Search is not available for this dataset
News Content
stringlengths 35
40.7k
| Headline
stringlengths 9
215
| Is_headline
int64 0
1
|
---|---|---|
(නාලක සංජීව දහනායක)පැවැති බදු ක්‍රමය සම්පූර්ණයෙන්ම විකෘතිකර වත්මන් ආණ්ඩුව මහජනතාවගේ සාක්කු සුද්ධ කිරීමට පටන්ගෙන තිබෙන බව විපක්‍ෂනායක මහින්ද රාජපක්ෂ මහතා මාළබේ, අරංගල දී පැවැසීය.ආණ්ඩුව පසුගිය අවුරුදු හතරේ දී ගොංකං කළා මිස රට සංවර්ධනය කිරීමට කටයුතු නොකළ බවද ඔහු කීය. මාලඹේ, අරංගල ක්‍රීඩාංගණයේ පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ රැළියකට සහභාගි වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.එහිදී විපක්‍ෂනායකවරයා මෙසේ ද පැවැසීය.එක්සත් ජාතික පක්‍ෂයේ අපේක්‍ෂකයා හා අපේ අපේක්‍ෂකයා කියන කතා ගැන වෙන් වෙන්ව කල්පනා කරල බැලුවම රට පාලනයට වැඩියෙන්ම සුදුසු කවුද කියල ඔබට තෝරගන්න පුළුවන්.සජිත් මහත්තයා බලය ඉල්ලන්නේ තමන්ගේ පියාගේ අඩි පාරේ යන්නයි. ඒ කතාව ඇහුවම මට තරුණ පරපුර ගැන බියක් ඇති වුණා. භීෂණ කාලේදී තරුණ තරුණියන් මරල දාපු සුප්‍රසිද්ධ හෝකන්දර වළ තියෙන්නේ මේ පැත්තේ. ඒ කාලෙදි විමල් අහුවුණා නම් ඉවරයි. අහුවුණා නම් විමල් අද ඉන්නේ හෝකන්දර වළෙයි. ඒ විතරක් නෙවෙයි 2800කට වැඩිය තරුණ පිරිසක් ඝාතනය වුණේ සජිත්ගේ පියාගේ යුගයේදියි. ඒ විතරක් නෙවෙයි රිචඞ් ද සොයිසා වැනි මාධ්‍යවේදීන් හෙලිකොප්ටරෙන් ගෙනිහිල්ලා මුහුදට දැම්මා. අහිංසක මිනිස්සු මරලා දාන්න තරම් එදා තිබූ ආණ්ඩුව කෲර වුණා. අද හුඟාක් දෙනෙක්ට ඒ යුගය අමතකයි.අපි අවුරුදු හතරහමාරක් මේ අයට බලය දීලා බලාගෙන හිටියා. මොනවද රටට කළේ. වෙනසක් ඕන කියපු අයට වෙනස ලැබුණා. අද බොම්බයි ළුෑණු ගෙඩියක් කීයද? අර්තාපල්, කරවල, මාළු ලාභදජනතාව - ‘කන්න බැරියෝ’මාසේ පඩියට මේවා ගණං හදල බලනකොට ජීවත් වෙන්න බැහැ. ආණ්ඩුවක් මුලින්ම කළ යුත්තේ මිනිස්සු ජීවත් කරවීමයි. අද මිනිස්සුන්ගේ අතේ සල්ලි නැහැ. ව්‍යාපාර කඩා වැටිලා. නිෂ්පාදන අමුද්‍රව්‍යවලට, භාණ්ඩ නිෂ්පාදනයට, භාණ්ඩ අලෙවි කිරීමට, එය මිල දී ගැනීමේ දී මේ සියල්ලටම බදු ගහනවා. ඒ බදු සියල්ලම අවසානයට එකතු වෙන්නේ පාරිභෝගිකයාගේ කරටයි. මේ බදු ක්‍රමයම විකෘතියක්.මේක ජනතාවගේ සාක්කුවට බහින මංකොල්ල කන ආණ්ඩුවක්. අපි මේවා වෙනස් කළ යුතුයි. ජනතාවට සහන දෙන්න, රට සංවර්ධනය කිරීම ගැන කතා කරන විට ඒව කරන්න සල්ලි කොයින්ද කියල අපෙන් අහනවා. අපි එදා යුද්ධය පටන් ගන්න කොටත් සල්ලි තිබුණේ නැහැ. නමුත් අපි යුද්ධය කරලා රට සංවර්ධනය කළා. රටට අලුත් වරායක්, ගුවන් තොටුපළක් හැදුවා. වරාය විකුණා දැම්මා. ගුවන් තොටුපළ විකුණන්න සූදානම් වෙනවා. ගුවන් තොටුපළක වී ගබඩා කළ එකම ආණ්ඩුව රනිල් - සජිත් ආණ්ඩුවයි. රත්නපුර, නුවර, යාපනය අධිවේගී මාර්ග ඉදිවීම නතර කළා. සංවර්ධනය එහෙමම නතර කළා. ආණ්ඩුව ගොංකන් කළා මිස වැඩක් කළේ නැහැ.හෝමාගම නගරය වගේම කඩුවෙලත් අධ්‍යාපනයේ කේන්ද්‍රස්ථානයක් බවට පත් කළ යුතුයි. අපිට වැඩක් කරන්න පුළුවන්. ඒකට අවශ්‍ය මිනිස්සු අපිත් එක්ක ඉන්නවා. අද රජයේ නිලධාරීන් වැඩක් කරන්නේ නැහැ. ඔවුන් වැඩ කරන්න බයයි. සිල් රෙදි බෙදපු නිසා ලලිත් වීරතුංග මේ ආණ්ඩුව විසින් හිර කළා. අපි ඒක කළේ බුද්ධ ජයන්තිය නිමිත්තෙන් සිල් රෙදි බෙදන්න කියලා මහානායක හිමිවරු ඉල්ලුවා. ජනාධිපතිවරයා වශයෙන් මම ඒකට නියෝගය දුන්නා. ඒ සියල්ල නීත්‍යානුකූලව තියෙද්දි මේ ආණ්ඩු ජම්පර් ඇන්දුවා.මැතිවරණ නීති උල්ලංඝනය කරමින් ආණ්ඩුව ජනතාවට විවිධ දේවල් බෙදනවා. නමුත් ජනතාව මේ ආණ්ඩුවට නැවත බලය දෙන්නේ නැතැයි ද ඔහු කීය.ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්‍ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා:විශේෂයෙන්ම මේ රට බලාපොරොත්තු වන්නේ වැඩ කරන ක්‍රියාශීලී රජයක්. ජනාධිපතිවරණය ජයග්‍රහණය කර අප එය ඔබට ලබාදෙනවා. අපගේ ජයග්‍රහණයෙන් පසුව සියලුම රාජ්‍ය ආයතන සඳහා වැඩ කළ හැකි පිරිස් පත් කරනවා. එමෙන්ම ඔවුන්ට ඉලක්ක ලබාදී ඔවුන්ගේ ප්‍රගතිය විමසා බලනවා. සියලුම රාජ්‍ය ආයතන ශක්තිමත් කරනවා. කිසිදු රාජ්‍ය ආයතනයක් විකුණා දමන්නේ නැහැ. ඒ වගේම සියලුම රාජ්‍ය ආයතන මහා භාණ්ඩාගාරයට පාඩුවක් නොවන ආකාරයට පවත්වාගෙන යනවා.නැවතී ඇති තැනින් ඉදිරියට යෑමට නම් ආරක්‍ෂාව තරකර රටෙහි විනය ඇති කළ යුතුයි. අපි එදා ත්‍රස්තවාදය අවසන් කළා පමණක් නෙවෙයි ත්‍රස්තවාදය නැවැත හිස ඔසවන්න නැති වෙන ආකාරයට රටේ ආරක්‍ෂාව තහවුරු කළා. රණවිරුවන් හා බුද්ධි අංශ නිලධාරීන් සිරගත කර රණවිරුවන් ජාත්‍යන්තර යුද අධිකරණයට ගෙන යෑමට කටයුතු කිරීම නිසා ඔවුන්ගේ මානසිකත්වය කඩා වැටුණා. මේ ආණ්ඩුවට ජාතික ආරක්ෂාව ගැන කිසිම තැකීමක් නැහැ. ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය ආරම්භ කර ත්‍රස්තවාදීන් හොයන්න අපි කටයුතු කළා. නමුත් මේ රජය එම ආයතන පාවිච්චි කළේ විරුද්ධවාදීන්ගෙන් පළිගන්නයි.නව ලිබරල්වාදී අදහස් දරන රාජ්‍ය නොවන සංවිධානවලට ගැති කම් කරන ඇමති මණ්ඩලයකට රටකට සුරක්‍ෂිත බවක් ලබාදෙන්න බැහැ. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ල වන බවට හැම විස්තරයක්ම ලබාදී තිබියදීත් ඒ ත්‍රස්තවාදීන් හොයා ගන්න රජය අපොහොසත් වුණා. පාස්කු ඉරු දිනයේදී මේ රටේ නැවතත් බෝම්බ පිපුරුවේ ඒ නිසයි. ඒ නිසා මේ රට නැවත සුරක්‍ෂිත කළ හැක්කේ අපිට පමණයි.යුද්ධය අවසන් කර වරායන්, ගුවන්තොටුපළ, අධිවේගී මාර්ග ඉදිකළ අපි කොළඹ නගරය ආසියාවේ වේගයෙන්ම දියුණුවන නගරයක් බවට පත් කළා. මේ රජය බලයට පත්වී එම සංවර්ධන ව්‍යාපෘති සම්පූර්ණයෙන්ම නතර කළා. සියලුම ව්‍යාපාර කඩා වැටුණා. වත්මන් රජය කිසිම අවස්ථාවක කෘෂිකර්මාන්තයට තැනක් දුන්නේ නැහැ. කිසිම වෙලාවක දී අපගේ සංස්කෘතිය අමතක කරන්න අපිට බැහැ. අපි එදා නොමිලයේ පොහොර සහනාධාරය ලබා දුන්නා. ගොවියාට නිසි තැන ලබා දුන්නා.අද තේ, රබර්, ගම්මිරිස්, කුරුඳු ඇතුළු සියලුම වැවිලි කර්මාන්ත කඩා වැටිලා. අපේ රජයක් යටතේ කිසිම භෝගයක් පිටරටින් ගෙන්වන්න ඉඩ තියන්නේ නැහැ. ගොවියා ව්‍යවසායකයෙක් කරන්න අපි කටයුතු කරනවා. නවීන තාක්‍ෂණය ලබාදී ගොවියා ශක්තිමත් කළ යුතුයි. අපි ගොවීන්ට සහන දුන්නේ රට ස්වයංපෝෂිත කිරීමටයි. අපගේ රජයක් යටතේ දේශීය ව්‍යාපාර නැංවීම සඳහා වැට්බද්ද සියයට 8න් අඩු කරනවා. එමෙන්ම ව්‍යාපාරිකයන් සඳහා සරළ බදු ක්‍රමයක් හඳුන්වා දෙනවා.වර්තමානය වනවිට ලෝකයේ ශීඝ්‍රයෙන්ම දියුණු වන්නේ ආසියාවයි. ඒ අනුව ලෝක ආර්ථිකයේ කේන්ද්‍රස්ථානය බවට ආසියාව පත්ව තිබෙනවා. මේ ශතවර්ෂය හඳුන්වන්නේ ඥානය මුල්වූ ශතවර්ෂය හැටියටයි. තොරතුරු තාක්‍ෂණය පිළිබඳ සමාගම්වල රැකියා අවස්ථා ලක්‍ෂ තුනකට වඩා තිබෙනවා. නමුත් අපේ අධ්‍යාපන ක්‍රමයේ තිබෙන යම් යම් අඩුපාඩු නිසාවෙන් තරුණ පරපුර අතරමං වෙලා. නව රැකියාවන් සඳහා අපේ රටේම ශ්‍රම බළකායක් ගොඩනැඟිය යුතුයි. එසේ කිරීමෙන් ඇමරිකානු ඩොලර් බිලියන පහක පමණ විදේශ විනිමයක් අපේ රටට ලබාගත හැකියි. අප බලයට පත්වී පළමු වසරේ සිටම අධ්‍යාපනය වෙනුවෙන් විශාල ආයෝජනයක් වෙන් කරන්නේ ඒ වෙනුවෙනුයි. එමෙන්ම විශ්වවිද්‍යාලවල ධාරිතාවය වර්ධනය කරන්නත් අලුතින් විශ්වවිද්‍යාල ආරම්භ කරන්නත් අපි කටයුතු කරනවා. විදේශවලට සරිලන පරිදි පාඨමාලාවන් වෙනස් කරනවා.එමෙන්ම සංචාරක ක්‍ෂේත්‍රය තුළත් අපිට විශාල අවස්ථාවන් ප්‍රමාණයක් තිබෙනවා. මේ ආයෝජන ගෙන එන්නට නම් සුරක්‍ෂිත රටක් තිබිය යුතුයි. රාජ්‍ය සේවකයන්ගෙන් පළිගන්න යෑම නිසා ඔවුන් තීන්දු තීරණ ගන්න බයයි. තම රජයක් යටතේ රාජ්‍ය සේවකයන්ට වගකීම් ලබාදී ඔවුන්ට වැඩ කළ හැකි ආකාරයට අවශ්‍ය නීතිමය රැකවරණය ලබාදෙන්නත් කටයුතු කරනවා යැයි ද ඔහු කීය.ඒකාබද්ධ විපක්ෂයේ නායක, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්රී දිනේෂ් ගුණවර්ධන මහතා:අපගේ ආණ්ඩුව විසින් ආරක්‍ෂාකරගෙන ආ රාජ්‍ය අංශය ඉදිරියට ගෙන යා හැකි එකම නායකයා ගෝඨාභය රාජපක්‍ෂ පමණයි. රට ගොඩනගන්න, ආර්ථිකය ගොඩගන්න තමන් ළඟ තිබෙන සැලසුම් මොනවාදැයි ඔහු දැනටමත් රටට හෙළි කර තිබෙනවා. දුප්පත් මිනිහගේ ආර්ථිකය ගොඩගත හැකි එකම නායකයා ඔහුයි. වත්මන් ආණ්ඩුවේ මහ බැංකු කොල්ලයේ ප්‍රතිඵලයක් වශයෙන් සමස්ත රටේම ආර්ථිකය කඩා වැටුණා. ඒ සිද්ධියට අගමැතිවරයා වගේම නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාසත් වග කිව යුතු යැයි ද ඔහු කීය.ජාතික නිදහස් පෙරමුණේ නායක, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්රී විමල් වීරවංශ මහතා:බලාපොරොත්තු සඵල කරගන්න දරුවකු බිහි කර ගැනීමේ විලිරුදාවෙන් ලක්මාතාව පෙළෙනවා. ලබන 16 වැනිදාට ඔබ ඡන්දපොළට යන්නේ ඒ විලිරුදාවට වින්නඹුකම් කරන්නයි. සතුරන් මගේ රට ගිලගෙන ඉන්න අවස්ථාවන්වල දී ලක් මව වීරයන් ඉල්ලුවා. අදත් මේ රට 2005 ඉල්ලුව වගේ එඩිතර නායකයෙක් ඉල්ලනවා. එදා දකුණේ ජනතාව ඒ නායකයා දුන්නා. අදත් අපිට අවශ්‍ය නායකයෝ දෙන්න දෙන්නෙ දකුණේ මිනිස්සුයි.අද තරුණ පරපුර දේශපාලනඥයන් පිළිකුල් කරනවා. ඔවුන් දේශපාලනඥයා දෙස බලන්නේ හොරෙක්, තක්කඩියෙක් දිහා බලනව වගෙයි. තමන්ගේ පිලද, අනිත් පිලද කියල බලන්නේ නැතුව මේ රටේ හොරකම නතර කරන්න පුළුවන් බය නැති නායකයෙක් මේ රට අද ඉල්ලනවා. විල්පත්තුව, සිංහරාජේ රැකලා දෙන මේ රටේ දරුවන්ට කුසලතා ඇතිකර දෙන නායකයෙක් අද මේ රටට අවශ්‍යයි. ගෝඨාභය රාජපක්‍ෂ සිමෙන්ති කොට්ට බෙදල දෙන දුප්පත්කම පාවිච්චි කරලා දේශපාලන වුවමනා එපාකම් ඉටුකරන නායකයෙක් නොවෙයි. කොළඹ නගරයේ පැල්පත්වාසීන්ට මහල් නිවාස හදල දුන්නේ ඒ නිසයි. දුප්පත්කම පාවිච්චි කරනවා වෙනුවට දුප්පතාට තමන්ගේ ස්ථානය ලබලා දෙන්න ඔබ එදා කටයුතු කළා.මම ජනතා විමුක්ති පෙරමුණේ ඉන්න කාලෙදි මහින්ද රාජපක්‍ෂ යුද්ධය අවසන් කරයිද නැද්ද කියලා සංවාදයක් ඇති වුණා. මහින්ද රාජපක්‍ෂ මේ යුද්ධය ඉවර කරාවි යැයි මම කිව්වා. තමන්ගේ සහෝදරයා ගෝඨාභය රාජපක්‍ෂ ආරක්‍ෂක ලේකම් තනතුරට පත්කිරීමත්, සරත් ෆොන්සේකා යුද්ධ හමුදාපති ධුරයට පත් කිරීමත් එයට හේතුව වශයෙන් මම දැක්කා. ගෝඨාභය රාජපක්‍ෂට ආරක්‍ෂක ලේකම්කම ලැබුණදා ඉඳලම ඔහු හිටියේ එල්.ටී.ටී.ඊ එකට ගේම දෙන්නයි. අයියා ජනාධිපති, මල්ලි ආරක්‍ෂක ලේකම් ඒ නිසා කේලාම් කියල දෙන්නව කොටවන්න කාටවත් බැරි වුණා. ඒ සහෝදර බැඳීමෙන් අත්වුණ හොඳම ප්‍රතිඵලය නිසා තිස් අවුරුදු යුද්ධය අවසන් කරන්න හැකියාව ලැබුණා. ගෝඨාභය සටන ඉවර කළාට තමන්ගේ වැඬේ ඉවර කළේ නැහැ. 13000 කට අධික ත්‍රස්තවාදීන් පුනරුත්ථානය කළා. ඔවුන්ට ජීවනෝපාය ක්‍රම සකස් කරලා දුන්නා. කොළඹ නගරය නවීකරණය කළා. අද රටට අවශ්‍යව තිබෙන්නේ හොඳ පරිකල්පන මනසක් තිබෙන නායකයෙක්. අපිට අවශ්‍ය ස්වාභාවික නායකයෙක් මිස රෑට ගෙවල් ගානේ යන අස්වාභාවික නායකයෙක් නෙවෙයි. මේ රට නිර්මාණාත්මක පරිවර්තනයකට ගෙන යා හැකි නායකයා ගෝඨාභය රාජපක්‍ෂයි. ඔහු කාටත් බෙදන්නේ එකම හැන්දෙන්. අද රට ඉල්ලන්නේ ඒ විනයයි. ඔහුගේ ජයග්‍රණය වෙනුවෙන් අපි අතරත් අද විශාල සමගියක් ඇතිවෙලා තියෙනවා. අපේ කඳවුරේ අන්තවාදීන් නැහැ. ජනාධිපතිවරණය ආසන්න දිනයක දී අපිට සහය දෙන බව පවසා අපේ ඡන්ද කඩන්න අන්තවාදියෙක් සූදානමින් සිටින බවට ආරංචියක් පැතිර යනවා. ඔබ ඒ ආරංචි විශ්වාස කරන්න එපා. එකම එක අන්තවාදියෙක්ගෙන්වත් සහය ලබාගන්න ගෝඨාභය රාජපක්‍ෂ සූදානම් නැහැ.ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ ප්රධාන ලේකම්, රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්රී වාසුදේව නානායක්කාර මහතා:මේ රට බේරා ගැනීමට නම් රට විනාශ කරන එක්සත් ජාතික පක්‍ෂ කඳවුරේ නියෝජිතයාව පරාජය කිරීම ඔබගේ වගකීමක්. දිනෙන් දින ණය බර වැඩිවෙමින් තිබෙන නිසා අපගේ රට දිනෙන් දිනම විනාශයට පත්වෙනවා. ඒ නිසා මේ ආණ්ඩුව කුජීත පරාජයකට ගෙන යාම ඔබගේ වගකීමක්. අපේ අපේක්‍ෂකයා කියන හැමදේම ආණ්ඩුවේ ජනාධිපතිවරණ අපේක්‍ෂක සජිත් ප්‍රේමදාස මහතා ගිරා පෝතකයෙක් වගේ කියවනවා. ජීවන වියදම අඩු කරන බව සජිත් කියනවා. හැබැයි ජීවන වියදම අඩුකරන ක්‍රමවේදය පැහැදිලි කරනවිට ඔහුගේ දිව පැටලෙනවා. වැට් බද්ද අඩු කරනවාට මුදල් ඇමති මංගල සමරවීර විරුද්ධයි. තමන් බදු අඩු කරන බව සජිත් කියනවා. හැබැයි ඒ සාමාන්‍ය ජනතාවට නෙවෙයි. ව්‍යාපාරිකයන්ටයි ඔහු ඒ බව කියන්නේ. මේ ආණ්ඩුව හැමදාම හිතුවේ ඉහළ පන්තිය ගැනයි. එක්සත් ජාතික පක්‍ෂය වෙළඳපොළ ප්‍රතිපත්තිය ගැන විශ්වාසය තබන විට අපි සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිපත්තිය ගැන විශ්වාසය තබනවා යැයි ද ඔහු කීය.ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති, මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා:ගෝඨාභය රාජපක්ෂ මහතාට දේශපාලනිකව මුහුණ දී ඔහුව පරාජය කරනවා වෙනුවට ඔහුට විරුද්ධව අභූත චෝදනා නගමින් මඩ ප්‍රහාර එල්ල කිරීමට විරුද්ධ පක්‍ෂය කටයුතු කරනවා. ඔහුගේ පුරවැසි බව ප්‍රශ්න කරමින් පැවරූ නඩුව මෙරට අධිකරණය විසින් ප්‍රතික්‍ෂේප කළා. ඒ අතර දී ලසන්ත වික්‍රමතුංග මහතාගේ දියණිය වන අහිම්සා වික්‍රමතුංග මහත්මිය විසින් ඇමරිකානු අධිකරණයේ පවරා තිබූ නඩුවත් මේ වනවිට එරට අධිකරණය විසින් ප්‍රතික්‍ෂේප කර තිබෙනවා. එම නඩුව පැවරීමට කිසිදු සාක්‍ෂියක් නැති ඔවුන් එය නිෂ්ප්‍රභ කර තිබෙනවා.එක්සත් ජාතික පක්‍ෂයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්‍ෂ මහතා:විජාතික බලවේගවලට හිස ඔසවන්නට ඉඩ දී රට කෑලිවලට කඩන්න ඉඩදී අපි සියලුම දෙනාගේ ජීවිත අනාරක්‍ෂිත කරගන්නව ද කියලා මේ වෙලාවෙදි අපිම තීරණය කරන්න ඕන. සුපිරි ප්‍රජාතන්ත්‍රවාදයක් ලබාදෙන බව කියමින් බලයට පැමිණි එක්සත් ජාතික පක්‍ෂය අමුතුම කැබිනට් මණ්ඩලයක් හැදුවා. ඇමති මණ්ඩලය තුළත් ආණ්ඩුව හා විපක්‍ෂය ලෙස කටයුතු කරන්න අපිට සිදුවුණා. මිස්ටර් ක්ලීන් කියපු රනිල් වික්‍රමසිංහ දෙවැනි කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කළේ අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකුවේ අධිපති කරන්නයි. මේ දෙන්න එකතුවෙලා රට විනාශ කරන්න සූදානම් වන බව අපිට තේරුණා.මේ ආණ්ඩුව මුලින්ම කොල්ලකෑවේ රටේ ජනාධිපතිවරයාගේ විධායක බලයයි. ඊට පස්සෙ තමන්ගේ ගජ මිතුරු හවුලේ අර්ජුන් මහේන්ද්‍රන් මහබැංකු අධිපති කරලා මහ බැංකු හොරකම කළා. ජනාධිපතිවරයා මේ ගැන හොයන්න කොමිසමක් පත්කළ නිසා ඒ මහා කොල්ලය ගැන තොරතුරු දැනගන්න ඔබට පුළුවන්කම ලැබුණා. මේ මහා කොල්ලය පිටුපස හිටපු පුද්ගලයා මලික් සමරවික්‍රමයි. ඒ බව දැන් ඔප්පුවෙලා තියෙනවා. අද තියෙන්නේ විජාතික එක්සත් ජාතික පක්‍ෂයක්. යුද්ධයට නායකත්වය දුන් සේනාධිනායකයාගේ සිට රණවිරුවා දක්වා සියල්ලන්ම මානව හිමිකම් කොමිසමට ගෙන යෑමට ඉදිරිපත් වූ යෝජනාවට මංගල සමරවීර අනුග්‍රහය දැක්වූවා.එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්රී අතුරලියේ රතන හිමියෝ:අද රටට ශක්තිමත් නායකයෙක් අවශ්‍යවී තිබෙනවා. ඒ නායකත්වය රටට දිය හැක්කේ ගෝඨාභය රාජපක්‍ෂ මහතාටයි. මේ රට සිංගප්පූරුවක් කරන්න සමහර නායකයෝ හීන දකිනවා. මේ රට ලංකාව වගේ සංවර්ධනය කරනවා මිස ලෝකයේ වෙනත් රටක් වගේ සංවර්ධනය කරන්න ඕන නැහැ. ලෝකයේ අනෙක් රටවල් සමග තරග කළ හැකි ආර්ථිකයක් මේ රටේ නිර්මාණය කළ යුතු බව ගෝඨාභය රාජපක්‍ෂ කියනවා. රසායනික පොහොර භාවිතය ඉවතදාලා මේ රට වස විසෙන් තොර රටක් බවට පත්කරන්න ඔහු අදහස් කරනවා.අපි වසරකට ඇමරිකානු ඩොලර් බිලියන 5 වැඩි මුදලක් වියදම් කරලා පිටරටින් ආහාර ගෙන්වනවා. අක්කර 8000ක් අර්තාපල් වගා කළොත් මුළු රටටම අර්තාපල් කන්න දෙන්න පුළුවන්. රණවිරුවන් ගොවීන් සමග එකතුවෙලා කිරෙන් සහලින් මේ රට ස්වයංපෝෂිත කරන්න පුළුවන්. ඒ සැළසුම් ක්‍රියාත්මක කළ හැකි එකම නායකයා ගෝඨාභය රාජපක්‍ෂ පමණයි.කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත මහතා:දැක්මක් ඇතිව වැඩපිළිවෙලක් ඇතිව වැඩකරන නායකයෙක් නිසා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ අපි ගෝඨාභය රාජපක්ෂ මහතා සමග සිටගත්තා. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ඇතුළුව සියලුම බලවේග අද මහින්ද රාජපක්‍ෂ වටා ගොනුවී සිටිනවා. ඒ නිසා ගෝඨාභය රාජපක්ෂ මහතා මේ මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කරන්නේම ඡන්ද ලක්‍ෂ 68න්. සජිත් ජනාධිපතිවරණ ව්‍යාපාරය ආරම්භ කරන්නේ ඡන්ද ලක්‍ෂ 36න්. ඒ ගොඩට දෙමළ ජාතික සන්ධානයේ ඡන්ද ලක්‍ෂ තුනහමාරක් එකතු වේවි. ඒ වනවිටත් ගෝඨාභය සියයට 50 ඉක්මවා ගිහිල්ලා අවසානයි.ආචාර්ය බන්දුල ගුණවර්ධන, තිලංග සුමතිපාල, ගාමිණී ලොකුගේ යන පාර්ලිමේන්තු මන්ත්රීවරු ද ජගත් කුමාර, හෙක්ටර් බෙත්මගේ යන හිටපු පළාත් සභා මන්ත්‍රීවරු ද කඩුවෙල නගරාධිපති බුද්ධික ජයවිලාල් මහතා ඇතුළු විශාල පිරිසක් රැලියට සහභාගි වූහ.
|
“අධ්‍යාපනයට ජාතික ප්‍රතිපත්තියක් හැකි ඉක්මනින් නිර්මාණය කරනවා“
| 0 |
(නාලක සංජීව දහනායක)තරුණ පරපුරට කාර්මික, තාක්ෂණික වෘත්තීය අංශවලින් නිපුණත්වයක් ලබා දීමෙන් රැකියා ප්‍රශ්නයට විසඳුම් සොයාගත හැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (12) මිනුවන්ගොඩදී පැවැසීය.නිපුණතාවක් සහිත ශ්‍රමිකයන්ට විදේශ රටවල රැකියා ඇබෑර්තු තිබෙන බව ද ඔහු කීය.ගම්පහ, මිනුවන්ගොඩ නගරයේ ඊයේ (12) පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ ප්‍රචාරක රැලියකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.ගෝඨාභය රාජපක්ෂ මහතා මෙසේ ද කීය.අපගේ ප්‍රතිපත්ති ප්රකාශනයේ සඳහන් වන්නේ ප්‍රායෝගික පොරොන්දුයි. මාගේ ධුර කාලය ඇතුළතදී ඒ සියල්ලම ඉටු කරනවා.එමෙන්ම අපගේ පාලන කාලයේදී ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් සුවිශේෂ අවධානයක් යොමු කරනවා. යුද්ධය නිම වූ පසුවත් අප ජාතික ආරක්ෂාව වෙනුවෙන් සැලසුම් ක්‍රියාත්මක කළා.නමුත් විදේශීය බලවේගවල අවශ්‍යතාවයන් හා රාජ්‍ය නොවන සංවිධානවල අවශ්‍යතාවයන් වෙනුවෙන් කටයුතු කරන වත්මන් රජය ජාතික ආරක්ෂාව වෙනුවෙන් අවධානයක් යොමු කළේ නැහැ.රටට එල්ල වන සතුරු තර්ජන ගැන රජයට දැනුම් දෙන්නේ බුද්ධි අංශයි. මේ රජය බුද්ධි අංශ ආරක්ෂක මණ්ඩලයේදී කතා කරන විට යුද මානසිකත්වය නැවත ඇති කිරීමට කටයුතු කරන බව කියමින් ඔවුන්ට කතා කරන්න දුන්නේ නැහැ. ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් කිසිම හැඟීමක් නැතිව කටයුතු කළ නිසා පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරය එල්ල වුණා.නමුත් අපගේ රජය බුද්ධි අංශ නිලධාරීන්ට නිදහසේ කටයුතු කිරීමට අවශ්‍ය වාතාවරණය සලසා දෙනවා. අපි යුද්ධය නිමකර රටේ යටිතල පහසුකම් දියුණු කළා. රටට සංවර්ධන ව්‍යාපෘති ගෙනාවා. අප විසින් ආරම්භ කළ අධිවේගී මාර්ග, දුම්රිය මාර්ග ඉදිකිරීම වැනි ව්‍යාපෘති මේ රජය අතරමග නතර කළා. සංවර්ධන ව්‍යාපෘති නතර කිරීම නිසා ලක්ෂ හතරකට පමණ පිරිසකට රැකියා අහිමි වුණා. ඔවුන් එලෙස කටයුතු කළේ මහින්ද රාජපක්ෂ මහතා සමච්චලයට ලක් කිරීමටයි.එමෙන්ම කෘෂිකර්මාන්තය දියුණු කිරීමට පොහොර සහනාධාරය නොමිලයේ ලබා දෙනවා. වගා ණය කපා දමා ගොවි විශ්‍රාම වැටුප රක්ෂණ ක්‍රමය ලබා දෙනවා. ගොවියා දුප්පත්කමින් ඉහළට ගෙන ඒමට අප සැලසුම් සකසා තිබෙනවා.රටට ප්‍රධානතම වශයෙන් විදේශ විනිමය ලැබුණේ වැවිලි කර්මාන්තයෙනුයි. නමුත් බාල තේ සමග කළවම් කර මෙරට තේ පිටරට යැවීම නිසා තේ කර්මාන්තය කඩා වැටිලා. ගුණාත්මක තේ පමණක් පිටරට යවා නැවත විදේශ වෙළෙඳපොළ ලබාගන්න අපගේ රජය කටයුතු කරනවා.එමෙන්ම පොල් කර්මාන්තය හා රබර් කර්මාන්තය සංවර්ධනය කරන්න අපට සැලසුම් තිබෙනවා. මම ගිය දිස්ත්‍රික්ක නවයකම ප්‍රධානතම වැවිලි භෝගය බවට පත්ව තිබුණේ ගම්මිරිස් වගාවයි. නමුත් ව්‍යාපාරිකයන් කිහිප දෙනෙක් බාල ගම්මිරිස් පිටරට යැවීම නිසා අද වන විට ගම්මිරිස් වගාව කඩාවැටිලා.ආසියාවේ රටවල් සංවර්ධනය උදාකරගෙන තිබෙන්නේ තාක්ෂණයේ දියුණුවෙනුයි. අපගේ තරුණ පරපුර තාක්ෂණයට යොමු කළ යුතුයි. මාස 6ක් වැනි කෙටි කාලයකින් එම පුහුණුව ලබා දීමෙන් රටට ව්‍යවසායකයන් බිහි කර ගත හැකියි. රැකියා ලබාගත හැකියි.තොරතුරු තාක්ෂණය කලා අංශයේ සිසුන්ටත් ලබා දෙන්න කටයුතු කරනවා. රජය පුද්ගලික අංශය සමග එකතු වී ඒ වෙනුවෙන් කටයුතු කරනවා.ගම්පහ දිස්ත්‍රික්කය අධ්‍යාපනයේ කේන්ද්‍රස්ථානයක් බවට පත් කරනවා. ඉංජිනේරු පීඨයක් අප කැලණිය විශ්වවිද්‍යාලයට ලබා දෙනවා. උසස් පෙළ විභාගයට පෙනී සිටින සියලුම සිසුන් විශ්වවිද්‍යාලයට ඇතුළත් කරන්න අපගේ රජය කටයුතු කරනවා.ලෝකයත් සමග ඉදිරියට යන්න නිපුණත්වයක් අවශ්‍යයි. නිපුණත්වයක් සහිත තරුණයන් වෙනුවෙන් ලෝකයේ ඕනෑතරම් රැකියා තිබෙනවා. ජර්මනියේ පමණක් ලක්ෂ 2ක හෙද පුරප්පාඩුවක් තිබෙනවා. අපගේ හෙද විද්‍යාලයෙන් උපාධි ලබා දෙන මට්ටමට දියුණු කිරීමෙන් අපට ඒ අවස්ථාවන් ලබා ගත හැකියි.එමෙන්ම විභාග කේන්ද්‍රිය අධ්‍යාපන ක්‍රමය වෙනුවට ශිෂ්‍ය කේන්ද්‍රිය අධ්‍යාපනයක් වෙනුවෙන් අප ක්‍රියා කරනවා. ඉංග්‍රීසි හා ගණිතය විෂය හැම දරුවකුටම ලබාදීමට කටයුතු කරනවා.එමෙන්ම ජීවන වියදම දරාගත නොහැකි පවුල් වෙනුවෙන් සහන මල්ලක් ලබා දෙන්න කටයුතු කරනවා. මධ්‍යම පාන්තිකයා වෙනුවෙන් විදුලිය, ජල, ගෑස් සඳහා සහන ලබා දෙනවා. නිවාස නොමැති රණවිරුවන්ට, අඩු ආදායම්ලාභීන්ට පැල්පත්වාසීන්ට නිවාස ලබා දෙනවා.අප අපගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කළේ සෑම ක්ෂේත්‍රයක් ගැනම දැඩි අවධානයක් යොමු කරලයි. ඔබ ඔබගේ යුතුකම ඉටු කරන්න. මම ඔබට අභිමානයෙන් පත්විය හැකි ආරක්ෂිත රටක් ලබාදීමේ අභියෝගය භාරගන්නවා යැයි ද ඔහු කීය.විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මෙසේ පැවසීය.රටේ වෙන්නේ මොනවද කියල අවබෝධයක් තියෙන ගම්පහ ජනතාවට මම අමුතුවෙන් කතා කරන්න දෙයක් නැහැ.චන්ද්‍රිකා මැතිනිය ප්‍රභාකරන්ට කතා කරන්නේ සර් කියලා. ඒ කතාව අද වීරකේසරී පුවත්පතේ දාල තියෙනවා. මිනීමරු නායකයෙක් වෙනුවෙන් එහෙම කතා කරන්නේ කොහොමද?ගෝඨාභය රාජපක්ෂ රට හදන තමන්ගේ සැලැස්ම රටට කියනවා. ඔහුට රට ගොඩගන්න ප්‍රතිපත්ති මාලාවක් තියෙනවා. නමුත් සජිත් ප්‍රේමදාස වේදිකාවේ මොනවද කියන්නේ. ඔහු කියන කතා මටත් වඩා හොඳට ඔබ දන්නවා.සජිත් ප්‍රේමදාස දැනටමත් පරාජය බාරගෙන. ඒ නිසා කිසිම හරයක් නැති කතා කියනවා. මේක ජනාධිපතිවරණයක් මිස කවටයෙක් තෝරා ගන්න මැතිවරණයක් නොවෙයි.පොකට් ගහන කෙනා අනුන්ට හොරා කියනවා. මේ ආණ්ඩුවත් බලය අරගෙන කළේ ඒකමයි. රටේ මහ බැංකුව හොරා කාපු ලෝකයේ එකම ආණ්ඩුව මේකයි. බැඳුම්කර වංචාවට සම්බන්ධ සියලුම දෙනා අපගේ රජයන් යටතේ නීතිය ඉදිරියට ගේනවා.අපි රටට ජාතික සම්පත් එකතු කළා. රජය අරගෙන අපි රටට සම්පත් එකතු කළා. අපි හදපු වරාය, ගුවන්තොටුපොළ කිසිම හැඟීමක් නැති විදියට විකුණලා දැම්මා.මත්තල ගුවන් තොටුපළේ වී ගබඩා කිරීම නිසා සිදුවූ අලාභය ගැන මේ ආණ්ඩුව පත් කරපු ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාවේ සඳහන් වෙලා තියෙනවා. ඒ අයටත් අපගේ රජයන් යටතේ දඬුවම් ලබා දෙනවා.එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයන් සිංහල, දෙමළ, ඉංග්‍රීසි පිටපත්වල එකිනෙකට පරස්පර කතා සඳහන් කරලා නැහැ. නමුත් සජිත්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සිංහල පිටපතේ ඒකීය රටක් ගැන සඳහන් කරලා, දෙමළ පිටපතේ එක්සත් රාජ්‍ය සංකල්පය ගැන සඳහන් කරලා තියෙනවා. මේ රවට්ටන්න හදන්නේ කවුද?එදා ප්‍රභාකරන් ඉල්ලපු දේ සජිත් ප්‍රේමදාස ලවා අරන් දෙන්න අද චන්ද්‍රිකාත් එකතු වෙලා ඉන්නවා.එමෙන්ම නළ දරු උපත් සඳහා අවශ්‍ය ප්‍රතිකාර රජයේ රෝහල්වලින් නොමිලයේ ලබා දෙන්න පියවර ගන්නවා යැයි ද ඔහු කීය.ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්රී විමල් වීරවංශ මහතා මෙසේ පැවැසීය.ඉදිරි දින කිහිපයේදී ජනතාව නොමග යැවීමට විවිධ බොරු ප්‍රචාරය කිරීමට ආණ්ඩුව කටයුතු කරනවා. ආණ්ඩුව මොන බොරු කියුවත් ඒ ගෝඨාභයගේ ජයග්‍රහණය සක්කරයටවත් වළක්වන්න බැහැ.මේ ජනාධිපතිවරණය පක්ෂ අතර සටනක් නොවෙයි. ස්වදේශිකයාගේ ජයග්‍රහණය ලබන දිනය නොවැම්බර් 16 වැනිදායි. මේ රට දැන් අපේ රටේ නැහැ. රටේ ඉඩම් අක්කර තිස් ලක්ෂයක් කොල්ල කන්න බලාගෙන ඉන්න රැල එළවිය යුතුමයි.ඇක්සා ගිවිසුමට අනුව හදිසි අවශ්‍යතාවකදී අප රටට ඇමරිකානු හමුදාවට අපේ රටට ගොඩබහින්න පුළුවන්ය කියන වගන්තිය ඇතුළත් කළා. ඒ හදිසි තත්ත්වය නිර්මාණය කරන්නයි පාස්කු ඉරු දින සහරාන් ලවා බෝම්බ පුපුරුවා හැරියේ.පාස්කු ඉරු දින එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාස මීගමුවේදී සමාව ඉල්ලනවා. ඒ අපරාධකරුවන් සියලුම දෙනා එකට තියල බැඳල දාන්න ජනතාව මග බලාගෙන ඉන්නවා.බටහිර ගැති, පරගැති, රූකඩ පාලනය මේ මවු බිමෙන් පලවාහැරිය යුතුයි. මේ පාලකයන් තවදුරටත් තියාගන්නවාද කියලා ඔබ නොවැම්බර් 16 වැනිදා තීරණය කළ යුතුයි. පාස්කු ප්‍රහාරයේ වාඩුව ගන්නා දිනය එදායි.දුප්පත් ජනතාව ගැන කතා කරන සජිත් පසුගිය අවුරුදු හතර හමාරටම අමාත්‍යාංශයේ මහජන දිනයට අමාත්‍යාංශයට ගිහිල්ලා නැහැ. තමන්ගේ සහෝදර මන්ත්‍රී කෙනකුගේ ගෙදරින් තේ උගුරක් බොන්නේ නැති සජිත් වැඩිපුරම ඉන්නේ යාල කැලෙයි.මව් රට තමන්ගේ ඇහැ වගේ ආරක්ෂා කරන නායකයෙක් අද මේ රට බලාපොරොත්තු වෙනවා. ඒ නායකත්වය දිය හැක්කේ ගෝඨාභය රාජපක්ෂටයි.ගෝඨාභය රාජපක්ෂ අතීතය කාල්ගාන්නෙත් නැහැ. අනාගතයට දොස් පවරන්නෙත් නැහැ. මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරල නූතන ශ්‍රී ලංකාවක් නිර්මාණය කළ හැක්කේ ඔහුටයි.සජිත්ට ඒ හැකියාව නැහැ. පාස්කු ඉරුදින එල්ලවූ ත්‍රස්තවාදී ප්‍රහාරය සම්බන්ධයෙන් සමාව ඉල්ලුවාට සහරාන්ලා හදපු රිෂාඞ්, හකීම් ඉන්නේ සජිත්ගේ වේදිකාවෙයි. අන්තවාදීන් හුරතල් කළ අය එක්ක ඉන්න සජිත්ට අන්තවාදය නැතිකරන්න බැහැ.සිංහලයා පරාජය කළ හැක්කේ හංසයාට කතිරය ගැසුවොත් පමණක් බව සුමන්දිරන් කියනව. අපි දෙමළ ජනතාව පරාජය කරන්න මේ වේදිකාවේ කතා කරන්නේ නැහැ. සිංහල, දෙමළ, මුස්ලිම් සියලුම ජනතාව ගොඩනැගිය හැක්කේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුත් රජයකට පමණයි.පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්රී උදය ගම්මන්පිල මහතා මෙසේ පැවසීය.සජිත් ප්‍රේමදාසගේ වේදිකාවල ප්‍රබල ඇමැතිවරුන් නැහැ. ඉන්නේ පසුපෙළ මන්ත්‍රීවරුන් විතරයි. ඇමැතිවරුන් දැන් අමාත්‍යංශවල බඩු පැක් කරනවා ගෙදර යන්න.පාර්ලිමේන්තු මන්ත්‍රී (එජාප) අතුරලියේ රතන හිමියෝ, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ, බස්නාහිර පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම්. මුසම්මිල් යන මහත්වරුද මෙහිදී කතා කළහ.වසන්ත සේනානායක, සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ, නිමල් ලංසා, ඩුලිප් විජේසේකර, අරුන්දික ප්‍රනාන්දු යන පාර්ලිමේන්තු මන්ත්රීවරුන් ඇතුළු විශාල පිරිසක් මේ සඳහා සහභාගී වූහ.
|
“අධ්‍යාපනයට ජාතික ප්‍රතිපත්තියක් හැකි ඉක්මනින් නිර්මාණය කරනවා“
| 0 |
(සටහන : අනුරාධපුර දයාරත්න ඇඹෝගම)හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රජා අයිතිය අහෝසි කර හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සිරගත කිරීමේ රජයේ සැලසුමක් තිබෙන බව එකාබද්ධ විපක්ෂයේ සංවිධායක පාර්ලිමේන්තු මන්ත්රී ඩලස් අලහප්පෙරුම මහතා අනුරාධපුරයේදී පැවසීය.අනුරාධපුර නගරයේ පැවැති එකාබද්ධ විපක්ෂයේ අනුරාධපුර නැගෙනහිර ආසන බලමණ්ඩල සම්මේලනයේ ජන හමුව අමතමින් ඩලස් අලහප්පෙරුම මහතා මේ බව පැවසීය.දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්රී ඩලස් අලහප්පෙරුම මහතා මෙහිදී මෙසේද පැවසීය.මම පළමුවෙන්ම මතක් කරන්න ඕනෑ මේ අවුරුදු දෙකක අති දුෂ්කර කාලය විවාදාත්මක අභියෝගයෙන් පිරුණු කාලයක් බව නැගෙනහිර අනුරාධපුර ජනතාව අපේ ජාතියේ නායකයා මහින්ද රාජපක්ෂ මහත්තයා අත්හැරියේ නැහැ. ජනවාරි අට වැනිදා ජනාධිපතිවරණයේදී උතුරු මැද පළාතේ කෙනකු තරග කරද්දී නැගෙනහිර අනුරාධපුරයේ තමුන්නාන්සේලා පළාතේ අපේක්ෂකයා වෙනුවට තෝරා ගත්තේ මහින්ද රාජපක්ෂ ජාතියේ ආදරණීය නායාකයා. ඔහු දිනෙව්වේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ තමුන්නාන්සේලා. අගෝස්තු 18 වැනිදාත් එහෙමමයි. තමුන්නාන්සේලා මහින්ද සුළගත් එක්ක හමාගෙන ගියේ. අපේ ඒ ළෙන්ගතුකම එකාබද්ධ විපක්ෂයේ ක්‍රියාකාරීන් විදියට තමුන්නාන්සේලාට පිරිනමනවා.පළාත් පාලන මැතිවරණය මැතිවරණ සිතියමෙන් අකුලලා හරියටම අවුරුදු දෙකයි මාසයයි දවස් පහළොවයි. බටහිර තානාපති කාර්යාල සහතික නිකුත් කරනවා මේ ආණ්ඩුවේ ප්‍රජාත්‍රන්ත්‍රවාදය පිළිබදව. ආණ්ඩුව නිතර දෙවේලේ කියනවා ජනසම්මතවාදී ආණ්ඩුවක් කියලා. මැතිවරණ සිතියම අකුලලා අවුරුදු දෙකයි මාසයයි දවස් පහළොවයි. මේ වාගේ දෙයක් මහින්ද රාජපක්ෂ මහත්තයාගේ කාළේ වුණානම් මොනවා කියයිද අපේ හාමුදුරුවනේ. එහෙම නම් ඇමෙරිකාව මෙලහකටත් සම්බාධක පනවලා.මේ මොහොත වන විට විධායක ජනාධිපතිවරයා, අගමැතිවරයා, පළාත් පාලන ඇමැති මැතිවරණ කොමිසමවත් දන්නේ නැහැ කවදාද පළාත් පාලන මැතිවරණය තියෙන්නේ කියලා. ඒ වුණාට රටේ ජනාධිපතිගේ පටන් සාමාන්‍ය පුරවැසියා දක්වා හැම දෙනාම දන්නවා ඡන්දේ තියන්නේ නැත්තේ පරදිනවට බයේ කියලා.පළාත් සභා මැතිවරණය මේ උතුරු මැද පළාත් සභාවට නීත්‍යානුකූලව අවසර තියෙන්නේ අද ඉඳලා දින හැත්තෑහතරයි ඉස්සරහට යන්න. පළාත් සභාවේ සභාපතිවරයා මහ ඇමැතිවරයාට විරුද්ධව විශ්වාස භංග යෝජනාව ආණ්ඩුකාරවරයාට ඉදිරිපත් කළාම නෛතික බලයක් නැහැ කියලා ප්‍රතික්ෂේප කළා. හැබැයි ඒකම උතුරේ මහ ඇමතිවරයා ටීඑන්ඒ සංවිධානය ඒ විදියටම ආණ්ඩුකාරයාට දෝෂාභියෝගය ඉදිරිපත් කළාම ආණ්ඩුකාරවරයා නීත්‍යානුකූලවම මම මේක බාර ගන්නවා කියලා භාරගත්තා. උතුරු මැද පළාතේ ව්‍යවස්ථාවේ නෛතික බලයක් නැහැ කියලා උතුරු මැද ආණ්ඩුකාරවරයා පෙත්සම බාරගැනීම ප්‍රතික්ෂේප කළා.මම මෙතෙන්ට එන්නේ අභයාරාමයේ ඉඳලා. අභයාරාමයේ දේශපාලන කටයුතු තහනම් කළා. අධිකරණයට මම දොස් කියන්නේ නැහැ. මේක පොලිසියේ ඉල්ලීම. අස්ගිරි විහාරය එක්ක මේ පැත්තෙන් පැටලිලා.මොකක්ද මේ ආණ්ඩුවට හැදිච්ච පිස්සුව. ස්පාඤ්ඤයේ තියෙනවා මිත්‍රවරුනි ගොන් පොර. ගොනා කුලප්පු කරන්න මොනවාද කරන්නේ ලේ පාට රතු රෙද්දක් පෙන්නනවා. අපේ රටේ දේශපාලනඥයන් කුලප්පු වෙන්නේ කහපාට පෙනුණාම. දැන් ඒ ගවයෝ කුලප්පු වෙලා. ගැටඹේ පන්සලේ අපි පාසල් ශිෂ්‍යයන් කාලයේ ගැටඹේ පාන්සල වෙන්කරලා ජේ.ආර්. එදා කටුකම්බි ගැහුවා. ඒක යූ.එන්.පී. දැක්ම. අද මේ ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදී පීල්ලෙන් පැනලා තියෙන්නේ. ආණ්ඩුව වෙනම ගමනක් තෝරා ගෙන තියෙන්නේ.මේ වන විට ආණ්ඩුවේ ප්‍රධාන පාර්ශව දෙකට එකට ඉඳගෙන එක පීල්ලක ගමන් කරන්න බැහැ. ථෙරවාදී පනතේ ඉඳන් සයිටම් අර්බුදය දක්වා ව්‍යවස්ථාව වෙන්න පුලුවන් වැට් ප්‍රශ්නය වෙන්න පුළුවන් හම්බන්තොට ත්‍රිකුණාමලය වාරය වෙන්න පුළුවන් බැඳුම්කරය වෙන්න පුළුවන් ආණ්ඩුවේ දෙගොල්ලන්ට එකට ඉඳන් තීන්දුවක් ගන්න බැහැ. ඩෙංගු වෙන්න පුළුවන් මැතිවරණයත් එහෙමයි. දෙගොල්ලට එකට තීරණයක් ගන්න බැරි ආණ්ඩුවක් මේක.ඒත් කියනවා සම්මුති ආණ්ඩුවක් කියලා මේක. කොහේද මෙහෙම සම්මුති ආණ්ඩු තියෙන්නේ.මේ ආණ්ඩුවට අනිත් එවාට සම්මුතියක් නැතත් එක දෙයක් සම්මුතියක් තියෙනවා. මොකක්ද ඒක. මහින්ද රාජපක්ෂ විරෝධී සම්මුතිය. ප්‍රධාන පක්‍ෂ ධාරාවන් දෙක එකතු වුණාම ඇති වෙන්නේ සුපිරි ප්‍රජාත්‍රන්ත්‍රවාදය කියලා. මේක සුපිරි ප්‍රජාත්‍රන්ත්‍රවාදයද? මහා බි්‍රතාන්‍යයේවත් මෙහෙම තීන්දුවක් ගත්තේ නෑ.අද මේ ආණ්ඩුවටත් එකට එකතු වෙලා තීන්දුවක් ගන්න බැරි වෙලා තියෙන්නේ මේ නිසයි. පාර්ලිමේන්තුවේ ආයු කාලය දින 1023 යි. මම නැවත කියන්නේ මේ ආණ්ඩුවට කිසිම තීන්දුවක් ගන්න බැරි ආණ්ඩුවක් කියලයි. ක්‍රීඩා ඇමති ක්‍රීඩකයොත් එක්ක හැප්පෙනවා. ක්‍රිකට් අනාථයි. සෞඛ්‍ය ඇමැති දොස්තරලා එක්ක හැප්පෙනවා. ජීවිත අනතුරේ. මෙහේ ඉන්න කුකුල් ඇමැති කිකිළියෝ එක්ක හැප්පෙනවා. බිත්තර කර්මාන්තය අනතුරේ.මෙහෙම ඉන්න හරකුන් බාර ඇමති වැස්සියන් සමග හැප්පෙනවා. කිරි කාර්මාන්තය අනතුරේ. ඇමැති නියෝජ්‍ය ඇමති එකම කාමරයට හැප්පෙනවා. රජය අනතුරේ. ජනපතියි අගමැතියි හැප්පෙනවා. ආණ්ඩුවම අනතුරේ. කැබිනට් එකම උළාකන්න ගවයෝ ටිකක් විතරයි අඩු වෙලා තියෙන්නේ.අද රටට නායකත්වය දෙන්න ආර්ථිකය වෙනුවෙන් පෙනී ඉන්න නායකයෙක් නෑ. අද ගම්මිරිස් ගොවියෝ පාරට බැහැලා. හැමදාම හැම තැනම උද්ඝෝෂණ. ජනමාධ්‍ය පනතක් ගේන්න යනවා. සැප් 02 වැනිදා බුලත් කොළයෙන් පාර්ලිමේන්තුවට ගිය සියලුම මන්ත්‍රීවරුන්ට මේ ආණ්ඩුවෙන් එළියට එන්න කියලා ඔබේ පළාතේ මන්ත්‍රීවරුන්ට කියන්න ඕනෑ. මේ ගිවිසුම තියෙන්නේ සැප්තැම්බර් පළමු වැනිදා දක්වා පමණයි. රටට ආදරේ නම් යූ.ඇන්.පී. ආණ්ඩුව ගෙදර යවන්න ඕනෑ නම් දැන් වේලාව හරි බහින්න කියමු එළියට.ඒකාබද්ධ විපක්ෂය විදියට අපි සහතිකයක් දෙනවා මේ ආණ්ඩුව සුදානම් වෙන්නේ මේ ජාතියේ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රජා අයිතිය අහෝසි කරන්න. හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සිර අඩස්සියට ගන්න. මේක තමයි ආණ්ඩුවේ සැලැස්ම.අද මෙම රැස්වීමට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු 15 දෙනෙක් එක්වී ඉන්නවා. අපේ කණ්ඩායම් රැස්වීමකටවත් මෙතරම් විශාල මන්ත්‍රීවරුන් පිරිසක් කැඳවා ගන්න බැහැ. ෂෙහාන් සේමසිංහ මන්ත්‍රීතුමා පාර්ලිමේන්තුවේදී අනෙකුත් මන්ත්‍රීවරුන් සමග සහයෝගයෙන් කටයුතු කරන නිසා මෙතරම් මන්ත්‍රීවරු පිරිසක් අද මෙම රුස්වීමට සහභාගිවී සිටින බවද ඩලස් අලහප්පෙරුම මහතා මෙහිදී පැවසීය.පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නාමල් රාජපක්ෂ මහින්දානන්ද අලුත්ගමගේ එස්.එම්. චන්ද්‍රසේන උතුරු මැද පළාත් සභා මන්ත්‍රී එච්.බී. සේමසිංහ යන මහත්වරුද මෙම ජන හමුව ඇමතූහ.මෙම අවස්ථාව සදහා ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ෂෙහාන් සේමසිංහ, එස්.සී. මුතුකුමාරණ, විමලවීර දිසානායක, දිලුම් අමුණුගම, කාංචන විජේසේකර, කනක හේරත්, සනත් නිශාන්ත, ඉන්දික අනුරුද්ධ, තේනුක විදානගමගේ ඩී.වී. ජානක යන මහත්වරුන් සමඟ පළාත් සභා හිටපු ප්රාදේශීය සභා මන්ත්රීවරුන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.
|
මහින්ද ගේ ප්‍රජා අයිතිය අහෝසිකර ගෝඨාභය හිරේ යවන්න හදනවා
| 1 |
(නාලක සංජීව දහනායක, අමදෝරු අමරජීව)ජනාධිපතිවරයාගේ හා අග‍්‍රාමාත්‍යවරයාගේ ප‍්‍රතිපත්ති එකිනෙකට නොගැළපෙන බැවින් දෙදෙනා දෙපැත්තට අදිනවා මිස රටට වැඩක් නොකරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ත‍්‍රිකුණාමලයේදී පැවැසීය.මෙය එළ හරකා හා මී හරකා එකට බැඳ හානවා වැනි ක‍්‍රියාවක් බවත් මේ කඹ ඇදිල්ලෙන් රටට කිසිවක් නොලැබෙන බවත් රාජපක්ෂ මහතා කීය.ඒකාබද්ධ විපක්‍ෂය විසින් ත‍්‍රිකුණාමලය නගරයේ මැක්හෙයිසර් ක‍්‍රීඩාංගණයේ දී පෙරේදා (3) පවත්වන ලද ජනරැලියේදී හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.එහිදී හිටපු ජනාධිපතිවරයා මෙසේද පැවසීය.ආණ්ඩුව ආර්ථිකය කාබාසිනියා කරලා රට බෙදන ව්‍යවස්ථා ගේන්න හදනවා. රාජ්‍ය සම්පත් පුද්ගලීකරණය කරනවා. එට්කා වැනි ගිවිසුම් හරහා අපේ රටේ තරුණයන්ගේ රැකියා ටික ඉන්දියාවට දෙන්න හදනවා. මේ නිසා රට එකම අවුල් ජාලාවක් වෙලා.රටේ හැමතැනම උද්ඝෝෂණ. ත‍්‍රස්තවාදය අවසන් කළ රණවිරුවන්ට දඬුවම් කරනවා. අද රටට නායකයන් වැහිවැහැලා. රටේ ඇත්ත නායකයා කවුද කියලා අපි දන්නේ නැහැ. හැම කෙනාම නායකයන් වීම නිසා රටේ හැමතැනම ප‍්‍රශ්න. කැබිනට් ප‍්‍රකාශකවරු තුන්දෙනෙක් ඉන්නවා. තුන්දෙනා මත තුනක් කියනවා. ඒ නිසා රජයේ මතය මොකක්ද කියන්න අපි දන්නේ නැහැ. මේ ආණ්ඩුවට ප‍්‍රතිපත්ති ගොඩයි. අග‍්‍රාමාත්‍යවරයාගේ ප‍්‍රතිපත්ති හා ජනාධිපතිවරයාගේ ප‍්‍රතිපත්තියි ගැළපෙන්නේ නැහැ. දෙන්න දෙපැත්තට අදිනවා. මේක එළ හරකයි, මී හරකයි එකට බැඳලා හානව වගේ වැඩක්. අන්තිමට මුකුත්ම නැහැ.මේ ආණ්ඩුවට ඇමැතිවරුන්ගේ විෂයන් ටිකත් හරියට බෙදාගන්න බැහැ. අවුරුදු දෙකහමාරට මේ ආණ්ඩුව කළේ මට බැණපු එක විතරයි. හැමදාම මට බැන්න. මට තියෙන බය මොකක්ද. මේ ආණ්ඩුව වෙන කරන්න දෙයක් නැති නිසා හිටපු ඇමැතිවරු, රාජ්‍ය නිලධාරින් ඇතුළු ඔක්කොගෙන්ම පළිගන්නවා. මේ රට ගෙනියන්නේ පොලිස් රාජ්‍යයකට. ඒකට ඉඩ තියන්න බැහැ.මේ ආණ්ඩුව ජිනීවාවලදී රණවිරුවන් පාවා දුන්නා. රටේ යුද්ධයක් තිබුණා. ත‍්‍රස්තවාදය නිමකරලා අත්අඩංගුවට පත් වූ හා බාර වූ ත‍්‍රස්තවාදීන් දොළොස්දහස් පන්සියයක් පුනරුත්ථාපනය කළා. දැන් අපිව වෙනත් රටවලට පාවා දෙන්න පනතක් ගේන්න ආණ්ඩුව සූදානම් වෙනවා. ඒ පනත සම්මත වුණොත් යුද්ධය නිම කිරීමට නායකත්වය දුන් රණවිරුවන්, දේශපාලන නායකයන් සම්බන්ධ නඩු අහන්නේ විදේශීය රටවලට අවශ්‍ය ආකාරයටයි. ඒකාබද්ධ විපක්‍ෂයේ අපි ඒ පනතට විරුද්ධයි.මට විරුද්ධව ඡන්දය දුන්න ගොවියත්, ජනාධිපතිවරයාට ඡුන්දය දුන්න ගොවියත් අද වැඩිමිලට පොහොර ගන්නවා. පාසල් දරුවන්ට දෙන්නේ බාල රෙදි. ඒ රෙද්දෙන් ෂර්ට් එක මැහුවොත් කලිසම මහන්න බැහැ. කලිසම මැහුවොත් ෂර්ට් එක මහන්න බැහැ.පන්සලේ පිං කැටේට අත තියපු මේ ආණ්ඩුව අනාගතයේදී අනෙකුත් ආගමික ස්ථානවලටත් අත තියාවි. සංහිඳියාව කියමින් රටේ ආගම්වාදය ඉස්මතු කරනවා. මේකට ආණ්ඩුව වග කියන්න ඕන. මේවයි පස්සෙ ඉන්නේ කවුද කියලා හෙළි වෙනවා.අපේ කාලයේ වැඩ කරන්න නිලධාරින්ට බලය දුන්නා. නිලධාරින් වැඩ කළා. ඒකටත් මෙයාල පද හදනවා. පාර්ලිමේන්තුවේ විපක්‍ෂ නායකයත් මේ ආණ්ඩුවටම ගැලපෙනවා. විපක්‍ෂයේ කාර්ය ක‍්‍රියාවට නංවන්නේත් අපියි.නැගෙනහිරට මේ ආණ්ඩුව කරපු එක වැඩක් කියන්න. නැගෙනහිරට වැඩක් කළේ කවුද? මේ ආණ්ඩුවට වැඩ කරන්න බැහැ.ඒකාබද්ධ විපක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්රී දිනේෂ් ගුණවර්ධන මහතා මෙසේ පැවැසීය.අගමැතිවරයාත්, ජනාධිපතිවරයාත් වසර දෙකහමාරක් තුළ මේ රටට කළ දෙයක් නැහැ. ජනතාවට වැඩක් කරන්න බැරිනම් ආණ්ඩුවක් තියාගෙන හිටියට වැඩක් නැහැ. පහුගිය රජය කාලේ මේ පළාතේ ආර්ථික සංවර්ධනයක් ඇති වුණා. ඒ සංවර්ධනය කරා අපි නැවත ගමන් කළ යුතුයි.56 බලවේගය විසින් අත්පත්කරගත් ජනතා ජයග‍්‍රහණ නැවත ආපසු හැරවීමට එක්සත් ජාතික පක්ෂය ප‍්‍රමුඛ ආණ්ඩුව කටයුතු කරනවා. රට පාවාදෙන මේ ආණ්ඩුව ගෙදර යැවිය යුතුයි. ජනතාව ඒකට සූදානම්. ඒ බව දන්නා නිසා ආණ්ඩුව ඡුන්ද තියන්නේ නැහැ. මේකයි මේ ආණ්ඩුවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය. මෙහෙම ආණ්ඩු ප‍්‍රජාතන්ත‍්‍රවාදී වෙන්නේ කොහොමද? මේක තනිකරම ඒකාධිපතිවාදයක්. මාතෘභූමිය නැවත එක්සේසත් කරගෙන ගම්බද ජනතාවගේ ආදායම් වැඩිකර නවපරපුරට රැකියා ලැබෙන ආර්ථික පරිවර්ථනයකට රට පරිවර්තනය කළ යුතුයි.ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තුන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා මෙසේ පැවසීය.ඉන්දියාවේ හා බටහිර රටවල වුවමනාව මත 2015 දී රටේ ප‍්‍රබෝධමත් ගමන අතරමග නතර වුණා. ඒත් අපි මේ රට අනාගත පරපුර වෙනුවෙන් රැකගත යුතුයි. මේ ආණ්ඩුවේ වැඩ නැහැ. කයිවාරුව විතරයි.අද ජනතාවට වගාකරන්න වතුර නැහැ. පොහොර සහනාධාර කැපුවා. රටේ ආර්ථිකය වැටෙනව. ඒ පොදු ව්‍යසනයට මුළු ජාතියම ගොදුරු වෙලා. සිංහල, දෙමළ, මුස්ලිම් අපි ඔක්කොම ලක්මාතාවගේ දරුවන්. ඒ නිසා අපිට රට වෙනුවෙන් යුතුකමක් තිබෙනවා. මේ ත‍්‍රිකුණාමල වරාය ඇතුළු ජාතික සම්පත් ඉන්දියාව ඇතුළු බටහිර රටවලට ගිලගන්න දෙන්න බැහැ. ති‍්‍රකුණාමල ජනතාවගේ අභිමානය ත‍්‍රිකුණාමල වරායයි. මේ වරාය බටහිර ජනතාවගේ තිප්පොළක් වෙන්න අපි ඉඩ තියෙන්නේ නැහැ.ත‍්‍රිකුණාමල වරාය විතරක් නෙමෙයි. නුවරඑළිය තැපැල් කාර්යාලය, මහනුවර දුම්රියපොළ, ගාල්ල දුම්රිය පොළ ඉන්දියාවට දෙනවා. ඉන්දියානු ව්‍යාප්තවාදයට එරෙහිව කෑගැසූ ජවිපෙ අද මේ ගැන නිහඬයි. අපි නිහඬව හිටියොත් අනාගත පරපුරට රටක් ඉතුරුවන්නේ නැහැ.අලූත් ව්‍යවස්ථාවේ විනාශය නිවැරදිව හඳුනාගෙන අස්ගිරි පාර්ශ්වය නිවේදනයක් නිකුත් කළා. අපි ඒ වෙනුවෙන් මහා සංඝරත්නයට දණ නමා ආචාර කරනවා. යෝජිත නව ව්‍යවස්ථාවෙන් පොලිස් බලය, පරිපාලන බලය, මුදල් බලය පළාත් සභාවලට දුන්නම මධ්‍යම රජයට මොනවත් ඉතුරු වෙන්නේ නැහැ. මේ රට පුංචි රටක්. මේක බෙදන්න දෙන්න බැහැ. එහෙම වුණොත් බටහිර ජාතීන්ට අපිව ගිලගන්න පහසු වේවි.බටහිර ඔත්තු සේවා මුස්ලිම් අන්තවාදී කල්ලි, සිංහල අන්තවාදි කල්ලි නිර්මාණය කරනවා. මේ ආණ්ඩුව හදන සන්ධානයක් නැහැ. ඒ වෙනුවට ජාතිවාදී, අන්තවාදී කල්ලි ශක්තිමත් කරනව.අපේ ආණ්ඩුව රටේ කුණු ප‍්‍රශ්නය විසඳුවා. ආණ්ඩුවට දෙකහමාරයි අවුරුදු. මේ ආණ්ඩුව යටතේ රටේම කුණු ප‍්‍රශ්න වැඩිවුණා. මුළු රටේම රෝහල් ඩෙංගු රෝගීන්ගෙන් පිරිලා. පළාත් පාලන ආයතන සක‍්‍රියව තිබුණානම් මේ ප‍්‍රශ්න ඇතිවන්නේ නැහැ. යුද්ධයෙන් මිනිස්සු මැරෙන එක මහින්ද මහත්තය නතර කළා. දැන් ඒ වෙනුවට මේ ආණ්ඩුව ඩෙංගුවලින් මිනිස්සු මරණවා.ඒ නිසා සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව එකට එකතුවෙලා මේ ආණ්ඩුව පළවා නොහැරියහොත් මේ රට නොරටුන්ට අයිතිවෙනවා. මේ ආණ්ඩුව යුද හමුදා බුද්ධි අංශය, නාවික හමුදා බුද්ධි අංශය නිලධාරින් හිරකරලා. බුද්ධි අංශ හිරකිරීම නිසා ජාතික ආරක්‍ෂාව බිඳ වැටිලා.මහින්ද රාජපක්ෂ මහතා පසුගිය දිනවල පාකිස්තානයට ගියා. ඒ ගමන නතර කරන්න විදේශ ඇමතිවරයා පුදුම උත්සාහයක් ගත්තා. ඒත් ගමන නතර කරන්න බැරිවුණා. පාකිස්තානය මේ රටේ යුද්ධය නිමකරන්න අමිල දායකත්වයක් ලබාදුන්නා. ඒ රටවල් අද අපිත් එක්ක අමනාපයි. මේ ආණ්ඩුව යටතේ අපි මෙච්චර කල් ක‍්‍රියාත්මක කළ නොබැඳි රාජ්‍ය ප‍්‍රතිපත්තිය කෙළෙසිලා. විදේශ ප‍්‍රතිපත්තිය කාබාසිනියා වෙලා යැයි පැවසීය.පිවිතුරු හෙළ උරුමයේ ප‍්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්රී උදය ගම්මන්පිල මහතා මෙසේ පැවසීය.මේ භූමියේ තමයි ප‍්‍රභාකරන්ගේ ඊළාම් දේශයේ සිහින නගරය පිහිටුවන්න තීරණය කර තිබුණේ. නමුත් ඊට පෙර ප‍්‍රභාකරන් විනාශ කරන්න මහින්ද රාජපක්ෂ මහතා සමත් වුණා. ආණ්ඩුව ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම අනුව මුළු ත‍්‍රිකුණාමල නගරයම ඉන්දියාවට පවරා දී තිබෙනවා. දැවැන්ත ආයෝජන ඉන්දියාව කළාම එවා ආරක්ෂා කරන්න ඉන්දියානු හමුදාව ත‍්‍රිකුණාමල වරායට බස්සනවා. මේ පළාත්වල වැඩිහිටි අය දන්නවා ඉන්දීය හමුදාවේ රඟ. 87 ඉන්දියානු භීෂණය නැවත ත‍්‍රිකුණාමලයට ගේන්න ආණ්ඩුව සූදානම් වෙනවා.මේ ආණ්ඩුව තවදුරටත් තිබුණොත් අපට රටක් ඉතිරි නොවන බව මහා සංඝරත්නය තේරුම් ගෙන තිබෙනවා. අස්ගිරි මහා නායක හිමිගේ සිංහ නාදයෙන් මුළු රටම අවදි වුණා.අපේ රටේ හිඟන්නෙක්වත් පන්සලේ පිං කැටේට අත තියන්නේ නැහැ. නමුත් මේ ආණ්ඩුව ඒකටත් අත තියන්න හදනවා. මොරගහකන්ද ජනාධිපතිවරයාගේ, ණය මහින්දගේ. අධිවේගය චන්ද්‍රිකාගේ, ඒක හදන්න ගත්ත ණය මහින්දගේ. මේක මාර බෙදිල්ලක්.අද ලක් මෑනියන් හඬනවා. ඔබ ලක් මවගේ සුජාත දරුවන්නම් මව් බිම බේරාගන්න මහින්ද මහතා වටා එක් විය යුතුය.ප‍්‍රජාතන්ත‍්‍රවාදී වාමාංශික පෙරමුණේ ප්රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්රී වාසුදේව නානායක්කාර මහතා මෙසේ පැවසීය.මෙම භූමිය ලෝකයේ වැදගත්ම භූමියයි. ත‍්‍රිකුණාමල වරායේ පිහිටීම අද්වීතීය පිහිටීමක්. අද මේ වරායට බැල්ම හෙළා ගෙන ඉන්න බටහිර බලවතුන් එදත් බැල්ම හෙළුවා. මෙම වරාය විදේශීය බලවතුන්ට යටත්වුණොත් එල්.ටී.ටී.ඊ. සංවිධානයට බය වුණාටත් වඩා අපිට බය වෙන්න වෙයි.අපි අපේ රටේ නිදහසට කැමතියි. අපි වෙනත් රටක දේපළ අල්ල ගන්න ගියොත් මහා අවුල් ජාලාවක් ඇති වෙනවා. මේ ආණ්ඩුව නිදහස් අධ්‍යාපනය අහෝසි කරගෙන යනවා. එසේ කරන්නේ අප රටේ ජාතීන් අතර ගැටීම් ඇති කරන්නයි. මේ ආණ්ඩුවේ ප‍්‍රතිපත්තිය ඒකයි. අපි එකිනෙකාට ගරු කරන තරමට නැති වී ගිය අයිතිවාසිකම් නැවත දිනා ගත හැකියි.අපි එකිනෙකා අත්වැල් බැඳගෙන හිටියොත් රජය පරාජය කර මේ රට නැවත ජනතාවගේ රටක් කරන්න පුළුවන්. අපට තවම ඡන්ද බලය ලැබී නැහැ. ඡන්ද බලය ලැබුණොත් අපි මේ ආණ්ඩුව ගෙදර යවනවා යැයි පැවසීය.ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා මෙසේ පැවසීය.මේ රජයේ අ¥රදරශී වැඩ පිළිවෙළ නිසා ත‍්‍රිකුණාමල ජනතාවට ලොකු විනාශයක් වෙලා තිබෙනවා. මහින්ද රාජපක්ෂ මහතා මේ රටෙන් ත‍්‍රස්තවාදය තුරන් කරලා සියලූම ජන කොටස් අතර සංහිඳියාව ඇති කළා. ඒ වෙනුවෙන් පැහැදිලි වැඩපිළිවෙළක් ක‍්‍රියාත්මක කළා.අද ඒ සියල්ලම කඩා වැටිලා. රටේ කුණු ප‍්‍රශ්නය විසඳන්න බැරි ආණ්ඩුවකට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් ගේන්න පුළුවන් කියලා අපි විශ්වාස කරන්නේ නැහැ. රජයක් තිබෙන්නේ ජනතාවගේ ප‍්‍රශ්න විසඳීමටයි. නමුත් මේ රජය යටතේ එවැන්නක් සිදු වන්නේ නැහැ.අම්පාර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමලවීර දිසානායක මහතා මෙසේ පැවසීය.නැගෙනහිර පළාතේ මුස්ලිම්වරුන් එළවා මේ ප‍්‍රදේශය ලෙයින් පෙඟී ගියා. ඒ භූමි සියල්ලම නැවත වගා බිම් බවට පත් කළේ මහින්ද රාපජක්ෂ මහතා මිස මෛත‍්‍රී - රනිල් ආණ්ඩු නෙමෙයි. නමුත් 2015 ජනාධිපතිවරණයේදී මුස්ලිම්, දෙමළ ජනතාව මහින්ද රාජපක්ෂ මහතාට අඩුවෙන් ඡුන්දය දුන්නා. ඒත් මේ රටේ දහසක් මව්පියන්ගේ දරුවන්ගේ කඳුළු පිස්සේ මහින්ද රාජපක්ෂ මහතායි.නැගෙනහිර පළාතට ප‍්‍රජාතන්ත‍්‍රවාදය උදා කළේ මහින්ද රාජපක්ෂයි. උතුරු පළාතට ප‍්‍රජාතත්ත‍්‍රවාදය දුන්නේ මහින්ද රාජපක්ෂ මහතා මිස ද්‍රවිඩ සංධානය නෙමෙයි. සයනයිට් කරල කරේ තිබූ දරුවාගේ අතට පෑන දුන්නේ මහින්ද රාජපක්ෂයි. කවුද කියන්නේ මහින්ද රාජපක්ෂ දෙමළ ජනතාවට, මුස්ලිම් ජනතාවට විරුද්ධයි කියලා. මහින්ද රාජපක්ෂ මහතා ඊළඟ ආණ්ඩුවේ නායකයා කිරීමට ත‍්‍රිකුණාමල ඇතුළු නැගෙනහිර පළාතේ ජනතාව සූදානම්.අම්පාර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රිනී ශ‍්‍රියානි විජේවික‍්‍රම මහත්මිය මෙසේ පැවසීය.අම්පාර දිස්ත‍්‍රික්කයේ හා ත‍්‍රිකුණාමල දිස්ත‍්‍රික්ක දෙකේම ජනතාවට තිබෙන්නේ එක සමාන අත්දැකීම්. යුද්ධය නිම වෙන්න පෙර නැගෙනහිර අපි ජීවත්වුනේ කොහොමද කියලා අපිට හොඳට මතකයි. ඒ අත්දැකීම් කවදාවත් අමතක වෙන්නේ නැහැ. යුද්ධය නිම කරලා නැගෙනහිර පළාතේ මහා සංවර්ධනයක් කළ නිසා අපි මහින්ද රාජපක්ෂ මහතාට ආදරෙයි.මහින්ද මහත්තයා එළවලා බලයට ආපු මේ ආණ්ඩුව ජනතාවට මොකද කළේ.මැතිවරණ කල්දාන, ප‍්‍රජාතන්ත‍්‍රවාදී විරෝධී මේ ආණ්ඩුව එළවා හරින්න දිවිහිමියෙන් කැප වෙනවා.නැගෙනහිර පළාත් සභා මන්ත‍්‍රී ජයන්ත විජේසේකර මහතා මෙසේ අදහස් දැක්වීය.රනිල් වික්රමසිංහ මහතා සමග ආණ්ඩු හදපු හැමෝටම වැරදුණා. මෛත‍්‍රීපාල සිරිසේන මහතාටත් වරදින දවස වැඩි ඈතක නෙමෙයි. අපි වැඩි කල් යන්න කලින් මේ ආණ්ඩුව පරදවනවා. අපට යුද්ධය ඉවර කරලා දුන්නේ මහින්ද රාජපක්ෂ මහතායි. යුද්ධය අවසන්වුණු නිසා සිංහල, දෙමළ, මුස්ලිම් සියලූම දෙනා නැගෙනිහර පළාතේ සතුටින් ජීවත් වෙනවා. යුද්ධය ඉවර කර දීපු මහින්ද රාජපක්ෂ මහතා නැවත බලයට ගේන එක අපේ එකම අරමුණයි. ඒ සඳහා අපි ජීවිත පරිත්‍යාගයෙන් කැප වෙනවා යයි පැවසීය.මෙම ජන රැලිය සඳහා මහා සංඝරත්නය ඇතුළු අන්‍යාගමික පූජකවරුන් ද ඩලස් අලහප්පෙරුම, මහින්දානන්ද අලූත්ගමගේ, පවිත‍්‍රා වන්නිආරච්චි, ප‍්‍රසන්න රණතුංග, ඞී.වී. චානක, ශෙහාන් හේමසිංහ, සී.බී. රත්නායක, නාමල් රාජපක්ෂ, රංජිත් සොයිසා, පද්ම උදයශාන්ත, නිරෝෂන් පේ‍්‍රමරත්න ඇතුළු ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්, පළාත් සභා මන්ත්රීවරුන් ඇතුළු මහජන නියෝජිතයෝ රැසක් සහභාගී වූහ.ලංකා සම සමාජ පක්ෂයේ ප්රධාන ලේකම් මහාචාර්ය තිස්ස විතාරණ මහතා හා වෘත්තීය සමිති නියෝජිතයෝද මෙහිදී අදහස් දැක්වූහ.
|
මහින්ද ගේ ප්‍රජා අයිතිය අහෝසිකර ගෝඨාභය හිරේ යවන්න හදනවා
| 0 |
(අංජුල මහික වීරරත්න නාත්තණ්ඩිය සිට)‘‘පරම්පරා තුනක් උකසට තබා රාජපක්‍ෂ රජය ගත් ණය කන්දෙන් රුපියල් කෝටි ලක්ෂ තුනක් 2018-2019 වසරවලදී ගෙවා දමා ශක්තිමත් ආර්ථිකය ගොඩනැගීමට ඉදිරි අය-වැයෙන් පියවර ගන්නා බව’’ අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා නාත්තණ්ඩියේදී ඊයේ (18) පැවැසීය.‘‘යහපාලන ජාතික රජය කිසිවිටෙක ජනතාව ණය බරක අතරමං කර පලා යන්නේ නැතැයි’’ අග‍්‍රාමාත්‍ය රනිල් වික්රමසිංහ මහතා ප්රකාශ කළේය.අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා මේ බව කීවේ නාත්තණ්ඩිය, මානිංගල, අශෝකපුර ආදර්ශ ගම්මානය විවෘත කිරීමේ උත්සවයේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වෙමිනි.නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය ක‍්‍රියාත්මක කරන නිවාස ව්‍යාපෘතිය නව නිවාස 98කින් සමන්විතය.රුපියල් කෝටි 54 ක වියදමකින් අශෝකපුර නිවාස ව්‍යාපෘතිය ඉදි කෙරෙයි.එහිදී තවදුරටත් අදහස් දැක්වූ අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා මෙසේ ද කීවේය.‘‘ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිසමේ සභාපතිවරයා සමග සාකච්ඡා කර ඉඩම් ප‍්‍රශ්නය විසඳා දෙන ලෙස අශෝක ප‍්‍රියන්ත මන්ත‍්‍රීතුමා මට පැවැසුවා. මා එහිදී සභාපතිවරයා සහ අශෝක ප‍්‍රියන්ත මන්ත‍්‍රීතුමා කැඳවා ප‍්‍රශ්නයට විසඳුමක් දුන්නා.නමුත් ප‍්‍රශ්නය එතැනින් අවසන් වූයේ නැහැ. ඇතැම් අවස්ථාවලදී ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිෂන් සභාව අදාළ නියෝග අනුව ක‍්‍රියා කළේ නැහැ.නිවාස ඉදිකිරීම සඳහා අශෝක මන්ත‍්‍රීතුමා විශාල සටනක් ගෙනගියා. මෙවැනි සටනක් ගෙන යන්නේ ඇයි දැයි මා ඇසුවා. මෙහි ජනතාවට ඉඩමක් නිවෙසක් නැති බවත්, කුලී ගෙවල්වල ජීවත්වන බවත් මන්ත‍්‍රීතුමා මට පැවැසුවා.දරුවන්ට හරියාකාර අධ්‍යාපනය ලබා ගැනීමට වාතාවරණය නැති නිසා ඔවුන් වෙනුවෙන් සටන් කරන බවත් පැවැසුවා. අශෝකපුර වැඩසටහන ආරම්භ කළේ එතුමාගේ ධෛර්යය ශක්තිය සමගයි. ඒ සමගම එතුමා නායකත්වය ගෙන ඉදිරියට ගියා.නිරෝෂන් පෙරේරා ඇමැතිතුමාත් මේ පිළිබඳව මට විටින් විට කරුණු වාර්තා කළා. එතුමා ගත් උත්සාහය නිසා අද මට මෙහි පැමිණ අශෝකපුර නිවාස ව්‍යාපෘතිය විවෘත කරන්න හැකියාව ලැබුණා. හැරල්ඞ් හේරත් ඇමැතිතුමා ලෙසින්ම අශෝක මන්ත‍්‍රීතුමා ද මේ ප‍්‍රදේශ දියුණු කිරීමට කටයුතු කරනවා.නාත්තණ්ඩිය වැනි ප‍්‍රදේශ සංවර්ධනය කළ යුතුයි. බිංගිරිය, නාත්තණ්ඩිය, වෙන්නප්පුව ප‍්‍රදේශ ආශ‍්‍රිතව විශාල සංවර්ධන වැඩසටහන් තිබෙනවා. අශෝක මන්ත‍්‍රීතුමා පාර්ලිමේන්තුවේදීත් නිරන්තරයෙන් ආණ්ඩුවේ ප‍්‍රතිපත්ති පිළිබඳව අදහස් දක්වනවා. පක්‍ෂයේ අනාගතය තහවුරු කිරීම සඳහා අපට අවශ්‍ය වන්නේ තරුණ මන්ත‍්‍රීවරුන් බව කිව යුතුයි.නිවාස යෝජනා ක‍්‍රමයට විදුලි බලය සපයා ගැනීම සඳහා අජිත් පී. පෙරේරා නියෝජ්‍ය ඇමැතිතුමා මූලික වී ක‍්‍රියා කළා.වයඹ සංවර්ධන අමාත්‍ය එස්.බී. නාවින්න මහතා මෙහි මාර්ග පද්ධතිය ඉදිකිරීම සඳහා කටයුතු කළා.සජිත් පේ‍්‍රමදාස ඇමැතිතුමා පියාගේ අමාත්‍යාංශය බාරගෙන රට වටා නිවාස ඉදිකිරීමේ වැඩසටහන ක‍්‍රියාත්මක කරනවා. දැනට එතුමා නිවාස යෝජනා ක‍්‍රම 470 ක් ඉදිකරමින් සිටිනවා. එතුමා නිවාස ව්‍යාපෘති 2000 ඉලක්ක කර ගනිමින් වැඩ කරනවා.මේ වැඩසටහන යටතේ නිවාස ඉදිකර ගැනීමට අවශ්‍ය පහසුකම් සියල්ල දෙනවා. පසුගිය වසරේදී මේ ආධාර ක‍්‍රමය යටතේ නිවාස ලක්‍ෂ දෙකකට වඩා ආරම්භ කළා. එය කළ හැකි වූයේ ඇයි? ශක්තිමත් ආර්ථිකය ඇති කිරීමට පියවර ගත් නිසයි.2015 ජනාධිපතිවරණය හදිසියේ පැවැත්වූයේ ඇයි? එවකට පැවැති රජයට මෙරට ආර්ථිකය පාලනය කරන්න නොහැකි වුණා. ණය බර වැඩි වුණා. රජයේ ආදායම ණය ගෙවීමට ප‍්‍රමාණවත් වූයේ නැහැ.2018x2019 වසර වනවිට ආපසු ගෙවීම සඳහා විශාල ණය ප‍්‍රමාණයක් තිබුණා. එය ගෙවන්න නොහැකි තත්ත්වය උදා වූවා. ඒ නිසා නියමිත කාලයට පෙර මැතිවරණය පැවැත්වීමට රාජපක්‍ෂ තීරණය කළා. ඒ වනවිට රටේ ආර්ථිකය කඩා වැටී තිබුණා. ආණ්ඩුව මුදල් සොයා ගත්තේ ඉන්ධන හා අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා බදු පැනවීම මඟිනුයි.අපේ ප‍්‍රතිපත්තිය වන්නේ ලෝක වෙළෙඳ පොළෙහි මිල අඩුවන විට මෙහි මිල අඩු කිරීමත්, ලෝක වෙළෙඳ පොළෙහි මිල වැඩිවන විට වැඩි කිරීමත් බව සඳහන් කළ යුතුයි. නමුත් පසුගිය රජය මිල අඩුවන විට අඩු කිරීමට පෙළඹුණේ නැහැ. ඒ නිසා ජනතාවට ජීවත්වීම අසීරු වුණා.එවන් අවස්ථාවකදී මෛත‍්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්ෂක බවට පත්කර ජනපතිවරණය ජයගෙන මා අග‍්‍රාමාත්‍යවරයා ලෙස පත්වුණා.ඒ අවස්ථාවේදී මැරෙන්න යන ලෙඩෙකු ඔබ විසින් බාරගෙන තිබෙන බව මට ආර්ථික විශේෂඥයින් දැනුම් දුන්නා. ලෙඩා මියයන බව පැවැසුවා. ලෙඩා මිය යන්නේ නැති බවත් ජීවත් කළ යුතු බවත් එහිදී මා දැනුම් දුන්නා. මා අභියෝගය බාරගත්තේ ඒ අනුවයි. ආණ්ඩුව හැදුවේ එවැනි වාතාවරණයකයි.2015 ජනවාරි මාසයේ අප ආණ්ඩුව ගත් පසුව ඊළඟ මාස තුන රට ගෙනයන්නවත් මුදල් තිබුණේ නැහැ. අයxවැයෙන් අප සහන ගණනාවක් දුන්නා. පඩි වැඩි කළා. අප කෙසේ හෝ රාජ්‍ය සේවක වැටුප රුපියල් දස දහසකින් වැඩි කළා.අප කෙසේ හෝ ආර්ථිකය ගොඩගෙන ඉදිරියට යනවා. රට පෙර පරිදි යන්න දුන්නා නම් ණය ගෙවීම මේ පරපුරට පමණක් නොව ඊට පසු පරම්පරාවලටත් බලපානවා. ණය අපේ කාලයේදීම ගෙවා දමනවාද? නැතිනම් ඊළඟ පරපුරට බාර දෙනවාද කියා තීරණය කළා.අප ආර්ථිකය ගොඩනැගීම සඳහා අවතීර්ණ වූයේ මේ කරුණු තීරණය කිරීමෙන් පසුවයි. මෙරට ආදායම වැඩි කිරීමට අද අපට හැකිවෙලා.බදු පැහැරහැර ඇති අයගෙන් බදු අය කළා. වැට් බදු හඳුන්වාදීමේදී අපට දොස් කිව්වා. එහෙත් අද රටේ ආදායම් තත්ත්වය නිසා ණය ගෙවීම් කළමනාකරණය කර ගන්න හැකියි.2015 වසරේදී අපට ණය ගෙවීමට ආදායම තිබුණේ නැහැ. අපට දැන් තිබෙන ආදායමෙන් ණය ගෙවීමට හැකියි. අපේ ආදායම තවත් වැඩිකරගත යුතුයි.එදා අප රට බාරගන්නා විට රජයේ වියදම් ආදායමට වඩා වැඩියි. රජයේ වියදම් හා ආදායම් දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 5.7 ක වෙනසක් තිබුණා. 2020 වනවිට ඒ වෙනස 3.5% දක්වා අඩු කරනවා.මේ වසර දෙක තුළදී නිවාස ඉදිකිරීමට ආධාර කරන්න හැකිවුණා. එමෙන්ම උතුරු-නැගෙනහිර අලූතින් නිවාස ඉදි කරනවා. බිම් අඟලක් නැති වතුකරයේ ජනතාව සඳහා පර්චස් 7 බැගින් වන නිවාස ඉදිකරනවා.කොළඹ පැල්පත්වල ජීවත් වන අඩු ආදායම් ලබන අයට මහල් නිවාස දී ඔවුන් ජීවත් වූ ඉඩම් වෙනත් සංවර්ධන කටයුතු සඳහා යොදවනවා.එමෙන්ම මධ්‍යම පාන්තිකයන්ට නිවාස ගැනීම සඳහා ණය දෙනවා. දැන් ඒ වෙනුවෙන් දෙන ණය ප‍්‍රමාණය වැඩි කරලා ඉදිකරන නිවාස ප‍්‍රමාණය ද වැඩි කරනවා.කොළඹ නගරයේ පැල්පත්වල ජීවත්වන අඩු ආදායම් ජනතාවට ඉදිකරන මහල් නිවාස ප‍්‍රමාණය වැඩි කරනවා. සියල්ල කරන්නේ අපට ශක්තිමත් ආර්ථිකය ගොඩනැගීමට හැකියාව ලැබුණු නිසයි.හොඳම පාසල - ළඟම පාසල වැඩසටහන යටතේ අධ්‍යාපන ක්‍ෂේත‍්‍රය දියුණු කරනවා. ශිෂ්‍ය රක්‍ෂණ ක‍්‍රමය ආරම්භ කළා.එමෙන්ම සෞඛ්‍ය ක්‍ෂෙත‍්‍රයට මුදල් දුන්නා. විදුලි බලය, නිවාස ඉදි කිරීම, වාරිමාර්ග ආදියට මුදල් දී තිබෙනවා.සියල්ල කළේ එදා ඉදිරියට ගෙනයාමට නොහැකිව කඩා වැටුණු ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම නිසයි.නමුත් අපට තවත් ණය ගෙවීමට තිබෙනවා. ඒ නිසා ඇතැම් ණය පාලනය කරන්න වැඩසටහන ක‍්‍රියාත්මක කරනවා. ණය පාලනය කර ආදායම් වැඩි කරන්නේ කෙසේද? මෙරට උද්ධමනය පාලනය කරන්නේ කෙසේද?ජල ගැල්මට, නියඟයට, කුණු කඳු නායයෑම්, ඩෙංගු වසංගතවලට මුහුණ දෙන්න වුණා. ආර්ථිකය සම්පූර්ණයෙන්ම කඩා වැටෙණු ඇතැයි ඇතැමුන් සිතුවා. නමුත් එලෙස ආර්ථිකය වැටුණේ නැහැ. මේ වනවිට 4% හෝ 4.5% ක හෝ වර්ධන වේගය බලාපොරොත්තු වෙනවා.ගංවතුර නිසා කෘෂිකර්මාන්තය, වී ගොවිතැන ආදියට හානි වුණා. පොල් වගාවට හානි වුණා. විදුලි ගාස්තු වැඩි වුණා. ශක්තිමත් ආර්ථිකය ගොඩනැගූ නිසා ඊට මුහුණ දී අදත් අපට ඉදිරියට යාමට හැකියාව තිබෙනවා.අපට තව දුර ගමනක් තිබෙනවා. ණය කන්දේ මුදුනට තවම පැමිණ නැහැ. ණය කන්දේ මුදුනට එන්න වන්නේ 2018x2019 වසරවලයි. රාජපක්ෂලා ණය ගත්තේ පරම්පරා තුනක් උකසට තැබීමෙනුයි.ලබන වසරේත්, ඊළඟ වසරේත් ගෙවීමට ඇති ණය ප්රමාණය රුපියල් කෝටි ලක්ෂ තුනක් වෙනවා. මේ ණය ගෙවන්නේ කෙසේද? මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා 2018 සහ 2019 අය වැයෙන් අවධානය යොමු කරන්නේ ඒ අරමුණ ඉටුකර ගැනීම සඳහායි.මේ මුදල ගෙවා දැමූ පසු අපට කන්ද උඩටම යන්න හැකියාව ලැබෙනවා.ණය ගෙවූ පසු ඊළඟ වටයේ ණය ගෙවීමට තවත් ශක්තිය තිබෙනවා. කෝටි ලක්ෂ තුන ගෙවීමටත් අපට හැකියි. අප වියදම් පාලනය කර ඉදිරියට යමු. මෙවැනි විශාල මුදලක් ගෙවීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවෙයි. නමුත් කෙසේ හෝ මේ මුදල ගෙවිය යුතුයි.ණය අපේ පරම්පරාව විසින්ම ගෙවා දැමිය යුතුයි. ඊළඟ පරපුරට ණය බාරදීමට මා සූදානම් නැහැ. ණය ගෙවීමට වසර 10ක් අවශ්‍ය නැහැ. අපේ ආණ්ඩු සමයේදී අප කන්ද උඩටම යමු.කෝටි ලක්ෂ තුනක ණයක් අනාගත පරපුරට උරුම කිරීමට මට අවශ්‍ය නැහැ.අප රජය කිසිවිටෙක වගකීම අතහැර පැන යන්නේ නැහැ. ආර්ථිකය ගොඩනගා 2018x2019 කාලයේදී ගෙවීමට ඇති කෝටි ලක්ෂ තුනක විශාලතම ණය බර ගෙවා දමනවා. ඉදිරි අයවැයෙන් අවධානය යොමු කරන්නේ ඒ ඉලක්කය සඳහායි.ඒ සමගම අප නිවාසවලට මුදල් දෙනවා. අවුරුදු 13ක අධ්‍යාපනය අනිවාර්ය කර වෘත්තීය අධ්‍යාපනය සඳහා මුදල් දෙනවා. කුඩා ව්‍යාපාර සඳහා ණය දෙනවා.ගමේ සංවර්ධනය මීට වඩා වේගවත් කිරීම අපේ අරමුණයි. එක් පැත්තකින් ණය ගෙව්වත් අනෙක් පැත්තෙන් සංවර්ධනය ඇති කරන්නත් කටයුතු කරනවා.තුන්වැනි පියවර ලෙස අප ආයෝජන ගෙන රැුකියා බිහි කරනවා. ඒ පිළිබඳව ලබන සිකුරාදා පාර්ලිමේන්තුවේ දී ආර්ථික ප‍්‍රතිපත්ති එළිදැක්වීමේදී ප‍්‍රකාශ කරන්නම්. නොවැම්බර් 9 වැනිදා මුදල් ඇමැතිතුමා අයවැයෙන් කෝටි ලක්ෂ තුනක ණය ගෙවා දමා රට සංවර්ධනය කර සහන දෙන්නේ කෙසේදැයි ප‍්‍රකාශ කරාවි.ඇතැම්විට ජනතාවට බර වැඩිවන අවස්ථා තිබෙනවා. කළ යුත්තේ ණය මේ සමයේදී ගෙවා දමා ඉදිරි පරපුර ණයෙන් නිදහස් කිරීමයි. අපට ඇත්තේ ඒ ශක්තියයි. අපේ මූලික පරමාර්ථය එයයි.ණය ගත්තේ කව්දැයි සිතමින් සිටීමෙන් ඵලක් නැහැ. මේ අප ගත් ණය නොවෙයි. නමුත් කෙසේ හෝ ණය ගෙවා දැමිය යුතුයි.ඊළඟ වසර දෙකෙහි ණය ගෙවා රට සංවර්ධනය කර රැුකියා උත්පාදනය කරන්න හැකි ශක්තිමත් ආර්ථිකයක් අප ගොඩනගනවා.ඊළඟ වසර දෙකෙහි දී ණය නොගන්නා රටක් ලෙස, හොඳ ආදායම් ලබන රටක් ලෙස අඩිතාලම් දමමු යයිද? රනිල් වික්රමසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතා:‘‘අද විවෘත වන්නේ යහපාලන රජය ඇරැුඹූ උදාගම්මාන වැඩ සටහනේ 43 වැනි ගම්මානයයි. මේ වනවිට රට පුරා නිවාස ව්‍යාපෘති 400 ක් ඉදිවෙමින් තිබෙනවා. මේ වසර අවසන් වනවිට උදා ගම්මාන 500ක් ආරම්භ කරනවා.2020 වසර වනවිට තවත් උදා ගම්මාන 2000ක් ඉදිකර ලබන ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ උදාගම්මාන 2500 ක් ජනතාව අතට පත්කිරීමෙනුයි.අශෝක ප‍්‍රියන්ත මන්ත‍්‍රීතුමා සමග අත්වැල් බැඳගෙන නිවාස ව්‍යාපෘතිය සාර්ථක අයුරින් නිමා කරන්න අපට හැකියාව ලැබුණා. නිවාස ව්‍යාපෘතියට නිවාස 98 ක් අයත්ව තිබෙනවා.සම්ප‍්‍රදායානුකූල රාමුවලට කොටු නොවී ජනතාවට සහන සැලසීම අගමැතිතුමාගේ දර්ශනයයි. නිවාස ඉදි කෙරුණු ඉඩම විවිධ සමාගම්වලට බෙදා දී තිබුණා. අශෝක මන්ත‍්‍රීතුමාගේ එඩිතර බව නිසා ඉඩම් නැවත ජනතාව අතට පත්වුණා.අව්වට වේලෙමින්, වැස්සට තෙමෙමින් සිටි ජනතාවට අද තමන්ගේම නිවෙසක අයිතිය ලැබිලා. අශෝකපුර නිවාස ව්‍යාපෘතියේ II පියවර ක‍්‍රියාත්මක කිරීමද අප ආරම්භ කළා. අපට ඉඩම් සොයා දෙනවා නම් හතු පිපෙනවා සේ උදාගම්මාන ඉදිකිරීමට සූදානමින් සිටිනවා.ඒකීය බව ගැන අද බොහෝ අය මන්තරේ වගේ ජප කරනවා. ශ්‍රී ලංකාවේ ඒකීය බව රකින බව පසුගිය හැම මැතිවරණයකදීම අප ප‍්‍රකාශ කළා. අපේ පුටු දෙස කෑදරකමින් බලා ඉන්න පිරිස පොහොට්ටුවක් තියාගෙන ඒකීය බව නැති කරනවා යැයි කෑ ගහනවා.රට ඒකීය වීමට නම් සෑම ජන කොටසක්ම සතුටින් ජීවත්විය යුතුයි. සැවොම එක මව්බිමක සහෝදරත්වයෙන් ජීවත්වෙනවා නම් ඒකීය බව තිබෙනවා. විරැුකියාව, දුප්පත්කම තිබෙනවා නම් ඒකීයබව තහවුරු වන්නේ නැහැ.2015 ට පෙර නමට ඒකීය බව ගැන කිවුවද සැබෑ ඒකීය බව තිබුණේ නැහැ. යුද ජයයෙන් ජනතාවගේ සාක්කු පුරවනවා වෙනුවට තම පරපුරේ සාක්කු පුරවමින් සිටියා.අද රටතුළ ජාතීන් අතර එකමුතු බව නිර්මාණය වෙලා. නිවෙස් නැති පොඩි මිනිහාට ඉඩම් ලැබිලා. ගොවි, ධීවර, කම්කරු ජනතාව ආරක්ෂා වෙලා. ඒකීය බව තහවුරු වන්නේ එවිටයි.ඒකීය බව මුලට දමා ජනතා මුදල් කොල්ලකෑමේ පිළිවෙත අප අනුමත කරන්නේ නැහැ.යහපාලන රජය ජනතා සම්පත් කොල්ලකන රජයක් නොවෙයි. අප ලැබූ තාවකාලිකබාරය නැවත 2020 දී විභාගයකට මුහුණ දීමට සූදානම්.අප කිසිවිටෙක අපේ සාක්කු ගැන සිතන්නේ නැහැ. නිවාස ප‍්‍රශ්නයෙන් පීඩා විඳින පවුල් ලක්ෂ 25ක් සිටිනවා. රාජපක්‍ෂ යුගයේ දැවැන්ත සංවර්ධනය වුණා නම් මෙතරම් පිරිසක් නිවාස නැතිව ඉන්නේ කෙසේද?කාර්යය අකුරටම ඉටුකිරීම මගේ අරමුණයි. නිවාස ඉදිකිරීමේදී ඇතැම් නිලධාරීන්ගේ කටයුතු ගැන සතුටු විය නොහැකියි. ඒ නිසා නිලධාරීන් ජනතාව වෙනුවෙන් කටයුතු කළ යුතුයි.ජනපති x අගමැති ශක්තියෙන් 2025 වනවිට සැමට සෙවනදීම අපේ අරමුණයි.’’විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා:‘‘එක්සත් ජාතික පක්ෂය හැමවිටම බිම් මට්ටමේ නායකයන්ට අතදෙන පක්ෂයයි. නිවාස ව්‍යාපෘතියට විදුලියදීම සඳහා අප විශාල පිරිවැයක් දැරුවා.නිවාස ව්‍යාපෘතිය ඉතා ආදර්ශවත් අයුරින් ඉදිකර ඇති ආකාරය අපට දැක ගැනීමට හැකිවුණා.’’ පුත්තලම දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී අශෝක ප‍්‍රියන්ත මහතා:‘‘නිවාස ව්‍යාපෘතිය මගින් සිහිනය සැබෑවීම බව කිව යුතුයි. අගමැතිතුමන්ගේ දුරදක්නා නුවණ ගැන අමුතුවෙන් කිව යුතු නැහැ.ගම අශෝකපුර ලෙස නම් කරන්න මට සිදුවුණා. එය අගමැතිතුමා අනුමත නොකරන බව මගේ හැඟීමයි. නමුත් වර්තමාන දේශපාලන තත්ත්වය මත මට එසේ කරන්න වුණා.එක්සත් ජාතික පක්‍ෂය රටට කළ සේවය අමතක කළ යුගය තිබුණා. පෙර අපේ නායකවරුන් මේ ප‍්‍රදේශවල නිවාස ව්‍යාපෘති ගණනාවක්, යටිතල පහසුකම් ගොඩනැගුවා. පසුගිය රජය පාරකට තාර දැමුවා හැර පවතින දෙයක් කළේ නැහැ.කැලෑවකින් වැසී තිබූ මේ ඉඩම අද නිවාස ව්‍යාපෘතියක් බවට පත්වෙලා.නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශය විසින් ඉදිකළ විශාලතම නිවාස ව්‍යාපෘතිය වන්නේ අශෝක පුරයයි. අපගේ අරමුණ වන්නේ ජනතාවට සැපවත් ජීවිතය දීමයි.’’මේ අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්රීවරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වී සිටියහ.
|
ශක්තිමත් ආර්ථිකයක් නංවන්න අයවැයෙන් පියවර ගන්නවා
| 1 |
(අංජුල මහික වීරරත්න)බඩු මිල අඩු කර, වැටුප් වැඩි කරමින්, රටේ ජනතාවගේ ආදායම ඉහළ දැමූ එකම ආණ්ඩුව වන්නේ එක්සත් ජාතික පෙරමුණු ජාතික රජය බව අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා අරලිගහ මන්දිරයේදී ඊයේ (29) පැවැසීය.යහපාලන රජයේ වත්මන් වැඩසටහන්වල ප‍්‍රගතිය 2020 වන විට දැක ගැනීමට හැකියාව ලැබෙන බව කී අග‍්‍රාමාත්‍යවරයා 2025 වනවිට ණය බර නැති ශීඝ‍්‍රයෙන් දියුණුවන රටක් අනාගත පරපුරට උරුම කර දෙන බවද අනාවරණය කළේය.අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා මේ බව පැවසූයේ නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශය විසින් සංවිධානය කරන ලද ගමින් ගමට - දොරින් දොරට සැමට සෙවණ විසිර නිවාස වැඩසටහන යටතේ කොළඹ දිස්ත‍්‍රික්කයේ ජනතාවට නිවාස ඉදිකර ගැනීම සඳහා මූල්‍ය ආධාර චෙක්පත් ප‍්‍රදානය කිරීමේ උත්සවයේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමිනි.කොළඹ දිස්ත‍්‍රික්කයේ නිවාස ලාභීන් 1100 ක් සඳහා මේ යටතේ විසිරි නිවාස ණය පිරිනැමීම සිදු කෙරිණි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා මෙසේ ද පැවසීය.මෙම නිවාස වැඩසටහන යටතේ සැමට සෙවණ විසිරි නිවාස වැඩසටහන යටතේ කොළඹ දිස්ත‍්‍රික්කයේ විශාල පිරිසකට අද නිවාස ඉදිකර ගැනීම සඳහා උපකාර කරනවා. මෙය සජිත් පේ‍්‍රමදාස ඇමැතිතුමාගේ විශේෂ වැඩසටහනක් බව කිව යුතුයි. සජිත් පේ‍්‍රමදාස මහතාගේ පියාණන් වන රණසිංහ පේ‍්‍රමදාස මහතා මෙරට නිවාස අමාත්‍යවරයා ලෙසත් අග‍්‍රාමාත්‍යවරයා සහ ජනාධිපතිවරයා ලෙසත් නිවාස ඉදිකිරීමේ වැඩසටහන්, උදාගම් ව්‍යාපාරය, ගම්උදාව ආරම්භ කළා. ඒ වනතුරු මෙරට නිවාස ක්‍ෂේත‍්‍රයෙන් අප බලාපොරොත්තු වූ ප‍්‍රගතිය දක්නට ලැබුණේ නැහැ.රණසිංහ පේ‍්‍රමදාස ජනාධිපතිතුමන්ගේ අත්දැකීම් ද ලබාගෙන සජිත් පේ‍්‍රමදාස ඇමැතිතුමා දැන් නිවාස ව්‍යාපෘති ක‍්‍රියාත්මක කරමින් සිටිනවා. ඒ සඳහා නියෝජ්‍ය ඇමැතිතුමා ඇතුළු අදාළ ආයතනවල සහයෝගය ලැබෙනවා. මේ වැඩසටහන ක‍්‍රියාත්මක කිරීම වෙනුවෙන් මා විශේෂ ප‍්‍රශංසාවක් පළ කිරීමට කැමැතියි.මේ වනවිට නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශය යටතේ නිවාස ලක්‍ෂ දෙකහමාරක් පමණ ඉදිකිරීමට ආධාර උපකාර කර තියෙනවා. එකල අමාත්‍යංශය විසින් නිවාස ඉදිකිරීම් බාරගත්තා. ඒත් ඊට වඩා අඩු වියදමකින් ලාබදායී ආකාරයට ඉදිකර ගැනීම සඳහා අප නිවාස හිමියන්ට මූල්‍ය සහ ද්‍රව්‍ය ආධාර උපකාර ලබා දෙනවා. අද මේ වැඩසටහන් සාර්ථකව කි‍්‍රයාත්මක වන්නේ මේ ක‍්‍රමය අනුවයි.නිවාස යනු ජනතාවගේ මූලික අවශ්‍යතාවක්. තම නමට නිවසක අයිතිය ලබාගැනීම සියලූම දෙනාගේ සිහිනයක් බව කිව යුතුයි. තමන්ගේ නිවසක ජීවත්වීම මෙන්ම තම දරුවන්ට ද නිවසක අයිතිය ලබාදීම සැමගේම සිහිනයක් වී තිබෙනවා.වර්තමානයේදී ජනතාව වෙනුවෙන් නිවාස ලක්‍ෂ දෙකහමාරක් පමණ ඉදිකිරීමට හැකියාව ලැබී ඇත්තේ ඒ සඳහා මූල්‍ය සම්පත් වෙන්කර ගැනීමට හැකියාව ලැබී තිබෙන නිසයි. සම්පූර්ණයෙන්ම රුපියල් කෝටි 2200 ක් පමණ නිවාස ඉදිකිරීම් සඳහා වියදම් කිරීමට හැකිවී තිබෙනවා. මෙය අප අරඹා ඇත්තේ විශාල කාර්යභාරයක් බව කිව යුතුයි.ගංවතුර සහ නාය යෑම නිසා නිවාස අහිමිවූවන් වෙනුවෙන් නිවාස ලබාදීමේ වැඩසටහන්වලට සහභාගීවීමට පසුගිය දිනවල මට අවස්ථාව ලැබුණා. එමෙන්ම ඇල්පිටිය ප‍්‍රදේශයේදී ජනතාවට ඉඩම් ඔප්පු ප‍්‍රදානය කිරීමේ වැඩසටහනකට සහභාගීවීමටත් අවස්ථාව ලැබුණා. ඒ අයුරින්ම උතුරේ නිවාස, වතුකරයේ නිවාස, ග‍්‍රාමීය නිවාස වැඩසටහන් සඳහා ද ආධාර උපකාර ලබාදීමට හැකිවුණා. සෑම දෙනා සඳහාම නිවාස ලබාදීමට ප‍්‍රාග්ධනයක් අවශ්‍යයි. අපේ එක් අරමුණක් වන්නේ එම ප‍්‍රාග්ධනය ලබාදීමයි. ආණ්ඩුව ප‍්‍රාග්ධනය ලබාදුන් පසුව ජනතාවගේ දහඩිය මහන්සිය යොදා නිවාස ඉදිකර ගැනීමට හැකියාව තිබෙනවා. අපේ විශාල අවශ්‍යතාවක් තිබුණේ අඩු ආදායම්ලාභීන් සඳහා ප‍්‍රාග්ධනය ලබාදීමයි. අප මේ වර්තමානයේදී ක‍්‍රියාත්මක කරන්නේ ඒ කාරණයයි.වර්තමානයේදී ආණ්ඩුවක් ලෙස අපට ආඩම්බර විය හැකි තත්ත්වයක් නිර්මාණය වී තිබෙනවා. සජිත් පේ‍්‍රමදාස ඇමැතිතුමා කියූ ආකාරයට නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශය අප බාරගනිද්දී ලංකාව පුරා කොතෙක් නිවාස ඉදිකළ යුතු දැයි යන කාරණය වත් දැනගෙන සිටියේ නැහැ. කොතෙක් නිවාස ඉදිකළ යුතු දැයි එහිදී අප සාකච්ඡුා කළා. මෛත‍්‍රීපාල සිරිසේන මහතා මෙරට ජනාධිපති ධුරයට පත්වීමෙන් පසුව මුල් යුගයේදී අපට උරුම වී තිබුණේ ණය කන්දරාවක් පමණයි.වත්මන් පරම්පරාවට පමණක් නොව ඊළඟ පරම්පරාවටත් රාජපක්‍ෂ රජය විසින් ණය කන්දරාවක් උරුම කර දී තිබුණා. ණය ගෙවීමට නොහැකි තත්ත්වයකට රට ඇද වැටී තිබුණා. එම ණය ගෙවා දැමීමට නොහැකි බව දැනගත් එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හදිසි ජනාධිපතිවරණයක් පැවැත්වූවා. මේ ආණ්ඩුව ණය අර්බුදය හේතුවෙන් කඩා වැටේවි යැයි ඇතැම් අය කල්පනා කළා. ඒත් ණය අර්බුදය හේතුවෙන් ආණ්ඩුවෙන් වැටෙන්නට නොදෙන බව අපි එදා තීරණ කර තිබුණා. අපි එම අභියෝගය බාර ගනිමින් එකට එකතු වී ණය අර්බුදයට විසඳුම් සොයා ගත්තා. එදා රටේ ජාතික ආදායම ණය ගෙවීමට වත් ප‍්‍රමාණවත් වුණේ නැහැ.එදා පැවැති ආණ්ඩුව ආදායම් සොයා ගත්තේ තෙල් මිල වැඩි කර ලබාගත් ලාබයෙනුයි. ඒත් අප තෙල් මිල ලෝක වෙළෙඳපොළේ මට්ටමට අඩු කිරීමට පියවර ගත්තා. ලෝක වෙළෙඳ පොළේ තෙල් මිල අඩු වුණොත් රටේ තෙල් මිල අඩු කිරීමටත්, ලෝක වෙළෙඳපොළේ තෙල් මිල ඉහළ ගියහොත් රටේ තෙල් මිල වැඩි කිරීමටත් අප තීරණය කළා. ඒ වගේම රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කළා. ඒ වගේම මේ වනවිට ආදායමත් වැඩි කර තිබෙනවා. එසේ නම් බඩු මිල අඩුකර වැටුප් වැඩි කරමින් රටේ ජනතාවගේ ආදායම් ඉහළ දැමූ එකම ආණ්ඩුව අපේ ආණ්ඩුවයි. අපට අවශ්‍ය වන්නේ ශක්තිමත් ආර්ථිකයක් ඇති කිරිමයි. රටේ ආර්ථිකය ප‍්‍රමාණවත් නැතිනම් නිවාස ඉදිකළ නොහැකියි.සජිත් පේ‍්‍රමදාස අමාත්‍යතුමා පැවසූ ආකාරයට අපට ණය, ණය සඳහා පොලිය ආදී ගැටලූ නොතිබුණානම් ඉතා අඩු පොලියක් යටතේ රටේ සියලූම ජනතාවට නිවාස ඉදිකරගැනීම සඳහා ආධාර ලබාදීමට හැකියාව තිබෙනවා. ණය, ණය සඳහා පොලිය ගෙවීම වැනි ගැටලූ තිබියදී පවා ජනතාවට නිවාස ඉදිකර දීම සඳහා අප රුපියල් කෝටි 2200ක මුදලක් වෙන්කර තිබෙනවා. ජනතාවගේ ශ‍්‍රමයෙන් සහ රජයෙන් ආධාර යටතේ නිවාස ඉදිකිරීමේ වැඩසටහන මේ වනවිට ආරම්බ කර තිබෙනවා. එසේ නම් මෙම වසර දෙකහමාර තුළ රටේ ණය බර ගෙවීමට හැකි ආර්ථික තත්ත්වයක් ඇති කළා සේම අනාගතයේ දී ණය බර ගෙවා අවසන් කිරීමට හැකි ශක්තියක් තිබෙන ආර්ථික මට්ටමක් නිර්මාණය කිරීම අපේ බලාපොරොත්තුවයි. අද අපට තිබෙන සම්පූර්ණ ණය ප‍්‍රමාණය ගෙවා දැමීමට ශක්තියක් නැහැ. රටේ ජාතික ආදායමෙන් ණය ප‍්‍රමාණයෙන් කොටසක් ගෙවීමට හැකි වුවත්. සම්පූර්ණ ණය ප‍්‍රමාණය ගෙවා අවසන් කිරීමට තරම් ප‍්‍රමාණවත් ආදායමක් නැහැ. ඒ සඳහා දැන් විශාල වැඩපිළිවෙළක් ආරම්භ කර තිබෙනවා. මේ වැඩසටහන ආරම්භ කිරීමට අපට හැකි වී තිබෙන්නේ ආණ්ඩුවේ නිසි ආර්ථික කළමනාකරණය නිසා පමණක් නොව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ප‍්‍රමුඛ අපේ ආණ්ඩුව ලෝකයේ සෑම රටක් සමගම හොඳ සම්බන්ධතාවක් පවත්වාගැනීමත් ඊට හේතුවයි. ඉන්දියාව, ජපානය, චීනය, ඇමෙරිකාව, රුසියාව යන රටවල් සහ යුරෝපා රටවල් සමගත් අප මිත‍්‍රත්වයෙන් කටයුතු කරනවා. ඒ සියලූ රටවල් සමග විශේෂ සම්බන්ධතා පවත්වමින් ඔවුන්ගේ ආධාර හා උපකාර ලබා ගනිමින් අප ඉදිරියට යනවා. ඒ අනුව මේ රටේ ආර්ථික ස්ථාවරභාවයක් ඇති කරමින් ආර්ථිකය දියුණු කිරීමට අපට හැකි වී තිබෙනවා. ගැබිනි මව්වරුන්ට ආධාර උපකාර ලබාදීමට අධ්‍යාපනය සඳහා වෙන් කරන මුදල් ප්රමාණය වැඩි කිරීමට අපට හැකිවී තිබෙනවා. ගෝලීය ආර්ථිකයේ ගැටලූ ඇති වී තිබෙන අවධියක අපේ රටේ ආර්ථික ස්ථාවරභාවයක් ඇතිකර ගනිමින් ඉදිරියට යාමට අපට මේ වනවිට හැකිව තිබෙනවා. දැන් අපට තිබෙන්නේ විශාල සංවර්ධනයකට සූදානම් වීමයි. අපේ රටේ ණය ප‍්‍රමාණය අපේ පරම්පරාවේදීම ගෙවා අවසන් කිරීමට අපට හැකි වන්නේ ඒ සංවර්ධනය මගිනුයි. ආණ්ඩුව පිහිටුවා ගත වූ මේ වසර දෙකහමාර තුළ නව රැකියා සහ ආදායම් මාර්ග ලක්‍ෂ දෙකහමාරකට අධික ප‍්‍රමාණයක් අප ජනතාව වෙනුවෙන් බිහිකර තිබෙනවා. මේ වනවිට රටේ පෞද්ගලික අංශය දියුණුවෙමින් පවතිනවා. ලබන මාසයේදී නව බදු සහන ලබාදුන් පසුව ආර්ථිකය මීටත් වඩා දියුණුවට පත්වේවි. ආයෝජකයන් සඳහා බදු සහන ලබාදුන් පසුව එයින් තවදුරටත් රැුකියා අවස්ථා බිහිවෙනු ඇතැයි අප අපේක්ෂා කරනවා. හම්බන්තොට වරාය ණය බරින් ඉවත් කොට වරාය අධිකාරිය සහ චයිනා මර්චන්ට් සමාගම එක්වී වරාය ඉදිරියට ගෙනයාම සඳහා හවුල් ව්‍යාපාර අරඹා තිබෙනවා. ඒ තීරණය ජනතාවගේ කරමතින් විශාල බරක් ඉවත් කිරීමක් බව කිව යුතුයි. එමෙන්ම අප ජපානය සමග එකට එක්ව මහනුවර නගරය විශාල සංවර්ධනයකට ලක් කරනවා. කෘෂිකර්මය මෙන්ම සංචාරක ව්‍යාපාරය දියුණුවට පත් කරනවා. වයඹ ප‍්‍රදේශය හරහා මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීමෙන්ද කර්මාන්ත කලාප ඇති කිරීමෙන්ද විශාල දියුණුවක් දැකගන්නට හැකියාව ලැබේවි. කුරුණෑගල නගරය දියුණු කිරීමටත්, සංචාරක ව්‍යාපාරය වර්ධනය කිරීමටත්. බස්නාහිර පළාතම මහනගරයක් ලෙස සංවර්ධනය කිරීමටත්, ගාල්ල, මාතර ප‍්‍රදේශවල ආසියාවේ හොඳම සංචාරක කලාප බිහිකිරීමටත් අප වැඩසටහන් කි‍්‍රයාත්මක කරමින් සිටිනවා. හම්බන්තොට, මොනරාගල, මාතර ප‍්‍රදේශවල කර්මාන්තකරණය සමග විශාල ආර්ථික දියුණුවක් ඇතිවීමට නියමිතයි. පිබිදුනු පොලොන්නරුව වැඩසටහන යටතේත්, මොරගහකන්ද වැඩසටහන යටතේත් මල්වතු ඔය වැඩසටහන යටතේත් අප විශාල දියුණුවක් අපේක්‍ෂා කරනවා. එමෙන්ම ති‍්‍රකුණාමලය වැඩසටහන තුළින්ද ඒ ප‍්‍රදේශයේ අලූත් විප්ලවයක් බිහිවෙනු ඇතැයි අප අපේක්ෂා කරනවා. අප මෙම අභියෝගය බාරගත්තේ විශාල බරක් උරමත තබාගෙනයි. ඒත් ණය බර තිබෙනවා යැයි කියා අප නිවාස ඉදිකිරීම් කටයුතු නතර කළේ නැහැ. වර්තමානයේදී ඒ කි‍්‍රයාවලිය තවත් වර්ධනය කොට ජනතාවට නිවාස අයිතිය ලබාදීමට, ඉඩම් අයිතිය ලබාදීමට අධ්‍යාපනය ලබාදීමට වන අයිතිවාසිකම් තවත් පුළුල් කිරීමට ජනතාවගේ ආදායම වැඩිකිරීමට අප කටයුතු කරනවා. ඒ සඳහා ඔබේ සම්පූර්ණ සහයෝගය අපේක්ෂා කරනවා.නිවාස ඉදිකිරීම් අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතා:-මේ මන්දිරය කාලයක් භාවිතා වූයේ එක කණ්ඩායමක පැවැත්ම වෙනුවෙන්. අද ඔබ දහස් ගණනක් මෙහි පැමිණ සිටිනවා.අප අන්ත අසරණ පවුල් සඳහා රුපියල් ලක්ෂ 42 ක නිවෙසක් පරිත්‍යාග කරනවා. මලල ක‍්‍රීඩා ක්්ෂේත‍්‍රයේ ක‍්‍රීඩිකාවන් තිදෙනකු සඳහා රුපියල් ලක්ෂ 42 බැගින් වන නිවාස 22 ක් දෙනවා. පවුල් 1100 ක් සඳහා රුපියල් ලක්ෂ 1100 ක් වැයකොට අසම්පූර්ණ නිවාස සම්පූර්ණ කර ගැනීම සඳහා මූල්‍ය පරිත්‍යාග කරනවා.යහපාලන රජය නිවාස ක්ෂේත‍්‍රයේ යෝධ සංවර්ධන හිමි පිමි ගණනාවක් ඉදිරියට තබා තිබෙනවා. ජනපති සහ අගමැති අපට හැමවිටම උපදෙස් දෙන්නේ කරන දේ හරියට පිරිසුදුව කරන ලෙසයි. ඔබට දෙන අරමුදල් කාගෙවත් පෞද්ගලික මුදල් නොව මහජනතාවගේ සම්පත් බව ඔවුන් හැමවිටම උපදෙස් ලබා දෙනවා. අප හැමවිටම කටයුතු කරන්නේ ජනතාවගේ උන්නතිය සඳහායි.අගමැතිතුමන් හැමවිටම නිවාස ඉදිකිරීම් සඳහා සුවිශේෂී උනන්දුවක් දක්වනවා. 2020 වනවිට මෙරට උදාගම්මාන 2500 ක් ඉදිකිරීම අපේ අරමුණයි. උතුරු පළාතින්ද දැවැන්ත නිවාස වැඩසටහනක් ක‍්‍රියාත්මක කර තිබෙනවා.අගමැතිතුමාගේ දේශපාලන දිවියට 40 වසරක් පිරීම සමරමින් රටපුරා උදාගම්මාන 40 ක් අරඹා තිබෙනවා.රණවිරුවන් සඳහා විරු සුමිතුරු නිවාස ව්‍යාපෘතිය ආරම්භ කර තිබෙනවා. අපගේ ව්‍යාපෘති තුළින් මෙරට නිවාස අවශ්‍යතාව හඳුනාගෙන තියෙනවා.මෙරට ලක්ෂ 25 කට නිවාස ප‍්‍රශ්නය තිබෙන බව අප හඳුනාගෙන තිබෙනවා. මුළු රටම ණය බරින් පීඩාවට පත් කර පසුගිය සමයේ මහා පරිමාණ ව්‍යාපෘති ඇරඹුණා. මේ සුදු අලි ව්‍යාපෘති නොතිබුණා නම් ඒ මුදල් ද නිවාස ප්රශ්නය විසඳීම වෙනුවෙන් යෙදවීමට හැකියාව තිබෙනවා.සොඳුරු පියස ණය වැඩසටහන තුළින් කොළඹ පවුල් 5000 කට ආධාර උපකාර කිරීමට අප බලාපොරොත්තු වෙනවා. අප ප‍්‍රගතිශීලී, ජනහිතකාමී අමාත්‍යංශයක් බව කිවයුතුයි. රජයේ අරමුණ සැමට ශක්ති සම්පන්න ජීවිකාවක් ලබාදීමයි. මෙරට ආර්ථික වර්ධනය ඇති කිරීමට විශේෂ සංවර්ධන වැඩසටහනක් ක‍්‍රියාත්මකයි.අපේ සිහිනය නිවාස ප‍්‍රශ්නය තිරසාරව විසඳුණ ශ්‍රී ලංකාවක් දැකීමයි.නිවාස හා ඉදිකිරීම් නියෝජ්‍ය අමාත්‍ය ඉන්දික බණ්ඩාරනායක මහතා:-ඉතිහාසයේ සිට අප නිවාස ප‍්‍රශ්නයට මුහුණ දුන්නා. පසුගිය සමයේ නිවාස අමාත්‍යංශයට වෙන්වූයේ සීමිත මුදලක්. එලෙස වෙන්වූ මුදලෙන් පවා ඥාතීන්ට නිවාස ඉදිකර දුන්නා. වත්මන් රජය බලයට පත්වූ පසුව අප අමාත්‍යංශයට ප‍්‍රමාණවත් මුදලක් වෙන්කර තිබෙනවා.නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශය අද ඉතා කාර්යක්ෂම අමාත්‍යංශයක් බවට පත්වී තිබෙනවා. ඉදිරි වසර කීපයේදී නිවාස ප‍්‍රශ්නයට ස්ථිර විසඳුමක් දීම අපේ අරමුණයි. වත්මන් රජය ගැන ජාත්‍යන්තරයේ විශාල පිළිගැනීමක් තිබෙනවා.අතීතයේ එවැනි තත්ත්වයක් තිබුණේ නැහැ.නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශ ලේකම් ඩබ්.කේ.කේ. අතුකෝරළ මහත්මියත් ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති ලක්විජය සාගර පලන්සූරිය මහතාත් මෙහිදී අදහස් දැක්වූහ.
|
ශක්තිමත් ආර්ථිකයක් නංවන්න අයවැයෙන් පියවර ගන්නවා
| 0 |
(අංජුල මහික වීරරත්න)“අපනයන ආර්ථිකයෙන් ශීඝ්‍ර දියුණුවකට ගොස් ලෝක වෙළෙඳපොළ අල්ලා ගැනීමට ශ්‍රී ලංකාව දැන් සූදානම්” බව අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා ඌව පරණගම-යාලගම දී පැවැසීය.ශ්‍රී ලංකාව සමඟ තරහවී සිටි ලෝකයේ සෑම රටක්ම යහපාලන රජය යටතේ ලංකාව සමඟ යහළුවී සිටින බව කී අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා, කඩිනම් ශීඝ්‍ර සංවර්ධනයක් තුළින් රාජපක්ෂ ණය ඇතුළු සියලු ණය බරින් රට මුදාගත හැකි ශක්තිමත් ආර්ථිකයක් නිර්මාණය කරන්නේ යැයි ද කීවේය.අග්‍රාමාත්‍ය රනිල් වික්රමසිංහ මහතා මේ බව පැවැසූයේ ඌව පරණගම-යාලගම යොවුන් අපනයන කෘෂි ගම්මානය ආරම්භ කිරීමේ උත්සවයේ ප්රධාන ආරාධිත ලෙස සහභාගී වෙමිනි.අක්කර 53ක භූමියක කෘෂි ගම්මානය ඇරඹෙන අතර, අඹ, ගම්මිරිස්, අන්නාසි, වැල් දොඩම්, කටු අනෝදා, රට කජු යන භෝග මෙන්ම මී මැසි පාලනය අපනයනය සඳහා මෙහි වගාකිරීමට නියමිතය.කෘෂි භෝග වගාව කරන තරුණ තරුණියන් සඳහා අක්කර තුනක නේවාසිකගාරයක් ද මෙහි ඉදි කෙරේ. උමා ඔය අසබඩ සුන්දර බිම් තීරයක ගොවිබිම පිහිටයි. උව පළාත් කෘෂිකර්ම, මහාමාර්ග හා සත්ව නිෂ්පාදන අමාත්‍ය උපාලි සමරවීර මහතාගේ සංකල්පයකට අනුව ගොවි ගම්මානය ඉදිකෙරිණ.එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා මෙසේ ද පැවැසීය.“මා බදුල්ල දිස්ත්‍රික්කයට පැමිණෙන්නේ නිලධාරීන් ඇතුළු පාක්ෂිකයන් සමඟ දිස්ත්‍රික්කය සම්බන්ධව සාකච්ඡා කිරීමටයි. අද ඌව පරණගමට පැමිණියේ ඉතා දුෂ්කර ගම්මානයක් වන යාලගමුවේ පැවැත්වෙන උත්සවයකටයි.මේ දුෂ්කර ගම්මානයේ පැවැත්වෙන උත්සවයට සහභාගී වීමට පැමිණි ඔබ සැමට මාගේ ස්තූතිය පළමුවෙන්ම පුද කිරීමට කැමැතියි. වියළි කාලගුණය මධ්‍යයේ ද රස්නය නොතකා මෙහි පැමිණි ඔබට නැවත වාරයක් ස්තූතිවන්ත වීමට කැමැතියි.ඌව පරණගම, වලපනේ, වියලුව යන ආසන තුන එකතුවන ස්ථානය වන මේ නොදියුණු ප්‍රදේශය දියුණු කිරීමේ කාර්යය උපාලි සමරවීර මහතා බාර ගත්තා.උපාලි සමරවීර මහතා පාර්ලිමේන්තුවේ මෙන්ම පළාත් සභාවේ ද දක්ෂ අන්දමින් තම වැඩ කටයුතු කළා. පළාත් සභාවේ කෘෂිකර්ම අමාත්‍යාංශය උපාලි සමරවීර මහතාට බාර දුන්නේ ප්‍රදේශයට විශාල සේවයක් කිරීමටයි. එතුමා කරන වැඩ කටයුතු පිළිබඳව සොයා බැලීමට පැමිණෙන්නැයි කිහිප වතාවක්ම මට ආරාධනා කළා. ඒ අනුවයි අද මා මේ ප්‍රදේශයට පැමිණියේ.එතුමාගේ අරමුණ ප්‍රදේශයේ යොවුන් කෘෂි අපනයන ගම්මානය ආරම්භ කිරීමයි. ඒ සඳහා විවිධ පාර්ශ්ව විවිධ අදහස් උපදෙස් දී තිබෙනවා. ප්‍රාථමික කටයුතු අමාත්‍යාංශයෙන් ද අවශ්‍ය මුදල් ආධාර ඒ සඳහා දෙනවා. ඉදිරියේදී මේ සඳහා තවත් සැලසුම් ඉදිරිපත් කළායින් පසු මුදල් දීමට මා සූදානම් බව පැවැසීමට කැමැතියි.තල්පිටිගල ජලාශය ඉදිවීමත් සමඟම ප්‍රදේශය විශාල දියුණුවක් ලබනවා. ජාතික ආණ්ඩුව ඇති කරන අවස්ථාවේදී සිවිල් ගුවන් සේවා හා ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසා සිටියේ තල්පිටිගල ජලාශය ඉදිකර ඒ ව්‍යාපෘතිය සාර්ථක ව්‍යාපෘතිය කර ගැනීමට ආධාර උපකාර දෙන ලෙසයි. චීන රජයට මේ පිළිබඳව කතා කර කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දැන් මුදල් අනුමත වෙලා.තල්පිටිගල ජලාශ ව්‍යාපෘතිය සාර්ථක වූ පසුව මෙහි ඉඩම්වල වටිනාකම දෙගුණයකටත් වඩා වැඩි වීමට නියමිතයි. කෘෂි අපනයන ගම්මානය මෙහි ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. සාමාන්‍යයෙන් ගම්මානවල පදිංචිකරුවන් කරන්නේ වී ගොවිතැන හෝ වෙනත් සාම්ප්‍රදායික භෝග වගා කිරීම හෝ පමණයි. නමුත් මේ ගම්මානයේ තත්ත්වය ඊට වඩා වෙනස් බව කිව යුතුයි. අපනයනයට අවශ්‍ය ගොවිතැන් මෙහි කෙරෙනවා. ශ්‍රී ලංකාව අපනයන ආර්ථිකය සඳහා සූදානම් කරනවා.ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා මීට වසර 40කට පෙර ශ්‍රී ලංකාව ලෝක වෙළෙඳපොළට එකතු කර අපනයන ආර්ථිකයේ මූලාරම්භය ඇති කළා. යුද්ධය නිසා යම් යම් පසුබෑම් ඇති වුණා. 2009 වසරේදී යුද්ධය අවසන් වූ පසු නැවතත් අපනයන ආර්ථිකයකට ගමන් කළ යුතුව තිබුණා. යුද්ධයෙන් පසුව අපේ ආර්ථිකය විනාශ වුණා. ආර්ථිකය දියුණු කරන්න ශක්තියක් තිබුණේ නැහැ.ආර්ථිකය දියුණු කිරීම සඳහා තිබෙන එකම මාර්ගය අපනයන වෙළෙඳපොළට ගමන් කිරීමයි. ශ්‍රී ලංකාවට දැන් යුරෝපා වෙළෙඳපොළ විවෘතයි. 2003 වසරේ මා අගමැතිවරයා වශයෙන් සිටිය දී ඒ පිළිබඳ සාකච්ඡා කළා. නමුත් ඉන්පසු පැමිණි ආණ්ඩුව එය ප්‍රතික්ෂේප කළා.බංග්ලාදේශය යුරෝපා වෙළෙඳපොළ අල්ලා ගත්තා. දැන් බංග්ලාදේශයට ගෙවුම් ශේෂයේ ප්‍රශ්නයක් නැහැ. ඕනෑ තරම් විදේශ විනිමය තිබෙනවා. අපට වඩා පස් හය ගුණයකින් බංග්ලාදේශය විදේශ විනිමයෙන් පෝසත් වෙලා. බංග්ලාදේශය ඔවුන්ගේ අවස්ථා මෙන්ම ශ්‍රී ලංකාවට ලැබුණු අවස්ථාවලින් ද ප්‍රයෝජන ගැනීම නිසා මේ දියුණුව ලබා ගැනීමට හැකි වුණා.එකල අපට යුරෝපා වෙළෙඳපොළට පිවිසීමට තිබූ අවස්ථාව ප්‍රතික්ෂේප කළා. ඒ නිසා පසුගිය ආණ්ඩුවට රටේ ආර්ථිකය දියුණු කිරීමට නොහැකි වුණා. දිගින් දිගටම ඔවුන් ණය ගැනීමට පටන් ගත්තා. ශ්‍රී ලංකාව එතෙක් ගෙන තිබුණේ දේශීය වාණිජ ණය පමණයි. පසුගිය ආණ්ඩුව විදේශීය වාණිජ ණය ගන්නත් පටන් ගත්තා. ආර්ථිකය බංකොළොත් වුණා. අපේ ආර්ථිකයට ණය ගෙවන්න ශක්තියක් නැති වුණා. ආදායමක් තිබුණෙත් නැහැ.ණය ගෙවීමට නොහැකි පුද්ගලයකු තවත් ණයක් ගත්විට වන්නේ කුමක් ද? ණය ගෙවීමට හැකි මට්ටමට ආදායම ප්‍රමාණවත් විය යුතුයි. නමුත් පසුගිය රජය සීමාවකින් තොරව ණය ගැනීම නිසා ණය ගෙවා ගැනීමට නොහැකි තත්ත්වයක් උදා වුණා. ආණ්ඩු මාරුව වුණේ මෙවැනි තත්ත්වයක් තිබිය දී බව කිව යුතුය.මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්ෂක ලෙස ඉදිරිපත් කර ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව ජාතික ආණ්ඩුව බිහි කළේ ණය උගුලෙන් ගොඩ ගැනීමටයි. ණය උගුලේ සිර වී මැරෙනවා ද නැතිනම් අපේ ශක්තියෙන් ණය උගුලෙන් ගොඩ එනවා ද කියා තීරණය කිරීමට සිදු වුණා.පළමුවෙන්ම කළ යුත්තේ රටේ ආදායම වැඩි කිරීමයි. අප ඒ වැඩ කටයුත්ත කරමින් සිටිනවා. ආදායම් බදු නොගෙවූ පුද්ගලයන්ගෙන් ආදායම් බදු අය කර ගත්තා. වැට් බදු අය කර ගත්තා. ඊට එරෙහිවත් විශාල උද්ඝෝෂණ පැවැත්වුණා. නමුත් මේ වනවිට රජයේ ආදායම වැඩි වෙලා. ඒ නිසා ආණ්ඩුව පවත්වා ගැනීම සඳහා ගත යුතු ණය ප්‍රමාණය අඩු කිරීමට අපට හැකියාව ලැබුණා.ලබන වසරේ පමණක් අපට ගෙවීමට ඇති දේශීය ණය ප්රමාණය රුපියල් කෝටි අනූ හයදහසයි. මෙසේ ගෙවිය යුතුව තිබෙන්නේ 2007, 2008, 2009 වසරවල ගත් ණයයි. ඊළඟ වසර හතරේ දී ගෙවිය යුතු විදේශ ණය ප්‍රමාණය ඩෙලර් කෝටි එක් දහස් පන්සීයක් වෙනවා. තද අව්වට ක්ලාන්තය හැදුණේ නැතත් ණය මුදල ගැන ඇසූ විට ක්ලාන්තය හැදෙනවා.ණය බර කළමනාකරණය කර ගනිමින් රට දියුණු කළ යුතුයි. 2020 වනවිට ණය ගෙවීමට හැකියාව ඇති ශක්තිමත් ආර්ථිකය බිහි කිරීම අපේ අරමුණයි. එක් පැත්තකින් අප ක්‍රමානුකූලව රජයේ ආදායම වැඩි කර තිබෙනවා. අනෙක් අතින් තරුණ තරුණියන් සඳහා රැකියා බිහි කළ යුතුයි. අප එය කරන්නේ කෙසේ ද?ණය ගන්නවා නම් එය ගෙවීමටත් හැකියාවක් තිබිය යුතුයි. ඒ සඳහා අපනයන ආර්ථිකය ශක්තිමත් කළ යුතුයි. ශ්‍රී ලංකාවේ වෙළෙඳපොළින් පමණක් මුදල් සොයා ගන්න හැකියාවක් නැහැ. යුරෝපා වෙළෙඳපොළ, ඉන්දියා වෙළෙඳපොළ, චීන වෙළෙඳපොළ අල්ලා ගෙන අපනයන ආර්ථිකය දියුණු කළ යුතුයි. එසේ කළවිට ඊළඟ වසර දහයේ දී වුවත් ණය ගත්විට ඒ ණය පහසුවෙන්ම ගෙවා දැමිය හැකි තත්ත්වය උදා වෙනවා.එදා මහින්ද රාජපක්ෂ ණය ගනිද්දී අත්පුඩි ගැසූ මාධ්‍ය වෙන්නේ කුමක්දැයි අද අපෙන් අසනවා. රාජපක්ෂ ගත් ණය ගෙවා දැමීම සඳහා තවත් ණය ගැනීමට අද අපට සිදු වෙලා. ඒ තත්ත්වය දිගින් දිගටම ගෙන යෑමට හැකියාවක් නැහැ. ණය උගුලට මුහුණ දීම සඳහා ශක්තිමත් ආර්ථිකය ඇති කළ යුතුයි.අපේ ආර්ථිකය ශක්තිමත් විය යුත්තේ වර්තමානයේ ගන්නා ණය ගෙවා දැමීමට පමණක් නොවෙයි. පසුගිය වසර දහයේදී ගත් ණය ගෙවා දැමීමට ශක්තිය තිබිය යුතුයි. එසේ නම් කඩිනම් ශීඝ්‍ර සංවර්ධනය ආරම්භ කර අප ගන්නා ණයත්, පසුගිය වසර දහයේ දී ගත් ණයත් ගෙවීමට හැකි තත්ත්වය නිර්මාණය කළ යුතුයි.මේ කාර්යය පසුගිය වසරේ නොකළේ ඇයි දැයි බොහෝ අය විමසනවා. පසුගිය වසරේදී අපට ජාතික ආදායම වැඩි කර ගැනීමේ කාර්යබාරයට මුහුණදීමට වුණා. පළමුවෙන්ම අප රටේ ආදායම වැඩි කරගත යුතුයි. එය සාර්ථක වී ඇති නිසා දැන් අපට සංවර්ධනයට යා හැකිව තිබෙනවා. මුළු රටමඅපනයන ආර්ථිකය මගින් පොහොසත් කර සංවර්ධනය ළඟා කර ගැනීම අපේ අරමුණයි.ලෝක වෙළෙඳපොළ අපේ වෙළඳපොළ බවට පත්කර ගත යුතුයි. ඌව පරණගම, වැලිමඩ, බදුල්ල, කොළඹ වෙළෙඳපොළවල් තරග කරන්නා සේ ලෝක වෙළෙඳපොළ සමඟ අද අප තරග කළ යුතුයි. සිංගප්පූරු වෙළෙඳපොළ, ප්‍රංශ වෙළෙඳපොළ, ශැංහයි වෙළෙඳපොළ සමග තරග කළ යුතු තත්ත්වයන් ඇති කළ යුතුයි. අපට ඒ ශක්තිය තිබෙන බව ඇඟලුම් කර්මාන්තයෙන් පෙන්නුම් කළා. තේ කර්මාන්තයෙන් ද ඒ ශක්තිය පෙන්නුම් කර තිබෙනවා.කර්මාන්ත, සංචාරක, ව්‍යාපාර ආදී සියල්ල අපනයන ආර්ථිකය බවට පත්කර විශාල සංවර්ධන ව්‍යාපාරය ක්‍රියාත්මක කරනවා. යුරෝපා වෙළෙඳපොළ අල්ලා ගැනීමට යළිත් අපට හැකියාව ලැබෙනවා. මේ පිළිබඳව අප යුරෝපා සංගමය සමඟ සාකච්ඡා කළා. යුරෝපා වෙළෙඳපොළට පිවිසීම සඳහා යුරෝපා සංගමය අපට භාණ්ඩ 6600කට සම්පූර්ණ බදු සහන දුන්නා. ප්‍රතික්ෂේප කළ තීරු බදු සහන සියල්ල දැනට අපට ලැබී තිබෙනවා.ඇඟලුම් භාණ්ඩ පමණක් නොව තවත් භාණ්ඩ රැසක් තීරු බදු සහනයට අයත් බව කිව යුතුයි. ඒ අතර අඹ, අන්නාසි, ගම්මිරිස් ආදියත් යුරෝපයට යැවීමට උපාලි සමරවීර මහතා කල්පනා කරලා. යුරෝපය අපට උපකාර කරනවා. ඔවුන් අපට සම්පූර්ණ වෙළෙඳපොළ දුන්නා.අප දැන් ලෝකයේ සෑම රටක් සමඟම මිතුරු වී සිටිනවා. යුරෝපය පමණක් නොව ඉන්දියාව, ජපානය, චීනය, සිංගප්පූරුව ආදී රවටල් ද අපේ හොඳ මිතුරන් බවට පත්වෙලා.ජපානයට හා ඉන්දියාවට යෑමට මට අවස්ථාව ලැබුණා. ඔවුන් අපේ දියුණුවට විශාල වශයෙන් උපකාර කරනවා. ප්‍රධාන නගර දියුණු කිරීම සඳහා අවශ්‍ය සැලසුම් සකස් කිරීමට ආධාර කිරීමට, කොළඹ වරාය තවත් දියුණු කිරීමට, කොළඹ වරායට උතුරින් තවත් වරාය ඉදිකිරීමට, කටුනායක ගුවන් තොටුපොළ දියුණු කිරීමට, කොළඹ සැහැල්ලු දුම්රිය මාර්ගය ඉදිකිරීමට, මෙරටට හොඳ තාක්ෂණය දීමට, මහනුවර අලුත් නගරය බවට පත් කිරීමට, ත්‍රිකුණාමලය වරාය ආශ්‍රිත ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට මෙන්ම අපගේ රූපවාහිනී නාලිකා ඩිජිටල්කරණය කිරීමට ජපානය එකඟවී සිටිනවා.ත්‍රිකුණාමලය සංවර්ධනය සඳහා සහභාගී වීමට සූදානම් යැයි ඉන්දියාව පවසනවා. ලංකාව හා ඉන්දියාව එක්වී ත්‍රිකුණාමලයේ ව්‍යාපෘති රැසක් දියුණු කිරීමට ඉන්දීය රජය කැමැත්ත පළ කළා.ත්‍රිකුණාමලය තෙල් ගබඩා හවුල් ව්‍යාපාරය ලෙස දියුණු කිරීම ඉන් එක් ව්‍යාපෘතියක් බව කිව යුතුයි. එයින් ශ්‍රී ලංකාවේ තෙල් සංස්ථාවට කිසිදු හානියක් වන්නේ නැහැ. තෙල් ගබඩා කර ඉන්දියාවට විකිණීමේ අවස්ථාව එවිට අපට ලැබෙනවා. එහි අප කර්මාන්තශාලා ඇති කරනවා. ඒ අවට විශාල දියුණුවක් ඇතිකළ යුතුයි. ඒ දියුණුවේ සැලසුම් ක්‍රියාත්මක කිරීම සඳහා ඉන්දියාව සමඟ ඒකාබද්ධ කමිටුව පත් කරනවා. ජපානයත් ඒ කාර්යය සඳහා එකතු වෙනවා.සූර්යතාප විදුලි බලාගාරයක් සාම්පූර් ප්‍රදේශයේ ඉදිකිරීමට ඉන්දියාව ක්‍රියා කරනවා. ඊට අමතරව ඉන්දීය රජය විසින් කෙරවලපිටියේ එල්.එන්.ජී. විදුලි බලාගාරය ඉදි කරනවා.ජපාන ආයෝජකයන් විසින් තවත් විදුලි බලාගාරයක් ඉදිකිරීමට නියමිතයි. විදුලි බලාගාරය සඳහා එල්.එන්.ජී. ගෑස් ගැනීම සඳහා අවශ්‍ය පාවෙන පර්යන්තය ඉන්දියාව ලංකාව හා ජපානය එක්ව ක්‍රියාත්මක කරනවා.උතුරේ ආර්ථිකය දියුණුකිරීම සඳහා ඉන්දියාවෙන් සහයෝගය ලැබෙනවා. මන්නාරමේ සිට වවුනියාවට, වවුනියාවේ සිට ත්‍රිකුණාමලයට, ත්‍රිකුණාමලයේ සිට දඹුල්ලට අධිවේගී මාර්ග ඉදිකිරීම සඳහා සැලසුම් සකස් කරන කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි.දකුණු පළාතේ ඉන්දීය ආයෝජන සහිතව වෙළෙඳ කලාපයක් ඉදිකිරිමට ඉන්දීය සමාගම සූදානම්ව සිටිනවා. කළුතර අක්කර දහසක වෙළෙඳ කලාපය ඉදිකිරීම සඳහා තායි සමාගම පැමිණ සිටිනවා.වයඹ වෙළෙඳ කලාප තුනක් ඉදිකරීමට නියමිතයි. මීට අමතරව හම්බන්තොට, වැල්ලවාය ප්‍රදේශවලත් වෙළෙඳ කලාප ඉදි කෙරෙනවා. ජාතික ආදායම වැඩි කරන අතර ඉතිරි සංවර්ධන කටයුතු සැලසුම් කරමින් සිටිනවා. කෘෂිකර්මාන්තය දියුණු කිරීමට ඉන්දියාවෙන් ආධාර දෙන බවට පොරොන්දු වුණා.අපනයන කෘෂිකර්මාන්තය දියුණු කර මත්තල ගුවන් තොටුපොළින් අපේ භාණ්ඩ එතෙර යැවිය හැකි වැඩපිළිවෙළක් සකස් කිරීම සඳහා ඉන්දියාවේ සහයෝගය ගන්නවා. වතුකරයේ ජනතාවට නිවාස ඉදිකිරීමට උතුරේ ජනතාවට නිවාස තැනීමට ඉන්දීය සහයෝගය ලැබෙනවා.මීට අමතරව අපේ ශක්තියෙන් දකුණේ අක්කර දහසකට වැඩි ප්‍රමාණයක සංචාර කලාප ඉදිවෙනවා. හලාවත ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් තවත් සංචාරක කලාපයක් ඉදිවෙනවා. බදුල්ල, බණ්ඩාරවෙල ප්‍රදේශවලත් වෙළෙඳ කලාප මෙන්ම සංචාරක කලාප ඇති කිරීමට අප සැලසුම් කර තිබෙනවා. මහනුවර නගරය විශාල සංචාරක මධ්‍යස්ථානය බවට පත් වෙනවා. එමෙන්ම සංස්කෘතික ත්‍රිකෝණය ආශ්‍රිතව ද සංචාරක කර්මාන්තය දියුණු කරනවා.ශ්‍රී ලංකා වරාය අධිකාරිය හා චයිනා මර්චන්ට් සමාගම එක්ව හම්බන්තොට වරාය දියුණු කිරීමේ තවත් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට නියමිතයි. ඒ දියුණුව මේ ප්‍රදේශයටත් ගලා එනවා.සෑම සංවර්ධන සැලසුමක්ම ගෙන ආවේ අපනයන ආර්ථිකය කරා යාමටයි. අපේ නිෂ්පාදන එවිට ලෝක වෙළෙඳපොළේ විකිණීමට හැකියාව ලැබෙනවා. ශ්‍රී ලාංකිකයන්ගේ ආදායම එවිට ඉහළ යනවා. එමෙන්ම ජාතික ධනය ඉහළ යනවා. දළ දේශීය ආදායම දෙගුණ තෙගුණ වෙනවා.දුප්පත්කම තුරන් කර තරුණයන් සඳහා රැකියා බිහි කර ඉදිරියට යන ව්‍යාපාරය ජාතික රජය විසින් ක්‍රියාත්මක කරනවා. අප ආරම්භ කරන්නේ අපනයන ආර්ථිකයේ සංවර්ධනයයි.අප ජාතික ආදායම ශීඝ්‍රයෙන් වැඩි කළා. හැමදාම හිඟන්නන් වශයෙන් ඉන්න හැකියාවක් නැහැ. අපනයන ආර්ථිකය මගින් ලෝක වෙළෙඳපොළට ඇතුළු විය හැකි ආර්ථිකය අප නිර්මාණය කරනවා.1977 වසරේ නිදහස් ආර්ථිකය ආරම්භ කරද්දී අපට කිසිවක් තිබුණේ නැහැ. ඇඟලුම් කර්මාන්තය නැහැ. 1977ට පෙර තිබූ රෙදි හැඳින්වූයේ ‘ඝණ්ඨාර මාර්ක්’ රෙදි යනුවෙන් බව වැඩිහිටියන් දන්නවා. අද වනවිට අප ඉහළ ප්‍රමිතියෙන් යුතු රෙදි ලෝකයට අපනයනය කරනවා.එමෙන්ම විශාල වශයෙන් රබර් ටයර් හදනවා. මේ කර්මාන්ත පස් ගුණයකින් පමණ වැඩි කිරීම අපේ අරමුණයි. අප ළඟ වාද බේද නැහැ. සියලු දෙනා එකතු වී වසර 5කින් ඉදිරියට පනිමු. ඊට පසුව පක්ෂය ලෙස බෙදී තරග කරන්න හැකියි.ජාතික ආණ්ඩුව නිර්මාණය කිරීමේ ප්‍රධාන අරමුණ ණය උගුලේ හිරවී තිබූ රට ඉන් බේරාගැනීමයි. ඒ කාර්යය සඳහා අපනයන ගම්මානයෙන් ලැබෙන උපකාරයට ද ස්තුතිය පළ කළ යුතුයි” යැයි ද රනිල් වික්රමසිංහ මහතා තවදුරටත් කීවේය.ඌව පරණගම සංවිධායක ඌව පළාත් කෘෂිකර්ම, සත්ව නිෂ්පාදන සහ මහාමාර්ග අමාත්‍ය උපාලි සමරවීර මහතා:“ඌව පරණගම ආසනයේ කෙළවරේ දුෂ්කරම ගම්මානයට අගමැතිතුමා පැමිණීම ගැන අපට ආඩම්බරයි. ඌව පරණගම සීයට 85ක ජනතාව ජීවත් වන්නේ කෘෂිකර්මාන්තයෙනුයි. හැමදාම කෘෂිකර්මාන්තයේ පෙරළියක් ඇති කිරීමේ වුවමනාව අපට තිබුණා.යාලගමුවේ ගොවි ගම්මානය සඳහා අප අක්කර 53ක භූමිය හඳුනාගෙන තිබෙනවා. මේ අසලින් උමා ඔය ගලා බසිනවා. හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා ඇරඹූ වාසනා ගමත් මේ ආසන්නයේ තිබෙනවා. තල්පිටිගම වේල්ල ඉදිවෙන්නේත් මේ ආසන්නයේයි. මෙය මා වසර 16කට පෙර දුටු සිහිනයක් බව කිව යුතුයි. අක්කර 53ක් වන ඉඩමේ අක්කර 50ක් වගා කටයුතු සඳහා ද අක්කර 3ක් මෙහි කෘෂිකාර්මික කටයුතු සඳහා සහභාගී වන තරුණ තරුණියන්ගේ නේවාසික පහසුකම් සඳහා ද වෙන්කර තිබෙනවා.අඹ, ගම්මිරිස්, අන්නාසි, වැල්දොඩම්, කටු අනෝදා, රට කජු යන භෝග මෙහි වගා කරනවා. විශේෂයෙන් ජර්මනියේ මේ භෝග සඳහා විශේෂ ඉල්ලුමක් තිබෙනවා.”කම්කරු සබඳතා රාජ්‍ය අමාත්‍ය රවී සමරවීර මහතා:“රාජ්‍ය නායකයකු ඉතා දුෂ්කර ප්‍රදේශයකට පැමිණීම ගැන ස්තූති විය යුතුයි. මෙවැනි දුෂ්කර ප්‍රදේශවලට සේවය කරන්නේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු පමණයි. ප්‍රේමදාස ජනාධිපතිතුමාගෙන් පසුව මේ ප්‍රදේශයට ආ එකම රාජ්‍ය නායකයා රනිල් වික්‍රමසිංහ මහතායි.අපනයන ගම්මානය ඉදි කිරීමෙන් පසු ප්‍රදේශය ශීඝ්‍රයෙන් දියුණු වීමට නියමිතය. පරිවර්තනය සිතන තරම් ලේසි නැහැ. අප බාර ගත්තේ හොඳ රටක් නොවෙයි. අප ජනප්‍රිය නොවන ආණ්ඩුවක් වී ඇත්තේ හරි දේ කරන නිසයි. තව වසර 2ක් යනවිට ජන වරමේ සැබෑ වෙනස දැක ගැනීමට හැකි වේවි.ඉදිරියේදී විශාල සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. ජනතාව ඉවසිලිවන්තව අප සමඟ ගමන යන්න සූදානම් වෙන්න.”ඌව පරණගම යොවුන් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් ශ්‍රීනාත් මහතා:“උපාලි සමරවීර යනු අභියෝග බාර ගන්නා නායකයයි. ඔහුගේ මූලිකත්වයෙන් ඇරැඹුණු ව්‍යාපෘතිය අනිවාර්යයෙන්ම සාර්ථක වන බව අපට විශ්වාසයි.අභියෝග බාර ගැනීමට අප සූදානම්. ඒ මෙරට තාරුණ්‍යයට හෙට දවස සෑදීම සඳහායි. ඌව පරණගම ආසනය කෙළවරේ දුෂ්කරම ගම්මානයට අගමැතිතුමා පැමිණීම ගැන අපට ආඩම්බරයි.2000 වසරේ නවක මන්ත්‍රීවරයකු ලෙස පාර්ලිමේන්තුවට පැමිණියා. 2000 බල පෙරළියෙන් පසුව ආණ්ඩුව විසුරුවා හැරියා. 2001 දී අප ආණ්ඩුව පිහිටෙව්වා. ඌව පරණගම සීයට 85ක් ජීවත් වන්නේ කෘෂිකර්මාන්තයෙනුයි. කෘෂිකර්මාන්තයේ පෙරළිය කිරීමේ වුමනාවක් අපට තිබුණා.”ප්‍රදේශයේ දේශපාලනඥයෝ ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට සහභාගී වූහ.(ඡායාරූප - ඉෂාන් සංජීව)
|
ශක්තිමත් ආර්ථිකයක් නංවන්න අයවැයෙන් පියවර ගන්නවා
| 0 |
(අංජුල මහික වීරරත්න සහ නුවරඑළිය ෂෙල්ටන් හෙට්ටිආරච්චි අඹේවෙල සිට)රාජපක්ෂ ආණ්ඩුව සමයේ අතුරුදන් වූ ඩොලර් කෝටි ගණනක් වූ ජාතික ධනය පිළිබඳව කවුරුන් හෝ අබිරහස් නවකතාවක් ලිවිය යුතු බව අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා අඹේවෙලදී පෙරේදා (7) පැවැසීය.ඡුන්ද දායකයන් යහපාලන රජයට ඡන්දය දුන්නේ හොරකම් නොකරන ක‍්‍රමවේදයක් ඇති කිරීමට බව කී අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා රජය කිසිවිටක හොරකම අනුමත නොකරන බව ද කීවේය.එදා වංචා දුෂණ හෙළිකරන විට දුටුගැමුණු රජුට මඩ ගහනවා යැයි කියූ මාධ්‍යය අද යළි උපන්නා ලෙස කටයුතු කරන බව ද අග‍්‍රාමාත්‍යවරයා පැවැසීය.අග‍්‍රාමාත්‍ය රනිල් වික්රමසිංහ මහතා මේ බව කීවේ ග‍්‍රාමීය ආර්ථික කටයුතු පිළිබඳව අමාත්‍යාංශයට අනුබද්ධ මිල්කෝ (ප‍්‍රයිවට්) ලිමිටඞ්හි අඹේවෙල කර්මාන්තශාලාවේ නවීකරණය කළ කිරිපිටි නිෂ්පාදනාගාරය විවෘත කිරීමේ උත්සවයේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමිනි.මෙහිදී අගමැති අතින් කිරි ගොවීන් සඳහා ඇගයුම් තිළිණ ප‍්‍රදානයක් ද සිදුවිය.එම උත්සවයේදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා මෙසේ ද පැවැසීය.”පළමුවෙන්ම පදිරිප්පුව ප‍්‍රදේශයෙන් පැමිණි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ නර්තන කණ්ඩායමට මම ප‍්‍රශංසා කරනවා. එය සම්ප‍්‍රදායත් නූතන ක‍්‍රමයත් එක්වූ ඉතා හොඳ නැටුමක්. ඒ වගේම යුද හමුදා නර්තන කණ්ඩායමටත් ප‍්‍රශංසා කරනවා. නමුත් මෙම ස්ථානයෙන් ඉක්මනින් පිටව යා යුතු නිසා ඔවුන්ගේ අනෙක් නර්තනාංග බැලීමට නොහැකිවීම අවාසනාවක්.අමාත්‍ය පී. හැරිසන් මැතිතුමා නව ආයෝජන හරහා නවීකරණය වූ මෙම කර්මාන්තශාලාව විවෘත කිරීමට මට ආරාධනා කළා. මෙම කර්මාන්තශාලාව නවීකරණය කිරීම සඳහා 2008 වසරේ කටයුතු ආරම්භ කළත් ඊට අවශ්‍ය මුදල් ලබාදී මෙම වැඩකටයුතු ආරම්භ කළේ 2015 වසරේ මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ප‍්‍රමුඛ අපේ ජාතික ආණ්ඩුව යටතේයි.මෙම නවීකරණ කටයුතු සිදු නොකළා නම් කිරි විශාල ප‍්‍රමාණයක් අපතේ යාම සිදුවෙනවා. කිරි ගොවීන්ට සිය කිරි නිෂ්පාදනය අලෙවි කර ගැනීමට නොහැකි වෙනවා. මෙම නවීකරණය හරහා දැනට මෙහි තිබෙන කිරි ලීටර් ලක්ෂයක ගබඩා පහසුකමට අමතරව තවත් කිරි ලීටර් ලක්ෂ දෙකක ගබඩා පහසුකමුත් ලැබී තිබෙනවා.මේ හරහා අපේ බටර් නිෂ්පාදනය දිනකට කිලෝග‍්‍රෑම් දස දහසක් දක්වා වැඩිකර ගැනීමේ හැකියාවක් තිබෙනවා. දැනට පවතින ලීටර් 40,000ක ගබඩා පහසුකම් සහිත ටැංකියටත්, ලීටර් 20,000 බැගින් වන ගබඩා ටැංකි හතරටත් අමතරව ලීටර් 40,000ක ගබඩා පහසුකම් සහිත තවත් ටැංකි දෙකක් මෙහි ඉදිකර තිබෙනවා. එම නිසා මෙහි තිබෙන ගබඩා පහසුකම පෙරටත් වඩා වැඩි වී තිබෙනවා.ඒ වගේම පාස්චරීකරණ යන්ත‍්‍රයේ දැන් ක‍්‍රියාකාරීත්වය පැයකට ලීටර් 15,000 දක්වා වර්ධනය කර තිබෙනවා. ඒ වගේම සෙන්ටිගේ‍්‍රට් අංශක 90 දක්වා අවශ්‍ය උණුසුම සැපයීමේ පහසුකම් දියුණු කර තිබෙනවා. එමෙන්ම කර්මාන්තශාලාවේ වායුසමීකරණ යන්ත‍්‍ර හරහා පැයකට ලීටර් 15,000ක් පාස්චරීකරණය කිරීමේ හැකියාව තිබෙනවා. එසේ නම් මෙය වැදගත් ආයෝජනයක් බවට අපට පෙනී යනවා. මේ ප‍්‍රදේශයේ කිරි ගොවීන්ට එදාට වඩා හොඳ ආදායමක් ලබාගැනීමේ හැකියාව අද උදාවී තිබෙනවා.රජයක් ලෙස අපි ප‍්‍රාග්ධනය ආයෝජනය කරන්නේ වැදගත් දේවල් සඳහා පමණයි. අපේ අරමුණ නාස්තිය නොව රටේ සුභසිද්ධියයි. වල් අලි වාසය කරන ප‍්‍රදේශයක කෝටි 320ක වියදමින් සූරියවැව ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණය ඉදිකිරීම වැනි නොවැදගත් ආයෝජන අප සිදු කරන්නේ නැහැ. පසුගිය ආණ්ඩුවේ රාජපක්ෂ රෙජිමය ඉදිකිරීමේ කටයුතු කළේ තම හෙංචයියන්ට වාසි ලබාදීම සඳහා පමණයි.ඔවුන් හම්බන්තොට වරායට ඩොලර් කෝටි 150ක් ගෙවා තිබෙනවා. නමුත් අපි හම්බන්තොට වරාය පිළිබඳ ගිවිසුම අත්සන් කරනවිට වැඩිම මුදලක් ගෙවීමට ඉදිරිපත් වූ සමාගම් දෙක අතුරින් අප තෝරා ගත්තේ රටට වැඩිම වාසියක් අත්වන පරිදි ඩොලර් කෝටි 140ක් ගෙවීමට ඉදිරිපත් වූ සමාගමයි. නමුත් පසුගිය රජය මෙය ඉදිකිරීමේදී ඩොලර් කෝටි 150ක් වැයකර තිබෙනවා. නමුත් එහි වටිනාකම ඩොලර් කෝටි 140ක් පමණයි. එසේ නම් අතුරුදන් වූ ඉතිරි ඩොලර් කෝටි 10 හෙවත් රුපියල් කෝටි 1500 පිළිබඳව කවුරුන් හෝ අභිරහස් නවකතාවක් ලිවිය යුතුයි.එදා අපි මෙම වංචාව පෙන්වා දෙන විට ලංකාවේ මාධ්‍ය අප ද්‍රෝහීන් යැයි පැවැසුවා. අපි දුටුගැමුණු රජ්ජුරුවන්ට මඩ ගහනවා යැයි පැවැසුවා. නමුත් දැන් ලංකාවේ තිබෙන්නේ යළි උපන් මාධ්‍යයක්. හොරකම් කිරීම අනුමත කරන්නේවත් අනුමත කිරීමට වුවමනාවක්වත් අපට නැහැ. අපේ ඡන්ද දායකයන් අපට ඡන්දය දුන්නේ හොරකම් නොකරන ක‍්‍රමවේදයක් ඇති කිරීමටයි. අපේ ඇමැතිවරුන්ට හොරකම් කිරීම සම්බන්ධයෙන් චෝදනා නොතිබුණත් අවශ්‍ය අවස්ථාවල ලංකාවේ පළමු වතාවට කොමිෂන් සභා ඉදිරියට ගොස් සාක්ෂි දෙන ලෙස අප පැවැසුවේත් එම නිසා බව මම විශේෂයෙන් මේ අවස්ථාවේ කියන්න කැමැතියි.නවීන් දිසානායක ඇමැතිතුමාත් පැවැසූ පරිදි අප මේ රට භාර ගන්නාවිට රටේ ආර්ථිකය පැවැතියේ විශාල අර්බුදයකයි. පසුගිය රජය වතුර ඉල්ලූ දරුවන් මරා දැම්මේ පඩි වැඩි කිරීමට ඉල්ලූ සේවකයන්ට වෙඩි ප‍්‍රහාර එල්ල කළේ එම ආර්ථික ආර්බුදය පිළිබඳව ඔවුන් දැනගෙන සිටි නිසයි. ඔවුන් එදා උමා ඔය ව්‍යාපෘතියට එරෙහිව උපවාස කළ පුද්ගලයන්ට කඳුළු ගෑස් ප‍්‍රහාර එල්ල කළා. අප බලයට පත්වී ඒ සියලූ දේ වෙනස් කළා. අප ජනතාවට සහන ලබාදෙමින් නිවාස ව්‍යාපෘති ලබාදීමට පියවර ගත්තා. මේ වනවිට අප වතුකරයේ නිවාස 16,000ක් ඉදිකරමින් සිටිනවා. ඒ වගේම තවත් නිවාස 14,000ක් ඉදිකිරීමට ඉදිරියේදී කටයුතු කරනවා.ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන් සංඛ්‍යාව ගිය වසරේ ලක්ෂ 20ක් දක්වා වැඩිකර ගැනීමට අපට හැකියාව ලැබුණා. එම සංචාරකයන් විශේෂයෙන් මේ ප‍්‍රදේශවලට පැමිණෙනවා. අප මෙවැනි විශාල දියුණුවක් කරා රට ගෙන ගියා. අප රටේ අධ්‍යාපනයට යොදවන මුදල් ප‍්‍රමාණය වැඩිකරමින් වසර 13ක පාසල් අධ්‍යාපනය අප අනිවාර්යය කළා. ඒ වගේම මේ ප්රදේශය තුළ උසස් පෙළ විභාගය සඳහා විද්‍යා අංශයෙන් ඉදිරිපත්වන ළමුන්ට ද්‍රවිඩ මධ්‍ය මහා විද්‍යාල 25ක් ආරම්භ කර තිබෙනවා. ඒ වගේම මූලික ආහාර වර්ග සාධාරණ මිලක් යටතේ ලබාදීමටත් අප දැන් කටයුතු කරමින් සිටිනවා. මේ සියලූ දේ දීර්ඝකාලීනව ඉදිරියට ගෙන යාමට නම් අපට ශක්තිමත් ආර්ථියක් අවශ්‍ය වෙනවා. අප 2015 දී ජාතික ආණ්ඩුවක් නිර්මාණය කළේ එම ශක්තිමත් ආර්ථිකය ගොඩ නැගීම සඳහායි.මීට පෙර ශ්‍රී ලංකාවට තිබුණේ ණය බරින් මිරිකුණු ආර්ථිකයක්. එම ණය ප‍්‍රමාණය කෙතරම් ද කියනවා නම් රාජපක්ෂ රෙජිමය ණය ලබාදෙමින් හොඳට කෑවා. ඒ කෑම වමනෙ කළාම රටටම ඒක සුද්ධ කරන්න වෙලා තියෙනවා. ඔවුන් ණය බර පරම්පරා තුනකට ඉතිරි කළා. නමුත් අපේ පරම්පරාවේදීම මේ ණය ගෙවා අවසන් කිරීමට අප තීරණය කර තිබෙනවා. සෑම දෙමවුපියකුගේම අරමුණ තමන් ලබාගත් ණය තමන්ගේ දරුවන්ට ගෙවීමට ඉඩ නොදී තමන් විසින්ම ගෙවා අවසන් කිරීමයි. අන්න ඒ නිසයි අප ලබාගත් ණය අපේ කාලයේදීම ගෙවා දැමීමේ අරමුණ ඇතිව මෛතී‍්‍රපාල සිරිසේන ජනාධිපතිතුමා සමඟ එක්ව මම ජාතික ආණ්ඩුව නිර්මාණය කළේ.මේ ණය ගෙවීම පරක්කු කරමින් එය තවත් පරම්පරා කිහිපයකට ඉතිරි කරමින් පක්ෂ අතර ගැටුම් ඇතිකර ගනිමින් බලයේ සිටීමේ හැකියාව අපටත් තිබුණා. අප ආණ්ඩුව භාරදුන් 2005x2014 කාලය තුළ මෙ රටේ සම්පූර්ණ ණය ප‍්‍රමාණය 233% කින් වැඩි වී තිබෙනවා. නමුත් රටේ ආදායම පහළ බැස තිබුණා. අවසානයේ ණය පියවීම සඳහා රටේ ආදායම ප‍්‍රමාණවත් වුණේ නැහැ. 2013 වසරේදී රටේ ණය පියවීම සඳහා රුපියල් කෝටි 1147ක් අවශ්‍යව තිබුණා. නමුත් ඒ වනවිට රටේ ආදායම රුපියල් කෝටි 130ක් පමණයි. ණය පියවීමට, රටේ එදිනෙදා වියදම් සඳහා ප‍්‍රාග්ධනය ආදිය සඳහා රට තුළ මුදල් තිබුණේ නැහැ. ඔවුන් ඉක්මන් ජනාධිපතිවරණයකට එළැඹුණේ මෙම ගැටලූ නිසායි.නමුත් මේ රට භාරගැනීමෙන් පසුව අප ඉතා අමාරුවෙන් රට ඉදිරියට ගෙන ගියා. 2016 දී ණය ගෙවීම සඳහා අපට රුපියල් බිලියන 1353ක් අවශ්‍ය වුණා. එම වසර තුළ අප ගනු ලැබූ පියවර සහ කි‍්‍රයාමාර්ග හේතුවෙන් රටේ ආදායම රුපියල් බිලියන 1681ක් දක්වා වර්ධනය වුණා. එසේ නම් අඩුම තරමින් එම වසරේදී රටේ ආදායමෙන් ලබාගත් ණය පියවීමට හෝ හැකියාව තිබුණා. අපට වැට් වැඩි කිරීමට ද සිදුවුණා. ඒ වගේම බදු එකතු කරන්නන්ගේ කණ්ඩායම වැඩි කිරීමට සිදුවුණා. ඒ හරහා ඉන්ධන මිල අඩුකිරීමේ හැකියාව අපට තිබුණා. නමුත් බොහෝ අය පැවැසුවේ ඉන්ධන මිල අඩු නොකර ඉන් ලැබෙන ආදායම ණය පියවීම සඳහා යොදවන ලෙසයි. නමුත් අප ජනතාවට ඉන්ධන සහනය ලබා දුන්නා. වැටුප් වැඩිනොකර එම මුදල් ණය පියවීම සඳහා යොදවන ලෙස ඇතැමුන් පවසද්දී අපි රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කළා.ඉන්ධන මිල අඩු කිරීමෙන් අපේ ආදායම පහත බැස්සා. වැටුප් වැඩිකිරීම හරහා අපේ වියදම් ඉහළ ගියා. නමුත් ජනතාවට සහන ලබාදෙමින් රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යාමේ ශක්තිය අප සතු බව අප තීරණය කළා. අප දැන් ආර්ථිකය ස්ථාවර කර තිබෙනවා. නමුත් විසඳාගත යුතු තවත් ගැටලූ කිහිපයක් තිබෙනවා. ණය ගෙවීමට, රාජ්‍ය වියදම්, ප‍්‍රාග්ධන ආයෝජනයට ආදී සියලූ දේට අප දැන් මුදල් සොයාගත යුතුයි. 2018 වනවිට අපට ගෙවීමට ඇති ණය ප්රමාණය රුපියල් කෝටි 260 ලක්ෂයක්. 2016 දී අපට ගෙවීමට තිබුණේ රුපියල් කෝටි 135 ලක්ෂයක්. 2019 සහ 2020 දීත් මෙවැනිම විශාල ණය ප‍්‍රමාණයක් ගෙවීමට අපට සිදුව තිබෙනවා.මේ තරම් විශාල ණය ප‍්‍රමාණයක් ගෙවන්නේ කෙසේ දැයි සිතමින් මෙහි සිටින නෝනා මහත්වරුන්ගේ මුහුණුවල ස්වභාවය දැන් තරමක් වෙනස් වී තිබෙනවා. අප මේ වනවිට ආර්ථිකය ශක්තිමත් කිරීමට අවශ්‍ය කටයුතු සිදුකරන්නේ අපේ ආදායම හරහා මෙම ණය ප‍්‍රමාණය ගෙවීමටයි. ඒ වගේම තවත් ගැටලූවක් අපට ඉතිරි වෙනවා. රටේ එදිනෙදා වැටුප් ගෙවීමට, අමාත්‍යාංශ පවත්වාගෙන යාමට, ඉන්ධන, විදුලිබලය ආදී වියදම් ගෙවීමට අපට සිදුවෙනවා. ඇතැම්විට අනාගතයේදී ණය ගැනීමට අපට සිදුවේවි. නමුත් එම ණය නැවත ගෙවිය හැකි ශක්තිමත් ආර්ථිකයක් නිර්මාණය කළ යුතුයි.රට තුළ ආයෝජන අවස්ථා වැඩි කරනවා නම් එවැනි ශක්තිමත් ආර්ථිකයක් නිර්මාණය කිරීමේ හැකියාව පවතිනවා. මහාමාර්ග, පාසල් ආදිය ඉදිකිරීම් සඳහා අවශ්‍ය ණය අප ලබාගත යුතුයි. නමුත් නැවත එම ණය ගෙවිය යුතුයි. ඒවා ප‍්‍රතිලාභ ලැබෙන වාණිජමය ව්‍යාපෘති නොවෙයි. අප රටේ ආයෝජන අවස්ථා වැඩි කරනවා නම් මේ සියලූ දේ සඳහා ලබාගත් ණය පියවීමේ හැකියාව අපට ලැබෙනවා.ආයෝජන, කර්මාන්තශාලා, හෝටල් ව්‍යාපෘති සහ වෙනත් ව්‍යාපාර ආදිය වර්ධනය වී ඒ හරහා රැකියා අවස්ථා වර්ධනය වෙනවා. එවිට ඒ හරහා වර්ධනය වූ සේවක සංඛ්‍යාව සහ එම ආයතන රජයට බදු ගෙවනවිට රටේ ආදායම ඉහළ යනවා. එම නිසා 2028-2029 වන තෙක් රටේ ආයෝජන අවස්ථා වැඩි කිරීමට අප බලාපොරොත්තු වෙනවා. ඉන් අනතුරුව අපට සිදු කිරීමට තිබෙන්නේ රටේ වෙළඳාම වැඩි කරමින් අප අපනයනය කරන භාණ්ඩ සංඛ්‍යාව ඉහළ දැමීමයි.පසුගිය කාලයේ රටේ අපනයනය පහත බැස තිබුණා. තේ, රබර්, පොල් හැර රටේ අපනයනය සීමා වී තිබුණේ ඇඟලූම්, රබර් සහ ටයර් නිෂ්පාදන සඳහා පමණයි. ජාත්‍යන්තරයෙන් රටට කිසිදු සහනයක් ලැබුණේ නැහැ. නමුත් අපේ ජාතික ආණ්ඩුව යටතේ දැන් ජී.එස්.පී. ප්ලස් සහනය ලබා ගනිමින් භාණ්ඩ 6000ක් අපනයනය කිරීමේ අවස්ථාව අපට ලැබී තිබෙනවා. නව නිෂ්පාදන 6000ක් නොවන අඩුම තරමින් නිෂ්පාදන 50ක් 100ක් අතර සංඛ්‍යාව හෝ අපනයනය කිරීමට හැකියාව තිබෙනවා නම් එය රටේ ආදායමට ප‍්‍රමාණවත්. අපනයන ආදායම වැඩිකරමින් ආයෝජන අවස්ථා වැඩි කිරීමයි අප දැන් සිදුකළ යුත්තේ. අප දැන් එය ආරම්භ කර තිබෙනවා. හම්බන්තොට වරාය හරහා රටට රුපියල් බිලියන 4600ක් අහිමි වුණා. නමුත් හම්බන්තොට වරාය පිළිබඳව වරාය අධිකාරියත් චයිනා මර්චන්ට් සමාගමත් අතර නව ගිවිසුමකට එළැඹුනු නිසා අපට රුපියල් කෝටි 16,500ක් ලැබී තිබෙනවා. හම්බන්තොට වරාය හරහා රටට අහිමි වූ මුදල රුපියල් කෝටි 6600ක්. නමුත් මේ ගිවිසුම නිසා රටට රුපියල් කෝටි 16,000ක ආයෝජනයක් ලැබුණා. මේ ආයෝජන හරහා රටේ විදේශ විනිමය සංචිත වැඩිකර ගැනීමට හැකියාව ලැබෙනවා. අපේ ණය ප‍්‍රමාණය අඩුකර ගැනීමටත් අපට හැකිවෙනවා. මෙවැනි ක‍්‍රමානුකූල ආකාරයකට රටේ ආර්ථිකය පාලනය කරමින් ණය ගෙවීමටයි අප බලාපොරොත්තු වන්නේ.රට තුළට ආයෝජන අවස්ථා සීඝ‍්‍රයෙන් රැුගෙන ආ යුතුයි. එම වැඩසටහනට අපේ සම්පූර්ණ ශක්තිය අවධානය යෙදවීමට අප බලාපොරොත්තු වනවා. හම්බන්තොට වරායත් සමග අපට තෙල් පිරිපහදු මධ්‍යස්ථානයක් සඳහා ද ආයෝජන ලැබී තිබෙනවා. වානේ කර්මාන්තශාලාවක් සඳහාත් එල්.එන්.ජී. විදුලි බලාගාරයක් සඳහාත් සිමෙන්ති කර්මාන්තශාලාවක් සඳහාත් නැව් තටාකයකටත් අපට මූලික වශයෙන් ආයෝජන ලැබී තිබෙනවා.මේ වනවිට වයඹ කර්මාන්ත කලාපයක් ඇති කිරීමට අවශ්‍ය කටයුතු අප සූදානම් කරමින් සිිටිනවා. ඒ වගේම කළුතර ප‍්‍රදේශයේ කර්මාන්ත කලාපයක් ඇති කිරීමටත් අප සූදානම් වෙනවා. මේ ප‍්‍රදේශයත් දියුණු කිරීමට අවශ්‍ය කටයුතු අප සිදුකරනවා. එවිට නුවරඑළිය, බදුල්ල ආදී ප‍්‍රදේශවල ජනතාවටත් මේ ප‍්‍රදේශයට පැමිණ රැකියා ලබා ගැනීමේ හැකියාව ඇති වෙනවා. ජේ.ආර්. ජයවර්ධන, රණසිංහ පේ‍්‍රමදාස ආදී ජනාධිපතිවරුන් කර්මාන්ත කලාප ඇති කළ ආකාරයටම අපත් කර්මාන්ත කලාප ඇති කරමින් විශාල දියුණුවක් ළඟා කරගැනීමට බලාපොරොත්තු වෙනවා. මම එම ජනාධිපතිවරුන් දෙදෙනා යටතේම වැඩ කළා. මම බියගම වෙළෙඳ කලාප තුනක් ආරම්භ කළා. ඒ වගේම සීතාවක, කොග්ගල, පල්ලේකැලේ, හොරණ වෙළෙඳ කලාප අප ඇති කළා. ඇඟලූම් කර්මාන්තය සංවර්ධනය කරමින් කර්මාන්තශාලා 200ක් රට පුරා ඉදිකිරීමට පේ‍්‍රමදාස ජනාධිපතිතුමාට අප සහාය ලබා දුන්නා. එකල කර්මාන්ත ඇමැති ලෙස තවත් කර්මාන්තශාලා 150ක් ආරම්භ කිරීමට මට හැකියාව ලැබුණා. ඒ වගේම රට තුළ නව හෝටල් ව්‍යාපෘති ඇති කිරීමට අප කටයුතු කළා. මේ පළපුරුද්ද මත අප දැන් රට තුළ විශාල දියුණුවක් ඇති කිරීමට සූදානම් වෙනවා. මේ ප‍්‍රදේශවල කෘෂිකර්මය, සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමට ජනතාවට ආදායම් ලැබිය හැකි අනෙක් මාර්ග දියුණු කිරීමට අප ඉදිරි වසර 3 කැප කරනවා. ජනාධිපතිතුමාත් මමත් අපේ ඇමැතිවරු සියලූ දෙනාත් මේ වැඩකටයුතු සඳහා එකතු වෙනවා. කිරි ගොවියන්ට හොඳ ගවයන් ලබාදීම එම වැඩපිළිවෙළේ එක් අංගයක්. රටේ කිරි නිෂ්පාදනය වැඩි කිරීමට සහ ඒ ආශි‍්‍රත ආහාර නිෂ්පාදනය කරන කර්මාන්තශාලා ඇති කිරීමට අප කටයුතු කරනවා. විශේෂයෙන් වතුකරයේ විද්‍යාලවලින් පිටවන තරුණ තරුණියන්ට තමන් කැමැති රැකියාවක් ලබා දීමට අවශ්‍ය වැඩකටයුතු අප සිදුකරමින් සිටිනවා. එම අනාගතය නිර්මාණය කිරීමයි අප දැන් සිදුකරන්නේ. රටේ අනාගතය සාර්ථක වන්නේ ණය පාලනය කරගැනීම හරහායි. අප මේ වනවිට එය පාලනය කර තිබෙනවා. අනාගතයේදීත් ණය පාලනය සිදුකරමින් ආයෝජන වැඩි කරමින් යළිත් ශක්තිමත් ආර්ථිකයක් ගොඩනගනවා යැයි මම මේ අවස්ථාවේදී ප‍්‍රකාශ කරනවා. මට ආරාධනා කිරීම සම්බන්ධයෙන් ද මම ඔබට ස්තූතිවන්ත වෙනවා.”ග‍්‍රාමීය ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍ය පී. හැරිසන් මහතා”මේ කම්හලේ සිහිනය අප වසර ගණනාවක් දුටුවා. කම්හලේ මූලික වැඩ ඇරැුඹුනේ 2008 වසරේදීයි. අතරමග නැවතී නැවත 2014 දී වැඩ ඇරැඹුණා. වසර කිහිපයක් ප‍්‍රමාද වූවත් ජනපති අගමැති මඟ පෙන්වීම යටතේ ඒ කටයුතු ඉක්මන් කරන්න හැකි වුණා.පසුගිය දිනවල කිරි කර්මාන්තය ගැන ප‍්‍රශ්න රැසක් ඇති වුණා. මාස තුනක් ඇතුළත මේ කම්හලේ පිරිපහදු කටයුතු ද අරඹනවාකිරි ගොවියා පැත්තකට දැමූ යුගයක් තිබුණා. රුපියල් 50කට තිබූ කිරි ලීටරය 70ක් දක්වා මිලක් දීමට අපට හැකිවුණා.පසුගිය කාලේ මේ කිරි කර්මාන්තයට සැලසුම් තිබුණේ නැහැ. නමුත් දැන් නවීන සැලසුම් අනුව මිල්කෝ සමාගම අලූත් පියවරක් තබා තිබෙනවා. කම්හලේ සමස්ත නිෂ්පාදනය ලීටර් ලක්‍ෂ තුනකින් පමණ වැඩි කිරීමට අපට හැකි වී තිබෙනවා.වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා:”මගේ ආසනයේ ආර්ථික කේන්ද්‍රස්ථානයක් ලෙස මිල්කෝ ආයතනය හඳුන්වා දිය හැකියි. මේ ප‍්‍රදේශය කිරි ආර්ථිකය නැංවීමට විශාල රුකුලක් දෙනවා. මේ ආයතනය නොයෙක් මූල්‍ය අර්බුදවලට මුහුණ දුන්නා. කළමනාකරණ අඩුපාඩු වුණා. මා කාටවත් ඇඟිල්ල දිගු කරන්නේ නෑ. මේ ආයතන ශක්තිමත් කිරීම රජයේ මූලික අරමුණයි. රජයේ මෙන්ම රාජ්‍ය ආයතනවල සිටින සොරුන් ද පන්නා දැමිය යුතුයි. මේ ආයතනය ශක්තිමත් කරන්න උපරිම උත්සාහයක් ගත යුතුයි.අප හමුවේ බැරූරුම් කාර්යයක් තියෙනවා. ඒ කාර්යය ඉටු කළ යුතුයි. විශාල ණය බරක් පියවීමට තිබෙනවා. අපිට ප‍්‍රශ්නවලින් පැන යන්නට හැකියාවක් නැහැ. අපට රට ඉදිරියට ගෙනයාමට පැහැදිලි දර්ශනයක් තිබෙනවා. දේශපාලන ගාම්භීරත්වයක් තිබෙන රනිල් වික්රමසිංහ මහතා ගැන අපට විශ්වාසයි.කඳුරට නව ගම්මාන අමාත්‍ය පලනි දිගම්බරම් මහතා:”සී.බී. රත්නායක මහතාගෙන් පසුව මේ ආයතනයේ ඉතිරි කළ මුදල් විනාශ වුණා. නමුත් පී. හැරිසන් මහතා පැමිණීමෙන් පසු තත්ත්වය හොඳ අතට ආවා. කිරි ගොවියා දියුණු කරන්න එතුමාට ශක්තිය තියෙනවා.ආණ්ඩුව අද හෙට ගන්නවා යැයි මහින්ද රාජපක්‍ෂ කියනවා. හැකිනම් කරන්න. සුළු ජනතා පක්‍ෂ කිසි දිනක ආණ්ඩුව හැර යන්නේ නැහැ. මේ රජය යටතේ අපේ ජනතාවට විශාල මෙහෙවරක් සිදු කරනවා. ජනතාවට ඉඩම් නිවාස ලබාදෙනවා. අපි ඔක්කොම එකතු වෙලා රට හදමු. 2020 වනවිට අප රට හදා පෙන්වන්නම්.”ග‍්‍රාමීය ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අමීර් අලි මහතා ද අදහස් දැක්වීය. මෙම උත්සවයට කිරි ගොවීන් ඇතුළු ප‍්‍රදේශවාසීහු විශාල පිරිසක් සහභාගි වූහ.
|
ශක්තිමත් ආර්ථිකයක් නංවන්න අයවැයෙන් පියවර ගන්නවා
| 0 |
(*** සුජිත් හේවාජුලිගේ)ඇමැතිකමක් නැතිව ආණ්ඩුවේ ඉන්න බැරි මිනිහට විපක්ෂයේ දේශපාලනය කවදාවත් කළ නොහැකි වනවා සේම ඇමැතිකමටම දේශපාලනය කළ මිනිහට මන්ත්‍රීකමේ වගකීම ද ඉටු කළ නොහැකි බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.විපක්ෂයට ගිය ගමන් පක්ෂමාරු කරන්නේ ඇමැතිකම් මත්තෙම ඉන්න අය යැයි කී අගමැතිවරයා එවැනි පුද්ගලයන්ට දේශපාලනයේ හොඳ අනාගතයක් නැතැයි ද කීය.ඇතැම් මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවට ඇවිත් නිදා ගන්නා බවත් පාර්ලිමේන්තු යනවා යැයි ගෙදරට පවසා පැමිණෙන බවත් ඇතැමුන් වෙනත් ගෙවල්වල සිටිය දී හමු වූ බවත් රාජපක්ෂ මහතා සිනාමුසු මුහුණින් යුතුව ප්‍රකාශ කළේය.එවැනි නරක පුරුදුවලට ඇබ්බැහි නොවන්නැයි ද ඔහු පාර්ලිමේන්තුවට පත්ව සිටින නවක මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලීමක් කළේය.අගමැතිවරයා මේ ඉල්ලීම කළේ පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී ඊයේ (25) උදේ පැවැති නව වැනි පාර්ලිමේන්තුවට පත් වූ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් සංවිධානය කෙරුණු දෙදින පුහුණු වැඩමුළුවේ සමාරම්භක උත්සවයේදීය.පාර්ලිමේන්තුවේ කටයුතු සම්බන්ධයෙන් නවක මන්ත්‍රීවරුන්ට දැනුම ලබා දීම සඳහා කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ උපදෙස් මත මෙම දෙදින පුහුණු වැඩමුළුව සංවිධාන කරනු ලැබූවේ පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා ඇතුළු නිලධාරීන් විසිනි.අගමැතිවරයා එහිදී මෙසේ ද පැවැසීය.මට මතක් වෙනවා අවුරුදු 50කට උඩදී මමත් ඔය වගේ වාඩි වෙලා හිටියා. අපි තරුණ මන්ත්‍රීවරුන් විදිහට වාඩි වෙලා ඉන්න කොට මේ වගේ දේශන අපිට වධයක් වුණා. ඔබටත් හිතෙනවා ඇති මේ මොන ලෙඩක් ද කියලා. මේ අපි දන්න දේවල්නේ කියලා හිතෙනවා ඇති. නමුත් පුරුද්දක් විදිහයට නවක මන්ත්‍රීවරුන් දැනුම්වත් කිරීම හැම කාලෙම සිදු කරනවා. මට මතකයි මගේ පියා කියනවා එතුමා ප්‍රථමවරට පාර්ලිමේන්තු ආපු වෙලාවේ, ඒ කාලේ තිබුණේ රාජ්‍ය මන්ත්‍රණ සභාව, බණ්ඩාරනායක මහත්තයා පාර්ලිමේන්තුවේ අත්දැකීම් ඔබට ගන්න පුළුවන් පාර්ලිමේන්තුව තුළ දී, පාර්ලිමේන්තුවේ කටයුතු කරද්දී ඔබට ඒ අත්දැකීම ලැබෙනවා.අද මෙතැන අලුත් මුහුණු අසූ දෙකක් තියෙනවා. අප මේ අලුත් මුහුණු ගැන ආඩම්බර විය යුතුයි. විවිධ තරාතිරම්වල අය දේශපාලනයට පැමිණීමෙන් දේශපාලන ලෝකය වර්ණවත් වන්නේ යැයි මම හිතනවා. මේ අය තමයි රට බාරගෙන ඉදිරියට වැඩ කරන්න ඉන්න පිරිස.පසුගිය දා නිමාවුණේ මේ රටේ අමතක කරන්න බැරි ඡන්දයක්. මම එහෙම කියන්නේ අප තුනෙන් දෙකක ජනවරමක් ගත්තු නිසා නොවෙයි. එක් දහස් නවසිය හතළිස් හයේ දී පිහිටුවපු එක්සත් ජාතික පක්ෂයට මේ මැතිවරණයේ දී එකම ආසනයක්වත් ගන්න බැරි වුණා.ඒක පුදුම සහගත වැඩක්. මේවා ඉතිහාසයට යන කාරණා. ඒ වගේම මේ ඡන්දයේ දී ජනතාව ලොකු පණිවුඩයක් දීලා තියෙනවා. පසුගිය මහ මැතිවරණයේ දී කිසිම පක්ෂයකට ලොකුවට ප්‍රචාරක කටයුතු කරන්න හැකිවුණේ නැහැ. පෝස්ටර්, කටවුට් ගහන්න හැකි වුණේ නැහැ. ලොකුවට බලය පෙන්වන්න බැරි වුණා. සංදර්ශන, පෙළපාළි තිබුණේත් නැහැ. වැඩ කරන්න වුණේ සෞඛ්‍ය නීතිවලට අනුවයි. නමුත් ජනතාව සියයට හැත්තෑ එකක් ඡන්ද පොළට ඇවිත් ඡන්දය දුන්නා. ඒක මම හිතන්නේ අනාගතයට දුන්නු හොඳ පණිවුඩයක්. අගමැතිකම් දැරුවා කියලා විපක්ෂ නායකකම් දැරුවා කියලා වැඩ බැරිනම් ඒ අය ගෙදර යවන්න ජනතාව පසුබට වුණේ නැහැ.දේශපාලන පරපුරකින් ආවත් වැඩ බැරිනම් ගෙදර යැව්වා. උගතුන්, වියතුන් වුණාට පමණක් වැඩක් නැහැ. මේ රටට වැඩ කරන්න පුළුවන් නම් තමයි ජනතාව ඡන්දය දුන්නේ. මම මේ තරුණ මන්ත්‍රීවරුන්ට කියන්නේ තනතුරු, උගත්කම් මොනවා තිබුණත් ජනතාව පවරපු වැඩ කොටස ඉටු කරන්නේ නැතිනම් වැඩක් නැහැ. ලොකු ද පොඩි ද කියල බලන්නෙ නැතිව වරාය ද ගුවන් සේවා ද මැටි ද සියඹලාද කියලා බලන්නේ නැතිව හැම දේම එක හා සමානව සලකලා වැඩ කරන්න ඕන. සියල්ල රටේ වැඩ හැටියට සලකලා වැඩ කරන්න ඕන. ජනතාවට ඕන වැඩ ඉස්සර වගේ නොවෙයි දැන් මන්ත්‍රීවරුන්ට විශේෂ සැලකිල්ලකුත් නැහැ.මන්ත්‍රීවරුන් තමන්ගේ වෘත්තියභාවය දියුණු කර ගන්න ඕන. ඒකට වයස ප්‍රශ්නයක් නොවෙයි. මම නීති විද්‍යාලයට ඇතුළු වුණේ හැත්තෑවේ දී පාර්ලිමේන්තුවට තේරී පත්වුණු පසුවයි. පාර්ලිමේන්තු යන ගමන් නීතිවිද්‍යාලයට ගියේ. ඒ කාලයේ ඉන්ටර්නෙට්, ඔන්ලයින් පහසුකම් අපට තිබුණේ නැහැ. අද ඔබට මෙහෙ ඉඳලා විදේශීය විශ්වවිද්‍යාලයක ලියාපදිංචි වෙලා ඉගෙන ගන්න පුළුවන්. මන්ත්‍රීකම බාධාවක් කරනොගෙන විභාග ලිව්වා. අන්තිමේ දී හැත්තෑ හතේදී පරාද වුණාම මට ඉතිරි වුණේ මෙච්චරයි. නීතිඥ පදවියේ ප්‍රයෝජනය ලබාගන්න මට පුළුවන් වුණා.සමහරුන් පාර්ලිමේන්තු ආපු ගමන් ඇමැතිකමක් බලාපොරොත්තු වෙනවා. මා හමුවෙලා කරන ඉල්ලීම්වලින් ඒක පේනවා. රටට වැඩ කරන්න පුළුවන් ඇමැතිකමක් දෙන්න පුළුවන් ද කියලා අහනවා. එහෙම බලාපොරොත්තු තබා ගෙන ඉන්න එක හොඳයි. අපි මතක තියා ගන්න ඕන පාර්ලිමේන්තුවට එවන්නේ ඇමැතිවරයකු නොවෙයි. පාර්ලිමේන්තු එවන්නේ මන්ත්‍රීවරයෙක්. ජනතාවට අවශ්‍ය වන්නේ තමන්ට ඇහුම්කන් දෙන හොඳ මන්ත්‍රීවරයෙක්. වැදගත් වන්නේ පාර්ලිමේන්තුවේ හොඳ මන්ත්‍රීවරයකුවීමයි. රටට මේ මොහොතේ වැදගත් වන්නේ එහෙම මන්ත්‍රීවරයෙක්.ජනතාව හිතන්නේ ඇමැතිවරයෙක් හදාගන්න නෙමෙයි. තමන්ව නියෝජනය කරන මන්ත්‍රී කෙනෙක් හදන්න. මොන බලසම්පන්න ඇමැතිකම තිබුණත් තමන්ගේ මන්ත්‍රීකම හරියට නොකළොත් ජනතාව එයාව ගෙදර යවනවා. ඒ නිසා පාර්ලිමේන්තුවේ හොඳ මන්ත්‍රීවරයෙක්, මහජන නියෝජිතයෙක් වෙන එක තමයි රටට මේ මොහොතේ වැදගත්. ඒ වගේම මතක තියාගන්න ඇමැතිකමක් නැතිව ආණ්ඩුවේ ඉන්න බැරි මිනිහට කවදාවත් විපක්ෂයේ දේශපාලනය කරන්නත් බෑ. ඇමැතිකමටම දේශපාලනය කළ මිනිහට මන්ත්‍රීකමේ වගකීම ඉටු කරන්න බෑ. එහෙම ඇමැතිකම මතම ඉන්න අය තමයි විපක්ෂයට ගිය ගමන් පක්ෂ මාරු කරන්නේ. එහෙම අයට දේශපාලනයේ හොඳ අනාගතයක් නැති බවත් අපි තේරුම් ගන්න ඕනේ.මම ආණ්‍ඩුවල හිටපු කාලය වගේම කාලයක් විපක්ෂයේ ඉඳලා තියෙනවා. අද වගේ නෙමෙයි අපි විපක්ෂයේ හිටියේ තමන්ගේ අදහස් ප්‍රකාශ කළොත් මහපාරේ බල්ලෙක් වගේ මරලා දාපු කාලේ. විරුද්ධවාදීන්ගේ ප්‍රජා අයිතිය අහෝසි කරලා හිරේ විලංගුවේ දාපු කාළේ. ඒ වගේ විපක්ෂවල දීර්ඝ කාලයක් මන්ත්‍රීවරයෙක් විදියට වැඩ කරලා මට නම් හොඳ පුරුද්දක් තිබුණා. ඒ නිසා තමයි 2015 ඡන්ද ප්‍රතිඵල නිකුත් වෙන්නත් කලින් මම ගෙදර ගියේ. උතුරු නැගෙනහිර මට වැටිලා තියෙන ප්‍රතිශතය සියයට 89 කියලා දැන ගත්තාම මම කිව්වා එහෙනම් මම පරාදයි කියලා. උදේ පාන්දර 6ට මම මැදමුලන බලා යන්න පිටත් වුණා. ඒ අපිට තියෙන දේශපාලන පුරුද්ද. ඒ වගේම වසර 04කදී ආපහු ආණ්ඩුවක් පෙරලලා බලයට ආවේ, මේ ජයග්‍රහණය ලබා ගත්තේ විපක්ෂයේ ඉඳලා අපට තිබුණ පුරුද්ද නිසා.මගේ ජීවිත කාලයේ ඉතිහාසයේ ලොකුම වගකීම් පැවරුණ මැතිවරණ දෙකක් තිබුණා. එකක් 2005 ජනාධිපතිවරණය. එදා පැවරුව වගකීම තමයි දෙකඩ වෙලා තිබුණ රට එක්සේසත් කිරීමේ දැවැන්ත වගකීම. ඒ රාජකාරිය අපි හරියට ඉටු කළා. ඒ සඳහා නවක මන්ත්‍රීවරුන් අපිට ශක්තියක් වුණා. සහයෝගය දුන්නා. ඊළඟට දැවැන්තම වගකීමක් පවරලා තියෙන්නේ මේ මැතිවරණයෙන්. සමානුපාතික මැතිවරණ ක්‍රමයකින් ලැබුණ 2/3ක දැවැන්ත ජනවරම අප වෙත ජනතාව පැවරූ වගකීමක් ලෙස අපි භාරගන්න ඕනේ. දැන් අපිට දේශපාලන මධුසමය ගතකරන්න වෙලාවක් නෑ. වෛර පිරිමහන්න, මට සැළකුවේ නෑ, මාව කොන් කළා කියමින් කන්කෙඳිරි ගාන්න වෙලාවක් නෑ.දැවැන්ත ව්‍යවස්ථා වෙනසක් ජනතාව අපේක්ෂා කරනවා. අලුත් ව්‍යවස්ථාවෙන් ඉතිහාසයේ වෙච්ච වැරදි නිවැරදි කර ගනීවි කියලත් ජනතාව බලාපොරොත්තු වෙනවා. අපි සියලු පෞද්ගලික න්‍යාය පත්‍ර පැත්තකට දාලා ජනතාවගේ බලාපොරොත්තුව ඉස්සෙල්ලාම ඉටු කරන්න ඕනේ.1977 ඉඳන් මේ දක්වා අඩසියවසකට ආසන්න කාලයක් රට පාලනය කරපු ව්‍යවස්ථාවක් තියෙන්නේ. මේක කාලීනව සංශෝධනය විය යුතුයි.ව්‍යවස්ථාව කියන්නේ එක පාර්ශ්වයක උරුමයක් නෙමෙයි. ඒක අපි කාටත් බලපාන මූලික නීතිය, ඒකේ තියෙන හැම කොමාවක්ම, නැවතීමේ ලකුණක්ම අපේ ජීවිතයට බලපානවා. ඒ නිසා ජනතාව ඉල්ලා සිටින ව්‍යවස්ථාව හදන ක්‍රියාවලියේ දී දේශපාලන පක්ෂ බේදයක් තියාගන්න එපා. මේක අපේ වගකීමක්. මෙතෙක් තිබුණ ව්‍යවස්ථාවේ සාධනීය සියලු දේ අපි උරාගන්න ඕනේ. ඒවාට සත්භාවයෙන් තමන්ගේ අදහස් පළකරන්න ඕනේ.පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස පුස්තකාලය භාවිත කරන්න. තමන්ගේ පාර්ලිමේන්තු කතාවට එය මනා පිටිවහලක් වෙනවා. පාර්ලිමේන්තු දිනයට පාර්ලිමේන්තුවට පැමිණෙන්න. ඇතැම් මන්ත්‍රීවරු පාර්ලිමේන්තු ඇවිත් නිදා ගන්නවා. පාර්ලිමේන්තු එනවා කියලා ගෙදරින් එනවා. පාර්ලිමේන්තුවේ ඉන්නෙ කියලත් ගෙදරට කියනවා. බලන කොට වෙන වෙන ගෙවල්වල එයාලා ඉන්නේ. එහෙම අවස්ථා තියෙනවා. ඒවට පුරුදු වෙන්න එපා. පාර්ලිමේන්තු කටයුතුදාට පාර්ලිමේන්තුවේ කටයුතු සිදු කරන්න. අවසන් වශයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස ආරම්භ වූ ඔබේ දේශපාලන ගමනට සුබ පතන්නත් මා මෙය අවස්ථාවක් කර ගන්නවා යැයි ද කීය.කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා:-අංගසම්පූර්ණ පාර්ලිමේන්තුවක් පත්ව සිටිනවා. ඔබලා මෙතැනට ආවේ දැඩි පරිශ්‍රමයක් දරලයි. විශේෂයෙන්ම මනාප සටන. මේ තරම් බලයක් දුන්නේ රටේ ප්‍රශ්න විසඳාගන්නයි. පාර්ලිමේන්තුව කියන්නේ ජාතියේ කැඩපතයි. මෙතැන දී කිසිදු අඩුපාඩුවක් නොවිය යුතුයි. අපෙන් ජනතාව බලාපොරොත්තු වන දේ ඉටු කිරීමට ඔබ සියලු දෙනාට ශක්තිය තියෙන බව මම විශ්වාස කරනවා. මෙතෙක් වුණු වැරැදි නිවැරැදි කර ගන්න ඔබට ශක්තිය ධෛර්යය ඇති බවත් මා දන්නවා.විපක්ෂයේ ප්රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා:-මේ පාර්ලිමේන්තුවට විශේෂ වගකීමක් තියෙනවා. පසුගිය පාර්ලිමේන්තුවේදී දෙපැත්තෙන්ම සිදු වූ අප්‍රසන්න දේවල් නිසා මෙහි කීර්තිනාමය නැති වුණා. මේක අපේ පාර්ලිමේන්තුවේ විතරක් නොවෙයි ලෝකයේ වෙන රටවල පාර්ලිමේන්තුවලත් වෙන දෙයක්. නමුත් මේ පාර්ලිමේන්තුවට ඒ පළුදුවීම වෙනස් කරන්න පුළුවන්. පළුදු වූ කීර්තිනාමය අලුත් ශිෂ්ට සම්පන්න සංවාදවලින් වෙනස් කරන්න පුළුවන්. මම නවක මන්ත්‍රීවරුන්ගෙන් ඒ ඉල්ලීම කරනවා.පාර්ලිමේන්තුවේ වැදගත්ම දේ තමයි ඉවසීම. පසුගිය අවුරුදු තිස් එක තුළ අපි පාර්ලිමේන්තුවේදී හොඳට බැණුම් අහල තියෙනවා. නමුත් අපි ඒවා ඉවසගෙන අහගෙන හිටියා. ඕනෑම දේකට කතානායකගෙන් අවසර අරගෙන උත්තර දෙන්න පුළුවන්. වැදගත් දේ උත්තර දෙන එකයි.කතානායක ඉන්නේ ඔබලාගේ ප්‍රශ්න විසඳන්නයි. එක තමයි වැදගත්ම දේ. කතානායක සංකල්පය ඇතිවුණේ දහතුන් වැනි සියවසේ මහා බ්‍රිතාන්‍යයේ. ඒ සියවසේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ කතානායක හිටියේ රජතුමාගේ පැත්තෙයි. මන්ත්‍රීවරුන්ගේ පැත්තෙ නොවෙයි. නමුත් පසුකාලීනව ඒක වෙනස් වුණා. අගමැතිතුමාට මතක ඇති පසුගිය පාර්ලිමේන්තුවේදීත් කතානායක රජතුමාගේ පැත්ත ගත්තෙ නැහැ. ගත්තෙ මන්ත්‍රීවරුන්ගේ පැත්ත. ඒක තමයි පාර්ලිමේන්තු සම්ප්‍රදාය.මහින්ද රාජපක්ෂ මහත්තයා සමග අපි එදා එකට හිටියා. මට මතකයි එදා එතුමාට මල්වතු අස්ගිරි සම්මානය ලැබුණාම මමයි එතුමා නුවර දී පිළිගත්තේ. එදා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් එක් කෙනකුවත් ඇවිල්ලා හිටියේ නැහැ. විවිධ හේතු නිසා. අපි කොයි පැත්තෙ හිටියත් අපේ යාළු මිත්‍රකම් දිගටම තියෙනවා.පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා:-නව පාර්ලිමේන්තුවට අද විශේෂ දවසක්. පාර්ලිමේන්තුවේ කාර්ය පටිපාටිය පිළිබඳව මන්ත්‍රීවරුන් දැනුවත් කිරීම මෙම වැඩමුළුවේ අරමුණයි. මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ වගකීම මුලින්ම දැනගත යුතුයි.පාර්ලිමේන්තුවේ සාර සංහිතා ග්‍රන්ථය අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් කතානායකවරයාට මෙහි දී පිළිගන්වනු ලැබීය.මේ අවස්ථාවට පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් නීල් ඉද්දවල, සහකාර මහලේකම්වරුන් වන කුෂාණි රෝහණධීර හා ටිකිරි ජයතිලක, සභානායක දිනේෂ් ගුණවර්ධන, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු, නියෝජ්‍ය කාරක සභා සභාපති අංගජන් රාමනාදන් යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද සහභාගි වූහ.
|
ඇමැතිකමක් නැතිව ආණ්ඩුවේ ඉන්න බැරි නම් විපක්ෂයේ කොහොමටත් බෑ
| 1 |
දේශපාලන අර්බුදයත් සමඟ සංචාරක ව්‍යාපාරයට අත්වී ඇති ඉරණම ගැන අද පාර්ලිමේන්තුවේ දී පැවැති කල් තැබීමේ විවාදයෙන් පසු පස්වරු 6.32ට පාර්ලිමේන්තුව 29 වැනි දා පෙරවරු 10.30 තෙක් කල් තැබිණි.මූලාසනාරූඪ මන්ත්‍රීවරයා ඉවත් වූ අතර නියෝජ්‍ය කතානායකවරයා මූලාසනයට පැමිණියේය.තමා ඝාතනය කිරීමට උත්සාහ කර දින තුනක් ගත වුවත් පොලිසියේ මේ වන තුරු කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනීම ගැන වඩිවේල් සුරේෂ් මන්ත්‍රීවරයා යළිත් වරක් සිය විරෝධය පළ කළේය. ආණ්ඩුව යැයි කියා ගන්නා ඊනියා කණ්ඩායම පාර්ලිමේන්තු සභාවට නොපැමිණ පාර්ලිමේන්තුවේ අාපන ශාලාවට වී සිටින බවත්, පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වීමට නොහැකි නිසා ආපන ශාලාවේ දී බහුතරය පෙන්වීමට හදන බවත් ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා කීවේය.පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකාරුණා මහතා සහ ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ද මෙම විවාදයට එක්වෙමින් අදහස් දැක්වීය.නියෝජ්‍ය කතානායවරයා මූලාසනයෙන් යයි. විජේපාල හෙට්ටිආරච්චි මහතා මූලාසනාරූඪ විය. ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාඅද හොර ආණ්ඩුවට සාපේ වැදිලා. මගේ බඩට ගැහුවේ කුරාන් පොතෙන්. බයිබලෙනුත් ගැහුවා. දැන් ඔවුන් සාපකාරී තත්ත්වයට පත් වෙලා. ඔවුන්ට දැන් පාර්ලිමේන්තුවේ වාඩි වෙද්දි පුටුව රත් වෙනවා. මේ හොර ආණ්ඩුව මේ විදියටම කූඩෑල්ලා වගේ අල්ලාගෙන හිටියොත් විදේශිකයෝ සල්ලි අරගෙන යයි. අය වැයක් සම්මත වෙන්නේ නැතුව බඩු මුට්ටු ගේන්න සල්ලි නැතුව යයි. මෙහෙම ගිහින් සංචාරකයෝ එන්නේ නැති, කෙහෙල්බොඩ කාපු, මිරිස් පොලු තිබ්බ, හාල් පොලු තිබ්බ 70-77 කාලෙට එයි.ඒ කාලේ විදුලිය නෑ, මැටි ගෙවල් තිබුණේ, වාහන වැඩිය නෑ. ඒ යුගය අපි වෙනස් කළා 77දි. දැන් මිනිස්සුන්ට යාන වාහන තිබෙනවා. විදුලිය තිබෙනවා. අධ්‍යාපනය හොඳින් දෙනවා. දැන් මේ යන විදියට ඉස්සරහදි පවුකාරයෝ විනාශ වෙනවා. එහෙම ශුද්ධ වෙලා යළිත් 78න් පස්සේ යුගයට එනවා.බිමල් රත්නායක මහතාජනාධිපතිවරයාත්, මහින්ද රාජපක්ෂ මහතාත් තමන්ගේ බල තන්හාවට කරන මේ විනාශය නොතේරීම ප්‍රශ්නයක්. සමහරු අහනවා පාර්ලිමේන්තු රැස් වන්නේ ඇයි කියලා. පාර්ලිමේන්තුව රැස් වෙන්නේ හිස්පුටුවලට කතා කරන්න නෙමේ තමයි. දැන් හොර කැබිනට්ටුවක් රැස් වෙනවා. මේ රටේ හැම ආණ්ඩුවක්ම සියයට හැට හැත්තාවක් ජනවරම උල්ලංඝණය කළා. හැබැයි මෛත්‍රීපාල සිරිසේන මහතා සියයට සීයක් ජන වරම උල්ලංඝණය කළා. කිසිම ලැජ්ජාවක් නැතුව, හිරිකිතයක් නැතුව නීති කඩමින් පාර්ලිමේන්තුවේ බලය අල්ලන්න යනවා.හොරු කණ්ඩායම් බැංකුවකට පැනලා කොටු වුණාම බෝම්බ තියාගෙන ඉන්නවා වගේ වැඩක්. අද රටේ ආයතන අල්ලාගෙන මේ කටයුත්ත කරනවා. කුමන්ත්‍රණය පාර්ලිමේන්තුවේ පරාජයට පත් වෙලා තිබෙනවා. විදෙස් රටවල් මේ ආණ්ඩුව පිළිඅරගෙන නෑ. මෛත්‍රීපාල සිරිසේන මහත්තයා පසුගියදා ගිය සීෂෙල්ස්වත් පිළිඅරගෙන නෑ. සීෂෙල්ස් ගියේ ඇයි කියලා අපි දන්නේ නෑ. ලංකාවට වැඩි ආදායමක් ලැබෙන සංචාරකයන් එන්නේ යුරෝපා රටවලින්. එක්සත් රාජධානිය, ඕස්ට්‍රේලියාව, ජර්මනිය, ප්‍රංශය වගේ රටවලින් මේ තත්ත්වය මත සංචාරකයන්ට නිකුත් කළ සංචාරක අවධානම් පිළිබඳ නිවේදන මම සභා ගත කරනවා. සංචාරකයන් පැමිණීම බිඳවැටීම සියයට 15ක් පමණ වෙලා තිබෙන බව දැනගන්න ලැබුණා. සේවකයන්ට ලැබෙන සේවා ගාස්තු අඩුවෙලා තිබෙනවා. අපි බහුතරයෙන් ස්ථාවර නියෝග අත්හිටුවලා දෙන්නම්. අපි අභියෝග කරනවා පුලුවන්නම් රාජපක්ෂ මහත්මයාට විශ්වාසය පළ කිරීමේ යෝජනාවක් ගෙන එන්න කියලා. මේ තක්කඩි පාලනය හදන්නේ තමන්ට දෙතුන් ගුණයක් හීලෑ මාධ්‍ය හදාන්න. ගඩාෆි මැරුණේ බෝක්කුවක් අස්සේ. හිට්ලර් මැරුනේ කොහොමද. ගඩාෆි මැරුව විදියට අපි එකඟ නෑ. හැබැයි හැම ඒකාධිපතියම බයෙන් ඉන්නේ. රාජපක්ෂලා මෛත්‍රීපාලලා පටන් ගන්නා මේ ගමන ඉවර වෙන්නේ බොහොම නරක තැනකින් වෙන්න පුලුවන්. ජෝන් අමරතුංග මහතා ඊයේ පෙරේදා සංචාරක ක්ෂේත්‍රයට පත් වුණු විනාශය බලන්න. මෙයාලා සංචාරක ඇමැතිවරයෙක් පත් කළා. ඒ පිස්සන්කොටුවේ ඉන්න බෑ කියලා ඔහු සති දෙකෙන් අපේ පැත්තට ආවා. සංචාරක ආදායම වැඩි කරන්න අපි බොහෝ දෑ කළා. 2022 වන විට සංචාරක ආදායම ඩොලර් බිලියන 5ක් ලබා ගන්නයි අපි ඉලක්ක කරගෙන තිබෙන්නේ.මේ සභාවෙදි කියවුණා ජනාධිපතිතුමා කරපු වැරදි දේවල් ගැන. වෙනදට ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ ඇවිත් වාඩි වෙලා ඉන්නවා. දැන් ඇවිත් උත්තර දෙන්න ඕනෑ. ඔහු මේ පැත්ත පලාතේ එන්නේ නෑ. මේ රටට ලැබෙන ආදායම විනාශ වෙන එක නවත්වන්නයි අපි මේ සභාවේ කතා කරන්නේ. ලංකාවේ සිදුවෙමින් තිබෙන දේ හැමෝම දැනගන්න ඕනා. මහින්ද රාජපක්ෂ මහත්මා මේ ගැන දැඩි අවධානයට ගන්න ඕනෑ. විදේශ රටවල් ශ්‍රීලංකාවේ අගමැති ලෙස ඔහු පිළිගත්තේ නෑ. මේ සිදුවෙමින් තිබෙන දේවල් විදේශ තානාපතිවරුන් පිලිගන්නේ නෑ. මහින්ද රාජපක්ෂ මහතා ඉල්ලා අස්විය යුතුයි. මේ අගමැති ධුරය නිසි අයිතිය තිබෙන අයට භාර දිය යුතුයි. 2005 සිට 2008 සිට මහජනතාවට බාධා වන අයුරින් කටයුතු කළ පුද්ගලයන් මේ නීති විරෝධී ආණ්ඩුවේ සාමාජිකයන් වෙලා ඉන්නවා. අද නීතියේ අධිපත්‍යක් නෑ. මේ නීති විරෝධී රජය යටතේ සංචාරක ක්ෂේත්‍රය විනාශ වෙමින් තිබෙනවා. අපි මේ තත්ත්වය ගැන ජනතාව දැනුම්වත් කළ යුතුයි.ආශු මාරසිංහ මහතා කල් තැබීමේ යෝජනාව ඉදිරිපත් කළ අතර සංදීප සමරසිංහ මහතා එම යෝජනාව ස්ථිර කළේය.කතානායකවරයා මූලාසනයෙන් ඉවත් වූ අතර නියෝජ්‍ය කතානායකවරයා මූලාසනාරූඪ විය.සභාව - එකඟයි කතානායක - මීළඟට නොවැම්බර් මස 29 දින 10.30 දක්වා පාර්ලිමේන්තුව කල් තැබීම සඳහා යෝජනාව සහ විවාදය. සභාව එකඟද?ඩී එම් ස්වාමිනාදන් මහතා පාර්ලිමේන්තුවේ සිදුවූ අවිනීතික සිදුවීම ගැන අදහස් දක්වන්න මමත් කැමතියි. පසුගිය කාලයේ සියලු ක්ෂේත්‍රයන් ඇනහිට තිබෙනවා. පාලකයන් ව්‍යවස්ථාවට එකඟවට කටයුතු නොකිරීම නිසයි මෙහෙම වුණේ. ජනාධිපතිවරයා ඉතා රහසිගතව අගමැති ඉවත් කරන වෙනත් පුද්ගලයකු පත් කළා. එය සම්පූර්ණ ව්‍යවස්ථා විරෝධියි. ජනාධිපතිවරයා ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම කෙරෙහි අවධානය යොමු කර සත්‍යයට කටයුතු කරමින් ව්‍යවස්ථාවට අනුව කටයුතු කළ යුතුයි. අවසානවාකට අපි මෙබඳු සිදුවීමක් අත්විඳ නෑ. අද රට අගාදයට වැටිලා තිබෙනවා. නීති විරෝධී ක්‍රියාවන්ගෙන් වලකින්නැයි මම ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා. එඩ්වඩ් ගුණසේකර මහතාඅපි මේ රට ජාතිවාදී, ආගම්වාදී ගෝත්‍රවාදයෙන් මුදවලා ගමනක් යන්නයි උත්සාහ කළේ. අඩෙයිකලනාදන් සභාපතිතුමා කළ කතාව රටේ සියලු දෙනා දැන ගත යුතුයි. එදා පොලිසියට මිරිස්කුඩු ගහද්දි ඔවුන්ගේ ගෙවල්වල උදවියට කොච්චර වේදනාවක් එන්න ඇද්ද? ඔබතුමා සියලු ප්‍රහාර විඳගෙන හිටියා. අද මේ රට යන්න ඕනෑ කොතනටද කියන එක ඔබතුමා පෙන්නුම් කළා. අඩෙයිකලනාදන් මහතාඔබට විවිධ හිරිහැර කළා. ඔබට ගහන්න හිටපු මිරිස්කුඩු තමයි පොලිසියට වැදුණේ. ඔබ ප්‍රහාරවලට ලක්වෙද්දි ඔබ නොසැලී කෙළින් හිටියා. ඔබ අපිට ලොකු ආදර්ශයක්. අපිට ගහද්දි අපේ අය අවි අතට ගත්තා. නමුත් ඔබට පහර දෙද්දි ඔබ පෙරලා පහර නොදී කෙළින් හිටියා. ඔබ ඇත්තටම ආදර්ශයක්. මුජිබර් රහුමාන් මහතා කතානායකතුමාට එරෙහිව විවිධ මඩ ව්‍යාපාර දියත් වෙනවා. ජනාධිපතිවරයාගේ අනුදැනුම මත මේ දේවල් වන බවට චෝදනා එල්ල වුණා. ජනාධිපති මාධ්‍ය අංශයෙන් මේවා ප්‍රචාරය කරන බව වෙබ් අඩවිවල පළ වුණා. ඔවුන් එම චෝදනා ප්‍රතික්ෂේප කළේ නෑ. මේවා සම්බන්ධයෙන් සොයා බැලිය යුතුයි. ගයන්ත කරුණාතිලක මහතා- මම 2000 වසරේ පාර්ලිමේන්තුවට ආවේ. 18 වසරක් තිස්සේ පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතත් ඔබතුමා සම්භාව චරිතයක් ලෙස දැක්කා. ඔබතුමාගෙන් මම බොහෝ ආදර්ශ ගන්නවා. ඔබතුමා විවිද තනතුරු දරණ කාලයේ ක්‍රියා කළ ආකාරය අපි දැක්කා. ඔබතුමා නායකත්ව ගුණාංග රාශියක් පෙන්වා තිබෙනවා. ඔබතුමාට පුදුම හැකියාවක් තිබෙනවා වෙලාවට වැඩ කිරීමට. ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් අභීතව පෙනී සිටි කතානායකවරයා බව මම ප්‍රකාශ කරනවා. ඔබතුමා තොරතුරු පනත ගේන්න බොහොම උත්සාහ කළා. කතානායක - මම ඒ ගැන සොයා බලන්නම්.ව්‍යාජ සභානායක දිනේෂ් ගුණවර්ධන හැන්සාඩ් වාර්තා නීති විරෝධී යැයිද, ඒවා භාර ගන්න එපා කියලා මාධ්‍යයට ලිපියක් ලබා දීලා තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ඔබතුමාගේ බලතල අනුව පියවර ගන්න.චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා රීති ප්‍රශ්නයක් මතු කරයි.ජේ සී අලවතුවල මහතාඅදට මාසයක් මේ රට අරාජිත වෙලා. පාර්ලිමේන්තුව තුළ ඉතිහාසයේ කවදාවත් නොදැකපු ලෙස මහින්ද රාජපක්ෂ මන්ත්‍රීතුමා ඉන්දිම හැසිරුණු විදිය අපි දැක්කා. එම හැසිරීම සම්බන්ධයෙන් පොලිසියේ පැමිණිලි ගණනාවක් තිබෙනවා. පොලිසියටත් ගැහුවා. ජයවික්‍රම පෙරේරා වැනි දීර්ඝ කාලයක් සිටින මැති ඇමැතිවරුන්ට මිරිස්කුඩු ගැහුවා.ඇසිඩ් වගේ දේවල් ගෙනත් ඔබතුමාට ගහන්න සූදානමක් තිබුණු බව කිව්වා. ඒ සම්බන්ධයෙන් පියවර ගන්න. අද පාර්ලිමේන්තුව වර්ජනය කරලා තියෙන්නේ ඔවුන්ට බහුතරය නැති නිසයි. අපේ 122 දැන් 123 වෙලා තිබෙනවා. අපි අපේ බහුතරය පෙන්නුවා. හෙට වෙනකොට 130 දක්වා මන්ත්‍රීවරුන් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටිනවා.අජිත් මාන්නපෙරුම මහතාඅපිට විරුද්ධව දුන්නු අධිකරණ තීන්දුවලට අපි හිස නැමුවා. ඉතිහාසයේ අග්‍රවිනිශ්චයකාරවරියට කරපු දේ අපි දැක්කා. තමන්ගේ උවමනාවට වැඩ කළේ නෑ කියලා විධායකය දුන්නු දඩුවම් අපි දැක්කා. එදා රටේ ජනාධිපතිගේ සහෝදරයයි කතානායක විදියට පත් කළේ. මේ පාර්ලිමේන්තුව රූකඩ පාර්ලිමේන්තුවක් කරගන්න උත්සාහ කළා. අද පාර්ලිමේන්තුව ස්වාධීනව කටයුතු කරනවා. අද අධිකරණයත් ස්වාධීනව කටයුතු කරන බව පේනවා. විවිධ අඩත්තේට්ටම් කරලා ඔබතුමාට තර්ජනය කරලා ආපස්සට හරවන්න පුලුවන්ද කියලා බැලුවා. එය බැරි වුණා. අද අධිකරණයට බලපෑම් කරමින් පොහොට්ටුවේ පළාත් පාලන ආයතන විවිද දෑ කරනවා. අධිකරණය හෑල්ලු කරන්න කටයුතු කරමින් ඉන්නවා. මයන්ත දිසානායක මහතාඔබතුමාට ඇසිඩ් ගහන්න හිටිය බවටත් වාර්තා වුණා. ඔබේ ආරක්ෂාව ගැන පියවර ගන්නා ලෙස ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටින්න. මගේ මිත්‍ර වසන්ත සේනානායක මහතා ඊයේ ගත්තු තීරණය ගැන මම ස්තුතිවන්ත වෙනවා. අපි මන්ත්‍රීවරුන් 122ක් අත්සන් කරලා බහුතරය පෙන්නුවා. ආණ්ඩු පක්ෂය යැයි කියා ගන්නා මහින්ද රාජපක්ෂ ඇතුළු පිරිසට කියන්න රට ආදරේ නම් දැන්වත් ඉවත් වෙන්න කියලා ඉල්ලනවා. හර්ෂ ද සිල්වා මහතාබොරැල්ල පැත්තේ මන්ත්‍රී කෙනෙක් කතාකායක කරගෙන හම්බන්තොට පැත්තේ තවත් පාර්ලිමේන්තුවක් පවත්වාගෙන යනවා කියලා කතාවක් තිබෙනවා. ඒ ගැනත් සොයා බලන්න. රිෂාඩ් බදුයුදීන් මහතාඔබතුමා ඔබේ ජීවිතය පරදුවට තියලා ධෛර්යවන්තව කටයුතු කළා. ඒ ගැන මම ස්තුතිවන්ත වෙනවා. මහලේකම්තුමා ඇතුළු නිලධාරීන් සහ පොලිස් නිලධාරීන් හරියට කටයුතු කළා. පොලිස් නිලධාරීන්ටත් මිරිස්කුඩු ගැහුවා. එදා මන්ත්‍රීවරුන්ගේ අශිෂ්ට ක්‍රියා හමුවේ නිර්භීත ලෙස පොලිසිය කටයුතු කළා.මම මගේ පාර්ලිමේන්තු දිවියේ මෙහෙම දැකලා නෑ. සමහර වැදගත් යැයි කියා ගන්නා අයත් ඒ විදියටයි කටයුතු කළේ. සියලුම පක්ෂ එකතු වෙලා උපාධියක්වත් තියන කෙනෙකුවත් පාර්ලිමේන්තුවට පත් කළ යුතුයි කියලා අපි පනතක් සම්මත කළ යුතුයි. නිලධාරීන් ඇත්තටම අහිංසකයි. ඔවුන් කිසිම පක්ෂයකට සම්බන්ධ නෑ. මන්ත්‍රීවරුන්ට වතුර දුන්නු අයත් පහරකෑමට ලක්වුණා.කතානායකතුමාට අවමානයක් ඇති කිරීමේ අරමුණින් යම් යම් ප්‍රචාර ගෙන යනවා. මටත් නොකළ වැරදි කළා කියලා චෝදනා කළා. මම අඩියක් පස්සට නොතියා දිගටම සේවය කළා. ඔබව විවේචනය කරන අය තමයි කවදා හරි පරාජය වෙන්නේ. කවදාවත් සත්‍ය පරාජය වෙන්නේ නෑ. මේ රට සුන්දර රටක්. මේ රට දියුණු වෙන්න ඕනෑ කියා කැමැත්තෙන් ඉන්න අයගෙන් මමත් කෙනෙත්.මේ රටේ යුද්ධයේ කුරිරු තත්ත්වය දැකපු කෙනෙක්. සිංහල, මුස්ලිම්, දෙමළ කියන සියලුම අය මේ අපේ රට කියන අදහසින් ජීවත් විය යුතුයි. මේ මාසයක සිට අපි සියලු දෙනාගෙන් අනාගතය ප්‍රශ්නයකට මුහුණ දීලා තියෙන්නේ. මට තානාපතිවරයෙක් කිව්වා අපිට කරන්න හිටපු ලොකු ආයෝජනයක් ගැන නැවත හිතා බලන්න සිද්ධ වෙලා තියෙනවා කියලා. අපිට ජනවරම ලැබුණේ අවුරුදු පහක් ඉන්න. අවුරුදු තුනකින් ආණ්ඩුව විසිරුවලා ඡන්දයක් තියලා ප්‍රජාතන්ත්‍රවාදය ඇති කරන්න පුලුවන් කියලා.මේ ඊනියා ආණ්ඩුව කියනවා නම් එය බාල ප්‍රකාශයක්. ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුව ඇතුළේ මේ ප්‍රශ්නය විසඳා ගත යුතුයි. අපි 225 මේ රටේ සියලුම ජනතාව නියෝජනය කරනවා. අතිගරු ජනාධිපතිතුමා සාමන්‍ය පවුලක සිට ආපු කෙනෙක්. මම ඔහුගෙන් ඉල්ලා සිටිනවා මේකට කඩිනමින් විසඳුමක් ලබා දෙන්න කියලා. පාර්ලිමේන්තුවේ අශිෂ්ඨ ලෙස හැසිරුණු මන්ත්‍රීවරුන් ජනතාවගෙන් ප්‍රසිද්ධියේ සමාව ගත යුතුයි. ඔබතුමාව ආරක්ෂා කරන්න පැමිණි පොලිස් නිලධාරීන්ට මිරිස්කුඩු ගැහුවා. පාර්ලිමේන්තු සේවකයන්ට පහර දුන්නා. එම මන්ත්‍රීන් හඳුනාගෙන ඔවුන්ට දඬුවම් ලබා දිය යුතුයි. නාමල් කුමාරගේ සිද්ධිය ගැන අපගේ නමුත් ගලපා තිබ්බා. මඩකලපුවෙදි මාවත් ඝාතනය කරන්න කුමන්ත්‍රණය කළා කියලා සඳහන් වෙලා තිබෙනවා. අපි සුළු ජනකොටස්වලට අයත් පුද්ගලයින් නිසා ඒවා ගැන හොයන්නේ නෑ. මගේ ආරක්ෂාව සම්පූර්ණයෙන් නැති කරලා තිබෙනවා. මගේ ආරක්ෂාවට දෙදෙනකු පමණයි දීලා තිබෙන්නේ. මට සීඅයිඩියෙන් කතා කරලා කිව්වා ප්‍රකාශයක් ගන්න එන්න පුලුවන්ද කියලා. අපගේ ආරක්ෂකයා ලෙස සිටින කතානායකතුමා මේ ගැන පිරිසිදු පරීක්ෂණයක් කළ යුතුයි. මේ රටේ කවදාවත් බලාපොරොත්තු නොවූ බැරෑරම් තත්ත්වයක් ඇති කළේ නාමල් කුමාරගේ පැමිණීමෙන් පස්සේ. මගේ ආරක්ෂාව ඉවත් කරලා මට කිසි තැනකට යන්න බැරි තත්ත්වයක් උද්ගත වෙලා තිබෙනවා. හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අද බොහෝ දෙනෙක් මාධ්‍යයට ඇඟිල්ල දිගු කරලා අහනවා මොකද මේ කරන්නේ කියලා. මාධ්‍යයට වහල්ලු වගේ ඉන්න පුලුවන් තව උපරිම මාසයක් විතරයි. මේ පාර්ලිමේන්තුවේ මෙතරම් කාලයක් අපි හිටියේ තිරිසන්නු ටිකක් එක්ක. ඔවුන් එන්නේ නැතිනම් දිගටම ඒක හොඳයි. මොකද ඔවුන් ආවනම් අපිට මෙහෙම කතා කරන්න පුලුවන්ද? අද අර කට්ටිය මෙතන හිටියා නම් වේත්‍රධාරීන් සෙංකෝලය ගාව ඉඳගෙන සෙංකෝලය ආරක්ෂා කරන්න වෙනවා. මෙච්චරකල් පාර්ලිමේන්තුව කඩාකප්පල් කළේ හිටපු ජනාධිපතිගේ සත්තුවත්තේ සත්තුටික කියන එක දැන් ඔප්පු වෙලා තියෙනවා. කතානායතුමාගේ ප්‍රජාතන්ත්‍රවාදය අපිට දීපු ලොකු ආදර්ශයක්. අනාගතයේ අපි ළමයින්ට හරි ඒ ගැන කියා දෙන්නපුලුවන්. කතානායක - මට නම් පෞද්ගලික තරහක් නෑ. ඒ ගැන පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි. ඉන් පසු බලන්න පුලුවන්.හේෂා විතානගේ මහතාඊනියා ආණ්ඩුව පත් වුණු ගමන් ජාතික රූපවානිහිනයට පැනලා යකා නැටුවා. ඒ වගේම නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශයේ ස්ථිර නොවූ සේවකයන්ට නීතිවිරෝධී ඇමැතිවරයා බලපෑම් කරනවා. ජනාධිපතිවරයා ජනතාව බලා ගන්නේ නැති අවස්ථාවක, ආණ්ඩුවක් නැති අවස්ථාවක මම ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා රජ්‍ය සේවකයන් බිය ගන්වා නෙරපාහැරීම ගැන විමල් වීරවංශලාට එරෙහිව ක්‍රියාමර්ග ගන්න කියා . අමාත්‍යංශවල මැතිවරණවලට අවශ්‍ය ක්‍රියාදාමය හදන්න. රටේ අහිංස මිනිසුන් වෙනුවෙන් ඔබට ගන්න පුලුවන් ක්‍රියාමාර්ග ගන්න. පහුගිය දිනවල පාර්ලිමේන්තුවේ හැසිරුණු හැටි අපි දැක්කා. පාර්ලිමේන්තුවේ උත්තරීතරභාවයට හානි කරමින් හැසිරුණු මන්ත්‍රීන්ට ගන්නා ක්‍රියාමාර්ග හෙළි කරන්න. චමින්ද විජේසිරි මහතාපහුගිය කාලයේ අපි ඔබතුමාට චෝදනා කළා. ඊට හේතුව ඔබ ඒකාබද්ධ විපක්ෂයට වැඩිපුර කාලය වෙන් කිරීමයි. ඒවා ඔවුන්ට අමතක නම් පාර්මේන්තු හැන්සාඩ් බලන්න කියන්න. කතානායක - මම ඒකාබද්ධ විපක්ෂයට වැඩිපුර වෙලාව දෙනවා කියලා මාව අයින් කරන්න කොළයකුත් අත්සන් කරලා තිබ්බානේ. මතක් කිරීම ගැන ස්තුතිවන්ත වෙනවා.නවීන් දිසානායක මහතා ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයට විවිධ තර්ජන එල්ල වුණු අවස්ථා තිබිලා තියෙනවා. පහුගිය ටික දවසෙත් අපි එය දැක්කා. පහුගිය මාසය තුළ ඔබට විශාල පීඩනයකට මුහුණ දෙන්න වුණා. පාර්ලිමේන්තුව තමයි ප්‍රජාතන්ත්‍රවාදයේ දෙවොල කියන්නේ. එහි අශිෂ්ඨ දේවල් වුණා. මම තැතිගැන්මට ලක්වුණා ඒ දේවල් ගැන. යම් පුද්ලයන් පිරිසක් කතානායක තුමාගේ ආසනයටත් වතුර දැම්මා. පොලිසියට මිරිස්කුඩු ගැහුවා. ප්‍රජාතන්ත්‍රවාදයේ පිහිටා ඔබ කටයුතු කළා. මගේ පියාත් නිර්භීත පුද්ලයෙක්. මම ඔබතුමාව එදා දැක්කේ ඊට වඩා නිර්භීත නායකයෙක් හැටියටයි. ඔබතුමා ආනන්ද විද්‍යාලයේ සාඩම්බර නිමැයුමක්. ස්වාධීනව කටයුතු කිරීම ගැන අධිකරණයටත් ස්තුතිවන්ත වෙනවා. එරාන් වික්‍රමරත්න මහතා රජය කියලා කියා ගන්න කණ්ඩායම පාර්ලිමේන්තු වර්ජනය කිරීම ලැජ්ජාවක්. කතානායක තනතුරේ ඉතිහාසය බැලුවොත් කවුරුන් විසින් දැරුවත් විධායකයෙන් ස්වාධීනව පවතින තනතුරක්. මෑතකදී පාර්ලිමේන්තුව අවතකේසේරු කළා. ආණ්ඩුවයැයි කියා ගන්නා කණ්ඩායමට බහුතරය පෙන්වන්න බැරි වුණා. විශ්වාස භංගයක් සම්මත කළා ඔවුන්ට එරෙහිව. ස්ථාවර නියෝග අතිහිටවූයේ බහුතර ඡන්දයෙන්. එවැනි දේවල් පාර්ලිමේන්තුවේ වෙනවා. ස්ථාවර නියෝග අනුව හඩෙන් ඡන්ද විමසන්න පුලුවන්. බෙදීමක් ඉල්ලුවොත් වෙනත් ක්‍රමයකින් ඡන්දය විමසන්න පුලුවන්. ඔවුන් බෙදීමක් ඉල්ලුවෙත් නෑ. එදා තිබුණේ දුෂ්කර තත්ත්වයක්. මන්ත්‍රීවරුන් 122ක අත්සනින් විශ්වාසයක් නැති බව ලබා දුන්නා. බන්දුලාල් බණ්ඩාරිගොඩ මහතාආණ්ඩු පක්ෂය යැයි කියා ගන්න කණ්ඩායම පාර්ලිමේන්තුවට නොපැමිණ මඟහැර ගොස් තිබෙනවා. පාර්ලිමේන්තුවෙන් එළියට ගිහින් විවිධ ප්‍රවෘත්ති සාකච්ඡා තිබනවා. ඔබේ රුවට සමාන පඹයන් හදලා ගිනි තියලා රටේ මතයක් හදන්න හදනවා තමන් පාර්ලිමේන්තු නොයන්නේ කතානායකට විරෝධය පළ කරලා කියලා. මේ කරුණ පිටිපස්සේ කූඨ උපක්‍රමයක් තිබෙනවා. ඔවුන් සභාවට පැමිණිනොත් ඔවුන් එක්ක ඉන්න සැබෑ මන්ත්‍රීන් ගණන ලෝකයම දැන ගන්නවා. ඔවුන් එළියට ගිහින් කියන මන්ත්‍රීන් ගණන ඔවුන්ට නෑ. ඒ නිසා ඔබට පහර දෙනවා. ඔබතුමා වගේ ශ්‍රේෂ්ඨ දේශපාලන චරිතයකට අපවාද නැගීම ගැන මමත් කණගාටුවෙනවා. කතානායක - පාර්ලිමේන්තුවේ සියලුම නිලධාරීන් ගැන මට ලොකු විශ්වාසයක් තිබෙනවා. පඹයෙන් පිච්චීම ගැන කතා කළා. පඹයින් පිච්චීම හොඳයි පස්දොස් යන්න. තවත් පිච්චුවොත් හොඳයි. විජේපාල හෙට්ටිආරච්චි මහතා මහාමාර්ග අමාත්‍යංශයෙන් වැරදි ගෙවීම් සිදු කරනවා. රජයේ විගණකාධිපති හා කෝප් කමිටුව මගින් මේ ගැන පරීක්ෂණ කළ යුතුයි. ජනාධිපති කියනවා ජනාධිපති කොමිසමක් පත් කරන්න කියලා. මම කියනවා ඔක්තෝබර් 26 ඉඳලා මේ හොර ආණ්ඩුවෙන් වුණ දේවල් ගැනත් හොයන්න ජනාධිපති පරීක්ෂණ කොමිසමක් පත් කරන්න කියලා. 2010 අගෝස්තු මාසේ පාර්ලිමේන්තුවේ ඉඳලා පරීක්ෂණ කරන්න කියලත් මම ඉල්ලීමක් කරනවා. පාලිත රංගේ බණ්ඩාර මහතා ඝාතන කුමන්ත්‍රණය කියන සිද්ධිය ගැන කතා කළා. ඉන්දියන් ජාතිකයා මානසික රෝගියෙක් කියලා වෛද්‍ය වාර්තාවක් දීලා තිබෙනවා. නාමල් කුමාර කියන තැනැත්තා විවිධ සිද්ධි ගැන පොලිසියට තොරතුරු දුන්නු තොරතුරුකරුවෙක්. ඔහු පොලිස් ත්‍යාග අරමුදලෙන් ත්‍යාග ලබාගෙන තිබෙනවා. මහු නැවතත් ලක්ෂ පහක් ඉල්ලලා තිබෙනවා. එය ලබා නොදීමට උරණ වෙලයි මේ විවිධ චෝදනා කරන්නේ. රාජ්‍ය සේවකය්නට කියනවා නීත්‍යනුකූල නියෝග ක්‍රියාත්මක කරන්න එපා කියලා.ප්‍රේමවතී මනප්පේරි නඩුවේ තීන්දුවේ එය පැහැදිලිව තිබෙනවා. නඩුවෙදි නිලධාරීන් කිව්වා ඉහළ නියෝග අනුවයි මෙය සිදු කළේ කියලා. නඩු තීන්දුවේ පැහැදිලිවම සඳහන් කළා නිලධාරීන් බැඳිලා ඉන්නේ නීත්‍යනුකූල නියෝග ක්‍රියාත්මක කරන්න විතරයි කියලා. මම පොලිස් ස්ථානාධිපතිවරයකු ලෙස කටයුතු කරද්දි පොලිස්පති රාජගුරුට ආ බලපෑමක් උඩ මාව ස්ථාන මාරු කළා. මම ඊට එරෙහිව නඩු දැම්මා. රංගේ බණ්ඩාර එදිරි රත්වත්තේ සහ තවත් අය කියන නඩුවේ පොලිස්පති රාජගුරුට හා රජයට සිද්ධ වුණා වැරදි නියෝග ක්‍රියාත්මක කිරීම ගැන මට වන්දි ගෙවන්න. අජිත් පී පෙරේරා මහතා නීති විරොධී කැබිනට් රැස්වීම්වලදි විවිධ යෝජනා අනුමත කරලා තියෙනවා. එක් යෝජනාවක් තමයි කොළඹ වරායේ ලොකු ඉදි කිරීම් දෙකක් ගැන. ඒ ටෙන්ඩර් දෙක චීන සමාගමකට ලබා දීලා තියෙනවා. හදිසියේ මෙම ඩොලර් මිලියන සියයකටත් වැඩි වටිනාකමකින් යුතු කොන්ත්‍රාත්දෙක චීන සමාගමකට දීම ලොකු ප්‍රශ්නයක්. අද අනිත් පිරිස පාර්ලිමේන්තුවට ඇවිත් පාර්ලිමේන්තු භෝජනාගාරයෙන් සහන මිලට කෑම අරං සභාවට එන්නේ නැතුව යන්න ගියා. සියලු පහසුකම් ගන්නවා. පඩිත් ගන්නවා. නමුත් සභාවට එන්නේ නෑ. මේ ගැන ජනාධිපතිතුමාට දැනුම් දෙන්න.කතානායක කරු ජයසූරිය මහතා යුක්තිය වෙනුවෙන් ජම්පර් අදින්න වුණොත් ඊට මම ලෑස්තියි. මම ජීවිතේට කූඨ වැඩක් කරලා නෑ. ඕනෑම පරීක්ෂණයකට මම සූදානම්. කතානාය හොඳ නැත්නම් හෙටම යෝජනාවක් ගෙනත් කතානායක ඉවත් කරන්න.මරික්කාර් මහතා උදය ගම්මන්පිල මාධ්‍ය සාකච්ඡා තියලා කියනවා කතානායකට ජම්බරය ස්ථිරයි කියලා. කූට ලේඛන සකස් කර ඇති බව කිව්වා. (එය කියවයි) පාර්ලිමේන්තු හැන්සාඩ් නිල වශයෙන් නිකුත් කිරීම කූඨ ලේඛන සකස් කිරීමක් කියනවා නම් පරීක්ෂණයක් කළ යුතුයි. මන්ත්‍රීවරුන් ලෙස අපිටත් ඇත්ත දැන ගන්න අවශ්‍යයි. ඔබතුමා ඇත්තටම කූට ලේඛන හැදුවද කියලා පරීක්ෂා කරන්න ඕනා.කරුණාරත්න පරණවිතාන මහතා මේ රටේ ජනතාවට තිබෙනවා නිවැරදි තොරතුරු දැන ගැනීමේ අයිතියක්. අද රට පුරා අසත්‍ය තොරතුරු ප්‍රචාරය වෙමින් තිබෙනවා. ඒ තමයි මේ ව්‍යාජ ආණ්ඩුව ඇත්ත.ආණ්ඩුවක් සේ ඇඟවෙන පරිදි ප්‍රචාරයන් ගෙනියනවා. අපි ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා මේ සියලුම කොමිෂන් සභාවලට දැන් ආණ්ඩුවක් නැති බව දැනුම් දෙන්න. ව්‍යාජ ආණ්ඩුවක් තිබෙන්නේ. රාජ්‍ය මාධ්‍ය ආදිය අගමැති, ඇමැතිවරු කියලා ප්‍රචාරය කරනවා. මෙය මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කිරීමක්. විද්‍යුත් මාධ්‍ය පාවිච්චි කරන්නේ රාජ්‍ය දේපොළක් වන සංඛ්‍යාතයි. ඒ අයට බෑ රාජ්‍ය දේපොළ අවභාවිත කරන්නට. පාර්ලිමේන්තුව රැස් වෙන වෙලාවට වෙන වෙන පක්ෂවලට සජීවී විකාශ දෙනවා. ජනමාධ්‍ය පාර්ලිමේන්තුවේ කටයුතු කළ යුතු ආකාරය ගැන සුදුසු නියෝග දෙන්න. රංජිත් මද්දුම බණ්ඩාර මහතා ජනාධිපති ඝාතන කුමන්ත්‍රණය ගැන ඒ දිනවල පරීක්ෂණ හරියට කළා. නාමල් කුමාර දුන්නු හඬපට කිසිම එකක ජනපති හෝ හිටපු ආරක්ෂක ලේකම් ඝාතන කුමන්ත්‍රණයක් ගැන නෑ. දැන් මටත් චෝදනා කරනවා. රනිල් වික්‍රමසිංහ මහත්මයා ඉවත් කිරීමේ කුමන්ත්‍රණයට තමයි නාමල් කුමාර යොදා ගත්තේ.නාමල් කුමාර කියන්නේ පොලිසියට ඔත්තු දුන්නු පුද්ගලයෙක්. ඇවන්ගාඩ් වගේ තව තව තැන්වල වැඩ කළ පුද්ගලයෙක්. සරත් ෆොන්සේකා මහතා ඉල්ලපු පරීක්ෂණය කරන්න. නීත්‍යනුකූල නොවන ආණ්ඩුවට එරෙහිව බහුතරය පෙන්නුවට පස්සේ ඔබ කිව්වා අගමැති සහ ඇමැතිවරුන් නෑ කියලා.රටේ මුදල් බලය තියෙන්නේ පාර්ලිමේන්තුවට. එ නිසා මුදල් සම්බන්ධ නියෝග දෙන්න මහින්ද රාජපක්ෂටවත්, ඊනියා කැබිනට් ඇමැතිවරුන්යැයි කියා ගන්න අයටවත් බෑ. මං රජයේ සේවකයන්ට කියනවා මේ නීත්‍යනුකූල නොවන නියෝග ක්‍රියාත්මක කරන්න එපා කියලා. සරත් ෆොන්සේකා මහතා පහුගිය දිනක ඉරිදා පත්තරේක තිබ්බා මම ජනාධිපතිව ඝාතනය කරන්න හිටි බව ඔහුම කිව්වා කියලා. එතුමාට ඒවා කියන්නේ නාමල් කුමාර කියලා පුද්ගලයෙක්. ඔහු රහස් ඔත්තුකරවකු ලෙස ජනාධිපතිට වැඩ කරන්නේ. ජනාධිපති විදෙස් මාධ්‍යට කිව්වා මාව අගමැති කරන්නේ නෑ කියලා. මට එහෙම හීනයක්වත් නෑ. එතුමා එහෙම බයානක හීන දකින්නේ ඇයි කියලා මං දන්නේ නෑ.ඊට හේතුව ඇහුවාම කියලා තිබ්බා සරත් ෆොන්සේකා එතුමාව ඝාතනය කරන්න සැලසුම් කළා කියා. රටේ ජනාධිපති එහෙම කියනවා නම් මේක විශාල ප්‍රශ්නයක්. මේක වරප්‍රසාද ප්‍රශ්නයක්. ඔබතුමා පැය 48ක් වැනි කාලයක් තුළ පොලිස්පති පාර්ලිමේන්තුවට කැඳවන්න. එක්කෝ මාව කූඩුවට දාන්න කියන්න. නැත්නම් මේ චෝදනාව ගැන ක්‍රියාත්මක වෙන්න කියන්න.ජනාධිපතිතුමා අතීතයේ කියමින් සිටියේ මහින්ද රාජපක්ෂ මහතා ඔහුව අඩි හයක් පොළව යටට දාන්න හිටියා කියලා. දැන් ඔහුව අගමැති කළා. ඉතින් මම ඝාතන සැලසුමක හිටියත් මාව අගමැති කරන්න බෑ කියන්නේ කොහොමද? කොහොමද එහෙම හැදි දෙකකින් බෙදන්නේ? නාමල් කුමාර නම් පුද්ගලයා පොහොට්ටුවෙන් ඡන්දය ඉල්ලන්න යන කතාවකුත් තිබෙනවා. අබුද්දස්ස කාලේ ලබුත් තිත්තයි වගේ වැඩක්. මේ ගැන පරීක්ෂණයක් කරන්න. කතානායක - දැනටම පොලිස් පරීක්ෂණ කරගෙන යනවා.ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා ඔබතුමා ඉතිහාස ගත වෙනවා. එදා සිදුවීම අපි දැක්කා. මම 1977 පාර්ලිමේන්තුවට ගියේ. මහින්ද රාජපක්ෂ මැතිතුමා එක්ක හොස්ටල් එකේ අවුරුද්දක් තිබ්බා. මම ප්‍රසිද්ධිය පස්සේ ගිය කෙනෙක් නෙමෙයි. හෙට මගේ ඇස් පැය දෙකක් පරීක්ෂා කරන්න ඕනා කිව්වා. මෙහෙට ඇසිඩ් ගෙනත් තිබ්බා කිව්වා. එදා අපේ මන්ත්‍රීවරුන් විනීතව සිටියා. අපේ ආදර්ශය ලෝකයාට පෙන්නුවා. අයවැයක් අනුමත නොවුණාම අපිට කිසිම දෙයක් ගේන්න බෑ. මට වෙච්ච දේට මට ගෙවන වන්දිය මොකක්ද? අපේ ඥාති එඩ්වඩ් ගුණසේකර මන්ත්‍රීවරයාගේ ගෙදරට ලක්ෂ 20000ක ඇඩ්වාන්ස් අරගෙන ඇවිත් තිබ්බා. ඔහු ඊයේ ප්‍රකාශ කළා. මලික් සමරවික්‍රම මහතා මහින්ද රාජපක්ෂ මහතා අගමැති ලෙස පිළිගන්නේ නෑ කියලා ඔබතුමා කිව්වා. මට දැනගන්න ලැබුණා මාධ්‍යවලින් මන්ත්‍රීවරුන් කණ්ඩායමක් රැස්වෙලා විවිධ දෑ ගන්න තීන්දු තීරණ ගන්න. විවිද දෑ ලංකාවට ගෙන ඒමට සහ ව්‍යාපෘතිලබා දීම නීති විරෝධියි. මේ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලා සිටිනවා. රවුෆ් හකීම් මහතා -සභාවේ විශ්වාස භංග යෝජනාවක් සම්මත කර ගත්තට පස්සේ ඔබේ නියෝගය හැන්සාඩ් ගත වෙලා රටම පිළිගත යුතු තත්ත්වයක් තිබෙනවා. එසේ තිබිය දී මේ කල්ලිය අගමැති සහ ඇමැතිවරුන් ලෙස මාධ්‍යවල හැඳින්වීම අපේ වරප්‍රසාද කඩවීමක්. ඒ ගැන පරීක්ෂණයක් තිබිය යුතුයි. මේ අය තනතුරුවලින් හැඳින්වීම වැලැක්විය යුතුයි. එය නීත්‍යනුකූල නෑ. මේ තත්ත්වය අපට පිළිගන්න බෑ. මෙය මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද ප්‍රශ්නයක්. අජිත් මාන්නප්පෙරුම මහතා අද ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවට ඇවිත් තියනවා. ප්‍රජාතන්ත්‍රවාදයට ගරු නොකරන මන්ත්‍රීවරුන් ගමෙන් පාර්ලිමේන්තුවට ඇවිත් පාර්ලිමේන්තු සභාවට ඇවිත් නැතිව පාර්ලිමේන්තුවේ ආපන ශාලාවට වෙලා ඒ වරප්‍රසාද භුක්ති විඳිමින් ඉන්නවා. කතානායකවරයා ලෙස ඔබ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම ගැන අපිට ලොකු විශ්වාසයක් තිබෙනවා. මරික්කාර් මහතා පසුගියදා ඔබ තීන්දුවක් දුන්නා විශ්වාස භංගයෙන් පස්සේ ආණ්ඩුවක් නෑ කියලා. එය දුන්නේ 14 වැනි දා. මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යංශයේ ලිපි ශීර්ෂයකින් මහින්ද රාජපක්ෂ මහත්මයා රේගු අධ්‍යක්ෂට නියෝගයක් දෙනවා අලි රිෂාඩ් කියන පුද්ගලයාට රාජසන්තක කළ ඇමෙරිකානු ඩොලර් 53400ක් නැවත මුදා හරින්න කියලා(ලිපිය කියවයි)මෙය නීත්‍යනුකූලද? මෙහෙම කරන්න පුලුවන්ද? රාජසන්ත කළ මුදල් එහෙම දීම ගැන ඔබතුමා හොයා බලා නියෝගයක් දෙන්න. පාර්ලිමේන්තුව කල් තිබ්බට පස්සේ රාජ්‍ය මාධ්‍ය දෙකක් පාර්ලිමේන්තුව යළි කල් තිබ්බා කියලා කිව්වා. පාර්ලිමේන්තුව සජීවීව දුන්නා කියලා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මාධ්‍ය සාකච්ඡා සජීවීව දුන්නා. මෙය මහජන මුදල් අවභාවිතාවක්. මහජන මුදල් අවභාවිතාව ගැනත්, මන්ත්‍රී වරප්‍රසාද කඩ වීම ගැනත් එම ප්‍රධානීන් වරප්‍රසාද කමිටුව හමුවට ගෙන්වන්න.කතානායක - මම ඒ ගැන පොලිස්පතිතුමා දැනුම්වත් කරන්නම්. මංගල සමරවීර මහතා නීත්‍යනුකූල නොවන ආණ්ඩුව තවදුරටත් මේ ආකාරයටම දෙසැම්බර් වෙනකම් ඉදිරියට යන්න දුන්නොත් අපිට මීට වැඩිය ගැටලු වලට මුහුණ දෙනවා. භාරකාර අරමුදලින් මුදල් නිකුත් කරන්නට වරෙන්තුව නිකුත් කළ හැකි නීත්‍යනුකූල මුදල් ඇමැතිවරයෙක් නෑ. ඉදිරියේදී නීත්‍යනුකූල රජයක් පත් නොකළොත් ජනවාරි පළමු වැනි දා සිට රජයේ සේවකයන්ට වැටුප් ගෙවන්න බැරි වෙයි. ඔබතුමා ජනාධිපතිවරයාට කියන්න රට පාවා නොදී රජයක් පත්කරන්න කියලා.ජෝන් අමරතුංග මහතාමේ නීත්‍යනුකූල නොවන ආණ්ඩුව මන්ත්‍රීවරුන් නොවන අයටත් ආරක්ෂාව දෙන්න. වඩිවේල් සුරේෂ් මහතාගේ පැමිණිල්ල බරපතල ප්‍රශ්නයක්. ඔබතුමාගේ වගකීමක් මන්ත්‍රීවරුන්ට ආරක්ෂාව දීම.කතානායක - මම අදම පොලිස්පතිවරයා දැනුම්වත් කරන්නම්. වඩිවෙල් සුරේෂ් මහතාඅපිට පාර්ලිමේන්තුවේ ආරක්ෂාව නෑ, මිරිස්කුඩු ගහනවා. ආසනේට ගියාම පිට අය අය ඇවිත් මට පෙට්‍රල් බෝම්බ ගහන හිටියා. මම ඒ ගැන පොලිසියට පැමිණිලි කළා. අද වෙනකම් පොලිසියෙන් කිසිම දෙයක් කරලා නෑ. පරීක්ෂණ නොකරපු ඕඅයිසී ඒස්පී කරලා අද. පාර්ලිමේන්තුවට ආවම මිරිස්කුඩු ගහනවා. ආසනේට ගිහාම පිට අය ඇවිත් ගහන්න හදනවා. අයිජීපීට කතා කළා. අයිජීපී ෆෝන් එක ආන්සර් කළේ නෑ. තවම කාවවත් අත්අඩංගුවට අරං නෑ. අපි කොහොමද මේ රටේ ජීවත් වෙන්නේ? මිනිස්සු අහනවා පාරට බහින්නද කියලා. කාවින්ද ජයවර්ධන - දැන් ආණ්ඩුවක් නෑ. අපි තුන් වතාවක් ආණ්ඩුව පරාජය කළා. ආණ්ඩුවක් නැති නිසා අද හැංගිලා ඉන්නවා. කතානායක - ඒ ගැන පරීක්ෂා කරමින් යනවා. පොලිසියත් පරීක්ෂා කරමින් යනවා.නලීන් බණ්ඩාර මහතා - පාර්ලිමේන්තුවට අලාභ හානි කරපු අය ගැන මොනවද කරලා තියෙන්නේ?ලක්ෂ්මන් කිරිඇල්ල මහතා - ආණ්ඩුව කියාගන්නා අය පාර්ලිමේන්තුව වර්ජනය කරනවාමන්ත්‍රීවරු - ආණ්ඩුවක් නෑලක්ෂ්මන් කිරිඇල්ල මහතා - යෝජිත ආණ්ඩුවට මාසයයි. ඒත් පාර්ලිමේන්තුවට කිසිම යෝජනාවක් ඉදිරිපත් කරලා නෑ. ආශු මාරසිංහ මහතා රටේ සිදුවූ අවාසනාවන්ත තත්ත්වය හේතුවෙන් සංචාරක කර්මාන්තය කඩා වැටීමේ තත්ත්වයකට පත්ව ඇති බැවින්ද, නීතියේ ආදිපත්‍ය කඩා වැටෙමින් ඇති බැවින් ද සංචාරක කර්මාන්තය යථා තත්ත්වයට පත් කිරීම සඳහා යෝජනාවක්කතානායක කරු ජයසූරිය මහතා - ස්ථාවර නියෝග යටතේ ආශු මාරසිංහ මහතා යෝජනාවක් ඉදිරිපත් කරනවා. කතානායක කරු ජයසූරිය මහතා මූලාසනාරූඩ වීමෙන් පසු වේත්‍රධාරියා විසින් සෙංකෝලය තැම්පත් කරනු ලැබීමෙන් පසු මීට ටික වේලාවකට පෙර පාර්ලිමේන්තු කටයුතු ආරම්භ විය. (තරිඳු ජයවර්ධන) රටේ ඇතිවී ඇති අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් පැවැති කල් තැබීමේ විවාදයෙන් පසු කල් තැබූ පාර්ලිමේන්තුව අද (27) පස්වරු 1.00ට යළි රැස්වීමට නියමිතය. අද දිනයේ ද විශේෂ කරුණු ඇතුළත් කරමින් න්‍යාය පත්‍රයක් ප්‍රසිද්ධියට පත් කර නැති අතර අද දිනයේ කටයුතු පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 22 යටතේ සිදු කෙරන බව සඳහන් කර තිබේ. පාර්ලිමේන්තුව රැස්වීමට පෙර කතානායකවරයා පක්ෂ නායකයන් හමුවනු ඇතැයි ද දැනගන්නට ඇත. ස්ථාවර නියෝග අංක 22හි දැක්වෙන පරිදි පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන අනුපිළිවෙළ පහත දැක්වේ. ( ඡායාරූප ලහිරු හර්ෂණ)
|
ඇමැතිකමක් නැතිව ආණ්ඩුවේ ඉන්න බැරි නම් විපක්ෂයේ කොහොමටත් බෑ
| 0 |
ශ්‍රී ජයවර්ධනපුර - මුදිතා දයානන්ද“මීතොටමුල්ල වැනි ඛේදවාචක නැවත ඇති නොවන්න කටයුතු කිරීම අපේ වගකීමයි. ජපානයත් සමඟ කසළ කළමනාකරණය පිළිබඳ වැඩපිළිවෙළකට යන්න අප සූදානම්. දැනටමත් ජපන් විශේෂඥ කණ්ඩායම මීතොටමුල්ල කසළ කන්ද පිළිබඳ පර්යේෂණ ආරම්භකර තිබෙනවා” යයි අගමැති රනිල් වික්රමසිංහ මහතා මරදාන සුදුවැල්ලේදී පැවසීය.අග්‍රාමාත්‍ය රනිල් වික්රමසිංහ මහතා මේ අදහස් පළ කර සිටියේ සුදුවැල්ලේදී පැවති අලුත් අවුරුදු උත්සවයට සහභාගී වෙමිනි.මරදාන-සුදුවැල්ල එක්සත් ජාතික පක්‍ෂ සංවිධායක කිත්සිරි රාජපක්‍ෂ මහතාගේ සංවිධායකත්වයෙන් අවුරුදු උත්සවය පැවැත්විණි.මීතොටුමල්ල කසළ කන්ද නාය යාමෙන් මිය ගිය ජනතාව සිහිපත් කරමින් ඔවුන්ට පිං පමුණුවමින් පහනක් දැල්වීම කළ අතර අගමැති රනිල් වික්‍රමසිංහ මහතාද පහනක් දල්වා මිය ගිය අයට පිං පැතුවේය.අලුත් අවුරුදු උත්සවයේ හොඳම හිනාව හා හොඳම හැඬීම තරග අවස්ථා දැක ගන්න මෙහිදී අගමැතිවරයාට අවස්ථාව ලැබිණ.කිත්සිරි රාජපක්‍ෂ මහතා විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්රමසිංහ මහතාට සමරු තිළිණයක් ප්‍රදානය කරනු ලැබීය.මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා මෙසේද පැවසීය.“අලුත් අවුරුද්ද ආරම්භයේදීම මීතොටමුල්ල කසළ කන්දේ වූ නාය යාමෙන් විශාල ජනතාවක් විපතට පත් වුණා. ඒ ජනතාවට ශෝකය පළ කරනවා වාගේම අප අද මෙතනදී විපතින් මිය ගිය ජනතාව සිහිපත් කර පිං දුන්නා.අප සැලකිලිමත් විය යුත්තේ මෙවැනි දේ නොවන තැනට කටයුතු කරන්නයි. රටේ කසළ කළමනාකාරීත්වය නිතරම ප්‍රශ්නයට මුහුණ දී තිබෙනවා. ඒ නිසා රටක් හැටියට මෙහි තිබෙන අඩු පාඩු සොයා ගෙන ඒවා නිවැරදි කර මෙවැනි තත්ත්වයක් ඇති නොවන ආකාරයට කටයුතු කිරීමට අවශ්‍ය වාතාවරණයක් සකස් කළ යුතුයි. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමත් සමග මේ ආණ්ඩුව ඒ වගකීම ගත්තා.සිංහල අලුත් අවුරුද්දේදී හැමෝටම හොඳ අවුරුද්දක් ගත කරන්න ලැබේවා කියා ප්‍රාර්ථන කරනවා. එසේ බලාපොරොත්තු වෙනවා. ඔබේ බලාපොරොත්තුව ඉෂ්ට කරන්න වැඩ කරන බව කියන්න කැමතියි.මොනවද ඔබ බලාපොරොත්තු වෙන්නේ? පුරවැසියකු හැටියට සුරක්‍ෂිත අනාගතය ඔබ බලාපොරොත්තු වෙනවා. අප බලාපොරොත්තුව ඔබේ ප්‍රාර්ථනාව ඉටු කළ හැකි බලගතු ශ්‍රී ලංකාව ගොඩ නැගීමයි.බි්‍රතාන්‍යයන්ගෙන් නිදහස ලබන අවස්ථාවේ ජපානයට දෙවැනිව තිබුණේ ශ්‍රී ලංකාවයි. නමුත් අද අප පස්සට ගිහිල්ලා. අද අපට හොඳ අවස්ථාවක් ලැබී තිබෙනවා. ඒ රට දියුණු කරන්න.ඒ සඳහා අපට ජාතික ආණ්ඩුව හදා ගන්න හැකිවුණා. පොදු අපේක්‍ෂක රටේ ජනාධිපති හැටියට පත්වෙලා තිබෙනවා.ජනතාව යුද්දයට මුහුණ දී දුක් විඳ දැන් හොඳ අනාගතය බලාපොරොත්තු වෙනවා. හැම කෙනාටම හොඳ අනාගතයක් ලැබෙන්න නම් ආර්ථිකය ගොඩ දාන්න ඕනෑ.හැම කෙනාටම තමන්ගේ දක්‍ෂකම් රට වෙනුවෙන් යෙදවිය හැකි සමාජය ඇති කළ යුතුයි. ඒ සඳහා දේශීය මෙන්ම විදේශීය ආයෝජනද ගන්න අවශ්‍යයි. ඒ නිසා සිංහල අලුත් අවුරුද්දේ මා තවත් කීප දෙනෙකුත් එක්ක ජපානයට ගියා.ජපානය කියන්නේ බොහෝ කාලයක් තිස්සේ අපට උදව් කළ රටයි. ජපන් ආධාර අපට ලැබී තිබෙනවා. ජපානයේ අගමැතිතුමා මුණ ගැහුණ වෙලාවේ අපට උදව් කරන්න ලෑස්ති බව කිව්වා. අප දෙගොල්ලන් තුළම ආසියාවේ සාමය පවත්වාගෙන යාම පිළිබඳව ඇත්තේ එකම අදහසයි. රටේ සංවර්ධනයේදී විශේෂයෙන්ම කොළඹ නගරය මහනගර සංකල්පය අනුව දියුණු කරනවා. කොළඹ වරාය, ගුවන් තොටුපොළ ප්‍රවාහනය දියුණු කරන්න, ජපන් ආයෝජකයින් ඇවිත් කොළඹ නගරයේ ආයෝජනය කරනවා. වැඩසටහන් ගණනාවක් මා ජපානයත් සමග සාකච්ඡා කළා.ඒ වගේම මහනුවර නගරය දියුණු කිරීම ගැනත් කතා කළා. අලුත් අධිවේගී මාර්ග ඇති කළවිට මහනුවර විශාල සංවර්ධනය ඇති වෙනවා. ජපානයෙන් එන ආධාර වලින් ඒ සංවර්ධනය කරනවා. මූලික සැලසුම් සකස් කරන්න ජපානයෙන් කණ්ඩායම අපේ රටට එනවා.මල්වතු, අස්ගිරි මහානායක ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් ජපානයට බෞද්ධ සංස්කෘතික රටක් හැටියට සංවර්ධනය කරන්න මහනුවර භාර දෙනවා. ඒ වගේම සංචාරක කර්මාන්තය, ආර්ථිකය, අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කරන්න අවශ්‍ය යෝජනාද තිබෙනවා.ඊළඟට ත්‍රිකුණාමල වරාය දියුණු කිරීම කළ යුතුයි. ත්‍රිකුණාමලය වරායට හොඳ අනාගතයක් තිබෙනවා. බෙංගාල බොක්කේ රටවල් දියුණු වෙනවිට මේ වරාය දියුණු වෙනවා. ඒ නිසා සිංගප්පූරුවේ මහා නගර සැලැස්ම සකස් කළ සමාගම සමග ත්‍රිකුණාමල වරාය පිළිබඳ සංවර්ධන සැලැස්ම සකස් කරනවා. ඒ සැලැස්මට උදව් කරන්න කියා අප ජපන් රජයෙන් ඉල්ලුවා.සමහර ව්‍යාපෘතිවලට ආයෝජකයන් එවන්න ජපානය වගේම තවත් ව්‍යාපෘතිවලට ඉන්දියාවත් සහයෝගය දෙන්න සූදානම් බව අපට දන්වා තිබෙනවා. සමහර අවස්ථාවල මේ රටවල් දෙකම එක්ව කටයුතු කරන්න සූදානම්.විශේෂයෙන්ම ජපානයත් ඉන්දියාවත් එල්.එන්.ජී. විදුලි බලාගාර දෙකක් ඇති කරන්න යනවා. ඊට අමතරව මේ දෙගොල්ලොම එකතුව එල්.එන්.ජී. ගැනීමට පාවෙන තටාකය ඇති කරන්නත් එකඟයි.කසළ කළමනාකරණය ගැන විශේෂයෙන්ම මීතොටමුල්ල කසළ කන්ද ගැන පරීක්‍ෂණ පවත්වන්න ජපන් විශේෂඥ කණ්ඩායම ඇවිත් වැඩකටයුතු ආරම්භ කළා. මේ අයගේ වාර්තාව එන සතියේ අපට ලැබෙනවා. මේ වගේ වැඩ කටයුතු ගණනාවක් අපට අලුතෙන් කරන්න හැකිවී තිබෙනවා.අලුතෙන් රූපවාහිනි තාක්‍ෂණ අපට ලැබෙනවා. ඒ සඳහා අවශ්‍ය වියදමෙන් කොටසක් ඒ අය දෙන්න ලෑස්තියි. ඒ වගේම අපේ අධ්‍යාපන ක්‍රමවේදය, තාක්‍ෂණික දියුණුව ඇති කරන්න ආදී සියල්ල සඳහා අවධානය යොමු කර තිබෙනවා.මේ අතර අප ඉන්දියාව සමගත් යම් වැඩ කොටසක් ආරම්භ කර තිබෙනවා. උතුරේ මහා මාර්ග ඇති කරන්න, නිවාස ව්‍යාපෘති කරන්න, තෙල් සංස්ථාව සමග එක්ව ඒකාබද්ධ ව්‍යාපෘති ආරම්භ කරන්න, වෙළඳ කලාපය ඇති කරන්න, සංචාරක කර්මාන්තය දියුණු කරන්න ඉන්දියාව එනවා.ජනාධිපතිතුමාගේ පණිවුඩය ගෙන ඉන්දියාවේ ගිහින් මෝදි අගමැතිතුමා හමුවී තවදුරටත් මේ ගැන සාකච්ඡා කරනවා. මා වියට්නාමයටද ගියා. වියට්නාමය යුද්දයෙන් පසු විශාල දියුණුවක් ලැබුවා. මැයි මාසයේ මා චීනයට යනවා. ජනාධිපතිතුමා මැලේසියාව, සිංගප්පූරුව වැනි රටවල සංචාරය කර සබඳතා ඇති කර ගත්තා. සියල්ල එකතු කරගෙන අප රට සංවර්ධනය කරන්න සූදානම්.අප ඉදිරියට යන්න ඕනෑ. පැත්තකට වී රටවල්වලට බැණ බැණ ඉඳල රට දියුණු කරන්න බැහැ. ඉන්දියන් සාගරයේ කේන්ද්‍රය වන්නේ ශ්‍රී ලංකාවයි. අපි ඒක තේරුම්ගෙන රට දියුණු කරන්න අවශ්‍යයි. ඉදිරි මාස දෙක තුළ අප වැදගත් වැඩසටහන් රැසකට යන්න අදහස් කරගෙන ඉන්නවා යයිද” රනිල් වික්රමසිංහ මහතා තවදුරටත් පැවසීය.මේ අවස්ථාවට එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතාද සහභාගී විය. (ඡායාරූප - ඉෂාන් සංජීව)
|
ආයේ මේ වගේ ප්‍රශ්න වෙන්න ඉඩ දෙන්නේ නෑ
| 1 |
(අංජුල මහික වීරරත්න)‘‘යහ පාලන ජාතික රජයේ වසර දෙකක ප‍්‍රගතිය තුළින් යළි ජී.එස්.පී. ප්ලස් සහනය හරහා ශ්‍රී ලංකාව අපනයන ආර්ථිකය සහිත රට බවට පත්කිරීමේ ගමන වහාම ආරම්භ කරන බව’’ අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂ මැයි රැලිය අමතා කොළඹ දී ප්රකාශ කළේය.‘‘ආයෝජන රට තුළට ගෙන්වා රාජපක්ෂ ණය සියල්ලක්ම ජනතාවට කිසිදු බරක් නොදී ගෙවා දමන බව පැවසූ අග‍්‍රාමාත්‍ය රනිල් වික්රමසිංහ මහතා, රජයේ ඉදිරි ගමන නතර කරන්න හදන ඕනෑම බලවේගයක් හමුවේ නිකං බලා සිටින්න එක්සත් ජාතික පෙරමුණ සූදානම් නැතැයිද’’ කීවේය.‘‘අපටත් හොඳට සටන් පුරුදු බව රජයේ ගමනට බාධා කරන කල්ලි මතක තබාගත යුතු බවද අග‍්‍රාමාත්‍ය රනිල් වික්රමසිංහ මහතා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේය.‘‘ජී.එස්.පී. ප්ලස් සහනය ලැබී රට පුරා කර්මාන්තශාලා ආරම්භ වෙද්දි එහි ප‍්‍රතිලාභ අනිවාර්යයෙන්ම ගමේ තරුණ තරුණියන්ට හිමිවන්නේ යැයිද’’ අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා පෙන්වා දුන්නේය.අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා මේ අදහස් පළ කළේ බොරැල්ල කැම්බල් පිටියේ පැවැති එක්සත් ජාතික පක්ෂ ජාතික මැයි රැලිය අමතමිනි.ලක්ෂ සංඛ්‍යාත ජනතාවකගේ සහභාගිත්වයෙන් පැවැති ජාතික මැයි රැලිය අමතා අග‍්‍රාමාත්‍ය රනිල් වික්රමසිංහ මහතා මෙසේද කීය.‘‘එක්සත් ජාතික පෙරමුණේ මැයි රැලිය සඳහා පසුගිය වසරටත් වඩා අති විශාල ජන ගඟක් සහභාගි වී සිටිනවා. ඒ වගේම පක්ෂ විශාල ප‍්‍රමාණයක් අප සමග මේ මැයි දිනයේදී අත්වැල් බැඳගෙන සිටිනවා.මෙහි පැමිණි විට සංදර්ශන රථ කිහිපයක්ම මා දුටුවා. මරදානේදී සවස 3 ට පමණ දුටු ඒ සංදර්ශන රථවලට මේ පිටියට ළඟාවීමට පැය දෙක හමාරක පමණ කාලයක් ගතවී තිබෙනවා. අපගේ රැලියට එක්රොක් වූ ජනකායේ ප‍්‍රමාණය එයින්ම අවබෝධ කරගත හැකියි. පක්ෂ ගණනාවක නායකයන් අප සමග එක්වුණා.මේ සෙනඟ දුටු විට අප ඕනෑම මැතිවරණයකට, අභියෝගයකට ඕනෑම මොහොතක සූදානම් බව කිව යුතුයි. රාජපක්ෂ පාලනය පරදා වරම ගැනීමට 2015 වසරේදී අප තීරණය කළා. ඒ සඳහා අප සමග පක්ෂ ගණනාවක් අත්වැල් බැඳගත්තා.පොදු අපේක්ෂක ලෙස ඉදිරිපත්වූ මෛත‍්‍රීපාල සිරිසේන මහතා ජයග‍්‍රහණය කරවීම සඳහා අප අත්වැල් බැඳගත්තා. ඒ අනුව අප විශාල ජයග‍්‍රහණයක් ලබාගත්තා. අනතුරුව ජනතාවගේ අනාගතය සුරක්ෂිත කරලීම සඳහා ජාතික ආණ්ඩුව පිහිටුවූවා. ඒ ජාතික ආණ්ඩුවට වසර දෙකක් ගතවී තිබෙනවා.2016 වසරේ මැයි රැලියේදී දේශපාලන පළිගැනීම්වලට සහනදීම, රැකියා ආදියට වසරක කාලයක් දෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියා. මුලින්ම ආර්ථික ස්ථාවරත්වය ඇති කිරීමේ අවශ්‍යතාව තිබුණා. රාජපක්ෂ එදා ඡුන්දය පැවැත්වූයේ ඔහුට ආර්ථිකය ගොඩ නැගීමට නොහැකි වූ නිසයි. ඡුන්දය පවත්වා ඉන් ජයග‍්‍රහණය කර මෙරට තවත් මර්දනයක් ඇති කිරීම රාජපක්ෂ රෙජීමයේ අරමුණ වුණා.කඩා වැටුණු ආර්ථිකය වසරක් ඇතුළත ස්ථාවර කිරීමට අපට හැකිවුණා. ඒ වැඩ කටයුත්ත කරන්න නොහැකි වේවි යයි රාජපක්ෂ කල්පනා කළා. එවිට නැවත බලයට පැමිණීම ඔවුන්ගේ සිහිනය වුණා. රාජපක්ෂ බලාපොරොත්තු වන වෙසක් පොහොය ශත වර්ෂ දෙකක් ගත වුණත් උදා නොවන බව දැන් හොඳින්ම පෙනෙන්න තිබෙනවා.වසර ගණනාවක් විපක්ෂයේ සිට බලයට පැමිණි පසුව අපේ පාක්ෂිකයන් ක්ෂණික විසඳුම් බලාපොරොත්තු වුණා. ආර්ථික ස්ථාවරත්වය ඇති කළේ නැති නම් ඊළඟ වසර හතරේදී ඔවුන්ගේ ප‍්‍රශ්න විසඳීමට හැකියාව ලැබෙන්නේ නැහැ.මේ වසරේදී මා ජනතාවගෙන් තවත් ඉල්ලීමක් කරනවා. දැන් සංවර්ධනය ආරම්භ කරලා. ඊට ඔබේ සහයෝගය දෙන්න. අප මුදල් උපයා ණය ගෙවිය යුතුයි. රැකියා උත්පාදනය කළ යුතුයි. ජනතාවගේ ආදායම් වැඩි කළ යුතුයි. ජනතාවගෙන් අප වරමක් ඉල්ලා සිටියේ ඒ සඳහායි.මට පෙර කතා කළ පක්ෂ නායකවරුන් රටේ දේශපාලන තත්ත්වය පිළිබඳව හොඳින් පැහැදිලි කළා. මහින්ද රාජපක්ෂට රට සංවර්ධනය කිරීම සඳහා යුද්ධයෙන් පසුව වසර 5 ක කාලයක් තිබුණා. යුද්ධය වෙනුවෙන් දුක් විඳි තරුණ තරුණියන්ට අනාගතය දිය යුතුව තිබුණා. නමුත් එය කළේ නැහැ. ඒ වෙනුවට ආර්ථිකය විනාශ කළා. රටේ නිදහස අහිමි කළා. අප රට බාර ගත්තේ ඒ වැඩ කටයුත්ත සඳහායි.රට දියුණු වූ විට අපනයන ආදායම වර්ධනය කරගත හැකියි. 1977 වසරේදී ජේ.ආර්. ජයවර්ධන මහතා විවෘත ආර්ථිකය හඳුන්වා දුන්නේ ජනතාව අතට මුදල් දීමටයි. අපනයන ආදායම වැඩි කිරීමටයි. ජනතාව ශක්තිමත් කිරීම සඳහායි. නමුත් යුද්ධය නිසා අපට පසු බැසීමට සිදුවුණා.යුද්ධයෙන් පසුව ඉදිරියට යන ගමනේදී අප අපනයන වෙළෙඳපොළ සොයා ගත යුතුයි. 2003 වසරේ මා අග‍්‍රමාත්‍යවරයා ලෙස කටයුතු කරද්දී යුරෝපා වෙළෙඳපොළ සමග සාකච්ඡා කළා. ආණ්ඩුව මාරු වුණත් චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනිය ඒ වැඩ කටයුතු ඉදිරියට ගෙන ගියා. ඒ අනුව අපට ජී.එස්.පී. ප්ලස් තීරු බදු සහනය හිමිවුණා. මහින්ද රාජපක්ෂ පාලනය ජී.එස්.පී. ප්ලස් සහනයත් නැති කරගත්තා. රටට ලැබෙන ආදායම නැති කරගත්තා. අපනයන වෙළෙඳපොළ නැති කළා. කර්මාන්ත ශාලා වසා දැමුවා.යහපාලන රජය යටතේ මීට සතියකට පෙර ජී.එස්.පී. ප්ලස් තීරු බදු සහනය නැවත ගැනීමට හැකියාව ලැබුණා. නැවත කර්මාන්ත ශාලා ආරම්භ කරන්න හැකි පසුබිම නිර්මාණය වී තිබෙන බව ආඩම්බරයෙන් කිව හැකියි. ඒ සඳහා අපට ජාත්‍යන්තර සහයෝගය ලැබුණා.අප දැන් ශ්‍රී ලාංකික සහජීවනය ඇති කර තිබෙනවා. ජී.එස්.පී. ප්ලස් තීරු බදු සහනය ලැබීමෙන් පසු භාණ්ඩ 6600 ක් යුරෝපයට අපනයනය කිරීමට හැකියාව ලැබෙනවා. ඇඟලූම් කර්මාන්ත ශාලාවල නිෂ්පාදනය වැඩි කිරීම පමණක් නොව, නව කර්මාන්ත ශාලා ආරම්භ කිරීමටද හැකියාව ලැබෙනවා.අපනයන ආදායම දෙගුණයක් බවට පත් කිරීම අපේ අරමුණයි. රාජපක්ෂ රෙජීමය අපට බාර දුන් අභියෝගය ගැන අමුතුවෙන් කිව යුතු නැහැ.2018 වසරේ අපට ගෙවීමට ඇති රුපියල් ණය ප‍්‍රමාණය කොතෙක්දැයි ඔබ දන්නවාද? 2018 දී රුපියල් කෝටි 96,000 ක් ණය ගෙවන්න තිබෙනවා. 2020 වසර වන විට විදේශ ණය ඩොලර් කෝටි 1500 ක් ගෙවිය යුතුයි. ජනතාවට බරක් නොවන පරිදි ණය ගෙවා දැමීම අපේ අරමුණයි.ණය ගෙවන අතරතුර අලූත් කර්මාන්ත ශාලා ඇති කළ යුතුයි. අලූත් හෝටල් ඇති කළ යුතුයි. තරුණ තරුණියන්ට රැකියා දිය යුතුයි. ජී.එස්.පී. ප්ලස් තීරු බදු සහනය ගැනීමත් සමග රටේ අපනයන ආදායම තවදුරටත් වර්ධනය කර ගැනීමට හැකියාව ලැබෙනවා.වර්තමානයේ දී අපේ තරුණ තරුණියන් කොරියාව, ජපානය ආදී රටවල රැකියාවලට යනවා. ඒ රටවල පවතින්නේ අපනයන ආර්ථිකයයි. ශ්‍රී ලංකාවටත් ආයෝජකයන් ගෙන ඒමට අපට හැකියාව තිබිය යුතුයි. දේශීය මෙන්ම විදේශීය ආයෝජකයින් ගෙන්වා ගෙන කර්මාන්තශාලා, හෝටල් ආරම්භ කළ යුතුයි.අප මීට වඩා තරගකාරී විය යුතුයි. නිෂ්පාදනය වැඩි කළ යුතුයි. ලාභය වැඩි වූ විට එහි ලාභය හාම්පුතුන්ට පමණක් සීමා කළ නොහැකියි. ලාභයෙන් කොටසක් වැඩ කරන ජනතාවටත් දිය යුතුමයි. අපේ ඉලක්කයක් තිබෙනවා. ඒ වැඩ කරන ජනතාවගේ ආදායම වැඩි කිරීමයි. ඒ සඳහා අපනයන ආදායම වර්ධනය කිරීම අපේ ඉලක්කයයි.ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ නාවුක සහ ආර්ථික කේන්ද්‍රස්ථානය බවට පත් කිරීම අපේ අරමුණයි. එවිට මෙරට ව්‍යාපාරික කේන්ද්‍රස්ථානය බවට පත්වෙනවා. වරාය මෙන්ම ගුවන් තොටුපොළ කේන්ද්‍රස්ථානය බවට පත්වෙනවා. පණිවුඩ හුවමාරු ක්ෂේත‍්‍රයේ කේන්ද්‍රස්ථානය බවට පත්වෙනවා. අප මේ වැඩ කටයුත්ත ආරම්භ කරන්නේ විශාල දියුණුව ඉදිරියට ගෙන යාම සඳහායි.කුලියාපිටියේ වොක්ස්වැගන් කර්මාන්තශාලාව ආරම්භ කළා. පන්නල මාස් ඇඟලූම් කර්මාන්ත ශාලාව ඇරැඹුවා. කොග්ගල ඇඟලූම් කර්මාන්ත ශාලා ඇරැඹුවා. අද වන විට කර්මාන්ත ශාලා සහ හෝටල් ගණනාවක් ආරම්භ කර තිබෙනවා. එමෙන්ම ජී.එස්.පී. ප්ලස් තීරු බදු සහනය ලැබීම නිසා අලූතෙන් රට පුරා කර්මාන්ත ශාලා බිහි කිරීමට අවස්ථාව ලැබෙනවා.අප ජපානය සමග ව්‍යාපෘති රැසක් ආරම්භ කිරීමට එකඟවී තිබෙනවා. කොළඹ වරාය දියුණු කිරීම, කොළඹ වර්තමානයේ පවතින වරායට උතුරින් තවත් අලූත් වරායක් ඇරැඹීම, බස්නාහිර මහ නගර වැඩසටහන සඳහා සහාය දැක්වීම ආදියට ජපානය අප සමග එකඟයි.මහනුවර නගරය දියුණු කිරීම, සංචාරක මධ්‍යස්ථානය බවට පත් කිරීම, නවීන කෘෂි ආර්ථිකය හඳුන්වා දීම සඳහාත් ජපානය එකඟ වී සිටිනවා. ත‍්‍රිකුණාමලය වරාය දියුණු කිරීමට මෙන්ම අලූත් ව්‍යාපෘති සඳහාද, රූපවාහිනී සේවා ඩිජිටල්කරණය සඳහා ද ජපානයේ සහාය ලැබෙනවා.කෙරවලපිටියේ එල්.එන්.ජී. විදුලි බලාගාරය මේ වසරේදී ආරම්භ කිරීමට ඉන්දියාව එකඟයි. මසක් ඇතුළත ඉන්දියාව සහ ජපානය එක්ව එල්.එන්.ජී. විදුලි බලාගාර දෙකක් ඇරැඹීමට නියමිතයි.ඉන්දියාව අපත් එක්ක එකට එකතුව ත‍්‍රිකුණාමලය වරාය දියුණු කරන්නත්, ඒවායේ ආයෝජනය කරන්නත් උදවු කරන බව ප‍්‍රකාශ කළා. ඔවුන් ඒ ආයෝජකයන්ට ත‍්‍රිකුණාමලයට එන්න කියනවා. අප සිංගප්පූරුව එක්ක සැලැස්ම හදලා කර්මාන්ත, සංචාරක ව්‍යාපාරය ඇති කරන්න ඒ එක්කම කෘෂි කර්මාන්තය දියුණු කරන්න කටයුතු කරනවා. ඒ වගේම ත‍්‍රිකුණාමලයේ ඉන්දියාවට අවශ්‍ය වන ඉන්ධන ගබඩා කරන්න අවශ්‍ය පහසුකම් දෙනවා.ඊළඟ අවුරුදු පනහේදී ඉන්දියාව දියුණු වෙන්න, දියුණු වෙන්න ඔවුන්ට විශාල වශයෙන් ඛනිජ තෙල් ඉල්ලූම ඇතිවෙනවා. තෙල් ගබඩා කරන්න අවශ්‍ය පහසුකම් ඔවුන්ට නැහැ. ලංකාවේ ගබඩා කර ඉන්දියාවට දුන්නාම අපට ගබඩා ගාස්තු හම්බවෙනවා වගේම ඒ වෙනුවෙන් මූල්‍ය ලාභයක් ද හිමිවෙනවා.මෙය තෙල් සංස්ථාව හා ඉන්දියානු සමාගමයි එකට එකතුව කරන වැඩක් වනවා. මේ ක‍්‍රියාවලිය හේතුවෙන් තෙල් සංස්ථාව නැති කරන්න අවශ්‍ය නැහැ. පළමු වතාවට තෙල් සංස්ථාවට ඉන්දියානු වෙළෙඳපොළට ඇතුළුවීමේ මාර්ගය මෙමගින් ඇති කරනවා. මේකට විරුද්ධ වෙන්නේ කවුද? අප බලන්නේ තෙල් ටැංකි ටික ගෙන ත‍්‍රිකුණාමලයේ දියුණුව මගින් එහි වෙසෙන තරුණ තරුණියන්ට රැකියා දෙන්නයි.සාම්පූර්වල තාප විදුලි බලාගාරය ඉදිකර බලශක්ති මධ්‍යස්ථානයක් බවට පත් කරන්න අපේක්ෂා කරනවා. උතුරේත්, ඒ වගේම උඩරටත් නිවාස ඉදිකරනවා.ත‍්‍රිකුණාමලය වෙළෙඳ කලාපය ආරම්භ කරන්නත් දකුණේ තව වෙළෙඳ කලාපයක් ආරම්භ කරන්නත් ඉන්දියන් ආයෝජකයන් හොයලා දෙනවා කියා අපට ඉන්දියන් ආණ්ඩුව පොරොන්දුවූවා. ඉන්දියානු සංචාරකයන් ලංකාවට එවලා ලංකාවේ සංචාරක ව්‍යාපාරය දියුණු කරන්නත් ඉන්දියාවේ ආයෝජකයන් ලංකාවේ හෝටල් ඉදිකර එන සංචාරකයන්ට අවශ්‍ය පහසුකම් සපයන්නත් එකඟ වෙලා තිබෙනවා.යාපනය, මන්නාරම, වව්නියාව, ත‍්‍රිකුණාමලය, දඹුල්ල එකතු කරන මහා අධිවේගී මාර්ගය ඇති කරන්නත් ඒ අය එකඟ වෙලා. දුම්රිය සේවය නවීකරණය කර කන්ටේනර් අංගනවල ආයෝජනය කිරීමට මෙන්ම කෘෂිකර්ම හා සත්ව නිෂ්පාදනය, ජල කළමනාකරණය ආදී ක්ෂේත‍්‍ර ගණනාවක් සංවර්ධනය කරන්නත් ඉන්දියාවේ සහාය අපට ලැබෙනවා. අප මේ මාසය තුළ කළ දේවලින් බිඳක් පමණයි.ජී.එස්.පී. ප්ලස් වගේම ජපානය - ඉන්දියාවෙන් ලැබෙන ආයෝජන ගැන මා කිව්වේ නිල වශයෙන් තිබෙන ඒවා ගැන පමණයි. තව සාකච්ඡා කරන කරුණු රාශියක් තිබෙනවා. ඒ ගැන මා දැන්ම කියන්න යන්නේ නැහැ. ඒවා මොනවාද, කොහොමද කරන්නේ කියන කාරණය මා ලබන වසරේදී කියන්නම්.හම්බන්තොට වරාය චීනයත් සමග එකට එකතුව දියුණු කරනවා. වරායේ ඉඩම් අයිතිය තිබෙන්නේ අපටයි. චීන සමාගමයි, වරාය අධිකාරියයි එකට එක්ව හම්බන්තොට වරාය දියුණු කරනවා.මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා යටතේ ගත්තු ණය ඔහු ගෙව්වේ නැහැ. හම්බන්තොට සංවර්ධන කලාප දියුණු වීමත් සමග අපට ණය සියල්ල ගෙවා අවසන් කිරීමේ හැකියාව ලැබෙනවා. ඩොලර් කෝටි 100 ක් ලැබුණහම අපේ ණය අඩු වෙනවා. මේ ආයෝජනයන් බාර ගන්නවාද?, නැතිනම් ගෙවන්න තිබෙන ණය ප‍්‍රමාණය වැඩි කරගන්නවාද කියා තීරණයක් ගත යුතුයි.වරාය දියුණු වුණාම වරාය ආශ‍්‍රිතව ආයෝජන කලාප ඇති වෙනවා. චීන ආයෝජකයන් එහි එනවා. සිංගප්පූරු ආයෝජකයන් එනවා. හම්බන්තොට ප‍්‍රදේශය කර්මාන්තපුරය වෙනවා. සිංගප්පූරුව වයඹ වෙළෙඳ කලාපය ඇති කරන්න අපත් සමග සාකච්ඡුා කරමින් සිටිනවා. අප තායි සමාගම සමග සාකච්ඡා කර කඳුකරයේද වෙළෙඳ කලාපය ඇති කරනවා. අප ගාලූ දිස්ත‍්‍රික්කයේ අක්කර 1000ක සංචාරක කලාපය හදන්නත් සැලසුම් කර තිබෙනවා.මාතර වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන ආරම්භ කරන අතර මහනුවරත් විශාල දියුණුවකට ගෙන යනවා. මේ සියල්ල මාස හයක් තුළ කළ දේ පමණයි. මෙවැනි කාර්යයන් රැසක් කළ වෙන කෙනෙකු ඉන්නවාද කියා මට කියන්න.ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාගේ කාලයේ අප වෙළෙඳ කලාප ඇති කළා. ඉන් පසුව විශාල දියුණුව ඇති වුණේ මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ ආණ්ඩුව යටතේ බව මා කියන්න කැමැතියි.බස්නාහිර මහ නගර සංවර්ධනය යටතේ ව්‍යාපෘති ගණනාවක් ක‍්‍රියාත්මක වෙනවා. උතුරේ ආර්ථිකය දියුණු කරන්නත් ව්‍යාපෘති රැසක් ගෙනැවිත් තිබෙනවා. මීට අමතරව රත්නපුර වැනි ප‍්‍රදේශ දියුණු කරන්නත් සැලසුම් තිබෙනවා.මේ සංවර්ධන වැඩපිළිවෙළවල් ක‍්‍රියාත්මක වීම මගින් රටේ ණය බර අඩුකර රට සංවර්ධනය කරා ගෙන යා හැකියි. මේ ආණ්ඩුවේ වෙනස ආයෝජකයන් ගෙනල්ලා රට දියුණු කිරීමයි. මේවා කරන්න බැරි වෙයි කියා කියපු අය දැන් ඒවා කරන්න යනවිට බයවෙලා වෙන දේවල් කියන්න පටන් ගෙන තිබෙනවා.එදා රොෂේන් චානකට වෙඩි තියපු අය, වැලිවේරියේ වෙඩි තියපු අය අද වෘත්තීය සමිති ජනතාවගේ අයිතිවාසිකම් ගැන කතා කරනවා. මේ ඔක්කොම කරන්නේ රටේ ඉදිරි ගමන නවත්වන්නයි. ඔබට රැකියා දෙන එක නවත්වන්නයි. ඒ වගේම ආදායම් වැඩි කරන එක නවත්වන්න වගේම රටේ සංවර්ධනය කඩාකප්පල් කරන්නයි.ඒකට අප ඉඩ දෙන්නේ නැති බව මා මෙතනදී ප‍්‍රකාශ කරනවා. කවුරු හරි කියනවා නම් අප සාකච්ඡා කරන්න ලැහැස්තියි. කවුරු හරි රටේ ඉදිරි ගමන නවත්වන්න හදනවා නම් හිතන්න එපා අපි නිකම්ම වාඩිවෙලා ඉඳීවි කියලා.එක්සත් ජාතික පෙරමුණ ලැහැස්තියි ඉදිරියට ඇවිත් රට ආරක්ෂා කරන්න. රටේ දියුණුව ගැන කතා කරනවා. බය වෙන්න එපා අපි සටන ඉදිරියට ගෙන යමු.ජනතාවට කියමු, අද ඉඳන් අප ඉදිරියට යනවා. ආපසු පස්සට යන්නේ නැහැ. රට සංවර්ධනය කර ඔබේ අනාගතය සුරක්ෂිත කර බලගතු ශ්‍රී ලංකාව බිහි කරනවා. ඒ අනුව 2020 වසරේදීත් අපට ප‍්‍රබල ජනවරම ලැබෙන බව අමුතුවෙන් කිව යුතු නැතැයිද’’ රනිල් වික්රමසිංහ මහතා වැඩිදුරටත් කීවේය.එක්සත් ජාතික පක්ෂ මහලේකම්, ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම්, එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක, නිවාස හා ඉදිකිරීම් ඇමැති සජිත් පේ‍්‍රමදාස, එක්සත් ජාතික පක්ෂ උප නායක, මුදල් අමාත්‍ය රවි කරුණානායක, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසයේ නායක, ජල සම්පාදන හා නාගරික සංවර්ධන අමාත්‍ය රාවුෆ් හකීම්, ජාතික හෙළ උරුමයේ මහලේකම්, මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක, සෞඛ්‍ය හා පෝෂණ අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න, ප‍්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඞ්මාෂල් සරත් ෆොන්සේකා මහතා:එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය මහලේකම්, ජාතික සේවක සංගමයේ සභාපති, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, රාජ්‍ය පරිපාලන අමාත්‍ය එක්සත් ජාතික පක්ෂ ජ්‍යෙෂ්ඨ උප සභාපති රංජිත් මද්දුමබණ්ඩාර, ජාතික වතු කම්කරු සංගමයේ ලේකම් සහ බදුල්ල දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී වඩිවෙල් සුරේෂ්, විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය, ජාතික අධ්‍යාපන සේවක සංගමයේ සභාපති අජිත් පී. පෙරේරා යන මහත්වරුද මෙහිදී අදහස් දැක්වූහ.විශාල ජන ගංගාවක් එක්සත් ජාතික පක්ෂ ජාතික මැයි රැලියට සහභාගිවී සිටියහ.
