date
stringlengths 24
24
| title
stringlengths 0
176
| short_title
stringlengths 10
69
| content
stringlengths 0
19.7k
|
---|---|---|---|
2020-10-14T20:49:36.000Z | පැරිස් ඇතුළු තවත් නගර 8කට රාත්‍රී ඇඳිරි නීතිය | පැරිස් ඇතුළු තවත් නගර 8කට රාත්‍රී ඇඳිරි නීතිය | COLOMBO (News 1st) : කොරෝනා ව්‍යාප්තිය යළි උත්සන්න වීම හමුවේ පැරිස් නුවර ඇතුළු තවත් නගර 8ක රාත්‍රී ඇඳිරි නීතිය පැනවීමට ප්‍රංශ රජය තීරණය කර තිබේ. ප්‍රංශ ජනාධිපතිවරයා නිවේදනය කළේ, මෙම නීතිය ලබන සෙනසුරාදා සිට බලාත්මක වන අතර අවම වශයෙන් සති හතරක කාලයක් බලපැවැත්වෙනු ඇති බවයි. මීට අමතරව ප්‍රංශයේ මහජන සෞඛ්‍යමය හදිසි තත්ත්වයක් ද ප්‍රකාශයට පත් කෙරිණ. මේ අතර තැබෑරුම්, අවන්හල් ඇතුළු වෛරසය ව්‍යාප්ත වීමේ අවදානම වැඩි ස්ථාන නියමිත කාලයට පෙර වසා දැමිය යුතු බව ජර්මනිය නිවේදනය කළේ ය. ඒ ඉකුත් අප්‍රේල් මාසයට පසු ප්‍රථම වරට ජර්මනියෙන් 5000 ඉක්මවූ දෛනික ආසාදිතයන් පිරිසක් වාර්තාවීමත් සමගයි. නෙදර්ලන්තය මාසයක කාලයක් අර්ධ වශයෙන් වසා දමා ඇති අතර එරට අවන්හල් වසා දැමීමටද පියවර ගනු ලැබී ය. ස්පාඤ්ඤයේ කැටලෝනියා පලාත සඳහන් කළේ, දින 15 ක කාලයක් අවන්හල් සහ තැබෑරුම් වසා දමන බවයි. අද සිට අන් අයගේ නිවෙස් වෙත යාම තහනම් කිරීමට අයර්ලන්ත රජය පියවර ගත්තේ ය. දෙවන කොරෝනා රැල්ලේ ව්‍යාප්තිය උත්සන්න වීමත් සමඟ යුරෝපයේ තවත් රටවල් රැසක් නව කොරෝනා මර්දන නීති හඳුන්වා දුන්නේ ය. |
2020-10-14T20:28:38.000Z | පාසල් ළමුන්ගේ නිල ඇඳුම් රෙදි දෙසැම්බර් 31ට පෙර | පාසල් ළමුන්ගේ නිල ඇඳුම් රෙදි දෙසැම්බර් 31ට පෙර | COLOMBO (News 1st) : පාසල් ළමුන්ගේ නිල ඇඳුම් රෙදි දෙසැම්බර් 31 වනදාට පෙර සියලු විදුහල්පතිවරුන්ට ලබා දීමට සැලසුම් කර තිබේ. අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ, මෙවර නිල ඇඳුම් රෙදි බෙදා දීම රාජ්‍ය සමාගම් 4 ක් යටතේ සිදුවන බවයි. පාසල් ළමුන් සඳහා රෙදි මීටර් මිලියන 11000කට අධික ප්‍රමාණයක් බෙදා දීමට නියමිතව තිබේ. |
2020-10-14T20:23:40.000Z | මිනුවන්ගොඩ පොකුරේ ආසාදිතයින් ගණන 1721ක් දක්වා ඉහළට | මිනුවන්ගොඩ පොකුරෙන් ආසාදිතයින් 130ක් | COLOMBO (News 1st) : මිනුවන්ගොඩ පොකුරෙන් ඊයේ දිනයේදී කොරෝනා ආසාදිතයින් 130 දෙනෙකු හඳුනා ගැනිණ. ඉන් වැඩි දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවල සිටින ආශ්‍රිතයින් හා කාර්ය මණ්ඩල සාමාජිකයින් ය. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ, එම පොකුරෙන් මේ වන විට වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 1721 ක් බවයි. මෙරටින් වාර්තාවන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යව මේ වන විට 5170 දක්වා ඉහළ ගියේ ය. සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ, කොරෝනා ආසාදිතයින් 1798 දෙනෙකු මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි. |
2020-10-14T20:11:27.000Z | කටුනායක පොලිස් බල ප්‍රදේශයට ත් නිරෝධායන ඇඳිරි නීතිය | තවත් පොලිස් බල ප්‍රදේශයකට නිරෝධායන ඇඳිරි නීතිය | COLOMBO (News 1st) : අද උදෑසන 5 සිට කටුනායක පොලිස් බල ප්‍රදේශයට ද නිරෝධායන ඇඳිරි නීතිය පනවා තිබේ. කෝවිඩ් මර්දන ජනාධිපති කාර්ය සාධන බලකායේ ප්‍රධානි, යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ, ඇඳිරි නීතිය ක්‍රියාත්මක වුව ද අපනයන සැකසුම් කලාපයේ සේවකයින්ට තම හැඳුනුම්පත ඉදිරිපත් කර සේවයට වාර්තා කළ හැකි බවයි. මේ වන විට පොලිස් බල ප්‍රදේශ 19 ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරි නීතිය තවදුරටත් බලපැවැත්වේ. ඒ අනුව ගම්පහ කොට්ඨාසයේ ගම්පහ, ගනේමුල්ල, කිරිඳිවැල, දොම්පේ, මල්වතුහිරිපිටිය, මීරිගම, නිට්ටඹුව, පූගොඩ, වේයන්ගොඩ, මිනුවන්ගොඩ, වීරගුල, වැලිවේරිය, පල්ලෙවෙල, යක්කල මෙන්ම කැලණිය කොට්ඨාසයේ ජා-ඇල සහ කඳාන පොලිස් බල ප්‍රදේශවල සහ මීගමුව කොට්ඨාසයේ ද, සීදූව පොලිස් බල ප්‍රදේශවලට අද දිනයේත් නිරෝධායන ඇඳිරි නීතිය බල පැවැත්වේ. එමෙන්ම එම බලප්‍රදේශවල සියලු වෙළඳසල් අද දිනයේත් වසා තැබිය යුතුයි. |
2020-10-14T11:17:14.000Z | අමරපුර සාමග්‍රී සංඝ සභාවේ ලේකම් මණ්ඩලය තවදුරටත් දැඩි ස්ථාවරයක | අමරපුර සාමග්‍රී සංඝ සභා ලේකම් මණ්ඩලය දැඩි ස්ථාවරයක | COLOMBO (News 1st) : 20 වන සංශෝධනය පිළිබඳව ශ්‍රී ලංකා අමරපුර, සාමග්‍රී සංඝ සභාවේ ලේකම් මණ්ඩලය පෙරේදා විවේචනාත්මකව අදහස් දක්වමින් කියා සිටියේ එය ප්‍රජාතන්ත්‍ර විරෝධී බවයි. මේ ප්‍රකාශය ගැන රාමඤ්ඤ නිකායේ මහනාහිමියන් සහ අමරපුර සංඝ සභාවේ සභාපති හිමියන් ඊයේ ප්‍රකාශයක් සිදු කළහ. උන්වහන්සේලා කියා සිටියේ ලේකම් මණ්ඩලයේ මතය තම නිකායේ මතය නොවන බවයි. අද යළිත් මාධ්‍ය හමුවක් කැදවූ ශ්‍රී ලංකා අමරපුර, සාමග්‍රී සංඝ සභාවේ ලේකම් මණ්ඩලය ඊට ප්‍රතිචාර දැක්වූහ. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අධිකරණ නායක පූජ්‍ය මහාචාර්ය අත්තංගනේ රතනපාල හිමියන් සිදු කළ ප්‍රකාශය පහතින්... ''පහුගිය ඔක්තෝබර් මාසේ 5 වැනිදා ශ්‍රී ලංකා අමරපුර සාමග්‍රී සංඝ සභාවේ ලේකම් මණ්ඩලය රැස් වෙලා තීන්දු කළා මේ 20 වැනි සංශෝධනය අධ්‍යනය කරලා නීතිඥ මහත්වරුන්ගේ සහයෝගයෙන් අපි තීරණය කළා මේ සම්බන්ධයෙන් ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරන්න ඕනේ කියලා රටට. ඒ කියන්නේ මේ 20 තියන බරපතල හානිකර ප්‍රජාතන්ත්‍රවිරෝධී තත්ත්වය ගැන රට දැනුවත් කරන්න. ඒ අනුව තමයි ඔක්තෝබර් 11 වැනිදා මහා සංඝ මූලස්ථානයේදී ද්විනිකායේ ලේකම් මණ්ඩලය රැස් වෙන්නේ. ඒ අනුව තමයි අපි 11 වැනිදා මාධ්‍ය හමුවක් කැදවලා අපි ඒකාබද්ද නිවේදනය රටට මුදාහරින්න. ආණ්ඩුව කොයි තරම් මේකෙන් භීතියට පත් වුනාද කියනවා නම් අර අවුරුදු 100ක් වයස අපේ මහානායක නාහිමියන් වහන්සේ ඒ වගේම අසනීප තත්ත්වයේ ඉන්න ස්වාමීන් වහන්සේලා මුනගැහිලා යම් යම් ප්‍රකාශ අරගෙන තිබුනා. ඉතින් ඒ මහානායක වහන්සේලා කරන ප්‍රකාශ හරියටම හරි. උන්වහන්සේලා කියන්නේ රාමඤ්ඤ සංඝ සභාවේදී ගත්ත තීන්දුවක් නෙමෙයි මේක කියලා. ඒක හරි. රාමඤ්ඤ සංඝ සභාවේදී ගත්ත තීන්දුවක් නෙමෙයි මේක. ඒ වගේම අමරපුර මහා නිකායේ ස්වාමීන්වහන්සේ මතක් කරනවා අමරපුර විධායක සභා ආදියෙහි සාකච්ඡා වෙච්ච එකක් නෙමෙයි කියලා. ඒකත් හරි. මේක අමරපුර විධායක කාරක සභාවේ සාකච්ඡා වෙච්ච එකකුත් නෙමෙයි. මේක හරියට හදුනාගන්න ඕනේ, ශ්‍රී ලංකා අමරපුර රාමඤ්ඤ සාමග්‍රී සංඝ සභාවේ ලේකම් මණ්ඩලය කරපු ප්‍රකාශයක්. ඒ කියන්නේ රටට හානියක් වෙනවා නම් , විනාශයක් වෙනවා නම්, හානියක් වෙනවා නම් , ඒ වගේ අවස්ථාවක ඉදිරිපත් වෙලා කටයුතු කිරීමට තමයි මේ සංවිධානය පිහිටුවගෙන තියෙන්නේ. දැන් අපි ඉදිරියට සියම් මහා නිකායේ ස්වාමීන් වහන්සේලා එක්කත් කතා කරගෙන යනවා තුන් නිකායම ඒකාබද්ධව කටයුතු කිරීම , ඒ සංඝයාගේ සමගිය හොදයි, ඒකට කැමතියි, අපි ඒ නිසයි අපි ඒ විදියට කටයුතු කරන්න බලාපොරොත්තු වෙන්නේ. ආණ්ඩුව මේ වෙලාවේ භීතියට පත් වෙලා තියෙන්නේ අපේ මේ ප්‍රකාශයට නෙමෙයි, අපේ සමගියට. සංඝයාගේ සමගිය ඒගොල්ලන්ගේ රටට අහිතකර වැඩපිළිවෙලට බාධාවක් වෙයි කියලා තමයි මේ ඒගොල්ලෝ විරුද්ධ වෙන බව පේන්නේ. මේක රටේ ජනතාව තේරුම්ගන්න ඕනේ, බුද්ධිමත් සංවිධාන තේරුම්ගන්න ඕනේ, රටේ ගරුතර මහාසංඝරත්නය තේරුම්ගන්න ඕනේ. අපි සංඝරත්නය විදියට එකතු වෙලා රටට අහිතකර තත්ත්වයන් එනවා නම් ඒවට ක්‍රියාමාර්ග ගන්න ඕනේ'' |
2020-10-14T11:10:06.000Z | මිනුවන්ගොඩ පොකුරෙන් තවත් ආසාදිතයින් 113ක් | මිනුවන්ගොඩ පොකුරෙන් තවත් ආසාදිතයින් 113ක් | COLOMBO (News 1st) : මිනුවන්ගොඩ කොවිඩ් පොකුරෙන් තවත් ආසාදිතයින් 113 දෙනෙකු හඳුනා ඇතැයි, යුද හමුදාපතිවරයා පවසයි. ඒ අනුව මිනුවන්ගොඩ පොකුරෙන් අද දින මේ දක්වා හඳුනාගෙන ඇති කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 130 කි. ඉන් වැඩි දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවල සිටින ආශ්‍රිතයින් හා කාර්යමණ්ඩල සාමාජිකයින් ය. සෙසු අසාදිතයින් 108 දෙනා ඔවුන්ගේ ආශ්‍රිතයින් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසී ය. ඒ අනුව එම පොකුරෙන් මේ වන විට වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 1721 කි. මෙරටින් වාර්තාවන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යව මේ වන විට 5168 දක්වා ඉහළ ගියේ ය. සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ, කොරෝනා ආසාදිතයින් 1798 දෙනෙකු මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි. |
2020-10-14T07:52:08.000Z | ඉටුකම අරමුදල රු. මිලියන 1659 දක්වා ඉහළට | ඉටුකම අරමුදල රු. මිලියන 1659 දක්වා ඉහළට | COLOMBO (News 1st) : ඉටුකම කොවිඩ් 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල රුපියල් මිලියන 1659 දක්වා ඉහළ ගොස් තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ, අග්‍රාමාත්‍ය කාර්යාලය රුපියල් 82,906.97 ක් පෞද්ගලික පරිත්‍යාගයක් ලෙස ලැබුණු රුපියල් 6000 ක් , ගම්පහ දිස්ත්‍රික් සමෘද්ධි නිලධාරීන්ගේ සුබසාධක සංගමය රුපියල් ලක්ෂයක් සහ ලංකා බැංකුවෙ විශ්‍රාමිකයින්ගේ සංගමය රුපියල් ලක්ෂ 25 ක් අරමුදලට පරිත්‍යාග කළ බවයි. අදාළ පරිත්‍යාග අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට භාර දී තිබේ. |
2020-10-14T07:40:48.000Z | හිටපු ඇමති රිෂාඩ් අත්අඩංගුවට ගැනීමට කණ්ඩායම් කිහිපයක් | රිෂාඩ් අත්අඩංගුවට ගැනීමට කණ්ඩායම් කිහිපයක් | COLOMBO (News 1st) : රිෂාඩ් බදියුද්දීන් හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට ගැනීම සඳහා කණ්ඩායම් කිහිපයක් යොදවා ඇතැයි, පොලීසිය පවසයි. ඔහුගේ ආරක්ෂාවට යොදවා සිටි පොලිස් නිලධාරයෙකු ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගෙන අද අධිකරණයට ඉදිරිපත්කර ඇප මත මුදා හැරිණ. පොලිස් කණ්ඩායම් අදත් කොළඹ පිහිටි රිෂාඩ් බදියුද්දීන් මහතාගේ නිවසට ගොස් තිබුණේ, ඔහු අත්අඩංගුවට ගැනීම සඳහායි. පසුගිය මහ මැතිවරණ සමයේ පුත්තලමේ සිට මන්නාරමට අවතැන්වූ පුද්ගලයින් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ප්‍රවාහනය කිරීම නිසා රාජ්‍ය මුදල් අවභාවිතය හා පොදු දේපොළ පනත යටතේ ගැනෙන වැරදි සිදුකළ බවට ඔහු ඇතුළු තිදෙනෙකුට චෝදනා එල්ලවී තිබේ. හිටපු අමාත්‍යවරයාගේ ගණකාධිකාරී අලගරත්නම් මනෝරන්ජන් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කිරුළපනදී අත්අඩංගුවට ගෙන අද පස්වරුවේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපත් කළේ ය. එහිදී ඔහු ලබන 26 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා නියෝග කළේ ය. මේ අතර ඊයේ පස්වරුවේ රිෂාඩ් බදියුද්දීන් මහතා අත්අඩංගුවට ගැනීම සඳහා ගිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඔහු භාවිත කළ බව කියන මෝටර් රථ දෙකක් සිය භාරයට ගෙන තිබිණ. ඒ එහි රියදුරන් දෙදෙනා සහ හිටපු අමාත්‍යවරයාගේ ආරක්ෂාවට සිටි පොලිස් කොස්තාපල්වරයා ද සමගයි. නීතිවිරෝධි ගිනිඅවි සන්තකයේ තබා ගත්තැයි, වැල්ලවත්තේදී අත්අඩංගුවට ගත් තිදෙනා අද අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රියදුරන් දෙදෙනා ලබන 28 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළේ ය. පොලිස් කොස්තාපල්වරයා මුදාහැරියේ රුපියල් ලක්ෂ 5 ක ශරීර ඇපයක් මතයි. මේ අතර හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් සහ මොහොමඩ් යාසින් යන සැකකරුවන්ට විදෙස්ගත වීම කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද පස්වරුවේ තහනම් කරනු ලැබී ය. |
2020-10-14T07:26:02.000Z | හෙට අලුයම 5 සිට කටුනායක පොලිස් බල ප්‍රදේශයට නිරෝධායන ඇඳිරි නීතිය | තවත් පොලිස් බල ප්‍රදේශයකට නිරෝධායන ඇඳිරි නීතිය | COLOMBO (News 1st) : හෙට උදෑසන 5 සිට කටුනායක පොලිස් බල ප්‍රදේශයට ද නිරෝධායන ඇඳිරි නීතිය පනවා තිබේ. වැඩ බලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේ, නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක වුව ද අපනයන සැකසුම් කලාපයේ සේවකයින්ට තම හැඳුනුම්පත ඉදිරිපත් කර සේවයට වාර්තා කළ හැකි බවයි. මේ අතර මේ වන විට පොලිස් බල ප්‍රදේශ 18 ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරි නීතිය තවදුරටත් බලපැවැත්වෙනු ඇති. https://www.youtube.com/watch?v=eoNbhmkqwFE&feature=youtu.be |
2020-10-14T07:16:39.000Z | දිස්ත්‍රික්ක 3කට නව දිස්ත්‍රික් ලේකම්වරු පත් කෙරෙති | දිස්ත්‍රික්ක 3කට නව ලේකම්වරු පත් කෙරෙති | COLOMBO (News 1st) : කළුතර, මහනුවර හා මඩකලපුව දිස්ත්‍රික්ක 3 සඳහා නව දිස්ත්‍රික් ලේකම්වරුන් පත්කර තිබේ. ඒ අනුව කළුතර දිස්ත්‍රික් ලේකම්වරයා ලෙස පත්කර ඇත්තේ ප්‍රසන්න ගිනිගේ මහතායි. ඒ මෙතෙක් එම ධුරය දැරූ යු. ඩී. සී. ජයලාල් මහතා අමාත්‍යාංශ ලේකම් ධුරයකට පත්වීම හේතුවෙනි. මහනුවර දිස්ත්‍රික් ලේකම්වරයා ලෙස පත්කර ඇත්තේ, චන්දන තෙන්නකෝන් මහතායි. ආරක්ෂක අමාත්‍යාංශය පැවසුවේ, තිස්ස කරුණාරත්න මහතා විශ්‍රාම යාමෙන් හිස් වු පුරප්පාඩුව සඳහා එම පත්වීම සිදුකළ බවයි. මඩකලපුව දිස්ත්‍රික්කය සඳහා ද නව දිස්ත්‍රික් ලේකම්වරයෙකු පත් කර තිබේ. ඒ. කරුණාහරන් මහතා එම ධුරයට පත්කළ බව ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ය. අමාත්‍යාංශය සඳහන් කළේ, සේවා අවශ්‍යතාව මත නව පත්වීම කළ බවයි. නව දිස්ත්‍රික් ලේකම්වරු අද පස්වරුවේ කැබිනට් අමාත්‍ය කාර්යාලයේදී සිය පත්වීම් භාර ගත් බවද, ආරක්ෂක අමාත්‍යාංශය පැවසී ය. |
2020-10-14T06:48:19.000Z | හිටපු ජනපති තෙවන දිනටත් ජනපති කොමිසම හමුවට | හිටපු ජනපති තෙවන දිනටත් ජනපති කොමිසම හමුවට | COLOMBO (News 1st) : අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ සාක්ෂි විමසීම් අදත් සිදුවිය. තමා ජනාධිපති ධුරය දැරූ කාලසීමාවේදී අවස්ථා කිහිපයක ආරක්ෂක මණ්ඩල රැස්වීම සඳහා විපක්ෂ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු කැඳවීමට පියවර ගත් බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ සාක්ෂි ලබාදෙමින් සඳහන් කළේ ය. තුන්වෙනි දිනටත් එම කොමිෂන් සභාව හමුවේ සාක්ෂි ලබාදෙමින් හිටපු ජනාධිපතිවරයා පැවසුවේ එවකට ආරක්ෂක මණ්ඩලය තුළ තමා වෙනුවෙන් පෙනී සිටීමට කිසිවෙකුත් නොසිටි බවයි. ඒ හේතුවෙන් තමා වෙනුවෙන් කතා කිරීමටත් පෙනී සිටීමටත් තම විශ්වාසී තම පක්ෂ නියෝජනය කරන මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු අවස්ථා කිහිපයක එලෙස ආරක්ෂක මණ්ඩල රැස්වීමට කැඳවූ බව හිටපු ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේ ය. දින 52 ආණ්ඩුව සමයේදී පැවැති ආරක්ෂක මණ්ඩල රැස්වීම්වලට එවකට අග්‍රාමාත්‍ය ධුරය දැරූ මහින්ද රාජපක්ෂ මහතා සම්බන්ධ කර නොගත්තේ ඔහු සමඟ ඇතිකරගත් එකඟතාවක් මත බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසී ය. එහිදී අතිරේක සොලිසිටර් ජෙනරාල් වරිය ප්‍රශ්න කළේ, 2018 දෙසැම්බර් 16 වනදායින් පසුව යළිත් අග්‍රාමාත්‍ය ධුරයට රනිල් වික්‍රමසිංහ මහතා පත්කර ගැනීමෙන් පසුව ඔහු ආරක්ෂක මණ්ඩල රැස්වීම් සඳහා සහභාගී කර නොගන්නැයි මෙත්‍රිපාල සිරිසේන මහතා උපදෙස් ලබා දී ඇති බව මෙම කොමිෂන් සභාව හමුවේ බොහෝ පුද්ගලයන් සාක්ෂි ලබාදෙමින් සදහන් කර ඇති බවයි. ආරක්ෂක මණ්ඩලයේ සබන්ධයෙන් නිකුත් කොට ඇති ගැසට් නිවේදනය තුළ ඊට සහභාගී කරගත යුතු පුද්ගලයන් අන්තර්ගත වී තිබෙනවා නමුත් එහි අගමැති සම්බන්ධ කර ගත යුතුයි කියලා සඳහනක් නොමැත. ජනාධිපතිවරයාට අවශ්‍යතාවයක් තිබුණොත් පමණක් අග්‍රාමාත්‍යවරයා ආරක්ෂක මණ්ඩල රැස්වීමට කැඳවා ගැනීමට හැකියාවක් තිබෙනවා,ඊට පිළිතුර ලබා දෙමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කියා සිටියේ ය. |
2020-10-14T06:39:22.000Z | ''මුලතිව්හිදී මාධ්‍යවේදීන්ට පහරදුන් සැකකරුවන් නීතය හමුවට පමුණුවන්න.'' - වෘත්තිය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමය | ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ට එල්ල වූ ප්‍රහාරයට විරෝධය | COLOMBO (News 1st) : මුලතිව්, මුරිප්පුහි නීතිවිරෝධි දැව ජාවාරම් වාර්තා කිරීමට ගිය ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ට පහරදුන් සැකකරුවන් අත්අඩංගුවට ගෙන නීතිය හමුවට පමුණුවන්නැයි, වෘත්තිය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමය අවධාරණය කර සිටී. එම සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ, මාධ්‍යවේදීන් දෙදෙනාට එල්ල වූ ප්‍රහාරය දැඩිව හෙළා දකින බවයි. තව ද මෙම ප්‍රාහරය පිටුපස වැලි ජාවාරම්කරුවන් සහ පරිසරය විනාශ කරමින් දැව ජාවාරමේ යෙදී සිටින්නන් සිටින බව එම සංගමය අදාළ නිවේදනය මගින් අවධාරණය කර ඇත. මේ අතර පසුගිය දිනක මොනරාගල ප්‍රදේශයේ මාධ්‍යවේදියෙකුට එලල් වූ මැර ප්‍රහාරය පිටුපස ද වැලි ජාවාරම්කරුවන් සිටින බව හෙළි වී ඇතැයි, එහි සඳහන් ය. අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ, මින් පෙර කාලවලදී ජනමාධ්‍ය ආයතනවලට එල්ල වූ පහරදීම්, තර්ජන එල්ල වීම් හමුවේ බොහෝ ජන මාධ්‍යවේදීන් රට හැර යාමට පවා පෙළඹුණු බවයි. |
