් මෙගා වොට් 5000 ක ප්‍රමාණයක් උත්පාදනය කර එය ජාතික විදුලිබල පද්ධතියට එකතු කිරීමට කටයුතු කිරීමට අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා උපදෙස් දුන් බව පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතීන් කඩිනම් කිරීම සඳහා පත් කල අමාත්‍ය මණ්ඩල අනුකමිටුවේ සභාපති , ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායක , මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කරයි..එමෙන්ම මෙරට පුනර්ජනනීය බලශක්ති උත්පාදන ව්‍යාපෘති සඳහා ඉන්දීය අදානි සමාගම ප්‍රථම අදියර ලෙස ඩොලර් මිලියන 500 ක් ආයෝජනය කල බවත් ඒ සඳහා පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතීන් කඩිනම් කිරීම සඳහා පත් කල අමාත්‍ය මණ්ඩල අනුකමිටුවේ අනුමැතිය ලබා දුන් බවත් ඉදිරියේ දී මෙරට පුනර්ජනනීය ව්‍යාපෘතීන් සඳහා අදානි සමාගම තවත් ආයෝජනය කරන බවත් මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කරයි..කිසි ලෙසකත් පැමිණෙන ආයෝජන ප්‍රමාද නොකරන බවත් කිසියම් පිරිසක් මෙම ආයෝජන පමා කරන්නට කටයුතු නරන්නේ නම් ඔවුන්ට එරෙහිව දැඩි පියවර ගන්නා බවත් අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කරයි..නව නිවාස සෑදීම , අලුතින් කර්මාන්තශාල ඇති කිරීම වැනි දෑ නිසා වාර්ෂිකව අලුතින් 5% – 8% ප්‍රමාණයකින් විදුලි බල ඉල්ලුම වැඩිවේ. මෙම අවශ්‍යතාවය සපුරා ගැනීම සඳහා පුනර්ජනනීය බලශක්තිය මඟින් උත්පාදනය කරන විදුලිය ලබා දීම කෙරෙහි අවධානය යොමුකරන බව අමාත්‍යවරයා ප්‍රකාශ කරයි..දැනට හඳුනාගෙන ඇති පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කිරීම සඳහා උනන්දුවක් දක්වන ආයෝජකයින් අතරින් සුදුසු ආයෝජකයින් තෝරා ගැනීම , ඉහල ශක්‍යතාවයෙන් යුතු නව ව්‍යාපෘතීන් හඳුනාගැනීම , ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කිරීම සඳහා පවතින නීතිමය හා අනෙකුත් බාධාවන් ඉවත් කිරීම සඳහා යෝග්‍ය පියවර ගැනීම , පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් උත්පාදනය කරනු ලබන විදුලිය මධ්‍යම සම්ප්‍රේෂණ ජාලයට සම්බන්ධ කිරීමේ පහසුකම් වැඩි දියුණු කිරීම වැනි කාර්යන් කෙරෙහි මේ වන විට අමාත්‍ය මණ්ඩල අනු කමිටුවේ අවධානය යොමු වී ඇති බව අමාත්‍යවරයා වැඩි දුරටත් ප්‍රකාශ කරයි...Facebook.Twitter.Linkedin.Pinterest.Email.Related Posts.උණුසුම් පුවත.No comments.Newer Post Older Post Home.Subscribe to: Post Comments (Atom).Popular Posts.දමිතා අබේරත්න රක්ෂිත බන්ධනාගාරයට.සූරියවැව මන්දපෝෂණ රැස්වීමේ ජනතාව විරෝධතා.ඩී.වී.චානක ඇමතිකම එපා කියයි..සරුසාර එකක් ඉල්ලයි.පාර්ලිමේන්තුව විසුරුවා හදිසි මහ මැතිවරණයක්..පොහොට්ටුවේ දැඩි විරෝධය.රාජ්‍ය ඇමතිලා 35ක් දිවුරන්න සූදානම්.Latest Posts.{latest}.Cloud Labels.Corona උණුසුම් පුවත උණුසුම් පුවත් කලා පුවත් කොරෝන කොරෝනා ක්‍රීඩා පිටිය ගොසිප් ජායා රූප දේශපාලන මුළුතැන්ගෙය රූපලාවන්‍ය විදෙස් පුවත් ව්‍යාපාරික පුවත්.Powered by Blogger..Ads Place.Featured Post.ඉන්ධන මිල සංශෝධනයක් ..ලෝකෙම තෙල් මිල බහී.ඉන්ධන මිල සූත්‍රයට අනුව අද දිනයේ ඉන්ධන මිනිස් සංශෝධනයක් සිදු කිරීමට නියමිතව ඇත. සැම මසකම 15 වනදා හා 30 වනදා මිල සූත‍්‍රය අනුව මෙරට ඉන්ධන මිල....Popular Posts.උඩුවේ ධම්මාලෝක හිමි අත්අඩංංගුවට ගන්නැයි අධිකරණයෙන් නියෝග.ලංවිම වාහන 3000ක් තිබියදී තවත් 800ක් කුලියට ගනී.ඔක්ටේන් 80 බාල පෙට්‍රල් ලීටර අනූලක්ශයක් තෙල් සංස්ථා ටැංකි වල.ලොකු පාරවල්,කුළුණු හැදුවේ මහන්තත්තකම පෙන්නන්න - අගරදගුරු තුමන්.Category.Corona 15.උණුසුම් පුවත 1116.උණුසුම් පුවත් 9144.කලා පුවත් 33.කොරෝන 48.කොරෝනා 2520.ක්‍රීඩා පිටිය 273.ගොසිප් 1.ජායා රූප 3.දේශපාලන 2085.මුළුතැන්ගෙය 26.රූපලාවන්‍ය 18.විදෙස් පුවත් 3.ව්‍යාපාරික පුවත් 40.Copyright ©.Footer Menu.Home.About Us.Privacy.Contact |
ලංකාවට ජාත්‍යන්තර හමුදා යෙදවීමක්..?? - Tharunaya.com.Page Nav.HIDE.Grid.GRID_STYLE.Hover Effects.TRUE.Pages.About.Write for Us.Advertising.{fbt_classic_header}.Header Ad.Main Menu.HOME.සිංහල ටෙලිනාට්‍ය.ගින්දර වීඩියෝ.දේපළ ඉඩකඩම් විකිණිමට.ලග්න ඵලාපල.රථවාහන විකිණිමට.Contact Us.Breaking News:.latest.Contact Us.Name.Email *.Message *.ලංකාවට ජාත්‍යන්තර හමුදා යෙදවීමක්..??.Dulakshi May 18, 2022 උණුසුම් පුවත් Edit this post.Facebook.Twitter.Linkedin.Pinterest.Email.ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ආර්ථික අර්බුදය මානව ආපදාවක් බවට පත්කර ජාත්‍යන්තර හමුදාවක් ශ්‍රී ලංකාවට කැඳවීමට සමහරුන්ට අවශ්‍ය වී ඇතැයි ජාතික නිද....ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ආර්ථික අර්බුදය මානව ආපදාවක් බවට පත්කර ජාත්‍යන්තර හමුදාවක් ශ්‍රී ලංකාවට කැඳවීමට සමහරුන්ට අවශ්‍ය වී ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි..පාර්ලිමේන්තුව අමතමින් හෙතෙම අදහස් පළකළේය..‘අපි මුහුණ දී සිටින ආපදාව මානව ආපදාවක් දක්වා වර්ධනය කරන්න සමහරුන්ට අවශ්‍යයි ගාලු මුවදොර පිටියට ගස්සන්න සමහරුන් ඕන. ඒකට සදාචාර හේතුව බවට පත් කරගෙන අනෙක් මැති ඇමතිවරුන්ගේ ගෙවල් ගිනි තියන්න සමහරුන්ට ඕන. එතකොට තමයි මානව ආපදාවක් ඇති වෙන්නේ..ආර්ථික ආපදාවක් මානව ආපදාවක් බවට පත් වුණාම තමයි ශ්‍රී ලංකා රජයේ නීතිය හා විධානය ක්‍රියාත්මක වෙන්නේ නැහැ පොලිසියට බැහැ හමුදාවට බැහැ කියන තත්ත්වය පිළිගන්නේ. අන්න එතකොට තමයි ජාත්‍යන්තර වශයෙන් හමුදාමය අත පෙවීමක් ආක්‍රමණයක් වුවත් එන්න වාතාවරනය නිර්මාණය වෙන්නේ..දැන් පවතින ආර්ථික ආපදාව මානව ආපදාවක් බවට පත් කරන්න ඇතැම් අයට අවශ්‍ය වුණා. මානව ආපදාවක් ඇති වූ විට බාහිර පාර්ශ්වයන්ට හොට දාන්න පොට පෑදීමක් බව කවුරුත් දැන ගන්න ඕනෑ. මේ රටම ගිනි තබන්න එන්න කියලා ඇතැම් අය ආරාධනා කළා. ආර්ථික පීඩාව නිසා මේ ප්‍රචණ්ඩත්වය ඇති වුණා කියලා කිව්වත් ඇත්ත තමයි එදා නීතිය බිඳ වැටීම. මම දන්න හැටියට මේ පිරිසට ගාලු මුවදොරට යන්න දෙන්න එපා කියලා තෙන්නකෝන්ට කිව්වා කියන දේ දැන් දන්නවා. පසුව මොකද වුණේ. හැම පොලිසියකටම නියෝග දීලා තිබුණෙ පොලිසිය අකර්මණ්‍ය වෙන්නයි. හමුදාව සක්‍රීය නොවීමත් ඒ සැලසුමේම කොටසක්. අපව මරන්න අවශ්‍ය නම් මරන්න. අරලිය ගහ මන්දිරයට මිනිසුන් ගෙනා ගොන් වැඩේට අපි විරුද්ධ ඒක සැලසුමේ කොටසක් නිසයි. හැමදෙයක් ගැනම ටුවිට් දාන අමරිකානු තානාපතිවරිය මිනිසුන් මරද්දි නිහඬව සිටියා. ඇයි ඒ?.අදත් මෙතැන බෙදීම ඇති කළේ අර කපුටා. ඒ කපුටාට රැවටෙනන්න එපා. මේ රට ගොදුරක් කරගන්න හදන අයට අවශ්‍ය දේවල් කරන්න එපා. බලන්න දැන් ලොතරැයිය ඇදුණේ රනිල් මහත්තයාටනේ..එදා නීතිය බිඳ වැට්ටවුවන්ට දැන් නීතිය ක්‍රියාත්මක කරද්දි රතු මල්ලිලා විරුද්ධ වෙනවා. මොකද ඒ අය බයයි ඒ අයත් අත්අඩංගුවට ගනියි කියලා’..Facebook.Twitter.Linkedin.Pinterest.Email.Related Posts.උණුසුම් පුවත්.No comments.Newer Post Older Post Home.Subscribe to: Post Comments (Atom).Popular Posts.දමිතා අබේරත්න රක්ෂිත බන්ධනාගාරයට.සූරියවැව මන්දපෝෂණ රැස්වීමේ ජනතාව විරෝධතා.ඩී.වී.චානක ඇමතිකම එපා කියයි..සරුසාර එකක් ඉල්ලයි.පාර්ලිමේන්තුව විසුරුවා හදිසි මහ මැතිවරණයක්..පොහොට්ටුවේ දැඩි විරෝධය.රාජ්‍ය ඇමතිලා 35ක් දිවුරන්න සූදානම්.Latest Posts.{latest}.Cloud Labels.Corona උණුසුම් පුවත උණුසුම් පුවත් කලා පුවත් කොරෝන කොරෝනා ක්‍රීඩා පිටිය ගොසිප් ජායා රූප දේශපාලන මුළුතැන්ගෙය රූපලාවන්‍ය විදෙස් පුවත් ව්‍යාපාරික පුවත්.Powered by Blogger..Ads Place.Featured Post.ඉන්ධන මිල සංශෝධනයක් ..ලෝකෙම තෙල් මිල බහී.ඉන්ධන මිල සූත්‍රයට අනුව අද දිනයේ ඉන්ධන මිනිස් සංශෝධනයක් සිදු කිරීමට නියමිතව ඇත. සැම මසකම 15 වනදා හා 30 වනදා මිල සූත‍්‍රය අනුව මෙරට ඉන්ධන මිල....Popular Posts.උඩුවේ ධම්මාලෝක හිමි අත්අඩංංගුවට ගන්නැයි අධිකරණයෙන් නියෝග.ලංවිම වාහන 3000ක් තිබියදී තවත් 800ක් කුලියට ගනී.ඔක්ටේන් 80 බාල පෙට්‍රල් ලීටර අනූලක්ශයක් තෙල් සංස්ථා ටැංකි වල.ලොකු පාරවල්,කුළුණු හැදුවේ මහන්තත්තකම පෙන්නන්න - අගරදගුරු තුමන්.Category.Corona 15.උණුසුම් පුවත 1116.උණුසුම් පුවත් 9144.කලා පුවත් 33.කොරෝන 48.කොරෝනා 2520.ක්‍රීඩා පිටිය 273.ගොසිප් 1.ජායා රූප 3.දේශපාලන 2085.මුළුතැන්ගෙය 26.රූපලාවන්‍ය 18.විදෙස් පුවත් 3.ව්‍යාපාරික පුවත් 40.Copyright ©.Footer Menu.Home.About Us.Privacy.Contact |
කොරෝනා අවදානමෙන් තරබාරු අය මිදෙන්නේ කෙසේද - Tharunaya.com.Page Nav.HIDE.Grid.GRID_STYLE.Hover Effects.TRUE.Pages.About.Write for Us.Advertising.{fbt_classic_header}.Header Ad.Main Menu.HOME.සිංහල ටෙලිනාට්‍ය.ගින්දර වීඩියෝ.දේපළ ඉඩකඩම් විකිණිමට.ලග්න ඵලාපල.රථවාහන විකිණිමට.Contact Us.Breaking News:.latest.Contact Us.Name.Email *.Message *.කොරෝනා අවදානමෙන් තරබාරු අය මිදෙන්නේ කෙසේද.News August 26, 2021 ගොසිප් Edit this post.Facebook.Twitter.Linkedin.Pinterest.Email.(කොළඹ ජාතික රෝහලේ පුහුණු කිරීමේ හෙද නිලදාරිනී පුෂ්පා රම්‍යාණි සොයිසා) තරබාරුකමෙන් පෙළෙන පුද්ගලයින් දැඩි ලෙස COVID රෝගයට ගොදුරු වීමේ හැකියාව....(කොළඹ ජාතික රෝහලේ පුහුණු කිරීමේ හෙද නිලදාරිනී පුෂ්පා රම්‍යාණි සොයිසා).තරබාරුකමෙන් පෙළෙන පුද්ගලයින් දැඩි ලෙස COVID රෝගයට ගොදුරු වීමේ හැකියාව පවතී. මෙසේ වීමට හේතුව උදරයේ තැන්පත් වන මේදය ප්‍රාචීරය මතට තල්ලු වන අතර එමඟින් පපුවේ කුහරයට පහළින් පිහිටි විශාල මාංශ පේශි මගින් පෙනහලුවලට බාධා ඇති කරයි. මෙහිදී වාතය ගලා යාම පවා සීමා වේ..මෙමගින් පෙනහලු නියමිත ලෙස ක්‍රියා නොකිරීම හේතුවෙන් සහ පෙනහලුවලට අවශ්‍ය ඔක්සිජන් ධාරිතාව බිද වැටීම ඔබ වැඩි අවධානමකට ලක් කරයි..තවද අධික තරබාරුකමෙන් පෙළෙන පුද්ගලයින්ගේ රුධිරය කැටි ගැසීමේ ප්‍රවණතාව වැඩි වේ. විශේෂයෙන් බරපතළ අවදානමක් ඇති විට පෙනහලුවල කුඩා නාලවල රුධිර කැටි ආසාදනය වීමේදී බරපතළ අවදානමක් පවතී..තරබාරුකමෙන් පෙළෙන පුද්ගලයින් තුළ ප්‍රතිශක්තිකරණය ද දුර්වල වන අතර, ප්ලීහාව, ඇට මිදුළු සහ තයිමස් වැනි ප්‍රතිශක්තිකරණ සෛල නිපදවා ගබඩා කරන අවවලට මේද සෛල විනිවිද යන බව ෆෙයාර්ෆීල්ඩ් විශ්ව විද්‍යාලයේ පෝෂණ විදයාඥවරියක් වන කැතරින් ඇන්ඩර්සන් මහත්මිය පවසයි..මේද පටක වෙනුවට අපට ප්‍රතිශක්තිකරණ පටක අහිමි වෙමින් පවතින අතර එමඟින් ශරීරය රෝග කාවලින් ආරක්ෂා කර ගැනීමට හෝ එන්නතකට ප්‍රතිචාර දැක්වීමේදී ප්‍රතිශක්තිකරණ පද්ධතිය අඩු පලදායී , ”බව ඇය පවසයි..ආසාදනවලට ඇති දුර්වල ප්‍රතිචාරයෙන් ඔබ්බට තරබාරුව ඇති පුද්ගලයින් නිදන්ගත රෝග බොහොමයකින්ම පීඩා විඳිති.