News Content
stringlengths
35
40.7k
Headline
stringlengths
9
215
Is_headline
int64
0
1
(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි)දිවා කාලයේ නිවස්  වලට ඇතුළු වී  ස්වර්ණාභරණ සහ මුදල් සොරකම් කළ සැකකරුවෙකු බලන්ගොඩ වැඩබලන මහෙස්ත්‍රාත් ඒ.එම්. එස්  මැණිකේ මහත්මිය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු  ඔක්තෝබර්  31 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අද (20) දා නියෝග කළාය.බලන්ගොඩ ඇල්ලෙඅරාව නාකැටිය ප්‍රදේශයේ පදිංචි  22 හැවිරිදි සැකකරුවෙකු මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි. බලන්ගොඩ පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන බලන්ගොඩ වැඩ බලන මහෙස්ත්‍රාත්වරිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.
ස්වර්ණාභරණ සොරකම් කළ අයෙක් රිමාන්ඩ්
1
(නාලක ජේ. හෙට්ටිආරච්චි සහ සම්පත් ප්‍රියනන්දන)  ගංජා සුරුට්ටුවක්  ළඟ තබා  ගත් පුද්ගලයකු අගෝස්තු 6 වැනිදා   දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස බලන්ගොඩ වැඩ බලන මහෙස්ත්‍රාත් එම්. එම්. රෆික්  මහතා අද (04) නියෝග කළේය.මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ  බලන්ගොඩ තුඔගොඩ ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි  පුද්ගලයෙකි.  සැකකරු බලන්ගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන බලන්ගොඩ වැඩ බලන  මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.
ස්වර්ණාභරණ සොරකම් කළ අයෙක් රිමාන්ඩ්
0
(ශාන්ත චන්ද්‍රසිරි) ආගරපතන, හුට්වීල්  වත්තේ වතු කම්කරුවන් පිරිසකට බඹරුන් ඇනීම හේතුවෙන් කම්කරුවන්  9දෙනෙකු ප්‍රතිකාර සඳහා අද  (01)  ආගරපතන ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබේ. තුවාල ලැබූ පිරිස අතර, කාන්තාවෝ 8දෙනෙක් හා එක් පිරිමි පුද්ගලයෙක් වෙති. ඉන් පිරිමි පුද්ගලයාගේ  තත්ත්වය  තරමක් බරපතල බවත්, ඉතිරි පිරිස සාමාන්‍ය තත්ත්වයේ පසුවන බවත් ආගරපතන ප්‍රාදේශීය රෝහලේ වෛද්‍ය හර්ෂ ජයරත්න  මහතා කීය. වතුයායේ තේ දලු නෙළමින් සිටි වතු කම්කරුවන්ට ගසක බැඳ  තිබු බඹර කූඩුවක බඹරුන් ඇවිස්සී ඇන ඇතැයි කම්කරුවෝ පවසති.
බඹරු ඇනීමෙන් ආගරපතනේ වතු කම්කරුවන් 9දෙනෙකු රෝහලේ
1
(ශාන්ත චන්ද්‍රසිරි) ආගරපතන, ග්ලාස්ගෝ වත්තේ සේවය කරන වතු කම්කරු කාන්තාවන් පස්දෙනෙකු බඹරු ඇනීමෙන් තුවාල ලබා  අද (22)  ආගරපතන ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇත. එම පිරිසගෙන් දෙදෙනෙකුගේ තත්ත්වය  තරමක් බරපතල බවත්, ඉතිරි පිරිස සාමාන්‍ය තත්ත්වයේ පසුවන බවත් ආගරපතන ප්‍රාදේශීය රෝහලේ වෛද්‍ය හර්ෂ ජයරත්න  මහතා කීය. ගසක බැඳ  තිබූ බඹර කූඩුවක බඹරුන් ඇවිස්සී වතුයායේ තේ දලු නෙළමින් සිටි වතු කම්කරුවන්ට ඇන ඇතැයි වතු කම්කරුවෝ පවසති.
බඹරු ඇනීමෙන් ආගරපතනේ වතු කම්කරුවන් 9දෙනෙකු රෝහලේ
0
(රංජිත් රාජපක්ෂ)                        තේ දළු නෙලමින් සිටි වතු කම්කරුවන් පිරිසකට බඹර ඇනීමෙන් තුවාල ලැබු වතු කම්කරුවන් 35 දෙනෙකු අද (7) ආගරපතන ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කර ඇති බව ආගරපතන පොලිසිය පවසයි.ආගරපතන පොලිස් වසමට අයත් වෙන්මොර් වතු යායේ ගසක් මත බැද තිබු බඹර කුඩුවක බඹර වදයක් කඩා ගැනීමට උකුස්සෙකු අද (7) පස්වරු 1 ට පමණ පහර දිම නිසා ඇවිස්සුණු බඹරුන් තමන්ට පහර දුන් බව බඹර ඇනීමෙන් තුවාල ලබා ආගරපතන ප්‍රාදේශීය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන වතු කම්කරුවෝ පවසති.බඹර ඇනීමෙන් තුවාල ලැබු වතු කම්කරු කාන්තාවන් 30 දෙනෙකු සහ වතු කම්කරුවන් පස්දෙනෙකු මෙසේ රෝහල් ගත කර ඇත.බඹර ඇනීමෙන් තුවාල ලබා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන වතු කම්කරුවන්ගේ තත්ත්වය බරපතල නොවන බව ආගරපතන රෝහලේ වෛද්‍යවරු පවසති.
බඹරු ඇනීමෙන් ආගරපතනේ වතු කම්කරුවන් 9දෙනෙකු රෝහලේ
0
(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)බොරලැස්ගමුව නගර  සභාවේ ආදායම්  පරිපාලකවරයකුට  කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් තාවකාලිකව වසා දමා තිබූ  එම නගර සභාවේ වරිපනම් අංශය අද (20) සිට සුපුරුදු පරිදි රාජකාරී ආරම්භ කළ බව නගරාධිපති කේ.ඩී.අරුණ ප්‍රියශාන්ත මහතා පැවසීය.වේරහැර ප්‍රදේශයේ පදිංචි ආසාදිතයාගේ මව මිය යාමෙන් පසුව කළ පී.සී.ආර්  පරීක්ෂණයේදී ඇයට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වීමෙන් පසුව සිදුකළ පී.සී.ආර්  පරීක්ෂණයේදී නගර සභා සේවකයාට ද වයිරසය ආසාදනය ඇති බවට තහවුරු වී තිබුණි.ඒ අනුව ආසාදිතයාගේ කාර්යාලීය පළමු පෙළ ආශ්‍රිතයින්  17දෙනෙකු ස්වයං නිරෝධායනයට ලක් වන බවද පැවසේ.පසුව  මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන්ගේ උපදෙස් මත නගර සභා පරිශ්‍රය සම්පූර්ණ විසබීජහරණයට ලක් කර අද යළි ආරම්භ කිරීමට පියවර ගත් බවත් සේවාලාභීන් වෙනුවෙන් මේ වන විට විධිමත් සෞඛ්‍ය ආරක්ෂක වැඩපිළිවෙළක් සකස් කර ඇති බවත්  නගරාධිපති අරුණ ප්‍රියශාන්ත මහතා වැඩිදුරටත් පැවසීය.
බොරලැස්ගමුව නගර සභාවේ වරිපනම් අංශය යළි අරී
1
(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)බොරලැස්ගමුව නගර සභාවේ සේවකයකුට කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් එම නගර සභාවේ වරිපනම් අංශය තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බව නගරාධිපති කේ.ඩී.අරුණ ප්‍රියශාන්ත මහතා පැවසීය.ඒ අනුව වරිපනම් අංශයේ සේවකයින් 17දෙනෙකු ස්වයං නිරෝධායනයට ලක් කළ බවද ඒ මහතා කීය.වේරහැර ප්‍රදේශයේ පදිංචි ආසාදිතයාගේ මව මිය යාමෙන් පසුව සිදුකළ පී.සී.ආර්  පරීක්ෂණයේදී ඇයට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබිණි. ඉන්පසු සිදුකළ පී.සී.ආර්  පරීක්ෂණයේදී නගර සභා සේවකයාට ද වයිරසය ආසාදනය ඇති බවට තහවුරු වී තිබුණි.ඒ අනුව තාවකාලිකව වසා දමා තිබූ  බොරලැස්ගමුව  නගර සභාවේ වරිපනම් අංශය 20 වැනිදා යලි විවෘත කරන බව ද  නගරාධිපති අරුණ ප්‍රියශාන්ත මහතා වැඩිදුරටත් පැවසීය.
බොරලැස්ගමුව නගර සභාවේ වරිපනම් අංශය යළි අරී
0
රංජිත් රාජපක්‍ෂතලවාකැලේ ලිඳුල නගර සභාවේ හිටපු සභාපති අශෝක සේපාල මහතා ඇතුළු  පිරිසක් මෙවර පළාත් පාලන මැතිවරණයේදී තලවාකැලේ ලිඳුල නගර සභාවට ස්වාධීනව තරග කිරීමට ඇප මුදල් තැම්පත් කළහ.ඒකාබද්ධ විපක්ෂයේ නුවරඑළිය දිස්ත්‍රික්කය නියෝජනය කරන ප්‍රධානියකුගේ ක්‍රියාකලාපය හේතුවෙන් තමන්  පොදු ජන පෙරමුණේ පොහොට්ටුව ලකුණෙන් තරග නොකර ස්වාධිනව තරග කිරිමට තීරණය කළ බව  හිටපු සභාපති අශෝක සේපාල මහතා පැවසීය. ඒකාබද්ධ විපක්ෂය වෙනුවෙන් තමන් ඇතුළු තලවාකැලේ ලිඳුල නගර සීමාවේ විශාල පිරිසක් කැපවීමෙන් කටයුතු කරමින් සිටින අවස්ථාවේ ඒකාබද්ධ විපක්ෂයේ නුවර එළිය ප්‍රධානියා තමන් ඇතුළු පිරිසට නාමයෝජනා ලබා දීම ප්‍රතික්ෂේප කළ බව ද ඔහු කීවේය.
දෙමළ විමුක්ති සන්ධානය ඇප තියයි
1
රංජිත් රාජපක්‍ෂ තලවාකැලේ ලිඳුල නගර සභාවේ හිටපු සභාපති අශෝක සේපාල මහතා ඇතුළු  පිරිසක් මෙවර පළාත් පාලන මැතිවරණයේදී තලවාකැලේ ලිඳුල නගර සභාවට ස්වාධීනව තරග කිරීමට ඇප මුදල් තැම්පත් කළහ. ඒකාබද්ධ විපක්ෂයේ නුවරඑළිය දිස්ත්‍රික්කය නියෝජනය කරන ප්‍රධානියකුගේ ක්‍රියාකලාපය හේතුවෙන් තමන්  පොදු ජන පෙරමුණේ පොහොට්ටුව ලකුණෙන් තරග නොකර ස්වාධිනව තරග කිරිමට තීරණය කළ බව  හිටපු සභාපති අශෝක සේපාල මහතා පැවසීය. ඒකාබද්ධ විපක්ෂය වෙනුවෙන් තමන් ඇතුළු තලවාකැලේ ලිඳුල නගර සීමාවේ විශාල පිරිසක් කැපවීමෙන් කටයුතු කරමින් සිටින අවස්ථාවේ ඒකාබද්ධ විපක්ෂයේ නුවර එළිය ප්‍රධානියා තමන් ඇතුළු පිරිසට නාමයෝජනා ලබා දීම ප්‍රතික්ෂේප කළ බව ද ඔහු කීවේය.
දෙමළ විමුක්ති සන්ධානය ඇප තියයි
0
 (සිතුම් චතුරංග)               යාපනය සිට ත‍්‍රිකුණාමලය දක්වා බස් රථයකින් රුපියල් ලක්ෂ තුනකට අධික වටිනාකමින් යුත් කේරළ ගංජා රැගෙන යමින් සිටි පුද්ගලයකු වවුනියාව නගරයේදී අත්අඩංගුවට ගත් බව වවුනියාව පොලිසිය කියයි.               බස්රථයකින් කේරළ ගංජා ප‍්‍රවාහනය කරන්නෙකු පිළිබඳ වවුනියාව පොලිස් දුෂණ මර්දන අංශය වෙත ලැබුණ තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.                පොලිසිය පැවසූයේ සැකකරුගේ ගමන් මල්ලෙහි සුක්ෂම ලෙස සඟවා තිබූ කේරළ ගංජා සොයාගත් බවයි.සැකකරු යාපනය ප‍්‍රදේශයේ කේරළ ගංජා ජාවාරම්කරුවකුගේ ගංජා මිළදී ගෙන ත‍්‍රීකුණාමලය සිටින තවත් ජාවාරම්කරුවකු වෙත ලබාදීම සඳහා රැගෙන යමින් සිට ඇති බවට තොරතුරු අනාවරණය වූ බව පොලිසිය සඳහන් කළේය.අත්අඩංගුවටගත් සැකකරු ත‍්‍රීකුණාමලය අනුරාධපුර හංදිය ප‍්‍රදේශයේ පදිංචි පදිංචි 30 හැවිරිදි පුද්ගලයකු වේ.සැකකරු වවුනියාව මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. 
ලක්ෂ තුනක කේරල ගංජා සමඟ අයෙක් අත්අඩංගුවට
1
 (සිතුම් චතුරංග)          කිලිනොච්චිය සිට අනුරාධපුර දක්වා බස් රථයකින් රුපියල් ලක්ෂ පහකට අධික වටිනාකමින් යුත් කේරල ගංජා කිලෝ හතරයි ග්‍රෑම් 25 රැගෙන යමින් සිටි පුද්ගලයකු පෙරේදා ඊයේ (9) වවුනියාව නගරයේ දී අත්අඩංගුවට ගත් බව වවුනියාව පොලිසිය කියයි.          බස් රථයකින් කේරළ ගංජා ප්‍රවාහනය කරන්නෙකු පිළිබඳ වවුනියාව පොලිස් දුෂණ මර්දන අංශය වෙත ලැබුණ තොරතුරකට අනුව සිදුකළ වැටලීමක දී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. සැකකරුගේ ගමන් මල්ලෙහි සඟවා තිබූ කේරළ ගංජා අඩංගු පාර්සල දෙකක් සොයාගත් බවයි.                    අත්අඩංගුවට ගත් සැකකරු මල්ලාවි සෙල්වපුරම් ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි පුද්ගලයෙකි.           
ලක්ෂ තුනක කේරල ගංජා සමඟ අයෙක් අත්අඩංගුවට
0
(රංජිත් රාජපක්ෂ)බගවන්තලාව පොලිස් වසමට අයත් චැපල්ටන් තේ වත්තේ විශාල පරිසර හානියක් සිදු කරමින් අනවසරෙන් මැණික් ගරමින් සිටි සැකකරුවන් තිදෙනෙකු අද (31) අත්අඩංගුවට ගත් බව බගවන්තලාව පොලිසිය පවසයි.කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා කෙසෙල්ගමුඔය අසල පිහිටි චැපල්ටන් තේ වත්තේ තේ පදුරු ගලවා සැකකරුවන් මැණික් ගරමින් සිටින බවට බගවන්තලාව පොලිසියට ලද තොරතුරක් මත සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.සැකකරුවන් ගොඩ දමා තිබු මැණික් ඉල්ලම් සහිත පස් තොගයක් සහ මැණික් ගැරිමට උපයෝග කරගත් උපකරණ ද පොලිස් බාරයට ගෙන ඇත.අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 23-30 ත් අතර වයස් කාණ්ඩල පසුවන චැපල්ටන් තේ වත්තේ පදිංචිකරුවෝ වෙති. 
අනවසරෙන් මැණික් ගැරූ තිදෙනෙකු අත්අඩංගුවට
1
රංජිත් රාජපක්ෂ                      බලපත්‍රයක් නොමැතිව පරිසර විනාශයක් කරමින් තේ වත්තේ විශාල වලවල් හාරා මැණික් ඉල්ලම් ගොඩගෙන මැණික් ගැරූ සැකකරුවන් 5 දෙනෙකු බගවන්තලාව පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.බගවන්තලාව පොලිස් වසමට අයත් චැපල්ටන් තේ වත්තේ තේ පදුරු මැද විශාල වලවල් හාරා පරිසර හානියක් සිදු කරමින් මැණික් ගරන බවට බගවන්තලාව පොලිසියට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇත.සැකකරුවන් සමඟ මැණික් ගැරීමට යොදාගත් උපකරණ රැසක් සහ සැකකරුවන් විසින් හාරා තිබු මැණික් ඉල්ලම් සහිත පස් තොගයක් ද පොලිස් බාරයට ගෙන ඇත.අත්අඩංගුවට ගත් සැකකරුවන් බගවන්තලාව චැපල්ටන් වතුයායේම පදිංචිකරුවන් වන අතර ඔවුන් අවුරුදු 35 – 50 වයස් කාණ්ඩවල පසුවන්නෝ වෙති.
අනවසරෙන් මැණික් ගැරූ තිදෙනෙකු අත්අඩංගුවට
0
(රංජිත් රාජපක්ෂ)                       බලපත්‍රයක් නොමැතිව පරිසර විනාශයක් කරමින් තේ වත්තේ විශාල වලවල් හාරා මැණික් ඉල්ලම් ගොඩගෙන මැණික් ගැරූ සැකකරුවන් සිව්දෙනෙකු අද (20) අත්අඩංගුවට ගත් බව බගවන්තලාව පොලිසිය පවසයි.බගවන්තලාව පොලිස් වසමට අයත් ලොයිනොන් තේ වත්තේ තේ පදුරු මැද විශාල වලවල් හාරා පරිසර හානියක් සිදු කරමින් මැණික් ගරන බවට බගවන්තලාව පොලිසියට ලද තොරතුරක් මත මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.සැකකරුවන් සමඟ මැණික් ගැරිමට යොදාගත් උපකරණ රැසක් සහ සැකකරුවන් විසින් හරා තිබු මැණික් ඉල්ලම් සහිත පස් තොගයක් ද පොලිස් බාරයට ගෙන තිබේ.අත්අඩංගුවට ගත් සැකකරුවන් බගවන්තලාව ලොයිනොන් වතුයායේම පදිංචිකරුවන් වන අතර ඔවුන් අවුරුදු 30 - 35 වයස් කාණ්ඩවල පසුවන්නෝ වෙති.
