date
stringlengths 24
24
| title
stringlengths 0
176
| short_title
stringlengths 10
69
| content
stringlengths 0
19.7k
|
---|---|---|---|
2020-10-02T02:45:40.000Z | පෝය දිනයේ සමාජ ශාලාවක් පැවැත් වූ 18 දෙනෙකු කොටු | පෝය දිනයේ සමාජ ශාලාවක් පැවැත් වූ 18 දෙනෙකු කොටු | COLOMBO (News 1st) : පෝය දිනයේ සමාජ ශාලාවක් විවෘත කර පවත්වාගෙන යාම සම්බන්ධයෙන් සැකකරුවන් 18 දෙනෙකු කොල්ලුපිටිය පොලීසීය අත්අඩංගුවට ගෙන ඇත. පොලීසීය පැවසුවේ ඒ අතර කාන්තාවන් 12 දෙනෙකු ද වන බවයි. බලපත්‍ර කොන්දේසි උල්ලංඝණය කිරීම සහ මත්පැන් අලෙවිය යන චෝදනා යටතේ ඔවුන් අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන් සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය සොයා ගත් බව පොලීසීය සඳහන් කළේ ය. අත්අඩංගුවට ගත් සැකකරුවන් අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. |
2020-10-02T02:19:45.000Z | ජලභීතිකා එන්නත් ලබාදීමේ විශේෂ වැඩපිළිවෙළක් | ජලභීතිකා එන්නත් ලබාදීමේ විශේෂ වැඩපිළිවෙළක් | COLOMBO (News 1st) : ගාල්ල, යටලමත්ත ඇතුළු ඒ ආශ්‍රිත ප්‍රදේශ කිහිපයක සුනඛයින්ට ජලභීතිකා ප්‍රතිශක්තිකරණ එන්නත් ලබාදීමේ විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ, යටලමත්ත ප්‍රදේශයේ ජලභීතිකාව වැළදී 12 හැවිරිදි පාසල් සිසුවෙකු හා 57 හැවිරිදි පුද්ගලයෙකු මියයාමත් සමගයි. එම ප්‍රදේශයට විශේෂ කණ්ඩායම් යොමුකර සුනඛයින්ට අතිරේක එන්නත් ලබාදීම මේ වනවිට ආරම්භ කර ඇතැයි අමාත්‍යාංශයේ මහජන සෞඛ්‍ය පශු වෛද්‍ය අධ්‍යක්ෂ එල්. ඩී කිස්තිරි මහතා සඳහන් කළේ ය. |
2020-10-02T02:08:07.000Z | HNDE හි තත්ත්වය ඉහළ නැංවීමට කමිටුවක් | HNDE හි තත්ත්වය ඉහළ නැංවීමට කමිටුවක් | COLOMBO (News 1st) : ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනවල තත්ත්වය ඉහළ නැංවීම සඳහා කමිටුවක් පත් කර තිබේ. අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා සඳහන් කළේ, මේ යටතේ දැනට උසස් ඩිප්ලෝමාවක් ලබා දෙන ආයතනවල සිසුන්‍ට උපාධිය දක්වා අධ්‍යාපන කටයුතු හැදෑරීමට අවශ්‍ය වටපිටාව සකස් කරන බවයි. මෙරට පිහිටි ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතන සංඛ්‍යාව 11 කි. එම ආයතනවල සිසුන් 12000 කට අධික පිරිසක් ඉගෙනුම ලබයි. ලේකම්වරයා ප්‍රකාශ කළේ , එම ආයතන අධ්‍යාපන මට්ටම් ඉහළ නැංවීමත් සමග උසස් ඩිප්ලෝමාධාරීන්ට අදාළ ආයතනයෙන්ම උපාධිය ලබා ගැනීමට හැකි බවයි. |
2020-10-02T03:34:53.000Z | ජනපති ට්‍රම්ප් කොරෝනා රෝගියෙක් කළ කවුද මේ හෝප් හික්ස්...? | කවුද මේ හෝප් හික්ස්...? | COLOMBO (News 1st) : සිය උපදේශිකාවක වූ හෝප් හික්ස්ට කොරෝනා ආසාදනය වීමෙන් පසු නිරෝධානයට යොමු වූ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ බිරිඳ මෙලනියාට ත් කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ. ජනාධිපතිවරයා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පැවසුවේ, තමාට සහ බිරිඳට COVID 19 ආසාදනය වී ඇති බවයි. කවු ද මේ හෝප් හික්ස්...? අමෙරිකානු ජනාධිපති සහ බිරිඳ මෙලානියා නිරෝධායන ක්‍රියාවලියට යොමු වූයේ, සමීපතම උපදේශකවරියක වන හෝප් හික්ස්ට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වීමෙන් අනතුරුවයි. ජනපති ට්‍රම්පගේ මහජන සම්බන්ධතා උපදේශිකාව වන 31 හැවිරිදි හික්ස් ජනාධිපතිවරයා සමග සමීප කටයුතු කරන තැනැත්තියකි. ග්‍රීන්විච්, කනෙක්ටිකට්හි හැදී වැඩුණු හික්ස් නිරූපණ ශිල්පිනියක ලෙස කටයුතු කළ ඇය වරක් දැන්වීම්වල ද පෙනී සිටියා ය. ඉන්කා ට්‍රම්ප් විසින් මෙහෙයවූ ව්‍යාපාර කටයුතුවලට සම්බන්ධ වී සිටි හික්ස් 2014 වසරේ ට්‍රම්ප් සංවිධානයට සම්බන්ධ වූ අතර 2015 වසරේදී ට්‍රම්ප් සිය මැතිවරණ ව්‍යාපාරයට ඇය සම්බන්ධ කර ගන්නේ, දේශපාලනය පිළිබඳ එතරම් පුළුල් දැනුමක් හෝ නොතිබියදී ය. ජනපතිවරණ සමයේ හික්ස් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රචාරක ව්‍යාපාරයේ ප්‍රකාශිකාව වූ අතර පසුව ධවල මන්දිරයේ සන්නිවේදන අධ්‍යක්ෂවරිය වූවා ය. ජනාධිපතිවරයා 'හෝප්ස්ටර්' යන නාමයෙන් හඳුන්වන හික්ස් හෝප් ජනාධිපතිවරායාගේ විශ්වාසදායිම උපදේශිකාවක ලෙස සැලකෙන අතර ඔහුගේ අදහස් වෙනස් කිරීමට ඔහුට අභියෝග කළ හැකි කිහිප දෙනා අතරින් අයෙකු ලෙස ද සැලකේ. ජනාධිපතිවරයා රූපවාහිනි විවාදයකට සහභාගී වීම සඳහා පසුගිය දිනක ඔහායෝ වෙත පියාසර කර ඇති අතර ඔහු සමග ගමනට සහභාගී වූ හික්ස් මුව ආවරණයක් නොපැළඳ ජනාධිපතිවරයා ගමන් ගත් ගුවන් යානයෙන් බැස යන ආකාරය දැක්වෙන ඡායාරූප ද විදෙස් මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වී තිබේ. මීට අමතරව ජනාධිපතිවරයා පසුගිය බදාදා මිනසෝටාහි රැළියක් පවත්වන විට ඇය ඔහු සමග වඩාත් සමීපව කටයුතු කරනු දැක ගත හැකි විය. ඊයේ රාත්‍රී ජනාධිපතිවරයා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පැවසුවේ, පසුගිය කාලයේ සුළු විවේකයක් හෝ නොගෙන හික්ස් දැඩි කැපවීමකින් කටයුතු කළ බවත් තමා සහ බිරිඳ මෙලානියා බොහෝ වේලාවක් හික්ස් සමග ගත කළ බවත් ය. අමෙරිකානු ජනාධිපතිවරයා සිය සේවකයින් හෝ රටේ ජනතාව මුව අවාරණ පැළඳීම සඳහා දිරිමත් කළ නායෙකයෙකු නොවන අතර උපදේශකයින් හෝ අනෙකුත් පිරිස් සමග කටයුතු කිරීමේදී සමාජ දුරස්තභාවය හෝ රකිනු දක්නට නොමැත. 31 හැවිරිදි හික්ස් කොරෝනා ආසාදිනය වූ නවතම ධවල මන්දිර නිලධාරිය වන අතර උප ජනාධිපති මයික් පෙන්ස්, මාධ්‍ය ලේකම් කේටි මිලර් පසුගිය මැයි මාසයේ කොරෝනා ආසාදනය වූ සුව වූ ධවල මන්දිර නිලධාරීන් ය. අමෙරිකාවේ COVID 19 තත්ත්වය අමෙරිකාව කොරෝනා වසංගතයේ දැඩිම බලපෑම් එල්ල වී සිටින රට වන අතර මේ වන විට එරටින් වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව 7,494,671 කි. එරටින් වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව 212,660 ක් වන අතර සුවය ලබා ඇති ආසාදිතයින් ගණන 4,736,621කි. |
2020-10-01T23:49:48.000Z | JUST IN : ජනපති ට්‍රම්ප් සහ බිරිඳ මෙලානියාට ත් කොරෝනා | අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට කොරෝනා | COLOMBO (News 1st) : අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ බිරිඳ මෙලානියා ට්‍රම්ප්ට COVID 19 ආසාදනය වී තිබේ. ජනාධිපතිවරයා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පැවසුවේ, තමා සහ බිරිඳ නිරෝධායනයට යොමු වී සිටින බවයි. මීට පෙර අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පැවසුවේ, සිය උපදේශිකාවක වූ හෝප් හික්ස්ට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වීමෙන් පසු තමා සහ බිරිඳ නිරෝධායන ක්‍රියාවලිය සඳහා යොමු වී සිටින බවයි. පසුගිය දින කිහිපයේම 31 හැවිරිදි උපදේශිකාව ජනාධිපතිවරයා සමග කටයුතු කර තිබිණ. මේ අතර හික්ස් මුව ආවරණයක් නොපැළඳ ජනාධිපතිවරයා ගමන් ගත් ගුවන් යානයෙන් බසින ආකාරය දැක්වෙන ඡායාරූප ද විදෙස් මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වී තිබේ. |
2020-10-01T23:38:33.000Z | මහනුවර ගිලා බැසීමට හේතුව හෙළිවෙයි | මහනුවර ගිලා බැසීමට හේතුව හෙළිවෙයි | COLOMBO (News 1st) : මහනුවර , බූවැලිකඩ ගොඩනැගිල්ල කඩා වැටීමට හේතුව එහි ව්‍යුහයේ දුර්වලතා හා ඉදි කිරීම් අමුද්‍රව්‍ය ප්‍රමිතියෙන් තොර වීම බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය කළ පරීක්ෂණයෙන් හෙළි වී තිබේ. එහි ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ ලක්සිරි ඉන්ද්‍රතිලක මහතා සඳහන් කළේ, අදාළ පරීක්ෂණයේ වාර්තාව මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයාට භාර දුන් බවයි. ගොඩනැගිල්ල ඉදි කිරීම හා වැඩිදියුණු කිරීම සඳහා අවස්ථා 03 කදී මහනුවර මහ නගර සභාවෙන් අවසර ලබාගෙන ඇතැයි ද පරීක්ෂණවලදී හෙළිව තිබේ. ලක්සිරි ඉන්ද්‍රතිලක මහතා පැවසුවේ, පළමුව මහල් තුනක් ඉදි කිරීම සඳහාත්, දෙවනුව තවත් මහලක් ඉදි කිරීම සඳහාත් නගර සභාවෙන් අවසර ලබා ගෙන ඇති බවයි. තෙවනුව ගොඩනැගිල්ලේ හතර වැනි මහල හා මුදුන් වහල ඉදි කිරීම සඳහා අවසර ලබා ගෙන ඇතැයි ඔහු ප්‍රකාශ කළේ ය. ජ්‍යේෂ්ඨ භූ විද්‍යාඥ ලක්සිරි ඉන්ද්‍රතිලක මහතා පැවසුවේ, ගොඩනැගිලි ඉදි කිරීමට පෙර ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයෙන් අවසර හා උපදෙස් ලබා ගැනීමෙන් මෙවැනි සිදුවීම් අවම කර ගත හැකි බවයි. පසුගිය 20 වැනිදා අලුයම බූවැලිකඩ මහල් ගොඩනැගිල්ල කඩාවැටීමෙන් යුවලක් සහ ඔවුන්ගේ බිළිඳු දියණිය මිය ගියේ ය. සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ගොඩනැගිල්ලේ හිමිකරු වන අනුර ලෙව්කේ මහතා මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගතව පසුවෙයි. |
2020-10-01T22:28:16.000Z | කටාන කෝටි දෙකේ කොල්ලයට සම්බන්ධ තිදෙනෙකු හඳුනා ගනී | කෝටි දෙකේ කොල්ලයේ සැකකරුවන් හඳුනා ගනී | COLOMBO (News 1st) : කටානේ ව්‍යාපාරිකයෙකුගේ නිවසකින් රුපියල් කෝටි 02 ක මුදලක් කොල්ලකෑමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු හඳුනාගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් 4 ක් ඔස්සේ පරීක්ෂණ ක්‍රියාත්මක බවයි. පෙරේදා උදෑසන මෝටර් රථයකින් පැමිණි කොල්ලකරුවන් කටාන, අක්කර 50 ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ නිවසට පැමිණ රුපියල් කෝටි 02 ක මුදල් කොල්ල කා පලාගොස් තිබුණි. නිවසේ තිබු රන් ආභරණද කොල්ලකරුවන් රැගෙන ගොස් ඇත්තේ ගිනි අවි පෙන්වා නිවැසියන් බිය ගන්වමින් ය. |
2020-10-01T22:10:36.000Z | ඩයගමදී බස් රථයක් ප්‍රපාතයකට පෙරළී සිසුන් ඇතුළු 48ක් රෝහලට | ඩයගමදී බස් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි | COLOMBO (News 1st) : හැටන්, ඩයගම මාර්ගයේ පෝඩයිස් ප්‍රදේශයේදි බස් රථයක් ප්‍රපාතයට පෙරළීමෙන් පුද්ගලයින් 48 දෙනෙකු තුවාල ලබා තිබේ. පොලීසිය පැවසුවේ, ඒ අතර පාසල් සිසුන් 30 දෙනෙකු ද වන බවයි. අඩි 25 ක පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් එලෙස අනතුරට ලක්ව ඇත්තේ ඩයගම සිට හැටන් දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයකි. තුවාලකරුවන් දික්ඔය මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි, අප වාර්තාකරු සඳහන් කළේ ය. |
2020-10-01T21:47:41.000Z | මහවැලි ජලාශ වේලිවල හානි පරීක්ෂාවට නව පද්ධතියක් | මහවැලි ජලාශ වේලිවල හානි පරීක්ෂාවට නව පද්ධතියක් | COLOMBO (News 1st) : මධ්‍ය කඳුකරයේ පිහිටි සියලු මහවැලි ජලාශවල වේලිවල තත්ත්වය හා ඒවාට භූ අභ්‍යන්තරයේ කම්පන හේතුවෙන් සිදුවන බලපෑම පැය 24 පුරා පරික්ෂා කිරීමේ පද්ධතියක් පිහිටුවීමට ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය පියවර ගෙන තිබේ. ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් සුනිල් පෙරේරා මහතා සඳහන් කළේ, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා හා ඉන්ජිනේරු පීඨවල දායකත්වය ලබා ගනිමින් අදාළ පද්ධතිය පිහිටුවන බවයි. මේ අනුව කොත්මලේ, වික්ටෝරියා, රන්දෙණිගල හා රන්ටැඹේ ජලාශවල වේලි ආශ්‍රිතව පිහිටුවා ඇති සංවේදක මගින්, එම වේලී ආශ්‍රිතව සිදුවන සියුම් කම්පන තත්වයන් පවා වාර්තා කෙරෙනු ඇති. පසුගියදා මහනුවර ප්‍රදේශයේ සිදුවූ කම්පනවලින් මහවැලි ජලාශ වේලිවලට කිසිදු තර්ජනයක් නොමැති බව ද ඔහු ප්‍රකාශ කළේ ය. පැය 24 පුරා ඒ සඳහාම අනියුක්ත නිලධාරීන් පිරිසක් හා වෙනම පාලන මැදිරියක් මගින් මෙම ජලාශවල වේලිවලට වන බලපෑම් නිරීක්ෂණය කරනු ඇති. |
2020-10-01T21:09:28.000Z | ගම්මැද්ද - නව අධ්‍යාපන ක්‍රියාන්විතයකට (TechBusSL) මුල පුරයි | ගම්මැද්ද - නව අධ්‍යාපන ක්‍රියාන්විතයකට මුල පුරයි | COLOMBO (News 1st) : ග්‍රාමීය පාසල් දරුවන් නව ලොව තාක්ෂණික දැනුමට විවරකරමින් ගම්මැද්ද තවත් සංකල්පයක් අද ක්‍රියාවට නංවනු ලබයි. ඒ යටතේ #TechBusSL නම් වූ තාක්ෂණික උපාංගවලින් සන්නද්ධ බස් රථයක් ගමින් ගමට ගොස් සිසු දරුවන්ට නව තාක්ෂණික ලොවකට මග පෙන්වනු ඇති. ගම්මැද්ද මෙම නව ක්‍රියාන්විතය ආරම්භ කර ඇත්තේ, මොරටුව විශ්වවිද්‍යාලය සමග එක්වයි. ඊයේ දිනයට යෙදුණු ලෝක ළමා දිනයට සමගාමිව අද අනුරාධපුර මහවිලච්චිය තක්ෂිලා මහා විද්‍යාලයෙන් මෙහි පළමු අදියර ආරම්භ වේ. රොබෝ උපකරණ ඇතුළු සිසුන්ට ඩිජිටල් අත්දැකීම් ලබා දීම අරමුණු කරගත් show-n-tell වැඩසටහන ප්‍රදර්ශනය කළ හැකි තාක්‍ෂණය ද #TechBusSL ඇත. #TechBusSL නව තාක්ෂණය හා රොබෝ තාක්ෂණය පිළිබඳව ප්‍රයෝගිකව අත්හදා බලීමේ අවස්ථාව සලසන වැඩසටහකි. එක්දින වැඩ මුළුවක් ලෙස පැවැත්වෙන මෙහි ප්‍රධාන අරමුණ වන්නේ සිසු දරුවන්ට න්‍යායාත්මක දැනුම පමණක් ලබා දීම වෙනුවට තාක්ෂණය හා ඒ සම්බන්ධ ක්‍රියාකාරකම්වලට ප්‍රයෝගිකව සම්බන්ධ කරගනිමින් නව මානයන් කරා රැගෙන යාමයි. අද ඇරඹෙන නව වැඩසටහන පිළිබඳ පැහැදිලි කරමින් කැපිටල් මහරාජා සමූහයේ, සමූහ අධ්‍යක්ෂ ශෙවාන් ඩැනියල් මහතා පැවසුවේ, #TechBusSL රටපුරා බොහෝ ප්‍රදේශවල සංචාරය කිරීමට ත්, පාසල්වලින් ඔබ්බට ව්‍යාප්ත කරමින් ග්‍රාමීය ප්‍රජාව වෙත ද තාක්‍ෂණය ගෙනයා මටත් අපේක්ෂා කරන බවයි. ''විශේෂයෙන්ම TechBusSL සංකල්පය පිටුපස තිබෙන්නේ, පිටිසර දුවා දරුවන් තාක්ෂණික ලෝකයට යොමු කරවීම. ඔවුන් ඒ පිළිබඳව දැනුවත් කිරීම, ඒ වගේම මොරටුව විශ්වවිද්‍යාලය සමග එක්ව දත්ත විද්‍යාව, නව තාක්ෂණ සහ අනාගත රැකියා නිපදවන අවස්ථා පිළිබඳ දැනුම අපේ දුවා දරුවන්ට ලබා දීමට බලාපොරොත්තු වෙනවා'' |
2020-10-01T19:45:47.000Z | සියලු රජයේ නිෂ්පාදන ආයතනවල අලෙවි සැල් එකම ස්ථානයක පිහිටුවීමේ වැඩපිළිවෙළක් | සියලු නිෂ්පාදන අලෙවි සැල් එකම ස්ථානයකට | COLOMBO (News 1st) : සියලු රජයේ නිෂ්පාදන ආයතනවල අලෙවි සැල් එකම ස්ථානයක පිහිටුවීමේ වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට වෙළඳ අමාත්‍යාංශය සැලසුම් කර තිබේ. අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේ , මේ තුළින් රාජ්‍ය ආයතන සියල්ලේම නිෂ්පාදන එකම ස්ථානයකින් මිළදී ගැනීමට පාරිභෝගිකයින්ට අවස්ථාව උදාවන බවයි. පළමු මධ්‍යස්ථානය නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ පිහිටුවන බව ද ඔහු ප්‍රකාශ කළේ ය. |
2020-10-01T20:45:01.000Z | 20 ට එරෙහි පෙත්සම් විභාගය තුන්වැනි දිනටත් | 20 ට එරෙහි පෙත්සම් විභාගය තුන්වැනි දිනටත් | COLOMBO (News 1st) : 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සම් 39 ක් විභාග කිරීම අද තුන් වැනි දිනටත් සිදු කෙරේ. ඒ , අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේදී ය. මැදිහත් පාර්ශව වෙනුවෙන් පෙත්සම් 7 ක් ද මේ වනවිට ඉදිරිපත්ව සිටී. අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා පෙත්සම් විභාගය ආරම්භ කරමින් ප්‍රකාශ කළේ , පෙත්සම් විභාගය අද දිනයේ අවසන් කරන බවයි. |
2020-10-01T10:17:00.000Z | UNHRC වෙත එ.ජා. මහ ලේකම් දුන් වාර්තාවට රජය ප්‍රතිචාර දක්වයි | එ.ජා. මහලේකම්ගේ වාර්තාවට රජය ප්‍රතිචාර | COLOMBO (News 1st) - ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් මහතා විසින් ඉදිරිපත් කරන ලද වාර්තාවකට ශ්‍රී ලංකා රජය ප්‍රතිචාර දක්වා තිබේ. ශ්‍රී ලංකාවේ සහ ජිනීවාහි වෙසෙන ශ්‍රී ලංකාවේ සිවිල් සමාජ සංවිධාන, මානව හිමිකම් ආරක්ෂා කරන්නන් සහ වෙනත් පිරිස් රහස්‍ය විමර්ශනයන්ට ලක්කර ඇති බවට එක් වාර්තාවකින් චෝදනා කර තිබුණි. සිවිල් සමාජ සංවිධාන, මානව හිමිකම් ආරක්ෂා කරන්නන් සහ අගතියට පත්වුවන්ගේ පවුල් ඇතුළු පාර්ශව කිහිපයකින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයට ඊට අදාළව අඛණ්ඩව චෝදනා ලැබී තිබූ බව ද සඳහන් විය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ සහකාර මහ ලේකම් ඉල්ස් බ්‍රෑන්ඩ්ස්, සීමිත පරිසරයක සමහර පුද්ගලයින් සහ කණ්ඩායම් අප සමග සම්බන්ධ වෙන්නේ නෑ කියලා අපි දැනුවත්ව තිබෙනවා. වාර්තාවක දැක්වෙන පරිදි මහ කොමසාරිස්වරයා ලිබියාව, නිකරගුවාව, පිලිපීනය රුසියාව, ශ්‍රී ලංකාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ වෙනිසියුලාව පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරලා තියෙනවා. ස්වයංවාරණය පිළිබඳවත් මහලේකම්වරයාගේ අවධානය යොමු වෙලා තියෙනවා. එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකාවේ වැඩබලන නිත්‍ය නියෝජිත දයානි මෙන්ඩිස්, එම වාර්තාවේ සඳහන් “බිය ගැන්වීම්”,“ආවේක්ෂණය”,“හිරිහැර කිරීම් පිළිබඳ පැමිණිලි” සහ “පළිගැනීම්” සම්බන්ධයෙන්, නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන්ට හෝ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිසම හෝ ජාතික පොලිස් කොමිසම වැනි ස්වාධීන ජාතික ආයතන වෙත විධිමත් ලෙස පැමිණිලි කිරීමට අදාළ පාර්ශවයන්ට ආරාධනා කිරීමට රජය අපේක්ෂා කරන අතර ඒ අනුව චූදිත සිදුවීම් පිළිබඳව විමර්ශනය කිරීමට පියවර ගත හැකියි. රජය මෙම චෝදනා දැනටමත් ප්‍රසිද්ධියේ ප්‍රතික්ෂේප කර තිබෙන අතර අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ සිවිල් සමාජ අවකාශය ආරක්ෂා කිරීමට සහ ප්‍රවර්ධනය කිරීමට කැපවී කටයුතු කරමින් ජනමාධ්‍යවේදීන්, මානව හිමිකම් ආරක්ෂා කරන්නන් සහ සිවිල් සමාජයට වෙත එල්ල කෙරෙන බවට චෝදනා කෙරෙන ප්‍රහාර සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි පිළිබඳව විමර්ශනය කොට නඩු පවරන බවට සහතික වෙයි. විශේෂයෙන්ම පාස්කු ඉරුදින එල්ල වූ විනාශකාරී ත්‍රස්ත ප්‍රහාරයෙන් අනතුරුව, ජාතික ආරක්ෂාව සඳහා ක්‍රියාත්මක වන සාමාන්‍ය ආරක්ෂක ජාලවලට අමතරව, ආරක්ෂක හමුදා සහ බුද්ධි අංශ මෙරට නිශ්චිත පුද්ගලයින් පිරිසක් අධීක්ෂණය කිරීමේ නිරත නොවන බව ද යළි අවධාරණය කරනු ලැබේ. |
