News Content
stringlengths 35
40.7k
| Headline
stringlengths 9
215
| Is_headline
int64 0
1
|
---|---|---|
(ගාමිණි බණ්ඩාර ඉලංගන්තිලක) මස්කෙළිය, ග්ලෙන්ටිල්ට් තේ වතුයායේ, “ලෙන්ගා” කොටසේ තේ දළු නෙළමින් සිටි වතු කම්කරුවන් පිරිසකට අද (02) පෙරවරුවේ එල්ල වූ හදිසි බඹර ප්‍රහාරයක් නිසා කාන්තාවන් 13 දෙනෙක් තුවාල ලබා මස්කෙළිය ප්‍රාදේශිය රෝහලට ඇතුළු කර තිබේ. තුවාල ලබා රොහල් ගත කළ කාන්තාවන් 05 දෙනෙක් බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ලබාගෙන පිටව ගිය බවත්, කාන්තාවන් 08 දෙනෙක් දැනට නේවාසිකව ප්‍රතිකාර ලබමින් පසුවෙන බවත් මස්කෙළිය ප්‍රාදේශිය රොහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී ලියදිපිටිය මහතා පැවසීය. තේ ගසක බැඳ තිබූ විශාල බඹර කූඩුවක් ඇවිසී තමන්ට පහර දුන් බව රොහල් ගත කර සිටින වතු කම්කරු කාන්තාවන් පැවසූහ. මෙම වතුයායේම ඉකුත් මාසයේදී තෙවරක් වතු කම්කරුවන්ට බඹර ප්‍රහාර එල්ලවීමෙන් රෝහල් ගත කර ඇති බව පවසන එම කම්කරු ප්‍රජාව, කම්කරුවන් පීඩාවට පතක් කරන, තම වතුයායේ ඇති බඹර කූඩු ඉවත් කර දෙන ලෙස වතු පාලනාධිකාරියෙන් ඉල්ලා සිටින බවත් එම කම්කරුවෝ වැඩිදුරටත් ඉල්ලා පැවසූහ. නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන්ගේ තත්වය බරපතල නොවන බව වෛද්‍යවරු පැවසූහ.
|
බඹරු ඇනීමෙන් වතු කම්කරුවෝ 15 ක් රෝහලේ
| 0 |
(ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)මස්කෙළිය, ඕල්ටන් තේ වතුයායේ, කිංකෝරා කොටසේ තේ දලු නෙළමින් සිටි වතු කම්කරුවන් පිරිසකට අද (05) පස්වරු 02.00 ට පමණ එල්ලවූ බඹර ප්‍රහාරයක් හේතුවෙන් 11 දෙනෙක් තුවාල ලබා මස්කෙළිය ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කරනු ලැබූහ. තුවාල ලැබූවන් අතර වතු කම්කරු ගැබිණි කාන්තාවක් සමග කාන්තාවන් 08 දෙනෙක් හා පිරිමි කම්කරුවන් 03 දෙනෙක් සිටින බවත්, ගැබිණි කාන්තාව සහ තවත් කාන්තාවක් වැඩිදුර ප්‍රතිකාර සඳහා දික්ඔය දිස්ත්‍රික් රෝහල වෙත යැවූ බවත් මස්කෙලිය රෝහලේ වෛද්‍යවරු පැවසූහ. තේ ගසක බැඳ තිබූ බඹර කූඩුවක් ඇවිස්සී තමන්ට පහර දුන් බව රෝහල් ගතකර සිටින තුවාලකරුවන් පැවසූහ.
|
බඹරු ඇනීමෙන් වතු කම්කරුවෝ 15 ක් රෝහලේ
| 0 |
(තිලකරත්න දිසානායක)ගම්පහ දිස්ත්‍රික්කයෙන් අද (30) උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලය තුල කොරෝනා ආසාදිතයින් 868 දෙනෙකු හමුව ඇති බවත් මින් 90 දෙනෙකු බැගින් වන වැඩිම පිරිසක් බියගම සහ මහර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයන්ගෙන් වන බවත් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයීය වෙබ් අඩවිය සදහන් කරයි.සෙසු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයන්ගෙන් ආසාදිතයින් හමුවීම මිනුවන්ගොඩ - 79 ක්, මීරිගම - 77 ක්, වත්තල - 76 ක්, ගම්පහ - 72 ක්, සීදූව - 65 ක්, දිවුලපිටිය - 60 ක්, අත්තනගල්ල - 55 ක්, දොම්පෙ සහ රාගම යන කොට්ඨාසයන්ගෙන් - 45 දෙනෙකු බැගින් , කටාන සහ කැලණිය යන කොට්ඨාසයන්ගෙන් - 35 දෙනෙකු බැගින් , ජාඇල - 34 ක් සහ මීගමුව කොට්ඨාසයෙන් 10 දෙනෙකු වශයෙන් සිදුව ඇත.ගතවූ පැය 24 තුල දිස්ත්‍රික්කයේ කර්මාන්තශාලා ආශ්‍රිතව ආසාදිතයින් 60 දෙනෙකු හමුව ඇති අතර එය ආයෝජන කලාපය කටුනායකකින් - 46 ක්, බියගමින් - 6 ක් සහ වෙනත් කර්මාන්තශාලා ආශ්‍රිතව 8 දෙනෙකි.ආසාදිතයින් 352 දෙනෙකු පැය 24 තුල ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කොට ඇති බවත් සැක සහිත රෝගීන් 223 දෙනෙකු රෝහල් ගත කොට ඇති බවත් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයීය වෙබ් අඩවිය සදහන්ය.ආසාදිතයින්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් 14,079 දෙනෙකු නිවෙස්වල ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන ඇති අතර ගම්පහ දිස්ත්‍රික්කයෙහි පුද්ගලයින් 3,28,753 දෙනෙකු පී සී ආර් පරීක්ෂණයකට භාජනය කොට ඇති බවද වෙබ් අඩවියෙහි සදහන්ය.
|
ගම්පහ දිස්ත්‍රිකයෙන් පැය 24කදී ආසාදිතයින් 868ක්
| 1 |
(තිලකරත්න දිසානායක)ගම්පහ දිස්ත්‍රික්කයෙහි ආසාදිතයින් සංඛ්‍යාව අද (1) උදෑසන වනවිට 1,21,305 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයීය වෙබ් අඩවිය සදහන් කරයි. අද උදෑසන වනවිට පැය 24 ක කාලය තුල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 1718 දෙනෙකු හමුව ඇති බවත් මින් 182 දෙනෙකු වන වැඩිම පිරිසක් මිනුවන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් වන බවත් එහි සදහන්ව ඇත. දිස්ත්‍රික්කයේ සෙසු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයන් ආශ්‍රිතව ආසාදිතයින් හමුවීම මහර - 179 ක්, දොම්පෙ - 156 ක්, ගම්පහ සහ කටාන කොට්ඨාසයන්ගෙන් - 146 දෙනෙකු බැගින් , දිවුලපිටිය - 130 ක්, මීරිගම - 118 ක්, අත්තනගල්ල - 115 ක්, බියගම - 111 ක්, ජාඇල - 98 ක්, මීගමුව - 93 ක්, කැලණිය - 68 ක්, සීදූව - 67 ක්, වත්තල - 62 ක් සහ රාගම කොට්ඨාසයෙන් - 47 දෙනෙකු වශයෙනි.පැය 24 ක් තුල ගම්පහ දිස්ත්‍රික්කයේ කර්මාන්තශාලා ආශ්‍රිතව ආසාදිතයින් 63 දෙනෙකු හමුව ඇති බවත් එය ආයෝජන කලාපය කටුනායකකින් - 23 ක්, බියගමින් - 35 ක් සහ වෙනත් කර්මාන්තශාලා ආශ්‍රිතව පස් දෙනෙකු වශයෙන් බවත් වෙබ් අඩවියෙහි සදහන්ය.දිස්ත්‍රික්කයේ රෝහල් වෙත පැය 24 ක කාලය තුල ආසාදිතයින් 528 දෙනෙකු ප්‍රතිකාර පිනිස ඇතුලත් කොට ඇති අතර සැක සහිත රෝගීන් 11 දෙනෙකු ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කොට ඇත. එම රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානයන්හි ඔක්සිජන් සහිත ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 442 දෙනෙකි.දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයීය වෙබ් අඩවියෙහි සදහන් අන්දමට දිස්ත්‍රික්කයෙහි ආසාදිතයින්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් 36,682 දෙනෙකු නිවෙස්වල ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන ඇත.
|
ගම්පහ දිස්ත්‍රිකයෙන් පැය 24කදී ආසාදිතයින් 868ක්
| 0 |
( තිලකරත්න දිසානායක.)ගම්පහ දිස්ත්‍රික්කයෙහි ආසාදිතයින් සංඛ්‍යාව 1,18,170 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයීය 29 වෙනි දින සවස නිකුත් කළ වෙබ් අඩවි වාර්තාවෙහි සදහන්ය.එදින සවස වනවිට පැය 24 ක කාලය තුල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 1402 දෙනෙකු හමුව ඇති බවත් මින් 193 ක් වන වැඩිම පිරිසක් මිනුවන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් වන බවත් එහි සදහන්ව ඇත. දිස්ත්‍රික්කයේ සෙසු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයන් ආශ්‍රිතව ආසාදිතයින් හමුවීම මහර කොට්ඨාසයෙන් - 150 ක්, අත්තනගල්ල - 140 ක්, ගම්පහ - 139 ක්, බියගම - 131 ක්, දිවුලපිටිය - 116 ක්, ජාඇල - 102 ක්, දොම්පෙ - 100 ක්, මීගමුව - 88 ක්, මීරිගම - 84 ක්, කැලණිය - 63 ක්, සීදූව - 34 ක්, කටාන - 22 ක්, රාගම සහ වත්තල කොට්ඨාසයන්ගෙන් ආසාදිතයින් - 20 දෙනෙකු බැගිනි. පැය 24 ක් තුල ගම්පහ දිස්ත්‍රික්කයේ කර්මාන්තශාලා ආශ්‍රිතව ආසාදිතයින් 92 දෙනෙකු හමුව ඇති බවත් එය ආයෝජන කලාපය කටුනායකකින් - 69 ක්, බියගමින් - 18 ක් සහ වෙනත් කර්මාන්තශාලා ආශ්‍රිතව 5 දෙනෙකු වශයෙන් බවත් වෙබ් අඩවියෙහි සදහන්ය.දිස්ත්‍රික්කයේ රෝහල් වෙත පැය 24 ක කාලය තුල ආසාදිතයින් 598 දෙනෙකු ප්‍රතිකාර පිනිස ඇතුලත් කොට ඇති අතර සැක සහිත රෝගීන් 11 දෙනෙකු ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කොට ඇත. එම රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානයන්හි ඔක්සිජන් සහිත ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 518 දෙනෙකි.දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයීය වෙබ් අඩවියෙහි සදහන් අන්දමට දිස්ත්‍රික්කයෙහි ආසාදිතයින්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් 35,814 දෙනෙකු නිවෙස්වල ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන ඇත.
|
ගම්පහ දිස්ත්‍රිකයෙන් පැය 24කදී ආසාදිතයින් 868ක්
| 0 |
(තිලකරත්න දිසානායක)ගම්පහ දිස්ත්‍රික්කයේ මහර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් අද (18) උදෑසන වනවිට ගතවූ පැය 24ක කාලය තුල 261 දෙනෙකු වන වැඩිම කොරෝනා ආසාදිතයින් හමුවෙද්දී දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 2046 දෙනෙකු වාර්තා ඇත.දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයීය වෙබ් අඩවියෙහි මේ බව සදහන් වන අතර දිස්ත්‍රික්කයේ සෙසු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයන්ගෙන් ආසාදිතයින් හමුවීම දිවුලපිටිය - 239 ක්, කටාන - 191 ක්, ගම්පහ - 183 ක්, බියගම - 176 ක්, වත්තල - 172 ක්, සීදූව - 164 ක්, මිනුවන්ගොඩ - 127 ක්, මීරිගම - 125 ක්, ජාඇල - 102 ක්, රාගම - 92 ක්, මීගමුව සහ කැලණිය කොට්ඨාසයන්ගෙන් - 56 දෙනෙකු බැගින්, අත්තනගල්ල - 55 ක් සහ දොම්පෙ කොට්ඨාසයෙන් - 47 ක් වශයෙන් සිදුව ඇත.දිස්ත්‍රික්කයේ කර්මාන්තශාලා ආශ්‍රිතව පැය 24 ක් තුල ආසාදිතයින් 71 දෙනෙකු හමුව ඇති බවත් එය ආයෝජන කලාපය කටුනායකකින් - 52 දෙනෙකු වශයෙන්ද, බියගමින් - 9 ක් සහ වෙනත් කර්මාන්තශාලා ආශ්‍රිතව 10 දෙනෙකු වශයෙන් සිදුව ඇති බව වෙබ් අඩවියෙහි සදහන්ය.පැය 24 ක කාලය තුල ආසාදිතයින් 392 දෙනෙකු දිස්ත්‍රික්කයේ රෝහල් වෙත ඇතුලත් කොට ඇති අතර සැක සහිත රෝගීන් 59 දෙනෙකු ප්‍රතිකාර මධ්‍යස්ථානයන්ට යොමු කොට ඇත.නිරෝධායනයට ලක් කොට ඇති ආසාදිතයින්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් සංඛ්‍යාව 29,594 දෙනෙකි.
|
ගම්පහ දිස්ත්‍රිකයෙන් පැය 24කදී ආසාදිතයින් 868ක්
| 0 |
නිශාන්ත කුමාර කන්දකැටිය ප්‍රාදේශීය සභාවේ 2019 වාර්ෂික අයවැය ලේඛනය අද (18) වැඩි ජන්දයකින් සම්මත විය. කන්දකැටිය ප්‍රාදේශීය සභාවේ අයවැය ලේඛනය අද (18) එහි සභාපති කමල් රාජපක්ෂ මහතා විසින් සභාව වෙත ඉදිරිපත් කළ අතර එයට පක්ෂව එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් පස්දෙනා සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් තිදෙනා ඡන්දය ප්රකාශ කළහ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රීවරුන් හත් දෙනා සහ ජනතා විමුක්ති පෙරමුණ මන්ත්‍රීවරයා අයවැයට විරුද්ධව ඡන්දය ප්රකාශ කළහ. ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව අනුව අයවැයට පක්ෂව සහ විපක්ෂවව සමාන ඡන්ද සංඛ්‍යාවක් ලැබීම නිසා ප්‍රාදේශීය සභා පනතින් සභාපතිවරයාට පැවරී ඇති බලතලවලට අනුව තීරක ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව උදාවිය. ඒ අනුව සභාපතිවරයා අයවැය ලේඛනයට පක්ෂව සිය ඡන්දය ප්‍රකාශ කිරීමත් සමඟ අයවැයට පක්ෂව ඡන්ද නමයක් (09) හා විපක්ෂව ඡන්ද අටක් (08) වශයෙන් එක් වැඩි ඡන්දයකින් සභාවේ අයවැය එහි පාලන බලය හිමි එක්සත් ජාතික පක්ෂය විසින් දිනා ගනු ලැබීය.
|
කන්දකැටිය ප්‍රා සබේ අයවැය සම්මතයි
| 1 |
නිශාන්ත කුමාර රිදීමාලියද්ද ප්‍රාදේශීය සභාවේ වාර්ෂික අයවැය ලේඛනය වැඩි ඡන්ද 10 කින් සම්මත විය. රිදීමාලියද්ද ප්‍රාදේශීය සභාවේ වාර්ෂික අයවැය ලේඛනය එහි සභාපති නිශාන්ත ජයසුන්දර මහතා විසින් ඉදිරිපත් කරන ලදී. අයවැය ලේඛනයට පක්ෂව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරු 12 දෙනා ඡන්දය ප්රකාශ කළ අතර ජනතා විමුක්ති පෙරමුණ මන්ත්‍රීවරු දෙදෙනා විපක්ෂව ඡන්දය ප්රකාශ කළහ. එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු පස්දෙනා ඡන්දය දීමෙන් වැළකී සිටියහ.
|
කන්දකැටිය ප්‍රා සබේ අයවැය සම්මතයි
| 0 |
(ක.ග.කරුණාරත්න) හිඟුරක්ගොඩ ප්‍රාදේශීය සභාවේ අද(14) පැවති මාසික රැස්වීමේදී 2020 වසර සඳහා වන අයවැය වැඩි ඡන්ද 21කින් සභාසම්මත විය.අයවැයට පක්ෂව ඡන්ද 23ක් ලැබුණු අතර විපක්ෂව ඡන්ද 2ක් ලැබිණි. ජනතා විමුක්ති පෙරමුනේ මන්ත්‍රීවරු දෙදෙනා අයවැයට විපක්ෂව ඡන්දය දුන්හ.හිඟුරක්ගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපති ඩී.ආර්.උඩවත්ත මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේදී රැස්වීම ආරම්භ විය. ඉදිරි වර්ෂය සඳහා වූ අයවැය කෙටුම්පත සභාපතිවරයා සභාවට ඉදිරිපත් කළේය. ප්‍රාද්ශීය සභාවේ විපක්‍ෂය නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු 8දෙනා අයවැය කෙටුම්පත සඳහා ජන්දය විමසීමට පෙර රැස්වීම් ශාලාවෙන් පිටව ගියහ. අයවැය ඡන්ද විමසීමේ අවස්ථාවේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු 10 දෙනා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු 13දෙනා එක්ව අයවැයට පක්‍ෂව ජන්දය ප්‍රකාශ කළහ. හිඟුරක්ගොඩ ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී මණ්ඩලය 33 කින් සමන්විතය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී ධූර 13 ක්, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂෙයේ මන්ත්‍රී ධූර 10 ක්, එක්සත් ජාතික පක්‍ෂයේ මන්ත්‍රී ධූර 8 ක් සහ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී ධූර 2ක් වශයෙනි.
|
කන්දකැටිය ප්‍රා සබේ අයවැය සම්මතයි
| 0 |
( ඩී.කේ.රත්න) ඇල්ල ප‍්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂයේ 2019 වර්ෂයේ මංගල ප‍්‍රාදේශීය සභා අයවැය අද (30) වැඩි ඡන්ද හයකින් පරාජයට පත් විය.ඇල්ල ප‍්‍රාදේශීය සභාවේ සභාපති අමිල බස්නායක මහතා (එ.ජා.ප.) විසින් 2019 වර්ෂයේ අයවැය ලේඛනය ඇල්ල ප‍්‍රාදේශීය සභාවේ මාසික මහා සභාවාරයට ඉදිරිපත් කිරීමෙන් පසු විවාදයට ගැනීමෙන් අනතුරුව සිදු කළ ඡන්ද විමසීමේදී අයවැයට පක්ෂව ඡන්ද හයක් සහ විපක්ෂව ඡන්ද දහතුනක් ලැබීමෙන් අයවැය ලේඛනය වැඩි ඡන්ද හයකින් පරාජයට පත්විය.ඡන්දයට පක්ෂව එ.ජා.පක්ෂයේ සභාපතිවරයා ඇතුළුව එම පක්ෂයේ මන්ත‍්‍රීවරුන් හත් දෙනෙකු ඡන්දය ප්රකාශ කළ අතර අයවැයට විරුද්ධව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත‍්‍රීවරුන් හත්දෙනෙකු එක්සත් ජනතා නිදහස් සන්ධානය මන්ත‍්‍රීවරු හතර දෙනෙකු ජනතා විමුක්ති පෙරමුණ මන්ත‍්‍රීවරයා සහ ස්වාධීන කණ්ඩායමේ මන්ත‍්‍රීවරයා ඡන්දය ප්රකාශ කළහ.මෙම සභාව සදහා ලංකා කම්කරු කොංග‍්‍රසය නියෝජනය කරන මන්ත‍්‍රීවරයා මෙදින සභාවට පැමිණ සිටියේ නැත.
|
කන්දකැටිය ප්‍රා සබේ අයවැය සම්මතයි
| 0 |
ශ්‍රී ලංකාවේ නිරිත දිග කොටසේ ක්‍රමයෙන් වැසි වැඩි වීමක් සහ අවට මුහුදු ප්‍රදේශවල සුළං වැඩි වීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේනතුව කියයි. මන්නාරම සිට කොළඹ සහ ගාල්ල හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශ රළු වන අතර පැයට කිලෝ මීටර් 60- 70 පමණ දක්වා සුළං ඇති විය හැකි බැවින් ඒ පිළිබඳව විමසිලිමත් වන ලෙස ධීවර සහ නාවික ප්‍රජාවට දන්වා සිටියි.බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පලාත් වල විටින් විට වැසි ඇති වේ. වයඹ පළාතට ද මෙම වැසි පැතිර යා හැක. සවස 04.00 න් පමණ පසු නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ.පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා මුහුදු ප්‍රදේශවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. සවස 4.00 න් පසු දිවයින වටා සෙසු මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
|
‘මන්නාරම් මුහුද රළු වෙයි‘
| 1 |
බස්නාහිර පළාතේ සහ කෑගල්ල දිස්ත්‍රික්කයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර වයඹ සහ දකුණු පළාත්වලවත් රත්නපුර දිස්ත්‍රික්කයෙත් වැසි වාර කීපයක් ඇති වේ. සවස 04.00 න් පමණ පසු මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වල ස්ථාන ස්වල්පයක ගිගුරුම් සහිත වැසි වර්ධනය විය හැක. පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවත් සවස 2 න් පසු ශ්‍රි ලංකාව වටා සෙසු මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. පුත්තලම සිට මන්නාරම සහ කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළං වේගය විටෙක පැයට කිලෝ මීටර් 60 පමණ දක්වා ඉහළ යා හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු වේ.