අනවසරෙන් මැණික් ගැරූ තිදෙනෙකු අත්අඩංගුවට
0
(රංජිත් රාජපක්ෂ) බලපත්‍රයක් නොමැතිව පරිසර විනාශයක් සිදු කරමින් තේ වත්තේ විශාල වළක් හාරා අනවසරෙන් මැණික් ඉල්ලම් සහිත පස් ගොඩ දමමින් සිටි සැකකරුවන් පස්දෙනෙකු අද (5) අත්අඩංගුවට ගත් බව බගවන්තලාව පොලිසිය පවසයි.බගවන්තලාව පොලිස් වසමට අයත් පෙට්රසෝ තේ වත්තේ සැකකරුවන් පිරිස අනවසරෙන් මැණික් ඉල්ලම් පස් ගොඩ දමමින් සිටින බවට පොලිසියට ලද තොරතුරක් මත බගවන්තලාව පොලිසියේ නිලධාරින් විසින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.සැකකරුවන් මැණික් ගැරීමට උපයෝගී කරගත් උපකරණ රැසක්, ගොඩ දමා තිබූ ඉල්ලම් පස් තොගයක් ද පොලිස් බාරයට ගැණිනි.සැකකරුවන් අවුරුදු 50ත් 55ත් වයස් කාණ්ඩවල පසුවන එම වතුයායේම පදිංචිකරුවන් බවත්, ඔවුන් පෙට්රසෝ තේ වත්තේ ස්ථාන කිහිපයකම අනවසරෙන් මැණික් ගැරීමේ ජාවාරමේ නිරතව සිටි අය බවත් පොලිසිය පවසයි.අත්අඩංගුවට ගත් සැකකරුවන් පොලිස් ඇප මත මුදා හැර ඇත.සැකකරුවන්ට එරෙහිව පෙබරවාරි 11 දින හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නෛතික පියවර ගන්නා බව බගවන්තලාව පොලිසිය සඳහන් කළේය. 
අනවසරෙන් මැණික් ගැරූ තිදෙනෙකු අත්අඩංගුවට
0
දකුණු දෙසින් වන මුහුදු ප්‍රදේශවල තද සුළං තව දුරටත් වර්ධනය වන අතර රට අභ්‍යන්තරය හරහා විටින් විට පැයට කිලෝ මීටර් 50-60 අතර ප්‍රමාණයේ සුළං  තවදුරටත් වර්ධනය වේ. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වල වැසි වාර කීපයක් ඇති වේ.ඌව සහ නැගෙනහිර පළාත්වල තැනින් තැන සවස 2.00 න් පමණ පසුව වැසි  හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. දෘශ්‍ය ලෙස සූර්යයා දකුණට ගමන් කිරීමේදී, අගෝස්තු මස 28 වන දින සිට සැප්තැම්බර් 07 දක්වා ශ්‍රී ලංකාව ආසන්න  අක්ෂාංශ වලට සෘජුවම ඉහලින් පවතී. හෙට(01) දහවල් 12.10 වෙල්ලියෛදුමඩුව, මහා ඉලුප්පල්ලම , ඉපලෝගම සහ තලෛවිල්ලුව  යන නගර වලට ඉතා ආසන්නව හිරු මුදුන්ව පවතී.ප්‍රධාන  නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 01/09/2016නගරය නගරයඋෂ්ණත්වය(සෙ. අංශක)සාපේක්ෂ  ආර්ද්‍රතාවය  (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය32258550සවස 2.00 න් පමණ පසුව වැසි හෝ  ගිගුරුම් සහිත වැසි ඇති විය හැකමඩකලපුව33278055සවස 2.00 න් පමණ පසුව වැසි හෝ  ගිගුරුම් සහිත වැසිකොළඹ31258570වැසි ස්වල්පයක් ඇති විය හැකගාල්ල28249085වැසි වාර කිහිපයක්යාපනය32288070වැසි ස්වල්පයක් ඇති විය හැකමහනුවර28219070වැසි ස්වල්පයක්නුවරඑළිය18149585වැසි වාර කිහිපයක්රත්නපුරය29249580වැසි වාර කිහිපයක්ත්‍රීකුණාමලය3426     8055සවස 2.00 න් පමණ පසුව වැසි හෝ  ගිගුරුම් සහිත වැසිමන්නාරම30278575වැසි වාර කිහිපයක්
‘දකුණු මුහුද තවදුරටත් රළු වෙයි‘
1
ඉදිරි දින කිහිප‍‍යේදී දැනට පවතින තත්ත්වයට වඩා වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාරතමේන්තුව කියයි. දකුණු මුහුදු ප්‍රදේශවල පැයට කිලෝ මීටර් 50-60 පමණ තවදුරටත් බලාපොරොත්තු වේ.බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වල විටින් විට වැසි ඇති වන අතර සෙසු පළාත්වල  සවස 2.00 න් පමණ පසුව වැසි  හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. දෘශ්‍ය ලෙස සූර්යයා දකුණට ගමන් කිරීමේදී, අගෝස්තු මස 28 වන දින සිට සැප්තැම්බර් 07 දක්වා ශ්‍රී ලංකාව ආසන්න  අක්ෂාංශ වලට සෘජුවම ඉහලින් පවතී. හෙට(30) දහවල් 12.11 තාන්ඩිකුලම්, පිරමනලම්කුලම් සහ කුච්චවේලි යන නගර වලට ඉතා ආසන්නව හිරු මුදුන්ව පවතී.ප්‍රධාන  නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 30/08/2016නගරය නගරයඋෂ්ණත්වය(සෙ. අංශක)සාපේක්ෂ  ආර්ද්‍රතාවය  (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය32258560සවස 2.00 න් පමණ පසුව වැසි හෝ  ගිගුරුම් සහිත වැසි ඇති විය හැකමඩකලපුව34267545සවස 2.00 න් පමණ පසුව වැසි හෝ  ගිගුරුම් සහිත වැසි ඇති විය හැකකොළඹ31268570වැසි වාර කිහිපයක්ගාල්ල29259085වැසි වාර කිහිපයක්යාපනය30289070සිහින් වැසි වාර කිහිපයක්මහනුවර28238575වැසි වාර කිහිපයක්නුවරඑළිය17149585සිහින් වැසි වාර කිහිපයක්රත්නපුරය30249070වැසි වාර කිහිපයක්ත්‍රීකුණාමලය3326     8055සවස 2.00 න් පමණ පසුව වැසි හෝ  ගිගුරුම් සහිත වැසිමන්නාරම30278575වැසි ස්වල්පයක්
‘දකුණු මුහුද තවදුරටත් රළු වෙයි‘
0
දකුණු සහ බස්නාහිර  පළාත් සහ දකුණු මුහුදු ප්‍රදේශ හරහා පැයට කිලෝ මීටර් 60ක පමණ තද සුළං ඇති විය හැකි බවත්  රට අභ්‍යන්තරයේ බොහෝ ප්‍රදේශවලට වැසි රහිත කාලගුණ තත්ත්වය පවතින බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.කෙසේ වෙතත් බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල ස්ථාන ස්වල්පයක සිහින් වැසි ඇති වන  අතර ඌව සහ  නැගෙනහිර පළාත්වල ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පමණ පසු ගිගුරුම් සහිත වැසි  ඇති ‍‍‍වේ. ප්‍රධාන  නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 20/09/2016නගරය නගරයඋෂ්ණත්වය(සෙ. අංශක)සාපේක්ෂ  ආර්ද්‍රතාවය  (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය34258550සවස 2.00 න් පමණ පසුව වැසි  හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකමඩකලපුව33259060සවස 2.00 න් පමණ පසුව වැසි  හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.කොළඹ30278570වැසි ස්වල්පයක්ගාල්ල29268580වැසි ස්වල්පයක්යාපනය32268570ප්‍රධාන වශයෙන් වැසි රහිතමහනුවර29219575වැසි ස්වල්පයක්නුවරඑළිය19139585වැසි ස්වල්පයක් ඇති විය හැකරත්නපුරය31249575වැසි ස්වල්පයක්ත්‍රීකුණාමලය3626     7540සවස 2.00 න් පමණ පසුව වැසි  හෝ ගිගුරුම් සහිත වැසිමන්නාරම30269075ප්‍රධාන වශයෙන් වැසි රහිත
‘දකුණු මුහුද තවදුරටත් රළු වෙයි‘
0
බස්නාහිර, වයඹ, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් මද වැසි වාර කිහිපයක්  ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.සෙසු පළාත්වල ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පමණ පසුව වැසි  හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. බස්නාහිර සහ දකුණූ පළාත්වලත් මධ්‍යම කඳුකර ප්‍රදේශවලත් විටින් විට  තරමක් තද සුළං බලාපොරොත්තු වේ. ප්‍රධාන  නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 15/09/2016නගරය නගරයඋෂ්ණත්වය(සෙ. අංශක)සාපේක්ෂ  ආර්ද්‍රතාවය  (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය34258545වැසි ස්වල්පයක් ඇති විය හැකමඩකලපුව35268550සවස 2.00 න් පමණ පසුව වැසි  හෝ ගිගුරුම් සහිත වැසි. කොළඹ30278570වැසි ස්වල්පයක් ඇති විය හැකගාල්ල28269080මද වැසි වාර කිහිපයක්  ඇතිවේ.යාපනය33278565සවස 2.00 න් පමණ පසුව වැසි  හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.මහනුවර29219060මද වැසි වාර කිහිපයක්  ඇතිවේ.නුවරඑළිය19139570මද වැසි වාර කිහිපයක්  ඇතිවේ.රත්නපුරය32239565මද වැසි වාර කිහිපයක්  ඇතිවේ.ත්‍රීකුණාමලය3725     8550සවස 2.00 න් පමණ පසුව වැසි  හෝ ගිගුරුම් සහිත වැසි. මන්නාරම31268570ප්‍රධාන වශයෙන් වැසි රහිත
‘දකුණු මුහුද තවදුරටත් රළු වෙයි‘
0
(අජිත්ලාල් ශාන්ත උදය සහ ආරියරත්න මාමුහේවා)නිවිතිගල ප‍්‍රාදේශීය සභාවේ 2019 වසරට නියමිත අයවැය එක්සත් ජාතික පක්‍ෂයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ සභිකයන්ගේ විරෝධතා මැද එක්සත් ජනතා නිදහස් සංධානයේ සභිකයන්ගේ ද සහාය ඇතිව වැඩි ඡන්ද අටකින් අද  (06)  සම්මත විය.සභාපති කුලතුංග ලියනගේ (ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ)  මහතාගේ ප‍්‍රධානත්වයෙන්  නිවිතිගල ප‍්‍රාදේශීය සභා ශ‍්‍රවණාගාරයේ දී අද (06) පෙරවරුවේ පැවති රැස්වීමේ දී සභාපතිවරයා අයවැය සභාවට ඉදිරිපත් කරන ලදී.එහිදී බලය හිමි ශ‍්‍රීලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන සභිකයන් 14 දෙනා  සමඟ  එක්සත් ජනතා නිදහස් සංධානය නියෝජනය කරන සභිකයන් දෙදෙනා අයවැයට පක්‍ෂව ඡන්දය ප‍්‍රකාශ කළේ ය.එක්සත් ජාතික පක්‍ෂයේ සභිකයන් 7 දෙනා  සමඟ ජනතා විමක්ති පෙරමුණේ  සභිකයාට විරුද්ධව ඡන්දය දුන්නේ. ඒ අනුව වැඩි ඡන්ද අටකින් අයවැය සම්මත වූ බව සභාපතිවරයා නිවේදනය කළේ ය.
නිවිතිගල ප්‍රා.සබේ අයවැය වැඩි ඡන්ද අටකින් සම්මතයි
1
අජිත්ලාල් ශාන්තඋදය  එක්සත් ජාතික පක්‍ෂයට බලය හිමි බළන්ගොඩ නගර සභාවේ 2019 වසරේ අයවැය ලේඛනය විපක්‍ෂය නියෝජනය කරන ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභිකයන් කිසිවකුගේ සභභාගීත්වය නොමැතිව අද (5) පැවති එම සභාවේ විශේෂ රැස්වීමක දී වැඩි ඡන්ද අටකින් සම්මත විය.සභාපති තමික ජයමිණි විමලසේන මහතාගේ මූලාසනයෙන් යුතුව අද (05) පෙරවරු 10.30ට පමණ මෙම රැස්වීම පැවැත්විණි. අයවැය සම්මත කිරිමේ විශේෂ සභාව පසුගිය 3 වැනි දාට නියමිතය.බළන්ගොඩ නගර සභාව පාලනය කරන්නේ එක්සත් ජාතික පක්‍ෂය සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය ද එක්විය. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සභිකයන් තිදෙනෙකු තේරීපත්ව සිටින අතර එක් සභිකයකු වන හිටපු නගර සභා සභාපති නිමල් ගාමිණි වීරසිංහ මහතා ද මෙම අවස්ථාවට පැමිණ සිටියේ නැත.එක්සත් ජාතික පක්‍ෂයේ සභිකයන් 6 දෙනාද, උප සභාපති එම්.එල්.එම්. රූමි මහතා ඇතුළු එක්සත් ජාතික පෙරමුණේ සභිකයන් දෙදෙනෙකු ද අයවැයට පක්‍ෂව න්දය දුන්නේය.  ජනතා විමුක්ති පෙරමුණේ එකම සභිකයාවූ කේ.ජී.පේ‍්‍රමදාස මහතා අයවැයට විරුද්ධව ඡන්දය දුන්නේය.
නිවිතිගල ප්‍රා.සබේ අයවැය වැඩි ඡන්ද අටකින් සම්මතයි
0
(අජිත්ලාල්  ශාන්තඋදය සහ වයි.ඒ.එස්. වීරවංශ)බළන්ගොඩ ප්‍රාදේශීය සභාවේ 2020 වර්ෂයේ අයවැය ඇස්තමේන්තුව වැඩි ඡන්ද 22කින්  අද (21) සම්මත විය.බළන්ගොඩ දිගදුරේ පිහිටි ප්‍රදේශීය සභා කාර්යාල ශ්‍රවණාගාරයේදි සභාපති එම්.එම්.සුනිල් ප්‍රේමසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවැත්විණි. පසුගිය මාසයේ අයවැය ලේඛනය ඉදිරිත් කෙරුණු අතර එහිවූ යම් යම් කොටස් සංශෝධනය කර ඉදිරිපත් කරන ලෙස සභිකයන් කළ දැනුම්දීම මත මෙදින එකී කොටස් සංශෝධනය කර සභාවට ඉදිරිපත් කරන ලදි. එහිදී අයවැයට පක්‍ෂව සභාපතිවරයා ඇතුලු පාලක ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ සභිකයන් 17 දෙනාද, එක්සත් ජනතා නිදහස් සංධානය නියෝජනය කරන උප සභාපති නිහාල් විජයානන්ද මහතා ප්‍රමුඛ සභිකයන් 04 දෙනාද, ශ්‍රීලංකා ප්‍රගතිශීලී පෙරමුණේ සභිකයන් දෙදෙනාද ඇතුලුව සභිකයන් 23 දෙනෙක් පක්‍ෂව ඡන්දය ප්‍රකාශ කළේය. ජනතා විමුක්ති පෙරමුණේ සභික එම්.බී.කේ. ගුණරත්න මහතා මෙම අයවැය හරයක් හෝ තේරුමක් ඇති අයවැයක් නොවන නිසා ඊට විරුද්ධවන බව පවසා විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළේය. විපක්‍ෂනායක එක්සත් ජාතික පක්‍ෂය නියෝජනය කරන සහන් බෝපිටිය මහතා මේ අවස්ථාවේ සභාවේ නොසිටියේය. එහෙත් සභාවේ සිටි එජාප සභිකයන් 10 දෙනා ඡන්දය දීමෙන් වළකී සිටියේය. ඒ අනුව බළන්ගොඩ ප්‍රාදේශීය සභාවේ 2020 අයවැය වැඩි ඡන්ද 22කින් සම්මත විය. ඡන්ද විමසීම අවසන් වූ පසු විපක්‍ෂනායක එක්සත් ජාතික පක්‍ෂය නියෝජනය කරන සහන් බෝපිටිය මහතා සභාවට පැමිණීම කාගේ අවදානයට ලක්විය.
නිවිතිගල ප්‍රා.සබේ අයවැය වැඩි ඡන්ද අටකින් සම්මතයි
0
ශ්‍රී ලංකාව  හරහා නිරිත දිග  මෝසම් කාලගුණ තත්ත්වය ස්ථාපනය වෙමින් පවතින නිසා  නිරිතදිග ප්‍රදේශවලට ඉදිරි දින කිහිපයේදී වැසි සහිත කාලගුණ තත්වයක් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. බස්නාහිර, සබරගමුව, දකුණ සහ මධ්‍යම පළාත්වල තැනින් තැන වැසි ඇති වන අතර අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී නැගෙනහිර සහ ඌව පළාත්වල තැනින් තැන ගිගුරුම් සහිත වැසි වර්ධනය වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.‘විශේෂයෙන් කඳුකර ප්‍රදේශවලට සහ අවට මුහුදු ප්‍රදේශවලට විටින් විට තද සුළං බලාපොරොත්තු විය හැකියි‘.ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 21/05/2015   නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය32259065වැසි ස්වල්පයක්මඩකලපුව33268565අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.කොළඹ31269575වැසි වාර කිහිපයක්.ගාල්ල30269075වැසි වාර කිහිපයක්.යාපනය32278575වැසි ස්වල්පයක්මහනුවර30219565වැසි වාර කිහිපයක්.නුවරඑළිය20149575අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.රත්නපුරය32259575වැසි වාර කිහිපයක්.ත්‍රීකුණාමළය34269060අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.මන්නාරම31278575වැසි හෝ ගිගුරුම් සහිත වැසි.  පෙරවුරු 5.30ටශ්‍රී ලංකාව ආශ්‍රිතව පෙර මෝසම් තත්ත්වය ස්ථාපිතව ඇති බැවින් බස්නාහිර, සබරගමුව, දකුණ සහ මධ්‍යම පළාත්වල තැනින් තැන වැසි ඇති වන අතර අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී නැගෙනහිර සහ ඌව පළාත් වල තැනින් තැන ගිගුරුම් සහිත වැසි වර්ධනය වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.විශේෂයෙන් කඳුකර ප්‍රදේශ සහ මුහුදු ප්‍රදේශවල විටින් විට තද සුළං බලාපොරොත්තු විය හැකි බවත් සඳහන් කරයි.‘පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි ඇති වේ. දිවයින වටා සෙසු මුහුදු ප්‍රදේශ වල ස්ථාන ස්වල්පයක අපරභාගයේදී සහ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි‘.
