date
stringlengths 24
24
| title
stringlengths 0
176
| short_title
stringlengths 10
69
| content
stringlengths 0
19.7k
|
---|---|---|---|
2022-12-03T17:14:07.000Z | නෙදර්ලන්තය හමුවේ අමෙරිකාවට ගෝල 3ට 1ක දරුණු පරාජයක්. | සුපිරි 16 වටයේ පළමු ජය නෙදර්ලන්තයට.. | COLOMBO (News 1st) - 2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සුපිරි 16 දෙනාගේ වටයේ පළමු තරගය අමෙරිකා කණ්ඩායම පරාජය කරමින් ගෝල 3 ට 1 ක් ලෙස නෙදර්ලන්තය ජය ගත්තේ ය. කටාර්හි කලීෆා ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී මෙම තරගය පැවත්විණි. ආරම්භයේ සිටම උණුසුම් මුහුණුවරක් ගත් තරගයේ ගෝල රැස් කිරීම ආරම්භ කළේ නෙදර්ලන්තයයි. තරගයේ 10වන මිනිත්තුවේදී මෙම්ෆිස් ඩිපේ නෙදර්ලන්තය වෙනුවෙන් පළමු ගෝලය වාර්තා කළේ ය. පළමු අර්ධය අවසානයේ ලැබූ අතිරේක කාලයේ පළමු මිනිත්තුවේදී නැවතත් ක්‍රියාත්මක වන නෙදර්ලන්තය දෙවන ගෝලය වාර්තා කළ අතර එම ගෝලයට හිමිකම් කීවේ ඩේලි බ්ලින්ඩ්. මේ අතර සුපිරි 16 දෙනාගේ තරග වටයේ දෙවැනි තරගය ප්‍රබල ආර්ජන්ටිනා සහ ඔස්ට්‍රේලියා කණ්ඩායම් අතර පැවැත් වීමට නියමිතයි. කටාර්හී අහමඩ් බින් අලී ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගය මෙරට වෙලාවෙන් හෙට අලුයම 12යි 30ට ආරම්භ වේ. තරගාවලියේ සියලු තරග ඔබට සජීවීව ටී වී වන් නාලිකාව ඔස්සේ නැරඹිය හැකියි. |
2022-12-03T16:18:16.000Z | ප්‍රමුඛ පෙළේ චීන සමාගම් රැසක් මෙරට කාර්මික වෙළෙඳ කලාපවල ආයෝජනයට සැරසෙයි | චීන සමාගම් රැසක් මෙරට ආයෝජනයට සැරසෙයි | COLOMBO (News 1st) - ප්‍රමුඛ පෙළේ චීන සමාගම් ශ්‍රී ලංකාවේ කාර්මික වෙළෙඳ කලාපවල ආයෝජනයට සැරසී සිටින බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය නිවේදනය කර තිබේ. චීන ආයෝජකයින් ඒ බව සඳහන් කර ඇත්තේ, ඊයේ දින පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමු වූ අවස්ථාවේදීයි. ත්‍රිකුණාමලය, හම්බන්තොට ඇතුළු කර්මාන්ත කලාපවල එම කර්මාන්ත ආරම්භ කිරීමට කැමැත්ත පළ තර තිබේ. ආයෝජනයට හිතකර වාතාවරණයක් ඇති කිරීම සඳහා යෝජිත ප්‍රතිසංස්කරණ නුදුරේදීම ක්‍රියාත්මක කරන බවත් සෘජු විදේශ ආයෝජන සඳහා අමතර පහසුකම් කිහිපයක් ලබා දෙන බවත් අග්‍රාමාත්‍යවරයා එහිදී ඔවුන්ට සහතික වී ඇත. ශෙන්සෙන් සොන් සුආන්ග් ඉදිකිරීම් ආයතනයේ සභාපති ෂුවාන් සොන්ග් මහතා එහිදී පවසා ඇත්තේ, ඉලෙක්ට්‍රොනික හා අධිනිරවද්‍යතාවයෙන් යුත් නිෂ්පාදනයන්, සූර්ය බල ශක්තිය, අධිවේගී බලශක්ති ගබඩා ඒකක, ස්මාර්ට් ග්‍රිඩ්, වැනි ක්ෂේත්‍ර කිහිපයක ආයෝජනය කිරීමට බලාපොරොත්තු වන බවයි. |
2022-12-03T15:12:13.000Z | හිට්ලර් යක්ෂයෙක් - හිට්ලර් පාලනය ගැන අමෙරිකානු ජනපතිගෙන් ප්‍රකාශයක් | හිට්ලර් යක්ෂයෙක් | News 1st - ඇඩොල්ෆ් හිට්ලර් කියන්නේ මේ ලොකේ හිටපු අමානූෂීය ඒකාධිපති පාලකයෙකි. හිට්ලර් මේ දිනවල ප්‍රධාන මාතෘකාවක් බවට පත් වෙලා තියන්නේ අපේ රටේ පමණක්ම නොවෙයි. අමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් ලොව පුරා සිටින නාසි අන්තවාදීන්ට එරෙහිව ට්විටර් සටහනක් තබා තිබේ. මෙය මෙම ට්විටර් පණිවුඩය පළ කිරීමට මුල් වූ හේතුව වුයේ, ප්‍රසිද්ධ රැප් ගායක කාන්යා වෙස්ට් සම්මුඛ සාකච්ඡා මාලාවකදී කර තිබූ ප්‍රකාශයක් මුල්කරගෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය. කාන්ය වෙස්ට්ගේ එම ප්‍රකාශයේ දැක්වෙන්නේ, ''මම හිට්ලර් ගැන හොඳ දේවල් දකිමි", "මම හිට්ලර්ට කැමතියි" සහ "මම නාසීන්ට ආදරෙයි" යනුවෙනි. මෙම ප්‍රකාශයට විද්ධත්වය පළ කරමින් අමෙරිකානු ජනපති ජෝ බයිඩ්න් පළ කළ ට්විටර් පණිවුඩයේ මෙසේ සඳහන් කර තිබුණි. ''මට කරුණු කිහිපයක් පැහැදිලි කිරීමට අවශ්‍යයි. හිට්ලර් කියන්නේ යක්ෂ චරිතයක් ඔහුගේ ක්‍රියාවන්ට වේදිකාවක් දෙනවා වෙනුවට අපේ දේශපාලන නායකයන් කළ යුතු වන්නේ යුදෙව්වන් කෙරෙහි තිබෙන විරෝධය කොතැනක සැඟවුණත්. එය ප්‍රතික්ෂේප කිරීමයි. නිෂ්ශබ්ධව සිටීම යනු සහයෝගය ලබාදීමක්'' කාන්ය වෙස්ට් යුදෙව්වන්ගැන කළ ප්‍රකාශය හේතුවෙන් ඔහුට ඩොලර් බිලියන ගණනක පාඩුවක් සිදු වී ඇති බවත් ඔහුගේ ට්විටර් ගිණුම අත්හිටුවා ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තාවන්හි සඳහන් ය. |
2022-12-03T14:49:38.000Z | අවිගත් පිරිසක් පොලිස් පරීක්ෂකවරයෙකුගේ නිවසක් කොල්ලකයි.. | පොලිස් පරීක්ෂකවරයෙකුගේ නිවසක කොල්ලයක් | COLOMBO (News 1st) - අවිගත් පිරිසක් අලුත්ගම බොන්දුපිටියේ පිහිටි පොලිස් නිලධාරීයෙකුගේ නිවසක් කොල්ල කා තිබේ. පොලීසිය සඳහන් කළේ, උතුරු කළුතර පොලිස් ස්ථානයේ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයාගේ නිවස අද (03) පෙරවරු 10.30 ට පමණ එලෙස කොල්ල කා ඇති බවයි. ගිනි අවියක් ද අතැතිව පැමිණි පස්දෙනකුගෙන් යුත් කොල්ල කල්ලිය නිවසට ඇතුළු වී ජංගම දුරකතන 2 ක්, රත්‍රන් මුද්දක් සහ මුදල් කොල්ලා කා ඇති බව පොලීසිය පැවසීය. කොල්ල කල්ලිය කඩාවදින මොහොතේ පොලිස් පරීක්ෂකවරයා නිවසේ සිට නොමැති අතර නිවසේ සිට ඇති පොලිස් පරීක්ෂකවරයාගේ බිරිඳ සහ දරුවන් පමණි. පොලිස් නිල සුනඛයින් ද යොදා ගනිමින් කොල්ලකරුවන් සොයා වැලිපැන්නපොලීසිය පරීක්ෂණ ආරම්භ කර ඇත. |
