date
stringlengths 24
24
| title
stringlengths 0
176
| short_title
stringlengths 10
69
| content
stringlengths 0
19.7k
|
---|---|---|---|
2020-10-23T20:28:20.000Z | මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 7154ක් දක්වා ඉහළට: ගෙවුණු දිනයේ ආසාදිතයින් 866ක් | ගෙවුණු දිනයේ කොරෝනා ආසාදිතයින් 866ක්.. | COLOMBO (News 1st) : කොරෝනා ආසාදිතයින් 866 දෙනෙකු ඊයේ ( 23 ) හඳුනා ගැනුණි. වැඩබලන නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කළේ , ඉන් 535 දෙනෙකු පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳසැළෙන් හමුවූ ආසාදිතයින් බවයි. නිරෝධායන මධ්‍යස්ථානවලින් 48 දෙනෙකු සහ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් 257 දෙනෙකු හඳුනාගෙන තිබේ. ගාල්ල වරායෙන් 05 දෙනෙකු, බේරුවල වරායෙන් 20 දෙනෙකු හා විදෙස්ගතව සිට පැමිණි පුද්ගලයෙකු ද ආසාදිතයින් ලෙස හඳුනා ගෙන ඇතැයි ද ඔහු සඳහන් කළේ ය. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 7154 ක් දක්වා ඉහළ ගියේ ය. ඒ අනුව වෛරසය ආසාදිතව රෝහල්වල ප්‍රතිකාර ලබන පුද්ගලයින් සංඛ්‍යාව 3496 කි. මේ වනවිට සුවය ලබා ඇති සමස්ත රෝගීන් සංඛ්‍යාව 3644 කි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ පාරිසරික සහ වෘත්තීය සෞඛ්‍ය අංශයේ විශේෂඥ වෛද්‍ය ඉනෝකා සුරවීර මහත්මිය පැවසුවේ , සෑම කර්මාන්ත ශාලාවකම කොරෝනා වැළැක්වීම හා සේවක සෞඛ්‍ය ආරක්ෂා කර ගැනීම සඳහා වෙනම නිලධාරියෙකු පත් කරන ලෙසය නිර්දේශ කර ඇති බවයි. කර්මාන්ත ශාලා සඳහා සෞඛ්‍ය මාර්ගෝපදේශ හඳුන්වා දී ඇතැයි ද ඇය සඳහන් කළා ය. |
2020-10-23T20:07:05.000Z | නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත සම්පාදනයට මහජන අදහස් ලබා ගැනීම ඇරඹේ | නව ව්‍යවස්ථා කෙටුම්පතට මහජන අදහස් ලබා ගැනේ | COLOMBO (News 1st) : නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත සම්පාදනය කිරීම සඳහා මහජන අදහස් ලබා ගැනීම ආරම්භ වී තිබේ. අධිකරණ අමාත්‍යංශයේ ලේකම් එම්. පී. කේ මායාදුන්නේ මහතා සඳහන් කළේ , නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමේ විශේෂඥ කමිටුවට මහජන අදහස් යොමුකළ හැකි බවයි. ඒ අනුව කාමර අංක 32 , බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව, බෞද්ධාලෝක මාවත, කොළඹ 07 යන ලිපිනයට යෝජනා ඉදිරිපත් කළ හැකි ය. ඊට අමතරව [email protected] නැමැති විද්‍යුත් ලිපිනයට ද මහජන අදහස් යොමු කළ හැකියි. ලබන නොවැම්බර් මස 30 වැනිදා දක්වා ඒ සඳහා මහජන අදහස් ලබා ගන්නා බව අධිකරණ අමාත්‍යංශ ලේකම්වරයා සඳහන් කළේ ය. |
2020-10-23T19:13:21.000Z | මයික් පොම්පියෝගේ කාර්යය මණ්ඩල සාමාජිකයින් පිරිසක් මෙරටට | පොම්පියෝගේ කාර්යය මණ්ඩලයේ පිරිසක් මෙරටට | COLOMBO (News 1st) – අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතාගේ ශ්‍රී ලංකා සංචාරයට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීම සඳහා ඔහුගේ කාර්ය මණ්ඩල සාමාජිකයින් කණ්ඩායමක් ඊයේ(23) මෙරටට පැමිණ තිබේ. අමෙරිකානු තානාපති කාර්යාලය පවසන්නේ , මෙම සංචාරයේ සියලු කටයුතු ශ්‍රී ලංකා රජය සමග සමීප සම්බන්ධීකරණයකින් සංවිධානය කර ඇති බවයි. කවුරුන් සමග එක්ව ඉදිරියට ගමන් කරන්නේදැයි තීරණය කිරීම සඳහා ශ්‍රී ලංකාව පෙළඹවීමට උත්සාහ කරන බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සහකාර රාජ්‍ය ලේකම් ඩීන් තොම්සන් මහතා විදෙස් වාර්තාකරුවන් සමග පවසා තිබේ. ඔහු කියා සිටියේ, ආර්ථික සබඳතාවලදී අත්වැල් බැදගන්නේ කවුරුන් සමගදැයි තීරණය කිරීම අපහසු නමුත් ශ්‍රී ලංකාව අත්‍යාවශ්‍යයෙන්ම තෝරා ගැනීමක් කළ යුතු බවයි. වෙනත් පාර්ශව ඉදිරිපත් කරන කරුණුවලට හාත්පසින් වෙනස්ව තමන් ඉදිරිපත් කරන විනිවිදභාවයකින් හා තිරසර ආර්ථික සංවර්ධනයකින් යුත් විකල්ප සලකා බලන ලෙස ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටින බව ඩීන් තොම්සන් මහතා වැඩිදුරටත් සඳහන් කළේ ය. |
2020-10-23T11:17:30.000Z | කළුතර දිස්ත්‍රික්කයේ ගම්මාන කිහිපයක් Lockdown කෙරේ | කළුතර දිස්ත්‍රික්කයේ ගම්මාන කිහිපයක් Lockdown කෙරේ | COLOMBO (News 1st) - කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, ගලවිට උතුර, ගලවිට දකුණ, වෙදවත්ත, මගුරුමස්විල හා මාකලන්දාව යන ග්‍රාම සේවා වසම් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා(Lockdown) ගම්මාන ලෙස නම් කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. |
2020-10-23T10:50:56.000Z | තවත් පොලිස් බල ප්‍රදේශ කිහිපයකට නිරෝධායන ඇඳිරි නීතිය | තවත් පොලිස් බලප්‍රදේශ කිහිපයකට නිරෝධායන ඇඳිරිනීතිය | COLOMBO (News 1st) - තවත් පොලිස් බල ප්‍රදේශ කිහිපයකට නිරෝධායන ඇඳිරි නීතිය පනවා තිබේ. ඒ අනුව දෙමටගොඩ සහ මරදාන පොලිස් බල ප්‍රදේශවලට නැවත දැනුම්දෙනතුරු නිරෝධායන ඇඳිරි නීතිය පනවා තිබේ. ඒ සමග පයාගල , අලුත්ම හා බේරුවල පොලිස් වසම්වලට සඳුදා (26) උදෑසන 5.00 දක්වාත් නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි. |
2020-10-23T12:06:27.000Z | Women’s T20 Challenge තරගාවලියට චමරි අතපත්තු සහ ශෂිකලා සිරිවර්ධන එක්වෙයි | Women’s T20 Challenge තරගාවලිය:චමරි,ශෂිකලා එක්වෙයි | COLOMBO (News 1st) - IPL පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියට සමගාමීව ක්‍රියාත්මක Women’s T20 Challenge තරගාවලියට ශ්‍රී ලංකාවේ චමරි අතපත්තු සහ ශෂිකලා සිරිවර්ධන සහභාගී වේ. ඔවුන් ඒ සඳහා මේ වන විට ඩුබායි නගරයට පැමිණ සිටී. නොවැම්බර් මස 4 වැනිදා සිට 11 වැනිදා දක්වා එක්සත් අරාබි එමීර්හිදී මෙම තරගාවලිය පැවැත්වේ. ඒ, සුපර් නෝවාස්, ට්‍රේල් බ්ලේසර්ස්, සහ වෙලෝසිටි යන කණ්ඩායම්වල සහභාගීත්වයෙනි. පසුගිවර ශූරතාව දිනූ සුපර් නෝවාස් කණ්ඩායමට ක්‍රීඩා කළ ශ්‍රී ලංකාවේ චමරි අතපත්තු මෙවරත් එම කණ්ඩායම නියෝජනය කරනු ලැබේ. මෙරට වෙනුවෙන් එක්දින ජාත්‍යන්තර තරගවලදී වැඩිම ලකුණු සංඛ්‍යාවක් රැස් කළ ක්‍රීඩිකාව වන්නේ ද ඇයයි. මේ අතර ජාත්‍යන්තර තරගබිමට සමුදී සිටින ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක ශෂිකලා සිරිවර්ධන ද මෙවර සුපර් නෝවාස් කණ්ඩායමට එක් වේ. ඇය මෙරට වෙනුවෙන් එක්දින කඩුලු වැඩිම සංඛ්‍යාවක් දවා ගත් ක්‍රීඩිකාව ද වේ. |
2020-10-23T08:13:28.000Z | කොරෝනා ආසාදිතයින්ට ප්‍රතිකාර කිරීමට විශේෂ කුටීරයක් රාගම රෝහලට | කොරෝනා ආසාදිතයින්ට ප්‍රතිකාර කිරීමට විශේෂ කුටීරයක් | COLOMBO (News 1st) - කොරෝනා ආසාදිතයින්ට ප්‍රතිකාර කිරීම වෙනුවෙන් සකස් කළ විශේෂ කුටීරයක් රාගම ශික්ෂණ රෝහලට අද දින (23) ලබා දෙන ලදී එය නිර්මාණය කර තිබුණේ, නිර්වින්දන විශේෂඥ වෛද්‍ය විශාකා කර්නල් සහ විද්‍යුත් ඉංජිනේරු චමින්ද කරුණායක යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙනි. මේ වෙනුවෙන් නව නිපැයුම්කරුවන්ගේ කොමිසම ද මුල්‍ය අනුග්‍රහය දක්වා තිබුණි. |
2020-10-23T08:05:57.000Z | පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව තාවකාලිකව මහජනතාවට වැසේ | හැඳුනුම්පත් කාර්යාලය තාවකාලිකව මහජනතාවට වැසේ | COLOMBO (News 1st ) - පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය හා පළාත් කාර්යාල නැවත දැනුම් දෙනතුරු මහජනතාවට විවෘත නොකිරීමට තීරණය කර ඇති බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේය. |
2020-10-23T07:56:09.000Z | හිටපු ජනපති මෛත්‍රීපාලගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් | මෛත්‍රීපාලගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් | COLOMBO (News 1st) - ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු පිළිබඳව විශේෂ සාකච්ඡාවක් අද පස්වරුවේ පක්ෂ මූලස්ථානයේදී පැවැත්විය. ඒ, පක්ෂයේ සභාපති හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙනි. මෙම සාකච්ඡාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්, දිස්ත්‍රික් නායකයින් හා සංවිධායකවරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ. |
2020-10-23T07:54:12.000Z | අද දිනයේ කොරෝනා ආසාදිතයින් 609ක්: 496ක්ම පෑලියගොඩ මාළු වෙළෙඳපොළෙන් | කොරෝනා ආසාදිතයින් 609 ක් | COLOMBO (News 1st): කොරෝනා ආසාදිතයින් 609 දෙනෙකු අද(23) දිනයේ මේ දක්වා(6.05 PM) හඳුනාගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව ඔවුන් වාර්තා වූ ආකාරය මෙසේය. නිරෝධායන මධ්‍යස්ථානවලින් - 48 පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළෙන් - 496 ගාල්ල ධීවර වරායෙන් - 05 බේරුවල ධීවර වරායෙන් - 20 ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් - 40 |
2020-10-23T07:33:41.000Z | 20ට සහය දුන් සමගි ජන බලවේගයේ 8 දෙනා පාර්ලිමේන්තු කණ්ඩායමෙන් නෙරපීමට තීරණයක් | 20ට සහය දුන් සමගි ජන බලවේගයේ 8දෙනා නෙරපීමට තීරණයක් | COLOMBO (News 1st) - පක්ෂයේ තීරණයට එරෙහිව කටයුතු කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පාර්ලිමේන්තු කණ්ඩායමෙන් නෙරපීමට තීරණය කළ බව සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. ඔවුන් මෙම තීරණය ගෙන තිබෙන්නේ අද පස්වරුවේ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු කණ්ඩායම රැස්වූ අවස්ථාවේදීය. එහිදී 20 වන සංශෝධනයට සහය දුන් මන්ත්‍රීවරුන් 8 දෙනෙකු සම්බන්ධයෙන් නීත්‍යානුකූල ක්‍රියාමාර්ග ගැනීමට පාර්ලිමේන්තු කණ්ඩායම තීරණය කර තිබේ. |
2020-10-23T07:41:36.000Z | කඩිනමින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කර ගත යුතුයි - පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් | කඩිනමින් නව ව්‍යවස්ථාවක් සම්මත කර ගත යුතුයි | COLOMBO (News 1st) - කඩිනමින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කර ගත යුතු බව සියම් නිකායේ අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් අද පැවති මාධ්‍ය හමුවකදී අවධාරණය කළේය. " මහා සංඝරත්නයත් පොදු මහජනතාවත් අපේක්ෂා කළා විශේෂ කරුණු මෙම ව්‍යවස්ථා සංශෝධනය තුළට ඇතුළත් කිරීම. අමාත්‍යතුමා ඉදිරිපත් කරපු කමිටු නිර්දේශ තුළත් ඒ වගේම අධිකරණයට ඉදිරිපත් කරපු සංශෝධන තුළත් ඒ පිළිබඳව සඳහන් වුණා. ඉතා කඩිනමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අලුතින් සම්මත කරගැනීම තමයි අපේක්ෂා කරන්නේ. මේ රටේ මහා සංඝරත්නය විශේෂයෙන්ම වර්තමාන රජය බලයට පත් කිරීම සඳහා ඇප කැපවී කටයුතු කළා. ඒ උන්වහන්සේලාගේ කැපවීම පිළිබඳව විශේෂ අවධානය යොමු කරමින් ඉතා ඉක්මණින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීමට කටයුතු කරන හැටියට අප රජයෙන් ඉල්ලා සිටිනවා. මේ රටේ භික්ෂූන් භික්ෂුන් වහන්සේලාටත් යම් චෝදනා එල්ල වෙන්න පුළුවන් අනාගතයේ දී උන්වහන්සේලා ඒ මග පෙන්වීම් කරපු රජය අපේක්ෂාකරන විදිහට කටයුතු නොකළොත්.යම්කිසි හානිදායක තත්ත්වයක් තිබෙනවා. ඒ නිසා රජය රජයේ විශේෂ අවධානය යොමු කරලා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීමට ඉතා ඉක්මනින් කටයුතු කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා." |
2020-10-23T07:16:32.000Z | රජයේ මුදල් කාරක සභාවේ සභාපති ධුරය නිසා පාර්ලිමේන්තුව උණුසුම් වෙයි | යළිත් ඡන්ද විමසීමක් නිසා පාර්ලිමේන්තුව උණුසුම් | COLOMBO (News 1st) - පාර්ලිමේන්තුවේදී අද යළිත් ඡන්ද වීමසීමක් සිදුවිය. ඒ, රජයේ මුදල් කාරක සභාවේ සභාපති ධුරය විපක්ෂයේ මන්ත්‍රීවරයෙකුට හිමිවිය යුතු බවට ඇතිවූ සංවාදයකින් පසුවයි. ස්ථාවර නියෝග අනුව එම තනතුර විපක්ෂයට හිමිවිය යුතු බව සමගි ජනබලවේගය පෙන්වා දුන්නේය. නමුත් ආණ්ඩු පක්ෂය යෝජනා කළේ, කමිටුවේ බහුතර සාමාජිකයින්ගේ කැමැත්ත මත සභාපතිවරයා තෝරාගත යුතු බවයි. ඒ අනුව ස්ථාවර නියෝගවල කුමක් සඳහන්වුවත් රජයේ ගිණුම් කාරක සභාවේ සභාපතිවරයා එහි සමාජිකයින් විසින් තෝරාගත යුතු බව සඳහන් යෝජනාවක් ආණ්ඩු පක්ෂය ඉදිරිපත් කළේය. කතානායක - සභාව එකඟද? පා.ම. අශෝක් අබේසිංහ මහතා ගියපාර කෝපා කමිටුව සහ කෝප් කමිටුවේ විපක්ෂයට දුන්නා සභාපතිකම්. මේකේ දෙපාරම දීලා නෑ. මේ මුදල් කමිටු සභාපතිකම් අපිට දෙන්න මේක සම්ප්‍රදායක් විදියට තිබුණා ඒ නිසා මේක දෙන්න කතානායක - දැන් නිශ්ශබ්ද වෙන්න ඡන්දෙට යන්න. එම යෝජනාවට පක්ෂව ඡන්ද 87කුත් විපක්ෂව ඡන්ද 17කුත් ලැබිලා තියෙනවා ඒ නිසා යෝජනාව සම්මතයි |