තරබාරුකම ඇති පුද්ගලයින් සඳහා ඇති අමතර අවදානම නම් මානසික සුවතාව අහිමි වීමයි. එබැවින් තරබාරු පුද්ගලයන් වසංගත කාලයේදී තමන්ගේ නිරෝගීතාව කෙරෙහි වැඩි සැලකිල්ලක් දැක්විය යුතුය..ඔබේ මුහුණු ආවරණ නිසිපරිදි නිවැරැදිව පළඳින්න. ඔබේ අත් පිරිසුදුව තබා ගන්න. සෙනඟ ගැවසෙන තැන් මඟ හැර සිටින්න. ඊට අමතරව, ව්‍යායාම කිරීම සහ වෙන වෙනම බර අඩු කර ගැනීම තරබාරු පුද්ගලයෙකුගේ පරිවෘත්තීය සෞඛ්‍යය ඉහළ නැංවිය හැකිය. මෙයාකාරයෙන් නිවැරැදි ජීවන රටාවක් අනුගමනය කරන තරබාරු පුද්ගලයකුට කොවිඩ් ආසාදනය වුවද අවදානම අවම කර ගත හැකිය..lankadeepa.Facebook.Twitter.Linkedin.Pinterest.Email.Related Posts.ගොසිප්.No comments.Newer Post Older Post Home.Subscribe to: Post Comments (Atom).Popular Posts.දමිතා අබේරත්න රක්ෂිත බන්ධනාගාරයට.සූරියවැව මන්දපෝෂණ රැස්වීමේ ජනතාව විරෝධතා.ඩී.වී.චානක ඇමතිකම එපා කියයි..සරුසාර එකක් ඉල්ලයි.පාර්ලිමේන්තුව විසුරුවා හදිසි මහ මැතිවරණයක්..පොහොට්ටුවේ දැඩි විරෝධය.රාජ්‍ය ඇමතිලා 35ක් දිවුරන්න සූදානම්.Latest Posts.{latest}.Cloud Labels.Corona උණුසුම් පුවත උණුසුම් පුවත් කලා පුවත් කොරෝන කොරෝනා ක්‍රීඩා පිටිය ගොසිප් ජායා රූප දේශපාලන මුළුතැන්ගෙය රූපලාවන්‍ය විදෙස් පුවත් ව්‍යාපාරික පුවත්.Powered by Blogger..Ads Place.Featured Post.ඉන්ධන මිල සංශෝධනයක් ..ලෝකෙම තෙල් මිල බහී.ඉන්ධන මිල සූත්‍රයට අනුව අද දිනයේ ඉන්ධන මිනිස් සංශෝධනයක් සිදු කිරීමට නියමිතව ඇත. සැම මසකම 15 වනදා හා 30 වනදා මිල සූත‍්‍රය අනුව මෙරට ඉන්ධන මිල....Popular Posts.උඩුවේ ධම්මාලෝක හිමි අත්අඩංංගුවට ගන්නැයි අධිකරණයෙන් නියෝග.ලංවිම වාහන 3000ක් තිබියදී තවත් 800ක් කුලියට ගනී.ඔක්ටේන් 80 බාල පෙට්‍රල් ලීටර අනූලක්ශයක් තෙල් සංස්ථා ටැංකි වල.ලොකු පාරවල්,කුළුණු හැදුවේ මහන්තත්තකම පෙන්නන්න - අගරදගුරු තුමන්.Category.Corona 15.උණුසුම් පුවත 1116.උණුසුම් පුවත් 9144.කලා පුවත් 33.කොරෝන 48.කොරෝනා 2520.ක්‍රීඩා පිටිය 273.ගොසිප් 1.ජායා රූප 3.දේශපාලන 2085.මුළුතැන්ගෙය 26.රූපලාවන්‍ය 18.විදෙස් පුවත් 3.ව්‍යාපාරික පුවත් 40.Copyright ©.Footer Menu.Home.About Us.Privacy.Contact |
රට ගොඩගත හැකි එකම නායකයා රනිල් බව ජනතාව පිළිගෙන ඉවරයි! රට තවත් විනාශ නොකර රනිල්ට භාරදෙනු – වජිර - Tharunaya.com.Page Nav.HIDE.Grid.GRID_STYLE.Hover Effects.TRUE.Pages.About.Write for Us.Advertising.{fbt_classic_header}.Header Ad.Main Menu.HOME.සිංහල ටෙලිනාට්‍ය.ගින්දර වීඩියෝ.දේපළ ඉඩකඩම් විකිණිමට.ලග්න ඵලාපල.රථවාහන විකිණිමට.Contact Us.Breaking News:.latest.Contact Us.Name.Email *.Message *.රට ගොඩගත හැකි එකම නායකයා රනිල් බව ජනතාව පිළිගෙන ඉවරයි! රට තවත් විනාශ නොකර රනිල්ට භාරදෙනු – වජිර.janaka March 19, 2022 උණුසුම් පුවත Edit this post.Facebook.Twitter.Linkedin.Pinterest.Email.වත්මන් පාලනය යටතේ දුක් විඳින සුවහසක් ජනතාවගේ දුක් ගිනි නිවා රට ගොඩ ගත හැකි එකම නායකයා රනිල් වික්‍රමසිංහ බව අද වන විට සනාථ වී ඇතැයි එක්සත් .....වත්මන් පාලනය යටතේ දුක් විඳින සුවහසක් ජනතාවගේ දුක් ගිනි නිවා රට ගොඩ ගත හැකි එකම නායකයා රනිල් වික්‍රමසිංහ බව අද වන විට සනාථ වී ඇතැයි එක්සත් ජාතික පක්ෂ සභාපති, හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන පවසයි..එබැවින් තව දුරටත් රට විනාශ වන තෙක් බලා නොසිට වහාම ඔහුට රට භාර දිය යුතුව ඇති බවයි, එජාප සභාපතිවරයා අවධාරණය කරන්නේ..2015 එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව බලයට පත් වන විට ඉන්ධන ගෑස් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ මිල විශාල ලෙස ඉහළ ගොස් ජන ජීවිතය කඩා වැටී තිබුණ ද කෙටි කලක් තුළ එම භාණ්ඩවල මිල අඩු කර ජනතාවගේ ආදායම් මාර්ග ඉහළ දමා රට ගොඩනැඟීමට රනිල් වික්‍රමසිංහ ක්‍රියා කළ බව හෙතෙම සිහිපත් කළේය..වජිර අබේවර්ධන මේ අදහස් පළ කළේ පසුගියදා (16) ගාල්ලේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමිනි..“රනිල් වික්‍රමසිංහ මහතා රටේ පාලන බලය අද දැරුවා නම් අපට දුක් විඳින්න සිදු නොවන බවත් එතුමා බලයේ සිටියා නම් මෙවැනි විනාශයකට රට තල්ලු නොවන බවත් ජනතාව කියනවා..රට ගොඩගැනීම සඳහා නිසි දර්ශනයක්, නිසි වැඩපිළිවෙළක් තිබෙන නායකයා එතුමා බව ජනතාවගේ මතයයි. සාමාජික ප්‍රවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කළ අප ගිය සෑම තැනකම ජනතාවගේ එකම ඉල්ලීම වුණේ රනිල් වික්‍රමසිංහ කෙසේ හෝ පාලන බලයට ගෙන එන ලෙසයි..රනිල් වික්‍රමසිංහ මහතා හැරුණාම තවත් 224 දෙනෙක් පාර්ලිමේන්තුව නියෝජනය කරනවා. රට පත්ව ඇති මේ විපතින් ගොඩගත හැකි ක්‍රමවේදයක් ඒ මහා කණ්ඩායමට ඉදිරිපත් කළ හැකිව තිබුණා. නමුත් අද මේ රට දිනෙන් දින විනාශයට තල්ලු වෙන ආකාරය දෙස බලන විට ඔවුන්ට විසඳුමක් නැති බව ඔප්පු වෙනවා.”.Facebook.Twitter.Linkedin.Pinterest.Email.Related Posts.උණුසුම් පුවත.No comments.Newer Post Older Post Home.Subscribe to: Post Comments (Atom).Popular Posts.දමිතා අබේරත්න රක්ෂිත බන්ධනාගාරයට.සූරියවැව මන්දපෝෂණ රැස්වීමේ ජනතාව විරෝධතා.ඩී.වී.චානක ඇමතිකම එපා කියයි..සරුසාර එකක් ඉල්ලයි.පාර්ලිමේන්තුව විසුරුවා හදිසි මහ මැතිවරණයක්..පොහොට්ටුවේ දැඩි විරෝධය.රාජ්‍ය ඇමතිලා 35ක් දිවුරන්න සූදානම්.Latest Posts.{latest}.Cloud Labels.Corona උණුසුම් පුවත උණුසුම් පුවත් කලා පුවත් කොරෝන කොරෝනා ක්‍රීඩා පිටිය ගොසිප් ජායා රූප දේශපාලන මුළුතැන්ගෙය රූපලාවන්‍ය විදෙස් පුවත් ව්‍යාපාරික පුවත්.Powered by Blogger..Ads Place.Featured Post.ඉන්ධන මිල සංශෝධනයක් ..ලෝකෙම තෙල් මිල බහී.ඉන්ධන මිල සූත්‍රයට අනුව අද දිනයේ ඉන්ධන මිනිස් සංශෝධනයක් සිදු කිරීමට නියමිතව ඇත. සැම මසකම 15 වනදා හා 30 වනදා මිල සූත‍්‍රය අනුව මෙරට ඉන්ධන මිල....Popular Posts.උඩුවේ ධම්මාලෝක හිමි අත්අඩංංගුවට ගන්නැයි අධිකරණයෙන් නියෝග.ලංවිම වාහන 3000ක් තිබියදී තවත් 800ක් කුලියට ගනී.ඔක්ටේන් 80 බාල පෙට්‍රල් ලීටර අනූලක්ශයක් තෙල් සංස්ථා ටැංකි වල.ලොකු පාරවල්,කුළුණු හැදුවේ මහන්තත්තකම පෙන්නන්න - අගරදගුරු තුමන්.Category.Corona 15.උණුසුම් පුවත 1116.උණුසුම් පුවත් 9144.කලා පුවත් 33.කොරෝන 48.කොරෝනා 2520.ක්‍රීඩා පිටිය 273.ගොසිප් 1.ජායා රූප 3.දේශපාලන 2085.මුළුතැන්ගෙය 26.රූපලාවන්‍ය 18.විදෙස් පුවත් 3.ව්‍යාපාරික පුවත් 40.Copyright ©.Footer Menu.Home.About Us.Privacy.Contact |
විදුලි අවුල තවත් වසර කීපයක්... - Tharunaya.com.Page Nav.HIDE.Grid.GRID_STYLE.Hover Effects.TRUE.Pages.About.Write for Us.Advertising.{fbt_classic_header}.Header Ad.Main Menu.HOME.සිංහල ටෙලිනාට්‍ය.ගින්දර වීඩියෝ.දේපළ ඉඩකඩම් විකිණිමට.ලග්න ඵලාපල.රථවාහන විකිණිමට.Contact Us.Breaking News:.latest.Contact Us.Name.Email *.Message *.විදුලි අවුල තවත් වසර කීපයක්....Dulakshi March 19, 2022 උණුසුම් පුවත් Edit this post.Facebook.Twitter.Linkedin.Pinterest.Email.වර්තමානයේ මුහුණදෙන විදුලි අර්බුදය 2026 වසර පමණ වන තෙක් පවතිනු ඇතැයි විදුලි ඉංජිනේරු සංගමයේ හිටපු සභාපති සෞම්‍ය කුමාරවඩු මහතා ප්‍රකාශ කළේය. 2....වර්තමානයේ මුහුණදෙන විදුලි අර්බුදය 2026 වසර පමණ වන තෙක් පවතිනු ඇතැයි විදුලි ඉංජිනේරු සංගමයේ හිටපු සභාපති සෞම්‍ය කුමාරවඩු මහතා ප්‍රකාශ කළේය. 2014 න් පසු රටට අවශ්‍ය බලාගාර ඉදිනොවීම හා විදුලි ඉංජිනේරු සංගමය පසුගිය රජයට ලබා දුන් සැලසුම් ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් මෙම අර්බුදය නිර්මාණය වූ බවද ඒ මහතා සඳහන් කළේය..2030 වන විට රටේ සමස්ත විදුලිය ඉල්ලුමෙන් 70%ක් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් සපුරා ගැනීම රජයේ අරමුණ වී තිබේ. එම ඉලක්කයට ළඟාවීමට නම් එවැනි බලාගාර සඳහා වසරකට ටෙන්ඩර් 3ක්වත් කැඳවිය යුතුය. පසුගිය කාලයේ මෙගාවොට් 90ක, 50ක සහ 150ක ටෙන්ඩර් අනුමත වූ අතර මේ වන විට එම බලාගාර ඉදිවෙමින් පවතී. එහෙත් 2020 අගෝස්තු මාසයේ මෙගාවොට් 150ක සූර්ය බලශක්ති විදුලි බලාගාර හා මෙගාවොට් 40ක සුළං විදුලි බලාගාර අලුතින් ඉදිකිරීම සඳහා ටෙන්ඩර් කැඳවීමට අනුමැතිය ඉල්ලා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළද මේ වන තෙක් එයට අනුමැතිය ලැබී නොමැත..පුනර්ජනනීය බලශක්තියෙන් පමණක් රටේ විදුලිය අවශ්‍යතාව පිරිමැසිය නොහැකි හෙයින් අඩුවියදම් බලාගාර වන එල්එන්ජී හා ගල්අඟුරු බලාගාර ඉදිකිරීම අත්‍යවශ්‍ය වේ. ඒවා ඉදිකිරීමට වසර පහක් දහයක් වැනි කාලයක් ගතවන අතර වර්තමාන රජය ඒ සඳහා නිසි ක්‍රියාමාර්ග ගතහොත් තවත් වසර කිහිපයක් තුළ මෙම අර්බුදයට විසඳුම් ලබාගත හැකි බවද, දැනට පවතින අර්බුදය කෙටිකාලීන වැඩි වියදම් බලාගාර ඉදිකිරීමෙන් කඩිනමින් විසඳිය හැකි වුවද කළ යුත්තේ අඩු වියදම් බලාගාර ඉදිකිරීම බවද ඒවා ඉදිනොකරන තාක් විදුලි අර්බුදය පවතිනු ඇති බවද කුමාරවඩු මහතා සඳහන් කළේය...Facebook.Twitter.Linkedin.Pinterest.Email.Related Posts.උණුසුම් පුවත්.No comments.Newer Post Older Post Home.Subscribe to: Post Comments (Atom).Popular Posts.දමිතා අබේරත්න රක්ෂිත බන්ධනාගාරයට.සූරියවැව මන්දපෝෂණ රැස්වීමේ ජනතාව විරෝධතා.ඩී.වී.චානක ඇමතිකම එපා කියයි..සරුසාර එකක් ඉල්ලයි.පාර්ලිමේන්තුව විසුරුවා හදිසි මහ මැතිවරණයක්..පොහොට්ටුවේ දැඩි විරෝධය.රාජ්‍ය ඇමතිලා 35ක් දිවුරන්න සූදානම්.Latest Posts.{latest}.Cloud Labels.Corona උණුසුම් පුවත උණුසුම් පුවත් කලා පුවත් කොරෝන කොරෝනා ක්‍රීඩා පිටිය ගොසිප් ජායා රූප දේශපාලන මුළුතැන්ගෙය රූපලාවන්‍ය විදෙස් පුවත් ව්‍යාපාරික පුවත්.Powered by Blogger..Ads Place.Featured Post.ඉන්ධන මිල සංශෝධනයක් ..ලෝකෙම තෙල් මිල බහී.ඉන්ධන මිල සූත්‍රයට අනුව අද දිනයේ ඉන්ධන මිනිස් සංශෝධනයක් සිදු කිරීමට නියමිතව ඇත. සැම මසකම 15 වනදා හා 30 වනදා මිල සූත‍්‍රය අනුව මෙරට ඉන්ධන මිල....Popular Posts.උඩුවේ ධම්මාලෝක හිමි අත්අඩංංගුවට ගන්නැයි අධිකරණයෙන් නියෝග.ලංවිම වාහන 3000ක් තිබියදී තවත් 800ක් කුලියට ගනී.ඔක්ටේන් 80 බාල පෙට්‍රල් ලීටර අනූලක්ශයක් තෙල් සංස්ථා ටැංකි වල.ලොකු පාරවල්,කුළුණු හැදුවේ මහන්තත්තකම පෙන්නන්න - අගරදගුරු තුමන්.Category.Corona 15.උණුසුම් පුවත 1116.උණුසුම් පුවත් 9144.කලා පුවත් 33.කොරෝන 48.කොරෝනා 2520.ක්‍රීඩා පිටිය 273.ගොසිප් 1.ජායා රූප 3.දේශපාලන 2085.මුළුතැන්ගෙය 26.රූපලාවන්‍ය 18.විදෙස් පුවත් 3.ව්‍යාපාරික පුවත් 40.Copyright ©.Footer Menu.Home.About Us.Privacy.Contact |