‘නිරිත දිග මෝසමෙන් නිරිත දිගට වැසි‘
1
බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති බවත් අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක ගිගුරුම් සහිත වැසි වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි..විශේෂයෙන් කඳුකර ප්‍රදේශවලින් සහ අවට මුහුදු ප්‍රදේශවලන්  හමන තද සුළං බලාපොරොත්තු විය හැක.ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                    දිනය : 17/06/2015   නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය33259060වැසි ස්වල්පයක්.මඩකලපුව34268555අපරභාගයේදී සහ සන්ධ්‍යා කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.කොළඹ30269075විටින් විට වැසි.ගාල්ල30269075විටින් විට වැසි.යාපනය32278070වැසි ස්වල්පයක්.මහනුවර29229575විටින් විට වැසි.නුවරඑළිය20149575විටින් විට වැසි.රත්නපුරය31249575විටින් විට වැසි.ත්‍රීකුණාමළය35278555අපරභාගයේදී සහ සන්ධ්‍යා කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.මන්නාරම32278570වැසි ස්වල්පයක්. 
‘නිරිත දිග මෝසමෙන් නිරිත දිගට වැසි‘
0
අන්තර් නිවර්තන අභිසාරී කලාපය දිවයිනෙන් ඈතට උතුරු දෙසට ගමන් කරන අතර ඒ ගිගුරුම් සහිත වැසි ඇති වීමේ හැකියාව අඩු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. ‘කෙසේවෙතත්, බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණු, උතුරුමැද පළාත් වල සහ වයඹ පළාතේ ඇතැම් ස්ථානවලත් තැනින් තැන වැසි ඇති වන අතර අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී නැගෙනහිර සහ ඌව පළාත් වල තැනින් තැන ගිගුරුම් සහිත වැසි වර්ධනයවේ. තවද දිවයින හරහා (කඳුකර ප්‍රදේශවල) සහ අවට මුහුදු ප්‍රදේශ වල විටින් විට හමන තරමක් තද සුළං බලාපොරොත්තු විය හැකිය‘.ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 17/05/2015   නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය32259060වැසි ස්වල්පයක්.මඩකලපුව32259075අපරභාගයේදී  හා සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි.කොළඹ31259570තැනින් තැන වැසි.ගාල්ල29269075තැනින් තැන වැසි.යාපනය30249575වැසි හෝ ගිගුරුම් සහිත වැසි.මහනුවර29219565වැසි ස්වල්පයක්.නුවරඑළිය21139075වැසි ස්වල්පයක්.රත්නපුරය32239565අපරභාගයේදී  හා සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි.ත්‍රීකුණාමළය32259565අපරභාගයේදී  හා සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි.මන්නාරම31269575වැසි හෝ ගිගුරුම් සහිත වැසි 
‘නිරිත දිග මෝසමෙන් නිරිත දිගට වැසි‘
0
බස්නාහිර, සබරගමුව, දකුණ සහ මධ්‍යම පළාත්වල වැසි වාර කීපයක් ඇති වන අතර අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී නැගෙනහිර සහ ඌව පළාත් වල ස්ථාන ස්වල්පයක ගිගුරුම් සහිත වැසි වර්ධනය වන බව කාලගුණ විද්‍යා ෙදපාර්තෙම්න්තුව සදහන් කරයි.විශේෂයෙන් කඳුකර ප්‍රදේශවල සහ අවට මුහුදු ප්‍රදේශවලින් විටින් විට තද සුළං බලාපොරොත්තු විය හැක. සෙසු මුහුදු ප්‍රදේශ වල ස්ථාන ස්වල්පයක අපරභාගයේදී සහ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් කියයි.දිවයින වටා මුහුදු ප්‍රදේශ විටින් විට රළු ස්වභාවයක් ගනී.2015 මැයි  මස 24 වැනි දින උදෑසන 05.30 ට නිකුත් කරන ලදි.
‘නිරිත දිග මෝසමෙන් නිරිත දිගට වැසි‘
0
බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන බවත් මධ්‍යම කඳුකරය හරහා සහ බස්නාහිර හා දකුණු මුහුදු ප්‍රදේශවලට නිරිත දෙසින් හමන මෝසම් සුළං වේගය විටින් විට පැයට කිලෝ මිටර් 50-60 පමණ දක්වා වැඩි විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 19/07/2015    නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය33268560ප්‍රධාන වශයෙන් වැසි රහිත.මඩකලපුව37277050සන්ධ්‍යා කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි.කොළඹ30278570වැසි වාර කිහිපයක්ගාල්ල29258575වැසි වාර කිහිපයක්යාපනය33287560ප්‍රධාන වශයෙන් වැසි රහිතමහනුවර26238575වැසි වාර කිහිපයක්නුවරඑළිය17149585වැසි වාර කිහිපයක්රත්නපුරය30269580වැසි වාර කිහිපයක්ත්‍රීකුණාමළය35268050සන්ධ්‍යා කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි.මන්නාරම31278575ප්‍රධාන වශයෙන් වැසි රහිත.  
ඉදිරි 24 පැයේ කාලගුණය
1
බස්නාහිර, සබරගමුව හා මධ්‍යම පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බවත් වයඹ පළාතේද  තැනින් තැන වැසි බලාපොරොත්තු වන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.සවස 4 සිට රාත්‍රී 8 පමණ දක්වා කාලයේදී දිවයිනේ අනෙකුත් පළාත් වල තැනින් තැන ගිගුරුම් සහිත වැසි වර්ධනය විය හැකියි.ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 02/09/2015    නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය35259040සවස 4 සිට රාත්‍රී 8 දක්වා කාලයේදී ගිගුරුම් සහිත වැසිමඩකලපුව34268565සවස  4සිට රාත්‍රී 8 දක්වා කාලයේදී ගිගුරුම් සහිත වැසිකොළඹ32269075වැසි වාර කිහිපයක්.ගාල්ල31259080වැසි වාර කිහිපයක්.යාපනය34278560ප්‍රධාන වශයෙන් වැසි රහිත.මහනුවර31219560වැසි වාර කිහිපයක්.නුවරඑළිය20139570වැසි වාර කිහිපයක්.රත්නපුරය32249565වැසි වාර කිහිපයක්.ත්‍රීකුණාමළය36269055සවස 4 සිට රාත්‍රී 8 දක්වා කාලයේදී ගිගුරුම් සහිත වැසිමන්නාරම32269070ප්‍රධාන වශයෙන් වැසි රහිත.  
ඉදිරි 24 පැයේ කාලගුණය
0
බස්නාහිර, දකුණ, සබරගමුව සහ මධ්‍යම පළාත්වල වැසි වාර කිහිපයක් ඇති වන බවත් අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක ගිගුරුම් සහිත වැසි වර්ධනය වන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. ‘කඳුකර ප්‍රදේශවල සහ අවට මුහුදු ප්‍රදේශ වල විටින් විට හමන සුළඟේ වේගය පැයට කිලෝ මීටර්  50-70 දක්වා වැඩි විය හැකියි.‘ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 17/07/2015    නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය34268555ප්‍රධාන වශයෙන් වැසි රහිත.මඩකලපුව35278050සන්ධ්‍යා කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි.කොළඹ32279070වැසි වාර කිහිපයක්ගාල්ල29259080වැසි වාර කිහිපයක්යාපනය34277565ප්‍රධාන වශයෙන් වැසි රහිත.මහනුවර29249070වැසි වාර කිහිපයක්නුවරඑළිය19149585වැසි වාර කිහිපයක්රත්නපුරය31259570වැසි වාර කිහිපයක්ත්‍රීකුණාමළය35267550ප්‍රධාන වශයෙන් වැසි රහිත.මන්නාරම32278565ප්‍රධාන වශයෙන් වැසි රහිත. 
ඉදිරි 24 පැයේ කාලගුණය
0
බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල සහ ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇති වන බවත් දහවල් 2 සිට රාත්‍රී 8 දක්වා කාලයේදී, ඌව සහ නැගෙනහිර පළාත්වල ස්ථාන ස්වල්පයක ගිගුරුම් සහිත වැසි වර්ධනය වන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. විශේෂයෙන් මධ්‍යම කඳුකරය හරහා සහ අවට මුහුදු ප්‍රදේශ වල නිරිත දෙසින් හමන මෝසම් සුළං වේගය විටින් විට පැයට කිලෝ මීටර්. 50 -60 පමණ දක්වා වැඩි විය හැකියි.ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 05/08/2015    නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය35258560වැසි ස්වල්පයක්.මඩකලපුව33268560අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.කොළඹ31279070වැසි වාර කිහිපයක්.ගාල්ල30258575වැසි වාර කිහිපයක්.යාපනය33278060ප්‍රධාන වශයෙන් වැසි රහිත.මහනුවර29219565වැසි වාර කිහිපයක්.නුවරඑළිය19139570අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.රත්නපුරය32249570වැසි වාර කිහිපයක්.ත්‍රීකුණාමළය35258550ප්‍රධාන වශයෙන් වැසි රහිත.මන්නාරම31278575ප්‍රධාන වශයෙන් වැසි රහිත.  
ඉදිරි 24 පැයේ කාලගුණය
0
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ වයඹ පළාත් වල වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. නැගෙනහිර පළාතේ ස්ථාන ස්වල්පයක සවස 2.00න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 16/06/2016නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය33268560ප්‍රධාන වශයෙන් වැසි රහිතමඩකලපුව36278050ප්‍රධාන වශයෙන් වැසි රහිතකොළඹ32278570වැසි වාර කිහිපයක්ගාල්ල30278580වැසි වාර කිහිපයක්යාපනය32287065ප්‍රධාන වශයෙන් වැසි රහිතමහනුවර29239070වැසි වාර කිහිපයක්නුවරඑළිය19149580වැසි වාර කිහිපයක්රත්නපුරය31259070වැසි වාර කිහිපයක්ත්‍රීකුණාමළය35278050ප්‍රධාන වශයෙන් වැසි රහිතමන්නාරම32278570ප්‍රධාන වශයෙන් වැසි රහිත
‘පළාත් කීපයකට මද වැසි‘
1
ශ්‍රී ලංකාවේ ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පැවැතියත්  බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන කිහිපයක වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 09/07/2016නගරය නගරයඋෂ්ණත්වය(සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය34259055ප්‍රධාන වශයෙන් වැසි රහිතමඩකලපුව35268555ප්‍රධාන  වශයෙන් වැසි රහිතකොළඹ31268570වැසි ස්වල්පයක්ගාල්ල30269075වැසි ස්වල්පයක්යාපනය33278565ප්‍රධාන  වශයෙන් වැසි රහිතමහනුවර29209060වැසි ස්වල්පයක්නුවරඑළිය18149065ප්‍රධාන  වශයෙන් වැසි රහිතරත්නපුරය31249060වැසි ස්වල්පයක්ත්‍රිකුණාමලය35268050ප්‍රධාන  වශයෙන් වැසි රහිතමන්නාරම31279075ප්‍රධාන  වශයෙන් වැසි රහිත                
‘පළාත් කීපයකට මද වැසි‘
0
ශ්‍රී ලංකාවට ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පැවැතියත් බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 01/07/2016නගරය නගරයඋෂ්ණත්වය(සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය32268560ප්‍රධාන වශයෙන් වැසි රහිතමඩකලපුව36277045ප්‍රධාන වශයෙන් වැසි රහිතකොළඹ30279075වැසි ස්වල්පයක් ඇතිවිය හැක.ගාල්ල30279080වැසි ස්වල්පයක්යාපනය32288075ප්‍රධාන වශයෙන් වැසි රහිතමහනුවර28238070වැසි ස්වල්පයක්නුවරඑළිය17149585වැසි  ස්වල්පයක් ඇතිවිය හැක.රත්නපුරය32259065වැසි ස්වල්පයක්ත්‍රිකුණාමළය33268560ප්‍රධාන වශයෙන් වැසි රහිතමන්නාරම30278575ප්‍රධාන වශයෙන් වැසි රහිත
‘පළාත් කීපයකට මද වැසි‘
0
ශ්‍රී ලංකාවේ ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පැවැතියත්  බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සුළු වශයෙන් වර්ෂාව ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු කියයි.ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 30/06/2016නගරය නගරයඋෂ්ණත්වය(සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය32268560ප්‍රධාන වශයෙන් වැසි රහිතමඩකලපුව36278045ප්‍රධාන වශයෙන් වැසි රහිතකොළඹ30279075වැසි ස්වල්පයක් ඇතිවිය හැක.ගාල්ල29269585වැසි ස්වල්පයක්යාපනය31277565ප්‍රධාන වශයෙන් වැසි රහිතමහනුවර28228575වැසි ස්වල්පයක්නුවරඑළිය18149580වැසි  ස්වල්පයක් ඇතිවිය හැක.රත්නපුරය31249575වැසි ස්වල්පයක්ත්‍රිකුණාමළය34267560ප්‍රධාන වශයෙන් වැසි රහිතමන්නාරම31278575ප්‍රධාන වශයෙන් වැසි රහිත
‘පළාත් කීපයකට මද වැසි‘
0
(රොමේෂ් මධුෂංඛ)මුලතිව් පුදුකුඩිඉරිප්පු සුගන්දිරපුරම් ප්‍රදේශයේ මිනිස් අස්ථි කොටස් හමු වූ ස්ථානයේ  වැඩිදුර කැණීම් සිදුකිරීමේදී මිනිස් හිස් කබළක් ඇතුළු තවත් අස්ථි කොටස් කීපයක්  සහ ඇදුම් හමුවීමත් සමඟ ඒ ස්ථානයේ ඉදිරි දිනයන්හීත් කැණීම් කටයුතු සිදු කරන මෙන් මුලතිව් මහේස්ත්‍රාත් එස්.ලෙනින් කුමාර් මහතා මුලතිව් අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට හා පොලීසියට නියෝග කර තිබේ. මුලතිව් පුදුකුඩිඉරිප්පු සුගන්දිරපුරම් ප්‍රදේශයේ පිහිටි ඉඩමක තිබු මිනිස් ඇටසැකිලි හමුවු ස්ථානයේ පසුගිය දිනයන්හි මුලතිව් මහේස්ත්‍රාත් එස්.ලෙනින්කුමාර් මහතාගේ හා විශේෂඥ අධිකරණ වෛද්‍ය නිළධාරීඑස්.ඉලන්ගෝවන් මහතා ඇතුළු පිරිසගේ අධීක්ෂණයෙන් කැනීම් කරනු ලැබිණි. අදාළ ස්ථානයේ තිබි මිනිස් හිස් කබලක්, ඇතුළු අස්ථි කොටස් කිහිපයක් හා ඇදුමක කොටස් කිහිපයක් ගොඩගත් බවත්, තවදුරටත් අදාළ ස්ථානයේ කැනීම් කටයුතු සිදුකළ යුතු බවත් මහේස්ත්‍රාත්වරයා පොලිසිය වෙත නියෝග කර  ඇත.මුලතිව් පුදුකුඩිඉරිප්පු, සුගන්ධිපුරම් එස්.නගුලේශ්වරන් නැමැත්තෙකු සිය ඉඩම වගාවන් වෙනුවෙන් සකස් කිරීමේදී අදාළ ඉඩමේ ගසක් පාමුල තිබි ඔක්තෝම්බර් මස 20 වැනිදා අස්ථි කොටස් කිහිපයක් නිරීක්ෂණයෙන් අනතුරුව අදාළ ස්ථානය සම්බන්ධයෙන් පොලිසිය දැනුවත් කොට මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණ නියෝග යටතේ කැනීම් කටයුතු සිදුකෙරිණි. මුලතිව් අතුරුදහන්වූවන්ගේ ඥාතීන්,මානව හිමිකම් නියෝජිතයින්, පුදුකුඩිඉරිප්පු නිලධාරීන්, පුරාවිද්‍ය නිලධාරීන් ඇතුළු නිලධාරීන්ගේ අධික්ෂණය යටතේ අදාළ ස්ථානය කැණිම් කළ බවද පොලිසිය පැවසීය.
මුලතිව් සුගන්දිපුරම් ප්‍රදේශයේ වැඩිදුර කැණීම් අරඹයි
1
(සිතුම් චතුරංග)මුලතිව් ,පුදුකුඩිඉරිප්පු, සුගන්දිරපුරම් හි ඉඩමකතිබී මිනිස් අස්ථි කොටස් හමුවූ ස්ථානය ‍තෙවැනි දිනටත් සිදුකළ කැණීම් වලදී මිනිස් හිස් කබලක් ඇතුළු අස්ථි කොටස් කිහිපයක් අද (29) සොයාගත් බව පුදුකුඩිරිප්පු පොලිසිය පවසයි.මුලතිව් මහේස්ත්‍රාත් එස්.ලෙනින්කුමාර් හා විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී එස්.ඉලන්ගෝවන් යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ පොලිස් අපරාධ ස්ථාන විමර්ශන නිලධාරීන් කැනීම් ආරම්භ  කරනු ලැබූ අතර එහිදී ඇදුමක කොටස් කිහිපයක් , ගෙල පළදින නූලක්, සුරයක් ඇතුළු ද්‍රව්‍ය කිහිපයක්ද හමුව තිබේ.කැනීම් කටයුතු හෙට (30) සිව්වන දිනටත් සිදුකරන බවත් අදාළ ස්ථානය තුළ තවත් අස්ථි කොටස් කිහිපයක් මතුපිටට පෙනෙන්නට ඇති බවත් මුලතිව් පොලිසිය පවසයි.අස්ථි කොටස් සම්බන්ධයෙන් මෙතෙක් නිගමනයකට එළඹි නොහැකි බවත් සිදුකරන විමර්ශනවලින් අනතුරුව ඒ පිළිබඳ නිශ්චිත අර්ථ දැක්වීමක් සිදුකළ හැකි බවද මුලතිව් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.මුලතිව් පුදකුඩිඉරිප්පු, සුගන්ධිපුරම් එස්.නගුලේශ්වරන් නැමැත්තෙකු සිය වගාවන් වෙනුවෙන් ඉඩම සකස් කිරීමේදී එහ ඉඩමේ ගසක් පාමුල තිබි ඔක්තෝම්බර් මස 20 වැනිදා අස්ථි කොටස් කිහිපයක් හමුවීමෙන් අනතුරුව අදාළ ස්ථානය සම්බන්ධයෙන් මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණ නියෝග මත කැනීම් කටයුතු සිදුකෙරිණ.මුලතිව් අතුරුදහන්වූවන්ගේ ඥාතීන්, මානව හිමිකම් ක්‍රියාකාරීන්, පුදුකුඩිඉරිප්පු පොලිස් නිලධාරීන්, පුරාවිද්‍ය නිලධාරීන් ඇතුළු නිලධාරීන්ගේ අධික්ෂණය යටතේ අදාළ ස්ථානය කැනීම් තවදුරටත් සිදුකරන බවද පොලිසිය පැවසීය.අදාළ ස්ථානයෙන් විවිධ ප්‍රමාණයේ අස්ථි කොටස් කිහිපයක් හමුව ඇති අතර අදාළ අස්ථි වෝහාරික පරීක්ෂණ වෙනුවෙන් යොමු කිරීමට මහේස්ත්‍රාත්වරයා නියම කොට තිබේ.සිද්ධිය සම්බන්ධයෙන් පුදුකුඩිඉරිප්පු පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.    