|
‘මන්නාරම් මුහුද රළු වෙයි‘
| 0 |
කොළඹ දිස්ත්‍රික්කයේ අහස වලාකුලින් බරව පවතින අතර තවදුරටත් වැසි සහිත කාලගුණ තත්ත්වයක් පවතින අතර දකුණු සහ සබරගමුව පළාත්වලත් කළුතර සහ ගම්පහ දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.අනෙකුත් ප්‍රදේශවල සවස 02.00 න් පමණ පසු ගිගුරුම් සහිත වැසි වර්ධනය විය හැකි බවත් ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බවත් කාලගුණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි. පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා මුහුදු ප්‍රදේශවල විටන් විට වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවන අතර සවස 2.00 න් පසු දිවයින වටා බොහෝ මුහුදු ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
|
‘මන්නාරම් මුහුද රළු වෙයි‘
| 0 |
බස්නාහිර, වයඹ, දකුණ, මධ්‍යම සහ සබරගමුව පළාත් වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවත් ඇතැම් ස්ථාන වලට මිලි මීටර් 100ක් පමණ තද වැසි ඇතිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. උතුරු සහ උතුරු මැද පළාත්වලද වැසි ස්වල්පයක් ඇති විය හැකියි.ඌව සහ නැගෙනහිර පළාත්වලට සවස 2.00න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි වේ.පුත්තලම සිට මන්නාරම සහ කන්කසන්තුරය හරහා ත්‍රීකුණාමලය දක්වා වන මුහුදු ප්‍රදේශවල (විශේෂයෙන් මන්නාරම් බොක්ක ප්‍රදේශයේ) සහ මඩකලපුව සිට පොතුවිල් හරහා මාතර දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළං වේගය විටක පැ.කි.මී. 60 දක්වා වැඩි වීමට ඉඩ පවතින බැවින් එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකියි.
|
‘මන්නාරම් මුහුද රළු වෙයි‘
| 0 |
(උපාලි ආනන්ද)බාල වයස්කාර දැරියක වරින්වර අපයෝජනය කළ බවට අනුරාධපුර මහාධිකරණය හමුවේ අධිචෝදනා 5ක් ලබා සිටි විත්තිකරුවෙකු, එකී අධිචෝදනා පහටම වරද පිළිගැනීමෙන් පසු වසර 30ක බරපතල වැඩ සහිත සිර දඬුවමක් අනුරාධපුර අංක දෙක මහාධිකරණයේ විනිසුරු, උතුරු මැද පළාත් බද සිවිල් අභියාචනා මහාධිකරණයේ විනිසුරු ආචාර්ය සුමුදු ප්‍රේමචන්ද්‍ර මහතා අද (2) නියම කළේය. මෙසේ දඩුවම් නියම වූයේ නොච්චියාගම පහළවැටියාව පදිංචි එම්. නිහාල් ලක්ෂ්මන් නැමැති 48 හැවිරිදි සිව්දරු පියෙකුටය. විත්තිකරුට එරෙහිව එල්ල වී තිබූ අධිචෝදනා පහෙන් අධි චෝදනා තුනකට වෙන් වෙන් වශයෙන් වසර 7 බැගින් ද, තවත් අධිචෝදනා දෙකකට පිළිවෙළින් වසර 7 සහ වසර දෙක බැගින් ද මෙලෙස බරපතල වැඩ සහිතව වසර 30ක සිර දඬුවම් නියම කෙරිණ. ඊට අමතරව පැමිණිලිකාර දැරියට මුදලින් රුපියල් ලක්ෂයක වන්දියක් ගෙවන ලෙසට විත්තිකරුට නියෝග කළ මහාධිකරණ විනිසුරුවරයා එම වන්දි මුදල ගෙවීම පැහැර හරින්නේ නම් විත්තිකරුට තවත් වසර දෙකක බරපතල වැඩ සහිත සිර දඬුවමක්ද නියම කළේය. තවද, මුදලින් රුපියල් 12, 500ක දඩ මුදලක් ගෙවන ලෙසටද විත්තිකරුට නියෝග කළ මහාධිකරණ විනිසුරුවරයා එම දඩ මුදල ගෙවීම පැහැර හරින්නේ නම් විත්තිකරු තවත් වසර දෙකහමාරක සිර දඬුවමකටද යටත් කෙරිණ. නියම කළ 30 වසරක බරපතල වැඩ සහිත සිර දඬුවම එකවර ගෙවී යා යුතු බවටද නියෝග කෙරිණ. 2016 වසරේ ජනවාරි මස 1 දා සහ 2016 වසරේ ඔක්තෝබර් මස 6 වනදා අතර කාලය තුළ අනුරාධපුර මහාධිකරණ බල ප්‍රදේශයට අයත් නොච්චියාගම අන්දරකැළයදී විත්තිකරු වයස අවුරුදු 16 ට අඩු දැරියක අපයෝජනය කර ඇති බවට නීතිපතිවරයා විසින් ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 356 වන වගන්තිය ප්‍රකාරව අධිචෝදනා පහක් යටතේ වෙන් වෙන් වශයෙන් ඔහුට එරෙහිව නඩු දෙකක් අනුරාධපුර අංක දෙක මහාධිකරණය හමුවේ පවරා තිබිණ.මෙම නඩුවේ ලඝු නොවන මූලික විභාගය තඹුත්තේගම සංචාරක මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවති අතර විත්තිකරුට අධිචෝදනා බාරදීමෙන් පසුව වැඩිදුර විභාගය සඳහා අනුරාධපුර අංක දෙක මහාධිකරණයට යොමු කර තිබිණ. පැමිණිලි පාර්ශවය වෙනුවෙන් රජයේ අධිනීතිඥ ක්‍රිෂාන් ද අල්විස් ගුනතිලක මහතා පෙනී සිටි අතර විත්තිකරු වෙනුවෙන් නීතිඥවරුන් වන සුරංග මොහොට්ටි සහ ගයාන් සිරිවර්ධන යන මහත්වරු පෙනී සිටියහ.
|
බාලවයස්කාර දැරිය අපයෝජනය කළ සිව්දරු පියා හිරගෙට
| 1 |
(උපාලි ආනන්ද) බාලවයස්කාර පාසල් සිසුවෙකු අපයෝජනය කළ බවට අනුරාධපුර මහාධිකරණය හමුවේ අධි චෝදනා ලබා සිටි විත්තිකරුවකුට එකී චෝදනාවට වරදකරු බවට නිගමනය කළ උතුරු මැද පළාත් බද මහාධිකරණ විනිසුරු මහේෂ් වීරමන් මහතා ඔහුට වසර 20 ක බරපතල වැඩ සහිත සිරදඬුවමක් අද (30) නියම කළේය. ඊට අමතරව රුපියල් 9000 ක දඩ මුදලක් ගෙවන ලෙසට ද විත්තිකරුට තවදුරටත් නියෝග කළ මහාධිකරණ විනිසුරුවරයා එම දඩ මුදල ගෙවීම විත්තිකරු පැහැර හරින්නේ නම් ඔහු තවත් මාස තුනක ලිහිල් සිර දඬුවමකට ද යටත් කිරීමට නියෝග කෙරිණි. වින්දිත බාලවයස්කාර දරුවාට මුදලින් රුපියල් 75,000 ක වන්දියක් ගෙවන ලෙසට ද විත්තිකරුට නියෝග කළ මහාධිකරණ විනිසුරුවරයා එම වන්දි මුදල ගෙවීම පැහැර හරින්නේ නම් ඔහුට තවත් මාස 6 ක සිරදඬුවමක් ද නියම කළේය. 2014 වසරේ ඔක්තෝබර් 8 වැනි දා හෝ ඊට ආසන්න දිනයක කැකිරාව පොලිස් බල ප‍්‍රදේශයේ තෝනිගලදී විත්තිකරු මෙම අපරාධය සිදුකර ඇති බවට නීතිපතිවරයා විසින් ඔහුට එරෙහිව අනුරාධපුර මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කෙරිණි. මෙසේ දඬුවම් නියම වූයේ කැකිරාව තෝනිගල ප‍්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර ඔහු වින්දිත දරුවාගේ ඥාතියකු බව අධිකරණ නඩු විභාගයේ දී අනාවරණය විය.මෙම නඩුවේ ලඝු නොවන මූලික විභාගය කැකිරාව මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවේ පැවැති අතර වැඩිදුර විභාගය සඳහා අනුරාධපුර මහාධිකරණයට යොමු කර තිබිණි.
|
බාලවයස්කාර දැරිය අපයෝජනය කළ සිව්දරු පියා හිරගෙට
| 0 |
(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි)බලන්ගොඩ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අද (18) අළුයම සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නාය යෑමේ අවදානම් කලාප ලෙස නම් කර ඇති ග්‍රාම සේවා වසම් පහකට අයත් ජනතාවට විමසිල්ලෙන් සිටින්නැයි බලන්ගොඩ ප්‍රාදේශීය ලේකම් හේමන්ත බණ්ඩාර මහතා ජනතාවට දැනුම් දෙයි.පෙටිටිගල ,එගොඩ වලේබොඩ ,රාස්සගල ,ඇල්ලෙවත්ත, සහ ගවරන්හේන යන ග්‍රාම සේවා වසම් වලට අයත් ප්‍රදේශ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මගින් නාය යෑමේ අවදානම් කලාප ලෙස නම් කර ඇත.ඇල්ලෙවත්ත ග්‍රාම සේවා වසමේ මැද්දෙක්ද වත්ත , රාස්සගල ග්‍රාම සේවා වසමේ හැරමිටිගල ,පෙටිටිගල ග්‍රාම සේවා වසමේ යද්දෙහිකන්ද සහ පෙටිටිගල වත්ත , ගවරන්හේන හා එගොඩ වලේබොඩ යන ප්‍රදේශ නාය යෑමේ අවදානම් කලාප ලෙස නම් කර ඇති බව බලන්ගොඩ ආපදා සහන සේවා නිලධාරී උපුල් අනුරසිරි මහතා කිය.පෙටිටිගල ප්‍රදේශයට මිලිමිටර් 84 ක වර්ෂාපතනයක් පැවැති බවද අනුරසිරි සිරි මහතා කිය. නාය යෑමේ අවදානම් තත්ත්වය සම්බන්දයෙන් ජනතාව දැනුම් කිරීම ඇතුළු මූලික කටයුතු සිදුකර ඇති අතර හදිසි අවස්ථාවක් ඇතිවුවහොත් ජනතාව ආරක්ෂිත ස්ථාන වෙත යොමුකිරීම සඳහා සියළුම කටයුතු ප්‍රදේශිය ලේකම්වරයාගේ උපදෙස් මත සුදානම් කර තිබෙන බවද ආපදා සහන සේවා නිලධාරී උපුල් අනුරසිරි මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
|
බලන්ගොඩ ජනතාවට විමසිල්ලෙන් සිටින්නැයි උපදෙස්
| 1 |
(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි )බලන්ගොඩ ප්‍රදේශිය ලේකම් බල ප්‍රදේශයට අද (11 ) දා අලුයම සිට පවතින අධික වර්ෂාවත් සමග ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මගින් නාය අවදානම් කලාප ලෙස නමි කර ඇති ග්‍රාම සේවා වසමි පහකට අයත් ජනතාව විමසිල්ලෙන් සිටින්නැයි බලන්ගොඩ ප්‍රදේශිය ලේකම් හේමන්ත බණ්ඩාර මහතා ජනතාවට දැනුම් දී තිබේ.පෙටිටිගල ,එගොඩ වලේබොඩ ,රාස්සගල ,ඇල්ලෙවත්ත, සහ ගවරන්හේන යන ග්‍රාම සේවා වසමි වලට අයත් ප්‍රදේශ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මගින් නාය අවදානම් කලාප ලෙස නමි කර ඇත. ඇල්ලෙවත්ත ග්‍රාම සේවා වසමෙි මැද්දෙක්ද වත්ත , රාස්සගල ග්‍රාම සේවා වසමෙි හැරමිටිගල ,පෙටිටිගල ග්‍රාම සේවා වසමෙි යද්දෙහිකන්ද සහ පෙටිටිගල වත්ත , ගවරන්හේන , හා එගොඩ වලේබොඩ යන ප්‍රදේශ නාය අවදානම් කලාප ලෙස නම් කර ඇති බව බලන්ගොඩ ආපදා සහන සේවා නිළධාරීන් උපුල් අනුරසිරි මහතා කිය. පෙටිටිගල ප්‍රදේශයට මිලිමිටර් 84 ක වර්ෂාපතනයක් පැවැති බවද අනුරසිරි සිරි මහතා කිය. නාය අවදානම් තත්ත්වය සමිබන්දයෙන් ජනතාව දැනුම් කිරිම ඇතුළු මුලික කටයුතු සිදුකර ඇති අතර හදිසි අවස්ථාවක් ඇතිවුවහොත් ජනතාව ආරක්ෂිත ස්ථාන වෙත යොමුකිරීම සදහා සියළුම කටයුතු ප්‍රදේශිය ලේකම් වරයාගේ උපදෙස් මත සුදානමි කර තිබෙන බව ආපදා සහන සේවා නිළධාරීන් උපුල් අනුරසිරි මහතා වැඩිදුරටත් සදහන් කලේය.
|
බලන්ගොඩ ජනතාවට විමසිල්ලෙන් සිටින්නැයි උපදෙස්
| 0 |
ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය සුළු අඩු පීඩන ප්‍රදේශයක් බවට පත්වීම නිසා හෙට දිනයේදී, රට තුළ සහ අවට මුහුදේ වැඩි පුර වැසි අපෙක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. කෙසේ වෙතත්, හෙටින් පසුව මෙම පද්ධතිය දිවයිනෙන් ඉවතට ගමන් කිරීමක් අපෙක්ෂා කරන අතර, ඒ හේතුවෙන් වැසි සහිත කාලගුණික තත්වය අඩුවීමක් සිදු වේ. උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත් වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. සමහර ස්ථාන වලට මිලී මීටර් 100 ට වඩා තද වැසි ඇතිවීමට ඉඩ ඇත. සෙසු බොහෝ ප්‍රදේශවල සවස 02.00 න් පසුව ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ. නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය29249585සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.මඩකලපුව30249585විටින් විට වැසි.කොළඹ31259065සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.ගාල්ල30249570සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.යාපනය29249580විටින් විට වැසි.මහනුවර28219585සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.නුවරඑළිය19139585සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.රත්නපුරය31239580සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.ත්‍රීකුණාමළය30249580විටින් විට වැසිමන්නාරම30259080සවස 2.00 න් න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.
|
‘මුහුදටත් ගොඩබිමටත් හෙට තද වැසි‘
| 1 |
ශ්‍රී ලංකාවට බස්නාහිර දෙසින් වායුගොලිය කැළඹිලි සහගත තත්වයක් පවතින අතර එය ශ්‍රී ලංකාවෙන් ඉවතට ගමන් කරනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. උතුරු, උතුරු මැද, නැගෙනහිර, දකුණු සහ ඌව පළාත් වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. අද (30) රාත්‍රියේ : සෙසු බොහෝ ප්‍රදේශවල ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ. හෙට (31) සෙසු සමහර ස්ථාන වලට ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ.ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය දිනය : 31/10/2015 නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය29249585සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.මඩකලපුව29249585විටින් විට වැසි.කොළඹ31259065සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.ගාල්ල29249580වැසි වාර කිහිපයක්යාපනය29249585විටින් විට වැසි.මහනුවර28219585සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.නුවරඑළිය19139585සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.රත්නපුරය31239580සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.ත්‍රීකුණාමළය30249580විටින් විට වැසිමන්නාරම30259080සවස 2.00 න් න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.
|
‘මුහුදටත් ගොඩබිමටත් හෙට තද වැසි‘
| 0 |
ශ්‍රී ලංකාවේ පවතින වැසි තත්ත්වය අද රාත්‍රියේ සහ හෙට දින වැඩිවීමේ ලකුණු දක්නට ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. නැගෙනහිර සහ උතුරු පළාත් වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි ඇති වේ. ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100 කට වඩා තද ඇති විය හැකියි .සෙසු බොහෝ ප්‍රදේශවල සවස 02.00 න් පසුව ගිගුරුම් සහිත වැසි ඇති වේ.ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය දිනය : 25/10/2015 නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය33249560සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.මඩකලපුව30249570විටින් විට වැසි.කොළඹ31259570සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.ගාල්ල30249080සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.යාපනය32258565වැසි වාර කිහිපයක්.මහනුවර30229570සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.නුවරඑළිය21139580සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.රත්නපුරය32239565සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.ත්‍රීකුණාමළය30259575විටින් විට වැසිමන්නාරම32269070සවස 2.00 න් න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.
|
‘මුහුදටත් ගොඩබිමටත් හෙට තද වැසි‘
| 0 |
උතුරු සහ දකුණු අර්ධගෝලයන්ගෙන් පැමිණෙන සුළං හමුවන අඩු පීඩන කලාපය ශ්‍රී ලංකාවේ කාලගුණ තත්වයට බලපෑම් කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. දිවයිනේ බොහෝ ප්‍රදේශවල විශේෂයෙන් දහවල් 12.00 න් පසුව ගිගුරුම් සහිත වැසි ඇති වේ.ඇතැම් ස්ථාන වලට මිලිමීටර්. 100 පමණ තද වැසි ද ඇති විය හැකියි.සමහර ස්ථාන වලට උදය කාලයේදීද වැසි ඇති වේ.ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැකියි. ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය දිනය : 14/10/2015 නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය34259060දහවල්1 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.මඩකලපුව32258570දහවල්1 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.කොළඹ31259570දහවල්1 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.ගාල්ල30259080දහවල්1 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.යාපනය32278570දහවල්1 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.මහනුවර30219560දහවල්1 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.නුවරඑළිය20129575දහවල්1 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.රත්නපුරය32249565දහවල්1 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.ත්‍රීකුණාමළය33259570දහවල්1 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.මන්නාරම31269580දහවල්1 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.
|
‘මුහුදටත් ගොඩබිමටත් හෙට තද වැසි‘
| 0 |
( රොමේෂ් මධුෂංඛ)යාපනය ගුරුනගර් ප්‍රදේශයේදී පසුගියදා ආයුධ කල්ලි ප්‍රහාරයකින් එක් අයෙකු මිය ගොස් තවත් දෙදෙනෙකු බරපතල තුවාල ලැබීමේ සිද්ධියට සම්බන්ධ ආයුධ කල්ලි නායකයා ඇතුලු 08 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි යාපනය පොලිසිය පවසයි.අදාල ඝාතනය සම්බන්ධයෙන් පොලීසිය සහ යුදහමුදාව බුද්ධි අංශය විසින් සිදුකරන ලද පරික්ෂණයන් තුලදී ස්ථාන කිහිපයකින් මෙලෙස සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර අත්අඩංගුවට ගත් පිරිස අතර ආවා කල්ලියේ වත්මන් නායකයා ලෙස සැලකෙන විනෝදන්ද වන බවට පොලීසිය සැක පල කර සිටියි.මේ අතර අත්අඩංගුවට පත්ව සිටින පිරිසෙන් පොලිස් පරික්ෂණ සිදුකෙරෙන අතරතුරදී ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් 06 දෙනෙකු පොලීසියට භාර වී ඇත.අගෝස්තු 22 වනද රාත්‍රියේ ගුරුනගර් මුහුදු මාර්ගය අසලදී තියුණු ආයුධගත් පිරිසකගේ පහරදීමෙන් බරපතල තුවාල ලැබූ තිදෙනෙකු රෝහල්ගත කිරීමෙන් අනතුරුව 24 වනදා අලුයම එක් අයෙකු මිය ගොස් තිබුණි.මෙම ප්‍රහාරය ඇතුලු යාපනය දිස්ත්‍රීක්කයේ පසුගිය දිනයන්හි සිදුවූ ප්‍රචණ්ඩ ක්‍රියා රැසකට දායක වූ පිරිස් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවටද පොලීසිය පවසයි.අත්අඩංගුවට ගත් සැකකරුවන් යාපනය කන්කසන්තුරය, තෙලිප්පලෙයි, චුන්නාකම්, කෝපායි ආදි ප්‍රදේශයන්හි පදිංචි කරුවන් වන අතර ඔවුන් යාපනය අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇතැයිද යාපනය පොලීසිය වැඩිදුරටත් පැවසීය.
