date
stringlengths
24
24
title
stringlengths
0
176
short_title
stringlengths
10
69
content
stringlengths
0
19.7k
2020-10-10T00:34:16.000Z
පකිස්ථානය Tik Tok තහනම් කරයි
පකිස්ථානය Tik Tok තහනම් කරයි
COLOMBO ( News 1st ) : පකිස්ථානය Tik Tok මෘදුකාංගය භාවිතය තහනම් කර තිබේ. ඒ, ඉන් විශාල සමාජ බලපෑමක් සිදුවන බව පවසමින් ය. චීනය හඳුන්වා දුන් Tik Tok මෘදුකාංගය භාවිතය පළමුව තහනම් කළේ අමෙරිකාවයි. අනතුරුව ඉන්දියාව ද Tik Tok භාවිතය තහනම් කළේ ය.
2020-10-09T23:44:25.000Z
කාලගුණයෙන් රතු නිවේදනයක්
කාලගුණයෙන් රතු නිවේදනයක්
COLOMBO ( News 1st ) : දිවයින හරහා උතුර, උතුරුමැද , දකුණු හා වයඹ පළාත්වලත්, ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කය හා මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් පැයට කිලෝමීටර් 50 ත් 60 ත් අතර තද සුළං ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
2020-10-09T21:14:57.000Z
මිනුවන්ගොඩ කොරෝනා පොකුරේ බහුතරයකට රෝග ලක්ෂණ නැහැ - සෞඛ්‍ය අංශ
මිනුවන්ගොඩ පොකුරේ බහුතරයකට රෝග ලක්ෂණ නැහැ
COLOMBO ( News 1st ) : මිනුවන්ගොඩ පොකුර ආශ්‍රයෙන් කොරෝනා ආසාදිතයින් 30 දෙනෙකු ඊයේ හදුනා ගැනුණි. ඒ අනුව මිනුවන්ගොඩ පොකුරෙන් මේ වනවිට වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව 1083කි. මෙරටින් වාර්තාවන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 4523 ක් දක්වා ඉහළ ගොස් තිබේ. ආසාදිතයින් 3296 දෙනෙකු සුවය ලබා ඇති අතර තවදුරටත් ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 1214 කි. මිනුවන්ගොඩ කොරෝනා පොකුරේ රෝගීන්ගෙන් බහුතරයක් රෝගී ලක්ෂණවලින් තොරව වාර්තා වී ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.
2020-10-09T20:49:01.000Z
හොරණ රෝහලේ 05 වාට්ටුව වැසේ: 09 හුදකලා කෙරේ
හොරණ රෝහලේ 05 වාට්ටුව වැසේ
COLOMBO ( News 1st ) : හොරණ මූලික රෝහලේ වාට්ටු අංක 05 වසා දමා ඇති අතර වාට්ටු අංක 09 හුදකලා කර තිබේ. එම රෝහල භාර වෛද්‍ය අධිකාරී අයන්ති ජයවර්ධන මහත්මිය සඳහන් කළේ, බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවයේ නිරත පුද්ගලයෙකුගේ බිරිඳ හෙද නිලධාරිනියක ලෙස වාට්ටු අංක 05 සේවයේ නිරතව ඇති බවයි. කෙසේ වෙතත් රෝහලේ අත්‍යාවශ්‍ය සේවා ක්‍රියාත්මක බව ඇය සඳහන් කළා ය. මිනුවන්ගොඩ ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයින් වාර්තාවීමත් සමගම දිවයින පුරා 8000කට අධික පිරිසක් මේ වනවිට ස්වයං නිරෝධායනයට යොමුකර ඇතැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසුරිය මහතා පැවසුවේ ය.
2020-10-09T20:33:10.000Z
නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල වෙළෙඳසැල් අදත් රාත්‍රී 8.00 දක්වා විවෘත කෙරේ
වෙළෙඳසැල් අදත් රාත්‍රී 8.00 දක්වා විවෘත කෙරේ
COLOMBO ( News 1st ) : නිරෝධායන ඇඳිරි නීතිය පැනවූ ප්‍රදේශවල අත්‍යවශ්‍ය භාණ්ඩ අලෙවි සැල් යළිත් උදෑසන 8.00 සිට විවෘත කෙරෙන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ ය. නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසුවේ, තම නිවස ආසන්නයේ පිහිටි වෙළෙඳසැළ වෙත පමණක් යාමට අදාළ ප්‍රදේශවල ජනතාවට අවසර හිමිවන බවයි.
2020-10-09T20:23:18.000Z
අද රාත්‍රීයේ කොළඹට පැය 11 ක ජල කප්පාදුවක්
අද රාත්‍රීයේ කොළඹට පැය 11 ක ජල කප්පාදුවක්
COLOMBO ( News 1st ) : කොළඹ ප්‍රදේශ කිහිපයකට අද රාත්‍රී 10.00 සිට පැය 11 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. ඒ අනුව අද රාත්‍රී 10.00 සිට හෙට උදෑසන 6.00 දක්වා කොළඹ 12, 13, 14 සහ 15 යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන අතර කොළඹ 1 සහ 11 යන ප්‍රදේශවලට අඩුපීඩනයක් යටතේ ජලය සැපයෙනු ඇති. මහ කොළඹ ජල හා අප ජල කළමනාකරණ වැඩිදියුණු කිරීමේ ආයෝජන වැඩසටහන යටතේ බෙදාහැරීම් පද්ධතියේ අත්‍යවශ්‍ය වැඩි දියුණු කිරීමේ කටයුත්තක් ඊට හේතුවී තිබේ.
2020-10-09T19:14:29.000Z
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
දේශීය පුවත් 1. ශිෂ්‍යත්ව විභාගය සහ A/L නියමිත පරිදි පැවැත්වීමට සියලු කටයුතු සූදානම් – ශිෂ්‍යත්ව විභාගය සහ උසස් පෙළ විභාගය නියමිත පරිදි පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. 2. රිෂාඩ්ගේ සොහොයුරා යළි අත්අඩංගුවට ගන්නැයි ඉල්ලා ජනපතිට හා අගමැතිට ආණ්ඩුවේ මන්ත්‍රීවරු 100කගේ අත්සනින් යුත් ලිපියක් – රිෂාඩ් බදියුදීන් මහතාගේ සහෝරයෙකු වන රියාජ් බදියුදීන් මහතා නිදහස් කිරීම ගැන පූර්ණ පරීක්ෂණයක් පවත්වා නැවත අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා ජනපතිට සහ අග්‍රාමාත්‍යවරයාට ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් ලිපියක් යොමු කර තිබේ. 3. ශ්‍රී ලංකාවේ සංවර්ධනයට අඛණ්ඩව උපකාර කරන බවට චීනයෙන් සහතිකයක් – ශ්‍රී ලංකාවේ සංවර්ධන ප්‍රයත්න සාර්ථක කරගැනීම සඳහා අඛණ්ඩව උපකාර කරන බවට චීනය සහතික වී තිබේ. 4. රිජ්වේ ආර්යා ළමා රෝහලේ මාස 10ක බිළිඳෙකුට කොරෝනා - රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි මාස 10 ක් වයසැති බිළිඳෙකුට කොරෝනා ආසාදනය වී ඇතැයි රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය මහතා පවසයි. 5. උ/පෙළ හා ශිෂ්‍යත්ව සිසුන්ගේ තොරතුරු ලබා ගැනීමට වෙබ් පත්‍රිකාවක් – කොවිඩ් පැතිරීම වැළැක්වීම සඳහා සිදු කරන ආරක්ෂක වැඩපිළිවෙළක් ලෙස මෙම වසරේදී පැවැත්වීමට නියමිත උසස් පෙළ හා ශිෂ්‍යත්ව විභාගය සඳහා පෙනී සිටීමට නියමිත සියලුම සිසුන්ගේ සෞඛ්‍ය තත්ත්වය ඇතුළු අනෙකුත් තොරතුරු ලබා ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් වෙබ් පත්‍රිකාවක් හඳුන්වා දී තිබේ. විදෙස් පුවත් 1. දකුණු කොරියාවේ මහල් නිවාස සංකීර්ණයක ගින්නක් - දකුණු කොරියාවේ උල්සාන් නගරයේ පිහිටි මහල් නිවාස සංකීර්ණයක ගින්නක් හටගෙන තිබේ.
2020-10-09T20:15:37.000Z
වයඹ පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවයි
වයඹ : වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවයි
COLOMBO (News 1st) – වයඹ පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවා තිබේ. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, රටේ පවතින කොරෝනා තත්ත්වය සැළකිල්ලට ගෙන එම තීරණය ගත් බවයි. ඒ අනුව එම කාලසීමාව තුළ කල් ඉකුත්වන වාහන ආදායම් බලපත්‍ර සඳහා අලුතින් ආදායම් බලපත්‍ර ලබාගැනීමේදී දඩ මුදලක් අය නොකිරීමට කටයුතු කරන බවද වයඹ පළාත් ප්‍රධාන ලේකම් පි.බී.එම් සිරිසේන මහතා සඳහන් කළේ ය.
2020-10-09T09:42:18.000Z
රිෂාඩ්ගේ සොහොයුරා යළි අත්අඩංගුවට ගන්නැයි ඉල්ලා ජනපතිට හා අගමැතිට ආණ්ඩුවේ මන්ත්‍රීවරු 100කගේ අත්සනින් යුත් ලිපියක්
රියාජ් අත්අඩංගුවට ගන්නැයි ඉල්ලා ලිපියක්
COLOMBO (News 1st) - රිෂාඩ් බදියුදීන් මහතාගේ සහෝරයෙකු වන රියාජ් බදියුදීන් මහතා නිදහස් කිරීම ගැන පූර්ණ පරීක්ෂණයක් පවත්වා නැවත අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා ජනපතිට සහ අග්‍රාමාත්‍යවරයාට ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් ලිපියක් යොමු කර තිබේ. අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය පැවසුවේ එය මන්ත්‍රීවරුන් 100 දෙනෙකු අත්සනින් යුත් ලිපියක් බවය.
2020-10-09T07:57:00.000Z
මිනුවන්ගොඩ කොරෝනා පොකුර 1069 ක් දක්වා ඉහළට
මිනුවන්ගොඩ කොරෝනා පොකුර 1069 ක් දක්වා ඉහළට
COLOMBO (News 1st) - මිනුවන්ගොඩ කොරෝනා පොකුරේ ආසාදිතයින් සංඛ්‍යාව 1069 ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඒ, අද දිනයේදී ඒ ආශ්‍රිතව ආසාදිතයින් 16 දෙනෙකු හඳුනාගැනීමත් සමගයි. බ්‍රැන්ඩික්ස් සේවකයින් දෙදෙනෙක්, ආශ්‍රිතයින් 11 දෙනෙකු සහ අශ්‍රිතයින් විය හැකි බවට සැකකෙරන තිදෙනෙක් එම 16 දෙනාට අයත්ය.
2020-10-09T07:11:58.000Z
ඇඳිරි නීතිය පවතින ප්‍රදේශවල විවෘත කළ වෙළෙඳසැල් රාත්‍රී 8.00 ට වසා දැමිය යුතුයි
ඇඳිරි නීතිය: වෙළෙඳසැල් රෑ 8 ට වැසිය යුතුයි
COLOMBO (News 1st) - ඇඳිරි නීතිය පවත්නා ප්‍රදේශවල විවෘත කළ වෙළෙඳසැල් අද රාත්‍රී 8.00 ට වසා දැමිය යුතු බව පොලීසිය පවසයි. නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ, එම වෙළෙඳසැල් යළිත් හෙට උදෑසන 8.00 සිට රාත්‍රී 8.00 දක්වා විවෘත කළ හැකි බවය.
2020-10-09T06:50:48.000Z
ශිෂ්‍යත්ව සහ A/L සිසුන්ට විභාග ප්‍රවේශ පත්‍රය ඇඳිරි නීති බලපත්‍රය ලෙස භාවිත කිරීමට අවසර
විභාග ප්‍රවේශ පත්‍රය ඇඳිරි නීති බලපත්‍රයක් ලෙස...
COLOMBO (News 1st) - ඇඳිරි නීතිය පවතින ප්‍රදේශවල සිසුන්ට උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාග ප්‍රවේශ පත්‍රය ඇඳිරි නීති බලපත්‍රයක් ලෙස භාවිත කිරීමට අවසර ලබා දී ඇති බව පොලීසිය පවසයි.
2020-10-09T06:15:48.000Z
ශිෂ්‍යත්ව විභාගය සහ A/L නියමිත පරිදි පැවැත්වීමට සියලු කටයුතු සූදානම්
ශිෂ්‍යත්වය සහ A/L පැවැත්වීමට සියලු කටයුතු සූදානම්
COLOMBO (News 1st) - ශිෂ්‍යත්ව විභාගය සහ උසස් පෙළ විභාගය නියමිත පරිදි පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ අතිරේක විභාග මධ්‍යස්ථාන පිහිටුවීමට පියවර ගෙන තිබේ.
2020-10-09T07:33:09.000Z
තිසර හා චන්දිමාල් මේජර්වරුන් ලෙස අධිකාරියට පත් කරයි
චන්දි හා තිසර මේජර්වරුන් ලෙස අධිකාරියට
COLOMBO ( News 1st ) - ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයින් දෙපළක් වන තිසර පෙරේරා හා දිනේෂ් චන්දිමාල් අද ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ මේජර්වරුන් ලෙස අධිකාරියට උසස් කර තිබේ. ඒ, අද ( 09 ) යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා විසින් පෙරවරුවේ ශ්‍රී ලංකා යුද්ධ හමුදා මූලස්ථානයේදීය. තිසර පෙරේරා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ස්වේච්ඡා බලකායට ගජබා රෙජිමේන්තුවේ (GR) මේජර්වරයෙකු වශයෙනුත් දිනේෂ් චන්දිමාල් යුධෝපකරණ බලකායේ (SLAOC) මේජර්වරයෙකු වශයෙනුත් ලෙස සේවය සපයනු ඇති. මෙම අවස්ථාවට ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ස්වේච්ඡා බලකායේ සේනා විධායක මේජර් ජෙනරාල් රුවන් වනිගසූරිය මහතා යුද උපකරණ බලකායේ බලකාධිපති මේජර් ජෙනරාල් ලක්ෂ්මන් ප්‍රනාන්දු යන නිලධාරීන් ද සහභාගී විය. තිසර පෙරේරා හා දිනේෂ් චන්දිමාල් පසුගිය වසරේ ශ්‍රී ලංකා යුද්ධ හමුදාව හා එක් වූ අතර ඊට අදාළ පුහුණුව ද ලබා මෙතෙක් උපපන්න නිලධාරීන් ලෙස කටයුතු කළේ ය.
2020-10-09T04:48:36.000Z
ශ්‍රී ලංකාවේ සංවර්ධනයට අඛණ්ඩව උපකාර කරන බවට චීනයෙන් සහතිකයක්
මෙරට සංවර්ධනට උදව් කරන බවට චීනයෙන් සහතිකයක්
COLOMBO (News 1st) - ශ්‍රී ලංකාවේ සංවර්ධන ප්‍රයත්න සාර්ථක කරගැනීම සඳහා අඛණ්ඩව උපකාර කරන බවට චීනය සහතික වී තිබේ. ඒ, දිවයිනට පැමිණි චීන සමූහාණ්ඩුවේ ඉහළ පෙළේ දූත පිරිස අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වූ අවස්ථාවේදීය. චීන - ශ්‍රී ලංකා මිත්‍රත්වය වර්ධනය කර ගැනීම චීන ජනාධිපතිවරයාගේ ප්‍රමුඛ අරමුණක් බව එම දූත පිරිසේ ප්‍රධානී චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දේශපාලන මණ්ඩල සාමාජික යං ජියෙන්චි මහතා පැවසුවේ ය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ඇතුළු අන්තර්ජාතික වේදිකාවලදී ශ්‍රී ලංකාවේ ස්වාධීනත්වය, ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව වෙනුවෙන් චීනය නොසැලී පෙනී සිටින බව ද ඔහු පැවසීය. පසුගිය මහ මැතිවරණයේදී අත්කර ගත් විශිෂ්ට ජයග්‍රහණය වෙනුවෙන් චීන ජනාධිපතිවරයාගේ සුබ පැතුම් ඔහු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පුද කළේ ය. චීන විදේශ අමාත්‍යංශයේ විවිධ තනතුරු හෙබවූ යං ජියෙන්චි මහතා වසර 35 කට පෙර භාෂා පරිවර්තකයෙකු ලෙස දිවයිනට පැමිණි අයුරු ද මෙහිදී සිහිපත් කරනු ලැබුවේ ය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සංවාදය ආරම්භ කළේ, චීන - ශ්‍රී ලංකා සබඳතාවල වත්මන් අවධිය ගැන සතුට පළ කරමිනි. චීනය, බලයේ සිටින ආණ්ඩු පිළිබඳ වෙනසකින් තොරව ශ්‍රී ලංකාවට උපකාර කළ දිගුකාලීන මිතුරෙක් බව ද ජනාධිපතිතුමා සඳහන් කළේ ය. ත්‍රස්තවාදය පරාජය කිරීමට චීනයෙන් ලැබුණු සහය ද ජනාධිපතිතුමා සිහිපත් කළේ ය. යුද්ධයෙන් පසුව දිවයිනේ යටිතල පහසුකම් සංවර්ධනය සඳහා චීනයෙන් ලැබුණු දායකත්වය ද ජනාධිපතිතුමා එහිදී සිහිපත් කළේ කෘතවේදීවයි. චීන දූත කණ්ඩායම හමුව https://www.youtube.com/watch?v=z6Mk4qHVt6w
2020-10-09T04:25:35.000Z
ගම්පහ දිස්ත්‍රික්කයේ තැපැල් මෙහෙයුම් කටයුතු තාවකාලිකව අත්හිටුවයි
ගම්පහ තැපැල් මෙහෙයුම් කටයුතු අත්හිටුවයි
COLOMBO (News 1st) - පවතින කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ තැපැල් කටයුතු සහ කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ පාරිභෝගික සේවා කටයුතු ලබන 17 වැනි දා දක්වා අත්හිටුවීමට පියවර ගෙන තිබේ. තැපැල් දෙපාර්තුමේන්තුව පැවසුවේ, මධ්‍යම තැපැල් හුවමාරුව හරහා ව්‍යාපාරික තැපැල් සේවා ලබාගන්නා ආයතන, සිය භාණ්ඩ තැපෑලට යොමු කිරීම සඳහා එම දෙපාර්තුමේන්තුවේ වාණිජ අංශයේ සහකාර අධිකාරි අමතා සුදුසු වේලාවක් වෙන්කරවා ගතයුතු බවයි. මේ සම්බන්ධයෙන් පාරිභෝගික ජනතාවට සිදුවන අපහසුතාව පිළිබඳ බලවත් කණගාටුව ප්‍රකාශ කරන බව ද තැපැල් දෙපාර්තුමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.