2022-12-03T14:05:09.000Z | අද රාත්‍රියේ මහ වැසි.. - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අනතුරු ඇඟවීම් | අද රාත්‍රියේ මහ වැසි.. | COLOMBO (News 1st) - අද (3) රාත්‍රී10.00 දක්වා මාධ්‍යම, සබරගමුව, බස්නාහිර, වයඹ, උතුරු-මැද, දකුණ සහ ඌව පළාත්වල ස්ථාන කිහිපයක ප්‍රබල අකුණු සමග ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ගිගුරුම් සහිත වැසි ඇති වනවිට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකියි. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවේ, ජනතාවට අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි. අකුණු සහ ගිගුරුම් පවතින අවස්ථාවල ආරක්ෂිත පියවරක් අනුගමනය කරන මෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවට දැනුම් දෙයි. |
2022-12-03T13:47:18.000Z | වැල්දෙණිය ගම වැසියන්ගේ ජීවිතවලට අලුත් බලාපොරොත්තුවක් දුන් ගම්මැද්ද | හෙට වෙනුවෙන් පෙරට යන්න ගමටම දැන් අලුත් මගක් | COLOMBO (News 1st) - වැහි කාලෙට දරුවන්ව ඉස්කොලේ යවන්නේ නැත්ව ගෙදර තියාගන්න ගමක් ගැන ඔබ අහලා තියෙනවා ද? ඇළ පරක් මහා ජල පාරක් විදිහට චණ්ඩ වුණාම ඒ ගමේ දරුවන්ට ඉස්කෝලය යන්න වෙන්නේ නැහැ. අද ඉඳල ඒ දරුවන්ට වගේම ඒ ගමේ ජනතාවට අලුත් අනාගතයක් උදා විය. මේ කෑගල්ල, දෙහිඕවිට ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ වැල්දෙණිය ගම. රූස්සෙට මේ වටේ තියෙන රබර් ගස් ටික මේ මිනිස්සුන්ගේ දරු පවුල් ජීවත් කරවන්න උදව් කරයි. වැල්දෙණිය ගමට යන්න තියෙන්නේ මේ ඇළ හාරහාය. හැමදාම ඉස්කෝලේ යන දරුවෝ මේ ඇළ ගාවට ඇවිල්ලා සපත්තු මේස් ගලවලා දොළ පාර හරහා අකුරු කරන්න යනු ඇත. එත් වැහි කාලෙට මේ ඇළ චණ්ඩයි. වැස්ස වැඩි වෙනකොට මේ දරුවෝ වගේම රබර් කිරි කපන මේ අහිංසන අම්මලා තාත්තලා ඉවුරු දෙකට කොටු වෙයි. මේ ප්‍රශ්නේ කියන්න පුළුවන් හැම තැනකටම කිව්වත් හැම තැනින්ම වැල්දෙණිය ගම හුදකලා වී තිබේ. මේ ජීවිතවලට අලුත් බලාපොරොත්තුවක් දෙන පොරොන්දුව ගම්මැද්ද භාර ගත්තේ, පසුගිය අගෝස්තු 26 වෙනි දායි. ඒ, සුරක්ෂීතව මේ ඇළ හරහා ගමන්න කරන්න පාලමක් හදලා දෙනවා කියන පොරොන්දුවත් එක්කය. ඒ සඳහා ගම්මැද්දත් එක්ක එක් වුණු කොළඹ පදිංචි කුෂ්ලානි අමරසුරිය මහත්මිය අත්වැල් බැඳගත්තා ය. මාස 3 ක් වගේ කෙටි කාලයක් තුළ මේ පාලමේ වැඩකටයුතු ඉවර කරලා වැල්දෙණියට අලුත් පාලමක් දෙන්න ගම්මැද්ද අද මුල පිරුවේ ය. මේ අවස්ථාවට දෙහිඕවිට සහකාර ප්‍රාදේශිය ලේකම් ඉසුරු සමරතුංග, කුෂ්ලානි අමරසූරිය මහත්මිය, ඇහැලියගොඩ උපපොලිස් පරීක්ෂක නිමලරත්න, ස්ටයින් ස්ටූඩියෝ ප්‍රධාන විධායක නිලධාරී චන්දන සූරියබණ්ඩාර සහ ගම්මැද්ද නායක ශෙවාන් ඩැනියෙල් මහාතා ඇතුළු පිරිසක් එක් විය. මේ මුහුණුවල තියෙන සිනහාවල හැංගිච්ච අහිංසක බලාපොරොත්තු ගොඩක් ඇත. අයේ සපත්තු ගලවලා ඉස්කෝලේ යන්න ඕනේ නෑ. අම්මයි තාත්තයි රබර් කපලා වැහි දාට ගෙදර එනකම් මේ දරුපැටව්ට බයේ හූල්ලන්න ඕනේ නෑ. වැහින කොට ඉවුරු දෙකට කොටු වෙන්න ඕනේ නෑ. දැන් වැල්දෙණිය ගම් හුදකලා නෑ. ගම්මැද්ද කියන්නේ නාමපදයකට එහා ගිය ක්‍රියාපදයකි. ගම්මැද්ද කියන්නේ ජනතාව හදපු ජනතාව ඉදිරියට ගෙන යන ජනතාව ආරක්ෂා කරන ජනතාවගේ ක්‍රියාන්විතයකි. |
2022-12-03T13:23:30.000Z | විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින්ගේ සුබසාධනය වෙනුවෙන් නව වැඩපිළිවෙළක් - ජනපති | ජනපතිගෙන් නව සුබසාධන වැඩපිළිවෙළක් | COLOMBO (News 1st) - විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින්ගේ සුබසාධනය වෙනුවෙන් නව වැඩපිළිවෙළක් සකස් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (03) ප්‍රකාශ කර තිබේ. ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේ, 2022 ආබාධ සහිත තැනැත්තන් සඳහා වූ ජාත්‍යන්තර දිනය වෙනුවෙන් අරලියගහ මන්දිරයේ අද පෙරවරුවේ පැවති ජාතික උත්සවයට එක්වෙමිනි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, මම මේ අමාත්‍යාංශය භාරගත්තයින් පස්සේ මට පෙනුනේ අංශ ගණනාවක උවමනා සම්පූර්ණ සේවාවන් සිදු වෙලා නෑ. ඒකට ප්‍රධාන හේතුව මුදල් නැතිකම. දෙවනුව අපි අවධානය සම්පූර්ණයෙන්ම යොමු කරලත් නෑ. අපි ළමා ආරක්ෂක අංශය දිහා බලපුවාම ඒකේ අඩුපාඩුකම් තියනවා ළදරුවන් ගැන අඩුපාඩුකම් තියනවා. විශේෂ අවශ්‍යතාවය ගැන තියන අයගේ අඩුපාඩුකම් තියනවා. කාන්තා ප්‍රධාන පවුල් ගැන අඩුපාඩුකම් තියනවා. අපි මේ විෂයන් ගැන අපේ අවධානය සම්පූර්ණයෙන් යොමු කරලා නෑ. අපි බලාපොරොත්තු වුණේ සමෘද්ධි ව්‍යාපාරය තුළින් මේ සියල්ලම සිදු කරන්න පුළුවන් වෙයි කියලා. ඇත්ත වශයෙන්ම අපේ අද්දැකීම් අනුව සමෘද්ධි ව්‍යාපාරය ආර්ථික සවිබල ගැන්වීමකට සුදුසුයි. අඩු ආදායම් ඉන්න අයට උදව් කරන්න ඒ වගේම අලුත් ආදායම් මාර්ග සොයා ගන්න. ඒත් ඒ වැඩසටහනෙන්ම අනිත් සමාජීය ක්ෂේත්‍රවලට සෞඛ්‍ය ක්ෂේත්‍රවලට ඒ අවදානය යොමු කරන එක අමාරුයි. ඉතිං මං අපි ආණ්ඩුව හැටියට තීරණය කරලා තියෙන්නේ මේ වැඩකටයුත්ත බෙදන්න. විශේෂයෙන්ම අද අපිට මුදල් අඩු අවස්ථාවක්. ආර්ථිකයෙන් විශාල ප්‍රශ්න තියන අවස්ථාවක්. ඒත් මෙතනින් ගොඩ එනකොට අපිට යළිත් ආර්ථිකයත් ආණ්ඩුවේ වියදමුත් ඒ වගේම අපිට ප්‍රතිසංස්කරණය කරන්න පුළුවන්. ප්‍රතිව්‍යුහගත කරන්න පුළුවන්. ඒ අවස්ථාවේ ආර්ථික සවිබල ගැන්වීමට එක මුදලකු එක වැඩසටහනකුත් අනිත් මේ සියල්ල වෙනුවෙන් වෙන වෙනම ප්‍රධාන වැඩසටහන් දීලා මේක සම්පූර්ණයෙන්ම එකතු කරලා තමයි බලන්න ඕන සමාජ අංශයට කරන වියදම් හැටියට. මෙම අවස්ථාව සඳහා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, සමාජ සවිබල ගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනුප පැස්කුවල් මහතා ඇතුළු පිරිසක් සහභාගි විය. |