2020-10-01T08:07:03.000Z | ස්වාභාවික සම්පත් ආරක්ෂා කිරීමට රජය කැපවී සිටින බව ජනපති ලෝක ප්‍රජාව හමුවේ අවධාරණය කරයි | ස්වාභාවික සම්පත් ආරක්ෂා කිරීමට රජය කැපවී සිටිනවා | COLOMBO (News 1st) - ස්වාභාවික සම්පත් ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා රජය කැපවී සිටින බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ එක්සත් ජාතීන්ගේ ජෛව විවිධත්වය පිළිබඳ සමුළුව අමතමින් අවධාරණය කර තිබේ. මෙම සමුළුව අමතමින් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ, වර්ථමානයේ ලොව පුරා ජෛව විවිධත්වයට දැඩි බලපෑමක් එල්ලවී ඇති බවයි. මෑත දශක කිහිපය තුළ ජෛව විවිධත්වය පිළිබඳ සම්මුති ආරක්ෂා කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකාව දැඩි කැපවීමකින් කටයුතු කරන බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ ය. අප රට සතු ස්වභාවික සම්පත් අතරින් සිංහරාජ වනාන්තරය, කනල්ස් ඇතුළු මධ්‍ය කඳුකරය දැනටමත් ලෝක උරුම ස්වභාවික සම්පත්. ලෝක ප්‍රජාව ඉදිරියේ ජනාධිපතිවරයා මේ ස්වභාවික සම්පත් සුරක්ෂිත කිරීමට ඇති කැපවීම අවධාරණය කිරීම අගය කළ යුතු කරුණකි. මේ අවශ්‍යතාව අපි අවස්ථා ගණනාවකදීම පෙන්වාදී තිබේ. ස්වභාවික උරුමයන් වගේම සංස්කෘතික උරුමයන් අතින්ද අපි ඉතා පොහොසත් රාජ්‍යයකි. අනුරාධපුර, පොළොන්නරුව පූජා භූමි, සීගිරිය, මහනුවර පූජා භූමිය, ගාල්ල කොටුව සහ දඹුලු ලෙන් දැනටමත් ලෝක සංස්කෘතික උරුමයන් ය. සේරුවිල මංගල රජමහා විහාරය, සේරුවිල සිට මහවැලි ගග අසබඩින් ශ්‍රී පාදය දක්වා ඇති මාර්ගය, රජගල පූජා භූමිය මේ වනවිට ලෝක උරුම ලෙස පිළිගැනීම සඳහා නියමිත ලැයිස්තුවට ඇතුළත් ය. එමෙන්ම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සී.එම් මද්දුම බණ්ඩාරයන් වැනි පුරෝගාමීන් අධ්‍යයනය කර පසුව ගම්මැද්ද වැවෙන් වැව මගින්ද අධ්‍යයනය කළ එල්ලංගා වැව් පද්ධතියද මේ වනවිට ලෝක ජල උරුමයකි. මෙය වැදගත් වන්නේ, මෙරට වාරි පද්ධතියට අයත් වැව් දහස් ගණනක් එල්ලංගා පද්ධතිය තුළ තිබීම නිසයි. රට තුළ වැව් ප්‍රතිසංස්කරණය කිරීමේදී එල්ලංගා පද්ධතිය ආරක්ෂා කිරීමත් එය අධ්‍යයනය කිරීමත් අතිශය වැදගත් ය. පරිසරය ආරක්ෂා කර ගැනීමට ජනාධිපතිවරයා සමග රටම පෙළගැසිය යුතු අවස්ථාවක ඇතැම් පිරිස් තවදුරටත් පරිසරයටත් ඉපැරණි උරුමයටත් හානි කරමින් සිටි. අනාගත පරපුර වෙනුවෙන් මේවා සුරක්ෂිත කර ගැනීමට දරණ උත්සාහය සමග සියලු දෙනා අත්වැල් බැඳ ගත යුතු නොවේ ද? |
2020-10-01T07:29:38.000Z | රාහුල් ගාන්ධි සහ ප්‍රියංකා ගාන්ධි අත්අඩංගුවට | රාහුල් ගාන්ධි සහ ප්‍රියංකා ගාන්ධි අත්අඩංගුවට | News 1st - ඉන්දීය කොංග්‍රස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයින් වන රාහුල් ගාන්ධි සහ ප්‍රියංකා ගාන්ධි අත්අඩංගුවට ගෙන තිබේ. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, අයුතු ජනරාශී චෝදනා එල්ල කරමින් උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ හත්‍රාස් දක්වා පාගමනක නිරතවී සිටියදී ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බවයි. හත්‍රාස් ප්‍රදේශයේදී සමූහ දූෂණයට ලක්ව රෝහල්ගත කිරීමෙන් පසු පෙරේදා මියගිය කාන්තාවගේ පවුලේ ඥාතීන් හමුවීම සඳහා රාහුල් ගාන්ධි ඇතුළු පිරිස පාගමනින් ගොස් ඇත. අදාළ කාන්තාව පසුගිය සැප්තැම්බර් 14 වැනි දා හත්‍රාස් ප්‍රදේශයේදී උසස් යැයි හඳුන්වන, පුද්ගලයින් 4 දෙනෙකු අතින් සමූහ දූෂණයට ලක්ව දරුණු තුවාල සහිතව රෝහල්ගත කෙරුණි. ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය පෙරේදා මියයාමේ සිද්ධියත් සමග උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ උණුසුම් තත්ත්වයක් ඇති විය. |
2020-10-01T07:07:28.000Z | දරුවන්ගේ නිරෝගීකම රැකගත හැකි ක්‍රමවේද ගැන ජනපති අවධානය... | පාසල් පුස්තකාල දියුණු කිරීමට ව්‍යාපෘතියක් | COLOMBO (News 1st) - සෑම පාසලකටම පුස්තකාල හා ක්‍රීඩා පහසුකම් දීමෙන් දරුවාගේ මානසික හා ශාරීරික නිරෝගීකම රැකගත හැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. ජනාධිපතිතුමා පැවසූවේ, තමා පසුගිය දිනවල දිවයින පුරා කළ සංචාරවලදී එය වඩාත් පැහැදිලි වූ බවය. ලෝක ළමා දිනයට සමගාමීව පාසල් 5 ක දරුවන් ජනාධිපති කාර්යාලයට කැඳවා පුස්තකාල පරිත්‍යාග කිරීමේ උත්සවයකට එක්වෙමින් ජනාධිපතිතුමා මේ අදහස් පළ කළේ ය. ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ, දිවයිනේ සෑම දිස්ත්‍රික්කයක්ම නියෝජනය වන පරිදි පාසල් 25 ක් සඳහා පුස්තකාල පහසුකම් වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතියක් ද ආරම්භ කර ඇති බවයි. ඉතා දුෂ්කර ප්‍රදේශ රැසක දරුවන්ගේ ඉල්ලීම පරිදි ජනාධිපතිතුමාගේ උපදෙස් මත ක්‍රීඩාපිටි රැසක් ද මේ වනවිට සංවර්ධනය කෙරෙමින් පවතින බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ය. |
2020-10-01T06:48:42.000Z | ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට | ඇල්පිටිය ප්‍රා. සභාවේ මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට | COLOMBO (News 1st) - බීමතින් පොලිස් අණ නොතකා යතුරු පැදියක් ධාවනය කළ ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, අද අලුයම 4.00 ට පමණ යතුරු පැදියක් නතර කරන ලෙසට රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් සංඥා කර ඇතත් යතුරු පැදිය නොනවත්වා ධාවනය කර අවස්ථාවේදී සැකකරු අත්අඩංගුවට ගත් බවයි. යතුරු පැදිය පාලනය කර ගැනීමට නොහැකිව පෙරළීමෙන් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා තුවාල ලබා ඇතැයි ද පොලීසිය පැවසීය. ඔහු ඇල්පිටිය රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත ඉදිරිපත් කළ අවස්ථාවේදී වෛද්‍යවරයා වාර්තා කර ඇත්තේ එම පුද්ගලයා බීමත්ව සිට ඇති බවයි. සැකකාර ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා කළ පහරදීමක් හේතුවෙන් පොලිස් නිලධාරියෙකු ද රෝහල්ගත කර ඇති අතර වැටීමෙන් තුවාල ලැබූ සැකකාර මන්ත්‍රීවරයා ද පොලිස් ආරක්ෂාව යටතේ රෝහල්ගත කර ඇතැයි පොලීසිය පැවසීය. |
2020-10-01T05:02:59.000Z | ගාලු කොටුවෙන් හමු වූ ද්‍රව්‍යයන් පෘතුගීසි හෝ ලන්දේසි යුගයට අයත්දැයි සෙවීමට පියවර | ගාලු කොටුවේ කැණීමකදී හමු වූ ද්‍රව්‍ය මොනවා ද? | COLOMBO (News 1st) - ගාලු කොටුවේ සංරක්ෂණ කටයුතු අතරතුර සිදු කළ කැණීමකදී කාර්මික අපද්‍රව්‍ය බවට සැක කෙරෙන ද්‍රව්‍ය සමූහයක් සොයාගෙන තිබේ. පුරාවිද්‍යාඥයින් පැවසුවේ, මෙම ද්‍රව්‍ය අයත් වන්නේ පෘතුගීසි- ලන්දේසි යුග දෙකෙන් කුමන යුගයටදැයි නිරාකරණය කර ගැනීම සඳහා පියවර ගෙන ඇති බවයි. ශ්‍රී ලංකාවට පැමිණි පෘතුගීසීන් ගාල්ලේ ඉදි කරන ලද බලකොටුව අදටත් දැකිය හැකි අතර ගාල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය එතුළ පිහිටුවා තිබේ. බලකොටුවේ ආරක්ෂක මුරකපොලුවලට හා ගබඩාවලට අමතරව ආයුධ නිපදවන කර්මාන්තශාලා ද පිහිටා තිබු බව සඳහන් ය. එම කම්හල්වලින් පිට වූ දුමාරය හේතුවෙන් බලකොටුවේ බිත්ති කළු පැහැ ගැන් වී තිබූ නිසා පෘතුගීසීන්ගෙන් පසු ගාලු කොටුව අල්ලාගත් ලන්දේසීන් මෙම ස්ථානය කළු කොටුව ලෙස හඳුන්වා තිබුණි. ලන්දේසීන් ගාලු කොටුව පුළුල් කිරීමේදී පැරණි කොටුව මුර අට්ටාලයක් බවට පත් කර ඇති අතර පසු කාලීනව විවිධ ඉදි කිරීම් ද සිදු කළේ ය. අනතුරුව ගාලු කොටුව අත්පත් කරගත් ඉංග්‍රීසින් මෙම ගොඩනැගිල්ල සිරගෙයක් බවට පරිවර්තනය කර තිබුණේ 1840 වසරේදීයි. |
2020-10-01T04:40:53.000Z | TRC ලියාපදිංචිය සහිත ජංගම දුරකතන පමණක් මිලදී ගන්නැයි ජනතාවට උපදෙස් | TRC ලියාපදිංචිය ඇති ජංගම දුරකතන පමණක් මිලදී ගන්න | COLOMBO (News 1st) - සිය ලියාපදිංචිය සහිත ජංගම දුරකතන පමණක් අද සිට මිලදී ගන්නැයි විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRC) ජනතාවට දැනුම් දී තිබේ. එහි අධ්‍යක්ෂ ජෙනරාල් ඕෂධ සේනානායක මහතා සඳහන් කළේ, ලියාපදිංචිය නොමැති ජංගම දුරකතනවලට ඇතුළත් කරන සිම්පත් සක්‍රීය නොකරන බවයි. ජංගම දුරකතනයක් මිලදී ගැනීමේදී විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ලියාපදිංචි කර ඇද්දැයි තහවුරු කරගන්නේ කෙසේ ද? මේ, ඊට පිළිතුරු දුන් ඕෂධ සේනානායක මහතා... [audio mp3="https://cdn.newsfirst.lk/sinhala-uploads/2020/10/10-01-OSHADA-SENANAYAKA-02-online-audio-converter.com_.mp3"][/audio] දුරකතන අංකය වෙනස් නොකර, දුරකතන ජාලය පමණක් වෙනස් කළ හැකි නව ක්‍රමවේදයක් සකස් කරන බව ද විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ඕෂධ සේනානායක මහතා වැඩිදුරටත් සඳහන් කළේ ය. [audio mp3="https://cdn.newsfirst.lk/sinhala-uploads/2020/10/10-01-OSHADA-SENANAYAKA-03-online-audio-converter.com_.mp3"][/audio] |
2020-10-01T04:22:04.000Z | ප්‍රථම වරට ශිෂ්‍යත්ව විභාග අපේක්ෂකයින්ට විභාග ප්‍රවේශ පත්‍රයක් | මෙවර ශිෂ්‍යත්ව අපේක්ෂකයින්ට විභාග ප්‍රවේශ පත්‍රයක් | COLOMBO (News 1st) - 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා අයැදුම් කළ සියලු විභාග අපේක්ෂකයින්ට මෙවර ප්‍රථම වරට විභාග ප්‍රවේශ පත්‍රයක් නිකුත් කිරීමට විභාග දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මේ වනවිටත් විභාග ප්‍රවේශ පත්‍ර විදුහල්පතිවරුන් වෙත යවා ඇති බවයි. විභාග ප්‍රවේශ පත්‍රයෙහි විභාග අංකය සහ අයැදුම්කරු විභාගයට පෙනී සිටිය යුතු විභාග මධ්‍යස්ථානය සඳහන් කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය පැවසීය. 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ලබන 11 වැනි ඉරිදා පැවැත්වීමට නියමිතවේ. මධ්‍යස්ථාන 2936 කදී පැවැත්වෙන ශිෂ්‍යත්ව විභාගයට සිසුන් 331,694 දෙනෙකු පෙනී සිටීමට නියමිතය. ඒ අතරින් සිංහල මාධ්‍ය අයැදුම්කරුවන් සංඛ්‍යාව 248,072 ක් වන අතර දෙමළ මාධ්‍ය අයැදුම්කරුවන් සංඛ්‍යාව 83,622 කි. |
2020-10-01T01:15:48.000Z | මිලියන 60 කට අලෙවි කිරීමට තැත්කළ වාලම්පූරි 02 ක් සමග පුද්ගලයින් 04ක් දැලේ | වාලම්පූරි 02 ක් සමග පුද්ගලයින් 04ක් දැලේ | COLOMBO (News 1st) - වාලම්පූරි 02 ක් රුපියල් මිලියන 60 කට අලෙවි කිරීමට තැත්කළ පුද්ගලයින් 04 දෙනෙකු ගාල්ල ඉමදූව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. ඒ කළුතර විශේෂ කාර්ය බලකා සාමාජිකයින්, ඉමදූව පොලීසිය සමග කළ ඒකාබද්ධ මෙහෙයුමකදීය. නුවරඑළිය සහ හැටන් ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙකු, බණ්ඩාරගම පදිංචිකරුවෙකු සමග එක්ව එම වාලම්පූරි විකිණීමට තැත් කර ඇතැයි පොලීසිය සඳහන් කළේය. වාලම්පූරි මිලදී ගැනීමට පැමිණි, මාතර වැලිගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු ද අත්අඩංගුවට ගැනුණි. ඔවුන් අද ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. අදාළ වාලම්පුරි 2 පරීක්ෂා කිරීම සඳහා නාරා ආයතනයට ඉදිරිපත් කිරීමට අධිකරණ නියෝගයක් ලබාගන්නා බව ද පොලීසිය සඳහන් කළේය. |
2020-09-30T23:10:38.000Z | ප්‍රවීණ රංගන ශිල්පී ටෙනිසන් කුරේ මහතාගේ අවසන් කටයුතු අද.. | ටෙනිසන් කුරේගේ අවසන් කටයුතු අද.. | COLOMBO (News 1st) - අභාවප්‍රාප්ත, ප්‍රවීණ රංගන ශිල්පී ටෙනිසන් කුරේ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරු 4.00ට සිදු කිරීමට නියමිතය. ඒ, මොරටුව, මොරටුමුල්ල මෙතෝදිස්ත දේවස්ථාන සුසාන භූමියේදීයි. පස්වරු 2 දක්වා මොරටුව, විල්ලෝරාවත්තේ පිහිටි නිවසේදී දේහයට මහජන ගෞරව දැක්විය හැකිය. ප්‍රහසන රංග කලාවට නැවුම් ආරක් එක් කරමින්, ලාංකීය ජන මනස සිනහවෙන් පිරවූ ටෙනිසන් කුරේ මහතා පසුගිය සඳුදා අභාවප්‍රාප්ත වූයේ කොළඹ ජාතික රෝහලේදීයි. මිය යන විට 68 වන වියෙහි පසුවූ ඔහු, සිනමා පට 150 කට පමණ රංගන දායකත්යවය ලබාදී තිබේ. රංගන ශිල්පියෙකු, තිර රචකයෙකු, චිත්‍රපට නිෂ්පාදකවරයෙකු සහ අධ්‍යක්ෂවරයෙකු ලෙස ටෙනිසන් කුරේ මහතා ඉතිරි කර ගිය කලා නිර්මාණ සමුදාය මෙන් ම ඒ අපූර්ව සිනහව ලාංකිකයින්ගේ හදවත් තුළ සදා රැඳී පවතිනු ඇති. |
2020-09-30T22:49:12.000Z | බණ්ඩාරනායක ගුවන්තොටුපොළේ දෙවන පර්යන්තයේ ඉදිකිරීම් 2023ට පෙර නිම කරන්නැයි ජනපතිගෙන් උපදෙස් | බණ්ඩාරනායක ගුවන්තොටුපොළ ඉදිකිරීම් ගැන ජනපති උපදෙස් | COLOMBO (News 1st) - බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපොළේ දෙවන පර්යන්තයේ ඉදිකිරීම් 2023 අවසන් වීමට පෙර නිම කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ, නිවේදනයක දැක්වෙන්නේ 2014 වසරේ ආරම්භ කළ දෙවන පර්යන්තයේ ඉදිකිරීම් 2017 දී අවසන් කිරීමට සැලසුම් කර තිබූ බවයි. ඉදිකිරීම් සිදු නොවීම නිසා සැලසුමේ බොහෝ අංග වර්තමානයට නොගැලපෙන බව ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ පෙන්වා දී තිබේ. 2023 වසරට ගැලපෙන අයුරින් සියලු තාක්ෂණික පහසුකම් සහිතව සුහුරු ගුවන් පර්යන්තයක් ( Smart Terminal) ලෙස එහි සංවර්ධන කළ යුතු බව ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කර තිබේ. ගුවන් සේවා හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳව ඊයේ (30) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේය. කොවිඩ් වසංගතයත් සමග අන්තර්ජාතික ගුවන් ගමන් අඩාලවීමෙන් ගුවන් තොටුපොළ සහ ගුවන් සේවාවන්ට බලපෑ අහිතකර තත්ත්වය හමුවේ ඉදිරියට ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳවත් දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණි. ගුවන් තොටුපොළ කාර්යයන් අඩපණව තිබීම ප්‍රයෝජනයට ගෙන දිවා රාත්‍රී වැඩකර ඉදිකිරීම් කඩිනමින් අවසන් කරන්නැයි රාජපක්ෂ මහතා උපදෙස් ලබා දී තිබේ. මත්තල ගුවන් තොටුපොළ ජනවාරි සිට මේ දක්වා ගුවන් මෙහෙයුම් 270ක් සිදු කර ඇති අතර ඉන් සේවාව ලැබූ මගීන් සංඛ්‍යාව දොළොස්දහසකට අධික වන බව එම නිවේදනයේ සදහන් වේ. ඉදිරියේ දී ශ්‍රීලංකන් ගුවන් සේවය මත්තල ගුවන් තොටුපොළේ සිට සතියකට ගුවන් වාර 07ක් ක්‍රියාත්මක කිරීමට ද සැලසුම් කර ඇති බව එහිදී අනාවරණය කෙරුණි. |
2020-09-30T22:38:22.000Z | සුරාබදු දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යුහගත කිරීමට ඒකාබද්ධ කමිටුවක් | සුරාබදු දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යුහගත කිරීමට පියවර | COLOMBO (News 1st ) - සුරාබදු දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ඒකාබද්ධ කමිටුවක් පත් කරන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් දී තිබේ. අග්‍රාමාත්‍යවරයා ඒ බව සඳහන් කළේ, සුරාබදු නිලධාරීන්ගේ වෘත්තීය ගැටලු සාකච්ඡා කිරීම සඳහා වෘත්තීය සමිති නියෝජිතයින් සමග ඊයේ අරලියගහ මන්දිරයේ පැවැති සාකච්ඡාවකදීය. එහිදී සුරාබදු නිලධාරීන්ගේ වෘත්තීමය ගැටලු සම්බන්ධයෙන් අවධානය යොමුකළ අග්‍රාමාත්‍යවරයා, දේශපාලන බලපෑම් මත සුරාබදු නිලධාරීන්ට ස්ථාන මාරු ලබා දීම වහාම නතර කර, සුදුසුකම් සම්පූර්ණ කළ නිලධාරීන්ට පමණක් ස්ථාන මාරු ලබා දෙන්නැයි උපදෙස් ලබාදී තිබේ. ඒ අනුව ප්‍රතිලාභ ලබන ස්ථානවල සේවය කරන සුරාබදු නිලධාරීන් ස්ථාන මාරු ක්‍රමවේදයට අනුව නියමිත කාලයට මාරු කිරීමට පියවර ගන්නැයි ද අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර තිබේ. |
2020-09-30T20:55:55.000Z | දිවයිනේ ප්‍රදේශ කිහිපයකට තද සුළං.. | දිවයිනේ ප්‍රදේශ කිහිපයකට තද සුළං.. | COLOMBO (News 1st) - බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. වයඹ පළාතේ සිහින් වැසි වාර කිහිපයක් ඇති විය හැකි අතර උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රීකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් විටින් විට හමන පැයට කිලෝමීටර් 40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය . |
2020-09-30T20:54:15.000Z | ලෝක වැඩිහිටි දිනය අදයි | ලෝක වැඩිහිටි දිනය අදයි | COLOMBO (News 1st) - වසංගත හමුවේ වැඩිහිටි අභියෝග යන තේමාවෙන් ලෝකයම අද වැඩිහිටි දිනය සමරන්නේ ලෝක ජනගහනයෙන් මිලියන 37 ක් වැඩිහිටියන් ලෙස පිළිගන්නා පසුබිමකදීය. කොරෝනා වසංගතයත් සමග මෙම වසරේ ලෝකයට අහිමි වූ වැඩිහිටි ජනගහනය, අති විශාලයි. ලෝකය සංවර්ධන ඉලක්ක කරා යාමේදී වැඩිහිටි ජනගහනය කියන්නේ කේන්ද්‍රීය සාධකයකි. මේ වෙද්දි ලංකාවේ ජනගහනයෙන් 16.4% ක් වැඩිහිටියන් වේ. ඉදිරියේදී මෙරට ජනගහනයෙන් හතරෙන් එකක්, වැඩිහිටියන් විය හැකි බව වැඩිහිටි ලේකම් කාර්යාලය සඳහන් කළේය. |
2020-09-30T20:44:57.000Z | භෞතික සහ මානසික දරිද්‍රතාව දුරු කළ පුරවැසියන් වාසය කරන රටක් ගොඩනැගීම ඒකායන අපේක්ෂාවයි - ජනපති | ලෝක ළමා දිනයට ජනපතිගෙන් සුබ පැතුම්! | COLOMBO (News 1st) - භෞතික සහ මානසික දරිද්‍රතාව දුරු කළ පුරවැසියන් වාසය කරන රටක් ගොඩනැඟීම, තම ඒකායන අපේක්ෂාව බව ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේ, ලෝක ළමා දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමිනි. රටේ අනාගත වත්කම වන දරු පරපුර දැනුමෙන් පෝෂණය කර කුසලතා වර්ධනය සඳහා අවස්ථාව දීම, ජාතියේ වගකීමක් බව ජනාධිපතිතුමා සඳහන් කළේය. දරුවන්ගේ කායික සහ මානසික පෝෂණය සේම යහ පැවැත්ම තහවුරු කිරීම, ප්‍රමුඛ කාලීන අවශ්‍යතාවකි. රටක් ජාතික හෝ ජාත්‍යන්තර සංවර්ධන නිර්නායක කොතෙක් දුරට ළඟා කර ගත්ත ද, සමාජය මානව දයාව සහිත මිනිසුන්ගෙන් තොර නම් එය පතිරූප දේශයකැයි තමා විශ්වාස කරන බව ද ජනාධිපතිතුමා පැවසුවේය. එවන් රටක් ගොඩනැගීමට ගුණ නැණ මෙන්ම ශිල්පීය වශයෙන් ද භාෂා ඥානයෙන් ද දරු පරපුර ශක්තිමත් කළ යුතු බව ජනාධිපතිතුමා අවධාරණය කළේය. මෙවර ළමා දිනයේ තේමාව, "අපේ රට අපේ දෑතින්" යන්නයි. මේ වන විට ලොව පුරා සිටින ළමා ජනගහනය බිලියන 1.9 ඉක්මවයි. ශ්‍රී ලංකාවේ ළමා ජනගහනය මිලියන 4.3 කට අධිකයි. |
2020-09-30T19:33:29.000Z | ගෙවුණු දවස උණුසුම් කළ පුවත්… | ගෙවුණු දවස උණුසුම් කළ පුවත්… | දේශීය පුවත් 1. හිටපු ජනපතිට එරෙහිව CID යට පැමිණිල්ලක් : අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව කතෝලික විභාවනය නම් සංවිධානයක් ඊයේ පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) පැමිණිල්ලක් කර තිබේ. 2. සභාපතිට එරෙහිව මන්ත්‍රීවරු වහල උඩ... : හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට පවතින චෝදනා පිළිබඳව නිසි විමර්ශනයක් පවත්වන්නැයි ඉල්ලමින් ඊයේ සභාවේ මන්ත්‍රීවරුන් පිරිසක් ඌව පළාත් සභාවේ වහල මත නැගී විරෝධතාවක නිරත විය. 3. සහරාන්ගේ ක්‍රියාකාරකම් ගැන 2017 සිට බුද්ධි අංශ තමන්ව දැනුවත් කර තිබුණා.. – පූජිත් ජයසුන්දර : අප්‍රේල් 21 ප්‍රහාරය විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ යළිත් සාක්ෂි දෙමින් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා කියා සිටියේ, සහරාන් හෂීම්ගේ ක්‍රියාකාරකම් පිළිබඳව 2017 වසරේ සිට රාජ්‍ය බුද්ධි අංශ තමන් දැනුවත් කර තිබූ බවයි. 4. 20 ගැන අස්ගිරි මහ නාහිමියන්ගෙන් අනතුරු ඇඟවීමක්... : 20 වැනි සංශෝධනය පිළිබඳව සොයා බැලූ කමිටුවේ සංශෝධනවත් එය සම්මත කර ගැනීමට පෙර සිදු නොකළොත් ගැටලු සහගත තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බවට සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවය ඊයේ අනතුරු ඇඟවීමක් කර තිබේ. විදෙස් පුවත් 5. කුවේටයේ රජු ෂෙයික් අල් සබා මියයයි : කුවේටයේ රජු වන ෂෙයික් සබා අල් අහමඩ් අල් සබා මිය ගොස් ඇතැයි, විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය. |