2020-10-09T03:53:09.000Z
කොළඹ නගර සභාවේ මහජන දිනය තාවකාලිකව අත්හිටුවයි
කොළඹ නගර සභාවේ මහජන දිනය අත්හිටුවයි
COLOMBO ( News 1st ) : කොළඹ නගර සභාවේ මහජන දිනය නැවත දැනුම් දෙනතුරු අත්හිටුවා තිබේ. නිවේදනයක් නිකුත් කරමින් කොළඹ මහ නගර සභාව සඳහන් කළේ, ගම්පහ පදිංචිකරුවන් රාජකාරී සඳහා ගෙන්වා ගැනීම ද නතර කළ බවයි. කොළඹ නගරයේ ජනතාව ඒකරාශී වන උත්සව සහ සැණකෙළිද අත්හිටුවා ඇත්තේ ළමා උද්‍යාන, ක්‍රීඩාංගණ , කායවර්ධන මධ්‍යස්ථාන මෙන්ම පිහිනුම් තටාක ද වසා දමමින් ය. අත්‍යවශ්‍ය සේවාවක් සඳහා පමණක් සිය කාර්යාලයට පැමිණෙන්නැයි කොළඹ මහ නගර සභාව ජනතාවට දැනුම් දෙයි.
2020-10-09T04:10:41.000Z
පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කටයුතු අත්හිටුවයි
පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවත් වැසේ
COLOMBO ( News 1st ) : පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ සියලු සේවා සඳුදා සිට අත්හිටුවීමට තීරණය කර තිබේ. ඒ, කොරෝනා වසංගත තත්ත්වය සැළකිල්ලට ගනිමින් ය. ඒ අනුව ලබන 12 වැනි සඳුදා සිට 16 වැනි සිකුරාදා දක්වා පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ සියලු සේවා අත්හිටවනු ඇති.
2020-10-09T04:10:02.000Z
2020 නොබෙල් සාම ත්‍යාගය එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහනට
මෙවර නොබෙල් සාම ත්‍යාගය ලෝක ආහාර වැඩසටහනට
COLOMBO (News 1st) - 2020 නොබෙල් සාම ත්‍යාගය එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන වෙනුවෙන් පිරිනමා තිබේ.
2020-10-09T03:58:03.000Z
මිනුවන්ගොඩ පොලීසියේ රාජකාරී යළි අරඹයි
මිනුවන්ගොඩ පොලීසියේ රාජකාරී යළි අරඹයි
COLOMBO (News 1st) - තාවකාලිකව වසා දැමුණු මිනුවන්ගොඩ පොලිස් ස්ථානයේ රාජකාරී කටයුතු යළි ආරම්භ කර තිබේ. එම පොලිස් ස්ථානයේ ආපනශාලාව පවත්වාගෙන යන අයෙකුට කොරෝනා අසාදනය වී ඇති බවට තහවුරු වීම හේතුවෙන් ඊයේ දිනයේදී එහි කටයුතු තාවකාලිකව අත්හිටුවිය. නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ, වෙනත් ස්ථානවලින් පොලිස් නිලධාරීන් 80 දෙනෙකු පමණ මේ වනවිට මිනුවන්ගොඩ පොලිස් ස්ථානයේ රාජකාරී කටයුතු සඳහා යොදවා ඇති බවයි.
2020-10-09T01:16:37.000Z
නිරෝධායන ඇඳිරි නීතිය:අත්‍යවශ්‍ය භාණ්ඩ ගන්න දුන් අවස්ථාව අවභාවිත නොකරන්න - යුද හමුදාපති  
දුන් අවස්ථාව අවභාවිත නොකරන්නැයි උපදෙස්   
COLOMBO (News 1st) – අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල ජනතාවට ලබාදුන් අවස්ථාව අවභාවිත නොකරන්නැයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. යුද හමුදාපතිවරයා එම ප්‍රදේශවල ජනතාවට දැනුම් දෙන්නේ , අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට සඳහා එක් නිවසකින් එක් පුද්ගලයෙකු පමණක් යාමට කටයුතු කරන ලෙසයි.
2020-10-09T00:50:37.000Z
ETI අධ්‍යක්ෂක මණ්ඩලයට නඩු පවරන්නැයි කමිටුවෙන් නිර්දේශ
ETI අධ්‍යක්ෂක මණ්ඩලයට නඩු පවරන්නැයි නිර්දේශ
COLOMBO (News 1st) – මුදල් විශුද්ධිකරණය සහ සාපරාධී විශ්වාසය කඩ කිරීමේ චෝදනා යටතේ ETI සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩලයට එරෙහිව අපරාධමය නඩු පවරන්නැයි ETI අක්‍රමිකතා පිළිබඳ සොයා බැලීමට පත්කළ ත්‍රිපුද්ගල කමිටුව නිර්දේශ කර තිබේ.
2020-10-09T00:29:22.000Z
රිජ්වේ ආර්යා ළමා රෝහලේ මාස 10ක බිළිඳෙකුට කොරෝනා
මාස 10ක බිළිඳෙකුට කොරෝනා
COLOMBO ( News 1st ) : රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි මාස 10 ක් වයසැති බිළිඳෙකුට කොරෝනා ආසාදනය වී ඇතැයි රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය මහතා පවසයි. ඔහු සඳහන් කළේ, මේ වනවිට අදාළ දරුවා IDH රෝහලට යොමුකර ඇති බවයි. ඊට අමතරව රෝහලේ ප්‍රතිකාර ලබන දරුවෙකුගේ පියෙකුටත් කොරෝනා ආසාදනය වී ඇතැයි වෛද්‍ය ජී. විජේසුරිය මහතා පැවසුවේ ය.
2020-10-08T23:58:42.000Z
දකුණු කොරියාවේ මහල් නිවාස සංකීර්ණයක ගින්නක්
දකුණු කොරියාවේ මහල් නිවාස සංකීර්ණයක ගින්නක්
COLOMBO ( News 1st ) : දකුණු කොරියාවේ උල්සාන් නගරයේ පිහිටි මහල් නිවාස සංකීර්ණයක ගින්නක් හටගෙන තිබේ. විදෙස් මාධ්‍ය සඳහන් කළේ, මහල් 33 කින් සමන්විත ගොඩනැගිල්ලේ 12 වැනි මහලේ හටගත් ගින්න ව්‍යාප්තව ඇති බවයි. ඉන් පුද්ගලයින් 49 දෙනෙකු තුවාල ලැබුවේ ය. ඉන් වැඩි පිරිසකට ස්වසන ආබාධ පවතින බව විදෙස් මාධ්‍ය සඳහන් කළේ ය. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
2020-10-08T23:57:10.000Z
පොඩි ලැසී යළි රිමාන්ඩ්
පොඩි ලැසී යළි රිමාන්ඩ්
COLOMBO ( News 1st ) : ජනාධිපතිවරයාට, ආරක්ෂක ලේකම්වරයාට සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට මරණ තර්ජන එල්ල කිරීමේ නඩුවේ දෙවන සැකකාර පොඩි ලැසී ලබන 16 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
2020-10-08T23:16:46.000Z
උ/පෙළ හා ශිෂ්‍යත්ව සිසුන්ගේ තොරතුරු ලබා ගැනීමට වෙබ් පත්‍රිකාවක්
AL හා ශිෂ්‍යත්ව සිසුන්ට වෙබ් පත්‍රිකාවක්
COLOMBO (News 1st) – කොවිඩ් පැතිරීම වැළැක්වීම සඳහා සිදු කරන ආරක්ෂක වැඩපිළිවෙළක් ලෙස මෙම වසරේදී පැවැත්වීමට නියමිත උසස් පෙළ හා ශිෂ්‍යත්ව විභාගය සඳහා පෙනී සිටීමට නියමිත සියලුම සිසුන්ගේ සෞඛ්‍ය තත්ත්වය ඇතුළු අනෙකුත් තොරතුරු ලබා ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් වෙබ් පත්‍රිකාවක් හඳුන්වා දී තිබේ. ඒ අනුව අදාළ සිසුන්ට අධ්‍යාපන අමාත්‍යාංශයේ වෙබ් අඩවිය වෙත පිවිස අදාළ පත්‍රිකාව පුරවා තොරතුරු සනාථ කළ හැක. එම තොරතුරු ඇතුළත් කිරීමට https:// info.meo.gov.lk වෙත පිවිසෙන්න.
2020-10-08T21:45:30.000Z
නිරෝධායන ඇඳිරි නීතිය කඩ කළ 91 දෙනෙකු අත්අඩංගුවට
නිරෝධායන ඇඳිරි නීතිය කඩ කළ 91ක් කොටු
COLOMBO (News 1st) – නිරෝධායන ඇඳිරි නීතිය කඩ කළ 91 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසුවේ, ඊයේ`(08) දිනයේ පමණක් 11 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි. ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශ 18 කට පැනවූ නිරෝධායන ඇඳිරි නීතිය නැවත දැනුම් දෙනතුරු ක්‍රියාත්මක බව පොලීසිය පවසයි.
2020-10-08T21:22:43.000Z
මිනුවන්ගොඩ කොරෝනා පොකුර 1053ක් දක්වා ඉහළට
මිනුවන්ගොඩ කොරෝනා පොකුර 1053ක් දක්වා ඉහළට
COLOMBO (News 1st) – මිනුවන්ගොඩ කොරෝනා පොකුරේ ආසාදිතයින් සංඛ්‍යාව 1053ක් දක්වා ඉහළ ගොස් තිබේ. එම පොකුර ආශ්‍රිතව ඊයේ(08) දිනයේ හඳුනාගත් ආසාදිතයින් සංඛ්‍යාව 19 කි. ඊයේ දිනයේ මෙරටින් කොරෝනා අසාදිතයින් 29 දෙනෙකු හඳුනා ගැනුණි. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ, බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවකකයෙකු, ඔවුන්ගේ ආශ්‍රිතයින් 18 දෙනෙකු, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි 7 දෙනෙකු, කුවේට් සිට පැමිණි අයෙකු, ඉරාන ජාතිකයින් දෙදෙනෙකු එලෙස ආසාදිතයින් ලෙස හදුනාගත් බවයි. මේ වනවිට මෙරටින් වාර්තාවන සමස්ත කොරෝනා අසාදිතයින් සංඛ්‍යාව 4488 කි. අසාදිතයින් 3278 දෙනෙකු සුවය ලබා ඇති අතර 1197 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටී. යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ, මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් සේවකයින්ගේ PCR පරීක්ෂණ මේ වනවිට අවසන් කර ඇති බවයි. පොලිස් මූලස්ථානය කළ දැනුම් දීමකට මිනුවන්ගොඩ කර්මාන්ත ශාලාවේ සේවකයින් අතුරින් 400 දෙනෙකු සෞඛ්‍ය අංශ වෙත ඉදිරිපත් විය. නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ, කෙසේ වෙතත් තවත් කිහිප දෙනෙකු ඉදිරිපත්වීමට නියමිත බවයි.
2020-10-08T20:02:52.000Z
ධීවරයින්ට අනතුරු ඇඟවීමක්..
ධීවරයින්ට අනතුරු ඇඟවීමක්..
COLOMBO (News 1st) – අද දිනයේ ඊසාන දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ අඩු පීඩන කලාපයක් වර්ධනය වීමේ හැකියාවක් ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මධ්‍යම බෙංගාල බොක්ක මුහුදේ ධීවර කටයුතු සඳහා අද සිට නොයන ලෙසට ධීවර දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
2020-10-08T20:57:04.000Z
මිනුවන්ගොඩ කොරෝනා පොකුර: වැඩි බලපෑමක් කොළඹට - සෞඛ්‍ය අමාත්‍යාංශය
මිනුවන්ගොඩ කොරෝනා පොකුර: වැඩි බලපෑමක් කොළඹට
COLOMBO (News 1st) – මිනුවන්ගොඩ කෝවිඩ් පොකුරේ ව්‍යාප්තියේ වැඩි බලපෑමක් කොළඹ දිස්ත්‍රික්කයට පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි. එහි ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කළේ, ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්ක යාබදව පිහිටා තීබීමෙන් සහ දෛනිකව විශාල පිරිසක් කොළඹට පැමිණෙන හෙයින් මෙම අවදානම පවතින බවයි. මේ අතර මිනුවන්ගොඩ කර්මාන්ත ශාලව අශ්‍රිතව වාර්තා වන කොරෝනා ආසාදිතයින්ගේ සාම්පලවල පවතින වෛරස් ප්‍රමාණය ඉහළ අගයක් ගන්නා බව ද ඔහු සඳහන් කළේ ය. ගම්පහ දිස්ත්‍රික්කයේ ආසාදිතයින් ප්‍රමාණය ඉහළ යාමත් සමග වෙනත් ප්‍රදේශවල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් එම දිස්ත්‍රික්කයට අනියුක්ත කර තිබේ.
2020-10-08T20:26:40.000Z
නිරෝධාන ඇඳිරි නීතිය ඇති ප්‍රදේශවල ජනතාවට විශේෂ දැනුම් දීමක්..
