date
stringlengths
24
24
title
stringlengths
0
176
short_title
stringlengths
10
69
content
stringlengths
0
19.7k
2022-11-23T16:47:35.000Z
ගාල්ල බන්ධනාගාරයෙන් සිරකරුවෙක් පලා යයි..
ගාල්ල බන්ධනාගාරයෙන් සිරකරුවෙක් පලා යයි..
COLOMBO ( News 1 st ) - ගාල්ල බන්ධනාගාරයේ රඳවා සිටි සිරකරුවෙකු ඊයේ (22) රාත්‍රියේ බන්ධනාගාරයෙන් පලාගොස් තිබේ. එලෙස පලාගොස් ඇත්තේ සොරකම් කිරීම සම්බන්ධ නඩුවක වරදකරු වී කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් පසුගිය මස 09 වන දින වසර දෙකක සිර දඬුවමක් නියමව ගාල්ල බන්ධනාගාරයේ දඬුවම් විඳිමින් සිටි අයෙකි. ඔහු 31 හැවිරිදි සිරකරුවෙක් බව ගාල්ල බන්ධනාගාර අධිකාරි කාර්යාලය සඳහන් කළ අතර පලාගිය රැඳවියා සොයා මේ වනවිට සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මකයි.
2022-11-23T16:34:32.000Z
ඉන්දීය රෝ ඔත්තු සේවා ප්‍රධානියා හොර රහසේ ලංකාවට ආවාද?
ඉන්දීය රෝ ඔත්තු සේවා ප්‍රධානියා ලංකාවට ආවාද?
COLOMBO ( News 1 st ) - ඉන්දීය රෝ ඔත්තු සේවයේ ප්‍රධානී සමන්ත් ගොයෙලේ මහතා පසුගිය දිනක රහසිගත සංචාරයක් සඳහා කොළඹට පැමිණ ඇතැයි යාපනයේ පළවන කාලෙයි කදිර් පුවත්පත අද(23) අනාවරණය කර තිබේ. පුවත්පතේ සඳහන් වන්නේ විශ්වාසනීය මූලාශ්‍රයකින් ලැබුණු තොරතුරු මත එය තහවුරු කළ බවයි. රෝ ඔත්තු සේවයේ ප්‍රධානී සමන්ත් ගොයෙලේ මහතා කොළඹදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී සාකච්ඡා කර ඇති බව ද කාලෙයි කදිර් පුවත්පත සඳහන් කර ඇති අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග පැවති සාකච්ඡාව රහසිගත අයුරින් පැවති එකක් බව ද පුවත්පත් වාර්තාවේ සඳහන්.
2022-11-23T16:04:52.000Z
පාපන්දු ඉතිහාසයේ පළමු වරට ජපානය ඉදිරියේ ජර්මනිය පරදී..
ප්‍රබල ජර්මනියට එරෙහිව ජපානයට ජය..
COLOMBO ( News 1 st ) - 2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ප්‍රබල ජර්මනියට එරෙහි තරගය ජපානය ගෝල 2ට 1ක් ලෙස අද ජය ගත්තේය. කටාර්හි, කලීෆා අන්තර්ජාතික ක්‍රීඩාංගණයේදී පැවැති තරගයේ පළමු අර්ධය අවසන් වන විට ගෝල 1ට 0ක් ලෙස ඉදිරියෙන් සිටියේ ජර්මනියයි. කෙසේ නමුත් දෙවැනි අර්ධයේදී ක්‍රියාත්මක වූ ඩොආන් සහ අසානෝ රැස් ගෝලය බැගින් රැස් කරමින් ජපානය ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත් වූ අතර මෙය වාර්තා අතරට එක් වුණේ, අවස්ථා 4කදී ලෝක ශූරයින් වූ ජර්මන් කණ්ඩායම, පාපන්දු ඉතිහාසයේ ජපානය හමුවේ පරාජයට පත් වූ පළමු අවස්ථාව ලෙසය.
2022-11-23T13:31:58.000Z
පාර්ලිමේන්තුවට වගකියන අල්ලස් හා දූෂණ පිළිබඳ ස්වාධීන විමර්ශන කොමිෂන් සභාවක් පිහිටුවීමට අවධානය...
ස්වාධීන විමර්ශන කොමිෂන් සභා ගැන දැනුම්දීමක්
COLOMBO ( News 1 st ) - පාර්ලිමේන්තුවට වගකියන අල්ලස් හා දූෂණ පිළිබඳ ස්වාධීන විමර්ශන කොමිෂන් සභාවක් පිහිටුවීම හා දුෂණ විරෝධී පනත් කෙටුම්පත පිළිබඳව, අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබද අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදි අවධානය යොමුව තිබේ. අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබද අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා එම කාරක සභාව රැස්වූ අවස්ථාවේ දී ඒ පිළිබද අවධානය යොමු විය. අල්ලස්, දූෂණ සහ වංචා වැළැක්වීමට විධිමත් ආයතනික ව්‍යුහයක් නිර්මාණය කර අවශ්‍ය බලතල ලබාදීමට අපොහොසත් වීම නිසා රටේ පවතින සියලුම අල්ලස් හා දුෂණ චෝදනා පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරයන්ට එල්ලවෙමින් පවතින බව අමාත්‍යවරයා එහිදි සඳහන් කර තිබේ.
2022-11-23T13:29:33.000Z
බලපත්‍ර නොමැති ගිනි අවි සමග 05 දෙනෙකු වාකරේදී අත්අඩංගුවට..
බලපත්‍ර නොමැති ගිනි අවි සමග 05ක් කොටු
COLOMBO ( News 1 st ) - පොලිස් විශේෂ කාර්ය බලකාය වාකරේ, ඌත්තමඩිහේන ප්‍රදේශයේ දී බලපත්‍ර නොමැතිව ගිනි අවි ළඟ තබාගෙන සිටි පුද්ගලයන් 05 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කරන්නේ මෙරට නිෂ්පාදිත ගිනි අවි 05ක් ඔවුන් සන්තකයේ තිබී සොයාගත් බවය. වයස අවුරුදු 25 - 51 දක්වා වයස්වල පසුවන මෙම සැකකරුවන් වාකරේ, කදිරවේලි ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර වාකරේ පොලීසිය විසින් මේ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදු කරනු ලැබේ.
2022-11-23T13:23:21.000Z
භූමිතෙල් බෙදා හැරීමේ ප්‍රමාදය ඉදිරි දින දෙක තුළ අවසන් කරනවා - රජය
භූමිතෙල් බෙදා හැරීමේ ප්‍රමාදය අවසන් කරනවා
COLOMBO ( News 1 st ) - භූමිතෙල් බෙදා හැරීමේදී පවතින ප්‍රමාදය ඉදිරි දින දෙක තුළ සම්පූර්ණයෙන්ම අවසන් කිරීමට රජය පියවර ගෙන තිබෙන බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. ජනාධිපති මාධ්‍ය ඒකකය පැවසුවේ, ධීවර ප්‍රජාවගේ ඉන්ධන අවශ්‍යතාවය වෙනුවෙන් අද(23) භූමිතෙල් බවුසර් 74 ක් නිකුත් කිරීමට කටයුතු කර ඇති බවය. ඊට අමතරව පෞද්ගලික අංශයේ පිරවුම්හල් 49 ක්, සමූපකාර පිරවුම්හල 18 ක් සහ වෙනත් පිරවුම්හල් 07 කින් ඔවුන් වෙත අඛණ්ඩව භුමිතෙල් බෙදාහැරීම සිදු කරන බවද ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කර තිබේ. අනුමැතිය ලබා දී ඇති නමුත් මුදල් නොගෙවීම හේතුවෙන් ඊයේ දිනයේ භුමිතෙල් නිකුත් කර නැති සියලුම පිරවුම්හල් වෙත අද(23) දිනයේ දී භුමිතෙල් නිකුත් කිරීමට උපදෙස් ලබා දී ඇති බව ද ජනාධිපති මාධ්‍ය ඒකකය සදහන් කළේ ය. මේ දක්වා භූමිතෙල් බෙදීම සිදු නොකළ සමූපකාර පිරවුම්හල් 18ක් මගින් ද භූමිතෙල් නිකුත් කිරීමට කටයුතු කර තිබෙන අතර ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ ධීවර ප්‍රජාව වෙත ඉන්ධන බෙදා හැරීම පිළිබඳ අධීක්ෂණය හා මෙහෙයවීම ඊයේ සිට පළාත් ප්‍රධාන ලේකම්වරු සහ දිසාපතිවරු වෙත පවරා ඇති බවයි.
2022-11-23T12:33:32.000Z
චාමික කරුණාරත්නට අත්හිටවූ තරග තහනමක් සහ දඩයක්
චාමිකට අත්හිටවූ තරග තහනමක් සහ දඩයක්
COLOMBO (News 1st) - ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්නට අත්හිටවූ තරග තහනමක් සහ ඩොලර් 5,000ක දඩයක් පැනවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයනය තීරණය කර තිබේ. ඒ පසුගිය දා නිමාවුණු පන්දු වාර 20යි 20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය අතරතුර චාමික කරුණාරත්න ක්‍රීඩක කොන්ත්‍රාත් ගිවිසුම උල්ලංඝණය කරමින් හැසිරුණු බවට තහවුරු වීම හේතුවෙනි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අදාළ සිදුවීම සම්බන්ධයෙන් පත්කළ, ත්‍රිපුද්ගල කමිටුවේ නිර්දේශ අනුව, මෙම තීරණය ගත්බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි. ඒ අනුව, චාමික කරුණාරත්නට සෑම ආකාරයේම ක්‍රිකට් තරග සඳහා වසරක අත්හිටවූ තහනමක් පැනවෙනු ඇති.
2022-11-23T12:14:53.000Z
සතොස භාණ්ඩ කිහිපයක මිල පහත දමයි..
ලංකා සතොස භාණ්ඩ කිහිපයක මිල පහත දමා තිබේ.
COLOMBO ( News 1 st ) - ඒ අනුව, පහත දැමූ භාණ්ඩවල නව මිල මෙසේය. සුදු සීනි 1kg - රුපියල් 229 පාන්පිටි 1kg - රුපියල් 265 සුදු ළුෑණු 1kg - රුපියල් 495 බී ලූණු 1kg - රුපියල් 255 ලංකා සතොස නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, මෙම මිල ගණන් හෙට(24) සිට ක්‍රියාත්මක බවය.
2022-11-23T11:16:47.000Z
දින 89කට පසු ඇප ලැබුණු පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමි වෙනත් නඩුවකට රිමාන්ඩ්
සිරිධම්ම හිමි වෙනත් නඩුවකට රිමාන්ඩ්
COLOMBO ( News 1 st ) - කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප නියම වූ පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමියන්, වෙනත් නඩුවක් සඳහා කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. ඒ දෙසැම්බර් 06 වැනි දා දක්වායි. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දින 89ක් රඳවාගෙන පසුව රක්ෂිත බන්ධනාගාරගත කළ අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමියන් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ටී.එන්.එල්. මහවත්ත මහත්මිය අද (23) ඇප මත මුදා හැරියා ය.
2022-11-23T09:45:20.000Z
මහඑළිය රක්ෂිතයේ මැණික් ගැරූ පස්දෙන‍ෙකු අත්අඩංගුවට ...
මහඑළිය රක්ෂිතයේ මැණික් ගැරූ 5ක් කොටු....
COLOMBO ( News 1 st ) - බගවන්තලාව, මහඑළිය රක්ෂිතයේ මැණික් ගැරූ බවට සැක පිට පුද්ගලයින් පස්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. හැටන් අඩිවි වන නිලධාරී වි.ජී.කේ. රුක්ෂාන් මහතා ප්‍රකාශ කළේ, බගවන්තලාව මහඑළිය ශ්‍රීපාද රක්ෂිතයේ පරිසරයට හානි කරමින් අදාළ පුද්ගලයින් මැණික් ගැරීමේ නිරතව සිටි බවයි. මෙහිදී මැණික් ගැරීමට යොදාගත් උපකරණ රැසක් ද අඩවිවන නිලධාරීන් සිය භාරයට ගෙන තිබෙන අතර සැකකරුවන් අද(23 ) අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.
2022-11-23T08:12:18.000Z
හැකිනම් පාර්ලිමේන්තුව විසුරුවීමේ යෝජනාවක් ඉදිරිපත් කරන්න - අගමැති‌ගෙන් විපක්ෂයට අභියෝගයක්
හැකිනම් පාර්ලිමේන්තු විසුරුවීමේ යෝජනාවක් ගෙන්න
COLOMBO (News 1st) - හැකිනම් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නැයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විපක්ෂයට දැනුම් දී තිබේ. ඒ, අද පාර්ලිමේන්තුවේ පැවති අයවැය විවාදය අතරතුරදීය.
2022-11-23T07:46:46.000Z
රට ස්ථාවර වනතුරු පාර්ලිමේන්තුව විසුරුවන්නේ නැහැ - ජනපති
රට ස්ථාවර වනතුරු පාර්ලිමේන්තුව විසුරුවන්නේ නැහැ
COLOMBO (News 1st) - රට ස්ථාවර වන තුරු පාර්ලිමේන්තුව විසුරුවා නොහරින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ, අද පාර්ලිමේන්තුවේදීය.
2022-11-23T07:23:06.000Z
තවත් අරගලයකට ඉඩ දෙන්නේ නැහැ - ජනපති
තවත් අරගලයකට ඉඩ දෙන්නේ නැහැ - ජනපති
COLOMBO (News 1st) - තවත් අරගලයකට ඉඩදිය නොහැකි බවත් හමුදාව සහ හදිසි නීතිය යොදා එය පාලනය කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව පැවසුවේ, අද පාර්ලිමේන්තුවේදීය.
2022-11-23T06:31:53.000Z
ලංකා කම්කරු කොංග්‍රසයේ හිටපු නායක මුත්තු සිවලිංගම් අභාවප්‍රාප්ත වෙයි
මුත්තු සිවලිංගම් අභාවප්‍රාප්ත වෙයි
COLOMBO (News 1st) - ලංකා කම්කරු කොංග්‍රසයේ (CWC) හිටපු නායක මුත්තු සිවලිංගම් මහතා අභාවප්‍රාප්ත වී තිබේ. අභාවප්‍රාප්ත වනවිට ඒ මහතාගේ වයස අවුරුදු 79කි.
2022-11-23T04:39:15.000Z
දින 89ක් රඳවාගෙන සිට රිමාන්ඩ් කෙරුණු ගල්වැව සිරිධම්ම හිමියන්ට ඇප
ගල්වැව සිරිධම්ම හිමියන්ට ඇප
COLOMBO (News 1st) - ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දින 89ක් රඳවාගෙන පසුව රක්ෂිත බන්ධනාගාරගත කළ අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමියන් අද (23) ඇප මත මුදා හැර තිබේ. උන්වහන්සේට එලෙස ඇප නියම කළේ, කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ටී.එන්.එල්. මහවත්ත මහත්මියයි. සැකකාර හිමියන් බන්ධනාගාර නිලධාරීන් විසින් මුහුණු ආවරණය කොට අතිරේක මහේස්ත්‍රාත්වරියගේ නිල මැදිරියට රැගෙන එනු ලැබීය. එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දිලීප පීරිස් මහතා කියා සිටියේ, සැකකරු ඇප මත මුදා හැරීමට නීතිපතිවරයා තීරණය කර ඇති බවය. එබැවින් සැකකාර හිමිනම ඇප මත මුදා හරින්නැයි ඔහු අධිකරණයෙන් ඉල්ලීමක් කළේ ය. ඒ අනුව ගල්වැව සිරිධම්ම හිමියන් රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප 2 ක් මත මුදා හැරීමට නියෝග කළ අතිරේක මහේස්ත්‍රාත්වරිය මසකට වරක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසට ද නියෝග කළා ය. සැකකාර හිමිනමට විදෙස් ගමන් තහනමක් ද පැන වූ අතර මෙම නඩු කටයුත්තට අදාලව කිසිදු ප්‍රකාශයක් මාධ්‍ය හමුවේ සිදු නොකරන ලෙසටත් ප්‍රචණ්ඩකාරී අයුරින් හැසිරුණු බවට පැමිණිලි ලදහොත් ඇප අවලංගු කර රක්ෂිත බන්ධනාගාරගත කරන බවටත් අධිකරණය නියෝග කර තිබේ.
2022-11-23T03:47:52.000Z
මෙක්සිකෝව සහ පෝලන්තය අතර තරගය ජය පරාජයෙන් තොරව අවසන්
මෙක්සිකෝ - පෝලන්ත තරගය ජය පැරදුමෙන් තොරයි
COLOMBO (News 1st) - 2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ මෙක්සිකෝව සහ පෝලන්තය අතර තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය. තරගාවලියේ C කාණ්ඩයේ මූලික වටයේ තරගයක් වූ මෙය කටාරයේ දෝහාහි ස්ටේඩියම් නයින් සෙවන් ෆෝ ක්‍රීඩාංගණයේදී පැවැත්විය. මෙක්සිකෝව ලෝක ශ්‍රේණිගත කිරීම්හි 13වන ස්ථානයේ රැඳී සිටින අතර පෝලන්තයට එහි හිමිව ඇත්තේ 26 වැනි ස්ථානයයි. කෙසේ නමුත් තරගය ආරම්භයේ සිටම දෙපිලම කරට කර සටනක නියැලුණු අතර පළමු අර්ධයේදී දෙපිලටම ගෝල රැස් කිරීමට හැකි වූයේ නැත. දෙවැනි අර්ධයේදී ද තරගය තියුණු මුහුණුවරක් ගෙන තිබේ. නමුත් එම අර්ධයේදීත් කණ්ඩායම් දෙකම ගෝල රැස් කිරීමට අසමත් විය. ඒ අනුව තරගය අවසන් වූයේ ජය පරාජයෙන් තොරවයි. මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ජය පරාජයෙන් තොරව අවසන් වූ තුන්වැනි තරගය ද මෙය වේ. තරගාවලියේ සියලු තරග TV1 නාලිකාව ඔස්සේ ඔබට නැරඹිය හැකියි.
2022-11-23T03:24:50.000Z
ආර්ජන්ටිනාවට එරෙහි ජයග්‍රහණයේ සතුට සැමරීමට සෞදියේ අද නිවාඩු දිනයක් ලෙස නම් කෙරේ..