2020-09-30T09:26:21.000Z | සභාපතිට එරෙහිව මන්ත්‍රීවරු වහල උඩ... | සභාපතිට එරෙහිව මන්ත්‍රීවරු වහල උඩ... | COLOMBO (News 1st) - හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට පවතින චෝදනා පිළිබඳව නිසි විමර්ශනයක් පවත්වන්නැයි ඉල්ලමින් අදත් සභාවේ මන්ත්‍රීවරුන් පිරිසක් ඌව පළාත් සභාවේ වහල මත නැගී විරෝධතාවක නිරත විය. හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාවේ සභාපතිට විරෝධය පළ කරමින් මෙම මන්ත්‍රීවරුන් විරෝධතාවයේ නිරත වූයේ පසුගිය සතියේ සිටයි. ඌව පළාත් සභාව ඉදිරිපිට පැවති මෙම විරෝධතාවට නිසි විසඳුමක් නොලැබුණු බව පවසමින් ඔවුන් අද වහලය මත නැගී විරෝධයක් ආරම්භ කළහ. හල්දුම්මුල්ල පොලිස් නිලධාරීන් එම ස්ථානයට පැමිණි පසු විරෝධතාවයේ නිරත පිරිස විසිර ගිය බව අප වාර්තාකරු පැවසුවේ ය. https://www.facebook.com/NewsfirstSL/videos/654519935463006/ |
2020-09-30T09:05:16.000Z | සහරාන්ගේ ක්‍රියාකාරකම් ගැන 2017 සිට බුද්ධි අංශ තමන්ව දැනුවත් කර තිබුණා.. - පූජිත් ජයසුන්දර | පූජිත් ජයසුන්දර සහරාන් ගැන කළ හෙළිදරව්ව | COLOMBO (News 1st) - අප්‍රේල් 21 ප්‍රහාරය විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ යළිත් සාක්ෂි දෙමින් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා කියා සිටියේ, සහරාන් හෂීම්ගේ ක්‍රියාකාරකම් පිළිබඳව 2017 වසරේ සිට රාජ්‍ය බුද්ධි අංශ තමන් දැනුවත් කර තිබූ බවයි. සමාජ මාධ්‍යවල ප්‍රජාතන්ත්‍රවාදය හා අධිකරණය විවේචනය කරමින් අන්තවාදී කරුණු ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් මෙම දැනුවත් කිරීම් කෙරුණු බව ඔහු පැවසුවේ ය. ජයසුන්දර මහතා සඳහන් කළේ, මුල සිටම මෙම ප්‍රශ්නයේ ඇති බැරෑරුම්කම තමන් තේරුම්ගෙන සිටි බවය. නමුත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජාතික ආරක්ෂක මණ්ඩලයේ රැස්වීමකදී පොලිස්පතිවරයා යටතේ නැති රාජ්‍ය බුද්ධි සේවයට මෙම ක්‍රියාකාරකම් පිළිබඳව පරීක්ෂණ කිරීමේ වගකීම පැවරූ බව හිටපු පොලිස්පතිවරයා පැවසුවේ ය. ඔහු කියා සිටියේ, මෙම ප්‍රශ්නයේ ඇති බරපතලකම පිළිබඳව මෛත්‍රීපාල සිරිසේන මහතාට හැඟවීමට නොහැකි වූ බවයි. මැතිවරණ සමයේ සහරාන් හා ඔහුගේ කණ්ඩායම කලහකාරී තත්ත්වයක් ඇතිකිරීමේ ඉඩක් ඇතැයි 2018 නොවැම්බර් මාසයේ හිටපු රාජ්‍ය බුද්ධි අංශයේ අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා තමන්ට දැනම්දී තිබූ බව ද පූජිත් ජයසුන්දර මහතා කියා සිටියේ ය. මේ අතර සහරාන් හෂීම්ගේ ෆේස්බුක් ගිණුම අවහිර කරන ලෙස ත්‍රස්ත විමර්ශන කොට්ඨාසට කළ ඉල්ලීමක් පිළිබඳ ලේඛනද අද කොමිසමට ඉදිරිපත් කළේ ය. https://www.facebook.com/NewsfirstSL/videos/338282463950188/ |
2020-09-30T08:51:57.000Z | හිටපු ජනපතිට එරෙහිව CID යට පැමිණිල්ලක් | හිටපු ජනපතිට එරෙහිව CID යට පැමිණිල්ලක් | COLOMBO (News 1st) - අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව කතෝලික විභාවනය නම් සංවිධානයක් අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) පැමිණිල්ලක් කර තිබේ. එම සංවිධානය පැමිණිල්ල පිළිබඳව මාධ්‍යයට නිකුත් කළ නිවේදනයක සඳහන් වූයේ, පෙරේදා ජනාධිපතිවරයාගේ පෞද්ගලික ලේකම්වරයෙකු සහ සෙසු නිලධාරීන් සමග පැවති සාකච්ඡාවේ ප්‍රතිඵලයක් ලෙස පැමිණිල්ල ඉදිපත් කරන බවයි. කතෝලික විභාවනය සංවිධානයේ සභාපති චිරන්ත අමරසිංහ, මූලික වරදකරුවන් දෙදෙනා විතරයි අල්ලගෙන ඉන්නේ මූලික වරදකරු අත්අඩංගුවට අරගෙන නෑ. ඒ සම්බන්ධයෙන් ඊයේ සාකච්ඡාවක් පැවැත්වුවා ඒ ප්‍රකාරව අපිට අනාවරණ වුණ කරුණු අනුව අවශ්‍ය කටයුතු සිදු කිරීම සඳහා මෛත්‍රීපාල සිරිසේන මහතාට විරුද්ධව හිටපු ජනාධිපතිවරයාට විරුද්ධව අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පැමිණිල්ලක් ගොනු කරනවා https://www.facebook.com/NewsfirstSL/videos/794844674664356/ |
2020-09-30T07:58:31.000Z | රජයේ පාසල්වල දෙවන පාසල් වාරයේ නිවාඩුව ඔක්තෝබර් 09 වැනිදා සිට | දෙවන පාසල් වාරයේ නිවාඩුව ඔක්තෝබර් 09 වැනිදා සිට | COLOMBO (News 1st) - රජයේ පාසල් සහ රජය අනුමත පෞද්ගලික පාසල්වල දෙවන පාසල් වාරයේ නිවාඩුව ලබන ඔක්තෝබර් 9 වැනි සිකුරාදා සිට ආරම්භ කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි. එම අමාත්‍යාංශය සඳහන් කළේ, තෙවැනි පාසල් වාරය නැවත ආරම්භ වන්නේ 2020 නොවැම්බර් මස 09 වැනි සඳුදා සිට බවයි. |
2020-09-30T08:37:13.000Z | 20 ගැන අස්ගිරි මහ නාහිමියන්ගෙන් අනතුරු ඇඟවීමක්... | 20 ගැන අස්ගිරි මහ නාහිමියන්ගෙන් අනතුරු ඇඟවීමක් | COLOMBO (News 1st) - 20 වැනි සංශෝධනය පිළිබඳව සොයා බැලූ කමිටුවේ සංශෝධනවත් එය සම්මත කර ගැනීමට පෙර සිදු නොකළොත් ගැටලු සහගත තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බවට සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවය අද අනතුරු ඇඟවීමක් කර තිබේ. ඒ, හිටපු කතානායක කරූ ජයසූරිය මහතා ඇතුළු පිරිසක් අද අස්ගිරි පාර්ශවයේ මහානාහිමියන් සහ කාරක සංඝ සභාවේ සාමාජික හිමිවරුන් කිහිප නමක් බැහැදුටු අවස්ථාවේදීය. කරූ ජයසූරිය මහතා සියම් මහානිකායේ අස්ගිරි පාර්ශවයේ මහනාහිමියන් මෙලෙස බැහැදුටුවේ සාධාරණ සමාජයක් උදෙසා වූ ජාතික ව්‍යාපාරයේ සභාපතිවරයා ලෙසිනි. පිරිස මල්වතු පාර්ශ්වයේ මහානාහිමියන් ද බැහැදැක 20 වැනි සංශෝධනය පිළිබඳ සිය ස්ථාවරය පැහැදිලි කර තිබේ. https://www.facebook.com/NewsfirstSL/videos/2819072184994414/ |
2020-09-30T07:04:08.000Z | ගැටලු සොයන්න අගමැති විරෝධතාවක් අතරට... | ගැටලු සොයන්න අගමැති විරෝධතාවක් අතරට... | COLOMBO (News 1st) - අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද පෙරවරුවේ මොරටුව, රාවතාවත්ත ප්‍රදේශයෙන් ගමන් කරන අතරවාරයේ විරෝධතාවක් පැවති ස්ථානයකට පැමිණ ගැටලුව විමසා තිබේ. රාවතාවත්ත, රෝමානු කතෝලික විද්‍යාලයේ දරුවන්ගේ දෙමව්පියන් ඇතුළු පිරිසක් මේ විරෝධතාව පැවැත්වූයේ මීට පෙර සිටි විදුහල්පතිවරයා නැවත පත් කරන ලෙස ඉල්ලමිනි. විරෝධතාවයේ නිරත දෙමාපියන් තම ගැටලු සම්බන්ධයෙන් ලිපි කිහිපයක් ද අග්‍රාමාත්‍යවරයාට භාර දුන්නේ ය. https://www.facebook.com/NewsfirstSL/videos/775449603245500/ |
2020-09-30T06:36:28.000Z | "ඉන්දීය සාගරය සියලු රටවලට විවෘත හා නිදහස් කලාපයක් විය යුතුයි" - ජනපති අවධාරණය කරයි | "ඉන්දීය සාගරය විවෘත හා නිදහස් කලාපයක් විය යුතුයි" | COLOMBO (News 1st) - ඉන්දීය සාගරය සියලු රටවලට විවෘත හා නිදහස් කලාපයක් විය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේ, අද පෙරවරුවේ ජනාධිපති මන්දිරයේදී නව තානාපතිවරුන් සිව්දෙනෙකු අක්තපත්‍ර භාරදුන් අවස්ථාවේදීය. කොරියානු ජනරජය, ජර්මනිය, වතිකානය සහ ස්විට්සර්ලන්ත යන රාජ්‍යයන්හි නව තානාපතිවරු අද ජනාධිපතිවරයා හමුවී අක්තපත්‍ර භාර දී තිබේ. නව තානාපතිවරුන් සිව්දෙනාම කොවිඩ් 19 වසංගතය සාර්ථකව පාලනය කිරීම පිළිබඳව ජනාධිපතිතුමාට සිය ප්‍රසාදය පළ කර ඇත. ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ, ඉන්දීය සාගරය සාම කලාපයක් කළ යුතු බවට දශක පහකට පමණ පෙර ප්‍රථමයෙන් යෝජනා කළේ ශ්‍රී ලංකාව බව ජනාධිපතිවරයා නව තානාපතිවරුන් හමුවේ ප්‍රකාශ කළ බවයි. අන්නෝන්‍ය ප්‍රතිලාභ සහිත සංවර්ධන සහයෝගිතාව ප්‍රමුඛ කොට සළකන බව සිහිපත්කර ඇති ජනාධිපතිවරයා උපාය මාර්ගික වැදගත්කමක් සහිත ස්ථානයක පිහිටා ඇති ශ්‍රී ලංකාව තෝරාගෙන ඇත්තේ මධ්‍යස්ථ විදේශ ප්‍රතිපත්තියක් බව ද අවධාරණය කර තිබේ. ඒ හේතුවෙන් ශ්‍රී ලංකාව බොහෝ රාජ්‍යයන්ගේ ආකර්ශනයට ලක් ව ඇතැයි ද ජනාධිපතිතුමා වැඩිදුරටත් පැවසු බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය. https://www.facebook.com/NewsfirstSL/videos/701449580727556/ |
2020-09-30T06:14:40.000Z | රත්මලානේ 'අංජු'ගේ ගෝලයෙක් හෙරොයින් සමග අත්අඩංගුවට | 'අංජු'ගේ ගෝලයෙක් අත්අඩංගුවට | COLOMBO (News 1st) - දැනට විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික රත්මලානේ 'අංජු' නැමැත්තාගේ ගෝලයෙකු හෙරොයින් ජාවාරමේ යෙදී සිටියදී අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, රත්මලාන දුම්රිය ස්ථානය අසළදී පොලිස් විශේෂ කාර්ය බලකාය කළ වැටලීමකදීය. ඔහු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 21 යි මිලිග්‍රෑම් 500 ක් පොලිස් භාරයට ගෙන ඇත. සැකකරු වැඩිදුර පරීක්ෂණ සඳහා ගල්කිස්ස පොලීසියට භාර දී තිබේ. |
2020-09-30T05:56:02.000Z | කටානේ ව්‍යාපාරිකයකුගේ නිවසක මුදල් කොල්ලයක් | කටානේ ව්‍යාපාරිකයකුගේ නිවසක මුදල් කොල්ලයක් | COLOMBO (News 1st) - කටාන, අක්කර 50 ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ නිවසක රුපියල් කෝටි 3 කට අධික මුදල් කොල්ලයක් සිදුව තිබේ. පොලීසිය සඳහන් කළේ, මුහුණු ආවරණ පැළද ගිනි අවියක් අතැතිව පැමිණි සැකකරුවන් 5දෙනෙකු නිවැසියන් බියගන්වා මුදල් කොල්ල කා පළාගොස් ඇති බවයි. සැකකරුවන් අද උදෑසන 9.30 ට මෝටර් රථයකින් පැමිණ මෙම කොල්ලය සිදු කර ඇත. කොල්ලය සිදුවන අවස්ථාවේදී මුරකරු සහ ව්‍යාපාරිකයා නිවසේ සිටි බව පොලීසිය පැවසීය. පළාගිය සැකකරුවන් සොයා කටාන පොලීසිය විමර්ශන ආරම්භ කර ඇත. https://www.facebook.com/NewsfirstSL/videos/329481834793172/ |
2020-09-30T05:17:58.000Z | සජිත් ප්‍රේමදාසගේ මහජන හමුවට ගල් ප්‍රහාර එල්ල කළ දෙදෙනෙකු අත්අඩංගුවට | සජිත්ගේ මහජන හමුවට ගල් ගැසූ දෙදෙනෙකු අත්අඩංගුවට | COLOMBO (News 1st) - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහභාගී වූ මහජන හමුවකට ගල් ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, අද අලුයම ගල්කිස්ස, රෂ්ටම්වත්ත ප්‍රදේශයේදී එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බවයි. අනෙක් සැකකරු ගල්කිස්ස පොලීසියට භාරවීමෙන් අනතුරුව අද උදෑසන අත්අඩංගුවට ගැනුණි. ඔවුන් අවුරුදු 21 සහ 40 වයස්වල පසුවන ගල්කිස්ස, රෂ්ටම්වත්ත ප්‍රදේශයේම පදිංචිකරුවන් ය. විපක්ෂ නායකවරයා සහභාගී වූ ජන හමුවකට එලෙස ගල් ප්‍රහාර එල්ල කර තිබුණේ ඊයේ රාත්‍රී 9.45 ට පමණය. ඉන් කිසිවෙකුටත් තුවාල සිදුව නොමැති බව පොලීසිය පැවසීය. |
2020-09-30T04:32:52.000Z | COVID මාරයා දිනෙන් දින මිනිස් ජීවිත බිලිගත් හැටි | මිලියනයක් ජීවිත බිලි ගත් COVID - 19 | COLOMBO (News 1st) : පසුගිය වසරේ චීනයෙන් වූහාන් නගරයෙන් ව්‍යාප්තිය ආරම්භ වූ COVID - 19 වෛසරය කිසිවෙකුත් නොසිතූ පරිදි ඉතා කෙටි කාලයක් තුළ ගෝලීය වසංගතයක් බවට පත්ව තවදුරටත් මිනිස් ජීවිත බිලි ගනිමින් සිටී. මේ වන විට COVID - 19 මාරයා බිලිගත් මිනිස් ජීවිත සංඛ්‍යාව දස ලක්ෂය පසු කර ගොසිනි. වෛරසයේ මූලාරම්භය කුමක් ද? යන්නට මෙතෙක් ලෝකයම පිළිගන්නා නිශ්චිත පැහැදිලි පිළිතුරක් නොමැති සේම වෛරසයේ අවසානය කවදාද යන්නට ද කිසිවෙකු ළඟ පිළිතුරක් නොමැත. වෛරසය සම්පූර්ණයෙන් තුරන් කිරීමට නිසි එන්නතක් සොයා ගන්නා තුරු ලෝකවාසී ජීවිත බිලි ගනිමින් වසංගතය තවදුරටත් පැතිරෙමින් යනු ඇති. ආරම්භයේ සිට අද දක්වා කොරෝනා වෛරසයට ලෝකය නතු වූ ආකාරය සහ මිනිස් ජීවිත බිලි වූ ආකරය පිළිබඳ සටහනක් පහතින්..... චීනයෙන් වාර්තා වූ පළමු මරණය පසුගිය වසරේ අවසන් කාලයේදී වෙනස් ආකාරයේ වෛරසයක් පිළිබඳ චීනයෙන් වාර්තා වන්නට වූ අතර ජනවාරි 11 වැනි දා චීනයෙන් පළමු කොරෝනා මරණය වාර්තා විය. චීන සෞඛ්‍ය බලධාරීන් පැවසුවේ, වෛරසය ආසාදිත 61 හැවිරිදි පුද්ගලයෙකු එලෙස ජීවිතක්ෂයට පත්වූ බවයි. පසුව චීන විශේෂඥයින් රෝගී තත්ත්වය කොරෝනා ගනයේ වෛරසයක් ලෙස හඳුනා ගත් අතර වෛරසය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන බවට ද තොරුතුරු වාර්තා වන්නට විය. චීන වැසියන් ලහි ලහියේ අලුත් අවුරුදු උදාවට සූදානම් වූ අතර වෛරසය පිළිබඳ වැඩි අවධානයක් යොමු නොවී ය. සිතූ පරිදි අවුරුදු සමරන්නට COVID - 19 වෛරසය චීන වැසියන්ට අවස්ථාව ලබා නොදුන් අතර මෙම කාලය තුළ වෛරසය ශීඝ්‍රයෙන් පැතිරී යන්නට විය. රෝගය පැතිරෙන්නේ කෙසේ ද යන්න පිළිබඳව පැහැදිලි නොවූ අතර මුල් අවස්ථාවේ චීන සෞඛ්‍ය බලධාරීන් පැවසුවේ, මිනිසාගෙන් මිනිසාට වෛරසය බෝ වන බවට සාධක නොමැති බවයි. එහෙත් දින කිහිපයක් ඇතුළත ලෝක සෞඛ්‍ය සංවිධානය චීන දෙසට අවධානය යොමු කරමින් තත්ත්වය ඉතා සමීපව නිරික්ෂණය කරන්නට වූ අතර වෛරසය එක් අයෙකුගෙන් තවත් අයෙකුට බෝ වන බව තහවුරු විය. COVID - 19 මරණ 100යි පසුගිය ජනවාරි මාසය අවසන් වන විට චීනයෙන් වාර්තා වූ මරණ සංඛ්‍යාව 100 ඉක්මවා ගිය අතර වෛරස ව්‍යාප්තිය සටහන් වූ වූහාන් නගරයෙන් පිට ද මරණ වාර්තා වන්නට විය. පසුව ලොව රටවල් 16කින් පමණ ආසාදිතයින් වාර්තා වූයේ, වෛරසයේ ගෝලීය ව්‍යාප්තිය සනිටුහන් කරමිනි. ඇතැම් රටවල් වූහාන්හි සිටින තම වැසියන් යළි ගෙන්වා ගැනීම සඳහා ගුවන් යානා පිටත් කර හැරි අතර අමෙරිකාව දැනුම් දුනනේ, අමෙරිකානුවන්ට චීනයේ සංචාරය කිරීමේදී සැලකිලිමත් විය යුතු ලෙසයි. ව්‍යාප්තියේ කේන්ද්‍රය වූ වූහාන් නගරය සහ හුබෙයි පළාත වහාම ක්‍රියාත්මක වන පරිදි වසා දැමීමට ක්‍රියා කළ බලධාරීන් එහි ප්‍රවාහනයට ද සීමා පනවමින් ජනතාව නිවෙස් තුළට සීමා කිරීමට පියවර ගත්තේ ය. ඒ වන විට චීනයේ ඇතැම් නගර වැසියන්ට ද මුව ආවරණ පැළඳීම අනිවාර්ය කර තිබිණ. වූහාන්හි සංචාරය කළ 50 හැවිරිදි පුද්ගලයෙකු වෛරස ආසාදනයෙන් මියගිය පළමු බීජිං වැසියා ලෙස වාර්තා අතරට එක්විය. එන්න එන්නම තත්ත්වය දරුණු වන්නට වූ අතර ජනවාරි 30 වනදා ලෝක සෞඛ්‍ය සංවිධානය මෙම වසංගතය පැතිරීම ගෝලීය හදිසි තත්ත්වයක් ලෙස ප්‍රකාශයට පත් කළේ ය. COVID -19 මරණ 1000 පසු කරයි පෙබරවාරි 10 වැනි දා වන විට කොරෝනා වසංගතය බිලි ගත් ජීවිත සංඛ්‍යාව 1,000ක් වූ අතර බොහෝ රටවලින් කොරෝනා ආසාදිතයින් පිළිබඳ තොරතුරු වාර්තා වන්නට විය. ඒ වනවිටත් මුළු ලෝකයේ ම අවධානය යොමු වී තිබුණේ, වෛරස ව්‍යාප්තියේ දැඩි බලපෑමකට ලක්වෙමින් තිබූණේ චීනයටයි. ලෝකයම චීනය දෙස බලා සිටිද්දී COVID - 19 මාරයා කෙමෙන් ලෝකයේ අනෙකුත් රටවල්වලට ව්‍යාප්ත විය. රටවල් 27කින් පමණ වෛරස ආසාදිතයින් වාර්තා වූ අතර පළමු වරට පිලිපීනයෙන් සහ හොංකොං දේශයෙන් ද COVID - 19 මරණ වාර්තා වන්නට විය. පෙබරවාරි මාසයේ අවසන් භාගය වනවිට ලෝකයේ අවධානය ජපානය දෙසට යොමු වූයේ, Diamond Princess නෞකාවේ සිටි මගීන් සිය ගණනක් කොරෝනා ආසාදිතයින් බව තහවුරු වීමත් සමගයි. ජීවිතක්ෂයට පත් බ්‍රිතාන්‍ය ජාතික පළමු Covid-19 ආසාදිතයා හමුවන්නේ ද මෙම නෞකාවෙනි. කොරෝනා වෛරසය Covid-19 ලෙස නම් කරනු ලබන්නේ මෙම කාල සීමාවේදීයි. කොරෝනා මරණ 10,000 පනී මේ අතර මාර්තු මාස 10 වැනි දා වන විට ගෝලීය කොරෝනා මරණ සංඛ්‍යාව 10000 ඉක්මවා යන්නේ, වෛරස ව්‍යාප්තියේ අවධානය යුරෝපය දෙසට යොමු කරවමිනි. ඒ වනවිට ලෝකය පුරා වාර්තා වී තිබූ මරණ සංඛ්‍යාවෙන් අඩක්ම යුරෝපයෙන් වාර්තා වූයේ, වෛරසයේ දරුණු බව තවත් ත්‍රීව්‍ර කරමිනි. මුල් අවස්ථාවේ ඉතාලිය කොරෝනා වසංගතයේ දරුණුම ගොදුර බවට පත්වූයේ ඉතාලි වැසියන් 4000කට වැඩි පිරිසකට මරණය උරුම කර දෙමිනි. පසුව වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා දැඩි සීමා පනවමින් රට වසා දැමීමට ඉතාලි බලධාරීහු ක්‍රියා කළහ. මේ වනවිට චීනයේ වෛරස ව්‍යාප්තිය කෙමෙන් අවම වන්නට වූ අතර ලෝකයේ අනෙකුත් රටවල් වෙත එය ව්‍යාප්ත වූයේ, අතිශය දරුණු ලෙසිනි. ඒ වන විට තහවුරු කර ගන්නා ලද කොරෝනා ආසාදිතයින් 250,000ක් පමණ වාර්තා වී තිබූ අතර ආසාදිතයෝ 80,000 ක් සුවය ලැබූහ. මාර්තු 24 වනවිට බ්‍රිතාන්‍යය වසා දැමීමට ආග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් තීරණය කළ අතර ඒ වනවිට එරට මරණ සංඛ්‍යාව 300 ඉක්මවා තිබිණ. කොරෝනා මරණ ලක්ෂය පනී අප්‍රේල් මාසයේ මුල් භාගය වන විට COVID 19 මාරයා බිලි ගත් මිනිස් ජීවිත සංඛ්‍යාව ලක්ෂය ඉක්මවා ගියේ, මුව ආවරණ පැළඳීම, රටවල් වසා දැමීම ඇතුළු ක්‍රියාමාර්ග අනුගමනය කරමින් බලධාරීන් දැඩි ප්‍රයත්නවල නිරතව සිටයදී ය. අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අමෙරිකානුවන් 100,000 කට වෛරසයෙන් ජීවිත අහිමි වන බව පැවසුව ද ට්‍රම්ප් පරිපාලනය වෛරස පාලනය කිරීමට කඩිනමින් පියවර නොගත් බවට පසුව විවිධ පාර්ශ්වවලින් චෝදනා එල්ල වන්නට විය. අප්‍රේල් මුල් භාගය වනවිට ලොව තනි තනි රටවලින් වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාවට වඩා වැඩි ආසාදිතයින් සංඛ්‍යාවක් නිව්යෝර්ක් නරගයෙන් වාර්තා වීම තුළ අමෙරිකාවේ වෛරස ව්‍යාප්තියේ වේගය අවබෝධ කර ගත හැකි ය. බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වූ අතර දැඩි සතාකාර ඒකකයෙන් පිටත් වූයේ, අප්‍රේල් 9 වන දා ය. බ්‍රිතාන්‍යයේ ආසාදිතයින් සංඛ්‍යාව 70,000 ක් වූ අතර ඒ වනවිට ආසාදිතයින් 9,000කට ජීවිත අහිමි වී තිබිණ. කොරෝනා මරණ ලක්ෂ 5 පනී ජුනි මාසය අවසන් වන විට කෝවිඩ් 19 මරණ සංඛ්‍යාව 500,000 ක් බවට පත්වූයේ, වෛරස ව්‍යාප්තියේ තරම සහ ප්‍රබලත්වය යළි යළිත් කියාපාමිනි. ඒ වන විට ලොව බොහෝ රටවල් වසා දමා තිබූ අතර සියලු දෙනා පාහේ නිවෙස් තුළ හුදකලා කරන්නට තරම් තත්ත්වයට මෙම මාරාන්තික වෛරසය ප්‍රබල වී තිබිණ. කෙසේ වෙතත් පසුව ලොව සීමා කිරීම් ලිහිල් කරමින් ක්‍රමක්‍රමයෙන් රටවල් යළි විවෘත කරමින් ජනතාවට සිය කටයුතු සඳහා ප්‍රවේශවීමට අවස්ථාව සලසා දුන්නේ, කුටුම්භයට කොටු වූ ජීවන රටාව තවදුරටත් පවත්වා ගැනීම ප්‍රායෝගික නොවු නිසා ය. මෙම කාල පරිච්ඡේදය වනවිට යුරෝපය සහ අමෙරිකාව Covid-19 වසංගතයේ අතිශය දරුණු බලපෑමට ලක්ව තිබූ අතර වෛරසය අප්‍රිකානු කලාපයට ද පැතිරෙන්නට විය. කෙසේ වෙතත් රටවල් සීමා ලිහිල් කිරීම්වලට ලෝක සෞඛ්‍ය සංවිධානය එකඟත්වය පළ නොකළ අතර එහි බලධාරීන් කියා සිටියේ, වෛසර ව්‍යාප්තිය පාලනය කිරීමට රටවල් නිවැරදි ප්‍රතිපත්තීන්හි අනුගමනය කළ යුතු බවයි. කොරෝනා මරණ ලක්ෂ 10 පනී සැප්තැම්බර් මාසය අවසන් වන විට කොරෝනා ආසාදිතයින් මිලියනයක් ජීවිතක්ෂයට පත් වන්නේ, අමෙරිකාව, ඉන්දියාව සහ බ්‍රසීලය පිළිවෙළින් පළමු දෙවැනි හා තෙවැනි ස්ථානවල තබමිනි. මේ වනවිට වාර්තා වී ඇති ආසාදිතයින් සංඛ්‍යාව කෝටි 3 ඉක්මවා ගොස් ඇති අතර කෝටි 2 කට වැඩි ආසාදිතයින් සංඛාවක් කොරෝනා පරදා ජීවිත ජයගෙන තිබේ. ශ්‍රී ලංකාවේ COVID - 19 තත්ත්වය ශ්‍රී ලංකාව මේ වන විට COVID - 19 වසංගතය සාර්ථකව පාලනය කර ඇති අතර මේ වනවිට රෝගීන් වාර්තා වන්නේ, විදෙස් රටවල සිට පැමිණෙන පුද්ගලයින් අතරින් පමණි. මේ දක්වා ආසාදිතයින් 3374 දෙනෙකු මෙරටින් වාර්තාවී ඇති අතර සුවය ලබා ඇති සංඛ්‍යාව 3230කි. ලෝක ප්‍රබලයින් බිමට ඇද දමා තිබියදී වසංගත තත්ත්වය සාර්ථකව පාලනය කරමින් සාමාන්‍ය ජීවන රටාව ආරක්ෂිතව පවත්වා ගැනීමට හැකියාව ලැබී ඇත්තේ, සෞඛ්‍ය අංශ, ආරක්ෂක අංශ ඇතුළු පිරිස් තවදුරටත් සිදුකරන නොනිමි කැප කිරීම් නිසාවෙන් බව බොහෝ දෙනාගේ අදහසයි. ලෝක නායකයින් පවා ලෙඩ ඇඳට ඇද දැමූ COVID - 19 වංසගතයෙන් තොරව නිදහසේ හුස්ම ගන්නට ලෝ වැසියාට හැකිවන්නේ කවදා ද? අනාවැකි කියන්නට මේ වන තෙක් කිසිවෙකුටත් හැකියාවක් නොමැත. අද වනවිට ලෝවැසි සියලු දෙනාට සිදුව ඇත්තේ, COVID 19 වසංගතය සමග ජීවත් වන්නටයි. |