මුලතිව් සුගන්දිපුරම් ප්‍රදේශයේ වැඩිදුර කැණීම් අරඹයි
0
(විජේරත්න රත්නායක)2020 වසර සඳහා වූ හාලිඇල ප්‍රාදේශීය සභාවේ අයවැය අද (26) සවස වැඩි ඡන්ද 03 කින් සභා සම්මත විය.හාලිඇල ප්‍රාදේශීය සභාවේ සභාපති ආර්.එම්.නිමල් සේනානායක මහතා විසින් අයවැය කෙටුම්පත සභාවට ඉදිරිපත් කළ අතර ඒ පිළිබඳව පැය පහක් පමණ පුරා පැවැති අයවැය විවාදයෙන් පසුව සිදුකෙරුණු විවෘත ඡන්ද විමසීමේදී අයවැයට පක්ෂව ඡන්ද 21 ක් හා විපක්ෂව ඡන්ද 18 ක්ද ලැබිණි.එම සභාවේ සභාපතිවරයා ඇතුළු සභිකයින් 40 දෙනා අතරින් එක් මන්ත්‍රීවරියක් අද දින සභාවට පැමිණ නොසිටියාය.මෙම ඡන්ද විමසීමේදී සභාපතිවරයා ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන සභිකයින් 11 දෙනෙක් සහ උප සභාපතිවරයා ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ සභිකයින් 10 දෙනෙකුද අයවැයට පක්ෂව ඡන්දය දුන්හ.එම සභාවේ විපක්ෂ නායකවරයා ඇතුළු එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් 10 දෙනාද ජනතා විමුක්ති පෙරමුණ මන්ත්‍රීවරුන් දෙදෙනාද ස්වාධීන කණ්ඩායම් දෙකක් නියෝජනය කරන මන්ත්‍රීවරුන් තිදෙනාද එක්සත් ජාතික පක්ෂයේ කේ.එම්.ප්‍රේමදාස හා පී.බී.සුසන්ත සිල්වා යන මන්ත්‍රීවරුන් දෙදෙනා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අජි බහාර් තුවාන් මන්ත්‍රීවරයාද අයවැයට විරුද්ධව ඡන්දය භාවිතා කළහ.ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන එච්.එච්.ජයන්ති බුද්ධිකා මන්ත්‍රීවරිය සභාවට සහභාගීව නොසිටියාය.
හාලිඇල ප්‍රාදේශීය සභාවේ අයවැය සම්මතයි
1
( ඩී.කේ.රත්න) ඇල්ල ප‍්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂයේ 2019 වර්ෂයේ මංගල ප‍්‍රාදේශීය සභා අයවැය අද (30)  වැඩි ඡන්ද හයකින් පරාජයට පත් විය.ඇල්ල ප‍්‍රාදේශීය සභාවේ සභාපති අමිල බස්නායක මහතා (එ.ජා.ප.) විසින් 2019 වර්ෂයේ අයවැය ලේඛනය ඇල්ල ප‍්‍රාදේශීය සභාවේ මාසික මහා සභාවාරයට ඉදිරිපත් කිරීමෙන් පසු විවාදයට ගැනීමෙන් අනතුරුව සිදු කළ ඡන්ද විමසීමේදී අයවැයට පක්ෂව ඡන්ද හයක් සහ විපක්ෂව ඡන්ද දහතුනක් ලැබීමෙන් අයවැය ලේඛනය වැඩි ඡන්ද හයකින් පරාජයට පත්විය.ඡන්දයට පක්ෂව එ.ජා.පක්ෂයේ සභාපතිවරයා ඇතුළුව එම පක්ෂයේ මන්ත‍්‍රීවරුන් හත් දෙනෙකු ඡන්දය ප‍්‍රකාශ කළ අතර අයවැයට විරුද්ධව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත‍්‍රීවරුන් හත්දෙනෙකු එක්සත් ජනතා නිදහස් සන්ධානය මන්ත‍්‍රීවරු හතර දෙනෙකු ජනතා විමුක්ති පෙරමුණ මන්ත‍්‍රීවරයා සහ ස්වාධීන කණ්ඩායමේ මන්ත‍්‍රීවරයා ඡන්දය ප‍්‍රකාශ කළහ.මෙම සභාව සදහා ලංකා කම්කරු කොංග‍්‍රසය නියෝජනය කරන මන්ත‍්‍රීවරයා මෙදින සභාවට පැමිණ සිටියේ නැත.  
හාලිඇල ප්‍රාදේශීය සභාවේ අයවැය සම්මතයි
0
( විජේරත්න රත්නායක) සොරණාතොට ප්‍රාදේශීය සභාවේ 2020 අයවැය අද(12) වැඩි ඡන්ද 08 කින් සභා  සම්මත විය. එම ප්‍රාදේශීය සභාවේ සභාපති නදීකා ප්‍රිශාන්ති දිසානායක (එ.ජ.නි.ස.) මහත්මිය විසින් අදාල අයවැය කෙටුම්පත සභාවට ඉදිරිපත් කළ අතර ඒ සම්බන්ධයෙන් සෙසු මන්ත්‍රීවරුන් අදහස් දැක්වීමෙන් අනතුරුව ඡන්ද විමසීම සිදුකෙරිණි.එහිදී අයවැයට පක්ෂව ඡන්ද 12ක් සහ    අයවැයට විරුද්ධව ඡන්ද 04 ක් ලැබිණි. එහිදී එම සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන නීල් ප්‍රේමතිලක, කුමාරසේකර බණ්ඩා, චිත්‍රමානෙල් රාජපක්ෂ හා ජ.වි.පෙ. නියෝජනය කරන අසෝක කීර්ති ජයලත් යන මන්ත්‍රීවරු අයවැයට විරුද්ධව ඡන්දය පාව්ච්චි කළහ.එ.ජ.නි.සන්ධානය හා එ.ජා.ප.ය  එක්ව පාලනය කරන සභිකයින් 16 දෙනෙකුගෙන් යුතු සොරණාතොට ප්‍රාදේශීය සභාවේ සභාපතිනිය ඇතුළු සෙසු මන්ත්‍රීවරුන් අයවැයට පක්ෂව ඡන්දය භාවිතා කළ අතර ඒ අනුව එම සභාවේ 2020 වසර සඳහා වූ අයවැය වැඩි ඡන්ද 08 කින් සභා සම්මත විය
හාලිඇල ප්‍රාදේශීය සභාවේ අයවැය සම්මතයි
0
(සිරංගිකා ලොකුකරවිට)බෝපේ පෝද්දල ප්‍රාදේශිය සභාවේ 2020 වර්ෂය සදහා වු අයවැය ලේඛනය  අද (03) පැවති විශේෂ  ප්‍රාදේශීය සභා රැස්විමේ දී වැඩි ඡන්ද එකොලහකින් සම්මත විය. අයවැය යෝජනාවට පක්ෂව ඡන්ද 13ක් ලැබුණු අතර විපක්ෂව ඡන්ද දෙකක් ලැබිණි. මන්ත්‍රීවරු හයදෙනෛක් ඡන්දය දීමෙන් වැළකී සිටියහ. ප්‍රාදේශිය සභාවේ 2020 වර්ෂය සදහා වු අයවැය ලේඛනය සභාපති දිල්රුක් අබේකෝන් මහතා විසින් සභාවට ඉදිරිපත් කරණු ලැබීය. අයවැය යෝජනාවට පක්ෂව  ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු 11දෙනා සහ  එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රිවරු  දෙදෙනා ඡන්දය ලබා දුන්හ.අයවැය යෝජනාවට විරුද්ධව ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු දෙදෙනා ඡන්දය ලබා දුන්හ. විපක්ෂ නායක හුසේන් කියාස්  මහතා සමග එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රිවරු හය දෙනකු ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියහ. ඒ අනුව  අයවැය යෝජනාව වැඩි ඡන්ද  11කින් සභා සම්මත විය.අද (03) පැවති ප්‍රාදේශිය සභා රැස්වීමේ අයවැය සඳහා ඡන්ද විමසීම සිදුකරන අවස්ථාවේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රේමලාල් අබේසේකර මන්ත්‍රීවරයා සභාවේ නොසිටි අතර මෙම සභාව නීත්‍යානුකූල නොවන බවට රීති ප්‍රශ්නයක් මතු කරමින් අයවැය යෝජනා සාකච්ඡාවට ගැනීමට පෙර හෙතෙම සභාවෙන් පිටවී ගියේය.ප්‍රාදේශිය සභා රැස්වීම කලේගාන ප්‍රාදේශිය සභා ශ්‍රවණාගාරයේ දී සභාපති දිල්රුක් අබේකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. 
හාලිඇල ප්‍රාදේශීය සභාවේ අයවැය සම්මතයි
0
(මනෝප‍්‍රිය ගුණසේක ගවයින් ප‍්‍රවාහනය කිරීමට බලපත‍්‍රයක් ලබාදීම සඳහා රුපියල් 5,000/-ක අල්ලසක් ලබා ගැනීමේ චෝදනාවට වරදකරු වු මස්කෙළිය පශූ වෛද්‍ය කාර්යාලයේ හිටපු සත්ත්ව සංවර්ධන උපදේශකවරයාට වසර 03 ක බරපතල වැඩ සහිත සිරදඬුවමක් කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා නියම කළේය.විත්තිකරුට නියම කළ සිරදඬුවමට අමතරව රුපියල් 5,000/-ක දඩයකටද  විනිසුරුවරයා විසින් ඔහු යටත් කරන ලදී.සමාජය අල්ලසින් බේරා ගැනීම සඳහා අනෙකුත් රාජ්‍ය සේවකයින්ද අල්ලසින් ඈත් කර තැබීමට හැකි වන ආකාරයේ දඬුවමක් විත්තිකරුට නියම කරන්නැයි අල්ලස් කොමිසමේ නිලධාරීන් කළ ඉල්ලීමක් පිළිගත් විනිසුරුවයා විත්තිකරුට අදාළ දඬුවම් නියම කළේය.චෝදනාවට වරදකරුවීම නිසා මෙලෙස දඬුවම් නියම කරන ලද්දේ මස්කෙළිය පශූ වෛද්‍ය කාර්යාලයට අනුයුක්තව සත්ව සංවර්ධන උපදේශකවරයා ලෙස රාජකාරි කළ චමින්ද බණ්ඩාර නමැත්තාටය.2014 වසරේදී කාලයේ මස්කෙළියේ දී ගවයින් ප‍්‍රවාහනය කිරීමට බලපත‍්‍රයක් ලබාදීම සඳහා පුද්ගලයකුගෙන් රුපියල් 5,000/-ක අල්ලසක් ඉල්ලීම, ලබා ගැනීම ඇතුළු චෝදනා හතරක් යටතේ විත්තිකරුට එරෙහිව අල්ලස් කොමිසම නඩු පවරා තිබිණි.ඉදිරිපත් වු කරුණු සැළකිල්ලට ගත් විනිසුරුවරයා විත්තිකරුට අදාළ දඬුවම් නියම කළේය.
අල්ලස් ගත් උපදේශකට සිරදඬුවම්
1
(මනෝප‍්‍රිය ගුණසේකර)කුඹුරු ඉඩමක් පවරා දීමට අවශ්‍ය කටයුතු කරදීම සඳහා ගොවියකුගෙන් රුපියල් 8000ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවට වරදකරු වූ අක්කරේපත්තු හිටපු ගොවිජන සංවර්ධන නිලධාරීවරයාට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා විසින් වසර 16 ක බරපතල වැඩ සහිත සිරදඬුවමක් අද (19) නියම කළේය.මෙම අල්ලස ලබාගැනීම සඳහා ඔහුට ආධාර අනුබල ලබාදුන් එම කාර්යාලයේ හිටපු ලිපිකරුට ද වසර 04 ක බරපතල වැඩ සහිත සිරදඬුවමක් නියම කළේය.විත්තිකරුවන්ට නියම කළ සිරදඬුවමට අමතරව රුපියල් 30000 ක දඩයකටද යටත් කළ විනිසුරුවරයා විත්තිකරු අල්ලස් ලබාගත් ගොවි මහතාට රුපියල් 50,000 බැගින් වන්දි ගෙවීමටද නියම කළේය.සමාජය අල්ලසින් බේරා ගැනීම සඳහා අනෙකුත් රාජ්‍ය සේවකයින්ද අල්ලසින් ඈත් කර තැබීමට හැකි වන ආකාරයේ දඬුවමක් විත්තිකරුට නියම කරන්නැයි අල්ලස් කොමිසමේ සහකාර අධ්‍යක්‍ෂ ජනරාල් නීතීඥ සශි‍්‍රකා චන්ද්‍රවංශ මහත්මිය කළ ඉල්ලීමක් පිළිගත් විනිසුරුවරයා විත්තිකරුවන්ට අදාළ දඬවම නියම කළේය.විත්තිකරුට එරෙහි චෝදනාවන් පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇතැයි තීරණය කළ විනිසුරුවරයා එම චෝදනාවන්ට වරදකරු වූ විත්තිකරුට අදාළ දඬුවම නියම කළේය.චෝදනාවට වරදකරුවීම නිසා මෙලෙස දඬුවම් නියම වුයේ අක්කරේපත්තු ගොවිජන සංවර්ධන නිලධාරීවරයා ලෙස කටයුතු කළ අබ්දුල් ලතීෆ් අබ්දුල් ගනී නමැත්තාට සහ මෙම අල්ලස ලබාගැනීම සඳහා ඔහුට ආධාර අනුබල ලබාදුන් එම කාර්යාලයේ ලිපිකරු ලෙස කටයුතු කළ සුලෙයිමාන් ලෙබ්බේ මුනාෆ් නමැත්තාටය.
අල්ලස් ගත් උපදේශකට සිරදඬුවම්
0
(මනෝප‍්‍රිය ගුණසේකර) සුදු බීඩී ළඟ තබාගැනීම සම්බන්ධයෙන් නඩු නොපවරවා සිටීමට රුපියල් 5,000/-ක අල්ලසක් ගැනීමේ චෝදනාවට වරදකරු වු තංගල්ල සුරාබදු නියාමකවරයාට වසර 24 ක බරපතල වැඩ සහිත සිරදඬුවමක් නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා එම සිරදඬුවම වසර 8ක කාලයකින් ගෙවී යන අන්දමට ක‍්‍රියාත්මක කරන්නැයි නියම කළේය.විත්තිකරුට නියම කළ සිරදඬුවමට අමතරව රුපියල් 24,000/-ක දඩයකට ද  ඔහු යටත් කළ විනිසුරුවරයා විත්තිකරු අල්ලස් වශයෙන් ලබාගත් රුපියල් 5,000/-ක අල්ලස් මුදල දණ්ඩනයක් ලෙස අයකර ගැනීමටද නියම කළේය.සමාජය අල්ලසින් බේරා ගැනීම සඳහා අනෙකුත් රාජ්‍ය සේවකයින් ද අල්ලසින් ඈත් කර තැබීමට හැකි වන ආකාරයේ දඬුවමක් විත්තිකරුට නියම කරන්නැයි අල්ලස් කොමිසමේ සහකාර නීතී අධ්‍යක්‍ෂ නීතීඥ රුවනි වික‍්‍රමසිංහ මහත්මිය කළ ඉල්ලීමක් පිළිගත් විනිසුරුවරයා විත්තිකරුට අදාළ දඩුවම් නියම කළේය.චෝදනාවට වරදකරුවීම නිසා මෙලෙස දඬුවම් නියම කරන ලද්දේ තංගල්ල සුරාබදු නියාමක කාර්යාලයට අනුයුක්තව සුරාබදු නියාමකවරයා ලෙස රාජකාරි කළ නිලන්ත සිසිරකුමාර මද්දුම පටබැඳි නමැත්තාටය.ඉදිරිපත් වු කරුණු සැළකිල්ලට ගත් විනිසුරුවරයා එක් චෝදනාවකට වසර 03 බැගින් චෝදනා 08 සඳහා වසර 24ක සිරදඬුවම් නියම කර එම සිරදඬුවම් කාලය වසර 08කින් ගෙවී යන පරිදි ක‍්‍රියාත්මක කිරීමට නියම කළේය.