2022-12-03T04:45:51.000Z | මේ දවස්වල පැතිරෙන වෛරස් රෝගය කුමක් ද? | මේ දවස්වල පැතිරෙන වෛරස් රෝගය කුමක් ද? | COLOMBO (News 1st) - මේ දිනවල ගමේ ඩිස්පෙන්සරිය ඉස්පිරිතාලෙ OPD එකේ, කැස්ස හෙම්බිරිස්සාව, උණ, ඇඟපත වේදනාව, වැනි රෝග ලක්ෂණ සහිත රෝගීන්ගේ වැඩිවීමක් දැක ගත හැකියි. කොරෝනා ගැනත් මේ වනවිට සමාජයේ වැඩි හාවක් හූවක් නැති නිසා මේ වගේ රෝග ලක්ෂණ එද්දී ආයෙත් සිත් තුළ අපේ චකිතයක් නැතුවම නොවේ. කෙසේ වෙතත් බාල තරුණ මහලු භේදයකින් නැතිව මේ දිනවල පැතිරී යන රෝගී තත්ත්වය සම්බන්ධයෙන් අපි සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යාපන හා පුහුණු හා පර්යේෂණ කටයුතු භාර නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්, වෛද්‍ය හේමන්ත හේරත් මහතාගෙන් විමසීමක් කළෙමු. මොකක්ද මේ වෛරසය? නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්, වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසුවේ, වසර අවසානයේ ශීත කාලය එළැඹීමත් සමග මෙවැනි තත්ත්වයන් ඇතිවීම සමාන්‍ය බවයි. ඒ අනුව, ස්වසන පද්ධතිය ආශ්‍රිත ස්වසන රෝග ඇති වීම බහුල බව වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි. මෙම තත්ත්වයට මුහුණ දෙන අවදානම් කාණ්ඩ, * කුඩා දරුවන් * ගර්භණී මව්වරුන් * විවිධ රෝගවලින් පෙළෙන පුද්ගලයින් * වයස්ගත පුද්ගලයින් මෙම වෛරස් තත්ත්වයන්ගෙන් ආරක්ෂා වන්නේ කෙසේ ද? කොවිඩ් රෝගයෙන් ආරක්ෂා වූ පරිදි, * සමාජ දුරස්ථභාවය * මුහුණු ආවරණ පැළඳීම * අත් පා පිරිසිදුව තබා ගැනීම * සිප වැළඳ ගැනීම් නොකිරීම ඇතිවන රෝග ලක්ෂණ මොනවා ද ? *කැස්ස *හෙම්බිරිස්සාව * උණ * අතපය වේදනාව අධිඅවදානම් කෙනෙක් නම් වහාම වෛද්‍ය උපදෙස් ලබා ගත යුතුයි. මෙම රෝග ලක්ෂණ පවතින සාමාන්‍ය පුද්ගයෙකු නම්, විවේකීව කාලය ගත කළ යුතු අතර, පැරසිටමෝල් භාවිතය සුදුසු වේ. |
2022-12-03T04:58:22.000Z | විදේශ ඇමති අලි සබ්‍රි සහ අමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් අතර සාකච්ඡාවක් | අලි සබ්‍රි එක්සත් ජනපද රාජ්‍ය ලේකම් හමුවෙයි | COLOMBO ( News 1 st ) - විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි හා අමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් යන මහත්වරුන් අතර සාකච්ඡාවක් පැවැත්විය. මෙම සාකච්ඡාව අමෙරිකාවේ, වොෂින්ටන් නුවරදී පැවැති අතර විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකාව සහ එක්සත් ජනපදය සමග පවත්නා සම්බන්ධතාවයන් තවදුරටත් ඉහළ නැංවීම කෙරෙහි මෙහිදී අවධානය යොමු කළ බවය. දෙරට අන්‍යෝන්‍යය වශයෙන් උනන්දුවක් දක්වන විෂයන් පිළිබඳව ද එහිදී සාකච්ඡා කර තිබේ. |
2022-12-03T04:45:17.000Z | අතුරුදන් වූ තරුණයෙක් සොයා ගැනීමට පොලිසිය මහජන සහය පතයි.. | අතුරුදන් තරුණයෙක් සොයන්න පොලිසිය මහජන සහය පතයි.. | COLOMBO ( News 1 st ) – මාවනැල්ල, මානික්කාව වත්ත, හිඟුල ප්‍රදේශයේ පදිංචි ආරච්චිගේ විදුෂික නවාංජන බණ්ඩාර නම් තරුණයා අතුරුදන් වී ඇති අතර ඔහු සොයා ගැනීමට පොලිසිය මහජනතාවගේ සහය ඉල්ලා සිටී. අවුරුදු 20ක් වයසැති මෙම තරුණයාගේ අතුරුදන් වීම පිළිබඳව ඔහුගේ මව විසින් මාවනැල්ල පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව විමර්ශන ආරම්භ කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් පොලිසිය දැනුම් දෙන්නේ, උස අඩි 05 අගල් 07 ක් වන මොහු තලෙළු පැහැයකින් යුතු කොණ්ඩය පැත්තට පීරා සිටින තරුණයෙකු බවය. අවසන් වරට කොළ පැහැති අත් දිග ෂර්ට් එකක් හා නිල් පැහැති ඩෙනිම් කොට කලිසමක් ඇඳ කළු පැහැති කැප් එකක් පැළැඳ සිට තිබේ. මෙම තරුණයා පිළිබඳව යම් තොරතුරක් දන්නා අයෙකු වේ නම් , 🔺මාවනැල්ල පොලිස් ස්ථානාධිපති - 071 - 8591418 හෝ 🔺මාවනැල්ල පොලිස් ස්ථානය - 035 - 2247222 යන දුරකතන අංකයවලට දැනුම් දෙන්නැයි ජාතික පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටී. |
2022-12-03T04:34:23.000Z | පොහොර රැගත් නෞකා දෙකක් කොළඹ වරායට | පොහොර රැගත් නෞකා දෙකක් කොළඹ වරායට | COLOMBO (News 1 st ) - පොහොර රැගත් නෞකාවන් දෙකක් කොළඹ වරායට පැමිණ ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේ ය. කොළඹ වරායට මෙලෙස පැමිණ තිබෙන්නේ MOP පොහොර සහ යූරියා පොහොර රැගත් නෞකා දෙකකි. අදාළ නෞකාවල MOH මෙට්‍රික් ටොන් 41,678 ක් සහ යූරියා පොහොර මෙට්‍රික් ටොන් 16,000 ක් අඩංගු බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේ ය. |