|
ආයේ මේ වගේ ප්‍රශ්න වෙන්න ඉඩ දෙන්නේ නෑ
| 0 |
(ජේ.ඒ.එල්. ජයසිංහ සහ මැණික්හින්න ඒ.ජී. වික්‍රමසිංහ)වත්මන් වාණිජ සමාජය තුළ තරගකාරිත්වයට යොමු වී ඇති මවුපියන්ට දරුවන් අමතකවීම හේතුවෙන් නිවෙස් තුළම දරුවන් අනාරක්ෂිත වී ඇතැයි ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා පැවැසීය.ඒ හේතුවෙන් දරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් මූලික වශයෙන් දැනුවත් කළ යුත්තේ මවුපියන් බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා මේ බව පැවසුවේ දිගන මධ්‍යම පළාත් ක්‍රීඩා සංකීර්ණයේ දී ඉකුත් 8 වැනිදා පැවැති ‘දරුවන් සුරකිමු’ ජාතික වැඩ සටහනේ සමාරම්භක උත්සවයට සහභාගි වෙමිනි.එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා මෙසේද සඳහන් කළේය.මේ සුන්දර උදෑසන භාග්‍යවන්ත වූ, පින්වන්ත වූ ඔබ ඇමතීමට ලැබීම පිළිබඳව මා ඉතාමත් සතුටු වෙනවා. ‘දරුවන් රකිමු’ ජාතික වැඩසටහනේ අවුරුදු තුනක සැලැස්ම ක්‍රියාත්මක කිරීම ආරම්භ කිරීමයි මේ උත්සවයේ ප්‍රධාන අරමුණ. මේ වැඩසටහනට සහයෝගය දක්වන සියලුම මැති ඇමැතිවරුන් අමාත්‍යාංශ, රාජ්‍ය නිලධාරීන්, විශේෂඥ කමිටු, අනුග්‍රහය දක්වන සෑම කෙනකුටම මගේ ගෞරවනීය ස්තූතිය පුදකරනවා.දරුවන් රකිමු ජාතික වැඩසටහන ක්‍රියාත්මක කිරීමට මූලික වශයෙන් හේතු වූ කරුණු මොනවාද? යන්න මා ඔබට නොකීවාට ඒ පිළිබඳව ඔබට අවබෝධයක් තිබෙනවා. දරුවන් රැකීමට ජාතික වැඩසටහනක අවශ්‍යතාව කුමක් ද? විද්‍යුත් මාධ්‍ය, මුද්‍රිත මාධ්‍ය සහ සමාජයෙන් එන විවිධ තොරතුරු සමග මෙවැනි වැඩසටහනක අවශ්‍යතාව ඔබ සෑම කෙනෙක්ම පිළිගන්නවා ඇතැයි මා විශ්වාස කරනවා. මූලික වශයෙන් දරුවාට, දරුවා ජීවත්වන නිවසෙහි සුරක්ෂිතතාව තිබෙනවා ද? ඔබත් මමත් දන්නා පරිදි දරුවා මව්පියන් සමග ජීවත්වන නිවසෙහි ප්‍රශ්නයක් තිබෙන බව අද බොහෝ වාර්තා මගින් අපිට පෙන්නුම් කරනවා. මෙහි සිටිනවා පොලිසියේ නිලධාරී මහත්ම මහත්මීන් රාශියක්. පොලිසිවලට ලැබෙන පැමිණිලි වලින්, අවුරුද්දේ දවස් 365න් වැඩිපුරම ලැබෙන පැමිණිලි මොනවාද? මම පසුගිය දිනක උත්සවයක අවසානයේ දී ළඟම තිබෙන පොලිසියකට ගියා.පොලිස් ස්ථානාධිපතිතුමාගෙන් මම ඇහුවා වැඩිපුර එන පැමිණිලි මොනවා ද? කියලා. පොලිස් ස්ථානාධිපතිතුමා මා සමග කිව්වා අපිට වැඩිපුරම එන්නේ පවුල් ආරවුල් පිළිබඳ පැමිණිලි බව. පවුලේ ආරවුල් ඇති වෙනවානම් ඒ පවුලේ දරුවන්ට නිවස කොතෙක් දුරට අනාරක්ෂිත ද කියන කාරණය ඔබ සෑම කෙනෙක්ම දන්නවා.සමාජ සමීක්ෂණ ආයතනයක් විසින් පසුගිය වසර දහයක අපේ රටේ විවාහ ජීවිත පිළිබඳව සමීක්ෂණයක් කර වාර්තාවක් රජයට ලබා දුන්නා. අඩු වයසින් විවාහ වන තරුණ පවුල්වලින් 70%ක ගේ පවුල් ජීවිත අසාර්ථක බව එම වාර්තාවේ සඳහන් වෙනවා. පවුලේ මව්පියන්ගේ හැසිරීම් පිළිබඳව ප්‍රශ්න මතුවූ විට එම නිවසේ තත්ත්වය සහ එම නිවසේ ජීවත් වන දරුවන්ගේ මානසික තත්ත්වය කෙසේද යන්න ඔබ සෑම කෙනෙක්ම දන්නවා. එපමණක් නොවේ. අද තිබෙන වාණිජ සමාජයේ තරගකාරිත්වය තුළ මව්පියන් ඒ තරගකාරිත්වයට යොමු වෙලා තිබෙනවා.ආර්ථිකය ශක්තිමත් කර ගැනීමට සම්පත් වැඩිපුර ලබා ගැනීමට සමාජය තුළ ගෞරවයට ලක්වීමට එම තරගකාරිත්වයට යොමුවී තිබෙනවා. ඒ අනුව ඇතැම් මව්පියන්ට දරුවන් අමතක වෙනවා. නිවෙස තුළ දරුවාගේ ආරක්ෂිතභාවය සහ සුරක්ෂිතභාවය අඩුවීම පිළිබඳව තවත් බොහෝ කරුණු සඳහන් කළ හැකියි. ඒ නිසා දරුවාට පාසල සුරක්ෂිත ස්ථානයක් බවට විශේෂයෙන්ම පත්විය යුතුයි. සමාජයෙන් ලැබෙන තොරතුරු අනුව දරුවාට ආරක්ෂිත සහ සුරක්ෂිත ස්ථානය පාසල බවයි අපිට පෙනී යන්නේ. දරුවන්ගේ අනාරක්ෂිතභාවය පිළිබඳව පාසල්වලින් ලැබෙන වාර්තා ඉතාමත් අවමයි. දරුවන්ගේ අනාරක්ෂිතභාවය පිළිබඳව වැඩිපුර වාර්තා වන්නේ දරුවා පාසලේ සිටින කාලය තුළ නොව, මව්පියන්ගේ භාරකාරත්වයේ සහ ඇසුරේ සිටින කාල සීමාව තුළයි. පාසල් වලින් දරුවන්ට එරෙහි සිදුවීම් පිළිබඳව වන පැමිණිලි සහ ප්‍රශ්න ලක්ෂයකට එකක් පමණ තමයි ලැබෙන්නේ. එවැනි දේ නැතුවාම නොවේ.දරුවාට මහා මාර්ගය ආරක්ෂිත ස්ථානයක් ද? දරුවා යන බස් රථය ආරක්ෂිත ස්ථානයක් ද? දරුවා පාසල් යන පාසල් වෑන් රථය ආරක්ෂිත ස්ථානයක් ද? විශේෂයෙන්ම දරුවා යන පෞද්ගලික පන්ති, උපකාරක පන්ති ආරක්ෂිත ස්ථානයක්ද? මේ පිළිබඳව ඔබටත් මටත් බොහෝ දේ කතා කළ හැකියි. මෙහි සිටින දරුවන් ප්‍රමුඛ ඔබ සියලු දෙනාට ඒ පිළිබඳව හොඳ අවබෝධයක් තිබෙන බව මා විශ්වාස කරනවා. ඒ බොහෝ ස්ථානවල අපි දකින්නේ අනාරක්ෂිතභාවයක්.ඔබට මතක ඇති පසුගිය වසරේ යාපනයේ, විද්‍යා දරුවා පිළිබඳ සිදුවීම. ඒ තරුණ ගැහැනු දරුවා දූෂණයට සහ ඝාතනයට ලක්වූ කාරණාවත් ඔබ දන්නවා ඇති. මොනතරම් සමාජය විෂම ද මොනතරම් සමාජය අකාරුණික ද අපේ රටේ සිටින ජාවාරම්කාර පිරිසක් තරුණ ගැහැනු ළමයෙක් බලහත්කාරයෙන් දූෂණය කර ඝාතනය කිරීමේ සිද්ධියක් චිත්‍රපටයකට නැගීම සඳහායි එම කාර්යය කර තිබෙන්නේ. එසේ සකස්කර ගන්නාවූ සීඩීපට ජාත්‍යන්තර ජාවාරම්කාරයන්ට මේ රටින් පිට විකුණා මුදල් ලබා ගන්නවා. ඒ දරුවා ඝාතනය කළ ආකාරයත් එම අවස්ථාවේදී සිදුවූ දේ මෙවැනි අවස්ථාවක කීමට හැකියාවක් නැහැ.ඔබ දකින්නට ඇති, සති දෙකකට පමණ පෙර කුරුණෑගල දිස්ත්‍රික්කයේ වයස අවු. 17ක ගැහැනු දරුවෙක් විභාගය ලියා නිවසට පැමිණ සිටින අවස්ථාවේදී සිදු වූ සිද්ධිය. ඒ වයස අවුරුදු 17ක තරුණ ගැහැනු දරුවා මොනතරම් සිහින මවාගෙන විභාගය අවසන් කර නිවසට එන්නට ඇතිද?. ඒ දරුවා නිවසෙහි සිටියදී ඇගේ මව වෙනත් කාර්යයක් සඳහා නිවසින් ගොස්ව තිබුණා. ඒ කෙටි කාලය තුළ දරුවා දූෂණය කරලා මරලා දැම්මා. මීට මාස කිහිපයකට පෙර අවුරුදු නවයක ළමයෙක් නිවසේ සිටියදී අතුරුදන් වෙලා හදිසියේ මව්පියන් සොයන්න පටන් ගත්තා. මව්පියන් දරුවා නිවසේ සෑම තැනකම සෙව්වා. වත්තේ හැම තැනම හෙව්වා. දරුවා යන එන තැන්වලට ගොස් බැලුවා. ඒත් සොයාගන්න බැරි වුණා. මේ පිළිබඳව සොයන්නට යන්න දරුවාගේ තාත්තා නිවසේ තිබෙන කාර් එකේ දොරවල් විවෘත කළා. අවුරුදු නවයක දරුවා කාර් එක ඇතුළේ මැරිලා සිටියා. මේ දරුවා කාර් එකේ ඇතුළට ගොස් දොර වහගත්තා. දොර අරින්න බැරුව ගියා. උදේ කාර් එක ඇතුළට ගිය දරුවා හවස් වන විට මිය ගොස් තිබුණා. පසුගිය අවුරුද්දේ ඔබ දකින්නට ඇති එක්තරා අපරාධකරුවකු නිවසකට ගොස් සිදුවූ සිද්ධියක් පිළිබඳව. ඒ නිවසේ සිටි අම්මා තාත්තා දෙන්නාම අපරාධකරු විසින් ඝාතනය කළා.දරුවාගේ අම්මාත්, තාත්තාත් ඝාතනය කළාට පස්සේ අවුරුදු දහයක පමණ ඒ දරුවා නිවසේ සිටියා. ඒ අපරාධකරුවා ඒ දරුවාව අරගෙන ගියා. දවස් කිහිපයක් හංගලා තියාගෙන හිටියා. ඒ අපරාධකරුවාට දරුවා සඟවා ගෙන තැබීම ප්‍රශ්නයක් වුණා. මේ අපරාධකරුවා දරුවා උස්සාගෙන ගිහින් ළිඳකට දැම්මා. ඒ අපරාධකරුවා පොලිසියට අහුවුණා. පසුව පොලිස් පරීක්ෂණවල දී කිව්වා “මාමේ මාමේ මාව ළිඳට දාන්න එපා” කිව්වා. ඒත් ඒ දරුවාගේ හඬට කන් දුන්නේ නෑ. අපරාධකරුවා දරුවා ළිඳට අතහැරියා දරුවා මිය ගියා. මෙවැනි සිදුවීම් අපිට කොතෙකුත් කියන්න පුළුවන්.“දරුවන් සුරකිමු” යන ජාතික වැඩපිළිවෙළක අවශ්‍යතාව ඔබට පෙනී යනවා ඇති කියා මා විශ්වාස කරනවා. ඒ වගේම ඔබ දකින්න ඇති 2015 වසරේ පහේ ශිෂ්‍යත්වය අසමත් වූ දියණියක් නිවසට ආවිට ඒ දරුවාගේ පියා ඒ දියණියට එළියට විසි වෙන්න ගැහුවා. ඒ වසරේ දී ශිෂ්‍යත්වය අසමත් වු දියණියක් අම්මාත් තාත්තාත් දෙන්නාම දරුවා නිවසට ගන්නේ නැතුව ගෙදර දොරවල් වහගෙන හිටියා. පහුවදා එළිවෙනකල් ඒ ගැහුනු දරුවා හිටියේ එළියේ. පහේ ශිෂ්‍යත්ව ලියු දරුවෙක් කියලා කියන්නේ අවුරුදු 10 ක 11ක දරුවෙක්. තමාගේ දරුවා වුණත් ඒ දරුවාට පයින් ගහලා එළියට දාන්න මව්පියන්ට අයිතියක් තියෙනවා ද? දරුවන්ගේ සුරක්ෂිතභාවය පිළිබඳව මව්පියන්ගේ වගකීම කුමක්ද?අපේ විශේෂඥ වෛද්‍යතුමන්ලා දේශන කරන විට මේ පිළිබඳව බොහෝ දේ පැහැදිලි කළා. මේ අසාමාන්‍ය විභාග තරගයක් සමග දරුවන් පත්ව තිබෙන ඉතාමත් දුක්ඛදායක තත්ත්වය පිළිබඳව කතා කළා. ඒ නිසා අපි රජයක් විදියට අදහස් කරනවා විශේෂඥ උපදෙස් අනුව පහේ ශිෂ්‍යත්වය විභාගයත් දරුවන්ගේ අධ්‍යාපනයත් පිළිබඳව ජාතික අධ්‍යපන ප්‍රතිපත්තිය සහ සැලැසුම් පිළිබඳව යම් ප්‍රතිසංස්කරණ සහ වෙනස්කම් අවශ්‍යයි කියලා. “දරුවන් සුරකිමු” කියන ජාතික වැඩසටහනේ අපි අද මෙතනට ඇවිත් ඉන්නේ දරුවෝ. මම හිතන්නේ මේ දරුවන්ගේ මව්පියෝ නම් මෙතන නැහැ. මෙතන ඉදිරියේ ඉන්න විවිධ ක්ෂේත්‍රවල විද්වත් ප්‍රධානීන්. ඒත් මව්පියෝ. අපට අද ප්‍රධාන වශයෙන් දරුවන් ආරක්ෂා කිරීම පිළිබඳව දැනුවත් කරන්න වෙලා තියෙන්නේ මූලික වශයෙන් මව්පියන්. ඒ නිසා “දරුවන් සුරකිමු” ජාතික වැඩසටහනේ ඉදිරි වැඩපිළිවෙළේ දී අපි දිස්ත්‍රික්ක මට්ටමින් වැඩසටහන්වල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් මව්පියන් දැනුවත් කිරීම සඳහා මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා. අපේ විශේෂඥ වෛද්‍යතුමන් දේශනවල දී නව තාක්ෂණයත් එක්ක දරුවන් මුහුණ දෙන ප්‍රශ්න ගැන කතා කළා. ජංගම දුරකථනය, පරිගණකය මානව සමාජයට නිෂ්පාදන කළේ, දයාද කළේ ඉතාමත් වැදගත් අරමුණකිනුයි. ඒත් ඒ නිසා අද යහපත් දේ වගේම අයහපත් දේ කොතරම් සිදුවෙනවා ද? පාරේ යන විට, ඒ වගේම දුම්රිය මාර්ගවල දරුවන්, තරුණ පිරිස් ජංගම දුරකථනයත් සමග වයර් කනේ ගහගෙන යන එක ඔබ දැකලා ඇති. ඒ තුළ කොතරම් ජීවිත විනාශ වෙනවාද කියලා ඔබ අහලා ඇති ? මෙතන සිටිනවා කැබිනට් මණ්ඩල නියෝජනය කරන ජෝන් සෙනෙවිරත්න මැතිතුමා. එතුමා දන්නවා ඇති මීට පෙර කැබිනට් මණ්ඩලයේ දී ජංගම දුරකථන භාවිතය තහනම් කළා. සමහර ඇමැතිවරුන් කැබිනට් සාකච්ජාවේ නෑ. වයර් කනේ ගහගෙන ෆෝන් එකට ඇන ඇන ඉන්න එක තමා කරන්නේ. ඒ ගොල්ලෝන්ට මම කියන දේ ඇහෙන්නෙත් නෑ, කැබිනට් මණ්ඩලේ සාකච්ඡා ඇහෙන්නෙත් නෑ. ඒ නිසා මම කිව්වා කැබ්නට් මණ්ඩලයේදී ජංගම දුරකථනය පාවිච්චි කිරීම තහනම් කියලා. රාජ්‍ය නිලධාරීන්, ආයතන ප්‍රධානීන් රාශීයක් මෙතන ඉන්නවා.මම පසුගිය අවුරුද්දේ ලංකාවේ අමාත්‍යාංශවල ලේකම්වරුන්, ආයතන ප්‍රධානීන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන් සියලුදෙනාම බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවට ගෙන්වලා රාජ්‍ය නිලධාරීන්ගේ වගකීම් සහ රජයේ ප්‍රතිපත්තිය පිළිබඳව පැහැදිලි කරන වැඩසටහන් කළා. ඒ රැස්වීමට සහභාගි වුණේ අමාත්‍යාංශ ලේකම්වරුන්, කොමසාරිස් ජනරාල්වරු, ප්‍රාදේශීය ලේකම්වරු, දිසාපතිවරුන්, සියලුම රාජ්‍ය ආයතනවල ප්‍රධානීන් යන අය සහභාගි වුණා. ඒ අවස්ථාවලදීත් මම දැක්කා. ඒ වගේම පසුව මගේ මාධ්‍ය අංශයෙන් ද මට වාර්තා කළා.ආයතන ප්‍රධානීන් තුන් දෙනෙක් ඒ අවස්ථාවේදීත් මොබයිල් ෆෝන් තියාගෙන වයර් කනේ ගහගෙන ඇන ඇන හිටිය බවට. ඒ අය මම කියන දේ ඇහුවෙත් නෑ. අනෙක් දේශකයන් කියන දේ ඇහුවෙත් නෑ. කනේ ගහගෙන හිටපු වයර් වලින් ආපු දේ ගැන තමා ඒ අය ඇහුවේ. ඒ නිසා මම අහනවා දරුවන් ගැන කුමන කතා ද කියලා.ඒ නිසා දරුවන් හැදෙන්න කලින් මම ඔය කියපු දේ ගැන වැඩිහිටියන් හැදෙන්න කියලා මම මතක් කරනවා. මේ දරුවන් රැකීමේ ජාතික වැඩසටහනේ අරමුණ රාශියක් ඉටු කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඔබ දන්නවා සියදිවි නසා ගැනීම පිළිබඳව ලෝකයේ ලංකාව ඉහළ තැනක තියෙන්නේ කියලා. ලංකාවේ සියදිවි නසා ගැනීම පිළිබඳව වැඩි පිරිසක් වාර්තා වෙන්නේ තරුණ දරුවන්.ඒ නිසා අපි රටක් විදියට, ජාතියක් විදියට දරුවන් රැකගැනීම සඳහා සෑම කෙනෙක්ම සාමුහික වගකීමක සාමුහික ප්‍රයත්නයක් යෙදිය යුතුයි කියලා මා විශ්වාස කරනවා. මේ වැඩසටහන ජාතික වශයෙන් සෑම ප්‍රදේශයක ක්‍රියාත්මක කිරීමට අපේ රජය බලාපොරොත්තු වෙනවා. සියලු මැති ඇමැතිවරුන්ගේ සහයෝගය බලාපොරොත්තු වෙනවා. සියලුම රාජ්‍ය නිලධාරීන්ගේ මව්පියන්ගේ සහයෝගය බලාපොරොත්තු වෙනවා. සියලු රාජ්‍ය නිලධාරී මහත්ම මහත්මීන්ගේ සහයෝගය බලාපොරොත්තු වෙනවා.මෙවැනි කටයුතුවල දී ගෞරවනීය මහා සංඝරත්නයේත් අන්‍යආගමික පුජකතුමන්ලාගේත් ඒ සියලුම ආගමික අංශවල සහයෝගය ගෞරවයෙන් අපි බලාපොරොත්තු වෙනවා.ගමේ පන්සලේ හාමුදුරුවෝ හැමදාම ධර්ම දේශනා කළේ අපි මේ කියන කාරණාව ගැන පල්ලියේ කෝවිලේ පියතුමා, ස්වාමීතුමා මේ ගැන දේශනා කළේ අද ඊයේ නොවෙයි. ගෞතම බුදුන් වහන්සේ, ජේසුස් වහන්සේ ඒ වගේම මුහම්මද්තුමාත් මේ ගැන දේශනා කළේ අද ඊයේ නොවෙයි. ඒ නිසා අපි සෑම කෙනෙක්ම උන්වහන්සේලාගේ අනුශාසනා තුළ මෙවැනි කටයුතු කිරීම අවශ්‍යයි. අපි මේ “දරුවන් රකිමු” ජාතික වැඩසටහන මේ විදියට සාර්ථකව කරන්න සියලු දෙනාම කටයුතු කරමු. මේ සඳහා සහයෝගය දුන් සියලු දෙනාටම මම ස්තුතිවන්ත වෙනවා.මේ සඳහා ප්‍රතිපත්ති සම්පාදනය සහ නීති ප්‍රතිසංස්කරණ සඳහා අවශ්‍ය දැනුම ලබා දෙන විශේෂඥ කමිටුවලට මම ස්තුතිවන්න වෙනවා. ඒ සඳහා දායකත්වය ලබාදෙන ඇමතිතුමන්ලාට ස්තුතිවන්ත වෙනවා. මේ වැඩසටහන සාර්ථක කර ගැනීමට මධ්‍යම පළාත් මහ ඇමතිතුමා ඇතුළු මැති ඇමතිතුමන්ලාට ඒ වගේම අනෙකුත් නිලධාරීන්, අධ්‍යාපන අධ්‍යක්ෂතුමන්ලාටත්, විදුහල්පතිවරුන්, ගුරු මහත්ම මහත්මීන්, මව්පියන්, දූ දරුවන්ට සියලු දෙනාගේ සහයෝගය මා ඉතා අගය කරනවා. අපි දරුවන් වෙනුවෙන් හොඳ රටක් හදමු. ඒ වගේම හොඳ රටක් වෙනුවෙන් හොඳ දරුවන් හදමු. සියලු දෙනාට තෙරුවන් සරණයි.මෙහිදී කම්කරු හා වෘත්තීය සබඳතා අමාත්‍ය ඩබ්.ඩී.ජේ. සෙනෙවිරත්න මහතා: ශ්‍රී ලංකා ළමා ශ්‍රමය සුරැකීමේ ජාතික ප්‍රතිපත්තිය ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීය. දරුවන් සුරැකීමේ ජාතික සැලැස්ම ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා වෙත පිළිගැන්වීම ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝහණ කීර්ති දිසානායක මහතා විසින් සිදු කරනු ලැබීය.දරුවන් සුරැකීමේ විද්වත් කමිටු සාමාජික විශේෂඥ වෛද්‍ය චමින්ද වීරසිරි වර්ධන විශේෂඥ වෛද්‍ය නවාස් ජෙෆ්රි යන මහත්වරු මහනුවර උසස් බාලිකා විදුහලේ ඒ.එන්.කේ. අමුණූගම, ශාන්ත සිල්වෙස්තර විදුහලේ එස්. ෂෙවාන් ප්‍රණීත් යන සිසු සිසුවියෝද මෙහිදී කතා කළහ.මහනුවර ශ්‍රී පුෂ්පදාන බාලිකා විදුහලේ සිසු දැරියෝ ‘අපි’ නාට්‍ය රඟ දක්වා උත්සව අවස්ථාව වර්ණවත් කළහ.මෙම අවස්ථාවට අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න, මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලුකා ඒකනායක, මධ්‍යම පළාත් ප්රධාන අමාත්‍ය සරත් ඒකනායක යන මහත්ම මහත්මීහු පළාත් සභාවේ අමාත්‍යවරුද, පළාත් සභාවේ අමාත්‍යාංශ ලේකම්වරුන්, විදුහල්පතිවරුන්, පාසල් සිසු සිසුවියන්, රාජ්‍ය නිලධාරීන් ඇතුළු රැසක් සහභා වූහ.ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ නිලධාරීන් හා නිලධාරිනියන් ද උත්සව අවස්ථාවට සහභාගි වූහ.
|
දරුවන් හැදෙන්න කලින් වැඩිහිටියන් හැදෙන්න
| 1 |
(මුලටියන එස්. බාලසූරිය, දෙයියන්දර ජයන්ත ජයවර්ධන සහ අකුරැස්ස සුජීව සමරක්කොඩි)නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තිය තුළ රජය අධ්‍යාපන ක්ෂේත්‍රයේ සංවර්ධනය සඳහා ප්‍රමුඛත්වය දී ඇතැයි ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා ඉකුත් 6 වැනිදා දෙයියන්දරදී පැවැසීය. ලෝකයේ දියුණු රටවල් ඒ දියුණුව ලබාගෙන ඇත්තේ එම රටවල උගතුන් වැඩිවීම නිසා බව කී ජනාධිපතිවරයා ජාතියක් ගොඩනැගීමට, ජාතියක් ශක්තිමත් කිරීමට, රටක උගතුන් වැඩිවිය යුතු බව ද සඳහන් කළේය.දෙයියන්දර ජාතික පාසල් පරිශ්‍රයේ අභිනවයෙන් ඉදිකරන ලද නව තෙමහල් පරිපාලන සංකීර්ණ ගොඩනැගිල්ල සිසු අයිතියට පවරා දීමෙන් අනතුරුව පැවැති ජන හමුවකදී ජනාධිපතිවරයා එම අදහස් ප්‍රකාශ කළේය. ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාගේ මැදිහත්වීමෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රතිපාදන මත රුපියල් ලක්ෂ 270ක වියදමකින් එම ගොඩනැගිල්ල ඉදිකර ඇත.විදුහල්පති ඩබ්ලිව්.ඩබ්ලිව්.ජී. අමරසේන මහතා ප්‍රමුඛ ගුරු මණ්ඩලය, පාසල් සංවර්ධන සමිතිය හා ආදි ශිෂ්‍ය සංගමය එක්ව එම උළෙල සංවිධානය කර තිබිණි. ජනාධිපනති මෛත්‍රීපාල සිරිසේන මහතා එහිදී මෙසේ ද කීය. වසර දෙකකට පෙර ඔබේ පාසලට වෙනත් කටයුත්තක් සඳහා පැමිණි අවස්ථාවක විදුහල්පතිතුමාත් දරුවනුත් කළ ඉල්ලීමක් මත මේ නව ගොඩනැගිල්ල ගොඩනගා විවෘත කර ඔබේ අයිතියට ලබා දීමට හැකිවීම පිළිබඳව මා ඉතාමත් සතුටු වෙනවා. දෙයියන්දර, හක්මන ප්‍රදේශය වගේම මාතර දිස්ත්‍රික්කය මට අලුත් ප්‍රදේශයක් නොවේ. පසුගිය අවුරුදු තිහකට ආසන්න කාලයක් විවිධ අමාත්‍යාංශවල කටයුතු කරන අවස්ථාවන්වලදීත් දේශපාලන කටයුතුවලදීත් මාතර දිස්ත්‍රික්කයේ මම ගමක් ගානේ ගිහින් තිබෙනවා. සමහර ප්‍රදේශවල, මැතිවරණ කාලවලදී ගෙයක් ගෙයක් ගානේ ගිහින් තිබෙනවා. අද ඔබේ ප්‍රදේශය තුළ කරනු ලබන සංවර්ධන කටයුතු සහ මේ පාසලේ දරුවන්ගේ අභිවෘද්ධිය සඳහා කරන්නාවූ කාර්යයන් ගැන ඉතාමත් සතුටු වෙනවා. ලක්ෂ්මන් යාපා අබේවර්ධන ඇමැතිතුමාගේ කතාවේදී සඳහන් කළ කාරණයක් මම පාඩමක් විදියට හිතට ගත්තා. ඇමැතිතුමා කිව්වා, මට කියලා ලියුමක් අත්සන් කර ගත්තා ජනාධිපතිතුමා දන්නෙත් නැහැ මම ලක්ෂ තුන්දාහක් අරගත්තා මේ පැත්තේ සංවර්ධන කටයුතුවලට කියා. මම එයින් තීරණය කළා මීට පස්සේ මම හැම කෙනෙක්ගේම ලියුම් අත්සන් කරන්නේ ගාණ දාලා කියා. දක්ෂ ඇමැතිවරයෙක් විදියට එතුමාගේ කාර්යය කරගන්න දක්ෂ වෙලා තිබෙනවා. මමත් ඉතාමත් සතුටු වෙනවා එවැනි විශාල මුදලක් අරගෙන මේ ප්‍රදේශයේ මහජනතාව වෙනුවෙන් කරන සංවර්ධන කටයුතු සම්බන්ධව. වාසනාවන්ත මේ රටේ සමස්ත දරු පරපුර වෙනුවෙන්, හෙට උපදින දරුවන් වෙනුවෙන් රජය විදියට අපේ වගකීම සහ යුතුකම ඉටු කළ යුතු වෙනවා. රජයක්, රාජ්‍ය නොවන ආයතනයක් වෙනත් ඕනෑම සංවිධානයක්, පුද්ගලයෙක් යම් කාර්යයක් කරන්නේ නම් එය ශුභවාදී නම් එහි ප්‍රතිඵලය ලබා ගන්නේ දරුවන්. කෙනෙක් යම් අසුභවාදී දෙයක් කරන්නේ නම් ඒ නරක කාර්යයේ අනිසි ප්‍රතිඵල ලබා ගන්නේත් දරුවන්. ඒ නිසා අපි සෑම කෙනකුටම වගකීමක් සහ යුතුකමක් තිබෙනවා අපි කරන සියලු කාර්යයන්හි වගකීමක් තිබෙනවා දරුවන්ගේ අනාගතය සඳහා සැමවිටම කටයුතු කරන්නට. ඒ කරන්නාවූ සියලු කටයුතුවල ආයෝජනයන්හි ප්‍රතිඵලය දරුවන් සඳහා විය යුතුයි. ලෝකයේ දියුණු රටවල් ඒ දියුණුව ලබා ගෙන තිබෙන්නේ එම රටවල්වල උගතුන් වැඩිවීම නිසායි. ඒ රටවල්වල බුද්ධිමතුන් වැඩිවීම නිසයි. ජාතියක් ගොඩනගන්න, ජාතියක් ශක්තිමත් කරන්න රටකට වඩාත් යහපත් අනාගතයක් ඇති වෙන්න ඒ රටේ උගතුන් වැඩි වෙන්න ඕන. උගත් ජාතියක් බවට පත්වෙන්න ඕන. නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තිය තුළ මේ අවුරුදු තුනකට ආසන්න කාල සීමාවේදී අධ්‍යාපන ක්ෂේත්‍රයේ සංවර්ධනය සඳහා ප්‍රමුඛත්වය දී තිබෙනවා. මෙහි පළාත් අධ්‍යාපන ඇමතිතුමා ඉන්නවා. මේ රටේ පළාත් සභා පිහිටුවීමෙන් පසුව කිසිම ආණ්ඩුවකින් නොදුන් මුදල් ප්‍රමාණයක් අපි ගිය අවුරුද්දේ සියලුම පළාත් සභාවලට දුන්නා. සමහර පළාත් සභාවලට අධ්‍යාපනය සඳහා දුන් මුදල් නැවත ආවා. සමහර මහ ඇමතිවරු අධ්‍යාපනයට යෙදවූ මුදල් වැඩියි. ඒ නිසා වෙනත් විෂයන්වලට මාරු කරන්න කියා ලියුම් මගේ ළඟට අරගෙන ආවා. මම ඒ ලියුම් අත්සන් කෙරුවේ නැහැ. අපි විශාල මුදලක් අධ්‍යාපනයට වැය කරන්නේ සියලු දේට වඩා ප්‍රමුඛත්වය රටේ අධ්‍යාපනයට, දරුවන්ට දෙන නිසයි. ජනාධිපති ලේකම් කාර්යාලයේ තිබෙන විවිධ ව්‍යාපෘති තුළ “දරුවන් රකිමු” කියා විශේෂ ව්‍යාපෘතියක් පසුගිය අවුරුද්දේ ආරම්භ කළා මම. මේ රටේ දරුවන් පිළිබඳ තිබෙන ප්‍රශ්න, ගැටලු, ආරක්ෂාව, සුරක්ෂිතභාවය දරුවන්ට කායිකව සහ මානසිකව බලපාන ප්‍රශ්න තුළ ඔවුන්ට ඇතිවන පීඩාවන් වැනි තත්ත්වයන් වාර්තා වූ නිසා “දරුවන් රකිමු” යන විශේෂ ව්‍යාපෘතිය අපි ආරම්භ කළේ. දරුවන්ගේ මනස තේරුම් ගැනීම, දරුවන්ගේ මනසට අවශ්‍ය දේ ලබා දීම, දරුවාට සුන්දර පැහැබර මනසක් ඇතිව වැඩ කිරීමට අවශ්‍ය පසුබිම ගොඩනැගීම, දරුවන් සැමවිටම සතුටින් තබා ගැනීම අපි කාගේත් වගකීමක් සහ යුතුකමක් වෙනවා. ඊයේ පෙරේදා මම කියවපු පොතක තිබුණා පිටරටක සිද්ධියක්. ඒ රටේ පොදු ප්‍රවාහන සේවයේ බස් රථයකට නැග්ගා දරුවන් තුන් දෙනෙක් සහ තාත්තා කෙනෙක්. තාත්තා බස් රථයෙහි ආසනයක වාඩීවී සිටින විට බස් රථයෙහි ඉඩ තිබුණත් දරුවන් තුන්දෙනා වාඩි වෙන්නේ නැතුව මහ හයියෙන් කෑ ගසමින් එහේ මෙහේ දුවන්න පටන් ගත්තා. බස් රථයේ සියලු මගීන්ට මේ දරුවන් කරදරයක් වුණා. මගීන් දරුවන් දිහා නොවෙයි දරුවන්ගේ පියා දෙසයි බැලුවේ. මේ දරුවන් තුන් දෙනාව සන්සුන් කරගන්නේ නැතුව ඇයි මෙහෙම කරන්නේ කියා. දරුවන්ගේ පියා අසල සිටි මගියා දරුවන්ගේ පියාගේ මූණ බලන විට ඔහු ඇස් දෙක පියාගෙන නින්දෙන් සිටින ආකාරයට සිටියා. දරුවන් තිදෙනාගේ හැසිරීම එන්න එන්නම නරකයි. බස් රථයේ මගීන් දරුවන්ට වෛර කරන්න පටන් ගත්තා. දරුවන්ගේ පියා අසල සිටි අනෙක් මගියා නිදාගෙන සිටි පියාගේ ඇඟට තට්ටු කරලා හයියෙන් කතා කරලා ඇහුවා මේ බස් එකට කරදරයක් ඔබේ දරුවෝ. මේ දරුවෝ සන්සුන් කර ගන්න බැරිද? ඔබට මේක පෙන්නේ නැද්ද? ඇයි ඔබ මේ විදියට ඇස් දෙක පියාගෙන නිදා ගෙන ඉන්නේ දරුවෝ මේ තරම් බස් එකේ යන මගීන්ට කරදර කරද්දි කියලා. ඒ පියා ඇස් දෙක ඇරලා එහෙම අහපු මගියා දිහා බලලා කිව්වා මම බස් එකට නගින්න විනාඩි කිහිපයකට පෙර මගේ බිරිඳ මේ දරුවන්ගේ අම්මා රෝහලේ මිය ගියා. දරුවෝ කෑ ගහන්නේ ඒ නිසයි. මම ඇස් දෙක පියා ගෙන ඉන්නේ මට ඒක ඉවසන්න බැරි නිසයි. මම දරුවොත් එක්ක යන්නේ දරුවන්ගේ අම්මාගේ වැඩ ටික සංවිධානය කරන්නයි කියලා. මම මේ කතාව කිව්වේ දරුවන් වෙන්න පුළුවන්, වෙන කෙනෙක් වෙන්න පුළුවන්. අපි බොහෝ වෙලාවට කෙනෙකුගේ බාහිර හැසිරීමෙන් අභ්‍යන්තර තත්ත්වය නොදැන වැරදි තීන්දු තීරණවලට එළඹෙනවා. ඒ බසයේ සිටි ඒ දරුවාගේ පියා එහෙම කිව්වට පස්සේ මගීන් සියලු දෙනාටම ඒ දරුවන් සහ පියා පිළිබඳව අනුකම්පාවක් ඇති වුණා. ඒ අවට සිටිය මගීන් කිහිප දෙනෙක් ඇවිල්ලා ඒ පියාගෙන් ඇහුවා ඔබේ බිරිඳගේ මළ ගෙදරට අපෙන් මොනවහරි කෙරෙන්න තියනවා නම් කියන්න. අපි ඒ කටයුතු කරන්නම් කියලා. අපි ප්‍රශ්නය තේරුම් ගන්නවද? ප්‍රශ්නයේ පසුබිම තේරුම් ගන්නවද? ප්‍රශ්නයේ බාහිර තත්ත්වය උඩ අපි තීන්දු තීරණ ගන්නවද? මිනිසුන් සමග සමාජය සමග වැඩකරන විට ඒ ප්‍රශ්න සැබෑ ලෙසම තේරුම් ගැනීම අවශ්‍ය වෙනවා. එසේ නොමැති නිසා තමයි ගැටුම් ඇති වෙන්නේ. වෛරය ඇති වෙන්නේ. වැරදි ලෙස කෙනෙක් දෙස බලන්නේ. රවන්නේ නැතිව හැමවිටම සිනහ වෙන්න කියලා කියන්නේ. ඔය කියපු කතාව වගේම තවත් පුංචි කතාවක් තියනවා කියන්න. අවුරුදු තුනක හතරක කුඩා දරුවෙකුගේ උපන්දින උත්සවයක් තිබුණා. ඒ දරුවගේ මව්පියන් ටිකක් වත් පොහොසත්කම් තියන අය. ඒ අය තමන්ගේ හිතවතුන්ට කිව්වා පුතාගේ උපන්දිනය තියෙනවා ඒ සාදයට එන්න කියලා. ඒ පවුලේ හිත මිතුරන් තෑගි බෝග අරගෙන ඒ උපන් දිනයට සහභාගි වුණා. ඇවිල්ලා උපන්දිනේ සමරන දරුවට තෑගි බෝග දුන්නා. එහෙම දීලා ඒ මව්පියෝ ඒ දරුවට කිව්වා ඒ ගෙනාපු තෑගි බෝගත් එක්ක අපේ දරුවොත් එක්ක සෙල්ලම් කරන්න කියලා. නමුත් අර උපන්දිනේ සමරපු දරුවා ඒ තෑගි බෝග අරගෙන එක කාමරයක ගිහින් හැංගුවා. අනික් ළමයින් එක්ක සෙල්ලම් කළේ නැහැ. ඒ ළමයි කිව්වා අපි ගෙනාපු සෙල්ලම්බඩුත් එක්ක අපි සෙල්ලම් කරමු කියලා. ඒ දරුවා ඒ ඉල්ලීමට කැමති වුණේම නැහැ. මේක බලාගෙන හිටපු ඒ දරුවන්ගේ මව්පියෝ ඒ දරුවට කිව්වා අපේ බබාලාත් එක්ක සෙල්ලම් කරන්න. ඔයාට අපි සෙල්ලම් බඩු ගොඩාක් ගෙනාවා. ඔයාලා සේරම එකතු වෙලා සෙල්ලම් කරන්න කියලා. ඒ දරුවා මහා හයියෙන් කෑගහලා කිව්වා නෑ මට ගෙනාපු සෙල්ලම් බඩු මම දෙන්නේ නැහැ. මම ඔයාලත් එක්ක සෙල්ලම් කරන්නේ නැහැ කියලා. ඒ හැම දෙයක්ම හංගගෙන හිටියා. ඒ දරුවගේ තාත්තා අම්මා මේක දැක්කා. ඒ දෙන්නා බොහෝම ආදරයෙන් පුතාට කිව්වා පුතේ ඔයාගේ උපන්දිනේට ඔයා වගේම මේ බබාලා සෙල්ලම් බඩු අරගෙන ඇවිල්ලා තියෙන්නේ. ඒ ගෙනාපු සෙල්ලම් බඩු කාමරයෙන් එළියට ගෙනැල්ලා එයාලත් එක්ක සෙල්ලම් කරන්න කියලා. ඒ දරුවා හයියෙන් අඬ අඬ කිව්වා නෑ නෑ මට ගෙනාපු සෙල්ලම් බඩු මම දෙන්නේ නෑ. ඒවා මට විතරයි. මම මේ අය එක්ක සෙල්ලම් කරන්නේ නෑ කියලා.උපන්දින උත්සවය එතැනින් ඉවර වුණා. එහෙත් දරුවන්ගේ අම්මා තාත්තා සාකච්ඡා කළා මේ දරුවා මේ තත්ත්වයෙන් කොහොමද වෙනස් කර ගන්නේ කියලා. ඒ දරුවාගේ මව්පියන්ට සුළුවෙන් හෝ වත් පොහොසත්කමක් තිබුණ නිසා ඒ අම්මයි තාත්තයි තීරණය කළා දරුවාට එකම වර්ගයේ සෙල්ලම් බඩු ගොඩක් ගෙනැල්ලා දෙන්න. එහෙම ගොඩාක් ගෙනැල්ලා දුන්නා. දුන්නහම ඒ දරුවා ඇහුවා මට මොකටද මෙච්චර සෙල්ලම් බඩු. මේ එකම වර්ගයේ ඒවනේ මේ ගෙනැල්ලා තියෙන්නේ කියලා. ඊට පස්සේ තාත්තා දරුවට කිව්වා එහෙම නම් ඔයා ඔයාගේ යාළුවන්ට ඔයා පාසල් යනකොට ගෙනිහින් මේ වැඩි ඒවා බෙදලා දෙන්න කියලා. දරුවා ඒකට කැමැති වුණා. මම මේ කතාව කිව්වේ දරුවන්ගේ මනස තේරුම් අරගෙන දරුවෝ හදන හැටි සිහිපත් කරන්න. රටක අනාගතය සඳහා කළ යුතු කාර්යයන් අපි ඉතා හොඳින් ඉටු කරනවා. මේ රටේ කිසිම යුගයක නොමැති විදියට අපිට අද අන්තර්ජාතික සහයෝගය තිබෙනවා. ලෝකයේ සෑම රටකම මිත්‍රශීලීභාවය තිබෙනවා. ජාත්‍යන්තර සංවිධානවල ආශිර්වාදය තිබෙනවා. ඒ ශක්තිය අපි පාවිච්චි කරන්නේ රටේ සංවර්ධනයට. දරුවන්ගේ අනාගතයට. අපි රාජ්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ අධ්‍යාපනය, සෞඛ්‍ය, කෘෂි කර්මාන්තය ප්‍රමුඛව අනික් සියලු කටයුතු සංවර්ධනය සඳහායි.මේ දරුවන්ගේ අනාගතය ඉතාමත් වාසනාවන්තයි. මේ දරුවෝ ඉතාමත් පින්වන්ත දරුවෝ. මේ දරුවන් ඉතාමත් භාග්‍යවන්ත දරුවන්. ඒ නිසා දරුවනේ, ඔබට තිබෙන සුන්දර ලෝකයේ ඔබේ බලාපොරොත්තු ඉටු කරමින් මානව සමාජය විශිෂ්ටයින්ගේත් විශිෂ්ටයින් කරන්න අපි සැමවිටම කටයුතු කරන බව ප්‍රකාශ කරමින් මේ ප්‍රදේශයේත් මේ පාසලේත් ඉදිරි සංවර්ධනය සඳහා දිය හැකි දිය යුතු සෑම සහයෝගයක්ම ලබා දෙන බව ප්‍රකාශ කරන අතරම ගරු ලක්ෂ්මන් යාපා අබේවර්ධන අමාත්‍යතුමා අපේ රජය තුළ ඉතාමත් දක්ෂ ඇමතිවරයෙක් විදියට ඔබ වෙනුවෙන් මාතර දිස්ත්‍රික්කය මේ ප්‍රදේශයේ සංවර්ධන කටයුතු වෙනුවෙන් කරන කාර්යය ඉතාමත් අගය කරනවා යැයි ද ජනාධිපතිවරයා කීවේය.ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා මෙසේ කීවේය.මාතර දිස්ත්‍රික්කයේ කිසිම පාසලකට නොලැබුණු වරප්‍රසාදයක් දෙයියන්දර ජාතික පාසලට ලැබී තිබෙන්නේ. ජනාධිපතිතුමාගේ ඉල්ලීමකට අධ්‍යාපන ඇමැතිතුමා කඩිනමින් මේ සඳහා අධ්‍යාපන අමාත්‍යාශයෙන් රුපියල් මිලියන 27ක් ලබා දුන්නා. මේ වෙලාවේ දකුණු පළාතේ හිටපු මහ ඇමැති එච්.ජී. සිරිසේන මහතා සිහිපත් කරනවා. එතුමා මහ ඇමැතිව සිටි කාලයේ මේ විදුහල පළාත් සභාවෙන් නිදහස් කර ගැනීමට අනුමැතිය ලබා දුන්නා. ඒ වාගේම දෙයියන්දර නගර සංවර්ධන වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම සඳහා දෙයියන්දර කනිෂ්ට විදුහල් පරිශ්‍රය නිදහස් කර ගැනීමට වත්මන් දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍ය රාසපුත්‍ර මැතිතුමා අනුමැතිය දුන්නා. ජනාධිපතිතුමා දෙයියන්දර ජාතික පාසලේ මේ ගොඩනැගිල්ල විතරක් නොවෙයි, මේ නගර සංවර්ධන වැඩසටහන පළමු අදියර යටතේ රුපියල් ලක්ෂ 3000ක් අනුමත කර තිබෙනවා. එතුමාවත් දන්නේ නැහැ. ලියුමකින් අස්සන් කර දුන්නාට පස්සේ ඒ මුදල් ලබා ගැනීමට අවශ්‍ය කටයුතු කළා. දැන් එයින් කොටසක් නිදහස් වෙලා තියෙනවා. ඒ කොටසින් කනිෂ්ඨ විදුහල ඉදිකිරීම සඳහා අක්කර හයක භූමිභාගයක් අප පවරා ගන්නවා. එකේ මූලික කටයුතු අවසන් කරලා තිබෙන්නේ.දෙයියන්දර කියන්නේ ප්‍රධාන නගරයක්. අද ප්‍රධාන බැංකුවක් සහ සණස බැංකුව විවෘත කළා. නගර සංවර්ධනයත් සමග රාජ්‍ය ආයතන කීපයක් විවෘත වෙනවා. බැංකු ස්ථාපිත කෙරෙනවා. නගරය මගහැර යෑමට හැකි විකල්ප මාර්ගයක් ඉදිකෙරෙනවා. මේ කාලයේ මේ ප්‍රදේශයේ විශාල දියුණුවක් ඇති වුණා. මට මේ ඉතිහාසය මතක් නොකර බැහැ. මේ අවට තිබුණු පාරවල් කොහොමද තිබුණේ? කාපට් නොකරපු පාරක් දැන් මේ පැත්තේ තිබෙනවාද?ජනාධිපතිතුමාත් හැම අවස්ථාවකම කියන්නේ දරුවන්ගේ විනය හා අධ්‍යාපනය විධිමත් කළ යුතුයි කියලයි. ඒ නිසා දෙයියන්දර ජාතික පාසලට මේ ප්‍රදේශයේ අනෙකුත් පාසල්වලට ළඟම පාසල හොඳම පාසල වැඩසටහන යටතේ මාතර දිස්ත්‍රික්කයට ලක්ෂ 17000ක් ලබා දුන්නා. මේවායින් තමයි හොඳම පාසල ළඟම පාසල නිර්මාණය වෙන්නේ.එදා තිබුණු ප්‍රධාන තත්ත්වයට මේ දෙයියන්දර පාසල පත්වෙන්න ඕනෑ. එක කාලයක තිබුණා මේ පාසලෙන් විශ්වවිද්‍යාලයට 50-60ක් වසරකට යනවා. කීර්තිමත් විදුහල්පතිවරු හිටියා. ඒ කාලයේ රූබසිංහ මහතා දේශපාලන හේතූන් මත මාරු කළා. එතැනින් පසුව මේ විදුහල කඩාවැටුණා. අපේ පරමාර්ථය මේ විදුහල යළි පෙර තිබුණු තත්ත්වයට පත් කිරීමයි. හක්මන ආසනයේ ජාතික පාසල් දෙකයි තිබෙන්නේ.ජාතික පාසලට ලබා දෙන මේ සම්පත්වලින් ප්‍රයෝජන ගෙන කීර්තිමත් විදුහලක් බවට පත් කිරීමට අප කටයුතු කරනවා. ඒ සඳහා හැම දෙනාගේම සහයෝගය බලාපොරොත්තු වෙනවා යැයිද ඒ මහතා වැඩිදුරටත් කීය.ලංකාදීප ප්‍රධාන කර්තෘ විජය පුවත්පත් සමාගමේ අධ්‍යක්ෂ සිරි රණසිංහ මහතා එහිදී මෙසේ පැවසීය.දෙයියන්දර ජාතික පාසලට අද සුවිශේෂී දිනයක්. රාජ්‍ය නායකයකු දෙවැනි වරට මේ පාසලට පැමිණි මොහොතක්. 1955දී විතර එවකට අග්‍රාමාත්‍යවරයකු වූ සර් ජෝන් කොතලාවල මහතා මේ බිමට පැමිණියා. එදා කනිෂ්ඨ විදුහලක් ලෙස පැවැති මේ විදුහල ජ්‍යෙෂ්ඨ විදුහලක් බවට පත් කළා. අද ඉතිහාසයේ සනිටුහන් වන ඓතිහාසික දිනයක්. ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාගේ මැදිහත්වීමෙන් ලබා දුන් තෙමහල් පරිපාලන සංකීර්ණය එතුමා විසින් විවෘත කළා. එතුමා සෞඛ්‍ය ඇමැතිවරයාව සිටි කාලයේ දෙයියන්දර රෝහලට ගිලන් රථයක් ලබා දුන්නා. ඒ වාගේම අද දින මුලටියන ප්රාදේශීය සභාවේ නව කාර්යාල ගොඩනැගිල්ල විවෘත කළා.මේ විදුහලේ දියුණුව පිළිබඳව මා නිතරම උන්නදු වෙනවා. ඒ අනුව විශාල භෞතික හා මානව සම්පත් රැසක්ම මා ඉගෙන ගත් පාසල් මාතාවට ලැබුණා. මේ සම්පත්වලින් උපරිම ප්‍රයෝජන ලබා ගෙන අධ්‍යාපන කටයුතු හොඳින් කර ගැනීම මේ දරුවන්ගේ වගකීමක්. දශක 13කට අධික කාලයක් තිස්සේ මේ පළාතට තිබෙන අගනා සම්පතක් වූ මේ පින් බිමෙන් මුළු පළාතටම විශාල ආලෝකයක් ලැබෙනවා. මේ විදුහලේ වාගේම මේ ප්‍රදේශය දිනෙන් දිනම දියුණුවට පත්වේවා යැයි මා ප්‍රාර්ථනා කරනවා යැයි ඒ මහතා වැඩිදුරටත් කීවේය.විදුහල්පති ඩබ්ලිව්.ඩබ්ලිව්.ජී. අමරසේන මහතා ජනාධිපතිතුමා ඇතුළු ආරාධිත පිරිස පිළිගනිමින් මෙසේ කීවේය.වසර 133ක කීර්තිමත් ඉතිහාසයක් තිබෙන මේ පාසලට ජනාධිපතිවරයකු පළමු වරට පැමිණියේ අදයි. ඒක විදුහලට වාගේම ප්‍රදේශයටත් ඉමහත් ආඩම්බරයක්. විද්‍යා, කලා, වාණිජ, තාක්ෂණ අංශවලින් උසස් පෙළ පන්ති පැවැත්වෙන මෙහි සිසුන් විශාල පිරිසක් වාර්ෂිකව විශ්වවිද්‍යාලවලට ඇතුළත් වෙනවා. අනෙකුත් අංශයන්ගෙන් දස්කම් දක්වන මේ විදුහලේ ඉදිරි ගමනට අද විවෘත කෙරුණු තෙමහල් පරිපාලන ගොඩනැගිල්ල විශාල ආශිර්වාදයක් වෙනවා. එමෙන්ම පන්ති කාමර පැවැත්වීම සඳහා තෙමහල් ගොඩනැගිල්ලක අවශ්‍යතාව තිබෙනවා. මේ විදුහලේ කීර්තිමත් ආදි ශිෂ්‍යයකු වූ ලංකාදීප ප්‍රධාන කර්තෘ සිරි රණසිංහ මැතිතුමා නිරන්තරයෙන්ම මෙහි දියුණුවට උදව් කරනවා. එතුමා මේ ප්‍රදේශයට විශාල සම්පතක්. එමෙන්ම අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා නිතරම උදව් කරනවා. ඒක අපට ලොකු ශක්තියක් වන බව ද ඒ මහතා කීය.අමාත්‍යවරුන් වන මහින්ද අමරවීර, ෆයිසර් මුස්තාපා, දකුණු පළාත් මහ ඇමැති ෂාන් විජයලාල් ද සිල්වා, පළාත් සභාවේ ඇමැතිවරුන් වන චන්දිමා රාසපුත්‍ර, යූ.ජී.ඩී. ආරියතිලක, දකුණු පළාත් මනත්‍රීවරුන් වන පසඳ යාපා අබේවර්ධන, මනෝජ් සිරිසේන, කඹුරුපිටිය ශ්‍රීලනිප ප්‍රධාන සංවිධායක රසික රණවීර, මුලටියන නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ සුදත් සමරවික්‍රම, කොට්ඨාස අධ්‍යක්ෂ එච්.පී.කේ. හේමන්ත, ලංකාදීප නියෝජ්‍ය ප්‍රවෘත්ති කර්තෘ අජන්ත කුමාර අගලකඩ යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් එම අවස්ථාවට සහභාගි වී සිටියහ.සහකාර විදුහල්පති කැටියපේ රාහුල හිමියන් විසින් පිරිස පංච ශීලයෙහි පිහිටැවූ අතර, විද්‍යාලයේ නර්තන අංශයේ සිසුවියන් ඉදිරිපත් කළ නර්තනාංග කීපයකින් උළෙල වර්ණවත් විය.විද්‍යාලයීය පෙරදිග තූර්ය වාදන කණ්ඩායම හා අපරදිග තූර්ය වාදන කණ්ඩායම පෙරටු කරගෙන ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා ප්‍රමුඛ ආරාධිත පිරිස නව තෙමහල් ගොඩනැගිල්ල හා විශේෂ පීඨිකාව වෙත ඉමහත් හරසරින් කැඳවාගෙන ඒමට විදුහල්පති ඩබ්ලිව්.ඩබ්ලිව්.ජී. අමරසේන මහතා ප්‍රමුඛ ගුරු මණ්ඩලය කටයුතු කර තිබිණි.
|
දරුවන් හැදෙන්න කලින් වැඩිහිටියන් හැදෙන්න
| 0 |
මවුපියන්ගෙන්, ගුරුවරුන්ගෙන් මෙන්ම දරුවන්ගේ ආරක්ෂාවට ඇති ස්ථානවලදීත් දරුවන්ට කරදර සිදුවෙනවා නම්, දරුවන් ගැන කීමට ඇත්තේ දෙවියන්ට පමණක් නොවන බවත්, සියලු දෙනා දෙවියන් මෙන් දරුවන් ආරක්ෂා කරගැනීමට ක්‍රියා කළ යුතු බවත් ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා ඊයේ (18) පැවැසීය. දරුවන් පීඩාවට, හිරිහැරවලට ලක්වන ප්‍රධානම ස්ථානය නිවෙස සහ මව්පියන් අතරේ පවතින බවත් ජනාධිපතිවරයා මව්පියන්ගේ අනවබෝධය, නූගත්කම සහ මත්ද්‍රව්‍ය එවැනි ප්‍රශ්නවලට මුල් වන බවත් කීය. ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා එසේ පැවැසුවේ කිලිනොච්චිය මධ්‍ය මහ විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී ඊයේ (18) පැවැති ‘දරුවන් සුරකිමු’ ජාතික වැඩසටහනේ කිලිනොච්චි දිස්ත්‍රික් සමුළුව අමතමිනි. ජනාධිපතිවරයා මෙසේ ද පැවැසීය. “කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ දී ‘දරුවන් සුරකිමු’ ජාතික වැඩසටහනේ විශේෂ අවස්ථාවට ඔබ සමඟ එක්වීමට ලැබීම පිළිබඳව මා ඉතාමත් සතුටු වෙනවා. බොහෝ වේලාවට උත්සවයකට පැමිණි විට ජනාධිපතිවරයා කතා කරන්නේ අන්තිමට. නමුත් මෙහි විශේෂත්වය වන්නේ ජනාධිපතිවරයා මුලින්ම කතා කිරීමයි. මා ‘දරුවන් සුරකිමු’ ජාතික වැඩසටහනේ ප්‍රධාන වගකීම දැරීම ඊට හේතුවයි. අපේ අම්මලා තාත්තලා අපිට කියන්නේ දරුවෝ කියලා. එසේ බැලූ විට අපි හැමෝම දරුවෝ. නමුත් ‘දරුවන් සුරකිමු’ මේ වැඩසටහනේ තිබෙන විශේෂත්වය සැබෑ ලෙසම දරුවන් විදියට හඳුන්වන වයස අවුරුදු 17න් පහළ සෑම කෙනෙක්ම මේ වැඩසටහනේ ප්‍රධාන අරමුණට එක්කර ගැනීමයි. එක්සත් ජාතීන්ගේ සංවිධානය ලෝක ළමා දිනය වශයෙන් දිනයක් නම් කර තිබෙන බව ඔබ දන්නවා. ලෝක ළමා දිනයේදී ලෝකයේ සියලුම රටවල් දරුවන් වෙනුවෙන් අවධානය යොමු කර වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. දරුවන් සුරකිමු මේ වැඩසටහන ආරම්භ කිරීමට පෙර සිටම රජය, විවිධ අංශ, ආයතනවලින් දරුවන් වෙනුවෙන් වැඩසටහන්, ව්‍යාපෘති රාශියක් ක්‍රියාත්මක කරන බව ඔබ දන්නවා. අපි මෙවැනි වැඩසටහනක් ආරම්භ කිරීමට අරමුණ කරගත්තේ ඇයි කියන කාරණාව මා පැහැදිලි කිරීම අවශ්‍යයි. දරුවන් අද බොහෝ ප්‍රශ්නවලට මුහුණ දෙනවා. එය අපේ රටේ පමණක් නොව, ලෝකයේ සියලුම රටවල්වල සිදු වෙනවා. නමුත් ආර්ථික වශයෙන් පහළ සංවර්ධනය අඩු රටවල්වල මේ ප්‍රශ්න වැඩියි. එමෙන්ම යුද්ධය පවතින සහ යුද්ධය පැවති රටවල්වල මේ ප්‍රශ්නය වැඩියි. දකුණු ආසියාතික රටවල්වල දරුවන්ට බොහෝ ප්‍රශ්න තිබෙනවා. දරුවන් මුලින්ම ප්‍රශ්නවලට මුල් වන ස්ථාන තමන්ගේ නිවෙසයි. දරුවන් හැදෙන්නේ මව්පියන් ඇසුරේ බව ඔබ දන්නවා. නමුත් ගෙවල්වල, පවුල්වල තිබෙන ආර්ථික ගැටලු නිසා දරුවන්ට යම් පීඩාකාරී තත්ත්වයන් ඇති වෙනවා. සමහර වේලාවට මව්පියන් මත්ද්‍රව්‍ය භාවිතා කරලා ගෙදර සිටින දරුවන්ට හිරිහැර කරනවා. අවබෝධයෙන් අඩු දෙමව්පියන් තමන් කියන දේ කරන්නේ නැහැ කියා දරුවන්ට බොහෝ හිරිහැර කරනවා. ඉතාමත් කනගාටුවෙන් මේ දේ කිව යුතුයි. දරුවන් මව්පියන් අතින් අපචාරයට ලක් වූ අවස්ථා ඔබ මාධ්‍ය තුළ දකිනවා. එවැනි දේ ශීලාචාර, යහපත් සමාජයක කිසිසේත් අනුමත කළ නොහැකියි. දරුවන් පීඩාවට, හිරිහැරවලට, කරදරවලට ලක්වන ප්‍රධානම ස්ථානය නිවෙස සහ මව්පියන් අතරේ බව මුලින්ම සඳහන් කළ යුතුයි. මව්පියන්ට තිබෙන අනවබෝධය, නූගත්කම, මත්ද්‍රව්‍ය බොහෝ වේලාවට එවැනි ප්‍රශ්නවලට මුල් වෙනවා. දරුවාට ආරක්ෂිත ස්ථානය නිවෙස බවට පත්කිරීමට අපි සෑම කෙනකුම කටයුතු කළ යුතුයි. දරුවා පාසලට ගිය විටත් දරුවාගේ සුරක්ෂිතභාව පිළිබඳව ප්රශ්න තිබෙනවා. පාසලේදී දරුවන් අතරේ ඇති වන ප්‍රශ්නවලදී දරුවන් හිරිහැරවලට ලක් වෙනවා. සමහර අවස්ථාවලදී උගත් ගුරුවරුන්ගෙනුත් දරුවන්ට නොයෙකුත් හිරිහැර, කරදර සිදුවෙනවා. ඉන් මා අදහස් කරන්නේ දරුවකු වරදක් සිදු කළ විට ගුරුවරයෙක් සාමාන්‍ය දඬුවමක් දීම නොවේ. පාසලක දරුවෝ දහස් ගණන් සිටිනවා. ගෙදරක සිටින්නේ දරුවන් එක්කෙනයි, දෙන්නයි, තුන්දෙනයි. අම්මටයි තාත්තටයි දරුවෝ ටික හදා ගන්න තිබෙන අමාරුව ඔවුන් දන්නවා. එසේ නම් දරුවෝ සිය ගණනක්, දහස් ගාණක් සිටින පාසලක දරුවෝ බලාගන්න ගුරු මහත්ම මහත්මීන්ට කොතරම් අසීරු ද කියා අපි සිතිය යුතුයි. මගේ අදහස නම් පාසලක විනය පවත්වා ගැනීමට වරදක් සිදු කළ විට පාසල් ශිෂ්‍යයකුට පුංචි දඬුවමක්, අවවාදයක් දීම වරදක් නොවේ. මව්පියන් වගේම ගුරු මහත්ම මහත්මීන් විසිනුත් දරුවන්ට බරපතළ දඬුවම් දීම, වධ හිංසා කිරීම කිසිසේත් සුදුසු වන්නේ නැහැ. සමහර වේලාවට පවුල්වල දරුවන් තුන් දෙනෙක් සිටිනවා නම් ඒ දරුවන් තුන් දෙනාට තුන් විදියට සලකන මව්පියන් සිටිනවා. එමෙන්ම පාසලේත් සමහර ගුරුවරුන් දරුවන්ට විවිධ අයුරින් සලකනවා. සමහර දරුවන්ට හොඳට සලකනවා. හොඳට බලාගන්නවා. සමහර දරුවෝ ගැන බලන්නේ නැහැ. සලකන්නේ නැහැ. කොන් කරනවා. සමහර දරුවෝ ගැන අවධානය අඩුයි. පන්තියේ සිටින හොඳට විභාගය සමත් වන හොඳට ලකුණු ගන්නා දරුවන් වගේම විභාගය දුර්වල දරුවා ගැනත් ගුරුවරුන් සියලු දෙනාම එක වගේ බැලිය යුතුයි. විෂයන්වලට දුර්වල දරුවා ගැනත් හැම වෙලේම ගුරු මහත්ම මහත්මීන් එක වගේ බලන්න ඕනෑ. ඒ වගේම දරුවා සමාජයට ගියාම ඇතිවන ප්‍රශ්න පිළිබඳවත් ඔබ බොහෝ දුරට දන්නවා. සාමාන්‍ය පොදු ප්‍රවාහන සේවාවල ගමන් බිමන් යන, දරුවන්ට මොන තරම් හිරිහැර සිදුවෙනවා ද කියලා ඔබ දන්නවා. ඒ නිසා අපි දරුවන්ට වන හිරිහැර පිළිබඳවත් අපේ අවධානය යොමු විය යුතු වෙනවා. ඒ වගේම ඔබ දන්නවා මාපියන් විදේශගත වීම් නිසා දරුවන්ට බොහෝ ප්‍රශ්න මතු වී තිබෙනවා. ඒ වගේම අපි දකිනවා සමහර මාපියන් දරුවන් අත්හැරලා දානවා. සමහර මව්වරුන් දරුවන් ලැබුණු ගමන් හොරෙන් පාරක දාලා එනවා. මේ සියලු දේවල් දරුවන්ට ඇතිවන ප්‍රශ්න. ඔබ දන්නවා අපේ රටේ යුද්ධයක් තිබුණා. යුද්ධයක් පවතින ඕනෑම රටක දරුවන්ට දැඩි මානසික පීඩා සිදුවෙනවා. යුද අර්බුදයක් පවතින විට සැමවිටම කරදරයට පත්වන්නේ දරුවන්. එහිදී දරුවන්ට මාපියන් අහිමි වෙනවා. දරුවන් බලාගන්න කෙනෙක් නැතිවෙනවා. මෙවැනි ඉතාමත් අනුවේදනීය වූ කටුක අත්දැකීමක් අපි හැම කෙනකුටම තිබෙනවා. පොලිස් දෙපාර්තමේන්තුව, පරිවාස දෙපාර්තමේන්තුව වෙත දරුවන් පිළිබඳ පවතින ප්‍රශ්න ගැන පැමිණිලි එනවා. ඒ වගේම සමාජයේ ආබාධිත දරුවන් පිරිසක් ඉන්නවා. ආබාධිත දරුවන් ගැන විශේෂ වැඩසටහන්වල අවශ්‍යතාව අපි දකිනවා. ඒ වගේම රෝගී දරුවන් බොහොමයක් ඉන්නවා. ඒ නිසා මේ සියලු දේවල් ගැන අවධානය යොමු කරලයි දරුවන් සුරකිමු ජාතික වැඩසටහන ආරම්භ කළේ. මේ වැඩසටහනට අපි අමාත්‍යාංශ, පළාත් සභා, ළමා ආරක්ෂක අධිකාරිය වැනි සියලු අංශ එකතු කරගෙන තිබෙනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානය ළමයින් පිළිබඳ ළමා ප්‍රඥප්තියක් ආරම්භ කරලා තිබෙනවා. ඒ ළමා ප්‍රඥප්තිය අනුව අපි සෑම කෙනෙක්ම කටයුතු කළ යුතු වෙනවා. ඒ නිසා දරුවන්ගේ සෞඛ්‍ය, අධ්‍යාපනය, ආරක්ෂාව, සුරක්ෂිතභාවය, මේ සෑම දෙයක් පිළිබඳව වගකීමකින් රජයක් ලෙස කටයුතු කළ යුතුයි. ළමයින්ගේ ආරක්ෂාව සඳහා වෙනම ස්ථාන තිබෙනවා. ඇතැම් වෙලාවට එම ස්ථානවලදීත් ළමයින්ට කරදර ඇතිවෙනවා. මවුපියන්ගෙන් දරුවන්ට කරදර සිදුවෙනවා නම්, ගුරුවරුන්ගෙන් දරුවන්ට කරදර සිදුවෙනවා නම්, ළමයින්ගේ ආරක්ෂාවට තිබෙන ස්ථානවලදී කරදර සිදුවෙනවා නම්, ළමයින්ගේ ආරක්ෂාව සලසන ආයතනවලදීත් කරදර සිදුවෙනවා නම්, එහෙම නම් දරුවන් ගැන කියන්න වෙන්නේ දෙවියන්ට විතර ද? නැහැ අපි සැවොම දෙවියන් මෙන් දරුවන් ආරක්ෂා කරගත යුතුයි. පසුගිය දිනක ඉන්දියාවේ කනගාටුදායක සිදුවීමක් සිදුවුණා. දරුවාගේ වයස අවුරුදු 9 යි. ඒ දරුවා සිදුවීමක් සම්බන්ධයෙන් පොලිසියට ගියා. එහිදී පොලිස් නිලධාරීන් අතින් විනාශයට පත්වුණා. ඒ සිදුවීම පිළිබඳ මුළු ඉන්දියාවේම කලබලයක් ඇතිවුණා. එවැනි සිද්ධීන් පිළිබඳව ද අපේ රටේ වාර්තා නැතිවාම නොවේ. ඒ නිසා ලෝකයේ සෑම රටකම මෙවැනි ප්‍රශ්න තිබෙනවා. ඒ සියලු අංශයන් කෙරෙහිම අවධානය යොමු කරලා අපි මේ ජාතික වැඩසටහන හැදුවේ. මේ වැඩසටහනේ ප්‍රධාන අරමුණ දරුවන්ගේ ආරක්ෂාව සැලසීමයි. සෑම දරුවකුගේම අධ්‍යාපනය, සෞඛ්‍ය තත්ත්වය, භාරකාරත්වය, ආරක්ෂාව, සියලු අංශ මෙම වැඩසටහනට අයත් වෙනවා. මේ වැඩසටහන දිස්ත්‍රික්ක ගණනාවක මේ වනවිට ක්‍රියාත්මකයි. මේ සඳහා අපට සහාය දුන් සියලුම ආයතනවලට අපි ස්තුතිය පළ කරනවා. පොලිසිය, සෞඛ්‍ය සේවාව, කාන්තා හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුව, ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඇතුළු සියලු දෙනාම සහාය දීම ගැන ස්තුති වන්ත වෙනවා. අපි සියලු දෙනාම දරුවන්ගේ ආරක්ෂාව හා අනාගතය වෙනුවෙන් කැපවෙමු කියලා මා ඉල්ලා සිටිනවා.” ළමා හා කාන්තා කටයුතු ඇමැතිනී චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය ද උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඞ් කුරේ, ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන්, නියෝජ්‍ය අමාත්‍ය අංගජන් රාමනාදන් යන මහත්වරු ද සහභාගී වූහ. (මඩුකන්ද සිතුම් චතුරංග කිලිනොච්චියේ සිට)
|
දරුවන් හැදෙන්න කලින් වැඩිහිටියන් හැදෙන්න
| 0 |
සිතුම් චතුරංග - කිලිනොච්චිය සිටමෙරට දරු පරපුර දැනට සමාජය තුළ පැතිර යන විවිධ ව්‍යසනයන්ගෙන් ආරක්ෂාකර ගැනීම සඳහා රජයක් ලෙස පුළුල් අවධානයකින් කටයුතු කළයුතු බවත් ඒ සඳහා සියලු පාර්ශ්ව කොන්දේසි විරහිතව සිය දායකත්වය ලබා දිය යුතු බවත් ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා කිලිනොච්චියේදී අද (18) පැවසීය.ලෝක ළමා ප්‍රඥප්තියට අනුව ලෝකයේ සෑම රටක්ම දරුවන්ගේ සෞඛ්‍ය , අධ්‍යාපනය , ආරක්ෂාව හා සුරක්ෂිත භාවය පිළිබඳ කටයුතු කරන්නාසේම රජය ඒ පිළිබඳ වගකීමෙන් කටයුතු කළ බව කීය.ළමුන්ගේ ආරක්ෂාව සලසන ආයතන වලදී ළමුන්ට කරදර විඳීමට සිදුවනවා නම් දරුවන් ගැන කියන්නට තිබෙන්නේ දෙවියන් පමණද කියා විමසූ ජනාධිපතිවරයා රටේ සෑම කෙනෙක්ම දෙවියන් මෙන් දරුවන් රැක බලාගත යුතු බවද සඳහන් කළේය.ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා මේ බව පැවසූයේ කිලිනොච්චිය මධ්‍ය මහා විද්‍යාල ක්‍රිඩාංගනයේ පැවති දරුවන් සුරකිමු ජාතික වැඩසටහනේ කිලිනොච්චි දිස්ත්‍රික් සමුළුව අමතමිනි.වැඩසටහනට සමගාමීව උතුරේ තොරාගත් ළමා නිවාස හා රැදවුම් මධ්‍යස්ථාන නවීකරණය කිරීම සඳහාත් ආබාධිත දරුවන් අධ්‍යාපනය ලබන පාසල් 25ක් සඳහා මුල්‍ය ප්‍රධානය සිදුකළ අතර ප්‍රදේශයේ වකුගඩු රෝගී අවධානමෙන් සිටින දරුවන් මුදාගැනීමට පවුල් 1000ක් සඳහා ගෘහස්ථ ජලපෙරණ ලබාදීමද සිදුකෙරිණ.යාපනය , කිලිනොච්චිය හා මුලතිව් දිස්ත්‍රික්ක වල යුද හමුදා භාවිතා කළ ඉඩම් අක්කර 120.89 නැවත ජනතාව වෙත පැවරීම සඳහා එම ප්‍රදේශයේ දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත පිරිනැමීමද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතා.මම ඉතාමත් සතුටුවනවා කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ දරුවන් සුරකිමු ජාතික වැඩසටහනට ඔබ සමඟ එක්වන්න ලැබීම පිළිබඳව බොහෝ අවස්ථාවල උත්සවවලදී ජනාධිපතිවරයා කතාකරන්නේ වැඩසටහන අවසානයේ නමුත් අද රැස්වීමේ විශේෂත්වය ජනාධිපතිවරයා මුලින්ම කතා කිරීමයි.එයට හේතුවක් තිබෙනවා. ඒ හේතුව තමයි දරුවන් රකිමු ජාතික වැඩසටහනේ අරමුණ පැහැදිලි කරන්නේ මම නිසා මා මුලින්ම කතාකරන්න හිතුවා. මේ දරුවන් රකිමු වැඩසටහනේ ප්‍රධාන වගකීම උසුලන්නේ මම නිසා මා ප්‍රථමයෙන් කතාකිරීමට සිතුවා.අපි මේ දරුවන් කියලා කියන්නේ කවුද? මෙම ස්ථානයේ මමත් , ආණ්ඩුකාරතුමා , මහඇමති තුමා ඇතුළු මැති ඇමතිවරු සිටිනවා එහෙත් අපේ අම්මලා තාත්තලා අපට කියන්නේ දරුවො කියලා තමයි. එහෙම බැලුවොත් අප සැමදෙනාම දරුවො. නමුත් මේ දරුවන් රකිමු මේ වැඩසටහනේ තිබෙන විශේෂත්වය සැබෑ ලෙසම දරුවන් පිළිබඳ හඳුන්වන වයස අවුරුදු දාහතෙන් පහළ සෑම කෙනෙකුම මේ වැඩසටහනේ ප්‍රධාන අරමුණට එක්කර ගැනීමයි.එක්සත් ජාතීන්ගේ සංවිධානය ලෝක ළමා දිනය වශයෙන් දිනයක් නම්කර තිබෙන බව ඔබ දන්නවාද?. ලෝක ළමාදිනයේදී ලෝකයේ සියලු රටවල් දරුවන් වෙනුවෙන් සෑම කෙනෙකුගේම අවධානය යොමුකරන වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. අපි මේ දරුවන් රකිමු කියන වැඩසටහන ආරම්භ කිරීමට කලින් මේ රටේ රජය විසින් ඒ වගේම විවිද අංශ ආයතන මේ දරුවන් පිළිබඳ ව්‍යාපෘති , වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කරන බව ඔබ දන්නවා. අපි මෙවැනි වැඩසටහනක් ආරම්භ කිරීමට ප්‍රධන වශයෙන්ම අරමුණු කරගත්තේ ඇයි කියන කාරණාව මා පැහැදිලි කිරීමට අවශ්‍යයි.දරුවන් අද බොහෝ ප්‍රශ්න රාශියකට මුහුණ දෙනවා එය අප රටේ විතරක් නොවෙයි ලෝකයේ සියලුම රටවල් වල දරුවන්ට මුහුණදීමට සිදුවෙලා. නමුත් ආර්ථික වශයෙන් අඩු සංවර්ධනය අඩු දුප්පත් රටවලට මේ ප්‍රශ්න හුඟාක් වැඩියි. ඒ වගේම යුද්ධය පැවතුණු හා යුද්ධය පවතින රටවල මේ ප්‍රශ්නය වැඩියි. දකුණු ආසියානු රටවල් ගතහොත් දකුණු ආසියාතික රටවල දරුවන්ගේ ප්‍රශ්න හුගාක් වැඩියි.දරුවන් බොහෝ වේලාවට මුලින්ම ප්‍රශ්න වලට මුල්වන ස්ථානය තමන්ගේ නිවසයි. දරුවන් හැදෙන්නේ දෙමාපියන් ඇසුරේ බව ඔබ දන්නවා. නමුත් ඔබ දන්නවා ගෙවල්වල විශේෂයෙන් පවුල් වල තිබෙන ආර්ථික ප්‍රශ්න නිසා දරුවන්ට යම් පීඩාකාරී තත්වයන් ඇතිවෙනවා.ඒ වගේම ඇතැම් වෙලාවට දෙමාපියන් මත්ද්‍රව්‍ය පාවිච්චි කර ගෙදර සිටින දරුවන්ට හිරිහැර කරනවා. සමහර අවබෝධයෙන් අඩු දෙමාපියෝ දරුවන්ට බොහෝ හිරිහැර කරනවා තමන් කියන දේවල් කරන්නේ නැහැ කියා. සමහර දෙමාපියෝ දරුවන්ට බරපතල ලෙස හිරිහැර කරනවා දඬුවම් කරනවා.ඉතා කණගාටුවෙන් කිවයුතුයි ඔබ මාධ්‍ය තුල දකිනවා ඇතැම් වෙලාවට දරුවන් දෙමාපියන් අතින් අපචාරයට ලක්වන අවස්ථා. එවැනි දේවල් යහපත් සමාජයක , ශීලාචාර සමාජයක කිසිසේත් අපට අනුමත කරන්න බැහැ. ඒ නිසා මූලිකම දේ තමයි දරුවන් පීඩාවට , කරදරවලට , හිරිහැරවලට ලක්වන ප්‍රධාන ස්ථානය දරුවන් සිටින නිවස සහ දෙමාපියන් අතරේ සිදුවන බව මුලින්ම කිවයුතුය.මෙහිදී මම කියන්නේ සෑම දෙමාපියකුම එහෙම නැහැ. දෙමාපියන්ට තිබෙන අවබෝධය , නූගත් කම , මත්ද්‍රව්‍ය , බොහෝ වෙලාවට එවැනි ප්‍රශ්න වලට මුල්වෙනවා. ඒ නිසා දරුවන්ට ආරක්ෂිත ප්‍රධාන ස්ථානය නිවස බවට පත්කිරීමට අප සෑම කෙනෙකුම කටයුතු කළයුතුයි. ඒ වගේම දෙමාපියන් ඇසුර වගේම දරුවන් පාසලට යවනවා අපි. පාසලට ගිය විට දරුවාට තිබෙන සුරක්ෂිත භාවය පිළිබඳ ප්‍රශ්න තිබෙනවා.සමහර වේලාවට පාසලේදී දරුවන් ඒ දරුවන් අතර ඇතිවන ප්‍රශ්න වලදී ළමුන්ගේ යම්යම් ප්‍රශ්න හා ගැටුම් වලදී දරුවන් හිරිහැරවලට ලක්වෙනවා. ඒ වගේම කණගාටුවෙන්වුවත් කිවයුතුයි සමහර අවස්ථාවලදී උගත් ගුරුවරුන්ගෙන් දරුවන්ට නොයෙකුත් හිරිහැර කරදර සිදුවෙනවා.‘‘යාපනය විශ්ව විද්‍යාලයේ දර්ශන හා මනෝවිද්‍යාව පිළිබඳ අංශ ප්‍රධානී කේ කජවින්දන් මහතා සහ යාපනය මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය එස්. සත්‍යමූර්ති යන මහත්වරුන් විසින් ළමා අපයෝජන සම්බන්ධයෙන් හා ළමුන් පිළිබඳ අවධානය යොමු කරන්නේ කෙසේද යන්න දේශනයක් පැවැත්විය.නියෝජ්‍ය අමාත්‍යවරුන් වන කාදර් මස්තාන් , අංගජන් රාමනාදන් , උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඞ් කුරේ , උතුරු පළාත් අමාත්‍යවරුන් සහ කිලිනොච්චිය දිස්ත්‍රික් ලේකම් සුන්දරම් අරුමෙයිනායගම් මහතා , පාසල් දරුදැරියන් , රාජ්‍ය නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් වැඩසටහන සඳහා සහභාගීවී සිටියහ.
|
දරුවන් හැදෙන්න කලින් වැඩිහිටියන් හැදෙන්න
| 0 |
(***කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත, ***හික්කඩුව ඥාණදාස රම්මුතු සහ ***බටපොල දීපාල් ද සිල්වා)‘‘හිටපු වීරෝධාර ක්‍රිකට් ක්‍රීඩකයන්ට රටේ වත්මන් ඇමැතිවරයකු එල්ල කළ අභූත චෝදනාව තරයේ හෙළා දකින බවත්, රටේ ප්‍රශ්න අමතක කිරීමට ක්‍රිකට් ක්‍රීඩාව ඈඳාගැනීම බාල වර්ගයේ දේශපාලන උප්පරවැට්ටියක් බවත්’’, හිටපු විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා රත්ගමදී කීවේය.රත්ගම පැවති ජනහමුව අමතා එසේ කී සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් කතා කරමින් මෙසේද ප්‍රකාශ කළේය.‘‘රජයේ ඇමැතිවරයකු 2011 පැවති ලෝක කුසලාන අවසන් මහා ක්‍රිකට් තරගයේදී අපේ ක්‍රිකට් ක්‍රීඩකයින් තරගය පාවා දුන්නා කිව්වා. ඕනෑකමින්ම තරගය පැරදුනා කියනවා. කාටද මේ ඇඟිල්ල දික්කරන්නේ කුමාර සංගක්කාරටයි, මේ කියන්නේ.තරගය පාවා දුන්නයි කියන ක්‍රීඩකයාගේ නම කියන්නේ නැහැ. ක්‍රීඩකයින් අපහසුතාවට පත්කරන්නෙත් නැහැලු. නමුත් එදා ටීම් එකේදී කැප්ටන් කුමාර සංගක්කාරයි. උප නායක මහේල ජයවර්ධනයි, ලසිත් මාලිංග, තිලකරත්න දිල්ශාන්, මුත්තයියා මුරලිදරන් වැනි ක්‍රීඩකයොත් ටීම් එකේ හිටියා.රජයේ ඇමැතිවරයා දැන් කියන්නේ මොකක්ද? මේ ක්‍රීඩකයින් හිටපු ක්‍රිකට් කණ්ඩායම අවසන් මහා ක්‍රිකට් තරගය පාවා දුන්නාලු. ඕනෑකමින්ම අවසන් මහා තරගය පැරදුණා කියලත් පැවසුවා.2011 දී ලෝක කුසලාන අවසන් මහා තරගයේදී වුණා යයි කියන සිද්ධිය ලෝක ක්‍රිකට් කවුන්සලයේ දූෂණ මර්දන ඒකකයට එදා පැමිණිලි නොකළේ ඇයි? ක්‍රිකට් ඒකකයේ ප්‍රධානියා වන මාෂල් මහත්තයට එදා පැමිණිලි නොකළේ ඇයි? මේ ඔක්කොම පිටුපස්සේ මොකක්ද තිබෙන්නේ?කොරෝනාවෙන් රට වැටී තිබෙන ප්‍රපාතයෙන් ගොඩගන්න බැරි රජය, වැඩ බැරි ආණ්ඩුව අකාර්යක්ෂම ආණ්ඩුව, නන්නත්තාර ආණ්ඩුව මැතිවරණ සමයේ 2011 ලෝකු කුසලානය තරගය කරා ජනතාවගේ අවධානය යොමුකරන්න හදනවා. මැතිවරණ වේදිකාව ඒ දෙසට යොමු කරවන්න බලනවා. මේ අරමුණ මම පැහැදිලිව කිව්වා.කුමාර සංගක්කාරලා, මහේල ජයවර්ධනලා, තිලකරත්න දිල්ශාන්ලා, ලසිත් මාලිංගලා, මුත්තයියා මුරලිදරන්ලා ඇතුළු 2011 වීරෝදාර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට මඩ ගහන්න එපා. අපහාස කරන්න එපා. බොරු කතා හදන්න එපා. ඒ අයගේ චරිතය ඝාතනය කරන්න එපා.අනුන්ගේ චරිතය ගැන චරිත සහතික දෙන්න පෙර කරුණාකර කණ්ණාඩියක් ඉස්සරහට යන්න. හොඳින් බලන්න ඒ තමන්ගේ අඩුපාඩු දිහායි. තමන්ගේ අඩුපාඩු හදාගෙන අනුන්ගේ අඩුපාඩු දිහා බලන්න.හදිසියේම 2011 ලෝක කුසලානය ඇමැතිවරයාට මතක් වුණේ ඇයි? එතකොට කවුද ක්‍රීඩා ඇමැතිවරයා? මේ වගේ බොළඳ දේශපාලන උප්පරවැට්ටි අප හෙළාදකිනවා.අපේ වීරෝධාර ක්‍රීකට් ක්‍රීඩකයින් තරග පාවා දෙනවා කියලා මා විශ්වාස කරන්නේ නැහැ. එහෙම ක්‍රිකට් ක්‍රීඩකයන් අපේ රටේ නැහැ.රටේ ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ අභිමානය හෑල්ලු කළ ඇමැතිවරයාට අපේ විරෝධය පළ කරනවා. ඒ වාගේම ක්‍රිකට් ක්‍රීඩකයින්ට මෙයින් යම් අපහසුතාවක් ඇතිවුණා නම් කනගාටුව ප්‍රකාශ කරනවා. මේ වගේ බාල-බොළඳ දේශපාලන උපක්‍රම දාලා ජනතාවගේ ප්‍රශ්න අමතක කරන ඇමැතිවරුන් අපේ රටේ ඉන්නවායි ඇසීමත් අපට හරි කණගාටුවක්. දේශපාලනයට ක්‍රීඩාව ගාවාගැනීම පිළිබඳවත් ඇත්තේ දැඩි පිළිකුලක් යයිද’’ සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් කීවේය.
|
ක්‍රිකට් ක්‍රීඩකයන්ට එල්ල කළේ අභූත චෝදනාවක්
| 1 |
(එම් .සුසිල් ප්‍රියන්ත)හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින්ට රටේ වත්මන් ඇමතිවරයකු එල්ල කළ චෝදනාව තරයේ හෙළා දකින බවත් රටේ ප්‍රශ්න අමතක කිරීමට රටේ ක්‍රිකට් ක්‍රීඩාව ඇඳා ගැනීම බාල වර්ගයේ දේශපාලන උප්පරවැට්ටියක් බවත් සජිත් ප්‍රේමදාස මහතා රත්ගමදී පැවසීය.රත්ගම පැවති ජන හමුවකදී සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසීය.ඒ මහතා මෙසේද පැවසීය. ‘’රජයේ ඇමතිවරයෙක් කියනවා 2011දි පැවති ලෝක කුසලාන අවසන් මහා ක්‍රිකට් තරගයේදි අපේ ක්‍රිකට් ක්‍රීඩකයින් තරගය පාවා දුන්නා කියලා. ඕන කමින්ම තරගය පැරදුනා කියලා.කාටද මේ ඇගිල්ල දික්කරන්නේ.කුමාර සංගක්කාරටයි මේ කියන්නේ. තරගය පාවාදුන්නයි කියන ක්‍රීඩකයාගේ නම කියන්නේ නැහැ. ක්‍රීඩකයින් අපහසුතාවයට පත් කරන්නෙත් නැහැලු.නමුත් එදා ටීම් එකේ කැප්ටන් කුමාර සංගක්කාරයි.උප නායක මහේල ජයවර් ධනයි. ලසිත් මාලිංග, තිලකරත්න දිල්ශාන් ,මුත්තයියා මුරලිදරන් වැනි ක්‍රීඩකයොත් මේ ටීම් එකේ හිටියා.රජයේ ඇමතිවරයා දැන් කියන්නේ මොකක්ද මේ ක්‍රීඩකයින් හිටපු ක්‍රිකට් කණ්ඩායම අවසන් මහා ක්‍රිකට් තරගය පාවා දුන්නා කියලා. ඕනකමින්ම අවසන් මහා තරගය පැරදුනා කියලා .මම පැහැදිලිවම කියන්න කැමතියි 2011දි ලෝක කුසලාන අවසන් මහා තරගයේදි සිදුවුණා යැයි කියන සිද්ධිය ලෝක ක්‍රිකට් කවුන්සලයේ දූෂණ මර් ධන ඒකකයට ඇයි එදා පැමිණිලි නොකළේ. ඒ ක්‍රිකට් ඒකකයේ ප්‍රධානියා වන මාෂල් මහත්තයාට එදා පැමිණිලි නොකළේ.මේ ඔක්කොම පිටු පස්සේ මොකක්ද තියෙන්නේ. රජයට ඕන කරලා තියෙනවා මේ කොරෝනාවෙන් රට වැටි තියෙන ප්‍රපාතයෙන් ගොඩගන්න බැරි රජය වැඩ බැරි ආණ්ඩුව අකාර්යක්ෂම ආණ්ඩුව නන්නත්තාර ආණ්ඩුව ඒ ඇත්තෝ හදනවා මේ මැතිවරණ සමයේ කොරෝනාවෙන් විපතටපත් ජනතාවත් ආර් ථිකයවත් නොවේ 2011 ලෝක කුසලානය තරගය කරා රටේ ජනතාවගේ අවධානය යොමුකරන්න .මැතිවරණ වේදිකාව ඒ දෙසට යොමුකරවන්න . මෙන්න අරමුණ මම පැහැදිලිව කියනවා කුමාර සංගක්කාරලා ,මහේල ජයවර්ධනලා, තිලකරත්න දිල්ශාන්ලා ,ලසිත් මාලිංගලා,මුත්තයියා මුරලිදරන්ලා ඇතුලු 2011 අපේ ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමට මඩ ගහන්න එපා.අපහස කරන්න එපා.බොරු කතා හදන්න එපා.ඒ අයගේ චරිතය ඝාතනය කරන්න එපා.අනුන්ගේ චරිතය ගැන චරිත සහතික දෙන්නට පෙර කරුණාකර යන්න කණ්ණාඩියක් ඉස්සරහාට යන්න. හොදින් බලන්න තමන්ගේ අඩුපාඩු දිහා.තමන්ගේ අඩුපාඩු හදාගෙන ඕන අනුන්ගේ අඩුපාඩු දිහා බලන්න.හදිසියේම 2011දි ලෝක කුසලානය මේ ඇමතිවරයාට මතක්වුනේ ඇයි. එතකොට කවුද ක්‍රීඩා ඇමතිවරයා. මේ වගේ බොලද දේශපාලන උප්පරවැට්ටි අපි හෙළා දකිනවා. අපි කවදාවත්ම විශ්වාස කරන්නේ නැහැ අපේ වීරෝධාර ක්‍රිකට් ක්‍රීඩකයින් තරග පාවාදෙනවා කියලා. එහේම ක්‍රිකට් ක්‍රීඩකයෝ අපේ රටේ නැහැ.අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ අභිමානය හැල්ලු කළ මේ ඇමතිවරයාට අපේ විරෝධය පල කරනවා.ඒ වාගේම ඒ ක්‍රිකට් ක්‍රීඩකයින්ට මෙයින් යම් අපහසුතාවක් ඇති වුණානම් අපේ කණගාටුව ප්‍රකාශ කරනවා.මේ වගේ බාල බොලද දේශපාලන උපක්‍රමයන් දාලා රටේ ජනතාවගේ ප්‍රශ්න අමතක කරන ඇමතිවරුන් අපේ රටේ ඉන්නවායි ඇසීමත් අපිට හරි කණගාටුවක්. දේශපාලනයට ක්‍රීඩාව ගාවා ගැනීම පිළිබඳවත් අපිට ඇත්තේ දැඩි පිලිකුලක්.
|
ක්‍රිකට් ක්‍රීඩකයන්ට එල්ල කළේ අභූත චෝදනාවක්
| 0 |
අපේ රටේ දරුවන් දැනුමෙන් උගත්කමෙන් සන්නද්ධ කිරීමේ වගකීම රජයක් විදියට නොපිරිහෙලා ඉටුකරන බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පසුගියදා (10) පොලොන්නරුවේදී ප‍්‍රකාශ කළේය.අන්තර් ජාතික දැනුම වෙළඳපොළේ නවෝත්පාදන ආර්ථිකයේ පවතින විශාල ඉල්ලූම සඳහා අපේ තරුණ පරපුර යොමු කිරීම සහ ඔවුනට අවශ්‍ය මඟ පෙන්වීම කරන බවද ජනාධිපතිවරයා මෙහිදී පැවැසීය.ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මේ බව ප්රකාශ කළේ පොලොන්නරුව රාජකීය විද්‍යාලයේදි පසුගිය 10 වෙනිදා ආරම්භ වූ ‘‘රට වෙනුවෙන් පිබිදෙන පුලතිසි යෞවනය’’ පොලොන්නරුව දිස්ති‍්‍රක් තරුණ කඳවුරේ සමාරම්භක උළෙල අමතමිනි.පුරා දින 03ක් තිස්සේ මෙම තරුණ කඳවුර පැවැති අතර ඒ සඳහා පොලොන්නරුව දිස්ති‍්‍රක්කයේ තරුණ තරුණියෝ 3000කට අධික පිරිසක් සහභාගි වූහ.රටේ ඉදිරි සංවර්ධන කි‍්‍රයාවලියට කාර්යක්‍ෂම ලෙස දායක විය හැකි පෞරුෂ වර්ධනයෙන් සහ නායකත්ව ගුණාංගවලින් හෙබි තරුණ පරපුරක් බිහිකිරීමේ අරමුණින් දීප ව්‍යාප්තව පැවැත්වීමට යෝජිත නායකත්ව කඳවුරු වැඩසටහනේ සමාරම්භක කඳවුර වූ මෙය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම් කාර්යාලය සහ පොලොන්නරුව දිස්ති‍්‍රක් ලේකම් කාර්යාලය එක්ව සංවිධානය කර තිබුණි.අද රටේ පවතින ප‍්‍රශ්නවලදී බොහෝ වෙලාවට දකින දේ විනය පිළිබඳ ප‍්‍රශ්නය බවත් විනයක් ඇති මිනිසුන් බිහිකිරීම මෙම තරුණ කඳවුරේ එක් අරමුණක් බවත් කී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මේ රටේ සියලූ දේශපාලනඥයින් විනයක් ඇති දේශපාලනඥයින් විදියට හැසිරෙනවාද කියන කාරණය අප හමුවේ අද තිබෙන බවද ප‍්‍රකාශ කළේය.එම නිසා අද මෙන්ම ඊයේත් පැවැති එම ප‍්‍රශ්නය හෙට දවසේ අවසන් කිරීම සඳහා අප සියලූ දෙනාම අධිෂ්ඨානශීලී විය යුතු යැයිද ජනාධිපතිවරයා කීවේය.ජනාධිපතිවරයා උත්සවය අමතමින් මෙසේද පැවැසීය.දිස්ත‍්‍රික්කයක තරුණයින් වෙනුවෙන් තෙදින තරුණ කඳවුරක් මේ රටේ පවත්වන පළමු අවස්ථාව වන්නේ මෙයයි. නිදහසෙන් පසු ලංකාවේ එකම දිස්ත‍්‍රික්කයක වත් විශාල තරුණ සංඛ්‍යාව නියෝජනයෙන් යුත් තෙදින තරුණ ක`දවුරක් පවත්වා නැහැ. ඒ අවස්ථාව ඔබට ලැබුණේ ඔබේ දිස්ත‍්‍රික්කයෙන් ඔබ රටේ ජනාධිපතිවරයෙක් පත්කර ගත් නිසයි. මෙවැනි තරුණ ක`දවුරක් සංවිධානය කිරීමට අවශ්‍ය සම්පත්, අනුග‍්‍රහය, කැපවීම ගත්විට ගුණාත්මක බවින් සහ උසස් ප‍්‍රමිතියකින් මේ කටයුත්ත කරන්න ආයතන රාශියක් අවශ්‍ය වෙනවා. ජනාධිපති ලේකම් කාර්යාලය, තරුණ කටයුතු අමාත්‍යාංශය නිපුණතා සංවර්ධන අමාත්‍යාංශය, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය, යුද නාවික ගුවන් ත‍්‍රිවිධ හමුදාව, පොලීසිය වැනි ආයතනත් ක`දවුර ශක්තිමත් කරන්න අවශ්‍ය සම්පත් ලබාදෙන පෞද්ගලික ආයතන රාශියකුත් අපට උදව් කර තිබෙනවා, මුදල් සහ අනෙකුත් සම්පත් ප‍්‍රදානය කිරීමෙන්. ඒ නිසා මම විශ්වාස කරනවා මේ තරුණ දරු පිරිස පින්වන්ත, භාග්‍යවන්ත පිරිසක්. ඔබ මෙන්ම මමත් වෙළේ, පැලේ, කමතේ, නියරේ ජීවිතයේ වැඩි අත්දැකීම් ලබපු කෙනෙක්. මම ආශිර්වාද කරනවා මේ පැමිණ සිටින පොළොන්නරුවේ දහස් සංඛ්‍යාත තරුණ පිරිස අතරින්, මේ රටේ අනාගත අගමැතිවරයෙක් සහ ජනාධිපතිවරයෙක් බිහිවේවා කියා.නිවේදක මහතා පැවසුවා වසර 732 කට පසුව පොලොන්නරුවෙන් රාජ්‍ය නායකයෙක් බිහිවුණේ කියලා. ඒ නිසයි මම ප‍්‍රාර්ථනා කරන්නේ මේ තරුණ පිරිස අතරින් අනාගත රාජ්‍ය නායකයෙක් බිහිවේවා කියලා. මේ තරුණ ක`දවුර සකස්කළේ කරුණු ගණනාවක් මුල්කරගෙනයි. මේ සමාරම්භක උළෙලේදී ඔබ ප‍්‍රතිඥාවක් දුන්නා. ඒ ප‍්‍රතිඥාව මම කලින් කියවලා තිබුණෙත් නැහැ. මම කලින් අහලා තිබුණෙත් නැහැ. ඒ ප‍්‍රතිඥාවේ තිබුණා තමන් තමන්ට ආදරේ කරන්න කියලා. තමන් තමන්ට ආදරේ නොකර අනික් අයට ආදරේ කරන්න තමන්ට ශක්තියක් ගොඩනැගෙනවාද කියන කාරණය අපි අපේ හෘද සාක්ෂියෙන් අහන්න ඕනෑ. අපි මව්පියන්ට ආදරේ කරනවා. දරුවන්ට ආදරේ කරනවා. ආදරවන්තියන්ට ආදරේ කරනවා. ආදරවන්තයාට ආදරේ කරනවා. පාරේ යන එන විට හමුවන අයට ආදරේ කරනවා. ආදරේ කියන දේ කෙළවරක් නැති නිමක් නැති දෙයක්. මම හිතනවා ඔබ ඔබේ ජීවිත කාලය තුළ ඔබට ආදරේ කරන්න ශක්තිය අවශ්‍යයද. ඒ ශක්තිය දෙන්න මුල් වන්නේ ඔබේ කායික හා මානසික සෞඛ්‍යය තත්ත්වයයි. ඒ නිසයි ප‍්‍රතිඥාව දෙනවිට කිව්වේ ඔබ මුලින්ම ඔබට ආදරේ කරන්න කියලා. ඔබ තරුණ පිරිස විදියට ලබාගත යුත්තේ දැනුමයි. දැනුම උගත්කම තුළ පරිපූර්ණ වන තරුණ ප‍්‍රජාව තමයි රටක් ගොඩනගන්න අවශ්‍ය වන්නේ. කාර්යක්ෂම, අධිෂ්ඨානශීලී වූ ආත්ම ශක්තියක් ආත්ම අභිමානයක් ආත්ම ධෛර්යයක් ඇති ජනතාවක් බිහිවන්නේ එවිටයි. රාජ්‍යයක වගකීම මූලික වශයෙන්ම ඒ රටේ ජනතාව උගතුන් කිරීම. ඒ රටේ ජනතාව දැනුම්වත් භාවයෙන් පරිපූර්ණ කිරීමයි. රටේ ජනතාව ලෝකයේ තවත් රටක ජනතාවට දෙවෙනි නොවන ආකාරයට දැනුමෙන් අවබෝධයෙන් ශක්තිමත් කිරීම. ඒ උගත්කම සහ දැනුම එක්ක මූලික වශයෙන්ම ජීවිතය සමත්වෙන්න නම් විනයක් ඇති මිනිසෙක් බිහිවිය යුතුයි. අද රටේ ජනතාවගේ විනය පිළිබ`ද ප‍්‍රශ්නයක් පෙනෙනවා. දේශපාලනඥයින් තුළ විනයක් තිබෙනවාද කියන කාරණාව අපි විමසිය යුතුයි. විනයේ ආදර්ශය රටට දෙන්න මේ රටේ සියලූ දේශපාලනඥයින් විනයක් ඇති දේශපාලනඥයින් ලෙස හැසිරෙනවාද කියන ප‍්‍රශ්නය ඊයෙත් තිබුණා. අදත් තියෙනවා. එය හෙට දවසේ අවසන් කර ගැනීම සඳහා අපි අධිෂ්ඨානශීලී විය යුතුයි. මේ රටේ රාජ්‍ය නිලධාරීන් තුළ විනයක් ගොඩනැගීම පිළිබඳව කතා කිරීමේදී අපි සතුටු වෙන්න ඕනෑ යුද, නාවික, ගුවන් ත‍්‍රිවිධ හමුදාවන් වල මූලික පුහුණුවේ සිට වැදගත්වන්නේ විනයයි. යුද්ධයක් කරන්න වැදගත් අවශ්‍ය දේ විනයයි. ඒ තුළයි හමුදාව කළමනාකරණය වෙන්නේ. ලෝකයේ ඇතැම් රටවල්වල රජයන් විසින් මුළු රාජ්‍යයේ ජනතාව හමුදා පුහුණුවකට ලක් කරනවා. සිංගප්පූරුව ගත්විට සිංගප්පූරුවේ පළමු පරිවර්තනය කළ නායකයා ලී ක්වාන් යූ සිංගප්පූරුවේ බලය ලබා ගැනීමත් සමගම වර්ෂ දෙක තුනක් වැනි කෙටි කාලයක් ඇතුළත රටේ සමස්ත ජනතාවට හමුදා පුහුණුවක් දුන්නා. ඒ පුහුණුව දීම තුළ ඔහු බලාපොරොත්තු වුණේ යුද්ධයක් කරන රණකාමී ජනතාවක් බිහිකිරීම නෙවෙයි. ඔහු බලාපොරොත්තු වුණේ රටේ සියලූ පුරවැසියන් විනයක් ඇති ජාතියක් ලෙස ගොඩනැගීමයි. ඒ නිසා සියලූ ක්ෂේත‍්‍රවල විනය පිරිහීම රටේ ඉදිරි සංවර්ධන ගමනට බාධාවක් වනවා. ඔබට අවශ්‍ය විශාල සම්පත් ප‍්‍රමාණයක් ලබාදීලා අපි මේ ක`දවුරෙන් බලාපොරොත්තු වන ප‍්‍රමුඛ අංශයක් වන්නේ විනයක් ඇති යහපත් තරුණ පිරිසක් අනාගතයේ ගොඩනැගීම. ඒ ස`දහා නායකත්වය දීමටයි අපි මෙලෙස කටයුතු කරන්නේ. මේ තරුණ ක`දවුරේ නායකයින් ඔබයි. මේ තරුණ ක`දවුර කළමනාකරණය කෙරෙන, දේශන පවත්වන, වැඩසටහන් මෙහෙයවන අය නොවෙයි නායකයන් වන්නේ. ඔබ පොලොන්නරුවේ තරුණ පිරිස් විදියට අනාගතයේදී රටේ සියලූ තරුණ පිරිස් වෙතට ආදර්ශයක් ඇති තරුණ පිරිස් විදියට වැඩකිරීමයි අපි ඔබෙන් බලාපොරොත්තු වන්නේ. මේ දිස්ත‍්‍රික්කය සංවර්ධනය කිරීමේදී පිබිදෙමු පොලොන්නරුව වැඩසටහන, තුන් අවුරුදු සැලැස්ම මේ දිස්ත‍්‍රික්කයේ සෞඛ්‍යය, අධ්‍යාපන, වාරිමාර්ග, කෘෂිකර්ම, තරුණ කටයුතු, සමාජ සුබසාධන ආදී සියලූ ක්ෂේත‍්‍ර හරහා වැඩ කෙරෙනවා. 2018 x 19 වනවිට අපි බලාපොරොත්තුවෙනවා ලංකාවේ සංවර්ධනයේ ආදර්ශවත්ම දිස්ත‍්‍රික්කයක් බවට පොලොන්නරු දිස්ත‍්‍රික්කය පත්කරන්න.අද ඔබ දකිනවා ගම්මානවල පාසල්වල නව ගොඩනැගිලි ඉදිවෙනවා. රෝහල්වල නව ගොඩනැගිලි ඉදිවෙනවා. අලූතෙන් පාරවල් ඉදිවෙනවා. විවිධ ක්ෂේත‍්‍රවල පරිවර්තනයක් ඇති වෙමින් තිබෙනවා. එසේ කරන්නේ අනෙක් දිස්ත‍්‍රික්ක වලට අසාධාරණයක් වන ලෙස නොවේ. මේ දිස්ත‍්‍රික්කයේ අතපසු වූ සංවර්ධනය කාර්යක්ෂම කිරීම තුළින් ලංකාවේ සංවර්ධනය වූ දිස්ත‍්‍රික්ක මට්ටමට මේ දිස්ත්රික්කය පත් කිරීමයි මෙහි අරමුණ වන්නේ. විශේෂයෙන් පළාත් මහ ඇමැති පේෂල ජයරත්න මහතා අධ්‍යාපන ක්ෂේත‍්‍රය ගොඩනගන්න ඉහළම ප‍්‍රමුඛතාවය දී තිබෙනවා. පොළොන්නරු දිස්ත‍්‍රික්කයේ විභාග ප‍්‍රතිඵල පිළිබඳව එතරම් සතුටු වෙන්න පුඑවන්කමක් නැහැ. ඒකට හේතු තියෙනවා. ගුරු හිඟය තිබෙනවා. බොහෝ පාසල්වල සම්පත් හිඟයක් තිබෙනවා. මම 2015 ජනාධිපතිවරයා වූ පසු මුලින්ම කළේ මේ දිස්ත‍්‍රික්කයේ පාසල්වලට කෝටි 23 ක ඩෙස් පුටු දුන්නා. කෝටි නවයකින් පටන් අරන් කෝටි 23 දක්වා ගියා.ඒ පාසල් අංග සම්පූර්ණ කිරීම මේ වසරේ ආරම්භ කරනවා. මගේ ඉල්ලීමට අනුව සිංහල, දමිළ, මුස්ලිම් සියලූ දරුවන්ට එකට අධ්‍යාපනය ලබන්න සංහිදියාව ශක්තිමත් කරන පාසලක් ලැබෙනවා ඉන්දීය රජයෙන්. ඒවගේම වකුගඩු රෝගී අංශය ගත්විට මේ දිස්ති‍්‍රක්කය වගේම මුළු රටම බරපතළ තැනක තිබෙනවා. අපි චීනයෙන් කරපු ඉල්ලීමකට අනුව ලබන ජූලි මාසයේ සිට චීන රජයෙන් පරිත්‍යාග කරන විශේෂ ජාතික වකුගඩු රෝහල පොලොන්නරුවේ ආරම්භ කරනවා. පාසල් හැර ගොස් සිටින ඔබ වැනි පිරිස්, රැකියා නොකරන පිරිස්, ඉන්න පුලූවන්. ඒ අයට දැනුම ලබා දෙන්න ඒ අයට අංග සම්පූර්ණ පුස්තකාල අනෙක් පැත්තෙන් වෘත්තීය අධ්‍යාපනය ලබාදෙන්න පහසුකම් තිබිය යුතුයි. මෙතන මහින්ද සමරසිංහ ඇමැතිතුමා ඉන්නවා. නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශය මේ දවස් තුනේ මෙතන සිට ඔබට අවශ්‍ය මග පෙන්වාවි. අපි කතා කරන නවෝත්පාදන ආර්ථිකයක්. හරිත ආර්ථිකයක්. ඒ තුළ ගොඩනැගෙන නව ජාතික ප‍්‍රබෝධයක්. අන්තර් ජාතික වෙළෙඳපොළට යවන්න අවශ්‍ය උගතුන්ගේ වෙළෙඳ පොළ අපි ජයග‍්‍රහණය කරන්න අවශ්‍යයි. අපිට ගෘහ සේවිකාවන් යවලා, හරි හම්බ කරන රටක් වෙන්න පුලූවන් කමක් නැහැ. අපි ඉතාම කෙටි කාලයක් තුළ එය අවසන් කරන්න අවශ්‍යයි. උගතුන්ගේ වෙළෙඳපොළ අපි ජයග‍්‍රහණය කරන්න අවශ්‍යයි. ඒ සඳහා මේ රටේ වෛද්‍යවරු, ඉංජිනේරුවරු, ගණකාධිකාරිවරු, හෙද සේවයේ ඒවාගේම විවිධ තාක්ෂණික හා කාර්මික අංශවල පුහුණුව ලත් ඔබ වැනි තරුණ පිරිස් වලට ලෝකයේ දැනුම වෙළෙඳ පොළේ නවෝත්පාදන ආර්ථිකයේ ඉතා ඉහළ ඉල්ලූමක් තියෙනවා.ඒ සඳහා යොමු කිරීම අවශ්‍ය මග පෙන්වීම අපි රජයක් විදියට ලබාදීමයි මේ වන විට කරගෙන යන්නේ. මේ වසරේ නෙදර්ලන්තයේ ආධාර යටතේ විශ්ව විද්‍යාල මට්ටමක ජාතික මට්ටමේ වෘත්තීය පුහුණු අධ්‍යාපන ආයතනයක් පොලොන්නරුව දිස්ති‍්‍රක්කයේ ආරම්භ වෙනවා. මෙතන ඇමැතිතුමා ඉන්නවා. පසුගිය කාලය තුළ සාකච්ජා කරලා අපිට ඒ අධ්‍යාපන ආයතනය ලැබෙනවා. ඒවා පොලොන්නරු දිස්ති‍්‍රක්කයට පමණක් නොවෙයි ජාතික මට්ටමේ ආයතන. ඒ සම්පත් ලබාදීම තුළ දරුවනේ, ඔබට අවශ්‍ය යහපත් ලෝකයක ඔබ බලාපොරොත්තු වන ඉතාමත් වැදගත් සමාජයක ගුණගරුක සමාජයක, විනය ගරුක සමාජයක විශිෂ්ට මිනිසුන් විදියට ගොඩ නැගෙන්නයි ඔබට අවශ්‍ය මගපෙන්වීම කරන්නේ. ඔබේ තිබෙන දක්ෂතා, ඔබට තිබෙන නිර්මාණශීලිභාවයන්, කුසලතාවයන් ඔබට තිබෙන ආත්මධෛර්ය, ආත්මශක්තිය සහ ආත්ම අභිමානය එක්ක ඓතිහාසික පොලොන්නරු පුරවරෙන් වසර දහස් ගණනක මහා ශ්‍රේෂ්ඨ කතාවෙන් පැවත එන පරපුරක් විදියට ඒ මිනිිසාගේ ශ්‍රේෂ්ඨත්වය සමග මේ තරුණ දරුවන් ඔබ පොලොන්නරුව නොවෙයි මේ රට නොවෙයි ඔබ මේ ලෝකය ජයග‍්‍රහණය කරන්න ජාත්‍යන්තරයේ විශිෂ්ටයින් බවට පත් විය යුතුයි කියන එකයි අපේ ප‍්‍රාර්ථනාව සහ ආශිර්වාදය වෙන්නේ.ඒ සඳහා ඔබට අපි මග පෙන්වනවා. ඒ සඳහා අවශ්‍ය උපදේශනය අපි ලබාදෙනවා. ඔබ දිවුරුම් දුන් අවස්ථාවේ ප‍්‍රකාශ කළ ආකාරයට සැදී පැහැදී ඉදිරිපත් වී ඉදිරියට එන්න ඔබට ආත්ම අභිමානය ආත්මශක්තිය සමග ඔබ සැම විටම තමන් තමන්ට ආදරය කරන මිනිසෙකු බවට පත්විය යුතුයි. අද මත්ද්‍රව්‍ය ප‍්‍රශ්නය මුලූ ලෝකයම වෙලා ගෙන තියෙනවා. මත්ද්‍රව්‍ය ජාවාරම්කාර ව්‍යාපාරිකයින් ලෝකයේ ආණ්ඩු හදනවා. ලෝකයේ ආණ්ඩු පෙරළනවා. දේශපාලන පරිවර්තන කරනවා. ජාවාරම්කාරයින් සමහර ආණ්ඩු පාලනය කරනවා. අපේ රටත් වේගයෙන් මත්ද්‍රව්‍ය ව්‍යාප්ත වන රටක්. අපි දූපත් රාජ්‍යයක් විදියට මෙරටට නීති විරෝධී ලෙස මත්ද්‍රව්‍ය ගෙනඒම මහත් ප‍්‍රශ්නයක් වෙලා තියෙනවා. ඒත් දරුවනේ ඔබගේ කැපවීම, අධිෂ්ඨානය තුළ මම හිතනවා ඔබ සියලූ දෙනාම මත්ද්‍රව්‍ය වලින් නිදහස් වූ දරුවන් බව. මතට ඇබ්බැහි නොවූ අය බවට මම ඔබ කෙරෙහි විශ්වාසය තබනවා. මේ තෙදින තරුණ කඳවුර තුළ ඔබට පෙන්වන මඟපෙන්වීම තුළින් ඔබ ජීවිතය ජයගන්නා ආකාරය පෙන්වා දෙනවා. ඔබ මිනිසුන් අතර සැබෑ මිනිසෙක් වන්න, ප‍්‍රමුඛයින්ගේ ප‍්‍රමුඛයෙක් වන්න, විශිෂ්ටයන්ගේ විශිෂ්ටයෙක් වන්න ඔබ මතින් නිදහස් මිනිසෙක් වන්න අධිෂ්ඨාන කරගන්න. ඒ තමයි ජාතියේ අනාගතය වෙනුවෙන් කළහැකි එකම පරිත්‍යාගය වී තිබෙන්නේ. මෙම වාණිජ සමාජයේ අපිට සිත යොමුවන්නේ අනවශ්‍ය දේවල් වලට තමයි. අපිට සුදුසු, නුසුදුසු දේ මොනවාද කියලා තෝරා බේරා ගැනීම වැදගත් වෙනවා. මේ රාජකීය විද්‍යාල භූමිය තුළ අධ්‍යාපනය ලද ශිෂ්‍යයෙක් විදියට වගේම පොලොන්නරු ලක්ෂඋයන ගමේ පාසලට ගිය ශිෂ්‍යයෙක් විදියට, තෝපාවැව මහා විද්‍යාලයට ගිය ශිෂ්‍යයෙක් විදියට අද ඔබ දකින ලෝකය එදා මටත් තිබුණා. ඒ ප‍්‍රාර්ථනා පිරි ලෝකයේ මන්ත‍්‍රීවරයෙක් වන්න, ජනපතිවරයෙක් වන්න ප‍්‍රාර්ථනා තිබුණේ නැහැ. එය ජීවිතයේ දෛවය හා දේශපාලනික කැපකිරීමක් ලෙසයි මට ලැබුණේ. ඔබ අද දකින දේට වඩා එදා මම ගතකළේ ඉතා දුෂ්කර ජීවිතයක්. හරියට ප‍්‍රවාහන, සෞඛ්‍ය, අධ්‍යාපන ඇතුඑ පහසුකම් එදා තිබුණේ නැහැ. අද ඔබ විඳින පහසුකම් එදා අපිට තිබුණේ නැහැ. ඒ නිසා ඔබට ඔබේ අනාගතය සාර්ථක කරන්න, හොඳ තරුණයෙක් බිහිකරන්න, ඔබ සටන් කළ යුත්තේ ඔබ සමගයි. ඔබේ මගේ මාතෘභූමිය යහපත් කරන්නයි. ඔබටත් මටත් වටපිටාවේ තිබෙන ප‍්‍රශ්න එක සමාන වන්න පුඑවන්. නමුත් අපි මාතෘභූමියේ යහපත උදෙසා කැපවිය යුතුයි. මම මේ රටේ සියලූ මාධ්‍ය වලින් ඉල්ලා සිටින්නේ මාධ්‍ය තුළ පුඑවන් තරම් මේ රටේ තරුණ පරපුර ඇතුළු ජනතාව යහපත් කරන්න පුළුවන් දේවල් පෙන්වන්න කියලා. එක් එක් පුද්ගලික න්‍යාය පත‍්‍රවල නැතිව, එක් එක් දේශපාලන න්‍යාය පත‍්‍ර වල නැතිව රටක් ගොඩනගන්න මාධ්‍යයට වගකීම් රාශියක් තිබෙනවා. මේ දින තුනක තරුණ කඳවුර අවසානයේ ඔබ පැමිණියාට වඩා ඔබ යනවිට සාර්ථක මිනිසෙකු විය යුතුයි. මේ තරුණ කඳවුර හා එක්වූ ඔබට ඉදිරි මඟපෙන්වීම මේ දින තුනෙන් අවසන් කරන්නේ නැහැ. රජයේ සියලූ අමාත්‍යාංශ, පළාත් සභා, රාජ්‍ය නොවන ආයතන සියල්ල එක්ව මේ පැමිණි තරුණ පිරිස්වලට ජීවිත යහපත් කරන්න ප‍්‍රමුඛත්වයක් ලබාදෙනවා. මේ අවුරුද්දේ පොළොන්නරුව දිස්ත‍්‍රික්කයේ ඔබේ ස්වශක්තියෙන්, දැනුමෙන් කළහැකි කර්මාන්ත සඳහා මිලියන 1700ක් මේ දිස්ත‍්‍රික්කය පුරාවට ලබා දෙනවා. ඔබට හැකි රැුකියාවන්, නිර්මාණශීලි ව්‍යාපෘති ඇතිකරන්න ඔබට තිබෙන අඩුපාඩුකම් තිබෙනවා වෙන්න පුළුවන්. ජීවිතය ගොඩනගාගන්න බැරිව දුක් විඳිනවා වෙන්න පුළුවන්. එවැනි ඔබ සඳහා තමයි මේ දිස්ත‍්‍රික්කයට අපි මෙතරම් මුදලක් වෙන්කරලා තිබෙන්නේ. අපි බලාපොරොත්තු වෙනවා මූලික නියමු ව්‍යාපෘති වැඩසටහන් ආරම්භ කරලා ඔබට අවශ්‍ය ධෛර්ය හා ශක්තිය ලබාදෙන්න.ඔබේ අනාගතය ඉතා වාසනාවන්තයි. ඔබ කිසිවිටෙක පසුපසට යන්න එපා. ඔබ සැමවිටම ඉදිරියට යන්න. ඔබ කිසිදු විටෙක පරාජිත හැඟිම් ඇතිකරගන්න එපා. කිසිවිටෙක නැතිබැරිකම ප‍්‍රශ්නයක් කරගන්න එපා. ඔබේ අත්දැකීම් මමත් මගේ ජීවිතය තුළ විඳපු කෙනෙක්. පොලොන්නරු දිස්ත‍්‍රික්කයේ විශාල වශයෙන් සිටින අහිංසක ගොවි මහතුන් ඇතුළු ජනතාවගේ අනාගතය සාර්ථක කරන්න අපි රජයක් විදියට කැපවෙනවා. ඒක අපේ රාජ්‍ය වගකීම වගේම පෞද්ගලිකව කැපවෙනවා.ඒ නිසා මෙතැන සිටින සියලූ ජනතාවට ආශිර්වාද කරමින් මේ සඳහා වෙහෙස මහන්සි වූ සියලූ නිලධාරීන්ට හා ත‍්‍රිවිධ හමුදාවන්ට ස්තුතිය පළකරනවා. ඔබ සියල්ලටම තෙරුවන් සරණින් වාසනාවන්ත ජීවිතයක් ගතකරන්න හැකිවේවා ප‍්‍රාර්ථනා කරනවා. මේ කඳවුර මගින් ඔබ සියලූ දෙනාගේ ඉදිරි කටයුතු සාර්ථක කරගනිමින් මාතෘභූමිය ඉදිරියට ගෙනයමු කියලා ආයාචනා කරමින් මගේ කතාව අවසන් කරමි.මේ උත්සවයේ පිළිගැනීමේ කතාව පොලොන්නරුව දිස්ත‍්‍රික් ලේකම් රංජිත් ආරියරත්න මහතා විසින් සිදුකරනු ලැබූ අතර තරුණ කඳවුර ප‍්‍රතිඥාව කියවීම වැලිකන්ද ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසය නියෝජනය කරමින් තරුණ කඳවුරට සහභාගිවූ කේ.කේ. චාමර දේශපි‍්‍රය තරුණයා විසින් සිදුකරනු ලැබීය.තරුණ කටයුතු රාජ්‍ය ඇමති නිරෝෂන් පෙරේරා, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝහණ කීර්ති දිසානායක යන මහත්වරුද උත්සව සභාව ඇමැතූහජාතික තරුණ සේවා සභාවේ නර්තන කණ්ඩායම් විසින් සහ සමාජ සේවා දෙපාර්තමේන්තුවේ වෘත්තීය පුහුණු ආයතනගත විශේෂ අවශ්‍යතා සහිත තරුණ තරුණියන් විසින් නර්තන අංග ඉදිරිපත් කරමින් උත්සව සභාව විචිත‍්‍රවත් කරනු ලැබීය.
|
අපේ දරුවන් දැනුමෙන් උගත්කමින් සන්නද්ධ කිරීමේ වගකීම නොපිරිහෙළා ඉටුකරනවා ඔක්කොටම මුල විනයක් නැතිකම - ජනපති
| 1 |
(පොලොන්නරුව-ක.ග. කරුණාරත්න, හිඟුරක්ගොඩ - සුනිමල් හේවගේ)රටක අධ්‍යාපනය වෙනුවෙන් කරනු ලබන ආයෝජනය දීර්ඝතම මෙන්ම උතුම් ප්‍රතිඵල ලබා දෙන්නාවූ ආයෝජනයන් නිසා ඒ වෙනුවෙන් රජයක් විදියට සියලු කැපවීම් කරන බව ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා ඉකුත් 25 වැනිදා පොලොන්නරුවේ දී ප්රකාශ කළේය. මේ රටේ පාසල්වල අධ්‍යාපනය ලබන ලක්‍ෂ 40 කට වැඩි දරු පිරිස ජාතික මෙන්ම ජාත්‍යන්තර තලය තුළත් විශිෂ්ටයන් බවට පත් කරන්නට අවශ්‍ය මඟ පෙන්වීම් සහ සම්පත් ලබාදෙමින් අපේ යුතුකම් සහ වගකීම් නිසි ලෙස ඉටුකරන බවද ජනාධිපතිවරයා කීය. ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා මේ බව ප්රකාශ කළේ පොලොන්නරුව රාජකීය විද්‍යාලයේ වාර්ෂික නිවාසාන්තර ක්‍රීඩා උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගීවෙමිනි.පොලොන්නරුව රාජකීය විද්‍යාලයේ රුපියල් එක් කෝටි අනූනව ලක්‍ෂයක වියදමින් අභිනවයෙන් ඉදි කෙරුණු පිහිණුම් තටාකය සහ රුපියල් එක්කෝටි හතළිස් ලක්‍ෂයක වියදමින් ඉදිකළ නව ක්‍රීඩාංගණය සහ ක්‍රීඩාගාරයද ජනාධිපතිවරයා අතින් මෙදින සිසු අයිතියට පැවැරීම සිදු කෙරිණි. එහිදී අදහස් දැක්වූ ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා මෙසේ ද කීය. මගේ පාසලේ අද ඓතිහාසික දවසක්. සුන්දර පරිසරයක තාක්‍ෂණික උපදෙස් මත ගොඩනැගුණු ක්‍රීඩාංගණයක 2017 වසරේ රාජකීය විද්‍යාලයේ වාර්ෂික නිවාසාන්තර ක්‍රීඩා උළෙල පවත්වන අවස්ථාවේ ඔබ සමඟ එක්වීමට ලැබීම මා ඉතාමත් භාග්‍යයක් කොටයි සලකන්නේ. අද වගේම දවසක මට මතකයි රාජකීය විද්‍යාලයේ මගේ පාසලේ මම ශිෂ්‍යයෙක් විදියට අවසන් වරට මේ පාසලේ සිටියෙත් ඒ වගේම මම ශිෂ්‍යයෙක් විදියට සහභාගී වුණු නිවාසාන්තර ක්‍රීඩා උළෙලක් පැවැත්වුණෙත් මීට අවුරුදු 46 කට පෙර 1971 අප්‍රේල් මාසයේ පස්වෙනිදායි. මේ දරුවන් වගේම 1971 අප්‍රේල් මාසයේ පස්වෙනිදා මේ ක්‍රීඩාපිටිය තුළ අද ඔබ ඉන්න විදියටම, ඔබ ශිෂ්‍යයෙක් විදියට කටයුතු කරන විදියටම, ක්‍රීඩකයෙක් විදියට කටයුතු කරන විදියටම මම එදා කටයුතු කළා. ඒ වගේම අද මේ පාසලට පැමිණි අවස්ථාවේ විශේෂයෙන්ම ශිෂ්‍ය භට කණ්ඩයේ පැවැත්වුණු ආචාර පෙළපාළිය අවස්ථාවේ මගේ මතකය ඇදී ගියේ 1969 සහ 70 වර්ෂ දෙකේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය භටයෙක් විදියට මේ විද්‍යාලයේ දියතලාවේ පුහුණු කඳවුරට සම්බන්ධවූ ආකාරයත් අද මේ සිසු දරුවන් ආචාර පෙළපාළියේ සිටි ආකාරයට මමත් එදා ශිෂ්‍ය භටයෙක් විදියට හිටියා. එදා ඒ වගේම මම පාසල් යනවිට බාල දක්‍ෂ සේවයේ දරුවන් දකින විට මගේ මතකය ඇදී ගියේ මම බාලදක්‍ෂයෙක් විදියටත් මේ පාසලේ එදා කටයුතු කරපු ආකාරය. අද ඔබ ක්‍රීඩා කරන්නේ විධිමත් තාක්‍ෂණික උපදෙස් මත ඉදිවූ අංගසම්පූර්ණ ක්‍රීඩාංගණයකයි. එදා මා ක්‍රීඩා කළේ ශිෂ්‍යයෙක් විදියට ක්‍රීඩා පිටියක නොව පිට්ටනියකයි. එදා පිට්ටනියේ සිටි ශිෂ්‍යයෙක් අද මේ දරුවන්ම නව තාක්‍ෂණය යටතේ ක්‍රීඩාංගණයක ක්‍රීඩා කරන්න ඔබට අවශ්‍ය විදියට අනෙකුත් විවිධ අංශවල සැණකෙළි බලන්න කටයුතු කිරීම ගැන මම ඉතාමත්ම සතුටු වෙනවා.පොලොන්නරුව රාජකීය විද්‍යාලය මේ ආකාරයට ගොඩනඟන්න පුළුවන්කම ලැබුණේ එදා සී.පී. ද සිල්වා මහතා මේ රටේ ශ්‍රේෂ්ඨ දේශපාලනඥයෙක් පොලොන්නරුව සංවර්ධනය වගේම මේ රටේ ජාතික සංවර්ධන වැඩපිළිවෙළේදී අපට රාජකීය විද්‍යාලයත් දායාද කළා. මම ඉතාමත් සතුටු වෙනවා අද ලංකාවේ කිසිම පාසලකට නොදෙවෙනි ආකාරයට අංගසම්පුර්ණ සියලු දේවල්වලින් පිරි පාසලක් බවට පත් කරන්න මගේ දායකත්වය මගේ ආණ්ඩුවක් තුළ ලබා දෙන්නට පුළුවන්වීම පිළිබඳව. මීට පෙරත් මා කියා තිබෙන ආකාරයට දරුවනේ දැන් තිබෙන්නේ ඔබේ වාරයයි. ඔබ දක්‍ෂ නම්, ඔබේ හැකියාවන් ඔබේ නිර්මාණශීලී භාවයන් ඔබේ කුසලතාවයන් තුළ ඔබ දක්‍ෂ දරුවන් වගේම දක්‍ෂ පුරවැසියන් වගේම ජාතික වශයෙන් මෙන්ම අන්තර් ජාතික වශයෙන් විවිධ ක්‍ෂේත්‍රවල ජයග්‍රහණය ලබන විශිෂ්ටයින් වනු දැකීමයි. අපි කාගේත් ප්‍රාර්ථනාව සහ අරමුණ.මේ අරමුණු ඉෂ්ට කර ගැනීම සඳහා අපි රජය විදියට කටයුතු කිරීම පළාත් සභාවේ දායකත්වය සහයෝගය අධ්‍යාපන අමාත්‍යංශය මේ සඳහා දෙන දායකත්වය මා ඉතාමත් අගය කරනවා. මීට පසුපස ඉදිවන අංගසම්පූර්ණ ක්‍රිකට් ක්‍රීඩාංගණය මා විශ්වාස කරනවා පොලොන්නරුව දිස්ත්‍රික්කයට ලැබුණු ඓතිහාසික සම්පතක් විදියට. පොලොන්නරුව දිස්ත්‍රික්කයට තියෙන පාසල් දෙසිය හයෙන් හැටක් අද පිබිදෙමු පොලොන්නරුව වැඩසටහන යටතේ පුළුල් සංවර්ධනයකට ලක් වෙමින් තිබෙනවා. මේ දිස්ත්‍රික්කයේ සියලුම පාසල් අංගසම්පූර්ණ කිරීම, අවශ්‍ය සම්පත් ලබාදීම, ප්‍රායෝගික වශයෙන් දරුවන්ට ඒ පාසල්වල ඉගෙනීම් කරනවිට අවශ්‍ය සම්පත් ලබා දෙනවා.පිබිදෙමු පොලොන්නරුව වැඩසටහන මා විශ්වාස කරනවා පොලොන්නරුව දිස්ත්‍රික්කයේ අධ්‍යාපනයේ පරිවර්තනයක් පෙරළියක් කරමින් මේ කරන අනාගත ආයෝජනය තුළ මේ දිස්ත්‍රික්කයෙන් ලෝකය ජයග්‍රහණය කරන විශිෂ්ටයින් බිහිවෙයි කියලා. ඒ නිසා මේ දෙන සම්පත් පොලොන්නරුව රාජකීය විද්‍යාලයට පමණක් නොවෙයි අද පොලොන්නරුව දිස්ත්‍රික්කයේ පාසල්වල බැලුවොත් ඒ සෑම පාසලකම ඔබට දකින්නට පුළුවන් පිබිදෙමු පොලොන්නරුව වැඩසටහන යටතේ තිබෙන නව සංවර්ධන ව්‍යාපෘති පිළිබඳව. අපි ක්‍රියාත්මක කරලා තිබෙන තුන් අවුරුදු සැලැස්මක් තුළ මේ වනවිට වැඩ ආරම්භ කරලා තිබෙන්නේ. විද්‍යාලවල වැඩකටයුතු මේ වසරේත් ලබන වසරේත් ඉවරයි. සෑම පාසලකම 2018 අවසන් වනවිට පොලොන්නරුව දිස්ත්‍රික්කයේ විශේෂයෙන්ම පාසල්වල භෞතික සම්පත්වල කිසිම අඩුවක් නැතිව අංගසම්පූර්ණ වේවි කියලයි. මහ ඇමතිතුමාත් සමඟ මම සාකච්ඡා කරමින් හිටියේ මානව සම්පත් සම්පූර්ණ කිරීමේදී ප්‍රධාන වශයෙන්ම අත්‍යවශ්‍ය ගුරු ප්‍රශ්නය, ගැටලුව විසඳීම සඳහා මේ වනවිට ගෙන යනු ලබන වැඩසටහනේ සාර්ථකත්වයක් දැකීමයි. ඒ වගේම මම ඉන්දීය රජයෙන් කරන ලද ඉල්ලීමක් අනුව මේ වසරේ අපට පුළුවන් වෙනවා පොලොන්නරුව දිස්ත්‍රික්කයේ පොලොන්නරුව නගරයේ ඉදිවෙන සංහිඳියා පාසල වැඩකටයුතු ආරම්භ කරන්න.මම ඉන්දීය රජයෙන් කරපු ඉල්ලීමක් අනුව ඒ සඳහා අවශ්‍ය මුදල් අපිට පරිත්‍යාග කරලා තිබෙනවා. ණයක් නොවෙයි ප්‍රදානයක්. මේ දිස්ත්‍රික්කයේ සිංහල, දෙමළ, මුස්ලිම් සියලු දරුවන්ට එකට ඉගෙන ගන්න පුළුවන් පාසලක් අපි නිර්මාණය කරන්න. ඒ වගේම ලබන ජූලි පළවෙනිදා අපි වැඩ ආරම්භ කරනවා. මගේ ඉල්ලීමක් අනුව චීන රජයෙන් ලැබුණු ජාතික වකුගඩු රෝහල. එය පරිත්‍යාගයක්. එය ණයක් නොවෙයි. මම විශ්වාස කරනවා එය මුළු ලංකාවේම රෝගින් සඳහා ප්‍රතිකාර කරන මධ්‍යස්ථා නයක් බවට පත් කරන්න.මේ විදියට ගත්තම අපි අධ්‍යාපන ක්‍ෂේත්‍රය, ඒ වගේම සෞඛ්‍යය අනෙකුත් සියලු ක්‍ෂේත්‍රයන් ආර්ථික සංවර්ධනයට අවශ්‍ය සියලු අංග රජයක් විදියට අවශ්‍ය ඉලක්ක කරා යමින් මේ සංවර්ධන ක්‍රියාදාමය ඉතාමත් සාර්ථක විදියට ක්‍රියාත්මක කරන කාල සීමාවක්. ඔබට පොලොන්නරුව රෝහලට ගියවිට දකින්නට පුළුවන් පොලොන්නරුව අද මොනතරම් විධිමත් කාර්යක්‍ෂම සංවර්ධනයක් කරා යනවද කියල. ඒ වගේම තමයි ඒවායේ සේවය කරන වෛද්‍යවරුන් ඇතුළු ඒ සියලු කාර්ය මණ්ඩල ඉතාම විශිෂ්ට සේවයක් කරනවා. අපි රටක් විදියට බලාපොරොත්තු වෙන්නේ මේ සියලු අංශවල සංවර්ධනය. කෙනෙක් කියන්න පුළුවන්, අහන්න පුළුවන් ඇයි පොලොන්නරුවට විතරක්ද මේ විශේෂ ව්‍යාපෘති කියලා. නෑ. ලංකාවේ සෑම දිස්ත්‍රික්කයකම මෙවැනි සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක වෙනවා. අපි කරන්නේ පොලොන්නරුවේ අතපසුවූ දේ, පොලොන්නරුවට අත්‍යවශ්‍යම දේ පොලොන්නරුව ලංකාවේ තවත් දිස්ත්‍රික්කයකට නොදෙවෙනි දිස්ත්‍රික්කයක් බවට මේ දිස්ත්රික්කය පත් කිරීමේ ඒ උතුම් ව්‍යායාමය තමයි කරමින් තිබෙන්නේ. ඒ නිසා මම ඉතාමත්ම සතුටු වෙනවා වගේම මේ විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක් විදියට මේ විද්‍යාලයට මගේ ආදරය සහ ගෞරවය හැමදාමත් තියෙනවා. මේ දරුවන් දකින විට මගේ සිහියට එන්නේ ඔබ මෙන් මමත් ශිෂ්‍යයෙක් විදියට මේ පාසලේ ගත කරපු කාලයයි. ඒ නිසා දරුවනේ, ඔබට මම මේ වගේ දෙයක් කියනවා. ඔබ සෑම අතින්ම වාසනාවන්තයි. ඔබ සෑම ක්‍ෂේත්‍රයකින්ම භාග්‍යවන්තයි. ඔබට පාසලේ ප්‍රධාන වශයෙන් විභාගවලින් ඔබ ලබන ජයග්‍රහණ වගේම ඒ සඳහා සූදානම්වීම වගේම විභාග සමත්වීම වගේම මා කවදත් කියන පරිදි ජීවිතය සමත්වීම සඳහා සමාජය තුළ ප්‍රායෝගිකව තිබෙන ගැටලු සහ ප්‍රශ්න තේරුම් අරගෙන ඔබේ ජීවිතයේ ආත්ම ශක්තිය, ආත්ම ධෛර්ය, අධිෂ්ඨානශීලී භාවය, කැපවීම, විනය, විශිෂ්ටත්වය තුළ ඔබ මේ රටේ ශ්‍රේෂ්ඨ, විශිෂ්ට පුරවැසියන් වනු දැකීමයි අපේ අරමුණ. ඒ සඳහා ඒ ගමන් මගේ ඔබ ගෙනයන්ට, ඔබේ අනාගතය ශක්තිමත් කරන්නට අප විසින් දිය හැකි, දිය යුතු සෑම සහයෝගයක්ම ඔබට නොපිරිහෙළා ලබා දෙන බව ප්‍රකාශ කරන්න ඕන. වර්තමාන විදුහල්පතිතුමාත්, නියෝජ්‍ය විදුහල්පතිතුමාලත් තුමියලත්, ආචාර්ය මණ්ඩලය මෙම විද්‍යාලයේ දරුවන් සඳහා කරන කැපකිරීම මා ඉතාමත්ම අගය කරනවා.විදුහල්තිතුමාගේ නායකත්වයත්, ආචාර්ය මණ්ඩලයේ සියලුදෙනාගේ තිබෙන කැපවීම සහයෝගය තුළ මේ සියලු භෞතික සම්පත්වලින් අනූන මේ පාසල ලංකාවේ විශිෂ්ටතම පාසලක්, විභාගවලින් වගේම ක්‍රීඩා ක්‍ෂේත්‍රය ඇතූළු අනෙක් බාහිර ක්‍රියාකාරකම් තුළ විවිධ ක්‍ෂේත්‍ර තුළ විශිෂ්ටතම පාසලක් බවට පත් කර ගැනීමට විදුහල්පතිතුමාත්, ආචාර්ය මණ්ඩලයේ සියලු දෙනාත් කරන කැපවීම මා ඉතාමත් අගය කරනවා. එම නිසා අද දවසේ ඔබ සැම සමඟ එක් වන්නට ලැබීම ඔබට මෙන්ම ශිෂ්‍යයෙක් විදියට මට ඉතාමත් ඓතිහාසික අවස්ථාවක් කියන එක සිහිපත් කරනවා.ඔබේ අනාගතය වගේම, මේ රටේ පාසල්වල අධ්‍යාපනය ලබන ලක්‍ෂ 40 කට වැඩි දරු පිරිස මේ රටේ විශිෂ්ටයින් මෙන්ම ජාත්‍යන්තරය තුළත් ඉහළ විශිෂ්ටයින් බවට පත් කරන්නට රජයක් විදියට අප විසින් ගත යුතු ක්‍රියාමාර්ගත් ඒ සඳහා අවශ්‍ය මඟ පෙන්වීමත් අවශ්‍ය සම්පත් ලබාදීමත් තුළ අපි රජයක් විදියට අපේ වගකීම සහ යුතුකම නිසි ලෙස ඉටු කරන බව ප්‍රකාශ කරමින් මේ විද්‍යාලයේ ආදිශිෂ්‍ය සංගමය අලුත් මුහුණුවරකින් අලුත් වැඩසටහන් රාශියක නියැලී සිටිනවා. ආදි ශිෂ්‍ය සංගමයටත් මම සුබ පතනවා. ආශිර්වාද කරනවා ඔබේ මඟ පෙන්වීම ඔබේ සහයෝගය තුළ මේ පාසල සංවර්ධනයට සනිටුහන් කරන්න කියා. ඒ වගේම මව්පියන්ගේ තිබෙන උනන්දුව වුවමනාව, කැපවීම තමන්ගේ දරුවන් වෙනුවෙන් මම ඉතාමත්ම අගය කරනවා.දරුවන් පාසලට එවනවා වගේම දරුවන් පාසලෙන් පෞද්ගලික පන්තියට යවනවා වගේම ඒ සියලු දේවල් පිළිබඳව මව්පියන් දැනට වඩා වැඩි අවධානයක් යොමු කිරීම ඉතාමත් අවශ්‍යයි කියන එකයි මගේ අදහස. එම නිසා දරුවන් පාසලට, පෞද්ගලික පන්තියට යවනවා වගේම, වැඩ රාජකාරි කොතෙක් තිබුණත් දරුවන් පිළිබඳව සොයා බැලීම පෙරට වඩා ඉතාම අවශ්‍යයි කියන එක විශේයෙන් සඳහන් කළ යුතු වෙනවා. පසුගිය දිනවල අපි දැක්කා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍යා පීඨයේ සිසුන් නවක වදය දීම තුළ මොනතරම් හිංසාකාරී විදියට නවක ශිෂ්‍යයින්ට කරදර කරලා තිබුණාද කියන එක. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයෝ ගෙයක් කුලියට අරගෙන නවක ශිෂ්‍යයින් ගෙනහිල්ලා ඇඳුම් ගලවලා නිරුවත් කරලා බිම දිගා කරලා පොලු අරගෙන ගහලා තලලා ඒ අහිංසක ශිෂ්‍යයින්ට ඉතාමත් ම්ලේච්ඡ විදියට හිංසා කරලා තිබුණේ.ඒ කටයුතුවලට සහභාගීවෙච්ච සිසුන්ට මම දොස් කියන්නේ නෑ. නමුත් ඒ සිසුන් ඒ තත්ත්වයට පත් කළේ කවුද? ඔවුන් පිටුපස්සේ සිටියේ කවුද? ඒ අයට ගෙවල් අරන් දුන්නේ කව්ද ඒ සඳහා මුදල් කොහෙන්ද මෙවැනි කරුණු කාරණා ගණනාවක් තිබෙනවා. ඒ නිසා දරුවනේ ඔබ වගේ මේ රටේ සමස්ත දරු පරපුර විශ්වවිද්‍යාලයට යන්නේ සුන්දර බලාපොරොත්තු රාශියක් පෙරදැරි කරගෙනයි. ඒ සුන්දර පරිසරය තුළ බලාපොරොත්තු රාශියක් ඇතිව ඔබ විශ්වවිද්‍යාලයට යනවිට විශ්වවිද්‍යාලයෙන් ඔබ පිළිගැනීම කෙබඳුද. අපි දන්නවා පසුගිය දශක කිහිපය තුළම බරපතළ ඛේදවාදක රාශියක් ඇතිවුණා. සමහර සිසුන් මියගියා. අතපය කැඩුණා. සමහර සිසුන් සියදිවි නසා ගත්තා. ඒ අතරට අපට වාර්තා වෙනවා ඉතාමත්ම වධහිංසා, හිංසාදායක අමානුෂික ක්‍රියාකාරකම්. ඒ නිසා අපේ විශ්වවිද්‍යාල ක්‍ෂේත්‍රයේ සිටින සියලුම සිසු දරුවන්ගෙන් සිසු පරපුරෙන් මම ඉල්ලනවා ඔබේ මානසිකත්වය, ඔබේ සහෝදරත්වය ඔබේ විශ්වවිද්‍යාලයට ඇතුළුවන සිසුන් සඳහා තිබිය යුතු සෙනෙහස, ආදරය, ගෞරවය, පිළිගැනීම ඒ මනුෂ්‍යත්වය තුළ විශේෂයෙන්ම ආගමික ධර්මතාවයන් තුළ ප්‍රබුද්ධ භාවයෙන් කටයුතු කරන්න කියා. එම නිසා මෙවැනි සිද්ධීන් අපි රජය විදයට බරපතළ ලෙස, බලවත් ලෙස කනගාටුවනවා වගේම එවැනි සිද්ධීන් ඇති නොවීමට මම උපදෙස් දීලා තිබෙනවා. ඒ සඳහා පුළුල් වැඩපිළිවෙළක් අරන් තිබෙනවා. විශ්වවිද්‍යාලයේ සියලුම උප කුලපතිතුමන්ලා, ආචාර්ය මණ්ඩල පීඨාධිපතිවරුන්, විනය පාලක සභා ඒ සියලුම අයට මම ප්‍රධාන වශයෙන්ම ඉදිරි කාලසීමාව තුළ අනෙකුත් ආයතන සමග අත්වැල් බැඳගෙන සෑම ශිෂ්‍යයෙකුටම නිදහස් පරිසරයක් තුළ තම අධ්‍යාපන කටයුතු කිරීමේ පසුබිමක්, පරිසරයක් ගොඩනගන්නට කටයුතු කිරීම සම්බන්ධයෙන් අපි මේ දිනවල සාකච්ඡා කරමින් ඒ සඳහා වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා. අද දවසේ මේ පින්බර දිනයේ ආදරණීය, මාතාවන්ට රාජකීයයන්ට මවුපියන්ට සහ දරුවන්ට ඒ හා සමානවූ විදුහල්පතිතුමාත්, ආචාර්ය මණ්ඩලයත්, ආදී ශිෂ්‍යයින් සහ ආරාධිත අමුත්තන් වන ඔබ සියලු දෙනා සමඟ මේ දරුවන්ගේ කාර්යයට සහභාගී වීමට ලැබීම ගැන සතුටුවෙමින් දරුවනේ ඔබ වෙනුවෙන් ඔබේ අනාගතය සඳහා අප විසින් කළයුතු සියලු කැපවීම් කරමින් රටක අධ්‍යාපනය වෙනුවෙන් කරන ආයෝජනය දීර්ඝතම මෙන්ම වඩාත් උතුම් ප්‍රතිඵල ලබා දෙන්නාවූ ආයෝජනය නිසා ඒ වෙනුවෙන් රජයක් විදියට සියලු කැපවීම තිබෙන බව ප්‍රකාශ කරමින් ඔබ සියලු දෙනාටම වාසනාවන්ත අනාගතයක් ප්‍රාර්ථනා කරමින් මම ඔබෙන් සමුගන්නවා. පොලොන්නරුව රාජකීය විද්‍යාලයේ විදුහල්පති රවිලාල් විජයවංශ මහතා පිළිගැනීමේ කථාව කළේය. උතුරු මැද පළාතේ ආණ්ඩුකාර පී.බී. දිසානායක, උතුරු මැද පළාත් මහ ඇමැති පේෂල ජයරත්න, උතුරු මැද පළාත් සභාවේ කෘෂිකර්ම ඇමැති ආර්.එම්.පී.බී. රත්නායක, යන මහත්වරුද මෙම අවස්ථාවට සහභාගී වූහ.
|
අපේ දරුවන් දැනුමෙන් උගත්කමින් සන්නද්ධ කිරීමේ වගකීම නොපිරිහෙළා ඉටුකරනවා ඔක්කොටම මුල විනයක් නැතිකම - ජනපති
| 0 |
(සුනිල් ජයසිරි ලන්ඩන් නුවර සිට)ඇතැම් මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය රට තුළ තිබෙන නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය වැරැදි ආකාරයෙන් භාවිත කිරීම හේතුවෙන් ශ්‍රී ලංකාව පිළිබඳ බොහෝ අසත්‍ය තොරතුරු ලෝකයට යන බව ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා ලන්ඩන් නුවරදී පෙරේදා (17) පැවසීය.ලබා දෙන නිදහස යහපත් මිනිසුන් විසින් යහපත් ලෙස භුක්ති විඳිද්දී අයහපත් මිනිසුන් එය අයහපත් ලෙස භාවිත කිරීම සමස්ත මානව සමාජයටම බරපතළ ප්‍රශ්නයක් වී ඇතැයි ද ජනාධිපතිවරයා සඳහන් කළේය.මහනුවර ඇතිවූ සිදුවීමේදී ඇඳිරි නීතිය, හදිසි නීතිය දමමින් රජය අවශ්‍ය පියවර ගනිද්දී මෙරට සිටින තානාපතිවරුන් ඒ සම්බන්ධයෙන් විවේචන එල්ල කරමින් හා සීමාව ඉක්මවමින් කටයුතු කළ බවකී ජනාධිපතිවරයා ඒ කිසිවකට නොසැලී තීන්දු තීරණ ගත් නිසා සිදුවීමට ගිය විශාල විනාශයක් වළක්වා ගැනීමට හැකිවූ බව ද කීවේය.ලන්ඩන් නුවර සංචාරයක නිරත වී සිටින ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා මේ බව පැවසුවේ ලන්ඩනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් හමුවූ අවස්ථාවේදීය.එහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා මෙසේ ද කියා සිටියේය. “ඔබ සියලු දෙනාටම සුබ සන්ධ්‍යාවක්. පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුවට සහභාගිවීමට පැමිණි අවස්ථාවේ එක්සත් රාජධානියේ සිටින ශ්‍රී ලාංකිකයන් වන ඔබව හමුවීමට ලැබීම පිළිබඳව මා ඉතාමත් සතුටු වෙනවා. වැඩබලන මහ කොමසාරිස්තුමා සඳහන් කළ ආකාරයට මෙහි සිටින ලක්ෂ හතරකට ආසන්න වූ ශ්‍රී ලාංකිකයන්ගේ නියෝජිත පිරිසක් වශයෙනුයි මම මේ සන්ධ්‍යාවේ ඔබව දකින්නේ. සියලු දෙනාටම එකම ස්ථානයක කතා කිරීමට, සාකච්ඡා කිරීමට අවස්ථාවක් නොලැබුණත් ඒ සියලු දෙනා නියෝජනය කරන ඔබ වෙනුවෙන් මේ අවස්ථාවේ මේ හමුවීම මා ඉතාමත් වැදගත් කොට සලකනවා. ඔබ එක්සත් රාජධානිය තුළ වෘත්තිකයන් වශයෙන් වෘත්තීන්වල, ව්‍යාපාරිකයන් වශයෙන් විවිධ ක්ෂේත්‍රවල සේවය කරනවා. එයින් එක්සත් රාජධානියට ඔබ සේවයක් කරනවා වගේම ඔබේත් මගේත් ආදරණීය මාතෘභූමිය වෙනුවෙන් ඒ කරන සේවාවේ ගෞරවය ඔබ ලබා දෙනවා. විදේශයන්හි සිටින ශ්‍රී ලාංකිකයන් ලෝකයේ කුමන රටක කුමන ආකාරයේ යහපත් වූ සේවාවක සිටියත් ඔවුන්ගේ පෞද්ගලික ජීවිතයේ සාර්ථකත්වය තවත් පැත්තකින් ඔවුන් සිටින රාජ්‍යයේ සාර්ථකත්වය එමෙන්ම ආදරණීය මවුබිම වෙනුවෙන් ශ්‍රී ලංකාව වෙනුවෙන් ඔවුන්ගේ සේවාව තුළ ඔවුන් පෙන්වන විවිධ හැකියාවන්, දක්ෂතාවන්, විශිෂ්ටත්වයන් පෙන්නුම් කිරීම අපි කවුරුත් දකින දෙයක්. ශ්‍රී ලාංකිකයන් ලෝකයේ සෑම ක්ෂේත්‍රයකම උගතුන්, බුද්ධිමතුන්, විද්‍යාඥයන්, විශේෂඥයන්, බහුශ්‍රැතයන් විවිධ ක්ෂේත්‍රවල විද්වතුන් වශයෙන් කටයුතු කරනවා. එසේ කටයුතු කිරීම මගින් අපේ ආදරණීය මාතෘභූමියට ඒ සියලු දෙනා ලබා දෙන්නාවූ ගෞරවය අපිට කිසිවිටකත් අමතක කරන්න පුළුවන්කමක් නැහැ. ලෝකයේ විවිධ රටවල්වල විවිධ ජාතීන් අතරේ ශ්‍රී ලාංකිකයන් සැමවිටම කැපී පෙනෙන හැකියාවන් සහ දක්ෂතාවන් පෙන්නුම් කරනවා. දීර්ඝ කාලයක් සිටින ශ්‍රී ලාංකිකයන්ට ශ්‍රී ලංකා රජයේ ගෞරවය අපි පිරිනමනවා. ඔබ මෙහි ජීවත් වූවත් අපගේ මාතෘභූමිය පිළිබඳ තොරතුරු ඔබ දන්නවා. නමුත් කොතෙක් දුරට නිවැරැදි තොරතුරු ඔබ වෙත ගලා එනවා ද යන්න පිළිබඳව ප්‍රශ්නයක් තිබෙන බව මම දකිනවා. අදත් ශ්‍රී ලාංකිකයන් පිරිසක් මා හමුවීමට පැමිණ සිටියා. බොහෝ වේලාවට පෞද්ගලික සහ සංවිධාන වශයෙන් හමුවී කතා කරනවා. එම සාකච්ඡා මගින් මා අවබෝධ කරගත් කරුණක් වන්නේ, මොනතරම් වැරදි තොරතුරු ඔබ අහනවා ද දකිනවා ද කියන කාරණාව.අන්තර්ජාලයෙහි තිබෙන ප්‍රකාශන, ප්‍රවෘත්ති තුළ පැහැදිලි ලෙසම සියයට 75කට වඩා තිබෙන්නේ සත්‍යයෙන් තොරවූ දේවල්. අසත්‍ය වූ දේවල්. නිමල් සිරිපාල ඇමතිතුමාත් මමත් අද සාකච්ඡා කිහිපයකම එකට වාඩි වුණා. ඇමැතිතුමාත් ළඟ සිටි නිසා සමහර දේවල්වලට මට සාක්ෂි ඉදිරිපත් කිරීමට හැකියාව ලැබුණා. පසුගිය දිනවල අපේ රටේ මහනුවර ප්‍රදේශයේ ඇතිවූ සිංහල - මුස්ලිම් ගැටුම්වලදී සිදුවූ සිද්ධීන් සහ එම පසුබිම් පිළිබඳව සත්‍යයට වඩා කොතරම් අසත්‍ය දේ පැතිර ගොස් තිබෙනවාද. එමෙන්ම රජය කළ කාර්යයන් පිළිබඳව නිවැරැදි තොරතුරු මොනතරම් අඩුවෙන් වාර්තාවී තිබෙනවාද. වැරැදි තොරතුරු මොනතරම් වේගයෙන් විදේශයන්හි සිටින ශ්‍රී ලාංකිකයන්ට ලැබී තිබෙනවා ද කියන කාරණාව මම දැකපු දෙයක්. ඔබ සමහරවිට ඔබේ මවුපියන්ට, ඥාතීන්ට, මිත්‍රයන්ට දිනපතා දුරකතනයෙන් කතා කරනවා ඇති. අන්තර්ජාලය හරහා කතා කරනවා ඇති. නමුත් සත්‍යය යටපත්වී අසත්‍යය ඉස්මතුවී අසත්‍යය වේගයෙන් සමාජය තුළ ගලා යාමයි මම දකින්නේ. රටේ සිදුවන දේ පිළිබඳ නිවැරැදි තොරතුරු නොලැබීම සහ නොදැකීම. රජය සිදුකරන කටයුතු සම්බන්ධයෙන් හරිහැටි අවබෝධයක් නොතිබීම වැනි කරුණු ගණනාවක් මම දකිනවා. නව තාක්ෂණික මෙවලම් නිර්මාණය කළ සැබෑ මානවවාදී විශිෂ්ටයන් සහ විද්‍යාඥයන් යහපත් සමාජයක පැවැත්ම, ස්ථාවරත්වය සහ අනාගතය සඳහායි එම මෙවලම් නිර්මාණය කර තිබෙන්නේ. එහෙත් ඒවා මොනතරම් දුරට අයහපත් ලෙස භාවිත වනවාද කියන කාරණය අද අපේ රටට පමණක් නොවේ මුළු ලෝකයම දකින දෙයක්. සමාජ වෙබ් අඩවි ඇමෙරිකා එක්සත් ජනපදයට බරපතළ ප්‍රශ්නයක් වෙලා තිබෙනවා. ලෝකයේ රටවල් ගණනාවකට එම තත්ත්වය ඇතිවී තිබෙනවා. මහනුවර ඇතිවූ සිදුවීමේදී පැය කිහිපයක් තුළ අපි රජය විදියට ඇඳිරි නීතිය දැම්මා. හදිසි නීතිය දැම්මා. ත්‍රිවිධ හමුදාව යෙදෙව්වා. සමාජ වෙබ් අඩවි සම්පූර්ණයෙන්ම වසා දැම්මා. දැඩි විරෝධතාවන් මැද තානාපතිවරුන්ට අපේ රටේ සිටින සමහර අයට ලොකු අමාරුවක් හැදුණා මේවා අපි කරන කොට. සමහර අය චෝදනා ස්වරූපයෙන් කතා කරන්න ගත්තා. විදේශීය තානාපතිවරු සීමාවෙන් එහා කතා කරන්න ගත්තා. ඒ කිසිම දෙයකට අපි සැලුණේ නැහැ. බය වුණේ නැහැ. ගන්න තිබුණු තීන්දු තීරණ අපි නිසියාකාරව ගත්තා. රටක් විදියට සිදුවීමට ගිය විශාල විනාශයක් අපිට වළක්වා ගන්න පුළුවන්කම ලැබුණා.එක්සත් ජාතීන්ගේ අනු සංවිධානයක් ඒ දිනවල වාර්තා කළා ඇමෙරිකාවටත් බැරි වූ දේ ශ්‍රී ලංකා රජය සමාජ වෙබ් අඩවි වසා දැමීම ඉතා විශිෂ්ට විදියට සිදු කළා කියා. එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් තවත් අනු සංවිධානයක් කියා සිටියා, මහනුවර සිදුවීමේදී ශ්‍රී ලංකා රජය කළ දේ මියන්මාරයේ පළමුවැනි සිදුවීම ඇතිවූ අවස්ථාවේදී මියන්මාරය කළා නම්, මියන්මාරයේ අද සිදුවන මහා ඛේදවාචකය ඒ රටේ අද සිදුවෙන්නේ නැහැ කියා. ජාත්‍යන්තර සංවිධාන සියල්ලම අපි කළ දේ නිවැරදියි කිව්වා. අපේ රටේ මවුපියන්, ඒ වැඬේ ඉතාමත් හොඳයි කියා කිව්වා. මගෙන් ඉල්ලා සිටියා පුළුවන්නම් හැමදාටම වෙබ් අඩවි වසා දමන්න කියා. ළමයි හදා ගන්න බැහැ කියා. අ.පො.ස සාමාන්‍ය/පෙළ හා අ.පො.ස උසස්/පෙළ ලියන ළමයින්ගේ මවුපියන් මට කතා කළා, ටෙලිග්‍රෑම් එව්වා, ලිපි එව්වා ඒ වැඬේ ඉතාමත් හොඳයි කියා. අපි යහපත් සමාජයක් ගොඩනගන්න ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම්, මූලික අයිතිවාසිකම් එහි තිබෙන අගයන් අපි සෑම කෙනෙක්ම දන්නවා. මේ සියලු දේවල්වලින් ලබා දෙන නිදහස යහපත් මිනිස්සු යහපත් ලෙස භුක්ති විඳිද්දී අයහපත් මිනිස්සු ඒවා අයහපත් ලෙස භාවිත කරනවාද යන ප්‍රශ්නය මුළු සමස්ත මානව සමාජයටම බරපතළ ප්‍රශ්නයක්වී තිබෙනවා. තාක්ෂණය සහ මිනිසාගේ නිදහස දියුණු සමාජයකට දීමේදී දියුණු මිනිසුන් යහපත් ලෙස සිය ඥානයෙන්, ප්‍රඥාවෙන් සහ නුවණින් ඒවා භුක්ති විඳිනවා වගේම අයහපත් ලෙස ඒවා භාවිත කරන අය කොතෙක්ද කියා අප දකින දෙයක්. මේ තත්ත්වය අද ඊයේ ඇතිවූ දෙයක් නොවන බවත් ඔබ දන්නවා. බුදුන් වහන්සේ බුද්ධත්වය ලබන අවස්ථාවේ මහා භාරතයේ සමාජය තුළ තිබුණු සංකීර්ණ ස්වභාවය ඔබ හොඳින් කියවා ඇතැයි මා විශ්වාස කරනවා. එමෙන්ම මහම්මත්තුමා, ක්‍රිස්තුන්වහන්සේ උන්වහන්සේලා බිහිවූ සමාජ පසුබිම පිළිබඳ යම් අවබෝධයක් ඔබට තිබෙනවා. අනගාරික ධර්මපාලතුමා, හෙන්රි ස්ටීල් ඕල්කට්තුමා බුදු දහම රැක ගැනීම වෙනුවෙන් අතිමහත් වූ මෙහෙවරක් ඉටු කළා. අවසානයේ රට තුළ ඇතිවුණු විවිධ අර්බුදකාරී තත්ත්වයන් නිසා හෙන්රි ස්ටීල් ඕල්කට්තුමා ඇමරිකාවට ගියා. අනගාරික ධර්මපාලතුමත් රට දාලා ඉන්දියාවට ගිහිල්ලා ශ්‍රී ලාංකිකයන් ඉන්න රටේ පැත්තටවත් ඔළුව දාගෙන නිදාගන්නේ නැහැ කියලා කිව්වා. ඒ මොකද එදා ඒ සමාජයේ තිබුණු පිරිහීම නිසා. අපේ රටේ ඇතැම් අය හිතනවා දේශපාලන ඝට්ඨන තිබෙන්නේ අපේ රටේ විතරයි කියලා. බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍යතුමිය තෙරේසා මේ මැතිණිය පොදුරාජ්‍ය මණ්ඩලීය සමුළුවට ආපු රාජ්‍ය නායකයන් හමුවෙන්න නියමිතව තිබුණේ අද දහවල් 12.00 ට පමණ. නමුත් පාර්ලිමේන්තුවේ තිබුණු තත්ත්වයත් එක්ක හදිසියේම එම හමුව අවලංගු කළා.නිමල් සිරිපාල ද සිල්වා ඇමතිතුමයි මමයි පසුගිය මාසේ ජපානයේ ගිය අවස්ථාවේ ජපන් අග්‍රාමාත්‍යතුමාගේ නිල නිවසේ සාකච්ඡාවලට ගියා. ඒ යනකොට 2000 ක් විතර ජපන් අගමැතිතුමාගේ අග්‍රාමාත්‍ය කාර්යාලය ඉස්සරහ ජපන් අගමැතිතුමාට ඉල්ලා අස්වෙන්න කියලා බෝඞ් උස්සගෙන ඉන්නවා. මම බැලුවා මේ ලංකාවේ කට්ටියක්වත් වැරදිලා එහේ ගිහිල්ලද කියලා. ඒ නිල සාකච්ඡා අවසන් වෙලා ආපසු එන විට 5000 ක් විතර බෝඞ් උස්සගෙන ඉන්නවා. වර්තමානයේ සෑම රටකම වගේ මෙවැනි දේශපාලන ගැටුම්, ආර්ථික ගැටුම් තිබෙනවා.රජයක් විදියට අපේ ආදරණීය මාතෘභූමිය වෙනුවෙන් කළ යුතු කළ හැකි වගකීම් නොපිරිහෙලා වගකීමකින් ඉෂ්ට කරනවා. සියලු ජාතීන්ගේ සමගිය ගොඩනගන්න, සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව තුළ සැබෑ සහජීවනයක් ඇති කරන්න, සැබෑ සමගියක් ඇති කරන්න, ගැටුම්වලින් තොර සමාජයක් ගොඩනගන්න, නැවත යුද්ධයක් ඇති නොවන විදියට කටයුතු කරන්න අපි කටයුතු කරනවා. අපේ රටේ ඇතැම් මුද්‍රිත මාධ්‍ය සහ විද්‍යුත් මාධ්‍ය ආයතන රට තුළ තිබෙන නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය කොතරම් වැරදි විදියට භාවිත කරනවද කියන ප්‍රශ්නය අපි දකිනවා. සත්‍යයෙන් තොර දේවල්. ගැටුම් සහගත දේවල් නිතරම ඒවායේ ප්‍රචාරය වෙනවා. මාධ්‍යයේ තිබිය යුතු ගුණාත්මකභාවය කොතෙක් දුරට ඔවුන් රකිනවාද කියන ප්‍රශ්නය තිබෙනවා. ඒ නිසයි මම කියන්නේ අයහපත් දේ සමාජයට දීම නිසා රටේ ඇතිවෙන පසුබෑම් වෙනුවෙන් ඒ සෑම අංශයකම කෙනෙක් ඒ වගකීම ගත යුතු වෙනවා.අපේ මාතෘභූමියේ අනාගතය සඳහා දැනට අවසන් කර ඇති සහ කරගෙන යන ආර්ථික සැලසුම් පැහැදිලිවම ජයග්‍රහණ අත්කරගෙන තිබෙනවා. රටේ සංවර්ධන කටයුතුත් ඉතාමත් වේගයෙන් කරගෙන යනවා. ඒවායේ කිසිදු අඩුපාඩුවක් නැහැ. ඒවගේම පසුගිය අවුරුදු තුනහමාරක කාලය තුළ අන්තර්ජාතික වශයෙන් අපි ලබා ඇති ජයග්‍රහණ රාශියක් තිබෙනවා. ඔබ දන්නවා මම 2015 එක්සත් රාජධානියට ආවා. 2015, 2016 වර්ෂවල සම්පූර්ණයෙන් කැප වුණේ ජාත්‍යන්තර වශයෙන් අපෙන් ඈත් වෙලා තිබුණු රටවල් වල හොඳ හිත දිනා ගැනීම සඳහායි. අපේ විදේශ ප්‍රතිපත්තිය තුළ අපි කිසිම කෙනෙක් අමනාප කරගෙන නැහැ. සෑම කෙනෙක්ම අපේ හිතවතුන්. මිත්‍රයන්. සෑම කෙනෙක්ම අපිට සලකනවා. යුරෝපය, අමරිකාව, මහ බි්‍රතාන්‍ය වගේම චීනය, ඉන්දියාව, රුසියාව, ජපානයත් මැද පෙරදිග රටවලුත් අපේ මිත්‍රයෝ. නිදහසින් පසු ලංකාවේ අන්තර්ජාතික සබඳතා මේ තරම් ශක්තිමත්ව තිබුණු කාලයක් මම දකින්නේ නැහැ. මෙය මම ජනාධිපති නිසා කියනවා නෙවෙයි. ඒ මොකද බොහෝ වෙලාවට ලෝකයේ තිබුණු දේශපාලන බලකඳවුරු දෙකෙන් එක් පාර්ශ්වයක හොඳ හිත දිනා ගැනීමත් අනික් පාර්ශ්වය ඈත් වීමක් තමයි අතීතයේ සිටම සිදුවුණේ. පනහේ දශකය හැටේ දශකය වගේ කාලය තුළ ලෝකයේ දේශපාලන බලකඳවුරුවාදය ඉතාමත්ම ප්‍රබලයි. ඇමරිකා එක්සත් ජනපදය සහ ධනවාදී රටවල් එක පැත්තකින් ඒවගේම සෝවියට් සමාජවාදී සමූහ ආණ්ඩුව ඇතුළු කොමියුනිස්ට් රටවල් තවත් පැත්තකින්. ඒ කාලයේ බලකඳවුරුවාදය තුළ අපි වගේ පුංචි රටවල්වලට ලෝකයේ තැනක් තිබුණා. එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ වුණත් අපේ පුංචි රටවල්වල ඡන්දයට වැඩි වටිනාකමක් තිබුණා. ලෝකය තනි බලයකට යටත් වීමත් සමග ඉරාකය, ලිබියාව වැනි රටවල් මුළුමනින්ම කඩාදමනු ලැබුවා. ඉරාකයේ අදත් මොනතරම් මිනිස්සු මැරෙනවද කියලා ඔබ දන්නවා. මේ වන විට ලක්ෂ විස්සකට වැඩිය ඉරාකයේ මිය ගිහින් තිබෙනවා. ලිබියාව රටවල් තුනකට කැඩිලා තිබෙනවා. ඉරාකය රටවල් තුනකට කැඩිලා තිබෙනවා. ඒවායේ ප්‍රතිඵල නිසා තමයි අද තිබෙන ජාත්‍යන්තර ත්‍රස්තවාදය කියන එක නිර්මාණය වුණේ කියලා අපි නම් විශ්වාස කරන්නේ. ඒක නිසා මේ බලවතුන්ගේ තිබෙන බලවත්කම් එක්ක ජනගහනය අඩු වුණාම භූමියෙන් පුංචි රටක් වුණාට ශ්‍රේෂ්ඨ ජාතියක් විදියට ගෞරවාන්විත ජාතියක් විදියට අපි සෑම විටම ජාත්‍යන්තරය ඉදිරියේ අපේ ප්‍රතිපත්තීන් තුළ රැඳීසිටිය යුතු වෙනවා. ඒ තුළ අපිට ලෝකයේ සෑම කෙනෙක්ම දිනා ගන්න පුළුවන්. මධ්‍යස්ථ විදේශ ප්‍රතිපත්තියක් තුළ බලකඳවුරු වාදයෙන් බැහැරව විශේෂයෙන්ම නොබැඳි ප්‍රතිපත්තීන් තුළ. අපේ රජය මූලික වශයෙන්ම ජාත්‍යන්තර සබඳතා ශක්තිමත් කරගෙන තිබෙනවා. අපිට සෑම කෙනෙක්ම සලකනවා. සෑම කෙනෙක්ම උදව් කරනවා. අපි සුබවාදී ලෙස අපේ රට දිහා බැලිය යුතුයි. මාධ්‍ය තුළ පළවෙන අයහපත් දේ සහ අසුබවාදී දේ ප්‍රතික්ෂේප කරමින් රටේ අනාගතය සඳහා අපේ මාතෘභූමියේ හෙට උපදින දරුවන් වෙනුවෙන් හොඳ රටක් හදන්න අපි සැමවිටම කැපවීම් කළ යුතු වෙනවා. යැයි ද ජනාධිපතිවරයා සඳහන් කළේය. මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර, ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
|
අපේ දරුවන් දැනුමෙන් උගත්කමින් සන්නද්ධ කිරීමේ වගකීම නොපිරිහෙළා ඉටුකරනවා ඔක්කොටම මුල විනයක් නැතිකම - ජනපති
| 0 |
මහ මැතිවරණයට හරියටම සතියකි. ‘කුමක් වෙයිද’? කතාබහ ඒ සම්බන්ධයෙනි. මේ ඒ පිළිබඳව එක්සත් ජාතික පෙරමුණේ ගම්පහ දිස්ත‍්‍රික් අපේක්ෂක, ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන මහතා සමග කළ සාකච්ඡාවකි.ප‍්‍රශ්නය : මහ මැතිවරණයට හරියටම සතියයි. කොහොමද ඔබේ ගණන් බැලීම?පිළිතුර : එක්සත් ජාතික පෙරමුණ අතිවිශිෂ්ට ජයග‍්‍රහණයක් ලබනවා. ඒක ඒකාන්තයි. රටේ සමස්ත ජනතාව පක්ෂයක්, පාටක් බලන්නේ නැතිව අපිත් එක්ක එකතු වෙනවා. විශේෂයෙන්ම එදා ජනාධිපතිවරණයේදී අපි දිනාගත්ත යහපාලනය වඩාත් අර්ථවත් කරගන්න ජනතාව බලාපොරොත්තු වෙනවා. ඒ අපේ පක්ෂය හරහා. ඒ නිසා ඒ ජනතාව තමන්ගේ ඒ දේශපාලන අභිලාසය මුදුන් පමුණුවන්න එක්සත් ජාතික පෙරමුණ දිනවනවා. ඒක සහතිකයි.ප‍්‍රශ්නය : එක පැත්තකින් මතයක් තියෙනවා. මේ මැතිවරණයේදී කිසිම පක්ෂයකට බහුතර බලයක් ලැබෙන්නේ නැහැ කියලා.පිළිතුර : ඒක මම පිළිගන්නේ නැහැ. රටේ හමන රැුල්ල දිහා බැලූවම එක්සත් ජාතික පෙරමුණට බහුතර බලය ලැබෙනවා. මම ගම්පහ දිස්ත‍්‍රික්කය පුරාම ගියා. ජන හමුවලට සහභාගි වුණා. ඒ ප‍්‍රතිචාරය ඔබ දැක්කා නම් ඇත්තටම ඔය ප‍්‍රශ්නය මතු කරන්නේ නැහැ. කිසිම සැකයක් නැහැ. එක්සත් ජාතික පෙරමුණට පැහැදිලි බහුතර බලයක් ලැබෙනවා.ප‍්‍රශ්නය : එජාපයට රට දෙන්න ගෙවීගිය මාස හතේදී කළ කී දෑ ප‍්‍රමාණවත් කියලා ඔබ හිතනවාද?පිළිතුර : අනිවාර්යයෙන්ම! රටේ යහපාලනය සඳහා මුල පිරුවේ අපේ පක්ෂයයි. රටේ දේශපාලන වෙනස ඇති කරන්න පක්ෂයක් විදියට අපි පරිත්‍යාගශීලී වුණා. ඒ වගේම ඇප වුණා, කැප වුණා. ඊට පස්සේ ආවේ ජාතික ආණ්ඩුවක්. එජාපය, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසය, ජාතික හෙළ උරුමය වගේ පක්ෂ ගණනාවක් ඒකරාශි වෙලා තමයි ඒ ජාතික ආණ්ඩුව දින සියයකට නිර්මාණය කළේ. ඒ දින සියයේ වැඩ සටහනින් පස්සේ තමයි අපි මහ මැතිවරණයට යන්න ඉලක්ක කළේ. ඒ දින සියයේ වැඩ පිළිවෙළ හරහා රටට දිනා දුන්න ජයග‍්‍රහණ. ඒ ජයග‍්‍රහණ තව තවත් වැඩියෙන් අත්පත් කරගන්න ජනතාව තීන්දු කරලා ඉවරයි.ප‍්‍රශ්නය : ගම්පහ දිස්ත‍්‍රික්කය ගැන කතා කළොත් කොහොමද ගම්පහ දිස්ත‍්‍රික්කයේ හැසිරීම?පිළිතුර : ගම්පහ දිස්ත‍්‍රික්කයෙන් අපි ඉහළම ජයග‍්‍රහණයක් ලබාගන්නවා. අපේ රැුස්වීම්වලට මහා සෙනගක් එනවා. ඒ විතරක් නොවෙයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ශාඛා සභාපතිවරුන්, ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරුන් තමයි රැුස්වීම සංවිධානය කරන්නේ. ඒකෙන් පේනවා රැුල්ල තියෙන්නේ අපටයි කියලා. විශාල උද්ඝෝෂණයක්... උනන්දුවක් ජනතාව තුළ ඇතිවෙලා තියෙනවා.ප‍්‍රශ්නය : ඔබ එක්සත් ජාතික පක්ෂයේ යොවුන් පෙරමුණේ සභාපති. ගම්පහ දිස්ත‍්‍රික්කයේ තරුණයන්ට ඔබ දිනා දෙන්නේ මොනවාද?පිළිතුර : රටේම තරුණයන් වගේ තමයි ගම්පහ දිස්ත‍්‍රික්කයේ තරුණයොත් ඉල්ලා සිටින්නේ රැුකියා අවස්ථා. ආයෝජන අවස්ථා. අධ්‍යාපන අවස්ථා වගේම ක‍්‍රීඩා කෞෂල්‍යය දියුණු කර ගැනීමේ අවස්ථා තමයි බලාපොරොත්තු වෙන්නේ. විශේෂයෙන්ම මහින්ද රාජපක්ෂ පාලනය මේ රටේ තරුණ පරපුර සම්පූර්ණයෙන්ම අමතක කරලා තිබුණේ. තාරුණ්‍යයට හෙටක් කියලා ඒ අය තමන්ගේ පුතාලට හෙටක් තමයි හදන්න බැලූවේ. දැයට කිරුළ කියලා පුතුට කිරුළ තමයි හදන්න හැදුවේ. ඒ නිසා විශේෂයෙන්ම මේ රටේ තරුණ පරපුර ඉලක්ක කරලා අපේ රජයක් යටතේ විශේෂ ජාතික වැඩපිළිවෙළක් ක්රියාත්මක කරනවා. අග‍්‍රාමාත්‍යතුමාගේ විශේෂ අවධානය ඒ සම්බන්ධයෙන් යොමු කරලා තියෙනවා. එතැනදී ගුණාත්මක අධ්‍යාපනයක් ලබාදෙන්න අධ්‍යාපන ක්‍ෂේත‍්‍රයේ ගුණාත්මක වෙනසක් ඇති කරන්න බලාපොරොත්තු වෙනවා. සෑම ආසනයකම හැම පාසලක්ම වැඩිදියුණු කරන්න බලාපොරොත්තු වෙනවා. සෑම ආසනයකම, සෑම පාසලක් දියණු කරන ගමන් දිස්ත‍්‍රික්කයේ තෝරාගත් නගරවල දැනට ඇති ප‍්‍රධාන පාසල්වලට ලබාදෙන පහසුකම් විශාල ලෙස වැඩි කර ජනප‍්‍රිය පාසල් සඳහා තිබෙන තරගය බොහෝදුරට අවම කරනවා. අපේ දිස්ත‍්‍රික්කය ගත්තොත් ඉතාම දක්ෂ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් ඉන්නවා. නමුත් ඔවුන්ට අවශ්‍ය පහසුකම් හා ක‍්‍රීඩා සමාජ තිබුණත් ඔවුන්ට අවශ්‍ය උපකරණ නැහැ. ක‍්‍රීඩා උපදේශන සේවයක් නැහැ. නවීන ක‍්‍රීඩා පිට්ටනි සහ ගෘහස්ත ක‍්‍රීඩා පිට්ටනි නෑ. පසුගිය කාලයේදී මම මේ සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කළා. ඒකේ ප‍්‍රතිඵල තියෙනවා. ඒවා තවත් වැඩිදියුණු කරන්න අවශ්‍යයි. අපේ රජය යටතේ ඒ සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කරනවා.ප‍්‍රශ්නය : මෙයට පෙර පැවැති සම්මුඛ සාකච්ඡුාවකදී ඔබ කිව්වා ගම්පහ දිස්ත‍්‍රික්කයේ තරුණ පරපුර ඉලක්ක කරමින් විශේෂ රැුකියා හා ආයෝජන අවස්ථා නිර්මාණය කරනවා කියලා.පිළිතුර : ඔව් අපේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේදී අපේ නායකතුමා ඉතාම පැහැදිලිව ප‍්‍රකාශ කරලා තියෙනවා එතුමා ගම්පහ දිස්ත‍්‍රික්කයේ ආසන කිහිපයකම කර්මාන්තපුර බිහි කරනවා කියලා. එවැනි කර්මාන්තපුර බිහි කිරීමෙන් විශාල රැුකියා අවස්ථා ප‍්‍රමාණයක් නිර්මාණය වෙනවා. මම විශ්වාස කරන දෙයක් තමයි තරුණයන්ට නැත්තේ අවස්ථාවන්. අපි ඔවුන්ට දෙන්න ඕනෑ අවස්ථාවන්. මගේ බියගම ආසනයේ මගේ නායකතුමා සංවිධායක වශයෙන් ඉන්න කාලෙත් එතුමා කර්මාන්ත පුරයක් බියගමට ලබා දුන්නා. එයින් විශාල දියුණුවක් ඇතිවුණා. රැුකියා දහස් ගණනක් තරුණ තරුණියන්ට ලැබුණා. එබඳු අවස්ථා විශාල ප‍්‍රමාණයක් අපි දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒවගේම පිටරටින් ආයෝජන ගෙනල්ලා අවශ්‍ය කර්මාන්ත ශාලා බිහි කරලා ගම්පහ දිස්ත‍්‍රික්කයේ තරුණ ජනයාට රැුකියා අවස්ථා ලබා දෙනවා. ඒකට අවශ්‍ය සියලූ කටයුතු සූදානම් කරලයි තියෙන්නේ.ප‍්‍රශ්නය : ඔබේ ප‍්‍රතිපත්ති ප්රකාශනයේ සඳහන් වෙනවා මුළු බස්නාහිර පළාතම එකම නගරයක් බවට පත් කරනවා කියලා.පිළිතුර : ඔව් බස්නාහිර පළාතම එකම නගරයක් කරන්න අවශ්‍යයි. එතකොට විද්‍යාත්මක ක‍්‍රමයට යටිතල පහසුකම් දියුණු කරන්න පුළුවන්. වැඩිම ජනතාවක් ජීවත් වෙන්නේ මේ බස්නාහිර පළාතේ. කොළඹ විතරක් දියුණු කරන්නේ නැතිව ගම්පහත්. කළුතරත් ඒ විදිහටම දියුණු කරලා සමාන මට්ටමට ගෙනල්ලා එකම නගරයක් බවට පත් කළාම ඒක ජනතාවට වඩාත් වාසිදායක තත්ත්වයක්. විශේෂයෙන්ම කියන්න ඕනෑ... සංවර්ධනය කියන්නේ ජනතාවගේ අවශ්‍යතාවයන් තේරුම් ගනිමින් අනාගත අභියෝග හඳුනා ගනිමින් ඒවා ජය ගැනීමට සමත්වන ආකාරයට ව්‍යාපෘති සැලසුම් කිරීමයි. අපි කරන්නේ ඒ දෙයයි.ප‍්‍රශ්නය : ඔබ තරුණයෙකු හැටියට ජාතික නායකත්වයට වේගයෙන් පැමිණි කෙනෙක්. රටේ පොදු තරුණයාටත් තමන්ගේ දක්ෂතාවය මත එහෙම මතුවෙන්න අවශ්‍ය පරිසරය එජාප ආණ්ඩුවක් යටතේ හැදේවිද?පිළිතුර : අනිවාර්යයෙන්ම! අපේ පක්ෂයේ යොවුන් පෙරමුණ හරහා අපේ නායකතුමාටත් අපි ඉල්ලීමක් කළා. ඕනෑම මැතිවරණයකදී අපේ යොවුන් පෙරමුණේ ක‍්‍රියාකාරී තරුණ තරුණියන්ට වැඩි අවස්ථාවක් ලබා දෙන්න කියලා. ඒක තරුණ ප‍්‍රජාව බලාපොරොත්තුවෙන් සිටින දෙයක්. මම මුලිනුත් කිව්වේ ඒකයි. මේ රටේ තරුණ තරුණියෝ ඉල්ලා සිටින්නේ අවස්ථාවන්. අවස්ථාවන් ලැබෙනවා නම් අභියෝග ජයගන්න ඔවුන්ට පුළුවන්. මමත් අපේ යොවුන් පෙරමුණත් නායකතුමාගෙන් විශේෂයෙන් ඉල්ලීමක් කළේත් මැතිවරණවලදී යොවුන් පෙරමුණේ ක‍්‍රියාකාරීන්ට වැඩි අවස්ථාවක් දෙන්න කියලා.ප‍්‍රශ්නය : ඔබ මෙතෙක් ගම්පහ දිස්ත‍්‍රික්කයට කළ කී දෙය සම්බන්ධයෙන් තෘප්තිමත්ද?පිළිතුර : ඇත්තටම සමාජ සේවයේදී තෘප්තිමත් භාවයක් ඇති කරගන්නේ කොහොමද කියන එක මට නම් ප‍්‍රශ්නයක්. මට මූළු දේශපාලනයම සමාජ සේවයක්. ගම්පහ දිස්ත‍්‍රික්කයෙන් ශිෂ්‍යත්ව විභාගයෙන් සමත්කම් දක්වපු සිසු සිසුවියන්ට, සාමාන්‍ය පෙළ හා උසස් පෙළ ඉහළම දක්ෂතා දක්වපු සිසු සිසුවියන්ව අපි දිරිමත් කරනවා. ඔවුන්ගේ ජයග‍්‍රහණය අපි අගය කරනවා. වයිෆයි තාක්ෂණය ලබල දෙන්න ඉදිරියේදී මම කටයුතු කරගෙනයි යන්නෙ. මත් උවදුරින් ගම්පහ දරුවන් සහ තරුණ තරුණියන් බේරාගැනීමේ විශේෂ වැඩ පිළිවෙළක් ක‍්‍රියාත්මක වෙනවා. විශේෂයෙන්ම කිවයුතුයි... මේ රටේ වීරෝදාර ආරක්ෂක අංශවල සාමාජිකයින් ඉලක්ක කරලා විශේෂ ජාතික වැඩසටහනක් ක‍්‍රියාත්මක කරනවා. දැනට මේක ගම්පහ දිස්ත‍්‍රික්කය තුළ ක‍්‍රියාත්මකයි. එතැනදී මියගිය හමුදා පවුල්වල ආබාධිත සෙබළුන් හා එම සෙබළුන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ සුබසාධනය වෙනුවෙන් එම වැඩපිළිවෙළ ක‍්‍රියාත්මක වෙනවා. එහිදී එම විරුවන්ගේ ඉඩම් ප‍්‍රශ්නය සහ නිවාස ප‍්‍රශ්නය ගැන විශේෂ අවධානයක් යොමුකරන්න මම බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ එණවිරු සාමාජිකයන්ට තිබුණ නිවාසයක සහ තමන්ටම උරුම ඉඩම් කැබැල්ලක සිහිනය ඉදිරි එජාප රජයක් තුළින් සැබෑකරන්නයි මගේ අදහස. ආරක්ෂක අමාත්‍ය ජනාධිපති තුමාගේ සහ ගරු අගමැතිතුමාගේ අනුමැතිය ඇතිව ඉඩම් ඇමැතිතුමාගේ නිර්දේශය මත අවම වශයෙන් පර්චස් 10ක ඉඩමක් සහ එහි නිවෙසක් තනාගැනීමට ඉතාම අවම පොලියකට ණය මුදලක් ලබාදෙන්න මගේ යෝජනා තුළ තිබෙනවා. ගම්පහ දිස්ත‍්‍රික්කයේ කාන්තාවන්ගේ ආර්ථිකය සවිබල ගැන්වීම සඳහා විශේෂයෙන්ම මම ආරම්භ කළ ලියදිරිය වැඩ සටහන සීග‍්‍රයෙන් ගම්පහ දිස්ත‍්‍රික්කය තුළ ව්‍යාප්ත වෙනවා. මේක රට පුරාම ව්‍යාප්ත කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් මධ්‍යම අධිවේගී මාර්ගයට මුල්ගල තිබ්බා. මේ සියලූ සංවර්ධන ව්‍යාපෘති මගින් පොදුවේ රටටත් විශේෂයෙන්ම ගම්පහ දිස්ත‍්‍රික්කයේ ජනතාවටත් විශාල වශයෙන් ප‍්‍රයෝජන අත්පත් වෙනවා.ප‍්‍රශ්නය : එක්සත් ජාතික පෙරමුණට මීළඟ ආණ්ඩුව පිහිටුවන්න පුළුවන් කියලා ඔබ විශ්වාස කරනවා?පිළිතුර : අනිවාර්යයෙන්ම ඔව්! ඒ පිළිබඳව කිසිම සැකයක් නැහැ. මේ මැතිවරණයේ ජයග‍්‍රහණය වෙනුවෙන් මෙන්ම ඒ ලබාගන්නා ජයග‍්‍රහණය සුරක්ෂිත කර රටට ජනතාවට වඩාත් යහපත් අනාගතයක් නිර්මාණය කිරීමේ වගකීමේදී මා වෙත පවරන ඕනෑම කාර්යභාරයක් ඉතාම ඉහළින්ම ඉටුකිරීමට මම සූදානම්.
|
අපේ දරුවන් දැනුමෙන් උගත්කමින් සන්නද්ධ කිරීමේ වගකීම නොපිරිහෙළා ඉටුකරනවා ඔක්කොටම මුල විනයක් නැතිකම - ජනපති
| 0 |
(හසිත රංග ගුණතිලක)ගමේ ජනතාව ගමේම තියමින් ගම හා නගරය එකිනෙකට සම්බන්ධ කරන ආර්ථිකයක් ගොඩනගන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා බත්තරමුල්ලේ දී ඊයේ (4) පැවසීය.තරුණ තරුණියන්ගේ සාම්ප්‍රදායික රැකියා ඉල්ලුම අවසන් කර ඔවුනගේ හැකියාවට දක්ෂතාවට මුල් තැන දෙමින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් නිර්මාණය කිරීම සඳහා රටේ සමස්ත තරුණ්‍යය යොදා ගන්නා බව ද දිසානායක මහතා කියා සිටියේය.තම පාලනයක් යටතේ රටේ සමස්ත ජනතාව පාලන තන්ත්‍රයේ හවුල්කරුවන් කරගන්නා බව ද අනුර කුමාර දිසානායක මහතා කීය.බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේ දී ඊයේ (4) පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක දී දිසානායක මහතා මේ බව සඳහන් කළේය.එහිදී අනුර කුමාර දිසානායක මහතා මෙසේ ද පැවසීය.අපේ රටේ තීරණාත්මක හැරවුම් ලක්ෂ්‍යය මෙවර ජනාධිපතිවරණයයි. ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂකයා නම් කර මේ වන විට මාස දෙකහමාරකට ආසන්න කාලයක් ගත වෙනවා. අපේ රටේ දේශපාලනය වෙනස් විය යුත්තේ ඇයි ද යන්න එම කාලය තුළ යමින් ගමට යමින් ජනතාව දැනුවත් කරනු ලැබුවා.අපේ රටේ දේශපාලනඥයින්ගෙන් බහුතරයක් බලය ලබා ගැනීමට දෙන පොරොන්දු බලය ලබා ගත් පසුව අමතක කර දමනවා. ජනාධිපති අපේක්ෂකයින් ඉදිරිපත් කර ඇති ප්‍රතිපත්ති ප්‍රකාශ අතරින් ශක්තිමත්ම ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කර ඇත්තේ ජාතික ජන බලවේගය වන අපියි.ආර්ථික අතින් ගතහොත් අපේ රට දුප්පත්භාවයට පත්වූ රටක් වනවා. වසර 71ක් පුරා අපේ රට පාලනය කළ පාලකයින් විසින් අපේ රට දුප්පත්භාවයට පත් කරනු ලැබුවා. දුප්පත්භාවයේ පතුලටම බැස තිබෙන අපේ රට පොහොසත් රටක් බවට පත් කිරීම අපේ ආර්ථික ප්‍රතිපත්තිය සතුයි.සමෘද්ධි දීමනාව ලබා ගන්නා පවුල් ලක්ෂ 20ක් පමණ අපේ රටේ සිටිනවා. ඔවුන්ට සමෘද්ධි සහනාධාරය ලබාදෙන ගමන් ක්‍රමවත් වූ ආර්ථික උපායමාර්ගයක් සාදා දීම අපේ ප්‍රතිපත්තියයි. අපේ පාලනය තුළ දුප්පත්කම මෙරටින් අනිවාර්යෙන්ම තුරන් කරනවා. බාල, තරුණ, මහලු යන සියලු දෙනාටම සම අයිතීන් ලැබෙන සමාජයක් නිර්මාණය කළ යුතුයි. ළමයාට හිමි ළමා කාලය ඔවුන්ට දිය යුතුයි. තරුණයින්ගේ හැකියාව දක්ෂතාව අනුව රට ගොඩනගන යාන්ත්‍රණයට ඔවුන් සම්බන්ධ කරගත යුතුයි.බොහෝවිට වැඩිහිටි පරපුර පවුල්වලට බරක් වෙලා. වැඩිහිටියන් ආරක්ෂා කිරීම සමාජ වගකීමක් වනවා.රටේ සමස්ත ජනතාවගෙන් සියයට 9ක් පමණ කුමක් හෝ ආබාධයකින් පෙළෙන ජනතාවක් සිටිනවා. නමුත් ඔවුන් සමාජයේ ජීවත් නොවිය යුතු පිරිසක් බවට වන වටපිටාවක් පාලකයින් රටේ නිර්මාණය කර තිබෙනවා. එම තත්ත්වය අප සම්පූර්ණයෙන්ම නැතිකර දමනවා.අන්ධ අයටත් ශ්‍රව්‍යාබාධිත අයටත් භාවිත කළ හැකි ලෙස අපේ ප්‍රතිපත්ති ප්‍රකාශය සමාජ ජාල මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කර තිබෙනවා.අධ්‍යාපනය, සෞඛ්‍ය හා ප්‍රවාහනය ජනතාවගේ මූලික සේවාවන් වනවා. එහෙත් එම සියලු සේවාවන් ජනතාවගේ පොකට් එකේ තරමට ලබා ගන්න වී තිබෙනවා.රාජ්‍ය සේවයේ පරිවර්තන යුගයක් යළි අවශ්‍යයි. රාජ්‍ය සේවයේ නියැළුණු සියලු දෙනා සිටින්නේ අසතුටුදායක ලෙසයි. එමගින් සේවා ලබා ගන්නා ජනතාව සිටින්නේ ද එලෙසයි. මෙරට අධිකරණයක ගොනුවන නඩුවක් නිරාකරණය කර ගන්න වසර ගණනක් ගත වනවා. රාජ්‍ය සේවයේ අකාර්යක්ෂමතාව එයින් පෙන්නුම් කරනවා. එමනිසා රාජ්‍ය සේවයේ ප්‍රතිසංස්කරණ රැසක් කඩිනමින් කළ යුතුයි.රටක් සංවර්ධනය කිරීමට නම් ජාතික ආරක්ෂාව සහ මහජන ආරක්ෂාව තහවුරු කළ යුතුයි. ඒවා කරන්න හමුදාවවත් යුද්ධය අවසන් කරන විට සිටි ආරක්ෂක ලේකම්ලාවත් අවශ්‍ය නැහැ. දේශපාලනයේ අන්තවාදීන්ව බැහැර කළ විට රටේ ජාතික සමගිය අපටත් නොදැනීම ඇති වනවා.ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළ හැකි දක්ෂ කණ්ඩායමක් අප සතුව ඉන්නවා. මෙතෙක් ගොඩනැගූ පාලනයන්ට වඩා අත්දැකීම් සහ නිපුණත්වයෙන් යුතු පිරිසක් අපට සිටිනවා. ජනතාව පත් කරන පාලකයින් වෙනස් කළ යුතුයි. නමුත් ජනතාව කොතරම් උත්සාහ කරත් පාලකයින් ඔවුන්ගේ චර්යාවන් වෙනස් කරගන්නේ නැහැ. වසර 71ක පාලන ක්‍රමය එය පෙන්වා තිබෙනවා.මෙම මස 16 වැනිදාට ජනතාව එය වෙනස් කළහොත් ආර්ථිකයෙන් පරිපූර්ණ සුරක්ෂිත රටක් අප ගොඩනගනවා. ජාතික ජන බලවේගයේ අපි පෙනී සිටින්නේ ආණ්ඩු වෙනස් කරන්න නොව සමාජ පරිවර්තනයක් සිදු කරන්නයි යැයි ද ඔහු පැවසීය.එහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න සහ අනුර කුමාර දිසානායක මහතා ඊට ලබාදුන් පිළිතුරු මෙසේය.ප්‍රශ්නය - සමාජ ජාලා මාධ්‍ය මගින් පමණක් ඔබගේ ප්‍රතිපත්ති ප්‍රකාශ වැඩපිළිවෙළ ප්‍රචාරය කිරීම ප්‍රමාණවත් ද?පිළිතුර - අනෙකුත් අපේක්ෂකයින් සමග සැසඳීමේ දී සමාජ ජාලා මාධ්‍යවල සිටින බහුතරයක් අයගේ වැඩපිළිවෙළ අනුමත කර තිබෙනවා. සමහර දේශපාලන පත්ෂවලට නාළිකා තිබෙනවා. සමහර නාළිකාවලට දේශපාලන පක්ෂ තිබෙනවා. මාධ්‍යවලින් අපට ඉඩක් නොලැබුණත් අපේ වැඩපිළිවෙළ ප්‍රචාරය කළ හැකි සෑම අංශයකින්ම ජනතාව දැනුවත් කරනවා. අපේ අරමුණ සෑම නිවසකටම ගෙයින් ගෙට ගොස් රට හදන අපේ වැඩපිළිවෙළ දැනුවත් කිරීමයි.ප්‍රශ්නය - තම පාලනයක් යටතේ ඔබලා ඉදිරිපත් කරන නව ව්‍යවස්ථාව කෙබඳු ද?පිළිතුර - පසුගිය 1978 වසරේ ව්‍යවස්ථාව මගින් බොහෝ පැතිකඩයන් ආවරණය වන්නේ නැහැ. මේ දක්වා 19 වතාවක් එම ව්‍යවස්ථාව සංශෝධනය වූයේ ඒ නිසයි. මෙම සියලු සංශෝධනයන් ගෙන එනු ලැබුවේ පාලකයින්ගේ වුවමනා ඉටුකර ගැනීමටයි. එහෙත් සංශෝධන විය යුත්තේ ජනතා වුවමනාවන් ඉටුකර ලීමටයි. එමනිසා මහජන අදහස් ලබා ගනිමින් ජනතා වුවමනාවන් ඉටු කරලන නව ව්‍යවස්ථාවක් අප ගෙන එනවා.ප්‍රශ්නය - සියලු දේශපාලන සිරකරුවන් නිදහස් කරනවා ද?පිළිතුර - යම් වරදකට පුද්ගලයකු වරදකරුවකු වුවොත් ඔහුට ලබාදිය හැකි උපරිම දඬුවම් කාලය වසර 7යි. එහෙත් නඩු පැවරීම ප්‍රමාද වීම නිසා අධිකරණය මගින් වරදකරුවන් නොවුණු බොහෝ පුද්ගලයන් වසර 20කටත් වැඩි කාලයක් රිමාන්ඞ් බාරයේ සිටිනවා. එමනිසා වරදකරුවන් නොවුණු සියලු දේශපාලන සිරකරුවන් අප නිදහස් කරනවා.ප්‍රශ්නය - ඔබලා ජාත්‍යන්තර සම්බන්ධතා අඛණ්ඩව පවත්වා ගන්නවා ද?පිළිතුර - අතීත ලෝකය කෙසේ වෙතත් වර්තමානයේ දී විවිධ බලකේන්ද්‍ර ලෝකය තුළ ගොඩනැගී තිබෙනවා. ලෝකය දෙස බැලූ විට ලංකාව බලගතු රටක් නෙමෙයි. සමහර රාජ්‍යයන් අපේ රටට ළං වෙන්නෙත් දුරස් වෙන්නෙත් බලයේ සිටින පාලකයින් දෙන කොමිස්වලට අනුවයි. අප කොමිස්වලින් තොර ජාත්‍යන්තර සම්බන්ධතාවක් ලෝකය සමග ගොඩ නංවා ගන්නවා.ප්‍රශ්නය - අපේ රට ණය උගුලක හිරවී තිබෙනවා. එයින් මිදීමට ඔබට තිබෙන වැඩපිළිවෙළ කුමක් ද?පිළිතුර - රාජ්‍යයක පැවැත්මට මෙය විශාල ගැටලුවක්. රටේ ආදායමටත් වඩා වැඩි ප්‍රමාණයක් වාර්ෂිකව ණය ගෙවීමට දරන්න වී තිබෙනවා. බොහෝ පාලකයින් ණය ගත්තට එම ණයවලින් වත්කම් නිර්මාණය කර නැහැ. අපි ණය ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. රටේ තාක්ෂණය සහ ප්‍රාග්ධනය වැඩි කිරීමට අප ණය ලබා ගන්නවා. එමගින් ලැබෙන ආදායමෙන් අප ණය ගෙවනවා.ප්‍රශ්නය - කෘෂිකර්මාන්තය නැංවීමට ඔබ සතුව වැඩපිළිවෙළක් පවතින්නේ ද?පිළිතුර - ගොවි ජනතාවට සාධාරණ මිලක් යටතේ තම අස්වැන්න විකිණීමටත් පාරිභෝගිකයින්ට ස්ථාවර මිලක් යටතේ එළවළු මිලට ගැනීමටත් හැකි පරිසරයක් ගොඩනගනවා. යල සහ මහ කන්නයට අමතරව මැද කන්නයක් වගා කිරීම සඳහා අප කටයුතු කරනවා.ප්‍රශ්නය - මාධ්‍ය නිදහස සහතික කරනවා ද?පිළිතුර - දේශපාලනඥයින්ට හා මාධ්‍යයට වගකීමක් තිබෙනවා.ජනතාවගේ අදහස් පෙට්ටගම්වල දාලා දොරගුලු දාන සමාජයක් අප ඇති කරන්නේ නැහැ. රටේ සිදුවන සිදුවීම් එලෙසින්ම වාර්තා කිරීමට අප ඉඩ ලබා දෙනවා.ප්‍රශ්නය - ඔබ ජනාධිපතිත්වයට පත්වූ පසු ගොඩනගන නව ආණ්ඩුවේ ඇමති ධුර සංඛ්‍යාව කොපමණ ද?පිළිතුර - කැබිනට් මණ්ඩලය 25යි. නියෝජ්‍ය ඇමති ධුර 25යි. ඊට වඩා එකදු ඇමති ධුරයන් හෝ අප ලබා දෙන්නේ නැහැ.ජාතික ජන බලවේගයේ ලේකම් විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ, ජවිපෙ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති, අධිනීතිඥ ලාල් විජේනායක, රුහුණ විශ්වවිද්‍යාලයේ පීඨාධිපති මහාචාර්ය ජයන්ත යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
|
“ගම හා නගරය සම්බන්ධකරන ආර්ථිකයක් ගොඩනගනවා“
| 1 |
“සමහරු අපෙන් අහනවා ඔයාලගේ සැලසුම් ප්‍රතිපත්ති සියලු දේ හොඳයි ඒත් වැඬේ කරන්න පිරිසක් කෝ කියලා. මෙතෙක් රට පාලනය කළ සියලු කණ්ඩායම්වලට වඩා, වඩා හොඳ, උගත් බුද්ධිමත් කණ්ඩායමක් අපට ඉන්නවා මේ වේදිකාව පිරිලා තිබෙන්නේ ඔවුන්ගෙන්” යැයි ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා ඉකුත් දෙවෙනිදා පැවසීය.ඔහු මේ බව පැවසූවේ තිස්සමහාරාම නගරයේදී පැවති ජනරැලියකට සහභාගී වෙමිනි.ඔහු තවදුරටත් මෙසේද පැවසීය.“රටට නව පාලනයක්, නව පාලකයෙක් තෝරා ගන්න ජනතාවට අවස්ථාව ඇවිල්ලා. මේක ඒ වෙනුවෙන් ආව පළමුවැනි අවස්ථාව නොවෙයි. වැඩි ඈතක නැතිව 2015ට ගියොත්, අපේ රටේ ජනතාවට මේ අවස්ථාව උදා වුණා. ඒ වෙනකොට තිබුණු පාලනයේ හොරකම් නතර කරයි කියලා විශාල අපේක්‍ෂාවන් සහිතව ජනතාව අලුත් පාලනයක් හැදුවා. හොරුන්ට දඬුවම් කරයි කියලා ජනතාව හිතුවා. ජනතාවගේ එදිනෙදා ප්‍රශ්න ටික විසඳලා, රට ආර්ථික අර්බුදයෙන් ගොඩ ගනියි කියලා බලාපොරොත්තුවෙන් ජනතාව මේ පාලනය හැදුවා. එතෙක් තිබුණු විනාශකාරී පාලනය ලක්‍ෂ හැටදෙකහමාරක් ජනතාවගේ ඡන්දයෙන් පරාජය කළා. අවුරුදු පහකට ආසන්න කාලයකදී ඔප්පු කර තිබෙන්නේ, දෙදහස් පහළොවේ ජනතාවට දුන් කිසිදු පොරොන්දුවක් ඉටු කරන්න අසමත් බවයි. ඒ නිසා මේ පාලනය බිඳවට්ටන්න ඕනෑ.මේ පාලනය බිඳවට්ටවලා, නැවත බලයට ගේන්නේ දෙදහස් පහළොවේ පරාද කළ කට්ටියමද? එහෙම නම්, ඒක පරාද නොකර ඉන්න තිබුණා. පරාද කිරීම හරි. ආයේ ගේන්න උත්සාහ කරනවා නම්, ඒක වැරැදියි. මේ පාලනය බිඳවැට්ට විය යුතුයි වාගේම පලවා හරින ලද පාලනයට නැවත ඉඩ ලබා නොදිය යුතුයි. අපි ඔබ සැම හමුවෙන්න ආවේ, නොවැම්බර් දහසය වැනිදාට අලුත් පාලනයක් ගෙන එන්න, අලුත් පාලකයෙක් අපේ රටට තෝරා පත් කරගන්න ආරාධනා කරන්නයි. ඇයි ඒ ? මේ රට හදන්න.රටකට වෙන්න පුළුවන් සියලු විනාශයන් මේ රටට අත්කර දී හමාරයි. අපේ රට දුප්පත් කරලා. ණය බර, රටේ නිෂ්පාදනය කඩාවැටීම, රටේ සෞඛ්‍යය, අධ්‍යාපනය පැත්තෙන් ගත්තත් දුප්පත්. හැම පැත්තෙන්ම දුප්පත්. හැබැයි, පාලකයෝ පොහොසත්. රජයේ මුළු ආදායම ණය පොළිය, වාරිකය ගෙවන්නත් මදි. අමතරව කෝටි දහතුන්දහස් පන්සියයක් ගිය අවුරුද්දේ ගන්න ඕනෑ වුණා ණය ගෙවන්න. හැබැයි, පාලකයන්ගේ ගිණුම් පිරිලා. අවුරුදු හැත්තෑ එකක් තිස්සේ කළේ රට දුප්පත්භාවයේ පතුලට දාලා, පාලකයෝ පොහොසත්කමේ හිණිපෙත්තට නැඟීම. මේ දුප්පත්භාවයට ඇදලා දාපු රට පොහොසත් රටක් බවට පත් කරන්න අපි ඔක්කොම එකතු වෙලා ආණ්ඩුවක් හදමු. අපට එක අවස්ථාවක් දෙන්න. අපි සහතික වශයෙන් මේ රට ගොඩනඟනවා. රට ගොඩනඟන්න නම්, හොරකම, නාස්තිය නතර කරන්න ඕනෑ. එය කළ හැක්කේ, ජාතික ජන බලවේගයට විතරයි.අපේ රටට ණය ගත්තේ, අවශ්‍ය වත්කම් නිෂ්පාදනය කරන්න නොවෙයි. ගාල්ලේ ඉඳලා මාතරට රේල් පාර අධිවේගී කළා. කිලෝ මීටර් හතළිස්අටට රුපියල් කෝටි නවසීයක් වියදම් කළා. වැඬේ පටන් ගන්න කොට ප්‍රවාහන ඇමැති ඩලස් අලහප්පෙරුම. වැඬේ අවසාන කරන කොට ප්‍රවාහන ඇමැති කුමාර වෙල්ගම. රේල් පාර අධිවේගී කරන්න කලින් ගාල්ල- මාතර කෝච්චියට විනාඩි හතළිස් දෙකක් ගියා. අධිවේගී කළාට පස්සේ විනාඩි තිස්නවයක් යනවා කියලා, පාර්ලිමේන්තුවේ මම අහපු ප්‍රශ්නයකට කුමාර වෙල්ගම ඇමැතිවරයා උත්තර දුන්නා. අර තරම් වියදම් දරලා හදපු පාර නිසා විනාඩි තුනයි අඩුවෙලා තියෙන්නේ. ඉතින්, ණය බරක් වෙන්නේ නැද්ද? අපේ රට විශාල ණය උගුලක හිර කළා. ඒ ගොල්ලෝ ගොඩක් කැමැතියි, වාණිජ වෙළෙඳපොළෙන් ණය ගන්න. හැබැයි, ශක්‍යතා අධ්‍යයන නිසි පරිදි සම්පූර්ණ කරන ව්‍යාපෘතිවලට ආසියානු සංවර්ධන බැංකුවෙන් ණය දෙන්නේ සියයට 0.75 පොලියට. සියයට පහේ පොළියට අවුරුදු හතළිහක විතර දීර්ඝකාලීන ණය ගත්තොත්, ණය මුදල වාගේ තුන්ගුණයක් ගෙවන්න වෙනවා. හැබැයි, සියයට එකේ පොළියට ගත්තොත්, ගන්න ණය මුදලෙන් හරි අඩක් විතරයි පොලිය ගෙවන්න වෙන්නේ. අපේ පාලනයක් යටතේ රට ගොඩනඟන්න මේ වාගේ ණය තමයි ගන්නේ.ලෝකයේ වේගයෙන්ම දියුණු වෙන්නේ, තොරතුරු තාක්‍ෂණ වෙළෙඳපොළයි. ඇමෙරිකාවේ පෙන්ටගන් යුද මධ්‍යස්ථානයේ මෘදුකාංග පද්ධතියේ කොටසක් හයි කරලා තියෙන්නේ, ලංකාවේ ‘මිලේනියම් අයි ටී’ කියන සමාගම. එංගලන්ත කොටස් වෙළෙඳපොළේ මෘදුකාංග පද්ධතියෙන් කොටසක් නිර්මාණය කළේ ලංකාවේ සමාගමක්. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මුළු ආණ්ඩුවේම මෘදුකාංග පද්ධතියෙන් කොටසක් හැදුවේ ලංකාවේ සමාගමක්. දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ මෘදුකාංග පද්ධතිය ලබා දුන්නේ සිංගප්පූරු සමාගමකට. මේ ක්‍ෂේත්‍රයෙන් ලෝක වෙළෙඳපොළෙන් විශාල කොටසක් අපට අත්පත් කර ගන්න පුළුවන්. ප්‍රතිපත්ති හදන්න ඕනෑ මෙතැනට. තොරතුරු තාක්‍ෂණයෙන් විතරක් අපේ රටට විශාල වත්කමක් උපයා ගන්න පුළුවන්. අපේ රට ලෝකයේ ශක්තිමත්, පොහොසත් රටක් කිරීමේ ආර්ථික සැලැස්මක් හදලා තියෙන්නේ.ජනතාව දුප්පත්භාවයෙන් මුදාගන්න පුළුවන් වෙන්නෙත්, මේ වාගේ ක්‍රියාමාර්ගවලින්. එහෙම නැතිව “සතියකට හාල් සේරු දෙකක් දෙන්නම්, ධාන්‍ය වර්ග රාත්තල් අටක් දෙන්නම්” වගේ පොරොන්දුවලට රැවටෙන්න එපා කියලා අපි ඉල්ලනවා. දිගින් දිගටම සිද්ධ වෙලා තියෙන්නේ, ජනතාවගේ දුප්පත්කම විකුණන එකයි. දුප්පත්කම විකිණීමේ ඔවුන්ගේ දේශපාලනය නැවැත්විය යුතුයි.මේ අවුරුදු තිහේ මුදල් ඇමැතිකම් කළ හැමකෙනාටම වඩා අධ්‍යාපනයෙන් අපේ හඳුන්නෙත්ති සහෝදරයාට සුදුසුකම් තිබෙනවා. මම මේ මුදල් ඇමැති කියලා කියනවා නොවෙයි, අත්දැකීම්වලින්, භාවිතයෙන්, කැප කිරීම්වලින් ඒ බව තහවුරු කර තිබෙනවා. අපේ වසන්ත සමරසිංහ සහෝදරයා, ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්ය අනිල් ජයන්ත වාගේ විශාල කණ්ඩායමක් අපේ රටේ ආර්ථිකය ගොඩනැංවීමට දැනුම, හැකියාව සහ දක්‍ෂතාව තියෙන අය ඉන්නවා. අපේ නාමල් කරුණාරත්න සහෝදරයා, මාපලාන කෘෂිවිද්‍යා පීඨයේ ආචාර්ය අබේසිංහ මහත්තයා, බතලේගොඩ පර්යේෂණ ආයතනයේ, ආචාර්ය ධනපාල මහත්තයා, ලංකාවේ මුල්වරට බාස්මතී සොයා ගත් ආචාර්ය සුමිත් වාගේ විශාල පිරිසක් කෘෂිකර්මාන්තය පැත්තෙන් ඉන්නවා. ධීවර කර්මාන්තය, පරිසරය, සාහිත්‍ය කලා ක්‍ෂේත්‍ර මේ ඕනෑම පැත්තකින් මේ ජනතාවගේ ජීවිත එක්ක ගැටෙන අධ්‍යාපනයෙන් ඉහළම සුදුසුකම් පෙන්වූ කණ්ඩායමක් අපිත් එක්ක ඉන්නවා. ඒ හැම දේකට ම වැඩිය ස්වේච්ඡාවෙන්, කැප කිරීම් කරන්න පුළුවන් කණ්ඩායමක් අපිත් එක්ක ඉන්නවා. ඒ නිසා මෙතෙක් රට පාලනය කළ අයට වඩා හොඳ කණ්ඩායමක් අපට ඉන්නවා. ඒ නිසා අපට බලය දෙන්න කියලා ඉල්ලා සිටිනවා. අපි ඔක්කොම එකතු වෙලා මේ රටට අලුත් පාලනයක් හදමු. සහතික වශයෙන්ම අපේ රට පොහොසත් රටක් බවට පත් කර ජනතාව දුප්පත්භාවයෙන් මුදා ගත හැකියි. ඒ වෙනුවෙන් අපි සියලු දෙනා එකතු වෙමු. මැදිහත් වෙමු කියලා ඉල්ලා සිටිනවා”.ජනතා විමුක්ති පෙරමුණේ ප්රධාන ලේකම්, ටිල්වින් සිල්වා මහතා මෙසේ පැවසීය.“මේ ජනාධිපතිවරණය අපේ රට වෙනස් කිරීමේ හැරවුම් ලක්‍ෂය බවට පත් කරගන්න පුළුවන්. අපේ රටේ වමේ ව්‍යාපාරය තුළ මේ තරම් මහජන සහයෝගයක් ලැබුණු ඡන්දයක් මීට පෙර තිබිලා නැහැ. ජාතික ජන බල වේදිකාව ජනතා විමුක්ති පෙරමුණට අමතරව විද්වතුන්, පරිසරවේදීන්, මාධ්‍යවේදීන්, වමේ පක්‍ෂ, ප්‍රගතිශීලී සිවිල් සංවිධාන, ගොවීන්, ධීවරයන්, කාන්තාවන්, කලාකරුවන් එකතු කර ගත් සියලුම හොඳ මිනිසුන්ගේ බලවේගය ලෙස එකතු වී ඉන්නවා. ජාතික ජන බලවේගයේ හොඳ ප්‍රතිපත්ති මාලාවක් තියෙනවා. ඒ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න පුළුවන් හොඳ කණ්ඩායමක් අප වටා ඉන්නවා. ඊට නායකත්වය දෙන්න හොඳ අපේක්‍ෂකයෙක් ඉන්නවා. රට දිනවන්න පුළුවන් එකම බලවේගය ජාතික ජන බලවේගය පමණක් බව දැන් ඔප්පු වී හමාරයි.”සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය ප්‍රසන්නජිත් අබේසූරිය මහතා -“මේ ඉන්නේ ජනතා විමුක්ති පෙරමුණට, ප්‍රාදේශීය සභාවක බලය ලබා දීපු ගෞරවනීය ජනතාව. ඔබලා අපිට ඉගැන්නුවා, රටට ඉගැන්නුවා. මම ජාතික ජන බලවේගය වේදිකාවට ගොඩ වුණේ, ‘ජන නියමු කලාකරුවන්ගේ’ සංවිධානය වෙනුවෙන්. අපි මෑතක් වනතුරු නැග්ගේ දේශපාලන වේදිකාවලට නොවෙයි, රඟහල්වල වේදිකාවලට. ඒ වාගේම ටෙලිනාට්‍ය, සාහිත්‍ය නිර්මාණ ඇතුළු නිර්මාණවලින් අපි ජනතාවත් එක්ක සම්බන්ධ වුණේ. නමුත්, මේ රට අධිවේගයෙන් පරිහානියට යන එක වළක්වා ගන්න නිර්මාණකරුවන් හැටියට නිර්මාණ පමණක් කරමින් සිටීම ප්‍රමාණවත් නැති බව තේරුම් ගත්තා. ජනතාව ළඟට ගිහිල්ලා, නිසි ප්‍රවේශයක් ගන්න ඕනෑ බව අපි කල්පනා කළා. ඒ සඳහා සුදුසු දේශපාලන ව්‍යාපාරය ජාතික ජන බලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණ බව තේරුම් ගත්තා. පිරිසුදු, පැහැදිලි දේශපාලන ව්‍යාපාරය තියෙන්නේ මෙතැන. කොන්දක් තියාගෙන එතැන හිටගන්න පුළුවන් වීම ගැන අපි ආඩම්බර වෙනවා. අපි කලාවෙන් කරපු සේවයට වඩා උතුම් වූ සේවයක් දැන් කරනවා කියලා හැඟීමක් ඇති වෙනවා.”