ජයග්‍රහණයේ වෙනුවෙන් අද සෞදියේ නිවාඩු දිනයක්
COLOMBO (News 1st) - මෙවර පාපන්දු ලෝක කුසලානයේදී ආර්ජන්ටිනා කණ්ඩායමට එරෙහිව ලැබූ ජයග්‍රහණයේ සතුට සැමරීම වෙනුවෙන් සෞදි අරාබි රජු විසින් අද (23) එරට රජයේ සහ පුද්ගලික අංශයේ සියලු අංශවලට නිවාඩු දිනයක් ලෙස නම් කර තිබේ. ආර්ජන්ටිනාවට එරෙහි තරගය සෞදි අරාබිය ඊයේ ජය ගත්තේ ගෝල 2-1ක් ලෙසය. මේ අතර ආර්ජන්ටිනා⁣වේ තරග 36 ක අපරාජිත වාර්තාව සෞදි අරාබිය හමුවේ ඊයේ අවසන් විය. ඔවුන් අවසන් වරට පරාජයට පත් වූයේ 2019 ජූලි 3 වැනි දින බ්‍රසීලය හමුවේදීය.
2022-11-23T02:18:22.000Z
සාරිය වෙනුවට වෙනත් ඇඳුම්වලට මාරු වුණ ගුරුවරියන් ගැන වාර්තාවක් කැඳවයි
වෙනත් ඇඳුම්වලට මාරු වුණ ගුරුවරියන් ගැන පරීක්ෂණ
COLOMBO (News 1st) - පාසල් ගුරුවරියන් කිහිපදෙනෙකු සාරිය හා ඔසරිය වෙනුවට වෙනත් ඇඳුම්වලින් සැරසි පාසල්වලට පැමිණීමේ සිද්ධිය සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවා ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. එහි උසස් නිලධාරියෙකු සඳහන් කළේ, ගුරු වෘත්තියේ ගෞරවය ආරක්ෂා වන අන්දමින් සම්ප්‍රදායිකව ගුරුවරියන් හා ගුරුවරුන් පාසල් පැමිණීමේදී අඳින ලද පිළිවෙළ මෙම ගුරුවරියන් විසින් මග හැරියේ ඇයි ද යන්න මෙහිදීසොයා බලන බවය. ඒ සම්බන්ධයෙන් වාහාම වාර්තාවක් ලබා දෙන ලෙස අදාල පාසල්වල විදුහල්පතිවරුන්ට හා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට උපදෙස් ලබාදුන් බව ද අමාත්‍යාංශ නිලධාරියා ප්‍රකාශ කළේ ය. ඔහු පැවසුවේ, සිසුන් ඉදිරියේ ගුරු භූමිකාවේ ගෞරවය ආරක්ෂා වන අයුරින් කටයුතු කිරීමට සෑම ගුරුවරයෙකුට වගකීමක් පවතින බවයි. එසේ තිබියදී තමන්ට රිසි ඇඳුමකින් සැරසී පාසල් පැමිණීමට හැකියාවක් නොමැති බව ද අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ය.
2022-11-23T01:34:57.000Z
ඕමානයේ මිනිස් ජාවාරමට සම්බන්ධ නිලධාරියා ගැන පෙබරවාරි මාසේ පැමිණිලි ලැබුණත් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැහැ - රාජ්‍ය ගිණුම් කාරක සභාවේදී හෙළිවෙයි
මිනිස් ජාවාරමට සම්බන්ධ නිලධාරියා ගැන හෙළිදරව්වක්
COLOMBO (News 1st) - ඕමානයේ මිනිස් ජාවාරම සම්බන්ධයෙන් රාජ්‍ය ගිණුම් කාරක සභාවේදී කරුණු විමසා තිබේ. ඒ, ඊයේ (22) රාත්‍රී එම කමිටුව රැස් වූ අවස්ථාවේදීයි. එහිදී හෙළි වූයේ, මෙම ජාවාරමට සම්බන්ධ බව කියන නිලධාරියා පිළිබඳව විදේශ රැකියා නියුක්ති කාර්යංශයට පෙබරවාරි මාසයේ දී පැමිණිලි ලැබී තිබුණ ද ඒ සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවයි. මේ අතර සංචාරක වීසා මත මෙරට කාන්තාවන් ඕමානයට රැගෙන ගොස් මිනිස් ජාවාරමේ යෙදවීම සම්බන්ධයෙන් මේ වනවිට පුද්ගලයින් 04 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරයි.
2022-11-23T00:53:18.000Z
රාජ්‍ය මුද්‍රණාල සේවකයින් වැඩ වර්ජනයක
රාජ්‍ය මුද්‍රණාල සේවකයින් වැඩ වර්ජනයක
COLOMBO (News 1st) - රාජ්‍ය මුද්‍රණාල සේවකයින් වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ. ඒ, අතිකාල දීමනා ගෙවීමේ ගැටලුවක් මුල් කර ගනිමිනි. රජයේ මුද්‍රණාල වෘත්තිය සමිති එකමුතුවේ නියෝජිත නුවන් බුද්ධික මහතා සඳහන් කළේ, තම සේවකයින් මාස ගණනාවක් තිස්සේ මෙම අර්බුදය පිළිබඳ සාකච්ඡා කළ ද විසඳුමක් නොලැබුණු බවයි. මේ පිළිබඳව රජයේ මුද්‍රණාලයාධිපති ගංගා කල්පනී ලියනගේ මහත්මියගෙන් විමසීමක් කළේ ය. ඇය සඳහන් කළේ, මෙම ගැටලුව පිළිබඳව අද (23) දිනයේ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා සමග සාකච්ඡා කරන බවයි. කඩිනමින් ගැටලුවට විසඳුම් ලබා දෙන බව ද ඇය ප්‍රකාශ කළා ය.
2022-11-23T00:48:19.000Z
අයවැය කාරක සභා අවස්ථා විවාදය අද ඇරඹේ
අයවැය කාරක සභා අවස්ථා විවාදය අද ඇරඹේ
COLOMBO (News 1st) - අයවැය කාරක සභා අවස්ථා විවාදය අද (23) ආරම්භ වේ. ඒ සඳහා පෙරවරු 9.30 ට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතයි. ලබන 8 වැනි දා දක්වා විවාදය පැවැත්වෙනු ඇති. අයවැය දෙවැනි වර කියවීම ඊයේ (22) පස්වරුවේ පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 37 කින් සම්මත විය. ඊට පක්ෂව ඡන්ද 121 ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 84 කි. මේ අතර නව ස්ථාවර කාරක සභා තුනක් සඳහා ස්ථාවර නියෝග සංශෝධනය කිරීමට අදාළ යෝජනාව අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනු ඇත. මෙම යෝජනා පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුළත් කර ඇත්තේ, පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී ගත් තීරණයක් මතයි. කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව රැස්විය.
2022-11-23T00:32:30.000Z
ජර්මනිය - ජපානය, ස්පාඤ්ඤය - කොස්ටාරිකාව, මොරොක්කෝව - ක්‍රොඒෂියාව හා බෙල්ජියම - කැනඩාව අද FIFA ලෝක කුසලාන තරග බිමට
FIFA ලෝක කුසලානයේ අද තවත් තරග 4 ක්
COLOMBO (News 1st) - 2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ තවත් තරග 4 ක් අද (23) පැවැත්වීමට නියමිතය. එහි පළමු තරගයට එක් වන්නේ ජර්මනිය සහ ජපානයයි. එම තරගය මෙරට වේලාවෙන් පස්වරු 3.30ට ආරම්භ වේ. දෙවන තරගය ස්පාඤ්ඤය සහ කොස්ටාරිකාව අතර පැවැත්වෙන අතර එම තරගය මෙරට වේලාවෙන් පස්වරු 6.30ට ආරම්භ වීමට නියමිතය. මොරොක්කෝව සහ ක්‍රොඒෂියාව අද තුන්වන තරගයට එක්වනු ඇති. ඒ, මෙරට වේලාවෙන් අද රාත්‍රී 9.30ටයි. සිව්වැනි තරගය බෙල්ජියම හා කැනඩාව අතර අද මධ්‍යම රාත්‍රී 12.30 ට පැවැත්වේ. 2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ තරග සියල්ලේම උද්වේගය ඔබ වෙත ගෙන ඒමට ''චැම්පියන්ස් නෙට්වර්ක්" සූදානම්. ඒ අනුව ලංකාවේ ක්‍රීඩාව, දැනුම සහ විනෝදය වෙනුවෙන් වෙන් වූ එකම නාළිකාව වන TV1 2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ නිල දේශීය විකාශන අයිතිය හිමි නාලිකාව ලෙස කටයුතු කරනු ඇති. තරගාවලියේ සියලු තරග TV1 නාලිකාව ඔස්සේ ඔබට නැරඹිය හැකියි.
2022-11-23T00:16:16.000Z
ගෙවුණු දිනය උණුසුම් කළ පුවත්
ගෙවුණු දිනය උණුසුම් කළ පුවත්
1. ළමා මන්දපෝෂණය ගැන කතා කර වැඩ තහනමට ලක් වූ වෛද්‍ය චමල් සංජීවගෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක් - සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, අමාත්‍යංශයේ ලේකම්වරයා හා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන ඇතුළු සෞඛ්‍ය බලධාරීන්ගෙන් රුපියල් ලක්ෂ 100ක වන්දියක් ඉල්ලා, වෛද්‍ය ජී. ජී. චමල් සංජීව මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේ ය. 2. අමෙරිකාවෙන් ලැබුණු P 627 නෞකාව “විජයබාහු” නමින් අධිකාරියට පත් කෙරේ - P 627 නෞකාව “විජයබාහු” නමින් අධිකාරියට පත් කිරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (22) පස්වරුවේ සිදු කෙරිණි. 3. ඩෙන්මාර්කය සහ ටියුනීසියාව අතර තරගය ජය පරාජයෙන් තොරව අවසන් - 2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ඩෙන්මාර්කය සහ ටියුනීසියාව අතර තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය. 4. රාජ්‍ය සේවකයින්ගේ පහසු ඇඳුමේ චක්‍රලේඛය ගුරුවරුන්ට අදාළ නැහැ – අධ්‍යාපන ඇමති - කොරෝනා සමයේ රාජ්‍ය සේවකයින්ට පහසු ඇඳුමකින් සේවයට වාර්තා කිරීමට නිකුත් කළ චක්‍රලේඛය ගුරුවරුන්ට අදාළ නොවන බව අධ්‍යාපන අමාත්‍යවරයා පවසයි. 5. අයවැය දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීමට දෙමළ ජාතික සන්ධානය සහභාගි වෙන්නේ නැහැ – එම්.ඒ සුමන්දිරන් - ඊයේ (22) පැවැත්වෙන 2023 අයවැය දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීමට සහභාගි නොවීමට දෙමළ ජාතික සන්ධානය තීරණය කර ඇති බව මන්ත්‍රී එම්.ඒ සුමන්දිරන් මහතා පවසයි.
2022-11-22T16:47:00.000Z
ළමා මන්දපෝෂණය ගැන කතා කර වැඩ තහනමට ලක් වූ වෛද්‍ය චමල් සංජීවගෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්
වෛද්‍ය චමල් සංජිවගෙන් පෙත්සමක්
COLOMBO (News 1st) - සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, අමාත්‍යංශයේ ලේකම්වරයා හා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන ඇතුළු සෞඛ්‍ය බලධාරීන්ගෙන් රුපියල් ලක්ෂ 100ක වන්දියක් ඉල්ලා, වෛද්‍ය ජී. ජී. චමල් සංජීව මහතා අද ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේ ය. වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබද වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානයේ සභාපති වෛද්‍ය චමල් සංජිව මහතා මෙම පෙත්සම ගොනුකර ඇත්තේ පසුගියදා හම්බන්තොට දිස්ත්‍රික්කයේ ළමා මන්දපෝෂණය ඉහළ යා හැකි බවට මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් පාදක කර ගනිමින් තමන්ගේ වැඩ තහනම් කළ බවයි. තමන් වැඩ තහනමට ලක්කිරීමට අදාළව රාජ්‍ය සේවා කොමිෂන් සභාව හා සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා නිකුත් කළ ලිපි මගින් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බවට නිගමනය කරන නියෝගයක් නිකුත් කරන ලෙසට ද නීතීඥ ප්‍රවීන් ප්‍රේමතිලක මහතා මගින් ගොනු කළ එම පෙත්සම මගින් වෛද්‍යවරයා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ. පසුගිය සැප්තැම්බර් 19 වැනිදා හම්බන්තොට සූරියවැව ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී තමන් එම ප්‍රකාශය සිදුකරනු ලැබුවේ ඒ පිළිබදව නිසි අධ්‍යනයක් සිදුකිරීමෙන් අනතුරුව බවත්, රටේ පිළිගත් වෘත්තිය සමිති ව්‍යාපාරයක නායකයෙකු මෙන් ම පුරවැසියෙකු ලෙස තමන් සතු භාෂණයේ අයිතිය ආයතන සංග්‍රහයකින් සීමා කළ නොහැකි බවත් පෙත්සම්කාර වෛද්‍යවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට වැඩිදුරටත් පෙන්වා දී තිබේ. එබැවින් වහාම තමාගේ අධ්‍යාපන සුදුසුකම්වලට ගැලපෙන තනතුරක තමාව පිහිටුවීමට බලධාරීන්ට නියෝගයක් නිකුත් කරන ලෙසට ද හෙතෙම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ. එකී වන්දි මුදල ශ්‍රී ලංකාවේ රාජ්‍ය නිලධාරියෙකු රජයෙන් හෝ රාජ්‍ය දෙපාර්තමේන්තුවකින් ඉල්ලා ඇති ඉහළම වන්දි මුදල ලෙස සැලකෙයි. රටපුරා බොහෝ රාජ්‍ය නිලධාරීන් නිහඬව සිටියදී රටේ දරුවන්ගේ මන්දපෝෂණය සම්බන්ධයෙන් පෙත්සම්කාර වෛද්‍යවරයා කළ එම හෙළිදරව්වෙන් පසුව රජය දීපව්‍යාප්ත වශයෙන් මන්දපෝෂණය මැඩපැවැත්වීම සඳහා ව්‍යාපෘති ගණනාවක් ක්‍රියාත්මක විය. 2023 අයවැය යෝජනාවලියෙන් ද ඒ සඳහා රුපියල් මිලියන 500කට ආසන්න මුදලක් වෙන් කර තිබේ. එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත්තේ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාට අමතරව තවත් පුද්ගලයින් 22 කි.
2022-11-22T16:35:58.000Z
අමෙරිකාවෙන් ලැබුණු P 627 නෞකාව “විජයබාහු” නමින් අධිකාරියට පත් කෙරේ..
P 627 “විජයබාහු” වෙයි..
COLOMBO (News 1st) - P 627 නෞකාව “විජයබාහු” නමින් අධිකාරියට පත් කිරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද(22) පස්වරුවේ සිදු කෙරිණි. අමෙරිකා එක්සත් ජනපද වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත එම නෞකාව පසුගියදා ලබාදෙන ලදී. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ සාගර කලාපයේ පොදු සමුද්‍රීය අභියෝග ජය ගැනීම උදෙසා හවුල්කාරිත්වය ශක්තිමත් කිරීමේ සහ වර්ධනය කිරීමේ අරමුණින් එම නෞකාව පසුගියදා අමෙරිකාව විසින් පරිත්‍යාග කළ බවයි. නාවික නෞකා "විජයබාහු" නමින් අධිකාරියට පත් කිරීමේ උත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ කොළඹ වරාය, නැගෙනහර පර්යන්තයේ දී සිදු කෙරිණි. ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්යය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති ජූලි චන්ග්, ආරක්ෂක ලේකම් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ, පොලිස්පති සි. ඩී වික්‍රමරත්න යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
2022-11-22T16:30:01.000Z
ඩෙන්මාර්කය සහ ටියුනීසියාව අතර තරගය ජය පරාජයෙන් තොරව අවසන්..
ඩෙන්මාර්ක් - ටියුනීසියා තරගය ජය පැරදුමෙන් තොරයි
COLOMBO (News 1st) - 2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ඩෙන්මාර්කය සහ ටියුනීසියාව අතර තරගය අද (22) ජය පරාජයෙන් තොරව අවසන් විය. තරගාවලියේ D කාණ්ඩයේ මූලික වටයේ තරගයක් වූ මෙය, කටාර් අල් රයන්හි ඉඩියුකේෂන් සිටි ක්‍රීඩාංගණයේදී පැවැත්විය. ඩෙන්මාර්කය ලෝක ශ්‍රේණිගත කිරීම්හි 10වන ස්ථානයේ රැඳී සිටින අතර ටියුනීසියාවට එහි හිමිව ඇත්තේ 30 වැනි ස්ථානයයි. කෙසේ නමුත් තරගය ආරම්භයේ සිටම ටියුනීසියාවෙන් ඩෙන්මාර්කයට ප්‍රබල අභියෝගයක් එල්ල විය. ඒ අනුව පළමු අර්ධයේදී දෙපිලටම ගෝල රැස් කිරීමට හැකි වූයේ නැත. දෙවැනි අර්ධයේදීද කණ්ඩායම් දෙකෙන්ම තියුණු තරගයක් දක්නට ලැබුණ නමුත් එම අර්ධයේදී ද කණ්ඩායම් දෙකටම ගෝල රැස් කිරීමට හැකි වූයේ නැත. ඒ අනුව තරගය අවසන් වූයේ ජය පරාජයෙන් තොරවයි. මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ජය පරාජයෙන් තොරව අවසන් වූ දෙවැනි තරගය මෙයයි.
2022-11-22T12:50:18.000Z
ආර්ජන්ටිනාව හඬවමින් සෞදි අරාබිය ගෝල 2 - 1ක සුපිරි ජයක් ලබයි
ආර්ජන්ටිනාවට එරෙහිව සෞදියට සුපිරි ජයක්
COLOMBO (News 1st) - සුපිරි ආර්ජන්ටිනා පාපන්දු කණ්ඩායම මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සහභාගී වූ පළමු තරගයෙන් සෞදි අරාබිය හමුවේ පරාජය විය. ඒ ගෝල 2ට 1ක් ලෙසය. කටාර්හි ලුසේල් ක්‍රීඩාංගණයේදී මෙම තරගය පැවැත්විය. සුපිරි ක්‍රීඩක ලියනොල් මෙසී ආර්ජන්ටිනාව වෙනුවෙන් පළමු ගෝලය රැස් කළේ, දඬුවම් පහරක් සාර්ථක කර ගනිමිනි. ඒ අනුව පළමු අර්ධය අවසානයේදී ගෝල 1ට 0ක් ලෙස ඔවුන් ඉදිරියෙන් සිටියේය. සෞදි අරාබිය තරගයට අවතීර්ණ වූයේ 48 වන මිනිත්තුවේදී සලේ අල්ෂෙරි රැස් කළ ගෝලය ද සමගිනි. ඉන් මිනිත්තු 5කට පසුව ක්‍රියාත්මක වූ සලෙම් අල් දව්සරි තරගයේ සෞදි අරාබිය වෙනුවෙන් දෙවැනි ගෝලය රැස් කළේය. අනතුරුව ආර්ජන්ටිනාව අවස්ථා කිහිපයකදීම ගෝල රැස් කිරීමට උත්සාහ කළ නමුත් එය සාර්ථක වූයේ නැත. ඒ අනුව තරගය අවසන් වූයේ ගෝල 2ට 1ක් ලෙස සෞදි අරාබියට ජය හිමිකර දෙමිනි.