2020-09-30T01:25:33.000Z | අය වැය යෝජනා නොවැම්බර් මස 17 පාර්ලිමේන්තුවට | අය වැය යෝජනා නොවැම්බර් මස 17 පාර්ලිමේන්තුවට | COLOMBO (News 1st) - ලබන වසර සඳහා වන අය වැය යෝජනා ලබන නොවැම්බර් මස 17 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. මුදල්, ප්‍රාග්ධන වෙළෙඳපොළ හා රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසනවා මේ බව සඳහන් කළේ, අද කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි. |
2020-09-30T01:06:34.000Z | වෙබ් මාධ්‍යවේදී ඩෙස්මන් චතුරංගට ඇප | වෙබ් මාධ්‍යවේදී ඩෙස්මන් චතුරංගට ඇප | COLOMBO (News 1st) - වෙබ් මාධ්‍යවේදී ඩෙස්මන් චතුරංග ද අල්විස් ඇප මත මුදාහැර තිබේ. ඒ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් දෙනු ලැබූ නියෝගකට අනුවයි. පසුගිය අගොස්තු 31 වන දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් චතුරංග ද අල්විස් අත්අඩංගුවට ගත්තේ බොරලැස්ගමුවේ ඔහු පදිංචිව සිටි නිවසේදී ය. ඔහු එලෙස අත්අඩංගුවට ගෙන තිබුණේ, අධිකරණයට හා අධිකරණ ධූරාවලියට අපහාස හා බාධාවන අයුරින් පුවත් පළ කළ බවට චෝදනා කරමිනි. |
2020-09-30T00:03:21.000Z | ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය එක් රැස්කිරීමේ සතියක් | ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය එක් රැස්කිරීමේ සතියක් | COLOMBO (News 1st) - දිවයින පුරා ඇති ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය එක් රැස්කිරීමේ සතියක් ප්‍රකාශයට පත් කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය පියවර ගෙන තිබේ. එහි රසායනික ද්‍රව්‍ය හා උපද්‍රවකාරී අපද්‍රව්‍ය කළමනාකරණ ඒකකයේ අධ්‍යක්ෂ අජිත් විරසුන්දර මහතා සඳහන් කළේ, ලබන 5 වැනිදා සිට 10 වැනිදා දක්වා එම සතිය ක්‍රියාත්මක බවයි. ඒ අනුව තැපැල් කාර්යාලවලට එම කසල ගෙනැවිත් භාර දිය හැකි බව ද ඔහු පැවසුවේ ය. අජිත් වීරසුන්දර මහතා ප්‍රකාශ කළේ, අදාළ කසල විදේශයන්හීදි ප්‍රතිචක්‍රීයකරණයට සැලසුම් කර ඇති බවයි. |
2020-09-29T23:55:59.000Z | කුවේටයේ රජු ෂෙයික් අල් සබා මියයයි | කුවේටයේ රජු ෂෙයික් අල් සබා මියයයි | COLOMBO (News 1st) - කුවේටයේ රජු වන ෂෙයික් සබා අල් අහමඩ් අල් සබා මිය ගොස් ඇතැයි, විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය. මිය යන විට ඔහුගේ වයස අවුරුදු 91 කි. ඔහුගේ හිස් වූ ධූරයට ඔහුගේ සහෝදරයෙකු වන ෂෙයික් නවාෆ් අල් අහමඩ් නම් කර තිබේ. විදෙස් වාර්තා පැවසුවේ, අසනීප තත්ත්වයෙන් පසු වූ අල් අහමඩ් රජු ජූලි මාසයේදී ශල්‍යකර්මයක් සිදු කිරීමට ඇමෙරිකාවට ගොස් ඇති බවයි. ඔහු 2006 වසරේ සිට ගල්ෆ් අරාබි රාජ්‍යය පාලනය කර ඇති අතර වසර පනහකට වැඩි කාලයක් එරට විදේශ ප්‍රතිපත්තිය අධීක්ෂණ කාර්යයෙහි ද නිරතව සිට ඇතැයි විදෙස් වාර්තාවන්හි සඳහන් වේ. 1990-1991 කාල සීමාවේ පැවති ගල්ෆ් යුද්ධයෙන් පසුව රාජ්‍යයන් අතර සහයෝගය ඇති කිරීමට උත්සහ කිරීම හේතුවෙන් අහමඩ් රජු අරාබි රාජ්‍යතාන්ත්‍රිකභාවයේ පීඨාධිපති යන විරුධාවලියෙන් ද පිදුම් ලබා තිබේ. සවුදි අරාබිය හා කටාර් වැනි රාජ්‍යයන් අතර පවතින ගැටුම්කාරී තත්වයන්වලදී අහමඩ් රජු මැදිහත්කරුවෙකු ලෙස කටයුතු කර ඇතැයි, විදෙස් වාර්තාවන්හි සඳහන් වේ. |
2020-09-29T22:26:09.000Z | මහරගමට මත්ද්‍රව්‍ය බෙදූ ජාලයක කාන්තාවන් ඇතුළු 5 දැලේ | මහරගමට මත්ද්‍රව්‍ය බෙදූ ජාලයක 5ක් අත්අඩංගුවට | COLOMBO (News 1st) - මහරගම ප්‍රදේශයට මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ ජාලයක කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු සැකකරුවන් 05 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ ඔවුන් සන්තකයේ තිබී හෙරොයින් 1.1Kg ද පොලිස් භාරයට ගත් බවයි. |
2020-09-29T22:43:31.000Z | ඇලහැර-ගිරිතලේ අභය භූමියේ වන විනාශය වහාම නවත්වන්නැයි නියෝග | වන සංරක්ෂණ ඇමතිගෙන් නියෝගයක් | COLOMBO (News 1st) - ඇලහැර -ගිරිතලේ අභය භූමියේ නීතීවිරෝධී වන විනාශය වහාම නවත්වන ලෙස වන සංරක්ෂණ අමාත්‍ය සී. බී. රත්නායක මහතා නියෝග කර තිබේ. ඒ ඊයේ පස්වරුවේ එහි නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමිනි. තම නිලධාරීන් කළ පැමිණිල්ලකට අනුව අමාත්‍යවරයා පැමිණ වන විනාශය සියැසින් දැක මෙම නියෝගය නිකුත් කළ බව වනජීවී දෙපාර්තමේන්තුවේ පොළොන්නරුව සහකාර අධ්‍යක්ෂ ඩබ්ලිව්.එන්.කේ.එස්.චන්ද්‍රරත්න මහතා පැවසී ය. ඔහු ප්‍රකාශ කළේ, අක්කර 150 කට අධික බිම් ප්‍රමාණයක් එලෙස නීති විරෝධී ලෙස එළිපෙහෙළි කර ඇති බවයි. මේ පිළිබඳව ලබන 10 වැනිදාට පෙර වාර්තාවක් ලබා දෙන ලෙස ද අමාත්‍යවරයා එහිදී නියෝග කළ බව පොළොන්නරුව සහකාර වනජීවි අධ්‍යක්ෂ ඩබ්ලිව්.එන්.කේ.එස්.චන්ද්‍රරත්න මහතා පැවසී ය. 2000 වසරේදී අභය භූමියක් ලෙස ගැසට් මගින් ප්‍රකාශයට පත් මෙය වස්ගමුවේ සිට මින්නේරිය වනෝද්‍යාන දක්වා වනඅලි ගමන් ගන්නා මාර්ගයක් ද පිහිටි ප්‍රදේශයකි. |
2020-09-29T21:12:28.000Z | තවත් කොරෝනා ආසාදිතයින් 11ක් | තවත් කොරෝනා ආසාදිතයින් 11ක් | COLOMBO (News 1st) : අද (30) උදෑසන වන විට මෙරටින් කොරෝනා ආසාදිතයින් 11 දෙනෙකු වාර්තාවී ඇතැයි, කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. එම මධ්‍යස්ථානය උපුටා දක්වමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසන්නේ, ඔවුන් 11 දෙනා විදෙස් රටවල සිට මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයින් අතරින් හඳුනාගෙන ඇති බවයි. ඒ අනුව මේ දක්වා වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 3,374ක් වන අතර 3230 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් ඇත. වෛරසය ආසාදිතයින් 131 දෙනෙක් තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටිති. මේ අතර අද උදෑසන විදෙස් රටවල් කිහිපයක සිට ලාංකිකයින් 342 දෙනෙකු දිවයිනට පැමිණ ඇති අතර ඔවුන් සියලු දෙනා නිරෝධායන මධ්‍යස්ථා වෙත යොමු කර තිබේ. අද දිනයේ ත්‍රිවිද හමුදාව විසින් පවත්වා ගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථානවල සිට නිරෝධායන ක්‍රියාවලිය නිම කර පුද්ගලයින් 343 දෙනෙකු නිවෙස් වෙත පිටත්ව යාමට නියමිත අතර මේ දක්වා නිරෝධායනය වීමෙන් පසු නිවෙස් වෙත පිටත්ව ගොස් ඇති පුද්ගලයින් සංඛ්‍යාව 46,673කි. ඊයේ දිනයේදී පුද්ගලයින් 1600 දෙනෙකු PCR පරීක්ෂණවලට භාජනය කර ඇත. |
2020-09-29T21:17:03.000Z | 20ට එරෙහි පෙත්සම් විභාගයේ දෙවන දිනය අදයි. | 20ට එරෙහි පෙත්සම් විභාගයේ දෙවන දිනය අදයි. | COLOMBO (News 1st) - 20 වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වූ පෙත්සම් 39 ක විභාගය අද දෙවැනි දිනටත් සිදු කෙරේ. ඒ අගවිනිසුරුවරයා ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේයි. මැදිහත් පාර්ශ්ව වෙනුවෙන් පෙත්සම් 7 ක් ද ඊයේ ඉදිරිපත්විය. අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ඊයේ ප්‍රකාශ කළේ, පෙත්සම් විභාගය ලබන සිකුරාදා වන විට අවසන් කරන බවයි. එබැවින් එක් නීතිඥවරයෙකුට වාචික දේශන සඳහා ලබාදුන්නේ විනාඩි 30 ක කාලයකි. කෙසේවෙතත් පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින්ගේ වාචික දේශන ආරම්භයට පෙර නීතිපතිවරයා දැනුම්දුන්නේ කාරක සභා අවස්ථාවේදී 20 වැනි සංශෝධනයට සංශෝධනය ඉදිරිපත් කරන බවට ආණ්ඩුව තීරණය කර ඇති බවයි. ආදළ සංශෝධන ඇතුළත් ලියවිල්ල ද නීතිපති දප්පුලද ලිවේරා මහතා ඊයේ අධිකරණයට ඉදිරිපත් කළේ ය. මෙහිදී පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ එම්.ඒ සුමන්දිරන් මහතා පැවසුවේ තමන් ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණියේ පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් කළ ලියවිල්ලට එරෙහිව බවයි. අධිකරණය සළකා බැලිය යුත්තේ පාර්ලිමේන්තු එම ලියවිල්ල මිස කමිටු අවස්ථාවේ සංශෝධනය කිරීමට නියමිත යැයි කියන ලියවිල්ලක් නොවන බව ද සුමන්දිරන් මහතා අවධාරණය කළේ ය. පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් පෙන්වා දුන්නේ ජනාධිපතිට පූර්ණ මුක්තිය හිමිවීමෙන් නීතියට ද ඉහළින් තනතුරක් නිර්මාණය වන බවයි. ජනතාවට ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියට යාමට ඇති මූලික අයිතිවාසිකම මින් අවහිර වන බැවින් එය ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනයක් බව ද ඔවුන් පෙන්වා දුන්නේ ය. එම නිසා ජනාධිපතිට මුක්තිය යළි ලබාදීම තුනෙන් දෙකකින් පමණක් නොව ජනමත විචාරණයකින් ද සම්මත විය යුතු යැයි නීතිඥයින් ප්‍රකාශ කළේ ය. ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තු මන්ත්‍රීධූර දැරීමට හැකිවීම ගැන අදහස් දක්වමින් නීතිඥ සුරේන් ප්‍රනාන්දු ප්‍රකාශ කළේ, ද්විත්ව පුරවැසියන් විදෙස් රාජ්‍යයන් සමග දිව්රුමක් ඇති බැවින් ලැදියාවන් අතර ගැටුමක් ඇති වන නිසා ජනතාවගේ ස්වෛරී භාවයට බලපෑමක් වන බවයි. එම නිසා මෙම වගන්තිය ජනමත විචාරණයකින් සම්මත විය යුතු බව ඔහු අධිකරණයට පෙන්වා දුන්නේ ය. |
2020-09-29T20:36:16.000Z | විශ්වවිද්‍යාල කඩඉම් ලකුණු ඉදිරි දෙසතිය තුළ.. | විශ්වවිද්‍යාල කඩඉම් ලකුණු ඉදිරි දෙසතිය තුළ.. | COLOMBO (News 1st) - මෙවර විශ්වවිද්‍යාලවලට තෝරා ගන්නා සිසුන්ගේ කඩඉම් ලකුණු ඉදිරි දෙසතිය තුළ ප්‍රකාශයට පත් කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි. එහි උප සභාපති මහාචාර්ය ජනිතා ලියනගේ මහත්මිය සඳහන් කළේ, ඊට පෙර සියලු විශ්වවිද්‍යාල උප කුලපතිවරුන්ගේ සහභාගිත්වයෙන් ලබන සතියේ සාකච්ඡාවක් ද පැවැත්වෙන බවයි. විශ්වවිද්‍යාලවලට බඳවා ගැනීමට අදාළව ප්‍රවීණතා විභාග 36 ක ප්‍රතිඵල ද මේ වනවිට නිකුත් කර අවසන්ය. 2019 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මත මෙවර විශ්වවිද්‍යාලවලට බඳවා ගැනීමට අපේක්ෂිත සිසුන් සංඛ්‍යාව 40000 ක් පමණ වේ. එය ගිය වසරට සාපෙක්ෂව 10000 ක වැඩි වීමක් බව ද ඇය සඳහන් කළාය. මහාචාර්ය ජනිතා ලියනගේ මහත්මිය ප්‍රකාශ කළේ, වෛද්‍ය,ඉංජිනේරු ආදී උපාධි පාඨමාලා කිහිපයක් සඳහා මෙවර බඳවාගන්නා සිසුන් සංඛ්‍යාව ඉහළ නංවා ඇති බවයි. |
2020-09-29T10:53:38.000Z | රූපවාහිනී නාලිකා ප්‍රේක්ෂක ප්‍රතිචාර මත ශ්‍රේණිගත කිරීම කැලණිය සරසවියේ සහභාගිත්වයෙන්.. | පුවත්පත් මණ්ඩල පනත සංශෝධනයට අවධානය | COLOMBO ( News 1st ) : පුවත්පත් මණ්ඩල පනත සංශෝධනය කිරීම පිළිබඳව අද සාකච්ඡා වී තිබේ. ඒ , තැපැල් සේවා හා ජනමාධ්‍යවේදී වෘත්තිය සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳව අද පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ය. ජනමාධ්‍යවේදීන්ගේ වෘත්තීය නිපුණතා වර්ධනයට අභ්‍යාස ආයතනයක් පිහිටුවීමට සැලසුම් කර තිබෙන බව ද ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් ය. විද්‍යුත් , මුද්‍රිත සහ සමාජ මාධ්‍ය වෙතින් පුද්ගලයන්ට ආයතනවලට සහ ව්‍යාපාරවලට එල්ල කෙරෙන අනිසි බලපෑම සහ අගතීන් පිළිබඳ ලැබෙන පැමිණිලි සංඛ්‍යාව පිළිබඳව ද මෙහිදී සාකච්ඡා වී තිබේ. සියලු කරුණු සැළකිල්ලට ගෙන පුවත්පත් මණ්ඩල පනත සංශෝධනය කිරීමේ දැඩි අවශ්‍යතාව ද මෙහිදී සාකච්ඡා වූ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ ය. COVID-19 කාලසීමාවේදී ඉවත් කළ හඬකවන ලද විදේශ ටෙලි නාට්‍ය විකාශයේදී අයකරන බදු නැවත සක්‍රීය කිරීමට ද මෙහිදී තීරණය වී තිබේ. රූපවාහිනී නාලිකා ප්‍රේක්ෂක ප්‍රතිචාර මත ශ්‍රේණිගත කිරීම කැලණිය විශ්වවිද්‍යාලයේ සහභාගිත්වයෙන් සමස්ත දිවයිනම ආවරණය වන පරිදි අපක්ෂපාතිව සිදු කිරීමට සැලසුම් කර තිබෙන බවද නිවේදනයේ සඳහන් ය. ඊට අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කර කඩිනමින් එය ක්‍රියාවට නැංවීමට මෙහිදී එකඟ වූ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ ය. |
2020-09-29T09:56:46.000Z | ක්ෂුද්‍ර මූල්‍ය පනත සංශෝධනයට සැලසුම් - රාජ්‍ය ඇමති ශෙහාන් සේමසිංහ | ක්ෂුද්‍ර මූල්‍ය පනත සංශෝධනයට සැලසුම් | COLOMBO ( News 1st ) : ක්ෂුද්‍ර මූල්‍ය ණය පහසුකම් හේතුවෙන් ජනතාව පත්ව සිටින අපහසුතා ගැන අපි ඊයේත් සාකච්ඡා කළෙමු අද පැවති මාධ්‍ය හමුවක් අතරතුර රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා මේ සම්බන්ධයෙන් අදහස් පළ කළේ ය. අපි මේ වෙනකොට මුදල් අමාත්‍යාංශයේ ලේකම්තුමා සමග සාකච්ඡා කරලා තියෙනවා. ඉදිරියේදී මහ බැංකුව සමගත් ඒ වගේම ක්ෂුද්‍ර මූල්‍ය ණය ලබා දීපු නීත්‍යානුකූල ආයතන සහ ඔහුගේ සංගමය සමග සාකච්ඡා කරන්න නියමිතයි. මේ වෙනකොටම ඔවුන් අපිත් එක්ක මූලික සාකච්ඡාවක් පවත්වලා තියෙනවා. ඒ අනුව අනුරාධපුර දිස්ත්‍රික්කයේ පාදක කර ගනිමින් තොරතුරු රැස්කර ගැනීම සඳහා වැඩ කටයුත්තක් සමෘද්ධි දෙපාර්තමේන්තුව හරහා ක්‍රියාත්මක කරල තියනවා. මේ සතියේ අගදී ඒ වාර්තාව අපිට ලැබෙයි. ඒ වගේම අපේ රටේ ක්ෂුද්‍ර මූල්‍ය පනත ක්‍රියාත්මක වෙනවා. හැබැයි ඒ පනත නිර්මාණය වෙලා තිබ්බට අවාසනාවකට රාජ්‍ය අංශයේ ආයතන ඒ වගේම ස්ටේක්හෝල්ඩර්ස්ලත් සියලු දෙනා පනත සම්බන්ධයෙන් සුභවාදී ප්‍රවණතාවක් දක්වන්නෙ නෑ. අපේ එක් අරමුණක් වෙනවා මේ පනත වර්තමාන ලෝකයට ගැළපෙන ආකාරයට සංශෝධනය කරන්න ඒක අත්‍යවශ්‍ය කාරණයක්. |
2020-09-29T09:45:20.000Z | 20ට එරෙහිව පෙත්සම් විභාගය ලබන සිකුරාදා වනවිට අවසන් කිරීමට අධිකරණය බලාපොරොත්තු වෙයි | 20ට එරෙහිව පෙත්සම් විභාගය ඇරඹේ.. | COLOMBO ( News 1st ) : පාර්ලිමේන්තුවේ කාරක සභා අවස්ථාවේදී 20 වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට ආණ්ඩු පක්ෂය සිදු කිරීමට අපේක්ෂා කරන වෙනස්කම් නීතිපති දප්පුල ද ලිවේරා මහතා අද ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළේ ය. ඒ , ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට අදාළව ඉදිරිපත්වූ පෙත්සම් සලකා බැලීම ආරම්භවූ අවස්ථාවේදී ය. අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් 20 වන සංශෝධනය පිළිබද ඉදිරිපත්වූ පෙත්සම් විමසා බැලීම සිදුකරනු ලබයි. අද කටයුතු ආරම්භයේදීම අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා පැවසුවේ, පෙත්සම් විභාගය ලබන සිකුරාදා වනවිට අවසන් කරන බවයි. එබැවින් එක් නීතිඥවරයෙකුට වාචික දේශන සඳහා ලබාදුන්නේ විනාඩි 30 ක කාලයකි. පෙත්සම් 39 ක් ඉදිරිපත්වී ඇති අතර මැදිහත් පාර්ශව 7 ක්ද ඉදිරිපත්වී සිටී. ඒ අතර MTV සහ MBC මාධ්‍ය ජාලයද ශ්‍රේෂ්ඨාධිකරණයේ 20 වන සංශෝධනයට අදාළව පෙත්සමක් ගොනුකර ඇත්තේ මාධ්‍ය නිදහස සහ නිදහසේ අදහස් පල කිරීමට ඇති අයිතිය තහවුරු කිරීම සඳහායි. අද පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරුන් වාචික දේශන ආරම්භයට පෙර නීතිපතිවරයා දැනුම් දුන්නේ කාරක සභා අවස්ථාවේදී කෙටුම්පතට සංශෝධන ඉදිරිපත් කරන බවට ආණ්ඩුව තීරණය කර ඇති බවයි. අදාළ සංශෝධන ඇතුළත් ලියවිල්ල නීතිපති දප්පුලද ලිවේරා මහතා අද අධිකරණයට ඉදිරිපත් කළේ ය. විවෘත අධිකරණයට ඉදිරිපත්කළඑම ලියවිල්ලට අනුව දැනට යෝජනා කර ඇති කෙටුම්පතට සංශෝධන කිහිපයක් සිදුකිරීමට යෝජනා වී තිබේ. ඒ අනුව විගණකාධිපතිවරයා පත්කිරීම ජනාධිපතිවරයා පාර්ලිමේන්තු සභාවේ නිරීක්ෂණ විමසා සිදු කළ යුතු බවත් සුදුසුකම් ලත් විගනනවරයෙකු ඒ සඳහා පත් කළ යුතු බවත් ඊට ඇතුළත් ය. ජනාධිපති හා අගමැති කාර්යාල සහ රාජ්‍ය සමාගම් යළිත් විගණනයට යටත් කළ යුතු බවට සංශෝධන මේ ලියවිල්ලේ සඳහන් කර තිබේ. විගණකාධිපතිවරයාට අමතරව පොලිස්පතිවරයා සහ පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයාද පත් කිරීමේදී ජනාධිපතිවරයාට පාර්ලිමේන්තු සභාවේ නිරීක්ෂණ විමසිය හැකියි. මැතිවරණ කොමිසමේ සාමාජිකයින් ගණන 5 ක් දක්වා වැඩි කිරීමට ද සංශෝධනවලින් යෝජනා කර තිබේ. 20 වන සංශෝධනය සම්මතවීමට පෙර මූලික අයිතිවාසිකම් කඩවිමී පිළිබඳව ජනාධිපතිවරයා සම්බන්ධයෙන් විනිශ්චයට ලක්වෙමින් තිබෙන සියලු දේ තවදුරටත් විභාග කර අවසන් කළ යුතු බව ද මේ සංශෝධනවල සඳහන් ය. මේ අතර අගමැති ලේකම්වරයා පත්කිරීමේ බලය ද ජනාධිපතිවරයා යටතට පත්කිරීමට එමගින් යෝජනාවී තිබේ. යෝජිත සංශෝධන අනුව ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට බලය ලැබෙන්නේ , එය රැස්වී වසර දෙක හමාරකට පසුවයි. කෙසේ වෙතත් පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ එම්.ඒ සුමන්දිරන් මහතා අද ප්‍රකාශ කළේ, තමන් ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණියේ පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් කළ ලියවිල්ලට එරෙහිව බවයි. අධිකරණය සලකා බැලිය යුත්තේ පාර්ලිමේන්තුවේ එම ලියවිල්ල මිස කාරක සභා අවස්ථාවේ සංශෝධනය කිරීමට නියමිත යැයි කියන ලියවිල්ලක් නොවන බව සුමන්දිරන් මහතා අවධාරණය කළේ ය. පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් පෙන්වා දුන්නේ , ජනාධිපතිවරයාට පූර්ණ මුක්තිය හිමිවීමෙන් නීතියට ද ඉහළින් තනතුරක් නිර්මාණය වන බවයි. ජනතාවට ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියට යාමට ඇති මූලික අයිතිවාසිකම එමගින් අවහිර වන බැවින් එය ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වීමක් බවට ඔවුන් තර්ක කළේ ය. මේ නිසා පූර්ණ මුක්තිය යළි ලබාදීම තුනෙන් දෙකකින් පමණක් නොව ජනමත විචාරණයකින්ද සම්මත විය යුතුයැයි නීතිඥවරුන් ප්‍රකාශ කළේ ය. ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර දැරීමට හැකිවීම ගැන අදහස් දක්වමින් නීතිඥ සුරේන් ප්‍රනාන්දු පැවසුවේ, ඔවුන්ට විදෙස් රාජ්‍යයන් සමග දිවුරුමක් ඇති බැවින් ලැදියාවන් අතර ගැටුමක් ඇති වන නිසා ජනතාවගේ ස්වෛරීභාවයට බලපෑමක් වන බවයි. එම නිසා මෙම වගන්තියද ජනමත විචාරණයකින් සම්මත විය යුතු බවට ඔවුන් තර්ක කළේ ය. නීතිඥ සුරේන් ප්‍රනාන්දු මහතා පැවසුවේ , ජනාධිපතිවරයාගේ වගකීම්වලට අදාළ පූර්ණ වගන්තිය පාර්ලිමේන්තුවට වගකිව යුතු බවට වූ වගන්තිය පමණක් 20 වැනි සංශෝධන කෙටුම්පතේම තවත් තැනක ඇතුළත් කර ඇති බවයි. එම වගන්තිය ද කාරක සභා අවස්ථාවේ ඉවත් වේ දැයි සැක මතුවන බව ඔහු කියා සිටියේ ය. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඉවත්කර 20 වැනි සංශෝධනය ගෙන ආ බවට අදහස් පලවුවත් එවැන්නක් සිදුව නොමැති බව නීතිඥවරුන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙන්වා දුන්නේ ය. ඔවුන් ප්‍රකාශ කළේ, 19 වැනි සංශෝධනය සමස්ත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේම කොටසක් බැවින් එය සියලු වගන්ති හා සහ සම්බන්ධ බවයි. එබැවින් 20 වැනි සංශෝධනයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කොටසක් නොව සමස්ත ව්‍යවස්ථාවේම මූලික හරයන් බලපෑමකට ලක්වන බව නීතිඥවරුන් අද ශ්‍රේෂ්ඨාධිකරණයට පෙන්වා දුන්නේ ය. |