|
“ගම හා නගරය සම්බන්ධකරන ආර්ථිකයක් ගොඩනගනවා“
| 0 |
(මුදිතා දයානන්ද )“අද පවතින නිවාස ප්‍රතිපත්තියේ රජය සිටියොත් තව අවුරුදු දහයකදී වගා කරන්න තිබෙන බිමෙන් අක්කර විසිලක්ෂයක් නිවාසවලට යට කරන්න වෙනවා. කෘෂිකාර්මික බිම රැකගන්න නම් රජයේ නිවාස ව්‍යාපෘති සියල්ල මහල් නිවාස විය යුතුය යන ප්‍රතිපත්තියේ අපි ඉන්නවා.” යැයි ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක, ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පෙරේදා (22) පැවැසීය.ඔහු මේ බව පැවැසුවේ ජාතික ජන බලවේගයේ කෘෂිකර්ම ප්‍රතිපත්තිය එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමිනි. පේරාදෙණිය තානායමේදී මෙම උත්සවය පැවැත්විණ.එහිදී කෘෂිකර්ම ප්‍රතිපත්තියේ පිටපතක් අනුර කුමාර දිසානායක මහතා විසින් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිමල් චන්ද්‍රසිරි මහතාට පිළිගන්වනු ලැබිණ. අනතුරුව අනෙකුත් ආරාධිත අමුත්තන්ට ද දිසානායක මහතා අතින් පිටපත් පිරිනැමිණි.ඔහු මෙසේ ද පැවැසීය.“අපේ කෘෂිකර්ම බිම් ප්‍රමාණය සියයට පනහකින් අඩුවෙලා. වසරකට ජෝඩු එක්ලක්ෂ හැටදාහක් විවාහ වෙනවා. එයින් ලක්ෂයකට පමණ පරම්පරාගත නිවාසයක් හිමිවුණත් තවත් හැටදාහකට අලුතෙන් නිවසක් අවශ්‍යයි. මේ සියලු දෙනාට තනි තනි නිවාස ඉදිකරන්න ගියොත් එක්කෙනාට පර්චස් දහය ගානේ වසරකට පර්චස් ලක්ෂ හයක් අවශ්‍ය වෙනවා. මේ විදිහට වසර දහයක් ගියොත් අක්කර ලක්ෂ විස්සක් නිවාස සඳහා වෙන්කරන්න වෙනවා. එයින් කෘෂිකර්ම ප්‍රතිපත්තිය පවත්වාගෙන යන්න අපිට බැරි වෙනවා.කෘෂිකර්ම ප්‍රතිපත්තිය ව්‍යුක්ත ප්‍රතිපත්තියක් ලෙස සලකන්න බැහැ. රටේ පොදු ආර්ථික, දේශපාලන ප්‍රතිපත්තිත් එක්ක, ඒක ගැට ගැහෙනවා. අපේ වෙළෙඳ ප්‍රතිපත්තිය මොකක්ද? අපේ පරිසර ප්‍රතිපත්තිය කුමක්ද? මේවා එක්කත් කෘෂිකර්මාන්තය ගැට ගැහෙනවා. ඒ නිසා කෘෂිකර්ම ප්‍රතිපත්තිය අපගේ අනෙකුත් ප්‍රතිපත්ති සමග නොගැටෙන විදිහට තමයි අපි සකස් කරලා තියෙන්නේ.රටකට ඒ රටේ ආහාර සුරක්ෂිතතාව ඉතා වැදගත් සාධකයක්. අපේ ප්‍රමුඛතම ඉලක්කයක් තමයි ශ්‍රී ලංකාව ආහාරවලින් සුරක්ෂිත රාජ්‍යයක් බවට පත්කිරීම. ඒ වගේම කෘෂිකර්මාන්තයේ නියැළෙන්නන්ගේ සමාජ පිළිගැනීම උසස් කිරීමත් මෙම ප්‍රතිපත්තියේ අරමුණක්. අපේ රටේ ගොවි ජනතාවට හිමිවෙලා තියෙන්නේ ඉතා පහළ ජීවන තත්ත්වයක් හා පහළ සමාජීය තත්ත්වයක්. එය උසස් කිරීම මෙම ප්‍රතිපත්තියේ අරමුණක් ලෙස තිබෙනවා.ගොවි ජනතාවට තමන්ගේ නිෂ්පාදනයන් සඳහා නිෂ්පාදන පිරිවැයට සරිලන පරිදි මිලක් නියම කිරීමත් අපේ කෘෂි ප්‍රතිපත්තියේ එක අරමුණක්. අපේ රටේ කෘෂි නිෂ්පාදනවලට නිතර නිතර උච්ඡාවචනය වන මිලක් තිබෙන්නේ. ලෝකයේ කොහේවත් මෙවැනි උච්ඡාවචනයක් ආහාර පානවලට සිද්ධ වෙන්නේ නැහැ. මෙය පාරිභෝගික ජනතාවටත් විශාල බලපෑමක් ඇති කරනවා. ඒ නිසා ඔවුන්ටත් ස්ථාවර මිලකට කෘෂි නිෂ්පාදන ලබාදීම අපේ තව අරමුණක්. තව අරමුණක් තමයි රටේ ජනතාවට වස විෂවලින් තොර ආහාර වේලක් ලබාදීම. නමුත් එක කන්නයකින් මේවා සාර්ථක කරගන්න පුළුවන් කියලා අපි කියන්නේ නෑ.ගොවි ජනතාව මුහුණ දීලා තිබෙන ගැටලු අතර අද ප්‍රධාන ප්‍රශ්නය බීජයි. ඖෂධ, බීජ, අවි ආයුධ අද ලෝකයේ තිබෙන විශාලම ජාවාරම් තුනයි.ලෝකයේ තිබෙන ඉතාම වටිනා ජාන සම්පත් කොල්ලකමින් ඒවා තම ආධිපත්‍යයට යටත් කරගැනීමට බහුජාතික සමාගම් අතර තරගයක් තියෙනවා. ඔවුන්ට පේටන්ට් බලපත්‍රය හිමි බීජයක් යම් ගොවියෙක් වගා කරනවා නම්, ඊට විශාල ගෙවීමක් කළ යුතුයි. මේ බීජ කාගේවත් පෞද්ගලික අයිතියකට හිමි ද? අද ලෝකයේ බොහෝ බීජවල අයිතිය තිබෙන්නේ සමාගම් කිහිපයක් අතේ. අපේ රටේ බීජ වෙළෙඳපොළ සමාගම්වලට විවෘත කළා. දැන් අපේ රටේ මුළු බීජ වෙළෙඳපොළම සමාගම් කිහිපයක් අතේ තියෙන්නේ. ඔවුන් බීජ ලංකාවට දුන්නේ නැත්නම් අපිට කිසිම වගාවක් කරගන්න බැරි තත්ත්වයක් උදාවෙලා තිබෙනවා.ගස්ලබු ඇට ග්‍රෑම් 100ක් රුපියල් 7500ක් දීල ගන්න ගොවියාට සිද්ධ වෙලා. කිලෝ එකක් ලක්ෂ 8ක් පමණ වෙනවා. ඒ අනුව සාමාන්‍ය වශයෙන් ගස්ලබු ඇටයකට රුපියල් 100කට වඩා වැයවෙනවා. නැවත අපේ බීජවල අයිතියත්, ගොවි ජනතාවට ලැබෙන පරිදි ගුණාත්මක බීජ ප්‍රතිපත්තියක් හැදීමත් අපේ වැඩපිළිවෙළ තුළ අඩංගුයි.අලුත් බීජ ස්වභාවිකව පරාගනය වෙන්නේ නෑ. අපේ රටේ බීජවල අයිතිය යළි අප පවරා ගන්නවා. ඒ සඳහා හොඳ පර්යේෂණ නිලධාරීන් අපේ රටේ සිටිනවා. අපේ රටේ බාස්මතී සහල් සොයාගත් විද්වතාට එය අත්හරින ලෙස බලධාරීන්ගෙන් බලපෑම් එල්ල වුණා. ඔහු අද පෞද්ගලික සමාගමක සේවය කරනවා.අද බීජ පර්යේෂණ ආයතන කඩාවැටිලා. සමහර බීජ ගොවිපොළවල් විකුණලා දාලා. මහඉලුප්පල්ලමේ බීජ ගොවිපොළෙන් අපිට බීජ වර්ග දුන්නා. දැන් ඒක බංගලාදේශයට දෙන්න යනවා. අද මහඉලුප්පල්ලමේ තියෙන්නේ ඉපිල් ඉපිල් වගාව. ගොවි ජනතාවට ගුණාත්මක බීජ සාධාරණ මිලකට ලබාදීම සඳහා ගොවි පර්යේෂණ ආයතන අපි පිහිටුවනවා. බීජ මාෆියාවෙන් ගොවියන් මුදාගන්නවා.පොළොවේ අඟලක් වැවෙන්න අවුරුදු 3000ක් යනවා කියලා එක් මහාචාර්යවරයෙක් මේ ළඟකදී මට කිව්වා. එක් වැස්සකට පස සෝදාගෙන යන්නේ අඟල් හය හත. ඇතැම්විට අඩි ගණනින්. අසාර්ථක යෝජනා ක්‍රම නිසා පොළොවේ ජලය තැන්පත් කරගන්නා පස් තට්ටු අද අවුලෙන් අවුලට පත්වෙලා.අපේ රටේ සැලසුම් හදලා තියෙන්නේ වැසි ජලය වේගයෙන් ගංගාවට දාලා මහ මුහුදට යවන්න. ඒ නිසා කෘෂිකර්මාන්තයේ නියැළෙන ජනතාවගේ දෙවන මූලික ප්‍රශ්නය වන ජලය ලබාදීම සඳහා අපි සැලැස්මක් හදනවා. ඒ සඳහා ජල පෝෂක කලාප සංරක්ෂිත කරන්නත්, මධ්‍යම කඳුකරයේ විධිමත් ඉඩම් පරිහරණ සැලැස්මක් ද අපි ඉදිරිපත් කරනවා. ඉඩම් කට්ටි කුඩා වීම වැළැක්වීමත් අපේ ප්‍රතිපත්තියක්.අද අපේ එළවළු හා පලතුරු නිෂ්පාදනයෙන් සියට 38ක් අපතේ යනවා. ඒ නිසා වෙළෙන්දා වීසි කරන පලතුරුවලටත් පාරිභෝගිකයාගෙන් ගාණ අල්ලනවා. ඔහුටත් කරන්න දෙයක් නෑ. මොකද ඉවත දමන පලතුරුවලට ඔහුට කවුරුත් ගෙවන්නේ නෑ. ඇසුරුම්කරණය කියන්නේ ලෝකයේ දියුණු කර්මාන්තයක්. ඒක රැකියා සපයන මාර්ගයක්. ඒ නිසා එළවළු, පලතුරු සඳහා දියුණු ඇසුරුම් කර්මාන්තයක් අපි ප්‍රචලිත කරනවා. යුරෝපයට තියෙන්නේ එක කන්නයයි. යුරෝපයේ කරන්නේ වෙළෙඳපොළට අවශ්‍ය ප්‍රමාණය විතරක් යවලා ඉතුරු ටික ගබඩා කරන එක. මේ පාලකයෝ ලජ්ජා වෙන්න ඕන අවුරුදු 7ක් ගිහිල්ලත් අපිට එක පලතුරු, එළවළු ගබඩාවක් හදන්න බැරිවෙලා තියෙනවා.දියුණු රටවල ඕනෑම නිෂ්පාදනයක් වෙළෙඳපොළට නිකුත් වෙන්නේ වෙළෙඳපොළ දත්ත තොරතුරු මත. අතිරික්තය ගබඩාවට ගන්න ඕන. එතකොට ගොවියාටත් පාරිභෝගිකයාටත් සාධාරණය ඉටුවන මිල ක්‍රමයක් හදන්න පුළුවන්. අද දඹුල්ල මාර්කට් එකේ ඉතුරුවන එළවළු දඹුල්ල නගර සභාවේ බැකෝ යන්ත්‍රවලින් තමයි ලොරිවලට පටවන්නේ.දඹුල්ලේ ලූනු ගලවන කාලයටත් දඹුල්ලේ කඩවල ඉන්දියානු ලූනු තිබෙනවා. වගා සැලැස්මක් නෑ. ඒ නිසා අනවශ්‍ය ලෙස විශාල ආනයනයක් මෙරට සිද්ධ වෙනවා. දැන් මුම්බායිවලින් මුංඇට ගේනවා. ඕස්ටේ්‍රලියාවෙන් කුරක්කන් ගේනවා. පොඩි කාලෙ අපි දැනන් හිටියේ මේවා ලංකාවේ වවනවා කියලා. ලූනු අවශ්‍යතාවයෙන් සියට 56ක් පිටරටින් ගේනවා. මේක ආහාරවලින් ස්වයංපෝෂණය කරන්න පුළුවන් රාජ්‍යයක්. හැබැයි දේශපාලකයෝ ඒවා ආනයනය කරන්න හරි කැමැතියි. ඇයි? කොමිස්, පගා ලබාගන්න හොඳම තැන නිසා. ආනයනය කරන තමන්ගේ මිත්‍රයන්ව ආරක්ෂා කරගන්න දේශපාලුවෝ හදපු බදු ප්‍රතිපත්තියක් තමයි අද තියෙන්නේ. කැරට් ගණන් කාලයට ඒ වෙනුවට වට්ටක්කා කන්න කියලා කියන කෘෂිකර්ම ඇමැතිවරු රටකට ඕන නෑ.මම ජනාධිපති අපේක්ෂකයා වුණාට සාමූහික ප්‍රයත්නයක කොටස්කරුවෙක් පමණයි. එසේ නැතිව මැජික්කරුවෙක් නොවෙයි. අපේ කෘෂිකර්ම ප්‍රතිපත්තිය නිසි පරිදි ක්‍රියාත්මක කිරීමට සමත් සාමූහික කණ්ඩායමක් අපට සිටිනවා. තවදුරටත් අපේ රට මේ විනාශය කරා යන්න දෙන්න එපා. මේ හාදයෝ දැන් ඡන්දයට ඇවිල්ලා කියනවා මේ රට බේරා ගැනීමට තිබෙන අන්තිම අවස්ථාව කියලා හැම ඡන්දයකදීම ඒකම කියනවා. මේක විහිළුවක්. අපි මේ රට කුමන අවස්ථාවකදී හරි අරගෙන ගොඩනගනවා. අපේ දරුවන්ට මේ විනාශය දෙන්න එපා. අපේ පරිසර පද්ධතියට තවදුරටත් මේ විනාශය වෙන්න දෙන්න එපා.” එහිදී අදහස් දැක්වූ සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිමල් චන්ද්‍රසිරි මහතා:“අපි ජාතික විද්වත් සංවිධානය ලෙස තමයි දස වැදෑරුම් ප්‍රතිපත්ති මාලාවක් රට ගොඩනැගීම වෙනුවෙන් සකස් කළේ. එහි එක් අංශයක් තමයි කෘෂිකර්මය. අද අපි මෙතනදී එළිදක්වනු ලබන්නේ එම කෘෂිකර්ම හා පශු සම්පත් ප්‍රතිපත්තියයි.වසර හැත්තෑඑකකට පසු අපිට මොකද වුණේ කියලා දැනගන්න අපි ඊට කලින් හිටපු කාලය ගැන දැන ගන්න අවශ්‍යයි. ජෝන් ෆර්ගියුෂන් කියන ලංකාවේ සුදු ලේකම්වරයෙක් ලියපු පොතක් සිංහලයට පරිවර්තනය වෙලා තිබෙනවා ශ්‍රී ලංකාවේ සිය වසරක් කියලා. ඒ කාලය තුළ ලංකාවේ ඇති වුණ වෙනස්කම් තමයි එහි ඇතුළත්ව තිබෙන්නේ. ඒ අනුව අපි කොයි තරම් දියුණු තත්ත්වයක ද හිටියේ කියලා දැනගන්න පුළුවන් ඒ පොත කියෙව්වාම.”එහිදී අදහස් දැක්වූ ජාතික ජන බලවේගයේ කෘෂිකර්ම ප්‍රතිපත්ති කමිටුවේ සාමාජික හේමජීව ගෝඨාභය මහතා:අපි මීට වසර විස්සකට විතර කලින් ඇහුවා ගොවි රජවරු ණය ගෙවාගන්න බැරුව වහ බීලා මැරෙනවා. දැන් අපිට අහන්න ලැබෙන්නේ ඔවුන්ගේ බිරින්දෑවරු ක්ෂුද්‍ර ණය උගුලට අසුවී වස බී මැරෙනවායි. මේ ඛේදවාදකය හැම ගොවියකුටම වගේම කෘෂි අලෙවිකරුවන්ට පවා මුහුණ දෙන්න සිදුව තිබෙන තත්ත්වයක්. මේ ක්ෂේත්‍රයේ යෙදෙන්නන්ගේ ජීවිත දවසින් දවස අගාධයට යනවා. ඔවුන්ගේ ජීවිත ගොඩනගන්න තමයි අපි මේ වැඩපිළිවෙළ සකස් කළේ. මේ වැඩපිළිවෙළ මහ පොළොවේ පැළ කරගන්නා තුරු අපි නොනැවතී අරගල කරනවා.”මෙම අවස්ථාවට කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ හිටපු සභාපති කමල් ඔබේසේකර, ලංකෙම් ලංකා සමාගමේ ව්‍යාපාර කළමනාකරු හේමජීව ගෝඨාභය, මහාචාර්ය ලියනගේ අමරකීර්ති, මහවැලි සංවර්ධන අධිකාරියේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් ඌව පළාතේ හිටපු ප්‍රධාන ලේකම් ගාමිණී රාජකරුණා, මහචාර්ය ඩෙස්මන් මල්ලිකාරච්චි, යහපාලනය සඳහා වූ ජාතික ව්‍යාපාරයේ වෛද්‍ය කේ.එම්. සාහීර්, භූ විද්‍යාඥ සමන්ත බෝගහපිටිය, සමස්ත ලංකා ගොවි සම්මේලනයේ සංවිධායක නාමල් කරුණාරත්න, මහනුවර හිටපු දේශීය ආදායම් කොමසාරිස් නිමල් වික්‍රමාරච්චි, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ශ්‍රව්‍ය දෘෂ්‍ය ඒකකයේ හිටපු අධ්‍යක්ෂ කේ.ඩී. සිරිපාල මහත්වරුන් ඇතුළු ආරාධිතයෝ විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
|
“ගම හා නගරය සම්බන්ධකරන ආර්ථිකයක් ගොඩනගනවා“
| 0 |
(මුදිතා දයානන්ද)“අපි රටේ හදන්නේ යාචක ආර්ථිකයක් නොවෙයි. සංවර්ධන ආර්ථිකයක්. අපි ණය ගන්නවා. එහෙත් ඒ ණය මුදල් යොදවන්නේ ආදායම් ඉපයිය හැකි අයෝජනයක් ලෙස පමණයි. එයින් රට සංවර්ධනය කිරීම අපේ අරමුණ” යැයි ජාතික ජනබලවේගයේ ජනාධිපතිධූර අපේක්ෂක ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා ඉකුත්දා (19) පැවසීය.ඔහු මේ බව පැවසුයේ ජාතික ජනබලවේගය මාලබේ නගරයේ පැවැත්වූ ජන රැලියකට සහභාගි වෙමිනි.අනුර දිසානායක මහතා එහිදී තවදුරටත් මෙසේද කීය.ධාරානිපාත වර්ෂාව නොතකා අපට සවන් දෙන්න ඇවිත් ඉන්න ඔබ සැමට ගෞරවය, ප්‍රණාමය පළමුකොට පුද කරනවා.නොවැම්බර් මාසෙ 16දා ජනාධිපතිවරණයට නියමිත ඡන්ද ව්‍යාපාරය ඇතුළේ සිදුකරන දේවල් දැක්කාම අපට හිතෙන්නේ මේක හොඳම නත්තල් පප්පා තෝරන තරගයක් කියලා. එක අපේක්ෂකයෙක් අනුරාධපුරයට ගිහිල්ලා කියනවා, එයා බලයට ආවාම වී ගොවිතැන සඳහා පොහොර නිකං දෙනවා කියලා. අනෙක් අපේක්ෂකයා කියනවා මම ඔක්කෝම ගොවීන්ට පොහොර නිකං දෙනවා කියලා. තව තැනක දී කියනවා බදු විශාල ප්‍රමාණයක් අඩු කරනවා කියලා. අනික් අපේක්ෂකයා එතකොට කියනවා කිරි වීදුරුවක් දෙනවා කියලා. ආයෙත් කියනවා උසස් පෙළ සමත්වෙන සියලුම දෙනාට උපාධියක් දෙනවා කියලා. අනෙක් කෙනා කියනවා ගැබිනි මවුවරුන්ට පෝෂණ මල්ලක් දෙනවා කියලා. මේ ගොල්ලන්ගේ මුළු ආර්ථික ප්‍රතිපත්තියම යාචක ආර්ථික ප්‍රතිපත්තියක්. හැබැයි ජාතික ජන බලවේගය නියෝජනය කරන අපි රටට ඉදිරිපත් කරන්නේ සංවර්ධන ආර්ථික ප්‍රතිපත්තියක්.මේ දවස්වල පුද්ගලයන් එහෙට මෙහෙට බැණ ගන්න, එහෙට මෙහෙට පනින ප්‍රවෘත්ති යනවා. අපිට ඒවා වැඩක් නැහැ. අවුරුදු 71ක් මේ රට ගෙනාපු තැනින් වෙනස් කිරීමේ ප්‍රතිපත්තිය ජනතාවට පැහැදිලි කිරීමේ කාර්ය භාරයක් අපට තිබෙනවා. මේ රට නව දිශාවකට යොමු කළ හැකි නව පාලනයක් ගොඩනගන්න ධෛර්යවන්තව ඉදිරියට එන්න කියලා ආරාධනා කරනවා. මේ වන විට විනාශයේ අන්තයට ගෙන ගොස් තිබෙන, හපයක් බවට පත්කර තිබෙන මේ රට ගොඩනැගිය යුතුයි. අපි නොවැම්බර් 16 වැනිදා බලය ඉල්ලන්නේ මේ රට ගොඩනඟන්න. මේ රට අපි සහතික වශයෙන් හදනවා.මේ සඳහා නිීතියේ විධානයේ ආධිපත්‍යය තහවුරු කිරීමත්, මහජනයාගේ දේපළ හොරකම් කරන, වංචා, දූෂණ සිදුකරන දේශපාලනය නතර කිරීමත්, මහජන ආරක්ෂාව, ජාතික සමගිය තහවුරු කිරීමත්, කියන මූලික කුලුනු තුන ශක්තිමත්ව අපි ඉදිරියට ගොඩනඟනවා. දේශපාලනඥයන්ට මහජනයාගේ බදු මුදල්වලින් වරදාන වරප්‍රසාද දීම නතර කිරීමේ සිට රට ගොඩනැඟීම පටන් ගන්නවා. සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජනතාවන් අතර, විශ්වාසය සහ අන්‍යොන්‍ය අවබෝධය තහවුරු කිරීමෙන් තොරව මේ රටේ මහජන ආරක්ෂාව තහවුරු කරන්න බැහැ. අපේ රටේ ප්‍රගතිශීලීන් අතර විවිධ ප්‍රතිපත්ති තියෙන්න පුළුවන්. සංවාද තියෙන්න පුළුවන්. හැබැයි මේ තුන ගැන විසංවාදයක් තියෙන්න බැහැ.රජයේ ආදායම ණය පොලී වාරික ගෙවාගන්න ප්‍රමාණවත් නැතිවෙලා තියෙනවා. එහෙම නම් කොහොමද ගොඩ එන්නේ. රටට ලබාගන්නා ණය ආර්ථිකයේ ප්‍රමුඛතාවලට යොදවන්න ඕන. එහෙම ණය යොදවනවා නම්, අපිට පහසු ණය පොලියට ගන්න පුළුවන්. යොදවන මුදලට සරිලන ප්‍රතිඵල ගන්න පුළුවන්. ව්‍යාපෘතිවලට ණය දෙන්න සූදානම් ආයතන තිබෙනවා. ආසියානු සංවර්ධන බැංකුව උදාහරණයක්. නමුත් සූරියවැව පිට්ටනිය ණය අරගෙන හැදුවාට තියෙන ප්‍රතිඵලය මොකක්ද? පිට්ටනිය හදලා අවුරුදු දහයක් වෙනවා. මැච් විස්සක්වත් ගැහුවේ නැහැ. ඒ වගේම තමයි මොරගහකන්ද. ශක්‍යතා අධ්‍යයනය අසමත්. නමුත් මෛත්‍රීගේ සිහිනය සැබෑ කරගන්න හැදුවා. මේකෙ ඉලක්ක සපුරාගන්න නම්, අවුරුද්දකට දහපාරක් පිරෙන්න ඕන. නමුත් පිරෙන්නේ දෙපාරයි. හැබැයි මේ වගේ ව්‍යාපෘතිවලට වාණිජ වෙළෙඳ පොළෙන් ණය දෙනවා. ශක්‍යතා අධ්‍යයනය බලන්නේ නැහැ. රට ගොඩනැගීමට නම් මේ වගේ ණය අපි ලබාගන්නේ නැහැ. අද තියෙන ණය අර්බුදය ඇතිවෙලා තියෙන එක හේතුවක් මේ වාණිජ ණය අසාර්ථක ව්‍යාපෘතිවලට යෙදවීම.අපේ පාලනයක් යටතේ අඩු පොලියට ණය අරගෙන ඉතාමත් ඵලදායී ව්‍යාපෘතිවලට යොදවනවා. නැත්නම් වඩාත් කාර්යක්ෂම යටිතල පහසුකම්වලට යොදවනවා. කාර්යක්ෂම යටිතල පහසුකම් ආර්ථිකයට වක්‍රව බලපානවා. අපේ කර්මාන්ත ප්‍රතිපත්තියේ හඳුනාගත් ඉලක්ක කීපයක් තිබෙනවා. එකක් එප්පාවල පොස්පේට් නිධිය. අන්න එතෙන්ට ආයෝජනයත් තාක්ෂණයත් අපි කැඳවනවා. පුල්මුඬේ ඛනිජ වැලි නිධියත් ඒ වගේ. අපේ මිනිරන් සම්පතත් ඒ වගේ. ලෝකයේ හොඳම මිනිරන් සම්පතක් අපට තිබෙන්නේ. හැබැයි අදටත් මිනිරන් කුට්ටි අපනයනය කරනවා. ටොන් එකක් ඩොලර් 2000කට. නමුත් මිනිරන් නිස්සාරණය කළොත් කිලෝ එකක් ඩොලර් 5000කට දෙන්න පුළුවන්. මේ වගේ ගොඩක් තිබෙනවා. මේ කර්මාන්ත දියුණු කරලා රට ගොඩනගන්න පුළුවන්. ජනතාව මුහුණ දීල ඉන්න ප්‍රධාන ප්‍රශ්නයක් ප්‍රවාහනය. මාලබේ සිට කොළඹට යන වාහනයක සාමාන්‍ය වේගය පැයට කිලෝ මීටර් 8 යි. නුවර පාරෙන් ඇතුල් වුණොත් සාමාන්‍ය වේගය පැයට කිලෝ මීටර් 8.2කයි. ගාලු පාරෙන් ඇතුල් වුණොත් සාමාන්‍ය වේගය පැයට කිලෝ මීටර් 9යි. මේ බව සමීක්ෂණවලින් හෙළිවෙලා තිබෙනවා. විශාල මාර්ග තදබදයක් තියෙන්නේ. මෙතෙන්ට අපි විසඳුම් සොයන්න ඕන. බීබීසී ආයතනය මැතකදී හෙළිකර තිබුණා ලංකාවේ පොදු ප්‍රවාහනය භාවිත කරන කාන්තාවන්ගෙන් සියයට 90 කට කවර වර්ගයේ හෝ ලිංගික අඩන්තේට්ටම් සිදුවෙනවා කියලා. ලංකාවේ මේ පොදු ප්‍රවාහනය උපයෝගී කරගන්නේ සියයට 52 යි. සියයට 48 ක්ම තමන්ගේ ප්‍රවාහන අවශ්‍යතා පෞද්ගලිකව සපුරා ගන්නවා. පොදු ප්‍රවාහන පද්ධතිය කඩා වට්ටවලා. මේ නිසා ලීසිං වාරිකය ගෙවා ගන්න බැරි ආර්ථික මට්ටමකට ජනතාව වැටිලා. කොළඹ වාණිජ අධිකරණයේ නඩුවලින් සියයට 90ක් ලීසිං ගෙවා ගන්න බැරිවුණු නඩු. ගෙවා ගන්න බැරි වුණේ ආදායම් මාර්ග බිඳවැටීම නිසා.අපේ රටේ ලංගම බස් තියෙන්නේ 5600යි. පෞද්ගලික බස් 21000යි. අද බස් කියන්නේ ස්වයං රැකියාවක්.අයිතිකරුවන් 18000ක් ඉන්නවා. කුකුළු කූඩුවක් දානවා වගේ බස් එකක් අරන් පාරට දානවා. මුලින් කොළඹ දුවන බස් ඈත ප්‍රදේශවලට විකුණලා අන්තිමට පාසල් සේවාවට යොදා ගන්නවා. පෞද්ගලික බස් සේවයේ ගුණාත්මක භාවය අද තීරණය වෙන්නේ අයිතිකරුවාගේ වත්කම් මත. ඒ නිසා පෞද්ගලික බස් සේවය විධිමත් ආයතනගත ව්‍යුහයකට අපි ඇතුල් කරනවා. බස්වල තියෙන ගුණාත්මක භාවය ඉහළ දාන්න ඕන. අද දුම්රිය සේවය යොදා ගන්නේ මගීන්ගේ 5%යි. අවුරුදු 5ක් යනකොට මෙය 20% දක්වා වර්ධනය කර ගන්න අපි සැලසුම් සකස් කර තිබෙනවා. දුම්රිය සේවය ඉතාම කාර්යක්ෂම තත්ත්වයට අපට පරිවර්තනය කළ හැකියි. අන්න එතෙන්ට ආයෝජනය කරන්න ඕන. අද මාලබේ ඉඳලා කොළඹට යන්න පැය එකහමාරක්, එන්න පැය එක හමාරක් යනවා. දවසෙන් පැය තුනක් මහපාරේ. අපි මේ තත්ත්වය වෙනස් කරනවා.මේ රටේ ව්‍යාපාරිකයන්ට ව්‍යාපාර පළල් කර ගන්නත්, අලුතින් සුළු හා මධ්‍ය පරිමාණයේ ව්‍යාපාරිකයන් දෙලක්ෂයකට වැඩි පිරිසක් හඳුන්වා දෙන්නත් සැලසුම් සකස්කර තිබෙනවා. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ලක්ෂ දෙකකට වැඩියෙන් නිර්මාණය කරන්න සැලසුම් අපි ක්‍රියාත්මක කරනවා. අද එහෙම මාර්ගෝපදේශනයක් නැහැ.පාර අයිනේ සෑම ගෙදරකම කඩකාමරයකුත් හදනවා. හදලා මාසයක් දෙකක් යනකොට වහනවා. එහෙම වෙන්නේ ඇයි? සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාකයන් පිළිබඳ මාර්ගෝපදේශනයක් නැහැ. අපේ රටේ කිරි කර්මාන්තය, සම් කර්මාන්තය, අපේ පලතුරු වගාව, බුලත්, කුරුඳු, ගම්මිරිස් ලෝක වෙළඳපොළ අත්පත් කර ගැනීමට යොමු කරන ඉලක්කයක් හදලා තියෙනවා. අන්න ඒ ඉලක්කයට සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් යොමු කරනවා. ඔවුන් අර්බුදයකට පත්වුණොත් ආණ්ඩුව මැදිහත්වෙලා නැවත නැගිට්ටවනවා. අද එහෙම නැහැ. මේ ආයෝජකයන්ගේ ආරක්ෂණය රජයේ වගකීමක් හැටියට භාර ගන්නවා.අන්න ඒ අය අවුරුදු 5ක් 6ක් සාර්ථක වෙනකොට අලුතින් බදු ගෙවන්නන් බවට පත්කර ගන්න පුළුවන්. රජයේ ආදායම වැඩිකර ගන්නේ මේ තුළින්. එහෙම නැතිව ඉන්න ආයෝජකයන් මත අසීමිත බදු බරක් පටවලා මේ යාචක ආර්ථිකය තුළින් අපිට උත්තරයක් හොයන්න බැහැ. පොහොර නිකං දෙනවා කිව්වාට ආහාර වේලක් දෙනවා කිව්වාට සල්ලි හොයා ගන්න විදිහක් නැහැ. නත්තල් පප්පලාගේ කතා විතරයි. අපි රටේ හදන්නේ යාචක ආර්ථිකයක් නොවෙයි. සංවර්ධන ආර්ථිකයක්. මේ තුළින් රටේ ඉහළ ආර්ථිකයේ ප්‍රශ්නවලට උත්තර හොයන්න පුළුවන්. ඒ වගේම ජනතාව නියැලී ඉන්න ආර්ථික ප්‍රභවය කෘෂිකර්ම, ධීවර, කුඩා තේවතු, මල් වගාව, වගේ ක්ෂේත්‍ර සංවර්ධනය කරන වැඩපිළිවෙළක් ක්රියාත්මක කරනවා. අපි ඒ සඳහා එකින් එක ප්‍රතිපත්ති හඳුන්වා දෙමින් යනවා.අද මැතිවරණය වෙනුවෙන් බලයේ හිටි මේ කණ්ඩායම් දෙකම ජනතාවගේ දුප්පත් භාවය විකුණමින් යනවා. මේක යාචක ආර්ථිකයක්. ඔවුන් සංවර්ධනය කරන්නේ යාචක භාවය. ඒ වෙනුවට අපි සංවර්ධන ආර්ථිකයක් ගොඩනඟා අවුරුදු 71ක් පුරා හපයක් බවට පත්කර තිබෙන තත්ත්වයෙන් ගොඩගන්න අපි ඔබ සැමගෙන් බලය ඉල්ලා සිටිනවා. නොවැම්බර් 16 දා ඒ වෙනුවෙන් තීරණාත්මක දිනයක්. ඒ දිනයේ දී ජාතික ජන බලවේගයට ඡන්දය ලබාදී අපි ඔක්කෝම එකතු වී මේ රට ගොඩනඟමු. ලෝකය දියුණු වී තිබෙන්නේ විනාශයන් හමුවේ අත් බැඳගෙන, වකුටුවී හිටපු මිනිසුන්ගෙන් නොවේ. මානවයා ඉතිහාසයේ මේ තරම් ජයග්‍රහණ අත්පත් කරගෙන තිබෙන්නේ අර්බුදයට මුහුණ දීලා, ධෛර්යය සම්පන්නව මැදිහත්වීමෙන්. මේ රට කඩා වැටෙමින් තිබෙන ගමන් මාර්ගය වෙනස් කිරීම සඳහා නොවැම්බර් 16 වැනිදා ධෛර්යය සම්පන්නව නැගිට එකතු වෙමු කියලා මම සියලු දෙනාට ආරාධනා කරනවා.සාහිත්‍යවේදී කිර්ති වැලිසරගේ, චිත්‍රපට අධ්‍යක්ෂක, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දිසාසේකර චන්ද්‍රසේකර, ජනතා විමුක්ති පෙරමුණේ කඩුවෙල නාගරික මන්ත්‍රී අසිත නිරෝෂන්, දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත, සාහිත්‍යවේදී ජයතිලක කම්මැල්ලවීර යන මහත්වරුද අදහස් දැක් වූහ.මෙම අවස්ථාවට ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පළාත් සභා මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණආරච්චි, කාටුන් ශිල්පී විනිහෙට්ටිගොඩ, හිටපු විගණකාධිපති සරත් මායාදුන්නේ, මහත්වරුන් ඇතුළු ජාතික ජනබලවේගයේ නායකත්වය දරන විද්වතුන් විවිධ වෘත්තිකයන්, කලාකරුවන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.
|
“ගම හා නගරය සම්බන්ධකරන ආර්ථිකයක් ගොඩනගනවා“
| 0 |
(නිමල කොඩිතුවක්කු)ගෝඨාභය රාජපක්ෂ මහතා ප‍්‍රමුඛ වත්මන් රජය ප‍්‍ර‍්‍රජාතන්ත‍්‍රවාදීව තිබූ රට සැලසුම් සහගතව මිලිටරිකරණයට ලක්කරමින් තිබෙන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී අශෝක් අබේසිංහ මහතා කොළඹදී අද (26) පැවසීය.මහපාරේ රථවාහන හැසිරවීමේ සිට සියලූ සැලසුම් හා තීන්දු තීරණ ගැනීම දක්වා හමුදාව යොදාගැනීමට වත්මන් රජය පියවර ගෙන ඇතැයිද මන්ත‍්‍රීවරයා සඳහන් කළේය.භීතියට පත්වූ රටක් වෙනුවට නිදහසේ ජිවත්විය හැකි රටක් වෙනුවෙන් සමගි ජනබලවේගය වටා එක්වැන්නනැයි රටේ සමස්ත ජනතාවට ආරාධනා කර සිටින බවද කොළඹ, මාර්ක්ස් ප‍්‍රනාන්දු මාවතේ විපක්ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අබේසිංහ මහතා පැවැසීය.එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී අශෝක් අබේසිංහ මහතා මෙසේද කීය.‘‘දැන් මේ රජය බලයට පත්වෙලා දින 100ක් ගතවෙලා තියෙනවා. මේ රජය පත්කරන්න කැපවු අයගේ අපේක්ෂා භංගත්වයට මේ කාළය තුළ දිනෙන් දින වැඩිවෙමින් තියෙනවා.2015 ජනවාරි 8 වනදා අපේ ජනාධිපති අපේක්ෂකයා ජයග‍්‍රහණය කරලා අපි දින 100 ආණ්ඩුව එදා හැදුවා. දින 100 ආණ්ඩුව යටතේ අපි ඉන්ධන මිල අඩු කළා. රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩිකළා, ජනතාවට සහන දුන්නා. 19 වන සංශෝධනය ඉදිරිපත් කර ස්වාධීන කොමිෂන් සභා ඇති කළා. ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී නිදහස තහවුරු කරන්න ඒ කෙටි කාළය තුළ අපිට හැකිවුණා.මේ සියල්ල සිදුකලේ අපි මන්ත‍්‍රීධුර 42ක් තියාගෙනයි. මන්ත‍්‍රීවරු 95ක් ඉන්න මේ රජය දැන් ප‍්‍රකාශ කරනවා අපිට තියෙන්නේ සුලූතර රජයක් ජනතාවට සහන දෙන්න විදියක් නැතිලූ. දැන් මේ පත්වෙලා ඉන්න ආණ්ඩුව රටේ ජනතාවට සහන දෙන්න තුනෙන් දෙකකක් ඉල්ලා සිටිනවා.දැන් අගමැතිතුමා එතුමන්ගේ පිරිවර සමඟ ඉන්දියාවට ගිහින් ණය විරාමයක් ඉල්ලා සිටියා. මෙවැනි තත්වයට අද මේ ආණ්ඩුව අපේ රට පත්කරලා තියෙනවා. මේ දින 100 තුළ අපේ රට යළිත් ජාත්‍යන්තරයේ හෑල්ලූවට ලක්කරලා තියෙනවා.දැන් මේ දින 100 තුළ රට සීඝ‍්‍රයෙන් මිලිටරීකරණයට ලක්වෙමින් පවතිනවා. රටේ ජනාධිපති, ආරක්ෂක ලේකම්, වරාය සභාපති, රේගු අධ්‍යක්ෂ ජනරාල් ආදි රටේ ඉහලම තනතුරු අද දරන්නේ විශ‍්‍රාමික හමුදා නිලධාරින්. ඒ වගේම බන්ධනාගාර කොමසාරිස්වරයා ලෙසත් හිටපු හමුදා නිලධාරියෙක් පත්කරන්න යනවා කියලා අපිට දැනගන්න ලැබිලා තියෙනවා.ඒ වගේම මාර්ගයේ රථවාහන හසුරවන පොලිසිය වෙනුවටත් දැන් හමුදාව යොදවමින් සිටිනවා. ප‍්‍රජාතන්ත‍්‍රවාදය කරා අපි ගෙන ගිය රට අද වනවිට සීඝ‍්‍රයෙන් මිල්ටරීකරනය කරමින් යනවා.264000 ක් වන විදුල්පතිවරුන් සහ ගුරුවරුන් අද පාසල් එන්නේ නැතුව වර්ජනයක නිරත වෙනවා. 2015 අපේ රජය යටතේ ගුරුවරුන්ගේ වැටුප් විෂමතාවය ඉවත් කරන්න අපි තීන්දුවක් ගත්තා. ගුරු සේවය සංවෘත සේවයක් කිරිමටත් අපි සාකච්ඡා කළා. යම් යම් තින්දු අරන් ඒවා ක‍්‍රියාත්මක වනතුරු එතෙක් ඔවුන්ට රුපියල් 3000ක අන්තර්කාලින දීමනාවක් ලබාදිමට අපි තීන්දුවක් ගත්තා.අද එම දීමනාවත් කප්පාදු කරලා තියෙනවා. මේ හේතුවෙන් අද පාසල් පද්ධතියම අකර්මණ්‍ය වී තිබෙනවා. රාජ්‍ය සේවකයන්ගේ විශ‍්‍රාමිකයන්ගේ ඡුන්දයෙන් බලයට ඇවිත් මේ ආණ්ඩුව අද ඔවුන්ගේ වැටුප් දිමනා සියල්ලක්ම කප්පාදු කරලා තියෙනවා. අනිත් පැත්තෙන් රණවිරුවන් වෙනුවෙන් හඩා වැටුනා. අද ආබාධිත රණවිරුවන් යලිත් මහපාරට වැටිලා තියෙනවා.මේ රජය රණවිරුවන් මහාසංඝරත්නය පිළිබඳ කිඹුල් කදුලූ හෙලූවා කියලා අද 69 ලක්ෂය වගේම මුලූ රටටම තේරුම් ගිහින් තියෙනවා. බලාපොරොත්තු වූ වෙනස සිදු වෙලා නැහැ කියලා පිටරට ඉඳලා වෙනසක් බලාපොරොත්තුවෙන් ලංකාවට ඇවිත් ඡන්දෙ දීපු පිරිසටත් අද තේරුම් ගිහින් තියෙනවා. නැවත මේ රට භාර දුන්නේ පරන හොරු රැළටම කියලා මේ ආණ්ඩුවට ඡන්දය දීපු පුද්ලගලයන්ට දැන් හැඟී ගොස් තිබෙනවා. දැන් මේ ආණ්ඩුවට ඡන්දය දීපු ලක්ෂ 69 ට ජනතාවට මුහුණ දෙන්න විදියක් නැතුව සිටිනවා.මේ රජය දැන් දිනෙන් දින ජනතා අප‍්‍රසාදයට පත්වෙමින් තිබෙනවා. බොරු පොරොන්දු දි බලයට පත්වූ මේ ආණ්ඩුව එලැබෙන මහමැතිවරණයේදී පරාජය කරන්න සමගි ජනබලවේගය සමග පෙරට එන්න කියලා මේ රටේ සියලූම ජනතාවට අපි ආරාධනා කරනවා’’යැයිද ඔහු එහිදී පැවැසීය.
|
‘ප්‍රජාතන්ත්‍රවාදීව තිබූ රට මිලිටරිකරණය ලක්වෙමින් තිබෙනවා’
| 1 |
(නිමල කොඩිතුවක්කු) රට දෙකඩ කරනවා, රට ඇමෙරිකානු කොළනියක් වෙනවා කියා බිල්ලන් මැවූ එම්. සී. සී ගිවිසුම ලබන මැයි මාසයෙන් පසු අත්සන් කිරීමට රජය සැළසුම්කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී අශෝක් අබේසිංහ මහතා කොළඹදී අද(29) පැවසීය. කමිටු පත් කර ජනතා අදහස් ලබා ගනිමින් එම්. සී. සී ගිවිසුම අත්සන් කිරීම සඳහා අවශ්‍ය සැලසුම් ආණ්ඩුව මේ දිනවල සකස් කර ගෙන යන බවද මන්ත‍්‍රීවරයා සදහන් කළේය. තුනෙන් දෙකක බලයක් ඉල්ලා සිටින මේ ආණ්ඩුවට තුනෙන් දෙකක් තියා ආණ්ඩු බලයත් නොලැබෙන බවද විපක්ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අබේසිංහ මහතා පැවැසීය.එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී අශෝක් අබේසිංහ මහතා මෙසේද කීය. ‘‘කොරෝනා වෛරසයට මුහුන දෙන්න පක්ෂ භේදයකින් තොරව අපි කටයුතු කළ යුතුයි. විපක්ෂය විදියට අපි මේ තත්තවයට මුහුණ දෙන්න රජයට උපරීම සහයෝගය ලබා දෙනවා. විපක්ෂනායකවරයා ඉල්ලා සිටියා මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න වහාම පාර්ලිමේන්තුව කැ`දවන්න කියලා. එතකොට පාර්ලිමේන්තුව නියෝජනය කරන සෙසු පක්ෂවලටත් මෙම තත්ත්වයට සෘජුව සහයෝගය ලබාදිය හැකියි. මේ තත්ත්වයට මුහුන දෙන්න රජය ප‍්‍රමාණවත් වැඩපිලිවලක් ක‍්‍රියාත්මක කර නොමැති බවට අපට පෙනී යනවා. හිටපු ප‍්‍රවාහන හා සිවිල් ගුවන්සේවා රාජ්‍ය අමාත්‍යවරයා විදියට මම ගුවන්තොටුපළේ තත්ත්වය සොයා බැලූවා. තවම රජය ඒ පිළිබඳ ප‍්‍රමාණවත් වැඩපිලිවලක් සකස් කර නොමැති බවට එහිදී පෙනී ගියා. දැන් මේ රජය බලයට පත්වෙලා මාස තුනකට ආසන්න කාලයක් ගතවෙලා තියෙනවා. මේ රජය පත්කරන්න කැපවු අයගේ අපේක්ෂා භංගත්වයට මේ කාළය තුළ දිනෙන් දින වැඩිවෙමින් තියෙනවා.පිටරට ඉදලා වෙනසක් බලාපොරොත්තුවෙන් ලංකාවට ඇවිත් ඡුන්දෙ දුන්නා. නමුත් අපි බලාපොරොත්තු වූ වෙනස සිදු වෙලා නැහැ. අපි නැවත මේ රට භාර දුන්නේ පරන හොරු රැලටම කියලා මේ ආණ්ඩුවට ඡන්දය දීපු පුද්ලගලයෙක් සිය ෆේස් බුක් පිටුවේ සටහනක් දාලා තිබුණා. දැන් මේ ආණ්ඩුවට ඡුන්දය දීපු ලක්ෂ 69 ට ජනතාවට මුහුන දෙන්න විදියක් නැතුව සිටිනවා. 2015 ජනවාරි 08 පත් වූ අපේ රජයෙන් පවුල් 54 ලක්ෂයටම අපි සෘජු ප‍්‍රතිලාභ දෙන වැඩසටහන් ක‍්‍රියාත්මක කලා. මේ ජනාධිපති පත්වුණේ අපේ රට වැඩ බිමක් බවට පත් කරනවා කියලා. වැඩ බිම කෙසේ වෙතත් අපි ආරම්භ කරපු ගම් පෙරලිය වැඩසටහනට මුදල් දීම පවා දැන් නවත්වලා තියෙනවා.උපේ රජයෙන් ආරම්භ කළ මධ්‍යම අධිවේගී මාර්ග ඇතුලූ අධිවේගී මාර්ග, රට පුරා මාර්ග පද්ධති ආදී සියල්ලක්ම අද වෙනවිට නතර වෙලා තියෙනවා. රාජ්‍ය සේවකයන් බහුතරයකගේ ඡන්දයෙන් බලයට පත්වු මේ ආණ්්ඩුව මුලින්ම කළේ රාජ්‍ය සේවකයන් රැවටිමයි. ඊළඟට රණවිරුවන් පොලිසිය රැවැට්ටුවා. මහා සංඝ රත්නය රැවැට්ටුවා. විශ‍්‍රාමිකයන් රැවැට්ටුවා. ඒ වගේම සහන දෙනවා ජීවන වියදම අඩු කරනවා කියලා ජනතාව රැවැට්ටුවා.පසුගිය වසර හතරහමාර තුළ අපි අත්‍යවශ්‍ය භාන්ඩ වල මිල ඉහළ යාම පාලනය කළා. ඒ වගේම අපි ගෑස් මිල, ඉන්ධන මිල අඩු කරලා ජනතාවට සහන දුන්නා. මේ ආණ්ඩුවෙන් ඉන්න පිරිස් එම්. සී. සී ගිවිසුමෙන් රට දෙකඩ වෙනවා, ඇමරිකානු කොලනියක් වෙනවා කියලා බිල්ලො මැව්වා. දැන් කියනවා සීයට 70ක් හොදයිලූ. මේ ගිවිසුම ලබන මැයි මාසයෙන් පසු අත්සන් කරන බවට මම වගකීමෙන් කියනවා. ඇමරිකානු නියෝජිතයයන් ආපු වෙලාවේදී ජනාධිපතිතුමා මැයි මාසේ වෙනකම් කල් ඉල්ලුවා. ඔහු කොයිම වෙලාවකවත් මේක අත්සන් කරන්නේ නැහැ කියලා නැහැ. දැන් මේ ගැන කමිටු පත් කරලා අධ්‍යයනය කරගෙන යනවා. අනිත් පැත්තෙන් ජනතා අදහස් ලබා ගනිමින් සිටිනවා. පාස්කු ප‍්‍රහාරය හින්දා තමයි මේ රජය බලයට පත්වුණේ. ඒ වගේම අන්තවාදීන්ට සහයෝගය දුන් සියලූ දෙනාට දඩුවම් දෙනවා කව්වා. පාස්කු ප‍්‍රහාරයට සම්බන්ධ අන්තවාදීන් සමග කටයුතු කලේත් මේ වර්තමාන රජයේ මැති ඇමතිවරුන්. මද්‍රසා පාසල් වත්මන් රජය නීති ගත කරන්න යනවා. ඒ වගේම මඩකලපුව විහ්ව විද්‍යාලය, විල්පත්තු කැලේ ගැන ප‍්‍රශ්ණ අපේ රජයට ඇති කළා. දැන් ඒ ප‍්‍රශ්ණ නෑ වගේ මේ රජය කටයුතු කරනවා. ඡන්දෙට කලින් මේ අය කිව්වේ මේක නෙමෙයි.කිසිම රාජ්‍ය දේපලක් විකුණන්නේ නැහැ. විකුණපු දේපළත් පවරගන්නවා කියලා බලයට එන්න කලින් මහින්ද රාජපක්ෂ මහතා කිව්වා. මේ රජය ආපු ගමන් ෂැංග‍්‍රිලා ඉඩම අසළ ඉඩම සිංගප්පුරු සමාගමකට විකුණුවා. ලේක් හවුස් ආයතනය ඉදිරිපිට තවත් අක්කර හයක ඉඩමක් දෙන්න යනවා. මේ පිලිබද රටේ ජනතාව දැනුවත් විය යුතුයි. ජනාධිපතිවරණයේදී ජනතාවට දුන් පොරොන්දු එකින් එක වෙනස් කරමින් යනවා. මහ බැංකු වංචාව ගැන අපිට චෝදනා කළා. මහබංකු වංචාවට සම්බන්ධ සියලූ දෙනාට පක්ෂ භේදයකින් තොරව තරා තිරම නොබලා දඩුවම් කරන්න කියලා අපි මේ රජයට කියනවා. විපක්ෂය විදියට අපි ඒකට සහයෝගය දෙනවා. දැන් මේ ආණ්ඩුව තුනෙන් දෙකක් ඉල්ලනවා. තුනෙන් දෙකක් තියා මේ ආණ්ඩුවට මන්ත‍්‍රී ධුර 113 ක් ලබාගෙන ආණ්ඩු බලයවත් ලබාගන්න බැහැ. මේ ආණ්ඩුව දවසින් දවස පුස්සක් වෙනවා. අද මේ ආණ්ඩුව වැඩියෙයන්ම විචේචනය කරන්නේ අර ලක්ෂ 69 ජනතාවයි.ජනතා මුදල් කාබාසිනිය කරලා, හොරකම් කරපු පිරිස් දැන් මාධ්‍ය ඉදිරියේ සුදනො වගේ ඉදගෙන අපිට චෝදනා කරනවා හොරු හොරු කියළා. දුෂිතයන්ට, නඩු තියෙන අයට, ඇප පිට ඉන්න අයට නාම යෝජනා ලබා නොදෙන්න පක්ෂවලට බල කරන්න කියලා මාධ්‍යවේදීන්ගෙන් සහ සිවිල් සංවිධාන වලින් අපි ඉල්ලා සිටිනවා. මේ රජය දැන් දිනෙන් දින ජනතා අප‍්‍රසාදයට පත්වෙමින් තිබෙනවා. බොරු පොරොන්දු දි බලයට පත්වූ මේ ආණ්ඩුව එලැබෙන මහමැතිවරණයේදී පරාජය කරන්න පෙරට එන්න කියලා මේ රටේ සියලූම ජනතාවට අපි ආරාධනා කරනවා’’යැයිද ඔහු එහිදී පැවැසීය.
|
‘ප්‍රජාතන්ත්‍රවාදීව තිබූ රට මිලිටරිකරණය ලක්වෙමින් තිබෙනවා’
| 0 |
(а¶©а¶әа¶ұа·Ҹ а¶Ӣа¶Ҝа¶әа¶Ӯа¶ңа¶ұа·“) а¶¶а·җа¶іа·”а¶ёа·Ҡа¶ҡа¶» а·Җа¶Ӯа¶ а·Ҹа·Җ а¶ҙа·’а·…а·’а¶¶а¶і а·ға·ҷа·Җа·“а¶ё а·ға¶іа·„а·Ҹ а¶ҙа¶ӯа·Ҡа¶ҡа¶» а¶Үа¶ӯа·’ а¶ўа¶ұа·Ҹа¶°а·’а¶ҙа¶ӯа·’ а¶ҡа·ңа¶ёа·’а·ға¶ёа·ҡа¶Ҝа·“ а¶әа¶ёа·Ҡ а¶әа¶ёа·Ҡ а¶ҡа¶»а·”а¶«а·” а·„а·ҷа·…а·’а·Җа¶ұ а·Җа·’а¶§ а¶ а·қа¶Ҝа¶ұа·Ҹ а¶‘а¶Ҫа·Ҡа¶Ҫ а·Җа¶ұ а¶ҙа·”а¶Ҝа·Ҡа¶ңа¶Ҫа¶әа·’а¶ұа·Ҡ а¶‘а¶ё а¶ а·қа¶Ҝа¶ұа·Ҹ а·Җа·ға·Ҹ а¶ңа·җа¶ұа·“а¶ёа¶§ а¶ңа·ңа·ға·Ҡ а¶ңа¶Ҫа·ҡ а¶ҙа·җа·„а·җа¶»а·– а¶¶а·…а¶Ҫа·Ҹ а¶ёа·ҷа¶ұа·Ҡ а·„а·җа¶ё а¶ӯа·җа¶ұа¶ё а¶ңа·Ҹ а¶ңа¶ұа·’а¶ёа·’а¶ұа·Ҡ а·ға·’а¶§а·’а¶ұ а¶¶а·Җ а·Җа·Ҹа¶»а·’а¶ёа·Ҹа¶»а·Ҡа¶ң а·„а·Ҹ а¶ўа¶Ҫ а·ға¶ёа·Ҡа¶ҙа¶ӯа·Ҡ а¶ҡа·…а¶ёа¶ұа·Ҹа¶ҡа¶»а¶« а¶…а¶ёа·Ҹа¶ӯа·Ҡа¶ә а·Җа·’а¶ўа·’а¶ӯа·Ҡ а·Җа·’а¶ўа·’а¶ӯа¶ёа·”а¶«а·’ а·ға·ңа¶әа·’а·ға·Ҹ а¶ёа·„а¶ӯа·Ҹ а¶ҙа·җа·Җа·ға·“а¶ә. а¶ёа·ҷа¶ё а¶ а·қа¶Ҝа¶ұа·Ҹ а¶‘а¶Ҫа·Ҡа¶Ҫ а·Җа¶ұа·Ҡа¶ұа¶ұа·Ҡ а¶ўа¶ұа·Ҹа¶°а·’а¶ҙа¶ӯа·’а¶ӯа·”а¶ёа·Ҹа¶§ а·„а·қ а¶ҡа·ңа¶ёа·’а·ға¶ёа¶§ а¶¶а·җа¶ұа·“а¶ё а¶…а¶ұа·”а¶ёа¶ӯ а¶ҡа·… а¶ұа·ңа·„а·җа¶ҡа·’ а¶¶а·Җ а¶ҡа·“ а¶…а¶ёа·Ҹа¶ӯа·Ҡа¶әа·Җа¶»а¶әа·Ҹ а¶ёа·ҷа¶ё а¶ҡа·ңа¶ёа·’а·ға¶ёа·ҡ а·ға·’а¶Ҝа·”а·Җа¶ұ а·ға·Ҹа¶ҡа·Ҡа·Ӯа·’ а·Җа·’а¶ёа·ға·“а¶ёа·Ҡа·Җа¶Ҫа¶Ҝа·“ а¶әа¶ёа·Ҡ а¶әа¶ёа·Ҡ а¶ а·қа¶Ҝа¶ұа·Ҹа·Җа¶Ҫа¶§ а¶Ҫа¶ҡа·Ҡ а·Җа·“ а¶Үа¶ӯа·’ а¶ёа¶ұа·Ҡа¶ӯа·Ҡа¶»а·“а·Җа¶»а·”а¶ұа·Ҡ а¶’ а¶ңа·җа¶ұ а¶ҡа¶ӯа·Ҹ а¶ұа·ңа¶ҡа¶» а·ға·’а¶§а·’а¶ұа·Җа·Ҹ а¶ұа¶ёа·Ҡ а·„а·ңа¶і а¶¶а·Җ а¶Ҝ а·ға¶іа·„а¶ұа·Ҡ а¶ҡа·…а·ҡа¶ә. а¶ӯа¶ёа¶ұа·Ҡ а¶ұа·’а¶»а·Ҡа¶Ҝа·қа·Ӯа·“ а¶ұа¶ёа·Ҡ а¶”а·Җа·”а¶ұа·Ҡ а¶ўа¶ұа·Ҹа¶°а·’а¶ҙа¶ӯа·’ а¶ҡа·ңа¶ёа·’а·ға¶ёа¶§ а¶үа¶Ҝа·’а¶»а·’ а¶ҡа¶§а¶әа·”а¶ӯа·” а¶·а·Ҹа¶» а¶Ҝа·“ а·ға·’а¶§а·’а¶ә а¶әа·”а¶ӯа·” а¶¶а·Җ а¶Ҝ а¶…а¶ёа·Ҹа¶ӯа·Ҡа¶әа·Җа¶»а¶әа·Ҹ а¶ҡа·“а·Җа·ҡа¶ә. а¶…а¶ңа·Ҡа¶»а·Ҹа¶ёа·Ҹа¶ӯа·Ҡа¶әа·Җа¶»а¶әа·Ҹа¶§ а¶Ҝ а¶ёа·ҷа¶ё а¶ҡа·ңа¶ёа·’а·ға¶ё а¶үа¶Ҝа·’а¶»а·’а¶ҙа·’а¶§а¶§ а¶әа·Ҹа¶ёа¶§ а·ға·’а¶Ҝа·”а·Җа·– а¶¶а·Җ а¶ҡа·“ а¶…а¶ёа·Ҹа¶ӯа·Ҡа¶әа·Җа¶»а¶әа·Ҹ а¶ұа·’а¶Ҝа·„а·ға·’а¶ұа·Ҡ а¶ҙа·ға·” а¶ӯа¶ёа¶ұа·Ҡа¶ңа·ҡ а·Җа·җа¶»а¶Ҝа·’ а·ға·ҷа·Җа·– а¶‘а¶ҡа¶ё а¶Ҷа¶«а·Ҡа¶©а·”а·Җ а¶ўа¶ұа·Ҹа¶°а·’а¶ҙа¶ӯа·’ а¶ёа·ӣа¶ӯа·Ҡа¶»а·“а¶ҙа·Ҹа¶Ҫ а·ға·’а¶»а·’а·ға·ҡа¶ұ а¶ёа·„а¶ӯа·Ҹа¶ңа·ҡа¶ӯа·Ҡ а¶…а¶ңа¶ёа·җа¶ӯа·’ а¶»а¶ұа·’а¶Ҫа·Ҡ а·Җа·’а¶ҡа·Ҡа¶»а¶ёа·ға·’а¶Ӯа·„ а¶ёа·„а¶ӯа·Ҹа¶ңа·ҡа¶ӯа·Ҡ а¶ёа·ҷа¶ё а¶Ҷа¶«а·Ҡа¶©а·”а·Җ а¶¶а·Җ а¶Ҝ а·ға¶іа·„а¶ұа·Ҡ а¶ҡа·…а·ҡа¶ә.
|
вҖҳа¶ұа·’а¶Ҝа·„а·ға·’а¶ұа·Ҡ а¶ҙа·ға·” а·„а·ңа¶іа¶ё а¶Ҷа¶«а·Ҡа¶©а·”а·Җ а¶ёа·ҷа¶әа¶әа·’вҖҳ
| 1 |
а¶¶а·”а¶Ҝа·Ҡа¶° а¶ҙа·”а¶ӯа·Ҡа¶»а¶әа¶ҡа·” а·Җа·– а¶ӯа¶ё а¶ҙа·”а¶ӯа·Ҹа¶ңа·ҡ а¶…а¶ӯа·’а¶ұа·Ҡ а¶…а¶Ҫа·Ҡа¶Ҫа·Ҹа¶ңа·ҷа¶ұ а¶ңа¶ёа¶ұа·Ҡ а¶ҡа¶»а¶ұа·”а¶әа·ҡ а¶‘а¶ё а¶¶а·”а¶Ҝа·Ҡа¶° а¶ҙа·”а¶ӯа·Ҡа¶»а¶әа·Ҹ а¶¶а·’а·„а·’ а¶ҡа·… а·Җа¶әа·қа·Җа·ҳа¶Ҝа·Ҡа¶° а¶ёа·Ҹа¶ӯа·Ҹа·Җа¶әа·’.а¶ҙа·”а¶ӯа·Ҹ а¶ңа·’а·„а·’ а¶ңа·ҷа¶ә а¶…а¶ӯа·Ҡ а·„а·җа¶»а·’а¶әа¶ӯа·Ҡ а¶ёа·Җа¶§ а¶Үа¶ӯа·’ а¶Ҷа¶Ҝа¶»а¶әа·ҡ а·Җа·ҷа¶ұа·ға¶ҡа·Ҡ а¶ұа·җа¶ӯ. а¶ӯа¶ёа¶ұа·Ҡ а·Җа·„а¶ұа·Ҡа·ға·ҡ а·Җа·“а¶»а¶ҡа·җа¶§а·’а¶ә а¶ёа¶«а·Ҡа¶©а·Ҹа¶©а·”а·Җ а¶ҙа·”а¶»а·Ҹа¶« а·Җа·’а·„а·Ҹа¶»а¶әа·ҡ а·Җа·җа¶© а·Җа·Ҹа·ға¶ә а¶ҡа·…а¶ӯа·Ҡ а¶ӯа¶ё а¶ёа·Җа¶§ а·Җа·„а·…а¶ҡа·Ҡ а¶ұа·җа¶ӯа·’ а¶Ҝа·”а¶ҡ а¶ўа¶іа·”а¶»а·ҡ а·ға·”а¶ёа¶ұа·ға·’а¶»а·’ (29) а·„а·’а¶ёа·’а¶әа¶ұа·Ҡа¶§ а¶ӯа¶Ҝа·’а¶ұа·Ҡа¶ё а¶Ҝа·җа¶ұа·“ а¶Үа¶ӯ.а¶ҙа·ға·”а¶ңа·’а¶ә а¶¶а·’а¶ұа¶» а¶ҙа·қа¶Ҝа·Ҹ а·ға·”а¶ёа¶ұа·ға·’а¶»а·’ а·„а·’а¶ёа·’а¶әа¶ұа·Ҡ а¶ӯа¶ё а¶ёа·Җ а¶Ҝ а·ға¶ёа¶ҹ а¶ўа¶іа·”а¶»а¶§ а·Җа·җа¶©а¶ё а¶ҡа·…а·ҡ а·„а·’а¶ӯа·Җа¶ӯа¶ҡа·” а·„а¶ёа·”а·Җа·“а¶ё а·ға¶іа·„а·Ҹа¶ә. а¶’ а¶ёа·Җа¶§ а·„а¶Ҝа·Ҹ а¶Ҝа·“а¶ёа¶§ а¶әа¶ұ а¶ңа·ҷа¶§ а¶Ӣа¶Ҝа·Җа·Ҡа·Җа¶ҡа·Ҡ а¶Ҫа¶¶а·Ҹ а¶ңа·җа¶ұа·“а¶ёа¶§а¶ә.а¶ҙа¶ұа·Ҡа·ға¶Ҫа·ҡ а¶Ҝа·Ҹа¶әа¶ҡ а·ға·”а¶Ҝа¶ӯа·Ҡ а¶ўа·Ҹа¶ұа¶ҡ а¶ёа·„а¶ӯа·Ҹ а·ға·”а¶ёа¶ұа·ға·’а¶»а·’ а·„а·’а¶ёа·’а¶әа¶ұа·Ҡа¶§ а¶¶а·Ҡа¶»а·„а·ға·Ҡа¶ҙа¶ӯа·’а¶ұа·Ҡа¶Ҝа·Ҹ (11) а¶ўа¶Ӯа¶ңа¶ё а¶Ҝа·”а¶»а¶ҡа¶ӯа¶ұа¶әа¶ҡа·Ҡ а¶ҙа¶»а·’а¶ӯа·Ҡа¶әа·Ҹа¶ң а¶ҡа·…а·ҡа¶ә. а¶Ҝа·”а¶»а¶ҡа¶ӯа¶ұ а¶…а¶Ӯа¶ҡа¶ә - 071 57 26 989а·ға·”а¶ёа¶ұа·ға·’а¶»а·’ а·„а·’а¶ёа·’а¶әа¶ұа·Ҡа¶ңа·ҡ а¶ңа·’а·„а·’ а¶ұа¶ё а·Җа¶ұ а¶‘а¶ а·Ҡ а¶’ а¶ӯа·’а·ға¶» а¶»а·”а·Җа¶ұа·Ҡ а¶ұа¶ёа·’а¶ұа·Ҡ а¶ёа·„а¶ўа¶ұ а¶¶а·җа¶Ӯа¶ҡа·”а·Җа·ҡ а¶…а¶ҹа·”а¶«а¶ҡа·ңа·… а¶ҙа·җа¶Ҫа·җа·ға·Ҡа·ғ а·Ға·Ҹа¶ӣа·Ҹа·Җа·ҡ а¶ңа·’а¶ұа·”а¶ёа¶ҡа·Ҡ а¶Үа¶ӯ. 205 2001 800 390 12а¶Ҫа·’а¶ҙа·’а¶ұа¶ә - а·Ға·Ҡа¶»а·“ а·ға·”а¶°а¶»а·Ҡа¶ёа·Ҹа¶»а·Ҹа¶ёа¶ә, а¶ёа¶«а·Ҡа¶©а·Ҹа¶©а·”а·Җ, а·Җа·“а¶»а¶ҡа·җа¶§а·’а¶ә.
|
вҖҳа¶ұа·’а¶Ҝа·„а·ға·’а¶ұа·Ҡ а¶ҙа·ға·” а·„а·ңа¶іа¶ё а¶Ҷа¶«а·Ҡа¶©а·”а·Җ а¶ёа·ҷа¶әа¶әа·’вҖҳ
| 0 |
(а¶…а¶Ӯа¶ўа·”а¶Ҫ а¶ёа·„а·’а¶ҡ а·Җа·“а¶»а¶»а¶ӯа·Ҡа¶ұ)а¶ёа·ҡ а·Җа·ҷа¶Ҫа·Ҹа·Җа·ҡ а¶ўа¶ұа¶ӯа·Ҹа·Җа¶§ а¶…а·Җа·Ға·Ҡа¶ә а·Җа¶ұа·Ҡа¶ұа·ҡ а¶…а¶Ӯа¶ңа·”а¶Ҫа·’а¶ёа·Ҹа¶Ҫ а¶Ҫа·Ҹ а¶Ҝа·ҡа·Җа¶Ҝа¶ӯа·Ҡа¶ӯа¶Ҫа·Ҹ а¶ңа·җа¶ұ а¶ҡа¶ӯа·Ҹ а¶ұа·ңа·Җ а¶ҡа·”а·ға¶ңа·’а¶ұа·Ҡа¶ұа¶§ а¶¶а¶ӯа·Ҡ а¶ҡа¶§а¶ҡа·Ҡ а¶әа·җа¶әа·’ а·ға¶ёа¶ңа·’ а¶ўа¶ұ а¶¶а¶Ҫа·Җа·ҡа¶ңа¶әа·ҡ а¶ёа·җа¶Ҝ а¶ҡа·ңа·…а¶№ а¶ҙа·Ҡа¶»а¶°а·Ҹа¶ұ а·ға¶Ӯа·Җа·’а¶°а·Ҹа¶әа¶ҡ а¶ҙа·Ҹа¶»а·Ҡа¶Ҫа·’а¶ёа·ҡа¶ұа·Ҡа¶ӯа·” а¶ёа¶ұа·Ҡа¶ӯа·Ҡа¶»а·“ а¶ёа·”а¶ўа·’а¶¶а·”а¶»а·Ҡ а¶»а·„а·”а¶ёа·Ҹа¶ұа·Ҡ а¶ёа·„а¶ӯа·Ҹ а¶ҙа·җа·Җа·ға·“а¶ә.а¶Ҷа¶«а·Ҡа¶©а·”а·Җ а¶Ҝа·ҡа·Җа¶Ҝа¶ӯа·Ҡа¶ӯа¶әа¶ҡа·” а·Җа·“ а¶ўа¶ұа¶ӯа·Ҹа·Җа¶ңа·ҡ а¶ҡа·”а·ғ а¶ёа¶ӯа¶§ а¶ңа¶Ҫа·Ҡ а¶ҙа·ҷа¶»а¶Ҫа¶ёа·’а¶ұа·Ҡ а·ға·’а¶§а·’а¶ұ а¶¶а·Җ а¶ҡа·“ а¶ёа·”а¶ўа·”а¶¶а·”а¶»а·Ҡ а¶»а·„а·”а¶ёа·Ҹа¶ұа·Ҡ а¶ёа·„а¶ӯа·Ҹ а¶¶а¶Ҝа·” а¶ҙа·’а¶§ а¶¶а¶Ҝа·” а¶ҙа¶ұа·Җа¶ёа·’а¶ұа·Ҡ а¶…а¶Ӯа¶ңа·”а¶Ҫа·’а¶ёа·Ҹа¶Ҫ а·ға·ҡ а¶ёа·’а¶ұа·’а·ға·”а¶ұа·Ҡа¶ңа·ҡ а¶Үа¶ҹа·’а¶Ҫа·’ а¶ҡа¶ҙа·Ҹ а¶ңа¶ұа·’а¶ёа·’а¶ұа·Ҡ а·ға·’а¶§а·’а¶ұ а¶¶а·Җ а¶ҡа·“а¶ә.а¶ўа¶ұа¶ӯа·Ҹа·Җ а¶…а¶Ӯа¶ңа·”а¶Ҫа·’а¶ёа·Ҹа¶Ҫ а¶ҡа¶ӯа·Ҹ а¶ҙа·ға·Ҡа·ға·ҡ а¶Ҝа·”а·Җа¶ёа·’а¶ұа·Ҡ а·ға·’а¶§а·’а¶ұ а·Җа·’а¶§ а¶Ҷа¶«а·Ҡа¶©а·”а·Җ а¶ұа¶ёа·җа¶ӯа·’ а¶Ҝа·ҡа·Җа¶Ҝа¶ӯа·Ҡа¶ӯа¶әа·Ҹ а¶ўа¶ұа¶ӯа·Ҹа·Җа¶ңа·ҡ а·„а·’а·ғ а¶ёа¶ӯа¶§ а¶ӯа·Җ а¶ёа·ңа¶ұ а¶ңа¶Ҫа¶ҡа·Ҡ а¶ҙа·ҷа¶»а¶Ҫа¶ұа·Ҡа¶ұа¶§ а¶ҡа·җа·ғ а¶ҡа·Җа¶ёа·’а¶ұа·Ҡ а·ға·’а¶§а·’а¶ұа·Ҡа¶ұа·ҡ а¶Ҝа·җа¶әа·’ а¶ұа·ңа¶Ҝа¶ұа·Ҡа¶ұа·Ҹ а¶¶а·Җ а¶Ҝ а¶ёа·”а¶ўа·’а¶¶а·”а¶»а·Ҡ а¶»а·„а·”а¶ёа·Ҹа¶ұа·Ҡ а¶ёа·„а¶ӯа·Ҹ а¶ҙа·җа·Җа·ға·“а¶ә.а·ға¶ёа¶ңа·’ а¶ўа¶ұ а¶¶а¶Ҫа·Җа·ҡа¶ңа¶әа·ҡ а¶ёа·җа¶Ҝ а¶ҡа·ңа·…а¶№ а¶ҡа·Ҹа¶»а·Ҡа¶әа·Ҹа¶Ҫа¶әа·ҡ а¶ҙа·җа·Җа¶ӯа·’ а¶ёа·Ҹа¶°а·Ҡа¶ә а·„а¶ёа·”а·Җа¶ҡа¶Ҝа·“ а¶ёа·”а¶ўа·”а¶¶а·”а¶»а·Ҡ а¶»а·„а·”а¶ёа·Ҹа¶ұа·Ҡ а¶ёа·„а¶ӯа·Ҹ а¶ёа·ҡ а¶¶а·Җ а¶ҡа·“а¶ә.
|
вҖҳа¶ұа·’а¶Ҝа·„а·ға·’а¶ұа·Ҡ а¶ҙа·ға·” а·„а·ңа¶іа¶ё а¶Ҷа¶«а·Ҡа¶©а·”а·Җ а¶ёа·ҷа¶әа¶әа·’вҖҳ
| 0 |
а¶¶а¶Ҝа·”а¶Ҫа·Ҡа¶Ҫ а·„а·Ҹ а·ға·ға¶іа¶ұ а·Җа·’а¶§ а¶ёа·ңа¶«а¶»а·Ҹа¶ңа¶Ҫ а¶Ҝа·’а·ға·Ҡа¶ӯа·Ҡа¶»а·’а¶ҡа·Ҡа¶ҡа¶әа·ҡ а¶әа¶ёа·Ҡ а¶ҙа·Ҡа¶»а¶ а¶«а·Ҡа¶©а¶ӯа·Ҡа·Җа¶әа¶ҡа·Ҡ а¶Үа¶ӯа·’ а¶ұа¶ёа·”а¶ӯа·Ҡ а¶Ўа¶ұа·Ҡа¶Ҝа¶ә а¶ҙа·җа·Җа·җа¶ӯа·Ҡа·Җа·“а¶ёа¶§ а¶‘а¶әа·’а¶ұа·Ҡ а·„а·Ҹа¶ұа·’а¶ҡа¶» а¶ӯа¶ӯа·Ҡа¶ӯа·Ҡа·Җа¶әа¶ҡа·Ҡ а¶Ӣа¶Ҝа·Ҹ а¶ұа·ңа·Җа¶ұ а¶¶а·Җ а¶ҙа·ҷа¶ұа·“ а¶әа¶ӯа·’а¶әа·’ а¶ёа·җа¶ӯа·’а·Җа¶»а¶« а¶ҡа·ңа¶ёа·ға·Ҹа¶»а·’а·ға·Ҡ а¶ёа·„а·’а¶ұа·Ҡа¶Ҝ а¶Ҝа·ҡа·Ға¶ҙа·Ҡа¶»а·’а¶ә а¶ёа·„а¶ӯа·Ҹ а¶ёа·ңа¶«а¶»а·Ҹа¶ңа¶Ҫ а¶Ҝа·’а·ға·Ҹа¶ҙа¶ӯа·’ а¶ҡа·Ҹа¶»а·Ҡа¶әа·Ҹа¶Ҫа¶әа¶әа·ҡ а¶Ҝа·“ а¶ҙа·җа·Җа·ға·“а¶ә.а¶ёа·Ҹа¶ұа·Җ а·„а·’а¶ёа·’а¶ҡа¶ёа·Ҡ а¶ҡа·ңа¶ёа·’а·ға¶ёа·ҡ а¶Ҝ а¶ҙа·ңа¶Ҫа·’а·ға·’а¶әа·ҡ а¶Ҝ а¶ұа·’а¶Ҫа¶°а¶»а¶әа¶ұа·Ҡ а¶…а¶ёа¶ӯа¶ёа·’а¶ұа·Ҡ а¶”а·„а·” а¶ҙа·җа·Җа·ға·”а·Җа·ҡ а¶ҙа·ңа¶Ҫа·’а·ға·’а¶ә а¶әа¶ұа·” а¶Ҫа¶әа·’а·ға¶ұа·Ҡ а¶Ҫа·җа¶¶а·– а¶ а¶«а·Ҡа¶©а·’а¶ұа·Ҡ а¶ҙа·’а¶»а·’а·ға¶ҡа·Ҡ а¶¶а·Җа¶әа·’.‘а¶”а·Җа·”а¶ұа·Ҡ а¶үа¶ӯа·’а¶»а·’ а¶Ҝа·Җа·ға·Ҡ а¶Ҝа·„а¶әа¶ӯа·Ҡ а¶…а¶Ҫа·Ҡа¶Ҫа·Ҹа¶ңа·ҷа¶ұ а¶үа¶ұа·Ҡа¶ұ а¶•а¶ұа·‘. а¶Ўа¶ұа·Ҡа¶Ҝ а¶ұа·“а¶ӯа·’а¶ә а¶¶а¶ә а¶ұа·җа¶ӯа·’а·Җ а·„а¶»а·’а¶әа¶§ а¶ҡа·Ҡа¶»а·’а¶әа·Ҹа¶ӯа·Ҡа¶ёа¶ҡ а¶ҡа¶»а¶ұа·Ҡа¶ұ. а¶ұа·“а¶ӯа·’ а·Җа·’а¶»а·қа¶°а·“ а·Җа·җа¶©а¶§ а¶үа¶© а¶Ҝа·ҷа¶ұа·Ҡа¶ұ а¶‘а¶ҙа·Ҹ. а¶‘а·ға·ҡ а¶ҡа¶»а¶ұ а¶…а¶ә а¶»а·җа¶ҡ а¶ңа·җа¶ұа·“а¶ёа¶§ а¶ҙа·ңа¶Ҫа·’а·ға·Ҡ а¶ҡа·ңа¶ёа·’а·ға¶ё а·„а·Ҹ а¶ёа·Ҹа¶ұа·Җ а·„а·’а¶ёа·’а¶ҡа¶ёа·Ҡ а¶ҡа·ңа¶ёа·’а·ға¶ё а¶үа¶Ҝа·’а¶»а·’а¶ҙа¶ӯа·Ҡ а·Җа¶ұ а¶¶а·Җ а¶ёа·Ҹ а·ға·„а¶ӯа·’а¶ҡ а·Җа·ҷа¶ұа·Җа·Ҹ. ‘
|
вҖҳа¶ұа·’а¶Ҝа·„а·ға·’а¶ұа·Ҡ а¶ҙа·ға·” а·„а·ңа¶іа¶ё а¶Ҷа¶«а·Ҡа¶©а·”а·Җ а¶ёа·ҷа¶әа¶әа·’вҖҳ
| 0 |
(නාලක සංජීව දහනායක)රටෙහි ඇතිවී තිබෙන ප‍්‍රශ්න විසඳීමට නම් ඇමති මාරුවක් නොව ආණ්ඩුව අනුගමනය කරන ආර්ථික ප‍්‍රතිපත්තිවල වෙනසක් සිදු විය යුතු බව මාතර දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී චන්ද්‍රසිරි ගජධීර මහතා සඳුදා (22) පැවැසීය.එවැනි වෙනසක් ආණ්ඩු මාරුවක් රටට අවශ්‍ය බැවින් මෙම ඇමති මාරුව තනිකරම විජ්ජාවක් බවද මන්ත‍්‍රීවරයා කීය.සමාජවාදී ජනතා පෙරමුණ විසින් බොරැුල්ල, එන්.එම් පෙරේරා කේන්ද්‍රයේදී අද (22) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත‍්‍රීවරයා මේ බව සඳහන් කළේය.එහිදී පාර්ලිමේන්තු මන්ත‍්‍රී චන්ද්‍රසිරි ගජධීර මහතා මෙසේද පැවසීය.දීර්ඝ කාලයක් තෙපර බබා ඉඳලා ඇමැති කුට්ටම ඇනුවා. මේ ඇමති මාරුව සිදු වුණා කියලා රටේ ප‍්‍රශ්න විසඳෙන්නේ නැහැ. රටේ ප‍්‍රශ්න විසඳන්න නම් ආණ්ඩුව මේ ගෙනියන ආර්ථික ප‍්‍රතිපත්තිය වෙනස් කරන්න ඕන. එවැනි දෙයක් සිදුකරන්න නම් ආණ්ඩු මාරුවක් අවශ්‍යයි. මේ ඇමති මාරුව බලයේ ඉන්න ප‍්‍රධාන පක්ෂ දෙකේ ඇතිවී තිබෙන ප‍්‍රතිවිරෝධය නතර කරගන්න කළ දෙයක්. ඒ නිසා ඇමති මාරුව විජ්ජාවක්.ප‍්‍රතිපත්තිමය වෙනසක් නැතුව පුද්ගලයින් වෙනස් කිරීමෙන් පමණක් ආණ්ඩුවට ගමනක් නැහැ. ඒත් මේ ආණ්ඩුවේ එකම ප‍්‍රතිපත්තිය මිනිසුන් මත බදු බර පටවා මිනිසුන් තව තවත් පීඩාවට පත් කිරීමයි. ඒ නිසා මේ ඇමති මාරුව බොරු තාවකාලික පියවරක් පමණයි. මේ ඇමති මාරුවීම්වල අභ්‍යන්තර සාධක අපි දන්නේ නැහැ. ඒ ගැන ඉදිරියේදී අපිට දැනගන්න ලැබේවි. මේ මුළු ආණ්ඩුවම අසාර්ථකයි. එවැනි ආණ්ඩුවක් සාර්ථක ගමනක් යයි කියලා අපි හිතන්නේ නැහැ. එහෙත් අපි මේ පත්කිරීම් දිහා සැකයෙන් බලන්නේ නැහැ. ඉදිරිය දිහා බලාගෙන ඉන්වා.මැතිවරණ සමයේදී බලය ගැනීම උදෙසා ආණ්ඩුව චීනයට පහර ගැසුවා. දැන් චීනය පැදකුණු කරනවා. ආණ්ඩුව චීනයෙන් යුවාන් මිලියන 4000ක ණයක් ගන්නවා. මේ නිසා තව තවත් ණය බර උස්සන්න වෙනවා. පසුගිය වසරේදී පමණක් රටේ ණය බර සියයට 20.5න් වැඩි වෙලා. මේ ආර්ථික හිරවීමේ ගොඩ එන්න ආණ්ඩුව ජනතා සහන කප්පාදු කරමින් ජනතාවට බදු පනවනවා. ඒ නිසා තවදුරටත් ජනතාව රවට්ටන්න ආණ්ඩුවට බැහැ. තව තව ගිලෙනව මිසක මේ ආර්ථික අර්බුදයෙන් ආණ්ඩුවට ගොඩ ඒමක් නැහැ.අර්බුද වැඩිවෙන විට වැඩකරන පංතිය මර්දනය කරන්න රට අර්ධ හමුදා රාජ්‍යයක් කරා තල්ලූකරගෙන යනවා. දැනටමත් රට පොලිස් රාජ්‍ය දක්වා ගමන්කර තිබෙනවා. පසුගියදා පැවැති සයිටම් විරෝධී පෙළපාළියට විසි වතාවකට වඩා කඳුළු ගෑස් ප‍්‍රහාර එල්ල කර තිබෙනවා. ඒ කඳුළු ගෑස් කල් ඉකුත්වූ ඒවා බවත් දැනගන්න තිබෙනවා. තමන්ට වැරදියැයි හැඟෙන දේවල්වලට විරුද්ධව නැගී සිටින්න සිසුන්ට ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතියක් තිබෙනවා. වෘත්තීය සමිති විසින් ගනු ලබන යම් යම් ක‍්‍රියාමාර්ග ජන ජීවිතයට බලපානවා. මේවට පහර දීම් වැඩිවන විට අරගලය තව තවත් මෝරනවා. ඒ නිසා අණ්ඩුව මේ ප‍්‍රශ්න ඉතාම බුද්ධිමත්ව විසඳන්න අවශ්‍ය යැයි පැවසීය.ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට පක්ෂයේ සභාපති රාජා කොල්ලූරේ මහතා මෙසේ පැවසීය.මේ වන විට වසර දෙකකට වැඩි කාලයක් පළාත් පාලන මැතිවරණය කල් දමලා. 2012 වසරේදී පළාත් පාලන නීතිය සංශෝධනය කළා. ඒ අනුව කොට්ඨාස පදනම් කරගෙන මන්ත‍්‍රීවරුන් පත්කරන්න තීරණය කළා. 2015 වසරේදී කොට්ඨාස සීමානිර්ණය කරන්න ජනාධිපතිවරයාගේ හා අග‍්‍රාමත්‍යවරයාගේ ප‍්‍රධානත්වයෙන් සමුළුවක්ද පැවැත්වූවා. අනතුරුව සීමානිර්ණ ගැසට් පත‍්‍රය නිකුත් කිරීමේදීත් යම් ප‍්‍රමාදයක් සිදු වුණා. මේ තත්ත්වය තුළ වසර දෙකක් තිස්සේ පළාත් පාලන ආයතනවලට ජනතාවට තමන්ගේ නියෝජිතයෙක් පත්කරගන්න ජනතාවට අවස්ථාව නැතිවී තිබෙනවා. පළාත් පාලන ආයතන සක‍්‍රීයව තිබුණා නම් ඩෙංගු රෝගය පැතිර යෑම වළක්වන්න තිබුණා. පළාත් පාලන ආයතනවල දැනට ක‍්‍රියාකරන්නේ නිලධාරීන්. ඔවුන්ට මේ සම්බන්ධයෙන් දැනීමක් නැහැ.සැප්තැම්බර් මාසය වන විට උතුරු මැද, සබරගමුව හා නැගෙනහිර පළාත් සභාවල මැතිවරණය පැවැත්විය යුතුයි. නමුත් සියලූම පළාත් සභා මැතිවරණ එකම දිනයක පැවැත්විය යුතු බැවින් පළාත් සබා මැතිවරණ 2019 වසර දක්වා කල් දමන බව උතුරු මැද පළාත් ප‍්‍රධාන අමාත්‍යවරයා ප‍්‍රකාශ කර තිබුණා. අපට වැටහෙන ආකාරයට එම ප‍්‍රකාශයේ යටි අරමුණක් තිබෙනවා. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අනුව වසර පහකට වරක් පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතුයි. පළාත් සබා මැතිවරණ කල් දමනවා නම් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවත් පළාත් සභා පනතත් සංශෝධනය කළ යුතුයි. ඒ සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයට පවා යෑමට සිදුවේවි. ඇතැම් විට ජනමත විචාරණයක් පැවැත්වීමට පවා සිදුවේවි. කෙසේ නමුත් පළාත් සභා මැතිවරණ කල් දැමීමේ වංක උත්සාහයට එරෙහිව ඉදිරියේ ඒකාබද්ධ විපක්ෂය රට පුරා දැවැන්ත උද්ඝෝෂණයක් පවත්වනවා.එමෙන්ම මහ බැංකු වාර්තාවේ සඳහන් සංඛ්‍යා ලේඛන ආණ්ඩුව පිම්බීමේ අරමුණින් ඉදිරිපත් කර තිබෙන බව හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල් මහතා පුවත්පතකට ලිපියක් ලියමින් සඳහන් කර තිබුණා. මේ චෝදනාව ඉතාම බරපතළයි. තවමත් මහ බැංකුව මේ ගැන කිසිම ප‍්‍රතිචාරයක් දක්වා නැහැ. මේ වගේ වැරදි තොරතුරු ඉදිරිපත් කළාම ආයෝජකයන් කලබලවෙනවා. ඒනිසා මහ බැංකුව මේ ගැන ප‍්‍රකාශයක් කළ යුතු යැයි පැවසීය.
|
ඇමැති මාරුව විජ්ජාවක් තෙපර බබා ඉඳලා කුට්ටම ඇනුවට වැඩක් නෑ
| 1 |
(නාලක සංජීව දහනායක)මැතිවරණ පවත්වන ක‍්‍රමය කුමක් වුවත් මිනිසුන්ට මේ මොහොතේ දී මැතිවරණ අවශ්‍යව තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්රී ඩලස් අලහප්පෙරුම මහතා ඊයේ (17) පැවසීය.එබැවින් මැතිවරණ දිනා ගැනීම ස`දහා මුළු රටම එක මිටකට පෙළ ගැසිය යුතු යැයි ද කීය.බොරැල්ල, ආචාර්ය එන්.එම්. පෙරේරා කේන්ද්‍රයේ දී, ඒකාබද්ධ විපක්‍ෂ විසින් ඊයේ (17) පැවැත් වූ මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් මන්ත‍්‍රීවරයා මේ බව සඳහන් කළේය.පාර්ලිමේන්තු මන්ත්රී ඩලස් අලහප්පෙරුම මෙසේ ද පැවසීය:පළාත් පාලන ඡන්ද විමසීමේ පනත් කෙටුම්පත 24 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. ඒ පනත සම්මතවීමත් සමඟම මැතිවරණ කල් දැමීමට අමාත්‍යවරයාට හා ආණ්ඩුවට තිබූ බලය අහෝසි වෙනවා. මැතිවරණ පැවැත්වීමේ බලය මැතිවරණ කොමිසමට පැවරෙනවා. එමෙන්ම 20 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය කරළියට ගෙන ඒමටත් ආණ්ඩුව සූදානම් වෙනවා. එය ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මධ්‍යම කාරක සභාව විසින් ප‍්‍රතික්ශේප කළා. එහෙත් 20 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය පළාත් සභා අනුමැතිය සඳහා යොමුකරන බව කැබිනටි ප‍්‍රකාශකවරයා සඳහන් කළා. 20 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය යනු පළාත් පාලන මැතිවරණ හකුළා දැමීමේ ඊළඟ පියවරයි. මැතිවරණ කල් දැමීමට එරෙහිව එදා සිරිමාවෝ බණ්ඩාරණායක මැතිණිය අධිකරණයට ගියා. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ඉතිහාසය එයයි. ඒ නිසා පක්‍ෂයේ උත්පත්තිය සිදුවූ සැප්තැම්බර් දෙවැනි දා මැතිවරණ සිතියම හකුළා දැමීමට එරෙහිව හඬ නැඟීමට හොඳම දවසයි. ක‍්‍රමය නෙවෙයි වැදගත් මිනිස්සුන්ට මැතිවරණ අවශ්‍යයි. ඒ නිසා මැතිවරණ දිනා ගැනීමට මුළු රටම එක මිටකට පෙළ ගැසිය යුතුයි. පසුගිය සතියේදී මෙරට දේශපාලනයේ රවී නීච වුණා. ඒ සමගම යම් දේශපාලනයේ කැළඹිලි සහගත තත්ත්වයක් ඇති වුණා. අපට හිතෙන හැටියට මීට දෙවසරකට පෙර අගෝස්තු මාසයේ 17 වැනිදාවක දී ලාංකීය දේශපාලනයට සෙනසුරු ඒරාෂ්ඨකය ලැබුවා. එම මැතිවරණයට පැය හැත්තෑ දෙකකට පෙර මැතිවරණ ප‍්‍රථිඵලයට බලපෑම් කිරීම සඳහා පක්‍ෂයේ මහලේකම්වරුන් දෙදෙනා තනතුරුවලින් ඉවත් කරනවා. ඒ නිසා මැතිවරණ ප‍්‍රතිඵල කෘතී‍්‍රමයි. ඒ වගේම ඡුන්දයෙන් ප‍්‍රතික්ෂේප වූ අය ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත්කළා. අද සෑම පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් විසිදෙනෙක්ගෙන් එක අයෙක් පැරදුණ මන්ත‍්‍රීවරයෙක්. ඒ පාර්ලිමේන්තුව රටම පරාජයට පත්වන තීන්දු ගන්නවා. මෙය බරපතළ කාරනාවක්.රවී කරුණානායක මහතා අමාත්‍යධූරයෙන් ඉවත්වීම නව දේශපාලන සංස්කෘතිය ඇරඹුමක් බව ආණ්ඩුව ප‍්‍රකාශ කළා. ඔහු මුදල් ඇමැතිවරයා වශයෙන් පත් කරන විටත් ඔහුට එරෙහිව විනිමය වංචාවක් සම්බන්ධයෙන් නඩුවක් තිබුණා. ඔහු පළමු අයවැය ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තුවට එන්නේ විනිමය වංචාව සම්බන්ධ නඩුවකට අධිකරණයේ පෙනී ඉඳලයි. එහෙම තමයි මේ ආණ්ඩුවේ යහපාලනය ආරම්භ වෙන්නේ. වර්තමාන ආණ්ඩුව වෛරී දේශපාලනයක නිරතවනවා. රාජපක්‍ෂවරුන්ට විරුද්ධව නඩු ඇසීමට පමණක් වෙනම අධිකරණයක් පිහිටවන්න ආණ්ඩුව සූදානම් වෙන්නේ ඒ නිසයි. එම ක‍්‍රියාව ව්‍යවස්ථා විරෝධී බව තිලක් මාරපන අමාත්‍යවරයාත් ප‍්‍රකාශ කරනවා.පළාත් පාලන මැතිවරණය කල්දැමීමට එරෙහිව මාතර දිස්ත‍්‍රික්කයේ පළාත් පාලන ආයතන 17ක සභාපතිවරුන් අධිකරණයේ නඩුවක් පැවරුවා. ඒ නඩුව අහල ඉවර වෙලා මාස තුනයි. තවමත් තීන්දුව ප‍්‍රකාශයට පත් කර නැහැ. එෆ්.සී.අයි.ඞී ආයතනය නීතිවිරෝධී බව සඳහන් කරමින් ඇල්ලේ ගුණවංශ හිමියන් ප‍්‍රමුඛ සිවිල් සංවිධාන අධිකරණයේ නඩුවක් පැවරුවා. ඒ නඩුවත් අහල ඉවරයි. මේ වනතුරුත් තීන්දුව ප‍්‍රකාශයට පත් කර නැහැ. ආණ්ඩුවේ ඇමතිවරුන් මේ ගැනත් සාකච්ඡා කරනවා නම් ඉතාම වටිනවා. අධිකරණයත් සමඟ කරන්න සූදානම් වන ක‍්‍රීඩාව වහාම නතර කරන ලෙස අපි ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරනවා.අධිකරණයත් සමඟ හැප්පුණු කිසිම ආණ්ඩුවක් නිරවුල් ගමනක් ගිහිල්ලා නැහැ. ෆීල්ඞ් මාර්ෂල් ඇඳුම අන්දලා ඉතිහාසයේ පළමුවතාවට හමුදා නිලධාරියෙක් පාර්ලිමේන්තුවට ගෙනාවා. ඒ වගේ අවශ්‍යනම් රාජිත සේනාරත්න මහතා හෝ වෙනත් කවුරු හෝ අගවිනිසුරු වශයෙන් පත්කරගෙන ඍජුව පළිගැනීමේ ක‍්‍රියාවලියට අවතීර්ණ වෙන්න. එය වෙනම කතාවක්. යහපාලන මුද්‍රාව ඉදිරියෙන් තබාගෙන ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳව උදේ හවස කතා කරමින් මේ ගෙන යන වැඩ පිළිවෙළ කරුණාකරලා නවත්වන්න.මීට පෙර හිටපු නීතිපති යුවන්ජන් විජේරත්න මහතාගේ ආත්ම ගරුත්වය සි`දලමින් රජයේ අමාත්‍යවරුන් නොයෙකුත් ප‍්‍රකාශ කළා. එතුමා ධූරයෙන් ඉවත් වුණාම පත්වෙන්නේ සුදුසුකම් ලැයිස්තුවේ ඊළඟට හිටපු කෙනා නෙවෙයි. මේ ආණ්ඩුව යන්න හදන්නේ කොතැනට ද? හිටපු විදේශ අමාත්‍යවරයා ජනාධිපති කොමිසමට කැඳවන්නේ සාක්ක්‍ෂිකරුවෙක් වශයෙනුයි. නීතිපති දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් කතාබහක් ගොඩනැගෙන්නේ ඔහු කොමිසමේ දී ලබාදුන් සාක්‍ෂි අනුවයි. හැබැයි ඒකාබද්ධ විපක්‍ෂයේ නියෝජිතයන් කෙළින්ම රිමාන්ඞ් බන්ධනාගාර ගත කරනවා. ඔවුන්ට විරුද්ධව කිසිම චෝදනාවක් ඔප්පුවෙලා නැහැ.එමෙන්ම විජයදාස රාජපක්‍ෂ මහතාට කිසිම වංචනික චෝදනා, අපචාර පිළිබඳව හෝ අල්ලස් චෝදනා සම්බන්ධයෙන් කිසිම චෝදනාවක් නැහැ. එහෙත් ඔහුට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ගෙන එමේ එ.ජා.ප කෘත්‍යාධිකාරී මණ්ඩල යෝජනාවට අපිට වග කියන්න බැහැ. එක්සත් ජාතීන්ගේ මානව හිමිකමි කොමසාරිස් කාර්යාලයේ නියෝජිතයාට එරෙහිව යුද වැදුණු මොහොතේ සිට විජයදාස රාජපක්‍ෂ මහතාට එරෙහි කැරැල්ල නිර්මාණය වුණා. එම නියෝජිතයාගේ සාක්ක්‍ෂි පදනම් විරහිත බවට අධිකරණ අමාත්‍යවරයා කළ ප‍්‍රකාශයත් සමඟම එක්සත් ජාතීන්ගේ සංවිධානයත් කැළඹිල්ලට පත්වුණා.ඊළඟට ඔහු හම්බන්තොට වරාය සම්බන්ධයෙන් කළ ප‍්‍රකාශත් මෙයට පදනම් වුණා. අමාත්‍ය භූමිකාවට වඩා තමන්ගේ හෘද සාක්‍ෂිය ඔහු හැමවිටම ඉහළින් තබනවා. ඔහු එදා අපිට විරුද්ධව දැවැන්ත ප‍්‍රහාර එල්ල කළා. අද ඔහුට එරෙහිව අවි ඔසවන බොහො දෙනා එදා මහින්ද රාජපක්ෂ මහතාගේ දෑත් ශක්තිමත් කරන්න ආවා. ඔහුට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් වුණොත් අපි ඒ කරුණු දිහා බලාගෙන ඉන්නවා යැයි පැවසීය.ඒකාබද්ධ විපක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්රී දිනේෂ් ගුණවර්ධන මහතා මෙසේ පැවසීය.ප‍්‍රජාතන්ත‍්‍රවාදීව මේ රටේ ජනතාව නව රජයක් පත් කර ගැනීමේ කි‍්‍රයාමාර්ගයට දායක වී අදට වසර දෙකක් සපිරෙනවා. ඒ මැතිවරණයේ දී ජනතාව කිසිම පක්ෂයකට බහුතර බලයක් ලබාදුන්නේ නැහැ. අගමැතිකම තියාගෙනත් රනිල් වික්රමසිංහ මහතාට පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රීධූර 113ක බලයක් ලබා ගන්න බැරි වුණා. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයෙන් පරාජයට පත්ව මාස හතක් ඇතුළත දී මහාමැතිවරණයෙන් කරට කර ප‍්‍රතිඵලයක් දීමට බුලත් කොළයට හැකි වුණා.ඡන්ද දායකයන් දුන් ජන වරමට අත නොතබන බවට දිවුරා පොරොන්දු වුණු එජාපය වසර දෙකක් තිස්සේ මේරටේ පළාත් පාලන මැතිවරණය පවත්වා නැහැ. දැන් ආණ්ඩුව උත්සාහ දරමින් සිටින්නේ පළාත් සභා මැතිවරණයත් කල් දාන්න. ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවට අනුව විසිරෙන නැගෙනහිර, උතුරු මැද, සබරගමු පළාත් සභා තුන කල් දැමීමේ පනත් කෙටුම් පතක් ආණ්ඩුව විසින් ඉදිරිපත් කර තිබෙනවා. එය ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී කි‍්‍රයාවක් නිසා ඒකාබද්ධ විපක්ෂය එය ප‍්‍රතික්ෂේප කරනවා. අපි මෙයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට යනවා. මේ වසර දෙක තුළ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ මළගම ගේන්න මේ ආණ්ඩුව කටයුතු කළා. අපි ඒ ප‍්‍රජාතන්ත‍්‍රවාදය නැවත ගේන්න කැප වෙනවා.ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් කැප වුණු ශිෂ්‍ය ව්‍යාපාරය, ආචාර්යවරු මහාචාර්යවරු සමග ආණ්ඩුව ප‍්‍රජාතන්ත‍්‍රවාදි සාකච්ඡාවක් මේවනතුරු පවත්වා නැහැ. වැඩ වර්ජනයේ යෙදුණු අයට මැර බලයෙන් පහර දෙනවා. ප‍්‍රජාතන්ත‍්‍රවාදීව ප‍්‍රශ්නය විසදාගැනීම වෙනුවට එජාපයේ මැරබලය යොදාගන්නවා. කිසිම හිංසාවක් කිරීමේ බලයක් කිසිවකුටත් නැහැ. අත්අඩංගුවට ගැනීමේ හැකියාව තියෙන්නේ පොලීසියට පමණයි.සිරිකොත මන්දිරයට ලංකාවේ අධිකරණ බලය පවරා නැහැ. පොලිස් බලය පවරා නැහැ. අද වෙනතුරු මේ වැඩකරන කි‍්‍රයාකාරී වර්ජකයන්ට පහරදුන් පිරිස් අත්අඩංගුවට ගෙන නැහැ. සමාජ වෙබ් අඩවියේ පොලිස්පතිතුමාගේ පින්තූරයක් යනවා. මේ ගැන පොලිස්පති තවම ප‍්‍රකාශයක් කරලා නැහැ.මේ වනතුරු ස්වභාවික ආපදාවන්ට ලක්වූවන් වෙනුවෙන් අවශ්‍ය පියවර ගෙන නැහැ. ආර්ථික කළමනාකරණයේ අසාර්ථක මොවුන්ට තිබෙන එකම වැඩපිළවෙළ විදේශිකයන්ට රටේ දේපොළ විකිණිමයි. සෑම ක්ෂේත‍්‍රයකම ප‍්‍රශ්න ඇති වෙලා. ආර්ථික වංචාවන් ඉදිරියේ අදෝනා නැගීමක් මූල්‍යම හා නීතිමය ක්ෂේත‍්‍රයේ ඇතිවෙලා. විදේශ ඇමැති විශ්වාසභංගයක් ගෙනාවම අස්වුණා. ගෙදර ගියෙත් නැහැ. පිටුපසට ගියේ. මේ බරපතළ තත්ත්වයන් තුළ රජය ජනතා ප‍්‍රශ්න විසඳීමට අපොහොසත්. හෙට දිනයේ සාමකාමී විරෝධතාවක් කොළඹ නගරයේදී පවත්වනාව. එයට එක්වන්නැයි අපි ආරාධනා කරනවා.මේ වන විට බරපතළ පනත් කෙටුම්පත් දෙකක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා. බද්දෙන් නිදහස් කර තිබුණු කොට්ඨාස 46කට බදු පැනවීම හා පවතින බදු වැඩිකරන දේශීය ආදායම් පනත පිටරටදී සකසා කැබිනට් මණ්ඩලය අනුමත කර සම්මත කර ගැනීමේ උත්සාහයට ඒකාබද්ධ විපක්ෂය විරුද්ධයි.පන්සලේ, පල්ලියේ, කෝවිලේ මුස්ලිම් දේවස්ථානවලින් නිදහස් කළ බදු සිට ඈත එපිට ගොවියාගේ සිට විදේශ විනිමය උපයා එන අයටත් බදු පනවන්න යන්නේ. මේ රටෙන් මුදල් උපයාගෙන යන අය බද්දෙන් නිදහස් කරන මේ වැඩ පිළිවෙළ අපි අනුමත කරන්නේ නැහැ.ඒ වගේම පළාත් පාලන ආයතන පනත් කෙටුම්පත සම්මත කරන්න සුදානම්ව තිබිය දී සංශෝධන රාශියක් කරන්න තියෙන බව රජය කියනවා. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව, ස්ථාවර නියෝග අනුවයි නීති සම්මත කළ යුත්තේ. එහෙත් ඊට පටහැනිව මෙම සංශෝධන ගේන්න ආණ්ඩුව උත්සාහ දරනවා.ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුනේ සභාපති මහාචාර්ය ජී.ඇල් පිරිස් මහතා ද මෙහිදී අදහස් දැක්වීය.
|
ඇමැති මාරුව විජ්ජාවක් තෙපර බබා ඉඳලා කුට්ටම ඇනුවට වැඩක් නෑ
| 0 |
(නාලක සංජීව දහනායක) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් ඡන්දය පාවිච්චි කළ හා නොකළ සියලුම දෙනාට ඔහුගේ වැඩපිළිවෙළ සමග එකතුවී වැඩ කළ හැකි බව ඒකාබද්ධ විපක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්රී දිනේෂ් ගුණවර්ධන මහතා ඊයේ (20) පැවැසීය.ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙළ අනුව ක්‍රියාකිරීමෙන් රටට අලුත් පරිවර්තන යුගයක් උදා කළ හැකි යැයි ද ඔහු කීය.බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ප්‍රධාන කාර්යාලයේ දී ඊයේ (20) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.මන්ත්‍රීවරයා මෙසේ ද පැවැසීය.ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉතාම ආදර්ශමත් මැතිවරණ ව්‍යාපාරයක් රටට හඳුන්වා දුන්නා. අනාගතය බාර ගැනීමට සිටින රාජ්‍ය නායකයා වශයෙන් ඔහු පුද්ගල විවේචන නොකර, පරිසර හිතකාමීව මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවීම මැතිවරණ කොමිසමටත් ඉතාම පහසුවක් වුණා. ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙළ සමඟ ඡන්දය දුන් හා නොදුන් සියලුම දෙනාට එකතුවී වැඩ කළ හැකියි. එමෙන්ම මෙම ජනවරමට හිස නමමින් අගමැතිවරයා ඇතුළු ආණ්ඩුව ඉවත්වේ යැයි අපි බලාපොරොත්තු වෙනවා. අගමැතිවරයා ඉවත්වීමත් සමගම මහින්ද රාජපක්ෂ මහතා අගමැති තනතුරට පත්කර අලුත් ආණ්ඩුවක් පත්කර ගැනීමට ජනාධිපතිවරයාට හැකියාව ලැබෙනවා. නව ජනාධිපතිවරයාට රට තුළ අලුත් පරිවර්තනයක් සිදුකිරීමට ඉඩදෙන ලෙස අපි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා සිටිනවා.මාතර දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී ඩලස් අලහප්පෙරුම මහතා මෙසේ පැවැසීය.ජනාධිපතිවරණ ව්‍යාපාරය තුළ දී අපට එරෙහිව මඩ ප්‍රහාර, අවලාද, චරිත ඝාතන කිරීම් සිදු වුණා. අප මේ ජනාධිපතිවරණ ව්‍යාපාරය මෙහෙය වූයේ බාධාවන් රාශියක් මැදයි. ඉතිහාසයේ පළමු වතාවට ඇමරිකානු එක්සත් ජනපදයේ රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රකාශිකාවන් පවා පාවිච්චි කරන්න ආණ්ඩුව ක්‍රියා කළා. ජනතාව ඒ සියල්ලන්ටම උත්තර දුන්නේ ඒ මඩ ප්‍රහාර හා අවලාද එල්ල කළ දේශපාලන චරිත සියල්ලම දේශපාලන භූමියෙන් අතුගා දමන්නට ක්‍රියාකිරීමෙනුයි. ඒ නිසා ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් ඡන්දය පාවිච්චි කළ මිලියන හතක ජනතාව පූජනීයයජනාධිපතිවරණයට නායකත්වය දුන්නේ විපක්‍ෂනායක මහින්ද රාජපක්ෂ මහතායි. ඔහුගේ මගපෙන්වීම අප අගය කරනවා. එමෙන්ම ඉතිහාසයේ ශක්තිමත්ම මැතිවරණ ව්‍යාපාර යාන්ත්‍රණය නිර්මාණය කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතාත් අප අගය කරනවා. මෙම මැතිවරණයේ දී මැතිවරණ කොමිසම හා මැතිවරණ නිරීක්‍ෂණ සංවිධාන කළ කාර්යභාරයත් අපගේ ඇගයීමට ලක් වෙනවා. ඉතිහාසයේ මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා අඩුම මැතිවරණය මෙයයි. මෙවැනි වෙනස්වීමක් සිදුවුණේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් හඳුන්වාදුන් නව මැතිවරණ ක්‍රමය නිසයි. පරාජිතයාට අපහාස නොකර මතවාදීව ඔහු ක්‍රියා කළා. මැතිවරණ ව්‍යාපාරය තුළ ජනාධිපතිවරයා කිසිම අවස්ථාවක දී රනිල්, සජිත්, එ.ජා.ප, ජ.වි.පෙ යන නම් ටිකවත් භාවිතා කළේ නැහැ. ලෝකයේ කිසිම රටක මෙවැනි පරමාදර්ශි මැතිවරණ ව්‍යාපාරයක් පවත්වා නැති බව අපි විශ්වාස කරනවා.ජනාධිපතිවරණයේ දී ජනාධිපතිවරයාට වැඩිම ඡන්ද ප්‍රතිශතය සියයට 68.5ක් ලබාදුන්නේ මාතර දිස්ත්‍රික්කයේ ජනතාවයි. මැතිවරණ කොට්ඨාස අතරින් සියයට 71.5 ප්‍රතිශතයක් ලැබුණේ කඹුරුපිටිය ආසනයෙනුයි. ඒනිසා මේ ජයග්‍රහණයෙ ගෞරවයෙන් විශේෂ තැනක් නිල්වලා නිම්නයේ ජනතාවට උරුම විය යුතුයි.ජනාධිපතිවරණ ජයග්‍රහණයත් සමඟ අපගේ ආධාරකරුවන් විසින් එක්සත් ජාතික පක්‍ෂයේ ආධාරකරුවන්ගේ නිවෙස්වලට රතිඤ්ඤා විසිකිරීම් වැනි පුංචි පුංචි සිදුවීම් කිහිපයක් සිදුවී තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කැපවී සිටින්නේ නීතිගරුක රාජ්‍යයක් නිර්මාණය කිරීමටයි. ඒනිසා එවැනි සිදුවීම් සම්බන්ධයෙන් අපි කනගාටු වෙනවා. අපි ඉතිහාසය අලුතින් ලියමු. අනාගතයට අලුත් පරිච්ඡේද රාශියක් එකතු කරමු.මේ මැතිවරණ ව්‍යාපාරය තුළ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය හිටපු ජනාධිපතිවරුන්ට ලොකු අගෞරවයක් කළා. ඇය මේ මැතිවරණයේ දී විශ්‍රාමික ජනාධිපතිවරුන් සූරා ඉවත් කළ සංවර්ධන ලොතරැයියක් මට්ටමට පත්කළා. එය හොඳ කාර්යයක් නොවේ යැයි ද ඔහු කීය.ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්රී විමල් වීරවංශ මහතා මෙසේ පැවැසීය.සාමාන්‍යයෙන් මැතිවරණයක දී පාවිච්චි නොකරන අන්දමේ ආයුධ මේ මැතිවරණයේ දී ප්‍රතිවාදීන් අපිට එරෙහිව පාවිච්චි කළා. ව්‍යාජ වීඩියෝපට, කූඨ ලේඛන ඔවුන් පාවිච්චි කළා. ඒ සෑම කූඨ ලේඛනයක් සම්බන්ධයෙන්ම අපගේ රජය නීතිය ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා. සාමාන්‍යයෙන් ජනාධිපතිවරයෙක් දිවුරුම්දෙන විට මාර්ගය වසා දමනවා. ගෝඨාභය රාජපක්ෂ මහතා වැඩ බාරගන්න පැමිණ නිල රථයෙන් බැහැල කිව්වේ මාර්ගය වසන්න එපා කියලයි. එමෙන්ම එම ස්ථානයේ තිබූ ගිනිනිවන රථ ඉවත් කරන්නත් ඔහු කටයුතු කළා. තමන්ගේ ඡායාරූපය වෙනුවට රාජ්‍ය ආයතනවල රාජ්‍ය ලාංඡනය සවිකරන්නත්, ජනාධිපති ලේකම් කාර්යමණ්ඩල සංඛ්‍යාව 250 දක්වා අඩු කරන්නත් ක්‍රියා කරනවා. මේ රටට නව දේශපාලන පරිච්ඡේදයක් හඳුන්වා දෙන්න දැඩි උද්යෝගයෙන් යුතුව කටයුතු කරනවා. ඒ පරිවර්තනයන්ට ජනතාව වචනයකින් හෝ සහයෝගය පළකරමින් සිටිනවා.එමෙන්ම මෙම ආණ්ඩුව 2015 වසරට පෙර පැවැති අපගේ ආණ්ඩුවට නොයෙකුත් චෝදනා එල්ල කළා. අදටත් ඒ චෝදනා අධිකරණයක් හමුවේ ඔප්පු කරගන්න ඔවුන්ට බැරි වුණා. නීතිය අවභාවිතා කිරීම සම්බන්ධයෙන් මේ ආණ්ඩුවට චෝදනා එල්ල වුණා. ඒ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කර ඒ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා විසින් මේ රජයේ යම් යම් සිදුවීම් සම්බන්ධයෙන් සොයා බැලීමට කොමිෂන් සභා කිහිපයක් පත් කළා. ඒ අනුව සජිත් ප්‍රේමදාස, රාජිත සේනාරත්න, අකිල විරාජ් කාරියවසම් යන ඇමතිවරුන්ට චෝදනා එල්ලවී තිබෙනවා. ඒ චෝදනා සම්බන්ධයෙන් පරීක්‍ෂණ පවත්වනවා.එමෙන්ම රාජගිරිය ප්‍රදේශයේ දී තරුණයකු යටකර පළායාම සම්බන්ධයෙන් ඇමැතිවරයකුට චෝදනා එල්ලවුණා. එම අනතුර සම්බන්ධයෙන් තරුණයන් දෙදෙනෙකු සාක්‍ෂි දුන්නත් එල්ලවූ තර්ජන හමුවේ ඔවුන් විදේශගත වුණා. අනතුරටපත් තරුණයා සම්බන්ධයෙන් නැවත පරීක්‍ෂණයක් කරන ලෙසට මව්පියන් අපෙන් ඉල්ලා සිටිනවා. එම අනතුර සම්බන්ධයෙන් නැවත පරීක්‍ෂණයක් පැවැත්වීමටත්, බැඳුම්කර වංචාවට සම්බන්ධ සියලුම දෙනාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනවා.එමෙන්ම මෙම ආණ්ඩුව යටතේ ක්‍රියාත්මක වූ දූෂණ මර්දන කමිටුව නම් කමිටුවක් තිබුණා. එම කමිටුවේ සියලුම සාමාජිකයන්ගේ වත්කම් අසීමාන්තිකව වර්ධනය වෙලා තියෙනවා. ඒ සම්බන්ධවත් අපි පරීක්‍ෂණයක් ආරම්භ කරනවා. අපි මේ පරීක්‍ෂණ පවත්වන්නේ මේ ආණ්ඩුවම පිහිටවූ එෆ්.සී.අයි.ඩී. ආයතනය ප්‍රතිසංවිධානය කරලයි. මේ ආණ්ඩුව ඒ ආයතනය හරහා නීතිය නැව්වා. අපි එහෙම ක්‍රියා කරන්නේ නැහැ.එමෙන්ම දේශපාලන රැකවරණය මත යුරෝපයේ ජීවත්වන මුස්ලිම් හා දෙමළ ජනතාව අපේ රට සම්බන්ධයෙන් වැරදි මත ප්‍රචාරය කරනවා. ඔවුන්ට දේශපාලන රැකවරණය ලැබෙන්නේ අවුරුදු පහකටයි. ඒ කාලය දිගු කරගන්නයි ඔවුන් මෙලෙස ක්‍රියා කරන්නේ. එහිදී ඔවුන් ජාත්‍යන්තර මාධ්‍ය උපයෝගී කරගනිමින් මුදල් ගෙවා අපේ රට සම්බන්ධයෙන් වැරදි ප්‍රචාරයන් කරනවා. මෙවැනි ව්‍යාජ මත ප්‍රචාරය නොකරන ලෙසට අපි බී.බී.සී. සේවය ඇතුළු ජාත්‍යන්තර මාධ්‍යයන්ගෙන් ඉල්ලීමක් කරනවා.ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා මෙසේ පැවැසීය. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ අපි සියලුම දෙනා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවී ක්‍රියා කරන විට දී පක්‍ෂයේ අනුශාසිකාවක් වශයෙන් ක්‍රියා කරන හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා මහත්මිය එම තීරණයෙන් පිටගොස් ක්‍රියා කළා. අඩුම තරමින් ගම්පහ දිස්ත්‍රික්කයවත් ජයග්‍රහණය කරවන්න ඇයට බැරි වුණා. ජනාධිපතිවරණයෙන් ඇය උදව් කළ පාර්ශ්වය පරාජය වුණා. දැන් ඇය වෙනත් රටකට යාවි. ඇය සමඟ සිටි පිරිස් අසරණ වෙනවා. අපි මේ බව මුල ඉඳලම ඔවුන්ට කිව්වා.පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්රී උදය ගම්මන්පිල මහතා මෙසේ පැවැසීය.ජනාධිපතිවරණයේ දී ප්‍රචණ්ඩ ක්‍රියා සිදුනොවූ බවට කෙරෙන ප්‍රකාශය වැරදියි. මේ ජනාධිපතිවරණයේ දී එ.ජා.ප.ය භෞතික ප්‍රචණ්ඩ ක්‍රියා වෙනුවට මානසික ප්‍රචණ්ඩ ක්‍රියා සිදුවුණා. බොරු නඩු 17ක් ගොනු කරලා ගෝඨාභය දූෂිතයකු කරන්න මුලින්ම උත්සාහ ගත්තා. එමෙන්ම ලංකාවේ පුරවැසියකු නොවේ, තවමත් ඇමරිකානු පුරවැසියෙක්, සුදු වෑන්වලින් තරුණයන් මිනී මෝරුන්ට කන්න දුන්නා, පාස්කු ප්‍රහාරය ගෝඨාගේ සැලැස්මක්, ගෝඨා රට පනින්න සූදානමක් තිබෙනවා ආදී වශයෙන් නොයෙකුත් බොරු කිව්වා. මේවා ඇත්තටම මානසික ප්‍රචණ්ඩ ක්‍රියා. එක්සත් ජාතික පක්‍ෂය මේ මැතිවරණය ජයගන්න උත්සාහ ගත්තේ එවැනි බොරු වැස්සකිනුයි.මීට පෙර ජනාධිපතිවරණවල දී මෙන්ම අන්තවාදීන් හා බෙදුම්වාදීන් රටට සතුරු කොන්දේසි දමමින් ජනාධිපති අපේක්‍ෂකයන් සමඟ කේවල් කළා. රට පාවා දී ලැබෙන ජනාධිපතිකමට වඩා පරාජය උතුම් කියලා ගෝඨාභය රාජපක්ෂ මහතා ඒ යෝජනා ප්‍රතික්‍ෂේප කළා. නමුත් ජනතාව ජනාධිපතිකම වෙනුවට මව්බිම තෝරාගත් ඒ උතුම් මිනිසා ජනාධිපති ධුරයට ඔසවා තැබුවා. දැන් උදාවී තිබෙන්නේ වලිගය විසින් සිංහයා නැටවූ යුගය වෙනුවට සිංහයා විසින් වලිගය නටවන යුගයක් යැයි ද ඔහු කීය.ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ ප්රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්රී වාසුදේව නානායක්කාර, ලංකා සමසමාජ පක්‍ෂයේ ප්රධාන ලේකම් මහාචාර්ය තිස්ස විතාරණ, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්‍ෂයේ සභාපති රාජා කොල්ලුරේ හා දෙමළ ප්‍රගතිශීලි සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. වියාලේන්ද්‍රන් යන මහත්වරු ද මෙහිදී අදහස් දැක්වූහ.
|
’’ජනපති සමඟ රටට අලුත් පරිවර්තන යුගයක් බිහිවේවී’’
| 1 |
(හර්ෂණ තුෂාර සිල්වා)‘‘රාජ්‍යයේ ස්වභාවය වෙනස් නොකර එලෙසම තබා ගනිමින් බලය බෙදීම කෙරෙහි මේ වනවිට අවධානය යොමු කර ඇතැයි’’ අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා කොළඹ දී පැවැසීය.විධායක ජනාධිපති ධුරය, මැතිවරණ ක‍්‍රමය, පාර්ලිමේන්තුවට වගකියන ජනාධිපති ක‍්‍රමවේදය, ස්ථාවර වූත් ශක්තිමත් වූත් පාර්ලිමේන්තුව සහ බලය බෙදීම යන කරුණු සම්බන්ධයෙන් දැනට සාකච්ඡා පැවැත්වෙමින් තිබෙන බවද, අග‍්‍රාමාත්‍යවරයා කීවේය.ඉහත කරුණු රටේ අනාගතයට ඉතාම වැදගත් බව කී අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා, ඒවා සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදීත්, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේදී දිගින් දිගටම සාකච්ඡා පවත්වන්නේ යැයි ද, කීවේය. කොළඹ - අරලියගහ මන්දිරයේ පැවැති දහහත්වැනි ඩඞ්ලි සේනානායක අනුස්මරණ දේශනයට එක්වෙමින් අග‍්‍රාමාත්‍ය රනිල් වික්රමසිංහ මහතා ඒ අදහස් පළ කළේය. විධායක ජනාධිපති ධුරය පසුගිය වසර නවය තුළ ශක්තිමත් කිරීම නිසා පාර්ලිමේන්තුව අගාධයකට වැටුණු බවත්, රාජ්‍ය මූල්‍ය පිළිබඳ වගකීමෙන් පාර්ලිමේන්තුව බැහැර වූ බවත් අග‍්‍රාමාත්‍යවරයා එහිදී පෙන්වා දුන්නේය.තවදුරටත් අදහස් දැක්වූ අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා මෙසේ ද කීය.‘‘ඩඞ්ලි සේනානායක 1977 යුගයට පෙර සිටි දේශපාලකයකු වනවා. දැන් පවතින දේශපාලන ක‍්‍රමවේදය, එසේත් නැතිනම් සමාජ වෙළෙඳපොළ ක‍්‍රමයට පෙර මෙරට සිටි දේශපාලකයකු ද ලෙස හැඳින්විය හැකියි.ඩඞ්ලි සේනානායක මහතා පාර්ලිමේන්තු ක‍්‍රමවේදය, පාර්ලිමේන්තු නායකත්වය කෙරෙහි විශ්වාසය තැබූ නායකයකු වූවා. විපක්ෂ නායක ලෙස සිටියදීත්, අග‍්‍රාමාත්‍යවරයා ලෙස තේරී පත්වූ පසුත් පාර්ලිමේන්තුවේදී මා ඔහු දැක තිබෙනවා. ඒ හැට දශකයේදීයි.ඩඞ්ලි සේනානායක මහතා බොහෝ කාලයක් දේශපාලනයේ රැඳී සිටියා. ඔහු දේශපාලනයට එක්වූයේ 1930 දශකයේදීයි. ඩඩ්ලි සේනානායක මහතා 1952 සිට 1953 වෙන තෙක් කෙටි කාලයකට අගමැතිධුරය දැරුවා. අනතුරුව ඞී.එස් සේනානායක මහතාගේ අභාවයෙන් පසු ඩඞ්ලි සේනානායක 1952 දී අගමැති ධුරයට පත් වුණා.වර්ෂ 1953 පැවැති මහ මැතිවරණයේදී ඔහු ජය ලබා නැවත අගමැති ධුරයට පත් වුණා. නායකත්වයේ වෙනසක් විය යුතු බව සඳහන් කරමින් ඩඩ්ලි සේනානායක මහතා අගමැති ධුරයෙන් ඉවත් වුණා. ඉන් අනතුරුව ඔහු වසර කිහිපයක් දේශපාලනයෙන් ඉවත් වී සිටියා.වර්ෂ 1956 පැවැති මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය පරාජයට පත් වුණා. එක්සත් ජාතික පක්ෂයට හිමි වුණේ ආසන 8 ක් පමණයි. ඒ අවස්ථාවේදී ඩඞ්ලි සේනානායක මහතා නැවත දේශපාලනයට පිවිසියා. ජෝන් කොතලාවල මහතා නායකත්වයෙන් ඉවත් වුණා.ජේ.ආර්. ජයවර්ධන මහතා එක්සත් ජාතික පක්ෂය තුළ විප්ලවයක් ඇති කළේ ඒ සමයේදීය. ඩඩ්ලි සේනානායක මහතා පක්ෂයේ නායකත්වයට පත් විය යුතු බව හැමෝගේම අදහස වුණා. වසර 1960 මාර්තු මාසයේ පැවැති මහ මැතිවරණයෙන් ඩඞ්ලි සේනානායක මහතා නැවත අගමැති ධුරයට පත් වුණා. ඩඞ්ලි සේනානායක මහතා වසර කිහිපයක් පිටත සිටිමින් පක්ෂය මෙහෙය වූවා.වර්ෂ 1952 දී එක්සත් ජාතික පක්ෂය තුනෙන් දෙකක ජයක් ලැබීමේ පටන් එක්සත් ජාතික පක්ෂය ආ ගමනේදී ලංකාවේ දේශපාලනය බොහෝ වෙනස් වී තිබෙනවා. පනස් දෙකෙහි එක්සත් ජාතික පක්ෂයත් 1965 එක්සත් ජාතික පක්ෂයත් 1977 එක්සත් ජාතික පක්ෂයත් හැමවිටම වෙනස් වූවා.ලංකාවේ දේශපාලනය මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ දේශපාලනයත් වෙනස් වුණා. එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන දර්ශනය සකස් වීමට ඩඞ්ලි සේනානායක මහතාත් ජේ.ආර් ජයවර්ධන මහතාත්, විශාල බලපෑමක් කළා. ජර්මානු ආකෘතියට යමින් කළුතර ප‍්‍රකාශනය ඉදිරිපත් කර ප‍්‍රජාතන්ත‍්‍රවාදී - සමාජවාදී ක‍්‍රමවේදය හඳුන්වා දීමට මූලික වූයේ ඔවුන් දෙදෙනායි.කාලයත් සමග සමහරුන් එයට ධනවාදය කීවා. සමහරුන් එය සමාජ වෙළෙඳපොළ ආර්ථිකය යනුවෙන් හැඳින්වූවා. එය මූලිකව ජර්මනියේ වෙළෙඳපොළ ආර්ථිකය, සුබ සාධන රාජ්‍යය හා පාර්ලිමේන්තුවාදයයි. එක්සත් ජාතික පක්ෂය යාවත් කාලීන කරන ලද්දේ එයයි. එක්සත් ජාතික පක්ෂය අනුගමනය කරන දේශපාලන මතවාදයේ ආරම්භය එයයි. එහි ආරම්භය වූයේ 1965 වසරේදීය. මට ඩඞ්ලි සේනානායක මහතා මුණ ගැසී තිබෙනවා. මා දේශපාලනයට එක් වූයේ 70 දශකයේදීයි. එහෙත් මා හැටේ දශකයේ පමණ සිට පාර්ලිමේන්තුවට ගොස් එහි වෙන දේවල් බලා සිටියා. ඩඞ්ලි සේනානායක මහතා අපේ නිවසටත් පැමිණියා.විපක්ෂ නායකවරයා ලෙස සිටියදී මෙන්ම අගමැතිවරයා ලෙස සිටියදී පවා ඔහු ඔහුගේ මෝටර් රථය පැදවූවා. ඔහුට ජගුවර් සහ ට‍්‍රම්ප් ෆෙලර් රථ දෙකක් තිබුණා. මගේ මවුපියන් හමුවෙන්න ඩඞ්ලි සේනානායක මහතා අපේ නිවසට පැමිණියා.හැටේ සිට හැට පහ දක්වා ඩඞ්ලි සේනානායක මහතා විපක්ෂ නායකවරයා ලෙස කටයුතු කළා. ඒ කාලයේදී අගමැතිවරයා නියෝජිත මන්තී‍්‍ර මණ්ඩලයේ සිටියේ නැහැ. බණ්ඩාරනායක මහත්මිය සිටියේ සෙනට් මණ්ඩලයේ. එහෙත් කි‍්‍රයාකාරකම් වූයේ නියෝජිත මන්තී‍්‍ර මණ්ඩලයේයි. ඉන් වාසිය අත් වුණේ විපක්ෂයටයි. අණ පනත්වලදී පවා ජයග‍්‍රහණය හිමි වූයේ විපක්ෂයටයි. බොහෝ අවස්ථාවලදී ආණ්ඩුව පරාජයට පත් වුණා. ලංකා සම සමාජය සමඟ සම්බන්ධ වුණත් එදා ආණ්ඩුව ශක්තිමත් වුණේ නැහැ.මාධ්‍ය නිදහස සම්බන්ධයෙන් ඒ කාලයේදී ලොකු කතා බහක් ඇති වුණා. ආණ්ඩුවේ ඇතැම් සීමාකාරී පනත් සම්මත කර ගන්න අවස්ථාව ලැබුණේ නැහැ. ඒ කාලයේදී ආණ්ඩුවට එරෙහිව ලොකු විරෝධයක් මතු වුණා.එස්.ඩබ්ලිව්.ආර්.ඞී බණ්ඩාරනායක මහතාගෙන් පසු භික්ෂූන් වහන්සේලා එක් අරමුණක් වෙනුවෙන් එකට එක්වූවා. පාර්ලිමේන්තුවේ පැවැති ඡන්ද විමසීමේදී ආණ්ඩුව එක් ඡන්දයකින් පරාජයට පත් වුණා. ඉන්පසු පැවැති මහ මැතිවරණයෙන් ඩඞ්ලි සේනානායක මහතා ජයග‍්‍රහණය කළා.ඩඞ්ලි සේනානායක දේශපාලනයේ සිටි සමයේදී ජේ.ආර් ජයවර්ධන, එන්.එම් පෙරේරා, කොල්වින් ආර්. ද සිල්වා, ලෙස්ලි ගුණවර්ධන, එස්.ඒ. වික‍්‍රමසිංහ, පීටර් කෙනමන්, චෙල්වනායගම්, වෛද්‍ය නාගනාදනන්, ජී.ජී. පොන්නම්බලම්, ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක ආදී සුවිශේෂී චරිත පාර්ලිමේන්තුවේ සිටියා. පිලිප් ගුණවර්ධන සහ ඔහුගේ සහෝදර රොබට් ගුණවර්ධන වැන්නන් එහි සිටියා. ටී.බී. ඉලංගරත්න තවත් හොඳ කථිකයකු වූවා. ඒ කාලයේ ඉතා සුවිශේෂී කථිකයන් රැසක් සිටියා. ලංකාවේ සුවිශේෂී නායකයන් එහි සිටියා. පක්ෂ දෙකෙහිම සුවිශේෂී පුද්ගලයන් සිටියා.ඞී. එස්. සේනානායක, එස්. ඩබ්ලිව්. ආර්. ඞී. බණ්ඩාරනායක සහ ජෝන් කොතලාවල යන මහත්වරුන් පාර්ලිමේන්තුවේ දැක ගන්න මට අවස්ථාව ලැබුණේ නැහැ. මා පාර්ලිමේන්තුවට ගොස් විවාද බලාගෙන සිටියේ හැටේ දශකයේ සිටයි. ඒ කාලය ඉතාම රසවත් බව කිව යුතුයි.ඩඞ්ලි සේනානායක මහතා සම්පූර්ණ ධුර කාලය දැරුවේ 1960 වසරේ සිට 1970 වසර දක්වායි. ඊට පෙර සම්පූර්ණ ධුර කාලය අගමැති ධුරය දැරීමට ඩඞ්ලි සේනානායක මහතාට අවස්ථාව ලැබුණේ නැහැ. වසර 1965 දී ෆෙඩරල් පක්ෂයේ සහාය හිමි වුණා. නැවත 1970 දී අප පරාජයට පත් වුණා. අප නැවත ගොඩ ආවේ 1977 දීයි.මා එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ වුණේ 1972 වසරේදීයි. ශිෂ්‍ය නායකයකු ලෙස ද මට ඩඞ්ලි සේනානායක මහතා මුණ ගැසීමට අවස්ථාව ලැබුණා. ඩඞ්ලි සේනානායක මහතා පාර්ලිමේන්තු ක‍්‍රමවේදය කෙරෙහි දැඩි ලෙස විශ්වාසය තැබුවා. ඒ සමයේදී තමයි, කැබිනට් ආණ්ඩුව පත් වුණේ. ආණ්ඩුව පාර්ලිමේන්තුවේ බහුතරය මත පදනම් වුණා.එක්සත් ජාතික පක්ෂයේ සහයෝගය සහිතව ජේ.ආර්. ජයවර්ධන මහතා විධායක ජනාධිපති ධුරය සඳහා මූලික යෝජනාව ඉදිරිපත් කළා. ඩඞ්ලි සේනානායක මහතා විධායක ජනාධිපති ධුරය ප‍්‍රතික්ෂේප කළා. ඔහු ඒ අවස්ථාවේදී තිබූ ක‍්‍රමය අනුමත කළා.හැත්තෑ දෙකෙහි ව්‍යවස්ථාව අනුව ජනාධිපති ධුරය හා අගමැති ධුරය සම්බන්ධයෙන් ඩඞ්ලි සේනානායක මහතා ප‍්‍රශ්න කළා. අගමැතිවරයාට ජනාධිපතිවරයා පත් කිරීමටත්, ඉවත් කිරීමටත් හැකියාව ලැබුණා. නියාමන ක‍්‍රියාවලිය සම්බන්ධයෙන් ප‍්‍රශ්න ඇති වුණා. මැතිවරණය නැතිව නායකයෙකු පත් කරන්න අවස්ථාවක් නැතිව ගියා. ජනාධිපතිවරයාට, අගමැතිවරයකු පත් කරන්න විදියක් තිබුණේ නැහැ. හැත්තෑ හතේ මැතිවරණයේදී එය වෙනස් වුණා.කෙසේ නමුත් හැත්තෑ හතේ ද ලැබුණු හයෙන් පහක ජන වරමත් සමඟ නව ව්‍යවස්ථා සංශෝධනය ගෙන එමින් විධායක ජනාධිපති ධුරය ස්ථාපිත කරනු ලැබුවා. ජයවර්ධන මහතා විධායක ජනාධිපති ධුරය සුවිශේෂී අග‍්‍රාමාත්‍ය ධුරයක් යයි විශ්වාස කළා. පාර්ලිමේන්තුවේදී එක් අගමැතිවරයකු ලෙසත්, ජනාධිපති නිවසේ තවත් අගමැතිවරයකුත් යන අදහසක් ද ප‍්‍රකාශ වුණා. ජනාධිපතිවරයා ඉවත් කිරීමේ හැකියාවක් තිබුණේ නැහැ. එය යම් පමණක ස්ථාවරත්වයක් ගෙන ආවා.විධායක ජනාධිපති ධුරය බි‍්‍රතාන්‍යයේ වෙස්ට්මින්ස්ටර් ක‍්‍රමවේදය, එහි ගුණාංග හා මූලධර්ම හා බැඳී තිබුණා. ජේ.ආර්. ජයවර්ධන හා පේ‍්‍රමදාස යන මහත්වරුන් ඒ ගුණාංග හා මූලධර්මවලින් බැඳී සිටියා. එහෙත් කාලයක් යද්දි වෙස්ට්මින්ස්ටර් මූලධර්ම අමතක කර දැමුවා.චන්ද්‍රිකා කුමාරතුංග බණ්ඩාරනායක මහත්මිය යටතේ මා අගමැතිධුරය දරන සමය වන තෙක් ජනාධිපති ධුරයේ බලතල වෙනසක් වුණේ නැහැ. වෙස්ට්මින්ස්ටර් මූලධර්ම අමතක කර දැමුවත් විධායක ජනාධිපති ධුරයේ වෙනසක් වුණේ නැහැ.එහෙත් පසුගිය දශකයක කාලයේදී විධායක ජනාධිපති ධුරය තවදුරටත් ශක්තිමත් කළා. බලතල වැඩි කළා. පාර්ලිමේන්තුව ගණන් ගත්තේ නැහැ. රාජ්‍ය මුදල් පිළිබඳ වග කිව්වේ නැහැ. පාර්ලිමේන්තුවට වග කිව්වේ නැහැ. ඒ නිසා රට දැවැන්ත ණය උගුලක හිරවුණා. පාර්ලිමේන්තුවට කිසිදු ගෞරවයක් තිබුණේ නැහැ. පැවැති ආණ්ඩුව පාර්ලිමේන්තුව පිළිබඳ කිසිදු සැලකිල්ලක් දැක්වුයේද නැහැ.මේ නිසා වසර 2020 වනවිට අපට ගෙවන්න තිබෙන ණය කන්දරාව ටි‍්‍රලියන 4.2 ක් වූවා. රාජ්‍ය ණය ඉහළ ගියා. ණය සේවා පිරිවැය ඉහළ ගියා. රාජ්‍ය මූල්‍ය පාලනය පැවැතියේ නමට පමණයි. රාජ්‍ය මූල්‍ය පාර්ලිමේන්තු පාලනයෙන් තොර වීම ඊට ප‍්‍රධාන හේතුවයි.අගවිනිසුරුවරිය ඉවත් කළා. නියමිත ක‍්‍රමවේදයෙන් තොරවයි ඇයව ඉවත් කළේ. ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට වු දේ අප දන්නවා. මේ සියල්ලම ඔබද දන්නවා. ඒ නිසා පාර්ලිමේන්තුවට වගකියන ජනාධිපති ක‍්‍රමයක් ස්ථාපිත කළ යුතුයි. මේ සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වෙනවා. පාර්ලිමේන්තුවට වගකියන ආණ්ඩුව ස්ථාපිත කරන්නේ කොහොමද? පාර්ලිමේන්තුවේ පාලනයට යටත් ආණ්ඩු ස්ථාපිත කරන්නේ කොහොමද? මේ සම්බන්ධයෙන් යෝජනා තිබෙනවා. සාකච්ඡා පැවැත්වෙනවා. මේ සම්බන්ධයෙන් වාර්තා ඉදිරියේදී ඉදිරිපත් කෙරෙනවා. විධායක ජනාධිපති ධුරයට හිමි වැඩිපුර බලය සම්බන්ධයෙන්ද සාකච්ඡා පවතිනවා. ඒ නිසාම මේ සම්බන්ධයෙන් හැමෝම කතා කරනවා. ඒ සම්බන්ධයෙන් සියලූ දෙනා අවධානය යොමු කරනවා. නව ව්‍යවස්ථාව අවශ්‍යමයි. ඊට පෙර අප 19 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන ආවා. එහිදී විධායක ජනාධිපති ධුරයේ බලතල අඩු කළා. එහි බලතල තවදුරටත් අඩු කළ යුතුයි.පාර්ලිමේන්තුව තවදුරටත් ශක්තිමත් කළ යුතුයි. විධායක ජනාධිපතිවරයාගේ බලතල අඩු කළ යුතුද? ව්‍යවස්ථා මණ්ඩලය මේ සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වා තිබෙනවා. ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය අතුරු වාර්තාව ඉදිරිපත් කිරීමට නියමිතයි. අනු කමිටු හයක් වාර්තා ඉදිරිපත් කර තිබෙනවා. එහෙත් ඒ වාර්තා වලින් ආවරණය නොවූ කරුණු තිබෙනවා. ඒ සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කළ යුතුයි. අවධානය යොමු කළ යුතුයි. සියල්ලට පසු අප අතුරු වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා.අප සැලකිල්ලක් දක්වන එක් කරුණක් වන්නේ විධායක ජනාධිපති ධුරයයි. පාර්ලිමේන්තුවට වගකියන ජනාධිපති ධුරයක් සහ ආණ්ඩුවක් ස්ථාපිත කළ යුතුයි. පාර්ලිමේන්තුවේ බලය වැඩි කළ යුතුයි. පාර්ලිමේන්තුවේ පාලනය වැඩි කළ යුතුයි.විධායක ජනාධිපති ධුරය අහෝසි කළ යුතු බව ඇතැම් පක්ෂ කියනවා. තවත් පක්ෂ විධායක ජනාධිපති ධුරය අහෝසි නොකළ යුතු බව කියනවා.සෝල්බරි ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාව යටතේ පැවැති ක‍්‍රමවේදයට යන්න බැරි ද කියා ඇතැම් අය අහනවා. ඒ කාලයේ පැවැති ක‍්‍රමවේදය වෙනස් වූවා. ඒ නිසා අප අලූත් ක‍්‍රමවේද දෙස බැලිය යුතුයි.අපේ ව්‍යවස්ථාවේ බලය බෙදීම ගැන සඳහන්ව තිබෙනවා. රාජ්‍යයේ ස්වභාවය වෙනස් නොවන අයුරින් බලය බෙදීම ගැන අප අවධානය යොමු කරනවා. සියල්ල ගැන අප සාකච්ඡා කරනවා. මේ සම්බන්ධයෙන් සියලූ පාර්ශවවල අවධානය අද යොමු වෙලා.රාජ්‍යයේ ස්වභාවය වෙනස් නොවන අයුරින්, එය වෙනස් නොකරමින් බලය බෙදිය යුතුයි. රාජ්‍යයේ ස්වභාවය වෙනස් නොකර උපරිම අයුරින් බලය බෙදන්න අප කටයුතු කරනවා. එස්.ඩබ්.ආර්.ඞී. බණ්ඩාරනායක හා ඩඞ්ලි සේනානායක යන මහත්වරුන් අගමැති ධුරය දරද්දි සම්පූර්ණ බලය පැවැතියේ කොළඹ-ආණ්ඩුව යටතේයි. රටේ අනෙකුත් සියලූ ආයතන ඔවුන්ගේ නියෝග කි‍්‍රයාත්මක කිරීම පමණයි සිදු වූයේ.එහෙත් අද බලය බෙදී ගිහිල්ලා. ඒ නිසා අද බලය බෙදන්නේ කොහොමද? ඒ වගේම මධ්‍යම ආණ්ඩුව සහ අනෙකුත් ආයතන සම්බන්ධීකරණය කළ යුතුයි. ඒ අතරේ සම්බන්ධය මොකක්ද කියා තීරණය කළ යුතුයි. බලය බෙදී යෑම ජාතික ප‍්‍රතිපත්තිවලදී තීරණය වෙන්නේ කොහොමද කියන දේ සාකච්ඡා කළ යුතුයි. මේ දේවල් ඉතා වැදගත් වනවා.පාර්ලිමේන්තුව ස්ථාවර කිරීම අනෙක් කරුණයි. එය තීරණය වන්නේ ‘ෆස්ට් පාස්ට් ද පෝස්ට්’ ක‍්‍රමවේදයටයි. එනම් කේවල සහ සමානුපාතික ක‍්‍රමයයි. එසේ නැතහොත් වැඩිම ඡුන්ද ගත් අය තේරීමයි. එසේ නැතිව පාර්ලිමේන්තුව ස්ථාවර කරන්න බැහැ.ජයවර්ධන ජනාධිපතිවරයා විධායක ජනාධිපති ධුරය ප‍්‍රවර්ධනය කළ එක් හේතුවක් වූයේ විධායක ජනාධිපතිවරයා ඍජුවම තේරී පත්වීමයි. ඒ ඔස්සේ කැබිනට් මණ්ඩලය පාර්ලිමේන්තුව මත පදනම් වීමයි. පාර්ලිමේන්තුවට මන්තී‍්‍රවරුන් තේරී පත් වුණේ සමානුපාතික ක‍්‍රමවේදයටයි. බහුතරය දිනා ගැනීම අවශ්‍යතාවක් වුණා. අවාසනාවකට අපට මෙවර බහුතර බලය ලැබුණේ නැහැ.බහුතරයේදී ජයග‍්‍රාහී පක්ෂයට ප‍්‍රසාද ආසනයක් ලැබෙනවා. සමානුපාතික ක‍්‍රමය නියෝජනය වන සහ බහුතරය නැති පක්ෂයක් ආණ්ඩු පිහිටුවන ක‍්‍රමවේද සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වෙනවා. ජර්මානු ක‍්‍රමවේදය, නවසීලන්ත ක‍්‍රමවේදය, ප‍්‍රසාද ආසන ආදී සම්බන්ධයෙන් අප අවධානය යොමු කර තිබෙනවා. සෝල්බරි ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන්ද සාකච්ඡා කෙරෙනවා.පනස් හයේ සහ එක් දහස් නවසිය හැත්තෑවේ මැතිවරණ, ලංකාවේ ප‍්‍රබලතම පක්ෂ පරාජයට පත්වෙන අවස්ථා වගේම ප‍්‍රධාන පක්ෂ දෙකෙන් බැහැර පක්ෂ ඉදිරියට පැමිණෙන අවස්ථා පවතිනවා. මේ කරුණ ගැනද අප අවධානය යොමු කළා. මේ මොනයම් ක‍්‍රමයකින් වුවත් පාර්ලිමේන්තුව ශක්තිමත් විය යුතුයි. ඒ නිසා සුදුසුම ක‍්‍රමවේදය දෙස බැලිය යුතුයි.ඉන් අනතුරුව විධායක ජනාධිපති ධුරය දෙස බැලිය යුතුයි. අපට අවශ්‍ය වන්නේ කොයි ආකාරයේ ජනාධිපති ක‍්‍රමවේදයක් ද? අපට කොයි ආකාරයේ ආණ්ඩුවක් ද තිබුණේ? ජනාධිපතිවරයාගේ බලතල මොනවාද? දහ නව වැනි සංශෝධනයෙන් විධායක බලතල අඩු කළාද? විධායක ජනාධිපති ධුරයේ බලතල අඩු කරන්නේ කොහොමද? එහෙම නැතිනම් ශක්තිමත් ජනාධිපතිවරයකු සහිත පාර්ලිමේන්තු ක‍්‍රමවේදය අවශ්‍යද? එසේත් නැතිනම් අවශ්‍ය වන්නේ අගමැතිවරයාගේ උපදෙස් පරිදි කි‍්‍රයාත්මක වන 1972 පැවැති ජනාධිපති ධුරයක් ද?ඒ වගේම කැබිනට් මණ්ඩලය ගැනත් සිතමු. කැබිනට් මණ්ඩලයේ ප‍්‍රධානියා කවු ද? පාර්ලිමේන්තුවට වග කියන්නේ කවුද? මේ දේවල් සම්බන්ධයෙන් අප සාකච්ඡා කරනවා. කැබිනට් මණ්ඩලය සහ ආණ්ඩුවේ බලතල ශක්තිමත් කළ යුතුයි. ඒ වගේම පාර්ලිමේන්තුව ශක්තිමත් කළ යුතු බව සිහියේ තබා ගන්න.අප පසුගිය වසර දෙකක කාලයේදී පාර්ලිමේන්තුව ශක්තිමත් කළා. එක්සත් රාජධානිය අනෙක් රටවල් දෙස බලන්න. රාජ්‍ය මූල්‍ය, අයවැය, ආදිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව වගකීමෙන් බැහැර නොකළ යුතුයි. ස්වාධීන කොමිෂන් සභා සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට තිබෙන බලතල, පළාත් සභා සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට තිබෙන බලතල ආදී දේවල් සම්බන්ධයෙන් අප සාකච්ඡා කරනවා. ඒ නිසා මේ සම්බන්ධයෙන් මහජන විවාදයක් පැවැත්විය යුතුයි.වෙස්ට්මින්ස්ටර් ක‍්‍රමවේදය, ජර්මානු ක‍්‍රමවේදය, මේ සියල්ල සලකා බැලිය යුතුයි. අගමැතිවරයා ඍජුව පත් කිරීම ගැන ද සාකච්ඡා කරනවා. මෙවැනි වැදගත් කරුණු රැුසක් සම්බන්ධයෙන් අප සාකච්ඡා කරනවා. මේවා ඉතා වැදගත් වනවා. ජනාධිපතිවරයාගේ කාර්ය භාරය, අගමැතිවරයාගේ කාර්ය භාරය, කැබිනට් මණ්ඩලය, පළාත් සභාවල බලතල මේ දේවල් අපට මඟ හරින්න බැහැ.අප රටේ වෙනසක් කළ යුතුයි. දැනට තිබෙන ක‍්‍රමයෙන් අපට ඉදිරියට යන්න බැහැ. අනාගතය අප තීරණය කළ යුතුයි. ජනතාවට වෙනසක් අවශ්‍යයි. ඒ විප්ලවකාරී වෙනස කළ යුතුයි. එය කළ හැකි බව මා විශ්වාස කරනවා. රටේ බහුතරයකට වෙනස අවශ්‍යයි.රටේ මිනිස්සු පීඩනයෙන් ජීවත් වෙන්න කැමැති නැහැ. සුළු ආගම් මෙන්ම, බෞද්ධාගම ද ආරක්ෂා විය යුතුයි. එක්වරක් මල්වතු පාර්ශවයට ආණ්ඩුවෙන් දැඩි පීඩනයක් එල්ල වුණා. එසේ නොවිය යුතුයි. බුද්ධාගමේ එක් පාර්ශවයකට පමණක් නොව සමස්ත බුදු දහමටම නිදහස තිබිය යුතුයි. ඒ නිසා අනෙකුත් ආගම් පමණක් නොව බුද්ධාගම ද ආරක්ෂා විය යුතුයි.සෑම ආගමක්ම ඇදහීමට අයිතිය සහ නිදහස තිබිය යුතුයි. ප‍්‍රජාතන්ත‍්‍රවාදය, සාමය, යුක්තිය සහ සහයෝගීත්වය ස්ථාපිත කළ යුතුයි යැයිද අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා වැඩිදුරටත් පැවසීය. ඩඞ්ලි සේනානායක පදනමේ සභාපති බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම් සහ හින්දු කටයුතු අමාත්‍ය ඞී.එම්. ස්වාමිනාදන්, සහ පදනමේ සාමාජික ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන යන මහත්වරුද අදහස් දැක්වූහ.කතානායක කරු ජයසූරිය, විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක, නගර සැලැසුම් සහ ජලසම්පාදන අමාත්‍ය රාවුෆ් හකීම්, ජාතික ඒකබද්ධතා සහ ප‍්‍රතිසංධාන රාජ්‍ය අමාත්‍ය ඒ.එච්.එම් ෆවුසි, විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම්.ඒ. සුමන්තිරන්, පොලිස්පති පූජිත් ජයසුන්දර සහ අග‍්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල නියෝජ්‍ය ප‍්‍රධානී රෝසි සේනානායක යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගී වූහ.
|
’’ජනපති සමඟ රටට අලුත් පරිවර්තන යුගයක් බිහිවේවී’’
| 0 |
(ශ‍්‍රී ජයවර්ධනපුර මුදිතා දයානන්ද)”වෙට්ටු දාලා තමන්ට ඕන දේ කරගන්න මේ ආණ්ඩුව දක්ෂයි. නියම බබා එළියට එන්නේ කාරක සභාවේදීයි. පාර්ලිමේන්තුවට එන ව්‍යවස්ථා කෙටුම්පතේ ඒකීය වුණත් නැතත් ඒක කාරක සභාවට ගිහින් එනකොට ෆෙඩරල් රාජ්‍යයක් වෙනවා. මේ ව්‍යවස්ථා මරඋගුල පරාජය කිරීම රටට ආදරේ කරන අපි කාගෙත් වගකීමක්” යැයි ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්රී විමල් වීරවංශ මහතා ඉකුත්දා (14) වැනිදා පැවසීය.වීරවංශ මහතා එසේ පැවසුවේ ව්‍යවස්ථා මර උගුලට එරෙහි ජාතික සමුළුව නමින් ජාතික නිදහස් පෙරමුණ කොළඹ විහාරමහා දේවි එළිමහන් රංගපීඨයේදී පැවැත්වූ ජනරැලියකදී අදහස් දක්වමිනි.එහිදී තවදුරටත් අදහස් දැක්වූ වීරවංශ මහතා මෙසේද පැවසීය.-ආණ්ඩුව රට බෙදන ව්‍යවස්ථාවක් ගෙනත් තිබෙනවා. ඒක ව්‍යවස්ථාවක් නෙවෙයි, ව්‍යවස්ථා සම්පාදක කමිටුවේ අතුරු වාර්තාවක් විතරයි කියලා සමහරු කියනවා. මේ අතුරු වාර්තාවට එක්සත් ජාතික පක්ෂයත් මුස්ලිම් කොංග‍්‍රසයත් හැර අනෙක් හැම පක්ෂයකින්ම යෝජනා ඉදිරිපත් කර තිබෙනවා. ඒ අය යෝජනා සංශෝධන එකතු කර නැත්තේ තමන් මේ වාර්තාවේ අඩංගුවට කැමැති නිසයි. එහෙම නම් මේකේ තිබෙන ෆෙඩරල් ව්‍යවස්ථාව නෙවෙයි නම් වෙන එකක් එයි කියලා අපි කොහොමද විශ්වාස කරන්නේ?අපි පහුගිය කාලය තුළ දැක්කා ඒ විදිහට කියලා ගෙනාපු පනත් කෙටුම්පත් කොහොමද තමන්ට අවශ්‍ය විදිහට සම්මත කරගත්තේ කියලා. පාර්ලිමේන්තුවට එන්නෙ ඒකීය රාජ්‍යයක් සහිත ව්‍යවස්ථා කෙටුම්පතක් වෙන්න පුළුවන්. පාර්ලිමේන්තුවට එන්නේ ඒකීය රාජ්‍යයක් සහිත ව්‍යවස්ථා කෙටුම්පතක් වුවත් සම්මත වන්නේ ඊට හාත්පසින්ම වෙනස් එකක් වෙන්න අද තිබෙන ඉඩ වැඩියි. මොකද අපිට පහුගිය කාලයේ අත්දැකීම් තිබෙනවා කාරක සභා අවස්ථාවේදී සංශෝධන ඉදිරිපත් වුණ ආකාරය ගැන. ගෙනාපු පනතේ තිබෙනවාට වඩා වැඩි වගන්ති ප‍්‍රමාණයක්, එහි කිසිම වගන්තියකට අදාළ නොවන කොටස් විශාල ප‍්‍රමාණයක් සංශෝධන හැටියට එනවා. ඊට පස්සේ මේක පාර්ලිමේන්තුවට ගේන වෙලාව වෙනකොට අධිකරණයට යන්න තියා පාර්ලිමේන්තුව තුළදීවත් විරුද්ධ වෙන්න කාලයක් ඉතිරිවන්නේ නැහැ.පළාත් සභා මැතිවරණයට කාන්තා නියෝජනය ගැන කතා කරන්න ඉදිරිපත් කළ පිටු හතරක පුංචි පනතට අපිත් එකඟ වුණා. ඒත් ඒක කාරක සභාවට ගිහින් සංශෝධන හතළිස් තුනක් එක්කරලා ආපහු ආවේ ලොකු පනතක්. එහි කාන්තා නියෝජනය ගැන කතා කරනවා වෙනුවට පළාත් සභා මැතිවරණය කල්දැමීමට හැකිවන පරිදි නව මැතිවරණ ක‍්‍රමය ආදේශ කිරීම, සමෘද්ධි නිලධාරීන්ට ඡන්දේ ඉල්ලන්න බැහැ කියන කරුණු ඇතුළු කරුණු ගණනාවක් ඇතුළත් කර තිබෙනවා. මේක තමයි එක්සත් ජාතික පක්ෂය ප‍්‍රමුඛ මේ ආණ්ඩුව පහුගිය කාලේ අනුගමනය කළ පිළිවෙළ. කාරක සභා අවස්ථාවේදී තමයි නියම බබා එළියට එන්නේ. අගමැති දන්නේ වෙට්ටු දාන්න විතරයි. තමන්ගේ වුවමනාව මොකක්ද කියලා ඇයි කෙලින් නොකියන්නේ? වචන වෙට්ටු දාන්නේ ඇයි?මෙවැනි ව්‍යවස්ථා ප‍්‍රශ්නයකට අපි ජේ.ආර්. ජයවර්ධන පාලන කාලයේදීත් මුහුණ දුන්නා. එදා 13 වන ආණ්ඩුක්රම ව්‍යවස්ථා සංශෝධනය ගෙනාවා ඉන්දියාවේ ඕනකමට. ඉන්දියාවේ බලපෑමට. ඒක ගෙනාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය වළදාලා. දේශපාලන පක්ෂ කීපයක් තහනම් කරලා. අද ඒක වෙනත් ක‍්‍රමයකට ඒ මාමාගේ බෑනා කරන්න යනවා. අද වුවමනාව හා බලපෑම එන්නේ බටහිරින්.වසර තිහක් පැවැති උතුරේ යුද්ධය අවසන් කළා. අද උතුරෙත් දකුණෙත් බෝම්බ පුපුරන්නේ නැහැ. එදා වගේ අද දෙමළ අම්මාටවත් සිංහල අම්මාටවත් තමන්ගේ දරුවන්ගේ මිනී බදාගෙන වැළපෙන්න අවශ්‍ය නැහැ. ඒ යුගය අවසන් කිරීම ගැන මේ රටේ ජනතාව සතුටු වුණා. හැම කෙනෙක්ම කිරිබත් කැවුම් කාලා ඒ සතුට සැමරුවා. එදා බෙදුම්වාදී ත‍්‍රස්තවාදීන්ට යුද්ධයෙන් ජයගන්න බැරි වුණ ඊළම ව්‍යවස්ථාමය වශයෙන් ලබාදෙන්නයි ආණ්ඩුව සැරසෙන්නේ. ව්‍යවස්ථාවෙන් රට බෙදන්න අවශ්‍ය නැහැ. ඒක කරන්නේ මේ රටේ නීතියට අනුව නෙවෙයි, ජාත්‍යන්තර නීතියට අනුවයි. අපි කරන්න ඕන ඒ අයට ඒ ටික කරන්න පුළුවන් වෙන විදිහට වටපිටාව සකස්කර දීමයි.හැත්තෑ හතේ ආණ්ඩුවේ ස්වදේශ කටයුතු ඇමැති බවට පත්වුණ දේවනායගම් දෙමළ ජාතිකයෙක්. ඔහු ලංකාවේ නැගෙනහිර පළාතේ සිතියම අලූතෙන් හැදුවා. එහිදී අනුරාධපුර දිස්ත‍්‍රික්කයට අයත් පුල්මුඬේ ත‍්‍රිකුණාමලයට අයත් වන හැටියටයි ඒක ඇන්දේ. ඔහු මේ ඉටුකළේ ඊළාම් බෙදුම්වාදීන්ගේ ඊළාම් සිතියමට අවශ්‍ය භූමිය සකස් කර දීමයි. බෙදුම්වාදීන් එක්වර ගෙඩිය පිටින් කන්න දැන් සූදානම් නැහැ. එහෙම කන්න ගිහින් වෙච්ච දේවල් පිළිබඳව ඔවුන්ට අත්දැකීමක් තිබෙනවා. ඒ නිසා දැන් පියවරෙන් පියවර තමයි ඊළම දිනාගන්න තැනට යන්නේ. මේ නව ව්‍යවස්ථාව එහි එක් පියවරක්.ජේ.ආර්. ජයවර්ධන එදා 13 වන ආණ්ඩුක්රම ව්‍යවස්ථා සංශෝධනය ගෙනෙද්දී ඉන්දියාවේ විරෝධය මැද වුවත් ඒකීයත්වය ආරක්ෂා කරගැනීම සඳහා සමගාමී ලැයිස්තුවක් ඉදිරිපත් කළා. ඒ වගේම යම් පළාතක් වෙන්ව යාමේ අවදානමක් තිබේ නම් එය පවරා ගැනීමේ බලය එදා විධායක බලතල සහිත ජනාධිපතිවරයාට තිබුණා. එවැනි තත්ත්වයක් තිබියදී වුවත් ගෙනා බලය බෙදීමේ ව්‍යවස්ථා සංශෝධනයට එදා රෝහණ විජේවීර සහෝදරයාගේ නායකත්වය ලැබූ ජනතා විමුක්ති පෙරමුණ පළාත් සභාවලින් රටේ ඒකීය භාවය නැති වෙනවා කියන ස්ථාවරයේ සිට ඊට එරෙහිව සටන් කළා. දේශද්‍රෝහීන්ට දඬුුවම මරණය කියලා පළාත් සභාවල මැතිවරණයේදී ඡන්ද අපේක්ෂකයින් ඝාතනය කළා. ඔවුන් දේශද්‍රෝහීන් කියන පදනමෙන් ඒ ඝාතන සාධාරණීකරණය කළා. එහි ප‍්‍රතිඵල හැටියට මේ රටේ හැටදහසක් තරුණ ජීවිත ඝාතනයට ලක් වුණා. අද අනුර දිසානායකගේ ගජමිතුරාත් මේ ඝාතනවලට හවුල් වුණා.එදා ඒ විදිහට ජීවිත පරිත්‍යාගයෙන් රට බෙදෙනවට එරෙහිව සටන් කරපු පක්ෂයේ වර්තමාන නායකත්වය අද අගමැතිගේ සුරතලා බවට පත්වෙලා. අද අලූත් ව්‍යවස්ථාවෙන් විධායක බලය අහෝසි කරලා, සමගාමී ලැයිස්තුව ඉවත් කරලා, ඒකීය වෙනුවට ෆෙඩරල් නාමය එකතුකරලා, පළාත් සභාවලට පොලිස්, අධිකරණ, ඉඩම් බලතල ලබාදීලා මේ ගේන ව්‍යවස්ථාව එදා ජේ.ආර්.ගෙනා ව්‍යවස්ථා සංශෝධනයටත් වඩා භයානකව තියෙද්දී ජනතා විමුක්ති පෙරමුණ එයට සහාය දක්වනවා. ටිල්වින් සිල්වා කියනවා ඒකීය හා සන්ධීය කියන වචනවල එල්ලිලා ඉන්න එපාලූ. අනේ මෙයාගේ මේ මොළේ විජේවීර සහෝදරයාට එදා තිබුණා නම් හැටදාහකගේ ජීවිත බේරෙනවා. ජවිපෙට සිදුවී ඇති දෙය එයින්ම අපට පැහැදිලියි.මෙතෙක් පරමාධිපත්‍ය බලය තිබුණේ මේ රටේ ජනතාවට. ජනතාව වෙනුවෙන් මන්ත‍්‍රීවරු 225ක් පාර්ලිමේන්තුව තුළ ඒ බලය නියෝජනය කළා. මේ ව්‍යවස්ථාවෙන් ඒ බලය පළාත් සභාවලටත් බෙදෙනවා.බුද්ධාගමට තිබූ තැන නැති කරනවා. එදා සිට අපේ රටේ ආරක්ෂාව වෙනුවෙන් අපේ මහාසංඝරත්නය කැපවුණා. සටන් කළා. එදා ෆෙඩි‍්‍රක් නෝර්ත් ආණ්ඩුකාරවරයා තමන්ගේ අධිරාජ්‍යයාට දන්වා යවනවා මේ රටේ කහ රෙද්දක් පොරවගත්ත කහකඩ හමුදාවක් ඉන්නවා. ඒ අය මිනිසුන්ගේ දුකට සැපට හැමදේටම මැදිහත්වෙනවා. ඒ අය ඉන්නකම් මේ රට යටත් කරගන්න වෙන්නේ නැහැ කියලා. අද ඒ භික්ෂූන් වහන්සේ රට වෙනුවෙන් කතා කරද්දී උන්වහන්සේලාට ගරහනවා. ව්‍යවස්ථාවෙන් බුදුදහමට තිබුණ තැන නැති කරනවා. නව ව්‍යවස්ථාවේ යම් පළාත් සභාවක් අවශ්‍ය විටක ජනාධිපතිට පවරා ගන්න හැකි බව කියා තිබෙනවා. නමුත් එහෙම කරනවා නම් එසේ කරන්නට හේතු ජනාධිපතිවරයා පළාත් මහ ඇමැතිවරයාට දැනුම් දිය යුතුයි. ඔහු එය පිළිගන්නේ නැතිව අධිකරණයට ගියහොත් අධිකරණය එහිදී ජනාධිපතිගේ පියවර වැරැුදි බවට අර්ථකථනය වෙන්න පුළුවන්. ඒ නිසා මෙහි තිබෙන වාක්‍යවලින් කියවෙන දේ යථාර්ථය බවට පත්වන්නේ නැහැ.අද රටවල්වලට වෙන්වී යාමේ බලය හිමිවන්නේ ඒ රටේ ව්‍යාවස්ථාවට අනුව නෙවෙයි. ජාත්‍යන්තර නීතියට අනුවයි. ස්පාඤ්ඤයේ කැටලෝනියානු ප‍්‍රාන්තය වෙනම රාජ්‍යයක් හැටියට පිළිගන්නේ ඒ නීතියට අනුවයි. ජාත්‍යන්තර නීතියට අනුව යම් රටක කොටසක් ස්වාධීන වෙන්න කරන ඉල්ලීම සාධාරණීකරණය කළ හැකි වටපිටාවක් අපි ව්‍යවස්ථාවෙන් සකස් කරදීම පමණයි සිදුකළ යුත්තේ. මේ කරන්නේ එයයි.මෙහිදී අදහස් දැක්වූ ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප‍්‍රකාශක මොහොමඞ් මුසම්මිල් මහතා මෙසේ පැවසීය.”මේ වෙනකොට රට බෙදීම සඳහා ඉතාමත් කූට උපක‍්‍රම යොදමින් ව්‍යවස්ථා සම්පාදක මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තාව එළිදක්වා තිබෙනවා. මෙහි දිශානතිය වැටී තිබෙන්නේ අමාරුවෙන් ගොඩනගාගත් ජාතික සංහිඳියාව සදාකාලිකවම මේ රටේ ජනතාවට අහිමි කිරීමටයි.බලය බෙදීමෙන් සුළු ජාතිකයන්ගේ සියලූ ප‍්‍රශ්න විසඳෙනවා ද? දැන් බලය තිබෙන්නේ සිංහල ජාතිය අතේ නම් සිංහල ජාතීන්ගේ සියලූ ප‍්‍රශ්න විසඳිලා ද? අන්න ඒ විදිහට සිංහල සාමාන්‍ය ජනතාවගේ සියලූ ප‍්‍රශ්න විසඳිලා නම් අපිට එකඟ වෙන්න පුළුවන් බලය නැති නිසා තමයි ඒ අයට මේ ප‍්‍රශ්න තිබෙන්නේ කියලා. මේ උත්සාහ කරන්නේ සිංහල සාමාන්‍ය ජනතාව අතේ නෙවෙයි. ඒ වගේම මේ බලය ගන්න හදන්නේ දෙමළ සාමාන්‍ය ජනතාවත් නෙවෙයි. දෙමළ ඉහළ පැලැන්තිය අතටයි මේ බලය ලැබෙන්නේ. ඒ නිසා ප‍්‍රශ්නය එතනින් අවසන් වන්නේ නැහැ. බලය ලබාදිය යුත්තේ රටේ පුරවැසියාටයි.මෙහිදී කලාශිල්පී සමන් ඒකනායක මහතා ව්‍යවස්ථාව පරාජය කළ යුත්තේ ඇයි ද යන්න කවියෙන් පැහැදිලි කළේය.මෙම අවස්ථාවට ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය නායකවරුන් වන පාර්ලිමේන්තු මන්ත්රී ජයන්ත සමරවීර, පාර්ලිමේන්තු මන්ත‍්‍රී වීරකුමාර දිසානායක මහත්වරුන් ඇතුළු එම පක්ෂයේ නායකයන් ඇතුළු පිරිසක් ද සිංහල රාවයේ ප‍්‍රධාන ලේකම් ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේලා පිරිසක් ද එක්ව සිටියහ.
|
ව්‍යවස්ථා මරඋගුල පැරදවීම රටට ආදරේ කරන අප කාගේත් වගකීමක්
| 1 |
(ශ්‍රී ජයවර්ධනපුර මුදිතා දයානන්ද,ඡායාරූප ඉෂාන් සංජිව)”තිස් වසරක යුද්ධයෙන් බෙදුම්වාදීන්ට දිනාගන්න බැරි වුණ දේ නව ව්‍යවස්ථාව මගින් ලබාදෙන්න දරන උත්සාහය පරාජය කළ යුතුයි. අපි එළිය සංවිධානය පිහිටෙව්වේ ඒ වෙනුවෙන්” යැයි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පෙරේදා (6) බොරලැස්ගමුවේදී පැවසීය.ගෝඨාභය මහතා මේ අදහස් දැක්වූයේ බොරලැස්ගමුව ගෝල්ඩන් රෝස් උත්සව ශාලාවේදී පැවති උත්සවයකදීය.ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පිහිටවූ එළිය සංවිධානය එළිදැක්වීම වෙනුවෙන් මෙම උත්සවය සංවිධානය කර තිබිණ.එහිදී තවදුරටත් අදහස් දැක්වු ගෝඨාභය මහතා මෙසේද පැවසීය.අවුරුදු තිහක් පැවති යුද්ධය අවසන් කරලා අපි එක්සේසත් කළ රට ව්‍යවස්ථාවක් මගින් හෝ පාවා දෙන්නට පුලූවන්කමක් නැහැ. අද නව ව්‍යවස්ථාවක් හරහා මේ අප ලැබූ ජයග‍්‍රහණය පාවාදෙනු ඇතැයි සැකයක් සමාජය තුළ පවතිනවා. ඒ නිසා අපි කල්පනා කළා මෙවැනි නව ව්‍යවස්ථාවක් රටට අවශ්‍ය නැහැ, එවැන්නක් ගෙන එන්න එපා කියලා ආණ්ඩුවට බලකිරීම හා ඒ පිළිබඳව ජනතාව දැනුවත් කිරීම අද එළිදකින එළිය සංවිධානයේ අරමුණයි.දැනට පවතින ව්‍යවස්ථාවේ අඩුලූහුඬුකම් නැතුවා නොවේ. නමුත් අලූත් ව්‍යවස්ථාවක් ගෙන එනවාට අපි විරුද්ධ වන්නේ එය ගෙන එනු ලබන්නේ කා වෙනුවෙන්ද? එය කෙටුම්පත් කරන්නේ කවුරුන්ද යන කාරණා මතයි. ඒ කාරණා සලකා බැලූවාම අපිට විශාල බියක් ඇති වෙනවා. මේ ගමන් කරන්නේ කොහාටද කියලා අපිට පේනවා.එදා එල්ටීටීඊයට මුදල් එකතු කරපු, අවි ආයුධ ලබාදුන්නු කණ්ඩායම තමයි එදා ත‍්‍රස්තවාදය මගින් දිනාගන්න බැරිවුණ දේ අද වෙනත් මාර්ගයකින් ලබාදෙන්න මැදිහත් වන්නේ. එදා ගෙන ගිය ත‍්‍රස්තවාදයට එරෙහි යුධ ක‍්‍රියාමාර්ග නැවැත්වීමට බලපෑම් කළ විවිධ ජාත්‍යන්තර සංවිධානවල හා රටවල අවශ්‍යතාව මත තමයි මේ නව ව්‍යවස්ථාව ගෙන එන්නේ. ඒ වගේම මේ රට තුළ සිටින දෙමළ බෙදුම්වාදී දේශපාලන කණ්ඩායම්වල අවශ්‍යතාවට තමයි මේ ව්‍යවස්ථාව ගෙන එන්නේ.අවුරුදු ගණනාවක් තිස්සේ සිවිල් වැසියන් ඝාතනය කරලා ම්ලේච්ඡු මිනීමරු සංවිධානය සියලූ ජන ජීවිත විනාශ කළා වගේම මුුලූ රටම විනාශ කළා. අද ඒ අය ජාත්‍යන්තරයේ මානව හිමිකම් ශූරයන් ලෙස පෙනී සිටිමින් මේ රටට සාමය උදාකරන්න රට එක්සේසත් කරන්න කටයුතු කළ රණවිරුවන් ඇතුළු නායකයින් යුද්ධාධිකරණයට ගෙන යන්න උත්සාහ කරන අය තමයි මේ නව ව්‍යවස්ථාව සකස් කරන්න මුල්වෙලා තිබෙන්නේ. ඒ නිසා තමයි අපි එයට විරුද්ධ වන්නේ. ඒ නිසා තමයි අපි මෙයට එරෙහිව ජනතාව පෙළ ගස්වන්න සූදානම් වන්නේ.අපි දන්නවා අවුරුදු එකහමාරක කාලයක සිටම මේ කාර්යයට ඇප කැප වුණ ජාතික සංවිධාන ගණනාවක් තිබෙනවා. ඒ අයත් එකතු කරගෙන නායකත්වය දීලා වඩාත් පුළුල් සංවිධානයක් ලෙස ජනතාව අතරට ගෙන යන්න අපි සූදානම්. ඒ වගේම මේ ව්‍යවස්ථාව ගෙන එන ආණ්ඩුව ගැනත් අපිට කිසිම විශ්වාසයක් නැහැ.අතුරුදන් වූවන්ගේ කාර්යාලය පිහිටුවීම ගැන ඇතිවූ සාකච්ඡුාවේදී මේ ආණ්ඩුවේ නායකයින් කිව්වා කවදාවත් එහෙම දෙයක් පිිහිටුවන්නේ නැහැ කියලා. හමුදා නායකයින්ට හා ජනතාවට කිව්වේ ඒක කෙරෙන්නේ නැහැ කියලයි. නමුත් අවසානයේදී එය සිදුවුණා. පළාත් පාලන මැතිවරණ සංශෝධන පනත සිදුකළේ කොහොමද කියලා අපි දැක්කා. රණවිරුවන්ට කිසිම පීඩාවක් ඇතිකරන්නේ නැහැ කිව්වා. නමුත් මේ වන විට හමුදා බුද්ධි අංශ නිලධාරීන් ඇතුළු රණවිරුවන් විශාල පිරිසක් අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කරලා තිබෙනවා.එවැනි ආණ්ඩුවක් ගෙන එන ව්‍යවස්ථාවක් ගැන අපිට කිසිම විශ්වාසයක් නැහැ. ඒක රටට භයානක ප‍්‍රතිඵල ගෙන එනු ඇති බව අපේ විශ්වාසයයි. ඒ නිසා මේ ව්‍යවස්ථාවෙන් ඇති විය හැකි හානිය ගැන ජනතාව දැනුවත් කිරීමට අප ගන්නා උත්සාහයට සහයෝගය දක්වන ලෙස ඔබ සියලූ දෙනාගෙන් ඉල්ලා සිටිනවා.හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල් මහතා අදහස් දක්වමින් මෙසේ පැවසීය. ඕනෑම රටක ව්‍යවස්ථාවක් සකස් කිරීමේදී ඒ රටේ ආර්ථික සංවර්ධනය හා සෞභාග්‍යය පිළිබඳව සැලකිලිමත් විය යුතුයි. ඒකීය රටක් ලෙස පවතිනවාට වඩා බලය විමධ්‍යගත කිරීමේදී ඇති විය හැකි ආර්ථික ප‍්‍රතිවිපාක ගැන සැලකිලිමත් විය යුතුයි.රටක ආර්ථිකය සාර්ථක වන්නේ ඒ රටේ මූලික ආර්ථික ක්ෂේත‍්‍රවල අන්තර් සම්බන්ධීකරණය හා ඒවායේ යහපත් ගමන ඔස්සේය. සාමාන්‍ය ජන ජීවිතයේ සාර්ථකත්වය සඳහා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපෘති ඉතා වැදගත් වෙනවා. එසේම රටක ආර්ථිකයට ගැම්මක් ඇති කරන්න හැකි වන්නේ මහා පරිමාණ ව්‍යාපෘති හා ව්‍යාපාර මගිනුයි. ඒවා සාර්ථකව ඉදිරියට ගියොත් තමයි කුඩා පරිමාණ කර්මාන්තවලටත් ශක්තියක් ලැබෙන්නේ.මෙවන් මහා පරිමාණ ව්‍යාපෘති හා ව්‍යාපාර සඳහා අවශ්‍ය විදේශීය ආයෝජන රටට ගලා එන්නේ රටේ පාලන ව්‍යුහය වැඩි විමධ්‍යගතවීමක් නොමැති විටය. බලය විමධ්‍යගත වන විට ඔවුන්ට තමන්ගේ ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කරන්නට විවිධ ආයතන රැුසක් කරා ගමන් කරන්නට සිදුවේ. ආයෝජකයෙක් තමන්ගේ ආයෝජනය සිදුකරන්නට යම් රටක් තෝරා ගැනීමේදී අනෙක් රටවල පවතින පහසුකම් සමග සසඳා බලනවා. ඒ රට ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් අනුව පවතින ස්ථානය සලකා බලනවා. විශේෂයෙන්ම ආර්ථික නිදහස, නීතියේ ආධිපත්‍යය, සමාගම් කරගෙන යාමේ පහසුකම, මිනිස් සංවර්ධනය සහ ¥ෂණය පිළිබඳව සලකා බලනවා.මේ ශ්‍රේණිගත කිරීම අනුව අන්ත ¥ෂිතයි පැවසූ 2006 -2014 රජයේ පාලන සමයේදී අපේ රට සැලකිය යුතු ප‍්‍රගතියක් අත්පත් කරගෙන තිබුණද පසුගිය වසර දෙකක කාලය තුළ දැවැන්ත කඩාවැටීමක් සිදුවී ඇති බව පේනවා. ඒ නිසා ආයෝජනයන්ද දැවැන්ත ලෙස කඩා වැටුණා. ඒ නිසා දැනට පවතිනවාට වඩා තවත් බලය විමධ්‍යගත කළ පාලන ව්‍යුහයක් ඇති කළහොත් මේ දුර්වලතාවයන් තවත් උග‍්‍ර වෙනවා. එළිය සංවිධානය පිහිටුවමින් මේ නව ව්‍යවස්ථාවෙන් සිදුවන හානිය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට යොමුවීම ඉතාමත් යහපත්.මෙහිදී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කතිකාචාර්ය ආචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියෝ අදහස් දක්වමින් මෙසේ පැවැසූහ.අපි මේ නව ව්‍යවස්ථාව ගැන කතා කරද්දී සමහරු අපිට චෝදනා කරනවා තවමත් ඉපදිලා නැති දරුවෙක්ගේ හැඩරුව ගැන කතා කරනවා, ඒ අයට උප්පැන්න හදනවා කියලා. සමාන්‍ය කෙනෙකුට වගේ නෙවෙයි දක්ෂ වෛද්‍යවරයෙකුට දරුවෙක් ඉපදෙන්නම ඕන නැහැ ඒ දරුවාගේ තත්ත්වය ගැන කියන්න. මේ ව්‍යවස්ථාව ගැනත් ඒ වගේ තමයි.ජාතිය, ආගම, පාට පදනම් කරගෙන මිනිසුන් බෙදා වෙන් නොකළ යුතු බවයි අපේ අදහස. එවැනි උවමනාවක් මේ රටට නැහැ. දෙමළ ජනතාවගේ අවශ්‍යතාවන් සැපිරීම අපේ යුතුකමක්, වගකීමක්. ඒ අයට උවමනා මොනවාද? ඔවුන් වෙනම රටක් ඉල්ලන්නේ නැහැ. ඒ අයට අවශ්‍ය කරන්නේ හිසට සෙවණක්, ජීවත් වෙන්න මාර්ගයක්, දරුවන්ට උගන්වන්න පාසලක්. ඒ අය තමන්ගේ අවශ්‍යතාවන් ජාතිවාදී සංවිධානවලට භාරදීමෙන් ප‍්‍රශ්නය විසඳෙන්නේ නැහැ.කලක් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවකු ලෙස කටයුතු කළ අයෙක් තමයි අද උතුරේ මහඇමති වෙලා මේ රටේ බලය බෙදන්න කතා කරන්නේ. අපි කල්පනා කරන්න ඕන බලය බෙදපු රටවල මොකද වෙලා තියෙන්නේ කියලා. ඒ රටවල අභාවාචක අත්දැකීම් ගැන අධ්‍යයනය කළ යුතුයි. අපේ නව ව්‍යවස්ථාව හරහා කරන්න හදන්නේ මේ රට බෙදීමයි.සමහරු කියනවා දහතුනෙන් එහාට අඟලක්වත් යන්න දෙන්නේ නැහැ කියලා. දහතුන කියන්නේ රට බෙදීමකට ගිය ව්‍යවස්ථාවක් තමයි. නමුත් ජේ.ආර්. ජයවර්ධන මහතා එහි ඇතැම් වගන්ති බලරහිත කරලා රට බෙදීයාම වැළැක්වූවා. දැන් උත්සාහ කරන්නේ දහතුනේ ඒ බල රහිත කළ වගන්ති ක‍්‍රියාවට නගන්නයි. වෙනම රටක් ඉල්ලා බැරි වුණාම, වෙනම පළාතක්, වෙනම ගමක් බැරි නම් වෙනම කුඹුරක්වත් දෙන්න කියලා ඉල්ලනවා. කුඹුර දෙනවා කියන්නේ රට ලබාගන්න දෙන උත්තේජනයක්. ඒ නිසා කුඹුරවත් නොදිය යුතු බවයි අපි කියන්නේ.ආචාර්ය දයාන් ජයතිලක මහතා අදහස් දක්වමින් මෙසේ පැවසීය.මනුස්සයින්ගේ සෑම පරිවර්තනයක්ම ඔවුන්ගේ ඉදිරි ගමන සඳහා ඉවහල් විය යුතුයි. එසේ නොමැතිව ඒ ගමන ආපස්සට හරවන පරිවර්තනයක් නම් එය වැළැක්විය යුතුයි. නව ව්‍යවස්ථාවත් අපේ රට ආපස්සට ගෙන යන පරිවර්තනයක්. ඒ නිසයි අපි එයට විරුද්ධ වන්නේ.ව්‍යවස්ථාවක් කියන්නේ රටක බලව්‍යුහයයි. එය රාජ්‍යයේ සාර්ථක, අසාර්ථක බවට බලපානවා. ඒ වගේම ව්‍යවස්ථාවක් සකස් කිරීමේදී හරි හෝ වැරදි වුණත් ඒ සඳහා සංකල්පයක් තිබිය යුතුයි මේක කරන්නේ මේ සඳහායි කියලා. නමුත් මේ නව ව්‍යවස්ථාවට එවැනි සංකල්පයක් ඉදිරිපත් කරන්නේ නැහැ.බලය බෙදීමෙන් ජාතීන් එකතු කළ රටවල් තිබෙනවා. නමුත් එකම ශල්‍යකර්මය හැම රෝගියාටම හරියන්නේ නැහැ. එසේ කරන්න යාමෙන් රෝගියා මිය යන්නත් පුලූවන්. බොහෝ රටවල් ෆෙඩරල් භාවිතා කළේ වෙන්වුණ ජාතීන් එකතු කිරීමටයි. නමුත් අපේ වගේ ඒකීය රටක එකට ඉන්න ජාතීන් අතරට ෆෙඩරල් ගෙන ඒමෙන් සිදුවන්නේ ඔවුන් බෙදී වෙන්වීමයි. ඒ නිසා මේක රට බෙදන ව්‍යවස්ථාවක් ලෙසයි මා දකින්නේ.මේ ව්‍යවස්ථාව ගෙන එන්නේ මොන වගේ පාලකයින් පිරිසක්ද? පාර්ලිමේන්තුවේ පනස් දෙකක් ඉන්න විපක්ෂයට වඩා දාසය ලොකුයි කියලා හිතන ආණ්ඩුවක් ගෙන එන මූලික නීතිය මොකක්ද? රටේ සම්පත් අසල්වැසි රටවලට දීම අරමුණ කරගත්ත ඒ වෙනුවෙන් ඕනම දෙයක් කරන්න සූදානම් ආණ්ඩුවකින් කුමක්ද බලාපොරොත්තු විය හැක්කේ. මෙවැනි පාලකයින් ගෙන එන ව්‍යවස්ථාවක් පරාජය කිරීමට අපි කළ යුත්තේ කුමක්ද නොව නොකළ යුත්තේ කුමක් කියලයි සිතිය යුතු වන්නේ.ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා මහතාරට බෙදන ව්‍යවස්ථාව දල්වා අළු කරන්නයි අද අපි මේ එළිය දල්වන්නේ. අපේ රටේ ව්‍යවස්ථා අර්බුදයක් තිබුණේ නැහැ. දෙදාස් පහළොවෙන් පස්සේ තමයි ඒක ඇති වුණේ. අපේ ආණ්ඩුවෙන් යෝජනා සම්මතයක් ගෙනාවා ජීනීවා මානව හිමිකම් කවුන්සිලයට අපේ රටට විරුද්ධවම. ඒක ගෙනාවේ අපේ රණවිරුවන් දංගෙඩියට යවන්නයි. යුද අපරාධ චෝදනා ගෙනත් මේක කරන්න හදනවා.ඒකීය රටක් වෙනුවෙන් පෙනී සිටින බවට දිව්රුම් දී පත්වූ මහඇමති විග්නේෂ්වරන්ලා මේ රට බෙදන්න කතා කරද්දි, දහතුනේ නොදුන් බලතල ක‍්‍රියාත්මක කරන්න කතා කරද්දී ඒ අයව පාලනය කරන්න මේ ආණ්ඩුවට බැරි වෙලා තිබෙනවා. එවැන්නක්වත් කරන්න බැරි නම් මේ රට ෆෙඩරල් කරන, උතුරු නැගෙනහිර පළාත් ඒකාබද්ධ කරලා දෙමළ නිජබිම් සංකල්පය වෙනත් ආකාරයකින් නීතිගත කරන්න ගෙන එන ව්‍යවස්ථාව අපි දවා හලූකළ යුතුයි.මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා අදහස් දක්වමින් මෙසේ පැවසීය.ඈත ගම් දනව්වල සිටි අපේ දුප්පත් මව්පියන්ගේ දරුවෝ එදා හමුදාවට බැඳුණේ රුදුරු ත‍්‍රස්තවාදයෙන් මේ රට බේරා ගැනීම සඳහායි. ඒ වෙනුවෙන් ඔවුන් ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළා. යුද්ධය අවසන් වන විට හමුදාවේ විසිනවදාහක් මරණයට පත්ව තවත් හැටදාහක් පමණ ආබාධිතයන් වුණා. දහදාහක් පමණ පූර්ණ ආබාධිතයන් වුණා. ඒ අය මේ තරම් කැපකිරීමක් කළේ, තවමත් ඇඳන් මතට වී දුක්විඳන්නේ කුමක් වෙනුවෙන්ද?මේ සියලූ දෙනාට තිබුණේ එකම අරමුණයි. ඒ තමන්ගේ රට ආරක්ෂා කරගැනීමයි. මේ අයට කෘතෝපකාරය දැක්වීම අපේ යුතුකමක්. මගේ වයස අවුරුදු පනස් හයක්. මේ පනස් හයට මගේ ඇස්දෙකෙන් දැකපු හිරිකිතම සිදුවීම තමයි අපේ ආබාධික රණවිරුවන්ට එළව එළවා පහර දීම. අහන්න ලැබුණ හිරිකිතම ප‍්‍රවෘත්තිය තමයි සිලාවතුර නාවික හමුදා කඳවුරට පොලිස් ආරක්ෂාව ලබාදීම. එදා පොලිසිය ආරක්ෂා කළේ හමුදාව. අද හමුදාව ආරක්ෂා කරන්න පොලිසිය යොදවලාලූ. මොනවද මේ සිදුවන්නේ.අද වෙන්න පුලූවන් විශාලම පාවාදීම සිදුවී තිබෙනවා. මුත්තයියලා පන්දුවෙන් තැබූ වාර්තා, සුසන්තිකාලා ධාවන තරගවලින් තැබූ වාර්තා කඩන්න තවම අපේ රටේ කාටවත් බැරි වෙලා තිබෙනවා. නමුත් පාවාදීම්වලින් නම් අපේ අද ඉන්න නායකයෝ ඉහළටම ඇවිත් තිබෙනවා.අද අපේ රටේ බෝම්බ පුපුරන්නේ නැහැ. ත‍්‍රස්තවාදයක් නැහැ. එදා බියෙන්, සැකයෙන් ජීවත් වූ දෙමළ ජනතාවට නැවත ජීවය කැවූ අපි ඔවුන්ව අපෙන් ඈත් කරන්න සූදානම් නැහැ. අපි එකට ඉන්න කොට තිබෙන බලය අපි බෙදා වෙන්කළාම නැති බව අපේ මෝඩ පාලකයින්ට නොපෙනීම රටේ අවාසනාවක්. පාර්ලිමේන්තුවේ ඉන්න මහජන නියෝජිතයන්ට අපි මතක් කරනවා රටට සේවය කරන්න හෝ නිකම් කාලය නාස්ති කරන්න හෝ යළිත් පාර්ලිමේන්තුවට එන්න හිතනවා නම් මේ නව ව්‍යවස්ථාව සම්මත කර ආපසු ගමට එන්න එපා. මෙහිදී අද්මිරාල් සරත් විරරෙස්කර මහතා දහතුන්වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ සමගාමී ලැයිස්තුව පිළිබඳව පැහැදිළි කළේය. විමල් තිරිමාන්න පියතුමා, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජිනීවාහි හිටපු තානාපති තමරා කුනනායගම්, නීතිඥ රුෂ්ඩි හබීබ්, විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්ම මහත්මීහුද මෙහිදී අදහස් දැක්වූහ.මෙම අවස්ථාවට ඉඳුරාගාරේ ධම්මරතන හිමි ඇතුළු භික්ෂූන් වහන්සේලා පිරිසක්ද, හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්ද රාජපක්ෂ, විමල් වීරවංශ, කුමාර වෙල්ගම, චමල් රාජපක්ෂ, රෝහිත අබේගුණවර්ධන ඇතුළු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් පිරිසක්ද, හිටපු ඇමති බැසිල් රාජපක්ෂ, හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා, ආචාර්ය ගුණදාස අමරසේකර, නිව්යෝක්හි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු ශ‍්‍රී ලංකා නිත්‍ය නියෝජිත පාලිත කොහොන මහත්වරුන් ඇතුළු විද්වතුන් පිරිසක්ද, ශ‍්‍රියන්ත මෙන්ඩිස්, නීලා වික‍්‍රමසිංහ යන කලකරුවන් ඇතුළු විශාල පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ.
|
ව්‍යවස්ථා මරඋගුල පැරදවීම රටට ආදරේ කරන අප කාගේත් වගකීමක්
| 0 |
(නිමල කොඩිතුවක්කු)අනුපාත ජන්ද ක‍්‍රමයත් වෙනස් කර ජනාධිපති ක‍්‍රමයත් අහෝසි කළහොත් රට අස්ථාවර වන බවත් මෙමගින් රටට පාලනයක් නැති තත්ත්වයක් ඇතිවෙන බවත් ජාතික හෙළ උරුමයේ මහලේකම් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඊයේ (03) පැවසීය.බත්තරමුල්ල පන්නිපිටියේ ජාතික හෙළ උරුමය කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.අමාත්‍යවරයා මෙසේ ද කීය.මේ ආණ්ඩුව 2015 අගෝස්තු මාසයේ පැවති මැතිවරණයෙන් බලයට පත්වුණායින් පස්සේ නව ව්‍යවස්ථාවක් තැනීම පිළිබඳ යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. අද ඔය එළියේ මොනවා කතා කළත් ඒ නිසා පාර්ලිමේන්තුවේ ඉන්න 225 දෙනාම එකඟ වුණා. ඒ 225 දෙනාගෙන්ම සමන්විත ව්‍යවස්ථාදායක මණ්ඩලයක් බවට පාර්ලිමේන්තුවම පත්වුණා.මේ පිළිබ`ද දිගින් දිගටම එකඟතාවන් ඇති කරගන්න අපහසු වෙනකොට මෙහෙයුම් කමිටු ලේකම් කාර්යාලය විසින් එතෙක් කළ සාකච්ඡාවල සටහන් පදනම් කරගනිමින් ලියවිල්ලක් සකස් කළා. ඒ ලියවිල්ල තමයි මේ අතුරු වාර්තාව නමින් නිකුත් වෙලා තියෙන්නේ. මේ අතුරු වාර්තාවේ තියෙනවා වාර්තා 09ක්. එක වාර්තාවක් තමයි මේ ලේකම් කාර්යාලය විසින් සාකච්ඡා සටහන් පදනම් කරගනිමින් ඉදිරිපත් කර ඇති යෝජනාවලිය. ඒ යෝජනාවලියට එක්සත් ජාතික පක්ෂය එකඟ බව අගමැතිතුමා ප‍්‍රකාශ කරලා තියෙනවා. තවත් ලේඛන 08 කින් වෙනත් දේශපාලන පක්ෂ අදහස් දක්වලා තියෙනවා.එතකොට මෙතන තියෙනවා වාර්තා 09ක්. මේ රට බෙදනවා බුද්ධාගම ගලවන්න හදනවා ආදී වශයෙන් කියන්න කිසිම හේතුවක් නැහැ. ඒ අනුව පේන්න තියෙනවා මේ ආණ්ඩුවේ හෝ ආණ්ඩුවේ ප‍්‍රධාන සහකාර පක්ෂවල හෝ පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂවල හෝ මේ රටේ ඒකීය භාවයට හානි කරන වැඩපිළිවෙළක් හෝ බුද්ධාගමේ ප‍්‍රමුඛස්ථානය නැති කරන වැඩපිළිවෙළක් හෝ ජාතික ආරක්ෂාව සඳහා හෝ හානි වෙන වැඩපිළිවෙළක් මෙතන නැති බව.මෙතන සාකච්ඡාවක් ඇති වෙලා වාර්තාවක් ඉදිරිපත් කරලා තියෙනවා. අතීතයෙත් එවැනි වාර්තා ඉදිරිපත් වුණා. දැන් මේ හුඟක් දෙනෙක් දේශපේ‍්‍රමීන් වෙන්න දඟලනවා. මහින්ද රාජපක්ෂ මහතා 2006 දි සර්ව පාක්ෂික වාර්තාවක් කැඳෙව්වා. ඒකේ තිස්ස විතාරණ මහතාගේ ප‍්‍රධානත්වයෙන් විද්වද් කමිටුවක් පත්කළා. එතුමන්ලත් වාර්තාවක් ඉදිරිපත් කළා. ඒක පැහැදිලි රට බෙදන පෙඩරල් වාර්තාවක්. ඒක තමයි මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ වාර්තාව. එදත් අපි ජාතික හෙළ උරුමය විදියට වෙනම වාර්තාවක් ඉදිරිපත් කළා. ඒ වගේම ඒ විද්වද් කමිටුවේ සුළුතරය තවත් වාර්තාවක් ඉදිරිපත් කළා. ඒ මුළු කමිටුවේම ලේඛන ඔක්කොම එක්කහු කළාට පස්සේ පිටු 12,000 ක වාර්තාවක් නිකුත්වුණා. මේ වගේ ඉතිහාසයේ විටින්විට මේ ප‍්‍රශ්නය සම්බන්ධයෙන් විවිධ වාර්තා නිකුත් වෙලා තියෙනවා. නිශ්චිතව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා ලියවිල්ලක් මේ මෑත ඉතිහාසයේ ඉදිරිපත් කළේ චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය විතරයි. ඒ 2000 වසරේදී. ඒක පාර්ලිමේන්තුවේ සම්මත වුණේ නැහැ. ජාතික හෙළ උරුමය අපේ ස්ථාවරය ප‍්‍රකාශ කරලා තියෙනවා. ඒක ඕන කෙනෙකුට කියවලා බලන්න පුළුවන්. පාර්ලිමේන්තුවේත් අපි ඒක සභා ගත කළා. නව ව්‍යවස්ථාව පිළිබ`ද අපේ ස්ථාවරය අපි කිහිපවිටකදී ප‍්‍රකාශ කරලා තියෙනවා. නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් හදනවා නම් හොඳයි අපිත් ඒකට පක්ෂයි. හැබැයි ඒ නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව මහා සම්මුතියකින් ඇති කර ගත යුතුයි. සියලූදෙනාගේ එකඟතාවයෙන් ඇති කර ගත යුතුයි.අතීතයේ ජයවර්ධන මැතිතුමාගේ ව්‍යවස්ථාව පළාත් සභාව ගෙනාපු ක‍්‍රමය ඒ වගේම සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ව්‍යවස්ථාව හදපු ක‍්‍රමය එයට පෙර බි‍්‍රතාන්‍යයන් මේ රටට සොල්බරි ව්‍යවස්ථාව ගෙනාපු වගේ ක‍්‍රමයකට නෙවෙයි සියලූ දෙනාගේම අනුමැතියෙන් මේ දේවල් සිදුවිය යුතුයි. ඉන් පිටත සිදුවන දේ ඇත්තටම කුමන්ත‍්‍රණ මිසක් ජනතාව තුළින් ඒ වගේම මහජන නියෝජිතයන් තුළින් ජනිත වෙච්ච ව්‍යවස්ථා නෙවෙයි.ඒ වගේම අපි අවධාරණය කරනවා ප‍්‍රධාන කරුණු දෙකක්. අපි මේ ව්‍යවස්ථා ලියවිල්ලේත් ඒක කියලා තියෙනවා. ඒක තමයි මේ ව්‍යවස්ථාව තුළින් ස්ථාවරභාවයයි ප‍්‍රජාතන්ත‍්‍රවාදයයි කියන කාරණා දෙකම රැුකෙන්න ඕනෑ. ඒක සමබර වෙන්න ඕනෑ. දැන් සමහරුන්ට ඕනෑ ස්ථාවරභාවය නැතිකරගෙන හෝ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඇති කරන්න. සමහරුන්ට ඕන ප‍්‍රජාතන්ත‍්‍රවාදය නැති කරගෙන හෝ දැඩි ස්ථාවර පාලනයක් හදන්න. අපි මේ අන්ත දෙකේම නෙවෙයි. අපි ඉන්නේ ස්ථාවර භාවයයි ප‍්‍රජාතන්ත‍්‍රවාදයයි අතර සමබර ව්‍යවස්ථාවක් ඇති විය යුතුයි කියන තැන.මොකක්ද ස්ථාවරභාවය කියන්නේ, අපි හදන ව්‍යවස්ථාවෙන් රටේ ආර්ථිකය ඉදිරියට යනවා මිසක් ප‍්‍රගමනය වෙනවා මිසක් ඒකට බාධා වෙන්නේ බැහැ. ඒ වගේම සමාජමය ස්ථාවරය, දැනට මේ රටේ ඇතිවෙලා තියෙන සංහිඳියාව, සාමය කඩවන සුළු පැරණි තුවාල පෑරෙන සුළු අලූත් තුවාල ඇතිවෙන සුළු දේශපාලන වශයෙන් කළබලකාරී තත්ත්වයන් ඇතිවන සුළු කිසිම ආකාරයක ව්‍යවස්ථා සංශෝධනයක් කළ යුතු නැහැ. ඒවගේම පාරිසරික ස්ථාවරතාවය මේ ප‍්‍රශ්නය අතීතයේ තිබුනේ නැහැ. මේ පරිසර තුලිත භාවය තිරිසරභාවය ඒ ව්‍යවස්ථාව තුළ අනිවාර්යයෙන්ම ආරක්ෂා විය යුතුයි. ඒ යටතේ කරන දේශපාලන ප‍්‍රතිසංස්කරණ තුළ ඒ පරිසර තුළිතභාවය රැුකගත යුතුයි. මේ විදියට ආර්ථික, සමාජීය, පාරිසරික සහ දේශපාලනික ස්ථාවරය ඇතිවිය යුතුයි.ඊළඟට ප‍්‍රජාතන්ත‍්‍රවාදය මිනිස් නිදහස, ඒ වගේම ජනතාවගේ ජන්ද අයිතිය, ඒ වගේම දේශපාලන පක්ෂවල නියෝජිත තත්ත්වය ඒ වෙනුවෙන් කරන්නා වූ මැතිවරණ ක‍්‍රමයේ වෙනස බලය කොයි ආකාරයටද බිමි මට්ටමට ගම් මට්ටමට යන්නේ, ජන්ද අයිතිය ශක්තිමත් වෙන හැටි මේ සියල්ල ප‍්‍රජාතන්ත‍්‍රවාදයට අයිතියි. මේ කරුණු දෙක මත තමයි අපි ව්‍යවස්ථාවක් සැකසිය යුත්තේ.අද රටේ ගොඩක් විවාදයට ලක්වෙලා තියෙන කාරණය රටේ ඒකීයභාවය පිළිබඳ තියෙන ගැටලූව. රටේ ඒකීයභාවය මේ රටේ ඓතිහාසික උරුමයක් විදියට තිබුණු දෙයක්. 1972 ව්‍යවස්ථාවේ ඒක නීත්‍යානුකූලව ලියවුණත් ඊට කලින් මේ රටේ තිබුණේත් එක පාර්ලිමේන්තුවයි. බි‍්‍රතාන්‍යය පාලන සමය යටතේත් ඒකීය රටක් විදියට තමයි තිබුණේ. පළාත් සභා ක‍්‍රමය ආවම මේ ඒකීයභාවයට යම් පළිදු වීමක් වුණා. ඒ නිසා අපි ස්ථාවරව ප‍්‍රකාශ කරනවා දැනට ව්‍යවස්ථාවේ සඳහන් ඒකීයභාවය පිළිබ`ද වගන්තිය. ඒ වගන්තිය එක්ක ගැටගැහිච්ච ව්‍යවස්ථාවේ අංක හතර. ඒක ඒ වගේම හැත්තෑ හය එක කියන වැදගත් වගන්තිවල කිසිදු වෙනසක් සිදුවිය යුතු නෑ කියන එක අපි බොහොම පැහැදිලිව ප‍්‍රකාශ කරලා තියෙනවා. ඒ වගේම මේ මෙහෙයුම් කමිටු ලේකම් කාර්යාලය විසින් යෝජනා කරලා තියෙන ඒකීයභාවය කියන වගන්තියට අපේ එකඟතාවක් නැහැ. ඒකීයභාවය කියන්නේ නොබෙදුණු රටක් නෙවෙයි. ඉන් ඔබ්බට ගිය රටේ නීති තැනීමේ අයිතිය තනි ආයතනයකට පැවරීම පිළිබ`ද කතාවක් තමයි නීතිමය වශයෙන් දේශපාලන වශයෙන් ඒකීයභාවය නමින් හඳුන්වා ගන්නේ. ඒ සම්බන්ධයෙන් අපේ මතය ඒ ලෙසම පවතිනවා.ඒ වගේම තවත් බොහොම දෙනෙක් ආශ්වාදයට වගේ මෑත කාලයේ කියන කතාවක් තමයි මේ බුද්ධාගමට තිබුණ තැන නැති කළා කියලා. බොහොම පැහැදිලිව අපි ජාතික හෙළ උරුමය විදියට කියනවා මේ රටේ නමවන වගන්තියේ බුද්ධාගමට ප‍්‍රමුඛස්ථානය ලබාදීලා තියෙනවා කියන එක කොහේවත් විධිමත්ව අර්ථ නිරූපනය වෙලා නැහැ. ඒ මගින් බුද්ධාගමට මොනම විශේෂ වරප‍්‍රසාදයක්වත් ලැබිලා නැහැ. ඒක ව්‍යවස්ථා සැරසිල්ලක් පමණයි. බුද්ධාගම රාජ්‍ය ආගම කරලයි රට ලෞකික රාජ්‍යයක් කරන්න ඕනැයි කියලා යම් යම් අය කියනවා. ඇත්ත වශයෙන් දැන් තියෙන ව්‍යවස්ථාව යටතේ කිසිම ආගමකට එහෙම විශේෂ සැලකිල්ලක් ලබාදීලා නැහැ. නමවන වගන්තිය දහය දා හතර වගන්තිත් එක්ක කියන කොට සෙසු සියලූ ආගම් වලට ඒ අයිතිය ලබා දීලා තියෙනවා. හරයාත්මකව ගත්තොත් එහෙම ලංකාවේ බුද්ධාගමට ලැබිච්ච දෙයක් නැහැ. හැබැයි මේ ව්‍යවස්ථා සැරසිල්ල හරි දිය කරනව නම් ඒක වැරදියි. මොකද මේක අතීතයේ ඉඳන් ආපු අපේ උරුමයේ කොටසක්. ඒ උරුමය නිසා වෙනත් ආගම්වලට කොහේවත් කවදාවත් හානි වෙලා නැහැ. ඒනිසා සම්බුද්ධ ශාසනය රැුකගැනීම රජයේ වගකීමක්. ඒ වෙනුවෙන් මෙයට වඩා ශක්ති සම්පන්න ඒවා එන්න ඕන කියන එකයි අපි විශ්වාස කරන්නේ. ලේකම්වරු යෝජනා කරලා තියෙන ඒ යෝජනාවෙන් කිසියම් දුරකට ඒ වගන්තිය දියකර හැරීමකට උත්සාහ කරලා තියෙනවා කියන එක අපිට පේනවා.පළාත් සභාවලට බලය ඕනෑ කියලා කෑ ගහන අයට අද උතුරු පළාත් සභාවට බලය තිබියදීත් වැඩ කිරීමට නොහැකි වී තිබෙනවා. සෙසු පළාත් සභාවල වැඩ ටිකවත් අද උතුරු පළාත් සභාවේ මහ ඇමැති විග්නේශ්වරම් මහතාට කරගත නොහැකියි. අපි හිතනවා දෙමළ ජනතාවගේ නියෝජිතයන් මධ්‍ය පාලනයට සම්බන්ධවී කටයුතු කළ යුතුයි. මේ හරහා ඔවුන්ගේ ගැටලූ විස`දා ගත හැකියි.මේ ජනාධිපතිධුරය සම්බන්ධයෙනුත් මහා විශාල මායාවක් තියෙනවා. ලෝකයේ ආණ්ඩුක‍්‍රම ඇතුළේ ජනාධිපති ක‍්‍රම 03ක් තියෙනවා. එකක් තමයි ජනාධිපති ක‍්‍රමය. ඒක තමයි ඇමරිකාවේ තියෙන්නේ. සියලූම කටයුතු කරන්නේ ඔහු. ඔහුට අසීමාන්තික බලයක් ලැබෙනවා. ඊළඟට තියෙනවා පාර්ලිමේන්තු ක‍්‍රමය. ඒක තමයි ඉන්දියාවේ තියෙන්නේ. ඕක තමයි අපෙත් 77ට කලින් තිබ්බේ. ඊළඟට තියෙනවා මේ දෙකේ මිශ‍්‍ර ක‍්‍රමය. ඒ මිශ‍්‍ර ක‍්‍රමය තමයි ඔය ප‍්‍රංශයේ එහෙම අත්හදා බලලා තියෙන්නේ.දැන් අපි අර පළවෙනි ක‍්‍රමයේ ඉඳලා ව්‍යවස්ථා සංශෝධන කිහිපයක් මගින් මේ තුන්වන ක‍්‍රමයට මාරු වෙලා තියෙනවා. ඒ කියන්නේ බලගතු ජනාධිපති පදවියක සිට මිශ‍්‍ර ක‍්‍රමයකට මාරු වෙලා තියෙනවා. පළමුව ජනාධිපතිගේ බලය ඉවත් වුණේ 13 වැනි සංශෝධනය හරහා. ඊළඟට ස්වාධීන කොමිෂන් සභා ඇතුළු කාරණා නිසා 19 වැනි සංශෝධනය හා 17 වැනි සංශෝධනය නිසා ජනාධිපතිගේ බලතල තවත් විශාල ප‍්‍රමාණයක් ඉවත් වුණා. ජනාධිපතිගේ බලතල ඉවත් කරලා ජනාධිපති ධුරය ප‍්‍රජාතන්ත‍්‍රකරණය කිරීමක් තමයි දැන් සිද්ධ වෙලා තියෙන්නේ. ඒ නිසා මේ දැන් තියෙන ධුරය අහෝසි කළ යුතුයි. මේක ඒකාධිපතියි කියලා කියන්න කාටවත් බැහැ. කෙලින්ම ජනාධිපති ජනතාව පත්කරලා තියෙන්නේ. ඒ ජනාධිපති පාර්ලිමේන්තුවට වගකියන ජනාධිපති කෙනෙක්, උසාවියට වග කියන ජනාධිපති කෙනෙක්. රජයේ නිලධාරීන්ට වග කියන ජනාධිපති ධුරයක් ඇති කරලා. ජනාධිපතිධුරය ප‍්‍රජාතන්ත‍්‍රකරණය කරලා තියෙන්නේ.මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නවලට පිළිතුරු ලබාදුන් අමාත්‍යවරයා මෙසේද පැවසීය.ප‍්‍රශ්නය - නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ ඉදිරි පියවර මොනවද?පිළිතුර - නව ව්‍යවස්ථා කෙටුම්පතක් නිසා අනිවාර්යයෙන්ම ජනමත විචාරණයකට යා යුතුයි. මේ කටයුුත්ත සියලූ දෙනාගේම එකඟතාවයෙන් කරන්න පුළුවන්නම් ඒක තමයි වඩා සාර්ථක වෙන්නේ.ප‍්‍රශ්නය - මියන්මාරයේ රෝහින්ග්‍යා සරණාගතයින් ගැටලූව සම්බන්ධයෙන් ඔබේ අදහස?පිළිතුර - මියන්මාරයේ ප‍්‍රශ්න මියන්මාරය විසඳා ගත යුතුයි. ඒකට මේ රටේ අපේ මැදිහත් වීමක් අවශ්‍ය නැහැ. මොකද ඔය විදියට අපි අනික් රටවල ප‍්‍රශ්නවලට මැදිහත් වෙන්න ගියොත් ඒකෙ කෙළවරක් වෙන්නේ නැහැ. අපි ඒවට විරෝධතා පවත්වන්න ගියොත් ඒවට කතා පවත්වන්න ගියොත් අපේ රටේ දැන් තියෙන සංහිදියාවත් නැති වෙන එක තමයි වෙන්නේ.ප‍්‍රශ්නය - මේ සරණාගතයෝ අපේ රටේත් සිටිනවා?පිළිතුර - ඔය මහලොකුවට දේශපේ‍්‍රමීව කතා කළාට ගොඨාභයයි මහින්දයි තමයි 2005 දෙසැම්බර් 07 වනදා අපේ විරෝධතාව මත අනාථයන් භාරගන්න ඔය ගිවිසුමට අත්සන් කළේ. දැන් අපි ඒකට බැඳිලා. ඒකයි මේ ගැටලූව.අලූතින් සරණාගතයින් නැහැ. ඔය ගිය අපේ‍්‍රල් මාසේ පැමිණි පිරිසක්. ඒ අයට මෙහේ පුරවැසිකම් දෙන්න කිසිම තීරණයක් ගෙන නැහැ.
|
ව්‍යවස්ථා මරඋගුල පැරදවීම රටට ආදරේ කරන අප කාගේත් වගකීමක්
| 0 |
(*** නිමල කොඩිතුවක්කු)“තුනෙන් දෙකෙහි බලය පාවිච්චි කර ජනතාවගේ යහපත් අපේක්ෂා ඉටු කරනවා වෙනුවට වර්තමාන ආණ්ඩුව පළමු කැබිනට් මණ්ඩලයේ දීම 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය විසි කර දමා ජනතා අභිලාෂයට පයින් ගැසූ බව”, සමගි ජන බලවේගය ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා කොළඹ දී පැවසීය.“කොරෝනා වසංගතයත් සමග කඩා වැටී ඇති ආර්ථිකය ගොඩ නැගීම සඳහා ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත්කළ ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් කිසිදු අවධානයක් යොමුකර නැතැයි ද”, ඔහු එහිදී සඳහන් කළේය.“රට මුහුණදෙන අභියෝගවලට විසඳුම් දෙන ආකාරයේ කිසිදු වැඩපිළිවෙළක් මේ ආණ්ඩුවට නැතිවීම ගැන විපක්ෂය කනගාටුවට පත්වන බවද”, ඇතුල්කෝට්ටේ සමගි ජන බලවේගය ප්‍රධාන කාර්යාලය පැවැති මාධ්‍ය හමුවේ දී ඔහු කියා සිටියේය.වැඩිදුරටත් අදහස් දැක්වූ තිස්ස අත්තනායක මහතා මෙසේ ද කීවේය.“ආණ්ඩුවේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ ප්‍රතිපත්ති ප්‍රකාශය ජනාධිපතිවරයා පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. ප්‍රතිපත්ති ප්‍රකාශයක අවධානය යොමු කළ යුතු මූලික කාරණා එහි තිබෙනවා අප දැක්කේ නැහැ.මේ මොහොතේ රටේ පවතින තත්ත්වය පිළිබඳ අවධානය යොමු කරමින් අනාගතයේ ක්‍රියාත්මක කළ යුතු වැඩපිළිවෙළ පිළිබඳ තමන්ගේ කාලසටහන ඉදිරිපත් කිරීම ආණ්ඩුවක ප්‍රතිපත්ති ප්‍රකාශය හෝ ඉදිරි වැඩපිළිවෙළ හෝ ඉදිරිපත් කිරීම අපේක්ෂාවයි.වත්මන් හෝ අනාගතයේ හෝ ජයගත යුතු අභියෝග පිළිබඳ නිශ්චිත වැඩපිළිවෙළක් ජනාධිපතිතුමා තමන්ගෙ වැඩපිළිවෙළින් රටට ඉදිරිපත් කරලා නැහැ. කේක් ගෙඩියක අයිසින් ටිකක් තවරලා ඉදිරිපත් කළා වගේ දෙයක් තමයි මේ ඉදිරිපත් කරපු වැඩපිළිවෙළ අපි දකින්නේ.කොරෝනා වසංගතයත් එක්ක මුළු රටම ආර්ථික වශයෙන් අද කඩාගෙන වැටිලා තියෙනවා. අපේ ආදායම් මාර්ග අපිට අහිමි වෙලා තියෙනවා. කොරෝනා වසංගතය එක්ක කොහොමද රට ගොඩනගන වැඩපිළිවෙළ සහ මේ අභියෝගයට මුහුණ දෙන ආකාරය පිළිබඳව වැඩපිළිවෙළක් ආණ්ඩුවට තිබිය යුතුයි. නමුත් අපේ රට මුහුණ දෙන මූලික ප්‍රශ්නයට කිසිදු ආකාරයක විසඳුමක් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ මේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කරලා නැහැ.අද අපේ කර්මාන්තශාලා එහෙම් පිටින්ම අක්‍රිය වෙමින් තිබෙනවා. බොහෝ ආයෝජන ඉතාම දුර්වල මට්ටමක පවතිනවා. ඇඟලුම් කර්මාන්තය, සංචාරක කර්මාන්තය බරපතළ අභියෝගයන්ට මුහුණ දෙමින් තිබෙනවා. මේ හා සමග බැඳුණු රැකියා අවස්ථා විශාල ප්‍රමාණයක් අහිමි වී තිබෙනවා.රට මෙතරම් අභියෝගවලට මුහුණ දෙද්දී ඒවාට මුහුණ දෙන ආකාරය හෝ ඒවාට විසඳුම් ලබාදෙන ආකාරය පිළිබඳව කිසිදු වැඩපිළිවෙළක් මේ ආණ්ඩුවට නොමැතිවීම ගැන අපි කනගාටුවෙනවා.රටේ ගැටලු විසඳනවා වෙනුවට අද ආණ්ඩුව දිගින් දිගටම කතා කරන්නේ දහනව වන ආණ්ඩුක්රම ව්‍යවස්ථා සංශෝධනය වහාම අහෝසි කිරීම පිළිබඳවයි. 19 ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීම ද මේ රටේ ජනතාවගේ මූලික මිනිස් අවශ්‍යතාව වෙලා තියෙන්නෙ කියලා අපි මේ ආණ්ඩුවෙන් අහනවා.ජනතාවට මේ වෙලාවේ ඕන 19 විසි කරන එකවත් 20 අලුතෙන් ගේන එකවත් නෙමෙයි. කොරෝනා වසංගතයත් එක්ක රට මුහුණපාලා තියෙන ආර්ථික සමාජ ව්‍යසනයෙන් ගොඩ එන්න වහා ආණ්ඩුව අනුගමනය කරන වැඩපිළිවෙළක් පිළිබඳව අද ජනතාව අපේක්ෂාවෙන් සිටිනවා.දහනව වන ව්‍යවස්ථා සංශෝධනයෙන් රටේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරන්න වැදගත් තීන්දු තීරණ රැසක් ගනු ලැබුවා. පසුගිය කැබිනට් මණ්ඩලයෙන් දහනම වන ව්‍යවස්ථාව අහෝසි කරන්න තීරණය කළාය කියන ප්‍රතිපත්තිමය තීන්දුව එළියට දානකොට විධායක ජනාධිපතිවරයාගේ කාල සීමාව හෝ දෙවරක් තරග කිරීම පිළිබඳ සීමාව අහෝසි කරන්නේ නැහැ කියලා කියනවා.ඒ අනුව දහනමය අහෝසි කිරීමේ මූලිකම උපාය මාර්ගය බවට පත් වෙලා තියෙන්නේ ද්විත්ව පුරවැසියන්ට මැතිවරණයට තරග කරන්න තියෙන අවකාශය නැවත ලබාගැනීම සහ ස්වාධීන කොමිෂන් සභා හරහා ආණ්ඩුවට ඕන විදිහට දේශපාලන අතපෙවීම් කරන්න තියෙන අවකාශය වළක්වාලමින් නැවත දේශපාලන ඇඟිලි ගැසීම් සඳහා රාජ්‍ය සේවය විවෘත කරන්නයි. මේකද ජනතාවගේ මූලික අවශ්‍යතාව කියලා අපි මේ ආණ්ඩුවෙන් අහනවා.එක පුද්ගලයකු හට බලය පැවරීම සඳහා ක්‍රියාදාමයකට තමයි මේ අය අවතීර්ණ වන්නේ. ස්වාධීන විගණන කොමිෂන් සභාව අහිමිවීම, තොරතුරු දැනගැනීම සඳහා තිබෙන අයිතිය ඉවත් කිරීම, රාජ්‍ය සේවා කොමිෂන් සභා ඉවත් කිරීම ඇතුළු ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් තිබෙන සියලු අවස්ථාවන් විනාශ කර දැමීම අද මේ ආණ්ඩුවේ මූලිකම අරමුණ වී තිබෙනවා.මේ සියලු කාරණා දේශපාලන බලපෑමට යටත් කිරීමට තමයි රජය උත්සාහ කරමින් සිටින්නේ. මේක රටේ ප්‍රජාතන්ත්‍රවාදයට කරන බරපතළ අභියෝගයක් විදියට අපි දකිනවා. ආණ්ඩුව පටන්ගෙන තියෙන්නේ රාජ්‍ය තන්ත්‍රය දේශපාලනය කරමින් ආණ්ඩුව තුනෙන් දෙකේ බලය පාවිච්චි කරමින් පවුලක දේශපාලන අභිලාෂ වෙනුවෙන් රටේ නීතිරීති තමන්ගේ අතට ගැනීමයි.තුනෙන් දෙකේ බලය පාවිච්චි කරලා ජනතාවගේ යහපත් අපේක්ෂාවන් ඉටු කරන්න කටයුතු කරනවා වෙනුවට වර්තමාන ආණ්ඩුව පළවෙනි කැබිනට් මණ්ඩලයේ දී ම තීරණය කළේ 19 වන ව්‍යවස්ථා සංශෝධනය විසිකරලා දාලා ජනතා අභිලාෂයන්ට පයින් ගැසීමයි. යළිත් වතාවක් රාජ්‍ය සේවය දේශපාලනීකරණයට ලක් කරමින් මූලික අයිතිවාසිකම් සහ සිවිල් පුරවැසියා යටපත් කරන තීන්දුවකට තමයි ආණ්ඩුව මුලින්ම අවධානය යොමු කරලා තියෙන්නේ. ආණ්ඩුවට ලබාදුන් ජනවරමට සාධාරණය ඉෂ්ට කරන්න කියලා විපක්ෂය විදියට අපි ඉල්ලා සිටිනවා” යැයි ද ඔහු එහිදී පැවසීය.
|
ආණ්ඩුව පළමු කැබ්නට්ටුවේදීම ජනතා අපේක්ෂාවලට පයින් ගැහුවා
| 1 |
(නිමල කොඩිතුවක්කු)කඩා වැටී ඇති ආර්ථිකය ජන ජීවිතය නගා සිටුවමින් රට ගොඩනැගීමේ ජාතික වැඩපිළිවෙළ සමගි ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය මගින් ඉදිරිපත් කර ඇති බව එහි ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා කොළඹදී අද (27) පැවසීය.ලබන අගෝස්තු 5 වැනිදා පැවැත්වෙන මහ මැතිවරණයේ දී එම ප්‍රතිපත්ති ප්‍රකාශනය අනුමත කරමින් රට ගොඩනැගීමට සමගි ජන බලවේගයට අවස්ථාව දෙන්නැයි ඉල්ලා සිටින බවද තිස්ස අත්තනායක මහතා සඳහන් කළේය.සමගි ජන බලවේගයේ පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ තිස්ස අත්තනායක මහතා මෙසේ ද කීවේය.මේ ආණ්ඩුව යටතේ ජනතාව විශාල ආර්ථික පීඩනයකට ලක්ව සිටිනවා. මේ ආර්ථික පීඩනයෙන් මිදීමට අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනය වැඩපිළිවෙලවල් ගණනාවක් යෝජනා කර තිබෙනවා. මාර්තු අප්‍රේල් මාස සඳහා ජල සහ විදුලි බිල්පත සම්පූර්ණයෙන්ම කපා හැරීමට අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් ඉදිරිපත් කරල තියෙනවා. රාජ්‍ය සේවකයන්ගේ වැටුප් විෂමතාවය ඉවත් කරමින් විධායක ශ්‍රේණි සඳහා ලබාදී ඇති රුපියල් 15000 දීමනාව සහ වැඩි කළ වැටුප් වහාම ලබා දීම පිළිබඳ අපේ අවධානය යොමු කරලා තියෙනවා.ඒ වගේම කඩාගෙන වැටී ඇති ආර්ථිකය යළි නගා සිටුවීමට දීර්ඝ කාලීන වැඩපිළිවෙළක් අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනය මගින් ඉදිරිපත් කරලා තියෙනවා. ලංකාවට පැමිණීමට නොහැකිව මැදපෙරදිග සහ යුරෝපයේ වෙනත් රටවල දැනට රැඳී සිටින ඒ සියලු දෙනාම සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද භාවිතා කරමින් වහාම ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමටත් අපි දැඩි අවධානයක් යොමු කරලා තියෙනවා. මෙවැනි කරුණු රැසක් සහිත ප්‍රතිපත්ති ප්‍රකාශනයක් තමයි අපි ඉදිරිපත් කරලා තියෙන්නේ. මෙය දැනට ගෙයින් ගෙට බෙදාහැරිමේ කටයුතු ආරම්භ කරලා තියනවා. මේ සතිය තුළ එය බෙදා අවසන් කිරීමට අප අපේක්ෂා කරනවා.ඉදිරිපත් කරලා තියෙන මේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ගැන නැවත බලන්න කියලා අපි ජනතාවගෙන් ඉල්ලනවා. රටක් විදිහට රට ගොඩ ගැනීමේ ජාතික වැඩපිළිවෙළක් අපි ඉදිරිපත් කරලා තියෙනවා. මෙය අනුමත කරලා මේ අනුව කටයුතු කරන්න අපිට බලය දෙන්න කියලා අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා .පසුගිය ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ සෞභාග්‍යයේ දැක්ම දැන් ක්‍රියාත්මක වන්නේ නැහැ. ජනතාවට ජනාධිපතිවරණයේදී පොරොන්දු වූ බොහෝ දේවල් අද ඉටු වන්නේ නැහැ. රටේ ජනතාවගේ ජීවන වියදම වේගයෙන් වැඩිවෙමින් තිබෙනවා. ඒ නිසා ජනතාව දැඩි පීඩාවකට පත් වෙලා. මේ වැඩිවන ජීවන වියදම පාලනය කරන්න ආණ්ඩුව කිසිදු උත්සාහයක් ගෙන නැහැ. ලෝක වෙළඳපොලේ තෙල් මිල සීග්‍රයෙන් පහල බැහැලා තියෙනවා. දෙසැම්බර් මාසයේ දී බොරතෙල් බැරලයක මිල ඩොලර් 68 පැවතුණා .මේ වන විට ඩොලර් 30 දක්වා අඩුවෙලා තියෙනවා.රැකියා නොමැතිව ආදායම් නොමැතිව පීඩාවට පත්වෙලා ඉන්න ජනතාවට මේ සහනය ලබා දෙන්න මේ ආණ්ඩුව කටයුතු කරලා නැහැ. මේ ආණ්ඩුව ධන කුවේරයන්ට සහන දෙන ගමන් දුප්පත් අහිංසක ජනතාවට අසාධාරණ ලෙස බදු අය කරමින් විශාල මුදල් ගසා කෑමක් කරනවා.
|
ආණ්ඩුව පළමු කැබ්නට්ටුවේදීම ජනතා අපේක්ෂාවලට පයින් ගැහුවා
| 0 |
සිතුම් චතුරංග - කිලිනොච්චිය සිටමෙරට දරු පරපුර දැනට සමාජය තුළ පැතිර යන විවිධ ව්‍යසනයන්ගෙන් ආරක්ෂාකර ගැනීම සඳහා රජයක් ලෙස පුළුල් අවධානයකින් කටයුතු කළයුතු බවත් ඒ සඳහා සියලු පාර්ශ්ව කොන්දේසි විරහිතව සිය දායකත්වය ලබා දිය යුතු බවත් ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා කිලිනොච්චියේදී අද (18) පැවසීය.ලෝක ළමා ප්‍රඥප්තියට අනුව ලෝකයේ සෑම රටක්ම දරුවන්ගේ සෞඛ්‍ය , අධ්‍යාපනය , ආරක්ෂාව හා සුරක්ෂිත භාවය පිළිබඳ කටයුතු කරන්නාසේම රජය ඒ පිළිබඳ වගකීමෙන් කටයුතු කළ බව කීය.ළමුන්ගේ ආරක්ෂාව සලසන ආයතන වලදී ළමුන්ට කරදර විඳීමට සිදුවනවා නම් දරුවන් ගැන කියන්නට තිබෙන්නේ දෙවියන් පමණද කියා විමසූ ජනාධිපතිවරයා රටේ සෑම කෙනෙක්ම දෙවියන් මෙන් දරුවන් රැක බලාගත යුතු බවද සඳහන් කළේය.ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා මේ බව පැවසූයේ කිලිනොච්චිය මධ්‍ය මහා විද්‍යාල ක්‍රිඩාංගනයේ පැවති දරුවන් සුරකිමු ජාතික වැඩසටහනේ කිලිනොච්චි දිස්ත්‍රික් සමුළුව අමතමිනි.වැඩසටහනට සමගාමීව උතුරේ තොරාගත් ළමා නිවාස හා රැදවුම් මධ්‍යස්ථාන නවීකරණය කිරීම සඳහාත් ආබාධිත දරුවන් අධ්‍යාපනය ලබන පාසල් 25ක් සඳහා මුල්‍ය ප්‍රධානය සිදුකළ අතර ප්‍රදේශයේ වකුගඩු රෝගී අවධානමෙන් සිටින දරුවන් මුදාගැනීමට පවුල් 1000ක් සඳහා ගෘහස්ථ ජලපෙරණ ලබාදීමද සිදුකෙරිණ.යාපනය , කිලිනොච්චිය හා මුලතිව් දිස්ත්‍රික්ක වල යුද හමුදා භාවිතා කළ ඉඩම් අක්කර 120.89 නැවත ජනතාව වෙත පැවරීම සඳහා එම ප්‍රදේශයේ දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත පිරිනැමීමද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතා.මම ඉතාමත් සතුටුවනවා කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ දරුවන් සුරකිමු ජාතික වැඩසටහනට ඔබ සමඟ එක්වන්න ලැබීම පිළිබඳව බොහෝ අවස්ථාවල උත්සවවලදී ජනාධිපතිවරයා කතාකරන්නේ වැඩසටහන අවසානයේ නමුත් අද රැස්වීමේ විශේෂත්වය ජනාධිපතිවරයා මුලින්ම කතා කිරීමයි.එයට හේතුවක් තිබෙනවා. ඒ හේතුව තමයි දරුවන් රකිමු ජාතික වැඩසටහනේ අරමුණ පැහැදිලි කරන්නේ මම නිසා මා මුලින්ම කතාකරන්න හිතුවා. මේ දරුවන් රකිමු වැඩසටහනේ ප්‍රධාන වගකීම උසුලන්නේ මම නිසා මා ප්‍රථමයෙන් කතාකිරීමට සිතුවා.අපි මේ දරුවන් කියලා කියන්නේ කවුද? මෙම ස්ථානයේ මමත් , ආණ්ඩුකාරතුමා , මහඇමති තුමා ඇතුළු මැති ඇමතිවරු සිටිනවා එහෙත් අපේ අම්මලා තාත්තලා අපට කියන්නේ දරුවො කියලා තමයි. එහෙම බැලුවොත් අප සැමදෙනාම දරුවො. නමුත් මේ දරුවන් රකිමු මේ වැඩසටහනේ තිබෙන විශේෂත්වය සැබෑ ලෙසම දරුවන් පිළිබඳ හඳුන්වන වයස අවුරුදු දාහතෙන් පහළ සෑම කෙනෙකුම මේ වැඩසටහනේ ප්‍රධාන අරමුණට එක්කර ගැනීමයි.එක්සත් ජාතීන්ගේ සංවිධානය ලෝක ළමා දිනය වශයෙන් දිනයක් නම්කර තිබෙන බව ඔබ දන්නවාද?. ලෝක ළමාදිනයේදී ලෝකයේ සියලු රටවල් දරුවන් වෙනුවෙන් සෑම කෙනෙකුගේම අවධානය යොමුකරන වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. අපි මේ දරුවන් රකිමු කියන වැඩසටහන ආරම්භ කිරීමට කලින් මේ රටේ රජය විසින් ඒ වගේම විවිද අංශ ආයතන මේ දරුවන් පිළිබඳ ව්‍යාපෘති , වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කරන බව ඔබ දන්නවා. අපි මෙවැනි වැඩසටහනක් ආරම්භ කිරීමට ප්‍රධන වශයෙන්ම අරමුණු කරගත්තේ ඇයි කියන කාරණාව මා පැහැදිලි කිරීමට අවශ්‍යයි.දරුවන් අද බොහෝ ප්‍රශ්න රාශියකට මුහුණ දෙනවා එය අප රටේ විතරක් නොවෙයි ලෝකයේ සියලුම රටවල් වල දරුවන්ට මුහුණදීමට සිදුවෙලා. නමුත් ආර්ථික වශයෙන් අඩු සංවර්ධනය අඩු දුප්පත් රටවලට මේ ප්‍රශ්න හුඟාක් වැඩියි. ඒ වගේම යුද්ධය පැවතුණු හා යුද්ධය පවතින රටවල මේ ප්‍රශ්නය වැඩියි. දකුණු ආසියානු රටවල් ගතහොත් දකුණු ආසියාතික රටවල දරුවන්ගේ ප්‍රශ්න හුගාක් වැඩියි.දරුවන් බොහෝ වේලාවට මුලින්ම ප්‍රශ්න වලට මුල්වන ස්ථානය තමන්ගේ නිවසයි. දරුවන් හැදෙන්නේ දෙමාපියන් ඇසුරේ බව ඔබ දන්නවා. නමුත් ඔබ දන්නවා ගෙවල්වල විශේෂයෙන් පවුල් වල තිබෙන ආර්ථික ප්‍රශ්න නිසා දරුවන්ට යම් පීඩාකාරී තත්වයන් ඇතිවෙනවා.ඒ වගේම ඇතැම් වෙලාවට දෙමාපියන් මත්ද්‍රව්‍ය පාවිච්චි කර ගෙදර සිටින දරුවන්ට හිරිහැර කරනවා. සමහර අවබෝධයෙන් අඩු දෙමාපියෝ දරුවන්ට බොහෝ හිරිහැර කරනවා තමන් කියන දේවල් කරන්නේ නැහැ කියා. සමහර දෙමාපියෝ දරුවන්ට බරපතල ලෙස හිරිහැර කරනවා දඬුවම් කරනවා.ඉතා කණගාටුවෙන් කිවයුතුයි ඔබ මාධ්‍ය තුල දකිනවා ඇතැම් වෙලාවට දරුවන් දෙමාපියන් අතින් අපචාරයට ලක්වන අවස්ථා. එවැනි දේවල් යහපත් සමාජයක , ශීලාචාර සමාජයක කිසිසේත් අපට අනුමත කරන්න බැහැ. ඒ නිසා මූලිකම දේ තමයි දරුවන් පීඩාවට , කරදරවලට , හිරිහැරවලට ලක්වන ප්‍රධාන ස්ථානය දරුවන් සිටින නිවස සහ දෙමාපියන් අතරේ සිදුවන බව මුලින්ම කිවයුතුය.මෙහිදී මම කියන්නේ සෑම දෙමාපියකුම එහෙම නැහැ. දෙමාපියන්ට තිබෙන අවබෝධය , නූගත් කම , මත්ද්‍රව්‍ය , බොහෝ වෙලාවට එවැනි ප්‍රශ්න වලට මුල්වෙනවා. ඒ නිසා දරුවන්ට ආරක්ෂිත ප්‍රධාන ස්ථානය නිවස බවට පත්කිරීමට අප සෑම කෙනෙකුම කටයුතු කළයුතුයි. ඒ වගේම දෙමාපියන් ඇසුර වගේම දරුවන් පාසලට යවනවා අපි. පාසලට ගිය විට දරුවාට තිබෙන සුරක්ෂිත භාවය පිළිබඳ ප්‍රශ්න තිබෙනවා.සමහර වේලාවට පාසලේදී දරුවන් ඒ දරුවන් අතර ඇතිවන ප්‍රශ්න වලදී ළමුන්ගේ යම්යම් ප්‍රශ්න හා ගැටුම් වලදී දරුවන් හිරිහැරවලට ලක්වෙනවා. ඒ වගේම කණගාටුවෙන්වුවත් කිවයුතුයි සමහර අවස්ථාවලදී උගත් ගුරුවරුන්ගෙන් දරුවන්ට නොයෙකුත් හිරිහැර කරදර සිදුවෙනවා.‘‘යාපනය විශ්ව විද්‍යාලයේ දර්ශන හා මනෝවිද්‍යාව පිළිබඳ අංශ ප්‍රධානී කේ කජවින්දන් මහතා සහ යාපනය මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය එස්. සත්‍යමූර්ති යන මහත්වරුන් විසින් ළමා අපයෝජන සම්බන්ධයෙන් හා ළමුන් පිළිබඳ අවධානය යොමු කරන්නේ කෙසේද යන්න දේශනයක් පැවැත්විය.නියෝජ්‍ය අමාත්‍යවරුන් වන කාදර් මස්තාන් , අංගජන් රාමනාදන් , උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඞ් කුරේ , උතුරු පළාත් අමාත්‍යවරුන් සහ කිලිනොච්චිය දිස්ත්‍රික් ලේකම් සුන්දරම් අරුමෙයිනායගම් මහතා , පාසල් දරුදැරියන් , රාජ්‍ය නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් වැඩසටහන සඳහා සහභාගීවී සිටියහ.