අද 260-290ත් අතර ඩොලරය යනවා..දැන් රට බංකොලොත් -මන්ත්‍රී හර්ශ - Tharunaya.com.Page Nav.HIDE.Grid.GRID_STYLE.Hover Effects.TRUE.Pages.About.Write for Us.Advertising.{fbt_classic_header}.Header Ad.Main Menu.HOME.සිංහල ටෙලිනාට්‍ය.ගින්දර වීඩියෝ.දේපළ ඉඩකඩම් විකිණිමට.ලග්න ඵලාපල.රථවාහන විකිණිමට.Contact Us.Breaking News:.latest.Contact Us.Name.Email *.Message *.අද 260-290ත් අතර ඩොලරය යනවා..දැන් රට බංකොලොත් -මන්ත්‍රී හර්ශ.Dulakshi March 10, 2022 උණුසුම් පුවත Edit this post.Facebook.Twitter.Linkedin.Pinterest.Email.අද උදෑසන විනිමය වෙළෙදපොළේ ඇමෙරිකානු ඩොලරයක් රුපියල් 260ත් 290ත් අතර මුදලකට අලෙවි වන බව තමන් වගකීමෙන් යුතුව ප්‍රකාශ කරන්නේයැයි සමගි ජනබලවේග ප....අද උදෑසන විනිමය වෙළෙදපොළේ ඇමෙරිකානු ඩොලරයක් රුපියල් 260ත් 290ත් අතර මුදලකට අලෙවි වන බව තමන් වගකීමෙන් යුතුව ප්‍රකාශ කරන්නේයැයි සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රි ආචාර්ය හර්ෂ ද සිල්වා අද පෙරවරුවේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය..ඔහු මෙහිදී අනාවරණය කළේ තමන් සභාව අමතන මොහොතේදීත් ඇමෙරිකානු ඩොලර් ලක්ෂ දෙක හමාරක් රුපියල් 260 බැගින් හුවමාරු වූ බවය..මේ තත්ත්වය තුළ මහ බැංකුව ඩොලරය රුපියල් 230ක අගයක රැඳවීම ගැන කියන්නේ කවර කතාවක්දැයි පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළේය..එහිදී තවදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මේ අතරේ මුදල් අමාත්‍යංශය විදෙස්ගත ශ්‍රමිකයන්ට රුපියල් 20ක් අතිරේකව ලබා දෙන බව ප්‍රකාශ කර ඇති බවත් මේ සියල්ල තුළ අපැහැදලිකම් පවතින බවත් පෙන්වා දුන් අතර මේ වනවිට රට බංකොළොත් වී ඇති බව අප අකැමැත්තෙන් වුවද තේරුම් ගත යුතු බව සඳහන් කළේය..“ අපි බංකොලොත්ත් . කි රි පිටි නෑ. ගෑස් නෑ. පෙට්‍රල් ඩීසල් නෑ ලයිට් නෑ. මම ඊයේ පැය දෙක හමාරක් ඩීසල් පෝලිමේ හිටියා..“රට බංකොළොත්. ඒත් කොහොමද කටක් ඇරල කියන්නේ රට බංකොලොත් කියල. අපි විපක්ෂයේ හිටියත් අපටත් රට ගැන හැඟීමක් තිබෙනවා. අපට කියන්න පුළුවන්ද රට බංකොළොත් කියල..“මේ වනවිට ශ්‍රි ලංකා මහ බැංකුවේ විදේශ වත්කම් සෘණ ගාණක්. මේ විදේශ වත්කම්වලට වඩා විදේශ වගකීම් ඩොලර් බිලියන 2.5ක් වැඩියි. එහෙමනම් නම් අපි කියන්නේ කොහොමද රට බංකොළොත් නෑ කියල. රට බංකොලොත් තමයි..“අඩුම ගානේ මුදල් ඇමතිවරයා පාර්ලිමේන්තුවටවත් මේකට උත්තර දෙන්න එන්න ඕන. අපි කල්තියාම මේ ගැන කිව්වා. දැන්වත් අපි ඒකතුවෙලා මේ ප්‍රශ්නවලට විසඳුම් හොයමු. මොකද මේක අපේ රට” මන්ත්‍රීවරයා කීවේය...Facebook.Twitter.Linkedin.Pinterest.Email.Related Posts.උණුසුම් පුවත.No comments.Newer Post Older Post Home.Subscribe to: Post Comments (Atom).Popular Posts.දමිතා අබේරත්න රක්ෂිත බන්ධනාගාරයට.සූරියවැව මන්දපෝෂණ රැස්වීමේ ජනතාව විරෝධතා.ඩී.වී.චානක ඇමතිකම එපා කියයි..සරුසාර එකක් ඉල්ලයි.පාර්ලිමේන්තුව විසුරුවා හදිසි මහ මැතිවරණයක්..පොහොට්ටුවේ දැඩි විරෝධය.රාජ්‍ය ඇමතිලා 35ක් දිවුරන්න සූදානම්.Latest Posts.{latest}.Cloud Labels.Corona උණුසුම් පුවත උණුසුම් පුවත් කලා පුවත් කොරෝන කොරෝනා ක්‍රීඩා පිටිය ගොසිප් ජායා රූප දේශපාලන මුළුතැන්ගෙය රූපලාවන්‍ය විදෙස් පුවත් ව්‍යාපාරික පුවත්.Powered by Blogger..Ads Place.Featured Post.ඉන්ධන මිල සංශෝධනයක් ..ලෝකෙම තෙල් මිල බහී.ඉන්ධන මිල සූත්‍රයට අනුව අද දිනයේ ඉන්ධන මිනිස් සංශෝධනයක් සිදු කිරීමට නියමිතව ඇත. සැම මසකම 15 වනදා හා 30 වනදා මිල සූත‍්‍රය අනුව මෙරට ඉන්ධන මිල....Popular Posts.උඩුවේ ධම්මාලෝක හිමි අත්අඩංංගුවට ගන්නැයි අධිකරණයෙන් නියෝග.ලංවිම වාහන 3000ක් තිබියදී තවත් 800ක් කුලියට ගනී.ඔක්ටේන් 80 බාල පෙට්‍රල් ලීටර අනූලක්ශයක් තෙල් සංස්ථා ටැංකි වල.ලොකු පාරවල්,කුළුණු හැදුවේ මහන්තත්තකම පෙන්නන්න - අගරදගුරු තුමන්.Category.Corona 15.උණුසුම් පුවත 1116.උණුසුම් පුවත් 9144.කලා පුවත් 33.කොරෝන 48.කොරෝනා 2520.ක්‍රීඩා පිටිය 273.ගොසිප් 1.ජායා රූප 3.දේශපාලන 2085.මුළුතැන්ගෙය 26.රූපලාවන්‍ය 18.විදෙස් පුවත් 3.ව්‍යාපාරික පුවත් 40.Copyright ©.Footer Menu.Home.About Us.Privacy.Contact |
ප්‍රීමා හා සෙරෙන්ඩිබ් සමාගම් වලට නඩු - Tharunaya.com.Page Nav.HIDE.Grid.GRID_STYLE.Hover Effects.TRUE.Pages.About.Write for Us.Advertising.{fbt_classic_header}.Header Ad.Main Menu.HOME.සිංහල ටෙලිනාට්‍ය.ගින්දර වීඩියෝ.දේපළ ඉඩකඩම් විකිණිමට.ලග්න ඵලාපල.රථවාහන විකිණිමට.Contact Us.Breaking News:.latest.Contact Us.Name.Email *.Message *.ප්‍රීමා හා සෙරෙන්ඩිබ් සමාගම් වලට නඩු.Dulakshi September 14, 2022 උණුසුම් පුවත් Edit this post.Facebook.Twitter.Linkedin.Pinterest.Email.පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් 2022.06.29 වන දින නිකුත් කරන ලද අංක 2286/26 දරණ අති විශේෂ ගැසට් නිවේදනයට අනුව යම් භාණ්ඩයක ඇසුරුමෙහි උ....පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් 2022.06.29 වන දින නිකුත් කරන ලද අංක 2286/26 දරණ අති විශේෂ ගැසට් නිවේදනයට අනුව යම් භාණ්ඩයක ඇසුරුමෙහි උපරිම සිල්ලර මිල ඇතුලු තොරතුරු සඳහන් විය යුතුය..නමුත් මෙරට තිරිඟු පිටි අලෙවි කරනු ලබන ප්‍රධාන සමාගම් වන ප්‍රීමා සහ සෙරන්ඩිබ් තිරිඟු පිටි ඇසුරුම් වල, උපරිම සිල්ලර මිලක් සඳහන් කර නොමැත. ඒ තුළින් මේ දිනවල පවතින තිරිඟු පිටි ප්‍රශ්නයත් සමග විවිධ මිල ගණන් යටතේ තිරිඟු පිටි ඇසුරුම් අලෙවි කිරීම මෙන්ම වෙළඳුන් විසින් අසාධාරණ ලාභ ඉපයීමට ද එය හේතු වන බව වාර්තා වේ..මේ පිළිබඳව ක්‍රියාත්මක වූ කොළඹ දිස්ත්‍රික් පාරිභෝගික අධිකාරි වැටලීම් ඒකකය විසින් විමර්ශනයක් සිදුකොට තිරිඟු පිටි ඇසුරුම් වල මිල සඳහන් නොවීම සම්බන්ධව, ප්‍රීමා සිලෝන් පුද්ගලික සමාගමට සහ සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් පුද්ගලික සමාගමට එරෙහිව නුගේගොඩ සහ මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණ වල සැප්තැම්බර් මස 12, 13 දිනවල නඩු පවරා ඇත..උක්ත විමර්ශන කටයුතු කොළඹ දිස්ත්‍රික් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ ජේෂ්ඨ විමර්ශන නිලධාරී ඊ.යූ. රන්ජන මහතාගේ මෙහෙයවීමෙන් සිදුකොට ඇති අතර ඉදිරියේ දී වෙළඳපලට නිකුත් කරනු ලබන තිරිඟු පිටි ඇසුරුම් වල, අදාළ සමාගම් විසින් මිල ලකුණු කරනු ඇතැයි අපේක්ෂා කරන බවත් එසේ නොවුණහොත් අඛණ්ඩව අවශ්‍ය නීත්‍යානුකූල කටයුතු සිදු කරන බව අවධාරණය කළ බවත් කොළඹ දිස්ත්‍රික් පාරිභෝගික අධිකාරිය මගින් වාර්තා වේ..එසේම උක්ත ගැසට් නිවේදනය උල්ලංඝනය කිරීම සම්බන්දව දිවයිනේ ප්‍රධාන ප්‍රසිද්ධ මහා පරිමාණ සමාගම් දෙකකට එරෙහිව මෙලෙස නීතිය ක්‍රියාත්මක කිරීම ආරම්භ කොට ඇති අතර, ඉදිරියේදී වෙළඳපොලේ විවිධ භාණ්ඩ සම්බන්ධව මෙම ගැසට් නිවේදනය යටතේ විමර්ශන කටයුතු සිදු කිරීමට නියමිත බවත් කොළඹ දිස්ත්‍රික් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් වැඩිදුරටත් වාර්තා වේ...Facebook.Twitter.Linkedin.Pinterest.Email.Related Posts.උණුසුම් පුවත්.No comments.Newer Post Older Post Home.Subscribe to: Post Comments (Atom).Popular Posts.දමිතා අබේරත්න රක්ෂිත බන්ධනාගාරයට.සූරියවැව මන්දපෝෂණ රැස්වීමේ ජනතාව විරෝධතා.ඩී.වී.චානක ඇමතිකම එපා කියයි..සරුසාර එකක් ඉල්ලයි.පාර්ලිමේන්තුව විසුරුවා හදිසි මහ මැතිවරණයක්..පොහොට්ටුවේ දැඩි විරෝධය.රාජ්‍ය ඇමතිලා 35ක් දිවුරන්න සූදානම්.Latest Posts.{latest}.Cloud Labels.Corona උණුසුම් පුවත උණුසුම් පුවත් කලා පුවත් කොරෝන කොරෝනා ක්‍රීඩා පිටිය ගොසිප් ජායා රූප දේශපාලන මුළුතැන්ගෙය රූපලාවන්‍ය විදෙස් පුවත් ව්‍යාපාරික පුවත්.Powered by Blogger..Ads Place.Featured Post.ඉන්ධන මිල සංශෝධනයක් ..ලෝකෙම තෙල් මිල බහී.ඉන්ධන මිල සූත්‍රයට අනුව අද දිනයේ ඉන්ධන මිනිස් සංශෝධනයක් සිදු කිරීමට නියමිතව ඇත. සැම මසකම 15 වනදා හා 30 වනදා මිල සූත‍්‍රය අනුව මෙරට ඉන්ධන මිල....Popular Posts.උඩුවේ ධම්මාලෝක හිමි අත්අඩංංගුවට ගන්නැයි අධිකරණයෙන් නියෝග.ලංවිම වාහන 3000ක් තිබියදී තවත් 800ක් කුලියට ගනී.ඔක්ටේන් 80 බාල පෙට්‍රල් ලීටර අනූලක්ශයක් තෙල් සංස්ථා ටැංකි වල.ලොකු පාරවල්,කුළුණු හැදුවේ මහන්තත්තකම පෙන්නන්න - අගරදගුරු තුමන්.Category.Corona 15.උණුසුම් පුවත 1116.උණුසුම් පුවත් 9144.කලා පුවත් 33.කොරෝන 48.කොරෝනා 2520.ක්‍රීඩා පිටිය 273.ගොසිප් 1.ජායා රූප 3.දේශපාලන 2085.මුළුතැන්ගෙය 26.රූපලාවන්‍ය 18.විදෙස් පුවත් 3.ව්‍යාපාරික පුවත් 40.Copyright ©.Footer Menu.Home.About Us.Privacy.Contact |
ශ්‍රීලනිපය කොටු කල ජනපතිගේ තැනේ හැටියට ඇණේ ගැහිල්ල - Tharunaya.com.Page Nav.HIDE.Grid.GRID_STYLE.Hover Effects.TRUE.Pages.About.Write for Us.Advertising.{fbt_classic_header}.Header Ad.Main Menu.HOME.සිංහල ටෙලිනාට්‍ය.ගින්දර වීඩියෝ.දේපළ ඉඩකඩම් විකිණිමට.ලග්න ඵලාපල.රථවාහන විකිණිමට.Contact Us.Breaking News:.latest.Contact Us.Name.Email *.Message *.ශ්‍රීලනිපය කොටු කල ජනපතිගේ තැනේ හැටියට ඇණේ ගැහිල්ල.janaka March 11, 2022 උණුසුම් පුවත් Edit this post.Facebook.Twitter.Linkedin.Pinterest.Email.ජනපතිවරයා විසින් ඇමති ධුරවලින් වලින් ඉවත් කළ විමල් වීරවංශ හා උදය ගම්මන්පිල යන මහත්වරුන් මේ වන විට විශ්වාසය තබා තිබෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක....ජනපතිවරයා විසින් ඇමති ධුරවලින් වලින් ඉවත් කළ විමල් වීරවංශ හා උදය ගම්මන්පිල යන මහත්වරුන් මේ වන විට විශ්වාසය තබා තිබෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගැනයි..වීරවංශ හා ගම්මන්පිල යන දෙපල රැකගන්නා බවට සිරිසේන මහතාද ඔවුන් දෙපළට මේ වන විට පොරොන්දුවක්ද දී තිබෙනවා..ශ්‍රීලනිප ස්ථාවරය.එපමණක් නොව ශ්‍රී.ල.නි.පය නියෝජනය කරන ඇමැති දෙපළ වන නිමල් සිරිපාල ද සිල්වා හා මහින්ද අමරවීර මහත්වරුන් සිය කැබිනට් ඇමති ධුරවලින් ඉවත් වෙනු ඇති බවටද මත පළ වුණා..එහෙත් ඒ සියල්ල දැන් කණපිට පෙරලී තිබෙන්නේ ජනපතිවරයා ගත් පියවරක් නිසා..ජනපතිගේ යෝජනාව.ඒ වීරවංශ හා ගම්මන්පිල යන මහත්වරුන් ඇමති ධුරවලින් ඉවත් කිරීම නිසා නිර්මාණය වූ දේශපාලන අර්බුදයේ උණුසුම් අස්සේම ශ්‍රී.ල.නි.පයට සාකච්ඡාවක් සඳහා ආරාධනා කිරීමයි..ශ්‍රීලනිපයට ආණ්ඩුවත් සමග තිබෙන ප්‍රශ්න සාකච්ඡා කිරීමට ජනපති කළ එම ආරාධනය පිළිගත් ශ්‍රී.ල.නි.පයේ ඉහළ නායකත්වය ඉකුත් අඟහරුවාදා එම සාකච්ඡාවට සහභාගි වී යෝජනා මාලාවක් ඉදිරිපත් කළා..