|
ආවා කල්ලියේ නායකයා ඇතුළු 8 ක් අත්අඩංගුවට
| 1 |
(රොමේෂ් මධුෂංඛ)යාපනය කෝපායි ප්‍රදේශයේ නිවසකට ඇතුලුවී දේපල වලට හානි කොට පලා යමින් සිටි කඩු කල්ලියක ප්‍රභලයින් තිදෙනෙකු කඩු කෙටේරි සමග අත්අඩංගුවට ගත් බවට යාපනය පොලීසිය පවසයි.අත්අඩංගුවට ගත් සැකකරුවන් පසුගිය 30 වනදා කොණ්ඩාවිල්හි පුද්ගලයින් 07 දෙනෙකුට තියුණු ආයුධ වලින් පහරදී බරපතල තුවාල සිදුකිරීමේ සිදුවීමේ ප්‍රධාන සැකකරුවන් බවට පොලීසිය සැක පල කර සිටියි.අත්අඩංගුවට ගත් සැකකරුවන් විසින් කෝපායිහි නිවසකට ඇතුලු වී නිවැසියන්ට තර්ජනය කොට දේපලවලට හානි කොට යතුරුපැදියකින් සහ ත්‍රී රෝද රථයකින් පලා යමින් සිටියදී අදාල පිරිස ලුහුබැඳ අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්ව ඇත.සැකකරුවන් අත්අඩංගුවට පත්වන අවස්ථාවේදී තියුණු කඩු දෙකක්, කෙටේරි දෙකක් සහ තවත් නවීකරණය කරන ලද තියුණු ආයුධයක්ද යතුරුපැදිය හා ත්‍රී රෝද රථයද අත්අඩංගුවට ගනු ලැබීය.යාපනයේ සිදුවූ පුද්ගල පහරදීම් දේපල හානි කිරීම සහ මංකොල්ල කෑම් ආදි අපරාධ රැසකට අත්අඩංගුවට ගත් සැකකරුවන් සම්බන්ධවූවන් බවට තොරතුරු ලැබී ඇති අතරම ඔවුන් සමග සෙසු සැකකරුවන් 16 දෙනෙකු පමණ තවත් අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් කිහිපයක් විසින් පරික්ෂණ අරඹා ඇති බවටද යාපනය පොලීසිය පවසයි.අත්අඩංගුවට ගත් සැකකරුවන් යාපනය මාණිප්පායි, කොකුවිල් සහ කොණ්ඩාවිල් ප්‍රදේශයන්හි පදිංචි කරුවන් වන අතර ඔවුන් අද (05) දිනයේදී යාපනය අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇතැයිද යාපනය පොලීසිය වැඩිදුරටත් පැවසීය.
|
ආවා කල්ලියේ නායකයා ඇතුළු 8 ක් අත්අඩංගුවට
| 0 |
හිරාන් ප්‍රියංකර ජයසිංහ නවගත්තේගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලෙස ශ්රී ලංකා පොදුජන පෙරමුණේ එස්.එම්.අයි සංජීව සේනාධිපති මහතා අද තේරී පත් විය. වයඹ පළාත් පාලන කොමසාරිස් ජේ.එම්.ආර්.පී. ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් නවගත්තේගම ප්‍රාදේශීය සභා ගොඩනැගිල්ලේ දී අද නව සභාපතිවරයා තෝරා පත් කර ගැනීම සඳහා ඡන්ද විමසීම පැවැත්විණි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් සභිකයින් 7ක් ද, එක්සත් ජාතික පක්ෂයෙන් පස් දෙනෙක් ද, ශ්රී ලංකා නිදහස් පක්ෂය දෙදෙනෙක් සහ ස්වාධීන කණ්ඩායම නියෝජනය කරමින් එක් මන්ත්‍රිවරයෙක් ද පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් නවගත්තේගම ප්‍රාදේශීය සභාවට තේරී පත්වූහ. සභාපතිවරයා තෝරා ගැනීම සඳහා ඡන්දයක් පැවැති අර එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත්වූ එච්.එම්.ඒ.කුමාර ගුණතිලක මහතාට ලැබුණේ ඡන්ද හයක් පමණි. පොදුජන පෙරමුණේ එස්.එම්.අයි .සංජීව සේනාධිපති මහතා ජන්ද 10 ක් ලබා ගැනීමට සමත් විය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කළ මන්ත්‍රිවරු තිදෙනාම පොහෙට්ටුවට සහාය ලබා දුන්හ. මෙහිදි උප සභාපති ලෙස ශ්රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රියන්ත වඩිගමංගාව මහතා පත් විය.
|
නවගත්තේගම සභාපති පොහොට්ටුවෙන් - උප සභාපති ශ්‍රීලනිපයෙන්
| 1 |
(ක.ග කරුණාරත්න,ඩබ්.ඒ.පියතිලක)හිඟුරක්ගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඩී.ආර් උඩවත්ත මහතා ද උප සභාපති ලෙස එක්සත් ජාතික පක්ෂයේ කුමුදු පුෂ්පකුමාර මන්ත්‍රීවරයා තේරිපත් විය.පසුගිය පළාත් පාලන මැතිවරණයේ දී හිඟුරක්ගොඩ ප්‍රාදේශීය සභාවේ වැඩි මන්ත්‍රී සංඛ්‍යාවක් දිනාගනු ලැබුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසිනි. එම මන්ත්‍රී සංඛ්‍යාව 13කි.හිඟුරක්ගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා සහ උප සභාපතිවරයා තෝරා පත්කර ගැනීම සඳහා මංගල සැසිවාරය අද (6) පස්වරුවේ හිඟුරක්ගොඩ ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේදී උතුරු මැද පළාත් පාලන කොමසාරිස් එම්. කොඩිප්පිලිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන්ත්වයෙන් පැවැත්විණි.එහිදී සභාපතිවරයා තෝරා ගැනීමේ ඡන්ද වට දෙකක් පවත්වනු ලැබූ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඩී.ආර් උඩවත්ත එම පක්ෂයේ එල්.පී නවරත්න ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පියතිස්ස බණ්ඩාර යන මන්ත්‍රීවරු ඉදිරිපත් වූහ. ඒ සඳහා පැවති ඡන්ද විමසීමේදී ඩී.ආර් උඩවත්ත මහතා ඡන්ද 16 ක්, එල්.පී නවරත්න මහතා ඡන්ද 14ක්, පියතිස්ස බණ්ඩාර මහතා ඡන්ද 13 ක් වශයෙන් ලබා ගත්තේය.සභාපතිවරයා තෝරාපත්කර ගැනීම සඳහා දෙවන වටයේ ඡන්දක් පැවති අතර එයට ඉදිරිපත් වූයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඩී.ආර් උඩවත්ත සහ එල්.පී නවරත්න යන මන්ත්‍රීවරුන් දෙදෙනා පමණි. එම ඡන්ද විමසීමේදී උඩවත්ත මන්ත්‍රීවරයා ඡන්ද 16 ක් ද එල්.පී නවරත්න මහතාට හිමිවූයේ ඡන්ද 10 ක් පමණි. ඒ අනුව වැඩි ඡන්ද 6 කින් ඩී.ආර් උඩවත්ත මහතා හිගුරක්ගොඩ ප්‍රාදේශීය සභාවේ නව සභාපතිවරයා ව වශයෙන් තේරී පත් විය.උප සභාපති ධුරය එක්සත් ජාතික පක්ෂයේ කුමුදු පුෂ්පකුමාර සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සෝමරත්න පතිරාජ යන මහත්වරුන් ඉදිරිපත් වූ අතර ඡන්ද 17 ක් ලබාගත් එක්සත් ජාතික පක්ෂයේ කුමුදු පුෂ්පකුමාර මහතා උප සභාපති ධුරයට තේරී පත්විය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සෝමරත්න පතිරාජ මහතාට හිමි වූයේ ඡන්ද 15 ක් පමණි.
|
නවගත්තේගම සභාපති පොහොට්ටුවෙන් - උප සභාපති ශ්‍රීලනිපයෙන්
| 0 |
(ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක) මස්කෙළිය, සාමිමලේ, ඕල්ටන් තේවතුයායේ තේදළු නෙළමින් සිටි වතු කම්කරු කාන්තාවන් පිරිසකට අද (6) බඹරු ඇනීමෙන් සිව් දෙනෙකු තුවාල ලබා මස්කෙළිය ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබේ.රෝහල් ගත කරන ලද තුවාලකරුවන්ගෙන් තිදෙනෙක් බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ලබාගෙන පිටව ගොස් ඇත.බඹරු ඇනීමෙන් බරපතල තත්වයේ සිටි අයෙක් නේවාසිකව ප්‍රතිකාර ලබන බවත් මස්කෙළිය රෝහලේ ප්‍රකාශකයෙක් පැවසීය.තමන් තේ වතුයායේ, දෛනික වැඩ මුරයේ තේ දළු නෙළමින් සිටියදී තේ පඳුරක බැඳ තිබූ බඹර කූඩුවක් ඇවිස්සී තමන්ට පහර දුන් බව තුවාල ලබා සිටින වතුකම්කරුවන් පවසයි.
|
බඹරු ඇනීමෙන් සිව් දෙනෙක් රෝහලේ
| 1 |
(ගාමිණි බණ්ඩාර ඉලංගන්තිලක) මස්කෙළිය, මෝකා තේ වතුයායේ වතු කම්කරුවන් පිරිසකට බඹර ඇනීමෙන් 13 දෙනෙකු තුවාල ලබා අද (2) මස්කෙළිය ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබේ.බඹරු ඇනීමෙන් තුවාල ලැබූ 10 දෙනෙක් රෝහලේ බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ලබාගෙන පිටව ගිය බවත්, බරපතල තත්වයේ පසුවූ කාන්තාවන් දෙදෙනෙකු හා එක් කම්කරුවකු නේවාසිකව ප්‍රතිකාර ලබන බවත් මස්කෙළිය ප්‍රාදේශීය රෝහලේ වෛද්‍යවරු පැවසූහ.හින්දු කෝවිලේ පූජාව පැවැත්වීමෙන් පසුව තේ දළු නෙලීම සඳහා ගමන් කරමින් සිටි තමන්ට ගසක බැඳ තිබූ බඹර කූඩුවක් ඇවිස්සී පහර දුන් බව නේවාසිකව ප්‍රතිකාර ලබන වතු කම්කරුවෝ පවසති.
|
බඹරු ඇනීමෙන් සිව් දෙනෙක් රෝහලේ
| 0 |
බස්නාහිර, වයඹ, දකුණ, මධ්‍යම සහ සබරගමුව පළාත්වලට ගිගුරුම් සහිත වැසි ඇති වන බවත් උතුරු සහ උතුරු මැද පළාත්වලට මඳ වැසි ඇති වන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.ඌව සහ නැගෙනහිර පළාත්වල තැනින් තැනට, සවස 2.00න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල හරහා සහ උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පළාත් හරහා, විටින් විට තද සුළං බලාපොරොත්තු වේ.ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය දිනය : 09/06/2016නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය32259065ප්‍රධාන වශයෙන් වැසි රහිතමඩකලපුව35268565සවස 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත ඇති විය හැක.කොළඹ30269575විටින් විට වැසි හෝ ගිගුරුම් සහිතගාල්ල30269080විටින් විට වැසි හෝ ගිගුරුම් සහිතයාපනය32288070වැසි ස්වල්පයක්.මහනුවර31219565වැසි වාර කිහිපයක්නුවරඑළිය21149580වැසි වාර කිහිපයක්රත්නපුරය32249575විටින් විට වැසි හෝ ගිගුරුම් සහිතත්‍රීකුණාමළය35278060ප්‍රධාන වශයෙන් වැසි රහිතමන්නාරම32269075වැසි ස්වල්පයක්.
|
‘හෙටත් පළාත් කීපයකට තද වැසි‘
| 1 |
2016 ජූලි මස 14 වන දින සිට 18 වන දින දක්වා ශ්‍රී ලංකාව පුරා, වැසි සහිත කාලගුණ තත්ත්වයේ තරමක වැඩි වීමක් අපේක්ෂා කරන බවත් විශේෂයෙන්ම මධ්‍යම කඳුකර ප්‍රදේශ වලට මෙය වැඩි වශයෙන් බලපාන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයිබස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.සෙසු ප්‍රදේශවල, විශේෂයෙන්ම සවස 2.00න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි. ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය දිනය : 14/07/2016නගරය නගරයඋෂ්ණත්වය(සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය34258560සවස 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත ඇති විය හැක.මඩකලපුව37267540සවස 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත ඇති විය හැක.කොළඹ30249070විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසිගාල්ල29249070වැසි විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසියාපනය33277560ප්‍රධාන වශයෙන් වැසි රහිතමහනුවර28218570වැසි හෝ ගිගුරුම් සහිත වැසි වාර කිහිපයක්නුවරඑළිය17139580වැසි විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසිරත්නපුරය32239580වැසි විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසිත්‍රීකුණාමලය35268050සවස 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත ඇතිවේමන්නාරම31278570වැසි ස්වල්පයක් ඇති විය හැක.
|
‘හෙටත් පළාත් කීපයකට තද වැසි‘
| 0 |
බස්නාහිර, වයඹ, දකුණ, මධ්‍යම සහ සබරගමුව පළාත්වලට කඩින් කඩ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.ඌව සහ නැගෙනහිර පළාත්වලට, සවස 2.00න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය දිනය : 03/06/2016නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය33269060වැසි ස්වල්පයක් ඇතිවිය හැකමඩකලපුව34278065සවස 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත ඇති විය හැක.කොළඹ30278575විටින් විට වැසිගාල්ල29259080විටින් විට වැසියාපනය33287565ප්‍රධාන වශයෙන් වැසි රහිතමහනුවර28219570විටින් විට වැසිනුවරඑළිය20149580විටින් විට වැසිරත්නපුරය31249565විටින් විට වැසිත්‍රීකුණාමළය34268050සවස 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත ඇති විය හැක.මන්නාරම31288070වැසි ස්වල්පයක්
|
‘හෙටත් පළාත් කීපයකට තද වැසි‘
| 0 |
ශ්‍රී ලංකාව ආශ්‍රිතව පෙර මෝසම් තත්ත්වය ස්ථාපිතව ඇති නිසා උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසිවාර කිහිපයක් ඇති වන බවත් අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී සෙසු ප්‍රදේශවල ද තැනින් තැන ගිගුරුම් සහිත වැසි වර්ධනය වන බවත සඳහන් කරයි.‘විශේෂයෙන් කඳුකර ප්‍රදේශවල සහ අවට මුහුදු ප්‍රදේශවල විටින් විට තද සුළං බලාපොරොත්තු විය හැකිය‘.ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය දිනය : 20/05/2015 නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය33259575වැසි හෝ ගිගුරුම් සහිත වැසි.මඩකලපුව33258565වැසි හෝ ගිගුරුම් සහිත වැසි.කොළඹ31269080වැසි වාර කිහිපයක්.ගාල්ල30259085වැසි වාර කිහිපයක්.යාපනය31268575වැසි හෝ ගිගුරුම් සහිත වැසි.මහනුවර30219565වැසි වාර කිහිපයක්.නුවරඑළිය19139575වැසි වාර කිහිපයක්.රත්නපුරය32249575වැසි වාර කිහිපයක්.ත්‍රීකුණාමළය33269065වැසි හෝ ගිගුරුම් සහිත වැසි.මන්නාරම31278575වැසි හෝ ගිගුරුම් සහිත වැසි.
|
‘හෙටත් පළාත් කීපයකට තද වැසි‘
| 0 |
(හැටන් රංජිත් රාජපක්ෂ) සති අන්ත දිර්ඝ නිවාඩුවට හැටන් මාර්ගය ඔස්සේ නුවරඑලිය සංචාරය සදහා පැමිණි තරුණයන් 24 දෙනෙකු සැකපිට පොලිස් අත්අඩංගුවට ගත් බව හැටන් මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක එන්.ජෙ.එල්.ජමිල් මහතා පැවසිය.හැටන් දූෂණ මර්ධන ඒකකයේ නිලධාරින් විසින් හැටන් කොළඹ ප්රධාන මාර්ගයේ හැටන් මල්ලිඅප්පු ප්‍රදේශයේදී අද (22) උදෑසන සිට පස්වරු 6 දක්වා හදිසි වැටලීමකදි මෙම තරුණයින් සැකපිට අත්අඩංගුවට ගැනිමට හැකි වි තිබේ.එහිදී තරුණයන් 23දෙනෙක් ගංජා ලග තබා ගැනිම චෝදනා යටතේත්, තවත් තරුණයන් දෙදෙනෙකු සන්තකයේ නීති විරෝධි දුම්වැටි ලග තබා ගැනිම යටතේත් අත්අඩංගුවට ගත් බව හැටන් පොලිසිය පවසයි.අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 20-25 අතර වයස් කාණ්ඩවල පසුවන අය බවත්, ඔවුන් කොළඹ, ගාල්ල, මාතර, මහනුවර ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචිකරුවන් බව හැටන් පොලිසිය පවසයි.සැකකරුවන් සන්තකයේ තිබී කේරල ගංජා මිලිග්රුම් 45200 අත්අඩංගුවට ගෙන ඇත.අත්අඩංගුවට ගත් සැකකරුවන් හෙට (23) හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.
|
නුවරඑළිය සංචාරයේ පැමිණි තරුණයන් 25 දෙනෙකු අත්අඩංගුවට
| 1 |
(හැටන් රංජිත් රාජපක්ෂ) මත්ද්‍රව්‍ය රැගෙන අද (06) නුවරඑලිය සංචාරයේ පැමිණි තරුණයන් 6 දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව හැටන් පොලිසිය පැවසිය.මෙම තරුණයන් හැටන් මාර්ගය ඔස්සේ නුවැරඑලිය සංචාරය සදහා පැමිණෙමින් සිටි අවස්තාවේ හැටන් පොලිස් කොට්ඨාශ දුෂණ මර්ධන ඒකකයේ නිළාරින් විසින් හැටන් කොළඹ ප්රධාන මාර්ගයේ මල්ලිඅප්පුව ප්‍රදේශයේදි සිදු කල හදිසි පරික්ෂාවකදි මෙම මත්ද්‍රව්‍ය්‍ය සමග සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකි වි තිබේ.මෙම සැකකරුවන් සන්තකයේ කේරල ගංජා තිබි අත්අඩංගුවට ගත් බවත්, එම සැකකරුවන් අවු 20-25 වයස් කාණ්ඩ වල පසුවන කොළඹ ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි මෙම වැටලිම සිදු කල නිලධාරීහු කියා සිටියහ.අත්අඩංගුවට ගත් සැකකරුවන් හෙට (07) හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව හැටන් පොලිසිය කියයි.
|
නුවරඑළිය සංචාරයේ පැමිණි තරුණයන් 25 දෙනෙකු අත්අඩංගුවට
| 0 |
රංජිත් රාජපක්ෂ සති අන්ත නිවාඩුවට ශ්‍රිපාද වන්දනාවේ පැමිණි තරුණයන් විසිහත් දෙනෙකු මත්ද්‍රව්‍ය සමඟ සැකපිට අත්අඩංගුවට ගත් බව හැටන් පොලිසිය පවසයි. හැටන් පොලිස් කොට්ඨාශයේ සුනඛ අංශයේ කෝරා සුනඛයාගේද සහයෝගය ඇතිව හැටන් කොටිඨාශ දුෂණ මර්දන ඒකකයේ නිලධාරින් හැටන් කොළඹ ප්රධාන මාර්ගයේ දියගල ප‍්‍රදේශයේදි සිදුකළ පරික්‍ෂාවකදි මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනිමට හැකිවී තිබේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් ලග තිබී හෙරොයින් මිලිග‍්‍රෑමි 8 ක් කේරල ගංජා සහ නීති විරෝධී දුමිවැටි 27 ක් සොයා ගත් බව පොලිසිය කියයි.සැකපිට අත්අඩංගුවට ගත් තරුණයන් පිරිස අද (18) හැටන් මහේස්ත‍්‍රාත්වරයා වෙත ඉදිරිපත් කරන බව හැටන් පොලිසිය කියයි.
|
නුවරඑළිය සංචාරයේ පැමිණි තරුණයන් 25 දෙනෙකු අත්අඩංගුවට
| 0 |
බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි . අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක ගිගුරුම් සහිත වැසි වර්ධනය විය හැකියි.මධ්‍යම කඳුකරය සහ බස්නාහිර හා දකුණු මුහුදු ප්‍රදේශ වල නිරිත දෙසින් හමන මෝසම් සුළං වේගය විටින් විට වැඩි විය හැක.
|
ඉදිරි 24 පැයේ කාලගුය
| 1 |
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. දහවල් 2 සිට රාත්‍රී 8 දක්වා කාලයේදී ඌව සහ නැගෙනහිර පළාත්වල ස්ථාන ස්වල්පයක ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ මධ්‍යම කඳුකරය හරහා සහ වයඹ, ගිනිකොණ මුහුදු ප්‍රදේශ වල නිරිත දෙසින් හමන මෝසම් සුළං වේගය විටින් විට පැයට කිලෝ මීටර් 50- 60 පමණ දක්වා වැඩි විය හැකියි.
|
ඉදිරි 24 පැයේ කාලගුය
| 0 |
බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල තැනින් තැන වැසි ඇති වන බවත් අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක ගිගුරුම් සහිත වැසි වර්ධනය විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. මධ්‍යම කඳුකරය හරහාත් බස්නාහිර හා දකුණු මුහුදු ප්‍රදේශවල නිරිත දෙසින් හමන මෝසම් සුළං වේගය විටින් විට පැයට කිලෝ මීටර් 50 පමණ දක්වා වැඩි විය හැකිය.
|
ඉදිරි 24 පැයේ කාලගුය
| 0 |
බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක ගිගුරුම් සහිත වැසි වර්ධනය විය හැකියි. කඳුකර ප්‍රදේශවල සහ අවට මුහුදු ප්‍රදේශ වල විටින් විට තද සුළං බලාපොරොත්තු වේ.