2020-10-23T06:44:48.000Z | දැනටමත් ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශ හැර වෙනත් කිසිදු ප්‍රදේශයකට ඇඳිරි නීතිය පැනවීමට තීරණයක් ගෙන නැහැ - රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව | ඇඳිරි නීතිය ගැන දැනුම් දීමක්... | COLOMBO (News 1st) - දැනටමත් ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශ හැර වෙනත් කිසිදු ප්‍රදේශයකට ඇඳිරි නීතිය පැනවීමට මේ වන විට කිසිදු තීරණයක් ගෙන නොමැති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. |
2020-10-23T04:14:59.000Z | අරන්තලාව භික්ෂු ඝාතනය: අගතියට පත් පාර්ශවවලින් ප්‍රකාශ සටහන් කර ගන්නැයි, නීතිපතිගෙන් උපදෙස් | අරන්තලාව භික්ෂු ඝාතනය : නීතිපති උපදෙස් | COLOMBO (News 1st) : 1987 වසරේදී LTTE ත්‍රස්ත සංවිධානය විසින් භික්ෂුන් වහන්සේ ඝාතනය කිරීමේ සිද්ධිය හෙවත් අරන්තලාව භික්ෂු ඝාතනයේ වින්ධිත පාර්ශවයෙන් ප්‍රකාශයක් ලබා ගන්නැයි නීතිපති දප්පුල ද ලිවේරා මහතා වැඩබලන පොලිස්පති සී.ඩි.වික්‍රමරත්න මහතාට උපදෙස් දී තිබේ. නීතිපති සම්බන්ධීකරණ නිලධාරී රජයේ නීතීඥ නිෂාරා ජයරත්න මෙනෙවිය පැවසුවේ ඊට අමතරව එම නඩුව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණයක් පවත්වන්නැයි ද අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට උපදෙස් දුන් බවයි. විමර්ශනවල ප්‍රගතිය සති 2 ක් ඇතුළත ලබා දීමට කටයුතු කරන්නැයි නිතිපතිවරයා උපදෙස් දී තිබේ. |
2020-10-23T04:01:43.000Z | බේරුවල ධීවර වරාය ආශ්‍රිතව පුද්ගලයින් 750 ක් PCR පරික්ෂාවට | බේරුවල ධීවර වරාය ආශ්‍රිතව 750ක් PCR පරික්ෂාවට | COLOMBO (News 1st) : බේරුවල ධීවර වරාය ආශ්‍රිතව පුද්ගලයින් 750 දෙනෙකු PCR පරික්ෂාවට යොමු කිරීමට තීරණය කර තිබේ. කළුතර දිස්ත්‍රික් ලේකම් ජනක කුමාර මහතා සඳහන් කළේ, කොරෝනා ආසාදිතයින් වාර්තා වීමත් සමග එම තීරණයට එළැඹි බවයි. අද උදෑසන සිට බේරුවල ධීවර වරාය තාවකාලිකව වසා දැමිණ. මේ අතර රත්නපුර මාළු වෙළෙඳසැළ ද තාවකාලිකව වසා දමා තිබේ. |
2020-10-23T03:44:51.000Z | රට විවෘත කිරීමට සුදුසුම කාලය එළඹ ඇතැයි, ජනපති ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක් | අමෙරිකාවේ කොරෝනා ආසාදිතයින් 86 ලක්ෂය ඉක්මවයි | COLOMBO (News 1st) : කොරෝනා මරණවලින් පිරි අඳුරු සීත සෘතුවෙන් රට මුදා ගැනීමට ඩොනල්ඩ් ට්‍රම්ප්ට කිසිදු අවශ්‍යතාවක් නොමැති බවට ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති අපේක්ෂක ජෝ බයිඩන් චෝදනා කරයි. ඒ, තින්සේ ප්‍රාන්තයේ නැෂ්විල්හිදී ජනාධිපතිවරණයේ අවසන් රූපවාහිනී විවාදයට එක්වෙමිනි. අදාළ මරණවලට වගකිව යුතු නායකයෙකු ජනපති ධුරයේ රැඳී සිටීමට සුදුස්සෙකු නොවන බව ද ඔහු ප්‍රකාශ කළේ ය. ජෝ බයිඩන්ගේ ප්‍රකාශයත් සමඟ විවාදය උණුසුම් වූයේ ඩොනල්ඩ් ට්‍රම්ප් ද වාග් ප්‍රහාර එල්ල කිරීමත් සමඟයි. සති කිහිපයකින් කොරෝනා මර්දන එන්නත රෝහල්වලට ලබාදීමට සූදානම් බව, ඩොනල්ඩ් ට්‍රම්ප් එහිදී ප්‍රකාශ කළේ ය. ඔහු පැවසුවේ, අමෙරිකාව යළි විවෘත කිරීමට සුදුසුම කාලය උදා වී ඇති බවයි. ජනාධිපතිවරයා එවැනි ප්‍රකාශයක් සිදුකළේ අමෙරිකාවේ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 86 ලක්ෂය ඉක්මවා ඇති පසුබිමකදීයී. එරටින් වාර්තා වන මරණ සංඛ්‍යාව ද දෙලක්ෂ විසිඅට දහස ඉක්මවා ගියේ ය. කෙසේ වෙතත් ලබන නොවැම්බර් 3 වැනිදා අමෙරිකානු ජනාධිපතිවරණය පැවැත්වීම සඳහා තවත් ඉතිරිව ඇත්තේ දින 11 ක් පමණයි. |
2020-10-23T02:59:25.000Z | චීනයෙන් ශ්‍රී ලංකාවට PCR පරීක්ෂණ කට්ටල තොගයක් | චීනයෙන් ශ්‍රී ලංකාවට PCR පරීක්ෂණ කට්ටල තොගයක් | COLOMBO (News 1st) : PCR පරීක්ෂණ කට්ටල තොගයක් ශ්‍රී ලංකාවට ලබා දීමට චීන රජය තීරණය කර තිබේ. ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය පැවසුවේ, PCR පරීක්ෂණ කට්ටල 25,000ක් ශ්‍රී ලංකාවට ලබා දීමට චීන රජය තීරණය කර ඇති බවයි. |
2020-10-23T02:48:15.000Z | සහරාන්ගේ බිරිඳ ජනපති කොමිසම හමුවේ පළමු වරට සාක්ෂි දෙයි | සහරාන්ගේ බිරිඳ ජනපති කොමිසම හමුවට | COLOMBO (News 1st) : අප්‍රේල් 21 ප්‍රහාරය මෙහෙය වූ සහරාන් හෂීම්ගේ බිරිඳ වන අබ්දුල් කාදර් ෆාතිමා හාදියා පළමු වරට අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ අද සාක්ෂි ලබාදීමට පැමිණියා ය. දැනට රක්ෂිත බන්ධනාගාරගතකර සිටින ඇය අද පෙරවරුවේ කොමිෂන් සභාව වෙත රැගෙන ආවේ බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව මධ්‍යයේයි. කොමිසම හමුවට ඊයෙ දිනයෙත් සාක්ෂිකාරිය කැඳ වුවද, ඇයගෙන් සාක්ෂි සටහන් කර ගැනීමක් ඊයේ සිදු නොකෙරිණ. ඒ, දැනට අධිකරණය හමුවේ අප්‍ර්ල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් පවතින නඩු කටයුතුවලට ඇය කොමිසම හමුවේ සාක්ෂි ලබාදිමෙන් බාධාවක් ඇති විය හැකි බව දක්වමින් නීතිපති දෙපාර්තමේන්තුව ඊයෙ කොමිසම හමුවේ කළ කරුණු දැක්විම සලකා බැලීමෙන් අනතුරුව සාක්ෂි ලබා ගැනීම තාවකාලිකව කල් තැබිම හේතුවෙනි. සැකකකාරිය ඇතුළු 6 දෙනකු ලබන 4 වෙනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා ඊයේ නියෝග කළේ ය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටි සහරාන් හෂීම්ගෙ බීරිඳ වන අබ්දුල් කාදර් ෆාතිමා හාදියා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මාස 17 කට ආසන්න කාලයක් රඳවා තබා ගෙන ප්‍රශ්න කිරීමෙන් අනතුරුව ඊයෙ අධිකරණයට ඉදිරිපත් කෙරිණ. https://www.facebook.com/NewsfirstSL/videos/678658116107146/ |
2020-10-23T01:05:14.000Z | UPDATE : බේරුවල ධීවර වරායේ 20 කට කොරෝනා | UPDATE : බේරුවල ධීවර වරායේ 20 කට කොරෝනා | COLOMBO (News 1st) : බේරුවල ධීවර වරායේ ධීවරයින් 20 දෙනෙකුට කොරෝනා අසාදනයවී ඇතැයි, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. අද දිනයේදීත් PCR පරීක්ෂණ සඳහා බේරුවල ධීවර වරායේ ධීවරයින්ගේ සහ ආශ්‍රිතයින්ගේ සාම්පල ලබාගත් බව නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසී ය. මේ අතර අප කළ විමසීමකදී බේරුවල ධීවර වරාය එහි පුද්ගලයින් පිරිසකගේ PCR පරීක්ෂණ සිදු කිරීම සඳහා වසා දැමූ බව වැඩ බලන නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා ද තහවුරු කළේ ය. ............................................................................................................................................................................................. බේරුවල ධීවර වරාය තාවකාලිකව වසා දැමේ COLOMBO (News 1st) 10.05 AM : බේරුවල ධීවර වරාය තාවකාලිකව වසා දමා තිබේ. වැඩ බලන නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසුවේ, එහි සිටින පුද්ගලයින් පිරිසකගේ PCR පරීක්ෂණ සිදු කිරීම සඳහා එලෙස වරාය වසා දැමූ බවයි. බේරුවල ධීවර වරායෙන් ආසාදිතයින් කිහිපදෙනෙකු හඳුනාගෙන ඇතැයි, කළුතර දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කළේ ය. ඔහු පැවසුවේ, උදෑසන කාලයේ වසා තැබුණ ද පස්වරුවේ තොග වෙළෙඳුන් වෙනුවෙන් ධීවර වරාය විවෘත කිරීමට නියමිත බවයි. |
2020-10-22T22:36:13.000Z | බස්නාහිර වැටලීමකින් සැකකරුවන් 219 ක් අත්අඩංගුවට | බස්නාහිර වැටලීමකින් සැකකරුවන් 219 ක් අත්අඩංගුවට | COLOMBO (News 1st) : පසුගිය පැය 24 තුළ බස්නාහිර පළාතේ කළ වැටලීමවලදී පුද්ගලයින් 219 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, ගල්කිස්ස, බොරුල්ල, ජා-ඇල ,කොටදෙණියාව සහ දොම්පේ යන ප්‍රදේශවල පදිංචිකරුවන් පිරිසකි. පොලීසිය සඳහන් කළේ, එහිදී හෙරොයින් ග්‍රැම් 71 යි මිලිග්‍රෑම් 195 ක් ද, ගංජා ග්‍රෑම් 39 යි මිලිග්‍රෑම් 520 ක්ද ,නීතිවිරෝධි මත්පැන් බෝතල් 723 ක්ද සැකකරුවන් සන්තකයේ තිබී පොලීසිය භාරයට ගත් බවයි. |
2020-10-22T19:16:50.000Z | මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 6782ක් දක්වා ඉහළට | ඊයේ (22) සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 309ක් | COLOMBO (News 1st) : කොරෝනා ආසාදිතයින් 309 දෙනෙකු ඊයේ (23) හඳුනා ගැනිණ. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුව සඳහන් කළේ, එම අසාදිතයින් අතර පෑලියගොඩ මත්ස්‍ය වෙළඳසලේ 182 දෙනෙකු ද වන බවයි. මේ වන විට මිනුවන්ගොඩ කොරෝනා පොකුරෙන් වාර්තාවූ සමස්ත ආසදිතයින් සංඛ්‍යාව 2817 කි. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 6287 දක්වා ඉහළ ගියේ ය. 2712 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර සුවය ලැබූ සංඛ්‍යාව 3561 කි. මේ අතර මෙරට 14 වැනි කොරෝනා මරණය ඊයේ පස්වරුවේ වාර්තා විය. සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක, වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා ප්‍රකාශ කළේ, අයිඩීඑච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 50 හැවිරිදි කාන්තාවක එලෙස මියගොස් ඇති බවයි. ඇය, කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචිකාරියකි. එම කාන්තාව දියවැඩියාව වැනි වෙනත් රෝගී තත්ත්වයන්ගෙන් පෙළුණු තැනැත්තිවක බව ද, ඔහු සඳහන් කළේ ය. මේ අතර ගම්පහ දිස්ත්‍රික්කයට, කොළඹ දිස්ත්‍රික්කයේ පොලිස් වසම් 6 කට හා කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොලිස් වසම් 5 කට පැනවූ නිරෝධායන ඇඳිරි නීතිය මේ වන විට ක්‍රියාත්මක වේ. |
2020-10-22T11:19:36.000Z | තවත් කොරෝනා ආසාදිතයින් 259ක් | තවත් කොරෝනා ආසාදිතයින් 259ක් | COLOMBO (News 1st) : තවත් කොරෝනා ආසාදිතයින් 259ක් හඳුනා ගෙන තිබේ. ඉන් 182 දෙනෙකු වාර්තා වී ඇත්තේ, පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළෙන් වන අතර නිරෝධායන මධ්‍යස්ථානවලින් ආසාදිතයින් 2 දෙනෙකු වාර්තා වී ඇත. ආශ්‍රිතයින් අසාදිතයින් 75 දෙනකු ද වාර්තා වී තිබේ. |
2020-10-22T10:45:24.000Z | 20 වැනි සංශෝධනය 2/3 ක බහුතරයෙන් සම්මතයි | 20 වැනි සංශෝධනය 2/3 ක බහුතරයෙන් සම්මතයි | COLOMBO (News 1st) : 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය 2/3 බහුතර ඡන්දයෙන් පාර්ලිමේන්තුවේදී සම්මත විය. සංශෝධනයට පක්ෂව ඡන්ද 156 ලැබුණු අතර විපක්ෂව ලැබුනේ ඡන්ද 65 ක් පමණි. උදෑසන සිට 20 වැනි සංශෝධනය දෙවැනි වර කියවීමේ විවාදය පැවති අතර පස්වරුවේ 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම පැවැත්විණ. එහිදි පනත් කෙටුම්පතට පක්ෂය ඡන්ද 156 ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ, ඡන්ද 65 ක් පමණි. ඒ අනුව 2/3 බහුතරයකින් 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය දෙවැනි වර කියවීමේ සම්මත විය. සමගි ජන බලවේගය නියෝජනව කරමින් පාර්ලිමේන්තුවට තෙරී පත් වූ ඩයනා ගමගේ, ඉෂාක් රහුමාන්, ඒ. ඒ.එස්. එම්. රහීම්, එස්. එම්. තවුෆික්, ෆයිසාල් කාසීම්, ඒ. ඒ. එම්. හාරිස්, අරවින්ද කුමාර් හා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නසීර් අහමඩ් යන මන්ත්‍රීවරු කෙටුම් පතට පක්ෂව ඡන්දය භාවිත කළහ. ඉන් අනතුරුව උදා වූයේ, කාරක සභා අවස්ථාවයි. එහිදී ජනාධිපතිවරණයකට හෝ මහ මැතිවරණයකට තරග කිරීම සඳහා ද්විත්ව පුරවැසියන්ට ඉඩ කඩ සැලසෙන 17 වැනි වගන්තිය ඉවත් කළ යුතු බවට විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ගෙනා ආ සංශෝධනය සඳහා ද ඡන්ද විමසීමක් පැවැත් විණ. ද්විත්ව පුරවැසියන්ට පාර්ලාමේන්තුවට පැමිණිමට හැකි බවට වන වගන්තියට සහය පලකරමින් ලැබුණු ඡන්ද සංඛ්‍යාව 157 කි. ඒ අවස්ථාවේදී කෙටුම්පත දෙවැනි වර කියවීමට විරුද්ධව ඡන්දය ලබා දුන් අකිල ඉලංගෙයි මක්කල් කොංග්‍රස් පක්සයේ මුෂාරෆ් මුතුනබීන් මහතා පක්ෂව ඡන්දය ලබා දුන්නේ ය. ඊට විරුද්ධව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 64 කි. ඒ අනුව ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තුවට පැමිණිමට හැකි බවට වන වගන්තිය ද 2/3 බහුතරයකින් සම්මත විය. 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සංශෝධන සහිතව සම්මත වීමෙන් පසු හෙට (23) පෙරවරු 10 දක්වා පාර්ලිමේන්තුව කල් තැබිණ. |
2020-10-22T08:51:40.000Z | 20 දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි | 20 දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි | COLOMBO (News 1st) : 20 වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත දෙවන වර කියවීමේ ඡන්ද විමසීම වැඩි ඡන්ද සම්මත වෙයි. සංශෝධන කෙටුම්පත දෙවන වර කියවීමේ ඡන්ද විමසීමේදී පක්ෂව ඡන්ද 156ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 65ක් පමණයි. |