|
දරු පරපුර බේරා ගත යුතුයි - ජනපති
| 1 |
මවුපියන්ගෙන්, ගුරුවරුන්ගෙන් මෙන්ම දරුවන්ගේ ආරක්ෂාවට ඇති ස්ථානවලදීත් දරුවන්ට කරදර සිදුවෙනවා නම්, දරුවන් ගැන කීමට ඇත්තේ දෙවියන්ට පමණක් නොවන බවත්, සියලු දෙනා දෙවියන් මෙන් දරුවන් ආරක්ෂා කරගැනීමට ක්‍රියා කළ යුතු බවත් ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා ඊයේ (18) පැවැසීය. දරුවන් පීඩාවට, හිරිහැරවලට ලක්වන ප්‍රධානම ස්ථානය නිවෙස සහ මව්පියන් අතරේ පවතින බවත් ජනාධිපතිවරයා මව්පියන්ගේ අනවබෝධය, නූගත්කම සහ මත්ද්‍රව්‍ය එවැනි ප්‍රශ්නවලට මුල් වන බවත් කීය. ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා එසේ පැවැසුවේ කිලිනොච්චිය මධ්‍ය මහ විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී ඊයේ (18) පැවැති ‘දරුවන් සුරකිමු’ ජාතික වැඩසටහනේ කිලිනොච්චි දිස්ත්‍රික් සමුළුව අමතමිනි. ජනාධිපතිවරයා මෙසේ ද පැවැසීය. “කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ දී ‘දරුවන් සුරකිමු’ ජාතික වැඩසටහනේ විශේෂ අවස්ථාවට ඔබ සමඟ එක්වීමට ලැබීම පිළිබඳව මා ඉතාමත් සතුටු වෙනවා. බොහෝ වේලාවට උත්සවයකට පැමිණි විට ජනාධිපතිවරයා කතා කරන්නේ අන්තිමට. නමුත් මෙහි විශේෂත්වය වන්නේ ජනාධිපතිවරයා මුලින්ම කතා කිරීමයි. මා ‘දරුවන් සුරකිමු’ ජාතික වැඩසටහනේ ප්‍රධාන වගකීම දැරීම ඊට හේතුවයි. අපේ අම්මලා තාත්තලා අපිට කියන්නේ දරුවෝ කියලා. එසේ බැලූ විට අපි හැමෝම දරුවෝ. නමුත් ‘දරුවන් සුරකිමු’ මේ වැඩසටහනේ තිබෙන විශේෂත්වය සැබෑ ලෙසම දරුවන් විදියට හඳුන්වන වයස අවුරුදු 17න් පහළ සෑම කෙනෙක්ම මේ වැඩසටහනේ ප්‍රධාන අරමුණට එක්කර ගැනීමයි. එක්සත් ජාතීන්ගේ සංවිධානය ලෝක ළමා දිනය වශයෙන් දිනයක් නම් කර තිබෙන බව ඔබ දන්නවා. ලෝක ළමා දිනයේදී ලෝකයේ සියලුම රටවල් දරුවන් වෙනුවෙන් අවධානය යොමු කර වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. දරුවන් සුරකිමු මේ වැඩසටහන ආරම්භ කිරීමට පෙර සිටම රජය, විවිධ අංශ, ආයතනවලින් දරුවන් වෙනුවෙන් වැඩසටහන්, ව්‍යාපෘති රාශියක් ක්‍රියාත්මක කරන බව ඔබ දන්නවා. අපි මෙවැනි වැඩසටහනක් ආරම්භ කිරීමට අරමුණ කරගත්තේ ඇයි කියන කාරණාව මා පැහැදිලි කිරීම අවශ්‍යයි. දරුවන් අද බොහෝ ප්‍රශ්නවලට මුහුණ දෙනවා. එය අපේ රටේ පමණක් නොව, ලෝකයේ සියලුම රටවල්වල සිදු වෙනවා. නමුත් ආර්ථික වශයෙන් පහළ සංවර්ධනය අඩු රටවල්වල මේ ප්‍රශ්න වැඩියි. එමෙන්ම යුද්ධය පවතින සහ යුද්ධය පැවති රටවල්වල මේ ප්‍රශ්නය වැඩියි. දකුණු ආසියාතික රටවල්වල දරුවන්ට බොහෝ ප්‍රශ්න තිබෙනවා. දරුවන් මුලින්ම ප්‍රශ්නවලට මුල් වන ස්ථාන තමන්ගේ නිවෙසයි. දරුවන් හැදෙන්නේ මව්පියන් ඇසුරේ බව ඔබ දන්නවා. නමුත් ගෙවල්වල, පවුල්වල තිබෙන ආර්ථික ගැටලු නිසා දරුවන්ට යම් පීඩාකාරී තත්ත්වයන් ඇති වෙනවා. සමහර වේලාවට මව්පියන් මත්ද්‍රව්‍ය භාවිතා කරලා ගෙදර සිටින දරුවන්ට හිරිහැර කරනවා. අවබෝධයෙන් අඩු දෙමව්පියන් තමන් කියන දේ කරන්නේ නැහැ කියා දරුවන්ට බොහෝ හිරිහැර කරනවා. ඉතාමත් කනගාටුවෙන් මේ දේ කිව යුතුයි. දරුවන් මව්පියන් අතින් අපචාරයට ලක් වූ අවස්ථා ඔබ මාධ්‍ය තුළ දකිනවා. එවැනි දේ ශීලාචාර, යහපත් සමාජයක කිසිසේත් අනුමත කළ නොහැකියි. දරුවන් පීඩාවට, හිරිහැරවලට, කරදරවලට ලක්වන ප්‍රධානම ස්ථානය නිවෙස සහ මව්පියන් අතරේ බව මුලින්ම සඳහන් කළ යුතුයි. මව්පියන්ට තිබෙන අනවබෝධය, නූගත්කම, මත්ද්‍රව්‍ය බොහෝ වේලාවට එවැනි ප්‍රශ්නවලට මුල් වෙනවා. දරුවාට ආරක්ෂිත ස්ථානය නිවෙස බවට පත්කිරීමට අපි සෑම කෙනකුම කටයුතු කළ යුතුයි. දරුවා පාසලට ගිය විටත් දරුවාගේ සුරක්ෂිතභාව පිළිබඳව ප්රශ්න තිබෙනවා. පාසලේදී දරුවන් අතරේ ඇති වන ප්‍රශ්නවලදී දරුවන් හිරිහැරවලට ලක් වෙනවා. සමහර අවස්ථාවලදී උගත් ගුරුවරුන්ගෙනුත් දරුවන්ට නොයෙකුත් හිරිහැර, කරදර සිදුවෙනවා. ඉන් මා අදහස් කරන්නේ දරුවකු වරදක් සිදු කළ විට ගුරුවරයෙක් සාමාන්‍ය දඬුවමක් දීම නොවේ. පාසලක දරුවෝ දහස් ගණන් සිටිනවා. ගෙදරක සිටින්නේ දරුවන් එක්කෙනයි, දෙන්නයි, තුන්දෙනයි. අම්මටයි තාත්තටයි දරුවෝ ටික හදා ගන්න තිබෙන අමාරුව ඔවුන් දන්නවා. එසේ නම් දරුවෝ සිය ගණනක්, දහස් ගාණක් සිටින පාසලක දරුවෝ බලාගන්න ගුරු මහත්ම මහත්මීන්ට කොතරම් අසීරු ද කියා අපි සිතිය යුතුයි. මගේ අදහස නම් පාසලක විනය පවත්වා ගැනීමට වරදක් සිදු කළ විට පාසල් ශිෂ්‍යයකුට පුංචි දඬුවමක්, අවවාදයක් දීම වරදක් නොවේ. මව්පියන් වගේම ගුරු මහත්ම මහත්මීන් විසිනුත් දරුවන්ට බරපතළ දඬුවම් දීම, වධ හිංසා කිරීම කිසිසේත් සුදුසු වන්නේ නැහැ. සමහර වේලාවට පවුල්වල දරුවන් තුන් දෙනෙක් සිටිනවා නම් ඒ දරුවන් තුන් දෙනාට තුන් විදියට සලකන මව්පියන් සිටිනවා. එමෙන්ම පාසලේත් සමහර ගුරුවරුන් දරුවන්ට විවිධ අයුරින් සලකනවා. සමහර දරුවන්ට හොඳට සලකනවා. හොඳට බලාගන්නවා. සමහර දරුවෝ ගැන බලන්නේ නැහැ. සලකන්නේ නැහැ. කොන් කරනවා. සමහර දරුවෝ ගැන අවධානය අඩුයි. පන්තියේ සිටින හොඳට විභාගය සමත් වන හොඳට ලකුණු ගන්නා දරුවන් වගේම විභාගය දුර්වල දරුවා ගැනත් ගුරුවරුන් සියලු දෙනාම එක වගේ බැලිය යුතුයි. විෂයන්වලට දුර්වල දරුවා ගැනත් හැම වෙලේම ගුරු මහත්ම මහත්මීන් එක වගේ බලන්න ඕනෑ. ඒ වගේම දරුවා සමාජයට ගියාම ඇතිවන ප්‍රශ්න පිළිබඳවත් ඔබ බොහෝ දුරට දන්නවා. සාමාන්‍ය පොදු ප්‍රවාහන සේවාවල ගමන් බිමන් යන, දරුවන්ට මොන තරම් හිරිහැර සිදුවෙනවා ද කියලා ඔබ දන්නවා. ඒ නිසා අපි දරුවන්ට වන හිරිහැර පිළිබඳවත් අපේ අවධානය යොමු විය යුතු වෙනවා. ඒ වගේම ඔබ දන්නවා මාපියන් විදේශගත වීම් නිසා දරුවන්ට බොහෝ ප්‍රශ්න මතු වී තිබෙනවා. ඒ වගේම අපි දකිනවා සමහර මාපියන් දරුවන් අත්හැරලා දානවා. සමහර මව්වරුන් දරුවන් ලැබුණු ගමන් හොරෙන් පාරක දාලා එනවා. මේ සියලු දේවල් දරුවන්ට ඇතිවන ප්‍රශ්න. ඔබ දන්නවා අපේ රටේ යුද්ධයක් තිබුණා. යුද්ධයක් පවතින ඕනෑම රටක දරුවන්ට දැඩි මානසික පීඩා සිදුවෙනවා. යුද අර්බුදයක් පවතින විට සැමවිටම කරදරයට පත්වන්නේ දරුවන්. එහිදී දරුවන්ට මාපියන් අහිමි වෙනවා. දරුවන් බලාගන්න කෙනෙක් නැතිවෙනවා. මෙවැනි ඉතාමත් අනුවේදනීය වූ කටුක අත්දැකීමක් අපි හැම කෙනකුටම තිබෙනවා. පොලිස් දෙපාර්තමේන්තුව, පරිවාස දෙපාර්තමේන්තුව වෙත දරුවන් පිළිබඳ පවතින ප්‍රශ්න ගැන පැමිණිලි එනවා. ඒ වගේම සමාජයේ ආබාධිත දරුවන් පිරිසක් ඉන්නවා. ආබාධිත දරුවන් ගැන විශේෂ වැඩසටහන්වල අවශ්‍යතාව අපි දකිනවා. ඒ වගේම රෝගී දරුවන් බොහොමයක් ඉන්නවා. ඒ නිසා මේ සියලු දේවල් ගැන අවධානය යොමු කරලයි දරුවන් සුරකිමු ජාතික වැඩසටහන ආරම්භ කළේ. මේ වැඩසටහනට අපි අමාත්‍යාංශ, පළාත් සභා, ළමා ආරක්ෂක අධිකාරිය වැනි සියලු අංශ එකතු කරගෙන තිබෙනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානය ළමයින් පිළිබඳ ළමා ප්‍රඥප්තියක් ආරම්භ කරලා තිබෙනවා. ඒ ළමා ප්‍රඥප්තිය අනුව අපි සෑම කෙනෙක්ම කටයුතු කළ යුතු වෙනවා. ඒ නිසා දරුවන්ගේ සෞඛ්‍ය, අධ්‍යාපනය, ආරක්ෂාව, සුරක්ෂිතභාවය, මේ සෑම දෙයක් පිළිබඳව වගකීමකින් රජයක් ලෙස කටයුතු කළ යුතුයි. ළමයින්ගේ ආරක්ෂාව සඳහා වෙනම ස්ථාන තිබෙනවා. ඇතැම් වෙලාවට එම ස්ථානවලදීත් ළමයින්ට කරදර ඇතිවෙනවා. මවුපියන්ගෙන් දරුවන්ට කරදර සිදුවෙනවා නම්, ගුරුවරුන්ගෙන් දරුවන්ට කරදර සිදුවෙනවා නම්, ළමයින්ගේ ආරක්ෂාවට තිබෙන ස්ථානවලදී කරදර සිදුවෙනවා නම්, ළමයින්ගේ ආරක්ෂාව සලසන ආයතනවලදීත් කරදර සිදුවෙනවා නම්, එහෙම නම් දරුවන් ගැන කියන්න වෙන්නේ දෙවියන්ට විතර ද? නැහැ අපි සැවොම දෙවියන් මෙන් දරුවන් ආරක්ෂා කරගත යුතුයි. පසුගිය දිනක ඉන්දියාවේ කනගාටුදායක සිදුවීමක් සිදුවුණා. දරුවාගේ වයස අවුරුදු 9 යි. ඒ දරුවා සිදුවීමක් සම්බන්ධයෙන් පොලිසියට ගියා. එහිදී පොලිස් නිලධාරීන් අතින් විනාශයට පත්වුණා. ඒ සිදුවීම පිළිබඳ මුළු ඉන්දියාවේම කලබලයක් ඇතිවුණා. එවැනි සිද්ධීන් පිළිබඳව ද අපේ රටේ වාර්තා නැතිවාම නොවේ. ඒ නිසා ලෝකයේ සෑම රටකම මෙවැනි ප්‍රශ්න තිබෙනවා. ඒ සියලු අංශයන් කෙරෙහිම අවධානය යොමු කරලා අපි මේ ජාතික වැඩසටහන හැදුවේ. මේ වැඩසටහනේ ප්‍රධාන අරමුණ දරුවන්ගේ ආරක්ෂාව සැලසීමයි. සෑම දරුවකුගේම අධ්‍යාපනය, සෞඛ්‍ය තත්ත්වය, භාරකාරත්වය, ආරක්ෂාව, සියලු අංශ මෙම වැඩසටහනට අයත් වෙනවා. මේ වැඩසටහන දිස්ත්‍රික්ක ගණනාවක මේ වනවිට ක්‍රියාත්මකයි. මේ සඳහා අපට සහාය දුන් සියලුම ආයතනවලට අපි ස්තුතිය පළ කරනවා. පොලිසිය, සෞඛ්‍ය සේවාව, කාන්තා හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුව, ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඇතුළු සියලු දෙනාම සහාය දීම ගැන ස්තුති වන්ත වෙනවා. අපි සියලු දෙනාම දරුවන්ගේ ආරක්ෂාව හා අනාගතය වෙනුවෙන් කැපවෙමු කියලා මා ඉල්ලා සිටිනවා.” ළමා හා කාන්තා කටයුතු ඇමැතිනී චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය ද උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඞ් කුරේ, ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන්, නියෝජ්‍ය අමාත්‍ය අංගජන් රාමනාදන් යන මහත්වරු ද සහභාගී වූහ. (මඩුකන්ද සිතුම් චතුරංග කිලිනොච්චියේ සිට)
|
දරු පරපුර බේරා ගත යුතුයි - ජනපති
| 0 |
(ජේ.ඒ.එල්. ජයසිංහ සහ මැණික්හින්න ඒ.ජී. වික්‍රමසිංහ)වත්මන් වාණිජ සමාජය තුළ තරගකාරිත්වයට යොමු වී ඇති මවුපියන්ට දරුවන් අමතකවීම හේතුවෙන් නිවෙස් තුළම දරුවන් අනාරක්ෂිත වී ඇතැයි ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා පැවැසීය.ඒ හේතුවෙන් දරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් මූලික වශයෙන් දැනුවත් කළ යුත්තේ මවුපියන් බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා මේ බව පැවසුවේ දිගන මධ්‍යම පළාත් ක්‍රීඩා සංකීර්ණයේ දී ඉකුත් 8 වැනිදා පැවැති ‘දරුවන් සුරකිමු’ ජාතික වැඩ සටහනේ සමාරම්භක උත්සවයට සහභාගි වෙමිනි.එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා මෙසේද සඳහන් කළේය.මේ සුන්දර උදෑසන භාග්‍යවන්ත වූ, පින්වන්ත වූ ඔබ ඇමතීමට ලැබීම පිළිබඳව මා ඉතාමත් සතුටු වෙනවා. ‘දරුවන් රකිමු’ ජාතික වැඩසටහනේ අවුරුදු තුනක සැලැස්ම ක්‍රියාත්මක කිරීම ආරම්භ කිරීමයි මේ උත්සවයේ ප්‍රධාන අරමුණ. මේ වැඩසටහනට සහයෝගය දක්වන සියලුම මැති ඇමැතිවරුන් අමාත්‍යාංශ, රාජ්‍ය නිලධාරීන්, විශේෂඥ කමිටු, අනුග්‍රහය දක්වන සෑම කෙනකුටම මගේ ගෞරවනීය ස්තූතිය පුදකරනවා.දරුවන් රකිමු ජාතික වැඩසටහන ක්‍රියාත්මක කිරීමට මූලික වශයෙන් හේතු වූ කරුණු මොනවාද? යන්න මා ඔබට නොකීවාට ඒ පිළිබඳව ඔබට අවබෝධයක් තිබෙනවා. දරුවන් රැකීමට ජාතික වැඩසටහනක අවශ්‍යතාව කුමක් ද? විද්‍යුත් මාධ්‍ය, මුද්‍රිත මාධ්‍ය සහ සමාජයෙන් එන විවිධ තොරතුරු සමග මෙවැනි වැඩසටහනක අවශ්‍යතාව ඔබ සෑම කෙනෙක්ම පිළිගන්නවා ඇතැයි මා විශ්වාස කරනවා. මූලික වශයෙන් දරුවාට, දරුවා ජීවත්වන නිවසෙහි සුරක්ෂිතතාව තිබෙනවා ද? ඔබත් මමත් දන්නා පරිදි දරුවා මව්පියන් සමග ජීවත්වන නිවසෙහි ප්‍රශ්නයක් තිබෙන බව අද බොහෝ වාර්තා මගින් අපිට පෙන්නුම් කරනවා. මෙහි සිටිනවා පොලිසියේ නිලධාරී මහත්ම මහත්මීන් රාශියක්. පොලිසිවලට ලැබෙන පැමිණිලි වලින්, අවුරුද්දේ දවස් 365න් වැඩිපුරම ලැබෙන පැමිණිලි මොනවාද? මම පසුගිය දිනක උත්සවයක අවසානයේ දී ළඟම තිබෙන පොලිසියකට ගියා.පොලිස් ස්ථානාධිපතිතුමාගෙන් මම ඇහුවා වැඩිපුර එන පැමිණිලි මොනවා ද? කියලා. පොලිස් ස්ථානාධිපතිතුමා මා සමග කිව්වා අපිට වැඩිපුරම එන්නේ පවුල් ආරවුල් පිළිබඳ පැමිණිලි බව. පවුලේ ආරවුල් ඇති වෙනවානම් ඒ පවුලේ දරුවන්ට නිවස කොතෙක් දුරට අනාරක්ෂිත ද කියන කාරණය ඔබ සෑම කෙනෙක්ම දන්නවා.සමාජ සමීක්ෂණ ආයතනයක් විසින් පසුගිය වසර දහයක අපේ රටේ විවාහ ජීවිත පිළිබඳව සමීක්ෂණයක් කර වාර්තාවක් රජයට ලබා දුන්නා. අඩු වයසින් විවාහ වන තරුණ පවුල්වලින් 70%ක ගේ පවුල් ජීවිත අසාර්ථක බව එම වාර්තාවේ සඳහන් වෙනවා. පවුලේ මව්පියන්ගේ හැසිරීම් පිළිබඳව ප්‍රශ්න මතුවූ විට එම නිවසේ තත්ත්වය සහ එම නිවසේ ජීවත් වන දරුවන්ගේ මානසික තත්ත්වය කෙසේද යන්න ඔබ සෑම කෙනෙක්ම දන්නවා. එපමණක් නොවේ. අද තිබෙන වාණිජ සමාජයේ තරගකාරිත්වය තුළ මව්පියන් ඒ තරගකාරිත්වයට යොමු වෙලා තිබෙනවා.ආර්ථිකය ශක්තිමත් කර ගැනීමට සම්පත් වැඩිපුර ලබා ගැනීමට සමාජය තුළ ගෞරවයට ලක්වීමට එම තරගකාරිත්වයට යොමුවී තිබෙනවා. ඒ අනුව ඇතැම් මව්පියන්ට දරුවන් අමතක වෙනවා. නිවෙස තුළ දරුවාගේ ආරක්ෂිතභාවය සහ සුරක්ෂිතභාවය අඩුවීම පිළිබඳව තවත් බොහෝ කරුණු සඳහන් කළ හැකියි. ඒ නිසා දරුවාට පාසල සුරක්ෂිත ස්ථානයක් බවට විශේෂයෙන්ම පත්විය යුතුයි. සමාජයෙන් ලැබෙන තොරතුරු අනුව දරුවාට ආරක්ෂිත සහ සුරක්ෂිත ස්ථානය පාසල බවයි අපිට පෙනී යන්නේ. දරුවන්ගේ අනාරක්ෂිතභාවය පිළිබඳව පාසල්වලින් ලැබෙන වාර්තා ඉතාමත් අවමයි. දරුවන්ගේ අනාරක්ෂිතභාවය පිළිබඳව වැඩිපුර වාර්තා වන්නේ දරුවා පාසලේ සිටින කාලය තුළ නොව, මව්පියන්ගේ භාරකාරත්වයේ සහ ඇසුරේ සිටින කාල සීමාව තුළයි. පාසල් වලින් දරුවන්ට එරෙහි සිදුවීම් පිළිබඳව වන පැමිණිලි සහ ප්‍රශ්න ලක්ෂයකට එකක් පමණ තමයි ලැබෙන්නේ. එවැනි දේ නැතුවාම නොවේ.දරුවාට මහා මාර්ගය ආරක්ෂිත ස්ථානයක් ද? දරුවා යන බස් රථය ආරක්ෂිත ස්ථානයක් ද? දරුවා පාසල් යන පාසල් වෑන් රථය ආරක්ෂිත ස්ථානයක් ද? විශේෂයෙන්ම දරුවා යන පෞද්ගලික පන්ති, උපකාරක පන්ති ආරක්ෂිත ස්ථානයක්ද? මේ පිළිබඳව ඔබටත් මටත් බොහෝ දේ කතා කළ හැකියි. මෙහි සිටින දරුවන් ප්‍රමුඛ ඔබ සියලු දෙනාට ඒ පිළිබඳව හොඳ අවබෝධයක් තිබෙන බව මා විශ්වාස කරනවා. ඒ බොහෝ ස්ථානවල අපි දකින්නේ අනාරක්ෂිතභාවයක්.ඔබට මතක ඇති පසුගිය වසරේ යාපනයේ, විද්‍යා දරුවා පිළිබඳ සිදුවීම. ඒ තරුණ ගැහැනු දරුවා දූෂණයට සහ ඝාතනයට ලක්වූ කාරණාවත් ඔබ දන්නවා ඇති. මොනතරම් සමාජය විෂම ද මොනතරම් සමාජය අකාරුණික ද අපේ රටේ සිටින ජාවාරම්කාර පිරිසක් තරුණ ගැහැනු ළමයෙක් බලහත්කාරයෙන් දූෂණය කර ඝාතනය කිරීමේ සිද්ධියක් චිත්‍රපටයකට නැගීම සඳහායි එම කාර්යය කර තිබෙන්නේ. එසේ සකස්කර ගන්නාවූ සීඩීපට ජාත්‍යන්තර ජාවාරම්කාරයන්ට මේ රටින් පිට විකුණා මුදල් ලබා ගන්නවා. ඒ දරුවා ඝාතනය කළ ආකාරයත් එම අවස්ථාවේදී සිදුවූ දේ මෙවැනි අවස්ථාවක කීමට හැකියාවක් නැහැ.ඔබ දකින්නට ඇති, සති දෙකකට පමණ පෙර කුරුණෑගල දිස්ත්‍රික්කයේ වයස අවු. 17ක ගැහැනු දරුවෙක් විභාගය ලියා නිවසට පැමිණ සිටින අවස්ථාවේදී සිදු වූ සිද්ධිය. ඒ වයස අවුරුදු 17ක තරුණ ගැහැනු දරුවා මොනතරම් සිහින මවාගෙන විභාගය අවසන් කර නිවසට එන්නට ඇතිද?. ඒ දරුවා නිවසෙහි සිටියදී ඇගේ මව වෙනත් කාර්යයක් සඳහා නිවසින් ගොස්ව තිබුණා. ඒ කෙටි කාලය තුළ දරුවා දූෂණය කරලා මරලා දැම්මා. මීට මාස කිහිපයකට පෙර අවුරුදු නවයක ළමයෙක් නිවසේ සිටියදී අතුරුදන් වෙලා හදිසියේ මව්පියන් සොයන්න පටන් ගත්තා. මව්පියන් දරුවා නිවසේ සෑම තැනකම සෙව්වා. වත්තේ හැම තැනම හෙව්වා. දරුවා යන එන තැන්වලට ගොස් බැලුවා. ඒත් සොයාගන්න බැරි වුණා. මේ පිළිබඳව සොයන්නට යන්න දරුවාගේ තාත්තා නිවසේ තිබෙන කාර් එකේ දොරවල් විවෘත කළා. අවුරුදු නවයක දරුවා කාර් එක ඇතුළේ මැරිලා සිටියා. මේ දරුවා කාර් එකේ ඇතුළට ගොස් දොර වහගත්තා. දොර අරින්න බැරුව ගියා. උදේ කාර් එක ඇතුළට ගිය දරුවා හවස් වන විට මිය ගොස් තිබුණා. පසුගිය අවුරුද්දේ ඔබ දකින්නට ඇති එක්තරා අපරාධකරුවකු නිවසකට ගොස් සිදුවූ සිද්ධියක් පිළිබඳව. ඒ නිවසේ සිටි අම්මා තාත්තා දෙන්නාම අපරාධකරු විසින් ඝාතනය කළා.දරුවාගේ අම්මාත්, තාත්තාත් ඝාතනය කළාට පස්සේ අවුරුදු දහයක පමණ ඒ දරුවා නිවසේ සිටියා. ඒ අපරාධකරුවා ඒ දරුවාව අරගෙන ගියා. දවස් කිහිපයක් හංගලා තියාගෙන හිටියා. ඒ අපරාධකරුවාට දරුවා සඟවා ගෙන තැබීම ප්‍රශ්නයක් වුණා. මේ අපරාධකරුවා දරුවා උස්සාගෙන ගිහින් ළිඳකට දැම්මා. ඒ අපරාධකරුවා පොලිසියට අහුවුණා. පසුව පොලිස් පරීක්ෂණවල දී කිව්වා “මාමේ මාමේ මාව ළිඳට දාන්න එපා” කිව්වා. ඒත් ඒ දරුවාගේ හඬට කන් දුන්නේ නෑ. අපරාධකරුවා දරුවා ළිඳට අතහැරියා දරුවා මිය ගියා. මෙවැනි සිදුවීම් අපිට කොතෙකුත් කියන්න පුළුවන්.“දරුවන් සුරකිමු” යන ජාතික වැඩපිළිවෙළක අවශ්‍යතාව ඔබට පෙනී යනවා ඇති කියා මා විශ්වාස කරනවා. ඒ වගේම ඔබ දකින්න ඇති 2015 වසරේ පහේ ශිෂ්‍යත්වය අසමත් වූ දියණියක් නිවසට ආවිට ඒ දරුවාගේ පියා ඒ දියණියට එළියට විසි වෙන්න ගැහුවා. ඒ වසරේ දී ශිෂ්‍යත්වය අසමත් වු දියණියක් අම්මාත් තාත්තාත් දෙන්නාම දරුවා නිවසට ගන්නේ නැතුව ගෙදර දොරවල් වහගෙන හිටියා. පහුවදා එළිවෙනකල් ඒ ගැහුනු දරුවා හිටියේ එළියේ. පහේ ශිෂ්‍යත්ව ලියු දරුවෙක් කියලා කියන්නේ අවුරුදු 10 ක 11ක දරුවෙක්. තමාගේ දරුවා වුණත් ඒ දරුවාට පයින් ගහලා එළියට දාන්න මව්පියන්ට අයිතියක් තියෙනවා ද? දරුවන්ගේ සුරක්ෂිතභාවය පිළිබඳව මව්පියන්ගේ වගකීම කුමක්ද?අපේ විශේෂඥ වෛද්‍යතුමන්ලා දේශන කරන විට මේ පිළිබඳව බොහෝ දේ පැහැදිලි කළා. මේ අසාමාන්‍ය විභාග තරගයක් සමග දරුවන් පත්ව තිබෙන ඉතාමත් දුක්ඛදායක තත්ත්වය පිළිබඳව කතා කළා. ඒ නිසා අපි රජයක් විදියට අදහස් කරනවා විශේෂඥ උපදෙස් අනුව පහේ ශිෂ්‍යත්වය විභාගයත් දරුවන්ගේ අධ්‍යාපනයත් පිළිබඳව ජාතික අධ්‍යපන ප්‍රතිපත්තිය සහ සැලැසුම් පිළිබඳව යම් ප්‍රතිසංස්කරණ සහ වෙනස්කම් අවශ්‍යයි කියලා. “දරුවන් සුරකිමු” කියන ජාතික වැඩසටහනේ අපි අද මෙතනට ඇවිත් ඉන්නේ දරුවෝ. මම හිතන්නේ මේ දරුවන්ගේ මව්පියෝ නම් මෙතන නැහැ. මෙතන ඉදිරියේ ඉන්න විවිධ ක්ෂේත්‍රවල විද්වත් ප්‍රධානීන්. ඒත් මව්පියෝ. අපට අද ප්‍රධාන වශයෙන් දරුවන් ආරක්ෂා කිරීම පිළිබඳව දැනුවත් කරන්න වෙලා තියෙන්නේ මූලික වශයෙන් මව්පියන්. ඒ නිසා “දරුවන් සුරකිමු” ජාතික වැඩසටහනේ ඉදිරි වැඩපිළිවෙළේ දී අපි දිස්ත්‍රික්ක මට්ටමින් වැඩසටහන්වල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් මව්පියන් දැනුවත් කිරීම සඳහා මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා. අපේ විශේෂඥ වෛද්‍යතුමන් දේශනවල දී නව තාක්ෂණයත් එක්ක දරුවන් මුහුණ දෙන ප්‍රශ්න ගැන කතා කළා. ජංගම දුරකථනය, පරිගණකය මානව සමාජයට නිෂ්පාදන කළේ, දයාද කළේ ඉතාමත් වැදගත් අරමුණකිනුයි. ඒත් ඒ නිසා අද යහපත් දේ වගේම අයහපත් දේ කොතරම් සිදුවෙනවා ද? පාරේ යන විට, ඒ වගේම දුම්රිය මාර්ගවල දරුවන්, තරුණ පිරිස් ජංගම දුරකථනයත් සමග වයර් කනේ ගහගෙන යන එක ඔබ දැකලා ඇති. ඒ තුළ කොතරම් ජීවිත විනාශ වෙනවාද කියලා ඔබ අහලා ඇති ? මෙතන සිටිනවා කැබිනට් මණ්ඩල නියෝජනය කරන ජෝන් සෙනෙවිරත්න මැතිතුමා. එතුමා දන්නවා ඇති මීට පෙර කැබිනට් මණ්ඩලයේ දී ජංගම දුරකථන භාවිතය තහනම් කළා. සමහර ඇමැතිවරුන් කැබිනට් සාකච්ජාවේ නෑ. වයර් කනේ ගහගෙන ෆෝන් එකට ඇන ඇන ඉන්න එක තමා කරන්නේ. ඒ ගොල්ලෝන්ට මම කියන දේ ඇහෙන්නෙත් නෑ, කැබිනට් මණ්ඩලේ සාකච්ඡා ඇහෙන්නෙත් නෑ. ඒ නිසා මම කිව්වා කැබ්නට් මණ්ඩලයේදී ජංගම දුරකථනය පාවිච්චි කිරීම තහනම් කියලා. රාජ්‍ය නිලධාරීන්, ආයතන ප්‍රධානීන් රාශීයක් මෙතන ඉන්නවා.මම පසුගිය අවුරුද්දේ ලංකාවේ අමාත්‍යාංශවල ලේකම්වරුන්, ආයතන ප්‍රධානීන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන් සියලුදෙනාම බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවට ගෙන්වලා රාජ්‍ය නිලධාරීන්ගේ වගකීම් සහ රජයේ ප්‍රතිපත්තිය පිළිබඳව පැහැදිලි කරන වැඩසටහන් කළා. ඒ රැස්වීමට සහභාගි වුණේ අමාත්‍යාංශ ලේකම්වරුන්, කොමසාරිස් ජනරාල්වරු, ප්‍රාදේශීය ලේකම්වරු, දිසාපතිවරුන්, සියලුම රාජ්‍ය ආයතනවල ප්‍රධානීන් යන අය සහභාගි වුණා. ඒ අවස්ථාවලදීත් මම දැක්කා. ඒ වගේම පසුව මගේ මාධ්‍ය අංශයෙන් ද මට වාර්තා කළා.ආයතන ප්‍රධානීන් තුන් දෙනෙක් ඒ අවස්ථාවේදීත් මොබයිල් ෆෝන් තියාගෙන වයර් කනේ ගහගෙන ඇන ඇන හිටිය බවට. ඒ අය මම කියන දේ ඇහුවෙත් නෑ. අනෙක් දේශකයන් කියන දේ ඇහුවෙත් නෑ. කනේ ගහගෙන හිටපු වයර් වලින් ආපු දේ ගැන තමා ඒ අය ඇහුවේ. ඒ නිසා මම අහනවා දරුවන් ගැන කුමන කතා ද කියලා.ඒ නිසා දරුවන් හැදෙන්න කලින් මම ඔය කියපු දේ ගැන වැඩිහිටියන් හැදෙන්න කියලා මම මතක් කරනවා. මේ දරුවන් රැකීමේ ජාතික වැඩසටහනේ අරමුණ රාශියක් ඉටු කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඔබ දන්නවා සියදිවි නසා ගැනීම පිළිබඳව ලෝකයේ ලංකාව ඉහළ තැනක තියෙන්නේ කියලා. ලංකාවේ සියදිවි නසා ගැනීම පිළිබඳව වැඩි පිරිසක් වාර්තා වෙන්නේ තරුණ දරුවන්.ඒ නිසා අපි රටක් විදියට, ජාතියක් විදියට දරුවන් රැකගැනීම සඳහා සෑම කෙනෙක්ම සාමුහික වගකීමක සාමුහික ප්‍රයත්නයක් යෙදිය යුතුයි කියලා මා විශ්වාස කරනවා. මේ වැඩසටහන ජාතික වශයෙන් සෑම ප්‍රදේශයක ක්‍රියාත්මක කිරීමට අපේ රජය බලාපොරොත්තු වෙනවා. සියලු මැති ඇමැතිවරුන්ගේ සහයෝගය බලාපොරොත්තු වෙනවා. සියලුම රාජ්‍ය නිලධාරීන්ගේ මව්පියන්ගේ සහයෝගය බලාපොරොත්තු වෙනවා. සියලු රාජ්‍ය නිලධාරී මහත්ම මහත්මීන්ගේ සහයෝගය බලාපොරොත්තු වෙනවා.මෙවැනි කටයුතුවල දී ගෞරවනීය මහා සංඝරත්නයේත් අන්‍යආගමික පුජකතුමන්ලාගේත් ඒ සියලුම ආගමික අංශවල සහයෝගය ගෞරවයෙන් අපි බලාපොරොත්තු වෙනවා.ගමේ පන්සලේ හාමුදුරුවෝ හැමදාම ධර්ම දේශනා කළේ අපි මේ කියන කාරණාව ගැන පල්ලියේ කෝවිලේ පියතුමා, ස්වාමීතුමා මේ ගැන දේශනා කළේ අද ඊයේ නොවෙයි. ගෞතම බුදුන් වහන්සේ, ජේසුස් වහන්සේ ඒ වගේම මුහම්මද්තුමාත් මේ ගැන දේශනා කළේ අද ඊයේ නොවෙයි. ඒ නිසා අපි සෑම කෙනෙක්ම උන්වහන්සේලාගේ අනුශාසනා තුළ මෙවැනි කටයුතු කිරීම අවශ්‍යයි. අපි මේ “දරුවන් රකිමු” ජාතික වැඩසටහන මේ විදියට සාර්ථකව කරන්න සියලු දෙනාම කටයුතු කරමු. මේ සඳහා සහයෝගය දුන් සියලු දෙනාටම මම ස්තුතිවන්ත වෙනවා.මේ සඳහා ප්‍රතිපත්ති සම්පාදනය සහ නීති ප්‍රතිසංස්කරණ සඳහා අවශ්‍ය දැනුම ලබා දෙන විශේෂඥ කමිටුවලට මම ස්තුතිවන්න වෙනවා. ඒ සඳහා දායකත්වය ලබාදෙන ඇමතිතුමන්ලාට ස්තුතිවන්ත වෙනවා. මේ වැඩසටහන සාර්ථක කර ගැනීමට මධ්‍යම පළාත් මහ ඇමතිතුමා ඇතුළු මැති ඇමතිතුමන්ලාට ඒ වගේම අනෙකුත් නිලධාරීන්, අධ්‍යාපන අධ්‍යක්ෂතුමන්ලාටත්, විදුහල්පතිවරුන්, ගුරු මහත්ම මහත්මීන්, මව්පියන්, දූ දරුවන්ට සියලු දෙනාගේ සහයෝගය මා ඉතා අගය කරනවා. අපි දරුවන් වෙනුවෙන් හොඳ රටක් හදමු. ඒ වගේම හොඳ රටක් වෙනුවෙන් හොඳ දරුවන් හදමු. සියලු දෙනාට තෙරුවන් සරණයි.මෙහිදී කම්කරු හා වෘත්තීය සබඳතා අමාත්‍ය ඩබ්.ඩී.ජේ. සෙනෙවිරත්න මහතා: ශ්‍රී ලංකා ළමා ශ්‍රමය සුරැකීමේ ජාතික ප්‍රතිපත්තිය ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීය. දරුවන් සුරැකීමේ ජාතික සැලැස්ම ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා වෙත පිළිගැන්වීම ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝහණ කීර්ති දිසානායක මහතා විසින් සිදු කරනු ලැබීය.දරුවන් සුරැකීමේ විද්වත් කමිටු සාමාජික විශේෂඥ වෛද්‍ය චමින්ද වීරසිරි වර්ධන විශේෂඥ වෛද්‍ය නවාස් ජෙෆ්රි යන මහත්වරු මහනුවර උසස් බාලිකා විදුහලේ ඒ.එන්.කේ. අමුණූගම, ශාන්ත සිල්වෙස්තර විදුහලේ එස්. ෂෙවාන් ප්‍රණීත් යන සිසු සිසුවියෝද මෙහිදී කතා කළහ.මහනුවර ශ්‍රී පුෂ්පදාන බාලිකා විදුහලේ සිසු දැරියෝ ‘අපි’ නාට්‍ය රඟ දක්වා උත්සව අවස්ථාව වර්ණවත් කළහ.මෙම අවස්ථාවට අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න, මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලුකා ඒකනායක, මධ්‍යම පළාත් ප්රධාන අමාත්‍ය සරත් ඒකනායක යන මහත්ම මහත්මීහු පළාත් සභාවේ අමාත්‍යවරුද, පළාත් සභාවේ අමාත්‍යාංශ ලේකම්වරුන්, විදුහල්පතිවරුන්, පාසල් සිසු සිසුවියන්, රාජ්‍ය නිලධාරීන් ඇතුළු රැසක් සහභා වූහ.ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ නිලධාරීන් හා නිලධාරිනියන් ද උත්සව අවස්ථාවට සහභාගි වූහ.
|
දරු පරපුර බේරා ගත යුතුයි - ජනපති
| 0 |
(මුලටියන එස්. බාලසූරිය, දෙයියන්දර ජයන්ත ජයවර්ධන සහ අකුරැස්ස සුජීව සමරක්කොඩි)නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තිය තුළ රජය අධ්‍යාපන ක්ෂේත්‍රයේ සංවර්ධනය සඳහා ප්‍රමුඛත්වය දී ඇතැයි ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා ඉකුත් 6 වැනිදා දෙයියන්දරදී පැවැසීය. ලෝකයේ දියුණු රටවල් ඒ දියුණුව ලබාගෙන ඇත්තේ එම රටවල උගතුන් වැඩිවීම නිසා බව කී ජනාධිපතිවරයා ජාතියක් ගොඩනැගීමට, ජාතියක් ශක්තිමත් කිරීමට, රටක උගතුන් වැඩිවිය යුතු බව ද සඳහන් කළේය.දෙයියන්දර ජාතික පාසල් පරිශ්‍රයේ අභිනවයෙන් ඉදිකරන ලද නව තෙමහල් පරිපාලන සංකීර්ණ ගොඩනැගිල්ල සිසු අයිතියට පවරා දීමෙන් අනතුරුව පැවැති ජන හමුවකදී ජනාධිපතිවරයා එම අදහස් ප්‍රකාශ කළේය. ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාගේ මැදිහත්වීමෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රතිපාදන මත රුපියල් ලක්ෂ 270ක වියදමකින් එම ගොඩනැගිල්ල ඉදිකර ඇත.විදුහල්පති ඩබ්ලිව්.ඩබ්ලිව්.ජී. අමරසේන මහතා ප්‍රමුඛ ගුරු මණ්ඩලය, පාසල් සංවර්ධන සමිතිය හා ආදි ශිෂ්‍ය සංගමය එක්ව එම උළෙල සංවිධානය කර තිබිණි. ජනාධිපනති මෛත්‍රීපාල සිරිසේන මහතා එහිදී මෙසේ ද කීය. වසර දෙකකට පෙර ඔබේ පාසලට වෙනත් කටයුත්තක් සඳහා පැමිණි අවස්ථාවක විදුහල්පතිතුමාත් දරුවනුත් කළ ඉල්ලීමක් මත මේ නව ගොඩනැගිල්ල ගොඩනගා විවෘත කර ඔබේ අයිතියට ලබා දීමට හැකිවීම පිළිබඳව මා ඉතාමත් සතුටු වෙනවා. දෙයියන්දර, හක්මන ප්‍රදේශය වගේම මාතර දිස්ත්‍රික්කය මට අලුත් ප්‍රදේශයක් නොවේ. පසුගිය අවුරුදු තිහකට ආසන්න කාලයක් විවිධ අමාත්‍යාංශවල කටයුතු කරන අවස්ථාවන්වලදීත් දේශපාලන කටයුතුවලදීත් මාතර දිස්ත්‍රික්කයේ මම ගමක් ගානේ ගිහින් තිබෙනවා. සමහර ප්‍රදේශවල, මැතිවරණ කාලවලදී ගෙයක් ගෙයක් ගානේ ගිහින් තිබෙනවා. අද ඔබේ ප්‍රදේශය තුළ කරනු ලබන සංවර්ධන කටයුතු සහ මේ පාසලේ දරුවන්ගේ අභිවෘද්ධිය සඳහා කරන්නාවූ කාර්යයන් ගැන ඉතාමත් සතුටු වෙනවා. ලක්ෂ්මන් යාපා අබේවර්ධන ඇමැතිතුමාගේ කතාවේදී සඳහන් කළ කාරණයක් මම පාඩමක් විදියට හිතට ගත්තා. ඇමැතිතුමා කිව්වා, මට කියලා ලියුමක් අත්සන් කර ගත්තා ජනාධිපතිතුමා දන්නෙත් නැහැ මම ලක්ෂ තුන්දාහක් අරගත්තා මේ පැත්තේ සංවර්ධන කටයුතුවලට කියා. මම එයින් තීරණය කළා මීට පස්සේ මම හැම කෙනෙක්ගේම ලියුම් අත්සන් කරන්නේ ගාණ දාලා කියා. දක්ෂ ඇමැතිවරයෙක් විදියට එතුමාගේ කාර්යය කරගන්න දක්ෂ වෙලා තිබෙනවා. මමත් ඉතාමත් සතුටු වෙනවා එවැනි විශාල මුදලක් අරගෙන මේ ප්‍රදේශයේ මහජනතාව වෙනුවෙන් කරන සංවර්ධන කටයුතු සම්බන්ධව. වාසනාවන්ත මේ රටේ සමස්ත දරු පරපුර වෙනුවෙන්, හෙට උපදින දරුවන් වෙනුවෙන් රජය විදියට අපේ වගකීම සහ යුතුකම ඉටු කළ යුතු වෙනවා. රජයක්, රාජ්‍ය නොවන ආයතනයක් වෙනත් ඕනෑම සංවිධානයක්, පුද්ගලයෙක් යම් කාර්යයක් කරන්නේ නම් එය ශුභවාදී නම් එහි ප්‍රතිඵලය ලබා ගන්නේ දරුවන්. කෙනෙක් යම් අසුභවාදී දෙයක් කරන්නේ නම් ඒ නරක කාර්යයේ අනිසි ප්‍රතිඵල ලබා ගන්නේත් දරුවන්. ඒ නිසා අපි සෑම කෙනකුටම වගකීමක් සහ යුතුකමක් තිබෙනවා අපි කරන සියලු කාර්යයන්හි වගකීමක් තිබෙනවා දරුවන්ගේ අනාගතය සඳහා සැමවිටම කටයුතු කරන්නට. ඒ කරන්නාවූ සියලු කටයුතුවල ආයෝජනයන්හි ප්‍රතිඵලය දරුවන් සඳහා විය යුතුයි. ලෝකයේ දියුණු රටවල් ඒ දියුණුව ලබා ගෙන තිබෙන්නේ එම රටවල්වල උගතුන් වැඩිවීම නිසායි. ඒ රටවල්වල බුද්ධිමතුන් වැඩිවීම නිසයි. ජාතියක් ගොඩනගන්න, ජාතියක් ශක්තිමත් කරන්න රටකට වඩාත් යහපත් අනාගතයක් ඇති වෙන්න ඒ රටේ උගතුන් වැඩි වෙන්න ඕන. උගත් ජාතියක් බවට පත්වෙන්න ඕන. නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තිය තුළ මේ අවුරුදු තුනකට ආසන්න කාල සීමාවේදී අධ්‍යාපන ක්ෂේත්‍රයේ සංවර්ධනය සඳහා ප්‍රමුඛත්වය දී තිබෙනවා. මෙහි පළාත් අධ්‍යාපන ඇමතිතුමා ඉන්නවා. මේ රටේ පළාත් සභා පිහිටුවීමෙන් පසුව කිසිම ආණ්ඩුවකින් නොදුන් මුදල් ප්‍රමාණයක් අපි ගිය අවුරුද්දේ සියලුම පළාත් සභාවලට දුන්නා. සමහර පළාත් සභාවලට අධ්‍යාපනය සඳහා දුන් මුදල් නැවත ආවා. සමහර මහ ඇමතිවරු අධ්‍යාපනයට යෙදවූ මුදල් වැඩියි. ඒ නිසා වෙනත් විෂයන්වලට මාරු කරන්න කියා ලියුම් මගේ ළඟට අරගෙන ආවා. මම ඒ ලියුම් අත්සන් කෙරුවේ නැහැ. අපි විශාල මුදලක් අධ්‍යාපනයට වැය කරන්නේ සියලු දේට වඩා ප්‍රමුඛත්වය රටේ අධ්‍යාපනයට, දරුවන්ට දෙන නිසයි. ජනාධිපති ලේකම් කාර්යාලයේ තිබෙන විවිධ ව්‍යාපෘති තුළ “දරුවන් රකිමු” කියා විශේෂ ව්‍යාපෘතියක් පසුගිය අවුරුද්දේ ආරම්භ කළා මම. මේ රටේ දරුවන් පිළිබඳ තිබෙන ප්‍රශ්න, ගැටලු, ආරක්ෂාව, සුරක්ෂිතභාවය දරුවන්ට කායිකව සහ මානසිකව බලපාන ප්‍රශ්න තුළ ඔවුන්ට ඇතිවන පීඩාවන් වැනි තත්ත්වයන් වාර්තා වූ නිසා “දරුවන් රකිමු” යන විශේෂ ව්‍යාපෘතිය අපි ආරම්භ කළේ. දරුවන්ගේ මනස තේරුම් ගැනීම, දරුවන්ගේ මනසට අවශ්‍ය දේ ලබා දීම, දරුවාට සුන්දර පැහැබර මනසක් ඇතිව වැඩ කිරීමට අවශ්‍ය පසුබිම ගොඩනැගීම, දරුවන් සැමවිටම සතුටින් තබා ගැනීම අපි කාගේත් වගකීමක් සහ යුතුකමක් වෙනවා. ඊයේ පෙරේදා මම කියවපු පොතක තිබුණා පිටරටක සිද්ධියක්. ඒ රටේ පොදු ප්‍රවාහන සේවයේ බස් රථයකට නැග්ගා දරුවන් තුන් දෙනෙක් සහ තාත්තා කෙනෙක්. තාත්තා බස් රථයෙහි ආසනයක වාඩීවී සිටින විට බස් රථයෙහි ඉඩ තිබුණත් දරුවන් තුන්දෙනා වාඩි වෙන්නේ නැතුව මහ හයියෙන් කෑ ගසමින් එහේ මෙහේ දුවන්න පටන් ගත්තා. බස් රථයේ සියලු මගීන්ට මේ දරුවන් කරදරයක් වුණා. මගීන් දරුවන් දිහා නොවෙයි දරුවන්ගේ පියා දෙසයි බැලුවේ. මේ දරුවන් තුන් දෙනාව සන්සුන් කරගන්නේ නැතුව ඇයි මෙහෙම කරන්නේ කියා. දරුවන්ගේ පියා අසල සිටි මගියා දරුවන්ගේ පියාගේ මූණ බලන විට ඔහු ඇස් දෙක පියාගෙන නින්දෙන් සිටින ආකාරයට සිටියා. දරුවන් තිදෙනාගේ හැසිරීම එන්න එන්නම නරකයි. බස් රථයේ මගීන් දරුවන්ට වෛර කරන්න පටන් ගත්තා. දරුවන්ගේ පියා අසල සිටි අනෙක් මගියා නිදාගෙන සිටි පියාගේ ඇඟට තට්ටු කරලා හයියෙන් කතා කරලා ඇහුවා මේ බස් එකට කරදරයක් ඔබේ දරුවෝ. මේ දරුවෝ සන්සුන් කර ගන්න බැරිද? ඔබට මේක පෙන්නේ නැද්ද? ඇයි ඔබ මේ විදියට ඇස් දෙක පියාගෙන නිදා ගෙන ඉන්නේ දරුවෝ මේ තරම් බස් එකේ යන මගීන්ට කරදර කරද්දි කියලා. ඒ පියා ඇස් දෙක ඇරලා එහෙම අහපු මගියා දිහා බලලා කිව්වා මම බස් එකට නගින්න විනාඩි කිහිපයකට පෙර මගේ බිරිඳ මේ දරුවන්ගේ අම්මා රෝහලේ මිය ගියා. දරුවෝ කෑ ගහන්නේ ඒ නිසයි. මම ඇස් දෙක පියා ගෙන ඉන්නේ මට ඒක ඉවසන්න බැරි නිසයි. මම දරුවොත් එක්ක යන්නේ දරුවන්ගේ අම්මාගේ වැඩ ටික සංවිධානය කරන්නයි කියලා. මම මේ කතාව කිව්වේ දරුවන් වෙන්න පුළුවන්, වෙන කෙනෙක් වෙන්න පුළුවන්. අපි බොහෝ වෙලාවට කෙනෙකුගේ බාහිර හැසිරීමෙන් අභ්‍යන්තර තත්ත්වය නොදැන වැරදි තීන්දු තීරණවලට එළඹෙනවා. ඒ බසයේ සිටි ඒ දරුවාගේ පියා එහෙම කිව්වට පස්සේ මගීන් සියලු දෙනාටම ඒ දරුවන් සහ පියා පිළිබඳව අනුකම්පාවක් ඇති වුණා. ඒ අවට සිටිය මගීන් කිහිප දෙනෙක් ඇවිල්ලා ඒ පියාගෙන් ඇහුවා ඔබේ බිරිඳගේ මළ ගෙදරට අපෙන් මොනවහරි කෙරෙන්න තියනවා නම් කියන්න. අපි ඒ කටයුතු කරන්නම් කියලා. අපි ප්‍රශ්නය තේරුම් ගන්නවද? ප්‍රශ්නයේ පසුබිම තේරුම් ගන්නවද? ප්‍රශ්නයේ බාහිර තත්ත්වය උඩ අපි තීන්දු තීරණ ගන්නවද? මිනිසුන් සමග සමාජය සමග වැඩකරන විට ඒ ප්‍රශ්න සැබෑ ලෙසම තේරුම් ගැනීම අවශ්‍ය වෙනවා. එසේ නොමැති නිසා තමයි ගැටුම් ඇති වෙන්නේ. වෛරය ඇති වෙන්නේ. වැරදි ලෙස කෙනෙක් දෙස බලන්නේ. රවන්නේ නැතිව හැමවිටම සිනහ වෙන්න කියලා කියන්නේ. ඔය කියපු කතාව වගේම තවත් පුංචි කතාවක් තියනවා කියන්න. අවුරුදු තුනක හතරක කුඩා දරුවෙකුගේ උපන්දින උත්සවයක් තිබුණා. ඒ දරුවගේ මව්පියන් ටිකක් වත් පොහොසත්කම් තියන අය. ඒ අය තමන්ගේ හිතවතුන්ට කිව්වා පුතාගේ උපන්දිනය තියෙනවා ඒ සාදයට එන්න කියලා. ඒ පවුලේ හිත මිතුරන් තෑගි බෝග අරගෙන ඒ උපන් දිනයට සහභාගි වුණා. ඇවිල්ලා උපන්දිනේ සමරන දරුවට තෑගි බෝග දුන්නා. එහෙම දීලා ඒ මව්පියෝ ඒ දරුවට කිව්වා ඒ ගෙනාපු තෑගි බෝගත් එක්ක අපේ දරුවොත් එක්ක සෙල්ලම් කරන්න කියලා. නමුත් අර උපන්දිනේ සමරපු දරුවා ඒ තෑගි බෝග අරගෙන එක කාමරයක ගිහින් හැංගුවා. අනික් ළමයින් එක්ක සෙල්ලම් කළේ නැහැ. ඒ ළමයි කිව්වා අපි ගෙනාපු සෙල්ලම්බඩුත් එක්ක අපි සෙල්ලම් කරමු කියලා. ඒ දරුවා ඒ ඉල්ලීමට කැමති වුණේම නැහැ. මේක බලාගෙන හිටපු ඒ දරුවන්ගේ මව්පියෝ ඒ දරුවට කිව්වා අපේ බබාලාත් එක්ක සෙල්ලම් කරන්න. ඔයාට අපි සෙල්ලම් බඩු ගොඩාක් ගෙනාවා. ඔයාලා සේරම එකතු වෙලා සෙල්ලම් කරන්න කියලා. ඒ දරුවා මහා හයියෙන් කෑගහලා කිව්වා නෑ මට ගෙනාපු සෙල්ලම් බඩු මම දෙන්නේ නැහැ. මම ඔයාලත් එක්ක සෙල්ලම් කරන්නේ නැහැ කියලා. ඒ හැම දෙයක්ම හංගගෙන හිටියා. ඒ දරුවගේ තාත්තා අම්මා මේක දැක්කා. ඒ දෙන්නා බොහෝම ආදරයෙන් පුතාට කිව්වා පුතේ ඔයාගේ උපන්දිනේට ඔයා වගේම මේ බබාලා සෙල්ලම් බඩු අරගෙන ඇවිල්ලා තියෙන්නේ. ඒ ගෙනාපු සෙල්ලම් බඩු කාමරයෙන් එළියට ගෙනැල්ලා එයාලත් එක්ක සෙල්ලම් කරන්න කියලා. ඒ දරුවා හයියෙන් අඬ අඬ කිව්වා නෑ නෑ මට ගෙනාපු සෙල්ලම් බඩු මම දෙන්නේ නෑ. ඒවා මට විතරයි. මම මේ අය එක්ක සෙල්ලම් කරන්නේ නෑ කියලා.උපන්දින උත්සවය එතැනින් ඉවර වුණා. එහෙත් දරුවන්ගේ අම්මා තාත්තා සාකච්ඡා කළා මේ දරුවා මේ තත්ත්වයෙන් කොහොමද වෙනස් කර ගන්නේ කියලා. ඒ දරුවාගේ මව්පියන්ට සුළුවෙන් හෝ වත් පොහොසත්කමක් තිබුණ නිසා ඒ අම්මයි තාත්තයි තීරණය කළා දරුවාට එකම වර්ගයේ සෙල්ලම් බඩු ගොඩක් ගෙනැල්ලා දෙන්න. එහෙම ගොඩාක් ගෙනැල්ලා දුන්නා. දුන්නහම ඒ දරුවා ඇහුවා මට මොකටද මෙච්චර සෙල්ලම් බඩු. මේ එකම වර්ගයේ ඒවනේ මේ ගෙනැල්ලා තියෙන්නේ කියලා. ඊට පස්සේ තාත්තා දරුවට කිව්වා එහෙම නම් ඔයා ඔයාගේ යාළුවන්ට ඔයා පාසල් යනකොට ගෙනිහින් මේ වැඩි ඒවා බෙදලා දෙන්න කියලා. දරුවා ඒකට කැමැති වුණා. මම මේ කතාව කිව්වේ දරුවන්ගේ මනස තේරුම් අරගෙන දරුවෝ හදන හැටි සිහිපත් කරන්න. රටක අනාගතය සඳහා කළ යුතු කාර්යයන් අපි ඉතා හොඳින් ඉටු කරනවා. මේ රටේ කිසිම යුගයක නොමැති විදියට අපිට අද අන්තර්ජාතික සහයෝගය තිබෙනවා. ලෝකයේ සෑම රටකම මිත්‍රශීලීභාවය තිබෙනවා. ජාත්‍යන්තර සංවිධානවල ආශිර්වාදය තිබෙනවා. ඒ ශක්තිය අපි පාවිච්චි කරන්නේ රටේ සංවර්ධනයට. දරුවන්ගේ අනාගතයට. අපි රාජ්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ අධ්‍යාපනය, සෞඛ්‍ය, කෘෂි කර්මාන්තය ප්‍රමුඛව අනික් සියලු කටයුතු සංවර්ධනය සඳහායි.මේ දරුවන්ගේ අනාගතය ඉතාමත් වාසනාවන්තයි. මේ දරුවෝ ඉතාමත් පින්වන්ත දරුවෝ. මේ දරුවන් ඉතාමත් භාග්‍යවන්ත දරුවන්. ඒ නිසා දරුවනේ, ඔබට තිබෙන සුන්දර ලෝකයේ ඔබේ බලාපොරොත්තු ඉටු කරමින් මානව සමාජය විශිෂ්ටයින්ගේත් විශිෂ්ටයින් කරන්න අපි සැමවිටම කටයුතු කරන බව ප්‍රකාශ කරමින් මේ ප්‍රදේශයේත් මේ පාසලේත් ඉදිරි සංවර්ධනය සඳහා දිය හැකි දිය යුතු සෑම සහයෝගයක්ම ලබා දෙන බව ප්‍රකාශ කරන අතරම ගරු ලක්ෂ්මන් යාපා අබේවර්ධන අමාත්‍යතුමා අපේ රජය තුළ ඉතාමත් දක්ෂ ඇමතිවරයෙක් විදියට ඔබ වෙනුවෙන් මාතර දිස්ත්‍රික්කය මේ ප්‍රදේශයේ සංවර්ධන කටයුතු වෙනුවෙන් කරන කාර්යය ඉතාමත් අගය කරනවා යැයි ද ජනාධිපතිවරයා කීවේය.ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා මෙසේ කීවේය.මාතර දිස්ත්‍රික්කයේ කිසිම පාසලකට නොලැබුණු වරප්‍රසාදයක් දෙයියන්දර ජාතික පාසලට ලැබී තිබෙන්නේ. ජනාධිපතිතුමාගේ ඉල්ලීමකට අධ්‍යාපන ඇමැතිතුමා කඩිනමින් මේ සඳහා අධ්‍යාපන අමාත්‍යාශයෙන් රුපියල් මිලියන 27ක් ලබා දුන්නා. මේ වෙලාවේ දකුණු පළාතේ හිටපු මහ ඇමැති එච්.ජී. සිරිසේන මහතා සිහිපත් කරනවා. එතුමා මහ ඇමැතිව සිටි කාලයේ මේ විදුහල පළාත් සභාවෙන් නිදහස් කර ගැනීමට අනුමැතිය ලබා දුන්නා. ඒ වාගේම දෙයියන්දර නගර සංවර්ධන වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම සඳහා දෙයියන්දර කනිෂ්ට විදුහල් පරිශ්‍රය නිදහස් කර ගැනීමට වත්මන් දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍ය රාසපුත්‍ර මැතිතුමා අනුමැතිය දුන්නා. ජනාධිපතිතුමා දෙයියන්දර ජාතික පාසලේ මේ ගොඩනැගිල්ල විතරක් නොවෙයි, මේ නගර සංවර්ධන වැඩසටහන පළමු අදියර යටතේ රුපියල් ලක්ෂ 3000ක් අනුමත කර තිබෙනවා. එතුමාවත් දන්නේ නැහැ. ලියුමකින් අස්සන් කර දුන්නාට පස්සේ ඒ මුදල් ලබා ගැනීමට අවශ්‍ය කටයුතු කළා. දැන් එයින් කොටසක් නිදහස් වෙලා තියෙනවා. ඒ කොටසින් කනිෂ්ඨ විදුහල ඉදිකිරීම සඳහා අක්කර හයක භූමිභාගයක් අප පවරා ගන්නවා. එකේ මූලික කටයුතු අවසන් කරලා තිබෙන්නේ.දෙයියන්දර කියන්නේ ප්‍රධාන නගරයක්. අද ප්‍රධාන බැංකුවක් සහ සණස බැංකුව විවෘත කළා. නගර සංවර්ධනයත් සමග රාජ්‍ය ආයතන කීපයක් විවෘත වෙනවා. බැංකු ස්ථාපිත කෙරෙනවා. නගරය මගහැර යෑමට හැකි විකල්ප මාර්ගයක් ඉදිකෙරෙනවා. මේ කාලයේ මේ ප්‍රදේශයේ විශාල දියුණුවක් ඇති වුණා. මට මේ ඉතිහාසය මතක් නොකර බැහැ. මේ අවට තිබුණු පාරවල් කොහොමද තිබුණේ? කාපට් නොකරපු පාරක් දැන් මේ පැත්තේ තිබෙනවාද?ජනාධිපතිතුමාත් හැම අවස්ථාවකම කියන්නේ දරුවන්ගේ විනය හා අධ්‍යාපනය විධිමත් කළ යුතුයි කියලයි. ඒ නිසා දෙයියන්දර ජාතික පාසලට මේ ප්‍රදේශයේ අනෙකුත් පාසල්වලට ළඟම පාසල හොඳම පාසල වැඩසටහන යටතේ මාතර දිස්ත්‍රික්කයට ලක්ෂ 17000ක් ලබා දුන්නා. මේවායින් තමයි හොඳම පාසල ළඟම පාසල නිර්මාණය වෙන්නේ.එදා තිබුණු ප්‍රධාන තත්ත්වයට මේ දෙයියන්දර පාසල පත්වෙන්න ඕනෑ. එක කාලයක තිබුණා මේ පාසලෙන් විශ්වවිද්‍යාලයට 50-60ක් වසරකට යනවා. කීර්තිමත් විදුහල්පතිවරු හිටියා. ඒ කාලයේ රූබසිංහ මහතා දේශපාලන හේතූන් මත මාරු කළා. එතැනින් පසුව මේ විදුහල කඩාවැටුණා. අපේ පරමාර්ථය මේ විදුහල යළි පෙර තිබුණු තත්ත්වයට පත් කිරීමයි. හක්මන ආසනයේ ජාතික පාසල් දෙකයි තිබෙන්නේ.ජාතික පාසලට ලබා දෙන මේ සම්පත්වලින් ප්‍රයෝජන ගෙන කීර්තිමත් විදුහලක් බවට පත් කිරීමට අප කටයුතු කරනවා. ඒ සඳහා හැම දෙනාගේම සහයෝගය බලාපොරොත්තු වෙනවා යැයිද ඒ මහතා වැඩිදුරටත් කීය.ලංකාදීප ප්‍රධාන කර්තෘ විජය පුවත්පත් සමාගමේ අධ්‍යක්ෂ සිරි රණසිංහ මහතා එහිදී මෙසේ පැවසීය.දෙයියන්දර ජාතික පාසලට අද සුවිශේෂී දිනයක්. රාජ්‍ය නායකයකු දෙවැනි වරට මේ පාසලට පැමිණි මොහොතක්. 1955දී විතර එවකට අග්‍රාමාත්‍යවරයකු වූ සර් ජෝන් කොතලාවල මහතා මේ බිමට පැමිණියා. එදා කනිෂ්ඨ විදුහලක් ලෙස පැවැති මේ විදුහල ජ්‍යෙෂ්ඨ විදුහලක් බවට පත් කළා. අද ඉතිහාසයේ සනිටුහන් වන ඓතිහාසික දිනයක්. ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාගේ මැදිහත්වීමෙන් ලබා දුන් තෙමහල් පරිපාලන සංකීර්ණය එතුමා විසින් විවෘත කළා. එතුමා සෞඛ්‍ය ඇමැතිවරයාව සිටි කාලයේ දෙයියන්දර රෝහලට ගිලන් රථයක් ලබා දුන්නා. ඒ වාගේම අද දින මුලටියන ප්රාදේශීය සභාවේ නව කාර්යාල ගොඩනැගිල්ල විවෘත කළා.මේ විදුහලේ දියුණුව පිළිබඳව මා නිතරම උන්නදු වෙනවා. ඒ අනුව විශාල භෞතික හා මානව සම්පත් රැසක්ම මා ඉගෙන ගත් පාසල් මාතාවට ලැබුණා. මේ සම්පත්වලින් උපරිම ප්‍රයෝජන ලබා ගෙන අධ්‍යාපන කටයුතු හොඳින් කර ගැනීම මේ දරුවන්ගේ වගකීමක්. දශක 13කට අධික කාලයක් තිස්සේ මේ පළාතට තිබෙන අගනා සම්පතක් වූ මේ පින් බිමෙන් මුළු පළාතටම විශාල ආලෝකයක් ලැබෙනවා. මේ විදුහලේ වාගේම මේ ප්‍රදේශය දිනෙන් දිනම දියුණුවට පත්වේවා යැයි මා ප්‍රාර්ථනා කරනවා යැයි ඒ මහතා වැඩිදුරටත් කීවේය.විදුහල්පති ඩබ්ලිව්.ඩබ්ලිව්.ජී. අමරසේන මහතා ජනාධිපතිතුමා ඇතුළු ආරාධිත පිරිස පිළිගනිමින් මෙසේ කීවේය.වසර 133ක කීර්තිමත් ඉතිහාසයක් තිබෙන මේ පාසලට ජනාධිපතිවරයකු පළමු වරට පැමිණියේ අදයි. ඒක විදුහලට වාගේම ප්‍රදේශයටත් ඉමහත් ආඩම්බරයක්. විද්‍යා, කලා, වාණිජ, තාක්ෂණ අංශවලින් උසස් පෙළ පන්ති පැවැත්වෙන මෙහි සිසුන් විශාල පිරිසක් වාර්ෂිකව විශ්වවිද්‍යාලවලට ඇතුළත් වෙනවා. අනෙකුත් අංශයන්ගෙන් දස්කම් දක්වන මේ විදුහලේ ඉදිරි ගමනට අද විවෘත කෙරුණු තෙමහල් පරිපාලන ගොඩනැගිල්ල විශාල ආශිර්වාදයක් වෙනවා. එමෙන්ම පන්ති කාමර පැවැත්වීම සඳහා තෙමහල් ගොඩනැගිල්ලක අවශ්‍යතාව තිබෙනවා. මේ විදුහලේ කීර්තිමත් ආදි ශිෂ්‍යයකු වූ ලංකාදීප ප්‍රධාන කර්තෘ සිරි රණසිංහ මැතිතුමා නිරන්තරයෙන්ම මෙහි දියුණුවට උදව් කරනවා. එතුමා මේ ප්‍රදේශයට විශාල සම්පතක්. එමෙන්ම අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා නිතරම උදව් කරනවා. ඒක අපට ලොකු ශක්තියක් වන බව ද ඒ මහතා කීය.අමාත්‍යවරුන් වන මහින්ද අමරවීර, ෆයිසර් මුස්තාපා, දකුණු පළාත් මහ ඇමැති ෂාන් විජයලාල් ද සිල්වා, පළාත් සභාවේ ඇමැතිවරුන් වන චන්දිමා රාසපුත්‍ර, යූ.ජී.ඩී. ආරියතිලක, දකුණු පළාත් මනත්‍රීවරුන් වන පසඳ යාපා අබේවර්ධන, මනෝජ් සිරිසේන, කඹුරුපිටිය ශ්‍රීලනිප ප්‍රධාන සංවිධායක රසික රණවීර, මුලටියන නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ සුදත් සමරවික්‍රම, කොට්ඨාස අධ්‍යක්ෂ එච්.පී.කේ. හේමන්ත, ලංකාදීප නියෝජ්‍ය ප්‍රවෘත්ති කර්තෘ අජන්ත කුමාර අගලකඩ යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් එම අවස්ථාවට සහභාගි වී සිටියහ.සහකාර විදුහල්පති කැටියපේ රාහුල හිමියන් විසින් පිරිස පංච ශීලයෙහි පිහිටැවූ අතර, විද්‍යාලයේ නර්තන අංශයේ සිසුවියන් ඉදිරිපත් කළ නර්තනාංග කීපයකින් උළෙල වර්ණවත් විය.විද්‍යාලයීය පෙරදිග තූර්ය වාදන කණ්ඩායම හා අපරදිග තූර්ය වාදන කණ්ඩායම පෙරටු කරගෙන ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා ප්‍රමුඛ ආරාධිත පිරිස නව තෙමහල් ගොඩනැගිල්ල හා විශේෂ පීඨිකාව වෙත ඉමහත් හරසරින් කැඳවාගෙන ඒමට විදුහල්පති ඩබ්ලිව්.ඩබ්ලිව්.ජී. අමරසේන මහතා ප්‍රමුඛ ගුරු මණ්ඩලය කටයුතු කර තිබිණි.
|
දරු පරපුර බේරා ගත යුතුයි - ජනපති
| 0 |
(***නිමල කොඩිතුවක්කු, ***දෙහිවල එච්.එම්. ධර්මපාල, ***කැස්බෑව ජී.එච්. එස්. කහටපිටිය)කඩා වැටී ඇති එක්සත් ජාතික පක්ෂය නැවත ශක්තිමත් කර ඉදිරියට ගෙන යාමට රුවන් විජයවර්ධන මහතාට හැකියාව ඇතැයි බෙල්ලන්විල රජමහා විහාරාධිපති ආචාර්ය බෙල්ලන්විල ධම්මරතන හිමියෝ පැවසූහ.‘ශක්තිමත් පදනමක් ඇති, නිවැරදි ප්‍රතිපත්තියක් තිබෙන විරුද්ධ පක්ෂයක් රටට අවශ්‍ය බවත් ඒ කාර්ය භාරය ශක්තිමත්ව ඉටු කිරීමට රුවන් විජයවර්ධන මහතාට මහා සංඝරත්නයේ ආශිර්වාදය හිමිවන බවත්’’ උන්වහන්සේ අනුශාසනා කළහ.එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ආශිර්වාද ගැනීම සඳහා බෙල්ලන්විල රජමහා විහාරස්ථානයට පැමිණි අවස්ථාවේ ධම්මරතන හිමියෝ මේ බව පැවසූහ.රුවන් විජයවර්ධන මහතා විහාරස්ථානයට පැමිණ ආගමික කටයුතුවල නිරත වීමෙන් අනතුරුව මහා සංඝ රත්නය සෙත් පිරිත් සජ්ජායනය කර සෙත් ප්‍රාර්ථනා කළහ.වැඩිදුරටත් අනුශාසනා කළ බෙල්ලන්විල රජමහා විහාරාධිපති ආචාර්ය බෙල්ලන්විල ධම්මරතන හිමියෝ මෙසේ ද කීහ.“රුවන් විජයවර්ධන මහතාගේ පවුල් පසුබිම ගත්තත් ආගමට දහමට ලැදි පවුලකින් එතුමා පැවත ගෙන එනවා. ඒ ආභාෂය ගනිමින් රුවන් විජයවර්ධන මහතා කටයුතු කරනවා. මහා විහාරය ඉදිකරන අවස්ථාවේත් මේ පවුලෙන් අපට බොහෝ විශාල උපකාර ලැබී තිබෙනවා.එක්සත් ජාතික පක්ෂය දුර්වල වෙලා කඩා වැටුනට පසු දැන් විජයවර්ධන මහතාට පක්ෂය ගොඩනැගීමේ වගකීම පැවරිලා. දැන් පක්ෂය ශක්තිමත් කර ඉදිරියට ගෙන යන්න විශාල කැප කිරීමක් කරන්න වෙනවා.පක්ෂය වැටිලා තිබෙන වෙලාවක ගොඩගෙන ඉදිරියට ගන්න විට ඔබතුමන්ගේ සංවිධානාත්මක ශක්තියත් වැඩිවෙනවා.දේශපාලන අදහස් කොහොම වුණත් ලංකාවේ ශක්තිමත් විරුද්ධ පක්ෂයක් තිබිය යුතුයි.ශක්තිමත් පදනමක් තිබෙන නිවැරදි ප්‍රතිපත්තියක් තිබෙන ශක්තිමත් විරුද්ධ පක්ෂයක් රටට තිබිය යුතුයි. ඔබතුමන් වගේ දක්ෂ තරුණ නායකත්වයක් මෙතනට පත්වීම මහා සංඝ රත්නය විදියට අප අගය කරනවා.ආගමට, සංස්කෘතියට ලැදියාවක් දක්වන, බෞද්ධ ආභාෂයෙන් පෝෂණය වූ අයෙකු පක්ෂයේ නියෝජ්‍ය නායක ධූරයට පත්වීම අපි අගය කරනවා.රුවන් විජයවර්ධන මහතාගේ පවුලේ උදවිය ආගම දහමට බොහොම ලැදියි. ඒ වගේම ශාසනික ජාතික වශයෙන් ලැදියි. මේ පරම්පරාවෙන් ලැබිච්ච පසුබිම ඔබතුමන්ට තිබෙනවා. ඒ වගකීම ඔබ හොදින් ඉෂ්ඨ සිද්ධ කරයි කියා අප විශ්වාස කරනවා යයිද උන්වහන්සේ වැඩිදුරටත් පැවසූහ.මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මෙසේ කීවේය.“රටේම ජනතාව විශාල ප්‍රසිද්ධියක් දී මේ ආණ්ඩුව බලයට පත් කර ගත්තා. එකම රටක් එකම නීතියක් කියලා තමයි කිව්වේ. නමුත් දැන් ඒක පේන්න නැහැ.විසිවැනි සංශෝධනය සම්මත වෙලා මුළුමනින්ම එය ක්‍රියාත්මක වන බව දැන් පෙනී යනවා. ස්වාධීන අධිකරණයක් තිබෙනවද කියා අපට ප්‍රශ්න කරන්න වෙලා. එක එක අපරාධවලට අහුවෙච්ච අය ආණ්ඩුවට අවශ්‍ය විදියට නිදොස් කරන බවක් අද පෙනී යනවා යන්න මගේ මතයයි.මේ වැඩපිළිවෙළ ගැන අප ගොඩක් කණගාටු වෙනවා. ජාතික ආරක්ෂාව ගැන මේ ආණ්ඩුව බොහොම ඉහළින් කතා කළා. අද කරුණා, පිල්ලයාන් වැනි ත්‍රස්තවාදීන් නිදහස් කරමින් ආණ්ඩුව කටයුතු කරමින් යනවා.හමුදාවේ දහස් ගණනක් ඝාතනය කළා කියා මහ මැතිවරණයේදී කරුණා අම්මාන් ප්‍රකාශ කළා. ඉදිරියේදී රටේ ජාතික ආරක්ෂාවට මොනවා වෙයිද කියා කල්පනා කරන්න වෙනවා.අනෙක් පැත්තෙන් 19 මගින් ස්ථාපිත කළ ස්වාධීන කොමිෂන් සභා ටික ඉවරයි. දැන් ස්වාධීන කොමිෂන් සභා කියා එකක් නැහැ. කොමිෂන් සභාවලට අවශ්‍ය පුද්ගලයන් රටේ නායකයින්ට අවශ්‍ය විදියට දාලා. රට පත් වෙලා තිබෙන තත්ත්වය ගැන එක්සත් ජාතික පක්ෂය විදියට අප කණගාටු වෙනවා.ඉදිරියේදී රජයේ ආයතනවලින් මාධ්‍ය ආයතනවලට දෙන දැන්වීම් සියල්ලම තමාගේ අනුමැතිය අනුව තමයි ලබාදෙන්නේ කියලා පී.බී. ජයසුන්දර මහත්තයා රෙගුලාසියක් දාලා තියෙනවා අපි දැක්කා. මේකෙන් කරන්නෙ ඇත්තටම පෞද්ගලික මාධ්‍ය එක පැත්තකින් සිර කරන එකයි.ඒ ආයතනවල ආදායම දැන් එක පුද්ගලයකු විසින් තීරණය කරනවා මේ ආයතනයට මේක දෙන්න ඕනෑ, මේ ආයතනයට මේක දෙන්න ඕනෑ කියලා.අනික් පැත්තෙන් ස්වාධීන මාධ්‍යයත් දැන් හිරකරන තත්ත්වයට ඇවිල්ලා තිබෙනවා. මේ පිළිබඳව කණගාටුයි. රටේ ප්‍රජාතන්ත්‍රවාදය දැන් අහිමි වීගෙන යනවා. විසිවන සංශෝධනයේ පළවිපාක තමයි අපට දැන් ගෙවන්න වෙලා තිබෙන්නේ.සජිත් ප්‍රේමදාස මහතා සමග ඉන්න පිරිසත් පක්ෂයේ අවුරුදු ගානක් අපත් එක්ක හිටපු අයයි. සජිත් ප්‍රේමදාස මහතාගේ කණ්ඩායමේ කිහිප දෙනෙකු අපත් එක්ක දැන් සාකච්ඡා කරනවා.මේ යන තත්ත්වය උඩ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න නම් එක්සත් ජාතික පක්ෂය පමණක් නෙමෙයි සමගි ජනබලවේගය, ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු සියලු කණ්ඩායම් එක වේදිකාවකට එන්න වෙනවා යයිද ඔහු එහිදී පැවසීය.මේ අවස්ථාව සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය මහතා ඇතුළු පිරිසක් ද එක්ව සිටියහ.එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා බෙල්ලන්විල රාජමහා විහාරයට ගොස් විහාරාධිපති ආචාර්ය බෙල්ලන්විල ධම්මරතන නාහිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.විශේෂ බෝධිපූජා පිංකමක්ද එහිදී පැවැත්විණි.රුවන් විජයවර්ධන මහතා සමඟ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් හිටපු පළාත් සභා මන්ත්රීවරුන් ඇතුළු පාක්ෂිකයින් පිරිසක් ද මේ අවස්ථාවට සහභාගි වූහ.
|
නිවැරැදි ප්‍රතිපත්තියක් තිබෙන විපක්ෂයක් රටට දැන් ඕනෑ
| 1 |
(***අංජුල මහික වීරරත්න සහ ***කැලණිය - ලාල් එස්. කුමාර)ආගමට, ජාතියට, සංස්කෘතියට හිතැති ප්‍රකට බෞද්ධ පවුල් දෙකක නියෝජනයක් වන රුවන් විජයවර්ධන මහතාට දේශීයත්වය ආගම පිළිබඳව අමුතුවෙන් කියා දිය යුතු නැතැයි කැලණිය රජමහා විහාරාධිපති මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමියෝ පැවැසූහ.එක්සත් ජාතික පක්ෂය ගොඩ ගැනීමේ බරපතළ වගකීම රුවන් විජයවර්ධන මහතාට පැවැරී ඇතැයි කී සංඝරක්ඛිත නාහිමියෝ ඒ සඳහා මහා සංඝරත්නයේ පූර්ණ ආශිර්වාදය හිමිවන බව සඳහන් කළහ.එක්සත් ජාතික පක්ෂ නව නියෝජ්‍ය නායක ධුරයට පත් රුවන් විජයවර්ධන මහතා කැලණිය රජමහා විහාරයට ගොස් වන්දනාමාන කර මහා සංඝරත්නයේ ආශිර්වාද ගැනීමෙන් පසු මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමියෝ අනුශාසනාවක් කරමින් මෙසේ ද පැවැසූහ.“කැලණිය රජමහා විහාරය, හුණුපිටිය ගංගාරාමය ප්‍රමුඛ විහාරස්ථානවල ක්‍රියාකාරී දායකත්වය දරමින් රුවන් විජයවර්ධන මහතා විශාල මෙහෙවරක් කරනවා. ඒ අනුව ඔබතුමන්ට මහා සංඝරත්නයේ ආශිර්වාදය හිමි වෙනවා.හෙලේනා විජයවර්ධන ළමාතැනිය කැලණි රජමහා විහාරයේ නව දියුණුව උදෙසා ධන පරිත්‍යාග කළ මැතිනිය ලෙස මුළු මහත් ලංකාවම දන්නවා. එදා පටන් මේ දක්වා විජයවර්ධන පවුලේ සියලුම දෙනා යහපත් මංගල කාරණයක් සිදුවන අවස්ථාවකදී කැලණි විහාරයට පැමිණ ආශිර්වාද ගැනීම සිරිතයි. ඒ ආශිර්වාදය ගැනීම සඳහා රංජිත් විජයවර්ධන පියාණන් ප්‍රමුඛ රුවන් විජයවර්ධන මහතා අද මෙහි පැමිණ සිටිනවා. පාරම්පරිකව එක්සත් ජාතික පක්ෂය නිර්මාණය කළ ඩී.එස්. සේනානායක, එෆ්.ආර්. සේනානායක උරුම කරගත් පවුලේ කෙනකු ලෙස රුවන් විජයවර්ධනට මෙරට සංස්කෘතිය, දේශීයත්වය පිහිටා තිබෙනවා. එමෙන්ම මෙරට ජනතාව ශක්තිවන්ත කිරීමට අවශ්‍ය කරන ආභාසය ද එතුමාට තිබෙන බව අවධාරණය කළ යුතුයි.විජයවර්ධන පවුල මෙරට ප්‍රකට බෞද්ධ පවුලක්. රංජිත් විජයවර්ධන මහතාගේ පියාණන් වන්නේ හෙලේනා විජයවර්ධන ළමාතැනියගේ ජ්‍යෙෂ්ඨ පුතණුවන් වන ඩී.ආර්. විජයවර්ධන මැතිතුමායි. ඒ නිසා මෙරට ආගමට, සංස්කෘතියට, ජාතියට සම්බන්ධ පවුල් දෙකක නියෝජනය ලෙස රුවන් විජයවර්ධන මහතා අප සලකනවා.ඒ නිසා එතුමාට දේශීයත්වය, ආගම පිළිබඳව මෙන්ම රටේ ගැඹුරට ගිය සංස්කෘතිය පිළිබඳව අමුතුවෙන් කිව යුතු නැහැ. එතුමා පවුලේ ආභාසය මෙන්ම උරුමය නිසා රටේ පවතින ශක්තිය පිළිබඳව ඉතා හොඳින් තේරුම් ගෙන සිටිනවා.රුවන් විජයවර්ධන මහතා ලැබිය යුතු අධ්‍යාපන සුදුසුකම් මෙරට මෙන්ම එංගලන්තයේදී ලබාගෙන අංගසම්පූර්ණ වී දේශපාලනයට පැමිණියා. එතුමා එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක ධුරයට පත්වූයේ එවන් පසුබිම යටතේයි.කඩාවැටුණු එක්සත් ජාතික පක්ෂය නැවත ගොඩ නැගීමේ බරපතළ වගකීම නියෝජ්‍ය නායක ලෙස ඔබතුමාට පැවැරී තිබෙනවා. යම්කිසි සැහැල්ලුවක් ඇති කරගත්තා නම් එය බැහැර කර වගකීම තේරුම් ගෙන පාක්ෂිකයන් තවදුරටත් මනසින් ශක්තිමත් කරමින් ප්‍රායෝගිකව ක්‍රියාකාරී පාක්ෂිකයන් බවට පත්කරමින් රටේ ආර්ථික වෙනසක් ඇති කරන්න අවස්ථාවක් ගන්නැයි අප ඉල්ලා සිටිනවා.”එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා අදහස් දක්වමින් මෙසේ පැවැසීය.“එක්සත් ජාතික පක්ෂය නැවත ගොඩනගන්න මට හැකියි. අපට මහ මැතිවරණයෙන් ලැබුණේ පරාජය නොවෙයි. එය පක්ෂය ප්‍රතිසංවිධානය සඳහා හොඳ අවස්ථාවක් බව කිව යුතුයි.අතීතයේ දී රජයක් ලැබුණු විට අප පාක්ෂිකයන්ගෙන් ගොඩක් දුරස් වුණා. මේ ප්‍රතිඵලය අපට ලැබුණේ ඒ නිසයි. නැවත පාක්ෂික විශ්වාසය දිනාගෙන ඉදිරියට යන්න අපට හොඳ අවස්ථාවක් තිබෙනවා. ඒ අනුව පක්ෂය නිසි තැනට ගෙන එන්න හැකි වෙතැයි මා සිතනවා.”මෙහිදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්න සහ රුවන් විජයවර්ධන මහතා ඒවාට දුන් පිළිතුරු මෙසේය.ප්‍රශ්නය: ඔබතුමාට නියෝජ්‍ය නායක ධුරය ලැබුණාට පක්ෂයේ ඇතැම් පිරිස් කැමැති නැහැ නේද?පිළිතුර: මා ඒ ගැන දන්නේ නැහැ. පක්ෂයේ විවිධ අදහස් සහ මතවාද තිබෙනවා. සියලුම දෙනා එකමුතුකමින් ඉදිරියට යා යුතුයි. විවිධ මති මතාන්තරවලටත් ගරු කරමින් පක්ෂය ශක්තිමත් කිරීම මගේ අරමුණයි.ප්‍රශ්නය: රනිල් වික්රමසිංහ මහතා පක්ෂ නායකත්වයෙන් ඉවත් වූ පසුව එ.ජා.ප.යේ නායකත්වය ලැබෙන්නේ කාට ද?පිළිතුර: ඉදිරියේදී එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වී ඒ ගැන හරි තීරණයක් ගනීවි.ප්‍රශ්නය: ඔබ පක්ෂ නායකත්වය බලාපොරොත්තු වෙනවා ද?පිළිතුර: අනිවාර්යයෙන්ම. පාක්ෂිකයන්ගේත් කෘත්‍යාධිකාරී මණ්ඩලයේත් විශ්වාසය තිබෙනවා නම් පක්ෂ නායකත්වයට ඉදිරිපත් වෙන්න මා ලෑස්තියි.ප්‍රශ්නය: පක්ෂ නායකත්වයට තෝරා පත් කරගන්නත් රහස් ඡන්දයක් තැබිය යුතු වේවි ද?පිළිතුර: නායකත්වය බලාපොරොත්තු වන තවත් අය ඉන්නවා. ඔවුන් ද ඉදිරිපත් වේවි. ඒ අනුව තෝරා ගැනීම සඳහා සුදුසු තීරණයක් ගනීවි.ප්‍රශ්නය: එක්සත් ජාතික පක්ෂයේ තනතුරු පාක්ෂිකයන්ගෙන් විමසන්නේ නැතිව පත් කරන්නේ ඇයි?පිළිතුර: ජනතා විශ්වාසය නැතිව තනතුරුවලට පත් වී නැහැ. මගෙත් නායක පුටුවට කෑදරකමක් නැහැ. ඒත් පක්ෂය ආරක්ෂා කරගත යුතුයි.මට තිබෙන්නේ ඒ චේතනාව පමණයි.මා ඉදිරිපත් වූයේ පක්ෂය ගොඩනැගීම සඳහායි. එක්සත් ජාතික පක්ෂය මගේ හෝ වෙන කාගෙවත් හෝ පෞද්ගලික දේපොළක් නොවෙයි. මෙය ඉතිහාසය සමග බැඳී තිබෙන පක්ෂයක්. පක්ෂය විනාශ වීම ජාතික අපරාධයක්.ප්‍රශ්නය: සමගි සන්ධානයක් ගැන සමගි ජන බලවේගය ප්‍රකාශ කර තිබෙනවා. එයින් ආරාධනාවක් ලැබුණොත් ගන්නා පියවර කුමක් ද?පිළිතුර: ඒ අයත් සමඟ සාකච්ඡා කර එකඟ විය හැකි නම් රට වෙනුවෙන් වැඩ කරන්න සූදානම්. දැනටමත් ආණ්ඩුවෙන් විවිධ වැරැදි වෙනවා. රට, ජනතාව ගැන මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය ගැන සිතා එක් වීමට හැකියි.ප්‍රශ්නය: විසිවැනි ව්‍යවස්ථා සංශෝධනය ගැන ඔබේ අදහස කුමක් ද?පිළිතුර: අප ඒ ගැන කනගාටුවට පත්වෙනවා. සෝභිත හිමියන්ගේ මූලිකත්වයෙන් 19 වැනි සංශෝධනය ගෙනාවේ ප්‍රජාතන්ත්‍රවාදය රකින්නයි.විසිවැනි සංශෝධනයෙන් ප්‍රජාතන්ත්‍රවාදය පසෙක තබා ඒකාධිපති ස්වරූපයක් ඇති කරලා. එක්සත් ජාතික පක්ෂය ලෙස අප ඊට විරුද්ධයි.ප්‍රශ්නය: රනිල් වික්රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂ නායකත්වයේ සිටිය යුතු යැයි ඔබ සිතනවා ද?පිළිතුර: නායකත්වයෙන් ඉවත් වන බව එතුමා පැහැදිලිවම කියා තිබෙනවා. එතුමා දිගු කාලයක් තිස්සේ පක්ෂයට නායකත්වය දුන්නා. එතුමා අත්හරින්න හැකියාවක් නැහැ. ඊළඟ නායකත්වයට වැඩ බාරදෙන්න එතුමාටත් කාලයක් තිබෙනවා.දෙසැම්බර් වනවිට අලුත් නායකයාට පූර්ණ බලතල දී පත්කරන බව එතුමා ප්‍රකාශ කළා. ඒ විශ්වාසය අප ළඟ තිබෙනවා. එතුමාට අගෞරවය කර වැඩ කරන්න මට කිසිම චේතනාවක් නැහැ. පක්ෂය ප්‍රතිසංවිධාන කළ යුතු බව එතුමාගේත් අදහසයි.ප්‍රශ්නය: එ.ජා.ප.යේ ඉදිරි නායක ඔබතුමා බව රනිල් වික්රමසිංහ මහතා ප්‍රකාශ කර තිබේ ද?පිළිතුර: එතුමා එසේ කියා නැහැ. ඉදිරි නායකයා වන්නේ නියෝජ්‍ය නායකයාම නොවෙයි.ඒත් ඉදිරිපත් වී පක්ෂ නායකත්වය ගන්න නියෝජ්‍ය නායකයාටත් ඉඩ ප්‍රස්ථා තිබෙන බව එතුමා ප්‍රකාශ කළා.ප්‍රශ්නය: එක්සත් ජාතික පක්ෂ නායකත්වයත් පවුලේ අය අතර දෝලනය වන බවට චෝදනා කරනවා නේද?පිළිතුර: එහි සත්‍යතාවක් නැහැ. මා පත්වුණේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ ඡන්දයෙන්. නායකතුමා එහිදී ඡන්දය ප්‍රකාශ කළේ නැහැ. එක්සත් ජාතික පක්ෂයේ සුදුස්සාට සුදුසු තැන ලැබෙනවා. යැයි ද රුවන් විජයවර්ධන මහතා සඳහන් කළේය.
|
නිවැරැදි ප්‍රතිපත්තියක් තිබෙන විපක්ෂයක් රටට දැන් ඕනෑ
| 0 |
(*** අංජුල මහික වීරරත්න)එක්සත් ජාතික පක්ෂයට නැවත ජේ. ආර්. ජයවර්ධන ස්වර්ණමය යුගය ගෙන එන බව එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ඊයේ (17) පැවැසීය.ආසන අටකට පසු බැස තිබූ එක්සත් ජාතික පක්ෂය නැවත හයෙන් පහක බලයක් ගැනීමට තරම් ශක්තිමක් කිරිමට ජිවය දීමට ජයවර්ධන මහතා සමත් වු බව කී රුවන් විජයවර්ධන මහතා සිදුවු වැරදි හදාගෙන පාක්ෂිකයා සමග ශක්තිමත් ගමනක් යන්නේ යැයිද සඳහන් කළේය.එක්සත් ජාතික පක්ෂ නව නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මේ බව පැවසුවේ ශ්‍රී ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතාගේ 114 වැනි ජන්ම දින සමරු උත්සවයෙන් අනතුරුව මාධ්‍ය හමුවේ විශේෂ ප්‍රකාශය කරමිනි.පිටකෝට්ටේ ජාතික සේවක සංගම් මූලස්ථානයේ පැවැති ජයවර්ධන පිළිරුව පුෂ්පෝපහාර දැක්වීමද මෙහිදී සිදු කෙරිණි.පුෂ්පෝපහාර දැක්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් රුවන් විජයවර්ධන මහතා මෙසේ පැවසීය.ප්‍රශ්නය: කරූ ජයසූරිය මහතා සමග සහයෝගයෙන් කටයුතු කරනවාද?පිළිතුර: කරු ජයසූරිය මහතාත් පක්ෂය වෙනුවෙන් විශාල කැපවීමක් කර තිබෙනවා. පක්ෂය ගොඩනැගීම සඳහා එතුමාගේ උපදෙස් ද අවශ්‍යයි. ගමන යා යුත්තේ සියලුම දෙනා එකතු කරගත යුතුයි.ප්‍රශ්නය: නියෝජ්‍ය නායක තෝරා පත්කර ගැනීම සඳහා තැබූ ඡන්දයේදී නැවත පක්ෂය දෙකඩ වුයේ නැද්ද?පිළිතුර: පක්ෂයේ ප්‍රජාතන්ත්‍රවාදය තිබෙනවා. ඒ අනුව නොයෙක් මතවාද ද තිබිය හැකියි. ඡන්දය තිබුණා යැයි පක්ෂය බෙදිය යුතු නැහැ. පක්ෂය ගොඩනගා ගැනීමට නම් සියලුම දෙනා එකමුතු විය යුතුයි.ප්‍රශ්නය: ප්‍රතිසංවිධාන මැතිවරණයට පෙර කළා නම් ප්‍රතිඵලය මීට වඩා යහපත් වන්නේ නැද්ද?පිළිතුර: මහ මැතිවරණ ප්‍රතිඵලය පක්ෂය ප්‍රතිසංවිධානය සඳහා අවස්ථා කරගත යුතුයි. දැන් බිම් මට්ටමට ගොස් යට ඉඳන් උඩට පක්ෂය ගොඩනැගිය යුතු වෙනවා. ඉදිරියේදී අතීතයේ මෙන් පක්ෂය ශක්තිමත් තත්ත්වයට ගෙන එන්න හැකිවේ යැයි මා විශ්වාස කරනවා.ප්‍රශ්නය: 19 වැනි සංශෝධනය විසි වැනි සංශෝධනයත් සමග විසි වෙන්න යනවා නේද?පිළිතුර: එක්සත් ජාතික පක්ෂය අනිවාර් යයෙන්ම විසි වැනි සංශෝධනයට විරුද්ධයි. මේ ගෙනෙන්න හදන්නේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට විශාල හානිය වන ආකාරයේ ව්‍යවස්ථා සංශෝධනයයි.ස්වාධීන කොමිෂන් සභා අහෝසි කරලා. පාර්ලිමේන්තුවට තිබූ බලය නැවත ජනපතිට දීම සඳහා සංශෝධනය ගෙනැවිත් තිබෙනවා. එය රටේ අනාගතයට මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදයට ඉතා අහිතකරයි.ප්‍රශ්නය: විසිවැනි සංශෝධනයට එරෙහිව සටන් කරද්දී සියලු දෙනා එක වේදිකාවකට එනවද?පිළිතුර: ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි ජනබලවේගය පමණක් නොව සෙසු සියලු පක්ෂ එක්විය යුතුයි. සටන් බිමට යාමට පෙර අප සැම එක් මේසයකට පැමිණිය යුතුව තිබෙනවා. එය සිදුවනු ඇතැයි මා සිතනවා.ප්‍රශ්නය: එසේ වුවහොත් සජිත් ප්‍රේමදාස මහතා සමග සාකච්ඡා කරනවාද?පිළිතුර: සජිත් ප්‍රේමදාස මහතා සමග පමණක් නොව ජනතා විමුක්ති පෙරමුණ සමගත් සාකච්ඡා කරන්න මා ලැහැස්තියි. මා ඊයේ දිනයේදී සජිත් ප්‍රේමදාස මහතාට මෙන්ම රංජිත් මද්දුම බණ්ඩාර මහතාටත්, තලතා අතුකෝරල මහත්මියටත් දුරකතනයෙන් කතා කළා. එතනත් ඉන්නේ අපේ සහෝදර මන්ත්‍රීවරුයි.එහි සිටින ගොඩක් අය මට දුරකතනයෙන් කතා කර සුබ පැතුවා. ඉදිරියේදී එකට වැඩ කරන්නට අපට හැකියි.ප්‍රශ්නය: ජේ. ආර්. ජයවර්ධන අද ජීවතුන් අතර සිටියා නම් එජාපය සිටින තැන ගැන මොනවා සිතේවිද?පිළිතුර: එතුමා අපේ පක්ෂයට විශාල ශක්තිය වූ චරිතයයි. කම්කරු පන්තිය වෙනුවෙන් එතුමා විශාල සේවයක් කළා. ජාතික සේවක සංගමය එක් උදාහරණයක් පමණයි.ජේ. ආර්. ජයවර්ධන මහතා අද සිටියා නම් පක්ෂය වඩාත් ශක්තිමත් කරන්න හැකි වේවි. එතුමා සිටියා නම් එක්සත් ජාතික පක්ෂය තවමත් ඉතා ප්‍රබල පක්ෂය ලෙස තිබේවි.එක්සත් ජාතික පක්ෂය ඉතිහාසයේදීත් මෙවැනි පසුබෑම්වලට ලක්ව තිබෙනවා. එක් අවස්ථාවකදී ආසන අටකට පසු බැස්සා. පසුව ජේ. ආර්. ජයවර්ධන මහතාගේ නායකත්වයෙන් පාර්ලිමේන්තුවේ හයෙන් පහක බලය ගැනීමට හැකියාව ලැබුණා.එක්සත් ජාතික පක්ෂය පරාජයට මෙන්ම ජයග්‍රහණයන්ටත් මුහුණදී තිබෙනවා. අප පක්ෂය නැවත දැවැන්ත සේවය රටට කළා. එක්සත් ජාතික පක්ෂය පසු බැසීම යනු ජාතික අපරාධයයි. මගේ එකම අරමුණ ජේ. ආර්. ජයවර්ධන යුගය නැවත එක්සත් ජාතික පක්ෂයට ගෙන ඒමයි.ප්‍රශ්නය: අප සියලු පසු බැසීමට වගකිවයුත්තා කවුද?පිළිතුර: අප සියලු දෙනාම පොදුවේ ඒ වගකීම බාරගත යුතුයි. එක පුද්ගලයකුට පමණක් ඇඟිල්ල දිගු කළ යුතු නැහැ. ජයග්‍රහණයේ අභිමානය බාර ගන්නවා වගේම පරාජයත් සියලුම දෙනා එක්ව බාරගත යුතුයි.අප ආණ්ඩුවේ සිටින විට මගේ අතිනුත් වැරදි වුණා. පාක්ෂිකයන්ගෙන් දුරස් වුණා. කළ වැරදි හදාගෙන තවත් ශක්තිමත්ව ඉදිරියට පැමිණිය යුතුයි.මෙහිදී අදහස් දක්වමින් එජාප මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා මෙසේ පැවසීය.එක්සත් ජාතික පක්ෂයේ පූර්ණ ප්‍රතිසංවිධානය අරඹා තිබෙනවා. එහි මූලික පියවර පසුගිය දිනවලදී සිදුවුණා. ඉදිරි කාලයේදී සෙසු ප්‍රතිසංවිධාන කටයුතු කිරීමට තීරණය කර තිබෙනවා.ප්‍රශ්නය: පක්ෂ නායකයා පත්කර ගන්නවා යැයි කිව්වත් අවසානයේ පත් කළේ නියෝජ්‍ය නායකයා නේද?කාරියවසම් මහතා : ඉතිරි තනතුරු තෝරා පත්කර ගන්නා බව කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී පැහැදිලිවම ප්‍රකාශ වුණා. නායකත්වයේ සිට සියලු තනතුරු පූර්ණ වෙනස වේවි.ප්‍රශ්නය: ප්‍රතිසංවිධාන කලින් කළානම් හොඳ යයි සිතන්නේ නැද්ද?කාරියවසම් මහතා: සමහර කණ්ඩායම් ඒ තත්ත්වය තේරුම් ගත්තේ නැහැ. එකතුවී යා යුතු යැයි යන පදනමේ සිටියද ඒ අය වෙනම ගියානේ. අප එකතු වී ගියා නම් මීට වඩා ශක්තිමත් වෙනවා. කිසිවෙකුත් ජයග්‍රහණය කර නැහැ. ඡන්ද පදනම අඩු වූවා.මහ ලේකම්ධුරයත් ප්‍රතිසංවිධානයට ලක්කර අලුත් අය පත් කර ගන්නා ලෙසට තමා ඉල්ලීමක් කර තිබෙනවා යැයිද අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.
|
නිවැරැදි ප්‍රතිපත්තියක් තිබෙන විපක්ෂයක් රටට දැන් ඕනෑ
| 0 |
(අංජුල මහික වීරරත්න සහ ශාන්ත ප‍්‍රදීප් කුමාර)”යහපාලන ජාතික රජය රට සංවර්ධනය කරන්නේ එක්සත් ජාතික පක්ෂයට හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හෝ විශේෂ වාසියක් ගැනීමේ අරමුණෙන් නොවේ” යයි අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා කොළඹ පන්නිපිටියේදී පැවැසීය. ”සියලූ වැඩ කටයුතු කරන්නේ ජාතික ආණ්ඩුව ලෙස හැම පාර්ශ්වයකම එකමුතුවෙන්” බව කී අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා එහි අවසාන ප‍්‍රතිඵලය සියලූම ශ්‍රී ලාංකිකයන්ට සමසේ බෙදී යන්නේ යැයි පැවැසීය. අග‍්‍රාමාත්‍ය රනිල් වික්රමසිංහ මහතා මෙසේ සඳහන් කළේ සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ මඟ පෙන්වීම යටතේ නාගරික සංවර්ධන අධිකාරියේ නාගරික පුනර්ජීවන ව්‍යාපෘතිය මගින් ක‍්‍රියාත්මක මධ්‍යම ආදායම් නිවාස ව්‍යාපෘතියේ දෙවැනි අදියරේ ඉදිකිරීම් කටයුතු ඇරැඹීමේ උත්සවයේ ප්රධාන ආරාධිත ලෙස සහභාගී වෙමිනි. පන්නිපිටිය වීර මාවතේ නාගරික සංවර්ධන අධිකාරියට අයත් භූමියක රුපියල් මිලියන 6000ක වියදමින් ඉදිවන නිවාස ව්‍යාපෘතිය නිවාස ඒකක 500කින් සමන්විතය. ව්‍යාපෘතිය නම් කර ඇත්තේ ”වියත් පුර” නමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා මෙසේ ද පැවැසීය. ”වියත් පුරය” යනු යහපාලන රජයේ නිවාස යෝජනා ක‍්‍රමය, නාගරික යෝජනා ක‍්‍රමය මෙන්ම ආර්ථික වැඩසටහන යන අංශ තුනටම අයත් වූ ව්‍යාපෘතිය බව කිව යුතුයි. ලබන වසර තුන ඇතුළත දී ශ්‍රී ලංකාවට රුපියල් කෝටි හාර ලක්ෂ විසි දහසක ණයක් ගෙවීමට තිබෙනවා. ඒ ණය ගෙවා දැමීමට නම් අපට ඉතා තරගකාරී වෙළෙඳ ආර්ථිකයක් අවශ්‍යයි. එමෙන්ම අපගේ අපනයනය වැඩි කළ යුතුයි. රටේ ආදායම වර්ධනය කළ යුතුව තිබෙනවා. බදු ආදායම වැඩි කළ යුතුව තිබෙනවා. 2020 වසර වනවිට මූලික ණය ගෙවීමේ පදනම ඇති කර ඊළඟ වසර 5 ඇතුළත ණය බර ක‍්‍රම ක‍්‍රමයෙන් අඩු කිරීමට හැකියි. ඉතා තරගකාරී වෙළෙඳ ආර්ථිකය ඇති කළවිට ඉන් ලැබෙන වාසිය ස්වල්ප දෙනකුට පමණක් සීමා කරන්න බැහැ. එහි ප‍්‍රතිලාබ බෙදී යන්නේ කර්මාන්ත, ව්‍යාපාර හිමි කිහිපදෙනකුට පමණක් නොවෙයි. අපට වෙළෙඳ ආර්ථිකය සහ සමාජ සාධාරණත්වය යන අංශ දෙකම අවශ්‍යයි. පසුගිය සතියේ දී වෙළෙඳ කලාපීය වෘත්තීය සමිති සමඟ සාකච්ඡුා කිරීමට මට අවස්ථාව ලැබුණා. නිෂ්පාදනවලට ලැබෙන ලාබය වැඩි වූ විට එහි වාසිය ලාබයේ කොටස්කරුවන් වන සේවකයන් සඳහා දෙන්නේ කෙසේ දැයි සාකච්ඡුා කළා. රාජ්‍ය මෙන්ම පෞද්ගලික අංශ ද ඒ ක‍්‍රියාමාර්ග ගත යුතුයි. ජනතාවට සහන දීම සඳහා තවත් ප‍්‍රධාන කාරණා දෙකක් තිබෙනවා. පළමු වැන්න නම් අධ්‍යාපනයයි. වසර 13ක අධ්‍යාපනය අනිවාර්යය කර පාසල් ක‍්‍රමය දියුණු කිරීමට අප කටයුතු කරනවා. ”හොඳ පාසල් නැහැ, ජාතික පාසල් අවශ්‍යයි” යන චෝදනාව එවිට නගන්නට හැකි වන්නේ නැහැ. පළාත් සභා සමඟ සාකච්ඡා කර පළාත් සභා පාසල් ගණනාවක් ඒ සහ බී ශ්‍රේණියේ මධ්‍ය මහා විද්‍යාල බවට පත් කිරීමටත්, ඒ තත්ත්වය ආරක්ෂා කිරීමටත් ක‍්‍රියා කරන බව අධ්‍යාපන ඇමැතිතුමා මා සමඟ පැවසුවා. තම දරුවන්ට හොඳ අනාගතය ලබා දීම සියලූම දෙනාගේ අපේක්ෂාවයි. ඇතැම් සිසුන්ට විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා යොමු වීමට දක්ෂකම් නැහැ. ඒ නිසා බොහෝ පිරිසක් පාසල් අතහැර යනවා. අපේ උත්සාහය වන්නේ එලෙස පාසල් හැර යන අයත්, පාසලේ තබා ගෙන ඒ පිරිසට වෘත්තීය දැනුම දීමයි. එවැනි දැනුමක් ඇති වෘත්තීයවේදීන්ටත් මේ යුගයේ දී හොඳින් මුදල් ඉපැයීමට අවස්ථාව තිබෙනවා. එවැනි අයකු විදේශගත වුවහොත් සාමාන්‍ය උපාධිය ඇති අයකුට වඩා හොඳ ආදායම ගත හැකි තත්ත්වය නිර්මාණය වී තිබෙනවා. සෞඛ්‍ය සේවය දියුණු කිරීම සඳහා යහපාලන රජය තවත් වෛද්‍ය පීඨ ගණනාවක් මොරටුව, සබරගමුව, වයඹ ආරම්භ කරනවා. අපට අවශ්‍ය වෛද්‍යවේදීන් ඒ අනුව බිහි කළ හැකියි. මීට අමතරව ඇති විශාලතම ප‍්‍රශ්නය වන්නේ නිවාස ප‍්‍රශ්නයයි. ග‍්‍රාමීය මධ්‍යම පාන්තික ජනතාවට, උතුරේ නිවාස අහිමි වූ ජනතාවට, බිම් අඟලක හෝ හිමිකාරීත්වයක් නැති කඳුකරයේ කම්කරු ජනතාවට, කොළඹ පැල්පත් ජනතාවට සහ මධ්‍යම පාන්තිකයන්ට නිවාස දීම සඳහා අප විශාල වැඩපිළිවෙළක් ආරම්භ කර තිබෙනවා. ඒ වගේම නාගරීකරණයේ ප‍්‍රධාන වැඩසටහන ලෙස තට්ටු නිවාස ව්‍යාපෘතිය ද ඉදිකිරීමට ද යටිතල පහසුකම් දියුණු කිරීමට ද අදාළ කටයුතු සැලසුම් කර තිබෙනවා. අද කුඩා කාලයේ ලංකාවේ ප‍්‍රධාන නගරය ලෙස පැවැතියේ කොළඹ පමණයි. ඒ කාලයේ මහරගම ආදී නගර කොළඹින් බොහෝ දුර බැහැර නගර ලෙසයි සැලකුණේ. ඒත් අද වනවිට හෝමාගම, මහරගම දක්වාත් අනෙක් පසින් ගම්පහ සිට කුරුණෑගල දක්වාත් නාගරීකරණය වෙලා. තවත් වසර 10ක් පමණ ගත වනවිට කුරුණෑගල, කුලියාපිටිය, හලාවත ආදී ප‍්‍රදේශ එක් පසෙකිනුත් අනෙක් පසින් ගාල්ල, මාතර දක්වාත් විශාල නාගරීකරණයකට රට ලක් වෙනවා. නාගරීකරණය තුළ ජීවත් වීමට තට්ටු නිවාස ක‍්‍රමය අවශ්‍යයි. නිවාස සම්බන්ධව විශාල ගැටලූ තිබෙන්නේ අපේ රටේ වෘත්තීයවේදීන්ටයි. මුදල් නොමැතිවීම, නිවාස සඳහා ණය ගැනීමට සිදුවීම ආදී ගැටලූ ඔවුන්ට බලපානවා. ඒ සඳහා විසඳුම ලෙස විදෙස්ගත වී මුදල් සෙවීමට ඇතැමුන් කල්පනා කරනවා. ඉන් වන්නේ ජනතාවගේ සේවය රටට අහිමි වීමයි. ඒ ගැටලූ සඳහා පිළියම් දෙමින් ලාංකික වෘත්තීයවේදීන්ගේ සේවය ශ්‍රී ලංකාවටම ගැනීම සඳහා අප මේ වැඩ කටයුතු ආරම්භ කළා. රටේ මධ්‍යම පන්තික උගතුන්ට, වෘත්තීයවේදීන්ට මෙලෙස නිවාස දීම වන්නේ පාඨලී චම්පික අමාත්‍යතුමාගේ යෝජනාවක් අනුවයි. එය රටට අවශ්‍යයි. ශ්‍රී ලංකාව වැනි රටක් දියුණු වීමට නම් මධ්‍යම පාන්තිකයන් අත්‍යවශ්‍යයි. තමන් නීතිඥයකු, වෛද්‍යවරයකු, දක්ෂතා සහිත කාර්මිකයකු හෝ ව්‍යාපාරිකයකු හෝ වුවත් මධ්‍යම පන්තියට ඇතුළත් වීමේ හැකියාව සියලූ දෙනාට තිබිය යුතුයි. මේ වැඩසටහන යටතේ විශාල නිවාස සංඛ්‍යාවක් ඉදිකිරීමට තිබෙනවා. බස්නාහිර පළාතේ නාගරීකරණය දියුණු කිරීම සඳහා නිවාස පමණක් නොව යටිතල පහසුකම්, විදුලිය, ජල පහසුකම් ද දියුණු කළ යුතුයි. වාහන තදබදයත් විසඳිය යුතු එක් ගැටලූවක් වනවා. පාඨලී චම්පික ඇමැතිතුමා අභියෝග බාර ගනිමින් ඒ සඳහා වැඩ කටයුතු කරමින් සිටිනවා. ඒ වැඩ කටයුතු ඉදිරියට ගෙන යාම සඳහා එතුමාට තවත් මුදල් දීමට මා බලාපොරොත්තු වෙනවා. 2015 දී මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් අප ජාතික ආණ්ඩුව නිර්මාණය කළේ මෙවැනි විශාල වැඩ කොටස කිරීමට අවශ්‍ය බව තේරුම් ගත් නිසයි. පැරණි දේශපාලන සම්ප‍්‍රදායට අනුව අපේ පක්ෂයෙන් පමණක් තනිව ආණ්ඩුව ගෙන යනවා යයි පැවැසීමට හැකියාව තිබුණා. ඒත් ගැටලූවලට විසඳුම් දෙමින් එක්ව වැඩ කිරීමට මා තීරණය කළා. පසුව ඡුන්දයට මුහුණ දෙනවිට ජනතාව පක්ෂ දෙකෙහි ගුණ වර්ණනා කරයි. එවිට ජනතාව පක්ෂ දෙකෙහිම අපේක්ෂකයන් අතුරෙන් රටට වැඩදායී අපේක්ෂකයන් තෝරා ගනීවි. මේ ක‍්‍රමය අප ගෙනාවේ ලෝකය දෙසට අවධානය යොමු කරමිනුයි. මේ වනවිට අපට ජාත්‍යන්තර ආධාර සහයෝගය ලැබෙමින් පවතිනවා. ගෙවා ගැනීමට නොහැකිව තිබූ ණය බර අද අප පාලනය කරලා. සියලූ වැඩ කටයුතු කරන්නේ ජාතික ආණ්ඩුව ලෙස සියලූ දෙනාගේම එකතුවෙනුයි. එක්සත් ජාතික පක්ෂයට හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හෝ විශේෂ වාසිය දීමට අප වැඩ කරන්නේ නැහැ. පක්ෂ දෙකක් එකට වැඩ කිරීම යනු ඉතා අසීරු කාර්යයයි. මේ නිවාස ව්‍යාපෘතිය ආරම්භ කිරීම ජාතික ආණ්ඩුව රැුගෙන යනවා වාගේ යයි මා පැවසුවේත් ඒ නිසයි. ජාතික ආණ්ඩුව රැුගෙන යනවිට යම්තමින් හෝ අවධානය ගිළිහුණොත් වරදින්නේ කෙසේ දැයි සිතා ගැනීමටත් නොහැකියි. පොඞ්ඩක් බැරි වුණොත් කොහේ ගිහින් වදියි ද දන්නේ නැහැ. රටට වාසිය වන නිසා කෙසේ හෝ මෙය ඉදිරියට ගෙන යාමට මා තීරණය කරනවා. සමාජ සාධාරණත්වය සහිත වෙළෙඳ ආර්ථිකය බිහි කිරීමේ හැකියාව අපට තිබෙනවා. ඒ සඳහා වන වැඩපිළිවෙළෙහි සමාරම්භක අවස්ථාවට මට ආරාධනා කළ පාඨලී චම්පික ඇමැතිතුමාට සුභ ප්රාර්ථනා කරනවා” යැයි ද රනිල් වික්රමසිංහ මහතා තවදුරටත් පැවැසීය. මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ”මහරගම, හෝමාගම, කොට්ටාව ප‍්‍රදේශ කොළඹ නගරයෙන් පසුව බිහි වන දෙවැනි අගනගරය ලෙස සැලකිය හැකියි. හෝමාගම දැන් තාක්ෂණික නගරය ලෙස දියුණු වෙමින් තිබෙනවා. දෙවැනි අගනගරය මේ ප‍්‍රදේශයේ බිහි වනවිට වියත් පරපුර සඳහා නිවාස අවශ්‍යයි. මේ වසරේ දී ස්ථාන 6ක් කේන්ද්‍ර කරගනිමින් වෘත්තීයවේදීන් සඳහා නිවාස ඉදිකරනවා. ඒ අනුව නිවාස 5000ක් ඉදි වීමට නියමිතයි. බොරැුල්ල නිවාස සංකීර්ණයේ වැඩ මේ වනවිට අවසන් වෙමින් තිබෙනවා. විනිවිද පෙනෙන අයුරින් ජනතාවට උපරිම ප‍්‍රතිලාබ දීම අපේ අරමුණයි. අතීතයේ ද නොයෙක් ජන වර්ග තමන් ලෝකයට මඟ පෙන්වන්න සුදුසු බව කල්පනා කළා. එවැනි සංකල්පය නිසා ඇතැම්විට යුද්ධ ඇති වුණා. ඇතැම්විට යහපත් දේ සිදු වුණා. ලෝකයට මඟපෙන්වීම ගැන විවිධ අය විවිධ කතා කියනවා. නවෝත්පාදනයේ යෙදෙන තාක්ෂණ කණ්ඩායම ලෝකයට මඟපෙන්වන බව අලූත්ම මතයයි. එනම් මධ්‍යම පන්තියයි. මෙරට වූ සමාජ පෙරළියේ පෙරමුණ ගත්තේ ද මැද පන්තිය බව කිය යුතුයි. අනාගතයේ මේ ප‍්‍රදේශය කොළඹටත් වඩා තාක්ෂණ පන්තියේ අගනගරය බවට පත් වෙනවා. ශ‍්‍රම විභජනය අනුව දොස්තර, ඉංජිනේරු, ගණකාධිකාරී වශයෙන් අලූත් කුල ක‍්‍රමය නිර්මාණය වී තිබෙනවා. මේ නිවාස යෝජනා ක‍්‍රමය ඔවුන් සඳහායි. අපේ නව නගරයට ඇතුළු වන්නැයි වෘත්තීයවේදීන්ගෙන් මා ඉල්ලා සිටිනවා. පොදු පහසුකම් සඳහා වෙන් කළ භූමිය සංවර්ධනය කර අප නැවත ජනතාවට දෙනවා. එමෙන්ම මෙහි කසළ කළමනාකරණය මෙන්ම ජල කළමනාකරණය ආදිය හරිත ක‍්‍රමවේදයට අනුව ක‍්‍රියාත්මක වන බව කිව යුතුයි.”මේ අවස්ථාවට අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය විජයදාස රාජපක්ෂ, බස්නාහිර පළාත් ප්රධාන අමාත්‍ය ඉසුර දේවප‍්‍රිය, පළාත් සභා මන්ත‍්‍රීවරු වන රොඞ්නි ෆ්‍රෙෂර්, නිමල් ආර්. පීරිස් යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද සහභාගී වූහ.
|
ජාතික ආණ්ඩුව වැඩ කරන්නේ වාසි බලාගෙන නෙමෙයි
| 1 |
(අංජුල මහික වීරරත්න සහ අතුරුගිරිය ගුණවතී ඉලංගකෝන් මැණිකේ)කාන්තාවගේ ආර්ථික මෙන්ම දේශපාලන බලය ද ශක්තිමත් කිරීමට ජාතික රජය පියවර ගත් බව අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා මාලබේ දී පැවැසීය.”ශ්‍රී ලංකා ආර්ථිකයේ මුල් පුරුක වන කාන්තාව ආර්ථික ව්‍යුහයේ ඉහළටම ඔසවා තැබීම ජාතික රජයේ අරමුණ බව කී අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා ඉදිරි මැතිවරණවලදී කාන්තා නියෝජනය සියයට 25ක් කර කාන්තාව දේශපාලන වශයෙන් ද බලවත් කරන්නේ යයි” ප‍්‍රකාශ කළේය.සුජීව සේනසිංහ පදනම සංවිධාන කළ ‘දිරිය කතුන්’ කාන්තා බල ගැන්වීමේ ජාතික වැඩසටහනේ ප‍්‍රධාන ආරාධිත ලෙස සහභාගී වෙමින් අග‍්‍රාමාත්‍ය රනිල් වික්රමසිංහ මහතා මේ බව පැවැසීය.කාන්තාවන් සඳහා ස්වයං රැකියා පුහුණු වැඩසටහන්, ස්වයං රැකියා සඳහා අවශ්‍ය උපකරණ සහ ණය ආධාර දීම වැඩසටහන යටතේ සිදු කෙරෙයි.කඩුවෙල ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල ශ‍්‍රවණාගාරයේදී වැඩසටහන පැවැත්විණි.එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා මෙසේද කීය.”සුජීව සේනසිංහ ඇමැතිතුමාගේ කඩුවෙල ආසනයේ කාන්තා සංවිධානය අලූත් වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා. සුජීව සේනසිංහ ඇමැතිතුමා රාජ්‍ය ඇමැති ධුරය බාර ගෙන මලික් සමරවික‍්‍රම ඇමැතිතුමා සමඟ එක් වී විශාල වැඩ කොටසක් කරමින් සිටිනවා.එතුමාගේ ප‍්‍රධානත්වයෙන් තායිලන්තයේ ප‍්‍රධාන සමාගමක් සමඟ එක්ව කළුතර ප‍්‍රදේශයේ අක්කර 400ක් පුරා පැතිරුණු විශාල කර්මාන්ත කලාපයක් ආරම්භ කිරීමට කටයුතු සූදානම් කර තිබෙනවා.ඉන් පසුව අවිස්සාවේල්ල ප‍්‍රදේශයේත් එවැනිම විශාල කර්මාන්ත කලාපයක් ඇති කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ අනුව කළුතර, අවිස්සාවේල්ල සහ වැලිගම ප‍්‍රදේශයන්හි ආරම්භ කෙරෙන කර්මාන්ත කලාපවලට අමතරව හම්බන්තොට තවත් කර්මාන්ත කලාප කිහිපයක්ම ආරම්භ කිරීමට නියමිතයි. ආයෝජකයන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම ඇතුළු විශාල වැඩ කොටසක් සුජීව සේනසිංහ ඇමැතිතුමා යටතේ ක‍්‍රියාත්මක වෙනවා.සියල්ල කෙරෙන අතරතුර රටේ අපනයන වැඩි කිරීම ද කළ යුතුයි. රටේ අපනයනයට වඩා ආනයනයට වැඩි වී තිබෙනවා. මේ හේතුවෙන් ණය වීමට වෙනවා. ණය ගෙවීමට යාමේදී තවත් ගැටලූ ඇති වෙනවා. සියලූ දේ සඳහා ආර්ථික සංවර්ධන උපායමාර්ග අමාත්‍යාංශය යටතේ එතුමා ගෙන යන වැඩපිළිවෙළ අගය කළ යුතුයි.ඒ වගේම පාර්ලිමේන්තුව තුළත්, රූපවාහිනියේ සියලූ සාකච්ඡා සඳහාත් ඉදිරිපත් වන ඉංග‍්‍රීසි භාෂාවෙන් කියනවා නම් ”front line of politices” ලෙස සුජීව සේනසිංහ ඇමැතිතුමා ඇතුළු තරුණ මන්ත‍්‍රීවරුන් අපේ පක්ෂය වෙනුවෙන් කටයුතු කරමින් සිටිනවා. ඒ වගේම එතුමාගේ ප‍්‍රධානත්වයෙන් කරන මේ වැඩසටහනත් අගැයීමට ලක්විය යුතුයි.මේ වැඩපිළිවෙළ මඟින් කාන්තාවන් සියලූ දෙනාටම රෙදි මහන මැෂින් දෙන අතර එමඟින් කාන්තාවන්ට අලූත් ව්‍යාපාර ආරම්භ කිරීමේ හැකියාව ලැබෙනවා. අද මෙහි සිටින්නේ වැඩසටහන යටතේ ප‍්‍රතිලාභ ලබන පළමු කණ්ඩායම පමණයි. කාන්තා සංසදය තුළ සිටින මීටත් වඩා අති විශාල සංඛ්‍යාවකට මේ වැඩසටහන යටතේ ඉදිරියේදීත් රෙදි මහන මැෂින් දෙනවා.ඇඟලූම් කර්මාන්තය ඉතා හොඳ ව්‍යාපාරයක් වනවා. වර්තමානය වනවිට විවිධ මාදිලියේ ඇඳුම් - පැළඳුම් සඳහා විශාල ඉල්ලූමක් පවතිනවා. අද බොහෝ තරුණ තරුණියන් වැඩි කැමැත්තක් දක්වන්නේ වෙළෙඳපොළෙන් ඇඳුම් පැළඳුම් මිලදී ගන්නවාට වඩා තමන් වෙනුවෙන්ම නිර්මාණය කරන ඇඳුම් පැළඳුම් භාවිතා කිරීමටයි.මේ ප‍්‍රවණතාව ලෝකයේ සෑම රටකම දැකිය හැකියි. ඒ නිසා ලෝකයේ කොතරම් විශාල ඇඟලූම් නිෂ්පාදන ආයතනය තිබුණත් බොහෝ දෙනා වැඩි කැමැත්තක් දක්වන්නේ තමන් වෙනුවෙන්ම නිර්මාණය කර ගත් හෝ තමන් විසින්ම නිර්මාණය කර ගත් හෝ ඇඳුම් පැළඳුම්වලටයි.මේ ආකාරයට මහා පරිමාණ සහ සුළු පරිමාණ වෙළෙඳපොළ දෙකටම ඇතුළත් වීමේ අවස්ථාව ජනතාවට දිය යුතුයි. මෙවැනි වෙළෙඳපොළ ගණනාවක් ලෝකයේ දැකිය හැකියි. ඇමෙරිකාවේ සිට ශ්‍රී ලංකාව දක්වා සුපිරි වෙළෙඳසල් කොතරම් තිබුණත් ඇතැමුන් වැඩි කැමැත්ත දක්වන්නේ පොළට ගොස් තමන්ට අවශ්‍ය බඩු මිලදී ගැනීමටයි. අද පවතින ආර්ථිකය තුළ මේ කණ්ඩායම් දෙකම දැකිය හැකියි.අද ක්රියාත්මක වන මේ වැඩසටහන හරහා කාන්තාවන්ට විශාල සහනයක් ලැබෙනවා. මහන මැෂින් ගෙන සුළු ව්‍යාපාරයක් ආරම්භ කිරීම සඳහා ණය දීමේ වැඩසටහන ද මේ යටතේම ක‍්‍රියාත්මක වෙනවා. ඒ සඳහා සිංගර් සමාගමත්, හැටන් නැෂනල් බැංකුවත් එකට එකතු වෙලා. සියල්ල දෙන්නේ ස්වයං රැකියා ආරම්භ කරන ඔබ සඳහායි.තවත් වසර පහකින් මේ ස්ථානයට මා පැමිණෙන විට මේ පිරිසෙන් ස්වයං රැකියා කරන්නන් ඉතිරිව නැති බව මට පෙනේවි. ඊට හේතුව ඒ වනවිට ඔවුන් කුඩා ව්‍යාපාරිකයන් බවට පත් වන නිසයි. කොටසක් ස්වයං රැකියා කරන විට තවත් කොටසක් කුඩා ව්‍යාපාරිකයන් බවට පත්වී ඔවුන් යටතේ සේවකයන් කිහිප දෙනකු සේවය කිරීම දක්වා දියුණුව ගත හැකියි.තවත් අවුරුදු පහකින් පමණ මෙහි පැමිණියහොත් ඒ සියලූම දෙනා ළඟ පරිගණක යන්ත‍්‍ර ද තිබෙන්න පුළුවනි. මොකද නවීන ක‍්‍රමයට එය අත්‍යවශ්‍ය වන නිසයි.ඇතැමුන් ඒ වනවිට තමන්ගේ ජංගම දුරකතනයෙන් තමන්ට අවශ්‍ය මෝස්තරය ඍජුවම මහන මැෂිම දක්වාම සම්බන්ධ කිරීම දක්වා දියුණු වීමට හැකියි. ඉන් තවත් අවුරුදු 10ක් ගතවන විට කුමක් සිදුවේදැයි මට කිව නොහැකියි. කෙසේ හෝ කුඩා ව්‍යාපාරිකයන් සහ ස්වයං රැකියා කරන්නන් යන කාණ්ඩ දෙකම අපට අවශ්‍ය වනවා.ඉදිරියේදී ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන් ප‍්‍රමාණය වැඩි කිරීමට අවශ්‍ය කටයුතු අප කරනවා. මේ වනවිට ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන් ප‍්‍රමාණය වසරකට ලක්ෂ 20ක් පමණ වනවා. අපේ අරමුණ එය ලක්ෂ 50 දක්වා වර්ධනය කිරීමයි. ඒ හරහා බලාපොරොත්තු වන්නේ විශාල අලෙවියක් ඇති කරමින් රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යාමයි. සියල්ල තුළින් උත්සාහ කරන්නේ රටේ ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැගීමයි.මහා සංඝරත්නය ප‍්‍රකාශ කළ ආකාරයට එදා රට ණය බරට හසු වී තිබුණා. ණය ප‍්‍රමාණය නිසා අපේ ආණ්ඩුව එක් වසරක් හෝ පවතින්නේ නැති බව ඇතැමුන් එදා පැවසුවා. මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා සමඟ ජාතික ආණ්ඩුව නිර්මාණය කළේ රටේ ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැගීමේ පරමාර්ථය ඇතිවයි. මේ වනවිට අප ක‍්‍රම ක‍්‍රමයෙන් ආර්ථිකය ගොඩනගමින් සිටිනවා.2015-2016 කාලවලදී ජනතාවට ප‍්‍රශ්න කිහිපයකට මුහුණ දීමට සිදුව තිබුණා. නමුත් 2017 වසරේ මේ වනවිට ජනතාව අතේ මුදල් ගැවසීමට පටන් ගත්තා. එළැඹෙන අලූත් අවුරුද්ද වනවිට මේ තත්ත්වය තවත් වර්ධනය කරගත යුතුයි.රටේ වැඩිම අලෙවියක් වාර්තා වන්නේ නත්තල් කාලයේ සහ සිංහල අලූත් අවුරුදු කාලයේයි. ඒ අලෙවිය තවදුරටත් වැඩි කරමින් ශක්තිමත් ආර්ථිකයක් ඇති කරන්නේ කෙසේද?සුජීව සේනසිංහ ඇමැතිතුමා පැවසූ ආකාරයට විදේශ ආයෝජකයන් විශාල සංඛ්‍යාවක් රටට ගෙන්වා ගැනීමට බලාපොරොත්තු වෙනවා. ඒ අතරතුර දේශීය ආයෝජකයන්ට සහන සලසා ඔවුන් දිරි ගැන්වීමට කටයුතු කරනවා. ඒ වගේම කුඩා ව්‍යාපාරිකයන් ශක්තිමත් කරනවා.රටේ ආර්ථිකය ශක්තිමත් වීමට අනුකූලව රැකියා අවස්ථා ඇති වෙනවා. මේ වනවිට රටේ රැකියා අවස්ථා බොහොමයක් නිර්මාණය වෙලා. එවිට ජනතාවගේ ආදායම ඉහළ යනවා. ජනතාවගේ පසුම්බියේ තිබෙන මුදල් ප්රමාණය වැඩි වූ විට සුපිරි වෙළෙඳසලට, වෙළෙඳසලට හෝ පොළට හෝ පැමිණ බඩු භාණ්ඩ මිලදී ගැනීමේ හැකියාව ලැබෙනවා.අප ක‍්‍රියා කරන්නේ ඒ ආර්ථික දියුණුව ඇති කිරීමටයි. ආර්ථිකය දියුණු වූ විට ආගමික සිද්ධස්ථාන සඳහා මීටත් වඩා ආධාර උපකාර දීමට හැකියි.පැවැති රජය ආදායම් උපයා ගත්තේ ඉන්ධන මිල ඉහළ දැමීම මඟිනුය. නමුත් අප ඒ පිළිවෙත අනුගමනය කළේ නැහැ. ලෝක වෙළෙඳපොළේ පවතින ඉන්ධන මිලට අනුව අපේ තෙල් මිල පාලනය කළා. ඉන්ධන මඟින් අපට අධික ලාභයක් හෝ අලාභයක් හෝ අවශ්‍ය නැහැ. ඉන්ධන මිල තීරණය කිරීමේ ක‍්‍රමවේදය ඔස්සේ අප ජනතාවට සහනය දුන්නා.ඒ වගේම රජයේ සේවකයන්ගේ වැටුප රුපියල් 10,000කින් වැඩි කළා. ගැබිනි මවුවරුන් සඳහා රුපියල් 20,000 බැගින් දීම අප ආරම්භ කළා. ඒ අනුව ඉදිරි වසර තුන අපේ සංවර්ධන යුගය ලෙස වැඩ කරනවා.ඒ පිළිබඳව සඳුදා (04) ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් රටට හෙළි කෙරෙනවා. ආර්ථික වැඩසටහනේ අපේ අවධානය යොමු වූ විශේෂ කණ්ඩායමක් සිටිනවා. ඒ කාන්තාවනුයි.වැවිලි කර්මාන්තයේත්, ඇඟලූම් කර්මාන්තයේත්, රාජ්‍ය සේවයේත් අංශ ගණනාවක් සිටින්නේ කාන්තාවනුයි. මැදපෙරදිග රැකියා ක්ෂේත‍්‍රයේ වැඩි ප‍්‍රමාණයක් කාන්තාවන් ඉන්නවා. ඒ අනුව රටේ ආර්ථිකය වැඩි වශයෙන් බලාත්මක කරන්නේ කාන්තාවන් විසිනුයි. කාන්තාවන් හැමදාම රටේ ආර්ථික ව්‍යුහයේ යටිපෙළෙහි පමණක් සිටිය යුතු නැහැ. ඔවුන් එතැනින් ඉහළට පැමිණිය යුතුයි. දෙපාර්තමේන්තු ප‍්‍රධානීන්, ලේකම්වරුන් දක්වා පැමිණිය යුතුයි.මේ කටයුතු ක‍්‍රම ක‍්‍රමයෙන් ආණ්ඩුව විසින් කරමින් සිටිනවා. පුද්ගලික අංශයේ අධ්‍යක්ෂ, කළමනාකාර ධුරවලට කාන්තාවන් පත්විය යුතුයි. අපේ රටේ ඒ ප‍්‍රවණතාවේ අඩුවක් තිබෙනවා.නීති සහ වෛද්‍ය වෘත්තියෙහි කාන්තාවන්ගේ නියෝජනය හොඳින් දක්නට ලැබෙනවා. කම්කරු ක්ෂේත‍්‍රයේ කාන්තා නියෝජනය ප‍්‍රතිශතයක් ලෙස 35%ක් වෙනවා. එය 40% දක්වා වැඩි කිරීමට අප බලාපොරොත්තු වෙනවා.ඒ වගේම කාන්තාවගේ ආර්ථික ශක්තිය වැඩි කිරීම පිළිබඳවත් අවධානය යොමු කළ යුතුයි. ඒ අනුව මේ වැඩසටහන හරහාත් කාන්තා ව්‍යාපාරිකයන් බිහිවනු ඇතැයි බලාපොරොත්තු වෙනවා.කාන්තාවගේ ආර්ථික ශක්තිය ඉහළ නංවන අතරම මේ වනවිට අප කාන්තාවන්ගේ දේශපාලන ශක්තිය ඉහළ නැංවීමට කටයුතු කරමින් සිටිනවා. මෙතෙක් කල් මැතිරවණ සඳහා කාන්තා නියෝජනය ඉතා පහළ අගයක් ගෙන තිබුණා.මනාප ක‍්‍රමය සමඟ කාන්තාවන් සහ අලූත් තරුණයන් පවා මැතිවරණවලට තරග කිරීමට අකැමැති වුණා. සුජීව සේනසිංහ ඇමැතිතුමා පැවසූ ආකාරයට, ඇතැම් තරුණ තරුණියන් බලෙන් මැතිවරණවලට ඉදිරිපත් කරවීමට එකල සිදු වුණා.නමුත් දැන් තත්ත්වය වෙනස් වෙලා. කේවල සහ අනුපාත ක‍්‍රමය සම්මිශ‍්‍රණය වූ මැතිවරණ ක‍්‍රමයක් අප ඇති කළා. කේවල ක‍්‍රමය යටතේ මැතිවරණ පවත්වන විට මනාප 25% - 30%ක් ගත්ත ද ඇතැම් අපේක්ෂියන්ට පරාජය විය හැකියි. නමුත් ඔවුන්ට ද අවස්ථාව ලැබිය යුතුයි.පසුගිය වසරේ මෙන්ම ඡුන්ද අපේක්ෂක නාමලේඛන ඉදිරිපත් කර, ඡුන්දය දෙන්නේ කාටදැයි යන ක‍්‍රමය එළැඹෙන මැතිවරණයේ දී ක‍්‍රියාත්මක වන්නේ නැහැ. එය කොට්ඨාසවලට බෙදෙනවා. කොට්ඨාස ක‍්‍රමය අනුව කඩුවෙල ආසනය කොට්ඨාස 28කට බෙදෙනවා. ඒ කොට්ඨාස 28කට අපේක්ෂක අපේක්ෂිකාවන් 28ක් පත් කළ යුතුයි.එවිට ජනතාවට තමන්ගේ ප‍්‍රදේශය වෙනුවෙන් සේවය කිරීමට වඩාත් සුදුසු පුද්ගලයාට මනාපය ප‍්‍රකාශ කරනවා. ඒ ක‍්‍රමය වඩාත් පහසුයි. නුසුදුසු පුද්ගලයන් කවුදැයි ජනතාව හඳුනා ගන්නවා. මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයාට තම ප‍්‍රදේශය දියුණු කළ හැකි දැයි ජනතාව දන්නවා. ඒ අනුව තමන්ට සුදුසු අපේක්ෂකයා පහසුවෙන් තෝරා පත් කර ගැනීමට ජනතාවට අවස්ථාව ලැබෙනවා.එමෙන්ම මැතිවරණයක් පරාජයට පත් වන පක්ෂවලට හිමි අනුපාත ක‍්‍රමය ද මේ මැතිවරණයට ඇතුළත් වෙනවා. අප තවත් අත්හදා බැලීමක් කරනවා. ඒ 25% කාන්තා නියෝජනය දීමයි. එක් එක් පක්ෂ එය ක‍්‍රියාත්මක කරන්නේ කෙසේදැයි අප අවධානයෙන් සිටිනවා. සෑම පක්ෂයක්ම මෙය කළ යුතුයි.මේ ආකාරයට අප අලූත් ක‍්‍රමවේදක් ඇති කර තිබෙන අතර මැතිවරණයෙන් අනතුරුව අඩුපාඩු තිබෙනවා නම් ඒ ගැනත් බලමු. පළාත් සභා මැතිවරණයේදී කාන්තා නියෝජනය අනිවාර්යෙන් 25% දක්වා වැඩි කිරීමට කටයුතු කරනවා.මේ අත්හදා බැලීමටත්, නව මැතිවරණ ක‍්‍රමය සඳහත් අවශ්‍ය ක‍්‍රියාමාර්ග ගැනීමට කාලය වුවමනා බැවින් පළාත් සභා මැතිවරණය අවුරුද්දකින් කල් දමා තිබෙනවා. මේ අනුව ක‍්‍රියා කළ විට පළාත් සභාව තුළත් කාන්තා නියෝජනය ඉහළ යනවා. ප‍්‍රාදේශීය සභාවෙන් පළාත් සභාවටත්, පළාත් සභාවෙන් පාර්ලිමේන්තුවටත් හොඳ ක‍්‍රියාකාරීන්ට තේරී පත් විය හැකියි.මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ප්රමුඛ ජාතික ආණ්ඩුවෙන් කාන්තාවගේ ආර්ථික ශක්තියත්, දේශපාලන ශක්තියත් යන අංශ දෙකම දියුණු කිරීමට බලාපොරොත්තු වෙනවා. එක්සත් ජාතික පක්ෂය විපක්ෂයේ සිටින විට කාන්තා අයිතිවාසිකම් ඉදිරියට ගෙන යාමට කැප වුණා. තවදුරටත් ඒ සම්බන්ධයෙන් යම් යම් සාකච්ඡා කරනවා.උතුරේ කාන්තාවන්ගේ ප‍්‍රශ්න විසඳීමටත්, කාන්තා මූලික පවුල් සඳහා ආධාර ආදිය දීමටත් අප කටයුතු කරනවා. සමස්ත කාන්තාවන්ගේ දේශපාලන සහ ආර්ථික අයිතිය තහවුරු කිරීමට අප කටයුතු කරන බව මා කියන්න කැමැතියි.පක්ෂයක් ලෙස පසුගිය වසර 10 තුළ අප තීරණ ගත්ත ද ඒවා ක‍්‍රියාත්මක කිරීමට අවස්ථාව ලැබුණේ නැහැ. නමුත් ආණ්ඩු බලය ගත් මේ අවස්ථාවේ අප ඒ තීරණ කි‍්‍රයාත්මක කරනවා. කාන්තාවන්ට මෙවැනි නියෝජනයක් දීම පිළිබඳ ඇතැමුන්ට ප‍්‍රශ්න තිබුණා. නමුත් මේ වනවිට රටේ කාන්තා ප‍්‍රතිශතය ජනගහනයෙන් 50% ඉක්මවලා. ඒ නිසා තවත් ඒ පිළිබඳව වාද විවාද කර ඵලක් නැහැ. පාර්ලිමේන්තුව තුළත් 25%ක අවම කාන්තා නියෝජනය ඇති කිරීමට කටයුතු කරනවා. එය නෝර්වේ රාජ්‍යයේ වගේ 50%ක කාන්තා නියෝජනයක් බවට පත්වන්න පුළුවනි. කෙසේ නමුත් ආරම්භයක් ලෙස අප මේ කටයුතු කරනවා. ඉදිරි වසර 10 තුළදී අපට එමඟින් විශාල ප‍්‍රගතියක් ලබා ගත හැකියි” යයි ද රනිල් වික්රමසිංහ මහතා තවදුරටත් කීවේය.ඉත්තෑපාන ධම්මාලංකාර කෝට්ටේ කල්‍යණි සාමග‍්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහා නාහිමියෝ.”දිරිය කාන්තාව ලක් ඉතිහාසයේ දිගින් - දිගටම දකින්න අසන්න ලැබෙනවා. අගමැතිතුමා නිරන්තරයෙන් කතා කරන්නේ ශක්තිමත් ආර්ථිකයක් ගෙඩනැගීම පිළිබඳවයි.සුජීව ඇමැතිතුමා ඇරැඹූ මේ පියවර ශක්තිමත් ආර්ථිකයක් සහ කාන්තාවක් ගොඩනැගීමේ එක් පියවරක් බව කිව යුතුයි. මේ පළාතේ පමණක් නොව රටපුරා කාන්තාව බලගැන්වීමේ වැඩසටහන් කිරීමට හැකියාව ලැබේවි.ශ්‍රී ලංකාව දියුණු ආර්ථිකයක් ඇති රටක් කිරීමට කාන්තාවන්ට ශක්තිය ලැබේවායි ප්රාර්ථනා කරනවා.”ජාත්‍යන්තර වෙළඳ රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා:-”අගමැතිතුමා මට කොන්ද කෙළින් තබාගෙන වැඩ කරන්න ඉගැන්නුවා. නායකතුමා අපට මුල සිට දේශපාලන ගමන ඉගැන්නුවා.මා කිසි දිනෙක පක්ෂ ප‍්‍රතිපත්ති කැඩුවේ නැහැ. ඞීල් දැමුවේ නැහැ. රාජපක්ෂ දුෂණ - වංචා ගැන හෙළි කළා. ඍණ ගණන්වල තිබූ ආර්ථිකය වසර දෙකක් ඇතුළත ධන ආර්ථිකයක් බවට පත් කිරීමට අගමැතිතුමා සමත්වුණා.අගමැතිතුමාට බොරු ගෞරව අවශ්‍ය වන්නේ නැහැ. ඕනෑම අවස්ථාවක අගමැතිතුමාට දුරකතනයෙන් කතා කිරීමට අවස්ථාව තිබෙනවා.එක නැවක් නැතිව හම්බන්තොට වරායට කෝටි ගණනින් මුදල් පිච්චුවා. අප ඒ තත්ත්වය නැති කළා. නිෂ්පාදන ආර්ථිකයකට යන්නේ නැතිව ආර්ථිකය දියුණු කරන්නේ කෙසේද?අගමැතිතුමා ලංකාව ආසියාවේ මුල්‍ය කේන්ද්‍රය බවට පත් කිරීමට කටයුතු කළා. පාට පක්ෂ බේද අමතක කරමු. අප සොරකම් කරන්නේ නැහැ.ඇතැම් මාධ්‍යවලින් මඩ ගහනවා. අගමැතිතුමා ඉවසනවා. මට නම් මඩ ගහපු ගමන් අධිකරණයට යනවා. ඉදිරියේදී මමත් අගමැතිතුමාගෙන් ඒ පිළිවෙත ඉදිරියේදී ඉගෙන ගත යුතුයි.තව වසර පහක් ගතවන විට සීඝ‍්‍ර සංවර්ධනයේ ප‍්‍රතිඵල ඔබට දැක ගැනීමට අවස්ථාව ලැබේබි.තව වසර තුනක් යනවිට තායිලන්ත ආර්ථිකයට සම කරන්න හැකිවේවි. පෞද්ගලික ආයතන සමග එක්ව ණය සහන භාණ්ඩ විකිණීමේ පහසුකම් ආදිය දෙනවා. මගේ පෞද්ගලික ව්‍යාපාරවලින් සීයට 30ක් කාන්තා පදනමට පරිත්‍යාග කරනවා.අපෙත් හොරෙකු දෙන්නෙකු ඇති. නමුත් නායකතුමා හෝ අප හෝ හොරකම් කරන්නේ නැහැ. මට බොරු අපහාස කරන අයට එරෙහිව නඩු දමා ඉන් ලැබෙන ආදායමත් කාන්තා පදනමට පරිත්‍යාග කරනවා.එක්සත් ජාතික පක්ෂය යනු පිරිසුදු පක්ෂයයි. අපේ නායකයන් පිරිසුදු දේශපාලකයන් බව කිව යුතුයි. රටේ ආර්ථිකය දියුණු කළ හැකි එකම නායකයා අගමැතිතුමායි.අගමැතිතුමා හොරකමක් කර හසුවුණා යැයි යමෙකු සහතිකයක් දුන්නොත් එවෙලේම මා දේශපාලනයෙන් ඉවත් වෙනවා.”නුගේගොඩ නාලන්දාරාමාධිපති තිනියාවල පාලිත හිමි:”ස්වයං රැකියා සඳහා අත්වැලක් සැපයීම සඳහා මහන මැෂින් දීමේ උත්සවයට ආරාධනා කිරීම ගැන පින් අනුමෝදන් කළ යුතුයි.අද බුදු දහම පවා ආරක්ෂාවී ඇත්තේ කාන්තාව නිසයි. ඇය ඉතා කාර්යශූරයි. ආගමට දහමට ලැදිව කටයුතු කරමින් විශාල කාර්යභාරයක් කරනවා.පිරිමි පක්ෂයට වඩා සියයට සියයකින් හැකියාවක් ඇතිව කාන්තාව කටයුතු කරනවා. සුජීව සේනසිංහ ඇමතිතුමාට ඔක්තෝබරයේදී ඉතා හොඳ ඇමතිධුරයක් ලැබෙන බව මා දන්නවා. එතුමාට ඊටත් වඩා හොඳ ඇමති ධුරයක් ලැබේවායි මා පාර්ථනා කරනවා.”ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය දඹර අමිල හිමියෝ මෙසේ කීහ.”රට ඉල්ලා සිටින කාර්යභාරය සඳහා මේ වැඩසටහන ඉන්ධන සැපයීමක් බව කිව යුතුයි. රටට දැන් අවශ්‍ය කරන්නේ විශාල ආර්ථික පිම්මයි.රජය බාරගෙන වසර දෙකහමාර ගතවුණේ රටේ ශීලාචාරකම්, ජාත්‍යන්තරය දිනාගැනීම් ආදිය ඇතිකර ගැනීමටයි. රටට ඉදිරියට යාමට එය අවශ්‍යයි. අද ලෝකයෙන් ශ්‍රී ලංකාවට අවශ්‍ය පිළිගැනීම ලැබිලා අපට අවශ්‍ය සහය දීමට ලෝකය සූදානමින් සිටිනවා.දැන් අප ඵලදාව නෙළාගන්නා යුගයට පැමිණ සිටිනවා.ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමේ කාර්යයේදී කාන්තාවට සුවිශේෂ තැනක් හිමි වෙනවා. විදේශ රැකියා ක්ෂේත‍්‍රයේදී ඇය අවමාන විඳිමින් විශාල මෙහෙවරක් කරනවා. ඇඟලූම් කම්හල්වල වැඩිපුර කාර්යක් කරන්නේ කාන්තාවයි. එමෙන්ම තේ දළු නෙළන කාන්තාව ආර්ථිකයට විශේෂ මෙහෙවරක් කරනවා.ලොව දරා සිටීමේ ශක්තිය ඇති එකම සත්වයා කාන්තාවයි. ජනවාරි 8 වැනිදා වෙනස කිරීමේදී සුජීව සේනසිංහ මුල් තැනක් ගත් අයෙකු බව කිව යුතුයි.ලොවක් ඉදිරියට ගත යුත්තේ නිෂ්පාදන කාර්යයෙනුයි. කාන්තාව ඊට හවුල්කර ගැනීමට කරන මෙම වෑයම ප‍්‍රසංශනීය බව කිව යුතුයි.”මෙම අවස්ථාවට මහා සංඝරත්නය ද පාර්ලිමේන්තු මන්ත්රීවරු ද ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.
|
ජාතික ආණ්ඩුව වැඩ කරන්නේ වාසි බලාගෙන නෙමෙයි
| 0 |
(අංජුල මහික වීරරත්න, උඩුගම රවි ලියනගේ සහ ගාල්ල අමල් වික්‍රමරත්න ගාල්ලේ සිට)“ජාතික රජයේ ප්‍රගතිය තව වසර දෙකක් ඇතුළත ජනතාවට සම්පූර්ණයෙන්ම අවබෝධ කරගැනීමට හැකියාව ලැබෙන බව” අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා ගාල්ලේදී පැවසීය.ප්‍රධාන පක්ෂ එක්වී ජාතික ආණ්ඩුව නිර්මාණය කළේ ජනතාවට දැනුණු ණය බරට හසු වී සිටින මොහොතේ ණය බර අනාගත පරම්පරාවට ඉතිරි නොකිරීමට බව කී අග්‍රාමාත්‍යවරයා මේ වන විට ඒ අරමුණ ඉටු වී තිබෙන බව ප්‍රකාශ කළේය.අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා මේ බව පැවසුවේ ගංවතුරින් හානියට පත් කුඩා තේ වතු හිමියන් සහ කර්මාන්ත ශාලා හිමියන් සඳහා මුදල්-චෙක්පත් ප්‍රදානය කිරීම නිමිත්තෙන් පැවැති උත්සවයේ ප්රධාන ආරාධිත ලෙස සහභාගි වෙමිනි.“වැවිලි සවියට තවත් සවියක්” තේමාවෙන් සංවිධානය කෙරුණු උත්සවය ගාල්ල, සමනල ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය, ස්වදේශ කටයුතු අමාත්‍යාංශය සහ කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය එක්ව වැඩසටහන සංවිධානය කර තිබිණ.කුඩා තේ වතු හිමියන් 5648 දෙනෙකු සඳහා රුපියල් ලක්ෂ 1670 ක්ද, තේ කම්හල් 17 ක් සඳහා රුපියල් ලක්ෂ 1700 ක්ද වශයෙන් ලක්ෂ 3370 ක් මෙහිදී ප්‍රදානය කෙරිණි.උත්සවයේදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා මෙසේ ද පැවසීය.වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතාගේ උපන් දිනයත් යෙදී තිබෙනවා. ගංවතුරට ලක්වූ කුඩා තේ වතු හිමියන් සඳහා ආධාර උපකාර දීම එක් අතකට ඇමැතිතුමාගේ උපන් දින සැමරුම හැටියටත් අර්ථ දැක්විය හැකියි. නවීන් දිසානායක ඇමැතිතුමා වැවිලි කර්මාන්ත ක්ෂේත්‍රය දියුණු කිරීම සඳහා විශාල උනන්දුවක් ගන්නවා. රබර්, තේ, පොල් මෙන්ම කුඩා තේ වතු හිමියන්ගේ ආර්ථිකය දියුණු කිරීම සඳහා විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. වැඩසටහන් තවදුරටත් ශක්තිමත්ව ඉදිරියට ගෙනයාම අපේ අරමුණයි. උත්සවය සංවිධානය කිරීම සඳහා මූලිකත්වය ගෙන ක්‍රියාකළේ වජිර අබේවර්ධන ඇමැතිතුමායි. එතුමා ගංවතුරෙන් හානියට පත්වූවන්ගේ ජන ජීවිතය යථා තත්ත්වයට පත්කිරීම සඳහා පියවර රාශියක් ගත් බව කිව යුතුයි. එමෙන්ම මෙරට අභ්‍යන්තර පාලන කටයුතු සම්බන්ධවත් එතුමා විශේෂ උනන්දුවකින් කටයුතු කරනවා.එමෙන්ම ප්‍රදේශයේ වැඩකටයුතු සඳහා උපකාර කරන තවත් කැබිනට් අමාත්‍යවරුන් දෙදෙනෙකු සිටිනවා. දිස්ත්‍රික්කයට කැබිනට් අමාත්‍යවරුන් තිදෙනෙකු ලැබීම විශේෂ වාසියක් බව සඳහන් කළ යුතුයි.චන්දිම වීරක්කොඩි ඇමැතිතුමා මෙහි සංවර්ධන කටයුතු සඳහා විශේෂ උනන්දුවකින් කටයුතු කරනවා. ප්‍රදේශය දියුණු කිරීම සඳහා එතුමා සංවර්ධන යෝජනා ක්‍රම කිහිපයක් ඉදිරිපත් කළා.රැකියා සඳහා පුහුණුව දීම ඇතුළු සියලුම කරුණුවලට වඩා වැදගත් වන බව සඳහන් කළ යුතුයි. ගයන්ත කරුණාතිලක ඇමැතිතුමා මෙහි නොසිටියත් එතුමාගේ සහයෝගයත් නිරන්තරයෙන් ලැබෙනවා. ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර මහතා තේ වගාව පිළිබඳව පොත් දෙක තුනක් රචනා කිරීමට පවා දැනුම ඇති අයකු බව සඳහන් කළ යුතුයි. එතුමාගේ සහයෝගයත් ලැබෙනවා. ගංවතුර උවදුරට මුහුණ දීම සඳහා ප්‍රදේශයේ සියලුම දේශපාලන නියෝජිතයින් සහයෝගය දැක්වූවා. ගංවතුර සමයේ විශාලතම හානියක් වූයේ කුඩා තේ වතු හිමියන්ටයි. හිනිදුම, බද්දේගම, අකුරැස්ස, දෙනියාය, රක්වාන, කලවාන, බුලත්සිංහල, අගලවත්ත ප්‍රදේශවල තේ වගාවලට වැඩිපුරම හානි වුණා. ඉන් පසුව හානි වූයේ රබර් වගාවටයි. සෙසු භෝගවලට එතරම්ම හානියක් වූයේ නැහැ.කුඩා තේ වතු හිමියන් සඳහා විශේෂයෙන්ම ආධාර උපකාර කරනවා. ඒ ක්ෂේත්‍රය නඟා සිටුවීම අපේ අරමුණයි.ගංවතුර ව්‍යසනය ඇති වූ අවස්ථාවේදී අප පොහොර සඳහා මූල්‍ය සහනාධාර දීමට එකඟ වී සිටියා. ගෙවා නොතිබූ අය සඳහා රුපියල් කෝටි 47 ක් දුන්නා. ඒ මුදලෙන් රුපියල් කෝටි 16 ක ගෙවීම් කළේ ගාලු දිස්ත්‍රික්කය සඳහායි. අද කුඩා තේ වතු හිමියන් 5600 කටත් ගංවතුරෙන් හානියට පත්වූ තේ කර්මාන්තශාලා 17 ක් සඳහාත් රුපියල් කෝටි 33 ක් දෙනවා. සෑම ආධාරයක්ම දෙන්නේ කුඩා තේ වතු හිමියන්ටත්, ඔවුන්ගේ තේ මිලදී ගන්නා කර්මාන්ත ශාලා ශක්තිමත් කිරීම සඳහාත් බව කිව යුතුයි. පොහොර සඳහා රුපියල් කෝටි 220 දුන්නා. ඒ මුදලින් සියයට හැත්තෑ පහක්-අසූවක් පමණ දැනට ගෙවලා. නොගෙවූ මුදල් ද කඩිනමින් දෙන ලෙස මා අද උදේ මුදල් අමාත්‍යාංශයට දැනුම් දුන්නා. තේ වලට අමතරව රබර්, පොල් ආදිය සඳහාත් පොහොර සහනාධාරය දිය යුතුයි.ඊට අමතරව කෘෂිකර්මය සඳහා වන ජාත්‍යන්තර අරමුදල තේ හා රබර් කර්මාන්තයට ආධාර කිරීම සඳහා තවත් රුපියල් කෝටි 100 ක් දුන්නා. ඊට අමතරව කුඩා තේ වතු හිමියන් සඳහා අප තවත් ආධාර දෙනවා. නැවත වගා කිරීම් සඳහා හෙක්ටයාරයකට රුපියල් ලක්ෂ 5 බැගින් දෙනවා. එමෙන්ම වගාව හෙක්ටයාරයකට අඩු නම් අහිමි වන මුදල දී තිබෙනවා. මේ ප්‍රමාණය තවත් වැඩි කළ යුතුයි.තේ කර්මාන්තය ගෙන යා යුතු ප්‍රාග්ධන මුදල් ක්‍රම කිහිපයක් යටතේ ණය ආධාර ලෙස දී තිබෙනවා. තේ වගාව තවදුරටත් දියුණු කිරීම වර්තමානයේ අප හමුවේ තිබෙන අභියෝගයයි.තේ සංවර්ධනය කිරීමට, පසෙහි ගුණාත්මක බව දියුණු කිරීමට අලුත් තේ පැළ වර්ග දීමට මීට වඩා සහනාධාර දීමට අපේක්ෂා කරනවා. තේ වගාව සම්පූර්ණයෙන්ම දියුණු කිරීම එහි අරමුණයි.තේ කර්මාන්තශාලා සඳහාත් ක්‍රම කිහිපයකට මුදල් දීමට අප තීරණය කර තිබෙනවා. තේ වගා අක්කර 50 කට අඩු වැවිලිකරුවන් සඳහාත් මුදල් දිය යුතුයි. තේ අක්කර 50 ක් ඇත්තේ දේශීය ඉඩම් හිමියන් සඳහායි. ඒ අයටත් අප ආධාර උපකාර කරනවා. නැවත වගාව දියුණු කිරීම තුළින් ඊළඟ වසර දහය-පහළොව ඇතුළත තේ වගාවේ ශීඝ්‍ර දියුණුව අපේක්ෂා කරනවා. මේ කටයුතු සඳහා මුදල් අවශ්‍යයි. එමෙන්ම ගංවතුර සමයේ වැඩ කටයුතු කළ රජයේ සේවකයින් සඳහා 2002-2005 වසරවල මෙන් විශේෂ දීමනාව දීමටද කටයුතු කරනවා. සියලුම පියවර ගැනීමට හැකියාව ලැබී ඇත්තේ ජනාධිපති මෛත්‍රිීපාල සිරිසේන මහතාගේ මූලිකත්වයෙන් ජාතික රජයට ශක්තිමත් ආර්ථිකයක් නිර්මාණය කර ගැනීමට හැකියාව ලැබුණු නිසායි.2005-2014 කාලයේදී ශ්‍රී ලංකාවේ ණය ප්‍රමාණය සියයට 233 කින් වැඩිවුණා. එලෙස වැඩිවුණේ සහනාධාර ණය නොව වාණිජ ණයයි. ණය ගෙවීමට රටේ ආදායම ප්‍රමාණවත් වූයේ නැහැ.2013 වසරේ රටේ ණය ගෙවීමට කෝටි එක්ලක්ෂ දහහතර දහස් හත්සියයක් අවශ්‍ය වුණා. නමුත් ඒ වන විට ආදායම කෝටි එක්ලක්ෂ දහතුන් දහස් හත්සියයක් පමණයි. එසේ නම් රටට ලැබෙන ආදායමට වඩා ණය ගෙවීමට අවශ්‍ය මුදල් විශාලයි.නමුත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ප්රමුඛ ජාතික ආණ්ඩුව යටතේ ගත් ආර්ථිකමය ප්‍රතිපත්ති හේතුවෙන් 2016 වන විට රටේ ණය පියවීමට අවශ්‍ය මුදල කෝටි එක්ලක්ෂ තිස්හත්දහස් හාරසියයක් වූ අතර ඒ වන විට රටේ ආදායම කෝටි එක්ලක්ෂ හතළිස්පන්දහසක් දක්වා වර්ධනය කර ගැනීමට අපට හැකි වුණා. ඒ අනුව රටේ ආදායම වර්ධනය කර ගැනීමට අපට හැකි වූ බව පැහැදිලියි.වැට් බදු වැඩිකිරීම් ආදිය කරන විට ජනතාවගේ දෝෂාරෝපණ එල්ලවුණත් අවසානයේ රටේ ආදායම වර්ධනය කරගැනීමට හැකි වුණා. 2014 වසරේ අපේ ආදායම් වියදම් මූලික හිඟය වූයේ දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට 1.5 යි. 2016 වන විට එය සියයට 0.2 ක් බවට පරිවර්තනය කරගැනීමට හැකි වුණා. 2020 වන විට එහි අතිරික්තයක් ලබා ගැනීමට බලාපොරොත්තු වෙනවා.කුඩා තේ වතු සංවර්ධනය කරගැනීම සඳහා මේ ආකාරයට මුදල් ගැනීමට හැකි වී තිබෙන්නේ රජය ලෙස අප කල්පනාකාරීව කටයුතු කරන නිසයි. ඒ සමඟම අධ්‍යාපනය වෙනුවෙන් ද මුදල් වෙන්කර තිබෙනවා.නිවාස ලක්ෂ දෙකක් ඉදිකිරීම සඳහා මුදල් දුන්නා. ඉන්ධන මිල පහළ දැමීමටත් අප කටයුතු කළා. ගැබිනි මව්වරුන්ට රුපියල් 20,000 ක දීමනාව දුන්නා. රැකියා අවස්ථා ලක්ෂ හතර බිහි කිරීමට අපට හැකි වුණා.මෙරටට පැමිණෙන සංචාරකයින් ප්‍රමාණය මිලියන දෙකක් දක්වා වර්ධනය කිරීමට හැකි වුණා. මෙවැනි ආර්ථික සංවර්ධන කටයුතු ගණනාවක් අප කළා. ඒ වගේම නීතිය සහ සාමය සුරක්ෂිත කරමින් රටේ බරපතළ ගණයේ අපරාධ සියයට 30 කින් අඩුකර ගැනීමට හැකි වුණා.මේ කටයුතු වලින් පමණක් අපට සෑහීමකට පත්විය නොහැකියි. ආණ්ඩුවක් ලෙස රට වෙනුවෙන් විශාල යුතුකමක් තිබෙනවා. රටේ ආදායම වැඩි කිරීම පමණක් නොවෙයි, රටේ විදේශ විනිමය වර්ධනය කිරීමත් කළ යුතුයි.ඒ වගේම රටේ ණය බර ගෙවා දැමීමත් කළ යුතු වෙනවා. ණය බර පියවීමට නම් රටේ ආදායම ඉහළ නැංවිය යුතුයි. ඒ සඳහා රටේ ආයෝජන අවස්ථා වැඩිකළ යුතුය. එය දේශීය හෝ විදේශීය හෝ විය හැකියි. පුද්ගලික අංශයෙන් විය හැකියි. කෙසේ වුවත් සෑම ආයෝජන අවස්ථාවක්ම ඉහළ දැමිය යුතු වෙනවා. දේශීය සහ විදේශීය ආයෝජන සඳහා බදු සහන දී තිබෙන්නේ ඒ නිසයි. සියලුම ආයෝජකයින් දිරිමත් කිරීමට අවශ්‍ය බදු සහන නව දේශීය ආදායම් පනත මගින් සම්මත කළා.සියලු දේ ක්‍රියාත්මක කළ පසු ඉදිරි වසරේ එහි ප්‍රතිඵල ජනතාවට අත්විඳිය හැකියි. ජී.එස්.පී. ප්ලස් බදු සහනයත් නැවත ගැනීමට අපට හැකි වුණා. සිංගප්පූරුව, ඉන්දියාව සහ චීනය සමගත් නිදහස් වෙළඳ ගිවිසුම් එළැඹීමට කටයුතු කරනවා. විදේශ විනිමය සඳහා නව පනත ගෙන ඒමටත් කටයුතු කර තිබෙනවා. ආයෝජන හරහා රට තුළට මුදල් ගෙන ඒමට කටයුතු කරනවා.රටේ ආයෝජන ඇති කිරීම සඳහා සංවර්ධන සැලැස්මක් අවශ්‍යයි. සංවර්ධන සැලැස්මට අනුව අප මේ වන විට වැඩ කටයුතු ආරම්භ කරමින් සිටිනවා.මහනුවර සිට වැල්ලවාය දක්වා විශාල සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කරනවා. මහනුවර නගරය දියුණුකිරීම, සංචාරක ව්‍යාපාරය දියුණු කිරීම, තාක්ෂණය දියුණුකිරීම, මධ්‍යම අධිවේගි මාර්ගයේ ඉඳිකිරීම් කටයුතු ආරම්භකිරීම, කර්මාන්ත කලාප ඇතිකිරීම, කල්පිටිය ප්‍රදේශය තවදුරටත් සංවර්ධනය කිරීම, කොළඹ නගරය මහ නගර සංකල්පයට අනුව දියුණුකිරීම, කළුතර ප්‍රදේශයේ විශාල කර්මාන්ත කලාප ඇතිකිරීම ආදී වැඩ කටයුතු රැසක් අප මේ වන විට ආරම්භ කර තිබෙනවා.ඒ වගේම අපේ අවධානය ගාල්ල ප්‍රදේශයටත් යොමුවනවා. මේ ප්රදේශය තුළ ඉහළ ආදායම් සහිත සංචාරකයින් සඳහා වන කලාපය ඇතිකරනවා. ඊට අවශ්‍ය සැලසුම් මේ වන විට සකස් කරමින් පවතිනවා. එක් පසකින් දේද්දූව, අනික් පසෙන් අකුරණ, චන්දිම වීරක්කොඩි මහතා නියෝජනය කරන කොග්ගල, ආදී ප්‍රදේශවල සංචාරක ව්‍යාපාරයත්, කර්මාන්ත කලාපත් ඇතිකරනවා. සාමාන්‍ය ආදායම සහිත සංචාරකයින් සඳහා වෙළඳ පොළ ඇති කිරීමට මේ ප්‍රදේශයේම සාමාන්‍ය ජනතාවටත් අවස්ථාව ලැබෙනවා. මේ වැඩ කටයුතු අප මාතර දක්වා ගෙන යනවා. ඉන් පසුව හම්බන්තොටටත්, වැල්ලවාය දක්වාත් විශාල කර්මාන්තකරණය ඇති කරනවා.හම්බන්තොට වරායෙන් පාඩු ලැබීම නතර කර ගැනීමට අපට හැකිවුණා. එය චීන-ලංකා ඒකාබද්ධ සමාගම හරහා භාරගත්තා. මත්තල ගුවන් තොටුපළ දියුණු කිරීමේ වැඩකටයුතු ද ආරම්භ කර තිබෙනවා. තෙල් පිරිපහදු මධ්‍යස්ථානය, එල්.එන්.ජී. විදුලි බලාගාරය, වානේ කර්මාන්ත ශාලාව, සිමෙන්ති කර්මාන්තශාලාව ආදිය ඇතිකිරීමටත් සැලසුම් කර තිබෙනවා.චාර්ලිමන්ට් වත්ත ආශ්‍රිත ප්‍රදේශයත් කර්මාන්ත කලාපයක් ඇති කිරීමේ හැකියාව පිළිබඳව අප සාකච්ඡා කරමින් සිටිනවා. එවැනි විශාල දියුණුව දකුණට ගෙන ඒමට මා බලාපොරොත්තු වෙනවා.අප රටට අනාගතය ඇති කළ යුතුයි. රට දියුණු වූ විට ණය ගෙවීමටත් විදේශ විනිමය ගැනීමටත් හැකියාව ලැබෙනවා. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා සමඟ ඇතිකර ගත් ජාතික ආණ්ඩුව නිසා රට වෙනුවෙන් මේ වැඩ කටයුතු කිරීම පහසු වූවා. එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, කඳුකරයේ දෙමළ පක්ෂ, ජාතික හෙළ උරුමය ආදී පක්ෂ සියල්ල එකට එකතු වූයේ තනි දේශපාලන පක්ෂය ලෙස ක්‍රියාකිරීමට නොවෙයි. අප එකට එක් වූයේ ජනතාව ණය බරට හසු වී සිටි මොහොතක ණය බර අනාගත පරම්පරාවට ඉතිරි නොකිරීමටත්, රට සංවර්ධනය කරමින් ඉදිරියට ගෙන යාමත් අරමුණ කරගනිමිනුයි.පළමුව දෙපිලේම පාක්ෂිකයින් විවේචනය කළා. නමුත් දැන් රටේ ඇති වී තිබෙන ප්‍රගතිය ජනතාවට පෙනෙනවා. 2015-16 කාලයේදී ජනතාව එය දුටුවේ නැහැ. 2017 මේ වන විට ඔවුන් එය යම් තරමකින් තේරුම් ගනිමින් සිටිනවා. 2018-19 වන විට ඒ ප්‍රගතිය ජනතාවට සම්පූර්ණයෙන්ම අවබොධ කරගැනීමට හැකි වේවි. ජාතික ආණ්ඩුව ලෙස එකට එක්වී එළැඹෙන මැතිවරණය තෙක් එක්ව වැඩ කිරීම දේශපාලකයින් ලෙස අප ගත් හොඳ තීරණය බව එදාට ජනතාව පවසාවි. ජනතාවට සහන සැළසීම සඳහා කැපවී ක්‍රියාකිරීම අප හමුවේ ඇති කාර්යයි. දැන් ඒ සඳහා ඔබේ සහයෝගය අවශ්‍ය වෙනවා. ඒ වගේම ප්‍රතිලාභ ලබන කුඩා තේ වතු හිමියන්ට මා සුභ ප්රාර්ථනා කරනවා යයිද රනිල් වික්රමසිංහ මහතා තවදුරටත් කීවේය. ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා-“ගංවතුර ව්‍යසනය වූ සැනින් අවශ්‍ය කඩිනම් පියවර ගන්නා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්රමසිංහ මහතා අපට දැනුම් දුන්නා. සෑම දිස්ත්‍රික්කයකම ඒ කටයුතු සාර්ථක ලෙස ක්‍රියාත්මක වූවා.සියලුම දෙනා එක කණ්ඩායම ලෙස මෙහෙයුම් කටයුතු ක්‍රියාත්මක කළා. ජනපති මෙන්ම අගමැති හැම විටම ජනතාවට කාර්යක්ෂම සේවය සැලසීම සඳහා විමසිලිමත්ව කටයුතු කළා. ඉතිහාසයේ ස්වභාවික ව්‍යසන ඇති වූ කිසිම අවස්ථාවක මෙවැනි කාර්යක්ෂම සේවයක් මා දුටුවේ නැහැ.තේ කර්මාන්තය දියුණු කිරීම සඳහා විශාල මුදලක් වැය කරනවා. නමුත් හැමදාම ගංවතුර ආදී විපත්වලට මුහුණ දෙමින් ජීවත්වීමට හැකියාව නැහැ. ගංවතුර ව්‍යසනවලට මුහුණදීම සඳහා ක්‍රමයක් නිර්මාණය කළ යුතුයි. ගංවතුර නිසි පරිදි කළමනාකරණය කරගැනීමට අපට හැකියාව තිබෙනවා.වර්තමානයේදී බද්දේගම මාර්ගය ගංවතුරින් යට නොවීමට හේතුව ගංවතුර නැවැත්වීම සඳහා බැම්ම ඉඳිකර තිබීමයි. ඒ නිසා සමස්ත දිස්ත්‍රික්කයම ආවරණය වන පරිදි ගංවතුර වැළැක්වීමේ වැඩසටහන ක්‍රියාත්මක කළ යුතුයි.නිපුණතා සංවර්ධන සහ වෘත්තීය පුහුණු අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා-එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අත්වැල් බැඳගෙන ජනතාවගේ අනාගතය වෙනුවෙන් කටයුතු කරන ජාතික ආණ්ඩුව යටතේ විශාල සහන සලසා තිබෙනවා. එදා ගාල්ලට සුනාමි ව්‍යසනය ඇතිවූ දවසත්, මහ ගංවතුර ඇති වූ දවසත් අපට මතකයි. ගංවතුර ව්‍යසනය ඇති වූ දවසේ ජනපති-අගමැති ප්‍රමුඛ ආණ්ඩුව විශාල කැප කිරීමක් කර කඩිනමින් ජනතා සහන සැලසීමට කටයුතු කළා. තේ වතුවලට පමණක් නොව සෑම දෙනෙකුටම පොරොන්දු වූ පරිදි කඩිනම් සහන සැලසීමට අපට හැකි වුණා. වෙනත් තැන්වල ස්වභාවික ව්‍යසන අවස්ථාවලදී උද්ඝෝෂණ තිබුණත් ගාල්ල දිස්ත්‍රික්කයේ එවැනි කිසිදු අර්බුදයකින් තොරව නිසි පරිදි සහන සැලසීමට හැකි වූ බව කිව යුතුයි. අගමැතිතුමා පුළුල් දැක්මක් සහිතව ආර්ථිකය හසුරුවන නායකයෙකු වනවා. එමෙන්ම අඩු ආයෝජනයකින් වැඩි ප්‍රතිලාභය ගන්නේ කෙසේ දැයි සෑම වැවිලිකරුවෙකුම කල්පනා කළ යුතුයි.දකුණු පළාත් ආණ්ඩුකාර හේම කුමාර නානායක්කාර මහතා-ශ්‍රී ලාංකික තේ අදටත් ලොව ප්‍රමුඛතම තේ ලෙස සැලකෙනවා. අනෙක් රටවල තේ නිෂ්පාදනය ශ්‍රී ලංකාව අභිබවා ගියත් මෙරට තේ වල තිබෙන ස්වභාවික උත්තේජන නිසා තවමත් සිලෝන් ටී ප්‍රමුඛත්වයේ ලා සලකනවා.සමස්ත වැවිලි කර්මාන්තකරුවන්ගෙන් සියයට 75 ක් කුඩා තේ වතු හිමියන් නම් ඔවුන්ට රජය උපරිම සහාය දිය යුතුයි. වර්තමානයේ කුඩා තේ වතු හිමියන්ගේ අස්වැන්න මසකට කිලෝ තුන් සියයක් හාර සියයක් පමණ වෙනවා. මේ ප්‍රමාණය කිලෝ හත්සියය දක්වා වැඩිකර ගත යුතුයි. අගමැතිතුමාගේ දේශපාලන දිවියට වසර 40 ක් සපිරුණු මොහොතේ එතුමාට රටට සේවය කිරීමට තවත් ශක්තිය ලැබේවායි ප්රාර්ථනා කරනවා. දකුණු පළාත් මහ ඇමැති ශාන් විජයලාල් ද සිල්වා මහතා-“ගිංගඟ මිටියාවතේ ජනතාවට අතීතයේ සිටම ගංවතුර සහ නාය යෑම් ඛේදවාචකවලට මුහුණු දීමට වුණා. විපත් අවස්ථාවේදී ජන ජීවිතය නැවත නඟා සිටුවීම සඳහා විශාල වැඩ කොටසක් කළ බව කිව යුතුයි. එදා ජනතාවට දුන් ප්‍රතිඥාව අද ඉටු කරලා. ප්‍රදේශයේ ජනතාවගේ ජීවිතය නඟා සිටුවීම සඳහා තේ දල්ල මහෝපකාරී වුණා. කුඩා තේ වතු හිමියන් තේ නිෂ්පාදන කාර්යයේදී විශාල වැඩ කටයුතුත් කරන බව කිව යුතුයි. අප රටේ පස තේ වගාවට ඉතා සුදුසු බැවින් ලොව හොඳම තේ නිපදවන රටක් ලෙස අපට කීර්තිය හිමි වුණා.”වැවිලි කර්මාන්ත අමාත්‍යාංශ ලේකම් ජේ.ඒ. රංජිත් සහ අඬාරදෙණිය තේ කම්හලේ හිමිකරු ඩබ්ලිව්. ජිනදාස යන මහත්වරු ද සභාව ඇමැතූහ.මේ අවස්ථාවට ප්‍රදේශයේ දේශපාලන නියෝජිතයෝ ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.ඡායාරූප - ඉෂාන් සංජීව
|
ජාතික ආණ්ඩුව වැඩ කරන්නේ වාසි බලාගෙන නෙමෙයි
| 0 |
(අංජුල මහික වීරරත්න, කනංකෙ එම්.කේ. ඉන්ද්‍රවංශ)දකුණේ ශීඝ්‍ර සංවර්ධන පෙරළිය ඊළඟ වසර 10 ඇතුළත දැකගැනීමට හැකියාව ලැබෙනු ඇතැයි අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා අකුරැස්සේ දී ඉකුත් 18 වැනිදා සිකුරාදා පැවැසීය.පරණ පව් ගෙවූ වසර දෙකක කාලය නිමාවීමෙන් පසුව සියලුදෙනා එක්ව රට ගොඩනගන යුගය ඇරැඹී ඇතැයිද අග්‍රාමාත්‍ය රනිල් වික්රමසිංහ මහතා පැවසීය.අග්‍රාමාත්‍ය රනිල් වික්රමසිංහ මහතා මේ බව පැවැසූයේ අකුරැස්ස, තිබ්බටුවාව සතිපොළ විවෘත කිරීමෙන් අනතුරුව ඒ අසල පැවැති ජන රැලිය අමතමිනි.රැලිය අවසන්වීමෙන් පසු අග්‍රාමාත්‍යවරයා තිබ්බටුවාව නගරයේ වෙළෙඳසල්වලටද ගොස් ව්‍යාපාරිකයන් හමුවී සුහද කතාබහකද නිරත විය. ජනරැලියේදී තවදුරටත් අදහස් දැක්වූ අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා,බුද්ධික පතිරණ මන්ත්‍රීතුමා සමග මා මේ පළාතේ සංචාරය කළා. මා මෙලෙස සංචාරය කළේ කාලයකට පසුවයි. මා කාලයකට ඉහත මෙලෙස සංචාරයකට ගොස් විල්පිට නිල්වලා අධ්‍යාපන පීඨයක් නැති බව දයානන්ද වික්‍රමසිංහ මැතිතුමාට කිව්වා. එකල අප මේ හැම ප්‍රදේශයකම සංචාරය කළා. ඒ දියුණුවෙන් පසුව අදත් දියුණුවක් ඇරැඹීමට සූදානමින් සිටිනවා. ඒ දියුණුව ඇතිවන්නේ මුළු දකුණු පළාතම කේන්ද්‍ර කරගෙනයි.බුද්ධික පතිරණ මන්ත්‍රීතුමා හැමදාම පාර්ලිමේන්තුවේ කතා කරනවා. මාධ්‍ය අතර ඉන්නවා. ඒ අයුරින්ම බිම් මට්ටමේ ගම් මට්ටමේ කටයුතු කරනවා. ඒක හොඳයි. වසර 30 කින් පසුව අකුරැස්සට නැවත දියුණුවක් ලබාදී තිබෙනවා. පතිරණ මහතාගේ වැඩකටයුතු හැමදාම මේ ප්‍රදේශයට සීමාවන්නේ නැහැ. සෙසු පළාත්වලටත් සේවය කරනවා. ඒත් අප මේ දියුණුව අගය කරනවා.අද අප ප්‍රාදේශීය සභා කාර්යාලය විවෘත කිරීම, වතු නිවාස යෝජනා ක්‍රම විවෘත කිරීම ආදී වැඩසටහන් රාශියකට සහභාගී වුණා. තිබ්බටුවාව සතිපොළ විවෘත කිරීමේ වැඩසටහනට පැමිණියේ අවසාන වැඩසටහන ලෙසයි. බුද්ධික පතිරණ මහතාත් මෙවර පාර්ලිමේන්තුවට පැමිණ වසර දෙකක් පිරෙනවා. අපත් මේ වතාවේ පාර්ලිමේන්තුවට පත්වී වසර දෙකක් ගතවී තිබෙනවා.අප ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට තීරණය කළේ රටට යහපතක් කිරීම සඳහායි. ඒ අනුව අප සියලුම දෙනා ඒ ආණ්ඩුවේ දිවුරුම් දුන්නා. මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයට තුනෙන් දෙකක බලයක් ලැබුණත් ජාතික ආණ්ඩුවක් බිහි කරන බව මහ මැතිවරණයේදී මා පැවැසුවා. ඒ අනුව අප හැමදෙනාම එකට එකතු වී වැඩ කටයුතු කරනවා. වසර දෙක අවසන් වනවිට මුදල් ඇමැතිතුමන් සමග සාකච්ඡා කර යම් සහන කීපයක් ජනතාවට ලබාදීමට හැකියාව ලැබුණා. සියයට 10 ක් ලෙස තිබූ අන්තර්ජාල බද්ද ඉවත් කොට ඒ වෙනුවට ඔබලාත් සහනයක් දෙන ලෙස සමාගම්වලින් ඉල්ලා සිටියා. ඒ නිසා දැන් 20% ක සහනයක් ලැබෙනවා. ඒ අනුව අන්තර්ජාල භාවිතය තවත් වැඩිවීමෙන් ආදායම තවත් වැඩිකර ගැනීමට හැකියාව ලැබෙන බව මගේ විශ්වාසයයි.දෙවැන්න වාහන මිල අඩු කිරීමයි. ආර්ථික වශයෙන් වැදගත් වන කුඩා වාහන මිල අඩුකර තිබෙනවා. බට්ටා වාහනවල බද්දත් අඩුකර තිබෙනවා. ඒ අනුව ලක්ෂ තුනකින් පමණ ඒවායේ මිල අඩුවේවි. මේ ප්‍රදේශවලට එම වාහන අත්‍යවශ්‍යයි.තේ ප්‍රවාහනය, බඩු භාණ්ඩ ප්‍රවාහනය, ආදියට අවශ්‍යයි. ආර්ථිකය දියුණුවීමත් සමග බඩු භාණ්ඩ, මගීන් ප්‍රවාහන කටයුතු සඳහා වාහන අවශ්‍යයි. 1977 වසරේ ත්‍රිරෝද රථ ගෙන්වීමෙන් කුඩා වාහන ගෙන්වීම ආරම්භ කළා.ගංවතුරෙන් පසුව කුඩා වාහන මිලදී ගෙන ආර්ථිකය යළි ගොඩනංවා ගැනීම සඳහා අප එහි මිල අඩුකර තිබෙනවා. මේ කාරණා දෙකෙන්ම ආර්ථිකයට විශාල රුකුලක් ලැබේවි. එමෙන්ම කුඩා යතුරුපැදි සඳහා වන බද්දත් ඉවත්කර තිබෙනවා. ඒ නිසා ජනතාවට රුපියල් 50,000 ක පමණ වාසියක් ලැබේවි.තරුණයන් සඳහා යතුරුපැදි අත්‍යවශ්‍යයි. සමහරුන්ට විශාල ප්‍රමාණයේ යතුරුපැදි මිලදීගත හැකියි. ඒත් පොඩි වාහන මිලදී ගන්නා අයට අප විශේෂ සහනයක් ලබාදී තිබෙනවා. එම වාහන ගෙන්වීම අපරාධයක් නාස්තියක් නොවේ. එයින් කුඩා ගම්මානවල ආර්ථිකය දියුණුවට පත් වෙනවා. මා වසර 40 කට හෝ 45 කට පෙර මෙහි එනවිට මේ වෙළෙඳසල් එකක්වත් මෙහි තිබුණේ නැහැ. ඒකාලේ බාබර් සාප්පුවක් පමණක් තිබුණා.අද තත්ත්වය වෙනස්වෙලා. ජනතාවගේ අතේ මුදල් තිබෙනවා. ජනතාවගේ අතේ තිබෙන මුදල් ප්රමාණය වැඩි කිරීම අපේ අරමුණයි. යහපාලන රජයේ මූලික වැඩ කටයුත්ත එයයි.රජය බාරගන්නා විට මේ තත්ත්වය තිබුණේ නැහැ. රට ඉදිරියට ගෙන යාමට බැරි තත්ත්වයක් උද්ගතවී තිබුණා. ණය ගෙවීමට නොහැකි තත්ත්වයක් ඇතිවී තිබුණා. ණය පොලිය ගෙවා දැමීමටවත් රටේ ආදායම ප්‍රමාණවත් වූයේ නැහැ.මෙහෙම ආණ්ඩුවක් බාරගන්න පිස්සුදැයි සමහරුන් ඇසුවා. මුලින් රට බාර ගනිමු. ඊට පසුව රට හදමු යැයි මා පැවැසුවා. ඉතින් අපි මෛත්‍රීපාල සිරිසේන මහතා සමග එක්ව මැතිවරණයට ගොස් රට බාරගත්තා. අප රට බාරගනිද්දී ආදායම වැඩි කරන්න තවත් මාර්ග තිබුණා. එදා පැවැති පෙට්‍රල් ගාස්තුව මතකද? සියලුම දේ වැඩිකර තිබුණා. අපි ඒ සියලුම භාණ්ඩ මිල අඩු කළා. අප වෙළෙඳපොළේ මිලට භාණ්ඩ දෙන බවත් වෙළෙඳපොළේ මිල අඩු වන විට අඩුවෙනුත් වැඩිවන විට වැඩිපුරත් භාණ්ඩ දෙන බව පැවැසුවා. වාසිය හා අවාසිය දෙකම ජනතාවට දිය යුතුයි. අවාසිය ජනතාවට ද වාසිය ආණ්ඩුවේ අයගේ සාක්කුවට දමා ගැනීමේ පිළිවෙත වැරදියි.ඒ වැඩකටයුතු කරද්දී රජයේ ආදායම අඩුවුණා. ඒ වගේම අපි පඩි වැඩි කළා. වියදම වැඩි වුණා. කෙසේ හෝ අප රට ඉදිරියට ගෙන ගියා. අප දැන් කෙසේ හෝ මුදල් සොයාගත යුතුව තිබුණා. ආර්ථිකය ස්ථාවර නොකළොත් සියල්ල කඩා වැටෙනවා. ඒ නිසා අපට අලුත් බදු පැනවීමට සිදුවුණා. අන්තර්ජාල බද්දක් පැනවූයේත් ඒ අනුවයි.තරුණයෝ අපට දොස් නැගුවා. අන්තර්ජාල භාවිතය වැඩි කරන බව මැතිවරණ සමයේ පවසා දැන් කරන්නේ කුමක්දැයි විමසුවා. මේ බදු වැඩි කරන්නේ තාවකාලිකව බව අප එහිදී පැවැසුවා. ආර්ථිකය හැදෙන තුරු කල්දෙන ලෙස ඉල්ලා සිටියා. ඇතැම්විට අපට අමාරු තීරණ ගන්නට සිදුවෙනවා. බැනුම් අහන තීරණ ගන්න වෙනවා.නමුත් අද වනවිට අපේ ආදායම ණය ගෙවා දැමිය හැකි මට්ටමකට ගෙනැවිත් තිබෙනවා. ඒත් සංවර්ධන වැඩ සඳහා ණය ගත යුතුව තිබෙනවා. එයින් ප්‍රතිඵලයක් ලබාගත යුතුයි.මේ වනවිට රටේ ආදායම ටිකෙන් ටික වැඩිවෙනවා. ඒ නිසා මුදල් ඇමැතිතුමා සමග සාකච්ඡා කොට අන්තර්ජාල බද්ද ඉවත් කිරීමට අප තීරණය කළා. අප 10% බද්ද අඩු කළා පමණක් නොව සමාගම්වලින්ද සහනයක් දෙන ලෙස අප ඉල්ලා සිටියා.ආර්ථිකයේ යම් ස්ථාවර බවක් ඇතිවී තිබෙනවා. අපේ පරම්පරාව ගත් ණය අපේ පරම්පරාව විසින් ගෙවා දැමිය යුතුයි. මතු පරපුරට ඒ ණය ඉතිරි කරන්නට හැකියාවක් නැහැ. අපේ කාලේ අඩුපාඩු, කළ වැරදි අපිම ගෙවා දැමිය යුතුයි. දැන් ඒ කටයුතු ටිකෙන් ටික සිදු කරමින් සිටිනවා. වැඩිපුරම ණය ගෙවීමට තිබෙන්නේ 2020 වසර වනවිටයි. 2025 වනවිට ණය ගෙවීම් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එවිට අපේ ආදායම වැඩිවෙනවා.දැන් අපි සංවර්ධනය පටන් ගන්නවා. මෙරට ආර්ථික සංවර්ධනය නැවත අරඹනවා. වසර 40 කට පෙර ජේ.ආර්. ජයවර්ධන ජනපති යටතේ විශාල සංවර්ධනයක් කිරීමට මට අවස්ථාවක් ලැබුණා.අප මහවැලි ව්‍යාපෘතිය ඇරැඹුවා. ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ අගනගරය කර පාර්ලිමේන්තුව ඉදිකළා.කටුනායක, බියගම, සීතාවක ආදී වෙළෙඳ කලාප ඇරැඹුවා. උදාගම්මාන ඇරැඹුවා. නිල්වලා යෝජනා ක්‍රමය පටන්ගත්තා. කොග්ගල වෙළෙඳ කලාපය ඇරැඹුවා. ප්‍රේමදාස ජනපති සමගත් අප කර්මාන්තකරණය ඇති කර ඇඟලුම් කම්හල් 200 වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට හැකිවුණා. ඒ ආකාරයේ සංවර්ධනයක් ඊට පසුව මේ රට දැකලා නැහැ. අප සංවර්ධනය කළේ ණය වෙලා නොවේ.ජේ.ආර්. ජයවර්ධන ජනපතිටත්, ප්‍රේමදාස ජනපතිටත් මුහුණදීමට සිදු නොවූ තත්ත්වයකට මටත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිටත් මුහුණදීමට සිදුවී තිබෙනවා.ණය ගෙවා සංවර්ධන කිරීම අපේ අරමුණ වුණා. අප මුලින් අත ගැසුවේ අමාරුම තැනටයි. හම්බන්තොට නැව් නැති වරායක් තිබුණා. මා එය නම් කළේ ලොව විශාලතම පිහිනුම් තටාකය ලෙසයි. ඒ වරාය නඩත්තු කිරීම සඳහා අප රුපියල් බිලියන 40 ක් වියදම් කර තිබෙනවා. ණය ගෙවන්න මුදල් නැහැ. එය විශාල පාඩුවක් බවට පත්වුණා. අනෙක් පැත්තෙන් මත්තල ගුවන් තොටුපොළක් තිබුණා. ඊට ගුවන් යනා එන්නේ කොහෙන්ද? අපේ ගුවන් හමුදාවේ සහ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානා පමණක් පැමිණියා. වෙනත් ගුවන් යානා නම් ආවේ නැහැ. ඒ ගුවන් තොටුපොළේ ණය ගෙවන්නත්, නඩත්තු කරන්නන් අපට හැකියාවක් නැහැ. ගුවන් තොටුපොළ පවත්වාගෙන යන්නේ ඉතා අසිරුවෙනුයි.පළමුවෙන්ම අප චීනය සමග සාකච්ඡා කළා. මේ ණය ගෙවීමට නොහැකි බව පැවසුවා. අප වෙනත් ක්‍රමයක් සොයා ගනිමු යැයි චීන ජනපති අපට පැවසුවා. දැන් අප වසර 70 ක් සඳහා එය දී තිබෙනවා. ඇතැමුන් ඊටත් කෑ ගහනවා. අපට ලැබී තිබෙන බද්ද ඩොලර් බිලියන 1.1 ක් වනවා. ඩොලර් බිලියන එකහමාරක ණය මුදලෙන් කොටසක් අප තබාගෙන ඉතිරි කොටසට ගෙවීමට ඇති මුදල ලැබී තිබෙනවා. ඒ ණයත් අවසන්, ඒ ගැන බයවෙන්න එපා.මත්තල ගුවන් තොටුපොළ බාර ගැනීම සම්බන්ධයෙන් ඉන්දිය රජය සමග සාකච්ඡා කර තිබෙනවා. ඒ කාරණයත් මේ වසර අවසන්වීමට පෙර කළ හැකියි. එසේ නම් දැන් හම්බන්තොට වරාය සහ මත්තල ගුවන් තොටුපොළ යන දෙකේම බර නැහැ. එතැන් සිට දියුණුව පටන් ගත හැකියි. ගුවන්තොටුපොළ සහ වරාය ලාබ ලබන තත්ත්වයකට පැමිණේවි.චයිනා මර්චන්ට් සමාගම වරායට නැව් ගේනවා. වරාය දියුණු කරනවා. එහි තෙල් පිරිපහදුවක් ඉදිකිරීම පිළිබඳව අපෙන් විමසා තිබෙනවා. මේ ප්‍රදේශයට විදුලිබලය දීම සඳහා එල්.එන්.ජී. විදුලි බලාගාරයක් ඇති කළ හැකිදැයි විමසා තිබෙනවා. ඒ කරුණු සඳහා අප ඉඩ ලබාදෙමු.හම්බන්තොට වානේ සමාගමක් ඇති කිරීම පිළිබඳව විමසා තිබෙනවා. නැව් තටාකයක් ස්ථාපිත කරනවා. සිමෙන්ති කම්හලක් පිහිටුවනවා. ඒ ඉදිකිරීම් පිළිබඳව දැන් ඉල්ලීම් කර තිබෙනවා. මේ ව්‍යාපෘතිවලින් අඩක් සාර්ථක වුවත් එය ප්‍රමාණවත්.හම්බන්තොට කර්මාන්ත කලාපයක් ඉදිකිරීම, මත්තල නව සංචාරක කලාපය, ගැන සිතන්න. දකුණ යනු සංචාරකයන් සඳහා හොඳම තැනයි. කටුනායක සහ මත්තල ගුවන්තොටුපොළට මැදිව දකුණු පළාත පිහිටා තිබෙනවා. ඒ තුළින් දකුණේ සංචාරක ව්‍යාපාරය දියුණුවට පත් වෙනවා. එමෙන්ම මොණරාගල, මාතර විශාල කර්මාන්ත දියුණුවක් ඇති කරනවා. ඒ කර්මාන්තයේ වාසි අකුරැස්ස ප්‍රදේශයටත් එනවා. මේ හැම ගමකටම සංවර්ධනයේ වාසි ලැබෙනවා. ලබන වසරේ ආරම්භ කර ඉදිරියට ගෙනයන්නේ එම සංවර්ධනයයි.වසර දහයකින් මහවැලි ව්‍යාපාරය කළා සේ විශාල සංවර්ධන විපර්යාසයක් දකුණ කේන්ද්‍ර කර ගනිමින් සිදුකරනවා. හොඳම සංචාරක කලාපය දකුණයි. බෙන්තර සිට පිටබැද්දර දක්වා සංචාරක කලාප ඇති කිරීමට අක්කර 2000 ක් පමණ වෙන්කරනවා. මේ වසර අවසන් වනවිට දේද්දුව කේන්ද්‍ර කර ගනිමින් පළමු සංචාරක ව්‍යාපාරය ආරම්භ කරනවා.එවිට සංචාරක ආර්ථිකය එක් පැත්තකිනුත් කර්මාන්ත, ගුවන් තොටුපොළ. වරාය, ආර්ථිකය තවත් පැත්තකිනුත් දැක ගැනීමට හැකිවේවි. වැලිගම තවත් කර්මාන්ත කලාපයක් ඉදි කෙරෙනවා. මේ ආරම්භ කරන්නේ දියුණුවයි.සිංහරාජ අඩවිය ආශ්‍රිත ප්‍රදේශත් ඉබේම දියුණුවට පත්වේවි. හිනිදුම, දෙණියාය, රක්වාන ආදී ප්‍රදේශ දියුණුවට පත්වෙනවා. ඒ දියුණුවට මුහුණදීම සඳහා සූදානම් විය යුතුයි. මහවැලි ව්‍යාපාරයට වඩා වැඩි විපර්යාසයක් යහපාලන රජය විසින් සිදු කරනවා.දකුණේ ශ්‍රේෂ්ඨ ලේඛකයෙක් සිටියා. ඒ මාර්ටින් වික්‍රමසිංහ මහතායි. ඔහු ගම්පෙරළිය ලිව්වා. දැන් අපි දකුණේ පෙරළිය කරන්න යනවා. ඊළඟ වසර 10 තුළ දකුණේ පෙරළිය දැකගන්නට හැකිවේවි.මේ ඉඩම්වල වටිනාකම දෙගුණයක් තුන්ගුණයක් වේවි. තංගල්ල, දික්වැල්ල ඉඩම් මිල ශීඝ්‍රයෙන් වැඩිවෙනවා. හම්බන්තොට පර්චස් 1 ක් රුපියල් 100 බැගින් විකිණීමට සිටි ඉඩම්වල අද පර්චස් 1 ක වටිනාකම රුපියල් ලක්ෂයකටත් වඩා වැඩියි. අප ඒ දියුණුව තවත් සීඝ්‍ර කළ යුතුයි. ඉදිරියට ගෙන යායුතුයි. එම ප්‍රතිලාභ මේ ප්‍රදේශයට ලබාදිය යුතුයි.දකුණේ දියුණුව මොණරාගල, අම්පාර ප්‍රදේශවලටත් ව්‍යාප්ත වෙනවා. මහනුවර සිට වැල්ලවාය තෙක් විශාල සංවර්ධන තීරුවක් ඇති කිරීම අපේ අරමුණයි.මහනුවර, වයඹ, බස්නාහිර මහා නගරය, දකුණු දියුණුව ආදී විශාල වැඩසටහන් තිබෙනවා. ඉන්පසුව ත්‍රිකුණාමලය දියුණුව සඳහා සැලසුම් සකස් කරනවා. ඒ සැලසුම් ද ආරම්භ කර තිබෙනවා.ඊළඟ පරපුරට මීට වඩා හොඳ ආර්ථිකයක්, ආදායම්, රැකියා ලබාදෙන වැඩසටහන් අප ක්‍රියාත්මක කරනවා. පරණ පව් ගෙවන්න වසර දෙකක් ගත වුණා. කැඩුණු ආර්ථිකය ගොඩගන්න වසර දෙකක් ගතවුණා. දැන් අපි කවුරුත් එක්ව ඉදිරියට යමු. පක්ෂ කීපයක් එක්ව රට ඉදිරියට ගෙන යනවා. අපට බනින අය ඉන්නවා. ඔවුන් ජනාධිපතිවරණය කලින් පැවැත්වූයේ ණය ගෙවන්න බැරි නිසයි. අපි බියවී දිව්වේ නැහැ. සහන දී වැඩකටයුතු කළා.දැන් අප සංවර්ධන යුගය අරඹනවා. අලාභ ලැබූ දේ ලාබ ලබන දේවල් බවට පත්කළා. ජනතාවට බර පටවන්නේ නැහැ. තරුණයන්ගේ අනාගතය නැති කරන්නේ නැහැ. ඒ වෙනුවට අපි ඔබට හොඳ අනාගතයක් දෙනවා. ඒ ගමන අපි එකට යමු. ඊට ඔබේ සම්පූර්ණ සහය අවශ්‍යයි.එක්සත් ජාතික පක්ෂයේ අකුරැස්ස සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා,මාතර දිස්ත්‍රික්කයේ සෑම බස් නැවතුම්පොළක්ම හැදුව. ඒත් අකුරැස්ස බස් නැවතුම්පොළ අලුත්වැඩියා කෙරුණේ නැහැ.ලංකා ඉතිහාසයේ හදිසි ආපදා වෙනුවෙන් ඉදිකෙරුණු පළමු බෝට්ටුව අද අපි අකුරැස්සට බාරගත්තා.අකුරැස්සේ ව්‍යාපාරිකයන් යන එන මං නැතිව නන්නත්තාර වූ යුගයක් තිබුණා. මෙහි ව්‍යාපාරිකයන් හැමදාම ගංවතුරෙන් බැට කනවා. ඔවුන් වෙනුවෙන් ස්ථීර විසඳුමක් ලබාදිය යුතුයි. සංහිඳියා ආණ්ඩුවෙන් බලාපොරොත්තු වන්නේ රටට මෙන්ම ලොවටත් ආදර්ශයක් ලබාදීමයි.මෙම අවස්ථාවට ප්‍රදේශයේ දේශපාලන නියෝජිතයන් ඇතුළු විශාලපිරිසක් සහභාගී වී සිටියහ.(ඡායාරූප - ඉෂාන් සංජීව)
|
ජාතික ආණ්ඩුව වැඩ කරන්නේ වාසි බලාගෙන නෙමෙයි
| 0 |
(මුලටියන එස්. බාලසූරිය, දෙයියන්දර ජයන්ත ජයවර්ධන සහ අකුරැස්ස සුජීව සමරක්කොඩි)නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තිය තුළ රජය අධ්‍යාපන ක්ෂේත්‍රයේ සංවර්ධනය සඳහා ප්‍රමුඛත්වය දී ඇතැයි ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා ඉකුත් 6 වැනිදා දෙයියන්දරදී පැවැසීය. ලෝකයේ දියුණු රටවල් ඒ දියුණුව ලබාගෙන ඇත්තේ එම රටවල උගතුන් වැඩිවීම නිසා බව කී ජනාධිපතිවරයා ජාතියක් ගොඩනැගීමට, ජාතියක් ශක්තිමත් කිරීමට, රටක උගතුන් වැඩිවිය යුතු බව ද සඳහන් කළේය.දෙයියන්දර ජාතික පාසල් පරිශ්‍රයේ අභිනවයෙන් ඉදිකරන ලද නව තෙමහල් පරිපාලන සංකීර්ණ ගොඩනැගිල්ල සිසු අයිතියට පවරා දීමෙන් අනතුරුව පැවැති ජන හමුවකදී ජනාධිපතිවරයා එම අදහස් ප්‍රකාශ කළේය. ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාගේ මැදිහත්වීමෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රතිපාදන මත රුපියල් ලක්ෂ 270ක වියදමකින් එම ගොඩනැගිල්ල ඉදිකර ඇත.විදුහල්පති ඩබ්ලිව්.ඩබ්ලිව්.ජී. අමරසේන මහතා ප්‍රමුඛ ගුරු මණ්ඩලය, පාසල් සංවර්ධන සමිතිය හා ආදි ශිෂ්‍ය සංගමය එක්ව එම උළෙල සංවිධානය කර තිබිණි. ජනාධිපනති මෛත්‍රීපාල සිරිසේන මහතා එහිදී මෙසේ ද කීය. වසර දෙකකට පෙර ඔබේ පාසලට වෙනත් කටයුත්තක් සඳහා පැමිණි අවස්ථාවක විදුහල්පතිතුමාත් දරුවනුත් කළ ඉල්ලීමක් මත මේ නව ගොඩනැගිල්ල ගොඩනගා විවෘත කර ඔබේ අයිතියට ලබා දීමට හැකිවීම පිළිබඳව මා ඉතාමත් සතුටු වෙනවා. දෙයියන්දර, හක්මන ප්‍රදේශය වගේම මාතර දිස්ත්‍රික්කය මට අලුත් ප්‍රදේශයක් නොවේ. පසුගිය අවුරුදු තිහකට ආසන්න කාලයක් විවිධ අමාත්‍යාංශවල කටයුතු කරන අවස්ථාවන්වලදීත් දේශපාලන කටයුතුවලදීත් මාතර දිස්ත්‍රික්කයේ මම ගමක් ගානේ ගිහින් තිබෙනවා. සමහර ප්‍රදේශවල, මැතිවරණ කාලවලදී ගෙයක් ගෙයක් ගානේ ගිහින් තිබෙනවා. අද ඔබේ ප්‍රදේශය තුළ කරනු ලබන සංවර්ධන කටයුතු සහ මේ පාසලේ දරුවන්ගේ අභිවෘද්ධිය සඳහා කරන්නාවූ කාර්යයන් ගැන ඉතාමත් සතුටු වෙනවා. ලක්ෂ්මන් යාපා අබේවර්ධන ඇමැතිතුමාගේ කතාවේදී සඳහන් කළ කාරණයක් මම පාඩමක් විදියට හිතට ගත්තා. ඇමැතිතුමා කිව්වා, මට කියලා ලියුමක් අත්සන් කර ගත්තා ජනාධිපතිතුමා දන්නෙත් නැහැ මම ලක්ෂ තුන්දාහක් අරගත්තා මේ පැත්තේ සංවර්ධන කටයුතුවලට කියා. මම එයින් තීරණය කළා මීට පස්සේ මම හැම කෙනෙක්ගේම ලියුම් අත්සන් කරන්නේ ගාණ දාලා කියා. දක්ෂ ඇමැතිවරයෙක් විදියට එතුමාගේ කාර්යය කරගන්න දක්ෂ වෙලා තිබෙනවා. මමත් ඉතාමත් සතුටු වෙනවා එවැනි විශාල මුදලක් අරගෙන මේ ප්‍රදේශයේ මහජනතාව වෙනුවෙන් කරන සංවර්ධන කටයුතු සම්බන්ධව. වාසනාවන්ත මේ රටේ සමස්ත දරු පරපුර වෙනුවෙන්, හෙට උපදින දරුවන් වෙනුවෙන් රජය විදියට අපේ වගකීම සහ යුතුකම ඉටු කළ යුතු වෙනවා. රජයක්, රාජ්‍ය නොවන ආයතනයක් වෙනත් ඕනෑම සංවිධානයක්, පුද්ගලයෙක් යම් කාර්යයක් කරන්නේ නම් එය ශුභවාදී නම් එහි ප්‍රතිඵලය ලබා ගන්නේ දරුවන්. කෙනෙක් යම් අසුභවාදී දෙයක් කරන්නේ නම් ඒ නරක කාර්යයේ අනිසි ප්‍රතිඵල ලබා ගන්නේත් දරුවන්. ඒ නිසා අපි සෑම කෙනකුටම වගකීමක් සහ යුතුකමක් තිබෙනවා අපි කරන සියලු කාර්යයන්හි වගකීමක් තිබෙනවා දරුවන්ගේ අනාගතය සඳහා සැමවිටම කටයුතු කරන්නට. ඒ කරන්නාවූ සියලු කටයුතුවල ආයෝජනයන්හි ප්‍රතිඵලය දරුවන් සඳහා විය යුතුයි. ලෝකයේ දියුණු රටවල් ඒ දියුණුව ලබා ගෙන තිබෙන්නේ එම රටවල්වල උගතුන් වැඩිවීම නිසායි. ඒ රටවල්වල බුද්ධිමතුන් වැඩිවීම නිසයි. ජාතියක් ගොඩනගන්න, ජාතියක් ශක්තිමත් කරන්න රටකට වඩාත් යහපත් අනාගතයක් ඇති වෙන්න ඒ රටේ උගතුන් වැඩි වෙන්න ඕන. උගත් ජාතියක් බවට පත්වෙන්න ඕන. නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තිය තුළ මේ අවුරුදු තුනකට ආසන්න කාල සීමාවේදී අධ්‍යාපන ක්ෂේත්‍රයේ සංවර්ධනය සඳහා ප්‍රමුඛත්වය දී තිබෙනවා. මෙහි පළාත් අධ්‍යාපන ඇමතිතුමා ඉන්නවා. මේ රටේ පළාත් සභා පිහිටුවීමෙන් පසුව කිසිම ආණ්ඩුවකින් නොදුන් මුදල් ප්‍රමාණයක් අපි ගිය අවුරුද්දේ සියලුම පළාත් සභාවලට දුන්නා. සමහර පළාත් සභාවලට අධ්‍යාපනය සඳහා දුන් මුදල් නැවත ආවා. සමහර මහ ඇමතිවරු අධ්‍යාපනයට යෙදවූ මුදල් වැඩියි. ඒ නිසා වෙනත් විෂයන්වලට මාරු කරන්න කියා ලියුම් මගේ ළඟට අරගෙන ආවා. මම ඒ ලියුම් අත්සන් කෙරුවේ නැහැ. අපි විශාල මුදලක් අධ්‍යාපනයට වැය කරන්නේ සියලු දේට වඩා ප්‍රමුඛත්වය රටේ අධ්‍යාපනයට, දරුවන්ට දෙන නිසයි. ජනාධිපති ලේකම් කාර්යාලයේ තිබෙන විවිධ ව්‍යාපෘති තුළ “දරුවන් රකිමු” කියා විශේෂ ව්‍යාපෘතියක් පසුගිය අවුරුද්දේ ආරම්භ කළා මම. මේ රටේ දරුවන් පිළිබඳ තිබෙන ප්‍රශ්න, ගැටලු, ආරක්ෂාව, සුරක්ෂිතභාවය දරුවන්ට කායිකව සහ මානසිකව බලපාන ප්‍රශ්න තුළ ඔවුන්ට ඇතිවන පීඩාවන් වැනි තත්ත්වයන් වාර්තා වූ නිසා “දරුවන් රකිමු” යන විශේෂ ව්‍යාපෘතිය අපි ආරම්භ කළේ. දරුවන්ගේ මනස තේරුම් ගැනීම, දරුවන්ගේ මනසට අවශ්‍ය දේ ලබා දීම, දරුවාට සුන්දර පැහැබර මනසක් ඇතිව වැඩ කිරීමට අවශ්‍ය පසුබිම ගොඩනැගීම, දරුවන් සැමවිටම සතුටින් තබා ගැනීම අපි කාගේත් වගකීමක් සහ යුතුකමක් වෙනවා. ඊයේ පෙරේදා මම කියවපු පොතක තිබුණා පිටරටක සිද්ධියක්. ඒ රටේ පොදු ප්‍රවාහන සේවයේ බස් රථයකට නැග්ගා දරුවන් තුන් දෙනෙක් සහ තාත්තා කෙනෙක්. තාත්තා බස් රථයෙහි ආසනයක වාඩීවී සිටින විට බස් රථයෙහි ඉඩ තිබුණත් දරුවන් තුන්දෙනා වාඩි වෙන්නේ නැතුව මහ හයියෙන් කෑ ගසමින් එහේ මෙහේ දුවන්න පටන් ගත්තා. බස් රථයේ සියලු මගීන්ට මේ දරුවන් කරදරයක් වුණා. මගීන් දරුවන් දිහා නොවෙයි දරුවන්ගේ පියා දෙසයි බැලුවේ. මේ දරුවන් තුන් දෙනාව සන්සුන් කරගන්නේ නැතුව ඇයි මෙහෙම කරන්නේ කියා. දරුවන්ගේ පියා අසල සිටි මගියා දරුවන්ගේ පියාගේ මූණ බලන විට ඔහු ඇස් දෙක පියාගෙන නින්දෙන් සිටින ආකාරයට සිටියා. දරුවන් තිදෙනාගේ හැසිරීම එන්න එන්නම නරකයි. බස් රථයේ මගීන් දරුවන්ට වෛර කරන්න පටන් ගත්තා. දරුවන්ගේ පියා අසල සිටි අනෙක් මගියා නිදාගෙන සිටි පියාගේ ඇඟට තට්ටු කරලා හයියෙන් කතා කරලා ඇහුවා මේ බස් එකට කරදරයක් ඔබේ දරුවෝ. මේ දරුවෝ සන්සුන් කර ගන්න බැරිද? ඔබට මේක පෙන්නේ නැද්ද? ඇයි ඔබ මේ විදියට ඇස් දෙක පියාගෙන නිදා ගෙන ඉන්නේ දරුවෝ මේ තරම් බස් එකේ යන මගීන්ට කරදර කරද්දි කියලා. ඒ පියා ඇස් දෙක ඇරලා එහෙම අහපු මගියා දිහා බලලා කිව්වා මම බස් එකට නගින්න විනාඩි කිහිපයකට පෙර මගේ බිරිඳ මේ දරුවන්ගේ අම්මා රෝහලේ මිය ගියා. දරුවෝ කෑ ගහන්නේ ඒ නිසයි. මම ඇස් දෙක පියා ගෙන ඉන්නේ මට ඒක ඉවසන්න බැරි නිසයි. මම දරුවොත් එක්ක යන්නේ දරුවන්ගේ අම්මාගේ වැඩ ටික සංවිධානය කරන්නයි කියලා. මම මේ කතාව කිව්වේ දරුවන් වෙන්න පුළුවන්, වෙන කෙනෙක් වෙන්න පුළුවන්. අපි බොහෝ වෙලාවට කෙනෙකුගේ බාහිර හැසිරීමෙන් අභ්‍යන්තර තත්ත්වය නොදැන වැරදි තීන්දු තීරණවලට එළඹෙනවා. ඒ බසයේ සිටි ඒ දරුවාගේ පියා එහෙම කිව්වට පස්සේ මගීන් සියලු දෙනාටම ඒ දරුවන් සහ පියා පිළිබඳව අනුකම්පාවක් ඇති වුණා. ඒ අවට සිටිය මගීන් කිහිප දෙනෙක් ඇවිල්ලා ඒ පියාගෙන් ඇහුවා ඔබේ බිරිඳගේ මළ ගෙදරට අපෙන් මොනවහරි කෙරෙන්න තියනවා නම් කියන්න. අපි ඒ කටයුතු කරන්නම් කියලා. අපි ප්‍රශ්නය තේරුම් ගන්නවද? ප්‍රශ්නයේ පසුබිම තේරුම් ගන්නවද? ප්‍රශ්නයේ බාහිර තත්ත්වය උඩ අපි තීන්දු තීරණ ගන්නවද? මිනිසුන් සමග සමාජය සමග වැඩකරන විට ඒ ප්‍රශ්න සැබෑ ලෙසම තේරුම් ගැනීම අවශ්‍ය වෙනවා. එසේ නොමැති නිසා තමයි ගැටුම් ඇති වෙන්නේ. වෛරය ඇති වෙන්නේ. වැරදි ලෙස කෙනෙක් දෙස බලන්නේ. රවන්නේ නැතිව හැමවිටම සිනහ වෙන්න කියලා කියන්නේ. ඔය කියපු කතාව වගේම තවත් පුංචි කතාවක් තියනවා කියන්න. අවුරුදු තුනක හතරක කුඩා දරුවෙකුගේ උපන්දින උත්සවයක් තිබුණා. ඒ දරුවගේ මව්පියන් ටිකක් වත් පොහොසත්කම් තියන අය. ඒ අය තමන්ගේ හිතවතුන්ට කිව්වා පුතාගේ උපන්දිනය තියෙනවා ඒ සාදයට එන්න කියලා. ඒ පවුලේ හිත මිතුරන් තෑගි බෝග අරගෙන ඒ උපන් දිනයට සහභාගි වුණා. ඇවිල්ලා උපන්දිනේ සමරන දරුවට තෑගි බෝග දුන්නා. එහෙම දීලා ඒ මව්පියෝ ඒ දරුවට කිව්වා ඒ ගෙනාපු තෑගි බෝගත් එක්ක අපේ දරුවොත් එක්ක සෙල්ලම් කරන්න කියලා. නමුත් අර උපන්දිනේ සමරපු දරුවා ඒ තෑගි බෝග අරගෙන එක කාමරයක ගිහින් හැංගුවා. අනික් ළමයින් එක්ක සෙල්ලම් කළේ නැහැ. ඒ ළමයි කිව්වා අපි ගෙනාපු සෙල්ලම්බඩුත් එක්ක අපි සෙල්ලම් කරමු කියලා. ඒ දරුවා ඒ ඉල්ලීමට කැමති වුණේම නැහැ. මේක බලාගෙන හිටපු ඒ දරුවන්ගේ මව්පියෝ ඒ දරුවට කිව්වා අපේ බබාලාත් එක්ක සෙල්ලම් කරන්න. ඔයාට අපි සෙල්ලම් බඩු ගොඩාක් ගෙනාවා. ඔයාලා සේරම එකතු වෙලා සෙල්ලම් කරන්න කියලා. ඒ දරුවා මහා හයියෙන් කෑගහලා කිව්වා නෑ මට ගෙනාපු සෙල්ලම් බඩු මම දෙන්නේ නැහැ. මම ඔයාලත් එක්ක සෙල්ලම් කරන්නේ නැහැ කියලා. ඒ හැම දෙයක්ම හංගගෙන හිටියා. ඒ දරුවගේ තාත්තා අම්මා මේක දැක්කා. ඒ දෙන්නා බොහෝම ආදරයෙන් පුතාට කිව්වා පුතේ ඔයාගේ උපන්දිනේට ඔයා වගේම මේ බබාලා සෙල්ලම් බඩු අරගෙන ඇවිල්ලා තියෙන්නේ. ඒ ගෙනාපු සෙල්ලම් බඩු කාමරයෙන් එළියට ගෙනැල්ලා එයාලත් එක්ක සෙල්ලම් කරන්න කියලා. ඒ දරුවා හයියෙන් අඬ අඬ කිව්වා නෑ නෑ මට ගෙනාපු සෙල්ලම් බඩු මම දෙන්නේ නෑ. ඒවා මට විතරයි. මම මේ අය එක්ක සෙල්ලම් කරන්නේ නෑ කියලා.උපන්දින උත්සවය එතැනින් ඉවර වුණා. එහෙත් දරුවන්ගේ අම්මා තාත්තා සාකච්ඡා කළා මේ දරුවා මේ තත්ත්වයෙන් කොහොමද වෙනස් කර ගන්නේ කියලා. ඒ දරුවාගේ මව්පියන්ට සුළුවෙන් හෝ වත් පොහොසත්කමක් තිබුණ නිසා ඒ අම්මයි තාත්තයි තීරණය කළා දරුවාට එකම වර්ගයේ සෙල්ලම් බඩු ගොඩක් ගෙනැල්ලා දෙන්න. එහෙම ගොඩාක් ගෙනැල්ලා දුන්නා. දුන්නහම ඒ දරුවා ඇහුවා මට මොකටද මෙච්චර සෙල්ලම් බඩු. මේ එකම වර්ගයේ ඒවනේ මේ ගෙනැල්ලා තියෙන්නේ කියලා. ඊට පස්සේ තාත්තා දරුවට කිව්වා එහෙම නම් ඔයා ඔයාගේ යාළුවන්ට ඔයා පාසල් යනකොට ගෙනිහින් මේ වැඩි ඒවා බෙදලා දෙන්න කියලා. දරුවා ඒකට කැමැති වුණා. මම මේ කතාව කිව්වේ දරුවන්ගේ මනස තේරුම් අරගෙන දරුවෝ හදන හැටි සිහිපත් කරන්න. රටක අනාගතය සඳහා කළ යුතු කාර්යයන් අපි ඉතා හොඳින් ඉටු කරනවා. මේ රටේ කිසිම යුගයක නොමැති විදියට අපිට අද අන්තර්ජාතික සහයෝගය තිබෙනවා. ලෝකයේ සෑම රටකම මිත්‍රශීලීභාවය තිබෙනවා. ජාත්‍යන්තර සංවිධානවල ආශිර්වාදය තිබෙනවා. ඒ ශක්තිය අපි පාවිච්චි කරන්නේ රටේ සංවර්ධනයට. දරුවන්ගේ අනාගතයට. අපි රාජ්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ අධ්‍යාපනය, සෞඛ්‍ය, කෘෂි කර්මාන්තය ප්‍රමුඛව අනික් සියලු කටයුතු සංවර්ධනය සඳහායි.මේ දරුවන්ගේ අනාගතය ඉතාමත් වාසනාවන්තයි. මේ දරුවෝ ඉතාමත් පින්වන්ත දරුවෝ. මේ දරුවන් ඉතාමත් භාග්‍යවන්ත දරුවන්. ඒ නිසා දරුවනේ, ඔබට තිබෙන සුන්දර ලෝකයේ ඔබේ බලාපොරොත්තු ඉටු කරමින් මානව සමාජය විශිෂ්ටයින්ගේත් විශිෂ්ටයින් කරන්න අපි සැමවිටම කටයුතු කරන බව ප්‍රකාශ කරමින් මේ ප්‍රදේශයේත් මේ පාසලේත් ඉදිරි සංවර්ධනය සඳහා දිය හැකි දිය යුතු සෑම සහයෝගයක්ම ලබා දෙන බව ප්‍රකාශ කරන අතරම ගරු ලක්ෂ්මන් යාපා අබේවර්ධන අමාත්‍යතුමා අපේ රජය තුළ ඉතාමත් දක්ෂ ඇමතිවරයෙක් විදියට ඔබ වෙනුවෙන් මාතර දිස්ත්‍රික්කය මේ ප්‍රදේශයේ සංවර්ධන කටයුතු වෙනුවෙන් කරන කාර්යය ඉතාමත් අගය කරනවා යැයි ද ජනාධිපතිවරයා කීවේය.ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා මෙසේ කීවේය.මාතර දිස්ත්‍රික්කයේ කිසිම පාසලකට නොලැබුණු වරප්‍රසාදයක් දෙයියන්දර ජාතික පාසලට ලැබී තිබෙන්නේ. ජනාධිපතිතුමාගේ ඉල්ලීමකට අධ්‍යාපන ඇමැතිතුමා කඩිනමින් මේ සඳහා අධ්‍යාපන අමාත්‍යාශයෙන් රුපියල් මිලියන 27ක් ලබා දුන්නා. මේ වෙලාවේ දකුණු පළාතේ හිටපු මහ ඇමැති එච්.ජී. සිරිසේන මහතා සිහිපත් කරනවා. එතුමා මහ ඇමැතිව සිටි කාලයේ මේ විදුහල පළාත් සභාවෙන් නිදහස් කර ගැනීමට අනුමැතිය ලබා දුන්නා. ඒ වාගේම දෙයියන්දර නගර සංවර්ධන වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම සඳහා දෙයියන්දර කනිෂ්ට විදුහල් පරිශ්‍රය නිදහස් කර ගැනීමට වත්මන් දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍ය රාසපුත්‍ර මැතිතුමා අනුමැතිය දුන්නා. ජනාධිපතිතුමා දෙයියන්දර ජාතික පාසලේ මේ ගොඩනැගිල්ල විතරක් නොවෙයි, මේ නගර සංවර්ධන වැඩසටහන පළමු අදියර යටතේ රුපියල් ලක්ෂ 3000ක් අනුමත කර තිබෙනවා. එතුමාවත් දන්නේ නැහැ. ලියුමකින් අස්සන් කර දුන්නාට පස්සේ ඒ මුදල් ලබා ගැනීමට අවශ්‍ය කටයුතු කළා. දැන් එයින් කොටසක් නිදහස් වෙලා තියෙනවා. ඒ කොටසින් කනිෂ්ඨ විදුහල ඉදිකිරීම සඳහා අක්කර හයක භූමිභාගයක් අප පවරා ගන්නවා. එකේ මූලික කටයුතු අවසන් කරලා තිබෙන්නේ.දෙයියන්දර කියන්නේ ප්‍රධාන නගරයක්. අද ප්‍රධාන බැංකුවක් සහ සණස බැංකුව විවෘත කළා. නගර සංවර්ධනයත් සමග රාජ්‍ය ආයතන කීපයක් විවෘත වෙනවා. බැංකු ස්ථාපිත කෙරෙනවා. නගරය මගහැර යෑමට හැකි විකල්ප මාර්ගයක් ඉදිකෙරෙනවා. මේ කාලයේ මේ ප්‍රදේශයේ විශාල දියුණුවක් ඇති වුණා. මට මේ ඉතිහාසය මතක් නොකර බැහැ. මේ අවට තිබුණු පාරවල් කොහොමද තිබුණේ? කාපට් නොකරපු පාරක් දැන් මේ පැත්තේ තිබෙනවාද?ජනාධිපතිතුමාත් හැම අවස්ථාවකම කියන්නේ දරුවන්ගේ විනය හා අධ්‍යාපනය විධිමත් කළ යුතුයි කියලයි. ඒ නිසා දෙයියන්දර ජාතික පාසලට මේ ප්‍රදේශයේ අනෙකුත් පාසල්වලට ළඟම පාසල හොඳම පාසල වැඩසටහන යටතේ මාතර දිස්ත්‍රික්කයට ලක්ෂ 17000ක් ලබා දුන්නා. මේවායින් තමයි හොඳම පාසල ළඟම පාසල නිර්මාණය වෙන්නේ.එදා තිබුණු ප්‍රධාන තත්ත්වයට මේ දෙයියන්දර පාසල පත්වෙන්න ඕනෑ. එක කාලයක තිබුණා මේ පාසලෙන් විශ්වවිද්‍යාලයට 50-60ක් වසරකට යනවා. කීර්තිමත් විදුහල්පතිවරු හිටියා. ඒ කාලයේ රූබසිංහ මහතා දේශපාලන හේතූන් මත මාරු කළා. එතැනින් පසුව මේ විදුහල කඩාවැටුණා. අපේ පරමාර්ථය මේ විදුහල යළි පෙර තිබුණු තත්ත්වයට පත් කිරීමයි. හක්මන ආසනයේ ජාතික පාසල් දෙකයි තිබෙන්නේ.ජාතික පාසලට ලබා දෙන මේ සම්පත්වලින් ප්‍රයෝජන ගෙන කීර්තිමත් විදුහලක් බවට පත් කිරීමට අප කටයුතු කරනවා. ඒ සඳහා හැම දෙනාගේම සහයෝගය බලාපොරොත්තු වෙනවා යැයිද ඒ මහතා වැඩිදුරටත් කීය.ලංකාදීප ප්‍රධාන කර්තෘ විජය පුවත්පත් සමාගමේ අධ්‍යක්ෂ සිරි රණසිංහ මහතා එහිදී මෙසේ පැවසීය.දෙයියන්දර ජාතික පාසලට අද සුවිශේෂී දිනයක්. රාජ්‍ය නායකයකු දෙවැනි වරට මේ පාසලට පැමිණි මොහොතක්. 1955දී විතර එවකට අග්‍රාමාත්‍යවරයකු වූ සර් ජෝන් කොතලාවල මහතා මේ බිමට පැමිණියා. එදා කනිෂ්ඨ විදුහලක් ලෙස පැවැති මේ විදුහල ජ්‍යෙෂ්ඨ විදුහලක් බවට පත් කළා. අද ඉතිහාසයේ සනිටුහන් වන ඓතිහාසික දිනයක්. ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාගේ මැදිහත්වීමෙන් ලබා දුන් තෙමහල් පරිපාලන සංකීර්ණය එතුමා විසින් විවෘත කළා. එතුමා සෞඛ්‍ය ඇමැතිවරයාව සිටි කාලයේ දෙයියන්දර රෝහලට ගිලන් රථයක් ලබා දුන්නා. ඒ වාගේම අද දින මුලටියන ප්රාදේශීය සභාවේ නව කාර්යාල ගොඩනැගිල්ල විවෘත කළා.මේ විදුහලේ දියුණුව පිළිබඳව මා නිතරම උන්නදු වෙනවා. ඒ අනුව විශාල භෞතික හා මානව සම්පත් රැසක්ම මා ඉගෙන ගත් පාසල් මාතාවට ලැබුණා. මේ සම්පත්වලින් උපරිම ප්‍රයෝජන ලබා ගෙන අධ්‍යාපන කටයුතු හොඳින් කර ගැනීම මේ දරුවන්ගේ වගකීමක්. දශක 13කට අධික කාලයක් තිස්සේ මේ පළාතට තිබෙන අගනා සම්පතක් වූ මේ පින් බිමෙන් මුළු පළාතටම විශාල ආලෝකයක් ලැබෙනවා. මේ විදුහලේ වාගේම මේ ප්‍රදේශය දිනෙන් දිනම දියුණුවට පත්වේවා යැයි මා ප්‍රාර්ථනා කරනවා යැයි ඒ මහතා වැඩිදුරටත් කීවේය.විදුහල්පති ඩබ්ලිව්.ඩබ්ලිව්.ජී. අමරසේන මහතා ජනාධිපතිතුමා ඇතුළු ආරාධිත පිරිස පිළිගනිමින් මෙසේ කීවේය.වසර 133ක කීර්තිමත් ඉතිහාසයක් තිබෙන මේ පාසලට ජනාධිපතිවරයකු පළමු වරට පැමිණියේ අදයි. ඒක විදුහලට වාගේම ප්‍රදේශයටත් ඉමහත් ආඩම්බරයක්. විද්‍යා, කලා, වාණිජ, තාක්ෂණ අංශවලින් උසස් පෙළ පන්ති පැවැත්වෙන මෙහි සිසුන් විශාල පිරිසක් වාර්ෂිකව විශ්වවිද්‍යාලවලට ඇතුළත් වෙනවා. අනෙකුත් අංශයන්ගෙන් දස්කම් දක්වන මේ විදුහලේ ඉදිරි ගමනට අද විවෘත කෙරුණු තෙමහල් පරිපාලන ගොඩනැගිල්ල විශාල ආශිර්වාදයක් වෙනවා. එමෙන්ම පන්ති කාමර පැවැත්වීම සඳහා තෙමහල් ගොඩනැගිල්ලක අවශ්‍යතාව තිබෙනවා. මේ විදුහලේ කීර්තිමත් ආදි ශිෂ්‍යයකු වූ ලංකාදීප ප්‍රධාන කර්තෘ සිරි රණසිංහ මැතිතුමා නිරන්තරයෙන්ම මෙහි දියුණුවට උදව් කරනවා. එතුමා මේ ප්‍රදේශයට විශාල සම්පතක්. එමෙන්ම අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා නිතරම උදව් කරනවා. ඒක අපට ලොකු ශක්තියක් වන බව ද ඒ මහතා කීය.අමාත්‍යවරුන් වන මහින්ද අමරවීර, ෆයිසර් මුස්තාපා, දකුණු පළාත් මහ ඇමැති ෂාන් විජයලාල් ද සිල්වා, පළාත් සභාවේ ඇමැතිවරුන් වන චන්දිමා රාසපුත්‍ර, යූ.ජී.ඩී. ආරියතිලක, දකුණු පළාත් මනත්‍රීවරුන් වන පසඳ යාපා අබේවර්ධන, මනෝජ් සිරිසේන, කඹුරුපිටිය ශ්‍රීලනිප ප්‍රධාන සංවිධායක රසික රණවීර, මුලටියන නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ සුදත් සමරවික්‍රම, කොට්ඨාස අධ්‍යක්ෂ එච්.පී.කේ. හේමන්ත, ලංකාදීප නියෝජ්‍ය ප්‍රවෘත්ති කර්තෘ අජන්ත කුමාර අගලකඩ යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් එම අවස්ථාවට සහභාගි වී සිටියහ.සහකාර විදුහල්පති කැටියපේ රාහුල හිමියන් විසින් පිරිස පංච ශීලයෙහි පිහිටැවූ අතර, විද්‍යාලයේ නර්තන අංශයේ සිසුවියන් ඉදිරිපත් කළ නර්තනාංග කීපයකින් උළෙල වර්ණවත් විය.විද්‍යාලයීය පෙරදිග තූර්ය වාදන කණ්ඩායම හා අපරදිග තූර්ය වාදන කණ්ඩායම පෙරටු කරගෙන ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා ප්‍රමුඛ ආරාධිත පිරිස නව තෙමහල් ගොඩනැගිල්ල හා විශේෂ පීඨිකාව වෙත ඉමහත් හරසරින් කැඳවාගෙන ඒමට විදුහල්පති ඩබ්ලිව්.ඩබ්ලිව්.ජී. අමරසේන මහතා ප්‍රමුඛ ගුරු මණ්ඩලය කටයුතු කර තිබිණි.
|
නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තිය තුළ රජය අධ්‍යාපන ක්ෂේත්‍රයේ සංවර්ධනයට මුල් තැනදී තිබෙනවා
| 1 |
(ජේ.ඒ.එල්. ජයසිංහ සහ මැණික්හින්න ඒ.ජී. වික්‍රමසිංහ)වත්මන් වාණිජ සමාජය තුළ තරගකාරිත්වයට යොමු වී ඇති මවුපියන්ට දරුවන් අමතකවීම හේතුවෙන් නිවෙස් තුළම දරුවන් අනාරක්ෂිත වී ඇතැයි ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා පැවැසීය.ඒ හේතුවෙන් දරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් මූලික වශයෙන් දැනුවත් කළ යුත්තේ මවුපියන් බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා මේ බව පැවසුවේ දිගන මධ්‍යම පළාත් ක්‍රීඩා සංකීර්ණයේ දී ඉකුත් 8 වැනිදා පැවැති ‘දරුවන් සුරකිමු’ ජාතික වැඩ සටහනේ සමාරම්භක උත්සවයට සහභාගි වෙමිනි.එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා මෙසේද සඳහන් කළේය.මේ සුන්දර උදෑසන භාග්‍යවන්ත වූ, පින්වන්ත වූ ඔබ ඇමතීමට ලැබීම පිළිබඳව මා ඉතාමත් සතුටු වෙනවා. ‘දරුවන් රකිමු’ ජාතික වැඩසටහනේ අවුරුදු තුනක සැලැස්ම ක්‍රියාත්මක කිරීම ආරම්භ කිරීමයි මේ උත්සවයේ ප්‍රධාන අරමුණ. මේ වැඩසටහනට සහයෝගය දක්වන සියලුම මැති ඇමැතිවරුන් අමාත්‍යාංශ, රාජ්‍ය නිලධාරීන්, විශේෂඥ කමිටු, අනුග්‍රහය දක්වන සෑම කෙනකුටම මගේ ගෞරවනීය ස්තූතිය පුදකරනවා.දරුවන් රකිමු ජාතික වැඩසටහන ක්‍රියාත්මක කිරීමට මූලික වශයෙන් හේතු වූ කරුණු මොනවාද? යන්න මා ඔබට නොකීවාට ඒ පිළිබඳව ඔබට අවබෝධයක් තිබෙනවා. දරුවන් රැකීමට ජාතික වැඩසටහනක අවශ්‍යතාව කුමක් ද? විද්‍යුත් මාධ්‍ය, මුද්‍රිත මාධ්‍ය සහ සමාජයෙන් එන විවිධ තොරතුරු සමග මෙවැනි වැඩසටහනක අවශ්‍යතාව ඔබ සෑම කෙනෙක්ම පිළිගන්නවා ඇතැයි මා විශ්වාස කරනවා. මූලික වශයෙන් දරුවාට, දරුවා ජීවත්වන නිවසෙහි සුරක්ෂිතතාව තිබෙනවා ද? ඔබත් මමත් දන්නා පරිදි දරුවා මව්පියන් සමග ජීවත්වන නිවසෙහි ප්‍රශ්නයක් තිබෙන බව අද බොහෝ වාර්තා මගින් අපිට පෙන්නුම් කරනවා. මෙහි සිටිනවා පොලිසියේ නිලධාරී මහත්ම මහත්මීන් රාශියක්. පොලිසිවලට ලැබෙන පැමිණිලි වලින්, අවුරුද්දේ දවස් 365න් වැඩිපුරම ලැබෙන පැමිණිලි මොනවාද? මම පසුගිය දිනක උත්සවයක අවසානයේ දී ළඟම තිබෙන පොලිසියකට ගියා.පොලිස් ස්ථානාධිපතිතුමාගෙන් මම ඇහුවා වැඩිපුර එන පැමිණිලි මොනවා ද? කියලා. පොලිස් ස්ථානාධිපතිතුමා මා සමග කිව්වා අපිට වැඩිපුරම එන්නේ පවුල් ආරවුල් පිළිබඳ පැමිණිලි බව. පවුලේ ආරවුල් ඇති වෙනවානම් ඒ පවුලේ දරුවන්ට නිවස කොතෙක් දුරට අනාරක්ෂිත ද කියන කාරණය ඔබ සෑම කෙනෙක්ම දන්නවා.සමාජ සමීක්ෂණ ආයතනයක් විසින් පසුගිය වසර දහයක අපේ රටේ විවාහ ජීවිත පිළිබඳව සමීක්ෂණයක් කර වාර්තාවක් රජයට ලබා දුන්නා. අඩු වයසින් විවාහ වන තරුණ පවුල්වලින් 70%ක ගේ පවුල් ජීවිත අසාර්ථක බව එම වාර්තාවේ සඳහන් වෙනවා. පවුලේ මව්පියන්ගේ හැසිරීම් පිළිබඳව ප්‍රශ්න මතුවූ විට එම නිවසේ තත්ත්වය සහ එම නිවසේ ජීවත් වන දරුවන්ගේ මානසික තත්ත්වය කෙසේද යන්න ඔබ සෑම කෙනෙක්ම දන්නවා. එපමණක් නොවේ. අද තිබෙන වාණිජ සමාජයේ තරගකාරිත්වය තුළ මව්පියන් ඒ තරගකාරිත්වයට යොමු වෙලා තිබෙනවා.ආර්ථිකය ශක්තිමත් කර ගැනීමට සම්පත් වැඩිපුර ලබා ගැනීමට සමාජය තුළ ගෞරවයට ලක්වීමට එම තරගකාරිත්වයට යොමුවී තිබෙනවා. ඒ අනුව ඇතැම් මව්පියන්ට දරුවන් අමතක වෙනවා. නිවෙස තුළ දරුවාගේ ආරක්ෂිතභාවය සහ සුරක්ෂිතභාවය අඩුවීම පිළිබඳව තවත් බොහෝ කරුණු සඳහන් කළ හැකියි. ඒ නිසා දරුවාට පාසල සුරක්ෂිත ස්ථානයක් බවට විශේෂයෙන්ම පත්විය යුතුයි. සමාජයෙන් ලැබෙන තොරතුරු අනුව දරුවාට ආරක්ෂිත සහ සුරක්ෂිත ස්ථානය පාසල බවයි අපිට පෙනී යන්නේ. දරුවන්ගේ අනාරක්ෂිතභාවය පිළිබඳව පාසල්වලින් ලැබෙන වාර්තා ඉතාමත් අවමයි. දරුවන්ගේ අනාරක්ෂිතභාවය පිළිබඳව වැඩිපුර වාර්තා වන්නේ දරුවා පාසලේ සිටින කාලය තුළ නොව, මව්පියන්ගේ භාරකාරත්වයේ සහ ඇසුරේ සිටින කාල සීමාව තුළයි. පාසල් වලින් දරුවන්ට එරෙහි සිදුවීම් පිළිබඳව වන පැමිණිලි සහ ප්‍රශ්න ලක්ෂයකට එකක් පමණ තමයි ලැබෙන්නේ. එවැනි දේ නැතුවාම නොවේ.දරුවාට මහා මාර්ගය ආරක්ෂිත ස්ථානයක් ද? දරුවා යන බස් රථය ආරක්ෂිත ස්ථානයක් ද? දරුවා පාසල් යන පාසල් වෑන් රථය ආරක්ෂිත ස්ථානයක් ද? විශේෂයෙන්ම දරුවා යන පෞද්ගලික පන්ති, උපකාරක පන්ති ආරක්ෂිත ස්ථානයක්ද? මේ පිළිබඳව ඔබටත් මටත් බොහෝ දේ කතා කළ හැකියි. මෙහි සිටින දරුවන් ප්‍රමුඛ ඔබ සියලු දෙනාට ඒ පිළිබඳව හොඳ අවබෝධයක් තිබෙන බව මා විශ්වාස කරනවා. ඒ බොහෝ ස්ථානවල අපි දකින්නේ අනාරක්ෂිතභාවයක්.ඔබට මතක ඇති පසුගිය වසරේ යාපනයේ, විද්‍යා දරුවා පිළිබඳ සිදුවීම. ඒ තරුණ ගැහැනු දරුවා දූෂණයට සහ ඝාතනයට ලක්වූ කාරණාවත් ඔබ දන්නවා ඇති. මොනතරම් සමාජය විෂම ද මොනතරම් සමාජය අකාරුණික ද අපේ රටේ සිටින ජාවාරම්කාර පිරිසක් තරුණ ගැහැනු ළමයෙක් බලහත්කාරයෙන් දූෂණය කර ඝාතනය කිරීමේ සිද්ධියක් චිත්‍රපටයකට නැගීම සඳහායි එම කාර්යය කර තිබෙන්නේ. එසේ සකස්කර ගන්නාවූ සීඩීපට ජාත්‍යන්තර ජාවාරම්කාරයන්ට මේ රටින් පිට විකුණා මුදල් ලබා ගන්නවා. ඒ දරුවා ඝාතනය කළ ආකාරයත් එම අවස්ථාවේදී සිදුවූ දේ මෙවැනි අවස්ථාවක කීමට හැකියාවක් නැහැ.ඔබ දකින්නට ඇති, සති දෙකකට පමණ පෙර කුරුණෑගල දිස්ත්‍රික්කයේ වයස අවු. 17ක ගැහැනු දරුවෙක් විභාගය ලියා නිවසට පැමිණ සිටින අවස්ථාවේදී සිදු වූ සිද්ධිය. ඒ වයස අවුරුදු 17ක තරුණ ගැහැනු දරුවා මොනතරම් සිහින මවාගෙන විභාගය අවසන් කර නිවසට එන්නට ඇතිද?. ඒ දරුවා නිවසෙහි සිටියදී ඇගේ මව වෙනත් කාර්යයක් සඳහා නිවසින් ගොස්ව තිබුණා. ඒ කෙටි කාලය තුළ දරුවා දූෂණය කරලා මරලා දැම්මා. මීට මාස කිහිපයකට පෙර අවුරුදු නවයක ළමයෙක් නිවසේ සිටියදී අතුරුදන් වෙලා හදිසියේ මව්පියන් සොයන්න පටන් ගත්තා. මව්පියන් දරුවා නිවසේ සෑම තැනකම සෙව්වා. වත්තේ හැම තැනම හෙව්වා. දරුවා යන එන තැන්වලට ගොස් බැලුවා. ඒත් සොයාගන්න බැරි වුණා. මේ පිළිබඳව සොයන්නට යන්න දරුවාගේ තාත්තා නිවසේ තිබෙන කාර් එකේ දොරවල් විවෘත කළා. අවුරුදු නවයක දරුවා කාර් එක ඇතුළේ මැරිලා සිටියා. මේ දරුවා කාර් එකේ ඇතුළට ගොස් දොර වහගත්තා. දොර අරින්න බැරුව ගියා. උදේ කාර් එක ඇතුළට ගිය දරුවා හවස් වන විට මිය ගොස් තිබුණා. පසුගිය අවුරුද්දේ ඔබ දකින්නට ඇති එක්තරා අපරාධකරුවකු නිවසකට ගොස් සිදුවූ සිද්ධියක් පිළිබඳව. ඒ නිවසේ සිටි අම්මා තාත්තා දෙන්නාම අපරාධකරු විසින් ඝාතනය කළා.දරුවාගේ අම්මාත්, තාත්තාත් ඝාතනය කළාට පස්සේ අවුරුදු දහයක පමණ ඒ දරුවා නිවසේ සිටියා. ඒ අපරාධකරුවා ඒ දරුවාව අරගෙන ගියා. දවස් කිහිපයක් හංගලා තියාගෙන හිටියා. ඒ අපරාධකරුවාට දරුවා සඟවා ගෙන තැබීම ප්‍රශ්නයක් වුණා. මේ අපරාධකරුවා දරුවා උස්සාගෙන ගිහින් ළිඳකට දැම්මා. ඒ අපරාධකරුවා පොලිසියට අහුවුණා. පසුව පොලිස් පරීක්ෂණවල දී කිව්වා “මාමේ මාමේ මාව ළිඳට දාන්න එපා” කිව්වා. ඒත් ඒ දරුවාගේ හඬට කන් දුන්නේ නෑ. අපරාධකරුවා දරුවා ළිඳට අතහැරියා දරුවා මිය ගියා. මෙවැනි සිදුවීම් අපිට කොතෙකුත් කියන්න පුළුවන්.“දරුවන් සුරකිමු” යන ජාතික වැඩපිළිවෙළක අවශ්‍යතාව ඔබට පෙනී යනවා ඇති කියා මා විශ්වාස කරනවා. ඒ වගේම ඔබ දකින්න ඇති 2015 වසරේ පහේ ශිෂ්‍යත්වය අසමත් වූ දියණියක් නිවසට ආවිට ඒ දරුවාගේ පියා ඒ දියණියට එළියට විසි වෙන්න ගැහුවා. ඒ වසරේ දී ශිෂ්‍යත්වය අසමත් වු දියණියක් අම්මාත් තාත්තාත් දෙන්නාම දරුවා නිවසට ගන්නේ නැතුව ගෙදර දොරවල් වහගෙන හිටියා. පහුවදා එළිවෙනකල් ඒ ගැහුනු දරුවා හිටියේ එළියේ. පහේ ශිෂ්‍යත්ව ලියු දරුවෙක් කියලා කියන්නේ අවුරුදු 10 ක 11ක දරුවෙක්. තමාගේ දරුවා වුණත් ඒ දරුවාට පයින් ගහලා එළියට දාන්න මව්පියන්ට අයිතියක් තියෙනවා ද? දරුවන්ගේ සුරක්ෂිතභාවය පිළිබඳව මව්පියන්ගේ වගකීම කුමක්ද?අපේ විශේෂඥ වෛද්‍යතුමන්ලා දේශන කරන විට මේ පිළිබඳව බොහෝ දේ පැහැදිලි කළා. මේ අසාමාන්‍ය විභාග තරගයක් සමග දරුවන් පත්ව තිබෙන ඉතාමත් දුක්ඛදායක තත්ත්වය පිළිබඳව කතා කළා. ඒ නිසා අපි රජයක් විදියට අදහස් කරනවා විශේෂඥ උපදෙස් අනුව පහේ ශිෂ්‍යත්වය විභාගයත් දරුවන්ගේ අධ්‍යාපනයත් පිළිබඳව ජාතික අධ්‍යපන ප්‍රතිපත්තිය සහ සැලැසුම් පිළිබඳව යම් ප්‍රතිසංස්කරණ සහ වෙනස්කම් අවශ්‍යයි කියලා. “දරුවන් සුරකිමු” කියන ජාතික වැඩසටහනේ අපි අද මෙතනට ඇවිත් ඉන්නේ දරුවෝ. මම හිතන්නේ මේ දරුවන්ගේ මව්පියෝ නම් මෙතන නැහැ. මෙතන ඉදිරියේ ඉන්න විවිධ ක්ෂේත්‍රවල විද්වත් ප්‍රධානීන්. ඒත් මව්පියෝ. අපට අද ප්‍රධාන වශයෙන් දරුවන් ආරක්ෂා කිරීම පිළිබඳව දැනුවත් කරන්න වෙලා තියෙන්නේ මූලික වශයෙන් මව්පියන්. ඒ නිසා “දරුවන් සුරකිමු” ජාතික වැඩසටහනේ ඉදිරි වැඩපිළිවෙළේ දී අපි දිස්ත්‍රික්ක මට්ටමින් වැඩසටහන්වල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් මව්පියන් දැනුවත් කිරීම සඳහා මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා. අපේ විශේෂඥ වෛද්‍යතුමන් දේශනවල දී නව තාක්ෂණයත් එක්ක දරුවන් මුහුණ දෙන ප්‍රශ්න ගැන කතා කළා. ජංගම දුරකථනය, පරිගණකය මානව සමාජයට නිෂ්පාදන කළේ, දයාද කළේ ඉතාමත් වැදගත් අරමුණකිනුයි. ඒත් ඒ නිසා අද යහපත් දේ වගේම අයහපත් දේ කොතරම් සිදුවෙනවා ද? පාරේ යන විට, ඒ වගේම දුම්රිය මාර්ගවල දරුවන්, තරුණ පිරිස් ජංගම දුරකථනයත් සමග වයර් කනේ ගහගෙන යන එක ඔබ දැකලා ඇති. ඒ තුළ කොතරම් ජීවිත විනාශ වෙනවාද කියලා ඔබ අහලා ඇති ? මෙතන සිටිනවා කැබිනට් මණ්ඩල නියෝජනය කරන ජෝන් සෙනෙවිරත්න මැතිතුමා. එතුමා දන්නවා ඇති මීට පෙර කැබිනට් මණ්ඩලයේ දී ජංගම දුරකථන භාවිතය තහනම් කළා. සමහර ඇමැතිවරුන් කැබිනට් සාකච්ජාවේ නෑ. වයර් කනේ ගහගෙන ෆෝන් එකට ඇන ඇන ඉන්න එක තමා කරන්නේ. ඒ ගොල්ලෝන්ට මම කියන දේ ඇහෙන්නෙත් නෑ, කැබිනට් මණ්ඩලේ සාකච්ඡා ඇහෙන්නෙත් නෑ. ඒ නිසා මම කිව්වා කැබ්නට් මණ්ඩලයේදී ජංගම දුරකථනය පාවිච්චි කිරීම තහනම් කියලා. රාජ්‍ය නිලධාරීන්, ආයතන ප්‍රධානීන් රාශීයක් මෙතන ඉන්නවා.මම පසුගිය අවුරුද්දේ ලංකාවේ අමාත්‍යාංශවල ලේකම්වරුන්, ආයතන ප්‍රධානීන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන් සියලුදෙනාම බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවට ගෙන්වලා රාජ්‍ය නිලධාරීන්ගේ වගකීම් සහ රජයේ ප්‍රතිපත්තිය පිළිබඳව පැහැදිලි කරන වැඩසටහන් කළා. ඒ රැස්වීමට සහභාගි වුණේ අමාත්‍යාංශ ලේකම්වරුන්, කොමසාරිස් ජනරාල්වරු, ප්‍රාදේශීය ලේකම්වරු, දිසාපතිවරුන්, සියලුම රාජ්‍ය ආයතනවල ප්‍රධානීන් යන අය සහභාගි වුණා. ඒ අවස්ථාවලදීත් මම දැක්කා. ඒ වගේම පසුව මගේ මාධ්‍ය අංශයෙන් ද මට වාර්තා කළා.ආයතන ප්‍රධානීන් තුන් දෙනෙක් ඒ අවස්ථාවේදීත් මොබයිල් ෆෝන් තියාගෙන වයර් කනේ ගහගෙන ඇන ඇන හිටිය බවට. ඒ අය මම කියන දේ ඇහුවෙත් නෑ. අනෙක් දේශකයන් කියන දේ ඇහුවෙත් නෑ. කනේ ගහගෙන හිටපු වයර් වලින් ආපු දේ ගැන තමා ඒ අය ඇහුවේ. ඒ නිසා මම අහනවා දරුවන් ගැන කුමන කතා ද කියලා.ඒ නිසා දරුවන් හැදෙන්න කලින් මම ඔය කියපු දේ ගැන වැඩිහිටියන් හැදෙන්න කියලා මම මතක් කරනවා. මේ දරුවන් රැකීමේ ජාතික වැඩසටහනේ අරමුණ රාශියක් ඉටු කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඔබ දන්නවා සියදිවි නසා ගැනීම පිළිබඳව ලෝකයේ ලංකාව ඉහළ තැනක තියෙන්නේ කියලා. ලංකාවේ සියදිවි නසා ගැනීම පිළිබඳව වැඩි පිරිසක් වාර්තා වෙන්නේ තරුණ දරුවන්.ඒ නිසා අපි රටක් විදියට, ජාතියක් විදියට දරුවන් රැකගැනීම සඳහා සෑම කෙනෙක්ම සාමුහික වගකීමක සාමුහික ප්‍රයත්නයක් යෙදිය යුතුයි කියලා මා විශ්වාස කරනවා. මේ වැඩසටහන ජාතික වශයෙන් සෑම ප්‍රදේශයක ක්‍රියාත්මක කිරීමට අපේ රජය බලාපොරොත්තු වෙනවා. සියලු මැති ඇමැතිවරුන්ගේ සහයෝගය බලාපොරොත්තු වෙනවා. සියලුම රාජ්‍ය නිලධාරීන්ගේ මව්පියන්ගේ සහයෝගය බලාපොරොත්තු වෙනවා. සියලු රාජ්‍ය නිලධාරී මහත්ම මහත්මීන්ගේ සහයෝගය බලාපොරොත්තු වෙනවා.මෙවැනි කටයුතුවල දී ගෞරවනීය මහා සංඝරත්නයේත් අන්‍යආගමික පුජකතුමන්ලාගේත් ඒ සියලුම ආගමික අංශවල සහයෝගය ගෞරවයෙන් අපි බලාපොරොත්තු වෙනවා.ගමේ පන්සලේ හාමුදුරුවෝ හැමදාම ධර්ම දේශනා කළේ අපි මේ කියන කාරණාව ගැන පල්ලියේ කෝවිලේ පියතුමා, ස්වාමීතුමා මේ ගැන දේශනා කළේ අද ඊයේ නොවෙයි. ගෞතම බුදුන් වහන්සේ, ජේසුස් වහන්සේ ඒ වගේම මුහම්මද්තුමාත් මේ ගැන දේශනා කළේ අද ඊයේ නොවෙයි. ඒ නිසා අපි සෑම කෙනෙක්ම උන්වහන්සේලාගේ අනුශාසනා තුළ මෙවැනි කටයුතු කිරීම අවශ්‍යයි. අපි මේ “දරුවන් රකිමු” ජාතික වැඩසටහන මේ විදියට සාර්ථකව කරන්න සියලු දෙනාම කටයුතු කරමු. මේ සඳහා සහයෝගය දුන් සියලු දෙනාටම මම ස්තුතිවන්ත වෙනවා.මේ සඳහා ප්‍රතිපත්ති සම්පාදනය සහ නීති ප්‍රතිසංස්කරණ සඳහා අවශ්‍ය දැනුම ලබා දෙන විශේෂඥ කමිටුවලට මම ස්තුතිවන්න වෙනවා. ඒ සඳහා දායකත්වය ලබාදෙන ඇමතිතුමන්ලාට ස්තුතිවන්ත වෙනවා. මේ වැඩසටහන සාර්ථක කර ගැනීමට මධ්‍යම පළාත් මහ ඇමතිතුමා ඇතුළු මැති ඇමතිතුමන්ලාට ඒ වගේම අනෙකුත් නිලධාරීන්, අධ්‍යාපන අධ්‍යක්ෂතුමන්ලාටත්, විදුහල්පතිවරුන්, ගුරු මහත්ම මහත්මීන්, මව්පියන්, දූ දරුවන්ට සියලු දෙනාගේ සහයෝගය මා ඉතා අගය කරනවා. අපි දරුවන් වෙනුවෙන් හොඳ රටක් හදමු. ඒ වගේම හොඳ රටක් වෙනුවෙන් හොඳ දරුවන් හදමු. සියලු දෙනාට තෙරුවන් සරණයි.මෙහිදී කම්කරු හා වෘත්තීය සබඳතා අමාත්‍ය ඩබ්.ඩී.ජේ. සෙනෙවිරත්න මහතා: ශ්‍රී ලංකා ළමා ශ්‍රමය සුරැකීමේ ජාතික ප්‍රතිපත්තිය ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීය. දරුවන් සුරැකීමේ ජාතික සැලැස්ම ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා වෙත පිළිගැන්වීම ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝහණ කීර්ති දිසානායක මහතා විසින් සිදු කරනු ලැබීය.දරුවන් සුරැකීමේ විද්වත් කමිටු සාමාජික විශේෂඥ වෛද්‍ය චමින්ද වීරසිරි වර්ධන විශේෂඥ වෛද්‍ය නවාස් ජෙෆ්රි යන මහත්වරු මහනුවර උසස් බාලිකා විදුහලේ ඒ.එන්.කේ. අමුණූගම, ශාන්ත සිල්වෙස්තර විදුහලේ එස්. ෂෙවාන් ප්‍රණීත් යන සිසු සිසුවියෝද මෙහිදී කතා කළහ.මහනුවර ශ්‍රී පුෂ්පදාන බාලිකා විදුහලේ සිසු දැරියෝ ‘අපි’ නාට්‍ය රඟ දක්වා උත්සව අවස්ථාව වර්ණවත් කළහ.මෙම අවස්ථාවට අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න, මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලුකා ඒකනායක, මධ්‍යම පළාත් ප්රධාන අමාත්‍ය සරත් ඒකනායක යන මහත්ම මහත්මීහු පළාත් සභාවේ අමාත්‍යවරුද, පළාත් සභාවේ අමාත්‍යාංශ ලේකම්වරුන්, විදුහල්පතිවරුන්, පාසල් සිසු සිසුවියන්, රාජ්‍ය නිලධාරීන් ඇතුළු රැසක් සහභා වූහ.ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ නිලධාරීන් හා නිලධාරිනියන් ද උත්සව අවස්ථාවට සහභාගි වූහ.
|
නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තිය තුළ රජය අධ්‍යාපන ක්ෂේත්‍රයේ සංවර්ධනයට මුල් තැනදී තිබෙනවා
| 0 |
සිතුම් චතුරංග - කිලිනොච්චිය සිටමෙරට දරු පරපුර දැනට සමාජය තුළ පැතිර යන විවිධ ව්‍යසනයන්ගෙන් ආරක්ෂාකර ගැනීම සඳහා රජයක් ලෙස පුළුල් අවධානයකින් කටයුතු කළයුතු බවත් ඒ සඳහා සියලු පාර්ශ්ව කොන්දේසි විරහිතව සිය දායකත්වය ලබා දිය යුතු බවත් ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා කිලිනොච්චියේදී අද (18) පැවසීය.ලෝක ළමා ප්‍රඥප්තියට අනුව ලෝකයේ සෑම රටක්ම දරුවන්ගේ සෞඛ්‍ය , අධ්‍යාපනය , ආරක්ෂාව හා සුරක්ෂිත භාවය පිළිබඳ කටයුතු කරන්නාසේම රජය ඒ පිළිබඳ වගකීමෙන් කටයුතු කළ බව කීය.ළමුන්ගේ ආරක්ෂාව සලසන ආයතන වලදී ළමුන්ට කරදර විඳීමට සිදුවනවා නම් දරුවන් ගැන කියන්නට තිබෙන්නේ දෙවියන් පමණද කියා විමසූ ජනාධිපතිවරයා රටේ සෑම කෙනෙක්ම දෙවියන් මෙන් දරුවන් රැක බලාගත යුතු බවද සඳහන් කළේය.ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා මේ බව පැවසූයේ කිලිනොච්චිය මධ්‍ය මහා විද්‍යාල ක්‍රිඩාංගනයේ පැවති දරුවන් සුරකිමු ජාතික වැඩසටහනේ කිලිනොච්චි දිස්ත්‍රික් සමුළුව අමතමිනි.වැඩසටහනට සමගාමීව උතුරේ තොරාගත් ළමා නිවාස හා රැදවුම් මධ්‍යස්ථාන නවීකරණය කිරීම සඳහාත් ආබාධිත දරුවන් අධ්‍යාපනය ලබන පාසල් 25ක් සඳහා මුල්‍ය ප්‍රධානය සිදුකළ අතර ප්‍රදේශයේ වකුගඩු රෝගී අවධානමෙන් සිටින දරුවන් මුදාගැනීමට පවුල් 1000ක් සඳහා ගෘහස්ථ ජලපෙරණ ලබාදීමද සිදුකෙරිණ.යාපනය , කිලිනොච්චිය හා මුලතිව් දිස්ත්‍රික්ක වල යුද හමුදා භාවිතා කළ ඉඩම් අක්කර 120.89 නැවත ජනතාව වෙත පැවරීම සඳහා එම ප්‍රදේශයේ දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත පිරිනැමීමද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතා.මම ඉතාමත් සතුටුවනවා කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ දරුවන් සුරකිමු ජාතික වැඩසටහනට ඔබ සමඟ එක්වන්න ලැබීම පිළිබඳව බොහෝ අවස්ථාවල උත්සවවලදී ජනාධිපතිවරයා කතාකරන්නේ වැඩසටහන අවසානයේ නමුත් අද රැස්වීමේ විශේෂත්වය ජනාධිපතිවරයා මුලින්ම කතා කිරීමයි.එයට හේතුවක් තිබෙනවා. ඒ හේතුව තමයි දරුවන් රකිමු ජාතික වැඩසටහනේ අරමුණ පැහැදිලි කරන්නේ මම නිසා මා මුලින්ම කතාකරන්න හිතුවා. මේ දරුවන් රකිමු වැඩසටහනේ ප්‍රධාන වගකීම උසුලන්නේ මම නිසා මා ප්‍රථමයෙන් කතාකිරීමට සිතුවා.අපි මේ දරුවන් කියලා කියන්නේ කවුද? මෙම ස්ථානයේ මමත් , ආණ්ඩුකාරතුමා , මහඇමති තුමා ඇතුළු මැති ඇමතිවරු සිටිනවා එහෙත් අපේ අම්මලා තාත්තලා අපට කියන්නේ දරුවො කියලා තමයි. එහෙම බැලුවොත් අප සැමදෙනාම දරුවො. නමුත් මේ දරුවන් රකිමු මේ වැඩසටහනේ තිබෙන විශේෂත්වය සැබෑ ලෙසම දරුවන් පිළිබඳ හඳුන්වන වයස අවුරුදු දාහතෙන් පහළ සෑම කෙනෙකුම මේ වැඩසටහනේ ප්‍රධාන අරමුණට එක්කර ගැනීමයි.එක්සත් ජාතීන්ගේ සංවිධානය ලෝක ළමා දිනය වශයෙන් දිනයක් නම්කර තිබෙන බව ඔබ දන්නවාද?. ලෝක ළමාදිනයේදී ලෝකයේ සියලු රටවල් දරුවන් වෙනුවෙන් සෑම කෙනෙකුගේම අවධානය යොමුකරන වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. අපි මේ දරුවන් රකිමු කියන වැඩසටහන ආරම්භ කිරීමට කලින් මේ රටේ රජය විසින් ඒ වගේම විවිද අංශ ආයතන මේ දරුවන් පිළිබඳ ව්‍යාපෘති , වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කරන බව ඔබ දන්නවා. අපි මෙවැනි වැඩසටහනක් ආරම්භ කිරීමට ප්‍රධන වශයෙන්ම අරමුණු කරගත්තේ ඇයි කියන කාරණාව මා පැහැදිලි කිරීමට අවශ්‍යයි.දරුවන් අද බොහෝ ප්‍රශ්න රාශියකට මුහුණ දෙනවා එය අප රටේ විතරක් නොවෙයි ලෝකයේ සියලුම රටවල් වල දරුවන්ට මුහුණදීමට සිදුවෙලා. නමුත් ආර්ථික වශයෙන් අඩු සංවර්ධනය අඩු දුප්පත් රටවලට මේ ප්‍රශ්න හුඟාක් වැඩියි. ඒ වගේම යුද්ධය පැවතුණු හා යුද්ධය පවතින රටවල මේ ප්‍රශ්නය වැඩියි. දකුණු ආසියානු රටවල් ගතහොත් දකුණු ආසියාතික රටවල දරුවන්ගේ ප්‍රශ්න හුගාක් වැඩියි.දරුවන් බොහෝ වේලාවට මුලින්ම ප්‍රශ්න වලට මුල්වන ස්ථානය තමන්ගේ නිවසයි. දරුවන් හැදෙන්නේ දෙමාපියන් ඇසුරේ බව ඔබ දන්නවා. නමුත් ඔබ දන්නවා ගෙවල්වල විශේෂයෙන් පවුල් වල තිබෙන ආර්ථික ප්‍රශ්න නිසා දරුවන්ට යම් පීඩාකාරී තත්වයන් ඇතිවෙනවා.ඒ වගේම ඇතැම් වෙලාවට දෙමාපියන් මත්ද්‍රව්‍ය පාවිච්චි කර ගෙදර සිටින දරුවන්ට හිරිහැර කරනවා. සමහර අවබෝධයෙන් අඩු දෙමාපියෝ දරුවන්ට බොහෝ හිරිහැර කරනවා තමන් කියන දේවල් කරන්නේ නැහැ කියා. සමහර දෙමාපියෝ දරුවන්ට බරපතල ලෙස හිරිහැර කරනවා දඬුවම් කරනවා.ඉතා කණගාටුවෙන් කිවයුතුයි ඔබ මාධ්‍ය තුල දකිනවා ඇතැම් වෙලාවට දරුවන් දෙමාපියන් අතින් අපචාරයට ලක්වන අවස්ථා. එවැනි දේවල් යහපත් සමාජයක , ශීලාචාර සමාජයක කිසිසේත් අපට අනුමත කරන්න බැහැ. ඒ නිසා මූලිකම දේ තමයි දරුවන් පීඩාවට , කරදරවලට , හිරිහැරවලට ලක්වන ප්‍රධාන ස්ථානය දරුවන් සිටින නිවස සහ දෙමාපියන් අතරේ සිදුවන බව මුලින්ම කිවයුතුය.මෙහිදී මම කියන්නේ සෑම දෙමාපියකුම එහෙම නැහැ. දෙමාපියන්ට තිබෙන අවබෝධය , නූගත් කම , මත්ද්‍රව්‍ය , බොහෝ වෙලාවට එවැනි ප්‍රශ්න වලට මුල්වෙනවා. ඒ නිසා දරුවන්ට ආරක්ෂිත ප්‍රධාන ස්ථානය නිවස බවට පත්කිරීමට අප සෑම කෙනෙකුම කටයුතු කළයුතුයි. ඒ වගේම දෙමාපියන් ඇසුර වගේම දරුවන් පාසලට යවනවා අපි. පාසලට ගිය විට දරුවාට තිබෙන සුරක්ෂිත භාවය පිළිබඳ ප්‍රශ්න තිබෙනවා.සමහර වේලාවට පාසලේදී දරුවන් ඒ දරුවන් අතර ඇතිවන ප්‍රශ්න වලදී ළමුන්ගේ යම්යම් ප්‍රශ්න හා ගැටුම් වලදී දරුවන් හිරිහැරවලට ලක්වෙනවා. ඒ වගේම කණගාටුවෙන්වුවත් කිවයුතුයි සමහර අවස්ථාවලදී උගත් ගුරුවරුන්ගෙන් දරුවන්ට නොයෙකුත් හිරිහැර කරදර සිදුවෙනවා.‘‘යාපනය විශ්ව විද්‍යාලයේ දර්ශන හා මනෝවිද්‍යාව පිළිබඳ අංශ ප්‍රධානී කේ කජවින්දන් මහතා සහ යාපනය මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය එස්. සත්‍යමූර්ති යන මහත්වරුන් විසින් ළමා අපයෝජන සම්බන්ධයෙන් හා ළමුන් පිළිබඳ අවධානය යොමු කරන්නේ කෙසේද යන්න දේශනයක් පැවැත්විය.නියෝජ්‍ය අමාත්‍යවරුන් වන කාදර් මස්තාන් , අංගජන් රාමනාදන් , උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඞ් කුරේ , උතුරු පළාත් අමාත්‍යවරුන් සහ කිලිනොච්චිය දිස්ත්‍රික් ලේකම් සුන්දරම් අරුමෙයිනායගම් මහතා , පාසල් දරුදැරියන් , රාජ්‍ය නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් වැඩසටහන සඳහා සහභාගීවී සිටියහ.