2022-12-03T03:43:38.000Z | අයවැය තුන්වැනි වර කියවීමේ පාර්ලිමේන්තු විවාදය අද 10වැනි දිනටත්..... | අලි මංකඩ 16ක් විවෘත කිරීමට පියවර .... | COLOMBO ( News 1 st ) - අයවැය තුන්වැනි වර කියවීමේ පාර්ලිමේන්තු විවාදය, අද(03) 10 වැනි දිනටත් පැවැත්වෙන අතර වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍යංශයේ වැය ශීර්ෂ විවාදය ඊයේ(02) පැවැත්විය. ඊට එක්වෙමින් වනජීවී අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේ , අලි මිනිස් ගැටුමට විසඳුමක් ලෙස දිවයින පුරා හඳුනාගෙන ඇති අලි මංකඩ 16ක් විවෘත කිරීමට පියවර ගන්නා බවත්, එහි පළමු පියවර වශයෙන් ලබන වසරේ තෝරාගත් අලි මංකඩ 3 ක් විවෘත කිරීමට බලාපොරොත්තු වන බවයි. එහිදී මහින්ද අමරවීර, නලින් බණ්ඩාර, කිංස් නෙල්සන් හා ධර්මසේන විජේසිංහ යන මහත්වරුන් අදහස් පළ කළහ. මේ අතර වසරේ ගතවූ මාස 10 තුළ පමණක් අලි මිනිස් ගැටුමින් මිනිස් ජිවිත 116 ක් අහිමීව තිබේ. එසේම අහිමිවූ වන අලි ජිවිත සංඛ්‍යාව 352 ක්. පසුගිය වසරේ මිනිස් ජිවිත 142ක් සහ වන අලි ජිවිත 375 ක් අපට අහිමි වී තිබෙන අතර සිදුවු දේපොළ හානි හා වගා හානි පිළිබදව මේ දක්වා නිශ්චිත සංගණනයක් සිදුකර නොමැත. |
2022-12-03T03:41:11.000Z | රාජ්‍ය නොවන සංවිධාන ලියාපදිංචිය කාර්යක්ෂම කිරීමට පියවර - රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය | රාජ්‍ය නොවන සංවිධාන ලියාපදිංචිය කඩිනමින් | COLOMBO (News 1 st ) - රාජ්‍ය නොවන සංවිධාන ලියාපදිංචිය කාර්යක්ෂම කිරීමට පියවර ගෙන ඇතැයි රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය පවසයි. එම ලේකම් කාර්යාලය ප්‍රකාශ කළේ දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය වශයෙන් ක්‍රියාත්මක වන රාජ්‍ය නොවන සංවිධාන ලියාපදිංචි කිරීමේ ක්‍රියාපටිපාටිය ලිහිල් කිරීම සඳහා චක්‍රලේඛනයක් නිකුත් කර ඇති බවයි. මීට පෙර නිකුත් කර තිබූ චක්‍රලේඛය මගින් රාජ්‍ය නොවන සංවිධාන ලියාපදිංචි කිරීමේ ක්‍රියාපටිපාටිය කල් ගතවන සහ වියදම් අධික ක්‍රමවේදයක් බවට පත්ව තිබූ අතර රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය ප්‍රකාශ කළේ නව චක්‍රලේඛනය මගින් එම ක්‍රමවේදය සම්පූර්ණයෙන් ම වෙනස් කර ඇති බවයි. |
2022-12-03T03:30:42.000Z | මහින්ද රාජපක්ෂ චීන තානාපති කාර්යාලයට | මහින්ද රාජපක්ෂ චීන තානාපති කාර්යාලයට | COLOMBO (News 1st) : හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ(02) මෙරට චීන තානාපති කාර්යාලයට පැමිණියේ ය. ඒ, චීනයේ හිටපු ජනාධිපති ජියැන්ග් සෙමින් මහතාගේ අභාවය සම්බන්ධයෙන් ශෝකය පළ කිරීමටයි. |
2022-12-03T03:23:18.000Z | ජනපති රනිල් සහ මාලදිවයින උප ජනාධිපති අතර හමුවක් | ජනපති රනිල් සහ මාලදිවයින උප ජනාධිපති අතර හමුවක් | COLOMBO (News 1 st ) - ඉන්දියන් සාගර කලාපයට බලපා ඇති මත්ද්‍රව්‍ය උවදුර හා එය මැඩලීම සඳහා එක්ව කටයුතු කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා හා මාලදිවයිනේ, උප ජනාධිපතිවරයා සාකච්ඡා කර තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ මාලදිවයිනේ උප ජනාධිපති, ෆයිසාල් නසීම් යන මහත්වරුන් අතර හමුවක් ඊයේ(02) ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. ජනාධිපති මාධ්‍ය ඒකකය ප්‍රකාශ කළේ, මාලදිවයින සහ ශ්‍රී ලංකාව අතර පවතින දීර්ඝ කාලීන මිත්‍රත්වය පදනම් කර ගනිමින් ශ්‍රී ලංකාවේ නව ආයෝජන අවස්ථා සඳහා සහාය වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මාලදිවයිනේ උප ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටී බවයි. කෘෂිකර්මාන්තය නවීකරණය කිරීමේ ක්‍රියාවලියේ දී මෙන්ම අධි සුඛෝපබෝගි සේවා භුක්තිවිඳින සංචාරකයන් මෙරටට ආකර්ශණය කර ගැනීම වෙනුවෙන් ලබාදිය හැකි සහාය පිළිබඳවද එම සාකච්ඡාවේදී මාලදිවයිනේ උප ජනාධිපතිවරයා දැනුවත් කර තිබේ. තවද එම සාකච්ඡාවේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මාලදිවයිනේ උප ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත්තේ, යෝජිත දේශගුණික විපර්යාස පිළිබඳ විශ්වවිද්‍යාලය ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීමේ ප්‍රයත්නය සමඟ එක්වන ලෙසයි. |
2022-12-03T02:05:27.000Z | භුමිතෙල් බවුසර් 87ක් ගොවීන් වෙනුවෙන් ඊයේ නිකුත් කෙරේ.. - ජනාධිපති අධ්‍යක්ෂක - | භුමිතෙල් බවුසර් 87ක් ගොවීන් වෙනුවෙන් නිකුත් කෙරේ | COLOMBO (News 1st) – දිස්ත්‍රික්ක 7ක ගොවීන් සඳහා පැවැති භුමිතෙල් හිඟය මගහැරී ගොස් ඇතැයි ප්‍රජා කටයුතු පිළිබඳව ජනාධිපති අධ්‍යක්ෂ ජනරාල් කීර්ති තෙන්නකෝන් මහතා පවසයි. ඔහු පැවසුවේ ඊයේ (02)දිනයේ පමණක් ගොවීන් වෙනුවෙන් භුමිතෙල් බවුසර් 87ක් නිකුත් කර ඇති බවයි. කෘෂිකාර්මික කටයුතු සඳහා ගොවීන්ට අවශ්‍ය භුමිතෙල් බෙදාහැරීමේ කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මක බව ඔහු සඳහන් කළේ ය. |
2022-12-03T01:31:01.000Z | ප්‍රබල පෘතුගාලය පරාජය කළ දකුණු කොරියාව ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සුපිරි 16 දෙනාගේ වටයට | පෘතුගාලය පරාජය කළ ද. කොරියාව සුපිරි 16 වටයට | COLOMBO (News 1 st ) - දකුණු කොරියාව 2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සුපිරි 16 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගත්තේය. ඒ ප්‍රබල පෘතුගාලය පරාජය කරමිනි. දකුණු කොරියාව සහ පෘතුගාලය අතර තරගය පැවැත්වුණේ දෝහා හී එඩියුකේෂන් සිටි ක්‍රීඩාංගණයේදීය. තරගයේ 5 වන විනාඩියේදී පෘතුගාලය පළමු ගෝලය වාර්තා කළේ තරගයට හොඳ ආරම්භයක් ලබා ගනිමිනි. කෙසේ වෙතත් තරගයේ 27වන විනාඩියේදී ක්‍රියාත්මක වු දකුණු කොරියාව ද ගෝලයක් වාර්තා කළ අතර ඒ අනුව පළමු අර්ධය නිමා වුණේ ගෝල 1 - 1ක් ලෙසය. දෙවන අර්ධය වඩාත් උණුසුම් වු අතර තරගයේ හිමි වු අතිරේක කාලයේදී දකුණු කොරියාව ජයග්‍රාහී ගෝලය වාර්තා කිරීමට සමත් විය. ඒ අනුව ඔවුන් සුපිරි 16 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගත්තේ H කාණ්ඩයේ දෙවන ස්ථානයට පත් වෙමිනි. H කාණ්ඩයේ පෙරමුණ ගෙන සිටින පෘතුගාලය ද මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සුපිරි 16 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගැනීමට සමත් විය. මේ අතර ස්විට්සර්ලන්තය ද සුපිරි 16 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගත්තේ සර්බියාවට එරෙහිව පැවැති තරගය ගෝල 3 - 2ක් ලෙස ජය ගැනීමත් සමගිනි. |