2022-11-22T07:39:03.000Z
රාජ්‍ය සේවකයින්ගේ පහසු ඇඳුමේ චක්‍රලේඛය ගුරුවරුන්ට අදාළ නැහැ - අධ්‍යාපන ඇමති
පහසු ඇඳුමේ චක්‍රලේඛය ගුරුවරුන්ට අදාළ නැහැ
COLOMBO (News 1st) - කොරෝනා සමයේ රාජ්‍ය සේවකයින්ට පහසු ඇඳුමකින් සේවයට වාර්තා කිරීමට නිකුත් කළ චක්‍රලේඛය ගුරුවරුන්ට අදාළ නොවන බව අධ්‍යාපන අමාත්‍යවරයා පවසයි. අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා වැඩිදුරටත් පැවසුවේ, එය සංශෝධනය කරන්නැයි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්ට උපදෙස් දුන් බවය.
2022-11-22T07:11:47.000Z
අයවැය දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීමට දෙමළ ජාතික සන්ධානය සහභාගි වෙන්නේ නැහැ - එම්.ඒ සුමන්දිරන්
අයවැය දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීමට එන්නේ නැහැ
COLOMBO (News 1st) - අද (22) පැවැත්වෙන 2023 අයවැය දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීමට සහභාගි නොවීමට දෙමළ ජාතික සන්ධානය තීරණය කර ඇති බව මන්ත්‍රී එම්.ඒ සුමන්දිරන් මහතා පවසයි.
2022-11-22T06:13:48.000Z
ආර්ජන්ටිනාව - සෞදි ආරාබිය, ටියුනීසියාව - ඩෙන්මාර්කය, මෙක්සිකෝව - පෝලන්තය අද ලෝක කුසලාන තරග බිමට
ආර්ජන්ටිනාව අද ලෝක කුසලාන තරග බිම⁣ට..
COLOMBO (News 1st) - 2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ තවත් තරග 3ක් අද (22) පැවැත්වීමට නියමිතය. එහි පළමු තරගයට එක් වන්නේ, ආර්ජන්ටිනාව සහ සෞදි ආරාබියයි. එම තරගය මෙරට වේලාවෙන් පස්වරු 3.30ට ආරම්භ වේ. දෙවන තරගය ටියුනීසියාව සහ ඩෙන්මාර්කය අතර පැවැත්වෙන අතර එම තරගය මෙරට වේලාවෙන් පස්වරු 6.30ට ආරම්භ වීමට නියමිතය. මෙක්සිකෝව සහ පෝලන්තය අද තුන්වන තරගයට එක්වනු ඇති. ඒ, මෙරට වේලාවෙන් අද රාත්‍රී 9.30ටයි. 2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ තරග සියල්ලේම උද්වේගය ඔබ වෙත ගෙන ඒමට ''චැම්පියන්ස් නෙට්වර්ක්" සූදානම් ය. ඒ අනුව ලංකාවේ ක්‍රීඩාව, දැනුම සහ විනෝදය වෙනුවෙන් වෙන් වූ එකම නාලිකාව වන TV1, 2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ නිල දේශීය විකාශන අයිතිය හිමි නාලිකාව ලෙස කටයුතු කරනු ඇති. තරගාවලියේ සියලු තරග TV1 නාලිකාව ඔස්සේ ඔබට නැරඹිය හැකියි.
2022-11-22T04:24:57.000Z
රුමේනියා රැකියා ජාවාරම: ඉතාලි ජාතිකයා ඇතුළු දෙදෙනෙක් රිමාන්ඩ්
රුමේනියා රැකියා ජාවාරමේ දෙදෙනෙක් රිමාන්ඩ්
COLOMBO (News 1st) - රුමේනියා රැකියා ජාවාරම සම්බන්ධයෙන් අත්අඩගුවට ගත් ඉතාලි ජාතිකයා ඇතුළු දෙදෙනෙකු ලබන 5 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. විදේශ සේවා නියුක්ති කාර්යාංශය පැවසුවේ, අත්අඩංගුවට ගෙත් සෙසු ශ්‍රී ලාංකිකයින් දෙදෙනා රුපියල් ලක්ෂ 5 ක ශරීර ඇප මත මුදාහැර ඇති බවයි. රුමේනියාවේ රැකියා ලබා දෙන බව පවසා නීති විරෝධිව සම්මුඛ සාකච්ඡා පවත්වමින් සිටි පුද්ගලයින් 4 දෙනෙකු පෙරේදා බදුල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනිණ. රුමේනියාවේ රැකියා ලබා දෙන බව පවසමින්, මුහුණු පොතේ දැන්වීම් පළ කර එම සම්මුඛ සාකච්ඡා පවත්වා ඇත්තේ විදේශ සේවා නියුක්ති කාර්යාංශය දැනුවත් නොකරයි. බදුල්ල ප්‍රදේශයේ හෝටලයක සිදුකළ එම සම්මුඛ සාකච්ඡාවලට පැමිණ සිට ඇති පුද්ගලයින් සංඛ්‍යාව 30 කි.
2022-11-22T03:32:29.000Z
වැඩි මිලට ආහාර අලෙවි කරන්නන් සොයා හෙට සිට වැටලීම් - පාරිභෝගික අධිකාරිය
වැඩි මිලට ආහාර අලෙවි කරන්නන් සොයා වැටලීම්
COLOMBO (News 1st) - උත්සව සමය වෙනුවෙන් හෙට (23) සිට දීපව්‍යාප්තව වැටලීම ආරම්භ කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි. ඒ අනුව වැඩි මිලට ආහාර අලෙවි කරන සහ පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවි කරන්නන් සොයා වැටලීම් සිදු කෙරෙනු ඇති. එහිදී වැඩි මිලට ආහාර අලෙවි කරන්නන් සහ පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවි කරන වෙළෙඳ සැල්වලට නඩු පැවරීමට කටයුතු කරන බව ද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළේ ය. මෙම වැටලීම් ජනවාරි 15 වැනි දා දක්වා ක්‍රියාත්මක වනු ඇති.
2022-11-22T03:25:43.000Z
ඉන්දුනීසියාවේ භූ කම්පනයෙන් මියගිය සංඛ්‍යාව 162ක් දක්වා ඉහළට.. තවත් සිය ගණනකට තුවාල...
ඉන්දුනීසියාවේ භූ කම්පනයෙන් 162ක් මරුට
News 1st - ඉන්දුනීසියාවේ ඇති වූ භූ කම්පනයෙන් මියගිය සංඛ්‍යාව 162 ක් දක්වා ඉහළ ගොස් තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, තවත් පුද්ගලයින් බොහෝ පිරිසක් අතුරුදන්ව ඇති අතර පුද්ගලයින් සිය ගණනක් තුවාල ලබා ඇති බවයි. බටහිර ජාවාහි සියන්ජුර් නගරයට කිලෝමීටර් 10 ක දුරින් පිහිටි නොගැඹුරු මුහුදේ හටගත් භූ කම්පනයේ ප්‍රබලත්වය මැග්නිටියුඩ් ඒකක 5.6 කි. භූ චලනය සිදු වූ ස්ථානයේ සිට කිලෝමීටර් 100ක් පමණ ඈතින් පිහිටි ජකර්තා අගනුවරට ද කම්පනය දැනී ඇති අතර එහි උස් ගොඩනැගිලිවලින් පුද්ගලයින් ඉවත් කිරීමට එරට බලධාරීහු කටයුතු කළහ. පුද්ගලයින් 13,000 කට වැඩි පිරිසක් මේ හේතුවෙන් අවතැන් වී ඇති අතර නිවාස 2,200 කට වැඩි ප්‍රමාණයකට හානි සිදුව ඇති බව ද සඳහන් වේ. භූ චලනය ඇති වූ ප්‍රදේශය ජනාකීර්ණ වීම සහ දුර්වල ලෙස ඉදිකරන ලද නිවාස පිහිටා තිබීම එලෙස ජීවිත හානි වැඩිවශයෙන් සිදුවීමට හේතුව බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පෙන්වා දෙයි. කඩා වැටුණු ගොඩනැගිලි යට තවමත් සිරවී ඇතැයි සැලකෙන අනෙක් පුද්ගලයින් බේරා ගැනීමට ගලවා ගැනීමේ කණ්ඩායම් මෙහෙයුම් දියත් කර ඇත.
2022-11-22T03:07:20.000Z
බෙංගාල බොක්ක ආශ්‍රිතව පීඩන අවපාතය දුර්වල තත්ත්වයට - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව
බෙංගාල බොක්කේ පීඩන අවපාතය දුර්වල තත්ත්වයට
COLOMBO (News 1st) - නිරිත දිග සහ ඊට යාබද බටහිර මධ්‍යම බෙංගාල බොක්ක ආශ්‍රිතව කේන්ද්‍රගතව පැවති පීඩන අවපාතය ඉදිරි පැය 12 තුළ ක්‍රමයෙන් දුර්වල වීමේ හැකියාවක් ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව පැවසුවේ, එම පීඩන අවපාතය වයඹ දෙසට ගමන් කර දකුණු අන්ද්‍රා ප්‍රදේශය සහ උතුරු තමිල්නාඩු - පුදුචෙරි වෙරළ වෙත ළඟා වීමට වැඩි හැකියාවක් ඇති බවය.
2022-11-22T02:29:01.000Z
ජයිකා හා එ.ජා. සංවිධානයෙන් බඩ ඉරිඟු බීජ මෙට්‍රික් ටොන් 144 ක ආධාරයක්
මෙරටට බඩ ඉරිඟු බීජ මෙට්‍රික් ටොන් 144 ක ආධාරයක්
COLOMBO (News 1st) - ජැයිකා ආයතනය හා එක්සත් ජාතීන්ගේ සංවර්ධන අරමුදල විසින් බඩ ඉරිඟු බීජ මෙට්‍රික් ටොන් 144 ක් අද (22) දිනයේ කෘෂිකර්ම අමාත්‍යාංශයට භාරදීම සිදු කෙරේ. කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ජයන්තා ඉලංගකෝන් මහත්මිය සඳහන් කළේ, මෙවර මහ කන්නයේ බඩ ඉරිඟු වගාව ඉහළ නැංවීමේ අරමුණෙන්, අධාරයක් ලෙස එය ලබාදෙන බවයි. තුංමුල්ලේ පිහිටි එක්සත් ජාතීන්ගේ තනාපති කාර්යාලයේදී කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර, එක්සත් ජාතීන්ගේ මෙරට නියෝජිත හැනා සිංගර් මහත්මිය, තායිලන්තයේ මෙරට තනාපතිවරයාගේ සහභාගිත්වයෙන් බඩ ඉරිඟු තොග මෙරටට භාරදීමේ කටයුතු සිදු කෙරෙනු ඇති. අධ්‍යක්ෂ ජනරාල්වරිය සඳහන් කළේ, මොනරාගල හා අම්පාර මහවැලි ප්‍රදේශවල ගොවීන්ට මෙම බඩ ඉරිඟු බෙදා හැරීම සිදු කරන බවයි. ගොවීන් 2900 දෙනෙකු ඒ සඳහා තෝරාගෙන ඇත.
2022-11-22T02:23:28.000Z
අමෙරිකා - වේල්ස් තරගය ජය පැරදුමෙන් තොරව අවසන්..
අමෙරිකා - වේල්ස් තරගය ජය පැරදුමෙන් තොරයි..
COLOMBO (News 1st) - 2022 පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ අමෙරිකාව සහ වේල්සය අතර තරගය ජය පැරදුමෙන් තොරව අවසන් විය. ඒ දෙපිලම ගෝල 1 බැගින් ලබා ගැනීම හේතුවෙනි. වේල්සය මෙවර පාපන්දු ලෝක කුසලානය ක්‍රීඩා කරනු ලැබුවේ වසර 64කට පසුව වීම විශේෂත්වයකි.
2022-11-22T02:17:03.000Z
සෙනගාල් පැරදු නෙදර්ලන්තයට ගෝල 2-0ක ජයක් ජය
සෙනගාල් පැරදූ නෙදර්ලන්තයට ජය
COLOMBO (News 1st) - 2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ නෙදර්ලන්තය - සෙනගාල් තරගයේ ජය හිමිකර ගැනීමට නෙදර්ලන්ත කණ්ඩායම සමත් විය. ඒ, ගෝල 2 ට - 0ක් ලෙසය. ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ A කාණ්ඩයේ තරගයක් වූ මෙය කටාර්හී අල් තුමාමා ක්‍රීඩාංගණයේදී පැවැත්විය. තරගය ආරම්භයේ සිටම තියුණු මුහුණුවරක් ගත් නමුත් පළමු අර්ධයේදී කණ්ඩායම් දෙකටම ගෝල රැස් කිරීමට හැකි වූයේ නැත. තරගයේ 84 වැනි මිනිත්තුවේදී නෙදර්ලන්ත කණ්ඩායමේ කෝඩි ගැප්කෝයි එම කණ්ඩායම වෙනුවෙන් පළමු ගෝලය වාර්තා කළේ ය. තරගයේ 90 වැනි මිනිත්තුවේදී නෙදර්ලන්ත කණ්ඩායම වෙනුවෙන් දෙවන ගෝලය වාර්තා කිරීමට ඩේව් ක්ලාසන් සමත් විය. ඒ අනුව ගෝල 2ට 0ක් ලෙස සෙනගාල් රාජ්‍ය පරාජයට පත් කරමින් නෙදර්ලන්තය තරගය ජය ගෙන තිබේ. මෙම ජයග්‍රහණයත් සමග ලකුණු 03ක් ලබා ගනිමින් නෙදර්ලන්තය A කාණ්ඩයේ පළමු ස්ථානයට පත්විය.
2022-11-22T00:48:59.000Z
අත්‍යවශ්‍ය ඖෂධ ගේන්න මහා භාණ්ඩාගාරයෙන් රුපියල් බි. 2 ක්
අත්‍යවශ්‍ය ඖෂධ ගන්න රු. බිලියන 2 ක්
COLOMBO (News 1st) - අත්‍යවශ්‍ය ඖෂධ මිලදී ගැනීම සඳහා අද (22) දිනයේ මහා භාණ්ඩාගාරයෙන් රුපියල් බිලියන 2 ක මුදලක් ලැබීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි. අමාත්‍යවරයා සඳහන් කළේ, මේ වනවිට ඖෂධ ආනයනකරුවන් සඳහා පමණක් රුපියල් බිලියන 20 කට ආසන්න මුදලක් ගෙවීමට ඇති බවය. එම මුදල් කොටස් වශයෙන් ගෙවීමට පියවර ගෙන ඇතැයි අමාත්‍යවරයා සඳහන් කළේ ය. මේ අතර පිළිකා රෝගීන්ගේ බෙහෙත් ඇතුළු ජීවිත ආරක්ෂක ඹෟෂධ වර්ග 14 ක් සෞඛ්‍ය අමාත්‍යාංශය සතුව තිබෙන බව ද අමාත්‍යවරයා පැවසීය. ඊට අමතරව තවත් අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 384 කින් වර්ග 151 මේ මොහොතේ මෙරට නොමැති බව ද අමාත්‍යවරයා සඳහන් කළේ ය. අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, දැනට හිඟ ඖෂධවලින් වර්ග 60 ක් ලබන සතියේ මෙරටට ආනයනය කරන බවයි.
2022-11-22T00:41:49.000Z
අයවැය දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම අද.. පක්ෂ රැසක් විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරන බව කියයි
අයවැය දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම අද
COLOMBO (News 1st) - අයවැය දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම අද (22) පැවැත්වේ. අද පෙරවරු 9.30 ට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතය. ආණ්ඩුවට සම්බන්ධව සිටින සියලුම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරු අද පැවැත්වෙන අයවැය දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීමේදී ඊට පක්ෂව ඡන්දය භාවිත කිරීමට තීරණය කර ඇතැයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේ ය. සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, නිදහස් ජනතා සභාව සහ ජාතික ජන බලවේගය මෙවර අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමට තීරණය කර ඇත. මේ අතර කැලණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශයේ අංශාධිපති මහාචාර්ය එච්. එම්. නවරත්න බණ්ඩා මහතා පවසන්නේ අයවැයෙන් කරන යෝජනා යථාර්ථයක් නොවීම ගැටලුවට හේතුවී ඇති බවයි.