|
ඉදිරි 24 පැයේ කාලගුය
| 0 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් තත්ත්වයක් පැවැතියත් බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල දිස්ත්‍රීක්කයේත් වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ප්‍රදේශ කීපයක විටින් විට තද සුළං ඇති විය හැකියි.ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය දිනය : 03/08/2016නගරය නගරයඋෂ්ණත්වය(සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය33258550ප්‍රධාන වශයෙන් වැසි රහිතමඩකලපුව36267550ප්‍රධාන වශයෙන් වැසි රහිතකොළඹ31269075වැසි ස්වල්පයක් ඇති විය හැකගාල්ල29258575වැසි ස්වල්පයක්යාපනය33287560ප්‍රධාන වශයෙන් වැසි රහිතමහනුවර28228565වැසි ස්වල්පයක් ඇති විය හැකනුවරඑළිය18139075වැසි ස්වල්පයක් ඇති විය හැකරත්නපුරය31248565වැසි ස්වල්පයක්ත්‍රීකුණාමලය34258550ප්‍රධාන වශයෙන් වැසි රහිතමන්නාරම31268070ප්‍රධාන වශයෙන් වැසි රහිත
|
‘හෙට දිනයේ වියළි කාලගුණයක්‘
| 1 |
ශ්‍රී ලංකාවට ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පැවැතියත් බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය දිනය : 01/07/2016නගරය නගරයඋෂ්ණත්වය(සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය32268560ප්‍රධාන වශයෙන් වැසි රහිතමඩකලපුව36277045ප්‍රධාන වශයෙන් වැසි රහිතකොළඹ30279075වැසි ස්වල්පයක් ඇතිවිය හැක.ගාල්ල30279080වැසි ස්වල්පයක්යාපනය32288075ප්‍රධාන වශයෙන් වැසි රහිතමහනුවර28238070වැසි ස්වල්පයක්නුවරඑළිය17149585වැසි ස්වල්පයක් ඇතිවිය හැක.රත්නපුරය32259065වැසි ස්වල්පයක්ත්‍රිකුණාමළය33268560ප්‍රධාන වශයෙන් වැසි රහිතමන්නාරම30278575ප්‍රධාන වශයෙන් වැසි රහිත
|
‘හෙට දිනයේ වියළි කාලගුණයක්‘
| 0 |
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, උතුරු සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී.ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය දිනය : 29/06/2016නගරය නගරයඋෂ්ණත්වය(සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය32268555ප්‍රධාන වශයෙන් වැසි රහිතමඩකලපුව27368545ප්‍රධාන වශයෙන් වැසි රහිතකොළඹ31269575වැසි ස්වල්පයක් ඇතිවිය හැක.ගාල්ල29249585වැසි ස්වල්පයක්යාපනය33288060ප්‍රධාන වශයෙන් වැසි රහිතමහනුවර28238570වැසි ස්වල්පයක් ඇතිවිය හැක.නුවරඑළිය19149575වැසි ස්වල්පයක් ඇතිවිය හැක.රත්නපුරය31239570වැසි ස්වල්පයක්ත්‍රිකුණාමළය34268050ප්‍රධාන වශයෙන් වැසි රහිතමන්නාරම30278575වැසි ස්වල්පයක්
|
‘හෙට දිනයේ වියළි කාලගුණයක්‘
| 0 |
ශ්‍රී ලංකාවේ ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පැවැතියත් බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සුළු වශයෙන් වර්ෂාව ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු කියයි.ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය දිනය : 30/06/2016නගරය නගරයඋෂ්ණත්වය(සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය32268560ප්‍රධාන වශයෙන් වැසි රහිතමඩකලපුව36278045ප්‍රධාන වශයෙන් වැසි රහිතකොළඹ30279075වැසි ස්වල්පයක් ඇතිවිය හැක.ගාල්ල29269585වැසි ස්වල්පයක්යාපනය31277565ප්‍රධාන වශයෙන් වැසි රහිතමහනුවර28228575වැසි ස්වල්පයක්නුවරඑළිය18149580වැසි ස්වල්පයක් ඇතිවිය හැක.රත්නපුරය31249575වැසි ස්වල්පයක්ත්‍රිකුණාමළය34267560ප්‍රධාන වශයෙන් වැසි රහිතමන්නාරම31278575ප්‍රධාන වශයෙන් වැසි රහිත
|
‘හෙට දිනයේ වියළි කාලගුණයක්‘
| 0 |
(තිලකරත්න දිසානායක)ගම්පහ දිස්ත්‍රික්කයෙන් අද (24) උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලය තුල කොරෝනා ආසාදිතයින් 544 දෙනෙකු හමුව ඇති බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයීය වෙබ් අඩවිය සදහන් කරයි.මින් 88 දෙනෙකු වන වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව හමුව ඇත්තේ මහර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් වන අතර සෙසු කොට්ඨාසයන්ගෙන් ආසාදිතයින් හමුවීම කැලණිය - 79 ක්, වත්තල - 76 ක්, බියගම - 70 ක් , මීරිගම - 47 ක්, දොම්පෙ - 34 ක්, මිනුවන්ගොඩ - 25 ක්, දිවුලපිටිය - 23 ක්, රාගම සහ ගම්පහ කොට්ඨාසයන්ගෙන් 22 ක් බැගින්, අත්තනගල්ල - 20 ක්, ජාඇල - 14 ක්, සීදූව - 13 ක්, මීගමුව - 7 ක් සහ කටාන සිව් දෙදෙනෙකු වශයෙන් සිදුව ඇත.ගතවූ පැය 24 තුල ආසාදිතයින් 309 දෙනෙකු දිස්ත්‍රික්කයේ ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කොට ඇති අතර මින් 71 දෙනෙකු වන වැඩි පිරිසක් වැරැල්ලවත්ත කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානට ඇතුලත් කොට ඇති බවත් ආසාදිතයින් බවට සැක කෙරෙන රෝගීන් 156 දෙනෙකු දිස්ත්‍රික්කයේ රෝහල්වලට ඇතුලත් කොට ඇති බවත් අධ්‍යක්ෂ කාර්යාලයීය වෙබ් අඩවියෙහි සදහන්ය.එම කාලය තුල ආසාදිතයින්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් 13,141 දෙනෙකු නිවෙස්වල ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන ඇත.
|
ගතවු පැය 24 දී ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 544ක්
| 1 |
(තිලකරත්න දිසානායක)ගම්පහ දිස්ත්‍රික්කයෙන් අද (3) උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලය තුල කොරෝනා ආසාදිතයින් 817 දෙනෙකු හමුව ඇති බවත් ඉන්134 දෙනෙකු වන වැඩිම පිරිස බියගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් වන බවත් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සදහන් කරයි. දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයන් ආශ්‍රිතව ආසාදිතයින් හමුවීම මහර - 133 ක්, අත්තනගල්ල - 90 ක්, ගම්පහ - 87 ක්, ජාඇල - 53 ක්, කැලණිය - 51 ක්, වත්තල - 49 ක්, රාගම - 45 ක්, දොම්පෙ - 44 ක්, දිවුලපිටිය - 39 ක්, මීගමුව - 33 ක්, කටාන - 24 ක්, මීරිගම - 20 ක් සහ මිනුවන්ගොඩ - 15 දෙනෙකු වශයෙන් සිදුව ඇති බවද අධ්‍යක්ෂ කාර්යාලය සදහන් කරයි. පැය 24 ක් තුල දිස්ත්‍රික්කයේ කර්මාන්තශාලා ආශ්‍රිතව ආසාදිතයින් 23 දෙනෙකු හමුව ඇති අතර එම කාලය තුල ආසාදිතයින් 326 දෙනෙකු දිස්ත්‍රික්කයේ ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කොට ඇත. රෝහල් ගත කොට ඇති සැක සහිත රෝගීන් සංඛ්‍යාව 148 දෙනෙකි. නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන ඇති ආසාදිතයින්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් සංඛ්‍යාව 16,416 දෙනෙකි.
|
ගතවු පැය 24 දී ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 544ක්
| 0 |
( තිලකරත්න දිසානායක)ගම්පහ දිස්ත්‍රික්කයෙන් අද (8) උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලය තුල කොරෝනා ආසාදිතයින් 1255 දෙනෙකු හමුව ඇති අතර මින් 180 දෙනෙකු වන වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් හමුව ඇත්තේ මිනුවන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙනි.දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයීය වෙබ් අඩවියෙහි සදහන් අන්දමට දිස්ත්‍රික්කයේ සෙසු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයන්ගෙන් ආසාදිතයින් හමුවීම ගම්පහ කොට්ඨාසයෙන් - 131 ක්, බියගම - 126 ක්, කටාන - 124 ක්, මහර - 116 ක්, දිවුලපිටිය - 114 ක්, මීරිගම - 91 ක්, ජාඇල - 89 ක්, දොම්පෙ - 71 ක්, අත්තනගල්ල - 60 ක්, වත්තල - 38 ක්, රාගම - 37 ක්, කැලණිය - 33 ක්, මීගමුව - 27 ක් සහ සීදූව කොට්ඨාසයෙන් - 18 වශයෙන් සිදුව ඇත.අද උදෑසන වනවිට පැය 24 ක කාලය තුල රෝගීන් 281 දෙනෙකු දිස්ත්‍රික්කයේ රෝහල් වෙත ඇතුලත් කිරීමට පියවර ගෙන ඇති අතර සැක සහිත ආසාදිතයින් 41 දෙනෙකු ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කොට ඇත. ගම්පහ දිස්ත්‍රික්කයේ රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානයන්හි ඔක්සිජන් සහිත ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 464 දෙනෙකි.දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයීය වෙබ් අඩවිය සදහන් අන්දමට නිවෙස්වල ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන ඇති ආසාදිතයින්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් සංඛ්‍යාව 35, 673 දෙනෙකි.
|
ගතවු පැය 24 දී ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 544ක්
| 0 |
(තිලකරත්න දිසානායක)ගම්පහ දිස්ත්‍රික්කයෙහි ආසාදිතයින් සංඛ්‍යාව අද (1) උදෑසන වනවිට 1,21,305 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයීය වෙබ් අඩවිය සදහන් කරයි. අද උදෑසන වනවිට පැය 24 ක කාලය තුල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 1718 දෙනෙකු හමුව ඇති බවත් මින් 182 දෙනෙකු වන වැඩිම පිරිසක් මිනුවන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් වන බවත් එහි සදහන්ව ඇත. දිස්ත්‍රික්කයේ සෙසු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයන් ආශ්‍රිතව ආසාදිතයින් හමුවීම මහර - 179 ක්, දොම්පෙ - 156 ක්, ගම්පහ සහ කටාන කොට්ඨාසයන්ගෙන් - 146 දෙනෙකු බැගින් , දිවුලපිටිය - 130 ක්, මීරිගම - 118 ක්, අත්තනගල්ල - 115 ක්, බියගම - 111 ක්, ජාඇල - 98 ක්, මීගමුව - 93 ක්, කැලණිය - 68 ක්, සීදූව - 67 ක්, වත්තල - 62 ක් සහ රාගම කොට්ඨාසයෙන් - 47 දෙනෙකු වශයෙනි.පැය 24 ක් තුල ගම්පහ දිස්ත්‍රික්කයේ කර්මාන්තශාලා ආශ්‍රිතව ආසාදිතයින් 63 දෙනෙකු හමුව ඇති බවත් එය ආයෝජන කලාපය කටුනායකකින් - 23 ක්, බියගමින් - 35 ක් සහ වෙනත් කර්මාන්තශාලා ආශ්‍රිතව පස් දෙනෙකු වශයෙන් බවත් වෙබ් අඩවියෙහි සදහන්ය.දිස්ත්‍රික්කයේ රෝහල් වෙත පැය 24 ක කාලය තුල ආසාදිතයින් 528 දෙනෙකු ප්‍රතිකාර පිනිස ඇතුලත් කොට ඇති අතර සැක සහිත රෝගීන් 11 දෙනෙකු ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කොට ඇත. එම රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානයන්හි ඔක්සිජන් සහිත ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 442 දෙනෙකි.දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයීය වෙබ් අඩවියෙහි සදහන් අන්දමට දිස්ත්‍රික්කයෙහි ආසාදිතයින්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් 36,682 දෙනෙකු නිවෙස්වල ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන ඇත.
|
ගතවු පැය 24 දී ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 544ක්
| 0 |
(මනෝප‍්‍රිය ගුණසේකර) සුදු බීඩී ළඟ තබාගැනීම සම්බන්ධයෙන් නඩු නොපවරවා සිටීමට රුපියල් 5,000/-ක අල්ලසක් ගැනීමේ චෝදනාවට වරදකරු වු තංගල්ල සුරාබදු නියාමකවරයාට වසර 24 ක බරපතල වැඩ සහිත සිරදඬුවමක් නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා එම සිරදඬුවම වසර 8ක කාලයකින් ගෙවී යන අන්දමට ක‍්‍රියාත්මක කරන්නැයි නියම කළේය.විත්තිකරුට නියම කළ සිරදඬුවමට අමතරව රුපියල් 24,000/-ක දඩයකට ද ඔහු යටත් කළ විනිසුරුවරයා විත්තිකරු අල්ලස් වශයෙන් ලබාගත් රුපියල් 5,000/-ක අල්ලස් මුදල දණ්ඩනයක් ලෙස අයකර ගැනීමටද නියම කළේය.සමාජය අල්ලසින් බේරා ගැනීම සඳහා අනෙකුත් රාජ්‍ය සේවකයින් ද අල්ලසින් ඈත් කර තැබීමට හැකි වන ආකාරයේ දඬුවමක් විත්තිකරුට නියම කරන්නැයි අල්ලස් කොමිසමේ සහකාර නීතී අධ්‍යක්‍ෂ නීතීඥ රුවනි වික‍්‍රමසිංහ මහත්මිය කළ ඉල්ලීමක් පිළිගත් විනිසුරුවරයා විත්තිකරුට අදාළ දඩුවම් නියම කළේය.චෝදනාවට වරදකරුවීම නිසා මෙලෙස දඬුවම් නියම කරන ලද්දේ තංගල්ල සුරාබදු නියාමක කාර්යාලයට අනුයුක්තව සුරාබදු නියාමකවරයා ලෙස රාජකාරි කළ නිලන්ත සිසිරකුමාර මද්දුම පටබැඳි නමැත්තාටය.ඉදිරිපත් වු කරුණු සැළකිල්ලට ගත් විනිසුරුවරයා එක් චෝදනාවකට වසර 03 බැගින් චෝදනා 08 සඳහා වසර 24ක සිරදඬුවම් නියම කර එම සිරදඬුවම් කාලය වසර 08කින් ගෙවී යන පරිදි ක‍්‍රියාත්මක කිරීමට නියම කළේය.
|
අල්ලස් ගත් බන්ධනාගාර නියාමකවරයාට 24 වසරක සිරදඬුවම්
| 1 |
(මනෝප්රිය ගුණසේකර) අඩු වටිනාකමක් යෙදු තක්සේරු වාර්තාවක් ලබාදීම සඳහා පුද්ගලයකුගෙන් රුපියල් 10,000/- ක අල්ලසක් ලබා ගැනීමේ චෝදනාවට වරදකරු වු දේශිය ආදායම් දෙපාර්තමේන්තුවේ මාතර කාර්යාලයේ හිටපු ජ්‍යෙෂ්ඨ තක්සේරුකරුට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා වසර 20 ක බරපතල වැඩ සහිත සිරදඬුවමක් නියම කළේය. විත්තිකරුට නියම කළ සිරදඬුවමට අමතරව රුපියල් 20,000/-ක දඩයකට ද යටත් කළ විනිසුරුවරයා මෙම සිද්ධියේ පැමිණිලිකරුට රුපියල් 25,000/-ක වන්දියක් ගෙවීමටද නියම කළේය. විත්තිකරු අල්ලස් වශයෙන් ලබාගත් රුපියල් 10,000/- ක අල්ලස් මුදල දණ්ඩනයක් ලෙස අයකර ගැනීමටද නියම කළ නියම කළ දඩ මුදල් හා වන්දි මුදල් නොගෙවුවහොත් අමතර වසර 6 ක සිරදඬුවමක්ද නියම කළේය. සමාජය අල්ලසින් බේරා ගැනීම සඳහා අනෙකුත් රාජ්‍ය සේවකයින්ද අල්ලසින් ඈත් කර තැබීමට හැකි වන ආකාරයේ දඬුවමක් විත්තිකරුට නියම කරන්නැයි අල්ලස් කොමිසමේ සහකාර අධ්‍යක්‍ෂ ජනරාල් නීතීඥ සශිකා චන්ද්‍රවංශ මහත්මිය කළ ඉල්ලීමක් පිළිගනිමින් විනිසුරුවරයා විත්තිකරුට දඩුවම් නියම කළේය. විත්තිකරුට එරෙහි චෝදනා හතරම පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇතැයි තීරණය කළ විනිසුරුවරයා එම චෝදනාවන්ට වරදකරු වූ විත්තිකරුට අදාළ දඩුවම නියම කළේය. චෝදනාවට වරදකරුවීමෙන් මෙලෙස දඬුවම් නියම වුයේ දේශිය ආදායම් දෙපාර්තමේන්තුවේ මාතර කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ තක්සේරුකරු වශයෙන් සේවය කළ එච්.බී. ජගත් නමැත්තාටය. ඉදිරිපත් වු කරුණු සැළකිල්ලට ගත් විනිසුරුවරයා විත්තිකරුට නියම කළ වසර 20ක බරපතල වැඩ සහිත සිරදඬුවම වසර 10ක කාලයකින් ගෙවී යන පරිදි ක්‍රියාත්මක කිරීමටද නියම කළේය. අල්ලස් කොමිසමේ පොලිස් පරීක්‍ෂක සී.ඒ. ගුණවර්ධන මහතා මෙහි විමර්ශන නිලධාරීවරයා ලෙස කටයුතු කළ අතර පැමිණිල්ල වෙනුවෙන් අල්ලස් කොමිසමේ සහකාර අධ්‍යක්‍ෂ ජනරාල් නීතීඥ සශිකා චන්ද්‍රවංශ මහත්මිය පෙනී සිටියාය.
|
අල්ලස් ගත් බන්ධනාගාර නියාමකවරයාට 24 වසරක සිරදඬුවම්
| 0 |
(මනෝප්රිය ගුණසේකර) කළුතර නගර සභාවට අයත් වාහන රක්‍ෂණය කිරීමට සහය ලබාදීම සඳහා රක්‍ෂණ නියෝජිතයකුගෙන් රුපියල් 15,000/-ක අල්ලසක් ලබා ගැනීමේ චෝදනාවට වරදකරු වු කළුතර නගර සභාවේ හිටපු වැඩ අධිකාරීවරයාට කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා සිව් වසරක බරපතල වැඩ සහිත සිරදඬුවමක් නියම කළේය. විත්තිකරුට නියම කළ සිරදඬුවමට අමතරව රුපියල් 2500/-ක දඩයකට ද ඔහු යටත් කළ විනිසුරුවරයා විත්තිකරු අල්ලස් වශයෙන් ලබාගත් රුපියල් 15,000/- ක අල්ලස් මුදල දණ්ඩනයක් ලෙස අයකර ගැනීමටද නියම කළේය. සමාජය අල්ලසින් බේරා ගැනීම සඳහා අනෙකුත් රාජ්‍ය සේවකයින් ද අල්ලසින් ඈත්කර තැබීමට හැකිවන ආකාරයේ දඬුවමක් විත්තිකරුට නියම කරන්නැයි අල්ලස් කොමිසමේ සහකාර අධ්‍යක්‍ෂ ජනරාල් නීතීඥ ඩබ්.එම්.ටී.ඩී. බණ්ඩාර මහතා කළ ඉල්ලීමක් පිළිගත් විනිසුරුවරයා විත්තිකරුට අදාළ දඬුවම් නියම කළේය. විත්තිකරුට එරෙහි චෝදනා හතරම පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇතැයි තීරණය කළ විනිසුරුවරයා එම චෝදනාවන්ට වරදකරු වූ විත්තිකරුට අදාළ දඬුවම නියම කළේය. චෝදනාවට වරදකරුවීම නිසා මෙලෙස දඬුවම් නියම වුයේ කළුතර නගර සභාවේ හිටපු වැඩ අධිකාරී චේතිය හසිත් මුණසිංහ නමැත්තාටය. කළුතර නගර සභාවට අයත් වාහන රක්‍ෂණය කිරීමට සහය ලබාදීම සඳහා රක්‍ෂණ නියෝජිතයකුගෙන් රුපියල් අල්ලසක් ඉල්ලා ලබා ගැනීම ඇතුළු චෝදනා හතරක් යටතේ විත්තිකරුට එරෙහිව අල්ලස් කොමිසම විසින් නඩු පවරා තිබිණි. මේ සම්බන්ධයෙන් පැවැති දීර්ඝ නඩු විභාගයේ දී විත්තිකරුට එරෙහි චෝදනා හතරම පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇතැයි තීරණය කළ විනිසුරුවරයා එම සියළුම චෝදනාවන්ට ඔහු වරදකරු කළේය.එහිදී ඉදිරිපත් වු කරුණු සැළකිල්ලට ගත් විනිසුරුවරයා විත්තිකරුට සිව් වසරක බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කෙරිණි. ඊට අමතරව විත්තිකරු අල්ලස් වශයෙන් ලබාගත් මුදල දණ්ඩනයක් ලෙස අයකර ගැනීමටද නියම කෙරිණි.