නිරෝධාන ඇඳිරි නීතිය: ප්‍රදේශවල ජනතාවට දැනුම් දීමක්
COLOMBO (News 1st) – නිරෝධාන ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල අද(09) උදෑසන සිට රාත්‍රී 8.00 දක්වා ෆාමසි, සතොස, සුපිරි වෙළෙඳසැල්, සමුපකාර හා ආහාර ද්‍රව්‍ය බෙදා හරින වෙළඳසැල් විවෘත කිරීමට අවසර ලබා දෙන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
2020-10-08T18:45:37.000Z
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
දේශීය පුවත් 1. පාර්ලිමේන්තු කාර්යාල සේවකයෙකුගේ ඥාතියෙකුට කොරෝනා – පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සේවා සපයන පැලවත්තේ පිහිටි කාර්යාලයේ සේවකයෙකුගේ ඥාතියෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව කතානායකවරයා ඊයේ පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ ය. 2. ඇඳිරි නීතිය ගැන සමාජ මාධ්‍ය තුළ අසත්‍ය තොරතුරු පැතිර වූ 18 හැවිරිදි තරුණයෙක් අත්අඩංගුවට - ජනාධිපති මාධ්‍ය අංශයේ ලිපි ශීර්ෂයක් ව්‍යාජ ලෙස භාවිත කරමින් ඇඳිරි නීතිය පිළිබඳව අසත්‍ය තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ පළ කළ 18 හැවිරිදි තරුණයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ. 3. මේ අභියෝගාත්මක අවස්ථාවේ සෞඛ්‍ය උපදෙස් පිළිපදින්න: බොරු ප්‍රචාරයන්ට නොරැවටෙන්න – ජනපති ඉල්ලයි – COVID-19 උවදුර මුළු ලෝකයම වෙලාගත් මොහොතක ශ්‍රී ලාංකික ජාතියේ ශක්තිමත් බව විදහාලමින් අපි එය මර්දනය කළ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. 4. පසුගිය වසර 5 තුළ ලංවිම පාඩුව රු බිලියන 181.5 ක් – 2015 සිට 2019 දක්වා ලංකා විදුලිබල මණ්ඩලය රුපියල් බිලියන 181.5 පාඩුවක් ලැබූ බව විෂය භාර අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි. 5. මිනුවන්ගොඩ පොලීසියේ ආපනශාලාවේ අයෙකුට කොරෝනා – මිනුවන්ගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් නිරෝධායනයට යොමු කිරීමට පියවර ගෙන තිබේ. විදෙස් පුවත් 1. කොරෝනා ප්‍රතිකාර සඳහා යන වියදම් චීනය ගෙවිය යුතුයි – ඩොනල්ඩ් ට්‍රම්ප් – කොරෝනා ප්‍රතිකාර සඳහා යන වියදම් චීනය ගෙවිය යුතු බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
2020-10-08T10:04:01.000Z
ඇඳිරි නීතිය ගැන සමාජ මාධ්‍ය තුළ අසත්‍ය තොරතුරු පැතිර වූ 18 හැවිරිදි තරුණයෙක් අත්අඩංගුවට
ඇඳිරි නීතිය: බොරු තොරතුරු පැතිරූ අයෙක් අත්අඩංගුවට
COLOMBO (News 1st) - ජනාධිපති මාධ්‍ය අංශයේ ලිපි ශීර්ෂයක් ව්‍යාජ ලෙස භාවිත කරමින් ඇඳිරි නීතිය පිළිබඳව අසත්‍ය තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ පළ කළ 18 හැවිරිදි තරුණයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ. නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ, මීටියාගොඩ ප්‍රදේශයේදී ඔහු අත්අඩංගුවට ගත් බවයි. අත්අඩංගුවට ගත් සැකකරු හෙට අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
2020-10-08T08:47:44.000Z
හිටපු විදේශ ඇමති ඇතුළු බලවත් චීන ධූත පිරිසක් දිවයිනට
බලවත් චීන ධූත පිරිසක් දිවයිනට
COLOMBO (News 1st) - චීනයේ හිටපු විදේශ අමාත්‍ය සහ කොමියුනිස්ට් පක්ෂ දේශපාලන කාර්යාංශයේ සාමාජික යැන් ජියේචිගේ නායකත්වයෙන් යුත් ඉහළ පෙළේ චීන දූත පිරිසක් දිවයිනට පැමිණ තිබේ. දූත පිරිස හෙට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවීමට නියමිතව ඇති බව විදේශ සබඳතා අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වේ. අනතුරුව ඔවුන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවනු ඇති. කොළඹට පැමිණෙන දූත පිරිස සෞඛ්‍ය අමාත්‍යාංශය නියම කර ඇති දැඩි සෞඛ්‍ය නීතිරිති යටතේ ජනාධිපතිවරයා මෙන්ම අග්‍රාමාත්‍යවරයා හමුවන්නේ අවස්ථා දෙකකදී පමණක් බව සඳහන්ය. ඔවුන් එම සංචාරයේ නිරත වන්නේ ගෝලීය කොරෝනා වසංගතයට එරෙහිව සටන් කිරීම සහ ආර්ථික සබඳතා පුනර්ජීවනය සම්බන්ධව දෙරට අතර සහයෝගීතාව ශක්තිමත් කිරීමේ අරමුණ ඇතිවයි. චීනයේ ප්‍රබල ධුත පිරිසක් මෙරටට පැමිණෙද්දී ඉන්දීයාව, අමෙරිකාව, ඕස්ට්‍රේලියාව සහ ජපානය ටෝකියෝ නුවරට රැස්වී චීන භූ දේශපාලන ක්‍රියාකාරකම් ගැන තීරණාත්මක සාකච්ඡාවක නිරතවෙමින් සිටි. රටවල් හතරේ විදේශ අමාත්‍යාවරුන් සහභාගීවන මෙම සමුළුව හඳුන්වන්නේ කොඩ් සමුළුව ලෙසයි. නිදහස් ඉන්දු, පැසිෆික් ප්‍රවේශය ගැන පුළුල් ලෙස සාකච්ඡා කළ විදේශ අමාත්‍යවරුන් ඉන්දීය සාගර කලාපයේ නිදහසේ ගමන් කිරීමට සෑම පාර්ශවයකට අවස්ථාව තිබිය යුතු බව අවධාරණය කර තිබේ. අමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා අඟහරුවාදා ටෝකියෝ නුවර පැවති රැස්වීමකදී “සූරාකෑම, දූෂණය සහ බලහත්කාරය” සම්බන්ධයෙන් චීනයට චෝදනාවක් එල්ල කළේ ය. https://youtu.be/KGzDcw_hFfs
2020-10-08T08:15:16.000Z
"වෛද්‍ය ජයරුවන්ව රජයෙන්ම දඩයම් කළා" - හිටපු ⁣සෞඛ්‍ය ඇමති රාජිත
"වෛද්‍ය ජයරුවන්ව රජයෙන්ම දඩයම් කළා"
COLOMBO (News 1st) - වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ තනතුරින් ඉවත් කිරීම පිළිබඳව හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අද අදහස් පළ කර තිබේ. සමගි ජන බලවේගයේ පා.ම. රාජිත සේනාරත්න මහතා, මම පත් කරපු අපේ එම්.ආර්.අයි එකේ අධ්‍යක්ෂ ධුරය. දැන් අද එතුමාව අයින් කරලා තියනවා. නමුත් ඒ අධ්‍යක්ෂතුමා තනිකරම මහින්ද රාජපක්ෂ මහත්තයත් එක්ක. අපේ අග්‍රාමාත්‍යතුමත් එක්ක දේශපාලනයක හිටියේ. මාත් එක්ක පුද්ගලිකව හොඳයි. එතුමාගේ හොඳ කවුරුහරි දැක්ක නම් මම ඔහුව ගත්තා. ජයරුවන්ට පොඩි ප්‍රශ්නයක් තිබ්බා. ඔහුට ඇන්මිස්ටු ග්‍රේඩ් සුදුසුකම් තිබුන් නෑ. පරිපානයේ. ඒක හින්දා තමා මම ඔහුව වැඩබලන අධ්‍යක්ෂ ධූරයට පත් කළේ. පත් කළේ මොකද එම්.ආර්.අයි එකේ ඉතාමත් දුර්වල තත්ත්වයක් තිබුනේ. ඔහු ඒක හොඳට දියුණු කළා. ඔහු හැබැයි වෛද්‍යවරයෙක් හැටියට ප්‍රකාශ නිකුත් කළා. ඒ නිසා ඔහු ඒ ප්‍රකාශය කරාම ඒකට දැන් ආණ්ඩුව පෙන්නුවේ ඔක්කම කොරෝනා ඉවරයි දැන්. පී.සී.ආර් ටෙස්ට්වලට තිබුණ ටෙන්ඩර් පවා ආණ්ඩුව කැන්සල් කරා. ඒ රජයෙන්ම අද ඔහුව දඩයම් කරලා තියනවා. මං අහනවා GMOA එකෙන් දැන් මොකද කියන්නේ? https://www.facebook.com/NewsfirstSL/videos/1800013766805587/
2020-10-08T07:39:45.000Z
මිනුවන්ගොඩ කොවිඩ් පොකුරේ තව ත් ආශ්‍රිතයින් 10 කට කොරෝනා
මිනුවන්ගොඩ පොකුර: තවත් ආශ්‍රිතයින් 10කට කොරෝනා
COLOMBO (News 1st) - මිනුවන්ගොඩ කොවිඩ් පොකුරේ තව ත් ආශ්‍රිතයින් 10 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
2020-10-08T07:24:57.000Z
නිරෝධායන නියෝගය: මිනුවන්ගොඩ ෆැක්ට්‍රියේ සේවකයින් 400ක් සෞඛ්‍ය අංශ වෙත ඉදිරිපත් වෙයි
මිනුවන්ගොඩ ෆැක්ට්‍රියේ 400 ක් සෞඛ්‍ය අංශ වෙත...
COLOMBO (News 1st) - පොලිස් මූලස්ථානය කළ නිරෝධායන නියෝගයට අනුව බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ සේවකයින් අතුරින් 275 ක් ඊයේ දිනයේත් අද දිනයේ තවත් 125 දෙනෙකුත් සෞඛ්‍ය අංශ වෙත ඉදිරිපත්ව තිබෙන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ, ඉදිරිපත්වීම සඳහා ඔවුන්ට ලබාදී ඇති කාලය අදින් අවසන් වන බවය.
2020-10-08T05:57:01.000Z
සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුව බාහිර පුද්ගලයින්ට තාවකාලිකව වැසේ
සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුව තාවකාලිකව වැසේ
COLOMBO (News 1st) - සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවේ සේවාවන් ලබා ගැනීමට බාහිර පුද්ගලයින්ගේ පැමිණීම අද සිට නැවත දැනුම් දෙන තුරු අත්හිටුවා තිබේ.
2020-10-08T05:41:38.000Z
මේ අභියෝගාත්මක අවස්ථාවේ සෞඛ්‍ය උපදෙස් පිළිපදින්න: බොරු ප්‍රචාරයන්ට නොරැවටෙන්න - ජනපති ඉල්ලයි
ජනපතිගෙන් විශේෂ ඉල්ලීමක්
COLOMBO (News 1st) - COVID-19 උවදුර මුළු ලෝකයම වෙලාගත් මොහොතක ශ්‍රී ලාංකික ජාතියේ ශක්තිමත් බව විදහාලමින් අපි එය මර්දනය කළ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. ජනාධිපතිතුමා පැවසුවේ, අද වනවිට COVID-19 නැවත අප රට තුළ හිස ඔසවා ඇති බවය. පෙර සේම අපගේ සෞඛ්‍ය, ආරක්ෂක සහ අනෙකුත් සේවා අංශ මෙම උවදුරෙන් අප බේරා ගැනීම සඳහා සියලු කටයුතු සිදු කරනු ලබන බව ජනාධිපතිතුමා පැවසීය. මේ අභියෝගාත්මක අවස්ථාවේදී සෞඛ්‍ය බලධාරීන් විසින් ලබා දී ඇති උපදෙස් පිළිපදින ලෙසත් ඇතැම් පාර්ශවයන් විසින් බෙදාහරිනු ලබන අසත්‍ය ප්‍රචාරවලට නොරැවටී පිළිගත හැකි රාජ්‍ය තොරතුරු සේවාවලින් අවශ්‍ය තොරතුරු ලබා ගන්නා ලෙසත් ජනාධිපතිතුමා ජනතාවගෙන් ඉල්ලා සිටී.
2020-10-08T04:47:26.000Z
දුම්රිය ගමන් වාර කිහිපයක් අවලංගු කෙරේ
දුම්රිය ගමන් වාර කිහිපයක් අවලංගු කෙරේ
COLOMBO (News 1st) - කොරෝනා ව්‍යාප්තියත් සමග දුම්රිය ගමන් වාර කිහිපයක් අවලංගු කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. දුම්රිය පාලක මැදිරිය පැවසුවේ, කොටුව සිට රාගම, ගම්පහ, මීරිගම හා අඹේපුස්ස බලා ධාවනය වන දුම්රියන් එලෙස අවලංගු කර ඇති බවය. කොරෝනා ව්‍යාප්තියත් සමග ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශ කිහිපයකට නිරෝධායන ඇඳිරි නීතිය පැනවීම ඊට හේතුවී තිබේ.
2020-10-08T04:30:24.000Z
ඉහළ ගිය බඩු මිලට එරෙහිව කෝට්ටේ නගර සභාවේ විපක්ෂය විරෝධතාවක
බඩු මිලට එරෙහිව විරෝධයක්
COLOMBO (News 1st) - කෝට්ටේ නගර සභාවේ විපක්ෂයේ මන්ත්‍රීවරුන් අද විරෝධතාවයක නිරත විය. ඒ, රට තුළ පවතින බඩු මිල ඉහළ යාම සම්බන්ධයෙනි. අද කෝට්ටේ නගර සභාවේ මාසික සැසිවාරය ආරම්භ කිරීම ප්‍රථම මන්ත්‍රීවරුන් එලෙස විරෝධතාවයේ නිතර විය. මන්ත්‍රීවරුන් පෙන්වා දුන්නේ රට තුළ සහල් සහ කහ හිඟයක් පවතින බවයි. එමෙන්ම පොල් ගෙඩි සඳහා දැරිය නොහැකි මිලක් පවතින බව ද මන්ත්‍රීවරු පැවසීය. https://www.facebook.com/NewsfirstSL/videos/812844596118331/
2020-10-08T03:29:55.000Z
පාර්ලිමේන්තු කාර්යාල සේවකයෙකුගේ ඥාතියෙකුට කොරෝනා
පාර්ලිමේන්තු කාර්යාල සේවකයෙකුගේ ඥාතියෙකුට කොරෝනා
COLOMBO (News 1st) – පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සේවා සපයන පැලවත්තේ පිහිටි කාර්යාලයේ සේවකයෙකුගේ ඥාතියෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව කතානායකවරයා අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ ය. ශාන් විජේලාල් මහතා අද උදෑසන මම කතානායක කාර්යාලයට ගියා. නමුත් සේවාව ලබා ගැනීමට නොහැකි වුණා. කතානායක කාර්යාලයේ සේවකයෙකුගේ ඥාතියෙකුට covid නිසා කාර්යාලයට පැමිණෙන පුද්ගලයින් සීමා කළා. https://www.facebook.com/NewsfirstSL/videos/1838355782971727/
2020-10-08T02:49:19.000Z
මිනුවන්ගොඩ පොලීසියේ ආපනශාලාවේ අයෙකුට කොරෝනා
මිනුවන්ගොඩ පොලීසියේ ආපනශාලාවේ අයෙකුට කොරෝනා
COLOMBO (News 1st) – මිනුවන්ගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් නිරෝධායනයට යොමු කිරීමට පියවර ගෙන තිබේ. නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ, මිනුවන්ගොඩ පොලිස් ස්ථානයේ ආපනශාලාව පවත්වාගෙන යන අයෙකුට කොරෝනා අසාදනය වී ඇති බවට තහවුරුවීම හේතුවෙන් එම පියවර ගත් බවය. ඒ අනුව එම නිලධාරීන් පී.සී.ආර් පරීක්ෂණයට යොමු කිරීමට නියමිතවේ.
2020-10-08T03:07:03.000Z
ජෝෂුවා චෙප්ටෙගායිගෙන් මීටර් 10,000 පිරිමි ධාවන ඉසව්වේදී නව ලෝක වාර්තාවක්
මීටර් 10,000 පිරිමි ධාවන ඉසව්වෙන් නව ලෝක වාර්තාවක්
COLOMBO (News 1st) – උගන්ඩාවේ ජෝෂුවා චෙප්ටෙගායි මීටර් 10,000 පිරිමි ධාවන ඉසව්වේ ලෝක වාර්තාව හිමි කර ගත්‌තේ ය. මීටර් 5000 කාන්තා ඉසව්වේ ලෝක වාර්තාව හිමි කර ගත්තේ, ඉතියෝපියාවේ ලෙටසෙන්බෙට් ගීඩේ ය. ඔවුන් මෙම ලෝක වාර්තා පිහිටු වූයේ, ස්පාඤ්ඤයේ වැලෙන්සියාහි පැවැති මලල ක්‍රීඩා තරගාවලියකදී ය. ජෝෂුවා චෙප්ටෙගායි මීටර් 10, 000 පිරිමි ඉසව්වේ ලෝක වාර්තාව පිහිටු වූයේ මිනිත්තු 26 යි තත්පර 11 යි දශම 0 යි 0 ක කාලයක් සටහන් කරමින් ය. 24 හැවිරිදි ඔහු මෙලෙස බිඳ දැමුවේ වසර 15 ක් පැරණි වාර්තාවකි. මීට පෙර 2005 වසරේදී එහි වාර්තාව පිහිටුවා තිබුණේ ඉතියෝපියාවේ කෙනෙනීසා බකලේ ය. ජෝෂුවා චෙප්ටෙගායි මාස 10 ක් ඇතුළත බිඳ දැමූ සිව් වැනි ලෝක වාර්තාව මෙය වේ. ජොෂුවා මීටර් 5000 පිරිමි ඉසව්වේ ලෝක වාර්තාවට ද හිමිකම් කියනු ලැබේ. මීටර් 5000 කාන්තා ඉසව්වේ ලෝක වාර්තාව හිමි කරගත් ඉතියෝපියාවේ ලෙටසෙන්බෙට් ගීඩේ සටහන් කළ කාලය මිනිත්තු 14 යි තත්පර 6 යි දශම 6 යි 2 කි. 22 හැවිරිදි ගීඩේ මෙලෙස බිඳ දැමුවේ වසර 12 ක් පැරණි වාර්තාවකි. මීට පෙර 2008 වසරේදී මෙහි වාර්තාව පිහිටුවූයේ ඉතියෝපියාවේ තිරුනේෂ් ඩිබාබා ය.
2020-10-08T02:31:42.000Z
මත්පැන් අලෙවි කරන ආපන ශාලා සහ මත්පැන් පීඨිකා වසා දමන්නැයි සෞඛ්‍ය අංශ දැනුම් දෙයි
මත්පැන් ආපන ශාලා ,පීඨිකා වසා දමන්නැයි දැනුම් දීමක්
COLOMBO (News 1st) – මත්පැන් අලෙවි කරන ආපන ශාලා සහ මත්පැන් පීඨිකා වසා දමන්නැයි සෞඛ්‍ය අංශ දැනුම් දී තිබේ. සුරාබදු කොමසාරිස් ජනරාල් ආරියදාස බෝදරගම මහතා සඳහන් කළේ, කොරෝනා ව්‍යාප්තියත් සමග අදාළ ස්ථාන වසා දමන්නැයි සෞඛ්‍ය අංශ දැනුම් දී ඇති බවයි. එහෙත් සුරාසැල් වසා දැමීම පිළිබඳව මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව ඔහු පැවසුවේ ය. කොරෝනා මර්දන කාර්ය සාධන බලකාය ලබාදෙන උපදෙස් අනුව මේ පිළිබඳ අවසන් තීරණය ගන්නා බවද සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ ය.