2020-10-14T05:04:16.000Z | රිෂාඩ් සමග අත්අඩංගුවට ගැනීමට නියෝග කර සිටි ගණකාධිකාරවයා අත්අඩංගුවට | අලගරත්නම් මනෝරන්ජන් CID අත්අඩංගුවට | COLOMBO (News 1st) : හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා සමග අත්අඩංගුවට ගැනීමට නියෝග කර සිටි සැකකරුවන් 3 දෙනාගෙන් අයෙකු වන ගණකාධිකාරවරයෙකු වන අලගරත්නම් මනෝරන්ජන් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ. ඒ කිරුළපන ප්‍රදේශයේදීයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ, හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් සහ මොහොමඩ් යාසින් යන සෙසු සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් යොදවා ඇති බවයි. https://www.facebook.com/NewsfirstSL/videos/2760055187546823/ |
2020-10-14T03:49:01.000Z | තවත් කොරෝනා ආසාදිතයින් 17ක් | තවත් කොරෝනා ආසාදිතයින් 17ක් | COLOMBO (News 1st) : දිවුලපිටිය කොරෝනා පොකුරෙන් අද තවත් කොරෝනා ආසාදිතයින් 17 දෙනෙකු හඳුනා ගැනිණ. ඒ අතරට නිරෝධායන මධ්‍යස්ථානවල සිටින ආශ්‍රිතයින් හා කාර්ය මණ්ඩල සාමාජිකයින් 5 දෙනෙක් ඇතුළත් වෙති. ආශ්‍රිතයින් 12 දෙනෙකු ද අද දිනයේ හඳුනාගත් කොරෝනා ආසාදිත සංඛ්‍යාවට අයත්ව ඇත. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ, ඔවුන් නිරෝධායනය වෙමින් සිටින මිනුවන්ගොඩ ඇගලුම් කර්මාන්තශාලාවේ සේවකයින් හා ඔවුන්ගේ ආශ්‍රිතයින් බවයි. ඒ අනුව එම පොකුරෙන් මේ වන විට වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 1608 කි. |
2020-10-14T03:26:20.000Z | එංගලන්තයෙන් ගෙන්වූ කසළ කන්ටේනර් නැවත එරටට යැවීමට අභියාචනාධිකරණයෙන් නියෝග | එංගලන්තයෙන් ගෙන්වූ කසළ නැවත යැවීමට නියෝග | COLOMBO (News 1st) - එංගලන්තයෙන් මෙරටට ගෙන්වන ලද කසළ කන්ටේනර් 242 ක් නැවත එරටට යැවීමට අභියාචනාධිකරණය අද මධ්‍යම පරිසර අධිකාරියට නියෝග කළේය. ඒ, එම කසළ කන්ටේනර් ගෙන ඒමට එරෙහිව පරිසර යුක්ති කෙන්ද්‍රය ගොනු කළ පෙත්සම් විභාගය අවසන් කරමිනි. අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු එච්.එම්.ඩි නවාස්, සහ සෝභිත රාජකරුණා යන විනිසුරුමඩුල්ල හමුවේ මෙම පෙත්සම සලකා බැලුණි. එහිදී විනිසුරු මඩුල්ල නියෝග කළේ, එම කසළ කන්ටේනර් ගෙන්වීමට දායක වූ සියලුම ආයතනවලට එරෙහිව නිතිමය පියවර ගන්නා ලෙසය. හේලීස් ෆ්‍රීසෝන් පුද්ගලික සමාගම, ETL COLOMBO පුද්ගලික සමාගම, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය, මධ්‍යම පරිසර අධිකාරිය, හා නීතිපතිවරයා මෙම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස නම් කර තිබේ. |
2020-10-14T00:43:00.000Z | පැරණි බෝගම්බර බන්ධනාගාරයෙන් පනින්න ගිය රැඳවියන් 11කට වැඩ වරදී.. | පනින්න ගිය රැඳවියන් 11කට වැඩ වරදී.. | COLOMBO (News 1st) - පැරණි බෝගම්බර බන්ධනාගාරය තුළදී කලහකාරී ලෙස හැසිරුණු රැඳවියන් 11 දෙනෙකු දැඩි ආරක්ෂිත රැකවල් යටතේ රැඳවීමට පියවර ගෙන තිබේ. බන්ධනාගාර කොමසාරිස් පාලන චන්දන ඒකනායක මහතා පැවසුවේ, අදාළ රැඳවියන් සිය දෙපාර්තමේන්තුවේ ත්‍රිපුද්ගල විනිශ්චය මඩුල්ල හමුවට ඉදිරිපත් කර, ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගන්නා බවයි. මත්ද්‍රව්‍ය භාවිතය සහ ජාවාරම් කිරීමේ චෝදනා මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටි රැඳවියන් 11 දෙනෙකු පෙරේදා පැරණි බෝගම්බර බන්ධනාගාරයේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානයෙන් පලා යාමට උත්සහ දරා තිබේ. ඒ සිය ඇලුමිනියම් පිගාන තියුණු ආයුධයක් සේ සකස් කර, බන්ධනාගාර නිලධාරියෙකු බිය වද්දමිනි. එහිදී ක්‍රියාත්මක වූ බන්ධනාගාර නිලධාරියා රැඳවියන් සමග පොරබැද ඇති අතර, තත්ත්වය පාලනය සඳහා සෙසු නිලධාරීන් ද, ක්‍රියාත්මක වී තිබේ. බන්ධනාගාර කොමසාරිස්වරයා පැවසුවේ, එම අවස්ථාවේ ආරක්ෂිත මුර කුටිවල සිටි නිලධාරීන් අහසට වෙඩි තැබිමක් ද සිදුකර ඇති බවයි. රැඳවියන් සමඟ පොර බැදීමෙන් සුළු තුවාල ලැබූ බන්ධනාගාර නියාමකවරයා රෝහල්ගත කෙරුණු අතර, ඔහු සුවය ලබා මේ වනවිට රෝහලින් පිටව ගොස් තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මෙහෙයවීමෙන් අභ්‍යන්තර විමර්ශනයක් ද ක්‍රියාත්මකයි. |
2020-10-14T00:25:55.000Z | බලංගොඩ තේ වත්තකට ගසක් කඩා වැටීමෙන් කාන්තාවන් දෙදෙනෙකු මරුට | ගසක් කඩා වැටීමෙන් කාන්තාවන් දෙදෙනෙකු මරුට | COLOMBO (News 1st) - බලංගොඩ, පිංනවල, වලවේ වත්ත ප්‍රදේශයේ තේ දළු නෙලමින් සිටි පිරිසක් මතට ගසක් කඩා වැටීමෙන් කාන්තාවන් දෙදෙනෙකු මියගොස් තිබේ. ගස කඩා වැටීමෙන් පසු තිදෙනෙකු බරපතල තුවාල ලබා ඇති අතර ඔවුන් බලංගොඩ මූලික රෝහලට ඇතුළත් කිරීමට පියවර ගත් බව පොලීසිය සඳහන් කළේය එම අවස්ථාවේදී එම කාන්තාවන් දෙදෙනා මියගොස් තිබෙන බව පොලීසිය පැවසුවේය. |
2020-10-14T00:11:55.000Z | පොදු ප්‍රවාහන සේවා භාවිතයේදී වඩාත් විමසිලිමත්ව කටයුතු කරන්න - යුද හමුදාපති | පොදු ප්‍රවාහන සේවා භාවිතයේදී විමසිලිමත් වන්න | COLOMBO (News 1st) - පොදු ප්‍රවාහන සේවා භාවිතයේදී ජනතාව වඩාත් විමසිලිමත්ව, අවබෝධයෙන් කටයුතු කළ යුතු බව, යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අවධාරණය කරයි. ඔහු පැවසුවේ, තමන් ගමන් කරන වාහනවල අංක ළඟ තබා ගැනීමට ක්‍රියාකළ යුතු බවයි. |
2020-10-13T23:56:30.000Z | ධීවරයින්ට අනතුර ඇඟවීමක්.. | ධීවරයින්ට අනතුර ඇඟවීමක්.. | COLOMBO (News 1st) - තද සුළං හා රළු මුහුද පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 60 ත් 70 ත් දක්වා වැඩි විය හැකි බවයි. ඒ හේතුවෙන්, හෙට උදෑසන දක්වා එම මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවල නිරත වීම අනතුරුදායක බව, එම දෙපාර්තමේන්තුව පවසයි. මේ අතර, මීගමුව සිට පුත්තලම,මන්නාරම සහ කන්කසන්තුරේ හරහා මුලතිව් දක්වා මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය ද පැයට කිලෝමීටර් 50 ත් 60 ත් දක්වා වැඩි වියහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. |
2020-10-13T22:30:01.000Z | යුරෝපයේ රටවල් රැසක කොරෝනා රෙගුලාසි දැඩි කෙරේ.. | යුරෝපයේ රටවල් රැසක කොරෝනා රෙගුලාසි දැඩි කෙරේ.. | COLOMBO (News 1st) - කොරෝනා ව්‍යාප්තිය උත්සන්න වීම හමුවේ යුරෝපයේ රටවල් රැසක කොරෝනා රෙගුලාසි දැඩි කර තිබේ . ඒ අනුව, බ්‍රිතාන්‍යය අදියර තුනකින් යුත් කොරෝනා රෙගුලාසි ක්‍රමවේදයක් හඳුන්වා දුන්නේය. චෙක් ජනරජය සඳහන් කළේ, සති තුනක කාලයක් එරට පාසල් , තැබෑරුම් සහ රාත්‍රී සමාජ ශාලා අර්ධ වශයෙන් වසා දමන බවයි . මේ වනවිට යුරෝපයේ පුද්ගලයන් ලක්ෂයකින් වැඩිම ආසාදිතයන් වාර්තාවන රට වන්නේ චෙක් ජනරජයයි . නෙදර්ලන්තය අර්ධ වශයෙන් වසා දමන බවට නිවේදනය කර ඇති අතර එරට ජනාකීර්ණ ස්ථාන තුළදී මුහුණු ආවරණ පැළඳීම අනිවාර්ය කර තිබේ . මේ අතර යුරෝපයේ රටවල් රැසක රෝහල්ගතවන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ද සීඝ්‍රයෙන් ඉහළගොස් තිබේ . ප්‍රංශ ජනාධිපතිවරයා ද අද එරට කොරෝනා මර්දන රෙගුලාසි තවදුරටත් දැඩි කිරීමට සුදානම් වනබව විදෙස් මාධ්‍ය වාර්තා කළේය . මීට අමතරව ඉතාලිය සහ ඔස්ට්‍රියාව ද ඒම රටවල කොරෝනා රෙගුලාසි දැඩි කිරීමට පියවර ගෙන තිබේ . |
2020-10-13T21:25:05.000Z | 'මොරටු සුදා'ගේ සමීපතමයෙක් ගිනි අවියක් සමග අත්අඩංගුවට | 'මොරටු සුදා'ගේ සමීපතමයෙක් පොලිස් දැලේ | COLOMBO (news 1st ) - වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින ප්‍රධාන මත්කුඩු ජාවාරම්කරුවෙක් බව කියන 'මොරටු සුදා' නැමැත්තාගේ සමීපතමයෙක් වාද්දුව පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ. එහිදී විදේශ රටක නිශ්පාදිත ස්වයංක්‍රීය ගිනි අවියක්, ඊට යොදන පතරොම් 18ක් සහ හෙරොයින් මත්කුඩු මිලිග්‍රෑම් 2700 ක් සොයාගෙන තිබේ. සැකකරුගේ ප්‍රශ්න කිරීම්වලින් පසු පානදුර ළමා උද්‍යානය අසල කොන්ක්‍රීට් ලෑල්ලක් යට සඟවා තිබූ ගිනි අවිය සහ පතරොම් සොයාගැනීමට පොලීසිය සමත්විය. සැකකරු වාද්දුව, මැලෑගම ප්‍රදේශයේ පදිංචිව සිටි 27 හැවිරිදි පුද්ගලයෙකි. |
2020-10-13T21:15:36.000Z | කොළඹ සියලු බන්ධනාගාරවල නිලධාරීන් අද PCR පරික්ෂාවට | කොළඹ බන්ධනාගාරවල නිලධාරීන් අද PCR පරික්ෂාවට | COLOMBO (News 1st) - කොළඹ සියලු බන්ධනාගාර නිලධාරීන් PCR පරීක්ෂණවලට යොමු කිරීමේ වැඩසටහනක් අද පැවැත්වේ. ඒ බන්ධනාගාර රෝහල කේන්ද්‍ර කර ගනිමිනි. බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ පාලන කොමසාරිස් චන්දන ඒකනායක මහතා සඳහන් කළේ, ඒ අනුව, කොළඹ මැගසින්, රිමාන්ඩ් සහ වැලිකඩ බන්ධනාගාරවල නිලධාරීන්ගේ සහ බන්ධනාගාර මූලස්ථානයේ නිලධාරීන්ගේ PCR පරීක්ෂණ අද සිදු කෙරෙන බවයි. ඒ සඳහා සියලු නිලධාරීන්ට පෙනී සිටින්නැයි, දන්වා ඇතැයි, ඔහු පැවසුවේය. කොමසාරිස්වරයා සඳහන් කළේ, එම පරීක්ෂණ සඳහා ඕනෑම නිලධාරියෙකුට මුහුණ දීමට අද ඉඩකඩ පවතින බවයි. මේ අතර, සියලු බන්ධනාගාර රැඳවියන්ගේ සෞඛ්‍යය ආරක්ෂාව වෙනුවෙන් ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගෙන ඇති බව, බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. |
2020-10-13T20:52:25.000Z | දිස්ත්‍රික්ක 21කින් කොරෝනා ආසාදිතයින් වාර්තා වෙයි.. | කොරෝනා ආසාදිතයින් දිස්ත්‍රික්ක 21කින්.. | COLOMBO (News 1st ) - දිවයිනේ දිස්ත්‍රික්ක 21 කින් කොරෝනා ආසාදිතයින් වාර්තා වන බව සෞඛ්‍යය අමාත්‍යාංශය පවසයි. එහි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා සඳහන් කළේ, සෞඛ්‍ය උපදෙස්වලට අනුගත වෙමින්, ජනතාව ක්‍රියාකරන්නේ නම්, කොරෝනා වසංගතය රට තුළ පැතිර යාම පාලනය කිරීමේ හැකියාව පවතින බවයි. |
2020-10-13T20:45:43.000Z | මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 5000 ඉක්මවයි | කොරෝනා ආසාදිතයින් ගණන 5000 ඉක්මවයි | COLOMBO (News 1st) - මෙරටින් වාර්තාවන සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 5000 ඉක්මවා තිබේ. ඒ, ඊයේ තවත් කොරෝනා ආසාදිතයින් 194 දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි. ඉන් 80 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන වලින් සොයාගෙන ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය. හඳුනා ගත් කොරෝනා ආසාදිතයින්ගෙන් 114 දෙනෙකු මිනුවන්ගොඩ කොරෝනා පොකුරට අයත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් වේ. ඒ අනුව, මිනුවන්ගොඩ කොරෝනා පොකුරට අයත් සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 1591 ක් දක්වා ඉහළ ගියේය. මෙරටින් හදුනා ගත් කොරෝනා ආසාදිතයින් 1697 දෙනෙකු මේ වනවිට රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටින බව සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කළේය. අමාත්‍යාංශය පැවසුවේ, රෝගීන් 3328 දෙනෙකු ප්‍රතිකාර ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බවයි. |
2020-10-13T19:53:08.000Z | ගෙවුණු දවස උණුසුම් කළ පුවත්… | ගෙවුණු දවස උණුසුම් කළ පුවත්… | දේශීය පුවත් 1. 20 අනර්ථකාරී අංග 10ක් ගැන කියමින් මන්ත්‍රී විජයදාසගෙන් ජනපතිට ලිපියක්.. : මහජනයා සහ දේශපාලකයා අතර බැඳීම හෝ විරසක වීම තීරණය වන්නේ ව්‍යවස්ථා බලය තුළින් ඒකාධිපතියන් බවට පත්වීමෙන් නොවන බව ජනාධිපති නීතීඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි. 2. 20 ඉදිරියට ගෙන යා යුතු නැතැයි, කතෝලික රදගුරු සම්මේලනය කියයි : 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉදිරියට ගෙන යා යුතු නැතැයි කතෝලික රදගුරු සම්මේලනය පවසයි. 3. ”20 ගැන මේ දක්වා කිසිදු තීරණයක් ගෙන නැහැ” – අමරපුර සංඝ සභාව : 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව තම සංඝ සභාව කිසිදු තීරණයක් මේ දක්වා ගෙන නැතැයි, අමරපුර සංඝ සභාවේ සභාපති පුජ්‍ය ගන්තුනේ අස්සජී හිමියන් නිවේදනයක් නිකුත් කරමින් පවසති. 4.”මහ නා හිමි නොදැනුවත්ව ප්‍රකාශ කිරීම යෝග්‍ය නැති බව ලේකම්වරු දැනගත යුතුයි”- මහා නා හිමි : මහානායක හිමියන්ගේ දැනුවත්බවක් නොමැතිව ප්‍රකාශ කිරිම යෝග්‍ය නෙමැති බව ලේකම්වරු දැනගත යුතු යැයි, රාමඤ්ඤ මහා නිකායේ මහා නායක අතිපූජ්‍ය නාපාන පේමසිරි හිමි පවසති. |
2020-10-13T11:07:18.000Z | 20 අනර්ථකාරී අංග 10ක් ගැන කියමින් මන්ත්‍රී විජයදාසගෙන් ජනපතිට ලිපියක්.. | මන්ත්‍රී විජයදාසගෙන් ජනපතිට ලිපියක්.. | COLOMBO (News 1st) : මහ ජනයා සහ දේශපාලකයා අතර බැඳීම හෝ විරසක වීම තීරණය වන්නේ ව්‍යවස්ථා බලය තුළින් ඒකාධිපතියන් බවට පත්වීමෙන් නොවන බව ජනාධිපති නීතීඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි. ඔහු පන්වා දෙන්නේ පාලකයින්ගේ තිබෙන අවංකභාවය සහ විශ්වසනීයභාවය පදනම් කරගෙන ජනතාව සහ පාලකයින් අතර බැඳීම තීරණය වන බවයි. පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා මේබව පවසන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කරමිනි. විජයදාස රාජපක්ෂ මහතා යොමු කළ එම ලිපියේ වැඩිදුරටත් දැක්වෙන්නේ 2005 සිට අවිධිමත් ණය ලබාගැනීම හේතුවෙන් අද රට අධික ණය බරක සිරවී ඇති බවයි. එම නිසා රටේ වටිනා සම්පත් කොටස් වශයෙන් චීනය අත්පත් කරගෙන ඇති අතර රටේ වටිනා ම ආර්ථික හා ආරක්ෂක මර්මස්ථාන මේ වන විට අපට අහිමි වී ඇති බව විජය දාස රාජපක්ෂ මහතා පෙන්වා දෙයි. එහි ප්‍රතිඵලයක් ලෙස ඇමෙරිකාව ඇතුළු බටහිර ආධිපත්‍ය මෙරට ආරක්ෂක හා ආර්ථික මර්මස්ථාන ඩැහැ ගැනීමට කටයුතු කරමින් සිටින අතර එළිපිට නොපෙනුනත් චීනය හා ඇමෙරිකාව අනාගතයේ ඔවුන්ගේ යුධ පිටිය බවට ශ්‍රී ලංකාව පත්කර ගැනීමේ සටන ආරම්භ කර ඇති බවයි. මෙවන් මොහොතක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අර්බුද නිර්මාණය කරගනිමින් දේශපාලනික ව කුලල් කා ගැනීම ඉතාමත් ම අමනෝඥ ක්‍රියාවක් බවත් එමගින් රටේ ජාතික ආරක්ෂාව සහ ආර්ථිකය යන දෙක ම විනාශ වීම වළක්වාගත නොහැකි වනු ඇති බවත් විජයදාස රාජපක්ෂ මහතා පවසයි. ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පෙන්වා දෙන්නේ විසිවන සංශෝධනයෙන් ඉදිරිපත් කර ඇති බොහෝ කරුණු පිළීබඳ මහජන විරෝධය උත්සන්න වෙමින් පවතිද්දී රටේ පොදු ජනතාව අපේක්ෂා භංගත්වයට පත්වී ඇති බවයි. මෙම ලිපිය ජනාධිපතිවරයාට ලිවීමට හේතුව පවතින තත්ත්වය පිළිබඳ ව සාකච්ඡා කිරීමට ඔක්තෝබර් මස 09 වන දින අරලියගහ මන්දිරයේ පැවති රැස්වීමේදී ඒ පිළිබඳ සාකච්ඡා කිරීමේ අවශ්‍යතාවක් නොමැති බවත්, එය අනිවාර්ය ලෙස සම්මත කළ යුතු බවත් ප්‍රකාශ කරමින් කිසිවකුටත් අදහස් ප්‍රකාශ කිරීමේ අවස්ථාවක් ලබා නොදුන් නිසා බව විජයදාස රාජපක්ෂ මහතා පවසයි. ඉදිරිපත් කර ඇති විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අනර්ථකාරී අංග 10ක් ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ජනාධිපතිතුමාගේ අවධානයට ලක්කරයි. ඉන් පළමු වැන්න නම් 1. ජනාධිපතිවරයා වෙත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් පැවරී ඇති පහත සඳහන් වගකීම් සහ යුතුකම් ඉටුකිරීම් වලින් ඉවත් වීමයි. ඒ වගකීම් හා යුතුකම් වන්නේ අ) ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුගමනය කර ආරක්ෂා කරන බවට වගබලාගත යුතු බවට වූ වගකීම. ආ) ජාතික ඒකාබද්ධතාවය ප්‍රවර්ධනය කිරීම ඇ) නිදහස් මැතිවරණ පැවැත්වීමට අවශ්‍ය සහාය ලබාදීම. ඈ) ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වගකිව යුතු බව. ඉ) මූලික අයිතිවාසිකම් නඩුවකින් ජනාධිපතිවරයාගේ ක්‍රියාවක් හෝ නොකර හැරීමක් අභියෝගයට ලක් කිරීමට පුරවැසියන්ට ඇති අයිතිය. මහජන ඡන්දයෙන් තේරීපත්වන ජනාධිපතිවරයා තමන්ට පැවරී ඇති මෙම වගකීම් වලින් මුදා හැරීමට නීති සැකසීමේ අවශ්‍යතාව කුමක් දැයි විජයදාස රාජපක්ෂ මහතා ප්‍රශ්න කරනවා. ඔහු පෙන්වා දෙන්නේ එම වගකීම් ඉටුකිරීම ප්‍රතික්ෂේප කිරීමෙන් සමාජය තුල ජනාධිපතිතුමා ගොඩනගා ඇති ප්‍රතිරෑපයට හාණි වන බවයි. උපුටාගැනීම - "රාජ්‍ය නායකයකු ශ්‍රේෂ්ඨත්වයට පත් වන්නේ හිතුවක්කාර තීරණ ගැනීම තුළින් නොව පාලිතයා මෙන් ම පාලකයා ද නීතියේ ආධිපත්‍යයට යටත් ය යන ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික හරය පිළිගෙන කටයුතු කිරීමට තරම් නිහතමානී, නිරහංකාරත්වයට පත්වන තරමට ය. පාස්කු ඉරිදා සිදු වූ මහා ජන සංහාරයේ මහමොළකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමක් පවා සිදු නොකරමින් පොලිසිය විසින් ම ඔවුන් මුදා හැර ඇති හෙයින් මෙරට නීතියේ ආධිපත්‍යය ගිලිහී ඇති බව මහජනයා තේරුම්ගෙන ඇත." මීට අමතරව රාජපක්ෂ මහතා පෙන්වා දෙන අනෙක් කරුණු නම්.. 