2022-12-03T01:28:44.000Z | වෛරස් උණ වැළඳීමෙන් ළමුන් 60 ත් - 70 ත් අතර සංඛ්‍යාවක් දෛනිකව ළමා රෝහලට... - සෞඛ්‍ය අමාත්‍යාංශය | වෛරස් උණ:ළමුන් 60ක් පමණ දිනකට රෝහලට.. | COLOMBO (News 1st) – වෛරස් උණ රෝගය වැළඳීම හේතුවෙන් දෛනිකව ළමුන් 60 ත් 70 ත් අතර සංඛ්‍යාවක් රෝහල්ගත වනබව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය ජී. විජේසුරිය මහතා පැවසුවේ,ඒ අතර ඩෙංගු රෝගීන්ද වන බවයි. වෛරස් උණ, ඩෙංගු සහ කොරෝනා යන රෝග තුනම මේ වනවිට සමාජය තුළ ව්‍යාප්තව පවතින බැවින් කඩිනමින් වෛද්‍ය උපදෙස් ලබාගත යුතු බවද ඔහු පැවසුවේ ය. |
2022-12-03T01:16:09.000Z | සරසවි කඩඉම් ලකුණු ගැන අභියාචනා ඉදිරිපත් කිරීමට සිසුන්ට මසක කාලයක්... | කඩඉම් ලකුණු ගැන අභියාචනා ඉදිරිපත් කිරීමට මාසයක්.. | COLOMBO (News 1st) – 2021 උසස් පෙළ ප්‍රතිඵල මත නිකුත් කළ විශ්වවිද්‍යාල කඩඉම් ලකුණු සම්බන්ධයෙන් අභියාචනා ඉදිරිපත් කිරීමට සිසුන්ට මාසයක කාලයක් ලබාදෙන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි. එහි සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පැවසුවේ කඩඉම් ලකුණු ඊයේ(03) දහවල් නිකුත් කළ බවයි. එම කඩඉම් ලකුණු මත මෙවර විශ්වවිද්‍යාල සඳහා සිසුන් 41228 ක් බදවා ගැනිමට නියමිතයි. සිසුන් 85,000කට අධික පිරිසක් මෙවර විශ්වවිද්‍යාල වෙත අයැදුම්පත් යොමු කර තිබුණි. |
2022-12-03T01:09:47.000Z | මන්දපෝෂණයෙන් පෙළෙන ළමුන්ට පෝෂණ මල්ලක්.. | මන්දපෝෂණයෙන් පෙළෙන ළමුන්ට පෝෂණ මල්ලක්.. | COLOMBO (News 1st) – මන්දපෝෂණයෙන් පෙළන ළමුන් සඳහා පෝෂණ මල්ලක් ලබාදීමේ වැඩපිළිවෙළක් ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. එහි ලේකම් ජනක චන්ද්‍රගුප්ත මහතා පැවසුවේ, ඔවුන් වෙනුවෙන් ත්‍රිපෝෂ ලබාදීම සඳහා ද විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බවයි. පසුගියදා කළ සමීක්ෂණයෙන් දිවයින පුරා මන්දපෝෂණයෙන් පෙළෙන ළමුන් 20,000ත් - 30,000ත් අතර සංඛ්‍යාවක් හඳුනා ගැණින. ලේකම්වරයා ප්‍රකාශ කලේ එම ළමුන්ගේ පෝෂණය වෙනුවෙන් රුපියල් මිලියන 500 ක් වෙන්කර ඇති බවයි. |
2022-12-03T01:06:39.000Z | ගෙවුණු දවස උණුසුම් කළ පුවත් | ගෙවුණු දවස උණුසුම් කළ පුවත් | දේශීය පුවත් 1.පසුගිය මාසයේදී විදෙස් සංචාරකයින් 59,759 ක මෙරටට – ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය – පසුගිය නොවැම්බර් මාසයේදී විදෙස් සංචාරකයින් 59,759 ක මෙරටට පැමිණ ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. 2.සංවිධාන 7 ක් දේශපාලන පක්ෂ ලෙස පිළිගැනීමට මැතිවරණ කොමිෂන් සභාවෙන් තීරණයක් – සංවිධාන 7 ක් දේශපාලන පක්ෂ ලෙස පිළිගැනීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබේ. 3.දෙ. 05 සිට 2022 වර්ෂයේ අතරමැද පන්ති සඳහා සිසුන් ඇතුළත් නොකෙරේ අධ්‍යාපන අමාත්‍යාංශය – දෙසැම්බර් 05 සිට 2022 වර්ෂයේ අතරමැද පන්ති සඳහා සිසුන් ඇතුළත් නොකරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. 4.රහසිගත ලිපි ලේඛන රැගෙන යාමට යුද හමුදාවෙන් ජනපතිට ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතු විශේෂ බෑගයක්.. – ජනාධිපතිවරයාගේ ලිපි ලේඛන රැගෙන යාම සඳහා වූ ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතු බෑගයක් යුද හමුදාව නිෂ්පාදනය කර තිබේ. 5.උසස් පෙළ – 2021 විශ්වවිද්‍යාල කඩඉම් ලකුණු (Z- ලකුණු)නිකුත් කෙරේ – 2021 වසරේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස්පෙළ විභාගයේ ප්‍රතිඵල මත විශ්වවිද්‍යාලවලට සිසුන් තෝරා ගැනීමේ කඩඉම් ලකුණු අද නිකුත් කෙරිණ. 6.ෆිච් රේටින්ග්ස් මෙරට දිගුකාලින දේශීය මුදල් ශ්‍රේණිගත කිරීම පහත දමයි.. – ෆිච් රේටින්ග්ස් ආයතනය ශ්‍රී ලංකාවේ දිගුකාලීන දේශීය ණය නිකුතුවට අදාළ ශ්‍රේණිගත කිරීම් තවදුරටත් පහළ හෙළා තිබේ. විදෙස් පුවත් 1.මේ වසර අවසානයේදී ඉන්දියාව සිය විදෙස් ආදායම් සීමාව ඩොලර් බිලියන 100 ඉක්මවන බවට පුරෝකථනයක් – මේ වසර අවසානයේදී ඉන්දියාව සිය විදෙස් ආදායම් සීමාව ඩොලර් බිලියන 100 ඉක්මවනු ඇති බව වාර්තා වේ. ක්‍රීඩා පුවත් 1.T20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ සිදුවීම් ගැන සොයා බැලීමට විමර්ශන කමිටුවක් – මෙවර ICC පන්දුවාර 20යි 20 ලෝක කුසලානය සඳහා සහභාගි වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සහභාගීත්වය සහ එයට අදාළ සිදුවීම් සම්බන්ධව සොයා බැලීමට විමර්ශන කමිටුවක් පත් කිරීමට ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් පියවර ගෙන තිබෙනවා. |