|
අල්ලස් ගත් බන්ධනාගාර නියාමකවරයාට 24 වසරක සිරදඬුවම්
| 0 |
(මනෝප්රිය ගුණසේකර)කුඹුරු ඉඩමක් පවරා දීමට අවශ්‍ය කටයුතු කරදීම සඳහා ගොවියකුගෙන් රුපියල් 8000ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවට වරදකරු වූ අක්කරේපත්තු හිටපු ගොවිජන සංවර්ධන නිලධාරීවරයාට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා විසින් වසර 16 ක බරපතල වැඩ සහිත සිරදඬුවමක් අද (19) නියම කළේය.මෙම අල්ලස ලබාගැනීම සඳහා ඔහුට ආධාර අනුබල ලබාදුන් එම කාර්යාලයේ හිටපු ලිපිකරුට ද වසර 04 ක බරපතල වැඩ සහිත සිරදඬුවමක් නියම කළේය.විත්තිකරුවන්ට නියම කළ සිරදඬුවමට අමතරව රුපියල් 30000 ක දඩයකටද යටත් කළ විනිසුරුවරයා විත්තිකරු අල්ලස් ලබාගත් ගොවි මහතාට රුපියල් 50,000 බැගින් වන්දි ගෙවීමටද නියම කළේය.සමාජය අල්ලසින් බේරා ගැනීම සඳහා අනෙකුත් රාජ්‍ය සේවකයින්ද අල්ලසින් ඈත් කර තැබීමට හැකි වන ආකාරයේ දඬුවමක් විත්තිකරුට නියම කරන්නැයි අල්ලස් කොමිසමේ සහකාර අධ්‍යක්‍ෂ ජනරාල් නීතීඥ සශි‍්‍රකා චන්ද්‍රවංශ මහත්මිය කළ ඉල්ලීමක් පිළිගත් විනිසුරුවරයා විත්තිකරුවන්ට අදාළ දඬවම නියම කළේය.විත්තිකරුට එරෙහි චෝදනාවන් පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇතැයි තීරණය කළ විනිසුරුවරයා එම චෝදනාවන්ට වරදකරු වූ විත්තිකරුට අදාළ දඬුවම නියම කළේය.චෝදනාවට වරදකරුවීම නිසා මෙලෙස දඬුවම් නියම වුයේ අක්කරේපත්තු ගොවිජන සංවර්ධන නිලධාරීවරයා ලෙස කටයුතු කළ අබ්දුල් ලතීෆ් අබ්දුල් ගනී නමැත්තාට සහ මෙම අල්ලස ලබාගැනීම සඳහා ඔහුට ආධාර අනුබල ලබාදුන් එම කාර්යාලයේ ලිපිකරු ලෙස කටයුතු කළ සුලෙයිමාන් ලෙබ්බේ මුනාෆ් නමැත්තාටය.
|
අල්ලස් ගත් බන්ධනාගාර නියාමකවරයාට 24 වසරක සිරදඬුවම්
| 0 |
අනීශා මානගේ 2019 වර්ෂය සදහා තංගල්ල නගර සභාවේ අයවැය ඡන්ද විමසීම අද (5) පැවැති අතර එය වැඩි ඡන්ද 3කින් පරාජයට පත් විය. තංගල්ල නගර සභාවේ සභාපතිවරයා ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් 7 දෙනෙකු අයවැයට පක්ෂව ද පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් 7දෙනාත් ජනතා විමුක්ති පෙරමුණෙහි මන්ත්‍රීවරුන් දෙදෙනාත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ එක් මන්ත්‍රීවරයෙක් අයවැයට විරුද්ධව ඡන්දය භාවිතා කළේය. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ එක් මන්ත්‍රීවරයෙක් ඡන්දය දීමෙන් වැළකී සිටියේය.
|
තංගල්ල නගර සභාවේ අයවැය පරාදයි
| 1 |
(ඩී.කේ.රත්න)හපුතලේ ප්‍රාදේශීය සභාවේ 2020 වර්ෂයේ අයවැය ලේඛනය මාසික මහ සභා වාරයේ දී වැඩි ඡන්ද 11 කින් අද (14) සභා සම්මත විය.හපුතලේ ප්‍රාදේශීය සභාවේ සභාපති බී.කන්දසාමි මහතා විසින් මෙම අයවැය ලේඛනය මාසික මහ සභා වාරයට ඉදිරිපත් කෙරිණි.අයවැය විවාදයෙන් පසුව සිදුකළ ඡන්ද විමසීමේ දී මෙම අයවැයට පක්ෂව ඡන්ද 12 ක් ද විපක්ෂව ඡන්ද එකක් ද ලැබුණු අතර එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් 6 දෙනෙකු ඡන්දය දීමෙන් වැළකී සිටියහ.මෙම ඡන්ද විමසීමේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රීවරු 7 දෙනා සමඟ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරු පස් දෙනාම අයවැයට පක්ෂව ඡන්දය ලබාදුන් අතර ජනතා විමුක්ති පෙරමුණ මන්ත්‍රීවරයා පමණක් අයවැයට විරුද්ධව ඡන්දය ප්රකාශ කළහ.මෙම අවස්ථාවේදී එක්සත් ජාතික පක්ෂ ප්‍රාදේශීය සභා මන්ත්‍රී සුදත් අරුණ රංජන මහතා සභා ගැබේ නොසිටියේය.හපුතලේ ප්රාදේශීය සභාව මන්ත්‍රීවරුන් විසි දෙනෙකුගෙන් සමන්විත අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රීවරු හතක් එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරු පහක් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු හතකගෙන් සහ ජනතා විමුක්ති පෙරමුණ මන්ත්‍රීවරයෙකුගෙන් සමන්විතය.
|
තංගල්ල නගර සභාවේ අයවැය පරාදයි
| 0 |
(අමදෝරු අමරජීව)දෙමළ ජාතික සන්ධානයට බලය හිමි ත්‍රිකුණාමලය නගර සභාවේ 2019 වර්ෂය සඳහා සභාපති නාගරාසා රාසනායගම් මහතා ඉදිරිපත් කළ අයවැයට ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ ඇතුලු පක්ෂ කිහිපයක් එක්ව සහය ලබාදී (13) අයවැය සභා සම්මතකර ගනු ලැබුහ.අයවැයට දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරු නව දෙනාට අමතරව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු හතර දෙනා , ස්වාධින මන්ත්‍රීවරු දෙදෙනා සමඟ එක්සත් ජාතික පක්ෂයේ එක් මන්ත්‍රීවරයෙකුද ,ශ්‍රි ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ මන්ත්‍රීවරයා, සමස්ථ ලංකා මහජන කොංග්‍රසයේ මන්ත්‍රීවරයා සමඟ දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයාද අයවැයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කලහ.පක්ෂව ඡන්ද 19ක් ලැබුණු අතර විරුද්ධව ලැබුණේ එක් ඡන්දයක් පමණි.ඒ අනුව වැඩි ඡන්ද 18කින් අයවැය සභා සම්මත විය.විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළේ දෙමළ සමාජ ප්‍රජාතන්ත්‍රවාදි පක්ෂයේ එස්.සිවකුමාර් මහතා පමණි. ඔහු විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරමින් මෙය ජනතාවාදි අයවැයක් නොවන බව කීවේය.එක්සත් ජාතික පක්ෂයේ එක් මන්ත්‍රිවරයෙක් ඡන්දය දීමෙන් වැළකි සිටි අතර තවත් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයෙක් සභාවට නොපැමිණියේය.
|
තංගල්ල නගර සභාවේ අයවැය පරාදයි
| 0 |
නැගෙනහිර සහ ඌව පළාත්වලට ද හම්බන්තොට දිස්ත්‍රික්කයට ද තැනින් තැන මද වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. ‘අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දි සෙසු ප්‍රදේශවල ද තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ‘.‘ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැකියි‘. ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය දිනය : 01/04/2015 නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය34249055වැසි ස්වල්පයක්මඩකලපුව32259075මද වැසිකොළඹ32259560සන්ධ්‍යා කාලයේදී හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි.ගාල්ල32249060සන්ධ්‍යා කාලයේදී හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි.යාපනය34248565වැසි ස්වල්පයක්මහනුවර32219550අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.නුවරඑළිය22108560අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.රත්නපුරය35239550අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.ත්‍රීකුණාමළය33259570මද වැසිමන්නාරම32259580මද වැසි
|
ඉදිරි 24 පැයේ කාලගුණය
| 1 |
දිවයිනේ නැගෙනහිර සහ ඌව පළාත්වලට ද හම්බන්තොට දිස්ත්‍රික්කයට ද තැනින් තැන මද වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේනතුව කියයි. ‘අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දි සෙසු ප්‍රදේශවල ද තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ‘.‘ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැකිය‘. ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය දිනය : 30/03/2015නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය34249060වැසි ස්වල්පයක්මඩකලපුව31249070මද වැසිකොළඹ31249565අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.ගාල්ල32249070අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.යාපනය32259065වැසි ස්වල්පයක්මහනුවර31219550අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.නුවරඑළිය21129565අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.රත්නපුරය34239560අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.ත්‍රීකුණාමළය31249070මද වැසිමන්නාරම32249575අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.
|
ඉදිරි 24 පැයේ කාලගුණය
| 0 |
නැගෙනහිර සහ ඌව පළාත්වලට ද හම්බන්තොට දිස්ත්‍රික්කයට ද තැනින් තැන මද වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.‘අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දි සෙසු ප්‍රදේශවල ද තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ‘.ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැකිය. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දන්වා සිටියි.ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය දිනය : 31/03/2015 නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය35249055අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.මඩකලපුව31259075මද වැසිකොළඹ31249565අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.ගාල්ල31249075අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.යාපනය32258065වැසි ස්වල්පයක්මහනුවර33219550අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.නුවරඑළිය21108550අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.රත්නපුරය34239560අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.ත්‍රීකුණාමළය32259570මද වැසිමන්නාරම32259570අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.
|
ඉදිරි 24 පැයේ කාලගුණය
| 0 |
හෙට සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව ඉතා ඉහල මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි‘දිවයිනේ නැගෙනහිර සහ ඌව පළාත්වලට ද හම්බන්තොට දිස්ත්‍රික්කයට ද තැනින් තැන වැසි ඇති වේ. අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දි සෙසු බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ‘.ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය දිනය : 02/04/2015 නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය34249055සන්ධ්‍යා කාලයේදී හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි.මඩකලපුව31249075වැසි හෝ ගිගුරුම් සහිත වැසි.කොළඹ32249560සන්ධ්‍යා කාලයේදී හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි.ගාල්ල32249070සන්ධ්‍යා කාලයේදී හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි.යාපනය34249060වැසි ස්වල්පයක්මහනුවර32219550අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.නුවරඑළිය22119060අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.රත්නපුරය35239550අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.ත්‍රීකුණාමළය32259070වැසි හෝ ගිගුරුම් සහිත වැසි.මන්නාරම33259570සන්ධ්‍යා කාලයේදී හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි.
|
ඉදිරි 24 පැයේ කාලගුණය
| 0 |
ශ්‍රී ලංකාව සහ මුහුදු ප්‍රදේශවල පැයට කිලෝ මීටර් 60-70 පමණතද සුළං ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. කෙසේවෙතත්, මෙම තත්ත්වය හෙට දිනයේ සිට ක්‍රමයෙන් අඩුවනු ඇත.බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර සහ යාපනය දිස්‌ත්‍රික්‌කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැක.ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය දිනය : 18/08/2016නගරය නගරයඋෂ්ණත්වය(සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය33258550ප්‍රධාන වශයෙන් වැසි රහිතමඩකලපුව37267040ප්‍රධාන වශයෙන් වැසි රහිතකොළඹ31278070වැසි ස්වල්පයක් ඇති විය හැකගාල්ල30268580වැසි ස්වල්පයක්යාපනය33287565වැසි ස්වල්පයක් ඇති විය හැකමහනුවර29238575වැසි ස්වල්පයක් ඇති විය හැකනුවරඑළිය18149580වැසි ස්වල්පයක් ඇති විය හැකරත්නපුරය31249070වැසි වාර කිහිපයක්ත්‍රීකුණාමලය35277545ප්‍රධාන වශයෙන් වැසි රහිතමන්නාරම30278570ප්‍රධාන වශයෙන් වැසි රහිත
|
‘සුළං හෙට සිට අඩු වෙයි‘
| 1 |
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, උතුරු සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී.ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය දිනය : 29/06/2016නගරය නගරයඋෂ්ණත්වය(සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය32268555ප්‍රධාන වශයෙන් වැසි රහිතමඩකලපුව27368545ප්‍රධාන වශයෙන් වැසි රහිතකොළඹ31269575වැසි ස්වල්පයක් ඇතිවිය හැක.ගාල්ල29249585වැසි ස්වල්පයක්යාපනය33288060ප්‍රධාන වශයෙන් වැසි රහිතමහනුවර28238570වැසි ස්වල්පයක් ඇතිවිය හැක.නුවරඑළිය19149575වැසි ස්වල්පයක් ඇතිවිය හැක.රත්නපුරය31239570වැසි ස්වල්පයක්ත්‍රිකුණාමළය34268050ප්‍රධාන වශයෙන් වැසි රහිතමන්නාරම30278575වැසි ස්වල්පයක්
|
‘සුළං හෙට සිට අඩු වෙයි‘
| 0 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් තත්ත්වයක් පැවැතියත් බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල දිස්ත්‍රීක්කයේත් වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ප්‍රදේශ කීපයක විටින් විට තද සුළං ඇති විය හැකියි.ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය දිනය : 03/08/2016නගරය නගරයඋෂ්ණත්වය(සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය33258550ප්‍රධාන වශයෙන් වැසි රහිතමඩකලපුව36267550ප්‍රධාන වශයෙන් වැසි රහිතකොළඹ31269075වැසි ස්වල්පයක් ඇති විය හැකගාල්ල29258575වැසි ස්වල්පයක්යාපනය33287560ප්‍රධාන වශයෙන් වැසි රහිතමහනුවර28228565වැසි ස්වල්පයක් ඇති විය හැකනුවරඑළිය18139075වැසි ස්වල්පයක් ඇති විය හැකරත්නපුරය31248565වැසි ස්වල්පයක්ත්‍රීකුණාමලය34258550ප්‍රධාන වශයෙන් වැසි රහිතමන්නාරම31268070ප්‍රධාන වශයෙන් වැසි රහිත
|
‘සුළං හෙට සිට අඩු වෙයි‘
| 0 |
ශ්‍රී ලංකාවට ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පැවැතියත් බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය දිනය : 01/07/2016නගරය නගරයඋෂ්ණත්වය(සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය32268560ප්‍රධාන වශයෙන් වැසි රහිතමඩකලපුව36277045ප්‍රධාන වශයෙන් වැසි රහිතකොළඹ30279075වැසි ස්වල්පයක් ඇතිවිය හැක.ගාල්ල30279080වැසි ස්වල්පයක්යාපනය32288075ප්‍රධාන වශයෙන් වැසි රහිතමහනුවර28238070වැසි ස්වල්පයක්නුවරඑළිය17149585වැසි ස්වල්පයක් ඇතිවිය හැක.රත්නපුරය32259065වැසි ස්වල්පයක්ත්‍රිකුණාමළය33268560ප්‍රධාන වශයෙන් වැසි රහිතමන්නාරම30278575ප්‍රධාන වශයෙන් වැසි රහිත
|
‘සුළං හෙට සිට අඩු වෙයි‘
| 0 |
හැටන් සුදත් එච්. එම්. හේවා හැටන් කොට්ඨාශ දුෂණ මර්ධන අංශයේ නිලධාරින් විසින් කරන ලද සෝදිසි මෙහෙයුමකදි ගංජා රැගෙන ශ්‍රිපාදය වන්දනා කිරිමට පැමිනි පුද්ගලයන් 20 දෙනකු අත් අඩංගුවට ගෙන ඇත.හැටන් කොළඹ ප්රධාන මාර්ගයේ දියගල ප්‍රදේශයේදි හැටන් නිල සුනඛ අංශයේ නිල සුනඛ ක්‍රෝරාගේ සහය මත ශ්‍රිපාද වන්දනා කරුවන් රැගෙන පැමිනෙන රථ වාහන පරික්ෂාවට ලක් කිරිමේදි ගංජා නැමති මත් ද්‍රව්‍ය රැගෙන පැමිනි මෙම පුද්ලයන් 20 දෙනා මෙසේ අත් අඩංගුට ගෙන ඇත.මෙම පරික්ෂාවන් 23 හා 24 යන දෙදින සිදුකර ඇති අතර 23වන දින පුද්ගලයන් 09 දෙනකුද 24වන දින පුද්ගලයන් 11 දෙනකුද මෙසේ අත් අඩංගුවට ගෙන ඇති අතර අත් අඩංගුවට ගන්නා ලද මෙම සැකකරුවන් හැටන් දිසා හා මහේස්ත්‍රාත් අධිකරනයට ඉදිරිපත් කිරිමට පියවර ගෙන ඇත.හැටන් පොලිස් අධිකාරි පි. එම්. ආර්. අබේපිටිය මහතාගේ උපදෙස් මත හැටන් කොට්ඨාශ දූෂණ මර්ධන අංශයේ නිලධාරින් විසින් මෙම වැටලිම් සිදුකරන ලදි.
|
ගංජා රැගෙන සිරීපාදේ ගිය 20 ක් අත්අඩංගුවට
| 1 |
(සුදත් එච්. එම්. හේවා) මත් ද්‍රව්‍ය රැගෙන ශ්‍රීපාදය වන්දනා කිරීමට පැමිණි තරුණයන් දස දෙනකු හැටන් කොට්ඨාස දුෂණ මර්ධන අංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ඇත. හැටන් කොළඹ මාර්ගයේ දියගල ප්‍රදේශයේදී සිදු කරන ලද රථ වාහන පරීක්ෂාවකදී හෙරොයින් සහ ගංජා වැනි මත්ද්‍රව්‍ය රැගෙන ආ මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසයි. අත් අඩංගුවට ගන්නා ලද සැකකරුවන් හැටන් දිසා හා මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇත.
|
ගංජා රැගෙන සිරීපාදේ ගිය 20 ක් අත්අඩංගුවට
| 0 |
(සේනක බණ්ඩාර සහ දයාරත්න ඇඹෝගම) තඹුත්තේගම නේවාසික ව්‍යාපාර කාර්යාලය ඉදිරිපිටඅඛණ්ඩව දින 19 කට වැඩිකාළයක් උපවාසයේ යෙදුණ ගොවීහු උපවාසය අත් හැරීමට අද (12) දහවල් කටයුතු කළහ. පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා හමු වී ජනාධිපතිතුමන්ට යොමු කිරීම සඳහා සන්දේශයක් බාර දීමෙන් අනතුරුව ඔවුහු උපවාසය අත්හැරියහ. මහවැලි එච් කලාපයේ තඹුත්තේගම කොට්ඨාශයේගොවි ජනතාවට බලපා ඇති ගැටලු කීපයකට විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලීම් කරමින් තඹුත්තේගම මහවැලි එච්.කලාපීය නේවාසික ව්‍යාපාර කාර්යාලය ඉදිරිපිට පසුගිය 24වැනි දින ගොවි ගෙවිලියන් පිරිසක් උපවාසයක් ආරම්භකළ අතර, තමන්ගේ යල්කනනයේ හානි වූ වගාවන් සදහා අක්කරයකට රුපියල් 50000 ක වන්දි මුදලක් ලබා දෙන ලෙසට හා තම වගාවන්ට නිසිපරිදි ජලය ලබා නොදීමට විරෝධය පළ කරමින් ඒ ඇතුළු ඉල්ලීම් 10 ක් සම්බන්ධයෙන් ගොවි සංවිධාන 22 ක ගොවි ගෙවිළියෝ උපවාසයක් ආරම්භ කළහ.ඡායාරූපය- සේනක බණ්ඩාරඡායාරූපය - දයාරත්න ඇඹෝගම
|
තඹුත්තේගම ගොවීහු දින 19 ක උපවාසය අත්හරිති
| 1 |
( සේනක බණ්ඩාර ) තඹුත්තේගම නේවාසික ව්‍යාපාර කාර්යාලය ඉදිරිපිටඅඛණ්ඩව දින 19 කට වැඩිකාළයක් උපවාසයේ යෙදුණ ගොවීහූ උපවාසය අත් හැරීමට අද (12) දහවල් කටයුතු කළහ. පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා හමු වී ජනාධිපතිතුමන්ට යොමු කිරීම සඳහා සන්දේශයක් බාර දීමෙන් අනතුරුව ඔවුහු උපවාසය අත්හැරියේය. මහවැලි එච් කළාපයේතඹුත්තේගම කොට්ඨාශයේගොවි ජනතාවට බලපා ඇතිගැටලු කීපයකට විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලීම් කරමින්තඹුත්තේගම මහවැලි එච්.කළාපීය නේවාසික ව්‍යාපාරකාර්යාලය ඉදිරිපිට පසුගිය 24වැනි දින ගොවි ගෙවිලියන්පිරිසක් උපවාසයක් ආරම්භකළ අතර,තමන්ගේ යල්කනනයේ හානි වූ වගාවන්සඳහා අක්කරයකට රුපියල් 50000 ක වන්දි මුදලක් ලබා දෙනලෙසට හා තම වගාවන්ට නිසිපරිදී ජලය ලබා නොදීමටවිරෝධය පළ කරමින් ඇතුළුඉල්ලීම් 10 ක් සම්බන්ධයෙන්ගොවි සංවිධාන 22 ක ගොවි ගෙවිළියෝ උපවාසයක් ආරම්භකරනු ලැබූහ.