2. රටකට අත්‍යවශ්‍ය විගණන සේවා කොමිෂන් සභාව, ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව යන කොමිෂන් සභා අහෝසි කිරීම. 03. මෙරට ජනතාව දශක ගණනාවක් තිස්සේ සටන් කොට ලබාගත් අයිතියක් ලෙස හැඳින්විය හැකි කැබිනට් අමාත්‍යවරුන් සංඛ්‍යාව 30 නොඉක්මවිය යුතු බව සහ රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරු සංඛ්‍යාව 40 නොඉක්මවිය යුතු ය යන සීමාවන් ඉවත් කිරීමට රජයට ඇති අවශ්‍යතාව කුමක් ද යන්න ජනතාවට කිසිසේත් අවබෝධ කරගත නොහැකි කරුණක් බවද විජයදාස රාජපක්ෂ මහතාගේ අදහසයි. 4. පාර්ලිමේන්තුව රැස් වූ දින සිට වසරක් ඇතුළත විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට බලය පැවරීමද ඒකාධිපති බලයක් ලෙස විජයදාස රාජපක්ෂ මහතා පෙන්වා දෙනවා. 5. හදිසි අවස්ථා පනත් ඉදිරිපත් කිරීම පිණිස නැවත ප්‍රතිපාදන හඳුන්වා දීද ඉතා අනර්ථකාරී කටයුත්තක් බව ආන්ඩු පක්ෂ මන්ත්‍රී ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතකාගේ අදහසයි. 6. ද්විත්ව පුරවැසියකුට මන්ත්‍රීවරයකු සහ ජනාධිපතිවරයකු වීමට සුදුසුකම් ඇති බවට නීතිය වෙනස් කිරීම තුළින් රටට ද්‍රෝහී පුද්ගලයින් රාජ්‍ය තන්ත්‍රයට පත්වීම සිදුවන බව විජයදාස රාජපක්ෂ මහතා පෙන්වා දෙනවා. ඔහු පවසන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව මංකොල්ල කෑ අර්ජුන් මහේන්ද්‍රන් වැන්නන් තවදුරටත් රටට අවශ්‍ය නොවන බවයි. 7. මහජන මුදල් වංචා නොකරන බවට විශ්වාසයක් ඇත්නම් ජනාධිපති ලේකම් කාර්යාලය හා අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලය විගණකාධිපතිවරයාගේ අධීක්ෂණයෙන් ඉවත් කිරීමේ අරමුණ කුමක්දැයි ආචාර්ය විජය දාස රාජපක්ෂ මහතා ප්‍රශ්න කරයි. 8. රාජ්‍ය සමාගම් විගණකාධිපතිගේ අධීක්ෂණයෙන් ඉවත් කිරීමේ යෝජනාව ගැන විජයදාස රාජපක්ෂ මහතා නගන ප්‍රශ්නය නම් "එම ආයතන වල පාලකයන්ට සොරකම් කිරීමේ චේතනාවක් නැත්නම් හෝ සොරකම් නොකරයි නම් විගණනයෙන් ඉවත් කිරීමේ හේතුව කුමක් ද?" යන්නයි. 9. දූෂණයට එරෙහි එක්සත් ජාතීන්ගේ නීති සම්මුති නොසලකා හැරීමත්, අල්ලස් හෝ දූෂණ විමර්ශනය කිරීමේ කොමිෂන් සභාවට පැවරී ඇති බලතල අහෝසි කිරීමත් තුළින් ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකාව දූෂණ පවතින රටක් බවට පිළිගැනෙන අතරම රටේ අල්ලස් හෝ දූෂණ වැඩි කිරීම සිදුවනු ඇති බවත් පෙන්වා දෙයි. 10. ශ්‍රී ලංකාව දෙකඩ නොකරන බවට දක්වන උපලේඛනයේ ඇති දිවුරුම ඉවත් කිරීම ගැන අවධානය යොමු කරන විජයදාස රාජපක්ෂ මහතා පෙන්වා දෙන්නේ මෙය අත්වැරදීමකින් සිදු වී ඇති බව මේ වන විට අධිකරණ අමාත්‍යවරයා පිළිගෙන ඇති බවයි. ඔහු ඉල්ලා සිටින්නේ රට ඉතා අසීරු තත්ත්වයකට මුහුණ දී ඇති මේ අවස්ථාවේ දේශපාලන විරසකභාවයන් වර්ධනය කරමින් රට අරාජික දේශයක් බවට පත් නොකොට සියලු පක්ෂ වල සහයෝගය ලබා ගනිමින්, විදේශ රටවල විවිධ වූ ආක්‍රමණවලින් බේරා ගනිමින් රටේ ආර්ථිකය ගොඩනැගීමට පියවර ගන්නා ලෙසයි. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට පත්කර ඇති විශේඥ කමිටුව අපේක්ෂිත පරමාර්ථ ඉටුකරගත හැකි එකක් නොවන බව විජයදාස රාජපක්ෂ මහතාගේ අදහසයි. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සැකසීමට අධිකරණ අමාත්‍යවරයාට හැකියාවක් නැත් නම් එය සිදුකළ යුත්තේ පාර්ලිමේන්තුවේ තේරීම්කාරක සභාවක් මගින් බවත් ඊට විශේෂඥයින්ගේ උපදෙස් ලබා ගැනීමට කිසිදු බාධාවක් නැති බවත් විජයදාස රාජපක්ෂ මහතා පෙන්වා දෙයි. 19වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් රට පිරිහුණු බවට නැගෙන චෝදනාවට විජයදාස රාජපක්ෂ මහතා මෙසේ ප්‍රතිචාර දක්වයි. උපුටා ගැනීම- "පසුගිය සමයේ රට පිරිහුණේ 19වැනි ආන්ඩුක්‍රම ව්‍යවස්ථාව නිසා නොව එවකට බලයේ සිටි නායකයින්ගේ නොහැකියාව, අපරිනතභාවය සහ අවස්ථාවාදී කුහක පිළිවෙත නිසා බවත් ඔබතුමා සහ ඔබතුමාගේ වැඩිමහල් සොයුරු අග්‍රාමාත්‍යතුමා සමඟ එවැනි ගැටුමක් ඇතිවන බව ඔබතුමා පවසන්නේ නම් ඔබතුමා රටට දෙන පණිවිඩය ඔබතුමන්ට සහ රජයට කොතරම් හානිකර ද යන්න ඔබතුමන් විසින් ම අවබෝධ කරගත යුතු කරුණක් ලෙස සලකමි." - උපුටාගැනීම අවසන්. ඔහු පවසන්නේ රටට ගැලපෙන විසඳුම් සහිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ අවශ්‍යතාව ජාතික අවශ්‍යතාවක් බව මහජන නියෝජිතයින් තේරුම්ගෙන සිටින බවයි.. ඔහු පවසන්නේ මේ රටේ මුරදේවතාවුන්වන අතිගෞරවනීය මහානායක හිමිපාණන් වහන්සේලා ප්‍රමුඛ මහා සංඝරත්නයේ ද, අති උතුම් කාදිනල් හිමිපාණන් වහන්සේ ඇතුළු සියලු ආගමික නායකයින්ගේ ද අවවාද සහ අනුශාසනා ලබා ගනිමින් රටට ගැලපෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට නොපමාව කටයුතු කරන ලෙසයි. |
2020-10-13T10:49:59.000Z | ''20 ගැන මේ දක්වා කිසිදු තීරණයක් ගෙන නැහැ'' - අමරපුර සංඝ සභාව | අමරපුර සංඝ සභාවෙන් නිවේදනයක් | COLOMBO (News 1st) : 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව තම සංඝ සභාව කිසිදු තීරණයක් මේ දක්වා ගෙන නැතැයි, අමරපුර සංඝ සභාවේ සභාපති පුජ්‍ය ගන්තුනේ අස්සජී හිමියන් නිවේදනයක් නිකුත් කරමින් පවසති. උන්වහන්සේ පෙන්වා දෙන්නේ තම නියෝජිත සංඝ සභාව , පාලක සංඝ සභාව හෝ විධායක සංඝ සභාව රැස්වී 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්තාව පිළිබඳව කිසිදු සාකච්ජාවක් නොකළ බවයි. මෙම සංශෝධනයේ ගුණදොස් විවේචනය කිරීමට නම් එහි එක් එක් වගන්ති පිළිබඳව වෙන වෙනම අධ්‍යයනය කළ යුතු බව උන්වහන්සේ පවසති. |
2020-10-13T10:39:45.000Z | ශ්‍රී ලංකා ජාතික ක්‍රිස්තියානි මණ්ඩලය රජයෙන් කළ ඉල්ලීම | ජාතික ක්‍රිස්තියානි මණ්ඩලය රජයෙන් කළ ඉල්ලීම | COLOMBO (News 1st) : 19 වන සංශෝධනයේ ඇති ප්‍රධාන ආයතනවල ස්වාධීනත්වය සහ වගකීමෙන් යුතු රාජ්‍ය පාලනය ප්‍රවර්ධනය කරන අංග ආරක්ෂා කරන ලෙස ශ්‍රී ලංකා ජාතික ක්‍රිස්තියානි මණ්ඩලය රජයෙන් ඉල්ලා සිටී. නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය සඳහන් කරන්නේ, 20 වන සංශෝධනය පාර්ලිමේන්තුවේ විවාද කිරීමට පෙර ජනතා අදහස් ලබාගැනීමට හැකිවන පරිදි සියලු සංශෝධන ජනතාවට දැන ගැනීමට සලස්වන ලෙසයි. ශ්‍රී ලංකා මෙතෝදිස්ත සභාව, ලංකා සභාව, දකුණු ඉන්දියානු සභාව, ශ්‍රී ලංකා බැප්ටිස්ට් සංගමය, ශ්‍රී ලංකා ප්‍රෙස්බිටේරියන් සභාව, ක්‍රිස්තියානි රෙපරමාදු සභාව, ගැලවීමේ හමුදාව, ජනතා දේව සභාව, ශ්‍රී ලංකා සිව් චතුරශ්‍ර සභාව සහ සාමාජික සාමයික සංවිධාන රැසක් මේ නිවේදනයට අත්සන් කර තිබේ. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත වූ දා සිටම ක්‍රියාත්මක කරන ලද සාමූහික අරගල හා ක්‍රියාකාරකම් 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් නොසලකා හැර ඇතැයි, ශ්‍රී ලංකා ජාතික ක්‍රිස්තියානි මණ්ඩලය නිකුත්කළ නිවේදනයෙන් පෙන්වාදී තිබේ. එහි සඳහන් වන්නේ ව්‍යවස්ථාදායක සභාව වෙනුවට දුර්වල පාර්ලිමේන්තු සභාවක් හඳුන්වාදීම , ජාතික විගණන කොමිසම හා ජාතික ප්‍රසම්පාදන කොමිසම අහෝසි කිරීම, ජනාධිතිවරයාගේ බලතල පුළුල් කිරීම හා හදිසි පනත් කෙටුම්පත් ගෙනඒමට අවස්ථාව ලැබීම යන කරුණු නැවත සලකා බලන ලෙසයි. |
2020-10-13T08:12:13.000Z | අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක ආනයනික බදු ඉවතට | අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක බදු ඉවතට | COLOMBO (News 1st) : අද රාත්‍රී සිට ක්‍රියාත්මක වන පරිදි පරිප්පු, ටින් මාළු, බී ලූණු සහ සීනි යන අත්‍යාවශ්‍ය භාණ්ඩවල ආනයනික බදු ඉවත් කර තිබේ. ඒ අනුව ටින් මාළු (ලොකු) රුපියල් 200කට ද, බී ලූණු කිලෝව රුපියල් 100කට ද සීනි කිලෝවක් රුපියල් 85කට මිලට ගැනීමට හැකිවනු ඇත. මේ අතර මෙම භාණ්ඩ ඇතුළුව රුපියල් 500කට වැඩි වටිනාකමක් සහිත භාණ්ඩ සතොසෙන් මිලදී ගන්නා විට පරිප්පු කිලෝව රුපියල් 150කට මිලට ගැනීමට විධිවිධාන සලසා තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ, පොල් සංවර්ධන මණ්ඩලය, කුරුණෑගල වැවිලි සමාගම සහ හලාවත වැවිලි සමාගම කොළඹ නගරයට පොල් සැපයුම වැඩි කර ඇති බවයි. එබැවින් පාරිභෝගිකයාට සතොස අලෙවිසල්වලින් සාධාරණ මිලකට පොල් ලබාගැනීමේ අවස්ථාව සැලසෙනු ඇති. වත්මන් ජීවන වියදම සහ කොවිඩ් -19 ආශ්‍රිත දුෂ්කරතා සැලකිල්ලට ගෙන මෙම සහන ලබා දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ය. |
2020-10-13T10:27:23.000Z | ''මහ නා හිමි නොදැනුවත්ව ප්‍රකාශ කිරීම යෝග්‍ය නැති බව ලේකම්වරු දැනගත යුතුයි''- මහා නා හිමි | ''ඔය ඊයේ වුණා කියන එක මම දන්නේ නැහැ'' | COLOMBO (News 1st) : මහානායක හිමියන්ගේ දැනුවත්බවක් නොමැතිව ප්‍රකාශ කිරිම යෝග්‍ය නෙමැති බව ලේකම්වරු දැනගත යුතු යැයි, රාමඤ්ඤ මහා නිකායේ මහා නායක අතිපූජ්‍ය නාපාන පේමසිරි හිමි පවසති. උන්වහන්සේ, මේ බව පැවසුවේ, ඊයේ ශ්‍රී ලංකා අමරපුර, රාමඤ්ඤ සාමග්‍රී මහා සංඝ සභාවේ මහා ලේඛකාධිකාරී හිමිවරුන් කළ ඒකාබද්ධ ප්‍රකාශය පිළිබඳව අද ප්‍රකාශයක් සිදු කරමිනි. මහනාහිමියන් වැඩිදුරටත් පැවසුවේ, භික්ෂු බව සහ දේශපාලනය වෙන වෙනම කාරණා බැවින් රාමඤ්ඤ නිකායක භික්ෂුන්වහන්සේලා වශයෙන් දේශපාලනමය වැඩවලට සම්බන්ධ නොවිය යුතු බවයි. ''රාමඤ්ඤ නිකායක භික්ෂුන්වහන්සේලා වශයෙන් දේශපාලනමය වැඩවලට සම්බන්ද නොවිය යුතුයි. භික්ෂු බව වෙන දෙයක් දේශපාලනය වෙන දෙයක් දෙක එකට සංකලනය කරන්නට සම්මිශ්‍රණය කරන්න බෑ'' තවද තමා ලෝකයා ප්‍රකාශ කරන සයලු දේ පිළිගන්නා කෙනෙක් නොවන බවත් ඊයේ දිනයේ සිදුවූ දේ පිළිබඳව තමන් නොදන්නා බව ත් ය. ''යම් යම් අය ප්‍රකාශ කරනවා අතිපුජ්‍ය මහානායක ස්වාමින්වහන්සේගේ අවධානය ලැබුනාය, උන්වහන්සේ දන්නවාය, උන්වහන්සේට මේ පිලිබදව දැනුමක් තිබෙනවාය, ආදිය සමහරු ප්‍රකාශ කරනවා. ඒ කරන ප්‍රකාශ මමත් පිලිගන්න කැමැති නැහැ. ඔය ලෝකයෝ ඔක්කෝම කියන දේවල් පිළිගන්න කෙනෙක් නෙවෙයි මම. මේ දිනවල ශාරීරික වෙහෙස නිසා මා වැඩිපුර ගමන් කරන්නේ නැහැ යන්නේත් නැහැ කොහොවත් ඒ නිසා ඔය ඊයේ වුනා කියන එක මම දන්නේ නැහැ. ඊයේ එහෙම රැස්වීමක් වුනානම් කිසිසේත්ම දන්නේ නැහැ. දැන් එහෙම රැස්වීමක් නිකාය පිලිබදව කෙරෙනවානම් විශේෂයෙන්ම මා දැනුවත් විය යුතුයි නේ. නැත්තම් එදාට ඉන්න මහා නායක හිමියන් ඒවා දැනගත යුතුයි නේ. මහා නායක හිමියන් දැනගන්නේ නැතුව ප්‍රකාශ කිරිම යෝග්‍ය නැති බව ලේකම්වරු දැනගත යුතුයි'' |
2020-10-13T07:13:17.000Z | ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු සුබවාදී බලාපොරොත්තුවක | ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු සුබවාදී බලාපොරොත්තු | COLOMBO (News 1st) : 2021 වසරේ මුල් භාගයේදී එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම සමග මෙරටදී තරගාවලියක් පැවැත්වීමට හැකි වනු ඇති බවට ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු මිකී ආතර් විශ්වාසය පළ කරයි. බී.බී.සී ලෝක සේවය සමග සාකච්ඡාවකට එක් වෙමින් ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු මිකී ආතර් මේ බව ප්‍රකාශ කළේ ය. ඔහු එහිදී පවසා ඇත්තේ, ශ්‍රී ලංකාව තුළ ක්‍රීඩාව ඉදිරියට ගෙන යෑමට ශක්තිමත් ව්‍යුහයක් ඇති බවයි. කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් පසුගිය මාර්තු මාසයේදී මෙරටට පැමිණ සිටි එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම සංචාරය අතරමග නවතා දමා යළි සිය රටට පැමිණියේ ය. |
2020-10-13T11:30:36.000Z | කොරෝනා රටින් තුරන් වේවායි පතමින් මර්වින් සත්‍ය ක්‍රියාවක | මර්වින් සිල්වා සත්‍ය ක්‍රියාවක | COLOMBO (News 1st) : හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මර්වින් සිල්වා මහතා අද උදෑසන සත්‍ය ක්‍රියාවක් ආරම්භ කළේ ය. ඒ පවතින කොරෝනා වෛරසය ගම්පහ දිස්ත්‍රික්කයෙන් මෙන්ම මුළු රටින්ම තුරන් වේවායි පාර්ථනා කරමිනි. කැලණිය, දළුගම බුළුගහහන්ධියේ පිහිටි කැලණිය ශ්‍රී උත්පලවර්ණ ශ්‍රී රංගනාථ මහා විෂ්ණු දේවාලයට පැමිණි මර්වින් සිල්වා මහතා ආගමික වතාවත්හි නිරත වීමෙන් අනතුරුව සත්‍ය ක්‍රියාව ආරම්භ කළේ ය. https://www.facebook.com/NewsfirstSL/videos/1057387948029767/ |
2020-10-13T06:56:06.000Z | රිෂාඩ් අත්අඩංගුවට ගන්නැයි, නීතිපතිගෙන් පොලීසියට උපදෙස් | රිෂාඩ් අත්අඩංගුවට ගන්නැයි, නීතිපතිගෙන් උපදෙස් | COLOMBO (News 1st) : රිෂාඩ් බදියුදීන් අත්අඩංගුවට ගැනීමට වරෙන්තුවක් අවශ්‍ය නොමැති බවට අධිකරණය නියෝග කර ඇති බැවින් ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා අද පස්වරුවේ පොලීසියට උපදෙස් දුන්නේ ය. ඒ, පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා ඇතුළු 3 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කරන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීම කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද ප්‍රතික්ෂේප කිරීමෙන් අනතුරුවයි. කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා කියා සිටියේ, සැකකරුවන්ට එරෙහිව එල්ල වී ඇති චෝදනා මත ඔවුන් අත්අඩංගුවට ගැනීමට පොලීසියට වරෙන්තුවක් අවශ්‍ය නොවන බවයි. ඒ අනුව ක්‍රියා කර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේ ය. පාර්ලිමේන්තු මන්ත්‍රි රිෂාඩ් බදියුඩින් මහතා අධිකරණ වරෙන්තුවක් මත අත්අඩංගුවට ගන්නා ලෙසට නීතිපතිවරයා අද වැඩ බලන පොලිස්පතිවරයාට උපදෙස් ලබාදීමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් අදාළ වරෙන්තු නියෝගය ඉල්ලා සිටියේ ය. නීතිපතිවරයාගේ සම්බන්ධිකරණ නිලධාරිනි නිෂාරා ජයරත්න මෙනවිය සඳහන් කළේ, රාජ්‍ය මුදල් අවභාවිතය ඇතුළු චෝදනා සම්බන්ධයෙන් අධිකරණ වරෙන්තුවක් ලබාගෙන ඔහු අත්අඩංගුවට ගන්නා ලෙසට නීතිපතිවරයා උපදෙස් ලබා දුන් බවයි. |
2020-10-13T06:36:18.000Z | තමන් අත්අඩංගුවට ගැනීම වළක්වන අතුරු තහනමක් නිකුත් කරන්නැයි, රියාජ් බදියුදීන් පෙත්සමක් | රියාජ් බදියුදීන්ගෙන් අභියාචනාධිකරණයට රීට් පෙත්සමක් | COLOMBO (News 1st) : දේශපාලන හේතූ මත තමා අත්අඩංගුවට ගැනීමට දරණ වෑයම වළක්වන අතුරු තහනමක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ සොහොයුරු රියාජ් බදියුදීන් මහතා අද අභියාචනාධිකරණයට රීට් ආඥා පෙත්සමක් ගොනු කළේ ය. පෙත්සම විභාගයට ගෙන අවසන් වන තුරු තමා අත්අඩංගුවට ගැනීම වළක්වන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඔහු පෙත්සමෙන් මගින් ඉල්ලා තිබේ. අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පසුගිය අප්‍රේල් 14 වන දා අත්අඩංගුවට ගත් තමා මාස 5 ට ආසන්න කාලයක් රැඳවුම් නියෝග මත තබා ගනිමින් විමර්ශනය කළ බවයි. එම ප්‍රහාර කිසිවකට තමාගේ කිසිදු සම්බන්ධතාවක් නොමැති බවට පුළුල් විමර්ශනයකින් අනතුරුව අනාවරණ වීම හේතුවෙන් තමන් නිදහස් කළ නමුත් දේශපාලන හේතූ මත නැවත අත්අඩංගුවට ගැනීමේ වෑයමක් පවතින බව රියාජ් බදියුදීන් අධිකරණයට පෙන්වා දී තිබේ. පෙත්සම් විභාගයෙන් අනතුරුව තමන් අත්අඩංගුවට ගැනීම වළක්වන රීට් ආඥාවක් වැඩ බලන පොලිස්පතිවරයා ඇතුළු වගඋත්තරකරුවන්ට නිකුත් කරන ලෙසත් ඔහු අධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියේ ය. පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස වැඩබලන පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා, අපාරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා, එහි ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් 7 දෙනෙකු නම් කර තිබේ. |
2020-10-13T04:50:47.000Z | ETI මූල්‍ය අක්‍රමිකතා පිළිබඳ කමිටු වාර්තාව නීතිපතිට යොමු කිරීමට කැබිනට් අනුමැතිය | ETI වාර්තාව නීතිපතිට යොමු කිරීමට කැබිනට් අනුමැතිය | COLOMBO (News 1st) - ETI ආයතයේ සිදු වූ බව කියන මූල්‍ය අක්‍රමිකතා පිළිබඳව සෙවීමට පත්කළ කමිටු වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සහ අවශ්‍ය නීතිමය පියවර ගැනීම සඳහා නීතිපතිවරයාට යොමු කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ. අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මේ පිළිබඳව අදහස් පළ කළේය. |