|
නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තිය තුළ රජය අධ්‍යාපන ක්ෂේත්‍රයේ සංවර්ධනයට මුල් තැනදී තිබෙනවා
| 0 |
(උණවටුන ඩී.ජී. සුගතපාල)රජයේ ප‍්‍රතිපත්තිය ළඟම පාසල හොඳම පාසල කිරීම බවත්, ගමේ පාසලට සියලූ සම්පත් ලබා දීම සඳහා අධ්‍යාපනයට විශාල වශයෙන් මුදල් වෙන් කර ඇති බවත් ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා බද්දේගමදී සෙනසුරාදා (01) ප‍්‍රකාශ කළේය.ජනාධිපතිවරයා මේ බව පැවැසුවේ බද්දේගම සාන්ත අන්තෝනි විදුහලේ සිවයස් සැමරුම් උත්සවයට සහභාගී වෙමිනි. සියවස් සැමරුමවට සමගාමීව ඉදි කරන ලද නව තාක්ෂණ පීඨය හා ප‍්‍රදර්ශනය ජනාධිපතිවරයා අතින් විවෘත කෙරිණි. එහිදී ජනාධිපතිවරයා මෙසේ ද පැවැසීය.”නගරයේ තියෙන හොඳම පාසල කියන දෙමව්පියන් තුළ මිථ්‍යාව මේ තරගකාරීත්වයට හේතු වෙලා තියෙනවා. පාසල් පිළිබඳ තරගකාරීත්වයේ මිථ්‍යාව අපි ඉවත් කරගත යුතු වෙනවා. ඇතැම් වෙලාවට ජනප‍්‍රිය යැයි කියන පාසලට වඩා ගමේ පාසලෙ හොඳින් අධ්‍යාපන කටයුතු කරන බව නම් අපි දන්නවා.බොහෝ වේලාවට ලොකු නමක් තියෙන ජනප‍්‍රියයැයි කියන පාසල්වලට වඩා ග‍්‍රාමීය පාසල්වල අධ්‍යාපන කටයුතු වඩා විධිමත්ව කරන බව අපට ලැබෙන තොරතුරු වාර්තා අනුව කියන්න පුළුවන්. ඇයි මේ තරගකාරීත්වය අපි තේරුම් නොගන්නේ. අපේ රටේ පාර්ලිමේන්තුවට පත් වෙන්න මන්ත‍්‍රීවරුන් පාර්ලිමේන්තුවට පත් වූ ගමන්ම ගොඩක් අය කරන්නේ ගමේ පාසලට ගිය තමන්ගේ දරුවන් කොළඹ පාසලකට දාගන්න එක තමයි. එය සාමාන්‍ය දෙයක් හා සම්ප‍්‍රදායක් බවට පත් වෙලා තියෙනවා.අසූනවය වර්ෂයේ මුල් වරට පාර්ලිමේන්තුවට පත් වනවිට මට දියණියන් දෙදෙනකු හිටියා. මගේ දුවලා දෙන්නා ඒ වනවිට අධ්‍යාපනය ලැබුවේ මගේ දෙමවුපියන්ගේ ගම් ප‍්‍රදේශය වන ගම්පහ ප‍්‍රදේශයේ ජනප‍්‍රිය යැයි කියන පාසලක. අසූනවයේ පාර්ලිමේන්තුවට පත් වූ වහාම මා දරුවන් දෙදෙනා ඒ පාසලෙන් අස් කරගෙන විත් පොළොන්නරුව මධ්‍ය මහා විද්‍යාලයට දැම්මා. ඒක තමයි මගේ ප‍්‍රතිපත්තිය. ඒ දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලැබුණා. මා ඒ අයට කීවේ මම පොළොන්නරුව මධ්‍ය මහා විද්‍යාලයට ඒ කාලයේ ගිහින් මන්ත‍්‍රීවරයකු වූවා නම් ඇයි දරුවනේ අධ්‍යාපනය වඩාත් හොඳ තත්ත්වයක් ඇති කර ගන්න මා ගිය පාසලට යන්න බැරි කියලා.බද්දේගමට පැමිණන හැම අවස්ථාවකදීම මට මතක් වෙන්නේ මීට වසර තිස් තුනකට පෙර ඉතිහාසයක්. අමරසිරි දොඩංගොඩ මහතාගේ අතුරු මැතිවරණයේදී මා බද්දේගමට ඇවිත් ගෙයින් ගෙට ගියා. ඒ විතරක් නෙමෙයි, අක්මීමන අතුරු මැතිවරණයේදීත් මා රිචඞ් පතිරණ මහතා වෙනුවෙන් ඇවිත් මාස එක හමාරක් පමණ බද්දේගම අකමීමන මැතිවරණ කොට්ඨාසවල නතර වී ගෙයින් ගෙට ගියා. සියවසක් පිරෙන ඔබ පාසලේ ගමන් මඟ හා කීර්තිමත් ඉතිහාසය පිළිබඳ විදුහල්පතිතුමා කරුණු පැහැදිලි කළා. මීට වසර සියයකට පෙර මේ පාසල් භූමිය කෙසේ තිබෙන්නට ඇත්ද? එදා හා අද දවසේ බද්දේගමත් මේ ගමත් ගාලූ දිස්ත‍්‍රික්කයත් මේ රටත්, ආර්ථික, සමාජීය, දේශපාලන, සංස්කෘතික හා සමාජීය වශයෙන් හා දේශපාලන වශයෙන් මොන තරම් වෙනස්වීම්වලට භාජනය වී ඇත්ද?එක් දහස් නවසිය දාහත කියලා කියන්නේ යටත් විජිතයක් වශයෙන් ඉංග‍්‍රීසීන් විසින් මේ රට පාලනය කරපු කාලය. වසර සියයක් ගත වනවිට මේ රටේ නිදහස් ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයක් හා නිදහස් අධ්‍යාපනයක් සමග අපේ රටේ විවිධ වෙනස්කම් රාශියක් ඇති වෙලා තියෙනවා. යටත් විජිත යුගයේ පිරිවෙන් අධ්‍යාපනය මුල් කර ගත් දේශීය පාසල්වල තිබුණු තත්ත්වය ඒ දුන්නු තරගකාරීත්වය, මිෂනාරි අධ්‍යාපනය තුළ වඩාත් මේ රටේ උගතුන් බිහි කරන්න ශක්තියක් ඇති වුණා. ඒ ඉතිහාසය තුළ අධ්‍යාපනයේ එදා මෙදා වෙනස්කම් ගත් විට අපට අද නව ලෝකයත් සමග අධිතාක්ෂණික යුගයේ මේ දරුවන්ට වඩා යහපත් අනාගතයක් සඳහා අභියෝගාත්මක අනාගතයක් සඳහා අපේ දරුවන් සූදානම් කළ යුතු වෙනවා.ගෙවුණු සියවසට වඩා එළඹෙණ සියවස සෑම අයුරින්ම ඔබටත් මටත් සියලූ දෙනාටම අභියෝගාත්මකයි. ඒ අභියෝගාත්මක වූ නව තාක්ෂණික ලෝකය ජයග‍්‍රහණය කරන්නට ගුරු මෑණිවරුන්, පියවරුන්, දේශපාලන නායකත්වය, රාජ්‍ය නිලධාරීන්, දෙමවුපියන්, ආගමික පූජකතුමන්ලා ඇතුළු සියලූ දෙනාම කැප වී සිටිනවා. දරුවන්ගේ සුන්දර ලෝකය දරුවන්ගේ අභිමානය, දරුවන්ගේ බලාපොරාත්තු ඒ ප‍්‍රාර්ථනා ඉෂ්ට කිරීමට ඇප කැප වී සිටිනවා. දරුවා පාසල් අධ්‍යාපනය ලබා වඩා හොඳ සහතික ලබාගෙන විභාග ප‍්‍රතිඵල පෙන්වලා විභාගයෙන් හොඳ සමතුන් වෙනවා වගේම මම හැමවිටම හැම තැනම කියන දේ තමයි අද අපේ රටේ දරුවන්ට සුරක්ෂිත ස්ථානය තමයි පාසල කියලා.පාසල තුළ දරුවන්ට යම් යම් කරදර පිළිබඳ වාර්තා වන්නේ ඉතාමත් කලාතුරකින්. මේ රටේ ලක්ෂ හතළිහකට අධික දරු පිරිසක් පාසල්වල ඉගෙන ගන්නවා. ඊයේ සන්ධ්‍යාවේ දකින්නට ඇති සිඟිත්තෙක් සරුංගල් අරින්න ගිහින් ළිඳකට වැටිලා මිය ගියා. පසුගිය කාලයේ මාධ්‍යවල වාර්තා වුණා තරුණ වයසේ දරුවන් මෙන්ම කුඩා වයසේ දරුවන් ජංගම දුරකතනයත් එක්ක කර ගන්නා වූ බොහෝ විනාශකාරී දේවල්. සෙල්ෆි ඡායාරූප ගන්න ගිහින් පසුගිය සති කිහිපය තුළ ජීවිත කීයක් විනාශ වූවා ද කියන කාරණාව දන්නවා. අපේ රටේ දරුවන්ට පාසල්වල පැය පහේ තියන ආරක්ෂාව දෙමවුපියන් සමග සිටින කාලය තුළ නොමැති බව ඉතා පැහැදිලිව පේන කාරණයක්.බොහෝ දරුවන් පිළිබඳ ඇති වන ප‍්‍රශ්න හා ගැටලූවලදී දරුවන් අපචාරයට ලක්වීම, හදිසි අනතුරුවලින් සිදුවන කරදර විපත්තිදායක තත්ත්වයන් සමාජයේ අනවශ්‍ය පුද්ගලයන් සමග එකතු වීම මෙවැනි කරුණු සියල්ලම සිදු වන්නේ දරුවා පිළිබඳ ආරක්ෂාව හා වගකීම දෙමව්පියන් සතුව තියෙන කාල සීමාව තුළයි කියන එක ආදරණීය දෙමව්පියන් අමතක කරන්න එපා.අද දරුවන්ගේ අධ්‍යාපනයට තියෙන තරගකාරීත්වය වගේම, ජීවත් වීම සඳහා ජනතාවට තරගකාරීත්වයක් තියෙනවා. ජීවත් වීම පිළිබඳ සටන නිසා එහිදී ප‍්‍රධාන වශයෙන් දෙමව්පියන්ට දරුවන්ව අමතක වන වෙලාවල් තියෙනවා. එක් පැත්තකින් එය සාධාරණ වෙන්න පුළුවන්. තිබෙන ජීවන සටන හා ජීවන අමාරුකම් නිසා ඒ අමාරුකම් තිබෙන පිරිස වගේම ජීවත් වීම පිළිබඳ දැඩි ආර්ථික ප‍්‍රශ්න නොමැති දෙමවුපියන් අවශ්‍ය සම්පත්, ධනය හා ඒ පිළිබඳ තියෙන තරගකාරීත්වය තුළ මනස වැඩ කරන්නේ එකම දිශාවකටයි. මේ නිසා දරුවන් පිළිබඳ තියෙන අවධානය අඩු වෙනවා. ඒ නිසා දරුවන් පිළිබඳ දෙමවුපියන්ගේ වගකීම මීට වඩා අත්‍යවශ්‍ය බව කිව යුතු වෙනවා.අපි රජයේ ප‍්‍රතිපත්තිය ළඟම පාසල හොඳම පාසල කිරීමට වගේම, තරගකාරීත්වයට තියෙන හොඳම විසඳුම ලෙස ගමේ තියෙන පාසල සියලූ සම්පත්වලින් සම්පූර්ණ කිරීමට අධ්‍යාපනයට විශාල වශයෙන් මුදල් වෙන් කළේ. චන්දිමා රාසපුත‍්‍ර ඇමැතිතුමා කීවා මුදල් ප‍්‍රතිපාදන අඩුවෙන් ලැබීම ගැන. නිශාන්ත මුතුහෙට්ටිගම නියෝජ්‍ය ඇමැතිතුමා හා බන්දුලාල් බණ්ඩාරිගොඩ මන්ත‍්‍රීතුමා මේ පාසලේ තියෙන අඩුපාඩුකම් ගැන හා ප‍්‍රදේශයේ තියෙන අඩු පාඩු ගැන සඳහන් කළා. ඒ අයට මා කීවේ පාසලේ ගොඩනැගිල්ල හා පිට්ටනිය ගැන අවශ්‍ය සැලසුම් හදලා දෙන්න මුදල් ප‍්‍රතිපාදන වෙන් කරලා දෙන්න පුළුවන් කියලා.බද්දේගම නගරයේ විධිමත් භාවය අලංකාර පිළිබඳ පරිසර සංරක්ෂණය මීට වඩා සැලසුම් සහගත අවශ්‍යතාව ගැන මා මතක් කළා. අධ්‍යාපනයට තියෙන තරගකාරීත්වය වගේම ප‍්‍රාදේශීය සංවර්ධනයට තියෙන තරගාරීත්වය අපි හැම විටම තේරුම් ගන්න ඕන.සෑම පාසලකම විදුලහල්පතිවරුන් වගේම ගුරුවරු ඉතා හොඳින් අධ්‍යාපන කටයුතු කරනවා. ඒ වෙනුවෙන් ආචාර්ය මණඩලය කැප වෙනවා. දරුවන්ට අධ්‍යාපනය දීමේදී රාජකාරි සීමාවෙන් එහාට ගිහින් තමයි ඒ අය කැපවෙන්නේ. එය වැටුපට කරන දෙයක් නෙවෙයි. වැටුපට නම් බොහේ සීමාවන් තියෙනවා. යහපත් පුරවැසියන් බිහි කරන්න, හොඳ රටක් හදන්න ඕන නිසා තමයි ඒ අය මේ විදිහට තම වගකීමක් හා යුතුකමක් කියලා හිතාගෙන වැඩ කරන්නේ. රජයක් විදියට මේ රටේ නිදහස් අධ්‍යාපනය නිදහස් සෞඛ්‍ය සේවය ශක්තිමත් කිරිමට අප කටයුතු කරන්වා.”වරාය හා නාවික කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා”මාසයක් තිස්සේ මෙම උත්සවයට සූදානම් වුණා. නමුත් පසුගියදා ඇති වූ ගංවතුර නිසා ප‍්‍රමාද වුණා. බද්දේගම ළමයි ජාතික පාසල්වලට දාගන්න මගේ ළඟට එන්නේ නැහැ. මහජන හමුවීම් දිනවල ළමයි දාගන්න පෝලිමේ එනවා අඩුයි. විදුහල්පතිතුමා ඒ තත්ත්වයට වැඩ කරලා.අද කුම්මේ පිට්ටනිය ළඟට ජනතාව ඇවිල්ල හිටිය ජනාධිපතිතුමාට ආචාර කරන්න. මහින්ද මහත්තයටත් එහෙමයි. හැබැයි අද ඊට වඩා ජනතාව ඇවිල්ලා හිටියා ජනධිපතිතුමාට ආචාර කරන්න. බද්දේගමට නගර සැලසුමක් හදලා දීර්ඝ කාලයක් වෙනවා කරන්න බැරි වුණා. ආණ්ඩු මාරු වුණා. නමුත් ජනාධිපතිතුමා කිව්ව හදමු කියලා.”ගාල්ල දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුලාල් බණ්ඩාරිගොඩ මහතා”මේ පාසල මිෂනාරි යුගයේ ආරම්භ කරපු පාසලක්. අද වනවිට විදුහලේ චෙස්, කබඩි, කරාටේ ආදිය තිබෙනවා. විදුහලට ප‍්‍රමාණවත් රැස්වීම් ශාලාවක් නැහැ. ඒ නිසා ප‍්‍රමාණවත් රැස්වීම් ශාලාවක් ලබා දෙන්න. ඒ වගේම බද්දේගම ක‍්‍රීඩාංගණයට ගෘහස්ථ ක‍්‍රීඩාංගණයක් ලබා දෙන ලෙසත් ඉල්ලා සිටිනවා. ”දකුණු පළාත් අධ්‍යාපන ඇමැති චන්දිමා රාසපුත‍්‍ර මහතා ද කතා කළේය. විදුහල්පති ඉන්ද්‍රිජිත් ප‍්‍රීයන්ත මහතා පිළිගැනීමේ කතාව කළේය.(ජායාරූප - ජනාධිපති මාධ්‍ය අංශය)
|
නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තිය තුළ රජය අධ්‍යාපන ක්ෂේත්‍රයේ සංවර්ධනයට මුල් තැනදී තිබෙනවා
| 0 |
වර්ෂ 2050 වන විට ශ්‍රී ලංකාව පූර්ණ සංවර්ධිත රාජ්‍යය බවට පත් කරලීම සඳහා අවශ්‍ය පදනම හා සැලැස්ම දැන් සකස්කර අවසන් බව ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්රමසිංහ මහතා සිංගප්පූරුවේදී පැවැසීය.මෙය ඉතා අභියෝගාත්මක කාර්යය බවත්, විවිධ මතිමතාන්තර දරන පුද්ගල සමූයහක් සමඟ ඉතා ඉවසිලිවන්තව හා විමසිලිවන්තව මේ කාර්යය ඉදිරියට ගෙන යා යුතු බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්රමසිංහ මහතා පෙන්වා දුන්නේය.අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා මේ අදහස් පළ කළේ සිංගප්පූරු වෙළෙඳ සහ කර්මාන්ත අමාත්‍යංශය සහ සිංගප්පූරු ව්‍යාපාරික සමුළුව සමඟ එක්ව සංවිධානය කෙරුණු ශ්‍රී ලංකා - සිංගප්පූරු ව්‍යාපාරික හමුවේ ප්‍රශ්නෝත්තර වාරයකට සහභාගී වෙමිනි.සිංගප්පූරුවේ වෙළඳ හා කර්මාන්ත අමාත්‍ය එස්. ඊශ්වරන් මහතා ද මෙහිදී අදහස් දැක්වීය. සිංගප්පූරුවේ ජැන් ටැංග්ලින් හිදී පැවති සමුළුවට ශ්‍රී ලංකා සහ සිංගප්පූරු ව්‍යාපාරිකයන් හා ව්‍යවසායකයින් විශාල පිරිස එක්ව සිටියහ.ඉන්දීය සාගරයේ ශ්‍රී ලංකාවේ භූගෝලීය පිහිටීමේ වැදගත්කම ඉතා හොඳින් අවබෝධ කරගෙන ඇති බැවින්, ආර්ථික, මූල්‍ය හා සමාජයීය කේන්ද්‍රස්ථානය ලෙස ශ්‍රී ලංකාව සංවර්ධනය කිරීම දීර්ඝ කාලීන ඉලක්කය යැයදි අග්‍රාමාත්‍ය රනිල් වික්රමසිංහ මහතා පෙන්වා දුන්නේය.නව තාක්ෂණය දායාද කර ගනිමින්, අපනයන ආර්ථික අරමුණු කරගත සමාජ රටාව බිහිරකලීමට ශ්‍රී ලංකාව ඇප කැපවී ක්‍රියා කරන බව ද රනිල් වික්රමසිංහ මහතා මෙහිදී අවධාරණය කළේය.ලෝකයේ සියලු රටවල් සමඟ සහයෝගයෙන් ක්‍රියා කිරීම ශ්‍රී ලංකාවේ ප්‍රතිප්තතිය බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරයා, ඉදිරියේ දී ඉන්දියාව, සිංගප්පූරුව, මැලේසියාව, වියට්නාමය, කොරියාව, ජපානය හා චීනය වැනි ආසියානු රටවල් සමඟ ඇති සම්බන්ධතා තව තවත් ශක්තිමත් කරලීමට වෙහෙසන බව ද පැවසීය.දේශීය වශයෙන් ඉදිකිරීමට බලාපොරොත්තු වන ආර්ථික, කර්මාන්ත හා සංචාරක කලාප පිළිබඳව පැහැදිලි කළ අග්‍රාමාත්‍ය රනිල් වික්රමසිංහ මහතා කොළඹ - මහනුවර හා හම්බන්තොට යා කෙරෙන අධිවේගී මාර්ග පද්ධතිය අවට වෙසෙන මිලියන 9ක ජනතාව ඉලක්ක කර ගනිමින් කළ හැකි ආයෝජන පිළිබඳව පෙන්වා දුන්නේය.මෙහිදී සංවිධානය කර තිබූ ප්‍රශ්නෝත්තර වාරයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්රමසිංහ මහතා වෙත යොමුකළ ප්‍රශ්න සහ ඒවාට අග්‍රාමාත්‍යවරයා දුන් පිළිතුරු මෙසේය.ප්‍රශ්නය - ශ්‍රී ලංකාව තුළ ව්‍යාවසායකත්ව සංවර්ධන වෙනුවන් තිබෙන සැලසුම් මොනවාද?පිළිතුර - පළමුව ව්‍යවසායකත්වය පිළිබඳ සංස්කෘතිය රට තුළ වර්ධනය කළ යුතුයි. අප සාම්ප්‍රදායිකවම ව්‍යාපාරික රටක් බව කිව යුතුයි. ඒ සාම්ප්‍රදායිකත්වය තවමත් අප රට තුළ දකින්න ලැබෙනවා. තරුණ ව්‍යවසායකයන් රැසක් රට තුළ සිටින අතර ඔවුන්ට තිබෙන එකම ප්‍රශ්නය වන්නේ මූල්‍ය පදනම සොයා ගැනීමයි. අපේ රටේ බැංකු තවමත් කටයුතු කරන්නේ ඉතා ප්‍රවේශමෙන් සහ සාම්ප්‍රදායික ආකාරයටයි. කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සඳහා රජය කොපමණ උපකාර කළද බැංකුවලින් ලැබෙන සහයෝගය ප්‍රමාණවත් නැහැ.ඒ නිසා දැනට ව්‍යාපාර ආරම්භ කර තිබෙන ව්‍යවසායකයින් සඳහා සහන දීමට රජය පියවර ගනිමින් සිටිනවා. ඒ වගේම මධ්‍යම පරිමාණ ව්‍යාපාරවලට ණය පහසුකම් දීමේ ක්‍රියාවලිය ද වේගවත් කළ යුතුයි. ශ්‍රී ලංකාවේ පවතින බැංකු ව්‍යාපෘති මූලික ආයතන බවට පත් විය යුතුයි. කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරවලට අපනයන සංස්කෘතිය හඳුන්වා දිය යුතුයි.ප්‍රශ්නය - කොළඹ වරාය නගර ව්‍යාපෘතිය හරහා ශ්‍රී ලංකාවේ ආර්ථිකයට ඇති කරන බලපෑම කෙබඳුද?පිළිතුර - කොළඹ වරාය නගර ව්‍යාපෘතිය ආරම්භ කළේ දේපළ වෙළෙඳාම සංවර්ධනය සඳහායි. නමුත් අප රජය යටතේ එය ජාත්‍යන්තර මූල්‍ය නගරය බවට පත් කිරීමට පියවර ගත්තා.ලබන වසර වනවිට එහි ගොඩ කිරීම් කටයුතු අවසන් වීමට නියමිත අතර අනතුරුව ඉදිකිරීම් කටයුතු කෙරෙනවා. දැනටමත් මෙවැනි මූල්‍ය නගර කිහිපයක් ඉන්දියානු සාගරය අවට පිහිටුවා තිබෙවා. ඒ නිසා එහි අලුතෙන් ඇති කළයුතු සේවා මොනවාදැයි කල්පනා කළ යුතුයි. මෙය දස අවුරුදු සැළැස්ම සහිත ව්‍යාපෘතියයි.මීට සති කිහිපයකට පෙර මා එංගලන්තයේ සංචාරයක නිතර වූ අවස්ථාවේ දී මූල්‍ය නගරය ආශ්‍රිතව එංගලන්ත නීතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට හැකි වුණා. ඒ සඳහා උදව් උපකාර කිරීමට එංගලන්තය සූදානම් බව දැනුම් දුන්නා. ඒ අනුව ශ්‍රී ලංකාවේ ඉදිවන මූල්‍ය නගරයට අදාළ නව නීති කිහිපයක් හඳුන්වා දීමට දැනටමත් කටයුතු කරගෙන යනවා. එහි එක් පියවරක් වන්නේ මූල්‍ය කොමිෂන් සභාව ස්ථාපිත කිරීමයි. ඒ සම්බන්ධයෙන් මතුවන ගැටලු පිළිබඳව නීතිපතිවරයා සමඟ සාකච්ඡා කර අවශ්‍ය පියවර ගැනීමට බලාපොරොත්තු වන අතර වරාය මූල්‍ය නගර ව්‍යාපෘතියේ මූල්‍ය කොමිෂන් සභාව ස්ථාපිත කිරීම සඳහා නව කැබිනට් පත්‍රිකාව ඉදිරි මාස දෙක ඇතුළත ඉදිරිපත් කිරීමට ද බලාපොරොත්තු වෙනවා.ප්‍රශ්නය - ඉදිරි අනාගත දැක්මට සමගාමීව රටේ දත්ත එකතුව හා විශ්ලේෂණ ක්‍රියාවලිය කරන්නේ කෙසේද?පිළිතුර - මේ වන විටත් දේශීය දත්ත එක්රැස් කිරීමේ කටයුතු කෙරෙමින් පවතිනවා. ඒ හරහා රටේ ආර්ථිකයට වන බලපෑම විශ්ලේෂණය කරනු ලබනවා.ඉදිරියේ දී අනෙකුත් රටවල් සමග දත්ත එකතු කිරීම හා විශ්ලේෂණ කටයුතු ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා. ශ්‍රී ලංකාව ඉන්දියානු සාගරයේ ආර්ථික කේන්ද්‍රස්ථානය බවට පත් කිරීමේ අවසාන පියවර එය යැයිද’ අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා එහිදී පැවසීය.සමුළුව ආරම්භ කරමින් මුඛ්‍ය දේශනය පැවැත්වූ සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා පැවසුයේ, ශ්‍රී ලංකා - සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුම ඔස්සේ ශ්‍රී ලංකාවේ සංවර්ධන අභිප්‍රායන් පිළිබඳව මුළු ලෝකයටම යහපත් පණිවුඩය ලැබෙන බවය.ශ්‍රී ලංකාව ඉන්දීය සාගරයේ කේන්ද්‍රස්ථානය බවට පත් කරලීම සඳහා රජය කැපවී සිටින බවත්, ඒ සඳහා අවශ්‍ය අභ්‍යන්තර ප්‍රතිසංස්කරණ කාර්ය දැන් කෙරෙමින් පවතින බවත් මලික් සමරවික්‍රම මහතා පෙන්වා දුන්නේය. ආසියානු සැපයුම් ජාලය පිළිබඳව වැඩි බරක් තබමින් ඒ හා එක්වීමට හැකි පරිසරය අපනයන කර්මාන්ත ඔස්සේ බිහිකරලීමට බලාපොරොත්තු වන බව පැවසූ අමාත්‍යවරයා, රටවල් ගණනාවක් සමඟ ද්වීපාර්ශවික ගිවිසුම්වලට එළැඹීමට අපේක්ෂා කරන්නේ යයි ද කීවේය.මේ අවස්ථාවට ඛණිජ තෙල් සම්පත් සංවර්ධන නියෝජ්‍ය ඇමැතිනී අනෝමා ගමගේ, සිංගප්පූරුවේ ශ්‍රී ලංකා තානාපති නිමල් වීරරත්න, කොළඹ නගරාධිපතිනී රෝසි සේනානායක යන මහත්ම මහත්මීහු ද සහභාගී වූහ.
|
2050 වනවිට ශ්‍රී ලංකාව පූර්ණ සංවර්ධිත රටක් කරන්න සියල්ල සූදානම්
| 1 |
ගෝලීය වටිනාකම්දාම සමග සහසම්බන්ධවීම, සියලු සමාජ කොටස් අන්තර්ගත කරගැනීම හා පැරැණි සහ නවීන පාරිසරික පද්ධති සේවා වෙත ළං වීම ඔස්සේ ජනජීවී හා තිරසර නගර නිර්මාණ අභියෝගයට මුහුණ දිය හැකි යයි සිංගප්පූරුවේ ආරම්භ වූ 6 වැනි ජගත් පුරවර සමුළුව, ජාත්‍යන්තර ජල සතිය හා පිරිසුදු පරිසර සමුළුව යන තුන් ඈඳුතු සමුළුව ආරම්භක සැසි වාරයේ ප්‍රධාන දේශනය පවත්වමින් අග්‍රාමාත්‍ය රනිල් වික්රමසිංහ මහතා පැවසීය.“අද ලෝකය ලබා ඇති තාක්ෂණ දියුණුව ඔස්සේ ගොඩනැංවී ඇති නිර්මාපිත බුද්ධිය හා අන්තර්ජාල අංග පදනම් කරගත් සුපිරි වේගවත් සම්බන්ධතා, මානුෂීය සුරක්ෂිතභාවය හා සුබ සාධනය උපරිම තලයකට නැංවීමටත්, සුහුරු, ආරක්ෂිත ජනජීවී හා තිරසර නගර සංවර්ධනය සඳහාත් භාවිත කරන්නේ කෙසේද යන්න පිළිබඳව අවධානය යොමු කිරීමට කාලය එළැඹ ඇති බව ද අග්‍රාමාත්‍ය රනිල් වික්රමසිංහ මහතා පෙන්වා දුන්නේය.සිංගප්පූරුවේ සෑන්ඞ්ස් එක්ස්පෝ හා සම්මන්ත්‍රණ මධ්‍යස්ථානයේ දී රටවල් 135ක නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් සමුළුව ආරම්භ කෙරිණ. සිංගප්පූරුවේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය හා ආර්ථික සහ සමාජ ප්‍රතිපත්ති පිළිබඳ සම්බන්ධීකරණ අමාත්‍ය තර්මන් ෂන්මුගරත්නම්, අන්ද්‍ර ප්‍රදේශ ප්‍රධාන අමාත්‍ය චන්ද්‍රබාබු නායිඳු සමුළු සභාපති මහාචාර්ය ටොමී කෝ ඇතුළු සම්භාවනීයයෝ රැසක් ඊට සහභාගි වූහ.සමුළු නියෝජිතයන් පිළිගනිමින් සිංගප්පූරු නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ෂන්මුගරත්නම් මහතා පැවසුවේ නගර නිර්මාණය සම්බන්ධයෙන් ලොව පුරා විවිධ ගැටලු මෙන්ම විසඳුම් ද මතුවී ඇති බවය. මේ විසඳුම් ලොව පුරා බෙදා හදා ගැනීමට කටයුතු කළ යුතු බව ද එකිනෙකා අනෙක් හැම දෙනාගෙන් පාඩම් උගත යුතු යයි ද ඔහු අවධාරණය කළේය.සමුළු සභාපති මහාචාර්ය ටොමී කෝ පැවසූයේ එක්වර සමුළු තුනක් සමගාමීව සංවිධානය කළේ නගරය, ජලය හා පරිසරය පිළිබඳව පමණක් නොව මිනිස් සම්පත පිළිබඳව ද වැඩි අවධානය යොමු කරලීම සඳහා බවය. ශ්‍රී ලංකාවේ පරිණත හා නිපුණ දේශපාලනඥයා සේ සැලකෙන රනිල් වික්රමසිංහ මහතා සමුළු ත්‍රිත්වයෙහිම මුඛ්‍ය දේශනය සඳහා සහභාගි කරවා ගැනීමට හැකි වීම සතුටක් බව ඔහු ප්‍රකාශ කළේය.අග්රාමාත්ය රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශනයෙන් අනතුරුව ප්‍රශ්නෝත්තර වැඩසටහනක් ද සංවිධානය කර තිබූණි. එය සමුළු සභාපති මහාචාර්ය ටොමී කෝ මහතා විසින් මෙහෙය වූ අතර එහිදී ඉදිරිපත් කළ ප්‍රශ්න සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්රමසිංහ මහතා පිළිතුරු දුන්නේය. “අනාගත ජනජීවී හා තිරසර නගර - මානව ක්‍රියාකාරකම් තුළින් මතුවන අභියෝග” මැයෙන් ආරම්භක සැසි වාරයේ මුඛ්‍ය දේශනය පවත්වමින් අග්‍රාමාත්‍ය රනිල් වික්රමසිංහ මහතා මෙසේ ද පැවසීය.මා සමුළුවට සහභාගි වන විට, පළමුව මාගේ සිහියට නැගෙන්නේ 1965 දී පමණ පාසල් යන අවදියේ ඡායාරූප හා වාර්තා චිත්‍රපට ඔස්සේ දුටු සිංගප්පූරුවයි. එය, විරැකියාවෙන් මෙන්ම දරිද්‍රතාවයෙන් පෙළුණු ජනතාවගෙන් තදබද වූ මුඩුක්කු ගෙවල් ගොන්නක් මැද, යටත් විජිත පාලකයන් ඉදිකළ දැවැන්ත ගොඩනැගිලි කිහිපයක් නැගී සිටි තවත් එක් ආසියානු නගරයක් පමණයි.ඊට 50 වසරකට පසු අද දිස්වන සිංගප්පූරුව මර්සර් වාර්තාවන්ට අනුව ආසියාවේ ඉහළම ජීවන තත්වය ඇති නගරයයි. මේ ගුණාත්මක බව ඔවුන්ට ඉබේ ලැබුණු එකක් නොවන බව අප කවුරුත් දන්නවා. ලී ක්වාන් යු අග්‍රාමාත්‍යවරයාගේ දුරදැක්ම හා අධිෂ්ඨානය හේතුවෙන් සිංගප්පූරුව උසස් සුහුරු, ආරක්ෂිත හා ජනජීවී නගරයක් බවට පත් වුණා.අප අද ජීවත් වන්නේ මානව ක්‍රියාකාරකම් මත හැඩ ගැසුණු යුගයකයි. එවැනි දැවැන්ත බලපෑමක් ඇති කරන ක්‍රියාකාරකමක් වන්නේ ග්‍රාමීය ජනතාව විශල වශයෙන් නගර කරා සංක්‍රමණය වීමයි. ඒ නිසා නගරීකරණය සඳහා මානව ක්‍රියාකාරීත්වය මූලික පදනමක් වෙනවා. 2017 වසරේ ලෝක බැංකු දත්තවලට අනුව, ලෝක ජනගහනයෙන් 54.7% ක් එනම් බිලියන 4.1ක ජනතාවක් නාගරික ප්‍රදේශවල වාසය කරනවා. මෙය මෙසේ වූයේ නාගරීකරණය, ආර්ථික වර්ධනය වේගවත් කරන උත්ප්‍රේරකයක් වීම නිසයි. නාගරීකරණය හේතු කරගෙන ජනතාව හා ව්‍යවසායයන් එකට එකතු වී කාර්මීකරණයේ හා නවීකරණයේ කේන්ද්‍ර බවට නගර පත් වුණා. සේවකයන් සහ කර්මාන්ත එකට එක්වීමත් සමග බහුල වූ රැකියා අවස්ථා නිසා ඒ සමාගම්වල ඵලදායිතාව ඉහළ යාමෙන් ඔවුන්ට ආර්ථික ප්‍රතිලාභ අත්කර ගැනීමට හැකි වුණා. මහා පුරවර තවත් ඉදිරියට ගියේ සේවකයන් හා ව්‍යාපාර සුසංයෝගයෙන් ගෝලීය වෙළඳපොළ හා සම්බන්ධ විය හැකි ඉහළ ඵලදායකත්වයක් සහිත කේන්ද්‍රස්ථාන ලෙස වර්ධනය වූ නිසයි. මේ නගර ධනය ඉපයීම් කේන්ද්‍රස්ථාන බවට පත්වූ අතර, සිය ග්‍රාමීය පෙදෙස්වල දී හිමිව තිබූ දියුණුවීමේ ඉඩ ප්‍රස්ථා සොයමින් බොහෝ ජනතාව නගර වෙත ඇදී එන්න පටන් ගත්තා.වැඩි වන ජනගහණයට අවශ්‍ය පරිදි යටිතල පහසුකම් ඉඩම්, මූලික සේවා නිවාස, පරිසර අවශ්‍යතා සපුරාලීම අභියෝගයක් වුණා. මේ නිසා බහුතරයක් එකම ස්ථානයකට ඒකරාශී වීමේ වාසි සහ ප්‍රතිලාභ එක් අතකින් ලැබෙද්දී, නව අභියෝග හමුවේ නාගරිකයන්ගේ ජීවන තත්ත්වය පහළ වැටුණා. සනීපාරක්ෂාව, ප්‍රවාහනය හා සුදුසු නිවාස ලබා ගැනීමේ අවකාශ ඇහිරුණා. අපිරිසිදු වාතය ආඝ්‍රාණය කරමින්, දූෂිත ජලය පානය කරමින් ජීවත්වීමට ජනතාවට වුණා.ආසියාවේ බහුනගර පොකුරු නිර්මාණයේ දී මේ අවස්ථා හා අභියෝග අවධානයට ලක්වී තිබෙනවා. බෙයිජිං - ටියැන්ජිං - ජින්හුවංදාඕ නගර කලාපයේ ජනගහනය මිලියන 100 කට අධිකයි. අනාගතයේ බෙයිජිං සිට බැංකොක්, ජකර්තා හරහා මුම්බායි දක්වා නගර කේන්ද්‍ර පොකුරක් අපට දකින්න ලැබේවි. ලෝකයේ, විශේෂයෙන්ම ආසියානු රටවල නගර නිර්මාණ මූලිකයන්ට මෙය අපූරු පාඩමයි. ආසියානු නගර දියුණු වෙමින් පැවතුණ ද මර්සර් සමීක්ෂණයේ ජීවන තත්වය ඉහළ නගර 50 අතරට ගැනෙන්නේ ආසියානු නගර තුනක් පමණයි. සිංගප්පූරුව, තෝකියෝව සහ කෝබේ නගරයයි. දකුණු ආසියානු නගර අතර කොළඹ ඉහළින්ම සිටියත්, නගර 231 ක් අතුරින් අපට ලැබී ඇත්තේ 137 වැනි ස්ථානයයි. ආසියානු නගර 50 ක් පමණ තිබෙන්නේ දර්ශකයේ පහලම නගර 50 අතරේයි. ශ්‍රී ලංකාවේ දීර්ඝ කාලීන ඉලක්කය වන්නේ ඉන්දීය සාගර මධ්‍යයෙහි අපේ රටෙහි පිහිටීමේ වාසිය පදනම් කර ගනිමින් කලාපීය වශයෙන් වැඩි ආර්ථික වර්ධනය ගැනීමයි. 2050 වන විට බෙංගාල බොක්ක ආශ්‍රිත නැගෙනහිර ඉන්දීය සාගර වෙරළාසන්න රටවල ජනගහනය බිලියන 2.9 ක් බවට පත් වෙනවා. අපගේ ප්‍රයත්නයේ වැදගත් අංගය වන්නේ බස්නාහිර මහපුරවරය හා ප්‍රධාන නාගරික කොරිඩෝර දෙකයි. මීට මිලියන 9ක ජනගහණය පදනම් වෙනවා. කොළඹ හා හම්බන්තොට වරාය වැනි දැවැන්ත යටිතල පහසුකම් සංවර්ධනය කෙරෙනවා. කොළඹ වරාය අසබඩ මුහුද ගොඩ කර ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානයක් ඉදිකෙරෙනවා. කර්මාන්ත සඳහා යටිතල පහසුකම් සැපයෙන ආර්ථික කලාප හතරක් ද නිර්මාණය කෙරෙනවා.නගර සහ මහපුරවර පුද්ගලික අංශයේ මූලිකත්වය ගත් ධන සම්පත් නිර්මාණය කරලීමේ පසුබිමක් සේ සැලකුණ ද මේ ආර්ථික ක්‍රියාදාමය බොහෝ අවස්ථාවලදී කාන්තා, වැඩිහිටි, ළමා, තරුණ හා විශේෂ අවශ්‍යතා සහිත යන සමාජ කොටස්වල අදහස් හා ඕනෑ එපාකම්වලින් තොරව සැකසී තිබෙනවා. සියලු සමාජ කොටස් අන්තර් ග්‍රහණය කර ගැනීම උදෙසා අපගේ නිවාස ප්‍රතිපත්තිය අංශ තුනක් පදනම් කරගෙන නිර්මාණය කරනවා ඒ ප්‍රතිසංවර්ධනය, ප්‍රතිස්ථානගත කිරීම හා ස්ථාපනයයි. නිසි අයුරින් භාවිත කර නැති නාගරික ඉඩම් උසස් මට්ටමේ නිවාස, වාණිජ හා සේවා අවශ්‍යතා සඳහා ප්‍රජා සහභාගීත්වය ඔස්සේ සංවර්ධනය කිරීම ප්‍රතිසංවර්ධනය යටතේ කෙරෙනවා. ප්‍රතිස්ථානගත කිරීම යටතේ නුසුදුසු මට්ටමේ ඉඩම්වල වෙසෙන ජනතාවට සුදුසු ස්ථාන දීමත්, අවශ්‍ය ස්ථානයටන්ට යටිතල පහසුකම් දීමත් කෙරෙනවා. අවසාන අංශය වන්නේ අඩු පහසුකම් සහිත පදිංචි කිරීම් ලෙස තවමත් හැඳින්වෙන එනමුත් ආරක්ෂාව, සේවා සහ වාසස්ථානයට සුදුසු නිවාස ආදියෙන් උසස් තත්ත්වයට සංවර්ධනය කළ කොළඹ නගරයේ පදිංචි කිරීම් සමාජයීය හා නෛතික වශයෙන් පිළිගැනීමට ලක් කිරීමයි. පසුගිය කාලයේ ගෝලීය දේශගුණ වෙනස්කම් නිසා ශ්‍රී ලංකාවේ වාර්ෂික වර්ෂාපතනය අඩු වූවා. ස්වාභාවික ආපදා තත්ත්වයන් ඉහළ යමින් තිබෙනවා. නිරිතදිග ප්‍රදේශයන්හි ජනගහණ, කාර්මීකරණ හා නාගරීකරණ වර්ධනය නිසා මේ තත්ත්වය තව තවත් වර්ධනය වෙනවා. ප්‍රතිඵලය අනතුරුදායකයි.ජල කළමනාකරණය අංශයෙන් සිංගප්පූරුව ඉදිරියෙන්ම සිටිනවා. ඔවුන් සිය මුල්ම ජාතික සැලැස්ම මගින් උත්සාහ කළේ වැඩි වැඩියෙන් ජලය රඳවා තබා ගැනීම පිළිබඳවයි. ඒ සමගම ඉතා ඥානාන්විතව අසල්වැසි දකුණු මැලේසියාවේ ජොහෝ ප්‍රාන්තය සමග ජලය සැපයුම් ගිවිසුමටත් එළැඹුණා. මුහුදු ජලය භාවිතයට සුදුසු පරිදි සැකසීමේ හා අපජලය පිරිසුදු කර ගැනීමේ කටයුතුවල නිපුණත්වය ඔවුන්ට හිමි වෙනවා. සිංගප්පූරුවේ මහජන උපයෝගීතා මණ්ඩලය මගින් නිෂ්පාදනය කරන “නව ජලය” මගින් පිළිබිඹු වන්නේ එයයි. ජනජීවී නගර සංවර්ධනයේ දී මෙමගින් අපට උගත හැකි පාඩම් බොහොමයි.ශ්‍රී ලංකාව හෝ වෙනත් ඕනෑම රටක් හෝ සඳහා මේ අභියෝග ජයගැනීමට නම් ඒ රටේ පළාත් පාලනය දේශපාලනික මෙන්ම මූල්‍යමය වශයෙන් බලගැන්වීම කළ යුතුයි. මහා නගර කළමනාකරණය කිරීමේ දී බලපාන ප්‍රබලම ගැටලුව නම් ඔවුනට විවිධ මට්ටම්වල දී ආණ්ඩු සහ දේශීය බලධාරීන් සමග කටයුතු කිරීමට වීමයි. මධ්‍යම රජය සහ පළාත් සභා අතර, බලය බෙදන අවධිය වන විට මහා නගර හෝ ගෝලීය සම්බන්ධතාව යන සංකල්ප පිළිබඳව හෝ අදහසක්වත් ඔවුනට තිබුණේ නැහැ. නමුත් අද බලය ක්‍රියාත්මක කිරීමේ දී සම්පූර්ණයෙන්ම වෙනත් පරිසරයක දී කළ යුතුව තිබෙනවා. ඒ නිසා අපගේ පළාත් පාලන ව්‍යූහය පිළිබඳ නැවත සිතා බැලීම අත්‍යවශ්‍යයි. අප අද ජීවත් වන ආකාරයට මෙන්ම නගර පරිපාලනය කරන ආකාරයට ද මෙමගින් බලපෑම් එල්ල වෙනවා. අප සුහුරු වීදි ලාම්පු උදාහරණයට ගනිමු. ඉතින් මේ සම්මන්ත්‍රණය වෙත ප්‍රශ්නය ඉදිරිපත් කරමින් ම මගේ කතාව අවසන් කරන්න කැමැතියි. නිර්මාපිත බුද්ධිය හා අන්තර් ජාල අංග පදනම් කරගත් සුපිරි වේගවත් සම්බන්ධතා මානුෂීය සුරක්ෂිතභාවය හා සුබ සාධනය උපරිම තලයකට නැංවීමටත්, සුහුරු, ආරක්ෂිත ජනජීවී හා තිරසර නගර සංවර්ධනය සඳහාත් භාවිත කරන්නේ කෙසේද?” යනුවෙන් රනිල් වික්රමසිංහ මහතා ප්‍රශ්න කළේය.මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය ද නගර සැලසුම් සහ ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම්, නිවාස සහ ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස, සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම ඛනිජ තෙල් සම්පත් සංවර්ධන නියෝජ්‍ය ඇමැතිනී අනෝමා ගමගේ යන මහත්ම මහත්මීහු ද මේ අවස්ථාවට එක්ව සිටියහ.
|
2050 වනවිට ශ්‍රී ලංකාව පූර්ණ සංවර්ධිත රටක් කරන්න සියල්ල සූදානම්
| 0 |
(පොළොන්නරුව ක.ග. කරුණාරත්න)දූෂණයල අල්ලස මුලිනුපුටා දැමීම සඳහා ගත හැකි සෑම පියවරක්ම රජය ගන්නා බව ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා පොළොන්නරුවේ දී පැවැසීය.ජනාධිපතිවරයා එසේ සඳහන් කළේ පොළොන්නරුව රාජකීය විද්‍යාලයේ පැවැති ජාත්‍යන්තර පවුල් සෞඛ්‍ය සේවා දින සැමරුම් උත්සවය අමතමිනි.ජනාධිපතිවරයා එහි දී මෙසේද පැවසීය.පවුල් සෞඛ්‍ය සේවය වගේම සෞඛ්‍ය සේවාවේ තිබෙන අනෙකුත් සේවාවන් වූ වෛද්‍ය හෙද පරිපූරක අතුරු වෛද්‍ය සේවා මේ සියල්ල පිළිබඳව අවුරුදු පහක ඇමැතිවරයෙක් වශයෙන් මේ එක් එක් ක්ෂේත්‍ර සහ වෘත්තීය සමිති සම්බන්ධයෙන් ද මට යම් අවබෝධයක් තිබෙනවාග අපේ රටේ සෞඛ්‍ය සේවාව වගේම අපේ රටේ වෘත්තීය සමිති අතරේ ජනතාවට හිරිහැර නොකරන වෘත්තීය සේවාවක් විදියට ඔබේ වෘත්තීය සංගමයටත් ඔබේ සේවාවටත් මගේ ගෞරවය ස්තුතිය පුදකරනවා.වෘත්තීය සමිති ආණ්ඩුවලට කරදර කළාට කිසි ප්‍රශ්නයක් නැහැ. වරදක් නැහැග නිලධාරීන්ට කරදර කළාට වැරැද්දක් නැහැ. නමුත් වෘත්තීය සමිති ජනතාවට හිරිහැර නොකළ යුතුයි. ජනතාවට හිරිහැර නොකරන වෘත්තීය සමිතියක් විදියට ඔබ ඒ ගෞරවය ලබා ගැනීම පිළිබඳව මම ඉතාමත් සතුටු වෙනවා. අපේ ප්‍රාථමික සෞඛ්‍ය සේවාවේ සංරක්‍ෂණය පිළිබඳව එහි වැදගත් කාර්යභාරයක් උසුලන ඔබ ඉතාමත් කටුක දුෂ්කර සේවාවක ඔබ යෙදී සිටින්නේ. කාලගුණික තත්ත්වයන් අනෙකුත් යටිතල පහසුකම්වල තිබෙන බොහෝ අඩුපාඩුකම් අසීරුතා සේවාවට අවශ්‍ය ඇතැම් අත්‍යවශ්‍ය පහසුකම් සහ සම්පත් එවැනි ප්‍රශ්න රාශියක් මැද තුළ ඔබ විශිෂ්ට සේවයක් ඉෂ්ට කරනවා. අව්වල වැස්ස වෙනත් සමාජමය උවදුරු වෙනත් ගැටලු ඒ සියල්ල තුළ ඔබ කරන විශිෂ්ට සේවාව තුළ අපේ රටේත් අන්තර්ජාතික වශයෙනුත් අපේ ජාතික සෞඛ්‍ය දර්ශක පිළිබඳ කතා කරන විට අපේ රටට ඉමහත් ගෞරවය ලබා දීමේ ඔබ ප්‍රමුඛ කොටස්කරුවන් වීම අපට ඉතාමත් සතුටට කාරණයක්.අපේ රාජ්‍ය සේවයේ විවිධ සේවාවන් අතරේ සෞඛ්‍ය සේවය ජාත්‍යන්තර පිළිගැනීම අද ඇති කරගෙන තිබෙන්නේ සෞඛ්‍ය සේවාවේ සිටින වෛද්‍ය, හෙද අතුරු වෛද්‍ය සේවා පරිපූරක සේවා. මේ සියලු අංශවල අවුරුදු 60-70 ක සේවාවේ තිබෙන අත්දැකීම් සමග අවශ්‍ය සම්පත් ලබාදීම තුළ ගුණාත්මක සේවාව නිසයි. අපි ඒ ගෞරවය ලබා ගෙන තිබෙන්නේ. ඒ ලබාගත් ගෞරවය ඉදිරියට රැක ගැනීම ඉතාමත් වැදගත් වෙනවා. මිනිසාගේ සෞඛ්‍ය තත්ත්වය මිනිසාගේ නිරෝගී භාවයග මිනිසාගේ යහපැවැතුම් අනෙකුත් සියලු සත්ත්වයාට බලපානවා වගේම අනෙකුත් සියලු සත්ත්වයාගේ යහපැවතුම් මිනිසාට බලපානවා. සෞඛ්‍ය සේවාව මානවයාගේ සෞඛ්‍ය වගේම අනෙකුත් සමාජමය වටපිටාව සහ අනෙකුත් ප්‍රශ්න සම්බන්ධයෙන් අවධානය යොමු කර කටයුතු කිරීම ඉතාමත් වැදගත් වෙනවා.අපේ සේවාවන්වල තිබෙන කාර්යක්ෂමතාවය ගුණාත්මකභාවය, කැපවීම, කණ්ඩායම් හැඟීම ඉතාමත් වැදගත් වෙනවාග සෞඛ්‍ය සේවාවට හොඳ නමක් තිබෙන්න තවත් වැදගත් දෙයක් වන්නේ අපේ රටේ සෞඛ්‍ය සේවාව අල්ලසින් තොර සේවාවක් වීමල අල්ලස් පිළිබඳ චෝදනාවක් අපේ සෞඛ්‍ය සේවාවේ නැහැ. දූෂණය පිළිබඳව නම් තිබෙනවා. ඒවා සමහර වෙලාවට අඩු වෙනවා. වැඩි වෙනවා. මම මේ කාරණාව සඳහන් කළේ රජය කරන ආයෝජන, රජය කරන කැපකිරීම් රජය ලබා දෙන භෞතික සම්පත් සෑම කෙනෙක් තුළම වගකීම් සහ යුතුකම් ඉටු කිරීමේ දී වඩාත් කාර්යක්ෂම ගුණාත්මක සේවාවක තිබිය යුතු මානුෂිකත්වය ඉතාමත් වැදගත් වෙනවා.අපේ රටේ රාජ්‍ය සේවයට හොඳ නම් වගේම ඇතැම් වෙලාවට නරක නම ලැබෙන ප්‍රශ්න තිබෙනවා. ඊයේ පෙරේදා ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු අල්ලස් චෝදනාවක් මත අත්අඩංගුවට ගත්තා. ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී කියන්නේ අමාත්‍යාංශයක ලේකම්වරයකුගේ තනතුරට සමානයි. අපේ රටේ ජනාධිපතිවරු තුන් දෙනෙකුගේ මේ තනතුරේ හිටපු අය හිරේ ගොස් තිබෙනවා. පෙරේදා අත්අඩංගුවට ගත් රාජ්‍ය දැව සංස්ථාවේ සභාපතිවරයා අමාත්‍යාංශයක ලේකම්වරයකු වශයෙන් සිටි විශ්‍රාමික රාජ්‍ය සේවා නිලධාරිකේග ඔහු චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනියගේ කාර්යය මණ්ඩල ප්‍රධානීග දැනට මාස ගණනකට පෙර දූෂණ චෝදනා මත අත්අඩංගුවට අරගෙන අධිකරණයේ ඇප ලබාගෙන සිටිනවා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්ය මණ්ඩල ප්‍රධානී පෙරේදා අත්අඩංගුවට ගත් මගේ කාර්යාලයේ කාර්ය මණ්ඩල ප්‍රධානි සේවයට ඇවිත් මාසයක් නැහැග ජනාධිපතිවරු තුන් දෙනාගේම මේ තනතුරේ හිටපු තුන්දෙනාම සිරභාරයේග මෙයයි ඇත්ත තත්ත්වය ඇයි මෙහෙම වෙන්නේ.මහජනතාවට කරන සේවාවන්වල දී පවුල් සෞඛ්‍ය සේවාව ගැන සතුටුවෙන්නේ සම්මාන දෙන්නේ. රජයක් විදියට ඔබේ සැප දුක සොයා බලන්නේ ඔබ අවංකව කැපවීමෙන් ඔබේ සේවාව ඉටුකරන නිසයි. ජනතාවගේ වෛරයට පිළිකුලට ලක්වන ආකාරයට දේශපාලනඥයා සහ රාජ්‍ය නිලධාරියා කිසිවිටෙක වැඩ නොකළ යුතුයි. මම ඇමැතිවරයෙකුව සිටි කාලයේත් ජනාධිපතිවරයා ලෙස සිටින වත්මන් කාලයේත් මම ඉතා පැහැදිලිව අල්ලසල දූෂණයල වංචාව හොරකමල නාස්තිය රාජ්‍ය දේපළ අවභාවිතයට එරෙහිව කිසිදු භේදයකින් තොරව තීන්දු තීරණ අරගෙන තිබෙනවා. මේ රජය යටතේ සිදුවූ ඉහළම දේවල්වලට මම තීන්දු අරගත්තාග ඒ නිසා තමයි දේවිකා කොඩිතුවක්කු මැතිනිය කිව්වේ මහ බැංකු ජනාධිපති කොමිෂන් සභාව පිළිබඳව.මා තව කොමිෂන් සභාවක් පත් කළාග මේ දවස්වල ඒ අය වැඩ කරගෙන යනවාග ශ්‍රී ලංකන් ගුවන් සේවාවේ දූෂණ ගැන සෙවීමට ඒ කොමිසම හෙට අනිද්දා බොහෝ වැදගත් තොරතුරු රටට හෙළි කරාවි. රටට යහපතක් කරන්න සෑමවිටම දූෂණයෙන් තොර රාජ්‍ය සේවාවක් අවශ්‍යයි. කිසි කෙනෙකුට ඒ සඳහා බුරුලක් නොදිය යුතුයි. රාජ්‍ය සේවයක වේවාල දේශපාලනඥයෙක් වේවාල දූෂණය අල්ලස සම්බන්ධයෙන් අපේ රටේ ඇති වෙලා තිබෙන තත්ත්වයන් වළක්වන්න මුලිනුපුටා දමන්න ගත හැකි සෑම පියවරක්ම රජය විදියට ගන්නවා. කිසිදු භේදයකින් තොරව සමාවක් නැතිව නීතිය හරිහැටි ක්‍රියාත්මක කළ යුතුයි. මිනිසෙකුගේ උපතේ සිට මිය යන තෙක් මිනිසුන්ට සේවය කිරීම තරම් උතුම් දෙයක් නැහැ. එය බෞද්ධ ක්‍රිස්තියානි හින්දුල ඉස්ලාම් දර්ශන තුළ ද සඳහන් වෙනවා. යහපත්, ගුණවත්, නැණවත්, සීලාචාර සමාජයක් හදන්න මේ සියලුදෙනා එක්විය යුතුයි. අපේ රටේ නිදහස් සෞඛ්‍ය සේවාව ශක්තිමත් කිරීම සඳහා රජයක් ලෙස කළ හැකි සෑම දෙයක්ම අපි ගන්නවා. රාජිත සේනාරත්න මැතිතුමා සෞඛ්‍ය ඇමැතිවරයා ලෙස පසුගිය වසර තුන හමාරක කාලය තුළ ගත්ත තීන්දු තීරණ පිළිබඳව මම සතුටු වෙනවා. එතුමා කිව්වා අපේ රජය යටතේ පිළිකා රෝගීන් සඳහා තම ජීවිත කාලය තුළම රජය වියදම් කරන ආකාරය. මම සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස සිටි කාලයේ මොනතරම් ගැටලුවලට මුහුණ දුන්න ද කියලා මට මතකයි. ලක්ෂ 15 වැඩිකරගන්න. ඒ කාලේ පිළිකා රෝගියෙක්ට දුන්න වැඩිම වියදම ලක්ෂ 15යි. මම ඒ කාලේ ලොකු මහත්වරුන්ට කිව්වා මේ ලක්ෂ 15න් බැහැ පිළිකා රෝගියෙකුට ප්‍රතිකාර කරන්න. ඒ නිසා ඒ මුදල වැඩි කරන්න කියලාග නමුත් ඒ මුදල අනුමත වුණේ නැහැ.ඇමැතිතුමා කිව්වා මධ්‍යසාර දුම්කොළ පිළිබඳව අපි කළ සටන සහ වර්තමාන රජය විදියට ඒ වෙනුවෙන් ලබාගත් ජයග්‍රහණ පිළිබඳව. 2020 දී අපේ රටේ දුම්කොළ වගාව සම්පූර්ණයෙන්ම නැවතිය යුතුයි කියලා. අපි දුම්කොළ වගාකරන ගොවීන්ට සහ දුම්කොළ සමාගමට දන්වලා තියෙනවා. මට මතකයි මම සෞඛ්‍ය ඇමැතිවරයා ලෙස සිටි කාලයේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ එවකට සිටි අධ්‍යක්ෂ ජනරාල් මාග්‍රට් ජෙන් මැතිනිය සමග කළ සුහද සාකච්ඡාවල දී කිව්වා ලෝකයේ රටවල දේශාපාලනඥයින් සහ රාජ්‍යයන් මත්ද්‍රව්‍ය මර්දනය පිළිබඳ ප්‍රශ්නයේ දී මුහුණ දෙන බරපතළම ගැටලුව දුම්කොළ සමාගම්වලට විරුද්ධව සටන් කිරීමට තිබෙන අභියෝගය කියලා. අපි ඒ සියලුම සටන් ජයගෙන තිබෙනවා. ඒ නිසයි ලෝකයේ කිසිම රටක නැති ඉහළ නීති දුම්බීම සම්බන්ධයෙන් වගේම ඇල්කොහොල් පිළිබඳව පසුගිය වසර තුන හමාරක කාලය තුළ දී නීති සම්මත කරගන්න පුළුවන්කම ලැබුණේ. අද මත්ද්‍රව්‍ය පසුගිය වසර තුන හමාරක කාලය තුළ දී නීති සම්මත කරගන්න පුළුවන්කම ලැබුණේ. අද මත්ද්‍රව්‍ය උවදුර මොනතරම් ප්‍රබල ද කියන එක ඔබ දන්නවා. මම සෞඛ්‍ය ඇමැතිවරයා ලෙස සිටි කාලයේ සම්මත කළ මත්ද්‍රව්‍ය උවදුර පිළිබඳව ජාතික වැඩ සටහන වර්තමාන සෞඛ්‍ය ඇමැතිතුමා මට ලොකු ශක්තියක් වුණා. අපේ ඇමැති මණ්ඩලය මට ලොකු ශක්තියක් වුණා. අපි මේ වසර තුන හමාරේ දී ඒ ජාතික වැඩ සටහන ශක්තිමත් කළා. ඒ ශත්තිමක් කිරීමේ ප්‍රතිඵලයක් විදියට මේ වන විට සිගරට් අලෙවිය විශාල වශයෙන් පහත වැටී තිබෙනවා.ඔබට අයත්වන ප්‍රාථමික සෞඛ්‍ය සංරක්ෂණයේ දී මව සහ දරුවා පමණක් නොවෙයිග මව දරුවා පියා ඇතුළු මුළු පවුල් සංස්ථාවේම වගකීම ඔබ සතුයිග අද වන විට සිගරට් මධ්‍යසාර අලෙවිය පහත වැටී තිබුණට කනගාටුවෙනවාග මත්කුඩු මත්පෙති නීති විරෝධී මත්ද්‍රව්‍ය විශාල වශයෙන් ව්‍යාප්ත වෙලා තිබෙනවාග අපේ රටේ විශ්වවිද්‍යාල පද්ධතිය ගත්විට එහි මත්ද්‍රව්‍යල මත්පෙති භාවිතය ඉතාම ඉහළයිග කියලා මට පෙරේදා ලැබුණු අලුත්ම වාර්තාවේ සඳහන් වෙනවාග මත්කුඩු මත්පෙති වලට විශ්වවිද්‍යාල සිසුන් අඛණ්ඩව ගොදුරු වෙමින් තිබෙනවාග විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් වගේම විශ්වවිද්‍යාලයේ නම සඳහන් කමිස ඇඳගෙන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ නියෝජිතයන් විශ්වවිද්‍යාල තුළට ඇතුළු වෙනවාග නේවාසිකාගාරවලට එනවාග බොහෝ වේලාවට අලුත් ශිෂ්‍ය කණ්ඩායමක් විශ්ව විද්‍යාලයට ඇතුළත් වුණාම ඒ නියෝජිතයන් ඔවුන්ට මත්කුඩු මත්පෙති දෙනවා තෑගි දෙනවා වගේග මේකේ රස බලන්න කියලාග අද නගරයේ පමණක් නෙවෙයි ඈත පිටිසර ගම්මානවලටත් මත්ද්‍රව්‍ය විශාල අභියෝගයක් වී තිබෙනවා.මම ඔබෙන් ඉල්ලනවා ඔබේ ගම තුළ ප්‍රදේශය තුළ මත්ද්‍රව්‍ය මර්දනය සම්බන්ධයෙන් පුළුල් වැඩ පිළිවෙළක් ආරම්භ කරන්නග ගමේ ජනතාවගේ ද සහය ලබාගෙන ඔබේ කොට්ඨාසයට වෙනම වෙන්වූ මත්ද්‍රව්‍ය මර්දනය පිළිබඳ ඒකකයක් පිහිටුවා ගැනීම ඔබට ප්‍රශ්නයක් නොවේ. ග්‍රාම නිලධාරි සමෘද්ධි නිලධාරිල කෘෂි පර්යේෂණ නිලධාරි, මහජන සෞඛ්‍ය පරීක්ෂකල පවුල් සෞඛ්‍ය සේවා නිලධාරි ඔබ සියලු දෙනා එක්වුණොත් අපට ජයගන්න පුළුවන් ඒ සඳහා වැඩ සටහනක් හදාගන්න පුළුවන් සාකච්ඡා කරන්න පුළුවන්.මේ සියලු කටයුතු සඳහා ඔබ මෙතෙක් දැක්වූ දායකත්වය සහ මත්ද්‍රව්‍ය මර්දනය හා නිවාරණය සම්බන්ධයෙන් ද ඔබගේ දායකත්වය ලැබේ නම් අපේ අපේක්‍ෂා ඉටු කර ගැනීමට හැකි වන බව මා විශ්වාස කරනවා. මම ඉගෙන ගත් මගේ පාසලේ මේ උත්සවය පැවැත්වීම පිළිබඳව ද මා සතුටු වෙමින් මෙය සංවිධානය කිරීමට සහය දැක්වූ සියලු දෙනා වෙත ස්තුතිය පිරිනමමින් ඔබෙන් සමුගන්නවා” යැයි ජනාධිපතිවරයා කීය.සෞඛ්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා2017 ලෝක බැංකු වාර්තාවට අනුව ලෝකයේ දුප්පතුන්ට හිතවාදී හොඳම සෞඛ්‍ය ප්‍රතිපත්තිය තිබෙන්නේ ශ්‍රී ලංකාවේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ 70 වැනි සංවත්සරය පසුගිය මාසයේ අපේ රටේ දී පැවැත්වූවාග ලෝක සෞඛ්‍ය සංවිධානයේ සභාපතිවරයා එහි දී ප්‍රකාශ කළේ අද ලෝකයේ හොඳම සෞඛ්‍ය සේවාවන්ගෙන් එකක් තමයි ලංකාව කියලා. මේ සියල්ල කරන්නට හැකියාවක් ලැබුණේ දේශපාලන ඍජු නායකත්වය නිසයිග අප දුම්වැටිවලට ලෝකයේ තිබෙන ලොකුම බද්ද ගැහුවාග ඔබලාගේ ජීවිත බේරගන්න පිළිකාවලින් හෘද රෝගවලින්. ඒ බදු ගහන කොට විශාල බලපෑම් ඇති වුණා.බි්‍රතාන්‍යයේ දුම්කොළ සමාගමේ සභාපතිවරයා වෙනම ගුවන් යානයක් අරගෙන ලංකාවට ආවාග මේක නවත්වා ගන්නටග අපි සැලුණේ නෑ. අප වෙනස් වුණේ නෑග ගිය වසරේ දුම්බීම බිලියනයකින් අඩුවෙලා තිබෙනවා. ඒ කියන්නේ සිගරට් කෝටි 100ක් බොන ප්‍රමාණය අඩුවෙලා තිබෙනවා. රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමයේ සභාපති දේවිකා කොඩිතුවක්කු මහත්මිය ද මෙහි දී කතා කළාය. රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගම් ප්‍රධාන ලේකම් ඒ.පී. ස්වර්ණලතා මහත්මිය උත්සවයේ පිළිගැනීමේ කතාව කළායඋතුරු මැද පළාත් ආණ්ඩුකාර එම්.පී. ජයසිංහ, උතුරු මැද පළාත් සභාවේ හිටපු මහ ඇමැති පේෂල ජයරත්නල සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජෙනරාල්වරුන් වන වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වාල වෛද්‍ය සුනිල් ද අල්විස්ල පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් මෙරින් ආරියරත්න යන මහත්වරු ද මෙම අවස්ථාවට සහභාගි වූහ.
|
දූෂණය අල්ලස තුරන් කිරීමට සෑම පියවරක්ම ගන්නවා
| 1 |
(සුනිල් ජයසිරි ලන්ඩන් නුවර සිට)ඇතැම් මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය රට තුළ තිබෙන නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය වැරැදි ආකාරයෙන් භාවිත කිරීම හේතුවෙන් ශ්‍රී ලංකාව පිළිබඳ බොහෝ අසත්‍ය තොරතුරු ලෝකයට යන බව ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා ලන්ඩන් නුවරදී පෙරේදා (17) පැවසීය.ලබා දෙන නිදහස යහපත් මිනිසුන් විසින් යහපත් ලෙස භුක්ති විඳිද්දී අයහපත් මිනිසුන් එය අයහපත් ලෙස භාවිත කිරීම සමස්ත මානව සමාජයටම බරපතළ ප්‍රශ්නයක් වී ඇතැයි ද ජනාධිපතිවරයා සඳහන් කළේය.මහනුවර ඇතිවූ සිදුවීමේදී ඇඳිරි නීතිය, හදිසි නීතිය දමමින් රජය අවශ්‍ය පියවර ගනිද්දී මෙරට සිටින තානාපතිවරුන් ඒ සම්බන්ධයෙන් විවේචන එල්ල කරමින් හා සීමාව ඉක්මවමින් කටයුතු කළ බවකී ජනාධිපතිවරයා ඒ කිසිවකට නොසැලී තීන්දු තීරණ ගත් නිසා සිදුවීමට ගිය විශාල විනාශයක් වළක්වා ගැනීමට හැකිවූ බව ද කීවේය.ලන්ඩන් නුවර සංචාරයක නිරත වී සිටින ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා මේ බව පැවසුවේ ලන්ඩනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් හමුවූ අවස්ථාවේදීය.එහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා මෙසේ ද කියා සිටියේය. “ඔබ සියලු දෙනාටම සුබ සන්ධ්‍යාවක්. පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුවට සහභාගිවීමට පැමිණි අවස්ථාවේ එක්සත් රාජධානියේ සිටින ශ්‍රී ලාංකිකයන් වන ඔබව හමුවීමට ලැබීම පිළිබඳව මා ඉතාමත් සතුටු වෙනවා. වැඩබලන මහ කොමසාරිස්තුමා සඳහන් කළ ආකාරයට මෙහි සිටින ලක්ෂ හතරකට ආසන්න වූ ශ්‍රී ලාංකිකයන්ගේ නියෝජිත පිරිසක් වශයෙනුයි මම මේ සන්ධ්‍යාවේ ඔබව දකින්නේ. සියලු දෙනාටම එකම ස්ථානයක කතා කිරීමට, සාකච්ඡා කිරීමට අවස්ථාවක් නොලැබුණත් ඒ සියලු දෙනා නියෝජනය කරන ඔබ වෙනුවෙන් මේ අවස්ථාවේ මේ හමුවීම මා ඉතාමත් වැදගත් කොට සලකනවා. ඔබ එක්සත් රාජධානිය තුළ වෘත්තිකයන් වශයෙන් වෘත්තීන්වල, ව්‍යාපාරිකයන් වශයෙන් විවිධ ක්ෂේත්‍රවල සේවය කරනවා. එයින් එක්සත් රාජධානියට ඔබ සේවයක් කරනවා වගේම ඔබේත් මගේත් ආදරණීය මාතෘභූමිය වෙනුවෙන් ඒ කරන සේවාවේ ගෞරවය ඔබ ලබා දෙනවා. විදේශයන්හි සිටින ශ්‍රී ලාංකිකයන් ලෝකයේ කුමන රටක කුමන ආකාරයේ යහපත් වූ සේවාවක සිටියත් ඔවුන්ගේ පෞද්ගලික ජීවිතයේ සාර්ථකත්වය තවත් පැත්තකින් ඔවුන් සිටින රාජ්‍යයේ සාර්ථකත්වය එමෙන්ම ආදරණීය මවුබිම වෙනුවෙන් ශ්‍රී ලංකාව වෙනුවෙන් ඔවුන්ගේ සේවාව තුළ ඔවුන් පෙන්වන විවිධ හැකියාවන්, දක්ෂතාවන්, විශිෂ්ටත්වයන් පෙන්නුම් කිරීම අපි කවුරුත් දකින දෙයක්. ශ්‍රී ලාංකිකයන් ලෝකයේ සෑම ක්ෂේත්‍රයකම උගතුන්, බුද්ධිමතුන්, විද්‍යාඥයන්, විශේෂඥයන්, බහුශ්‍රැතයන් විවිධ ක්ෂේත්‍රවල විද්වතුන් වශයෙන් කටයුතු කරනවා. එසේ කටයුතු කිරීම මගින් අපේ ආදරණීය මාතෘභූමියට ඒ සියලු දෙනා ලබා දෙන්නාවූ ගෞරවය අපිට කිසිවිටකත් අමතක කරන්න පුළුවන්කමක් නැහැ. ලෝකයේ විවිධ රටවල්වල විවිධ ජාතීන් අතරේ ශ්‍රී ලාංකිකයන් සැමවිටම කැපී පෙනෙන හැකියාවන් සහ දක්ෂතාවන් පෙන්නුම් කරනවා. දීර්ඝ කාලයක් සිටින ශ්‍රී ලාංකිකයන්ට ශ්‍රී ලංකා රජයේ ගෞරවය අපි පිරිනමනවා. ඔබ මෙහි ජීවත් වූවත් අපගේ මාතෘභූමිය පිළිබඳ තොරතුරු ඔබ දන්නවා. නමුත් කොතෙක් දුරට නිවැරැදි තොරතුරු ඔබ වෙත ගලා එනවා ද යන්න පිළිබඳව ප්‍රශ්නයක් තිබෙන බව මම දකිනවා. අදත් ශ්‍රී ලාංකිකයන් පිරිසක් මා හමුවීමට පැමිණ සිටියා. බොහෝ වේලාවට පෞද්ගලික සහ සංවිධාන වශයෙන් හමුවී කතා කරනවා. එම සාකච්ඡා මගින් මා අවබෝධ කරගත් කරුණක් වන්නේ, මොනතරම් වැරදි තොරතුරු ඔබ අහනවා ද දකිනවා ද කියන කාරණාව.අන්තර්ජාලයෙහි තිබෙන ප්‍රකාශන, ප්‍රවෘත්ති තුළ පැහැදිලි ලෙසම සියයට 75කට වඩා තිබෙන්නේ සත්‍යයෙන් තොරවූ දේවල්. අසත්‍ය වූ දේවල්. නිමල් සිරිපාල ඇමතිතුමාත් මමත් අද සාකච්ඡා කිහිපයකම එකට වාඩි වුණා. ඇමැතිතුමාත් ළඟ සිටි නිසා සමහර දේවල්වලට මට සාක්ෂි ඉදිරිපත් කිරීමට හැකියාව ලැබුණා. පසුගිය දිනවල අපේ රටේ මහනුවර ප්‍රදේශයේ ඇතිවූ සිංහල - මුස්ලිම් ගැටුම්වලදී සිදුවූ සිද්ධීන් සහ එම පසුබිම් පිළිබඳව සත්‍යයට වඩා කොතරම් අසත්‍ය දේ පැතිර ගොස් තිබෙනවාද. එමෙන්ම රජය කළ කාර්යයන් පිළිබඳව නිවැරැදි තොරතුරු මොනතරම් අඩුවෙන් වාර්තාවී තිබෙනවාද. වැරැදි තොරතුරු මොනතරම් වේගයෙන් විදේශයන්හි සිටින ශ්‍රී ලාංකිකයන්ට ලැබී තිබෙනවා ද කියන කාරණාව මම දැකපු දෙයක්. ඔබ සමහරවිට ඔබේ මවුපියන්ට, ඥාතීන්ට, මිත්‍රයන්ට දිනපතා දුරකතනයෙන් කතා කරනවා ඇති. අන්තර්ජාලය හරහා කතා කරනවා ඇති. නමුත් සත්‍යය යටපත්වී අසත්‍යය ඉස්මතුවී අසත්‍යය වේගයෙන් සමාජය තුළ ගලා යාමයි මම දකින්නේ. රටේ සිදුවන දේ පිළිබඳ නිවැරැදි තොරතුරු නොලැබීම සහ නොදැකීම. රජය සිදුකරන කටයුතු සම්බන්ධයෙන් හරිහැටි අවබෝධයක් නොතිබීම වැනි කරුණු ගණනාවක් මම දකිනවා. නව තාක්ෂණික මෙවලම් නිර්මාණය කළ සැබෑ මානවවාදී විශිෂ්ටයන් සහ විද්‍යාඥයන් යහපත් සමාජයක පැවැත්ම, ස්ථාවරත්වය සහ අනාගතය සඳහායි එම මෙවලම් නිර්මාණය කර තිබෙන්නේ. එහෙත් ඒවා මොනතරම් දුරට අයහපත් ලෙස භාවිත වනවාද කියන කාරණය අද අපේ රටට පමණක් නොවේ මුළු ලෝකයම දකින දෙයක්. සමාජ වෙබ් අඩවි ඇමෙරිකා එක්සත් ජනපදයට බරපතළ ප්‍රශ්නයක් වෙලා තිබෙනවා. ලෝකයේ රටවල් ගණනාවකට එම තත්ත්වය ඇතිවී තිබෙනවා. මහනුවර ඇතිවූ සිදුවීමේදී පැය කිහිපයක් තුළ අපි රජය විදියට ඇඳිරි නීතිය දැම්මා. හදිසි නීතිය දැම්මා. ත්‍රිවිධ හමුදාව යෙදෙව්වා. සමාජ වෙබ් අඩවි සම්පූර්ණයෙන්ම වසා දැම්මා. දැඩි විරෝධතාවන් මැද තානාපතිවරුන්ට අපේ රටේ සිටින සමහර අයට ලොකු අමාරුවක් හැදුණා මේවා අපි කරන කොට. සමහර අය චෝදනා ස්වරූපයෙන් කතා කරන්න ගත්තා. විදේශීය තානාපතිවරු සීමාවෙන් එහා කතා කරන්න ගත්තා. ඒ කිසිම දෙයකට අපි සැලුණේ නැහැ. බය වුණේ නැහැ. ගන්න තිබුණු තීන්දු තීරණ අපි නිසියාකාරව ගත්තා. රටක් විදියට සිදුවීමට ගිය විශාල විනාශයක් අපිට වළක්වා ගන්න පුළුවන්කම ලැබුණා.එක්සත් ජාතීන්ගේ අනු සංවිධානයක් ඒ දිනවල වාර්තා කළා ඇමෙරිකාවටත් බැරි වූ දේ ශ්‍රී ලංකා රජය සමාජ වෙබ් අඩවි වසා දැමීම ඉතා විශිෂ්ට විදියට සිදු කළා කියා. එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් තවත් අනු සංවිධානයක් කියා සිටියා, මහනුවර සිදුවීමේදී ශ්‍රී ලංකා රජය කළ දේ මියන්මාරයේ පළමුවැනි සිදුවීම ඇතිවූ අවස්ථාවේදී මියන්මාරය කළා නම්, මියන්මාරයේ අද සිදුවන මහා ඛේදවාචකය ඒ රටේ අද සිදුවෙන්නේ නැහැ කියා. ජාත්‍යන්තර සංවිධාන සියල්ලම අපි කළ දේ නිවැරදියි කිව්වා. අපේ රටේ මවුපියන්, ඒ වැඬේ ඉතාමත් හොඳයි කියා කිව්වා. මගෙන් ඉල්ලා සිටියා පුළුවන්නම් හැමදාටම වෙබ් අඩවි වසා දමන්න කියා. ළමයි හදා ගන්න බැහැ කියා. අ.පො.ස සාමාන්‍ය/පෙළ හා අ.පො.ස උසස්/පෙළ ලියන ළමයින්ගේ මවුපියන් මට කතා කළා, ටෙලිග්‍රෑම් එව්වා, ලිපි එව්වා ඒ වැඬේ ඉතාමත් හොඳයි කියා. අපි යහපත් සමාජයක් ගොඩනගන්න ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම්, මූලික අයිතිවාසිකම් එහි තිබෙන අගයන් අපි සෑම කෙනෙක්ම දන්නවා. මේ සියලු දේවල්වලින් ලබා දෙන නිදහස යහපත් මිනිස්සු යහපත් ලෙස භුක්ති විඳිද්දී අයහපත් මිනිස්සු ඒවා අයහපත් ලෙස භාවිත කරනවාද යන ප්‍රශ්නය මුළු සමස්ත මානව සමාජයටම බරපතළ ප්‍රශ්නයක්වී තිබෙනවා. තාක්ෂණය සහ මිනිසාගේ නිදහස දියුණු සමාජයකට දීමේදී දියුණු මිනිසුන් යහපත් ලෙස සිය ඥානයෙන්, ප්‍රඥාවෙන් සහ නුවණින් ඒවා භුක්ති විඳිනවා වගේම අයහපත් ලෙස ඒවා භාවිත කරන අය කොතෙක්ද කියා අප දකින දෙයක්. මේ තත්ත්වය අද ඊයේ ඇතිවූ දෙයක් නොවන බවත් ඔබ දන්නවා. බුදුන් වහන්සේ බුද්ධත්වය ලබන අවස්ථාවේ මහා භාරතයේ සමාජය තුළ තිබුණු සංකීර්ණ ස්වභාවය ඔබ හොඳින් කියවා ඇතැයි මා විශ්වාස කරනවා. එමෙන්ම මහම්මත්තුමා, ක්‍රිස්තුන්වහන්සේ උන්වහන්සේලා බිහිවූ සමාජ පසුබිම පිළිබඳ යම් අවබෝධයක් ඔබට තිබෙනවා. අනගාරික ධර්මපාලතුමා, හෙන්රි ස්ටීල් ඕල්කට්තුමා බුදු දහම රැක ගැනීම වෙනුවෙන් අතිමහත් වූ මෙහෙවරක් ඉටු කළා. අවසානයේ රට තුළ ඇතිවුණු විවිධ අර්බුදකාරී තත්ත්වයන් නිසා හෙන්රි ස්ටීල් ඕල්කට්තුමා ඇමරිකාවට ගියා. අනගාරික ධර්මපාලතුමත් රට දාලා ඉන්දියාවට ගිහිල්ලා ශ්‍රී ලාංකිකයන් ඉන්න රටේ පැත්තටවත් ඔළුව දාගෙන නිදාගන්නේ නැහැ කියලා කිව්වා. ඒ මොකද එදා ඒ සමාජයේ තිබුණු පිරිහීම නිසා. අපේ රටේ ඇතැම් අය හිතනවා දේශපාලන ඝට්ඨන තිබෙන්නේ අපේ රටේ විතරයි කියලා. බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍යතුමිය තෙරේසා මේ මැතිණිය පොදුරාජ්‍ය මණ්ඩලීය සමුළුවට ආපු රාජ්‍ය නායකයන් හමුවෙන්න නියමිතව තිබුණේ අද දහවල් 12.00 ට පමණ. නමුත් පාර්ලිමේන්තුවේ තිබුණු තත්ත්වයත් එක්ක හදිසියේම එම හමුව අවලංගු කළා.නිමල් සිරිපාල ද සිල්වා ඇමතිතුමයි මමයි පසුගිය මාසේ ජපානයේ ගිය අවස්ථාවේ ජපන් අග්‍රාමාත්‍යතුමාගේ නිල නිවසේ සාකච්ඡාවලට ගියා. ඒ යනකොට 2000 ක් විතර ජපන් අගමැතිතුමාගේ අග්‍රාමාත්‍ය කාර්යාලය ඉස්සරහ ජපන් අගමැතිතුමාට ඉල්ලා අස්වෙන්න කියලා බෝඞ් උස්සගෙන ඉන්නවා. මම බැලුවා මේ ලංකාවේ කට්ටියක්වත් වැරදිලා එහේ ගිහිල්ලද කියලා. ඒ නිල සාකච්ඡා අවසන් වෙලා ආපසු එන විට 5000 ක් විතර බෝඞ් උස්සගෙන ඉන්නවා. වර්තමානයේ සෑම රටකම වගේ මෙවැනි දේශපාලන ගැටුම්, ආර්ථික ගැටුම් තිබෙනවා.රජයක් විදියට අපේ ආදරණීය මාතෘභූමිය වෙනුවෙන් කළ යුතු කළ හැකි වගකීම් නොපිරිහෙලා වගකීමකින් ඉෂ්ට කරනවා. සියලු ජාතීන්ගේ සමගිය ගොඩනගන්න, සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව තුළ සැබෑ සහජීවනයක් ඇති කරන්න, සැබෑ සමගියක් ඇති කරන්න, ගැටුම්වලින් තොර සමාජයක් ගොඩනගන්න, නැවත යුද්ධයක් ඇති නොවන විදියට කටයුතු කරන්න අපි කටයුතු කරනවා. අපේ රටේ ඇතැම් මුද්‍රිත මාධ්‍ය සහ විද්‍යුත් මාධ්‍ය ආයතන රට තුළ තිබෙන නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය කොතරම් වැරදි විදියට භාවිත කරනවද කියන ප්‍රශ්නය අපි දකිනවා. සත්‍යයෙන් තොර දේවල්. ගැටුම් සහගත දේවල් නිතරම ඒවායේ ප්‍රචාරය වෙනවා. මාධ්‍යයේ තිබිය යුතු ගුණාත්මකභාවය කොතෙක් දුරට ඔවුන් රකිනවාද කියන ප්‍රශ්නය තිබෙනවා. ඒ නිසයි මම කියන්නේ අයහපත් දේ සමාජයට දීම නිසා රටේ ඇතිවෙන පසුබෑම් වෙනුවෙන් ඒ සෑම අංශයකම කෙනෙක් ඒ වගකීම ගත යුතු වෙනවා.අපේ මාතෘභූමියේ අනාගතය සඳහා දැනට අවසන් කර ඇති සහ කරගෙන යන ආර්ථික සැලසුම් පැහැදිලිවම ජයග්‍රහණ අත්කරගෙන තිබෙනවා. රටේ සංවර්ධන කටයුතුත් ඉතාමත් වේගයෙන් කරගෙන යනවා. ඒවායේ කිසිදු අඩුපාඩුවක් නැහැ. ඒවගේම පසුගිය අවුරුදු තුනහමාරක කාලය තුළ අන්තර්ජාතික වශයෙන් අපි ලබා ඇති ජයග්‍රහණ රාශියක් තිබෙනවා. ඔබ දන්නවා මම 2015 එක්සත් රාජධානියට ආවා. 2015, 2016 වර්ෂවල සම්පූර්ණයෙන් කැප වුණේ ජාත්‍යන්තර වශයෙන් අපෙන් ඈත් වෙලා තිබුණු රටවල් වල හොඳ හිත දිනා ගැනීම සඳහායි. අපේ විදේශ ප්‍රතිපත්තිය තුළ අපි කිසිම කෙනෙක් අමනාප කරගෙන නැහැ. සෑම කෙනෙක්ම අපේ හිතවතුන්. මිත්‍රයන්. සෑම කෙනෙක්ම අපිට සලකනවා. යුරෝපය, අමරිකාව, මහ බි්‍රතාන්‍ය වගේම චීනය, ඉන්දියාව, රුසියාව, ජපානයත් මැද පෙරදිග රටවලුත් අපේ මිත්‍රයෝ. නිදහසින් පසු ලංකාවේ අන්තර්ජාතික සබඳතා මේ තරම් ශක්තිමත්ව තිබුණු කාලයක් මම දකින්නේ නැහැ. මෙය මම ජනාධිපති නිසා කියනවා නෙවෙයි. ඒ මොකද බොහෝ වෙලාවට ලෝකයේ තිබුණු දේශපාලන බලකඳවුරු දෙකෙන් එක් පාර්ශ්වයක හොඳ හිත දිනා ගැනීමත් අනික් පාර්ශ්වය ඈත් වීමක් තමයි අතීතයේ සිටම සිදුවුණේ. පනහේ දශකය හැටේ දශකය වගේ කාලය තුළ ලෝකයේ දේශපාලන බලකඳවුරුවාදය ඉතාමත්ම ප්‍රබලයි. ඇමරිකා එක්සත් ජනපදය සහ ධනවාදී රටවල් එක පැත්තකින් ඒවගේම සෝවියට් සමාජවාදී සමූහ ආණ්ඩුව ඇතුළු කොමියුනිස්ට් රටවල් තවත් පැත්තකින්. ඒ කාලයේ බලකඳවුරුවාදය තුළ අපි වගේ පුංචි රටවල්වලට ලෝකයේ තැනක් තිබුණා. එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ වුණත් අපේ පුංචි රටවල්වල ඡන්දයට වැඩි වටිනාකමක් තිබුණා. ලෝකය තනි බලයකට යටත් වීමත් සමග ඉරාකය, ලිබියාව වැනි රටවල් මුළුමනින්ම කඩාදමනු ලැබුවා. ඉරාකයේ අදත් මොනතරම් මිනිස්සු මැරෙනවද කියලා ඔබ දන්නවා. මේ වන විට ලක්ෂ විස්සකට වැඩිය ඉරාකයේ මිය ගිහින් තිබෙනවා. ලිබියාව රටවල් තුනකට කැඩිලා තිබෙනවා. ඉරාකය රටවල් තුනකට කැඩිලා තිබෙනවා. ඒවායේ ප්‍රතිඵල නිසා තමයි අද තිබෙන ජාත්‍යන්තර ත්‍රස්තවාදය කියන එක නිර්මාණය වුණේ කියලා අපි නම් විශ්වාස කරන්නේ. ඒක නිසා මේ බලවතුන්ගේ තිබෙන බලවත්කම් එක්ක ජනගහනය අඩු වුණාම භූමියෙන් පුංචි රටක් වුණාට ශ්‍රේෂ්ඨ ජාතියක් විදියට ගෞරවාන්විත ජාතියක් විදියට අපි සෑම විටම ජාත්‍යන්තරය ඉදිරියේ අපේ ප්‍රතිපත්තීන් තුළ රැඳීසිටිය යුතු වෙනවා. ඒ තුළ අපිට ලෝකයේ සෑම කෙනෙක්ම දිනා ගන්න පුළුවන්. මධ්‍යස්ථ විදේශ ප්‍රතිපත්තියක් තුළ බලකඳවුරු වාදයෙන් බැහැරව විශේෂයෙන්ම නොබැඳි ප්‍රතිපත්තීන් තුළ. අපේ රජය මූලික වශයෙන්ම ජාත්‍යන්තර සබඳතා ශක්තිමත් කරගෙන තිබෙනවා. අපිට සෑම කෙනෙක්ම සලකනවා. සෑම කෙනෙක්ම උදව් කරනවා. අපි සුබවාදී ලෙස අපේ රට දිහා බැලිය යුතුයි. මාධ්‍ය තුළ පළවෙන අයහපත් දේ සහ අසුබවාදී දේ ප්‍රතික්ෂේප කරමින් රටේ අනාගතය සඳහා අපේ මාතෘභූමියේ හෙට උපදින දරුවන් වෙනුවෙන් හොඳ රටක් හදන්න අපි සැමවිටම කැපවීම් කළ යුතු වෙනවා. යැයි ද ජනාධිපතිවරයා සඳහන් කළේය. මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර, ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
|
දූෂණය අල්ලස තුරන් කිරීමට සෑම පියවරක්ම ගන්නවා
| 0 |
(පොළොන්නරුව ක.ග. කරුණාරත්න)කිසිදු චක‍්‍රලේඛයක් මහජන සේවා ප‍්‍රමාද කිරීමට හෝ අකාර්යක්ෂම කිරීමට හේතු නොවිය යුතු බව ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා පොළොන්නරුවේ දී ඊයේ (9) පැවැසීය.ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ලෝක තැපැල් දින 143 වැනි සැමරුම් උත්සවය අමතමිනි.ලෝක තැපැල් දින 143වන සැමරුම් උත්සවය පොළොන්නරුව බුද්ධි මණ්ඩපයේ දී ඊයේ උදේ පැවැත්විණි.ලෝක තැපැල් දිනය නිමිත්තෙන් නව මුද්දරයක් සහ මුල් දින කවරයක් ද නිකුත් කෙරිණි.පොළොන්නරුව තැපැල් සංකීර්ණය සඳහා මුල්ගල් තැබීම ද මෙම උත්සවයට සමගාමීව ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි. ඒ සඳහා වැය කෙරෙන මුදල රුපියල් මිලියන 307ක් පමණ වේ.උත්සව සභාව ඇමතූ ජනාධිපතිවරයා මෙසේ ද කීවේය.අද ලෝක තැපැල් දිනය මුල් කරගනිමින් පවත්වනු ලබන ජාතික වැඩසටහන පොළොන්නරුවේ පවත්වන අවස්ථාවට ඔබ සමග එක්වීමට ලැබීම පිළිබඳව මා ඉතාමත් සතුටු වෙනවා. මේ උළෙල ආරම්භ කිරීමට පෙර පොළොන්නරුව නගරයේ නව තැපැල් සේවාව සඳහා රුපියල් කෝටි තිස් එකකට ආසන්න මුදලක් වැයකරමින් ඉදිකරන ගොඩනැගිල්ලේ වැඩ කටයුතු ආරම්භ කළා. මෙවැනි වැදගත් ව්‍යාපෘතියක ආරම්භයත් සමග ඔබ සියලූ දෙනා හමුවීම මම ඉතා වැදගත් කොට සලකනවා.තැපැල් සේවය යනු, මුළු ලෝකයේම පණිවුඩ හුවමාරු ක‍්‍රමවේදයයි. අපේ රට වගේම ලොව බොහෝ රටවල්වලත් වසර දහස් ගණනකට එහා අතීතයට විහිදි යන තොරතුරු හුවමාරු කිරීම පිළිබඳ ඓතිහාසික තොරතුරු හමුවෙනවා.ඇතැම් වෙලාවට අපි දන්නවා මේ සඳහා සතුන් භාවිත කළා. පරවියා වැනි පක්ෂීන් භාවිත කළා. අපි කවුරුත් දන්නා සැළලිහිණි සංදේශයේ සැළලිහිණියාව පණිවුඩය යැවීම පිළිබඳව භාවිත කර ඇති ආකාරය තොටගමුවේ ශ‍්‍රී රාහුල හාමුදුරුවෝ ඉතාමත් රසවත් ලෙස සඳහන් කර තිබෙනවා. එදා මෙදා තුර ඈත අතීතයේ සිටම මානව සමාජයේ මේ සේවාවන් පිළිබඳව තිබුණු කැපවීම එහි ප‍්‍රගමනයට, දියුණුවට, සංවර්ධනයට විශිෂ්ට ලෙස ඉවහල්වී තිබෙනවා.අධි තාක්ෂණයත් සමඟ තොරතුරු සන්නිවේදනයේ ඉහළම දියුණුවක් තිබෙන අද වැනි යුගයක අධි තාක්ෂණය භාවිත කරමින් පණිවුඩ හුවමාරුවේ කාර්යක්ෂමභාවය තවදුරටත් ශක්තිමත්වී තිබෙනවා. තැපැල් පණිවුඩය වරක ඉතාමත් සතුට දනවන කාර්යයක් මෙන්ම වරක අසතුට දනවන කාර්යයක් බවත් බොහෝ වේලාවට අප අත්දැකීමෙන් දන්නවා. විභාගයක් සමත්වී ගෙදරට ලිපියක් ආ විට ලිපිය කඩා බැලූ විට ඉහළම ප‍්‍රීතියකින් කෑ ගසා කියනවා මම විභාගය සමත් වෙලා කියලා. රැකියාවක් ලැබී ලිපියක් ආ විටත් ඉතාමත් සතුටට පත් වෙනවා. අපේ සමාජය ගෙදරට ලිපි එන තැපැල් සේවාවට සීමාවී සිටි කාලයන් ගත්විට ඇතැම් වේලාවට තමන්ට අවශ්‍ය දේ තොරතුරු බලාපොරොත්තු වන දේ ලබා ගැනීම සඳහා තැපැල් මහත්මයා ගෙදරට එනකල් බලා සිටිනවා. මේ සේවාවේ සිටින සෑම කෙනෙක්ම මහජනයාට ඉතාමත් සමීපයි.මහජන සම්බන්ධතාව සමීපතාව ඉතාමත් ඉහළ කැපවීමක් තිබෙන සේවාවක්. ඇතැම් වේලාවට ලිපියක් තැපෑලෙන් ආ විට සතුටට පත්වූ අවස්ථා මෙන්ම සමහර තරුණ පිරිස් ලිපිය බලා සියදිවි නසාගත් වෙලාවල් ද තිබූ බව අපි දන්නවා. තමාගේ තිබෙන ආදර සම්බන්ධතා මෙතනින් ඉවරයි කියා ලිපියක් ආ විට බෙල්ලේ වැල දා ගන්නවා, ළිඳට පනිනවා. ඒකටත් එක කොනක සිටින්නේ තැපැල් මහත්මයායි. මේ සෑම දෙයකම යහපත් දේ වගේම අයහපත් දේ තිබෙනවා. නමුත් සියල්ල භාවිත කළ යුත්තේ යහපත් දේ සඳහා යහපත් සුබවාදී මනසකින්.මට තැපැල්පතිතුමා කිව්වා, අපේ රටේ විවිධ ක්ෂේත‍්‍ර හරහා අවශ්‍ය තොරතුරු ලබා දෙන්න, අවශ්‍ය දැනුම, පණිවුඩ ලබා දෙන්න වර්ෂයකට මිලියන දහනව දාහක් ස`දහා මේ සේවාවේ සිටින ඔබ ස්වේච්ඡාවෙන් කටයුතු කරන බව. සේවා ගාස්තුවක් නොමැතිව මිලියන දහනව දාහකට වසරකට ඔබ හරහා යන පණිවුඩය අඩු ආදායම්ලාභී පවුල්වලට රජයෙන් ලැබෙන විවිධ යැපීම්, දීමනා සඳහා කටයුතු කිරීමේ දී ඒ සඳහා ඔබ දක්වන සහයෝගය අපි ඉතාමත් අගය කරන්න ඕන.තැපැල් සේවාව පිළිබඳව කතා කළ විට එදා මෙදා කාලය තුළ බොහෝ දේ අපිට කතා කිරීමට හැකියි. ඒ ඉතිහාසය සමග තව තවත් මේ සේවාවන් කාර්යක්ෂම කිරීම මේ සේවාවන්වල විධිමත්භාවයක් ඇති කිරීම පිළිබඳව අප සියලූ දෙනාගේම අවධානය යොමුවීම ඉතා අවශ්‍ය වෙනවා. මටම මතකයක් නැහැ වර්ෂයකට මම උත්සව කීයකට සහභාගි වනවාද කියා. තැපැල් සමරු මුද්දර නිකුත් කිරීම පිළිබඳව. එය තමාගේ ආයතනික වශයෙන්, සේවාවන් වශයෙන් ඉන් බාහිරව පෞද්ගලිකවත් බොහෝ අයට තමාගේ ජීවිතයට සම්බන්ධ වන විශිෂ්ට අවස්ථාවක් ලෙස තැපැල් සමරු මුද්දර නිකුත් කිරීම හඳුන්වන්න පුළුවන්. මේ පිළිබඳවත් යම් යම් ගැටලූ සහ ප‍්‍රශ්න තිබෙනවා. පසුගිය කාලවලදී තැපැල්පතිතුමා සහ මම දුරකථනයෙන් කතා කළ වේලාවන්වල දී පාසල්වල අවුරුදු සියය, අවුරුදු එකසිය පනහ පිරීම වැනි අවස්ථාවල දී යම්කිසි ප‍්‍රතිපත්තියක අවශ්‍යතාව මතුවුණා. පසුගිය දවස්වල සමහර පාසල්වල විදුහල්පතිවරු මට කතා කළා තැපැල් මුද්දරය නිකුත් කිරීම පිළිබ`දව. මම කිව්වා, මට අයිති නැහැ මෙය. තැපැල්පතිතුමාගෙන් අහන්න. මම ඕවා නවත්වලා නැහැ. ඒ තිබෙන චක‍්‍රලේඛ අනුව කටයුතු කිරීමයි අවශ්‍ය වන්නේ කියා.මේ ක්ෂේත‍්‍රය ගත්විට ඔබ සෑම කෙනෙක්ම ඉතා විශිෂ්ට රාජ්‍ය ආයතනයක් විදියට ස්වේච්ඡාවෙන් සහ රාජකාරී වශයෙන් විශිෂ්ට කාර්යභාරයක් ඔබ සෑම කෙනෙක්ම ඉටුකරනු ලබනවා. ලෝක තැපැල් දිනය ලෙස දිනයක් නම් කර තිබෙන්නේ ඇයි? එසේ නම් කර තිබෙන්නේ ජාත්‍යන්තර වශයෙන් මුළු සමස්ත ප‍්‍රජාවගේ අවධානය යොමු කිරීමට. මෙහි තිබෙන වැදගත්කම සාකච්ඡා කිරීම. අතීතයේ මතක සටහන් සමග අනාගතය සකස් කර ගැනීම. ඒ පිළිබඳව ගත යුතු තීන්දු තීරණ ගැනීම. ආයතනික වශයෙන් මේ සඳහා ප‍්‍රමුඛත්වය දීම ප‍්‍රතිපත්තිමය කරුණු මෙන්ම සැලසුම් සහගත කාර්යයන්, පිළිබඳව සෑම කෙනෙකුගේම අවධානය යොමු කිරීම සඳහායි ලෝක තැපැල් දිනයක් නම් කර තිබෙන්නේ.විවිධ සේවාවන්වල තත්ත්වයන් ගත්විට තැපැල්පතිතුමා කිව්වා, තැපැල් දෙපාර්තමේන්තුව හරහා තිබෙන යම් යම් ගැටලූ සහ ප‍්‍රශ්න සම්බන්ධයෙන් වෘත්තීය සමිති සමග කටයුතු කිරීමේදී එන යෝඡනා අදහස් සමඟ ඇතැම් චක‍්‍රලේඛ හරස්වීම තුළ චක‍්‍රලේඛවල තිබෙන කරුණු මුල් කරගෙන යම් යම් කාර්යයන් පිළිබඳව තිබෙන ගැටලූ පිළිබඳව. තැපැල් දෙපාර්තමේන්තුව වගේම දුම්රිය දෙපාර්තමේන්තුවේ ආයතනික වශයෙන් තිබෙන කරුණු 2006 චක‍්‍රලේඛය පිළිබඳව ප්රශ්න තිබෙනවා නම් සාකච්ඡා කරලා ඒවා නිරාකරණය කරගත හැකියි. කිසිදු රාජ්‍ය චක‍්‍රලේඛයක් මහජන සේවාවන් ප‍්‍රමාද කරන්න, අකාර්යක්ෂම කරන්න බලනොපාන විදියට සකස් කර ගැනීම අවශ්‍යයි. වෘත්තීය සේවාවන්වල තිබෙන තත්ත්වයන් විධිමත් කර ගැනීමට හෝ ඒවා කාර්යක්ෂම කරගෙන වැඩි මහජන සේවාවක් ලබා දීමට චක‍්‍රලේඛ යම් හරස්වීමක්, බාධාවක් වෙනවානම් එම ගැටලූව අප විසින් සාකච්ඡා කරලා නිරාකරණය කරගත යුතු වෙනවා. ඒ නිසා ඇමතිතුමාගෙන්, අමාත්‍යාංශයේ ලේකම්තුමා ඇතු`එ තැපැල්පතිතුමාගෙන් මම ඉල්ලීමක් කරනවා එහි තිබෙන ගැටලූ මට ඉදිරිපත් කරන්න ලබන සතියේ. මම සුදානම් ඔබ සමග සාකච්ඡා කරලා එම ගැටලූ නිරාකරණය කර ගන්න.තැපැල් දෙපාර්තමේන්තුවේ විවිධ වෘත්තීය සමිති විදියට වැඩ වර්ඡුන වලටත් බොහෝම ප‍්‍රසිද්ධයි. වෛද්‍යවරුන්ගේ වාර්තාව තවම කඩා නැහැ. ඒ නිසා එම තරගකාරීත්වය ගැන ද සිතා අඩුවෙන් වර්ජනය කරලා වැඩියෙන් වැඩ කරලා ප‍්‍රශ්න විසඳා ගන්න. සුහදව සහ මිත‍්‍රශීලීව සාකච්ඡා කරලා කටයුතු කරමු කියා මා ඉල්ලා සිටිනවා. ඕනෑම වෘත්තිය ක්ෂේත‍්‍රයක තිබෙන්නාවූ වෘත්තීමය ගැටලූ සේවාමය ගැටලූ අපිට සාකච්ඡා මගින් විසඳා ගැනීමට හැකියාව තිබෙනවා.ඔබ වැනි විශිෂ්ට මහජන සේවාවක් කරන දෙපාර්තමේන්තුවක් ආයතනයක් අමාත්‍යාංශයක් විදියට වර්තමාන ඇමතිතුමාත් ලේකම්තුමා ඇතුළු සියලූම කාර්යය මණ්ඩල සහ වෘත්තීය සමිතිවලටත් මේ වැඩසටහන ශක්තිමත් කිරීමට දායක වූ ටෙලිකොම් ආයතනයටත් ජාතික ඉතිරි කිරීමේ බැංකුවටත් ස්තූතිය පුදකරමින් ඔබෙන් සමුගන්නවා.උතුරුමැද හා නැගෙනහිර දෙපළාතේ ප‍්‍රධාන සංඝනායක උඩගම ධම්මානන්ද නාහිමියෝ ද, තැපැල් හා මුස්ලිම් ආගමික කටයුතු ඇමැති එම්.එච්.ඒ. හලීම්, හිටපු මහ ඇමැති පේෂල ජයරත්න යන මහත්වරු ද, තැපැල්පති රෝහණ අබේරත්න මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීහු ද මෙම අවස්ථාවට සහභාගි වූහ.
|
දූෂණය අල්ලස තුරන් කිරීමට සෑම පියවරක්ම ගන්නවා
| 0 |
(අනුරාධපුර දයාරත්න ඇඹෝගම)බඩගින්න දේශපාලන, භාෂා, ආගම් භේදයක් නැති සියලුදෙනාට එක සමාන දෙයක් බැවින් සියලු වාදභේද අමතක කර රටේ දුප්පත්කම තුරන් කිරීමට, ආහාර නිෂ්පාදනය වර්ධනය කර ආහාරවලින් ස්වයංපෝෂිත, සමෘද්ධිමත් රටක් බවට පත්කරන්නට, දේශීය ආහාර නිෂ්පාදන සංග්‍රාමය හා එක්වන්නැයි රටේ සමස්ත ජනතාවගෙන් ඉල්ලා සිටින බව ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා පැවැසීය.ආර්ථික සමෘද්ධිය ඇති කරන්න රජය ගෙනියන වැඩපිළිවෙළ තුළ ගොවියා ණය බරින් මුදවා ගැනීම, ඔවුන්ගේ පවුල්වල ජීවන තත්ත්වය උසස් කිරීම, දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබාදීම, යහපත් සමාජ වටපිටාවක් ඇති කර යහපත් සමාජ පිළිගැනීමක් ඇතිකිරීම ආදිය සඳහා ප්‍රමුඛත්වය දී තිබෙන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.වර්තමානයේ සහල්, පොල් මිල ඉහළයාමට බලපා ඇත්තේ නිවාස ඉදිකිරීම් පිළිබඳ ජාතික ප්‍රතිපත්තියකින් තොරව පොල් වගා ඉඩම් හා කුඹුරු ඉඩම් නිවාස ඉදිකිරීමට යොදාගැනීමෙන් බව ද ජනාධිපතිවරයා කියා සිටියේය.ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා මේ බව පැවැසුවේ ‘එක්වෙමු නැගිටිමු අටුකොටු පුරවමු’ ජාතික ආහාර නිෂ්පාදන වැඩසටහනට සමගාමීව කැකිරාව තිබ්බටුවැව වෙල්යායේ දී ඉකුත් 6 වැනිදා පැවැති වප්මඟුල් උත්සවය සඳහා සහභාගී වෙමිනි.ගොයම් සිටුවීමේ යන්ත්‍රයක් භාවිතයෙන් පැළ සිටුවීමේ කාර්යය සඳහා ද මෙහිදී එක්වූ ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා මහවැලි ගොවීන් සඳහා ඉඩම් ඔප්පු ලබාදීම, ගොවි පවුල්වල දූ දරුවන් සඳහා ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම සඳහා ද එක්විය.එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා මෙසේ ද කියා සිටියේය.“ගෞරවනීය මහා සංඝරත්නය ඇතුළු අනිකුත් පූජකතුමන්ලාගේත් ආශිර්වාදය ලබාගෙන මේ ඓතිහාසික රජරට උරුමයේ හිමිකරුවන් වන ගොවි ජනතාව ප්‍රමුඛව ඔබ සියලුදෙනා හා එක්වී ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහාත් ගොවිජන ජීවිතය සමෘද්ධිමත් කිරීම සඳහාත් මේ රටේ නිදහස් ආර්ථිකයත් සමඟ රට පුළුල් ලෙස සංවර්ධනය කරමින් ඉදිරියට ගෙන යාම සඳහාත් විවිධ බාධාවන්, ගැටලු, අභියෝග සියල්ල යටපත් කර ගනිමින්, රටේ පොදු මහජනතාවගේ ප්‍රධාන අරමුණු, ප්‍රාර්ථනාවන් සහ අපේක්ෂාවන් ඉෂ්ට කිරීම සඳහා ආහාර නිෂ්පාදන සංග්‍රාමය ඔබ අප සියලුදෙනා එක්ව ආරම්භ කිරීමට ලැබීම පිළිබඳව මා ඉතාමත් සතුටු වෙනවා.මෙම ආහාර නිෂ්පාදන සංග්‍රාමය උත්සවයක් නෙවෙයි. මෙය ජාතියේ යහපත සඳහා අනාගතය වෙනුවෙන් ගොවිජන ජීවිතය ශක්තිමත් කිරීමටත් රටට නිදහස් ගොවි කෘෂි ආර්ථික පදනමක් ඇති කිරීම සඳහාත් ගොවි ජනතාව පෙරටු කර ගත් පුළුල් ජාතික වැඩසටහනක ආරම්භයක් විදියටයි මා මෙය හඳුන්වන්නේ.කෘෂිකර්මාන්තයේ සමෘද්ධිය තුළයි අපේ ඉතිහාසයේ ශ්‍රේෂ්ඨ කතාන්දරය කියැවෙන්නේ. එදා දේශීය කෘෂිකර්මාන්තය මුල් කරගත් ආර්ථිකයක් ගොඩනැගීම තුළයි අනුරාධපුර යුගයේ සිට මේ දක්වාම මෙරට ආර්ථිකය ශක්තිමත් වුණේ. ඒ නිසා කෘෂිකර්මාන්තයට අදාළ ආහාර නිෂ්පාදන ජාතික සංග්‍රාමය පිළිබඳව ඔබටත් මටත් අත්දැකීම් ඇත්තේ අද ඊයේ දවසේ පමණක් නොව වසර දහස් ගණනක් අතීතයට ඇදී ගිය මේ ශ්‍රේෂ්ඨ වූ ඉතිහාසයත් සමඟයි.අපේ රටේ පළාත් 09ක වැව් 10,000කට වැඩිය තිබෙනවා. රජරට, වයඹ මේ ප්‍රදේශ ඉතිහාසයේ සිට හඳුන්වන්නේ වැව් බැඳි රාජ්‍යය විදියටයි. රටේ ජන ජීවිතය ශක්තිමත් කළ ප්‍රධාන වශයෙන් ආර්ථික සමෘද්ධිය ඇති කරන්න පෙරමුණ ගත්තේ කෘෂිකර්මාන්තයයි. වැවයි කෙත් යායයි පන්සලයි සැමවිටම එක්වූ බව ඔබ දන්නවා. දාගැබත් වැවත් කෙත්යායත් මේ රටේ ජන ජීවිතයේ මහා සංස්කෘතිය ගොඩනැගූ බව ඔබ දන්නවා. ඒ නිසා ඉතිහාසයේ අත්දැකීම් සමඟ ඉතිහාසයේ මතක සටහන් සමඟ අද තිබෙන්නා වූ අභියෝග ජයගැනීම සඳහා නව තාක්ෂණයත් සමඟ බද්ධ වෙමින් ගොවි ජනතාව ශක්තිමත් කරමින්, මේ ආහාර නිෂ්පාදන සංග්‍රාමය අඛණ්ඩව ඉදිරියට ගෙනියන පුළුල් ජාතික වැඩසටහනක ආරම්භයක් වශයෙන් අද මේ වැඩසටහන පැවැත්වෙන්නේ. අද මේ රටේ ජනතාවට තිබෙන්නා වූ අභියෝග මොනවා ද? අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේලාත් දැනුවත් පරිදි රටේ දිස්ත්‍රික්ක ගණනාවක ජනතාව අවුරුදු එකහමාරක් තිස්සේ දැඩි නියඟයකින් පෙළෙනවා. ඒ නිසා කෘෂිකර්මාන්තයේ සියයට 50ක නිෂ්පාදනය පහළ වැටීමක් ඇති වෙලා තිබෙනවා. වී, ධාන්‍ය, එළවළු, පලතුරු මේ සියල්ල මේ මහා නියඟය නිසා නිෂ්පාදනයේ පසු බැසීමක් ඇති වුණා. ඒ වගේම ගංවතුර තත්ත්වය සමඟ ඒ ප්‍රදේශවල ගංවතුර විනාශයෙන් කෘෂි ආර්ථිකයට බරපතළ හානි සිදු වුණා. මේ කලාපයේ අපේ අසල්වාසී මිත්‍ර රාජ්‍යයන් මේ තත්ත්වයට මුහුණ පාලා තිබෙනවා. බටහිර රටවල් ඇමෙරිකා එක්සත් ජනපදයේ සිට මුළු ලෝකය පුරා සිදුවන කාලගුණික දේශගුණික විපර්යාසයන් තුළ සෑම රටකම අද විශාල ව්‍යසනයන් සහ බරපතළ ඛේදවාචකයන් සිදුවෙනවා. මුළු ලෝකය පුරාම සිදුවන මහා ගංවතුර, සුළි සුළං, ලැව් ගිනි, භූමිකම්පා වැනි ස්වභාවික ව්‍යසන ඔබ මාධ්‍ය තුළින් දකිනවා. ඒ නිසා මේ ස්වාභාවික ව්‍යසන අපට පමණක් සීමා වූ දෙයක් නොවෙයි.අනුරාධපුර දිස්ත්‍රික්කය ගත්තොත් මේ දිස්ත්‍රික්කයේ මොනතරම් ජල හිඟයක් තියෙනව ද කියලා ඔබ දන්නවා. නියඟය නිසා මේ දිස්ත්‍රික්කයේ පසුගිය අවුරුදු එකහමාර තුළ සංවර්ධනය කෙතරම් පසුබෑමකට ලක්වුණා ද. පොළොන්නරු දිස්ත්‍රික්කයේ තත්ත්වයත් එයයි. කුරුණෑගල තත්ත්වයත් එයයි. උතුරු පළාත බරපතළ ලෙස මේ නියං තත්ත්වයට මුහුණ දීලා තිබෙනවා. ඒ වගේම නැගෙනහිර පළාත, ඌව පළාතේ කොටසක්, දකුණු පළාතේ කොටසක් මේ තත්ත්වයට මුහුණ දුන්නා. බස්නාහිර, සබරගමුව ප්‍රදේශ තමයි නියඟයෙන් බේරුණේ. එහෙත් ගංවතුරත් එක්ක බරපතළ ව්‍යසනයන්ට එම පළාත් මුහුණ දුන්නා. පසුගිය අවුරුදු එකහමාරක ඇති වුණ තත්ත්වයන් එක්ක විශාල වශයෙන් සහල් පිටරටින් ගෙන්වන්න සිද්ධ වුණා. දැනුත් සහල් පිටරටින් ගේනවා.මම පසුගිය සතියේ නිලධාරී මහත්වරුන්ට උපදෙස් දුන්නා සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 05ක් වරින් වර ගෙන්වීමට. අපි බලාපොරොත්තු වෙනවා ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයෙන් දෙවි දේවතාවුන් වහන්සේලාගේ ආශිර්වාදයෙන් මේ මස අන්තිම සිට අපේ භූමිය සාරවත් සහ සමෘද්ධිමත් කරන්න අපිට වර්ෂාව ලැබෙයි කියලා. උතුම් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගෙන්, උතුම් දළදා වහන්සේගෙන්, ත්‍රිවිධ රත්නයේ වගේම සියලු දෙවි දේවතාවුන් වහන්සේලාගේ ආශිර්වාදය අපේක්ෂා කරනවා මේ රටේ ආර්ථික සමෘද්ධිය ඇති කරලා දුගී බවෙන් රට නිදහස් කරලා සමෘද්ධිමත් ශක්තිමත් ආර්ථික පදනමක් රට තුළ ගොඩනගන්න ස්වභාවධර්මයාගේ ආශිර්වාදය ලැබේවායි කියලා.මේ කාර්යය කෘෂිකර්ම අමාත්‍යාංශයට, මහවැලි හා පරිසර අමාත්‍යාංශයට, වාරිමාර්ග අමාත්‍යාංශයට පමණක් කළ හැකි දෙයක් නොවෙයි. ඒ නිසා අපේ රජය තීන්දුවක් ගත්තා සියලු රාජ්‍ය ආයතන, සියලු අමාත්‍යාංශ, සියලු දෙපාර්තමේන්තු, සියලු සංස්ථා සියල්ල මේ ජාතික ආහාර නිෂ්පාදන සංග්‍රාමයට එක් කර ගැනීමට. අපේ සටන් පාඨය වුණේ ‘එක්වෙමු නැගිටිමු’ කියලා, ‘සිය රට දේ සිරි සැපදේ’ කියලා වගේම, ‘අපි වවමු රට නගමු’ වගේම ‘අපි යළි නැගිටිමු’ කියන සටන් පාඨයත් එක්ක මේ ආහාර නිෂ්පාදන සංග්‍රාමය අපි ආරම්භ කළා.ඒ තුළ දේශපාලන පක්ෂ භේදයක් නැහැ. භාෂාව, ආගම් කියලා භේදයක් නැහැ. කිසිදු සංස්කෘතික භේදයකුත් නැහැ. බඩගින්න සියලුදෙනාට එක හා සමානයි. ඒ නිසා අපි සියලු වාදභේද අමතක කරලා මේ රටේ දුප්පත්කම තුරන් කරන්න මේ රටේ ආහාර නිෂ්පාදනය වර්ධනය කරන්න පිටරටින් ගේන ආහාර නවත්වන්න මේ රට ආහාරවලින් ස්වයංපෝෂිත කරන්න සමෘද්ධිමත් රටක් බවට පත් කරලා, මේ රටේ ජාතික ආර්ථිකය ශක්තිමත් කරන්න අප සියලුදෙනාම එක්වී දේශීය ආහාර නිෂ්පාදන සංග්‍රාමය අද සිට ඉදිරියට ගෙනිහිල්ලා ජයග්‍රහණය කරමුයි කියලා රටේ සමස්ත ජනතාවගෙන්ම මා ඉතා ගෞරවයෙන් සහ කාරුණිකව ඉල්ලා සිටිනවා.අපේ ගොවි ජනතාවට මොනතරම් ප්‍රශ්න තියනව ද මොනතරම් ණය බර තියනව ද කියන එක අපි දන්නවා. අපි බැංකුවලින් ඇහුවොත් අපේ ගොවි ජනතාවගේ ණයවල තත්ත්වය අපි ඉතා හොඳින් දන්නවා. ගෙදර දරුවන්ගේ බිරිඳගේ රත්තරන් බඩු බැංකුවලට උකස් තියලා දෛනික ඇතිවන ප්‍රශ්නවලට මුහුණ දෙනවා. ගොවි ජනතාව කියන්නේ සැප විඳින ජනතාවක් නොවෙයි. ඔවුන්ගේ දහඩියෙන්, කඳුළෙන්, සුසුමෙන්, ලෙයින් සහ ජීවිත පරිත්‍යාගයෙන් සැමවිටම මේ රටේ ජනතාවට අවශ්‍ය ආහාර සපයන්නේ ඈත අතීතයේ සිටයි.ආර්ථික සමෘද්ධිය ඇති කරන්න රජය ගෙනියන වැඩපිළිවෙළවල් තුළ මූලික වශයෙන්ම ගොවියාව ණය බරින් මුදවා ගැනීම, ඔවුන්ගේ පවුල්වල ජීවන තත්ත්වය උසස් කිරීම, දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබාදීම, යහපත් සමාජ වටපිටාවක් ඇති කර යහපත් සමාජ පිළිගැනීමක් එක්ක ප්‍රබුද්ධ සමාජයක කොටස්කරුවන් බවට අපේ ගොවි ජනතාව පත් කිරීමට රාජ්‍ය ප්‍රතිපත්තිය තුළ අවශ්‍ය වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරනවා.ආහාර නිෂ්පාදනය පහත වැටීම පිළිබඳව අද මුහුණ දෙන අභියෝගයන්වලදී කරුණු කිහිපයක් සිතට ගත යුතු වෙනවා. තවත් පැත්තකින් අධ්‍යයනය කළ යුතු වෙනවා. තවත් පැත්තකින් ඒවාට විසඳුම් සෙවිය යුතු වෙනවා. නියඟය අවුරුදු එකහමාරක් අපේ ගොවිතැන් බත් නැති කෙරුවා. ආහාර නිෂ්පාදනය පහත දැම්මා. මේ දිනවල දේශපාලන වශයෙන් මම දැක්කා සමහර තැන්වල පෝස්ටර් ගහලා තියෙනවා, හාල් සීයයි පොල් සීයයි කියලා. ඇත්ත. ඒවා ඒ ගාණට ගියා.අපි පසුගිය සතියේ හදිසියේ ජීවන වියදම් අමාත්‍යාංශ කමිටුව රැස් කළා. මම වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයට කිව්වා ඒ අයගේ ආයතනවල තිබෙන පොල් ගෙනැල්ලා කොළඹ දාන්න කියලා. වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය පොල් ලොරිවල ගෙනැල්ලා සතොසට රුපියල් 65 ගාණේ විකුණන්න දැම්මා. ඒ වගේම සතොස විකුණන සහල් මිල අඩු කෙරුවා. පුද්ගලික අංශයට අපි කිව්වා හාල් ගෙන්වන අයටත් රටේ සහල් දෙන ආයතනවලටත් මිල පහත හෙළන්න නැත්නම් අපිට පාලන මිලකට යන්න සිද්ධ වෙනවයි කියලා. ඒ අතරේ තමයි සහල් මෙටි්‍රක් ටොන් ලක්ෂ 05ක් ගෙන්වන්න අපි තීන්දු කළේ.පොල් නිෂ්පාදනය සහල් නිෂ්පාදනය පහළ වැටුණේ ආණ්ඩුවේ වැරැද්දක් නිසා ද? රටේ පසුගිය ආණ්ඩු ගණනාවක් මේ දක්වාම පැහැදිලි නිවාස ඉදිකිරීම් පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් නොමැති නිසයි මෙහෙම වුණේ. පොල් ත්‍රිකෝණය ඇතුළු සියලු පළාත්වල මහා පොල් වතු නිවාස හදන්න, ඉඩම් වෙන්දේසිය කරමින් පසුගිය අවුරුදු 25ක 30ක කාලය තුළ බරපතළ තත්ත්වයක් ඇති කරලා තිබෙනවා. කිසිදු ජාතික ප්‍රතිපත්තියක් නැතිව පොල් අක්කර ලක්ෂ ගණනක් සම්පූර්ණයෙන්ම කඩලා ඒවා නිවාස යෝජනා ක්‍රම බවට පත් වුණා. තවම මේ රටේ නිවාස ඉදිකිරීම පිළිබඳව ජාතික ප්‍රතිපත්තියක් නැහැ. ඕනෑම තැනක ගෙයක් හදනවා. නමුත් ලෝකයේ සංවර්ධනය වුණු රටවල් එහෙම පුළුවන්කමක් නැහැ. වෙල්යායක් තිබෙනවා නම් ඒ වෙල්යාය සම්පූර්ණයෙන් නිදහස් කරනවා. මහා වතු ඉඩකඩම්වලට සැලසුම් සකස් කරනවා නිවාස ඉදිකළ යුත්තේ මේ මේ ප්‍රදේශවල පමණයි කියලා. කිසිදු වගකීමක් නැතිව රජයේ ආයතන මේ සඳහා ඉඩ දෙනවා. දේශපාලනඥයෝ මේවාට ඉඩ දෙනවා. රජයේ නිලධාරීන් මේවාට ඉඩ දෙනවා. ඒ නිසා පසුගිය අවුරුදු විසිපහකට තිහකට වැඩි කාලය තුළ පොල් අක්කර ලක්ෂ ගණනක් රටට අහිමි වෙලා තිබෙනවා. මේ නිසා ගෙවල් හදන්න ඉඩම් දීමේ ප්‍රතිපත්තිය වෙනස් විය යුතුයි. ගෙවල් සෑදීම ඉතාමත් අත්‍යවශ්‍ය නමුත් ඒ සඳහා රජය විසින් තීන්දු කළ යුතු වෙනවා. රටේ නිවාස සෑදිය යුත්තේ කුමන ප්‍රතිපත්තියක් තුළ ද කුමන වැඩපිළිවෙළක් තුළ ද කුමන සැලැස්මක් තුළ ද කියලා.කවුරුවත් කතා නොකරන ගොවි මහත්වරු සහ රජයේ නිලධාරීන් නිතර කියන ප්‍රශ්නයක් තමයි අපිට වවන්න පුළුවන්. නමුත් අපි කොහොම ද ඒවා සත්තුන්ගෙන් බේර ගන්නේ කියන ගැටලුව. මේ රටේ වඳුරන් සහ රිළවුන් ලක්ෂ 10කට වැඩිය සිටිනවා. තමුන්නාන්සේලා දන්නවා වඳුරන්, රිළවුන් පොල් ගහකට නැග්ගහම විශේෂයෙන්ම පොල් ඇට්ටි කාලා මුළු පොල් වල්ලම විනාශ කරනවා. දවසකට වඳුරන් රිළවුන් ලක්ෂයක් පොල් වලු ලක්ෂයක් විනාශ කළොත් පොල් නිෂ්පාදනයේ තත්ත්වය කුමක් ද? මේවා ගැන කතා කරන්නේ නැහැ. මේවාට සැලසුම් නැහැ. ඒ වගේම තමයි වල් අලින්ගෙන් වන විනාශය. වල් ඌරන්ගෙන් වන විනාශය. ඒ වගේම දෙවියන්ගේ වාහනය විදියට අපි බොහොම ගරු කරන සතෙක් මොනරා. මොනරුන් දහස් ගණනක් මේ රටේ ඉන්නවා. මේ මොනරුන් පීදිලා තියෙන කුඹුරකට බැස්සහම වී බුසල් දෙකක් කටට දාගෙන තමයි ඉගිලිලා යන්නේ. රටේ ආහාර නිෂ්පාදනයෙන් තුනෙන් එකක් සම්පූර්ණයෙන්ම සතුන් විසින් විනාශ කරනවා.ඒ වගේම ගොවි ජනතාවට ආහාර නිෂ්පාදනයට අවශ්‍ය පහසුකම් ලබාදීම පිළිබඳව අවධානය යොමු කළ යුතු වෙනවා. නියඟයත් එක්ක බොහෝ ප්‍රදේශවල බිත්තර වී නැහැ. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කියන විදියට ලංකාවේ මාස් කන්නයට හෙක්ටයාර් අට ලක්ෂයක් වගා කළ යුතුයි. ඒ සඳහා බිත්තර වී තිබෙනවා. බිත්තර වී නොමැති ප්‍රදේශවලට රජය බිත්තර වී දෙන්න බලාපොරොත්තු වෙනවා. නියඟයෙන් පිඩා විඳි ප්‍රදේශවල ගොවි මහත්වරුන්ට කෘෂිකර්ම අමාත්‍යාංශය, මුදල් අමාත්‍යාංශය එක්වී යම් සහනදායී තත්ත්වයකින් බිත්තර වී සැපයීමේ වැඩපිළිවෙළක් සකස් කරන්න බලාපොරොත්තු වෙනවා.මම කලින් කිව්වා වගේ අද දවස පුළුල් ජාතික වැඩසටහනක ආරම්භයක්. මෙය ගොවි සතිය, කෘෂි සතිය, මහවැලි සතිය ආදී ලෙස නම් කරලා තිබෙනවා. මේක සතියකට දෙකකට සීමා වෙන දෙයක් නෙවෙයි. මේක තුන් අවුරුදු සැළැස්මක් එක්ක සම්පූර්ණයෙන් අඛණ්ඩව ඉදිරියට යන වැඩපිළිවෙළක්. ඒ තත්ත්වය තුළ කෘෂිකර්ම ක්ෂේත්‍රයට අවශ්‍ය පහසුකම්, සම්පත් ලබාදීලා ගොවි ජනතාවට අවශ්‍ය පහසුකම් ලබාදීලා මේ නිෂ්පාදනය වර්ධනය කිරීම සඳහා ආණ්ඩුවක් විදියට ගත හැකි ගත යුතු සෑම පියවරක්ම ගන්නා බව විශේෂයෙන් සඳහන් කළ යුතුයි.අපි සියලු අමාත්‍යාංශවලට සියලු දෙපාර්තමේන්තුවලට අදාළ චක්‍රලේඛ නිකුත් කරලා තිබෙනවා. දිසාපතිතුමාලත් එක්ක දිසාපති සමුළුවේ සාකච්ඡා කරලා අවශ්‍ය උපදෙස් දීලා තිබෙනවා. මේ රටේ සියලු ප්‍රාදේශීය ලේකම්තුමාලා, සියලු දිසාපතිතුමාලා ප්‍රමුඛව සියලු දෙපාර්තමේන්තු ප්‍රධානීන්, ආයතන ප්‍රධානීන් තමන්ගේ කාර්යය මණ්ඩල සමඟ මේ ආහාර නිෂ්පාදන වැඩසටහනට එක්වෙලා තමාගේ වගකීමට වඩා යුතුකම ඉෂ්ට කරන්නැයි කියලා මම විශේෂයෙන් ඉල්ලා සිටිනවා.මේ වැඩසටහනේදී රජයේ සියලු ඉඩම් වගා කළ යුතු වෙනවා. අපි මේ පිළිබඳ අදාළ චක්‍රලේඛ නිකුත් කරලා තිබෙනවා. එක් පැත්තකින් රජයේ ගොඩනැගිලි පරිශ්‍ර තුළ ගෙවතු වගාවට ප්‍රමුඛත්වයක් දීම සම්බන්ධයෙන් අවශ්‍ය මූලික ක්‍රියාකාරකම් පිළිබඳව මේ වනවිට උපදෙස් දීලා තිබෙනවා. ඒ වගේම අධ්‍යාපන අමාත්‍යාංශය අධ්‍යාපන ඇමැතිතුමා පාසල් දරුවන් ප්‍රමුඛව ගෙවතු වැඩසටහන් සහ අනිකුත් කෘෂිකාර්මික වැඩසටහන් පිළිබඳව පුළුල් කෘෂිකාර්මික සැලැස්මක් මේ වැඩසටහනට සමගාමීව ක්‍රියාත්මකත කරන්නට අවශ්‍ය මූලික තීන්දු තීරණ අරන් තිබෙනවා. මෙහිදී කිසියම් දෙපාර්තමේන්තුවක්, සංස්ථාවක්, ආයතනයක් කෘෂිකර්ම ක්ෂේත්‍රයට අපි අදාළ නැහැයි කියලා නිදහස් වෙන්න පුද්‍වන්කමක් නැහැ.මේ රටේ රාජ්‍ය ආයතනවලට විශාල වශයෙන් ආයතනික වශයෙන් වෙන්වුණු ඉඩම් තිබෙනවා. ඒ සියලුම ඉඩම්වල වගා කළ යුතු වෙනවා. ඒ වගේම තමයි පෞද්ගලික අංශයේ පුරන් කුඹුරු නොයෙකුත් සමාගම්, වතු සියල්ලම අනිවාර්යයෙන් වගා කළ යුතු බවට අපි ඉල්ලීමක් කරලා තිබෙනවා. අනිවාර්යයෙන්ම වගා කරන්නේ නැත්නම් ගොවිජන සේවා පනත යටතේ තිබෙන බලතල පාවිච්චි කරලා අපිට සිද්ධ වෙනවා වගා නොකරන පෞද්ගලික ඉඩම් වගා කිරීම සඳහා වගා කරන අයට ලබාදීමට. ඒ ගැන අපි පසුබට වන්නේ නැහැයි කියන එක විශේෂයෙන්ම මතක් කළ යුතුයි.ඒ නීති රීති ප්‍රමාණවත් නැහැයි කියලා පෙනී ගියොත් වගා නොකරන ඉඩම් වගා කිරීම සඳහා මහජන ආරක්ෂක පනත යටතේ තිබෙන වගන්ති පාවිච්චි කරලා ගැසට් කරන්න සිද්ධ වෙනවා. ඒ අනුව කිසි කෙනකුට ඉන් නිදහස් වෙන්න පුළුවන්කමක් නැහැ.වැවිලි ක්ෂේත්‍රයේ සංවර්ධනය නොකරන, පුරන් වෙලා තිබෙන කුඹුරු වගා නොකරන ගොඩඉඩම් විශාල වශයෙන් තිබෙනවා. කොළඹ ඉන්න මහා ව්‍යාපාර අයිතිකරුවන්ගෙන් ඇතැම් අය ඒ අයගේ ඉඩකඩම් තිබෙන ප්‍රදේශ දන්නෙත් නැහැ. නමුත් රාජ්‍ය අංශය වගේම අක්කර දෙක තුනක් තිබෙන දුප්පත් ගොවි ජනතාව ඒවායේ වගා කටයුතු කරනවා. නමුත් වගා නොකරන ඉඩම් සම්බන්ධයෙන් දැඩි තීන්දු තීරණ අරගෙන මේ ආහාර නිෂ්පාදන සංග්‍රාමය ශක්තිමත් කරමින් බලාපොරොත්තු වන ඉලක්ක කරා යන්න අපි සැලසුම් කරලා තිබෙනවා. ඒ වගේම කෘෂිකර්ම ක්ෂේත්‍රයට අයිති පෞද්ගලික සමාගම්වල සියලුදෙනාට මේ වැඩසටහනට එක්වන්නැයි කියලා අපි ආරාධනා කරලා තිබෙනවා.රාජ්‍ය බැංකු හා රාජ්‍ය නොවන බැංකු සියල්ලටම මේ ආහාර නිෂ්පාදන සංග්‍රාමයට සමගාමීව ගොවීන්ට දෙන පහසුකම් මොනවා ද? ගොවීන්ට දෙන සුබසාධන ණය පහසුකම් මොනවා ද? ඒ වගේම කෘෂි භාණ්ඩ සම්බන්ධයෙන් ගන්නා පියවර මොනවා ද? ආහාර නිෂ්පාදන සංග්‍රාමය සම්බන්ධයෙන් බැංකුවල වැඩසටහන කුමක් ද කියන එක රජයට ඉදිරිපත් කරන්න කියලා ඒ සෑම බැංකුවකටම අපි දන්වලා තිබෙනවා. ආහාර නිෂ්පාදන සංග්‍රාමය සාර්ථක කිරීම සඳහා පෞද්ගලික ආයතන විසින් ක්‍රියාත්මක කරන වැඩසටහන් මොනවා ද? අලෙවිකරණ කෘෂිකර්මාන්තයට නියමිත උපකරණ, භාණ්ඩ, තාක්ෂණික භාණ්ඩ, ඒවායේ මිල අඩු කිරීම්, ඒවා වැඩි පහසුවට ලබාදීම ඒ කටයුතු පිළිබඳව කෘෂි ක්ෂේත්‍රයේ පෞද්ගලික ව්‍යාපාරික අංශවලට අපි උපදෙස් දීලා තිබෙනවා. මේ ආහාර නිෂ්පාදන සංග්‍රාමය සාර්ථක කිරීම සඳහා රටට පිටරටින් ගෙන්වන සියලුම කෘෂිකාර්මික නිෂ්පාදනයන් බදුවලින් සම්පූර්ණයෙන් නිදහස් කිරීමට අපි කටයුතු කරනවයි කියන එක මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතුයි. එහිදී ට්‍රැක්ටර්, වතුර පොම්ප, ඒ වගේම අනිකුත් යන්ත්‍ර සූත්‍ර කෘෂිකර්මාන්තයේ නිෂ්පාදනයට බලපාන කෘෂි උපකරණ විශාල වශයෙන් අඩු මිලකට දෙන්න පුළුවන්.මෙය සෑම කෙනෙක්ම එකට එකතු වෙලා ජාතියේ යහපත සඳහා ඉටු කළ යුතු කාර්යයක්, පෙළපාළි යන, පෝස්ටර් ගහන, විරෝධතා කරන සත්‍යග්‍රහ කරන, උපවාස කරන, කොළඹ නගරය කළම්බන ඒ සියලුදෙනාගෙන් ඉල්ලීමක් කරනවා කරුණාකරලා ඔය වැඩ නෙවෙයි මේ රටට ආදරයක් තියෙනවා නම් මිනිස්සුන්ට ආදරයක් තියනවා නම් මේ ජාතික ආහාර නිෂ්පාදන සංග්‍රාමය ශක්තිමත් කරන්න ඔබේ කාලය සම්පූර්ණයෙන් යොමු කරන්න කියලා. මේ තත්ත්වයන් සැලකිල්ලට අරගෙන මේ වැඩසටහන සාර්ථක කරනවා නම් මේ රට වෙනුවෙන් ඉතාම විශිෂ්ට වූ මෙහෙවරක් ඉටු කරන්නට පුළුවන්.මේ 2017 වසර දුගී බවෙන් නිදහස් කිරීමේ වර්ෂය විදියට නම් කරලා කටයුතු කළේ. 2018 රජය නම් කරනවා දේශීය ආහාර නිෂ්පාදන වර්ෂය කියලා. මේ ආහාර නිෂ්පාදන සංග්‍රාමය එක්ක දිගටම ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා.කෘෂිකර්මාන්තයට බලපාන, ගොවියා ශක්තිමත් කරන ඉතා වැදගත් යෝජනා කිහිපයක් ලබන මාසේ ඉදිරිපත් කිරීමට නියමිත අයවැය යෝජනාවලට ඉදිරිපත් කරන්න මේ වනවිට තීරණය කරලා තිබෙනවා. මේ සියලු තත්ත්වයන් සැලකිල්ලට අරගෙන සමෘද්ධිමත් රටක් විදියට මේ රට ගොඩනගලා මේ ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කරලා සමෘද්ධිමත් ආර්ථිකයක් එක්ක ලෝකයේ ප්‍රබුද්ධ රාජ්‍යයක් විදියට තවත් රටකට දෙවැනි වෙන්නේ නැතිව පස්සට යන්නේ නැතිව පුංචි රටක් වුණත් ගෞරවනීය රටක්, විශිෂ්ට රටක්, ශ්‍රේෂ්ඨ ජාතියක් විදියට ශක්තිමත් ආර්ථිකයක් ගොඩනගාගෙන හෙට උපදින දරුවන් සඳහා හොඳ රටක් හදමු. දුගී බවෙන් නිදහස් වෙමින් අපි නැගිටිමු. සමෘද්ධිමත් මව්බිමක් ගොඩනගමු. ජාතියේ අනාගත යහපත සඳහා සාමූහිකත්වයෙන් යුතුව එක්වෙමුයි කියලා ඉල්ලා සිටිමින් මේ වැඩසටහන සාර්ථක කරන්න එක්වුණු සියලු දෙනාට මගේ ගෞරවනීය ස්තූතිය පුද කරමින් ඔබෙන් සමුගන්නවා.”එහිදී අදහස් දැක්වූ කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා“පසුගිය දවස්වල එක පැත්තක මේ මහ පොළව ඉරි තලලා තියෙන කොට, තවත් පැත්තක් ජලයෙන් පිරිලා ඉතිරිලා ගියා. ඉතිහාසයේ සිටම මේ වැනි දුර්භික්ෂයන්වලට මෙවැනි ආපදාවලට මුහුණ දී තිබෙනවා. ජනපතිදුන් මේ අභියෝගවලට මුහුණ දෙන්න වැඩපිළිවෙළක් සකස් කළා. එහි ආරම්භක උත්සවයයි මේ රටේ රාජ්‍ය නායකයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වෙන්නේ.රටේ රාජ්‍ය නායකයාගේ ඇල්ම බැල්ම ගොවියාට තියෙනවා නම්, රටේ රාජ්‍ය නායකයාගේ උනන්දුව වුවමනාව ගොවියා වෙනුවෙන් හා අනාගත පරපුර රැකගන්න තියෙනවා නම් ඒක තමයි මේ රටේ අනාගතය. රටේ රාජ්‍ය නායකයා අභියෝගවලින් පැනලා යන්නේ නැතිව, අභියෝගවලට අභියෝගයක් වෙන වැඩපිළිවෙළක් සූදානම් කරලා තියෙනවා. මෙම වැඩසටහනට කෘෂිකර්ම අමාත්‍යාංශය මගින් සැලසුම් හදලා තිබෙනවා. වගා සංග්‍රාමයේ පළමු මෙහෙයුමයි මේ දියත් කරන්නේ. වසර 3ක් ඇතුළත මේ රටේ කෘෂිකාර්මික පවුලක දැනට ලැබෙන ආදායම දෙගුණ කිරීමේ ඉලක්කයක් ඇතිවයි අපි මේ වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ. රටේ අටුකොටු පිරවෙනවා පමණක් නොවෙයි, ගොවිජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කිරීම අපේ අරමුණ බවට පත්වෙලා තියෙනවා. ඒ වගේම කෘෂිකර්ම අමාත්‍යාංශයේ 27,000ක් පමණ වන සියලුම නිලධාරීන්ගේ ගෙවතු වගා කරවන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම සිතමු ගොවි කාන්තා සමිති යටතේ රටේ කාන්තාවන් ලක්‍ෂ 05ක් සිටිනවා.මේ කාන්තාවන් ලක්‍ෂ 05ක් තමන්ගේ ගෙවතු වගා කරන්න ආරම්භ කරනවා. පුරන් කුඹුරු තිබුණා ඒක ලක්‍ෂ තිස්දහසක්. ඒ පුරන් කුඹුරු වගා කරවන්න අපි සූදානම්. මේ වනවිට විශාල වැඩසටහන් ප්‍රමාණයක් අපි ආරම්භ කරලා තියෙනවා. බඩඉරිඟු හෙක්ටයාර් 80,000ක් වගා කරන්න, ඉපනැල්ල වගා කරන්න, තුන්වැනි කන්නය වගා කරන්න, මේ රටේ ගොවිජනතාවගේ ආර්ථිකය දෙගුණ කරන්න සියලු සැලසුම් හදලා ක්‍රියාත්මක කරමින් යනවා. මේ වගා සංග්‍රාමය රටේ රාජ්‍ය නායකයාට පමණක් කරන්න බෑ. ආණ්ඩුවට පමණක් කරන්න බෑ. සියලු ගොවි මහත්වරු මේක හදවතට ගත යුතු වෙනවා. මේක ජාතික වැඩපිළිවෙළක්, ජාතික සංග්‍රාමයක්, අනාගත ආයෝජනයක් කියලා හිතාගෙන ජාති ආගම්, කුල මළ බේදයකින් තොරව, පක්‍ෂ භේදයකින් තොරව සියලු ජනතාව වගා කිරීම ආරම්භ කළ යුතුයි. වගා කිරීම ගොවියාට පමණක් සීමා නොකර මල් පැළයක් වෙනුවට ආහාර භෝගයක් වගා කරන ලෙසට සියලු ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ඒ අයට කාලය, දැනුම නැත්නම් ඒ සඳහා අවශ්‍ය පහසුකම් ලබාදීමට කෘෂිකර්ම අමාත්‍යාංශය සූදානම්” යැයිද පැවසීය.වප් මඟුල් කටයුතු අවසන් වීමෙන් අනතුරුව ගෙවිලියන් ගෙන එනු ලැබූ ඇඹුල ගොවි ගෙදරදී ජනාධිපතිවරයා ඇතුළු ආරාධිතයන් විසින් රස බැලීමට ද එක්විය.මෙම උත්සවය අමතමින් කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ මහතා ද අදහස් දැක්වීය.මෙම අවස්ථාවට මහා සංඝරත්නය ඇතුළුව පළාත් ආණ්ඩුකාර පී.බී. දිසානායක, අමාත්‍යවරුන් වන පී. හැරිසන්, චන්ද්‍රානි බණ්ඩාර, නියෝජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම ගමගේ යන මහත්වරු ද උතුරු මැද පළාත් සභාවේ හිටපු මැති ඇමැතිවරු, රාජ්‍ය නිලධාරීහු රැසක් ද එක්ව සිටියහ.
|
දූෂණය අල්ලස තුරන් කිරීමට සෑම පියවරක්ම ගන්නවා
| 0 |
(මුලටියන - එස්. බාලසූරිය සහ අකුරැස්ස - සුජීව සමරක්කොඩි)රටේ ජාතික ආරක්‍ෂාව තහවුරු කිරීමේ හා ආර්ථිකය ශක්තිමත් කිරීමේ අභියෝගය තමන් බාරගන්නා බවත්, ආරක්‍ෂක ලේකම්වරයා ලෙස තම වගකීම් ඉටුකළ අයුරින්ම ඉදිරියේදීත් රට වෙනුවෙන් වන වගකීම් ඉටුකරන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා මාතර, මුලටියනදී පෙරේදා (20) පැවසීය. වත්මන් රජය ඒ කිසිවක් ගැන අවධානය යොමු නොකළ බවද ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කළේය. රාජපක්‍ෂ මහතා මේ බව පැවසුවේ ‘සාර්ථක දැක්මක් - වැඩකරන රටක්’ යන තේමාව යටතේ මුලටියන පොදු ක්‍රීඩාංගණයේදී පැවති ජන හමුවක් අමතමිනි.ගෝඨාභය රාජපක්ෂ මහතා එහිදී මෙසේද කීය. අප අභියෝග බාර ගන්න පුළුවන් කණ්ඩායමක්. 2005 දී මහින්ද රජපක්‍ෂ මහතාට තමුන්නාන්සේලා රට බාරදෙන අවස්ථාවේදී විශාල අභියෝග රාශියක් තිබුණා. අප එදා ඒ අභියෝග ජයග්‍රහණය කළා. අවුරුදු 30ක් තිස්සේ විවිධ ආණ්ඩු විවිධ ජනාධිපතිවරු යටතේ මර්දනය කිරීමට බැරිවුණු ත්‍රස්තවාදය අප එදා වසර දෙක හමාරක් ඇතුළත අවසන් කළා. ඒ වාගේම ඉතිහාසයේ නොවූ විරූ ආකාරයට සංවර්ධනයක් මේ රටට ගෙනාවා. අධිවේගී මාර්ග, වරායවල්, ගුවන් තොටුපොළවල්, නව නගර බිහිකළා. ආසියාවේ ශීඝ්‍රයෙන් දියුණුවන රට බවට, ශීග්‍රයෙන් දියුණු වන නගරය බවට කොළඹ පත් කරන්න අපට හැකිවුණා.එදා ත්‍රස්තවාදය අවසන් කළා. පමණක් නොවෙයි. නැවතත් මේ රටේ ත්‍රස්තවාදය හිස ඔසවන්නට නොහැකිවන ලෙස ආරක්‍ෂක සැලැස්මක් අප යෙදුවා. ඒ වාගේම මේ රටේ බුද්ධි අංශ, ත්‍රිවිධ හමුදාව, පොලිසිය එකතු කරලා හොඳ ආරක්‍ෂක සැලැස්මක් යොදා තිබුණා. ඒ නිසා කිසිම ත්‍රස්තවාදයක් මේ රටේ ඇති නොවන ආකාරයට රට පාලනය කරන්න අපට හැකිවුණා.නමුත් මේ රජය ජාතික ආරක්‍ෂාව පිළිබඳව කිසිම අවබෝධයක් නැතිව, ප්‍රමුඛත්වය නොදී කළ ක්‍රියාකලාපය නිසා ඒ වාගේම රණවිරුවන්ගේ අභිමානය, මානසිකත්වය කඩා දමපු නිසා බුද්ධි අංශ සාමාජිකයන්ට අභූත චෝදනා නගලා හිරගත කරලා, අන්තවාදී සංවිධාන ගැන හොයන්න හදල තිබුණු ඒකකය අවසන් කරලා. මේ රට නැවතත් බෝම්බ පුපුරන තැනකට පත් කළා. අපේ රජයක් යටතේ නැවතත් ඒ ආරක්‍ෂක විධිවිධාන යොදලා බුද්ධි අංශවලට නීතිමය රැකවරණය දීලා සුරක්‍ෂිත රටක් තමුන්නාන්සේලාට ලබාදෙනවා කියන එක මේ අවස්ථාවේ මතක් කරනවා.ඒ වාගේම අප එදා ආරම්භ කළ සංවර්ධන කටයුතු මේ රජය යටතේ සම්පූර්ණයෙන් නවත්තලා. මේ නිසා ඒ සංවර්ධන ව්‍යාපෘතිවලට සම්බන්ධ වුණු සියලු ව්‍යාපාර ආයතන කඩා වැටුණා. කොන්ත්‍රාත්කරුවන්, උප කොන්ත්‍රාත්කරුවන්, සැපයුම්කරුවන් අනාථ වුණා. ඒ හින්දා තමයි ආර්ථිකය කඩා වැටුණේ. අදවනවිට සෑම ක්‍ෂේත්‍රයකම ව්‍යාපාර කඩා වැටිලා.මේ රජය කෘෂිකර්මයට කිසිම අවධානයක් යොමු කළේ නැහැ. පොහොර සහනාධාරය ඉවත් කළා. දේශීය ගොවියා ගැන නොසලකා පිටරටවලින් ගුණාත්මක බවෙන් අඩු නිෂ්පාදන ද්‍රව්‍ය ගෙනැවිත් අපේ නිෂ්පාදන ද්‍රව්‍ය සමඟ කලවම් කර ප්‍රති අපනයනය කළා. මේ නිසා ගම්මිරිස් ඇතුළු සුළු අපනයන බෝග වල මිල අඩුවුණා. තේ වගාව මේ රටේ වැදගත් ක්‍ෂේත්‍රයක්. තේ ඉඩම් වලින් සියයට 75ක් පමණ කුඩා හා මධ්‍ය පරිමාණ තේ වතු හිමියන් ඉන්නේ. අද ඒ අයගේ ජීවිත ගොඩනගා ගැනීමට නොහැකි තත්ත්වයක් උදාවෙලා. තියෙන්නේ. මේකට හේතුව ගුණාත්මයෙන් අඩු තේ පිටරටින් ගෙනත් කලවම් කර පිටරටට යවන හින්දයි. ශ්‍රී ලංකාවේ තේ වලට ලෝක වෙළෙඳපොළේ ඉහළ මිලක් තිබුණා. ගුණාත්මයෙන් අඩු තේ යවන නිසා අපේ තේ මිල කඩා වැටුණා.මේකට රජය මැදිහත් විය යුතුව තිබුණා. විශේෂයෙන්ම ශ්‍රී ලංකා තේ ලෝක වෙළඳපොළේ ඉහළට ගෙන ඒමට රජය මැදිහත් විය යුතුයි. අපේ රජයක් යටතේ ඒ සඳහා මැදිහත් වෙනවා. තේ වලට ඉහළ මිලක් ලබාදීමට අප කටයුතු කරනවා. සුළු අපනයන බෝග නිෂ්පාදන පිටරටින් ගෙන්වලා ප්‍රති අපනයනය කිරීම සම්පූර්ණයෙන්ම නවත්වනවා. දේශීය ගොවියා ආරක්‍ෂා කරනවා.ගොවියා වෙනුවෙන් සෑම විටම කටයුතු කළ රජයක් තමයි එදා තිබුණේ. ගොවියා නැවත නගා සිටුවීමට අප පොරොන්දු වෙනවා. ගොවිණය කපා හැරීමට කටයුතු කරනවා. පොහොර සහනාධාරය නොමිලේ ලබාදෙනවා. අපට කෘෂිකර්මය අමතක කරන්න බැහැ. අපේ සංස්කෘතිය හා බැඳුණු රටේ ජනගහණයෙන් තුනෙන් එකක් රැඳී සිටින කෘෂිකර්මයට අප ප්‍රමුඛත්වය දෙන්න ඕනෑ.ඒ වගේම මේ රටේ ආර්ථිකය ගොඩනගන්නට පැහැදිලි සැලැස්මක් අප ළඟ තිබෙනවා. බුද්ධිමත් ජනතාවක් අපේ රටේ ඉන්නවා. ඔවුන්ට සුදුසු රැකියාවක් ලබාගන්න පුළුවන් ආර්ථිකයක් හදනවා. අප දන්නවා අද ලෝකයේ ආර්ථිකය ඉහළ මට්ටමට ඇවිත් තියෙන්නේ ආසියානු රටවල් වලයි. අපේ රටේ ආර්ථිකය ඉහළට ගේන්න මේක හොඳ අවස්ථාවක් වුවත් මේ ආණ්ඩුව ඒ ගැන අවධානය යොමු කළේ නැහැ. ඒකට පැහැදිලි දැක්මක් සැලැස්මක් තිබුණේ නැහැ. මේ රටේ ආර්ථිකය හොඳටම කඩා වැටිලා. මේ නිසා ව්‍යාපාර කඩා වැටිලා. ව්‍යාපාරිකයන්ට අසීමිත ලෙස බදු ගහලා. අපේ රජයක් යටතේ විවිධ බදු ඉවත් කර සරල බදු ක්‍රමයක් ගේනවා. වැට් බද්ද සීයට 8 දක්වා අඩු කරනවා. ව්‍යාපාර හොඳට කරගෙන යාමට සුදුසු වාතාවරනයක්, සැලසුමක් නැත්නම්, රැකියා බිහි වෙන්නේ නැහැ. ව්‍යාපාර දිගට කරගෙන යාමට පුළුවන් කමකුත් නැහැ. ඒ වාගේම අප තරුණ තරුණියන්ට කියනවා මේ අධ්‍යාපන ක්‍රමය වෙනස් කර හොඳ වේතනයක් ලැබෙන රැකියාවක් ලබාගන්න සුදුසු අධ්‍යාපන ක්‍රමයක් සකස් කරන බව. ඒ සඳහා කෙටි හා දිගු කාලීන වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කරනවා. විශේෂයෙන්ම උසස් පෙළ සමත් වන සිසුන්ට විශ්වවිද්‍යාල අධ්‍යාපනයක් ලබාදෙනවා. ඒවාගේම රැකියාවක් ලබාගත හැකි පාඨමාලාවන් සකස් කරනවා. උපාධිය ලැබුණු පසු හොඳ වේතනයක් ලබාගන්න පුළුවන් ආර්ථිකයක් නිර්මාණය කරනවා. පරිගණක ක්‍ෂේත්‍රය, තොරතුරු තාක්‍ෂණය හැදෑරූ අයට හොඳ වේතනයක් ලැබෙන රැකියා ලබාදෙනවා. නමුත් මේ රජය මේවා ගැන අවධානයක් යොමු කළේ නැහැ.ජාතික ආරක්ෂාව සහ ආර්ථිකය ඉදිරියට ගෙනයාමට හැකි වෙන්නේ අපට පමණයි. එදා අප පොරොන්දු ඉටු කළා. වැඩ කරලා පෙන්නුවා. මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා මට බාරදුන් ආරක්‍ෂක ලේකම් ධුරයේ වගකීම, නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ධුරයේ වගකීම සීයට 100කින් මා ඉටු කළ බව ඔබලා දන්නවා. මා පිළිබඳව විශ්වාසය තබන්න. ඔබලාගේ යුතුකම ඉෂ්ට කරන්න. මාගේ යුතුකම මා ඉෂ්ට කරනවා. සුරක්ෂිත හා සෞභාග්‍යමත් රටක් ගොඩනගන බවට මා පොරොන්දු වෙනවා යැයි ඒ මහතා කීය.මාතර දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මහතා:-තව දින 25කින් ගෝඨාභය රාජපක්ෂ මහතා මේ රටේ ජනාධිපති වෙනවා. ඒ මහතා ජනාධිපති කිරීමත් ජනාධිපතිවරණයේදී වැඩිම ඡන්ද ප්‍රතිශතය හිමිකර ගැනීමත් මගේ අරමුණයි. ගෝඨාභය මහතා මහින්ද රාජපක්ෂ මහතාගේ සහෝදරයා නිසා නොවෙයි මුළු රටම කිවේ ගෝඨා කියලා. වැඩ පෙන්නපු නායකයකු නිසයි ජනතාව ඉල්ලුවේ. ගෝඨා ආවා. දැන් තියෙන්නේ ඔහු දිනවන එකයි.කොබ්බෑකඩුව ඇතුළු යුද නායකයන් එකම තැනක මියගිය වෙලාවේ දිවි ගලවාගත් එකම ලුතිනන් කර්නල්වරයා ගෝඨාභය මහතා පමණයි. ඒ මහතා විශ්‍රාම ගියාට පස්සේ පුරවැසිභාවය නැති වුණේ. යුද්ධය කරපු වෙලාවේ හැමදෙනාට ඔහු වීරයෙක් වුණා. තේනුවරත්, උයන්ගොඩත් ඒ මතයේ හිටියේ.මාතර දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කංචන විජේසේකර මහතා:- ගොවියාගේ කොඳුනාරටිය කැඩුවේ සජිත් ඉන්න මේ ආණ්ඩුවයි. දැන් කියනවා පොහොර නොමිලයේ දෙනවා කියලා. හම්බන්තොට වරාය විකුණුවා. මත්තල වී ගබඩා කළා. රටේ ආර්ථිකය විනාශ කළා. මේවා කරන විට නිහඬව සිටි සජිත්ට ඒ වගකීම් වලින් නිදහස් වෙන්න බැහැ.ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්රී විමල් වීරවංශ මහතා:- ජාතියට හතුරු පිල හා මිතුරු පිල අතර සටනක් දැන් තියෙන්නේ. සාමයෙන් බැබළුණු රට බියෙන් වෙවුලන රටක් බවට මේ ආණ්ඩුව පත් කළා. අපේ සටන පරගැති නිවට පිල හා රට දිනවපු රට රැකපු පිල අතරයි. පුතාණෝ ගේ පිල රණවිරුගායට බේත් දෙන්න හදනවා. අප රණවිරුගායට විටමින් දෙනවා. රණවිරුගාය නිසා තමයි මේ රට රැකිලා තියෙන්නේ. මේ රට රැක්කේ රණවිරුවෝයි.එදා ගෝඨාභය බලමුළු එකට කළමනාකරනය කරලා මිනීමරු ත්‍රස්තවාදය විනාශ කළා. කිතුණුවන්ට දේවස්ථානය, බොදුනුවන්ට පන්සල අහිමි කළ මේ ආණ්ඩුවත් සමඟ මේ රටට අනාගතයක් නැහැ. අන්තවාදය රකින හකීම්ලා, රිෂාඞ්ලා එකතුවෙලා මේ රට විනාශ කරන්න හදනවා. සහරාන් ඡන්දය දුන්නේ හංසයාටයි. දැන් වෙනත් අතකින් ඇවිත් තියෙනවා. මේ මහ පොළවෙ තවදුරටත් අන්තවාදයට බිලිපූජා පවත්වන්න ඉඩ දෙන්න බැහැ. ඒක නවත්වන මේ රට රකින නායකයා ගෝඨාභය රාජපක්‍ෂ මහතායි. හරීන් ප්‍රනාන්දු කීවේ සජිත් එනවා කියලයි. සමහරු හිතුවා සජිත් ආවාම අලි නැගිටීවි කියලා. නමුත් ඇල්පිටියේදි රනිල්ට තිබුණු ඡන්ද ටිකවත් සජිත්ට ලැබුණේ නැහැ. පුතානෝගේ ප්‍රතිශතය නැග්ගේ නැහැ. බැස්සා විතරයි. වීවලට සහතික මිල රුපියල් 50ක් කරනවලු. ඒකට පනතක් ගේනවලු. ගෙවල් වලට රෑට ඇවිත් බලනවලු. මේ පුතානෝට කවට රජානෝ කියලයි ජනතාව කියන්නේ. රනිල් අණ්ඩපාලයා නිසා පැරදෙන බව දන්න නිසා සජිත් පුතානෝ දැම්මා.සිංගප්පූරුවේ ලී ක්වාන් යූ හා මැලේසියාවේ මහතිර්මොහොමඞ් වගේ ගෝඨා හා මහින්ද මේ රටට සෞභාග්‍යය උදාකරනවා යැයිද ඔහු කීය. හිටපු ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර, හිටපු දකුණු පළාත් සභා මන්ත්‍රීවරුන්වන බින්දු වීරසිංහ, සරත් ද අල්විස් යන මහත්වරුද ජනහමුව ඇමතූහ.මාතර දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහින්ද යාපා අබේවර්ධන, ඩලස් අලහප්පෙරුම හිටපු පළාත් සභා මන්ත්‍රී පසඳ යාපා යන මහත්වරුන් ඇතුළු දේශපාලනඥයන් විශාල පිරිසක් සහභාගිවී සිටි අතර මුලටියන ප්රාදේශීය සභාවේ සභාපති සුනිල් ඇල්ලදෙණිය මහතා පිළිගැනීමේ කතාව කළේය.ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය පළකිරීමට ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයෝ පිරිසක්ද එහිදී සහභාගි වූහ.
|
“ජාතික ආරක්ෂාව - ආර්ථිකය ශක්තිමත් කිරීමේ අභියෝගය බාරගන්නවා“
| 1 |
(නාලක සංජීව දහනායක, මතුගම - බන්දු තඹවිට, තුසිත කුමාර ද සිල්වා)මහින්ද රාජපක්ෂ රජය කිසිවිටකත් මුස්ලිම් ජනතාවට හා දෙමළ ජනතාවට විරුද්ධව කටයුතු නොකළ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පෙරේදා (6) බේරුවලදී පැවසීය.එහෙත් පසුගිය කාලයේ ගෙනගිය එවැනි අසත්‍ය ප්‍රචාර හේතුවෙන් අද වනවිට රාජ්‍ය ආරක්ෂාව බිඳවැටී රට ආර්ථිකමය වශයෙන් දැඩි පසුබෑමකට ලක්ව තිබෙන බවද ඔහු කීය.බේරුවල, වෙරළ ක්‍රීඩාංගණයේ පෙරේදා (6 වැනිදා) පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ ප්‍රචාරක රැළියකට සහභාගි වෙමින් රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේය.ගෝඨාභය රාජපක්ෂ මහතා:අපේ රජය කාලේ අලුත්ගම ඇතිවූ සිද්ධිය ක්ෂණිකව පාලනය කළා. විනාශ වූ දේපළ හැදුවා. අපි දෙමළ, මුස්ලිම් ජාතීන්ට විරුද්ධව කටයුතු කළේ නැහැ. ඒත් එදා අපට විරුද්ධව ගෙන ගිය බොරු ප්‍රචාර දැනුත් ගෙන යනවා. එදා අපට විරුද්ධව ගෙනගිය බොරු ප්‍රචාර නිසා අද වනවිට රාජ්‍ය ආරක්ෂාව බිඳ වැටිලා.රට නඟන සෞභාග්‍යයේ දැක්ම අපි ඉදිරිපත් කර තිබෙනවා. පසුගිය වසර ගණනාව තුළ රටේ විද්වතුන්, වෘත්තිකයන්, ව්‍යාපාරිකයන් විසින් සකස් කළ වැඩසටහනක් ලෙස තමයි අපි ප්‍රතිපත්ති ප්‍රකාශය සැලසුම් කළේ. රටේ ස්වෛරීභාවය ආරක්ෂා කරන්න, රටේ ජනතාවගේ ආරක්ෂාව තහවුරු කරන්න ප්‍රතිඥා දී තිබෙනවා. අපි පැහැදිලි වැඩසටහනක් ඉදිරිපත් කළා රටේ ආර්ථිකය ගොඩනගන්න. ජනතාව ජීවත් කරවන්න ජනතා කේන්ද්‍රීය වැඩසටහනක් යෝජනා කර තිබෙනවා. රටේ සෑම කෙනෙකුගේම ජීවන තත්ත්වය නඟා සිටුවීමට අපි ආර්ථික සැලැස්මක් ඉදිරිපත් කර තිබෙනවා.වසර තිහක යුද්ධයක් එදා අපි කෙටි කාලයකින් අවසන් කර රටට සාමය උදා කළා. ඒවායින් දෙස් විදෙස් ආයෝජකයන් දිරි ගන්වා රටේ විශාල සංවර්ධනයක් ඇති කළා. අද කොළඹ නගරයේ දක්නට ලැබෙන සියලුම ව්‍යාපෘති ඇති කළේ මහින්ද රාජපක්ෂ රජයයි. ආසියාවේ සීඝ්‍රයෙන්ම දියුණු වන නගරය බවට කොළඹ නගරය පත් කරන්න අපට හැකියාව ලැබුණා. මේ දියුණුව නිසා ව්‍යවසායකයන්ට හොඳ අවස්ථාවක් ලැබුණා. රැකියා විශාල ප්‍රමාණයක් උත්පාදනය කළා. ඒත් මේ රජය බාර ගත්තට පසුව සංවර්ධන කටයුතු නතර වුණා. ව්‍යාපාර නැති වුණා. එම ව්‍යාපෘති නතර කිරීමෙන් රැකියා ලක්ෂ හතරක් අහිමි වුණා.යුද්ධය නිමවූ පසුවත් අපි රටේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක සැලසුම් ක්‍රියාත්මක කළා. ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කර පළමු වතාවට උතුරු පළාත් සභා ඡන්දය පැවැත්වූවා. යුද්ධය ආරම්භ කළේ එක්සත් ජාතික පක්ෂය මිස අපි නෙවෙයි. ඒ යුද්ධය අවසන් කළේ අපියි. යුද්ධයක් තිබෙන කාලයකදී සෑම කෙනෙකුම අපහසුතාවකට පත් වුණා. රටට වටිනා ජීවිත ගණනක් අහිමි වුණා. යුද්ධය අවසන් කරන්න රණවිරුවන් කොපමණ පරිත්‍යාගයක් කළාද කියන අවබෝධය මට තිබෙනවා. දිනාගත් සාමය කඩවන කිසිදු ක්‍රියාවක් නැවැත මේ රටේ ඇති නොවිය යුතුයි.යුද්ධය නිමාවූ පසුවත් අප ත්‍රිවිධ හමුදාව හා බුද්ධි අංශ එකතු කර සුවිශේෂී ආරක්ෂක සැලැස්මක් ක්‍රියාත්මක කළා. ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය අපරාධ විමර්ශන කොට්ඨාසය යොදාගෙන ත්‍රස්තවාදීන් ගැන හොයන්න කටයුතු කළා. ඒත් මේ රජය එම ආයතන පාවිච්චි කළේ විරුද්ධවාදීන්ගෙන් පළිගන්නයි. ත්‍රස්තවාදී ක්‍රියා සම්බන්ධයෙන් නිතර සොයා බැලීමක් නොකළ නිසා පාස්කු ඉරුදින රටට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වුණා. රටේ නැවත බෝම්බ පුපුරන තත්ත්වයක් ඇති කළේ මෙම රජයයි. ජනතාව අතර අවිශ්වාසයක් ඇති වුණේ මේ රජයේ කටයුතු නිසයි.අපේ රජය කාලේ අලුත්ගම ඇතිවූ සිද්ධිය ක්ෂණිකව පාලනය කළා. විනාශ වූ දේපළ හැදුවා. අපි දෙමළ, මුස්ලිම් ජාතීන්ට විරුද්ධව කටයුතු කළේ නැහැ. ඒත් එදා අපට විරුද්ධව ගෙන ගිය බොරු ප්‍රචාර දැනුත් ගෙන යනවා. එදා අපට විරුද්ධව ගෙනගිය බොරු ප්‍රචාර නිසා අද වනවිට රාජ්‍ය ආරක්ෂාව බිඳ වැටිලා.දේශීය හා විදේශීය ආයෝජකයාට මෙරට ආරක්ෂාව ගැන කිසිම විශ්වාසයක් නැහැ. ඒ නිසා සංචාරක ව්‍යාපාරය ඇතුළු රටේ සියලුම ක්ෂේත්‍ර කඩා වැටිලා. ආයෝජකයන්ට හා සංචාරකයන්ට රටට එන්නට නම් රටේ ආරක්ෂාව සුරක්ෂිත විය යුතුයි. අපි සංචාරක ව්‍යාපාරය ගොඩනගන්න විශේෂ අවධානයක් යොමු කරනවා. රටේ යළිත් සියලු ජාතීන්ට සුරක්ෂිත ලෙස ජීවත් විය හැකි පරිසරයක් නිර්මාණය කරනවා. යළිත් මේ රටේ ත්‍රස්තවාදයකට, අන්තවාදයකට ඉඩක් නොතබන බවට පොරොන්දු වෙනවා. පන්සලට, කෝවිලට, පල්ලියට බියෙන් යන තත්ත්වය නැති කරනවා.රටක ආරක්ෂාව තහවුරු වනවිට, නිවැරදි නායකයෙක් ඉන්න විට රට ස්ථාවර වෙනවා. අයෝජකයන් එනවා. සංචාරකයන්ට අවශ්‍ය පහසුකම් ලබා දෙන අතරම ඔවුන්ට ආරක්ෂාව ලබා දෙන්න කටයුතු කරනවා. විශේෂයෙන්ම සංචාරකයන්ට වීසා ලබා ගැනීමට පහසුකම් සැලසිය යුතුයි. රජය මැදිහත් වෙලා මේ කාර්යයන් කළ යුතු වෙනවා. මිලියන හතක සංචාරකයන් පිරිසක් මේ රටට ගෙන්වන්න අවශ්‍යයි. එමගින් රටට ඩොලර් බිලියන දහයක් උපයා ගැනීමේ හැකියාව තිබෙනවා. මැණික් කර්මාන්තය වැදගත් ක්ෂේත්‍රයක්. අනවශ්‍ය බදු පනවා තිබෙනවා. හොඳ රැකියා අවස්ථා බිහිකළ හැකි විදේශ විනිමයක් ගෙනෙන ක්ෂේත්‍රයක්. සංකීර්ණ බදු ක්‍රමය නිසා ව්‍යාපාර කඩා වැටිලා. බොහෝ අයට බදු ගෙවන්න විදිහක් නැහැ. අපේ රජයක් යටතේ බදු ක්‍රමය සරල කරනවා. වැට් බද්ද සියයට 8ක් දක්වා අඩු කරනවා. නිෂ්පාදකයන්, ව්‍යාපාරිකයන්, ආයෝජකයන්, දිරිගන්වන්න කටයුතු කරමින් ආර්ථිකය නගාසිටුවනවා. සරල බදු ක්‍රමයක් තිබෙන විට බදු ගෙවන්න පුළුවන්. දූෂණයක් නැහැ.ගුණාත්මක අධ්‍යාපනයක් වෙනුවෙන් විශාල ආයෝජනයක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉන්දියාව, චීනය අද ඉහළට ගිහින් තිබෙන්නේ තාක්ෂණය අතින් ඉහළ නිසයි. අපගේ පවතින අධ්‍යාපන ක්‍රමය වෙනස් විය යුතුයි. උසස් පෙළ සමත් වෙලා විශ්වවිද්‍යාලයට යන්නේ සීමිත පිරිසක් පමණයි. මේ සියලුම තරුණ තරුණියන් විශ්වවිද්‍යාලවලට ඇතුළත් කර ගැනීමේ වැඩපිළිවෙලක් සකස් කරනවා. විශ්වවිද්‍යාලවල ධාරිතාව වැඩි කරලා, ආචාර්ය මණ්ඩලය වැඩි කරලා සමත් වන සියලුම දෙනාට විශ්වවිද්‍යාල අධ්‍යාපනයක් ලබා දෙනවා. ඒ වගේම තරුණ තරුණියන්ට පාඨමාලා හඳුන්වා දීලා, වෘත්තීය පුහුණුවක් ලබාදීලා හොඳ වේතනයක් ලැබෙන රැකියා අවස්ථා උදාකරනවා. පෞද්ගලික අංශයේද සහාය මේ සඳහා ලබා ගන්නවා. බොරු ප්‍රචාරවලට රැවටෙන්නේ නැතිව අපේ ජයග්‍රහණයේ කොටස්කරුවන් වන ලෙස සියලුම දෙනාගෙන් ඉල්ලා සිටිනවා.විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා මෙසේ පැවැසීය.අපේ ගෙදර දානයක් තියෙනවා. හම්බන්තොට සහකාර මැතිවරණ කොමසාරිස්වරයා කියනවා ඒ දානය දෙන්න එපා කියලා. මේ වෙලාවේ දානය දෙන එක මැතිවරණ නීතියට තහනම් බව ඔහු කියනවා. ඒ දානේ අද ඊයේ දෙන දානයක් නෙවෙයි. අවුරුදු හැට ගානක් තිස්සේ අපි ඒ දානය දෙනවා. මේ වැඬේ තේරුම මොකක්ද කියලා මම මැතිවරණ කොමසාරිස්තුමාගෙන් ඇහුවා. මෙහෙම නීති ඇති කළේ කාගේ වාසියටද කියල අපි ආණ්ඩුවෙන් අහනවා.මේ ආණ්ඩුව මැතිවරණ කල් දාලා ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරනවා. මේ ආණ්ඩුවෙන් තිබ්බේ පළාත් පාලන මැතිවරණය විතරයි. එකෙන් අන්ත පරාජයක් ලැබුවා. ඊට පස්සේ මැතිවරණ තියන්න ආණ්ඩුව බය වුණා. ආණ්ඩුව මොන උප්පරවැට්ටි දැම්මත් මේ ජනාධිපතිවරණයෙන් අන්ත පරාජයක් ලබනවා.පාස්කු ඉරුදින එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය නිසා රටේ සංචාරක කර්මාන්ත සම්පූර්ණයෙන්ම කඩා වැටුණා. ඒ කර්මාන්තය ආශ්‍රයෙන් බිහිවූ රැකියා බොහෝ ප්‍රමාණයක් අපට අහිමි වුණා. මේ තත්ත්වය ඉතාම ඉක්මනින් වෙනස් කළ යුතුයි. අපේ ආණ්ඩුව කාලේ බේරුවල යම් සිද්ධියක් සිදු වුණා. ඒ සිද්ධිය මුල් කරගෙන අපිට විරුද්ධව මුළු රටේම වැරදි ප්‍රචාරයක් ගෙනිච්චා. එකේ ප්‍රතිඵලයක් විදියට මේ කාලකන්ණි ආණ්ඩුව බිහිවුණා. ජාතීන් අතර අවිශ්වාසය ඇති කරලා මේ ආණ්ඩුව මුළු රටම විනාශ කළා. මේ අවසනාවන්ත තත්ත්වයෙන් රට බේරා ගන්න පුළුවන් ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට පමණයි.ආණ්ඩුව තවමත් කතා කරන්නේ අපේ කාලේ බේරුවල සිද්ධ වුණ සිද්ධිය ගැනයි. හැබැයි තමන්ගේ කාලේ ගිංතොට, අම්පාර වැනි ප්‍රදේශවල සිද්ධ වුණ දේවල් ගැන ආණ්ඩුව කතා කරන්නේ නැහැ. එදා බේරුවල යම් දේපළකට හානියක් සිද්ධ වුණා නම් අපි ඒ සියල්ලම නැවැත සකස් කර දුන් බවද අපි කියන්න ඕනෑ.ජාතික නිදහස් පෙරමුණේ නායක, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්රී විමල් වීරවංශ මහතා මෙසේ පැවැසීය.මේ රටේ මුස්ලිම් ජන සමාජයෙන් කවදත් ත්‍රස්තවාදයක් නිර්මාණය වුණේ නැහැ. මේ පරගැති ආණ්ඩුව නොතිබ්බ ත්‍රස්තවාදයකට ඉඩ දෙන්න වාතාවරණය හැදුවා. සහරාන්ලා නිකම්ම බිහි වුණේ නැහැ. ආණ්ඩුව සුළුතර අන්තවාදීන්ව ආරක්ෂා කළා මිස සාමාන්‍ය සිංහල, මුස්ලිම්, දෙමළ ජනතාව ආරක්ෂා කළේ නැහැ. ලේ තැවරිච්ච ආණ්ඩුව, සාමාන්‍ය ජනතාව අතර සැකය වපුරපු, භීතිය වපුරපු ආණ්ඩුව ගෙදර යවන දවස නොවැම්බර් 16 වැනිදායි. සියලු ජාතීන්ට නිදහසේ ජීවත් විය හැකි පරිසරයක් නිර්මාණය කළ හැක්කේ ගෝඨාභය රාජපක්ෂ මහතාට පමණයි. ආරක්ෂිත රටක් තිබ්බොත් රටට සංචාරකයන් එනවා. ව්‍යාපාර දියුණු වෙනවා.මේ අය බලයට ඇවිත් මොකද කළේ? ජීවන බර වැඩි වුණා. බදු වැඩි කළා. ගෑස් තෙල් ටික වෙලාවට දීගන්න බැරිවුණා. අද රට ඉල්ලන්නේ වගකිව යුතු නායකත්වයක්. මං පොර ජාතකයක් රටට වැඩක් නැහැ. කඩා වැටිච්ච ආර්ථිකයට, රටකට දැක්මක් ඇති නායකත්වයක් රටකට අවශ්‍යයිද ඔහු කීය.පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්රී උදය ගම්මන්පිල මහතා මෙසේ පැවසීය.සජිත් කියනවා දූෂිතයන්ගෙන් තොර පාලනයක් හදනවලු. මහ බැංකු හොරු, ගල්අඟුරු, ෆුට්නෝට් කල්ලි වේදිකාවෙන් බැහැලා ගියොත් ඉතුරු වෙන්නේ සජිත් විතරයි. ඒ විතරක් නෙමෙයි රාජ්‍ය මුදල් ලක්ෂ ගණනක් අවභාවිතා කළා කියලා ජනාධිපති විමර්ශන කොමිසමෙන් සජිත්ට චෝදනා එල්ල වෙලා තිබෙනවා. අවසානයේ සජිත්ට සජිත්වත් නැහැ. ඒක නිසා සජිත් දැන්වත් වේදිකාවෙන් බැහැලා යන්න කියල අපි කියනවා යැයිද ඔහු කීය.කළුතර දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී රෝහිත අබේගුණවර්ධන මහතා:වෙලාවට ගෑස් ටික දීගන්න බැරි සජිත් ජනාධිපති අපේක්ෂකයා කාන්තාවන්ගේ සනීපාරක්ෂාව ගැන කතා කරනවා. එහෙම අපේක්ෂකයෙක් මීට පෙර දැකලා තියෙනවද? මේ ප්‍රදේශවල සංචාරක ව්‍යාපාරය කඩා වැටිලා. ආර්ථිකය බිංදුවට වැටිලා. ජනතාව ආර්ථිකයෙන් හෙම්බත් වෙලා. මේ ආණ්ඩුවේ අවසන් මළගම යමින් සිටිනවා.කළුතර දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත ද සිල්වා මහතා මෙසේ පැවසීය.අද වනවිට රට නන්නත්තාරයි. රට විනාශ කළේ රනිල් වික්‍රමසිංහ ඇතුළු කණ්ඩායමයි. දැන් සජිත් හරියට නින්දෙන් නැගිටලා වගේ විවිධ පොරොන්දු දෙනවා. අමු සොහොන් පිට්ටනියක් වෙලා තිබූ රට බේරා ගත් මහින්ද රාජපක්ෂ මහතා පරාජය කරන්න කුමන්ත්‍රණය කළේ කවුදැයි ජනතාව දැන් හොඳටම දන්නවා.සංචාරක, ධීවර කර්මාන්තය කඩා වැටිලා. මැණික් හා ස්වර්ණාභරණ, කෘෂිකර්මාන්තය නැති වෙලා. සංචාරක හෝටල් වැහිලා. ධීවර කර්මාන්තයට ස්වර්ණමය යුගය ඇති කළේ මහින්ද රාජපක්ෂ මහතා. අද බේරුවල වරාය අක්‍රීය වෙලා. මේ ප්‍රදේශයට වැවක් හැදුවොත් කෘෂිකර්මාන්තයට සෙතක් වෙයි කියලා විශ්වාස කරනවා.ගාල්ල දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රමේෂ් පතිරණ, කළුතර දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී ජයන්ත සමරවීර, උතුරු පළාත් හිටපු ආණ්ඩුකාර රෙජිනෝල්ඞ් කුරේ, බේරුවල ශ්‍රීලනිප ප්‍රධාන සංවිධායක සුගත් මතුගමගේ, බේරුවල ප්‍රාදේශීය සභාවේ සභාපති මේනක විමලරත්න යන මහත්වරුද මෙහිදී අදහස් දැක්වූහ.සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ලේකම්වරයකු වන සුරේෂ් ප්‍රනාන්දු මහතා ඇතුළු එජාප පාක්ෂිකයෝ කිහිප දෙනෙක් මෙහිදී ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය පළ කරමින් එම ජන රැළියට එක්වූහ.
|
“ජාතික ආරක්ෂාව - ආර්ථිකය ශක්තිමත් කිරීමේ අභියෝගය බාරගන්නවා“
| 0 |
(නාලක සංජීව දහනායක)පැවැති බදු ක්‍රමය සම්පූර්ණයෙන්ම විකෘතිකර වත්මන් ආණ්ඩුව මහජනතාවගේ සාක්කු සුද්ධ කිරීමට පටන්ගෙන තිබෙන බව විපක්‍ෂනායක මහින්ද රාජපක්ෂ මහතා මාළබේ, අරංගල දී පැවැසීය.ආණ්ඩුව පසුගිය අවුරුදු හතරේ දී ගොංකං කළා මිස රට සංවර්ධනය කිරීමට කටයුතු නොකළ බවද ඔහු කීය. මාලඹේ, අරංගල ක්‍රීඩාංගණයේ පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ රැළියකට සහභාගි වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.එහිදී විපක්‍ෂනායකවරයා මෙසේ ද පැවැසීය.එක්සත් ජාතික පක්‍ෂයේ අපේක්‍ෂකයා හා අපේ අපේක්‍ෂකයා කියන කතා ගැන වෙන් වෙන්ව කල්පනා කරල බැලුවම රට පාලනයට වැඩියෙන්ම සුදුසු කවුද කියල ඔබට තෝරගන්න පුළුවන්.සජිත් මහත්තයා බලය ඉල්ලන්නේ තමන්ගේ පියාගේ අඩි පාරේ යන්නයි. ඒ කතාව ඇහුවම මට තරුණ පරපුර ගැන බියක් ඇති වුණා. භීෂණ කාලේදී තරුණ තරුණියන් මරල දාපු සුප්‍රසිද්ධ හෝකන්දර වළ තියෙන්නේ මේ පැත්තේ. ඒ කාලෙදි විමල් අහුවුණා නම් ඉවරයි. අහුවුණා නම් විමල් අද ඉන්නේ හෝකන්දර වළෙයි. ඒ විතරක් නෙවෙයි 2800කට වැඩිය තරුණ පිරිසක් ඝාතනය වුණේ සජිත්ගේ පියාගේ යුගයේදියි. ඒ විතරක් නෙවෙයි රිචඞ් ද සොයිසා වැනි මාධ්‍යවේදීන් හෙලිකොප්ටරෙන් ගෙනිහිල්ලා මුහුදට දැම්මා. අහිංසක මිනිස්සු මරලා දාන්න තරම් එදා තිබූ ආණ්ඩුව කෲර වුණා. අද හුඟාක් දෙනෙක්ට ඒ යුගය අමතකයි.අපි අවුරුදු හතරහමාරක් මේ අයට බලය දීලා බලාගෙන හිටියා. මොනවද රටට කළේ. වෙනසක් ඕන කියපු අයට වෙනස ලැබුණා. අද බොම්බයි ළුෑණු ගෙඩියක් කීයද? අර්තාපල්, කරවල, මාළු ලාභදජනතාව - ‘කන්න බැරියෝ’මාසේ පඩියට මේවා ගණං හදල බලනකොට ජීවත් වෙන්න බැහැ. ආණ්ඩුවක් මුලින්ම කළ යුත්තේ මිනිස්සු ජීවත් කරවීමයි. අද මිනිස්සුන්ගේ අතේ සල්ලි නැහැ. ව්‍යාපාර කඩා වැටිලා. නිෂ්පාදන අමුද්‍රව්‍යවලට, භාණ්ඩ නිෂ්පාදනයට, භාණ්ඩ අලෙවි කිරීමට, එය මිල දී ගැනීමේ දී මේ සියල්ලටම බදු ගහනවා. ඒ බදු සියල්ලම අවසානයට එකතු වෙන්නේ පාරිභෝගිකයාගේ කරටයි. මේ බදු ක්‍රමයම විකෘතියක්.මේක ජනතාවගේ සාක්කුවට බහින මංකොල්ල කන ආණ්ඩුවක්. අපි මේවා වෙනස් කළ යුතුයි. ජනතාවට සහන දෙන්න, රට සංවර්ධනය කිරීම ගැන කතා කරන විට ඒව කරන්න සල්ලි කොයින්ද කියල අපෙන් අහනවා. අපි එදා යුද්ධය පටන් ගන්න කොටත් සල්ලි තිබුණේ නැහැ. නමුත් අපි යුද්ධය කරලා රට සංවර්ධනය කළා. රටට අලුත් වරායක්, ගුවන් තොටුපළක් හැදුවා. වරාය විකුණා දැම්මා. ගුවන් තොටුපළ විකුණන්න සූදානම් වෙනවා. ගුවන් තොටුපළක වී ගබඩා කළ එකම ආණ්ඩුව රනිල් - සජිත් ආණ්ඩුවයි. රත්නපුර, නුවර, යාපනය අධිවේගී මාර්ග ඉදිවීම නතර කළා. සංවර්ධනය එහෙමම නතර කළා. ආණ්ඩුව ගොංකන් කළා මිස වැඩක් කළේ නැහැ.හෝමාගම නගරය වගේම කඩුවෙලත් අධ්‍යාපනයේ කේන්ද්‍රස්ථානයක් බවට පත් කළ යුතුයි. අපිට වැඩක් කරන්න පුළුවන්. ඒකට අවශ්‍ය මිනිස්සු අපිත් එක්ක ඉන්නවා. අද රජයේ නිලධාරීන් වැඩක් කරන්නේ නැහැ. ඔවුන් වැඩ කරන්න බයයි. සිල් රෙදි බෙදපු නිසා ලලිත් වීරතුංග මේ ආණ්ඩුව විසින් හිර කළා. අපි ඒක කළේ බුද්ධ ජයන්තිය නිමිත්තෙන් සිල් රෙදි බෙදන්න කියලා මහානායක හිමිවරු ඉල්ලුවා. ජනාධිපතිවරයා වශයෙන් මම ඒකට නියෝගය දුන්නා. ඒ සියල්ල නීත්‍යානුකූලව තියෙද්දි මේ ආණ්ඩු ජම්පර් ඇන්දුවා.මැතිවරණ නීති උල්ලංඝනය කරමින් ආණ්ඩුව ජනතාවට විවිධ දේවල් බෙදනවා. නමුත් ජනතාව මේ ආණ්ඩුවට නැවත බලය දෙන්නේ නැතැයි ද ඔහු කීය.ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්‍ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා:විශේෂයෙන්ම මේ රට බලාපොරොත්තු වන්නේ වැඩ කරන ක්‍රියාශීලී රජයක්. ජනාධිපතිවරණය ජයග්‍රහණය කර අප එය ඔබට ලබාදෙනවා. අපගේ ජයග්‍රහණයෙන් පසුව සියලුම රාජ්‍ය ආයතන සඳහා වැඩ කළ හැකි පිරිස් පත් කරනවා. එමෙන්ම ඔවුන්ට ඉලක්ක ලබාදී ඔවුන්ගේ ප්‍රගතිය විමසා බලනවා. සියලුම රාජ්‍ය ආයතන ශක්තිමත් කරනවා. කිසිදු රාජ්‍ය ආයතනයක් විකුණා දමන්නේ නැහැ. ඒ වගේම සියලුම රාජ්‍ය ආයතන මහා භාණ්ඩාගාරයට පාඩුවක් නොවන ආකාරයට පවත්වාගෙන යනවා.නැවතී ඇති තැනින් ඉදිරියට යෑමට නම් ආරක්‍ෂාව තරකර රටෙහි විනය ඇති කළ යුතුයි. අපි එදා ත්‍රස්තවාදය අවසන් කළා පමණක් නෙවෙයි ත්‍රස්තවාදය නැවැත හිස ඔසවන්න නැති වෙන ආකාරයට රටේ ආරක්‍ෂාව තහවුරු කළා. රණවිරුවන් හා බුද්ධි අංශ නිලධාරීන් සිරගත කර රණවිරුවන් ජාත්‍යන්තර යුද අධිකරණයට ගෙන යෑමට කටයුතු කිරීම නිසා ඔවුන්ගේ මානසිකත්වය කඩා වැටුණා. මේ ආණ්ඩුවට ජාතික ආරක්ෂාව ගැන කිසිම තැකීමක් නැහැ. ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය ආරම්භ කර ත්‍රස්තවාදීන් හොයන්න අපි කටයුතු කළා. නමුත් මේ රජය එම ආයතන පාවිච්චි කළේ විරුද්ධවාදීන්ගෙන් පළිගන්නයි.නව ලිබරල්වාදී අදහස් දරන රාජ්‍ය නොවන සංවිධානවලට ගැති කම් කරන ඇමති මණ්ඩලයකට රටකට සුරක්‍ෂිත බවක් ලබාදෙන්න බැහැ. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ල වන බවට හැම විස්තරයක්ම ලබාදී තිබියදීත් ඒ ත්‍රස්තවාදීන් හොයා ගන්න රජය අපොහොසත් වුණා. පාස්කු ඉරු දිනයේදී මේ රටේ නැවතත් බෝම්බ පිපුරුවේ ඒ නිසයි. ඒ නිසා මේ රට නැවත සුරක්‍ෂිත කළ හැක්කේ අපිට පමණයි.යුද්ධය අවසන් කර වරායන්, ගුවන්තොටුපළ, අධිවේගී මාර්ග ඉදිකළ අපි කොළඹ නගරය ආසියාවේ වේගයෙන්ම දියුණුවන නගරයක් බවට පත් කළා. මේ රජය බලයට පත්වී එම සංවර්ධන ව්‍යාපෘති සම්පූර්ණයෙන්ම නතර කළා. සියලුම ව්‍යාපාර කඩා වැටුණා. වත්මන් රජය කිසිම අවස්ථාවක කෘෂිකර්මාන්තයට තැනක් දුන්නේ නැහැ. කිසිම වෙලාවක දී අපගේ සංස්කෘතිය අමතක කරන්න අපිට බැහැ. අපි එදා නොමිලයේ පොහොර සහනාධාරය ලබා දුන්නා. ගොවියාට නිසි තැන ලබා දුන්නා.අද තේ, රබර්, ගම්මිරිස්, කුරුඳු ඇතුළු සියලුම වැවිලි කර්මාන්ත කඩා වැටිලා. අපේ රජයක් යටතේ කිසිම භෝගයක් පිටරටින් ගෙන්වන්න ඉඩ තියන්නේ නැහැ. ගොවියා ව්‍යවසායකයෙක් කරන්න අපි කටයුතු කරනවා. නවීන තාක්‍ෂණය ලබාදී ගොවියා ශක්තිමත් කළ යුතුයි. අපි ගොවීන්ට සහන දුන්නේ රට ස්වයංපෝෂිත කිරීමටයි. අපගේ රජයක් යටතේ දේශීය ව්‍යාපාර නැංවීම සඳහා වැට්බද්ද සියයට 8න් අඩු කරනවා. එමෙන්ම ව්‍යාපාරිකයන් සඳහා සරළ බදු ක්‍රමයක් හඳුන්වා දෙනවා.වර්තමානය වනවිට ලෝකයේ ශීඝ්‍රයෙන්ම දියුණු වන්නේ ආසියාවයි. ඒ අනුව ලෝක ආර්ථිකයේ කේන්ද්‍රස්ථානය බවට ආසියාව පත්ව තිබෙනවා. මේ ශතවර්ෂය හඳුන්වන්නේ ඥානය මුල්වූ ශතවර්ෂය හැටියටයි. තොරතුරු තාක්‍ෂණය පිළිබඳ සමාගම්වල රැකියා අවස්ථා ලක්‍ෂ තුනකට වඩා තිබෙනවා. නමුත් අපේ අධ්‍යාපන ක්‍රමයේ තිබෙන යම් යම් අඩුපාඩු නිසාවෙන් තරුණ පරපුර අතරමං වෙලා. නව රැකියාවන් සඳහා අපේ රටේම ශ්‍රම බළකායක් ගොඩනැඟිය යුතුයි. එසේ කිරීමෙන් ඇමරිකානු ඩොලර් බිලියන පහක පමණ විදේශ විනිමයක් අපේ රටට ලබාගත හැකියි. අප බලයට පත්වී පළමු වසරේ සිටම අධ්‍යාපනය වෙනුවෙන් විශාල ආයෝජනයක් වෙන් කරන්නේ ඒ වෙනුවෙනුයි. එමෙන්ම විශ්වවිද්‍යාලවල ධාරිතාවය වර්ධනය කරන්නත් අලුතින් විශ්වවිද්‍යාල ආරම්භ කරන්නත් අපි කටයුතු කරනවා. විදේශවලට සරිලන පරිදි පාඨමාලාවන් වෙනස් කරනවා.එමෙන්ම සංචාරක ක්‍ෂේත්‍රය තුළත් අපිට විශාල අවස්ථාවන් ප්‍රමාණයක් තිබෙනවා. මේ ආයෝජන ගෙන එන්නට නම් සුරක්‍ෂිත රටක් තිබිය යුතුයි. රාජ්‍ය සේවකයන්ගෙන් පළිගන්න යෑම නිසා ඔවුන් තීන්දු තීරණ ගන්න බයයි. තම රජයක් යටතේ රාජ්‍ය සේවකයන්ට වගකීම් ලබාදී ඔවුන්ට වැඩ කළ හැකි ආකාරයට අවශ්‍ය නීතිමය රැකවරණය ලබාදෙන්නත් කටයුතු කරනවා යැයි ද ඔහු කීය.ඒකාබද්ධ විපක්ෂයේ නායක, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්රී දිනේෂ් ගුණවර්ධන මහතා:අපගේ ආණ්ඩුව විසින් ආරක්‍ෂාකරගෙන ආ රාජ්‍ය අංශය ඉදිරියට ගෙන යා හැකි එකම නායකයා ගෝඨාභය රාජපක්‍ෂ පමණයි. රට ගොඩනගන්න, ආර්ථිකය ගොඩගන්න තමන් ළඟ තිබෙන සැලසුම් මොනවාදැයි ඔහු දැනටමත් රටට හෙළි කර තිබෙනවා. දුප්පත් මිනිහගේ ආර්ථිකය ගොඩගත හැකි එකම නායකයා ඔහුයි. වත්මන් ආණ්ඩුවේ මහ බැංකු කොල්ලයේ ප්‍රතිඵලයක් වශයෙන් සමස්ත රටේම ආර්ථිකය කඩා වැටුණා. ඒ සිද්ධියට අගමැතිවරයා වගේම නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාසත් වග කිව යුතු යැයි ද ඔහු කීය.ජාතික නිදහස් පෙරමුණේ නායක, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්රී විමල් වීරවංශ මහතා:බලාපොරොත්තු සඵල කරගන්න දරුවකු බිහි කර ගැනීමේ විලිරුදාවෙන් ලක්මාතාව පෙළෙනවා. ලබන 16 වැනිදාට ඔබ ඡන්දපොළට යන්නේ ඒ විලිරුදාවට වින්නඹුකම් කරන්නයි. සතුරන් මගේ රට ගිලගෙන ඉන්න අවස්ථාවන්වල දී ලක් මව වීරයන් ඉල්ලුවා. අදත් මේ රට 2005 ඉල්ලුව වගේ එඩිතර නායකයෙක් ඉල්ලනවා. එදා දකුණේ ජනතාව ඒ නායකයා දුන්නා. අදත් අපිට අවශ්‍ය නායකයෝ දෙන්න දෙන්නෙ දකුණේ මිනිස්සුයි.අද තරුණ පරපුර දේශපාලනඥයන් පිළිකුල් කරනවා. ඔවුන් දේශපාලනඥයා දෙස බලන්නේ හොරෙක්, තක්කඩියෙක් දිහා බලනව වගෙයි. තමන්ගේ පිලද, අනිත් පිලද කියල බලන්නේ නැතුව මේ රටේ හොරකම නතර කරන්න පුළුවන් බය නැති නායකයෙක් මේ රට අද ඉල්ලනවා. විල්පත්තුව, සිංහරාජේ රැකලා දෙන මේ රටේ දරුවන්ට කුසලතා ඇතිකර දෙන නායකයෙක් අද මේ රටට අවශ්‍යයි. ගෝඨාභය රාජපක්‍ෂ සිමෙන්ති කොට්ට බෙදල දෙන දුප්පත්කම පාවිච්චි කරලා දේශපාලන වුවමනා එපාකම් ඉටුකරන නායකයෙක් නොවෙයි. කොළඹ නගරයේ පැල්පත්වාසීන්ට මහල් නිවාස හදල දුන්නේ ඒ නිසයි. දුප්පත්කම පාවිච්චි කරනවා වෙනුවට දුප්පතාට තමන්ගේ ස්ථානය ලබලා දෙන්න ඔබ එදා කටයුතු කළා.මම ජනතා විමුක්ති පෙරමුණේ ඉන්න කාලෙදි මහින්ද රාජපක්‍ෂ යුද්ධය අවසන් කරයිද නැද්ද කියලා සංවාදයක් ඇති වුණා. මහින්ද රාජපක්‍ෂ මේ යුද්ධය ඉවර කරාවි යැයි මම කිව්වා. තමන්ගේ සහෝදරයා ගෝඨාභය රාජපක්‍ෂ ආරක්‍ෂක ලේකම් තනතුරට පත්කිරීමත්, සරත් ෆොන්සේකා යුද්ධ හමුදාපති ධුරයට පත් කිරීමත් එයට හේතුව වශයෙන් මම දැක්කා. ගෝඨාභය රාජපක්‍ෂට ආරක්‍ෂක ලේකම්කම ලැබුණදා ඉඳලම ඔහු හිටියේ එල්.ටී.ටී.ඊ එකට ගේම දෙන්නයි. අයියා ජනාධිපති, මල්ලි ආරක්‍ෂක ලේකම් ඒ නිසා කේලාම් කියල දෙන්නව කොටවන්න කාටවත් බැරි වුණා. ඒ සහෝදර බැඳීමෙන් අත්වුණ හොඳම ප්‍රතිඵලය නිසා තිස් අවුරුදු යුද්ධය අවසන් කරන්න හැකියාව ලැබුණා. ගෝඨාභය සටන ඉවර කළාට තමන්ගේ වැඬේ ඉවර කළේ නැහැ. 13000 කට අධික ත්‍රස්තවාදීන් පුනරුත්ථානය කළා. ඔවුන්ට ජීවනෝපාය ක්‍රම සකස් කරලා දුන්නා. කොළඹ නගරය නවීකරණය කළා. අද රටට අවශ්‍යව තිබෙන්නේ හොඳ පරිකල්පන මනසක් තිබෙන නායකයෙක්. අපිට අවශ්‍ය ස්වාභාවික නායකයෙක් මිස රෑට ගෙවල් ගානේ යන අස්වාභාවික නායකයෙක් නෙවෙයි. මේ රට නිර්මාණාත්මක පරිවර්තනයකට ගෙන යා හැකි නායකයා ගෝඨාභය රාජපක්‍ෂයි. ඔහු කාටත් බෙදන්නේ එකම හැන්දෙන්. අද රට ඉල්ලන්නේ ඒ විනයයි. ඔහුගේ ජයග්‍රණය වෙනුවෙන් අපි අතරත් අද විශාල සමගියක් ඇතිවෙලා තියෙනවා. අපේ කඳවුරේ අන්තවාදීන් නැහැ. ජනාධිපතිවරණය ආසන්න දිනයක දී අපිට සහය දෙන බව පවසා අපේ ඡන්ද කඩන්න අන්තවාදියෙක් සූදානමින් සිටින බවට ආරංචියක් පැතිර යනවා. ඔබ ඒ ආරංචි විශ්වාස කරන්න එපා. එකම එක අන්තවාදියෙක්ගෙන්වත් සහය ලබාගන්න ගෝඨාභය රාජපක්‍ෂ සූදානම් නැහැ.ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ ප්රධාන ලේකම්, රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්රී වාසුදේව නානායක්කාර මහතා:මේ රට බේරා ගැනීමට නම් රට විනාශ කරන එක්සත් ජාතික පක්‍ෂ කඳවුරේ නියෝජිතයාව පරාජය කිරීම ඔබගේ වගකීමක්. දිනෙන් දින ණය බර වැඩිවෙමින් තිබෙන නිසා අපගේ රට දිනෙන් දිනම විනාශයට පත්වෙනවා. ඒ නිසා මේ ආණ්ඩුව කුජීත පරාජයකට ගෙන යාම ඔබගේ වගකීමක්. අපේ අපේක්‍ෂකයා කියන හැමදේම ආණ්ඩුවේ ජනාධිපතිවරණ අපේක්‍ෂක සජිත් ප්‍රේමදාස මහතා ගිරා පෝතකයෙක් වගේ කියවනවා. ජීවන වියදම අඩු කරන බව සජිත් කියනවා. හැබැයි ජීවන වියදම අඩුකරන ක්‍රමවේදය පැහැදිලි කරනවිට ඔහුගේ දිව පැටලෙනවා. වැට් බද්ද අඩු කරනවාට මුදල් ඇමති මංගල සමරවීර විරුද්ධයි. තමන් බදු අඩු කරන බව සජිත් කියනවා. හැබැයි ඒ සාමාන්‍ය ජනතාවට නෙවෙයි. ව්‍යාපාරිකයන්ටයි ඔහු ඒ බව කියන්නේ. මේ ආණ්ඩුව හැමදාම හිතුවේ ඉහළ පන්තිය ගැනයි. එක්සත් ජාතික පක්‍ෂය වෙළඳපොළ ප්‍රතිපත්තිය ගැන විශ්වාසය තබන විට අපි සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිපත්තිය ගැන විශ්වාසය තබනවා යැයි ද ඔහු කීය.ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති, මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා:ගෝඨාභය රාජපක්ෂ මහතාට දේශපාලනිකව මුහුණ දී ඔහුව පරාජය කරනවා වෙනුවට ඔහුට විරුද්ධව අභූත චෝදනා නගමින් මඩ ප්‍රහාර එල්ල කිරීමට විරුද්ධ පක්‍ෂය කටයුතු කරනවා. ඔහුගේ පුරවැසි බව ප්‍රශ්න කරමින් පැවරූ නඩුව මෙරට අධිකරණය විසින් ප්‍රතික්‍ෂේප කළා. ඒ අතර දී ලසන්ත වික්‍රමතුංග මහතාගේ දියණිය වන අහිම්සා වික්‍රමතුංග මහත්මිය විසින් ඇමරිකානු අධිකරණයේ පවරා තිබූ නඩුවත් මේ වනවිට එරට අධිකරණය විසින් ප්‍රතික්‍ෂේප කර තිබෙනවා. එම නඩුව පැවරීමට කිසිදු සාක්‍ෂියක් නැති ඔවුන් එය නිෂ්ප්‍රභ කර තිබෙනවා.එක්සත් ජාතික පක්‍ෂයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්‍ෂ මහතා:විජාතික බලවේගවලට හිස ඔසවන්නට ඉඩ දී රට කෑලිවලට කඩන්න ඉඩදී අපි සියලුම දෙනාගේ ජීවිත අනාරක්‍ෂිත කරගන්නව ද කියලා මේ වෙලාවෙදි අපිම තීරණය කරන්න ඕන. සුපිරි ප්‍රජාතන්ත්‍රවාදයක් ලබාදෙන බව කියමින් බලයට පැමිණි එක්සත් ජාතික පක්‍ෂය අමුතුම කැබිනට් මණ්ඩලයක් හැදුවා. ඇමති මණ්ඩලය තුළත් ආණ්ඩුව හා විපක්‍ෂය ලෙස කටයුතු කරන්න අපිට සිදුවුණා. මිස්ටර් ක්ලීන් කියපු රනිල් වික්‍රමසිංහ දෙවැනි කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කළේ අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකුවේ අධිපති කරන්නයි. මේ දෙන්න එකතුවෙලා රට විනාශ කරන්න සූදානම් වන බව අපිට තේරුණා.මේ ආණ්ඩුව මුලින්ම කොල්ලකෑවේ රටේ ජනාධිපතිවරයාගේ විධායක බලයයි. ඊට පස්සෙ තමන්ගේ ගජ මිතුරු හවුලේ අර්ජුන් මහේන්ද්‍රන් මහබැංකු අධිපති කරලා මහ බැංකු හොරකම කළා. ජනාධිපතිවරයා මේ ගැන හොයන්න කොමිසමක් පත්කළ නිසා ඒ මහා කොල්ලය ගැන තොරතුරු දැනගන්න ඔබට පුළුවන්කම ලැබුණා. මේ මහා කොල්ලය පිටුපස හිටපු පුද්ගලයා මලික් සමරවික්‍රමයි. ඒ බව දැන් ඔප්පුවෙලා තියෙනවා. අද තියෙන්නේ විජාතික එක්සත් ජාතික පක්‍ෂයක්. යුද්ධයට නායකත්වය දුන් සේනාධිනායකයාගේ සිට රණවිරුවා දක්වා සියල්ලන්ම මානව හිමිකම් කොමිසමට ගෙන යෑමට ඉදිරිපත් වූ යෝජනාවට මංගල සමරවීර අනුග්‍රහය දැක්වූවා.එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්රී අතුරලියේ රතන හිමියෝ:අද රටට ශක්තිමත් නායකයෙක් අවශ්‍යවී තිබෙනවා. ඒ නායකත්වය රටට දිය හැක්කේ ගෝඨාභය රාජපක්‍ෂ මහතාටයි. මේ රට සිංගප්පූරුවක් කරන්න සමහර නායකයෝ හීන දකිනවා. මේ රට ලංකාව වගේ සංවර්ධනය කරනවා මිස ලෝකයේ වෙනත් රටක් වගේ සංවර්ධනය කරන්න ඕන නැහැ. ලෝකයේ අනෙක් රටවල් සමග තරග කළ හැකි ආර්ථිකයක් මේ රටේ නිර්මාණය කළ යුතු බව ගෝඨාභය රාජපක්‍ෂ කියනවා. රසායනික පොහොර භාවිතය ඉවතදාලා මේ රට වස විසෙන් තොර රටක් බවට පත්කරන්න ඔහු අදහස් කරනවා.අපි වසරකට ඇමරිකානු ඩොලර් බිලියන 5 වැඩි මුදලක් වියදම් කරලා පිටරටින් ආහාර ගෙන්වනවා. අක්කර 8000ක් අර්තාපල් වගා කළොත් මුළු රටටම අර්තාපල් කන්න දෙන්න පුළුවන්. රණවිරුවන් ගොවීන් සමග එකතුවෙලා කිරෙන් සහලින් මේ රට ස්වයංපෝෂිත කරන්න පුළුවන්. ඒ සැළසුම් ක්‍රියාත්මක කළ හැකි එකම නායකයා ගෝඨාභය රාජපක්‍ෂ පමණයි.කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත මහතා:දැක්මක් ඇතිව වැඩපිළිවෙලක් ඇතිව වැඩකරන නායකයෙක් නිසා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ අපි ගෝඨාභය රාජපක්ෂ මහතා සමග සිටගත්තා. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ඇතුළුව සියලුම බලවේග අද මහින්ද රාජපක්‍ෂ වටා ගොනුවී සිටිනවා. ඒ නිසා ගෝඨාභය රාජපක්ෂ මහතා මේ මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කරන්නේම ඡන්ද ලක්‍ෂ 68න්. සජිත් ජනාධිපතිවරණ ව්‍යාපාරය ආරම්භ කරන්නේ ඡන්ද ලක්‍ෂ 36න්. ඒ ගොඩට දෙමළ ජාතික සන්ධානයේ ඡන්ද ලක්‍ෂ තුනහමාරක් එකතු වේවි. ඒ වනවිටත් ගෝඨාභය සියයට 50 ඉක්මවා ගිහිල්ලා අවසානයි.ආචාර්ය බන්දුල ගුණවර්ධන, තිලංග සුමතිපාල, ගාමිණී ලොකුගේ යන පාර්ලිමේන්තු මන්ත්රීවරු ද ජගත් කුමාර, හෙක්ටර් බෙත්මගේ යන හිටපු පළාත් සභා මන්ත්‍රීවරු ද කඩුවෙල නගරාධිපති බුද්ධික ජයවිලාල් මහතා ඇතුළු විශාල පිරිසක් රැලියට සහභාගි වූහ.
|
“ජාතික ආරක්ෂාව - ආර්ථිකය ශක්තිමත් කිරීමේ අභියෝගය බාරගන්නවා“
| 0 |
(සුජිත් හේවාජුලිගේ, කොලොන්නේ පී.ආර්. ගමගේ, දාපනේ ජයන්ත නානායක්කාර ඇඹිලිපිටියේ සිට...)රට පුරා නැවත බෝම්බ පිපිරීමට පටන් ගත්තේ මේ ආණ්ඩුව ජාතික ආරක්‍ෂාව සහමුලින්ම අමතක කර දැමූ නිසා යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ඇඹිලිපිටියේ දී පැවැසීය.බුද්ධිමත් ජනතාවක් සිටින මේ සුන්දර දිවයින ආසියාවේ දැවැන්තයකු කිරීම අභියෝගයක් නොවන බව කී රාජපක්ෂ මහතා මේ රට දියුණු කළ හැකි ක්ෂේත්‍ර ගණනාවක් විද්වතුන් සමග එකතු වී හඳුනාගෙන ඇති බව ද ප්‍රකාශ කළේය.විරැකියාව දුරු කිරීමටත් නව වැඩපිළිවෙළක් හඳුන්වා දෙන බව ද ඔහු කීය.රාජපක්‍ෂ මහතා මෙසේ පැවැසුවේ ඇඹිලිපිටිය නව නගරය පොළ භූමියේ දී පෙරේදා (21) පස්වරුවේ පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන මැතිවරණ ජනහමුව අමතමිනි.ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ කොලොන්න ආසන සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍ර සනී රෝහණ කොඩිතුවක්කු මහතා ජන රැලිය සංවිධානය කළේය.ගෝඨාභය රාජපක්ෂ මහතා මෙයට අමතරව රක්වාන, ගොඩකවෙල, මාදම්පේ හන්දිය ඇතුළු ප්‍රදේශ කිහිපයක පැවැති මැතිවරණ ජන රැලිවලට ද සහභාගි විය.ගෝඨාභය රාජපක්ෂ මහතා එහිදී මෙසේ ද පැවැසීය.අප එදා මේ රටේ ත්‍රස්තවාදය අවසන් කළා. යුද්ධය අවසන් වූවාට පසුවත් අප හොඳ ආරක්‍ෂක වැඩපිළිවෙළක් රටේ ක්‍රියාත්මක කළා. පාස්කු ඉරුදින නැවතත් බෝම්බ පුපුරන්න පටන් ගත්තා. මේ ආණ්ඩුව ජාතික ආරක්‍ෂාවට තැනක් දුන්නේම නැහැ. බුද්ධි අංශ නිලධාරින්, රණවිරුවන් හිරේට දැම්මා. රටේ බෝම්බ පුපුරන්න ගත්තේ මේ නිසයි. අප ත්‍රස්තවාදය නැති කළේ අවුරුදු දෙකහමාරකින්. සුරක්‍ෂිත රට ගොඩනැගිය හැක්කේ අපට පමණයි.අප අධිවේගී මාර්ග, වරායන් සහ ගුවන්තොටුපළවල් ඇති කළා. කොළඹ ආසියාවේ ශීඝ්‍රයෙන් දියුණු වන නගරය බවට පත් කළා. අද රටේ ව්‍යාපාර සියල්ල කඩා වැටිලා. මේ නිසා රැකියා ලක්ෂ හතරක් පමණ නැති වුණා. මේ අයට නිසි සැලසුම්ක නැහැ. නිසි දැක්මක් නැහැ. ඒ වගේම ශක්තිමත් කණ්ඩායමක් නැහැ. අප බලයට පත් වී බුද්ධිමතුන් සමග එකතු වී මේ රටේ ප්‍රශ්න හඳුනා ගන්නවා. අපට මේ රට දියුණු කරන්න පුළුවන්. දියුණු කළ හැකි ක්ෂේත්‍ර හඳුනාගෙන තියෙනවා. මේ රටේ ඉන්නේ බුද්ධිමත් ජනතාවක්. එවැනි රටක් දියුණු කිරීම අපහසු නැහැ.අප අධ්‍යාපනයට වැඩිම ආයෝජනය කරනවා. විශ්වවිද්‍යාලවල ධාරිතාව වැඩි කරනවා. තොරතුරු තාක්‍ෂණ අංශයෙන් අපට ලොකු දියුණුවක් අත්කර ගන්න පුළුවන්. රැකියා විශාල සංඛ්‍යාවක් බිහි කරන්න පුළුවන්.අපට මේ රටේ කෘෂිකර්මාන්තය අමතක කරන්න බැහැ. රටින් සහල් එනකම් අපිට බලාගෙන ඉන්න බැහැ. රට සහලින් ස්වයං පෝෂිත කරනවා. අප ගොවි ණය කපා හරිනවා. ගොවීන්ට පොහොර ටික නොමිලයේ දෙනවා. අප කිසිම භෝගයක් පිටරටින් ගේන්න දෙන්නේ නැහැ. ගොවියා ව්‍යවසායකයකු කළ යුතුයි. ගොවියාගේ ආදායම් වැඩි කිරීමට කටයුතු කරනවා.දේශිය ව්‍යාපාර නැංවීමට සරල බදු ක්‍රමයක් හඳුන්වා දෙනවා. වැට් බද්දත් අඩු කරනවා. විරැකියාව දුරු කරන්නත් අපට වැඩපිළිවෙළක් තියෙනවා. මම ඔබලා පවරන වගකීම උපරිම ශක්තියෙන් ඉටු කරනවා. සුරක්‍ෂිත, සෞභාග්‍යමත් රටක් ඔබලාට ලබා දෙනවා කියලා මම පොරොන්දු වෙනවා.විපක්‍ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා:ඇඹිලිපිටිය මට අමුතු තැනක් නොවෙයි. මෙතැන එදා තිබුණේ මඩ වළක්. මම ගෝඨාභයට කිව්වම එතුමා මේ ලස්සන ගොඩනැගිල්ල හදලා දුන්නා. මේ පැත්තෙ තරුණයන් කී දෙනකු එදා මරල දැම්ම ද? සූරියකන්ද ඔබට මතක ඇති. ඔබලාට මැරිච්ච ගාණ මතක ද? කවුද මැරුවේ. ප්‍රේමදාස ආණ්ඩුව. ආපහු ප්‍රේමදාස ආණ්ඩුවක් ඕන ද? තරුණයන්ට ජීවත් විය හැකි යුගයක් උදා කළ යුතුයි. අපේ කාලයේ රටේ බෝම්බ පිපිරුවේ නැහැ. පල්ලිවලට බෝම්බ ගහලා හාරසිය ගණනක් මැරුණා. මේ ආණ්ඩුව බෝම්බ පුපුරනකම් බලාගෙන හිටියා. අද මිනිසුන්ට පල්ලි යන්න, පන්සල් යන්න, කෝවිල් යන්න බයයි. මුස්ලිම් ඡන්ද නැතිවෙයි කියලා කිසිම අපරාධකරුවෙක් ඇල්ලුවේ නැහැ. අද ජාතියක් බයවෙලා රටක් බයවෙලා.සජිත්ගේ ඩයිනමෝව හොඳයිලු. දැන් කළ යුත්තේ දේශපාලන විහිළු නොවෙයි. ගෝඨාභය වැඩ කරන්න පුළුවන් නායකයෙක්. මම ගෝඨාභය පත් කළේ සියලු දෙනාගෙන් අහලයි. අපි කරපු සෑම වැඩක්ම අද ආපස්සට හැරිලා. හයිවේ එක නැවතුණා. හම්බන්තොටට ගුවන් තොටුපළ, වරාය ආවම දියුණු වුණේ මේ ප්‍රදේශයි. මෙය සශ්‍රික ආසනයක්. අද කුරුඳු කීය ද? පැඟිරි කීය ද? අද බී ලූනු කොහොම ද? ලූනු කනව ද?එක්සත් ජාතික පක්‍ෂයේ පතාක යෝධයෝ අද අපේ පැත්තට එනවා. සියයට 70කට වැඩි ප්‍රතිශතයකින් ගෝඨාභය දිනවන්න කියලා මම ඉල්ලනවා. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයත් අපට එකතු වුණා. ඒනිසා සියයට 70ට පහසුවෙන් යන්න පුළුවන්. මේක වැඩ බැරි ආණ්ඩුවක්. වැඩ බැරි පුද්ගලයකුට මේ රට දීලා වැඩක් නැහැ.මහජන එක්සත් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්රී දිනේෂ් ගුණවර්ධන මහතා:-ගුරුකන්ද නායක හිමියන් විහාර භූමියේ ආදාහනය කරන්න බැරි තත්ත්වයක් ඇති වුණා. මෙහෙම වෙද්දී සජිත් මොකද කළේ කියලා මම අහනවා. අද වෙළඳාම කඩා වැටිලා. කර්මාන්ත කඩා වැටිලා. කඩා වැටුණු රට ගොඩගැනීමට ගෝඨාභය රාජපක්ෂට හැකියාව තියෙනවා. ඔබගේ ඡන්දය ගෝඨාභය රාජපක්‍ෂට දෙන්න සංවර්ධනය ඉහළ ගියේ මහින්ද යුගයේදීයි.ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්රී වාසුදේව නානායක්කාර මහතා:-සජිත් ප්‍රේමදාස අද දූෂිතයන් ගැන කතා කරනවා. ඔහු අද ඉන්නේ දූෂිතයන් පිරිවරාගෙනයි. ඒ සියලු දෙනාගේ දූෂිත ගනුදෙනු ඔහු දන්නවා. දුප්පතාගෙන් බදු ගැනීම සියයට 85 දක්වා වැඩි කළා. පොහොසතුන්ගේ බදු සියයට 15 දක්වා අඩු කළා. ඔය සජිත් මේවාට විරුද්ධව කටක් ඇරිය ද?ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්රී විමල් වීරවංශ මහතා:-ගෝඨාභය කියන්නේ අන්තවාදය පොඩි පට්ටම් කළ හැකි නායකයෙක් රටට සුරක්‍ෂිතභාවය දෙන නායකයෙක්. රට පාවා නොදෙන නායකයෙක්. එවැනි නායකයකු ප්‍රසූත කරන්න මවුබිම විළිරුදාවෙන් පෙළෙන මොහොතක්. වින්නඹුකම් කිරීම ඔබට බාරයි. සහරාන්ලාට යට නොවන නායකයකු අපට අවශ්‍යයි. මව් පොළව එක නීතියක් යටතට ගේන නායකයකු අද අපට අවශ්‍යයි. අපේ උරුමයට පණ දෙන නායකයකු මේ මව් පොළව අද ඉල්ලනවා. අද තියෙන්නේ කඳවුරු දෙකයි. රට රැක ගත්තු කඳවුර අපේ කඳවුරයි. අනෙක් කඳවුර සහරාන්ලාට පණ දීපු එකයි ත්‍රස්තවාදීන්ට පණ දීපු කඳවුරයි. ටයර් සෑයවල් ගෙනාපු කඳවුරයි. අපේ ලී ක්වාන් යු ගෝඨාභය රාජපක්‍ෂයි. අපේ මහතිර් මොහොමඞ් මහින්ද රාජපක්‍ෂයි.රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න මහතා:-ලබන 17 වැනිදා ගෝඨාභය රාජපක්‍ෂ නියත වශයෙන්ම ජනාධිපති වෙනවා. සෑම මැතිවරණයකින්ම රත්නපුර ජයග්‍රහණය කරනවා. අද මේ රටේ ආර්ථිකය පිරිහිලා. හැම අංශයකින්ම පිරිහිලා. අද ගම්මිරිස් ගොවියා හාන්සියි. ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපති වී ගොවියාට සියලුම සහන දෙනවා.හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා:-යහපාලන ආණ්ඩුව ඇවිත් මේ රටේ ආර්ථිකය විනාශ කර දැමුවා. අප මේ රටේ කරපු සංවර්ධනයත් විනාශ කර දැම්මා. අද ගම්මිරිස් මිල කීය ද? අප රත්නපුරයට අධිවේගී මාර්ග ගේන්න ලැහැස්ති කරලා තිබුණේ. වැඩිහිටි ගිණුමෙනුත් රුපියල් සියයක් කපපු ආණ්ඩුවක්. පල්ලිවලට බෝම්බ ගහද්දී මේ ආණ්ඩුව බලාගෙන හිටියා. රණවිරුවන්, බුද්ධි අංශ නිලධාරීන් බුරුතු පිටින් හිරේට දැම්මා.රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී පවිත්‍රා දේවි වන්නිආරච්චි මහත්මිය.ඇල්පිටිය ඡන්දයෙන් එක්සත් ජාතික පක්‍ෂය සියයට විසි හතරට බැස්සා. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය එකතු වුණාම අපේ ප්‍රතිශතය සියයට හැත්තෑවයි. ඇල්පිටිය වගේම තමයි ඇඹිලිපිටිය මහින්ද මහත්තයා දීපු පොහොර සහනාධාරය මේ අය ඇවිල්ලා කපා දැම්මා. වගකීමක් ගන්න බැරි ආණ්ඩුවකට රට බාර දෙනවා ද? පිටරටින් ගම්මිරිස් ගෙනවිත් අපේ ගම්මිරිස් වගාව විනාශ කර දැම්මා. තරුණයන් දහස් ගණනක් ටයර් සෑයේ යැව්වේ ඔය පුතාගේ අප්පොච්චියි.රත්නපුර දිස්ත්‍රික් එජනිස පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා:-තව දින විසි පහකින් මේ යහපාලන රජය පෙරළා දමනවා. රත්නපුර ගෝඨාභයට තියෙන්නේ ස්ථාවර ගිණුමක්. නොවැම්බර් 17 වැනිදා යන්න ලැහැස්ති වෙයල්ලා කියලා අප සජිත් ප්‍රේමදාසට, රනිල් වික්‍රමසිංහට කියනවා. කරපු වැරදිවලට දඬුවම් විඳින්නත් සූදානම් වෙයල්ලා.රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දුනේෂ් ගන්කන්ද මහතා:-ගෝඨාභය රාජපක්ෂ මහතා මේ රටට කරපු සේවය අප කවුරුත් දන්නවා. මහින්ද යුගයේ සිදුවුණු සංවර්ධනයත්, අප කවුරුත් දන්නවා. කොළඹ වරාය නගරය, මත්තල ගුවන්තොටුපළ, හම්බන්තොට වරාය, අධිවේගී මාර්ග ඔහු කරපු සංවර්ධන වැඩවලින් කිහිපයක්. මහ බැංකු හොරකම කළේ රනිල් වික්‍රමසිංහ පාලනයයි.කොලොන්න ආසන සංවිධායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සනී රෝහණ කොඩිතුවක්කු මහතා.ඔබලාගේ දහදියට නියම වටිනාකම දුන්නේ මහින්ද රාජපක්‍ෂයි. අප කොලොන්න ආසනය එදා දිනවූයේ වැඩි ඡන්ද තිස්හය දහසකින් අප මෙවර ගෝඨාභය දිනවන්නේ ඊට වැඩි ලොකු ශක්තියකින්.
|
“ජාතික ආරක්ෂාව - ආර්ථිකය ශක්තිමත් කිරීමේ අභියෝගය බාරගන්නවා“
| 0 |
(ත්‍රිකුණාමලය - අමදෝරු අමරජීව කන්තලේ සිට)ගෝඨාභය රාජපක්ෂ මහත්තයා කියනවා රට හදන්න එයාට ඡන්දය දෙන්න කියලා. එහෙම නම් එයා ආරක්ෂක ලේකම් වෙලා ඉන්න වෙලාවේ එයාගේ අයියාට තිබුණාගේ රට හදන්න. අනෙක් පැත්තෙන් කියනවා රට හදන්න සජිත්ට දෙන්නලු. 2015 ඉඳලා එයාලනේ ආණ්ඩු කළේ. එතකොට රනිල් අගමැති සජිත් ඇමැති ඉතින් ඒ අයට තිබුණනේ රට හදන්න. මේ ප්‍රධාන පක්ෂ දෙක වසර 71ක් කළේ එක එක සන්ධානවලින් ඇවිත් රට පාලනය කරපු එක යැයි ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පැවැසීය.කන්තලේ දුම්රිය පොළ අසල ඉකුත් 25 වැනිදා පැවැති ජනපතිවරණ ප්‍රචාරක රැලියක් අමතා අනුර කුමාර දිසානායක මහතා එසේ කීය.මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ අනුර දිසානායක මහතා මෙසේ ද පැවසීය.ලබන නොවැම්බර් 16දාට නව තීන්දුවක් ගන්න ඔබට ආරාධනය කරන්නයි අපි ආවේ. මේ රට හදන තීන්දුව තුළින් නීතියේ සාධාරණත්වය ඉටුවන රටක් අපි හදනවා. දැන් අපේ රටේ නීතියේ සාධාරණත්වය නැහැ. දුප්පත්තුන්ට දුබලයන්ට එක නීතියක්. බල පුළුවන්කාරයන්ට නව නීතියක්.සමහර අපරාධ තියනවා අදටත් සොයා ගන්න බැරි ඒවා. ලසන්ත, තාජුදීන් ඝාතන, ලලිත් - කූගන් පැහැර ගැනීම, එක්නැලිගොඩ අතුරුදන් කිරීම, පෝද්දල ජයන්තගේ කකුල් කඩා දැමීම, මේවා සොයා ගන්න බැරි අපරාධ. මේ අපරාධ සොයා ගැනීමට බැරිවෙලා තියෙන්නේ දේශපාලන මැදිහත්වීම් මත සිදුවූ අපරාධ නිසා. ඒ නිසයි අපි කියන්නේ නීතිගරුක සමාජයක් හදන්න නම් සැමට නීතියේ සාධාරණත්වය ඉටු වෙන්න ඕන කියලා.පසුගිය කාලේ පොලිසියේ 125කට ඒ.එස්.පී. උසස්වීම් දුන්නා. තනතුරු දුන්නාට ඒ තනතුරට අදාළව දෙන්න වාහන නැහැ. නමුත් මෛත්‍රීට ගන්න නිල රථයේ කෝටි 10ක බදු මුදලක් නිදහස් කළා. මහින්දට ගන්න වාහනයේ කෝටි 10ක බදු මුදල් නිදහස් කළා. කෝටි 10 බද්ද එතකොට වාහනයේ මිල ඊට වැඩියි. පොලිසියට නිසි උසස්වීම් නැහැ. 1994 බැඳුණු පී.සී. විශ්‍රාම අරන් ගෙදර යනකොටත් පී.සී. ගෙදර නෝනා උම්මා එකක්වත් දෙන්නේ නැහැ. ඇයි හැමදාම පී.සී. නේ. ඒ නිසා අපේ ආණ්ඩුවක් යටතේ පොලිස් නිලධාරීන් වෙනුවෙන් නව සේවා ව්‍යවස්ථාවක් හදනවා.චන්ද්‍රිකාට නිදහස් චතුරස්‍රයෙන් විශාල ගෙයක් දුන්නා. මහින්දට විජේරාමෙන් ගෙයක් දුන්නා. ඒකේ අලුත්වැඩියාවන් විතරක් ලක්ෂ 200යි. මෛත්‍රී මහත්තයා නොවැම්බර් 17දා ගෙදර යනකොට කැබිනට් එකට දාලා කෝටි 800ක ගෙයක් ගත්තා. හේමාටත් ගෙයක් දීලා තියනවා. ඒ විතරක් නොවෙයි මේ අයට ආහාරපාන, වාහන, ආරක්ෂාව කාර්ය මණ්ඩල මේ සියල්ලම නඩත්තු කරන්නේ ආණ්ඩුවෙන්. අපි ආපු ගමන් චන්ද්‍රිකාට යන්න පුළුවන් එයා හිටිය රොස්මිඞ් පෙදෙසේ ගෙට, මහින්ද යවනවා මිරිහානේ එයාගේ ගෙදරට. අපි අපේ ආණ්ඩුවක් යටතේ හිටපු ජනාධිපතිවරු නඩත්තු කරන එක නවත්වනවා. සජිත්ට කියන්න පුළුවන්ද අම්මාව එයාගේ ගෙදරට යවනවා කියලා. එයාට එහෙම කියන්න බැහැ.අවුරුදු පහකට බලයට පත්වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට විශ්‍රාම වැටුපක් හිමිවෙනවා. මන්ත්‍රීවරයා මාස තුනකට පාරක් පාර්ලිමේන්තු ගියාම ඇති. නැතිනම් පාර්ලිමේන්තුවේ මේ දොරෙන් ඇතුල් වෙලා ඊළඟ දොරෙන් පිට වුණත් ඇති. ඒවාගේ අවුරුද්දට හතර වතාවක් පාර්ලිමේන්තු යන්න ඕනේ. මේ ක්‍රමය නැති කරමින් අපි මන්ත්‍රී විශ්‍රාම වැටුප ජනාධිපති විශ්‍රාම වැටුප අහෝසි කරනවා. ජනාධිපතිවරයා ඔහුට ඉන්න එක එක තැන්වල මාලිගා හදල තියෙනවා. යාපනයේ එකයි. උඩවලවේ එකයි. නුවර එකයි. නුවරඑළියේ එකයි. එක රැයක් බුදියගෙන නැතිව ඇති මේ මාලිගාවල. යාපනය මාලිගාවේ විතරක් පොලිසියේ 200ක් ඉන්නවා ආරක්ෂාවට. අපි මේ මාලිගවල් සංචාරක හෝටල් බවට පත් කරනවා.දැන් පාර්ලිමේන්තුව මහලු මඩම වගේ අවුරුදු 70ට වැඩි කී දෙනෙක් පාර්ලිමේන්තුවේ ඉන්නව ද? සමහර අයට පාර්ලිමේන්තුවේ පඩි පෙළ නගින්න දෙන්නෙක් දෙපැත්තෙන් අල්ලන් එන්න ඕන. අවුරුදු 84 එක්කෙනෙක් ඉන්නවා. 79 එක්කෙනෙක් ඉන්නවා. ජයවික්‍රම පෙරේරා ඇමැතිතුමාගෙන් පාර්ලිමේන්තුවේ දී අහන ප්‍රශ්නයට නෙවෙයි උත්තර දෙන්නේ. ඒ වෙලාවට කරු ජයසූරිය කථානායක කියනවා ඔන්න ඔහේ පාඩුවේ ඉන්න දෙන්න කියලා. අපි සීයා කෙනෙකුගෙන් කෑවේ නැද්ද කියලා ඇහැව්වාම තවම බෙහෙත් බිව්වේ නෑ පුතේ කියලා කියනවා වගේ අවුරුදු 70ට වැඩි අය පාර්ලිමේන්තුවට ඉල්ලන්ට දෙන්නේ නැති ක්‍රමයක් හදනවා.ඊයේ පෙරේදා අතුරු සම්මත ගිණුමක් දෙගොල්ලොම එකතු වෙලා සම්මත කර ගත්තා. අපි විතරයි මේකට විරුද්ධ වුණේ. ඒකේ තියන ජනාධිපතිවරණ වැය ශීර්ෂයේ දිනක වියදම කෝටි දෙකයි. මේ දෙගොල්ලෝ මේක සම්මත කර ගන්නේ ඇයි? සජිත් ආවොත් හරි ගෝඨා ආවොත් හරි මේ මුදල වියදම් කරන්නේ ඒ අයට. ඒ නිසා අපි අපේ පාලනයක් තුළ ජනාධිපති වැය ශීර්ෂය සියයට 90කින් කප්පාදු කරනවා.නොවැම්බර් 16දා ඡන්දෙන් නොවැම්බර් 17දා දිනලා දිවුරුම් දුන් ගමන් අපේ පාලනයක් තුළ හොරා කාපු දේපළ, මුදල් මාස දෙකේ එනම් ජනවාරි 17 කාලය තුළ ආණ්ඩුවට දෙන්න ඕන. එහෙම නැති වුණොත් අපි ආණ්ඩුවට ගන්නවා බැසිල්ගේ මල්වානේ නිවස, ගෝඨාභයගේ මිග්යානා අතයට සල්ලි, රනිල් හා රවි මහා බැංකුවෙන් හොරා කාපු සල්ලි, මහින්දානන්දගේ දේපොල මේ සියල්ලම රජයට ගන්නවා යැයි ද කීය.මෙහිදී අදහස් දැක්වූ කෝප් කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්රී සුනිල් හඳුන්නෙත්ති මහතා මෙසේ පැවසීය.ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ ඡන්දෙ කාලෙට විතරක් ජනතාව ඉදිරියේ පෙනී සිටින පක්ෂයක් නොවෙයි. ඡන්ද කාලෙට බඩු බෙදන අරක්කු බෙදන පක්ෂයක් නොවෙයි. ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ ජනතාවගේ සැමදා හිතේ තියන පක්ෂයක්. ගොවියාට බීජ ටික වතුර ටික අරන් දෙන්න සටන් කරන පක්ෂයක්. ගොවියාගේ ඉඩම් ටික බේරා ගන්න පක්ෂයක්. ඡන්දෙන් පස්සේ ඔබ කියන අනෙක් පක්ෂ අපිව රැවැට්ටුවා අපරාදේ ජේ.වී.පී. පාලනයක් ආවා නම් හොඳයි කියලා.ඒ නිසා තමයි මේ රට හදන්න අනුර සහෝදරයා ඉදිරිපත් කරලා තියෙන්නේ. මග වරදින කොට පාර කියන්නේ මාලිමාවයි. ඒ නිසයි ජාතික ජන බලවේගය මාලිමාවෙන් ඉදිරිපත් වෙන්නේ. නැගෙනහිර පළාතේ දැවැන්ත සංවර්ධනයට පංගුකාරයෙක් වෙන්න, කොටස්කාරයෙක් වෙන්න ත්‍රිකුණාමලයේ ඕනෑ තරම් සම්පත් තියනවා. තෙල් ටැංකි ටික, ස්වභාවික වරාය, සංචාරක කර්මාන්තය ඒ අතින් විශේෂයි. ආසියාවටම සීනි දෙන්න පුළුවන් කන්තලේ සීනි කම්හල පරණ යකඩවලට කපලා විකුණන්න සූදානම් වෙනකොට අපි කෑගහලා ඒක නැවැත්තුවා. ත්‍රිකුණාමලයේ තියන තෙල් ටැංකිවල ලංකාවට තෙල් මාස හයකට දෙන්න ගබඩා කරන්න පුළුවන්. ලෝකයේ තෙල් මිල අඩුවෙනකොට ගබඩා කරන තෙල් ලංකාවේ ස්ථාවර මිලකට දෙන්න පුළුවන්. ඔය මිල සූත්‍ර වැඩක් නැහැ. තෙල් මිල ඉහළ යෑම මේ නිසා පාලනයක් වෙනවා.පසුගිය වසරේ ඛනිජ තෙල් සංස්ථාවේ පාඩුව රුපියල් කෝටි 10,502යි. මේ තෙල් ගබඩා කරලා තිබුණා නම් පාඩුව මගහරවා ගන්න තිබුණා.රට හදන සැලැස්ම තියෙන්නේ අපි ළඟ. සිංහල, දෙමළ, මුස්ලිම් ජාතික සමගිය සඳහා සැලැස්ම තියෙන්නේ අපි ළඟ යැයි ද ඔහු කීය.ප්‍රවීණ රංගන ශිල්පිනී දීපානි සිල්වා, සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ප්‍රධාන ලේකම් පී.බී. සරත්, යහපාලනය සඳහා වූ ජාතික පෙරමුණේ ලේකම් වෛද්‍ය සහීර්, ජාතික ජන බලවේගයේ ආර්ථික ප්‍රතිපත්ති සම්පාදන කමිටු සාමාජික ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු යන මහත්ම මහත්මීහු මෙහිදී අදහස් දැක්වූහ.අනතුරුව පැවැති මුතූර් රැලියේ දී මුස්ලිම් ප්‍රජාව අනුර කුමාර දිසානායක මහතා උණුසුම් ලෙස පිළිගැනීම විශේෂත්වයකි. ජනතා විමුක්ති පෙරමුණේ ත්‍රිකුණාමල දිස්ත්‍රික් සංවිධායක නීතිඥ අරුන් හේමචන්ද්‍ර මහතා ඇතුළු ක්‍රියාකාරිකයන් මෙම ජන හමු සංවිධානය කර තිබුණි.
|
“ප්‍රධාන පක්ෂ වසර 71 ක් රටට කළ දෙයක් නෑ“
| 1 |
(එප්පාවල - නන්දන සමන් කුමාර සහ මකුලෑව ලේකම්ගේ අනුර)මහජනතාවගේ දේපළ හොරකම් කළ දේශපාලනඥයන්ට එම දේපළ මාස දෙකක් තුළ නැවත රජයට බාරදීමට ජාතික ජන බලවේගය ආණ්ඩුව පිහිටු වූ පසු අවස්ථාව දෙන බවත් එසේ නොවන්නේ නම් හොරකම් කරන ලද සෑම රුපියලක්ම නැවත රජයටම පවරා ගැනීමට කටයුතු කරන බවත් ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පෙරේදා (8) පැවැසීය.ජනාධිපති ධුරය සඳහා නාමයෝජනා දීමෙන් පසුව තම උපන් ගම වන තඹුත්තේගම දී මංගල ජන රැලිය අමතමින් අනුර කුමාර දිසානායක මහතා එසේ කීය. තඹුත්තේගම බස් නැවතුම්පොළ භූමියේදී මෙම ජන රැලිය පැවැත්විණි.අනුර කුමාර දිසානායක මහතා මෙසේ ද කීවේය.“අපි ආණ්ඩුවක් හදන්නේ කාගෙන්වත් පළිගන්න නොවෙයි. අපි හොරකම නම් නතර කරනවා. මහජනතාවගෙන් හොරකම් කරන ලද, උදුරාගත් සෑම රුපියලක්ම අපි යළිත් පවරා ගන්නවා.අද දේශපාලන වේදිකාවේ විවිධ අය විවිධ දේවල් කියනවා. හැබැයි කොතැන ද කතා කරන්නේ වෙනස් කරන්න. දේශපාලන ප්‍රතිපත්ති, ආර්ථික ප්‍රතිපත්ති ගැන විවිධ අදහස් තියෙනවා. හැබැයි කවුරු ආණ්ඩු ගත්තත් ප්‍රථමයෙන් කරන්න ඕනේ හොරකම නැති කරන එක. ඔය අනෙක් පක්ෂ අපේක්ෂකයෝ ඒ ගැන පොරොන්දුවක් දෙනවා ද දෙන්න පුළුවන් ද. මේ රටේ කොයි පක්ෂයට ද කාට ද හොරකම නතර කරන්න පුළුවන් වෙන්නේ. අපි ඔබට එක සහතිකයක් දෙනවා. එක සැරයක් ඔබ අපට බලය දුන්නොත් මේ රටේ හොරකම අපි නියත වශයෙන්ම නතර කරනවා.අපි එක ශතයක්වත් මුදල් හොරකම් නොකරපු මිනිස්සු. මේ වේදිකාවේ ඉන්නේ මහජනයාට අයිති ශත පහක් හොරකම් නොකරපු, නාස්ති නොකරපු උදවිය. ඔබ ගිහින් බලන්න නල්ලච්චිය මගේ අම්මගේ, මගේ නිවස. ඒ නිවසට අත්තිවාරම දැම්මේ අසූ අටේ අවුරුද්දේ රුපියල් 8500ක් බැංකුවෙන් ණයට අරගෙන. දැන් වසර 31ක් ගතවෙලා තියෙනවා. තවමත් සාලෙ කෑල්ල හදනවා. අපි මහජනයාගෙන් ශත පහක්වත් හොරකම් කරලා නැති අය. ඔබ අපේ ජීවිතවලට එබිලා බලන්න ඔබට එය තේරුම් ගන්න හැකිවෙයි.මේ රට ගොඩ ගන්න නම් පාලකයා නාස්තිකාරයෙක් නොවිය යුතුයි, හොරෙක් නොවිය යුතුයි. පාලනය හොරකමට ඉඩ නොදෙන පාලනයක් වෙන්න ඕනේ. ඔය කොයි පක්ෂයේ ද කොයි අපේක්ෂකයාට ද කියන්න පුළුවන් මම හොරකම් කෙරුවේ නැහැ, ජනතාවගේ මුදල් නාස්ති කෙරුවේ නැහැ, ඒ නිසා මම හොරකම් කරන්නෙත් නැහැ කියලා. ඉස්සරහට ජනාධිපතිවරණ රැස්වීම්වල වේදිකාවල ඉන්න පුද්ගලයන් දිහා හොඳට බලාගෙන ඉන්න. ඔබටම තේරෙයි වැලිකඩ හිරගෙදර ඉන්න ඕනේ කී දෙනෙක් ඒ වේදිකාවල ඉන්නව ද කියලා.අපි දන්නවා පොලිසියේ මහත්තුරුන්ට චෝදනාවක් තියෙනවා පාරේ ඉන්නවිට සල්ලි ගන්නවා කියලා. රජයේ ලිපිකාර මහත්තයට චෝදනාවක් තියෙනවා ෆයිල් එක කලින් ගන්න කීයක් හරි ගන්නවා කියලා. පොලිසියේ මහත්තුරුන්ගේ ජීවිතේට මොකද වෙලා තියෙන්නේ. නිශ්චිත වැටුපක් තියෙනවා. නමුත් අතට ලැබෙන්නේ සොච්චම් මුදලයි. අර ණයටයි මේ ණයටයි කැපිලා ගියහම ජීවත්වෙන්න ඒ මුදල මදි. එයා කල්පනා කරනවා පාරේ යන කෙනාගෙන් කීයක් හරි ගන්න. ඒ ලැබෙන වැටුප ජීවත් වෙන්න මදි නිසා. ඒ වගේ ද දේශපාලනඥයො. ඒ අය ජීවත් වෙන්න ද හොරකම් කරන්නේ, නැහැ. මේ මිනිස්සු මහජනතාවගේ දේපළ හොරකම් කරන්නේ සැපට ඉන්න. ලංකාවේ ගෙවල් ද ඕස්ටේ්‍රලියාවේ ද ඇමෙරිකාවේ ද ගෙවල් ගන්න තමා මේ පොදු ජනතාවගේ දේවල් හොරකම් කරන්නේ.ඊළඟට බලන්න මේ පාලකයන් නඩත්තු කරන්න කොච්චර මුදලක් යනවා ද කියලා. රටේ මිනිස්සු දුක්ඛ දෝමනස්සයට පත්වෙලා. ජීවත් වෙන්න විදියක් නැහැ. කුසට අහරක් නැහැ. ලෙඩක් වුණහම බෙහෙත් ටිකක් ගන්න රෝහලේ බෙහෙත් පෙත්තක් නැහැ. වී ටික විකුණා ගන්න විදියක් නැහැ. ඒ වීවලට මුදලක් නැහැ. හැබැයි රටේ නායකයන්ට කොළඹ මාලිගා තියෙනවා, අනුරාධපුර, නුවර, නුවරඑළිය, අර පැත්තෙන් උඩවලව මාලිගා තියෙනවා. පාසිකුඩාවල තවත් මාලිගාවක් හදන්න යනවා. ජනාධිපතිවරයාට ආත්ම හතක් තියෙනවා ද නැත්නම් භූත ආත්ම හතක් තියෙනවා ද. මොකද නුවර එක භූත ආත්මයක් තියෙන විට අනිත් භූත ආත්මේ අනුරාධපුරේ ඉන්න. එහෙම නැහැ. ජනාධිපතිවරයා ගුවන් යානයෙන් එනවා රැස්වීමක් තියෙනවා නම් පැය දෙක තුනක් රැඳෙනවා ආයෙත් හෙලිකොප්ටරයෙන්ම කොළඹ යනවා. මේ ටික වෙලාවට නගරයක් නගරයක් ගානේ මාලිගා හදන්න ඕනේ ද?ජනාධිපතිවරයකුට ලේකම්වරු කීදෙනෙක් ඉන්නවා ද. පහුගිය කාලයේ මතක ඇති මිනිස්සු කිව්වා පඳුරකට ගහනවිට ජනාධිපති ලේකම් කෙනෙක් විසිවෙනවා කියලා. ඒ තරමට ජනාධිපති ලේකම්වරු හිටියා. මම පාර්ලිමේන්තුවේදී පහුගිය කාලයේ ප්‍රශ්නයක් ඇහුවා ජනාධිපතිවරයකුට කාර්ය මණ්ඩලයේ කීදෙනෙක් ඉන්නව ද කියලා. 1200ක් ඉන්නවා කියලා පිළිතුරු ලැබුණා. මේ අයට කැබ් එකයි, තිස් දාහක ඉන්ධනයි, හැටදාහක වැටුපකුයි ඩ්‍රයිවරුයි ලැබෙනවා. දැන් ඔය සමහරුන්ට කඬේ යන කෑගහන හාමුදුරුවරු කිහිපදෙනකුත් ඔය ගොෙඩ් හිටිය ද? කමක් නැහැ ඒවා පින් තකා කියමු. හැබැයි කවුරු හරි නැහැ කියනවා නම් මම නමත් එක්ක කියන්නම්.මේ ජනාධිපතිවරුන් මහජනතාවගේ දේපළ කෝටි ප්‍රකෝටි ගණනින් නාස්ති කළා. අපි එක් සහතිකයක් ලබා දෙනවා. ජනාධිපතිවරණයෙන් ජාතික ජන බලවේගය ජයග්‍රහණය කළායින් පසුව ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය සියයට අනූවකට වැඩි ප්‍රමාණයකින් කපා දමනවා. මේ මුදල් රෝහල්, පාරවල් දියුණුවට වගේම ගොවියාගේ වී ටික මිලදී ගැනීමටත් යොදවන්න පුළුවන්කම තියෙනවා. මේ රට හදන්න නම් උඩ ඉඳලම සුද්ධ කරන්න වෙනවා. මේ රටේ රාජ්‍ය ආයතනවලට මොකද වෙලා තියෙන්නේ අද. තමන්ගේ දේශපාලන හිතවතුන්ගෙන් මේ ආයතන පිරෙව්වා. අර්ජුන රණතුංග වරාය ඇමැතිවරයා වනවිට ඔහුගේ මල්ලි වරායේ සභාපති වෙනවා. අයියා වරාය ඇමැති නිසා මල්ලිට ඒ පිළිබඳව හසල දැනුමක් ඇවිල්ලා ද ඒ පත්කිරීම් සිදුකරන්න. ඊට පස්සේ වරායෙන් පෙට්ට්‍රෝලියම් ඇමැතිකමට අර්ජුන ඇමැතිවරයා මාරුවෙන විට ආයෙත් මල්ලි පෙට්ට්‍රෝලියම් එකේ සභාපති වෙනවා. සාගල වරායේ ඇමැති වනවිට ඔහුගේ අයියා කාවන් රත්නායකට වරාය පිළිබඳව හසල දැනුමක් ලැබෙනවා. ඒ නිසා ඔහු ඒකේ සභාපති කරනවා. අයියා ජනාධිපති වනවිට මල්ලි ටෙලිකොම් සභාපති වෙනවා. ඇයි මහින්ද මස්සිනා ජනාධිපති වනවිට ඔහුගේ අනෙක් මස්සිනා එයාර් ලංකා සභාපති වෙනවා. රටට මොකද වෙලා තියෙන්නේ. දේශපාලන ඥාතීන්ගෙන් රටේ රාජ්‍ය ආයතන ටික පිරිලා. ඒ විතරක් නොවෙයි දේශපාලන පත්වීම්වලින් රාජ්‍ය ආයතන ටික පුරවලා. ආයතනවලට ඔරොත්තු නොදෙන සේවකයින් ප්‍රමාණයක් දාපු නිසා රාජ්‍ය ආයතන සියල්ලම කඩා වැටිලා. ඒ නිසා මේ රාජ්‍ය ආයතනවල විශාල බරක් පොදු ජනතාවට දරන්න සිදුවෙලා තියෙනවා.එයාර් ලංකා එකේ විතරක් ගිය අවුරුද්දේ මිලියන 40,000ක වැය බරක් රටේ ජනතාවට දරන්න සිදුවෙලා. දුප්පත් ජනතාවට සමෘද්ධිය දෙන්නම පසුගිය කාලයේ වැය වුණේ කෝටි 1500ක් විතරයි. මේවා ජනතාව දරන්න ඕනේ ද. අපි මේ රාජ්‍ය ආයතන යම් ප්‍රතිසංවිධානයක් කරනවා. මම අමාත්‍යාංශයක් දරුවා. වැඩිම ආයතන සංඛ්‍යාවත් තිබුණ. අපි ඒ ආයතනවලට පත් කළේ ඒ සම්බන්ධව විශේෂඥ දැන්මක් තිබූ පුද්ගලයන්. රුපියල් මිලියන පනහක බැංකු අයිරාවකින් තමා මිල්කෝ ආයතනය දිව්වේ. අපි ආයතනය ලබාගෙන මාස දාහතරකින් එළියට එනවිට රුපියල් මිලියන 200ක ස්ථාවර තැන්පතුවක් හදලයි අපි එළියට ආවේ. ලංකාවේ පළවැනි වතාවට මිල්කෝ ආයතනයට කිරි දීපු ගොවියන්ටම ලාභාංශ වශයෙන් බෝනස් ගෙව්වා. අද මොකද වෙලා තියෙන්නේ විකුණපු කිරි ටිකට සල්ලි දෙන්නේ නැහැ. එදා ලීටරයකට රුපියල් දෙකයි ශත හැත්තෑ පහක් වසර අවසානයේ බෝනස් විදියට ගොවියාට ලබාදුන්නා. අද මොකද වෙලා තියෙන්නේ. එහෙනම් කොයි පාලනය ද හොඳ වෙලා තියෙන්නේ. එහෙමයි පාලනය ගොඩනගන්න ඕනේ.දේශපාලනය අයින් කරලා හොඳ කළමනාකරණයක් ලබාදෙනවා නම් ඕනෑම ආයතනයක් ගොඩනගන්න පුළුවන්. අද වී අලෙවි මණ්ඩලයට මොකද වෙලා තියෙන්නේ කෝටි, ප්‍රකෝටි ගණනක් පාඩු ලබන ආයතනයක් බවට පත්වෙලා. මොකක්ද කරන්නේ ගොවි ජනතාවගේ වී ටික ගන්නවා, ගබඩාවල ඒ වී ටික ගබඩා කරනවා. ඊට පස්සේ ගත්ත මිලටත් වඩා මෝල්කාරයන්ට ඒ වී ටික විකුණනවා. එතකොට ආයතනය පාඩු ලබන් නැද්ද. පාඩු ලබන්නේ නැත්තම් තමා පුදුමේ. වී ටික අරගෙන ගබඩාවලින් විකුණන්න බැරි ආණ්ඩුවක් ද මේ. 1994 ඉඳලා වී අලෙවි මණ්ඩලය පාඩු ලබන ආයතනයක් බවට පත්වෙලයි තියෙන්නේ. මහා භාණ්ඩාගාරයෙන් හැමදාම සල්ලි දෙනවා. මේවා අපේ පාසල්, රෝහල් හදනන තියෙන සල්ලි, ලෙඞ්ඩුන්ට බෙහෙත් පෙත්තක් ගන්න තියෙන සල්ලි. මේ පාඩු ලබන සියලු රාජ්‍ය ආයතන ලාභ ලබන ආයතන බවට පත් කිරීමට හැකියාව තියෙන්නේ අපට විතරයි.හැත්තෑවේ ඇවිදින් කියනවා හා දුප්පත් නේද කන්න නැහැ නේද මම හඳෙන් හාල් ගෙනැවිත් දෙන්නම් කියලා. හැත්තෑ හතේ ඇවිදින් කිව්වා කන්න නැහැ නේද? පෝෂ්‍යදායී ආහාරවේලක් නැහැ නේද? මම ආවම ධාන්‍ය රාත්තල් අටක් දෙන්නම් කිව්වා. දුප්පත් භාවය වික්කා. අසූ නවයේ ප්‍රේමදාස මහත්තයා කිව්වා සෙරෙප්පු දාන කකුල්වලට සපත්තු දෙන්නම්, බත් කෑවට පස්සේ ගස්ලබු කෑල්ලක් කන්න ආර්ථිකයක් හදන්නම් කියලා. 94 චන්ද්‍රිකා බණ්ඩාරනායක නෝනා කිව්වා තුනයි පනහට පාන් ගෙඩිය දෙන්නම් කියලා. ඔය අය අදත් ඇවිදින් කියන්නේ ඔය දේම නේද. අපි සමෘද්ධිය වැඩි කරන්නම්, තහඩු ටිකක් දෙන්නම් කියලා. ඉතිහාසයේ හැම දේශපාලකයෙක්ම මේ දුප්පත් භාවය විකුණලා තමා බලය ලබා ගත්තේ. හැබැයි අපි පාලනයක් හදන්නේ දුප්පත් භාවය විකුණන්න නෙවෙයි, දුප්පත් භාවය තුරන් කරන්න.අපට මතකයි අපේ පොඩි කාලයේ වට්ටක්කා වැලේ ලොකුම වට්ටක්කා ගෙඩිය වැල මැරෙනකම් ඉතුරු කරලා තියනවා. ඒ වළ මැරුණට පස්සේ ගෙනැල්ලා කපලා ඇට ටික අරගෙන වහලේ එල්ලා තියනවා බීජවලට ගන්න. අද වට්ටක්කා බීජ ගන්නේ එහෙමද. අපේ බඩඉරිඟු බීජ හදාගත්තේ කොහොමද. ගහා මැරෙනකම් කරල තියාගෙන ඉඳලා උඩ එල්ලා තියලා බීජවලට ගත්තා. දැන් එහෙම කරනවාද. ඉස්සර ලොකු අක්කා කෙනකු දැකපුවාම කියන්නේ ඒ අක්කා නම් වට්ටක්කා ගෙඩිය වගේ කියලා. දැන් තියෙනවාද ලොකු වට්ටක්කා. දැන් තියෙන්නේ මෙනවාද මීමිනි වට්ටක්කා. අපේ බීජ ටික නැති කළා, ඒ නිසා මුළුමනින්ම බීජ ටික කඩෙන් ගන්න සිදුවණා. හිටපු පාලකයෝ අපේ තිබුණු බීජ සම්පතම අහිමි කරලා දාලා. අද බහුජාතික සමාගම්වල පදේට නටන්න වෙලා.මහඉලුප්පල්ලම ගොවිපොළෙන් මිරිස් බීජ නිෂ්පාදනය කළා. අද මොනා ද මේ ගොවිපොළේ දකින්න ලැබෙන්නේ ඉපිල් ඉපිල්. චීන ගොවිපොළ තිබ්බා. ඒක සී.අයි.සී. කාරයට විකුණුවා. හිඟුරක්ගොඩ අක්කර දෙසිය ගාණක වී වගා කළා බීජවලට. ඒකත් විකුණලා දැම්මා. අපේ බීජ පර්යේෂණ ආයතන විනාශ කළා, බීජ ගොවිපොළවල් විනාශ කළා. ඉතින් මේ අයට කෘෂිකර්මාන්තය ගොඩගන්න පුළුවන්ද. අපි බලයට පැමිණි පසු නැවත පාරම්පරික බීජ සම්පත වර්ධනය කරලා ඒවා ගොවි ජනතාවට ලබාදෙන වැඩපිළිවෙළක් සකස් කරනවා, ඒක අපිට කරන්න පුළුවන්. මහවැලි ව්‍යාපාරය හදනවිට කිව්වා කන්න තුනක් වගාකරන්න පුළුවන් කියලා. මහවැලි වතුර ගේනවිට අතරමැදි වැව් පද්ධතියක්ම විනාශ කළා. මේක වැව් බැඳි රාජ්‍යය අපේ රටේ වැව් 32,000ක් තිබුණා. ඒකෙන් වැඩිම ප්‍රමාණයක් තිබුණේ උතුරුමැද පළාතේ. මේ වැව් 32,000න් දැන් ඉතිරි වෙලා තියෙන්නේ 14,000ක් විතරයි.වැව් සම්පත විනාශ කරනවිට කීවා කඳුකරයෙන් ජලය ගෙනැවිත් දෙනවා කියලා. කලා වැවට වතුර දෙනවිටත් කිව්වා කන්න තුනක් වගාකරන්න වතුර ඇති කියලා. මේ යල කන්නයට මොකද වුණේ එච් කලාපයට. වතුර නැහැ. මොකක්ද සිදු වුණේ. අපේ වර්ෂාපතනයේ අඩුවීමක් තිබුණේ නැහැ. අපි මාස් කන්නය වගාකරලා ඉපනැල්ලට කවුපි ගැහුවා දින හතළිස් පහයි. ආපසු යල කන්නයට වී වැපිරුවා. අද එක කන්නයි. මේකයි සිද්ධවෙලා තියෙන්නේ. අපේ වාරිමාර්ග පද්ධතිය සුනු විසුනු කළා පාලකයෝ. අපි ඔක්කොම එකතු වුණොත් වසර 71ක් රට විනාශය කරා ඇදගෙන ගිය පාලනය අවසන් කරන්න පුළුවන්කම තියෙනවා. අපේ මිනිස්සුන්ට සැනසුම, සතුට තියෙන මාවතකට ගෙන එන්න වුවමනායි. අන්න ඒකට දැන් අවස්ථාව උදාවෙලා තියෙනවා. ඒ නිසා නොවැම්බර් 16 වැනිදා අපි ඔක්කොම එකතුවෙලා ජයග්‍රාහී තීන්දුවක් ගනිමු. වසර හැත්තෑ එකක මේ ගමන් මග වෙනුවට සුබදායි දේශපාලන තීන්දුවක් රට වෙනුවෙන් ගැනීමට ජාතික ජන බලවේගය සමග එකතු වී කටයුතු කරමු.” යැයි ද අනුර දිසානායක මහතා කීවේය. ජනතා විමුක්ති පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් නායක හිටපු පළාත් සභා මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතා සහ කලාකරුවන්, විද්වතුන් ඇතුළු පිරිසක් මෙම ජන හමුව ඇමතූහ.මෙම අවස්ථාවට ජාතික විද්වත් සංවිධානයේ සභාපති කැලණිය විශ්වවිද්‍යාලයේ සමාජීය විද්‍යා පීඨයේ පීඨාධිපති මහාචාර්ය චන්දන අබේරත්න, නීතිඥ උපුල් කුමාරප්පෙරුම, එක්සත් වාමාංශික පෙරමුණේ ප්රධාන ලේකම් අධිනීතිඥ ලාල් විජේනායක, රංගන ශිල්පීන් වන දීපානි සිල්වා, චන්ද්‍රසෝම බිංදුහේවා, ජගත් මනුවර්ණ, සමනලි ෆොන්සේකා, සම්මානනීය සාහිත්‍යවේදී ජයතිලක කම්මැල්ලවීර, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ මහාචාර්ය සාහිත්‍යවේදී ලියනගේ අමරකීර්ති යන මහත්ම මහත්මීහුද සහභාගී වූහ.