|
තඹුත්තේගම ගොවීහු දින 19 ක උපවාසය අත්හරිති
| 0 |
( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ ) කොළඹ වරාය පර්යන්තයේ සහ කටුනායක අපනයන සැකසුම් කලාපයේ රඳවා තිබෙන එක්සත් රාජධානියේ සිට මෙරටට ආනයනය කර ඇතැයි කියන සායනික අපද්‍රව්‍ය සහිත කැළි කසල අඩංගු බහාලූම් ( කන්ටේනර් ) දිවයිනේ අභ්‍යන්තර ප‍්‍රදේශ වලට රැගෙන යාම වළක්වාලමින් නිකුත් කළ අතුරු නියෝගය මෙම මස 18 දින දක්වා දීර්ඝ කිරීමට අභියාචනාධිකරණ නියෝග කෙරිණි. මෙම පෙත්සම අභියාචනාධිකරණ සභාපති යසන්ත කෝදාගොඩ සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන් හමුවේ අද (12) කැඳවිණි.මේ පිළිබඳ රස පරීක්ෂක වාර්තා ලබා දීමට නොහැකි වීම සම්බන්ධයෙන් කරුණු සහිත වාර්තාවක ඵදිනට අධිකරණයට ලබා දෙන බව නීතිපති වෙනුවෙන් පෙනි සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතා දැනුම් දුන්නේය.ඒ අනුව මෙම රිට් පෙත්සම දෙසැම්බර් 18 වැනි දින යළි කැඳවන ලෙසද නියෝග කෙරිණි.පාරිසරික යුක්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ හේමන්ත සිසිර කුමාර මහතා විසින් ගොනු කර ඇති මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස මධ්‍යම පරිසර අධිකාරිය , රේගු අධ්‍යක්ෂ ජනරාල් සහ නීතිපති නම් කරනු ලැබ ඇත.ගොනු කර ඇති පෙත්සමේ මෙසේද සඳහන් වේ.පෙත්සම්කරු ජ්‍යෙෂ්ඨ පරිසර විද්‍යාඥයෙකි.ජීව විද්‍යා උපාධිධරයෙකි.සායනික අපද්‍රව්‍ය , ඉවතලන ප්ලාස්ටික් , මෙට්ට්රස් ආදි අපද්‍රව්‍ය තොගයක් එක්සත් රාජධානියේ සිට මෙරටට ආනයනය කර ඇත.මෙම විදෙස් කැළි කසල මෙරටට ආනයනය කර ඇත්තේ මෙරටදී එම අපද්‍රව්‍ය වළලා දැමීම සඳහාය.මේ හේතුවෙන් පරිසර විනාශයක් සිදුවනවා සේම , ජනතාවගේ සෞඛ්‍යයටද හානි සිදුවේ.මෙම විදෙස් අපද්‍රව්‍ය මඟින් පිටවන විෂබීජ හේතුවෙන් පිළිකා සහ වකුගඩු රෝග සෑදීමේ අවදානමක් ඇතිවේ.මෙවැනි ක්රියාවන් සිදු කිරීමට මධ්‍යම පරිසර අධිකාරියේ අවසරය ලබා ගත යුතුව ඇත.මේ පිළිබඳව අවශ්‍ය පියවර ගන්නා ගෙස පෙත්සම්කරු මධ්‍යම පරිසර අධිකාරියට ලිඛිතව සැළ කර සිටියත් , මෙතෙක් ඒ පිළිබඳව යහපත් ප‍්‍රතිචාර ලැබී නොමැත.එැබිවින් මෙම පෙත්සමේ වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කරන ලෙසද , ජාතික පරිසර පනතෙහි විධි විධනා උල්ලංඝනය කරමින් මෙරටට විදේශයන් හි සිට කැළි කසල ආනයනයට අවසර ලබා දී ඇති ලියකියවිලි බලරහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙසද , මෙවැනි විදෙස් කැළි කසල ආනයනය කිරීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසද , මෙරටට ගෙන්වා ඇතැයි කියන විදෙස් අපද්‍රව්‍ය සහිත කන්ටේනර් යළි එක්සත් රාජධානියට යැවීමට නියෝග කරන ලෙසද පෙත්සම්කරු සිය පෙත්සමින් ඉල්ලා ඇත.පෙත්සම්කාර පරිසර සංවිධානය වෙනුවෙන් නීතීඥ නිල්මල් වික්රමසිංහ මහත්මියගේ උපදෙස් මත නීතීඥ රවින්ද්‍රනාත් දාබරේ මහතා පෙනී සිටියේය.නීතීපති වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතා පෙනී සිටියේය.
|
කැළි කසල කන්ටේනර් වෙනත් ප්‍රදේශවලට ගෙනයාම වැළක්වීමේ අතුරු නියෝගය තවත් දිගු වෙයි
| 1 |
(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)කොළඹ වරායේ තිබෙන කැළි කසල අඩංගු බහලුම් පරීක්ෂා කිරීමට තම දෙපාර්තමේන්තුවට යටිතල පහසුකම් නොමැති බවට රජයේ රස පරීක්ෂකවරයා අධිකරණයට කර ඇති දැනුම් දීම සම්ධන්ධයෙන් විමර්ශනයක් පවත්වා සුදුසු ක්‍රියා මාර්ගයක් ගන්නා ලෙස අභියාචනාධිකරණය අධිකරණ ඇමති , එම අමාත්‍යාංශයේ ලේකම් සහ නීතිපතිවරයාට අද (13) නියෝග කළේය.අභියාචනාධිකරණය මෙසේ නියෝග කළේ මීට අදාල පෙත්සම අභියාචනාධිකරණ සභාපති යසන්ත කෝදාගොඩ සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන් හමුවේ අද කැඳවූ අවස්ථාවේදීය.මෙම කැළි කසල අඩංගු බහාලුම් දිවයිනේ අභ්‍යන්තර ප‍්‍රදේශ වලට රැගෙන යාම වළක්වාලමින් නිකුත් කළ අතුරු නියෝගය ලබන 23 වැනිදා දක්වා දීර්ඝ කිරීමට අභියාචනාධිකරණ නියෝග කෙරිණි.නීතිපති වෙනුවෙන් පෙනි සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතා කියා සිටියේ මෙම වර්ගයේ බහාලුම් 112 ක් දැනටමත් කොලඔ වරායේ තිබෙන බවයි.පාරිසරික යුක්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ හේමන්ත සිසිර කුමාර මහතා විසින් ගොනු කර ඇති මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස මධ්‍යම පරිසර අධිකාරිය , රේගු අධ්‍යක්ෂ ජනරාල් සහ නීතිපති නම් කරනු ලැබ ඇත.ගොනු කර ඇති පෙත්සමේ මෙසේද සඳහන් වේ.සායනික අපද්‍රව්‍ය , ඉවතලන ප්ලාස්ටික් , මෙට්ට්රස් ආදි අපද්‍රව්‍ය තොගයක් එක්සත් රාජධානියේ සිට මෙරටට ආනයනය කර ඇත.මෙම විදෙස් කැළි කසල මෙරටට ආනයනය කර ඇත්තේ මෙරටදී එම අපද්‍රව්‍ය වළලා දැමීම සඳහාය.මේ හේතුවෙන් පරිසර විනාශයක් සිදුවනවා සේම , ජනතාවගේ සෞඛ්‍යයටද හානි සිදුවේ.මෙම විදෙස් අපද්‍රව්‍ය මඟින් පිටවන විෂබීජ හේතුවෙන් පිළිකා සහ වකුගඩු රෝග සෑදීමේ අවදානමක් ඇතිවේ.මෙවැනි ක්රියාවන් සිදු කිරීමට මධ්‍යම පරිසර අධිකාරියේ අවසරය ලබා ගත යුතුව ඇත.මේ පිළිබඳව අවශ්‍ය පියවර ගන්නා ගෙස පෙත්සම්කරු මධ්‍යම පරිසර අධිකාරියට ලිඛිතව සැළ කර සිටියත් , මෙතෙක් ඒ පිළිබඳව යහපත් ප‍්‍රතිචාර ලැබී නොමැත.එබැවින් මෙම පෙත්සමේ වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කරන ලෙසද , ජාතික පරිසර පනතෙහි විධි විධානා උල්ලංඝනය කරමින් මෙරටට විදේශයන් හි සිට කැළි කසල ආනයනයට අවසර ලබා දී ඇති ලියකියවිලි බලරහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙසද , මෙවැනි විදෙස් කැළි කසල ආනයනය කිරීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසද , මෙරටට ගෙන්වා ඇතැයි කියන විදෙස් අපද්‍රව්‍ය සහිත කන්ටේනර් යළි එක්සත් රාජධානියට යැවීමට නියෝග කරන ලෙසද පෙත්සම්කරු සිය පෙත්සමින් ඉල්ලා ඇත.පෙත්සම්කාර පරිසර සංවිධානය වෙනුවෙන් නීතීඥ නිල්මල් වික්රමසිංහ මහත්මියගේ උපදෙස් මත නීතීඥ රවින්ද්‍රනාත් දාබරේ මහතා පෙනී සිටියේය.නීතීපති වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතා පෙනී සිටියේය.
|
කැළි කසල කන්ටේනර් වෙනත් ප්‍රදේශවලට ගෙනයාම වැළක්වීමේ අතුරු නියෝගය තවත් දිගු වෙයි
| 0 |
( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ ) එක්සත් රාජධානියේ සිට මෙරටට ආනයනය කර ඇතැයි කියන කැළි කසළ යළිත් එරටට යැවීමට නියෝග කරන ලෙසද , ඉදිරියේදී කිසිදු විදෙස් රටකින් කැළි කසළ මෙරටට ආනයනය කිරීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසද ඉල්ලා පාරිසරික යුක්ති කේන්ද්‍රය අභියාචනාධිකරණය හමුවේ අද (22) රිට් පෙත්සමක් ගොනු කරන ලදී. පාරිසරික යුක්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ හේමන්ත සිසිර කුමාර මහතා විසින් ගොනු කර ඇති මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස මධ්‍යම පරිසර අධිකාරියේ රේගු අධ්‍යක්ෂ ජනරාල් සහ නීතිපති නම් කරනු ලැබ ඇත. නීතීඥ නිල්මල් වික‍්‍රමසිංහ මහත්මිය මඟින් ගොනු කර ඇති පෙත්සමේ මෙසේද සඳහන් වේ.පෙත්සම්කරු ජ්‍යෙෂ්ඨ පරිසර විද්‍යාඥයෙකි.ජීව විද්‍යා උපාධිධරයෙකි. සායනික අපද්‍රව්‍ය , ඉවතලන ප්ලාස්ටික් , මෙට්ට්රස් ආදි අපද්‍රව්‍ය තොගයක් එක්සත් රාජධානියේ සිට මෙරටට ආනයනය කර ඇත.මෙම විදෙස් කැළි කසල මෙරටට ආනයනය කර ඇත්තේ මෙරටදී එම අපද්‍රව්‍ය වළලා දැමීම සඳහාය. මේ හේතුවෙන් පරිසර විනාශයක් සිදුවනවා සේම, ජනතාවගේ සෞඛ්‍යයටද හානි සිදුවේ.මෙම විදෙස් අපද්‍රව්‍ය මඟින් පිටවන විෂබීජ හේතුවෙන් පිළිකා සහ වකුගඩු රෝග සෑදීමේ අවදානමක් ඇතිවේ. මෙවැනි ක‍්‍රියා සිදුකිරීමට මධ්‍යම පරිසර අධිකාරියේ අවසරය ලබා ගත යුතුව ඇත.මේ පිළිබඳව අවශ්‍ය පියවර ගන්නා ගෙස පෙත්සම්කරු මධ්‍යම පරිසර අධිකාරියට ලිඛිතව සැළ කර සිටියත් , මෙතෙක් ඒ පිළිබඳව යහපත් ප‍්‍රතිචාර ලැබී නොමැත. එැබිවින් මෙම පෙත්සමේ වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කරන ලෙසද, ජාතික පරිසර පනතෙහි විධි විධනා උල්ලංඝනය කරමින් මෙරටට විදේශයන් හි සිට කැළි කසල ආනයනයට අවසර ලබා දී ඇති ලියකියවිලි බලරහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙසද, මෙවැනි විදෙස් කැළි කසල ආනයනය කිරීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසද, මෙරටට ගෙන්වා ඇතැයි කියන විදෙස් අපද්‍රව්‍ය සහිත කන්ටේනර් යළි එක්සත් රාජධානියට යැවීමට නියෝග කරන ලෙසද පෙත්සම්කරු සිය පෙත්සමින් ඉල්ලා ඇත.
|
කැළි කසල කන්ටේනර් වෙනත් ප්‍රදේශවලට ගෙනයාම වැළක්වීමේ අතුරු නියෝගය තවත් දිගු වෙයි
| 0 |
(ඩබ් ඒ පියතිලක)මැදිරිගිරිය දියසෙන්පුර වෙළඳසැළක් බිඳ ලැප්ටෝප් 7ක් ස්මාට් ජංගම දුරකථන 7ක් සොරකම් කළ පාසල් සිසුන් තිදෙනෙකු අද (30) අලුයම අත්අඩංගුවට ගත් බව මැදිරිගිරිය පොලිසිය පවසයි.මොවුන් සොරා ගත් දුරකථන වලින් කිහිපයක් වෙනත් පුද්ගලයන්ට අලෙවි කර තිබූ බව පොලිසිය සඳහන් කරයි.මෙසේ අතුඅඩංගුවට පත්ව ඇත්තේ හිගුරක්ගොඩ පංදිචි අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටිමට නියමිත සිසුන් තිදෙනෙකි.ඉකත් දෙසැම්බර් 7 වැනිදා දියසෙන්පුර පිහිටි වෙළද ආයතනයක් කඩා එහි උපකරණ රැගෙන ගොස් ඇති බවට එම ආයතනය විසින් මැදිරිගිරිය පොලිසිය වෙත කරන ලද පැමිණිල්ලක් අනුව පොලිසිය සිදුකළ විමර්ශන වලින් පසු මොවුන් අත්අඩංගුවට ගෙන තිබේ.අත්අඩංගුවට ගත් සිසුන් තිදෙනා හා උපකරණ හෙට (31) හිගුරක්ගොඩ අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.
|
ලැප්ටෝප්-දුරකථන සොරා ගත් සිසුන් තිදෙනෙකු අත්අඩංගුවට
| 1 |
(ඩබ් ඒ පියතිලක)මැදිරිගිරිය දියසෙන්පුර වෙළඳසැළක් බිඳ ලැප්ටෝප් 7ක් ජංගම දුරකථන 7ක් සොරකම් කළ පාසල් සිසුන් තිදෙනෙකු අද (30) අලුයම අත්අඩංගුවට ගත් බව මැදිරිගිරිය පොලිසිය පවසයි.මොවුන් සොරා ගත් දුරකථන වලින් කිහිපයක් වෙනත් පුද්ගලයන්ට අලෙවි කර තිබූ බව පොලිසිය සඳහන් කරයි.මෙසේ අතුඅඩංගුවට පත්ව ඇත්තේ හිගුරක්ගොඩ පංදිචි අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටිමට නියමිත සිසුන් තිදෙනෙකි.ඉකත් දෙසැම්බර් 7 වැනිදා දියසෙන්පුර පිහිටි වෙළද ආයතනයක් කඩා එහි උපකරණ රැගෙන ගොස් ඇති බවට එම ආයතනය විසින් මැදිරිගිරිය පොලිසිය වෙත කරන ලද පැමිණිල්ලක් අනුව පොලිසිය සිදුකළ විමර්ශන වලින් පසු මොවුන් අත්අඩංගුවට ගෙන තිබේ.අත්අඩංගුවට ගත් සිසුන් තිදෙනා හා උපකරණ හෙට (31) හිගුරක්ගොඩ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
|
ලැප්ටෝප්-දුරකථන සොරා ගත් සිසුන් තිදෙනෙකු අත්අඩංගුවට
| 0 |
(අශෝක තිලකරත්න) සූරියවැව වැලිවැව දී වන අලියෙකු පහරදීම හේතුවෙන් ගොවියෙකු ජීවිතක්ෂයට පත් වී ඇතැයි සූරියවැව පොලිසිය පවසයි. මෙම සිද්ධියෙන් මියගොස් ඇත්තේ සූරියවැව වැලිවැව පදිංචි කෝනාර මුදියන්සේලාගේ රසික (42) යන අයයි. ඔහුගේ මරණය සම්බන්ධ හදිසි මරණ පරික්ෂණය අද (21) පෙරවරුවේ හම්බන්තොට මහ රෝහලේදී පැවැත්වීමට නියමිතය. සූරියවැව පොලිසිය මෙම මරණය සම්බන්ධයෙන් තවදුරටත් පරික්ෂණ පවත්වයි.
|
අලියකුගේ පහරදීමකින් අයෙක් මරුට
| 1 |
(අශෝක තිලකරත්න)පහළ අන්දරවැව ගලහිටියේදී වන අලියකුගේ පහරදීමට ලක් වූ ගොවියකු මිය ගිය බව සූරියවැව පොලිසිය පවසයි.මෙම සිද්ධියෙන් මියගොස් ඇත්තේ සූරියවැව මහඉඳිවැව පදිංචි ඈපා කංකානම්ගේ තිලින් අප්පුහාමි (65) යන අයයි.ඔහුගේ මරණය සම්බන්ධ හදිසි මරණ පරික්ෂණය අද (10) හම්බන්තොට මහ රෝහලේදී පැවැත්වීමට නියමිතය. සූරියවැව පොලිසිය මෙම මරණය සම්බන්ධයෙන් තවදුරටත් පරික්ෂණ පවත්වයි.
|
අලියකුගේ පහරදීමකින් අයෙක් මරුට
| 0 |
රොමේෂ් මධුෂංඛ යාපනය මහනුවර ඒ-9 ප්‍රධාන මර්ගයේ ඕමන්ත මංසන්ධියේ දී සුඛෝපභෝගී වෑන් රථයකින් කේරල ගංජා කිලෝ 9 ග්‍රෑම් 924 ක ප්‍රමාණයක් රැගෙන යමින් සිටි සැකකරුවන් තිදෙනෙකු අද (4) අත්අඩංගුවට ගත් බවට වව්නියාව පොලීසිය පවසයි.කිලිනොච්චියේ සිට ත්‍රිකුණාමලය කින්නියා ප්‍රදේශයට අදාළ වෑන් රථයෙන් තරුණයින් තිදෙනෙකු ගමන් කර ඇති අතර අදාළ වෑන් රථයේ කේරල ගංජා ඇති බවට ලැබුණු තොරතුරකට අනුව වවුනියාව පොලිස් නිලධාරීන් සිදුකරන ලද වැටලීමකදී වෑන් රථය තුළ සඟවා තිබූ අදාළ කේරල ගංජා තොගය අත්අඩංගුවට ගෙන ඇත.අත්අඩංගුවට ගත් සැකකරුවන් කින්නියා ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 19, 26, 32, යන වයස් පසුවන්නෝ වෙති.
|
සැප රියෙන් කේරල ගංජා ඇද්ද තිදෙනෙක් අත්අඩංගුවට
| 1 |
රොමේෂ් මධුෂංඛ යාපනය මහනුවර ඒ-9 ප්‍රධාන මර්ගයේ ඕමන්ත මංසන්ධියේ දී සුඛෝපභෝගී වෑන් රථයකින් කේරල ගංජා කිලෝ 9 ග්‍රෑම් 924 ක ප්‍රමාණයක් රැගෙන යමින් සිටි සැකකරුවන් තිදෙනෙකු අද (4) අත්අඩංගුවට ගත් බවට වව්නියාව පොලීසිය පවසයි.කිලිනොච්චියේ සිට ත්‍රිකුණාමලය කින්නියා ප්‍රදේශයට අදාළ වෑන් රථයෙන් තරුණයින් තිදෙනෙකු ගමන් කර ඇති අතර අදාළ වෑන් රථයේ කේරල ගංජා ඇති බවට ලැබුණු තොරතුරකට අනුව වවුනියාව පොලිස් නිලධාරීන් සිදුකරන ලද වැටලීමකදී වෑන් රථය තුළ සඟවා තිබූ අදාළ කේරල ගංජා තොගය අත්අඩංගුවට ගෙන ඇත.අත්අඩංගුවට ගත් සැකකරුවන් කින්නියා ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 19, 26, 32, යන වයස් පසුවන්නෝ වෙති.