2020-09-29T08:01:45.000Z | නිව්ස්ෆස්ට් අනාවරණයෙන් පසු කන්තලේ, අයිල් අඩි වනාන්තරයට හානි කළ 6ක් අත්අඩංගුවට | අයිල් අඩි වනාන්තරයට හානි කළ 6 දෙනෙකු කොටු | COLOMBO ( News 1st ) : කන්තලේ, අයිල් අඩි රජයේ වනාන්තරයට හානි කළ පුද්ගලයින් 6 දෙනෙකු අද අත්අඩංගුවට ගත්තේය. ඒ , නිව්ස්ෆස්ට් ඊයේ සිදු කළ අනාවරණයෙන් පසුවයි. ත්‍රීකුණාමලය, කින්නියා ප්‍රදේශයට අයත් අයිල් අඩි රජයේ වනාන්තරයේ අක්කර ගණනාවක් එළි පෙහෙළි කර ඇති අයුරු අපි ඊයේ වාර්තා කළෙමු . ගම්වාසීන් පෙන්වා දෙන්නේ අවම වශයෙන් විවිධ ශාක 1000 කට අධික ප්‍රමණයක් මේ සඳහා කපා දමා ඇති බවයි. ඒ අනුව, අද වාන් ඇල පොලීසිය වැටලීමක් සිදු කළ අතර එහිදී සැකකරුවන් 06 දෙනෙකු අත්අඩංගුවට ගත් අතර ට්‍රැක්ටර් 02 ඇතුළු උපකරණ රැසක් පොලිස් භාරයට ගැනිණි. වගාකරුවන්ගේ අදහස් - යුද්දේ ඉවර කරලා අපේ ඉඩම අපට ලබාදුන්නා නම් පොලීසිය - ඔයාලට ඔප්පු මොනාවත් නෑනේ මේවට වගාකරුවන් - ඔප්පු නෑ. පොහොර අරවා මේවා අපට පාස්කරලා දෙනවා . සර් අපට අවුරුදු 30 ත් යුද්ධ හින්දා අපට ඔප්පු ගන්න බැරි වුණා. පොලීසිය - ෆොරස්ට් එකෙන් කිව්වාද ගස් කපලා වගා කරන්න කියලා වගාකරුවන් - අපි ගස් කැපුවේ නෑ . පොලීසිය - එතකොට මේ ගස් කපලා තියෙන්නේ වගාකරුවන් - මේක අපේ සම්බන්ධ නෑ පොලීසිය - ඔයාලා එහා පැත්තේනේ කරන්නේ එහේ ගස් කපලානේ තියෙන්නේ වගාකරුවන් - ඇලට එහාපැත්තේ ගස් තිබ්බේ නෑ. මේ අතර පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද පරිසවේදීන් සමග සාකච්ඡාවක නිරත විය. එහිදී අදහස් පල කළ පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙසේ සඳහන් කළේය. "පසුගිය කාලෙම විවිධ මාධ්‍යවලත් විශේෂයෙන්ම සමාජ මාධ්‍යවලත් කැලෑ විනාශ කිරීම වනාන්තර විනාශ කිරීම් පිළිබඳ බොහෝ කරුණු වාර්තා කළා. ඒ වාර්තා කරපු සිද්ධින් බොහෝමයක් සත්‍ය නෙවෙයි. දැනට අපට වාර්තා වෙලා තියෙන්නේ සිද්ධින් 4ක් නැත්තම් 5 ක් විතරයි අපි ඒ අදාල අයට නඩු පවරලා තියනවා තරා තිරම බලන්නේ නැතුව දේශපාලනඥයෝ සම්බන්ධවෙච්ච අවස්ථා තියනවා දෙකක් රජයේ දේශපාලනඥයෙක් හා විපක්ෂයේ දේශපාලනඥයෙක් ඒ දෙදෙනාටමත් නඩු පවරලා තියනවා. නිතීය ක්‍රියාත්මක කරලා තියනවා ඒ වගේම නිලධාරීන්ගේ සම්බන්ධතා තියනවා නම් ඒවටත් අපි ක්‍රියාත්මක වෙනවා කියලා මේ අවස්ථාවේ අපි සදහන් කරන්න කැමතියි" |
2020-09-29T07:42:33.000Z | තිදෙනෙකුට මරු කැඳවමින් මහනුවර ගිලා බැසීමට ලක් වූ නිවසේ හිමිකරු රිමාන්ඩ් | මහනුවර ගිලා බැසීමට ලක් වූ නිවසේ හිමිකරු රිමාන්ඩ් | COLOMBO ( News 1st ) : අත්අඩංගුවට පත් මහනුවර, බූවැලිකඩ ගිලා බැසීමට ලක්වූ නිවසේ හිමිකරු වන අනුර ලෙව්කේ මහතා ලබන මස 13 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. ගිලා බැසීමට ලක්වූ මහනුවර, බූවැලිකඩ පස්මහල් නිවසේ හිමිකරු අනුර ලෙව්කේ මහතා අද පෙරවරුවේ අත්අඩංගුවට ගත්තේ ය. අද පෙරවරුවේ ඔහු පොලීසිය වෙත කැඳවීමෙන් අනතුරුව අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළේය. පසුගියදා මහනුවර, බූවැලිකඩ සංඝමිත්තා මාර්ගයේ පිහිටි අදාළ පස් මහල් නිවස ගිලා බෑසීමෙන් සිදු වූ අනතුරෙන් යාබද නිවසේ කුඩා බිළිඳියක සහ ඇගේ මා පිය දෙපළ ජීවිතක්ෂයට පත්වූහ. |
2020-09-29T06:12:33.000Z | නුවරඑළියේ ඇළක දැරියකගේ මළ සිරුරක් | නුවරඑළියේ ඇළක දැරියකගේ මළ සිරුරක් | COLOMBO ( News 1st ) : නුවරඑළිය, නානුඔය ඩෙස්පෝස් පහළ කොටසේ වතු නිවාස පෙළක් අසල පිහිටි ඇළක වැටී මියගොස් සිටි 15 හැවිරිදි දැරියකගේ මළ සිරුරක් සොයාගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, අද උදෑසන එම දැරිය මියගොස් සිටියදී සොයා ගත් බවයි. ඊයේ රාත්‍රී 2.50 ට පමණ දැරිය නිවසේ නොසිටිම හේතුවෙන් දෙමාපියන් ඇය සොයා තිබේ. නිවසේ ජනේලයක් ද විවෘත කර තිබූ බව පොලීසිය සඳහන් කළේ ය. සිද්ධිය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්විමට නියමිතයි. පොලීසිය සඳහන් කළේ, මරණයට හේතුව පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වීමෙන් පසුව කිව හැකි බවයි. |
2020-09-29T06:03:54.000Z | දිවි රඟ මඬලෙන් බැස ගිය ටෙනිසන් කුරේ.. | දිවි රඟ මඬලෙන් බැස ගිය ටෙනී.. | COLOMBO ( News 1st ) : ටෙනිසන් කුරේ යනු, ශ්‍රී ලංකාවේ විකට නළුවෙකු, වේදිකා නාට්‍ය නළුවෙකු සහ අධ්‍යක්ෂවරයෙකු ද වෙයි. සිනමාවට ඔහු මුල් පියවර තැබූයේ නළුවෙකුට වඩා කතා රචකයෙකු ලෙසයි. ඔහු විසින් පෙරළිකාරයෝ , දෙමෝදර පාලම , කොළොම්පූර් වැනි වර්තාගත සිනමා කතාවන් ද රචනා කර ඇත. 1952 දී මොරටුවේදී උපන් ටෙනිසන් කුරේ ප්‍රහසන රංග ශිල්පියෙකු ලෙස වඩාත් ප්‍රසිද්ධියට පත්වූයේ රෑ ඩැනියෙල් - දවල් මිගෙල් , සෝමි බෝයිස් සහ වැඩ බාරි ටාසන් වැනි චිත්‍රපටවල ප්‍රහසන චරිත හරහා ය. රංගනයට අමතරව ඔහු අධ්‍යක්ෂකවරයෙකු සහ තිර රචකයෙකු , ගායකයෙකු , පද රචකයෙකු ලෙස ද කටයුතු කර ඇත. අධ්‍යක්ෂ දිනේෂ් ප්‍රියසාද්ගේ පෙරළිකාරයෝ (1986) චිත්‍රපටයේ රඟපාමින් සිංහල සිනමාවට පිවිසි ටෙනිසන් කුරේ , ඒ වනවිට හාස්‍ය සිනමා පිටපත් රචකයෙකු ලෙස ප්‍රකටව සිටි අයෙකි. ඔහු තම රංගන දායකත්වය ලබා දුන් චිත්‍රපට අතර , නොම්මර එකයි චණ්ඩින්ගෙත් චණ්ඩියා සම්බුදු මහිම රන්දෙනිගල සිංහයා හොඳ හොඳ සෙල්ලං හිත හොඳ පුතෙක් හොඳින් නැත්නම් නරකින් ඇසළ සඳ චෙරියෝ ඩොක්ටර් අලි බබා සහ හොරු 40 ආසයි බයයි සිංහයන්ගෙත් සිංහයා රණබිමේ වීරයා සිංහ රජා කම් ඔර් ගෝ චිකාගෝ අජේ සහ විජේ රෝදය චෙරියෝ කැප්ටන් හිත හොඳ සූරයෝ දෙවියනි සත්‍ය සුරකින්න දෙමෝදර පාළම ( කතා රචනය ) චෙරියෝ ඩාලිං අපායේ තත්පර අසූහාරදාහක් සූරයෝ වැඩකාරයෝ විජයග්‍රහණ රඹා සහ මධූ රෑ දනියෙල් දවල් මිගෙල් කොළොම්පූර් නගරං රෑ දනියෙල් දවල් මිගෙල් 2 ජොන්සන් ඇන්ඩ් ගොන්සන් ජැක් ඇන් ජිල් කොළඹ කොලොප්පන් පාර්ලිමන්ට් ජෝක්ස් සොමි බෝයිස් ඇලඩින්ගේ වෑල්ඩින් ටැක්සි ඩ්‍රයිවර් හිත හොඳ පිස්සෝ වැලා ඉන් ලන්ඩන් රෑ ඩැනියෙල් දවල් මිගෙල් 3 ඔහොම හරිද ක්ලීන් අවුට් ජේම්ස් බොන්ඩ් වැඩබැරි ටාසන් ජුන්ඩයි ගුන්ඩයි ඇයි ඔබ තනිවෙලා හදවත මල් යායයි ( ගරු රඟපෑම් ) අපේ යාළු පුංචි භූතයා වැඩබැරි ටාසන් මැතිසබයට කිව්වද නහී නොකිව්වද නහී තැන්ක් යූ බර්ටි ජීවිතේ ලස්සනයි සුපිරි අන්දරේ රංජා පරපුර සිංග මචං චාර්ලි චිත්‍රපට රසික හදවත් තුළ සඳා ලැඟුම් ගනු ඇති. රසික හදවත් තුළ සදා නොමැකෙන මතක රාශියක් ඉතිරි කර ජීවන මඩලෙන් සමුගත් ටෙනිසන් කුරේ කලා ලොවේ සදා නොමැකෙන ජීවමාන ප්‍රතිරූපයකි. සැමගේ මුවට සිනාවක් දුන් ඔහු සැවොම හඬවා නික්ම ගියේ ය. මරණය මෙතරම් අසුන්දර, වේදනාකාරී සිදුවීමක්ද යන්න වැටහෙන්නේ ප්‍රියයන්ගේ වෙන්වීමත් සමග ය. ලෝකයේ හැඩය, මනුස්ස ගනුදෙනුවල ස්වභාවය වෙනස් කරන එක් සාධක අතර මරණය ඉදිරියෙන් සිටී. ඔබට මෙන්ම මටද මරණය පැරදවිය නොහැක. ඉතින් ආදරණීය ටෙනී. ඔබට සුබ ගමන්! |
2020-09-29T04:14:46.000Z | මන්නාරමේදී කහ සමග සැකකරුවෙකු කොටු | මන්නාරමේදී කහ සමග සැකකරුවෙකු කොටු | COLOMBO ( News 1st ) : මන්නාරම, එරුක්කලම්පිටිය ප්‍රදේශයේදී තීරු බදු රහිතව මෙරටට ගෙන්වන ලද කහ කිලෝ ග්‍රෑම් 952 ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, මන්නාරම ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි සැකකරුවෙකු එලෙස අත්අඩංගුවට ගත් බවයි. සැකකරු අද මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. |
2020-09-29T02:56:08.000Z | සිසුන්ට ගංජා ගුලි විකිණු කළුතර වෙළෙඳසල් හිමියෙක් අත්අඩංගුවට | සිසුන්ට ගංජා ගුලි විකිණු වෙළෙඳසල් හිමියෙක් කොටු | COLOMBO (News 1st) - පාසල් ළමුන් ඉලක්ක කර ගනිමින් ගංජා මිශ්‍ර ගුලි විකිණු කළුතර, නෑබඩ නගරයේ වෙළෙඳසල් හිමියෙකු අත්අඩංගුවට ගෙන තිබේ. එහිදී සොයා ගැනුණු ගංජා මිශ්‍ර ගුලි තොගය 10,175කි. සැකකරු ඉතාමත් සූක්ෂම අයුරින් කලක පටන් පාසල් ළමුන් වෙත මෙම ගංජා මිශ්‍ර ගුලි අලෙවි කර ඇතැයි හෙළිව ඇත. https://www.facebook.com/NewsfirstSL/videos/3357186567698633/ |
2020-09-29T02:49:07.000Z | ගව ඝාතනය තහනම් කිරීමට කැබිනට් යෝජනාවක් | ගව ඝාතනය තහනම් කිරීමට කැබිනට් යෝජනාවක් | COLOMBO (News 1st) - මෙරට තුළ ගව ඝාතනය තහනම් කිරීමට කැබිනට් මණ්ඩලය යෝජනා කිහිපයක් ඉදිරිපත් කර තිබේ. නීති රීති සංශෝධනය සඳහා නොපමාව අවශ්‍ය පියවර ගැනීම, ගවමස් පරිභෝජනය කරන ජනතාව වෙනුවෙන් මාංශ ආනයනය කිරීම සහ කෘෂිකර්ම කටයුතුවලදී ඵලදායී ලෙස යොදා ගත නොහැකි ගවයින් සඳහා වැඩපිළිවෙළක් යෙදීම එම යෝජනාවයි. මේ අතර මෙවර අමාත්‍ය මණ්ඩල තීරණ මෙසෙයි.. 2021 සඳහා පාසල් නිල ඇඳුම් දේශීය නිෂ්පාදකයින් ලබාදීම සහ තිළිණපත් වෙනුවට නිල ඇඳුම් රෙදි ලබාදීම. ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ආයතනයේ ආධාර යටතේ ක්‍රියාත්මක කිරීමට යෝජිතව පැවති සැහැල්ලු දුම්රිය සංක්‍රමණ පද්ධති ව්‍යාපෘතිය අවලංගු කිරීම. මහවැපි ජල සුරක්ෂිතතා අයෝජන වැඩසටහන යටතේ උතුරුමැද මහ ඇළ හා වයඹ මහඇළ ඉදිකිරීම. අධිකරණ අමාත්‍යාංශය යටතේ විශේෂ ඒකකයක් ස්ථාපිත කිරීම. |
2020-09-29T01:32:15.000Z | කෝටිපති ගමනට පාර කපා ගත් BTS සාමාජිකයන් | නුදුරේදීම කෝටිපතියන් වන BTS සාමාජිකයන් | COLOMBO (News 1st) : ලොව ජනප්‍රියතම ගායක කණ්ඩායම ලෙස සැලකෙන BTS සාමාජිකයන් සියලු දෙනා නුදුරේම කෝටිපතියන් බවට පත්වනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි. ඒ ලබන මාසයේ සිට ඔවුන් අයත් සමාගම ජනසතු කිරීමට පියවර ගැනීමත් සමගයි. මේ සමග එම සමාගමේ හිමිකරු මෙන්ම එහි කොටස්වලින් 43%ක ප්‍රතිශතයක් අයත් බෑන්ග් සි හ්‍යුක් ප්‍රකෝටිපතියකු වනු ඇති. පෞද්ගලික සමාගමක් මෙලෙස ජනතා අයිතියට පත්කිරීම තුළින් සමාගමේ අයිතිකරුවන් ගෙවන මුදලට වඩා වැඩි අගයකට එහි කොටස් ජනතාවට අලෙවි කිරීමේ හැකියාව ලැබේ. එම සමාගමට පවතින ඉල්ලුම දිනෙන් දින ඉහළ යාම හමුවේ මේ වනවිට එයට අමෙරිකානු ඩොලර් බිලියන 4.1 ක වටිනාකමක් නියමවී තිබේ. ඉකුත් ඔක්තෝබර් මාසයේ මෙම සමාගමේ හිමිකරු , BTS සාමාජිකයකුට කොටස් 68 , 385 බැගින් ලබාදුන්නේ ය. මේ වනවිට සමාගමේ එක් කොටසකට යූරෝ 70 - ත් 88 ත් අතර මිල නියම කර ඇති අතර කොරියානු කොටස් වෙළඳපොළ තුළ ලයිස්තුගත කිරීමෙන් පසු යූරෝ මිලියන 638 ක් ඉපැයීම එම සමාගමේ අපේක්ෂාවයි. එම සමාගමේ ආයෝජකයන් සොයාගැනීමට පැය කිහිපයක් පමණක් ගතවීම හමුවේ BTS සාමාජිකයන් වෙත පවතින රසික ආකර්ෂණය කොපමණ දැයි යළි තහවුරු විය. BTS කණ්ඩායමේ රසිකයන් සිය ප්‍රියතම සාමාජිකයින්ට සහය පළ කිරීමේ අරමුණින් අඩුම තරමින් සමාගමේ එක් කොටසක් හෝ මිලට ගැනීමට ප්‍රයත්න දැරීම ඊට හේතුවයි. BTS කොරියානු පොප් ඉතිහාසය තුළ වාර්තා රැසක් බිඳ හෙළා ඇති අතර ඔවුන්ගේ නවතම ගීතය වන ඩයිනමයිට් යූ ටියුබ් වෙබ් අඩවිය තුළ වාර්තාවක් ද තැබුවේ එළි දක්වා පැය 24 ක් තුළ වැඩිම පිරිසක් නැරඹූ වීඩියෝව බවට පත්වෙමිනි. බිල්බෝර්ඩ් ගීත දර්ශකයේ මුල් තැන හිමිකරගත් ප්‍රථම කොරියානු ගායක කණ්ඩායම බවට ද BTS පත්විය. ඔවුන් ඉකුත් ජුනි මාසයේ පැවැත්වූ Online සංදර්ශනය ගිනස් වාර්තා පොතට එක්වූයේ සජීවීව Online ඔස්සේ වැඩිම පිරිසක් නැරඹූ සංගීත සංදර්ශනය බවට පත්වෙමිනි. BTS කොරියානු පොප් ඉතිහාසයේ නව පරිච්චේදයක් රචනා කරමින් සිටින බව දකුණු කොරියානු ජනාධිපතිවරයා ද වරක් ප්‍රකාශ කළේ ය. මේ අතර BTS සිය නවතම සංගීත ඇල්බමය එළි දැක්වීමට සූදානම් වේ. එය නම් කර ඇත්තේ BE ලෙසයි. BTS මේ වසර තුළ එළිදක්වන දෙවන ගීත ඇල්බමය මෙය වනු ඇති. BE ගීත ඇල්බමය ලබන නොවැම්බර් මස 20 වනදා එළි දැක්වීමට නියමිතයි. |
2020-09-29T01:06:04.000Z | මහනුවර ගිලා බැසීමට ලක් වූ නිවසේ හිමිකරු අත්අඩංගුවට | මහනුවර අනතුර: නිවසේ හිමිකරු අත්අඩංගුවට | COLOMBO (News1st) : ගිලා බැසීමට ලක්වූ මහනුවර බූවැලිකඩ පස්මහල් නිවසේ හිමිකරු අනුර ලෙව්කේ මහතා අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ, අද පෙරවරුවේ ඔහු පොලීසිය වෙත කැඳවීමෙන් අනතුරුව අත්අඩංගුවට ගත් බවයි. අනුර ලෙව්කේ මහතා අද අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. පසුගිය දා මහනුවර බූවැලිකඩ සංඝමිත්තා මාර්ගයේ පිහිටි අදාළ පස් මහල් නිවස ගිලා බෑසීමෙන් සිදු වූ අනතුරෙන් යාබද නිවසේ කුඩා බිළිඳියක සහ ඇගේ මා පිය දෙපළ ජීවිතක්ෂයට පත්වූහ. |
2020-09-29T00:34:46.000Z | පළාත් කිහිපයකට තද වැසි... | පළාත් කිහිපයකට තද වැසි... | COLOMBO (News 1st) - බස්නාහිර, සබරගමුව, මධ්‍යම පළාත්වලට හා ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලට මිලිමීටර් 75 ඉක්ම වූ තද වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ, ඌව පළාතෙත් මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවය. මීට අමතරව උතුරු, උතුරුමැද, සහ වයඹ පාලත්වල මෙන්ම හම්බන්තොට දිස්ත්‍රික්කයේ ද පැයට කිලෝමීටර් 40 - 50 අතර තද සුළං ඇතිවිය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ ය. |
2020-09-29T00:12:13.000Z | COVID - 19 තත්තවය පිළිබඳ නවතම තතු | අද වන විට මෙරට කොරෝනා තත්ත්වය | COLOMBO (News 1st) : තවත් කොරෝනා ආසාදිතයින් තිදෙනෙකු හඳුනා ගැනීමත් සමග සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 3363ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඉන් 3210ක් මේ වනවිට සම්පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් ඇති අතර තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ, ආසාදිතයින් 140 දෙනෙකු පමණි. අද උදෑසන වනවිට හඳුනාගෙන ඇති ආසාදිතයින් තිදෙනා විදෙස් රටවල සිට මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටින පුද්ගලයින් අතරින් හඳුනා ගෙන ඇත. මේ අතර අද උදෑසන විදෙස්ගත ලාංකිකයින් 97 දෙනෙකු අද උදෑසන දිවයිනට පැමිණි අතර ඔවුන් සියලු දෙනා නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. අද දිනයේ නිරෝධායනය අවසන් කර නිවෙස් වෙත පිටත්ව යාමට නියමිත පුද්ගලයින් සංඛ්‍යාව 297කි. මේ දක්වා නිරෝධායනය නිම කර නිවෙස් වෙත පිටත්ව ගොස් ඇති පුද්ගලයින් සංඛ්‍යාව 46,330ක් වන අතර තවදුරටත් මධ්‍යස්ථාන 75ක නිරෝධායනය වෙමින් සිටින පුද්ගලයින් සංඛ්‍යාව 6,882කි. කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයට අනුව ඊයේ දිනය තුළ මෙරටදී සිදු කර ඇති PCR පරීක්ෂණ 1203කි. |
2020-09-29T00:06:59.000Z | 20 ට නව සංශෝධන කිහිපයක් ඇතුළත් කිරීමේ තීරණයක් | 20 ට නව සංශෝධන කිහිපයක්... | COLOMBO (News 1st) - 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට පාර්ලිමේන්තු කාරක සභා අවස්ථාවේදී නව සංශෝධන කිහිපයක් ඇතුළත් කිරීමට ආණ්ඩුව තීරණය කර ඇතැයි නීතිපති දප්පුල ද ලිවේරා මහතා මීට ටික වේලාවකට පෙර ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ. ඒ, 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කෙටුම්පතට එරෙහිව ඉදිරිපත් කර ඇති පෙත්ම් සළකා බැලීමේදීය. මේ අතර අද පෙරවරුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මාධ්‍ය ආයතන ප්‍රධානින් හමු වූ අවස්ථාවේදී ද 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සම්බන්ධයෙන් ආණ්ඩුවේ අමාත්‍යවරුන් කිහිපදෙනෙකු අදහස් පළ කර තිබේ. එහිදී විමල් වීරවංශ මහතා ප්‍රකාශ කළේ, අදාළ සංශෝධන සම්බන්ධයෙන් සොයා බැලු කමිටුව ඉදිරිපත් කළ අග්‍රාමාත්‍යවරයා ද පිළිගන්නා ඇතැම් නිර්දේශ පාර්ලිමේන්තු කමිටු අවස්ථාවේදී සංශෝධනය කරන බවට ජනාධිපතිවරයා ද ආණ්ඩු පක්ෂ කණ්ඩායමට දැනුම්දී ඇති බවයි. |
2020-09-28T22:55:10.000Z | බස්නාහිර වැටලීමකින් මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් 380ක් අත්අඩංගුවට | බස්නාහිර විශේෂ වැටලීමක් | COLOMBO (News 1st) : අද උදෑසන 5න් අවසන් වූ පැය 24 තුළ බස්නාහිර පළාතේ විශේෂ වැටලීම් කිහිපයක් සිදු කර තිබේ. බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ, අදාළ කාලය තුළ වැටලීම් 380ක් සිදු කර සැකකරුවන් 380 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි. ඉන් හෙරොයින් සොයා වැටලීම් 135ක් සිදුකර ඇති අතර හොයින් 566g කුත් 288mg ක් සමග සැකකරුවන් 135 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. වැඩිම හෙරොයින් ප්‍රමාණය (510g 700mg) අතුරුගිරියේදී අත්අඩංගුවට ගෙන ඇත්තේ, සැකකරුවන් දෙදෙනකු සමගයි. මීට අමකරව පානදුර පොලිස් වසමේදී නීතිවිරෝධි මත්පැන් බෝතල් 80ක් සමග සැකකාරියක අත්අඩංගුවට ගෙන තිබේ. ගංජා 1kg කුත් 184g අත්අඩංගුවට ගෙන ඇත්තේ සැකකරුවන් 96 දෙනෙකු සමගයි. මීට අමතරව තෙබුවනදී පාසල් ළමුන් ඉලක්ක කර විකිණීම සඳහා ළඟ තබා ගත් මදන මෝදක ගුලි 10175ක් අත්අඩංගුවට ගෙන ඇත. |