2020-10-13T04:14:40.000Z | 20 ඉදිරියට ගෙන යා යුතු නැතැයි, කතෝලික රදගුරු සම්මේලනය කියයි | 20 ගැන කතෝලික රදගුරු සම්මේලනයේ මතය | COLOMBO (News 1st) : 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉදිරියට ගෙන යා යුතු නැතැයි කතෝලික රදගුරු සම්මේලනය පවසයි. අද පස්වරුවේ නිවේදනයක් නිකුත් කරමින් එම සම්මේලනය අවධාරණය කළේ, ඒ වෙනුවට නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම මේ මොහොතේ ජාතික ප්‍රමුඛතාව විය යුතු බවයි. 20 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත පිළිබඳ කතෝලික රදගුරු සම්මේලනයේ අදහස, යන තේමාවෙන් එම සම්මේලනය අද පස්වරුවේ මෙම නිවේදනය නිකුත් කළේ ය. එය නිකුත්කර තිබුණේ, එහි සභාපති, බදුල්ල රදගුරු අතිඋතුම් වින්ස්ටන් ප්‍රනාන්දු හිමිපාණන් සහ මහලේකම්, කොළඹ සහායක රදගුරු අතිඋතුම් ඇන්තනී ජයකොඩි හිමිපාණන්ගේ අත්සනිනි. 20 වන ව්‍යවස්ථා සංශෝධනය ඉදිරියට ගෙනයාම සම්බන්ධයෙන් හේතුවක් නොමැති බව කතෝලික රදගුරු සම්මේලනය එම නිවේදනයේ අවධාරණය කර තිබේ. එහි දැක්වෙන්නේ, සංශෝධනයකදී හෝ අලුත් ව්‍යවස්ථාවක් සකස් කිරීමේදී පළමුවෙන්ම සිදුවිය යුත්තේ ජනතා පරමාධිපත්‍ය සුරක්ෂිත කිරීම බවයි. 1994 සිට බලයට පත්වූ සියලුම ජනාධිපතිවරුන් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමටත් 1978 ව්‍යවස්ථාවෙන් ප්‍රජාතන්ත්‍රවාදීව තේරීපත්වූ පාර්ලිමේන්තුවට දුන් බලය ලබාදීමටත් පොරොන්දු දුන් බව එම නිවේදනයේ සිහිපත් කර තිබේ. කතෝලික රදගුරු සම්මේලනය පෙන්වා දෙන්නේ, ජනතාව නොදන්නා හේතු සාධක නිසා මෙම පොරොන්දුව කිසිවෙක් ඉටුකර නොමැති බවයි. සංවරණයකින් හා තුලනයකින් තොරව එක් පුද්ගලයෙකු වටා බලය කේන්ද්‍රගතවීම ප්‍රජාතන්ත්‍රවාදී රටකට අහිතකර බව එම සම්මේලනයේ මතයයි. දේශපාලන පක්ෂ මත පදනම් වූ පාර්ලිමේන්තුවේ සාමාජිකයින්ගෙන් තුනෙන් දෙකක බහුතරයක් ජනතාවගේ සැබෑ හෘදය සාක්ෂිය ප්‍රකාශ නොකරන බව කතෝලික රදගුරු සම්මේලනය සිය නිවේදනයෙන් අවධාරණය කරයි. සම්පූර්ණ පාර්ලිමේන්තුවම ස්වාධීන ව්‍යවස්ථා සභාවක් ලෙස රැස්වී නව ව්‍යවස්ථාවක් සම්පාදනය කළ යුතු බවත් එය විනිවිද භාවයකින් යුත් ප්‍රජාතන්ත්‍රවාදී, නීතියේ ආදිපත්‍ය සුරකින හා සියලු ජනතාවට එක හා සමානව සලකන ව්‍යවස්ථාවක් විය යුතු බව එහි සඳහන් ය. තනි පුද්ගලයෙකුගේ අඩුපාඩු මත පදනම්ව පවතින නීති වෙනස් නොකර සත්‍යය , යුක්තිය සහ රටේ යහපත ආරක්ෂා කරමින් නීතිවලට අනුකූලව කටයුතු කරන පුද්ගලයින් හඳුනා ගැනීම හෝ පත්කිරීම යෝග්‍ය බව කතෝලික රදගුරු සම්මේලනය අවධාරණය කරයි. එම සම්මේලනය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ, රට ඉදිරියට ගෙන යා හැකි පරිපාලන පද්ධති සෑදීම ප්‍රජාතන්ත්‍රවාදීව පත්වූ පාර්ලිමේන්තුවේ වගකීමක් වන අතර විවිධ අර්ථ කතනවලට ඉඩ ලබාදෙන අඩුපාඩු සම්පූර්ණයෙන් නිවැරදි කිරීමට නව ව්‍යවස්ථා සම්පාදකයින් වගබලා ගත යුතු බවයි. ව්‍යවස්ථාව මහජනතාව වෙනුවෙන් සේවය කිරීමට නම් සම්පූර්ණ පැහැදිලි භාවයක් තිබිය යුතු බව ද කතෝලික රදගුරු සම්මේලනය අවධාරණය කරයි. https://www.youtube.com/watch?v=C1j0qsHaqdg&feature=youtu.be |
2020-10-13T05:10:23.000Z | රිෂාඩ් අත්අඩංගුවට ගැනීමට CIDය කළ ඉල්ලීම අධිකරණය ඉවත දමයි | රිෂාඩ්ට වරෙන්තු නිකුත් කරන්නැයි, කළ ඉල්ලීම ඉවතට | COLOMBO (News 1st) : පාර්ලිමේන්තු මන්ත්‍රි රිෂාඩ් බදියුඩින් මහතා ඇතුළු 3 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කරන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීම කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද ප්‍රතික්ෂේප කළේ ය. කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා කියා සිටියේ, සැකකරුවන්ට එරෙහිව එල්ල වී ඇති චෝදනා මත ඔවුන් අත්අඩංගුවට ගැනීමට පොලීසියට වරෙන්තු අවශ්‍ය නොවන බවයි. ඒ අනුව ක්‍රියාකර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේ ය. පාර්ලිමේන්තු මන්ත්‍රි රිෂාඩ් බදියුඩින් මහතා අත්අඩංගුවට ගන්නා ලෙසට නීතිපතිවරයා අද වැඩ බලන පොලිස්පතිවරයාට උපදෙස් දුන්නේ ය. නීතිපතිවරයාගේ සම්බන්ධිකරණ නිලධාරිනි නිෂාරා ජයරත්න මෙනවිය සඳහන් කළේ, රාජ්‍ය මුදල් අවභාවිතය ඇතුළු චෝදනා සම්බන්ධයෙන් අධිකරණ වරෙන්තුවක් ලබාගෙන ඔහු අත්අඩංගුවට ගන්නා ලෙසට නීතිපතිවරයා උපදෙස් ලබා දුන් බවයි. |
2020-10-13T02:33:12.000Z | මිනුවන්ගොඩ පොකුර: තවත් 49 දෙනෙකුට කොරෝනා | තවත් 49කට කොරෝනා | COLOMBO (News 1st ) – මිනුවන්ගොඩ කොරෝනා පොකුරින් තවත් ආසාදිතයින් 49 දෙනකු හඳුනා ගෙන ඇතැයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි. ඔවුන්ගෙන් 35ක් බ්‍රැන්ඩික්ස් සේවක නිරෝධායන මධ්‍යස්ථානවලින් වන අතර 14 දෙනෙකු මිනුවන්ගොඩ පොකුරේ ආශ්‍රිතයින් බව යුද හමුදාපතිවරයා පවසයි. |
2020-10-12T23:50:31.000Z | පූගොඩ පොලිස් අත්අඩංගුවේ සිටි සැකකරුවෙකු රෝගාතුර වී මියයයි | පොලිස් අත්අඩංගුවේ සිටි සැකකරුවෙකු රෝගී වී මියයයි | COLOMBO (News 1st) - පූගොඩ පොලිස් අත්අඩංගුවට පත් සැකකරුවෙකු රෝගාතුර වී රාගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහණ මහතා සඳහන් කළේ, මියගොස් ඇති සැකකරු 21 හැවිරිදි වියෙහි පසුවූ මාන්ඩාවෙළ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. සැකකරු මිය යාම පිළිබඳව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයෙකුගේ මූලිකත්වයෙන් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. |
2020-10-12T23:45:43.000Z | දින 03ක් තුළ සියලු රාජ්‍ය හා පෞද්. ආයතන සේවකයින්ගේ තොරතුරු යාවත්කාලීන කරන්නැයි උපදෙස් | රාජ්‍ය,පෞද්.සේවකයින්ගේ තොරතුරු Updateකිරීමට උපදෙස් | COLOMBO (News 1st) - සියලු රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල සේවකයින්ගේ පුද්ගලික තොරතුරු යාවත්කාලීන කරන ලෙස රජය ඉල්ලා සිටී. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ ඉදිරි දින 03 තුළ එම යාවත්කාලීන කිරීම් සිදුකළ යුතු බවයි. |
2020-10-12T23:34:02.000Z | සියලුම අධිවේගී මාර්ග එක් සමාගමක් යටතට පත් කිරීමට කැබිනට් අනුමැතිය | අධිවේගී මාර්ග සියල්ල එක් සමාගමක් යටතට.. | COLOMBO (News 1st) - සියලුම අධිවේගී මාර්ග එක් සමාගමක් යටතට පත් කරමින් භාණ්ඩාගාර ලේකම් විසින් තනි අයිතිය දරනු ලබන අධිවේගී මාර්ග ආයෝජන සමාගම ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබේ |
2020-10-12T22:56:40.000Z | පකිස්ථානයෙන් වාර්ෂිකව බාස්මතී සහල් මෙට්‍රික් ටොන් 6,000ක් ආනයනයට කැබිනට් අනුමැතිය | පකිස්ථානයෙන් බාස්මතී සහල් ආනයනයට කැබිනට් අනුමැතිය | COLOMBO (News 1st) - පාකිස්ථාන ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම යටතේ පාකිස්ථානයෙන් බාස්මති සහල් ආනනයනය කිරිමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව පාකිස්ථානයෙන් බාස්මති සහල් මෙට්ට්‍රික් ටොන් 6000 ක් වාර්ෂිකව ආනනයනය කිරිමට හැකියාව ලැබෙනු ඇති. පසුගිය කාලයේ එම පහසුකම් යටතේ පෞද්ගලික අංශයටද බාස්මති සහල් ආනනයනය කිරිමට අවසර ලබා දි තිබිණ. එහෙත් නියමිත වර්ගයන්ට අයත් නොවන සහල් ආනනයනය කරමින් ඔවුන් විවිධ අක්‍රමිකතා සිදුකර තිබේ. එම කරුණු සැලකිල්ලට ගෙන රජය යටතේ ඇති වාණිජ විවිධ නීතිගත සංස්ථාව හා සමුපකාර තොග වෙළඳ සංස්ථාව, ලංකා සතොස යන ආයතන විසින් පමණක් බාස්මති සහල් ආනනයනය කිරිමට වෙළඳ අමාත්‍යවරයා ඉදිරිපත් කරන ලද කැබිනට් ප්‍රතිකාවට අනුමැතිය හිමිවිය. |
2020-10-12T21:21:07.000Z | සැප්තැම්බර් 30න් පසු කල් පිරී ඇති රියැදුරු බලපත්‍ර අලුත් කිරීමට සහන කාලයක් දෙන්න සැලසුම්.. | ලයිසන් අලුත් කරන්න සහන කාලයක් දෙන්න සැලසුම් | COLOMBO (News 1st) - සැප්තැම්බර් මස 30වැනිදායින් පසු කල් පිරී ඇති රියැදුරු බලපත්‍ර සඳහා නව බලපත්‍ර ලබා ගැනීමට සහන කාලයක් ලබා දීම කෙරෙහි රජයේ අවධානය යොමු වී තිබේ. මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් සුමිත් චන්දන මහතා පැවසුවේ, කඩිනමින් අදාළ සහන කාලය ප්‍රකාශයට පත් කරන බවයි. සැප්තැම්බර් 30 ට පෙර කල් පිරුණු රියැදුරු බලපත්‍ර ලබා ගැනීමට මාස තුනක සහන කාලයක් ක්‍රියාවට නංවා ඇතැයි ද ඔහු පෙන්වා දුන්නේය. මේ අතර, රියැදුරු බලපත්‍ර ලබා ගැනීම සඳහාවන ප්‍රායෝගික පරීක්ෂණ පවතින තත්ත්වයන් අනුව, සිදු කිරීමට තීරණය කර තිබේ. මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් සුමිත් චන්දන මහතා පැවසුවේ, කොරෝනා වසංගතයත් සමග ඇතැම් දිස්ත්‍රික්කවල එම කටයුතු නිසි පරිදි සිදුකිරිමට බාධා එල්ල වෙමින් ඇති බවයි. ඒ හේතුවෙන්, ඒ ඒ දිස්ත්‍රික්කවල පවතින තත්ත්වයන් සැලකිල්ලට ගෙන සුදුසු වැඩපිළිවෙළක් සකස් කිරීමේ බලය දිස්ත්‍රික් කොමසාරිස්වරුන් වෙත පවරා ඇතැයි ඔහු සඳහන් කළේය. කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කළේ, දිස්ත්‍රික් ලේකම්වරුන් සමග සාකච්ඡා කර, අදාළ වැඩපිළිවෙළ ක්‍රියාවට නංවන්නැයි දැනුම් දී ඇති බවයි. |
2020-10-12T21:08:43.000Z | දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි | ප්‍රදේශ කිහිපයකට තද වැසි ඇතිවිය හැකියි.. | COLOMBO (News 1st) - බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත් වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත්, විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, නුවරඑළිය, මහනුවර , රත්නපුර , කෑගල්ල, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශ වලට මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවයි. |
2020-10-12T20:58:54.000Z | විදෙස්ගත ධීවරයින් සහ නාවිකයින් සමග සබඳතා නොපවත්වන්නැයි ධීවරයින්ට විශේෂ දැනුම් දීමක් | ධීවරයින්ට විශේෂ දැනුම් දීමක්.. | COLOMBO (News 1st) - ධීවර කටයුතුවල නිරතවීමේදී කිසිදු අවස්ථාවක විදෙස්ගත ධීවරයින් සහ නාවිකයින් සමග සබඳතා නොපවත්වන්නැයි, ධීවර දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. ඒ, පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමිනි. ධීවර දෙපාර්තමේන්තුවේ සෝදිසි මෙහෙයුම් අංශයේ සහකාර අධ්‍යක්ෂ පද්මප්‍රිය තිසේරා මහතා ප්‍රකාශ කළේ, දැනුම් දී ඇති කරුණු උල්ලංඝණය කළහොත්, ඉදිරියේදී ධීවර කර්මාන්තය ආශ්‍රිතව යම් සීමාවන් සිදු කිරීමට සිදුවිය හැකි බවයි. |
2020-10-12T20:38:44.000Z | මිනුවන්ගොඩ කොරෝනා පොකුර 1397ක් දක්වා ඉහළට | මිනුවන්ගොඩ පොකුර 1397ක් දක්වා ඉහළට | COLOMBO (News 1st) - මිනුවන්ගොඩ කොරෝනා පොකුරට අයත් සමස්ත ආසාදිතයින් ගණන 1397 දක්වා ඉහළ ගොස් තිබේ. ඒ තවත් ආසාදිතයින් 90 දෙනෙකු ඊයේ (12) දිනයේදී වාර්තා වීමත් සමගයි. ඒ අනුව මෙරටින් වාර්තාවන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛයාව 4844 කි. |
2020-10-12T19:45:43.000Z | ගෙවුණු දවස උණුසුම් කළ පුවත්… | ගෙවුණු දවස උණුසුම් කළ පුවත්… | දේශීය පුවත් 1. මන්නාරම Lockdown ගම්මාන 2ක් යළි විවෘත කෙරේ : හුදෙකලා (Lockdown) කළ මන්නාරම, පට්ටිටෝට්ටම සහ පෙරියකඩෙයි යන ගම්මාන ඊයේ පස්වරු 6.00 සිට යළි විවෘත කළ බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. 2. කොරෝනා ව්‍යාප්ත වී ඇති ආයතනවලින් නිකුත් කළ නිල දැනුම්දීම්.. : නිවේදනයක් නිකුත් කරමින් NDB බැංකුව පවසන්නේ තම මෙරින් ඩ්‍රයිව් ශාඛාවේ සේවකයෙකුට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බවයි. 3. ”20 සම්මත නොකරන්න..” අමරපුර – රාමඤ්ඤ සාමග්‍රි මහා සංඝ සභාව අවධාරණය කරයි : 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මිනිස් චින්තනයේ නිදහසටත් ක්‍රියාකාරීත්වයටත් බරපතළ ලෙස බාධා කරන නොදියුණු ගෝත්‍රික සමාජයකට ආපසු ගමන් කරන, නීති සම්මතයක් බව තහවුරු වූ හෙයින් එය සම්මත නොකරන ලෙස ආණ්ඩුවට අවධාරණය කිරීමට ශ්‍රී ලංකා අමරපුර, රාමඤ්ඤ සාමග්‍රි මහා සංඝ සභාව තීරණය කර තිබේ. 4.හිටපු ඇමති රවීට සහ ඇලෝසියස්ට සිතාසි : හිටපු අමාත්‍ය රවී කරුණානායකට හා PTL සමූහ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝසියස් යන මහත්වරුන්ට සිතාසි නිකුත් කර තිබේ. විදෙස් පුවත් 5. විද්‍යාගාර තත්ත්වයක් තුළ කොවිඩ් 19 දින 28ක් සක්‍රියව පවතන බවට හෙළිදරව්වක් : විද්‍යාගාර තත්ත්වයක් තුළ කොවිඩ් 19 වෛරසයට දින 28 ක කාලයක් සක්‍රියව පැවතිය හැකිබව නවතම අධ්‍යනයක් හෙළිදරව් කරයි. |
2020-10-12T08:13:19.000Z | මිනුවන්ගොඩ පොකුර: තවත් 51 දෙනෙකුට කොරෝනා | තවත් 51කට කොරෝනා.. | COLOMBO (News 1st ) - මිනුවන්ගොඩ කොරෝනා පොකුරින් තවත් ආසාදිතයින් 51 දෙනකු හඳුනා ගෙන ඇතැයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි. ඔවුන්ගෙන් 15ක් බ්‍රැන්ඩික්ස් සේවක නිරෝධායන මධ්‍යස්ථානවලින් වන අතර 36 දෙනෙකු මිනුවන්ගොඩ පොකුරේ ආශ්‍රිතයින් බව යුද හමුදාපතිවරයා පවසයි. |
2020-10-12T07:31:12.000Z | මන්නාරම Lockdown ගම්මාන 2ක් යළි විවෘත කෙරේ | මන්නාරම Lockdown ගම්මාන 2ක් යළි විවෘත කෙරේ | COLOMBO (News 1st) - හුදෙකලා (Lockdown) කළ මන්නාරම, පට්ටිටෝට්ටම සහ පෙරියකඩෙයි යන ගම්මාන අද පස්වරු 6.00 සිට යළි විවෘත කළ බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. |
2020-10-12T07:23:23.000Z | කොරෝනා ව්‍යාප්ත වී ඇති ආයතනවලින් නිකුත් කළ නිල දැනුම්දීම්.. | ආයතන කිහිපයක ව්‍යාප්ත වූ කොරෝනා.. | COLOMBO (News 1st) - නිවේදනයක් නිකුත් කරමින් NDB බැංකුව පවසන්නේ තම මෙරින් ඩ්‍රයිව් ශාඛාවේ සේවකයෙකුට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බවයි. අදාළ සේවකයා මිනුවන්ගොඩ ප්‍රදේශයේ සිට සේවය සඳහා පැමිණෙන බව එහි සදහන් වේ. තහවුරු කර ගත් ආසාදිතයා සමග සේවා ස්ථානයේ ගනුදෙනු කළ ආශ්‍රිතයින් ද මේ වනවිට ස්වයං නිරෝධායනයට ලක් කර ඇති බව NDB බැංකුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ. මේ අතර කටුනායක සවුත් ඒෂියා ටෙක්ස්ටයිල් ආයතනයේ කළමනාකාරීත්වය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, තම ආයතනයේ සේවකයෙකුට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවයි. එම නිවේදනයේ සඳහන් වූයේ අදාළ පුද්ගලයාගේ පෞද්ගලික රහස්‍යභාවයට ගරුකරමින් ඔහුගේ අනන්‍යතාව හෙළි නොකරන බවයි. පූර්ව සූදානම් පියවරක් ලෙස තම ආයතනයේ සියලු කටයුතු අත්හිටුවා සේවකයින්ගේ PCR පරීක්ෂණ 10 වැනිදා සිට සිදු කිරීමේ ප්‍රතිඵලයක් ලෙස අදාළ සේවකයා ආසාදිත බවට තහවුරු වූ බව අදාළ ආයතනය වැඩිදුරටත් පවසයි. මේ අතර ලංකා විදුලි පෞද්ගලික සමාගමේ 12 දෙනෙකු ද කොරෝනා අසාදිතයින් ලෙස හඳුනාගෙන තිබේ. ඒ, එම ආයතනයේ සේවකයෙකුගේ දියණියක මිනුවන්ගොඩ පොකුරේ ආසාදිතයෙකු බවට තහවුරු වීමෙන් අනතුරුව කළ PCR පරීක්ෂණවලින් පසුවයි. මේ අතර කොළඹ 02, ඔන් 320 මහල් නිවාස සංකීර්ණයේ සංචරණ සීමා කෙරුණේ එහි පුද්ගලයෙකුට ද කොරෝනා ආසාදනය වී ඇතැයි තහවුරුවීමෙන් පසුවයි. හෙල ක්ලෝතින්ග් ඇඟළුම් ආයතනයේ කළමනාකාරීත්වය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ තිහාරියේ පිහිටි තම කර්මාන්ත ශාලාවේ සේවකයෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවයි. අදාළ ආසාදිතයාගේ බිරිඳ මිනුවන්ගොඩ කොරෝනා අසාදිත පොකුරේ අයෙකු බව එහි සඳහන් වේ. |
2020-10-12T07:00:55.000Z | කටුනායක ගුවන්තොටුපළේ ගුවන් භාණ්ඩ මෙහෙයුම් සේවකයෙකුට කොරෝනා | කටුනායක ගුවන්තොටුපළේ සේවකයෙකුට කොරෝනා | COLOMBO (News 1st) - ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ආයතනික සන්නිවේදන අංශය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ, කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ශ්‍රීලංකන් ගුවන් භාණ්ඩ මෙහෙයුම් සේවකයෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇතැයි සනාථ වී ඇති බවයි. ඔහු ගම්පහ දිස්ත්‍රික්කයේ පදිංචිකරුවෙක් බව ද එම ආයතනය පවසයි. වෛරසය වැළඳී ඇති කාර්ය මණ්ඩල සාමාජිකයා සමග රාජකාරි කළ සේවකයින් 50 දෙනෙකු ද PCR පරීක්ෂණවලට ලක් කර ප්‍රතිඵල බලාපොරොත්තුවෙන් සිටින බව ශ්‍රීලංකන් ගුවන් සමාගම නිකුත්කළ නිවේදනයේ සඳහන් වේ. සමාගම සඳහන් කළේ, ආයතනය තුළ වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා රජයේ කොවිඩ් 19 සෞඛ්‍ය ආරක්ෂණ මාර්ගෝපදේශයන්ට අනුව සෑම පියවරක්ම ගෙන ඇති බවයි. |