2020-10-22T07:42:17.000Z | කොරෝනා ආසාදිත කාන්තාවක IDH රෝහලේදී මියයයි | මෙරට 14 වන කොරෝනා මරණය වාර්තා වෙයි | COLOMBO (News 1st) : කොරෝනා ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි 50 හැවිරිදි කාන්තාවක ජීවිතක්ෂයට පත්ව තිබේ. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ, IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කුලියාපිටියේ පදිංචි 50 හැවිරිදි කාන්තාවක එලෙස මිය ගොස් ඇති බවයි. කුලියාපිටිය රෝහලේ සිට ඇය IDH රොහලට මාරු කර එවා ඇත්තේ, පසුගිය 17 වැනිදා ය. එම කාන්තාව නිධන්ගත රෝග රාශියකින් පෙළෙමින් සිට ඇති අතර එම නිධන්ගත රෝගවල සංකූලතා හේතුවෙන් මිය ගොස් ඇත. ඒ අනුව මෙය මෙරටින් වාර්තා වන 14 වැනි කොරෝනා මරණයයි. |
2020-10-22T06:23:40.000Z | හිටපු ජනපති මෛත්‍රී අදත් ජනපති කොමිසම හමුවට | හිටපු ජනපති මෛත්‍රී අදත් ජනපති කොමිසම හමුවට | COLOMBO (News 1st) : හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවට පැමිණ තිබේ. හිටපු ජනපතිවරයා ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ සාක්ෂි දීම සඳහා පැමිණ ඇත්තේ පස්වන දිනටයි. |
2020-10-22T06:12:07.000Z | පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළට පැමිණි අයකු වේ නම්, PCR පරීක්ෂණයකට යොමු වන්න | පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළට පැමිණි අයට දැනුම්දීමක් | COLOMBO (News 1st) : පසුගිය සතිය තුළ පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළට පැමිණි අයකු වේ නම්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා හමුවී PCR පරීක්ෂණයකට යොමු වන ලෙස යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා දැනුම්දී සිටී. කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ පැවති මධ්‍ය හමුවට එක්වෙමින් යුද හමුදාපතිවරයා මෙම දැනුම්දීම සිදු කළේ ය. පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළේ පිරිස් හා ආශ්‍රිතයින් 800කට ආසන්න පිරිසක් නිරෝධායන මධ්‍යස්ථාන වෙත රැගෙන ගොස් ඇති බවත් තවත් 800ක් වැඩි පිරිසක් ස්වයං නිරෝධායනයට යොමු කර ඇති බවත් යුද හමුදාපතිවරයා එහිදී පැවසී ය. තව ද යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ, පසුගිය දින 14ක කාලය පුරාවට මෙරට තුළ ලක්ෂයකට අධික PCR පරීක්ෂණ සංඛ්‍යාවක් සිදු කර ඇති බවයි. |
2020-10-22T05:09:19.000Z | තවත් කොරෝනා ආසාදිතයින් 60ක් සුවය ලබති | තවත් කොරෝනා ආසාදිතයින් 60ක් සුවය ලබති | COLOMBO (News 1st) : තවත් කොරෝනා ආසාදිතයින් 60 දෙනෙකු අද (22) සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ. මේ අතර අද තවත් කොරෝනා ආසාදිතයින් 50 දෙනෙකු අද හඳුනා ගැනිණ. ඒ අතරින් 22 දෙදෙනෙකු කටුනායක අයෝජන ප්‍රවර්ධන කලාපයේ කර්මාන්ත ශාලා 2 ක සේවකයින් වන අතර තවත් 6 දෙනෙකු පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළන් හඳුනා ගෙන තිබේ. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුව සඳහන් කළේ, සෙසු පුද්ගලයින් 22 ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් වන බවයි. ඒ අනුව මිනුවන්ගොඩ කෙරෝනා පොකුරේන් වාර්තවන සමස්ත කෙරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2558 කි. මේ වන විට සුවය ලබා ඇති සමස්ත රෝගීන් සංඛ්‍යාව 3561 කි. මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 6028 ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය සදහන් කළේ ය. වෛරසය ආසාදිතව තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන පුද්ගලයින් සංඛ්‍යාව 2454 කි . |
2020-10-22T04:41:27.000Z | අද (22) සවස 6.00 සිට කොටහේන පොලිස් වසමට නිරෝධායන ඇඳිරි නීතිය | අද සවස 6.00 සිට කොටහේනට නිරෝධායන ඇඳිරි නීතිය | COLOMBO (News 1st) : අද පස්වරු 6.00 සිට කොළඹ කොටහේන පොලිස් වසමට නිරෝධායන ඇඳිරි නීතිය පනවන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. යුද හමුදාපතිවරයා මේ බව පැවසුවේ, කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ පැවති මධ්‍ය හමුවට එක්වෙමිනි. අද උදෑසන කොළඹ දිස්ත්‍රික්කයේ මට්ටක්කුලිය, මෝදර, වැල්ලම්පිටිය, බ්ලූමැන්ඩල් සහ ග්‍රැන්ඩ්පාස් යන පොලිස් බල ප්‍රදේශවලට ද නිරෝධායන ඇඳිරි නීතිය පැනවී ය. මේ අතර ගම්පහ දිස්ත්‍රික්කයටම පැනවූ නිරෝධායන ඇඳිරි නීතිය ලබන සඳුදා අලුයම 5 දක්වා ක්‍රියාත්මකයි. එසේම කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොලිස් වසම් 5 කට ද මේ වන විට නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ ය. ඔහු පැවසුවේ, නිරෝධායන ඇඳිරි නීතිය බලපැවැත්වෙන ප්‍රදේශවල අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාම සඳහා අදාළ ආයතනවල සේවකයින්ට ගමන් කිරීමට අවස්ථාව හිමිවන බවයි. ඒ සඳහා සිය රාජකාරි හැඳුනුම්පත ඇඳිරි නීති බලපත්‍රය ලෙස භාවිත කළ හැකියි. |
2020-10-22T04:01:19.000Z | රේගු පරීක්ෂකවරුන් දෙදෙනකුට ත් කොරෝනා | රේගු පරීක්ෂකවරුන් දෙදෙනකුට ත් කොරෝනා | COLOMBO (News 1st) : කොළඹ වරායේ රාජකාරියේ නිරත රේගු පරීක්ෂකවරුන් දෙදෙනකුට කෙරෝනා ආසාදනය වී තිබේ. ඔවුන් කොළඹ වරායේ ප්‍රධාන පිවිසුම් දොරටුවේ සේවයේ නිරත සේවකයින් දෙදෙනෙකි. අතිරේක රේගු අධ්‍යක්ෂ ජෙනරාල් සුනිල් ජයරත්න මහතා සඳහන් කළේ, මේ හේතුවෙන් වරාය රේගුවේ ප්‍රධාන පිවිසුම් මාර්ග 6 න් 4 ක් වසා දමා ඇති බවයි. |
2020-10-22T03:52:40.000Z | ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණෙන් දැනුම්දීමක් | ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණෙන් දැනුම්දීමක් | COLOMBO (News 1st) : උතුරු හා වයඹ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශවල හෙට දිනය තෙක් යාත්‍රා කිරීමෙන් වළකින්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර හා නාවික ප්‍රජාවට දැනුම් දෙයි. |
2020-10-22T00:47:53.000Z | ජනපති පොරොන්දුව මත, 20වැනි සංශෝධනයට කැබිනට් අමාත්‍ය විමල් වීරවංශගේ සහය | 20වැනි ව්‍යවස්ථා සංශෝධනට සහය - විමල් වීරවංශ | COLOMBO (News 1st) - 20 වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතෙන් ද්විත්ව පුරවැසි භාවය සම්බන්ධ නීති ඉවත් කිරීමට විරුද්ධ නොවන බව අමාත්‍ය විමල් වීරවංශ මහතා ඇතුළු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු අද සඳහන් කළේය. ඔවුන් අද (22) ඒකාබද්ධ මාධ්‍ය හමුවක් කැදවමින් ප්‍රකාශ කළේ, ඊයේ සවස පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා දැක්වූ අදහස් මත මේ තීරණය ගත් බවයි. ඔවුන් පවසන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත්වීමට ද්විත්ව පුරවැසි භාවය සුදුසු කමක් නොවන බවට වන වගන්තිය යළි නව ව්‍යවස්ථාවකට ඇතුළත් කරන බවට ජනාධිපතිවරයා සහතික වීම හේතුවෙන් මේ තීරණය ගත් බවයි. |
2020-10-22T00:03:02.000Z | 20න් ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ නීතිය වෙනස් කිරීමට විරුද්ධ බව ජනපතිට දැන්වුවා - තිස්ස විතාරණ | ද්විත්ව පුරවැසි නීතියට විරුද්ධ බව ජනපතිට දැන්වුවා | COLOMBO (News 1st) - 20 වැනි සංශෝධනයෙන් ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ නීතිය වෙනස් කිරීමට විරුද්ධ බව ජනාධිපතිතුමාට දැන්වූ බව ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් මහාචාර්ය තිස්ස විතාරණ මහතා පවසයි. |
2020-10-21T22:53:05.000Z | කොන්සියුලර් කටයුතු දෙපාර්තමේන්තුවෙන් සපයන සියලු සේවා තාවකාලිකව අත්හිටුවයි | කොන්සියුලර් කටයුතු දෙපාර්තමේන්තුවේ සේවා අත්හිටුවයි | COLOMBO (News 1st) - කොන්සියුලර් කටයුතු දෙපාර්තමේන්තුව මගින් සපයන සියලු සේවා නැවත දැනුම් දෙනතුරු අත්හිටුවීමට තීරණය කර ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි. |
2020-10-21T22:43:49.000Z | ප්‍රතිපත්ති පොලී අනුපාත සහ ව්‍යවස්ථාපිත සංචිත අනුපාත නොවෙනස්ව පවත්වාගෙන යාමට තීරණයක් | මහ බැංකු මුදල් මණ්ඩලයෙන් දැනුම් දීමක් | COLOMBO (News 1st) - ප්‍රතිපත්ති පොලී අනුපාත සහ ව්‍යවස්ථාපිත සංචිත අනුපාත නොවෙනස්ව පවත්වාගෙන යාමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර තිබේ. |
2020-10-21T21:26:54.000Z | ගම්පහ දිස්ත්‍රික්කයේ A/L සිසුන්ට හා විභාග කාර්ය මණ්ඩලවලට ප්‍රවාහන සේවා.. | ගම්පහ A/Lසිසුන්ට,විභාග කාර්යමණ්ඩලවලට ප්‍රවාහන සේවා | COLOMBO (News 1st) - නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක ගම්පහ දිස්ත්‍රික්කයේ උසස් පෙළ සිසුන්ට හා විභාග කාර්ය මණ්ඩලවලට ප්‍රවාහන සේවා යොදවා ඇතැයි විභාග දෙපාර්තමේන්තුව පවසයි. විභාග කොමසාරිස් ජනාරාල් සනත් බී. පූජිත මහතා සඳහන් කළේ, ශිෂ්‍යත්ව විභාග ඇගයීම් මධ්‍යස්ථානවලට පැමිණෙන ගුරුවරුන්ට ද එම ප්‍රවාහන පහසුකම් ලබා ගත හැකි බවයි. කුලියාපිටිය අධ්‍යාපන කලාපයේ හා ගම්පහ දිස්ත්‍රික්කයේ ශිෂ්‍යත්ව ඇගයීම් අත්හිටුවා ඇතැයි ද ඔහු ප්‍රකාශ කළේය. සෙසු ප්‍රදේශවල ශිෂ්‍යත්ව ඇගයීම් කටයුතු අද සිට ලබන 27 වැනිදා දක්වා සිදු කෙරෙන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේය. |
2020-10-21T21:21:51.000Z | කොළඹ, ගම්පහ හා කුරුණෑගල දිස්ත්‍රික්කවල රෝගීන්ට අවශ්‍ය ඖෂධ තැපෑලෙන් | කොළඹ,ගම්පහ,කුරුණෑගල රෝගීන්ට ඖෂධ තැපෑලෙන් | COLOMBO (News 1st) - කොළඹ, ගම්පහ හා කුරුණෑගල දිස්ත්‍රික්කවල රෝගීන්ට අවශ්‍ය ඖෂධ තැපෑල හරහා බෙදා හැරීම මේ වනවිට ආරම්භ කර ඇතැයි තැපැල් දෙපාර්තමේන්තුව පවසයි. කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ තැපැල් අධිකාරී අස්ලාම් හසන් මහතා සඳහන් කළේ, රෝහල්වල සායනවලින් ලැබෙන හා ඖෂධසැල් වලින් ලබාදෙන ඖෂධ එලෙස බෙදා හැරෙන බවයි. |
2020-10-21T21:05:24.000Z | මට්ටක්කුලිය, මෝදර, වැල්ලම්පිටිය, බ්ලූමැන්ඩල්, ග්‍රැන්ඩ්පාස් ප්‍රදේශවලට නිරෝධායන ඇඳිරි නීතිය | මට්ටක්කුලිය ඇතුළු ප්‍රදේශ 5කට නිරෝධායන ඇඳිරි නීතිය | COLOMBO (News 1st) - කොළඹ දිස්ත්‍රික්කයේ මට්ටක්කුලිය, මෝදර, වැල්ලම්පිටිය, බ්ලූමැන්ඩල් සහ ග්‍රැන්ඩ්පාස් පොලිස් බල ප්‍රදේශවලට වහාම ක්‍රියාත්මක වන පරිදි නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. |
2020-10-21T20:55:38.000Z | චීන කොරෝනා මර්දන එන්නත් මිලදී ගන්නේ නැහැ - බ්‍රසීල ජනපති අවධාරණය කරයි | චීන කොරෝනා මර්දන එන්නත් මිලදී ගන්නේ නැහැ- බ්‍රසීලය | COLOMBO (News 1st) - චීනයේ නිෂ්පාදිත කොරෝනා මර්දන එන්නත කිසිසේත් මිලදී නොගන්නා බව, බ්‍රසීල ජනාධිපති ජයිල් බොල්සනරෝ පවසයි. ඔහු සඳහන් කළේ, ඒ වෙනුවට නව එන්නතක් නිෂ්පාදනය කරන බවයි. බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය සහ පෞද්ගලික ඖෂධ නිෂ්පාදන සමාගමක සහායෙන් නව එන්නතක් අත්හදා බැලීම ආරම්භ කර ඇතැයි ද බ්‍රසීල ජනාධිපතිවරයා පවසයි. ස්වේච්ඡා සේවකයින් දසදහසක සහභාගිත්වයෙන් ඊට අදාළ සායනික අත්හදා බැලීම් සිදු කෙරෙන්නේ අදියර තුනක් යටතේදීය. ලොව තුන්වැනියට වැඩිම කොරෝනා ආසාදිතයින් වාර්තා වන්නේ බ්‍රසීලයෙනි. |
2020-10-21T20:47:32.000Z | 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ විවාදය අද දෙවැනි දිනටත්.. | 20 ගැන විවාදය අද දෙවැනි දිනටත් | COLOMBO (News 1st) - 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ විවාදය, අද (22) දෙවැනි දිනටත් පැවැත්වේ. ඊයේ (21), ඒ පිළිබඳ විවාදය ආරම්භ කළේ අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා විසිනි. ඊයේ පැවති විවාදයේ විශේෂ අවස්ථා කිහිපයක්... https://www.facebook.com/NewsfirstSL/videos/1785790578239854/ |
2020-10-21T20:43:08.000Z | දුම්රිය පාලනාධිකාරියෙන් ජනතාවට විශේෂ දැනුම් දීමක්.. | දුම්රිය පාලනාධිකාරියෙන් විශේෂ දැනුම් දීමක් | COLOMBO (News 1st) - කොරෝනා ව්‍යාප්තිය හමුවේ අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් දුම්රිය භාවිත කරන්නැයි දුම්රිය පාලනාධිකාරිය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. දුම්රිය ප්‍රධාන ආරක්ෂක නිලධාරී අනුර ප්‍රේමරත්න මහතා සඳහන් කළේ, දුම්රියේ ගමන් කිරීමේදී සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද නිසි අයුරින් පිළිපැදිය යුතු බවයි. මගීන් අඩුවීම හේතුවෙන් නගරාන්තර දුම්රිය කිහිපයක ගමන් වාර මේ වනවිට අවලංගු කර තිබේ. |