2022-11-22T00:35:09.000Z
ගෙවුණු දිනය උණුසුම් කළ පුවත්
ගෙවුණු දිනය උණුසුම් කළ පුවත්
1. නිදහස් වෙළෙඳ ගිවිසුම පිළිබඳ සාකච්ඡා නැවත ආරම්භ කිරීම රජයේ අභිලාශයයි – ජනාධිපති ලේකම් - නිදහස් වෙළෙඳ ගිවිසුම පිළිබඳ සාකච්ඡා නැවත ආරම්භ කිරීම රජයේ අභිලාෂය බව ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා පවසයි. 2. මැතිසබයේ බිම ඉදගත් දිලිප් ධීවර ගැටලු වෙනුවෙන් විසඳුම් ඉල්ලයි - පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චි මහතා පාර්ලිමේන්තුවේ බිම අසුන් ගෙන විරෝධතාවක නිරත විය. 3. මීටියාගොඩදී වෙඩි පත්තු වෙයි: පුද්ගලයෙකුට තුවාල - මීටියාගොඩ, මහවෙල ප්‍රදේශයේදී වෙඩි වැදීමකින් තුවාල ලැබූ පුද්ගලයෙකු බලපිටිය රෝහලට ඇතුළත් කර තිබේ. 4. ඕමානයේදී කාන්තාවන් මුදලට විකිණීමේ ජාවාරමට සම්බන්ධ කාන්තාවක් CID අත්අඩංගුවට - ඕමානයේදී කාන්තාවන් මුදලට විකිණීමේ ජාවාරමට සම්බන්ධ කාන්තාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව(CID) මගින් අත්අඩංගුවට ගෙන තිබේ. 5. මහඉලුප්පල්ලම කෘෂි පර්යේෂණ ආයතනයට පිරිසක් බලහත්කාරයෙන් ඇතුළුවෙයි - මහඉලුප්පල්ලම කෘෂි පර්යේෂණ ආයතනයට බලහත්කාරයෙන් ඇතුළු වූ පුද්ගලයින් පිරිසක් එහි සේවය කරන කෘෂි විද්‍යාඥයින් හා නිලධාරින් අපහසුතාවට පත් කරන ආකාරයට කටයුතු කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
2022-11-21T16:51:44.000Z
ඉරානයට එරෙහිව එංගලන්තයට ගෝල 6-2 විශිෂ්ට ජයක්
ඉරානයට එරෙහිව එංගලන්තයට ජය
COLOMBO (News 1st) - 2022 පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ එංගලන්තය සහභාගී වූ පළමු තරගය ගෝල 6ට 2ක් ලෙස අද(21) ජය ගැනීමට සමත් විය. ඒ, ඉරානයට එරෙහිවයි. තරගාවලියේ B කාණ්ඩයේ තරග අද ආරම්භ විය. ඒ අනුව එම කාණ්ඩයේ පළමු තරගයට එක් වූයේ ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව 5 වැනි ස්ථානයේ පසු වන එංගලන්තය සහ එහි 20 වැනි ස්ථානයේ පසු වන ඉරානයයි. කලීෆා අන්තර්ජාතික ක්‍රීඩාංගණයේ පැවැති තරගය ආරම්භයේ සිටම එංගලන්ත කණ්ඩායමෙන් ඉරානයට ප්‍රබල අභියෝගයක් එල්ල විය. තරගයේ ගෝල රැස් කිරීම ආරම්භ කළේ, එංගලන්තයයි. ඒ අනුව ජූඩ් බෙලිංහම් තරගයේ 35 වැනි මිනිත්තුවේදී එංගලන්තය වෙනුවෙන් පළමු ගෝලය සටහන් කළේ ය. ඔවුන් සිය දෙවැනි ගෝලය ලබා ගත්තේ ඉන් මිනිත්තු 8කට පසුවයි. සාකා එම ගෝලය ලබා ගත්තේ ය. එංගලන්තය තුන්වැනි ගෝලය රැස් කළේ පළමු අර්ධය අවසානයේදී ආබාධ සඳහා ලබා දුන් අතිරේක කාලයේදීයි. ස්ටර්ලින් එම ගෝලය රැස් කිරීමට සමත් විය. ඒ අනුව පළමු අර්ධය අවසන් වන විට ගෝල 3ට 0ක් ලෙස එංගලන්තය ප්‍රබල ස්ථානයක පසු විය. දෙවැනි අර්ධයේදී ද එංගලන්ත ක්‍රීඩකයින් සිය අණසක පැතිරවූ අතර එම කණ්ඩායමේ සාකා දෙවැනි ගෝලය ලබා ගත්තේ 62 වැනි මිනිත්තුවේදීය. ලෝක කුසලාන තරගයකදී එංගලන්තය වෙනුවෙන් ගෝලයකට වඩා වැඩි සංඛ්‍යාවක් රැස් කළ ලාබාලතම ක්‍රීඩකයා ලෙස සාකා අද වාර්තා අතරට එක් විය. ටරෙම්මි, තරගයේ 65 වැනි මිනිත්තුවේදී ඉරානය වෙනුවෙන් පළමු ගෝලය ලබා ගත්තේ ය. එංගලන්තය පස්වැනි ගෝලය ලබා ගත්තේ 71 වැනි මිනිත්තුවේදීය. තරගයේ 89 වැනි මිනිත්තුවේදී එංගලන්තය 6 වැනි ගෝලය රැස් කළේ ය. කෙසේ නමුත් ඉරානයේ ගෝල සංඛ්‍යාව 2ක් බවට පත් වූයේ තරගයේ නියමිත කාලය අවසානයේදී ලබා දුන් දඩුවම් පහර සාර්ථක කර ගැනීමත් සමගයි. එම දඬුවම් පහර සාර්ථක කර ගත්තේ මෙහදි ටරෙම්මි. ඒ අනුව ගෝල 6ට 2ක් ලෙස එංගලන්තය තරගය ජය ගත්තේය. 2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ තරග සියල්ලේම උද්වේගය ඔබ වෙත ගෙන ඒමට ''චැම්පියන්ස් නෙට්වර්ක්" සූදානම්. තරගාවලියේ සියලු තරග ටීවී වන් නාළිකාව ඔස්සේ ඔබට නැරඹිය හැකියි.
2022-11-21T14:23:53.000Z
නිදහස් වෙළෙඳ ගිවිසුම පිළිබඳ සාකච්ඡා නැවත ආරම්භ කිරීම රජයේ අභිලාශයයි - ජනාධිපති ලේකම්
නිදහස් වෙළෙඳ ගිවිසුම ගැන යළි කරළියට
COLOMBO (News 1st) - නිදහස් වෙළෙඳ ගිවිසුම පිළිබඳ සාකච්ඡා නැවත ආරම්භ කිරීම රජයේ අභිලාෂය බව, ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා පවසයි. ඔහු සඳහන් කළේ, දකුණු ආසියාවේ සහ නැගෙනහිර ආසියාවේ විශාලතම ආර්ථිකයන් හා ගෝලීය අගය දාමයන් සමඟ ශ්‍රී ලංකාව ඒකාබද්ධ කරමින්, එය නැගෙනහිර කලාපය දක්වා දීර්ඝ කර කලාපීය විස්තීරණ ආර්ථික හවුල්කාරිත්වය හා සම්බන්ධ වීම ජනාධිපතිවරයාගේ අපේක්ෂාව බවයි. ඒ සඳහා නිර්මාණශීලීව දායක වන්නැයි පෞද්ගලික අංශයේ පාර්ශ්වකරුවන්ට ජනාධිපති ලේකම්වරයා ආරාධනා කළේ ය. ජනාධිපති ලේකම්, සමන් ඒකනායක මහතා එම අදහස් පළ කළේ, නිදහස් වෙළෙඳ ගිවිසුම් සාකච්ඡා නැවත ආරම්භ කිරීම පිළිබඳව, වෙළෙඳ මණ්ඩල සහ කර්මාන්ත උපදේශක කමිටු දැනුවත් කිරීම සඳහා මුදල් අමාත්‍යාංශයේ දී පැවැති සාකච්ඡාවකදීය.
2022-11-21T14:09:01.000Z
මැතිසබයේ බිම ඉදගත් දිලිප් ධීවර ගැටලු වෙනුවෙන් විසඳුම් ඉල්ලයි
පාර්ලිමේන්තුවේ බිම ඉදගත් දිලිප්
COLOMBO (News 1st) - පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චි මහතා, පාර්ලිමේන්තුවේ බිම අසුන් ගෙන විරෝධතාවක නිරත විය. ඒ, ධීවර ජනතාවගේ ගැටලුවලට විසඳුම් දෙන්නැයි ඉල්ලමිනි. අප වාර්තාකරු ප්‍රකාශ කළේ, මන්ත්‍රීවරයා කළු පැහැති ඇඳුමකින් සැරසී පාර්ලිමේන්තුවට පැමිණ සිටි බවයි. ධීවරයින්ගේ ගැටලුවලට කඩිනම් විසඳුම් ලබාදිය යුතු බව, මන්ත්‍රීවරයා එහිදී අවධාරණය කළේ ය.
2022-11-21T14:03:41.000Z
මීටියාගොඩදී වෙඩි පත්තු වෙයි: පුද්ගලයෙකුට තුවාල
මීටියාගොඩදී වෙඩි පත්තු වෙයි
COLOMBO (News 1st) - මීටියාගොඩ, මහවෙල ප්‍රදේශයේදී වෙඩි වැදීමකින් තුවාල ලැබූ පුද්ගලයෙකු බලපිටිය රෝහලට ඇතුළත් කර තිබේ. පොලීසිය සඳහන් කළේ, මීටියාගොඩ පොලිසියේ නිලධාරී කණ්ඩායමක් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට ගැනීමට උත්සාහ කිරීමේදී වෙඩි වැදීම සිදුව ඇති බවය. තුවාල ලැබූ පුද්ගලයා වැඩිදුර ප්‍රතිකාර සඳහා කරාපිටිය ශික්ෂණ රෝහලට මාරුකර යැවූ බව අප වාර්තාකරු සඳහන් කළේ ය.
2022-11-21T05:51:55.000Z
ඕමානයේදී කාන්තාවන් මුදලට විකිණීමේ ජාවාරමට සම්බන්ධ කාන්තාවක් CID අත්අඩංගුවට
කාන්තාවන් මුදලට විකිණීම: කාන්තාවක් කොටු
COLOMBO (News 1st) – ඕමානයේදී කාන්තාවන් මුදලට විකිණීමේ ජාවාරමට සම්බන්ධ කාන්තාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව(CID) මගින් අත්අඩංගුවට ගෙන තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැවසුවේ, අද(21) උදෑසන මෙම කාන්තාව භාරවීමෙන් අනතුරුව අත්අඩංගුවට ගත් බවය. සති කිහිපයක සිට ඇය සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක කර ඇති අතර, ඇය ලබාදී තිබූ ලිපිනයන් 4කම ඇය පදිංචිව සිට නොමැති බවය. කෙසේ වෙතත් ඇය අද(21) පෙරවරුවේ භාරවීමෙන් පසු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය. ඒ අනුව ඕමානයේ මිනිස් ජාවාරම සම්බන්ධයෙන් මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් සංඛ්‍යාව 3කි.
2022-11-21T02:44:55.000Z
මහඉලුප්පල්ලම කෘෂි පර්යේෂණ ආයතනයට පිරිසක් බලහත්කාරයෙන් ඇතුළුවෙයි..
කෘෂිපර්යේෂණායතනයකට පිරිසක් බලහත්කාරයෙන් ඇතුළුවෙයි
COLOMBO (News 1st) – මහඉලුප්පල්ලම කෘෂි පර්යේෂණ ආයතනයට බලහත්කාරයෙන් ඇතුළු වූ පුද්ගලයින් පිරිසක් එහි සේවය කරන කෘෂි විද්‍යාඥයින් හා නිලධාරින් අපහසුතාවට පත් කරන ආකාරයට කටයුතු කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. එම අමාත්‍යාංශය පැවසුවේ, ගොවි එකමුතුවක් යැයි පවසන සංවිධානයක පිරිසක් පෙරේදා මෙසේ අනවසරයෙන් පර්යේෂණ ආයතනයකට ඇතුල් වී ඇති බවයි. අදාළ පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නැයි ඉල්ලා පොලිස්පතිවරයාට පැමිණිලි කරන ලෙස ද අමාත්‍ය මහින්ද අමරවීර මහතා අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් දී ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේ ය. එසේම ඉදිරියේදි කිසිම පුද්ගලයෙකුට නිසි අවසරයකින් තොරව බලහත්කාරයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශයට අයත් කිසිඳු ගොවිපොළකට හෝ පර්යේෂණ ආයතනයකට ඇතුළුවීමට ඉඩ නොදීමට අදාළ ආයතන බලධාරින්ට උපදෙස් දෙමින් චක්‍රලේඛයක් නිකුත් කිරීමට ද නියමිතය. නීත්‍යනුකූල ගොවි සංවිධාන ලෙස පිළිගනු ලබන්නේ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේ ලියාපදිංචිව සිටින ගොවි සංවිධාන හා ඒවායෙහි නියෝජිතයින් පමණක් බව කෘෂිකර්ම අමාත්‍යංශය සඳහන් කළේ ය.
2022-11-20T20:37:58.000Z
ඕමානයේ සිටින වීසා කල් ඉකුත් වූ ලාංකික කාන්තාවන්ගෙන් අය කෙරෙන දඩ මුදල ඉවත් කර ගැනීමට සාකච්ඡා
ඕමානයේ රැඳී සිටින ලාංකික කාන්තාවන් ගැන නිවේදනයක්..
COLOMBO (News 1st) – සංචාරක වීසා කාලය ඉක්මවා ඕමානයේ රැඳී සිටින ශ්‍රී ලාංකික කාන්තාවන් වෙනුවෙන් අය කෙරෙන දඩ මුදල ඉවත් කර ගැනීමට සාකච්ඡා කරමින් ඇතැයි විදේශ රැකියා සුබසාධන අමාත්‍යාංශය පවසයි. රාජ්‍ය අමාත්‍ය ජගත් පුෂ්පකුමාර මහතා පැවසුවේ, ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඒ සම්බන්ධයෙන් කටයුතු කරනු ඇති බවයි. එම කාන්තාවන් දිවයිනට ගෙන්වා ගැනීමට අදාළ ගුවන් ටිකට්පත් සම්බන්ධයෙන් ගැටලුවක් ඇතැයි ද ඔහු පැවසුවේ ය.
2022-11-21T02:00:04.000Z
අයවැය දෙවැනි වර විවාදයේ 6 වැනි දිනය අද..
අයවැය දෙවැනි වර විවාදයේ 6 වැනි දිනය අද..
COLOMBO (News 1st) – අයවැය දෙවැනි වර විවාදයේ 6 වැනි දිනය අදයි. ඒ සඳහා අද (21)පෙරවරු 9.30 ට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව රැස්වෙයි.
2022-11-21T01:39:56.000Z
සිසුන්ට දෙන දිවා ආහාරවල ගුණාත්මකබව පරීක්ෂාවට පියවර
පාසල් ළමුන්ට දෙන දිවා ආහාර ගුණාත්මක ද?
COLOMBO (News 1st) – පාසල් ළමුන් සඳහා ලබාදෙන දිවා ආහාරවල ගුණාත්මක තත්ත්වය සම්බන්ධයෙන් කලාප හා කොට්ඨාස කාර්යල මගින් පරීක්ෂා කරමින් ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. එහි සෞඛ්‍ය හා පෝෂණ අංශය භාර අතිරේක ලේකම් මහින්ද එස්. යාපා මහතා පැවසුවේ, මේ වනවිට දිවයින පුරා 7,000කට වැඩි පාසල් සංඛ්‍යාවක මෙම දිවා ආහාර ලබාදෙන වැඩපිළිවෙළ ක්‍රියාත්මක බවයි. මේ අතර, වත්මන් පෝෂණ ඌණතා තත්ත්වය කුඩා දරුවන්ගේ දන්ත සෞඛ්‍යයට දැඩි බලපෑම් එල්ල කර ඇතැයි රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ දන්ත වෛද්‍ය සොනාලි රණතුංග මහත්මිය පවසයි.
2022-11-20T19:28:26.000Z
සත්කාරක කටාර් රාජ්‍ය පරදවමින් පාපන්දු ලෝක කුසලානයේ පළමු තරගයේ ජය ඉක්වදෝරයට
FIFA ලෝක කුසලානයේ පළමු තරග ජය ඉක්වදෝරයට..
COLOMBO (News 1st) – 2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සත්කාරක කටාර් රාජ්‍යට එරෙහිව පැවති තරගය ඉක්වදෝරය ජය ගත්තේ ය. මැද පෙරදිග කලාපය සත්කාරකත්වය දරන පළමු ලෝක කුසලාන පාපන්දු තරගාවලිය උත්කර්ෂවත් අන්දමින් කටාර්හීදි ආරම්භ විය. එහි පළමු තරගයට එක් වුණේ, සත්කාරක කටාර් රාජ්‍ය සහ ඉක්වදෝරයයි. තරගයේ 16 වන මිනිත්තුවේදී ඉක්වදෝරය සිය පළමු ගෝලය වාර්තා කළේ ය. ඔවුන් සිය දෙවන ගෝලය රැස් කළේ තරගයේ 31වන මිනිත්තුවේදී ය. ඒ අනුව පළමු අර්ධයේදී ගෝල 2ට 0ක් ලෙස ඉක්වදෝරය තරගයේ පෙරමුණ ගත්තේ ය. දෙවන අර්ධයේදී කණ්ඩායම් දෙකටම ගෝල රැස් කිරීමට හැකි වුණේ නැහැ. ඒ අනුව ඉක්වදෝරය 2022 පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ පළමු තරගය ජය ගත්තේ සත්කාරක කටාර් රාජ්‍ය ගෝල 2ට 0ක් ලෙස පරාජය කරමින් ය. 2022 පාපන්දු ලෝක කුසලානයේ සියලු තරග ඔබට සජිවීව TV1 නාලිකාව ඔස්සේ නැරඹිය හැකියි.
2022-11-20T16:44:19.000Z
2022 පාපන්දු ලෝක කුසලාන තරගාවලිය අති උත්කර්ෂවත්ව ඇරඹේ..
පාපන්දු ලෝක කුසලානය අති උත්කර්ෂවත්ව ඇරඹේ..