2022-12-02T15:18:08.000Z | පසුගිය මාසයේදී විදෙස් සංචාරකයින් 59,759 ක මෙරටට - ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය | පසුගිය මාසයේදී විදෙස් සංචාරකයින් 59,759 ක මෙරටට | COLOMBO (News 1st) - පසුගිය නොවැම්බර් මාසයේදී විදෙස් සංචාරකයින් 59,759 ක මෙරටට පැමිණ ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. මේ අනුව 2022 මුල් මාස 11 තුළ ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන මුළු සංචාරකයින් ප්‍රමාණය 628,017 කි. නොවැම්බර් මාසය තුළ වැඩිම සංචාරකයින් ප්‍රමාණයක් පැමිණ ඇත්තේ රුසියාවෙනි. එම සංඛ්‍යාව 13,820 කි. මීට අමතරව ඉන්දියාවෙන් 10,167 ක සංචාරකයින් ප්‍රමාණයක් පසුගිය මාසය තුළ මෙරටට පැමිණ තිබේ. 2022 ජනවාරි සහ නොවැම්බර් අතර වැඩිම සංචාරකයින් ප්‍රමාණයක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙනි. එම සංඛ්‍යාව 105,654 කි. |
2022-12-02T14:56:21.000Z | ණය අර්බුදයන්ට ලක්ව ඇති රටවලට සහය වීමට චීනය සමග සාකච්ජා කරනවා - ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ | රටවලට සහය වීමට චීනය සමග සාකච්ජා කරනවා | COLOMBO (News 1st) - ණය අර්බුදයටන්ට ලක්ව ඇති රටවලට සහය වීමට චීනය සමග සාකච්ජා කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලීනා ජෝර්ජිවා මහත්මිය පවසයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලීනා ජෝජිවා මහත්මිය, ලොව විශාලතම ද්විපාර්ශවික ණයහිමියා වන චීනය ණයගැති රටවලට අර්බුදකාරී තත්ත්වයන්ගෙන් මිදීමට තම සහය වේගවත් කළ හැකි ආකාරය පිළිබඳව වගකීමකින් කටයුතු කරනු ඇතැයි අපි අපේක්ෂා කරනවා. ලබන සතියේ චීන රජයේ නියෝජිතයන් හමුවූවිට මේ සම්බන්ධයෙන් සාකච්ඡා කොට වඩාත් යෝග්‍ය විසඳුමක් සඳහා පොදු යාන්ත්‍රණයකට එකඟවන්න අපි බලාපොරොත්තු වෙනවා. නැගීඑන වෙළෙඳපොළෙන් 25%ක් සහ අඩු ආදායම්ලාභී රටවලිනි 60%ක් ණය අර්බුදයට ලක්වී තිබෙනවා. මේ තත්ත්වය විසඳීම සඳහා ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යෝජනා රැසක් ඉදිරිපත් කළා. කාල විරාමයක් සහිතව පොදු එකඟතාවයකට පැමිණීමත් ඉන් එක් යෝජනාවක්. ශ්‍රී ලංකාව වැනි රටවලට සහය වන ලෙස එවැනි පොදු යාන්ත්‍රණයක් පුළුල් කරමින් අපි කඩිනමින් ක්‍රියාත්මක විය යුතුයි. |
2022-12-02T14:44:18.000Z | සංවිධාන 7 ක් දේශපාලන පක්ෂ ලෙස පිළිගැනීමට මැතිවරණ කොමිෂන් සභාවෙන් තීරණයක් | අලුත් දේශපාලන පක්ෂ 7ක්.. | COLOMBO (News 1st) - සංවිධාන 7 ක් දේශපාලන පක්ෂ ලෙස පිළිගැනීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබේ. කොමිෂන් සභාව අද (02) නිකුත් කළ නිවේදනයට අනුව මෙලෙස දේශපාලන පක්ෂ ලෙස පිළිගෙන ඇත්තේ, එක්සත් කොංග්‍රස් පක්ෂය දෙවන පරපුර ශ්‍රී ලංකාවේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය දේශප්‍රේමී එක්සත් ජාතික පක්ෂය බහුජන වියත් පෙරමුණ ඊරෝස් ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ හා ප්‍රජාතන්ත්‍රවාදී ජනතා කොංග්‍රසයයි. මේ සමග ශ්‍රී ලංකාවේ ලියාපදිංචි දේශපාලන පක්ෂ ගණන 86 ක් බවට පත් වී ඇත. |
2022-12-02T14:32:05.000Z | ද්විපාර්ශ්වික ණය හිමියන්ගෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබෙයි කියලා බලාපොරොත්තුවෙන් ඉන්නේ - ශෙහාන් සේමසිංහ | යහපත් ප්‍රතිචාරයක් බලාපොරොත්තුවෙන් ඉන්නේ | COLOMBO (News 1st) - ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලබාදීමට යෝජිත ණය පහසුකම ජනවාරි මාසය වනවිට සාර්ථක කර ගනු හැකිවෙතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා රොයිටර් පුවත් සේවය සමග පැවති සාකච්ඡාවකට එක්වෙමින් ප්‍රකාශ කර තිබේ. මුදල් රාජ්‍ය අමාත්‍ය, ශෙහාන් සේමසිංහ මහතා, අපි අපේ ද්විපාර්ශ්වික ණය හිමියන්ගෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබෙයි කියලා බලාපොරොත්තුවෙන් ඉන්නේ. අපිට යම් හෙයකින් දෙසැම්බර්වල ඒ සහය හිමි නොවුනොත් ජනවාරිවලට යන්න වෙනවා. මේ වෙද්දි නිලධාරී මට්ටමේ එකඟතා පවතින්නේ යහපත් තැනක. මට මේ වෙලාවේ කියන්න පුළුවන් ස්ථිරවම අපේ මහ බැංකුව මේ වනවිට ක්‍රියාත්මක කර ඇති ක්‍රියාමාර්ග නිසා අපේ ආර්ථිකය යම් තරමකට ස්ථාවර වෙලා තියෙනවා. මාධ්‍යවේදී ප්‍රශ්නය, මේ ක්‍රියාදාමයේදී චීනය, ඉන්දියාව සහ ජපානය ඉන්න තැන ගැන පැහැදිලි කරන්න පුළුවන් ද? මුදල් රාජ්‍ය අමාත්‍ය, ශෙහාන් සේමසිංහ මහතා, මට හිතෙන විදියට මේ වෙද්දී සාකච්ඡා ඉතා යහපත් තැනක තියෙන්නේ. අපි බලාපොරොත්තුවෙන් ඉන්නේ ඔවුන්ගෙන් යහපත් පිළිතුරක් |
2022-12-02T03:15:11.000Z | T20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ සිදුවීම් ගැන සොයා බැලීමට විමර්ශන කමිටුවක් | T20 ලෝක කුසලානය: විමර්ශන කමිටුවක් | COLOMBO (News 1st) - මෙවර ICC පන්දුවාර 20යි 20 ලෝක කුසලානය සඳහා සහභාගි වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සහභාගීත්වය සහ එයට අදාළ සිදුවීම් සම්බන්ධව සොයා බැලීමට විමර්ශන කමිටුවක් පත් කිරීමට ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් පියවර ගෙන තිබෙනවා. ඒ අනුව, විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධන මහත්මියගේ සභාපතිත්වයෙන් යුත් විමර්ශන කමිටුවක් පත් කර ඇත. එම කමිටුවේ සෙසු සාමාජිකයින් වන්නේ, හිටපු අමාත්‍යාංශ ලේකම් කිංස්ලි ප්‍රනාන්දු මහතා විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති සුදත් නාගහමුල්ල මහතා විශ්‍රාමික රියාද් අද්මිරාල් ආනන්ද පීරිස් මහතා හිටපු ක්‍රිකට් ක්‍රීඩක නලීන්ද අල්විස් මහතා සහ නීතිඥ ශලනි රොශානා ප්‍රනාන්දු මහත්මිය යන අයයි. 2022.10.16 වන දින සිට 2022.11.13 වන දින දක්වා ඕස්ට්‍රේලියාවේ පැවැත් වූ ICC පන්දුවාර 20යි 20 ලෝක කුසලානය සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සහභාගීත්වය සහ මීට අදාළ සිදුවීම් සම්බන්ධව විමර්ශනය කිරීමට 1973 අංක 25 දරන ක්‍රීඩා පනතේ 39(3) වගන්තිය ප්‍රකාරව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් මෙම කමිටුව පත් කළ බව ක්‍රීඩා අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක සඳහන් විය. |