2020-10-21T20:38:54.000Z | රාජ්‍ය සේවයට බඳවා ගත් උපාධිධාරීන්ගේ පුහුණු වැඩසටහන් තාවකාලිකව අත්හිටුවයි | උපාධිධාරීන්ගේ පුහුණුව තාවකාලිකව අත්හිටුවයි | COLOMBO (News 1st) - රාජ්‍ය සේවයට බඳවා ගත් අභ්‍යාසලාභී උපාධිධාරීන්ගේ පුහුණු වැඩසටහන් තාවකාලිකව අත්හිටුවා තිබේ. රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය සඳහන් කළේ, පවතින කොරෝනා ව්‍යාප්තියත් සමග එම තීරණය ගත් බවයි. මේ වනවිට රාජ්‍ය සේවයේ පුහුණුව ලබන උපාධිධාරීන් සංඛ්‍යාව 50,000 කි. මෙම පිරිස ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට කැඳවීමේදී සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කිරීමේ දුෂ්කරතා මතුවන බව අමාත්‍යාංශය පෙන්වා දෙයි. කෙසේ වෙතත් ඔවුන්ට හිමි රුපියල් 20,000 මාසික දීමනාව ලබා දීමට පියවර ගෙන ඇතැයි ද අමාත්‍යාංශය සඳහන් කළේය. |
2020-10-21T19:45:00.000Z | ගෙවුණු දවස උණුසුම් කළ පුවත්… | ගෙවුණු දවස උණුසුම් කළ පුවත්… | දේශීය පුවත් 1.මැනිං වෙළෙඳපොළ අද පෙරවරු 10 සිට සඳුදා දක්වා වැසේ : පිටකොටුව මැනිං වෙළෙඳපොළ අද(22) පෙරවරු 10.00 සිට සඳුදා(26) අලුයම 5.00 දක්වා වසා තැබීමට පොලීසියෙන් උපදෙස් දී තිබේ . 2. අගලවත්ත සහ පාලින්දනුවර ප්‍රා.ලේකම් කොට්ඨාසවල ප්‍රදේශ 6 ක් Lockdown කෙරේ : කළුතර දිස්ත්‍රික්කයේ අගලවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අගලවත්ත, ගොරක්ගොඩ, බේරගම, දාපිලිගොඩ, කැකුලන්දල උතුර සහ පාලින්දනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බෙල්ලන, වහාම ක්‍රියාත්මක වන පරිදි හුදකලා(Lockdown) ගම්මාන ලෙස නම් කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි. 3. රංජන් හා හිරුණිකා දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිසම මගහරින පුද්ගලයින් බවට තීරණය කෙරේ : පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිසම මගහරින පුද්ගලයින් බවට තීරණය කළ බව එම කොමිසමේ සභාපති උපාලි අබේරත්න මහතා පවසයි 4. පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය වැසේ: වෙළෙඳුන් 49 කට කොරෝනා : පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ වෙළෙඳුන් 49 දෙනෙකුට කොරෝනා ආසාදනය වී තිබේ. විදෙස් පුවත් 5. අමෙරිකාවෙන් Google සමාගමට එරෙහිව නඩු : අමෙරිකාව ගූගල් සමාගමට එරෙහිව නඩු පවරා තිබේ.අන්තර්ජාල සෙවුම්වලට අදාළ නීති ගූගල් සමාගම විසින් උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් මෙලෙස නඩු පවරා ඇත. |
2020-10-21T11:12:32.000Z | තවත් කොරෝනා ආසාදිතයින් 57ක් | තවත් කොරෝනා ආසාදිතයින් 57ක් | COLOMBO (News 1st) : තවත් කොරෝනා ආසාදිතයින් 57 දෙනෙකු හඳුනාගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. ඔවුන්ගෙන් එක් අයෙකු නිරෝධායන මධ්‍යස්ථානවලින් සහ 56ක් ආශ්‍රිතයින් වේ. ඒ අනුව අද දිනයේ වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 166කි. |
2020-10-21T09:57:49.000Z | UPDATE: අගලවත්ත සහ පාලින්දනුවර ප්‍රා.ලේකම් කොට්ඨාසවල ප්‍රදේශ 6 ක් Lockdown කෙරේ | අගලවත්ත සහ පාලින්දනුවර ප්‍රදේශ 6 ක් Lockdown | COLOMBO (News 1st) 9.40PM සංශෝධනයයි : කළුතර දිස්ත්‍රික්කයේ අගලවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අගලවත්ත, ගොරක්ගොඩ, බේරගම, දාපිලිගොඩ, කැකුලන්දල උතුර සහ පාලින්දනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බෙල්ලන, වහාම ක්‍රියාත්මක වන පරිදි හුදකලා(Lockdown) ගම්මාන ලෙස නම් කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මීට පෙර රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ 5ක් හුදකලා කළ බවය. නමුත් නවතම නිවේදනයට අනුව කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ 6ක් හුදකලා කර තිබේ. එම නිවේදනය පහත පරිදි වේ. ======================================= COLOMBO ( News 1st ) : කලුතර දිස්ත්‍රික්කයේ අගලවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගොරක්ගොඩ, බේරගම, දාපිලිගොඩ, කැකුලන්දල උතුර සහ පාලින්දනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බෙල්ලන, වහාම ක්‍රියාත්මක වන පරිදි හුදකලා(Lockdown) ගම්මාන ලෙස නම් කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි . |
2020-10-21T08:29:53.000Z | මැනිං වෙළෙඳපොළ හෙට පෙරවරු 10 සිට සඳුදා දක්වා වැසේ | මැනිං වෙළෙඳපොළ සඳුදා දක්වා වැසේ | COLOMBO (News 1st) – පිටකොටුව මැනිං වෙළෙඳපොළ හෙට(22) පෙරවරු 10.00 සිට සඳුදා(26) අලුයම 5.00 දක්වා වසා තැබීමට පොලීසියෙන් උපදෙස් දී තිබේ . |
2020-10-21T07:23:47.000Z | රංජන් හා හිරුණිකා දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිසම මගහරින පුද්ගලයින් බවට තීරණය කෙරේ | රංජන් හා හිරුණිකා ජනපති කොමිසම මගහරින පුද්ගලයන්ද? | COLOMBO (News 1st) – පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිසම මගහරින පුද්ගලයන් බවට තීරණය කළ බව එම කොමිසමේ සභාපති උපාලි අබේරත්න මහතා පවසයි |
2020-10-21T06:21:44.000Z | දින වෙන් කර නොගත් හා නිරෝධායන ඇඳිරි නීතිය ඇති ප්‍රදේශවල ජනතාවට ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට පැමිණීමට අවසර නැහැ | ආගමන හා විගමන දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක් | COLOMBO (News 1st) – ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලයට පැමිණීම සඳහා වලංගු දින වෙන් කර ගැනීම අත්‍යවශ්‍ය බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ , තමන් වෙත ලබා දී ඇති දිනයට පමණක් ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට පැමිණිය යුතු බවයි. මෙම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ , දින වෙන් කර ගැනීමෙන් තොරව පැමිණෙන්නන් හා නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශවල ජනතාවට කාර්යාල පරිශ්‍රයට ඇතුළු වීමට ඉඩ ලබා නොදෙන බවයි. |
2020-10-21T06:16:46.000Z | තවත් කොරෝනා ආසාදිතයින් 109 ක් | තවත් කොරෝනා ආසාදිතයින් 109 ක් | COLOMBO (News 1st) – තවත් කොරෝනා ආසාදිතයින් 109 දෙනෙකු හඳුනා ගෙන ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඔවුන්ගෙන් 49ක් පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළෙන්, 37ක් නිරෝධායන මධ්‍යස්ථානවලින් සහ 23ක් ආශ්‍රිතයින් බව යුද හමුදාපතිවරයා සඳහන් කළේය. |
2020-10-21T05:22:28.000Z | තවත් කොරෝනා ආසාදිතයින් 44 කට සුවයි | තවත් කොරෝනා ආසාදිතයින් 44 කට සුවයි | COLOMBO (News 1st) – තවත් කොරෝනා ආසාදිතයින් 44 දෙනෙකු සුවය ලබා තිබේ. ඒ සමග කොරෝනා ආසාදනය වී සුවය ලැබූ සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 3501කි. මේ අතර මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 5811 ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ ය. වෛරසය ආසාදිතව රෝහල්වල ප්‍රතිකාර ලබන පුද්ගලයින් සංඛ්‍යාව 2297 කි. |
2020-10-21T04:50:53.000Z | ගම්පහ දිස්ත්‍රික්කය හරහා වාහනවලට ගමන් කිරීමට හැකි වුවත් නැවැත්විය නොහැකියි | ගම්පහ හරහා ධාවනයේදී වාහන නැවැත්විය නොහැකියි | COLOMBO (News 1st) – නිරෝධාන ඇඳිරි නීතිය ක්‍රියාත්මක ගම්පහ දිස්ත්‍රික්කය හරහා වාහනවලට ගමන් ගැනීමට හැකි වුවත් වාහන නැවැත්වීමට නොහැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. |
2020-10-21T03:54:38.000Z | 20 සංශෝධන තවදුරටත් සිදුවිය යුතුයි - මහා සංඝරත්නය ශ්‍රීලනිපට කියයි | 20 ගැන අභයාරාමයේදී විශේෂ සාකච්ඡාවක් | COLOMBO (News 1st) - ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්වරයා ඇතුළු නියෝජිත පිරිසක් මධ්‍යම කාරක සභා රැස්වීමෙන් අනතුරුව නාරාහේන්පිට අභයාරාමයේදී විශේෂ සාකච්ඡාකට සභභාගී විය. අභයාරාමාධිපති පුජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් සහ පුජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් ඇතුළු මහා සංඝරත්නය එහිදී නිදහස් පක්ෂ නියෝජිතයින් සමග 20 වැනි සංශෝධනය පිළිබඳව සාකච්ඡා කර තිබේ. ජාතික සංවිධාන සහ ප්‍රගතිශිලී බලවේග ලෙස මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් සහ ඇල්ලේ ගුණවංශ හිමියන් ඇතුළු කණ්ඩායම 20 වැනි සංශෝධනයේ තවදුරටත් සිදුවිය යුතු සංශෝධන පිළිබඳව දැඩි ස්ථාවරයක් ප්‍රකාශ කළේ ය. එහිදී උන්වහන්සේ සඳහන් කළේ, ද්විත්ව පුරවැසි බාධකය ඉවත් නොකළ යුතු බවයි. https://www.facebook.com/NewsfirstSL/videos/364173581456435/ |
2020-10-21T03:08:34.000Z | පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය වැසේ: වෙළෙඳුන් 49 කට කොරෝනා | පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළේ වෙළෙඳුන් 49කට කොරෝනා | COLOMBO (News 1st) - පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ වෙළෙඳුන් 49 දෙනෙකුට කොරෝනා ආසාදනය වී තිබේ. පෑලියගොඩ මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය සඳහන් කළේ, වෙළෙඳුන් 100 දෙනෙකු PCR පරීක්ෂාවට ලක් කිරීමෙන් අනතුරුව ආසාදිතයින් හඳුනාගත් බවයි. මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ 1000 කට අධික වෙළෙඳුන් සහ සේවකයින් පිරිසක් සිටින අතර සියලු දෙනා පී.සී.ආර් පරීක්ෂණයට ලක් කිරීමට නියමිත බව ද එම කාර්යාලය පැවසීය. මේ අතර ධීවර අමාත්‍යාංශය සඳහන් කළේ, පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය සෞඛ්‍ය උපදෙස් ලැබෙන තෙක් වසා තැබෙන බවය. |
2020-10-21T02:42:06.000Z | ගම්පහ දිස්ත්‍රික්කයට අද රාත්‍රී 10.00 සිට නිරෝධායන ඇඳිරි නීතිය | ගම්පහ දිස්ත්‍රික්කයට නිරෝධායන ඇඳිරි නීතිය | COLOMBO (News 1st) - අද(21) රාත්‍රී 10.00 සිට සඳුදා(26) උදෑසන 5.00 දක්වා ගම්පහ දිස්ත්‍රික්කයට නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇතැයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. |
2020-10-21T01:11:31.000Z | පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළ අද වසා දැමේ | පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළ අද වසා දැමේ | COLOMBO (News 1st) - පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළ අද දිනය සඳහා තාවකාලිකව වසා දමා තිබේ. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා පැවසුවේ, වෙළෙඳුන් PCR පරීක්ෂණ සඳහා යොමු කළ බවයි. |
2020-10-21T00:59:51.000Z | පාඨලීට අධිචෝදනා භාර දී ඇපමත මුදා හැරේ | පාඨලීට අධිචෝදනා භාර දී ඇපමත මුදා හැරේ | COLOMBO (News 1st) - පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාට කොළඹ මහාධිකරණ විනිසුරු ධම්මික ගනේපොල මහතා ඉදිරියේදී අද අධිචෝදනා භාරගෙන තිබේ. ඒ, 2016 වසරේ පෙබරවාරි 28 වැනි දා රාජගිරිය ප්‍රදේශයේදී තරුණයෙකු රිය අනතුරකට ලක් කර බරපතල තුවාල සිදු කිරීම, රිය අනතුර සම්බන්ධයෙන් පොලීසියට වාර්තා නොකිරීම ඇතුළු අධිචෝදනා 4 ක් යටතේ නීතිපතිවරයා විසින් පවරා තිබු නඩුවට අදාළවය. නඩුවේ සාක්ෂි විභාගය ලබන වසරේ මාර්තු 4 වැනි දා ආරම්භ කිරීමට දින නියම කළ මහාධිකරණ විනිසුරුවරයා විත්තිකරුට රුපියල් ලක්ෂය බැගින් ශරීර ඇප දෙකක් හා රුපියල් දස දහසක මුදල් ඇප මත මුදා හැරීමට නියෝග කළේ ය. පැමිණිල්ලේ සාක්ෂිකරුවන් පස්දෙනෙකුට එදින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි යැවීමට ද විනිසුරුවරයා එහිදී වැඩිදුරටත් නියෝග කර තිබේ. |
2020-10-20T23:49:20.000Z | රියාජ්ගේ පෙත්සම අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කරයි | රියාජ්ගේ පෙත්සම අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කරයි | COLOMBO (News 1st) - තමා අත්අඩංගුවට ගැනීම වළක්වන නියෝගයක් ඉල්ලා රියාජ් බදියුදීන් ගොනුකළ පෙත්සම අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කරයි. |