ඒ පවතින ආර්ථික අර්බුදයෙන් රට ගොඩ ගැනීම සඳහා..තැනේ හැටියට ඇණේ.ඒ අවස්ථාවේ තැනේ හැටියට ඇණේ ගැසූ ජනපතිවරයාට සර්ව පාක්ෂික සමුළුවක් කැඳවීම සඳහා යෝජනා කළා..ඒ අනුව එළඹෙන 23 දින සර්ව පාක්ෂික සමුළුව පැවැත්වීමට නියමිතයි..ශ්‍රී.ල.නි.පයද මේ වන විට එම සර්වපාක්ෂික සමුළුව කොටස්කරුවන්..සතුටට පත් ඇමතිවරු.එනිසා ඔවුන්ට ආණ්ඩුවෙන් ඉවත් වීම හෝ ඇමතිකම් වලින් ඉවත් වීම පිළිබඳව කඩිනමින් තීරණයක් ගැනීමට බැහැ..ඒ නිසා මේ සර්ව සර්වපාක්ෂික සමුළුව ගැන වඩාත් සතුටින් කතා කරන්නේ ආණ්ඩුව තුළ සිටින ශ්‍රී.ල.නි.ප ඇමතිවරුන් දෙදෙනා වල නිමල් සිරිපාල ද සිල්වා හා මහින්ද අමරවීර යන මහත්වරුන්..දැන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට වුවත් තැන තැන කරන යෝජනා සර්ව පාක්ෂික සමුළුවට ඉදිරිපත් කළ හැකි බවයි අමරවීර ඇමතිවරයා කියන්නේ..යකා බැඳ ගැනීම.සර්ව පාක්ෂික සමුළුව එක දිනකින් අවසන් වන ඒවා නොව බොහෝ කාලයක් ඇදෙන ඒවායි..මේ නිසා ශ්‍රී.ල.නි.පයටත් දැන් යකා බැඳ ගත්තා සේ සර්ව පාක්ෂික සමුළු අවසන් වන තෙක් ආණ්ඩුවේ රැඳී සිටීමට සිදුවනවා..Facebook.Twitter.Linkedin.Pinterest.Email.Related Posts.උණුසුම් පුවත්.No comments.Newer Post Older Post Home.Subscribe to: Post Comments (Atom).Popular Posts.දමිතා අබේරත්න රක්ෂිත බන්ධනාගාරයට.සූරියවැව මන්දපෝෂණ රැස්වීමේ ජනතාව විරෝධතා.ඩී.වී.චානක ඇමතිකම එපා කියයි..සරුසාර එකක් ඉල්ලයි.පාර්ලිමේන්තුව විසුරුවා හදිසි මහ මැතිවරණයක්..පොහොට්ටුවේ දැඩි විරෝධය.රාජ්‍ය ඇමතිලා 35ක් දිවුරන්න සූදානම්.Latest Posts.{latest}.Cloud Labels.Corona උණුසුම් පුවත උණුසුම් පුවත් කලා පුවත් කොරෝන කොරෝනා ක්‍රීඩා පිටිය ගොසිප් ජායා රූප දේශපාලන මුළුතැන්ගෙය රූපලාවන්‍ය විදෙස් පුවත් ව්‍යාපාරික පුවත්.Powered by Blogger..Ads Place.Featured Post.ඉන්ධන මිල සංශෝධනයක් ..ලෝකෙම තෙල් මිල බහී.ඉන්ධන මිල සූත්‍රයට අනුව අද දිනයේ ඉන්ධන මිනිස් සංශෝධනයක් සිදු කිරීමට නියමිතව ඇත. සැම මසකම 15 වනදා හා 30 වනදා මිල සූත‍්‍රය අනුව මෙරට ඉන්ධන මිල....Popular Posts.උඩුවේ ධම්මාලෝක හිමි අත්අඩංංගුවට ගන්නැයි අධිකරණයෙන් නියෝග.ලංවිම වාහන 3000ක් තිබියදී තවත් 800ක් කුලියට ගනී.ඔක්ටේන් 80 බාල පෙට්‍රල් ලීටර අනූලක්ශයක් තෙල් සංස්ථා ටැංකි වල.ලොකු පාරවල්,කුළුණු හැදුවේ මහන්තත්තකම පෙන්නන්න - අගරදගුරු තුමන්.Category.Corona 15.උණුසුම් පුවත 1116.උණුසුම් පුවත් 9144.කලා පුවත් 33.කොරෝන 48.කොරෝනා 2520.ක්‍රීඩා පිටිය 273.ගොසිප් 1.ජායා රූප 3.දේශපාලන 2085.මුළුතැන්ගෙය 26.රූපලාවන්‍ය 18.විදෙස් පුවත් 3.ව්‍යාපාරික පුවත් 40.Copyright ©.Footer Menu.Home.About Us.Privacy.Contact |
අහිකුණ්ඨික ජනතා ගැටළු අගමැති විසදයි - Tharunaya.com.Page Nav.HIDE.Grid.GRID_STYLE.Hover Effects.TRUE.Pages.About.Write for Us.Advertising.{fbt_classic_header}.Header Ad.Main Menu.HOME.සිංහල ටෙලිනාට්‍ය.ගින්දර වීඩියෝ.දේපළ ඉඩකඩම් විකිණිමට.ලග්න ඵලාපල.රථවාහන විකිණිමට.Contact Us.Breaking News:.latest.Contact Us.Name.Email *.Message *.අහිකුණ්ඨික ජනතා ගැටළු අගමැති විසදයි.Dulakshi March 13, 2022 උණුසුම් පුවත් Edit this post.Facebook.Twitter.Linkedin.Pinterest.Email.ශ්‍රී ලංකාවේ වෙසෙන තෙළිඟු ජනතාවගේ සංස්කෘතික අනන්‍යතාව රැකෙන පරිදි ඔවුන්ගේ ජීවනෝපායට පවතින බාධාවන් ඉවත් කරමින් නිවාස, පානීය ජලය ඇතුළු අනෙකුත්....ශ්‍රී ලංකාවේ වෙසෙන තෙළිඟු ජනතාවගේ සංස්කෘතික අනන්‍යතාව රැකෙන පරිදි ඔවුන්ගේ ජීවනෝපායට පවතින බාධාවන් ඉවත් කරමින් නිවාස, පානීය ජලය ඇතුළු අනෙකුත් අවශ්‍යතා ඉටුකරන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ලේකම්තුමා ඇතුළු ඒ ඒ විෂය භාර අමාත්‍යාංශ ලේකම්වරුන්ට සහ ආයතන ප්‍රධානීන්ට උපදෙස් දුන්නේය..සමස්ත ලංකා තෙළිඟු ශිල්පීන්ගේ සංස්කෘතික සංගමය සමඟ අරලියගහ මන්දිරයේ දී පැවැති සාකච්ඡාවේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මේ බව දැනුම් දුන්නේය..ශ්‍රී ලංකා තෙළිඟු ජනතාවගේ නායක කේ.ආර් අනවත්තු මහතා ඇතුළු දිවයින පුරා තෙළිඟු ජනතාව නියෝජනය කරමින් පැමිණි නියෝජිතයෝ මෙහි දී තෙළිඟු ජනතාව මුහුණ පා ඇති ගැටලු සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යතුමාට කරුණු ඉදිරිපත් කළේය..“අග්‍රාමාත්‍යතුමා එදා ධීවර අමාත්‍යතුමා විදියට සිටි කාලයේ අපට නිවාස 125ක් හදලා දුන්නා. ජනගහනය ඉහළ ගිහිං. දැනට අපේ ගම්මාන හතක් තිබෙනවා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් 2015 දක්වා අපි ගැන සොයා බැලුවා. ඒ ගැන අග්‍රාමාත්‍යතුමාට ස්තූතිවන්ත වෙනවා. එහෙත් පසුගිය ආණ්ඩුව අපි ගැන සොයා බැලුවේ නැහැ. දැනටත් අපි පදිංචි ස්ථාන සඳහා ඉඩම් ඔප්පු නොමැතිවීම විශාල ගැටලුවක්” යැයි ශ්‍රී ලංකා තෙළිඟු ජනතාවගේ නායක කේ.ආර් අනවත්තු මහතා පැවසීය..මාස තුනක පමණ කාලයක් තුළ මෙම ගැටලු විසඳීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා අග්‍රාමාත්‍යතුමා විසින් මෙහි දී අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක මහතාට උපදෙස් ලබා දුන්නේය..ඒ අනුව වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නියමානුකූල කිරීමේ එකඟතාව මත ප්‍රාදේශිය ලේකම් මාර්ගයෙන් මොවුන්ගේ දෙවැනි පරම්පරාවට අවශ්‍ය ඉඩම් නිදහස් කිරීමට අදාළ පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක මහතා සඳහන් කළේය..තෙළිඟු ජනතාව මුහුණ පා සිටින නිවාස ගැටලුව සම්බන්ධයෙන් අදාළ ප්‍රදේශවලට ගොස් සොයා බලා නිසි ක්‍රියාමාර්ග ගන්නැයි අග්‍රාමාත්‍යතුමා මෙහි දී නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති දුමින්ද සිල්වා මහතාට උපදෙස් දුන්නේය..ඊට අමතරව ප්‍රාදේශීය ලේකම් මාර්ගයෙන් නිවාස ආධාර මුදල් ලබා දීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍යතුමා තෙළිඟු ජනතා නියෝජිතයන් හමුවේ විශ්වාසය පළ කළේය..තෙළිඟු ගම්මානවල මං මාවත් ඉදිකිරීම, අඩු ආදායම් ලාභීන්ට සමෘද්ධි සහන පිරිනැමීම මෙන්ම විදේශ සංචාරකයන් වෙනුවෙන් තෙළිඟු සංස්කෘතික අංග ඉදිරිපත් කරන්නන් සඳහා හැඳුනුම්පතක් නිකුත් කිරීම සම්බන්ධයෙන් ද මෙහි දී අවධානය යොමු විය..ඒ සඳහා අදාළ ආයතන කඩිනමින් කටයුතු කරන බව අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක මහතා මෙහිදී ප්‍රකාශ කළේය..තෙළිඟු ජනතාවගේ සංස්කෘතික අංග දෙස් විදෙස් සංචාරකයන්ට ඉදිරිපත් කිරීමේ දී අදාළ ස්ථානවල දැනට පවතින බාධාවන් ඉවත්කිරීමට කටයුතු කරන්නැයි ද අග්‍රාමාත්‍යතුමා මෙහි දී උපදෙස් දුන්නේය...Facebook.Twitter.Linkedin.Pinterest.Email.Related Posts.උණුසුම් පුවත්.No comments.Newer Post Older Post Home.Subscribe to: Post Comments (Atom).Popular Posts.දමිතා අබේරත්න රක්ෂිත බන්ධනාගාරයට.සූරියවැව මන්දපෝෂණ රැස්වීමේ ජනතාව විරෝධතා.ඩී.වී.චානක ඇමතිකම එපා කියයි..සරුසාර එකක් ඉල්ලයි.පාර්ලිමේන්තුව විසුරුවා හදිසි මහ මැතිවරණයක්..පොහොට්ටුවේ දැඩි විරෝධය.රාජ්‍ය ඇමතිලා 35ක් දිවුරන්න සූදානම්.Latest Posts.{latest}.Cloud Labels.Corona උණුසුම් පුවත උණුසුම් පුවත් කලා පුවත් කොරෝන කොරෝනා ක්‍රීඩා පිටිය ගොසිප් ජායා රූප දේශපාලන මුළුතැන්ගෙය රූපලාවන්‍ය විදෙස් පුවත් ව්‍යාපාරික පුවත්.Powered by Blogger..Ads Place.Featured Post.ඉන්ධන මිල සංශෝධනයක් ..ලෝකෙම තෙල් මිල බහී.ඉන්ධන මිල සූත්‍රයට අනුව අද දිනයේ ඉන්ධන මිනිස් සංශෝධනයක් සිදු කිරීමට නියමිතව ඇත. සැම මසකම 15 වනදා හා 30 වනදා මිල සූත‍්‍රය අනුව මෙරට ඉන්ධන මිල....Popular Posts.උඩුවේ ධම්මාලෝක හිමි අත්අඩංංගුවට ගන්නැයි අධිකරණයෙන් නියෝග.ලංවිම වාහන 3000ක් තිබියදී තවත් 800ක් කුලියට ගනී.ඔක්ටේන් 80 බාල පෙට්‍රල් ලීටර අනූලක්ශයක් තෙල් සංස්ථා ටැංකි වල.ලොකු පාරවල්,කුළුණු හැදුවේ මහන්තත්තකම පෙන්නන්න - අගරදගුරු තුමන්.Category.Corona 15.උණුසුම් පුවත 1116.උණුසුම් පුවත් 9144.කලා පුවත් 33.කොරෝන 48.කොරෝනා 2520.ක්‍රීඩා පිටිය 273.ගොසිප් 1.ජායා රූප 3.දේශපාලන 2085.මුළුතැන්ගෙය 26.රූපලාවන්‍ය 18.විදෙස් පුවත් 3.ව්‍යාපාරික පුවත් 40.Copyright ©.Footer Menu.Home.About Us.Privacy.Contact |
'දැන් මහපොළොවේ තියෙන්නේ SJB හා JVP විතරයි -පාර්ලිමේන්තු පන්ත්‍රී මරික්කර් - Tharunaya.com.Page Nav.HIDE.Grid.GRID_STYLE.Hover Effects.TRUE.Pages.About.Write for Us.Advertising.{fbt_classic_header}.Header Ad.Main Menu.HOME.සිංහල ටෙලිනාට්‍ය.ගින්දර වීඩියෝ.දේපළ ඉඩකඩම් විකිණිමට.ලග්න ඵලාපල.රථවාහන විකිණිමට.Contact Us.Breaking News:.latest.Contact Us.Name.Email *.Message *.'දැන් මහපොළොවේ තියෙන්නේ SJB හා JVP විතරයි -පාර්ලිමේන්තු පන්ත්‍රී මරික්කර්.Dulakshi August 24, 2022 උණුසුම් පුවත් Edit this post.Facebook.Twitter.Linkedin.Pinterest.Email.සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්.එම්. මරික්කාර් මහතා මාධ්‍ය හමුවක් අමතමින් මෙම අදහස් පල කලේය. ඇත්ත වශයෙන්ම මේ දවස් වල අරගලය කරපු ....සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්.එම්. මරික්කාර් මහතා මාධ්‍ය හමුවක් අමතමින් මෙම අදහස් පල කලේය..ඇත්ත වශයෙන්ම මේ දවස් වල අරගලය කරපු අයට විරුද්ධව ගෙන යන මර්ධනය දිහා බැලුවහම අපිට පේන්නෙ ජනාධිපතිතුමා අරගලය තුළින්ම බලයට ඇවිල්ලා , අරගල කරුවන්ට ම මර්දනය දියත් කිරීම හරහා පෙනී යන්නේ මේක හරියට 2015 දී එතුමාව බලයට පත් කරන්න ගෙනාපු එක්සත් ජාතික පාක්ෂිකයන්ට ම ගැහුව වගේ වැඩක්. හැමදාම එතුමා බලයට පත් කළාට පස්සේ බලයට පත් කරපු අයට ගහන එක තමයි එතුමගෙ වැඩේ. පාක්ෂිකයන්ට රස්සාවල් දුන්නේ නෑ. samurdhi දුන්නේ නෑ. පාක්ෂිකයන් කලකිරීමට ලක් කලා. ඒ නිසා තමයි එක්සත් ජාතික පක්ෂයෙන් වෙන් වෙලා සමගි ජන බලවේගය කියලා එකක් හැදුනේ. ඒ වගේම තමයි අද අරගලය තුලින් තමයි මේ ජනාධිපතිවරයා ආවෙ . එතකොට එතුමා බලයට පත් කරවපු මේ අරගල කරුවන් ගෙන් ම එතුමා පලිගැනීම, මම නම් හිතන්නේ මම දන්න විදියට මේක අලුත් දෙයක් නෙවෙයි. මේකේ එතුමාගේ විදිහ. අපි එක දෙයක් පැහැදිලිව කියන්න ඕන. දැන් එතුමා හිතන්නේ පොහොට්ටුවේ පාක්ෂිකයන්ගේ හිත දිනාගන්න පුළුවන් කියලා මේ මර්දනය හරහා , ඒ හරහා මීළඟ මැතිවරණයක් දිනන්න පුළුවන් කියලා, ඒක මිථ්‍යාවක් කියලා තමයි අපිට කියන්න තියෙන්නේ. මොකද හේතුව තවදුරටත් මේ මහපොළොවේ සක්‍රීය දේශපාලන පක්ෂ දෙකයි තියෙන්නේ ලංකාව ඇතුලෙ. ඒ ඇවිල්ල සමගි ජන බලවේගයයි, ජනතා විමුක්ති පෙරමුණයි පමණයි. ඉතාම පැහැදිලිව. එක්සත් ජාතික පක්ෂය කියන පක්ෂයක් නෑ. පොදුජන පෙරමුණ කියලා පක්ෂයක් දැන් නෑ. 