|
“ප්‍රධාන පක්ෂ වසර 71 ක් රටට කළ දෙයක් නෑ“
| 0 |
(මුදිතා දයානන්ද සමග මහරගම ගාමිණී සරත් ගුණවර්ධන)රට වැටී තිබෙන අගාධයෙන් ගොඩගෙන ජනතාවට යහපත් ජීවිතයක්, සියලු දෙනාට සම අයිතීන් හිමිවන සමාජයක් අත්කර දීමෙන් මෙහා අපේ ගමන නවතින්නේ නෑ. ඒ වෙනුවෙන් ඔබේ යුතුකම දහසය වැනිදාට ඉටු කරන්න යැයි ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ (13) පැවසීය.ඔහු මෙසේ පැවසුවේ මහරගම නගරයේදී පැවැති ජාතික ජන බලවේගයේ අවසන් මහා රැලිය අමතමිනි.එහිදී වැඩිදුරටත් දිසානායක මහතා මෙසේද පැවැසීය.“මේ මැතිවරණයට ප්‍රධාන කඳවුරු තුනයි. ඒත් අපි දකින්නේ ප්‍රධාන කඳවුරු දෙකක් ලෙසයි. අපි එක පැත්තක. අනෙක් ප්‍රධාන අපේක්ෂකයෝ දෙන්නම ඉන්නේ එක කඳවුරක. ජනතාවට තෝරගන්න තිබෙන්නේ රට හදන එකට වැඩපිළිවෙළක් තිබෙන කඳවුර තෝරාගන්නවාද, වසර 71ක් තිස්සේ රට විනාශ කළ කඳවුර තෝරා ගන්නවා ද කියලයි. හොරුන්, දූෂිතයන්, මංකොල්ලකාරයන් ඉන්න කඳවුර තෝරගන්නවාද. හොරුන් සහ දූෂිතයන්ගෙන් තොර රට වෙනුවෙන් කැපවූවන්ගේ කඳවුර තෝරාගන්නවාද කියලයි.ඒත් කාලයකදී මේ රට තිබුණේ එක පවුලක් අතේ. සියලු ආයතන තිබුණේ ඒ පවුල අතේ. ආර්ථික මර්මස්ථාන තිබුණේ ඒ පවුල අතේ. අඩුම තරමින් දේවාල ටිකවත් ඉතුරු කළේ නැහැ. ඒවායේ බස්නායක නිලමේවරුන් කළෙත් ඒ පවුලෙන්මයි. ඒ වෙනුවෙන් පනත් පවා සංශෝධනය කළා. ඒ පාලනයට එරෙහිව ගිය අයට සිදුවුණේ ජීවිතයෙන් වන්දි ගෙවන්න.බොන්න පිරිසිදු වතුර ටිකක් ඉල්ලපු රතුපස්වල ජනතාවට වෙඩි තිබ්බා. දෙන්නෙක් ඝාතනයට ලක්වුණා. තමන්ගේ අර්ථසාධක අරමුදල කොල්ලකන්න ගෙනාපු වැඩපිළිවෙළට එරෙහිව උද්ඝෝෂණය කළ වැඩ කරන ජනතාවට වෙඩි තියලා රොෂේන් චානක කියන තරුණයා ඝාතනය කළා. එවන් පාලනයක් යළි මේ රටේ ස්ථාපිත වීමට අපි ඉඩ නොතැබිය යුතුයි. ඒ වගේම අපි කියන්න ඕනෑ එදත් ඒ ජනාධිපති පාලනයට බයේ අපි හැංගුණේ නැහැ. අදත් බය නැහැ. හෙට බයවෙන්නෙත් නැහැ. සමහරු ඒවාට මුහුණ දෙන්න බැරිව ජනතාව බියවද්දමින් ඉන්නවා. ඒත් මේ වේදිකාව ඔය කොයි දේටත් මුහුණ දෙන්න පුළුවන් වේදිකාවක්.හොරුන්ට, දූෂිතයනට දඬුවම් දෙන්න බලයට පත්වුණ ඊළඟ ආණ්ඩුව බලයට පත්වෙලා වැඩි කාලයක් යන්න කලින් මහබැංකුව කොල්ලකෑවා. ඔවුන්ට පුළුවන්ද ඊට පස්සේ හොරුන්ට දඬුවම් දෙන්න. ආණ්ඩුවේ සල්ලිවලින් ඇමැතිවරු බිස්නස් කරන්න පටන් ගත්තා. අධිවේගී මාර්ගවලින් හොරකම් කළා. වරායෙන් හොරකම් කළා. ඩොලර් කෝටි 3500ක් වටිනා වරායේ සතු ඉඩම් ටික ඩොලර් කෝටි දෙදහාටත් අඩු ගාණකට දුන්නා. ඇයි ඒ? කොමිස් කුට්ටියට.රටටම තෙල් බෙදන්න පුළුවන් තෙල් ගබඩා කර තැබිය හැකි තෙල් ටැංකි අපි සතුව තිබෙනවා. මේ ආණ්ඩුව ඒ ටික ඉන්දියාවට විකුණන්න සැලසුම් ගැහුවා.මේ කඳවුරු දෙකම හොරුන්ගෙන් පිරිලා. දූෂිතයන්ගෙන් පිරිලා. සදාචාරාත්මකව ඔවුන්ට ජනතාව ඉදිරියට ඇවිත් ඡන්දෙ ඉල්ලන්න බැහැ. පසුගිය ජනාධිපතිවරණයේදී හේතු ගැන කියලා තමයි ඡන්දේ ගත්තේ. ඒත් මෙදා පාර දෙගොල්ලෝම හොරු ගැන කතා කරන්නේ නෑ. මොකද එහෙම කරන්න නම් තමන් ළඟ ඉන්න හොරු හිරේ දාලා ඉන්න වෙනවා.හොරකමෙන්, දූෂණයෙන්, නාස්තියෙන් තොර පාලනයක් බිහි කළ හැක්කේ ජාතික ජන බලවේගයකට පමණයි. මේ හොරු, මංකොල්ලකාරයෝ, දූෂිතයෝ පිරුණු කඳවුරු දෙකම එකට තියලා පරද්දන්න අපට පුළුවන්.තවමත් ඔබ අපට ඡන්දෙ දෙන්න හිතාගෙන නැතිනම් ඔබෙන් අහන්න ප්‍රශ්න කීපයක් තිබෙනවා. මේ රටේ නීතියේ ආධිපත්‍යය ආරක්ෂා කළ හැක්කේ කාටද? නීතිය තමන්ට ඕනෑ හැටියට හැසිර වූ තමන්ට ඕනෑ හැටියට නීතිය නවාපු තමන්ට ඕනෑ අය එළියේ තියලා තමන්ට විරුද්ධ අය හිරේ දාපු පාලනයක් ඔබ නැවත බලයට ගේන්න සූදානම්ද?මේ අයට ගැටුම් නැතිව පාලනය අරන් යන්න බැහැ. එකම ආරක්ෂක අමාත්‍යාංශ ගිනුමෙන් සහරාන්ලටත් පඩි ගෙවනවා. සිංහල ජාතිවාදීන්ටත් පඩි ගෙවනවා. ඒ අය ඒ මුදල්වලින් ජාතිවාදය අවුස්සනවා. පසුගිය අප්‍රේල් මාසයේදී පල්ලි තුනකට, සංචාරක හෝටල් තුනකට පහර දුන්නා. බෝම්බ ගැහුවා. සිය ගණනක් මිය ගියා. එය ම්ලේච්ඡ ප්‍රහාරයක්. අපි කවුරුත් ඒ සිදුවීමෙන් කම්පනයට පත්වුණා. ඒත් සමහර කෙනෙක් උණුසුමේම ඇවිත් කිව්වේ මම හිටියා නම් මේක වෙන්නේ නෑ කියලා. මම ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා, ජනාධිපති වෙලා ජාතිවාදය නැති කරනවා කියලා. අන්තවාදී ගැටුම් තමන්ට ඕනෑ විදියට ප්‍රයෝජනයට ගත්තා.අනෙක් කණ්ඩායම මොනවාද කළේ. කිසිදාක පාර්ලිමේන්තුවේ ජාතික ප්‍රශ්නයක් ගැන කතා නොකර ගම් මට්ටමයි, බිම් මට්ටමයි, තම්මැට්ටමයි ගැන කතා කරමින් හිටියා. දැන් සජින් වාස්ලා ඉන්නෙත් ඒ කඳවුරේ. ඉතින් මොනවද එයාලට ඡන්දෙ දීලා.අපේ රටේ පොලිසිය ඉතාමත් දක්ෂයි. ඔවුන්ට පුළුවන් මූණ දිහා බලලා හොරා හඳුනාගන්න. ඔවුන්ට අල්ලන්න බැරිවුණේ දේශපාලනඥයන් මැදිහත්වූ හොරකම් වංචා අපරාධ පමණයි. ඒ නිසා අපි නීතියේ ආධිපත්‍යය සුරකින පාලනයක් ඇති කළ යුතුයි.අද සමහරු උතුරේ වෙනම රාජ්‍යයක් ප්‍රකාශයට පත් කළ වර්ධරාජා පෙරුමාල්ගේ කරේ නැගලා උතුරට යද්දි තව කෙනෙක් උතුරේ වෙනම පාලනයක් ගැන හීන දකින දෙමළ ජාතික සන්ධානයේ කරේ නැගලා උතුරට යනකොට අපි ඒ කවුරුවත් නැතිව උතුරට ගියා. තනියම නොවෙයි. මේ වේදිකාව නියෝජනය කරන ජාතික ජන බලවේගය සමග. උතුරේ ජනතාව බොහොම හරසරින් අප පිළිගත්තා.අපි සෑම ආකාරයෙන්ම හිංසනය හෙළාදකිනවා. කිසිම පුද්ගලයකු තවත් කෙනකුගේ හිංසාවට ලක්විය යුතු නැහැ. අඩුම තරමින් ගුරුවරයකු දරුවකුට ගැසීමත් අපි ප්‍රතික්ෂේප කරනවා. දරුවෝ හදන්න, ගහන්න අවශ්‍ය නැහැ. ආදරයෙන් ඔවුන් නිවැරදි ලෙස හදන්න පුළුවන්.සමහර දරුවෝ මාපියන්ට සලකන්නේ නෑ. සමහර දරුවෝ තාත්තා බලු කූඩුවේ දාලා හිංසනයට ලක්කළ හැටි අපි දැක්කා. අම්මලා පාරේ දාලා අතරමං කරලා යන හැටි අපි දැකලා තියෙනවා. අපි මාපියන් සුරක්ෂිතව රැකබලා ගැනීමේ වැඩපිළිවෙළක් සකස් කරනවා.ආබාධිතයන්ගේ ජීවිතය අද සුරක්ෂිත නැහැ. ඔවුන්ට තමාගේ කටයුතු තනිවම කරගන්න බැරුව අසරණ වෙනවා. ඒ අයත් සම අයිතිවාසිකම් සහිතව රැක බලා ගන්නා සමාජයක් අපි ඇති කරනවා.කාන්තාවන් හා පිරිමින් අතර තිබෙන්නේ ජීව විද්‍යාත්මක වෙනස්කම් පමණයි. එහෙත් අද මේ වෙනස නිසාම බරපතළ ලෙස හිංසනයට ලක්වෙනවා. ඔවුන්ටද සම අයිතීන් ලබාදී ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙළක් අප සතුව තිබෙනවා.රෝගීන්ගේ අයිතීන් ආරක්ෂා කරනවා. මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළ හැකි නායකත්වයක් තමයි අද මේ වේදිකාව නියෝජනය කරන්නේ. හැමදාමත් ජනතාවගේ සිට නිර්මාණ සිදුකළ කලාකරුවන් මේ වේදිකාවේ ඉන්නවා. නිදහස් අධ්‍යාපන අයිතීන් වෙනුවෙන් සටන් වැදුණු ආචාර්ය, මහාචාර්යවරුන් මෙතන ඉන්නවා. මෙතන කිසිවෙක් නැහැ මහජන දේපල කොල්ලකාපු අය. කුඩා කුඩා හේතු මත මේ දේශපාලනය අත්හැරීමට අපි කිසිවෙක් සූදානම් නැහැ.අපි මරණය පෙනි පෙනී දේශපාලනය කළ අය. ජයග්‍රහණයන් පරාජයන් ද පසුබෑම් සියල්ල හමුවේ මේ රටේ ජනතාවට නව ජීවිතයක් උදාකර දීමේ වගකීම අත්හැරියේ නැහැ. එක් මාධ්‍යවේදියෙක් මගෙන් අහනවා ගත වූ වසර තිහ ගැන දුකක් හිතෙන්නේ නැද්ද කියලා. නැහැ. මේ රටේ ජනතාව වෙනුවෙන් මට කළ හැකි උපරිමය කළා කියන සතුට මට තිබෙනවා. ජනතාවට සතුටෙන් සමාදානයෙන් ජීවත් විය හැකි සමාජයක් ගොඩනැගීමේ සටන ජය ගැනීමෙන් මෙහා අපි නවතින්නේ නැහැ” යැයි ද දිසානායක මහතා කීය.ජනතා විමුක්ති පෙරමුණෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතාඅපි දැනටමත් ජයග්‍රහණ රැසක් අත්පත් කරගෙන තිබෙනවා. රට ගැන කැක්කුමක් ඇති, අවංක, හොරු, දූෂිතයන් නොවන විද්වතුන් කලාකරුවන් ඇතුළු විවිධ වෘත්තිකයන්ගෙන් මේ වේදිකාව පුරවන්න අපට හැකිවීම අපේ ජයග්‍රහණයක්. ඔවුන් සමඟ එක්ව එක් පෙරමුණක් හදන්න හැකිවීම අපි ලැබූ ජයග්‍රහණයක්.අපි දේශපාලනයේ දිශානතිය වෙනස් කළා. මේ රටේ ජනතාවට කැත නැතුව ඡන්දෙ දෙන්න තැනක් අපි හැදුවා. ඒ නිසා දෙන්නෙක් අතර තිබූ ජනපතිවරණය සටන අපි තුන්කොන් සටනක් කළා.ඒ නිසා දැන් දෙවැනි මනාපයත් හිඟා කන තැනට සමහර අපේක්ෂකයන් පත්වෙලා. ඒ වෙනුවෙන් අපි කිව්වා කියලා බොරු ප්‍රචාරයන් යවනවා.අද ඉන්න හිතෙන රටක් ගැන ප්‍රචාර යැව්වට අපිට ඉතුරු වෙලා තියෙන්නේ ඉන්න හිතෙන්නේ නැති රටක්. ඒ නිසා අපේ කාන්තාවන් ජීවත් වෙන්න ක්‍රමයක් හොයාගෙන මැද පෙරදිග යනවා. තරුණයන් ජපානයට, ඕස්ටේ්‍රලියාවට, කොරියාවට හොරෙන් පැනගන්න හදනවා.අන්තිමේදී හිරේ විලංගුවේ වැටෙනවා. වීසා හදා ගන්න, රස්සාවක් හොයාගන්න පුළුවන් වුණ තරුණ තරුණියන් කොහේ හෝ වෙන රටකට පැනගන්නවා.දුප්පත් ජනතාව විතරක් නෙවෙයි බලය ගන්න එන සමහරුන් මේ රට ජීවත් වෙන්න සුදුසු රටක් ලෙස දැක්කේ නැහැ. බලය ගන්න හොඳ වුණාට ජීවත්වෙන්න මේ රට හොඳ නැහැ. ඒකයි එයාලත් පෙන්වන්නේ.අද අපේ රට බිමට වට්ටලා තිබෙන්නේ. අපේ රට ඉතිහාසයේ ගෞරවනීය තැනක තිබුණේ. මහා දැවැන්ත වාරිමාර්ග කළේ ලෝකෙට ණයවෙලා නෙවෙයි. අද පාරට කාපට් දාන්න බැහැ චීනෙන් සල්ලි දුන්නේ නැත්නම්, චීන සමාගම් ආවේ නැත්නම්. මොකක්ද මේ අපි වැටිලා තියෙන තැන.අපේ සමාජ ජීවිතය බිඳ වැට්ටුවා. හැමෝම ඡන්ද ගන්න ජාතිවාදය භාවිත කරනවා. එක පැත්තක් ජාතිවාදය අවුස්සනකොට තව පැත්තක් ජාතිවාදීන්ට කප්පම් දෙනවා.සමහරු කියනවා දුන්නට වැඩක් නැහැනේ, අනුරට දිනන්න බැහැනේ කියලා. ඔය කියන හැමෝම අනුරට දීලා බලන්නකෝ, දන්නෙම නැතුව දිනලා තියේවි. මේ මැතිවරණ ප්‍රචාරක කටයුතුවල අන්තිම දවස හෙට අනිද්දා. මේ දවස් දෙකේ බොරු ප්‍රචාර යාවි. දැනටමත් දෙවැනි මනාපයක් ගැන බොරු ප්‍රචාර යවනවා. අරයා මෙයා කිව්වා කියලා බොරු කියනවා. අපි දෙවැනි මනාපය ගැන කතා කරන්නෙත් නෑ. දෙවැනි මනාපයක් ඉල්ලන්නෙත් නෑ. එකම මනාපයයි. එකම ඡන්දයයි අපි ඉල්ලන්නේ. ජනතාවගේ කැමැත්ත අනුව දෙවැනි තුන් වැනි මනාප භාවිත කළාට අපේ අමනාපයක් නෑ. පාර වැරදුණ රටකට මගපෙන්වන ලකුණ මාලිමාව අරන් අපි ආවා. අපි හරි පාර පෙන්නුවාට ඒ පාරට ජනතාව හරවාගන්න ඕනෑ. අපි ඔබට කියනවා මේ රටත් ජනතාවත් හරි මගට ගන්න ඔබ සියලු දෙනා මාලිමාවක් වන්න.නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා,අපි හැමෝටම හීනයක් තිබෙනවා අපේ රටේ සතුටින් ජීවත්වීමට. අපි ප්‍රශ්නවලට උත්තර හැටියට පෞද්ගලිකව නොයෙක් දේ කළා. ළමයින්ට පොත් අරන් දුන්නා. බෑග් අරන් දුන්නා. ඔය වගේ නොයෙක් දේවල් කළා. ඒත් දුප්පත්කම එහෙමමයි. ඊට පස්සේ තමයි මම කල්පනා කළේ මේ ක්‍රමය වෙනස් කරන්න ඕනෑ කියලා. ඉතිං මම ඒකට ජේ.වී.පී. එකත් සමග එකතුවුණා. මේ වේදිකාවේ ඉන්න ලැබීම ගැන මම සතුටුවෙනවා.ප්‍රවීණ සාහිත්‍යවේදී ජයතිලක කම්මැල්ලවීර මහතා,මෙතැන රටම හොරකම් කරගෙන කාපු බොරු දේශප්‍රේමීන් නැහැ. මෙතැන දූෂිතයන් නැහැ. වංචාකාරයන් නැහැ. ජාතිවාදින් නැහැ. මෙතන ඉන්නේ එකම ජාතියයි. ඒ තමයි මනුෂ්‍ය ජාතිය. අපි හැමෝම එකම තලයකට අයත් එකම ජාතියකට ඒ කියන්නේ මනුස්ස කුලයට අයත්වූවන්. මේ රට තියෙන්නේ වළක වැටිලා. ඒ වළෙන් ගොඩ අරන් මේ රටේ ජනතාවත් සමග රට හදන්න ජාතික ජන බලවේගයට විතරයි වැඩ පිළිවෙලක් තියෙන්නේ. ඒ නිසා ඒ වටා එකතුවෙන්න කියලා ඔබ සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා.එක්සත් වාමාංශික පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික මහින්ද රත්නායක මහතා,මේ රට අද පත්වෙලා තිබෙන දේශපාලන හා ආර්ථික අර්බුදයෙන් ගොඩගන්න දන්දීලා බැහැ. එකට නිසි වැඩපිළිවෙලක් අවශ්‍යයි. ඒ වැඩ පිළිවෙළ තියෙන්නේ ජනතා ජන බලවේගයට පමණයි. රට හදන්න හොඳ දැක්මක් අවශ්‍යයි.ජාතික ජන බලවේගය ගොඩනැගුවේ ජනාධිපතිවරණයෙන් අවසන් කරන්න නෙවෙයි. මේ රටට හොඳ දේශපාලන නායකත්වයන් අවශ්‍යයි. ඒ නායකත්වය ලබාදෙන්න අනුර සහෝදරයාට පුළුවන්. ඔහුට පාර්ලිමේන්තුව තුළ වසර විස්සක අත්දැකීම් තිබෙනවා. ඒ වසර විස්ස පුරා කවුරු විපක්ෂයේ හිටියත් විපක්ෂයේ කාර්යභාරය ඉටු කළේ ඔහු ඇතුළු ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුයි. මහාචාර්ය චන්දන අබේරත්න මහතා,මෙහිදී අලුත් පියාපත් සංවිධානය වෙනුවෙන් නීතිඥ කෞෂල්‍යා ආරියරත්න මහත්මියත් මෙහිදි අදහස් දැක්වූහ.මෙම අවස්ථාවට ජාතික ජනබලවේගයේ ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ, ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, ආචාර්ය ප්‍රභා මනුරත්න, රංගන ශිල්පී ජගත් මනුවර්ණ, රංගන ශිල්පිනි සමනලී ෆොන්සේකා, රංගන ශිල්පිනි දීපානි සිල්වා, ජාතික ජනබලවේගයේ නියමුවන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.
|
“ප්‍රධාන පක්ෂ වසර 71 ක් රටට කළ දෙයක් නෑ“
| 0 |
(මුලටියන - එස්. බාලසුරිය හා කඹුරුපිටිය - රසුන් දහනායක)‘‘දෙයියන්ගේ හාල් කැවුණු කට්ටිය වාගේ මේ ආණ්ඩුවේ එක එකා බැණ ගන්නවා. ඒ ඇමැතිවරයා මේ ඇමැතිවරයාට හොරා කියනවා. මේ ඇමැති ඒ ඇමැතිට හොරා කියනවා. උන් ඔක්කොම එකතු වෙලා අපට හොරා තියනවා. අපට හොරාය කියලා උන් එදා ඉඳින් කිය කිය හිටියා. ඒත් දැන් සැබෑ හොරු හෙළිවෙලා. අපේ පැත්තේ හොරු හිටිය කියලනෙ කිව්වේ. උන් ටික ඒ පැත්තට ගිහින් දැන් ඇමැතිකම් කරනවා යැයි’’ හිටපු ජනාධිපති කුරුණෑගල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්ද රාජපක්ෂ මහතා මාතර මුලටියනදී පැවසීය.හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙසේ සඳහන් කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හක්මණ ආසන බල මණ්ඩල රැස්වීමේදීය.ඒකාබද්ධ විපක්ෂයේ මාතර දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්, පළාත් සභා මන්ත‍්‍රීවරුන් මුලටියන පස්ගොඩ හා හක්මණ හිටපු ප්රාදේශීය සභා සභාපතිවරුන්, ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරුන් සහ පොදුජන පෙරමුණේ ග‍්‍රාමීය කමිටු එක්ව එම රැස්වීම සංවිධානය කර තිබුණි.හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එහිදී මෙසේද කීය.‘‘ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බිහිවුණේ සැප්තැම්බර් මස දෙවැනිදාය. දෙවැනිදා බිහිවුණු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 66 වැනි සංවත්සරය අද (03) වැනිදා කැම්බල් පාක් එකේ පවත්වනවා. දැන් මේකේ වෙනසකට තියෙන්නේ මෙතෙක් කල් ශ්‍රීලනිපය තිබුණේ එක්සත් ජාතික පක්ෂයට විකල්පයක් හැටියටයි. බණ්ඩාරනායක මහත්තයා, ඞී.ඒ. රාජපක්ෂ මහත්තයා එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්වෙලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියලා වෙනම පක්ෂයක් හදලා ගියේ ආපසු එජාපයට බලය දෙන්න නොවෙයි.අපි හැමදාම හිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්කයි. අපියි මේ පක්ෂය ආරක්ෂා කළේ. චන්ද්‍රිකා හා අනුර පක්ෂය කඩාගෙන ගියා. දුවාලා පුතාලා යද්දී මැතිණිය හා ශ්‍රීලනිපය රැකගත්තේ අප හා මේ රටේ ප‍්‍රගතිශීලි ජනතාවයි.ඒත් අද සිදු වී තිබෙන්නේ කුමක්ද? මෙතෙක් කල් අපේ විරුද්ධවාදියා වූ එජාපය සමඟ හවුල්වෙලා ශ්‍රීලනිපය පරදවන්න කටයුතු කරනවා. ජනාධිපතිවරණයේදී ඒක කළා. ඒ විතරත් නොවෙයි පාර්ලිමේන්තු මැතිවරණ වෙලාවේ පක්ෂයේ ලේකම්, භාණ්ඩාගාරික තනතුරු දර පුඅය පන්නා දමලා, මධ්‍යම කාරක සභාවෙන් භාගයක් විසුරුවා හැරියා.ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායම මම මෙහෙයවෙද්දී මෙයාට අගමැතිකම දෙන්නේ නැහැ කියලා එයාගේ විධායක ජනාධිපති බලය පාවිච්චි කළා. මැතිවරණයේ අවසාන මොහොතේ එහෙම කියපු හින්දා රටේ ජනතාව නොමඟ ගියා. අපට 117ක් ගන්න තිබුණු අවස්ථාව අහිමි කරලා අපි 95කට බැස්සුවා. ඒකේ ගෞරවය කවුද ගන්නේ. එතුමාම කියනවා පාර්ලිමේන්තු කණ්ඩායම කැඳවලා තමුසෙලා 95යි ගත්තේ. එහෙම නොවුණා නම් 117කට යනවා කියලා. අන්තිම මොහොතේ වැඬේ දුන්නා. ඒක හින්දා තමයි යූ.එන්.පී. එක දිනුවේ. යූ.එන්.පී. මන්ත‍්‍රීවරුන්ට කියපු රහසක් ඒකයි එතුමා දැන් මොකක්ද කරලා තියෙන්නේ. මෙයාට පුළුවන්ද ශ්‍රීලනිප සම්මේලනය මෙහෙම මෙහෙයවන්න.අද මා අහගෙන හිටියා ෆේස්බුක් එකේ අපි රනිල්ට, රනිල් අපට කියලා තියනවා. ශ්‍රීලනිපයේ අත දාගෙන යන්නේ නිල්පාට ඇඳගෙන. අප අලියට කියලයි කියන්නේ. උඹලා අලිය ළඟට වෙලා හිටපල්ලා. අපි අලියට විරුද්ධව ඉන්නවා. එයාලා එයාලත් එක්ක අත්වැල් බැඳ ගත්තා වේ අපට එයාලත් එක්ක අත්වැල් බැඳ ගන්න බැහැ.ඒකාබද්ධ විපක්ෂය විවෘතයි. ඕනෑ පක්ෂයකට අපේ සම්මේලනයට එන්න පුළුවන්. ඇවිත් බැඳෙන්න පුළුවන්. අපේ ප‍්‍රතිපත්තිය එදා බණ්ඩාරනායක මහත්තයා ආරම්භ කරපු සටනේ ප‍්‍රතිපත්තියි. මේ රටේ ජනතාවගේ ජනතාවාදී සංස්කෘතිය හා ප‍්‍රතිපත්තිය රැකගන්න, අපේ සම්පත් රැක ගන්න, ඉදිරියට ගෙන යන්න මේවා තමයි අපගේ ප‍්‍රතිපත්තිය.අපේ පක්ෂය පාවා දීලා ඉවරවෙලා තමයි අද මෙහෙම සම්මේලන පවත්වන්නේ. මා නම් හිතන්නේ එතුමාට ඔය සම්මේලන ගැන එතරම් උනන්දුවක් නැහැ. මෙතුමා අදම දාගන්නේ එතුමාගේ උපන් දිනය සැප්තැම්බර් තුන්වැනිදා නිසයි. ඒක සමරන්නයි. සුබ පතන්නයි. ඒක නිසා කියලයි මා හිතන්නේ හාමුදුරුවනේ.මේ කෙටිකාලය තුළ රනිල් හැමදාම කියන්නේ කුමක්ද? ණය බර, ණය බර, ණය බර කියලයි. එයා කතා කරන්නේ හැමදාම බරේ, බරේ ණය බර තමයි කතා කරන්නේ. ඉතින් මේ ණය බර ගැන කතා කරන මිනිහාට පැහැදිලිව අප කියන්න ඕනෑ අපි අවුරුදු නමයක් හිටියා ඒ කාලය තුළ මේ රටේ අවුරුදු 30ක් තිබුණු යුද්ධය අවසන් කළා. මිනිසුන්ට නිදහසේ ඉන්න, ජීවත්වෙන්න අයිතිය ලබාදුන්නා. ඒක අප ලබාගත් ජයග‍්‍රහණයක්. ඊට පස්සේ රට සංවර්ධනය කළා. අපි හම්බන්තොට වරාය ගුවන් තොටුපළ විතරක් නොවෙයි මුළු පළාතම, මුළු රටම සංවර්ධනය කළා. මේ ප‍්‍රදේශයේ මාර්ග දිහා බලන්න. එදා මේ පාර තිබුණේ කොහොමද? මේකේ යන්න පුළුවන්කම තිබුණද? මා අනන්ත අප‍්‍රමාණ වාරයක් මේ පාරේ එහාට මෙහාට ගිහින් තිබෙනවා. හැබැයි පාරේ යන්න බැහැ. ඒක තමයි ඇත්ත කතාව. අපි කාපට් දාලා පාරවල් ටික හදලා දුන්නා. රටේ ජනතාවගෙන් 99% කට විදුලිය ලබා දුන්නා. අද හැම ගමකම, ගෙදරකටම විදුලිය තිබෙනවා. ජනතාවට ජලය ලබාදීමට අප ලෑස්ති වෙලයි හිටියේ.අප ඉස්පිරිතාල ටික හදලා දුන්නා. ඒ විතරක් නොවෙයි පොලිසිය ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල, දිසාපති කාර්යාල අලූතෙන් ගොඩනැගුවා. ඒ අතරතුර අර පැත්තේ බෝම්බ ටික ඉවත් කළා. කෘෂිකර්මය දියුණු කළා. වැව් හදලා මහ විශාල ජල යෝජනා ක‍්‍රම හැම දිස්ත‍්‍රික්කයකම හදලා, මහවැලිය උඩහට හරවලා මොරගහ කන්ද යෝජනා ක‍්‍රමය යන මේවා ඔක්කොම කළේ අපේ ආණ්ඩු කාලයේදීය. ඒවා දැන් එයාට අමතක වෙලා. හැමදාම බොරු කතාවක් කියනවා. අප කරපු හොඳ වැඩක් නැහැ.ශ්‍රීලනිපයේ ස්වර්ණමය යුගය තිබුණේ මගේ කාලයේදීය. මේ ඔක්කොම කරදීලා අප මේ රට නිදහස් කර දීලා තිබුණා. එහෙත් දැන් ආපහු පාවාදෙන වැඩ පිළිවෙළකට යනවා. අද එක හමුදාපතිවරයකු කියනවා හිටපු හමුදාපතිට විරුද්ධව සාක්කි දෙන්න ඕනෑම උසාවියකට යන්න සූදානම්ලූ. මේක තමයි මේ රටට ඇති වී තිබෙන තත්ත්වය හාමුදුරුවනේ. දෙයියන්ගේ හාල් කැවුණම කියලා කතාවක් අපේ ගම්වල තිබෙනවා. එක එකා බැණ ගන්නවා. එක් ඇමැතිවරයකු අනෙක් ඇමැතිට හොරා කියනවා. එයා මූට හොරා කියනවා. උන් ඔක්කොම එකතුවෙලා අපට හොරාය කියලා තියනවා. අපට හොරා කියන එක උන් එදා ඉඳන්ම කියනවා. දැන් සැබෑ හොරු හෙළිවෙලා. අපේ පැත්තේ හොරු හිටිය කියලනෙ කිව්වේ. උන් ටික තමයි ඒ පැත්තට ගිහින් දැන් ඇමැතිකම් කරන්නේ. අපට නොවෙයි ඒ කට්ටියට තිබෙන චෝදනා පැරදිච්ච හාදයෝ ටිකට ඇමැතිකම් දීලා.සහෝදරවරුනි, අපි පැහැදිලිව කියනවා අප සමඟ අත්වැල් බැඳගන්න. අප තමුන්නාන්සේලා සමඟ ඉන්නවා. ජනතාව සමඟ ඉන්නවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශාඛා සමිති හදලා, ඒවා එකතු කරලා ඒකාබද්ධ විපක්ෂය හදන්න පියවරගෙන තිබෙනවා. මේ සියලූ දෙනාම එකතු වී එජාපයේ ජනතා විරෝධී වැඩපිළිවෙළ පරාජය කරන්න සූදානම් වන්න කියන එක මතක් කරමින් ඔබ සියලූ දෙනාට ජයවේවා යැයි’’ හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් කීය.කළුතර දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී රෝහිත අබේගුණවර්ධන මහතා:- ‘‘මා පොදුජන පෙරමුණේ ආසන 114ක රැස්වීම්වලට සහභාගී වුණා. වැඩිම සෙනඟ හක්මණ මේ රැස්වීමේ ඉන්නේ. මේ ආණ්ඩුවට දැන් අවුරුදු 2යි මාස 7යි දින 26ක් වෙනවා. වෙනස දැන් කොහොමද? මිනිසුන් රැවටුණා. ඒ කාලේ කුඩු ගැහුවේ කන් හැන්දෙන්. දැන් සවලෙන්. පසුගිය මාස හත ඇතුළත කුඩු කිලෝ 650ක් රටට ගෙනත් තියෙනවා. පොඩි දරුවන් පවා කුඩුවලට ඇබ්බැහි වෙලා. දින 100න් අලූත් රටක් ගොඩනගනවා කියලා කීවා. දැන් මාස 60කින් අලූත් රටක් ගොඩ නගනවා කියලා වික‍්‍රමසිංහ මහතා කියනවා. ලක්ෂ 10කට රැකියා දෙනවා කීවා. ඒ අනුව දැනටමත් ලක්ෂ 5 ක් දීලා තිබිය යුතුයි.කුරුණෑගල ෆොක්ස්වාගන් කම්හළෙන් කාර් හදනවා ඇති. මවු සමාගම නොදැන මෙහේ කම්හලක් දැම්මා. හොරණ ටයර් කම්හලක් දැම්මලූ. ඒක කලින් තිබුණු එකක්. ඉතින් මේ යහපාලන ආණ්ඩුව මේ රටට කිසිම දෙයක් තවමත් කරල නැහැ.සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු හා රණවිරු යන බලවේග මත ශ්‍රීලනිපය ආරක්ෂා වෙලා තියෙන්නේ. පසුගිය ආණ්ඩු මහා සංඝරත්නය හිරේ දැම්මේ නැහැ. මේ යහපාලන ආණ්ඩුව මේ වනවිට හාමුදුරුවෝ 57 නමක් හිරෝ දාලා. දොස්තරලාට සලකන හැටි කොහොමද. එදා දොස්තරලා වැඩි දෙනකු යහපාලනයට ඡන්දය දුන්නා. ගොවීන් දැන් අනාථයි. කොළොන්නාවේ තෙල් සේවකයන්ට මැරයන් දමා පහර දුන්නා. ත‍්‍රස්ත‍්‍රවාදය නිම කළ රණවිරුවන්ට සලකන හැටි හොඳට පෙනෙනවා. ශ්‍රී ලංකාකාරයන්ට මේ හවුල් ආණ්ඩුවේ ඉන්න පුළුවන්ද? නියම ශ්‍රී ලංකාකාරයන් ඉන්නේ අප සමඟ යැයි අබේගුණවර්ධන මහතා කීය.මාතර දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී නිරෝෂන් පේ‍්‍රමරත්න මහතා:- ‘‘ජනවාරි 8ට කලින් රටේ ආණ්ඩුවක් තිබෙන බව දැනුණා. දැන් ආණ්ඩුවක් තියෙනවා කියලා දැනෙන්නේ නැහැ. හැම පැත්තෙන්ම අකර්මණ්‍ය වුණු රටක් දැන් තියෙන්නේ. හැම පැත්තෙන්ම නතර වුණු රටක්. සිහින ලෝකයකට යන්න ජනවාරි 8වැනිදා ඡුන්ද දුන්නා. දැන් ජනතාවගේ සිහින බොඳ වෙලා. අපට දැන් මහා වගකීමක් ඉටු කරන්න තිබෙනවා. මේ පාදඩ ආණ්ඩුව ගෙදර යවන වගකීම ඉටු කරන්න තිබෙනවා. මේ රටේ නායකයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා නැවත පත්කරන්න අවශ්‍යයි. එතුමා රටේ නායකයා කරලා මිසක් මේ සටන නවත්වන්නේ නැහැ’’.රත්නපුර දිස්ත‍්‍රික් මන්ත‍්‍රී රංජිත්ද සොයිසා මහතා:- ‘‘ශ්‍රීලනිප මන්ත‍්‍රීවරුන් හැටියට කැම්බල් පිටියේ 66 වැනි සම්මේලනයට සහභාගි නොවී හක්මණ බල මණ්ඩල රැස්වීමට ආවේ ඇයි කියලා කියන්න ඕනෑ. ශ්‍රීලනිපය හා එජාපය එක් වී මේ හයිබි‍්‍රඞ් ආණ්ඩුව හදල තියෙන්නේ. සැබෑ ශ්‍රීලනිප සාමාජිකයන් හැටියට බණ්ඩාරනායක ප‍්‍රතිපත්ති රකින මිනිසුන් හැටියට අපට ඒ රැස්වීමට යන්න බැහැ. අද ශ්‍රීලනිප ඇමැතිවරු එජාප ආණ්ඩුවේ කුක්කන් වෙලා. ලජ්ජ තියෙන මිනිහකුට මේ ආණ්ඩුවේ ඉන්න පුළුවන්ද? මේ ආණ්ඩුවට ගිය ශ්‍රීලනිප ඇමැතිවරු මහින්ද රාජපක්ෂ මහතාගේ නම විකුණලයි දිනුවේ.කුරුණෑගල දිස්ත‍්‍රික් මන්ත‍්‍රී ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා:- ‘‘පොදුජන පෙරමුණේ බල මණ්ඩල රැස්වීම්වලින් වැඩිම ජන ගඟ ගැලූවේ හක්මණ බලමණ්ඩල රැස්වීමටයි. මේ ජන ගඟ ගලන්නේ මහින්ද රාජපක්‍ෂ කියන ලාංඡුනයටයි. පැරදිලා ගෙදර ගිය නායකයකුට මේ වාගේ ජන ප‍්‍රසාදයක් තිබුණාද? මොන තරම් මඩ ගැහුවත් මහින්ද රාජපක්ෂ මහතා තමයි ජනතාවට වැඩියෙන්ම ආදරය කරන නායකයා. ඉතිහාසයේ මෙහෙම නායකයකු ඉඳලා තියෙනවද? ජනවාරි 8 දිනයෙන් පසුවත් මහින්ද රාජපක්ෂ මහතාට ජනතාව ආදරෙයි. ඒ රටක් දිනාදුන් නායකයා නිසයි.මහින්ද රාජපක්ෂ මහතා වාගේ ජන නායකයකු හඳුන්වා දුන් දකුණේ ජනතාවට පින්දෙනවා. මේ ආණ්ඩුව රටක් වටින හම්බන්තොට වරාය වික්කා. ඒකට සිරිසේන මහතා මුලින් විරුද්ධ වුණා. පසුව කැමැත්ත දුන්නා. මේක චීන්නු නිකම් ගනීවිද? අධිවේගී මාර්ගයත් විකුණන්න හදනවා. හැමදේම විකුණන්න හදනවා. රාජපක්‍ෂ ණය කියලා බැඳුම්කරයෙන් මුළු භාණ්ඩාගාරයම හිස් කළා. ඒත් මහින්ද මහතා ණය අරගෙන රට හැදුවා. මිනිසුන් ණය බරෙන් මිරිකෙව්වෙ නැහැ. දැන් හැම අතින්ම ජනතාව පීඩාවට පත් කරනවා යැයිද ප‍්‍රනාන්දු මහතා වැඩිදුරටත් කීය.කැටියපේ සුභද්‍රාරාමාධිපති කැටියපේ පේමසාර හිමියන් රැස්වීමට සහභාගි වී සිටි පිරිස පංච ශීලයෙහි පිහිට වූ අතර, මුලටියන ප්රාදේශීය සභාවේ හිටපු සභාපති සුනිල් ඇල්ලදෙණිය මහතා පිළිගැනීමේ කතාව කළේය.පස්ගොඩ හිටපු සභාපති මහින්ද ඊශ්වර, දකුණු පළාත් මන්ත‍්‍රී බින්දු වීරසිංහ, සරත් ද අල්විස් යන මහත්වරුද අදහස් දැක්වූහ.ඩලස් අලහප්පෙරුම, මහින්ද යාපා අබේවර්ධන, කාංචන විජේසේකර, නාමල් රාජපජෂ යන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුද දකුණු පළාත් අමාත්‍ය වීරසුමන වීරසිංහ, මන්ත‍්‍රීවරුන් වන සරත් යාපා, චන්දන සිරිබද්දන, අරුණ ගුණරත්න, මුලටියන ප්රාදේශීය සභාවේ හිටපු සභාපති සුනිල් ඇල්ලදෙණිය මහත්වරු ඇතුළු විශාල පිරිසක් එම අවස්ථාවට සහභාගි වී සිටියහ.එහිදී මුලටියන, හක්මන හා පස්ගොඩ හිටපු ප්රාදේශීය සභා සභාපතිවරුන් හා මන්ත‍්‍රීවරුන්ට පොදුජන පෙරමුණේ ලිපිගොනු බාරදීම රෝහිත අබේගුණවර්ධන මහතා ඇතුළු මන්ත‍්‍රීන් අතින් සිදු කෙරිණි.
|
“ප්‍රධාන පක්ෂ වසර 71 ක් රටට කළ දෙයක් නෑ“
| 0 |
(නිමල කොඩිතුවක්කු)අනුපාත ජන්ද ක‍්‍රමයත් වෙනස් කර ජනාධිපති ක‍්‍රමයත් අහෝසි කළහොත් රට අස්ථාවර වන බවත් මෙමගින් රටට පාලනයක් නැති තත්ත්වයක් ඇතිවෙන බවත් ජාතික හෙළ උරුමයේ මහලේකම් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඊයේ (03) පැවසීය.බත්තරමුල්ල පන්නිපිටියේ ජාතික හෙළ උරුමය කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.අමාත්‍යවරයා මෙසේ ද කීය.මේ ආණ්ඩුව 2015 අගෝස්තු මාසයේ පැවති මැතිවරණයෙන් බලයට පත්වුණායින් පස්සේ නව ව්‍යවස්ථාවක් තැනීම පිළිබඳ යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. අද ඔය එළියේ මොනවා කතා කළත් ඒ නිසා පාර්ලිමේන්තුවේ ඉන්න 225 දෙනාම එකඟ වුණා. ඒ 225 දෙනාගෙන්ම සමන්විත ව්‍යවස්ථාදායක මණ්ඩලයක් බවට පාර්ලිමේන්තුවම පත්වුණා.මේ පිළිබ`ද දිගින් දිගටම එකඟතාවන් ඇති කරගන්න අපහසු වෙනකොට මෙහෙයුම් කමිටු ලේකම් කාර්යාලය විසින් එතෙක් කළ සාකච්ඡාවල සටහන් පදනම් කරගනිමින් ලියවිල්ලක් සකස් කළා. ඒ ලියවිල්ල තමයි මේ අතුරු වාර්තාව නමින් නිකුත් වෙලා තියෙන්නේ. මේ අතුරු වාර්තාවේ තියෙනවා වාර්තා 09ක්. එක වාර්තාවක් තමයි මේ ලේකම් කාර්යාලය විසින් සාකච්ඡා සටහන් පදනම් කරගනිමින් ඉදිරිපත් කර ඇති යෝජනාවලිය. ඒ යෝජනාවලියට එක්සත් ජාතික පක්ෂය එකඟ බව අගමැතිතුමා ප‍්‍රකාශ කරලා තියෙනවා. තවත් ලේඛන 08 කින් වෙනත් දේශපාලන පක්ෂ අදහස් දක්වලා තියෙනවා.එතකොට මෙතන තියෙනවා වාර්තා 09ක්. මේ රට බෙදනවා බුද්ධාගම ගලවන්න හදනවා ආදී වශයෙන් කියන්න කිසිම හේතුවක් නැහැ. ඒ අනුව පේන්න තියෙනවා මේ ආණ්ඩුවේ හෝ ආණ්ඩුවේ ප‍්‍රධාන සහකාර පක්ෂවල හෝ පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂවල හෝ මේ රටේ ඒකීය භාවයට හානි කරන වැඩපිළිවෙළක් හෝ බුද්ධාගමේ ප‍්‍රමුඛස්ථානය නැති කරන වැඩපිළිවෙළක් හෝ ජාතික ආරක්ෂාව සඳහා හෝ හානි වෙන වැඩපිළිවෙළක් මෙතන නැති බව.මෙතන සාකච්ඡාවක් ඇති වෙලා වාර්තාවක් ඉදිරිපත් කරලා තියෙනවා. අතීතයෙත් එවැනි වාර්තා ඉදිරිපත් වුණා. දැන් මේ හුඟක් දෙනෙක් දේශපේ‍්‍රමීන් වෙන්න දඟලනවා. මහින්ද රාජපක්ෂ මහතා 2006 දි සර්ව පාක්ෂික වාර්තාවක් කැඳෙව්වා. ඒකේ තිස්ස විතාරණ මහතාගේ ප‍්‍රධානත්වයෙන් විද්වද් කමිටුවක් පත්කළා. එතුමන්ලත් වාර්තාවක් ඉදිරිපත් කළා. ඒක පැහැදිලි රට බෙදන පෙඩරල් වාර්තාවක්. ඒක තමයි මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ වාර්තාව. එදත් අපි ජාතික හෙළ උරුමය විදියට වෙනම වාර්තාවක් ඉදිරිපත් කළා. ඒ වගේම ඒ විද්වද් කමිටුවේ සුළුතරය තවත් වාර්තාවක් ඉදිරිපත් කළා. ඒ මුළු කමිටුවේම ලේඛන ඔක්කොම එක්කහු කළාට පස්සේ පිටු 12,000 ක වාර්තාවක් නිකුත්වුණා. මේ වගේ ඉතිහාසයේ විටින්විට මේ ප‍්‍රශ්නය සම්බන්ධයෙන් විවිධ වාර්තා නිකුත් වෙලා තියෙනවා. නිශ්චිතව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා ලියවිල්ලක් මේ මෑත ඉතිහාසයේ ඉදිරිපත් කළේ චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය විතරයි. ඒ 2000 වසරේදී. ඒක පාර්ලිමේන්තුවේ සම්මත වුණේ නැහැ. ජාතික හෙළ උරුමය අපේ ස්ථාවරය ප‍්‍රකාශ කරලා තියෙනවා. ඒක ඕන කෙනෙකුට කියවලා බලන්න පුළුවන්. පාර්ලිමේන්තුවේත් අපි ඒක සභා ගත කළා. නව ව්‍යවස්ථාව පිළිබ`ද අපේ ස්ථාවරය අපි කිහිපවිටකදී ප‍්‍රකාශ කරලා තියෙනවා. නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් හදනවා නම් හොඳයි අපිත් ඒකට පක්ෂයි. හැබැයි ඒ නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව මහා සම්මුතියකින් ඇති කර ගත යුතුයි. සියලූදෙනාගේ එකඟතාවයෙන් ඇති කර ගත යුතුයි.අතීතයේ ජයවර්ධන මැතිතුමාගේ ව්‍යවස්ථාව පළාත් සභාව ගෙනාපු ක‍්‍රමය ඒ වගේම සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ව්‍යවස්ථාව හදපු ක‍්‍රමය එයට පෙර බි‍්‍රතාන්‍යයන් මේ රටට සොල්බරි ව්‍යවස්ථාව ගෙනාපු වගේ ක‍්‍රමයකට නෙවෙයි සියලූ දෙනාගේම අනුමැතියෙන් මේ දේවල් සිදුවිය යුතුයි. ඉන් පිටත සිදුවන දේ ඇත්තටම කුමන්ත‍්‍රණ මිසක් ජනතාව තුළින් ඒ වගේම මහජන නියෝජිතයන් තුළින් ජනිත වෙච්ච ව්‍යවස්ථා නෙවෙයි.ඒ වගේම අපි අවධාරණය කරනවා ප‍්‍රධාන කරුණු දෙකක්. අපි මේ ව්‍යවස්ථා ලියවිල්ලේත් ඒක කියලා තියෙනවා. ඒක තමයි මේ ව්‍යවස්ථාව තුළින් ස්ථාවරභාවයයි ප‍්‍රජාතන්ත‍්‍රවාදයයි කියන කාරණා දෙකම රැුකෙන්න ඕනෑ. ඒක සමබර වෙන්න ඕනෑ. දැන් සමහරුන්ට ඕනෑ ස්ථාවරභාවය නැතිකරගෙන හෝ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඇති කරන්න. සමහරුන්ට ඕන ප‍්‍රජාතන්ත‍්‍රවාදය නැති කරගෙන හෝ දැඩි ස්ථාවර පාලනයක් හදන්න. අපි මේ අන්ත දෙකේම නෙවෙයි. අපි ඉන්නේ ස්ථාවර භාවයයි ප‍්‍රජාතන්ත‍්‍රවාදයයි අතර සමබර ව්‍යවස්ථාවක් ඇති විය යුතුයි කියන තැන.මොකක්ද ස්ථාවරභාවය කියන්නේ, අපි හදන ව්‍යවස්ථාවෙන් රටේ ආර්ථිකය ඉදිරියට යනවා මිසක් ප‍්‍රගමනය වෙනවා මිසක් ඒකට බාධා වෙන්නේ බැහැ. ඒ වගේම සමාජමය ස්ථාවරය, දැනට මේ රටේ ඇතිවෙලා තියෙන සංහිඳියාව, සාමය කඩවන සුළු පැරණි තුවාල පෑරෙන සුළු අලූත් තුවාල ඇතිවෙන සුළු දේශපාලන වශයෙන් කළබලකාරී තත්ත්වයන් ඇතිවන සුළු කිසිම ආකාරයක ව්‍යවස්ථා සංශෝධනයක් කළ යුතු නැහැ. ඒවගේම පාරිසරික ස්ථාවරතාවය මේ ප‍්‍රශ්නය අතීතයේ තිබුනේ නැහැ. මේ පරිසර තුලිත භාවය තිරිසරභාවය ඒ ව්‍යවස්ථාව තුළ අනිවාර්යයෙන්ම ආරක්ෂා විය යුතුයි. ඒ යටතේ කරන දේශපාලන ප‍්‍රතිසංස්කරණ තුළ ඒ පරිසර තුළිතභාවය රැුකගත යුතුයි. මේ විදියට ආර්ථික, සමාජීය, පාරිසරික සහ දේශපාලනික ස්ථාවරය ඇතිවිය යුතුයි.ඊළඟට ප‍්‍රජාතන්ත‍්‍රවාදය මිනිස් නිදහස, ඒ වගේම ජනතාවගේ ජන්ද අයිතිය, ඒ වගේම දේශපාලන පක්ෂවල නියෝජිත තත්ත්වය ඒ වෙනුවෙන් කරන්නා වූ මැතිවරණ ක‍්‍රමයේ වෙනස බලය කොයි ආකාරයටද බිමි මට්ටමට ගම් මට්ටමට යන්නේ, ජන්ද අයිතිය ශක්තිමත් වෙන හැටි මේ සියල්ල ප‍්‍රජාතන්ත‍්‍රවාදයට අයිතියි. මේ කරුණු දෙක මත තමයි අපි ව්‍යවස්ථාවක් සැකසිය යුත්තේ.අද රටේ ගොඩක් විවාදයට ලක්වෙලා තියෙන කාරණය රටේ ඒකීයභාවය පිළිබඳ තියෙන ගැටලූව. රටේ ඒකීයභාවය මේ රටේ ඓතිහාසික උරුමයක් විදියට තිබුණු දෙයක්. 1972 ව්‍යවස්ථාවේ ඒක නීත්‍යානුකූලව ලියවුණත් ඊට කලින් මේ රටේ තිබුණේත් එක පාර්ලිමේන්තුවයි. බි‍්‍රතාන්‍යය පාලන සමය යටතේත් ඒකීය රටක් විදියට තමයි තිබුණේ. පළාත් සභා ක‍්‍රමය ආවම මේ ඒකීයභාවයට යම් පළිදු වීමක් වුණා. ඒ නිසා අපි ස්ථාවරව ප‍්‍රකාශ කරනවා දැනට ව්‍යවස්ථාවේ සඳහන් ඒකීයභාවය පිළිබ`ද වගන්තිය. ඒ වගන්තිය එක්ක ගැටගැහිච්ච ව්‍යවස්ථාවේ අංක හතර. ඒක ඒ වගේම හැත්තෑ හය එක කියන වැදගත් වගන්තිවල කිසිදු වෙනසක් සිදුවිය යුතු නෑ කියන එක අපි බොහොම පැහැදිලිව ප‍්‍රකාශ කරලා තියෙනවා. ඒ වගේම මේ මෙහෙයුම් කමිටු ලේකම් කාර්යාලය විසින් යෝජනා කරලා තියෙන ඒකීයභාවය කියන වගන්තියට අපේ එකඟතාවක් නැහැ. ඒකීයභාවය කියන්නේ නොබෙදුණු රටක් නෙවෙයි. ඉන් ඔබ්බට ගිය රටේ නීති තැනීමේ අයිතිය තනි ආයතනයකට පැවරීම පිළිබ`ද කතාවක් තමයි නීතිමය වශයෙන් දේශපාලන වශයෙන් ඒකීයභාවය නමින් හඳුන්වා ගන්නේ. ඒ සම්බන්ධයෙන් අපේ මතය ඒ ලෙසම පවතිනවා.ඒ වගේම තවත් බොහොම දෙනෙක් ආශ්වාදයට වගේ මෑත කාලයේ කියන කතාවක් තමයි මේ බුද්ධාගමට තිබුණ තැන නැති කළා කියලා. බොහොම පැහැදිලිව අපි ජාතික හෙළ උරුමය විදියට කියනවා මේ රටේ නමවන වගන්තියේ බුද්ධාගමට ප‍්‍රමුඛස්ථානය ලබාදීලා තියෙනවා කියන එක කොහේවත් විධිමත්ව අර්ථ නිරූපනය වෙලා නැහැ. ඒ මගින් බුද්ධාගමට මොනම විශේෂ වරප‍්‍රසාදයක්වත් ලැබිලා නැහැ. ඒක ව්‍යවස්ථා සැරසිල්ලක් පමණයි. බුද්ධාගම රාජ්‍ය ආගම කරලයි රට ලෞකික රාජ්‍යයක් කරන්න ඕනැයි කියලා යම් යම් අය කියනවා. ඇත්ත වශයෙන් දැන් තියෙන ව්‍යවස්ථාව යටතේ කිසිම ආගමකට එහෙම විශේෂ සැලකිල්ලක් ලබාදීලා නැහැ. නමවන වගන්තිය දහය දා හතර වගන්තිත් එක්ක කියන කොට සෙසු සියලූ ආගම් වලට ඒ අයිතිය ලබා දීලා තියෙනවා. හරයාත්මකව ගත්තොත් එහෙම ලංකාවේ බුද්ධාගමට ලැබිච්ච දෙයක් නැහැ. හැබැයි මේ ව්‍යවස්ථා සැරසිල්ල හරි දිය කරනව නම් ඒක වැරදියි. මොකද මේක අතීතයේ ඉඳන් ආපු අපේ උරුමයේ කොටසක්. ඒ උරුමය නිසා වෙනත් ආගම්වලට කොහේවත් කවදාවත් හානි වෙලා නැහැ. ඒනිසා සම්බුද්ධ ශාසනය රැුකගැනීම රජයේ වගකීමක්. ඒ වෙනුවෙන් මෙයට වඩා ශක්ති සම්පන්න ඒවා එන්න ඕන කියන එකයි අපි විශ්වාස කරන්නේ. ලේකම්වරු යෝජනා කරලා තියෙන ඒ යෝජනාවෙන් කිසියම් දුරකට ඒ වගන්තිය දියකර හැරීමකට උත්සාහ කරලා තියෙනවා කියන එක අපිට පේනවා.පළාත් සභාවලට බලය ඕනෑ කියලා කෑ ගහන අයට අද උතුරු පළාත් සභාවට බලය තිබියදීත් වැඩ කිරීමට නොහැකි වී තිබෙනවා. සෙසු පළාත් සභාවල වැඩ ටිකවත් අද උතුරු පළාත් සභාවේ මහ ඇමැති විග්නේශ්වරම් මහතාට කරගත නොහැකියි. අපි හිතනවා දෙමළ ජනතාවගේ නියෝජිතයන් මධ්‍ය පාලනයට සම්බන්ධවී කටයුතු කළ යුතුයි. මේ හරහා ඔවුන්ගේ ගැටලූ විස`දා ගත හැකියි.මේ ජනාධිපතිධුරය සම්බන්ධයෙනුත් මහා විශාල මායාවක් තියෙනවා. ලෝකයේ ආණ්ඩුක‍්‍රම ඇතුළේ ජනාධිපති ක‍්‍රම 03ක් තියෙනවා. එකක් තමයි ජනාධිපති ක‍්‍රමය. ඒක තමයි ඇමරිකාවේ තියෙන්නේ. සියලූම කටයුතු කරන්නේ ඔහු. ඔහුට අසීමාන්තික බලයක් ලැබෙනවා. ඊළඟට තියෙනවා පාර්ලිමේන්තු ක‍්‍රමය. ඒක තමයි ඉන්දියාවේ තියෙන්නේ. ඕක තමයි අපෙත් 77ට කලින් තිබ්බේ. ඊළඟට තියෙනවා මේ දෙකේ මිශ‍්‍ර ක‍්‍රමය. ඒ මිශ‍්‍ර ක‍්‍රමය තමයි ඔය ප‍්‍රංශයේ එහෙම අත්හදා බලලා තියෙන්නේ.දැන් අපි අර පළවෙනි ක‍්‍රමයේ ඉඳලා ව්‍යවස්ථා සංශෝධන කිහිපයක් මගින් මේ තුන්වන ක‍්‍රමයට මාරු වෙලා තියෙනවා. ඒ කියන්නේ බලගතු ජනාධිපති පදවියක සිට මිශ‍්‍ර ක‍්‍රමයකට මාරු වෙලා තියෙනවා. පළමුව ජනාධිපතිගේ බලය ඉවත් වුණේ 13 වැනි සංශෝධනය හරහා. ඊළඟට ස්වාධීන කොමිෂන් සභා ඇතුළු කාරණා නිසා 19 වැනි සංශෝධනය හා 17 වැනි සංශෝධනය නිසා ජනාධිපතිගේ බලතල තවත් විශාල ප‍්‍රමාණයක් ඉවත් වුණා. ජනාධිපතිගේ බලතල ඉවත් කරලා ජනාධිපති ධුරය ප‍්‍රජාතන්ත‍්‍රකරණය කිරීමක් තමයි දැන් සිද්ධ වෙලා තියෙන්නේ. ඒ නිසා මේ දැන් තියෙන ධුරය අහෝසි කළ යුතුයි. මේක ඒකාධිපතියි කියලා කියන්න කාටවත් බැහැ. කෙලින්ම ජනාධිපති ජනතාව පත්කරලා තියෙන්නේ. ඒ ජනාධිපති පාර්ලිමේන්තුවට වගකියන ජනාධිපති කෙනෙක්, උසාවියට වග කියන ජනාධිපති කෙනෙක්. රජයේ නිලධාරීන්ට වග කියන ජනාධිපති ධුරයක් ඇති කරලා. ජනාධිපතිධුරය ප‍්‍රජාතන්ත‍්‍රකරණය කරලා තියෙන්නේ.මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නවලට පිළිතුරු ලබාදුන් අමාත්‍යවරයා මෙසේද පැවසීය.ප‍්‍රශ්නය - නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ ඉදිරි පියවර මොනවද?පිළිතුර - නව ව්‍යවස්ථා කෙටුම්පතක් නිසා අනිවාර්යයෙන්ම ජනමත විචාරණයකට යා යුතුයි. මේ කටයුුත්ත සියලූ දෙනාගේම එකඟතාවයෙන් කරන්න පුළුවන්නම් ඒක තමයි වඩා සාර්ථක වෙන්නේ.ප‍්‍රශ්නය - මියන්මාරයේ රෝහින්ග්‍යා සරණාගතයින් ගැටලූව සම්බන්ධයෙන් ඔබේ අදහස?පිළිතුර - මියන්මාරයේ ප‍්‍රශ්න මියන්මාරය විසඳා ගත යුතුයි. ඒකට මේ රටේ අපේ මැදිහත් වීමක් අවශ්‍ය නැහැ. මොකද ඔය විදියට අපි අනික් රටවල ප‍්‍රශ්නවලට මැදිහත් වෙන්න ගියොත් ඒකෙ කෙළවරක් වෙන්නේ නැහැ. අපි ඒවට විරෝධතා පවත්වන්න ගියොත් ඒවට කතා පවත්වන්න ගියොත් අපේ රටේ දැන් තියෙන සංහිදියාවත් නැති වෙන එක තමයි වෙන්නේ.ප‍්‍රශ්නය - මේ සරණාගතයෝ අපේ රටේත් සිටිනවා?පිළිතුර - ඔය මහලොකුවට දේශපේ‍්‍රමීව කතා කළාට ගොඨාභයයි මහින්දයි තමයි 2005 දෙසැම්බර් 07 වනදා අපේ විරෝධතාව මත අනාථයන් භාරගන්න ඔය ගිවිසුමට අත්සන් කළේ. දැන් අපි ඒකට බැඳිලා. ඒකයි මේ ගැටලූව.අලූතින් සරණාගතයින් නැහැ. ඔය ගිය අපේ‍්‍රල් මාසේ පැමිණි පිරිසක්. ඒ අයට මෙහේ පුරවැසිකම් දෙන්න කිසිම තීරණයක් ගෙන නැහැ.
|
අනුපාත ඡන්ද ක‍්‍රමය වෙනස් කර ජනපති ක‍්‍රමය අහෝසි කළොත් රටම අස්ථාවරයි
| 1 |
ජන වරමින් රටට පොරොන්දු වූ දේ වෙනුවට ආණ්ඩුව වෙනත් විකාරවලට කාලයත් මුදලූත් නාස්ති කරමින් සිටින්නේ යැයි ද ජනාධිපතිවරයා ඒ මගින් මිදී ස්වාධීන තීන්දු ගෙන දුන් පොරොන්දු ඉටු කළ යුතු යැයි ද පාර්ලිමේන්තු මන්ත්රී අතුරලියේ රතන හිමියෝ පෙරේදා(28) කොළඹ දී පැවැසූහ. මේ රටට අද අවශ්‍යව ඇත්තේ ජාතික සංවර්ධන සැලැස්මක් මිස ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා වෙනසක් හෝ විශේෂ ආර්ථික සංවර්ධන ව්‍යාපෘති නොවන්නේ යැයි කී උන්වහන්සේ විදෙස් කර්මාන්තශාලා හා ආයෝජන ගැන කියන කතා කිසිදු දිනෙක යථාර්ථයක් නොවන දේවල් යැයි අවධාරණය කර කීහ. ආණ්ඩු වෙනසකට තමා ඇතුළු සංවිධාන ගණනාවක්ම උරදුන්නේ ජනතාවට පොරොන්දු රැුසක්ම දෙමින් යැයි ද එම පොරොන්දු ඉටුනොකරන්නේ නම් ජීවත්වීමෙන් පලක් නැතැයි ද රතන හිමියෝ කීහ. පාර්ලිමේන්තු මන්ත්රී අතුරලියේ රතන හිමියන් මෙම අදහස් පළ කළේ උන්වහන්සේගේ මූලිකත්වයෙන් පිහිටු වූ ශ්‍රී ලංකා ජාතික මහා සභාවේ ප‍්‍රථම මහා සමුළුව ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැවැති අවස්ථාවේදීය. ‘‘තිරසාර යුගයට මඟ’’ මැයෙන් වූ එම සංවිධානයේ ජාතික සැලැස්ම ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතා ඇතුළු පැමිණ සිටි සම්භාවනීය අමුත්තන්ට පිළිගැන්වීම ද එහිදී සිදුවිය. උත්සවයේ ප‍්‍රධාන දෙසුම කරමින් අතුරලියේ රතන හිමියෝ මෙසේ ද කීහ. අපි මේ සමුළුව සංවිධානය කළේ මාසයකටත් අඩු කාලයක් තුළයි. මේ සා විශාල ජනකායක් මීට පැමිණීම ගැන අපිට සන්තෝෂයි. මේ සභාවේ අරමුණ මොකද්ද? මේක දේශපාලන පක්ෂයක්වත් රාජ්‍ය නොවන සංවිධානයක්වත් ආගමික සංවිධානයක්වත් නෙවෙයි. අපේ රට ගැන හිතන හැම දෙනාටම එක්විය හැකි පුළුල් ජාතික සභාවක්. ඉන්දියාවේ හා ලංකාවේ ජාතික සංගමයත් ඉතාලියානු ජාතික කොංග‍්‍රසයත් මට සිහියට එනවා. ජාතික මහා සභාව පිහිටුවූයේ අප රට මුහුණ දෙන සමකාලීන අර්බුදවලට විසඳුම් සෙවීමේදී මතවාදී අරගලයක් හා ප‍්‍රායෝගික ක‍්‍රියාකාරකම් සහිත වැඩපිළිවෙළක් සඳහායි. විශ්ව විද්‍යාල උපකුලපතිවරුන්, ආචාර්ය මහාචාර්යවරුන් සර්වෝදය ව්‍යාපාරය අගරදගුරුතුමන් මුස්ලිම් ආගමික නායකයන් ඇතුළු විද්වතුන් රැුසකගේ අදහස් සාරසංග‍්‍රහ කිරීමෙන් මේ සභාවට පාර කැපුණා. මේ වගේ කෙටි කාලයක් ඇතුළත රට වෙනුවෙන් ජාතික ප‍්‍රතිපත්තියක් හැදීමට හැකිවීම ගැන මා ඉතා සතුටට පත්වෙනවා.ව්‍යවස්ථා හා ආර්ථික වෙනසක් ගැන කට්ටිය මේ දවස්වල කතා කරනවා. හැබැයි අපි කතාකරන්නේ රටට ජාතික සැලැස්මක් ගැනයි. රටට ආණ්ඩුක‍්‍රම හා ආර්ථික වෙනසක් අවශ්‍ය ඇයි කියන ප‍්‍රශ්නයට ව්‍යුහාත්මක පිළිතුරක් අපි දෙනවා. ජනාධිපතිතුමනි, ඔබතුමා සමඟ ප‍්‍රතිපත්තිමය තීරණයකට එනකොට ජාතික ප‍්‍රතිපත්ති සභාවක් හදන්න යැයි අපි ඔබට කිව්වා. ඒකට තුනෙන් දෙකක් අවශ්‍ය නෑ. ජනමත විචාරණ අවශ්‍ය නෑ. කාලය නාස්ති කරන්න අවශ්‍ය නෑ. අද ඔබතුමා බලයට පත්වෙලා අවුරුදු දෙකයි. තාම සභාව හදලා නෑ. එක්සත් ජාතික පක්ෂය සමඟ ආණ්ඩුව හදන්න යනකොට අපි රනිල් වික‍්‍රමසිංහ මැතිතුමා එක්ක ගිවිසුමක් අස්සන් කළා. ජාතික සැලසුම් සභාවක් හදනවා යැයි ඒ ගිවිසුමෙන් කිව්වා. අද වනතුරු කිසිම සාකච්ඡාවක් නෑ. හැබැයි කියපු නැති දේවල්වලට මේ වනවිට කාලයත් මුදලූත් විශාල වශයෙන් නාස්ති කරමින් තිබෙනවා.ජනමත විචාරණයකට තුඩු දෙන ව්‍යවස්ථා සංශෝධනයක් ගැන කියනවා. ජනාධිපතිතුමනි, ජනමත විචාරණයකට තුඩු දෙන ව්‍යවස්ථා සංශෝධනයකට යන්නේ නෑ කියලා අපි කිව්වේ ඇයි? විධායක ජනාධිපති ක‍්‍රමය එක්ක බැඳුණු කාරණා ගණනාවක් මේ රටේ තිබෙනවා. පළමු වැනි එක ඡුන්ද ක‍්‍රමයයි. ඔබතුමා නොහිටියා නම් මේ ආණ්ඩුව පිහිටුවන්න පුළුවන් ද? මේ ආණ්ඩුව ගෙනියන්න පුළුවන් ද? එක පක්ෂයකටවත් බලය නෑ. ජනාධිපති කෙනෙක් නොහිටියා නම් අර නේපාලයේ වගේ රට අරාජික වෙලා. ඒකාධිපති බලතල ඉවත්කරලා විධායක ජනාධිපති ධූරය රටට වගකියන තත්ත්වයට පත්කරමු යැයි කිව්වෙ ඒකයි. 19 වැනි සංශෝධනයට ඔබතුමා කොච්චර කැප වුණාද? කියන්න ලැජ්ජයි. විපක්ෂය වගේම ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන කතාකරන සමහර වාමාංශික පක්ෂ ගුණාත්මකභාවය වැඩිකරනවා වෙනුවට ඒක ආපස්සට හැරෙව්වා. එහෙම වෙද්දිත් 19 සම්මත කරගැනීමට අපිට හැකිවුණා. ඒ ගැන ඔබතුමාට මුළු ජාතියේම ප‍්‍රණාමය හිමිවෙනවා. දෙතුන් දෙනෙකුගේ වුවමනා එපාකම්වලට මේ රටේ ආර්ථිකය මෙහෙයවන්න බෑ. අපි මෛත‍්‍රිපාල සිරිසේන මහතා බලයට ගෙනාවේ එක්තරා කල්ලියකට ඕනෑ විදියට ආර්ථිකය මෙහෙයවන්න නෙවෙයි. පාර්ලිමේන්තුවේ මම ඉන්නවද නැද්ද කියලා අහනවා. ඒක නෙවෙයි දැන් ප‍්‍රශ්නෙ. මේ ආණ්ඩුව හදන්න මුල්වෙච්ච මා ඇතුළුව සංවිධාන විශාල ගණනක් තිබෙනවා. අපි රටට කිව්ව දේ කරන්න බැරි නම් ජීවත් වෙලා වැඩක් නෑ. මක්නිසාදයත් ඒ වරදට අපි වගඋත්තරකරුවන් වෙනවා. මේ රටට අද ජාතික සැලැස්මක් අවශ්‍ය වෙලා තිබෙනවා. එක පැත්තක මැණික් තිබෙනවා. තව පැත්තක ඛනිජ වැලි තිබෙනවා. රට වටේට මහ මුහුදක් තිබෙනවා. මේ මුළු රටම එකක් හැටියට ගෙන සංවර්ධන වැඩපිළිවෙළ හැදිය යුතුයි. දැන් සංවර්ධනේ කියලා කියන්නෙ මොකද්ද? එකම සිහිනය සිංගප්පූරුවයි. සිංගප්පූරුව කියන්නේ රටක් නෙවෙයි. කොළඹ නගර සභාව විතර පුංචි කෑල්ලක්. අරහෙන් මෙහෙන් ආපු මිනිසුන්ගෙන් හැදිච්ච ආර්ථිකයක් තිබෙන රටක්. ශ්‍රී ලංකාව කියන්නෙ කෝටි දෙකකට අධික ජනතාවක් ජීවත් වෙන රටක්. ඉතින් ජාතික ප‍්‍රතිපත්ති සභාව සැලැසුම් කළේ මේ රට හදන්නේ මොන සැලැසුමටද කියලා හොයන්නයි. එක්සත් ජාතින්ගේ පැරිස් සමුළුවේ දින දහයක් මාත් සිටියා. ප‍්‍රංශ ජනපතිත් කතෝලික සභාවත් පැරිස් සම්මුතිය ක‍්‍රියාත්මක කිරීමට විශාල මැදිහත්වීමක් කළා. අවුරුදු ගාණක් එක්සත් ජාතින්ගේ රටවල් එකසිය අනූ ගාණම එකතු වෙලා සම්මුති හදලා තිබෙනවා. මේ ලෝකය අද මුහුණ දී තිබෙන භයංකර තත්ත්වය එයින් කිව්වේ. මේ මානව වර්ගයාට තව අවුරුදු සීයක් ජීවත්විය හැකිදැයි යන ප‍්‍රශ්නයක් මතුව තිබෙනවා. මහපොළොව යට තිබුණු කාබන් ඩයොක්සයිඞ් වායුව මිහි මතට අරගත්තා. ඛනිජ තෙල් අවුරුදු ගාණක් තිස්සේ බලශක්තිය හැටියට පාවිච්චි කිරීමෙන් කාබන් ඩයොක්සයිඞ් වායුව නිපදවෙනවා. එය විශාල වශයෙන් නිපදවෙන්නේ දියුණුවට පත් කියන රටවලිනුයි. ඇමෙරිකාවේ ඒක පුද්ගල කාබන්ඩයොක්සයිඞ් ප‍්‍රමාණය ටොන් 16යි. ලංකාවේ තාම අපි ටොන් එකක් නෑ. පහුගිය අවුරුදු විස්සේ මේ විෂ වායුව වැඩියෙන්ම පිටකළේ චීනයයි. තව ටිකක් මේක වැඩිවුණොත් මුහුදු මට්ටම වේගයෙන් උඩට ගිහින් ¥පත් විශාල සංඛ්‍යාවක් වැසී යනවා. අපේ අර යාපන අර්ධද්වීපයත් යට වේවි. හැබැයි දියුණු රටවල අය කාබන් නිකුත් කිරීම සීමාකරන්න කැමැති නෑ. කාබන්ඩයොක්සයිඞ් වායුව අඩු කරනවා කියන තීන්දුව ගන්න ඒ රටවල දේශපාලකයන්ට බෑ. යුරෝපය ගොඩක් කල් කළ නිසා අපිටත් තව අවුරුදු විස්සක්වත් ඕනෑ යැයි චීනය කියනවා. මෙන්න මේ නිසා අපට අලූත් ඉඩක් ලැබිලා තිබෙනවා. ලෝකය පුරාම විද්‍යාඥයන් කියන්න පටන් අරන් තිබෙන්නේ අධිපරිභෝජනවාදයෙන් හා නාගරීකරණයෙන් මිදිලා සරල වෙන්න කියලයි. ජනාධිපතිතුමනි කාටවත් නැති වාසනාවක් අපට තිබෙනවා. දවසේ පැය දොළහක්ම හිරු එළිය වැටෙනවා. යුරෝපයේ එහෙම නෑ. ලෝකයේ අනාගත බලශක්තිය වන්නේ මේ සූර්යායි. සූර්ය බලශක්තිය මුල්කරගත් විප්ලවයකට අපි අපේ ප‍්‍රතිපත්ති හැදිය යුතුයි. අපේ බලශක්ති විප්ලවය රඳා පවතින්නේ පිට රටින් ගේන ගල් අඟුරු හා තෙල් නෙවෙයි. සූර්ය පැනල මගින් අපට අවශ්‍ය බලශක්තිය රට තුළම නිර්මාණය කරගතහැකියි. අපට මුහුදු තරංගත් සුළං බලයත් තිබෙනවා. මේ ටික හරියට පාවිච්චි කළොත් විදේශයන්ට ඇදී යන ඩොලර් බිලියන ගණනක් අපට මේ රටේ ඉතිරිකරගත හැකියි. පුනර්ජනනීය බලශක්තියට යන බව ඔබතුමා ඔබතුමාගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයෙන් කිව්වා. අපි ඒකට යමු. අපි චීනය ඇසුරු කළ යුත්තේ චීනෙට ඉඩම් දෙන්න නෙවෙයි. සූර්ය පැනල සවි කරලා බලශක්ති තාක්ෂණය ගන්නයි. ඔබතුමාට වගේම අගමැතිතුමාට මේවා කරන්න පුළුවන් දේවල්. මේවා පමාකරන්නේ ඇයි? ග්ලිරිසීඩියා පැළ බිලියනයක් වවන ව්‍යාපෘතිය ඔබතුමා ආරම්භ කළා. එය හරියට කළොත් ගල් අඟුරු බලාගාරයක බලශක්තියෙන් බාගයක් නිපදවන්න හැකියි. අක්කරයක පැළ 600 ක් වගා කළහැකියි. ග්ලිරිසීඩියා කොලවලට ගවයන් හරිම පෙරේතයි. මේ රටට අවශ්‍ය කිරි ටික හදන්න අවශ්‍ය ගවයන් මිලියනයයි. ඒ ගවයන් මිලියනයටම කෑමට මේ ග්ලිරිසීඩියා ප‍්‍රමාණවත් වෙනවා. බලශක්තියෙන් ඔබ්බට ස්වයංපෝෂිත ආර්ථික ක‍්‍රමයකටත් මේ වගාව හේතුවෙනවා. ජනාධිපතිතුමනි, වස විසෙන් තොර ගොවිතැනට ඔබතුමා සහාය දැක්වුවත් බොහෝ අය මට හිනාවුණා. මුලදි මට තිබුණෙත් පොතේ දැනුම පමණයි. හැබැයි අපි ජන මතයක් හැදුවා. අක්කර පනස්දාහක් වවන්න අපි දැඩි පරිශ‍්‍රමයක් දැරුවා. හැබැයි නියඟයක් ආවා. ඒත් සැළකිය යුතු ප‍්‍රමාණයක් වැව්වා. රතන හාමුදුරුවන්ගෙ වැඬේ හොඳ වුණත් ඒක පාඩු යැයි සමහරු කියන්න ගත්තා. ක්‍ෂුද්‍ර ජීවි ක‍්‍රියාකාරිත්වය පාවිච්චි කරලා මාස තුනක් දිරන්නට යන කොලරොඩු දින දහයෙන් දිරාපත් කළහැකි බව අපේ විද්‍යාඥයන් පෙන්නුවා. මාස දෙකක් ඇතුළත ටොන් පන්දාහක පොහොර හැදුවා. අපේ වගාව නියඟයට ඔරොත්තු දුන්නා. තේ අක්කර ලක්ෂ පහක් පමණ වගා කිරීමෙන් ඩොලර් බිලියන එකහාරමක පමණ ආදායමක් අපි ලබනවා. ඒ සියලූ වල්නාශක ගහලයි. හැබැයි කාබනික පොහොර භාවිතයෙන් ඒ ආදායම දෙගුණයක් කළහැකියි. මොකද වස විසෙන් තොර තේවලට ලෝකයේ ඉල්ලූම වැඩියි. වස මුසු තේ ප‍්‍රතික්ෂේප කරන්නට ලෝකය පෙළඹිලා තිබෙනවා. අවාසනාවකට අපේ සමහර ඇමැතිවරු හා මහ තේ වතු හිමියන් වස විසම ඉල්ලනවා. අපි බෑ කිව්වා. මහ වතු වගාකිරීමට බැරි නම් ඒවා ජනතාවට දෙන්න. අපි ඒකට සැලැසුමක් හදලා තිබෙනවා. දළු දෙක දළු තුන කරන්න අපේ විද්‍යාඥයන්ට පුළුවන්. වසර දෙකක් ඇතුළත මේ විප්ලවය කරලා අපි පෙන්වන්නම්. මේවාට උදවු කරන්න ලෝකේ රටවල් ඕනෑ තරම් තිබෙනවා. එක්සත් ජාතින්ගේ සංවිධානයෙන් අපි ආධාර අරගන්නම්. සාදික්කා, කරදමුංගු, අලිගැටපේර ආදී විවිධාංගීකරණයකට අපි යා යුතුයි. රාජ්‍ය භාණ්ඩාගාරය පුරවන්න එයින් හැකියි. රුපියල් බිලියන ගණනක් මේ රටේම ඉතිරි කරගන්නවා වගේම මේ රටේ මිනිස්සුන්ට වසවිසෙන් හැදෙන පිළිකා රෝග නැතිකරගන්නත් පුළුවන්. 2005 දී මේ රටේ පිළිකා රෝගීන් සංඛ්‍යාව පන්දාහයි. අද පහළොස්දාහයි. වකුගඩු රෝගීන්ගේ සංඛ්‍යාව දහ දාහේ සිට ලක්ෂය දක්වා වැඩිවෙලා. සමහරු කියන්නේ මේ ආණ්ඩුවෙන් මොකක්වත්ම වෙන්නේ නෑ කියලයි. වෙන්නේ නෑ නෙවෙයි. හැම දෙනාගේම අත් එකතු වෙන්නේ නෑ. ජනාධිපතිතුමාට සිහිනයක් තිබෙනවා. ඒ සිහිනයට පණ දෙන්න අපි විද්වතුන්ගේ මණ්ඩලයක් හැදුවේ ඒකයි. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව කාලේ රවුන්ඩප් තහනම් කරන්න යැයි අපි කිව්වා. කැබිනට් මණ්ඩලේ තීන්දුවක් ගත්තා. හැබැයි අරලියගහ මන්දිරේදි තීන්දුව වෙනස් වුණා. සල්ලි කුට්ටිවලට තීන්දු නැවැතුණා. හැබැයි ග්ලයිෆොසේට් තහනම් කරලා වස විසෙන් තොර ගොවිතැන වෙනුවෙන් අද අපිට ප‍්‍රතිපත්ති තීන්දු ගන්න හැකිවෙලා තිබෙනවා. මේවා රතන හාමුදුරුවන්ගෙ බොරු යැයි සමහරු බය කරනවා. හැබැයි රාජ්‍ය නිලධාරින්ම අද මේ ඇත්ත තේරුම්ගෙන තිබෙනවා. ඩොලර් බිලියන දෙකක් ණය ගෙවන්න තිබෙනවා යැයි කියනවා. කොහොමද ණය ගෙවන්නේ කියලා අහනවා. ඒක කරන්නෙ වරාය විකුණලාද? චීනෙන් ගත්ත ණය ගෙවන්න බැරි නම් ඒක කරන්නේ වරාය දීලාද? රාජ්‍ය ආයතන පාඩු ලබනවා නම් ඒවාත් දීලා දාමුද? මිනිස්සු මත බදු පටවමුද? ජනාධිපතිතුමනි, මේ ඩොලර් බිලියන දෙක හොයන හැටි පෙන්වලා දෙන්න අපේ විද්‍යාඥයන් සූදානම්. මේක මහ ලොකු ගණිත ක‍්‍රමයක් නෙවෙයි. තිබෙන්නේ සරල උත්තරයක්. ආනයන අපනයන පාලනයක් කරමු. මහ බැංකු වාර්තාව අරගෙන බලන්න. මෙටි‍්‍රක් ටොන් 6 12,000 ක් අපි සීනි ගෙන්නනවා. කිරිපිටි 81,000 ක් ගේනවා. මිරිස් 409,000 ක් ගේනවා. ඉතින් මේක අපට නවත්තන්න පුළුවන්. සීනි ටික හදාගන්න බැරිද? ආරියශීල වික‍්‍රමනායක මහතා බටර් හදලා අතිරික්තයක් තිබෙනවා. හැබැයි එතුමන්ලා හදන කිරි ටික සතොසෙන් ගන්නෙ නෑ. මේ හැදිච්ච ලෙඬේ මොකද්ද? ප‍්‍රශ්න මේවායි. අපි මේ සභාව හැදුවෙ අපේ දේශීය ව්‍යාපාරිකයාට රැුකවරණයක් දෙන්නයි. දැන් විදේශිය සමාගම්වලට ඉඩම් දෙනවා. ඉඩම් දීමට කිසියම් ප‍්‍රතිපත්තියක් තිබිය යුතුයි. හිතුමතේට ඉඩම් දීමට ජනාධිපතිතුමාට හෝ අගමැතිතුමාට හෝ කිසිම නායකයකුට අයිතියක් නෑ. පිටරටින් ආ පලියට කර්මාන්තවලට ඉඩම් දෙන්න බෑ. කර්මාන්තවලටත් ප‍්‍රතිපත්තියක් තිබිය යුතුයි. අනිත් එක පිටරටින් එන්න ඔය කියන විදියේ කර්මාන්තශාලා නෑ. යුරෝපයේ කර්මාන්තශාලා වැහිලා මිනිස්සු දොට්ට දාලා තිබෙන්නෙ. විදේශයන්හි ආයෝජනය කළ ඇමෙරිකන්කාරයන්ටත් ට‍්‍රම්ප් මහත්තයා නැවත මව් රටට කතාකරනවා. ඉතින් යුරෝපෙ සුද්දා එනවාය කර්මාන්ත පටන්ගන්නවාය ආදී මේවා කෙරෙන්නැති දේවල්. රටේ ජාතික ප‍්‍රශ්නෙට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව වෙනස් කරන්න ඕනෑ යැයි කියනවා. මේ රටේ තිබෙන ජාතික ප‍්‍රශ්නය මොකද්ද? ඉඩම් ප‍්‍රශ්නයක් ගැන කියනවා. හැබැයි යාපනේ ඉඩම් කියන්නෙත් අපේ ගාල්ල මාතර වගේම තමයි. තියෙන මිනිහට අක්කර පනහ හැට තිබෙනවා. දුප්පතාට අක්කර කාලක්වත් නෑ. ඉඩම් බලතල දෙන්න ඕනෑ දේශපාලකයන්ට නෙවෙයි. ජනතාවටයි. මේ රටේ ඉඩම් නැති ජනතාව වෙනුවෙන් ජාතික ප‍්‍රතිපත්තියක් හදමු යැයි අපි ජනාධිපතිතුමාට කියනවා. පාරිසරික වශයෙන් සංවේදී ඉඩම් රජයට තබාගෙන සෙසු ඉඩම් ජනතාවට බෙදන වැඩපිළිවෙළක් ආරම්භ කළ යුතුයි. පොලිස් බලතල දෙන්න ඕනෑ යැයි කියන කතාව ගැනත් අපි දීර්ඝ වශයෙන් දෙමළ ජාතික සන්ධානය සමඟ සාකච්ඡා කළා. අපේ පොලිසියෙ සීයට අනූවක් පමණ කරන්නේ රථ වාහන හැසිරවීමයි. ඉතින් ඕකට දෙමළ මිනිස්සු ගන්නවට අපි විරුද්ධ ද? පොලිසියේ සන්නද්ධ අංශය මධ්‍යම ආණ්ඩුවට තබාගෙන සිවිල් පරිපාලනයට අදාළ පොලිස් බලය දෙන්න පුළුවන්. ආයුද අවශ්‍ය හොරු අල්ලන්නයි. අධිරාජ්‍යාවාදී යටත්විජිත කාකි ඇඳුම් ඇඳගෙන සිටින පොලිසිය වෙනුවට සුදු ඇඳුමක් ඇඳගත් පොලිසියක් හදමු. එහෙම නම් ලෝකය පෙරළන ජනමත විචාරණයක් ඕනෑ ද? මේ රට හදද්දී උතුරු නැගෙනහිර ප‍්‍රශ්නයට උත්තරයක් දෙන්නත් අපිට පුළුවන්. නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හත්පට්ටයක් ඕනෑ වගේ ජනමත විචාරණයකට තුඩු දෙන ව්‍යවස්ථා සංශෝධනයක් ගැන කතාකරනවා. මේවා ඕනෑ කාටද? දෙමළ ජනතාවට අවශ්‍ය ආත්ම ගෞරවයක් ඇතිව ජීවත්වීමටයි. ඡුන්ද ක‍්‍රමය ගැනත් අපි සාකච්ඡුා කළා. දැන් පළාත් පාලන ඡුන්දයක් තිබෙනවා. මුළු රටේම මාධ්‍ය ඇස ඇරගෙන එළිවෙනකන් නිදි මරාගෙන ඉන්නවා. මැති ඇමැතිවරු පණ බයේ ඉන්නෙ. අර පරණ විදියට මෙම්බර් ඡුන්දෙ තියමු. ඒක අපිට කරගන්න පුළුවන්. උතුරේ පළාත් සභාව කැමැති නම් දිස්ත‍්‍රික් සභාව ගෙනෙමු. පළාත් සභාවේ සිටින දිස්ත‍්‍රික් සංවර්ධන ඇමැතිවරයකු පත්කරලා ඔහුව කැබිනට්ටුවට ගෙනෙමු. එවිට බලය විමධ්‍යගත වෙනවා.අපිට තරුණ කාලයක් තිබුණා. 71 කැරැුල්ල අපිට යාන්තමින් වගේ මතකයි. උතුරු නැගෙනහිර යුද්ධයෙන් ලක්ෂයක් විතර ජීවිත අප රටට අහිමි වුණා. 88,89 වසර දෙක ඇතුළත 65 000 ක් මැරුණා. අපේ රට ආපස්සට ගියා. නැවතත් එවැනි කඳුළු සලන යුගයක් අප රටට අවශ්‍ය නෑ. අපේ රටේ දුප්පත්කම නැතිකරලා අභිමානවත් ජාතියක් නිර්මාණය කිරීමේ හැකියාව අපට තිබෙනවා. අද පොලොන්නරුවට ගියාම අපි දකින සත්‍ය මොකද්ද? ණය බරින් මිරිකුණු තමන්ගෙ කුඹුර අනුන්ට උකස් තියපු ජනතාවක්. මේක ඉතාම වැදගත් තැනක පිහිටපු ලෝකයේ සුන්දරම රටක්. ඒක නිසා අපේ ආර්ථික ප‍්‍රතිපත්තිය හැදෙන්න ඕනෑ චීනයට හෝ ඉන්දියාවට ඕනෑ හැටියට නෙවෙයි. ස්වයංපෝෂිතභාවයට මුල් තැන දෙන ආර්ථික වැඩපිළිවෙළකට අප යා යුතුයි. අද අප සමාජගත කරන්නේ නැවත මේ රටේ ලේ කඳුළු සැලෙන්නේ නැති අනාගතයක් සඳහා වූ වැඩපිළිවෙළයි. මේ ආණ්ඩුව මින්පසු ගමන්කරන්නේ තම තමන්ට හිතෙන හැටියට නෙවෙයි. රටේ ජාතික ප‍්‍රතිපත්තියට ඕනෑ විදියටයි. සීතල කාමරවලට වෙලා හම්බන්තොට වරාය ගැන තීන්දු ගන්න යුගය නිමාකිරීමේ තීන්දුව මෙයින් ගන්නවා. ඒ වගේම අපේ ගොවියන්ගේ ඉඩම් හා සංවේදී පාරිසරික කලාපවලට අත තියන්න කිසි කෙනෙකුට ඉඩ නොදෙන බවට අධිෂ්ඨානය ඇතිකරගමු. මුඩුක්කු සංස්කෘතියේ හිරවෙලා කුඩු ගහන ජීවිත වෙනුවට නව නාගරික සංවර්ධන වැඩපිළිවෙළක් ආරම්භ කරමු. ඒ වගේම ලෝක බලවතුන්ගේ පොර පිටියක් බවට පත්වීමට ඉඩ නොතබා අපේ රටේ ස්වාධීනත්වය ආරක්ෂා කරගන්නා වැඩපිළිවෙළකට යමු. අපි ජනාධිපතිතුමාට කියන්නේ රනිල් වික‍්‍රමසිංහ මහත්තයාත් පරාදයි. මහින්ද රාජපක්ෂ මහත්තයත් පරාදයි. මේ රටේ බලය ලැබිලා තිබෙන්නේ මෛත‍්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමාටයි. ඔබතුමා රට පාලනය කළයුත්තේ එක්කෙනෙකුට දෙන්නෙකුට අවශ්‍ය විදියට නෙවෙයි. ජාතික ප‍්‍රතිපත්ති සභාව පිළිබඳව ඔබතුමාට තීන්දුවක් ගන්න පුළුවන්. ඇයි ඔබතුමා පමාවන්නේ? ඔබතුමා පමාවන හැම දිනයක් පාසා අපේ රට යන්නේ අඳුරු අගාධයකටයි. කොළඹ විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යා හා රාජ්‍ය ප‍්‍රතිපත්ති අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ධම්ම දිසානායක, මවුබිම ලංකා පදනමේ සභාපති ආරියශිල වික‍්‍රමනායක, යහපාලනය සඳහා වන ජාතික පෙරමුණේ මහලේකම් සුරේන් රාගවන්, සෙමා ආයතනයේ සභාපති අශෝක අබේගුණවර්ධන යන මහත්වරු ද මෙහිදී අදහස් දැක්වූහ. (සටහන - බිඟුන් මේනක ගමගේ)
|
අනුපාත ඡන්ද ක‍්‍රමය වෙනස් කර ජනපති ක‍්‍රමය අහෝසි කළොත් රටම අස්ථාවරයි
| 0 |
(ශ‍්‍රී ජයවර්ධනපුර මුදිතා දයානන්ද)”වෙට්ටු දාලා තමන්ට ඕන දේ කරගන්න මේ ආණ්ඩුව දක්ෂයි. නියම බබා එළියට එන්නේ කාරක සභාවේදීයි. පාර්ලිමේන්තුවට එන ව්‍යවස්ථා කෙටුම්පතේ ඒකීය වුණත් නැතත් ඒක කාරක සභාවට ගිහින් එනකොට ෆෙඩරල් රාජ්‍යයක් වෙනවා. මේ ව්‍යවස්ථා මරඋගුල පරාජය කිරීම රටට ආදරේ කරන අපි කාගෙත් වගකීමක්” යැයි ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්රී විමල් වීරවංශ මහතා ඉකුත්දා (14) වැනිදා පැවසීය.වීරවංශ මහතා එසේ පැවසුවේ ව්‍යවස්ථා මර උගුලට එරෙහි ජාතික සමුළුව නමින් ජාතික නිදහස් පෙරමුණ කොළඹ විහාරමහා දේවි එළිමහන් රංගපීඨයේදී පැවැත්වූ ජනරැලියකදී අදහස් දක්වමිනි.එහිදී තවදුරටත් අදහස් දැක්වූ වීරවංශ මහතා මෙසේද පැවසීය.-ආණ්ඩුව රට බෙදන ව්‍යවස්ථාවක් ගෙනත් තිබෙනවා. ඒක ව්‍යවස්ථාවක් නෙවෙයි, ව්‍යවස්ථා සම්පාදක කමිටුවේ අතුරු වාර්තාවක් විතරයි කියලා සමහරු කියනවා. මේ අතුරු වාර්තාවට එක්සත් ජාතික පක්ෂයත් මුස්ලිම් කොංග‍්‍රසයත් හැර අනෙක් හැම පක්ෂයකින්ම යෝජනා ඉදිරිපත් කර තිබෙනවා. ඒ අය යෝජනා සංශෝධන එකතු කර නැත්තේ තමන් මේ වාර්තාවේ අඩංගුවට කැමැති නිසයි. එහෙම නම් මේකේ තිබෙන ෆෙඩරල් ව්‍යවස්ථාව නෙවෙයි නම් වෙන එකක් එයි කියලා අපි කොහොමද විශ්වාස කරන්නේ?අපි පහුගිය කාලය තුළ දැක්කා ඒ විදිහට කියලා ගෙනාපු පනත් කෙටුම්පත් කොහොමද තමන්ට අවශ්‍ය විදිහට සම්මත කරගත්තේ කියලා. පාර්ලිමේන්තුවට එන්නෙ ඒකීය රාජ්‍යයක් සහිත ව්‍යවස්ථා කෙටුම්පතක් වෙන්න පුළුවන්. පාර්ලිමේන්තුවට එන්නේ ඒකීය රාජ්‍යයක් සහිත ව්‍යවස්ථා කෙටුම්පතක් වුවත් සම්මත වන්නේ ඊට හාත්පසින්ම වෙනස් එකක් වෙන්න අද තිබෙන ඉඩ වැඩියි. මොකද අපිට පහුගිය කාලයේ අත්දැකීම් තිබෙනවා කාරක සභා අවස්ථාවේදී සංශෝධන ඉදිරිපත් වුණ ආකාරය ගැන. ගෙනාපු පනතේ තිබෙනවාට වඩා වැඩි වගන්ති ප‍්‍රමාණයක්, එහි කිසිම වගන්තියකට අදාළ නොවන කොටස් විශාල ප‍්‍රමාණයක් සංශෝධන හැටියට එනවා. ඊට පස්සේ මේක පාර්ලිමේන්තුවට ගේන වෙලාව වෙනකොට අධිකරණයට යන්න තියා පාර්ලිමේන්තුව තුළදීවත් විරුද්ධ වෙන්න කාලයක් ඉතිරිවන්නේ නැහැ.පළාත් සභා මැතිවරණයට කාන්තා නියෝජනය ගැන කතා කරන්න ඉදිරිපත් කළ පිටු හතරක පුංචි පනතට අපිත් එකඟ වුණා. ඒත් ඒක කාරක සභාවට ගිහින් සංශෝධන හතළිස් තුනක් එක්කරලා ආපහු ආවේ ලොකු පනතක්. එහි කාන්තා නියෝජනය ගැන කතා කරනවා වෙනුවට පළාත් සභා මැතිවරණය කල්දැමීමට හැකිවන පරිදි නව මැතිවරණ ක‍්‍රමය ආදේශ කිරීම, සමෘද්ධි නිලධාරීන්ට ඡන්දේ ඉල්ලන්න බැහැ කියන කරුණු ඇතුළු කරුණු ගණනාවක් ඇතුළත් කර තිබෙනවා. මේක තමයි එක්සත් ජාතික පක්ෂය ප‍්‍රමුඛ මේ ආණ්ඩුව පහුගිය කාලේ අනුගමනය කළ පිළිවෙළ. කාරක සභා අවස්ථාවේදී තමයි නියම බබා එළියට එන්නේ. අගමැති දන්නේ වෙට්ටු දාන්න විතරයි. තමන්ගේ වුවමනාව මොකක්ද කියලා ඇයි කෙලින් නොකියන්නේ? වචන වෙට්ටු දාන්නේ ඇයි?මෙවැනි ව්‍යවස්ථා ප‍්‍රශ්නයකට අපි ජේ.ආර්. ජයවර්ධන පාලන කාලයේදීත් මුහුණ දුන්නා. එදා 13 වන ආණ්ඩුක්රම ව්‍යවස්ථා සංශෝධනය ගෙනාවා ඉන්දියාවේ ඕනකමට. ඉන්දියාවේ බලපෑමට. ඒක ගෙනාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය වළදාලා. දේශපාලන පක්ෂ කීපයක් තහනම් කරලා. අද ඒක වෙනත් ක‍්‍රමයකට ඒ මාමාගේ බෑනා කරන්න යනවා. අද වුවමනාව හා බලපෑම එන්නේ බටහිරින්.වසර තිහක් පැවැති උතුරේ යුද්ධය අවසන් කළා. අද උතුරෙත් දකුණෙත් බෝම්බ පුපුරන්නේ නැහැ. එදා වගේ අද දෙමළ අම්මාටවත් සිංහල අම්මාටවත් තමන්ගේ දරුවන්ගේ මිනී බදාගෙන වැළපෙන්න අවශ්‍ය නැහැ. ඒ යුගය අවසන් කිරීම ගැන මේ රටේ ජනතාව සතුටු වුණා. හැම කෙනෙක්ම කිරිබත් කැවුම් කාලා ඒ සතුට සැමරුවා. එදා බෙදුම්වාදී ත‍්‍රස්තවාදීන්ට යුද්ධයෙන් ජයගන්න බැරි වුණ ඊළම ව්‍යවස්ථාමය වශයෙන් ලබාදෙන්නයි ආණ්ඩුව සැරසෙන්නේ. ව්‍යවස්ථාවෙන් රට බෙදන්න අවශ්‍ය නැහැ. ඒක කරන්නේ මේ රටේ නීතියට අනුව නෙවෙයි, ජාත්‍යන්තර නීතියට අනුවයි. අපි කරන්න ඕන ඒ අයට ඒ ටික කරන්න පුළුවන් වෙන විදිහට වටපිටාව සකස්කර දීමයි.හැත්තෑ හතේ ආණ්ඩුවේ ස්වදේශ කටයුතු ඇමැති බවට පත්වුණ දේවනායගම් දෙමළ ජාතිකයෙක්. ඔහු ලංකාවේ නැගෙනහිර පළාතේ සිතියම අලූතෙන් හැදුවා. එහිදී අනුරාධපුර දිස්ත‍්‍රික්කයට අයත් පුල්මුඬේ ත‍්‍රිකුණාමලයට අයත් වන හැටියටයි ඒක ඇන්දේ. ඔහු මේ ඉටුකළේ ඊළාම් බෙදුම්වාදීන්ගේ ඊළාම් සිතියමට අවශ්‍ය භූමිය සකස් කර දීමයි. බෙදුම්වාදීන් එක්වර ගෙඩිය පිටින් කන්න දැන් සූදානම් නැහැ. එහෙම කන්න ගිහින් වෙච්ච දේවල් පිළිබඳව ඔවුන්ට අත්දැකීමක් තිබෙනවා. ඒ නිසා දැන් පියවරෙන් පියවර තමයි ඊළම දිනාගන්න තැනට යන්නේ. මේ නව ව්‍යවස්ථාව එහි එක් පියවරක්.ජේ.ආර්. ජයවර්ධන එදා 13 වන ආණ්ඩුක්රම ව්‍යවස්ථා සංශෝධනය ගෙනෙද්දී ඉන්දියාවේ විරෝධය මැද වුවත් ඒකීයත්වය ආරක්ෂා කරගැනීම සඳහා සමගාමී ලැයිස්තුවක් ඉදිරිපත් කළා. ඒ වගේම යම් පළාතක් වෙන්ව යාමේ අවදානමක් තිබේ නම් එය පවරා ගැනීමේ බලය එදා විධායක බලතල සහිත ජනාධිපතිවරයාට තිබුණා. එවැනි තත්ත්වයක් තිබියදී වුවත් ගෙනා බලය බෙදීමේ ව්‍යවස්ථා සංශෝධනයට එදා රෝහණ විජේවීර සහෝදරයාගේ නායකත්වය ලැබූ ජනතා විමුක්ති පෙරමුණ පළාත් සභාවලින් රටේ ඒකීය භාවය නැති වෙනවා කියන ස්ථාවරයේ සිට ඊට එරෙහිව සටන් කළා. දේශද්‍රෝහීන්ට දඬුුවම මරණය කියලා පළාත් සභාවල මැතිවරණයේදී ඡන්ද අපේක්ෂකයින් ඝාතනය කළා. ඔවුන් දේශද්‍රෝහීන් කියන පදනමෙන් ඒ ඝාතන සාධාරණීකරණය කළා. එහි ප‍්‍රතිඵල හැටියට මේ රටේ හැටදහසක් තරුණ ජීවිත ඝාතනයට ලක් වුණා. අද අනුර දිසානායකගේ ගජමිතුරාත් මේ ඝාතනවලට හවුල් වුණා.එදා ඒ විදිහට ජීවිත පරිත්‍යාගයෙන් රට බෙදෙනවට එරෙහිව සටන් කරපු පක්ෂයේ වර්තමාන නායකත්වය අද අගමැතිගේ සුරතලා බවට පත්වෙලා. අද අලූත් ව්‍යවස්ථාවෙන් විධායක බලය අහෝසි කරලා, සමගාමී ලැයිස්තුව ඉවත් කරලා, ඒකීය වෙනුවට ෆෙඩරල් නාමය එකතුකරලා, පළාත් සභාවලට පොලිස්, අධිකරණ, ඉඩම් බලතල ලබාදීලා මේ ගේන ව්‍යවස්ථාව එදා ජේ.ආර්.ගෙනා ව්‍යවස්ථා සංශෝධනයටත් වඩා භයානකව තියෙද්දී ජනතා විමුක්ති පෙරමුණ එයට සහාය දක්වනවා. ටිල්වින් සිල්වා කියනවා ඒකීය හා සන්ධීය කියන වචනවල එල්ලිලා ඉන්න එපාලූ. අනේ මෙයාගේ මේ මොළේ විජේවීර සහෝදරයාට එදා තිබුණා නම් හැටදාහකගේ ජීවිත බේරෙනවා. ජවිපෙට සිදුවී ඇති දෙය එයින්ම අපට පැහැදිලියි.මෙතෙක් පරමාධිපත්‍ය බලය තිබුණේ මේ රටේ ජනතාවට. ජනතාව වෙනුවෙන් මන්ත‍්‍රීවරු 225ක් පාර්ලිමේන්තුව තුළ ඒ බලය නියෝජනය කළා. මේ ව්‍යවස්ථාවෙන් ඒ බලය පළාත් සභාවලටත් බෙදෙනවා.බුද්ධාගමට තිබූ තැන නැති කරනවා. එදා සිට අපේ රටේ ආරක්ෂාව වෙනුවෙන් අපේ මහාසංඝරත්නය කැපවුණා. සටන් කළා. එදා ෆෙඩි‍්‍රක් නෝර්ත් ආණ්ඩුකාරවරයා තමන්ගේ අධිරාජ්‍යයාට දන්වා යවනවා මේ රටේ කහ රෙද්දක් පොරවගත්ත කහකඩ හමුදාවක් ඉන්නවා. ඒ අය මිනිසුන්ගේ දුකට සැපට හැමදේටම මැදිහත්වෙනවා. ඒ අය ඉන්නකම් මේ රට යටත් කරගන්න වෙන්නේ නැහැ කියලා. අද ඒ භික්ෂූන් වහන්සේ රට වෙනුවෙන් කතා කරද්දී උන්වහන්සේලාට ගරහනවා. ව්‍යවස්ථාවෙන් බුදුදහමට තිබුණ තැන නැති කරනවා. නව ව්‍යවස්ථාවේ යම් පළාත් සභාවක් අවශ්‍ය විටක ජනාධිපතිට පවරා ගන්න හැකි බව කියා තිබෙනවා. නමුත් එහෙම කරනවා නම් එසේ කරන්නට හේතු ජනාධිපතිවරයා පළාත් මහ ඇමැතිවරයාට දැනුම් දිය යුතුයි. ඔහු එය පිළිගන්නේ නැතිව අධිකරණයට ගියහොත් අධිකරණය එහිදී ජනාධිපතිගේ පියවර වැරැුදි බවට අර්ථකථනය වෙන්න පුළුවන්. ඒ නිසා මෙහි තිබෙන වාක්‍යවලින් කියවෙන දේ යථාර්ථය බවට පත්වන්නේ නැහැ.අද රටවල්වලට වෙන්වී යාමේ බලය හිමිවන්නේ ඒ රටේ ව්‍යාවස්ථාවට අනුව නෙවෙයි. ජාත්‍යන්තර නීතියට අනුවයි. ස්පාඤ්ඤයේ කැටලෝනියානු ප‍්‍රාන්තය වෙනම රාජ්‍යයක් හැටියට පිළිගන්නේ ඒ නීතියට අනුවයි. ජාත්‍යන්තර නීතියට අනුව යම් රටක කොටසක් ස්වාධීන වෙන්න කරන ඉල්ලීම සාධාරණීකරණය කළ හැකි වටපිටාවක් අපි ව්‍යවස්ථාවෙන් සකස් කරදීම පමණයි සිදුකළ යුත්තේ. මේ කරන්නේ එයයි.මෙහිදී අදහස් දැක්වූ ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප‍්‍රකාශක මොහොමඞ් මුසම්මිල් මහතා මෙසේ පැවසීය.”මේ වෙනකොට රට බෙදීම සඳහා ඉතාමත් කූට උපක‍්‍රම යොදමින් ව්‍යවස්ථා සම්පාදක මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තාව එළිදක්වා තිබෙනවා. මෙහි දිශානතිය වැටී තිබෙන්නේ අමාරුවෙන් ගොඩනගාගත් ජාතික සංහිඳියාව සදාකාලිකවම මේ රටේ ජනතාවට අහිමි කිරීමටයි.බලය බෙදීමෙන් සුළු ජාතිකයන්ගේ සියලූ ප‍්‍රශ්න විසඳෙනවා ද? දැන් බලය තිබෙන්නේ සිංහල ජාතිය අතේ නම් සිංහල ජාතීන්ගේ සියලූ ප‍්‍රශ්න විසඳිලා ද? අන්න ඒ විදිහට සිංහල සාමාන්‍ය ජනතාවගේ සියලූ ප‍්‍රශ්න විසඳිලා නම් අපිට එකඟ වෙන්න පුළුවන් බලය නැති නිසා තමයි ඒ අයට මේ ප‍්‍රශ්න තිබෙන්නේ කියලා. මේ උත්සාහ කරන්නේ සිංහල සාමාන්‍ය ජනතාව අතේ නෙවෙයි. ඒ වගේම මේ බලය ගන්න හදන්නේ දෙමළ සාමාන්‍ය ජනතාවත් නෙවෙයි. දෙමළ ඉහළ පැලැන්තිය අතටයි මේ බලය ලැබෙන්නේ. ඒ නිසා ප‍්‍රශ්නය එතනින් අවසන් වන්නේ නැහැ. බලය ලබාදිය යුත්තේ රටේ පුරවැසියාටයි.මෙහිදී කලාශිල්පී සමන් ඒකනායක මහතා ව්‍යවස්ථාව පරාජය කළ යුත්තේ ඇයි ද යන්න කවියෙන් පැහැදිලි කළේය.මෙම අවස්ථාවට ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය නායකවරුන් වන පාර්ලිමේන්තු මන්ත්රී ජයන්ත සමරවීර, පාර්ලිමේන්තු මන්ත‍්‍රී වීරකුමාර දිසානායක මහත්වරුන් ඇතුළු එම පක්ෂයේ නායකයන් ඇතුළු පිරිසක් ද සිංහල රාවයේ ප‍්‍රධාන ලේකම් ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේලා පිරිසක් ද එක්ව සිටියහ.
|
අනුපාත ඡන්ද ක‍්‍රමය වෙනස් කර ජනපති ක‍්‍රමය අහෝසි කළොත් රටම අස්ථාවරයි
| 0 |
(නාලක සංජීව දහනායක)ජනමත විචාරණයකට නොගොසින් සර්වජන ඡුන්ද බලය අහිමි කිරීමට, කල් දැමීමට හෝ වෙනස් කිරීමට ආණ්ඩුවකට බලයක් නැතැයි ප‍්‍රජාතන්ත‍්‍රවාදී වාමාංශික පෙරමුණේ ප්රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්රී වාසුදේව නානායක්කාර මහතා ඉරිදා (28) පැවසීය.සමාජවාදී ජනතා පෙරමුණ විසින් බොරැල්ල ඇන්.ඇම්. පෙරේරා කේන්ද්‍රයේදී ඉරිදා (28) පැවැත්වු මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත‍්‍රීවරයා මේ බව සඳහන් කළේය.එහිදී පාර්ලිමේන්තු මන්ත්රී වාසුදේව නානායක්කාර මහතා මෙසේද පැවසීය.ඇතැම් නඩු උවමනාවෙන්ම යටගසන බවට එක්සත් ජාතික පක්‍ෂය නීතිපති දෙපාර්තමේන්තුවට එරෙහිව චෝදනා කරනවා. දේශපාලන බලපෑම් අනුව කටයුතු කළ යුතු බවට එම දෙපාර්තමේන්තුවට ප‍්‍රබල බලපෑමක් තිබෙනවා. නීතිපති දෙපාර්තමේන්තුවට එක්සත් ජාතික පක්‍ෂය විසින් කරනු ලබන චෝදනා අගමැතිවරයාගේ අනුමැතිය යටතේ නැගෙන බවට අනුමාන කළ හැකියි. මේ නිසා අධිකරණ ඇමැතිතුමටත් තමන්ගේ තනතුරින් ඉවත් වීමට සිදුවුණා.නමුත් නීතිපති දෙපාර්තමේන්තුවෙන් කිසිම වරදක් සිදුව නැති බවත් එම දෙපාර්තමේන්තුවට චෝදනා කිරීමට කිසිම හේතුවක් නැති බවත් ජනාධිපතිවරයා සම්මුඛ සාකච්ඡාවකදී ප‍්‍රකාශ කර තිබුණා. මේ පරස්පර ප‍්‍රකාශ අනුව ආණ්ඩුවකට ඉදිරියකට යන්න පුළුවන්ද?. එහෙමනම් මේක ආණ්ඩුවක් නෙමෙයි. මේක අරාජික කැ`ද හැලියක්.රාජිත සේනාරත්න අමාත්‍යවරයාට විරුද්ධව ඒකාබද්ධ විපක්‍ෂය විසින් විශ්වාසභංග යෝජනාවක් බාර දුන්නා. තමන්ට විරුද්ධ ඖෂධ සමාගම් මාෆියාව මෙම විශ්වාසභංග යෝජනාව පිටුපස සිටින බව ඇමැතිවරයා ප‍්‍රකාශ කර තිබුණා. ඇමැතිවරයා මෙම සමාගම් සමඟ සම්මුතියකට ගියා. නමුත් ලෝකයේ අධිරාජ්‍යවාදී බහුජාතික සමාගම් ඇමැතිවරයා පිටුපස්සේ ඉන්නවා. අපේ රටේ නිදහස් අධ්‍යාපනය හා නිදහස් සෞඛ්‍ය විනාශ කිරීමේ ඒජන්තවරයා ලෙස ඔහු ක‍්‍රියාකරන්නේ ඒ නිසයි.පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් සීමා නීර්ණ සමාලෝචන කමිටු වාර්තාව අවුරුදු දෙකක් තිස්සේ ඇදි ඇදී ආවා. එම කාර්යය සිදුකිරීමේදී තමන්ට පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා බලපෑම් කළ බව සීමා නීර්ණ කමිටුවේ සභාපති අශෝක පීරිස් මහතා ප‍්‍රකාශ කළා. නමුත් මැතිවරණ කොමිසම හා තවත් දේශීය හා ජාත්‍යන්තර සංවිධානවල බලකිරීම මත පළාත් පාලන මැතිවරණය පැවැත්විය නොහැකි මට්ටමක් දැන් ඇතිවී තිබෙනවා. ඒ අතරදී මැතිවරණ කොමිසම විසින් සකස් කළ සංශෝධන වලට ආණ්ඩුවත් අලූත් වගන්ති දැම්මා.රජයේ ක්‍ෂේත‍්‍ර නිලධාරීට දේශපාලනය කිරීමට ලැබී තිබූ අයිතිය එක්සත් ජාතික පක්‍ෂය විසින් අකුළාදමා තිබෙනවා. කාරක සභා අවස්ථාවේදී ඒ වගන්තිය රිංගවපු නිසා වගන්තියට එරෙහිව උසාවි යන්නත් බැරිවුණා. පළාත් පාලන මැතිවරණය පැවැත්වීමේ සම්පුර්ණ බලය මේ වනවිට මැතිවරණ කොමිසමට ලැබී තිබෙනවා. ඒ සඳහා සූදානම්වීමට මාස දෙකක කාලයක් කොමිසම විසින් ඉල්ලා තිබෙනවා. ඒ අනුව නොවැම්බර් අග හෝ දෙසැම්බර් මුල පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට හැකියාව ලැබේවි.සියලූම පළාත් සභා මැතිවරණ එකවිට පැවැත්වීමට රජය සූදානම් වෙනවා. එසේ කිරීමෙන් පළාත් සභා මැතිවරණත් කල් යනවා. පළාත් සභා මැතිවරණ සියල්ලම එකට පැවැත්වීමට ආණ්ඩුවට තිබෙන උවමනාව මොකද්ද කියලා ආණ්ඩුව තවම අපිට කියල නැහැ. පළාත් සභා මැතිවරණ පැවැත්වීමේ දිනය තීන්දු වෙන්නේ පළාත් සභා ආරම්භ වූ දිනය අනුවයි. සියලූම පළාත් සභා මැතිවරණ එක්විට පැවැත්වීමෙන් සබරගමුව පළාත් සභාවේ මැතිවරණය පැවැත්වීමේ කාලය දිගු වෙනවා.ඌව පළාත් සභා මැතිවරණය නියමිත කාලයට කලින් පැවැත්විය යුතු වෙනවා. ඒකෙන් තමන්ට අගතියක් වෙන නිසා ඌව පළාත් සභාව විසි වැනි සංශෝධනයට විරුද්ධව ඡන්දය දුන්නා. ජනමත විචාරණයකට නොගොසින් සර්වජන ඡන්ද බලය කල් දැමීමට හෝ වෙනස් කිරීමට හැකියාවක් නැහැ. ආණ්ඩුවකට එසේ කිරීමට බලයක් නැහැ.ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සංවත්සරය ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් මෙම සතියේදී පැවත්වෙනවා. එක්සත් ජාතික පක්‍ෂයේ ප‍්‍රතිපත්ති සමඟ තමන්ට තවදුරටත් සිටිය නොහැකි බවට ජෝන් සෙනෙවිරත්න මහතා දැනටමත් ප‍්‍රකාශ කර තිබෙනවා. ඒ අනුව ආණ්ඩුවේ තවත් ගලක් ගැලවෙන්න යනවා. බණ්ඩාරනායක මහතා ආරම්භ කළ මතවාදය, දර්ශනය අනුව එක්සත් ජාතික පක්ෂය සමඟ තමන්ට තවදුරටත් ගමනක් යෑමට නොහැකි බවට ජනාධිපතිවරයා ප‍්‍රකාශ කළොත් ශ්‍රී.ල.නි.ප සමුළුවට වටිනාකමක් ලැබෙනවා. එවැනි ප‍්‍රකාශයක් කළොත් එක්සත් ජාතික පක්‍ෂය පරාජය කිරීමේ එකඟතාවක් ඇතිවේවි යැයි පැවසීය.ශ්‍රී ලංකාවේ කොමියුනීස්ට් පක්‍ෂයේ සභාපති රාජා කොල්ලූරේ මහතා මෙසේ පැවසීය.පළාත් සභා මැතිවරණ එකම දිනයක පැවැත්වීමේ වංක ෙචිතනාවක් ආණ්ඩුවට ඇතිවී තිබෙනවා. එක් දිනයක මැතිවරණ පැවැත්වීමත් ආණ්ඩුවේ හදිසි තීරණයක්. සියලූම පළාත් සභා මැතිවරණ එකම දිනයක පැවැත්වීෙමී තීරණය ප‍්‍රායෝගික තීරණයක් නෙමෙයි. ඒ ඒ පළාත් සභාවල පවතින තත්ත්වය අනුව ඒවා ඕනෑම මොහොතක විසුරුවා හැරීමට පුළුවන්.නමුත් 20 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අරමුණ පළාත් සභා මැතිවරණ කල් දැමීමයි. පළාත් සභා වල ආණ්ඩු බලය විපක්‍ෂයට ලැබෙන නිසා පළාත් සභා මැතිවරණ කල් දැමීමට ආණ්ඩුව උත්සාහ ගන්නවා. 20 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට ඡුන්දය නොදීමට උතුරු පළාත් සභාව දැනටමත් තීරණය කර තිබෙනවා.එමෙන්ම පළාත් සභාවල මැතිවරණය පැවැත්වීමේ දිනය තීරණය කිරීමේ මැතිවරණ කොමිසම සතු බලය මෙම සංශෝධනය හරහා පාර්ලිමේන්තුවට ලැබෙනවා. ආණ්ඩුව ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආරක්‍ෂා කරගන්නවා නම් 20 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කර ගත යුතුයි.
|
මේක ආණ්ඩුවක් නොවෙයි: අරාජික කැඳ හැළියක්
| 1 |
(නාලක සංජීව දහනායක)මැතිවරණ කල් දැමීමේ ආණ්ඩුවේ උත්සාහයට විරුද්ධව නැවැත වතාවක් ශ්‍රේෂ්ඨාධිකරණයට යෑමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ඉකුත්දා (21) පැවසීය.එමෙන්ම මැතිවරණ නොපැවැත්වීමේ රජයේ උත්සාහයට එරෙහිව කළ හැකි හැම දෙයක්ම කරන බවද කීය.බොරැුල්ල, ආචාර්ය එන්.එම්. පෙරේරා කේන්ද්‍රයේදී ඒකාබද්ධ විපක්ෂය (21) පැවැත්වූ මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.එහිදී මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා මෙසේද පැවසීය.අද අපේ රටේ ඇතිවී තිබෙන තත්ත්වය ලෝකයේ කිසිම රටක නැහැ. කිසිම රටක් පළාත් පාලන මැතිවරණ වසර දෙකහමාරක් කල්දමන්නේ නැහැ. දැන් ඒ තත්ත්වයම පළාත් සභා සඳහාත් ක‍්‍රියාත්මක කිරීමට රජය කටයුතු කරනවා. අද අපේ රටේ මැතිවරණ පවත්වන දිනය පිළිබඳව දන්නේ සක‍්‍රයා පමණයි.මේ රජයට මැතිවරණ පැවැත්වීමට කිසිම අවශ්‍යතාවක් නැහැ. රජය ජනමතයට බයයි. ඒ නිසා නොයෙකුත් ව්‍යාජ හේතූන් ඉදිරිපත් කරමින් මැතිවරණ කල් දැමීමට රජය උත්සාහ ගන්නවා.කල්දමන පළාත් සභා තුනේ මැතිවරණ මාස හතරක කාලයක් ඇතුළතදී පවත්වන බව අගමැතිවරයා ප‍්‍රකාශ කළා. මාස හතරක් ඇතුළතදී මැතිවරණය පැවැත්වීමට නොහැකි වුණොත් කුමන හෝ ක‍්‍රමයක් යටතේ මැතිවරණ පැවැත්විය යුතු බව නාමල් රාජපක්ෂ මහතා යෝජනා කළා. නමුත් ඒ යෝජනාව රජය ප‍්‍රතික්ෂේප කළා.ලෝකයේ කිසිම රටක් පළාත් සභා මැතිවරණ එකම දිනයක පවත්වා නැහැ. අපේ රටේ සිටි විධායක ජනාධිපතිවරයෙක් එලෙස ක‍්‍රියාකර නැහැ. එකම දිනයකදී පළාත් සභා මැතිවරණ පැවැත්වීම ප‍්‍රායෝගික නැහැ.පළාත් සභා සඳහා කාන්තා නියෝජනය කිරීමට රජයට වුවමනාවක් නැහැ. පළාත් සභා මැතිවරණ එකම දිනයක පැවැත්වීමටත් රජයට කිසිම වුවමනාවක් නැහැ. මෙම පනත සම්මත වීමත් සමග සර්වජන ඡුන්ද බලයට මරු පහරක් එල්ල වුණා.ජනතා අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සඳහා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන රාශියක් තිබෙනවා. ඒ අනුව කිසියම් පනතක් ගැසට් කළ පමණින් එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න බැහැ. ගැසට් කිරීම හා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම අතර අවම වශයෙන් සති දෙකක පරතරයක් තිබිය යුතුයි. ජනතාව ඒ යෝජිත පනත පිළිබඳව දැනුවත් විය යුතුයි. අදාළ පනතින් ජනතාවට අගතියක් සිදුවෙනවාදැයි දැනගත යුතුයි. ඒ පිළිබඳ සොයා බැලීමට අවශ්‍ය කාලය ලබාගැනීම සඳහායි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන්ම එවැනි නිර්දේශයක් කර තිබෙන්නේ.පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළත් තවත් සතියක කාලයක් ලබාදී තිබෙනවා. ඒ අදාළ පනත සම්බන්ධයෙන් අවශ්‍ය අයකුට ශ්‍රේෂ්ඨාධිකරණයට යෑමටයි. නමුත් ඒ අවස්ථාව ඊයේ දිනයේදී අහෝසි වුණා.පළාත් පාලන ආයතන සඳහා කාන්තා නියෝජනය වැඩි කිරීමේ පනතට ආණ්ඩුව විසින් පිටු 32 සංශෝධන 41 ඉදිරිපත් කර තිබෙනවා. ඒ අනුව සම්පූර්ණයෙන්ම අලූත් පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා. ඒ අනුව නව පනතක් සම්බන්ධයෙන් අනුගමනය කළයුතු ක‍්‍රියාමාර්ගවලට යොමුවීමට අවස්ථාවක් ලැබුණේ නැහැ.ජනාධිපතිවරයා සංහිඳියාව, මානව අයිතිවාසිකම් සම්බන්ධව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කතා කළා. නමුත් ඒ මොහොතේදීම එතුමාගේ රජය රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයට මරු පහරක් එල්ල කළා. එය දෛවයේ සරදමක් වගෙයි.මැතිවරණ නොපැවැත්වීමට එරෙහිව අපිට කළ හැකි හැමදෙයක්ම කරනවා. මැතිවරණ නොපැවැත්වීමට එරෙහිව අප මීට පෙර ශ්‍රේෂ්ඨාධිකරණයට ගියා. එහිදී ශ්‍රේෂ්ඨාධිකරණය ප‍්‍රජාතන්ත‍්‍රවාදය සම්බන්ධයෙන් වටිනා නඩු තීන්දුවක් දුන්නා. රජය ඒ නඩු තීන්දුව නිශේධ කිරීමට උත්සාහ ගන්නවා. අප ඒ උත්සාහයට විරුද්ධව ඉදිරියේදී ශ්‍රේෂ්ඨාධිකරණයට යන බවද පැවසීය.ඒකාබද්ධ විපක්ෂයේ ප්රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්රී ඩලස් අලහප්පෙරුම මහතා මෙසේ පැවසීය.පළාත් සභා මැතිවරණ සංශෝධන පනත් කෙටුම්පත සම්මත කර ගැනීම හරහා ආණ්ඩුව දේශපාලනිකව මරණීය වැරදි කිහිපයක් සිදුකරගත්තා. මෙම පනත පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයකින් අමතරව ජනමත විචාරණයකින් සම්මත කර ගත යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් දී තිබුණා. නමුත් මෙම පනත සම්මත කරගත් ආකාරයෙන් ආණ්ඩුව ශ්‍රේෂ්ඨාධිකරණයේ ශ්‍රේෂ්ඨත්වය අහිමි කරා. මේක නංගි පෙන්නල මීආච්චි දුන්නා වගේ වැඩක්.මින්පසුව රටේ පාලනය භාරගන්නා ඒකාධිපති චේතනාවෙන් කටයුතු කරන පාලකයන් සඳහා මේ හරහා විසකුරු මාවතක් ආණ්ඩුව විවරකර දුන්නා. මින් පසුව පාර්ලිමේන්තුවේ 2/3 බලයක් තිබෙන ඕනෑම ආණ්ඩුවකට තමන්ගේ අභිමතය පරිදි රටේ නීතිය වෙනස් කිරීමට හැකියාව තිබෙනවා.මේ ආණ්ඩුව බලය බෙදාහැරීම සම්බන්ධව දිගින් දිගටම කතා කරනවා. එසේ කතා කරමින් පළාත් සභා සඳහා තිබූ බලයත් අහිමි කර ස්ථාවර පළාත් සභාවක් වෙනුවට එල්ලෙන පළාත් සභාවක් නිර්මාණය කිරීමට කටයුතු කර තිබෙනවා.මේ සම්බන්ධ විවාදයට ආණ්ඩුව විසින් නම් කර තිබූ කථිකයන් වෙනුවට වෙනත් කථිකයන් ආදේශ කරමින් විවාදය වුවමනාවෙන් දිග්ගැස්සුවා.ආණ්ඩුවේ මෙම උත්සාහය හරහා නීතිපති දෙපාර්තමේන්තුව හා මැතිවරණ කොමිසම හෑල්ලූවට ලක්වුණා. ආණ්ඩුවේ මෙම සියලූ උත්සාහයන් අවසානයේදී උත්තරීතර පාර්ලිමේන්තුව වියපත් ගණිකාවක් බවට පත්වුණා. පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙක් වශයෙන් මට ඒ ගැන ලැජ්ජයි. මට දැනුණු ඒ ලැජ්ජාව ආණ්ඩුවේ මන්ත‍්‍රීවරුන්ටත් දැනෙන්න ඇති.ආණ්ඩු පක්ෂය නියෝජනය කළ අරුන්දික ප‍්‍රනාන්දු හා ප‍්‍රියංකර ජයරත්න මන්ත‍්‍රීවරුන් විපක්ෂයේ අසුන් ගැනීමත් සමගම ආණ්ඩු පක්ෂයට පාර්ලිමේන්තුවේ තිබූ තුනෙන් දෙකක බහුතර බලය අහිමි වුණා. ඒ නිසා පළාත් පාලන මැතිවරණ සංශෝධන පනත සම්මත කරගැනීම සඳහා රජයට ද්‍රවිඩ ජාතික සන්ධානයේ හා ජනතා විමුක්ති පෙරමුණේ සහය ලැබුණා.එමෙන්ම මෙම පනතට සහය දීමට නම් කොට්ඨාස ක‍්‍රමයෙන් සියයට 60 ක් හා සමානුපාතික ක‍්‍රමයෙන් ලැයිස්තුවෙන් සියයට 40 මන්ත‍්‍රීවරුන් පත්කර ගැනීමේ ක‍්‍රමය 50/50 කරන ලෙසට මුස්ලිම් කොන්ග‍්‍රසය, රිෂාඞ් බදියුදීන් හා මනෝගනේෂන් රජයට දැනුම්දී තිබුණා. ඒ වෙනුවෙන් මන්ත‍්‍රීවරුන් 12 දෙනකු සභා ගැබෙන් ඉවතට ගියා. ඒ ගනුදෙනුව අවසන් කර ගැනීමට අවශ්‍ය නිසා පාර්ලිමේන්තු රැුස්වීම නියමිත කාලයටත් වඩා ඇදගෙන ගියා යැයි පැවසීය.
|
මේක ආණ්ඩුවක් නොවෙයි: අරාජික කැඳ හැළියක්
| 0 |
(කි‍්‍රෂාන් ජීවක ජයරුක්)ගංවතුරින් විපතට පත්වූ සියලූම ජනතාවගේ ජීවිත යථා තත්ත්වයට පත්කර ගැනීමට අවශ්‍ය කි‍්‍රයාමාර්ග ගත යුතු මෙන්ම අනාගතයේදී මෙවැනි ආපදාවලින් ජනතාව මුදාගැනීම සඳහා රජයක් ලෙස තීන්දු තීරණ රැසක් ගත යුතු වෙනවා. මීට පෙර පැවති සෑම රජයක්ම ආපදාවන් වළක්වා ගැනීමට යෝජනාවන් කි‍්‍රයාත්මක කිරීමට උත්සාහ කළ විට ජනතාව දේශපාලනඥයින් සමග එකතු වෙලා ඒවා ආපස්සට හැරවීමට කි‍්‍රයා කළා. ඒ නිසා දෙස් විදෙස් විශේෂඥ ඉංජිනේරුවන්ගේ උපදෙස් මත ආපදා වළක්වා ගැනීමට අවශ්‍ය කි‍්‍රයාමාර්ග කඩිනමින් ගැනීම අත්‍යවශ්‍ය වී තිබෙනවා යැයි ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මාතරදී පෙරේදා (05) පැවසීය.මාතර දිස්ති‍්‍රක්කයේ හදිසි ආපදා තත්ත්වය පිළිබඳව සොයා බැලීම සඳහා කැඳවා තිබූ විශේෂ රැස්වීමකදී ජනාධිපතිවරයා මේ බව කීවේය.ඒ සඳහා ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් වන ඩලස් අලහප්පෙරුම, කාංචන විජේසේකර හා නිරෝෂන් පේ‍්‍රමරත්න යන මහත්වරුන්ද සහභාගිවීම විශේෂත්වයකි.මෙහිදී පළමුව අදහස් දැක්වූ මාතර මහ දිසාපති ප‍්‍රදීප් රත්නායක මහතා මෙසේද කීය.මාතර දිස්ති‍්‍රක්කයේ ග‍්‍රාම නිලධාරි කොට්ඨාස 650න් 500ක්ම මෙම ආපදාවට ලක්වුණා. ඒ වගේම පුද්ගලයින් තිහකට වැඩි පිරිසක් ජීවිතක්‍ෂයට පත්වුණා. වී වගාවට වගේම තේ වගාවටත් විශාල හානියක් සිදුවී තිබෙනවා. ගංවතුර ඇති වූ මොහොතේ පටන් රාජ්‍ය නිලධාරීන් ජනතාව වෙනුවෙන් කළ යුතු සෑම කටයුත්තක්ම නොපිරිහෙලා ඉටු කළා. මුලින් නිල්වලා ගෙඟ් ඉහළ කොටසේ ඇති වූ ගංවතුර පසුව පහළ කොටසේ දින ගණනාවක් පැවතියා. මේ ආපදා තත්ත්වයේදී දේශපාලනඥයින් ඇතුළු සමස්ත රාජ්‍ය යාන්ත‍්‍රණයම ජනතාව වෙනුවෙන් කැප වී කි‍්‍රයා කළා.ජනාධිපතිවරයා: ජනතාවට අවශ්‍ය සුබසාධන කටයුතුවල යම් අඩුපාඩුවක් තිබෙනවා නම් ඒවා හඳුනාගෙන ඒවාට කඩිනමින් විසඳුම් ලබාදෙන්න. ඒ කළ යුතු පළමු කටයුත්තයි. මෙහි දෙවැනි කොටසක් තිබෙනවා. අනාගතයේ මෙවැනි තත්ත්වයක් ඇති නොවීමට කි‍්‍රයාමාර්ග ගැනීමයි. ඒ දෙවැනි කොටස අද සාකච්ඡාවට භාජනය කරන්නේ නැහැ. අපි මේ ආපදා තත්ත්වයට පත්වූ සෑම දිස්ති‍්‍රක්කයක්ම එවැනි ආපදාවලින් මුදවා ගැනීමට රජය ලෙස ගත යුතු පියවර රාශියක් තිබෙනවා. මම පසුගිය සිකුරාදා ගාල්ලේදී සඳහන් කළා වගේ එකදහස් නවසිය හැට ගණන්වල ඉඳලා පැවති සෑම රජයක්ම මේ ආපදා තත්ත්වයන් වළක්වා ගැනීම සඳහා විදේශීය විශේෂඥයින්ගේ ඉංජිනේරු ශිල්පීන්ගේ තාක්‍ෂණ නිලධාරීන්ගේ උපදෙස් මත යැවූ යෝජනා සැලසුම් රාශියක් තිබෙනවා.නමුත් ඒ එක යෝජනාවක්වත් කි‍්‍රයාත්මක කිරීමට ලැබිලා නැහැ. ඊට ප‍්‍රධාන හේතුව ඒ යෝජනා කි‍්‍රයාත්මක කිරීමට ගිය විට අදාළ ප‍්‍රදේශවල ජනතාව දේශපාලනඥයන් සමග එකතු වෙලා රජය ගන්නා වූ ඒ කි‍්‍රයාමාර්ග නතර කර දැමීමයි. නමුත් අද සෑම කෙනෙක්ම පිළිගන්නවා. අනාගතයේ මෙවැනි තත්ත්වයක් වළක්වා ගැනීම සඳහා රජයක් ලෙස විදේශීය උපදෙස් මත සහ දේශීය විශේෂඥයින්ගේ මග පෙන්වීම මත අවශ්‍ය කි‍්‍රයාමාර්ග කඩිනමින් ගැනීම අවශ්‍යයි කියලා. ඒ නිසා ඉදිරි දිනවලදී බලාපොරොත්තු වෙනව කැබිනට් මණ්ඩලයත් ජාතික ආපදා කළමනාකරණ සභාවත් රැස්වෙලා කඩිනම් කි‍්‍රයාමාර්ග ගන්න. දැනටමත් අපට උදව් කරන රටවල් තුනක විශේෂඥයන් ඇවිත් මේ ආපදා තත්ත්වය අධ්‍යයනය කරමින් සිටිනවා. ඒ වගේම විපතට පත් ජනතාවට ඔවුන් සහන සලසමින් සිටිනවා. ඔවුන් සමග එකතු වෙලා ඉදිරි කි‍්‍රයාමාර්ග ගැනීමට බලාපොරොත්තු වෙනවා. කඳවුරුවල ප‍්‍රශ්න දැනට තිබෙනවා නම් කියන්න පුළුවන්.නීතිය හා සාමය, දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා: ”දැනට මාතර දිස්ති‍්‍රක්කයේ අවතැන් කඳවුරු හතරක ජනතාව පදිංචි වී සිටිනවා. නායයාම හේතුවෙන් තමයි ගොඩක් අයට උන්හිටි තැන් අහිමි වෙලා තිබෙන්නේ ඔවුන් යථා තත්ත්වයට පත්කර ගන්න මාස හයක්වත් ගත වේවි.ජනාධිපතිවරයා: සෑම දිස්ති‍්‍රක්කයම මැති ඇමැතිවරුන්ට හා දිසාපතිවරුන්ට උපදෙස් දුන්නා නැවත නිවාස ඉදිකර දීමට මුලින්ම ඉඩම් හඳුනා ගැනීම කරන්න කියලා. රජයේ ඉඩම් නම් ප‍්‍රශ්නයක් නැහැ. පරිබාහිර පෞද්ගලික සමාගම්වල ඉඩම් අපිට පවරාගන්න සිදුවේවි. මීට පෙර ඇතිවූ ආපදාවලදී අපට එවැනි ඉඩම් පවරා ගන්න සිදුවුණා. මාතර දිස්ති‍්‍රක්කයෙත් ඒ ආකාරයට ජනතාව පදිංචි කරවන්න පුළුවන් ඉඩම් හඳුනාගෙන වාර්තා කරන්න. ති‍්‍රවිධ හමුදාවත් සිවිල් ආරක්‍ෂක බළකාය හා නිපුණතා සංවර්ධන අමාත්‍යාංශය යොමු කරලා ඒ නිවාස කඩිනමින් ඉදිකර දෙන්නයි බලාපොරොත්තු වෙන්නේ.දැනට විදෙස් රටවලින් ලැබෙන මුදල් සියල්ල නිවාස ඉදිකිරීමට යොදවනවා. ඒ වගේම ඉතා ඉක්මනින් ආධාර ලබාදීමේ ජාත්‍යන්තර සමුළුවක් කැඳවා ඔවුන්ගේ ආධාර උපකාර ලබාගැනීමටත් බලාපොරොත්තු වෙනවා. දේශීය හා විදේශීය මුදල් ප‍්‍රමාණයන් යොදවා ඒ කටයුතු කඩිනම් කරනවා. දැනට ඒ සඳහා ඉඩම් හඳුනාගැනීමක් සිදුකර තිබෙනවාද?මාතර මහ දිසාපති ප‍්‍රදීප් රත්නායක මහතා: ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් ඉඩම් හා වතු සමාගම්වලට අයත් ඉඩම් තිබෙනවා. අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා: වතු සමාගම්වලට අයත් ඉඩම් පවරා ගැනීමේ දී ප‍්‍රශ්න මතු වෙනවා.ජනාධිපතිවරයා: ඒ ආකාරයට පවරා ගැනීම අපිට ප‍්‍රශ්නයක් නැහැ. අරණායක සිද්ධියේදි අපි සතියෙන් ඒ ඉඩම් පවරාගැනීම සිදුකළා. සුදුසු ඉඩම්වලට ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ අනුමැතිය ලබාගෙන අවශ්‍ය පවරා ගැනීම් ගැසට් මගින් සිදුකරන්න පුළුවන්. දැනට කඳවුරු පවත්වාගෙන යන පාසල් අපිට ඉක්මනින් නිදහස් කරගන්න සිදුවෙනවා.සාගල රත්නායක මහතා: දැනට මාතර තමයි වැඩිපුර ප‍්‍රමාණයක් අවතැන් කඳවුරුවල ඉන්නේ. මාතර ඉන්නවා 1587ක්, කොටපොල ඉන්නවා 171ක් අවතැන් වෙලා ඉදිරි දින කිහිපයේදි මේ ප‍්‍රමාණය අඩුවේවි.ජනාධිපතිවරයා: අපිට පොදු ස්ථාන ඔවුන් වෙනුවෙන් සොයාගන්න පුළුවන් නම් පාසල් නිදහස් කර ගන්න පුළුවන්.ඇමැති මංගල සමරවීර මහතා: ජනාධිපතිතුමනි, පන්සල් පේෂකර්ම මධ්‍යස්ථාන වැනි ගොඩනැගිලි ඒ සඳහා යොදා ගන්න පුළුවන්.දකුණු පළාත් කී‍්‍රඩා අමාත්‍ය වීරසුමන වීරසිංහ මහතා: පිටබැද්දර කොට්ඨාසයේ කඳු අටක් විතර නාය යාමේ අවදානමකට ලක්වෙලා තිබෙනවා. ඒ සෑම පවුලක්ම රාති‍්‍ර කාලයේ පන්සලක, පාසලක එහෙම නැත්නම් වෙනත් නිවසක තමයි නිදාගන්නේ. ගොඩනැගිලි පර්යේෂණ ආයතනය ඇවිත් ඒ කඳු පරීක්‍ෂා කර නිගමනයක් ලබාදෙන්න. ඒ සංඛ්‍යාලේඛන මේ වාර්තාවලට ඇතුළත් කර නැහැ. ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විශාල වැඩ කොටසක් සිදුකරනවා. ඒත් පිටබැද්දරටත් ඇවිත් ඒ කඳු පරීක්‍ෂා කළ යුතුයි. ජනාධිපතිවරයා: හොඳයි, ඒ තොරතුරුත් වාර්තාවට ඇතුළත් කරන්න අවශ්‍ය කි‍්‍රයාමාර්ග ගන්න.රාජ්‍ය ඇමැති ලක්‍ෂ්මන්යාපා අබේවර්ධන මහතා: ගිය සැරේ ගංවතුරෙදි අනාරක්‍ෂිතයි කියලා වෙනත් තැන්වලින් ඉඩම් ලබාදීලා ගෙවලා හැදුවා. ඒ ගිහින් අලූත් ගෙයි භාර අරගෙන ආපසු පැරණි ගෙදරටම ඇවිත් පදිංචි වුණා. එතකොට ආපසු මේ වගේ තත්ත්වයක් ආවාම රජයකට තමයි විසඳුම් දෙන්න වෙන්නේ. ඒකටත් තීන්දුවක් ගත යුතුයි.ජනාධිපතිවරයා: ඒක ඉතින් මෙහේ විතරක් නෙවි මුළු රටේම හැටි. විපතේදී දෙන ඕනම තැනකට කැමතියි කියලා යනවා. දුන්නට පස්සේ දීපු තැන අත හරින්නෙත් නැහැ. හිටපු තැන අතහරින්නෙත් නැහැ.ලක්‍ෂ්මන් යාපා මහතා: එවැනි අවස්ථාවල හිටපු ඉඩම රජයට පවරා ගත යුතුයි. නැතිනම් ඒක බරපතළ ප‍්‍රශ්නයක් වෙනවා. ආපසු ගෙවල් හදලා දෙන්න වෙනවා.ජනාධිපතිවරයා: සම්පූර්ණයෙන් හානි වූ නිවාස වගේම අර්ධ වශයෙන් හානි වූ නිවාසත් අපි හදලා දෙනවද කියලා තීරණයක් ගන්න ඕන. දිසාපතිතුමා ඒ වාර්තා සියල්ලම පළමුව ලබාගන්න.මාතර මහ දිසාපති: ඒ වාර්තාත් ගන්නම් ජනාධිපතිතුමනි. දැනටමත් ඊට අදාළ තොරතුරු ගනිමින් තිබෙනවා.මංගල සමරවීර මහතා: මාතර, පිලදුව වගේ ප‍්‍රදේශවල අපි වරින්වර නිවාස හදා දී තිබෙනවා. ආපසු අවුරුදු දහයකින් හදලා දෙනවා. ඒක නිසා අවදානම් ප‍්‍රදේශවල නිවාස සඳහා එම අලූත් සැලසුමක් අනුව හදන්න ඕන. නැත්නම් දශකයෙන් දශකයට හදන්න වෙනවා.ජනාධිපතිවරයා: ගංවතුර නිසා මව්පියන් අහිමි දරුවන් විතරක් ඉතිරි වූ අය මාතර දිස්ති‍්‍රක්කයේ ඉන්නවද?දිසාපති: මේ වනතෙක් වාර්තා වී නැහැ. ප‍්‍රාදේශීය ලේකම් තුමාලා දන්නවද දරුවන් විතරක් ඉතිරි වූ තැන්.මාතර ප‍්‍රාදේශීය ලේකම් දර්ශන වික‍්‍රමාරච්චි මහතා: මව හා පියා යන දෙදෙනාම අහිමි වූ දරුවන් මාතර ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නම් නැහැ. පියා අහිමි වූ දරුවකු සිටිනවා. ඒ දරුවා මවත් සමග අදත් ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයට ඇවිත් මා හමුවී ගියා.තිහගොඩ ප‍්‍රාදේශීය ලේකම්තුමිය: දරුවකුට තාත්තා අහිමි වුණා. අම්මා දැන් ඉන්නවා. ඒ අම්මාට දරුවන් දෙන්නෙක් ඉන්නවා. ගෙඟ් වැටිලා තාත්තා මියගියත් නිවාසයට හානියක් වුණේ නැහැ. ඔවුන්ගේ ඉදිරි ජීවිතය හදාගන්නයි උදව් උපකාර කරන්න ඕන.ජනාධිපතිවරයා: හොඳයි, ඒ වාර්තා ලබාගෙන දරුවන් වෙනුවෙන් සුදුසු තීරණයක් ගන්න. පරිවාස ගත කිරීමට අවශ්‍ය නම් එහෙම කරන්න. දරුවන්ගේ අනාගතය වෙනුවෙන් සුදුසු තීරණ ගන්න. මාතර දිස්ත‍්‍රික්කයේ මාර්ගවල ප‍්‍රශ්න තිබෙනවද?ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මහතා: දැනට ගොඩක් මාර්ගවල යාමට පුළුවන් ආකාරයට යථා තත්ත්වයට පත් කර තිබෙනවා. මාර්ග සංවර්ධන අධිකාරිය ඒ ගැන මොකද කියන්නේ.මාර්ග සංවර්ධන අධිකාරිය: දැනට මාතර දිස්ති‍්‍රක්කයේ සියලූම මාර්ගවල ගමනාගමනයට සුදුසු පරිදි සකස් කර තිබෙනවා. විනාශ වූ මාර්ග යථා තත්ත්වයට පත් කිරීමට තවත් මාස දෙක තුනක කාලයක් ගත වේවි.වීරසුමන වීරසිංහ මහතා: පමණක් ප‍්‍රදේශවල පාලම් කැඩිලා. දෙනියාය කොට්ඨාසයේ පාලම් ගණනාවක් විනාශ වෙලා. පාසල් දරුවන්ට පාසල් යන්න විශාල දුරක් පයින් යන්න සිද්ධ වෙලා. ඒක නිසා බෝට්ටු සේවාවක් හෝ යොදවන ලෙස ඉල්ලා සිටිනවා.සාගල රත්නායක මහතා: පාලම් දෙකක් ඉතා කෙටි කාලයක් තුළ හදන්න පුළුවන්. අනෙක් පාලම් ඊටත් වඩා කුඩා ඒවා.ජනාධිපතිවරයා: එහෙනම් ඒ තොරතුරුත් ගන්න. කැඞී ගිය පාලම් ගැන. එතකොට ඒවා හදන්න මාර්ග සංවර්ධන අධිකාරියට ආදි ලෙස බෙදාදෙන්න පුළුවන්. අර පළාත් ඇමතිතුමා කිව්ව විදියට බෝට්ටු අවශ්‍ය නම් දෙන්න. මාතර බෝට්ටු තියනව නම් දෙන්න. කෝ ආපදා කළමනාකරණ අමාත්‍යාංශය.මාතර දිස්ති‍්‍රක් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්‍ෂ ලූතිනන් කර්නල් පි‍්‍රයංකර උබයසිරිවර්ධන මහතා: දැනටමත් අපි බෝට්ටු හා අගුල් දීලා තිබෙනවා. නාවික හමුදාව විසින් අලූත් සැලැස්මකට අනුව හදපු බෝට්ටු ලබා දෙන්න අපි කටයුතු කරගෙන යනවා.සාගල රත්නායක මහතා: ඔය කියන ස්ථාන දෙකේ මම හිතන්නේ බෝට්ටු නැහැ. බෝට්ටු දැම්මත් මාරු වෙන්න පහසු නැහැ. මම හිතන්නේ ඉක්මනින් පාලම් හැදීමයි කළ යුත්තේ. එතකම් විකල්ප මාර්ග තිබෙන නිසා බස් යොදන්න ඕන.ජනාධිපතිවරයා: දිසාපතිතුමා කච්චේරියට ස්ථිරවම බෝට්ටු කීයක් තිබෙනවද?මාතර මහ දිසාපති: නැහැ සර් අපිට එකක්වත් නැහැ.ලූතිනන් කර්නල් පි‍්‍රයංකර මහතා: නැහැ සර් බෝට්ටු තියනවා. සමහර ස්ථානවලට ස්ථානගත කරලත් තියනවා.ජනාධිපතිවරයා: ආ ඒකනේ හැම දිස්ති‍්‍රක්කයකටම අපි බෝට්ටු දීලා තිබෙනවා.ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මහතා: නෑ නෑ ඒක වැරදියි. ස්ථානගත කරලා තිබෙනවා. මේ ගංවතුරෙදි වෙච්ච ඇත්ත ප‍්‍රශ්නය කියන්න. ස්ථාන ගත කරලා තිබුණත් පදවන්නන් නැහැ.ජනාධිපතිවරයා: දිසාපති කාර්යාලයේ ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලවල වගේම පොලිසිවලත් බෝට්ටු තියාගන්න ඕන. හැම රජයක් වගේම බෝට්ටු දීලා තිබෙනවා. ඒවා අවශ්‍ය වෙලාවට ප‍්‍රයෝජනයට ගන්න ඕන.සාගල රත්නායක මහතා: සැටලයිට් පින්තූර බලලා සුදුසු ස්ථාන තෝරාගෙන සැඩ පාර බලලා සමහර බෝට්ටු යොදවන්න ඕන. ඒ වගේම පදවන්නන් පුහුණු කරලා ඒවාට යොමු කරන්න ඕන. ජනාධිපතිවරයා: හොඳයි දිසාපතිතුමාට අවශ්‍ය තොරතුරු ලබාදෙන්න. මාතර දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර බුද්ධික පතිරණ මහතා: බෝට්ටු දුන්නත් වැඩක් නැහැ. ජනාධිපතිතුමනි ගෙදර වතුර මෝටරය වුණත් කාලයක් පාවිච්චි නොකළ විට මෝටරය වැඩකරන්නේ නෑ. ඒ නිසා බෝට්ටුත් දීලා තියෙනවා. එන්ජිනුත් දීලා තිබෙනවා. සති දෙකකට සැරයක්වත් නඩත්තු කරන්න අය ඉන්න ඕන. ඒ සඳහා පුහුණු කළ අය සිටිය යුතුයි.ජනාධිපතිවරයා: ඔව්. නඩත්තුව අවශ්‍යයි. ඒවා ගැනත් බලන්න ඕන.දකුණු පළාත්සභා මන්ත‍්‍රී රංජිත් මුණසිංහ මහතා: බෝට්ටු ආපදා කළමනාකරණයේ තිබුණට වැඩක් නැහැ. ඒවා ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලවලට දෙන්න ඕනෑ. මම නියෝජනය කරන්නේ මුලටියන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසය. ඒකේ ආපදා කළමනාකරණයෙන් එන විට ගංවතුර බැහැලා ගිහින් හමාරයි. ඒක නිසා ගංවතුර උවදුර පවතින හැම ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකටම බෝට්ටු දෙකක්වත් ලබා දෙන ලෙස ඉල්ලා සිටිනවා.ජනාධිපතිවරයා: බෝට්ටු දෙකක්වත් දෙන්න ඕන. මම දන්නවා එහෙම තියන ප‍්‍රදේශ. හොඳයි ඒ අවශ්‍ය ප‍්‍රදේශවල තොරතුරු රැස් කරගන්න.දකුණු පළාත් ප්රධාන අමාත්‍ය ෂාන් විජයලාල් ද සිල්වා මහතා: පාලම් ප‍්‍රශ්නය නිසා පාසල් දරුවන්ට පාසල් යාම අපහසු ප‍්‍රදේශවලට මාර්ගස්ථ මගී ප‍්‍රවාහන අධිකාරිය සමග එකතු වෙලා අපිට තාවකාලිකව පාසල් බස් රථ සේවාවක් ලබා දෙන්න පුළුවන්. අවශ්‍ය තැන් කියන්න, අපි ප‍්‍රවාහන පහසුකම් සපයන්නම්.මාතර දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී සුනිල් හඳුන්නෙත්ති මහතා: මාතර තුඩාව හා කුරුඳුවත්ත පාරේ සර්විස්ටේෂන්වලින් ආපු කළුතෙල් එහෙම නිසා පිරිසුදු කිරීමට ජල පහසුකම් නැහැ. හුඟක් අයට අවශ්‍ය ජල පහසුකම් නැති නිසා ඒ කටයුතු කිරීම ප‍්‍රමාදයි. සමහර තැන්වල විදුලියත් නැහැ. බවුසර්වලින් ජලය ලබාදෙන ලෙස ඉල්ලා සිටිනවා.ජනාධිපතිවරයා: ප‍්‍රාදේශීය සභාවල තිබෙන බවුසර් හරි ගෙනවිත් ඒ පිරිසුදු කිරීම්වලට අවශ්‍ය ජලය ලබා දෙන්න.මංගල සමරවීර මහතා: බවුසර් විශාල ප‍්‍රමාණයක් දුන්නා. ගම්වල අපට ලොකු ටැංකි තිබ්බා. මේ පිරිසිදු කටයුතුවලටත් අපි ඒ මෙහෙයුමම කරමු. ඒ ටැංකිවලට පුරවලා ජලය ලබා දෙමු.ජනාධිපතිවරයා: ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලවල ඇතුළු රජයේ ආයතනවල තිබෙන බවුසර් ගෙවල් පිරිසුදු කිරීමේ කටයුතුවලට අවශ්‍ය ජලය ලබාදීමට යොදවන්න.සාගල රත්නායක මහතා: මමත් බවුසර් දහයක් එවන්නම්.මංගල සමරවීර මහතා: සාගල ඇමතිතුමා බවුසර් දහයක් දෙන්නම්ලූ.ජනාධිපතිවරයා: අන්න තවත් බවුසර් දහයක් දෙනවලූ. ඒවා සියල්ල යොදවන්න. ඒ බවුසර් දිසාපතිතුමාට යවන්න.ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා: දැනට හැම පළාත්පාලන ආයතනයකටම අමතරව වියදම් කරන්න රුපියල් ලක්ෂ පහළොව බැගින් දීලා තිබෙනවා. පෞද්ගලික අයගේ නිවාසවල කඳු වැටිලා පස්වලින් පිරිලා. දුප්පත් ඒ අයගේ නිවාසත් පිරිසිදු කරලා තිබෙනවා.ෂාන් විජයලාල්ද සිල්වා මහතා: ඒ කටයුතු සිදු කරන්න අපි මුදල් දීලා තිබෙනවා. ඒ නිසා මූල්‍යමය ගැටලූවක් නැහැ. අනෙකුත් පළාත් සභා පවා අපට උදව් කරන්න ඉදිරිපත් වෙලා තිබෙනවා. තව මුදල් මදිනම් අපි ඒවත් දෙන්න සූදානම්. මධ්‍යම, වයඹ, ඌව පළාත් සභා දැනටමත් අපිට උදව් කරන බව පවසා තිබෙනවා.මාතර දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී නිරෝෂන් පේ‍්‍රමරත්න මහතා: අද ගොඩක් අය අසරණ වෙලා. මට මොරවකදී හමුවුණා අපේ අම්මා කෙනෙක්. තමන්ගේ සැමියා දරුවන් දෙන්නාම කන්දට යට වෙලා. ඇය තනි වෙලා. අවතැන් කඳවුරේදී ඇය කෑම ලබා ගන්න යන්නේ සාමාන්‍ය පෝලිමේම තමා. ඇය අහනවා මගේ හිතේ තිබෙන වේදනාවට පෝලිමේ යන්නේ කොහොමද කියලා. මේ මිනිසුන්ගේ මානසික තත්ත්වය හදන්න, ජීවන තත්ත්වය හදන ගමන්ම එයත් කරන්න. ඒ වගේම දැනට ඉස්කෝලේ ඉන්න අය තව ටික දිනකින් ඉවත් කරාවි. එතකොට ඔවුන් කොතනටද යන්නේ, ඔවුන්ට ජනාධිපතිමන්දිරය දුන්නත් වැඩක් නැහැ. මානසික ප‍්‍රශ්නය විසඳෙන්නේ නැහැ. ඒ නිසා මානසිකත්වය ගැන වැඩපිළිවෙළක් හදන්න.සුනිල් හඳුන්නෙත්ති මහතා: 2003 ගංවතුරට හසු වූ අයමයි මෙවරත් විපතට පත් වුණේ. ව්‍යාපාරික ස්ථානත් එහෙමයි. හානියට පත් ව්‍යාපාරිකයින් වෙනුවෙන් සහන ක‍්‍රමයක් සලසා දෙන්න. පාසල් දරුවන් ගැනත් බලන්න.ජනාධිපතිවරයා: පාසල් දරුවන් වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යංශය විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබෙනවා. මානසිකත්වය හදන්න සෞඛ්‍ය අමාත්‍යංශය වෙනමම වැඩසටහනක් ක‍්‍රියාත්මක කරනවා. දිසාපතිතුමා ඒ මන්ත‍්‍රීවරුන් දෙදෙනාගේම අදහස් සටහන් කර ගත්තා. ඒවා ක‍්‍රියාවට නැංවීම සඳහා යොදා ගමු.දකුණු පළාත් සභා මන්ත‍්‍රී බිංදු වීරසිංහ මහතා: ගංවතුර පාලනය කරන්න මේ වේලි කපනවා. 2003 දීත් එහෙම කළා. එවැනි තැන්වල ඇනිකට් හැදුවොත් හොඳයි කියලා හිතෙනවා.ජනාධිපතිවරයා: වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඒ ගැන මොකද කියන්නේ.වාරිමාර්ග දෙපාර්තමේන්තුව: ජනාධිපතිතුමනි අපිත් බලාපොරොත්තු වෙනවා එතන ඇනිකට් එකක් සාදන්න.මාතර දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී ඩලස් අලහප්පෙරුම මහතා: දැනට තිබෙන චක‍්‍රලේඛ යටතේ හානි පැමිණවූ දේපොල වලටයි විතරක් වන්දි ගෙවන්න පුළුවන්. නමුත් නිල්වලා නිම්නයේ අඩි දහය දොළහ දින හය හතක් ජලයෙන් යට වූ නිවාස තිබුණා. නමුත් දේපොළ හානියක් නැතිනම් ඔවුන්ට වන්දි ලැබෙන්නේ නැහැ. ඒ නිසා ගංවතුර සම්බන්ධයෙන් අපි අලූත් ප‍්‍රතිපත්තියක් හදලා ක‍්‍රියාත්මක කරමු කියලා මම යෝජනා කරනවා. දිසාපතිතුමාගේ වාර්තාව අනුව හිතෙනවා රාජ්‍ය යන්ත‍්‍රය විතරයි ගංවතුර වෙනුවෙන් වැඩ කළේ කියලා. රාජ්‍ය යන්ත‍්‍රය විතරක් නෙමේ සමාජ යන්ත‍්‍රයක් විශාල කැපවීමක් කළා.ඒ නිසා කරුණාකරලා ඒක නිවැරදි කරන මෙන් ඉල්ලා සිටිනවා. ඒ සියලූ දෙනාම ඇගයීමට ලක් විය යුතුයි. ඒ වගේම 2003 දී පිල¥ව වේල්ල කැපුවා. ඒක 2017 දී ආපහු කැපුවා. 1917 දීත් මාතර දිස්ත‍්‍රික්කයට ගංවතුර ඇවිත් තිබෙනවා. නිල් කොල රතු ආණ්ඩු යටතේ අපි මේවා ගැන සාකච්ඡා කළා. මම මහජන නියෝජිතයෙකු ලෙස නොව පුරවැසියකු ලෙස ඉඳලා සිටිනවා. නිල්වලා යෝජනා ක‍්‍රමයේ තුන්වැනි අදියර ක‍්‍රියාත්මක කරන්න කියලා.ජනාධිපතිවරයා: ඩලස් අලහප්පෙරුම මන්ත‍්‍රීතුමා සඳහන් කළ පරිදි ගෞරවය පිළිබඳ යෝජනාව මම ඒ ආකාරයටම ස්ථීර කරනවා. දීර්ඝ කාලීන සැලසුම් සම්බන්ධයෙන් යෝජනා ක‍්‍රියාත්මක කරන්න මම බලාපොරොත්තු වෙනවා. සුද්ධ පවිත‍්‍ර කරන්න බැරිවෙච්ච පාසල් තවත් තිබෙනවාද?දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍ය චන්දිම රාසපුත‍්‍ර මහතා: මාතර දිස්ත‍්‍රික්කයේ නම් එහෙම ප‍්‍රශ්නයක් නැහැ. ගාල්ලේ පාසල් දෙකක් නම් තිබෙනවා. ඒත් විද්‍යුත් උපකරණ නම් විනාශ වෙලා. සතියක් විතර යයි ඒ සියල්ල යථා තත්ත්වයට පත්කර ගන්න. විනාශ වූ විදුලි උපකරණ සියල්ල යළි ලබා දෙනවා.සුනිල් හඳුන්නෙත්ති මහතා: රාජ්‍ය සේවයේ සියලූම නිලධාරීන් මහත් සේවාවක් කළා. රාහුල විද්‍යාලයේ අවතැන් කඳවුරේ ග‍්‍රාම නිලධාරීන් දෙදෙනෙකු ගැන ප‍්‍රවෘත්තියක් විද්‍යුත් මාධ්‍යයකින් මම දැක්කා. මම සිතනවා එතැන දී ඔවුන්ට අසාධාරණයක් වුණා කියලා. ඒ වගේම එය ග‍්‍රාම නිලධාරීන් ඇතුළු රජයේ නිලධාරීන්ට කැළලක් වෙන්න පළුවන්. ඊට සාධාරණය ඉටු කරන ලෙස ඉල්ලා සිටිනවා.ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා: දැනටමත් ඒක ගැන පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. මූලික වාර්තාවෙන් පසු එය අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. මාධ්‍ය ඉක්මන් වෙලා කරපු වැඩක් වගේ. රජයේ නිලධාරීනුත් ආපදාවට ලක් වෙලා ඉන්න ගමන් තමයි වැඩ කරන්නේ. ඒක ගැන ප‍්‍රශ්නයක් නැහැ.හිටපු දකුණු පළාත් සභා මන්ත‍්‍රී ලාල් පේ‍්‍රමනාත් මහතා: පාසල් වගේම පෙර පාසල් විශාල සංඛ්‍යාවකුත් මේ ආපදාවට ලක් වෙලා තිබෙනවා. ඒවාටත් සහනයක් සලසන ලෙස ඉල්ලා සිටිනවා.චන්දිමා රාසපුත‍්‍ර මහතා: කොට්ඨාස මට්ටමින් එහෙම හානි වෙච්ච පෙර පාසල් වල තොරතුරු ලබා දෙන්න. ඒවා ගැනත් සළකා බලන්න අපි කටයුතු කරනවා.මංගල සමරවීර මහතා: මේ ආපදාවේදී ජනතාව වෙනුවෙන් උදව් කරන්න ඉදිරිපත්වූ රජයේ නිලධාරීන් ඇතුළු සියලූ දෙනාට ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම නිල්වලා ව්‍යාපාරයේ තුන්වැනි අදියරත් ඩලස් අලහප්පෙරුම මන්ත‍්‍රීතුමා කිව්වා වගේ අදහස් හා යෝජනා ලබාගෙන ක‍්‍රියාත්මක කරන්න අපි බලාපොරොත්තු වෙනවා. මොකද විපක්ෂයේ ඉන්න කොට තමයි හොඳ අදහස් මතු වෙන්නේ. ආණ්ඩු පක්ෂයේ ඉන්නවට වඩා ඩලස් අලහප්පෙරුම මහතා මේ දිස්ත‍්‍රික්කයේ නායකයා විදිහට අවුරුදු දහයක් හිටියා. ඒ කාලෙත් ඕවා ක‍්‍රියාත්මක කරන්න තිබුණා. අතීතය ගැන නොසිතා දැන්වත් අපි ඒවා ක‍්‍රියාත්මක කරමු.දකුණු පළාත් සභා මන්ත‍්‍රී ඞී.ජී. චන්දන ප‍්‍රියන්ත මහතා: මාතර දිස්ත‍්‍රික්කයේ ආසන හතෙන් හයක් ගංවතුරට යට වුණා. නමුත් කඹුරුපිටිය ආසනයට අධීක්ෂණ මන්ත‍්‍රීවරයකු පත් කර නැහැ. ඒකෙන් සම්බන්ධීකරණ සම සභාපති ලෙස මා ටිකක් විසි වෙලා ගිහින් තිබෙනවා. ලක්ෂ්මන් ඇමතිතුමා දැන් ටිකක් හයිය අරගෙන ඒක කරගෙන යනවා. ඒ නිසා අද හෙටම අධීක්ෂණ මන්ත‍්‍රීවරයකු පත්කර ඒක නිවැරදි කරදෙන ලෙස ඉල්ලා සිටිනවා.මංගල සමරවීර මහතා: ඒක බොරු කතාවක්.ජනාධිපතිවරයා: හොඳයි දැන් වෙන ගංවතුරකට යන්න හදන්නේ. ඒක නිසා රැස්වීම මෙතනින් නතර කරනවා. සියලූ දෙනාම එක හා සමානව වැඩ කළා. හැමෝටම ස්තූතියි.මාතර දිස්ත‍්‍රික්කයේ සියලූම රාජ්‍ය ආයතන ප‍්‍රධානීන්, දේශපාලනඥයින්, ආරක්ෂක අංශ නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් මෙම රැස්වීමට සහභාගි වූහ.
|
අනාගතයේදීවත් ජනතාව විපත්වලින් මුදාගන්න රජයක් ලෙස තීන්දු තීරණ ගන්නවා
| 1 |
දේශපාලන අර්බුදයත් සමඟ සංචාරක ව්‍යාපාරයට අත්වී ඇති ඉරණම ගැන අද පාර්ලිමේන්තුවේ දී පැවැති කල් තැබීමේ විවාදයෙන් පසු පස්වරු 6.32ට පාර්ලිමේන්තුව 29 වැනි දා පෙරවරු 10.30 තෙක් කල් තැබිණි.මූලාසනාරූඪ මන්ත්‍රීවරයා ඉවත් වූ අතර නියෝජ්‍ය කතානායකවරයා මූලාසනයට පැමිණියේය.තමා ඝාතනය කිරීමට උත්සාහ කර දින තුනක් ගත වුවත් පොලිසියේ මේ වන තුරු කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනීම ගැන වඩිවේල් සුරේෂ් මන්ත්‍රීවරයා යළිත් වරක් සිය විරෝධය පළ කළේය. ආණ්ඩුව යැයි කියා ගන්නා ඊනියා කණ්ඩායම පාර්ලිමේන්තු සභාවට නොපැමිණ පාර්ලිමේන්තුවේ අාපන ශාලාවට වී සිටින බවත්, පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වීමට නොහැකි නිසා ආපන ශාලාවේ දී බහුතරය පෙන්වීමට හදන බවත් ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා කීවේය.පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකාරුණා මහතා සහ ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ද මෙම විවාදයට එක්වෙමින් අදහස් දැක්වීය.නියෝජ්‍ය කතානායවරයා මූලාසනයෙන් යයි. විජේපාල හෙට්ටිආරච්චි මහතා මූලාසනාරූඪ විය. ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාඅද හොර ආණ්ඩුවට සාපේ වැදිලා. මගේ බඩට ගැහුවේ කුරාන් පොතෙන්. බයිබලෙනුත් ගැහුවා. දැන් ඔවුන් සාපකාරී තත්ත්වයට පත් වෙලා. ඔවුන්ට දැන් පාර්ලිමේන්තුවේ වාඩි වෙද්දි පුටුව රත් වෙනවා. මේ හොර ආණ්ඩුව මේ විදියටම කූඩෑල්ලා වගේ අල්ලාගෙන හිටියොත් විදේශිකයෝ සල්ලි අරගෙන යයි. අය වැයක් සම්මත වෙන්නේ නැතුව බඩු මුට්ටු ගේන්න සල්ලි නැතුව යයි. මෙහෙම ගිහින් සංචාරකයෝ එන්නේ නැති, කෙහෙල්බොඩ කාපු, මිරිස් පොලු තිබ්බ, හාල් පොලු තිබ්බ 70-77 කාලෙට එයි.ඒ කාලේ විදුලිය නෑ, මැටි ගෙවල් තිබුණේ, වාහන වැඩිය නෑ. ඒ යුගය අපි වෙනස් කළා 77දි. දැන් මිනිස්සුන්ට යාන වාහන තිබෙනවා. විදුලිය තිබෙනවා. අධ්‍යාපනය හොඳින් දෙනවා. දැන් මේ යන විදියට ඉස්සරහදි පවුකාරයෝ විනාශ වෙනවා. එහෙම ශුද්ධ වෙලා යළිත් 78න් පස්සේ යුගයට එනවා.බිමල් රත්නායක මහතාජනාධිපතිවරයාත්, මහින්ද රාජපක්ෂ මහතාත් තමන්ගේ බල තන්හාවට කරන මේ විනාශය නොතේරීම ප්‍රශ්නයක්. සමහරු අහනවා පාර්ලිමේන්තු රැස් වන්නේ ඇයි කියලා. පාර්ලිමේන්තුව රැස් වෙන්නේ හිස්පුටුවලට කතා කරන්න නෙමේ තමයි. දැන් හොර කැබිනට්ටුවක් රැස් වෙනවා. මේ රටේ හැම ආණ්ඩුවක්ම සියයට හැට හැත්තාවක් ජනවරම උල්ලංඝණය කළා. හැබැයි මෛත්‍රීපාල සිරිසේන මහතා සියයට සීයක් ජන වරම උල්ලංඝණය කළා. කිසිම ලැජ්ජාවක් නැතුව, හිරිකිතයක් නැතුව නීති කඩමින් පාර්ලිමේන්තුවේ බලය අල්ලන්න යනවා.හොරු කණ්ඩායම් බැංකුවකට පැනලා කොටු වුණාම බෝම්බ තියාගෙන ඉන්නවා වගේ වැඩක්. අද රටේ ආයතන අල්ලාගෙන මේ කටයුත්ත කරනවා. කුමන්ත්‍රණය පාර්ලිමේන්තුවේ පරාජයට පත් වෙලා තිබෙනවා. විදෙස් රටවල් මේ ආණ්ඩුව පිළිඅරගෙන නෑ. මෛත්‍රීපාල සිරිසේන මහත්තයා පසුගියදා ගිය සීෂෙල්ස්වත් පිළිඅරගෙන නෑ. සීෂෙල්ස් ගියේ ඇයි කියලා අපි දන්නේ නෑ. ලංකාවට වැඩි ආදායමක් ලැබෙන සංචාරකයන් එන්නේ යුරෝපා රටවලින්. එක්සත් රාජධානිය, ඕස්ට්‍රේලියාව, ජර්මනිය, ප්‍රංශය වගේ රටවලින් මේ තත්ත්වය මත සංචාරකයන්ට නිකුත් කළ සංචාරක අවධානම් පිළිබඳ නිවේදන මම සභා ගත කරනවා. සංචාරකයන් පැමිණීම බිඳවැටීම සියයට 15ක් පමණ වෙලා තිබෙන බව දැනගන්න ලැබුණා. සේවකයන්ට ලැබෙන සේවා ගාස්තු අඩුවෙලා තිබෙනවා. අපි බහුතරයෙන් ස්ථාවර නියෝග අත්හිටුවලා දෙන්නම්. අපි අභියෝග කරනවා පුලුවන්නම් රාජපක්ෂ මහත්මයාට විශ්වාසය පළ කිරීමේ යෝජනාවක් ගෙන එන්න කියලා. මේ තක්කඩි පාලනය හදන්නේ තමන්ට දෙතුන් ගුණයක් හීලෑ මාධ්‍ය හදාන්න. ගඩාෆි මැරුණේ බෝක්කුවක් අස්සේ. හිට්ලර් මැරුනේ කොහොමද. ගඩාෆි මැරුව විදියට අපි එකඟ නෑ. හැබැයි හැම ඒකාධිපතියම බයෙන් ඉන්නේ. රාජපක්ෂලා මෛත්‍රීපාලලා පටන් ගන්නා මේ ගමන ඉවර වෙන්නේ බොහොම නරක තැනකින් වෙන්න පුලුවන්. ජෝන් අමරතුංග මහතා ඊයේ පෙරේදා සංචාරක ක්ෂේත්‍රයට පත් වුණු විනාශය බලන්න. මෙයාලා සංචාරක ඇමැතිවරයෙක් පත් කළා. ඒ පිස්සන්කොටුවේ ඉන්න බෑ කියලා ඔහු සති දෙකෙන් අපේ පැත්තට ආවා. සංචාරක ආදායම වැඩි කරන්න අපි බොහෝ දෑ කළා. 2022 වන විට සංචාරක ආදායම ඩොලර් බිලියන 5ක් ලබා ගන්නයි අපි ඉලක්ක කරගෙන තිබෙන්නේ.මේ සභාවෙදි කියවුණා ජනාධිපතිතුමා කරපු වැරදි දේවල් ගැන. වෙනදට ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ ඇවිත් වාඩි වෙලා ඉන්නවා. දැන් ඇවිත් උත්තර දෙන්න ඕනෑ. ඔහු මේ පැත්ත පලාතේ එන්නේ නෑ. මේ රටට ලැබෙන ආදායම විනාශ වෙන එක නවත්වන්නයි අපි මේ සභාවේ කතා කරන්නේ. ලංකාවේ සිදුවෙමින් තිබෙන දේ හැමෝම දැනගන්න ඕනා. මහින්ද රාජපක්ෂ මහත්මා මේ ගැන දැඩි අවධානයට ගන්න ඕනෑ. විදේශ රටවල් ශ්‍රීලංකාවේ අගමැති ලෙස ඔහු පිළිගත්තේ නෑ. මේ සිදුවෙමින් තිබෙන දේවල් විදේශ තානාපතිවරුන් පිලිගන්නේ නෑ. මහින්ද රාජපක්ෂ මහතා ඉල්ලා අස්විය යුතුයි. මේ අගමැති ධුරය නිසි අයිතිය තිබෙන අයට භාර දිය යුතුයි. 2005 සිට 2008 සිට මහජනතාවට බාධා වන අයුරින් කටයුතු කළ පුද්ගලයන් මේ නීති විරෝධී ආණ්ඩුවේ සාමාජිකයන් වෙලා ඉන්නවා. අද නීතියේ අධිපත්‍යක් නෑ. මේ නීති විරෝධී රජය යටතේ සංචාරක ක්ෂේත්‍රය විනාශ වෙමින් තිබෙනවා. අපි මේ තත්ත්වය ගැන ජනතාව දැනුම්වත් කළ යුතුයි.ආශු මාරසිංහ මහතා කල් තැබීමේ යෝජනාව ඉදිරිපත් කළ අතර සංදීප සමරසිංහ මහතා එම යෝජනාව ස්ථිර කළේය.කතානායකවරයා මූලාසනයෙන් ඉවත් වූ අතර නියෝජ්‍ය කතානායකවරයා මූලාසනාරූඪ විය.සභාව - එකඟයි කතානායක - මීළඟට නොවැම්බර් මස 29 දින 10.30 දක්වා පාර්ලිමේන්තුව කල් තැබීම සඳහා යෝජනාව සහ විවාදය. සභාව එකඟද?ඩී එම් ස්වාමිනාදන් මහතා පාර්ලිමේන්තුවේ සිදුවූ අවිනීතික සිදුවීම ගැන අදහස් දක්වන්න මමත් කැමතියි. පසුගිය කාලයේ සියලු ක්ෂේත්‍රයන් ඇනහිට තිබෙනවා. පාලකයන් ව්‍යවස්ථාවට එකඟවට කටයුතු නොකිරීම නිසයි මෙහෙම වුණේ. ජනාධිපතිවරයා ඉතා රහසිගතව අගමැති ඉවත් කරන වෙනත් පුද්ගලයකු පත් කළා. එය සම්පූර්ණ ව්‍යවස්ථා විරෝධියි. ජනාධිපතිවරයා ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම කෙරෙහි අවධානය යොමු කර සත්‍යයට කටයුතු කරමින් ව්‍යවස්ථාවට අනුව කටයුතු කළ යුතුයි. අවසානවාකට අපි මෙබඳු සිදුවීමක් අත්විඳ නෑ. අද රට අගාදයට වැටිලා තිබෙනවා. නීති විරෝධී ක්‍රියාවන්ගෙන් වලකින්නැයි මම ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා. එඩ්වඩ් ගුණසේකර මහතාඅපි මේ රට ජාතිවාදී, ආගම්වාදී ගෝත්‍රවාදයෙන් මුදවලා ගමනක් යන්නයි උත්සාහ කළේ. අඩෙයිකලනාදන් සභාපතිතුමා කළ කතාව රටේ සියලු දෙනා දැන ගත යුතුයි. එදා පොලිසියට මිරිස්කුඩු ගහද්දි ඔවුන්ගේ ගෙවල්වල උදවියට කොච්චර වේදනාවක් එන්න ඇද්ද? ඔබතුමා සියලු ප්‍රහාර විඳගෙන හිටියා. අද මේ රට යන්න ඕනෑ කොතනටද කියන එක ඔබතුමා පෙන්නුම් කළා. අඩෙයිකලනාදන් මහතාඔබට විවිධ හිරිහැර කළා. ඔබට ගහන්න හිටපු මිරිස්කුඩු තමයි පොලිසියට වැදුණේ. ඔබ ප්‍රහාරවලට ලක්වෙද්දි ඔබ නොසැලී කෙළින් හිටියා. ඔබ අපිට ලොකු ආදර්ශයක්. අපිට ගහද්දි අපේ අය අවි අතට ගත්තා. නමුත් ඔබට පහර දෙද්දි ඔබ පෙරලා පහර නොදී කෙළින් හිටියා. ඔබ ඇත්තටම ආදර්ශයක්. මුජිබර් රහුමාන් මහතා කතානායකතුමාට එරෙහිව විවිධ මඩ ව්‍යාපාර දියත් වෙනවා. ජනාධිපතිවරයාගේ අනුදැනුම මත මේ දේවල් වන බවට චෝදනා එල්ල වුණා. ජනාධිපති මාධ්‍ය අංශයෙන් මේවා ප්‍රචාරය කරන බව වෙබ් අඩවිවල පළ වුණා. ඔවුන් එම චෝදනා ප්‍රතික්ෂේප කළේ නෑ. මේවා සම්බන්ධයෙන් සොයා බැලිය යුතුයි. ගයන්ත කරුණාතිලක මහතා- මම 2000 වසරේ පාර්ලිමේන්තුවට ආවේ. 18 වසරක් තිස්සේ පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතත් ඔබතුමා සම්භාව චරිතයක් ලෙස දැක්කා. ඔබතුමාගෙන් මම බොහෝ ආදර්ශ ගන්නවා. ඔබතුමා විවිද තනතුරු දරණ කාලයේ ක්‍රියා කළ ආකාරය අපි දැක්කා. ඔබතුමා නායකත්ව ගුණාංග රාශියක් පෙන්වා තිබෙනවා. ඔබතුමාට පුදුම හැකියාවක් තිබෙනවා වෙලාවට වැඩ කිරීමට. ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් අභීතව පෙනී සිටි කතානායකවරයා බව මම ප්‍රකාශ කරනවා. ඔබතුමා තොරතුරු පනත ගේන්න බොහොම උත්සාහ කළා. කතානායක - මම ඒ ගැන සොයා බලන්නම්.ව්‍යාජ සභානායක දිනේෂ් ගුණවර්ධන හැන්සාඩ් වාර්තා නීති විරෝධී යැයිද, ඒවා භාර ගන්න එපා කියලා මාධ්‍යයට ලිපියක් ලබා දීලා තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ඔබතුමාගේ බලතල අනුව පියවර ගන්න.චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා රීති ප්‍රශ්නයක් මතු කරයි.ජේ සී අලවතුවල මහතාඅදට මාසයක් මේ රට අරාජිත වෙලා. පාර්ලිමේන්තුව තුළ ඉතිහාසයේ කවදාවත් නොදැකපු ලෙස මහින්ද රාජපක්ෂ මන්ත්‍රීතුමා ඉන්දිම හැසිරුණු විදිය අපි දැක්කා. එම හැසිරීම සම්බන්ධයෙන් පොලිසියේ පැමිණිලි ගණනාවක් තිබෙනවා. පොලිසියටත් ගැහුවා. ජයවික්‍රම පෙරේරා වැනි දීර්ඝ කාලයක් සිටින මැති ඇමැතිවරුන්ට මිරිස්කුඩු ගැහුවා.ඇසිඩ් වගේ දේවල් ගෙනත් ඔබතුමාට ගහන්න සූදානමක් තිබුණු බව කිව්වා. ඒ සම්බන්ධයෙන් පියවර ගන්න. අද පාර්ලිමේන්තුව වර්ජනය කරලා තියෙන්නේ ඔවුන්ට බහුතරය නැති නිසයි. අපේ 122 දැන් 123 වෙලා තිබෙනවා. අපි අපේ බහුතරය පෙන්නුවා. හෙට වෙනකොට 130 දක්වා මන්ත්‍රීවරුන් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටිනවා.අජිත් මාන්නපෙරුම මහතාඅපිට විරුද්ධව දුන්නු අධිකරණ තීන්දුවලට අපි හිස නැමුවා. ඉතිහාසයේ අග්‍රවිනිශ්චයකාරවරියට කරපු දේ අපි දැක්කා. තමන්ගේ උවමනාවට වැඩ කළේ නෑ කියලා විධායකය දුන්නු දඩුවම් අපි දැක්කා. එදා රටේ ජනාධිපතිගේ සහෝදරයයි කතානායක විදියට පත් කළේ. මේ පාර්ලිමේන්තුව රූකඩ පාර්ලිමේන්තුවක් කරගන්න උත්සාහ කළා. අද පාර්ලිමේන්තුව ස්වාධීනව කටයුතු කරනවා. අද අධිකරණයත් ස්වාධීනව කටයුතු කරන බව පේනවා. විවිධ අඩත්තේට්ටම් කරලා ඔබතුමාට තර්ජනය කරලා ආපස්සට හරවන්න පුලුවන්ද කියලා බැලුවා. එය බැරි වුණා. අද අධිකරණයට බලපෑම් කරමින් පොහොට්ටුවේ පළාත් පාලන ආයතන විවිද දෑ කරනවා. අධිකරණය හෑල්ලු කරන්න කටයුතු කරමින් ඉන්නවා. මයන්ත දිසානායක මහතාඔබතුමාට ඇසිඩ් ගහන්න හිටිය බවටත් වාර්තා වුණා. ඔබේ ආරක්ෂාව ගැන පියවර ගන්නා ලෙස ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටින්න. මගේ මිත්‍ර වසන්ත සේනානායක මහතා ඊයේ ගත්තු තීරණය ගැන මම ස්තුතිවන්ත වෙනවා. අපි මන්ත්‍රීවරුන් 122ක් අත්සන් කරලා බහුතරය පෙන්නුවා. ආණ්ඩු පක්ෂය යැයි කියා ගන්නා මහින්ද රාජපක්ෂ ඇතුළු පිරිසට කියන්න රට ආදරේ නම් දැන්වත් ඉවත් වෙන්න කියලා ඉල්ලනවා. හර්ෂ ද සිල්වා මහතාබොරැල්ල පැත්තේ මන්ත්‍රී කෙනෙක් කතාකායක කරගෙන හම්බන්තොට පැත්තේ තවත් පාර්ලිමේන්තුවක් පවත්වාගෙන යනවා කියලා කතාවක් තිබෙනවා. ඒ ගැනත් සොයා බලන්න. රිෂාඩ් බදුයුදීන් මහතාඔබතුමා ඔබේ ජීවිතය පරදුවට තියලා ධෛර්යවන්තව කටයුතු කළා. ඒ ගැන මම ස්තුතිවන්ත වෙනවා. මහලේකම්තුමා ඇතුළු නිලධාරීන් සහ පොලිස් නිලධාරීන් හරියට කටයුතු කළා. පොලිස් නිලධාරීන්ටත් මිරිස්කුඩු ගැහුවා. එදා මන්ත්‍රීවරුන්ගේ අශිෂ්ට ක්‍රියා හමුවේ නිර්භීත ලෙස පොලිසිය කටයුතු කළා.මම මගේ පාර්ලිමේන්තු දිවියේ මෙහෙම දැකලා නෑ. සමහර වැදගත් යැයි කියා ගන්නා අයත් ඒ විදියටයි කටයුතු කළේ. සියලුම පක්ෂ එකතු වෙලා උපාධියක්වත් තියන කෙනෙකුවත් පාර්ලිමේන්තුවට පත් කළ යුතුයි කියලා අපි පනතක් සම්මත කළ යුතුයි. නිලධාරීන් ඇත්තටම අහිංසකයි. ඔවුන් කිසිම පක්ෂයකට සම්බන්ධ නෑ. මන්ත්‍රීවරුන්ට වතුර දුන්නු අයත් පහරකෑමට ලක්වුණා.කතානායකතුමාට අවමානයක් ඇති කිරීමේ අරමුණින් යම් යම් ප්‍රචාර ගෙන යනවා. මටත් නොකළ වැරදි කළා කියලා චෝදනා කළා. මම අඩියක් පස්සට නොතියා දිගටම සේවය කළා. ඔබව විවේචනය කරන අය තමයි කවදා හරි පරාජය වෙන්නේ. කවදාවත් සත්‍ය පරාජය වෙන්නේ නෑ. මේ රට සුන්දර රටක්. මේ රට දියුණු වෙන්න ඕනෑ කියා කැමැත්තෙන් ඉන්න අයගෙන් මමත් කෙනෙත්.මේ රටේ යුද්ධයේ කුරිරු තත්ත්වය දැකපු කෙනෙක්. සිංහල, මුස්ලිම්, දෙමළ කියන සියලුම අය මේ අපේ රට කියන අදහසින් ජීවත් විය යුතුයි. මේ මාසයක සිට අපි සියලු දෙනාගෙන් අනාගතය ප්‍රශ්නයකට මුහුණ දීලා තියෙන්නේ. මට තානාපතිවරයෙක් කිව්වා අපිට කරන්න හිටපු ලොකු ආයෝජනයක් ගැන නැවත හිතා බලන්න සිද්ධ වෙලා තියෙනවා කියලා. අපිට ජනවරම ලැබුණේ අවුරුදු පහක් ඉන්න. අවුරුදු තුනකින් ආණ්ඩුව විසිරුවලා ඡන්දයක් තියලා ප්‍රජාතන්ත්‍රවාදය ඇති කරන්න පුලුවන් කියලා.මේ ඊනියා ආණ්ඩුව කියනවා නම් එය බාල ප්‍රකාශයක්. ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුව ඇතුළේ මේ ප්‍රශ්නය විසඳා ගත යුතුයි. අපි 225 මේ රටේ සියලුම ජනතාව නියෝජනය කරනවා. අතිගරු ජනාධිපතිතුමා සාමන්‍ය පවුලක සිට ආපු කෙනෙක්. මම ඔහුගෙන් ඉල්ලා සිටිනවා මේකට කඩිනමින් විසඳුමක් ලබා දෙන්න කියලා. පාර්ලිමේන්තුවේ අශිෂ්ඨ ලෙස හැසිරුණු මන්ත්‍රීවරුන් ජනතාවගෙන් ප්‍රසිද්ධියේ සමාව ගත යුතුයි. ඔබතුමාව ආරක්ෂා කරන්න පැමිණි පොලිස් නිලධාරීන්ට මිරිස්කුඩු ගැහුවා. පාර්ලිමේන්තු සේවකයන්ට පහර දුන්නා. එම මන්ත්‍රීන් හඳුනාගෙන ඔවුන්ට දඬුවම් ලබා දිය යුතුයි. නාමල් කුමාරගේ සිද්ධිය ගැන අපගේ නමුත් ගලපා තිබ්බා. මඩකලපුවෙදි මාවත් ඝාතනය කරන්න කුමන්ත්‍රණය කළා කියලා සඳහන් වෙලා තිබෙනවා. අපි සුළු ජනකොටස්වලට අයත් පුද්ගලයින් නිසා ඒවා ගැන හොයන්නේ නෑ. මගේ ආරක්ෂාව සම්පූර්ණයෙන් නැති කරලා තිබෙනවා. මගේ ආරක්ෂාවට දෙදෙනකු පමණයි දීලා තිබෙන්නේ. මට සීඅයිඩියෙන් කතා කරලා කිව්වා ප්‍රකාශයක් ගන්න එන්න පුලුවන්ද කියලා. අපගේ ආරක්ෂකයා ලෙස සිටින කතානායකතුමා මේ ගැන පිරිසිදු පරීක්ෂණයක් කළ යුතුයි. මේ රටේ කවදාවත් බලාපොරොත්තු නොවූ බැරෑරම් තත්ත්වයක් ඇති කළේ නාමල් කුමාරගේ පැමිණීමෙන් පස්සේ. මගේ ආරක්ෂාව ඉවත් කරලා මට කිසි තැනකට යන්න බැරි තත්ත්වයක් උද්ගත වෙලා තිබෙනවා. හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අද බොහෝ දෙනෙක් මාධ්‍යයට ඇඟිල්ල දිගු කරලා අහනවා මොකද මේ කරන්නේ කියලා. මාධ්‍යයට වහල්ලු වගේ ඉන්න පුලුවන් තව උපරිම මාසයක් විතරයි. මේ පාර්ලිමේන්තුවේ මෙතරම් කාලයක් අපි හිටියේ තිරිසන්නු ටිකක් එක්ක. ඔවුන් එන්නේ නැතිනම් දිගටම ඒක හොඳයි. මොකද ඔවුන් ආවනම් අපිට මෙහෙම කතා කරන්න පුලුවන්ද? අද අර කට්ටිය මෙතන හිටියා නම් වේත්‍රධාරීන් සෙංකෝලය ගාව ඉඳගෙන සෙංකෝලය ආරක්ෂා කරන්න වෙනවා. මෙච්චරකල් පාර්ලිමේන්තුව කඩාකප්පල් කළේ හිටපු ජනාධිපතිගේ සත්තුවත්තේ සත්තුටික කියන එක දැන් ඔප්පු වෙලා තියෙනවා. කතානායතුමාගේ ප්‍රජාතන්ත්‍රවාදය අපිට දීපු ලොකු ආදර්ශයක්. අනාගතයේ අපි ළමයින්ට හරි ඒ ගැන කියා දෙන්නපුලුවන්. කතානායක - මට නම් පෞද්ගලික තරහක් නෑ. ඒ ගැන පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි. ඉන් පසු බලන්න පුලුවන්.හේෂා විතානගේ මහතාඊනියා ආණ්ඩුව පත් වුණු ගමන් ජාතික රූපවානිහිනයට පැනලා යකා නැටුවා. ඒ වගේම නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශයේ ස්ථිර නොවූ සේවකයන්ට නීතිවිරෝධී ඇමැතිවරයා බලපෑම් කරනවා. ජනාධිපතිවරයා ජනතාව බලා ගන්නේ නැති අවස්ථාවක, ආණ්ඩුවක් නැති අවස්ථාවක මම ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා රජ්‍ය සේවකයන් බිය ගන්වා නෙරපාහැරීම ගැන විමල් වීරවංශලාට එරෙහිව ක්‍රියාමර්ග ගන්න කියා . අමාත්‍යංශවල මැතිවරණවලට අවශ්‍ය ක්‍රියාදාමය හදන්න. රටේ අහිංස මිනිසුන් වෙනුවෙන් ඔබට ගන්න පුලුවන් ක්‍රියාමාර්ග ගන්න. පහුගිය දිනවල පාර්ලිමේන්තුවේ හැසිරුණු හැටි අපි දැක්කා. පාර්ලිමේන්තුවේ උත්තරීතරභාවයට හානි කරමින් හැසිරුණු මන්ත්‍රීන්ට ගන්නා ක්‍රියාමාර්ග හෙළි කරන්න. චමින්ද විජේසිරි මහතාපහුගිය කාලයේ අපි ඔබතුමාට චෝදනා කළා. ඊට හේතුව ඔබ ඒකාබද්ධ විපක්ෂයට වැඩිපුර කාලය වෙන් කිරීමයි. ඒවා ඔවුන්ට අමතක නම් පාර්මේන්තු හැන්සාඩ් බලන්න කියන්න. කතානායක - මම ඒකාබද්ධ විපක්ෂයට වැඩිපුර වෙලාව දෙනවා කියලා මාව අයින් කරන්න කොළයකුත් අත්සන් කරලා තිබ්බානේ. මතක් කිරීම ගැන ස්තුතිවන්ත වෙනවා.නවීන් දිසානායක මහතා ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයට විවිධ තර්ජන එල්ල වුණු අවස්ථා තිබිලා තියෙනවා. පහුගිය ටික දවසෙත් අපි එය දැක්කා. පහුගිය මාසය තුළ ඔබට විශාල පීඩනයකට මුහුණ දෙන්න වුණා. පාර්ලිමේන්තුව තමයි ප්‍රජාතන්ත්‍රවාදයේ දෙවොල කියන්නේ. එහි අශිෂ්ඨ දේවල් වුණා. මම තැතිගැන්මට ලක්වුණා ඒ දේවල් ගැන. යම් පුද්ලයන් පිරිසක් කතානායක තුමාගේ ආසනයටත් වතුර දැම්මා. පොලිසියට මිරිස්කුඩු ගැහුවා. ප්‍රජාතන්ත්‍රවාදයේ පිහිටා ඔබ කටයුතු කළා. මගේ පියාත් නිර්භීත පුද්ලයෙක්. මම ඔබතුමාව එදා දැක්කේ ඊට වඩා නිර්භීත නායකයෙක් හැටියටයි. ඔබතුමා ආනන්ද විද්‍යාලයේ සාඩම්බර නිමැයුමක්. ස්වාධීනව කටයුතු කිරීම ගැන අධිකරණයටත් ස්තුතිවන්ත වෙනවා. එරාන් වික්‍රමරත්න මහතා රජය කියලා කියා ගන්න කණ්ඩායම පාර්ලිමේන්තු වර්ජනය කිරීම ලැජ්ජාවක්. කතානායක තනතුරේ ඉතිහාසය බැලුවොත් කවුරුන් විසින් දැරුවත් විධායකයෙන් ස්වාධීනව පවතින තනතුරක්. මෑතකදී පාර්ලිමේන්තුව අවතකේසේරු කළා. ආණ්ඩුවයැයි කියා ගන්නා කණ්ඩායමට බහුතරය පෙන්වන්න බැරි වුණා. විශ්වාස භංගයක් සම්මත කළා ඔවුන්ට එරෙහිව. ස්ථාවර නියෝග අතිහිටවූයේ බහුතර ඡන්දයෙන්. එවැනි දේවල් පාර්ලිමේන්තුවේ වෙනවා. ස්ථාවර නියෝග අනුව හඩෙන් ඡන්ද විමසන්න පුලුවන්. බෙදීමක් ඉල්ලුවොත් වෙනත් ක්‍රමයකින් ඡන්දය විමසන්න පුලුවන්. ඔවුන් බෙදීමක් ඉල්ලුවෙත් නෑ. එදා තිබුණේ දුෂ්කර තත්ත්වයක්. මන්ත්‍රීවරුන් 122ක අත්සනින් විශ්වාසයක් නැති බව ලබා දුන්නා. බන්දුලාල් බණ්ඩාරිගොඩ මහතාආණ්ඩු පක්ෂය යැයි කියා ගන්න කණ්ඩායම පාර්ලිමේන්තුවට නොපැමිණ මඟහැර ගොස් තිබෙනවා. පාර්ලිමේන්තුවෙන් එළියට ගිහින් විවිධ ප්‍රවෘත්ති සාකච්ඡා තිබනවා. ඔබේ රුවට සමාන පඹයන් හදලා ගිනි තියලා රටේ මතයක් හදන්න හදනවා තමන් පාර්ලිමේන්තු නොයන්නේ කතානායකට විරෝධය පළ කරලා කියලා. මේ කරුණ පිටිපස්සේ කූඨ උපක්‍රමයක් තිබෙනවා. ඔවුන් සභාවට පැමිණිනොත් ඔවුන් එක්ක ඉන්න සැබෑ මන්ත්‍රීන් ගණන ලෝකයම දැන ගන්නවා. ඔවුන් එළියට ගිහින් කියන මන්ත්‍රීන් ගණන ඔවුන්ට නෑ. ඒ නිසා ඔබට පහර දෙනවා. ඔබතුමා වගේ ශ්‍රේෂ්ඨ දේශපාලන චරිතයකට අපවාද නැගීම ගැන මමත් කණගාටුවෙනවා. කතානායක - පාර්ලිමේන්තුවේ සියලුම නිලධාරීන් ගැන මට ලොකු විශ්වාසයක් තිබෙනවා. පඹයෙන් පිච්චීම ගැන කතා කළා. පඹයින් පිච්චීම හොඳයි පස්දොස් යන්න. තවත් පිච්චුවොත් හොඳයි. විජේපාල හෙට්ටිආරච්චි මහතා මහාමාර්ග අමාත්‍යංශයෙන් වැරදි ගෙවීම් සිදු කරනවා. රජයේ විගණකාධිපති හා කෝප් කමිටුව මගින් මේ ගැන පරීක්ෂණ කළ යුතුයි. ජනාධිපති කියනවා ජනාධිපති කොමිසමක් පත් කරන්න කියලා. මම කියනවා ඔක්තෝබර් 26 ඉඳලා මේ හොර ආණ්ඩුවෙන් වුණ දේවල් ගැනත් හොයන්න ජනාධිපති පරීක්ෂණ කොමිසමක් පත් කරන්න කියලා. 2010 අගෝස්තු මාසේ පාර්ලිමේන්තුවේ ඉඳලා පරීක්ෂණ කරන්න කියලත් මම ඉල්ලීමක් කරනවා. පාලිත රංගේ බණ්ඩාර මහතා ඝාතන කුමන්ත්‍රණය කියන සිද්ධිය ගැන කතා කළා. ඉන්දියන් ජාතිකයා මානසික රෝගියෙක් කියලා වෛද්‍ය වාර්තාවක් දීලා තිබෙනවා. නාමල් කුමාර කියන තැනැත්තා විවිධ සිද්ධි ගැන පොලිසියට තොරතුරු දුන්නු තොරතුරුකරුවෙක්. ඔහු පොලිස් ත්‍යාග අරමුදලෙන් ත්‍යාග ලබාගෙන තිබෙනවා. මහු නැවතත් ලක්ෂ පහක් ඉල්ලලා තිබෙනවා. එය ලබා නොදීමට උරණ වෙලයි මේ විවිධ චෝදනා කරන්නේ. රාජ්‍ය සේවකය්නට කියනවා නීත්‍යනුකූල නියෝග ක්‍රියාත්මක කරන්න එපා කියලා.ප්‍රේමවතී මනප්පේරි නඩුවේ තීන්දුවේ එය පැහැදිලිව තිබෙනවා. නඩුවෙදි නිලධාරීන් කිව්වා ඉහළ නියෝග අනුවයි මෙය සිදු කළේ කියලා. නඩු තීන්දුවේ පැහැදිලිවම සඳහන් කළා නිලධාරීන් බැඳිලා ඉන්නේ නීත්‍යනුකූල නියෝග ක්‍රියාත්මක කරන්න විතරයි කියලා. මම පොලිස් ස්ථානාධිපතිවරයකු ලෙස කටයුතු කරද්දි පොලිස්පති රාජගුරුට ආ බලපෑමක් උඩ මාව ස්ථාන මාරු කළා. මම ඊට එරෙහිව නඩු දැම්මා. රංගේ බණ්ඩාර එදිරි රත්වත්තේ සහ තවත් අය කියන නඩුවේ පොලිස්පති රාජගුරුට හා රජයට සිද්ධ වුණා වැරදි නියෝග ක්‍රියාත්මක කිරීම ගැන මට වන්දි ගෙවන්න. අජිත් පී පෙරේරා මහතා නීති විරොධී කැබිනට් රැස්වීම්වලදි විවිධ යෝජනා අනුමත කරලා තියෙනවා. එක් යෝජනාවක් තමයි කොළඹ වරායේ ලොකු ඉදි කිරීම් දෙකක් ගැන. ඒ ටෙන්ඩර් දෙක චීන සමාගමකට ලබා දීලා තියෙනවා. හදිසියේ මෙම ඩොලර් මිලියන සියයකටත් වැඩි වටිනාකමකින් යුතු කොන්ත්‍රාත්දෙක චීන සමාගමකට දීම ලොකු ප්‍රශ්නයක්. අද අනිත් පිරිස පාර්ලිමේන්තුවට ඇවිත් පාර්ලිමේන්තු භෝජනාගාරයෙන් සහන මිලට කෑම අරං සභාවට එන්නේ නැතුව යන්න ගියා. සියලු පහසුකම් ගන්නවා. පඩිත් ගන්නවා. නමුත් සභාවට එන්නේ නෑ. මේ ගැන ජනාධිපතිතුමාට දැනුම් දෙන්න.කතානායක කරු ජයසූරිය මහතා යුක්තිය වෙනුවෙන් ජම්පර් අදින්න වුණොත් ඊට මම ලෑස්තියි. මම ජීවිතේට කූඨ වැඩක් කරලා නෑ. ඕනෑම පරීක්ෂණයකට මම සූදානම්. කතානාය හොඳ නැත්නම් හෙටම යෝජනාවක් ගෙනත් කතානායක ඉවත් කරන්න.මරික්කාර් මහතා උදය ගම්මන්පිල මාධ්‍ය සාකච්ඡා තියලා කියනවා කතානායකට ජම්බරය ස්ථිරයි කියලා. කූට ලේඛන සකස් කර ඇති බව කිව්වා. (එය කියවයි) පාර්ලිමේන්තු හැන්සාඩ් නිල වශයෙන් නිකුත් කිරීම කූඨ ලේඛන සකස් කිරීමක් කියනවා නම් පරීක්ෂණයක් කළ යුතුයි. මන්ත්‍රීවරුන් ලෙස අපිටත් ඇත්ත දැන ගන්න අවශ්‍යයි. ඔබතුමා ඇත්තටම කූට ලේඛන හැදුවද කියලා පරීක්ෂා කරන්න ඕනා.කරුණාරත්න පරණවිතාන මහතා මේ රටේ ජනතාවට තිබෙනවා නිවැරදි තොරතුරු දැන ගැනීමේ අයිතියක්. අද රට පුරා අසත්‍ය තොරතුරු ප්‍රචාරය වෙමින් තිබෙනවා. ඒ තමයි මේ ව්‍යාජ ආණ්ඩුව ඇත්ත.ආණ්ඩුවක් සේ ඇඟවෙන පරිදි ප්‍රචාරයන් ගෙනියනවා. අපි ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා මේ සියලුම කොමිෂන් සභාවලට දැන් ආණ්ඩුවක් නැති බව දැනුම් දෙන්න. ව්‍යාජ ආණ්ඩුවක් තිබෙන්නේ. රාජ්‍ය මාධ්‍ය ආදිය අගමැති, ඇමැතිවරු කියලා ප්‍රචාරය කරනවා. මෙය මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කිරීමක්. විද්‍යුත් මාධ්‍ය පාවිච්චි කරන්නේ රාජ්‍ය දේපොළක් වන සංඛ්‍යාතයි. ඒ අයට බෑ රාජ්‍ය දේපොළ අවභාවිත කරන්නට. පාර්ලිමේන්තුව රැස් වෙන වෙලාවට වෙන වෙන පක්ෂවලට සජීවී විකාශ දෙනවා. ජනමාධ්‍ය පාර්ලිමේන්තුවේ කටයුතු කළ යුතු ආකාරය ගැන සුදුසු නියෝග දෙන්න. රංජිත් මද්දුම බණ්ඩාර මහතා ජනාධිපති ඝාතන කුමන්ත්‍රණය ගැන ඒ දිනවල පරීක්ෂණ හරියට කළා. නාමල් කුමාර දුන්නු හඬපට කිසිම එකක ජනපති හෝ හිටපු ආරක්ෂක ලේකම් ඝාතන කුමන්ත්‍රණයක් ගැන නෑ. දැන් මටත් චෝදනා කරනවා. රනිල් වික්‍රමසිංහ මහත්මයා ඉවත් කිරීමේ කුමන්ත්‍රණයට තමයි නාමල් කුමාර යොදා ගත්තේ.නාමල් කුමාර කියන්නේ පොලිසියට ඔත්තු දුන්නු පුද්ගලයෙක්. ඇවන්ගාඩ් වගේ තව තව තැන්වල වැඩ කළ පුද්ගලයෙක්. සරත් ෆොන්සේකා මහතා ඉල්ලපු පරීක්ෂණය කරන්න. නීත්‍යනුකූල නොවන ආණ්ඩුවට එරෙහිව බහුතරය පෙන්නුවට පස්සේ ඔබ කිව්වා අගමැති සහ ඇමැතිවරුන් නෑ කියලා.රටේ මුදල් බලය තියෙන්නේ පාර්ලිමේන්තුවට. එ නිසා මුදල් සම්බන්ධ නියෝග දෙන්න මහින්ද රාජපක්ෂටවත්, ඊනියා කැබිනට් ඇමැතිවරුන්යැයි කියා ගන්න අයටවත් බෑ. මං රජයේ සේවකයන්ට කියනවා මේ නීත්‍යනුකූල නොවන නියෝග ක්‍රියාත්මක කරන්න එපා කියලා. සරත් ෆොන්සේකා මහතා පහුගිය දිනක ඉරිදා පත්තරේක තිබ්බා මම ජනාධිපතිව ඝාතනය කරන්න හිටි බව ඔහුම කිව්වා කියලා. එතුමාට ඒවා කියන්නේ නාමල් කුමාර කියලා පුද්ගලයෙක්. ඔහු රහස් ඔත්තුකරවකු ලෙස ජනාධිපතිට වැඩ කරන්නේ. ජනාධිපති විදෙස් මාධ්‍යට කිව්වා මාව අගමැති කරන්නේ නෑ කියලා. මට එහෙම හීනයක්වත් නෑ. එතුමා එහෙම බයානක හීන දකින්නේ ඇයි කියලා මං දන්නේ නෑ.ඊට හේතුව ඇහුවාම කියලා තිබ්බා සරත් ෆොන්සේකා එතුමාව ඝාතනය කරන්න සැලසුම් කළා කියා. රටේ ජනාධිපති එහෙම කියනවා නම් මේක විශාල ප්‍රශ්නයක්. මේක වරප්‍රසාද ප්‍රශ්නයක්. ඔබතුමා පැය 48ක් වැනි කාලයක් තුළ පොලිස්පති පාර්ලිමේන්තුවට කැඳවන්න. එක්කෝ මාව කූඩුවට දාන්න කියන්න. නැත්නම් මේ චෝදනාව ගැන ක්‍රියාත්මක වෙන්න කියන්න.ජනාධිපතිතුමා අතීතයේ කියමින් සිටියේ මහින්ද රාජපක්ෂ මහතා ඔහුව අඩි හයක් පොළව යටට දාන්න හිටියා කියලා. දැන් ඔහුව අගමැති කළා. ඉතින් මම ඝාතන සැලසුමක හිටියත් මාව අගමැති කරන්න බෑ කියන්නේ කොහොමද? කොහොමද එහෙම හැදි දෙකකින් බෙදන්නේ? නාමල් කුමාර නම් පුද්ගලයා පොහොට්ටුවෙන් ඡන්දය ඉල්ලන්න යන කතාවකුත් තිබෙනවා. අබුද්දස්ස කාලේ ලබුත් තිත්තයි වගේ වැඩක්. මේ ගැන පරීක්ෂණයක් කරන්න. කතානායක - දැනටම පොලිස් පරීක්ෂණ කරගෙන යනවා.ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා ඔබතුමා ඉතිහාස ගත වෙනවා. එදා සිදුවීම අපි දැක්කා. මම 1977 පාර්ලිමේන්තුවට ගියේ. මහින්ද රාජපක්ෂ මැතිතුමා එක්ක හොස්ටල් එකේ අවුරුද්දක් තිබ්බා. මම ප්‍රසිද්ධිය පස්සේ ගිය කෙනෙක් නෙමෙයි. හෙට මගේ ඇස් පැය දෙකක් පරීක්ෂා කරන්න ඕනා කිව්වා. මෙහෙට ඇසිඩ් ගෙනත් තිබ්බා කිව්වා. එදා අපේ මන්ත්‍රීවරුන් විනීතව සිටියා. අපේ ආදර්ශය ලෝකයාට පෙන්නුවා. අයවැයක් අනුමත නොවුණාම අපිට කිසිම දෙයක් ගේන්න බෑ. මට වෙච්ච දේට මට ගෙවන වන්දිය මොකක්ද? අපේ ඥාති එඩ්වඩ් ගුණසේකර මන්ත්‍රීවරයාගේ ගෙදරට ලක්ෂ 20000ක ඇඩ්වාන්ස් අරගෙන ඇවිත් තිබ්බා. ඔහු ඊයේ ප්‍රකාශ කළා. මලික් සමරවික්‍රම මහතා මහින්ද රාජපක්ෂ මහතා අගමැති ලෙස පිළිගන්නේ නෑ කියලා ඔබතුමා කිව්වා. මට දැනගන්න ලැබුණා මාධ්‍යවලින් මන්ත්‍රීවරුන් කණ්ඩායමක් රැස්වෙලා විවිධ දෑ ගන්න තීන්දු තීරණ ගන්න. විවිද දෑ ලංකාවට ගෙන ඒමට සහ ව්‍යාපෘතිලබා දීම නීති විරෝධියි. මේ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලා සිටිනවා. රවුෆ් හකීම් මහතා -සභාවේ විශ්වාස භංග යෝජනාවක් සම්මත කර ගත්තට පස්සේ ඔබේ නියෝගය හැන්සාඩ් ගත වෙලා රටම පිළිගත යුතු තත්ත්වයක් තිබෙනවා. එසේ තිබිය දී මේ කල්ලිය අගමැති සහ ඇමැතිවරුන් ලෙස මාධ්‍යවල හැඳින්වීම අපේ වරප්‍රසාද කඩවීමක්. ඒ ගැන පරීක්ෂණයක් තිබිය යුතුයි. මේ අය තනතුරුවලින් හැඳින්වීම වැලැක්විය යුතුයි. එය නීත්‍යනුකූල නෑ. මේ තත්ත්වය අපට පිළිගන්න බෑ. මෙය මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද ප්‍රශ්නයක්. අජිත් මාන්නප්පෙරුම මහතා අද ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවට ඇවිත් තියනවා. ප්‍රජාතන්ත්‍රවාදයට ගරු නොකරන මන්ත්‍රීවරුන් ගමෙන් පාර්ලිමේන්තුවට ඇවිත් පාර්ලිමේන්තු සභාවට ඇවිත් නැතිව පාර්ලිමේන්තුවේ ආපන ශාලාවට වෙලා ඒ වරප්‍රසාද භුක්ති විඳිමින් ඉන්නවා. කතානායකවරයා ලෙස ඔබ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම ගැන අපිට ලොකු විශ්වාසයක් තිබෙනවා. මරික්කාර් මහතා පසුගියදා ඔබ තීන්දුවක් දුන්නා විශ්වාස භංගයෙන් පස්සේ ආණ්ඩුවක් නෑ කියලා. එය දුන්නේ 14 වැනි දා. මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යංශයේ ලිපි ශීර්ෂයකින් මහින්ද රාජපක්ෂ මහත්මයා රේගු අධ්‍යක්ෂට නියෝගයක් දෙනවා අලි රිෂාඩ් කියන පුද්ගලයාට රාජසන්තක කළ ඇමෙරිකානු ඩොලර් 53400ක් නැවත මුදා හරින්න කියලා(ලිපිය කියවයි)මෙය නීත්‍යනුකූලද? මෙහෙම කරන්න පුලුවන්ද? රාජසන්ත කළ මුදල් එහෙම දීම ගැන ඔබතුමා හොයා බලා නියෝගයක් දෙන්න. පාර්ලිමේන්තුව කල් තිබ්බට පස්සේ රාජ්‍ය මාධ්‍ය දෙකක් පාර්ලිමේන්තුව යළි කල් තිබ්බා කියලා කිව්වා. පාර්ලිමේන්තුව සජීවීව දුන්නා කියලා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මාධ්‍ය සාකච්ඡා සජීවීව දුන්නා. මෙය මහජන මුදල් අවභාවිතාවක්. මහජන මුදල් අවභාවිතාව ගැනත්, මන්ත්‍රී වරප්‍රසාද කඩ වීම ගැනත් එම ප්‍රධානීන් වරප්‍රසාද කමිටුව හමුවට ගෙන්වන්න.කතානායක - මම ඒ ගැන පොලිස්පතිතුමා දැනුම්වත් කරන්නම්. මංගල සමරවීර මහතා නීත්‍යනුකූල නොවන ආණ්ඩුව තවදුරටත් මේ ආකාරයටම දෙසැම්බර් වෙනකම් ඉදිරියට යන්න දුන්නොත් අපිට මීට වැඩිය ගැටලු වලට මුහුණ දෙනවා. භාරකාර අරමුදලින් මුදල් නිකුත් කරන්නට වරෙන්තුව නිකුත් කළ හැකි නීත්‍යනුකූල මුදල් ඇමැතිවරයෙක් නෑ. ඉදිරියේදී නීත්‍යනුකූල රජයක් පත් නොකළොත් ජනවාරි පළමු වැනි දා සිට රජයේ සේවකයන්ට වැටුප් ගෙවන්න බැරි වෙයි. ඔබතුමා ජනාධිපතිවරයාට කියන්න රට පාවා නොදී රජයක් පත්කරන්න කියලා.ජෝන් අමරතුංග මහතාමේ නීත්‍යනුකූල නොවන ආණ්ඩුව මන්ත්‍රීවරුන් නොවන අයටත් ආරක්ෂාව දෙන්න. වඩිවේල් සුරේෂ් මහතාගේ පැමිණිල්ල බරපතල ප්‍රශ්නයක්. ඔබතුමාගේ වගකීමක් මන්ත්‍රීවරුන්ට ආරක්ෂාව දීම.කතානායක - මම අදම පොලිස්පතිවරයා දැනුම්වත් කරන්නම්. වඩිවෙල් සුරේෂ් මහතාඅපිට පාර්ලිමේන්තුවේ ආරක්ෂාව නෑ, මිරිස්කුඩු ගහනවා. ආසනේට ගියාම පිට අය අය ඇවිත් මට පෙට්‍රල් බෝම්බ ගහන හිටියා. මම ඒ ගැන පොලිසියට පැමිණිලි කළා. අද වෙනකම් පොලිසියෙන් කිසිම දෙයක් කරලා නෑ. පරීක්ෂණ නොකරපු ඕඅයිසී ඒස්පී කරලා අද. පාර්ලිමේන්තුවට ආවම මිරිස්කුඩු ගහනවා. ආසනේට ගිහාම පිට අය ඇවිත් ගහන්න හදනවා. අයිජීපීට කතා කළා. අයිජීපී ෆෝන් එක ආන්සර් කළේ නෑ. තවම කාවවත් අත්අඩංගුවට අරං නෑ. අපි කොහොමද මේ රටේ ජීවත් වෙන්නේ? මිනිස්සු අහනවා පාරට බහින්නද කියලා. කාවින්ද ජයවර්ධන - දැන් ආණ්ඩුවක් නෑ. අපි තුන් වතාවක් ආණ්ඩුව පරාජය කළා. ආණ්ඩුවක් නැති නිසා අද හැංගිලා ඉන්නවා. කතානායක - ඒ ගැන පරීක්ෂා කරමින් යනවා. පොලිසියත් පරීක්ෂා කරමින් යනවා.නලීන් බණ්ඩාර මහතා - පාර්ලිමේන්තුවට අලාභ හානි කරපු අය ගැන මොනවද කරලා තියෙන්නේ?ලක්ෂ්මන් කිරිඇල්ල මහතා - ආණ්ඩුව කියාගන්නා අය පාර්ලිමේන්තුව වර්ජනය කරනවාමන්ත්‍රීවරු - ආණ්ඩුවක් නෑලක්ෂ්මන් කිරිඇල්ල මහතා - යෝජිත ආණ්ඩුවට මාසයයි. ඒත් පාර්ලිමේන්තුවට කිසිම යෝජනාවක් ඉදිරිපත් කරලා නෑ. ආශු මාරසිංහ මහතා රටේ සිදුවූ අවාසනාවන්ත තත්ත්වය හේතුවෙන් සංචාරක කර්මාන්තය කඩා වැටීමේ තත්ත්වයකට පත්ව ඇති බැවින්ද, නීතියේ ආදිපත්‍ය කඩා වැටෙමින් ඇති බැවින් ද සංචාරක කර්මාන්තය යථා තත්ත්වයට පත් කිරීම සඳහා යෝජනාවක්කතානායක කරු ජයසූරිය මහතා - ස්ථාවර නියෝග යටතේ ආශු මාරසිංහ මහතා යෝජනාවක් ඉදිරිපත් කරනවා. කතානායක කරු ජයසූරිය මහතා මූලාසනාරූඩ වීමෙන් පසු වේත්‍රධාරියා විසින් සෙංකෝලය තැම්පත් කරනු ලැබීමෙන් පසු මීට ටික වේලාවකට පෙර පාර්ලිමේන්තු කටයුතු ආරම්භ විය. (තරිඳු ජයවර්ධන) රටේ ඇතිවී ඇති අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් පැවැති කල් තැබීමේ විවාදයෙන් පසු කල් තැබූ පාර්ලිමේන්තුව අද (27) පස්වරු 1.00ට යළි රැස්වීමට නියමිතය. අද දිනයේ ද විශේෂ කරුණු ඇතුළත් කරමින් න්‍යාය පත්‍රයක් ප්‍රසිද්ධියට පත් කර නැති අතර අද දිනයේ කටයුතු පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 22 යටතේ සිදු කෙරන බව සඳහන් කර තිබේ. පාර්ලිමේන්තුව රැස්වීමට පෙර කතානායකවරයා පක්ෂ නායකයන් හමුවනු ඇතැයි ද දැනගන්නට ඇත. ස්ථාවර නියෝග අංක 22හි දැක්වෙන පරිදි පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන අනුපිළිවෙළ පහත දැක්වේ. ( ඡායාරූප ලහිරු හර්ෂණ)
|
අනාගතයේදීවත් ජනතාව විපත්වලින් මුදාගන්න රජයක් ලෙස තීන්දු තීරණ ගන්නවා
| 0 |
(එප්පාවල - නන්දන සමන් කුමාර සහ මකුලෑව ලේකම්ගේ අනුර)මහජනතාවගේ දේපළ හොරකම් කළ දේශපාලනඥයන්ට එම දේපළ මාස දෙකක් තුළ නැවත රජයට බාරදීමට ජාතික ජන බලවේගය ආණ්ඩුව පිහිටු වූ පසු අවස්ථාව දෙන බවත් එසේ නොවන්නේ නම් හොරකම් කරන ලද සෑම රුපියලක්ම නැවත රජයටම පවරා ගැනීමට කටයුතු කරන බවත් ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පෙරේදා (8) පැවැසීය.ජනාධිපති ධුරය සඳහා නාමයෝජනා දීමෙන් පසුව තම උපන් ගම වන තඹුත්තේගම දී මංගල ජන රැලිය අමතමින් අනුර කුමාර දිසානායක මහතා එසේ කීය. තඹුත්තේගම බස් නැවතුම්පොළ භූමියේදී මෙම ජන රැලිය පැවැත්විණි.අනුර කුමාර දිසානායක මහතා මෙසේ ද කීවේය.“අපි ආණ්ඩුවක් හදන්නේ කාගෙන්වත් පළිගන්න නොවෙයි. අපි හොරකම නම් නතර කරනවා. මහජනතාවගෙන් හොරකම් කරන ලද, උදුරාගත් සෑම රුපියලක්ම අපි යළිත් පවරා ගන්නවා.අද දේශපාලන වේදිකාවේ විවිධ අය විවිධ දේවල් කියනවා. හැබැයි කොතැන ද කතා කරන්නේ වෙනස් කරන්න. දේශපාලන ප්‍රතිපත්ති, ආර්ථික ප්‍රතිපත්ති ගැන විවිධ අදහස් තියෙනවා. හැබැයි කවුරු ආණ්ඩු ගත්තත් ප්‍රථමයෙන් කරන්න ඕනේ හොරකම නැති කරන එක. ඔය අනෙක් පක්ෂ අපේක්ෂකයෝ ඒ ගැන පොරොන්දුවක් දෙනවා ද දෙන්න පුළුවන් ද. මේ රටේ කොයි පක්ෂයට ද කාට ද හොරකම නතර කරන්න පුළුවන් වෙන්නේ. අපි ඔබට එක සහතිකයක් දෙනවා. එක සැරයක් ඔබ අපට බලය දුන්නොත් මේ රටේ හොරකම අපි නියත වශයෙන්ම නතර කරනවා.අපි එක ශතයක්වත් මුදල් හොරකම් නොකරපු මිනිස්සු. මේ වේදිකාවේ ඉන්නේ මහජනයාට අයිති ශත පහක් හොරකම් නොකරපු, නාස්ති නොකරපු උදවිය. ඔබ ගිහින් බලන්න නල්ලච්චිය මගේ අම්මගේ, මගේ නිවස. ඒ නිවසට අත්තිවාරම දැම්මේ අසූ අටේ අවුරුද්දේ රුපියල් 8500ක් බැංකුවෙන් ණයට අරගෙන. දැන් වසර 31ක් ගතවෙලා තියෙනවා. තවමත් සාලෙ කෑල්ල හදනවා. අපි මහජනයාගෙන් ශත පහක්වත් හොරකම් කරලා නැති අය. ඔබ අපේ ජීවිතවලට එබිලා බලන්න ඔබට එය තේරුම් ගන්න හැකිවෙයි.මේ රට ගොඩ ගන්න නම් පාලකයා නාස්තිකාරයෙක් නොවිය යුතුයි, හොරෙක් නොවිය යුතුයි. පාලනය හොරකමට ඉඩ නොදෙන පාලනයක් වෙන්න ඕනේ. ඔය කොයි පක්ෂයේ ද කොයි අපේක්ෂකයාට ද කියන්න පුළුවන් මම හොරකම් කෙරුවේ නැහැ, ජනතාවගේ මුදල් නාස්ති කෙරුවේ නැහැ, ඒ නිසා මම හොරකම් කරන්නෙත් නැහැ කියලා. ඉස්සරහට ජනාධිපතිවරණ රැස්වීම්වල වේදිකාවල ඉන්න පුද්ගලයන් දිහා හොඳට බලාගෙන ඉන්න. ඔබටම තේරෙයි වැලිකඩ හිරගෙදර ඉන්න ඕනේ කී දෙනෙක් ඒ වේදිකාවල ඉන්නව ද කියලා.අපි දන්නවා පොලිසියේ මහත්තුරුන්ට චෝදනාවක් තියෙනවා පාරේ ඉන්නවිට සල්ලි ගන්නවා කියලා. රජයේ ලිපිකාර මහත්තයට චෝදනාවක් තියෙනවා ෆයිල් එක කලින් ගන්න කීයක් හරි ගන්නවා කියලා. පොලිසියේ මහත්තුරුන්ගේ ජීවිතේට මොකද වෙලා තියෙන්නේ. නිශ්චිත වැටුපක් තියෙනවා. නමුත් අතට ලැබෙන්නේ සොච්චම් මුදලයි. අර ණයටයි මේ ණයටයි කැපිලා ගියහම ජීවත්වෙන්න ඒ මුදල මදි. එයා කල්පනා කරනවා පාරේ යන කෙනාගෙන් කීයක් හරි ගන්න. ඒ ලැබෙන වැටුප ජීවත් වෙන්න මදි නිසා. ඒ වගේ ද දේශපාලනඥයො. ඒ අය ජීවත් වෙන්න ද හොරකම් කරන්නේ, නැහැ. මේ මිනිස්සු මහජනතාවගේ දේපළ හොරකම් කරන්නේ සැපට ඉන්න. ලංකාවේ ගෙවල් ද ඕස්ටේ්‍රලියාවේ ද ඇමෙරිකාවේ ද ගෙවල් ගන්න තමා මේ පොදු ජනතාවගේ දේවල් හොරකම් කරන්නේ.ඊළඟට බලන්න මේ පාලකයන් නඩත්තු කරන්න කොච්චර මුදලක් යනවා ද කියලා. රටේ මිනිස්සු දුක්ඛ දෝමනස්සයට පත්වෙලා. ජීවත් වෙන්න විදියක් නැහැ. කුසට අහරක් නැහැ. ලෙඩක් වුණහම බෙහෙත් ටිකක් ගන්න රෝහලේ බෙහෙත් පෙත්තක් නැහැ. වී ටික විකුණා ගන්න විදියක් නැහැ. ඒ වීවලට මුදලක් නැහැ. හැබැයි රටේ නායකයන්ට කොළඹ මාලිගා තියෙනවා, අනුරාධපුර, නුවර, නුවරඑළිය, අර පැත්තෙන් උඩවලව මාලිගා තියෙනවා. පාසිකුඩාවල තවත් මාලිගාවක් හදන්න යනවා. ජනාධිපතිවරයාට ආත්ම හතක් තියෙනවා ද නැත්නම් භූත ආත්ම හතක් තියෙනවා ද. මොකද නුවර එක භූත ආත්මයක් තියෙන විට අනිත් භූත ආත්මේ අනුරාධපුරේ ඉන්න. එහෙම නැහැ. ජනාධිපතිවරයා ගුවන් යානයෙන් එනවා රැස්වීමක් තියෙනවා නම් පැය දෙක තුනක් රැඳෙනවා ආයෙත් හෙලිකොප්ටරයෙන්ම කොළඹ යනවා. මේ ටික වෙලාවට නගරයක් නගරයක් ගානේ මාලිගා හදන්න ඕනේ ද?ජනාධිපතිවරයකුට ලේකම්වරු කීදෙනෙක් ඉන්නවා ද. පහුගිය කාලයේ මතක ඇති මිනිස්සු කිව්වා පඳුරකට ගහනවිට ජනාධිපති ලේකම් කෙනෙක් විසිවෙනවා කියලා. ඒ තරමට ජනාධිපති ලේකම්වරු හිටියා. මම පාර්ලිමේන්තුවේදී පහුගිය කාලයේ ප්‍රශ්නයක් ඇහුවා ජනාධිපතිවරයකුට කාර්ය මණ්ඩලයේ කීදෙනෙක් ඉන්නව ද කියලා. 1200ක් ඉන්නවා කියලා පිළිතුරු ලැබුණා. මේ අයට කැබ් එකයි, තිස් දාහක ඉන්ධනයි, හැටදාහක වැටුපකුයි ඩ්‍රයිවරුයි ලැබෙනවා. දැන් ඔය සමහරුන්ට කඬේ යන කෑගහන හාමුදුරුවරු කිහිපදෙනකුත් ඔය ගොෙඩ් හිටිය ද? කමක් නැහැ ඒවා පින් තකා කියමු. හැබැයි කවුරු හරි නැහැ කියනවා නම් මම නමත් එක්ක කියන්නම්.මේ ජනාධිපතිවරුන් මහජනතාවගේ දේපළ කෝටි ප්‍රකෝටි ගණනින් නාස්ති කළා. අපි එක් සහතිකයක් ලබා දෙනවා. ජනාධිපතිවරණයෙන් ජාතික ජන බලවේගය ජයග්‍රහණය කළායින් පසුව ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය සියයට අනූවකට වැඩි ප්‍රමාණයකින් කපා දමනවා. මේ මුදල් රෝහල්, පාරවල් දියුණුවට වගේම ගොවියාගේ වී ටික මිලදී ගැනීමටත් යොදවන්න පුළුවන්කම තියෙනවා. මේ රට හදන්න නම් උඩ ඉඳලම සුද්ධ කරන්න වෙනවා. මේ රටේ රාජ්‍ය ආයතනවලට මොකද වෙලා තියෙන්නේ අද. තමන්ගේ දේශපාලන හිතවතුන්ගෙන් මේ ආයතන පිරෙව්වා. අර්ජුන රණතුංග වරාය ඇමැතිවරයා වනවිට ඔහුගේ මල්ලි වරායේ සභාපති වෙනවා. අයියා වරාය ඇමැති නිසා මල්ලිට ඒ පිළිබඳව හසල දැනුමක් ඇවිල්ලා ද ඒ පත්කිරීම් සිදුකරන්න. ඊට පස්සේ වරායෙන් පෙට්ට්‍රෝලියම් ඇමැතිකමට අර්ජුන ඇමැතිවරයා මාරුවෙන විට ආයෙත් මල්ලි පෙට්ට්‍රෝලියම් එකේ සභාපති වෙනවා. සාගල වරායේ ඇමැති වනවිට ඔහුගේ අයියා කාවන් රත්නායකට වරාය පිළිබඳව හසල දැනුමක් ලැබෙනවා. ඒ නිසා ඔහු ඒකේ සභාපති කරනවා. අයියා ජනාධිපති වනවිට මල්ලි ටෙලිකොම් සභාපති වෙනවා. ඇයි මහින්ද මස්සිනා ජනාධිපති වනවිට ඔහුගේ අනෙක් මස්සිනා එයාර් ලංකා සභාපති වෙනවා. රටට මොකද වෙලා තියෙන්නේ. දේශපාලන ඥාතීන්ගෙන් රටේ රාජ්‍ය ආයතන ටික පිරිලා. ඒ විතරක් නොවෙයි දේශපාලන පත්වීම්වලින් රාජ්‍ය ආයතන ටික පුරවලා. ආයතනවලට ඔරොත්තු නොදෙන සේවකයින් ප්‍රමාණයක් දාපු නිසා රාජ්‍ය ආයතන සියල්ලම කඩා වැටිලා. ඒ නිසා මේ රාජ්‍ය ආයතනවල විශාල බරක් පොදු ජනතාවට දරන්න සිදුවෙලා තියෙනවා.එයාර් ලංකා එකේ විතරක් ගිය අවුරුද්දේ මිලියන 40,000ක වැය බරක් රටේ ජනතාවට දරන්න සිදුවෙලා. දුප්පත් ජනතාවට සමෘද්ධිය දෙන්නම පසුගිය කාලයේ වැය වුණේ කෝටි 1500ක් විතරයි. මේවා ජනතාව දරන්න ඕනේ ද. අපි මේ රාජ්‍ය ආයතන යම් ප්‍රතිසංවිධානයක් කරනවා. මම අමාත්‍යාංශයක් දරුවා. වැඩිම ආයතන සංඛ්‍යාවත් තිබුණ. අපි ඒ ආයතනවලට පත් කළේ ඒ සම්බන්ධව විශේෂඥ දැන්මක් තිබූ පුද්ගලයන්. රුපියල් මිලියන පනහක බැංකු අයිරාවකින් තමා මිල්කෝ ආයතනය දිව්වේ. අපි ආයතනය ලබාගෙන මාස දාහතරකින් එළියට එනවිට රුපියල් මිලියන 200ක ස්ථාවර තැන්පතුවක් හදලයි අපි එළියට ආවේ. ලංකාවේ පළවැනි වතාවට මිල්කෝ ආයතනයට කිරි දීපු ගොවියන්ටම ලාභාංශ වශයෙන් බෝනස් ගෙව්වා. අද මොකද වෙලා තියෙන්නේ විකුණපු කිරි ටිකට සල්ලි දෙන්නේ නැහැ. එදා ලීටරයකට රුපියල් දෙකයි ශත හැත්තෑ පහක් වසර අවසානයේ බෝනස් විදියට ගොවියාට ලබාදුන්නා. අද මොකද වෙලා තියෙන්නේ. එහෙනම් කොයි පාලනය ද හොඳ වෙලා තියෙන්නේ. එහෙමයි පාලනය ගොඩනගන්න ඕනේ.දේශපාලනය අයින් කරලා හොඳ කළමනාකරණයක් ලබාදෙනවා නම් ඕනෑම ආයතනයක් ගොඩනගන්න පුළුවන්. අද වී අලෙවි මණ්ඩලයට මොකද වෙලා තියෙන්නේ කෝටි, ප්‍රකෝටි ගණනක් පාඩු ලබන ආයතනයක් බවට පත්වෙලා. මොකක්ද කරන්නේ ගොවි ජනතාවගේ වී ටික ගන්නවා, ගබඩාවල ඒ වී ටික ගබඩා කරනවා. ඊට පස්සේ ගත්ත මිලටත් වඩා මෝල්කාරයන්ට ඒ වී ටික විකුණනවා. එතකොට ආයතනය පාඩු ලබන් නැද්ද. පාඩු ලබන්නේ නැත්තම් තමා පුදුමේ. වී ටික අරගෙන ගබඩාවලින් විකුණන්න බැරි ආණ්ඩුවක් ද මේ. 1994 ඉඳලා වී අලෙවි මණ්ඩලය පාඩු ලබන ආයතනයක් බවට පත්වෙලයි තියෙන්නේ. මහා භාණ්ඩාගාරයෙන් හැමදාම සල්ලි දෙනවා. මේවා අපේ පාසල්, රෝහල් හදනන තියෙන සල්ලි, ලෙඞ්ඩුන්ට බෙහෙත් පෙත්තක් ගන්න තියෙන සල්ලි. මේ පාඩු ලබන සියලු රාජ්‍ය ආයතන ලාභ ලබන ආයතන බවට පත් කිරීමට හැකියාව තියෙන්නේ අපට විතරයි.හැත්තෑවේ ඇවිදින් කියනවා හා දුප්පත් නේද කන්න නැහැ නේද මම හඳෙන් හාල් ගෙනැවිත් දෙන්නම් කියලා. හැත්තෑ හතේ ඇවිදින් කිව්වා කන්න නැහැ නේද? පෝෂ්‍යදායී ආහාරවේලක් නැහැ නේද? මම ආවම ධාන්‍ය රාත්තල් අටක් දෙන්නම් කිව්වා. දුප්පත් භාවය වික්කා. අසූ නවයේ ප්‍රේමදාස මහත්තයා කිව්වා සෙරෙප්පු දාන කකුල්වලට සපත්තු දෙන්නම්, බත් කෑවට පස්සේ ගස්ලබු කෑල්ලක් කන්න ආර්ථිකයක් හදන්නම් කියලා. 94 චන්ද්‍රිකා බණ්ඩාරනායක නෝනා කිව්වා තුනයි පනහට පාන් ගෙඩිය දෙන්නම් කියලා. ඔය අය අදත් ඇවිදින් කියන්නේ ඔය දේම නේද. අපි සමෘද්ධිය වැඩි කරන්නම්, තහඩු ටිකක් දෙන්නම් කියලා. ඉතිහාසයේ හැම දේශපාලකයෙක්ම මේ දුප්පත් භාවය විකුණලා තමා බලය ලබා ගත්තේ. හැබැයි අපි පාලනයක් හදන්නේ දුප්පත් භාවය විකුණන්න නෙවෙයි, දුප්පත් භාවය තුරන් කරන්න.අපට මතකයි අපේ පොඩි කාලයේ වට්ටක්කා වැලේ ලොකුම වට්ටක්කා ගෙඩිය වැල මැරෙනකම් ඉතුරු කරලා තියනවා. ඒ වළ මැරුණට පස්සේ ගෙනැල්ලා කපලා ඇට ටික අරගෙන වහලේ එල්ලා තියනවා බීජවලට ගන්න. අද වට්ටක්කා බීජ ගන්නේ එහෙමද. අපේ බඩඉරිඟු බීජ හදාගත්තේ කොහොමද. ගහා මැරෙනකම් කරල තියාගෙන ඉඳලා උඩ එල්ලා තියලා බීජවලට ගත්තා. දැන් එහෙම කරනවාද. ඉස්සර ලොකු අක්කා කෙනකු දැකපුවාම කියන්නේ ඒ අක්කා නම් වට්ටක්කා ගෙඩිය වගේ කියලා. දැන් තියෙනවාද ලොකු වට්ටක්කා. දැන් තියෙන්නේ මෙනවාද මීමිනි වට්ටක්කා. අපේ බීජ ටික නැති කළා, ඒ නිසා මුළුමනින්ම බීජ ටික කඩෙන් ගන්න සිදුවණා. හිටපු පාලකයෝ අපේ තිබුණු බීජ සම්පතම අහිමි කරලා දාලා. අද බහුජාතික සමාගම්වල පදේට නටන්න වෙලා.මහඉලුප්පල්ලම ගොවිපොළෙන් මිරිස් බීජ නිෂ්පාදනය කළා. අද මොනා ද මේ ගොවිපොළේ දකින්න ලැබෙන්නේ ඉපිල් ඉපිල්. චීන ගොවිපොළ තිබ්බා. ඒක සී.අයි.සී. කාරයට විකුණුවා. හිඟුරක්ගොඩ අක්කර දෙසිය ගාණක වී වගා කළා බීජවලට. ඒකත් විකුණලා දැම්මා. අපේ බීජ පර්යේෂණ ආයතන විනාශ කළා, බීජ ගොවිපොළවල් විනාශ කළා. ඉතින් මේ අයට කෘෂිකර්මාන්තය ගොඩගන්න පුළුවන්ද. අපි බලයට පැමිණි පසු නැවත පාරම්පරික බීජ සම්පත වර්ධනය කරලා ඒවා ගොවි ජනතාවට ලබාදෙන වැඩපිළිවෙළක් සකස් කරනවා, ඒක අපිට කරන්න පුළුවන්. මහවැලි ව්‍යාපාරය හදනවිට කිව්වා කන්න තුනක් වගාකරන්න පුළුවන් කියලා. මහවැලි වතුර ගේනවිට අතරමැදි වැව් පද්ධතියක්ම විනාශ කළා. මේක වැව් බැඳි රාජ්‍යය අපේ රටේ වැව් 32,000ක් තිබුණා. ඒකෙන් වැඩිම ප්‍රමාණයක් තිබුණේ උතුරුමැද පළාතේ. මේ වැව් 32,000න් දැන් ඉතිරි වෙලා තියෙන්නේ 14,000ක් විතරයි.වැව් සම්පත විනාශ කරනවිට කීවා කඳුකරයෙන් ජලය ගෙනැවිත් දෙනවා කියලා. කලා වැවට වතුර දෙනවිටත් කිව්වා කන්න තුනක් වගාකරන්න වතුර ඇති කියලා. මේ යල කන්නයට මොකද වුණේ එච් කලාපයට. වතුර නැහැ. මොකක්ද සිදු වුණේ. අපේ වර්ෂාපතනයේ අඩුවීමක් තිබුණේ නැහැ. අපි මාස් කන්නය වගාකරලා ඉපනැල්ලට කවුපි ගැහුවා දින හතළිස් පහයි. ආපසු යල කන්නයට වී වැපිරුවා. අද එක කන්නයි. මේකයි සිද්ධවෙලා තියෙන්නේ. අපේ වාරිමාර්ග පද්ධතිය සුනු විසුනු කළා පාලකයෝ. අපි ඔක්කොම එකතු වුණොත් වසර 71ක් රට විනාශය කරා ඇදගෙන ගිය පාලනය අවසන් කරන්න පුළුවන්කම තියෙනවා. අපේ මිනිස්සුන්ට සැනසුම, සතුට තියෙන මාවතකට ගෙන එන්න වුවමනායි. අන්න ඒකට දැන් අවස්ථාව උදාවෙලා තියෙනවා. ඒ නිසා නොවැම්බර් 16 වැනිදා අපි ඔක්කොම එකතුවෙලා ජයග්‍රාහී තීන්දුවක් ගනිමු. වසර හැත්තෑ එකක මේ ගමන් මග වෙනුවට සුබදායි දේශපාලන තීන්දුවක් රට වෙනුවෙන් ගැනීමට ජාතික ජන බලවේගය සමග එකතු වී කටයුතු කරමු.” යැයි ද අනුර දිසානායක මහතා කීවේය. ජනතා විමුක්ති පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් නායක හිටපු පළාත් සභා මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතා සහ කලාකරුවන්, විද්වතුන් ඇතුළු පිරිසක් මෙම ජන හමුව ඇමතූහ.මෙම අවස්ථාවට ජාතික විද්වත් සංවිධානයේ සභාපති කැලණිය විශ්වවිද්‍යාලයේ සමාජීය විද්‍යා පීඨයේ පීඨාධිපති මහාචාර්ය චන්දන අබේරත්න, නීතිඥ උපුල් කුමාරප්පෙරුම, එක්සත් වාමාංශික පෙරමුණේ ප්රධාන ලේකම් අධිනීතිඥ ලාල් විජේනායක, රංගන ශිල්පීන් වන දීපානි සිල්වා, චන්ද්‍රසෝම බිංදුහේවා, ජගත් මනුවර්ණ, සමනලි ෆොන්සේකා, සම්මානනීය සාහිත්‍යවේදී ජයතිලක කම්මැල්ලවීර, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ මහාචාර්ය සාහිත්‍යවේදී ලියනගේ අමරකීර්ති යන මහත්ම මහත්මීහුද සහභාගී වූහ.