COLOMBO (News 1st) - 2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලිය කටාර්හිදී අද(20) ආරම්භ විය. තරගාවලියේ මෙරට නිල විකාශන අයිතිය හිමිව ඇත්තේ MTV පුද්ගලික සමාගමේ මාධ්‍ය ජාලයටයි. තරගාවලියේ පළමු තරගය සත්කාරක කටාර් රාජ්‍ය සහ ඉක්වදෝරය අතර දැන් පැවැත්වෙයි. මැද පෙරදිග කලාපය සත්කාරකත්වය දරන පළමු ලෝක කුසලාන පාපන්දු තරගාවලිය ආරම්භයට පෙර කටාර්හි අල් - බෙයිට් ක්‍රීඩාංගනයේ දී විමැදචිත්‍රවත් සමාරම්භක උත්සවයක් පැවැත්විය. එම සමාරම්භක උත්සවය මෙහෙයවීමට සුපිරි අමෙරිකා රංගන ශිල්පී මෝගන් ෆ්‍රීමන් සමගින් සත්කාරක කටාර් දේශයේ ඝනෙම් අල් මුෆ්ටාහ් නැමැති විශේෂ අවශ්‍යතා සහිත දරුවා ද සහභාගී විය. මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලිය ලෝකයට විවෘත වූ බවට සටහන් කළේ අල් මුෆ්ටාහ් එහිදී ශුද්ධ වූ කුරාණය ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. සත්කාරක මැද පෙරදිග කලාපයට ආවේණික සංස්කෘතිකාංග රැසක් ද මෙම සමාරම්භක උත්සවයට එක් කර තිබුණි. මෙතෙක් විශාලම පිරිවැයක් දැරූ ලෝක කුසලාන පාපන්දු තරගාවලිය ලෙස සැලකෙන මෙවර තරගාවලියේ සමාරම්භක උත්සවය නැරඹීමට, අල් - බෙයිට් ක්‍රීඩාංගණයට එක් රැස් වූ පිරිස හැට දහසකට ආසනන්න වේ. මේ අතර සුප්‍රකට බී.ටී.එස්. ගායන කණ්ඩායමේ ජන්ග් කුක් ඉදිරිපත් කළ ''ඩ්‍රිමර්ස් '' නම් අංගයට විශාල ප්‍රතිචාරයක් හිම විය. ඔහු සමග සත්කාරක කටාර්හි ගායන ශිල්පියෙකු වන ෆහාඩ් අල්-කුබයිසි ද ඒ සදහා එක්විය. තරගාවලිය ආරම්භ වූ බව නිල වශයෙන් නිවේදනය කළේ ඉන් අනතුරුවයි. විදුලි ආලෝක ධාරා සහ ගිනිකෙලි සංදර්ශනවලින් ද මෙම සමාරම්භක උත්සවය වර්ණවත් විය. මෙම සමාරම්භක උත්සවය ඇතුළු තරගාවලියේ තරග සියල්ලේම උද්වේගය ඔබ වෙත ගෙන ඒමට ''චැම්පියන්ස් නෙට්වර්ක්" සූදානම්. ශ්‍රී ලංකාවේ ක්‍රීඩාව, දැනුම සහ විනෝදය වෙනුවෙන් වෙන්වූ එකම නාලිකාව වන TV 1 මූලික විකාශන නාලිකාව සූදානමින් සිටී. කොළඹ සහ බදුල්ල නාලිකා 58, ගොංගල නාලිකා 53, මාතලේ සහ දෙනියාය නාලිකා 53, මහනුවර නාලිකා 51, රත්නපුර නාලිකා 54, යාපනය නාලිකා 34, සහ නුවරඑළියෙන් නාලිකා 59 (දිවයින පුරා), ‍ ඇතුළු සංඛ්‍යාත රැසකින් ටීවී වන් ඔස්සේ තරගාවලිය විකාශය වේ.
2022-11-20T16:23:11.000Z
ව්‍යාජ බැංකු ලේඛන සකස් කර රු. කෝටි 12කට අධික මුදලක් වංචා කළ දෙදෙනෙක් අත්අඩංගුවට...
කෝටි 12ක් වංචා කළ දෙදෙනෙක් කොටු
COLOMBO (News 1st) – ව්‍යාජ බැංකු ලේඛන සකස් කර, රුපියල් කෝටි 12කට අධික මුදලක් වංචා කළ බව කියන සැකකාරියන් දෙදෙනෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය සඳහන් කරයි. ඒ , යාපනයේ ප්‍රදේශයේදී ය.
2022-11-20T13:44:42.000Z
2022 FIFA පාපන්දු ලෝක කුසලානයේ මෙරට නිල විකාශන අයිතිය MTV චැනල් පුද්ගලික සමාගමට
පාපන්දු ලෝක කුසලානය:නිල විකාශන අයිතිය MTVචැනල් වෙත
COLOMBO (News 1st) – 2022 FIFA ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ මෙරට නිල විකාශන අයිතිය හිමිව ඇත්තේ MTV චැනල් පුද්ගලික සමාගමේ මාධ්‍ය ජාලයටයි ඒ අනුව අද(20) සිට තරග විකාශය MTV චැනල් පුද්ගලික සමාගමට අයිති TV1 නාලිකාව ඔස්සේ සජීවීව ඔබට නැරඹිය හැකි ය. එමෙන්ම තෝරාගත් තරග සිරස TV සහ ශක්ති TV නාලිකා ඔස්සේ සමගාමී මෙන්ම නැවත විකාශයක් ලෙස ද නැරඹීමේ අවස්ථාව ඔබට හිමිවෙයි.
2022-11-20T10:25:08.000Z
වසර 07කට පසු ග්ලයිෆොසෙට් තහනම ඉවතට. .
ග්ලයිෆොසෙට් තහනම ඉවතට. .
COLOMBO (News 1st) – වී, බඩඉරිඟු, තේ, රබර් ඇතුළු සියලු වගාවන්හි වල් මර්දනය සඳහා යොදා ගන්නා ග්ලයිෆොසේට් තහනම ඉවත් කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබේ. ඒ, ගොවි නියෝජිතයින්, කෘෂිකර්ම විශේෂඥයින්, කෘෂි විද්‍යාඥයින් ඇතුළු විවිධ අංශවලින් කළ විමසීම්වලින් අනතුරුවයි. වසර 07කට පසු ග්ලයිෆොසේට් තහනම ඉවත් කිරීමට අදාළ ගැසට් පත්‍රය මුද්‍රණය සඳහා රජයේ මුද්‍රණාලයට භාර දී ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක සඳහන් ය. වල් මර්දනය සඳහා විකල්ප ක්‍රමවේදයක් නොමැතිව 2015දී ග්ලයිෆොසේට් තහනම් කිරීම අස්වනු අඩුවීමට හේතුවී ඇතැයි ද කෘෂිකර්ම අමාත්‍යාංශය පෙන්වා දෙයි.
2022-11-20T08:41:18.000Z
ස්වර්ණාභරණ අලෙවිසැලක ගින්නකින් තිදෙනෙකුට තුවාල
ගින්නකින් තිදෙනෙකුට තුවාල
COLOMBO (News 1st) - පුත්තලම, දුම්මලසූරිය ප්‍රදේශයේ ස්වර්ණාභරණ අලෙවිසැලක හටගත් ගින්නකින් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා තිබේ. පොලීසීය සඳහන් කළේ, අද (20) උදෑසන හටගත් ගින්න, මේ වනවිට නිවා දමා ඇති බවය. ගින්නෙන් ස්වර්ණාභරණ අලෙවිසැලට දැඩි හානි සිදුව ඇත. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
2022-11-20T04:53:57.000Z
බැසිල් රාජපක්ෂ දිවයිනට
බැසිල් රාජපක්ෂ දිවයිනට
COLOMBO (News 1st) - ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා මීට ටික වේලාවකට පෙර දිවයිනට පැමිණියේ ය. අප වාර්තාකරු සඳහන් කළේ, ඩුබායි සිට මෙරටට පැමිණි එමිරේට්ස් ගුවන් සේවයට අයත් E.K - 650 දරණ ගුවන් යානයෙන් බැසිල් රාජපක්ෂ මහතා දිවයිනට පැමිණි බවය. ඔහු පිළිගැනීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැති ඇමතිවරුන් රැසක් ගුවන් තොටුපොළට පැමිණ සිටි බව, අප වාර්තාකරු සඳහන් කළේ ය.
2022-11-20T03:25:32.000Z
ඕමාන් මිනිස් ජාවාරමේ තවත් සැකකරුවෙකු CID අත්අඩංගුවට
ඕමාන් මිනිස් ජාවාරමේ තවත් සැකකරුවෙකු කොටු
COLOMBO (News 1st) - ඕමානයේ මිනිස් ජාවාරමට සම්බන්ද තවත් සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළේ. අවිස්සාවේල්ල ප්‍රදේශයේ දී අදාළ සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ. මෙම මිනිස් ජාවාරමට සම්බන්ධ බවට සැකපිට මේ වනවිට පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
2022-11-20T01:46:58.000Z
පාපන්දු ලෝක කුසලානය ආරම්භ කරමින් කටාර් රාජ්‍ය සහ ඉක්වදෝරය අද තරග බිමට
තවත් පැය කිහිපයකින් ඇරඹෙන පාපන්දු ලෝක කුසලානය
COLOMBO (News 1st) - පාපන්දු පිටියේ ලෝක ශූරයින් තීරණය කරන 2022 පාපන්දු ලෝක කුසලාන තරගාවලිය අද(20) කටාර් රාජ්‍යයේ දී ආරම්භ වේ. මෙවර ලෝක කුසලාන තරගාවලිය සඳහා පාපන්දු ලෝවේ කිරුළ දැරූ පෘතුගාලය,ආජන්ටිනාව,බ්‍රසීලය ඇතුළු රටවල් 32 එක්වී තිබේ. මැදපෙරදිග රටක් පාපන්දු ලෝක කුසලානය සඳහා සත්කාරකත්වයක් දරණ ප්‍රථම අවස්ථාව මෙයයි. 2022 පාපන්දු ලෝක කුසලානයේ සමාරම්භක උළෙල අද (20) මෙරට වේලාවෙන් රාත්‍රී 7ට ආරම්භ වීමට නියමිත අතර තරගාවලියේ පළමු තරගය ලෙස සත්කාරක කටාර් රාජ්‍ය සහ ඉක්වදෝරය තරග බිමට එක්වනු ඇති.
2022-11-20T01:43:17.000Z
ඉරානයේ රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ අතරතුර සිදුවන ළමා මරණ වහාම නතර කරන්න - UNICEF අවධාරණ කරයි
ඉරානයේ ළමා මරණ වහාම නතර කරන්න - UNICEF
COLOMBO (News 1st) - ඉරානයේ ළමා ඝාතන, රඳවා තබා ගැනීම් ඇතුළු ළමා හිංසන පිළිබඳව එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලවන, යුනිසෙෆ් (UNICEF) සංවිධානය දැඩි කනස්සල්ල පළ කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් වැඩිදුරටත් කියා සිටියේ, ඉරානයේ රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ අතරතුර සිදුවන ළමා මරණ වහාම නතර කළයුතු බවයි. ඉරානයේ පවතින විරෝධතා අතරතුර ඉකුත් මාස 2 ඇතුලත ළමුන් 50 දෙනෙකුට ජීවිත අහිමි වීම, මෙම නිවේදනය නිකුත් කිරීමට ආසන්නම හේතුව බව යුනිසෙෆ් සංවිධානය පෙන්වා දෙයි. එම සංවිධානය වැඩිදුරටත් පවසන්නේ, ඉරානයේ පවතින අඛණ්ඩ නොසන්සුන්තාව මධ්‍යයේ තම සංවිධානයට සහ අනෙකුත් මානව හිමිකම් සංවිධාන වෙත ළමුන් පිළිබඳ ලැබෙන පැමිණිලි සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බවයි.
2022-11-20T01:39:15.000Z
දුම්රිය කාලසටහන් සම්පූර්ණයෙන්ම සංශෝධනය කිරීමට පියවර - දුම්රිය දෙපාර්තමේන්තුව
උඩු යටිකුරුවන දුම්රිය කාලසටහන
COLOMBO (News 1st) - ලබන සතියේ සිට දුම්රිය කාලසටහන් සම්පූර්ණයෙන් සංශෝධනය කිරීමට සැලසුම් කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය. එහි උසස් නිලධාරියෙකු ප්‍රකාශ කළේ, දුම්රිය අවසන් ගමනාන්තයට ළඟා වීමේදී ප්‍රමාදයන් සිදුවන බවට එල්ලවන චෝදනා හේතුවෙන් එම තීරණය ගත් බවයි. දුම්රිය මාර්ගවල පවතින දෝෂ සහ නඩත්තු කටයුතු හේතුවෙන් දුම්රිය වේග සීමා පැනවීමත් සමග සාමාන්‍ය කාලසටහනට අනුව ධාවනය කිරීමේ දී ගැටලු පැන නැගී තිබේ. ඒ හේතුවෙන් කාර්යාල දුම්රිය, කොළඹ කොටුව සහ අනෙකුත් ගමනාන්තයන් වෙත ළඟා වීමේදී ප්‍රමාදයන් සිදුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ය. ඒ හරහා කාර්යාල සේවකයින් පත්වන අපහසුතා සැළකිල්ලට ගෙන දුම්රිය කාලසටහන් සම්පූර්ණයෙන් සංශෝධනය කිරීමට සැලසුම් කර තිබේ.
2022-11-20T01:35:20.000Z
දෙසැම්බර් සිට ඉන්ධන මිල මාසිකව සංශෝධනය කිරීමේ සැලසුමක් - ඇමති කංචන
මාසිකව ඉන්ධන මිල සංශෝධනය කිරීමේ සැලසුමක්
COLOMBO (News 1st) - ලබන මාසයේ සිට ඉන්ධන මිල මාසිකව සංශෝධනය කිරීමට සැලසුම් කර ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ප්‍රකාශ කළේ ය. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ 50 වන සංවත්සරයට සමගාමීව සංවිධානය කර තිබූ උත්සවයකට එක්වෙමිනි. ඉන්ධන මිල මාසිකව සංශෝධනය කිරීම සඳහාවන යෝජනාව හෙට (21) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය. ඉදිරියේදී ඉන්ධන කෝටාවෙන් බැහැරව සාමාන්‍ය පරිදි ඉන්ධන නිකුත් කිරීමේ කටයුතු ආරම්භ වූ පසු,දෛනිකව ඉන්ධන මිල සංශෝධනය කිරීමට සැලසුම් කර ඇතැයි ද අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේ ය.
2022-11-20T01:32:43.000Z
ගෙවුණු දිනය උණුසුම් කළ පුවත්
ගෙවුණු දිනය උණුසුම් කළ පුවත්
COLOMBO (News 1st) - දේශීය පුවත් 01.ඕමානයේ මිනිස් ජාවාරමට සම්බන්ධ බව කියන ප්‍රධාන සැකකරු රිමාන්ඩ් ඕමානයේ මිනිස් ජාවාරමට සම්බන්ධ බව කියන ප්‍රධාන සැකකරු ලබන 24 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. 02.මෙවර අයවැයෙන් පියවර තැබුවේ පස් අවුරුදු සැලැස්මක් යටතේ ආර්ථිකය ශක්තිමත් කිරීමටයි – ජනපති පස් අවුරුදු සැලැස්මක් යටතේ ආර්ථිකය ශක්තිමත් කිරීමට, මෙවර අයවැය මගින් පියවර තැබූ බව, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. 03.ශිෂ්‍ය ක්‍රියාකාරීන් නිදහස් කරන්නැයි ඉල්ලා පැවති විරෝධතාවයේදී අත්අඩංගුවට ගත් ශෙහාන් පසිදුට ඇප ශිෂ්‍ය ක්‍රියාකාරීන් නිදහස් කරන්නැයි ඉල්ලා පෙරේදා (18) පැවති විරෝධතාවය අතරතුර අත්අඩංගුවටගත්, ශෙහාන් පසිදු තරුණයා අද (19) ඇප මත මුදා හැරියේය. 04.පාසල් සිසුන් අතර ලාදුරු රෝගය ව්‍යාප්තිය ඉහළට – ජාතික ලාදුරු මර්දන ව්‍යාපාරය පාසල් ළමුන් අතර ලාදුරු රෝගය ව්‍යාප්ත වීම ඉහළ ගොස් ඇති බව ජාතික ලාදුරු මර්දන ව්‍යාපාරය පවසයි. 05.යතුරු පැදි දෙකක් ගැටී 18 හැවිරිදි තරුණයින් දෙදෙනෙක් මරුට මොරොන්තුඩුව – බණ්ඩාරගම මාර්ගයේ පිරවුම්හල අසල සිදු වූ රිය අනතුරකින් තරුණයින් දෙදෙනෙකු මියගොස් තිබේ. විදෙස් පුවත් 01.න්‍යෂ්ටික ප්‍රහාරවලට අධිෂ්ඨානශීලීව ප්‍රතිචාර දක්වන්න සූදානම්.. – උතුරු කොරියානු නායක න්‍යෂ්ඨික අවි භාවිත කරමින්, සිය රටට එරෙහි තර්ජනවලට ප්‍රතිචාර දක්වන බවත්, න්‍යෂ්ටික ප්‍රහාරවලට සහ සම්පූර්ණ ගැටුමකට මුහුණ දීමට අධිෂ්ඨානශීලීව ප්‍රතිචාර දක්වන බවත් උතුරු කොරියානු නායක කිම් ජෝන් උන් පවසයි. ක්‍රීඩා පුවත් 01.පාපන්දු ලෝක ශූරයින් තීරණය කරන පාපන්දු සැණකෙළිය පාපන්දු පිටියේ ලෝක ශූරයින් තීරණය කරන 2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලිය කටාර්හීදි අද (20) ආරම්භ වීමට නියමිතය.
2022-11-19T16:51:26.000Z
පාපන්දු ලෝක ශූරයින් තීරණය කරන පාපන්දු සැණකෙළිය හෙට සිට..
පාපන්දු ලෝක කුසලානය හෙට සිට ඇරඹේ..
COLOMBO (News 1st) - පාපන්දු පිටියේ ලෝක ශූරයින් තීරණය කරන 2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලිය කටාර්හීදි හෙට (20) ආරම්භ වීමට නියමිතය. තරගාවලියේ පළමු තරගයට එක්වන්නේ සත්කාරක කටාර් රාජ්‍ය සහ ඉක්වදෝරයයි. ප්‍රවේගකාරී තරග විලාසයත් ,ගෝලයෙන් ගෝලය ගැටෙන උද්වේගයත් , වැඩිම ප්‍රේක්ෂක ආකර්ෂණයත් මුල් කරගමින් 2022 පාපන්දු ලෝක ශූරතාවලිය මෙවර කටාර්හීදි පැවැත්වේ. තරගාවලිය සඳහා රටවල් 32ක් එක්වන අතර මැදපෙරදිග රටක් පාපන්දු ලෝක කුසලානයේ සත්කාරකත්වය දරණ පළමු අවස්ථාව මෙයයි. වසර 1930 සිට මේ දක්වා ලෝක කුසලාන පාපන්දු තරගාවලි 42ක් පවත්වා ඇත. ලෝකයේ ප්‍රබල පාපන්දු ක්‍රීඩකයන් වන ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ, ලූකා මොඩ්රිව්, ලියානෝල් මෙසී, ලුවිස් සුවාරිස්, කරීම් බෙන්සිමා, රොබට් ලෙවන්ඩවුස්කි සහ නේමාර්ගේ අවසන් පාපන්දු ලෝක කුසලාන තරගාවලිය ද මෙයයි. 2022 පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ සමාරම්භක උත්සවය හෙට මෙරට වෙලාවෙන් රාත්‍රී 7යි 30ට ආරම්භ වේ.
2022-11-19T16:34:54.000Z
කාලගුණයෙන් නාවික ප්‍රජාවට දැනුම් දීමක්..