69ලක්ෂයක ජනවරමක් දැන් නැහැ. ඒ නිසා දැන් ජනාධිපතිතුමා හිතනවනම් පොහොට්ටු පාක්ෂිකයාගෙ හිත දිනාගන්න පුළුවන් කියලා, පොහොට්ටු මන්ත්‍රීන් ගේ හිත දිනා ගන්න පුළුවන් කියලා, ඒ හරහා ඊළඟ මැතිවරණයක් ජයග්‍රහණය කරන්න පුළුවන් කියලා , ඒක වෙන්නේ නැහැ..මං දැක්ක අර පුත්තලම් බූරුවෙක් ඉන්නේ, අර ඔක්සිජන් එපා කියපු එක්කෙනා , එයා කියල තිබ්බා , අපි පත් කරපු ජනාධිපති අපිට ඕන විදිහට ඉන්ඩ ඕන කියලා. එතකොට අපි අහනවා දැන් මේ ජනාධිපතිතුමා ඒගොල්ලොන්ට ඕන විදිහට ද මේ හැසිරෙන්නෙ කියලා ඉවරවෙලා. මොකද හේතුව එතුමා ල එකක් දැනගන්න ඕන, අරගලය රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක් නම්, අරගලය හරහා එලවපු ජනාධිපති එලවීම නීති විරෝධී දෙයක්, ඒ හරහා අලුතෙන් ජනාධිපතිවරයෙක් පත් වීමත් පත්වීමත් නීති විරෝධීයි. එහෙමනම් , අරගලය නීති විරෝධී නම් , මේ ජනාධිපතිතුමා පත්වීමත් නීති විරෝධීයි . එහෙම වෙන්න බෑ. ඉතින් ඒ නිසා අපි ඉතාම පැහැදිලිව කියන්න ඕන ,මානව හිමිකම් කඩ කිරීම , ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කිරීම, රාජ්‍ය මර්ධනය ක්‍රියාත්මක කිරීම, ත්‍රස්තවාදී පනත අයුතු ලෙස පාවිච්චි කිරීම, මේ ඔක්කොම රටකට බලපානවා. මොකද හේතුව දැන් රනිල් වික්‍රමසිංහ මහත්මයා ජනාධිපති වුණා කියලා මේ ක්‍රියාන්විතයන් ඔක්කොම වෙනවා නම් රටකට ආධාර හම්බ වෙන්නේ නෑ. ඉස්සර ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරන්න ඕන කියලා අපි කියනකොට, සමහර පොහොට්ටු හාදයෝ ඇහුවා නේ ප්‍රජාතන්ත්‍රවාදය කන්නද කියලා ඉවරවෙලා. දැන් කෙළ උනහම තේරෙනවා නේද ප්‍රජාතන්ත්‍රවාදයේ වටිනාකම මොකක්ද කියලා. මොකද ප්‍රජාතන්ත්‍රවාදය තියෙනවනම් තමයි පුරවැසි නිදහස තියෙන්නේ. පුරවැසි නිදහස තියෙනවා නම් තමයි, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙන්න පුළුවන්, ලෝක බැංකුව වෙන්න පුළුවන්, ආසියානු සංවර්ධන බැංකුව වෙන්න පුළුවන්, ඒවායේ ආධාර උපකාර හම්බ වෙන්නේ. එහෙම නැතුව මර්දනය ක්‍රියාත්මක කරන , මූලික මිනිස් අයිතිවාසිකම් නැති, නීතියේ ආධිපත්‍යය නැති රටකට , ප්‍රජාතන්ත්‍රවාදය නැති රටකට මාධ්‍ය නිදහස නැති රටකට එහෙම ආධාර ලැබෙන්නේ නැහැ. ජුලියන් බෝලින් වගේ අයව, අරගල කරපු අයව, මාධ්‍ය ආයතන ප්‍රධානීන්, මේ ඔක්කොමලා ගෙන්වනවා. මොකටද? බය කරන්න, කොටසක් අත්අඩංගුවට ගන්න, . එහෙම මිනිස්සු බය වෙන්නෙ නෑ. අපි එකක් පැහැදිලිව කියන්න ඕන රනිල් වික්‍රමසිංහ මහත්තයට තියෙන්නේ තව අවුරුදු දෙකයි. ජන වරමක් නැති ජනාධිපතිවරයාට තව අවුරුදු දෙකයි තියෙන්නේ. එයා ආයෙ පාරක් ඡන්දෙකින් දිනන්නෙ නැහැ. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ආයෙ පාරක් ඡන්දෙකින් ජනාධිපති වෙන්නේ නැහැ. ඒ නිසා නීති විරෝධී උපදෙස් පිලිපදින සියලු නිලධාරීන්ට අපි මතක් කර දෙන්න කැමතියි , රනිල් වික්‍රමසිංහ මහත්තයා මේ රටේ සදාකාලික ජනාධිපතිවරයා නෙමේ. අවුරුදු දෙකකින් පස්සේ අලූත් ආණ්ඩුවක් එනවා. තමුන්නාන්සේලා වැරදි වැඩ කරලා තිබ්බොත්, වගකියන්න වෙන්නේ තමුන්නාන්සේලාට. මතකනේ සිල්රෙදි නඩුවට හිටපු ලේකම් ලලිත් වීරතුංගට අනූෂ පැල්පිටට හිරේ ලගින්න වුණා . තවත් රාජ්‍ය නිලධාරීන් ගණනාවකට වැරදි උපදෙස් ක්‍රියාත්මක කරලා විවිධ නඩු වැටුනා, හිරේ වැටෙන්න සිද්ධ වුණා. ඒක නිසා රනිල් වික්‍රමසිංහ මහත්මයාට උපරිම කාලය තියෙන්නේ තව අවුරුදු දෙකයි කියන එක සියලු නිලධාරීන් මතක් කරගන්න කියන එක අපි පොඩ්ඩක් කියන්න කැමතියි..ඒ වගේම තමයි මට තේරෙන්නේ නෑ වසන්ත මුදලිගේ වගේ ශිෂ්‍ය නායකයෙකුට මෙච්චර බය ඇයි කියලා. ඔච්චර ශක්තිමත් නායකයෝ නම්, ඔච්චර වැඩකාර නායකයෝ නම්, මේ ආර්ථිකය ගොඩ දාන්න පුළුවන් නම්, රටේ ණය බර පියවන්න පුළුවන් නම්, රටේ සියලු දේවල් හරි මාවතට ගෙනියන්න පුළුවන් නම්, මේ වසන්ත මුදලිගේ වගේ කෙනෙක්ව d . o ගහලා මාස තුනක් ඇතුලට දාන්න මොකටද? මට නම් තේරෙන්නේ නැහැ. ඒ නිසා මර්දනය වහාම නවත්වලා, පොහොට්ටු කාරයෝ සතුටු කරන එක නවත්තන්න. රනිල් වික්‍රමසිංහ මහත්තයාට අපි පැහැදිලිව කියන්න කැමතියි එතුමා කොච්චර පොහොට්ටුවේ කට්ටියව සතුටු කෙරුවත් ඒ කට්ටිය එතුමාව පාවිච්චි කරන්නේ පාලමක් විදිහට. ගඟෙන් එතෙර වෙන්න පාලමක් විදිහට. මොකද අපිට තේරෙනවනෙ විසිදෙවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙ තියෙන ද්විත්ව පුරවැසියා , මොළ හතේ බැසිල් රාජපක්ෂ නැවත පාර්ලිමේන්තුව පැමිණීමේ වගන්තිය පරද්දන්න ප්ලෑන් කරනවා. ද්විත්ව පුරවැසියන්ට, දැන් මේ රටේ හැම කෙනෙක්ම දන්නවා මහ බැංකුව මංකොල්ල කාපු arjun mahendran ද්විත්ව පුරවැසියෙක් , මේ රටේ ආර්ථිකය විනාස කරපු බැසිල් රාජපක්ෂ ද්විත්ව පුරවැසියෙක්. එතකොට මෙච්චර පාඩම් ඉගෙන ගෙන තියෙද්දී , මෙච්චර කෙලවෙලා තියෙද්දි, තවදුරටත් ද්විත්ව පුරවැසියෙක් මේ රටට ආදරේ නැහැ, ඔවුන් අනාගතේ ජීවත් වීමට නියමිත රටට තමයි ආදරේ, ඒ නිසා එවැනි අය මේ පාර්ලිමේන්තුවට හෝ රජයේ ඉහළ තනතුරු වලට සුදුසු නැහැ කියන එක ඕනෑම කෙනෙකුට තේරෙද්දී, පොහොට්ටුවේ මන්ත්‍රීලා බැසිල් රාජපක්ෂ මහත්මයා එක්ක එකතු වෙලා ඒ වගන්තිය පරද්දන්න හදනවා. එතකොට ජනාධිපති තුමාගේ විධායක බලය කෝ. ජනාධිපතිතුමාට පොහොට්ටුවෙන් ලැබෙන සහයෝගය කෝ. ජනාධිපතිතුමාට පොහොට්ටුව කට්ටිය ඉන්නවා කියන ඒ කතාව කෝ. ඒ නිසා පැහැදිලිව කියන්න ඕන රනිල් වික්‍රමසිංහ මහත්මයාගෙයි ඒ කණ්ඩායමේයි දේශපාලනය ඔතනින් ඉවරයි. ඒ නිසා අපි පැහැදිලිව කියන්න ඕන බැසිල් රාජපක්ෂ කරන්නෙ බැසිල් රාජපක්ෂට ඕන දේ. මේ පාර්ලිමේන්තුව විකෘතියක් කියලා අපි කියන්නේ ඒකයි. ජනාධිපතිවරයාට ජනමතයක් නැහැ. ආණ්ඩුවට ජනමතයක් නැහැ. මේක විකෘති ආණ්ඩුවක්. විකෘතියක් නියෝජනය වෙන්නේ. තවදුරටත් ජනවරමක් මහපොළොවේ ඔවුන්ට නැහැ. ඒ නිසා අපි පාර්ලිමේන්තුව වහාම විසුරුවන්න කියලා මේ ජනාධිපතිවරයාට කියන්න කැමතියි. දැන් රටේ තත්වය සන්සුන් නම්, රටේ තත්වය සාමාන්‍යයි නම්, එතුමා ල හිතනවනම් එතුමා ලා ආර්ථිකය ගොඩ දාලා තියෙනවා කියලා, එතුමන්ලා හිතනවා නම් තවදුරටත් ජනමතයක් එතුමන්ලාට තියෙනවා කියලා, මේ විකෘතිය ටෙස්ට් කරල බලන්න වහාම පාර්ලිමේන්තුව විසුරුවලා පාර්ලිමේන්තු මැතිවරණයක් තියලා ජනතාවගේ ජන මතයට ඉඩ දෙන්න කියලා අපි ඉල්ලීමක් කරනවා. එහෙම කිසිසේත්ම පාර්ලිමේන්තුව විසුරුවා හරින්න ඔවුන්ට අදහසක් නැත්නම් අපි රටේ ප්‍රධාන විපක්ෂය හැටියට වහාම මැතිවරණයක් ඉල්ලලා ගමින් ගමට , නගරයෙන් නගරයට ජනතාව පෙළගස්වන්න සූදානම් කියන එක අපි පැහැදිලිව කියනවා. ඒ වගේම එතනින් තමයි ජනවරමේ රැල්ල ආරම්භ වෙන්නේ කියන එකත් අපි පැහැදිලිව කියන්න ඕන..– Media unit..Facebook.Twitter.Linkedin.Pinterest.Email.Related Posts.උණුසුම් පුවත්.No comments.Newer Post Older Post Home.Subscribe to: Post Comments (Atom).Popular Posts.දමිතා අබේරත්න රක්ෂිත බන්ධනාගාරයට.සූරියවැව මන්දපෝෂණ රැස්වීමේ ජනතාව විරෝධතා.ඩී.වී.චානක ඇමතිකම එපා කියයි..සරුසාර එකක් ඉල්ලයි.පාර්ලිමේන්තුව විසුරුවා හදිසි මහ මැතිවරණයක්..පොහොට්ටුවේ දැඩි විරෝධය.රාජ්‍ය ඇමතිලා 35ක් දිවුරන්න සූදානම්.Latest Posts.{latest}.Cloud Labels.Corona උණුසුම් පුවත උණුසුම් පුවත් කලා පුවත් කොරෝන කොරෝනා ක්‍රීඩා පිටිය ගොසිප් ජායා රූප දේශපාලන මුළුතැන්ගෙය රූපලාවන්‍ය විදෙස් පුවත් ව්‍යාපාරික පුවත්.Powered by Blogger..Ads Place.Featured Post.ඉන්ධන මිල සංශෝධනයක් ..ලෝකෙම තෙල් මිල බහී.ඉන්ධන මිල සූත්‍රයට අනුව අද දිනයේ ඉන්ධන මිනිස් සංශෝධනයක් සිදු කිරීමට නියමිතව ඇත. සැම මසකම 15 වනදා හා 30 වනදා මිල සූත‍්‍රය අනුව මෙරට ඉන්ධන මිල....Popular Posts.උඩුවේ ධම්මාලෝක හිමි අත්අඩංංගුවට ගන්නැයි අධිකරණයෙන් නියෝග.ලංවිම වාහන 3000ක් තිබියදී තවත් 800ක් කුලියට ගනී.ඔක්ටේන් 80 බාල පෙට්‍රල් ලීටර අනූලක්ශයක් තෙල් සංස්ථා ටැංකි වල.ලොකු පාරවල්,කුළුණු හැදුවේ මහන්තත්තකම පෙන්නන්න - අගරදගුරු තුමන්.Category.Corona 15.උණුසුම් පුවත 1116.උණුසුම් පුවත් 9144.කලා පුවත් 33.කොරෝන 48.කොරෝනා 2520.ක්‍රීඩා පිටිය 273.ගොසිප් 1.ජායා රූප 3.දේශපාලන 2085.මුළුතැන්ගෙය 26.රූපලාවන්‍ය 18.විදෙස් පුවත් 3.ව්‍යාපාරික පුවත් 40.Copyright ©.Footer Menu.Home.About Us.Privacy.Contact |
ජන්ද හිමියන්ගේ දිනය සැමරීමේ ජාතික උත්සවය ජනපති ප්‍රධානත්වයෙන් - Tharunaya.com.Page Nav.HIDE.Grid.GRID_STYLE.Hover Effects.TRUE.Pages.About.Write for Us.Advertising.{fbt_classic_header}.Header Ad.Main Menu.HOME.සිංහල ටෙලිනාට්‍ය.ගින්දර වීඩියෝ.දේපළ ඉඩකඩම් විකිණිමට.ලග්න ඵලාපල.රථවාහන විකිණිමට.Contact Us.Breaking News:.latest.Contact Us.Name.Email *.Message *.ජන්ද හිමියන්ගේ දිනය සැමරීමේ ජාතික උත්සවය ජනපති ප්‍රධානත්වයෙන්.Dulakshi March 13, 2022 උණුසුම් පුවත් Edit this post.Facebook.Twitter.Linkedin.Pinterest.Email.වාර්ෂික ඡන්ද හිමියන්ගේ දිනය සැමරීමේ ජාතික උත්සවය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්....වාර්ෂික ඡන්ද හිමියන්ගේ දිනය සැමරීමේ ජාතික උත්සවය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 11 පස්වරුවේ කොළඹ දී පැවැත්විණ..ආසියාතික රාජ්‍යයන් අතරින් ප්‍රථම වරට සර්වජන ඡන්ද බලය ක්‍රියාත්මක වූ ශ්‍රී ලංකාව ගෝලීය ප්‍රජාතන්ත්‍රවාදී ඉතිහාසයේ සුවිශේෂි සංධිස්ථානයක් අත්කර ගෙන ඇත. ජනතාව උද්යෝගීමත්ව ඡන්දය ප්‍රකාශ කිරීමට පෙළ ගැසෙති. එහෙත් ඡන්ද අයිතිය ලබාගැනීම සඳහා අනුගමනය කළ යුතු ක්‍රියාපිළිවෙත පිළිබඳ බොහෝ දෙනෙකුට ඇති දැනුම අල්පය. ඒ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම ඡන්ද හිමියන්ගේ දිනය සැමරීමෙන් අපේක්ෂා කෙරේ..වර්තමානයේ පෙබරවාරි මස 01 වන දින “ඡන්ද හිමියන්ගේ දිනය” ලෙස නම් කර තිබේ..2012 වසරේ සිට “ඡන්ද හිමියන්ගේ දිනය” මූලික කරගනිමින් සම්මන්ත්‍රණ, පාගමන්, රථ පෙළපාළි, අත්පත්‍රිකා බෙදාහැරීම්, පොස්ටර් බැනර් ප්‍රදර්ශනය ඇතුළු විවිධ වැඩසටහන් මගින් ජනතාව දැනුවත් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව පියවර ගනු ලැබීය..පරමාධිපත්‍ය, සර්වජන ඡන්ද බලය හා ප්‍රජාතන්ත්‍රවාදය සාකච්ඡා කෙරෙන විද්වතුන්ගේ ලිපි ඇතුළත් ලිපි සංග්‍රහයක් එළිදැක්වීම මෙහිදී සිදු විය..දේශපාලනයේ නිරත ඇතැමුන් ප්‍රජාතන්ත්‍රවාදයට බිය බව, පෙන්වා දුන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා ප්‍රජාතන්ත්‍රවාදයට බිය වුවහොත් එතැන් සිට ආණ්ඩුවත් රටත් විනාශ වන බව සඳහන් කළේය..1975 ඡන්දය කල් දැමීම, 1982 ජනමත විචාරණය හේතුවෙන් තරුණ තරුණියෝ ඡන්ද ක්‍රමය ගැන කළකිරීමට පත් වූහ. එහි ප්‍රතිඵලයක් ලෙස 88/89 දී හැටදාහක් තරුණ තරුණියෝ පාරේ මරා දමන තැනට වැඩ සිද්ධ වූ බව අග්‍රාමාත්‍යවරයා සිහිපත් කරනු ලැබීය. එය තේරුම්ගත් තමා 2005 සිට 2015 දක්වා නියමිත කාලසීමාවට පෙර මැතිවරණ පවත්වමින් ඡන්ද අයිතිය ලබාදුන් බව සඳහන් කළේය..