අල්ලස් ගත් උපදේශකට සිරදඬුවම්
0
උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල  සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. සෙසු ප්‍රදේශ වල සවස 2.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වේ.ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 29/03/2016නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය36259040වැසි වාර කිහිපයක්මඩකලපුව32259570වැසි වාර කිහිපයක්කොළඹ33259060සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසිගාල්ල34269055සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසියාපනය35267545වැසි වාර කිහිපයක්මහනුවර34229540සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසිනුවරඑළිය24129545සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසිරත්නපුරය36249560සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසිත්‍රීකුණාමළය33268555වැසි වාර කිහිපයක්මන්නාරම35269555වැසි වාර කිහිපයක්
‘පළාත් කීපයකට හෙට වැසි‘
1
නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයෙත් තැනින් තැන වැසි ඇති විය හැකි බවත් සෙසු ප්‍රදේශ වල සවස 2.00 න් පසුව වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 30/03/2016නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය34249060සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසිමඩකලපුව32259570වැසි වාර කිහිපයක්කොළඹ33249060සවස 4.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසිගාල්ල34258560සවස 4.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසියාපනය33258065වැසි ස්වල්පයක්මහනුවර32209560සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසිනුවරඑළිය23119545සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසිරත්නපුරය36239555සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසිත්‍රීකුණාමළය32248575වැසි වාර කිහිපයක්මන්නාරම33259575සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි
‘පළාත් කීපයකට හෙට වැසි‘
0
ශ්‍රී ලංකාවේ උතුරු, උතුරු මැද, නැගෙනහිර හා ඌව පළාත් වල වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. සෙසු ප්‍රදේශවල තැනින් තැන සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති  වේ.ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 26/01/2016නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය31249075වැසි ස්වල්පයක්මඩකලපුව31249080වැසි වාර කීපයක් .කොළඹ33259060සවස 2.00න් පමණ පසුව  වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.ගාල්ල31249070සවස 2.00න් පමණ පසුව  වැසි හෝ ගිගුරුම් සහිත වැසි.යාපනය30248575වැසි ස්වල්පයක්   ඇතිවිය හැක.මහනුවර31219570සවස 2.00න් පමණ පසුව  වැසි හෝ ගිගුරුම් සහිත වැසි.නුවරඑළිය21129585සවස 2.00න් පමණ පසුව  වැසි හෝ ගිගුරුම් සහිත වැසි.රත්නපුරය34249560සවස 2.00න් පමණ පසුව  වැසි හෝ ගිගුරුම් සහිත වැසි.ත්‍රීකුණාමළය30249580වැසි වාර කීපයක්මන්නාරම30249580වැසි ස්වල්පයක්   ඇතිවිය හැක.
‘පළාත් කීපයකට හෙට වැසි‘
0
නැගෙනහිර සහ ඌව පළාත් වලත්, හම්බන්තොට දිස්ත්‍රීක්කයේත් විටින් විට වැසි ඇති වන අතර උතුරු මැද පළාතේ වැසි වාර කිහිපයක්  ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.බස්නාහිර, මධ්‍යම සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රීක්කවලත් සවස 4.00 න් පසුවවැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවිය හැකියි.ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 16/02/2016නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය31249560වැසිවාර කිහිපයක්මඩකලපුව29259570විටින් විට වැසිකොළඹ31259570සවස 4.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි  ගාල්ල30259570සවස 4.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි .යාපනය29239060වැසි ස්වල්පයක්මහනුවර29219550සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසිනුවරඑළිය21119550සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසිරත්නපුරය32249560සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසිත්‍රීකුණාමළය29239570වැසිවාර කිහිපයක්.මන්නාරම31259065වැසි ස්වල්පයක්
‘පළාත් කීපයකට හෙට වැසි‘
0
(රංජිත් රාජපක්ෂ) බලපත්‍රයක් නොමැතිව පරිසර විනාශයක් සිදු කරමින් තේ වත්තේ විශාල වළක් හාරා අනවසරෙන් මැණික් ඉල්ලම් සහිත පස් ගොඩ දමමින් සිටි සැකකරුවන් පස්දෙනෙකු අද (5) අත්අඩංගුවට ගත් බව බගවන්තලාව පොලිසිය පවසයි.බගවන්තලාව පොලිස් වසමට අයත් පෙට්රසෝ තේ වත්තේ සැකකරුවන් පිරිස අනවසරෙන් මැණික් ඉල්ලම් පස් ගොඩ දමමින් සිටින බවට පොලිසියට ලද තොරතුරක් මත බගවන්තලාව පොලිසියේ නිලධාරින් විසින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.සැකකරුවන් මැණික් ගැරීමට උපයෝගී කරගත් උපකරණ රැසක්, ගොඩ දමා තිබූ ඉල්ලම් පස් තොගයක් ද පොලිස් බාරයට ගැණිනි.සැකකරුවන් අවුරුදු 50ත් 55ත් වයස් කාණ්ඩවල පසුවන එම වතුයායේම පදිංචිකරුවන් බවත්, ඔවුන් පෙට්රසෝ තේ වත්තේ ස්ථාන කිහිපයකම අනවසරෙන් මැණික් ගැරීමේ ජාවාරමේ නිරතව සිටි අය බවත් පොලිසිය පවසයි.අත්අඩංගුවට ගත් සැකකරුවන් පොලිස් ඇප මත මුදා හැර ඇත.සැකකරුවන්ට එරෙහිව පෙබරවාරි 11 දින හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නෛතික පියවර ගන්නා බව බගවන්තලාව පොලිසිය සඳහන් කළේය. 
බලපත් නැතිව මැණික් ගැරූ 5 ක් අත්අඩංගුවට
1
(රංජිත් රාජපක්ෂ)                       බලපත්‍රයක් නොමැතිව පරිසර විනාශයක් කරමින් තේ වත්තේ විශාල වලවල් හාරා මැණික් ඉල්ලම් ගොඩගෙන මැණික් ගැරූ සැකකරුවන් සිව්දෙනෙකු අද (20) අත්අඩංගුවට ගත් බව බගවන්තලාව පොලිසිය පවසයි.බගවන්තලාව පොලිස් වසමට අයත් ලොයිනොන් තේ වත්තේ තේ පදුරු මැද විශාල වලවල් හාරා පරිසර හානියක් සිදු කරමින් මැණික් ගරන බවට බගවන්තලාව පොලිසියට ලද තොරතුරක් මත මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.සැකකරුවන් සමඟ මැණික් ගැරිමට යොදාගත් උපකරණ රැසක් සහ සැකකරුවන් විසින් හරා තිබු මැණික් ඉල්ලම් සහිත පස් තොගයක් ද පොලිස් බාරයට ගෙන තිබේ.අත්අඩංගුවට ගත් සැකකරුවන් බගවන්තලාව ලොයිනොන් වතුයායේම පදිංචිකරුවන් වන අතර ඔවුන් අවුරුදු 30 - 35 වයස් කාණ්ඩවල පසුවන්නෝ වෙති.
බලපත් නැතිව මැණික් ගැරූ 5 ක් අත්අඩංගුවට
0
රංජිත් රාජපක්ෂ                      බලපත්‍රයක් නොමැතිව පරිසර විනාශයක් කරමින් තේ වත්තේ විශාල වලවල් හාරා මැණික් ඉල්ලම් ගොඩගෙන මැණික් ගැරූ සැකකරුවන් 5 දෙනෙකු බගවන්තලාව පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.බගවන්තලාව පොලිස් වසමට අයත් චැපල්ටන් තේ වත්තේ තේ පදුරු මැද විශාල වලවල් හාරා පරිසර හානියක් සිදු කරමින් මැණික් ගරන බවට බගවන්තලාව පොලිසියට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇත.සැකකරුවන් සමඟ මැණික් ගැරීමට යොදාගත් උපකරණ රැසක් සහ සැකකරුවන් විසින් හාරා තිබු මැණික් ඉල්ලම් සහිත පස් තොගයක් ද පොලිස් බාරයට ගෙන ඇත.අත්අඩංගුවට ගත් සැකකරුවන් බගවන්තලාව චැපල්ටන් වතුයායේම පදිංචිකරුවන් වන අතර ඔවුන් අවුරුදු 35 – 50 වයස් කාණ්ඩවල පසුවන්නෝ වෙති.
බලපත් නැතිව මැණික් ගැරූ 5 ක් අත්අඩංගුවට
0
(රංජිත් රාජපක්ෂ)බගවන්තලාව පොලිස් වසමට අයත් චැපල්ටන් තේ වත්තේ විශාල පරිසර හානියක් සිදු කරමින් අනවසරෙන් මැණික් ගරමින් සිටි සැකකරුවන් තිදෙනෙකු අද (31) අත්අඩංගුවට ගත් බව බගවන්තලාව පොලිසිය පවසයි.කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා කෙසෙල්ගමුඔය අසල පිහිටි චැපල්ටන් තේ වත්තේ තේ පදුරු ගලවා සැකකරුවන් මැණික් ගරමින් සිටින බවට බගවන්තලාව පොලිසියට ලද තොරතුරක් මත සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.සැකකරුවන් ගොඩ දමා තිබු මැණික් ඉල්ලම් සහිත පස් තොගයක් සහ මැණික් ගැරිමට උපයෝග කරගත් උපකරණ ද පොලිස් බාරයට ගෙන ඇත.අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 23-30 ත් අතර වයස් කාණ්ඩල පසුවන චැපල්ටන් තේ වත්තේ පදිංචිකරුවෝ වෙති. 
බලපත් නැතිව මැණික් ගැරූ 5 ක් අත්අඩංගුවට
0
(ජයන්ත සමරකෝන්)කොළඹ නගරයේ ස්ථාන රැසකට හෙට(26)රාත්‍රී 8.00 සිට අනිද්දා(27) පෙරවරු 6.00 දක්වා පැය 10ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.ඒ අනුව, කොළඹ 12, 13, 14, 15 යන ප්‍රදේශවලට මෙම කාලය තුළ ජලය බෙදාහැරීම අත්හිටුවන අතර, මේ හේතුවෙන් කොළඹ 11 ප්‍රදේශයට අඩු පීඩනයක් යටතේ ජලය ලැබීමට ඉඩ ඇතැයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.මහ කොළඹ ජල සම්පාදන වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියේ ඉදිකිරීමේ කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය වැඩිදුරටත් දැනුම් දෙයි.
හෙට කොළඹට පැය 10ක් වතුර කපයි
1
(යොහාන් භාසුර)කොළඹ නගර සීමාවේ ප්‍රදේශ කීපයකට හෙට (16) පෙරවරු 8.00 සිට පැය 13 ක කාලයක් සඳහා ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.ඒ අනුව කොළඹ 9, 10, 11, 12 සහ 13 යන ප්‍රදේශවල ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය වැඩි දුරටත් කියයි.
හෙට කොළඹට පැය 10ක් වතුර කපයි
0
රටේ බොහෝ පළාත්වලට  සවස 2.00 න් පසුව ගිගිරුම් සහිත වැසි ඇති වන බවත් නැගෙනහිර සහ දකුණු  වෙරළබඩ ප්‍රදේශවල වැසි ස්වල්පයක් ඇති  වන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.විශේෂයෙන් මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල තරමක තද වැසි ඇතිවිය හැකියි.රට වටා වන මුහුදු ප්‍රදේශ සාමාන්‍යයෙන් රළු නොවන නමුත් ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව රළු වේ
'පළාත් කීපයකට තද වැසි'
1
නැගෙනහිර, දකුණ සහ ඌව පළාත්වල විටින් විට වැසි ඇති වන බවත් සෙසු පළාත්වල  සවස 2.00 න් පසුව  ගිගිරුම් සහිත වැසි ඇති වන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු කියයි. මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල තරමක තද වැසි ඇති විය හැකියි.රට වටා මුහුදු ප්‍රදේශ සාමාන්‍යයෙන් රළු නොවන නමුත් ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව රළු වේ.
'පළාත් කීපයකට තද වැසි'
0
උතුරු  සහ නැගෙනහිර පළාත් හැර දිවයිනේ බොහෝ පළාත්වල  සවස 2.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.කෙසේ වෙතත්, උතුරු  සහ නැගෙනහිර පළාත්වලත් ස්ථාන ස්වල්පයක සවස 4.00 න් පසුව වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවිය හැකියි.බස්නාහිර සහ දකුණු  වෙරළබඩ ප්‍රදේශවල උදය  කාලයේදීත්  වැසි ඇතිවන බවත්  ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති වන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
'පළාත් කීපයකට තද වැසි'
0
ශ්‍රී ලංකාවේ උතුරු සහ නැගෙනහිර පළාත්වල වැසි වාර කිහිපයක් ඇති වන බවත් සෙසු බොහෝ ප්‍රදේශවල සවස 02.00 න් පසුව ගිගුරුම් සහිත වැසි ඇති වන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි .ඇතැම් ස්ථාන වලට තරමක් මිලිමීටර්. 75 ට වැඩි වැසි  ද ඇති විය හැකියි. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැක.  
'පළාත් කීපයකට තද වැසි'
0
නැගෙනහිර හා ඌව පළාත්වල තැනින් තැන මද වැසි ඇති වන බවත්  සවස 4.00 න් පසුව බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රීක්ක වල  ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 05/03/2016නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය33239055ප්‍රධාන වශයෙන් වැසි රහිතමඩකලපුව30258075වැසි ස්වල්පයක්.කොළඹ34268555සවස 4.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි  ඇති විය හැක.ගාල්ල31269065සවස 4.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි  ඇති විය හැක.යාපනය32237560ප්‍රධාන වශයෙන් වැසි රහිතමහනුවර32229050සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි  ඇති විය හැක.නුවරඑළිය21129560සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි  ඇති විය හැක.රත්නපුරය36249545සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි  ඇති විය හැක.ත්‍රීකුණාමළය32268565ප්‍රධාන වශයෙන් වැසි රහිතමන්නාරම31278560ප්‍රධාන වශයෙන් වැසි රහිත                   
‘හෙට දිනයේ පළාත් කීපයකට මද වැසි‘
1
නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් මද වැසි ඇතිවන අතර බස්නාහිර සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රීක්ක වල  ස්ථාන කිහිපයක සවස 4.00 න් පසුව වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 08/03/2016නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය35249050ප්‍රධාන වශයෙන් වැසි රහිතමඩකලපුව31268575ප්‍රධාන වශයෙන් වැසි රහිතකොළඹ33269065සවස 4.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි  ඇති විය හැක.ගාල්ල33259055සවස 4.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි  ඇති විය හැක.යාපනය33228055ප්‍රධාන වශයෙන් වැසි රහිතමහනුවර33219055සවස 4.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි  ඇති විය හැක.නුවරඑළිය23109565සවස 4.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි  ඇති විය හැක.රත්නපුරය36249555සවස 4.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි  ඇති විය හැක.ත්‍රීකුණාමළය33268060ප්‍රධාන වශයෙන් වැසි රහිතමන්නාරම33259065ප්‍රධාන වශයෙන් වැසි රහිත                   
‘හෙට දිනයේ පළාත් කීපයකට මද වැසි‘
0
ශ්‍රී ලංකාවේ  නැගෙනහිර හා ඌව පළාත්වල සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ වැසි ස්වල්පයක් ඇති වන බවත්  බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රීක්කවලත්   ස්ථාන ස්වල්පයක සවස 4.00 න් පසුව වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.විශේෂයෙන් කඳුකර ප්‍රදේශවල සහ  නිරිතදිග කොටසේ උදෑසන කාලයේ මීදුම් තත්ත්වයක් ඇති විය හැකියි.ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 03/03/2016නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය33249055ප්‍රධාන වශයෙන් වැසි රහිතමඩකලපුව31269565වැසි ස්වල්පයක්.කොළඹ33259050සවස 4.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි  ඇති විය හැක.ගාල්ල32249055සවස 4.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි  ඇති විය හැක.යාපනය33249050ප්‍රධාන වශයෙන් වැසි රහිතමහනුවර32209555සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි  ඇති විය හැක.නුවරඑළිය21129550සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි  ඇති විය හැක.රත්නපුරය34239565සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි  ඇති විය හැක.ත්‍රීකුණාමළය32269565වැසි ස්වල්පයක්.මන්නාරම33258560ප්‍රධාන වශයෙන් වැසි රහිත                   
‘හෙට දිනයේ පළාත් කීපයකට මද වැසි‘
0
ශ්‍රී ලංකාවේ දැනට  පවතින වියලි කාලගුණ තත්ත්වයේ තරමක වෙනසක් බලාපොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. නැගෙනහිර සහ ඌව පළාත් වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් මද වැසි ඇතිවන අතර බස්නාහිර, වයඹ, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත්  සවස 4.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වේ.ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 09/03/2016නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය33249055ප්‍රධාන වශයෙන් වැසි රහිතමඩකලපුව31259070වැසි ස්වල්පයක්කොළඹ32269065සවස 4.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි  ඇති  වේ.ගාල්ල32259065සවස 4.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි  ඇති  වේ.යාපනය33227555ප්‍රධාන වශයෙන් වැසි රහිතමහනුවර32219055සවස 4.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි  ඇති විය හැක.නුවරඑළිය22129580සවස 4.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි  ඇති  වේ.රත්නපුරය35249550සවස 4.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි  ඇති  වේ.ත්‍රීකුණාමළය33268560වැසි ස්වල්පයක්මන්නාරම32259060ප්‍රධාන වශයෙන් වැසි රහිත  
‘හෙට දිනයේ පළාත් කීපයකට මද වැසි‘
0
නැගෙනහිර, දකුණ සහ ඌව පළාත්වල විටින් විට වැසි ඇති වන බවත් සෙසු පළාත්වල  සවස 2.00 න් පසුව  ගිගිරුම් සහිත වැසි ඇති වන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු කියයි. මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල තරමක තද වැසි ඇති විය හැකියි.රට වටා මුහුදු ප්‍රදේශ සාමාන්‍යයෙන් රළු නොවන නමුත් ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව රළු වේ.
‘රට පුරාම අදත් තද වැසි‘
1
රටේ බොහෝ පළාත්වලට  සවස 2.00 න් පසුව ගිගිරුම් සහිත වැසි ඇති වන බවත් නැගෙනහිර සහ දකුණු  වෙරළබඩ ප්‍රදේශවල වැසි ස්වල්පයක් ඇති  වන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.විශේෂයෙන් මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල තරමක තද වැසි ඇතිවිය හැකියි.රට වටා වන මුහුදු ප්‍රදේශ සාමාන්‍යයෙන් රළු නොවන නමුත් ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව රළු වේ
‘රට පුරාම අදත් තද වැසි‘
0
නැගෙනහිර සහ ඌව පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවත් බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල තැනින් තැන වැසි වාර කිහිපයක්  ඇති වන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. සෙසු ප්‍රදේශවල, විශේෂයෙන්ම සවස 2.00න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.  