|
සැප රියෙන් කේරල ගංජා ඇද්ද තිදෙනෙක් අත්අඩංගුවට
| 0 |
(සිතුම් චතුරංග) වවුනියාව පුලියංකුලම පූතූර් කෝවිල ප‍්‍රදේශයේ දී පොලිස් නිලධාරීන් පිරිසක් සැකකටයුතු පුද්ගලයකු පරීක්ෂා කිරීමේදී ඔහුගේ ගමන් මල්ලෙහි තිබූ විදේශ රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බ හතරක් හා මයික්‍රෝ වර්ගයේ පිස්තෝලයක් සොයාගත් බව පුලියංකුලම පොලිසිය කියයි.සැකකාර පුද්ගලයා පොලිස් නිලධාරීන් විසින් පරීක්ෂා කිරීමට උත්සහ කරන අවස්ථාවේ පලා ගොස් ඇති බවද පොලිසිය සඳහන් කළේය.පොලිස් බුද්ධි අංශ නිලධාරින් පිරිසකට සැකකටයුතු පුද්ගලයකු පිළිබඳ ලැබුණ තොරතුරක් මත පුලියංකුලම පොලිස් ස්ථානයේ නිලධාරීන් සමඟ සිදුකළ වැටලීමකදී සැකකරු රැගෙන ආ ගමන් මල්ලෙහි තිබී මෙම අත්බෝම්බ හා පිස්තෝලය සොයාගත් ගෙන ඇත.සැකකරුගේ ගමන් මල්ලෙහි මයික්‍රෝ වර්ගයේ පිස්තෝලයට යොදන ජීව උණ්ඩ 18ක් , එම පිස්තෝලයේ පතුරම් ගැබක්, මාලිමා යන්ත‍්‍රයක්, ස්මාට් වර්ගයේ ජංගම දුරකථන දෙකක්, ජංගම දුරකථන උපාංග , මදුරුවන්ගෙන් ආරක්ෂා වීම සඳහා ඇඟ ගල්වන ක‍්‍රීම් වර්ග, පිස්තෝල සඳහා යොදන ලිහිසි තෙල් , දත්බෙහෙත් ඇතුළු උපකරණ රාශියක් සොයා ගත් බව පොලිසිය කීය.ආයුධ රැගෙන ආ සැකකරු කිසියම් අපරාධයක් සඳහා සූදානමින් පුපුරණ ද්‍රව්‍ය හා පිස්තෝල රැගෙන පැමිණෙන්නට ඇති බවට සැක පලකරන බවත් ගමන් මල්ලෙහි තිබූ පුපුරණ ද්‍රව්‍ය හා උපකරණ පරීක්ෂා කිරීමේදී ගිනි අවි සඳහා පුහුණුව ලැබූ අයකු බව පොලිසිය සඳහන් කරයි.
|
විදේශයේ නිෂ්පාදිත අත්බෝම්බ 4 ක් සොයා ගනී
| 1 |
(සිතුම් චතුරංග)වවුනියාව පුලියංකුලම පූතූර් කෝවිලට ආසන්න ප‍්‍රදේශයේදී අත්බෝම්බ හා පිස්තෝලයක් රැගෙන එමින් සිටියදී පොලිස් නිලධාරීන් දැක පලාගිය සැකකරු සොයා අද (02) පුලියංකුලම ප‍්‍රදේශයේ පැය 17ක විශේෂ සෝදිසි මෙහෙයුමක් සිදුකළ බව පුලියංකුලම පොලිසිය පවසයි.වවුනියාව පොලිස් ස්ථානයේ නිලධාරීන් 65 දෙනකු, පොලිස් විශේෂ කාර්ය බලකායේ සහ යුද හමුදාවේ සෙබලුන් 170 දෙනකු පොලිස් නිල සුනඛයන් යොදාගෙන මෙම මෙහෙයුම සිදුකළ අතර සැකකරු අත්අඩංගුවට ගැනීමට නොහැකි වූ බව පොලිසිය කීය.ඊයේ (01) පොලිස් බුද්ධි අංශ නිලධාරින් පිරිසකට සැකකටයුතු පුද්ගලයකු පිළිබඳ ලැබුණ තොරතුරක් මත පුලියංකුලම පොලිස් ස්ථානයේ නිලධාරීන් සිව්දෙනෙකු වැටලීම සිදුකොට සැකකරු පරීක්ෂා කිරීමට උත්සහ කිරීමේදී සැකකරු රැගෙන ආ ගමන් බෑගය අතහැර පලාගොස් තිබේ.එම ගමන්මල්ල පරීක්ෂා කිරීමේදී විදේශ රටක නිෂ්පාදිත අත්බෝම්බ හතරක්, මයික්‍රෝ වර්ගයේ පිස්තෝලයට යොදන ජීව මිලිමීටර් නවය උණ්ඩ 18ක්, එම පිස්තෝලයේ පතුරම් තොගයක්, මාලිමා යන්ත‍්‍රයක්, ස්මාට් වර්ගයේ ජංගම දුරකථන දෙකක්, ජංගම දුරකථන උපාංග, මඳුරුවන්ගෙන් ආරක්ෂා වීම සඳහා ඇඟ ගල්වන ක‍්‍රීම් වර්ග, හදුනානොගත් බෙහෙත් ද්‍රව්‍ය, පිස්තෝල සඳහා යොදන ලිහිසි තෙල්, දත්බෙහෙත්, ජංගම දුරකථන අරෝපණයට විශේෂයෙන් සකස්කළ උපකරණයක් ඇතුළු උපකරණ රාශියක් සොයාගත් බව පොලිසිය කීය.පුපුරණ ද්‍රව්‍ය රැගෙන ආ සැකකරු කිසියම් අපරාධයක් සඳහා සූදානමින් පුපුරණ ද්‍රව්‍ය හා පිස්තෝල රැගෙන පැමිණෙන්නට ඇති බවට සැක කරන බවත් ගමන් මල්ලෙහි තිබූ පුපුරණ ද්‍රව්‍ය හා උපකරණ පරීක්ෂා කිරීමේදී ඔහු ගිනි අවි සඳහා පුහුණුව ලැබූ අයකු බව සොයාගැනීමට හැකි වූ බවත් පොලිසිය සඳහන් කරති.සොයාගත් ජංගම දුරකථන ඔස්සේ සිදුකළ විමර්ශනවලට අනුව සැකකරු මේ වන විට හඳුනාගෙන ඇති අතර ඔහු එල්.ටි.ටි.ඊ සංවිධානයේ බුද්ධි බලකායේ සිටි යාපනය ප‍්‍රදේශයේ පදිංචිකරුවකු බවද පොලිසිය පැවසීය.එම පුද්ගලයා නිරන්තරයෙන් පුලියංකුලම හා මන්නාරම ප‍්‍රදේශයේ සැරිසරා ඇති බවට තොරතුරු අනාවරණය වූ බවද පොලිසිය පැවසීය.පොලිසිය වැඩිදුරටත් පැවසූයේ සැකකාර පුද්ගලයාගේ අරමුණ ආරක්ෂක මුරපොලක් වෙත හෝ ආරක්ෂක අංශ නිලධාරීන් කණ්ඩායමක් ඉලක්ක කොට පහරදීම බවට සැක කරන බවත් හමුවූ ගිනි අවිය ප‍්‍රහාරයක් සඳහා සූදානම් කොට තිබූ බවත්ය.පිස්තෝලය නිරන්තරයෙන් භාවිතා කොට ඇති අතර එහි තිබෙන අංක සැකකරු විසින් මකාදමා ඇත.
|
විදේශයේ නිෂ්පාදිත අත්බෝම්බ 4 ක් සොයා ගනී
| 0 |
(එම්. සුසිල් ප්‍රියන්ත) සභා වාර්තාව හඬ පටයකින් නොව ලිඛිතව ලබාදෙන ලෙස ඉල්ලා පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් ගෙනා යෝජනාවට සභාපති අරුණ ප්‍රදීප් මහතා පමණක් විරුද්ධවීම නිසා අද (10) පස්වරුවේ පැවති අම්බලන්ගොඩ නගර සභා මාසික සභා රැස්වීම උණුසුම්විය. සභා වාර් යෝජනාව පිළිබදව පාලක පක්ෂයේ උප සභාපති කමල් වැල්ලගේ, එම පක්ෂයේම සරත් ශ්‍රීලාල් මහත්වරුන් සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ රාහුල ලලිතවික්‍රම මහතා ඇතුලු පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් සභාපති අරුණ ප්‍රදීප් මහතා සමග දැඩි උණුසුම් වචන හුවමාරුවකද පැටලී සිටිනු දක්නට ලැබිණ. මේ වචන හුවමාරුව මධ්‍යයේ සභාපති අරුණ ප්‍රදීප් මහතා සභාව උප සභාපති කමල් වැල්ලගේ මහතාට භාරදී යාමට සූදානම්වූ අවස්ථාවේදි ප්‍රශ්නය මග හැර යන්න එපා යයි කියමින් පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු ඝෝෂා කළහ. අවසානයේදි සභා වාර්තාව හඬ පටයකින් නොව ලිඛිතව ලබාදිය යුතු බව පවසමින් උප සභාපති කමල් වැල්ලගේ මහතා යෝජනාවක් ගෙන ආ අතර එම යෝජනාව එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රි රාහුල ලලිතවික්‍රම මහතා ස්ථීර කළේය. මේ සම්බන්ධයෙන් පැවති ඡන්ද විමසීමේදි පාලක පක්ෂයේ උප සභාපති කමල් වැල්ලගේ මහතා ගෙන ආ යෝජනාවට පාලක පක්ෂයේ මන්ත්‍රිවරුන් තිදෙනෙකු හැර අනෙක් මන්ත්‍රීවරුන් සමග එක්සත් ජාතික පක්ෂය,එකසත් ජනතා නිදහස් සන්ධානය හා ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරුන් සියලුදෙනාම පක්ෂව ඡන්දය ලබාදුන් අතර සභාපති අරුණ ප්‍රදීප් මහතා පමණක් එයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළේය. සභා වාර්ථාව හඬ පටයකින් ලබාදීමේ සිද්ධිය නිසා ඇතිවූ උණුසුම් තත්ත්වය නිසා මීට සතියකට පෙර පැවති සභා රැස්වීම එය පවත්වා විනාඩි 26කින් පසුව කල් තැබුණු අතර එයට විරෝධය පා විපක්ෂයේ මන්ත්‍රීවරු සභා ගර්භය තුල උද්ඝෝෂණයකද නිරතවූහ.එම කල් තැබුණු සභා රැස්වීම අද (10) පස්වරු 2.30ට අම්බලන්ගොඩ නගර සභා මහජන පුස්ථකාලයීය දෙමහල් රැස්වීම් ශාලාවේදි පැවැත්විණි.
|
අම්බලන්ගොඩ නගර සභා රැස්වීම උණුසුම් වෙයි
| 1 |
(එම්.සුසිල් ප්‍රියන්ත) තෙවැනි වරටත් අයවැයට ඡන්දයක් ඉල්ලා පක්ෂ, විපක්ෂ මන්ත්‍රීවරුන් කෑකෝ ගැසීමත් සමගම අද(19 ) පැවති අම්බලන්ගොඩ මාසික සභා රැස්වීම උණුසුම් විය. මීට පෙර පැවති සභා රැස්වීම් දෙකේදී මෙන්ම මෙවර සභා රැස්වීමද අම්බලන්ගොඩ නගර සභාවේ සභාපති අරුණ ප්‍රදීප් මහතාට සභාව කල් දැමීමට සිදුවිය. ගිය අවස්ථා දෙකේදී සති දෙකකින් කල් දැමුණු සභා රැස්වීම අද (19) පස්වරු 2.00 දක්වා කල් දැමීය. මාසික සභා රැස්වීම නීතී විරෝධී සභා රැස්වීමක් යයි කියමින් පක්ෂ, විපක්ෂ මන්ත්‍රීවරු 12දෙනෙක් කෑකෝ ගැසූහ. සභා රැස්වීම නීත්‍යනුකූලනම් අය වැය සභා සම්මතකර ගත යුතු යැයි පාලක පක්ෂයේ මන්ත්‍රී සරත් ශ්‍රී ලාල් මහතා, එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු හා ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු 12ක් කෑකෝ ගසමින් කියා සිටියහ. දිගින් දිගටම සභාවේ වැඩකටයුතුවලට බාධා කරමින් සිටි මේ මන්ත්‍රීවරුන්ගේ පිරිසට මාසයක් සභා රැස්වීම තහනම් කරන ලෙස සභාපති අරුණ ප්‍රදීප් මහතා විසින් යෝජනා කෙරුණත් එය ක්‍රියාත්මක නොකෙරුණි. සභාපති අරුණ ප්‍රදීප් මහතා ඇතුළු පාලක පක්ෂයේ මන්ත්‍රීවරු 10දෙනා අය වැය සදහා ඡන්දයක් අනවශ්‍ය බව කීහ. අය වැය සදහා ඡන්දයක් නොවිමසා සභාවේ ගෙවීම් ඇතුළු අනෙක් යෝජනා සදහා සභාපතිවරයා ඡන්ද විමසීම හාස්‍යට කරුණක් බව කී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නාගරික මන්ත්‍රීනි ඩබ්ලිව්.එම් .නිලානි මෙනවිය කීවාය.මේ සමගම සභාපතිවරයා විසින් ඉදිරිපත් කරනු ලැබූ ගෙවීම් ඇතුලු අනෙක් යෝජනාවලට බහුතරයක් වූ මන්ත්‍රීවරු විරුද්ධවෙමින් ඒ සදහා ඡන්දවිමසීමේදී එම යෝජනා වැඩි ඡන්දයෙන් පරාජය කිරීමට සමත්වූහ. මේ අනුව සභාවේ අනියම් සේවකයින්ට රුපියල් 4000ක අත්තිකාරම් මුදලක් ලබාදීමේ යෝජනාව ද වැඩි ඡන්ද හතරකින් පරාජයට පත්විය. පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ දැඩි උණුසුම් වාග් ප්‍රහාරයන් මධ්‍යයේ සභාව රැස්වීම අද (19) පැවති මාසික සභා රැස්වීම පස්වරු 2.00 දක්වා සභාපති අරුණ ප්‍රදීප් මහතා මහතා කල් දැම්මේය.
|
අම්බලන්ගොඩ නගර සභා රැස්වීම උණුසුම් වෙයි
| 0 |
(එම්.සුසිල් ප්‍රියන්ත , ඥාණදාස රම්මුතු සහ ධර්මදාස සිරිවර්ධන)අය වැයට ඡන්ද විමසීමක් අවශ්‍ය යයි පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් ඉල්ලද්දී සභාපති අරුණ ප්‍රදීප් මහතා විසින් ඡන්ද විමසීමක් නොදී සභාවේ වැඩකටයුතු අවසන් කිරීමට පියවර ගැනීමත් සමග අද (22) පැවති අම්බලන්ගොඩ මාසික සභා රැස්වීම දැඩි උණුසුම් විය.සභාවේ වැඩකටයුතු නතර කර සභා රැස්වීමෙන් ඉවත්ව යමින් සිටියදී පාලක පක්ෂයේ මන්ත්‍රීවරයෙකු වන සරත් ශ්‍රී ලාල් මහතාට සභාපති අරුණ ප්‍රදීප් මහතා පරුෂ වචනයෙන් බැන වැදුණු අතර පෙරලා සරත් ශ්‍රී ලාල් මහතාද සභාපතිවරයාට බැන වැදීමත් සමගම එම දෙදෙනා අතර උණුසුම් වචන හුවමාරුවක්ද සිදුවිය.එහිදී පාලක පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් විසින් සභාපති අරුණ ප්‍රදීප් මහතා රැස්වීම් ශාලාවෙන් ඉවතට කැදවාගෙන යන ලදි. පාලක පක්ෂයේ මන්ත්‍රී සරත් ශ්‍රි ලාල් මහතා සහ එකසත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් පස්දෙනා,එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් තිදෙනා සහ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් දෙදෙනා ඇතුළු මන්ත්‍රීවරුන් එකොළොස් දෙනෙක් සභා රැස්වීම ශාලාව තුළ රැදි සිට සභාපති චන්දෙට බයේ පැන ගියේ යයි කියමින් කලු පටි බැදගෙන විරෝධතාවේ නිරතවූහ.සභාපති අරුණ ප්‍රදීප් මහතා සමග පාලක පක්ෂයේ මන්ත්‍රීවරු දහදෙනා සභා රැස්වීම් ශාලාවෙන් ඉවත්ව සිටියහ. අවසානයේදී පලක පක්ෂයේ සරත් ශ්‍රී ලාල් මහතා ඇතුලු පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු අය වැයට චන්දයක් නොදී සභාපතිවරයා පැන ගියා යයි කියමින් රැස්වීම් ශාලාවෙන් කෑගසමින් ඉවත්ව යමින් අම්බලන්ගොඩ නගර සභාව ඉදිරිපිටට ගොස් කළු පටි පැළද උද්ඝෝෂණයකද නිරතවූහ.
|
අම්බලන්ගොඩ නගර සභා රැස්වීම උණුසුම් වෙයි
| 0 |
(තිලකරත්න දිසානායක)ගම්පහ දිස්ත්‍රික්කයෙන් අද (29) උදෑසන වනවිට පැය 24 ක් තුළ කොරෝනා ආසාදිතයින් 735 දෙනෙකු හමුව ඇති බවත් මේ අනුව යළිත් පැතිරීමේ වැඩිවීමක් පවතින බැවින් ජනතාව දැඩි අවධානයක් යොමු කළ යුතු බවත් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය නලීන් ආරියරත්න මහතා දැනුම්දීමක් කර සිටී.පැය 24 ක කාලය තුල දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 15 ආශ්‍රිතව ආසාදිතයින් හමුවීම බියගම කොට්ඨාසයෙන් - 92ක්, දොම්පෙ - 74 ක්, වත්තල - 71ක්, මහර - 66ක්, ජාඇල - 63 ක්, සීදූව - 55ක්, අත්තනගල්ල - 53 ක්, ගම්පහ - 52 ක්, කැලණිය - 51 ක්, දිවුලපිටිය - 40ක්, මීරිගම - 33ක්, මිනුවන්ගොඩ - 23ක්, කටාන සහ රාගම කොට්ඨාසයන්ගෙන් - 21දෙනෙකු බැගින් සහ මීගමුව කොට්ඨාසයෙන් - 20 දෙනෙකු වශයෙන් සිදුව ඇති බව සෞඛ්‍ය අධ්‍යක්‍ෂ වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පැවසීය.දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 341 දෙනෙකු ගතවූ පැය 24 තුල ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කොට ඇති බවත් සැක සහිත රෝගීන් 176 දෙනෙකු රෝහල් ගත කොට ඇති බවත් අධ්‍යක්ෂවරයා සදහන් කළේය.එම කාලය තුල දිස්ත්‍රික්කයේ කර්මාන්තශාලා ආශ්‍රිතව ආසාදිතයින් 31 දෙනෙකු හමුව ඇති අතර එය ආයෝජන කලාපය කටුනායකකින් - 24ක් සහ බියගමින් - 7 දෙනෙකු වශයෙන් සිදුව ඇත.ගම්පහ දිස්ත්‍රික්කයෙහි ආසාදිතයින්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් 14,298 දෙනෙකු නිවෙස්වල ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන ඇත.
|
ගම්පහ දිස්ත්‍රිකයෙන් පැය 24කදී ආසාදිතයින් 735ක්
| 1 |
(තිලකරත්න දිසානායක)ගම්පහ දිස්ත්‍රික්කයෙන් අද (23) උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලය තුළ කොරෝනා ආසාදිතයින් 488 දෙනෙකු හමුව ඇති බවත් මින් 67 දෙනෙකු වන වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් බියගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් වන බවත් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සදහන් කරයි. එම කාලය තුල දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස ආශ්‍රිතව ආසාදිතයින් හමුවීම වත්තල කොට්ඨාසයෙන් - 51 ක්, දිවුලපිටිය - 44 ක්, මහර - 41 ක්, මීරිගම - 38 ක්, කටාන - 36 ක්, ජාඇල - 33 ක්, අත්තනගල්ල - 31 ක්, දොම්පෙ - 30 ක්, කැලණිය - 28 ක්, මීගමුව - 23 ක්, මිනුවන්ගොඩ සහ සීදූව කොට්ඨාසයන්ගෙන් 22 දෙනෙකු බැගින්, ගම්පහ - 16 ක් සහ රාගම 6 දෙනෙකු වශයෙන් සිදුව ඇත. පැය 24 ක් තුල දිස්ත්‍රික්කයේ කර්මාන්තශාලා ආශ්‍රිතව ආසාදිතයින් 39 දෙනෙකු හමුව ඇති අතර එය ආයෝජන කලාපය කටුනායකින් 25 ක්, බියගමින් 6 ක් සහ වෙනත් කර්මාන්තශාලා ආශ්‍රිතව 8 දෙනෙකු වශයෙනි. දිස්ත්‍රික්කයේ රෝහල් වෙත පැය 24 තුල ආසාදිතයින් 356 දෙනෙකු ප්‍රතිකාර පිනිස රෝහල් ගත කිරීමට පියවර ගෙන ඇති බවත් ආසාදිතයින්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් 15,379 දෙනෙකු නිවෙස්වල ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන ඇති බවත් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය කාර්යාලය සදහන් කරයි.
|
ගම්පහ දිස්ත්‍රිකයෙන් පැය 24කදී ආසාදිතයින් 735ක්
| 0 |
(තිලකරත්න දිසානායක)ගම්පහ දිස්ත්‍රික්කයෙහි ආසාදිතයින් සංඛ්‍යාව අද (1) උදෑසන වනවිට 1,21,305 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයීය වෙබ් අඩවිය සදහන් කරයි. අද උදෑසන වනවිට පැය 24 ක කාලය තුල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 1718 දෙනෙකු හමුව ඇති බවත් මින් 182 දෙනෙකු වන වැඩිම පිරිසක් මිනුවන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් වන බවත් එහි සදහන්ව ඇත. දිස්ත්‍රික්කයේ සෙසු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයන් ආශ්‍රිතව ආසාදිතයින් හමුවීම මහර - 179 ක්, දොම්පෙ - 156 ක්, ගම්පහ සහ කටාන කොට්ඨාසයන්ගෙන් - 146 දෙනෙකු බැගින් , දිවුලපිටිය - 130 ක්, මීරිගම - 118 ක්, අත්තනගල්ල - 115 ක්, බියගම - 111 ක්, ජාඇල - 98 ක්, මීගමුව - 93 ක්, කැලණිය - 68 ක්, සීදූව - 67 ක්, වත්තල - 62 ක් සහ රාගම කොට්ඨාසයෙන් - 47 දෙනෙකු වශයෙනි.පැය 24 ක් තුල ගම්පහ දිස්ත්‍රික්කයේ කර්මාන්තශාලා ආශ්‍රිතව ආසාදිතයින් 63 දෙනෙකු හමුව ඇති බවත් එය ආයෝජන කලාපය කටුනායකකින් - 23 ක්, බියගමින් - 35 ක් සහ වෙනත් කර්මාන්තශාලා ආශ්‍රිතව පස් දෙනෙකු වශයෙන් බවත් වෙබ් අඩවියෙහි සදහන්ය.දිස්ත්‍රික්කයේ රෝහල් වෙත පැය 24 ක කාලය තුල ආසාදිතයින් 528 දෙනෙකු ප්‍රතිකාර පිනිස ඇතුලත් කොට ඇති අතර සැක සහිත රෝගීන් 11 දෙනෙකු ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කොට ඇත. එම රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානයන්හි ඔක්සිජන් සහිත ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 442 දෙනෙකි.දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයීය වෙබ් අඩවියෙහි සදහන් අන්දමට දිස්ත්‍රික්කයෙහි ආසාදිතයින්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් 36,682 දෙනෙකු නිවෙස්වල ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන ඇත.