ඡන්දය දී ආණ්ඩු හදන අය එම ආණ්ඩු ශක්තිමත් කරමින් සංවර්ධනයට ද දායක විය යුතු බවත් වැරදි ඇතොත් ඒවා විවේචනාත්මකව පෙන්වා දීමෙන් ඡන්දදායකයාට වගකීම්සහගත පුරවැසියෙකු විය හැකි බවත් මැතිවරණ කොමිසමේ සභාපති නිමල් ජී. පුංචිහේවා මහතා මෙහිදී කියා සිටියේය..මැතිවරණ කාලසීමාවලදී කොමිෂන් සභාව විසින් හඳුන්වා දෙන උපමාන ක්‍රියාත්මක කිරීමට රාජ්‍ය මාධ්‍ය පමණක් නොව පෞද්ගලික මෙන්ම සමාජ මාධ්‍යය ද කටයුතු කළ යුතුය. එසේ නොවන්නේ නම් මාධ්‍ය නියාමනය කළ යුතු බව ද සභාපතිවරයා පෙන්වා දුන්නේය..කථානායකතුමා, දේශපාලන පක්ෂ නායකයෝ, මහජන නියෝජිතයෝ, තානාපතිවරු, ඇතුළු සාමාජිකයෝ සහ නිලධාරීහු ඇතුළු විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ...Facebook.Twitter.Linkedin.Pinterest.Email.Related Posts.උණුසුම් පුවත්.No comments.Newer Post Older Post Home.Subscribe to: Post Comments (Atom).Popular Posts.දමිතා අබේරත්න රක්ෂිත බන්ධනාගාරයට.සූරියවැව මන්දපෝෂණ රැස්වීමේ ජනතාව විරෝධතා.ඩී.වී.චානක ඇමතිකම එපා කියයි..සරුසාර එකක් ඉල්ලයි.පාර්ලිමේන්තුව විසුරුවා හදිසි මහ මැතිවරණයක්..පොහොට්ටුවේ දැඩි විරෝධය.රාජ්‍ය ඇමතිලා 35ක් දිවුරන්න සූදානම්.Latest Posts.{latest}.Cloud Labels.Corona උණුසුම් පුවත උණුසුම් පුවත් කලා පුවත් කොරෝන කොරෝනා ක්‍රීඩා පිටිය ගොසිප් ජායා රූප දේශපාලන මුළුතැන්ගෙය රූපලාවන්‍ය විදෙස් පුවත් ව්‍යාපාරික පුවත්.Powered by Blogger..Ads Place.Featured Post.ඉන්ධන මිල සංශෝධනයක් ..ලෝකෙම තෙල් මිල බහී.ඉන්ධන මිල සූත්‍රයට අනුව අද දිනයේ ඉන්ධන මිනිස් සංශෝධනයක් සිදු කිරීමට නියමිතව ඇත. සැම මසකම 15 වනදා හා 30 වනදා මිල සූත‍්‍රය අනුව මෙරට ඉන්ධන මිල....Popular Posts.උඩුවේ ධම්මාලෝක හිමි අත්අඩංංගුවට ගන්නැයි අධිකරණයෙන් නියෝග.ලංවිම වාහන 3000ක් තිබියදී තවත් 800ක් කුලියට ගනී.ඔක්ටේන් 80 බාල පෙට්‍රල් ලීටර අනූලක්ශයක් තෙල් සංස්ථා ටැංකි වල.ලොකු පාරවල්,කුළුණු හැදුවේ මහන්තත්තකම පෙන්නන්න - අගරදගුරු තුමන්.Category.Corona 15.උණුසුම් පුවත 1116.උණුසුම් පුවත් 9144.කලා පුවත් 33.කොරෝන 48.කොරෝනා 2520.ක්‍රීඩා පිටිය 273.ගොසිප් 1.ජායා රූප 3.දේශපාලන 2085.මුළුතැන්ගෙය 26.රූපලාවන්‍ය 18.විදෙස් පුවත් 3.ව්‍යාපාරික පුවත් 40.Copyright ©.Footer Menu.Home.About Us.Privacy.Contact |
අදටත් වඩා අර්බුද තිබුණු රටක අභියෝග ජයගත්ත සිරිමාවෝ භූමිකාව! - Tharunaya.com.Page Nav.HIDE.Grid.GRID_STYLE.Hover Effects.TRUE.Pages.About.Write for Us.Advertising.{fbt_classic_header}.Header Ad.Main Menu.HOME.සිංහල ටෙලිනාට්‍ය.ගින්දර වීඩියෝ.දේපළ ඉඩකඩම් විකිණිමට.ලග්න ඵලාපල.රථවාහන විකිණිමට.Contact Us.Breaking News:.latest.Contact Us.Name.Email *.Message *.අදටත් වඩා අර්බුද තිබුණු රටක අභියෝග ජයගත්ත සිරිමාවෝ භූමිකාව!.janaka March 18, 2022 උණුසුම් පුවත Edit this post.Facebook.Twitter.Linkedin.Pinterest.Email.බණ්ඩාරනායක මැතිනියගේ භූමිකාව අරබයා ඇගේ දියණිය සුනේත්‍රා බණ්ඩාරනායක විසින් සිදුකළ මතක ආවර්ජනයක් මෙම ලිපියට පාදක වී ඇත. “හැමදෙනාම දන්නවා පියාග....බණ්ඩාරනායක මැතිනියගේ භූමිකාව අරබයා ඇගේ දියණිය සුනේත්‍රා බණ්ඩාරනායක විසින් සිදුකළ මතක ආවර්ජනයක් මෙම ලිපියට පාදක වී ඇත..“හැමදෙනාම දන්නවා පියාගේ අකල් මරණය අපේ පවුලට තද පහරක් වුණා. ඒ අවාසනාවන්ත උදෑසන අපි ඉස්කෝලේ ගිහින් හිටියේ. ගෙදරින් අපට පණිවුඩයක් එව්වා ඉක්මනට ගෙදර එන්න තාත්තාට අසනීපයි කියා. අපි ගෙදරට ඇවිත් බලනකොට තාත්තව රෝහලට ගෙනිහින්. ගෙයි බිම පුරාම ලේ. අපි හඬාවැටුණා. අපි හිතුවා තාත්තා ජීවත් වෙයි කියා. නමුත් අපේ අවාසනාවටයි රටේ අවාසනාවටයි තාත්තා නැතිවුණා..පියාගේ මරණින් පසු අපේ අම්මාට තදබල බලපෑම් ආවා ඔබතුමිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කඩා වැටෙන්නට ඉඩ නොදී ඉදිරියට ගෙන යා යුතුයි කියා. එතුමිය මුල් අවස්ථාවේදී ඒවා ප්‍රතික්ෂේප කළා. නමුත් බලපෑම බරපතළ විදියට එන්න වුණාම පක්ෂයට නායකත්වය දීමේ වගකීම බාරගත්තා..ප්‍රථමයෙන් සෙනට් සභාවට ගිහින් අගමැති තනතුර භාර ගත්තා. දෙවනුව මැතිවරණයට ඉදිරිපත්ව ඡන්දයෙන් අගමැති තනතුරට ආවා. අම්මට ඇගේම වූ ස්වාධීන මතයක් තිබුණා. අම්මා තාත්තා දෙදෙනා පුරුද්දක් වශයෙන් හැමදාම උදේ තේ පානය කරද්දී දීර්ඝ දේශපාලන සංවාදවල නිරත වූ අයුරු මා දුටුවා. තාත්තා අගමැති තනතුරට පැමිණි මුල් කාලයේ වැඩ වර්ජන, කම්කරු අරගල නිතර ඇති වුණා. ඒ අවස්ථාවල එතුමිය තාත්තට කිව්වා.“ඔයා හරි දුර්වලයි. ඔහොම ඉඳලා බෑ තදින් ඉන්න ඕනේ කියලා “.අම්මා තාත්තට දිගට හරහට උපදෙස් දුන්නා. තාත්තා ඒවා පිළිගත්තද නැද්ද කියන්න මම දන්නෙ නෑ..දේශපාලන විෂයයන් ගැන එතුමියට දැනීමක් තිබුණා. ඒ කාලයේ ශ්‍රී ලංකාවේ කැබිනට්ටුව බොහොම පොඩියි. දැන් වගේ ලොකු සෙනඟක් කැබිනට්ටුවේ හිටියේ නෑ. අපේ ගෙදර පල්ලෙහා කෑම මේසේ 12 දෙනකුට විතර වාඩි වෙන්න පුළුවන්. ඒක වටේ වාඩිවෙලා සාකච්ඡා කරනවිට එතුමියත් ඇවිත් අහගෙන ඉන්නවා..කවුරුවත් ඒකට විරුද්ධ වුණේ නැහැ. එතුමිය සාලය හරහා යන එන ගමන්, කමෙන්ට් එකක් දාගෙන යනවා. එතුමිය හොඳ දැනීමක් ලබාගෙන තිබුණා. අම්මත් තාත්තත් කවදාවත් රණ්ඩු දබර වෙලා නෑ..“ඔව් සිරිමා. එහෙම තමයි සිරිමා.” කියලා තාත්තා සද්ද නැතුව ඉන්නවා එච්චරයි එයා කළේ..එතුමියට නායකත්වයට සහජ හැකියාවක් පිහිටා තිබුණා. බළන්ගොඩ පවුලක බොහෝ පරිස්සමින් හදපු ගැහැනු ළමයෙක් ගෙනත් කොළඹ හතේ සෙන්ට් බි්‍රජට් පාසලේ හොස්ටල් එකේ නතර කළා. එහෙම ඉන්නකොට එතුමියට දැනෙන්න ඇති මම ඉඳලා ආපු ලෝකය මේ කොළඹ ලෝකයට වඩා මුළුමනින්ම වෙනස්. නමුත් ඒ ලෝකෙ ඉන්නවා වගේම මේ ලෝකෙටත් මම ඇතුළු වෙන්න ඕනේ කියන අදහස. ඒක හොඳ විනයගරුක පාසලක්. එතුමිය හොඳට කීකරුව ඒ පරිසරයට අනුවර්තනය වුණා..ඊට පස්සේ එතුමියට කසාදයක් කරලා දුන්නා. එතුමිය කෙනෙක් දැකලා ආදරේ කරලා නෙමෙයි විවාහ වුණේ. හඳහන් බලලා ගොඩක් ජරමර කරලා තමයි මවුපියන් විසින් සුදුස්සා තේරුවේ. එතුමිය ඒකට හා කිව්වා. දෙන්නාගේ වයස පරතරය අවුරුදු 17ක්. එතුමිය සිතන්නට ඇති. මවුපියන්ට මම ආදරෙයි. මම ඒගොල්ලන්ට ගරු කරනවා. පවුලෙ වැඩිමලා මම. මම වැරදි විදියට හැසිරුණොත් අනිත් අයටත් බලපානවා. ඒ නිසා මම එකඟ වෙනවා කියලා..ඊට පස්සේ කොළඹට ඇවිත් පදිංචි වුණා. ඉතා ඉක්මනින්ම ඒ පසුබිමට හැඩගැහුණා. අම්මා කවදාවත් අපේ පියාට කිව්වේ නෑ. “එහෙ යන්න එපා. මෙහෙ යන්න එපා. අරක කරන්න එපා. මේක කරන්න එපා”.අම්මා එතුමාගේ දේශපාලන ගමන කැබිනට් එක ගන්න තීරණ අනුව කරගෙන යන්න සහාය වුණා. කවදාවත් තර්ක විතර්ක කරන්න ගියේ නෑ..තාත්තා දේශපාලඥනයන් සමඟ කරන සාකච්ඡාවලට එතුමිය සම්බන්ධ වුණේ නැහැ. අගමැති තනතුරට පැමිණෙන තෙක් එතුමියට අනෙකුත් දේශපාලනඥයන් සමඟ විශේෂ සම්බන්ධයක් තිබුණේ නැහැ..එතුමියට පුදුමාකාර ආසාවක් තිබුණා ජාත්‍යන්තර දේශපාලනයට. ඒක අපි සියලු දෙනාටම ඉතාමත් පැහැදිලිව පෙනුණා. හරියට මලක් පිපෙනවා වගේ ඇය ජාත්‍යන්තර දේශපාලනය තුළ මතු වුණා. ලෝකෙ නායකයොත් එක්ක ඉතා හොඳ සම්බන්ධතාවක් එතුමියට තිබුණා. ඉන්දියාව, පාකිස්තානය, යුගෝස්ලාවියාව, ඊජිප්තුව, චීනය යන රටවල් එක්ක ලොකු සම්බන්ධකම් තිබුණා..ලෝකයේ රාජ්‍ය නායකයන් එතුමියත් එක්ක කතා කරනකොට, එතුමියගේ අදහස්වලට පැහැදිලිව තේරුම් යන්න ඇති මේ පුද්ගලයා ඉතාමත් අවංක ඍජුව කතා කරන කෙනෙක් කියලා. ඔවුන් සමඟ මිත්‍ර ලීලාවෙන් අදහස් පළ කිරීම පිළිබඳව ඔවුන් ඉතාමත් සතුටු වුණා. ඒ වගේම ඉතාමත් ගරු කළා..මට මතකයි එක් අවස්ථාවක රටේ විශාල සහල් හිඟයක් ඇතිවුණා. එවකට පාකිස්තානයේ හිටපු අපේ තානාපති කාර්යාලයේ දෙවැනියා ස්ටැන්ලි ජයවීර කියලා මහත්මයෙක්. ඔහුට පණිවුඩයක් ඇරියා අප සහල් පිළිබඳ ගැටලුවක සිටින බව පාකිස්තාන අගමැතිතුමාට දන්වන්න කියා. ඔහු මහ රෑ ගිහින් හමුවුණා පාකිස්තානයේ අගමැති සුල්ෆිකාර් අලි භූතෝ..එතුමා මොහොතක්වත් පැකිළුණේ නෑ. ඒ වෙලාවේ පාකිස්තාන නැව් දෙකක් හෝ තුනක් ලතින් ඇමෙරිකාවට යාත්‍රා කරමින් තිබුණා මුහුද මැද. අලි භූතෝ මැතිතුමා එවේලෙම පණිවුඩයක් ඇරියා හාල් නැව් තුන හරවා වහාම ලංකාවට ගෙනියන්න කියා..ඒ කාලේ චීනයයි, ඉන්දියාවයි අතර ලොකු අර්බුදයක් ඇති වුණා. ඒ අර්බුදය දිගටම ගියා නම් ලෝක යුද්ධයක් දක්වා වර්ධනය වෙන්න පුළුවන්කම තිබුණා. නමුත් එතුමියට ඒ රටවල් දෙක සමඟම හොඳ සම්බන්ධකම් තිබුණු නිසා එතුමිය ඒ දෙගොල්ලම හම්බවෙලා කතා කරලා, අම්මා කෙනෙක් දරුවන්ට කියනවා වගේ යුද්ධ කරන්න එපා. රටේ ජනතාව දුක් විඳිනවා. ඔවුන් මැරෙනවා. භෞතික සම්පත් විනාශ වෙනවා ඒක කිසිම තේරුමක් නැති නිෂ්ඵල වැඩක් කියලා. අන්තිමට දෙගොල්ලො එකඟවෙලා ප්‍රශ්න නිරාකරණය කර ගත්තා. ඉන්දු, චීන යුද්ධය වැළකුණා..එතුමිය අගමැති තනතුරට පත්වෙලා පළමුවැනි අවුරුදු පහේ හෙමින් හෙමින් මේ කටයුත්ත මොකක්ද කියලා එහි ස්වභාවය අවබෝධ කරගෙන ඉස්සරහට ගියා. හදිසි වෙලා කිසි දෙයක් කළේ නෑ. අවුල් කර ගත්තෙ නෑ. බොහොම නිවිච්ච ආකාරයට පියතුමා ගිය ගමන ගියා. 1970 දෙවැනි වර අගමැති තනතුරට පත් වෙනකොට එතුමිය හුඟක්ම ශක්තිමත්..ජේවීපී තරුණ කැරැල්ල 1971දී ඇති වුණා. මේක එකපාරටම ඇඟට කඩාගෙන වැටුණහම ආණ්ඩුවේ හැමෝම කලබල වුණා. පොලිසිය, හමුදාව, නාවික, ගුවන් හමුදා සියල්ලම. ඒ අය කලබල වෙලා..“අපි කොහොමද මේවට මුහුණ දෙන්නෙ කියලා” කැබිනට් එක හොඳටම බයවුණා..ඔහොම කැලඹිල්ලෙන් තමයි දවස් ගාණක් ගියේ කැරැල්ල මර්දනය කර ගන්නා තෙක්. ඇමැතිවරු අරලියගහ මන්දිරයට දුවගෙන එනවා..“මැඩම් අපි මොකද කරන්නේ” කියලා කෑගහගෙන එනවා. “කලබල වෙන්න එපා ඕක අපි විසඳ ගන්නවා.” කියලා කුස්සියට ගිහිල්ලා තේ හදලා එවනවා..එවකට ආරක්ෂක ලේකම් සේපාල ආටිගල මහත්තයත් හොඳටම කලබල වුණා. නිදහසෙන් පස්සේ ලංකාවේ එහෙම දෙයක් වෙලා නෑ. ඒක නිසා කලබල වෙලා පළමුවැනි වතාවට ලොකු යුද්ධයක් කඩා වැටුණා වගේ වුණා..“මැඩම් මොකද කරන්නේ අපි ඉන්දියාවෙන් හරි කොහෙන් හරි හමුදාව ගෙන්වා ගනිමු” කියා යෝජනා කළා. මැතිනිය කිව්වා “අපි කොහෙන්වත් හමුදාවල් ගේන්නේ නෑ. අපිට අපේ හමුදාව එක්ක මේ සටන කරලා ජයගන්න බැරි නම් අපෙන් ඇති වැඩක් නෑ. අපි කොහෙන්වත් කවුරුවත් ගෙන්නන්නේ නෑ” කියලා කතාව එතැනින්ම ඉවර කළා..පස්සෙ කාලෙක නංගියි, මල්ලියි, අතරේ දේශපාලන ඝට්ටන ඇති වෙනකොට මැතිනිය ගොඩක් දුක් වුණා. එතුමිය කිව්වා “මෙච්චර අමාරුවෙන් රැකගත්ත පක්ෂය කඩා වැටෙන්න දෙන්න බෑ. ඔය ගොල්ලො මේකට වගකියන්න ඕන”.එහෙම කියලා තරයේම ඒගොල්ලන්ට තරවටු කළා. එතුමිය කැමැති වුණා මේ දෙන්නා පිළිවෙළකට දේශපාලනය කළා නම්. නමුත් අක්කයි, මල්ලියි දෙන්නම සම තනතුරු ගන්න දඟලපු වෙලාවේ තමයි ප්‍රශ්න ඇති වුණේ. 