‘රට පුරාම අදත් තද වැසි‘
0
උතුරු  සහ නැගෙනහිර පළාත් හැර දිවයිනේ බොහෝ පළාත්වල  සවස 2.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.කෙසේ වෙතත්, උතුරු  සහ නැගෙනහිර පළාත්වලත් ස්ථාන ස්වල්පයක සවස 4.00 න් පසුව වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවිය හැකියි.බස්නාහිර සහ දකුණු  වෙරළබඩ ප්‍රදේශවල උදය  කාලයේදීත්  වැසි ඇතිවන බවත්  ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති වන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
‘රට පුරාම අදත් තද වැසි‘
0
 ( තිළිණි ද සිල්වා සහ රංජන්  කටුගම්පොළ)මහරගම නගර සභාව සඳහා යතුරුපැදිය ලකුණින් තේරී පත්වූ නාගරික මන්ත‍්‍රීවරු විසිතුන් දෙනෙකුගේ පත්කිරීම බලරහිත කිරීමේ ආඥාවක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනුකළ පෙත්සම සලකා බැලීම ලබන අගෝස්තු 01 වැනිදා තෙක් කල් තැබීමට අභියාචනාධිකරණය  අද (26)  තීන්දු කළේය.පෙත්සමේ වග උත්තරකාර පාර්ශවයට නිසි පරිදී නොතීසි ලැබී නොමැති බවට ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරු අධිකරණයට කළ දැනුම් දීමට අනුව මෙම පෙත්සම සලකා බැලීම මෙදිනට කල් තැබිණි.මෙම පෙත්සම අභියාචනාධිකරණ සභාපති විනිසුරු ප‍්‍රීති පද්මන් සූරසේන සහ අර්ජුන ඔබේසේකර යන විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබිණි.මහරගම පදිංචි ඡන්දදායකයෙකු වන එල්. චන්ද්‍රසේන පෙරේරා විසින් ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස යතුරුපැදිය ලකුණෙන් ස්වාධීන කණ්ඩායම් අංක දෙක යටතේ මහරගම නගර සභාව සඳහා තේරී පත් වූ නාගරික මන්ත‍්‍රීවරුන් 23 දෙනා, මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප‍්‍රිය සහ එහි සාමාජිකයින් තිදෙනා මෙහි වගඋත්තරකරුවන් වශයෙන් නම් කරනු ලැබ සිටිති.මෙම පෙත්සමේ සදහන් වන්නේ පෙත්සම්කරු මහරගම නගර සභා බල ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකු වන බවය. පසුගිය පෙබරවාරි 10 දින පැවති පළාත් පාලන ඡන්ද විමසීමේ දී මහරගම නගර සභාව සඳහා යතුරුපැදිය ලකුණෙන් තරග කොට තේරී පත් වූ මන්ත‍්‍රීවරු විසිතුන්දෙනා එම නගර සභා බල ප‍්‍රදේශයෙන්  බැහැර වෙනත් ප‍්‍රදේශවල පදිංචිකරුවන් බවයි.එය 2017 වසරේ ඡන්ද නාමලේඛණය පරීක්ෂා බැලීමේදී ඔවුන්  දිවුලපිටිය, බඩල්ගම හා කොළඹ ආදී ප‍්‍රදේශවල පදිංචිකරුවන් තහවුරු වූ බව පෙත්සමේ සඳහන් වේ. එම මන්ත‍්‍රීවරුන්ගේ එම ක‍්‍රියාව පළාත් පාලන මැතිවරණ පනතේ පනතේ 8 වැනි වගන්තිය විධි විධාන වලට අනුව පටහැනි බවය.ඒසේම ඔවුන්ට මහරගම නගර සභාවේ මන්ත‍්‍රී ධූර දැරීම සඳහා කිසිදු සුදුසු කමක් නොමැති බවද පෙත්සම්කරු කියා සිටී.මෙසේ තේරී පත් වූ මන්ත‍්‍රීවරු නගර සභාවේ රැස්වීම් සඳහාද නිසි ලෙස සහභාගී නොවන බවත් මේ නිසා නගර සභාවේ පරිපාලන කටයුතු අකර්මන්‍ය වීමේ අවධානමක් මතුව තිබෙන හෙයින් නීතියට ප‍්‍රකාරව අදාළ මන්ත‍්‍රී ධුර දැරීමට වග උත්තරකාර මන්ත‍්‍රීවරුන්ට සුදුසුකමක් නොමැති බවට තීන්දු කරන ලෙසත් , ඔවුන්ගේ මන්ත‍්‍රීධූර අහෝසි කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන මෙන් ද අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබේ.
පෙත්සම සලකා බැලීම අගොස්තු 1 දා
1
( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )  මහරගම නගර සභාව සඳහා යතුරුපැදිය ලකුණින් තේරී පත්වූ නාගරික මන්ත‍්‍රීවරු 23 දෙනෙකුගේ පත්කිරීම බලරහිත කිරීමේ ආඥාවක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනුකළ පෙත්සම එම පෙත්සම්කාර පාර්ශවය විසින්ම අද (01) අභියාචනාධිකරණය හමුවේ ඉල්ලා අස්කර ගන්නා ලදී.මෙම පෙත්සම කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශවයේ නීතීඥවරු අධිකරණ හමුවේ දන්වා සිටියේ වගඋත්තරකාර පාර්ශවයේ නාගරික මන්ත‍්‍රීවරු බහුතරයක් දෙනා මේ වනවිටත් එම මන්ත‍්‍රී ධූරවල නොමැති බවය. එබැවින් සංශෝධන පෙත්සමත් ගොනු කිරීමට කටයුතු කරන බවයි.ඊට අවසර දුන් අභියාචනාධිකරණය එම පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අවසර ලබා දුන්නේය.මෙම පෙත්සම අභියාචනාධිකරණ සභාපති විනිසුරු ප‍්‍රීති පද්මන් සූරසේන සහ අර්ජුන ඔබේසේකර යන විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබිණි.මහරගම පදිංචි ඡන්ද දායකයකු වන එල්. චන්ද්‍රසේන පෙරේරා විසින් ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස යතුරුපැදිය ලකුණෙන් ස්වාධීන කණ්ඩායම් අංක දෙක යටතේ මහරගම නගර සභාව සඳහා තේරී පත්වූ නාගරික මන්ත‍්‍රීවරුන් 23 දෙනා, මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප‍්‍රිය සහ එහි සාමාජිකයින් තිදෙනා මෙහි වගඋත්තරකරුවන් වශයෙන් නම් කරනු ලැබ සිටිති.මෙම පෙත්සමේ සදහන් වන්නේ පෙත්සම්කරු මහරගම නගර සභා බල ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකු වන බවයි. පසුගිය පෙබරවාරි 10 දින පැවති පළාත් පාලන ඡන්ද විමසීමේ දී මහරගම නගර සභාව සඳහා යතුරුපැදිය ලකුණෙන් තරග කරන තේරී පත් වූ මන්ත‍්‍රීවරු විසිතුන්දෙනා එම නගර සභා බල ප‍්‍රදේශයෙන්  බැහැර වෙනත් ප‍්‍රදේශවල පදිංචිකරුවන් බවයි.එය 2017 වසරේ ඡන්ද නාමලේඛනය පරීක්ෂා බැලීමේදී ඔවුන්  දිවුලපිටිය, බඩල්ගම හා කොළඹ ආදී ප‍්‍රදේශවල පදිංචිකරුවන් තහවුරු වූ බව පෙත්සමේ සඳහන් වේ. එම මන්ත‍්‍රීවරුන්ගේ එම ක‍්‍රියාව පළාත් පාලන මැතිවරණ පනතේ පනතේ 8 වැනි වගන්තිය විධි විධාන වලට අනුව පටහැනි බවය.ඒසේම ඔවුන්ට මහරගම නගර සභාවේ මන්ත‍්‍රී ධූර දැරීම සඳහා කිසිදු සුදුසු කමක් නොමැති බවද පෙත්සම්කරු කියා සිටී.පෙත්සම්කරු වෙනුවෙන් නීතීඥ අමරවීර පණ්ඩිතගේ මහතාගේ උපදෙස් මත ජනාධිපති නීතීඥ ෆයිස් මුස්තාෆා මහතා පෙනී සිටියේය.
පෙත්සම සලකා බැලීම අගොස්තු 1 දා
0
(ජයරත්න වික්‍රමාරච්චි) අද(21) රාජාංගනය ජලාශයේ වාන් දොරටු 6 ක් විවෘතකර ඇතැයි රාජාංගනය වාර්මාර්ග කාර්යාලය පැවසීය. අඩි 6 බැගින් දොරටු 2ක්, අඩි 4 බැගින් දොරටු 2ක් හා අඩි 2 බැගින් දොරටු 2ක් විවෘතකර ඇති බවත්, එමගින් තප්පරයකට ජලය ඝණ අඩි 6460ක් කලාඔයට මුදාහැරෙන බවත් එම කාර්යාලය සඳහන් කළේය. ඊයේ 20 දිනය වනවිට රාජාංගනය ජලාශයේ වාන් දොරටු 8ක් විවෘත කර ජලය ඝණ අඩි 8,900ක් කලාඔයට මුදාහැරීමට පියවර ගත් බවත්, අද දොරටු 6ක් දක්වා අඩු කිරීමට හැකි වූ බවත් එම වාරිමාර්ග කාර්යාලය පැවසීය. රජරට ප්‍රධාන ජලාශයක් වන රාජාංගනය ජලාශයේ ජල ධාරිතාවය අක්කර අඩි 81,600කි. වාන් දොරටු 30ක් මෙහි ස්ථාපිතකර ඇත. ඒ අනුව ඉදිරියේදීද ජලාශයට එක්රැස්වන ජලධාරිතාව සැලකිල්ලට ගෙන වාන් දොරටු විවෘත කිරීම හෝ වැසීම පිළිබඳව අවශ්‍ය පියවර ගන්නා බවත් එම කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළේය.
රාජාංගනය ජලාශයේ වාන් දොරටු 6ක් අරී
1
(ජයරත්න වික්‍රමාරච්චි) රාජාංගනය ජලාශයේ ද අද (24) දහවල් වන විට වාන් දොරටු 8ක් විවෘත කර ඇති බව රාජාංගණය ප්‍රාදේශීය වාරි මාර්ග ඉංජිනේරු කාර්යාලය කියයි. අඩි 6 බැගින් දොරටු 2ක්, අඩි 4 බැගින් දොරටු 2ක් සහ අඩි 2 බැගින් දොරටු 4ක් විවෘතකර ඇති බවත් එමගින් තප්පරයකට ජලය ඝණ අඩි 7860ක් කලාඔයට මුදා හැරෙන බවත් එම කාර්යාලය සදහන් කරයි. 
රාජාංගනය ජලාශයේ වාන් දොරටු 6ක් අරී
0
(සිසිර ලලිත් කුමාර) නුවරඑළිය, නානුඔය, උඩ රදැල්ල තේ වතුයායේ වතු කම්කරුවෝ පිරිසක් ඉල්ලීම් කීපයක් මුල් කර ගනිමින්, වතු පාලනාධිකාරියට එරෙහිව  අද (21) උද්ඝෝෂණයක නිරත වූහ. කැලණිවැලි වැවිලි සමාගමට අයත්, උඩ රදැල්ල තේ වතුයායේ වතු කම්කරුවන් ඉකුත් 11 වැන දින සිට දෛනික සේවයට වාර්තා නොකරමින් දින 10 ක් සම්පූර්ණ වන  අද මෙම විරෝධතාව පැවැත්වූහ. මෙම උද්ඝෝෂණය සඳහා වතු කම්කරුවෝ 300 ක පමණ පිරිසක් එක්ව සිටියහ. දිනක වැටුප සඳහා එක් කම්කරුවෙකු අමු තේ දලු කිලෝ 18 ක් නෙළිය යුතු බවත්, මේ දිනවල පවතින අධික වර්ෂාවත් සමග අමු තේ දලු පළදාව බෙහෙවින් පහත බැස ඇති නිසා කිලෝ 18 ක් නෙළීම දුෂ්කර බවත් ඔවුහු කීහ. කිලෝ 18 ට අඩුවෙන් නෙළන වතු කම්කරුවන්ට දින බාගයක වැටුප සඳහා නම ඇතුළත් කරන බවත්,  එම තත්වය නිසා තමන් දැඩි අපහසුතාවයට පත්වන බවත් පවසන  වතු කම්කරුවෝ  වතු පාලනාධිකාරියෙන් සමඟ කළ සාකච්ඡා අසාර්ථක වූ බැවින් විරෝධතාවයේ යෙදෙන බව පැවැසූහ. ඉල්ලීම් ලැබෙන තෙක් අඛණ්ඩව වැඩ වර්ජනයේ නිරත වන බව ඔවුහු වැඩිදුරටත් කියා සිටියහ.  
නානුඔය වතු කම්කරුවෝ විරෝධතාවක
1
(ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක) මස්කෙළිය, ඕල්ටන් තේ වතුයායේ වතු කම්කරුවෝ පිරිසක් ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සේවයට වාර්තා නොකර අද (03) එම වතුයායේ තේ කර්මාන්ත ශාලාව ඉදිරිපිටදී වතු පාලනාධිකාරියට එරෙහිව උද්ඝෝෂණයක නිරත වූහ. මෙම උද්ඝෝෂණය සඳහා ඕල්ටන් තේ වතුයායේ, ඕල්ටන්, කිංකෝරා, නිලාවත්ත හා ඕල්ටන් පහළ යන  කොටස්වල වතු කම්කරුවෝ 700 කට ආසන්න පිරිසක් එක්ව සිටියහ. හොරණ වැවිලි සමාගමට අයත් මෙම තේ වතුයායේ උද්ඝෝෂණයට එක්ව සිටි කම්කරුවන් කියා සිටියේ, අද දින සේවයට වාර්තා කිරීමට ප්‍රථම වතු පාලනාධිකාරිය තමන්ට විද්‍යුත් හැඳුනුම්පතක් නිකුත් කළ බවත්, එය සමග සේවයට වාර්තා කළ යුතු බවත්, මෙතෙක් කල් නොතිබුණු එම ක්‍රියාව නිසා වතු කම්කරුවන් වන තමන් අපහසුතාවට පත්ව සිටින බවත්ය. තේ වත්තට කාලයක් තිස්සේ වෛද්‍යවරයෙකු හා ගිලන් රථයක් නොමැතිවීම,  තේ වත්ත කැළෑ වැදීම හේතුවෙන් දිවියන්ගේ දැඩි තර්ජනයක් පැවතීම, දිනකට තේ දළු කිලෝ 14 ක් නෙළමින් තිබූ ක්‍රමය වෙනස් කර කිලෝ 18 ක් අනිවාර්යයෙන් නෙළිය යුතු බවට දන්වා තිබීම, රුපියල් ලක්ෂ 67 ක් වැය කර විද්‍යුත් තරාදියක් අමු තේ දලු කිරීම සඳහා මිලදී ගෙන තිබීම, තමන්ගේ හිඟ වැටුප වන රුපියල් 50 වැඩි කර දීමට නොහැකි මෙම වතු සමාගම වතු කම්කරුවන්ගේ අයිතිවාසිකම්  ක්‍රමයෙන් කප්පාදු කරමින් සිටීම ආදිය මෙම විරෝධයට හේතු වී ඇති බව ඔවුහු කියති. දැනට වත්තේ සිටින වතු පාලකවරයා මෙම වතුයායෙන් ඉවත් කරන ලෙස ඉල්ලා සිටින මෙම කම්කරුවෝ, තම ඉල්ලීම් ඉටුවන තෙක් වැඩ වර්ජනයක හා උද්ඝෝෂණයක් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවත් ඔවුහු කියා සිටිති. අප මේ සම්බන්ධව ඕල්ටන් තේ වතුයායේ පාලනාධිකාරියෙන් කළ විමසුමකදී එහි උසස් නිලධාරියෙකු කියා සිටියේ, මෙම නව හැඳුනුම්පත හා තරාදිය නිසා වතු කම්කරුවන්ට වාසි රැසක් අත්වන බවත් එය ඔවුන් නිවැරදිව තේරුම් ගෙන නොමැති බවත්ය.