|
ගම්පහ දිස්ත්‍රිකයෙන් පැය 24කදී ආසාදිතයින් 735ක්
| 0 |
(තිලකරත්න දිසානායක)ගම්පහ දිස්ත්‍රික්කයෙහි අද (15) උදෑසන වනවිට පැය 24 ක කාලය තුල කොරෝනා ආසාදිතයින් 168 දෙනෙකු දිස්ත්‍රික්කයේ ප්‍රතිකාර මධ්‍යස්ථානයන්ට ඇතුලත් කොට ඇති බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සදහන් කරයි.එම කාලය තුල රෝහල් ගත කොට ඇති කොරෝනා බවට සැකකෙරෙන රෝගීන් සංඛ්‍යාව 58 දෙනෙකි.දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 15 ආශ්‍රිතව පැය 24 ක් තුල ආසාදිතයින් හමුවීම, අත්තනගල්ල - 35 ක්, ගම්පහ - 31 ක්, මහර - 29 ක්, බියගම - 24 ක්, ජාඇල - 23 ක්, කැලණිය සහ දොම්පෙ කොට්ඨාසයන්ගෙන් - 22 දෙනෙකු බැගින්, වත්තල - 21 ක්, සීදූව - 17 ක්, මිනුවන්ගොඩ - 13 ක්, කටාන - 10 ක්, මීගමුව - 7 ක්, දිවුලපිටිය සහ රාගම කොට්ඨාසයන්ගෙන් - 6 දෙනෙකු බැගින් සහ මීරිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් පස් දෙනෙකු වශයෙනි.දිස්ත්‍රික්කයේ කර්මාන්තශාලා ආශ්‍රිතව ආසාදිතයින් 32 දෙනෙකු පැය 24 ක් තුල හමුව ඇති බවත් එය ආයෝජන කලාපය කටුනායකකින් - 22 ක්, බියගමින් - 8 ක් සහ වෙනත් කර්මාන්තශාලා ආශ්‍රිතව දෙදෙනෙකු වශයෙන් හමුව ඇති බවද දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සදහන් කරයි.දිස්ත්‍රික්කයෙහි ආසාදිතයින්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් 13,089 දෙනෙකු නිවෙස්වල ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන ඇත.
|
ගම්පහ දිස්ත්‍රිකයෙන් පැය 24කදී ආසාදිතයින් 735ක්
| 0 |
නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය යාපනයට කිලෝ මීටර් 200 පමණ උතුරු දෙසින් තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. එම ගැඹුරු පීඩන අවපාතය බස්නාහිර දිශාවට ගමන් කරමින් අද දින ඉන්දීය ගොඩබිමට ඇතුළු වනු ඇතයි බලාපොරොත්තු වේ. එහි බලපෑමෙන් විශේෂයෙන් දිවයිනේ උතුරු කොටසේ සහ දිවයිනට උතුරු, වයඹ සහ නැගෙනහිර දෙසින් වන මුහුදු ප්‍රදේශවල වැසි සහ සුළං සහිත කාලගුණ තත්ත්වය අද දිනයේදී තවදුරටත් බලාපොරොත්තු වන අතර හෙට සිට ක්‍රමයෙන් අඩු වනු ඇතැයි අපේක්ෂා කෙරේ. ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය දිනය : 10/11/2015 නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය31239580සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.මඩකලපුව30259570සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.කොළඹ31249575විටින් විට වැසිගාල්ල31249580විටින් විට වැසියාපනය30249585සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.මහනුවර29219575විටින් විට වැසිනුවරඑළිය20149580විටින් විට වැසිරත්නපුරය32239575විටින් විට වැසිත්‍රීකුණාමළය30259575සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.මන්නාරම29259580සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.
|
‘පීඩන අවපාතය ඉන්දියාව දෙසට‘
| 1 |
ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් වන වයුගොලිය කැළඹිලි සහගත තත්ත්වය තව දුරටත් පවතින බැවින් නැගෙනහිර සහ උතුරු පළාත් වල විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවල සවස 02.00 න් පසුව ගිගුරුම් සහිත වැසි ඇති වේ. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැක. ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය දිනය : 24/10/2015 නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය33249060සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.මඩකලපුව31259070විටින් විට වැසිකොළඹ31249570සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.ගාල්ල30249080සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.යාපනය32258060විටින් විට වැසිමහනුවර30219565සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.නුවරඑළිය22129580සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.රත්නපුරය32239570සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.ත්‍රීකුණාමළය32259570විටින් විට වැසිමන්නාරම32259070සවස 2.00 න් න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.
|
‘පීඩන අවපාතය ඉන්දියාව දෙසට‘
| 0 |
දිවයිනේ නිරිත දිග කොටසේ වැසි සහිත කාලගුණ තත්ත්වය තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. බස්නාහිර, දකුණු සහ සබරගමුව පළාත්වල විටින් විට වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වේ. දිවයිනේ සෙසු ප්‍රදේශවල තැනින් තැන සවස 02.00 න් පමණ පසු ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය දිනය : 26/09/2015 නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය34249555සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.මඩකලපුව33259070සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.කොළඹ30259570විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි.ගාල්ල30259075විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි.යාපනය34268565ප්‍රධාන වශයෙන් වැසි රහිතමහනුවර29219570සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.නුවරඑළිය21119575සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.රත්නපුරය32239570විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි.ත්‍රීකුණාමළය36259055සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.මන්නාරම33269070සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.
|
‘පීඩන අවපාතය ඉන්දියාව දෙසට‘
| 0 |
උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පළාත් වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. බොහෝ ප්‍රදේශ වලට සවස 2.00 න් පසු ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ. මැඩර්න් - ජුලියන් දෝලනවල බලපෑම හේතුවෙන් ශ්‍රී ලංකාව පුරා මිලි මීටර් 100 ට වඩා තද වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු කියයි. මීට අමතරව, ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් අඩු පීඩන කලාපයක් ස්ථාන ගතව පවතී. එය ශ්‍රී ලංකාව වෙතට ගමන් කිරීම නිසා හෙටින් පසු දිවයිනේ නැගෙනහිර කොටසේ වැසි සහිත කාලගුණ තවදුරටත් වැඩි වේ.ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය දිනය : 07/11/2015 නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය31239570විටින් විට වැසි.මඩකලපුව30249580විටින් විට වැසිකොළඹ30249570සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.ගාල්ල30249580සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.යාපනය30249080විටින් විට වැසිමහනුවර28209575සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.නුවරඑළිය20119580සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.රත්නපුරය30229570සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.ත්‍රීකුණාමළය30249580විටින් විට වැසිමන්නාරම30259570සවස 2.00 න් න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.
|
‘පීඩන අවපාතය ඉන්දියාව දෙසට‘
| 0 |
(නිශාන්ත කුමාර)වියලුව, මීගහකිවුල ප්‍රාදේශිය සභාවේ නව සභාපති ලෙස ශ්රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කළ ලලිත් ජයවර්ධන මහතා තේරී පත්විය.නව සභාපති වරයෙකු පත්කර ගැනීමේ ඡන්ද විමසීම අද (03) පළාත් පාලන කොමසාරිස් එම් එම් විජේනායක මහතාගේ ප්‍රධානත්වයෙන් මීගහකිවුල ප්‍රාදේශිය සභා ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.ඒ සඳහා විවෘත ඡන්ද විමසීමක් සිදු කෙරිණි. උප සභාපති ලෙස එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සමන්ත කුමාර විජේකෝන් මහතා තේරී පත්විය.සභාපතිවරයා ලෙස පත් වු ලලිත් ජයවර්ධන මහතාට ජන්ද 11 ක් හිමි විය. ජනතා විමුක්ති පෙරමුණ මන්ත්‍රීවරයා ඡන්දය දීමෙන් වැළකී සිටියේය.මීගහකිවුල ප්‍රාදේශිය සභාව සදහා පොදුජන එක්සත් පෙරමුණීන් මන්ත්‍රීවරු අටක්,එක්සත් ජාතික පක්ෂයෙන් මන්ත්‍රීවරු පහක් හා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මන්ත්‍රීවරු තිදෙනකු ජනතා විමුක්ති පෙරමුණින් මන්ත්‍රීවරයෙක් පමණි.
|
මීගහකිවුල නව සභාපති පුටුව පොහොට්ටුවට
| 1 |
ඩී.කේ.රත්න එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කළ හපුතලේ ප්‍රෙද්ශීය සභාවේ සභාපති ලෙස ශ්රී ලංකා නිදහස් පක්ෂයේ පී කේ කන්නා මහතා තේරී පත් විය. පළාත් පාලන මැතිවරණයේ දී හපුතලේ ප්රාදේශීය සභාව සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් මන්ත‍්‍රීවරු හත් දෙනෙක් ද, ශ්රී ලංකා පොදුජන පෙරමුණෙන් මන්ත‍්‍රීවරු හය දෙනෙක් ද, එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මන්ත‍්‍රීවරු හය දෙනෙක් ද, ජනතා විමුක්ති පෙරමුණෙන් එක් මන්ත්‍රීවරයෙක් ද තේරී පත් වූහ. එක්සත් ජනතා නිදහස් සන්ධානය හා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්ව හපුතලේ ප්රාදේශීය සභාව බලය පිහිටුවීමට අත පියවර ගත්තේය. සභාපතිවරයා ලෙස එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ තරග කළ ලංකා කම්කරු කොන්ග‍්‍රසයේ පී.කේ.කන්නා මහතා පත්වූ අතර උප සභාපතිවරයා ලෙස ශ්රී ලංකා පොදුජන පෙරමුණේ වයි.එම්.නිමල් අමරසිරි මහතා පත්විය.
|
මීගහකිවුල නව සභාපති පුටුව පොහොට්ටුවට
| 0 |
අද රාත්‍රියේදී බස්නාහිර, සබරගමුව, මධ්‍යරම, දකුණ සහ වයඹ පළාත්වල තැනින් තැන වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා ෙදපාර්තෙම්න්තුව කියයි.හෙට දිනයේදී නැගෙනහිර හා ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇති වේ.බස්නාහිර, සබරගමුව සහ මධ්ය්ම පළාත්වල ස්ථාන ස්වල්පයක සවස 4.00 න් පසුවවැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වේ.
|
' පළාත් කීපයකට අද සහ හෙට තද වැසි'
| 1 |
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රීක්කවලත් ස්ථාන කිහිපයක අද රාත්‍රියේදී වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.බස්නාහිර, වයඹ, සබරගමුව, මධ්‍යම සහ උතුරු මැද පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් හෙට දිනයේදී සවස 4.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වේ. නැගෙනහිර සහ ඌව පළාත්වල සහ හම්බන්තොට දිස්ත්‍රීක්කයේත් වැසි ස්වල්පයක් ඇති විය හැකියි.
|
' පළාත් කීපයකට අද සහ හෙට තද වැසි'
| 0 |
නැගෙනහිර, ඌව සහ උතුරුමැද පළාත්වල තැනින් තැන වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා ෙදපාර්තෙම්න්තුව කියයි.බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්ය.ම පළාත් වලත්, ගාල්ල සහ මාතර දිස්ත්රී ක්ක වල තැනින් තැනට සවස 2.00 න් පසුව වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති විය හැකි බව ද කාලගුණ විද්‍යා ෙදපාර්තෙම්න්තුව අනතුරු අඟවයි.
|
' පළාත් කීපයකට අද සහ හෙට තද වැසි'
| 0 |
බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තව කියයි. අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක ගිගුරුම් සහිත වැසි වර්ධනය විය හැක.ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය දිනය : 26/06/2015 නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය34269055වැසි ස්වල්පයක්.මඩකලපුව35269050අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.කොළඹ31259570වැසි වාර කිහිපයක්.ගාල්ල31269570වැසි වාර කිහිපයක්.යාපනය33288065ප්‍රධාන වශයෙන් වැසි රහිත.මහනුවර30219565වැසි වාර කිහිපයක්.නුවරඑළිය20149570වැසි වාර කිහිපයක්.රත්නපුරය33249560වැසි වාර කිහිපයක්.ත්‍රිකුණාමළය35269050අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.මන්නාරම32278570ප්‍රධාන වශයෙන් වැසි රහිත.
|
‘බස්නාහිරට හෙට වැසි‘
| 1 |
ඉදිරි දින කිහිපයේදී නිරිතදිග වෙරළබඩ ප්‍රදේශවලට, වැසි වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. ‘බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ. අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක ගිගුරුම් සහිත වැසි වර්ධනය විය හැකිය‘.රධාන නගර සදහා කාලගුණ අනාවැකිය දිනය : 27/06/2015 නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය33259055වැසි ස්වල්පයක්.මඩකලපුව35268550අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.කොළඹ31269570වැසි වාර කිහිපයක්.ගාල්ල31279575වැසි වාර කිහිපයක්.යාපනය33288070ප්‍රධාන වශයෙන් වැසි රහිත.මහනුවර30229065වැසි වාර කිහිපයක්.නුවරඑළිය20149070වැසි වාර කිහිපයක්.රත්නපුරය33249560වැසි වාර කිහිපයක්.ත්‍රිකුණාමළය35268550අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.මන්නාරම32278570ප්‍රධාන වශයෙන් වැසි රහිත.
|
‘බස්නාහිරට හෙට වැසි‘
| 0 |
බස්නාහිර, සබරගමුව, මධ්‍යම හා වයඹ පළාත්වලත් සහ ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බවත් අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත්වල තැනින් තැන ගිගුරුම් සහිත වැසි වර්ධනය විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය දිනය : 02/07/2015 නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය34259060අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.මඩකලපුව35269060අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.කොළඹ31259570වැසි වාර කිහිපයක්.ගාල්ල30269070වැසි වාර කිහිපයක්.යාපනය32278065ප්‍රධාන වශයෙන් වැසි රහිත.මහනුවර29229570වැසි වාර කිහිපයක්.නුවරඑළිය20149580වැසි වාර කිහිපයක්.රත්නපුරය33239575වැසි වාර කිහිපයක්.ත්‍රිකුණාමළය36268555වැසි ස්වල්පයක්.මන්නාරම34278570ප්‍රධාන වශයෙන් වැසි රහිත.
|
‘බස්නාහිරට හෙට වැසි‘
| 0 |
බස්නාහිර, සබරගමුව හා මධ්‍යම පළාත්වලත් සහ ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බවත් අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක ගිගුරුම් සහිත වැසි වර්ධනය විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය දිනය : 01/07/2015 නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය33259060වැසි ස්වල්පයක්.මඩකලපුව34269060අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.කොළඹ31259575වැසි වාර කිහිපයක්.ගාල්ල29259575වැසි වාර කිහිපයක්.යාපනය32278070ප්‍රධාන වශයෙන් වැසි රහිත.මහනුවර28229570වැසි වාර කිහිපයක්.නුවරඑළිය19149580වැසි වාර කිහිපයක්.රත්නපුරය31249580වැසි වාර කිහිපයක්.ත්‍රිකුණාමළය35268555අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.මන්නාරම32278575වැසි ස්වල්පයක්.
|
‘බස්නාහිරට හෙට වැසි‘
| 0 |
(පද්මා කුමාරී කංකානම්ගේ )වලංගු ධීවර මෙහෙයුම් බලපත්‍ර නොමැතිව පුත්තලම කළපුවේ තිරික්කපල්ලම ප්‍රදේශයේ ධීවර කටයුතුවල නියැලුණු ධීවරයින් 4 දෙනෙකු සංගිලි දැල් කට්ටල දෙකක් සමඟ ධීවර හා ජලජ සම්පත් දෙපාර්තුමේන්තුවේ පුත්තලම කාර්‍යාලයේ නිලධාරීන් විසින් අද(31) අත්අඩංගුවට ගෙන තිබේ.මෙම වැටලීමට පුත්තලම තම්බපණ්ණී නාවික හමුදා නිලධාරීන් ධීවර හා ජලජ සම්පත් දෙපාර්තුමේන්තුවේ නිලධාරීන්ට සහාය ලබා දී ඇත.1996 අංක දෙක දරන ධීවර පනත අනුව සංගිලි දැල් භාවිතය තහනම් බවත් පුත්තලම සහකාර ධීවර අධ්‍යක්ෂ සරත් චන්ද්‍රනායක මහතා පවසයි. විශේෂයෙන්ම කළපු පතුලට හාණි සිදුවන මෙම දැල් මගින් කුඩා මසුන් මෙන්ම මසුන්ගේ බිත්තර ද විනාශ වන බව ඒ මහතා වැඩි දුරටත් පැවසීයඅත්අඩංගුවට ගත් සැකකරුවන් සහ භාණ්ඩ පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
|
සංගිලි දැල් කට්ටල 2 ක් සමඟ ධීවරයින් 4 දෙනෙකු අත්අඩංගුවට
| 1 |
(පද්මා කුමාරී කංකානම්ගේ)පුත්තලම කළපුවේ තිරික්ක පල්ලම ප්‍රදේශයේ තංගුස් දැල් භාවිතයෙන් මසුන් මරමින් සිටි ධීවරයින් 12 දෙනෙක් ධීවර යාත්‍රා හතක් සමඟ අද (2) පුත්තලම තම්භපණ්නී නාවික හමුදා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන පුත්තලම ධීවර හා ජලජ සම්පත් කාර්‍යාලය වෙත බාරදී ඇත.මෙම සැකකරුවන් සමඟ තංගුස් දැල් කට්ටල හතක් ද අත්අඩංගුවට ගෙන ඇත.1996 අංක දෙක දරන ධීවර හා ජලජ සම්පත් පනතේ 28 වන වගන්තියට අනුව තංගුස් දැල් භාවිතය සපුරා තහනම් බවත් තංගුස් දැල් භාවිතය නිසා කළපු පතුලට හානි සිදුවන බවත් මත්ස්‍ය ප්‍රජාව විනාශ වන බවත් පුත්තලම සහකාර ධීවර අධ්‍යක්ෂ සරත් චන්ද්‍රනායක මහතා පැවැසීය.
|
සංගිලි දැල් කට්ටල 2 ක් සමඟ ධීවරයින් 4 දෙනෙකු අත්අඩංගුවට
| 0 |
(කටුනායක ටී.කේ.ජී.කපිල) විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සුනිල් ජයරත්න මහතා පැවසීය.මොහු ගාල්ල ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි සුළු පරිමාණ ව්‍යාපාරිකයෙකු වන අතර , මේ වනවිට කීපවරක් විදේශයන් වෙත ගොස් විවිධ භාණ්ඩ තොග මෙරටට ගෙනැවිත් ඇති පුද්ගලයෙකු බව රේගුව අනාවරණය කර ගෙන තිබේ .මොහු ඩුබායි සිට පැමිණි එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 648 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .ඔහු විසින් ගෙන ආ ගමන් මලු දෙකක රුපියල් ලක්ෂ 06 ක් වටිනා මෙම විදේශීය නිෂ්පාදිත දුම්වැටි 10,000 ක් අඩංගු දුම්වැටි කාටූන් 50 ක් සගවා ගෙන සිටියදී , රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබුණි .මෙම අත්අඩංගුවට ගැනීම සහ මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු කටුනායක ගුවන් තොටුපළ රේගු අධ්‍යක්ෂ ආර්.බී.ගන්කේවෙල මහත්මියගේ උපදෙස් සහ අධීක්ෂණය යටතේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ එම්.අයි.මොහොමඩ් සලීම්, රේගු අධිකාරී එච්.ඊ. ඩී.පෙරේරා, සහකාර රේගු අධිකාරීවරුන් වන උමංග ද සිල්වා, පසන් ගමගේ, මංජුල සූරියආරච්චි සහ ඕසද කටුවාවල යන මහත්වරුන් විසින් සිදු කර තිබුණි .මේ පිළිබඳව විධිමත් රේගු පරීක්ෂණය නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ එම්.අයි.මොහොමඩ් සලීම් මහතා විසින් පැවැත්වූ අතර, එහිදී මෙම විදේශීය නිෂ්පාදිත දුම්වැටි සියල්ල රාජසන්තක කර, මේවා නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ මෙම ව්‍යාපාරිකයාට රුපියල් 15,000 ක දඩ මුදලක් ගෙවන ලෙසද නියෝග කර තිබේ.
|
නීතිවිරෝධී දුම්වැටි ගෙන ආ මගියකු අත්අඩංගුවට
| 1 |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.