2020-10-08T01:55:47.000Z
කටාර්හි සිරවී සිටි ලාංකිකයින් 42ක් දිවයිනට
කටාර්හි සිරවී සිටි ලාංකිකයින් 42ක් දිවයිනට
COLOMBO (News 1st) – කොරෝනා වසංගතය හේතුවෙන් කටාර්හි සිරවී සිටි තවත් ලාංකිකයින් 42 දෙනෙකු අද උදෑසන දිවයිනට පැමිණියේ ය. කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ, ඔවුන් නිරෝධායනය සඳහා යොමු කළ බවයි. මේ අතර නිරෝධායනය අවසන් කළ පුද්ගලයින් 164 දෙනෙකු අද සිය නිවෙස් බලා පිටත්ව යාමට නියමිතය. නිරෝධායනය අවසන් කර නිවෙස් වෙත පිටත්ව ගොස් ඇති පුද්ගලයින් සංඛ්‍යාව 49,577කි. මධ්‍යස්ථාන 80 ක පුද්ගලයින් 8,029 දෙනෙකු තවදුරටත් නිරෝධායනය වෙමින් සිටින බව කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ ය.
2020-10-08T01:48:41.000Z
සීමාවන්ට යටත්ව චිත්‍රපට ප්‍රදර්ශනයට අවසර දෙන්නැයි ඉල්ලීමක්
සීමාවන්ට යටත්ව චිත්‍රපට පෙන්වන්න අවසර ඉල්ලයි
COLOMBO (News 1st) – සීමාවන්ට යටත්ව සිනමා ශාලාවල චිත්‍රපට ප්‍රදර්ශනයට අවසර දෙන්නැයි ජාතික චිත්‍රපට සංස්ථාව ඉල්ලීමක් කර තිබේ. ඒ, කොරෝනා මර්දන කාර්ය සාධක බලකාය වෙත ලිපියක් යොමු කරමින් ය. ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති ආචාර්ය ජයන්ත ධර්මදාස මහතා සඳහන් කළේ, කොරෝනා වසංගතයත් සමග සිනමා කර්මාන්තයට දැඩි බලපෑම් එල්ල වී ඇති බවයි. ඒ හේතුවෙන් දුරස්ථභාවය ආරක්ෂා කරමින් පූර්ණ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද යටතේ චිත්‍රපට ප්‍රදර්ශනයට අවසර දෙන්නැයි ජාතික චිත්‍රපට සංස්ථාව ඉල්ලීමක් කර තිබේ. එහෙත් කොරෝනා ආසාදිතයින් වාර්තා වීම සැළකිල්ලට ගෙන සිනමාශාලා වසා දමන්නේ ද යන්න පිළිබඳව බලධාරීන් සමග සාකච්ඡා කර අද අවසන් තීරණයක් ගන්නා බව ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපතිවරයා සඳහන් කළේ ය.
2020-10-08T01:40:47.000Z
කාසල් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ගැබිණි කාන්තාවකට කොරෝනා
කාසල් රෝහලේ ගැබිණි කාන්තාවකට කොරෝනා
COLOMBO (News 1st) – බොරැල්ල, කාසල් වීදිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ගැබිණියකට කොරෝනා ආසාදනය වී ඇතැයි තහවුරු වී ති‌බේ. රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රදීප් විජේසිංහ මහතා සඳහන් කළේ, අදාළ කාන්තාව මුල්ලේරියාව රෝහලට මාරුකර යැවූ බවයි. මේ අතර මිනුවන්ගොඩ කර්මාන්ත ශාලාවේ සේවකයෙකුට හෝ ඔවුන්ගේ පවුල්වල සමීපතම පුද්ගලයෙකුට කිසියම් තොරතුරක් දැන ගැනීමට අවශ්‍ය නම් 011- 3456548 දුරකතන අංකයට ඇමතුමක් ලබා දෙන්නැයි යුද හමුදාපතිවරයා දැනුම් දෙයි.
2020-10-08T01:35:16.000Z
නිරෝධායනයට රැගෙන යන අතරතුරේදී මියගිය කාන්තාවට කොරෝනා නැහැ - යුද හමුදාපති
මියගිය කාන්තාවට කොරෝනා නැහැ
COLOMBO (News 1st) – මුතූර්, ගල්කන්ද නිරෝධායනය මධ්‍යස්ථානය වෙත රැගෙන යන අතරතුරේදී ජීවිතක්ෂයට පත්වූ කාන්තාවට කොරෝනා ආසාදනය වී නොමැති බව තහවුරුවී ඇතැයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ ය.
2020-10-08T01:03:43.000Z
පසුගිය වසර 5 තුළ ලංවිම පාඩුව රු බිලියන 181.5 ක්
ලංවිමට රු බිලියන 181.5 පාඩුවක්
COLOMBO (News 1st) – 2015 සිට 2019 දක්වා ලංකා විදුලිබල මණ්ඩලය රුපියල් බිලියන 181.5 පාඩුවක් ලැබූ බව විෂය භාර අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි. ඒ අනුව 2019දී පමණක් පාඩුව රුපියල් බිලියන 85.4 කි.
2020-10-08T01:00:18.000Z
පිල්ලෙයාන් ජනපති කොමිසමට සාක්ෂි දෙයි
පිල්ලෙයාන් ජනපති කොමිසමට සාක්ෂි දෙයි
COLOMBO (News 1st) – පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ පළමුවරට සාක්ෂි ලබා දී තිබේ.
2020-10-08T00:28:12.000Z
මත්තල ගුවන්තොටුපොළේ සියලු සේවකයින් PCR පරීක්ෂණයට
මත්තල ගුවන්තොටුපොළේ සේවකයිනුත් PCR පරීක්ෂණයට
COLOMBO (News 1st) – මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ සියලුම සේවකයින් PCR පරීක්ෂණයට ලක් කිරීමට තීරණය කර තිබේ. ඒ , කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ පවිත්‍රතා අංශයේ සේවකයෙකු කොරෝනා ආසාධිතයෙකු බව ඊයේ හඳුනා ගැනීමත් සමගයි. ඒ අනුව කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ සියලු සේවකයින් ඊයේ දිනයේදී PCR පරීක්ෂණ සඳහා යොමු කළ බව ද ගුවන් සේවා හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී .වී චානක මහතා සඳහන් කළේ ය.
2020-10-07T23:17:27.000Z
වසර 50කට පසු කෘෂිකාර්මික භාණ්ඩ දුම්රියෙන් ප්‍රවාහනයට සැලසුම්
යළිත් කෘෂිකාර්මික භාණ්ඩ ප්‍රවාහනයට දුම්රිය
COLOMBO (News 1st) – වසර 50 කට පසු යළිත් කෘෂිකාර්මික භාණ්ඩ ප්‍රවාහනය සඳහා දුම්රිය සේවය භාවිත කිරීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. කෘෂිකර්ම අමාත්‍ය මහින්දාන්නද අලුත්ගමගේ මහතා සඳහන් කළේ, කෘෂිකාර්මික භාණ්ඩ ප්‍රවාහනයට මාර්ගවල ප්‍රවාහන මාධ්‍ය භාවිතයේ දී වැයවන අධික පිරිවැය, මාර්ග තදබදය හා පරිසර දූෂණය වැළැක්වීම මෙහි අරමුණ බවයි. ඒ අනුව කොළඹ - ත්‍රීකුණාමල වරායන් හරහා ඍජුව පොහොර ප්‍රවාහනය කිරීමටත් , උතුරු, දකුණු හා උඩරට ගොවිබිම් ආවරණය කරමින් එළවළු, පළතුරු හා තේ ඇතුළු අපනයන බෝග නාගරික ප්‍රදේශවලට ප්‍රවාහනය කිරීමටත් අපේක්ෂා කරන බව අමාත්‍යවරයා සඳහන් කළේ ය. එමෙන්ම මාළු නිෂ්පාදන සඳහා අධි ශීතකරණ පහසුකම් සහිත දුම්රිය මැදිරි භාවිත කිරීමට පියවර ගනු ඇති. මේ වනවිට රජයේ පොහොර ප්‍රවාහනය සඳහා වසරකට රුපියල් මිලියන 650ක මුදලක් වැයවන බවත්, ඒ සඳහා දුම්රිය යොදාගතහොත් එම වියදම 50% ට කින් අවම කරගත හැකි බවත් අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේ ය.
2020-10-07T22:56:04.000Z
දිවයිනේ විවිධ දිස්ත්‍රික්කවලින් තවත් කොරෝනා ආසාදිතයින් 16ක්
විවිධ දිස්ත්‍රික්කවලින් තවත් ආසාදිතයින් 16ක්
COLOMBO (News 1st) – නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවලට අමතරව දිවයිනේ විවිධ දිස්ත්‍රික්ක වලින් කොරෝනා ආසාදිතයින් 16 දෙනෙකු හඳුනාගෙන ඇතැයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. දින දෙකකට පෙර කළ පරීක්ෂණවලින් එම ආසාදිතයින් හඳුනාගෙන ඇතැයි යුද හමුදාපතිවරයා සඳහන් කළේ ය. යුද හමුදාපතිවරයා පැවසුවේ, මාතලේ, අම්පාර , බදුල්ල, අනුරාධපුර කුරුණෑගල , මොණරාගල වැනි දිස්ත්‍රික්කවලින් මේ වනවිට කොරෝනා අසාදිතයින් වාර්තා වී ඇති බවයි.
2020-10-07T22:15:33.000Z
කොරෝනා ප්‍රතිකාර සඳහා යන වියදම් චීනය ගෙවිය යුතුයි - ඩොනල්ඩ් ට්‍රම්ප්
කොරෝනා ප්‍රතිකාර සඳහා යන වියදම් චීනය ගෙවිය යුතුයි
COLOMBO (News 1st) – කොරෝනා ප්‍රතිකාර සඳහා යන වියදම් චීනය ගෙවිය යුතු බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. පැය 24 ක් තුළ ඩොනල්ඩ් ට්‍රම්ප් කිසිදු කොරෝනා රෝග ලක්ෂණයක් පෙන්නුම් නොකළ බව ඔහුගේ වෛද්‍යවරුන් ප්‍රකාශ කළේ ය. ඉන් අනතුරුව ධවල මන්දිරයේ සිය නිල කාර්යාලයේදී රාජකාරී කටයුතු යළි ආරම්භ කිරීමට පෙර අමෙරිකානු ජනාධිපතිවරයා සමාජ මාධ්‍යයට වීඩියෝ පටයක් නිකුත් කර තිබුණි. "මට ලබාදුන් ඖෂධ හැමෝටම ලබා දෙන්න ඕන. මට දැන් හොඳටම හොඳයි. මං හිතන්නේ කොරෝනා ආසාදනය වීම මට දෙවියන් දුන් තිළිණයක් කියලා. මම කැමතියි ඒ ඖෂධය අනෙක් කොරෝනා රෝගීන්ටත් ලබා දෙනවා නම්. අපි ඔබට ඒ ඖෂධය නොමිලේ ලබාදෙන්න උත්සහ කරනවා. ඒ වෙනුවෙන් ඔබ ගෙවීමක් කරන්න අවශ්‍ය නෑ. මොකද එය ඔබේ වරදක් නෙවෙයි. එය චීනයේ වරදක්. ඒ නිසා අපේ රටට කරලා තියෙන විනාශය වෙනුවෙන් චීනය විශාල මුදලක් ගෙවිය යුතුයි. ඒ නිසා අපි ඒ ඖෂධය ඔබට නොමිලේ ලබාදෙනවා. මම නැවතත් කියනවා. මේක චීනයේ වරදක්"
2020-10-07T21:39:35.000Z
මිනුවන්ගොඩ ෆැක්ට්‍රියේ තවත් 200 ක් රෝහල්ගත කිරීමට හෝ නිරෝධායනයට සැලසුම් - යුද හමුදාපති
මිනුවන්ගොඩ පොකුර: තවත් 200ක් ගැන ගන්නා ඉදිරි පියවර
COLOMBO (News 1st) – මිනුවන්ගොඩ කර්මාන්ත ශාලාවේ තවත් 200 කට ආසන්න පිරිසක් රෝහල්ගත කිරීමට හෝ නිරෝධායනයට යොමු කිරීමට නියමිත බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. යුද හමුදාපතිවරයා පැවසුවේ, රෝහල් ගතවූ අයගේ පවුල්වල පිරිස් නිරෝධායනයට යොමුකිරීමට නියමිත බවයි. ගතවූ කාලය තුළ එම කර්මාන්ත ශාලාව ආශ්‍රිත 1034 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇතැයි යුද හමුදාපතිවරයා සඳහන් ක‌ළේ ය. ඊයේ දිනයේ කොරෝනා ආසාදිතයින් 207 දෙනෙකු වාර්තා විය. ඒ අනුව මේ වනවිට මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 4459 කි. 1,172 රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර 3274 දෙනෙකු සුවය ලබා තිබේ.
2020-10-07T21:16:14.000Z
Online ක්‍රමයට ගම්පහ දිස්ත්‍රික්කයේ ඖෂධ බෙදා හැරීමේ වැඩපිළිවෙළක්
ගම්පහ ඖෂධ බෙදා හැරීම Online ක්‍රමයට..
COLOMBO (News 1st) – පෞද්ගලික ඔසු සැල් හරහා ගම්පහ දිස්ත්‍රික්කය තුළ ONLINE ක්‍රමයට ඖෂධ බෙදා හැරීමේ වැඩපිළිවෙළ අදින් ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. එහි බෝ නොවන රෝග ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය චම්පිකා වික්‍රමසිංහ මහත්මිය සඳහන් කළේ, සෞඛ්‍ය අමාත්‍යාංශයේ health.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු ලබා ගත හැකි බවයි. Online ක්‍රමයට ඖෂධ මිලදී ගැනීම සඳහා අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග ද ඇය පැහැදිලි කළා ය.
2020-10-07T20:59:26.000Z
මැතිවරණ කොමිසමෙන් ග්‍රාම නිලධාරීන්ට දැනුම් දීමක්
මැතිවරණ කොමිසමෙන් ග්‍රාම නිලධාරීන්ට දැනුම් දීමක්
COLOMBO (News 1st) – මැතිවරණ ප්‍රතිශෝධන පත්‍රිකා සම්පූර්ණ කිරීම සඳහා කිසිදු පුද්ගලයෙකු ග්‍රාම නිලධාරී කාර්යාලවලට පැමිණීම අනවශ්‍ය බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේ , ඇතැම් ග්‍රාම නිලධාරීවරුන් මැතිවරණ ප්‍රතිශෝධන පත්‍රිකා සම්පූර්ණ කිරීමට තම කාර්යාලවලට ජනතාව ගෙන්වා ගන්නා බවට පැමිණිලි ලැබී ඇති බවයි. එය එසේ නොවිය යුතු බව ද ඔහු අවධාරණය කළේ ය. මැතිවරණ ප්‍රතිශෝධන පත්‍රිකා සම්පූර්ණ කිරීම කළ යුත්තේ ගෙයින් ගෙට ගොස් ග්‍රාම නිලධාරීවරුන් විසින් වන අතර ඒ සඳහා සියලු උපදෙස් ඔවුන්ට ලබාදී ඇති බව ද ඔහු ප්‍රකාශ කළේ ය.
2020-10-07T20:42:50.000Z
COVID-19:විදෙස්ගත ලාංකික ශ්‍රමිකයින් 67ක් මියයයි
COVID-19:විදෙස්ගත ලාංකික ශ්‍රමිකයින් 67ක් මියයයි
COLOMBO (News 1st) – විදෙස්ගත ලාංකික ශ්‍රමිකයින් 67 දෙනෙකු කොරෝනා ආසාදනය වීමෙන් මියගොස් ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි. එහි මාධ්‍ය ප්‍රකාශක, මංගල රන්දෙනිය මහතා සඳහන් කළේ, සෞදි අරාබිය, කටාරය, කුවේටය, ඕමානය ඇතුළු රටවල් 17 කින් එම මරණ වාර්තා වන බවයි. විදෙස්ගත ලාංකික ශ්‍රමිකයින් 2600 කට අධික පිරිසකට මේ වනවිට කොරෝනා ආසාදනය වී ඇතැයි ද මංගල රන්දෙනිය මහතා සඳහන් කළේ ය.
2020-10-07T20:33:10.000Z
අද සහ හෙට කන්සියුලර් අංශයේ සියලු සේවා අත්හිටුවයි
අද සහ හෙට කන්සියුලර් අංශයේ සියලු සේවා අත්හිටුවයි
COLOMBO (News 1st) – අද(08) සහ හෙට(09) දිනයේ කන්සියුලර් අංශයේ සියලු සේවාවන් අත්හිටුවීමට විදේශ කටයුතු අමාත්‍යාංශය තීරණය කර තිබේ.