කාලගුණයෙන් නාවික ප්‍රජාවට දැනුම් දීමක්..
COLOMBO (News 1st) - ගිනිකොණ දිග බෙංගාල බොක්ක සහ ඊට යාබදව පැවති අඩුපීඩන කලාපය, ඉදිරි පැය 24 තුළ පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. අඩුපීඩන කලාපය මේ වන විට පවතින්නේ බස්නාහිරට බරව, දකුණු - මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ යි. මේ හේතුවෙන් කන්කසන්තුරයේ සිට ත්‍රිකුණාමලය හරහා මඩකලපුව දක්වා ප්‍රදේශවල මුහුදු යාමෙන් වළකින්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර සහ නාවික ප්‍රජාවට දැනුම් දෙයි. දැනට එම මුහුදු ප්‍රදේශවල සිටින පිරිස්වලට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ, වහාම ගොඩබිමට හෝ ආරක්ෂිත ස්ථානයකට පැමිණෙන ලෙසය.
2022-11-19T15:57:21.000Z
මෙවර අයවැයෙන් පියවර තැබුවේ පස් අවුරුදු සැලැස්මක් යටතේ ආර්ථිකය ශක්තිමත් කිරීමටයි - ජනපති
පස් අවුරුදු සැලැස්මක් ගැන ජනපතිගෙන් අනාවරණයක්
COLOMBO (News 1st) - පස් අවුරුදු සැලැස්මක් යටතේ ආර්ථිකය ශක්තිමත් කිරීමට, මෙවර අයවැය මගින් පියවර තැබූ බව, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. වව්නියාව නගර ශාලාවේ පැවති දිස්ත්‍රික් සංවර්ධන කමිටු ප්‍රගති සමාලෝචන රැස්වීමට එක්වෙමින් ජනාධිපතිවරයා සඳහන් කළේ, ආර්ථිකයේ පරිවර්තනීය වෙනසක් ඇති කිරීමට ඉන් හැකියාවක් පවතින බවයි. ඉඩම් ගැටලු නිරාකරණය කිරීමට පළාත් මට්ටමින් කමිටු 08 ක් පත් කරන බව, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, අද (19) පෙරවරුවේ වව්නියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමට එක්වෙමිනි. උතුරු පළාතේ ඉඩම්, නිවාස, සෞඛ්‍ය, වාරිමාර්ග සහ කෘෂිකර්ම යන ක්ෂේත්‍රවල මතුව ඇති ගැටලු හා ඒවාට ලබාදිය හැකි විසදුම් පිළිබඳ එහිදී දීර්ඝ ලෙස සාකච්ඡා ගැනුණේ ය. උතුරු පළාතේ විවිධ ක්ෂේත්‍රවල මතුව ඇති ගැටලුවලට කඩිනම් විසඳුම් ලබාදෙමින් එම ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීමට පියවර ගන්නා බව පැවසූ ජනාධිපතිවරයා ඒ සඳහා සියලු මන්ත්‍රීවරුන්ගේ සහාය අපේක්ෂා කරන බව ද ප්‍රකාශ කළේ ය. උතුරු පළාතේ පවතින මෙතෙක් විසඳුම් නොලැබුනු ගැටලුවලට සියලු පාර්ශ්වයන් සමඟ සාකච්ඡාකර විසඳුම් ලබාදෙන බව ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය. 1994 සෙට්ටිකුලම් ප්‍රදේශයේ පදිංචි කළ දෙමළ ජනතාවට මෙතෙක් ඉඩම් ලබා නොදීම පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී චාල්ස් නිර්මලනාදන් මහතා ජනාධිපතිවරයාගේ අවධානයට යොමු කළේ ය. එම ගැටලුව මාස 03 ක් ඇතුළත විසඳීමට මැදිහත්වී කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා, වව්නියාව දිස්ත්‍රික් ලේකම්වරයාට උපදෙස් දෙන ලදී. ඒ පිළිබඳව අධිකරණ සහ ඉඩම් අමාත්‍යාංශවලින් කරණු විමසීමට ද නියමිතයි. මුලතිව් දිස්ත්‍රික්කයේ ඇතැම් ගොවි බිම් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට පවරාගෙන තිබීම හේතුවෙන් මතුව ඇති ගැටලු කෙරෙහි ද එහිදී අවධානය යොමු කෙරුණේ ය.
2022-11-19T15:53:52.000Z
ශිෂ්‍ය ක්‍රියාකාරීන් නිදහස් කරන්නැයි ඉල්ලා පැවති විරෝධතාවයේදී අත්අඩංගුවට ගත් ශෙහාන් පසිදුට ඇප
ශෙහාන් පසිදුට ඇප
COLOMBO (News 1st) - ශිෂ්‍ය ක්‍රියාකාරීන් නිදහස් කරන්නැයි ඉල්ලා ඊයේ (18) පැවති විරෝධතාවය අතරතුර අත්අඩංගුවටගත්, ශෙහාන් පසිදු තරුණයා අද (19) ඇප මත මුදා හැරුණේ ය. අද (19) පස්වරුවේ අලුත්කඩේ අංක 03 අධිකරණයේ මහේත්‍රාත්වරිය, කොළඹ ජාතික රෝහලට පැමිණ පරීක්ෂා කිරීමෙන් අනතුරුව ඔහු ඇප මත මුදාහැරීමට නියෝග කළේ ය. අත්අඩංගුවට පත් වීමෙන් පසුව ඇතිවූ රෝගී තත්ත්වයක් හේතුවෙන් ශෙහාන් පසිදු, අද උදෑසන ජාතික රෝහලේ 72 වැනි වාට්ටුවට ඇතුළත් කර ඇත. අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලය ප්‍රමුඛ වෘත්තීය සමිති රැසක් අද මාධ්‍ය හමුවක් කැඳවමින් රටේ සිදුවන මර්දනය සම්බන්ධයෙන් අදහස් පළ කළේ ය.
2022-11-19T15:50:02.000Z
චීනයෙන් ශ්‍රී ලංකාවට තවත් මෙට්‍රික් ටොන් 1,000ක සහල් තොගයක්
චීනයෙන් ශ්‍රී ලංකාවට තවත් සහල් තොගයක්
COLOMBO (News 1st) - චීනය ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළ සහල් තොගයක් රැගත් නෞකාවක් අද(19) පෙරවරුවේ කොළඹ වරායට සේන්දු වී තිබේ. ශ්‍රී ලංකාවේ, චීන තානාපති කාර්යාලය ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියේ, එම මෙට්‍රික් ටොන් 1,000ක සහල් තොගය කඩිනමින් බෙදා හැරීමට කටයුතු කරන බවයි. ජූනි මාසයේ සිට මේ වන තෙක් සහල් මෙට්‍රික් ටොන් 7,000ක්, එනම් ඇසුරුම් ලක්ෂ 7ක් ශ්‍රී ලංකාවට භාරදී ඇති බවද එදාල ට්විටර් පණිවිඩයේ එහි සඳහන් වේ.
2022-11-19T10:28:22.000Z
ඕමානයේ මිනිස් ජාවාරමට සම්බන්ධ බව කියන ප්‍රධාන සැකකරු රිමාන්ඩ්
ඕමානයේ මිනිස් ජාවාරම: සැකකරු රිමාන්ඩ්
COLOMBO (News 1st) – ඕමානයේ මිනිස් ජාවාරමට සම්බන්ධ බව කියන ප්‍රධාන සැකකරු ලබන 24 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. මෙම සැකකරු කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන කාර්යාලය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. විදේශ සේවා නියුක්ති කාර්යාංශය පැවසුවේ සැකකරු ඩුබායි සිට දිවයිනට පැමිණි අවස්ථාවේදී, ඊයේ(18) රාත්‍රියේ අත්අඩගුවට ගෙන ඇති බවයි. එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, වත්තල ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි පුද්ගලයෙක් වන අතර විදේශ සේවා නියුක්ති කාර්යාංශය පැවසුවේ ඔහු මරදාන ප්‍රදේශයේ කාර්යාලයක් පවත්වාගෙන යමින් මිනිස් ජාවාරමේ නිරත වී ඇති බවට සැක කරන බවය.
2022-11-19T08:34:59.000Z
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ බන්ධනාගාරගත කර සිටින සියලු පුද්ගලයින් ගැන ඉදිරි දෙසතිය තුළ වාර්තාවක් - අධිකරණ ඇමති
PTA යටතේ බන්ධනාගාරගත කර සිටින අය ගැන වාර්තාවක්
COLOMBO (News 1st) - ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත(PTA) යටතේ බන්ධනාගාරගත කර සිටින සියලු පුද්ගලයින් පිළිබඳ වාර්තාවක් ඉදිරි දෙසතිය ඇතුළත ලබා ගැනීමට තීරණය කළ බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි. ඔහු පැවසුවේ, විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි සහ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් යන මහත්වරුන් සමග පැවති සාකච්ඡාවකදී මෙම තීරණයට එළඹි බවයි. ඒ අනුව නීතිපතිවරයා, පොලිස්පතිවරයා හා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාගෙන් ඔවුන් පිළිබඳ වාර්තා ලබා ගන්නා අතර එම වාර්තා ලබා ගැනීමෙන් අනතුරුව සැකකරුවන් සම්බන්ධයෙන් අවශ්‍ය ඉදිරි පියවර ගැනීමට නියමිත බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය. දැනට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ එල්.ටී.ටී.ඊ.යට සම්බන්ධ සැකකරුවන් 15 දෙනෙකු හා පාස්කු බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් 76 දෙනෙකු රඳවා සිටී. වැරදිකරුවන් වී බන්ධනාගාරගතව සිටින එල්.ටී.ටී.ඊ. රැඳවියන් සංඛ්‍යාව 16කි. අමාත්‍යවරයා පැවසුවේ, ඔවුන් සම්බන්ධයෙන් කඩිනම් තීරණයක් ඉදිරියේදී ගන්නා බවය.
2022-11-19T08:27:07.000Z
බන්ධනාගාරවල තදබදය යළිත් ඉහළට
බන්ධනාගාරවල තදබදය යළිත් ඉහළට
COLOMBO (News 1st) - බන්ධනාගාරවල තදබදය යළිත් ඉහළ ගොස් තිබේ. අධිකරණ හා බන්ධනාගර ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කළේ, පසුගියදා අයිස් මත්ද්‍රව්‍ය සම්බන්ධ නීති දැඩි කිරීමත් සමග ඒ සම්බන්ධ සැකකරුවන් දෛනිකව රක්ෂිත බන්ධනාගාරගත වීම ඉහළ යාමත් සමග මෙම තත්ත්වය මතුව ඇති බවයි. අබිං හා විෂ මත්ද්‍රව්‍ය පනත සංශෝධනය කිරීමත් සමග අයිස් මත්ද්‍රව්‍ය භාවිතය සම්බන්ධ නීති දැඩි විය. ඒ අනුව දෛනිකව අයිස් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් 400 දෙනෙකු පමණ රක්ෂිත බන්ධනාගාරගත වන බව අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ ය. ඔහු සඳහන් කළේ, බන්ධනාගාරවල රැඳවියන් සංඛ්‍යාව මේ වනවිට 26,000 ඉක්මවා ඇති බවය. ඒ අනුව බන්ධනාගාර තදබදය අවම කිරීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය වී ඇති බව ඔහු ප්‍රකාශ කර තිබේ.
2022-11-19T07:24:27.000Z
සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික 'මන්න ඛන්නා' ට වෙඩි ප්‍රහාරයක්
'මන්න ඛන්නා' ට වෙඩි
COLOMBO (News 1st) - ග්‍රෑන්ඩ්පාස්, නවගම්පුර ප්‍රදේශයේ අද (19) පෙරවරුවේ සිදු වූ වෙඩි තැබීමකින් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු තුවාල ලබා තිබේ. පොලීසිය පැවසුවේ, මාරිමුත්තු ගනේෂන් නොහොත් 'මන්න ඛන්නා' නැමැති අයෙකු මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති බවයි. නවගම්පුර නිවාස සංකීර්ණයේ අතුරු මාර්ගයකදී ඔහු වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත. එලෙස තුවාල ලබා ඇත්තේ, 47 හැවිරිදි පුද්ගලයෙකි. ඔහු ප්‍රතිකාර සඳහා ජාතික රෝහලට ඇතුළත් කර තිබේ. සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන කන්ජිපානි ඉම්රාන්ගේ පියාට තියුණු ආයුධවලින් පහරදීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු වන තුවාල ලැබූ පුද්ගලයා රක්ෂිත බන්ධනාගාරගතව සිට මුදාහැර සිටි පුද්ගලයෙකු බව ද පොලීසිය පැවසීය.
2022-11-19T06:20:51.000Z
ඕමානය ඇතුළු රටවල මිනිස් ජාවාරමට සම්බන්ධ පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නවා - අගමැති
මිනිස් ජාවාරම ගැන අගමැති කතා කරයි
COLOMBO (News 1st) - ශ්‍රී ලාංකික කාන්තාවන් ඕමානය ඇතුළු රටවල මිනිස් ජාවාරමට යොදා ගන්නා පුද්ගලයින්ට එරෙහිව තාරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි. අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, ඕමානයේදී ශ්‍රී ලාංකික කාන්තාවන් පිරිසක් ලිංගික සේවා සඳහා විකිණීම සම්බන්ධ සිදුවීම පිළිබඳව අදහස් දක්වමිනි. මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුම අද (19) පාර්ලිමේන්තුවේදී මේ සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු කර ඇත.
2022-11-19T06:07:50.000Z
පාසල් සිසුන් අතර ලාදුරු රෝගය ව්‍යාප්තිය ඉහළට - ජාතික ලාදුරු මර්දන ව්‍යාපාරය
පාසල් සිසුන් අතර ලාදුරු රෝගය ව්‍යාප්තිය ඉහළට
COLOMBO (News 1st) - පාසල් ළමුන් අතර ලාදුරු රෝගය ව්‍යාප්ත වීම ඉහළ ගොස් ඇති බව ජාතික ලාදුරු මර්දන ව්‍යාපාරය පවසයි. එහි අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රසාද් රණවීර මහතා පැවසුවේ, මේ වසරේ වාර්තා වී ඇති ලාදුරු රෝගීන්ගෙන් 15%ක් පාසල් සිසුන් වන බවය. මේ වසරේ පළමු මාස 7 තුළ ලාදුරු රෝගීන් 450 දෙනෙකු මෙරටින් වර්තා වී ඇති බව ඔහු පැවසුවේ ය. අනුරාධපුර හා කුරුණෑගල දිස්ත්‍රික්කවල මෙන්ම බස්නාහිර පළාතේ මෙම රෝගය ව්‍යාප්තවීමේ අවදානම වැඩි බව ද ඔහු පැවසුවේ ය.
2022-11-19T03:49:37.000Z
ශ්‍රවණාබාධිත පුද්ගලයින් 44කට පුහුණු රියැදුරු බලපත්‍රය..
ශ්‍රවණාබාධිත පුද්ගලයින් 44කට පුහුණු රියැදුරු බලපත්
COLOMBO (News 1st) - ශ්‍රවණාබාධිත පුද්ගලයින් සඳහා රියැදුරු බලපත්‍ර ලබාදීමේ වැඩසටහන, දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව පවසයි. කොමසාරිස් ජනරාල් නිශාන්ත වීරසිංහ මහතා පැවසුවේ දැනට එම වැඩපිළිවෙළ ගම්පහ දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක බවයි. ඊට අදාල විභාගය සමත් වූ ශ්‍රවණාබාධිත පුද්ගලයින් 44දෙනෙකු සඳහා මේ වනවිට පුහුණු රියැදුරු බලපත්‍රය ලබාදී ඇති බව ද ඔහු පැවසුවේ ය.
2022-11-19T03:29:19.000Z
කන්දකාඩුවෙන් පලාගිය රැඳවියන් 7ක් තවමත් භාර වී නැහැ.. - පුනරුත්ථාපන ජනරාල් දෙපාර්තමේන්තුව
පලාගිය රැඳවියන් 7ක් තවමත් භාර වී නැහැ..
COLOMBO (News 1st) - කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරේ පසුගියදා ඇතිවූ ගැටුමේදී පලාගිය රැඳිවියන් 7දෙනෙකු මේ වනතෙක් භාරවී නැතැයි, පුනරුත්ථාපන ජනරාල් දෙපාර්තමේන්තුව සඳහන් කරයි. පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල්, මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි මහතා පැවසුවේ ඔවුන් සොයා අඛණ්ඩව මෙහෙයුම් ක්‍රියාත්මක බවයි. පසුගිය 6 වැනිදා රාත්‍රියේ කන්දකාඩු කඳවුරේ රැඳිවියන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමේදී මෙලෙස රැඳවියන් පිරිසක් පලාගොස් තිබුණි.
2022-11-19T03:10:53.000Z
න්‍යෂ්ටික ප්‍රහාරවලට අධිෂ්ඨානශීලීව ප්‍රතිචාර දක්වන්න සූදානම්.. - උතුරු කොරියානු නායක
න්‍යෂ්ටික ප්‍රහාරවලට අධිෂ්ඨානශීලීව ප්‍රතිචාර දක්වන
COLOMBO (News 1st) - න්‍යෂ්ඨික අවි භාවිත කරමින්, සිය රටට එරෙහි තර්ජනවලට ප්‍රතිචාර දක්වන බවත්, න්‍යෂ්ටික ප්‍රහාරවලට සහ සම්පූර්ණ ගැටුමකට මුහුණ දීමට අධිෂ්ඨානශීලීව ප්‍රතිචාර දක්වන බවත් උතුරු කොරියානු නායක කිම් ජෝන් උන් පවසයි. උතුරු කොරියානු නායක කිම් ජෝන් උන් මේ බව සඳහන් කළේ, අන්තර් මහද්වීපික බැලැස්ටික් මිසයිලයක් අත්හදා බැලීමෙන් දිනකට පසුවයි. විදෙස් වාර්තා සඳහන් කළේ, මිසයිල දියත් කිරීම උතුරු කොරියානු නායකයා පුද්ගලිකව අධීක්ෂණය කළ බවයි.
2022-11-19T03:03:45.000Z
ඕමාන් මිනිස් ජාවාරමේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට..
ඕමාන් මිනිස් ජාවාරමේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට..