නානුඔය වතු කම්කරුවෝ විරෝධතාවක
0
( විජේරත්න රත්නායක) සොරණාතොට ප්‍රාදේශීය සභාවේ 2020 අයවැය අද(12) වැඩි ඡන්ද 08 කින් සභා  සම්මත විය. එම ප්‍රාදේශීය සභාවේ සභාපති නදීකා ප්‍රිශාන්ති දිසානායක (එ.ජ.නි.ස.) මහත්මිය විසින් අදාල අයවැය කෙටුම්පත සභාවට ඉදිරිපත් කළ අතර ඒ සම්බන්ධයෙන් සෙසු මන්ත්‍රීවරුන් අදහස් දැක්වීමෙන් අනතුරුව ඡන්ද විමසීම සිදුකෙරිණි.එහිදී අයවැයට පක්ෂව ඡන්ද 12ක් සහ    අයවැයට විරුද්ධව ඡන්ද 04 ක් ලැබිණි. එහිදී එම සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන නීල් ප්‍රේමතිලක, කුමාරසේකර බණ්ඩා, චිත්‍රමානෙල් රාජපක්ෂ හා ජ.වි.පෙ. නියෝජනය කරන අසෝක කීර්ති ජයලත් යන මන්ත්‍රීවරු අයවැයට විරුද්ධව ඡන්දය පාව්ච්චි කළහ.එ.ජ.නි.සන්ධානය හා එ.ජා.ප.ය  එක්ව පාලනය කරන සභිකයින් 16 දෙනෙකුගෙන් යුතු සොරණාතොට ප්‍රාදේශීය සභාවේ සභාපතිනිය ඇතුළු සෙසු මන්ත්‍රීවරුන් අයවැයට පක්ෂව ඡන්දය භාවිතා කළ අතර ඒ අනුව එම සභාවේ 2020 වසර සඳහා වූ අයවැය වැඩි ඡන්ද 08 කින් සභා සම්මත විය
සොරණතොට ප්‍රා.ස අයවැය වැඩි ඡන්ද 8කින් සම්මතයි
1
(විජේරත්න රත්නායක)2020 වසර සඳහා වූ හාලිඇල ප්‍රාදේශීය සභාවේ අයවැය අද (26) සවස වැඩි ඡන්ද 03 කින් සභා සම්මත විය.හාලිඇල ප්‍රාදේශීය සභාවේ සභාපති ආර්.එම්.නිමල් සේනානායක මහතා විසින් අයවැය කෙටුම්පත සභාවට ඉදිරිපත් කළ අතර ඒ පිළිබඳව පැය පහක් පමණ පුරා පැවැති අයවැය විවාදයෙන් පසුව සිදුකෙරුණු විවෘත ඡන්ද විමසීමේදී අයවැයට පක්ෂව ඡන්ද 21 ක් හා විපක්ෂව ඡන්ද 18 ක්ද ලැබිණි.එම සභාවේ සභාපතිවරයා ඇතුළු සභිකයින් 40 දෙනා අතරින් එක් මන්ත්‍රීවරියක් අද දින සභාවට පැමිණ නොසිටියාය.මෙම ඡන්ද විමසීමේදී සභාපතිවරයා ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන සභිකයින් 11 දෙනෙක් සහ උප සභාපතිවරයා ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ සභිකයින් 10 දෙනෙකුද අයවැයට පක්ෂව ඡන්දය දුන්හ.එම සභාවේ විපක්ෂ නායකවරයා ඇතුළු එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් 10 දෙනාද ජනතා විමුක්ති පෙරමුණ මන්ත්‍රීවරුන් දෙදෙනාද ස්වාධීන කණ්ඩායම් දෙකක් නියෝජනය කරන මන්ත්‍රීවරුන් තිදෙනාද එක්සත් ජාතික පක්ෂයේ කේ.එම්.ප්‍රේමදාස හා පී.බී.සුසන්ත සිල්වා යන මන්ත්‍රීවරුන් දෙදෙනා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අජි බහාර් තුවාන් මන්ත්‍රීවරයාද අයවැයට විරුද්ධව ඡන්දය භාවිතා කළහ.ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන එච්.එච්.ජයන්ති බුද්ධිකා මන්ත්‍රීවරිය සභාවට සහභාගීව නොසිටියාය.
සොරණතොට ප්‍රා.ස අයවැය වැඩි ඡන්ද 8කින් සම්මතයි
0
(විජේරත්න රත්නායක )පස්සර ප්‍රාදේශීය සභාවේ අයවැය වාර්තාව අද (06) වැඩි ඡන්ද 20 කින් සම්මත විය.එම සභාවේ සභා රැස්වීම් ශාලාවේදී ඉදිරි 2019 වර්ෂය සඳහා වූ මුදල් ප්‍රකාශය එහි සභාපති ආර්.එම්.ඥාණතිලක මහතා විසින් සභාවට ඉදිරිපත් කරන ලද අතර අනතුරුව පැවැති අයවැය විවාදයෙන් පසු ඒ පිළිබඳ ඡන්ද විමසීම සිදුකෙරිණි.එහිදී සභාපතිවරයා ඇතුළු 21 දෙනෙකු අයවැයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළහ. උප සභාපති සුනිල් ද සිල්වා මහතා (ශ්‍රී ල.පො.පෙ.) ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටි අතර ජ.වි.පෙ. මන්ත්‍රී කේ.එම්.එස්.නන්දන බණ්ඩාර මහතා අයවැයට විරුද්ධව ඡන්දය පාවිච්චි කළේය.ඒ අනුව අයවැය ප්‍රකාශයට පක්ෂව ඡන්ද 21 ක් හා විරුද්ධව ඡන්ද 01 ක් ලැබීමෙන් වැඩි ඡන්ද 20 කින් අයවැය වාර්තාව සම්මත විය.
සොරණතොට ප්‍රා.ස අයවැය වැඩි ඡන්ද 8කින් සම්මතයි
0
(රංජිත් රාජපක්ෂ )    තම  දෛනික මුලික වැටුප රු 1000 දක්වා වැඩි කරන ලෙසට වතු සමාගම්වලට බල කරමින් වතු කම්කරුවන් ආරම්භ කර ඇති වැඩ වර්ජනය 7 වැනි  දිනටත් වතුකරය පුරා ක්‍රියාත්මක කිරීමට   වෘත්තිය සමිති නායකයින් තීරණය කර ඇත. ලංකා කම්කරු කොංග්‍රසය විසින් වතුකරය පුරා ක්‍රියාත්මක කර ඇති වැඩ වර්ජන වෘත්ති සමිති ක්‍රියාමාර්ගයට වතුකරයේ සෙසු වෘත්තිය සමිතිවල සහයෝගයත් අද (10) සිට ලබා දිමට ඔවුහු තීරණය කර තිබේ. මෙම වැඩ වර්ජනයට සමගාමිව වතු කම්කරුවෝ තම වතු යායේ තේ කර්මාන්ත ශාලව ඉදිරිපිටට පැමිණ වතු සමාගම්වලට එරෙහිව ටයර් පුළුස්සා සිය විරෝධය  දැක්වුහ. වතු කම්කරුවෙකුට වතු සමාගම් විසින් දැනට දිනකට ගෙවන මුලික වැටුප වන රු 530 වැටුප රු 600 දක්වාත් දැනට පැමිණිමේ දිමනාව වශයෙන්  ගෙවන රු  60 දිමනාව රු 140 දක්වාත් වැඩි කර දිනකට වතු කම්කරුවෙකුට රු 1012 ක වැටුපක් ලබා දිමට  වතු සමාගම් විසින් වතු එකාබද්ධ  වෘත්තිය සමිති වෙත ඉදිරිපත් කර ඇති යෝජනාව වතු එකාබද්ධ වෘත්තිය සමිති විසින් ප්‍රතික්ෂේප කර ඇත. ලංකා කම්කරු කොංග්‍රසයේ නායක හා නුවරඑළිය දිස්ත්‍රික් පා.ම ආරුමුගන් තොණ්ඩමණ් මහතා ඊයේ (09) පස්වරුවේ හැටන් කොටගල ලංකා කම්කරු කොංග්‍රස් මුලස්ථානයේ මාධ්‍යය හමුවක් පවත්වමින් කියා සිටියේ වතු සමාගම් විසින් වතු කම්කරුවෙකුගේ දිනක මුලික වැටුප රු 1000 දක්වා වැඩි කිරිමට මැදිහත් වන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද දින මුන ගැසි ඉල්ලිමක් කරන බවයි.වතු සමාගම් එම වැටුප ලබාදෙන තෙක් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය අඛණ්ඩව පවත්වාගෙන යන බව තෝණ්ඩමන් මහතා  පැවසීය.
වතු කම්කරු උද්ඝෝෂණ දිගටම
1
(රංජිත් රාජපක්ෂ සහ ශාන්ත චන්ද්‍රසිරි )                                                                          වතු කම්කරුවන්ගේ දෛනික මුලික වැටුප රු 1000 දක්වා වැඩි කරන ලෙස වතු සමාගම්වලට බල කරමින් පුස්සැල්ලාව ප්‍රදේශයේ තරුණයන් සහ තරුණියන් අද (25) පුස්සැල්ලාව නගරයේදී උද්ඝෝෂණයක් කළහ.  වතුකරයේ ජනතාවට ඔවුන්ගේ ශ්‍රමයට සරිලන වැටුපක් නොලැබෙන බවත්, රටේ දැනට පවතින ජිවන වියදම අනුව වතු කම්කරුවෙකුගේ දෛනික වැටුප රු 1000 දක්වා වැඩි කිරිමට වතු සමාගම් සමඟ පැවැත්වෙන සාකච්ඡාවලට රජය මැදිහත් විය යුතු බවට ඔවුහු   පැවසුහ.වතු කම්කරුවෙකුට දැනට දිනක මුලික වැටුප වශයෙන් රු 530 වතු සමාගම් විසින් ගෙවන අතර එය රු 600 දක්වා වැඩි කිරිමේ යෝජනාවක් වතු  සමාගම් විසින් වතු එකාබද්ධ වෘත්තිය සමිති වෙත ඉදිරිපත් කර තිබේ.එම යෝජනාව වතු එකාබද්ධ වෘත්තිය සමිති විසින් ප්‍රතික්ෂේප කර ඇති අතර හෙට දිනයේ හෙට (26) වතුකරය පුරා මෙවැනි උද්ඝෝෂණ ගනණාවක් පැවැත්විමට ලංකා කම්කරු කොංග්‍රසය තිරණය කර  ඇත. 
වතු කම්කරු උද්ඝෝෂණ දිගටම
0
( රංජිත් රාජපක්ෂ)රජය විසින් වතු කම්කරුවන්ට වැඩි කළ රුපියල් 1000 දෙනික වැටුප ලබාදෙන ලෙස ආගරපතන වැවිලි සමාගමට බල කරමින් එම වතු සමාගමට අයත් වතු 08 ක වතු කම්කරුවන් තලවකැලේ ලිදුල නගර මධ්‍යයේ (12) දින උද්ඝෝෂණයක නිරත විය.වැටුප් පරිපාලක සභාව විසින් වතු කම්කරුවෙකු පැය 08 ක කාලයක් සේවය කිරිම වෙනුවෙන් රු 1000 දෛනික වැටුපක් ගෙවන ලෙස කම්කරු අමාත්‍යංශය විසින් චක්‍රලේඛනයක්ද නිකුත් කර තිබුණි.එම චක්‍රලේඛනයට පටහැනිව කටයුතු කරමින් ආගරපතන වැවිලි සමාගම එම වැටුප ගෙවිමට දැනට දිනකට තේ නෙලන තේ දළු ප්‍රමාණය වැඩි කර නෙලන ලෙසටත්,එසේ තේ දළු නෙලන්නේ නැති වතු කම්කරුවන් වෙනුවෙන් වැටුපෙන් අඩක් ගෙවිමට වතු සමාගම කටයුතු කරමින් සිටින බවයි උද්ඝෝෂණයේ නියැලි සිටි වතු කම්කරුවන් කියා සිටියේ.තවද වතු සමාගම විසින් මෙතෙක් තමන්ට ලබාදුන් සුබසාධන කටයුතු කිසිවක් ලබානොදෙන බවත්, පවත්නා තත්ත්වය මත තේ කර්මාන්තයේ රැකියා වලින් තමන්ට ඉවත් විමට පවා සිති ඇති බව උද්ඝෝෂණයේ නියැලෙන  වතු කම්කරුවෝ පැවසූහ.තවද තේ වතු වලට රසායනික පොහොර කාලයක් තිස්සේ යොදා නොමැති නිසා තේ ඵලදාව අඩුවිම හමුවේ වතු පාලන අධිකාරිය ඉල්ලන තේ දළු ප්‍රමාණය නෙලා දිය නොහැකි බවද වතු කම්කරුවන් කියා සිටිහ.ආගරපතන වැවිලි සමාගමට අයත් ඇල්බියන් , ටොරිංටන් ,ග්ලාස්ගෝ , ඩයගම ඇතුළු වතු 08 වතු කම්කරුවන් මෙම උද්ඝෝෂණයට සහභාගි වි සිටිහ.මෙම උද්ඝෝෂණයට එක් වු ලංකා කම්කරු කොන්ග්‍රසයේ ජෙෂ්ඨ උප සභාපති පි.සත්‍යවේල් මහතා කියා සිටියේ රජය විසින් වතු කම්කරුවන්ට වැඩි කල රු 1000 වැටුප ලබාදෙන තෙක් (13) දින සිට ආගරපතන වැවිලි සමාගමට අයත් සියළුම වතු වල වතු කම්කරුවන් අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කරන බවයි.  
වතු කම්කරු උද්ඝෝෂණ දිගටම
0
අනීෂා මානගේ බලපත්‍ර කොන්දේසි උල්ලංඝණය කරමින් ගව මස් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයකු අද (17) දහවල් තංගල්ල මූලස්ථාන පොලිස් ස්ථානයේ අපරාධ විමර්ශන අංශයේ නිළධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.තංගල්ල කොට්ඨාස භාර පොලිස් අධිකාරී ලක්සිරි ගීතාල් මහතා ලද තොරතුරකට අනුව ඔහුගේ උපදෙස් පරිදි වැටලීම සිදුකල අපරාධ විමර්ශන අංශයේ නිළධාරින් විසින් සැකකරු ගව මස් ප්‍රවාහනය කරමින් සිටියදී තංගල්ල නගරයේදී අත්අඩංගුවට ගෙන තිබිණි. අත්අඩංගුවට පත්වූ සැකකරු තංගල්ල නලගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ගව මස් කිලෝග්‍රෑම් අනූපහක් ත්‍රී රෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදී මෙම සැකකරු පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ. ගව මස් ප්‍රවාහනය කිරීම සඳහා යොදාගත් ත්‍රී රෝද රථයද පොලිස් බාරයට ගෙන තිබේ. හම්බන්තොට සිට තංගල්ල නගරය වෙත ගව මස් ප්‍රවාහනය කිරීම සඳහා ලබා දී ඇති බලපත්‍රය උපයෝගී කරගෙන තංගල්ල නලගම ප්‍රදේශයේ සිට තංගල්ල නගරයේ පිහිටි ගවමස් අලෙවිසැළක් වෙත මස් ප්‍රවාහනය කරමින් සිටියදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
හොරෙන් ගවමස් ප්‍රවාහනය කළ අයෙක් තංගල්ලෙන් අල්ලයි
1
(අනීෂා මානගේ) බලපත්‍ර නොමැතිව මෝටර් රථයකින් ගවමස් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි දෙදෙනකු අද (5) අත්අඩංගුවට ගත් බව තංගල්ල මූලස්ථාන පොලිස් ස්ථානයේ රථවාහන අංශයේ නිලධාරීහු පවසති. මෙලෙස පොලිස් අත්අඩංගුවට ගෙන ඇත්තේ තංගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකි. හම්බන්තොට නගරයේ සිට තංගල්ල නගරය දක්වා බලපත්‍ර නොමැතිව කුලී මෝටර් රථයකින් ගව මස් ප්‍රවාහනය කරමින් සිටියදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබිණි.  සැකකරු සතුව තිබු ගව මස් ප්‍රමාණය පොලිස් බාරයට ගැණිනි.
හොරෙන් ගවමස් ප්‍රවාහනය කළ අයෙක් තංගල්ලෙන් අල්ලයි
0
(සිරංගිකා ලොකුකරවිට)බෝපේ පෝද්දල ප්‍රාදේශිය සභාවේ 2020 වර්ෂය සදහා වු අයවැය ලේඛනය  අද (03) පැවති විශේෂ  ප්‍රාදේශීය සභා රැස්විමේ දී වැඩි ඡන්ද එකොලහකින් සම්මත විය. අයවැය යෝජනාවට පක්ෂව ඡන්ද 13ක් ලැබුණු අතර විපක්ෂව ඡන්ද දෙකක් ලැබිණි. මන්ත්‍රීවරු හයදෙනෛක් ඡන්දය දීමෙන් වැළකී සිටියහ. ප්‍රාදේශිය සභාවේ 2020 වර්ෂය සදහා වු අයවැය ලේඛනය සභාපති දිල්රුක් අබේකෝන් මහතා විසින් සභාවට ඉදිරිපත් කරණු ලැබීය. අයවැය යෝජනාවට පක්ෂව  ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු 11දෙනා සහ  එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රිවරු  දෙදෙනා ඡන්දය ලබා දුන්හ.අයවැය යෝජනාවට විරුද්ධව ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු දෙදෙනා ඡන්දය ලබා දුන්හ. විපක්ෂ නායක හුසේන් කියාස්  මහතා සමග එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රිවරු හය දෙනකු ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියහ. ඒ අනුව  අයවැය යෝජනාව වැඩි ඡන්ද  11කින් සභා සම්මත විය.අද (03) පැවති ප්‍රාදේශිය සභා රැස්වීමේ අයවැය සඳහා ඡන්ද විමසීම සිදුකරන අවස්ථාවේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රේමලාල් අබේසේකර මන්ත්‍රීවරයා සභාවේ නොසිටි අතර මෙම සභාව නීත්‍යානුකූල නොවන බවට රීති ප්‍රශ්නයක් මතු කරමින් අයවැය යෝජනා සාකච්ඡාවට ගැනීමට පෙර හෙතෙම සභාවෙන් පිටවී ගියේය.ප්‍රාදේශිය සභා රැස්වීම කලේගාන ප්‍රාදේශිය සභා ශ්‍රවණාගාරයේ දී සභාපති දිල්රුක් අබේකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. 