2020-10-07T19:00:43.000Z
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
දේශීය පුවත් 1. කැලණිය සරසවිය සහ ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද වෛද්‍ය විද්‍යාලය හැර කිසිදු විශ්වවිද්‍යාලයක් තාවකාලිකව වසා නැහැ – විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම - කොවිඩ් අවදානම තුළ කැලණිය විශ්වවිද්‍යාලය සහ ගම්පහ වික්‍රමාආරච්චි ආයුර්වේද වෛද්‍ය විද්‍යාලය හැර වෙනත් කිසිදු විශ්වවිද්‍යාලයක් තාවකාලිකව වසා දමා නොමැති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පවසයි. 2. බස්නාහිර පළාතේ වාහන සඳහා ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවයි – බස්නාහිර පළාත තුළ ලියාපදිංචි වී ඇති වාහන සඳහා ආදායම් බලපත්‍ර නිකුත් කිරීම ලබන 16 වැනි දා දක්වා තාවකාලිකව අත්හිටුවා තිබේ. 3. කොවිඩ් මර්දනය: තොරතුරු සැපයීමට මෙහෙයුම් මැදිරියක් – කොරෝනා වෛරසය පැතිරීම මර්දනය කිරීම සඳහා මහජනතාව සතු තොරතුරු ලබාදීමට පොලිස්පති පාලක මැදිරියක් හා පොලිස්පති මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත කර තිබේ. 4. කොරෝනා ව්‍යාප්තිය යටතේ අධිකරණ කටයුතු සිදුකරන ආකාරය පිළිබඳව දැනුම් දීමක් – කොරෝනා ව්‍යාප්තිය යටතේ අධිකරණ කටයුතු සිදුකරන ආකාරය හා පිළිපැදිය යුතු සෞඛ්‍ය ආරක්ෂණ උපදෙස් පිළිබඳව අධිකරණ සේවා කොමිෂන් සභාව දැනටමත් සියලු අධිකරණ වෙත දැනුම් දී ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. 5. ශිෂ්‍යත්වය හා උ/ පෙළ විභාග නියමිත දිනට පැවැත්වීමේ තීරණයක් : සෞඛ්‍ය පියවරවලට යටත්ව නියමිත දිනට අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සහ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමට දැනට රජය තීරණය කර ඇතැයි, අමාත්‍ය ජී. එල්. පීරිස් මහතා පවසයි.
2020-10-07T08:45:59.000Z
කර්මාන්ත ශාලාවේ තවත් 5කට සහ ආශ්‍රිතයෙකුට කොරෝනා
තවත් 6 දෙනෙකුට කොරෝනා..
COLOMBO (News 1st) - තව ත් කොරෝනා ආසාදිතයින් 06 දෙනකු හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. එනම් ඔවුන් බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ සේවකයින් 5 දෙනෙක් හා අනෙක් පුද්ගලයා ඒ ආශ්‍රිත පුද්ගලයෙකි. ඒ අනුව, බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ අද දිනයේ 199 කට කොරෝනා අසාදනය වී ඇතැයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේය.
2020-10-07T08:00:34.000Z
කැලණිය සරසවිය සහ ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද වෛද්‍ය විද්‍යාලය හැර කිසිදු විශ්වවිද්‍යාලයක් තාවකාලිකව වසා නැහැ - විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම
කැලණිය,වික්‍රමාරච්චි ආයුර්වේදය හැර කිසිදු සරසවියක්
COLOMBO (News 1st) - කොවිඩ් අවදානම තුළ කැලණිය විශ්වවිද්‍යාලය සහ ගම්පහ වික්‍රමාආරච්චි ආයුර්වේද වෛද්‍ය විද්‍යාලය හැර වෙනත් කිසිදු විශ්වවිද්‍යාලයක් තාවකාලිකව වසා දමා නොමැති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පවසයි. ඇඳිරි නීතිය පවතින ප්‍රදේශවල සිට විශ්වවිද්‍යාල වෙත පැමිණෙන විද්‍යාර්ථයින්ට දැනටමත් ක්‍රියාත්මක ඔන්ලයින් දේශන සඳහා සම්බන්ධය විය හැකි බව ඔහු පැවසීය.
2020-10-07T08:14:50.000Z
වැලිසර කර්මාන්ත ශාලාවෙන් හා කටුනායක ගුවන්තොටුපො⁣ළෙන් කොරෝනා අසාදිතයින් දෙදෙනෙක්
වැලිසර කර්මාන්ත ශාලාවෙනුත් කොරෝනා ආසාදිතයෙක්
COLOMBO (News 1st) - මිනුවන්ගොඩ, බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ අද දිනයේ 194 කට කොරෝනා අසාදනය වී ඇතැයි තහවුරු වූ බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අනුව දින 3 ක් තුළ එම කර්මාන්ත ශාලාවෙන් වාර්තා වූ අසාදිතයින් සංඛ්‍යාව 1026 කි. 739 දෙනෙකු ඊයේ හඳුනා ගැනුණු අතර එය මෙතක් දිනක් තුළ මෙරට වාර්තා වූ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවයි. මිනුවන්ගොඩ කොරෝනා පොකුරේ ආශ්‍රිතයින් 8000 කට ආසන්න පිරිසක් මේ වනවිට නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර ඇති බව යුද හමුදාව පවසයි. එසේම වැලිසර බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ එක් අයෙකුට හා බණ්ඩානාරයක ගුවන්තොටුපොළේ පවිත්‍රතා අංශයේ සේවකයෙකුට ද කොරෝනා අසාදනය වී තිබේ. ඒ අනුව මේ වනවිට මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා අසාදිතයින් සංඛ්‍යාව 4448 කි.
2020-10-07T07:40:56.000Z
බස්නාහිර පළාතේ වාහන සඳහා ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවයි
ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවයි
COLOMBO (News 1st) - බස්නාහිර පළාත තුළ ලියාපදිංචි වී ඇති වාහන සඳහා ආදායම් බලපත්‍ර නිකුත් කිරීම ලබන 16 වැනි දා දක්වා තාවකාලිකව අත්හිටුවා තිබේ. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ, මෙම කාලය තුළ කල් ඉකුත්වන ආදායම් බලපත්‍ර ලබා ගැනීමේදී ලබන මස 15 වැනි දා දක්වා දඩ මුදල් අය නොකරන බවයි. කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් දැනට උද්ගතව ඇති තත්ත්වය මත මෙම පියවර ගෙන තිබේ.
2020-10-07T06:58:12.000Z
'නේවි රුවන්' අත්අඩංගුවට
'නේවි රුවන්' අත්අඩංගුවට
COLOMBO (News 1st) - 'නේවි රුවන්' යන අන්වර්ථ නාමයෙන් හැඳින් වූ පාතාලයට සම්බන්ධ පුද්ගලයෙකු ඊයේ අත්අඩංගුවට ගෙන තිබේ. රාජ්‍ය බුද්ධි අංශය හා පොලිස් විශේෂ කාර්ය බලකාය එක් ව සිදු කළ මෙහෙයුමකදී ඔහු අත්අඩංගුවට ගැනුණි. ඒ, කුරුණෑගල පහළ කොබෙයිගනේ ප්‍රදේශයේදීය. සැකකරු සතුව තිබී මත්කුඩු මිලිග්‍රෑම් 1820 ක්, වාහන දෙකක්, ජංගම දුරකතන 6 ක් සහ ව්‍යාජ වාහන බලපත්‍රයක් පොලිස් විශේෂ කාර්ය බලකා භාරයට ගෙන තිබේ. සැකකරු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු කිහිපයක් ද පවතින අයෙකි.
2020-10-07T06:12:51.000Z
මිනුවන්ගොඩ කර්මාන්ත ශාලාවේ සේවයකයින්ට පොලීසියෙන් තවත් නියෝගයක්
මිනුවන්ගොඩ ෆැක්ට්‍රියේ සේවයකයින්ට තවත් නියෝගයක්
COLOMBO (News 1st) - මිනුවන්ගොඩ, බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ සේවය කරන සේවකයින් වෙනුවෙන් පොලීසිය තව ත් නිරෝධායන නියෝගයක් නිකුත් කර තිබේ. එම නිරෝධායන නියෝගය නිකුත් කර ඇත්තේ, වත්තල, කඳාන, ජාඇල, බියගම, කිරිබත්ගොඩ, සපුගස්කන්ද, පෑලියගොඩ, කැලණිය, කඩවත, මීගහවත්ත, රාගම සහ මහබාගේ ප්‍රදේශවල පදිංචි මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ සේවය කරන සේවක සේවිකාවන් වෙනුවෙනි. ඒ අනුව අදාළ ප්‍රදේශවල පදිංචි සේවක සේවිකාවන් අද පස්වරු 6.00 ට පෙර තමන් නවාතැන් ගෙන සිටින ස්ථානයේ සිට පහත ස්ථානවලට පැමිණිය යුතුය. වත්තල පොලිස් බල ප්‍රදේශයේ පල්ලියපටුමග රථගාලට, කඳාන පොලිස් බල ප්‍රදේශයයේ කඳාන පොලීසිය ඉදිරිපිටට, ජාඇල පොලිස් බල ප්‍රදේශයේ ජාඇල පොලීසිය ඉදිරිපිටට, බියගම පොලිස් බල ප්‍රදේශයේ බියගම පොලීසිය ඉදිරිපිටට, කිරිබත්ගොඩ පොලිස් බල ප්‍රදේශයේ කිරිබත්ගොඩ පොලීසිය ඉදිරිපිටට, සපුගස්කන්ද පොලිස් බල ප්‍රදේශයේ සපුගස්කන්ද පොලීසිය ඉදිරිපිටට, පෑලියගොඩ පොලිස් බල ප්‍රදේශයේ ධර්මදාස ක්‍රීඩාංගණයට, කැලණිය පොලිස් බල ප්‍රදේශයේ කැලණිය පොලීසිය ඉදිරිපිට රථ ගාලට, කඩවත පොලිස් බල ප්‍රදේශයේ කඩවත අධිවේගී පාලම අසළ හිස් ඉඩමට, මීගහවත්ත පොලිස් බල ප්‍රදේශයේ උඩුපිල හන්දිය ගොවිජන සේවා මධ්‍යස්ථානය අසළට, රාගම පොලිස් බල ප්‍රදේශයේ බැසිලිකා ක්‍රීඩාංගණයට, මහබාගේ පොලිස් බල ප්‍රදේශයේ වත්තල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අසළට එම සේවක සේවිකාවන් පැමිණිය යුතු ස්ථාන වේ. තව ද මෙම ආයතනයේ සේවක කරන ඉහත ප්‍රදේශවලට පරිබාහිරව වෙනත් ප්‍රදේශවල පදිංචිව හෝ නවාතැන් ගෙන සිටින අය ඇත්නම් ඔවුන් ළඟම තිබෙන පොලිස් ස්ථානය වෙත විස්තර ලබාදෙන ලෙස ද පොලීසිය දැනුම් දෙයි. පොලීසිය පැවසුවේ, මෙම පැමිණෙන අයවලුන් සම්බන්ධයෙන් නිරෝධායන කටයුතු සිදු කිරීමට නියමිත අතර ඊට පටහැනිව කටයුතු කරන අයට නිරෝධායන ආඥා පනත යටතේ ක්‍රියාකරනු ලබන බවයි. මේ අතර මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ තව ත් 190 කට කොරෝනා අසාදනය වී ඇතැයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ ය. ඒ අනුව පසුගිය දින 3 තුළ එම කර්මාන්ත ශාලාවෙන් වාර්තා වූ අසාදිතයින් සංඛ්‍යාව 1022 කි. මේ වනවිට මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා අසාදිතයින් සංඛ්‍යාව 4442 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
2020-10-07T05:53:49.000Z
කොවිඩ් මර්දනය: තොරතුරු සැපයීමට මෙහෙයුම් මැදිරියක්
කොවිඩ් මර්දනය: තොරතුරු සැපයීමට මෙහෙයුම් මැදිරියක්
COLOMBO (News 1st) - කොරෝනා වෛරසය පැතිරීම මර්දනය කිරීම සඳහා මහජනතාව සතු තොරතුරු ලබාදීමට පොලිස්පති පාලක මැදිරියක් හා පොලිස්පති මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත කර තිබේ. පොලීසිය පැවසුවේ, එම මැදිරි සඳහා පහත සඳහන් දුරකතන අංක ඔස්සේ මහජනතාවට තොරතුරු ලබාදිය හැකි බවයි. 011 5 978 701 - 011 5 978 703 - 071 8 592 717 දුරකතන අංක හා 1933 යන සෘජු දුරකතන අංකය ඔස්සේ කොවිඩ් 19 පොලිස්පති පාලක මැදිරිය ඇමතීමට හැකිය. එසේම 011 2 444 481 - 011 5 978 716 - 011 5 978 731 යන දුරකතන අංක ඔස්සේ කොවිඩ් 19 පොලිස්පති මෙහෙයුම් මැදිරිය ඇමතීමට හැකිවේ.
2020-10-07T04:05:42.000Z
මිනුවන්ගොඩ කර්මාන්ත ශාලාවේ සේවකයින්ට විශේෂ නිවේදනයක්
පොලීසියෙන් විශේෂ නිවේදනයක්
COLOMBO (News 1st) - මිනුවන්ගොඩ, බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ සේවය කරන ගම්පහ ප්‍රදේශයේ පදිංචි හෝ නවාතැන්පොළවල්වල සිටින පුද්ගලයින්ට පොලීසිය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. මේ, ඒ පිළිබඳව පැහැදිලි කරන නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා... [audio mp3="https://cdn.newsfirst.lk/sinhala-uploads/2020/10/10-07-AJITH-ROHANA.mp3"][/audio] මේ අතර මිනුවන්ගොඩ, බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ තව ත් 190 කට කොරෝනා අසාදනයවී ඇතැයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ ය. ඒ අනුව පසුගිය දින තුන තුළ එම කර්මාන්ත ශාලාවෙන් වාර්තා වූ අසාදිතයින් සංඛ්‍යාව 1022 කි. මේ වනවිට මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා අසාදිතයින් සංඛ්‍යාව 4442 දක්වා ඉහළ ගොස් තිබේ.
2020-10-07T03:26:24.000Z
ශිෂ්‍යත්වය හා උ/ පෙළ විභාග නියමිත දිනට පැවැත්වීමේ තීරණයක්
ශිෂ්‍යත්වය හා උ/ පෙළ විභාග නියමිත දිනට ම
COLOMBO (News 1st) : සෞඛ්‍ය පියවරවලට යටත්ව නියමිත දිනට අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සහ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමට දැනට රජය තීරණය කර ඇතැයි, අමාත්‍ය ජී. එල්. පීරිස් මහතා පවසයි. සෞඛ්‍ය පියවරවලට යටත්ව නියමිත දිනට අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සහ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමට දැනට රජය තීරණය කර ඇතැයි, අමාත්‍ය ජී. එල්. පීරිස් මහතා පවසයි. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වෙන මාධ්‍ය හමුව අමතමින් අමාත්‍යවරයා පැවසුවේ, විභාගය පැවැත්වීම සඳහා සෞඛ්‍ය අංශ හා ආරක්ෂ අංශවල උපදෙස් පරිදි විශේෂ වැඩපිළිවෙලක් සකස් කරන බවයි. ගම්පහ දිස්ත්‍රික්කයේ විභාග අපේක්ෂකයින් සම්බන්ධයෙන් ගනු ලබන විශේෂ ක්‍රියාමාර්ග පිළිබඳව ද මෙහිදී අදහස් පළ විය. ගම්පහ දිස්ත්‍රික්කයේ විභාග මධ්‍යස්ථානවල සුරක්ෂත කරන බවත් ගම්පහ දිස්ත්‍රික්කයේ සිට වෙනත් දිස්ත්‍රිකක්වලට ත් වෙනත් දිස්ත්‍රික්කවල සිට ම්පහ දිස්ත්‍රික්කයටත් ගමන් කර විභාග අපේක්ෂකයින් වෙනුවන් විශේෂ ගමනාගමන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කෙරෙනු ඇති. මේ වනවිට නිරෝධායනයට ලක්ව සිටින අපේක්ෂකයින්ට විභාගයට පෙනී සිටීම සඳහා ද විශේෂ මධ්‍යස්ථාන සකස් කර තිබේ. වෛරසයේ හැසිරීම අවිනිශ්චිත නමුත් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ මානසික උනන්දුව, උද්යෝගය ඇතුළු අනෙකුත් සියලු සාධක සැලකිල්ලට ගෙන නියමිත පරිදි විභාග පැවැත්වීමේ තීරණයේ දැනට රජය පසුවන බව මාත්‍යවරයා එහිදී වැඩිදුරටත් පැවසී ය. ලබන ඉරිදා (11) ශිෂ්‍යත්ව විභාග පැවැත්වීමට නියමිත අතර ඔක්තෝබර් 12 වන සඳුදා සිට නොවැම්බර් 6 වනදා දක්වා පැවැත්වේ. මෙවර ශිෂ්‍යත්ව විභාගය සඳහා විභාග අපේක්ෂකයින් 331,000ක් පෙනී සිටීමට නියමිත අතර මධ්‍යස්ථාන 2936කදී එම විභාගය පැවැත්වෙනු ඇති. උසස් පෙළ විභාගය සඳහා අපේක්ෂකයින් 362,000 ක් පෙනී සිටීමට නියමිත මධ්‍යස්ථාන සංඛ්‍යාව 2,648කි. https://www.youtube.com/watch?v=LQYJYUURk0Q&feature=youtu.be
2020-10-07T04:05:26.000Z
මිනුවන්ගොඩ කර්මාන්ත ශාලාවේ තවත් 190 කට කොරෝනා
මිනුවන්ගොඩ කර්මාන්ත ශාලාවේ තව ත් 190 කට කොරෝනා
COLOMBO (News 1st) - දිවුලපිටියේ කොරෝනා ආසාදිත කාන්තාව සේවය කරන මිනුවන්ගොඩ කර්මාන්ත ශාලාවේ තව ත් 190 කට කොරෝනා ආසාදිත බව තහවුරු වී ඇතැයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අනුව පසුගිය දින තුන තුළ එම කර්මාන්ත ශාලාවෙන් වාර්තා වූ අසාදිතයින් සංඛ්‍යාව 1022 කි. මේ වනවිට මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා අසාදිතයින් සංඛ්‍යාව 4442 දක්වා ඉහළ ගොස් තිබේ.