2020-10-12T06:02:22.000Z | අප්‍රේල් 21 ප්‍රහාරය: රංජිත් මද්දුම බණ්ඩාර ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවට | රංජිත් මද්දුම බණ්ඩාර ජනාධිපති කොමිසම හමුවට | COLOMBO (News 1st) - නීතිය හා සාමය පිළිබඳ හිටපු අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා, අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ සාක්ෂි ලබා දීමට පැමිණ තිබේ. |
2020-10-12T05:44:08.000Z | හිටපු ඇමති රවීට සහ ඇලෝසියස්ට සිතාසි | රවීට සහ ඇලෝසියස්ට සිතාසි | COLOMBO (News 1st) - හිටපු අමාත්‍ය රවී කරුණානායකට හා PTL සමූහ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝසියස් යන මහත්වරුන්ට සිතාසි නිකුත් කර තිබේ. එලෙස සිතාසි නිකුත් කර තිබෙන්නේ නොවැම්බර් 18 වැනිදා කොළඹ මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වමිනි. |
2020-10-12T04:04:14.000Z | ''20 සම්මත නොකරන්න..'' අමරපුර - රාමඤ්ඤ සාමග්‍රී මහා සංඝ සභාව අවධාරණය කරයි | ''20 ප්‍රජාත්නත්‍රවාදයට මරු පහරක්'' | COLOMBO (News 1st) : 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මිනිස් චින්තනයේ නිදහසටත් ක්‍රියාකාරීත්වයටත් බරපතළ ලෙස බාධා කරන නොදියුණු ගෝත්‍රික සමාජයකට ආපසු ගමන් කරන, නීති සම්මතයක් බව තහවුරු වූ හෙයින් එය සම්මත නොකරන ලෙස ආණ්ඩුවට අවධාරණය කිරීමට ශ්‍රී ලංකා අමරපුර, රාමඤ්ඤ සාමග්‍රී මහා සංඝ සභාව තීරණය කර තිබේ. මෙම නිකාය දෙකෙහි මහා ලේඛකාධිකාරී හිමිවරුන් රැස්වී ගනු ලැබු තීරණය දැනුම් දුන්නේ මීට ටික වේලාවකට පෙර අවසන්වූ මාධ්‍ය හමුවේදී ය. https://www.youtube.com/watch?v=zBYNa_4VQms&feature=youtu.be https://www.youtube.com/watch?v=T7bmQTeaihU |
2020-10-12T03:32:27.000Z | මිනුවන්ගොඩ පොකුරෙන් තවත් ආසාදිතයින් 39 ක් | මිනුවන්ගොඩ පොකුරෙන් තවත් ආසාදිතයින් 39 ක් | COLOMBO (News1st) මිනුවන්ගොඩ පොකුරෙන් තවත් කොරෝනා ආසාදිත ආශ්‍රිතයින් 39 දෙනෙකු අද හඳුනා ගැනිණ. ඒ අනුව, මිනුවන්ගොඩ කොරෝනා පොකුරෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1346 කි. අලුතින් හඳුනා ගැණුනු ආසාදිතයින් 39 දෙනාගෙන් 25 දෙනෙක් නිරෝධායන මධ්‍යස්ථානවල සිටි ආශ්‍රිතයින් හෝ කාර්ය මණ්ඩලය සාමාජිකයින් ය. සෙසු 14 දෙනා ආශ්‍රීතයින් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් ගණන 4791 කි. මේ වන විට ආසාදිතයින් 1461 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර සුවය ලැබූ සංඛ්‍යාව 3317 ක් බව සෞඛ්‍යය අමාත්‍යාංශය සඳහන් කළේ ය. |
2020-10-12T03:07:58.000Z | නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල වෙළඳසල් වසා දැමේ | ගම්පහ විවෘත කළ වෙළඳසල් යළි වසා දැමේ | COLOMBO (News 1st) : නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශවල විවෘත කර ඇති සියලු වෙළඳසල් යළි වසා දැමීමට තීරණය කර තිබේ. යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ, ඒ අනුව, හෙට සිට දින තුනක කාලයක් සියලු වෙළඳසල් වසා තැබිය යුතු බවයි. |
2020-10-12T01:18:20.000Z | මිනුවන්ගොඩ පොකුරේ ආසාදිතයින් ගණන 1307ක් දක්වා ඉහළට | මිනුවන්ගොඩ පොකුරේ ආසාදිතයින් ගණන 1307ක් | COLOMBO (News 1st) : මිනුවන්ගොඩ කොරෝනා පොකුරෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1307 ක් දක්වා ඉහළ ගියේ ය. ඒ ඊයේ තවත් ආසාදිතයින් 121 දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි. ඔවුන් සියලු දෙනා මිනුවන්ගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රීතයින් ය. මීට අමතරව විදේශයන්හි සිට පැමිණි තිදෙනෙකු ද කොරෝනා අසාදිතයින් ලෙස හඳුනා ගැනිණ. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් ගණන 4752 කි. මේ වන විට ආසාදිතයින් 1432 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර සුවය ලැබූ සංඛ්‍යාව 3307 ක් බව සෞඛ්‍යය අමාත්‍යාංශය සඳහන් කළේ ය. මේ අතර ආශ්‍රිතයින් හඳුනා ගනිමින් PCR පරීක්ෂණ වෙත යොමු කිරීමේ කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මක බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කළේ ය. |
2020-10-12T00:52:34.000Z | හිටපු ඇමති පාඨලීට එරෙහි නඩු විභාගය දෙසැම්බර් 11 | පාඨලීට එරෙහි නඩු විභාගයට දින නියම වෙයි | COLOMBO (News 1st) : හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනාට එරෙහිව නීතිපතිවරයා පවරා ඇති නඩුවේ සාක්ෂි විභාගය ලබන දෙසැම්බර් 11 වන දා ආරම්භ කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා අද දින නියම කළේ ය. නඩුව පවරා ඇත්තේ 2016 වසරේ පෙරවාරි 28 වැනිදා රාත්‍රීයේ රාජගිරිය ප්‍රදේශයේදී තරුණයෙකු රිය අනතුරකට ලක්කර බරපතළ තුවාල සිදු කිරීමට අදාළ සිද්ධිය සම්බන්ධයෙනි. විනිසුරුවරයා එහිදී නියෝග කරනු ලැබුවේ, එදින සාක්ෂි ලබාදීම සඳහා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස පැමිණිල්ලේ සාක්ෂිකරුවන් 5 දෙනෙකුට සිතාසි නිකුත් කරන ලෙසයි. පාඨලී චම්පික රණවක මහතා පැදවූ බව කියන ජීප් රථය එදින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ද මහාධිකරණ විනිසුරුවරයා එහිදී විදුලි බල හා බලශක්ති අමාත්‍යංශයේ ලේකම්වරයාට නියෝග කළේ ය. පාඨලී චම්පික රණවක මහතාට අමතරව එම නඩුවේ දෙවැනි හා තෙවැනි විත්තකරුවන් වන තුසිත දිලුම් කුමාර හා සහකාර පොලිස් අධිකරී සුදත් අස්මඩල යන මහත්වරු ද අද දින අධිකරණය හමුවේ පෙනී සිටියහ. https://www.youtube.com/watch?v=RezxTRwZDTY&feature=youtu.be |
2020-10-12T00:35:45.000Z | නාකොටික් නිලධාරීන් 13දෙනා යළි රක්ෂිත බන්ධනාගාරයට | නාකොටික් නිලධාරීන් 13 දෙනා යළි රිමාන්ඩ් | COLOMBO (News 1st) : මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමේ චෝදනා යටතේ සැකපිට අත්අඩංගුවට ගත් පොලිස් මත්ද්‍රව්‍ය නාෂක කාර්යංශයේ පොලිස් නිලධාරීන් 13 දෙනා ලබන 26 වන දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඩ් මිහාර් මහතා අද නියෝග කළේ ය. එම පොලිස් නිලධාරීන් ඇතුළු මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පාතාල කල්ලි නායකයෙකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ද වන ජනිත් මධුශංඛ ද සිල්වා හෙවත් පොඩි ලැසී නමැත්තාට අයත් පිස්තෝලයක් සඟවා තිබියදී සොයා ගැනීමට CID යට හැකි වී ඇතැයි ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලිප පිරිස් මහතා අධිකරණයට පෙන්වා දුන්නේ ය. ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දිලිප පිරිස් මහතා අධිකරණයට පෙන්වා දුන්නේ එහි විමර්ශන සඳහා පොඩි ලැසී නමැත්තාව රැඳවුම් නියෝගයක් මත රඳවාගෙන ප්‍රශ්න කරන බවයි. එමෙනේම ඒ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන මේ වන විට රැඳවුම් නියෝග මත රඳවා සිටින පොලිස් පරීක්ෂක සමන් වසන්ත කුමාර නමැත්තා විසින් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් රුපියල් 11 ලක්ෂ 45,000 ක් අඩංගු බෑගයක් සොයා ගැනීමට විමර්ශන නිලධාරීන් සමත් වී ඇතැයි, නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා එහිදී අධිකරණයට පෙන්වා දුන්නේ ය. නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට වැඩිදුරටත් පෙන්වා දුන්නේ අදාළ එම පොලිස් පරීක්ෂකවරයා ඔහු යටතේ සේවය කළ පොලිස් සැරයන්වරයෙකුගේ නිවසේ එම මුදල් බෑගය තබා කඩවත පොලීසියට භාරවී තිබූ බවයි. |
2020-10-12T00:17:21.000Z | නිරෝධායන ඇඳිරි නීතිය කැඩූ 19ක් අත්අඩංගුවට | නිරෝධායන ඇඳිරි නීතිය කැඩූ 19ක් අත්අඩංගුවට | COLOMBO (News 1st) : ගතවූ පැය 24 තුළ නිරෝධායන ඇඳිරි නීතිය කඩ කළ පුද්ගලයින් 19 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. මේ අතර ඔහු සඳහන් කළේ, අද පැවැත්වෙන අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින ශිෂ්‍ය ශිෂ්‍යාවන් නියමිත සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය කරමින් විභාගය සඳහා පෙනී සිටිය යුතු බවයි. |
2020-10-11T23:57:32.000Z | හිටපු ජනපති 21 ප්‍රහාරය ගැන විමසන ජනපති කොමිසම හමුවට | හිටපු ජනපති මෛත්‍රී ජනපති කොමිසම හමුවට | COLOMBO (News 1st) : හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අප්‍රේල් 21 ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිෂණ් සභාව හමුවට අද පැමිණියේ ය. ඒ දෙවන දිනටත් කොමිසම හමුවේ සාක්ෂි ලබාදීම සඳහායි. මීට අමරතරව අද දිනයේදී නීතිය හා සාමය පිළිබඳ හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා ද කොමිසම හමුවේ පෙනී සිටිමට නියිමිතයි. https://www.youtube.com/watch?v=2tSDNWxgzhY&feature=youtu.be |
2020-10-11T21:46:26.000Z | විද්‍යාගාර තත්ත්වයක් තුළ කොවිඩ් 19 දින 28ක් සක්‍රියව පවතන බවට හෙළිදරව්වක් | කොවිඩ් 19 ගැන නවතම හෙළිදරව්වක් | COLOMBO (News 1st) - විද්‍යාගාර තත්ත්වයක් තුළ කොවිඩ් 19 වෛරසයට දින 28 ක කාලයක් සක්‍රියව පැවතිය හැකිබව නවතම අධ්‍යනයක් හෙළිදරව් කරයි. එම පර්යේෂකයන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ මුදල් නෝට්ටු , ජංගම දුරකථන තිර සහ මළ නොබැඳෙන වානේ ස්ථර මත ද මෙම වෛරසයට එතරම් දීර්ඝ කාලයක් පැවතිය හැකි බවයි. මේ අනුව අපේක්ෂා කලාට වඩා වැඩි කාලයක් සාර්ස් - කෝව් - ටූ වෛරසයට රඳා පැවතිය හැකි බව ඕස්ට්‍රේලියානු ජාතික විද්‍යා ඒජන්සියේ පර්යේෂකයෝ පෙන්වා දෙති. කෙසේ වෙතත් මෙම පරීක්ෂණය අඳුරු පරිසරයක් තුළ පවත්වා ඇති අතර පාර්ජම්බුල කිරණවලට මෙම වෛරසය විනාශ කළ හැකි බව මීට පෙර තහවුරු කෙරිණ. මේ අතර ඇතැම් විශේෂඥයන් මෙලෙස පෘෂ්ඨ මතින් වෛරසය ආසාදනය වීමේ අවදානම පිළිබඳ සැක පළකර තිබේ. කොරෝනා ව්‍යාප්තිය වැඩි වශයෙන් සිදුවන්නේ ආසාදිතයන් කැසීම , කිවිසුම් ඇරීම හෝ කථාකරන විටයි. කෙසේ වෙතත් වායු අංශු මගින් ද මෙම වෛරසය ව්‍යාප්ත විය හැකි බව මීට පෙර තහවුරු කර තිබිණ. වෛරසය පවතින ලෝහ හෝ ප්ලාස්ටික් පෘෂ්ඨ ස්පර්ශයෙන් එය ආසාදනය විය හැකි බව අමෙරිකාවේ රෝග පාලනය පිලිබඳ මධ්‍යස්ථාන පැවසු නමුත් එවැනි අවස්ථා දුර්ලභ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය. |
2020-10-11T21:31:23.000Z | පොලිස් බල ප්‍රදේශ 18 කට තවදුරටත් නිරෝධායන ඇඳිරි නීතිය | බල ප්‍රදේශ 18 කට තවදුරටත් නිරෝධායන ඇඳිරි නීතිය | COLOMBO (News 1st) : ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශ 18 කට පැනවූ නිරෝධායන ඇඳිරි නීතිය නැවත දැනුම් දෙනතුරු ක්‍රියාත්මකයි. ගම්පහ කොට්ඨාසයේ ගම්පහ, ගනේමුල්ල, කිරිඳිවැල, දොම්පේ, මල්වතුහිරිපිටිය, මීරිගම, නිට්ටඹුව, පූගොඩ, වේයන්ගොඩ, මිනුවන්ගොඩ, වීරගුල, වැලිවේරිය, පල්ලෙවෙල හා යක්කල නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති පොලිස් බල ප්‍රදේශයි. කැලණිය කොට්ඨාසයේ ජා-ඇල සහ කඳාන පොලිස් බල ප්‍රදේශවලට, මීගමුව කොට්ඨාසයේ දිවුලපිටිය පොලිස් බල ප්‍රදේශයට හා සීදූව පොලිස් බල ප්‍රදේශයටත් නැවත දැනුම් දෙන තුරු නිරෝධායන ඇදිරි නීතිය ක්‍රියාත්මකයි. |
2020-10-11T21:27:29.000Z | ඖෂධ නිවෙස් වෙත බෙදා හැරීම යළි හෙට සිට | ඖෂධ නිවෙස් වෙත බෙදා හැරීම යළි හෙට සිට | COLOMBO (News 1st) : රජයේ රෝහල්වල සායනවලින් ප්‍රතිකාර ලබාගන්නා රෝගීන්ගේ ඖෂධ නිවෙස් වෙත ලබාදීමේ වැඩසටහන හෙට සිට ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. එම අමාත්‍යංශය පැවසුවේ, වර්තමානයේ රට තුළ පවතින කොරෝනා ව්‍යාප්තිය හමුවේ නිධන්ගත රෝග සහිත වයස්ගත ජන කොටස් රෝහල් සායන වෙත පැමිණීම සුදුසු නොවන බවයි. රෝහල් සායනවල පවතින අධික තදබදය හේතුවෙන් රෝගීන් වෙත මෙම රෝගය පහසුවෙන් බෝවිය හැකි බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. ඒ අනුව සායනික ඖෂධ හෙට සිට නිවෙස් වෙත ලබාදීමට වැඩපිළිවෙළක් සකස් කරමින් සිටින බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ ය. ගම්පහ හා කොළඹ දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමින් මෙම වැඩසටහන ආරම්භ කෙරෙනු ඇති. |
2020-10-11T21:02:38.000Z | ලාංකිකයින් ගෙන්වා ගැනීම තාවකාලිකව අත්හිටුවයි | විදෙස්ගත ලාංකිකයින් ගෙන්වා ගැනීම අත්හිටුවයි | COLOMBO (News 1st) : විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් දිවයිනට ගෙන්වා ගැනීම තාවකාලිකව අත්හිටුවා තිබේ. ඒ රට තුළ පවතින කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙනි. විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසුවේ, ක්‍රියාත්මක නිරෝධායන මධ්‍යස්ථාන සහ කොරෝනා රෝගින්ට ප්‍රතිකාර කරන රෝහල්වල පවතින ඉඩ කඩ සිමා සහිත වී ඇති බැවින් එම පියවර ගත් බවයි. ඒ අනුව මෙරටට පැමිණීමට නියමිතව තිබූ ගුවන් යානා රැසක කාල සටහන් සුදුසු පරිදි සංශෝධනය කිරීමට පියවර ගන්නා බව එම අමාත්‍යාංශය සඳහන් කළේ ය. විදේශ කටයුතු අමාත්‍යංශය වැඩිදුරටත් පැවැසුවේ, රට තුළ පවතින වාතාවරණය සමතයකට පත් වූ සැනින් විදෙස්ගත ලාංකිකයින් මෙරටට ගෙන්වා ගැනීමට සැලසුම් කර ඇති බවයි. |
2020-10-11T20:46:37.000Z | උසස් පෙළ විභාගය අදින් ඇරඹේ | උසස් පෙළ විභාගය අදින් ඇරඹේ | COLOMBO (News 1st) : 2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අදින් ඇරඹේ. විභාග කොමසාරිස් ජනරාල් සනත් පුජිත මහතා පැවසුවේ, මධ්‍යස්ථාන 2648 කදී අයදුම්කරුවන් 3 62, 824 දෙනෙකු මෙවර විභාගයට පෙනී සිටීමට නියමිත බවයි. විභාග දෙපාර්තමේන්තුවට අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ සිට වෙනත් ප්‍රදේශවල විභාග මධ්‍යස්ථානවල විභාගයට පෙනී සිටින සිසුන් යොමු කළ යුතු විභාග මධ්‍යස්ථාන මෙසේයි. ගනේමුල්ලේ පදිංචි සිසුන් - බුළුගහගොඩ ශ්‍රී විජය මහා විද්‍යාලය යක්කල, වීරගුල සහ ගම්පහ පදිංචි සිසුන් - මිරිස්වත්ත කැප්පෙට්ටිපොළ මහා විද්‍යාලයට කිරිඳිවැල පදිංචි සිසුන් - කිරිඳිවැල මහා විද්‍යාලය වැලිවේරිය සහ මල්වතුහිරිපිටියේ පදිංචි සිසුන් - වැලිවේරිය මද්දුම බණ්ඩාර මහා විද්‍යාලය දොම්පේ සහ පූගොඩ පදිංචි ගම්පහ දිස්ත්‍රික්කයෙන් පිටත විභාග මධ්‍යස්ථානයකදී විභාගයට පෙනී සිටීමට නියමිත සිසුන් - දොම්පේ සියනෑ ජාතික පාසල නිට්ටඹුව සහ වේයන්ගොඩ පදිංචි සිසුන් - නිට්ටඹුව බෞද්ධ විද්‍යාලය මීරිගම සහ පල්ලෙවෙල පදිංචි උසස් පෙළ සිසුන් - කල්එළිය සිරි විද්‍යාකීර්ති කනිෂ්ඨ විද්‍යාලය මිනුවන්ගොඩ සිසුන් - කොටුගොඩ රාහුල මහා විද්‍යාලය දිවුලපිටියේ සිසුන් - දූනගහ රණසිංහ මහා විද්‍යාලය සීදූවේ සිසුන් - මූකලන්ගමුව බණ්ඩාරනායක මහා විද්‍යාලය ජා - ඇල සහ කඳාන පදිංචි සිසුන් - දෙහියාගාත හෝලි රොසරි විද්‍යාලය මේ අතර විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා පැවසුවේ, පවතින තත්ත්වය හේතුවෙන් විභාග මධ්‍යස්ථාන තුළ සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද ක්‍රියාත්මක බැවින් සියලු අපේක්ෂකයින් පෙරවරු 7.30 වන විට විභාග මධ්‍යස්ථානවලට පැමිණිය යුතු බවයි. මේ අතර අද ආරම්භ වන අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන් වෙනුවෙන් විභාග දෙපාර්තමේන්තුව විසින් තවත් උපදෙස් මාලාවක් නිකුත් කර තිබේ. විභාග අපේෂකයින් සිය අනන්‍යතාවය තහවුරු කිරීම සඳහා, විභාග ප්‍රවේශ පත්‍රය සමග ජාතික හැඳුනුම්පත, වලංගු විදේශ ගමන් බලපත්‍රය හෝ වලංගු රියදුරු බලපත්‍රය ඉදිරිපත් කළ යුතුයි. පැය තුනක කාලයක් වෙන්කර ඇති විභාග ප්‍රශ්න පත්‍රවල, ප්‍රශ්න තෝරා ගැනීම සඳහා අතිරේක විනාඩි 10 ක් හිමිවන බව එම උපදෙස් මාලාවේ සඳහන් ය. සටහන් ළඟ තබාගෙන පිළිතුරු සැපයීම, වෙනත් අයගෙන් උදව් ලබාගැනීම හා උදව් දීම්, අයදුම්කරු වෙනුවට වෙනත් අයෙකු වංචනික ලෙස පෙනී සිටීම යන වැරදිවලට විභාග පනත යටතේ දඬුම් ලැබිය හැකි බව ද විභාග දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි. එම නිවේදනයට අනුව, අපෙක්ෂකයින් ස්මාර්ට් අත්ඔරලෝසු, ජංගම දුරකථන හා අවසර නොලත් විද්‍යුත් උපකරණ භාවිතය ද තහනම් ය. ඉහත වැරදි සිදුකරන විභාග අපේක්ෂකයින්ට වසර 5 ක් යනතුරු ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් පවත්වන සියලු විභාගවලට පෙනී සිටීම තහනම්වේ . එමෙන් ම එම වැරදි සිදුකළේ නම්, මෙවර විභාගයේ ප්‍රතිඵල අත්හිටුවන බව ද එම නිවේදනයේ දැක්වේ. එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ කොවිඩ් 19 ව්‍යාප්ති තත්ත්වය හේතුවෙන් හෝ වෙනත් රෝගී තත්ත්වයක් හේතුවෙන් ඇතිවිය හැකි හදිසි අවස්ථාවන් සඳහා අවශ්‍ය කටයුතු සිදුකිරීමට සෞඛ්‍ය අංශ, ත්‍රිවිද හමුදාව, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය හා ආරක්ෂක අමාත්‍යංශය ද මේ වනවිට දැනුම්වත් කර ඇති බවයි. මේ අතර කොරෝනා ව්‍යාප්තියත් සමග උසස් පෙළ විභාග මධ්‍යස්ථානයන්හි පහසුකම් සැපයීමේ කටයුතු සම්බන්ධීකරණය කිරීම සඳහා ස්ථාන භාර අතිරේක ශාලාධිපතිවරයෙකු පත්කර ඇතැයි, විභාග දෙපාර්තුමේන්තුව පවසයි. විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ, විභාග මධ්‍යස්ථානයන්හි පහසුකම් සැපයීමේ කටයුතු සම්බන්ධීකරණය කිරීම, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි සමග සම්බන්ධවී විභාග මධ්‍යස්ථාන පරිශ්‍ර තුළ විෂබීජහරණ කටයුතු හා අවශ්‍ය සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද සිදුකිරීමේ කටයුතු සඳහා අදාළ ස්ථාන භාර අතිරේක ශාලාධිපතිවරයා පත්කර ඇති බවයි. ඒ සඳහා පත්කර ඇත්තේ, විභාග මධ්‍යස්ථානවලට අදාළ විදුහල්වල විදුහල්පති, නියෝජ්‍ය විදුහල්පති හෝ ජ්‍යෙෂ්ඨ ගුරුවරයෙකි. මේ අතර උසස් පෙළ විභාගයට පෙනී සිටින සියලු අයදුම්කරුවන්ගේ ප්‍රවේශපත්‍ර මේ වන විටත් තැපැල්කර ඇතැයි, විභාග කොමසාරිස් ජනරාල්වරයා පැවසී ය. විභාග කොමසරිස් ජනරාල්වරයා පැවසුවේ පාසල් අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍ර විදුහල්පත්වරුන් වෙත ද පෞද්ගලික අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍ර ඔවුන්ගේ අයදුම්පතෙහි සඳහන් ලිපින වෙත ද තැපැල්කර යවා ඇති බවයි. කෙසේ වෙතත් මේ වන තෙක් ප්‍රවේශපත්‍ර නොලද අයදුම්කරුවන් වෙතොත් අදාළ ප්‍රවේශ පත්‍රය, සිය ජාතික හැඳුනුම්පත් අංකය භාවිත කර, විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk වෙත පිවිස භාගත කර ගැනීමේ පහසුකම් සලසා තිබේ. |