2020-09-28T22:51:10.000Z | 20 ගැන ආණ්ඩුව එක මතයක... අගමැති කියයි | සෑම මැතිවරණ කොට්ඨාසයකටම මහල් නිවාස සංකීර්ණයක් | COLOMBO (News 1st) : 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ආණ්ඩුව එක මතකයක සිටින බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි. අගමැති බලතල සම්බන්ධයෙන් ද ගැටලුවක් මතු නොවනු ඇතැයි, සඳහන් කළ මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේ බලතල තිබේ ද නොතිබේ ද යන කරුණ ඇත්තේ අගමැතිවරයා අතේ බවයි. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද පෙරවරුවේ විද්‍යුත් මාධ්‍ය ප්‍රවෘත්ති අංශ ප්‍රධානීහු සහ පුවත්පත් කතුවරු හමුවූහ. කෙහෙළිය රඹුක්වැල්ල, විමල් වීරවංශ, උදය ගම්මන්පිල සහ ඩග්ලස් දේවානන්ද යන අමාත්‍යවරුන් ඇතුළු පිරිසක් ද ඊට එක්ව සිටියහ. එහිදී 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දුන් අග්‍රාමාත්‍යවරයා පැවසුවේ, විවිධ මත එක්වී අවසානයේ එක් මතයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වන බවයි. අග්‍රාමාත්‍යවරයා පත්කළ කමිටු වාර්තාවේ නිර්දේශ පුළුල් ලෙස සාකච්ඡා කර අගමැතිවරයා ද එකඟ වන කරුණු කාරක සභා අවස්ථාවේදී සංශෝධනය කිරීමට ජනාධිපතිවරයා එකඟතාව පළ කර ඇතැයි විමල් වීරවංශ අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය. එහිදී අවධාරණය කෙරුණේ 20 වන සංශෝධනය පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීමට අවශ්‍ය තුනෙන් දෙකක බලය පිළිබඳව ගැටලුවක් නොමැති බවයි. මේ අතර MCC ගිවිසුම සම්බන්ධයෙන් තමන් දැනුවත්ව දැනට කිසිදු සාකච්ඡායක් නැතැයි, අවධාරණය කළ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේ සඟවා කිසිවක් කිරීමේ අවශ්‍යතාවක් නොමැති බවයි. ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාව පිළිබඳව ද මෙහිදී කරුණු විමසී ය. කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඊට පිළිතුරු දෙමින් කියා සිටියේ දෙමළ ජනතාව පමණක් රටේ සියලුම ජනතාවගේ අභිලාසයන් ඉටුවන නව ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන එන බව එහිදී ප්‍රකාශ කළ බවයි. ධීවර ගැටලු සම්බන්ධයෙන් තමිල්නාඩු ප්‍රධාන අමාත්‍යවරයා සමග සාකච්ඡා කිරීමට කළ යෝජනාවට ඉන්දීය අගමැතිවරයා ද එකඟතාව පළ කළ බව මෙම සාකච්ඡාවේදී අනාවරණය විය. මේ අතර සෑම ඡන්ද කොට්ඨාසයක් තුළම අවම වශයෙන් නිවාස ඒකක 100 බැගින් වන මහල් නිවාස ඉදිකිරීමට රජය තීරණය කර ඇති බව ද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද පැවති හමුවේදී අනාවරණය කළේ ය. |
2020-09-28T22:11:04.000Z | 20 වැනි සංශෝධනයෙන් අගමැති බලය අඩු වෙන්නේ නැහැ - අගමැති කියයි | "20 න් අගමැතිගේ බලය අඩු වෙන්නේ නැහැ" | COLOMBO (News 1st) - 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් අගමැති බලය අඩුනොවන බවත්, සංශෝනයට අදාළ කෙටුම්පත ගැන ආණ්ඩුව එක මතයක සිටින බවත් අගමැති මහින්ද මහින්ද රාජපක්ෂ මහතා පවසයි. |
2020-09-28T21:59:01.000Z | මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ සුරාබදු නියාමකවරයෙකු අත්අඩංගුවට | සුරාබදු නියාමකවරයෙකු අත්අඩංගුවට | COLOMBO (News 1st) - මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ සුරාබදු නියාමකවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේ, සුරාබදු දෙපාර්තමේන්තුවට අනුයුක්ත ජයවර්ධනපුර සුරාබදු වැටලීම් ඒකකයේ නියාමකවරයෙකු එලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි. පොලිස් විශේෂ කාර්ය බලකාය බුද්ධි කොට්ඨාසයේ නිලධාරීන්ට ලද තොරතුරක් අනුව ඊයේ කොස්ගම, කලුඅග්ගල ප්‍රදේශයේ වැටලීමක් සිදු කර තිබුණි. පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේ, එහිදී හංවැල්ල සිට ලබුගම දෙසට ධාවනය වූ මෝටර් රථයක් පරීක්ෂා කර නීති විරෝධි මෑන්ඩි වර්ගයේ මත්ද්‍රව්‍ය සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බවය. එම මැන්ඩි වර්ගයේ මත්ද්‍රව්‍ය එම ජාවාරම්කරු වෙත ලැබීම පිළිබඳව විමර්ශනය කිරීමේදී අනාවරණ වූ කරුණු අනුව හංවැල්ල, පහත්ගම ප්‍රදේශයේදී ඊට ආධාර අනුබල දුන් තව ත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පසුගිය 23 වැනි දා සැකකරුට එම මැන්ඩි මත්ද්‍රව්‍ය ලබාදී ඇත්තේ, සුරාබදු නියාමකවරයෙකු විසිනි. ඒ අනුව අදාළ සුරාබදු නියාමකවරයා අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසීය. එම වැටලීමේදී පොලිස් විශේෂ කාර්ය බලකාය භාරයට පත් වූ මැන්ඩි වර්ගයේ නීති විරෝධි මත්ද්‍රව්‍ය ප්‍රමාණය ග්‍රෑම් 653 යි මිලිග්‍රෑම් 380 ක් වන අතර එහි වටිනාකම රුපියල් කෝටියකට ආසන්නය. අත්අඩංගුවට ගත් සැකකරුවන්, මත්ද්‍රව්‍ය, මෝටර් රථයක් සහ ස්මාට් වර්ගයේ ජංගම දුරකතන 5 ක් වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදුන් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසීය. |
2020-09-28T21:32:03.000Z | අසර්බයිජානය හා ආමේනියාව අතර ගැටුම් තවදුරටත් උත්සන්න වෙයි | අසර්බයිජානය - ආමේනියාව ගැටුම් උත්සන්න වෙයි | COLOMBO (News 1st) - ආමේනියාව සහ අසර්බයිජානය අතර ගැටුම් තවදුරටත් උත්සන්න වී තිබේ. මෙම ගැටුමට මුල්ව ඇත්තේ, මතභේදයට තුඩුදුන් නගෝනෝ - කරබක් ප්‍රදේශය සම්බන්ධයෙන් පවතින දේශසීමා අර්බුදයයි. අසර්බයිජාන සහ ආමේනියාව සෙබළුන් එකිනෙකා වෙත එල්ල කළ රොකට් සහ කාලතුවක්කු ප්‍රහාරවලින් සිවිල් වැසියන් සහ හමුදා සෙබළුන් රැසක් මියගොස් ඇතැයි වාර්තාවන අතර ආමේනියාව, අසර්බයිජාන ගුවන් යානයක් ද බිම හෙළා ඇතැයි වාර්තා වේ. ආමේනියා හමුදාව සඳහන් කළේ, අසර්බයිජාන යුධ ටැංකි 22 ක් සහ තව ත් වාහන කිහිපයක් විනාශ කළ අතර අසර්බයිජාන වැසියන් 370 ක් සිය ප්‍රහාරවලින් මියගිය බවයි. කෙසේවෙතත් ආමේනියාව සිය ගුවන්යානයක් බිම හෙලූ බවට කළ ප්‍රකාශය ප්‍රතික්ෂේප කළ අසර්බයිජානය, සිය වැසියන් දෙදෙනෙකු පමණක් ඊයේ ප්‍රහාරවලින් මියගිය බව සඳහන් කළේ ය. එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටියරෙස් ඇමතූ අසර්බයිජාන ජනාධිපතිවරයා අවධාරණය කළේ, නගෝනෝ - කරබක් අර්බුදය එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ සම්මතයන්ට අනුව අසර්බයිජානයේ භෞමික අඛණ්ඩතාවය තහවුරුවන පරිදි විසඳිය යුතු බවයි. ආමේනියාව වහාම නගෝනෝ කරබක් ප්‍රදේශයෙන් සිය හමුදාව ඉවත් කරගත බවට ද අසර්බයිජාන ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ ය. මෙයට ප්‍රතිචාර දක්වමින් ආර්මේනියානු අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ, සිය පාලනයේ පවතින භූමියෙන් මිලිමීටරයක් වත් පසුනොබසින බවයි. ගැටුම් උත්සන්න වීමත් සමග ආමේනියාව එරට වයස අවුරුදු 18 ත් 55 ත් අතර පිරිමි පුද්ගලයන් හමුදා අවසරයකින් තොරව රටින් පිටවීම තහනම් කළේ ය. දිනෙන් දින උත්සන්න වන මෙම ගැටුම ලෝක නායකයන් රැසකගේ දැඩි අවධානයට යොමුව තිබේ. |
2020-09-28T20:23:07.000Z | එංගලන්තයට හරවා යැවුණු කසළ කන්ටේනර් 21:ලබන 15 අධිකරණයට කරුණු වාර්තා කිරීමට පියවර | හරවා යැවුණු කසළ කන්ටේනර් 21 ගැන විමර්ශන | COLOMBO (News 1st) - එංගලන්තයට හරවා යැවුණු කසළ අඩංගු කන්ටේනර් 21 ක සම්බන්ධයෙන් ලබන මස 15 වැනි දා අධිකරණයට කරුණු වාර්තා කරන බව රේගු දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, සෙසු කන්ටේනර් 242 සහ හරවා යැවුණු කන්ටේනර් 21 සම්බන්ධයෙන් වෙන වෙනම විමර්ශන ක්‍රියාත්මක බවය. අදාළ විමර්ශන අවසන් වූ පසු අදාළ සමාගම්වලින් වන්දි ලබා ගැනීමට පියවර ගන්නා බව එම දෙපාර්තමේන්තුව පැවසීය. රේගු දෙපාර්තමේන්තුව පැවසුවේ, ක්‍රියාත්මක විමර්ශන අවසන් වනතුරු වන්දි ලබා ගැනීමක් සම්බන්ධයෙන් ක්‍රියා කළ නොහැකි බවයි. මෙරටට ගෙන් වූ කසළ කන්ටේනර් 21 ක් පෙරේදා පස්වරු 5.15 ට කොළඹ සිට එංගලන්තය බලා පිටත් කළ බව ශ්‍රී ලංකා රේගුව සඳහන් කළේ ය. ශ්‍රී ලංකා රේගුව ඊයේ ප්‍රකාශ කළේ, 2017 දෙසැම්බර් වනවිට එංගලන්තයෙන් නීති විරෝධි ලෙස ලංකාවට එවන ලද අපද්‍රව්‍ය කන්ටේනර් 263 ක් ලංකාව තුළ තිබූ බවයි. කෙසේවෙතත් පසුගිය දිනවල මහත් ආන්දෝලනයට ලක් වූ කසළ කන්ටේනර් 242 ට මෙම කන්ටේනර්ස් 21 අයත් නොවන බව ශ්‍රී ලංකා රේගුව පැවසුවේ ය. https://www.facebook.com/NewsfirstSL/videos/247386096691819/ |
2020-09-28T19:48:39.000Z | පොල් ආනයනය කිරීමේ කිසිදු සූදානමක් නැහැ... - වෙළෙඳ අමාත්‍යාංශය | පොල් ආනයනය කිරීමේ කිසිදු සූදානමක් නැහැ... | COLOMBO (News 1st) - පොල් ආනයනය කිරීමේ කිසිදු සූදානමක් නොමැති බව වෙළෙඳ අමාත්‍යාංශය පවසයි. එහි ලේකම් භද්‍රාණි ජයවර්ධන මහත්මිය සඳහන් කළේ, රට තුළ කිසිදු පොල් හිඟයක් වාර්තා නොවන බවයි. ඇතැම් පාර්ශව පොල් හිඟයක් නිර්මාණය කර පොල් මිල ඉහළ දැමීමට උත්සහ ගනිමින් ඇතැයි ද ඇය පෙන්වා දෙයි. ලේකම්වරිය අවධාරනය කළේ, පනවා ඇති පාලන මිල කිසිදු අයුරකින් හෝ වෙනස් කිරීමේ අවශ්‍යතාවක් නොමැති බවය. මේ අතර වැඩි මිලට පොල් අළෙවිකරන වෙළෙඳුන් සොයා ක්‍රියාත්මක වැටලීම් අඛණ්ඩව ක්‍රියාත්මක බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පැවසුවේ ය. එම අධිකාරිය පෙන්වා දෙන්නේ, එවැනි වෙළෙඳන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවයි. උපරිම සිල්ලර මිලට වඩා වැඩි මිලට පොල් අළෙවි කළ වෙළදුන් 56 දෙනෙකුට ඊයේ (28) දිනයේ නඩු පවරා තිබේ. පාරිභෝගික කටයුතු අධිකාරියේ අධ්‍යක්ෂ අසේල බණ්ඩාර මහතා සඳහන් කළේ, කොළඹ, ගම්පහ, පුත්තලම, කෑගල්ල, රත්නපුර, මාතර, මාතලේ, බදුල්ල, නුවරඑළිය යන දිස්ත්‍රික්කවල ඊයේ දිනයේ වැටලිම් සිදු කළ බවයි. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළේ, අද අනුරාධපුර සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල පොල් වැඩි මිලට අළෙවි කරන වෙළෙඳුන් සොයා වැටලීම් සිදු කරන බවය. https://www.facebook.com/NewsfirstSL/videos/363912884979361/ |
2020-09-28T20:10:27.000Z | New Diamond නැවේ තෙල් කාන්දුවෙන් කැස්බෑවුන්ට බලපෑම් | New Diamond තෙල් කාන්දුව:කැස්බෑවුන්ට බලපෑම් | COLOMBO (News 1st) - එම්.ටී.නිව් ඩයමන්ඩ් නෞකාවේ සිදු වූ තෙල් කාන්දුව හේතුවෙන් ඒ ආශ්‍රීත මුහුදු කලාපයේ කැස්බෑවුන්ට යම් බලපෑමක් එල්ල වී ඇතැයි නාරා ආයතනය පවසයි. එම ආයතනය සඳහන් කළේ, එම සත්ත්වයින්ගේ හැසිරීම් රටාවේ වෙනසක් නිරීක්ෂණය කිරීමට තම කණ්ඩායම්වලට අවස්ථාව ලැබී ඇති බවය. ඒ අනුව එම සත්ත්වයින්ට සහ සෙසු මුහුදු ජීවින්ට මෙම තෙල් කාන්දුවෙන් යම් බලපෑමක් එල්ල වී ඇතැයි එම ආයතනය පැවසුවේ ය. නාරා ආයතනය පෙන්වා දෙන්නේ, අදාළ මුහුදු කලාපයේ ජලයේ තෙල් සාන්ද්‍රණය ද වැඩි අගයක් ගන්නා බවයි. එම ආයතනය සඳහන් කළේ, නෞකාවේ තෙල් කාන්දුවෙන් මුහුදු පැලැටී සහ ජීවින්ට සිදුව ඇති හානිය සම්බන්ධයෙන් පුර්ණ අධ්‍යනයක් මේ වනවිට ක්‍රියාත්මක බවයි. අදාළ අධ්‍යනයේ වාර්තාව ඉදිරි සති දෙක තුළ නීතිපතිවරයාට යොමු කිරීමට අපේක්ෂා කරන බව අප කළ විමසීමකදී සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය ප්‍රකාශ කළේ ය. එහි සභාපති දර්ශනී ලහදුපුර මහත්මිය පැවසුවේ, අදාළ නැව මෙරට මුහුදු කලාපයෙන් ඉවත් කර ගන්නා තුරු සති දෙකකට වරක් ඒ ආශ්‍රීත මුහුදු කලාපයේ තත්ත්වයන් විමර්ශනයට ලක් කරන බවයි. ඉන් පසු මාසයකට වරක් එම කලාපය පිළිබඳ අධ්‍යනය කරන බව ද ඇය පැවසුවා ය. සභාපතිවරිය සඳහන් කළේ, අදාළ මුහුදු කලාපයේ වෙසෙන මුහුදු ජීවින්ගේ වෙනසක් පවතින්නේ නම් ඒ පිළිබඳව තම අධිකාරියට හෝ නාරා ආයතනයට දැනුම් දෙන්නැයි සියලු ධීවරයින්ට සහ නාවුක ප්‍රජාවට දනුම් දී ඇති බවය. මේ අතර ගිනි ගැනීමට ලක් වූ නිව් ඩයමන්ඩ් නෞකාව මේ වනවිට මුහුදු සැතපුම් 62 ක ආසන්න මුහුදේ පවති. දර්ශනී ලහදුපුර මහත්මිය පැවසුවේ, අදාළ නෞකාව සම්බන්ධයෙන් පවතින නීතිමය කටයුතු අවසන් වූ පසු එම නෞකාව මෙරට මුහුදු සීමාවෙන් ඉවත් කර ගැනීමට අවසර ලබා දෙන බවයි. එතෙක් එම නෞකාව මෙරට මුහුදු සීමාවෙන් ඉවත් කරගැනීමට කිසිදු අවසරයක් ලබා දී නොමැති බව ද ඇය පැවසුවාය. මේ අතර බොරතෙල් ප්‍රවාහනය කරමින් සිටියදී මෙරට මුහුදු සීමාවේදී ගිනි ගැනීමට ලක් වූ MT NEW Diamond නෞකාවේ කපිතාන්වරයා ලෙස කටයුතු කළ හිරෝස් හෙලියාස් මහතාව රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට නීතිපතිවරයා කළ ඉල්ලීම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඩ් මිහාර් මහතා ප්‍රතික්ෂේප කෙරුණි. ඔහුට අධිකරණයේ අවසරයකින් තොරව විදෙස්ගත වීම වළක්වමින් නියෝගයක් නිකුත් කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා එම නියෝගය වහාම ආගමන විගමන පාලකවරයා වෙත හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා වෙත යොමු කිරීමට ද ඊයේ නියෝග කළේ ය. https://www.facebook.com/NewsfirstSL/videos/359293155263483/ |
2020-09-28T18:57:03.000Z | ගෙවුණු දවස උණුසුම් කළ පුවත්… | ගෙවුණු දවස උණුසුම් කළ පුවත්… | දේශීය පුවත් 1. පරිසර විනාශයක් ගැන අසත්‍ය පුවත් සමාජගත කරන මෙහෙයුමක්, පිරිස් හඳුනාගෙන ඔවුන්ට ඒරෙහිව නීතිමය පියවර ගැනීමට රජය තීරණය කරයි: වත්මන් රජය බලයට පැමිණීමෙන් පසු පෙර නොවූ විරූ අයුරින් පරිසරය විනාශ කිරීමට පටන් ගෙන ඇතැයි කියවෙන අසත්‍ය ප්‍රවෘත්ති ප්‍රබන්ධ කොට සමාජගත කිරීමේ මෙහෙයුමක් හඳුනාගෙන ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. 2. 13 ගැන අගමැතිවරයාට නරේන්ද්‍ර මෝදි කියූ දේ..?: 20 වන ව්‍යවස්ථා සංශෝධනය වගේම මේ දිනවල 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳවත් සංවාදයක් ඇතිවී තිබේ. 3. ක්ෂුද්‍ර මූල්‍ය ණය නිසා පීඩනයට පත් මිනිස්සුන්ගේ කඳුළු කතාව: ශ්‍රී ලංකා මහ බැංකුව නිර්වචනය කරන පරිදි ක්ෂුද්‍ර මූල්‍ය යනු අඩු ආදායම් ලාභීන්ට මූල්‍ය සේවා සැපයීමයි. 4. කොළඹට අලියෙක් ?: අලි මිනිස් ගැටුම විශාල ගැටලුවක් වන අතර පෙරේදා (27) රාත්‍රියේත් එය තව ත් සනාථ කරමින් ජීවිත 2 ක් බිළි ගැණුනි. විදෙස් පුවත් 5. ලොව කොරෝනා මරණ ගණන මිලියනය ඉක්මවයි: ලොව සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව මිලියනය ඉක්මවා තිබේ. |
2020-09-28T11:37:14.000Z | පරිසර විනාශයක් ගැන අසත්‍ය පුවත් සමාජගත කරන මෙහෙයුමක්: පිරිස් හඳුනාගෙන ඔවුන්ට ඒරෙහිව නීතිමය පියවර ගැනීමට රජය තීරණය කරයි | පරිසර විනාශයක්: අසත්‍ය පුවත් සමාජගත කරන මෙහෙයුමක් | COLOMBO (News 1st) - වත්මන් රජය බලයට පැමිණීමෙන් පසු පෙර නොවූ විරූ අයුරින් පරිසරය විනාශ කිරීමට පටන් ගෙන ඇතැයි කියවෙන අසත්‍ය ප්‍රවෘත්ති ප්‍රබන්ධ කොට සමාජගත කිරීමේ මෙහෙයුමක් හඳුනාගෙන ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, ආරක්ෂිත වනාන්තර ගිනි තබා විනාශ කරන බවටත් ස්වභාවික කැලෑවල පිහිටි ගස් කපා හෙළන බවටත් මේ අසත්‍ය වාර්තා මගින් හුවා දක්වන බවය. මින් පෙර කිසි කලෙක මෙබඳු පරිසර විනාශයක් සිදු නොවූ බවත් රජය එවැනි නීති විරෝධි ක්‍රියා හමුවේ නිහඬව සිටින බවත් ඒත්තු ගැන්වීමට මේ පුවත් නිර්මාණය කරන අය උත්සාහ කරන බව ද එම නිවේදනයේ සඳහන් වේ. නිවේදනයේ දැක්වෙන්නේ, එවැනි වාර්තාවල මුළුමනින්ම අසත්‍ය සහ විකෘති කරන ලද තොරතුරු ඇතුළත් බව ද නිරීක්ෂණය කර ඇති බවයි. පරිසර විනාශයක් ගැන කියවෙන අසත්‍ය පුවත් විශේෂයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සහ ඇතැම් මුද්‍රිත මාධ්‍යය සහ රූපවාහිනී සහ ගුවන්විදුලි මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කෙරෙන බව එහි සඳහන් ය. මෙසේ පළ කරන පුවත් අසත්‍ය බව කරුණු සහිතව සනාථ කළ විට ඒවා සමාජ මාධ්‍යයෙන් ඉවත් කර ගන්නා බව ද මෙහි දැක්වේ. පසුව වෙනත් අසත්‍ය වාර්තාවක් ගොතා පළ කරනු ලබන බව ද විපක්ෂ බලවේග සහ ඔවුන්ගේ ආධාරකරුවන් මේ අසත්‍ය පුවත්වලට ඉමහත් ප්‍රසිද්ධියක් දෙන බව ද මෙම නිවේදනයෙන් පෙන්වා දෙයි. ඔවුන්ගේ රැස්වීම් ප්‍රවෘත්ති සාකච්ඡා සහ සම්මුඛ සාකච්ඡාවලදී අසත්‍ය පුවත් අතිශෝක්තියෙන් අවධාරණය කෙරෙන බව ද එම නිවේදනයේ සඳහන් ය. මහවැලි අධිකාරියට අයත් එච් කලාපයේ අනුරාධපුර ඉහළ තලාව වැව ප්‍රතිසංස්කරණයේදී දැවැන්ත වන විනාශයක් සිදුවන බවට පසුගිය සැප්තැම්බර් 15 වන දින පළ වූ වාර්තාව ද අසත්‍ය බව මෙම නිවේදනයේ සඳහන් විය. එම වාර්තාවෙන් පළ කළ වන විනාශයට අමතරව බරපතල දූෂණ ක්‍රියා සිදු වන බවට කළ චෝදනා ද මුළුමනින්ම අසත්‍යයක් බව ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ එච් කලාපයේ නේවාසික ව්‍යාපාර කළමනාකරු උභය කල්‍යාණ කුමාර මහතා සැප්තැම්බර් 17 දා මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් වෙත සාක්ෂි සහිතව දැනුම් දුන් බව ද එම නිවේදනයේ දැක්වේ. එහි සඳහන් පරිදි 2016 වසරේ ඇති වූ මහ වැසි නිසා ඉහළ තලාව වැව් බැම්ම කැඩීයාමේ අවදානමක් මතු වී තිබුණත් යුද හමුදාවේ සහ ප්‍රදේශවාසීන්ගේ සහයෝගයෙන් වැලි කොට තබා වැව් බැම්ම තාවකාලිකව රැකගත් බව ද බැම්ම බිඳී ගියහොත් තලාව නගරය සහ පුරාණ ගම්මාන මුළුමනින්ම ජලයෙන් යටවන බව ද කොළඹ යාපනය දුම්රිය මාර්ගයට සහ අනුරාධපුර පාදෙනිය මහා මාර්ගයට බරපතල හානි පැමිණෙන බව ද හඳුනාගෙන ඇති බව සඳහන් විය. පසුව කෘෂිකර්ම අමාත්‍යාංශයේ දේශගුණික අවබලපෑම් අවම කිරීමේ ව්‍යාපෘතිය යටතේ වැව ප්‍රතිසංස්කරණය පිණිස ලෝක බැංකුවෙන් රුපියල් මිලියන 38.9 ක ආධාර මුදලක් ප්‍රදානය කෙරුණු බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් ය. ව්‍යාපෘතියේ වැඩ පසුගිය ජූලි මාසයේදී ආරම්භ වී ඇති අතර ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය ප්‍රගතිය බැංකුව විසින් අධික්ෂණය කරන බව ද මෙහි දැක්වේ. ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියෙහි වැවේ සහ බැම්ම මත වැඩි ඇති ගස් අසූවක් ඉවත් කිරීමට තීරණය වු බවත් ඒ සියල්ලම මාර ගස් බවත් ව්‍යාපෘතිය සඳහා පාරිසරික ඇගයීම් සහතික මෙන්ම භූ විද්‍ය හා පතල් කාර්යාංශයේ අනුමැතියද ලැබී ඇති බවත් මෙහි සඳහන් ය. අදාළ අනුමැතියට අත්සන් තබා ඇත්තේ භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සී එච් ආර් සිරිවර්ධන සහ දේශගුණික අවබලපෑම් අවම කිරීමේ ව්‍යාපෘතිය අධ්‍යක්ෂ ඉංජිනේරු එස් ඇලකන්ද යන මහත්වරුන් බව ද නිවේදනයෙන් පෙන්වා දෙයි. කපා දැමෙන ගස් රාජ්‍ය දැව සංස්ථාව විසින් ඉවත් කර ගනිම්න් පවතින බව ද නිවේදනයේ සඳහන්. වැව ප්‍රතිසංස්කරණයේදී මහා වන විනාශයක් සිදුවන බවට චෝදනා කළ වාර්තාව තුළ මේ කිසිදු තොරතුරක් අඩංගු නොවන බවත් ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වේ. ජනතාව නොමග වනු පිණිස සිතා මතා අසත්‍ය ප්‍රවෘත්ති නිර්මාණය කොට විවිධ මාධ්‍ය ඔස්සේ සමාජ ගත කරන පිරිස් හඳුනාගෙන ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට රජය තීරණය කර තිබෙන බවත් මෙම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ය. |