COLOMBO (News 1st) - ඕමානයේ මිනිස් ජාවාරමේ නිරත බව කියන ප්‍රධාන සැකකරු කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන කාර්යාලය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. විදේශ සේවා නියුක්ති කාර්යාංශය පැවසුවේ සැකකරු ඩුබායි සිට දිවයිනට පැමිණි අවස්ථාවේදී, ඊයේ(18) රාත්‍රියේ අත්අඩගුවට ගෙන ඇති බවයි. එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, වත්තල ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි පුද්ගලයෙක් වන අතර විදේශ සේවා නියුක්ති කාර්යාංශය පැවසුවේ ඔහු මරදාන ප්‍රදේශයේ කාර්යාලයක් පවත්වාගෙන යමින් මිනිස් ජාවාරමේ නිරත වී ඇති බවට සැක කරන බවය. අත්අඩංගුවට ගෙන ඇති සැකකරු වැඩිදුර විමර්ශන සඳහා කටුනායක පොලීසියට භාර දී තිබෙන අතර සැකකරු අද(19) මීගමුව මහේස්ත්‍රාත් අධීකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
2022-11-19T02:15:18.000Z
යතුරු පැදි දෙකක් ගැටී 18 හැවිරිදි තරුණයින් දෙදෙනෙක් මරුට
යතුරු පැදි අනතුරකින් තරුණයින් දෙදෙනෙක් මරුට
COLOMBO (News 1st) - මොරොන්තුඩුව - බණ්ඩාරගම මාර්ගයේ පිරවුම්හල අසල සිදු වූ රිය අනතුරකින් තරුණයින් දෙදෙනෙකු මියගොස් තිබේ. පොලීසිය පැවසුවේ, යතුරු පැදි දෙකක් එකිනෙක ගැටීමෙන් ඊයේ (18) රාත්‍රී 11.45 ට පමණ අනතුර සිදුව ඇති බවයි. එලෙස මියගොස් ඇත්තේ, 18 හැවිරිදි තරුණයින් දෙදෙනෙකි.
2022-11-19T01:42:38.000Z
වැඩි කළ ඉන්ධන කෝටාවට ලියාපදිංචි වන ත්‍රිරෝද රථවලින් රු. 500 ක් අය කිරීමේ තීරණයක් - ලසන්ත අලගියවන්න
QRවලට ලියාපදිංචි වන ත්‍රිරෝද රථවලින් රු.500ක්
COLOMBO (News 1st) - වැඩි කළ ඉන්ධන කෝටාව ලබා ගැනීම සඳහා ත්‍රිරෝද රථ ලියාපදිංචි කිරීමේදී රුපියල් 500ක් අය කිරීමට තීරණය කර ඇතැයි ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි. අමාත්‍යවරයා පැවසුවේ, අදාල ලියකියවිලි සඳහා එම මුදල අයකරන බවය. ලියාපදිංචි වී ඇති ත්‍රිරෝද රථ 25,000 කට ආසන්න සංඛ්‍යාවකට ඉහළ දැමු ඉන්ධන කෝටාව ලබන සඳුදා (21) සිට හිමිවන බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ය.
2022-11-19T01:27:09.000Z
ලබන වසරේ සිට 1 වසරට ඉංග්‍රීසි භාෂාව ප්‍රායෝගික ක්‍රියාකාරකම් පදනම්ව භාවිත කිරීමේ සැලැස්මක් - අධ්‍යාපන ඇමති
ලබන වසරේ සිට 1 වසරට ඉංග්‍රීසි භාෂාව ප්‍රායෝගිකව
COLOMBO (News 1st) - ලබන වසරේ (2023) සිට පළමු වසරට ඉංග්‍රීසි භාෂාව ප්‍රායෝගික ක්‍රියාකාරකම් පදනම්ව භාවිත කිරීමට නියමිතව ඇතැයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ, මෙය නගරයට පමණක් සීමා නොවන බවයි. මේ සඳහා ලබන වසරේ මාර්තු මස අවසන් වීමට පෙර ප්‍රාථමික ගුරුවරුන් 13,000 ක් පුහුණු කර මෙම වැඩසටහන ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය. අමාත්‍යවරයා ඒ බව පැවසුවේ, ජාතික අධ්‍යාපන ආයතනයේදී ඊයේ(18) පැවති වැඩසටහනකට එක්වෙමිනි.
2022-11-19T01:12:22.000Z
අයවැය දෙවැනි වර කියැවීමේ විවාදයේ 5 වැනි දිනය අද
අයවැය දෙවැනි වර කියැවීමේ විවාදයේ 5 වැනි දිනය අද
COLOMBO (News 1st) - අයවැය දෙවැනි වර කියැවීමේ විවාදයේ 5 වැනි දිනය අදට යෙදී තිබේ. අද (19) පෙරවරු 9.30 ට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස පසුගිය 14 වැනිදා 2023 අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබිණි.
2022-11-18T19:39:10.000Z
මිනිස් ජාවාරමේ නිරත බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිත ආයතන 02කට තාවකාලික තහනමක් - විදේශ සේවා නියුක්ති කාර්යාංශය
විදේශ රැකියා නියෝජිත ආයතන 2කට තහනමක්
COLOMBO (News 1st) - මිනිස් ජාවාරමේ නිරත බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිත ආයතන දෙකක කටයුතු තාවකාලික තහනම් කර ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි. එහි මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ගාමිණී සෙනරත් යාපා මහතා පැවසුවේ, එක් විදේශ රැකියා නියෝජිත ආයතනයක් අසාදු ලේඛනගතකර ඇති බවයි. සංචාරක වීසාවලින් ඕමානයට රැගෙන ගිය කාන්තාවන් රැසක් මුහුණ දුන් අත්දැකීම් නිව්ස්ෆස්ට් දින පසුගිය දිනකිහිපය පුරා අනාවරණය කළේය. ඇතැම් කාන්තාවන් වෙන්දේසියේ විකුණා තිබුණේ ලිංගික වහල් සේවයටයි. ඔවුන් ඇතුළු විවිධ හිරිහැරයන්ට ලක් වූ කාන්තාවන් තානාපති කාර්යාලය යටතේ ඇති නිවස්නයේදී නැවත නැවතත් පීඩාවට පත්වන බව මේ වනවිට අනාවරණය වී තිබේ.
2022-11-19T00:58:43.000Z
ගෙවුණු දිනය උණුසුම් කළ පුවත්
ගෙවුණු දිනය උණුසුම් කළ පුවත්
1. ඕමානයේ සුරක්ෂා නිවස්නයේ දුක් විඳින කාන්තාවන්ට සිදුවන්නේ කුමක් ද? - විවිධ හිරිහැරයන්ට ලක් වූ එවැනි කාන්තාවන් 90 දෙනෙක් මේ වනවිට ඕමාන තානාපති කාර්යාලය යටතේ ඇති සුරක්ෂා නිවස්නයේ රඳවා සිටී. 2. පොලිස් නිලධාරිනියන්ට හිරිහැර කිරීම ගැන මානව හිමිකම් කොමිසමෙන් පරීක්ෂණයක් - වසන්ත මුදලිගේ මහතා සහ පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා ඉකුත් 12 වැනි දා කළුතරින් ආරම්භ කළ පාගමනට පොලීසියෙන් බාධා කිරීම සහ කාන්තා පොලිස් නිලධාරිනියන් දෙදෙනෙකුට පොලිස් නිලධාරියෙකු හිරිහැර කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. 3. ඉන්දුනීසියාවේ හටගත් භූ කම්පනයෙන් ශ්‍රී ලංකාවට සුනාමි අවදානමක් නැහැ – කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව - ඉන්දුනීසියාවේ සුමාත්‍රා මුහුදේ සිදු වූ භූ චලනයෙන් ශ්‍රී ලංකාවට සුනාමි අවදානමක් නොමැති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 4. ජාතික හැඳුනුම්පත හදන්න පරක්කු වු⁣ණොත් රුපියල් 2,500ක දඩයක් - පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ පනත යටතේ ගැනෙන වැරදි සමතයකට පත් කිරීම සඳහා අය කරන දඩ මුදල් සංශෝධනය කර තිබේ. 5. අන්තරේ විරෝධතාව විසුරුවා හැරීමට පොලීසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාර - අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සිසු විරෝධතාව විසුරුවා හැරීමට පොලීසියෙන් ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර තිබේ.
2022-11-18T16:56:31.000Z
සිල්වර් කැන්ඩි ප්‍රාථමික විද්‍යාලයේ දරුවන්ට ලැබුණු අමතක නොවන තෑග්ග..
දරුවන් පිරිසකට ලැබුණු අමතක නොවන තෑග්ග..
COLOMBO (News 1st) - ආර්ථික, දේශපාලන, සමාජ ප්‍රශ්න සියල්ල මැද ගම්මැද්දයි ජනතාවයි ගම්වල වැඩ.. අවුරුදු හැටකට වැඩි කාලයක්පානීය ජලය නොමැතිව දුක් විඳිමින් සිටි වලපනේ සිල්වර් කැන්ඩි දෙමළ විද්‍යාලයට අද සිට පිරිසිදු ජලය ලබාගත හැකි පරිදි ගම්මැද්ද ව්‍යාපෘතියක් දියත් කෙරේ. සිල්වර් කැන්ඩි දෙමළ විද්‍යාලය පිහිටා තිබෙන්නේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ අධ්‍යාපන කොට්ඨාසයේ යි. මෙහි අධ්‍යාපනය හදාරණ සිසුන් බොහෝ දෙනෙකුගේ දෙමාපියන්, තේ කර්මාන්තයේ නියැලෙන වතු කම්කරුවන් වේ. විදුහලේ ප්‍රාථමික අංශයේ දරුවන්ට පානීය ජලය නොතිබුනු අතර මේ ගැටලුව නිවැරදිව හඳුනාගත්තේ ගම්මැද්ද ගෙයින් ගෙට ක්‍රියාන්විතයේදී. මෙම ගම්මැද්ද ක්‍රියාන්විතය සමඟ අත්වැල් බැඳගත්තේ ශ්‍රී ලංකා ගුවන් නියමුවන්ගේ සංසදය යි. ජල ව්‍යපෘතිය සිසු අයිතියට පත්කළේ, ශ්‍රී ලංකා ගුවන් නියමුවන්ගේ සංසදයේ සභාපති, කැප්ටන් නිරන්ජන් ජෝන්පුල්ලේ, ගම්මැද්ද නායක ශෙවාන් ඩැනියෙල්, නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබොඩ සහ ජාත්‍යන්තර සම්මානලාභී චිත්‍රපට අධ්‍යක්ෂ සඳුන් සෙනෙවිරත්න, විද්‍යාලයේ විදුහල්පති පන්නිවේල් චන්ද්‍රසේකරන් යන මහත්වරුන් ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙනි.
2022-11-18T16:07:22.000Z
ඕමානයේ සුරක්ෂා නිවස්නයේ දුක් විඳින කාන්තාවන්ට සිදුවන්නේ කුමක් ද?
ලිංගික වහල් සේවයට විකුණන අපේ සහෝදරියෝ
COLOMBO (News 1st) - රටේ ජනතාව දහසකුත් ප්‍රශ්නවල. ජනතාව මුහුණ දෙන ආර්ථික ප්‍රශ්නයට දූෂණය නාස්තිය වගේම වැරදි තීරණත් හේතු වුණා. අවම මට්ටමින් ජීවිතය ගෙනියන්නත් දැන් ජනතාවට අවදානම් තීරණ ගන්න වෙලා. මැදපෙරදිග ගෘහ සේවයත් එවැනි අවදානම් තීරණයකි. දරු පවුල ජීවත් කරන්න මැදපෙරදිග මෙහෙකාරකම් කරන්න ගිය අපේම සහෝදරියන් විඳින ගැහැට නිව්ස්ෆස්ට් අපි අවස්ථා ගණනාවකදී හෙළි කළෙමු. ඒත් ඒවා දැන් බීරි අලින්ට වීනා වයනවා වගේය. වගකිව යුත්තන්ට නොපෙනෙන මේ ඛේදවාචකයේ තවත් පැතිකඩක් මේ... සංචාරක වීසාවලින් ඕමානයට රැගෙන ගිය කාන්තාවන් රැසක් මුහුණ දුන් අත්දැකීම් අප දින කිහිපයක් අනාවරණය කළෙමු. ඇතැම් කාන්තාවන් වෙන්දේසියේ විකුණා තිබුණේ ලිංගික වහල් සේවයටයි. විවිධ හිරිහැරයන්ට ලක් වූ එවැනි කාන්තාවන් 90 දෙනෙක් මේ වනවිට ඕමාන තානාපති කාර්යාලය යටතේ ඇති සුරක්ෂා නිවස්නයේ රඳවා සිටී. කාන්තාවන් 90 දෙනෙකුට අවශ්‍ය අවම පහසුකම්වත් මේ නිවස්නයේ නැත. ලිංගික වහල් සේවයට අලෙවි කළ කාන්තාවන් ඇතුළු විවිධ හිරිහැරයන්ට ලක් වූ කාන්තාවන් තානාපති කාර්යාලය යටතේ ඇති නිවස්නයේදී නැවත නැවතත් පීඩාවට පත්වන බව මේ වනවිට අනාවරණය වී තිබේ. ඕමානයේදී විවිධ හිරිහැරයන්ට ලක්ව යළි පැමිණි තවත් කාන්තාවක් අපට අනුරාධපුරයේදී හමුවිය. පසුගිය 30 වැනි දා සුරක්ෂා නිවස්නයේ සිටින ශ්‍රී ලාංකික කාන්තාවක් එරට තානාපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක ද නිරත විය. මේ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කළ විමර්ශනයේදී සුරක්ෂා නිවස්නයේදී කාන්තාවන්ට අතවර කරන බවට චෝදනා නැගෙන තානාපති කාර්යාලයේ නිලධාරියා හඳුනාගෙන තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැවසුවේ, මේ වනවිට ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සඳහා නීතිපති උපදෙස් ඉල්ලා ඇති බවයි. කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය, මනූෂ නානායක්කාර මහතා, සංචාරක වීසා මගින් ගුවන්තොටුපොළෙන් හරි එහෙමත් නැතිනම් හොරාට නැව්වලින් හරි බෝට්ටු මගින් හරි යනවා නං ඒක විදේශ රැකියා ක්ෂේත්‍රය සම්බන්ධ කාරණාවක් නෙවෙයි. තැරැව්කරුවන් මේ වෙනකොට කිහිපදෙනෙක් අත්අඩංගුවට අරගෙන තියෙනවා වගේම. මහජන ආරක්ෂක අමාත්‍යාංශයත් සමග එකතුවෙලා විශේෂ කමිටුවක් පිහිටුවා මේ වෙනකොට දැනට ලංකාව ඇතුළේ , ඒ වගේම ගුවන්තොටුපපොළේ ඒකට සම්බන්ධ සියලු පාර්ශ්ව අත්අඩංගුවට ගැනීම සඳහා දීර්ඝ මෙහෙයුමක් මේ වෙලාවේ ආරම්භ කරලා තියෙනවා. ඇමතිවරයා පවසන ආකාරයට කමිටු පත්කරමින් මේ ප්‍රශ්නය විසඳන්න කල් මැරිය හැකි ද? රට මේ මොහොතේ මුහුණදෙන අර්බුදයට යම් තරමකින් හරි සහනයක් ලැබෙන්නේ මේ කාන්තාවන් එවන ඩොලර්වලිනි. මේ අහිංසක ජීවත එක්ක අපිට කල් මරන්න හරි සෙල්ලම් කරන්න හරි පුළුවන් ද? ඒ නිසා ඇමතිතුමණි වහා ක්‍රියාමාර්ගයක් ගන්න. නැත්නම් මේ ජීවිත විතරක් නෙමෙයි පවුල් පිටින් පාරට වැටෙයි.
2022-11-18T14:56:19.000Z
පොලිස් නිලධාරිනියන්ට හිරිහැර කිරීම ගැන මානව හිමිකම් කොමිසමෙන් පරීක්ෂණයක්
පොලිස් නිලධාරිනියන්ට හිරිහැර කිරීම ගැන පරීක්ෂණයක්
COLOMBO (News 1st) - වසන්ත මුදලිගේ මහතා සහ පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා ඉකුත් 12 වැනි දා කළුතරින් ආරම්භ කළ පාගමනට පොලීසියෙන් බාධා කිරීම සහ කාන්තා පොලිස් නිලධාරිනියන් දෙදෙනෙකුට පොලිස් නිලධාරියෙකු හිරිහැර කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා වෙත ලිපියක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පවසන්නේ, නීතියේ ආධිපත්‍ය සහ සාමය ආරක්ෂා කිරීම සඳහා ශ්‍රී ලංකා පොලීසියේ විනය පවත්වාගෙන යාමට පොලිස් ප්‍රධානියා ලෙස ඔහු අවශ්‍ය පියවර ගත යුතු බවයි. පාගමනට බාධා කිරීමට හේතුව, එය ක්‍රියාත්මක කළේ කාගේ නියෝග මත ද, එම අණ හෝ නියෝග ක්‍රියාත්මක කළේ කවුරුන් විසින් ද, අදාළ සිද්ධියට වගකිව යුතු නිලධාරීන්ට එරෙහිව පොලීසිය ආරම්භ කළ ක්‍රියාමාර්ග මොනවා ද යන තොරතුරු පදනම් කරගනිමින්, මානව හිමිකම් කොමිෂන් සභාවට දිවුරුම් ප්‍රකාශයක් මගින් කරුණු ඉදිරිපත්ක කරන ලෙස ද පොලිස්පතිවරයාට මෙම ලිපියෙන් දැනුම් දී තිබේ.
2022-11-18T14:37:51.000Z
ඉන්දුනීසියාවේ හටගත් භූ කම්පනයෙන් ශ්‍රී ලංකාවට සුනාමි අවදානමක් නැහැ: මුහුදුබඩ ප්‍රදේශවල සාමාන්‍ය ජන ජීවිතය ආරක්ෂිතයි - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව
ශ්‍රී ලංකාවට සුනාමි අවදානමක් නැහැ..
COLOMBO (News 1st) - Update 8.00PM : ඉන්දුනීසියාවේ සුමාත්‍රා මුහුදේ සිදු වූ භූ චලනයෙන් ශ්‍රී ලංකාවට සුනාමි අවදානමක් නොමැති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවේ, මුහුදුබඩ ප්‍රදේශවල සාමාන්‍ය ජන ජීවිතය ආරක්ෂා සහිත බවය. ඉන්දුනීසියාවේ සුමාත්‍රා බෙන්ග්කුලු සාගර කලාපයේ මැග්නිටියුඩ් ඒකක 6.9 ක භූ කම්පනයක් සිදුව ඇති බවට අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය අද වාර්තා කළේය.