බෝපේ පෝද්දල ප්‍රා.සභා අය වැයත් සම්මතයි
1
(ජේ.කේ.එල් චාමින්ද) යක්කලමුල්ල ප්‍රාදේශිය සභාවේ 2020 වර්ෂය සදහා වු අයවැය ලේඛනය  අද  පැවති (22)  ප්‍රාදේශිය සභා රැස්විමේ දි වැඩි ඡන්ද අටකින් සම්මත විය. අයවැය යෝජනාවට පක්ෂව ඡන්ද 13ක් ලැබුණු අතර විපක්ෂව ඡන්ද 05ක් ලැබුණි. අයවැය යෝජනාවට පක්ෂව සභාපති යු.ජි.පියදාස මහතා සමඟ  ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රිවරු හා  එ.ජ.නි. සන්ධානයේ මන්ත්‍රිවරු  දෙදෙනා ඡන්දය ලබා දුන්හ. අයවැය යෝජනාවට විරුද්ධව විපක්ෂනායක ගාමිණි නානායක්කාර මහතා සමග එජාප මන්ත්‍රිවරු පස් දෙනා ඡන්දය ප්‍රකාශ කළහ.ඒ අනුව  අයවැය යෝජනාව වැඩි ඡන්ද අටකින් සභා සම්මත විය.  අද (22) පැවති ප්‍රාදේශිය සභා රැස්විම සදහා ජ.වි.පේ මන්ත්‍රිවරු දෙදෙනා පැමිණ නොසිටියහ. යක්කලමුල්ල ප්‍රාදේශිය සභාවේ 2020 වර්ෂය සදහා වු අයවැය ලේඛනය සභාපති යු.ජි.පියදාස මහතා විසින් සභාවට ඉදිරිපත් කරණු ලැබිය.ප්‍රාදේශිය සභා රැස්විම යක්කලමුල්ල ප්‍රාදේශිය සභා ශ්‍රවණාගාරයේ දි  සභාපති යු.ජි.පියදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
බෝපේ පෝද්දල ප්‍රා.සභා අය වැයත් සම්මතයි
0
(ඩී.කේ.රත්න)හපුතලේ ප්‍රාදේශීය සභාවේ 2020 වර්ෂයේ අයවැය ලේඛනය මාසික මහ සභා වාරයේ දී වැඩි ඡන්ද 11 කින් අද (14)  සභා සම්මත විය.හපුතලේ ප්‍රාදේශීය සභාවේ සභාපති බී.කන්දසාමි මහතා විසින් මෙම අයවැය ලේඛනය මාසික මහ සභා වාරයට ඉදිරිපත් කෙරිණි.අයවැය විවාදයෙන් පසුව සිදුකළ ඡන්ද විමසීමේ දී මෙම අයවැයට පක්ෂව ඡන්ද 12 ක්  ද විපක්ෂව ඡන්ද එකක් ද ලැබුණු අතර එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් 6 දෙනෙකු ඡන්දය දීමෙන් වැළකී සිටියහ.මෙම ඡන්ද විමසීමේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රීවරු 7 දෙනා සමඟ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරු පස් දෙනාම අයවැයට පක්ෂව ඡන්දය ලබාදුන් අතර ජනතා විමුක්ති පෙරමුණ මන්ත්‍රීවරයා පමණක් අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළහ.මෙම අවස්ථාවේදී එක්සත් ජාතික පක්ෂ ප්‍රාදේශීය සභා මන්ත්‍රී සුදත් අරුණ රංජන මහතා සභා ගැබේ නොසිටියේය.හපුතලේ ප්‍රාදේශීය සභාව මන්ත්‍රීවරුන් විසි දෙනෙකුගෙන් සමන්විත අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රීවරු හතක් එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරු පහක් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු හතකගෙන් සහ ජනතා විමුක්ති පෙරමුණ මන්ත්‍රීවරයෙකුගෙන් සමන්විතය.
බෝපේ පෝද්දල ප්‍රා.සභා අය වැයත් සම්මතයි
0
(ක.ග.කරුණාරත්න) හිඟුරක්ගොඩ ප්‍රාදේශීය සභාවේ අද(14) පැවති මාසික රැස්වීමේදී 2020 වසර සඳහා වන අයවැය වැඩි ඡන්ද 21කින් සභාසම්මත විය.අයවැයට පක්ෂව ඡන්ද 23ක් ලැබුණු අතර විපක්ෂව ඡන්ද 2ක් ලැබිණි. ජනතා විමුක්ති පෙරමුනේ මන්ත්‍රීවරු දෙදෙනා අයවැයට විපක්ෂව ඡන්දය දුන්හ.හිඟුරක්ගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපති ඩී.ආර්.උඩවත්ත මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේදී රැස්වීම ආරම්භ විය. ඉදිරි වර්ෂය සඳහා වූ අයවැය කෙටුම්පත සභාපතිවරයා සභාවට ඉදිරිපත් කළේය. ප්‍රාද්ශීය සභාවේ විපක්‍ෂය නියෝජනය කරන එක්සත් ජාතික පක්‍ෂයේ මන්ත්‍රීවරු 8දෙනා අයවැය කෙටුම්පත සඳහා ජන්දය විමසීමට පෙර රැස්වීම් ශාලාවෙන් පිටව ගියහ. අයවැය ඡන්ද විමසීමේ අවස්ථාවේදී  ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මන්ත්‍රීවරු 10 දෙනා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු 13දෙනා එක්ව අයවැයට පක්‍ෂව ජන්දය ප්‍රකාශ කළහ. හිඟුරක්ගොඩ ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී මණ්ඩලය 33 කින් සමන්විතය.  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී ධූර 13 ක්, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂෙයේ මන්ත්‍රී ධූර 10 ක්, එක්සත් ජාතික පක්‍ෂයේ මන්ත්‍රී ධූර 8 ක් සහ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී ධූර 2ක් වශයෙනි.
බෝපේ පෝද්දල ප්‍රා.සභා අය වැයත් සම්මතයි
0
බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස 4.00 න් පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වන බවත්.අනෙකුත්  ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණ තත්ත්වයක් පවතින බවත් කාලගුණ විද්‍යා ෙදපාර්තෙමන්තුව කියයි .ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැකියි.
'බස්නාහිරට අද වැසි'
1
ශ්‍ර උතුරුමැද, නැගෙනහිර හා ඌව පළාත්වල සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ වැසි වාර කිහිපයක් ඇති වන බවත්  බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත්  තැනින් තැන සවස 4.00 න් පසුව වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වන බවත් කාලගුණ විද්‍යා ෙදපාර්තෙම්න්තුව පවසයි. ඇතැම්  ප්‍රදේශවල උදෑසන කාලයේ මීදුම් තත්ත්වයක් ඇති විය හැකියි.ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති වීෙම් අවදානමක් පවති.
'බස්නාහිරට අද වැසි'
0
ශ්‍රී ලංකාෙව් බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණ තත්ත්වයක් පවතින බවත් බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ  වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රිකක්කවලත්  ස්ථාන ස්වල්පයක සවස 4.00 න් පසුව වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති විය හැකි බවත් කාලගුණය පවසයි. ඇතැම්  ප්‍රදේශවල උදෑසන කාලයේ මීදුම් තත්වයක් ඇති විය හැකියි
'බස්නාහිරට අද වැසි'
0
උතුරු  සහ නැගෙනහිර පළාත් හැර දිවයිනේ බොහෝ පළාත්වල  සවස 2.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.කෙසේ වෙතත්, උතුරු  සහ නැගෙනහිර පළාත්වලත් ස්ථාන ස්වල්පයක සවස 4.00 න් පසුව වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවිය හැකියි.බස්නාහිර සහ දකුණු  වෙරළබඩ ප්‍රදේශවල උදය  කාලයේදීත්  වැසි ඇතිවන බවත්  ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති වන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
'බස්නාහිරට අද වැසි'
0
(මනෝජ් හර්ෂික)කළුතර දිස්ත්‍රික්කයට අයත් ප්‍රදේශ කිහිපයකට ඉදිරි සති තුනක කාලය තුළදී ජල සැපයුම විටින් විට අත් හිටුවීමට හා අඩු පීඩන තත්ත්වයක් යටතේ ජලය සැපයීමට සිදු වන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරයි.කෙත්හේන ජල පවිත්‍රාගාරයේ වැඩි දියුණු කිරීමේ කටයුත්තක් හේතුවෙන්  ජලාපවාහන මණ්ඩලය මෙම තීරණය ගෙන තිබේ.ඒඅනුව වාද්දුව, කළුතර(උතුරු/දකුණු), කටුකුරුන්ද, නාගොඩ, පයාගල, පිලමිනාවත්ත, බෝම්බුවල,මග්ගොන,බේරුවල,කළුවාමෝදර,මොරගල්ල,අළුත්ගම,දර්ගානගරය සහ බෙන්තොට යන ප්‍රදේශයන් වෙත මෙම තීරණය බලපැවැත්වේ.කෙත්හේන ජල පවිත්‍රාගාරයේ වැඩි දියුණු කිරීමෙන් පසුව පැය 24 පුරාම අඛණ්ඩව ජල සැපයුම පාරිභෝගිකයන්ට ලබා දිය හැකි බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරයි.
කළුතර ප්‍රදේශ කිහිපයකට ඉදිරි සති තුනේදී ජල සැපයුම සීමා කෙරේ
1
(මනෝජ් හර්ෂික)කළුතර දිස්ත්‍රික්කයට අයත් ප්‍රදේශ කිහිපයකට අනිද්දා (09) උදෑසන 8.00 සිට රාත්‍රී 8.00 දක්වා පැය 12 කාලයක් ජල සැපයුම අත්හිටුවීමට සිදු වන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සඳහන් කරයි.ඒ අනුව වාද්දුව, වස්කඩුව, කළුතර(උතුරු/දකුණු), කටුකුරුන්ද, නාගොඩ, පයාගල, පිලමිනාවත්ත, බෝම්බුවල, මග්ගොන, බේරුවල, කළුවාමෝදර, මොරගල්ල, අළුත්ගම, දර්ගානගරය සහ බෙන්තොට යන ප්‍රදේශ වෙත මෙම තීරණය බලපැවැත්වේ.ලංකා විදුලිබල මණ්ඩලයේ අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් කෙත්හේන ජල පවිත්‍රාගාරයට විදුලි බලය සැපයීම අත්හිටුවන බැවින් ජලාපවාහන මණ්ඩලය මෙම තීරණය ගෙන තිබේ.
කළුතර ප්‍රදේශ කිහිපයකට ඉදිරි සති තුනේදී ජල සැපයුම සීමා කෙරේ
0
(තුසිත කුමාර ද සිල්වා)ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ කළුතර කෙත්හේන ජල පවිත්‍රාගාරයෙන් පානීය නළ ජලය බෙදාහරින ප්‍රදේශ රැසකට හෙට (27) පෙරවරු 8.30 සිට රාත්‍රී 11.30 තෙක් ජල සැපයුම අත්හිටුවන බව කළුතර ජාතික ජල සම්පාදන මණ්ඩලයේ ප්‍රාදේශීය ඉංජිනේරු එල්. ඩී සමරනායක මහතා අද (26)  පැවසීය.ජල පවිත්‍රාගාරය අවට විදුලිබල මණ්ඩලයේ හදිසි අලුත්වැඩියාවන් හා  නඩත්තු කටයුතු කිහිපයක් හේතුවෙන් ජල සැපයුම අත්හිටුවීමට හේතුවී ඇතැයි සඳහන් හෙතෙම සඳහන් කරයි.ජල සැපයුම අත්හිටුවන ප්‍රදේශ වනුයේ බෙන්තොට, අලුත්ගම, දර්ගානගරය, වරාපිටිය, මීරච්චිකන්ද, කළුවාමෝදර, මොරගල්ල, කන්දෙ විහාරය අවට, හෙට්ටිමුල්ල, බේරුවල, මග්ගොන, පයාගල උතුර හා දකුණ, ඈතගම, කටුකුරුන්ද, උතුරු කළුතර හා දකුණු කළුතර, දොඩංගොඩ, පිලමිනාවත්ත, නාගොඩ, වස්කඩුව, වාද්දුව  හා පානදුර යන ප්‍රදේශ වේ.මේ හේතුවෙන් අරපිරිමැස්මෙන් ජලය භාවිතා කර සිදු විය හැකි අපහසුතාවය වලක්වා ගන්නයි ජල සම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. 
කළුතර ප්‍රදේශ කිහිපයකට ඉදිරි සති තුනේදී ජල සැපයුම සීමා කෙරේ
0
උතුරු, බස්නාහිර, මධ්‍යම, සබරගමුව සහ දකුණු පළාත්වලට විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. සෙසු බොහෝ ප්‍රදේශවලට සවස 2.00න් පමණ පසු ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ.  ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැක. ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 06/10/2015    නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය32259565සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.මඩකලපුව32259065සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.කොළඹ31259570විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි.ගාල්ල30249580විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි.යාපනය31249075විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි.මහනුවර30219565සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.නුවරඑළිය21139575සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.රත්නපුරය32249565විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි.ත්‍රීකුණාමළය33268565සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.මන්නාරම32259075සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි. 
‘පළාත් කීපයකට හෙටත් වැසි‘
1
බස්නාහිර, දකුණු, මධ්‍යම සහ සබරගමුව පළාත්වල විටින් විට වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වන බවත් දිවයිනේ සෙසු ප්‍රදේශවල තැනින් තැන සවස 02.00 න් පමණ පසු ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැක. ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 27/09/2015    නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය34249555සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.මඩකලපුව33259065සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.කොළඹ31259570විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි.ගාල්ල30249580විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි.යාපනය34268065සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ස්වල්පයක්.මහනුවර30209570සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.නුවරඑළිය20129575සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.රත්නපුරය32239570විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි.ත්‍රීකුණාමළය36259065සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.මන්නාරම32269075සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.  
‘පළාත් කීපයකට හෙටත් වැසි‘
0
උතුරු, බස්නාහිර, මධ්‍යම සබරගමුව සහ දකුණු පළාත්වල  වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා ෙදපාර්තෙම්න්තුව කියයි .සෙසු බොහෝ ප්‍රදේශ වලට සවස 2.00න් පමණ පසු ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැක. ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 07/10/2015   නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය31259575සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.මඩකලපුව32259065සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.කොළඹ30249575වැසි වාර කිහිපයක් හෝ ගිගුරුම් සහිත වැසි.ගාල්ල29249580වැසි වාර කිහිපයක් හෝ ගිගුරුම් සහිත වැසි.යාපනය30249075සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.මහනුවර29219580සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.නුවරඑළිය19139585සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.රත්නපුරය32249565වැසි වාර කිහිපයක් හෝ ගිගුරුම් සහිත වැසි.ත්‍රීකුණාමළය30248565සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.මන්නාරම31259075සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි. 
‘පළාත් කීපයකට හෙටත් වැසි‘
0
අපරභාගයේදී සහ රාත්‍රී කාලයේදී ශ්‍රි ලංකාවේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම සහිත වැසි වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.  බොහෝ ප්‍රදේශවල සවස 02.00 න් පමණ පසු ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ. බස්නාහිර, දකුණු සහ සබරගමුව පළාත් වල උදය කාලයේදීද වැසි ඇති විය හැකියි. සමහර ස්ථාන වලට මිලී මීටර් 100 ට වඩා වැසි  ඇතිවීමට ඉඩ ඇත.ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැක. ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 29/09/2015    නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය34259060සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.මඩකලපුව33258565සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.කොළඹ30249580විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි.ගාල්ල28239585විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි.යාපනය33268565සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.මහනුවර29219570සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.නුවරඑළිය20129580සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.රත්නපුරය30239580විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි.ත්‍රීකුණාමළය34259560සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.මන්නාරම32268575සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි. 
‘පළාත් කීපයකට හෙටත් වැසි‘
0
ශ්‍ර උතුරුමැද, නැගෙනහිර හා ඌව පළාත්වල සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ වැසි වාර කිහිපයක් ඇති වන බවත්  බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත්  තැනින් තැන සවස 4.00 න් පසුව වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වන බවත් කාලගුණ විද්‍යා ෙදපාර්තෙම්න්තුව පවසයි. ඇතැම්  ප්‍රදේශවල උදෑසන කාලයේ මීදුම් තත්ත්වයක් ඇති විය හැකියි.ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති වීෙම් අවදානමක් පවති.
'දිස්ත්‍රික්ක කීපයකට වැසි'
1
ශ්‍රී ලංකාවේ නැගෙනහිර හා ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන සවස 4.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. උදය කාලයේදී මීදුම ඇති වීමේ හැකියාව පවතී.ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැක.  
'දිස්ත්‍රික්ක කීපයකට වැසි'
0
උතුරු  සහ නැගෙනහිර පළාත් හැර දිවයිනේ බොහෝ පළාත්වල  සවස 2.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.කෙසේ වෙතත්, උතුරු  සහ නැගෙනහිර පළාත්වලත් ස්ථාන ස්වල්පයක සවස 4.00 න් පසුව වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවිය හැකියි.බස්නාහිර සහ දකුණු  වෙරළබඩ ප්‍රදේශවල උදය  කාලයේදීත්  වැසි ඇතිවන බවත්  ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති වන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
'දිස්ත්‍රික්ක කීපයකට වැසි'
0
ශ්‍රී ලංකාවේ පවතින වියලි කාලගුණ තත්ත්වයේ තරමක වෙනසක් හෙට (24) දිනයේ බලාපොරෙත්තු වන බවත් , විශේෂයෙන් නැගෙනහිර කොටසට, උතුරුමැද, නැගෙනහිර හා ඌව පළාත්වල සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ වැසි වාර කිහිපයක් ඇති වන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.  බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස 4.00 න් පසුව  තැනින් තැන වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වේ.  ඇතැම්  ප්‍රදේශවල උදෑසන කාලයේ මීදුම් තත්වයක් ඇති විය හැකියි.
'දිස්ත්‍රික්ක කීපයකට වැසි'
0
ශ්‍රී ලංකාවේ උතුරු සහ නැගෙනහිර පළාත්වල වැසි වාර කිහිපයක් ඇති වන බවත්.සෙසු බොහෝ ප්‍රදේශවල අද රාත්‍රී කාලයේ සහ හෙට සවස 02.00 න් පසුව ගිගුරුම් සහිත වැසි ඇති වන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. ඇතැම් ස්ථාන වලට මිලිමීටර්. 100ක පමණ තද වැසි ඇති විය හැකියි. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 19/10/2015    නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය33249560සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.මඩකලපුව31259070වැසි වාර කිහිපයක්.කොළඹ31249570සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.ගාල්ල30249075සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.යාපනය32248570වැසි වාර කිහිපයක්.මහනුවර29219565දහවල්1 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.නුවරඑළිය22129575දහවල්1 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.රත්නපුරය32239570සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.ත්‍රීකුණාමළය32249565වැසි වාර කිහිපයක්.මන්නාරම32259070සවස 2.00 න් න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි. 
‘පළාත් රැසකට අද රාත්‍රියේ තද වැසි‘
1
ශ්‍රී ලංකාවේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශ රැසකට සහ සෙසු බොහෝ ප්‍රදේශවලට අද රාත්‍රී කාලයේ සහ හෙට සවස 02.00 න් පසුව ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. ඇතැම් ස්ථාන වලට තරමක් තද වැසිද ඇති විය හැක. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති වේ ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 22/10/2015    නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය33249565සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.මඩකලපුව31259570වැසි වාර කිහිපයක්.කොළඹ31249570සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.ගාල්ල30249080සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.යාපනය32258560වැසි ස්වල්පයක්.මහනුවර30219570සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.නුවරඑළිය22129580සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.රත්නපුරය32239570සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.ත්‍රීකුණාමළය32259575වැසි වාර කිහිපයක්.මන්නාරම32259070සවස 2.00 න් න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි. 
‘පළාත් රැසකට අද රාත්‍රියේ තද වැසි‘
0