|
අනාගතයේදීවත් ජනතාව විපත්වලින් මුදාගන්න රජයක් ලෙස තීන්දු තීරණ ගන්නවා
| 0 |
(අංජුල මහික වීරරත්න සහ හැටන් සුදත් එච්.එම්. හේවා)රටේ කොපමණ උසස් අයුරින් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා වී තිබේදැයි කිවහොත් මැති ඇමැතිවරුන් ගෙන්වා නීතිපතිට ප්‍රශ්න ඇසීමට හැකි තත්ත්වයක් නිර්මාණය වී ඇතැයි අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා හැටන්හිදී ඊයේ (06) පැවැසීය.නීතිපතිවරයා ජනාධිපතිවරයාගේ ගෝලයකු බවට පත්ව සිටි යුගය අවසන් කර ඇති බව කී අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා ඉදිරියේදී සිදුවීමට නියමිත පසුගිය වංචා දූෂණ පරීක්ෂණ සඳහා ඒකාබද්ධ විපක්ෂයේ සම්පූර්ණ සහාය පතන බවද සඳහන් කළේය.අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා මේ බව පැවැසුයේ හැටන් ඩී.කේ.ඩබ්ලිව්. සංස්කෘතික ශාලාවේ පැවැති එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරී හමුවක් අමතමිනි.එහිදී තවදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා මෙසේද කීය.මගේ දේශපාලන ජීවිතයේ 40 වන සංවත්සරය වෙනුවෙන් හැටන් මඩකළපුව බස් සේවයක් ආරම්භ කිරීමට හැකිවීම පිළිබඳව මා බොහෝ සතුටට පත්වෙනවා. එය ඉතා වැදගත් පියවරක් බව කිව යුතුයි. දැන් මඩකළපුව විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන මේ ප්‍රදේශයේ සිසුන්ට ගමන් පහසුව සලසා ගත හැකියි. මේ පියවර නිසා ඔවුන්ගේ අධ්‍යාපනය දියුණු වෙනවා. මට ආශිර්වාද කරමින් මට පන්සලේත්, මුස්ලිම් පල්ලියේත්, හින්දු කෝවිලේත් පැවැත්වූ ආගමික උත්සව පිළිබඳව ස්තුතිවන්ත වෙනවා. එමෙන්ම මෙහි පැමිණි සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා.ඔබ සියලුම දෙනා මෙහි පැමිණ නිදහසේ සිටීම මට ප්‍රීතියක් බව කිව යුතුයි. ඔබ සියලු දෙනාටම නිදහසේ හැසිරෙන්නට අවස්ථාව අද උදාවී තිබෙනවා. අප සියලු දෙනා එක්වී මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්ෂකයා ලෙස ජයග්‍රහණය කළේ මේ අරමුණ ඉටුකර ගැනීම සඳහායි. මීට පෙර මෙවන් යුගයක් තිබුණේ නැහැ. මෙරට නිදහස ස්වල්ප දෙනෙකුට පමණක් සීමා වුණා. ඒ යුගය ගැන මා අමුතුවෙන් කිව යුතු වන්නේ නැහැ. දැන් බියක් සැකක් නොමැතිව ජනතාවට ජිවත්වීමට තිබෙනවා. නිදහසේ ජීවත්වෙන්න පුළුවන්.ජාතිවාදය, ආගම්වාදය නැහැ. අපේ ප්‍රශ්න විසඳාගෙන අප ඉදිරියට යා යුතුයි. අද වනවිට මෙරට සම්පූර්ණ නිදහස තහවුරු කර තිබෙනවා. ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කර තිබෙනවා. පොලිසිය, රාජ්‍ය සේවය වෙනුවෙන් ස්වාධීන කොමිෂන් සභා තිබෙනවා. පාර්ලිමේන්තුව ශක්තිමත් කර තිබෙනවා. පාර්ලිමේන්තුවේ කාරක සභා සඳහා බලය ලබාදී තිබෙනවා. ඕනෑම නිලධාරියකු කැඳවා ඕනෑම සාක්කියක් ලබාගැනීමට හැකියාව තිබෙනවා.ඔබේ ප්‍රශ්න ඇමැතිවරයකු විසඳන්නේ නැතිනම් පාර්ලිමේන්තු කාරක සභාවට යොමු කළ හැකියි. එමෙන්ම අපි තොරතුරු ලබාගැනීමේ නිදහස තහවුරු කර තිබෙනවා. මෙවැනි නිදහස් සමාජයක් මීට පෙර තිබුණාද?සිරස ආයතනය මට හැමදාම බනිනවා. නමුත් මා කිසිදිනක ගොස් සිරස ආයතනය ගිනි තබා නැහැ. දවසේ පැය 24 තවත් පැයකින් වැඩි කරන්නට හැකි දැයි ඔවුන් මගෙන් ලිපියක් ලියා විමසුවා. ඒ පැයත් මට බැණවැදීම සඳහායි. ස්වදේශ කටයුතු අමාත්‍යාංශයෙන් අසා නිර්දේශයක් ගෙන ඔවුන්ට පිළිතුරුදීමට මා බලාපොරොත්තු වෙනවා. අද ඒ ආකාරයේ නිදහසක් තිබෙනවා.එපමණක් නොව අප දැන් දූෂණ පිළිබඳව හොයාගෙන යනවා. කිසිවකුටත් දූෂණ සිදුකිරීමට ඉඩදීමට හැකියාවක් නැහැ. පසුගිය රජයේ දූෂණ ගණනාවක් අප දැන් සොයාගෙන තිබෙනවා. පොලිසිය විසින් ඇතැම් දූෂණවලට නඩු පවරා තිබෙනවා. අනෙක් දූෂණ පිළිබඳව පරීක්ෂා කරමින් සිටිනවා. ඇතැම් දූෂණ ක්‍රියා සම්බන්ධව නීතිපති උපදෙස් ලබාගැනීමට යොමු කර තිබෙනවා. චෝදනා තිබේ නම් සොයා බැලිය යුතුයි. මහා බැංකුවේ බැඳුම්කරයක් පිළිබඳව චෝදනාවක් තිබුණා. ඒ පිළිබඳව සෙවීමට අපගේ නීතිඥ මහත්වරුන් යටතේ මා පළමුවෙන්ම අභ්‍යන්තර කමිටුවක් පත් කළා. ඉන්පසුව ඒ පිළිබඳව සෙවීමට පාර්ලිමේන්තු පොදු ව්‍යවසාය පිළිබඳ කාරක සභාවට භාරදුන්නා. අප මැතිවරණය ජයග්‍රහණය කළත්, පොදු ව්‍යවසාය පිළිබඳ කාරක සභාවේ සභාපති ලෙස පත් කළේ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු බව කිව යුතුයි. එම කාරක සභාවත් සියලු දෙනාට විවෘත කළා. ඉන්පසුව බැඳුම්කර සිද්ධිය පිළිබඳව විමර්ශනය කිරීමට ජනාධිපති කොමිසමක් පත් කරන්නට තීරණය කළා. ඊට කිසිවකුත් විරුද්ධ වුණේ නැහැ.අද කොපමණ විමර්ශන ක්‍රම තිබෙනවාද කිව්වොත් ඇමැතිවරුන් ගෙන්වා නීතිපති ප්‍රශ්න අසනවා. මීට පෙර එවන් තත්ත්වයක් තිබුණාද? එකල නීතිපතිවරයාත් ජනාධිපතිවරයාගේ ගෝලයෙක් පමණයි. ඒ පිළිබඳව ඇසූ නීතිපතිවරයාත් නීතිපති දෙපාර්තමේන්තුවෙන් ඉවත් කළා. නැතිනම් සුදුවෑන්වලින් ඉස්සුවා. දැන් ඕනෑම කෙනෙකුගෙන් ප්‍රශ්න කිරීමේ හැකියාව තිබෙනවා. මා එකක් කියන්නම්. මේ ආණ්ඩුව හොරුන් ආරක්ෂා කරන්නේ නැහැ. ඕනෑම කරුණක් හෙළිවුණොත් ඒ වාර්තා අනුව ඒ ගැන සොයා බලා කටයුතු කරනවා. එක්සත් ජාතික පක්ෂය හොරුන්ගේ පක්ෂයක් නොවෙයි. හොරුන් ඉන්නවා නම් ඉවත් කරනවා. ප්‍රසිද්ධියේ විනිවිද භාවයෙන් පරීක්ෂණ කරන්න ඉඩදෙන්න. එපමණයි.අපි දැන් ඇමෙරිකාව වගේ. දැන් ට්‍රම්ප් ජනාධිපතිතුමාට පරීක්ෂණ කීයක් තිබෙනවාද? මාධ්‍යයෙන් කොංග්‍රස් සභාවෙන්, විවිධ අංශවලින් පරීක්ෂණ කරනවා. සමහර වාර්තා පැමිණි පසු ඔවුන් වැරදි කර තිබේ නම් ඉවත් කරනවා. විශේෂිත කරුණකදී පරීක්ෂණ සිදු කෙරෙද්දීම ඉල්ලා අස්වෙනවා. ඇමෙරිකාවේ වගේම එංගලන්තයෙත් එසේමයි. දැන් ලංකාවේ සිදුවන්නේ එයයි. මෙය අලුත් දෙයක් නොවේ.යම් යම් දේ සිදුවුණා යැයි කියන්න ලංකාවේ මාධ්‍යයට සදාචාරාත්මක අයිතියක් නෑ. ඒ ඇයි? පසුගිය රජයේ දූෂණ සියල්ලම ඔවුන් වහගත්තා. ඒගොල්ලෝ ඔක්කොම කඬේ ගියා. ලංකාදීපේ කඬේ ගියා. දිවයින කඬේ ගියා. අද පත්තරේ කඬේ ගියා. ලක්බිම කඬේ ගියා. දිනමිණ කඬේ ගියා. සිළුමිණ කඬේ ගියා. දෙරණ කඬේ ගියා. කඬේ ගිය නැති කෙනෙක් කියන්න මට. ඒ නිසා අපි කඬේ ගියා. අපි මේවා කළේ කියලා දැන් කියන්න බැහැ. දැන් මේවා බොරු යයි කෑගහනවා. ඕනේ නම් මට අරලියගහ මන්දිරයෙන් කෑව මාධ්‍යකරුවන් ගැනත් කියන්න පුළුවන්. මේ ගොල්ලෝ හදන්නේ ඒක වහගන්නයි.මේ දූෂණ හෙළි කරන්නට ගිය ලසන්ත වික්‍රමතුංග ඝාතනය කළා. එක්නැලිගොඩට කළේ මොකක්ද? ඔහුත් දූෂණ, වංචා හෙළි කළා. අන්තිමේදී උස්සලා මැරුවා. දැන් ඔවුන් කියන්නේ මොකක්ද? දූෂණ, වංචා හෙළි කරන්නට ගොස් මැරුම් කෑ මාධ්‍යවේදීන්ගේ ඝාතන සිද්ධි ගැන සොයන්න එපා ජාතික ආරක්‍ෂාවට තර්ජනයක් යැයි කියනවා. ඒ අයගේ වංචා දූෂණ, වහගන්න අපිට ගහනවා. මෙවැනි විවෘත සමාජයක් ලංකාවේ තිබුණේ නැහැ. අපට ඡන්දය දුන්නේ ජනතාවට යහපාලනය අවශ්‍ය නිසයි. වෘත්තියවේදීන්, රජයේ සේවකයන් මෙන්ම සාමාන්‍ය ජනතාවට අවශ්‍ය වන්නේ සාධාරණ නිදහස් මෙන්ම දූෂණය නැති සමාජයක්. එම අරමුණු ඉටු කළේ නැතිනම් අපට ජනතාව ඊළඟ වාරයේ ඡන්දය දෙන්නේ නැහැ. එමෙන්ම අපට හොරුන්ගෙන් ඡන්ද ලබාගන්නත් බැහැ. අපට ලංකාදීප, දිවයින, අද පත්තරේ, ලක්බිම, දෙරණ වගේ දූෂණ වහගත් යුගයක් තිබුණේ නැහැ. අප කළ යුතුදේ සියල්ල කර තිබෙනවා. ඒ ගැන කිසිම සැකයක් තියාගන්න එපා. අප කරන දේ ගැන බෙරගහන්නෙත් නැහැ. අප කළ යුතු දේ වෙලාවට කරන්නම්. මාධ්‍ය නම් කළා වගේම මාධ්‍යයේ ඉන්න අයගේ නම් ද මට කියන්න පුළුවන්. නමුත් මෙවර මා එසේ කියන්නේ නැහැ.අප දැන් විවෘත සමාජයක් ඇති කර තිබෙනවා. හොරකම් කළොත් අහුවෙනවා. ඒ නිසා සොරකම් කරන්න යන්න එපා. දැන් බලන්න ට්‍රම්ප් ජනාධිපතිතුමාගේ පවුල ගැනත් හොයනවා. වැරැදි කළොත් දඬුවම් ලැබෙනවා.එමෙන්ම අප තවත් පරීක්‍ෂණ පවත්වන්නට තීරණය කර තිබෙනවා. උමා ඔය දූෂණ, වංචා ගැන සෙවීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරන්නැයි වඩිවෙල් සුරේෂ් වැනි මන්ත්‍රීවරුන් අපෙන් ඉල්ලා තිබෙනවා. උමා ඔයේ හම්බ කරගත්තේ කවුද? එයින් ජනතාවට විශාල පාඩුවක් ඇති වී තිබෙනවා.හම්බන්තොට වරායෙන් රුපියල් බිලියන 46ක පාඩුවක් රටට සිදුවුණා. ඒ මුදල තිබුණා නම් මේ ප්‍රදේශයේ සියලුම ජනතාවට නිවාස ඉදිකරන්නට හැකියාව තිබුණා. ඒ පිළිබඳව සෙවීමටත් අප පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරනවා. ඒ බිලියන 46ක මුදල රටට නැතිවුණේ කෙසේදැයි අප හොයනවා.ශ්‍රී ලංකා ගුවන් සේවයට සිදු වූ පාඩුව පිළිබඳව කබීර් හෂීම් ඇමැතිතුමා සමග සාකච්ඡා කළා. ඒ වනවිට ගුවන් සමාගම අලාභ ලබනවා. ඉතින් ඉදිරියට ගෙන යන්නේ කෙසේද? රාජපක්ෂ රෙජිමය විසින් ඒ 332 සුබෝපභෝගී ගුවන් යානා 8 ක් මිලදී ගෙන තිබෙනවා. එම ගුවන් යානාවලට ඇමරිකාවේ චිකාගෝ නුවර දක්වා නොනවත්වා ධාවනය කිරීමට හැකියාව තිබෙනවා. නමුත් ශ්‍රී ලංකාවේ ගුවන් ගමන් දැනට ක්‍රියාත්මක වන්නේ එංගලන්තයේ ලන්ඩන් නුවර දක්වා පමණයි. නමුත් මොවුන් මිලදීගත් ගුවන් යානාවලට ලන්ඩන් නුවරට මෙන් දෙගුණයක දුරක් යාමට හැකියාව තිබෙනවා. මෙලෙස අවිධිමත් අයුරින් මිලදී ගත් ගුවන් යානාවලින් අප කරන්නේ මොනවාද? අප ගුවන් සමාගම අලාබ ලබන්නේ මේ ආකාරයේ තීරණ නිසයි. එම ගුවන් යානා නිසා ලැබූ අලාභය බිලියන 135 ක් බව කිව යුතුයි. හම්බන්තොට වරාය නිසා බිලියන 46 ක අලාභයක් රටට සිදුවුණා. මේ සියල්ලෙහිම එකතුව බිලියන 181 ක් වනවා. මේ පාඩු සිදුවන විට ලංකාදීපය කළේ කුමක්ද, දිවයින කළේ කුමක්ද, අද පත්තරේ කළේ කුමක්ද, ඬේලි මිරර් පුවත්පත කළේ කුමක්ද? මා මේ දේවල් කිව්වා යැයි ඬේලි මිරර් පුවත්පත මට පක්ෂ නායකත්වයෙන් ඉවත් වන ලෙසත් පැවසුවා. අද ඔවුන් කතා කරන්නේ කොහොමද?දෙරණ කළේ කුමක්ද? බිලියන 181 ක් රටට සිදුවූ පාඩුව ගැන එක මාධ්‍යයක්වත් කියන්නේ නැහැ. රාජපක්ෂ සමයේ රටට මෙතරම් පාඩුවක් සිදුවී ඇතැයි හැකිනම් පළමු පිටුවේ ප්‍රධාන සිරස්තලයේ පළ කරන්නැයි මම අභියෝග කරනවා. මම ඔට්ටුවක් අල්ලනවා. එක් කෙනෙක්වත් එය කරන්නේ නැහැ. හැකි නම් අපේ වැරැදි මෙන්ම පසුගිය කාලයේ සිදු වූ සොරකම් සහ ඒවාට වගකිව යුතු අය මෙන්ම ඔවුන්ගේ සම්බන්ධතා පිළිබඳව හෙළි කරන්නැයි මා මාධ්‍යයෙන් ඉල්ලා සිටිනවා. අප පළමුවෙන්ම කළේ අපේ ආණ්ඩුවට එල්ල වූ චෝදනා පිළිබඳව පරීක්ෂණ සිදුකිරීමයි. බැඳුම්කර සිද්ධිය පිළිබඳවත් අප පරීක්ෂණ පැවැත්වූවා. ඒ ආකාරයේ සිදුවීම් 2008 සිට 2015 දක්වා යුගයේදීත් සියගුණයකින් පමණ සිදුවී තිබෙනවා. ග්‍රීක් බැඳුම්කර මෙන්ම අනෙක් බැඳුම්කර සම්බන්ධයෙනුත් චෝදනා එල්ලවී තිබුණා. මේ සියලුම චෝදනා සම්බන්ධයෙන්ද සොයා බැලිය යුතුයි. එම චෝදනා පිළිබඳව සොයා බැලීමට ඒකාබද්ධ විපක්ෂයේ සම්පූර්ණ සහයෝගය ලැබේවි යැයි මා බලාපොරොත්තු වනවා.මෙලෙස අහිමි වූ සල්ලි කන්දරාව තිබුණා නම් රටට මොනතරම් සේවයක් කරන්නට ඉඩ තිබුණාද? මෙම මුදල් රටට අහිමි වූ නිසා දුප්පත් ජනතාවට නිවාස ඉදිකර දීමේ කටයුතු අතපසු වුණා. වතුකරයේ ජනතාවට නිවාස දස දහසක් ඉදිකර දීම පිළිබඳව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍රමෝදි මහතාට මා ස්තූතිවන්ත වනවා. ඉතිරි නිවාස ඉදිකිරීම සඳහා අවශ්‍ය වන මුදල් අප සොයා දෙන්නම්.ගිනිගත්හේන ප්‍රදේශයේ සිංහල ජනතාවගේ නිවාස ප්රශ්නය විසඳීම සඳහා ද මුදල් සොයා දෙන බවට, කේ.කේ. පියදාස ඇමැතිවරයාට පොරොන්දු වුණා. ද්‍රවිඩ භාෂා පාසල් සඳහා උසස් පෙළ විද්‍යා විෂය හැදෑරීමට පන්ති අරඹන්නැයි මා වසර දෙකහමාරකට පෙර දැනුම් දුන්නා. මෙහි ප්‍රගතිය පිළිබඳව වාර්තාවක් ලබාදෙන ලෙස මා ඉල්ලා සිටිනවා. ප්‍රගතියක් නොතිබුණා නම් අදාළ නිලධාරීන් ඊට වගකිව යුතුයි. අපට අවශ්‍ය වී ඇත්තේ මේ ප්‍රදේශය දියුණු කිරීමටයි. හම්බන්තොට වරාය නිසා සිදුවූ පාඩුව අප විසින් අවසන් කර තිබෙනවා. දැන් එම වරායෙන් ලැබෙන මුදල් මේ ප්‍රදේශයේ ජනතාවගේ සුබසාධනය වෙනුවෙන් ද යෙදවීමට හැකියාව තිබෙනවා. අපගේ තරුණ තරුණියන් සඳහා විශාල වශයෙන් රැකියා සොයා දිය යුතුයි. අලුතෙන් කර්මාන්ත ශාලා, සංචාරක ව්‍යාපාරය සඳහා අවශ්‍ය වන හෝටල් ඉදිකරමින් රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යා යුතුයි. එම වැඩ කටයුතු සාර්ථක කර ගැනීම සඳහා මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් යුත් යහපාලන රජයට ඔබේ සම්පූර්ණ සහයෝගය ලබාදෙන්නැයි මා ඉල්ලා සිටිනවා. මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලකී ජයවර්ධන මහතා : - 1977 වසරේ විප්ලවීය වෙනසක් කළ ජේ.ආර්. ජයවර්ධන රජයේ කැපී පෙනෙන චරිතයක් බවට රනිල් වික්රමසිංහ මහතා පත්ව සිටියා. එක්සත් ජාතික පක්‍ෂය වැනි දැවැන්ත පක්‍ෂයක සාමාජිකයන් බවට පත්වීමම අපට අභිමානයක් බව කිව යුතුයි. ජේ.ආර්. ජයවර්ධන මහතා දැමූ අත්තිවාරම මත අද වනවිට ශක්තිමත් සමාජයක් ගොඩනැඟී තිබෙනවා. අගමැතිතුමන් ගෙන යන වැඩපිළිවෙළ තව තවත් ශක්තිමත් කිරීමට අප කැපවී ක්‍රියා කරනවා. බදුල්ල දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලංකා ජාතික වතුකම්කරු සංගමයේ ලේකම් වඩිවෙල් සුරේෂ් මහතා :- රනිල් වික්රමසිංහ මහතා දේශපාලන දිවියේ 40වසරට පා තැබීමෙන් පසුව පළමු දේශපාලන රැස්වීම පවත්වන්නේ හැටන් නගරයේදීයි. වතුකරයේ ජනතාව හැමදාම අගමැතිතුන් විශ්වාස කරනවා. සරත් ෆොන්සේකා මහතාට මෙන්ම මෛත්‍රීපාල සිරිසේන මහතාට ජනාධිපතිවරණයේදි ඡන්දය දෙන ලෙස එතුමා කළ ඉල්ලීමට වතුකරයේ ජනතාව ඇහුම්කන් දුන්නා. 1948 වසරේ දී ලංකාව නිදහස ලැබුවත් වතුකරයේ ජනතාවට ඡන්ද අයිතිය ලැබුණේ ජේ.ආර්. ජයවර්ධන යුගයේදී බව කිව යුතුයි. අගමැතිතුමන්ගේ පුළුල් අධ්‍යාපන සංකල්පය නිසා වතුකරයේ ජනතාවට අධ්‍යාපනයේ දොර විවෘත වුණා. වෛද්‍යවරුන්, ඉංජිනේරුවන් පවා මේ ප්‍රදේශවලින් බිහි වුණා. සියලුම ජාතීන් සම අයිතිවාසිකම් ලබාගෙන ජීවත්විය යුතු යැයි සිතන එකම නායකයා වන්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්රමසිංහ මහතා බව කිව යුතුයි. වතුකරයේ ජනතාවට නිවාස අයිතිය ලබාදුන්නේ එක්සත් ජාතික පක්‍ෂයයි.රනිල් වික්රමසිංහ මහතා තරම් අභියෝග මැද දේශපාලනයේ ඉහළට පැමිණි තවත් නායකයකු නැති බව මගේ හැඟීමයි. වතුකරයේ වත්මන් දේශපාලන ගමන ශක්තිමත් කරන්නේ එක්සත් ජාතික පක්‍ෂය නිසයි. නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.කේ. පියදාස මහතා :- මහ වැසි නොතකා අධික ජනකායක් මෙහි පැමිණ තිබෙනවා. අගමැතිතුමන් පාර්ලිමේන්තු දිවියේ 40 වන වසර සමරමින් සිටිනවා. එතුමන් මුලින්ම මස්කෙළියට පැමිණීම අප සැමට කළ ගෞරවයක් බව කිව යුතුයි. අප රජය යටතේ වැඩ කටයුතු රැසක් අරඹා තිබෙනවා. වසර ගණනාවක් නොසලකා හැර තිබූ මාර්ග රාශියක් දැන් ඉදිවෙමින් තිබෙනවා. ශීඝ්‍ර සංවර්ධනයත් සමග රැකි රක්‍ෂා රාශියක් ඉදිරියේදී බිහිවීමට නියමිතයි. එක්සත් ජාතික පක්‍ෂ රජයකින් හැර වෙනත් ආණ්ඩුවලින් වතුකරයට සේවයක් සිදුවී නැහැ. ඉතා හොඳ චරිතයක් ඇති ජනතා නියෝජිතයන් පිරිසක් අප සියලුම මැතිවරණ සඳහා ඉදිරිපත් කරමු. ඉදිරි මැතිවරණවලදීත් කුණුකන්දල් ඉවතලා හොඳ ජනතා නියෝජිතයන් පත්කරගනිමු. සත පහක දෙයක් මා කිසිදු වංචාවක් කර තිබේ නම් ඔබ මට ඇඟිල්ල දිගු කරන්න. මා එසේ කරන්නේ සැබෑ ජනතා මෙහෙවරක් කිරීම සඳහායි යැයිද කීය.(ඡායාරූප - ශාන්ත රත්නායක)
|
අනාගතයේදීවත් ජනතාව විපත්වලින් මුදාගන්න රජයක් ලෙස තීන්දු තීරණ ගන්නවා
| 0 |
(හලාවත ඔගස්ටින් ප්‍රනාන්දු සහ හිගුරානේ නවරත්න සමරතුංග)මේ දවස්වල මැතිවරණ වේදිකාවල නත්තල් පප්පලා වගේ දෙන්නෙක් ඇවිත් දකින දකින දේ අපි නොමිලේ දෙනවා කිය කියා යනවා. අපි දුප්පත්කම විකුණන්නේ නැහැ. හැමෝටම හම්බකරගෙන කන්න පුළුවන් ආර්ථිකයක් රටක් නිර්මාණය කරනවා යැයි ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පසුගිය දා (31) පැවසීය.ඔහු මේ බව සඳහන් කළේ හලාවත පැවති ජනතා රැලියකට සහභාගී වෙමිනි.එහිදී ඔහු මෙසේද සඳහන් කළේය.මැතිවරණ වේදිකා දෙස බලනවිට අපිට අලුත් පාලකයෙක් අලුත් පාලනයක් පේන්නේ නැහැ. මේවායේ අපූරු අපේක්ෂකයෝ දෙන්නෙක් ඉන්නවා. වේදිකාවලට නැගලා අරක දෙන්නම් මේක දෙන්නම් කියනවා. මේ කතා ඇහුවම ප්‍රශ්නයක් එනවා මෙච්චරකල් ආණ්ඩු කළේ කවුද කියලා. මේ දෙගොල්ලොම තමයි. දැන් අවුරුදු හැත්තෑ ගණනක් තිස්සේ මේ ගොල්ලෝ දුප්පත්කම අළෙවි කරනවා. රටේ ජනතාව දුප්පත් කරලා ඡන්දවලදී දුප්පත්කම විකුණනවා.අපි ඔබ සැම හමුවෙන්නට ආවේ, ඒකට නොවෙයි. අපි තමුන්නාන්සේලා හමුවෙන්න ආවේ දුප්පත්කම විකුණන දේශපාලනය වෙනුවට දුප්පත්කම තුරන් කරන දේශපාලනය ආරම්භ කරමු කියන්න.මේක තනිකෙනෙකුට ඉන්ද්‍රජාලික බලයකින් කරන්න පුළුවන් දෙයක් නොවෙයි. විහාර මහා දේවිලා, දුටුගැමුණුලා ඇවිල්ලා මේ වැඬේ කරයි කියලා නැවත රැවටෙන්න එපා. තනි මිනිහෙකුට ඕන නම් කරන්න පුළුවන් වෙන්නේ පිට්ටනියකට ගිහිල්ලා කරණම් ගහන්න. මේ රට හදන්න පුලුවන් සමූහයක් හැටියට ඔබත් මමත් අපි සියලු දෙනා එකතුවිය යුතුයි. සහතික වශයෙන් අපි රට හදනවා. සැකයක් තියාගන්න එපා.රට හදන්නේ කොහොමද? ඉස්සෙල්ලාම නීතිය සාධාරණව ඉටුකරන්න ඕනෑ. දේශපාලන බලපෑම් නැත්නම් ඕනෑම අපරාධයක් සොයා ගන්න අපේ පොලිසියට පුළුවන්. ඊළඟට වංචා දූෂණය නවත්වන්න ඕනෑ. මේ වෙනකොට ආර්ථික සංවර්ධනය මනින සියලුම නිර්ණායකවලින් රට දුප්පත් වෙලා. පාලකයෝ පොහොසත් වෙලා තියෙන්නේ වංචා, දූෂණ නිසා. අපි මේක නවත්වනවා. හොරකම් කරපු ජනතාවගේ සියලුම දේවල් ආපහු පවරාගන්නා බවටත් අපි සහතික වෙනවා. ස්වේච්ඡාවෙන් භාර දුන්නේ නැතිනම් සියලු දේපළ පවරා ගන්න ක්‍රමයක් අපි හදනවා.චීනයේ කෝටි 135ක විතර ජනතාවකට ඇමති මණ්ඩලය 27යි. අපේ රටේ ජනගහනය කෝටි දෙකයි. ඇමතිවරු 100 පැනලා. ඇමතිවරයෙක් කියන්නේ ජනපදයක් නඩත්තු කරන්න දරන වියදම නාස්ති කරන කෙනෙක්. ඇමතිවරයාට වාහන, ඊට අමතරව කාර්ය මණ්ඩලයේ පස්දෙනෙකුට වාහන. කාර්ය මණ්ඩලයට 15 දෙනයි. ඇමතිට දුරකථන දෙනවා. කොළඹින් ගෙයක් දෙනවා. ලයිට් බිල ගෙවනවා. වතුර බිල් ගෙවනවා. මේ වගේ ගත්තාම ජනපදයක් නඩත්තු කරන්න යන වියදමක්. අපි මේ සියලු වියදම් කපනවා. අපේ පාලනයක ඇමතිවරුන් උපරිම 25 යි. නියෝජ්‍ය ඇමතිවරු 25යි. අපේ රට හදන්නේ එහෙම. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ට අවුරුදු 5ක් ගියහම විශ්‍රාම වැටුපක් හම්බ වෙනවා. අවුරුද්දට දවස් 4ක් පාර්ලිමේන්තු ගියත් ඇති විශ්‍රාම වැටුපක් ලැබෙනවා. හලාවත ධීවර ජනයා මහ මුහුදත් එක්ක පොරබදමින් අවුරුදු 30-40ක් ධීවර රස්සාව කරනවා. විශ්‍රාම වැටුපක් හම්බ වෙනවාද? ගොවි ජනතාව අවුරුදු 70-75 වෙනකම් හේන කුඹුර එක්ක පොරබදනවා. විශ්‍රාම වැටුපක් හම්බ වෙනවාද? හැබැයි මන්ත්‍රීවරයාට අවුරුදු පහකට දවස් 20ක් පාර්ලිමේන්තු ගියාම විශ්‍රාම වැටුපක් හම්බ වෙනවා. සාධාරණද? අපි මේ විශ්‍රාම වැටුප මුළුමනින්ම නතර කරනවා. හිටපු ජනාධිපතිවරුත් ඒ වගේ. මේ ගොල්ලන්ව මහජන මුදලින් නඩත්තු කරන්න ඕන නැහැ. රට දුප්පත්; පාලකයෝ පොහොසත් කියලා මම කිව්වේ මෙන්න මේ වගේ තත්ත්වයක් ගැන අවධානය යොමු කරන්නයි.රට ගොඩනඟන්න නම්, නීතියේ විධානය තහවුරු කිරීම, වංචා - දූෂණ නැවැත්වීම වගේම මහජන ආරක්ෂාව තහවුරු කිරීම කරන්න ඕනෑ. ජාතික සමගිය ගොඩනැඟීම, සිංහල, දෙමළ, මුස්ලිම් අන්‍යොන්‍ය විශ්වාසය සහ ගරුත්වය තහවුරු කිරීම අත්‍යවශ්‍ය සාධකයක්. මහජන ආරක්ෂාව තහවුරු කරන්න පොලිසිය හිටියහම ඇති. ඒකට ආරක්ෂක ලේකම්ලා, ජෙනරාල්ලා අවශ්‍ය වන්නේ නැහැ. මහජන ආරක්ෂාව තහවුරු කරන්න ඔය අනෙක් කිසිවෙකුටත් බැහැ. එය කළ හැක්කේ ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරවීමෙන් පමණයි.රටේ විශ්වවිද්‍යාලවල බහුතරය සිසුවියෝ. හැබැයි රැකියාවල නියුක්තව ඉන්නේ සියයට තිස්එකයි. උපාධියක් අරගෙන බොහෝ දෙනකුට ගෙදර මුරකරන්න වෙලා. ඉතාලියෙන් සල්ලි ටිකක් අරගෙන එනකෙනා, අධ්‍යාපනය ලබලා ගෙදර ඉන්න කාන්තාව, වගේම අලුතින් ගොඩනැඟෙමින් සිටින තරුණයා කියන පාර්ශ්ව තුන එකතු කරලා නව ව්‍යාවසායකයන් අපි බිහිකරනවා. මේ වෙනුවෙන් විදේශ රටවල තිබෙන අපේ තානාපති සේවය වාණිජ ඉලක්ක හඳුනාගැනීමට යොමු කරනවා. සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට ලෝක වෙළඳපොළේ කොටසක් අත්පත් කරගන්න පුළුවන් මේ තුළින්. ඒ තුළින් පුත්තලම් දිස්ත්‍රික්කයේ සම්පත් ප්‍රයෝජනයට අරගෙන පුබුදුවන වැඩපිළිවෙළක් අපි ක්‍රියාත්මක කරනවා.සජිත් පාර්ලිමේන්තුවට ගියේ 2000දී. මමත් පාර්ලිමේන්තු ගියේ 2000දී. දෙන්නාගේම පාර්ලිමේන්තු ජීවිතවලට අවුරුදු 19යි. සජිත් ප්‍රේමදාස, ගෝඨාභයගේ නම කියපු එක තැනක් පාර්ලිමේන්තුවේ හැන්සාඞ්වල පෙන්වන්න. ගෝඨාභය පරාජය කරන්න එන සජිත් අවුරුදු 19ක් මොනවාද කළේ? හලාවත ධීවරයන්ට වෙඩි තියනකොට, රතුපස්වලදී හමුදාව දාලා ජනතාවට වෙඩි තියනකොට, දර්ගාවලදී, අලුත්ගමදී, මුස්ලිම් ජනතාවට පහර දෙනකොට සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේදී ගෝඨාභයට චෝදනා කළාද? නැහැ.මේ රටේ අද තියෙන්නේ රාජපක්ෂලා පරාජය කරන එක විතරක් නොවෙයි. රාජපක්ෂලා එක්ක ඉතාම කුළුපගව කටයුතු කළ එක්සත් ජාතික පක්ෂය එකට තබා පරාජය කිරීමයි මේ වෙලාවේ ජනතාවගේ වගකීම. රාජපක්ෂලාගේ නඩුවලින් ඒ අයව බේරාගත්ත විදිහ අපි දන්නවා. මේ ගොල්ලෝ අපිට බෙදිලා පෙන්නුවාට එකම පන්තියේ කුළුපග මිතුරන්. ඒගොල්ලෝ එකිනෙකා එකිනෙකාට ආරක්ෂාව සපයනවා. එකිනෙකා රහසේ මුණගැහෙනවා. මේ කඳවුරු දෙකම එකට තබා පරාජයට පත් කරන්න නොවැම්බර් 16 වැනිදා ජාතික ජන බලවේගයට ඡන්දය ලබාදෙන්න. ඒ වෙනුවෙන් සියලු දෙනාටම එකතු වෙන්න කියලා ආරාධනා කරනවා.අනුර කුමාර දිසානායක මහතා ඉකුත්දා (30) අම්පාර නගරයේදීද ජනරැලියක් ඇමතීය. එහිදී ඔහු මෙසේ කීය.කෘෂිකර්මාන්තයේ තියෙන ගැටලු ටික අපි හරියට හඳුනා ගන්න ඕනෑ. හඳුනාගෙන ඒවාට විසඳුම් දෙන්නට ඕනෑ. කෘෂිකර්මාන්තයේ විසඳිය යුතු පළමුවැනි ප්‍රශ්නය බීජ. බඩඉරිඟු_හිටෙව්වාට කරල එන්නේ නෑ. ලූනු හිටෙව්වාට ලූනු අලේ කොයිවගේද? ලක්ෂ හැත්තෑපහක් දීලා අපි ගස් ලබු ඇට කිලෝ එකක් ගෙනල්ලා හිටෙව්වොත් ඒකේ ගස්ලබු විතරක් හැදිලා හරියන්නේ නෑ. රත්තරනුත් දෙකක් තුනක් හැදෙන්නට ඕනෑ.ඒ නිසා අපි ඔබට සහතිකයක් දෙනවා යළි සාධාරණ මිලකට ගුණාත්මක සහතික බීජ ලබා දෙන වැඩපිළිවෙළ අපි හදනවා. අපි බීජ පර්යේෂණ ආයතන දියුණු කරනවා. බීජ ගොවිපළ දියුණු කරනවා. බීජ ගොවීන් හදනවා. අපට පුළුවන්ද මේ රටේ කන්න තුනක් වගා කරන්න. මේ වැඩිහිටි තාත්තලාට මම කියන්නේ.ඉස්සරනම් අපි අතරමැදි කන්නයක් වගා කළා. මහ කන්නයේ ඉඳලා යල කන්නය දක්වා දින හතළිස් පහක් විතර තියෙනවා. දින හතළිස් පහට අපි එව්වාට උඳු ගැහුවා, මුං ගැහුවා, මිරිස් ගැහුවා. මොකක්ද සිද්දවෙලා තියෙන්නේ වතුරවලට. මොකක්ද සිද්දවෙලා තියෙන අනතුර?අපේ තුන්වැනි පරම්පරාවේ දරුවන්ට දැන් ඉඩම් නෑ. හැබැයි ඉඩම් අපේ දරුවන්ට නැති වුණාට කොම්පැනිවලට ඉඩම් දෙනවා.අපි කොම්පැනිවලට දීපු ඉඩම් ඔක්කොම පවරාගෙන ආපසු ගොවි ජනතාවට දෙනවා. ඒ වගේම ඉතාමත් හොඳ ඉඩම් ප්‍රතිසංස්කරණ සභාවක් අපි හදනවා. අපිට කෘෂිබිම් තියෙන්නේ සියයට පහයි. මේ සියයට පහත් නැති වුණොත් මොකක්ද අපිට වෙන්නේ?ඒ නිසා වගා කරන්නේ මොනවද? නගරය හැදෙන්නේ කොතනද? ජලාශ තියෙන්නේ කොතනද? ඒක නීතියකින් පාර්ලිමේන්තුවේ සම්මත කරනවා. කාටවත් පිටින් ඉඩ දෙන්නේ නෑ. ඇමති එනකොට තමන්ට ඕනෑ ගෙවල් හදන්න ඒ සැලැස්මත් වෙනස් කරනවා.අපේ රටේ වසරකට කසාද සිද්දවෙනවා එක්ලක්ෂ හැටදාහක්. ඒකෙන් ලක්ෂයකට හම්බ වෙනවා අම්මා තාත්තාලගේ ඉඩම්. හැට දාහකට අලුතන් ගෙවල් ඕනෑ වෙනවා. පර්චස් දහය ගානේ යට කළොත් පර්චස් ලක්ෂ හැටක් ඕනෑ වෙනවා. අවුරුද්දකට පර්චස් ලක්ෂ හයක් ඕනෑ වෙනවා. අවරුදු දහයක් ගියොත් පර්චස් ලක්ෂ හැටක් ඕනෑ වෙනවා.සේනානායක සමුද්‍රයේ මුර්‍ළු බිම්වලට සමාන බිම් ප්‍රමාණයක් අපිට අහිමි වෙනවා අවුරුදු දහයක් යනකොට. පෞද්ගලික ඉඩමේ ගෙවල් හදන්න තියෙන අයිතිය නැති කරන්නේ නැහැ.හැබැයි ආණ්ඩුවෙන් හදන සියලුම නිවාස ව්‍යාපෘති මහල් නිවාස බට පත් කරනවා. පුරුදු වෙන්න ඕනෑ ඒවායේ ඉන්න.කාලා අපි මැරිලා යනවා. හොඳද ඒක? සාධාරණ නෑ. ඒ නිසා අපේ භූමිය ආරක්ෂාකරලා දෙන විදියේ ඉඩම් පිළිබඳ සැලැස්මක් අපි මේ රටේ හදනවා.ඊළඟට දැන් ලොකු සාකච්ඡාවක් වෙලා තියෙනවා පොහොර. යූරියා පොහොර හැබෑවටම මම ඔයගොල්ලන්ට එකක් කියනවා. තරහා වෙන්න එපා. මේ දෙන සහනාධාරවලට වඩා රුපියලකින්වත් සහනාධාර නම් වැඩි කරන්නේ නෑ.මොකද කියන්නේ බැරිද අපිට යූරියා නිකම් දෙන්න. අපි දෙන්නේ නෑ. ඇයි අපි ගුණාත්මක පොහොර දෙනවා.තමුන්නාන්සෙලාට ඕනෑ හිඟන ආර්ථිකයක්ද? හැමදාම හිඟාකන්න ඕනැද?හිටපු අමාත්‍යාංශ ලේකම් අශෝක පීරිස්දිගාමඩුල්ල හිටපු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත පියතිස්ස, ජාතික ජනබලවේගයේ අම්පාර දිස්ත්‍රික් සභාපති සුනිල් ගුණතිලක, යහපාලනය සඳහාවූ ජාතික පෙරමුණේ නජා මොහොමඞ්, ජාතික විද්වත් සංවිධානයේ නියෝජිත මහාචාර්ය චන්දන අබේරත්න, දූෂණ විරෝධි හඬ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ යන මහත්වරුද මෙම රැළිවලදී අදහස් දැක්වූහ.
|
“අපි දුප්පත්කම විකුණන්නේ නෑ“
| 1 |
ජන වරමින් රටට පොරොන්දු වූ දේ වෙනුවට ආණ්ඩුව වෙනත් විකාරවලට කාලයත් මුදලූත් නාස්ති කරමින් සිටින්නේ යැයි ද ජනාධිපතිවරයා ඒ මගින් මිදී ස්වාධීන තීන්දු ගෙන දුන් පොරොන්දු ඉටු කළ යුතු යැයි ද පාර්ලිමේන්තු මන්ත්රී අතුරලියේ රතන හිමියෝ පෙරේදා(28) කොළඹ දී පැවැසූහ. මේ රටට අද අවශ්‍යව ඇත්තේ ජාතික සංවර්ධන සැලැස්මක් මිස ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා වෙනසක් හෝ විශේෂ ආර්ථික සංවර්ධන ව්‍යාපෘති නොවන්නේ යැයි කී උන්වහන්සේ විදෙස් කර්මාන්තශාලා හා ආයෝජන ගැන කියන කතා කිසිදු දිනෙක යථාර්ථයක් නොවන දේවල් යැයි අවධාරණය කර කීහ. ආණ්ඩු වෙනසකට තමා ඇතුළු සංවිධාන ගණනාවක්ම උරදුන්නේ ජනතාවට පොරොන්දු රැුසක්ම දෙමින් යැයි ද එම පොරොන්දු ඉටුනොකරන්නේ නම් ජීවත්වීමෙන් පලක් නැතැයි ද රතන හිමියෝ කීහ. පාර්ලිමේන්තු මන්ත්රී අතුරලියේ රතන හිමියන් මෙම අදහස් පළ කළේ උන්වහන්සේගේ මූලිකත්වයෙන් පිහිටු වූ ශ්‍රී ලංකා ජාතික මහා සභාවේ ප‍්‍රථම මහා සමුළුව ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැවැති අවස්ථාවේදීය. ‘‘තිරසාර යුගයට මඟ’’ මැයෙන් වූ එම සංවිධානයේ ජාතික සැලැස්ම ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතා ඇතුළු පැමිණ සිටි සම්භාවනීය අමුත්තන්ට පිළිගැන්වීම ද එහිදී සිදුවිය. උත්සවයේ ප‍්‍රධාන දෙසුම කරමින් අතුරලියේ රතන හිමියෝ මෙසේ ද කීහ. අපි මේ සමුළුව සංවිධානය කළේ මාසයකටත් අඩු කාලයක් තුළයි. මේ සා විශාල ජනකායක් මීට පැමිණීම ගැන අපිට සන්තෝෂයි. මේ සභාවේ අරමුණ මොකද්ද? මේක දේශපාලන පක්ෂයක්වත් රාජ්‍ය නොවන සංවිධානයක්වත් ආගමික සංවිධානයක්වත් නෙවෙයි. අපේ රට ගැන හිතන හැම දෙනාටම එක්විය හැකි පුළුල් ජාතික සභාවක්. ඉන්දියාවේ හා ලංකාවේ ජාතික සංගමයත් ඉතාලියානු ජාතික කොංග‍්‍රසයත් මට සිහියට එනවා. ජාතික මහා සභාව පිහිටුවූයේ අප රට මුහුණ දෙන සමකාලීන අර්බුදවලට විසඳුම් සෙවීමේදී මතවාදී අරගලයක් හා ප‍්‍රායෝගික ක‍්‍රියාකාරකම් සහිත වැඩපිළිවෙළක් සඳහායි. විශ්ව විද්‍යාල උපකුලපතිවරුන්, ආචාර්ය මහාචාර්යවරුන් සර්වෝදය ව්‍යාපාරය අගරදගුරුතුමන් මුස්ලිම් ආගමික නායකයන් ඇතුළු විද්වතුන් රැුසකගේ අදහස් සාරසංග‍්‍රහ කිරීමෙන් මේ සභාවට පාර කැපුණා. මේ වගේ කෙටි කාලයක් ඇතුළත රට වෙනුවෙන් ජාතික ප‍්‍රතිපත්තියක් හැදීමට හැකිවීම ගැන මා ඉතා සතුටට පත්වෙනවා.ව්‍යවස්ථා හා ආර්ථික වෙනසක් ගැන කට්ටිය මේ දවස්වල කතා කරනවා. හැබැයි අපි කතාකරන්නේ රටට ජාතික සැලැස්මක් ගැනයි. රටට ආණ්ඩුක‍්‍රම හා ආර්ථික වෙනසක් අවශ්‍ය ඇයි කියන ප‍්‍රශ්නයට ව්‍යුහාත්මක පිළිතුරක් අපි දෙනවා. ජනාධිපතිතුමනි, ඔබතුමා සමඟ ප‍්‍රතිපත්තිමය තීරණයකට එනකොට ජාතික ප‍්‍රතිපත්ති සභාවක් හදන්න යැයි අපි ඔබට කිව්වා. ඒකට තුනෙන් දෙකක් අවශ්‍ය නෑ. ජනමත විචාරණ අවශ්‍ය නෑ. කාලය නාස්ති කරන්න අවශ්‍ය නෑ. අද ඔබතුමා බලයට පත්වෙලා අවුරුදු දෙකයි. තාම සභාව හදලා නෑ. එක්සත් ජාතික පක්ෂය සමඟ ආණ්ඩුව හදන්න යනකොට අපි රනිල් වික‍්‍රමසිංහ මැතිතුමා එක්ක ගිවිසුමක් අස්සන් කළා. ජාතික සැලසුම් සභාවක් හදනවා යැයි ඒ ගිවිසුමෙන් කිව්වා. අද වනතුරු කිසිම සාකච්ඡාවක් නෑ. හැබැයි කියපු නැති දේවල්වලට මේ වනවිට කාලයත් මුදලූත් විශාල වශයෙන් නාස්ති කරමින් තිබෙනවා.ජනමත විචාරණයකට තුඩු දෙන ව්‍යවස්ථා සංශෝධනයක් ගැන කියනවා. ජනාධිපතිතුමනි, ජනමත විචාරණයකට තුඩු දෙන ව්‍යවස්ථා සංශෝධනයකට යන්නේ නෑ කියලා අපි කිව්වේ ඇයි? විධායක ජනාධිපති ක‍්‍රමය එක්ක බැඳුණු කාරණා ගණනාවක් මේ රටේ තිබෙනවා. පළමු වැනි එක ඡුන්ද ක‍්‍රමයයි. ඔබතුමා නොහිටියා නම් මේ ආණ්ඩුව පිහිටුවන්න පුළුවන් ද? මේ ආණ්ඩුව ගෙනියන්න පුළුවන් ද? එක පක්ෂයකටවත් බලය නෑ. ජනාධිපති කෙනෙක් නොහිටියා නම් අර නේපාලයේ වගේ රට අරාජික වෙලා. ඒකාධිපති බලතල ඉවත්කරලා විධායක ජනාධිපති ධූරය රටට වගකියන තත්ත්වයට පත්කරමු යැයි කිව්වෙ ඒකයි. 19 වැනි සංශෝධනයට ඔබතුමා කොච්චර කැප වුණාද? කියන්න ලැජ්ජයි. විපක්ෂය වගේම ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන කතාකරන සමහර වාමාංශික පක්ෂ ගුණාත්මකභාවය වැඩිකරනවා වෙනුවට ඒක ආපස්සට හැරෙව්වා. එහෙම වෙද්දිත් 19 සම්මත කරගැනීමට අපිට හැකිවුණා. ඒ ගැන ඔබතුමාට මුළු ජාතියේම ප‍්‍රණාමය හිමිවෙනවා. දෙතුන් දෙනෙකුගේ වුවමනා එපාකම්වලට මේ රටේ ආර්ථිකය මෙහෙයවන්න බෑ. අපි මෛත‍්‍රිපාල සිරිසේන මහතා බලයට ගෙනාවේ එක්තරා කල්ලියකට ඕනෑ විදියට ආර්ථිකය මෙහෙයවන්න නෙවෙයි. පාර්ලිමේන්තුවේ මම ඉන්නවද නැද්ද කියලා අහනවා. ඒක නෙවෙයි දැන් ප‍්‍රශ්නෙ. මේ ආණ්ඩුව හදන්න මුල්වෙච්ච මා ඇතුළුව සංවිධාන විශාල ගණනක් තිබෙනවා. අපි රටට කිව්ව දේ කරන්න බැරි නම් ජීවත් වෙලා වැඩක් නෑ. මක්නිසාදයත් ඒ වරදට අපි වගඋත්තරකරුවන් වෙනවා. මේ රටට අද ජාතික සැලැස්මක් අවශ්‍ය වෙලා තිබෙනවා. එක පැත්තක මැණික් තිබෙනවා. තව පැත්තක ඛනිජ වැලි තිබෙනවා. රට වටේට මහ මුහුදක් තිබෙනවා. මේ මුළු රටම එකක් හැටියට ගෙන සංවර්ධන වැඩපිළිවෙළ හැදිය යුතුයි. දැන් සංවර්ධනේ කියලා කියන්නෙ මොකද්ද? එකම සිහිනය සිංගප්පූරුවයි. සිංගප්පූරුව කියන්නේ රටක් නෙවෙයි. කොළඹ නගර සභාව විතර පුංචි කෑල්ලක්. අරහෙන් මෙහෙන් ආපු මිනිසුන්ගෙන් හැදිච්ච ආර්ථිකයක් තිබෙන රටක්. ශ්‍රී ලංකාව කියන්නෙ කෝටි දෙකකට අධික ජනතාවක් ජීවත් වෙන රටක්. ඉතින් ජාතික ප‍්‍රතිපත්ති සභාව සැලැසුම් කළේ මේ රට හදන්නේ මොන සැලැසුමටද කියලා හොයන්නයි. එක්සත් ජාතින්ගේ පැරිස් සමුළුවේ දින දහයක් මාත් සිටියා. ප‍්‍රංශ ජනපතිත් කතෝලික සභාවත් පැරිස් සම්මුතිය ක‍්‍රියාත්මක කිරීමට විශාල මැදිහත්වීමක් කළා. අවුරුදු ගාණක් එක්සත් ජාතින්ගේ රටවල් එකසිය අනූ ගාණම එකතු වෙලා සම්මුති හදලා තිබෙනවා. මේ ලෝකය අද මුහුණ දී තිබෙන භයංකර තත්ත්වය එයින් කිව්වේ. මේ මානව වර්ගයාට තව අවුරුදු සීයක් ජීවත්විය හැකිදැයි යන ප‍්‍රශ්නයක් මතුව තිබෙනවා. මහපොළොව යට තිබුණු කාබන් ඩයොක්සයිඞ් වායුව මිහි මතට අරගත්තා. ඛනිජ තෙල් අවුරුදු ගාණක් තිස්සේ බලශක්තිය හැටියට පාවිච්චි කිරීමෙන් කාබන් ඩයොක්සයිඞ් වායුව නිපදවෙනවා. එය විශාල වශයෙන් නිපදවෙන්නේ දියුණුවට පත් කියන රටවලිනුයි. ඇමෙරිකාවේ ඒක පුද්ගල කාබන්ඩයොක්සයිඞ් ප‍්‍රමාණය ටොන් 16යි. ලංකාවේ තාම අපි ටොන් එකක් නෑ. පහුගිය අවුරුදු විස්සේ මේ විෂ වායුව වැඩියෙන්ම පිටකළේ චීනයයි. තව ටිකක් මේක වැඩිවුණොත් මුහුදු මට්ටම වේගයෙන් උඩට ගිහින් ¥පත් විශාල සංඛ්‍යාවක් වැසී යනවා. අපේ අර යාපන අර්ධද්වීපයත් යට වේවි. හැබැයි දියුණු රටවල අය කාබන් නිකුත් කිරීම සීමාකරන්න කැමැති නෑ. කාබන්ඩයොක්සයිඞ් වායුව අඩු කරනවා කියන තීන්දුව ගන්න ඒ රටවල දේශපාලකයන්ට බෑ. යුරෝපය ගොඩක් කල් කළ නිසා අපිටත් තව අවුරුදු විස්සක්වත් ඕනෑ යැයි චීනය කියනවා. මෙන්න මේ නිසා අපට අලූත් ඉඩක් ලැබිලා තිබෙනවා. ලෝකය පුරාම විද්‍යාඥයන් කියන්න පටන් අරන් තිබෙන්නේ අධිපරිභෝජනවාදයෙන් හා නාගරීකරණයෙන් මිදිලා සරල වෙන්න කියලයි. ජනාධිපතිතුමනි කාටවත් නැති වාසනාවක් අපට තිබෙනවා. දවසේ පැය දොළහක්ම හිරු එළිය වැටෙනවා. යුරෝපයේ එහෙම නෑ. ලෝකයේ අනාගත බලශක්තිය වන්නේ මේ සූර්යායි. සූර්ය බලශක්තිය මුල්කරගත් විප්ලවයකට අපි අපේ ප‍්‍රතිපත්ති හැදිය යුතුයි. අපේ බලශක්ති විප්ලවය රඳා පවතින්නේ පිට රටින් ගේන ගල් අඟුරු හා තෙල් නෙවෙයි. සූර්ය පැනල මගින් අපට අවශ්‍ය බලශක්තිය රට තුළම නිර්මාණය කරගතහැකියි. අපට මුහුදු තරංගත් සුළං බලයත් තිබෙනවා. මේ ටික හරියට පාවිච්චි කළොත් විදේශයන්ට ඇදී යන ඩොලර් බිලියන ගණනක් අපට මේ රටේ ඉතිරිකරගත හැකියි. පුනර්ජනනීය බලශක්තියට යන බව ඔබතුමා ඔබතුමාගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයෙන් කිව්වා. අපි ඒකට යමු. අපි චීනය ඇසුරු කළ යුත්තේ චීනෙට ඉඩම් දෙන්න නෙවෙයි. සූර්ය පැනල සවි කරලා බලශක්ති තාක්ෂණය ගන්නයි. ඔබතුමාට වගේම අගමැතිතුමාට මේවා කරන්න පුළුවන් දේවල්. මේවා පමාකරන්නේ ඇයි? ග්ලිරිසීඩියා පැළ බිලියනයක් වවන ව්‍යාපෘතිය ඔබතුමා ආරම්භ කළා. එය හරියට කළොත් ගල් අඟුරු බලාගාරයක බලශක්තියෙන් බාගයක් නිපදවන්න හැකියි. අක්කරයක පැළ 600 ක් වගා කළහැකියි. ග්ලිරිසීඩියා කොලවලට ගවයන් හරිම පෙරේතයි. මේ රටට අවශ්‍ය කිරි ටික හදන්න අවශ්‍ය ගවයන් මිලියනයයි. ඒ ගවයන් මිලියනයටම කෑමට මේ ග්ලිරිසීඩියා ප‍්‍රමාණවත් වෙනවා. බලශක්තියෙන් ඔබ්බට ස්වයංපෝෂිත ආර්ථික ක‍්‍රමයකටත් මේ වගාව හේතුවෙනවා. ජනාධිපතිතුමනි, වස විසෙන් තොර ගොවිතැනට ඔබතුමා සහාය දැක්වුවත් බොහෝ අය මට හිනාවුණා. මුලදි මට තිබුණෙත් පොතේ දැනුම පමණයි. හැබැයි අපි ජන මතයක් හැදුවා. අක්කර පනස්දාහක් වවන්න අපි දැඩි පරිශ‍්‍රමයක් දැරුවා. හැබැයි නියඟයක් ආවා. ඒත් සැළකිය යුතු ප‍්‍රමාණයක් වැව්වා. රතන හාමුදුරුවන්ගෙ වැඬේ හොඳ වුණත් ඒක පාඩු යැයි සමහරු කියන්න ගත්තා. ක්‍ෂුද්‍ර ජීවි ක‍්‍රියාකාරිත්වය පාවිච්චි කරලා මාස තුනක් දිරන්නට යන කොලරොඩු දින දහයෙන් දිරාපත් කළහැකි බව අපේ විද්‍යාඥයන් පෙන්නුවා. මාස දෙකක් ඇතුළත ටොන් පන්දාහක පොහොර හැදුවා. අපේ වගාව නියඟයට ඔරොත්තු දුන්නා. තේ අක්කර ලක්ෂ පහක් පමණ වගා කිරීමෙන් ඩොලර් බිලියන එකහාරමක පමණ ආදායමක් අපි ලබනවා. ඒ සියලූ වල්නාශක ගහලයි. හැබැයි කාබනික පොහොර භාවිතයෙන් ඒ ආදායම දෙගුණයක් කළහැකියි. මොකද වස විසෙන් තොර තේවලට ලෝකයේ ඉල්ලූම වැඩියි. වස මුසු තේ ප‍්‍රතික්ෂේප කරන්නට ලෝකය පෙළඹිලා තිබෙනවා. අවාසනාවකට අපේ සමහර ඇමැතිවරු හා මහ තේ වතු හිමියන් වස විසම ඉල්ලනවා. අපි බෑ කිව්වා. මහ වතු වගාකිරීමට බැරි නම් ඒවා ජනතාවට දෙන්න. අපි ඒකට සැලැසුමක් හදලා තිබෙනවා. දළු දෙක දළු තුන කරන්න අපේ විද්‍යාඥයන්ට පුළුවන්. වසර දෙකක් ඇතුළත මේ විප්ලවය කරලා අපි පෙන්වන්නම්. මේවාට උදවු කරන්න ලෝකේ රටවල් ඕනෑ තරම් තිබෙනවා. එක්සත් ජාතින්ගේ සංවිධානයෙන් අපි ආධාර අරගන්නම්. සාදික්කා, කරදමුංගු, අලිගැටපේර ආදී විවිධාංගීකරණයකට අපි යා යුතුයි. රාජ්‍ය භාණ්ඩාගාරය පුරවන්න එයින් හැකියි. රුපියල් බිලියන ගණනක් මේ රටේම ඉතිරි කරගන්නවා වගේම මේ රටේ මිනිස්සුන්ට වසවිසෙන් හැදෙන පිළිකා රෝග නැතිකරගන්නත් පුළුවන්. 2005 දී මේ රටේ පිළිකා රෝගීන් සංඛ්‍යාව පන්දාහයි. අද පහළොස්දාහයි. වකුගඩු රෝගීන්ගේ සංඛ්‍යාව දහ දාහේ සිට ලක්ෂය දක්වා වැඩිවෙලා. සමහරු කියන්නේ මේ ආණ්ඩුවෙන් මොකක්වත්ම වෙන්නේ නෑ කියලයි. වෙන්නේ නෑ නෙවෙයි. හැම දෙනාගේම අත් එකතු වෙන්නේ නෑ. ජනාධිපතිතුමාට සිහිනයක් තිබෙනවා. ඒ සිහිනයට පණ දෙන්න අපි විද්වතුන්ගේ මණ්ඩලයක් හැදුවේ ඒකයි. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව කාලේ රවුන්ඩප් තහනම් කරන්න යැයි අපි කිව්වා. කැබිනට් මණ්ඩලේ තීන්දුවක් ගත්තා. හැබැයි අරලියගහ මන්දිරේදි තීන්දුව වෙනස් වුණා. සල්ලි කුට්ටිවලට තීන්දු නැවැතුණා. හැබැයි ග්ලයිෆොසේට් තහනම් කරලා වස විසෙන් තොර ගොවිතැන වෙනුවෙන් අද අපිට ප‍්‍රතිපත්ති තීන්දු ගන්න හැකිවෙලා තිබෙනවා. මේවා රතන හාමුදුරුවන්ගෙ බොරු යැයි සමහරු බය කරනවා. හැබැයි රාජ්‍ය නිලධාරින්ම අද මේ ඇත්ත තේරුම්ගෙන තිබෙනවා. ඩොලර් බිලියන දෙකක් ණය ගෙවන්න තිබෙනවා යැයි කියනවා. කොහොමද ණය ගෙවන්නේ කියලා අහනවා. ඒක කරන්නෙ වරාය විකුණලාද? චීනෙන් ගත්ත ණය ගෙවන්න බැරි නම් ඒක කරන්නේ වරාය දීලාද? රාජ්‍ය ආයතන පාඩු ලබනවා නම් ඒවාත් දීලා දාමුද? මිනිස්සු මත බදු පටවමුද? ජනාධිපතිතුමනි, මේ ඩොලර් බිලියන දෙක හොයන හැටි පෙන්වලා දෙන්න අපේ විද්‍යාඥයන් සූදානම්. මේක මහ ලොකු ගණිත ක‍්‍රමයක් නෙවෙයි. තිබෙන්නේ සරල උත්තරයක්. ආනයන අපනයන පාලනයක් කරමු. මහ බැංකු වාර්තාව අරගෙන බලන්න. මෙටි‍්‍රක් ටොන් 6 12,000 ක් අපි සීනි ගෙන්නනවා. කිරිපිටි 81,000 ක් ගේනවා. මිරිස් 409,000 ක් ගේනවා. ඉතින් මේක අපට නවත්තන්න පුළුවන්. සීනි ටික හදාගන්න බැරිද? ආරියශීල වික‍්‍රමනායක මහතා බටර් හදලා අතිරික්තයක් තිබෙනවා. හැබැයි එතුමන්ලා හදන කිරි ටික සතොසෙන් ගන්නෙ නෑ. මේ හැදිච්ච ලෙඬේ මොකද්ද? ප‍්‍රශ්න මේවායි. අපි මේ සභාව හැදුවෙ අපේ දේශීය ව්‍යාපාරිකයාට රැුකවරණයක් දෙන්නයි. දැන් විදේශිය සමාගම්වලට ඉඩම් දෙනවා. ඉඩම් දීමට කිසියම් ප‍්‍රතිපත්තියක් තිබිය යුතුයි. හිතුමතේට ඉඩම් දීමට ජනාධිපතිතුමාට හෝ අගමැතිතුමාට හෝ කිසිම නායකයකුට අයිතියක් නෑ. පිටරටින් ආ පලියට කර්මාන්තවලට ඉඩම් දෙන්න බෑ. කර්මාන්තවලටත් ප‍්‍රතිපත්තියක් තිබිය යුතුයි. අනිත් එක පිටරටින් එන්න ඔය කියන විදියේ කර්මාන්තශාලා නෑ. යුරෝපයේ කර්මාන්තශාලා වැහිලා මිනිස්සු දොට්ට දාලා තිබෙන්නෙ. විදේශයන්හි ආයෝජනය කළ ඇමෙරිකන්කාරයන්ටත් ට‍්‍රම්ප් මහත්තයා නැවත මව් රටට කතාකරනවා. ඉතින් යුරෝපෙ සුද්දා එනවාය කර්මාන්ත පටන්ගන්නවාය ආදී මේවා කෙරෙන්නැති දේවල්. රටේ ජාතික ප‍්‍රශ්නෙට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව වෙනස් කරන්න ඕනෑ යැයි කියනවා. මේ රටේ තිබෙන ජාතික ප‍්‍රශ්නය මොකද්ද? ඉඩම් ප‍්‍රශ්නයක් ගැන කියනවා. හැබැයි යාපනේ ඉඩම් කියන්නෙත් අපේ ගාල්ල මාතර වගේම තමයි. තියෙන මිනිහට අක්කර පනහ හැට තිබෙනවා. දුප්පතාට අක්කර කාලක්වත් නෑ. ඉඩම් බලතල දෙන්න ඕනෑ දේශපාලකයන්ට නෙවෙයි. ජනතාවටයි. මේ රටේ ඉඩම් නැති ජනතාව වෙනුවෙන් ජාතික ප‍්‍රතිපත්තියක් හදමු යැයි අපි ජනාධිපතිතුමාට කියනවා. පාරිසරික වශයෙන් සංවේදී ඉඩම් රජයට තබාගෙන සෙසු ඉඩම් ජනතාවට බෙදන වැඩපිළිවෙළක් ආරම්භ කළ යුතුයි. පොලිස් බලතල දෙන්න ඕනෑ යැයි කියන කතාව ගැනත් අපි දීර්ඝ වශයෙන් දෙමළ ජාතික සන්ධානය සමඟ සාකච්ඡා කළා. අපේ පොලිසියෙ සීයට අනූවක් පමණ කරන්නේ රථ වාහන හැසිරවීමයි. ඉතින් ඕකට දෙමළ මිනිස්සු ගන්නවට අපි විරුද්ධ ද? පොලිසියේ සන්නද්ධ අංශය මධ්‍යම ආණ්ඩුවට තබාගෙන සිවිල් පරිපාලනයට අදාළ පොලිස් බලය දෙන්න පුළුවන්. ආයුද අවශ්‍ය හොරු අල්ලන්නයි. අධිරාජ්‍යාවාදී යටත්විජිත කාකි ඇඳුම් ඇඳගෙන සිටින පොලිසිය වෙනුවට සුදු ඇඳුමක් ඇඳගත් පොලිසියක් හදමු. එහෙම නම් ලෝකය පෙරළන ජනමත විචාරණයක් ඕනෑ ද? මේ රට හදද්දී උතුරු නැගෙනහිර ප‍්‍රශ්නයට උත්තරයක් දෙන්නත් අපිට පුළුවන්. නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හත්පට්ටයක් ඕනෑ වගේ ජනමත විචාරණයකට තුඩු දෙන ව්‍යවස්ථා සංශෝධනයක් ගැන කතාකරනවා. මේවා ඕනෑ කාටද? දෙමළ ජනතාවට අවශ්‍ය ආත්ම ගෞරවයක් ඇතිව ජීවත්වීමටයි. ඡුන්ද ක‍්‍රමය ගැනත් අපි සාකච්ඡුා කළා. දැන් පළාත් පාලන ඡුන්දයක් තිබෙනවා. මුළු රටේම මාධ්‍ය ඇස ඇරගෙන එළිවෙනකන් නිදි මරාගෙන ඉන්නවා. මැති ඇමැතිවරු පණ බයේ ඉන්නෙ. අර පරණ විදියට මෙම්බර් ඡුන්දෙ තියමු. ඒක අපිට කරගන්න පුළුවන්. උතුරේ පළාත් සභාව කැමැති නම් දිස්ත‍්‍රික් සභාව ගෙනෙමු. පළාත් සභාවේ සිටින දිස්ත‍්‍රික් සංවර්ධන ඇමැතිවරයකු පත්කරලා ඔහුව කැබිනට්ටුවට ගෙනෙමු. එවිට බලය විමධ්‍යගත වෙනවා.අපිට තරුණ කාලයක් තිබුණා. 71 කැරැුල්ල අපිට යාන්තමින් වගේ මතකයි. උතුරු නැගෙනහිර යුද්ධයෙන් ලක්ෂයක් විතර ජීවිත අප රටට අහිමි වුණා. 88,89 වසර දෙක ඇතුළත 65 000 ක් මැරුණා. අපේ රට ආපස්සට ගියා. නැවතත් එවැනි කඳුළු සලන යුගයක් අප රටට අවශ්‍ය නෑ. අපේ රටේ දුප්පත්කම නැතිකරලා අභිමානවත් ජාතියක් නිර්මාණය කිරීමේ හැකියාව අපට තිබෙනවා. අද පොලොන්නරුවට ගියාම අපි දකින සත්‍ය මොකද්ද? ණය බරින් මිරිකුණු තමන්ගෙ කුඹුර අනුන්ට උකස් තියපු ජනතාවක්. මේක ඉතාම වැදගත් තැනක පිහිටපු ලෝකයේ සුන්දරම රටක්. ඒක නිසා අපේ ආර්ථික ප‍්‍රතිපත්තිය හැදෙන්න ඕනෑ චීනයට හෝ ඉන්දියාවට ඕනෑ හැටියට නෙවෙයි. ස්වයංපෝෂිතභාවයට මුල් තැන දෙන ආර්ථික වැඩපිළිවෙළකට අප යා යුතුයි. අද අප සමාජගත කරන්නේ නැවත මේ රටේ ලේ කඳුළු සැලෙන්නේ නැති අනාගතයක් සඳහා වූ වැඩපිළිවෙළයි. මේ ආණ්ඩුව මින්පසු ගමන්කරන්නේ තම තමන්ට හිතෙන හැටියට නෙවෙයි. රටේ ජාතික ප‍්‍රතිපත්තියට ඕනෑ විදියටයි. සීතල කාමරවලට වෙලා හම්බන්තොට වරාය ගැන තීන්දු ගන්න යුගය නිමාකිරීමේ තීන්දුව මෙයින් ගන්නවා. ඒ වගේම අපේ ගොවියන්ගේ ඉඩම් හා සංවේදී පාරිසරික කලාපවලට අත තියන්න කිසි කෙනෙකුට ඉඩ නොදෙන බවට අධිෂ්ඨානය ඇතිකරගමු. මුඩුක්කු සංස්කෘතියේ හිරවෙලා කුඩු ගහන ජීවිත වෙනුවට නව නාගරික සංවර්ධන වැඩපිළිවෙළක් ආරම්භ කරමු. ඒ වගේම ලෝක බලවතුන්ගේ පොර පිටියක් බවට පත්වීමට ඉඩ නොතබා අපේ රටේ ස්වාධීනත්වය ආරක්ෂා කරගන්නා වැඩපිළිවෙළකට යමු. අපි ජනාධිපතිතුමාට කියන්නේ රනිල් වික‍්‍රමසිංහ මහත්තයාත් පරාදයි. මහින්ද රාජපක්ෂ මහත්තයත් පරාදයි. මේ රටේ බලය ලැබිලා තිබෙන්නේ මෛත‍්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමාටයි. ඔබතුමා රට පාලනය කළයුත්තේ එක්කෙනෙකුට දෙන්නෙකුට අවශ්‍ය විදියට නෙවෙයි. ජාතික ප‍්‍රතිපත්ති සභාව පිළිබඳව ඔබතුමාට තීන්දුවක් ගන්න පුළුවන්. ඇයි ඔබතුමා පමාවන්නේ? ඔබතුමා පමාවන හැම දිනයක් පාසා අපේ රට යන්නේ අඳුරු අගාධයකටයි. කොළඹ විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යා හා රාජ්‍ය ප‍්‍රතිපත්ති අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ධම්ම දිසානායක, මවුබිම ලංකා පදනමේ සභාපති ආරියශිල වික‍්‍රමනායක, යහපාලනය සඳහා වන ජාතික පෙරමුණේ මහලේකම් සුරේන් රාගවන්, සෙමා ආයතනයේ සභාපති අශෝක අබේගුණවර්ධන යන මහත්වරු ද මෙහිදී අදහස් දැක්වූහ. (සටහන - බිඟුන් මේනක ගමගේ)
|
“අපි දුප්පත්කම විකුණන්නේ නෑ“
| 0 |
මේ මොහොතේ රටේ සිටිය හැක්කේ එකම එක හතුරකු පමණක් බවත්ල ඒ කොරෝනා නමැති සතුරා පමණක් බවත් අගමැති මහින්ද රාජපක්ෂ මහතා අද (07) වැනිදා විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය.මේ ආගමික වශයෙන්, ජාති වශයෙන් බෙදී වෙන්වී සිතන මොහොතක් නොවන බව කී අගමැතිවරයා සියලුම දේශපාලන පක්ෂ නායකයන් ඉතාම උනන්දුවෙන් රජයට සහාය දෙන්නට මේ මොහොතේ ඉදිරිපත්ව සිටින බවද සඳහන් කළේය. අගමැතිවරයා මේ බව සඳහන් කළේ රටේ වර්තමාන තත්ත්වය සහ රජය ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව අද රාත්‍රියේ විශේෂ ප්‍රකාශයක් කරමිනි.අගමැතිවරයා මෙසේ ද කීවේය.මම ඔබ අමතන්නේ කොරෝනා වසංගතයට එරෙහිව අපේ රජයත්, ජනතාවත් දැවැන්ත යුද්ධයක යෙදිලා ඉන්න මොහොතක. මුළු ලෝකයේම රටවල් 200කට අධික ප්‍රමාණයක් මේ වසංගතයට එරෙහිව සටන් කරන ආකාරයත්, ඒ රටවල දහස් ගණන් ජනතාවගේ දේහයන් සුසාන භූමියට ගෙනියන ආකාරයත් ඔබ ප්‍රවෘත්තිවලින් දකිනවා.අපි ජීවත් වෙනවාද නැද්ද කියන දේ තීරණය වෙන්නේ මේ වසංගතය මර්දනය කරන්න කටයුතු කරන ආකාරය අනුවයි. අපේ අවධානය, අපේ කැපවීම, විනය කියන දේවල් අනුව තමයි මේවගේ වසංගතයකදී අපි ජීවත් වෙනවාද, මැරෙනවාද කියන දේ තීරණය වෙන්නේ.ඒ නිසා මේ වසංගතය ලෝකයෙන් වාර්තා වුණ මොහොතේ ඉඳන්ම ජනාධිපතිතුමත්, රජයත් ජනතාවගේ ජීවිත ගැන දැඩි අවධානයකින් කටයුතු කළා.මේ තත්ත්වය තේරුම් ගත්ත නිසා තමයි චීනයේ වූහාන් නගරයේ හිර වුණු ලාංකික පිරිස ලෝකයේ බොහෝ දෙනකුට කලින් ගුවන් යානාවක් යවලා මේ රටට ගෙන්න ගන්න කටයුතු කළේ. ඒ පිරිස අරගෙන එන කොටත් අපි අපේ රටේ නිරෝධායන මධ්‍යස්ථානයක් පිහිටුවලා ඉවරයි.එතැන් සිට ලංකාවට එන සිය ගණන් පිරිස් නිරෝධායනය කරන්න පුළුවන් මධ්‍යස්ථාන රාශියක් ඉතාම කෙටි කාලකදී අපි මේ රටේ පිහිටෙව්වා. දැන් වරකට දහස් ගණනක් නිරෝධායනය කරන්න වුවමනා නිරෝධායන මධ්‍යස්ථාන 40 කට ආසන්න ප්‍රමාණයක් අපි පිහිටුවා තියෙනවා. මේ නිරෝධායන මධ්‍යස්ථාන නිකම්ම නවාතැන් පොළවල් නෙවෙයි. හොඳ මට්ටමේ ගොඩනැගිලි, ඇඳන්, වෛද්‍යවරුන් උපස්ථායකයන්, බෙහෙත්-හේත්, උපකරණල වැසිකිළි කැසිකිළි, සෞඛ්‍ය සම්පන්න කෑම බීම විතරක් නොවෙයි කොත්තමල්ලි කෝප්පය පවා මේ දහස් ගණනකට දින 14 ක් පුරා අඩුවක් නැතිව ලබා දෙනවා.මූණ ඇඹුල් කරගෙන නිරෝධායනයට යන අය අද හිනාවෙවී එළියට එන්නේ ඒවා අඩුවක් නැතිව සපයන්න පුළුවන් වෙලා තියෙන නිසයි. ඒ වාගේම කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කරන්න විශේෂ රෝහලක් අපි දින හයකින්, වැලිකන්දේ ඉක්මනින් ඉදිකළා.ඒ විතරක් නෙවෙයි, ලංකාවට එන අය පරීක්ෂා කරලා රෝගය ගැන සැක අය ඉන්නවා නම්, ඒ අය ඇසුරු කළ දහස් ගණනක් හඳුනා ගෙන ඒ අයත් ගෙවල්වලම තියලා නිරෝධායනය කරවන්න අපි කටයුතු කළා. නිරෝධායනය මගහරින දහස්ගණන් හඳුනාගෙන ඔවුන්ගෙන් සමාජය මුදවා ගන්න රාජ්‍ය බුද්ධි අංශ පවා යොදවා ගන්න ජනාධිපතිවරයාට සිදුවෙලා තියෙනවා.අපි පළමුවැනි කොරෝනා රෝගියා වාර්තා වුණ වහාම සියලු පාසල්ල විශ්වවිද්‍යාල නිවාඩු දීලා දරුවන් රෝගයෙන් මුදවා ගන්න කටයුතු කළා. මේ සම්බන්ධයෙන් ජනාධිපති කාර්ය සාධක බළකායක් ආසියාතික රටවල් අතරින් මුලින්ම ස්ථාපිත කළේ අපි. ගුවන්තොටුපොළෙන් ලංකාවට පැමිණීම නතර කළා. නිරන්තරයෙන් අපේ ප්‍රතිපත්තිය වුණේ ජනතාව අපහසුතාවට පත් නොකර ජනතාවගේ වුවමනාකම් සම්පූර්ණ කරන්න. ඒ නිසා අපි යුද්ධ කාලෙවත් ඇඳිරි නීතිය පැනෙව්වේ නෑ. මේ තත්ත්වයේදී සෞඛ්‍ය විශේෂඥයන්ගේ අදහස්වලට අවධානය යොමුකරලයි අපි ඇඳිරි නීතිය පැනෙව්වේ.ඇඳිරි නීතිය පැනවීමත් එක්කම අපේ දහස් ගණන් කර්මාන්තශාලාල ව්‍යාපාර වගේම රජයේ කාර්යාල වහන්න වුණ බව තමුන්නාන්සේලා දන්නවා. එහෙම වුණත් එදිනෙදා ජන ජීවිතය අඩුවක් නැතිව පවත්වාගෙන යාමේ ඉතාම භාරධූර වගකීමත් රජය ඉටුකරමින් ඉන්නවා. විදුලිය, ජලය, ගෑස් අඩුපාඩුවක් නැතිව සැපයීමේ වගකීම රජය දැන් බාරගෙන තියනවා. කෑම බීම, ඖෂධ ඇතුළු අත්‍යාවශ්‍ය දේ රටටම බෙදා හැරීමේ වගකීම ජනාධිපතිවරයාගේත් මගේත් මගපෙන්වීම යටතේ අරලියගහ මන්දිරයේ සිට මෙහෙයුම් කටයුතු සිදුකරන අත්‍යාවශ්‍ය සේවා පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බළකාය ඉටු කරනවා. ඒවගේම එම කටයුතු නිසි ආකාරව සිදුවනවාද යන්න සොයා බලන්නත් අපි වැඩ පිළිවෙළක් සකස් කරලා තියෙනවා.ආහාර ද්‍රව්‍යවල මිල පාලනය කරන්න කළ හැකි හැම දෙයක්ම කළා. වැඩිහිටි ආධාර ලබන පිරිස 416,000 ක්ග ඒත් අපි වැඩිහිටියෝ හාරලක්ෂ හතළිස් දෙදාහකට රුපියල් පන්දාහ ගණනේ ඉක්මනින් ලබා දුන්නා.ඊළඟට අපට ආබාධිත ජනතාවගේ යැපීම ගැන බලන්න වුණා. ආබාධිත දීමනාව ලබන 22,000 යි හිටියේ. තවත් 38,000කටත් එක්කම රුපියල් 5000 දුන්නා. ගොවියන් 160,000 අපට මේ දීමනාව දෙන්න වුණා. ධීවරයන් 4600 කට ඒ දීමනාව දුන්නා. වකුගඩු රෝගීන් හිටියේ 25,000යි. පොරොත්තු ලේඛනයේ ඉන්න 13,850 කටත් ඒ දීමනාව ගෙව්වා. ගර්භණී මව්වරුන්ට, මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන්ට රාජ්‍ය සේවකයන් මගින් ත්‍රිපෝෂ ඇතුළු දේ ගෙවල්වලට යවලා ඉවරයි. පසුගිය දවස්වල විශ්‍රාමිකයෝ 645ල000 විශ්‍රාම වැටුප වෙලාවට ගෙව්වා.දැන් රජයේ ආයතන වසා දමා තිබෙන නිසා රාජ්‍ය සේවකයන් පහළොස් ලක්ෂයක් ඉන්නේ ගෙදර.ඒත් මේ පහළොස් ලක්ෂයකටම අප්‍රේල් මාසයේත් වැටුප දැනටමත් ගෙවන්න කටයුතු කරලා ඉවරයි. ඒ විතරක් නෙවෙයි රැකියා විරහිත උපාධිධාරීන් 40ල000 ක් රාජ්‍ය සේවයට බඳවා ගන්න අපි සූදානම් වෙලා හිටියේ. ඒ අය මෙම නිරෝධායන කටයුතුවලට යොදා ගෙන ආර්ථික ශක්තියක් දෙන්න අපි කටයුතු කරනවා. ඒ විතරක් නෙවෙයි සමෘද්ධිලාභීන් මේ රටේ ලක්ෂ 17 ක් ඉන්නවා. පොරොත්තු ලේඛනයේ තවත් හයලක්ෂයක්. ඒ විසිතුන් ලක්ෂයටම අපි රුපියල් පන්දාහෙ දීමනාවත් දීලයි මේ තත්ත්වයට මුහුණ දෙමින් අපි කටයුතු කරන්නෙ.අපි මෙහෙම කරගෙන යනකොට මේ රටේ නතර වුණ ව්‍යාපාර ගැනත් හිතන්න වුණා. මේ රටේ ත්‍රිරෝද රථ, පාසල් බස්ල, වෑන් වාගේ දේවල්වලින් රස්සාව කරන ලක්ෂ පහළොවක් හිටියා. මේ සියලු දෙනාට අපි කල්බදු වාරික සහනය දුන්නා. ඇඳිරි නීතිය නිසා ව්‍යාපාර කටයුතු කරගන්න බැරි අයට සහනයක් දෙන්නත් රජයට සිදු වුණා. ශ්‍රී ලංකා මහ බැංකුව දැනටමත් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට සහන දෙන්න පටන් අරන්.අපි මෙපමණ මුදලක් වෙන් කරලා ජනතාවට සහන දුන්නේ පාර්ලිමේන්තුවෙන් අයවැයක් සම්මත කරගෙන නෙවෙයි. මේ දේවල් එකක්වත් කරන්න ජනාධිපතිතුමාට පාර්ලිමේන්තුවේ සහාය ගන්න ඉඩ ලැබුණේ නෑ. පාර්ලිමේන්තුව විසුරුවා හරින්න කලින් රජයේ කටයුතු පවත්වාගෙන යන්න අතුරු අයවැයක් සම්මත කරගන්න ගිය අවස්ථාවේ අපට පාර්ලිමේන්තුවේ සහාය දුන්නේ නෑ. එබඳු තත්ත්වයක් යටතේ නැවතත් පාර්ලිමේන්තුව රැස් කිරීමේ කවර ප්‍රයෝජනයක්ද කියලා පරමාධිපත්‍ය බලය තියෙන ජනතාව දැන් අපි කාගෙනුත් අහනවා.ලෝක සෞඛ්‍ය සංවිධානයේ සභාපතිවරයා ජනාධිපතිතුමාට කතා කරලා මේ අපේ වැඩපිළිවෙළට ප්‍රශංසා කර අගය කළ බව මුළු ලෝකයම දන්නවා. මේ මොහොතේ ලක්ෂ පනහකට වඩා ජනතාවට රජය ඍජු සහනාධාර ලබා දීලා ඉවරයි. මේ ප්‍රශ්නවලට මුහුණ දෙන අතරේ අපට වාද විවාදවල යෙදිලා ඉන්න වුවමනා නෑ. රටේ ජනතාවගේ හතරෙන් එකකට අපි ආධාර දුන්නේ රටේ ආදායම යහපත් තත්ත්වයක පැවතිලා නෙවෙයි. මේ මොහොත වෙනකොට රජයට ආදායම් ලැබෙන සියලු මාර්ග අකර්මණ්‍යයි.මේ වයිරසය පැතිරෙන නිසා අපේ ඇඟලුම් යුරෝපා රටවලට යැවීම නතර වෙලා. ඒ නතර වුණේ රටේ ප්‍රධාන ආදායම් මාර්ගයක්. ඉතාලිය, මැදපෙරදිග රටවල ශ්‍රමිකයෝ එවන මුදල අපේ රටේ ආර්ථිකයේ වැදගත් කොටසක්. ඒ ආදායමත් කොරෝනා වසංගතය පැතිරෙන නිසා ලංකාවට ලැබෙන්නේ නෑ.මුළු ලෝකයේම සංචාරක ව්‍යාපාරය කඩා වැටිලා. ජාත්‍යන්තර ගුවන් සේවා සමාගම්වල ඉඳන් අපේ මුහුදු වෙරළේ සිප්පි කටුවටත් මේක බලපානවා. දැනටමත් ලෝකයේ වාගේම අපේ රටේ සංචාරක හෝටල්වල කෑමබීම, ප්‍රවාහන ක්ෂේත්‍ර ඇනහිටලා. මේ වාගේ තත්ත්වයක් යටතේ තමයි අපට මේ වසංගතයට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙන්නේ. එහෙත් අපි නැහැයි කියන්නේ නෑ. ජනතාවට බැහැයි කියන්නෙත් නෑ. මේ සටන අතහරින්නෙත් නෑ.කිසිම මොහොතක අපි දේශපාලන, ජාතික, ආගමික වශයෙන් හිතලා තීන්දු ගත්තේ නෑ. ගන්නෙත් නෑ. සියලුම දේශපාලන පක්ෂ නායකයන් ඉතාම උනන්දුවෙන් රජයට සහාය දෙන්න ඉදිරිපත් වුණ මොහොතක් මේ. මේ ආගමික ජාතික වශයෙන් බෙදී වෙන් වී හිතන වෙලාවක් නොවේ.අපට මේ මොහොතෙ ඉන්න පුළුවන් එක හතුරෙක් විතරයි. ඒ කොරෝනා කියන සතුරා විතරයි. අපි මොන ආගමේ වුණත් මොන ජාතියේ වුණත් මෙන්න මේ සත්‍ය අපි සියලු දෙනාම තේරුම් ගන්න ඕනෑ.දැන් බලන්න මහානායක හාමුදුරුවරු ඉල්ලීමක් කළා, මේ බක් පොහොයට පන්සල් එන්න එපා කියල. මොනතරම් මිනිස්සු ගැන තියෙන ආදරයක් ද හැගීමක් ද මේ ප්‍රකාශ වෙන්නෙ. ඒ නිසා අපි හිතන්න ඕනෑ ජීවත්වෙන අය ගැනයි. මේක ආගමකට, ජාතියකට විශේෂ වුවමනා, චාරිත්‍ර වාරිත්‍ර ඉටුකරන වෙලාවක් නෙවෙයි. මේක රට ගැන හිතන වෙලාවක්ග පොදුවේ මනුෂ්‍යයන් හැටියට හිතුවොත් විතරයි අපට මේ මිනී වළෙන් එහාට පනින්න පුළුවන් වෙන්නේ කියන එක මතක තියා ගන්න ඕනෑ.මතක තියා ගන්න දරුවෝ, බිරිඳ, ගෙදර ඉඳිද්දී තමන්ට රෝගයට මූණ දෙන්න වෙන බව දැන දැන ඇවිත් රෝගීන්ට ප්‍රතිකාර කරන වෛද්‍යවරු සහ සෞඛ්‍ය කාර්යය මණ්ඩලයක් අපට ඉන්නේ.ඇතැම් වෛද්‍යවරුන් තමන්ගේ ඇඟේ කොරෝනා පොසිටිව් වෙනතුරු තමන් රෝහලෙන් යන්නේ නෑ කියලා වැඩ කරනවා. වෙනත් රටවල මුහුණු වැස්මක් දුන්නේ නෑ කියලා සේවය අතහැර ගිය හෙදියොත් ඉන්නවා. ඒත් අපි ආඩම්බරව කියන්නේල, අපේ රටේ ඉන්නේ තමන්ගේ මුහුණ වැස්ම තමන්ම මහගෙන ඇවිත් තම වගකීම ඉටු කරන හෙද පරපුරක්. රෝහල් උපස්ථායකයෝ, ගිලන් රථ රියැදුරෝ කිසිම රෝගියෙක් අතහැරලා නෑ. ඒ වගේම මරණ තර්ජන නිසා ඇතිව තිබෙන ජීවිත අවදානම පවා නොතකා ගෙයින් ගෙට ගිහින් සේවය කරන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අපට ඉන්නවා. ඔබත් මාත් ජීවත් වෙන්නේ එබඳු සෞඛ්‍ය සේවාවක් තියෙන රටක. ඒ වගේම අනෙකුත් අවශ්‍ය සේවාවල වගකීම් ඉටුකරන රාජ්‍ය සේවකයනුත් සිහි කරන්න ඕනෑ. ඒවගේම අපේ පළාත් පාලන ආයතනවල කැපවීම අපි කවුරුත් අගය කළ යුතුයි.එදා තමන්ට මරණය තියෙන බව පෙනි පෙනී වැල නොකැඩී ඇවිත් ත්‍රිවිධ හමුදාවටල පොලිසියට බැඳුණු තරුණයෝ අද වයිරසය තිබෙන්නේ කොතැනද, එතැන හොයාගෙන යනවා. තමන් ඉන්න බැරැක්කය රෝගියාට දීලා ඒ අය සිමෙන්ති පොළොවේ නිදා ගන්නවා. ඒ විතරක් නෙවෙයි ලක්ෂ ගණනක් අපේ දූ දරුවෝ මේ කොරෝනා වසංගතයට එරෙහිව කරන මෙහෙයුමට ආධාර කරන්න, අපි ආරාධනා කරන තෙක් ගෙවල්වල සූදානමින් ඉන්නවා. එබඳු රටක ඔබ තනි වෙන්නේ නෑ.අපි දිගු කාලයක් ගත කරන්නේ නැතිව ඉක්මනින් මේ වසංගතය ජය ගන්න ඕනෑ. ඒ වගේම ඔබ ආරක්ෂා කිරීමට රජය ගනු ලබන සෑම ක්‍රියාමාර්ගයකටම සහය ලබා දෙන ලෙස මා ඔබගෙන් කාරුණිකව ඉල්ලනවා.මේ ව්‍යසනය පරාජය කළාට පසුව ජීවත් වෙන හැටි ගැන අපට දැන්ම තියා හිතන්න වෙනවා. රටේ නිෂ්පාදනයටල බෙදා හැරීමට, වෙළෙඳාමට රජයේ මැදිහත්වීම අහෝසි කිරීමේ අදහසින් පසුගිය කාලේ ආණ්ඩුව ක්‍රියාත්මක වුණා. අද අපට සමුපකාරය සිහි වෙනවා. කෑම බීම වාගේම සරුංගලයත් විදේශයකින් ගෙන්වීම ලාබයි කියන මතය අනුව තමයි ඒ ආණ්ඩුව වැඩ කළේ.ස්වයංපෝෂිත ගෙදරක් සඳහා අපි ඇති කළ ගෙවතු වගාව වාගේම කුඹුරු වගාවත් පසුගිය යුගයේ කඩා වැටුණා. දැන් නැවත මේ රටේ ජනතාව හිතන්න පටන් අරන්. කොළඹ නගරයේ ඉඳන් ඈත ගම් බිම් දක්වා සෑම ගෙවත්තක්ම වගා කරන්න සුදානම් වෙන හඬ අපට ඇහෙනවා. අපේ ආහාර අපිම හදාගන්න ජනතාව සූදානම් වෙන බව අපට දැනෙනවාග අපි ඒ සෑම දෙයකටම දිරි දෙනවා.අපේ දැඩි සත්කාර ඒකකවලට වුවමනා ඇඳන් අපේම තරුණයෝ හදනවා. සමහර තරුණයෝ රෝගීන් වෙනුවෙන් රොබෝ යන්ත්‍ර පවා දැනටමත් හදනවා. මේ කියන්නේ අපට පුළුවන්ග රට ගැන හිතන මේ සියලු දෙනා ගැන මම ආඩම්බර වෙනවා. ඒ නිසා අපි කොරෝනා වසංගතය පරාද කරලා අපේම ආහාර, අපිම වගා කරන, අපේම කර්මාන්ත දියුණු කරනල අපේ ශක්තිය ලෝකෙට පෙන්වන ශක්තිමත් රටක් වශයෙන් නැගිටින්න වෙනවා.ඉතිහාසයේ අපි මීට වඩා දුෂ්කරතාවලට මුහුණදීලා තියෙනවා. ත්‍රස්තවාදය තිබුණ කාලේ අවුරුදු විස්ස තිහ අනාථ කඳවුරුවල ජීවත් වෙලා තියෙනවා. දරු පැටව් එක්ක මහ රෑ හබරල ගාල්වල නිදාගෙන තියෙනවා. එබඳු පරිත්‍යාගයක් කරපු ඔබට රට වෙනුවෙන් මේ ටික කාලය ගෙදරට වෙලා ඉන්න එක කරන්න බැරි දෙයක් නෙමෙයි කියලා මම හිතනවා. රට වෙනුවෙන් ඒ පරිත්‍යාගය කරන්න කියලා මම මගේ ආදරණීය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. වෙනත් රටවල් මුහුණ දීපු ඛේදවාචකයට මුහුණ දෙන්නේ නැතිව නැගිටින්න අපට පුළුවන් බව මට විශ්වාසයි. අපි දියුණු ජාතියක් විදියට විතරක් නෙවෙයි නිරෝගී ජාතියක් විදියටත් නැගිටින්න ඕනෑ.
|
“අපි දුප්පත්කම විකුණන්නේ නෑ“
| 0 |
(එප්පාවල - නන්දන සමන් කුමාර සහ මකුලෑව ලේකම්ගේ අනුර)මහජනතාවගේ දේපළ හොරකම් කළ දේශපාලනඥයන්ට එම දේපළ මාස දෙකක් තුළ නැවත රජයට බාරදීමට ජාතික ජන බලවේගය ආණ්ඩුව පිහිටු වූ පසු අවස්ථාව දෙන බවත් එසේ නොවන්නේ නම් හොරකම් කරන ලද සෑම රුපියලක්ම නැවත රජයටම පවරා ගැනීමට කටයුතු කරන බවත් ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පෙරේදා (8) පැවැසීය.ජනාධිපති ධුරය සඳහා නාමයෝජනා දීමෙන් පසුව තම උපන් ගම වන තඹුත්තේගම දී මංගල ජන රැලිය අමතමින් අනුර කුමාර දිසානායක මහතා එසේ කීය. තඹුත්තේගම බස් නැවතුම්පොළ භූමියේදී මෙම ජන රැලිය පැවැත්විණි.අනුර කුමාර දිසානායක මහතා මෙසේ ද කීවේය.“අපි ආණ්ඩුවක් හදන්නේ කාගෙන්වත් පළිගන්න නොවෙයි. අපි හොරකම නම් නතර කරනවා. මහජනතාවගෙන් හොරකම් කරන ලද, උදුරාගත් සෑම රුපියලක්ම අපි යළිත් පවරා ගන්නවා.අද දේශපාලන වේදිකාවේ විවිධ අය විවිධ දේවල් කියනවා. හැබැයි කොතැන ද කතා කරන්නේ වෙනස් කරන්න. දේශපාලන ප්‍රතිපත්ති, ආර්ථික ප්‍රතිපත්ති ගැන විවිධ අදහස් තියෙනවා. හැබැයි කවුරු ආණ්ඩු ගත්තත් ප්‍රථමයෙන් කරන්න ඕනේ හොරකම නැති කරන එක. ඔය අනෙක් පක්ෂ අපේක්ෂකයෝ ඒ ගැන පොරොන්දුවක් දෙනවා ද දෙන්න පුළුවන් ද. මේ රටේ කොයි පක්ෂයට ද කාට ද හොරකම නතර කරන්න පුළුවන් වෙන්නේ. අපි ඔබට එක සහතිකයක් දෙනවා. එක සැරයක් ඔබ අපට බලය දුන්නොත් මේ රටේ හොරකම අපි නියත වශයෙන්ම නතර කරනවා.අපි එක ශතයක්වත් මුදල් හොරකම් නොකරපු මිනිස්සු. මේ වේදිකාවේ ඉන්නේ මහජනයාට අයිති ශත පහක් හොරකම් නොකරපු, නාස්ති නොකරපු උදවිය. ඔබ ගිහින් බලන්න නල්ලච්චිය මගේ අම්මගේ, මගේ නිවස. ඒ නිවසට අත්තිවාරම දැම්මේ අසූ අටේ අවුරුද්දේ රුපියල් 8500ක් බැංකුවෙන් ණයට අරගෙන. දැන් වසර 31ක් ගතවෙලා තියෙනවා. තවමත් සාලෙ කෑල්ල හදනවා. අපි මහජනයාගෙන් ශත පහක්වත් හොරකම් කරලා නැති අය. ඔබ අපේ ජීවිතවලට එබිලා බලන්න ඔබට එය තේරුම් ගන්න හැකිවෙයි.මේ රට ගොඩ ගන්න නම් පාලකයා නාස්තිකාරයෙක් නොවිය යුතුයි, හොරෙක් නොවිය යුතුයි. පාලනය හොරකමට ඉඩ නොදෙන පාලනයක් වෙන්න ඕනේ. ඔය කොයි පක්ෂයේ ද කොයි අපේක්ෂකයාට ද කියන්න පුළුවන් මම හොරකම් කෙරුවේ නැහැ, ජනතාවගේ මුදල් නාස්ති කෙරුවේ නැහැ, ඒ නිසා මම හොරකම් කරන්නෙත් නැහැ කියලා. ඉස්සරහට ජනාධිපතිවරණ රැස්වීම්වල වේදිකාවල ඉන්න පුද්ගලයන් දිහා හොඳට බලාගෙන ඉන්න. ඔබටම තේරෙයි වැලිකඩ හිරගෙදර ඉන්න ඕනේ කී දෙනෙක් ඒ වේදිකාවල ඉන්නව ද කියලා.අපි දන්නවා පොලිසියේ මහත්තුරුන්ට චෝදනාවක් තියෙනවා පාරේ ඉන්නවිට සල්ලි ගන්නවා කියලා. රජයේ ලිපිකාර මහත්තයට චෝදනාවක් තියෙනවා ෆයිල් එක කලින් ගන්න කීයක් හරි ගන්නවා කියලා. පොලිසියේ මහත්තුරුන්ගේ ජීවිතේට මොකද වෙලා තියෙන්නේ. නිශ්චිත වැටුපක් තියෙනවා. නමුත් අතට ලැබෙන්නේ සොච්චම් මුදලයි. අර ණයටයි මේ ණයටයි කැපිලා ගියහම ජීවත්වෙන්න ඒ මුදල මදි. එයා කල්පනා කරනවා පාරේ යන කෙනාගෙන් කීයක් හරි ගන්න. ඒ ලැබෙන වැටුප ජීවත් වෙන්න මදි නිසා. ඒ වගේ ද දේශපාලනඥයො. ඒ අය ජීවත් වෙන්න ද හොරකම් කරන්නේ, නැහැ. මේ මිනිස්සු මහජනතාවගේ දේපළ හොරකම් කරන්නේ සැපට ඉන්න. ලංකාවේ ගෙවල් ද ඕස්ටේ්‍රලියාවේ ද ඇමෙරිකාවේ ද ගෙවල් ගන්න තමා මේ පොදු ජනතාවගේ දේවල් හොරකම් කරන්නේ.ඊළඟට බලන්න මේ පාලකයන් නඩත්තු කරන්න කොච්චර මුදලක් යනවා ද කියලා. රටේ මිනිස්සු දුක්ඛ දෝමනස්සයට පත්වෙලා. ජීවත් වෙන්න විදියක් නැහැ. කුසට අහරක් නැහැ. ලෙඩක් වුණහම බෙහෙත් ටිකක් ගන්න රෝහලේ බෙහෙත් පෙත්තක් නැහැ. වී ටික විකුණා ගන්න විදියක් නැහැ. ඒ වීවලට මුදලක් නැහැ. හැබැයි රටේ නායකයන්ට කොළඹ මාලිගා තියෙනවා, අනුරාධපුර, නුවර, නුවරඑළිය, අර පැත්තෙන් උඩවලව මාලිගා තියෙනවා. පාසිකුඩාවල තවත් මාලිගාවක් හදන්න යනවා. ජනාධිපතිවරයාට ආත්ම හතක් තියෙනවා ද නැත්නම් භූත ආත්ම හතක් තියෙනවා ද. මොකද නුවර එක භූත ආත්මයක් තියෙන විට අනිත් භූත ආත්මේ අනුරාධපුරේ ඉන්න. එහෙම නැහැ. ජනාධිපතිවරයා ගුවන් යානයෙන් එනවා රැස්වීමක් තියෙනවා නම් පැය දෙක තුනක් රැඳෙනවා ආයෙත් හෙලිකොප්ටරයෙන්ම කොළඹ යනවා. මේ ටික වෙලාවට නගරයක් නගරයක් ගානේ මාලිගා හදන්න ඕනේ ද?ජනාධිපතිවරයකුට ලේකම්වරු කීදෙනෙක් ඉන්නවා ද. පහුගිය කාලයේ මතක ඇති මිනිස්සු කිව්වා පඳුරකට ගහනවිට ජනාධිපති ලේකම් කෙනෙක් විසිවෙනවා කියලා. ඒ තරමට ජනාධිපති ලේකම්වරු හිටියා. මම පාර්ලිමේන්තුවේදී පහුගිය කාලයේ ප්‍රශ්නයක් ඇහුවා ජනාධිපතිවරයකුට කාර්ය මණ්ඩලයේ කීදෙනෙක් ඉන්නව ද කියලා. 1200ක් ඉන්නවා කියලා පිළිතුරු ලැබුණා. මේ අයට කැබ් එකයි, තිස් දාහක ඉන්ධනයි, හැටදාහක වැටුපකුයි ඩ්‍රයිවරුයි ලැබෙනවා. දැන් ඔය සමහරුන්ට කඬේ යන කෑගහන හාමුදුරුවරු කිහිපදෙනකුත් ඔය ගොෙඩ් හිටිය ද? කමක් නැහැ ඒවා පින් තකා කියමු. හැබැයි කවුරු හරි නැහැ කියනවා නම් මම නමත් එක්ක කියන්නම්.මේ ජනාධිපතිවරුන් මහජනතාවගේ දේපළ කෝටි ප්‍රකෝටි ගණනින් නාස්ති කළා. අපි එක් සහතිකයක් ලබා දෙනවා. ජනාධිපතිවරණයෙන් ජාතික ජන බලවේගය ජයග්‍රහණය කළායින් පසුව ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය සියයට අනූවකට වැඩි ප්‍රමාණයකින් කපා දමනවා. මේ මුදල් රෝහල්, පාරවල් දියුණුවට වගේම ගොවියාගේ වී ටික මිලදී ගැනීමටත් යොදවන්න පුළුවන්කම තියෙනවා. මේ රට හදන්න නම් උඩ ඉඳලම සුද්ධ කරන්න වෙනවා. මේ රටේ රාජ්‍ය ආයතනවලට මොකද වෙලා තියෙන්නේ අද. තමන්ගේ දේශපාලන හිතවතුන්ගෙන් මේ ආයතන පිරෙව්වා. අර්ජුන රණතුංග වරාය ඇමැතිවරයා වනවිට ඔහුගේ මල්ලි වරායේ සභාපති වෙනවා. අයියා වරාය ඇමැති නිසා මල්ලිට ඒ පිළිබඳව හසල දැනුමක් ඇවිල්ලා ද ඒ පත්කිරීම් සිදුකරන්න. ඊට පස්සේ වරායෙන් පෙට්ට්‍රෝලියම් ඇමැතිකමට අර්ජුන ඇමැතිවරයා මාරුවෙන විට ආයෙත් මල්ලි පෙට්ට්‍රෝලියම් එකේ සභාපති වෙනවා. සාගල වරායේ ඇමැති වනවිට ඔහුගේ අයියා කාවන් රත්නායකට වරාය පිළිබඳව හසල දැනුමක් ලැබෙනවා. ඒ නිසා ඔහු ඒකේ සභාපති කරනවා. අයියා ජනාධිපති වනවිට මල්ලි ටෙලිකොම් සභාපති වෙනවා. ඇයි මහින්ද මස්සිනා ජනාධිපති වනවිට ඔහුගේ අනෙක් මස්සිනා එයාර් ලංකා සභාපති වෙනවා. රටට මොකද වෙලා තියෙන්නේ. දේශපාලන ඥාතීන්ගෙන් රටේ රාජ්‍ය ආයතන ටික පිරිලා. ඒ විතරක් නොවෙයි දේශපාලන පත්වීම්වලින් රාජ්‍ය ආයතන ටික පුරවලා. ආයතනවලට ඔරොත්තු නොදෙන සේවකයින් ප්‍රමාණයක් දාපු නිසා රාජ්‍ය ආයතන සියල්ලම කඩා වැටිලා. ඒ නිසා මේ රාජ්‍ය ආයතනවල විශාල බරක් පොදු ජනතාවට දරන්න සිදුවෙලා තියෙනවා.එයාර් ලංකා එකේ විතරක් ගිය අවුරුද්දේ මිලියන 40,000ක වැය බරක් රටේ ජනතාවට දරන්න සිදුවෙලා. දුප්පත් ජනතාවට සමෘද්ධිය දෙන්නම පසුගිය කාලයේ වැය වුණේ කෝටි 1500ක් විතරයි. මේවා ජනතාව දරන්න ඕනේ ද. අපි මේ රාජ්‍ය ආයතන යම් ප්‍රතිසංවිධානයක් කරනවා. මම අමාත්‍යාංශයක් දරුවා. වැඩිම ආයතන සංඛ්‍යාවත් තිබුණ. අපි ඒ ආයතනවලට පත් කළේ ඒ සම්බන්ධව විශේෂඥ දැන්මක් තිබූ පුද්ගලයන්. රුපියල් මිලියන පනහක බැංකු අයිරාවකින් තමා මිල්කෝ ආයතනය දිව්වේ. අපි ආයතනය ලබාගෙන මාස දාහතරකින් එළියට එනවිට රුපියල් මිලියන 200ක ස්ථාවර තැන්පතුවක් හදලයි අපි එළියට ආවේ. ලංකාවේ පළවැනි වතාවට මිල්කෝ ආයතනයට කිරි දීපු ගොවියන්ටම ලාභාංශ වශයෙන් බෝනස් ගෙව්වා. අද මොකද වෙලා තියෙන්නේ විකුණපු කිරි ටිකට සල්ලි දෙන්නේ නැහැ. එදා ලීටරයකට රුපියල් දෙකයි ශත හැත්තෑ පහක් වසර අවසානයේ බෝනස් විදියට ගොවියාට ලබාදුන්නා. අද මොකද වෙලා තියෙන්නේ. එහෙනම් කොයි පාලනය ද හොඳ වෙලා තියෙන්නේ. එහෙමයි පාලනය ගොඩනගන්න ඕනේ.දේශපාලනය අයින් කරලා හොඳ කළමනාකරණයක් ලබාදෙනවා නම් ඕනෑම ආයතනයක් ගොඩනගන්න පුළුවන්. අද වී අලෙවි මණ්ඩලයට මොකද වෙලා තියෙන්නේ කෝටි, ප්‍රකෝටි ගණනක් පාඩු ලබන ආයතනයක් බවට පත්වෙලා. මොකක්ද කරන්නේ ගොවි ජනතාවගේ වී ටික ගන්නවා, ගබඩාවල ඒ වී ටික ගබඩා කරනවා. ඊට පස්සේ ගත්ත මිලටත් වඩා මෝල්කාරයන්ට ඒ වී ටික විකුණනවා. එතකොට ආයතනය පාඩු ලබන් නැද්ද. පාඩු ලබන්නේ නැත්තම් තමා පුදුමේ. වී ටික අරගෙන ගබඩාවලින් විකුණන්න බැරි ආණ්ඩුවක් ද මේ. 1994 ඉඳලා වී අලෙවි මණ්ඩලය පාඩු ලබන ආයතනයක් බවට පත්වෙලයි තියෙන්නේ. මහා භාණ්ඩාගාරයෙන් හැමදාම සල්ලි දෙනවා. මේවා අපේ පාසල්, රෝහල් හදනන තියෙන සල්ලි, ලෙඞ්ඩුන්ට බෙහෙත් පෙත්තක් ගන්න තියෙන සල්ලි. මේ පාඩු ලබන සියලු රාජ්‍ය ආයතන ලාභ ලබන ආයතන බවට පත් කිරීමට හැකියාව තියෙන්නේ අපට විතරයි.හැත්තෑවේ ඇවිදින් කියනවා හා දුප්පත් නේද කන්න නැහැ නේද මම හඳෙන් හාල් ගෙනැවිත් දෙන්නම් කියලා. හැත්තෑ හතේ ඇවිදින් කිව්වා කන්න නැහැ නේද? පෝෂ්‍යදායී ආහාරවේලක් නැහැ නේද? මම ආවම ධාන්‍ය රාත්තල් අටක් දෙන්නම් කිව්වා. දුප්පත් භාවය වික්කා. අසූ නවයේ ප්‍රේමදාස මහත්තයා කිව්වා සෙරෙප්පු දාන කකුල්වලට සපත්තු දෙන්නම්, බත් කෑවට පස්සේ ගස්ලබු කෑල්ලක් කන්න ආර්ථිකයක් හදන්නම් කියලා. 94 චන්ද්‍රිකා බණ්ඩාරනායක නෝනා කිව්වා තුනයි පනහට පාන් ගෙඩිය දෙන්නම් කියලා. ඔය අය අදත් ඇවිදින් කියන්නේ ඔය දේම නේද. අපි සමෘද්ධිය වැඩි කරන්නම්, තහඩු ටිකක් දෙන්නම් කියලා. ඉතිහාසයේ හැම දේශපාලකයෙක්ම මේ දුප්පත් භාවය විකුණලා තමා බලය ලබා ගත්තේ. හැබැයි අපි පාලනයක් හදන්නේ දුප්පත් භාවය විකුණන්න නෙවෙයි, දුප්පත් භාවය තුරන් කරන්න.අපට මතකයි අපේ පොඩි කාලයේ වට්ටක්කා වැලේ ලොකුම වට්ටක්කා ගෙඩිය වැල මැරෙනකම් ඉතුරු කරලා තියනවා. ඒ වළ මැරුණට පස්සේ ගෙනැල්ලා කපලා ඇට ටික අරගෙන වහලේ එල්ලා තියනවා බීජවලට ගන්න. අද වට්ටක්කා බීජ ගන්නේ එහෙමද. අපේ බඩඉරිඟු බීජ හදාගත්තේ කොහොමද. ගහා මැරෙනකම් කරල තියාගෙන ඉඳලා උඩ එල්ලා තියලා බීජවලට ගත්තා. දැන් එහෙම කරනවාද. ඉස්සර ලොකු අක්කා කෙනකු දැකපුවාම කියන්නේ ඒ අක්කා නම් වට්ටක්කා ගෙඩිය වගේ කියලා. දැන් තියෙනවාද ලොකු වට්ටක්කා. දැන් තියෙන්නේ මෙනවාද මීමිනි වට්ටක්කා. අපේ බීජ ටික නැති කළා, ඒ නිසා මුළුමනින්ම බීජ ටික කඩෙන් ගන්න සිදුවණා. හිටපු පාලකයෝ අපේ තිබුණු බීජ සම්පතම අහිමි කරලා දාලා. අද බහුජාතික සමාගම්වල පදේට නටන්න වෙලා.මහඉලුප්පල්ලම ගොවිපොළෙන් මිරිස් බීජ නිෂ්පාදනය කළා. අද මොනා ද මේ ගොවිපොළේ දකින්න ලැබෙන්නේ ඉපිල් ඉපිල්. චීන ගොවිපොළ තිබ්බා. ඒක සී.අයි.සී. කාරයට විකුණුවා. හිඟුරක්ගොඩ අක්කර දෙසිය ගාණක වී වගා කළා බීජවලට. ඒකත් විකුණලා දැම්මා. අපේ බීජ පර්යේෂණ ආයතන විනාශ කළා, බීජ ගොවිපොළවල් විනාශ කළා. ඉතින් මේ අයට කෘෂිකර්මාන්තය ගොඩගන්න පුළුවන්ද. අපි බලයට පැමිණි පසු නැවත පාරම්පරික බීජ සම්පත වර්ධනය කරලා ඒවා ගොවි ජනතාවට ලබාදෙන වැඩපිළිවෙළක් සකස් කරනවා, ඒක අපිට කරන්න පුළුවන්. මහවැලි ව්‍යාපාරය හදනවිට කිව්වා කන්න තුනක් වගාකරන්න පුළුවන් කියලා. මහවැලි වතුර ගේනවිට අතරමැදි වැව් පද්ධතියක්ම විනාශ කළා. මේක වැව් බැඳි රාජ්‍යය අපේ රටේ වැව් 32,000ක් තිබුණා. ඒකෙන් වැඩිම ප්‍රමාණයක් තිබුණේ උතුරුමැද පළාතේ. මේ වැව් 32,000න් දැන් ඉතිරි වෙලා තියෙන්නේ 14,000ක් විතරයි.වැව් සම්පත විනාශ කරනවිට කීවා කඳුකරයෙන් ජලය ගෙනැවිත් දෙනවා කියලා. කලා වැවට වතුර දෙනවිටත් කිව්වා කන්න තුනක් වගාකරන්න වතුර ඇති කියලා. මේ යල කන්නයට මොකද වුණේ එච් කලාපයට. වතුර නැහැ. මොකක්ද සිදු වුණේ. අපේ වර්ෂාපතනයේ අඩුවීමක් තිබුණේ නැහැ. අපි මාස් කන්නය වගාකරලා ඉපනැල්ලට කවුපි ගැහුවා දින හතළිස් පහයි. ආපසු යල කන්නයට වී වැපිරුවා. අද එක කන්නයි. මේකයි සිද්ධවෙලා තියෙන්නේ. අපේ වාරිමාර්ග පද්ධතිය සුනු විසුනු කළා පාලකයෝ. අපි ඔක්කොම එකතු වුණොත් වසර 71ක් රට විනාශය කරා ඇදගෙන ගිය පාලනය අවසන් කරන්න පුළුවන්කම තියෙනවා. අපේ මිනිස්සුන්ට සැනසුම, සතුට තියෙන මාවතකට ගෙන එන්න වුවමනායි. අන්න ඒකට දැන් අවස්ථාව උදාවෙලා තියෙනවා. ඒ නිසා නොවැම්බර් 16 වැනිදා අපි ඔක්කොම එකතුවෙලා ජයග්‍රාහී තීන්දුවක් ගනිමු. වසර හැත්තෑ එකක මේ ගමන් මග වෙනුවට සුබදායි දේශපාලන තීන්දුවක් රට වෙනුවෙන් ගැනීමට ජාතික ජන බලවේගය සමග එකතු වී කටයුතු කරමු.” යැයි ද අනුර දිසානායක මහතා කීවේය. ජනතා විමුක්ති පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් නායක හිටපු පළාත් සභා මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතා සහ කලාකරුවන්, විද්වතුන් ඇතුළු පිරිසක් මෙම ජන හමුව ඇමතූහ.මෙම අවස්ථාවට ජාතික විද්වත් සංවිධානයේ සභාපති කැලණිය විශ්වවිද්‍යාලයේ සමාජීය විද්‍යා පීඨයේ පීඨාධිපති මහාචාර්ය චන්දන අබේරත්න, නීතිඥ උපුල් කුමාරප්පෙරුම, එක්සත් වාමාංශික පෙරමුණේ ප්රධාන ලේකම් අධිනීතිඥ ලාල් විජේනායක, රංගන ශිල්පීන් වන දීපානි සිල්වා, චන්ද්‍රසෝම බිංදුහේවා, ජගත් මනුවර්ණ, සමනලි ෆොන්සේකා, සම්මානනීය සාහිත්‍යවේදී ජයතිලක කම්මැල්ලවීර, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ මහාචාර්ය සාහිත්‍යවේදී ලියනගේ අමරකීර්ති යන මහත්ම මහත්මීහුද සහභාගී වූහ.
|
“අපි දුප්පත්කම විකුණන්නේ නෑ“
| 0 |
(නාලක සංජීව දහනායක,ඡායාරූප ගයාන් අමරසේකර)දේශපාලනඥයන්ට පමණක් රට පාලනය කිරීමට ඉඩනොදී රාජ්‍ය පාලනයට විද්වතුන් සක‍්‍රීයව මැදිහත් විය යුතු යැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පෙරේදා (4) පැවසීය.රාජ්‍ය සේවකයන් බියවැද්දීම නිසා සංවර්ධනය සම්පූර්ණයෙන්ම නතරවී තිබෙන බවත්, රාජ්‍ය සේවකයන් හිරේ යෑම ගැටලූවක් බවත් කී රාජපක්ෂ මහතා තම පාලන කාලය තුළදී රාජ්‍ය සේවකයන්ට නිදහසේ වැඩ කිරීමට ඉඩ දුන් බවත් සෑම විටම ඔවුන් ආරක්ෂා කළ බවත් සඳහන් කළේය.බොරලැස්ගමුව, ගෝල්ඩන් රෝස් හෝටලයේ පෙරේදා (4) පැවැති වියත්මඟ සංවිධානයේ වාර්ෂික සමුළුව අමතමින් හිටපු ජනාධිපතිවරයා එසේ පැවසීය.එහිදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙස්ද කීය.සමහරු හිතාගෙන ඉන්නේ පොලීසියත් හිරගෙයත් තිබුණම රටක් පාලනය කළ හැකියි කියලයි. එහෙම රටක් පාලනය කරන්න බැහැ. ඒ නිසා ඇමැතිගේ අනුමැතියක් නැතුව තීන්දු ගන්න අද රජයේ සේවකයන් බයයි. රාජ්‍ය සේවය බියවැද්දුවාම රට සංවර්ධනය වෙන එක එහෙමපිටින්ම නතර වෙනවා. මේ වන විට රජයේ සේවකයෝ දෙදහසකට වැඩි පිරිසකගෙන් එෆ්.සී.අයි.ඞී. එක ප‍්‍රශ්න කරල. රාජ්‍ය සේවකයන් හිරේ යෑම ගැටලූවක්. දේශපාලනඥයන් හිරේ ගියාට කමක් නැහැ. රටේ වෙන දේවල් ගැන පාලකයන් දැනගෙන ඉන්න ඕන. ජනතාවට පොරොන්දු දීලා සමයංටයි, ලොක්කෙටයි එකතුවෙලත් ආණ්ඩුකරන්න පුළුවන්. රටේ වෙන සිදුවීම් පත්තරවලින් දැනගන්න පාලකයන් වැඩක් නැහැ. රාජ්‍ය සේවකයන් කරන දේවල් වැරදි දේවල් නොවෙයි. අපි එදා රාජ්‍ය සේවකයන්ට වැඩ කරන්න නිදහස දුන්නා. අපේ කාලේ අපි රාජ්‍ය සේවකයන් ආරක්ෂා කළා.මට මතකයි තරුණයන් හමුදාවට බෙදන්න අදිමදි කළ යුගයක් තිබුණා. ඒ නිසා රට රකින්න හමුදා සේවයට බැඳෙන්න කියලා මම තරුණයන්ට ආයාචනය කළා. ඒ අනුව යෝෂිත කිව්වා එයාටත් හමුදාවට බෙදන්න ඕන කියලා. රටවෙනුවෙන් හමුදාවට බැඳෙන්න කියලා රටේ දරුවන්ගෙන් ඉල්ලීම් කරල මට මගේ දරුවව ගෙදර තියාගෙන ආරක්ෂා කරගන්න බැහැ. ඒ නිසා මම යෝෂිතට හමුදාවට බෙදන්න ඉඩ දුන්නා. මැරෙන්න මොන සුදුසුකම් ද? ඒත් එදා සමහරු යෝෂිතගේ සුදුසුකම් ගැන ඇහුවා.අපි එදා යුද්ධය මෙහෙයවද්දී මේ රටෙන් වගේම විදේශයන්ගෙනුත් නොයෙකුත් බලපෑම් ආවා. ඒත් අපි එදා ඒවාට මුහුණ දුන්නා. රට ලබාගත් ජයග‍්‍රහණ ආපසු හරවන්න දෙන්න බැහැ. රට කෑලිවලට කඩන්න අපි ඉඩ දෙන්නේ නැහැ.දේශපාලනඥයන්ට විතරක් මේ රට පාලනය කරන්න දෙන්න බැහැ. රාජ්‍ය පාලනයට විද්වතුන් සක‍්‍රීයව මැදිහත් වෙන්න ඕන. එවිට දියුණු රටක් ගොඩනැඟීමට හැකියාව ලැබෙනවා යැයි පැවසීය.හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මෙසේ පැවසීය.අපේ රටේ උගත් බුද්ධිමත් සියලූම දෙනාම රාජ්‍ය පාලනයට සම්බන්ධ විය යුතුයි. රාජ්‍ය පාලනයට සම්බන්ධ වන සියලූම දෙනා දේශපාලනයට සම්බන්ධ විය යුතු බව අපි විශ්වාසකරන්නේ නැහැ. පසුගිය වසර නවයේදී අපි යම් ප‍්‍රමාණයකට මේ දේවල් ක‍්‍රියාත්මක කළා. මගේ අමාත්‍යාංශය තුළ වැඩකිරීමේදී විද්වතුන්ගේ අදහස්වලට ඉඩ දුන්නා. ඒ නිසා රටේ විශාල වෙනසක් කරීමට අපිට හැකියාව ලැබුණා. විද්වතුන්ගේ අදහස්වලට ඉඩනොදෙනවා නම් අපිට කවදාවත් දියුණු වෙන්න බැහැ. මේ රටේ රාජ්‍ය අංශය නොදකින දේවල් පුද්ගලික අංශය දකිනවා. ඇවන්ගාඞ් ව්‍යාපාරය ආරම්භ වුණේ එහෙමයි. ඒ ව්‍යාපාරය ආරම්භ කිරීමත් සමඟම විදේශ විනිමය විශාල වශයෙන් අපේ රටේ ඉතුරුවුණා. අද ඔවුන්ගෙනුත් එෆ්.සී.අයි.ඞී. එක ප‍්‍රශ්න කරනවා.අපේ රටේ තිබෙන නීති රීති අනුව තීරණ ගත්තත් නොගත්තත් හිරේ යනවා. මේ වගේ රාජ්‍ය තන්ත‍්‍රයක් තුළ රටක් ඉදිරියට ගෙනියන්න බැහැ. නිලධාරීන්ට තීරණ ගැනීමේ ශක්තිය දිය යුතුයි. විද්වතුන්ගේ, වෘත්තීයවේදීන්ගේ දැනුම ලබාගත්තේ නැත්නම් කවදාවත් අපිට නිර්මාණශීලී ගමනක් යන්න බැහැ. අද නිලධාරීන් තීරණ ගන්න බයයි. තීරණ ගන්න පුද්ගලයන්ට එරෙහිව විවිධ බාධාවන් ක‍්‍රියාත්මක වෙනවා. ඒ කාලේ මට හිතුණා දියත උයනේ මාර්ගවල ත‍්‍රීඞී චිත‍්‍ර අඳින්න ඕන කියලා. ඒ වැඬේ කරන්න නිලධාරීන් මට තරුණයකු හොයල දුන්නා. අපි තීන්ත අරන් දුන්නා. ඔහු ගාස්තු අයකිරීමකින් තොරව ඉතාම හොඳට මට ඒ වැඬේ කරලා දුන්නා. ඒ තරුණයාගෙන් පවා එෆ්.සී.අයි.ඞී. ය ප‍්‍රශ්න කරලා.යමක් කිරීමේදී තමන් කරන වැඬේ ඉහළ ප‍්‍රමිතියෙන් කරන්නත් ඕන. විශේෂයෙන්ම නාගරික සංවර්ධනයේදී නිලධාරීන්ට නිර්මාණශීලීව වැඩ කරන්න ඉඩ දෙන්න ඕන. අලූතෙන් හිතන්න දෙන්න ඕන. නීති රීතිවලින් ඔවුන්ව බැඳ තැබීම සුදුසු නැහැ. හොඳම උදාහරණය තමයි ෂැංග‍්‍රිලා හෝටල් ව්‍යාපෘතිය. ඒ ව්‍යාපෘතිය ආරම්භ කරන්න අයෝජකයන් ඉල්ලා සිටියේ කොළඹ යුද හමුදා මූලස්ථානය පිහිටි භූමියයි. නමුත් ඒ භූමිය ලබාදීම මට ප‍්‍රශ්නයක් වුණා. යුද හමුදා මූලස්ථානය බත්තරමුල්ල අකුරේගොඩ ප‍්‍රදේශයේ ඉදිකරන්න වසර ගණනාවකට පෙර ජේ.ආර්. ජයවර්ධන හිටපු ජනාධිපතිතුමා සැලසුමක් හදල තිබුණත් මුදල් නොමැති කමින් වසර ගණනාවක් ඒ ව්‍යාපෘතිය නතරවෙලා තිබුණා. ෂැංග‍්‍රිලා ව්‍යාපෘතියෙන් ලැබුණ මුදල් යොදවා අකුරේගොඩ ප‍්‍රදේශයේ යුද හමුදා මූලස්ථානය ඉදිකිරීම ආරම්භ කළා. මේ වැඩ ටික කරන්න අපිට ගතවුණේ හරියටම සතියයි. ඒ නිසා ආයෝජනයට ඉතාම සුදුසු රට ලංකාව බව ෂැංග‍්‍රිලා ව්‍යාපාරයේ සභාපතිවරයා නිතරම කිව්වා.යුද්ධයේදී රණවිරුවන්ගේ ඉදිරි ගමන නවත්වන්න නොයෙකුත් බාධකයන් ඉදිකර තිබුණා. ඒ කාලෙදි නිතරම අහන්න ලැබුණේ අගලක් හා බැම්මක් කියන වචන දෙකයි. මේ බාධක කඩාගෙන තමයි රණවිරුවන් ඉදිරියට ගමන් කළේ. තමන් තුවාල වෙන බව හෝ තමන් මැරෙන බව ඒ බාධක කඩාගෙන ඉදිරියට යන සෙබළා දන්නවා. ඉදිරි පරම්පරාව වෙනුවෙන් අපේ රට යහපත් මාර්ගයකට ගෙන ඒමට ඔහු තමන්ගේ ජීවිතය පූජා කළා. යුද්ධයෙන් අතපය අහිමිවූ සෙබළුන් තවමත් මේ සමාජයේ ජීවත් වෙනවා.අපේ රටේ ඉන්න විවිධ ක්ෂේත‍්‍රයන් නියෝජනය කරන විද්වතුන්ට එකට එකතු වෙලා තමන්ගේ අදහස් බෙදා හදාගන්න තිබෙන අවස්ථා අඩුයි. අපි වියත්මඟ සංවිධානය බිහි කළේ ජීවත් වීමට සුදුසු රටක් සකස් කිරීමටයි. ඉදිරියේ බිහිවන රජයක තනතුරු ගන්න බලාපොරොත්තුවක් නැතැයිද පැවසීය.විශ‍්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා මෙසේ පැවසීය.අපිට උදේ ඉඳන් ? වෙනකම් ඇහෙන්නේ සංහිඳියාව කියන වචනයයි. අද මේ වචනය ගැන කතා කරන නායකයන්ට වඩා අපි ඒ වෙනුවෙන් විශාල කැපකිරීමක් කළා. මේ රටේ විසිහත් වසරක් දරුණු යුද්ධයක් තිබුණා. අපි නිවැරැදි නායකත්වයක් යටතේ මේ යුද්ධය අවසන් කළා. ඒකට දැන් අයිතිකාරයන් ගොඩක් ඉන්නවා. අපි සටන්බිමේ ගහ ගත්තා. සිවිල් සංවිධාන, ආගමික නායකයන් ඇතුළු මේ රටේ ජනතාව නිරන්තරයෙන්ම අපිට ආශීර්වාද කළා. මේ ජයග‍්‍රහණය ඒ සියල්ලන්ටම අයිතියි.යුද්ධය පටන් ගත්ත කාලේ හමුදාවට බොහෝ පරාජයන් අත් වුණා. මම ජයග‍්‍රාහී යුද හමුදාව වගේම ඒ පරාජිත හමුදාවත් නියෝජනය කළා. නමුත් මේ රටේ ක‍්‍රියාත්මක වූ සිවුවන ඊළාම් යුද්ධය තමයි රටේ මහා පෙරළියක් කළේ. අපිට පතුරමේ සිට මිසයිලය දක්වා සියලූම දේවල් ලැබුණා. සෙබළුන්ගේ චිත්ත ශක්තිය වැඩි කළා. මාවිල්ආරු සිට නන්දිකඩාල් කළපුවේදී ප‍්‍රභාකරන් අවසන් කරන තුරු යුද්ධයට ලැබුණ නායකත්වය ගැන මට කියන්න වචන නැහැ. ළ`ගදී එක නායකයෙක් කියලා තිබුණා එයා යුද්ධයෙන් සියයට අසූවක් ඉවර කළා කියලා. නමුත් ඒ කාලේදි හමුදාවට සියයට අසූවකට වඩා වැඩි දේවල් නැති වුණා.යුද්ධයේදී රණවිරුවන් කළ කැපකිරීම අනන්තයි අප‍්‍රමාණයි. අප ලැබූ අපහාස හා උපහාසත් ඒ වගේමයි. යුද්ධය පැවැති අවසන් අවුරුදු දෙකයි මාස දහයක කාලයේදී නිලධාරීන් හා සෙබළුන් 5900ක් මිය ගියා. අවසන් වසර තුනේදී සෙබළුන් හා නිලධාරීන් 2900ක් තුවාල ලැබුවා. ඉන් 1000ක් පමණ බරපතළ තුවාල ලැබුවා. පොඞ්ඩක් හිතන්න වයස අවුරුදු 18දී යුද හමුදාවට බැඳුණ තරුණයෙක් අවුරුදු 20 දී අබාධිත තත්ත්වයට පත් වුණොත් ඉතිරි මුළු ජීවිත කාලයම ඔහු ඉන්නේ ඇඳක් උඩ. ඒ දරුවාව දකින වාරයක් වාරයක් පාසා ඔහුගේ දෙමාපියන් මැරි මැරී උපදිනවා. එහෙම කැප කිරීමක් කරල ලබාගත් ජයක් මේක.2009 මැයි 19 වැනිදා උදේ 10.30 ට නන්දිකඩාල් කළපුවේදී ප‍්‍රභාකරන් හා ඔහුගේ ත‍්‍රස්තවාදී සඟයන් මෙලොවින් තුරන් කිරීමත් සමඟම ත‍්‍රස්තවාදය මේ භූමියෙන් සියයට සියයක්ම තුරන් කරලා දැම්මා. අපි ත‍්‍රස්තවාදීන් 6000ක් අත්අඩංගුවට ගත්තා. තවත් ත‍්‍රස්තවාදීන් හයදහසක් සිවිල් වැසියන් අතර සැඟවී සිටියදී අත්අඩංගුවට ගත්තා. මට මතක විදියට ත‍්‍රස්තවාදීන් 12,200ක් පුනරුත්ථාපනය කළා. ඔවුන් අද සිවිල් සමාජයේ අනෙකුත් සිවිල් වැසියන් සමඟ උරෙනුර ගැටෙමින් ජීවත් වෙනවා. ප‍්‍රභාකරන් මරාදාපු දවසේ ඉඳලා මේ රටේ බෝම්බ පිපුරුණේ නැහැ. ත‍්‍රස්තවාදී ක‍්‍රියා වාර්තා වුණේ නැහැ. පාතාලය හා එක එක්කෙනාගේ හෙංචයියන් තමයි බෝම්බ පිපිරුවේ, තුවක්කු පත්තු කළේ.මම අත්දැකීම් සහිත නිලධාරියෙක්. බුද්ධි අංශය තමයි හමුදාවක විශාලතම සම්පත. අද බුද්ධි අංශ අකර්මණ්‍ය කරලා. දැන් රට යන තත්ත්වය එතරම් සුබ නැහැ. 2010 වසරේ සිට 2014 වසර දක්වා මහාවීර දිනයට පහනක් පත්තු කරන්න අපි ඉඩ දුන්නේ නැහැ. රට බෙදන්න ක‍්‍රියාකළ ත‍්‍රස්තවාදීන් මහා වීරයන් වෙන්නේ කොහොමද?. නමුත් කියන්න කනගාටුයි 51 වැනි සේනාංකය ඉදිරිපිට මහාවීර දිනය සමරනකොට ඒ නිලධාරීන් ඔහේ බලාගෙන හිටියා. සාම්පූර් නාවික හමුදා කඳවුරේදී නැගෙනහිර පළාත් මහ ඇමැතිවරයා නාවික හමුදා නිලධාරියකුට බැණ වැදුණා. ඒ නාවික හමුදා නිලධාරියා එතැනදී කටයුතු කළේ සංහිඳියාව අනුවයි. සිලාවතුර නාවුක හමුදා කඳවුරට පොලිස් ආරක්ෂාව ලබාදී තිබෙනව කියන ප‍්‍රවෘත්තිය තමයි මම මගේ ජීවිතයේදී අහපු අමිහිරිම ප‍්‍රවෘත්තිය. එමෙන්ම අබාධිත සෙබළුන්ට කොළඹදී පහර දීම තමයි මම දැකපු හිරිකිතම දර්ශනය. අපි නිල ඇඳුම් ඇඳපු සොල්දාදුවෝ. තවමත් ඒ නිල ඇඳුමේ උණුසුම අපිට දැනෙනවා. මේව දකින කොට අපිට හරි කළකිරීමක් දැනෙනවා. අපි හදවතින් හඬාවැටෙනව.ඊනියා සංහි`දියාවක් හදලා රට බෙදන්න සූදානම් වන විට ඒකට එරෙහිව නැඟී සිටීම අපේ යුතුකමක්. ඒක නූපන් පරපුරට අපි කරන ලොකුම මෙහෙවරක්. අපි ලබාගත් ජයග‍්‍රහණය පාවාදෙනවා නම් අපේ නම් දේශද්‍රෝහී ලැයිස්තුවේ ඉහළින්ම සඳහන් කරන්න ඕන. ඒ නිසා බලය බෙදීමෙන් රටට හානියක් වෙනවා නම් අපි නැඟී සිටිය යුතුයි. අද වන විට ටිබෙට් ජාතික එස්. මහින්ද හාමුදුරුවෝ ජීවත්වෙලා හිටිය නම් උන්වහන්සේත් අද ජාතිවාදී ලැයිස්තුවට ඇතුළත් වනවා යැයි පැවසීය.ප‍්‍රවීණ දේශපාලන විචාරක ආචාර්ය දයාන් ජයතිලක මහතා මෙසේ පැවසීය.වෙනස්වන ලෝකයේ අද වනවිට ලංකාව ස්ථානගතවී තිබෙන්නේ කොතැනද?. ලංකාව අසාර්ථක රාජ්‍යයක් බව විදේශ අමාත්‍යවරයා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් මණ්ඩලය අමතමින් ප‍්‍රකාශ කළා. මගේ ජීවිත කාලයේදී නම් ලංකාව එවැනි අවනම්බුවක් විඳ නැහැ. ලංකාවට ලෝකයේ ගෞරවනීය ස්ථාන හිමිවූ යුග තුනක් තිබුණා. පළමු යුගය තමයි 1956 සිට 1979 දක්වා වූ කාලය. දෙවැනි යුගය තමයි චන්ද්‍රිකා මැතිනිය යටතේ ලක්ෂ්මන් කදිර්ගාමර් මහතා ලංකාවේ විදේශ ප‍්‍රතිපත්තිය මෙහෙය වූ යුගය. අනතුරුව මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පළමු ධුර කාලයේදී ජාතික අවශ්‍යතාවන් අනුව අපේ විදේශ ප‍්‍රතිපත්තිය මෙහෙය වූ යුගයයි.ලංකාවට ලෝකයේ නම්බුකාර තත්ත්වයක් ස්ථාවරව පවත්වාගෙන යන්නේ කෙසේද. ලංකාව කුඩා දුපතක්. මේ භූගෝලීය පිහිටීම නිසාම අපේ දෛවය හුදු දේශීය සාධකවලින් නිර්මාණය වූවක් නොවෙයි. ජාතික හා ජාත්‍යන්තරය කියන සම්බන්ධතා අතර තිබෙන්නේ ඉතාම සියුම් පටලයක්. ජාත්‍යන්තරයට ජාතික වශයෙන් පිළිතුරු දෙන්න බැහැ. අපේ ජාතික අවශ්‍යතාවන්වලට ලෝකය යටකරන්න දෙන්න බැහැ. ලෝකයට අපිව යටකරන්න දෙන්නත් බැහැ.මේ සමාජය ප‍්‍රබුද්ධ යැයි කියා සිතන පුද්ගලයන්ගේ දේශපේ‍්‍රමයක් නැහැ. ඔවුන් ජාත්‍යන්තර දැනුමට පිටුපාල, දුපත් මානසිකත්වයෙන් ඉන්නේ. අපි මේක වෙනස් කරන්න ඕන. මේ දේශපේ‍්‍රමය දියුණු දේශපේ‍්‍රමයක් වෙන්න ඕන. අපේ සංස්කෘතිය ලෝක සංස්කෘතියේ කොටසක් කරගන්න ඕන. අපේ ජාතිකත්වය ජාත්‍යන්තරයට පහදා දෙන්න අපිට පුළුවන් වෙන්න ඕන. ඒක තමයි ප‍්‍රබුද්ධ දේශපේ‍්‍රමය කියන්නේ. එහෙම ප‍්‍රබුද්ධ දේශපේ‍්‍රමීන් ලංකාවේ ඉඳලා තියෙන බවද පැවසීය.ආචාර්ය නාලක ගොඩහේවා, අරූන් තම්බි මුත්තු, නීතිඥ පේ‍්‍රමනාත් දොළවත්ත, ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා, නීතිඥ ශ්‍රීමාල් විජේසේකර, වෛද්‍ය සීතා අරඹේපොළ, ප‍්‍රවීණ කලාකරු සුදත් රෝහණ යන මහත්ම මහත්මීහු ද මෙහිදී අදහස් දැක්වූහ.මෙම අවස්ථාවට ඩලස් අලහප්පෙරුම, මහින්ද යාපා අබේවර්ධන, ගාමිණී ලොකුගේ, රෝහිත අබේගුණවර්ධන, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර, රමේෂ් පතිරණ යන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ද, හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා, හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල්, මහාචාර්ය ජී.එල්. පීරිස්, හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී බැසිල් රාජපක්ෂ මහත්වරුද, ඇල්ලේ ගුණවංශ, බෙංගමුවේ නාලක, මුරුත්තෙට්ටුවේ ආනන්ද, ගලගම ධම්මරංසි හිමිවරුද කලාකරුවන් ඇතුළු වෘත්තිකයෝ විශාල පිරිසක්ද සහභාගී වූහ.
|
’දේශපාලකයන්ට විතරක්ම රට පාලනය කරන්න ඉඩදෙන්න එපා’ දේශපාලකයන් හිරේ ගියාට කමක් නෑ: ඒත් රජයේ සේවකයන්ට එහෙම වෙන්න දෙන්න බෑ
| 1 |
(ඩයනා උදයංගනී)ජිනීවා නුවර පැවති මානව හිමිකම් කොමිසමට ගෝලීය ශ්‍රී ලාංකික සංසදය නියෝජනය කරමින් තමන් ඇතුළු පිරිසක් සහභාගී වූයේ ශ්‍රී ලංකාවට එල්ල වී ඇති චෝදනා අසත්‍ය ඒවා බව සාක්‍ෂි සහිතව ඔප්පු කිරීමට මිස දේශපාලන වාසියක් බලාපොරොත්තුවෙන් නොවේ යැයි රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පෙරේදා (10) පැවසීය.ශ්‍රී ලංකා රජය මානව හිමිකම් කොමිසමේ යෝජනාව පිළිගැනීමේ ප‍්‍රතිඵලයක් ලෙස ව්‍යවස්ථාවක් මගින් රට දෙකඩ කිරීමට සිදුව ඇතැයි කී සරත් වීරසේකර මහතා එයට ඡන්දය ලබාදෙන මන්ත‍්‍රීවරුන්ට විශාල වශයෙන් මුදල් ලබාදීමට දෙමළ ඩයස්පෝරාව කටයුතු කරගෙන යන බවට තොරතුරු ඇතැයි ද කියා සිටියේය.රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා මේ බව පැවසුවේ නාවල, රාජගිරිය පාරේ පිහිටි ජාතික සංවිධාන සම්මේලන මූලස්ථානයේදී පෙරේදා (10) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා මෙසේ ද කියා සිටියේය.”අපි මෙවර ජිනීවා සමුළුවට සහභාගී වුණා. මේ ජිනීවා යෝජනාවට පාදක වුණේ මානව හිමිකම් කොමසාරිස් සෙයිඞ් අල් හුසේන්ගේ වාර්තාවයි. ඒ වාර්තාව මත පාදක වී මේ ජිනීවා යෝජනාව සකස් කර තිබෙනවා. වත්මන් රජය මේ දිනවල එකින් එක කරගෙන යන්නේ ජිනීවා යෝජනාවේ ඇති කරුණුයි.අතුරුදන්වීමේ කාර්යාල පනත, බලහත්කාරයෙන් අතුරුදන් කිරීමේ පනත, ව්‍යවස්ථා සංශෝධනය ආදී සියල්ලක් කෙරෙන්නේ ජිනීවා යෝජනාව අනුවයි. මේ ජිනීවා යෝජනාවට පදනම් වූ සෙයිද් අල් හුසේන්ගේ වාර්තාව අසත්‍ය ඒවා බව අපි මේ කොමිසමේදී කරුණු සහිතව ඔප්පු කළා. එහි ඇති චෝදනා අන්තර්ගත වාර්තාව අපේ විදේශ අමාත්‍යාංශයට ආවේ ජිනීවා යෝජනාව ඉදිරිපත්වීමට දින 10කට පෙරයි. අපේ විදේශ අමාත්‍යාංශය කිසිම විමර්ශනයක් නැතිව අගය කරමින් පිළිගෙන අපිට එරෙහි මේ යෝජනාවට සම අනුග‍්‍රාහකත්වය දක්වා තිබෙනවා.ගෝලීය ශ්‍රී ලංකා සංසදය තමයි මෙයට විරුද්ධව අදහස් දැක්වීම සඳහා අපිට අනුග‍්‍රාහකත්වය ලබාදුන්නේ. එක්සත් ජාතීන්ගේ සංගමයේ ලියාපදිංචි වී ඇති එංගලන්තයේ බර්මිංහැම් නුවර කස්සප හාමුදුරුවන්ගේ පන්සල හරහායි අපි මේ කටයුතු ආරම්භ කළේ. අපි යුද අපරාධ නොකළ බවට ශ්‍රීමත් ඩෙස්මන් ද සිල්වා, ජෙෆ්රි නයිස් වැනි ලෝකය පිළිගත් යුද විශේෂඥයින් හය දෙනෙකුගේ වාර්තා 7ක් විදේශ අමාත්‍යාංශයට ඇවිත් තිබුණා. ඒවා ඇතුළු වාර්තා අපි මානව හිමිකම් සමුළුවට ඉදිරිපත් කළා. ඒ වෙනුවෙන් ලබාදුන් සහය ගැන අපි ගෝලීය ශ්‍රී ලංකා සංසදයට ස්තුතිවන්ත වෙනවා.මේ කරන්න යන ව්‍යවස්ථා සංශෝධනය ලංකාවට අවශ්‍ය එකක් නෙවෙයි. මෙය ජිනීවා යෝජනාවේ තිබූ එක් යෝජනාවක් අනුගමනය කිරීමක්. ව්‍යවස්ථා සංශෝධනයකින් දේශපාලන විසඳුමකට එන ලෙස එහි යෝජනාවක් තිබෙනවා. ප‍්‍රභාකරන්ට යුද්ධයෙන් ගන්න බැරි වූ දේ තමයි මේ ව්‍යවස්ථාවෙන් දෙන්න හදන්නේ. මෙය හැදුවේ ජයම්පති වික‍්‍රමරත්න මහතා සහ සුමන්දිරන් මහතා එක්වයි.ජයම්පති වික‍්‍රමරත්න මහතා මෙය අනාගමික රාජ්‍යයක් විය යුතුය යන මතයේ සිටින ෆෙඩරල්වාදියෙක්. සුමන්දිරන් මහතා සිංගප්පූරුවේදී කියා තිබෙන්නේ අපේ සිංහලයාට හා හාමුදුරුවරුන්ට අවශ්‍ය ලේබල් පමණයි. අපි අවශ්‍ය දේ කරමු කියලයි. ඒකීය ලේබලය තුළ ඔවුන් උපරිම ලෙස බලය විමධ්‍යගත කර ස්වාධීන පළාත් 9ක් බවට පත්කිරීමට ව්‍යවස්ථාව මගින් ප‍්‍රතිපාදන සකස් කරගෙන යනවා.මේ ව්‍යවස්ථාවට අත උස්සන සෑම මන්ත‍්‍රීවරයෙක්ම දේශයට ද්‍රෝහීවන දේශද්‍රෝහීන් ලෙසයි අපි සලකන්නේ. දැනටමත් දෙමළ ඩයස්පෝරාව මෙයට ඡුන්දය ප‍්‍රකාශ කරන මන්ත‍්‍රීවරුන්ට රුපියල් මිලියන 300 බැගින් ලබාදීමට යන බවට අපිට ආරංචිමාර්ග ලැබී තිබෙනවා. මෙයට අත උස්සන අය මුදලට තමන්ගේ මාතෘභූමිය විකුණන අය ලෙසයි අපි සලකන්නේ.රණවිරුවන් 26,000ක් මියගොස් 14,000ක් ආබාධිත වුණේ රටේ ඒකීයභාවය ආරක්‍ෂා කිරීම වෙනුවෙනුයි. මෙයට අත උස්සන අය කරන්නේ ඒ රණවිරුවන් පාවාදීමක්. අපි මන්ත‍්‍රීවරුන්ගේ ඥාතීන්ගෙනුත් ඉල්ලන්නේ මන්ත‍්‍රීවරුන්ට මෙයට අත උස්සන්නට නොදෙන ලෙසයි. රටට අපහාස වන ප‍්‍රකාශ නිකුත් කර රටට අපහාස කරන අවස්ථාවක ඉඩෝරයට පොද වැස්සක් සේ රටට යම් තත්ත්වයක් මානව හිමිකම් සංසදය තුළ ලබාදීමට අපිට හැකිවුණා.මම අවුරුදු 35ක් නාවික හමුදාවේත්, වසර 4ක් සිවිල් ආරක්‍ෂක බළකායේත් වශයෙන් යුද්ධය ආරම්භ වූ දා සිට අවසානය තෙක් සේවයේ සිටියා. බෙංගමුවේ නාලක හිමියන් ඒ කාලයේ රණවිරුවන් දිරිමත් කරන්නට විවිධ කටයුතු කළා. උන්වහන්සේගේ ජිනීවා නුවරටත් ගොස් අපට ආශීර්වාදය ලබාදුන්නා.” යැයි සරත් වීරසේකර මහතා සඳහන් කළේය.ජිනීවා නුවර මානව හිමිකම් කොමිසමට සහභාගී වූ ආචාර්ය නාලක ගොඩහේවා මහතා මෙහිදී මෙසේ පැවසීය.”අපි මේ ප‍්‍රශ්නය නිවැරදිව වටහා ගත යුතුයි. මතුපිටින් බලා සරලව මෙය තේරුම් ගත නොහැකියි. අද සිදුවෙමින් පවතින්නේ මානව හිමිකම් ප‍්‍රශ්නයක් විසඳීම පමණක් නෙවෙයි. ලංකාවේ ඉතිහාසය පුරා බොහෝ කාලයක් නොබැඳි රටක් ලෙස තිබුණා. ජාත්‍යන්තරයේ එදා ලංකාව එතරම් වැදගත් රටක් වුණේ නැහැ. නමුත් පසුගිය දශක කිහිපයේදී චීනය හා රුසියාව බලවත් වීගෙන එද්දී ලෝක බල තුලනය තුළ ලංකාවට අනාගතයේ යම් කාර්යයක් ඉටු කළ හැකි බව පේනවා. මේ තත්ත්වය තුළ ජාත්‍යන්තර කණ්ඩායම්වලට ලංකාවේ ස්ථාවර දේශපාලන වාතාවරණයක් පැවතීම හිතකර දෙයක් ලෙස පේන්නේ නැහැ. ඒ නිසා මානව හිමිකම් කොමිසම හරහා ලංකාව අස්ථාවර කිරීමේ වැඩපිළිවෙළක් ක‍්‍රියාත්මක වෙනවා.මේ සඳහා ඔවුන්ට සිටින හොඳම කණ්ඩායම දෙමළ ඩයස්පෝරාවයි. ඒ අයට මුදල් වියදම් කරන්න පුළුවන් සේම රට බෙදීමේ උවමනාවත් තිබෙනවා. රට අස්ථාවර කළ හැකි හොඳම ක‍්‍රමය රට බෙදීමයි. ඒ නිසා බෙදුම්වාදයට උඩගෙඩිදීම මේ කොමිසම හරහා සිදුවෙනවා. මේ කොමිසම තුළ සිටින රටවල් සියල්ල අපිට එරෙහි රටවල් නෙවෙයි. අපි ඉදිරියේදීත් කොමිසමට ගොස් අපේ ප‍්‍රශ්නය ගැන කතා කරනවා නම්, අපිට ඇති බොරු චෝදනාවලට නිසි ලෙස පිළිතුරු දෙනවා නම් අපිට මේ රටවලින් උදව් ලබාගන්න පුළුවන්.නමුත් අවාසනාවකට මෙන් 2015 සැප්තැම්බරයේ අපට විරුද්ධව ගෙනා වැරදි වාර්තාවක් අපේ රජය අගය කරමින් පිළිගත්තා. අරගෙන ඡුන්දයකින් තොරව සම්මත කළා. අපි වැරදි කළ බව පිළිගත් නිසයි අපි මානව හිමිකම් කොමිසම තුළ අසරණ වී සිටින්නේ. ඒ නිසා අද අපි ඉතා ඛේදනීය තත්ත්වයකට පත්වෙලා. ඉන්දියාවේ වයිකෝ වැනි කණ්ඩායම් පැමිණ දිගින් දිගටම රටට විරුද්ධව කතා කරද්දී ජාත්‍යන්තරයට යන්නේ ඔවුන්ගේ පණිවුඩය පමණයි. අපේ රජය මේවා බොරු බව කියන්නේ නැහැ. අපේ තානාපති නිලධාරීන්වත් කතා කරන්නේ නැහැ. මෙවැනි තත්ත්වයක් තුළයි අපි ස්වේච්ඡාවෙන් ගොස් රට වෙනුවෙන් කතා කළේ.ජිනීවා ගිහින් වැඩක් නැති බව ඇමතිවරයෙක් කියා තිබුණා. එහෙනම් ඩයස්පෝරාව වියදම් කරගෙන ඇවිත් මෙහෙම කතා කරන්නේ ඇයි? ලංකාවේ තිබෙන්නේ සුළු ජාතීන් විනාශ කරන පසුබිමක් බව කියන විට ඒ පණිවුඩය ලෝකයට යනවා. අපි ගිහින් කතා කළේ රට වෙනුවෙන් මිස අපිට දේශපාලනයක් නැහැ. අපි ජිනීවාවලදී නැගුවේ මේ රටේ ජනතාවගේ හඬයි.අපි ජිනීවා යෝජනාවලට එකඟ වූ නිසා ලෝකයම අපි සමඟ සිටින බව රජය කියනවා. නමුත් නිවටකමට ලෝකයේ රටවල් අපිව අගය කරන්නේ නැහැ. මේ ප‍්‍රශ්නය මෙතනින් නතර වෙනවා කියා සිතනවා නම් එය මෝඩකමක්. වයිකෝලා කතා කරන්නේ ආරක්‍ෂක මණ්ඩලය හරහා සම්බාධක පනවන්නයි. අපි ජිනීවා සටන හරියට නොකළොත් ආරක්‍ෂක මණ්ඩලය හරහා රටට විරුද්ධ තීන්දු ගන්න පුළුවන්. අපි ශ්‍රී ලාංකීය ජාතියක් ලෙස එක් නොවුණොත් මේ රට මොවුන් දෙකඩ කරනවාමයි. එසේ වුණොත් නිර්මාණය වන්නේ වසර දහස් ගණනක අර්බුදයක්.” ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ සම සභාපති බෙංගමුවේ නාලක හිමියෝ මෙහිදී මෙසේ අදහස් දැක්වූහ.”ගෝලීය ශ්‍රී ලාංකික සංසදය ලෙස අපි ජිනීවා නුවරට ගොස් කළ දේ ගැන විවිධ අය විවිධ දේ ප‍්‍රකාශ කරනවා. අපි ඒ සමුළුවට සහභාගී වුණේ අපේ රට වෙනුවෙනුයි. මේ අවස්ථාව වන විට යහපාලන ආණ්ඩුව යටතේ රට මේ වන විට බරපතළ අර්බුදයකට මුහුණ දී සිටිනවා. දැනටත් රට වැටිලා.දෙමළ බෙදුම්වාදී කණ්ඩායම් මානව හිමිකම් සමුළුවේදී රටට විරුද්ධව විවිධ අසත්‍ය කරුණු ඉදිරිපත් කරනවා. මානව හිමිකම් සමුළුවේ ප‍්‍රධානීන් හමුවට ගොස් අපි හෝ සත්‍ය කිව යුතුයි යන අරමුණෙනුයි අපි කණ්ඩායමක් ඒ වෙත යොමු කළේ. අපි රටට හිතවත් සංවිධානයක්. ලෝකය පුරා සිටින රටට හිතැති අය ඒකරාශී කිරීම අපි මේ වන විට කරගෙන යනවා. වෙනත් රටවල අයත් තමන්ගේ රටවල මානව හිමිකම් කඩවන බවට මෙහි පැමිණ ප‍්‍රකාශ කරනවා. ඉන්දියාවෙනුත් කිහිප දෙනෙක් එලෙස අදහස් දැක්වූවා.නමුත් දෙමළ බෙදුම්වාදීන් මෙහිදී කියන්නේ උතුරු ප‍්‍රදේශය හමුදාවෙන් අල්ලාගෙන ඔවුන්ට හිරිහැර කරනවා. යුද අපරාධ කරනවා වැනි කරුණුයි. අපි එක්කෙනෙක් කතා කරද්දී ඔවුන් 15 දෙනෙකු පමණ රටට විරුද්ධව කතා කරනවා. අපි මෙහිදී පැහැදිලිව කීවේ රට බෙදන්න දෙන්න නොහැකි බවයි. හමුදාව එවැනි දේ නොකළ බව යුද සමයේත් හමුදාව සම`ගම බංකර්වල පවා සිටි මා දන්නවා. අපේ හමුදාව පහත් දේ කරන්නේ නැහැ. ඒ නිසාම දෙමළ ජනතාව අපේ හමුදාවට ආදරෙයි.මේ කණ්ඩායම සාප්පු සවාරි ගිය බව මහින්ද අමරවීර ඇමතිවරයා කියා තිබෙනවා. මෙහේ මැති ඇමතිවරු ගිහින් කරන්නේ මලූ පිරවීම පමණක් බව ඒ කාලේ මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා කියා තිබෙනවා. දැන දැනත් මේවාට දඬුවම් නොකිරීමේ විපාකයි දැන් මේ විඳින්නේ. අපි ගියේ අපි සොයාගත් මුදල් වියදම් කරලයි. ආණ්ඩුව හරිනම් අපිට ගරු කළ යුතුයි. ඒත් කරන්නේ රට වෙනුවෙන් පෙනී සිටි අපිට අගෞරව කිරීමයි.මේ දේශද්‍රෝහී ආණ්ඩුව පෙරළා දැමීම හැර අපට දැන් වෙන විකල්ප නැහැ. ව්‍යවස්ථා ගෙනැවිත් රට බෙදන්න හදන මේ ආණ්ඩුව මැතිවරණ පවා කල්දමමින් සිටිනවා. එයත් මානව හිමිකම් කඩකිරීමක්. අපි මීළ`ග වාරයේදීත් ජිනීවා ගොස් රට වෙනුවෙන් පෙනී සිටිනවා.”ජිනීවා මානව හිමිකම් සමුළුවට සහභාගී වූ අනුරාධා යහම්පත් මහත්මිය මෙසේ අදහස් දැක්වූවාය.”මේ රජය පත්වුණේ ජාත්‍යන්තර බලවේගවල අවශ්‍යතාව අනුවයි. දෙමළ ඩයස්පෝරාවේ බලය ජාත්‍යන්තරයට කොතරම් දැනී ඇද්ද යන්න අපිට වැටහුණොත් ජිනීවා නුවරට ගිය පසුවයි. එරික් සෝල්හයිම් මහතා පසුගිය දිනක කියා තිබුණේ ලෝකයේ ඩයස්පෝරා අතුරින් ශක්තිමත්ව ඩයස්පෝරාව දෙමළ ඩයස්පෝරාව බවයි. ඔවුන්ගේ ඉල්ලීම්වල සාධාරණත්වය ගැනත් කතා කර තිබුණා. ඔවුන් ඉදිරිපත් කරන අභූත චෝදනාවල අරමුණ මේ රට දෙකඩ කිරීමයි. අපි යුද්ධය ජයගත් පසුවත් ව්‍යවස්ථාවකින් රට දෙකඩ කිරීමේ උත්සාහයක් ඇති බව පෙනෙනවා. එය සිදුවුවහොත් නැවතත් සිදුවන්නේ රට යුද්ධයක් කරා යොමුවීමයි. ලේඛනගත වී රට විනාශ වෙන්න වැඩි කාලයක් නැති බව දැන් අපිට පේනවා. එවැන්නක් සඳහා අපි ඉඩ නොතැබිය යුතුයි.” ගෝලීය සංසදයේ ශ්‍රී ලංකා සම්බන්ධීකාරක නීතිඥ නුවන් බැල්ලන්තුඩාව මහතා මෙසේ සඳහන් කළේය. ”මේ රටේ දේශපාලනයෙන් යැපෙන මිනිස්සු අපි කළ දේ ගැන අපහාසයෙන් කතා කළත් අපි මේ දේ කළේ රට වෙනුවෙන් පමණයි. අපි ගියේ සාප්පු සවාරියක් නෙවෙයි. සරත් ෆොන්සේකා වැනි සමහර ඇමතිවරු තමන්ගේ දේශපාලන යැපීම සඳහා අපි කළ දේ අවතක්සේරු කරනවා. එදා එක්සත් ජාතික පක්‍ෂය කීවේ ඕනෙ ගොනකුට යුද්ධ කරන්න පුළුවන් කියලයි. එදා මහින්ද රාජපක්ෂ මහතායි යුද්ධය කළේ. එදා එයට උදව් කළේ දේශප්‍රේමීනුයි. අපි රට ත‍්‍රස්තවාදයෙන් නිදහස් කරගැනීමේ යුද්ධයකුයි කළේ.මානව හිමිකම් කොමිසම තුළ රටේ රණවිරුවන්ට විරුද්ධව යුද අපරාධ චෝදනා 8ක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ අපරාධ හා සරත් ෆොන්සේකා මහතා කියන අපරාධ කියන්නේ එකක් නෙවෙයි දෙකක්.රටේ නීතියට අනුව වැරදි කළ අයට දඬුවම් දිය හැකියි. නමුත් යුද අපරාධ ඊට වඩා වෙනස්. පවතින ආණ්ඩුවේ ප‍්‍රතිපත්තියක් ලෙස යම් ජනතාවක් ඉලක්ක කරගෙන කරන අපරාධයකටයි යුද අපරාධ කියන්නේ. අපි එල්ල කර ඇති චෝදනා අසත්‍ය බව කරුණු සහිතව මෙහිදී පැහැදිලි කළා. අපි මේ රට වෙනුවෙන් පෙනී ඉන්නේ ඡුන්ද බලාපොරොත්තුවෙන් නෙවෙයි.”
|
’දේශපාලකයන්ට විතරක්ම රට පාලනය කරන්න ඉඩදෙන්න එපා’ දේශපාලකයන් හිරේ ගියාට කමක් නෑ: ඒත් රජයේ සේවකයන්ට එහෙම වෙන්න දෙන්න බෑ
| 0 |
(ගලේවෙල මොහොමඞ් බුහාර්ඩීන්)ආණ්ඩුව පසුගිය වසර හතරහමාර තුළ මහබැංකුව කොල්ල කෑවා පමණක් නොව, රටේ සම්පත් ටිකත් විකුණා දැමූ බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මැල්සිරිපුර දී පෙරේදා (15) පැවැසීය.විපක්ෂ නායකවරයා මේ බව පැවැසුවේ මැල්සිරිපුර නගරයේ පැවැති පොදුජන පෙරමුණේ ජනරැලියක් අමතමිනි.එහිදී විපක්ෂ නායකවරයා මෙසේද පැවැසීය.“අද මේ අතිවිශාල සෙනඟක් එකතුවෙලා ඉන්නේ ලබන 16 පැවැත්වෙන මැතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට විශිෂ්ට ජයග්‍රහණයක් ලබාදෙන්නට කියලා මා කියන්නට කැමතියි. අද බොහොම පැහැදිලිව කියන්න ඕනේ පසුගිය අවුරුදු හතරහමාරේදි මේ රට ආපස්සට ගියා. අපි එය අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. මේ රටේ ආර්ථිකයේ ඉඳලා සියලුම ක්‍ෂේත්‍ර පසුගිය කාලයේදී පසුපසට ගියා මිස ඉදිරියට ආවේ නැහැ කියලා කියන්නට කැමතියි. අපි රටේ තිබුණ තිස් අවුරුදු යුද්ධය නිම කරලා අඩුම ගානේ බිම් බෝම්බයක්වත් නැති ලස්සන රටක් භාරදුන්නා. හැබැයි පසුගිය අප්‍රියෙල් 21දා පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරයෙන් 300 ගණනකට ජීවිත නැතිවුණා. ලංකාවේ පළමු වතාවට වෙසක් පෝයට මේ රටේ මිනිසුන් පන්සලට යන්න බය වුණා. සිකුරාදා පල්ලයට යන්නත් මුස්ලිම් මිනිසුන් බය වුණා. මේ රටේ ඉතිහාසයේ කිසිදිනක ආගමක් අදහන්න බය වුණ ඉතිහාසයක් සඳහන් වෙන්නේ නැහැ කියලා කියන්නට කැමතියි. ඒ විතරක් නෙමේ අද පුවත්පත්වල රූපවාහිනියෙන් කියලා තිබුණා ආයෙත් බෝම්බ තොගයක් හමු වුණා යාපනෙන් කියලා. ඊට කලිනුත් තැන් තැන්වල බෝම්බ හමු වුණා කියලා සඳහන් වුණා. මේ විදිහට රටම අස්ථාවර කරන්න මේ ආණ්ඩුව කටයුතු කළා. මේ ආණ්ඩුව බලයට ආවේ වැඩ කරන්න නෙමේ පළිගන්න. මෙයාලා හැම දේශපාලනඥයකුගෙන්ම පළිගත්තා. ව්‍යවස්ථාව වෙනස් කරලා ජනපතිගේ බලතල කප්පාදු කරලා බලතල අතට ගත්ත රනිල් වික්‍රමසිංහ බලය බාගයක් ගත්තා. අරගෙන මොකද වුණේ. මෙතන ජනපති ගාව බලතලවල භාගයක් තියෙනවා. අගමැති ගාව ඉතිරි බාගය තියෙනවා. මේ දෙන්නා එක්වෙලා වැඩකරන්නේ නැතිනම් රටකට ඉදිරි ගමනක් නැහැ කියන්නට කැමතියි. එතකොට කැඳ හැලියක් වගේ වෙනවා. මේ ආණ්ඩුව පසුගිය කාලයේදි මහ බැංකුව හොරකම් කළා. ඒ විතරක් නෙමෙයි. මේ රටේ සම්පත් විකුණලා ඒවත් මංකොල්ල කෑවා. අපි මේ සම්පත් එකතු කරලා දුන්නේ මේ රටේ හෙට ඉපදෙන්න ඉන්න දරුවන්ගේ අනාගතයටයි. අවුරුදු පහකට මේ ආණ්ඩුව බලය අරගෙන අවුරුදු සිය දහස් ගණනකට අපේ රටේ වැසියන්ට භුක්ති විඳීමට තිබූ සම්පත් ටික මේ කට්ටියට විකුණන්න කිසිම අයිතියක් නැහැ. ඒක මේ රටේ අනාගතයේ ඉපදෙන්නට ඉන්න දරුවන්ට කරන අපරාධයක්. ඒ අපරාධයට මේ අය වන්දි ගෙවන්න ඕනේ. අප කරගෙන ආපු වැඩපිළිවෙළ විනාශ කළා. අපි හිටිය නම් 2018 දී අධිවේගී මාර්ගයේ වැඩ ඉවරයි. නමුත් කරුමෙට තවම අධිවේගී මාර්ගයේ වැඩ අතරමග නතරවෙලා. මේක තමා මේ රටේ තත්ත්වේ. අධිවේගී මගේ වැඩ මුලක් අගක් නැති තත්ත්වෙට පත්වෙලා. මේ අධිවේගී මාර්ගයට බිලිවෙන මිනිස්සුන්ගේ ඉඩම් තුට්ටු දෙකට තක්සේරු කරලා කොල්ල කන්න පටන්ගෙන තියෙනවා. මේ වන්දි ක්‍රමය සම්පූර්ණ වැරදි වන්දි ක්‍රමයක්. අපි කියපු වන්දි ක්‍රමය නෙමේ අද මේ කුරුණෑගලට දෙන්නේ. මිනිසුන්ගේ ඉඩම් ලබාගත්තා නම් සාධාරණ වන්දියක් ලබාදිය යුතු ක්‍රමවේදයක් තිබියයුතුයි යැයි මේ වෙලාවේ අවධාරණය කර සිටිනවා.මේ ආණ්ඩුව ඇවිත් කෘෂිකර්මය සම්පූර්ණයෙන්ම විනාශ කරලා දැම්මා. පොහොර සහනාධාරය කපා හැරියා. මම දවස් 52 මුදල් ඇමැතිවෙලා හිටපු වෙලාවේදි රු. 350 පොහොර සහනාධාරය දෙන්න කටයුතු කළා. ලබන 16දායින් පස්සේ මේ රට කෘෂිකර්මාන්තයෙන් ස්වයං පෝෂිත කරන්න නොමිලයේ ගොවියාට පොහොර සහනාධාරය ලබා දෙනවා යැයි මේ වෙලාවේ කියන්න කැමතියි. අපි කෘෂිකර්මාන්තයට තැන දෙන්න ඕනෑ. ඒකට නිසි මිලක් දෙන්න ඕනෑ. අපි ඉදිරියේදී ගොවි ණය සම්පූර්ණයෙන්ම කපා හරින්න කටයුතු කරනවා යැයි කියන්නට කැමතියි. ඒවගේම රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න අපි සූදානම් වෙන්න ඕනෑ. අද ජීවන වියදම ඉහළට ගිහින්. කිසි කාලෙක මෙහෙම තත්ත්වයකට අපේ රට පත් වුණේ නැහැ. ඒකට හේතුව තමයි මේ ආණ්ඩුවට මේවා දැනෙන්නේ නැතිකම. ඒ නිසා මේ තත්ත්වය වෙනස් වියයුතු කාලය ඇවිල්ලා. මේ ආණ්ඩුව වෙනස් කරන්න කාලය ඇවිල්ලා. මේ ආණ්ඩුව ජනතාවට බොරු පොරෙන්දු දෙනවා. පැය විසිහතරම ජනාධිපති කාර්යාලය ඇරලා තියෙනවාලු. ජොන්ස්ටන් ප්‍රනාන්දු හිටපු ඇමැතිතුමා මට මතක් කර සිටියා ඇමැති කෙනෙක් කීවාලු සතොස පැය 24 විවෘත කර තියෙනවා කියලා මහජනතාවට. කියලා අන්තිමට මොකද වුණේ. මැස්සොයි මදුරුවොයි ඒකේ හිටපු සේවකයෝ විතරයි ඉතුරු වුණේ. බඩු ගන්න මිනිස්සු ආවේ නැහැ. අන්තිමට ඒ වැඬේ අතහැරලා දැම්මා. ඒ වගේ තමයි පාන්දර එකට දෙකට ජනාධිපති කාර්යාලයට ගිහින් මොනවා කරන්නද කියලා මම අහනවා. මේ වගේ මිනිස්සු රවට්ටන වැඩපිළිවෙළවල් ගැන තමයි අද ආණ්ඩුව කථා කරන්නේ. අද එක අපේක්ෂකයෙක් කියනවා උපදෙස් එපාලු. එයා සියල්ල දන්නවලු. අනේ දෙවියනේ මම නම් කියන්නේ අපි නම් සියල්ල දන්නේ නැහැ. නොදන්න දේ ජනතාවගෙන් අහගෙන වැඩ කරන්න කැමතියි කියලා මේ වෙලාවෙදි මතක් කර සිටිනවා.ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා“මේ රටේ ජනතාවට ආරක්ෂිත රටක් සෞභාග්‍යමත් දේශයක් ලබාදෙනවා. අපි තමුන්නාන්සේලා ඉදිරියට එන්නේ වැඩ කරපු කොටසක් විදිහට. අපි පොරොන්දු දෙන කණ්ඩායමක් විදිහට නෙමේ. මොකද අපි පොරොන්දු දී ඒවා ඉටුකරපු පිරිසක් විදිහට තමයි අප මේ ඔබ ඉදිරියට පැමිණ සිටින්නේ. ඔබලා දන්නවා 2005 මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති විදිහට මේ රට භාරගන්නකොට මේ රටේ අභියෝග ගණනාවක් තිබුණා. අපිට ඒ කාලයේදි වන්නියෙන් ඉහළට යන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. නැගෙනහිර ප්‍රදේශයේ තුනෙන් දෙකක් ත්‍රස්තවාදීන්ට යටවෙලා තිබුණා. දකුණෙත් බෝම්බ පිපිරුනා. අවුරුදු ගණනාවක් ජනාධිපතිවරු ගණනාවක් යටතේ තිබුණ මෙරට වැසියන් ත්‍රස්තවාදයෙන් බැටකෑවා. අපේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා ඒ වෙලාවේදි රට වැසියන්ට පොරොන්දුවක් දුන්නා ත්‍රස්තවාදය තුරන් කරනවා කියලා.එතුමා අවුරුදු දෙකහමාරක් යන්න කලින් මේ රටෙන් ත්‍රස්තවාදය සහමුලින්ම තුරන් කළා. ත්‍රස්තවාදය අවසන් කරලා ඉතිහාසයේ නොවූ විරූ සංවර්ධනයක් මේ රටේ ඇතිකළා. අධිවේගී කාපට් මාර්ග, ගුවන් තොටුපොළවල්, වරායන් ඇතුළු අංශ ගණනාවක් මේ රටේ සංවර්ධනයට ඉවහල් වුණා. ඒ සංවර්ධනය හරහා අපි මේ රටේ රැකී රක්ෂා විශාල ප්‍රමාණයක් නිර්මාණය කළා. ඒ නිසා ව්‍යවසායකයින් ව්‍යාපාරිකයන් බොහෝ දෙනකුගේ අතමිට සරු වුණා කියලා ඔබ දන්නවා. මේ රජය බොරු ප්‍රචාර කරලා මහින්ද රාජපක්ෂ යුගය අවසන් කරලා බලයට පැමිණියට පසු අදූරදර්ෂී ක්‍රියාකලාපය නිසා සංවර්ධන වැඩපිළිවෙළවල් අඩාල වුණා. අපි රණවිරුවන් අභිමානයෙන් සැමරුවා. ඒත් මේ ආණ්ඩුව ආවට පස්සේ රණවිරුවන්ගේ මානසිකත්වය කඩා දැම්මා. බුද්ධි අංශ විනාශ කළා. අපි එදා යොදා තිබුණ ආරක්ෂිත වැඩපිළිවෙළ සම්පූර්ණයෙන්ම කඩා වැටුණා. බුද්ධි තොරතුරු ජාලය කඩා වැටුණා. මේ හේතු නිසා අවුරුදු දහයක් යන්නට මත්තෙන් එදා තිබුණ සුරක්ෂිත රට නැතිවෙලා නැවතත් බෝම්බ පුපුරලා පන්සලකට පල්ලියකට කෝවිලකට යන්න බැරි තත්ත්වයක් උදා කළා. අප මහින්ද රාජපක්ෂ යුගයේදි මේ රටේ සංස්කෘතියත් එක්ක බැඳුනු කෘෂිකර්මාන්තය අපි නගාසිටුවූවා. එවකට අපිට ආර්ථික අභියෝගයක් තිබියදීත් යුද්ධය තිබියදීත් එතුමා ගොවියන්ට පොහොර සහනාධාරය ලබා දුන්නා. ඒ හරහා අපට පුළුවන් වුණා මේ රට සහලින් ස්වයංපෝෂිත කරන්න. අප දන්නවා මේ ලෝකයේම ආහාර සුරක්ෂිතභාවය වැදගත් අංගයක් කියලා. අපට පුළුවන්කමක් නැහැ. ආහාර වෙනුවෙන් වෙනත් රටක් දිහා බලන් ඉන්නට. ඒවගේම අප කෘෂිකර්මය හරහා විදේශ විනිමයක් ලබාගැනීමට හැකියාවත් තිබෙනවා.නමුත් මේ රජය ආවාට පස්සේ විදේශීය උපදේශකවරුන්ගේ යෝජනා මත මේ රට කෘෂිකර්මයට දුන්න ප්‍රමුඛත්වය නැතිකර දැම්මා. එදා සහලින් ස්වයංපෝෂිත වුණු රට අද පිටරටින් හාල් ගේන තත්ත්වෙට පත්වෙලා. ඒ පමණක් නොවේ අර්තාපල්, මිරිස්වලින් ස්වයංපෝෂිත වෙලා තිබුණ රටට පිටරටින් මේවා ගෙන්වනවා. ගම්මිරිස් හා කිරි ගොවියා අද අසරණ වෙලා. අපි කෘෂිකර්මාන්තයට මුල්තැන දෙනවා. අපි ගොවියාට නොමිලයේ පොහොර සහනාධාරය දෙනවා. ඒවගේම ගොවි ණය සම්පූර්ණයෙන්ම කපා හරිනවා. ඒ වගේම සහනදායී මිලට කෘෂි උපකරණ ලබාදීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ගොවියාගේ ජීවන තත්ත්වය ඉහළ නංවනවා කියලා මතක් කරනවා.මේ සහන අපි ලබා දෙන්නේ අපේ රටේ ආහාර සුරක්ෂිතභාවය තහවුරු කරන්නටයි. අපේ ආර්ථික සැලැස්ම පදනම් වෙලා තියෙන්නේ මිනිස් සම්පත මත. ඉදිරියේදී අප උස්ස පෙළ හදාරණ සෑම සිසුවෙකුටම විශ්වවිද්‍යාලයට ඇතුළුවීමට අවස්ථාව ලබා දෙනවා. මේ තුළින් අපි බලාපොරොත්තු වෙන්නේ නිපුණත්වයක් තිබෙන තරුණ තරුණියන් බිහි කිරීමයි. කාර්මික අධ්‍යාපනය හා තාක්ෂණික අධ්‍යාපනය හා වෘත්තීය අධ්‍යාපනය හරහා අපි මේ තරුණ තරුණියන්ට හොඳ වේතනයකට රැකියාවක් ලබාගැනීමට අවශ්‍ය පසුබිම මේ තුළින් සකස් කරනවා. මේ රටට සංචාරක ව්‍යාපාරය හරහා විශාල රැකියා ප්‍රමාණයක් හා විදේශීය විනිමයක් ගෙන එන්නට පුළුවන්. ඒකට සුරක්ෂිත ආරක්ෂිත රටක් අවශ්‍යයි. අපි ත්‍රස්තවාදය අවසන් කළා විතරක් නෙමේ නැවත ත්‍රස්තවාදය එන්නේ නැති විදිහට වැඩපිළිවෙළක් සකස් කර තිබුණා. ඒ වැඩපිළිවෙළ නැවත ක්‍රියාත්මක කරලා මේ රට සුරක්ෂිත රටක් කරන්න කටයුතු කරනවා. අද ව්‍යාපාරිකයින් දේශීය කර්මාන්තකරුවන් අසරණ තත්ත්වෙට පත්වෙලා පිටරටින් භාණ්ඩ ගෙන්වීම නිසා. ඒ නිසා අපි නැවතත් දේශීිය කර්මාන්තකරුවන්ට රාජ්‍ය අනුග්‍රහය ලබා දී ඔවුන් නගාසිටුවීමේ වැඩපිළිවෙළක් ක්රියාත්මක කරනවා. මා මත විශ්වාසය තබන්න. මගේ යුතුකම මම ඉටුකරනවා.”මහා සංඝරත්නය ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජොන්ස්ටන් ප්‍රනාන්දු, පවිත්‍රා වන්නිආරච්චි, ශාන්ත බණ්ඩාර, ටී.බී. ඒකනායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයරත්න හේරත් හා හිටපු පළාත් සභා මන්ත්‍රී මංජුලා දිසානායක හා ඉබ්බාගමුව ප්‍රාදේශීය සභාවේ සභාපති යූ.කේ. සුමිත් මහතා යන මහත්ම මහත්මීන් ඇතුළු විශාල පිරිසක් එම අවස්ථාවට සහභාගි වූහ.
|
’දේශපාලකයන්ට විතරක්ම රට පාලනය කරන්න ඉඩදෙන්න එපා’ දේශපාලකයන් හිරේ ගියාට කමක් නෑ: ඒත් රජයේ සේවකයන්ට එහෙම වෙන්න දෙන්න බෑ
| 0 |
(මුදිතා දයානන්ද සමග මහරගම ගාමිණී සරත් ගුණවර්ධන)රට වැටී තිබෙන අගාධයෙන් ගොඩගෙන ජනතාවට යහපත් ජීවිතයක්, සියලු දෙනාට සම අයිතීන් හිමිවන සමාජයක් අත්කර දීමෙන් මෙහා අපේ ගමන නවතින්නේ නෑ. ඒ වෙනුවෙන් ඔබේ යුතුකම දහසය වැනිදාට ඉටු කරන්න යැයි ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ (13) පැවසීය.ඔහු මෙසේ පැවසුවේ මහරගම නගරයේදී පැවැති ජාතික ජන බලවේගයේ අවසන් මහා රැලිය අමතමිනි.එහිදී වැඩිදුරටත් දිසානායක මහතා මෙසේද පැවැසීය.“මේ මැතිවරණයට ප්‍රධාන කඳවුරු තුනයි. ඒත් අපි දකින්නේ ප්‍රධාන කඳවුරු දෙකක් ලෙසයි. අපි එක පැත්තක. අනෙක් ප්‍රධාන අපේක්ෂකයෝ දෙන්නම ඉන්නේ එක කඳවුරක. ජනතාවට තෝරගන්න තිබෙන්නේ රට හදන එකට වැඩපිළිවෙළක් තිබෙන කඳවුර තෝරාගන්නවාද, වසර 71ක් තිස්සේ රට විනාශ කළ කඳවුර තෝරා ගන්නවා ද කියලයි. හොරුන්, දූෂිතයන්, මංකොල්ලකාරයන් ඉන්න කඳවුර තෝරගන්නවාද. හොරුන් සහ දූෂිතයන්ගෙන් තොර රට වෙනුවෙන් කැපවූවන්ගේ කඳවුර තෝරාගන්නවාද කියලයි.ඒත් කාලයකදී මේ රට තිබුණේ එක පවුලක් අතේ. සියලු ආයතන තිබුණේ ඒ පවුල අතේ. ආර්ථික මර්මස්ථාන තිබුණේ ඒ පවුල අතේ. අඩුම තරමින් දේවාල ටිකවත් ඉතුරු කළේ නැහැ. ඒවායේ බස්නායක නිලමේවරුන් කළෙත් ඒ පවුලෙන්මයි. ඒ වෙනුවෙන් පනත් පවා සංශෝධනය කළා. ඒ පාලනයට එරෙහිව ගිය අයට සිදුවුණේ ජීවිතයෙන් වන්දි ගෙවන්න.බොන්න පිරිසිදු වතුර ටිකක් ඉල්ලපු රතුපස්වල ජනතාවට වෙඩි තිබ්බා. දෙන්නෙක් ඝාතනයට ලක්වුණා. තමන්ගේ අර්ථසාධක අරමුදල කොල්ලකන්න ගෙනාපු වැඩපිළිවෙළට එරෙහිව උද්ඝෝෂණය කළ වැඩ කරන ජනතාවට වෙඩි තියලා රොෂේන් චානක කියන තරුණයා ඝාතනය කළා. එවන් පාලනයක් යළි මේ රටේ ස්ථාපිත වීමට අපි ඉඩ නොතැබිය යුතුයි. ඒ වගේම අපි කියන්න ඕනෑ එදත් ඒ ජනාධිපති පාලනයට බයේ අපි හැංගුණේ නැහැ. අදත් බය නැහැ. හෙට බයවෙන්නෙත් නැහැ. සමහරු ඒවාට මුහුණ දෙන්න බැරිව ජනතාව බියවද්දමින් ඉන්නවා. ඒත් මේ වේදිකාව ඔය කොයි දේටත් මුහුණ දෙන්න පුළුවන් වේදිකාවක්.හොරුන්ට, දූෂිතයනට දඬුවම් දෙන්න බලයට පත්වුණ ඊළඟ ආණ්ඩුව බලයට පත්වෙලා වැඩි කාලයක් යන්න කලින් මහබැංකුව කොල්ලකෑවා. ඔවුන්ට පුළුවන්ද ඊට පස්සේ හොරුන්ට දඬුවම් දෙන්න. ආණ්ඩුවේ සල්ලිවලින් ඇමැතිවරු බිස්නස් කරන්න පටන් ගත්තා. අධිවේගී මාර්ගවලින් හොරකම් කළා. වරායෙන් හොරකම් කළා. ඩොලර් කෝටි 3500ක් වටිනා වරායේ සතු ඉඩම් ටික ඩොලර් කෝටි දෙදහාටත් අඩු ගාණකට දුන්නා. ඇයි ඒ? කොමිස් කුට්ටියට.රටටම තෙල් බෙදන්න පුළුවන් තෙල් ගබඩා කර තැබිය හැකි තෙල් ටැංකි අපි සතුව තිබෙනවා. මේ ආණ්ඩුව ඒ ටික ඉන්දියාවට විකුණන්න සැලසුම් ගැහුවා.මේ කඳවුරු දෙකම හොරුන්ගෙන් පිරිලා. දූෂිතයන්ගෙන් පිරිලා. සදාචාරාත්මකව ඔවුන්ට ජනතාව ඉදිරියට ඇවිත් ඡන්දෙ ඉල්ලන්න බැහැ. පසුගිය ජනාධිපතිවරණයේදී හේතු ගැන කියලා තමයි ඡන්දේ ගත්තේ. ඒත් මෙදා පාර දෙගොල්ලෝම හොරු ගැන කතා කරන්නේ නෑ. මොකද එහෙම කරන්න නම් තමන් ළඟ ඉන්න හොරු හිරේ දාලා ඉන්න වෙනවා.හොරකමෙන්, දූෂණයෙන්, නාස්තියෙන් තොර පාලනයක් බිහි කළ හැක්කේ ජාතික ජන බලවේගයකට පමණයි. මේ හොරු, මංකොල්ලකාරයෝ, දූෂිතයෝ පිරුණු කඳවුරු දෙකම එකට තියලා පරද්දන්න අපට පුළුවන්.තවමත් ඔබ අපට ඡන්දෙ දෙන්න හිතාගෙන නැතිනම් ඔබෙන් අහන්න ප්‍රශ්න කීපයක් තිබෙනවා. මේ රටේ නීතියේ ආධිපත්‍යය ආරක්ෂා කළ හැක්කේ කාටද? නීතිය තමන්ට ඕනෑ හැටියට හැසිර වූ තමන්ට ඕනෑ හැටියට නීතිය නවාපු තමන්ට ඕනෑ අය එළියේ තියලා තමන්ට විරුද්ධ අය හිරේ දාපු පාලනයක් ඔබ නැවත බලයට ගේන්න සූදානම්ද?මේ අයට ගැටුම් නැතිව පාලනය අරන් යන්න බැහැ. එකම ආරක්ෂක අමාත්‍යාංශ ගිනුමෙන් සහරාන්ලටත් පඩි ගෙවනවා. සිංහල ජාතිවාදීන්ටත් පඩි ගෙවනවා. ඒ අය ඒ මුදල්වලින් ජාතිවාදය අවුස්සනවා. පසුගිය අප්‍රේල් මාසයේදී පල්ලි තුනකට, සංචාරක හෝටල් තුනකට පහර දුන්නා. බෝම්බ ගැහුවා. සිය ගණනක් මිය ගියා. එය ම්ලේච්ඡ ප්‍රහාරයක්. අපි කවුරුත් ඒ සිදුවීමෙන් කම්පනයට පත්වුණා. ඒත් සමහර කෙනෙක් උණුසුමේම ඇවිත් කිව්වේ මම හිටියා නම් මේක වෙන්නේ නෑ කියලා. මම ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා, ජනාධිපති වෙලා ජාතිවාදය නැති කරනවා කියලා. අන්තවාදී ගැටුම් තමන්ට ඕනෑ විදියට ප්‍රයෝජනයට ගත්තා.අනෙක් කණ්ඩායම මොනවාද කළේ. කිසිදාක පාර්ලිමේන්තුවේ ජාතික ප්‍රශ්නයක් ගැන කතා නොකර ගම් මට්ටමයි, බිම් මට්ටමයි, තම්මැට්ටමයි ගැන කතා කරමින් හිටියා. දැන් සජින් වාස්ලා ඉන්නෙත් ඒ කඳවුරේ. ඉතින් මොනවද එයාලට ඡන්දෙ දීලා.අපේ රටේ පොලිසිය ඉතාමත් දක්ෂයි. ඔවුන්ට පුළුවන් මූණ දිහා බලලා හොරා හඳුනාගන්න. ඔවුන්ට අල්ලන්න බැරිවුණේ දේශපාලනඥයන් මැදිහත්වූ හොරකම් වංචා අපරාධ පමණයි. ඒ නිසා අපි නීතියේ ආධිපත්‍යය සුරකින පාලනයක් ඇති කළ යුතුයි.අද සමහරු උතුරේ වෙනම රාජ්‍යයක් ප්‍රකාශයට පත් කළ වර්ධරාජා පෙරුමාල්ගේ කරේ නැගලා උතුරට යද්දි තව කෙනෙක් උතුරේ වෙනම පාලනයක් ගැන හීන දකින දෙමළ ජාතික සන්ධානයේ කරේ නැගලා උතුරට යනකොට අපි ඒ කවුරුවත් නැතිව උතුරට ගියා. තනියම නොවෙයි. මේ වේදිකාව නියෝජනය කරන ජාතික ජන බලවේගය සමග. උතුරේ ජනතාව බොහොම හරසරින් අප පිළිගත්තා.අපි සෑම ආකාරයෙන්ම හිංසනය හෙළාදකිනවා. කිසිම පුද්ගලයකු තවත් කෙනකුගේ හිංසාවට ලක්විය යුතු නැහැ. අඩුම තරමින් ගුරුවරයකු දරුවකුට ගැසීමත් අපි ප්‍රතික්ෂේප කරනවා. දරුවෝ හදන්න, ගහන්න අවශ්‍ය නැහැ. ආදරයෙන් ඔවුන් නිවැරදි ලෙස හදන්න පුළුවන්.සමහර දරුවෝ මාපියන්ට සලකන්නේ නෑ. සමහර දරුවෝ තාත්තා බලු කූඩුවේ දාලා හිංසනයට ලක්කළ හැටි අපි දැක්කා. අම්මලා පාරේ දාලා අතරමං කරලා යන හැටි අපි දැකලා තියෙනවා. අපි මාපියන් සුරක්ෂිතව රැකබලා ගැනීමේ වැඩපිළිවෙළක් සකස් කරනවා.ආබාධිතයන්ගේ ජීවිතය අද සුරක්ෂිත නැහැ. ඔවුන්ට තමාගේ කටයුතු තනිවම කරගන්න බැරුව අසරණ වෙනවා. ඒ අයත් සම අයිතිවාසිකම් සහිතව රැක බලා ගන්නා සමාජයක් අපි ඇති කරනවා.කාන්තාවන් හා පිරිමින් අතර තිබෙන්නේ ජීව විද්‍යාත්මක වෙනස්කම් පමණයි. එහෙත් අද මේ වෙනස නිසාම බරපතළ ලෙස හිංසනයට ලක්වෙනවා. ඔවුන්ටද සම අයිතීන් ලබාදී ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙළක් අප සතුව තිබෙනවා.රෝගීන්ගේ අයිතීන් ආරක්ෂා කරනවා. මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළ හැකි නායකත්වයක් තමයි අද මේ වේදිකාව නියෝජනය කරන්නේ. හැමදාමත් ජනතාවගේ සිට නිර්මාණ සිදුකළ කලාකරුවන් මේ වේදිකාවේ ඉන්නවා. නිදහස් අධ්‍යාපන අයිතීන් වෙනුවෙන් සටන් වැදුණු ආචාර්ය, මහාචාර්යවරුන් මෙතන ඉන්නවා. මෙතන කිසිවෙක් නැහැ මහජන දේපල කොල්ලකාපු අය. කුඩා කුඩා හේතු මත මේ දේශපාලනය අත්හැරීමට අපි කිසිවෙක් සූදානම් නැහැ.අපි මරණය පෙනි පෙනී දේශපාලනය කළ අය. ජයග්‍රහණයන් පරාජයන් ද පසුබෑම් සියල්ල හමුවේ මේ රටේ ජනතාවට නව ජීවිතයක් උදාකර දීමේ වගකීම අත්හැරියේ නැහැ. එක් මාධ්‍යවේදියෙක් මගෙන් අහනවා ගත වූ වසර තිහ ගැන දුකක් හිතෙන්නේ නැද්ද කියලා. නැහැ. මේ රටේ ජනතාව වෙනුවෙන් මට කළ හැකි උපරිමය කළා කියන සතුට මට තිබෙනවා. ජනතාවට සතුටෙන් සමාදානයෙන් ජීවත් විය හැකි සමාජයක් ගොඩනැගීමේ සටන ජය ගැනීමෙන් මෙහා අපි නවතින්නේ නැහැ” යැයි ද දිසානායක මහතා කීය.ජනතා විමුක්ති පෙරමුණෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතාඅපි දැනටමත් ජයග්‍රහණ රැසක් අත්පත් කරගෙන තිබෙනවා. රට ගැන කැක්කුමක් ඇති, අවංක, හොරු, දූෂිතයන් නොවන විද්වතුන් කලාකරුවන් ඇතුළු විවිධ වෘත්තිකයන්ගෙන් මේ වේදිකාව පුරවන්න අපට හැකිවීම අපේ ජයග්‍රහණයක්. ඔවුන් සමඟ එක්ව එක් පෙරමුණක් හදන්න හැකිවීම අපි ලැබූ ජයග්‍රහණයක්.අපි දේශපාලනයේ දිශානතිය වෙනස් කළා. මේ රටේ ජනතාවට කැත නැතුව ඡන්දෙ දෙන්න තැනක් අපි හැදුවා. ඒ නිසා දෙන්නෙක් අතර තිබූ ජනපතිවරණය සටන අපි තුන්කොන් සටනක් කළා.ඒ නිසා දැන් දෙවැනි මනාපයත් හිඟා කන තැනට සමහර අපේක්ෂකයන් පත්වෙලා. ඒ වෙනුවෙන් අපි කිව්වා කියලා බොරු ප්‍රචාරයන් යවනවා.අද ඉන්න හිතෙන රටක් ගැන ප්‍රචාර යැව්වට අපිට ඉතුරු වෙලා තියෙන්නේ ඉන්න හිතෙන්නේ නැති රටක්. ඒ නිසා අපේ කාන්තාවන් ජීවත් වෙන්න ක්‍රමයක් හොයාගෙන මැද පෙරදිග යනවා. තරුණයන් ජපානයට, ඕස්ටේ්‍රලියාවට, කොරියාවට හොරෙන් පැනගන්න හදනවා.අන්තිමේදී හිරේ විලංගුවේ වැටෙනවා. වීසා හදා ගන්න, රස්සාවක් හොයාගන්න පුළුවන් වුණ තරුණ තරුණියන් කොහේ හෝ වෙන රටකට පැනගන්නවා.දුප්පත් ජනතාව විතරක් නෙවෙයි බලය ගන්න එන සමහරුන් මේ රට ජීවත් වෙන්න සුදුසු රටක් ලෙස දැක්කේ නැහැ. බලය ගන්න හොඳ වුණාට ජීවත්වෙන්න මේ රට හොඳ නැහැ. ඒකයි එයාලත් පෙන්වන්නේ.අද අපේ රට බිමට වට්ටලා තිබෙන්නේ. අපේ රට ඉතිහාසයේ ගෞරවනීය තැනක තිබුණේ. මහා දැවැන්ත වාරිමාර්ග කළේ ලෝකෙට ණයවෙලා නෙවෙයි. අද පාරට කාපට් දාන්න බැහැ චීනෙන් සල්ලි දුන්නේ නැත්නම්, චීන සමාගම් ආවේ නැත්නම්. මොකක්ද මේ අපි වැටිලා තියෙන තැන.අපේ සමාජ ජීවිතය බිඳ වැට්ටුවා. හැමෝම ඡන්ද ගන්න ජාතිවාදය භාවිත කරනවා. එක පැත්තක් ජාතිවාදය අවුස්සනකොට තව පැත්තක් ජාතිවාදීන්ට කප්පම් දෙනවා.සමහරු කියනවා දුන්නට වැඩක් නැහැනේ, අනුරට දිනන්න බැහැනේ කියලා. ඔය කියන හැමෝම අනුරට දීලා බලන්නකෝ, දන්නෙම නැතුව දිනලා තියේවි. මේ මැතිවරණ ප්‍රචාරක කටයුතුවල අන්තිම දවස හෙට අනිද්දා. මේ දවස් දෙකේ බොරු ප්‍රචාර යාවි. දැනටමත් දෙවැනි මනාපයක් ගැන බොරු ප්‍රචාර යවනවා. අරයා මෙයා කිව්වා කියලා බොරු කියනවා. අපි දෙවැනි මනාපය ගැන කතා කරන්නෙත් නෑ. දෙවැනි මනාපයක් ඉල්ලන්නෙත් නෑ. එකම මනාපයයි. එකම ඡන්දයයි අපි ඉල්ලන්නේ. ජනතාවගේ කැමැත්ත අනුව දෙවැනි තුන් වැනි මනාප භාවිත කළාට අපේ අමනාපයක් නෑ. පාර වැරදුණ රටකට මගපෙන්වන ලකුණ මාලිමාව අරන් අපි ආවා. අපි හරි පාර පෙන්නුවාට ඒ පාරට ජනතාව හරවාගන්න ඕනෑ. අපි ඔබට කියනවා මේ රටත් ජනතාවත් හරි මගට ගන්න ඔබ සියලු දෙනා මාලිමාවක් වන්න.නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා,අපි හැමෝටම හීනයක් තිබෙනවා අපේ රටේ සතුටින් ජීවත්වීමට. අපි ප්‍රශ්නවලට උත්තර හැටියට පෞද්ගලිකව නොයෙක් දේ කළා. ළමයින්ට පොත් අරන් දුන්නා. බෑග් අරන් දුන්නා. ඔය වගේ නොයෙක් දේවල් කළා. ඒත් දුප්පත්කම එහෙමමයි. ඊට පස්සේ තමයි මම කල්පනා කළේ මේ ක්‍රමය වෙනස් කරන්න ඕනෑ කියලා. ඉතිං මම ඒකට ජේ.වී.පී. එකත් සමග එකතුවුණා. මේ වේදිකාවේ ඉන්න ලැබීම ගැන මම සතුටුවෙනවා.ප්‍රවීණ සාහිත්‍යවේදී ජයතිලක කම්මැල්ලවීර මහතා,මෙතැන රටම හොරකම් කරගෙන කාපු බොරු දේශප්‍රේමීන් නැහැ. මෙතැන දූෂිතයන් නැහැ. වංචාකාරයන් නැහැ. ජාතිවාදින් නැහැ. මෙතන ඉන්නේ එකම ජාතියයි. ඒ තමයි මනුෂ්‍ය ජාතිය. අපි හැමෝම එකම තලයකට අයත් එකම ජාතියකට ඒ කියන්නේ මනුස්ස කුලයට අයත්වූවන්. මේ රට තියෙන්නේ වළක වැටිලා. ඒ වළෙන් ගොඩ අරන් මේ රටේ ජනතාවත් සමග රට හදන්න ජාතික ජන බලවේගයට විතරයි වැඩ පිළිවෙලක් තියෙන්නේ. ඒ නිසා ඒ වටා එකතුවෙන්න කියලා ඔබ සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා.එක්සත් වාමාංශික පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික මහින්ද රත්නායක මහතා,මේ රට අද පත්වෙලා තිබෙන දේශපාලන හා ආර්ථික අර්බුදයෙන් ගොඩගන්න දන්දීලා බැහැ. එකට නිසි වැඩපිළිවෙලක් අවශ්‍යයි. ඒ වැඩ පිළිවෙළ තියෙන්නේ ජනතා ජන බලවේගයට පමණයි. රට හදන්න හොඳ දැක්මක් අවශ්‍යයි.ජාතික ජන බලවේගය ගොඩනැගුවේ ජනාධිපතිවරණයෙන් අවසන් කරන්න නෙවෙයි. මේ රටට හොඳ දේශපාලන නායකත්වයන් අවශ්‍යයි. ඒ නායකත්වය ලබාදෙන්න අනුර සහෝදරයාට පුළුවන්. ඔහුට පාර්ලිමේන්තුව තුළ වසර විස්සක අත්දැකීම් තිබෙනවා. ඒ වසර විස්ස පුරා කවුරු විපක්ෂයේ හිටියත් විපක්ෂයේ කාර්යභාරය ඉටු කළේ ඔහු ඇතුළු ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුයි. මහාචාර්ය චන්දන අබේරත්න මහතා,මෙහිදී අලුත් පියාපත් සංවිධානය වෙනුවෙන් නීතිඥ කෞෂල්‍යා ආරියරත්න මහත්මියත් මෙහිදි අදහස් දැක්වූහ.මෙම අවස්ථාවට ජාතික ජනබලවේගයේ ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ, ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, ආචාර්ය ප්‍රභා මනුරත්න, රංගන ශිල්පී ජගත් මනුවර්ණ, රංගන ශිල්පිනි සමනලී ෆොන්සේකා, රංගන ශිල්පිනි දීපානි සිල්වා, ජාතික ජනබලවේගයේ නියමුවන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.
|
’දේශපාලකයන්ට විතරක්ම රට පාලනය කරන්න ඉඩදෙන්න එපා’ දේශපාලකයන් හිරේ ගියාට කමක් නෑ: ඒත් රජයේ සේවකයන්ට එහෙම වෙන්න දෙන්න බෑ
| 0 |
(අංජුල මහික වීරරත්න සහ බලංගොඩ - වයි.ඒ.එස්. වීරවංශ)ගෝනි බිල්ලන් භීෂණ කප්පිත්තන් වෙනුවට රටට සොඳුරු නායකත්වය තමා සපයන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා බලංගොඩ පැල්මඩුල්ල ඇහැලියගොඩ ජනරැලි වලදී පැවැසීය.දේශපාලනය යනු මුදල් ගනුදෙනුව නොවන බව කී සජිත් ප්‍රේමදාස මහතා ජාති ආගම් කිසිදු බේදයකින් තොරව හංසයාගේ සෙවණ යටට එක්වීමට සමස්ත ශ්‍රී ලාංකේය ජනතාවට අවස්ථාව තිබෙතැයිද සඳහන් කළේය.ජනපතිවරණ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජය තහවුරු කිරීම සඳහා අතිවිශාල ජනතාවක් සහභාගි වී සිටියහ.මහවැසි මැද ජනතාව ජනරැලිවලට සහභාගිවීම විශේෂත්වයකි.මෙහිදී ඉඹුල්පේ ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී සුරංග මැණික් මහතා සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමට එක්විය.බලංගොඩ ජන රැලියේදී තවදුරටත් අදහස් දැක්වූ ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මෙසේද කීවේය.බලංගොඩ ආනන්ද මෛත්‍රිය නාහිමියන්ගේ උපන්බිමේ ජීවත්වන සියලුදෙනාටම ශක්තිසම්පන්න ජීවිතය දීම මගේ අරමුණයි.ප්‍රදේශයේ අබුසාලි මහතා කාටවත් අමතක කරන්න බැහැ. බලංගොඩ අනාගත වගකීම තලතා අතුකෝරල මහත්මිය බාරගෙන කරන සංවර්ධනයට මා උපහාර කරනවා. බලංගොඩ සංවර්ධන සුරපුරය කරන්න මා කැප වෙනවා.රත්නපුර දිස්ත්‍රික්කයේ ජනතාව මුහුණ දෙන ප්‍රශ්න රැසක් තිබෙනවා. තේ කර්මාන්තය ප්‍රමුඛ ප්‍රධාන වැවිලි බෝග වගා ශක්තිමත් කරන්න සෘජු වැඩපිළිවෙළ හදනවා. සුළු අපනයන බෝග, ගොවීන් රැකීමටත් මා කටයුතු කරනවා.ගම්මිරිස් සඳහා සහතික මිලක් දෙනවා. ගම්මිරිස් ප්‍රතිඅපනයනය මා සහමුලින්ම නතර කරනවා.එළවළු වගාවේ සහ පලතුරු වගා කරන ගොවි ජනතාව රැකගන්න මා කැපවෙනවා. රත්නපුර දිස්ත්‍රික්කයේ මැණික් කර්මාන්තය ප්‍රචලිතයි. මෑත කාලයේ පැනවූ අසාධාරණ නීතිරීති නිසා මැණික් කර්මාන්තකරුවා අසාධාරණයට ලක්ව සිටිනවා.ඔබේ ශක්තියෙන් ජයගත් පසුව නොවැම්බර් 17 වැනිදා සිට තීන්දු ගන්නේ සමස්ත ජනතා මතයට අනුවයි.මැණික් කර්මාන්තයෙන් ජීවත්වූ ජනතාවට මා ප්‍රකාශයක් කරනවා. නොයෙක් අය දෙන සීනිබෝල පිළිගන්න එපා. ප්‍රේමදාස කෙනකු වචනයක් දුන්නොත් ඒ වචනය පණටත් වඩා රකිනවා.රත්නපුර දිස්ත්‍රික්ක ශක්තිමත් සංවර්ධනයට යොමු කර සංවර්ධනයෙන් බබලන දිස්ත්‍රික්කය බවට පත්කරන්න මා පෞද්ගලික අවධානය යොමු කරනවා. රත්නපුර සංවර්ධන යුගය මා අරඹනවා.ධාරාණිපාත වර්ෂාව මැද ඔබ මේ තරම් උනන්දුවෙන් මා සමග රැඳී සිටීම ගැන ස්තුති කළ යුතුයි. පසුගිය දශකය පුරා මේ ප්‍රතිපත්ති තීන්දු ගන්නාවිට දුටුවේ ඉහළින් තීන්දු ගෙන පහළට යාමයි.මහ පොළොවේ පය ගසා සිටින ජනතාව ගැන අවධානයක් යොමු වී නැහැ. නොවැම්බර් 16 වැනිදා පොඩි මිනිහාගේ කරපිටින් ජනපති ධූරය ලැබෙන විට ජනතා ප්‍රශ්න කරටගෙන විසඳීමට කටයුතු කරනවා.රටේ සංවර්ධනය ජනතා අදහස් මත ජනතාවාදී තීන්දු ගන්නවා.රත්නපුර කොළොන්නේ සංවර්ධන කටයුතු සඳහා මගේ පියා යනවිට දුටු දර්ශනයක් දැක පාසල් දූදරුවන්ට නිල ඇඳුම් හා දිවා ආහාරය දෙන බවට පොරොන්දු වූවා. දිවා ආහාර ක්‍රමය අද ක්‍රියාත්මක වන්නේ නැහැ. පසුගිය රජයේ හිටපු ජනපති ප්‍රමුඛ ආණ්ඩුව එය කපා හැරියා.රටේ වටිනාම සම්පත වන්නේ දරු සම්පතයි. මගේ පියා නිල ඇඳුම් දී මේ සිතුවිල්ල සිතට ගත්තේ කොළොන්නේදීයි. ජනපතිවූ පසුව නිල ඇඳුම් කට්ටල දෙකක් සහ දිවා ආහාරය දෙන්න මා කැප වෙනවා.මා කරන්න යන දේ කපා දමා කතාව පළ කරන්න ඇතැම් මාධ්‍ය කටයුතු කරනවා. ඒ ඔවුන්ගේ අපේක්ෂක පරාජය වන බව දන්නා නිසයි. එක් අපේක්ෂකයකු විතරක් උස්සන්නට මගේ ප්‍රතිඥා කපා දමන්නේ ඇයි?අප ගාලු මුවදොර ඓතිහාසික ජන රැලිය කළා. ඉතිහාසයේ කිසිදිනෙක එවැනි සෙනඟක් පැමිණ නැහැ. රටපුරා රැලි 151ක් මා පවත්වනවා. මගේ ඥාති සහෝදරයා රැලි වලට එවන්නේ නැහැ. අප ළඟ පවුල්වාදය නැහැ. ජනතාව අතරට එන්නේ මා පමණයි.ඒ උදවිය කතා කරන්නේ මිනිස්කම පපුවේ තබාගෙන නොවෙයි. සමෘද්ධි වැඩසටහන මා තවදුරටත් ශක්තිමත් කරනවා. ඒ සමගම ජනසවිය සහනයත් ජනතාව වෙත දීමට කටයුතු කරනවා.මට අමුතුවෙන් රට වටේ යන්න හේතුවක් නැහැ. වසර හතර හමාරක් මා සිටියේ ජනතාව සමගයි. කිසිම සැකයක් නැතිව ප්‍රේමදාස පුතාට ශක්තිය දෙන්න. කොන්ද කෙළින් තබාගෙන රට මා රැකගන්නවා. රට එක්සේසත් කරනවා. ජාත්‍යන්තරයේ කිරුලු පළන්ඳනවා.මගේ ජීවය ප්‍රාණය ඔබේ ඇසුරයි. ඔබ මහා බලාපොරොත්තු සිතේ තබාගෙන මා සමග එක්ව සිටිනවා. ඔබේ අහිංසක බලාපොරොත්තු රැසක් තිබෙනවා.ජනපති වන්නේ මට සුරසැප විඳින්න නෙවෙයි. ඔබ වෙනුවෙන් දුක් විඳින්න මහන්සි වෙන්න මා සූදානම්. රටට අවශ්‍ය සොඳුරු නායකත්වයයි. රටට නායකයින් වන්න ගෝනි බිල්ලන්, භීෂණ කප්පිත්තන් අවශ්‍ය නැහැ.මිනිසාගේ යුතුකම මිනිසාට සේවය කිරීමයි. සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු බලවේගය සිටින්නේ මා සමගයි.දේශපාලන අවස්ථාවාදීත්වයට මා තැන දෙන්නේ නැහැ. දේශපාලනය යනු මුදල් ගනුදෙනුව නොවෙයි. මා සමග කව්රුත් එක්වන්නේ ප්‍රතිපත්ති අනුවයි. මා සොරා කා නැහැ. වංචා දූෂණ කර නැහැ. ජාති ආගම් වලින් තොරව මට ඔබේ ශක්තිය අවශ්‍යයි.මහවැසි මැද ඔබ රැඳී සිටි අයුරු පුදුමයි. රටේ ජාතික ආරක්ෂාව ශක්තිමත් කරන්න සැබෑ යුද වීරයා ආරක්ෂක හා නීතිය හා සාමය ඇමති බවට මා පත් කරනවා.ඒ කතාව කී සැණින් ප්‍රතිවාදීන් බයවෙලා. නියම යුද වීරයා කව්ද? කාඞ්බෝඞ් වීරයා කව්දැයි ජනතාව දන්නවා.පාසල් අධ්‍යාපනය ශක්තිමත් කිරීම මගේ ප්‍රතිපත්තියයි. නිල ඇඳුම නැති නිසා පාසල් නොයන තත්ත්වය වහාම නතර කළ යුතුයි.මේවා කරන්න මට සල්ලි තිබෙනවා. මා ආවාට ගියාට පිටරට යන්නේ නැහැ. ගෝලබාලයන් එක්ක යන්නේ නැහැ. මුදල් නාස්ති නොකර ජනතාවට වගවීමේ හොඳම ආදර්ශය ජනපතිගේ සිට දෙනවා. මා කියන දේවල් අපරාධ වියදම බව ඇතැමුන් කියනවා. මෙය රට වෙනුවෙන් කරන ආයෝජනයයි. දරුවන්ට ක්ලාන්තය හැදී වැටෙන යුගය අවසන් කරනවා.මා කාගෙන්වත් පලිගන්නේ නැහැ. ලසන්ත වික්‍රමතුංගට, එක්නැලිගොඩට, පෝද්දල ජයන්තට වූ දේ ජනතාව දන්නවා. එවන් දෙයක් සජිත් ප්‍රේමදාස යුගයේදී වන්නේ නැහැ.නිදහස් මාධ්‍යයට මා ගරු කරනවා. තර්ජන ගර්ජන මා කරන්නේ නැහැ. තර්ජන ගර්ජන කිරීමේ අයිතිය අනෙක් පාර්ශවයට දෙනවා.ශිෂ්ට සම්පන්න මහත්මා නායකත්වය මා රටට දෙනවා. එමෙන්ම රට ලෝකය සමග ගනුදෙනු කරද්දී අපේකම රජකරගෙන රට දිනවන ගිවිසුම්වලට පමණක් අත්සන් කරනවා.මගේ ලේ නහරවල ඇත්තේ රණසිංහ ප්‍රේමදාස සංකල්පයි. රට මා විකුණන්නේ නැහැ. පාවා දෙන්නේද නැහැ.කුලමල බේද වලින් තොරව හංසයාගේ මහා සෙවන යටට ඔබට පැමිණිය හැකියි. අපි අලුත් ලංකාවක් බිහි කරමු. අපේ මව්බිම ජාත්‍යන්තරයේ ශක්තිමත්ම රට බවට පත්කරමු යයිද සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමතිනී තලතා අතුකෝරළ මහත්මියමා ඔබේ ජීවිතය ජය ගැනීම සඳහා හැකි සෑම දෙයක්ම කර තිබෙනවා. අප ඉතා අසීරුවෙන් 2015 ජනපතිවරණය කළා. අද අපට ඔච්චම් කරමින් නැවත පවුල් පාලනය ගෙන්න හදනවා. ඒවාට ඉඩ දෙන්නේ නැහැ.අද මිනිසුන්ට නිදහසේ මැතිවරණ කරන්න ඉඩදීලා. අප මේ මැතිවරණය ජයගන්නවා. රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ දෑත් පිරිසුදුයි. සජිත් ප්‍රේමදාස මහතාගේ දෑත් පිරිසුදුයි. එදා පොඩි මිනිහා වෙනුවෙන් ශක්තිය දුන්නේ රණසිංහ ප්‍රේමදාස මහතායි.සහරාන්ලාට පඩි ගෙවා කල්ලි හැදූ අය අද අපට සහරාන්ලාගේ ලේබල් අලවන්න හදනවා. ඒ පවුල උත්සහ කළේ පවුලේ ඥාතීන්ට බලය ගන්න පමණයි. ඒකාධිපති වියරුවට ඉඩ නොදී සජිත් ජනපති කරන්න අපි සැම කැපවෙමු.සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළෙඳ නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර මහතාඑක්සත් ජාතික පක්ෂය යනු ජාති බේද පන්ති බේද නැති පක්ෂයයි. අප ශක්තිමත් නායකයකු ඉදිරිපත් කළා. සජිත් යනු දුප්පත් නිර්ධන පන්ති සටනේ නායකයායි. ඔබේ සිහින ඉටු කිරීමට හැකි එකම නායකයා සජිත් පමණයි.මෙවර මැතිවරණයේදී පක්ෂ අවශ්‍ය නැහැ. සියලු පක්ෂවල දුප්පත් ජනතාව ඉන්නවා. සජිත් අයිති වන්නේ වැඩකරන ජනතාවටයි.සජිත්ට තිබෙන චෝදනා මොනවාද? සෙරෙප්පු ගෙවිලා යැයි කියනවා. එකම ඇඳුම අඳින බව කියනවා. ගෝඨාට තිබෙන චෝදනා මොනවාද? ඒ ගැන රටම දන්නවා.සජිත්ට චෝදනා තිබේද ගෝඨාභයට චෝදනා තිබේදැයි තරාදියකට දමා කිරා මැන බලන්න.ජාතික ආරක්ෂාවට දිය යුතු හොඳම උත්තරය සජිත් ප්‍රේමදාස මහතා දී තිබෙනවා. ඒ සරත් ෆොන්සේකා මහතායි.පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතාඅතීතයේ සිට අපේ පක්ෂයේ නායකයකු ජනාධිපති ධූරයට පත්කර ගැනීමේ අවශ්‍යතාව තිබුණා. ඒ අනුව රටට ශක්තිය දීමට හැකි නායකයකු ඉදිරිපත් කළා.එක්සත් ජාතික පක්ෂය දෙකට කැඩුණු පසු ඒ වාසිය ගෙන ජයගන්න පොහොට්ටුව බලාගෙන හිටියා. සජිත් ජනපති වූ පසුව ගෝඨාභයට දේශපාලන අනාගතය නැහැ.සුළු ජාතික ඡන්ද පදනම නැතිව ජනාධිපතිවරණය ජයගන්න හැකියාව නැහැ. අප රාජපක්ෂ එලෙව්වා වගේම රාජපක්ෂගේ මල්ලිත් එලවා දානවා.රාජපක්ෂ කඳවුර එකිනෙකා මරාගන්න තැනට දැන් පැමිණිලා.විශාල ජන ගංගාවක් රැලිවලට සහභාගී වී සිටියහ.
|
“හංසයාගේ සෙවණ සමස්ත ජනතාවටම හිමිවෙනවා “
| 1 |
(අංජුල මහික වීරරත්න සහ වැල්ලවාය - අයි.ආර්. ඉන්දික)පරණ තාලේ ඉබිගමන් නවතා වේගයෙන් තමා සමග වැඩ කරන්න සියලු දේශපාලකයන් සූදානම් විය යුතුයි.නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා වැල්ලවාය පස්සර බිබිල මැදගම 200 හාලිඇළ සහ දියතලාවෙ ජන රැලි අමතමින් සති අන්තයේදී පැවැසීය.“බොන්න වතුර ඉල්ලන විට ටී-56 ගිනි අවියෙන් වතුර දෙන පාලනය වෙනුවට සමෘද්ධිය සහ ජන සවිය යන ජනතා සහන දෙකම එකට දෙන පැය 24ම ජනතාව ගැන සොයා බලන පාලනය ස්ථාපිත කරන බව ද” අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ප්රකාශ කළේය.ජනපතිවරණ අපේක්‍ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ජය තහවුරු කිරීම සඳහා සති අන්තයේ පැවැති ජන රැලි සඳහා අතිවිශාල ජනතාවක් සහභාගි වී සිටියහ.අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් මුල්ම ජන රැලිය වැල්ලවායේදී පැවැත්වුණු අතර එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මෙසේද කීවේය.මගේ පියා සෙවණ අරමුදල ආරම්භ කර නිවාස වැඩසටහන දියත් කළේ වැල්ලවාය, නුගේගලයාය ගම්මානය කේන්ද්‍ර කරගෙනයි. කුඩා දරුවෙකු ලෙස පියා සමග වැල්ලවාය තණමල්විල පාරේ යනවිට දිවා ආහාරය ගැනීම සඳහා එක් නිවෙසක නතර වුණා. එහිදී පොල් අතු පැළක් ගැන පියාගේ අවධානය යොමු වුණා. ඒ අනුව ප්‍රථම වරට මෙරට නිවාස ලොතරැයිය නිවාස සංවර්ධන අරමුදල, සෙවණ අරමුදල, සෙවණ නිවාස වැඩසටහන ආරම්භ කෙරුණා. ඒ, ඓතිහාසික වැල්ලවාය මැතිවරණ බල ප්‍රදේශය කේන්ද්‍ර කරගෙනයි.අද දවසේ මගේ ජනාධිපතිවරණ ව්‍යාපාරයේ ගාලුමුවදොර රැලියෙන් පසුව අරඹන්නේ සෙවණ නිවාස වැඩසටහන ඇරඹුණු වැල්ලවාය පුරවරයෙනුයි. තව වැව්-අමුණු ශක්තිමත් කරගෙන ගොවිතැන් කටයුතු සාර්ථකව කරමින් වී වගාව, අතුරු බෝග වගා කිරීම ඔබේ අපේක්ෂාවයි.අපේකම, සංස්කෘතිය, සභ්‍යත්වය ආරක්ෂා වූ පුරයක් ලෙස වැල්ලවාය හඳුන්වාදිය හැකියි. අධිකරණයේදී බලවේග පරාජය කිරීමට වැල්ලවායේ ජනතාව සමත් වුණා. විදේශීය ආක්‍රමණ සුණු විසුණු කළා. එවැනි පුරයක ජනතා සංවර්ධනය මගේ මූලික යුතුකමයි.ජනපති වී පළමු මාස 48 තුළ වෙල්ලස්ස පුරවරයේ පමණක් නොව මුළු ලංකාවේම මහා වාරි පද්ධති, මධ්‍ය වාරි පද්ධති, සුළු වාරි පද්ධති ප්‍රතිසංස්කරණ කොට කෙත්වතු සරුසාර කරන යුගය මා අරඹනවා. පිටරටින් ආහාර ගෙන්වනවා වෙනුවට ආහාර සුරක්ෂිත කළ ස්වයංපෝෂිත ලංකාවක් මා බිහිකරනවා.මොණරාගල නිවාස ප්‍රශ්න ඇති ජනතාව සඳහා මේ වනවිටත් විශාල වැඩ කොටසත් ඉටු කරලා. සමස්ත ශ්‍රී ලංකාවේම සියලු ජනතාවට තමාගේ ඉඩමක නිවස හදාගන්න පසුබිම නිර්මාණය කරනවා.සෑම පවුලකම ජීවන තත්ත්වය උසස් මට්ටමකට ගෙන ඒමට රටේ ජනපති ලෙස කටයුතු කරනවා. ජනාධිපති ලේකම් කාර්යාලයේ මැදිහත් වීම මත මගේ පෞද්ගලික අධීක්ෂණයෙන් සෑම පවුලක්ම ගොඩගන්නා බව මෙහිදී ප්‍රකාශ කරනවා.මගේ සංකල්පය ගම හදා නගරය හදා රට හැදීමයි. ගම මෙන්ම නගරයත් හැදෙන්න අවශ්‍යයි.ගම් නගර දනව්වල ජීවත් වන ජනතාවගේ ආර්ථිකය ඉහළ නැංවිය යුතුයි. ඔවුන්ගේ ජන ජීවිතය උසස් කළ යුතුයි.මගේ මුළු ජීවිතයම කැපකර තිබෙන්නේ පොදුජන සේවයටයි. මට වෙනත් රාජකාරි නැහැ. පවුලේ සාමාජිකයින් රැක බලා ගැනීම මගේ වගකීම නෙවෙයි. මට රැකගන්න පවුල් පරපුර හෝ ඥාති පරපුරක් හෝ නැත. මගේ ඥාති පරපුර මෙරට සමස්ත ජනතාවයි.මෙරට සෑම උප දිසාපති කොට්ඨාසයකම කර්මාන්ත නිර්මාණය කිරීමේ වැඩසටහනක් මා ක්‍රියාත්මක කරනවා. ගමට කර්මාන්තපුර නොව ජාත්‍යන්තර ආයෝජකයින්ට රතු පළසක් දමා ආයෝජන ගැනීමට කටයුතු කරනවා. ආයෝජකයින් බංග්ලාදේශයට, වියට්නාමයට, ඉන්දියාවට යනවා වෙනුවට ලංකාවට පැමිණෙන පසුබිම සකස් කරනවා. එහිදී යෞවන යෞවනියන්ට රැකියා අවස්ථා උදා කළ හැකියි. වෙල්ලස්ස, හම්බන්තොට, අම්පාර, මඩකලපුව, ත්‍රිකුණාමලය ප්‍රදේශ වෙනම සංස්කෘතික - සංචාරක කලාපයක් ලෙස අප නිර්මාණය කර තිබෙනවා.මොණරාගල ඓතිහාසික සිද්ධස්ථාන සියල්ලක්ම සංවර්ධනය කිරීමට මා කටයුතු කරනවා. බුදුරුවගල, මාලිගාවිල සංවර්ධනය සඳහා පමණක් කෝටි 55ක් වෙන් කළා.ජනතාව රටේ නායකයන්ගෙන් බලාපොරොත්තු වන්නේ මොනවාද? ඔවුන් ආරක්‍ෂිත, සවර්ධිත නව දියුණුවක් ලබන රට බලාපොරොත්තු වනවා. තරුණ පරපුරේ දියුණුවට මුල්තැන දෙන රට දක්ෂයින්ට ඉහළට යා හැකි රටක් උගතුන්ට ශක්තිය දෙන රට ඔබ බලාපොරොත්තු වෙනවා. අපේම ජනතාව සංවර්ධනයේ කොටස්කරුවන් බවට පත්කර ගැනීම මගේ අරමුණයි. මගේ ගමනේ එකම අරමුණ ජාති, ආගම්, කුලමල, පක්ෂ බේදවලින් තොරව මෙරට පොදු ජනතාව සඳහා සෞභාග්‍ය උදාකර දීමයි. මගේ රජය තුළ ඥාති සංග්‍රහ කරන්නේ නැහැ. පවුල් දේශපාලනය කරන්නේ නැහැ. දක්ෂ හපන්කම් තිබෙන යෞවන පරපුරට නිසි තැන ශක්තිය දීම මගේ අරමුණයි. කාන්තා පරපුර සඳහා ආරක්ෂිත බවක් සැපයිය යුතුයි.අභිමානවත් ආඩම්බරවත් ශ්‍රී ලංකාව ජව සම්පන්න මුළු ලෝකයම ජයගන්නා ශ්‍රී ලංකාව මා නිර්මාණය කරනවා.මා ජනපති වූ පසු ක්‍රියාත්මක කරන වැදගත් වැඩසටහන් දෙකක් ගැන සඳහන් කරන්නම්. ජනපති යනු රටේ සෑම පුරවැසියෙකුම එක්ව පත් කරගත් නායකයායි. රටටම වග කියන්නේ ඔහුයි. ජාතික සංවර්ධන විශේෂ ජනපති කාර්ය සාධක බලකාය මා පිහිටුවනවා. මුළු රටටම වගකියන ඒ බලකාය හරහා ජනාධිපති කාර්යාල නියෝජනය කරමින් සෑම උප දිසාපති කාර්යාලයකම ජනාධිපති සංවර්ධන ඒකක ස්ථාපනය කරනවා.රාජ්‍ය පාලනය සංකල්පය තුළින් සෑම උප දිසාපති කොට්ඨාසයකම සෑම කුඩා ගම්මානයකම දිනපතා අරඹන ව්‍යාපෘති ජනතා ඉල්ලීම් බලාපොරොත්තු ආදී සෑම දෙයක්ම රටේ ජනාධිපති ලේකම් කාර්යාලයෙන් අධීක්‍ෂණය කර ගමට නගරයට දැනෙන සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරනවා. නිල්පාට, රතුපාට, කොළපාට, පොහොට්ටු බේදයක් ඒ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී බල කරන්නේ නැහැ. ජනතා ප්‍රශ්න-ගැටලු තිබෙන පුද්ගලයන් උප දිසාපති කාර්යාලයේ ස්ථාපිත සංවර්ධන ඒකකයේ සාමාජිකයන් බවට පත්කර ගන්නවා.නිවාස රැකියා, මාර්ග, පාසල්, රෝහල්, සෞඛ්‍යය, පෙර පාසල් ආදී සෑම ප්‍රශ්නයක් සඳහාම ඍජුවම ක්‍රියාකිරීම මගේ අරමුණයි. ඒ පිළිබඳව රටේ ජනාධිපතිවරයා දැනුම්වත් වී පැය 24 නොනිදන ජනාධිපති ලේකම් කාර්යාලය නිර්මාණය කරනවා. දිවා සහ රාත්‍රී දෙකෙහිම වැඩ කරන්න වැඩසටහන සකසා ශක්තිමත් ජනතා සේවය සඳහා පොදු ජනතා ප්‍රශ්න විසඳන ජනාධිපතිවරයෙකු බවට මා පත්වන බව මෙහිදී අවධාරණය කරනවා. 19 වැනි සංශෝධනයෙන් පසු ජනාධිපතිවරයා යනු නිකම්ම නිකන් පඹයෙකු යැයි සමහරුන් සිතාගෙන ඇති. පඹයෙකු කියා හදන තනතුරේ පඹ ගාලක පැටළෙන්න සජිත් ප්‍රේමදාස ලෑස්ති නැහැ. මා මෙරට ජනපති වනවිට කොන්ද කෙළින් තබාගෙන ජනතාව බලාපොරොත්තු වන උසස් ජනතා සේවය ඉටු කිරීමට දිවි හිමියෙන් කැපවන බව කිව යුතුයි. ජයග්‍රහණයෙන් පසු අලුත් ගමන මා අරඹනවා. ඒක පරණ තාලේ ගමන නොවෙයි. ඉබි ගමන ද නොවෙයි. ගාටමින් යන ගමනක් ද නොවෙයි. මගේ වේගයට වැඩ කරන්න හැමෝම ලෑස්ති විය යුතුයි. කැපකිරීම් කරන්න සියලු දෙනා ලෑස්ති විය යුතුයි.මා දක්‍ෂයින්ට තැන දෙනවා. දූෂිත නොවන දේශපාලකයන් මා ඉදිරියට ගෙන එනවා. දූෂිතයන්ට තැනක් නැහැ. දූෂිතයන් මා ගාවගත්තොත් නැහැ. දක්‍ෂ තරුණ පෙළක් තුන්වැනි පෙළක් ඉන්නවා. අත්වල ලේ නොතැවරුණු, අත්වල ජරාව ගාගත්තේ නැති දක්‍ෂයින් පිරිසක් ඉන්නවා. මා නිර්මාණය කරන අලුත් ශ්‍රී ලංකාව තුළ ඓතිහාසික සංවර්ධන යුගය ක්‍රියාත්මක කරනවා. ආහාර මුද්දර ලාභීන් - ජනසවිලාභීන් බවට පත් කළ යුගය ගැන අප දන්නවා. එය සිදුවුණේ මගේ පියාගේ කාලය තුළයි. දුප්පත් ජනතාවට නොසැලකූ යුගය අතීතයේ නැවතුණා. ඒ අනුව මගේ පියා ජනසවිය වැඩසටහන ආරම්භ කළා. නමුත් ජනසවි වැඩසටහන හරියාකාරව ක්‍රියාත්මක කරගෙන යන්න අවස්ථාව ලැබුණේ නැහැ. එතුමා ජීවිතක්‍ෂයට පත්වුණා. අද ක්රියාත්මක වන සමෘද්ධි වැඩපිළිවෙළ ඉදිරියෙත් මා ඒ අයුරින්ම ක්‍රියාත්මක කරගෙන යනවා. ඒ අතර සමෘද්ධි වැඩපිළිවෙළ තවත් ශක්තිමත් කරමින් ඊට තවත් වැඩපිළිවෙළක් එකතු කරනවා. ඒ වැඩපිළිවෙළ වන්නේ ජනසවියයි. මගේ පියා හඳුන්වා දුන් ජනසවිය වැඩසටහන් මා රට පුරා ක්‍රියාත්මක කරනවා. පසුගිය සමයේ රට පාලනය කළ අය විවිධ සංඛ්‍යා ලේඛන ගැන කියමින් රටට බොරු ප්‍රතිරූපයක් පෙන්වා දුන්නා. වැරදි චිත්‍රය පෙන්නුවා. හතර දෙනෙකු සිටින පවුලකට මාසයකට ආහාර හා ආහාර නොවන වියදම් සඳහා රුපියල් 50,000-55,000ක් දළ වශයෙන් වැය වන බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසනවා. මෙවැනි ආදායම නොලබන කීදෙනකු රටේ ඉන්නවාද. එවැනි ජනතාව ලක්‍ෂ ගණනින් ඉන්නවා. ඒ ජනතාවට හඬක් නැහැ. ඔවුන් දෙස කිසිවකුත් බලන්නේ නැහැ. ඒ අහිංසක-අසරණ මෙරට නිහඬ බහුතරයේ හඬ බවට පත්වෙන්න සජිත් ප්‍රේමදාස සූදානම්. ඒ තුළින් දුප්පත් ජනතාව වෙනුවෙන් කැපකිරීම් කරන්නට මා සූදානම්. මේ මහා රැලියෙන් ඔබට ගෙදර ගෙන යා හැකි පණිවිඩය තිබෙනවා. සමෘද්ධිය ශක්තිමත් කරන අතර ජනාධිපති වැඩසටහනක් මම ක්‍රියාත්මක කරනවා. ජනතා අපේක්‍ෂා බලාපොරොත්තු හඳුනාගෙන ඒ අනුව මා ක්‍රියා කරනවා. මෙරට ජනතාවගේ ඉල්ලුමට සැපයුම දෙන ජනාධිපතිවරයෙකු ලෙස මා ක්‍රියා කරනවා. දැන් ඉදිරිපත් වී සිටින විකල්පය කුමක්ද? ඔහු ගමක පෙර පාසලකටවත් නොපැමිණි පුද්ගලයෙකි. මධ්‍යම බෙහෙත් ශාලාවක් හෝ ගමේ සෞඛ්‍ය මධ්‍යස්ථානයක් හෝ තිබෙනවාද නැද්ද කියා නොදන්නා පුද්ගලයෙකි. ගමේ පාසල් පද්ධති, නගරයේ පාසල් කොතැන තිබෙනවාදැයි නොදන්නා පුද්ගලයෙකි. ජනතාවගේ දුක නොතේරෙන පුද්ගලයන් රටේ පාලනයට සුදුසුද? වතුර ඉල්ලන ජනතාවට ටී 56න් වතුර දුන්නේ ඒකයි. ජාතික ආරක්ෂාව ගැන කතා වෙන්න කාරණයක් නැහැ. යුද ජයග්‍රහණයේ සැබෑ වීරයා මෙරට නීතිය-සාමය සහ ආරක්‍ෂක ඇමැති ලෙස දැනටමත් නම්කර අවසන් බව කිව යුතුයි. මහ පොළොවේ යුද ජයග්‍රහණය කළ සැබෑ වීරයා ඔහුයි. රටේ නායකයා ලෙස ජාතික ආරක්‍ෂාවට මා වගකිව යුතුයි. මා ඒ සියල්ල ඉටු කරනවා.මෑත ඉතිහාසයේ ප්‍රථම වරට පවුල්වාදය නැති ගජ මිතුරු සංගම් නැති ගෝල බාල සුබ සාධනය ක්‍රියාත්මක නොකරන පොඩි මිනිහා සමග මහ පොළොවේ පය ගසා ජීවත් වන නායකත්වයක් නිර්මාණය කිරීමේ අවස්ථාව ඔබට ලැබෙනවා. පොහොට්ටු හෝ බුලත් කොළ හෝ දෙස බලන්න එපා. ජාති-ආගම්-කුලමල බේද බලන්න එපා. පක්‍ෂ බේද බලන්න එපා. සියල්ල අත්හරින්න. මහා සංවර්ධනයේ උසස් ප්‍රතිපත්ති කේන්ද්‍ර කරගෙන මා ඉදිරි ගමන යනවා. මගේත් එකම ප්‍රතිපත්තිය මිනිසා ජීවත් කරවීමයි. මිනිස් සම්පත සුරක්‍ෂා කිරීමයි. නවෝත්පාදනය තුළින් මව්බිම මහා සංවර්ධන විප්ලවයක් නිර්මාණය කිරීම මාගේ අරමුණයිලෝකය සමග තරගකර අපගේ රට අංක 01 බවට පත් කරමු.ලෝකයම ජයගත හැකියි. අපි එක්ව ඉදිරියට යමු. දූෂණ-වංචා නැති රටක් හදා අපි එක්ව ඉදිරියට යමු.අධ්‍යාපනය ශක්තිමත් කොට අපි එක්ව ඉදිරියට යමු. යහපත් ආකල්පවලින් අපි එක්ව ඉදිරියට යමු. නව නිපැයුම් තුළින් ඉදිරියට යමු. සෞඛ්‍ය සම්පන්න පරපුරක් නිර්මාණය කර එක්ව ඉදිරියට යමු. ජාති-ආගම්-පක්‍ෂ බේද ඉවත දමා එක්ව ඉදිරියට යමු. රට දියුණු කරන්න අපි-ඔබ-හැම එකතු වෙමු යැයිද අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා:-ගිනි ගහන අව්වේ ජනතාව රැස්කමින් ඉන්නේ සජිත් ප්‍රේමදාස වෙනුවෙනුයි. වසර 25කින් අප එක්සත් ජාතික පක්‍ෂයෙන් ජනාධිපතිවරයෙක් පත්කර නැහැ. ජනතාව සජිත් ඉල්ලුවේ අද-ඊයෙක නොවෙයි. අවසානයේ ඒ සටන ජය ගත්තා.දුප්පත් ජනතාව සඳහා අවශ්‍ය නායකයෙකු අප මෙවර පත්කර ගන්නවා. ඔබේ සමෘද්ධි සහනාධාරය දෙගුණයක් කර දෙන්න අප කටයුතු කළා. ගම්පෙරළිය වැඩසටහනින් ගමක්-ගමක් ගානේ සංවර්ධනය ව්‍යාප්ත කරන්නට අපට හැකිවුණා. බුදු සසුන දියුණු කිරීම සඳහා රණසිංහ ප්‍රේමදාස මහතා කළ මෙහෙවර අපමණයි. ඒ මහ මෙහෙවර ඉදිරියට ගෙනයාම සඳහා සජිත් ප්‍රේමදාස මහතාට දැවැන්ත ශක්තියක් තිබෙනවා. සජිත්ට කොහේවත් මිනී මැරුවා යයි, සුදු වෑන් එව්වා යයි හොරකම් කළා යයි චෝදනා නැහැ.සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළෙඳ නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර මහතා:-සජිත් යනු ගොවි-කම්කරු පන්තිය නියෝජනය කරන ජනාධිපති අපේක්‍ෂකයායි. ඔහු කොළඹ දේශපාලනයෙන් ඉවත් වී හම්බන්තොට දිස්ත්‍රික්කය තෝරා ගත්තේ ඇයි? සජිත් එක්සත් ජාතික පක්‍ෂයේ අපේක්‍ෂක පමණක් නොවෙයි. දුප්පත්කමට පිළිතුරක් ඇත්තේ සජිත් ප්‍රේමදාස ළඟ බව ජනතාව දන්නවා. ගෝඨාභය කියන්නේ කව්ද? යුද සමයේ බයේ ඇමරිකාවට පැන ගිය පුද්ගලයෙකි. එහෙම කෙනෙකුට ජාතික ආරක්‍ෂාව දෙන්නේ කොහොමද? සජිත් ප්‍රේමදාස ජාතික ආරක්‍ෂාව බාර දෙන්නේ සැබෑ විරුවකු වූ සරත් ෆොන්සේකා මහතාටයි. නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා:-ජනතාවගේ ඉල්ලීම එක්සත් ජාතික පක්‍ෂ නායකත්වය විසින් දී තිබෙනවා. අප රජය සියලුම ක්‍ෂේත්‍ර ආවරණය කරමින් දැවැන්ත සංවර්ධනයක් කළා.සජිත් ප්‍රේමදාස මහතාගේ නිවාස වැඩසටහන යටතේ රට පුරා ශීඝ්‍රයෙන් නිවාස ඉදිවෙමින් තිබෙනවා. සංස්කෘතික අමාත්‍යාංශය සජිත් ප්‍රේමදාස මහතා යටතට පත් වූ පසුව ඒ ක්‍ෂේත්‍රයේ විශාල ප්‍රබෝධයක් වූ බව කිව යුතුයි.ජන රැලි සඳහා ප්‍රදේශයේ මහා සංඝරත්නය ද විශාල ජනතාවක් ද සහභාගි වී සිටියහ.
|
“හංසයාගේ සෙවණ සමස්ත ජනතාවටම හිමිවෙනවා “
| 0 |
(අංජුල මහික වීරරත්න, නිමල කොඩිතුවක්කු, ගම්පහ තිලකරත්න දිසානායක, උඩුගම්පොල එල්.ඩබ්ලිව්. ආරියරත්න, කිරිඳිවැල උපාලි රණවීර සහ දෙහිවල එච්.එම්. ධර්මපාල)“ජනපතිගේ සිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දක්වා කරන සියලු නාස්තිකාර වියදම් සම්පූර්ණයෙන්ම කපා හැර ‘සජිත් සමාජ විප්ලවය’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් හැම පොරොන්දුවක්ම අකුරක් - අකුරක් නෑර ඉටු කරන බව, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනපති අපේක්ෂක, එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක, නිවාස ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරයා 2019 ප්‍රචාරක ව්‍යාපාරය සමාප්ත කරමින් පැවැසීය.සරල බදු ප්‍රතිපත්තිය නිර්මාණය කර මධ්‍යම පන්තියේ අසහනය සම්පූර්ණයෙන්ම අවසන් කරන අතරම ජනතාව මත පීඩනය කිසිලෙසකින් වත් ඇති නොකරන පාලනය ජනාධිපතිවරණ ප්‍රතිඵලත් සමගම මෙරට බිහි වෙතැයිද නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනපති අපේක්ෂක, එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා රැලි අමතා ප්‍රකාශ කළේය.“ඇමෙරිකාවේ - එංගලන්තයේ ඉගෙන ගත්තද මගේ මාතෘ භූමියේ පුරවැසිභව අහිමි කර ගත්තේ නැහැ. මම සීයට සීයක්ම ශ්‍රී ලංකිකයි. රට අතහැර පලා නොයන, ඔර්ජනල් ශ්‍රී ලාංකිකයා මම” යැයිද, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් පැවැසීය.දේශපාලකයන් දුක් විඳින සහ ජනතාව සැප විඳින පාලනය අරඹන බව කී ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා රාජ්‍ය මුදල් යනු ජනපතිගේ හෝ අගමැතිගේ හෝ සල්ලි නොව ජනතාවගේ සහ රටේ සම්පත් බව සිහි තබාගෙන රාජ්‍ය පාලනය ගෙන යතැයිද අවධාරණය කළේය.ජනපතිවරණ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ සහභාගිත්වයෙන් ගල්ගමුව, ආනමඩුව, මීගමුව, කඩවත, පූගොඩ, දෙහිවල, මොරටුව, පොළොන්නරුව, අනුරාධපුරය, කුලියාපිටිය, මාතලේ, මහනුවර, මොනරාගල, හම්බන්තොට, වැලිගම, ගාල්ල, කළුතර සහ මැද කොළඹ යන අවසන් ජනරැලි අමතා වැඩිදුරටත් අදහස් දැක්වූ ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මෙසේද පැවසීය.“ගම්පහ දුම්රිය ස්ථානය වැඩි ජනගහනයක් සිටින දුම්රිය ස්ථානය බව කිව යුතුයි. ඒ දුම්රිය ස්ථානය ප්‍රදේශයේ මගීන්ගේ පහසුව වෙනුවෙන් කඩිනම් සංවර්ධනයකට ලක්කරනවා. 16 වැනිදා ජයග්‍රහණයෙන් පසු දුම්රිය ස්ථානය ක්ෂණික සංවර්ධනයකට ලක්කිරීම මගේ අරමුණයි.ගම්පහ රෝහල ලංකාවේ ප්‍රධානම රෝහලක් බවට පත් කර භෞතික සහ මානව සම්පත් දීමට ද කටයුතු කරනවා. මා ජනාධිපති වී පැය 48ක් ඇතුළත ගම්පහ යසෝදරා දේවි බාලිකා විද්‍යාලය ජාතික පාසලක් බවට පත් කිරීමටද කටයුතු කරනවා.දෑත් පිරිසුදු හොඳ තීන්දු තීරණ ගන්නා ජනතා රජයක් ශ්‍රී ලංකාවට අවශ්‍ය යි. ජනතාවට දැනෙන, ජනතා සේවයක් කරන රජයක් අපට අවශ්‍යයි. ඒ පාලනය තුළ මනුස්සකමට මුල් තැන දිය යුතුයි. මනුස්ස වර්ගයාගේ ඕනෑ එපාකම්වලට විසඳුම් දෙන පාලනයක් බිහි කළ යුතුයි.16 වැනිදා බිහි කරන නව පාලනය තුළ මෙතෙක් කල් පැවති ක්‍රමවේදයේ දැවැන්ත වෙනසක් වෙනවා. සාමාන්‍යයෙන් මැතිවරණ ජයග්‍රහණයෙන් පසු පාලකයන් රජ වන තත්ත්ව පසුගිය සමයේ ක්‍රියාත්මක වුණා. දේශපාලකයන් සුර සැප ලැබුවා. මහජන සම්පත්වලින් පාලකයන් ඉහළ වරප්‍රසාද වින්දා.මම පිහිටුවන රජය තුළ දේශපාලකයන්ට දුක් විඳින්න වෙනවා. දුෂ්කර ක්‍රියා කරන්න වෙනවා. සජිත් ප්‍රේමදාස ජනපති වීමත් සමග දේශපාලකයන් සුර සැප වින්ද යුගය අනිවාර්යෙන්ම අවසන් වෙනවා.මගේ දේශපාලන ගමන තුළ උපරිමයෙන් ම දුක් විඳිනවා. උපරිම කැප කිරීම් කරනවා. රාජ්‍ය පාලනය යනු ස්ථිර දෙයක් නොව තාවකාලික භාරකාරත්වය පමණයි. මෙය වසර පහෙන් පහට අලුත් වෙනවා. එලෙස වන්නේ ජනතා අභිලාෂය අනුවයි. රාජ්‍ය මුදල් යනු ජනපතිගේ - අගමැතිගේ හෝ මැති - ඇමති ඇමතිවරුන්ගේ හෝ මුදල් නොවෙයි. ඒ ජනතාවගේ මෙන්ම රටේ ද සම්පත් බව සිහි තබාගත යුතුයි.වඩා වැදගත් වන්නේ වෙඩි නොවදින වාහනය ද දැනුම පදනම් කරගත් ආර්ථිකයක් නිර්මාණය කිරීමද කියා පාලකයා තේරුම් ගත යුතුයි. මා වැටුප් දීමනා නොලබන ජනාධිපතිවරයකු බවට පත් වෙනවා.එමෙන්ම මා රජයේ නිල නිවාස භාවිත කරන්නේ ද නැහැ. රට පුරා ගොස් මහජන සේවය කරන්න මට ජනාධිපති මාලිගා අවශ්‍ය නැහැ. ජනතා මුදලින් නඩත්තුවන සියල්ල පරිහරණය කළ යුත්තේ රටට සේවයක් වන ආකාරයටයි.ජනපති - අගමැති ප්‍රමුඛ සියලුම මහජන නියෝජිතයන් සඳහා තීරු බදු රහිත වාහන පර්මිට් දීම අත්හිටුවනවා නොව අහෝසි කරන බව මෙහිදී අවධාරණය කරනවා. පාර්ලිමේන්තු නීතියෙන්ම එය අහෝසි කරනවා. කාට හෝ නැවත වාහන පර්මිට් දිය යුතු නම් රටේ නීතිය වෙනස් කරන්න වෙනවා.රට ගැන සිතා මගේ ගමන ඉදිරියට ගෙන යන්න බලාපොරොත්තු වෙනවා. රටට අවශ්‍ය වන්නේ දැනුම් කේන්ද්‍ර කරගත් ආර්ථිකයක් නිර්මාණය කිරීමයි. ජන සමාජය බුද්ධිමතුන්ගෙන් පිරුණු සමාජයක් බවට පත් කිරීම මගේ අරමුණයි. ඒ සඳහා පාසල් දරුවන්වත් වැඩි වැඩියෙන් අධ්‍යාපනයට යොමු කළ යුතුයි. පාසල් දරුවන් සඳහා වැඩි සහන දීමට මා අරමුණු කළේ ඒ නිසයි.මේ සහන දෙන්නේ දැනුම කේන්ද්‍ර කරගත් ආර්ථිකයක් ගොඩ නැගීම සඳහායි. බුද්ධිමතුන්ගේ ජන සමාජය නිර්මාණය කිරීම සඳහායි.දුප්පත්කම ගැන හැමදාම මැතිවරණ වේදිකාවල කතා කරනවා. ග්‍රාමීය දුප්පත්කම පමණක් නොව නාගරික දුප්පත්කමත් දිනෙන් දින විශාල ප්‍රශ්නයක් බවට පත්වෙමින් තිබෙනවා. හතර දෙනෙකු සිටින පවුලක් නඩත්තු කිරීම සඳහා 55,000 අවශ්‍ය බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසනවා. අප සහන දෙන්නේ ජනතාව හැම හැමදාම දුප්පත්කම තුළ රඳවා ගන්න නොව ජනතාව දුප්පත්කමින් මුදවා ගන්නයි.දැනට තිබෙන අවුල් - වියවුල් බදු ප්‍රතිපත්තිය නිසා රටේ මධ්‍යම පන්තිය අසහනයට පත් වී සිටිනවා. සරල බදු ප්‍රතිපත්තියක් මා නිර්මාණය කරනවා. ජනතාව මත පීඩනය ඇති කරන ආණ්ඩුව වන්න බලාපොරොත්තු වන්නේ නැහැ.මගේ පියාගේ පාලන සමයේදී සෑම විටම උත්සාහ කළේ ජීවන බර අඩු කරන්නයි. රටක් පවතින්න නම් මනුෂ්‍යයන් ජීවත්ව සිටිය යුතුයි. වර්ධන වේගය උද්ධමනය ආදී ඉතා බරපතළ වචන දේශපාලකයන් විසින් පාවිච්චි කරනවා. මොන වචන පාවිච්චි කළත් පොදු ජනතාව සතුටින් ජීවත් විය යුතුයි. ජනතාවට ආත්ම තෘප්තිය තිබිය යුතුයි.පුත්තලම දිස්ත්‍රික්කයේ ආණමඩුව මැතිවරණ කොට්ඨාසයේ කෘෂිකර්මාන්තය ක්‍රියාත්මකයි. කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රයේ මෙරට ඉතිහාසයේ කිසිදු නායකයකු ක්‍රියාත්මක නොකරපු ඓතිහාසික විප්ලවයක් කරන්න මා සූදානම්. රටේ ජාතික ආහාර නිෂ්පාදනය ඉතා ඉහළ මට්ටමකට ගෙනෙනවා. රටේ අවශ්‍යතාවට පමණක් සීමා නොවී අපේ බව භෝග අපනයනය කරන්නත් ජාතික සැලැස්ම හදනවා.වී වගාව, එළවළු, පළතුරු බව භෝග වගාව, හේන් වගාව, තේ - පොල් - රබර් වගාව, කුරුඳු - ගම්මිරිස් - කරාඹු නැටි වැනි සුළු අපනයන භෝග වගාව යන සෑම වගාවකටම ඉතිහාසයේ පළමු වතාවට නොමිලේ පොහොර දෙනවා.වල් අලි - මිනිස් ගැටුමට ස්ථිර විසඳුම දෙනවා. කරදිය - මිරිදිය ධීවර කර්මාන්තය ගොඩනඟනවා පමණක් නොව සහනාධාර ක්‍රමවේදයට උපකරණ මෙවලම් දෙන්න කටයුතු කරනවා. ප්‍රදේශයේ සංචාරක කර්මාන්තය ශක්තිමත් කරනවා. සංස්කෘතික ක්ෂේත්‍රය පදනම් කර ගත් සංස්කෘතික සංචාරක කර්මාන්තය මා ගොඩ නඟනවා.පුත්තලම හරහා අනුරාධපුර දක්වා යන අධිවේගී මාර්ගය ද නිර්මාණය කරනවා. මහව සිට ශාන්ත ආනා දේවස්ථානය දක්වා වූ දුම්රිය මාර්ගයද පුළුල් කරනවා.දේශපාලන පළිගැනීම්වලට ලක්වූවන්ට පළමු මාස 5 තුළ වන්දි ගෙවා අවසන් කරනවා. පුත්තලමට කොඩිවිනයක් වෙලා තිබෙන කුණු ප්‍රශ්නය සජිත් ප්‍රේමදාස අතට ගෙන පුත්තලම ජනතාව අසහනයට පීඩාවට ලක්කරනවා වෙනුවට කුණු ප්‍රශ්නයට ස්ථිර විසඳුම දෙනවා.දහසය වැනිදා ජනතාව පොදුජන යුගය ආරම්භ කරනවිට පාසල් දූ දරුවන් 44 ලක්ෂයට මා ආයෝමය ශක්තිය වෙනවා. මගේ පියා තමයි, දිවා ආහාර හා නිල ඇඳුම දුන්නේ. මගේ ප්‍රතිවාදියාගේ කල්ලිය දිවා ආහාරය කපා හැරියා. ලබන 16 වැනිදා ජනතාව මා ජනාධිපති කළ පසු රටේම පාසල් දූ දරුවන්ට නිල ඇඳුම් කට්ටල දෙකයි. දිවා ආහාරයයි. සපත්තු කුට්ටමයි දෙනවා. යැයි ද සජිත් ප්‍රේමදාස මහතා කීවේය.පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා, මහ නගර සභා සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය චම්පික රණවක, එක්සත් ජාතික පක්ෂ ගම්පහ සංවිධායක මහවැලි සංවර්ධන හා පරිසර රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම, පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහත්වරු ද කතා කළහ.