2020-10-07T04:00:50.000Z
ජාතික අක්ෂි රෝහලෙන් පණිවුඩයක්
ජාතික අක්ෂි රෝහලෙන් පණිවුඩයක්
COLOMBO (News 1st) : හදිසි අනතුරු, සායනික ප්‍රතිකාර සහ අත්‍යාවශ්‍ය සේවාවන් සඳහා පමණක් ජාතික අක්ෂි රෝහල වෙත පැමිණීම සුදුසු බව ජාතික අක්ෂි රෝහලේ අධ්‍යක්ෂවරයා පවසයි. නිවේදනයක් නිකුත් කරමින් අක්ෂි රෝහලේ අධ්‍යක්ෂවරයා පැවසුවේ, සමාජය තුළ නැවත කොරෝනා ව්‍යාප්ත වීමේ අවදානම් තත්ත්වයක් මතුව ඇති බැවින් අක්ෂි රෝහලේ සීමිත ඉඩකඩ තුළට සියලු දිස්ත්‍රික්කවල රෝගීන් එක්රැස් වීම සෞඛ්‍ය ආරක්ෂිත නොවන බවයි. ඒ අනුව අක්ෂි රෝග ප්‍රතිකාර සඳහා ආසන්නතම රජයේ රෝහලේ අක්ෂි සායනයට යොමු වන ලෙස ද ජාතික අක්ෂි රෝහල ජනතාවට දැනුම් දී සිටී. විශේෂිත අක්ෂි ප්‍රතිකාර අවශ්‍ය රෝගීන් පමණක් අදාළ අක්ෂි ශල්‍ය වෛද්‍යවරයාගේ යොමු කිරීමේ ලිපියක් සමගින් අක්ෂි රෝහල වෙත යොමු වන ලෙස ද දැනුම් දී සිටී. එමෙන්ම වයස අවුරුදු 14ට අඩු දරුවන් අනවශ්‍ය ලෙස රෝහල වෙත රැගෙන ඒමෙන් වළකින ලෙස ද ඉල්ලීමක් කර තිබේ.
2020-10-07T06:31:35.000Z
කොරෝනා ව්‍යාප්තිය යටතේ අධිකරණ කටයුතු සිදුකරන ආකාරය පිළිබඳව දැනුම් දීමක්
Covid19:අධිකරණ කටයුතු පිළිබඳව දැනුම් දීමක්
COLOMBO (News 1st) - කොරෝනා ව්‍යාප්තිය යටතේ අධිකරණ කටයුතු සිදුකරන ආකාරය හා පිළිපැදිය යුතු සෞඛ්‍ය ආරක්ෂණ උපදෙස් පිළිබඳව අධිකරණ සේවා කොමිෂන් සභාව දැනටමත් සියලු අධිකරණ වෙත දැනුම් දී ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව පැවසුවේ ඇඳිරි නීතිය බලපැවැත්වෙන ප්‍රදේශවල අදාළ දිනයන්ට නියමිත නඩු සඳහා වෙනත් දිනයක් ලබා දීමටත්, එම දිනයන් පිළිබඳ එකි අධිකරණ පරිශ්‍රවල දැන්වීම් පුවරුවල ප්‍රදර්ශනය කිරීමටත් අවශ්‍ය උපදෙස් අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් දැනටමත් අදාළ අධිකරණ වෙත දැනුම් ඇති බවයි. ඒ අනුව ඇඳිරි නීතිය කාලය අවසන් වූ පසුව සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් අදාළ අධිකරණ පරිශ්‍රවලට ගොස් තමාගේ නඩු සම්බන්ධයෙන් යළි කැඳවීම් කරන දිනය ලබාගත හැකි බව ද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
2020-10-07T01:16:37.000Z
ශිෂ්‍යත්වය හා උසස් පෙළ විභාගය පැවැත්වීම පිළිබඳ අවසන් තීරණය අද පස්වරු 2ට
ශිෂ්‍යත්ව හා උසස් පෙළ විභාගය ගැන තීරණය අද පස්වරු 2
COLOMBO (News 1st ) - 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය හා අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පැවැත්වීම පිළිබඳ අවසන් තීරණය අද පස්වරු 2.00 ට ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍ය ජී. එල්. පීරිස් මහතා සඳහන් කළේ ය.
2020-10-07T00:57:36.000Z
කුණු කන්ටේනර් වෙනුවෙන් මි.1694ක වන්දියක් ඉල්ලයි
කුණු කන්ටේනර් වෙනුවෙන් මි.1694ක වන්දියක් ඉල්ලයි
COLOMBO (News 1st) බ්‍රිතාන්‍යයෙන් මෙරටට කසළ බහාලුම් ගෙන ඒමෙන් සිදුවූ හානියට රුපියල් මිලියන 1694 කට අධික වන්දියක් ඉල්ලා ශ්‍රී ලංකාව බාසල් සම්මුති ලේකම් කාර්යාංශයට පැමිණිල්ලක් ගොනු කර තිබේ. පරිසර අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, කසළ ගෙන්වූ සමාගම බාසල් සම්මුතිය කඩ කරමින් කසළ බහාලුම් මෙරටට ගෙන්වා ඇති බවයි. එම සම්මුතියට අනුව රටකින් තවත් රටකට කසළ බහාලුම් ගෙන්වීමට නම් අදාළ රටවල් දෙකෙහි ම කැමත්ත අවශ්‍ය වේ. එහෙත්, අදාළ සමාගම කසළ බහාලුම් දිවයිනට ගෙන්වීමට පෙර මෙරට රජයෙන් අවසර ලබාගෙන නොමැත. ඒ වෙනුවට ශ්‍රී ලාංකිකයෙකුගේ ද උදව් සහිතව , ඔවුන් නීතිවිරෝධී අයුරින් එම කසළ බහාලුම් මෙරටට ගෙන්වා ඇති බව පරිසර අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ දැක්වේ. ඒ අනුව එම සමාගමට එරෙහිව ශ්‍රී ලංකාව විසින් බාසල් සම්මුතියේ විෂය ප්‍රකාරව පැමිණිල්ල ගොනු කර ඇති බව අදාළ නිවේදනයේ සඳහන් වේ. මේ අතර පසුගිය මස 27 දා එම කසළ බාහලුම්වලින් 21ක් නැවත බ්‍රිත්‍යානට යැවීමට පියවර ගෙන ඇති අතර, පරීක්ෂණ කටයුතුවලින් අනතුරු ඉතිරි බහාලුම් ද බ්‍රිතාන්‍යට ප්‍රතිඅපනයනය කිරීමට පියවර ගන්නා බව පරිසර අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේ ය. එම පෞද්ගලික ආයතනය විසින් මෙරටට ගෙන්වන ලද සමස්ත කසළ බහාලුම් ප්‍රමාණය 263කි.
2020-10-07T00:06:50.000Z
ධවල මන්දිරයේ තවත් උපදේශකවරයෙකුට කොරෝනා
ධවල මන්දිරයෙන් තවත් කොරෝනා ආසාදිතයෙක්
COLOMBO (News 1st) : අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සමීපතමයින් අතරින් නවතම කොරෝනා ආසාදිතයෙකු පිළිබඳ අද උදෑසන වාර්තා විය. ඒ ධවල මන්දිරයේ ජ්‍යෙෂ්ඨ උපදේශක ස්ටීවන් මිලර්ට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වීමෙනි. පසුගිය දින 5 පුරාම තමා දුරස්ත බව ආරක්ෂා කරමින් හුදකලාව කටයුතු කළ බවත් සෑම දිනකම කෝවිඩ් පරික්ෂාව සිදු කළ බවත් මිලර් පවසා ඇත. එහෙත් ඊයේ සිදු කළ පරීක්ෂාවේදී ඔහුට වෛරසය ආසාදනයවී ඇති බව තහවුරු වීමෙන් පසු මිලර් නිරෝධායනට යොමුවී තිබේ. මේ අතර ධවල මන්දිර නියෝජ්‍ය මාධ්‍ය ලේකම්වරයා පැවුසවේ, මිලර් හැරුණු කොට ධවල මන්දිරයෙන් වෙනත් නව ආසාදිතයින් වාර්තා නොවන බවයි. කොරෝනා ආසාදිත අමෙරිකානු ජනාධිපතිවරයා දින 3ක් හමුදා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට යළි ධවල මන්දිරයට පිටත්ව ගියේ, වෛරසයට බිය නොවන ලෙසත් කොරෝනාවට ජීවිත අභිබව යාමට ඉඩ නොදෙන ලෙසත් අමෙරිකානු වැසියන් දිරි ගන්වමිනි. ජනපති ට්‍රම්ප් සහ බිරිඳ මෙලානියා කොරෝනා වෛසරයට ගොදුරු වූ බව පසුගිය සිකුරාදා නිවේදනය කළ අතර ඊට පෙර උපදේශිකා හෝප් හික්ස්, ධවල මන්දිර ප්‍රකාශක, කේලි මැකනි, බිල් ස්ටෙපියන් සහ රිපබ්ලිකන් සෙනෙට් සභිකයින් වන මයික් ලී, තොම් ටිලිස් සහ රොන් ජොන්සන් ද වෛරසය ආසාදනය වූ සෙසු පිරිස් වූහ. උප ජනාධිපති මයික් පෙන්ස්ගේ ප්‍රකාශිකව වන මිලර්ගේ බිරිඳ වන කේට් මිලර් පසුගිය මැයි මාසයේදී වෛරසය ආසාදනය විය. කොරෝනා වසංගතයෙන් වැඩිම බලපෑම් එල්ල වී ඇති රට අමෙරිකාව වන අතර මේ වන‍විට අහිමි වී ඇති ජීවිත සංඛ්‍යාව 215,000කට අධික ය. එරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 7,722,746කි.
2020-10-06T21:58:47.000Z
මිනුවන්ගොඩ කොරෝනා පොකුරේ ආශ්‍රිතයින් 8000ක් නිරෝධායනයට
මිනුවන්ගොඩ පොකුරේ ආශ්‍රිතයින් 8000ක් නිරෝධායනයට
COLOMBO (News 1st) - මිනුවන්ගොඩ කොරෝනා පොකුරේ ආශ්‍රිතයින් 8000 කට ආසන්න පිරිසක් මේ වනවිට නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර ඇති බව යුද හමුදාව පවසයි. මේ අතර මිනුවන්ගොඩ කොරෝනා පොකුරේ තවත් ආශ්‍රිතයින් 4000 කට අධික පිරිසක් මේ වනවිට ස්වයං නිරෝධායනයට යොමු කර ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පවසති. ශ්‍රි ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය මහතා සඳහන් කළේ, ඔවුන් සම්බන්ධයෙන් නිරන්තරයෙන් නිරීක්ෂණය කරමින් සිටින බවයි. යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ, ඊයේ දිනයේ හඳුනාගත් කොරෝනා ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් සෙවීමේ කටයුතු ද මේ වනවිට ආරම්භ කර ඇති බවයි.
2020-10-06T19:43:24.000Z
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
දේශීය පුවත් 1. රිෂාඩ් බදියුදීන්ගේ සහෝදරයා මුදා හැරියේ ඇයි? ඇමති චමල් පාර්ලිමේන්තුවට කියූ දේ :අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් රිෂාඩ් බදියුදීන් හිටපු ඇමතිවරයාගේ සහෝදරයා මුදා හැරීම ගැන ඊයේ පාර්ලිමේන්තුවේදී සංවාදයක් ඇති විය. 2. වෛද්‍ය ජයරුවන් බණ්ඩාර බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ධුරයට : බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයේ (Medical Research Institute – MRI) වැඩබලන අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා එම ධුරයෙන් ඉවත් කර ඇතැයි ඊයේ වාර්තා විය. 3. කොරෝනා රෝගීන්ට රැකවරණය දෙන පුද්ගලයින්ට එරෙහිව දැඩිව නීතිය – පොලීසිය : සැඟවී සිටින හෝ සැක සහිත කොරෝනා රෝගීන්ට රැකවරණය දෙන පුද්ගලයින්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. 4. අර්ජුන එජාප ගම්පහ දිස්ත්‍රික් නායකත්වයෙන් ඉල්ලා අස්වෙයි : අර්ජුන රණතුංග මහතා එක්සත් ජාතික පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් නායකත්වයෙන් ඉල්ලා අස් වී තිබේ. විදෙස් පුවත් 1. ඩොනල්ඩ් ට්‍රම්ප් රෝහලින් පිටව යයි : කොරෝනා ආසාදිතව ප්‍රතිකාර ලැබූ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රෝහලින් පිටව යයි.
2020-10-06T20:20:13.000Z
පොලිස් බල ප්‍රදේශ 17කට නැවත දැනුම් දෙන තුරු නිරෝධායන ඇඳිරි නීතිය
පොලිස් බල ප්‍රදේශ 17කට නිරෝධායන ඇඳිරි නීතිය
COLOMBO (News 1st) : අද (07) සිට නැවත දැනුම් දෙන තුරු පොලිස් බල ප්‍රදේශ 17ක් සඳහා නිරෝධායන ඇඳිරි නීතිය පනවා තිබේ. අනුව ගම්පහ කොට්ඨාසයේ පොලිස් ‍බල ප්‍රදේශ 14කට, කැලණිය කොට්ඨාසයේ පොලිස් බල ප්‍රදේශ 2කට සහ මීගමුව කොට්ඨාසයේ එක් පොලිස් බල ප්‍රදේශයකට එලෙස නිරෝධායන ඇඳිරි නීතිය පැනවූ බවයි. පොලිස් මූලස්ථානය නිකුත් කළ නිවේදනයට අනුව එලෙස නිරෝධායන ඇඳිරි නීතිය පැනවූ පොලිස් කොට්ඨාස පහත පරිදි වේ. ගම්පහ පොලිස් කොට්ඨාසය ගම්පහ පොලිස් බල ප්‍රදේශය ගනේමුල්ල පොලිස් බල ප්‍රදේශය කිරිඳිවැල පොලිස් බල ප්‍රදේශය දොම්පේ පොලිස් බල ප්‍රදේශය මල්වතුහිරිපිටිය පොලිස් බල ප්‍රදේශය මීරිගම පොලිස් බල ප්‍රදේශය නිට්ටඹුව පොලිස් බල ප්‍රදේශය පූගොඩ පොලිස් බල ප්‍රදේශය වේයන්ගොඩ පොලිස් බල ප්‍රදේශය මිනුවන්ගොඩ පොලිස් බල ප්‍රදේශය වීරගුල පොලිස් බල ප්‍රදේශය වැලිවේරිය පොලිස් බල ප්‍රදේශය පල්ලෙවෙල පොලිස් බල ප්‍රදේශය යක්කල පොලිස් බල ප්‍රදේශය කැලණිය කොට්ඨාසය ජා- ඇල පොලිස් බල ප්‍රදේශය කඳාන පොලිස් බල ප්‍රදේශය මීගමුව කොට්ඨාසය දිවුලපිටිය පොලිස් බල ප්‍රදේශය අදාළ කාලය තුළ මෙම ප්‍රදේශවලට ඇතුළු වීම, එම ප්‍රදේශවලින් පිටවීම සම්පූර්ණයෙන් තහනම් වන අතර පොලීසිය අවධාරණය කර සිටින්නේ, නිරෝධායන ඇඳිරි නීති කාලය තුළදී සියලු දෙනා සිය නිවෙස් තුළම රැඳී සිටිය යුතු බවයි. තවද දුර ගමන් සේවා මගී ප්‍රවාහන බස් මෙම ප්‍රදේශ හරහා ගමන් කළ හැකි වුවත් ඉහත සඳහන් බල ප්‍රදේශවල බස් රථ නතර කිරීම, මගීන් නංවා ගැනීම හා මගීන් බැසස්වීම තහම් වේ. එසේම නිරෝධායන ඇඳිරි නීතිය බලපැවැත්වෙන ප්‍රදේශවල පිහිටා ඇති දුම්රිය ස්ථානවල මගීන් නැංවිම, බැස්සවීම සඳහා දුම්රිය නැවැත්වීම ද සිදු නොකළ යුතු ය.