2022-11-18T14:12:08.000Z
ඉන්දුනීසියාවේ මැග්නිටියුඩ් ඒකක 6.9ක භූ කම්පනයක්: ශ්‍රී ලංකාවේ වෙරළබඩ ප්‍රදේශවල ජනතාවට ඉදිරි නිවේදන ගැන අවධානයෙන් සිටින්නැයි දැනුම්දීමක් - සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය
ඉන්දුනීසියාවේ මැග්නිටියුඩ් ඒකක 6.9ක භූ කම්පනයක්
COLOMBO (News 1st) - ඉන්දුනීසියාවේ සුමාත්‍රා බෙන්ග්කුලු සාගර කලාපයේ මැග්නිටියුඩ් ඒකක 6.9 ක භූ කම්පනයක් සිදුව ඇති බවට අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය වාර්තා කරයි. මේ හේතුවෙන් සුදු නිවේදනයක් නිකුත් කරන ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය දැනුම් දෙන්නේ, ශ්‍රී ලංකාවේ වෙරළබඩ ප්‍රදේශවල හා ඒ ආසන්නයේ ජීවත් වන ජනතාව ඉදිරි නිවේදන පිළිබඳ අවධානයෙන් සිටින ලෙසය. මේ පිළිබඳව නිව්ස්ෆස්ට් අදාළ ආයතනවලින් විමසීම් කරමින් සිටින අතර ඉදිරි තොරතුරු ඔබවෙත කඩිනමින් වාර්තා කිරීමට අප සූදානම්.
2022-11-18T12:07:34.000Z
ජාතික හැඳුනුම්පත හදන්න පරක්කු වු⁣ණොත් රුපියල් 2,500ක දඩයක්
NIC හදන්න පරක්කු වු⁣ණොත් රු. 2,500ක දඩයක්
COLOMBO (News 1st) - පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ පනත යටතේ ගැනෙන වැරදි සමතයකට පත් කිරීම සඳහා අය කරන දඩ මුදල් සංශෝධනය කර තිබේ. ඒ අනුව වයස අවුරුදු 15 ට එළඹෙන දින සිට අවුරුද්දක් ඇතුළත ජාතික හැඳුනුම්පත ලබානොගත් ඉල්ලුම්කරුවන්ගෙන් අය කෙරෙන දඩ මුදල රුපියල් 2,500 කි. දෙපාර්තමේන්තු ප්‍රමාද දෝෂයක් හේතුවෙන් පළමු ඉල්ලුම් පත්‍රයට ජාතික හැඳුනුම්පතක් නිකුත් කිරීම ප්‍රමාද වීමෙන් දෙවැනි වරට ඉල්ලුම් පත් ඉදිරිපත් කර ඇති අයැදුම්කරුවන්ගෙන් අය කෙරෙන ගාස්තුව රුපියල් 250 ක් වේ. දෙපාර්තමේන්තු ප්‍රමාද දෝෂයක් නොමැති අවස්ථාවලදී මුල් වරට ජාතික හැඳුනුම්පතක් ලබා නොගත් අයැදුම්කරුවන්ගෙන් රුපියල් 2,500ක් අය කර ගන්නා බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව නිවේදනය කළේ ය. ද්විත්ව පුරවැසි සහතිකය නිකුත් කළ දින සිට මාස 6 ක් ඉකුත් වීමට පෙර ජාතික හැඳුනුම්පත ලබා ගැනීම සඳහා ඉල්ලුම් නොකළ අයදුම්කරුවන්ගෙන් අය කෙරෙන දඩ මුදල රුපියල් 2,500 කි. ව්‍යාජ ලේඛන සහ අසත්‍ය තොරතුරු ඉදිරිපත් කිරීම ඇතුළු පනතේ සඳහන් අනෙකුත් වැරදි සඳහා ද රුපියල් 2,500 ක දඩ මුදලක් අය කර ගනු ඇති.
2022-11-18T11:38:43.000Z
සති අන්තයේ විදුලි කප්පාදුවේ වෙනසක්
සති අන්තයේ විදුලි කප්පාදුවේ වෙනසක්
COLOMBO (News 1st) - සති අන්තයේ විදුලි කප්පාදුව පැය 1 කට සීමා කර තිබේ. ඒ අනුව විදුලි කප්පාදුව හෙට (19) සහ අනිද්දා (20) සවස 5.30 සිට 8.30 දක්වා පැය 1 ක් කප්පාදු කෙරෙනු ඇති. තව ද නොවැම්බර් 21 වැනි දා පැය 2 ක විදුලි කප්පාදුවකට මහජන උපයෝගිතා කොමිසමේ (PUCSL) අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව 21 වැනි දා A-W කාණ්ඩවලට දිවා කාලයේ පැය 1 ක් සහ රාත්‍රී කාලයේ පැය 1 ක් විදුලි කප්පාදුව සිදු කරනු ඇති.
2022-11-18T11:10:03.000Z
අන්තරේ සිසුන් පා ගමනින් වැලිකඩට
අන්තරේ සිසුන් පා ගමනින් වැලිකඩට
COLOMBO (News 1st) - විරෝධතාවයේ නිරත අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල බලමණ්ඩලයේ සිසුන් පා ගමනින් වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිට පැමිණ තිබේ. බන්ධනාගාරය ඉදිරිපිට පැමිණීමට පෙර අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සිසු විරෝධතාව විසුරුවා හැරීමට පොලීසියෙන් ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර තිබේ. ඒ, කොළඹ හෝර්ටන් පෙදෙසේදී හා අග්‍රාමාත්‍ය කාර්යාලය අසලදීයි.
2022-11-18T10:45:52.000Z
අන්තරේ විරෝධතාවට යළිත් වරක් පොලීසියෙන් ජල හා කඳුළු ගෑස් ප්‍රහාර
අන්තරේ විරෝධතාවට යළිත් ජල හා කඳුළු ගෑස් ප්‍රහාර
COLOMBO (News 1st) - අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සිසු විරෝධතාව විසුරුවා හැරීමට පොලීසියෙන් යළි ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර තිබේ. ඒ, කොළඹ හෝර්ටන් පෙදෙසේ දීය. මීට පෙර ද අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සිසු විරෝධතාව විසුරුවා හැරීමට පොලීසියෙන් ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළේ ය. ඒ, අග්‍රාමාත්‍ය කාර්යාලය අසලදීයි.
2022-11-18T09:49:10.000Z
අන්තරේ විරෝධතාව විසුරුවා හැරීමට පොලීසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාර
අන්තරේ විරෝධතාවට ජල හා කඳුළු ගෑස් ප්‍රහාර
COLOMBO (News 1st) - අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සිසු විරෝධතාව විසුරුවා හැරීමට පොලීසියෙන් ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර තිබේ. ඒ, අග්‍රාමාත්‍ය කාර්යාලය අසලදීය. නාරාහේන්පිට ත්‍රස්ත මර්දන ඒකකය ඉදිරිපිටදී අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විරෝධතාවක නිරත වේ. ඒ, හේතුවෙන් කොළඹ මාර්ග කිහිපයක් අවහිර වී ඇතැයි අප වාර්තාකරුවෝ ප්‍රකාශ කළහ.
2022-11-18T06:18:21.000Z
පෙත්සම සලකා බැලීම 28 වැනිදා.. ඩයනාට නොතිසී
පෙත්සම සලකා බැලීම 28 වැනිදා.. ඩයනාට නොතිසී
COLOMBO (News 1st) – රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියගේ පුරවැසිභාවය අභියෝගයට ලක්කරමින් ගොනු කර ඇති රීට් පෙත්සම ලබන 28 වැනිදා සලකා බැලීමට අභිචානාධිකරණය අද තීරණය කළේ ය. එහිදී විනිසුරු මඩුල්ල පෙත්සම්කාර පාර්ශවයට නියෝග කර ඇත්තේ, ඩයනා ගමගේ ඇතුළු වගඋත්තරකරුවන්ට නොතීසි යැවීමට පියවර ගන්නා ලෙසයි.
2022-11-18T05:34:11.000Z
අමෙරිකානු කථානායකවරිය ධුරයට සමුදෙයි
නැන්සි පෙලෝසී අමෙරිකානු කථානායක ධුරයෙන් ඉවත් වෙයි
COLOMBO (News 1st) - අමෙරිකානු පාර්ලිමේන්තුවේ කථානායක ධුරය හෙබ වූ නැන්සි පෙලෝසී සිය ධුරයෙන් ඉවත් වී තිබේ. ඒ, දශක දෙකකට ආසන්න කාලයක් එම ධුරය දැරීමෙන් අනතුරුවයි. ඩිමොක්‍රොටික් පක්ෂය නියෝජනය කරමින් ඇය පාර්ලිමේන්තු කථානායක ධුරය හෙබවූ අතර, නැන්සි පෙලෝසී සැලකෙන්නේ, එරට පළමු කථානායකවරිය ලෙසයි. නැන්සි පෙලෝසී මේ වන විට 82 හැවිරිදි වියේ පසුවෙයි මේ අතර, රිපබ්ලිකන් පක්ෂයේ කෙවින් මැකාති නව කොංග්‍රසයේ කථානායක ධූරය සඳහා පක්ෂයේ නාමයෝජනා ජයග්‍රහණය කර ඇතැයි ද විදෙස් වාර්තාවල සඳහන් වේ.
2022-11-18T03:17:26.000Z
ගල්ගමුවේ මාරක රිය අනතුරක්: යුද හමුදා මේජර්වරයෙක් ඇතුළු තිදෙනෙක් මරුට
මාරක රිය අනතුරකින් මේජර්වරයෙක් ඇතුළු 3ක් මරුට
COLOMBO (News 1st) – ගල්ගමුවේදී මොටර් රථයක් අනතුරට ලක්වීමෙන් යුද හමුදා මේජර්වරයෙකු ඇතුළු 03 දෙනෙකු මියගොස් තිබේ. පොලිසිය පැවසුවේ, ඊයේ රාත්‍රි ඔවුන් ගමන් ගත් මෝටර් රථය මාර්ගයෙන් ඉවතට පැන ගසක වැදී අනතුර සිදුව ඇති බවයි. අනතුරින් මියගොස් ඇත්තේ සාලියපුර යුද හමුදා කඳවුරේ සේවය කරන යුද හමුදා මේජර්වරයෙක් සහ ඔහුගේ ඥාතින් දෙදෙනෙකි. අනතුරින් තුවාල ලැබූ තවත් දෙදෙනෙක් අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිති.
2022-11-18T03:11:53.000Z
සිංහරාජ සීමාවේ පෞද්ගලික ඉඩම් 300ක් රජයට පවරා ගැනීමට පියවර
සිංහරාජ සීමාවේ පෞද්ගලික ඉඩම් 300ක් රජයට...
COLOMBO (News 1st) - ලෝක උරුම සිංහරාජ වනාන්තර සීමාවට ඇතුළත් පෞද්ගලික ඉඩම් 300 ක් රජයට පවරා ගැනීමේ කටයුතු ආරම්භ කළ බව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. ඉඩම් අමාත්‍යංශය හරහා එම කටයුතු සිදු කෙරෙනු ඇත. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පැවසුවේ, අක්කර 8,000 ක වපසරියක භූමියක් මේ යටතේ වනාන්තරකරණයට ලක් කරන බවයි. සිංහරාජ වනාන්තරය පුළුල් කිරීමේ වැඩපිළිවෙළ යටතේ 2019 වසරේදී එවක ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හෙක්ටෙයාර් 35,000 ක් වපසරියක් සිංහරාජ වනාන්තරයට අයත්වන ලෙස ගැසට් නිවේදනයක් ප්‍රකාශයට පත් කළේ ය. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පැවසුවේ, ඒ යටතේ මෙම පෞද්ගලික ඉඩම් වනන්තාරයට ඇතුළත් වූ බවයි. මැනුම් කටයුතුවලින් අනතුරුව අදියර කිහිපයක් යටතේ එම ඉඩම්වලට වන්දි ලබාදීමට කටයුතු කරන බවද දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
2022-11-18T02:22:47.000Z
ගිනිකොණදිග බෙංගාල බොක්ක අශ්‍රිතව මුහුදු යාමෙන් වළකින්න... ධීවරයන්ට දැනුම් දීමක්
ධීවර හා නාවික ප්‍රජාවට දැනුම් දීමක්
COLOMBO (News 1st) - ගිනිකොණ දිග බෙංගාල බොක්ක ප්‍රදේශයට අද (18) සිට ලබන 21 වැනිදා දක්වා මුහුදු යාමෙන් වළකින්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර සහ නාවික ප්‍රජාවට දැනුම් දීමක් සිදුකරයි. දැනට එම මුහුදු ප්‍රදේශවල සිටින පිරිස්වලට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ, වහාම ගොඩබිමට හෝ ආරක්ෂිත ස්ථානයකට පැමිණෙන ලෙසයි. ගිනිකොණදිග බෙංගාල බොක්ක සහ ඊට යාබද උතුරු අන්දමන් සාගරය ආශ්‍රිතව පවතින අඩු පීඩන කලාපය, ලබන 19 වැනිදා වනවිට පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, පීඩන අවපාතය, බටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් මෙරට උතුරු වෙරළට ආසන්නව ගමන් කිරීමේ වැඩි හැකියාවක් පවතින බවයි. ඒ හේතුවෙන් උතුරු සහ නැගෙනහිර මුහුදු ප්‍රදේශවල සුළං වේගය පැයට කිලෝමීටර 60 ක් දක්වා ඉහළ යා හැකිවේ. කන්කසන්තුරයේ සිට මුලතිව් හරහා ත්‍රිකුණාමලය දක්වා වෙරළ ආසන්න මුහුදු ප්‍රදේශවල මුහුදු රළ මීටර 2 ත් 3 ත් දක්වා ඉහළ යා හැකියි. ඒ හේතුවෙන් මුහුදු රළ ගොඩබිමට පැමිණිය හැකි බව ද, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
2022-11-18T01:39:25.000Z
පොලි අනුපාත ඉහළ දැමීමෙන් පීඩාවට පත්වූවන්ට සහන සැලසීමට කටයුතු කරන්නැයි,බැංකුවලට උපදෙස්
මහ බැංකු අධිපතිගෙන් බැංකුවලට උපදෙසක්
COLOMBO (News 1st) - ලබාගත් ණය සඳහා බැංකු පොලී අනුපාත ඉහළ දැමීම නිසා පීඩාවට පත්වූවන්ට සහන සැලසීමට බැංකුවලට උපදෙස් ලබාදී ඇති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. මහ බැංකු අධිපතිවරයා මේ අදහස් පළ කළේ, මුදල් ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති කටයුතු පිළිබඳ අමාත්‍යංශයීය උපදේශක කාරක සභාවේදී මන්ත්‍රිවරුන් විමසූ කරුණුවලට පිළිතුරු දෙමිනි. ණය පොලී අනුපාත ඉහළ නැංවීම හේතුවෙන් ඇතැම් ණය හිමියන්ගේ මුළු වැටුපම ණය වාරික සඳහා ගෙවීමට ඇති බව මන්ත්‍රිවරුන් එහිදී පෙන්වා දුන්නේ ය. ඊට ප්‍රතිචාර දක්වමින් නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කළේ, ගනුදෙනුකරුවන්ට බැංකුව සමග සාකච්ඡා කොට යම් සහන කාලයක් සඳහා අදාළ පොළිය පමණක් ගෙවීමට හැකි බවයි. පවතින මූල්‍ය ප්‍රතිපත්ති සමග උද්ධමනය ලබන වසර අග වනවිට සියයට 4 ත් 5 ත් අතර අගයක් දක්වා පහළ බසිනු ඇති බව ද මහබැංකු අධිපතිවරයා පෙන්වා දුන්නේ ය.
2022-11-18T01:31:41.000Z
යක්කලමුල්ල පිය - පුතු ඝාතනයේ ප්‍රධාන වෙඩික්කරු සහ යතුරු පැදිකරු STF වෙඩි පහරින් මරුට
යක්කලමුල්ල පිය - පුතු ඝාතනයේ ප්‍රධාන සැකකරු මරුට
COLOMBO (News 1st) - සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මහා පරිමාණ මත්ද්‍ර‍ව්‍ය ජාවාරම්කරුවෙකු වන, ඌරගහ ඉන්දිකගේ ගෝලයන් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් සමග සිදුවූ වෙඩි හුවමාරුවකින් මියගොස් තිබේ. පොලිස් විශේෂකාර්ය බලකාය සඳහන් කළේ, මිනුවන්ගොඩ පොලිස් වසමේ පොල්වත්ත, මිනුවන්ගොඩ ප්‍රදේශයේ අද(18) අලුයම වැටලීමක් සිදු කළ බවයි. 2022.08.24 වන දින ඌරගහ ප්‍රදේශයේ දී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීම හා 2022.10.19 වන දින යක්කලමුල්ල පොලිස් වසමේ දී වයස අවුරුදු 04 ක් වයසැති කුඩා දරුවෙකු හා පියා වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති සැකකරුවන් පිරිසක් සොයා මෙහෙයුමක් දියත් කර තිබේ. ඊට සම්බන්ධ ප්‍ර‍ධාන වෙඩික්කරු හා යතුරුපැදිකරු අත්අඩංගුවට ගැනීමට යෑමේදී, විශේෂ කාර්ය බලකාය නිලධාරීන් හා සැකකරුවන් අතර වෙඩි හුවමාරුක් සිදුව ඇත. තුවාල ලැබූ සැකකරුවන් මිනුවන්ගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බව පොලිස් විශේෂකාර්ය බලකාය සඳහන් කළේ ය. වැටලීමේ දී විශේෂ කාර්ය බලකාය නිලධාරියෙකුද සුළු තුවාල ලබා ඇති අතර ඔහු වැඩිදුර ප්‍ර‍ථිකාර සඳහා මිනුවන්ගොඩ රෝහල වෙත ඇතුළත් කර ඇත. පොලිස් විශේෂකාර්ය බලකාය සඳහන් කළේ, ඔවුන් පෝද්දල ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර, එහි දී T-56 වර්ගයේ ගිනි අවියක්, බෝර 12 පතුරම් තුවක්කු 01 ක් සහ රම්බෝ වර්ගයේ පිහියක් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මිනුවන්ගොඩ පොලිස් ස්ථානය වෙත භාර දුන් බවයි.