2020-10-20T22:57:28.000Z | 20 ට විරෝධය පළ කරමින් විපක්ෂයේ මන්ත්‍රීවරු රථ පෙළපාලියකින් පාර්ලිමේන්තුවට | විපක්ෂය රථ පෙළපාලියකින් පාර්ලිමේන්තුවට... | COLOMBO (News 1st) - 20වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට විරෝධය පළ කරමින් විපක්ෂ මන්ත්‍රීවරුන් රථ පෙළපාලියකින් පාර්ලිමේන්තු සංකීර්ණය වෙත පැමිණෙමින් සිටි. 20 වන සංශෝධනය පිළිබඳ විවාදය තව නොබෝ වේලාවකින් පාර්ලිමේන්තුවේදී ආරම්භ කිරීමට නියමිතය. https://www.facebook.com/NewsfirstSL/videos/704277530442532/ |
2020-10-20T23:25:27.000Z | 20 වන ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ පාර්ලිමේන්තු දෙදින විවාදය ඇරඹේ.. | 20 ගැන පාර්ලිමේන්තු දෙදින විවාදය ඇරඹේ.. | COLOMBO (News 1st) - 20 වන ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ පාර්ලිමේන්තු දෙදින විවාදය ආරම්භ විය. විවාදය හෙට දිනයේත් පැවැත්වීමට නියමිතය. 🔺 පාර්ලිමේන්තු විවාදය සජීව නරඹන්න.. https://www.facebook.com/NewsfirstSL/videos/790286055126551/ |
2020-10-20T23:14:26.000Z | පොලිස් අත්අඩංගුවේදී සැකකරුවෙකු මිය යාම:පූගොඩ හිටපු පොලිස් ස්ථානාධිපති රිමාන්ඩ් | පූගොඩ හිටපු පොලිස් ස්ථානාධිපති රිමාන්ඩ් | COLOMBO (News 1st) - පූගොඩ පොලිස් අත්අඩංගුවේ සිටියදී සැකකරුවෙකු මියයාම සම්බන්ධයෙන් එහි හිටපු ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. ඔහු සඳහන් කළේ, සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් සැරයන්වරයකු සහ තවත් 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවය. |
2020-10-20T22:21:19.000Z | අමෙරිකාවෙන් Google සමාගමට එරෙහිව නඩු | අමෙරිකාවෙන් Google සමාගමට එරෙහිව නඩු | News 1st - අමෙරිකාව ගූගල් සමාගමට එරෙහිව නඩු පවරා තිබේ. අන්තර්ජාල සෙවුම්වලට අදාළ නීති ගූගල් සමාගම විසින් උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් මෙලෙස නඩු පවරා ඇත. වසර ගණනාවකින් පසුව ප්‍රධාන තාක්ෂණික සමාගමකට අමෙරිකාව විසින් ගෙන ආ විශාලතම අභියෝගය මෙයයි. මේ සම්බන්ධයෙන් වසරකට වැඩි කාලයක් අමෙරිකාව විමර්ශනය කර ඇතැයි විදෙස් වාර්තාවන්හි සඳහන් වේ. ගූගල් සමාගම මෙම චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කර ඇත. ගූගල් සමාගම වැඩිදුරටත් පවසන්නේ, තම සමාගම පාරිභෝගිකයින් වෙනුවෙන් සෑමවිටම මූලිකත්වය ලබා දෙන බවයි. බහුතරයක් පාරිභෝගිකයින් ගූගල් සෙවුම් භාවිත කරන්නේ ඔවුන්ගේ කිසිදු බලකිරීමක් මත නොව භාවිතයේ පහසුව නිසාවෙන් බව ගූගල් සමාගම වැඩිදුරටත් පවසා ඇතැයි විදෙස් වාර්තාවන්හි සඳහන් විය. |
2020-10-20T22:12:14.000Z | කොළඹ කොටුව පොලීසිය රාජකාරී සඳහා යළි විවෘත කෙරේ | කොටුව පොලීසිය රාජකාරී සඳහා යළි විවෘත කෙරේ | COLOMBO (News 1st) - කොළඹ කොටුව පොලීසිය සාමාන්‍ය රාජකාරී සඳහා යළි විවෘත කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. |
2020-10-20T21:33:41.000Z | කුලියාපිටියේ A/L සිසුන්ට බාධාවකින් තොරව විභාගයට පෙනී සිටිය හැකියි - විභාග දෙපාර්තමේන්තුව | කුලියාපිටියේ A/L සිසුන්ට බාධාවක් නැහැ | COLOMBO (News 1st) - කුලියාපිටිය පොලිස් බල ප්‍රදේශ 5 කට නිරෝධායන ඇඳිරි නීතිය පනවා තිබුණ ද උසස් පෙළ විභාග අපේක්ෂකයින්ට බාධාවකින් තොරව විභාගයට පෙනී සිටිය හැකි බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. විභාග කොමසාරිස් ජෙනරාල් සනත් බී පූජිත මහතා සඳහන් කළේ, ඒ සඳහා ආරක්ෂක අංශවලට උපදෙස් දී ඇති බවය. කෙසේ වෙතත් ලබන 22 වැනි දා සිට ආරම්භ කිරීමට නියමිතව තිබූ පස්වැනි ශ්‍රේණියේ ශිෂ්‍යත්ව ඇගයීම් කටයුතු කුලියාපිටියේ හා ගම්පහ නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල ක්‍රියාත්මක නොවන බව ද ඔහු පැවසීය. සෙසු ප්‍රදේශවල ශිෂ්‍යත්ව විභාග ඇගයීම් කටයුතු හෙට සිට ලබන 27 වැනි දා දක්වා සිදු කෙරෙනු ඇති. විභාග කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේ, මධ්‍යස්ථාන 39 ක ඇගයීම් මණ්ඩල 391 ක් ඒ සඳහා යොදවා ඇති බවයි. |
2020-10-20T21:15:18.000Z | ගම්පහ පීඩාවට පත් තව ත් පවුල් දෙලක්ෂයකට රජයෙන් සහන | ගම්පහ තව ත් පවුල් දෙලක්ෂයකට රු. 5000 දීමනාව | COLOMBO (News 1st) - ගම්පහ දිස්ත්‍රික්කයේ නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල තවත් පවුල් දෙලක්ෂයකට රුපියල් 5000 දීමනාව ලබාදීමට සැලසුම් කර තිබේ. ගම්පහ දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් විතාන මහතා සඳහන් කළේ, ඒ සඳහා රුපියල් මිලියන 1050 ක මුදලක් වැයවන බවය. පවුල් 72000 ක් සඳහා රුපියල් 5000 දීමනාව ගෙවීම ඊයේ දිනයේ ආරම්භ කළ බව ද ඔහු පැවසීය. |
2020-10-20T21:05:17.000Z | දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගු කෙරේ | දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගු කෙරේ | COLOMBO (News 1st) - අද සිට ක්‍රියාත්මක වන පරිදි නගරාන්තර දුම්රිය ඇතුළු දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගු කර තිබේ. දුම්රිය දෙපාර්තමේන්තුව නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී වී. එස් පොල්වත්තේගේ මහතා සඳහන් කළේ, මගීන් අඩුවීම හේතුවෙන් මෙම තීරණය ගත් බවය. අවලංගු කළ දුම්රිය අතරට දක්ෂිණ, දෙනුවර මැණිකේ වැනි දුම්රිය ද වේ. https://www.facebook.com/NewsfirstSL/videos/360374251940138/ |
2020-10-20T20:48:29.000Z | කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 5800 ඉක්මවයි | කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 5800 ඉක්මවයි | COLOMBO (News 1st) - කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 5811 දක්වා ඉහළ ගොස් තිබේ. ඒ, ඊයේ දිනයේ කොරෝනා ආසාදිතයින් 186 දෙනෙකු හඳුනා ගැනීමත් සමගය. ඒ අතර නිරෝධායන මධ්‍යස්ථානවල සිටි මිනුවන්ගොඩ පොකුරේ ආශ්‍රිතයින් සහ කාර්යය මණ්ඩල සාමාජිකයින් සංඛ්‍යාව 37 කි. ඔවුන්ගේ ආශ්‍රිතයින් සංඛ්‍යාව 143 ක් වේ. ඒ අනුව මිනුවන්ගොඩ පොකුරේ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2342 ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. මේ අතර ඊයේ දිනයේ වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව අතරට විදේශයන්හි සිටි පැමිණි සංඛ්‍යාව 6 කි. වෛසරය ආසාදිතව රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 2341 ක් වේ. ඊයේ දිනයේ කොරෝනා ආසාදිතයින් 17 දෙනෙකු සුවය ලබා ඇත. ඒ සමග මෙරට සුවය ලැබු සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 3457 ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ ය. මේ අතර තව ත් කොරෝනා ආසාදිතයින් 08 දෙනෙකු කොළඹ නාගරික සීමාවෙන් හමු වූ බව කොළඹ මහ නගර සභාව පවසයි. එහි වසංගත රෝග විද්‍යාඥ දිනුකා ගුරුගේ මහත්මිය පැවසුවේ, ඒ අතර පොලිස් නිලධාරියෙකු ද වන බවය. ඔවුන්ගේ ආශ්‍රිතයින් නිරෝධායනයට යොමු කළ බව ඇය සඳහන් කළා ය. මේ අතර කොරෝනා රෝගීන් සීඝ්‍රයෙන් වාර්තාවීම හේතුවෙන් හුදකලා කර ඇති මතුගම, ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයට අයත් ඕවිටිගල, බදුගම හා බදුගම නව ජනපදය යන ප්‍රදේශ ආශ්‍රිතව තව ත් කොරෝනා ආසාදිතයින් 7 දෙනෙකු හඳුනා ගෙන ඇත. කළුතර දිස්ත්‍රික් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සමන් ගීගනගේ මහතා සඳහන් කළේ, තව ත් පී.සී.ආර් පරීක්ෂණ 200 ක පමණ ප්‍රතිඵල අද ලැබීමට නියමිත බවයි. https://www.facebook.com/NewsfirstSL/videos/2688415831400461/ |
2020-10-20T19:53:56.000Z | කොළඹ කොටුව පොලීසියේ රාජකාරී තාවකාලිකව නතර කෙරේ | කොටුව පොලීසියේ රාජකාරී තාවකාලිකව නතර කෙරේ | COLOMBO (News 1st) - කොළඹ කොටුව පොලිස් ස්ථානයේ සාමාන්‍ය රාජකාරී අද සිදු නොවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ, සේවා ලබා ගැනීම සඳහා පිටකොටුව හෝ කොම්පඤ්ඤ වීදිය පොලිස් ස්ථානවලට යන ලෙස ජනතාවට යන ලෙසයි. [audio mp3="https://cdn.newsfirst.lk/sinhala-uploads/2020/10/10-21-AJITH-ROHANA-online-audio-converter.com_.mp3"][/audio] |
2020-10-20T19:26:01.000Z | 20 වැනි සංශෝධනය පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අද ඇරඹේ | 20 වැනි සංශෝධනය පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අද ඇරඹේ | COLOMBO (News 1st) - 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අද ආරම්භ වේ. එය හෙට දිනයේත් පැවැත්වීමට නියමිතය. 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ඊයේ කථානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ ය. 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ වගන්ති 4 ක් සම්මත කිරීම සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක අනුමැතියට අමතරව ජනමත විචාරණයක් ද අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ. ඉන් වගන්ති දෙකක් කාරක සභා අවස්ථාවේ යෝජනා කර ඇති සංශෝධන අනුව අනුමත කරන්නේ නම් තුනෙන් දෙකක අනුමැතිය ප්‍රමාණවත් බව අධිකරණ තීරණයේ සඳහන් ය. තව ත් වගන්තියකට ශ්‍රේෂ්ඨාධිකරණය නිර්දේශ කර ඇති සංශෝධන සිදු කරන්නේ නම් තුනෙන් දෙක පමණක් ප්‍රමාණවත් බව ද පාර්ලිමේන්තුවට දන්වා තිබේ. https://www.facebook.com/NewsfirstSL/videos/376595160055954/ |
2020-10-20T19:13:00.000Z | ගෙවුණු දවස උණුසුම් කළ පුවත්… | ගෙවුණු දවස උණුසුම් කළ පුවත්… | දේශීය පුවත් 1.මධුෂ්ගේ දේහය බිරිඳට භාර දෙන්නැයි අධිකරණයෙන් නියෝගයක්: වෙඩි ප්‍රහාරයකට ලක්ව ඊයේ කොළඹ මාලිගාවත්ත ප්‍රදේශයේදී මියගිය ප්‍රබල පාතාල කල්ලි නායකයෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන සමරසිංහ ආරච්චිගේ මධුෂ් ලක්ෂිත හෙවත් ‘මාකඳුරේ මධුෂ්’ නැමැත්තාගේ දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කර තිබේ. 2. ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයෙන් කොරෝනා අසාදිතයෙක්: ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ 32වන මහලේ සේවය කළ පුද්ගලයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු විය. 3. 2021 අයවැයට අදාළ විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට: 2021 අයවැයට අදාළ විසර්ජන පනත් කෙටුම්පත ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ. 4. කුලියාපිටිය, පන්නල, ගිරිඋල්ල, නාරම්මල හා දුම්මලසූරියට නිරෝධායන ඇඳිරි නීතිය: කුලියාපිටිය කොට්ඨාසයේ පොලිස් වසම් 5 කට වහාම ක්‍රියාත්මක වන පරිදි නිරෝධායන ඇඳිරි නීතිය පනවා තිබේ. විදෙස් පුවත් 5. ඉන්දුනීසියාව අමෙරිකානු ඔත්තු බැලීමේ යානා ප්‍රතික්ෂේප කරයි: සිය ඔත්තු බැලීමේ ගුවන් යානාවලට ඉන්දුනීසියාවට ඇතුළු වීම සඳහා අමෙරිකාව කළ ඉල්ලීම ඉන්දුනීසියාව ප්‍රතික්ෂේප කර තිබේ. |
2020-10-20T11:37:35.000Z | නිව්ස්ෆස්ට් ගම්පහ ප්‍රාදේශීය වාර්තාකරු මනෝජ් එදිරිසිංහට ප්‍රහාරයක් | නිව්ස්ෆස්ට් ප්‍රාදේශීය වාර්තාකරු මනෝජ්ට ප්‍රහාරයක් | COLOMBO (News 1st) - නිව්ස්ෆස්ට් ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය වාර්තාකරු මනෝජ් එදිරිසිංහ මහතාට පිරිසක් පහර දී තිබේ. ඊයේ පස්වරුවේ අදාල පහරදීම සිදුව තිබුණේ මනෝජ් එදිරිසිංහ මහතා ප්‍රවෘත්තියක් පටිගත කර ආපසු නිවසට යමින් සිටියදීය. කලගෙඩිහේන මංසන්ධියට නුදුරින් යතුරු පැදියකින් පැමිණි දෙදෙනකු එලෙස නිව්ස්ෆස්ට් ප්‍රාදේශීය වාර්තාකරුට පහර දී තිබුණි. පහරදීම් හේතුවෙන් තුවාල ලැබූ අප වාර්තාකරු මේ වනවිට මීරිගම මූලික රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබන අතර පහර දීම සම්බන්ධයෙන් ඔහු නිට්ටඹුව පොලීසියට ද පැමිණිල්ලක් කර තිබේ. https://www.facebook.com/NewsfirstSL/videos/781542272415488/ |
2020-10-20T11:30:36.000Z | ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයෙන් කොරෝනා අසාදිතයෙක් | ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයෙන් කොරෝනා අසාදිතයෙක් | COLOMBO (News 1st) - ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ 32වන මහලේ සේවය කළ පුද්ගලයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව අද තහවුරු විය. ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය නිකුත් කළ නිවේදනයක දැක්වුණේ අදාළ පුද්ගලයා ඉකුත් 08 වැනි දා සිය සේවා ස්ථානයට පැමිණ තිබූ බවයි. නිවේදනයේ දැක්වුණේ, අදාළ පුද්ගලයා සමග සබඳතා පැවැත් වූ පුද්ගලයින් පී.සී.ආර් පරීක්ෂණ සඳහා යොමුකර ඇති අතර අදාළ කාර්යාලය ද වසා දමා ඇති බවය. |