2020-10-11T10:23:54.000Z | මිනුවන්ගොඩ පොකුරේ තවත් 60කට කොරෝනා | තවත් 60 දෙනෙකුට කොරෝනා | COLOMBO ( News 1st ) : මිනුවන්ගොඩ කොරෝනා පොකුරින් තවත් ආසාදිතයින් 60 දෙනකු හඳුනා ගෙන ඇතැයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි. ඔවුන්ගෙන් 48ක් නිරෝධායන මධ්‍යස්ථානවලින් වන අතර 12 දෙනෙකු ආශ්‍රිතයින් බව යුද හමුදාපතිවරයා පවසයි. |
2020-10-11T11:15:59.000Z | ශානි අබේසේකරගේ ක්‍රියාවන් නිසා යහපාලනයේදී බුද්ධි අංශය අඩපණ වුණා | ශානි අබේසේකර ගැන හෙළිදරව්වක් | COLOMBO ( News 1st ) : අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා ප්‍රමුඛ නිලධාරීන්ගේ ක්‍රියාකලාපය නිසා යහපාලන ආණ්ඩු සමයේදී රාජ්‍ය බුද්ධි අංශය සම්පූර්ණයෙන් අඩපණ වී බුද්ධි ක්‍රියාන්විත ඇණහිට තිබු බව යුද හමුදා බුද්ධි අංශයේ බලලත් නිලධාරී කනිෂ්ක ගුණරත්න මහතා ඊයේ ප්‍රකාශ කළේ ය. ඔහු එසේ පැවසුවේ දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ සාක්ෂි දෙමින් ය. මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීම සම්බන්ධයෙන් විමර්ශනය කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ව්‍යාජ සාක්ෂි නිර්මාණය කරමින් තමා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කළ බවට යුද හමුදා බුද්ධි අංශයේ බලලත් නිලධාරී කණිෂ්ක ගුණරත්න මහතා දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයා බලන ජනපති කොමිසමට පැමිණිලි කර තිබේ. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් යහපාලන ආණ්ඩු සමයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බුද්ධි අංශ නිලධාරීන් 300 දෙනෙකුගෙන් පමණ ප්‍රශ්න කර ඇති බවද ඔහු කියා සිටියේ ය. ඒ තුළින් රාජ්‍ය බුද්ධි අංශය ඇණහිටි බවත් අප්‍රේල් 21 ප්‍රහාරයට මග පෑදුණු බවත් ගුණරත්න මහතා ප්‍රකාශ කළේ ය. ඔහු වැඩිදුරටත් පැවසුවේ ශානි අබේසේකර මහතාට අමතරව පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතාද තමා අමතා ප්‍රගීත් එක්නැලිගොඩ පැහැර ගැනීම සම්බන්ධයෙන් අසත්‍ය සාක්ෂි ලබාදෙන්නැයි දිගින් දිගටම බලපෑම් කළ බවයි. එම නිලධාරින් තමා අමතා ''නිකං බොරුවට අමාරුවෙ වැටෙන්න එපා. එක්නැලිගොඩ තමන් සමග කොළඹ සිට ගිරිතලේ යුද හමුදා කඳවුරට ගොස් පසුව අක්කරේපත්තුව ට රැගෙන ගිය බව කියන්න , හිටපු ආරක්ෂක ලේකම් වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි කර්නල් ෂම්මි කුමාරරත්න විසින් එක්නැලිගොඩ පැහැරගත් බව කියන්න'' යනුවෙන් තමන්ට දැනුම් දුන් බවයි. අසත්‍ය පැවසීමට නොහැකි යැයි තමා සඳහන් කිරීමෙන් පසු උරණ වූ එම නිලධාරින් තමා සම්බන්ධයෙන් කිසිදු පරීක්ෂණයක් නොකර ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ 296 වගන්තියෙන් සඳහන් වන මිනීමැරුම් චෝදනා යටතේ හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපත් කළ බවත්, පසුව මාස 8කට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාරගතව සිටි බවත් ගුණරත්න මහතා සඳහන් කළේ ය. ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳ ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ගොස් ද්වේශ සහගතව ශ්‍රී ලංකා හමුදාව සම්බන්ධයෙන් අසත්‍ය සාක්ෂි ලබා දී ඇති බවත් එල්.ටී.ටී.ඊ.යට සම්බන්ධ එන්.ජී.ඕ උපකාර ඇතිව ඔවුන් එය කළේ හමුදාව අඩපණ කර ජාත්‍යන්තරය ඉදිරියේ ශ්‍රී ලංකාව අපකීර්තියට පත් කිරීමට බවත් එය මාස්ටර් ප්ලෑන් එකක ප්‍රතිඵලයක් බවත් ඔහු වැඩිදුරටත් පැවසුවේ ය. කරුණු සලකා බැලූ කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා දැනට බන්ධනාගාරගතව ශානි අබේසේකර, උප පොලිස් පරීක්ෂක ප්‍රේමතිලක , සැරයන් මෙන්ඩිස් සහ පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා යන නිලධාරීන් වගඋත්තරකරුවන් ලෙස නම් කර ලබන 13 වැනිදා කොමිසම හමුවේ පෙනී සිටින්නැයි දන්වා නොතිසි නිකුත් කළේ ය. |
2020-10-11T09:45:32.000Z | මිනුවන්ගොඩ පොකුර ආශ්‍රිතව තවත් ආසාදිතයින් 61ක් හඳුනා ගනී.. | මිනුවන්ගොඩ පොකුර 1247ක් දක්වා ඉහළට | COLOMBO ( News 1st ) : මිනුවන්ගොඩ කොවිඩ් පොකුර ආශ්‍රිතව තවත් ආසාදිතයින් 61ක් හඳුනා ගෙන ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඒ අනුව, ආසාදිතයින් 39ක් ආශ්‍රිතයන් හෝ කාර්ය මණ්ඩලය වන අතර තවත් 22ක් ආශ්‍රිතයින් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. මිනුවන්ගොඩ පොකුරේ ආසාදිතයින් සංඛ්‍යාව මේ වනවිට 1247 දක්වා ඉහළ ගොස් තිබේ. |
2020-10-11T10:00:31.000Z | අමෙරිකානු තානාපති කාර්යාලයේ නිලධාරීන් පිරිසක් හම්බන්තොට වරායට ගියේ ඇයි? | අ. තානාපති නිලධාරීන් පිරිසක් හම්බන්තොට වරායට | COLOMBO ( News 1st ) : අපේ පුංචි රට ශ්‍රී ලංකාව ලෝකයේම කේන්ද්‍රයක් විදිහට වැදගත්ම රටකි. අපේ රටේ පිහිටීම නිසාම අපට ලැබිලා තියෙන මේ වැදගත්කම හේතුවෙන් ලෝක බලවතුන්ගේ උකුසු ඇසට නිරන්තරයෙන් ලක්වෙලා තියෙන රටකි. මේ තත්ත්වය අපේ රටේ ස්වෛරීත්වයටත් බලපෑම් එල්ල වෙන තරම් ප්‍රබලයි. රටක් විදිහට අපි රටේ ජනතාව මේ ගැන නිරන්තරයෙන් අවදානයෙන් සිටිය යුතු මේ නිසයි. මෙරට අමෙරිකානු තානාපති කාර්යාල නිලධාරීන් පිරිසක් චීනයට අයිතිය පවරාදුන් හම්බන්තොට වරායේ සංචාරයක නිරත වීම ගැන අපි මීට පෙර වාර්තා කළෙමු. කොළඹ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක නිලධාරීන් පිරිසක් ඊයේ හම්බන්තොට ජාත්‍යන්තර වරායේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය. තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශකයින් හා තවත් නියෝජිතයින් දෙදෙනෙක් මෙම සංචාරයට එක්ව සිටියහ. මෙහිදී හම්බන්තොට වරායේ ප්‍රධාන විධායක නිලධාරී කපිතාන් රවී ජයවික්‍රම මහතා හා හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරි තිස්ස වික්‍රමසිංහ යන මහත්වරුන් හමුවු බව සඳහන් ය. අමෙරිකානු තානාපති කාර්යාල නිලධාරීන්ගේ මෙම සංචාරය සිදුවූයේ චීනයේ ඉහළ පෙළේ දූත පිරිසක් ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා හා අග්‍රාමාත්‍යවරයා අතර සාකච්ඡා පැවැත්වෙන පසුබිමක ය. |
2020-10-11T07:56:33.000Z | මන්නාරම ගම්මාන 2ක් Lockdown කරයි | මන්නාරම ගම්මාන 2ක් Lockdown කරයි | COLOMBO ( News 1st ) : මන්නාරම, පට්ටිටෝට්ටම සහ පෙරියකඩෙයි යන ගම්මාන නැවත දැනුම් දෙනතුරු හුදෙකලා (Lockdown) ගම්මාන ලෙස නම් කර ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි. |
2020-10-11T07:46:06.000Z | කොරෝනා ආසාදිතයින් ක්ෂණිකව ඉහළ යාමෙන් අදහස් වන්නේ සමාජ පැතිරීමක්ද? | ආසාදිතයින් ඉහළ යාම සමාජ පැතිරීමක්ද ? | COLOMBO ( News 1st ) : ආසාදිතයින් ක්ෂණිකව ඉහළ යාමෙන් අදහස් වන්නේ සමාජ පැතිරීමක්ද ? වැඩබලන සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා මේක බලාපොරොත්තු වෙන තත්ත්වයක් . බැලුවාම පේනවා අති විශාල සංඛ්‍යාවක් එකවර දකිනවා . ඊට පස්සේ බලාපොරොත්තු රහිත ප්‍රමාණයකට පහළට බහිනවා එහෙමත් නැත්තම් ආය යම් ප්‍රමාණයකට ඉහළට නගිනවා . මේක වෙන්න හේතුව තමයි යම් කෙනෙකුගෙන් රෝගය බෝ වුණාම මුලදී අපි මේ පොකුර හඳුනා ගන්නකොට ආසන්නයෙන් ඉන්න සියලු දෙනාම ඒ අදාළ අයගේ PCR පරීක්ෂණ කරපුවාම ඒ සියල්ලම හමුවෙනවා. ඊට පහුවදා කරන ඊළඟ ආශ්‍රිතයින්ට වෛරසය ශරීර ගතවී තිබුණත් PCR පරීක්ෂණයික් ඊළඟට හෙළිවෙන්නේ ටිකක් දවස් කිහිපයකට පස්සේ අපට අවසානයේදී මේක රෝගීන් හමුවන්නේ ටිකක් ප්‍රමාද වෙලා. ඒ නිසා ඉදිරි සමහරවිට සති කිහිපයක් මාසෙකට වැඩිය අනිවාර්යෙන්ම ගත වෙනවා. ඒ කාලසීමාව තුළ මේක අඩු වැඩි වශයෙන් රෝගීන් හමුවීම වෙනවා. මෙවර වර්තා වෙන කොරෝනා වෛරස් කාණ්ඩය දැඩි ආක්‍රමණශීලී බවක් දක්වනවාද ? වැඩබලන සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා අපි පිළිගන්නවා මේ වෛරසයේ හැසිරීම අනිත් අයට වඩා පොඩ්ඩක් වෙනස් බව හැබැයි මේ මොහොත වෙනකොට ඒක වෙනත් වෛරස් වර්ගයක්ද වෛරසයේ ආක්‍රමණශිලී බව අඩු වැඩිවීමක්ද කියන එක පිළිබඳව ක්ෂුද්‍රජීවි විශේෂඥයින් විසින් කරන පරීක්ෂණවලින් අපට දැනුම් දෙන්න ඕන මේ මොහොත වෙනකොට අපට ඒ පිළිබඳව ස්ථිර තොරතුරු ලැබිලා නෑ. කැලණි සරසවියෙන් ආසාදිතයෙක් ? කැලණිය විශ්වවිද්‍යාලයේ සිසුවියෙකුටත් කොරෝනා ආසාදනය වී තිබේ. ඇය සමාජ විද්‍යා පීඨයේ ඉගෙනුම ලබන සිසුවියකි. හොරණ රෝහලේ නවතම තත්ත්වය ? හොරණ මුලික රෝහලේ වාට්ටු අංක 5 වසා දමා ඇති අතර වාට්ටු අංක නමය හුදකලා කිරීමට සිදූවූයේ හෙද නිලධාරිනියක ආසාදිතයෙකුවීම හේතුවෙනි. කෙසේ වෙතත් එම රෝහල භාර වෛද්‍ය අධිකාරී අයන්ති ජයවර්ධන මහත්මිය සඳහන් කළේ, එම නිලධාරිනියගේ පළමු පෙළ ආශ්‍රිතයින් සියලුදෙනාම අසාදිතවී නොමැති බවට පී.සී.ආර් වාර්තාවලින් සනාථ වූ බවයි. අයෝජන කලාපවලින් ආශ්‍රිතයින් වාර්තාවීම ඉහළ යෑමේ අවදානමක් තිබේද ? වැඩබලන සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා කර්මාන්ශාලා ආශ්‍රිතව තියන දේ පාලනය කිරීම වඩාත්ම පහසු තත්ත්වයකින් තියනවා මොකද අපි දන්නවා දැන් ප්‍රශ්නයක් තියනවා කියලා මේක වෙනදාටත් වඩා හොඳ පාලනයකින් යුතුව මේකට මුහුණ දෙන්න අපට පුළුවන්කම තියනවා. බය නැතුව අපට කියන්න පුලුවන් තත්ත්වය පාලනය කිරීමට පුළුවන් තත්ත්වයකයි තියෙන්නේ . තාවකාලිව සීමා පැනවූ යාපනයේ දූපත්වල තත්ත්වය ? කොරෝනා ආසාදියන් බවට සැක සහිත පුද්ගලයින් දෙදෙනෙකු හමුවූ අනලෙයිතිව් සහ කාරෙයි නගර් දූපත් සඳහා බල පැවැත්වූණු සීමා අද සිට ඉවත් කර තිබේ. ඒ අදාළ පුද්ගලයින් දෙදෙනා ආසාදිතයින් නොවන බවට තහවුරුවීමත් සමගයි දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට PCR පරීක්ෂණ ? වෛරසය ආසාදිත බව හඳුනා ගැනීමට පෙර ආසදිත පුද්ගලයින් දෙදෙනෙකු දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට පැමිණ වෙළෙඳසැල් 80 කට ගමන් කර තිබේ. මේ හේතුවෙන් පසුගිය 4 වැනිදා ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳසැල්වල සිටි පුද්ගලයින් හා ඊට පැමිණෙන ගොවීන් සඳහා අද PCR පරීක්ෂණ සිදුකෙරුණු අතර විෂබීජ හරණයක් සිදු කෙරිණි. ඒ , දඹුල්ල පොලීසිය , ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳ සංගමය හා දඹුල්ල මහ නගර සභාවේ දායකත්වයෙනි. |
2020-10-11T06:59:01.000Z | චීනයෙන් ශ්‍රී ලංකාවට රුපියල් බිලියන 16.5ක වටිනාකමින් යුත් යුවාන් මිලියන 600ක ප්‍රදානයක් | චීනයෙන් ශ්‍රී ලංකාවට රු. බිලියන 16.5ක ප්‍රදානයක් | COLOMBO (News 1st): මහජන චීන සමුහාණ්ඩුව විසින් ශ්‍රී ලංකාවට යුවාන් මිලියන 600ක (ශ්‍රී ලංකා රුපියල් බිලියන 16.5) මුදලක් ආධාර වශයෙන් ලබා දී තිබෙන බව මෙරට චීන තානාපති කාර්යාලය නිවේදනයක් නිතුක් කරමින් පවසයි. මෙලෙස ලබා දුන් ආධාර මුදල පශ්චාත්-කොවිඩ් කාලය තුළ ග්‍රාමීය පළාත්වලට වෛද්‍යය පහසුකම් ලබා දීම, අධ්‍යාපනය සහ ජල සම්පාදනය ආදී මූලික කාරණාවලට භාවිතා කිරීමට දෙපාර්ශවය එකඟ වී තිබෙන බව ද එම නිවේදනයේ දැක්වේ. මේ අතර චීනයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 500 ක සහන ණයක් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාව ගිවිසුමක් අත්සන් කරන බව, සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කළේය. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ චීන දූත පිරිස අතර පැවති සාකච්ඡාවලදී මෙම කටයුතු අවසන් කර ඇති බව එම පුවත්පතේ දැක්වේ. භාණ්ඩාගාර නිලධාරීන් පැවසුවේ වසර 10 ක කාලයක් තුළ ණය ආපසු ගෙවීමට නියමිතව ඇති බවය. ඒ අනුව, අදාල සහන ණය බොහෝ දුරට කෝවිඩ් තත්ත්වය හේතුවෙන් බලපෑමට ලක්ව ඇති ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම සඳහා යොදා ගැනීමට ඉඩ ඇති බව සඳහන් වේ. https://youtu.be/73vLhycjgC8 |
2020-10-11T06:25:17.000Z | 27 වැනිදා හදිසියේ මෙරටට එන අමෙරිකානු රාජ්‍ය ලේකම් | 27 වැනිදා හදිසියේ මෙරටට එන අමෙරිකානු රාජ්‍ය ලේකම් | COLOMBO (News 1st): ඉන්දීය සංචාරයක් අතරතුර කළින් සැලසුම් නොකළ සංචාරයක් ලෙස අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මෙරටට පැමිණීමට නියමිත බව විදේශ අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා උපුටා දක්වමින් සන්ඩේ ටයිම්ස් පුවත්පතට වාර්තා කළේ ය. පුවත්පත් වාර්තාවේ දැක්වෙන්නේ, මයික් පොම්පියෝ ලබන 27 වැනිදා දිවයිනට පැමිණීමට නියමිත බවයි. අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ පසුගිය වසරේදී මෙරටට පැමිණීමට නියමිතව තිබුණත් පසුව එම සංචාරය කල්දැමුණි. 2015 දී අමෙරිකාවේ හිටපු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී මහතාගේ සංචාරයෙන් පසුව ඉහළ පෙලේ අමෙරිකානු නියෝජිතයෙකුගේ සංචාරය මෙය වනු ඇති. කෙසේ වෙතත් අමෙරිකානු තානාපති කාර්යාලය පවසන්නේ මෙතෙක් කිසිදු නිල සංචාරයක් සම්බන්ධයෙන් තහවුරු කර නොමැති බවයි. සන්ඩේ ටයිම්ස් පුවත්පතේ වැඩිදුරටත් දැක්වෙන්නේ , අමෙරිකාව හා ඉන්දියාව අතර අත්සන් කිරීමට අපේක්ෂා කරන හමුදා සහයෝගීතා ගිවිසුම සම්බන්ධයෙන් නිල සංචාරයක් අතරතුර අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා ශ්‍රී ලංකාවට පැමිණෙන බවයි. මෙම සංචාරය අතරතුර සෝෆා, ඇක්සා සහ MCC යන ගිවිසුම් සම්බන්ධයෙන් සාකච්ඡා සිදුවේද යන්න සන්ඩේ ටයිම්ස් පුවත්පත ප්‍රශ්න කර තිබුණි. |
2020-10-11T06:14:22.000Z | චීනයෙන් අ. ඩො. මිලියන 500ක සහන ණයක් ලබා ගැනීමට ශ්‍රී ලංකාව ගිවිසුමක් අත්සන් කරයි? | චීනයෙන් අ. ඩො. මිලියන 500ක සහන ණයක්? | COLOMBO (News 1st): චීනයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 500 ක සහන ණයක් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාව ගිවිසුමක් අත්සන් කරන බව, සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කළේය. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ චීන දූත පිරිස අතර පැවති සාකච්ඡාවලදී මෙම කටයුතු අවසන් කර ඇති බව එම පුවත්පතේ දැක්වේ. භාණ්ඩාගාර නිලධාරීන් පැවසුවේ වසර 10 ක කාලයක් තුළ ණය ආපසු ගෙවීමට නියමිතව ඇති බවය. ඒ අනුව, අදාල සහන ණය බොහෝ දුරට කෝවිඩ් තත්ත්වය හේතුවෙන් බලපෑමට ලක්ව ඇති ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම සඳහා යොදා ගැනීමට ඉඩ ඇති බව සඳහන් වේ. |
2020-10-11T05:17:05.000Z | A/L විභාග මධ්‍යස්ථානයන්හි පහසුකම් සැපයීමේ කටයුතු සම්බන්ධීකරණයට අතිරේක ශාලාධිපතිවරයෙක් | උ/ පෙළ: මෙවර අතිරේක ශාලාධිපතිවරයෙක්.. | COLOMBO (News 1st): කොරෝනා ව්‍යාප්තියත් සමග උසස් පෙළ විභාග මධ්‍යස්ථානයන්හි පහසුකම් සැපයීමේ කටයුතු සම්බන්ධීකරණය කිරීම සඳහා ස්ථාන භාර අතිරේක ශාලාධිපතිවරයෙකු පත්කර ඇතැයි විභාග දෙපාර්තුමේන්තුව පවසයි. විභාග කොමසාරිස් ජනරාල් සනත් බී. පූජිත මහතා සඳහන් කළේ, විභාග මධ්‍යස්ථානයන්හි පහසුකම් සැපයීමේ කටයුතු සම්බන්ධීකරණය කිරීම, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි සමග සම්බන්ධ වී විභාග මධ්‍යස්ථාන පරිශ්‍ර තුළ විෂබීජහරණ කටයුතු හා අවශ්‍ය සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද සිදුකිරීමේ කටයුතු සඳහා අදාළ ස්ථාන භාර අතිරේක ශාලාධිපතිවරයා පත්කර ඇති බවයි. ඒ සඳහා පත්කර ඇත්තේ, අදාළ විභාග මධ්‍යස්ථානවලට අදාළ විදුහල්වල විදුහල්පති, නියෝජ්‍ය විදුහල්පති හෝ ජ්‍යෙෂ්ඨ ගුරුවරයෙකි. |