|
“හංසයාගේ සෙවණ සමස්ත ජනතාවටම හිමිවෙනවා “
| 0 |
(අංජුල මහික වීරරත්න, මීරිගම පුෂ්පකුමාර මල්ලවආරච්චි, බියගම සේනක නිර්මාණ, මල්වාන කේ.ඩී.එම්. විතානගේ දෙල්ගොඩ සුදත් පුබුදු කීර්ති සහ මහරගම ගාමිණී සරත් ගුණවර්ධන)“ත්‍රස්තවාදය, කුඩු, කප්පම්, මිනීමැරුම්, අපචාර නැති විනය ගරුක ශ්‍රී ලංකාවක් බිහි කරන බව” නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක, එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා බියගමදී පෙරේදා (29) පැවසීය. ජාතික ආරක්ෂාවට මුල්තැන සහ සුදුස්සාට සුදුසු තැන දීම තම මූලික ප්‍රතිපත්තිය බව කී සජිත් ප්‍රේමදාස මහතා එමගින් ලෝකය ඉදිරියේ දණ නොනමන තේජවන්ත ශ්‍රී ලංකාවක් ගොඩ නගතැයිද අවධාරණය කළේය.ජනපතිවරණ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කරන බියගම ජනරැලිය බියගම - වෙළෙඳ කලාපය අසළ භූමියේදී පැවැත්විණි.එක්සත් ජාතික පක්ෂ බියගම සංවිධායක ජනමාධ්‍ය අමාත්‍ය සහ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා සංවිධාන කළ ජන රැලියට අතිවිශාල ජනකායක් සහභාගිවී සිටියහ.බියගම ජන රැලියට අමතරව මෙදින දිවුලපිටිය, වත්තල මහරගම සහ කිරුළපන දී ද ජනරැලිය පැවැත්විණි.ජන රැලිවලදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මෙසේද පැවසීය.බියගම ප්‍රදේශයට මූලික වූ අවශ්‍යතා රැසක් තිබෙනවා. අපගේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය තුළ ක්‍රියාත්මක වූ නිදහස් වෙළෙඳ කලාපය නිසා ප්‍රදේශයට නේවාසිකාගාරවල වැඩි ඉල්ලුමක් දකින්නට ලැබෙනවා. ලබන 16 වැනිදාට මා ජනාධිපති ධුරයට පත් වූ පසු නිදහස් වෙළෙඳ කලාපයේ නේවාසිකාගාර ප්‍රශ්නය පිළිබඳ පූර්ණ අවධානය යොමුකර ඒ පහසුකම් වර්ධනය කරන්න කටයුතු කරනවා.එමෙන්ම ප්‍රදේශයට ජාතික පාසලක දැඩි අවශ්‍යතාව තිබෙනවා. රෝහලක අවශ්‍යතාවද තිබෙනවා. මා ඒ පිළිබඳව රුවන් විජයවර්ධන ඇමැතිතුමා සමඟද සාකච්ඡා කළා.බලයට පත්වී මාස තුනක් ඇතුළත ප්‍රදේශයේ රෝහලේ වැඩ ආරම්භ කරන්න මෙන්ම ජාතික පාසලේ වැඩ කටයුතු ආරම්භ කරන්න අනිවාර්යෙන්ම මා කටයුතු කරන බවට මෙහිදී පොරොන්දු වෙනවා.ප්‍රදේශය ගංවතුර උවදුරෙන් පීඩාවට පත් වෙනවා. ගං වතුර පාලනය සඳහා විධිමත් වැඩපිළිවෙළක් ක්රියාත්මක කරනවා. ප්‍රදේශයේ බහුතරය ජනතාව වැලි ගොඩදැමීම ජීවනෝපාය කරගෙන තිබෙනවා. වැලි ගොඩ දැමීමේ ව්‍යාපාරයේ නිරත වූවන් විවිධ නීති රීති නිසා තම සුපුරුදු ව්‍යාපාර කරගෙන යාමට නොහැකිව විශාල අසරණ භාවයකට පත්වී සිටිනවා.මා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ අසරණ බවට පත්වූ සැමට සරණ වීමටයි. ඒ නිසා පරිසරය ගංගා නිම්න ආරක්ෂා කර ගනිමින් මිනිසාගේ ජන ජීවිතයට ප්‍රමුඛතාව දෙමින් පරිසරයට අගතියක් නොවන ආකාරයට වැලිගොඩ දැමීමට මා අවසර දෙනවා.ප්‍රදේශයේ ව්‍යාපාර ගොඩ නැංවීමටත් මා ශක්තිය දෙනවා. කොළඹ - මල්වාන මාර්ගය ඉදිකර යටිතල පහසුකම් නැංවීම තුළින් ජන ජීවිතය උසස් තලයකට ගෙන ඒමට කටයුතු කරනවා.අපේ රටේ කාන්තා ගෘහ මූලික පවුල් ලක්ෂ ගණනක් තිබෙනවා. මේ පවුල් ඒකකවල ජන ජීවිතය ඉතාම දුක්ඛිතයි. කාන්තාවන් ඉතා අමාරුවෙන් පවුල් සංස්ථාව රැක ගනිමින් දුවා - දරුවන් රැක ගන්නවා. ඒ පිළිබඳව විශේෂ අවධානයක් යොමුකර කාන්තා පරපුර සවිබල ගන්වනවා.සහල් මෝල් හිමියන්ට විශේෂ දිරි ගැන්වීමේ වැඩ සටහනක් ක්‍රියාත්මක කරනවා. සහල් කර්මාන්තය වැඩි දියුණු කිරීමට නවීන තාක්ෂණ ක්‍රමවේද උපයෝගී කර ගනිමින් සහල් කර්මාන්තයේ නිෂ්පාදකයින්ට විශේෂ මූල්‍ය ශක්තිය දී සහල් කර්මාන්ත ක්ෂේත්‍රය ඉහළ තැනකට ගේනවා.සියලු වගාවනට වී, තේ, පොල්, රබර්, සුළු අපනයන බෝග එළවළු පලතුරු හේන් වගාවට නොමිලේ පොහොර දෙනවා. එය එසේ කරන්නේ ජාතික වශයෙන් කෘෂි නිෂ්පාදනය ඉතා ඉහළට ගෙනැවිත් පිටරටින් මෙරටට බවභෝග ආනයනය කරනවා වෙනුවට භෝගවලින් ස්වයංපෝෂිත මාතෘ භූමියක් නිර්මාණය කරන්නයි.ආර්ථික වශයෙන් ඉහළට එනවා වගේම ජාතික නිෂ්පාදනයටත් එයින් දැවැන්ත රුකුලක් ලැබෙනවා. එවිට රටේ ආදායමත් ඉහළ යනවා. සියලු ක්‍රියා නිසා රට ලෙස සිරවී සිටින ණය උගුලෙන් එළියට එන්න උදව් වෙනවා.පැහැදිලි ආර්ථික ගමනක් තුළ ඉලක්ක ගත වැඩ පිළිවෙළ යටතේ පොහොර නොමිලයේ දී ජාතික නිෂ්පාදනය ඉහළ දමා රට ණය බරින් මිරිකුණු යුගය අවසන් කරනවා. එමගින් ජනතාවට සෞභාග්‍යමත් රටක් බිහි කරනවා.වර්තමානයේ මාතෘ භූමියේ දුගී - දුප්පත්කම නැති කිරීමේ වැඩ සටහන සමෘද්ධි වැඩසටහනයි. අදටත් විශාල ජන කොට්ඨාසයක් දුප්පත් කමින් පෙළෙනවා. දුප්පත්කම නැති කිරීම සඳහා සමෘද්ධි දීමනා වැඩිකර සමෘද්ධියට තවත් වැඩ සටහන් එකතු කරමින් දුප්පත් කමින් මිදීමේ අවස්ථාව උදා කරනවා. සමෘද්ධිය ශක්තිමත් කරනවා සේම ජනසවිය ද නැවත අරඹා මෙරට දුගී දුප්පත් ජනතාව ඉන් මුදවා ගැනීමට කළ හැකි සියලු දේ කරනවා.කාන්තාව මා ඉතා උතුම් ලෙස සලකනවා. කාන්තාව මුහුණ දෙන කව්රුත් කතා නොකරන සෞඛ්‍ය ප්‍රශ්නයක් තිබෙනවා. කාන්තාවනගේ වටිනාම සම්පත මාතෘත්වයයි. බොහොම සංවේදී හිතට වදදෙන කාරණයක් ගැන මා කල්පනාකොට විසඳුමක් දුන්නා. කාන්තාවගේ ප්‍රශ්නය ගැන මා කතාකර විසඳුම දුන්නාම පොහොට්ටු කණ්ඩායම් මට පහර පිට පහර ගහනවා.ලෝකයට ජීවය දෙන උතුම් කාන්තාවන් අද බරපතළ ගැටලුවට මුහුණ දෙනවා. මාසික ශුද්ධිය කාලයේදී නිසි සනීපාරක්ෂක ක්‍රමවේද අනුගමනය නොකරන නිසා භයානක බලපෑම් ගණනාවක් නිර්මාණයවෙලා.විශේෂයෙන්ම ගැබ් ගෙළ පිළිකාව, මුත්‍රා ආසාධනය, වකුගඩු ඉන්ද්‍රීය නරක්වීම, ප්‍රජනන අවයවවල ආසාධනය වැනි බරපතළ රෝගී තත්ත්ව නිර්මාණය වෙන්නේ නිසි සනීපාරක්ෂක ක්‍රමවේද අනුගමනය නොකරන නිසා බව කිව යුතුයි. මෙය දියුණු වෛද්‍ය පරීක්ෂණ මගින්ද තහවුරු කරලා.කව්රුත් කතා නොකරන සියයට 51.8ක් වන කාන්තා පරපුරට බලපාන ගැටලුව ගැන රජය ලෙස මා අනාගතයේදී විසඳුමක් දෙනවා. මාස 10ක කාලයක් දරුවකු කුසේ තබා ගෙන උහුලා ගන්න බැරි වේදනාවක් දරාගෙන මිහිපිට දෙවියෙකු ලෙස සලකන්න පුළුවන් කාන්තාවට බලපාන ගැටලුවට මගේ රජය මගින් අනිවාර්යයෙන්ම විසඳුම් දෙනවා.මෙවැනි ප්‍රශ්න තිබෙනවිට රටක පාලකයන් ලෙස මට නිහඬව බලා සිටින්න බැහැ. මව් කැක්කුම සහෝදර කැක්කුම දන්න කාන්තාවගේ දුක තේරෙන මා මේ ප්‍රශ්නවලට තිරසර විසඳුමක් දෙන්න කටයුතු කරනවා.රටේ කාන්තා පරපුර මැද පෙරදිග ගොස් නොයෙක් වද - හිංසා විඳ මෙරටට විදේශ විනිමය ගේනවා. මධ්‍යම කඳුකරයේ තේ වතුවල කාන්තා පරපුර සේවය කර දැවැන්ත ආර්ථික ශක්තියක් දෙනවා. ඇඟලුම් කම්හල්වල සේවය කරන තරුණ කාන්තා පරපුර අපේ රටට ඓතිහාසික හයියක් දෙනවා. රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න වැඩිම දායකත්වය දෙන්නේ කාන්තා පරපුරයි.මෙවැනි තත්ත්වය තුළ කවුරු කොහොම විහිළු කළ ද කවුරු කොච්චර ප්‍රශ්නය අවලාදයට ලක් කළ ද කාන්තාවන්ගේ ප්‍රශ්න පිළිබඳව අවබෝධය සැලකිල්ලක් තිබෙන අම්මාගේ දුක දන්න, සහෝදරියන්ගේ- කාන්තාවන්ගේ දරු පරම්පරාව ගැන කැක්කුම තිබෙන පුද්ගලයා ලෙස ප්‍රශ්නයට ජාතික වශයෙන් විසඳුම් දී සනීපාරක්ෂක පහසුකම් නැති සියලු කාන්තාවනට ඒ පහසුකම් දෙන්න මා කටයුතු කරනවා. එපමණක් ද නොව පාසල් අධ්‍යාපනය තුළ දැරියන් මුහුණ දෙන ප්‍රශ්නයට සාධනීය විසඳුම් දෙන වෛද්‍ය ඒකක නිර්මාණය කරනවා.පොදු ජනතාව, සාමාන්‍ය ජනතාව රජ කරවන යුගය 16 වැනිදා නිර්මාණය කරන විට අපේකම - ගමේකම - නගරේකම, අපේ සංස්කෘතිය - සභ්‍යත්වය, රටේ ඒකීයභාවය - ස්වෛරීත්වය, භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කරගෙන කශේරුකාව කෙළින් තබා ගෙන මාතෘ භූමිය මා දිවි හිමියෙන් රකිනවා.රට ආරක්‍ෂා කරන්නේ කෙසේ ද රට ගොඩ නගන්නේ කෙසේ ද යන කරුණු පිළිබඳව සාකච්ඡා කළ යුතුයි. මා කළේ විවෘත ආරාධනයක්. මගේ ආරාධනාවට එතුමා පිළිතුරු දුන්නේ නැහැ. නමුත් අහල පහළ ඉන්න කුක්කෝ ටික උත්තර දෙනවා. මට කුක්කන්ගේ උත්තර හරියන්නේ නැහැ. මට අවශ්‍ය මගේ ප්‍රතිවාදී අපේක්‍ෂකයාගේ උත්තරය මොකක්ද කියා දැන ගන්නයි.රණවිරුවන් ගැන මගේ ප්‍රතිවාදියාගෙන් මාධ්‍ය ප්‍රශ්නයක් ඇසූ විට හමුදාව බාරව ඔහුවත් ඔහුගේ අයියාවත් හිටියේ නැතැයි පැවසුවා. අවුරුදු 10කට පෙර ඔවුන් කළ බොරුව එයින් හෙළි වුණා. යුද්ධයෙන් පසු මේ අය පොළොව ඉඹ කිව්වේ මොකක්ද? යුද්ධය කළේ ඔවුන් බවයි.මගේ පියා අවසන් වරට කිව්වේ සත්‍ය ජයගනී යන ප්‍රකාශයයි. ඒ ප්‍රකාශය තහවුරු කරමින් යුද්ධය කළේ ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා බව ඔවුන්ම අද ප්‍රකාශ කළා. දේශප්‍රේමින්ගේ හැටි පේනවා නේද?යුද්ධය දිනා දින 10ක් තුළ මහා පාවාදීම කළා. මානව හිමිකම් කඩ වූ බවට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් සමග ගිවිසුම අත්සන් කළා. එදා වගේම අදත් තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් රණවිරුවන් පාවා දෙනවා. මා නම් එසේ කරන්නේ නැහැ. රණවිරුවන් වෙනුවෙන් ඕනෑම තොණ්ඩුවකට බෙල්ල දෙන්න මා සූදානම් යැයි ද සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.එක්සත් ජාතික පක්ෂ බියගම ප්‍රධාන සංවිධායක ජනමාධ්‍ය අමාත්‍ය සහ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා:තරුණ නායකත්වයක් අවශ්‍ය බවට වසර ගණනාවක් තිස්සේ ඉල්ලීම තිබුණා. ඒ අනුව අපගේ නායකයන් සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් කළා. ජනතාව අතර විශාල උද්යෝගය අද ඇති වෙලා.රට ඉදිරියට ගෙන යන්න තරුණ නායකත්වය අවශ්‍යයි. අනාගතය ආර්ථිකය පිළිබඳව සජිත් පේ්්‍රමදාස මහතාට හොඳ දැක්මක් තිබෙනවා. සජිත් ප්‍රේමදාස මහතා තම පියා කළ සේවය ඉදිරියට ගෙන යාමට කටයුතු කරමින් ඉන්නවා. එතුමා එක්සත් ජාතික පක්‍ෂ බලකොටුවක් වූ කොළඹ අතහැර හම්බන්තොට ගියේ දිළිඳු ජනතාවට සේවය කරන්නයි. ඔහු හම්බන්තොටට රාජපක්ෂලාට වඩා සේවය කරන්නයි. ඔහු හම්බන්තොටට රාජපක්ෂලාට වඩා සේවය කර තිබෙන බව කිව යුතුයි. රට පුරා දිළිඳු ජනතාව වෙනුවෙන් එතුමා නිවාස ඉදි කළා.ශ්‍රී ලංකාව ඇමරිකාවට විකුණන්න හදන බවට විමල් වීරවංශ වැනි දේශපාලකයන් කෑගැසුවා. ඔවුන් ඇමරිකන් පුරවැසියෙකු ජනාධිපති කරන්න රට පුරා කෑගසමින් යනවා. ගුරුවරුන් දණගස්වන කාන්තාවන් කෙලෙසන දේශපාලකයින් අපට අවශ්‍ය නැහැ.නැවතත් රට පවුල් පාලනයට ගෙන යන්න අප ඉඩ තබන්නේ නැහැ. අද අප මාධ්‍ය නිදහස ස්ථාපිත කරලා එයින් වැඩිපුරම බැට කන්න වූයේ වත්මන් රජයට බව කිව යුතුයි.ජනරැල්ල නතර කරන්න කිසිවකුටත් බැහැ. පසුගිය සමයේ දී රුපියල් මිලියන 300ක සංවර්ධනය මේ ප්‍රදේශයට පමණක් කර තිබෙන බව කිව යුතුයි. සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති ධුරයට පත්වූ සැණින් බියගමට රෝහලක් දීමට මා කටයුතු කරනවා.පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා:අපේ පක්ෂය සෑම විටම ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරනවා. ජනතා ඉල්ලීම අනුව සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් කළේ ඒ අනුවයි.සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති ධුරයට පත්වූ පසුව ශ්‍රී ලංකාවේ ආරක්‍ෂාව මා බාර ගන්නවා. ආරක්‍ෂාව බාරගෙන වසර දෙකක් ඇතුළත මෙරටින් මත්ද්‍රව්‍ය උවදුර තුරන් කරන බවට මා ප්‍රතිඥා දෙනවා.තෙරිපැහැ සිරිනන්ද හිමියෝ ද මහා මාර්ග මාර්ග සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක, පුරවැසි සංවිධාන එක්මුතුවේ කැඳවුම්කරු සමන් රත්නප්‍රිය, බියගම ප්‍රාදේශීය සභාවේ විෂක්ෂ නායක සුසන්ත සම්පත් යන මහත්වරු ද අදහස් දැක්වූහ.මහවැලි සංවර්ධන සහ පරිසර රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම, පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා යන මහත්වරුන් ප්‍රමුඛ දේශපාලන නියෝජිතයෝ විශාල පිරිසක් මේ අවස්ථාවට සහභාගි වී සිටියහ.ඡායාරූප-චතුර එස්.කොඩිකාර
|
“හංසයාගේ සෙවණ සමස්ත ජනතාවටම හිමිවෙනවා “
| 0 |
(а¶ҡа¶ұа·Ҡа¶ӯа¶Ҫа·ҷа·Ҡ а¶ҡа·ҡ.а¶©а·“. а·Җа·’а¶ўа·ҡа¶ҙа·Ҹа¶Ҫ)“а¶ўа¶ұа·Ҹа¶°а·’а¶ҙа¶ӯа·’ а·ға·’а¶»а·’а·ға·ҡа¶ұ а¶ёа·„а¶ӯа·Ҡа¶ӯа¶әа·Ҹа¶ңа·ҡ а·Җа·җа¶ұа·ҷа¶ұ а·ға·”а·…а·” а¶ҙа·Ҡа¶»а¶ӯа·’а¶ҙа¶ӯа·Ҡа¶ӯа·’ а·„а·’а¶ұа·Ҡа¶Ҝа·Ҹ а·Җа·’а·Ға·Ҡа·Җа·Ҹа·ға¶·а¶Ӯа¶ңа¶әа¶§ а¶ҙа·ҷа¶» а¶Ҝа·Җа·ға·ҡ а¶’ а¶ҙа¶ҡа·Ҡа·Ӯа¶әа·ҡ а¶ҙа·’а¶»а·’а·ғ а¶ңа¶ӯа·Ҡ а¶ӯа·“а¶»а¶«а¶ә а¶ұа·’а·ға·Ҹ а¶ӯа¶ёа¶әа·’ а¶…а¶ҙа·’ а¶ҙа·җа¶»а¶Ҝа·”а¶«а·ҡ. а·ға·’а¶»а·’а·ға·ҡа¶ұ а¶ёа·„а¶ӯа·Ҡа¶ӯа¶әа·Ҹ а¶ҡа¶©а·”а·Җ а¶ңа¶ұа·Ҡа¶ұа·Җа·Ҹ а¶‘а·…а·’а¶әа¶§. а¶Ҝа·Ҹа¶ңа¶ұа·Ҡа¶ұа·Җа·Ҹ а¶ҡа·ңа¶ҙа·”а·Җа¶§. а¶Ҷа¶әа·ҡ а¶‘а·…а·’а¶әа¶§ а¶ңа¶ұа·Ҡа¶ұа·Җа·Ҹ. а¶Ҷа¶әа·ҷа¶ӯа·Ҡ а¶ҡа·ңа¶ҙа·”а·Җа¶§ а¶Ҝа·Ҹа¶ңа¶ұа·Ҡа¶ұа·Җа·Ҹ. а¶ҡа¶©а·”а·Җ а¶‘а·…а·’а¶әа¶§ а¶ңа¶ұа·Ҡа¶ұ а·Җа·’а¶Ҝа·’а¶әа¶§ а·Җа·җඬа·ҡ а¶ҡа·…а·Ҹ а¶ұа¶ёа·Ҡ а¶»а¶ұа·’а¶Ҫа·Ҡ а¶ңа·ҷа¶Ҝа¶» а¶әа·җа¶әа·’ а¶ўа·Ҹа¶ӯа·’а¶ҡ а¶ұа·’а¶Ҝа·„а·ға·Ҡ а¶ҙа·ҷа¶»а¶ёа·”а¶«а·ҡ а¶ұа·Ҹа¶әа¶ҡ а¶ҙа·Ҹа¶»а·Ҡа¶Ҫа·’а¶ёа·ҡа¶ұа·Ҡа¶ӯа·” а¶ёа¶ұа·Ҡа¶ӯа·Ҡа¶»а·“ а·Җа·’а¶ёа¶Ҫа·Ҡ а·Җа·“а¶»а·Җа¶Ӯа·Ғ а¶ёа·„а¶ӯа·Ҹ а¶ҡа¶ұа·Ҡа¶ӯа¶Ҫа·ҡа¶Ҝа·“ а¶үа¶ҡа·”а¶ӯа·Ҡа¶Ҝа·Ҹ а¶ҙа·җа·Җа·ға·“а¶ә.а¶”а·„а·” а¶ёа·ҡ а¶¶а·Җ а·ға¶іа·„а¶ұа·Ҡ а¶ҡа·…а·ҡ а¶ҡа¶ұа·Ҡа¶ӯа¶Ҫа·ҡ а¶үа¶ҡа·”а¶ӯа·Ҡа¶Ҝа·Ҹ а¶ҙа·җа·Җа·җа¶ӯа·’ а¶»а·җа·ға·Ҡа·Җа·“а¶ёа¶ҡа·Ҡ а¶…а¶ёа¶ӯа¶ёа·’а¶ұа·’.а¶ўа·Ҹа¶ӯа·’а¶ҡ а¶ұа·’а¶Ҝа·„а·ға·Ҡ а¶ҙа·ҷа¶»а¶ёа·”а¶«а·ҡ а¶ӯа·Ҡа¶»а·’а¶ҡа·”а¶«а·Ҹа¶ёа¶Ҫа¶ә а¶Ҝа·’а·ға·Ҡа¶ӯа·Ҡа¶»а·’а¶ҡа·Ҡ а·ға¶Ӯа·Җа·’а¶°а·Ҹа¶әа¶ҡ а·ға·”а¶ұа·’а¶Ҫа·Ҡ а¶…а¶ёа¶»а·Җа¶Ӯа·Ғ а¶ёа·„а¶ӯа·Ҹ а¶»а·җа·ға·Ҡа·Җа·“а¶ё а·ға¶Ӯа·Җа·’а¶°а·Ҹа¶ұа¶ә а¶ҡа¶» а¶ӯа·’а¶¶а·’а¶«а·’.а¶‘а·„а·’а¶Ҝа·“ а·Җа·’а¶ёа¶Ҫа·Ҡ а·Җа·“а¶»а·Җа¶Ӯа·Ғ а¶ёа·„а¶ӯа·Ҹ а¶ёа·ҷа·ға·ҡа¶Ҝ а¶ҙа·җа·Җа·ға·“а¶ә “а¶ӯа¶ёа·”а¶ұа·Ҡа¶ұа·Ҹа¶ұа·Ҡа·ға·ҡа¶Ҫа·Ҹ а¶Ҝа¶ұа·Ҡа¶ұа·Җа·Ҹ а¶ҙа·ҷа¶¶а¶»а·Җа·Ҹа¶»а·’ а¶Ҝа·„а·Җа·ҷа¶ұа·’а¶Ҝа·Ҹа¶әа·’а¶ұа·Ҡ а¶ҙа·ға·Ҡа·ға·ҡ а¶…а¶ңа¶ёа·җа¶ӯа·’ а·„а·’а¶§а·’а¶әа·ҡ а¶…а¶әа·’.а·ға·“.а¶әа·–. а¶‘а¶ҡа·ҡ а¶ўа¶ұа·Ҹа¶°а·’а¶ҙа¶ӯа·’ а·„а·’а¶§а·’а¶әа·ҡ а¶ұа·җа·„а·җ а¶»а¶§а·ҡа·Җа¶ӯа·Ҡ а·ға¶ӯа·’а¶әа¶ҡа·Ҡ а·Җа·’а¶ӯа¶». а¶…а¶»а·ҷа·„а·ҷа¶ұа·Ҡ а¶Ӣа¶ӯа·”а¶»а·ҷа¶ұа·Ҡ а¶ҡа·’а¶әа¶ұа·Җа·Ҹ а·ға·’а¶Ӯа·„а¶Ҫ а¶ёа·’а¶ұа·’а·ға·Ҡа·ға·” а¶ҙа¶Ҝа·’а¶Ӯа¶ а·’ а¶ҡа¶»а¶ұа·Ҡа¶ұ а¶‘а¶ҙа·Ҹ а¶ҡа·’а¶әа¶Ҫа·Ҹ. а¶ёа·ҷа·„а·ҷа¶ұа·Ҡ а¶ҙа·Ҹа¶ӯа·Ҹа¶Ҫа·ҡ а¶ёа·’а¶ұа·“ а¶ёа¶»а¶ұа·Җа·Ҹ. а¶ёа·ҡ а¶…а¶әа¶§ а·Җа¶ңа·ҡ а·Җа¶ңа¶ҡа·Ҡ а¶ұа·җа·„а·җ. а¶…а¶ұа·’а¶ӯа·Ҡ а¶ҙа·җа¶ӯа·Ҡа¶ӯа·ҷа¶ұа·Ҡ а¶¶а·җа¶Ӯа¶ҡа·”а·Җа¶Ҫ а¶ёа·”а¶Ҝа¶Ҫа·Ҡ а¶ӯа·җа¶ұа·Ҡа¶ҙа¶ӯа·Ҡ а¶ҡа¶»а¶ҙа·” а¶…а¶әа¶§ а¶Үа¶ҙа¶ӯа·Ҡ а¶ұа·җа·„а·җ.а¶ёа·ҷа·„а·ҷа¶ё а¶»а¶§ а¶…а·ға·Ҡа¶®а·Ҹа·Җа¶» а·Җа·”а¶«а·Ҹ. а¶’а¶ҡ а¶ӯа¶ёа¶ұа·Ҡа¶ңа·ҡ а¶‘а¶ҡ а¶…а¶ұа·’а¶ӯа·Ҡ а¶ҙа·җа¶ӯа·Ҡа¶ӯа¶§ а¶ҙа¶§а·Җа¶ұа·Ҡа¶ұ а¶ӯа¶ёа¶әа·’ а¶Ҝа·’а¶ңа¶ұ а¶ңа·’а·„а·’а¶Ҫа·Ҡа¶Ҫа·Ҹ а¶ңа·’а¶ұа·’ а¶ҙа¶ӯа·Ҡа¶ӯа·” а¶ҡа·…а·ҡ. а¶»а·„а·ға·Ҡ а¶ҙа·ңа¶Ҫа·’а·ға·’а¶әа¶§ а¶ҡа·’а¶әа¶Ҫа·Ҹ а¶…а·ға¶ӯа·Ҡа¶ә а¶ҙа·Ҡа¶»а¶ҡа·Ҹа·Ғ а¶‘а¶ҡа¶ӯа·” а¶ҡа·…а·Ҹ. а¶Ҝа·җа¶ұа·Ҡ а¶¶а¶Ҫа¶ұа·Җа·Ҹ а¶’а¶ҡ а¶ҙа·ңа¶Ҝа·” а¶ўа¶ұ а¶ҙа·ҷа¶»а¶ёа·”а¶«а·ҡ а¶ҡа¶»а·ҡ а¶ңа·„а¶ұа·Ҡа¶ұ. а¶Ҝа·’а¶Ҫа·”а¶ёа·Ҡ а¶…а¶ёа·”а¶«а·”а¶ңа¶ё а¶ёа¶ұа·Ҡа¶ӯа·Ҡа¶»а·“а¶ӯа·”а¶ёа·Ҹа¶§ а¶ҙа¶§а·Җа¶ұа·Ҡа¶ұ. а¶’ а¶ҙа·Ҡа¶»а¶Ҝа·ҡа·Ға·Җа¶Ҫ а¶ёа·’а¶ұа·’а·ға·Ҡа·ға·” а¶ҡа·’а¶әа¶ұа·Җа·Ҹ а¶ҙа·ңа¶Ҫа·’а·ға·’а¶ә а¶¶а¶Ҫа¶ұа·Ҡ а·„а·’а¶§а·’а¶әа·Ҹ а¶ёа·ңа¶ҡа·”а¶ӯа·Ҡ а¶ҡа·…а·ҡ а¶ұа·җа·„а·җ а¶ҡа·’а¶әа¶Ҫа·Ҹ. а¶»а·„а·ға·Ҡ а¶ҙа·ҷа¶Ҫа·’а·ға·’а¶әа·ҡ а·Ға·Ҹа¶ұа·’ а¶…а¶¶а·ҡа·ға·ҡа¶ҡа¶» а¶Ҝ а¶ҡа·ңа·„а·ҷа¶Ҝ а¶ҡа·’а¶әа¶Ҫа·Ҹ а¶үа¶ұа·Ҡа¶ұа·Җа·Ҹ а¶Ҫа·ңа¶ҡа·Ҡа¶ҡа·ҷа¶ҡа·Ҡ. а¶»а·Җа·”а·Ҷа·Ҡ а·„а¶ҡа·“а¶ёа·Ҡ а¶Үа¶ёа·җа¶ӯа·’а¶ӯа·”а¶ёа¶ӯа·Ҡ а¶ҡа·’а¶әа¶ұа·Җа·Ҹ а¶Ҝа·’а¶Ҫа·”а¶ёа·Ҡ а¶…а¶ёа·”а¶«а·”а¶ңа¶ё а¶ёа¶ұа·Ҡа¶ӯа·Ҡа¶»а·“а¶ӯа·”а¶ёа·Ҹа¶§ а¶ёа·ҡа¶ҡ а¶ҙа¶§а·Җа¶ұа·Ҡа¶ұ а¶¶а·җа·„а·җ а¶ҡа·’а¶әа¶Ҫа·Ҹ. а¶‘а¶ӯа·”а¶ёа·Ҹ а¶ӯа¶ёа¶әа·’ а¶ёа·’а¶ұа·’а·ға·Ҡа·ға·” а¶¶а·ҡа¶»а¶ңа¶ӯа·Ҡа¶ӯа·ҡ. а¶‘а·„а·ҷа¶ё а¶ӯа¶ёа¶әа·’ а¶ңа·’а¶ұа·Ҡа¶ұ а¶ҙа¶ӯа·Ҡа¶ӯа·” а¶ҡа·…а·ҡ. а¶ңа·’а¶ұа·Ҡа¶ұ а¶ҙа¶ӯа·Ҡа¶ӯа·” а¶ҡа¶»а¶ҙа·” а¶…а¶әа¶ңа·ҡ а¶¶а¶Ҫа·Ҹа¶ҙа·ңа¶»а·ңа¶ӯа·Ҡа¶ӯа·”а·Җ а·Җа·”а¶«а·ҡ а·Җа·’а¶Ҫа·’ а·Җа·ға·Ҹа¶ңа¶ұа·Ҡа¶ұ. а¶‘а·„а·ҷа¶ё а¶ӯа¶ёа¶әа·’ а¶ҡа·…а·ҡ. а¶әа·”а¶Ҝ а·„а¶ёа·”а¶Ҝа·Ҹа·Җ а·Җа·’а·Ға·ҡа·Ӯ а¶ҡа·Ҹа¶»а·Ҡа¶ә а¶¶а·…а¶ҡа·Ҹ а¶ҙа·җа¶ёа·’а¶«а·’а¶әа·ҡ а¶ҙа·Ҡа¶»а¶ёа·Ҹа¶Ҝ а·Җа·ҷа¶Ҫа·Ҹ. а¶ұа·“а¶ӯа·’а¶ә а·„а·Ҹ а¶ҙа·ңа¶Ҫа·’а·ға·’а¶ә а¶·а·Ҹа¶» а¶Үа¶ёа·җа¶ӯа·’ а¶»а¶ұа·’а¶Ҫа·Ҡ а·Җа·’а¶ҡа·Ҡа¶»а¶ёа·ға·’а¶Ӯа·„, а¶ҙа·ңа¶Ҫа·’а·ға·Ҡа¶ҙа¶ӯа·’а¶ңа·ҡ а¶ңа¶ёа·Ҡ а¶ҙа·…а·Ҹа¶ӯ а¶ёа¶°а·Ҡа¶әа¶ё а¶ҙа·…а·Ҹа¶ӯ. а¶’а¶ҡ а¶ұа·’а·ға·Ҹ а¶ҙа·һа¶Ҝа·Ҡа¶ңа¶Ҫа·’а¶ҡа·Җ а¶ҡа¶ӯа·Ҹ а¶ҡа¶»а¶Ҫа·Ҹ а¶•а¶ұ а¶ҡа¶§а¶әа·”а¶ӯа·Ҡа¶ӯа¶ҡа·Ҡ а¶ҡа¶»а¶ңа¶ұа·Ҡа¶ұ а¶ҙа·”а·…а·”а·Җа¶ұа·Ҡ. а¶…а·Җа·ға·Ҹа¶ұа¶әа·ҡ а¶ёа·„ а·Җа·’а¶ұа·Ҹа·Ға¶әа¶ҡа·Ҡ а·Җа·”а¶«а·Ҹ. а¶ёа·ҡ а¶Ҷа¶«а·Ҡа¶©а·”а·Җ а¶ёа·„а·Ҹ а¶Ҫа·ңа¶ҡа·”а·Җа¶§ а¶ӯа·ңа¶»а¶ӯа·”а¶»а·” а¶Ҝа·җа¶ұа¶ңа·җа¶ұа·“а¶ёа·ҡ а¶…а¶әа·’а¶ӯа·’а¶ә а¶ӯа·„а·Җа·”а¶»а·” а¶ҡа¶»а¶ұа·Җа·Ҹ а¶ҡа·’а·Җа·Ҡа·Җа·Ҹ. а¶Үа·Җа·’а¶ӯа·Ҡ а¶ёа·”а·„а·”а¶«а·” а¶ҙа·ңа¶ӯ а·Җа·„а¶Ҫа·Ҹ а¶Ҝа·җа¶ёа·Ҡа¶ёа·Ҹ. а¶»а¶ұа·’а¶Ҫа·Ҡ а·Җа·’а¶ҡа·Ҡа¶»а¶ёа·ға·’а¶Ӯа·„а¶§ а¶ёа·„а·Ҹ а¶ҙа·ңа·…а·ңа·Җа·ҡ а¶Ўа¶ұа·Ҡа¶Ҝа¶әа¶ҡа·Ҡ а¶Ҝа·’а¶ұа·Ҹ а¶ңа¶ұа·Ҡа¶ұ а¶¶а·җа·„а·җ. а¶…а¶ңа¶ёа·җа¶ӯа·’ а¶»а¶ұа·’а¶Ҫа·Ҡа¶§ а¶¶а¶§а·„а·’а¶» а¶»а¶§а·Җа¶Ҫа·’а¶ұа·Ҡ а¶ҡа·’а·Җа·Ҡа·Җа·Ҹ а¶ӯа·”а¶ұа·ҷа¶ұа·Ҡ а¶Ҝа·ҷа¶ҡа¶ҡ а¶¶а¶Ҫа¶ә а¶ұа·җа¶ӯа·’ а¶ҡа¶» а¶ңа¶ұа·Ҡа¶ұ а¶‘а¶ҙа·Ҹ а¶…а¶ҙа·’а¶§ а¶•а¶ұа·ҡ а·Җа·Ҡа¶әа·Җа·ға·Ҡа¶®а·Ҹ а·ға¶Ӯа·Ға·қа¶°а¶ұа¶әа¶ҡа·Ҡ. а¶Ӣа¶ӯа·”а¶»а·” а¶ұа·җа¶ңа·ҷа¶ұа·„а·’а¶» а·ға·Ҡа·Җа¶әа¶Ӯ а¶ҙа·Ҹа¶Ҫа¶ұа¶ә. а¶’ а·Җа¶ңа·ҡа¶ё а¶әа·”а¶Ҝ а¶…а¶ҙа¶»а·Ҹа¶° а¶…а¶°а·’а¶ҡа¶»а¶«а¶ә а¶ҙа·’а·„а·’а¶§а·”а·Җа¶ұа·Ҡа¶ұ. а¶‘а¶ҡа·Ҡа·ға¶ӯа·Ҡ а¶ўа·Ҹа¶ӯа·’а¶ҡ а¶ҙа¶ҡа·Ҡа·Ӯа¶әа·ҡ а¶ҡа¶§а·Ҡа¶§а·’а¶ә а¶ҡа·’а¶әа¶ұа·Җа·Ҹ а¶…а¶ҙа·’ а¶ӯа¶ұа·’ а¶Ҷа¶«а·Ҡа¶©а·”а·Җа¶ҡа·Ҡ а·„а¶Ҝа¶ұа·Җа·Ҹа¶Ҫа·”. а·Җа·’а¶ҡа·Ҡа¶»а¶ёа·ға·’а¶Ӯа·„ а¶ёа·„а¶ӯа·Ҡа¶ӯа¶әа·Ҹ а¶ўа¶ұа·Ҹа¶°а·’а¶ҙа¶ӯа·’а¶ӯа·”а¶ёа·Ҹ а·„а¶ёа·”а·Җа¶§ а¶ңа·’а·„а·’а¶Ҫа·Ҡа¶Ҫа·Ҹ а¶ҡа·’а¶әа¶ұа·Җа·Ҹ а¶…а¶ҙа·’ а¶Ҷа¶«а·Ҡа¶©а·”а·Җ а·„а¶Ҝа¶ұа·Җа·Ҹ а¶ҡа·’а¶әа¶Ҫа·Ҹ. а·Җа·’а·Ға·Ҡа·Җа·Ҹа·ға¶·а¶Ӯа¶ңа¶әа¶§ а¶Ўа¶ұа·Ҡа¶Ҝа¶ә а¶Ҝа·”а¶ұа·Ҡа¶ұ а¶Үа¶ёа·җа¶ӯа·’а·Җа¶»а·” а·„а¶ә а¶Ҝа·ҷа¶ұа·Ҹа¶§ а·Җа·’а·Ға·Ҡа·Җа·Ҹа·ға¶·а¶Ӯа¶ңа¶әа¶ҡа·Ҡ а¶Ҝа·ҷа¶ұа·Җа·Ҹ.а¶»а¶ұа·’а¶Ҫа·Ҡ а¶ңа·’а·„а·’а¶Ҫа·Ҡа¶Ҫа·Ҹ а¶үа¶Ҫа·Ҡа¶Ҫа·Ҹ а¶…а·ға·Ҡа¶ҡа¶» а¶ңа¶ұа·Ҡа¶ұа·Җа·Ҹ а¶Үа¶ӯа·Ҡа¶ӯа¶§а¶ё а¶»а¶ұа·’а¶Ҫа·Ҡ а¶Ҝа·’а¶ұа¶Ҫа·Ҹ а¶ұа¶ёа·Ҡ а¶Үа¶әа·’ а·Җа·’а·Ға·Ҡа·Җа·Ҹа·ға¶·а¶Ӯа¶ңа¶әа¶§ а¶ҙа¶ҡа·Ҡа·Ӯа·Җ а¶Ўа¶ұа·Ҡа¶Ҝа¶ә а¶Ҝа·“а¶ҙа·” а¶Үа¶ёа·җа¶ӯа·’а·Җа¶»а·”а¶ұа·Ҡа¶§ а·Җа·’а¶»а·”а¶Ҝа·Ҡа¶°а·Җ а¶ңа·ҷа¶ұа·Ҹа¶ҙа·” а·Җа·’а·Ға·Ҡа·Җа·Ҹа·ға¶·а¶Ӯа¶ңа¶ә а¶үа·Җа¶ӯа·Ҡ а¶ҡа¶» а¶ңа¶ұа·Ҡа¶ұа·ҡ а¶…а¶ңа¶ёа·җа¶ӯа·’ а¶»а¶ұа·’а¶Ҫа·Ҡ. а·ға¶ёа·Ҡа¶¶а¶ұа·Ҡа¶°а¶ұа·Ҡ а¶ёа·„а¶ӯа·Ҡа¶ӯа¶әа·Ҹ а¶ҡа·’а¶әа¶ұа·Җа·Ҹ а·Җа·’а·Ға·Ҡа·Җа·Ҹа·ға¶·а¶Ӯа¶ңа¶әа¶§ а¶ҙа¶ҡа·Ҡа·Ӯ а·Җа·”а¶«а·ҡ а¶…а¶ҙа·ҡ а¶ҡа·ңа¶ұа·Ҡа¶Ҝа·ҡа·ға·’ а¶Ҝа·„а¶әа¶ҡа¶§ а¶‘а¶ҡа¶ҹ а·Җа·ҷа¶ а·Ҡа¶ а¶ұа·’а·ға·Ҹ а¶ҡа·’а¶әа¶Ҫа·Ҹ. а¶’ а¶үа¶Ҫа·Ҡа¶Ҫа·“а¶ёа·Ҡа·Җа¶Ҫа·’а¶ұа·Ҡ а¶Ӣа¶ӯа·”а¶»а·” а¶ұа·җа¶ңа·ҷа¶ұа·„а·’а¶» а¶ҙа·…а·Ҹа¶ӯа·Ҡа·Җа¶Ҫ а¶Ҝа·’а·ға·Ҡа¶ӯа·Ҡа¶»а·’а¶ҡа·Ҡ а¶Ҫа·ҡа¶ҡа¶ёа·Ҡа·Җа¶»а·”а¶ұа·Ҡ а¶Ҝа·ҷа¶ёа·… а¶ўа·Ҹа¶ӯа·’а¶ҡа¶әа·’а¶ұа·Ҡ а·Җа·’а¶ә а¶әа·”а¶ӯа·”а¶әа·’ а¶ҡа·’а¶әа¶Ҫа·Ҹ. а¶ёа·ҷа¶ұа·Ҡа¶ұ а¶ўа·Ҹа¶ӯа·’а·Җа·Ҹа¶Ҝа¶ә. а·ға·’а¶Ӯа·„а¶Ҫ а¶ёа·’а¶ұа·’а·ға·Ҡа·ға·” а¶ҡа·’а¶әа¶ұа·Җа¶Ҝ а¶Ҝа·’а·ға·Ҡа¶ӯа·Ҡа¶»а·’а¶ҡа·Ҡ а¶Ҫа·ҡа¶ҡа¶ёа·Ҡа¶Ҫа·Ҹ а·ға·’а¶Ӯа·„а¶Ҫ а·Җа·’а¶ә а¶әа·”а¶ӯа·”а¶әа·’ а¶ҡа·’а¶әа¶Ҫа·Ҹ. а¶ёа·ҡа¶ҡа¶§ а¶‘а¶ҡа¶ҹ а·Җа·ҷа¶Ҫа·Ҹ а¶ӯа·’а¶әа·ҷа¶ұа·Ҡа¶ұа·ҡ а¶әа·”а¶Ҝ а·„а¶ёа·”а¶Ҝа·Ҹ а¶ҡа¶іа·Җа·”а¶»а·” а¶үа·Җа¶ӯа·Ҡ а¶ҡа¶» а¶ңа¶ұа·Ҡа¶ұ а¶‘а¶ҡа¶ҹа·Җа·ҷа¶Ҫа·Ҹ а¶ӯа¶ёа¶әа·’ а¶Ҝа·ҷа¶ёа·… а¶ўа¶ӯа·’а¶ҡ а¶ҙа¶ҡа·Ҡа·Ӯа¶ә а¶Ўа¶ұа·Ҡа¶Ҝа¶ә а¶Ҝа·“а¶Ҫа·Ҹ а¶ӯа·’а¶әа·ҷа¶ұа·Ҡа¶ұа·ҡ.а¶…а¶ңа¶ёа·җа¶ӯа·’ а¶ўа¶ұа·Ҹа¶°а·’а¶ҙа¶ӯа·’ а·ға·’а¶»а·’а·ға·ҡа¶ұ а¶ёа·„а¶ӯа·Ҡа¶ӯа¶әа·Ҹа¶ңа·ҷа¶ұа·Ҡ а¶үа¶Ҫа·Ҡа¶Ҫа·Ҹ а·ға·’а¶§а·’а¶ұа·Җа·Ҹ а·Җа·’а·Ға·Ҡа·Җа·Ҹа·ға¶·а¶Ӯа¶ңа¶әа¶§ а¶Ўа¶ұа·Ҡа¶Ҝа¶ә а¶Ҝа·”а¶ұа·Ҡ а¶Үа¶ёа¶ӯа·’а·Җа¶»а·”а¶ұа·Ҡ а¶…а¶әа·’а¶ұа·Ҡ а¶ҡа¶»а¶ұа·Ҡа¶ұ а¶ҡа·’а¶әа¶Ҫа·Ҹ. а¶ўа¶ұа·Ҹа¶°а·’а¶ҙа¶ӯа·’ а¶ҡа·’а¶әа¶ұа·Җа·Ҹ а¶ёа¶§ а¶¶а·җа¶ұа·Ҡа¶ұ а¶…а¶әа¶ӯа·Ҡ а¶үа·Җа¶ӯа·Ҡ а¶ҡа¶»а¶ұа·Ҡа¶ұ а¶ҡа·’а¶әа¶Ҫа·Ҹ. а¶ёа·ҡ а¶…а¶ҡа·’а¶Ҫа¶ӯа·Ҡ а¶ёа¶§ а¶¶а·җа¶«а¶Ҫа·Ҹ а¶ӯа·’а¶әа·ҷа¶ұа·Җа·Ҹ а¶ҡа·’а¶әа¶Ҫа·Ҹ а¶ҡа·’а¶әа¶ұа·Җа·Ҹ. а¶…а¶ңа¶ёа·җа¶ӯа·’ а¶‘а¶ұа·Җа·Ҹ а·„а·’а·ға·Ҡ а¶…а¶ӯа·’а¶ұа·Ҡ. а¶әа·–.а¶‘а¶ұа·Ҡ.а¶ҙа·“. а¶‘а¶ҡа·ҡ а¶ҙа·Ҡа¶»а¶ӯа·’а·ға¶Ӯа·Җа·’а¶°а·Ҹа¶ұ а¶ҡа¶»а¶ұа·Ҡа¶ұ а¶¶а·җа·„а·җ а¶ҡа·’а¶әа¶ұа·Ҡа¶ұа·ҡ а¶‘а¶ҡа·ҡ а¶ұа·Ҹа¶әа¶ҡа¶әа·Ҹ а¶ёа·’а·ға¶ҡа·Ҡ а·Җа·ҷа¶ұ а¶ҡа·Җа·”а¶»а·”а¶ӯа·Ҡ а¶ұа·ҷа·Җа·ҷа¶әа·’. а¶әа·–.а¶‘а¶ұа·Ҡ.а¶ҙа·“. а¶‘а¶ҡа·ҡ а¶Үа¶ёа¶ӯа·’а·Җа¶»а·” а·ға·“а¶әа¶§ а¶…а·ға·–а·Җа¶ҡа·Ҡ а¶ҡа·’а¶әа¶ұа·Җа·Ҹ а¶”а¶¶а¶ӯа·”а¶ёа·Ҹ а¶…а¶ңа¶ёа·җа¶ӯа·’ а·„а·җа¶§а·’а¶әа¶§ а¶үа¶ұа·Ҡа¶ұ, а·„а·җа¶¶а·җа¶әа·’ а¶ұа·Ҹа¶әа¶ҡа¶ӯа·Ҡа·Җа¶әа¶§ а¶ёа·ңа¶ұа·Җа·Ҹ а·„а¶»а·’ а¶ҡа¶»а¶ұа·Ҡа¶ұ а¶Ҝа·ҷа¶ұа·Ҡа¶ұ а¶ҡа·’а¶әа¶Ҫа·Ҹ. а¶…а¶ңа¶ёа·җа¶ӯа·’а¶ӯа·”а¶ёа·Ҹ а¶Ҝа¶ұа·Ҡа¶ұа·Җа·Ҹ а¶ҙа¶ҡа·Ҡа·Ӯа¶ә а·Җа·ҷа¶ұ а¶ұа·Ҹа¶әа¶ҡа¶әа·ҷа¶ҡа·Ҡа¶§ а¶Ҝа·”а¶ұа·Ҡа¶ұ а¶ңа¶ёа¶ұа·Ҡ а¶…а¶ңа¶ёа·җа¶ӯа·’а¶ӯа·”а¶ёа·Ҹа¶§ а¶ӯа¶§а·Ҡа¶§а·” а·Җа·ҷа¶ұа·Җа·Ҹ а¶ҡа·’а¶әа¶Ҫа·Ҹ. а·Җа·’а·Ға·Ҡа·Җа·Ҹа·ға¶·а¶Ӯа¶ң а¶әа·қа¶ўа¶ұа·Ҹа·Җа¶§ а¶ҙа¶ҡа·Ҡа·Ӯа·Җ а¶Ўа¶ұа·Ҡа¶Ҝа¶ә а¶Ҝа·ҷа¶ұа·Ҡа¶ұ а·Җа·’а·ға·’а·„а¶ә а¶Ҝа·ҷа¶ұа¶ҡа·”а¶§ а·Җа¶©а·Ҹ а¶‘а¶ҡа·Ҡа·ға¶ӯа·Ҡ а¶ўа·Ҹа¶ӯа·’а¶ҡ а¶ҙа¶ҡа·Ҡа·Ӯа¶әа·ҡ а¶ёа¶ұа·Ҡа¶ӯа·Ҡа¶»а·“а·Җа¶»а·” а·„а·’а¶§а·’а¶әа·Ҹ. а¶ўа¶ұа·Ҹа¶°а·’а¶ҙа¶ӯа·’ а·ға·’а¶»а·’а·ға·ҡа¶ұа¶ңа·ҡ а·Җа·җа¶ұа·ҷа¶ұ а·ға·”а·…а·” а¶ҙа·Ҡа¶»а¶ӯа·’а¶ҙа¶ӯа·Ҡа¶ӯа·’ а·„а·’а¶ұа·Ҡа¶Ҝа·Ҹ а¶Ҡа¶§ а¶ҙа·ҷа¶» а¶Ҝа·Җа·ға·ҡ а¶‘а·ға·Ҡ.а¶¶а·“. а¶Ҝа·’а·ға·Ҹа¶ұа·Ҹа¶әа¶ҡ а¶…а¶ёа·Ҹа¶ӯа·Ҡа¶әа·Җа¶»а¶әа·Ҹ а¶’ а¶ҙа·’а¶»а·’а·ғ а·„а·’а¶§а·’а¶әа·ҡ а¶ӯа·”а¶ұа·Ҡ а¶ӯа·җа¶ұа¶ҡ. а¶’ а¶ӯа·җа¶ұа·Ҡа·Җа¶Ҫа¶§ а¶ңа·’а·„а·’а¶Ҫа·Ҡа¶Ҫа·Ҹ а¶ҡа·’а·Җа·Ҡа·Җа·Ҹ а¶ҙа·Ҡа¶»а·ға·’а¶©а¶ұа·Ҡа¶§а·Ҡ а·ға·’а¶»а·’а·ға·ҡа¶ұ а¶ёа·„а¶ӯа·Ҡа¶ёа¶әа·Ҹ а¶ҡа·ҷа·…а·’а¶ұа·Ҡ а·Җа·җа¶©а¶ҡа¶»а¶ұа·Ҡа¶ұа·ҡ а¶ұа·җа·„а·җ. а¶ёа·ҡ а·Җа·җඬа·ҡа¶Ҝа·“ а¶…а¶ҙа·’а¶§ а¶…а·Җа¶°а·Ҹа¶ұа¶ә а¶ңа¶ұа·Ҡа¶ұ а¶¶а·җа·„а·җ. а¶”а¶әа¶ңа·ңа¶Ҫа·Ҡа¶Ҫа·қ а¶ңа·җа¶ұ а¶…а¶ҙа·’ а¶ңа¶ұа·Ҡа¶ұа·Җа·Ҹ а¶ӯа·“а¶»а¶«а¶ә.а¶”а¶әа¶ңа·ңа¶Ҫа·Ҡа¶Ҫа·қ а¶ҡа·җа¶ёа¶ӯа·’ а¶ӯа·“а¶»а¶«а¶әа¶ҡа·Ҡ а¶ңа¶ұа·Ҡа¶ұ. а¶ўа¶ұа·Ҹа¶°а·’а¶ҙа¶ӯа·’ а·ға·’а¶»а·’а·ға·ҡа¶ұ а¶ёа·„а¶ӯа·Ҡа¶ӯа¶әа·Ҹ а¶ҡа¶©а·”а·Җ а¶ңа¶ұа·Ҡа¶ұа·Җа·Ҹ. а¶Ҷа¶әа·ҷа¶ӯа·Ҡ а¶Ҝа·Ҹа¶ңа¶ұа·Ҡа¶ұа·Җа·Ҹ а¶ҡа·ңа¶ҙа·”а·Җа¶§. а¶ңа¶ұа·Ҡа¶ұа·Җа·Ҹ. а¶Ҝа·Ҹа¶ұа·Җа·Ҹ. а·Җа·„а¶ұа·Ҡа¶ұ а·Җа¶ңа·ҡ а¶әа¶ұа·Җа·Ҹ а¶Ҷа¶әа·ҡ а¶Ҝа·Ҹа¶ңа¶ұа·Ҡа¶ұа·Җа·Ҹ а¶ҡа·ңа¶ҙа·”а·Җа¶§. а¶Ӣа¶ұа·Ҡа¶ұа·җа·„а·ҡ а¶ҡа¶©а·”а·Җ а¶ңа¶ӯа·Ҡа¶ӯа·Ҹа¶ё а¶‘а·ға·Ҡ.а¶¶а·“. а¶Ҝа·’а·ға·Ҹа¶ұа·Ҹа¶әа¶ҡ а¶ңа·’а·„а·’а¶Ҫа·Ҡа¶Ҫа·Ҹ а¶Үа·„а·җа·Җа·”а·Җа·Ҹ. а¶ёа·ҡ а¶ҙа·Ҹа¶» а¶ңа·„а¶ұа·Җа·Ҹа¶ёа¶Ҝ а¶ҡа·’а¶әа¶Ҫа·Ҹ. а¶…а¶ұа·ҡ а¶¶а¶ә а·„а·’а¶ӯа·ҷа¶ұ а¶ҙа·Ҡа¶»а·Ға·Ҡа¶ұ а¶…а·„а¶ұа·Ҡа¶ұ а¶‘а¶ҙа·Ҹ а¶‘а·ға·Ҡ.а¶¶а·“. а¶’ а¶ңа¶ёа¶ұ а¶‘а·ға·Ҡ.а¶¶а·“. а¶Ҝа·җа¶ұа¶ңа¶ӯа·Ҡа¶ӯа·Ҹ а·Җа·җඬа·ҡ а·„а¶»а·’а¶әа¶ұа·Ҡа¶ұа·ҡ а¶ұа·җа·„а·җ а¶ҡа·’а¶әа¶Ҫа·Ҹ. а¶‘а·ға·Ҡ.а¶¶а·“. а¶Ҝа·ҷа¶ңа·ңа¶Ҫа·Ҡа¶Ҫа¶ҡа·Ҡ а·„а·’а¶§а·’а¶ә а¶ҙа¶ұа·Ҡа·ға¶Ҫа·Ҡ а¶Ҝа·ҷа¶ҡа¶ҡа¶ҡа¶§ а·„а·Ҹ а¶…а¶ұа·’а¶ҡа·Ҡ а¶…а¶ә а·„а·’а¶§а·’а¶ә а¶ңа·ҷа¶Ҝа¶»а¶ҡа¶§ а¶ңа·’а·„а·’а¶Ҫа·Ҡа¶Ҫа·Ҹ а¶ҡа·’а¶әа¶ұа·Җа·Ҹ а¶ёа·ҡа¶ҡ а·„а¶»а·’а¶әа¶ұа·Ҡа¶ұа·ҡ а¶ұа·җа·„а·җ а¶ҡа·’а¶әа¶Ҫа·Ҹ. а¶ўа¶ұа·Ҹа¶°а·’а¶ҙа¶ӯа·’а·Җа¶»а¶әа·Ҹ а¶ҡа·’а¶әа¶ұа·Җа·Ҹ а¶ёа·ҡа¶ҡ а¶ёа·„а·Ҹ а¶ҙа·’а·ға·Ҡа·ға·” а¶ёа·җа¶ӯа·’а·Җа¶»а¶« а¶ҡа·Ҡа¶»а¶ёа¶әа¶ҡа·Ҡ. а¶ёа·ҡа¶ҡ а·Җа·ҷа¶ұа·ға·Ҡ а¶ҡа¶»а¶ұа·Ҡа¶ұ а¶•а¶ұа·ҡ. а¶»а·Ҹа¶ўа·Ҡа¶ә а¶ҙа¶»а·’а¶ҙа·Ҹа¶Ҫа¶ұ а¶Үа¶ёа·җа¶ӯа·’ а¶ҡа·’а¶әа¶ұа·Җа·Ҹ а¶ёа·ҡа¶ҡ а¶ңа·ҷа¶ұа·Ҹа·Җа·Ҹа¶§ а¶…а¶ҙа·’ а·ға¶ёа·Ҹа·Җ а¶ңа¶ұа·Ҡа¶ұа·Җа·Ҹ а¶ҡа·’а¶әа¶Ҫа·Ҹ. а¶ҙа¶ұа¶ӯа·Ҡ а·ға¶Ӯа·Ға·қа¶°а¶ұа¶ә а¶ҡа¶»а¶ұа·Ҡа¶ұ а¶әа¶ұа·Ҡа¶ұа·ҷ а¶»а¶§а·ҡ а¶ёа·’а¶ұа·’а·ға·Ҡа·ға·”а¶ұа·Ҡа¶ңа·ҡ а·ға¶Ҫа·Ҡа¶Ҫа·’. а¶‘а¶ә а¶…а¶»а·Ҹа¶ўа·’а¶ҡа¶ӯа·Ҡа·Җа¶ә а·Җа·ҷа¶ұа·Ҡа¶ұа·ҡ а¶ұа·җа·„а·җ. а¶ұа·’а·Җа·җа¶»а¶Ҝа·’ а·ға¶ёа·Ҹа¶ұа·”а¶ҙа·Ҹа¶ӯа·’а¶ҡ а¶ҡа·Ҡа¶»а¶ёа¶әа¶ҡа·Ҡ а¶ӯа·’а¶¶а·Ҡа¶¶а·Ҹ а¶ұа¶ёа·Ҡ а¶ёа·ҡа¶ҡ а¶¶а¶¶а·Ҹ а·„а¶ёа·Ҡа¶¶а·Җа·ҷа¶Ҫа·Ҹ. а¶¶а¶¶а·Ҹ а¶…а¶ӯа¶§ а¶…а¶»а¶ңа·ҷа¶ұ а¶¶а·җа¶Ҫа·”а·Җа·Ҹа¶ё а¶ӯа¶ёа¶әа·’ а¶»а¶§а·ҡ а¶ўа¶ұа·Ҹа¶°а·’а¶ҙа¶ӯа·’а¶§ а¶ҙа·ҡа¶ұа·Ҡа¶ұа·ҡ а¶Ҝа¶»а·”а·Җа·Ҹ а¶ёа¶ұа·Ҡа¶Ҝа¶¶а·”а¶Ҝа·Ҡа¶°а·’а¶ҡа¶әа·’ а¶ҡа·’а¶әа¶Ҫа·Ҹ. а¶ёа·ҷа·„а·ҷа¶ё а¶ұа·Ҹа¶әа¶ҡа¶әа¶ұа·Ҡа¶§ а¶»а¶§ а¶ҙа·Ҹа¶Ҫа¶ұа¶ә а¶ҡа¶»а¶ұа·Ҡа¶ұ а¶ҙа·”а·…а·”а·Җа¶ұа·Ҡа¶Ҝ? а¶ҙа·…а·Ҹа¶ӯа·Ҡ а·ға¶·а·Ҹа·Җа¶Ҫа¶§а¶ӯа·Ҡ а¶ёа·ҡа¶ҡ а¶Ҷа·Җа·ңа¶ӯа·Ҡ а¶үа·Җа¶»а¶әа·’. а¶…а¶Ҝ а¶ӯа·’а¶¶а·Ҡа¶¶а·ңа¶ӯа·Ҡ а¶’а¶ҡ а¶…а¶ўа·–а¶ӯа¶әа·’.а¶ёа·ҡ а¶ҙа·Ҹа¶» а·Җа·’а·Ға·Ҡа·Җа·Ҹа·ға¶·а¶Ӯа¶ңа¶әа¶§ а¶ӯа¶ёа·”а¶ұа·Ҡа¶ұа·Ҹа¶ұа·Ҡа·ға·ҡа¶Ҫа·Ҹ а¶Ҝа¶ұа·Ҡа¶ұа·Җа·Ҹ а·ға¶Ҫа·Ҡа¶Ҫа·’ а·Җа·’а¶әа¶Ҝа¶ёа·Ҡ а¶ҡа·…а·Ҹа¶Ҫа·” а¶Ҝа¶әа·Ҹа·ға·’а¶»а·’ а¶ўа¶әа·ға·ҡа¶ҡа¶» а¶Үа¶ёа¶ӯа·’а·Җа¶»а¶әа·Ҹ а¶ҡа·’а·Җа·Ҡа·Җа·Ҹ а·ға¶ӯа·’а¶…а¶ұа·Ҡа¶ӯ а¶ҙа·”а·Җа¶ӯа·Ҡа¶ҙа¶ӯа¶ҡа¶§ а¶ҡа·қа¶§а·’а¶әа¶ҡа·Ҡ а¶Ҝа·”а¶ұа·Ҡа¶ұа·Ҹ а¶ҡа·’а¶әа¶Ҫа·Ҹ. а¶ёа·„а·Ҹ а¶¶а·җа¶Ӯа¶ҡа·” а·„а·ңа¶»а¶ҡа¶ёа·ҡ а·ға¶Ҫа·Ҡа¶Ҫа·’ а¶ҡа·ңа·„а·ҷа¶Ҝ а¶ӯа·’а¶әа·ҷа¶ұа·Ҡа¶ұа·ҡ а¶ҡа·’а¶әа¶Ҫа·Ҹ а¶Ҝа¶ұа·Ҡа¶ұа·ҡ а¶ұа·җа·„а·җ. а¶¶а·җа¶іа·”а¶ёа·Ҡа¶ҡа¶» а·„а·ңа¶»а·ҷа¶ҡа¶ёа·ҷа¶ұа·Ҡ а¶Ӣа¶ҙа¶әа¶ҙа·” а·ға¶Ҫа·Ҡа¶Ҫа·’а·Җа¶Ҫа·’а¶ұа·Ҡ а¶ҡа·ңа¶§а·ға¶ҡа·Ҡ а¶ӯа¶ёа¶әа·’ а¶ёа·ҡ а¶ңа·ҷа·Җа¶ұа·Ҡа¶ұа·ҡ. а¶ұа·җа¶ӯа·Ҡа¶ұа¶ёа·Ҡ а·Җа·’а·Ға·Ҡа·Җа·Ҹа·ға¶·а¶Ӯа¶ңа¶әа¶§ а·ға·„а·Ҹа¶ә а¶Ҝа·ҷа¶ұа·Җа·Ҹ а¶ҡа·’а¶әа¶Ҫа·Ҹ а¶»а·–а¶ҙа·Җа·Ҹа·„а·’а¶ұа·“ а·Җа·җа¶©а·ға¶§а·„а¶ұа¶ҡа¶§ а¶Үа·Җа·’а¶ӯа·Ҡ а¶ҡа·’а·Җа·Ҡа·Җ а¶Ҷа¶«а·Ҡа¶©а·”а·Җа·ҡ а¶»а·ҷа¶Ҝа·’ а¶ңа¶Ҫа·Җа¶ҙа·” а¶‘а¶ҡа·Ҡ а¶ёа¶ұа·Ҡа¶ӯа·Ҡа¶»а·“а·Җа¶»а¶әа·ҷа¶ҡа·Ҡ а¶Үа¶әа·’ а¶Ўа¶ұа·Ҡа¶Ҝа¶әа·ҡа¶Ҝа·“ а¶ҡа·’а·Җа·Ҡа·Җа·ҡ а·Җа·’а¶»а·”а¶°а¶әа·’ а¶ҡа·’а¶әа¶Ҫа·Ҹ. а¶ёа·ҡ а·ға·’а¶әа¶Ҫа·Ҡа¶Ҫа·ҷа¶ұа·Ҡ а¶ҙа·ҡа¶ұа·Ҡа¶ұа·ҡ а¶ёа·ҡ а¶Ҷа¶«а·Ҡа¶©а·”а·Җа·ҡ а¶…а·ға·Ҡа¶®а·Ҹа·Җа¶»а¶ӯа·Ҡа·Җа¶ә.а¶ҙа·Ҹа¶»а·Ҡа¶Ҫа·’а¶ёа·ҡа¶ұа·Ҡа¶ӯа·”а·Җа¶§ а¶ұа·‘а·Җа·’а¶ӯа·Ҡ а¶үа¶ұа·Ҡа¶ұ а¶…а¶әа¶§а¶ӯа·Ҡ а¶ёа·ңа¶ұа¶» а¶ҡа·ңа·… а¶¶а·ҷа¶Ҝа·”а·Җа·Ҹ. а¶ёа·ҡ а¶Ҷа¶«а·Ҡа¶©а·”а·Җа·ҡ а·„а·Җа·”а¶Ҫа·ҷа¶ұа·Ҡ а¶ӯа¶ёа¶әа·’. а¶¶а¶§а·„а·’а¶» а¶»а¶§а·Җа¶Ҫа·Ҡ а¶ӯа¶ё а·Җа·”а·Җа¶ёа¶ұа·Ҹа·Җа¶ұа·Ҡ а¶үа¶§а·”а¶ҡа¶» а¶ңа¶ұа·Ҡа¶ұа·Җа·Ҹ. а¶‘а¶ҡа¶ҡа·Ҡ а¶ӯа¶ёа¶әа·’ а¶…а¶ӯа·”а¶»а·”а¶Ҝа·„а¶ұа·Ҡа·Җа·–а·Җа¶ұа·Ҡ а¶ҙа·’а·…а·’а¶¶а¶і а¶ҡа·Ҹа¶»а·Ҡа¶әа·Ҹа¶Ҫа¶ә. а¶…а¶ұа·’а¶ӯа·Ҡ а¶ҙа·җа¶ӯа·Ҡа¶ӯа·ҷа¶ұа·Ҡ а¶…а¶ӯа·”а¶»а·”а¶Ҝа¶ұа·Ҡа·Җа·–а·Җа¶ұа·Ҡ а¶ҙа·җа¶ёа·’а¶«а·’ а·Җа·’а¶·а·Ҹа¶ң а¶ҡа¶»а¶ұа·Ҡа¶ұ а·Җа·ҷа¶ұа¶ё а¶…а¶°а·’а¶ҡа¶»а¶«а¶әа¶ҡа·Ҡ а¶ҙа·’а·„а·’а¶§а·”а·Җа¶ұа·Ҹ а¶ҙа¶ұа¶ӯа¶ҡа·Ҡ а¶ңа·ҷа¶ұа·Ҹа·Җа·Ҹ. а¶’ а¶…а¶ұа·”а·Җ а¶ўа·Ҹа¶ӯа·Ҡа¶әа¶ұа·Ҡа¶ӯа¶» а¶ҙа·Ҡа¶»а¶Ҙа·Ҹа¶ҙа·Ҡа¶ӯа·’а¶әа¶§ а¶‘а¶ҡа¶ҹ а·Җа·ҷа¶ұа·Җа·Ҹ. а¶ёа·ҷа·„а·ҷа¶ӯа·Ҡ а¶Ӣа·ға·Ҹа·Җа·’а¶әа¶ҡа·Ҡ а·„а¶Ҝа¶ұа·Җа·Ҹ. а¶үа¶ёа¶Ҫа·Ҡа¶ҡа·Ҹ а¶ҙа·Ҡа¶»а¶ұа·Ҹа¶ұа·Ҡа¶Ҝа·” а·Җа·җа¶ұа·’ а·Җа·’а¶ұа·’а·ға·”а¶»а·”а·Җа·қ а¶Ҝа·Ҹа¶ұа·Җа·Ҹ. а¶ёа·ҡ а¶Ҷа¶«а·Ҡа¶©а·”а·Җ а·ға·Ҹа¶ҡа·Ҡа·Ӯа·’ а¶ҙа¶ұа¶ӯа¶ӯа·Ҡ а·Җа·ҷа¶ұа·ға·Ҡ а¶ҡа·…а·Ҹ. а¶Ҫа¶Ӯа¶ҡа·Ҹа·Җа·ҡ а·„а¶ёа·”а¶Ҝа·Ҹа·Җ а¶әа·”а¶Ҝ а¶…а¶ҙа¶»а·Ҹа¶° а¶ҡа·…а·Ҹ а¶ҡа·’а¶әа¶Ҫа·Ҹ а¶”а¶ҙа·Ҡа¶ҙа·” а¶ҡа¶»а¶ұа·Ҡа¶ұ а·„а¶Ҝа¶ұа·Җа·Ҹ.а¶ұа·қа¶»а·Ҡа·Җа·ҡ а·Җа·җа¶ұа·’ а¶»а¶§а¶ҡа·Ҡ а·Ға·Ҡа¶»а·“ а¶Ҫа¶Ӯа¶ҡа·Ҹ а·„а¶ёа·”а¶Ҝа·Ҹа·Җ а¶Ҝа·ҷа¶ёа·… а¶ўа¶ұа¶ӯа·Ҹа·Җа¶§ а¶‘а¶»а·ҷа·„а·’а·Җ а¶әа·”а¶Ҝ а¶…а¶ҙа¶»а·Ҹа¶° а¶ҡа¶» а¶Үа¶ӯа·’ а¶¶а·җа·Җа·’а¶ұа·Ҡ а¶Ӣа¶ӯа·”а¶»а·” а¶ұа·җа¶ңа·ҷа¶ұа·„а·’а¶» а·Җа·ҷа¶ұа¶ё а¶»а¶ўа¶әа¶ҡа·Ҡ а¶ҡа¶»а¶ұа·Ҡа¶ұ а¶үа¶Ҫа·Ҡа¶Ҫа¶ұа·Ҡа¶ұ а¶ҙа·”а·…а·”а·Җа¶ұа·’. а¶ҡа·ңа·ға·қа·Җ а·Җа·ҷа¶ұа¶ё а¶»а·Ҹа¶ўа·Ҡа¶әа¶әа¶ҡа·Ҡ а·Җа·ҷа¶ұа·Ҡа¶ұа·ҷа¶ӯа·Ҡ а¶‘а·„а·ҷа¶ёа¶әа·’. а¶ёа·ҷа¶ӯа·җа¶ұ а·Җа·ҷа¶ұа·Ҡа¶ұа·ҷа¶ӯа·Ҡ а¶‘а·„а·ҷа¶ё а¶Ҝа·ҷа¶әа¶ҡа·Ҡ. а¶‘а¶ҡа¶ё а¶ӯа¶ёа¶әа·’. а¶ёа¶Ӯа¶ңа¶Ҫ а·ға¶ёа¶»а·Җа·“а¶» а¶ўа·Ҹа¶ӯа·Ҡа¶әа¶ұа·Ҡа¶ӯа¶» а¶ҙа·Ҡа¶»а¶Ҙа·Ҹа¶ҙа·Ҡа¶ӯа·’а¶әа¶§ а¶…а¶ӯа·Ҡа·ға¶ұа·Ҡ а¶ҡа·…а·ҡ.а¶ёа¶ё а¶ҙа·Ҹа¶»а·Ҡа¶Ҫа·’а¶ёа·ҡа¶ұа·Ҡа¶ӯа·”а·Җа·ҡ а¶ӯа·’а¶Ҫа¶ҡа·Ҡ а¶ёа·Ҹа¶»а¶ҙа¶ұ а¶ёа·„а¶ӯа·Ҡа¶ӯа¶әа·Ҹа¶ңа·ҷа¶ұа·Ҡ а¶Үа·„а·җа·Җа·Ҡа·Җа·Ҹ а¶ёа·ҷа¶ё а¶ҙа·Ҡа¶»а¶Ҙа·Ҹа¶ҙа·Ҡа¶ӯа·’а¶ә а¶…а¶ӯа·“а¶ӯа¶әа¶§ а¶¶а¶Ҫа¶ҙа·Ҹа¶ұа·Җа¶Ҝ а¶ӯа·’а¶әа¶Ҫа·Ҹ. а¶ұа·җа·„а·җ а¶ҡа·’а·Җа·Ҡа·Җа·Ҹ. а¶‘а¶әа·Ҹ а¶ӯа·ңа¶ӯа·Ҡа¶ӯ а¶¶а¶¶а·Ҹ. а¶ёа·ҡа¶ҡ а¶…а¶ӯа·“а¶ӯа¶әа¶§ а¶¶а¶Ҫа¶ҙа·Ҹа¶ұа·Җа·Ҹ. а¶’ а¶ұа·’а·ға·Ҹ а¶ёа¶ңа·ҡ а¶…а¶ёа·Ҡа¶ёа·Ҹ а¶ӯа·Ҹа¶ӯа·Ҡа¶ӯа·Ҹ а·ға·„а·қа¶Ҝа¶»а¶әа·Ҹ а·ға·„а·қа¶Ҝа¶»а·’а¶ә а¶ёа·ҡ а¶…а¶«а¶ҙа¶ұа¶ӯа·Ҡ а¶…а·„а·қа·ға·’ а¶ҡа¶»а¶ұ а¶Ҷа¶«а·Ҡа¶©а·”а·Җа¶ҡа·Ҡ а·„а¶Ҝа¶ұа·Ҡа¶ұ а¶•а¶ұа·ҡ. а¶…а¶ҙа·’ а¶‘а¶Ҝа·Ҹ а¶ҡа·’а·Җа·Ҡа·Җа·Ҹ а¶ҡа·ңа¶§а·’а¶әа¶§ а¶•а¶ұ а¶ұа·җа¶ңа·’а¶§а·’а¶ұ а¶әа·”а¶ңа¶әа¶ҡа·Ҡ. а¶’а¶ҡа¶§ а¶‘а¶ұа·Ҡа¶ұа·ҡ а¶ёа·ӣа¶ӯа·Ҡа¶»а·“ а¶әа·”а¶ңа¶әа¶ҡа·Ҡ а¶ҡа·’а¶әа¶Ҫа·Ҹ. а¶‘а¶Ҝа·Ҹ а¶…а¶ҙа·’а¶§ а·Җа·’а·„а·’а·…а·” а¶ҡа·…а·Ҹ а·„а·җа·…а·’а¶әа·ҡ а¶ҡа·’а¶№а·”а¶Ҫа·Ҡа¶Ҫа·” а¶Ҝа¶ҡа·’а¶ұа·Җа·Ҹ а¶ҡа·’а¶әа¶Ҫа·Ҹ.а¶Үа¶ёа¶»а·’а¶ҡа·Ҹа¶ұа·” а¶ӯа·Ҹа¶ұа·Ҹа¶ҙа¶ӯа·’ а¶үа¶ұа·Ҡа¶Ҝа·’а¶әа¶ұа·” а¶ӯа·Ҹа¶ұа·Ҹа¶ҙа¶ӯа·’ а¶ӯа¶ёа¶әа·’ а¶ёа·ҡа¶ҡ а¶ёа·ҷа·„а·ҷа¶әа·Җа¶ұа·Ҡа¶ұа·ҡ. а¶ёа·ҡ а¶Ҝа·ҷа¶ұа·Ҡа¶ұа¶§ а·Җа·’а·Җа·Ҹа·„а¶ә а¶©а·’а·Җа·қа·ға·Ҡ а·Җа·ҷа¶ұа·Ҡа¶ұ а¶•а¶ұа·ҡ. а¶’а¶ҡ а¶ҡа¶»а¶ұа·Ҡа¶ұ а¶ӯа·Ҹа¶ұа·Ҹа¶ҙа¶ӯа·’а·Җа¶»а·”а¶ұа·Ҡ а¶үа¶© а¶Ҝа·ҷа¶ұа·Ҡа¶ұа·ҡ а¶ёа·ҡ а¶ҙа¶»а¶ңа·җа¶ӯа·’ а·„а·Җа·”а¶Ҫ а¶ҙа¶ұа·Ҡа¶ұа·Ҹ а¶Ҝа¶ёа¶ёа·”. а¶ұа·җа·Җа¶ӯ а¶ёа·ҡ а¶»а¶§а¶§ а¶ўа·Ҹа¶ӯа·’ а¶ёа·Ҹа¶ёа¶ҡ а¶әа·”а¶ңа¶әа¶ҡа·Ҡ а¶ңа·ңа¶© а¶ұа¶ңа¶ёа·”. а¶»а¶§ а·Җа·’а·ға·’а¶ұа·Ҡ а¶ӯа·“а¶»а¶« а¶ңа¶ұа·Ҡа¶ұ а¶ёа·ҡ а¶»а¶§а·ҡ а¶ҙа·Ҡа¶»а·Ға·Ҡа¶ұ а·ға·’а¶әа¶Ҫа·Ҡа¶Ҫ а¶ұа·’а·Җа·җа¶»а¶Ҝа·’а·Җ а·Җа·’а·ға¶іа¶ұ, а¶»а¶§а·ҡ а¶ўа·Ҹа¶ӯа·’а¶ҡа¶ӯа·Ҡа·Җа¶ә а¶ҙа·Ҹа·Җа·Ҹ а¶ұа·ңа¶Ҝа·ҷа¶ұ а¶үа¶ӯа·’а·„а·Ҹа·ға¶әа¶§ а¶ұа·җа·Җа¶ӯ а¶ҙа¶« а¶Ҝа·ҷа¶ұ а¶ұа·Җ а¶ңа¶ёа¶ұа¶ҡа¶§ а¶ёа·ҡ а¶ёа·Җа·Ҡ а¶ҙа·ңа·…а·ңа·Җ а·„а¶»а·Җа¶ұа·Ҡа¶ұ а·ға·’а¶әа¶Ҫа·” а¶Ҝа·ҷа¶ұа·Ҹа¶ё а¶ҙа·ҷа¶»а¶ёа·”а¶« а¶ңа¶ұа·’а¶ёа·”. а·ға·–а¶Ҝа·Ҹа¶ұа¶ёа·Ҡ а·Җа·ҷа¶ёа·”. а¶әа·җа¶әа·’ а¶Ҝ а¶”а·„а·” а¶ҡа·“а¶ә.
|
а¶ўа¶ұа·Ҹа¶°а·’а¶ҙа¶ӯа·’ а¶ҡа¶©а·”а·Җ а¶ңа¶ұа·Ҡа¶ұ а·Җа·’а¶Ҝа·’а·„а¶§ а·Җа·җඬа·ҡ а¶ҡа·…а·Ҹа¶ұа¶ёа·Ҡ а¶…а¶ңа¶ёа·җа¶ӯа·’ а¶Ҝа·җа¶ұа·Ҡ а¶ңа·ҷа¶Ҝа¶»
| 1 |
’ а¶ёа·Ҹа·ғ а¶Ҝа·ҷа¶ҡ а·„а¶ёа·Ҹа¶»а¶ҡа·Ҡ а¶ӯа·’а·ға·Ҡа·ға·ҡ а¶…а¶ҙа·’ а·Җа·җа·ға·’а¶ҡа·’а¶Ҫа·’ а·Җа¶ӯа·”а¶» а¶¶а·’а¶¶а·“ а¶¶а¶©а¶ңа·’а¶ұа·Ҡа¶ұа·ҡ а·„а·’а¶§а·’а¶әа·ҡ. а¶’а¶ўа¶ұа·Ҡа·ға·’а¶әа·ҡ а¶үа·„а·… а¶ёа·Ҹа¶Ҫа¶әа·ҡ а¶ҡа·”а¶©а·Ҹ а¶ҡа·Ҹа¶ёа¶»а¶әа¶ҡ а¶…а¶ҙа·Җ а·ға·’а¶» а¶ҡа¶» а¶…а¶ӯа·’а¶ұа·Ҡ а¶ҙа¶әа·’а¶ұа·Ҡ а¶ҙа¶ёа¶«а¶ҡа·Ҡ а¶ұа·ңа·Җ а¶ҙа·”а¶§а·”, а¶ёа·ҡа·ғ а¶ҡа¶ҡа·”а¶Ҫа·Ҡ а·Җа¶Ҫа·’а¶ұа·Ҡ а¶ҙа·Җа·Ҹ а¶…а¶ҙа¶§ а¶ңа·җа·„а·”а·Җа·Ҹ. а¶ҡа·‘ а¶ңа·җа·ға·– а·Җа·’а¶§ а¶ҡа¶§а¶§ а·ға·Ҡа¶§а·ҷа¶ҙа·Ҡа¶Ҫа¶»а·Ҡ а¶ҡа¶§а·” а¶ҙа·Җа·Ҹ а¶ңа·җа·„а·”а·Җа·Ҹ. а¶үа·Җа·ға¶ұа·Ҡа¶ұ а¶¶а·җа¶»а·’а¶ё а¶ӯа·җа¶ұ а¶…а¶ҙа·’ а¶‘а¶ӯа¶ұа·’а¶ұа·Ҡ а¶ҙа·җа¶ұа¶Ҫа·Ҹ а¶әа¶ұа·Ҡа¶ұ а¶ӯа·“а¶»а¶«а¶ә а¶ҡа·…а·Ҹ. а¶ёа¶ё а¶ҡа¶ӯа·”а¶»а¶ҡа·Ҡ а·„а·ңа¶әа·Ҹа¶ңа·ҷа¶ұ а¶Ҝа·Җа·ға·Ҡ а¶ӯа·”а¶ұа¶ҡа·Ҡ а¶ӯа·’а·ға·Ҡа·ға·ҡ а¶…а¶ҙа·’ а·„а·’а¶§а¶ҙа·” а¶ҡа·Ҹа¶ёа¶»а¶әа·ҡ а¶ўа¶ұа·ҷа¶Ҫа·Ҡ а¶»а·Ҹа¶ёа·”а·Җа·ҡ а¶Үа¶ұ а¶ңа·җа¶Ҫа·ҷа·Җа·Ҡа·Җа·Ҹ. а¶ёа·Ҹ а¶Ҫа¶ң а¶әа·Ҹа¶» а¶ҙа·„ а¶ёа·Ҹа¶»а¶ҡа·Ҡ а¶Ҝа·’а¶ң а¶ңа·Җа·”а¶ёа·Ҡ а¶»а·ҷа¶Ҝа·Ҡа¶Ҝа¶ҡа·Ҡ а¶ӯа·’а¶¶а·”а¶ұа·Ҹ. а¶’а¶ҡа¶§ а¶ӯа·Җ а·ға¶Ҫа·Ҡа·Җа·Ҹа¶»а·’ а·Җа¶Ҫа¶§ а¶…а¶Ҝа·’а¶ұ а·Ӯа·қа¶Ҫа·Ҡ а¶ӯа·”а¶ұ а·„а¶ӯа¶»а¶ҡа·Ҡ а¶ңа·җа¶§ а¶ңа·җа·„а·җа·Җа·Ҡа·Җа·Ҹ. а¶Ҡа¶§ а¶ҙа·ға·Ҡа·ға·ҡ а¶ҙа·”а¶§а·”а·Җа¶ҡ а¶ңа·җа¶§а¶ңа·„а¶Ҫа·Ҹ а¶ўа¶ұа·ҡа¶Ҫа¶ә а¶Ӣа¶©а·’а¶ұа·Ҡ а¶Ҝа·Ҹа¶Ҫа·Ҹ а¶’а¶ҡа·ҡ а¶Ҷа¶Ҝа·Ҹа¶»а¶әа·ҷа¶ұа·Ҡ а¶’а¶ўа¶ұа·Ҡа·ға·’а¶әа·ҡ а·„а·’а¶»а¶ҡа¶»а¶ңа·ҷа¶ұ а·ға·’а¶§а·’ а¶ӯа·Җа¶ӯа·Ҡ а¶ӯа·”а¶ұа·Ҡ а¶ӯа·’а¶Ҝа·ҷа¶ұа·ҷа¶ҡа·Ҡа·Җ а¶¶а·’а¶ёа¶§ а¶¶а·җа·ға·Ҡа·ға·ҷа·Җа·Ҡа·Җа·Ҹ. а¶‘а¶әа·Ҹа¶Ҫа¶ңа·ҡ а¶¶а¶©а·” а·ға·ҡа¶»а¶ё а¶’ а·Җа·’а¶Ҝа·’а¶әа¶§ а¶¶а·’а¶ёа¶§ а¶¶а·ға·Ҡа·ға¶Ҫа·Ҹ а¶ӯа·Ҹа¶ұа·Ҹа¶ҙа¶ӯа·’ а¶ҡа·Ҹа¶»а·Ҡа¶әа·Ҹа¶Ҫа¶әа¶§ а¶ҙа·җа¶ұа¶Ҫа·Ҹ а¶әа¶ұа·Ҡа¶ұ а·ға·җа¶Ҫа·җа·ға·Ҡа·Җа·”а·Җа·Ҹ. а¶’а¶ӯа·Ҡ а¶…а¶ұа·Ҡа¶ӯа·’а¶ёа¶§ а¶ёа¶ё а¶ёа·„а¶ӯ а·Җа·җа¶©а·’ а¶ұа·’а·ға·Ҹ а¶ёа¶§ а¶¶а·’а¶ёа¶§ а¶ҙа¶ұа·’а¶ұа·Ҡа¶ұ а¶¶а·җа¶»а·’ а·Җа·”а¶ұа·Ҹ‘ а¶әа·җа¶әа·’ а¶…а¶¶а·”а¶©а·Ҹа¶¶а·’ а¶’а¶ўа¶ұа·Ҡа·ға·’а¶әа¶ҡ а¶ёа·Ҹа·ғ а¶Ҝа·ҷа¶ҡ а·„а¶ёа·Ҹа¶»а¶ҡа·Ҡ а¶ӯа·’а·ға·Ҡа·ға·ҡ а¶Ҝа·ғ а·Җа¶Ҝ а·Җа·’а¶Ҝа·’а¶ёа·’а¶ұа·Ҡ а·ға·’а¶§ а¶әа¶Ҫа·’ а¶Ҝа·’а·Җа¶әа·’а¶ұа¶§ а¶ҙа·җа¶ёа·’а¶«а·’ а¶‘а·ға·Ҡ. а¶»а·Ҹа¶ўа·ҡа·Ӯа·Ҡа·Җа¶»а·“ а¶ёа·„а¶ӯа·Ҡа¶ёа·’а¶ә а¶ҡа·“а·Җа·Ҹа¶ә.а¶Үа¶ә а·ға¶ёа¶ң а¶‘а¶ё а¶»а·җа¶ҡа·’а¶әа·Ҹ а¶ұа·’а¶әа·қа¶ўа·’а¶ӯ а¶Ҷа¶әа¶ӯа¶ұа¶әа·ҡа¶ё а·ға·’а¶»а·Җа·“ а·ға·’а¶§а·’ а¶ӯа·Җа¶ӯа·Ҡ а¶ҡа·Ҹа¶ұа·Ҡа¶ӯа·Ҹа·Җа¶ұа·Ҡ а¶Ҝа·ҷа¶Ҝа·ҷа¶ұа·ҷа¶ҡа·” а·Җа¶ұ а¶ёа·„а¶ұа·”а·Җа¶» а¶ҙа·’а¶Ҫа·’а¶ёа¶ӯа¶Ҫа·Ҹа·Җа·ҡ а¶…а¶ұа·”а¶Ҫа·Ҹа·Җа¶ӯа·“ а¶ёа·җа¶«а·’а¶ҡа·ҡ а·ға·„ а¶үа¶Ӯа¶ңа·’а¶»а·’а¶әа·ҡ а¶ўа·ҡ.а¶’ а¶…а¶ёа¶»а·Ҹа·Җа¶ӯа·“ а¶әа¶ұ а¶…а¶әа¶Ҝ а¶Ҝа·’а·Җа¶әа·’а¶ұа¶§ а¶ҙа·җа¶ёа·’а¶«а·’а¶әа·„.а¶»а·Ҹа¶ўа·ҡа·ға·Ҡа·Җа¶»а·“а¶ңа·ҡ а·ға·„а¶ә а¶ёа¶ӯ а¶…а¶¶а·”а¶©а·Ҹа¶¶а·’ а¶ӯа·Ҹа¶ұа·Ҹа¶ҙа¶ӯа·’ а¶ҡа·Ҹа¶»а·Ҡа¶әа·Ҹа¶Ҫа¶әа¶§ а¶ҙа·җа¶ұ а¶ңа¶ӯа·Ҡ а¶ҡа¶ӯа·”а¶ұа·Ҡ а·Җа·’а·ға·’а¶ұа·Ҡ а¶…а¶Ҝа·Ҹа¶Ҫ а¶’а¶ўа¶ұа·Ҡа·ға·’а¶әа·ҡ а·ға·’а¶»а¶ҡа¶»а¶ңа·ҷа¶ұ а·ға·’а¶§а·’а¶ұ а·Ға·Ҡа¶»а·“ а¶Ҫа·Ҹа¶Ӯа¶ҡа·’а¶ҡ а¶ҡа¶ӯа·”а¶ұа·Ҡ а¶ҙа·’а·…а·’а¶¶а¶і а¶ӯа·ңа¶»а¶ӯа·”а¶»а·” а¶‘а·„а·’ а¶ұа·’а¶Ҫа¶°а¶»а¶әа¶ұа·Ҡа¶§ а¶ҡа·“а·„.а¶ҙа·ға·”а·Җ а¶…а¶¶а·”а¶©а·Ҹа¶¶а·’ а¶ӯа·Ҹа¶ұа·Ҹа¶ҙа¶ӯа·’ а¶Ҷа¶ а·Ҹа¶»а·Ҡа¶ә а¶ёа·„а·’а¶ұа·Ҡа¶Ҝ а¶¶а·Ҹа¶Ҫа·ға·–а¶»а·’а¶ә а¶ёа·„а¶ӯа·Ҹа¶ңа·ҡ а¶ёа·җа¶Ҝа·’а·„а¶ӯа·Ҡ а·Җа·“а¶ё а¶ёа¶ӯ а¶ҡа¶ёа·Ҡа¶ҡа¶»а·” а¶…а¶Ӯа·Ға¶әа·ҡ а¶ҙа·…а¶ёа·” а¶Ҫа·ҡа¶ҡа¶ёа·Ҡа·Җа¶»а·”а¶ұа·Ҡ а·Җа¶ұ а·Җа·’а·Ға·Ҡа·Җ а¶Ҝа·’а·ға·Ҹа¶ұа·Ҹа¶әа¶ҡ, а¶‘а¶ёа·Ҡ.а¶Ҡ.а¶ўа·“ а·ға¶ёа¶»а·Җа·“а¶», а¶ӯа·ҷа·Җа¶ұ а¶Ҫа·ҡа¶ҡа¶ёа·Ҡ а¶»а·”а·Җа¶ұа·Ҡ а¶ңа·”а¶«а¶ӯа·’а¶Ҫа¶ҡ, а¶Ҝа·”а¶ёа·’а¶ұа·Ҡа¶Ҝ а·ға¶ӯа¶»а·ға·’а¶Ӯа·„, а¶ҙа·”а¶¶а·”а¶Ҝа·” а¶ўа¶әа¶ӯа·’а¶Ҫа¶ҡ а·ға·„ а¶…а·„а¶Ҫа¶»а·Ҡ а·ға·”а¶¶а·Ҹа¶әа·’а¶»а·Ҡ а¶әа¶ұ а¶ёа·„а¶ӯа·Ҡа·Җа¶»а·”а¶ұа·Ҡ а¶ёа·ҷа¶ё а¶ҙа·’а¶»а·’а·ғ а·ға·’а¶» а¶ҡа¶»а¶ңа·ҷа¶ұ а·ға·’а¶§а·’ а¶’а¶ўа¶ұа·Ҡа·ға·’а¶ә а·ға·ңа¶әа·Ҹ а¶ңа·ңа·ға·Ҡ а¶Үа¶ӯ. а¶‘а·„а·’а¶Ҝа·“ а¶’а¶ўа¶ұа·Ҡа·ға·’а¶ҡа¶»а·”а·Җа·қ а¶ҙа·Җа·ға·Ҹ а¶Үа¶ӯа·Ҡа¶ӯа·ҡ а¶ҡа·’а·ға·’а¶Ҝа·” а·Ға·Ҡа¶»а·“ а¶Ҫа·Ҹа¶Ӯа¶ҡа·’а¶ҡ а¶ҡа·Ҹа¶ұа·Ҡа¶ӯа·Ҹа·Җа¶ҡа·Ҡ а¶ӯа¶ёа¶ұа·Ҡ а·ға·’а¶» а¶ҡа¶»а¶ңа·ҷа¶ұ а¶ұа·җа¶ӯа·’ а¶¶а·Җа¶ә. а¶ҙа·ға·”а·Җ а¶ҙа·җа¶ә а¶ңа¶ұа¶ұа·Ҹа·Җа¶ҡа·Ҡ а¶‘а¶ё а·ға·Ҡа¶®а·Ҹа¶ұа¶әа·ҡ а¶»а·җа¶Ҝа·“ а·ға·’а¶§а·’ а¶ӯа·Ҹа¶ұа·Ҹа¶ҙа¶ӯа·’ а¶ұа·’а¶Ҫа¶°а¶»а¶әа·қ а¶ёа·„а¶ӯа·Ҡ а¶ҙа¶»а·’а·Ға·Ҡа¶»а¶ёа¶әа¶ҡа·Ҡ а¶Ҝа¶»а·Ҹ а¶»а·Ҹа¶ўа·ҡа·ға·Ҡа·Җа¶»а·“ а¶Үа¶ӯа·”а·…а·” а¶ҡа¶ӯа·”а¶ұа·Ҡ а¶ёа·”а¶Ҝа·Җа·Ҹа¶ңа·ҷа¶ұ а¶ӯа·Ҹа¶ұа·Ҹа¶ҙа¶ӯа·’ а¶ҡа·Ҹа¶»а·Ҡа·Ҡа¶әа·Ҹа¶Ҫа¶ә а·Җа·ҷа¶ӯ а¶»а·җа¶ңа·ҷа¶ұ а¶ңа·ңа·ға·Ҡ а¶”а·Җа·”а¶ұа·Ҡа¶§ а·Җа·ӣа¶Ҝа·Ҡа¶ә а¶ҙа·Ҡа¶»а¶®а·’а¶ҡа·Ҹа¶» а·ға·„ а¶…а¶ұа·ҷа¶ҡа·”а¶ӯа·Ҡ а¶ҙа·„а·ға·” а¶ҡа¶ёа·Ҡ а¶Ҫа¶¶а·Ҹ а¶Ҝа·“ а¶ёа·ҷа¶»а¶§а¶§ а¶ҙа·җа¶ёа·’а¶«а·“а¶ёа¶§ а¶ҙа·„а·ға·”а¶ҡа¶ёа·Ҡ а·ға¶Ҫа·ға·Ҹ а¶Ҝа·”а¶ұа·Ҡ а¶¶а·Җ а¶Ҝа·’а·Җа¶әа·’а¶ұа¶§ а¶ҙа·җа¶ёа·’а¶«а·’ а¶ёа·ңа·Җа·”а·„а·” а¶ҡа·“а·„.а¶‘а¶ё а¶ұа·’а¶Ҫа¶°а·Ҹа¶»а·“а¶ұа·Ҡ а¶ұа·ңа·Җа¶ұа·Ҡа¶ұа¶§ а¶ӯа¶ёа¶ұа·Ҡ а·ға·’а¶әа¶Ҫа·Ҡа¶Ҫа¶ұа·Ҡа¶ё а¶‘а·„а·’а¶Ҝа·“ а¶ёа·’а¶ә а¶әа¶ұа·Ҡа¶ұа¶§ а¶ҙа·Җа·Ҹ а¶үа¶© а¶ӯа·’а¶¶а·”а¶ұа·Ҹ а¶әа·җа¶әа·’а¶Ҝ а¶”а·Җа·”а·„а·” а¶ҡа·“а·„.а¶ёа·ңа·Җа·”а¶ұа·Ҡ а·ға·’а¶әа·…а·” а¶Ҝа·ҷа¶ұа·Ҹа¶ё а¶…а¶¶а·”а¶©а·Ҹа¶¶а·’ а¶ңа·ҳа·„ а·ға·ҡа·Җа¶ә а·ға¶іа·„а·Ҹ а¶ңа·ңа·ға·Ҡ а¶ӯа·’а¶¶а·”а¶ұа·ҡ а¶ҡа·ңа·…а¶№а¶§ а¶ӯа¶Ҝа·Ҹа·ға¶ұа·Ҡа¶ұ а¶»а·җа¶ҡа·’а¶әа·Ҹ а¶ұа·’а¶әа·қа¶ўа·’а¶ӯ а¶Ҷа¶әа¶ӯа¶ұа¶әа¶ҡа·Ҡ а·„а¶»а·„а·Ҹа¶ә.а¶ӯа¶ё а¶…а¶ӯа·Ҡ а¶Ҝа·җа¶ҡа·“а¶ёа·Ҡ а·Җа·’а·ға·Ҡа¶ӯа¶» а¶ҡа¶»а¶ёа·’а¶ұа·Ҡ а¶»а·Ҹа¶ўа·ҡа·ға·Ҡа·Җа¶»а·“ а¶ҙа·Җа·ға¶ұа·Ҡа¶ұа·ҡа¶ёа¶ңа·ҡ а¶Ҝа·”а·Җа¶әа·’ а¶ҙа·”а¶ӯа¶әа·’ а¶үа¶ңа·ҷа¶ұ а¶ңа¶ұа·Ҡа¶ұ а·„а¶»а·’а¶ё а¶Ҝа¶ҡа·Ҡа·Ӯа¶әа·’. а¶‘а¶әа·Ҹа¶Ҫа·Ҹ а¶ёа·“а¶ңа¶ёа·”а·Җа·ҡ а·„а·ңа¶Ҝ а¶ҙа·Ҹа·ға·җа¶Ҫа¶ҡ а¶…а¶°а·Ҡа¶әа·Ҹа¶ҙа¶ұа¶ә а¶Ҫа¶¶а¶ұа·Җа·Ҹ. а¶”а·Җа·”а¶ұа·Ҡа¶§ а·„а·ңа¶Ҝ а¶…а¶°а·Ҡа¶әа·Ҹа¶ҙа¶ұа¶әа¶ҡа·Ҡ а¶Ҫа¶¶а·Ҹ а¶Ҝа·ҷа¶ұ а¶¶а¶Ҫа·Ҹа¶ҙа·ңа¶»а·ңа¶ӯа·Ҡа¶ӯа·”а·Җа·ҷа¶ұа·Ҡ а¶ӯа¶ёа¶әа·’ а¶ёа¶ё а¶ёа·җа¶Ҝ а¶ҙа·ҷа¶»а¶Ҝа·’а¶ң а¶ңа·’а¶әа·ҡ. а¶…а¶¶а·”а¶©а·Ҹа¶¶а·’ а·Җа¶Ҫ а·Җа·җа¶© а¶ҡа¶»а¶ҙа·” а¶ёа·”а¶Ҫа·Ҡа¶ё а¶ё а¶ңа·ҷа¶Ҝа¶» а¶ёа¶ё а¶ёа·Ҹа·ғ а¶ӯа·”а¶ұа¶әа·’ а¶Ҝа·Җа·ға·Ҡ а¶…а¶§а¶ҡа·Ҡ а·Җа·җа¶© а¶ҡа·…а·Ҹ. а¶‘а¶ӯа¶ұ а¶ӯа·’а¶¶а·”а¶ұ а·Җа·җа¶© а¶ҡа¶ұа·Ҡа¶Ҝа¶»а·Ҹа·Җ а¶Ӣа·„а·”а¶Ҫа¶ңа¶ұа·Ҡа¶ұ а¶¶а·җа¶»а·’а·Җ а¶§а·’а¶ҡ а¶Ҝа·Җа·ға¶ҡа·Ҡ а¶әа¶ұа¶ҡа·ңа¶§ а¶ёа¶ңа·ҡ а¶”а·…а·”а·Җ а¶ҡа·җа¶»а¶ҡа·’а¶Ҫа·Ҡа¶Ҫ а¶Ҷа·Җа·Ҹ. а¶ҡа¶ҡа·”а¶Ҫа·Ҡ а¶…а¶ӯ а¶ҙа¶ә а¶үа¶Ҝа·’а¶ёа·’а¶Ҫа·Ҹ а¶ёа·Ҹа·Җ а¶…а·ға¶ұа·“а¶ҙ а·Җа·”а¶ұа·Ҹ.а·„а·Ҹа¶ёа·Ҡ а¶ҙа·”а¶ӯа·Ҹа¶Ҫа·Ҹ а¶ёа·”а¶Ҫа·’а¶ұа·Ҡа¶ё а¶ёа¶§ а¶‘а¶ҡ а·ға·җа¶»а¶әа¶ҡа·Ҡ а¶¶а·ҷа·„а·ҷа¶ӯа·Ҡ а¶…а¶»а¶ұа·Ҡ а¶Ҝа·“а¶Ҫа·Ҹ а¶ҡа·’а·Җа·Ҡа·Җа·Ҹ а¶ҡа·’а·Җа·Ҡа·Җа·Ҹ а¶ёа·ҡ а¶ҙа·Ҹа¶» а·Җа·’а¶ӯа¶»а¶әа·’ а¶…а¶ҙа·’ а¶…а¶»а¶ұа·Ҡ а¶Ҝа·ҷа¶ұа·Ҡа¶ұа·ҡ а¶Ҡ а¶Ҫа¶ң а¶ҙа·Ҹа¶» а¶Ӣа¶№ а¶¶а·ҷа·„а·ҷа¶ӯа·Ҡ а·Җа¶Ҫа¶§ а·ға¶Ҫа·Ҡа¶Ҫа·’ а¶ңа·ҷа·Җа¶ұа·Ҡа¶ұ а¶•а¶ұа·Ҹ а¶ҡа·’а¶әа¶Ҫа·Ҹ.а¶ёа·ҷа·„а·ҷа¶ё а¶үа¶ұа·Ҡа¶ұа¶ҡа·ңа¶§ а¶Ҝа·Җа·ға¶ҡа·Ҡ а¶ёа¶§ а¶ҡа¶Ҫа¶ұа·Ҡа¶ӯа·ҷ а¶Ҝа·Ҹа¶Ҫа·Ҹ а·Җа·җа¶§а·”а¶ұа·Ҹ. а¶үа¶ұа·Ҡа¶ҙа·ға·Ҡа·ға·ҡ а·„а·Ҹа¶ёа·Ҡа¶ҙа·”а¶ӯа·Ҹа¶Ҫа·Ҹ а¶ёа·Ҹа·Җ а¶’ а¶»а¶§а·ҡ а¶’а¶ўа¶ұа·Ҡа·ға·’а¶әа¶§ а¶ңа·’а¶ұа·’а·„а·’а¶ұа·Ҡ а¶Ҝа·җа¶ёа·Ҡа¶ёа·Ҹ. а¶’а¶ўа¶ұа·Ҡа·ға·’а¶әа·ҡ а¶…а¶ә а¶ёа¶ңа·ҡ а¶…а·ға¶ұа·“а¶ҙ а¶ӯа¶ӯа·Ҡа·Җа¶ә а¶ӯа·”а¶§а·Ҡа¶§а·”а·Җа¶ҡа¶§ а¶ёа·Ҹа¶әа·’а¶ёа·Ҡ а¶ҡа·…а·ҡ а¶ұа·җа·„а·җ. а¶”а·Җа·”а¶ұа·Ҡ а¶ҡа·… а¶‘а¶ҡа¶ё а¶Ҝа·ҷа¶ә а¶ёа·Ҹа·Җ а¶ӯа·Җ а¶ңа·ҷа·Җа¶Ҫа·Ҡ а¶ҡа·’а·„а·’а¶ҙа¶әа¶ҡа¶§ а¶Ҝа·“а¶Ҫа·Ҹ а¶ёа·”а¶Ҝа¶Ҫа·Ҡ а¶Ҫа¶¶а·Ҹ а¶ңа¶ӯа·Ҡ а¶‘а¶ҡ а¶ҙа¶ёа¶«а¶әа·’. а¶‘а·„а·ҷа¶ё а¶Ҫа¶¶а·Ҹ а¶ңа¶ұа·Ҡа¶ұа·Ҹ а¶ёа·”а¶Ҝа¶Ҫа·Ҡ а¶ёа¶§ а¶Ҝа·”а¶ұа·Ҡа¶ұа·ҡ а¶ұа·җа·„а·җ а¶”а·Җа·”а¶ұа·Ҡ а¶ӯа·’а¶әа·Ҹа¶ңа¶ӯа·Ҡа¶ӯа·Ҹ. а¶”а·Җа·”а¶ұа·Ҡ а¶ёа·Ҹа·Җ а¶ңа·ҷа·Җа¶Ҫа·Ҡ а¶ӯа·”а¶ұа¶ҡа¶§ а¶Ҝа·җа¶ёа·Ҡа¶ёа·Ҹ.а¶Ҝа·Җа·ға¶ҡа·Ҡ а¶ёа·„ а¶»а·‘ а¶Ҝа·ңа¶Ҫа·„а¶§ а·Җа·’а¶ӯа¶» а¶’а¶ўа¶ұа·Ҡа·ға·’а¶әа·ҡ а¶…а¶ә а¶ҡа·’а·Җа·Ҡа·Җа·Ҹ а¶Ӣа¶№а·Җ а¶•а¶ёа·Ҹа¶ұа·Ҡ а¶әа·Җа¶ұа·Җа·Ҹ а¶Ҫа·‘а·ға·Ҡа¶ӯа·’а·Җа·ҷа¶әа¶ұа·Ҡ а¶ҡа·’а¶әа¶Ҫа·Ҹ. а¶’ а·Җа·ҷа¶Ҫа·Ҹа·Җа·ҡ а¶•а¶ёа·Ҹа¶ұа·Ҡ а¶үа¶Ҝа¶Ҫа·Ҹ а·„а·Ҹа¶ёа·Ҡа¶ҙа·”а¶ӯа·ҷа¶ҡа·Ҡ а¶Үа·Җа·’а¶ӯа·Ҡ а·„а·’а¶§а·’а¶әа·Ҹ а¶ёа·Ҹа·Җ а¶…а¶»а¶ңа·ҷа¶ұ а¶әа¶ұа·Ҡа¶ұ.а¶ёа¶ё а¶¶а·җа·„а·җ а¶ҡа·’а·Җа·Ҡа·Җа·Ҹ. а¶‘а¶Ҝ а¶ёа¶§ а·„а·ңа¶Ҝа¶§а¶ё а¶ңа·җа·„а·җа·Җа·Ҡа·Җа·Ҹ. а¶‘а¶Ҝа·Ҹ а¶үа¶Ҝа¶Ҫа·Ҹ а¶ёа¶§ а¶ҡа¶ұа·Ҡа¶© а¶Ҝа·”а¶ұа·Ҡа¶ұа·ҡ а¶ұа·җа·„а·җ. а¶ёа¶ё а¶¶а·’а·Җа·Ҡа·Җа·ҡ а·Җа·җа·ға·’а¶ҡа·’а¶Ҫа·’а¶әа·ҡ а·Җа¶ӯа·”а¶». а¶ёа¶§ а¶ёа·Ҹа·ғ а¶Ҝа·ҷа¶ҡа¶ҡа·Ҡ а¶ӯа·’а·ға·Ҡа·ға·ҡ а¶Ҝа·ғ а·Җа¶Ҝ а¶Ҝа·”а¶ұа·Ҡа¶ұа·Ҹ. а¶ҙа·ңа¶ӯа·Ҡ а·Җа¶Ҫа·’а¶ұа·Ҡ а¶ңа·„а¶ұа·Җа·Ҹ, а·Җа·җа¶©а·’а¶ә а¶ҡа¶ӯа·Ҹ а¶ҡа¶Ҫа·ңа¶ӯа·Ҡ а·ға·Ҡа¶§а·ҷа¶ҙа·Ҡа¶Ҫа¶»а·Ҡ а¶ёа·җа·ға·’а¶ё а¶…а¶»а¶ңа·ҷа¶ұ а¶ҡа¶§а¶§ а·ға·Ҡа¶§а·ҷа¶ҙа·Ҡа¶Ҫа¶»а·Ҡ а¶ҡа¶§а·” а¶ңа·„а¶ұа·Җа·Ҹ. а¶ҙа¶әа·’а¶ұа·Ҡ а¶ңа·„а¶ұа·Җа·Ҹ. а¶ҙа·”а¶§а·” а¶ёа·ҡа·ғ а·Җа¶Ҫа·’а¶ұа·Ҡ а¶Ҝа¶ёа¶Ҫа·Ҹ а¶ңа·„а¶ұа·Җа·Ҹ. а¶ҙа·”а¶Ҝа·”а¶ё а¶Ҝа·ғ а·Җа¶Ҝ а¶Ҝа·”а¶ұа·Ҡа¶ұа·ҡ. а¶ҡа¶ұа·Ҡа¶© а¶ҡа·’а¶әа¶Ҫа·Ҹ а¶Ҝа·”а¶ұа·Ҡа¶ұа·ҡ а¶…а¶ёа·” а·„а·Ҹа¶Ҫа·Ҡ а¶ҙа·җа¶ҡа¶§а·Ҡ а¶‘а¶ҡа¶ҡа·Ҡ а·Җа·’а¶ӯа¶»а¶әа·’. а¶ёа¶ё а¶’а¶ҡ а·Җа·җа·ға·’а¶ҡа·’а¶Ҫа·’ а·Җа¶ӯа·”а¶»а·ҷа¶ұа·Ҡ а¶ӯа¶ёа·Ҡа¶¶а¶Ҫа·Ҹ а¶ӯа·ҡ а¶ҡа·„а¶§ а¶‘а¶ҡа·Ҡа¶ҡ а¶ҡа·‘а·Җа·Ҹ.а¶’ а¶…а¶ӯа¶»а·ҡ а¶ёа¶§ а·Җа¶ңа·ҡа¶ё а¶Ҝа·ғ а·Җа¶Ҝ а¶Ҝа·”а¶ұа·Ҡ а¶ӯа·Җ а¶Ҫа¶Ӯа¶ҡа·Ҹа·Җа·ҡ а¶ҡа·Ҹа¶ұа·Ҡа¶ӯа·Ҹа·Җа¶ұа·Ҡ а·„а¶ӯа¶» а¶Ҝа·ҷа¶ұа·ҷа¶ҡа·Ҡ а·„а·’а¶§а·’а¶әа·Ҹ. а¶…а¶ұа·Ҡа¶ӯа·’а¶ёа¶§ а¶…а¶ҙа·’ а·„а·’а¶ӯа·”а·Җа·Ҹ а¶ёа·ҷа¶ӯа¶ұа·’а¶ұа·Ҡ а¶ҙа·җа¶ұа¶Ҫа·Ҹ а¶әа¶ёа·” а¶ҡа·’а¶әа¶Ҫа·Ҹ. а¶…а¶ҙа·’а·Җ а·„а·’а¶» а¶ҡа¶»а¶Ҫа·Ҹ а¶ӯа·’а¶¶а·”а¶ұ а¶ҡа·Ҹа¶ёа¶»а¶әа·ҡ а¶ўа¶ұа·ҡа¶Ҫа¶әа¶ҡа·Ҡ а¶ӯа·’а¶¶а·”а¶ұа·Ҹ. а¶ёа¶ё а¶ҡа¶ӯа·”а¶»а¶ҡа·Ҡ а·„а·ңа¶әа·Ҹа¶ңа·ҷа¶ұ а¶Ҝа·Җа·ға·Ҡ а¶ӯа·”а¶ұа¶ҡа·Ҡ а¶ӯа·’а·ға·Ҡа·ға·ҡ а¶’ а¶ўа¶ұа·ҡа¶Ҫа¶әа·ҡ а¶»а·Ҹа¶ёа·”а·Җа·ҡ а¶Үа¶ұ а¶ңа·җа¶Ҫа·ҷа·Җа·Ҡа·Җа·Ҹ. а¶ёа·ҡ а·Җа·җඬа·ҡа¶§ а¶ҙа·’а¶Ҫа·’а¶ҙа·“а¶ұ а¶ҡа·Ҹа¶ұа·Ҡа¶ӯа·Ҹа·Җа¶ұа·Ҡ а¶Ҝа·ҷа¶Ҝа·ҷа¶ұа·ҷа¶ҡа·”а¶ӯа·Ҡ а¶Ӣа¶Ҝа·Җа·Ҡ а¶ҡа·…а·Ҹ. а¶ёа·Ҹ а¶Ҫа¶ң а¶әа·Ҹа¶» а¶ҙа·„а¶ёа·Ҹа¶»а¶ҡа·Ҡ а¶Ҝа·’а¶ң а¶ңа·Җа·”а¶ёа·Ҡ а¶»а·ҷа¶Ҝа·Ҡа¶Ҝа¶ҡа·Ҡ а¶ӯа·’а¶¶а·”а¶ұа·Ҹ. а¶ӯа·Җ а¶…а¶ҙа·’ а¶…а¶Ҝа·’а¶ұ а·ға¶Ҫа·Ҡа·Җа·Ҹа¶»а·Ҡ а·Җа¶Ҫа¶§ а¶Ҝа·Ҹа¶ұа·Ҡ а·Ӯа·қа¶Ҫа·Ҡ а·Җа¶ңа¶әа¶ҡа·”а¶ӯа·Ҡ а¶ӯа·’а¶¶а·”а¶ұа·Ҹ. а¶’а·Җа·Ҹ а·„а·ңа¶Ҝ а·„а¶әа·’а¶әа¶§ а¶ңа·җа¶§ а¶ңа·җа·„а·җа·Җа·Ҡа·Җа·Ҹ. а¶ҙа·ға·Ҡа·ға·ҡ а¶ҡа·Ҹа¶ёа¶»а·ҡ а¶ӯа·’а¶әа¶ұ а¶ҙа·”а¶§а·”а·Җа¶ҡ а¶’а·Җа·Ҹ а¶ңа·җа¶§а¶ңа·„а¶Ҫа·Ҹ а¶ўа¶ұа·ҡа¶Ҫа¶ә а·„а¶»а·„а·Ҹ а¶¶а·’а¶ёа¶§ а¶Ҝа·җа¶ёа·Ҡа¶ёа·Ҹ. а¶ҙа·’а¶Ҫа·’а¶ҙа·“а¶ұ а¶ҡа·Ҹа¶ұа·Ҡа¶ӯа·Ҹа·Җа·қ а¶Ҝа·ҷа¶ұа·Ҡа¶ұа·Ҹ а¶ҙа·”а·”а¶§а·”а·Җ а·„а¶әа·’а¶әа·ҷа¶ұа·Ҡ а¶…а¶Ҫа·Ҡа¶Ҫа·Ҹ а¶ңа¶ӯа·Ҡа¶ӯа·Ҹ.а¶үа¶ұа·Ҡа¶ҙа·ға·Ҡа·ға·ҡ а¶’ а¶”а·ға·Ҡа·ға·ҡ а¶ӯа·”а¶ұа·Ҡа¶Ҝа·ҷа¶ұа·ҷа¶ҡа·Ҡа·Җ а¶ҙа¶»а·’а·ға·Ҡа·ға¶ёа¶§ а¶…а¶ҙа·’ а·„а·’а¶§а¶ҙа·” а¶Ӣа¶© а¶ӯа¶§а·Ҡа¶§а·”а·Җа·ҡ а¶үа¶Ҝа¶Ҫа·Ҹ а¶¶а·’а¶ёа¶§ а¶¶а·җа·ға·Ҡа·ға·ҷа·Җа·Ҡа·Җа·Ҹ. а¶‘а¶ҡа·Ҡа¶ҡа·ҷа¶ұа·ҷа¶ҡа·Ҡ а¶…а¶ұа·”а¶»а·Ҹа¶°а¶ҙа·”а¶»а¶ә а¶ҙа·җа¶ӯа·Ҡа¶ӯа·ҡ а¶…а¶ёа¶»а·Ҹа·Җа¶ӯа·“ а¶ҡа·’а¶әа¶Ҫа·Ҹ а¶ҡа·Ҹа¶ұа·Ҡа¶ӯа·Ҹа·Җа¶ҡа·Ҡ. а¶‘а¶әа·Ҹ а¶…а¶Ҝ а¶…а¶ҙа·’а¶ӯа·Ҡ а¶‘а¶ҡа·Ҡа¶ҡ а¶Ҷа·Җа·Ҹ. а¶…а¶ұа·’а¶ӯа·Ҡ а¶Ҝа·ҷа¶ұа·Ҡа¶ұа·Ҹ а¶ҡа¶Ҫа·Ҡа¶ҙа·’а¶§а·’а¶әа·ҡ а¶ёа·ҡа¶ҡа¶Ҫа·Ҹ а·ға·„ а¶…а¶ҡа·Ҡа¶ҡа¶»а¶ҙа¶ӯа·Ҡа¶ӯа·”а·Җа·ҡ а¶ҙа·”а·Ӯа·Ҡа¶ҙа¶»а·Ҹа¶«а·’.а¶ҙа·ға·Ҡа·ға·ҡ а¶”а·Җа·”а¶ұа·Ҡа¶ңа·ҡ а¶ӯа·’а¶¶а·”а¶ұ а¶Үа¶Ҝа·”а¶ёа·Ҡ а¶¶а·‘а¶ңа·Ҡ а¶§а·’а¶ҡа¶ӯа·Ҡ а¶¶а·’а¶ёа¶§ а¶¶а·ға·Ҡа·ға¶Ҫа·Ҹ а¶”а·Җа·”а¶ұа·Ҡа¶§ а¶ҡа·’а·Җа·Ҡа·Җа·Ҹ а¶…а¶¶а·”а¶©а·Ҹа¶¶а·’ а¶ӯа·Ҹа¶ұа·Ҹа¶ҙа¶ӯа·’ а¶ҡа·Ҹа¶»а·Ҡа¶әа·Ҹа¶Ҫа¶әа¶§ а¶ҙа·җа¶ұа¶Ҫа·Ҹ а¶әа¶ұа·Ҡа¶ұ а¶ҡа·’а¶әа¶Ҫа·Ҹ.а¶’а¶ӯа·Ҡ а¶‘а¶Ҝа·Ҹ а¶ёа¶§ а¶ҙа·җа¶ұа¶Ҫа·Ҹ а¶әа¶ұа·Ҡа¶ұ а¶¶а·җа¶»а·’ а·Җа·”а¶ұа·Ҹ. а¶ёа·ңа¶ҡа¶Ҝ а¶ёа¶ё а¶ңа·ңа¶©а¶ҡа·Ҡ а¶ёа·„а¶ӯа¶әа·’. а¶ёа¶ё а¶¶а·„а·’а¶ұа·Ҡа¶ұ а¶ңа·’а·„а·’а¶ұа·Ҡ а¶…а¶ұа¶ӯа·”а¶»а¶ҡа·Ҡ а·Җа·”а¶ұа·Ҹ а¶ұа¶ёа·Ҡ а¶…а¶» а¶¶а·җа·„а·җа¶ҙа·” а¶ҡа¶§а·Ҡа¶§а·’а¶әа·Җа¶ӯа·Ҡ а¶’а¶ўа¶ұа·Ҡа·ға·’а¶ҡа·Ҹа¶»а¶әа¶ұа·Ҡа¶§ а¶…а·„а·”а·Җа·ҷа¶ұа·Җа·Ҹ. а¶ёа¶ё а¶”а·Җа·”а¶ұа·Ҡа¶§ а¶ҡа·’а·Җа·Ҡа·Җа·Ҹ а¶ёа·ҡ а¶ңа·җа¶ұ а¶ӯа·Ҹа¶ұа·Ҹа¶ҙа¶ӯа·’ а¶ҡа·Ҹа¶»а·Ҡа¶әа·Ҹа¶Ҫа¶әа¶§ а¶ңа·’а·„а·’а¶ұа·Ҡ а¶ҡа·’а¶әа¶ұа·Ҡа¶ұ а¶ҡа·’а¶әа¶Ҫа·Ҹ. а¶‘а¶Ҝа·Ҹ а¶’а¶ўа¶ұа·Ҡа·ға·’а¶ҡа·Ҹа¶»а¶әа·қ а¶ёа·ҷа¶әа·Ҹа¶Ҫа¶§ а¶ҙа·җа¶ұа¶Ҫа·Ҹ а¶әа¶ұа·Ҡа¶ұ а¶ёа¶ё а¶Ӣа¶Ҝа·Җа·Ҡ а¶ҡа·… а¶¶а·Җ а¶Ҝа·җа¶ұа¶ңа¶ӯа·Ҡа¶ӯа·Ҹ а¶ұа¶ёа·Ҡ а¶ёа·Ҹа·Җ а¶ёа¶»а·Ҹ а¶Ҝа¶ёа¶ұа·Ҡа¶ұ а¶ҙа·Җа·Ҹ а¶үа¶© а¶ӯа·’а¶¶а·”а¶ұа·Ҹ. а¶ҙа·„а·”а·Җа¶Ҝа·Ҹ а¶’а¶ўа¶ұа·Ҡа·ға·’а¶әа·ҡ а¶ҡа¶§а·Ҡа¶§а·’а¶ә а¶ҙа·җа¶ұа¶Ҫа·Ҹ а¶ңа·’а¶ә а¶¶а·Җ а¶Ҝа·җа¶ұа¶ңа·ҷа¶ұ а¶ёа¶ңа·ҷа¶ұа·Ҡ а¶Үа·„а·”а·Җа·Ҹ а¶Үа¶әа·’ а¶Ӣа¶№ а¶ҙа·җа¶ұа¶Ҫа·Ҹ а¶ңа·’а¶әа·ҡ а¶ұа·җа¶ӯа·Ҡа¶ӯа·ҡ а¶ҡа·’а¶әа¶Ҫа·Ҹ. а¶ёа¶ё а¶ҡа·’а·Җа·Ҡа·Җа·Ҹ а¶ёа¶ё а¶ҙа·җа¶ұа¶Ҫа·Ҹ а¶әа¶ұа·Ҡа¶ұ а¶ұа·ҷа¶ёа·ҷа¶әа·’ а¶Ҷа·Җа·ҡ а¶ҡа·“а¶әа¶ҡа·Ҡ а·„а¶»а·’ а·„а¶ёа·Ҡа¶¶ а¶ҡа¶»а¶ңа¶ұа·Ҡа¶ұ а¶ҡа·’а¶әа¶Ҫа·Ҹ. а¶Үа¶әа·’ а¶ҙа·җа¶ұа¶Ҫа·Ҹ а¶ңа·’а¶ә а¶…а¶ә а¶Ӣа¶№а¶§ а¶ҡа¶ӯа·Ҹ а¶ҡа·…а·ҡ а¶ұа·җа¶Ҝа·Ҡа¶Ҝ а¶ҡа·’а¶әа¶Ҫа·Ҹ а¶Үа·„а·”а·Җа·Ҹ. а¶ёа¶ё а¶ҡа·’а·Җа·Ҡа·Җа·Ҹ а¶ёа¶ңа·ҡ а¶Ҫа¶ң а¶Ҝа¶»а¶ҡа¶ӯа¶ұа¶әа¶ҡа·Ҡ а¶ұа·җа·„а·җа¶ұа·ҡ а¶ҡа·’а¶әа¶Ҫа·Ҹ. а¶”а¶ә а¶…а¶ӯа¶»а·ҡ а¶’а¶ўа¶ұа·Ҡа·ға·’а¶әа¶§ а·ға·„а·’а¶»а·Ҹ а¶ҡа·’а¶әа¶Ҫа·Ҹ а¶ңа·җа·„а·җа¶«а·” а·…а¶ёа¶әа·ҷа¶ҡа·Ҡ а¶Ҷа·Җа·Ҹ. а¶‘а¶әа·Ҹ а¶ёа¶ё а¶ӯа·ҡ а¶ҡа·„а¶§ а¶‘а¶ҡа·Ҡа¶ҡ а¶¶а¶ӯа·Ҡ а¶ҡа¶ұ а·„а·җа¶§а·’ а¶Ҝа·җа¶ҡа·Ҡа¶ҡа·Ҹ. а¶‘а¶әа·Ҹ а¶ёа¶§ а¶…а¶¶а·”а¶©а·Ҹа¶¶а·’ а¶ӯа·Ҹа¶ұа·Ҹа¶ҙа¶ӯа·’ а¶ҡа·Ҹа¶»а·Ҡа¶әа·Ҹа¶Ҫа¶әа·ҡ а¶ҡа¶ёа·Ҡа¶ҡа¶»а·” а¶…а¶Ӯа·Ға¶әа·ҡ а¶ӯа·ҷа·Җа¶ұ а¶Ҫа·ҡа¶ҡа¶ёа·Ҡ а¶»а·”а·Җа¶ұа·Ҡ а¶ңа·”а¶«а¶ӯа·’а¶Ҫа¶ҡ а¶ёа·„а¶ӯа·Ҡа¶ӯа¶әа·Ҹа¶ңа·ҡ а¶Ҝа·”а¶»а¶ҡа¶ӯа¶ұ а¶…а¶Ӯа¶ҡа¶ә а¶Ҝа·”а¶ұа·Ҡа¶ұа·Ҹ.а¶’а¶ӯа·Ҡ а¶Үа¶әа¶§ а¶‘а¶Ҝа·Ҹ а¶’а¶ўа¶ұа·Ҡа·ға·’а¶әа·ҡ а¶…а¶ә а·„а·ңа¶Ҝа¶§а¶ё а¶ңа·җа·„а·җа·Җа·Ҡа·Җа·Ҹ. а¶ңа·„а¶Ҫа·Ҹ а¶•а¶ёа·Ҹа¶ұа·Ҡ а¶Үа¶»а·’а¶әа·Ҹ. а¶‘а¶әа·Ҹ а¶…а¶ҙа·’а¶§ а¶ҡа·… а¶Ӣа¶Ҝа·Җа·Ҡа·Җа¶§ а¶‘а¶әа·Ҹ а·Җа·ҷа¶ұа·”а·Җа·ҷа¶ұа·Ҡ а¶ҡа¶»а¶ұа·Ҡа¶ұ а¶Ҝа·ҷа¶әа¶ҡа·Ҡ а¶ёа¶§ а¶ӯа·’а¶¶а·”а¶ұа·ҡ а¶ұа·җа·„а·җ. а¶ёа·ңа¶ҡа¶Ҝ а¶…а·ға¶ұа·“а¶ҙ а¶ӯа¶ӯа·Ҡа·Җа¶әа¶әа·’, а·„а·Ҹа¶ёа¶ӯа·ҡ а·„а·’а¶§а¶ҙа·” а¶ұа·’а·ға¶әа·’ а¶ёа¶ё а¶ҡа·Ҹа¶әа·’а¶ҡа·Җ а¶ёа·ҷа¶ұа·Ҡа¶ё а¶ёа·Ҹа¶ұа·ға·’а¶ҡа·Җ а·Җа·җа¶§а·’а¶Ҫа·Ҹ а·„а·’а¶§а·’а¶әа·ҡ.а¶…а¶ҙа·’а¶§ а¶Ҝа·”а¶»а¶ҡа¶ӯа¶ұа¶әа¶ҡа·Ҡ а·Җа¶ӯа·Ҡ а¶ҙа·Ҹа·Җа·’а¶ а·Ҡа¶ а·’ а¶ҡа¶»а¶ұа·Ҡа¶ұ а¶Ҝа·”а¶ұа·Ҡа¶ұа·ҡ а¶ұа·җа·„а·җ. а·„а·ңа¶әа¶Ҫа·Ҹ а¶ңа¶ұа·Ҡа¶ұа·Җа·Ҹ. а¶ёа¶§ а¶Ҝа·”а¶»а¶ҡа¶ӯа¶ұ а¶Ҝа·ҷа¶ҡа¶ҡа·Ҡ а¶ӯа·’а¶¶а·”а¶ұа·Ҹ. а¶‘а¶ҡа¶ҡа·Ҡ а¶”а·Җа·”а¶ұа·Ҡ а¶…а¶»а¶ңа¶ӯа·Ҡа¶ӯа·Ҹ. а¶’ а¶ұа·’а·ға·Ҹ а¶…а¶ұа·’а¶ӯа·Ҡ а¶‘а¶ҡа·Ҡа¶ҡ а¶ёа¶ё а·„а¶Ӯа¶ңа¶Ҫа·Ҹ а¶ӯа·’а¶¶а·”а¶ұа·ҡ.а¶Ҝа·Җа·ға¶ҡа·Ҡ а¶»а·‘ а¶Ҝа·ңа¶Ҫа·„а¶§ а·Җа·’а¶ӯа¶» а¶ҡа·Ҹа¶§а¶ӯа·Ҡ а·„а·ңа¶»а·ҷа¶ұа·Ҡ а¶ёа¶ё а¶’ а¶Ҝа·”а¶»а¶ҡа¶ӯа¶ұа¶ә а¶…а¶»а¶ңа·ҷа¶ұ а¶»а·”а·Җа¶ұа·Ҡ а¶ёа·„а¶ӯа·Ҡа¶ӯа¶әа¶§ а¶‘а·ға·Ҡ.а¶‘а¶ёа·Ҡ.а¶‘а·ға·Ҡ а¶ҙа¶ұа·’а·Җа¶©а¶әа¶ҡа·Ҡ а¶әа·җа·Җа·Ҡа·Җа·Ҹ а¶ёа¶ё а¶үа¶ұа·Ҡа¶ұ а¶ӯа¶ӯа·Ҡа·Җа¶ә а¶ҡа·’а¶әа¶Ҫа·Ҹ а¶ҡа·ңа·„а·ңа¶ё а·„а¶»а·’ а¶ёа·Ҹа·Җ а¶¶а·ҡа¶»а·Ҹ а¶ңа¶ұа·Ҡа¶ұ а¶ҡа·’а¶әа¶Ҫа·Ҹ. а¶ҡа·ңа·„а·ңа¶ё а·„а¶»а·’ а¶»а·”а·Җа¶ұа·Ҡ а¶ёа·„а¶ӯа·Ҡа¶ӯа¶әа·Ҹ а¶ҙа·Ҹа¶ұа·Ҡа¶Ҝа¶» а¶Ҝа·ҷа¶ҡа¶§ а·Җа·’а¶ӯа¶» а¶ёа¶§ а¶Ҝа·”а¶»а¶ҡа¶ӯа¶ұа¶әа·ҷа¶ұа·Ҡ а¶ҡа¶ӯа·Ҹ а¶ҡа·…а·Ҹ. а¶¶а¶ә а·Җа·ҷа¶ұа·Ҡа¶ұ а¶‘а¶ҙа·Ҹ, а¶ҡа¶Ҫа¶¶а¶Ҫ а·Җа·ҷа¶ұа·Ҡа¶ұ а¶‘а¶ҙа·Ҹ а¶…а¶ҙа·’ а¶”а¶әа·Ҹа·Җ а¶¶а·ҡа¶»а·Ҹа¶ңа¶ұа·Ҡа¶ұа·Җа·Ҹ а¶ҡа·’а¶әа¶Ҫа·Ҹ а¶ҡа·’а·Җа·Ҡа·Җа·Ҹ.а¶үа¶ұа·Ҡ а¶ҙа·ға·Ҡа·ға·ҡ а¶ёа¶ё а¶…а¶ҙа·’ а¶үа¶ұа·Ҡа¶ұ а¶ӯа·җа¶ұ а¶ҡа·’а¶әа¶Ҫа·Ҹ а¶ұа·җа·Җа¶ӯ а¶‘а·ға·Ҡ.а¶‘а¶ёа·Ҡ.а¶‘а·ға·Ҡ а¶‘а¶ҡа¶ҡа·Ҡ а¶әа·җа·Җа·Ҡа·Җа·Ҹ. а¶ҙа·ға·Ҡа·ға·ҡ а¶»а·”а·Җа¶ұа·Ҡ а¶ёа·„а¶ӯа·Ҡа¶ӯа¶әа·Ҹ а¶ҡа·’а·Җа·Ҡа·Җа·Ҹ а¶…а¶ҙа·’ а¶‘а¶ұа·Җа·Ҹ а¶”а¶әа·Ҹа·Җ а¶¶а·ҡа¶»а¶ңа¶ұа·Ҡа¶ұ а¶ҡа·’а¶әа¶Ҫа·Ҹ. а¶‘а¶Ҝа·Ҹ а·„а·Җа·ғ а¶ҙа·„а¶§ а·Җа·’а¶ӯа¶» а·ға¶»а·Ҡа¶Ҫа·Ҹ а¶Ҷа·Җа·Ҹ. а¶‘а¶ӯа¶ҡа·ңа¶§ а¶…а¶ҙа·’а·Җ а·„а¶Ӯа¶ңа¶Ҫа·Ҹ а¶ӯа·’а¶¶а·”а¶ұа·ҡ. а¶Үа·Җа·’а¶ӯа·Ҡ а¶…а·„а¶Ҫа·Ҹ а¶ӯа·’а¶¶а·ҷа¶ұа·Җа·Ҹ а·Ға·Ҡа¶»а·“ а¶Ҫа¶Ӯа¶ҡа·Ҹа·Җа·ҡ а¶…а¶ә а¶үа¶ұа·Ҡа¶ұа·Җа¶Ҝ а¶ҡа·’а¶әа¶Ҫа·Ҹ. а¶‘а¶ўа¶ұа·Ҡа·ға·’а¶әа·ҡ а¶…а¶ә а¶ёа·”а¶Ҫа·’а¶ұа·Ҡа¶ё а¶…а¶ҙа·’ а¶‘а¶ӯа¶ұ а¶ұа·җа·„а·җ а¶ҡа·’а¶әа¶Ҫа·Ҹ а¶ӯа·’а¶әа·ҷа¶ұа·Җа·Ҹ.а¶ҙа·ға·Ҡа·ға·ҡ а·ға¶»а·Ҡа¶Ҫа·Ҹ а¶ёа¶ңа·ҡ а¶ұа¶ё а¶ҡа·’а¶әа¶Ҫа·Ҹ а·„а¶әа·’а¶әа·ҷа¶ұа·Ҡ а¶ҡа·‘ а¶ңа·җа·„а·”а·Җа·Ҹ. а¶ёа¶ңа·ҡ а¶Ҝа·”а¶»а¶ҡа¶ӯа¶ұа¶әа¶§ а¶ҡа¶ӯа·Ҹ а¶ҡа·…а·Ҹ. а¶‘а¶ӯа¶ҡа·ңа¶§ а¶ёа¶ё а¶‘а·…а·’а¶әа¶§ а¶Ҷа·Җа·Ҹ. а¶’ а·Җа·”а¶ұа·Ҹа¶§ а¶…а¶ҙа·’а·Җ а¶¶а·Ҹа¶» а¶Ҝа·ҷа¶ұа·Ҡа¶ұ а¶¶а·җа·„а·җ а¶ҡа·’а·Җа·Ҡа·Җа·Ҹ. а¶ҡа·ңа·„а·ңа¶ё а·„а¶»а·’ а·ға¶»а·Ҡа¶Ҫа·Ҹ а¶ҙа·җа¶ә а¶Ҝа·ҷа¶ҡа¶ҡа·Ҡ а·Җа·’а¶ӯа¶» а¶Ҫа·ңа¶ҡа·” а·ға¶§а¶ұа¶ҡа·Ҡ а¶ҡа¶»а¶Ҫа·Ҹ а¶…а¶ҙа·’а·Җ а¶‘а·…а·’а¶әа¶§ а¶ңа¶ӯа·Ҡа¶ӯа·Ҹ. а¶ҙа·ға·Ҡа·ға·ҡ а¶ёа¶ё а·ға¶»а·Ҡа¶Ҫа¶§ а¶ҡа·’а·Җа·Ҡа·Җа·Ҹ а¶ёа¶ё а·Җа¶ңа·ҡа¶ё а¶ӯа·Җа¶ӯа·Ҡ а¶ұа·”а·Җа¶» а¶ҙа·җа¶ӯа·Ҡа¶ӯа·ҡ а¶‘а¶ҡа¶ҡа·ҷа¶ұа·ҷа¶ҡа·”а¶ӯа·Ҡ а¶үа¶ұа·Ҡа¶ұа·Җа·Ҹ а¶‘а¶әа·Ҹа·Җа¶ӯа·Ҡ а¶‘а¶Ҫа·’а¶әа¶§ а¶ңа¶ұа·Ҡа¶ұ а¶•а¶ұа·ҡ а¶ҡа·’а¶әа¶Ҫа·Ҹ. а¶ҙа·ға·Ҡа·ға·ҡ а·ға¶»а·Ҡа¶Ҫа·Ҹ а¶‘а¶әа·Ҹа·Җа¶ӯа·Ҡ а¶‘а·…а·’а¶әа¶§ а¶ңа¶ӯа·Ҡа¶ӯа·Ҹ. а¶ёа¶ё а¶»а¶§ а¶Ҷа·Җа·ҡ а¶ңа·ҡ а¶Ӣа¶ҡа·ға¶§ а¶ӯа·’а¶әа¶Ҫа·Ҹ. а¶Ҝа·җа¶ұа·Ҡ а¶’а¶ҡ а·ға·’а¶ұа·Ҡа¶ұ а·Җа·ҷа¶Ҫа·Ҹ. а¶’а¶ўа¶ұа·Ҡа·ға·’а·Җа¶Ҫа·’а¶ұа·Ҡ а¶…а¶ҙа·’а¶§ а¶¶а·ңа¶»а·” а¶ҡа·’а¶әа¶Ҫа·Ҹ, а¶ёа·Җа¶Ҫа·Ҹ а¶ҙа·ҷа¶ұа·Ҡа¶ұа¶Ҫа·Ҹ а¶»а¶§ а¶…а¶»а·’а¶ұа·Җа·Ҹ. а¶…а¶ҙа·’ а¶…а·ға¶»а¶« а·Җа·”а¶ұа·„а¶ё а¶Ҫа¶Ӯа¶ҡа·Ҹа·Җа¶§ а¶әа·Җа¶ұа·Ҡа¶ұа¶ұа¶ёа·Ҡ а¶Ҫа¶ҡа·Ҡа·Ӯ а¶ӯа·”а¶ұ а·„а¶ёа·Ҹа¶»а¶ҡа·Ҡ а¶’а¶ўа¶ұа·Ҡа·ға·’а¶әа¶§ а¶ңа·ҷа·Җа¶ұа·Ҡа¶ұ а¶ҡа·’а¶әа¶Ҫа·Ҹ а¶ҡа·’а¶әа¶ұа·Җа·Ҹ. а¶Ҫа¶Ӯа¶ҡа·Ҹа·Җа·ҷа¶ұа·Ҡ а¶…а¶ҙа·’а·Җ а¶Үа¶»а¶ҙа·” а¶’а¶ўа¶ұа·Ҡа·ға·’а¶әа¶§ а¶ңа·ҷа·Җа¶Ҫа·Ҡ а·Җа¶Ҫ а¶…а¶ә а¶Ҝа·җа¶ұа·Ҡа·Җа·”а·„а·Ҹа¶ё а¶ҡа¶»а¶ұа·Ҡа¶ұа·ҷа¶ӯа·Ҡ а¶…а¶ҙа·’а¶§ а¶¶а·җа¶ұа¶Ҫа·Ҹ а¶¶а·җа¶ұа¶Ҫа·Ҹ а·ға¶Ҫа·Ҡа¶Ҫа·’ а¶үа¶Ҫа·Ҡа¶Ҫа¶ұа·Җа·Ҹ а¶Ҫа¶ҡа·Ҡа·Ӯ а¶ңа¶ұа¶ұа·Ҡ.а¶’а¶ўа¶ұа·Ҡа·ға·’а¶ҡа·Ҹа¶»а¶әа·қ а¶ҡа¶»а¶ұа·Ҡа¶ұа·ҡ а¶…а¶ҙа·’а·Җ а¶Ҫа¶¶а·Ҹ а¶Ҝа·ҷа¶ұа·Ҡа¶ұ а·„а·Ҹа¶ёа·Ҡа¶ҙа·”а¶ӯа·Ҹа¶Ҫа¶ңа·ҷа¶ұа·Ҡ а¶Ҫа¶ҡа·Ҡа·Ӯ а¶ңа¶ұа¶ұа·Ҡ а¶ңа¶ұа·Ҡа¶ұа·Җа·Ҹ. а¶…а¶ҙа·’а¶§ а·Ға¶ӯ а¶ҙа·„а¶ҡа·Ҡа·Җа¶ӯа·Ҡ а¶Ҫа¶¶а·Ҹ а¶Ҝа·ҷа¶ұа·Ҡа¶ұа·ҡ а¶ұа·җа·„а·җ. а¶’а¶ӯа·Ҡ а¶…а¶ұа·Ҡа¶ӯа·’а¶ёа¶§ а¶…а·ға¶»а¶« а·Җа·”а¶ұа·„а¶ё а·„а·Ҹа¶ёа·Ҡа¶ҙа·”а¶ӯа·Ҹа¶§ а¶ңа·ҷа·Җа¶ұа·Ҡа¶ұ а¶•а¶ұа·Ҹ а¶ҡа·’а¶әа¶Ҫа·Ҹ а¶…а¶ҙа·ҷа¶ұа·Ҡ а¶Ҫа¶ҡа·Ҡа·Ӯ а¶ңа¶ұа¶ұа·Ҡ а¶үа¶Ҫа·Ҡа¶Ҫа¶ұа·Җа·Ҹ.а¶ёа¶ё а¶…а·Җа·ға·Ҹа¶ұ а·Җа·Ға¶әа·ҷа¶ұа·”а¶ӯа·Ҡ а¶үа¶Ҫа·Ҡа¶Ҫа·Ҹ а·ға·’а¶§а·’а¶ұа·Ҡа¶ұа·ҡ а¶ёа·ҷа·Җа·җа¶ұа·’ а¶’а¶ўа¶ұа·Ҡа·ға·’ а·ға¶ёа¶ң а¶Ҫа¶Ӯа¶ҡа·Ҹа·Җа·ҡ а¶ҡа·’а·ға·’а¶ё а¶’а¶ўа¶ұа·Ҡа·ға·’а¶әа¶ҡа¶§ а·ға¶ёа·Ҡа¶¶а¶ұа·Ҡа¶°а¶ҡа¶ёа·Ҡ а¶ҙа·Җа¶ӯа·Ҡа·Җа¶ұа·Ҡа¶ұ а¶ёа·’а¶ұа·Ҡ а¶үа¶Ҝа·’а¶»а·’а¶§а¶ӯа·Ҡ а¶үа¶© а¶Ҝа·ҷа¶ұа·Ҡа¶ұ а¶‘а¶ҙа·Ҹ. а¶ёа·ңа·Җа·”а¶ұа·Ҡа¶ңа·ҡ а¶ҡа¶§а¶әа·”а¶ӯа·” а·ға·ңа¶әа·Ҹ а¶¶а¶Ҫа·Ҹ а¶¶а¶Ҫа¶ҙа¶ӯа·Ҡа¶» а¶…а·Җа¶Ҫа¶Ӯа¶ңа·” а¶ҡа¶» а¶Ҝа¶ёа¶ұа·Ҡа¶ұ.а¶»а·Ҹа¶ўа·ҡа·ға·Ҡа·Җа¶»а·“а¶ңа·ҡ а¶Ҷа¶Ҝа·Ҹа¶»а¶әа·ҷа¶ұа·Ҡ а¶ўа¶ұа·ҡа¶Ҫа¶әа·ҷа¶ұа·Ҡ а¶¶а·’а¶ёа¶§ а¶ҙа·җа¶ұ а¶ӯа·Ҹа¶ұа·Ҹа¶ҙа¶ӯа·’ а¶ҡа·Ҹа¶»а·Ҡа¶әа·Ҹа¶Ҫа¶әа¶§ а¶ҙа¶Ҫа·Ҹ а¶ңа·’а¶ә а¶үа¶Ӯа¶ңа·’а¶»а·’а¶әа·ҡ а¶ўа·ҡ.а¶’ а¶…а¶ёа¶»а·Ҹа·Җа¶ӯа·“ а¶ёа·„а¶ӯа·Ҡа¶ёа·’а¶ә а¶Үа¶ә а¶ёа·”а·„а·”а¶« а¶Ҝа·”а¶ұа·Ҡ а¶…а¶ӯа·Ҡ а¶Ҝа·җа¶ҡа·“а¶ёа·Ҡ а¶ёа·ҷа·ға·ҡ а¶ҡа·“а·Җа·Ҹа¶ә.а¶ёа¶ё а¶…а¶¶а·”а¶©а·Ҹа¶¶а·’ а¶Ҷа·Җа·ҡ а¶¶а·Ҹа¶ңа·ҷа¶§ а·„а¶Ҝа¶ұ а¶ұа·’а·Җа·ға·ҡ а·Җа·җа¶©а¶ҡа¶§а¶әа·”а¶ӯа·” а·ға¶ёа·Ҡа¶ҙа·”а¶»а·Ҡа¶« а¶ҡа¶»а¶ңа¶ұа·Ҡа¶ұ. а¶ёа¶§ а¶Ҝа¶»а·”а·Җа·қ а¶ӯа·”а¶ұа·Ҡа¶Ҝа·ҷа¶ұа·ҷа¶ҡа·Ҡ а¶үа¶ұа·Ҡа¶ұа·Җа·Ҹ. а¶ёа¶ңа·ҡ а¶ёа·„а¶ӯа·Ҡа¶ӯа¶әа·Ҹ а¶¶а·’а¶¶а·“ а¶Үа·Җа·’а¶Ҝа·’а¶ұа·Җа·Ҹ.а¶ёа·Ҹа·Җ а·Җа·җа¶©а¶§ а·Җа·җа¶§а·”а¶ұ а¶ңа·ҷа¶Ҝа¶»а·’а¶ұа·Ҡ а¶ёа¶ё а¶ңа·’а¶ә а¶Ҝа·Җа·ға·ҡ а¶үа¶Ҝа¶Ҫа·Ҹ а¶Ҝа·Җа·ға·Ҡ а¶Ҝа·ңа¶Ҫа·„а¶ҡа·Ҡ а¶ёа¶§ а¶ҡа¶ұа·Ҡа¶ұ а¶Ҝа·”а¶ұа·Ҡа¶ұа·ҡ а¶ұа·җа·„а·җ. а·Җа·җа¶© а¶ңа¶ұа·Ҡа¶ұа·Җа·Ҹ а·Җа·’а¶ӯа¶»а¶әа·’.а¶’ а¶ңа·ҷа¶Ҝа¶» а¶ҙа·„а¶Ҫа·ңа·ға·Ҡ а¶Ҝа·ҷа¶ұа·ҷа¶ҡа·”а¶ңа·ҡ а·Җа·җа¶© а¶ёа¶ё а¶ҡа·…а·Ҹ. а¶’ а¶…а¶ә а¶ҡа·”а·ға·Ҡа·ға·’а¶әа·ҡ а¶Ҝа·ңа¶» а¶Ҫа·ңа¶ҡа·Ҡа¶ҡа¶»а¶ұа·Җа·Ҹ. а¶ёа¶§ а·Җа·”а¶ұа·ҡ а¶¶а¶© а¶ңа·’а¶ұа·Ҡа¶ұа·ҡ а¶үа¶ұа·Ҡа¶ұа¶әа·’. а¶ҡа·‘а¶ёа¶ҡа·Ҡ а·„а·ңа¶әа·Ҹа¶ңа·ҷа¶ұ а¶ҡа·‘а·Җа·ҷа¶ӯа·Ҡ а·„а·ңа¶»а·ҷа¶ұа·Ҡ. а¶Ҝа·Җа·ға¶ҡа·Ҡ а¶ёа¶ё а¶ҡа·’а·Җа·Ҡа·Җа·Ҹ а¶ёа¶§ а¶¶а¶©а¶ңа·’а¶ұа·Ҡа¶ұа·ҡ а·Җа·җа¶© а¶ҡа¶»а¶ұа·Ҡа¶ұ а¶¶а·җа·„а·җ. а¶ёа·Ҹа·Җ а¶’а¶ўа¶ұа·Ҡа·ға·’а¶әа¶§ а¶ңа·’а·„а·’а¶ұа·Ҡ а¶Ҝа·Ҹа¶ұа·Ҡа¶ұ а¶ҡа·’а¶әа¶Ҫа·Ҹ. а¶ҙа·ға·Ҡа·ға·ҡ а¶’ а¶…а¶ңа¶Ҝа¶» а¶…а¶ә а¶ёа·Ҹа·Җ а¶’а¶ўа¶ұа·Ҡа·ға·’а¶әа¶§ а¶ңа·ҷа¶ұа¶ӯа·Ҡ а¶Ҝа·җа¶ёа·Ҡа¶ёа·Ҹ. а¶’а¶ўа¶ұа·Ҡа·ға·’а¶әа·ҡ а¶ҙа·”а¶Ӯа¶ а·’ а¶ҡа·Ҹа¶ёа¶»а¶әа¶ҡ а¶…а¶ҙа·’а·Җ а·„а·’а¶» а¶ҡа¶»а¶Ҫа·Ҹ а¶ӯа·’а¶¶а·”а¶ұа·Ҹ. а¶‘а¶ӯа¶ұ а¶ҙа·’а¶Ҫа·’а¶ҙа·“а¶ұ а¶ҡа·Ҹа¶ұа·Ҡа¶ӯа·Ҹа·Җа·қ 04 а¶әа·’, а¶үа¶ұа·Ҡа¶Ҝа·”а¶ұа·“а·ға·’а¶әа·Ҹа·Җа·ҡ 03 а¶әа·’, а¶Ҫа¶Ӯа¶ҡа·Ҹа·Җа·ҡ 05 а¶ҡа·”а¶әа·’ а·„а·’а¶§а·’а¶әа·ҡ. а¶…а¶ҙа·’а¶§ а¶ұа·’а¶Ҝа·Ҹа¶ңа¶ұа·Ҡа¶ұа·Җа¶ӯа·Ҡ а¶’ а¶ҡа·Ҹа¶ёа¶»а¶ә а¶ёа¶Ҝа·’. а¶ҡа¶ұа·Ҡа¶ұа¶ӯа·Ҡ а¶ұа·җа·„а·җ. а¶…а¶ҙа·’а¶§ а¶Ҝа·ғ а·Җа¶Ҝ а¶Ҝа·ҷа¶ұа·Җа·Ҹ. а¶¶а·җа¶»а·’а¶ё а¶ӯа·җа¶ұ а¶…а¶ҙа·’ а¶ҙа·җа¶ұа¶Ҫа·Ҹ а¶әа¶ұа·Ҡа¶ұ а¶ӯа·“а¶»а¶«а¶ә а¶ҡа¶Ҫа·Ҹ. а¶Ҝа·Җа·ға¶ҡа·Ҡ а¶»а·‘ а¶ӯа·’а·ға·Ҡа·ға·ҡ а·ға·җа¶Ҫа·ға·”а¶ёа·Ҡ а¶ҡа¶»а¶Ҫа·Ҹ а¶‘а·…а·’а·Җа·ҷа¶ұ а¶ҙа·Ҹа¶ұа·Ҡа¶Ҝа¶» а¶»а·ҷа¶Ҝа·’ а¶ңа·җа¶§ а¶ңа·„а¶Ҫа·Ҹ а¶…а¶ҙа·’ а¶¶а·’а¶ёа¶§ а¶ҙа·җа¶ұа·Ҡа¶ұа·Ҹ. а¶ўа·“а·Җа¶ӯа·Ҡ а·Җа·”а¶ұа¶ӯа·Ҡ а¶ёа·җа¶»а·”а¶ұа¶ӯа·Ҡ а¶ҡа¶ёа¶ҡа·Ҡ а¶ұа·җа·„а·җ а¶ҡа·’а¶әа¶Ҫа·Ҹ а·„а·’а¶ӯа·Ҹа¶ңа·ҷа¶ұ а¶ӯа¶ёа¶әа·’ а¶…а¶ҙа·’ а¶¶а·’а¶ёа¶§ а¶ҙа·җа¶ұа·Ҡа¶ұа·ҡ. а¶‘а·„а·ҷа¶ё а¶ҙа¶ұа·’а¶ұа·Ҡа¶ұ а¶ңа·’а·„а·’а¶ұа·Ҡ а¶ёа¶ңа·ҡ а¶ҡа¶ҡа·”а¶Ҫа¶ҡа·Ҡ а¶ҙа·җа¶Ҫа·–а¶ұа·Ҹ. а¶ёа¶ё а¶¶а·’а¶ёа¶§ а¶ҙа·җа¶ұа·Ҡа¶ұ а¶ңа¶ёа¶ұа·Ҡа¶ё а¶ҡа·Ҹа¶»а¶ҡа·ҷа¶ҡа·Ҡ а¶әа¶§а¶§ а¶»а·’а¶Ӯа¶ңа¶Ҫа·Ҹ а·„а·җа¶Ӯа¶ңа·’а¶Ҫа·Ҹ а·„а·’а¶§а·’а¶әа·Ҹ а¶…а¶ұа·’а¶ӯа·Ҡ а¶…а¶әа¶ӯа·Ҡ а¶ҙа¶ұа·’а¶ұ а¶ҡа¶ёа·Ҡ. а¶»а·Ҹа¶ўа·ҡа·ға·Ҡа·Җа¶»а·“ а¶…а¶ҙа·’а¶§ а¶Ӣа¶Ҝа·Җа·Ҡ а¶ҡа·…а·Ҹ а¶ұа¶ёа·”а¶ӯа·Ҡ а¶‘а¶әа·Ҹа¶§ а¶ҙа¶ұа·’а¶ұа·Ҡа¶ұ а¶¶а·җа¶»а·’ а·Җа·”а¶ұа·Ҹ а¶‘а¶әа·Ҹ а¶ёа·„а¶ӯ а¶ұа·’а·ға·Ҹ. а¶…а¶ҙа·’ а·„а¶ӯа¶» а¶Ҝа·ҷа¶ұа·ҷа¶ҡа·Ҡ а¶§а·җа¶ҡа·Ҡа·Ӯа·’а¶әа¶ҡа·Ҡ а¶ҡа¶ӯа·Ҹа¶ҡа¶»а¶ңа·ҷа¶ұ а¶…а¶¶а·”а¶©а·Ҹа¶¶а·’ а¶ӯа·Ҹа¶ұа·Ҹа¶ҙа¶ӯа·’ а¶ҡа·Ҹа¶»а·Ҡа¶әа·Ҹа¶Ҫа¶әа¶§ а¶ҙа·җа¶ұа¶Ҫа·Ҹ а¶ңа·’а¶әа·Ҹ.а¶ӯа·Ҹа¶ұа·Ҹа¶ҙа¶ӯа·’ а¶ҡа·Ҹа¶»а·Ҡа¶әа·Ҹа¶Ҫа¶әа·ҡ а¶ёа·„а¶ӯа·Ҡа·Җа¶»а·”а¶ұа·Ҡа¶§ а¶…а¶ҙа·’ а·Җа·’а·ға·Ҡа¶ӯа¶»а¶ә а¶ҡа·’а·Җа·Ҡа·Җа·Ҹ. а¶”а·Җа·”а¶ұа·Ҡ а¶…а¶ҙа·’а¶§ а¶ҡа·Ҹа¶»а·”а¶«а·’а¶ҡа·Җ а·ға¶Ҫа¶ҡа·Ҹ а¶Ҫа¶Ӯа¶ҡа·Ҹа·Җа¶§ а¶‘а¶ұа·Ҡа¶ұ а¶…а·Җа·ға·Ҡа¶®а·Ҹа·Җ а·ға¶Ҫа·ғ а¶Ҝа·”а¶ұа·Ҡа¶ұа·Ҹ.а¶»а·Ҹа¶ўа·ҡа·ға·Ҡа·Җа¶»а·“ а·ға¶ёа¶ң а¶Ҝа·’а·Җа¶әа·’а¶ұа¶§ а¶ҙа·җа¶ёа·’а¶«а·’ а¶ёа·„а¶ұа·”а·Җа¶» а¶ҙа·’а·…а·’а¶ё а¶ӯа¶Ҫа·Ҹа·Җа·ҡ а¶…а¶ұа·”а¶Ҫа·Ҹа·Җа¶ӯа·“ а¶ёа·җа¶«а·’а¶ҡа·ҡ а¶Үа¶ә а·Җа·’а¶Ҝа·’ а¶Ҝа·”а¶ҡа·Ҡ а¶ёа·ҷа·ға·ҡ а¶ҡа·“а·Җа·Ҹа¶ә.а¶ёа¶§ а¶Ҝа¶»а·”а·Җа·қ а¶Ҝа·ҷа¶ұа·Ҡа¶ұа·ҷа¶ҡа·Ҡ а¶үа¶ұа·Ҡа¶ұа·Җа·Ҹ. а¶ёа¶ңа·ҡ а¶ёа·„а¶ӯа·Ҡа¶ӯа¶әа·Ҹ а¶ёа·“а¶§ а¶ңа·ңа¶©а¶ҡа·Ҡ а¶ҡа·Ҹа¶Ҫа·ҷа¶ҡа¶§ а¶ҡа¶Ҫа·’а¶ұа·Ҡ а¶¶а·“а¶Ҫа·Ҹ а¶¶а·“а¶Ҫа·Ҹ а¶ёа·’а¶ә а¶ңа·’а¶әа·Ҹ. а¶ёа¶ё а¶…а¶¶а·”а¶©а·Ҹа¶¶а·’ а¶ңа·’а¶әа·ҡ а¶ҙа·„а·” а¶ңа·’а¶ә а¶ўа·–а¶Ҫа·’ 31 а·Җа·ҷа¶ұа·’а¶Ҝа·Ҹ. а¶ёа¶ё а·Җа·җа¶© а¶ҡа·…а·ҡ а¶Ҝа·ҷа¶ёа·„а¶Ҫа·Ҡ а¶ұа·’а·Җа·ға¶ҡ. а¶‘а·„а·’ а¶ҡа·Ҹа¶ёа¶» а¶…а¶§а¶ҡа·Ҡ а¶ӯа·’а¶әа·ҷа¶ұа·Җа·Ҹ. а·Җа·җа·ға·’а¶ҡа·’а¶Ҫа·’ 6 а¶ҡа·Ҡ а¶ӯа·’а¶әа·ҷа¶ұа·Җа·Ҹ. а¶ҙа·Җа·”а¶Ҫа·Ҡ а¶ӯа·”а¶ұа¶ҡа·Ҡ 18 а¶Ҝа·ҷа¶ұа·ҷа¶ҡа·Ҡ а¶үа¶ұа·Ҡа¶ұа·Җа·Ҹ. а¶Ҫа·ңа¶ҡа·” а¶…а¶ә 10 а¶әа¶әа·’ а·…а¶ёа¶әа·’ 08 а¶әа·’. а¶ёа·ҡ а¶Ҝа·„ а¶…а¶§ а¶Ҝа·ҷа¶ұа·Ҹа¶ңа·ҷа¶ё а·Җа·җа¶© а¶ёа¶ё а¶ҡа¶»а¶ұа·Ҡа¶ұ а¶•а¶ұа·ҡ. а¶Ӣа¶әа¶ұа·Җа·Ҹ а¶ҙа·’а·„а·’а¶ұа·Җа·Ҹ а¶ёа¶Ҝа·’а·Җа¶§ а¶ңа·ҷа·Җа¶Ҫа·Ҡ а·ға·”а¶Ҝа·Ҡа¶Ҝ а¶ҡа¶»а¶ұа·Ҡа¶ұ, а¶§а·ңа¶әа·’а¶Ҫа¶§а·Ҡ а·„а·қа¶Ҝа¶ұа·Ҡа¶ұ, а¶’ а¶ёа¶Ҝа·’а·Җа¶§ а¶‘а·…а·’а¶әа·ҡ а¶…а¶ҡа·Ҡа¶ҡа¶»а¶ҡ а·Җа·’а¶ӯа¶» а¶ҙа·Ҡа¶»а¶ёа·Ҹа¶«а¶әа¶ҡа·Ҡ а·„а·җа¶ёа¶Ҝа·Ҹа¶ё а·ға·қа¶Ҝа¶ұа·Ҡа¶ұ а·Җа·”а¶ұа·Ҹ.а¶ҙа·Ҹа¶ұа·Ҡа¶Ҝа¶» а¶ӯа·”а¶ұа¶§ а·Җа·җа¶© а¶ҙа¶§а¶ұа·Ҡ а¶ңа¶ұа·Ҡа¶ұа·Җа·Ҹ. а¶»а·‘ а¶‘а¶ҡ а¶Ҝа·ҷа¶ҡ а·Җа·ҷа¶ұа¶ҡа¶ёа·Ҡ а¶‘а¶ҡ а¶Ҝа·’а¶ңа¶§ а·Җа·җа¶© а¶ҡа¶»а¶ұа·Җа·Ҹ. а¶ҡа¶ұа·Ҡа¶© а¶Ҝа·ҷа¶ұа·Ҡа¶ұа·ҡ а¶ұа·җа·„а·җ. а¶Ҝа·Җа·ға·Ҡ 26 а¶ҡа·Ҡ а·Җа·җа¶© а¶ҡа¶»а¶ұ а¶ҡа·ңа¶§ а¶ёа¶§ а·Җа·җа¶© а·Җа·җа¶©а·’ а¶ҡа¶ёа¶§ а¶ёа·Ҹа·Җ а¶…а·ға¶ұа·“а¶ҙ а·Җа·”а¶ұа·Ҹ. а·Җа¶»а·’а¶ұа·Ҡ а·Җа¶» а¶ёа·Ҹа·Җ а¶ҡа¶Ҫа¶ұа·Ҡа¶ӯа·ҡ а·„а·җа¶Ҝа·’а¶Ҫа·Ҹ а¶ҡа·җа¶»а¶ҡа·ҷа¶ұа·Ҡа¶ұ а¶ңа¶ӯа·Ҡа¶ӯа·Ҹ. а¶ёа¶ё а·Җа·җа¶© а¶ҡа¶»а¶ұа·Ҡа¶ұ а¶…а¶ёа·Ҹа¶»а·”а¶әа·’ а¶ҡа·’а·Җа·Ҡа·Җа¶ё а¶’ а¶…а¶ә а¶ёа¶§ а¶ңа·җа·„а·җа·Җа·Ҡа·Җа·Ҹ. а¶ёа¶ё а¶ҡа·’а·Җа·Ҡа·Җа·Ҹ а¶ёа¶ё а¶Ҷа·Җа·ҡ а¶ңа·”а¶§а·’а¶ҡа¶ұа·Ҡа¶ұ а¶ұа·ҷа¶ёа·ҷа¶әа·’ а¶ёа·Ҹа·Җ а¶’а¶ўа¶ұа·Ҡа·ға·’а¶әа¶§ а¶ңа·’а¶ұа·’а·„а·’а¶ұа·Ҡ а¶Ҝа·Ҹа¶ұа·Ҡа¶ұ а¶ҡа·’а¶әа¶Ҫа·Ҹ.а¶үа¶ұа·Ҡа¶ҙа·ға·Ҡа·ға·ҡ а¶ёа¶§ а·„а·ңа¶Ҝа¶§а¶ё а¶ңа·„а¶Ҫа·Ҹ а¶ёа·Ҹа·Җ а¶’а¶ўа¶ұа·Ҡа·ға·’а¶әа¶§ а¶ңа·’а·„а·’а¶ұа·Ҡ а¶Ҝа·җа¶ёа·Ҡа¶ёа·Ҹ. а¶ёа¶§ а·„а·’а¶§а¶ңа·ҷа¶ұ а¶үа¶ұа·Ҡа¶ұ а¶ҙа¶ұ а¶ӯа·’а¶¶а·”а¶ұа·ҡ а¶ұа·җа·„а·җ. а¶’а¶ўа¶ұа·Ҡа·ға·’а¶әа·ҷа¶ұа·Ҡ а¶ҡа·…а·ҡ а¶ёа¶§ а¶ҙа·ңа¶Ҫа·’а·ға·’а¶әа·ҡ, а·„а¶ёа·”а¶Ҝа·Ҹа·Җа·ҡ а·Җа¶ңа·ҡ а·ға·“а¶»а·”а·Җа·ҷа¶ұа·Ҡ а¶үа¶ұа·Ҡа¶ұ а¶ҡа·’а·Җа·Ҡа·Җа·Ҹ.а¶”а¶ә а¶…а¶ӯа¶»а·ҷа¶Ҝа·’ а¶ӯа¶ёа¶әа·’ а¶ёа¶§ а¶»а·Ҹа¶ўа·ҡа·ға·Ҡа·Җа¶»а·“а·Җ а·„а¶ёа·Ҡа¶¶ а·Җа·”а¶ұа·ҡ. а¶»а·Ҹа¶ўа·ҷа·ға·Ҡа·Җа¶»а·“ а¶ёа·Ҹ а¶ңа·җа¶ұа¶ӯа·Ҡ а¶ҡа·’а¶әа¶Ҫ а¶…а¶¶а·”а¶©а·Ҹа¶¶а·’ а¶ӯа·Ҹа¶ұа·Ҹа¶ҙа¶ӯа·’ а¶ҡа·Ҹа¶»а·Ҡа¶әа·Ҹа¶Ҫа¶әа¶§ а¶ҡа¶ӯа·Ҹ а¶ҡа¶»а¶Ҫа·Ҹ а¶ӯа·’а¶¶а·”а¶ұа·Ҹ.а¶”а¶ә а¶…а¶ӯа¶»а·ҷа¶Ҝа·’ а¶ӯа¶ёа¶әа·’ а¶…а¶¶а·”а¶©а·Ҹа¶¶а·’ а¶ӯа·Ҹа¶ұа·Ҹа¶ҙа¶ӯа·’ а¶ҡа·Ҹа¶»а·Ҡа¶әа·Ҹа¶Ҫа¶әа·ҡ а¶ҙа·…а¶ёа·” а¶Ҫа·ҡа¶ҡа¶ёа·Ҡ а·Җа·’а·Ға·Ҡа·Җ а¶Ҝа·’а·ға·Ҹа¶ұа·Ҹа¶әа¶ҡ, а¶ҡа¶ёа·Ҡа¶ҡа¶»а·” а¶…а¶Ӯа·Ға¶әа·ҡ а¶ҙа·…а¶ёа·” а¶Ҫа·ҡа¶ҡа¶ёа·Ҡ а¶‘а¶ёа·Ҡ.а¶Ҡ.а¶ўа·“ а·ға¶ёа¶»а·Җа·“а¶», а¶ӯа·ҷа·Җа¶ұ а¶Ҫа·ҡа¶ҡа¶ёа·Ҡ а¶»а·”а·Җа¶ұа·Ҡ а¶ңа·”а¶«а¶ӯа·’а¶Ҫа¶ҡ, а¶Ҝа·”а¶ёа·’а¶ұа·Ҡа¶Ҝ а·ға¶ӯа¶»а·ға·’а¶Ӯа·„, а¶ҙа·”а¶¶а·”а¶Ҝа·” а¶ўа¶әа¶ӯа·’а¶Ҫа¶ҡ а·ға·„ а¶…а·„а¶Ҫа¶»а·Ҡ а·ға·”а¶¶а·Ҹа¶әа·’а¶»а·Ҡ а¶әа¶ұ а¶ёа·„а¶ӯа·Ҡа¶ӯа·”а¶»а·” а¶…а¶ҙа·’а·Җ а·„а·ңа¶әа·Ҹа¶ңа·ҷа¶ұ а¶Ҷа·Җа·ҡ. а¶”а·Җа·”а¶ұа·Ҡ а¶Үа·Җа·’а¶ӯа·Ҡ а¶…а¶ҙа·’а·Җ а¶үа¶Ҫа·Ҡа¶Ҫа·–а·Җа·Ҹ. а¶’а¶ўа¶ұа·Ҡа·ға·’а¶әа·ҡ а¶…а¶ә а¶ұа·җа·„а·җ а¶ҡа·’а·Җа·Ҡа·Җа·Ҹ.а¶үа¶ұа·Ҡ а¶ҙа·ға·Ҡа·ға·ҡ а¶ӯа·Ҹа¶ұа·Ҹа¶ҙа¶ӯа·’ а¶ёа·„а¶ӯа·Ҡа¶ӯа·”а¶»а·” а¶…а¶ҙа·ҡ а¶ұа¶ёа·Ҡ а¶ҡа·’а¶әа¶Ҫа·Ҹ а¶ҡа·‘а¶ңа·җа·„а·җа·Җа·Ҡа·Җа·Ҹ. а¶‘а¶ӯа¶ҡа·ңа¶§ а¶»а·Ҹа¶ўа·ҡа·ға·Ҡа·Җа¶»а·“ а¶‘а·…а·’а¶әа¶§ а¶Ҷа·Җа·Ҹ. а¶үа¶ұа·Ҡа¶ҙа·ға·Ҡа·ға·ҡ а¶»а·Ҹа¶ўа·ҡа·ға·Ҡа·Җа¶»а·“ а¶ҡа·’а¶әа¶Ҫа·Ҹ а¶ӯа¶ёа¶әа·’ а¶ёа·Ҹа·Җ а¶‘а·…а·’а¶әа¶§ а¶ңа¶ӯа·Ҡа¶ӯа·ҡ.а¶№а¶ңа·ҡ а·ға·җа¶ёа·’а¶әа·Ҹ а¶ёа·’а¶ә а¶ңа·’а¶ә а¶Ҝа·Ҹ а¶үа¶Ҝа¶Ҫа·Ҹ а¶…а¶Ҝ а·Җа·ҷа¶ұа¶ӯа·”а¶»а·” а¶ёа¶ё а¶ёа·җа¶Ҝ а¶ҙа·ҷа¶»а¶Ҝа·’а¶ң а¶»а¶§а·Җа¶Ҫ а·ға·ҡа·Җа¶ә а¶ҡа¶»а¶Ҫа·Ҹ а¶ӯа¶ёа¶әа·’ а¶ўа·“а·Җа¶ӯа·Ҡ а·Җа·”а¶ұа·ҡ. а¶ёа¶ё а¶»а¶§ а¶ңа·’а¶ә а¶ҙа·ға·Ҡа·Җа·ҷа¶ұа·’ а¶ҙа·Ҹа¶» а¶ёа·ҡа¶ҡ. а¶ёа¶ё а·ға·һа¶Ҝа·’, а¶ҡа·”а·Җа·ҷа¶§а·Ҡ, а¶¶а·„а¶»а·ҡа¶ұа·Ҡ а·ға·„ а¶©а·”а¶¶а·Ҹа¶әа·’ а·Җа¶Ҫ а·ға·ҡа·Җа¶ә а¶ҡа¶» а¶ӯа·’а¶әа·ҷа¶ұа·Җа·Ҹ. а¶ёа·ҷа·Җа·җа¶ұа·’ а¶ҡа¶»а¶Ҝа¶»а¶әа¶ҡа¶§ а¶ёа·”а·„а·”а¶« а¶ҙа·‘ а¶ҙа¶Ҫа¶ёа·”а·Җа·ҷа¶ұа·’ а·Җа¶ӯа·Ҹа·Җ а¶ёа·ҷа¶әа¶әа·’.а¶Үа¶ӯа·Ҡа¶ӯа¶§а¶ё а¶ёа·ҷа·„а·ҷа¶ё а¶Ҝа·ҡа·Җа¶Ҫа·Ҡ а·Җа·ҷа¶ұа·Ҡа¶ұа·ҡ а¶…а¶ҙа·’а·Җ а¶Ҫа¶Ӯа¶ҡа·Ҹа·Җа·ҷа¶ұа·Ҡ а¶әа·Җа¶ұ а¶»а·җа¶ҡа·’а¶әа·Ҹ а¶ұа·’а¶әа·қа¶ўа·’а¶ӯ а¶Ҷа¶әа¶ӯа¶ұа¶ә а¶ҡа·’а·ға·’ а·Җа¶ңа¶ҡа·“а¶ёа¶ҡа·’а¶ұа·Ҡ а¶ҡа¶§а¶әа·”а¶ӯа·” а¶ұа·ңа¶ҡа¶»а¶ұ а¶ұа·’а·ға¶әа·’. а¶”а·Җа·”а¶ұа·Ҡа¶§ а¶•а¶ұа·ҡ а·ға¶Ҫа·Ҡа¶Ҫа·’ а·Җа·’а¶ӯа¶»а¶әа·’. а¶…а¶ҙа·’ а¶…а·ға¶»а¶« а·Җа·”а¶ұа·„а¶ё а¶…а¶ҙа·’а·Җ а¶ӯа·Җ а¶ӯа·Җа¶ӯа·Ҡ а¶…а·ға¶»а¶« а¶ӯа¶ӯа·Ҡа·Җа¶әа¶§ а¶ҙа¶ӯа·Ҡа¶ҡа¶»а¶ұа·Җа·Ҹ. а¶”а·Җа·”а¶ұа·Ҡ а¶ҡа·’а¶әа¶ұа·Ҡа¶ұа·ҡ а¶Ҫа¶Ӯа¶ҡа·Ҹа·Җа¶§ а¶Ҷа¶ҙа·ға·” а¶әа¶ұа·Ҡа¶ұ а¶ұа¶ёа·Ҡ а¶Ҫа¶ҡа·Ҡа·Ӯ а¶ңа¶ұа¶ұа·Ҡ а¶ңа·ҷа·Җа¶ұа·Ҡа¶ұ а¶ҡа·’а¶әа¶ұа·Җа·Ҹ. а¶ёа¶ё а¶»а¶ўа¶әа·ҷа¶ұа·Ҡ а¶үа¶Ҫа·Ҡа¶Ҫа·Ҹ а·ға·’а¶§а·’а¶ұа·Ҡа¶ұа·ҡ а¶ёа·ҷа·Җа·җа¶ұа·’ а¶…а·ға·Ҹа¶°а·Ҹа¶»а¶«а¶ҡа¶ёа·Ҡ а¶ҡа¶»а¶ұ а¶»а·җа¶ҡа·’а¶әа·Ҹ а¶ұа·’а¶әа·қа¶ўа·’а¶ӯ а¶Ҷа¶әа¶ӯа¶ұа·Җа¶Ҫ а¶¶а¶Ҫа¶ҙа¶ӯа·Ҡа¶» а¶…а·Җа¶Ҫа¶Ӯа¶ңа·” а¶ҡа¶»а¶ұа·Ҡа¶ұ. а¶ұа·җа¶ӯа·Ҡа¶ұа¶ёа·Ҡ а·Җа·ҷа¶ұа·Ҡа¶ұа·ҡ а¶…а¶ҙа·’ а·Җа¶ңа·ҡ а¶…а·ға¶»а¶«а¶әа·қ а¶ӯа·Җ а¶ӯа·Җа¶ӯа·Ҡ а¶ҡа¶¶а¶Ҫа·ҷа¶ұа·Ҡ а¶Ҫа·’а¶ҙа¶§ а·Җа·җа¶§а·ҷа¶ұ а¶‘а¶ҡа¶әа·’.
|
а¶ўа¶ұа·Ҹа¶°а·’а¶ҙа¶ӯа·’ а¶ҡа¶©а·”а·Җ а¶ңа¶ұа·Ҡа¶ұ а·Җа·’а¶Ҝа·’а·„а¶§ а·Җа·җඬа·ҡ а¶ҡа·…а·Ҹа¶ұа¶ёа·Ҡ а¶…а¶ңа¶ёа·җа¶ӯа·’ а¶Ҝа·җа¶ұа·Ҡ а¶ңа·ҷа¶Ҝа¶»
| 0 |
(а¶ұа·’а¶ёа¶Ҫ а¶ҡа·ңа¶©а·’а¶ӯа·”а·Җа¶ҡа·Ҡа¶ҡа·”)а¶‘а¶ҡ а¶»а¶§а¶ҡа·Ҡ а¶‘а¶ҡ а¶ұа·“а¶ӯа·’а¶әа¶ҡа·Ҡ а¶әа¶ұа·”а·Җа·ҷа¶ұа·Ҡ а¶ҙа·Җа·ға·Ҹ а¶¶а¶Ҫа¶әа¶§ а¶ҙа¶ӯа·Ҡ а·Җа·– а·Җа¶ӯа·Ҡа¶ёа¶ұа·Ҡ а¶Ҷа¶«а·Ҡа¶©а·”а·Җ а¶ҙа·Ҡа¶»а¶·а·–а¶ұа·Ҡа¶§ а¶‘а¶ҡ а¶ұа·“а¶ӯа·’а¶әа¶ҡа·”а¶ӯа·Ҡ а¶»а¶§а·ҡ а·ға·Ҹа¶ёа·Ҹа¶ұа·Ҡа¶ә а¶ўа¶ұа¶ӯа·Ҹа·Җа¶§ а¶ӯа·Җа¶ӯа·Ҡ а¶ұа·“а¶ӯа·’а¶әа¶ҡа·Ҡ а¶ҡа·Ҡа¶»а·’а¶әа·Ҹа¶ӯа·Ҡа¶ёа¶ҡ а¶ҡа¶»а¶ёа·’а¶ұа·Ҡ а·ға·’а¶§а·’а¶ұ а¶¶а·Җ а·„а·’а¶§а¶ҙа·” а¶…а¶ёа·Ҹа¶ӯа·Ҡа¶ә а¶Ҫа¶ҡа·Ҡа·Ӯа·Ҡа¶ёа¶ұа·Ҡ а¶ҡа·’а¶»а·’а¶Үа¶Ҫа·Ҡа¶Ҫ а¶ёа·„а¶ӯа·Ҹ а¶ҡа·ңа·…а¶№а¶Ҝа·“ а¶ҙа·җа·Җа·ға·“а¶ә.а·ға·”а¶»а¶Ӯа¶ңа¶ұа·Ҹ а¶Ҫа·қа¶ҡ а¶ёа·Җа¶ёа·’а¶ұа·Ҡ а¶Ҷа¶«а·Ҡа¶©а·”а·Җ а¶¶а¶Ҫа¶әа¶§ а¶ҙа¶ӯа·Ҡа·Җа·”а·Җа¶ӯа·Ҡ а¶ёа·Ҹа·ғ а·„а¶әа¶ҡа·Ҡ а¶әа¶ұа·Ҡа¶ұа¶§ а¶ёа¶ӯа·Ҡа¶ӯа·ҷа¶ұа·Ҡ а¶Ҷа¶«а·Ҡа¶©а·”а·Җа·ҡ а·ға·җа¶¶а·‘ а·ға·Ҡа·Җа¶»а·–а¶ҙа¶ә а¶ўа¶ұа¶ӯа·Ҹа·Җа¶§ а¶’а¶ӯа·Ҡа¶ӯа·” а¶ңа·җа¶ұа·Ҡа·Җа·“ а¶Үа¶ӯа·җа¶әа·’а¶Ҝ а¶ҡа·’а¶»а·’а¶Үа¶Ҫа·Ҡа¶Ҫ а¶ёа·„а¶ӯа·Ҹ а·ға¶іа·„а¶ұа·Ҡ а¶ҡа·…а·ҡа¶ә.а¶Үа¶ӯа·”а¶Ҫа·Ҡа¶ҡа·қа¶§а·Ҡа¶§а·ҡ а·ға¶ёа¶ңа·’ а¶ўа¶ұа¶¶а¶Ҫа·Җа·ҡа¶ңа¶әа·ҡ а¶ҙа¶ҡа·Ҡа·Ӯ а¶ҡа·Ҹа¶»а·Ҡ а¶әа·Ҹа¶Ҫа¶әа·ҡ а¶…а¶Ҝ (16) а¶ҙа·җа·Җа¶ӯа·’ а¶ёа·Ҹа¶°а·Ҡа¶ә а·„а¶ёа·”а·Җа¶ҡа¶§ а¶‘а¶ҡа·Ҡа·Җа·ҷа¶ёа·’а¶ұа·Ҡ а¶”а·„а·” а¶ёа·ҡ а¶¶а·Җ а¶ҙа·җа·Җа·ға·“а¶ә.а¶‘а·„а·’а¶Ҝа·“ а·Җа·җа¶©а·’а¶Ҝа·”а¶»а¶§а¶ӯа·Ҡ а¶…а¶Ҝа·„а·ға·Ҡ а¶Ҝа·җа¶ҡа·Ҡа·Җа·– а¶Ҫа¶ҡа·Ҡа·Ӯа·Ҡа¶ёа¶ұа·Ҡ а¶ҡа·’а¶»а·’а¶Үа¶Ҫа·Ҡа¶Ҫ а¶ёа·„а¶ӯа·Ҹ а¶ёа·ҷа·ға·ҡа¶Ҝ а¶ҡа·“а¶ә. ‘’2015 а¶§ а¶ҡа¶Ҫа·’а¶ұа·Ҡ а¶ӯа·Ҹа¶ҡа·Ҡа·Ӯа¶« а·Җа·’а·Ӯа¶ә а¶ҙа·Ҹа·ға¶Ҫа·Ҡ а¶Ҝа¶»а·”а·Җа¶ұа·Ҡа¶ңа·ҡ а·Җа·’а·Ӯа¶ә а¶ёа·Ҹа¶Ҫа·Ҹа·Җа¶§ а¶Үа¶ӯа·”а·…а¶ӯа·Ҡ а¶ҡа·…а·Ҹ. а¶ӯа·Ҹа¶ҡа·Ҡа·Ӯа¶« а·Җа·’а·Ӯа¶ә а¶ӯа·’а¶¶а·”а¶«а¶ӯа·Ҡ а¶Ӣа·ға·ға·Ҡ а¶ҙа·ҷа·…а·’а¶ұа·Ҡ а¶‘а·„а·Ҹа¶§ а¶ӯа·Ҹа¶ҡа·Ҡа·Ӯа¶« а¶Ӣа¶ҙа·Ҹа¶°а·’а¶әа¶ҡа·Ҡ а¶Ҫа¶¶а·Ҹ а¶ңа¶ұа·Ҡа¶ұ а¶¶а·җа¶»а·’ а¶ӯа¶ӯа·Ҡа¶ӯа·Ҡа·Җа¶әа¶ҡа·Ҡ а¶ӯа¶ёа¶әа·’ а¶ӯа·’а¶¶а·”а¶«а·ҡ.а·ға·’а¶әа¶Ҫа·”а¶ё а·Җа·’а·Ға·Ҡа·Җ а·Җа·’а¶Ҝа·Ҡа¶әа·Ҹа¶Ҫа·Җа¶Ҫ а¶ӯа·Ҹа¶ҡа·Ҡа·Ӯа¶«а·’а¶ҡ а¶ҙа·“а¶Ё а¶Ҷа¶»а¶ёа·Ҡа¶· а¶ҡа¶»а¶ұа·Ҡа¶ұ а¶ҡа·’а¶әа¶Ҫа·Ҹ 2015 а¶ёа¶Ӯ а¶Ӣа·ға·ға·Ҡ а¶…а¶°а·Ҡа¶әа·Ҹа¶ҙа¶ұ а¶Үа¶ёа·җа¶ӯа·’ а·Җа·”а¶«а·Ҹа¶§ а¶ҙа·ға·Ҡа·ға·ҡ а·Җа·’а·Ға·Ҡа·Җа·Җа·’а¶Ҝа·Ҡа¶әа·Ҹа¶Ҫ а¶Ҷа¶ а·Ҹа¶»а·Ҡ а¶әа·Җа¶»а·” а¶ёа¶§ а¶ҡа·’а·Җа·Ҡа·Җа·Ҹ.а¶’ а¶…а¶ұа·”а·Җ а¶ёа¶ё а¶Үа¶ёа¶ӯа·’ а¶ҡа·Ҹа¶Ҫа·ҡ а¶ҡа·җа¶¶а·’а¶ұа¶§а·Ҡ а¶ҙа¶ӯа·Ҡа¶»а·’а¶ҡа·Ҹ а¶ңа¶«а¶ұа·Ҹа·Җа¶ҡа·Ҡ а¶үа¶Ҝа·’а¶»а·’а¶ҙа¶ӯа·Ҡ а¶ҡа¶»а¶Ҫа·Ҹ а·Ға·Ҡа¶»а·“ а¶ўа¶әа·Җа¶»а·Ҡа¶°а¶ұа¶ҙа·”а¶», а¶ҡа·ңа·…а¶№, а¶ҡа·җа¶Ҫа¶«а·’а¶ә, а¶»а¶ўа¶»а¶§, а¶ёа·ңа¶»а¶§а·”а·Җ, а·ға¶¶а¶»а¶ңа¶ёа·”а·Җ, а·Җа¶әа¶№, а¶ұа·җа¶ңа·ҷа¶ұа·„а·’а¶», а¶ҙа·ҡа¶»а·Ҹа¶Ҝа·ҷа¶«а·’а¶ә, а·Ға·Ҡа¶»а·“ а¶Ҫа¶Ӯа¶ҡа·Ҹ а¶·а·’а¶ҡа·Ҡа·Ӯа·” а·Җа·’а·Ға·Ҡа·Җа·Җа·’а¶Ҝа·Ҡа¶әа·Ҹа¶Ҫа¶ә а¶әа¶ұ а·Җа·’а·Ға·Ҡа·Җа·Җа·’а¶Ҝа·Ҡа¶әа·Ҹа¶Ҫ а¶Ҝа·„а¶әа·ҡ а¶ӯа·Ҹа¶ҡа·Ҡа·Ӯа¶« а¶ҙа·“а¶Ё а¶Ҷа¶»а¶ёа·Ҡа¶· а¶ҡа·…а·Ҹ.а¶Ӣа·ға·ға·Ҡ а¶…а¶°а·Ҡа¶әа·Ҹа¶ҙа¶ұ а¶…а¶ёа·Ҹа¶ӯа·Ҡа¶әа·Ҹа¶Ӯа·Ға¶әа·ҡ а¶ұа·’а¶Ҫа¶°а·Ҹа¶»а·“а¶ұа·Ҡ а¶ңа·ҡ а·Җа·’а·Ға·Ҹа¶Ҫ а¶ҡа·җа¶ҙ а¶ҡа·’а¶»а·“а¶ёа¶ҡа·Ҡ а¶ёа¶ӯ а¶…а¶ҙа·’ а¶ёа·ҡ а¶ҡа¶§а¶әа·”а¶ӯа·” а·ға·’а¶Ҝа·” а¶ҡа·…а·Ҹ. а¶ёа·”а¶Ҫа¶Ҝа·“ а¶ңа·ңа¶©а¶ұа·җа¶ңа·’а¶Ҫа·’ а¶ӯа·’а¶¶а·”а¶«а·ҡ а¶ұа·җа·„а·җ а¶ӯа·Ҹа·Җа¶ҡа·Ҹа¶Ҫа·’а¶ҡ а¶ңа·ңа¶©а¶ұа·җа¶ңа·’а¶Ҫа·’а·Җа¶Ҫ а¶ёа·ҡа·Җа·Ҹ а¶Ҷа¶»а¶ёа·Ҡа¶· а¶ҡа·…а·ҡ. а¶ёа·ҷа¶әа¶§ а·ға¶ёа¶ңа·Ҹа¶ёа·“а·Җ а¶әа¶ұ а·„а·җа¶ё а·Җа·’а·Ға·Ҡа·Җа·Җа·’а¶Ҝа·Ҡа¶әа·Ҹа¶Ҫа¶әа¶ҡа¶ё а¶ұа·ҡа·Җа·Ҹа·ға·’а¶ҡа·Ҹа¶ңа·Ҹа¶» а¶Ҝа·ҷа¶ҡ а¶¶а·җа¶ңа·’а¶ұа·Ҡ а¶Ҫа¶¶а·Ҹа¶Ҝа·“а¶ёа¶§ а¶…а¶ҙа·’ а¶ҡа¶§а¶әа·”а¶ӯа·” а¶ҡа·…а·Ҹ.а¶ҙа·Ҹа¶»а·Ҡ а¶Ҫа·’а¶ёа·ҡа¶ұа·Ҡа¶ӯа·”а·Җа·ҡ а·ға¶·а·Ҹ а¶ұа·Ҹа¶әа¶ҡ а¶Ҫа·ҷа·ғ а¶ҡа¶§а¶әа·”а¶ӯа·” а¶ҡа·… а¶ұа·’а·ға·Ҹ а¶ёа·ҷа·Җа·җа¶ұа·’ а·ға·Ҡа¶®а·Ҹа¶ұ а·Җа·’а·Җа·ҳа¶ӯ а¶ҡа¶»а¶ұ а·Җа·’а¶§ а¶’а·Җа·Ҹа¶§ а·ға·„а¶·а·Ҹа¶ңа·’ а·Җа·“а¶ёа¶§ а¶ҙа·Җа·Ҹ а¶ёа¶§ а¶ұа·ңа·„а·җа¶ҡа·’ а·Җа·”а¶«а·Ҹ. а¶’ а¶ұа·’а·ға·Ҹ а¶ёа¶ңа·ҡ а¶Ҷа¶»а·Ҹа¶°а¶ұа¶әа·ҷа¶ұа·Ҡ а·Җа·ҷа¶ұа¶ӯа·Ҡ а¶Үа¶ёа¶ӯа·’а·Җа¶»а·” а¶ёа·ҷа¶ё а¶ҙа·“а¶Ё а·Җа·’а·Җа·ҳа¶ӯ а¶ҡа·…а·Ҹ.а¶ёа·ҷа¶ё а·ға¶Ӯа¶ҡа¶Ҫа·Ҡа¶ҙа¶ә а·ға¶ёа·Ҡа¶ҙа·–а¶»а·Ҡа¶«а¶әа·ҷа¶ұа·Ҡа¶ё а¶Ӣа·ға·ға·Ҡ а¶…а¶°а·Ҡа¶әа·Ҹа¶ҙа¶ұ а¶ёа¶°а·Ҡа¶әа·ға·Ҡа¶®а·Ҹа¶ұ а¶ұа·’а¶Ҫа¶°а·Ҹа¶»а·“а¶ұа·Ҡа¶ңа·ҡ а·ға¶Ӯа¶ҡа¶Ҫа·Ҡа¶ҙа¶әа¶ҡа·Ҡ. а¶”а·Җа·”а¶ұа·Ҡ а¶ёа·ҡ а·Җа·ҷа¶ұа·”а·Җа·ҷа¶ұа·Ҡ а·Җа·’а·Ға·Ҹа¶Ҫ а¶ҡа·җа¶ҙа¶ҡа·’а¶»а·“а¶ёа¶ҡа·Ҡ а¶ҡа·…а·Ҹ. а¶ұа¶ёа·”а¶ӯа·Ҡ а¶ҙа·ға·”а¶ңа·’а¶ә а¶ҡа·Ҹа¶Ҫа¶әа·ҷа·„а·’ а¶Ӣа·ға·ға·Ҡ а¶…а¶°а·Ҡа¶әа·Ҹа¶ҙа¶ұ а¶…а¶ёа·Ҹа¶ӯа·Ҡа¶әа·Ҹа¶Ӯа·Ға¶әа·ҡ а¶ұа·’а¶Ҫа¶°а·Ҹа¶»а·“а¶ұа·Ҡ а¶ҡа·’а·ға·’а¶ё а¶Үа¶ңа¶әа·“а¶ёа¶ҡа·Ҡ а·Җа·ҷа¶Ҫа·Ҹ а¶ұа·җа·„а·җ а¶ҡа·’а¶әа¶Ҫа·Ҹ а¶ёа·ҡ а¶ңа·җа¶ұ а¶Ҝа·җа¶ұа·”а·Җа¶ӯа·Ҡ а¶ҡа¶»а¶ұа·Ҡа¶ұ а¶ҡа·’а¶әа¶Ҫа·Ҹ а¶’ а¶ұа·’а¶Ҫа¶°а·Ҹа¶»а·“а¶ұа·Ҡ а¶ёа¶ңа·ҷа¶ұа·Ҡ а¶үа¶Ҫа·Ҡа¶Ҫа·“а¶ёа¶ҡа·Ҡ а¶ҡа·…а·Ҹа¶ҙа·’а¶§а·’а¶ҙа¶ұ а·Җа·’а¶Ҝа·Ҡа¶әа·Ҹа¶ҙа·“а¶Ё а¶ҙа¶§а¶ұа·Ҡ а¶ңа¶ӯа·Ҡа¶ӯа·ҷ а¶¶а·ға·Ҡа¶ұа·Ҹа·„а·’а¶» а·ға¶Ӯа·Җа¶»а·Ҡа¶°а¶ұ а¶…а¶ёа·Ҹа¶ӯа·Ҡа¶әа¶Ӯа·Ға¶әа·ҡ а¶үа¶©а¶ёа¶ҡ. а¶ёа·ҡа·Җа·Ҹа¶§ а¶…а¶Ҝа·Ҹа·… а·ға·’а¶әа¶Ҫа·” а¶ҡа·җа¶¶а·’а¶ұа¶§а·Ҡ а¶ҙа¶ӯа·Ҡа¶»а·’а¶ҡа·Ҹ а¶ёа¶ё а¶ёа·Ҹа¶°а·Ҡа¶әа¶әа¶§ а¶үа¶Ҝа·’а¶»а·’а¶ҙа¶ӯа·Ҡ а¶ҡа¶» а¶ӯа·’а¶¶а·ҷа¶ұа·Җа·Ҹ. а¶Ӣа·ға·ға·Ҡ а¶…а¶°а·Ҡа¶әа·Ҹа¶ҙа¶ұ а¶…а¶ёа·Ҹа¶ӯа·Ҡа¶әа¶Ӯа·Ға¶әа·ҡ а¶ұа·’а¶Ҫа¶°а·Ҹа¶»а·“а¶ұа·Ҡ а·ға·’а¶Ҝа·”а¶ҡа·… а¶ҡа·җа¶ҙа¶ҡа·’а¶»а·“а¶ё а¶»а¶§а·ҡ а¶ўа¶ұа¶ӯа·Ҹа·Җ а¶Ҝа·җа¶ұа¶ңа¶ӯ а¶әа·”а¶ӯа·”а¶әа·’.а¶…а¶Ҝ а¶ңа·ңа·Җа·“а¶ұа·Ҡа¶§ а¶ҙа·ңа·„а·ңа¶» а¶ұа·җа·„а·җ. а¶ұа·’а·Ӯа·Ҡа¶ҙа·Ҹа¶Ҝа¶ұ а·Җа¶Ҫа¶§ а¶ёа·’а¶Ҫа¶ҡа·Ҡ а¶ұа·җа·„а·җ. а¶…а¶Ҝ а¶ңа·ңа·Җа·“а¶ұа·Ҡ а·Җа·’а·Ға·Ҹа¶Ҫ а¶…а¶ҙа·„а·ға·”а¶ӯа·Ҹа·Җа¶әа¶ҡа¶§ а¶Ҫа¶ҡа·Ҡ а·Җа·ҷа¶Ҫа·Ҹ а¶ӯа·’а¶әа·ҷа¶ұа·Җа·Ҹ. а¶’ а·Җа·ҷа¶ұа·”а·Җа·ҷа¶ұа·Ҡ а¶ёа·ҡ а¶Ҷа¶«а·Ҡа¶©а·”а·Җа·ҡ а¶ҡа·’а·ға·’а¶Ҝа·” а·Җа·җа¶©а¶ҙа·’а·…а·’а·Җа·ҷа·…а¶ҡа·Ҡ а¶ұа·җа·„а·җ.а¶¶а·Ҡа¶»а·ҡа¶ҡа·Ҡ а¶ұа·җа¶ӯа·’ а·Җа·Ҹа·„а¶ұа¶әа¶ҡа·Ҡ а·Җа¶ңа·ҡ а¶…а¶Ҝ а¶»а¶§ а¶әа¶ұа·Җа·Ҹ. а¶ұа·’а¶»а·қа¶°а·Ҹа¶әа¶ұа¶ә а¶ұа·“а¶ӯа·’ а·ға·Ҹа¶ёа·Ҹа¶ұа·Ҡа¶ә а¶ўа¶ұа¶ӯа·Ҹа·Җа¶§ а·Җа·’а¶ӯа¶»а¶әа·’ а¶ҙа·Ҡа¶»а¶·а·–а¶ұа·Ҡа¶§ а·Җа·ҷа¶ұ а¶ұа·“а¶ӯа·’а¶әа¶ҡа·Ҡ. а¶Ҝа·…а¶Ҝа·Ҹ а¶ҙа·ҷа¶»а·„а·җа¶»а¶§ а¶ұа·’а¶»а·қа¶°а·Ҹа¶әа¶ұ а¶ұа·“а¶ӯа·’ а¶Ҝа·Ҹа¶Ҫа·Ҹ а¶ўа¶ұа¶ӯа·Ҹа·Җа¶§ а¶‘а¶ұа·Ҡа¶ұ а¶¶а·җа·„а·җ. а¶ҙа·Ҡа¶»а¶·а·–а¶ұа·Ҡа¶ңа·ҡ а¶Ӣа¶ӯа·Ҡа·ға·Җ а·Җа¶Ҫа¶§ а¶‘а·„а·ҷа¶ё а¶¶а·Ҹа¶°а·Ҹа·Җа¶ұа·Ҡ а¶ұа·җа·„а·җ.а¶ёа·ҡ а¶Ҷа¶«а·Ҡа¶©а·”а·Җ а¶¶а¶Ҫа¶әа¶§ а¶Ҷа·Җа·ҡ а¶‘а¶ҡ а¶»а¶§а¶ҡа·Ҡ а¶‘а¶ҡ а¶ұа·“а¶ӯа·’а¶әа¶ҡа·Ҡ а¶ҡа·’а¶әа¶Ҫа·Ҹ а¶…а¶Ҝ а¶’а·Җа·Ҹ а·ға·’а¶Ҝа·Ҡа¶° а·Җа·ҷа¶ұа·Ҡа¶ұа·ҡ а¶ұа·җа·„а·җа¶Ҝа·җа¶ұа·Ҡ а¶ҡа·ңа¶»а·қа¶ұа·Ҹ а·Җа·ға¶Ӯа¶ңа¶ӯа¶ә а¶ёа·җа¶Ҝа·Ҡа¶Ҝа·ҡ а¶ёа·җа¶ӯа·’а·Җа¶»а¶«а¶әа¶ҡа¶§ а¶әа¶ұа·Ҡа¶ұ а¶»а¶ўа¶ә а·ға·–а¶Ҝа·Ҹа¶ұа¶ёа·Ҡ а·Җа·ҷа¶ұа·Җа·Ҹ. а¶ёа·җа¶ӯа·’а·Җа¶»а¶«а¶әа¶ҡа¶§ а¶ёа·”а·„а·”а¶« а¶Ҝа·ҷа¶ұа·Ҡа¶ұа·ҷ а¶ҡа·ңа·„а·ңа¶ёа¶Ҝ а¶ҡа·’а¶әа¶Ҫ а¶ұа·“а¶ӯа·’а¶»а·“а¶ӯа·’ а·ға¶ҡа·ға·Ҡ а¶ҡа¶»а¶ұ а¶үа·ға·Ҡа·ға·ҷа¶Ҫа·Ҡа¶Ҫа·Ҹ а¶ӯа·’а¶¶а·”а¶«а·ҡ а¶Ўа¶ұа·Ҡа¶Ҝа·ҡ а¶үа¶Ҫа·Ҡа¶Ҫа¶ұ а¶…а¶ҙа·ҷа¶ұа·Ҡ а¶…а¶Ҝа·„а·ға·Ҡ а¶ңа¶ұа·Ҡа¶ұа¶әа·’ . а¶…а¶ҙа·’ а¶ӯа¶ёа¶әа·’ а¶Ҝа¶ұа·Ҡа¶ұа·ҷ а¶ёа·ҷа·„а·’ а¶ӯа·’а¶әа¶ұ а¶ҙа·Ҡа¶»а·Ҹа¶әа·қа¶ңа·’а¶ҡ а¶ңа·җа¶§а¶Ҫа·”.а¶Ҝа·җа¶ұа·Ҡ а¶ёа·ҡ а¶ұа·“а¶ӯа·’а¶»а·“а¶ӯа·’ а¶Ҝа·’а·„а·Ҹ а¶¶а·җа¶Ҫа·”а·Җа·Ҹа¶ё а¶Ўа¶ұа·Ҡа¶Ҝа¶ә а¶ҡа·’а¶әа¶ұа·Ҡа¶ұ а¶ұа·ҷа¶ёа·ҡ а¶ұа·ңа¶ӯа·’а¶әа¶ұа·Ҡа¶ұ а·„а¶Ҝа¶ҙа·” а¶ұа·“а¶ӯа·’ а¶»а·“а¶ӯа·’ а¶¶а·Җ а¶ҙа·ҷа¶ұа·“ а¶әа¶ұа·Җа·Ҹ. а¶ёа·ҡ а¶ұа·“а¶ӯа·’ а¶»а·“а¶ӯа·’ а¶әа¶§а¶ӯа·ҡ а¶Ўа¶ұа·Ҡа¶Ҝа¶ә а¶ӯа·’а¶¶а·Ҡа¶¶а·ңа¶ӯа·Ҡ а·ға·’а¶әа¶әа¶§ а·„а¶ӯа·…а·’а·„а¶ҡа·Ҡ а·Җа¶ӯа·Ҡ а¶Ўа¶ұа·Ҡа¶Ҝа¶ә а¶Ҝа·ҷа¶ұа·Ҡа¶ұа·ҷ а¶ұа·җа·„а·җ.а¶Ҝа·җа¶ұа·Ҡ а¶Ўа¶ұа·Ҡа¶Ҝа¶ә а¶ӯа·’а¶әа¶ұа·Ҡа¶ұ а¶ҙа·”а·…а·”а·Җа¶ұа·Ҡ а¶ҡа·’а·Җа·Ҡа·Җа¶§ а¶…а¶ұа·’а¶ӯа·Ҡ а¶ҙа·җа¶ӯа·Ҡа¶ӯа·ҷа¶ұа·Ҡ а·ға·һа¶ӣа·Ҡа¶ә а¶…а¶Ӯа·Ғ а¶ҡа·’а¶әа¶ұа·Җа·Ҹ а¶ҡа·ңа¶»а·қа¶ұа·Ҹ а¶Ҝа·ҷа·Җа·ҷа¶ұа·’ а¶»а·җа¶Ҫа·Ҡа¶Ҫа¶ҡа·Ҡ а¶Үа¶ӯа·’ а·Җа·ҷа¶ұа·Ҡа¶ұ а¶ҙа·”а·…а·”а·Җа¶ұа·Ҡ а¶ҡа·’а¶әа¶Ҫа·Ҹ. а¶Ҷа¶«а·Ҡа¶©а·”а·Җ а¶Ҝа·җа¶ұа·Ҡ а¶ҙа·Ҡа¶»а·Ға·Ҡа¶ұа¶әа¶ҡа·Ҡ а¶Үа¶ӯа·’ а·Җа·”а¶«а·ңа¶ӯа·Ҡ а¶‘а¶ҡа·ҷа¶ұа·Ҡ а¶¶а·ҡа¶»а·ҷа¶ұа·Ҡа¶ұа¶ӯа·Ҡ а¶ҡа¶ӯа·Ҹ а¶ҡа¶»а¶ұа·Җа·Ҹ. а¶ҡа·Җа·”а¶Ҝ а¶Үа¶ӯа·Ҡа¶ӯ а¶ҡа·’а¶әа¶ұа·Ҡа¶ұ а¶ҡа·’а¶әа¶Ҫа·Ҹ а¶ўа¶ұа¶ӯа·Ҹа·Җа¶§ а¶Ҝа·җа¶ұа·Ҡ а¶ңа·җа¶§а¶Ҫа·”а·Җа¶ҡа·Ҡ а¶Үа¶ӯа·’ а·Җа·ҷа¶Ҫа·Ҹ а¶ӯа·’а¶әа·ҷа¶ұа·Җа·Ҹ.а¶ёа·җа¶ӯа·’а·Җа¶»а¶«а¶ә а¶ӯа·’а¶¶а·Ҡа¶¶а·ңа¶ӯа·Ҡ а·ға¶ёа¶ңа·’ а¶ўа¶ұ а¶¶а¶Ҫа·Җа·ҡа¶ңа¶ә а·Җа·’а¶Ҝа·’а·„а¶§ а¶…а¶ҙа·’ а¶¶а·„а·”а¶ӯа¶»а¶әа¶ҡа·Ҡ а¶…а¶»а¶ңа·ҷа¶ұ а¶ўа¶ұа¶ӯа·Ҹа·Җа·Ҹа¶Ҝа·“ а¶Ҷа¶«а·Ҡа¶©а·”а·Җа¶ҡа·Ҡ а¶ҙа·’а·„а·’а¶§а·”а·Җа¶ұа·Җа·Ҹ. а¶’ а·ға¶іа·„а·Ҹ а·ға·„а·Ҹа¶ә а¶Ҝа·ҷа¶ұа·Ҡа¶ұ а¶ҡа·’а¶әа¶Ҫа·Ҹ а¶…а¶ҙа·’ а¶ўа¶ұа¶ӯа·Ҹа·Җа¶ңа·ҷа¶ұа·Ҡ а¶үа¶Ҫа·Ҡа¶Ҫа·Ҹ а·ға·’а¶§а·’а¶ұа·Җа·Ҹ’’ а¶әа·җа¶әа·’ а¶Ҝ а¶әа¶әа·’а¶Ҝ а¶”а·„а·” а·Җа·җа¶©а·’а¶Ҝа·”а¶»а¶§а¶ӯа·Ҡ а·ға¶іа·„а¶ұа·Ҡ а¶ҡа·…а·ҡ а¶ә .

а¶ҙа·Ҹа¶Ҫа·’а¶ӯ а¶Ҷа¶»а·’а¶әа·Җа¶Ӯа·Ғ а·ға·„ а¶ҙа·Ҡа¶»а·ға·Ҹа¶Ҝа·Ҡ а¶»а·”а¶ҡа·Ҡа¶ёа·Ҹа¶Ҫа·Ҡ а¶ҙа·Ҡа¶»а·ға¶ұа·Ҡа¶ұ а¶»а¶«а¶ӯа·”а¶Ӯа¶ң а¶ёа·„а¶ӯа·Ҹ а·ға·„ а¶¶а·җа·ға·’а¶Ҫа·Ҡ а¶»а·Ҹа¶ўа¶ҙа¶ҡа·Ҡа·Ӯ а¶ёа·„а¶ӯа·Ҹ а¶үа¶ұа·Ҡа¶Ҝа·’а¶әа·Ҹа·Җа·ҡ а¶»а·қ а·ға¶Ӯа·Җа·’а¶°а·Ҹа¶ұа¶әа¶§ а¶…а·Җа·Ға·Ҡа¶ә а¶Ҷа¶ҡа·Ҹа¶»а¶әа¶§ а·Ға·Ҡа¶»а·“ а¶Ҫа¶Ӯа¶ҡа·Ҹ а¶ұа·’а¶Ҝа·„а·ға·Ҡ а¶ҙа¶ҡа·Ҡа·Ӯа¶ә а¶ҡа¶©а·Ҹ а¶»а¶§ а¶…а·ға·Ҡа¶®а·Ҹа·Җа¶» а¶ҡа·’а¶»а·“а¶ёа¶§ а¶Ӣа¶ӯа·Ҡа·ға·Ҹа·„ а¶ҡа¶»а¶ұ а¶¶а·Җ а¶Ңа·Җ а¶ҙа·…а·Ҹа¶ӯа·Ҡ а¶ҙа·Ҡа¶»а¶°а·Ҹа¶ұ а¶…а¶ёа·Ҹа¶ӯа·Ҡа¶ә а¶ а·Ҹа¶ёа¶» а·ға¶ёа·Ҡа¶ҙа¶ӯа·Ҡ а¶Ҝа·ға¶ұа·Ҹа¶әа¶ҡ а¶ёа·„а¶ӯа·Ҹ а¶ҙа·җа·Җа·ға·“а¶ә. а¶”а·„а·” а¶ёа·ҡ а¶¶а·Җ а¶ҙа·җа·Җа·ға·”а·Җа·ҡ а¶ҙа·ға·Ҡа·ға¶» а·Җа·җа¶Ҫа·Ҡа¶ңа·ңа¶Ҫа·Ҡа¶Ҫ а¶ңа¶ёа·Ҡа¶ёа·Ҹа¶ұа¶әа·ҡ а¶Ҝа·“ а¶…а¶Ҝ а¶ҙа·җа·Җа·җа¶ӯа·’ а·Ға·Ҡа¶»а·“а¶Ҫа¶ұа·’а¶ҙ а¶ҡа·Ҡа¶»а·’а¶әа·Ҹа¶ҡа·Ҹа¶»а·“а¶ұа·Ҡ а·„а¶ёа·”а·Җа¶ҡа¶Ҝа·“а¶ә. ‘а¶ўа¶ұа·Ҹа¶°а·’а¶ҙа¶ӯа·’а¶§ а¶ёа·ҡ а¶ҙа¶ҡа·Ҡа·Ӯа¶ә а·Ға¶ҡа·Ҡа¶ӯа·’а¶ёа¶ӯа·Ҡ а¶ҡа·’а¶»а·“а¶ёа·ҡ а¶Ҫа·ңа¶ҡа·” а¶Ӣа·Җа¶ёа¶ұа·Ҹа·Җа¶ҡа·Ҡ а¶ӯа·’а¶әа·ҷа¶ұа·Җа·Ҹ . а¶’ а¶…а¶ұа·”а·Җ а¶ӯа¶ёа¶әа·’ а¶‘а¶ӯа·”а¶ёа·Ҹ а¶ҡа·Ҹа¶§а¶ӯа·Ҡ а¶‘а¶ҡа¶ӯа·”а·Җа·ҷа¶ұа·Ҡа¶ұ а¶ҡа·’а¶әа¶Ҫа·Ҹ а¶үа¶Ҫа·Ҡа¶Ҫа·“а¶ёа¶ҡа·Ҡ а¶ҡа¶»а¶Ҫ а¶ӯа·’а¶¶а·”а¶«а·ҡ . а¶‘а¶ұа·Ҡа¶ұ а¶ҡа¶ӯа·Ҹа¶ҡа¶»а¶ұа·Ҡа¶ұ а¶ҡа·’а¶әа¶Ҫа·Ҹ а¶’а¶ҡа·Ҹа¶¶а¶Ҝа·Ҡа¶°а¶әа·ҡ а¶…а¶әа¶§ а¶үа¶Ҫа·Ҡа¶Ҫа·“а¶ёа¶ҡа·Ҡ а¶ҡа·…а·Ҹ. а¶’а¶ңа·ңа¶Ҫа·Ҡа¶Ҫ а¶ёа·ңа¶ҡа¶ҡа·Ҡа¶Ҝ а¶ҡа·…а·ҡ а¶ҡа·ңа¶ұа·Ҡа¶Ҝа·ҡа·ға·’ 6 а¶ҡа·Ҡ а·ға·„а·’а¶ӯа·Җ а¶Ҫа·’а¶ҙа·’а¶әа¶ҡа·Ҡ а¶әа·Җа¶Ҫа·Ҹ а¶ӯа·’а¶әа·ҷа¶ұа·Җа·Ҹ . а¶’ а¶ҡа·ңа¶ұа·Ҡа¶Ҝа·ҡа·ға·’ 6 а¶ңа·җа¶ұ а·„а¶»а·’ а·ға·Ҹа¶ҡа¶ а·Ҡа¶ а·Ҹ а¶ҡа¶»а¶ұа·Ҡа¶ұ а¶‘а¶ұа·Ҡа¶ұ а¶ӯа·’а¶¶а·”а¶ұа·Ҹ а¶ұа·ҡ. а¶ёа·ңа¶ҡа¶Ҝ а¶‘а¶ӯа·”а¶ёа·Ҹ а¶ҡа·Ҹа¶Ҫа¶әа¶ҡа·Ҡ а·Ға·Ҡа¶»а·“а¶Ҫа¶Ӯа¶ҡа·Ҹ а¶ұа·’а¶Ҝа·„а·ға·Ҡ а¶ҙа¶ҡа·Ҡа·Ӯа¶әа·ҡ а·„а·’а¶§а¶ҙа·” а¶ёа·„ а¶Ҫа·ҷа¶ҡа·Ҡа¶ёа·Ҡа¶ӯа·”а¶ёа·Ҹа¶ұа·ҡ . а¶ҡа·Ҹа¶»а¶ұа·Ҹ а¶ҡа·Ҹа¶»а¶ұа·Ҹ а·„а¶»а·’а¶Ҝ а·Җа·җа¶»а·җа¶Ҝа·’а¶Ҝ , а¶’а·Җа·Ҹа¶§ а¶‘а¶ҡа¶ң а·Җа·ҷа¶ұа·Җа·Ҹа¶Ҝ а¶ұа·җа¶Ҝа·Ҡа¶Ҝ а¶’а¶ңа·ңа¶Ҫа·Ҡа¶Ҫа¶ұа·Ҡа¶ңа·ҡ а¶…а¶Ҝа·„а·ға·Ҡ а¶ёа·ңа¶ұа·Җа·Ҹа¶Ҝ а·ға¶Ӯа·Җа·Ҹа¶Ҝ а·Ға·“а¶Ҫа·“а·Җ а·ға·Ҹа¶ҡа¶ а·Ҡа¶ а·Ҹ а¶ҡа¶»а¶ұа¶ұа·Ҡ а¶‘а¶ұа·Ҡа¶ұ а¶ӯа·’а¶¶а·”а¶«а·Ҹ. а¶‘а·„а·ҷа¶ё а¶үа¶ұа·Ҡа¶ұа·ҡ а¶ұа·җа¶ӯа·’а·Җ а¶»а¶§ а¶…а·ға·Ҡа¶®а·Ҹа·Җа¶» а¶ҡа·’а¶»а·’а¶ё а·ға¶іа·„а·Ҹ а·Җа·’а·Җа·’а¶° а¶Ҝа·ҡ а¶ҡа¶»а¶ұа·Ҡа¶ұа·ҡ а¶үа¶ұа·Ҡа¶Ҝа·’а¶әа·Ҹа·Җа·ҡ а¶Ӣа·Җа¶ёа¶ұа·Ҹа·Җа¶§. а¶үа¶ұа·Ҡа¶Ҝа·’а¶әа·Ҹа·Җа¶§ а¶•а¶ұ а·Җа·’а¶Ҝа·’а¶әа¶§ а¶ёа·ҡ а¶»а¶§ а¶ёа·ҷа·„а·ҷа¶әа·Җа¶ұа·Ҡа¶ұ а¶Ҝа·ҷа¶ұа·Ҡа¶ұ а¶ёа·ҡ а¶»а¶§а·ҡ а¶ҡа·Җа·”а¶»а·”а·Җа¶ӯа·Ҡ а¶ҡа·җа¶ёа·җа¶ӯа·’ а·Җа·ҷа¶ұа·Ҡа¶ұа·ҡ а¶ұа·җа·„а·җ. а¶ёа¶ңа·ҷа¶ұа·Ҡ а·ға¶ёа·„а¶»а·” а¶…а·„а¶ұа·Җа·Ҹ а¶ёа·„ а¶Үа¶ёа¶ӯа·’а¶ӯа·”а¶ёа·Ҹ а¶ёа·„а·’а¶ұа·Ҡа¶Ҝа¶ңа·ҷ а¶Ҝ а¶ёа·ӣа¶ӯа·Ҡа¶»а·“а¶ңа·ҡа¶Ҝ а¶ҡа·’а¶әа¶Ҫа·Ҹ. а¶’а¶ҡ а¶…а·„а¶ұа·Ҡа¶ұ а¶•а¶ұ а¶ёа¶ңа·ҡ а¶…а¶ёа·Ҡа¶ёа·Ҹа¶ңа·ҷа¶ұа·Ҡ а¶ұа·ҡ. а¶ёа¶ё а¶үа¶ӯа·’а¶ұа·Ҡ а¶‘а·„а·ҷа¶ё а¶Ӣа¶ӯа·Ҡа¶ӯа¶» а¶Ҝа·ҷа¶ұа·Җа·Ҹ.‘ а¶әа·җа¶әа·’ а¶ёа·„ а¶Үа¶ёа¶ӯа·’а·Җа¶»а¶әа·Ҹ а¶ҡа·“а·Җа·ҡа¶ә .
|
а¶¶а·җа·ға·’а¶Ҫа·Ҡ-а¶ҙа·ҠвҖҚа¶»а·ға¶ұа·Ҡа¶ұ а¶үа¶ұа·Ҡа¶Ҝа·’а¶әа·Ҹа·Җа·ҡ а¶Ӣа·Җа¶ёа¶ұа·Ҹа·Җа¶§ а·Ға·ҠвҖҚа¶»а·“а¶Ҫа¶ұа·’а¶ҙа¶ә а¶ҡа¶©а¶ұа·Җа·Ҹа¶Ҫа·”
| 1 |
(а¶үа¶ұа·Ҡа¶Ҝа·’а¶ҡа·Ҹ а¶»а·Ҹа¶ёа¶ұа·Ҹа¶әа¶ҡ а·ға·„ а¶ұа·’а¶ёа¶ұа·Ҡа¶ӯа·’ а¶»а¶«а·ға·’а¶Ӯа·„)а·Җа·җа¶Ҫа·Ҡа¶Ҫа¶ёа·Ҡа¶ҙа·’а¶§а·’а¶әа·ҡ а¶ӯа¶№ а¶ҡа¶»а·Ҡа¶ёа·Ҹа¶ұа·Ҡа¶ӯ а·Ға·Ҹа¶Ҫа·Ҹа·Җа·ҡ а·ға·ҡа·Җа¶ә а¶ҡа¶»а¶ёа·’а¶ұа·Ҡ а·ға·’а¶§а·’а¶әа¶Ҝа·“ а¶…а¶ӯа·Ҡа¶…а¶©а¶Ӯа¶ңа·”а·Җа¶§ а¶ңа·ҷа¶ұ а¶¶а¶ұа·Ҡа¶°а¶ұа·Ҹа¶ңа·Ҹа¶»а¶ңа¶ӯ а¶ҡа¶» а·ға·’а¶§а·’ а·ға·ҡа·Җа¶ҡа¶әа¶ұа·Ҡ 9 а¶Ҝа·ҷа¶ұа·Ҹ а¶Үа¶ҙ а¶ёа¶ӯ а¶ёа·”а¶Ҝа·Ҹ а·„а·җа¶»а·“а¶ё а·ға¶ёа·Ҡа¶¶а¶ұа·Ҡа¶°а¶әа·ҷа¶ұа·Ҡ а¶ҙа·ңа¶Ҫа·’а·ға·Ҡ а¶ёа·”а¶Ҫа·ға·Ҡа¶®а·Ҹа¶ұа¶әа·ҡ а·Җа·’а·Ға·ҡа·Ӯ а·Җа·’а¶ёа¶»а·Ҡа·Ға¶ұ а¶’а¶ҡа¶ҡа¶ә а¶ёа¶ңа·’а¶ұа·Ҡ а¶ҙа¶»а·“а¶ҡа·Ҡа·Ӯа¶«а¶әа¶ҡа·Ҡ а¶…а¶»а¶№а·Ҹ а¶ӯа·’а¶¶а·ҡ. а¶”а·Җа·”а¶ұа·Ҡ а¶ёа·”а¶Ҝа·Ҹ а·„а·җа¶»а·”а¶«а·ҡ а·Җа·җа¶Ҫа·Ҡа¶Ҫа¶ёа·Ҡа¶ҙа·’а¶§а·’а¶ә а¶ҙа·ңа¶Ҫа·“а·ға·’а¶ә а¶ёа¶ңа·’а¶ұа·Ҡ а¶…а¶°а·’а¶ҡа¶»а¶«а¶әа¶§ а¶ҡа¶»а·”а¶«а·” а¶Ҝа·җа¶ҡа·Ҡа·Җа·“а¶ёа·ҡа¶Ҝа·“ а·ға·’а¶Ҝа·”а·Җа·” а¶әа¶ёа·Ҡ а¶Ҝа·қа·Ӯа¶әа¶ҡа·’а¶ұа·Ҡа¶Ҝ а¶ұа·җа¶ӯа·’а¶ұа¶ёа·Ҡ а¶ұа·’а·ға·’ а¶Ҷа¶ҡа·Ҹа¶»а·Җ а¶ҡа¶»а·”а¶«а·” а¶ұа·ңа¶Ҝа·җа¶ҡа·Ҡа·Җа·“а¶ёа¶ҡа·Ҡа¶Ҝ а¶әа¶ұа·Ҡа¶ұ а·ға¶ёа·Ҡа¶¶а¶ұа·Ҡа¶°а¶әа·ҷа¶ұа·Ҡ а¶ёа·ҷа¶Ҫа·ҷа·ғ а¶ҙа¶»а·“а¶ҡа·Ҡа·Ӯа¶« а¶…а¶»а¶№а·Ҹ а¶Үа¶ӯа·җа¶әа·’ а¶ҙа·ңа¶Ҫа·’а·ға·Ҡ а¶ёа·Ҹа¶°а·Ҡа¶ә а¶ҙа·Ҡа¶»а¶ҡа·Ҹа·Ға¶ҡ а¶ҙа·ңа¶Ҫа·’а·ға·Ҡ а¶…а¶°а·’а¶ҡа·Ҹа¶»а·’ а¶»а·”а·Җа¶ұа·Ҡ а¶ңа·”а¶«а·ға·ҡа¶ҡа¶» а¶ёа·„а¶ӯа·Ҹ а·ға¶іа·„а¶ұа·Ҡ а¶ҡа·…а·ҡа¶ә.а¶ёа·ҷа¶ё а·ға·җа¶ҡа¶ҡа¶»а·”а·Җа¶ұа·Ҡа¶§ а¶Үа¶ҙ а¶Ҫа¶¶а·Ҹ а¶Ҝа·“а¶ё а·ға¶ёа·Ҡа¶¶а¶ұа·Ҡа¶°а¶әа·ҷа¶ұа·Ҡ а·ға¶ёа·Ҹа¶ўа¶әа·ҡ а¶ҡа¶ӯа·’а¶ҡа·Ҹа·Җа¶ҡа·Ҡ а¶ҙа·Җа¶ӯа·’а¶ұ а¶¶а·Җа¶ӯа·Ҡ а¶ёа·ҷа¶ё а¶ҙа¶»а·“а¶ҡа·Ҡа·Ӯа¶«а¶ә а¶Ҷа¶»а¶ёа·Ҡа¶· а¶ҡа·’а¶»а·“а¶ёа¶§ а¶‘а¶ә а·„а·ҡа¶ӯа·”а·Җа¶ҡа·Ҡ а·Җа·– а¶¶а·Җа¶ӯа·Ҡ а¶ҙа·ңа¶Ҫа·’а·ға·Ҡ а¶ёа·Ҹа¶°а·Ҡа¶ә а¶ҙа·Ҡа¶»а¶ҡа·Ҹа·Ға¶ҡа·Җа¶»а¶әа·Ҹ а·ға¶іа·„а¶ұа·Ҡ а¶ҡа·…а·ҡа¶ә. а¶ҙа·Ҹа·ға·Ҡа¶ҡа·” а¶Ҝа·’а¶ұ а¶ҡа·ңа·…а¶№ а·ға·’а¶ұа¶ёа¶ұа·Ҡа¶ңа·Ҡа¶»а·‘а¶ұа·Ҡа¶һа·Ҡ а·„а·қа¶§а¶Ҫа¶әа¶§ а¶ёа¶»а·Ҹа¶ңа·ҷа¶ұ а¶ёа·җа¶»а·ҷа¶ұ а¶ҙа·Ҡа¶»а·„а·Ҹа¶»а¶ә а¶‘а¶Ҫа·Ҡа¶Ҫ а¶ҡа·… а¶ӯа·Ҡа¶»а·ға·Ҡа·Җа·Ҹа¶Ҝа·’а¶әа¶ҡа·” а·Җа¶ұ а¶ёа·ңа·„а·ңа¶ёа¶һа·Ҡ а¶Ҡа¶¶а·Ҡа¶»а·Ҹа·„а·’а¶ёа·Ҡ а¶үа¶ёа·Ҡа·Ӯа·Ҹа·Ҷа·Ҡ а¶…а·„а¶ёа¶һа·Ҡ а¶ұа·җа¶ёа·җа¶ӯа·Ҡа¶ӯа·Ҹа¶§ а¶…а¶әа¶ӯа·Ҡ а¶¶а·Җ а¶ҡа·’а¶әа¶ұ а¶ёа·ҷа¶ё а¶ӯа¶№ а¶ҡа¶»а·Ҡа¶ёа·Ҹа¶ұа·Ҡа¶ӯ а·Ға·Ҹа¶Ҫа·Ҹа·Җа·ҡ а·ға·ҡа·Җа¶ә а¶ҡа·… 9 а¶Ҝа·ҷа¶ұа¶ҡа·” а¶ҙа·Ҡа¶»а·„а·Ҹа¶»а¶әа·ҷа¶ұа·Ҡ а¶ҙа·ға·” а¶ёа·ҷа·ға·ҡ а¶…а¶ӯа·Ҡа¶…а¶©а¶Ӯа¶ңа·”а·Җа¶§ а¶ңа·ҷа¶ұ а¶»а¶ҡа·Ҡа·Ӯа·’а¶ӯ а¶¶а¶ұа·Ҡа¶°а¶ұа·Ҹа¶ңа·Ҹа¶»а¶ңа¶ӯ а¶ҡа¶» а¶ӯа·’а¶¶а·’а¶«а·’. а¶…а¶ӯа·Ҡа¶…а¶©а¶Ӯа¶ңа·”а·Җа¶§ а¶ңа¶ӯа·Ҡ а¶ёа·ҷа¶ё а·ға·җа¶ҡа¶ҡа¶»а·”а·Җа¶ұа·Ҡ 9 а¶Ҝа·ҷа¶ұа·Ҹ а¶‘а¶Ҝа·’а¶ұа¶ё а¶ҡа·ңа·…а¶№ а¶…а¶Ҫа·–а¶ӯа·Ҡа¶ҡа¶©а·ҡ а¶…а¶Ӯа¶ҡ 2 а¶…а¶°а·’а¶ҡа¶»а¶«а¶әа¶§ а¶үа¶Ҝа·’а¶»а·’а¶ҙа¶ӯа·Ҡ а¶ҡа·’а¶»а·“а¶ёа·ҷа¶ұа·Ҡ а¶ҙа·ға·” а¶”а·Җа·”а¶ұа·Ҡ а¶ёа·җа¶әа·’ а¶ёа·ғ 6 а·Җа·җа¶ұа·’ а¶Ҝа·’а¶ұ а¶Ҝа¶ҡа·Ҡа·Җа·Ҹ а¶»а·’а¶ёа·Ҹа¶ұа·Ҡа¶©а·Ҡ а¶¶а·Ҹа¶»а¶әа¶§ а¶ҙа¶ӯа·Ҡа¶ҡа¶» а¶ҡа¶» а¶ӯа·’а¶¶а·”а¶«а·’. а¶ұа¶©а·”а·Җ а¶ұа·җа·Җа¶ӯ а¶ҡа·җа¶іа·Җа·” а¶…а·Җа·ға·Ҡа¶®а·Ҹа·Җа·ҡ а¶ҡа·ңа·…а¶№ а¶…а¶ӯа·’а¶»а·ҡа¶ҡ а¶ёа·„а·ҡа·ға·Ҡа¶ӯа·Ҡа¶»а·Ҹа¶ӯа·Ҡ а¶ҙа·Ҡа¶»а·’а¶әа¶ұа·Ҡа¶ӯ а¶Ҫа·’а¶әа¶ұа¶ңа·ҡ а¶ёа·„а¶ӯа·Ҹ а·Җа·’а·ға·’а¶ұа·Ҡ а¶‘а¶ё а·ға·җа¶ҡа¶ҡа·Ҹа¶» а·ға·ҡа·Җа¶ҡа¶әа¶ұа·Ҡ 09 а¶Ҝа·ҷа¶ұа·Ҹ а¶‘а¶ҡа·Ҡ а¶…а¶әа¶ҡа·”а¶§ а¶»а·”а¶ҙа·’а¶әа¶Ҫа·Ҡ а¶Ҫа¶ҡа·Ҡа·Ӯ 5 а¶¶а·җа¶ңа·’а¶ұа·Ҡ а·Җа·” а·Ға¶»а·“а¶» а¶Үа¶ҙ а¶Ҝа·ҷа¶ҡа¶ҡа·Ҡ а¶ёа¶ӯ а¶ёа·”а¶Ҝа·Ҹ а·„а·җа¶»а·“а¶ёа¶§ а¶ұа·’а¶әа·қа¶ң а¶ҡа·…а·ҡа¶ә. а¶ёа·ҷа¶ё а¶Үа¶ҙ а¶Ҫа¶¶а·Ҹ а¶Ҝа·“ а·Җа·җа¶Ҫа·Ҡа¶Ҫа¶ёа·Ҡа¶ҙа·’а¶§а·’а¶ә а¶ҙа·ңа¶Ҫа·’а·ға·’а¶әа·ҡ а¶ұа·’а¶Ҫа¶°а·Ҹа¶»а·’а¶әа¶ҡа·”а¶ңа·ҡ а¶Ҝа·қа·Ӯа¶әа¶ҡа·Ҡ а·„а·қ а¶ұа·ңа·ға¶Ҫа¶ҡа·Ҹ а·„а·җа¶»а·“а¶ёа¶ҡа·Ҡ а·„а·ҡа¶ӯа·”а·Җа·ҷа¶ұа·Ҡ а¶ёа·ҷа¶ә а·ға·’а¶Ҝа·”а·Җ а¶Үа¶ӯа·’ а¶¶а·Җа¶§ а¶ҙа¶»а·“а¶ҡа·Ҡа·Ӯа¶«а¶әа·ҡ а¶Ҝа·“ а¶ӯа·ңа¶»а¶ӯа·”а¶»а·” а·„а·ҷа·…а·’ а·Җа·”а·Җа·„а·ңа¶ӯа·Ҡ а¶‘а¶ё а¶ұа·’а¶Ҫа¶°а·Ҹа¶»а·’а¶әа·Ҹ а·ға¶ёа·Ҡа¶¶а¶ұа·Ҡа¶°а¶әа·ҷа¶ұа·Ҡ а¶Ҝа·җа¶©а·’ а¶ҙа·’а¶әа·Җа¶» а¶ңа¶ұа·Ҡа¶ұа·Ҹ а¶¶а·Җа¶Ҝ а¶ҙа·ңа¶Ҫа·’а·ға·Ҡ а¶ёа·Ҹа¶°а·Ҡа¶ә а¶ҙа·Ҡа¶»а¶ҡа·Ҹа·Ға·Җа¶»а¶әа·Ҹ а¶ёа·ҷа·„а·’а¶Ҝа·“ а·ға¶іа·„а¶ұа·Ҡ а¶ҡа·…а·ҡа¶ә.
|
а¶¶а·җа·ға·’а¶Ҫа·Ҡ-а¶ҙа·ҠвҖҚа¶»а·ға¶ұа·Ҡа¶ұ а¶үа¶ұа·Ҡа¶Ҝа·’а¶әа·Ҹа·Җа·ҡ а¶Ӣа·Җа¶ёа¶ұа·Ҹа·Җа¶§ а·Ға·ҠвҖҚа¶»а·“а¶Ҫа¶ұа·’а¶ҙа¶ә а¶ҡа¶©а¶ұа·Җа·Ҹа¶Ҫа·”
| 0 |
(а¶ӯа·’а·…а·’а¶«а·’ а¶Ҝ а·ға·’а¶Ҫа·Ҡа·Җа·Ҹ а·ға·„ а¶»а¶Ӯа¶ўа¶ұа·Ҡ а¶ҡа¶§а·”а¶ңа¶ёа·Ҡа¶ҙа·ңа·…)а¶»а¶ұа·Ҡа¶ўа¶ұа·Ҡ а¶»а·Ҹа¶ёа¶ұа·Ҹа¶әа¶ҡ а¶ёа·„а¶ӯа·Ҹа¶§ а¶‘а¶»а·ҷа·„а·’а·Җ а¶ҙа·Җа¶ӯа·’а¶ұ а¶…а¶°а·’а¶ҡа¶»а¶« а¶…а¶ҙа·„а·Ҹа·ғ а¶ҡа·…а·ҡ а¶әа·җа¶әа·’ а¶ҡа·’а¶әа¶ұ а¶ұа¶©а·”а·Җа·ҡ а¶”а·„а·” а·Җа·ҷа¶ұа·”а·Җа·ҷа¶ұа·Ҡ а·ға·Ҹа¶ҡа·Ҡа¶ҡа·’ а¶Ҝа·“а¶ё а·ға¶іа·„а·Ҹ а¶ўа¶ұа·Ҹа¶°а·’а¶ҙа¶ӯа·’ а¶ёа·ӣа¶ӯа·Ҡа¶»а·“а¶ҙа·Ҹа¶Ҫ а·ға·’а¶»а·’а·ға·ҡа¶ұ а¶ёа·„а¶ӯа·Ҹ а¶Үа¶ӯа·”а·…а·” а·Җа·’а·Җа¶° а¶ӯа¶»а·Ҹа¶ӯа·’а¶»а¶ёа·Ҡ а·Җа¶Ҫ а¶ҙа·”а¶Ҝа·Ҡа¶ңа¶Ҫа¶әа·’а¶ұа·Ҡ 42а¶Ҝа·ҷа¶ұа·ҷа¶ҡа·”а¶ңа·ҡ а¶ұа¶ёа·Ҡ а¶Үа¶ӯа·”а·…а¶ӯа·Ҡ а·ға·Ҹа¶ҡа·Ҡа¶ҡа·’а¶ҡа¶»а·”а·Җа¶ұа·Ҡа¶ңа·ҡ а¶Ҫа·җа¶әа·’а·ға·Ҡа¶ӯа·”а·Җа¶ҡа·Ҡ а¶»а·Ҹа¶ўа·Ҡа¶ә а¶…а¶ёа·Ҹа¶ӯа·Ҡа¶ә а¶»а¶Ӯа¶ўа¶ұа·Ҡ а¶»а·Ҹа¶ёа¶ұа·Ҹа¶әа¶ҡ а¶ёа·„а¶ӯа·Ҹ а·Ға·Ҡа¶»а·ҡа·Ӯа·Ҡа¶Ёа·Ҹа¶°а·’а¶ҡа¶»а¶«а¶ә а·„а¶ёа·”а·Җа¶§ а¶үа¶Ҝа·’а¶»а·’а¶ҙа¶ӯа·Ҡ а¶ҡа¶» а¶Үа¶ӯ. а·Җа·’а¶Ҝа·Ҹа¶ұа¶ңа¶ё а¶ұа·“а¶ӯа·“а¶Ҙ а·ға¶ёа·Ҹа¶ңа¶ёа·ҡ а¶Ӣа¶ҙа¶Ҝа·ҷа·ға·Ҡ а¶ҙа¶»а·’а¶Ҝа·’ а¶ёа·ҷа¶ё а·ға·Ҹа¶ҡа·Ҡа¶ҡа·’а¶ҡа¶»а·”а·Җа¶ұа·Ҡа¶ңа·ҡ а¶Ҫа·җа¶әа·’а·ға·Ҡа¶ӯа·”а·Җа·ҡ а¶ўа¶ұа·Ҹа¶°а·’а¶ҙа¶ӯа·’ а¶ёа·ӣа¶ӯа·Ҡа¶»а·“а¶ҙа·Ҹа¶Ҫ а·ға·’а¶»а·’а·ға·ҡа¶ұ а¶ёа·„а¶ӯа·Ҹа¶§ а¶…а¶ёа¶ӯа¶»а·Җ а¶ҙа·”а·Җа¶ӯа·Ҡа¶ҙа¶ӯа·Ҡ а¶ҡа¶»а·Ҡа¶ӯа·ҳа·Җа¶»а·”а¶ұа·Ҡ, а·Җа·’а¶Ҝа·Ҡа¶әа·”а¶ӯа·Ҡ а¶ұа·Ҹа¶Ҫа·’а¶ҡа·Ҹа·Җа¶Ҫ а¶ҙа·Ҡа¶»а¶°а·Ҹа¶ұа·“а¶ұа·Ҡ , а¶ўа¶ұа¶ёа·Ҹа¶°а·Ҡа¶әа·Җа·ҡа¶Ҝа·“а¶ұа·Ҡ а¶ёа·ҷа¶ұа·Ҡа¶ё а·ға·Ҹа¶ёа·Ҹа¶ұа·Ҡа¶ә а¶ҙа·”а¶Ҝа·Ҡа¶ңа¶Ҫа¶әа·’а¶ұа·Ҡа¶Ҝ а¶ҡа·җа¶іа·Җа·“а¶ёа¶§ а¶…а·Җа·ға¶» а¶үа¶Ҫа·Ҡа¶Ҫа·Ҹ а¶Үа¶ӯ. а¶‘а¶ё а·ға·Ҹа¶ҡа·Ҡа¶ҡа·’ а¶Ҫа·җа¶әа·’а·ға·Ҡа¶ӯа·”а·Җа·ҡ а¶Ҫа·җа¶әа·’а·ға·Ҡа¶ӯа·”а·Җа¶§ а¶Үа¶ӯа·”а·…а¶ӯа·Ҡ а¶ҙа·Ҡа¶»а¶°а·Ҹа¶ұ а¶ҙа·ҷа·…а·ҡ а¶ҙа·”а¶Ҝа·Ҡа¶ңа¶Ҫа¶әа·қ а¶ёа·ҷа·ға·ҡа¶ә. а¶ўа¶ұа·Ҹа¶°а·’а¶ҙа¶ӯа·’ а¶ёа·ӣа¶ӯа·Ҡа¶»а·“а¶ҙа·Ҹа¶Ҫ а·ға·’а¶»а·’а·ға·ҡа¶ұ а¶ёа·„а¶ӯа·Ҹ , а¶»а·Ҹа·Җа¶ә а·„а·’а¶§а¶ҙа·” а¶ҡа¶»а·Ҡа¶ӯа·ҳ а·Җа·’а¶ҡа·Ҡа¶§а¶»а·Ҡ а¶…а¶әа·’а·Җа¶ұа·Ҡ, а¶ўа¶ұа·Ҹа¶°а·’а¶ҙа¶ӯа·’ а¶ұа·“а¶ӯа·“а¶Ҙ а¶Ӣа¶ҙа·”а¶Ҫа·Ҡ а¶ўа¶әа·ға·–а¶»а·’а¶ә , а¶ўа¶ұа¶ӯа·Ҹ а·Җа·’а¶ёа·”а¶ҡа·Ҡа¶ӯа·’ а¶ҙа·ҷа¶»а¶ёа·”а¶« а¶ёа·Ҹа¶°а·Ҡа¶ә а¶’а¶ҡа¶ҡа¶әа·ҡ а¶ҙа·Ҡа¶»а¶°а·Ҹа¶ұа·’а¶әа·Ҹ , а·ға·’а¶»а·ғ, а·„а·’а¶»а·”, а¶Ҝа·ҷа¶»а¶«, а¶‘а¶ёа·Ҡ.а¶§а·“.а·Җа·“. а·Җа·’а¶Ҝа·Ҡа¶әа·”а¶ӯа·Ҡ а¶ұа·Ҹа¶Ҫа·’а¶ҡа·Ҹа·Җа¶Ҫ а¶ҙа·Ҡа¶»а¶°а·Ҹа¶ұа·“а¶ұа·Ҡ, а¶ҙа·Ҹа¶»а·Ҡа¶Ҫа·’а¶ёа·ҷа¶ұа·Ҡа¶ӯа·” а¶ёа¶ұа·Ҡа¶ӯа·Ҡа¶»а·“ а¶…а¶ұа·”а¶» а¶ҡа·”а¶ёа·Ҹа¶» а¶Ҝа·’а·ға·Ҹа¶ұа·Ҹа¶әа¶ҡ , а¶…а¶°а·’а¶ҡа¶»а¶« а·ға·ҡа·Җа·Ҹ а¶ҡа·ңа¶ёа·’а·ға¶ёа·ҡ а¶Ҫа·ҡа¶ҡа¶ёа·Ҡа·Җа¶»а¶әа·Ҹ , а¶ҙа·Ҹа¶»а·Ҡа¶Ҫа·’а¶ёа·ҡа¶ұа·Ҡа¶ӯа·” а¶ёа·„а¶Ҫа·ҡа¶ҡа¶ёа·Ҡа·Җа¶»а¶әа·Ҹ, ඬа·ҡа¶Ҫа·“ а¶ёа·’а¶»а¶»а·Ҡ а¶ҙа·”а·Җа¶ӯа·Ҡа¶ҙа¶ӯа·ҡ а¶ҡа¶»а·Ҡа¶ӯа·ҳ , а¶…а¶ұа·’а¶Ҝа·Ҡа¶Ҝа·Ҹ а¶ҙа·”а·Җа¶ӯа·Ҡа¶ҙа¶ӯа·ҡ а¶ҡа¶»а·Ҡа¶ӯа·ҳ , а¶ҡа·ҡ.а¶©а¶¶а·Ҡа¶Ҫа·’а·Җа·Ҡ .а¶ўа¶ұа¶»а¶Ӯа¶ўа¶ұ , а¶ңа·Җа·ҡа·Ӯа¶«а·Ҹа¶ӯа·Ҡа¶ёа¶ҡ а¶ұа·’а¶Ҝа·„а·ға·Ҡ а¶ёа·Ҹа¶°а·Ҡа¶әа·Җа·ҡа¶Ҝа·“ а¶ҡа·ға·”а¶ұа·Ҡ а¶ҙа·”а·ға·Ҡа·ға·ҡа·Җа·ҷа¶Ҫ , а¶Ӣа·ға·Ҹа·Җа·’а¶ә а¶ұිහඬа¶әа·’ а¶ а·’а¶ӯа·Ҡа¶»а¶ҙа¶§а¶әа·ҡ а¶…а¶°а·Ҡа¶әа¶ҡа·Ҡа·Ӯ а¶ҙа·Ҡа¶»а·ға¶ұа·Ҡа¶ұ а·Җа·’а¶ӯа·Ҹа¶ұа¶ңа·ҡ, а·Ға·Ҡа¶»а·ҡа·Ӯа·Ҡа¶Ёа·Ҹа¶°а·’а¶ҡа¶»а¶«а¶әа·ҡ а¶»а·ҷа¶ўа·’а·ға·Ҡа¶§а·Ҡа¶»а·Ҹа¶»а·Ҡа·Җа¶»а¶әа·Ҹ а¶Үа¶ӯа·”а·…а·” а·Җа·’а·Җа·’а¶° а¶ӯа¶»а·Ҹа¶ӯа·’а¶»а¶ёа·Ҡ а·Җа¶Ҫа¶§ а¶…а¶әа¶ӯа·Ҡ а¶ҙа·”а¶Ҝа·Ҡа¶ңа¶Ҫа¶әа·’а¶ұа·Ҡ 42 а¶Ҝа·ҷа¶Ҝа·ҷа¶ұа·ҷа¶ҡа·”а¶ңа·ҡ а¶ұа¶ёа·Ҡ а¶Ҝ а·ға·Ҹа¶ҡа·Ҡа¶ҡа·’ а¶Ҝа·“а¶ёа¶§ а¶…а¶°а·’а¶ҡа¶»а¶«а¶әа¶§ а¶ҡа·җа¶іа·Җа·“а¶ёа¶§ а¶…а·Җа·ға¶» а¶үа¶Ҫа·Ҡа¶Ҫа·Ҹ а¶Үа¶ӯ. а¶ёа·ҷа¶ё а·ға·Ҹа¶ҡа·Ҡа¶ҡа·’а¶ҡа¶»а·”а·Җа¶ұа·Ҡа¶§ а¶…а¶ёа¶ӯа¶»а·Җ а¶…а¶ңа·Җа·’а¶ұа·’а·ға·”а¶»а·” а¶ұа¶Ҫа·“а¶ұа·Ҡ а¶ҙа·ҷа¶»а·ҡа¶»а·Ҹ а¶ёа·„а¶ӯа·Ҹ а¶…а¶ңа·Җа·’а¶ұа·’а·ға·”а¶»а·” а¶°а·”а¶»а¶әа¶§ а¶ҙа¶ӯа·Ҡа·Җа·” а¶…а·Җа·ға·Ҡа¶®а·Ҹа·Җа·ҡа¶Ҝа·“ а¶ҙа·’а·…а·’а¶ңа·җа¶ұа·“а¶ёа·ҡ а¶Ӣа¶ӯа·Ҡа·ға·Җ а·ға¶·а·Ҹа·Җ а¶…а¶ёа¶ӯа·Ҹ а¶ҡа·… а¶ҡа¶ӯа·Ҹа·Җ а·ға·„ а·Җа·’а¶ҡа·Ҡа¶§а¶»а·Ҡ а¶…а¶әа·’а·Җа¶ұа·Ҡ а¶ёа·„а¶ӯа·Ҹ а¶Ҫа·’а¶әа·” а¶ұа·ңа¶ұа·’а¶ёа·’ а¶…а¶»а¶ңа¶Ҫа¶ә, а¶ҡа·ҳа¶ӯа·’а¶әа¶Ҝ а¶…а¶°а·’а¶ҡа¶»а¶« а¶Ҫа·ҡа¶ӣа¶ұ а·Җа·Ға¶әа·ҷа¶ұа·Ҡ а¶…а¶°а·’а¶ҡа¶»а¶«а¶әа¶§ а¶үа¶Ҝа·’а¶»а·’а¶ҙа¶ӯа·Ҡ а¶ҡа·’а¶»а·“а¶ёа¶§а¶Ҝ а¶…а·Җа·ға¶» а¶үа¶Ҫа·Ҡа¶Ҫа·Ҹ а¶Үа¶ӯ. а¶…а¶°а·’а¶ҡа¶»а¶«а¶әа¶§ а¶…а¶ҙа·„а·Ҹа·ғ а¶ҡа·…а·ҡ а¶әа·җа¶әа·’ а¶»а·Ҹа¶ўа·Ҡа¶ә а¶…а¶ёа·Ҹа¶ӯа·Ҡа¶ә а¶»а¶Ӯа¶ўа¶ұа·Ҡ а¶»а·Ҹа¶ёа¶ұа·Ҹа¶әа¶ҡ а¶ёа·„а¶ӯа·Ҹ а¶‘а¶»а·ҷа·„а·’а·Җ а¶ҙа·Җа¶»а·Ҹ а¶Үа¶ӯа·’ а¶ұа¶©а·”а·Җ а·Ға·Ҡа¶»а·ҡа·Ӯа·Ҡа¶Ёа·Ҹа¶°а·’а¶ҡа¶»а¶«а¶ә а·„а¶ёа·”а·Җа·ҡ а¶…а¶Ҝ (30) а¶ӯа·ҷа·Җа·җа¶ұа·’ а¶Ҝа·’а¶ұа¶әа¶§а¶ӯа·Ҡ а¶ҡа·җа¶іа·Җа·–а¶әа·ҡ а·ға·’а·ға·’а¶» а¶Ҝ а¶Ҷа¶¶а·І , а¶ҙа·Ҡа¶»а·ға¶ұа·Ҡа¶ұ а¶ўа¶әа·Җа¶»а·Ҡа¶°а¶ұ а·ға·„ а·Җа·’а¶ўа·’а¶ӯа·Ҡ а¶ёа·…а¶Ҫа·Ҡа¶ңа·ңа¶© а¶әа¶ұ а¶ёа·„а¶ӯа·Ҡа·Җа¶»а·”а¶ұа·Ҡа¶ңа·ҷа¶ұа·Ҡ а·ға¶ёа¶ұа·Ҡа·Җа·’а¶ӯ а¶ӯа·Ҡа¶»а·’ а¶ҙа·”а¶Ҝа·Ҡа¶ңа¶Ҫ а·Ға·Ҡа¶»а·ҡа·Ӯа·Ҡа¶Ёа·Ҹа¶°а·’а¶ҡа¶»а¶« а·Җа·’а¶ұа·’а·ға·”а¶»а·” а¶ёа¶©а·”а¶Ҫа·Ҡа¶Ҫа¶ҡа·Ҡ а·„а¶ёа·”а·Җа·ҡа¶ә.
|
а¶¶а·җа·ға·’а¶Ҫа·Ҡ-а¶ҙа·ҠвҖҚа¶»а·ға¶ұа·Ҡа¶ұ а¶үа¶ұа·Ҡа¶Ҝа·’а¶әа·Ҹа·Җа·ҡ а¶Ӣа·Җа¶ёа¶ұа·Ҹа·Җа¶§ а·Ға·ҠвҖҚа¶»а·“а¶Ҫа¶ұа·’а¶ҙа¶ә а¶ҡа¶©а¶ұа·Җа·Ҹа¶Ҫа·”
| 0 |
а¶ұа·’а·Җа·’а¶ӯа·’а¶ңа¶Ҫ а¶‘а¶»а¶¶а¶Ҝа·Ҡа¶Ҝа·ҡ а¶ёа·Ҹа¶»а¶ҙа¶ұ а·Җа¶ӯа·Ҡа¶ӯа·ҡ а·Җа¶ұ а¶»а·ңа¶Ҝа¶ҡа·’а¶ұа·Ҡ а¶ҡа·Ҡа¶»а·’а·ға·Ҡа¶ӯа·”а¶ҙа·”а¶»а·Ҡа·Җ а¶ҙа·…а¶ёа·”а·Җа·җа¶ұа·’ а·„а·қ а¶Ҝа·ҷа·Җа·җа¶ұа·’ а·ға·’а¶әа·Җа·ға¶§ а¶…а¶әа¶ӯа·Ҡ а¶¶а·Җ а¶ҡа·’а¶әа¶ұ а·Ға·’а¶Ҫа·Ҹ а¶Ҫа·ҡа¶ӣа¶ұа¶әа¶ҡа·Ҡ а·„а¶ёа·”а·Җа·– а¶¶а·Җ а·ға¶¶а¶»а¶ңа¶ёа·”а·Җ а¶ҙа·…а·Ҹа¶ӯа·Ҡ а¶ҙа·”а¶»а·Ҹа·Җа·’а¶Ҝа·Ҡа¶әа·Ҹ а¶ҙа¶»а·Ҡа¶әа·ҡа·Ӯа¶« а·ға·„а·Ҹа¶ҡа·Ҹа¶» а¶‘а¶ёа·Ҡ. а¶©а¶¶а·Ҡа¶Ҫа·’а·Җа·Ҡ. а¶ а·Ҹа¶ұа·Ҡа¶Ҝа¶ұа·“ а¶ёа·„а¶ӯа·Ҡа¶ёа·’а¶ә а¶ҡа·’а¶әа¶ұа·Ҡа¶ұа·“а¶ә.а¶ҡа¶§а·Ҹа¶»а¶ёа·Ҡ а¶Ҝ а¶ҡа·ңа¶§а·Ҹ а¶Үа¶ӯа·’ а¶ңа¶Ҫа·Ҡа¶Ҫа·ҷа¶ұа·Ҡ а¶…а¶ҡа·Ҡа·Ӯа¶» а·Җа¶Ҫа·’а¶ұа·Ҡ а¶ҡа·ңа¶§а·ға¶ҡа·Ҡ а¶ёа·җа¶ҡа·“а¶ңа·ңа·ға·Ҡ а¶Үа¶ӯа·җа¶әа·’ а¶Үа¶ә а¶ҡа·’а¶әа¶ұа·Ҡа¶ұа·“а¶ә. а¶…а¶ӯа·“а¶ӯа¶әа·ҡа¶Ҝа·’ а¶ёа·ҷа·„а·’ а¶¶а·һа¶Ҝа·Ҡа¶°а·Ҹа¶»а·Ҹа¶ёа¶әа¶ҡа·Ҡ а¶ӯа·’а¶¶а·ҷа¶ұа·Ҡа¶ұа¶§ а¶Үа¶ӯа·җа¶әа·’ а¶…а¶ұа·”а¶ёа·Ҹа¶ұ а¶ҡа·җа¶»а·ҡ.
|
а¶¶а·җа·ға·’а¶Ҫа·Ҡ-а¶ҙа·ҠвҖҚа¶»а·ға¶ұа·Ҡа¶ұ а¶үа¶ұа·Ҡа¶Ҝа·’а¶әа·Ҹа·Җа·ҡ а¶Ӣа·Җа¶ёа¶ұа·Ҹа·Җа¶§ а·Ға·ҠвҖҚа¶»а·“а¶Ҫа¶ұа·’а¶ҙа¶ә а¶ҡа¶©а¶ұа·Җа·Ҹа¶Ҫа·”
| 0 |
(අංජුල මහික වීරරත්න)“ශීඝ්‍රයෙන් දියුණු වන ඉන්දියන් සාගර කලාපයේ තරගකාරී අගය වැඩිකිරීම සඳහා ශ්‍රී ලංකාව වේදිකාවක් බවට පත් කරන්නේ” යයි අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා සෙනසුරාදා (4) හම්බන්තොට දී පැවැසීය.“ලෝකය සමග එක්ව ශ්‍රී ලංකාවට බොහෝ දුර ගමන යාමට තිබෙන බව කී අග්‍රාමාත්‍යවරයා අතීතයේ නොදියුණු චීන නගර දියුණු වූ ආකාරය ආදර්ශයට ගෙන ශ්‍රී ලංකාවේ නොදියුණු ප්‍රදේශ දියුණු කරන බවද” කීය.අග්‍රාමාත්‍ය රනිල් වික්රමසිංහ මහතා මේ බව පැවැසුයේ ශ්‍රී ලංකා-චීන මහා සංවිධාන හා කර්මාන්ත කලාප කාර්යාලය ආරම්භ කිරීමේ උත්සවයේ ප්රධාන ආරාධිත ලෙස සහභාගි වෙමිනි.“යහපත් ඇරැඹුමක සැමරුම” තේමාවෙන් කර්මාන්ත කලාප කාර්යාලය ක්‍රියාත්මක කෙරෙයි.රුහුණු-මාගම්පුර ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී කාර්යාලය ස්ථාපිත කර පවතී. උත්සවයේදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා මෙසේද කීවේය.“ශ්‍රී ලංකා චීන මහා සංවිධාන කලාප කාර්යාලය විවෘත කිරීමෙන් රුහුණු ආර්ථික සංවර්ධනය ආරම්භ කරනවා. මෙතෙක් කල් මේ කටයුතු සාකච්ඡා කළේ කොළඹ සහ බීජිං නගරයේයි. දැන් හම්බන්තොට සිටම වැඩට බහින කාලය පැමිණිලා. මහජන චීනයත්, ලංකාවත් අතර තානාපති සබඳතා ස්ථාපිත කර වසර 60 ක් පිරෙන අවස්ථාවේදී මේ වැඩසටහන ආරම්භ කරනවා. එමෙන්ම මහජන චීනයේත්, ලංකාවේත් සංවර්ධනය ආරම්භ කර වසර 40 ක් පිරෙනවා. 1977 ජූලි මාසයේදී ජේ.ආර්. ජයවර්ධන මහතා මෙරට අගමැති වී නොවැම්බර් මාසයේදී විවෘත ආර්ථිකය ආරම්භ කළා. 1977 ජූලි මාසයේදී ඩෙන් ෂෙන් ජින් චීන නායකතුමා චීනයේ නියෝජ්‍ය අගමැති වී 1978 දී විවෘත ආර්ථිකයේ මූලික පියවර මහජන චීනයේ ක්‍රියාත්මක කළා.මේ කාර්යාලය ආරම්භ කරන්නේ මෛත්‍රීපාල සිරිසේන ජනපති ප්‍රමුඛ රජය වසර දෙකක් අවසන් කර ජාතික රජයේ 2025 දර්ශනය නිකුත් කිරීමත් සමගයි.අප රැස්වන්නේ චීන කොමියුනිස්ට් පක්ෂයේ 15 වැනි සම්මේලනයෙන් පසුව “එක් මාවතක්-එක් තීරයක්” වැඩසටහනට පක්ෂයේ දේශපාලන අනුමැතිය දීමෙන්ද පසුවයි. එසේ නම් අද කරන්නේ ඉතා වැදගත් කාර්යයක් බව කිව යුතුයි.වෙනත් කරුණු ගැන කීමට පෙර මෙහි අතීතය සිහිපත් කරන්න කැමැතියි. මා අග්‍රාමාත්‍ය ලෙස මීට පෙර කටයුතු කරන අවස්ථාවේදී එදා දකුණු සංවර්ධන අමාත්‍යාංශයෙන් ආනන්ද කුලරත්න මහතා රුහුණේ වරාය, ගුවන් තොටුපොළ ඉදිකිරීම පිළිබඳව යෝජනා කළා. වර්තමාන වරායත්, ගුවන් තොටුපොළත් ඉදිකළේ මහින්ද රාජපක්ෂ ජනාධිපති යටතේයි. නමුත් ඒ සමග විසඳුවේ නැති ආර්ථික ප්‍රශ්න ගණනාවක් තිබුණා. ව්‍යාපෘති සඳහා ණය ගෙන තිබුණත් ණය ගෙවීමට ක්‍රියාත්මක වන වරාය හෝ ගුවන් තොටුපොළ හෝ තිබුණේ නැහැ. එමෙන්ම ප්‍රදේශ එකතු කරන මාර්ග පද්ධතිය ඉදිවී තිබුණේද නැත. මෛත්‍රීපාල සිරිසේන මහතා ජනපති වී මා අගමැති වී 2015 මාර්තු මාසයේදී මෛත්‍රීපාල සිරිසේන මහතා චීනයට ගියේ මේ ප්‍රශ්න මධ්‍යයේයි. එහිදී මූලික කාරණා පිළිබඳව චීන නායකත්වය සමග සාකච්ඡා කළා. ජාතික ආණ්ඩුවක් බිහි කළ පසුව පක්ෂ දෙකෙහිම නියෝජිතයින් සමග මාත් චීනයට ගියා. චීනයේදී හමුවී චීන නායකත්වය සමග මා සාකච්ඡා කළා.අපට තිබූ ප්‍රශ්න ගැන සාකච්ඡා කළා. මා පළමුවෙන්ම ඒ පිළිබඳව චීන ජනාධිපතිවරයාට දැනුම් දුන්නා. විශාල ණයක් ඇති බවත් ඒ ණය ගෙවීමට ශක්තිය නැති බවත් මා දැනුම් දුන්නා. රට විශාල අර්බුදයකට මැදිවී සිටින බැවින් ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්න හැකි වේවිදැයි නොදන්නා බවත් මා පැවසුවා.මේ පිළිබඳව චීන අග්‍රාමාත්‍යවරයා සමග මා දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා. කරුණු පැහැදිලි කළා. ඉන් පසුව චීන ජනපති සමග සාකච්ඡා කළා. අපගේ ප්‍රශ්න ඉදිරිපත් කළ චීන ජනපතිට යම් විසඳුමක් තිබුණා.චීනය සහ ලංකාව අතර හවුල් ව්‍යාපාරය ඇතිකර හවුල් ව්‍යාපාරය යටතේ වරාය කුලියට ගෙන ඒ සඳහා වන මුදල් සියල්ල වේලාසනින් ගන්නවා නම් අපට ණය ගෙවීමට ශක්තිය ලැබෙනු ඇතැයි ඔහු පැවැසුවා. එමෙන්ම වරායත් සමග මේ ප්‍රදේශවල කර්මාන්තකරණය ඇති කළ යුතු බවද චීන ජනපති මා සමග පැවැසුවා.මමත් කාලයක් කර්මාන්ත අමාත්‍යවරයා ලෙස කටයුතු කළ යුගයේ මෙරට කර්මාන්තකරණය ආරම්භ කළා. චීන ජනපතිවරයාගේ අදහස ඉතා හොඳ බව අපට වැටහුණා. ඒ කාරණයට අප එකඟ වුණා.ලංකාවේදී සහ චීනයේදී මේ පිළිබඳව සාකච්ඡා කර අවසානයේදී වරාය අධිකාරියත් චයිනා මාර්චන්ට් සමාගමත් සමග ඒකාබද්ධ වැඩසටහන ක්‍රියාත්මක කළා. ඒ අනුව හම්බන්තොට වරාය ලබන මාසයේදී ඒ සමාගම බාර ගැනීමට බලාපොරොත්තු වෙනවා. ඒ සමගම ගෙවිය යුතු කුලී මුදල චීනය විසින් ගෙවා දමන නිසා අපේ ණය බර ප්‍රශ්නය විසැඳෙනවා. මේ සමාගම වරායේ වැඩකටයුතු ඉදිරියට ගෙන යාම සඳහා තවත් ඩොලර් කෝටි හැටක් ආයෝජනය කරනවා. මේ සඳහා ඔවුන් වියදම් කළ ඩොලර් 110 ට අමතරව තවත් ඩොලර් කෝටි 60 ක් ශ්‍රී ලංකාවට වියදම් කරනවා. වරායකින් පමණක් කර්මාන්තකරණය ළඟාකර ගැනීමට හැකියාව නැහැ. සමහර බලශක්ති පහසුකම් අවශ්‍යයි. ඒ නිසා තෙල් පිරිපහදුව, එල්.එන්.ජී. විදුලිය බලාගාරය ඉදිකිරීම පිළිබඳව සාකච්ඡා කරනවා. අපට වානේ කර්මාන්ත ශාලාවක්, සිමෙන්ති කර්මාන්ත ශාලාවක් අවශ්‍යයි. නැව් තටාක පිළිබඳවත් සාකච්ඡා කරනවා. සාකච්ඡා පවත්වන්නේ මූලික අදියර හැටියටයි. මේ සාකච්ඡා එතැනින් නතර වන්නේ නැහැ.රුහුණු ආර්ථික කලාපය යනු විශාල කර්මාන්ත පුරයයි. හම්බන්තොට-මොනරාගල ප්‍රදේශ දෙකේම කර්මාන්ත ඉදිවෙනවා. කර්මාන්ත කලාප ගණනාවක් තිබෙනවා. කර්මාන්ත කලාපයෙන් කොටසක් හම්බන්තොටත් කොටසක් මොනරාගලත් තිබෙනවා.මේ ප්‍රදේශවල රජයේ ඉඩම් විටින් විට කර්මාන්ත කලාප සඳහා අදාළ සමාගම්වලට දීර්ඝ කාලීන පදනම යටතේ බදු දෙනවා. එලෙස බිහිවන කර්මාන්ත ශාලා තුළින් රැකියා උත්පාදනය වෙනවා. ඊට අදාළ නිවාස සංකීර්ණ, වෙළෙඳ සංකීර්ණ, රෝහල්, උසස් අධ්‍යාපන ආයතන ගණනාවක් මෙහි ඉදිකිරීම අපේ බලාපොරොත්තුවයි.චීන සමාගම් පමණක් නොව වෙනත් රටවල්වල සමාගම්ද මෙහි ක්‍රියාත්මක කිරීම මගේ අරමුණයි. සියලුම කටයුතු මේ නව කාර්යාලයේ සිට මෙහෙයවීමට හැකියි. අප මෙතැන් සිට වැඩ ආරම්භ කරමු. මෙහි වැදගත්කම එයයි.අද තබන්නේ අප රටේ සංවර්ධනයට වැදගත් පියවරයි. ජාතික රජයේ වැඩසටහන් මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය, එක්සත් ජාතික පක්‍ෂය ඇතුළු පක්ෂ ගණනාවක් එක්ව මේ වැඩසටහන් ක්‍රියාත්මක කරන්නේ රටේ අනාගතය ගොඩනැගීම සඳහායි. සංවර්ධන කටයුතු මහවැලි ව්‍යාපාරය ලෙසින්ම හැමදාම තිබෙනවා. එහි වියදම මහවැලි ව්‍යාපාරටත් වඩා වැඩියි. විශාල ආර්ථිකයක් ඇති වෙනවා.ජාතික ආණ්ඩුව ලෙස පළමු වරට මහනුවර සිට හම්බන්තොට දක්වා විශාල දියුණු කලාපය ඇති කිරීමට ක්‍රියා කරනවා.මේ ප්‍රදේශවල රටේ ජනගහණයෙන් තුනෙන් දෙකක පිරිස ඉන්නවා. පැය - දෙක තුනකින් මහනුවර සිට හම්බන්තොටට එන්න හැකියාව ලැබේවි. කොළඹ සිට මහනුවරට යාමට පැය අටක් ගත වූ බව මට හමුවූ පුද්ගලයකු පැවැසුවා. අපගේ අලුත් වැඩසටහන ඇති කළ පසුව පැය අටකින් නුවර සිට හම්බන්තොට පැමිණ නැවත නුවරට යාමට හැකියාව ලැබෙන බව මා පැවැසුවා.මහනුවර කේන්ද්‍ර කරගනිමින් සංචාරක කලාප ඉදි කෙරෙනවා. කර්මාන්ත කලාප තිබෙනවා. තාක්ෂණ කලාප තිබෙනවා. හම්බන්තොට ප්‍රදේශය විශාල ආර්ථික කලාපයක් බවට පත් වෙනවා.එසේ නම් ලංකාවේ නොදියුණුම ප්‍රදේශයක විශාල දියුණුව ඇති කිරීමට අපට හැකිවූවා. කළ යුත්තේ ඒ දියුණුව ඉදිරියට ගෙන යාමයි.ශ්‍රී ලංකාවේ දියුණුව ලංකාවට පමණක් නොව ඉන්දියන් සාගර කලාපයට වැදගත් බව කිව යුතුයි. මහජන චීනයෙන් ඇරැඹූ “එක් මාවතක් එක් තීරයක්” වැඩසටහන යටතේ මුහුදු මාර්ග අතුරින් චීනයත්-යුරෝපයත් සම්බන්ධ කිරීමට බලාපොරොත්තු වෙනවා.ඉන්දියන් සාගරය සමග ශ්‍රී ලංකාව මේ වැඩසටහනේ මධ්‍යස්ථානය බවට පත් කරනවා.එමෙන්ම අපට කොළඹ මුල්‍ය නගරය තිබෙනවා. මුල්‍ය වැඩකටයුතු එහි කර සෙසු කටයුතු මේ ප්‍රදේශයේ ක්‍රියාත්මක කිරීම මගේ අරමුණයි.මුදල් ශක්තිය මුල්‍ය නගරයෙන් ලැබෙනවා. කර්මාන්තකරණය මෙන්ම සේවා අංශයේ කටයුතු මෙහි වෙනවා. මේ කටයුතු නිසා සංචාරක කර්මාන්තය ඉබේම දියුණු වීමට නියමිතයි.උදාවන දියුණුවත් සමග මෙහි සිටින ජනතාවට ආහාර නිෂ්පාදනය කළ යුතුයි. හම්බන්තොට නොයෙක් වෙළෙඳ ව්‍යාපාර බිහිවේවි. මේ ප්‍රදේශවල ඉඩම් මිල දෙගුණයකින් සිව් ගුණයකින් ඇතැම් විට ඊට වඩා ඉහළින් යයි. ඒ දියුණුව මෙහි ගෙනැවිත් දැන් ආරම්භ කළ යුතුව ඇත්තේ මොනරාගල, හම්බන්තොට, මාතර, ඇඹිලිපිටිය තරුණ-තරුණියන් රැකියා සඳහා පුහුණු කිරීමයි.“එක මාවතක් - එක් තීරයක්” වැඩසටහන යටතේ වරාය දියුණු වීමට අමතරව එක් වෙළඳ ක්‍රමයක් ඇති වෙනවා. ඒ වෙළඳ ක්‍රමය ඉතා වැදගත් බව කිව යුතුයි. එය අපේ ප්‍රතිපත්තිවලටත් වැදගත් වෙනවා.තවත් වෙළෙඳ ක්‍රම ඇතිවේවි. ඕනෑම වෙළෙඳ ක්‍රමයකට ඇතුළු වී වැඩ කිරීමේ හැකියාව අපට තිබෙනවා. තරඟකාරී වාණිජ වැඩසටහන් සඳහා අප එක්විය යුතුයි.මගේ බලාපොරොත්තුව වන්නේ ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ කේන්ද්‍ර ස්ථානය බවට පත් කිරීමයි. දැනට කොළඹ වරාය දියුණු කරගෙන යනවා. හම්බන්තොට වරාය දියුණු කරගෙන යනවා. ඉන් පසුව ත්‍රිකුණාමලය වරාය දියුණු කරනවා.ශ්‍රී ලංකාවේ චීන තානාපති ෂියැං ලියොං මහතා-“අද අප දෙරටටම සතුටුදායක දවසක් වනවා. රටවල් දෙක අතර කර්මාන්තකරණය ඉදිරියට ගෙනයාම සඳහා මෙහෙයුම් කමිටුව ඇරැඹීමට කාලය අවශ්‍යයි. කර්මාන්ත කලාපයේ ආයෝජන අවස්ථා ගැනීම සඳහා රටවල් ගණනාවක තානාපතිවරුන් අප සමග සාකච්ඡා කරනවා. නව කාර්යාලය විවෘත කිරීමත් සමග ආයෝජන ගැනීම සඳහා සාකච්ඡා කිරීම මේ කාර්යාලය මගින් ඍජුවම කිරීමට හැකියි.මෙහි කර්මාන්තකරණය පිළිබඳව අප ජනපති - අගමැති සමග සාකච්ඡා කළා.චීනය - ශ්‍රී ලංකාවට උපකාර කිරීම සඳහා හැමවිටම ඉදිරිපත් වී සිටිනවා. මෙය රටවල් දෙක අතර මිත්‍රත්වය තහවුරු කෙරෙන තවත් සංකේතයක් බව කිව යුතුයි”මේ අවස්ථාව සඳහා නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස, නීතිය හා සාමය දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක, එක්සත් ජනතා නිදහස් සංධානයේ මහ ලේකම් ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර, අමාත්‍ය විජිත් විජිතමුණි සොයිසා, දිලිප් වෙදආරච්චි යන මහත්වරු ප්‍රමුඛ මැති - ඇමැතිවරු රැසක්ද සහභාගි වූහ.
|
තරගකාරී අගය වැඩි කිරීමට ශ්‍රී ලංකාව වේදිකාවක් කරනවා
| 1 |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.