2022-12-02T12:35:59.000Z | රහසිගත ලිපි ලේඛන රැගෙන යාමට යුද හමුදාවෙන් ජනපතිට ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතු විශේෂ බෑගයක්.. | රහසිගත ලිපි ලේඛන රැගෙන යන්න ජනපතිට විශේෂ බෑගයක් | COLOMBO (News 1st) - ජනාධිපතිවරයාගේ ලිපි ලේඛන රැගෙන යාම සඳහා වූ ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතු බෑගයක් යුද හමුදාව නිෂ්පාදනය කර තිබේ. එම බෑගය ජනාධිපතිවරයාට නිල වශයෙන් භාරදීම අද (02) සිදුවුණේ ජනාධිපති කාර්යාලයේදීයි. ලෝක නායකයන් සංචාරයන්හි නිරත වනවිට වැදගත් හා රහසිගත ලිපි ලේඛන රැගෙන යාමට සුවිශේෂ බෑගයක් භාවිත කිරීම සම්ප්‍රදායකි. ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව එවැනි බෑගයක් නිර්මාණය කිරීමේ කටයුත්ත ජනාධිපතිවරයා විසින් ශ්‍රී ලංකා යුද හමුදාවට පවරා ඇත්තේ මෙම සම්ප්‍රදාය ශ්‍රී ලංකාවට හඳුන්වා දීමේ අරමුණිනි. ඒ අනුව ජනාධිපතිවරයාගේ විශේෂ මග පෙන්වීම මත, යුද හමුදාපතිවරයාගේ සෘජු අධීක්ෂණය යටතේ, යුද හමුදා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු අධ්‍යක්ෂවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් පිරිසක් විසින් ජනාධිපති ලේකම් කාර්යාලය ලබා දුන් පිරිවිතරයන්ට අනුව මෙම බෑගය නිර්මාණය කර ඇත. මෙය ජනාධිපතිවරයාගෙන් පසුව තවත් ජනාධිපතිවරයෙකුට භාවිතා කළ හැකි පරිදි කල් පවත්නා නිමැවුමක් විය යුතු බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබූ අතර ඒ අනුව නිර්මාණය කළ මෙම බෑගය ආරක්ෂිතව සහ සැළසුම්සහගතව සකස්කර ඇත්තේ උසස් තත්ත්වයේ සම් යොදා ගනිමින් ය. ජනාධිපතිවරයාගේ අත්සන ලබා ගැනීම සඳහා අමාත්‍යාංශ මගින් දෛනිකව ලිපිගොනු විශාල ප්‍රමාණයක් ජනාධිපති කාර්යාලයට යොමු කරන බවත්, එහිදී ලිපිලේඛන බහලුම් සඳහා වැයවන මුදල් අවම කර ගැනීමට සියලු අමාත්‍යාංශවලට මෙවැනි බෑගයක් භාවිත කිරීමේ හැකියාව පෙන්වා දුන් ජනාධිපතිවරයා ඊට අවශ්‍ය බෑග් ද යුද හමුදාවට නිෂ්පාදනය කළ හැකි බව පවසා තිබේ. උසස් ප්‍රමිතියෙන් නිර්මාණය කරන ලද මෙම යුද හමුදාපතිවරයා විසින් භාරදීමෙන් පසුව එය පරීක්ෂා කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊට නිර්මාණ දායකත්වය සැපයූ සියලු ශිල්පීන් ඇගයීමට ලක් කළේ ය. ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා ද මෙම අවස්ථාවට සහභාගී විය. |
2022-12-02T06:52:28.000Z | රිකී පොන්ටින් හදිසියේ රෝහල්ගත කෙරේ | රිකී පොන්ටින් හදිසියේ රෝහල්ගත කෙරේ | COLOMBO ( News 1 st ) – ඔස්ට්‍රේලියානු හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක රිකී පොන්ටින් හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් පර්ත් නුවර රෝහලකට ඇතුළත් කර තිබේ. ඔහු එලෙස අද(02) අසනීප වී තිබෙන්නේ බටහිර ඉන්දීය කොදෙව් - ඔස්ට්‍රේලියා පළමු ටෙස්ට් තරගයේ රූපවාහිනී විස්තර විචාර කටයුතුවලට සම්බන්ධ වී සිටියදීය. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, පොන්ටින්ට හෘදයාබාධයක් ඇති වූ බව වාර්තා වන නමුත් ඔහුගේ තත්ත්වය පිළිබඳ තහවුරු වූ තොරතුරු කිසිවක් මේ වනවිටත් ප්‍රසිද්ධ කර නොමැති බවය. 47 හැවිරිදි වියේ පසුවන රිකී පොන්ටින් ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩාවේ පුරාවෘත්තයකි. ඔහු ඔස්ට්‍රේලියාව වෙනුවෙන් ටෙස්ට් තරග 168 ක් සහ එක්දින තරග 375 ක් ක්‍රීඩා කර ඇත. |
2022-12-02T09:39:47.000Z | උසස් පෙළ - 2021 විශ්වවිද්‍යාල කඩඉම් ලකුණු (Z- ලකුණු)නිකුත් කෙරේ | උසස් පෙළ 2021 විශ්වවිද්‍යාල කඩඉම් ලකුණු නිකුත් වේ | COLOMBO ( News 1 st ) - 2021 වසරේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස්පෙළ විභාගයේ ප්‍රතිඵල මත විශ්වවිද්‍යාලවලට සිසුන් තෝරා ගැනීමේ කඩඉම් ලකුණු අද නිකුත් කෙරිණ. විශ්වවිද්‍යාල ප්‍රතිපාද කොමිෂන් සභාව පැවසුවේ සිසුන් 91115 ක් මෙවර විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම් කර තිබූ බවයි. ඉන්, විශ්වවිද්‍යාලවලට තෝරාගෙන ඇති සිසුන් සංඛ්‍යාව, 41 228 කි. වැඩිම සිසුන් පිරිසක් තෝරාගෙන ඇත්තේ කලා විෂය ධාරාවෙනි. එම සංඛ්‍යාව, 11 314කි. ජෛව විද්‍යා ධාරාවෙන් සිසුන් 9749 ක් සහ භෞතික විද්‍යා විෂය ධාරාවෙන් සිසුන් 8020 ක් තෝරාගැනිණ. වාණිජ විෂය ධාරාවෙන් තෝරාගෙන ඇති සිසුන් සංඛ්‍යාව 7701කි. වැඩිදුර තොරතුරු සඳහා පිවිසෙන්න... |