2020-09-28T11:20:38.000Z | සුසන්තිකා ජයසිංහ ඔලිම්පික් පිටියේදී ලක්මව බබළවා අදට වසර 20යි.. | සුසන්තිකා ඔබට ජාතියේ ප්‍රණාමය! | COLOMBO (News 1st) - මීට වසර 20 කට පෙර සෑම ශ්‍රී ලාංකිකයෙක්ම ශ්‍රී ලංකා ධජය යටතේ එකාවන්ව ජයග්‍රහණය සැමරූහ. ඒ, සිඩ්නි ඔලිම්පික් උළෙලේදී සුසන්තිකා ජයසිංහ මීටර 200 ඉසව්වෙන් රිදී පදක්කම දිනාගත් දිනයේදීය. දිනය - 2000 සැප්තැම්බර් 28 ස්ථානය - සිඩ්නි ඔලිම්පික් ක්‍රීඩාංගණය අදින් හරියටම වසර 20කට පෙර අදවන් දවසක. මුළු මහත් ශ්‍රී ලාංකික දෑස් එකම අරමුණක්, එකම බලාපොරොත්තුවක් වෙනුවෙන් දෑස් දල්වා සිටි මොහොතකි. සියලු ශ්‍රී ලාංකිකයන්ගේ එකම බලාපොරොත්තුව බවට පත්ව තිබුණේ මලල ක්‍රීඩාවෙන් ලබා ගත හැකි ඉහළතම ගෞරවය ලෙස සැලකෙන ඔලිම්පික් පදක්කමක් මෙරටට හිමිවනු දැකීමයි. සුසන්තිකා ජයසිංහ ශ්‍රී ලංකා ධජය යටතේ මීටර 200 ඔලිම්පික් තරගය සඳහා එක්ව සිටියා ය. එදා සුසන්තිකාලා මිලියන ගණනක් ශ්‍රී ලංකාවෙන් ද බිහි විය. ඔලිම්පික් ඉතිහාසයේ තව ත් සුවිශේෂී දිනයක් සටහන් කරමින් ශ්‍රී ලාංකික ජාතික ධජය සිඩ්නි ක්‍රීඩාංගණයේ ඉහළ අහසට එසවුනේ ශ්‍රී ලංකාවේ අභිමානය මුළු මහත් ලෝකයටම හඬගා කියමිනි. ජාති, ආගම්, කුල භේදයකින් තොරව එකාවන්ව සුසන්තිකාගේ ජාත්‍යන්තර ජයග්‍රහණය සැමරීමට සියලුම ශ්‍රී ලාංකිකයන් පෙළ ගැසී සිටියහ. සුසන්තිකා එදා ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවරදී දිනා ගනු ලැබූයේ ඔලිම්පික් රිදී පදක්කම පමණක්ම නොවේ. එදා ඇය දිනා දුන්නේ අදටත් අප සමරණ ශ්‍රී ලාංකික ක්‍රීඩාවේ ජාතික අභිමානයයි. සුසන්තිකා ඔබට ජාතියේ ප්‍රණාමය.... |
2020-09-28T10:11:24.000Z | ලබන වසරේ සිට පාසල් ළමුන්ට වවුචර්පත් වෙනුවට නිල ඇඳුම් | පාසල් ළමුන්ට වවුචර්පත් වෙනුවට නිල ඇඳුම් | COLOMBO (News 1st) - ලබන වසරේ සිට පාසල් නිල ඇඳුම් සඳහා වවුචර්පත් වෙනුවට නිල ඇඳුම් ලබාදීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ. |
2020-09-28T08:47:19.000Z | කොළඹට අලියෙක් ? | කොළඹට අලියෙක් ? | COLOMBO (News 1st) - අලි මිනිස් ගැටුම විශාල ගැටලුවක්.. ගම්මැද්ද වසර 5 ක් සිදු කළ ගෙයින් ගෙට වැටසටහනින් එය යළි යළිත් තහවුරු වී තිබේ. ඊයේ රාත්‍රියේත් එය තව ත් සනාථ කරමින් ජීවිත 2 ක් බිළි ගැණුනි. දිවයිනේ දිස්ත්‍රික්ක රැසක් පුරා අලි මිනිස් ගැටුම උග්‍රවීමත් සමග අප පුන පුනා ප්‍රකාශ කළේ, මෙම තත්ත්වය හමුවේ කොළඹටත් වනඅලි පැමිණෙන දිනය වැඩි ඈතක නොවන බවටයි. අද අප නගරයේ ජීවත්වන ජනතාවට ඒ ගැමියන්ගේ දෛනික ජීවිතේ පුංචි අත්දැකීමක් ලබා දුන්නෙමු. මේ ඉතා ජනාකිර්ණ මහල් නිවාස කාර්යාල සංකීර්ණවලින් පිරිගිය කොළඹ දෙක බේබෲක් පෙදෙස දිගේ අප සැලසුම් කළ පරිදි සද්ධන්ත අලියෙකු ගමන් කළේ ය. එක්වරම සිදූ වූ මේ අත්දැකීම බේබෲක් පෙදෙසේ බෝහෝ පිරිසකට තැති ගැන්මකට ලක් විය. කොළඹ ජනතාව මුහුණ පෑ මේ අත්දැකීම ලංකාවේ බොහෝ ගම්මානවල දෛනික යථාර්ථයයි. ඒ, යථාර්ථයට මේ වනවිට අලින් මෙන්ම මිනිසුන් රැසක් බිළිවී අවසන් ය. ඊයේ පෙදරේරු වෘත්තියේ නිරත වූ නිමල් සහ පියදාස ඊයේ නිවෙස්වලින් පිටත්ව ගියේ නිවසක අත්තිවාරමක් කැපීම සඳහායි. ඔවුන් සිය කාර්ය නිමාකර පස්වරු 4.00 ට පමණ යළි පා පැදිවලින් නිවෙස්වලට පිටත්වුද ඒ ගමන අතරමගකින් අවසන් විය. නිමල් සහ පියදාස තව ත් 5දෙනෙකු සමග ගල්ගමුව, දේවගිරිය ප්‍රදේශයෙන් යමින් සිටියදී වනඅලි ප්‍රහාරයකට ලක් වූ අතර සෙසු තිදෙනා දිව ගොස් දිවි බේරාගැනිමට සමත්ව තිබේ. පහරදීම සිදු කළ තනි අලියා එම ස්ථානෙයන් ඉවත් නොවීම හේතුවෙන් පහරදීමට පුද්ගලයින් දෙදෙනාගේ ගලවා ගැනීමට පැයක පමණ ප්‍රමාදයක් සිදු වූ බව අප වාර්තාකරු ප්‍රකාශ කළේ ය. සිද්ධියෙන් මිය ගියේ ගල්ලෑව සහ නිතලව ප්‍රදේශයේ පදිංචිව සිටි නිමල් වන්නිනායක නැමති 40 හැවිරිදි පුද්ගලයෙකු සහ 63 හැවිරිදි ඊ.එම්.පියදාස යන අයයි. https://www.facebook.com/NewsfirstSL/videos/872881533243476/ |
2020-09-28T09:17:14.000Z | ක්ෂුද්‍ර මූල්‍ය ණය නිසා පීඩනයට පත් මිනිස්සුන්ගේ කඳුළු කතාව | ක්ෂුද්‍ර මූල්‍ය ණය නිසා පීඩනයට පත් මිනිස්සු... | COLOMBO (News 1st) - ශ්‍රී ලංකා මහ බැංකුව නිර්වචනය කරන පරිදි ක්ෂුද්‍ර මූල්‍ය යනු අඩු ආදායම් ලාභීන්ට මූල්‍ය සේවා සැපයීමයි. ප්‍රමාණවත් ඇපකර ඉදිරිපත් කිරීමට හැකියාවක් නොමැතිකම හේතුවෙන් විධිමත් බැංකු හරහා තම මූල්‍ය පහසුකම් සපුරාගත නොහැකි දිළිඳු පුද්ගලයින් වෙත ණය පහසුකම්, ඉතිරි කිරීමේ පහසුකම් සහ වෙනත් මූල්‍ය පහසුකම් සැළසීම මෙමගින් සිදු වේ. මහ බැංකුවට අනුව ක්ෂුද්‍ර මූල්‍ය මගින් අපේක්ෂා කරනු ලබන්නේ අඩු ආදායම්ලාභීන්ගේ ආදායම් උත්පාදනය කිරීමේ කටයුතු සහ ආදායම් උත්පාදන ධාරිතාව් වැඩිදියුණු කිරීම සහ ප්‍රසාරණය කිරීමයි. නමුත් අපේ රටේ ක්ෂුද්‍ර මූල්‍ය ක්ෂේත්‍රය ක්‍රියාත්මක වන්නේ මේ අරමුණු ඔස්සේ ද? මේ වනවිට රටපුරා ග්‍රාමීය මෙන්ම නාගරික ප්‍රදේශවලක් විශාල පිරිසක් ක්ෂුද්‍ර මූල්‍ය ආයතනවලින් නැත්නම් පුද්ගලයින්ගෙන් ලබාගත් ණය වාරික ගෙවා ගැනීමට නොහැකිව දැඩි පීඩාවකට පත්ව සිටි. මේ පිරිස් අදාළ ණය ලබා ගෙන ඇත්තේ, මාසිකව හෝ සතිපතා නැත්නම් දිනපතා පොලියක් සහ ණය මුදලේ කොටසක් ආපසු ගෙවීමේ පදනම මතයි. දෛනික ආදායම් ලබන බොහෝ පිරිසකට මෙම මුදල් යළි ගෙවීමට ඇති හැකියාව අවම බව එම තත්ත්වයන් නිරීක්ෂණය කිරීමේදී පෙනී යන්නකි. ලංකා ක්ෂුද්‍ර මූල්‍ය වෘත්තිකයන්ගේ සංගමය ක්ෂුද්‍ර මූල්‍ය ආයතන 37 කින් පසුගිය ජුලි මාසය වනවිට ලබාගත් වාර්තාවලට අනුව මිලියන 2.8 ක් මේ ක්‍රමයට ණය ලබාගෙන තිබේ. ඉන් මිලියන 2.4 ක්ම කාන්තාවන්. ඔවුන් අදාළ ආයතනවලින් ලබාගෙන ඇති ණය ප්‍රමාණයේ මුළු වටිනාකම රුපියල් බිලියන 94 කි. https://www.facebook.com/NewsfirstSL/videos/3152838291506038/ |
2020-09-28T11:01:04.000Z | 20 ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් 39 ක් | 20 ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් 39 ක් | COLOMBO (News 1st) - ජනතාව එදිනෙදා මුහුණ දෙන ප්‍රශ්න ගැන තොරතුරු වාර්තාවන අතරවාරයේ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන දේශපාලනය උණුසුම් වී තිබේ. මේ පනත් කෙටුම්පතට අදාළව අද පස්වරුව වනවිට පෙත්සම් 39 ක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබුණි. සමගි තරුණ බලවේගයේ සභාපති, මයන්ත දිසානායක මහතා අද පෙරවරුවේ 20 වන ව්‍යවස්ථා සංශෝධනයට අදාළව පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කළේ ය. එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා මෙන්ම එම පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන යන මහත්වරුන් අද දිනයේදී පෙත්සම් දෙකක් ගොනු කර තිබේ. මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජික මහාචාර්ය රත්නජීවන් හූල් මහතා සහ ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය ද 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පෙත්සම් ඉදිරිපත් කළ බව අප අධිකරණ වාර්තාකරු සඳහන් කළේ ය. ජනාතාව වෙනුවෙන් නීතිඥයෝ සංවිධානය ද අද පස්වරුවේ පෙත්සමක් ගොනු කර තිබේ. අගවිනිසුරු ජයන්ත ජයසුරිය, බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෘ, ප්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මලල්ගොඩ යන පංච පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේදී එම පෙත්සම් හෙට පෙරවරුවේ සිට සලකා බැලීමට නියමිතවේ. https://www.facebook.com/NewsfirstSL/videos/1316980451804213/ |
2020-09-28T09:40:20.000Z | 13 ගැන අගමැතිවරයාට නරේන්ද්‍ර මෝදි කියූ දේ..? | 13 ගැන අගමැතිවරයාට නරේන්ද්‍ර මෝදි කියූ දේ..? | COLOMBO (News 1st) - 20 වන ව්‍යවස්ථා සංශෝධනය වගේම මේ දිනවල 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳවත් සංවාදයක් ඇතිවී තිබේ. කොටසක් 13 අහෝසි කරන්න යෝජනා කරද්දී තව ත් කොටසක් කියන්නේ මේක අවශ්‍යයි කියලා. ඉන්දු - ලංකා අගමැතිවරුන් පසුගිය සෙනසුරාදා පැවැත් වූ සාකච්ඡාවේදී 13 ගැන යළි ත් සංවාදයට ලක්වෙන කරුණු මතුවී තිබේ. මේ අනාවරණය ඒ පිළිබඳවයි... 1987 අත්සන් කළ ඉන්දු, ලංකා ගිවිසුමෙන් පස්සේ අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට 13 වන සංශෝධනය හඳුන්වා දුන්නේ ය. ජාතික ප්‍රශ්නයට විසඳුමක් ලෙස බලය බෙදා හැරීම සඳහා ව්‍යවස්ථාවට එක්කළ මේ සංශෝධනයෙන් පළාත් සභා ක්‍රමය හඳුන්වා දී තිබේ. පසුගිය සති අන්තයේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර පැවති සාකච්ඡාවේදී නැවතත් 13 වන සංශෝධනය සාකච්ඡාවට ලක් විය. මධ්‍යවේදී ප්‍රශ්නය, දැන් 13 සංශෝධනය සම්බන්ධයෙන් ප්‍රතිචාරේ මොන වගේ ද? කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රකාශය. ජනාධිපතිවරණයේ වාගේම මහ මැතිවරණයේදීත් ලංකාවේ රජයට විශාල ජනවරමක් ලැබුණා. ඒ බලය අපිට දුන්නේ ශ්‍රී ලාංකීය සියලු ජාතීන්ට සමානව සේවය කරන්න. ඒ අනුව සියලු ජාතීන්ට සමගියෙන් සහයෝගයෙන් කටයුතු කරන්න අවශ්‍ය පසුබිම අපි හදනවා. එයට ඔබගේ සහයෝගය ලැබෙන බව අපි දන්නවා. ඉතාම අසීරු අවස්ථාවක වුවත් ලංකාවේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදයේ අයිතිවාසිකම් මුල් තැන දීලා කටයුතු කළ බවත් කියන්න ඕනේ.ඒවාගේම කොතරම් දුෂ්කර තත්ත්වයන් ආවත් අපි හුදු ජනතාවගේ ආර්ථිකය අධ්‍යාපනය, සෞඛ්‍ය අත්‍යාවශ්‍ය දේ හැකි උපරිමයෙන් සපුරා ගන්න කටයුතු කරනවයි කියන එක අපි මතක් කරන්න ඕනේ. මාධ්‍යවේදී ප්‍රශ්නය, මෙතන දැන් අගමැතිතුමා විවෘත උත්තරයක්නේ දීලා තියෙන්නේ 13 වැනි සංශෝධනය සම්බන්ධයෙන්. හැබැයි මේ ඒකාබද්ධ ප්‍රකාශයයේ හැටියට අපේ අගමැතිතුමා සඳහන් කරලා තියෙනවා මේ ව්‍යවස්ථාමය ප්‍රතිපාදනවලට අනුකූලව මේ සියලු ජාතීන්ගේ අභිලාෂයන් ඉෂ්ට කරනවයි කියන කතාව. මේ පුළුල් පිළිතුර ඇතුළේ කුමක්ද ගැබ් වෙන්නේ. ඒ කියන්නේ ආණ්ඩුව බලාපොරොත්තු වෙන්නේ සම්පුර්ණ ව්‍යවස්ථා සංශෝධනයකින් මේ 13 අදාළ කාරණාවලට එන්නද? නැත්තම් 13 ක්‍රියාත්මක කරන්නද? කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා, නෑ. පුළුල් ව්‍යවස්ථා සංශෝධනයක්. මාධ්‍යවේදී ප්‍රශ්නය, හැබැයි ඉන්දීය මාධ්‍ය දිගින් දිගටම වාර්තා කරන කාරණය තමයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා, නෑ. ඒ මාධ්‍ය කරලා තියෙන වාර්තාවන් යම් තරමකට සත්‍යයෙන් තොරයි. මාධ්‍යවේදී ප්‍රශ්නය, දැන් අද හින්දු පුවත්පත වාර්තා කරලා තියෙනවා අගමැතිතුමා ඉන්දියාවේදී කරපු ඒ ගොල්ලොත් එක්ක ගිහිල්ලා කරපු සම්මුඛ සාකච්ඡාවේදී දුන්න කියපු කාරණාව. 13 ඉස්සරහට යන කාරණා. මේ බලය බෙදීම සම්බන්ධයෙන් ඉන්න පුළුල් ස්ථාවරය පිළිබඳව කාරණාව. දැන් ඉන්දීය මාධ්‍ය බොහොමයක් වාර්තා කරලා තියෙන්නේ කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා, මං හිතන්නේ ඒකත් වැරදි. මොකද ඒ සාකච්ඡාවලට මමත් සම්බන්ධ වුණා. 2011 මට මතක විදියට. තර්ටීන් ප්ලස් කියන එකනේ ඔය කියැවෙන්නේ. මාධ්‍යවේදී ප්‍රශ්නය, ඔව්. කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා, ඔබතුමා කියන ඔය තර්ටීන් ප්ලස් කියන එක කතා කරේ. අපි අපර් හවුස් වාගේ ඇහන්නේ ගැන කතා කරා. ඉහළ පාර්ලිමේන්තුවක් සම්බන්ධව ඒ වෙලාවේ කතා කරා. ඒ වෙලාවේ කතා කරපු වෙලාවේ ආචාර්ය මං මෝහන් සිං මැතිතුමා තමයි කිව්වේ ඒ කියන්නේ තර්ටීන් ප්ලස් කියන එක එහෙම නැතුව අගමැතිතුමා අතින් නෙවෙයි කියැවුනේ. මං හිතන්නේ. එතනැන ඒ නිවැරදි කිරීම කළ යුතුයි. කෙසේ වෙතත් මෙම සාකච්ඡාවෙන් පසුව නිකුත් කළ ඒකාබද්ධ නිවේදනයේ දැක්වුනේ, එක්සත් ශ්‍රී ලංකාවක් තුළ සමානාත්මතාව, සාමය හා ගරු කිරීම උදෙසා දෙමළ ජනතාවගේ අපේක්ෂා ආමන්ත්‍රණය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය ක්‍රියාත්මක කර සංහිදියාව උදෙසා වන ක්‍රියාවළිය ඉදිරියට ගෙන යන ලෙස ඉන්දීය අගමැතිවරයා ඉල්ලා සිටි බවයි. ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ඒකාබද්ධ ලේකම් අමිත් නාරන්ග්, අග්‍රාමාත්‍ය මෝදි මහතා ශ්‍රී ලංකාවේ සාමය හා සංහිදියා ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාම සඳහා 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය මුළුමනින්ම ක්‍රියාත්මක කිරීමේ ඇති වැදගත්ම මෙම සාකච්ඡාවේදී අවධාරණය කළා. ඉන්දියානු රජයේ මේ පිළිබඳව ස්ථාවරය ඉතා පැහැදිලියි. අපි හැම තිස්සේම සාමය හා සංහිදියාව වෙනුවෙනුත් 13 වැනි ව්‍යවස්ථාව සම්පුර්ණයෙන් ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් කැප වී සිටියා. මම කලින් කිව්වා වාගේම මේ පිළිබඳව කරුණු අපේ අග්‍රාමාත්‍යවරයත් පෙන්වා දුන්නා. ඒකාබද්ධ නිවේදනයට අනුව අගමැති මහින්ද රාජපක්ෂ මහතා මෙම හමුවේදී පවසා ඇත්තේ, ශ්‍රී ලංකාවේ ජනතාව දී ඇති බලය සහ ව්‍යවස්ථාමය ප්‍රතිපාදන ක්‍රියාවට නැංවීම හරහා දෙමළ ජනතාවගේ මෙන්ම සියලුම ජනතාවගේ අභිලාෂයන් යථාර්ථයක් කිරීමට ශ්‍රී ලංකාව කටයුතු කරන බවයි. මාධ්‍යවේදී ප්‍රශ්නය, ද්වීපාර්ශ්වික සමුළුවේදී ඔබතුමත් හිටියා. ඒ අවස්ථාවේදී 13 වන ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කළ යුතු බවට අගමැති නරේන්ද්‍ර මෝදි සෘජුවම මහින්ද රාජපක්ෂ මහතාට අවධාරණය කළා ද? නැතිනම් 13 වන සංශෝධනය ගැන මොනවගේ කරුණු ද අවධාරණය කළේ කියල දෙමළ බසින් පැහැදිලි කරන්න පුළුවන් ද? ඊ.පී.ඩී.පී නායක අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා, මේක මම දීර්ඝ කාලයක් තිස්සේ කියන කරුණක්. දෙමළ ජනතාවගේ දේශපාලන අයිතීන් පිළිබඳ ප්‍රශ්නයේදී ඉන්දු, ලංකා ගිවිසුම හරහා ඇති කරන ලද පළාත් සභා ක්‍රමය ක්‍රියාත්මක කළ යුතුයි කියල මම දිගින් දිගටම කියනවා. ඒකේ වෙනසක් නැහැ. මේ පිළිබඳව ශ්‍රී ලංකා ආණ්ඩුව පැහැදිලි ස්ථාවරයක ඉන්නවා. ඉන්දීය රජයත් පැහැදීමකින් ඉන්නවා. මාධ්‍යවේදී ප්‍රශ්නය, ඒ ගැන අග්‍රාමාත්‍ය මෝදි අවධාරණය කළා ද? ඊ.පී.ඩී.පී නායක අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා, අවධාරණය කළේ නැහැ. ඔහු සිය අදහස ප්‍රකාශ කළා. අපිටත් ඒකෙ වෙනත් මතයක් නැහැ. මාධ්‍යවේදී ප්‍රශ්නය, මොකක්ද ඒ මතය ඊ.පී.ඩී.පී නායක අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා, මොකක්ද? දෙමළ ජනතාවගේ ප්‍රශ්නයට විසඳුම් සෙවිය යුතුයි. ඒකට පළාත් සභා ක්‍රමය තමයි සාර්ථක කියල එතුමා කිව්වා. මාධ්‍යවේදී ප්‍රශ්නය, 13 ක්‍රියාත්මක කරන්න කියල කිව්වෙ නැද්ද? ඊ.පී.ඩී.පී නායක අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා, ඔව් ඒගැන අපිට වෙනත් මතයක් නැහැ. අපේ ආණ්ඩුකම ව්‍යවස්ථාවේ තියෙනවා. දෙමළ දේශපාලන පක්ෂ තමයි මේක යල් පැනගිය එකක් කොස්සෙන්වත් අල්ලන්නේ නැහැ කියල කිව්වේ. නමුත් ශ්‍රී ලංකා රජය එය පිළි අරගෙන තියෙනවා. අපේ ව්‍යවස්ථාවෙත් තියෙනවා. මාධ්‍යවේදී ප්‍රශ්නය, ආණ්ඩුවේ ඉන්න සරත් වීරසේකර මහත්තය 13 අයින් කරන්න ඕනේ කියනවා. එදා ඉඳළම ඊට තමන් එරෙහි බව ඔහු සඳහන් කළා. ඉන්දියාව පටවපු දෙයක් කියල ඔහු කියන්නේ. ඒ ආණ්ඩුවේම ඉන්න ඩග්ලස් දේවානන්දා ඒ කියන්නේ ඔබතුමා 13 ඕනේ කියනවා. ඊ.පී.ඩී.පී නායක අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා, අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙන කරුණු ගැනයි අපි කතා කළේ. ඊට පටහැනිව කිසිදු දෙයක් කතා කලේ නැහැ. එය දැනටමත් ක්‍රියත්මකයි නේද? ඉතින් ඒ ගැන සැකයක් නැහැ. සරත් වීරසේකර කියනවා. අපේ විග්නේෂ්වරන් වෙනත් එක්ක කියනවා. ඒවා ඒ අයගේ පෞද්ගලික මත. ආණ්ඩුවේ මතය ඒක නෙමෙයි. https://www.facebook.com/NewsfirstSL/videos/621223098563936/ |
2020-09-28T06:27:12.000Z | වැඩි මිලට පොල් අළෙවි කළ වෙළෙඳුන් 56 කට නඩු | වැඩි මිලට පොල් අළෙවි කළ වෙළෙඳුන් 56 කට නඩු | COLOMBO (News 1st) - උපරිම සිල්ලර මිලට වඩා වැඩි මිලට පොල් අළෙවි කළ වෙළෙඳුන් 56 දෙනෙකුට අද දිනයේ නඩු පවරා තිබේ. පාරිභෝගික කටයුතු අධිකාරියේ අධ්‍යක්ෂ අසේල බණ්ඩාර මහතා සඳහන් කළේ, වැඩි මිලට පොල් අළෙවි කරන වෙළෙඳුන් සොයා අද දිනයේ දිවයින පුරා වැටලීම් සිදු කිරීම ආරම්භ කළ බවයි. ඒ අනුව කොළඹ, ගම්පහ, පුත්තලම, කෑගල්ල, රත්නපුර, මාතර, මාතලේ, බදුල්ල, නුවරඑළිය යන දිස්ත්‍රික්කවල අද දිනයේ වැටලීම් සිදු කළ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළේ ය. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළේ, හෙට දිනයේ අනුරාධපුර සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල පොල් වැඩි මිලට අළෙවි කරන වෙළෙඳුන් සොයා වැටලීම් සිදු කරන බවයි. |
2020-09-28T06:09:21.000Z | කසළ තේ කිලෝ 5000 ක් සමග පුද්ගලයෙකු ඇල්පිටියේදී අත්අඩංගුවට | කසළ තේ කිලෝ 5000 ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට | COLOMBO (News 1st) - කසළ තේ කිලෝග්‍රෑම් 5000 කට අධික ප්‍රමාණයක් සමග පුද්ගලයෙකු ඇල්පිටිය, ඉදිගහවෙළ ප්‍රදේශයේදී පොලිස් විශේෂකාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, අත්අඩංගුවට ගත් පුද්ගලයා ලොරි රථයකින් කසළ තේ ප්‍රවාහනය කරමින් සිටි බවයි. අත්අඩංගුවට ගත් සැකකරු 28 හැවිරිදි අම්බලංගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මේ අතර වල්ලාපට්ටා කුඩු කිලෝග්‍රෑම් 446 ක් සමග පුද්ගලයෙකු වැලිගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, සැකකරු සතුව තිබි බොයිලේරුවක්, සිලින්ඩරයක්, ගෑස් ලිප්, ඇඹරුම් යන්ත්‍රයක් සොයා ගත් බවයි. |
2020-09-28T04:31:39.000Z | New Diamond නෞකාවේ කපිතාන්ට විදෙස්ගතවීම තහනම් කෙරේ | New Diamond නෞකාවේ කපිතාන්ට විදෙස්ගතවීම තහනම් | COLOMBO (News 1st) - මෙරට මුහුදු සීමාවේදී ගිනිගත් එම්.ටී.නිව් ඩයමන්ඩ් නෞකාවේ කපිතාන්වරයාට අධිකරණයේ අවසරයකින් තොරව විදෙස්ගතවීම තහනම් කර තිබේ. ඒ, නෞකාවේ කපිතාන්වරයා අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී ය. |