2020-10-20T11:24:24.000Z | 2021 අයවැයට අදාළ විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට | අයවැය කතාව ලබන මස 17 වැනි දා.. | COLOMBO (News 1st) - 2021 අයවැයට අදාළ විසර්ජන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ. ඒ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසිනි. අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු විසර්ජන පනතට අනුව 2021 වසරේ රජයේ සේවා වියදම රුපියල් බිලියන 2678 ලෙස ඇත්තමේන්තු කර ඇත. ලබන වසර තුළදී ලබාගත හැකි ණය සීමාව රුපියල් බිලියන 2900 ක් බව ද එහි දක්වා තිබේ. මෙම වියදම් ඇස්තමේන්තු හා ණය ගැනීමේ සීමා මෙන්ම ඒ සඳහා රජය ආදායම් ලබාගන්නා ආකාරය සවිස්තරව ඉදිරිපත් කරන අයවැය කතාව ලබන මස 17 වැනි දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. මේ අතර 2020 මුදල් වර්ෂය සඳහා අතුරු සම්මත ගිණුම් දෙකකින් හා ජනාධිපතිවරයාගේ බලය ප්‍රකාරව වියදම් කළ රුපියල් බිලියන 2538 ක වියදම් ඇස්තමේන්තුවක් පාර්ලිමෙන්තු අනුමැතිය සඳහා අද ඉදිරිපත්කෙරුණි. |
2020-10-20T11:05:14.000Z | තව ත් කොරෝනා ආසාදිතයින් 120ක් හඳුනා ගනී.. | තව ත් කොරෝනා ආසාදිතයින් 120ක් හඳුනා ගනී.. | COLOMBO (News 1st) - තව ත් කොරෝනා ආසාදිතයින් 120 ක් හඳුනා ගෙන ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඔවුන්ගෙන් 37ක් නිරෝධායන මධ්‍යස්ථානවලින් වන අතර 83ක් ඒ ආශ්‍රිතයින් බව යුද හමුදාපතිවරයා සඳහන් කළේය. යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ, ඒ අනුව අද දින මේ දක්වා වාර්තා වූ ආසාදිතයින් ගණන180ක් බවයි. |
2020-10-20T10:57:09.000Z | ගම්පහ පීඩාවට පත් පවුල්වලට රු.5000 දීමනාව ලබාදීම ඇරඹේ... | ගම්පහට රු.5000 දීමනාව ලබාදීම ඇරඹේ | COLOMBO (News 1st) - නිරෝධායන ඇඳිරි නීතිය පැනවීම හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ පීඩාවට පත් පවුල් සඳහා රුපියල් 5000 දීමනාව ලබා දීම අද ආරම්භ විය. ඒ, දිවුලපිටිය, මිනුවන්ගොඩ සහ වේයන්ගොඩ පොලිස් බල ප්‍රදේශ කේන්ද්‍ර කර ගනිමිනි. මේ යටතේ පවුල් 72000 කට රුපියල් 5000 දීමනාව ලබා දීමට නියමිතය. නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශවල පීඩාවට පත් ව සිටින ජනතාව වෙනුවෙන් රුපියල් 5000 දීමනාව ලබා දීම හෙට සහ අනිද්දාත් සිදු කිරීමට නියමිතය. https://www.facebook.com/NewsfirstSL/videos/385149682522550/ |
2020-10-20T06:09:15.000Z | මධුෂ්ගේ දේහය බිරිඳට භාර දෙන්නැයි අධිකරණයෙන් නියෝගයක් | මධුෂ්ගේ දේහය බිරිඳට භාර දෙන්නැයි නියෝගයක් | COLOMBO (News 1st) - වෙඩි ප්‍රහාරයකට ලක්ව අද අලුයම කොළඹ මාලිගාවත්ත ප්‍රදේශයේදී මියගිය ප්‍රබල පාතාල කල්ලි නායකයෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන සමරසිංහ ආරච්චිගේ මධුෂ් ලක්ෂිත හෙවත් 'මාකඳුරේ මධුෂ්' නැමැත්තාගේ දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කර තිබේ. කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නෙරංජනී සිල්වා මහත්මිය කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාට එහිදී නියෝග කර තිබෙන්නේ, මධුෂ්ගේ දේහය ඔහුගේ නීත්‍යනුකූල බිරිඳට භාරදෙන ලෙසය. අතිරේක මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය නිකුත් කළේ, අද උදෑසන මාලිගාවත්ත, ඇපල්වත්ත ප්‍රදේශයේදී වෙඩි තැබීම සිදු වූ ස්ථානයට ගොස් ස්ථානීය පරීක්ෂාවක් කිරීමෙන් අනතුරුවය. ඔහුගේ නීත්‍යනුකූල බිරිඳ වන ජයනී මුතුමාලි නැමැත්තිය හා ඔහුගේ පුංචි අම්මා වන මල්ලිකා සමරසිංහ නැමැත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ගුණරත්න වන්නිනායක මහතා කළ ඉල්ලීම සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය නිකුත් කළාය. |
2020-10-20T05:20:24.000Z | ඉන්දුනීසියාව අමෙරිකානු ඔත්තු බැලීමේ යානා ප්‍රතික්ෂේප කරයි | ඉන්දුනීසියාව අමෙ. ඔත්තු බලන යානා ප්‍රතික්ෂේප කරයි | News 1st - සිය ඔත්තු බැලීමේ ගුවන් යානාවලට ඉන්දුනීසියාවට ඇතුළු වීම සඳහා අමෙරිකාව කළ ඉල්ලීම ඉන්දුනීසියාව ප්‍රතික්ෂේප කර තිබේ. විදෙස් වාර්තා අනාවරණ කළේ, පී එයිට් වර්ගයේ සමුද්‍රීය අවේක්ෂණ ගුවන්යානාවලට ඉන්දුනීසියාවට ගොඩබැස්වීමටත් ඉන්ධන ලබාදෙන ලෙසටත් අමෙරිකාව අවස්ථා කිහිපයකදී ඉල්ලා ඇති බවය. ඒ, පසුගිය ජූලි සහ අගෝස්තු අතර කාලසීමාවේදීය. ඉන්දුනීසියාවේ ආරක්ෂක අමාත්‍යාංශය, විදේශ අමාත්‍යාංශය මෙන්ම ජනාධිපති කාර්යාලය ද එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය. මෙම සිද්ධිය වාර්තා වන්නේ, ගිනිකොණදිග ආසියාවේ බලපෑම සම්බන්ධයෙන් අමෙරිකාව සහ චීනය අතර දැඩි තරගයක් පවතිමින් තිබියදීයි. ඉන්දුනීසියාව දීර්ඝ කාලයක සිට ස්වාධීන විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කරන අතර විදේශීය හමුදාවන්ට සිය රට තුළ ක්‍රියාත්මකවීම සඳහා කෙදිනක හෝ අවසර ලබා දී නැත. දකුණු චීන මුහුදේ චීන ක්‍රියාකාරකම් නීරීක්ෂණය කිරීම සඳහා අමෙරිකානු පී එයිට් යානා දැඩි කාර්යභාරයක් ඉටු කරනු ලබයි. |
2020-10-20T05:01:24.000Z | '800' සිනමා පටයෙන් විජේයි සේතුපති ඉවත් වෙයිද ? | '800' සිනමා පටයෙන් විජේයි සේතුපති ඉවත් වෙයිද ? | COLOMBO (News 1st) - තම චරිතා ප්‍රදානය ඇතුළත් '800' දෙමළ සිනමා පටයේ රංගනයෙන් ඉවත් වන ලෙස හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් මහතා දකුණු ඉන්දියානු රංගන ශිල්පී විජේයි සේතුපතිගෙන් ඉල්ලීමක් කර තිබේ. '800' ලෙස නම් කර ඇති එම සිනමා පටයට මුත්තයියා මුරලිදරන්ගේ ජිවිත කතාව තේමා වී ඇති අතර එම චරිතය නිරූපණය කිරීමට නියමිතව සිටියේ විජේයි සේතුපති ය. කෙසේ වෙතත් තමිල්නාඩුවේ මේ වනවිට ඊට එරෙහිව මතුව ඇති දේශපාලනික හා සමාජ විරෝධතා හේතුවෙන් සිනමා පටයෙන් ඉවත්වන ලෙස මුත්තයියා මුරලිදරන් මහතා සේතුපති මහතාගෙන් ඉල්ලා තිබේ. මුරලිදරන් මහතා සිය ප්‍රකාශයේ සඳහන් කර ඇත්තේ, සේතුපති වැනි කලාකරුවකුගේ ඉදිරි ගමනට බාධාවක් වීමට තමන් හේතුවක් නොවිය යුතු බවයි. මෙවැනි බාධවන්ට මුහුණ දීමේදී තමා කිසිවිටෙකත් වෙහෙසට පත් නොවූ බවත් ඒවාට එරෙහිව නැගී සිටීමට තමන්ට හැකි වූ බවත් මුරලිදරන්ගේ ප්‍රකාශයේ සඳහන් ය. තම චරිතා ප්‍රදානය තරුණ ක්‍රිකට් ක්‍රීඩකයින් ඇතුළු අනාගත පරපුරට ආදර්ශයක් වනු ඇතැයි අපේක්ෂා කළ නිසා තමන් මෙම චිත්‍රපටයට එකඟ වූ බව මුරලිදරන් මහතා පවසයි. මුත්තයියා මුරලිදරන් මහතාගේ මෙම ඉල්ලීමට විජේයි සේතුපති සිය නිල ටුවිටර් ගිණුමෙහි ''ස්තූතියි ආයුබෝවන්'' ලෙස දෙමළ භාෂවෙන් පිළිතුරු ලබා දී තිබේ. |
2020-10-20T04:44:27.000Z | "ලංකා ප්‍රිමියර් ලීග්" තරගාවලියට ක්‍රීඩකයින් තෝරා ගනී.. | LPL සඳහා ක්‍රීඩාකයින් තොරා ගනී.. | COLOMBO (News 1st) - ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන "ලංකා ප්‍රිමියර් ලීග්" (LPL) ක්‍රිකට් තරගාවලිය සඳහා ක්‍රීඩකයින් තෝරා ගැනීමේ කටයුතු ඊයේ(19) සිදු කෙරිණි. ඒ, අන්තර්ජාලය ඔස්සේදී ය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයට අනුව ක්‍රීඩකයින් 93 දෙනෙකු තෝරා ගැනීමට කණ්ඩායම් කළමනාකාරීත්වය කටයුතු කර තිබේ. ඊයේ පැවති ක්‍රීඩකයින් තෝරා ගැනීමේදී ගෝල් ග්ලැඩියේටර් කණ්ඩායම පූර්ණ වශයෙන් සිය ක්‍රීඩකයින් තෝරාගනු ලැබුවේ ය. සෙසු කණ්ඩායම්වලට පුරප්පාඩු ක්‍රීඩකයින් තෝරා ගැනීම සඳහා නොවැම්බර් 01 වැනි දා ද අවස්ථාව හිමිව තිබේ. කලම්බෝ කිංග්ස් කණ්ඩායමට ඇන්ජලෝ මැතිව්ස් නායකත්වය ලබා දෙන අතර විදෙස් ක්‍රීඩකයින් ලෙස ඇන්ඩ්‍රේ රසල් සහ ෆෆ් ඩු ප්ලෙසිස් මෙන්ම ඉන්දීය ක්‍රීඩකයින් දෙපළක් ද ඇතුළත් ය. මෙවර අයි.පී.එල් තරගාවලිය නියෝජනය කරන ඉසුරු උදාන ද මෙම කණ්ඩායමට එක්වනු ඇති. කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරන්නේ, ඔස්ට්‍රේලියානු ජාතික ඩේව් වට්මෝර් ය. දසුන් ශානක නායකත්වය ලබා දෙන දඹුල්ල හෝක්ස් කණ්ඩායමට දකුණු අප්‍රිකානු ක්‍රීඩක ඩේවිඩ් මිලර්, කොදෙව් ක්‍රීඩක කාලෝස් බ්‍රැත්වයිට් ඇතුළත්ව ඇති අතර පුහුණුකරු ලෙසින් කටයුතු කරන ජෝන් ලුවිස් වේ. ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමට නායකත්වය ලබාදෙන්නේ ලසිත් මාලිංගයි. එම කණ්ඩායමට ෂහිඩ් අෆ්රිඩි හා කොලින් ඉන්ගැහැම් එක් වනු ඇති. ඊට මොහොමඩ් ආමීර්ද, සෆ්‍රාස් අහමඩ් වැඩි ප්‍රබල ක්‍රීඩකයින් ඇතුළත් ය. තිසර පෙරේරා නායකත්වය ලබා දෙන ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමට ඩේවිඩ් මාලන්, ෂොයෙබ් මලික්, උස්මාන් ශින්වාරි ඇතුළත්ව සිටී. නායක කුසල් ජනිත් පෙරේරා මෙහෙය වන කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමට ක්‍රිස් ගේල්, පාකිස්ථානයේ වහාබ් රියාස්, ලියම් ප්ලන්කට් ඇතුළත් අතර පුහුණුකරු ලෙස හෂාන් තිලකරත්න මහතා කටයුතු කරනු ඇත. මෙම ක්‍රීඩකයින් තෝරා ගැනීමේ අවස්ථාවට, ඒ, ඒ කණ්ඩායම්වල හිමිකාරීත්වය විසින් නම් කරන ලද පුහුණුකරුවන්, කළමනාකරුවන්ගේ සහභාගීත්වයෙන් පැවැත්විය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙනුවෙන් "ලංකා ප්‍රිමියර් ලීග්" තරගාවලි අධ්‍යක්ෂ රවීන් වික්‍රමරත්න සහ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලී ද සිල්වා යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක් ව සිටී. |
2020-10-20T04:02:12.000Z | තව ත් කොරෝනා ආසාදිතයින් 60 ක් හඳුනා ගැනේ - යුද හමුදාපති | තව ත් කොරෝනා ආසාදිතයින් 60 ක් හඳුනා ගැනේ | COLOMBO (News 1st) – තව ත් කොරෝනා ආසාදිතයින් 60 දෙනෙකු හඳුනා ගෙන ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ, ඔවුන්ගෙන් 35 දෙනෙකු කටුනායක කාර්මාන්ත ශාලා දෙකක සේවකයින් බවයි. |
2020-10-20T03:48:44.000Z | කුලියාපිටිය, පන්නල, ගිරිඋල්ල, නාරම්මල හා දුම්මලසූරියට නිරෝධායන ඇඳිරි නීතිය | කුලියාපිටියේ පොලිස් බල ප්‍රදේශ 05 කට ඇඳිරි නීතිය | COLOMBO (News 1st) – කුලියාපිටිය කොට්ඨාසයේ පොලිස් වසම් 5 කට වහාම ක්‍රියාත්මක වන පරිදි නිරෝධායන ඇඳිරි නීතිය පනවා තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ, ඒ අනුව කුලියාපිටිය, පන්නල, ගිරිඋල්ල, නාරම්මල සහ දුම්මලසුරිය පොලිස් බල ප්‍රදේශවලට නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති බවයි. නිරෝධායන ඇඳිරි නීතිය එම ප්‍රදේශවල උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට බලපෑමක් නොවන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය. මේ අතර ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් වසම් 19 ක නිරෝධායන ඇඳිරි නීතිය තවදුරටත් ක්‍රියාත්මකය. කෙසේ වෙතත් අද දිනයේ ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල ජනතාවට සිය ආහාර ද්‍රව්‍ය හා ඖෂධ මිලදී ගැනීම සඳහා වෙළෙඳ සැල් හා ඖෂධ සැල් පෙරවරු 8.00 ට විවෘත කෙරුණු අතර රාත්‍රී 10.00 දක්වා ඒවා විවෘතව තැබෙන බව පොලීසිය සඳහන් කළේ ය. කොරෝනා ආසාදිතයින් වාර්තා වීම ඉහළයාම හමුවේ මතුගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඕවිටිගල, බදුගම හා බදුගම නව ජනපදය යන ග්‍රාම නිලධාරීවසම් තවදුරටත් හුදකලා කර තිබේ. මේ අතර අද දිනයේ තව ත් කොරෝනා ආසාදිතයින් 60 දෙනෙකු හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ ය. ඉන් 35 දෙනෙක් කටුනායක ප්‍රදේශයේ කර්මාන්ත ශාලා 2 ක සේවකයින් ය. මේ වනවිට මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 5685 දක්වා ඉහළ ගොස් තිබේ. කොරෝනා වැළදී රෝහල්වල ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 2215 කි. තව ත් ආසාදිතයින් 17 දෙනෙකු අද සුවය ලබා තිබේ. ඒ සමග මෙරට කොරෝනා සුවය ලැබු සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 3457 ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය පැවසීය. මේ අතර මතුගම, ඕවිටිගල ප්‍රදේශයේ තව ත් සිව්දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව අද තහවුරු විය. කළුතර දිස්ත්‍රික් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සමන් ගීගනගේ මහතා සඳහන් කළේ, ඔවුන්ගේ ආශ්‍රිතයින් මේ වනවිට නිරෝධායනය සඳහා යොමු කර ඇති බවයි. අද දිනයේත් කළුතර දිස්ත්‍රික්කයේ මතුගම, අගලවත්ත, ඕවිටිගල සහ බණ්ඩාරගම ප්‍රදේශවල පුද්ගලයින් 150 දෙනෙකු පමණ පී.සි.ආර් පරීක්ෂණ සඳහා යොමු කළ බව ඔහු ප්‍රකාශ කළේ ය. මේ අතර පිළියන්දල ප්‍රදේශයේ මීට පෙර හඳුනාගත් කොරෝනා ආසාදිතයින් පස්දෙනෙකු සමග සබඳතා පැවැත්වු බව කියන වෙළෙඳසැලක් වසා දමා එහි පිරිස නිරෝධයනයට යොමු කළ බව පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පැවසුවේ ය. |