2020-10-11T03:57:06.000Z | රියාජ් බදියුදීන් නිදහස් කිරීම:CID නියෝජ්‍ය පොලිස්පති හා ප්‍රධාන විමර්ශන නිලධාරි නීතිපති හමුවට කැඳවයි | CID නියෝජ්‍ය පොලිස්පතිට නීතිපතිගෙන් කැඳවීමක් | COLOMBO (News 1st) – අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා සහ ප්‍රධාන විමර්ශන නිලධාරියා, හෙට(12) නීතිපති දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබේ. ඒ, රියාජ් බදියුදීන් මහතා නිදහස් කිරීමට අදාළ විමර්ශන වාර්තා ද සමගිනි. |
2020-10-11T02:14:48.000Z | සෞඛ්‍ය රෙගුලාසි, නීතියක් ලෙස මේ සතියේ ගැසට් කිරීමට සැලසුම් - සෞඛ්‍ය අමාත්‍යවරිය | සෞඛ්‍ය රෙගුලාසි, නීතියක් ලෙස ගැසට් කිරීමට සැලසුම් | COLOMBO (News 1st) - මෙම සතිය තුළ සෞඛ්‍ය රෙගුලාසි, නීතියක් ලෙස ගැසට් කරන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසන්නීය. ඇය සඳහන් කළේ, අදාළ නීති කෙටුම්පත සකස් කිරීම සඳහා නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට භාර දුන් බවය. [audio mp3="https://cdn.newsfirst.lk/sinhala-uploads/2020/10/10-11-PAVITHRA-WANNIARCHCHI-online-audio-converter.com_.mp3"][/audio] |
2020-10-11T01:16:45.000Z | පොලීසියේ උසස් නිලධාරීන් රැසකට ස්ථාන මාරුවීම්: හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශකටත් මාරුවක් | පොලීසියේ උසස් නිලධාරීන් රැසකට ස්ථාන මාරුවීම් | COLOMBO (News 1st) - සේවා අවශ්‍යතාව මත ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය යටතේ වහාම ක්‍රියාත්මක වන පරිදි උසස් පොලිස් නිලධාරීන් පිරිසකට ස්ථාන මාරුවීම් ලබා දී තිබේ. නියෝජ්‍ය පොලිස්පතිවරුන් 8 දෙනෙකුට, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයෙකුට, පොලිස් අධිකාරිවරයෙකුට හා සහකාර පොලිස් අධිකාරිවරුන් තිදෙනෙකුට මෙලෙස ස්ථාන මාරුවීම් ලබා දී ඇතැයි සඳහන් ය. නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා නීති, විනය හා කල්ක්‍රියා දිසාවට අමතරව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස පත් කර තිබේ. පොලිස් මහජන සම්බන්ධතා කොට්ඨාසයේ අධ්‍යක්ෂ හා පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කළ ජාලිය සේනාරත්න මහතා මාරු කර ඇත්තේ කන්කසන්තුරේ කොට්ඨාසයටයි. විනය හේතු මත ජාලිය සේනාරත්න මහතා උතුරු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පුද්ගලික සහකාර ලෙසින් අදාළ ස්ථාන මාරුවීම ලබා දී ඇති බව ද සඳහන් ය. මාධ්‍ය දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ධුරයේ කටයුතු කළ ඊ. එම්.යූ.වී ගුණරත්න මහතා පරිසර ආරක්ෂණ දිසාවට මාරු කර තිබේ. බස්නාහිර උතුර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා වූ නුවන් වෙදසිංහ මහතා ගාල්ල දිසාවට මාරු කර තිබෙන අතර සංචාරක දිසාව භාරව සිටි කේ.වී.ඩී.ඒ.ජේ කරවිට මහතා මාරු කර ඇත්තේ ප්‍රවර්ථන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙසය. සංචාරක දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස වන්නි දිසාවේ සිටි එල්.ඒ සෙනවිරත්න මහතා පත් කර තිබේ. බස්නාහිර උතුර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලෙස පත් කර ඇත්තේ මොණරාගල දිසාවේ සිටි එච්.එන්.කේ.ඩී විජය ශ්‍රී මහතායි. ගාල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඒ.ජී.ජේ චන්ද්‍රකුමාර මහතා තොරතුරු තාක්ෂණ දිසාවට මාරු කර තිබෙන අතර සුබසාධක දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති එස් . සී මැදවත්ත මහතා මානව සම්පත් කළමනාකරණ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලෙස මාරු කර තිබේ. වන්නි දිසාව භාර නව නියෝජ්‍ය පොලිස්පතිවරයා වන්නේ මානව සම්පත් කළමනාකරණ දිසාව භාරව සිටි එම්. එන් සිසිර කුමාර මහතායි. මඩකලපුව දිසාව භාරව කටයුතු කළ එස්.ඩී.එස්.පී සන්දනායක මහතා, මොණරාගල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලෙස මාරු කර යවා තිබේ. මඩකලපුව දිසාවේ සිටි නියෝජ්‍ය පොලිස්පති ජී.ඒ.එන්.එල් විජේසේන මහතාට ප්‍රවර්ථන දිසාවට ලබාදුන් ස්ථාන මාරුව අවලංගු කර ඇති බව ද සඳහන් ය. පොලිස් මූලස්ථානය සඳහන් කළේ , ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතියට යටත්ව වැඩබලන පොලිස්පතිවරයා මෙම ස්ථාන මාරුකිරීම් සිදු කර ඇති බවයි. |
2020-10-10T23:42:56.000Z | කැලණිය සරසවියේ සිසුවියකටත් කොරෝනා | කැලණිය සරසවියේ සිසුවියකටත් කොරෝනා | COLOMBO (News 1st) - කැලණිය විශ්වවිද්‍යාලයේ සිසුවියකටත් කොරෝනා ආසාදනය වී තිබේ. ඇය සමාජ විද්‍යා පිඨයේ ඉගෙනුම ලබන සිසුවියකි. මේ ඒ පිළිබඳව පැහැදිලි කළ කැලණිය විශ්වවිද්‍යාලයේ මාධ්‍ය අධ්‍යක්ෂ විජයානන්ද රූපසිංහ මහතා, [audio mp3="https://cdn.newsfirst.lk/sinhala-uploads/2020/10/10-11-WIJAYANANDA-RUPASINHA-online-audio-converter.com_.mp3"][/audio] |
2020-10-10T21:41:11.000Z | රෝගීන්ගේ සුවදුක් බලන්න ඔබ රෝහලට යනවද? සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් විශේෂ දැනුම් දීමක් | රෝහල් වෙත යන ඔබට විශේෂ දැනුම් දීමක් | COLOMBO (News 1st) - රෝගීන්ගේ සුවදුක් බැලීම සඳහා රෝහල්වෙත යන පුද්ගලයින් සිය සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳව විශේෂ අවධානයක් යොමු කළ යුතු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. වැඩබලන නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා දැනුම් දෙන්නේ, අත්‍යවශ්‍යම කාරණයකට හැරෙන්නට රෝහල් වෙත යාමෙන් වළකින ලෙසයි. ඊයේ දිනයේදී මෙරටින් වාර්තා වූ සමස්ත කොරෝනා අසාදිතයින් සංඛ්‍යාව 105 කි. ඒ අතරට විදෙස්ගතව සිට පැමිණි දෙදෙනෙකු ද වේ. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා අසාදිතයින් සංඛ්‍යාව 4628 ඉහළ ගොස් තිබේ. රෝහල්ගත 1309 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර සුවය ලැබූ සංඛ්‍යාව 3306 කි. |
2020-10-10T21:52:48.000Z | සටන් විරාමයෙන් පැය කිහිපයකට පසු ආමේනියාව සහ අසර්බයිජානය අතර යළි ගැටුම් | ආමේනියාව සහ අසර්බයිජානය අතර යළි ගැටුම් | News 1st - ආමේනියාව සහ අසර්බයිජානය අතර සටන් විරාමය ප්‍රකාශයට පත්කර පැය කිහිපයකට පසු ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල වී තිබේ. ආමේනියාව චෝදනා කරන්නේ, අසර්බයිජානය ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල කළ බවයි. ආමේනියාව, සිය භූමියට කාල තුවක්කු ප්‍රහාර එල්ල කළ බව අසර්බයිජානය පවසයි. විදෙස් මාධ්‍ය සඳහන් කළේ, ගත වූ පැය කිහිපය තුළ පිපිරීම් කිහිපයක් ම සිදුව ඇති බවය. මතභේදාත්මක නාගානෝ-කරබක් දේශසීමා ප්‍රදේශයේ හිමිකම් ගැටලුව මුල් කරගනිමින් මීට සති දෙකකට පමණ පෙර දෙරට අතර ගැටුම් ආරම්භ විය. ඒ හේතුවෙන් පුද්ගලයින් 300 කට අධික පිරිසක් මියගොස් තව ත් දහස් ගණනක් අවතැන් විය. අනතුරුව දෙරට අතර සාම සාකච්ඡා ආරම්භ වූයේ, රුසියාවේ මැදිහත්වීමෙනි. ඒ අනුව පැය 10 ක පමණ සාකච්ඡාවකින් අනතුරුව ආමේනියාව සහ අසර්බයිජානය අතර සටන් විරාමයක් ප්‍රකාශයට පත් කෙරුණි. “මානුෂීය” හේතූන් මත සටන අත්හිටුවීම, සිරකරුවන් හුවමාරු කර ගැනීම මෙන්ම ගැටුම්වලදී මියගිය සොල්දාදුවන්ගේ සිරුරු හුවමාරු කර ගැනීමට දෙපාර්ශවයම එහිදී එකඟ විය. එය, නිරීක්ෂණය කිරීමේ වගකීම රතු කුරුස සංවිධානයට පැවරුණි. මතභේදාත්මක නගානෝ -කරබක් ප්‍රදේශය පාලනය කරන්නේ වාර්ගික ආමේනියාවයි. එහෙත් එම ප්‍රදේශයේ නිල හිමිකම අසර්බයිජානය සතු වේ. |
2020-10-10T21:01:01.000Z | දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි... | දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි... | COLOMBO (News 1st) - දිවයිනේ ප්‍රදේශ රැසකට මිලිමීටර් 75 ඉක්ම වූ වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ උදේනි වීරසිංහ මහත්මිය පැවසුවේ, බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති බව බවයි. උතුර පළාතෙත් අනුරාධපුර දිස්ත්‍රික්කයේත් වැසි ස්වල්පයක් ඇතිවීමේ හැකියාව පවතිව බව ඇය පැවසුවාය. නැගෙනහිර සහ ඌව පළාත්වල සවස් කාලයේ හෝ රාත්‍රීයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ උදේනි වීරසිංහ මහත්මිය පැවසුවා ය. |
2020-10-10T21:17:49.000Z | මිනුවන්ගොඩ කොරෝනා පොකුර තව ත් ඉහළට: කටුනායක ආයෝජන කලාපයේ 14 දෙනෙකුටත් කොරෝනා | මිනුවන්ගොඩ කොරෝනා පොකුර තව ත් ඉහළට | COLOMBO (News 1st) - මිනුවන්ගොඩ කොරෝනා පොකුරෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1186 ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඒ, ඊයේ දිනයේ එම පොකුර ආශ්‍රිතව අසාදිතයින් 103 දෙනෙකු වාර්තාවීමත් සමගය. එම 103 දෙනා අතරට කර්මාන්තශාලා කාර්ය මණ්ඩලයේ දෙදෙනෙකු සහ අශ්‍රිතයින් 101 දෙනෙකු ඇතුළත් වේ. මේ අතර කටුනායක ආයෝජන කලාපයේ පුද්ගලයින් 14 දෙනෙකු කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරුවී තිබේ. සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළේ, මතුව ඇති තත්ත්වය සම්බන්ධයෙන් කර්මාන්ත ශාලා කළමනාකාරීත්වය ප්‍රාදේශීය සෞඛ්‍ය නිලධාරීන් හා එක්ව ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවයි. මීට පෙර කටුනායක අයෝජන ප්‍රවර්ධන කලාපයේ කර්මාන්ත ශාලා 3 ක් තාවකාලිකව වසා දැමුණේ එම කර්මාන්ත ශාලාවල සේවකයින් තිදෙනෙකුට කෙරෝනා ආසාදනය වීම හේතුවෙනි. මේ අතර කොළඹ ජාතික රෝහලේ සුළු සේවකයින් තිදෙනෙකුට කොරෝනා ආසාදනය වී තිබේ. සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ, මේ හේතුවෙන් වාට්ටු 2 ක් සහ ශල්‍යාගාරයක් වසා දමා ඇති බවය. සේවකයින්ගේ පී.සී.ආර් පරීක්ෂණ ද සිදු කිරීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ ය. මිනුවන්ගොඩ කොරෝනා පොකුරේ ආසාදිතයින් හඳුනාගැනීම සඳහා පී.සී.ආර් පරීක්ෂණ 26,000 ක් පමණ සිදුකර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. එහි වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසුවේ, අදාළ කර්මාන්ත ශාලා සේවකයින්ගේ පී.සී.ආර්. පරීක්ෂණ මේ වනවිට අවසන් කර ඇති බවය. වහාම පී.සී.ආර් පරීක්ෂණ නොකිරීම පිළිබඳව මිනුවන්ගොඩ පොකුරේ ආශ්‍රිතයින් අතර බියක් හටගෙන ඇතැයි ද ඔහු පැවසුවේ ය. තවදුරටත් පී.සී.ආර් පරීක්ෂණ නොකළ මිනුවන්ගොඩ කොරෝනා පොකුරේ ආශ්‍රිතයින් ඇත්නම් සෞඛ්‍ය අංශ දැනුවත් කරන ලෙස ද විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ඉල්ලා සිටි. මේ අතර වැඩබලන නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා දැනුම් දෙන්නේ, නේවාසික රෝගීන්ගේ සුවදුක් බැලීම සඳහා රෝහල්වෙත යන පුද්ගලයින් සිය සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳව විශේෂ අවධානයක් යොමු කළ යුතු බවයි. ඊයේ දිනයේදී මෙරටින් වාර්තා වූ සමස්ත කොරෝනා අසාදිතයින් සංඛ්‍යාව 105 කි. ඒ අතරට විදෙස්ගතව සිට පැමිණි දෙදෙනෙකු ද වේ. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා අසාදිතයින් සංඛ්‍යාව 4628 ඉහළ ගියේ ය. 1309 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර සුවය ලැබූ සංඛ්‍යාව 3306 කි. |
2020-10-10T20:02:57.000Z | 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අද යි: කල් වේලා ඇතිව විභාග මධ්‍යස්ථානයට එන්නැයි විභාග කොමසාරිස්ගෙන් දැනුම්දීමක් | 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අද යි | COLOMBO (News 1st) - 5 ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගය අද පැවැත්වේ. දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2936 කදී මෙවර ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමට නියමිත ව ඇති අතර ඊට සිසුන් 331,694 දෙනෙක් පෙනී සිටිනු ඇති. ඒ අතර සිංහල මාධ්‍ය අයැදුම්කරුවන් 248,072 දෙනෙකු හා දෙමළ මාධ්‍ය අයැදුම්කරුවන් 83,622 ක් ද සිටි. විභාග කොමසාරිස් ජනරාල්වරයා දැනුම් දෙන්නේ, විභාගයට පෙනී සිටින සිසුන් උදෑසන 9.00 වනවිට විභාග ශාලාවේ අසුන් ගැනීම කළ යුතු අතරම පවත්නා වසංගත තත්ත්වය හේතුවෙන් සෞඛ්‍යරක්ෂිත ක්‍රමවේද ක්‍රියාත්මක වන බැවින් කල් වේලා ඇතිව විභාග මධ්‍යස්ථානයට පැමිණෙන ලෙසයි. විභාගයට පෙනී සිටින දරුවන් තම විභාග අංකය ඇඳුමේ වම් පස පැළඳය යුතු බව ද විභාග කොමසාරිස්වරයා පැවසීය. විභාග කොමසාරිස් ජනරාල් සනත් බී. පූජිත මහතා පැවසුවේ, ගම්පහ දිස්ත්‍රික්කයේ සිට කොළඹට පැමිණෙන සිසුන් වෙනුවෙන් විශේෂ විභාග මධ්‍යස්ථාන ක්‍රියාත්මක බවය. ගම්පහ දිස්ත්‍රික්කයේ සිට වෙනත් ප්‍රදේශවල විභාග මධ්‍යස්ථානවලදී විභාගය සඳහා පෙනී සිටීමට නියමිත සිසුන් යොමු කළ යුතු විභාග මධ්‍යස්ථාන මෙසේය. 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින ගනේමුල්ලේ පදිංචි සිසුන් යොමු කළ යුතු වන්නේ, ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලයටයි. යක්කල, වීරගුල සහ ගම්පහ ප්‍රදේශවල පදිංචි ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින සිසුන්ගේ විභාග මධ්‍යස්ථානය ලෙස මිරිස්වත්ත කැප්පෙට්ටිපොළ මහා විද්‍යාලය යොදා ගැනේ. කිරිඳිවැල සිසුන් වෙනුවෙන් වෙන්කර ඇත්තේ, කිරිඳිවැල මධ්‍ය මහා විද්‍යාලයයි. වැලිවේරිය මද්දුම බණ්ඩාර මහා විද්‍යාලය, වැලිවේරිය සහ මල්වතුහිරිපිටිය සිසුන් වෙනුවෙන් විභාග මධ්‍යස්ථානයක් ලෙස යොදා ගැනීමට නියමිතය. දෙකටන පද්මාවතී මහා විද්‍යාලය වෙන්කර ඇත්තේ, දොම්පේ සහ පූගොඩ පදිංචි සිසුන් වෙනුවෙනි. නිට්ටඹුවේ සහ වේයන්ගොඩ සිට ගම්පහ දිස්ත්‍රික්කයෙන් පිට මධ්‍යස්ථානයකදී විභාගයට පෙනී සිටින සිසුන් වෙනුවෙන් වෙන් කර ඇත්තේ වේයන්ගොඩ ජනාධිපති මහා විද්‍යාලයයි. මීරිගම ඩී. එස් සේනානායක ජාතික පාසල වෙන්කර ඇත්තේ, මීරිගම සහ පල්ලේවෙල සිසුන් සඳහාය. මිනුවන්ගොඩ සිසුන් සඳහා මිනුවන්ගොඩ ජනාධිපති විද්‍යාලය යොදා ගැනේ. දිවුලපිටියේ පදිංචි සිසුන් වෙනුවෙන් වෙන්කර ඇත්තේ, දිවුලපිටිය ඥානෝදය මධ්‍ය මහා විද්‍යාලයයි. සීදූවේ පදිංචි සිසුන්ට සීදූව දවිසමර මහා විද්‍යාලයේදී විභාගයට පෙනී සිටිය හැකිය. ජාඇල සහ කඳාන ප්‍රදේශවල පදිංචි සිසුන් සඳහා වෙන්කර ඇත්තේ, ජාඇල ශාන්ත මරියා මහා විද්‍යාලයයි. ගම්පහ දිස්ත්‍රික්කයේ සිට වෙනත් ප්‍රදේශවල විභාග මධ්‍යස්ථානවලදී උස්ස පෙළ විභාගය සඳහා පෙනී සිටීමට නියමිත සිසුන් යොමු කළ යුතු විභාග මධ්‍යස්ථාන ද නම් කර තිබේ. ඒ අනුව ගනේමුල්ලේ පදිංචි සිසුන් වෙනුවෙන් වෙන්කර ඇත්තේ, බුළුගහගොඩ ශ්‍රී විජය මහා විද්‍යාලයයි. මිරිස්වත්ත කැප්පෙට්ටිපොළ මහා විද්‍යාලයට යොමු කෙරෙන්නේ යක්කල, වීරගුල සහ ගම්පහ පදිංචි සිසුන් ය. කිරිඳිවැල පදිංචි සිසුන්ගේ විභාග මධ්‍යස්ථානය ලෙස නම් කර ඇත්තේ, කිරිඳිවැල මහා විද්‍යාලයයි. වැලිවේරිය සහ මල්වතුහිරිපිටියේ පදිංචි සිසුන් වෙනුවෙන් වැලිවේරිය මද්දුම බණ්ඩාර මහා විද්‍යාලය වෙන් කර තිබේ. දොම්පේ සියනෑ ජාතික පාසල, දොම්පේ සහ පූගොඩ පදිංචි ගම්පහ දිස්ත්‍රික්කයෙන් පිටත විභාග මධ්‍යස්ථානයකදී විභාගයට පෙනී සිටීමට නියමිත සිසුන් වෙනුවෙන් වෙන් කෙරුණි. නිට්ටඹුව බෞද්ධ විද්‍යාලය වෙන්කර ඇත්තේ, නිට්ටඹුව සහ වේයන්ගොඩ පදිංචි සිසුන් වෙනුවෙනි. කල්එළිය සිරි විද්‍යාකීර්ති කනිෂ්ඨ විද්‍යාලයේදී, මීරිගම සහ පල්ලෙවෙල පදිංචි උසස් පෙළ සිසුන්ට විභාගයට පෙනී සිටිය හැකිය. මිනුවන්ගොඩ සිසුන්ට, කොටුගොඩ රාහුල මහා විද්‍යාලය වෙන්කර තිබේ. දිවුලපිටියේ සිසුන් යොමු කළ යුතු වන්නේ, දූනගහ රණසිංහ මහා විද්‍යාලයටයි. සීදූවේ සිසුන් මූකලන්ගමුව බණ්ඩාරනායක මහා විද්‍යාලයට යොමු කෙරෙනු ඇති. ජාඇල සහ කඳාන පදිංචි සිසුන් දෙහියාගාත හෝලි රොසරි විද්‍යාලයට යොමු කෙරෙන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කළේ ය. ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින නිරෝධායනයට යොමු කර සිටින සිසුන් වෙනුවෙන් ද විභාගයට පෙනී සිටීම සඳහා පහසුකම් සලසා ඇතැයි ද ඔහු පැවසුවේ ය. මේ අතර මෙවර විභාගයන්ට පෙනී සිටින සිසුන් හා ඔවුන්ගේ දෙමව්පියන් වෙනුවෙන් නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල දුම්රිය හා බස් සේවා ක්‍රියාත්මක බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධීකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය. විභාගයට පෙනී සිටින සිසුන්ගේ පහසුව වෙනුවෙන් සිසු සැරිය බස් රථ ක්‍රියාත්මක බව ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක මහතා පවසයි. දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ඒ.බී.ජී සෙනෙවිරත්න මහතා පැවසුවේ, ශිෂ්‍යත්ව විභාගයට සහභාගී වන සිසුන් වෙනුවෙන් විශේෂ දුම්රිය ගමන් වාර ක්‍රියාත්මක බවය. දෙමව්පියන් ද විභාග ප්‍රවේශ පත්‍රයේ ඡායා පිටපත් ළඟ තබා ගන්නැයි ද නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ ය. ශිෂ්‍යත්ව විභාගය පවත්වා අවසන් වූ පසුවත් එම විභාගයේ ප්‍රශ්න පත්‍රය රහස්‍ය ලේඛනයක් වන බැවින් එය ළඟ තබා ගැනීම හා ප්‍රසිද්ධ කිරීම සපුරා තහනම් වන බව විභාග දෙපාර්තමේන්තුව පැවසීය. විභාග කොමසරිස් ජනරාල් සනත් පුජිත මහතා පැවසුවේ, එම විභාගයේ ප්‍රශ්න පත්‍ර පිටපත් කිරීම හා ඡායා පිටපත් ලබා ගැනීම, ප්‍රශ්න පත්‍ර විකිණීම, මුද්‍රණය කිරීම, පුවත්පත්වල හෝ වාර සඟරාවල හෝ වෙනත් මුද්‍රිත මාධ්‍යයන්හි මුද්‍රණය කර ප්‍රසිද්ධ කිරීම, අන්තර් ජාලයේ හෝ සමාජ ජාලා වෙබ් අඩවිවල මෙන්ම වෙනත් කුමන ආකාරයකට හෝ ප්‍රසිද්ධ කිරීම ද සපුරා තහනම් වනු ඇති බවයි. කිසියම් තැනැත්තෙකු, ආයතනයක් හෝ නියෝජිතයෙක් මෙම නියෝගය යම් ආකාරයකින් කඩකිරීමක් හෝ උල්ලංඝණය කිරීමක් සිදු කළ හොත් ළඟම ඇති පොලිස්ථානය, පොලිස් මූලස්ථානය හෝ ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව වෙත පැමිණීලි කළ හැකි බව විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ ය. |