2020-09-28T04:19:17.000Z | බස්නාහිර පළාතේ විශේෂ මෙහෙයුමකින් සැකකරුවන් 488 ක් අත්අඩංගුවට | බස්නාහිර පළාතේ මෙහෙයුමකින් 488 ක් අත්අඩංගුවට | COLOMBO (News 1st) - බස්නාහිර පළාතේ ක්‍රියාත්මක කළ විශේෂ මෙහෙයුමකදී මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් 488 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ, ඊයේ උදෑසන 6.00 සිට අද අලුයම 5.00 දක්වා එම මෙහෙයුම ක්‍රියාත්මක කළ බවයි. එහිදී හෙරොයින්, ගංජා, නීති විරෝධි මත්පැන්, ගෝඩා සහ අයිස් ඇතුළු මත්ද්‍රව්‍ය පොලීසිය භාරයට ගෙන තිබේ. මෙම මෙහෙයුමේදී වෙනත් වැටලීම් 16 ක් සිදු කර ඇති අතර එහිදී සැකකරුවන් 26 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසීය. |
2020-09-28T03:35:48.000Z | වැසිකිලිවලට වැටුණ දැරිය මරණයට පත්ව ඇත්තේ, විෂ ආඝ්‍රාහණය වීමකින් | මාවනැල්ලේ දැරියගේ මරණය විෂ ආඝ්‍රාහණය වීමක් | COLOMBO ( News 1st ) : මාවනැල්ල, හිඟුල ප්‍රදේශයේ වැසිකිලිවලට වැටී මරණයට පත්වූ දැරියගේ මරණය විෂවායු ආඝ්‍රාහණය වීමෙන් සිදුව ඇතැයි පොලීසිය පොලීසිය නිවේදය කරයි. ඊයේ පෙරවරුවේ මිදුල අතුගාමින් සිටි එම දැරිය වැසිකිලිවලක කොන්ක්‍රීට් ආවරණයේ කොටසක් කැඩී එය තුළට වැටී ඇති අතර පසුව රෝහල්ගත කිරීමේදී මියගොස් ඇත. එලෙස මියගොස් ඇත්තේ, හිඟල ප්‍රදේශයේ පදිංචි 14 හැවිරිදි දැරියක් ය. |
2020-09-28T03:01:14.000Z | නාකොටික් නිලධාරින් යළි රිමාන්ඩ් | නාකොටික් නිලධාරින් යළි රිමාන්ඩ් | COLOMBO ( News 1st ) : මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග එක්ව හෙරොයින් ජාවාරම් කිරීම ඇතුළු චෝදනා යටතේ සැකපිට අත්අඩංගුවට ගෙන සිටින පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සේවය කළ පොලිස් පරීක්ෂකවරයෙකු ඇතුළු සැකකාර පොලිස් නිලධාරීන් 13 දෙනා ලබන 12 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර ඇත. ඒ, අදාල සැකකරුවන් අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. |
2020-09-28T03:26:16.000Z | කොරෝනා ආසාදිතයින් ගණන 3360 දක්වා ඉහළට | කොරෝනා ආසාදිතයින් ගණන 3360 දක්වා ඉහළට | COLOMBO ( News 1st ) : මෙරටින් තවත් කොරෝනා ආසාදිතයින් 11 දෙනෙකු ඊයේ හඳුනා ගැනුණි. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ, චෙන්නායි සිට පැමිණි ඉන්දිය ජාතිකයින් 6 දෙනෙකු, ලාංකිකයින් දෙදෙනෙකු, බංග්ලාදේශයේ සිට පැමිණි දෙදෙනෙකු හා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි අයෙකු එලෙස හඳුනාගත් ආසාදිතයින් වන බවයි. ඒ අනුව මේ වනවිට මෙරටින් කොරෝනා ආසාදිතයින් 3360 දෙනෙකු වාර්තා වී ඇති අතර 3208 දෙනෙකු සුවය ලබා තිබේ. රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 139 කි. කොරෝනා ආසාදිතයින් හඳුනා ගැනීම සඳහා මෙරට තුළ PCR පරීක්‍ෂණ 282,197 ක් සිදු කර ඇතැයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. එම මධ්‍යස්ථානය පැවසුවේ. ඊයේ දිනය තුළ පමණක් PCR පරීක්‍ෂණ 1410 ක් සිදු කර ඇති බවයි. ඒ අනුව අද උදෑසන වනවිට කන්දකාඩු සහ සේනපුර පුනරුත්ථාපන මධ්‍යස්ථානයන්ට සම්බන්ධ සියලු ආසාදිතයින් සංඛ්‍යාව 650 ක් වේ. මේ අතර කොරෝනා හේතුවෙන් විදේශයන්හී සිරවී සිටි ශ්‍රී ලාංකිකයින් 88 අද දිවයිනට පැමිණියේ ය. එම සියලු දෙනා නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට කටයුතු සූදානම් කර තිබේ. එසේම අද දිනයේදී යුද හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළින් පුද්ගලයින් 606 දෙනෙකු තම නිරෝධායන කටයුතු අවසන් කර නිවෙස් වෙත පිටත්ව යාමට නියමිත විය. මේ වනවිට නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර තම නිවෙස් වෙත පිටව ගොස් ඇති සමස්ථ පුද්ගලයින් සංඛ්‍යාව 45,636 කි. ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 77 ක් තුළ පුද්ගලයින් 7484 දෙනෙකු නිරෝධායනය වෙමින් ඇතැයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ ය. ඒ අනුව කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයට අදාළව පුද්ගලයින් 648 දෙනෙකු මේ වනවිට පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇති අතර දැනට එම මධ්‍යස්ථානයට සම්බන්ධව ප්‍රතිකාර ලබන කොරෝනා ආසාදිත පුද්ගලයින් සංඛ්‍යාව 2 කි. |
2020-09-28T01:04:23.000Z | ප්‍රවීණ රංගන ශිල්පී ටෙනිසන් කුරේ අභාවප්‍රාප්ත වෙයි | ප්‍රවීණ රංගන ශිල්පී ටෙනිසන් කුරේ අභාවප්‍රාප්ත වෙයි | COLOMBO ( News 1st ) : ප්‍රවීණ රංගන ශිල්පී ටෙනිසන් කුරේ මහතා අද පෙරවරුවේ අභාවප්‍රාප්ත විය. ඒ, කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීය. ටෙනිසන් කුරේ මහතා මිය යන විට 68 වැනි වියේ පසුවිය. 1986 පෙරළිකාරයෝ චිත්‍රපටයෙන් සිනමාවට පිවිසි ටෙනිසන් කුරේ මහතා මෙරට ජයනප්‍රිය චිත්‍රපට ගණනාවකට සිය රංගන දායකත්වය ලාබා දුන්නා. ප්‍රහසන රංගන ශිල්පියකු ලෙස ඔහු සිනමාව, වේදිකාව, ටෙලිනාට්‍ය යන අංශ රැසක සිය කුසලතාව ප්‍රදර්ශනය කළ ප්‍රවීණ කලාකරුවෙකි. |
2020-09-28T00:46:33.000Z | අක්කරෙයිපත්තුවෙන් මැගසින් 2ක් හා උණ්ඩ හමුවෙයි | අක්කරෙයිපත්තුවෙන් මැගසින් 2ක් හා උණ්ඩ හමුවෙයි | COLOMBO ( News 1st ) : අක්කරෙයිපත්තුව , අට්ටාලච්චේන ධීවර වෙළෙඳසැළක් අසළින් තිබී ගිනි අවි කොටස් හා උණ්ඩ කිහිපයක් සොයා ගෙන තිබේ. පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේ, ටී 56 උණ්ඩ 10 ක්, එම උණ්ඩ 30 ක් පිරවිය හැකි මැගසින් 2 ක් හා රතු සහ කහ පැහැති වයස් කොටස් සහිත ඩෙටනේටර් 4 ක් එහිදී සොයා ගත් බවයි. සොයා ගත් එම භාණ්ඩ වැඩිදුර විමර්ශන සඳහා අක්කරෙයිපත්තුව පොලිස්ථානය වෙත ඉදිරිපත් කර තිබේ. |
2020-09-28T00:26:16.000Z | මත්තල ගුවන්තොටුපාළට කාගෝ සංකීර්ණයක් | මත්තල ගුවන්තොටුපාළට කාගෝ සංකීර්ණයක් | COLOMBO ( News 1st ) : ආනයනය කරන හා අපනයනය කරන භාණ්ඩ ගබඩා කිරීම සඳහා මත්තල ගුවන්තොටුපාළට කාගෝ සංකීර්ණයක් ඉදිකිරීමට පියවර ගෙන ඇතැයි ගුවන් සේවා හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.වී චානක මහතා පවසයි. රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ , ඒ යටතේ ඊට අදාළ සියලුම ආයතන එකම ස්ථානයකට රැගෙන ඒමට අපේක්ෂා කරන බවයි. |
2020-09-27T23:03:36.000Z | පහරදීමකින් කාන්තාවක් මරුට | පහරදීමකින් කාන්තාවක් මරුට | COLOMBO ( News 1st ) : තලංගම, තලාහේන ප්‍රදේශයේදී පහරදීමෙන් 60 හැවිරිදි කාන්තාවක් මරණයට පත්ව තිබේ. පොලීසිය පැවසුවේ නිවැසියන් පිරිසක් අතර ඇති වූ පුද්ගලික ආරවුලක් සමථයකට පත් කිරීමට එම ස්ථානයට ගිය අදාළ අසල්වැසි කාන්තාව පහරකෑමට ලක්ව බරපතල තුවාල ලබා කොස්වත්ත රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බවයි. මරණය සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු ද සිද්ධියෙන් තුවාල ලබා ජාතික රෝහලේ පොලිස් ආරක්ෂාව යටතේ ප්‍රතිකාර ලබන බව පොලීසිය සඳහන් කළේ ය. |
2020-09-27T22:47:43.000Z | New Diamond කපිතාන් අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට | New Diamond කපිතාන් මහේස්ත්‍රාත් අධිකරණයට | COLOMBO ( News 1st ) : ශ්‍රී ලංකාවට ආසන්න මුහුදේදී පසුගිය දා ගිනි ගත් නිව් ඩයමන්ඩ් නෞකාවේ කපිතාන්වරයා අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන එනු ලැබුවේ ය. ඒ, කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා පසුගිය 17 වැනිදා කල නියෝගයකට අනුවයි. අතිරේක මහේස්ත්‍රාත්වරයා නෞකාවේ කපිතාන්වරයාට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය පෙනී සිටීමට නියෝග කළේ පසුගිය 17 වැනිදා නියෝගය කළේ,නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනාරාල් දිලීප පීරිස් මහතා කළ කරුණු දැක්වීම සලකා බැලීමෙන් අනතුරුවයි. ඉන්දියාව බලා බොරතෙල් ප්‍රවාහනය කරමින් සිටියදී පසුගිය 3 වැනිදා ගිනි ගැනීමට ලක්වූ එම නෞකාව අතහැර කපිතාන්වරයා ඇතුළු නාවිකයන් නැවෙන් ඉවත් වී ඇති බවත්, ඔවුන්ගේ වගකීම් විරහිත ක්‍රියාදාමය නිසා විශාල විනාශයක් සිදුව ඇති බව එදින නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනාරාල් වරයා පෙන්වා දී තිබේ. |
2020-09-27T21:52:56.000Z | බස්නාහිර පළාතේ මෙහෙයුමකින් 1500 කට අධික පිරිසක් කොටු | බස්නාහිර පළාතේ මෙහෙයුමකින් 1500 ක් කොටු | COLOMBO ( News 1st ) : බස්නාහිර පළාතේ විශේෂ මෙහෙයුමකින් සැකකරුවන් හා වරෙන්තුකරුවන් 1500 කට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ වීසා නොමැතිව මෙරට රැඳී සිටි විදේශිකයින් 47 දෙනෙකු ද ඒ අතර වන බවයි. ඒ සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක වේ. |
2020-09-27T20:57:34.000Z | ලොව කොරෝනා මරණ ගණන මිලියනය ඉක්මවයි | ලොව කොරෝනා මරණ ගණන මිලියනය ඉක්මවයි | COLOMBO ( News 1st ) : ලොව සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව මිලියනය ඉක්මවා තිබේ. ඒ , ගත වූ පැය 24 තුළ 3800 ඉක්මවූ කොරෝනා මරණ සංඛ්‍යාවක් වාර්තා වීමත් සමගයි . මෙම කාලය තුළ ලොව වැඩිම මරණ වාර්තා වී ඇත්තේ ඉන්දියාව , මෙක්සිකෝව ,බ්‍රසීලය , අමෙරිකාව , ආර්ජන්ටිනාව සහ ඉරානය යන රටවල් වලිනි. ඉකුත් පැය 24 තුළ ලොව වාර්තා වූ නව කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ද දෙලක්ෂ පනස් දහසකට ආසන්න වේ. මේ වනවිට ලොව සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව, තුන්කෝටි තිස් තුන් ලක්ෂයකට ආසන්න අතර කොරෝනා ආසාදනයෙන් සුවය ලැබූවන් සංඛ්‍යාව දෙකෝටි හතලිස් හයලක්ෂය ඉක්මවා ඇතැයි සඳහන් ය. මේ වනවිට ලොව සක්‍රීය කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ලක්ෂ හැත්තෑ හතකට ආසන්නය. |
2020-09-27T20:47:39.000Z | පොල් ගෙඩි මිලියන 250 ක හිඟයක් | පොල් ගෙඩි මිලියන 250 ක හිඟයක් | COLOMBO ( News 1st ) : මේ වසරේ පොල් ගෙඩි මිලියන 250 ක හිඟයක් ඇතැයි පොල් සංවර්ධන අධිකාරිය පවසයි. එහි සැකසුම් සංවර්ධන අධ්‍යක්ෂ පී.එදිරිමාන්න පැවසුවේ ඊට අයහපත් කාලගුණය ද හේතුවී ඇති බවයි. |
2020-09-27T20:08:55.000Z | ත්‍රීකුණාමලයට පැමිණි ඉන්දීය තෙල් නැවේ කොරෝනා ආසාදිතයින් නිරෝධායනයට | ඉන්දීය තෙල් නැවේ කොරෝනා ආසාදිතයින් නිරෝධායනයට | COLOMBO ( News 1st ) : කොරෝනා ආසාදිතයින් 17 දෙනෙකු හඳුනා ගත් එම්.ටී. ක්ලැරිටි නෞකාවට ඇතුළු ශ්‍රී ලාංකිකයින් කිහිප දෙනෙකු නිරෝධායනයට යොමු කළ බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ත්‍රීකුණාමලය වරායේ නැංගුරම් ලා ඇති එම්.ටී. ක්ලැරිටි නැමැති ඉන්දීය ඉන්ධන නෞකාවේ සිටින කාර්ය මණ්ඩල සාමාජිකයන් 17 දෙනාටම කොරෝනා ආසාදනය වී ඇතැයි වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසුවේ ය. ඉන්ධන මෙට්‍රික් ටොන් 4,000ක් ප්‍රවාහනය කරමින් තිබූ එම නෞකාව, ත්‍රීකුණාමලය වරායට පැමිණීමට පෙර කොළඹ වරායට ද පැමිණ තිබේ. |
2020-09-27T20:29:28.000Z | මංතීරු නීතිය කැඩුවොත් අද සිට දඩ මුදල් අය කෙරේ | මංතීරු නීතිය කැඩුවොත් අද සිට දඩ.. | COLOMBO ( News 1st ) : මංතීරු නීතිය කඩකරන පුද්ගලයින්ගෙන් අද සිට දඩ මුදලක් අය කිරීමට පියවර ගෙන ඇතැයි පොලීසිය පවසයි. පොලිස් රථ වාහන කොට්ඨාසය භාර අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඉන්දික හපුගොඩ මහතා පැවසුවේ, එවැනි පුද්ගලයින්ට නඩු පැවරීම වෙනුවට දඩ මුදල් අය කිරීමට බලාපොරොත්තු වන බවයි. |
2020-09-27T19:00:32.000Z | ගෙවුණු දවස උණුසුම් කළ පුවත්… | ගෙවුණු දවස උණුසුම් කළ පුවත්… | දේශීය පුවත් 1. පහත්බිම් ගොඩ කිරීමේ ව්‍යාපෘතියක් හේතුවෙන් රත්තනපිටියේ උණුසුම් තත්ත්වයක්... : පහත්බිම් ගොඩ කිරීමේ ව්‍යාපෘතියක් හේතුවෙන් තමන් මෙතෙක් වගා කළ බිම් වැනසී යන බව පවසමින් බොරලැස්ගමුව, රත්තනපිටියේ පිරිසක් ඊයේ විරෝධතාවක නිරත විය. 2. කසළ කන්ටේනර් 21ක් යළි එංගලන්තයට : කසළ අඩංගු කන්ටේනර් 21ක් යළි එංගලන්තයට හරවා යැවීමට පියවර ගත් රේගු දෙපාර්තමේන්තුව පවසයි. 3. 20 පුද්ගලිකත්වය ඉලක්ක කරගත් සංශෝධනයක් – සජිත් ප්‍රේමදාස : 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පුද්ගලිකත්වය ඉලක්ක කරගත් සංශෝධනයක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මහතා පවසයි. 4. වට ප්‍රමාණය අනුව පොල් මිලදී ගන්න, පාරිභෝගික සමිති නියෝජිතයින් වෙළෙඳපොළට : පොල් මිල සම්බන්ධයෙන් ජනතාව හා වෙළෙඳුන් දැනුවත් කිරීම වෙනුවෙන් ඊයේ පෙරවරුවේ පාරිභෝගික කටයුතු අධිකාරිය මාධ්‍ය හමුවක් කැඳවා තිබුණි. 5 . ගිලා බැසීමට ලක් වූ මහනුවර නිවසේ ද්‍රව්‍ය සාම්පල පරීක්ෂාවට : ගිලා බැසීමට ලක් වූ මහනුවර, බූවැලිකඩ නිවසේ ද්‍රව්‍ය සාම්පල පරීක්ෂා කිරීමට පියවර ගෙන තිබේ. විදෙස් පුවත් 1. අමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ධුරයකට ඒමී කෝනි බැරට් නම් කෙරේ : අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් එරට ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු ධුරයකට ඒමී කෝනි බැරට් නම් කරනු ලැබ තිබේ. |
2020-09-27T10:34:34.000Z | දේශපාලනඥයෝ හැටියට අපිට පුද්ගලික න්‍යාය පත්‍ර තියෙන්න බැහැ - අමාත්‍ය විදුර වික්‍රමනායක | අපිට පුද්ගලික න්‍යාය පත්‍ර තියෙන්න බැහැ | COLOMBO (News 1st) - රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවතින දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් අදහස් පළ කර තිබේ. රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා, අද රට පස්සට යන්න එක හේතුවක් පුද්ගලික න්‍යායපත්‍රවලට වැඩ කරන එක. දේශපාලනඥයෝ හැටියට අපිට පුද්ගලික න්‍යාය පත්‍ර තියෙන්න බෑ. පුද්ගලික න්‍යායපත්‍ර ස්මතු වෙනකොට එතන කඩා වැටීමක් වෙනවා. ඒ කඩා වැටීම අපි දැක්කා පසුගිය මැතිවරණවලදීත්. 2010 ජයග්‍රහණය 2015 දී කනපිට හැරෙනවා. 2015 ජයග්‍රහණය 2020 දී කණපිට හැරෙනවා. 2020 ජයග්‍රහණයත් කණපිට හැරෙන්න පුළුවන් අපි හරියට ක්‍රියාත්මක නොවුනොත්. හරියට ක්‍රියාත්මක නොවුනොත් ඊළග මැතිවරණයේ ජනතාව මීට වැඩිය දරුණු තීරණයක් අපිට දෙන්න පුළුවන්. |
2020-09-27T09:03:04.000Z | වට ප්‍රමාණය අනුව පොල් මිලදී ගන්න, පාරිභෝගික සමිති නියෝජිතයින් වෙළෙඳපොළට | 70ට වැඩියෙන් පොල් විකුණනවා නම් කෙළින්ම නඩු දානවා | COLOMBO (News 1st) - පොල් මිල සම්බන්ධයෙන් ජනතාව හා වෙළෙඳුන් දැනුවත් කිරීම වෙනුවෙන් අද පෙරවරුවේ පාරිභෝගික කටයුතු අධිකාරිය මාධ්‍ය හමුවක් කැඳවා තිබුණි. පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරල් ශාන්ත දිසානායක මහතා, මේක ජනතාවට ඉතාම අලුත් ක්‍රමයක් පළවෙනි වතාවට ශ්‍රී ලංකාවේ මිමි ක්‍රමය දැම්මේ. අනිත් භාණ්ඩවලත් තියෙනව මිමි ක්‍රමය රාත්තල් කිලෝ ගණන් ජනතාවගේ යහපත උදෙසා තමයි මේක කරේ පාරිභෝගිකයෝ ඔය වගේ ප්‍රශ්න ආවොත් ජනතාවට මිනිපේ පටි අරන් යන්න අවශ්‍යතාවයක් නෑ කඩේට. ප්‍රශ්නයක් තියෙනවා නං අපේ නිලධාරීන් ඉන්නවා කඩේ චෙක් කරලා වට ප්‍රමාණය චෙක් කරලා පෙන්නලා අවශ්‍ය විදියට නැත්තං අවශ්‍ය නීතිමය කටයුතු කරනවා මෙතන ලොකු ප්‍රශ්නයක් නෑ අඩුවෙච්ච ගාන ගැන කවුරුවත් කතා වෙන්නේ නෑ ප්‍රධාන අරමුණ තමයි රුපියල් 110 තිබුණ පොල් 65 70 ට ලබාදීම. මනින එක නෙවෙයි ලොකු ප්‍රශ්නේ තියෙන්නේ මනින ඒ කියන්නේ ප්‍රශ්නයක් ආවොත් අපිට කියන්න අපි ඉන්නේ ඒකට. පොල් සංවර්ධන අධිකාරියේ සැකසුම් සංවර්ධන අධ්‍යක්ෂ බී.එදිරිමාන්න මහතා, අපි දන්නවා අපේ මේ පුංචි රටේ අපිට හම්බෙන්නෙ පොල් ගෙඩි මිලියන 3000. මිනිසුන් දාහෙන් තුනෙන් එකක් කර්මාන්තවලට පාවිච්චි කරනවා විදේශීය රටවලට අපනයනය කිරීම සඳහා. තුනෙන් දෙකක් පාවිච්චි කරන්නේ පොල්වලින් එදිනෙදා පරිභෝජනයට. මේ කරුණු දෙකම සැලකිල්ලට අරගෙන මෙවන් ප්‍රමිතියක් කට පොල් ලක් කිරීමට කටයුතු කෙරේ. මේ අතර පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සාමාජිකයින් පිරිසක් අද නාරාහේන්පිට විශේෂ ආර්ථික මධ්‍යස්ථානයේ පොල් මිල පිළිබඳව සොයා බැලීමට එක්විය. පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා, අපට සැකයක් තියෙනවා කා වෙනුවෙන්ද මේක යොදල තියෙන්නෙ කියලා. වගාකරුවෙකුට රුපියල් හැටයි අසූවයි අතර මුදලක් හම්බෙනවා. ඔවුන් දැන් කරන්නේ අපනයනය සඳහා ඒ පොල් ටික දීලා කන්න බැරි පොල් ටික පාරිභෝගික හැටියට අපිට දෙනවා අනිත් පොල් ටික පොල් සංවර්ධන මණ්ඩලය පොල් වගා කිරීමේ මණ්ඩලය පොල් පර්යේෂණ ආයතනයේ සභාපතිවරයා එක පුද්ගලයෙක් වන්නේ කෙසේද ? පොල්වවන්නන්ගේ සංගමයේ ලේකම්වරයා තමයි මේ ආයතන තුනේ සභාපතිවරයා. එතකොට මොකක්ද වෙන්නෙ ඔහු හොඳ මිලක් ලබල දෙනවා ඔවුන්ගේ පිරිසට. ඔහුගේ පිරිසට හොඳ කලක් ගෙවිලා තියෙනවා පාරිභෝගික ගැන අද පාරට වැටිලා තියෙනව. මේ රටේ බහුතරයක් ජනතාව පොල් සම්බෝලයක් එක්ක බත් ටිකක් කන ජනතාවක් තාම ඉන්නේ. අනිත් පැත්තෙන් පාරිභෝගිකයන් සහ වෙළෙන්දා අතර ගැටුමක් ඇතිවෙනවා. https://www.facebook.com/NewsfirstSL/videos/662670574380537/ |
2020-09-27T11:02:19.000Z | පහත්බිම් ගොඩ කිරීමේ ව්‍යාපෘතියක් හේතුවෙන් රත්තනපිටියේ උණුසුම් තත්ත්වයක්... | රත්තනපිටිය උණුසුම් වූ හැටි... | COLOMBO (News 1st) - පහත්බිම් ගොඩ කිරීමේ ව්‍යාපෘතියක් හේතුවෙන් තමන් මෙතෙක් වගා කළ බිම් වැනසී යන බව පවසමින් බොරලැස්ගමුව, රත්තනපිටියේ පිරිසක් අද විරෝධතාවක නිරත විය. අප වාර්තාකරු පැවසුවේ, තව ත් පිරිසක් පැමිණ එයට විරෝධය පළ කළ බවයි. විරෝධතාකරුවන් පැවසුවේ, මීට වසර 6 කට පෙර වැවක් සහ කාණු පද්ධතියක් සැකසීම වෙනුවෙන් බලධාරීන් රත්තනපිටියේ පිහිටි තම ඉඩම් ලබාගත් බවය. තමන්ට වගා කිරීම සඳහා රජය වෙනත් ස්ථානයකින් වගා බිම් ලබා දුන් බව ද ඔවුන් පැවසූහ. එහෙත්, පසුගිය 22 වැනි දා පහත් බිම් ගොඩකිරීමේ ව්‍යාපෘතියක් යටතේ කිසිදු දැනුම්දීමකින් තොරව එම වගා බිම් ඩෝසර් කිරීම ආරම්භ කර ඇති බව විරෝධතාකරුවන්ගේ චෝදනාවයි. පවුල් 72 ක් පමණ මේ ගැටලුවෙන් පීඩාවට පත්ව සිටින බව අප වාර්තාකරු පැවසීය. මේ විරෝධතාවට ප්‍රාදේශීය දේශපාලනඥයින් පිරිසක් ද එක්ව සිටියහ. මේ පිරිස විරෝධතාවෙහි නිරත වෙමින් වගාබිම් අවට මාර්ගයේ ගමන් කළ අතර එම ප්‍රදේශයේම තව ත් පිරිසක් පැමිණ ඊට බාධා කිරීමත් සමග උණුසුම් තත්ත්වයක් ඇති විය. මේ අවස්ථාවට කොහුවල පොලීසියේ නිලධාරීන් ද පැමිණියේ ය. https://www.facebook.com/NewsfirstSL/videos/360380354999844/ |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.