2020-10-20T03:07:25.000Z | පාර්ලිමේන්තුවේදී මුව ආවරණ පැළඳිය යුතු නැහැ - සෞඛ්‍ය අමාත්‍යවරිය | පාර්ලිමේන්තුවේදී මුව ආවරණ පැළඳිය යුතු නැහැ | COLOMBO (News 1st) - සෞඛ්‍ය මාර්ගෝපදේශ අඩංගු ගැසට් නිවේදනයේ මුව ආවරණ පැළඳිය යුතු පොදු ස්ථානයක් ලෙස පාර්ලිමේන්තුව නම් කර නොමැති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසන්නීය. රජය පසුගිය දා නිකුත් කළ නිරෝධානය නීතිරීති ඇතුළත් ගැසට් නිවේදනයේ රෙගුලාසි කඩකරමින් අද පාර්ලිමේන්තුව රැස් වූ බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නැගූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් සෞඛ්‍ය අමාත්‍යවරිය එලෙස සඳහන් කළා ය. එහිදී උණුසුම් තත්ත්වයක් ඇති විය. https://www.facebook.com/NewsfirstSL/videos/1177904332603834/ |
2020-10-20T01:53:25.000Z | වන අලි ප්‍රහාරයකින් අරලගංවිල කාන්තාවක් මරුට | වන අලි ප්‍රහාරයකින් කාන්තාවක් මරුට | COLOMBO (News 1st) – අරලගංවිල, නිකවත ලන්ද ප්‍රදේශයේදී වන අලි ප්‍රහාරයකින් කාන්තාවක් මියගොස් තිබේ. පොලීසිය පැවසුවේ, අද උදෑසන කුඹුරට ගොස් සිටියදී ඇය මෙම වන අලි ප්‍රහාරයට ගොදුරුව ඇති බවයි. මියගොස් ඇත්තේ 30 හැවිරිදි විවාහක කාන්තාවකි. ඇගේ සිරුර පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය අද පැවැත්වීමට නියමිතය. |
2020-10-20T01:30:45.000Z | තවත් ප්ලාස්ටික් හා පොලිතීන් නිෂ්පාදන කිහිපයක් ජනවාරි 01වැනිදා සිට තහනම් | ප්ලාස්ටික් හා පොලිතීන් නිෂ්පාදන කිහිපයක් තහනම් | COLOMBO (News 1st) – තවත් ප්ලාස්ටික් හා පොලිතීන් නිෂ්පාදන කිහිපයක් ලබන ජනවාරි 01 වැනිදා සිට තහනම් කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබේ. ඒ , පරිසර අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවකට අනුවයි. එක්වරක් පමණක් භාවිත කර ඉවත දමන පොලිතීන් හා ප්ලාස්ටික් අපද්‍රව්‍ය අවම කිරීමේ අරමුණින් මෙම තීරණය ගෙන තිබේ. ඒ අනුව ප්ලාස්ටික් ඇසුරුම් තුළ රසායනික ද්‍රව්‍ය හා කෘමිනාශක ද්‍රව්‍ය ඇසුරුම් තහනම් කෙරෙනු ඇති. මීට අමතරව මිලිලීටර් 20 හා ග්‍රෑම් 20 ට අඩු පොලිතීන් හා ප්ලාස්ටික්වලින් නිෂ්පාදිත ශැෂේ ඇසුරුම් ද තහනම් කෙරෙන අතර එම තහනම ආහාර හා ඖෂධ සඳහා බල නොපාන බව ද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ ය. ඊට විකල්පයක් ලෙස මිලිලීටර් 100 හා ග්‍රැම් 100 ට වැඩි ඇසුරුම් ඒ සදහා භාවිත කළ හැකියි. මීට අමතරව බැලුම්, බෝල වර්ග හා දියමත පාවෙන සෙල්ලම්බඩු හැර ප්ලාස්ටික්වලින් නිපදවන හුළං පුරවන ලද සෙල්ලම් බඩු ද ලබන ජනවාරි ප01 වැනිදා සිට තහනම් කිරීමට කැබිනට් අනුමැතිය හිමි විය. සෞඛ්‍ය ප්‍රතිකාර සඳහා යොදා ගන්නා ද්‍රව්‍ය හැර ප්ලාස්ටික් කොට්න් බට්න්ද තහනම් කෙරෙන ප්ලාස්ටික් නිෂ්පාදන අතර වෙයි. සියලු ප්ලාස්ටික් නිෂ්පාදනයන්හි ප්‍රතිචක්‍රීකරණය ප්‍රවර්ධනය සඳහා ජාත්‍යන්තර වශයෙන් නිර්දේශිත ප්ලාස්ටික් හඳුනා ගැනීම සඳහා වන කේත සඳහන් කිරීම ද කැබිනට් මණ්ඩලය ගත් තීරණ අනුව තහනම් වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ ය. |
2020-10-20T00:56:11.000Z | 'කිඹුලාඇළේ ගුණා'ගේ සමීපතමයෙකු අත්අඩංගුවට | 'කිඹුලාඇළේ ගුණා'ගේ සමීපතමයෙකු අත්අඩංගුවට | COLOMBO (News 1st) – ග්‍රෑන්ඩ්පාස්, සේදවත්ත ප්‍රදේශයේදී හෙරොයින් ජාවාරමට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, පොලිස් විශේෂ කාර්ය බලකා බුද්ධි අංශ නිලධාරීන්ට ලද තොරතුරක් මත කළ වැටලීමකදී ය. සැකකරු දැනට විදේශගතව සිටින 'කිඹුලාඇළේ ගුණා' නැමති සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයාගේ සමීපතමයෙකු බවට තොරතුරු අනාවරණ වී තිබේ. ඔහු 1999 සිට ප්‍රින්ස් කොළඹ් නැමති සංවිධානාත්මක අපරාධ කණ්ඩායමේ ද සාමාජිකයෙකු වේ. සැකකරු සතුව තිබී අත්අඩංගවට ගෙන ඇති හෙරොයින් ප්‍රමාණය ග්‍රෑම් 4 කට අධිකය. සැකකරු පුද්ගල ඝාතන හා අපරාධ රැසකට සම්බන්ධ අතර ඔහු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි. |
2020-10-20T00:20:59.000Z | අමෙරිකානු රාජ්‍ය ලේකම් ලබන 28 වැනිදා කොළඹදී සාකච්ඡාවකට එක්වෙයි | පොම්පියෝ 28 වැනිදා කොළඹදී සාකච්ඡාවකට | COLOMBO (News 1st) – අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා ලබන 28 වැනිදා කොළඹදී පැවැත්වෙන ද්විපාර්ශ්වික සාකච්ඡා වටයකට සහභාගී වන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. ඔහු ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන්නේ දෙදින ඉන්දීය සංචාරයක් අතරතුරයි. මීට ටික වේලාවකට පෙර පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයාගේ ශ්‍රී ලංකා සංචාරය ස්ථිර බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පැවසුවේ ය. https://www.facebook.com/NewsfirstSL/videos/347401593182526/ |
2020-10-19T23:23:07.000Z | 20 ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය පාර්ලිමේන්තුවට - වගන්ති 4කට ජනමත විමසුමක් අවශ්‍ය බව කියයි | 20 ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය පාර්ලිමේන්තුවට | COLOMBO (News 1st) – 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ වගන්ති 4 ක් සම්මත කිරීම සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක අනුමැතියට අමතරව ජනමත විචාරණයක් ද අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ. කතානායකවරයා අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ, ඉන් වගන්ති දෙකක් කාරක සභා අවස්ථාවේ යෝජනා කර ඇති සංශෝධන අනුව අනුමත කරන්නේ නම් තුනෙන් දෙකක අනුමැතිය ප්‍රමාණවත් බව අධිකරණය දැනුම්දී ඇති බවයි. තව ත් වගන්තියකට ශ්‍රේෂ්ඨාධිකරණය නිර්දේශ කර ඇති සංශෝධන සිදු කරන්නේ නම් තුනෙන් දෙක පමණක් ප්‍රමාණවත් බව ද පාර්ලිමේන්තුවට දන්වා තිබේ. 20 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතේ තුන්වන වගන්තියෙන් යෝජනා කර ඇත්තේ, පවතින ව්‍යවස්ථාවේ ජනාධිපතිවරයාගේ බලතල හා කාර්යයන් ඇතුළත් 33 වන ව්‍යවස්ථාව වෙනස් කළ යුතු බවයි. නමුත් ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇති පරිදි එය වෙනස් කිරීමට ජනමත විචාරණයක් ද අවශ්‍ය ය. එසේ නොමැතිනම් කාරක සභා අවස්ථාවේ යෝජනා කර ඇති සංශෝධනවලින් පසුව තුනෙන් දෙකක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ එකඟතාවයෙන් එය සම්මත කළ හැකිය. ශ්‍රේෂ්ඨාධිකරණ මතය දක්වා ඇති 14 වැනි වගන්තියේ දැක්වෙන්නේ පාර්ලිමේන්තු සභා වාර පිළිබඳ ප්‍රතිපාදන ය. පාර්ලිමේන්තුව රැස්වී වසරකට පසුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට බලතල හිමි විය යුතු බව 20 වන සංශෝධනයෙන් යෝජනා කර තිබුණි. නමුත් එම කාලසීමාව වසර දෙක හමාරක් දක්වා වැඩි කිරීමට කාරක සභා අවස්ථාවේ යෝජනා කරන බව රජය ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දී තිබුණි. ශ්‍රේෂ්ඨාධිකරණය පවසන්නේ එම සංශෝධනය සිදු කරන්නේ නම් ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බවයි. 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතේ 5 වැනි වගන්තියේ සඳහන් ජනාධිපතිවරයාගේ මුක්තිය ද වෙනස් විය යුත්තේ ජනමත විචාරණයකින් බව ශ්‍රේෂ්ඨාධිකරණය දන්වා තිබේ. මූලික අයිතිවාසිකම් සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට තිබූ මුක්තිය 19 වන සංශෝධනයෙන් ඉවත් කළ අතර 20 වන සංශෝධනයෙන් ජනාධිපතිවරයාට පූර්ණ මුක්තියක් යෝජනා කර තිබුණි. ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇත්තේ, තමන් යෝජනා කරන සංශෝධන සිදු කරන්නේ නම් ජනමත විචාරණයකින් තොරව තුනෙන් දෙකක අනුමැතියෙන් එම වගන්තිය සම්මත කරගත හැකි බවයි. නව කෙටුම්පතේ 22 වැනි වගන්තිය අනුමත කිරීමට ද ජනමත විචාරණයක් අවශ්‍ය බවට ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය වී තිබේ. එහි සඳහන් වන්නේ, ඡන්දයකදී හෝ ජනමත විචාරණයකදී යම් නීතියක් බලාත්මක කිරීමට සහතික නොවන රජයේ නිලධාරීන්, රාජ්‍ය සංස්ථා, රජයට පැවරූ ව්‍යාපාර, රජයට සියයට 50 ට වඩා වැඩි කොටස් හිමි ව්‍යාපාර අපොහොසත් නම් දඬුවම් කළ හැකිව පැවති වගන්ති ඉවත් කෙරෙන බවයි. නමුත් එය සම්මත කිරීමට ජනමත විචාරණයක් අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණයේ නිගමනය වී ඇත. කාරක සභා අවස්ථාවේ තවදුරටත් සිදු කිරීමට අපේක්ෂා කරන සංශෝධනවලට අමතරව ඊයේ කැබිනට් මණ්ඩලය 20 වන සංශෝධනයට සිදු කළ යුතු තව ත් වෙනස්කම් කිහිපයක් අනුමත කළේ ය. උපරිමාධිකරණවල පවතින අධික නඩු සංඛ්‍යාව සැලකිල්ලට ගෙන ශ්‍රේෂ්ඨාධිකරණයේ හා අභියාචනාධිකරණයේ විනිසුරුවරුන් සංඛ්‍යාව වැඩි කිරීම, ජාතික ආරක්ෂාව හා ආපදා අවස්ථාවලදී පැනනැගෙන කරුණුවලට අදාළ පනත් පමණක් හදිසි පනත් සේ සලකා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම, කොටස්වලින් සියයට 50 ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් රජය සතු සමාගම් විගනණය කිරීමේ බලය විගණකාධිපතිවරයාට පැවරීම, සහ කැබිනට් අමාත්‍යවරුන්, කැබිනට් නොවන අමාත්‍යවරුන් හා රාජ්‍ය අමාත්‍යවරුන් සංඛ්‍යාව 19 වැනි සංශෝධනයේ සඳහන් ප්‍රතිපාදන අනුවම පවත්වාගෙන යාම එම සංශෝධනයි. |
2020-10-19T21:46:04.000Z | මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 5625 දක්වා ඉහළට | කොරෝනා ආසාදිතයින් ගණන 5625 දක්වා ඉහළට | COLOMBO (News 1st) – මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 5625 දක්වා ඉහළ ගොස් තිබේ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ, වෛරසය ආසාදිතව රෝහල්ගතව සිටින පුද්ගලයින් සංඛ්‍යාව 2172 ක් බවයි. ඊයේ දිනයේ කොරෝනා ආසාදිතයින් 37 දෙනෙකු සුවය ලැබීමත් සමග මෙරට සුවය ලැබු සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 3440 කි. මේ අතර මිනුවන්ගොඩ කොරෝනා පොකුර 2162 දක්වා ඉහළ ගොස් ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය. මිනුවන්ගොඩ පොකුරෙන් ඊයේ දිනයේ වාර්තා වූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 87 කි. නිරෝධායන මධ්‍යස්ථානවල සිටින ආශ්‍රිතයින් හෝ කාර්යය මණ්ඩල සාමාජිකයින් 23 දෙනෙකු හා ඔවුන්ගේ ආශ්‍රිතයින් 64 කි. මේ අතර දිවයින පුරා පුද්ගලයින් 15000 කට අධික සංඛ්‍යාවක් මේ වනවිට ස්වයං නිරෝධායනය වෙමින් සිටින බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පවසයි. ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂවරුන්ගේ සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය මහතා සඳහන් කළේ, ඉන් වැඩිම සංඛ්‍යාවක් ගම්පහ දිස්ත්‍රික්කයේ පුද්ගලයින් බවයි. මේ වනවිට ගම්පහ දිස්ත්‍රික්කයේ 1600 කට අධික පිරිසකට කොරෝනා ආසාදනය වී ඇති බව ද ඔහු සඳහන් කළේ ය. මේ අතර කොළඹ නැව් තාටාකාංගනයේ තවත් සේවකයින් 9 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව කොළඹ මහ නගර සභාව පවසයි. එහි වසංගත රෝග විද්‍යාඥ දිනූකා ගුරුගේ මහත්මිය සඳහන් කළේ මේ වනවිට කොළඹ නාගරික සිමාවේ පමණක් පුද්ගලයින් 18 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවයි. මේ අතර කොරෝනා අසාදිතයින් හමුවීම හේතුවෙන් හුදෙකලා කර ඇති මතුගම ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයේ ඕවිටිගල,බදුගම හා බදුගම නව ජනපදය යන ග්‍රාම නිලධාරී වසම්වල පුද්ගලයින්ගේ PCR පරීක්ෂණ 250 ක ප්‍රතිඵල ලැබීමට ඇති බව කළුතර දිස්ත්‍රික් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂණ සමන් ගීගනගේ මහතා පැවසුවේ ය. |
2020-10-19T21:25:26.000Z | A/L විභාග මධ්‍යස්ථානවල සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් මූල්‍ය ප්‍රතිපාදන | A/L විභාග මධ්‍යස්ථානවල සෞඛ්‍ය ආරක්ෂාවට මුදල් | COLOMBO (News 1st) – උසස් පෙළ විභාග මධ්‍යස්ථානවල සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය මූල්‍ය ප්‍රතිපාදන වෙන් කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යාශය සඳහන් කළේ, ඒ අනුව විභාග මධ්‍යස්ථාන පිහිටි පාසල්වල පාසල් සංවර්ධන සමිති සඳහා රුපියල් 15,000 බැගින් වු මූල්‍ය ප්‍රතිපාදන ලබා දී ඇති බවයි. එම සමිතිවල බැංකු ගිණුම් වෙත මුදල් බැර කෙරෙන අතර එම මුදල්වලින් විභාග කාර්ය මණ්ඩලය සඳහා අවශ්‍ය සෞඛ්‍ය ආරක්ෂිත උපකරණ හා පහසුකම් මිලදී ගැනීමට අවකාශ සැලසෙනු ඇති. අමාත්‍යාංශය සඳහන් කළේ , දැනට විභාග ශාලාධිපතිවරුන්ට නිකුත් කර ඇති ආරක්ෂිත ඇඳුම් පැළදුම් , විෂබීජ නාශක සේදුම් කාරක හා මුව ආවරණවලට අමතරව මෙම මූල්‍ය ප්‍රතිපාදන ලබා දෙන බවයි. මෙමගින් විභාග මධ්‍යස්ථාන 2648 ක සිසුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා විභාග කාර්ය මණ්ඩලයට ලැබෙන අවස්ථාව පුළුල් වන බව ද අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා සඳහන් කළේ ය. |