2020-10-06T20:12:21.000Z
නිරෝධායන ඇඳිරි නීතිය කඩ කළ තවත් 8ක් අත්අඩංගුවට
නිරෝධායන ඇඳිරි නීතිය කඩ කළ තවත් 8ක් අත්අඩංගුවට
COLOMBO (News 1st) – නිරෝධායන ඇඳිරි නීතිය උල්ලංඝණය කළ තවත් 8 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. එම පුද්ගලයින් 8 දෙනා සමග නිරෝධායන ඇඳිරි නීතිය උල්ලංඝණය කළ පුද්ගලයින් සංඛ්‍යාව 64ක් දක්වා ඉහළ ගොස් ඇති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.
2020-10-06T11:18:36.000Z
මිනුවන්ගොඩ පොකුරේ කොරෝනා ආසාදිතයින් ගණන 832ක් දක්වා ඉහළට..
මිනුවන්ගොඩ ෆැක්ට්‍රියෙන් තවත් ආසාදිතයින් 124 ක්
COLOMBO (News 1st) - මිනුවන්ගොඩ කර්මාන්ත ශාලාව ආශ්‍රිත කොවිඩ් පොකුරින් තව ත් කොරෝනා ආසාදිතයින් 124 දෙනකු හඳුනා ගෙන තිබේ. ඒ අනුව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ, කොරෝනා ආසාදිතව මිනුවන්ගොඩ කර්මාන්ත ශාලාවෙන් හඳුනාගත් මුළු සංඛ්‍යාව 832 ක් බවයි. මේ අතර සැඟවී සිටින හෝ සැක සහිත කොරෝනා රෝගීන්ට රැකවරණය දෙන පුද්ගලයින්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව පොලීසිය පැවසීය. නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ, ඒ සම්බන්ධයෙන් තොරතුරු සොයා බලන බවයි.
2020-10-06T10:19:48.000Z
කොරෝනා රෝගීන්ට රැකවරණය දෙන පුද්ගලයින්ට එරෙහිව දැඩිව නීතිය - පොලීසිය
කොරෝනා රෝගීන්ට රැකවරණය දෙන පුද්ගලයින්ට දැඩිව නීතිය
COLOMBO (News 1st) - සැඟවී සිටින හෝ සැක සහිත කොරෝනා රෝගීන්ට රැකවරණය දෙන පුද්ගලයින්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
2020-10-06T10:23:03.000Z
2018 ඔක්තෝබර් සිට 21 ප්‍රහාරය එල්ලවන තෙක් මාව ආරක්ෂක මණ්ඩලයට කැඳවූයේ නැහැ - හිටපු අගමැති රනිල් කොමිසමට කියයි
හිටපු අගමැති රනිල් කළ අනාවරණය..
COLOMBO (News 1st) - 2018 ඔක්තෝබර් 26 වැනි දා සිට 2019 අප්‍රේල් 21 ප්‍රහාරය එල්ල වන තෙක් කාලයේ තමා ආරක්ෂක මණ්ඩලයට කැඳවා නොතිබූ බව හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද අනාවරණය කර තිබේ. හිටපු අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ, අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දෙමිනි. අද පෙරවරු 10.15 පමණ හිටපු හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් සාක්ෂි විමසීම ආරම්භ කෙරුණි. එහිදී ඔහු පැවසුවේ, 2018 වසරේ ඔක්තෝබර් 26 ආණ්ඩු පෙරළියෙන් පසුව එවක අගමැති මහින්ද රාජපක්ෂ මහතා ද ආරක්ෂක මණ්ඩල රැස්වීමට කැඳවා නොමැති බව තමා කළ විමසීමකදී සඳහන් කළ බවය. මේ අතර තමාට අගමැතිවරයාගෙන් හා කැබිනට් මණ්ඩලයෙන් සහය හිමි වුණේ මුල් මාස 6 තුළ පමණක් යැයි ඊයේ සාක්ෂි දෙමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය අද රනිල් වික්‍රමසිංහ මහතාගෙන් විමසුවේ ය. ඊට පිළිතුරු දුන් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ, මෙත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් කළේ පොදු අපේක්ෂකයෙකු ලෙස බවයි. නමුත් පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ ද විරුද්ධත්වය තිබියදී මෛත්‍රීපාල සිරිසේන මහතා නිදහස් පක්ෂයේ සභාපතිත්වය භාර ගත් බව හිටපු අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ ය. එහිදී අතිරේක සොලිසිටර් ජනරාල්වරිය දේශපාලන පිළිතුරු ලබා නොදෙන ලෙස ඉල්ලා සිටිමින් විමසුවේ සිරිසේන මහතා නිර්දේශපාලනඥයෙකු ලෙස පැමිණ පසුව නිදහස් පක්ෂයේ සභාපතිවීම ඔහුට සහය නොදැක්වීමට බලපෑවා ද යන්නය. මෛත්‍රීපාල සිරිසේන මහතාට කිසිදිනක වැඩි ඡන්දයක් නොතිබූ බවත් ඔහුට නිදහස් පක්ෂයේ හෝ සහයක් නොතිබූ බවත් වික්‍රමසිංහ මහතා ඊට පිළිතුරු දෙමින් කියා සිටියේ ය. ඔහු පැවසුවේ, මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හරින බවට එවක නිරන්තරයෙන්ම තර්ජනය කළ බවයි. ආරක්ෂක මණ්ඩලය පවත්වාගෙන ගියේ ජනාධිපතිවරයාගේ උපදේශන සභාවක් ලෙස බව ද හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද ජනාධිපති කොමිසම හමුවේ ප්‍රකාශ කළේ ය. සෞඛ්‍ය තත්ත්වය යහපත් නොවන බැවින්, වැඩිදුර සාක්ෂි විභාගය සඳහා වෙනත් දිනයක් ලබා දෙන්නැයි හිටපු අග්‍රාමාත්‍යවරයාගේ නීතිඥවරයා කළ ඉල්ලීම අනුව ලබන 13 වැනි දා පස්වරු 4.00 ට ඒ සඳහා අවස්ථාව ලබා දුන්නේ ය. රනිල් වික්‍රමසිංහ මහතා අද කොමිසමෙන් පිටව ගියේ පැය එක හමාරක පමණ කාලයක් සාක්ෂිදීමෙන් පසුවයි. https://www.facebook.com/NewsfirstSL/videos/338795580790467/
2020-10-06T08:55:24.000Z
අර්ජුන එජාප ගම්පහ දිස්ත්‍රික් නායකත්වයෙන් ඉල්ලා අස්වෙයි
අර්ජුන ගම්පහ දිස්ත්‍රික් නායකත්වයෙන් ඉවත් වෙයි
COLOMBO (News 1st) - අර්ජුන රණතුංග මහතා එක්සත් ජාතික පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් නායකත්වයෙන් ඉල්ලා අස් වී තිබේ.
2020-10-06T09:00:52.000Z
රිෂාඩ් බදියුදීන්ගේ සහෝදරයා මුදා හැරියේ ඇයි? ඇමති චමල් පාර්ලිමේන්තුවට කියූ දේ...
රිෂාඩ් බදියුදීන්ගේ සහෝදරයා මුදා හැරියේ ඇයි?
COLOMBO (News 1st) - අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් රිෂාඩ් බදියුදීන් හිටපු ඇමතිවරයාගේ සහෝදරයා මුදා හැරීම ගැන අද පාර්ලිමේන්තුවේදී සංවාදයක් ඇති විය. ඒ, සමගි ජනබලවේගයේ මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා නැගූ ප්‍රශ්නයකට අදාළවයි. සමගි ජන බලවේගයේ පා.ම චමින්ද විජේසිරි, පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ සිද්ධිය වෙලා ඔබ ආණ්ඩුව ආවට පස්සේ අපි දැක්කා හිටපු වගකිවයුතු ඇමතිවරයකුගේ සහෝදරයෙක් සෘජුව සම්බන්ධයි කියලා බෝම්බ රැගෙන ගියයි කියලා විවිධ ජනමාධ්‍ය තුළ පළ වුණා. ඒ වගේම මේ ආසන්න දිනයක කියනවා එහෙම දෙයක් නැ එතුමා නිදහස් කරන්න සිද්ධ වුනැයි කියන කාරණය මේ ප්‍රකාශ දෙක පරස්පරවීම සම්බන්ධයෙන් යම්කිසි වැඩපිළිවෙළක් තිබෙනවා ද? සමහරු කියනවා මේක දැන් අත්වැල් බැඳගැනීම සඳහා කටයුතු කරනවා කියලා. ආරක්ෂක රාජ්‍ය ආමත්‍ය චමල් රාජපක්ෂ මහතා, කිසිම සම්බන්ධයක් ආණ්ඩුවත් සමග නෑ මේ සැකකරුව 2019.04.21 වැනි දා කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් පිපිරවීම සිදු කළ බෝම්බකරු සමග ඉන්ෂාෆ් අහමඩ් සමග 2019 වර්ෂයේ පවත්වන ලද ඇමතුම් 07 ක සම්බන්ධතාවයක් මත 20 යි 4 යි 14 වෙනිදා අත්අඩංගුවට අරගෙන තියෙනවා. පොලිස් අධිකාරීවරුයකුගේ ඉල්ලීම මත දින තුනක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට ඇති ප්‍රතිපාදන අනුව දින තුනන් රඳවාගෙන ප්‍රශ්න කරලා තියෙනවා. තවදුරටත් මාස 3 කට වරක් මාස 18 දක්වා කාලයක් සඳහා රැඳවුම් නියෝග ලබා ගැනීමට ඇති ප්‍රතිපාදන අනුගමනය කරමින් ඇමතිවරයාට තමයි ඒ ප්‍රතිපාදන තියෙන්නේ උපරීමාස 03 බැගින් දෙවතාවක් රැඳවුම් නියෝග ලබාගෙන පරීක්ෂණ කරලා තියෙනවා. එසේ සිදු කරන ලද පරීක්ෂණවලදී මෙම සැකකරු බෝම්බ පිපිරවීම හා සහාය වී ඇති බවට හෝ ත්‍රස්තවාදී ක්‍රියා මෙතෙක් කරන ලද පරීක්ෂණවලදී අනාවරණය වී නෑ. එබැවින් රැඳවුම් නියෝග අවලංගු කිරීම සඳහා අවශ්‍ය ලිපිගොනු සකස්කර 2020.09.08 වෙනි දින ආරක්ෂක අමාත්‍යාංශය වෙත යොමු කරන සැකකරුව 29 වෙනි දින අධිකරණ වෛද්‍ය නිලධාරීවෙත ඉදිරිපත් කර මුදා හැරලා තියෙනවා. වෙනමම ඒකකයක් ස්ථාපිත කරලා තියෙනවා ඒ පිළිබඳව විමර්ශනය කරන්න. දුරකතන ඇමතුම් 18 ක් පමණ තියෙනවා. ඒ සියලුම දුරකතන ඇමතුම් අරගෙන තියෙන්නේ අමාත්‍යාංශයේ දුරකතන මගින් මේ ක්‍රියාවටම සෘජුව සම්බන්ධවෙලා නැති බවට ලබාගත්ත තොරතුරුත් විශ්වාස කරන්නේ ව්‍යපාරික කටයුතු අවසාන දුරකතන ඇමතුම අරන් තියෙන්නේ මේ සිද්ධ මාස 03 කට පෙර. විමර්ශන නතර කලා නෑ සමහර වෙලාවට තව ඉස්සරහදී තව තව අය අත්අඩංගුවට ගන්න පුළුවන්. සමගි ජනබලවේගයේ පා.ම. චමින්ද විජේසිරි මහතා, පොලීසිය පිළිබඳව විස්වාසය බිඳ වැටීමක් තිබෙනවා ඒ කටින්න ඒ වේලාවේම ඒ මාධ්‍යයෙන්ම කියනවා ඒ සිද්ධියට සම්බන්ධ නෑ කියලා. හරි බරපතලයි මොකද පුද්ගලයෙක් විදිහට ගත්තොත් ඒ පුද්ගලයාට විශාල අසාධාරණයක් සිද්ධ වෙලා තියෙනවා. ආරක්ෂක රාජ්‍ය ආමත්‍ය චමල් රාජපක්ෂ මහතා, අවසාන වශයෙන් මාස 18 තබාගන්න පුළුවන්නේ මාස තුනෙන් තුනට වැඩි කර කර එතකොට ඒ අයට තියෙන අයිතිවාසිකම් මොනවාද ඒ නිසා සෑහීමකට පත්වෙනවා නම් එහෙම කරන්න පුළුවන්. දැන් තවදුරටත් නියෝජ්‍ය පොලිසිපතිවරයකේ පත් කරලා ඒ සඳහාම නැවත වරක් පරීක්ෂණ කරගෙන යනවා. සමගි ජනබලවේගයේ පා.ම. චමින්ද විජේසිරි මහතා, පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගේ ඒ දෙබිඩි සහගත ක්‍රියාව දෙබිඩි ප්‍රකාශය පිළිබඳව විසඳා ගන්නා පිළිවෙළ කියන්න ඇමතිතුමනි කෙටියෙන්. ආරක්ෂක රාජ්‍ය ආමත්‍ය චමල් රාජපක්ෂ මහතා, මාධ්‍ය ප්‍රකාශකවරයාත් කරපු ඒ ප්‍රකාශය සුදුසු නෑ නමුත් එතුමා ප්‍රකාශයක් කරන්න තිබුනේ පොලිස් නිලධාරියෙක් හැටියට පරීක්ෂණයකින් පසුව මාධ්‍ය සංදර්ශනත් දානවගේ දේශපාලඥයෝ වගේ එකයි මේකේ නරක මේක ගැනත් සොයනවා. මාධවේදී ප්‍රශ්නය, ඉතාමත් තීරණාත්මක මාරුකිරීමත් සිද්ධ වුණා තවත් වැදගත් කාරණයක් සම්බන්ධයෙන්. සී.අයි.ඩී එකේ ප්‍රධානියා නියෝජ්‍ය පොලිස්පති නුවන් වෙත්තසිංහ. රියාද් බදියුදීන්, රිෂාඩ් බදියුදීන්ගේ සහෝදරයා නිදහස් කිරීමත් එක්ක එතන මොකක් හරි ජනාධිපතිතුමාගේ නියෝගයක් හෝ වෙන දේශපාලන මැදිහත්වීමක් මැදිහත්වීමක් තියෙනව ද? සමකැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා, මෙය සම්පූර්ණයෙන්ම පොලීසියේ පරිපාලනය සම්බන්ධව තියන ප්‍රශ්නයක්. ඒ සම්බන්ධව තියන ප්‍රශ්නයක් සහ නීතිය සම්බන්ධ ප්‍රශ්නයක්. උසාවියට ගිහින් ඒ තත්ත්වයයි. ඒ ගැන මූලික වශයෙන් තමයි බලපාන පුද්ගලයින් තමයි සමහර විට පරිපාලන හේතු මත සම්බන්ධ වෙන්නේ. මාධවේදී ප්‍රශ්නය, ඔබතුමන්ලා කලින් ආණ්ඩුවට චෝදනා කළා, සී.අයි.ඩී එකේ ප්‍රධානීන් උපයෝගී කරගෙන තමයි සමහර පුද්ගලයන්ට නඩු පැවරුවේ කියලා. මෙතනදිත් ගැටලුවක් තියනවානේ, රියාඩ් බදියුදීන් කියන පුද්ගලයා මාස 6 ක් විතර ඩිටෙන්ශන් ඕඩර් මත රඳවාගෙන සිටියා. ඔහුව හදිසියේම නිදහස් කරනවා. වාර්තා වන ආකාරයට ඔහුගේ බිරිඳත් උදේ ගේට්ටුව ළඟට ඇවිල්ලා තියනවා ඔහුව රැගෙන යන්න. ඉතිං මේ නිලධාරීන්ගේ ක්‍රියාකලාපය සමකැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා, බොහොම පැහැදිලිව මම කියන්නම් ගරු ජනාධිපතිතුමා පසුගිය කාලයේ සිදු වූ ආකාරයට පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම හෝ පුද්ගලයින් අත්තනෝමතික විදිහට නිදහස් කිරීම්, බලය දේශපාලනඥයින් අතට පත් කිරීමට මා සූදානම් නැත. එය නිසි පරීක්ෂණවලින් පසු අදාල බලධාරීන් විසින් නීත්‍යානූකූලව ඉටු කරනු ඇත. ඒකට උත්තරේ බොහොම පැහැදිලිවම තියනවා. මාධවේදී ප්‍රශ්නය, පොලිස්පතිතුමාව පත් කරගන්න ඔබතුමන්ලට තියන තුනෙන් දෙකේ බලය අනුව කිසි ගැටලුවක් නැහැ. පාර්ලිමේන්තුව අනුමැතිය අනුව කරන්න පුළුවන්. නමුත් තාම ඉන්නේ වැඩබලන පොලිස්පතිවරයෙක්. සමකැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා, මෙහෙමයි තුනෙන් දෙක ලැබුණු පලියටම සෑම දෙයක්ම ඒකට නතු කරන එක වැරදියි. මොකද ඒක කරන්න ක්‍රමවේදයක් තියනවා. 20 වන සංශෝදනය එනවා. ඒ සම්බන්ධව ඇති වන තත්ත්වයන්. ඒ ගැන තමයි අපි කතා කරලා තිබුණේ. ඒ තියන අපහසුකම් ඉවත් කරගෙන, ඒක මේ සති දෙක තුන ඇතුළත අවසන් වෙනවා. ඒ නීත්‍යුනූකූල විදිහට යන්න දෙන්න තියෙන්නේ. https://www.facebook.com/NewsfirstSL/videos/344486206808454/
2020-10-06T07:26:13.000Z
මිනුවන්ගොඩ කර්මාන්ත ශාලාවේ තව ත් 139 කට කොරෝනා - යුද හමුදාපති
මිනුවන්ගොඩ කර්මාන්ත ශාලාවේ තව ත් 139 කට කොරෝනා
COLOMBO (News 1st) - දිවුලපිටියේ කොරෝනා ආසාදිත කාන්තාව සේවය කරන මිනුවන්ගොඩ කර්මාන්ත ශාලාවේ තව ත් 139 කට කොරෝනා ආසාදිත බව තහවුරු වී ඇතැයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
2020-10-06T07:19:03.000Z
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව දින 3කට මහජනතාවට වැසේ
ලයිසන් ඔෆිස් එක දින 3කට මහජනතාවට වැසේ
COLOMBO (News 1st) - මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට හා වේරහැර කාර්යාල දින 3ක් මහජනතාවට විවෘත නොකරන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් පවසයි. ඔහු පැවසුවේ ඒ අනුව ඔක්තෝබර් 7, 8 සහ 9 යන දින තුන තුළ එම කාර්යාල මහජනතාවට විවෘත නොකරන බවය.