2020-10-10T19:33:51.000Z | ගෙවුණු දවස උණුසුම් කළ පුවත්… | ගෙවුණු දවස උණුසුම් කළ පුවත්… | දේශීය පුවත් 1. කොළඹ ජාතික රෝහලේ සේවකයින් තිදෙනෙකුටත් කොරෝනා: කොළඹ ජාතික රෝහලේ සුළු සේවකයින් තිදෙනෙකුට කොරෝනා ආසාදනය වී තිබේ. 2. ගම්පහ සැඟවුණු කෙරෝනා අසාදිතයින් 119 ක් සොයා මෙහෙයුම්: ගම්පහ දිස්ත්‍රික්කයේ කෙරෝනා අසාදිත පුද්ගලයින් 119 දෙනෙකු සැඟව ඇතැයි දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත් මහතා පවසයි. 3. කටුනායක අයෝජන කලාපයේ සේවකයින් තිදෙනෙකුට කෙරෝනා, කර්මාන්ත ශාලා 3 ක් වැසේ: කටුනායක අයෝජන ප්‍රවර්ධන කලාපයේ කර්මාන්ත ශාලා 3 ක් තාවකාලිකව වසා දමා තිබේ. 4. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිසුවියකට කොරෝනා, පානදුර රෝහලේ සේවකයින් PCR පරික්ෂාවට: ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිසුවියකට කොරෝනා ආසාදනය වී තිබේ. විදෙස් පුවත් 5. පකිස්ථානය Tik Tok තහනම් කරයි: පකිස්ථානය Tik Tok මෘදුකාංගය භාවිතය තහනම් කර තිබේ. |
2020-10-10T10:24:58.000Z | තව ත් කොරෝනා ආසාදිතයින් 103 ක් හඳුනාගනී | තව ත් කොරෝනා ආසාදිතයින් 103 ක් හඳුනාගනී | COLOMBO (News 1st) - තව ත් කොරෝනා ආසාදිතයින් 103 දෙනෙකු හඳුනා ගෙන ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ, බ්‍රැන්ඩික්ස් සේවකයින් දෙදෙනෙකු හා ඒ ආශ්‍රිතයින් 101 කි. |
2020-10-10T08:33:43.000Z | කොළඹ ජාතික රෝහලේ සේවකයින් තිදෙනෙකුටත් කොරෝනා | කොළඹ ජාතික රෝහලේ තිදෙනෙකුටත් කොරෝනා | COLOMBO (News 1st) - කොළඹ ජාතික රෝහලේ සුළු සේවකයින් තිදෙනෙකුට කොරෝනා ආසාදනය වී තිබේ. සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ, මේ හේතුවෙන් වාට්ටු 2 ක් සහ ශල්‍යාගාරයක් වසා දමා ඇති බවයි. සේවකයින්ගේ PCR පරීක්ෂණ ද සිදු කිරීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ ය. |
2020-10-10T08:07:23.000Z | 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය හෙට: ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශවලට විශේෂ වැඩපිළිවෙලක් | ශිෂ්‍යත්ව විභාගයට සියල්ල සූදානම්.. | COLOMBO (News 1st) - කොරෝනා තත්ත්වය හේතුවෙන් මෙතෙක් පැවැත්වීමට නොහැකි වූ පාසල් දරුවන්ගේ ප්‍රධාන විභාග දෙක ඇරඹීමට සූදානම්ය. ඒ අනුව 5 වැනි ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය හෙට දිනයේත්, උසස් පෙළ විභාගය අනිද්දා සිටත් පැවැත්වීමට සියල්ල සූදානම් බව විභාග දෙපාර්තමේන්තුව පැවසීය. මධ්‍යස්ථාන 2936 කදී ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන අතර මෙවර අපේක්ෂකයින් සංඛ්‍යාව 3,31,694 කි. නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශවල විශේෂ වැඩපිළිවෙළක් යටතේ විභාග පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි විභාග ගොමසාරිස් ජනරාල්වරයා පැවසුවේ ය. ගම්පහ අධ්‍යාපන කලාපයේ සිසුන් 6000 කට ආසන්න ප්‍රමාණයක් 5 වැනි ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයටත් සිසුන් 7000 ක් පමණ උසස් පෙළ විභාගයටත් පෙනී සිටීමට නියමිත ය. මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපයේ ශිෂ්‍යත්ව විභාග මධ්‍යස්ථාන 50 ක් සහ උසස් පෙළ විභාග මධ්‍යස්ථාන 37 ක් පිහිටුවා තිබේ. |
2020-10-10T07:39:52.000Z | ගම්පහ සැඟවුණු කෙරෝනා අසාදිතයින් 119 ක් සොයා මෙහෙයුම් | ගම්පහ සැඟවුණු අසාදිතයින් 119 ක් සොයා මෙහෙයුම් | COLOMBO (News 1st) - ගම්පහ දිස්ත්‍රික්කයේ කෙරෝනා අසාදිත පුද්ගලයින් 119 දෙනෙකු සැඟව ඇතැයි දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත් මහතා පවසයි. ඔහු සඳහන් කළේ, එම අසාදිතයින් සොයා ආරක්ෂක අංශ සමග එක් ව මෙහෙයුම් ක්‍රියාත්මක බවයි. අදාළ ආසාදිතයින් ලබාදී ඇති ලිපිනයන් සම්බන්ධයෙන් ගැටලු මතුවී ඇතැයි ද සුනිල් ජයලත් මහතා පැවසුවේ ය. ගම්පහ දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත් මහතා, අද වෙනකොට ගම්පහ දිස්ත්‍රික්කයේ පී.සි.අර් පරීක්ෂණ 5357 ක් කරලා තියනවා. තව රිපෝට් ලැබෙන්න තියනවා අද වෙනකොට 1770 ක. පොසිට්ව් විච්ච රිපෝට් තියනවා 970 ක්. අපට මේ වනවිට පොසිට්ව් විච්ච පිරිසෙන් 119 ක් හඳුනා ගැනීමේ කටයුතු ඒ කියන්නේ හොයා ගැනීමේ කටයුතු කරන්න වෙලා තියනවා. විශේෂ වැඩසටහනක් ආරක්ෂක අංශත් සම්බන්ධ කරගෙන කරනවා. ඊයේ වෙනකොට ඒක 200 ගණනක් තිබුණා 250 කට වැඩි සංඛ්‍යාවක් අද වෙනකොට ඒක 119 ක් දක්වා අඩුවෙලා තියනවා |
2020-10-10T07:11:07.000Z | කටුනායක අයෝජන කලාපයේ සේවකයින් තිදෙනෙකුට කෙරෝනා: කර්මාන්ත ශාලා 3 ක් වැසේ | කටුනායක අයෝජන කලාපයේ සේවකයින් තිදෙනෙකුට කෙරෝනා | COLOMBO (News 1st) - කටුනායක අයෝජන ප්‍රවර්ධන කලාපයේ කර්මාන්ත ශාලා 3 ක් තාවකාලිකව වසා දමා තිබේ. ඒ, එම කර්මාන්ත ශාලාවල සේවකයින් තිදෙනෙකුට කෙරෝනා ආසාදනය වීම හේතුවෙනි. ගුවන් සේවා හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී. වී චානක මහතා සඳහන් කළේ, එම කර්මාන්ත ශාලාවල සේවක සේවිකාවන් පී.සී.ආර් පරීක්ෂණ සඳහා යොමු කර ඇති බවය. මේ අතර කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපයේ 800 දෙනෙකු පමණ පී.සී.ආර් පරීක්ෂණ සඳහා යොමු කිරීමට පියවර ගෙන තිබේ. රාජ්‍ය අමාත්‍ය ඩී. වී. චානක මහතා සඳහන් කළේ, ඉන් 400 දෙනෙකුට කෙරෝනා ආසාදනය වී නොමැති බව දැනට තහවුරු වී ඇති බවයි. |
2020-10-10T06:24:14.000Z | සැප්. 23න් පසු මිනුවන්ගොඩ ෆැක්ට්‍රියේ සේවකයකු හමුවී ඇත්නම් PCR පරීක්ෂණයකට යොමුවන්න - යුද හමුදාපති | යුද හමුදාපතිගෙන් ඉල්ලීමක් | COLOMBO (News 1st) - කිසියම් අයෙකු සැප්තැම්බර් 23 වැනිදායින් පසු මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ සේවකයකු හමුවී ඇත්නම් PCR පරීක්ෂණයකට යොමුවන්නැයි යුද හමුදාපති ඉල්ලීමක් කර තිබේ. |
2020-10-10T05:29:20.000Z | රිජ්වේ ආර්යා ළමා රෝහලේ සේවිකාවකට කොරෝනා | රිජ්වේ ආර්යා ළමා රෝහලේ සේවිකාවකට කොරෝනා | COLOMBO (News 1st) - රිජ්වේ ආර්යා ළමා රෝහලේ සෞඛ්‍ය කාර්ය සහයිකාවකට කොරෝනා ආසදනය වී තිබේ. එහි අධ්‍යක්ෂ ජී. විජේසූරිය මහතා සඳහන් කළේ, මේ වනවිට ඇය අයි.ඩී.එච් රෝහලට මාරු කර යවා ඇති බවයි. |
2020-10-10T06:32:10.000Z | රට වෙනුවෙන් දිවි පිදූ හා ආබාධිත රණවිරුවන්ගේ උන්නතියට විශේෂ වැඩපිළිවෙළක් | දිවි පිදූ, ආබාධිත රණවිරුවන් වෙනුවෙන් වැඩපිළිවෙළක් | COLOMBO ( News 1st ) : මව්බිම වෙනුවෙන් ජීවිතය පූජා කළ හා ආබාධිත තත්ත්වයට පත් රණවිරුවන්ගේත්, ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගේත් උන්නතිය වෙනුවෙන් විශේෂිත නව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ, අදට යෙදෙන ශ්‍රී ලංකා යුද හමුදාවේ 71වන සංවත්සර සැමරුම වෙනුවෙනි. යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ, යුද හමුදා විශ්‍රාමිකයන් හා ඔවුන්ගේ පවුල්වල සමාජිකයගෙත් උන්නතිය වෙනුවෙන් ද සැලසුම් සකස් කර ඇති බවයි. |
2020-10-10T05:07:05.000Z | ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිසුවියකට කොරෝනා: පානදුර රෝහලේ සේවකයින් PCR පරික්ෂාවට | ජ'පුර සරසවියේ සිසුවියකට කොරෝනා | COLOMBO (News 1st) - ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිසුවියකට කොරෝනා ආසාදනය වී තිබේ. එහි උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුදන්ත ලියනගේ මහතා සඳහන් කළේ, කළමනාකරණ පීඨයේ තෙවනි වසරේ ඉගෙනුම ලබන සිසුවියකට එලෙස කොරෝනා ආසාදනය වී ඇති බවයි. පානදුරේ පදිංචි ඇය ප්‍රතිකාර සඳහා අංගොඩ බෝවන රෝග විද්‍යායතනයට (IDH) ඇතුළත් කර ඇතැයි ඔහු සඳහන් කළේ ය. අදාළ සිසුවියගේ මව, පානදුර මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ හෙද නිලධාරිනියකි. පානදුර රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ, ඒ හේතුවෙන් එම ඒකකයේ සේවයේ නියුතු සේවක සේවිකාවන් 20 කට ආසන්න පිරිසක් PCRපරීක්ෂණ සඳහා යොමු කර ඇති බවයි. |
2020-10-10T08:10:00.000Z | යුද හමුදාව ශ්‍රී ලංකා ක්‍රීඩා ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බවට පත්කිරීමට නව ක්‍රියාමාර්ග රැසක් - යුද හමුදාපති | ක්‍රීඩා ක්ෂේත්‍රය වෙනුවෙන් ක්‍රියාමාර්ග රැසක් | COLOMBO ( News 1st ) : යුද හමුදාව ශ්‍රී ලංකා ක්‍රීඩා ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බවට පත්කිරීම සඳහා අවශ්‍ය නව වැඩපිළිවෙළ රැසක් ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. විශේෂ නිවේදනයක් නිකුත් කරමින් යුධ හමුදාපතිවරයා සඳහන් කළේ, ඒ යටතේ ක්‍රීඩා කටයුතු සඳහා අවශ්‍ය නව පහසුකම් ලබා දීමට පියවර ගන්නා බවයි. මෙලෙස රණවිරුවන්ගේ අභිවෘද්ධිය සඳහා නව වැඩපිළිවෙළ රැසක් ක්‍රියාත්මක කෙරෙන්නේ අදට යෙදෙන ශ්‍රී ලංකා යුධ හමුදාවේ 71වන සංවත්සරය වෙනුවෙන් ය. |
2020-10-10T04:48:18.000Z | "රේස් ද පර්ල්" පැය 24 පාපැදි තරගය සාර්ථකව අවසන්... | "රේස් ද පර්ල්" පැය 24 පාපැදි තරගය සාර්ථකව අවසන්... | COLOMBO (News 1st) - තෙවැනි වරට සංවිධානය කර තිබූ "රේස් ද පර්ල්" පැය 24 පාපැදි තරගය පසුගිය දා සාර්ථකව අවසන් විය. මෙම තරගයේ විශේෂත්වය පැය 24 ක් ඇතුළත කිලෝමීටර් 600 ක දුරක් පාපැදියෙන් යාමයි. මෙවර තරගය පේදුරුතුඩුවේ සිට දෙවුන්දරතුඩුව දක්වා පැවැත්වුණේ ඛාණ්ඩ දෙකක් යටතේය. තරගකරුවන් 49 දෙනෙකු ඊට එක් ව සිටි අතර විදෙස් ක්‍රීඩකයින් ද ඇතුළත් විය. සෝලෝ ඛාණ්ඩයෙන් තරග කළ ගිහාන් පුෂ්පකුමාර පැය 22 යි මිනිත්තු 2 යි තත්පර 59 කින් තරගය අවසන් කළේ නව වාර්තාවක් ද පිහිටුවමිනි. කාන්තා අංශයෙන් තරග කළ සුමේධා රත්නායකට තරගය අවසන් කිරීමට ගත වූ කාළය පැය 34 යි මිනිත්තු 34 කි. සහය කණ්ඩායම් තරග අංශයේ ජය රෙහාන්ස් කණ්ඩායමට හිමි විය. ජයග්‍රාහකයින්ට ජය සංකේත පිරිනැමුණේ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි. https://www.facebook.com/NewsfirstSL/videos/810686066362579/ |
2020-10-10T02:58:23.000Z | රට දැය රකින යුද හමුදා විරුවන්ගේ අභිමානවත් 71 වැනි සංවත්සරය අදයි | යුද හමුදාවේ අභිමානවත් 71 වැනි සංවත්සරය අද | COLOMBO ( News 1st ) : වසර 11 කට පෙර ත්‍රස්තවාදයෙන් රට මුදා ගනිමින් දිනාදුන් නිදහස මතු පරපුර උදෙසා රැකදීමේ වගකීම නොපිරිහෙලා ඉටු කරන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ, අදට යෙදෙන ශ්‍රී ලංකා යුද හමුදාවේ 71 වැනි සංවත්සරය වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් ය. කලින් කලට පැමිණෙන විවිධ අභියෝග හා ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන සිදුවීම් හඳුනා ගනිමින් ඒවා මර්දනය සඳහා සුදුසු ආරක්ෂක ක්‍රියාදාමය අඛණ්ඩව පවත්වාගෙන යාම හමුදා සාමාජිකයින්ගේ පරම වගකීම බව ද යුද හමුදාපතිවරයා සිහිපත් කළේ ය. ශ්‍රී ලංකා යුද හමුදාවේ සියලු අංශ යාවත්කාලීන කිරීම සඳහා අවශ්‍ය සැලසුම් මේ වනවිටත් සකස් කර අවසන් ය. යුද හමුදාවේ අභිමානය ඉදිරියට පවත්වාගෙන යාම සඳහා නවීන තාක්ෂණික පුහුණුවීම්, වෘත්තීය හැකියාවන් සහ දැනුම වර්ධනය කරගැනීම තවදුරටත් කළ යුතුව ඇතැයි යුද හමුදාපතිවරයා පෙන්වා දෙන්නේය. ඔහු සඳහන් කළේ, රට තුළ වර්තමානයේ සාමකාමී සහ නිදහස් පරිසරයක් නිර්මාණය වී ඇති බව සියලු රටවැසියන් අවිවාදයෙන් පිළිගන්නා කරුණක් බවයි. එහි සාඩම්බර කොටස්කරුවන් යුද හමුදා සාමාජිකයින් බව ඔහු වැඩිදුරටත් අවධාරණය කළේ ය. මේ අතර අදට යෙදෙන 71 වැනි සංවත්සරය නිමිත්තෙන් හමුදා නිලධාරීන් 514 දෙනෙකුට සහ සෙසු නිලයන් 14140 කට උසස්වීම් ලබා දී තිබේ. මේ යටතේ බ්‍රිගේඩියර්වරුන් 12 දෙනෙකු, මේජර් ජෙනරල් නිලයටත්, කර්නල්වරුන් 13 දෙනෙකු බ්‍රිගේඩියර් නිලයටත් උසස් කර තිබේ. ලුතිනන් කර්නල්වරුන් 47 දෙනෙකු, කර්නල් නිලයට ද උසස් කර ඇතැයි යුද හමුදාව සඳහන් කළේ ය. ඊට අමතරව මේජර්වරුන් 58 දෙනෙකු , ලුතිනන් කර්නල් නිලයට උසස් කර තිබේ. නිදහස් ශ්‍රී ලංකාව තුළ ශ්‍රී ලංකා යුද හමුදාව ස්ථාපිත කරනු ලැබුවේ 1949 වසරේ ඔක්තෝබර් 10 වැනිදා ය. එදා බ්‍රිගේඩියර් රොඩරික් සින්ක්ලෙයාගේ අණදීම යටතේ ශ්‍රී ලංකා යුද හමුදාවේ පළමු නිත්‍ය බලකාය ස්ථාපිත කෙරිණි. අනතුරුව දියතලාව ප්‍රදේශයේ යුද හමුදා විද්‍යා පීඨය පිහිට වූ ඇන්ටන් මුතුකුමරු ශ්‍රී ලංකා යුද හමුදාවේ පළමු යුද හමුදාපතිවරයා බවට පත්විය. ගෙවුණු 71 වසර තුළ යුද හමුදාපතිවරුන් 23 දෙනෙකු, ශ්‍රී ලංකා යුද හමුදාවට නායකත්වය ලබාදුන්නේ මාතෘ භූමියේ ආරක්ෂාව සහ සාමය වෙනුවෙන් දිවි හිමියෙන් සේවයට කැපවූ රෙජිමේන්තු 24 ක් යටතේදී ය. ආරක්ෂක තර්ජන, ජාතික ව්‍යසන මෙන්ම හදිසි අවස්ථාවන්වලදී ජනවර්ග අතර සුහදතාව සහ සංහිඳියාව ප්‍රවර්ධනය කරමින් ජාතික ආරක්ෂාව පවත්වාගෙන යාම සඳහා ශ්‍රී ලංකා යුද හමුදාව කරන්නා වූ සේවය ඉතිහාසයේ ලියැවී ඇත්තේ රන් අකුරින් ය. මානූෂීය මෙහෙයුමේදී කුසගින්න දරා ගනිමින් සිය හිතෛෂීන්ගෙන් වෙන්ව දිවා රෑ නොතකා ඔවුන් කළ සේවය සදා අනුස්මරණීයයි. යුද ගැටුම්වලදී දේශය වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන් සේම කොරෝනා වැනි වසංගත හමුවේ ජීවිත අවදානම නොතකමින් අඛණ්ඩ මෙහෙවරක නිරත වන විරෝදාර විරුවන්ට 71 වැනි යුද හමුදා සංවත්සරය දින අපි සිරස නමා උත්තමාචාර පුද කරමු! |
2020-10-10T02:26:43.000Z | මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට හා වේරහැර කාර්යාල යළිත් වැසේ | මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව යළිත් වැසේ | COLOMBO ( News 1st ) : ලබන 12 වැනිදා සිට 16 වැනිදා දක්වා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට හා වේරහැර කාර්යාල මහජනතාව සඳහා විවෘත නොකරන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා පවසයි. කොරෝනා වෛරසය ව්‍යාප්තිය හේතුවෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පසුගිය 07, 08 සහ 09 යන දින තුනේ ද මහජනතාවට විවෘත නොකිරීමට පියවර ගැනිණි. |
2020-10-10T02:12:18.000Z | බදුල්ලේදී පිස්තෝලයක් අලෙවි කිරීමට තැත් කළ අයෙකු දැලේ | පිස්තෝලයක් අලෙවි කිරීමට තැත් කළ අයෙකු දැලේ | COLOMBO ( News 1st ) : බදුල්ල නගරයේදී පිස්තෝලයක් හා පතුරම් 6 ක් සහිත මැගසින් එකක් රුපියල් දෙලක්ෂ පනස් දහසකට අලෙවි කිරීමට සූදානම්ව සිටි පුද්ගලයෙකු විශේෂ විමර්ශන කාර්යාංශයේ නිලධාරී කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ. පොලීසිය පැවසුවේ එම පිස්තෝලය බදුල්ල මහේස්ත්‍රාත් අධීකරණයේ නඩුවකට අදාල ගිනි අවියක් බවට සැක කෙරෙන බවයි. සැකකරු බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ කාර්යාල සහයකයෙකු ලෙස සේවය කරන අයෙකු බව ද පොලීසීය සඳහන් කළේ ය. ඔහු 37 හැවිරිදි හල්දුම්මුල්ලේ පදිංචිකරුවෙකි. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.