2020-10-19T21:03:14.000Z | ගම්පහ පීඩාවට පත් පවුල්වලට දෙන රු. 5000 දීමනාවට අදාළ ප්‍රතිපාදන අද ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත | රු. 5000 : ප්‍රතිපාදන ප්‍රා.ලේකම් කාර්යාල වෙත | COLOMBO (News 1st) – නිරෝධායන ඇඳිරි නීතිය පැනවීම හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ පීඩාවට පත් පවුල් සඳහා රුපියල් 5000 දීමනාව ලබා දීමට අදාළ ප්‍රතිපාදන අද ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත යවනු ලැබේ. ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි සහන් ප්‍රදීප් විතාන මහතා සඳහන් කළේ, පවුල් 72000 කට මෙම දීමනාව ලබා දෙන බවයි. |
2020-10-19T20:48:35.000Z | නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල වෙළෙඳසැල් සහ ෆාමසි අද විවෘතයි | ඇඳිරි නීතිය ඇති ප්‍රදේශවල වෙළෙඳසැල් විවෘතයි | COLOMBO (News 1st) – නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති ගම්පහ දිස්ත්‍රික්කයේ වෙළඳසැල් ඖෂධසැල් අද විවෘත කෙරේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ, පෙරවරු 8.00 සිට රාත්‍රී 10.00 වන තෙක් එම වෙළෙඳසැල් විවෘතව තැබෙන බවයි. නිරෝධායන නීතිවලට අනුගත වෙමින් මුව ආවරණ පැළඳ තම අවශ්‍යතා ඉටුකර ගැනීමට අද දිනයේ නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල ජනතාවට අවස්ථාව උදාවන බව ද නියෝජ්‍ය පොලිස්පතිවරයා ප්‍රකාශ කළේ ය. නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ , අද සිටි නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල රථ වාහන නැවැත්වීමේ සීමා දැඩි කර ඇති බවයි. ඒ අනුව ඇඳිරී නීතිය පවතින ප්‍රදේශ හරහා නුවර පාරේ හා මීගමුව පාරේ ගමන් ගන්නා වාහන කිසිදු හේතුවක් මත එම ප්‍රදේශවල නොනැවත්විය යුතු බව ද ඔහු ප්‍රකාශ කළේ ය. ගම්පහ පොලිස් බල ප්‍රදේශ 19 කට පැනවූ නිරෝධායන ඇඳිරි නීතිය අඛණ්ඩව ක්‍රියාත්මක බව ද පොලීසිය පවසයි. |
2020-10-19T20:21:39.000Z | 20 ගැන ශ්‍රේෂ්ඨාධිකරණ මතය අද පාර්ලිමේන්තුවට | 20 ගැන ශ්‍රේෂ්ඨාධිකරණ මතය අද පාර්ලිමේන්තුවට | COLOMBO (News 1st) – 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ ශ්‍රෙෂ්ඨාධිකරණ මතය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි. ඔහු සඳහන් කළේ , පාර්ලිමේන්තුව ආරම්භයේ තමන් එම අධිකරණ තීන්දුව සභාවට ඉදිරිපත් කරන බවයි. ඒ අනුව හෙට හා අනිද්දා දිනවල 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ පාර්ලිමේන්තු විවාදය පැවැත්වෙන බව ද කතානායකවරයා ප්‍රකාශ කළේ ය. මේ අතර ඊයේ රැස්වූ අමාත්‍ය මණ්ඩලය 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදාළ සංශෝධන 03 ක් ගෙන ඒමට තීරණය කළ බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය. |
2020-10-20T01:16:20.000Z | මාකඳුරේ මධුෂ් වෙඩි හුවමාරුවකදී මරුට | මාකඳුරේ මධුෂ් මරුට | COLOMBO (News 1st) Update 12.45PM - පොලිස් අත්අඩංගුවේ සිටි සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන මාකඳුරේ මධුෂ්ගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදු කිරීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන මාකඳුරේ මධුෂ් මියගියේ අද අලුයම සිදුවූ වෙඩි හුවමාරුවකදී ය. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ, මාලිගාවත්ත, ඇපල්වත්ත, ලක්ෂිත සෙවන නිවාස සංකීර්ණය අසල මත්ද්‍රව්‍ය මෙහෙයුමක් අතරතුර මෙම වෙඩි හුවමාරුව සිදුව ඇති බවයි. එහි තිබී හෙරොයින් කිලෝ ග්‍රෑම් 22ක් ද සොයා ගත් බව නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේ ය. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා අද දින උදෑසන කොළඹ අපරාධ පරීක්ෂණ කොට්ඨාසයේ කණ්ඩායමක් එම සැකකරුත් සමග තවත් මත්ද්‍රව්‍ය පිළිබඳ මෙහෙයුමකට මෙම සැකකරු රැගෙන ගොස් තිබෙනවා. මාළිගාවත්ත පොලිස් වසමේ ඇපල්වත්ත, ලක්සිත සෙවණ නිවාස සංකීර්ණය වෙත. සැකකරුත් සමග රැගෙන ගිය අවස්ථාවේදී ඇති වූ වෙඩි හුවමාරුවකින් සැකකරු මාකඳුරේ මධුෂ් මිය ගොස් ඇති බව වාර්තා වෙන්නේ. ඒ වගේම මේ සිද්ධියේදී කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් දෙදෙනෙක් තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා. ඒ වගේම අපරාධ කොට්ඨාසයේ වාහනයකටත් අලාභ හානි සිදුව තිබෙන බව වාර්තා වනවා. මේ සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය තවදුරටත් පරීක්ෂණ පවත්වනවා. විශේෂයෙන්ම මෙම මෙහෙයුමේදී හෙරොයින් වර්ගයේ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 22ක් මහල් නිවාස සංකීර්ණයේ 10 වැනි තට්ටුවේ නිවසක තිබී සොයාගත් බවට වාර්තා වෙනවා. සැකකරුගේ මියයෑම සම්බන්ධයෙන් අද දිනයේ මහේස්ත්‍රාත් පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණයත් පැවැත්වීමටත් නියමිතව තිබෙනවා. ඒ වගේම මේ සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ පවත්වනු ලබනවා. සමරසිංහ ආරච්චිගේ මධුෂ් ලක්ෂිත නොහොත් මාකඳුරේ මධුෂ් 2006 වසරේ දකුණු පළාත් සභාවේ මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ ඩැනී හිත්තැටිය මහතාගේ ඝාතනය ඇතුළු තවත් ඝාතන සහ සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ අදාළ සැකකරුවෙකි. ඔහු මිය යනවිට 41 වැනි වියේ පසු විය. පසුගිය වසරේ පෙබරවාරි මස 05 වැනිදා සාදයකට සහභාගී වී සිටි මධුෂ්ව ඩුබායිහි එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබිණි. ඔහු එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් පිටුවහල් කර ලංකාව වෙත එවනු ලැබුවේ පසුව කරන ලද ඉල්ලීමක් මතයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් මාකඳුරේ මධුෂ් අත්අඩංගුවට ගනු ලැබුවේ, 2019 මැයි මස 05 වැනි දින කටුනායක ගුවන්තොටුපොළේදී ය. ඉන්පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා තබාගෙන දීර්ඝ කාලයක් ප්‍රශ්න කරමින් විවිධ අපරාධ සම්බන්ධයෙන් විමර්ශන සිදු කර තිබේ. පොලීසිය ප්‍රකාශ කළේ , පසුගිය 16 වැනිදා මෙම සැකකරු තවදුරටත් විමර්ශනය කිරීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාසය වෙත බාර දුන් බවයි. =========================================== COLOMBO (News 1st) – සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන මාකඳුරේ මධුෂ් අද අලුයම සිදු වූ වෙඩි හුවමාරුවකදී මියගොස් තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ, මාලිගාවත්ත, ඇපල්වත්ත, ලක්ෂිත සෙවන නිවාස සංකීර්ණය අසල මත්ද්‍රව්‍ය මෙහෙයුමක් අතරතුර මෙම වෙඩි හුවමාරුව සිදුව ඇති බවයි. එහි තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 22ක් ද සොයාගත් බව නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේ ය. https://www.facebook.com/NewsfirstSL/videos/445373423112552/ |
2020-10-19T08:42:54.000Z | 21 ප්‍රහාරය ගැන අප්‍රේල් 11 වැනි දා වනවිට 15,000 කට ආසන්න පිරිසක් දැනුවත්ව සිටියා - රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන | "21 ප්‍රහාරය ගැන ඊට කළින් 15,000 ක් දැන සිටියා" | COLOMBO (News 1st) - සහරාන් හෂීම් බෝම්බ ප්‍රහාරයන් සැලසුම් කර තිබූ බවට ලද බුද්ධි තොරතුර සම්බන්ධයෙන් පසුගිය වසරේ අප්‍රේල් 11 වැනි දා වනවිට 15,000 කට ආසන්න පිරිසක් දැනුවත් වී සිටි බව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා අද ප්‍රකාශ කර තිබේ. ඒ, අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ සාක්ෂි ලබා දෙමිනි. අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා අද සාක්ෂි ලබා දුන්නේ 24 වෙනි දිනටයි. ඒ අනුව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥවරයාට නිලන්ත ජයවර්ධන මහතාගෙන් හරස් ප්‍රශ්න විමසීම අද සිදු කළේ ය. |
2020-10-19T08:16:10.000Z | 20ට අදාළව තවත් සංශෝධන 03ක් - ඇමති විමල් වීරවංශ | 20ට අදාළව තවත් සංශෝධන 03ක් - ඇමති විමල් වීරවංශ | COLOMBO (News 1st): මහා සංඝරත්න ඇතුළු පාර්ශව ගණානාවකින් ඉදිරිපත් වු කරුණු සැලකිල්ලට ගෙන 20 වන ව්‍යවස්ථා සංශෝධනය කෙටුම්පතට අදාළව තවත් සංශෝධන තුනක් සිදු කිරිමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි. https://www.facebook.com/NewsfirstSL/videos/348676716396959/ |
2020-10-19T08:01:51.000Z | නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල හෙට වෙළෙඳසැල් හා ඖෂධසැල් විවෘතයි | ඇඳිරි නීතිය ඇති ප්‍රදේශවල හෙට වෙළෙඳසැල් විවෘතයි | COLOMBO (News 1st) - නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල හෙට (20) පෙරවරු 8.00 සිට රාත්‍රී 10.00 දක්වා වෙළෙඳසැල් හා ඖෂධසැල් විවෘත කර තැබිය හැකි බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. |
2020-10-19T07:47:07.000Z | ඉදිරි සති 2 තීරණාත්මකයි - GMOA | ඉදිරි සති 2 තීරණාත්මකයි - GMOA | COLOMBO (News 1st) - කොරෝනා ව්‍යාප්තිය සම්බන්ධයෙන් ඉදිරි සති 2 ඉතා තීරණාත්මක බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) පවසයි. එහි ප්‍රධාන ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළේ, මේ සම්බන්ධයෙන් අවධානය යොමු කර රෝහල් පද්ධතියේ ධාරිතාව සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුවලට විසඳුම් ලබාදිය යුතු බවය. |
2020-10-19T07:05:48.000Z | රිෂාඩ් බදියුදීන් ලබන 27 වැනි දා දක්වා රිමාන්ඩ් | රිෂාඩ් බදියුදීන් ලබන 27 වැනි දා දක්වා රිමාන්ඩ් | COLOMBO (News 1st) - අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මගින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ලබන 27 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. ඒ, කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා හමුවට ඔහු ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. රිෂාඩ් බදියුදීන් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අද උදෑසන අත්අඩංගුවට ගැනුණි. ඒ, දෙහිවල ප්‍රදේශයේදීය. පසුගිය මහ මැතිවරණ සමයේ පුත්තලමේ සිට මන්නාරමට අවතැන්වූ පුද්ගලයින් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ප්‍රවාහනය කිරීම නිසා රාජ්‍ය මුදල් අවභාවිතය හා පොදු දේපොළ පනත යටතේ ගැනෙන වැරදි සිදු කළ බවට ඔහුට චෝදනා එල්ල වී ඇත. |
2020-10-19T07:00:04.000Z | හදිසි අවස්ථාවක දැනුම් දෙන්න කෙටි දුරකතන අංක කිහිපයක් | හදිසි අවස්ථාවක දැනුම් දෙන්න දුරකතන අංක කිහිපයක් | COLOMBO (News 1st) - යම්කිසි ආකාරයක අපරාධයක්, ආපදාවක්, රිය අනතුරක් හෝ එවැනි සිදුවීම් සිදු වූ අවස්ථාවක ඇමතීමට හදිසි ඇමතුම් අංක කිහිපයක් ජනතාව වෙත පොලිස් මුලස්ථානය විසින් නිකුත් කරනු ලැබ තිබේ. ඒ අනුව එම අංක පහත පරිදී වේ... |
2020-10-19T05:43:57.000Z | නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශ හරහා ගමන් කිරීමේදී වාහන නතර කිරීම හෙට සිට තහනම් | ඇඳිරි නීතිය ප්‍රදේශ: වාහන නතර කිරීම තහනම් | COLOMBO (News 1st) - නුවර පාරේ සහ මීගමුව පාරේ ගමන් ගන්නා වාහන නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශ හරහා ගමන් කිරීමේදී කිසිදු ස්ථානයක නතර කිරීමක් සිදු නොකළ යුතු බව පොලීසිය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ, එම නීතිය හෙට(20) සිට දැඩිව ක්‍රියාත්මක කරන බවයි. ඔහු මේ බව පැවසුවේ අද පස්වරුවේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදීය. [audio mp3="https://cdn.newsfirst.lk/sinhala-uploads/2020/10/10-19-AJITH-ROHANA-ED-GAMPAHA-CURFEW-online-audio-converter.com_.mp3"][/audio] |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.