2020-10-06T10:54:22.000Z
වෛද්‍ය ජයරුවන් බණ්ඩාර බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ධුරයට
MRI නි. අධ්‍යක්ෂක ධුරය වෛද්‍ය ජයරුවන්ට
COLOMBO (News 1st) - බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයේ (Medical Research Institute - MRI) වැඩබලන අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා එම ධුරයෙන් ඉවත් කර ඇතැයි අද වාර්තා විය. ඒ අනුව, එම ධුරයට අලුතින් පත් කර ඇත්තේ එම ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ වෛද්‍ය ප්‍රභාත් අමරසේකර මහතායි. අප කළ විමසීමකදී වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා පැවසුවේ, තමා අද සිට බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ලෙස කටයුතු කරන බවය.
2020-10-06T08:42:11.000Z
තවමත් මූලාශ්‍රයක් නොමැති කොරෝනා පොකුර ගැන මිනුවන්ගොඩ ෆැක්ට්‍රියෙන් නිවේදනයක්
කොරෝනා පොකුර: මිනුවන්ගොඩ ෆැක්ට්‍රියෙන් නිවේදනයක්
COLOMBO (News 1st) - ගම්පහ පොලිස් බල ප්‍රදේශයට අද පස්වරු 6.00 සිට නිරෝධායන ඇඳිරි නීතිය පනවා තිබේ. මිනුවන්ගොඩ, දිවුලපිටිය හා වේයන්ගොඩ පොලිස් බල ප්‍රදේශවලට මීට පෙර පනවන ලද නිරෝධායන ඇඳිරි නීතිය අඛණ්ඩව ක්‍රියාත්මක බව පොලිස් මූලස්ථානය පැවසීය. ඒ අද දිනයේදී මිනුවන්ගොඩ කොරෝනා පොකුරෙන් තව ත් ආසාදිතයින් 605 දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි. අද දිනයේදී හඳුනාගත් පිරිසත් සමග අදාළ කර්මාන්ත ශාලාවෙන් කොරෝනා ආසාදිතව හඳුනාගත් මුළු සංඛ්‍යාව 706 කි. මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සියලුම සේවක සේවිකාවන් කුමන ප්‍රදේශයක මේ අවස්ථාවේ ජීවත් වුවද නිවෙස්වලින් පිටතට නොයා නිරෝධායනය වන ලෙස යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ඉල්ලීමක් කර තිබේ. සෞඛ්‍ය අංශ සඳහන් කළේ, මිනුවන්ගොඩ පොකුරෙන් මේ දක්වා හඳුනාගත් කොවිඩ් 19 අසාදිතයන් කිසිවෙකුට බරපතළ රෝග ලක්ෂණ නොමැති බවයි. මේ අතර බොහෝ ආසාදිතයින්ගෙන් කොවිඩ් රෝග ලක්ෂණ නොපෙන්වීම මෙම පරීක්ෂණ සිදු කිරීමේදී මුහුණ දුන් ප්‍රධාන අභියෝගයක් බව බ්‍රැන්ඩික්ස් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පැවසීය. එම නිවේදනයේ දැක්වුනේ,කෝවිඩ් ආසාදනය වූ පිරිස් සම්බන්ධව සහ නිරෝධායනයට ලක් කරන ඔවුන්ගේ සමීපතමයින් සම්බන්ධව කටයුතු කිරීමේදී අදාළ පිරිස් නිරෝධායන මධ්‍යස්ථාන කරා යොමු කරමින් ගත හැකි සියලුම ක්‍රියා මාර්ගවලට අවතිර්ණ වී ඇති බවයි. තම සේවකයින් සමාජයට හා රටට ප්‍රමුඛත්වයක් ලබා දෙන අතර පවතින තත්ත්වය තුළ ජනාධිපති ලේකම් කාර්යාලය, ආරක්ෂක අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා යුද හමුදාව ලබා දෙන සහයෝගය පැසසුමට ලක්කරන බව ද බ්‍රැන්ඩික්ස් ආයතනය පැවසීය. https://www.facebook.com/NewsfirstSL/videos/3345199512242190/
2020-10-06T05:55:49.000Z
නිරෝධායන ඇඳිරි නීතිය බලපැවැත්වෙන පොලිස් බල ප්‍රදේශ 4
නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශ..
COLOMBO (News 1st) - ගම්පහ පරිපාලන දිස්ත්‍රික්කයේ නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරන පොලිස් බල ප්‍රදේශ පිළිබඳ පොලිස් මූලස්ථානය විසින් නිවේදනයක් නිකුත් කරනු ලැබ තිබේ. ඒ අනුව, ගම්පහ පොලිස් බල ප්‍රදේශයට අද සවස 6.00සිට නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක බව එම නිවේදනයේ දැක්වේ. මීට අමතරව දිවුලපිටිය, මිනුවන්ගොඩ සහ වේයන්ගොඩ පොලිස් බල ප්‍රදේශවලට දැනටමත් ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරි නීතිය නැවත දැනුම් දෙනතුරු තවදුරටත් බලපැවැත්වෙන බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
2020-10-06T05:55:29.000Z
Update: නිරෝධායන ඇඳිරි නීතිය බලපැවැත්වෙන පොලිස් බල ප්‍රදේශ 4
Update:නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශ4
COLOMBO (News 1st) - Update: (4:55 PM)ගම්පහ පරිපාලන දිස්ත්‍රික්කයේ නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරන පොලිස් බල ප්‍රදේශ පිළිබඳ පොලිස් මූලස්ථානය විසින් නව නිවේදනයක් නිකුත් කරනු ලැබ තිබේ. ඒ අනුව, ගම්පහ පොලිස් බල ප්‍රදේශයට අද සවස 6.00සිට නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක බව එම නිවේදනයේ දැක්වේ. මීට අමතරව දිවුලපිටිය, මිනුවන්ගොඩ සහ වේයන්ගොඩ පොලිස් බල ප්‍රදේශවලට දැනටමත් ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරි නීතිය නැවත දැනුම් දෙනතුරු තවදුරටත් බලපැවැත්වෙන බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ. පොලිස් මූලස්ථානය විසින් මීට පෙර නිකුත් කරනු ලැබූ නිවේදනයේ සඳහන් කළේ, ගම්පහ පොලිස් කොට්ඨාසයේ පොලිස් බල ප්‍රදේශ 15 ක් සඳහා අද සවස 6.00 සිට නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක බවයි. ============================================================== COLOMBO (News 1st) 4:19 PM - ගම්පහ පොලිස් කොට්ඨාසයේ පොලිස් බල ප්‍රදේශ 15 ක් සඳහා අද සවස 6.00 සිට නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක බව පොලීසිය පවසයි. එම ප්‍රදේශ පිළිබඳ පොලිස් මූලස්ථානය නිකුත් කළ නිවේදනය මෙසේය.
2020-10-06T04:57:35.000Z
ප්‍රියසම්භාෂණ ඇතුළු උත්සව නැවත දැනුම් දෙනතුරු පැවැත්විය නොහැකියි - සෞඛ්‍ය අමාත්‍යාංශය
උත්සව නැවත දැනුම් දෙන තුරු පැවැත්විය නොහැකියි
COLOMBO (News 1st) - පවතින තත්ත්වය යටතේ මහජනතාව එක්රැස්වන කටයුතු සිදු නොකරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුම් දෙයි. ඒ අනුව ප්‍රිය සම්භාෂණ, සම්මන්ත්‍රණ, දේශන, ප්‍රදර්ශන, සංගීත සංදර්ශන, සැනකෙළි, සැමරුම් උත්සව, පෙළපාලි, පෙරහැර හා අත්‍යවශ්‍ය නොවන රැස්වීම් දිවයිනේ සියලු ප්‍රදේශවල නැවත දැනුම් දෙන තුරු පැවැත්විය නොහැකිය. වැඩ බලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය එස්. ශ්‍රිදරන් මහතාගේ අත්සනින් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, රටේ දැනට පවතින තත්ත්වය අනුව කොරෝනා ව්‍යාප්තිය වැළැක්වීමට ගනු ලබන ක්‍රියාමාර්ගවලට මහජනතාව වගකිමෙන් යුතුව ක්‍රියාකරනු ඇතැයි අපේක්ෂා කරන බවයි. මෙම උපදෙස් ලබන 31 වැනි දා දක්වා බලාත්මක වන අතර නවතම තත්ත්වයන් අනුව එම කාල රාමුව වෙනස් විය හැකි බව ද වැඩ බලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා දැනුම් දුන්නේ ය.
2020-10-06T04:41:34.000Z
ආගමන විගමන දෙපාර්තමේන්තුවට මහජනතාව පැමිණීම දින 3 කට අත්හිටුවයි
පාස්පෝට් කාර්යාලය මහජනතාවට දින 3කට වැසේ
COLOMBO (News 1st) - ඔක්තෝබර් 7, 8 සහ 9 යන දින තුන තුළ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය හා ප්‍රාදේශීය කාර්යාල වෙත මහජනතාව පැමිණීම තාවකාලික අත්හිටවා තිබේ.
2020-10-06T04:14:00.000Z
රියාජ් නිදහස් කිරීම ගැන චමල් මැති සබයේදී කියයි...
රියාජ් නිදහස් කිරීම ගැන චමල් මැති සබයේදී කියයි...
COLOMBO (News 1st) - හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයාගේ සහෝදරයා සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සිදු කළ ප්‍රකාශය සුදුසු නොවන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා අද පාර්ලිමේන්තුවේදී පවසා තිබේ. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් සිදු කළ ප්‍රශ්නයට පිළිතුරු ලබා දෙමිනි. https://www.facebook.com/NewsfirstSL/videos/690635188219931/
2020-10-06T03:55:54.000Z
දිවයිනේ කොතැනක සිටියද මිනුවන්ගොඩ කර්මාන්ත ශාලාවේ සේවක සේවිකාවට නිවසෙන් පිටව නොයන්නැයි ඉල්ලීමක්
මිනුවන්ගොඩ ෆැක්ට්‍රියේ සේවකයින්ට වි⁣ශේෂදැනුම්දීමක්
COLOMBO (News 1st) - මිනුවන්ගොඩ කර්මාන්ත ශාලාවේ සියලුම සේවක සේවිකාවන් දිවයිනේ කුමන ප්‍රදේශයක ජීවත්වුව ද නිවසෙන් පිටතට නොයා නිරෝධායනය වන ලෙස යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ඉල්ලීම් කරමින් පවසයි.
2020-10-06T03:44:18.000Z
ගම්පහ සිට වේයන්ගොඩ දක්වා දුම්රිය ස්ථානවල දුම්රිය නොනැවැත්වීමට පියවර
ගම්පහ සහ වේයන්ගොඩ අතර දුම්රිය නොනැවැත්වීමට පියවර
COLOMBO (News 1st) - ගම්පහ සිට වේයන්ගොඩ දක්වා අතරමැදි දුම්රිය ස්ථානවල නැවත දැනුම් දෙන තුරු දුම්රිය නතර නොකිරීමට තීරණය කර තිබේ. පොලීසිය සඳහන් කළේ, ගම්පහ දුම්රිය ස්ථානයේ දුම්රිය නතර කරන අතර එම දුම්රිය ස්ථානයෙන් පසුව වේයන්ගොඩ දුම්රිය ස්ථානය දක්වා, වේයන්ගොඩ දුම්රිය ස්ථානය ඇතුළුව දුම්රිය නතර කරනු නොලැබේ. ඒ අනුව වදුරඹ දුම්රිය ස්ථානයේ සිට ගම්පහ දක්වාම දුම්රිය නතර නොකරනු ඇති. එවැවින් දුම්රිය නතර නොකරන දුම්රිය ස්ථාන වෙත දුම්රිය මගින් පැමිණිමෙන් වැළකිය යුතු බව පොලීසිය පැවසීය.
2020-10-06T02:54:26.000Z
ගම්පහ පොලිස් බල ප්‍රදේශයට පොලිස් ඇඳිරි නීතිය
ගම්පහ පොලිස් බල ප්‍රදේශයට පොලිස් ඇඳිරි නීතිය
COLOMBO (News 1st) - ගම්පහ පොලිස් බල ප්‍රදේශයට පොලිස් ඇඳිරි නීතිය පනවා තිබේ. අද සවස 6 සිට නැවත දැනුම් දෙන තුරු එලෙස පොලිස් ඇඳිරි නීතිය පනවා ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
2020-10-06T02:22:45.000Z
මිනුවන්ගොඩ කර්මාන්ත ශාලාවේ තවත් 246කට කොරෝනා
තවත් කොරෝනා ආසාදිතයින් 246ක්
COLOMBO (News 1st) - තවත් කොරෝනා ආසාදිතයින් 246 දෙනෙකු හඳුනාගෙන තිබෙන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඔවුන් දිවුලපිටියෙන් හඳුනාගත් කොරෝනා ආසාදිත කාන්තාව සේවය කරන මිනුවන්ගොඩ කර්මාන්ත ශාලාවේ සේවකයින් බව යුද හමුදාපතිවරයා සඳහන් කළේ ය.
2020-10-06T00:30:08.000Z
තුර්කි ෆෝර්මියුලා වන් තරගයට ප්‍රේක්ශකයන් ගෙන්වීමේ සැලසුම අතහරී
තුර්කි ෆෝර්මියුලා1 සඳහා ප්‍රේක්ෂකයින්ට ආරාධනා නැහැ
COLOMBO (News 1st) - මේ වසරේ නොවැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිතව තිබෙන තුර්කි ෆෝර්මියුලා වන් ධාවන තරගය සඳහා ප්‍රේක්ෂකයන්ට ආරාධනා කිරීමේ සැලැස්ම අතහැර දැමූ බව එහි සංවිධායකයන් පවසයි. ඒ කොවිඩ් 19 වසංගතය හේතුවෙනි. ලෝක ශූරතා ෆෝර්මියුලා ධාවන තරගාවලියේ අදියරක් ලෙස මෙම තුර්කි ෆෝර්මියුලා වන් ධාවන තරගය පැවැත්වේ. මෙවර ලෝක ශූරතාවලිය අදියර 17කින් පැවැත්වීමට සංවිධායකයින් සැලසුම්කර තිබූ නමුත් ඊට බාධා එල්ල වූයේ කොවිඩ් 19 වසංගතය හේතුවෙනි. මේ අතර ලබන නොවැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත තුර්කි අදියර තරගය ලක්ෂයකට අධික ප්‍රේක්ෂක සහභාගීත්වයෙන් යුතුව පැවැත්වීමට සංවිධායකයින් සැලසුම්කර තිබූ නමුත් පවතින තත්ත්වය හමුවේ එලෙස සිදු නොකිරීමට ඔවුන් තීරණය කර තිබේ. තුර්කි ෆෝර්මියුලා වන් ධාවන තරගය නොවැම්බර් 13 වැනිදා සිට 15 වැනිදා දක්වා ඉස්තාන්බූල්හිදී පැවැත්වීමට නියමිතය.
2020-10-06T00:28:20.000Z
කොරෝනා ගැන අසත්‍ය තොරතුරු ප්‍රචාරය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට
සමාජ මාධ්‍යට අසත්‍ය තොරතුරු දැමූ පුද්ගලයෙකු දැලේ
COLOMBO (News 1st) - කොරෝනා සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කළ පුද්ගලයෙකු වැල්ලවත්තේදී අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ අත්අඩංගුවට ගත් මෙම පුද්ගලයා කළුබෝවිල රෝහල සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරක් සමාජ මාධ්‍ය වල පල කර ඇති බවයි. ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගත් මෙම පුද්ගලයා වයස අවුරුදු 60 ක වැල්ලවත්තේ පදිංචිකරුවෙකි. ඔහු අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය සඳහන් කළේය.