1977 වෙනකොට රටේ තත්ත්වය හුඟක්ම වැටිලා තිබුණේ. ජේ. ආර් ජයවර්ධන මහත්තයා විශාල කැම්පේන් එකක් ගෙන ගියා..අපේ ආණ්ඩුව වැරැදි වැඩක් කළා. අවුරුදු දෙකක් ආණ්ඩුවේ කාලය දික් කරගත්තා. ඒක ජයවර්ධන මහත්තයට හොඳ අවස්ථාවක් වුණා කැම්පේන් එක ඉස්සරහට ගෙනියන්න. ඒ වෙලාවේ මැතිනිය නංගිට කතා කරලා කිව්වා,.“දැන් මේ රණ්ඩු කරන වෙලාවක් නෙමේ. අපි එකමුතුව මේ මැතිවරණ කැම්පේන් එකට මුහුණ දෙමු” කියලා..එතුමිය දැඩි ලෙස විශ්වාස කළා ප්‍රජාතන්ත්‍රවාදය. රටවල නායකයන් කටයුතු කළයුත්තේ ප්‍රජාතන්ත්‍රවාදය අනුවයි කියන එක එතුමිය එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේදී පමණක් නොවේ නොබැඳි ජාතීන්ගේ සමුළුවේදීත් පෙන්වා දුන්නා..“අපි බෝම්බ පාවිච්චි කරන්නේ නෑ. න්‍යෂ්ටික අවි පාවිච්චි කරන එක සම්පූර්ණයෙන් වැරදියි. අපි සමඟියෙන් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිපත්ති ඔස්සේ හැම ප්‍රශ්නයක්ම සාකච්ඡා කර විසඳා ගත යුතුයි” කියන මතය එතුමිය දැඩි ලෙස මුළු ලෝකයටම ප්‍රකාශ කළා. ඒ නිසා ලෝක නායකයෝ සියලු දෙනාම පාහේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියට ගරු කළා. ආදරය කළා..(සිරස “පැතිකඩ” ඇසුරිනි).Facebook.Twitter.Linkedin.Pinterest.Email.Related Posts.උණුසුම් පුවත.No comments.Newer Post Older Post Home.Subscribe to: Post Comments (Atom).Popular Posts.දමිතා අබේරත්න රක්ෂිත බන්ධනාගාරයට.සූරියවැව මන්දපෝෂණ රැස්වීමේ ජනතාව විරෝධතා.ඩී.වී.චානක ඇමතිකම එපා කියයි..සරුසාර එකක් ඉල්ලයි.පාර්ලිමේන්තුව විසුරුවා හදිසි මහ මැතිවරණයක්..පොහොට්ටුවේ දැඩි විරෝධය.රාජ්‍ය ඇමතිලා 35ක් දිවුරන්න සූදානම්.Latest Posts.{latest}.Cloud Labels.Corona උණුසුම් පුවත උණුසුම් පුවත් කලා පුවත් කොරෝන කොරෝනා ක්‍රීඩා පිටිය ගොසිප් ජායා රූප දේශපාලන මුළුතැන්ගෙය රූපලාවන්‍ය විදෙස් පුවත් ව්‍යාපාරික පුවත්.Powered by Blogger..Ads Place.Featured Post.ඉන්ධන මිල සංශෝධනයක් ..ලෝකෙම තෙල් මිල බහී.ඉන්ධන මිල සූත්‍රයට අනුව අද දිනයේ ඉන්ධන මිනිස් සංශෝධනයක් සිදු කිරීමට නියමිතව ඇත. සැම මසකම 15 වනදා හා 30 වනදා මිල සූත‍්‍රය අනුව මෙරට ඉන්ධන මිල....Popular Posts.උඩුවේ ධම්මාලෝක හිමි අත්අඩංංගුවට ගන්නැයි අධිකරණයෙන් නියෝග.ලංවිම වාහන 3000ක් තිබියදී තවත් 800ක් කුලියට ගනී.ඔක්ටේන් 80 බාල පෙට්‍රල් ලීටර අනූලක්ශයක් තෙල් සංස්ථා ටැංකි වල.ලොකු පාරවල්,කුළුණු හැදුවේ මහන්තත්තකම පෙන්නන්න - අගරදගුරු තුමන්.Category.Corona 15.උණුසුම් පුවත 1116.උණුසුම් පුවත් 9144.කලා පුවත් 33.කොරෝන 48.කොරෝනා 2520.ක්‍රීඩා පිටිය 273.ගොසිප් 1.ජායා රූප 3.දේශපාලන 2085.මුළුතැන්ගෙය 26.රූපලාවන්‍ය 18.විදෙස් පුවත් 3.ව්‍යාපාරික පුවත් 40.Copyright ©.Footer Menu.Home.About Us.Privacy.Contact |
මෙරට ඉන්ධන ගැටළුව සදුදා අවසන්-බලශක්ති ලේකම් - Tharunaya.com.Page Nav.HIDE.Grid.GRID_STYLE.Hover Effects.TRUE.Pages.About.Write for Us.Advertising.{fbt_classic_header}.Header Ad.Main Menu.HOME.සිංහල ටෙලිනාට්‍ය.ගින්දර වීඩියෝ.දේපළ ඉඩකඩම් විකිණිමට.ලග්න ඵලාපල.රථවාහන විකිණිමට.Contact Us.Breaking News:.latest.Contact Us.Name.Email *.Message *.මෙරට ඉන්ධන ගැටළුව සදුදා අවසන්-බලශක්ති ලේකම්.Dulakshi March 10, 2022 උණුසුම් පුවත් Edit this post.Facebook.Twitter.Linkedin.Pinterest.Email.මේ වන විට රට පුරා පවතින ඉන්ධන සැපයීම සම්බන්ධ ගැටලු මෙම සෙනසුරාදා දිනය වන විට සමනය වී එළැඹෙන සඳුදා සිට යථාතත්වයට පත්වනු ඇති බව බලශක්ති අමාත්....මේ වන විට රට පුරා පවතින ඉන්ධන සැපයීම සම්බන්ධ ගැටලු මෙම සෙනසුරාදා දිනය වන විට සමනය වී එළැඹෙන සඳුදා සිට යථාතත්වයට පත්වනු ඇති බව බලශක්ති අමාත්‍යාංශ ලේකම් කේ. ඩී. ආර්. ඔල්ගා මහත්මිය පැවසීය..“බලශක්තිය රටට ශක්තියක්” මැයෙන් අද (10) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රය සංවිධානය කළ මාධ්‍ය හමුවේ දී ලේකම්තුමිය මෙම අදහස් පළ කළාය. ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති, සුමිත් විජේසිංහ මහතා ද සහභාගී වූ මෙම මාධ්‍ය හමුව ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක මහතා විසින් මෙහෙයවනු ලැබීය..මේ වන විටත් කොළඹ වරායට ඩීසල් නැවක් පැමිණ ඇති බවත් මෙම මස තුළ ඉන්ධන නැව් තොග හතරකින් ඩීසල් මෙට්‍රික් ටොන් 172,000ක් ලැබීමට නියමිත බවත්, එසේ ලැබෙන ඉන්ධන බෙදාහැරීම වේගවත්ව සිදුකරන බවත් බලශක්ති අමාත්‍යාංශ ලේකම් කේ. ඩී. ආර්. ඔල්ගා මහත්මිය පැවසුවාය..විදුලි බලාගාර සඳහා අවශ්‍ය දැවි තෙල් නැව් තොග කිහිපයක් ද ලැබී ඇති බවත් (මෙට්‍රික් ටොන් 30,000) එමඟින් දැවී තෙල් භාවිතා කරන වෙස්ට් කෝස්ට් වැනි විදුලි බලාගාර සම්පුර්ණ ධාරිතාවයෙන් යුතුව ක්‍රියාත්මක කළහැකි බවත් ලේකම්තුමිය පෙන්වාදෙන ලදී. මාර්තු 20 වන දින තවත් දැවි තෙල් නැව් තොග ලැබීමට ද නියමිතය..“ඉන්ධන තොග ලැබීමෙන් පසු දැනට පවතින ඉන්ධන සහ විදුලි බල ගැටලු ඉතා ඉක්මනින් පහව යනු ඇත. අපගේ සැළසුම් අනුව අවශ්‍ය ඩොලර් සපයාගැනීම පිළිබඳව ද අදාළ පාර්ශ්ව දැනුවත් කිරීමට පියවර ගෙන තිබේ. මේ සඳහා ජනාධිපති ලේකම්, භාණ්ඩාගාර ලේකම් සහ මහබැංකු අධිපතිතුමා ද නිරන්තරයෙන් සොයාබලා වැඩපිළිවෙළ ඉදිරියට ගෙනයාමට අවශ්‍ය සහයෝගය ලබාදෙමින් සිටී,” ලේකම්තුමිය තවදුරටත් පැවසීය.ලශක්ති ක්ෂේත්‍රය හා සම්බන්ධ ඉදිරි සැලසුම් පිළිබඳවද පැහැදිලි කළ ලේකම් ඔල්ගා මහත්මිය, ඛණිජ තෙල් නීතිගත සංස්ථාව සතු ත්‍රිකුණාමල තෙල් ටැංකි නවීකරණය කිරීමකින් පසු කොළඹ හරහා නොගොස් උතුර, උතුරු මැද සහ බදුල්ල වැනි ප්‍රදේශ වෙත තෙල් සැපයීම ත්‍රිකුණාමලය හරහා සිදුකළ හැකි බව පැවසුවාය. එමගින් රුපියල් මිලියන 800ක් පමණ මාසිකව ඉතිරි කර ගැනීමට හැකි වන බව එතුමිය පැවසීය..න්ධන මිල නුදිරේදී ඉහළ යා හැකි ද යන ප්‍රශ්නයට පිළිතුරු දුන් ලේකම්තුමිය, ඒ හා සම්බන්ධ කතිකාවක් ඇතත් එවැනි තීරණයක් ගතයුත්තේ කල්පනාකාරීව බවත් කීය..මෙරට ඉන්ධන හිඟයක් නොතිබූ බවත්, නිසි ලෙස ඉන්ධන සැපයීම බොහෝ අවස්ථාවන්වලදී සාමාන්‍ය පරිද සිදුකළ ද දෛනික ඉන්ධන පරිභෝජනය ඉහළ ගොස් ඇති බව මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්, ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා ප්‍රකාශ කළේය..ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල ඉහළ යෑමත් සමඟ, දේශීය මිල ද ඉහළ යා හැකි බව ට බියෙන් බොහෝ පාරිභෝගිකයන් ඉන්ධන රැස්කිරීමට යොමුවීමේ ප්‍රවණතාවක් පැවතිණි..ආනයනය කරන ඉන්ධන සඳහා ඉතා ඉහළ ඩොලර් ප්‍රමාණයක් ගෙවිය යුතු බවත්, ඉන්ධන පරිභෝජනය මේ අවස්ථාවේදී නිසි කළමනාකාරිත්වයකින් යුතුව සිදුකරන්නේ නම් එය රටට යහපතක් වන බවත් ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා පැවසුවේය...Facebook.Twitter.Linkedin.Pinterest.Email.Related Posts.උණුසුම් පුවත්.No comments.Newer Post Older Post Home.Subscribe to: Post Comments (Atom).Popular Posts.දමිතා අබේරත්න රක්ෂිත බන්ධනාගාරයට.සූරියවැව මන්දපෝෂණ රැස්වීමේ ජනතාව විරෝධතා.ඩී.වී.චානක ඇමතිකම එපා කියයි..සරුසාර එකක් ඉල්ලයි.පාර්ලිමේන්තුව විසුරුවා හදිසි මහ මැතිවරණයක්..පොහොට්ටුවේ දැඩි විරෝධය.රාජ්‍ය ඇමතිලා 35ක් දිවුරන්න සූදානම්.Latest Posts.{latest}.Cloud Labels.Corona උණුසුම් පුවත උණුසුම් පුවත් කලා පුවත් කොරෝන කොරෝනා ක්‍රීඩා පිටිය ගොසිප් ජායා රූප දේශපාලන මුළුතැන්ගෙය රූපලාවන්‍ය විදෙස් පුවත් ව්‍යාපාරික පුවත්.Powered by Blogger..Ads Place.Featured Post.ඉන්ධන මිල සංශෝධනයක් ..ලෝකෙම තෙල් මිල බහී.ඉන්ධන මිල සූත්‍රයට අනුව අද දිනයේ ඉන්ධන මිනිස් සංශෝධනයක් සිදු කිරීමට නියමිතව ඇත. සැම මසකම 15 වනදා හා 30 වනදා මිල සූත‍්‍රය අනුව මෙරට ඉන්ධන මිල....Popular Posts.උඩුවේ ධම්මාලෝක හිමි අත්අඩංංගුවට ගන්නැයි අධිකරණයෙන් නියෝග.ලංවිම වාහන 3000ක් තිබියදී තවත් 800ක් කුලියට ගනී.ඔක්ටේන් 80 බාල පෙට්‍රල් ලීටර අනූලක්ශයක් තෙල් සංස්ථා ටැංකි වල.ලොකු පාරවල්,කුළුණු හැදුවේ මහන්තත්තකම පෙන්නන්න - අගරදගුරු තුමන්.Category.Corona 15.උණුසුම් පුවත 1116.උණුසුම් පුවත් 9144.කලා පුවත් 33.කොරෝන 48.කොරෝනා 2520.ක්‍රීඩා පිටිය 273.ගොසිප් 1.ජායා රූප 3.දේශපාලන 2085.මුළුතැන්ගෙය 26.රූපලාවන්‍ය 18.විදෙස් පුවත් 3.ව්‍යාපාරික පුවත් 40.Copyright ©.Footer Menu.Home.About Us.Privacy.Contact |
නැවතූ සංවර්ධන ව්‍යාපෘති ඉක්මනින් අරඹනවා - ප්‍රසන්න රණතුංග - Tharunaya.com.Page Nav.HIDE.Grid.GRID_STYLE.Hover Effects.TRUE.Pages.About.Write for Us.Advertising.{fbt_classic_header}.Header Ad.Main Menu.HOME.සිංහල ටෙලිනාට්‍ය.ගින්දර වීඩියෝ.දේපළ ඉඩකඩම් විකිණිමට.ලග්න ඵලාපල.රථවාහන විකිණිමට.Contact Us.Breaking News:.latest.Contact Us.Name.Email *.Message *.නැවතූ සංවර්ධන ව්‍යාපෘති ඉක්මනින් අරඹනවා - ප්‍රසන්න රණතුංග.Dulakshi September 07, 2022 උණුසුම් පුවත් Edit this post.Facebook.Twitter.Linkedin.Pinterest.Email.පළාත් පාලන ආයතන විසින් එකතු කරනු ලබන බදු මුදල් යොදවා එම ප්‍රදේශවල යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමට අවස්ථාව එම ආයතනවලටම ලබාදෙන ලෙස නාගරික හා න....පළාත් පාලන ආයතන විසින් එකතු කරනු ලබන බදු මුදල් යොදවා එම ප්‍රදේශවල යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමට අවස්ථාව එම ආයතනවලටම ලබාදෙන ලෙස නාගරික හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලයි..පසුගිය සදුදා පැවති ආණ්ඩු පක්ෂ කණ්ඩායම් රැස්වීමේ දී මෙම ඉල්ලීම ඉදිරිපත් කළ බව ඇමතිවරයා සදහන් කරයි. මුදල් අමාත්‍යංශ ලේකම්වරයා විසින් නිකුත්කර ඇති චක්‍ර ලේඛයක් හේතුවෙන් පළාත් පාලන ආයතනවලට සිය බදු මුදලින් තම ප්‍ර දේශ වල යටිතල පහසුකම් දියුණු කිරීමට හැකියාවක් නොලැබෙයි..මේ සම්බන්ධයෙන් පළාත් පාලන ආයතන ගණනාවක් තමන්ට ඉල්ලීම් ඉදිරිපත් කර තිබු බව පැවසු ඇමතිවරයා එම ඉල්ලීම් අනුව ජනාධිපතිවරයාගේ අවධානය මේ සදහා යොමු කළ බව ද කීවේය. ඒ සදහා අවසර ලැබෙන්නේ නම් සිය ප්‍ර දේශවල සංවර්ධන කටයුතු සදහා මහා භාණ්ඩාගාරයෙන් මුදල් ලැබෙනතුරු බලා සිටිමට පළාත් පාලන ආයතන වලට සිදු නොවන බව ද ඇමතිවරයා අවධාරණය කළේය..මේ අතර අවසන් අදියරේ පවතින සංවර්ධන ව්‍යාපෘති වල වැඩ කඩිනමින් අවසන් කිරීමට ද රජය තීරණය කර තිබේ. ඒ අනුව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය යටතේ ඇති ආයතන වල සංවර්ධන ව්‍යාපෘති කඩිනමින් අවසන් කිරීමට අපේක්ෂිතයි..පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් නව සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කිරිම තාවකාලිකව අත්හිටුවා ඇතැත් කඩිනමින් නැවත එම ව්‍යාපෘති ආරම්භ කිරිම ආණ්ඩුවේ අපේක්ෂාව බව ද ඇමතිවරයා සදහන් කළේය..– ප්‍රදීප් අනුර කුමාර..Facebook.Twitter.Linkedin.Pinterest.Email.Related Posts.උණුසුම් පුවත්.No comments.Newer Post Older Post Home.Subscribe to: Post Comments (Atom).Popular Posts.දමිතා අබේරත්න රක්ෂිත බන්ධනාගාරයට.සූරියවැව මන්දපෝෂණ රැස්වීමේ ජනතාව විරෝධතා.ඩී.වී.චානක ඇමතිකම එපා කියයි..සරුසාර එකක් ඉල්ලයි.පාර්ලිමේන්තුව විසුරුවා හදිසි මහ මැතිවරණයක්..පොහොට්ටුවේ දැඩි විරෝධය.රාජ්‍ය ඇමතිලා 35ක් දිවුරන්න සූදානම්.Latest Posts.{latest}.Cloud Labels.Corona උණුසුම් පුවත උණුසුම් පුවත් කලා පුවත් කොරෝන කොරෝනා ක්‍රීඩා පිටිය ගොසිප් ජායා රූප දේශපාලන මුළුතැන්ගෙය රූපලාවන්‍ය විදෙස් පුවත් ව්‍යාපාරික පුවත්.Powered by Blogger..Ads Place.Featured Post.ඉන්ධන මිල සංශෝධනයක් ..ලෝකෙම තෙල් මිල බහී.ඉන්ධන මිල සූත්‍රයට අනුව අද දිනයේ ඉන්ධන මිනිස් සංශෝධනයක් සිදු කිරීමට නියමිතව ඇත. සැම මසකම 15 වනදා හා 30 වනදා මිල සූත‍්‍රය අනුව මෙරට ඉන්ධන මිල....Popular Posts.උඩුවේ ධම්මාලෝක හිමි අත්අඩංංගුවට ගන්නැයි අධිකරණයෙන් නියෝග.ලංවිම වාහන 3000ක් තිබියදී තවත් 800ක් කුලියට ගනී.ඔක්ටේන් 80 බාල පෙට්‍රල් ලීටර අනූලක්ශයක් තෙල් සංස්ථා ටැංකි වල.ලොකු පාරවල්,කුළුණු හැදුවේ මහන්තත්තකම පෙන්නන්න - අගරදගුරු තුමන්.Category.Corona 15.උණුසුම් පුවත 1116.උණුසුම් පුවත් 9144.කලා පුවත් 33.කොරෝන 48.කොරෝනා 2520.ක්‍රීඩා පිටිය 273.ගොසිප් 1.ජායා රූප 3.දේශපාලන 2085.මුළුතැන්ගෙය 26.රූපලාවන්‍ය 18.විදෙස් පුවත් 3.ව්‍යාපාරික පුවත් 40.Copyright ©.Footer Menu.Home.About Us.Privacy.Contact |
ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමට ගෙන ඇති පියවර අගමැති ජාත්‍යන්තරයට කියයි - Tharunaya.com.Page Nav.HIDE.Grid.GRID_STYLE.Hover Effects.TRUE.Pages.About.Write for Us.Advertising.{fbt_classic_header}.Header Ad.Main Menu.HOME.සිංහල ටෙලිනාට්‍ය.ගින්දර වීඩියෝ.දේපළ ඉඩකඩම් විකිණිමට.ලග්න ඵලාපල.රථවාහන විකිණිමට.Contact Us.Breaking News:.latest.Contact Us.Name.Email *.Message *.ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමට ගෙන ඇති පියවර අගමැති ජාත්‍යන්තරයට කියයි.Dulakshi September 14, 2022 උණුසුම් පුවත් Edit this post.Facebook.Twitter.Linkedin.Pinterest.Email.අන්තර් පාර්ලිමේන්තු සංගමයේ මහලේකම් මාර්ටින් චුංගොන්ග් සහ ජ්‍යෙෂ්ඨ වැඩසටහන් නිලධාරි ලෝරන්ස් මාර්සාල් මහත්වරු ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවේ ප්‍ර....අන්තර් පාර්ලිමේන්තු සංගමයේ මහලේකම් මාර්ටින් චුංගොන්ග් සහ ජ්‍යෙෂ්ඨ වැඩසටහන් නිලධාරි ලෝරන්ස් මාර්සාල් මහත්වරු ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවේ ප්‍රජාතන්ත්‍රවාදී පරිචයන් සම්බන්ධ ගැටළු පිළිබඳව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සමඟ සඳුදා (12) කොළඹ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී සාකච්ඡා කළහ..මහජන සහභාගීත්වය සහිත වඩාත් බලවත් සහ ශක්තිමත් ආංශික අධීක්ෂණ කමිටු පිහිටුවීම මගින් සහභාගීත්ව ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමට ගෙන ඇති පියවර පිළිබඳව අග්‍රාමාත්‍යවරයා මෙහිදී පැහැදිලි කළේය. ප්‍රතිපත්තිමය මග පෙන්වීම සහ ජාතික අභිලාෂය පිළිබඳ කරුණු සඳහා ප්‍රමුඛත්වය දීම සඳහා පාර්ලිමේන්තුවේ සියලුම දේශපාලන පක්ෂවල සහභාගිත්වයෙන් ජාතික සභාව පිහිටුවීම සම්බන්ධයෙන් ඇතිකරගත් එකඟතාව පිළිබඳවද ඔහු සතුට පළ කළේය..පාර්ලිමේන්තුවේ කටයුතු පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම වැදගත් වන බැවින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තු විවාද රූපවාහිනියෙන් සජීවීව නැරඹීමේ අවස්ථාව ඔවුන්ට හිමිවන බවද ඔහු අන්තර් පාර්ලිමේන්තු සංගමයේ නියෝජිත පිරිසට පැවසීය..ජනතාවගේ අවශ්‍යතා සහ ඉල්ලීම්වලට ප්‍රතිචාර දැක්වීම සඳහා රජය ගන්නා උත්සාහය අන්තර් පාර්ලිමේන්තු සංගම් මහලේකම්වරයාගේ පැසසුමට ලක්වූ අතර ජාතික මට්ටමේ විවාදවලට තරුණයින් සහභාගීවීමේ වැදගත්කම ද ඔහු අවධාරණය කළේය..සියල්ලෝම අන්තර්ගත පාලනයක් සහතික කිරීම සඳහා කාන්තාවන් සහ අනෙකුත් අවදානමට ලක්විය හැකි කණ්ඩායම් දේශපාලනමය කටයුතුවලට සහභාගීවීම තවදුරටත් ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවය ද චුංගොන්ග් මහතා අවධාරණය කළේය..මෙම සාකච්ඡාවට අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් හර්ෂ විජේවර්ධන යන මහත්වරු ද එක්ව සිටියහ...Facebook.Twitter.Linkedin.Pinterest.Email.Related Posts.උණුසුම් පුවත්.No comments.Newer Post Older Post Home.Subscribe to: Post Comments (Atom).Popular Posts.දමිතා අබේරත්න රක්ෂිත බන්ධනාගාරයට.සූරියවැව මන්දපෝෂණ රැස්වීමේ ජනතාව විරෝධතා.ඩී.වී.චානක ඇමතිකම එපා කියයි..සරුසාර එකක් ඉල්ලයි.පාර්ලිමේන්තුව විසුරුවා හදිසි මහ මැතිවරණයක්..පොහොට්ටුවේ දැඩි විරෝධය.රාජ්‍ය ඇමතිලා 35ක් දිවුරන්න සූදානම්.Latest Posts.{latest}.Cloud Labels.Corona උණුසුම් පුවත උණුසුම් පුවත් කලා පුවත් කොරෝන කොරෝනා ක්‍රීඩා පිටිය ගොසිප් ජායා රූප දේශපාලන මුළුතැන්ගෙය රූපලාවන්‍ය විදෙස් පුවත් ව්‍යාපාරික පුවත්.Powered by Blogger..Ads Place.Featured Post.ඉන්ධන මිල සංශෝධනයක් ..ලෝකෙම තෙල් මිල බහී.ඉන්ධන මිල සූත්‍රයට අනුව අද දිනයේ ඉන්ධන මිනිස් සංශෝධනයක් සිදු කිරීමට නියමිතව ඇත. සැම මසකම 15 වනදා හා 30 වනදා මිල සූත‍්‍රය අනුව මෙරට ඉන්ධන මිල....Popular Posts.උඩුවේ ධම්මාලෝක හිමි අත්අඩංංගුවට ගන්නැයි අධිකරණයෙන් නියෝග.ලංවිම වාහන 3000ක් තිබියදී තවත් 800ක් කුලියට ගනී.ඔක්ටේන් 80 බාල පෙට්‍රල් ලීටර අනූලක්ශයක් තෙල් සංස්ථා ටැංකි වල.ලොකු පාරවල්,කුළුණු හැදුවේ මහන්තත්තකම පෙන්නන්න - අගරදගුරු තුමන්.Category.Corona 15.උණුසුම් පුවත 1116.උණුසුම් පුවත් 9144.කලා පුවත් 33.කොරෝන 48.කොරෝනා 2520.ක්‍රීඩා පිටිය 273.ගොසිප් 1.ජායා රූප 3.දේශපාලන 2085.මුළුතැන්ගෙය 26.රූපලාවන්‍ය 18.විදෙස් පුවත් 3.ව්‍යාපාරික පුවත් 40.Copyright ©.Footer Menu.Home.About Us.Privacy.Contact |
Ariyamagga Organization.Home.About.About Us.Contact us.Kalyani Yogashrama.Venerable Advisers.Audio.Dhamma Desena.Ven Angulgamuwe Ariyananda Thero.Pirith Chantings.Pinkam Audio.Videos.Buddhist sites in India.Relics & Great Stupas.Sites in Sri Lanka.Pinkam.Dhamma Desena.Books.Thripitaka.Books by Author.Charts.Dhammapada.Gallery.Forum.Events.Passed Events.Newsletter.Live.අතිපූජනීය අනුනායක මහබෝසත් නාඋයනේ ශ්‍රි අරියධම්ම මාහිමිපාණන් වහන්සේගේ ස්වයං ලිඛිත ආත්ම සහතිකය ඇසුරෙන් සැකසුණු ග්‍රන්ථයන්….http://www.ariyamagga.org/wp-content/ariyamagga content/ariyamagga_most_ven_nauyane_ariyadhamma_maha_thero_books_2.jpg.Published 17. September 2017 at 2:08 PM - No Comments.අතිපූජනීය අනුනායක මහබෝසත් නාඋයනේ ශ්‍රි අරියධම්ම මාහිමිපාණන් වහන්සේගේ ස්වයං ලිඛිත ආත්ම සහතිකය ඇසුරෙන් සැකසුණු ග්‍රන්ථයන්….. අතිපුජනීය....පස් විසි වසක අමිල සසුන් පෙළහර.http://www.ariyamagga.org/wp-content/ariyamagga content/ven_ariyananda_thero_sinhala_img.png.Published 26. February 2017 at 10:05 PM - No Comments.කම්මට්ඨානාචාර්ය, අතිපුජනිය, අඟුල්ගමුවේ අරියනන්ද ස්වාමින්වහන්සේගේ සසුන් මෙහෙවර (more…).Guided Meditation.http://www.ariyamagga.org/wp-content/themes/wp-creativix/images/feat-pic4.jpg.Published 13. January 2011 at 6:32 PM - No Comments.Guided Meditation by Most Ven Matara Sri Gnanarama Maha Thero.All Buddha Jayanti Thripitaka Books.http://www.ariyamagga.org/wp-content/themes/wp-creativix/images/feat-pic2.jpg.Published 13. January 2011 at 5:44 PM - No Comments.Thripitaka is the collection of texts which form all the teachings of Samma Sambuddha..අපවත්වී වදාළ අතිපූජනීය නා උයනේ අරියධම්ම මහා ස්වාමින්වහන්සේගේ ජන්ම දිනය නිමිති කරගෙන පවත්වනු ලබන ගුණානුස්මරණ පිංකම දළදා මාලිගාව, නුවරඑළිය සහ කොත්මලේ මහවැලි මහා සෑ සමිදුන් අභියස ජුනි 2 සහ 3, 2018.Published May 31, 2018 at 11:33 PM - No Comments.අරියමග්ග සංවිධානය නමින් එකමුතු වූ අපි අපගේ සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ ද්‍රෝණයක් ධාතුන් වහන්සේ වැඩසිටින රුවන්මැලි මහා සෑ සමිදුන් අභියස ත්‍රිවිධ රත්නගේ අසීමිත ගුණ සමුදාය අරමුණු කරමින් 2006 වසරේ සාරාණීය මහා පින්කම පවත්වා එයින් ජනිතවන කුසල ධර්මය දෙව් මිනිසුන් සහිත ලෝකයට… Read the rest.සීල භාවනා – මැයි මස 26 සහ 27.Published May 23, 2018 at 4:04 PM - No Comments.පූජ්‍ය කම්මට්ඨානාචාර්ය අභිධර්ම විශාරද දිගන සුගතවංශ ස්වාමීන්වහන්සේ විසින් මෙහයවන සීල භාවනා පිංකමක් මැයි මස 26 සහ 27 යන දෙදින(සෙනසුරාදා සහ ඉරිදා) පෙරවරු 8.00 සිට සවස 5.00 දක්වා යමුනා සදහම් අසපුවේදී අරියමග්ග සංවිධානයේ සංවිධායකත්වයෙන් පැවැත්වේ..දහමින් සැනසීමට ඔබ සැමට මෙත් සිතින්, ගෞරවයෙන් ආරාධනා… Read the rest.Latest Events.Latest Articles from the Blog.අපවත්වී වදාළ අතිපූජනීය නා උයනේ අරියධම්ම මහා ස්වාමින්වහන්සේගේ ජන්ම දිනය නිමිති කරගෙන පවත්වනු ලබන ගුණානුස්මරණ පිංකම දළදා මාලිගාව, නුවරඑළිය සහ කොත්මලේ මහවැලි මහා සෑ සමිදුන් අභියස ජුනි 2 සහ 3, 2018Published May 31, 2018 at 11:33 PM.සීල භාවනා – මැයි මස 26 සහ 27Published May 23, 2018 at 4:04 PM.සීල භාවනා සහ විශේෂ ධර්ම දේශනාව – ඔක්තෝබර් මස 28, 29, යමුනා සදහම් අසපුවPublished October 22, 2017 at 10:54 PM.අතිපූජනීය අනුනායක මහබෝසත් නාඋයනේ ශ්‍රි අරියධම්ම මාහිමිපාණන් වහන්සේගේ ස්වයං ලිඛිත ආත්ම සහතිකය ඇසුරෙන් සැකසුණු ග්‍රන්ථයන්…Published September 17, 2017 at 2:08 PM.අතිපුජනීය නා උයනේ අරියධම්ම මහා ස්වාමීපාදොත්තමයාණන් වහන්සේ ගුණානුස්මරණ පුජාPublished September 4, 2017 at 7:44 PM.COPYRIGHT @ Ariyamagga Organization.THEME DESIGN BY IWEBIX Home We have come together as a group acting according to the Maha Sangha led by the Most Venerable Nauyane Ariyadhamma Maha Thero |
Subsets and Splits