2022-12-02T08:27:03.000Z | ෆිච් රේටින්ග්ස් මෙරට දිගුකාලින දේශීය මුදල් ශ්‍රේණිගත කිරීම පහත දමයි.. | මෙරට මුදල් ශ්‍රේණිගත කිරීම් පහතට | COLOMBO ( News 1 st ) - ෆිච් රේටින්ග්ස් ආයතනය ශ්‍රී ලංකාවේ දිගුකාලීන දේශීය ණය නිකුතුවට අදාළ ශ්‍රේණිගත කිරීම් තවදුරටත් පහළ හෙළා තිබේ. ඒ අනුව අදාළ ශ්‍රේණිගත කිරීම CCC සිට CC දක්වා පහත දැමුණි. ෆිච් රේටින්ග්ස් ආයතනය 2022 ජූලි 14 දින සිට ශ්‍රී ලංකාවේ දිගුකාලීන දේශීය ණයවලට අදාළ නිර්ණායක සම්බන්ධයෙන් නිරීක්ෂණ මට්ටමේ පවත්වා ගත්තත් දැන් ඉන් ශ්‍රී ලංකාව ඉවත් කොට ඇත. ෆිච් රේටින්ග්ස් ආයතනය සිය නවතම ශ්‍රේණිගත කිරීම මගින් පෙන්වා දී ඇත්තේ අදාළ ණය ශ්‍රේණිය පහළ හෙළන බවයි. පවතින ඉහළ පොලී අනුපාත හා දැඩි දේශීය මූල්‍යන කොන්දේසි හේතුවෙන් දේශීය දිගුකාලීන ණය පැහැරහැරීමේ අවදානමක් ඇති බව ද ෆිච් ආයතනය පෙන්වා දී ඇත. දිගු කාලීන දේශීය ණය සඳහා පිළිගත නොහැකි ඉහළ පොලී ගෙවීමට සිදුවීම පිළිබඳව ද ඔවුන් සිය අවධානය යොමුකර තිබේ. |
2022-12-02T08:22:08.000Z | ප්‍රමිතියෙන් තොර කොම්පෝස්ට් පොහොර සැපයූ සමාගමක් අසාදු ලේඛනගත කිරීමට කෘෂිකර්ම ඇමතිගෙන් උපදෙස් | පොහොර සැපයූ සමාගමක් අසාදු ලේඛනගත කිරීමට උපදෙස් | COLOMBO (News 1 st ) - ගාල්ල දිස්ත්‍රික්කයේ ගොවීන්ට ප්‍රමිතියෙන් තොර කොම්පෝස්ට් පොහොර සැපයූ සමාගමක් වහාම අසාදු ලේඛනගත කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ජාතික පොහොර ලේකම් කාර්යාලයට උපදෙස් දී තිබේ. නිවේදනයක් නිකුත් කරමින් කෘෂිකර්ම අමාත්‍යංශය සඳහන් කරන්නේ මෙම සමාගම ගොවීන්ට නිකුත් කර තිබු කොම්පෝස්ට් පොහොරවල 34% කට වඩා තිබී ඇත්තේ වැලි බව සනාථ වී ඇති බවයි. ඒ අනුව අදාළ සමාගමට එරෙහිව නඩු පැවරීමටත්, දැනට එම සමාගම ගොවීන්ට කොම්පෝස්ට් පොහොර අලෙවි කර ඇත්නම්, ඒ සඳහා කිසිදු මුදලක් නොගෙවන ලෙසත් අමාත්‍යවරයා උපදෙස් දුන් බව අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වේ. මෙවර මහ කන්නයේ දී කාබනික පොහොරවල ප්‍රමිතිය සහතික කිරීම සඳහා සෑම දිස්ත්‍රික්කයකම කමිටු පිහිටුවා ඇති අතර කාබනික පොහොරවල ප්‍රමිතිය පරීක්ෂා කිරීමට අවස්ථා තුනකදී පරීක්ෂා කිරීම් සිදු කරන බව ද කෘෂිකර්ම අමාත්‍යාංශය ප්‍රකාශ කළ අතර කාබනික පොහොර මිල දී ගන්නා ගොවියෙකුට රුපියල් 20,000ක් දක්වා මුදලක් සහනාධාර වශයෙන් රජය ලබා දෙනු ඇති. මේ සඳහා වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 16,000 කි. අමාත්‍යාංශය පැවසුවේ, ගොවීන්ට සපයන කාබනික පොහොර ප්‍රමිතියෙන් තොර බවට සනාථ වුවහොත්, කවර සමාගමක් වුවද අසාදු ලේඛනගත කර එම සමාගම්වලට එරෙහිව නඩු පැවරීමට පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා ජාතික පොහොර ලේකම් කාර්යාලයට උපදෙස් දී ඇති බවයි. |
2022-12-02T08:17:07.000Z | හම්බන්තොට වන විනාශයට සම්බන්ධ පුද්ගලයින්ට නඩු පැවරීමට පියවර - වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව | හම්බන්තොට වන විනාශයට වගකිවයුත්තන් කවුද? | COLOMBO ( News 1 st ) - හම්බන්තොට, තඹරව ප්‍රදේශයේ වන විනාශය සිදුකළ පුද්ගලයින්ට එරෙහිව නඩු පැවරීමට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ, තම දෙපාර්තමේන්තුවට අයත් අක්කර 20 කට අධික ප්‍රමාණයක් එලෙස විනාශ කර ඇති බවය. සිද්ධිය සම්බන්ධයෙන් එක් සැකකරුවෙකුද අත්අඩංගුවට ගෙන ඇති අතර වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පැවසුවේ මේ සම්බන්ධයෙන් විෂයභාර අමාත්‍යාංශය මෙන්ම දෙපාර්තමේන්තු මට්ටමින් ද පරීක්ෂණයක් ක්‍රියාත්මක බවයි. වන විනාශය සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් අවස්ථා කිහිපයකදී දැනුම් දුන්න ද ප්‍රාදේශීය වන සංරක්ෂණ නිලධාරින් ක්‍රියා නොකළ බවට නැගෙන චෝදනා සම්බන්ධයෙන් ද පරීක්ෂණ ක්‍රියාත්මක බව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළ අතර කෙසේ වෙතත් විනාශයට ලක්වූ භූමි ප්‍රදේශය යාල වනෝද්‍යානයට හෝ එහි ප්‍රේරණ කලාපයට අයත් නොවන බවද වනජිවි දෙපාර්තමේන්තුව පැවසීය. |
2022-12-02T07:11:02.000Z | ජපානය ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සුපිරි 16 අතරට | ජපානය සුපිරි 16 දෙනා අතරට | COLOMBO ( News 1 st ) - ජපානය 2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සුපිරි 16 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගත්තේ ය. ජපානය සහ ස්පාඤ්ඤය අතර තරගය පැවැත්වූයේ, කටාර් හී කලීෆා ක්‍රීඩාංගණයේදීය. ඒ, 44,000කට අධික ප්‍රේක්ෂකයන් පිරිසක් ඉදිරියේදී ය. තරගයේ 11 වැනි විනාඩියේදී ගෝලයක් වාර්තාකරමින් ස්පාඤ්ඤය තරගයට පිවිසිනි. පළමු අර්ධයේදී ජපානයට ගෝල රැස් කිරීමට නොහැකි විය. කෙසේ වෙතත් දෙවන අර්ධයේ ක්‍රියාත්මක වූ ජපානය 48 වන විනාඩියේදී සහ 51 වැනි විනාඩියේදී ගෝල රැස්කරමින් තරගයේ වාසිය ඔවුන් වෙත හරවා ගත්තේ ය. ඒ අනුව ගෝල 2 - 1ක් ලෙස ජපානය තරගය ජයගත් අතර ඔවුන් සුපිරි 16 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගත්තේය. |
2022-12-02T05:44:46.000Z | මේ වසර අවසානයේදී ඉන්දියාව සිය විදෙස් ආදායම් සීමාව ඩොලර් බිලියන 100 ඉක්මවන බවට පුරෝකථනයක් | ඉන්දියාවේ විදෙස් ආදායම් ඩො. බි. 100ඉක්මවයිද? | COLOMBO ( News 1 st ) - මේ වසර අවසානයේදී ඉන්දියාව සිය විදෙස් ආදායම් සීමාව ඩොලර් බිලියන 100 ඉක්මවනු ඇති බව වාර්තා වේ. විදෙස් මාධ්‍ය ප්‍රකාශ කරන්නේ, ඉන්දියාව මෙම ආදායම් සීමාව ඉක්මවන ලොව ප්‍රථම රට වීමට ද නියමිත බවය. ඉන්දියානු ඩයස්පෝරාවෙහි මැදිහත්වීම් සහ විදෙස් රැකියා මගින් ලබන ආදායම් මෙම ප්‍රේෂණ අගය සඳහා උපකාරී වන බව ලෝක බැංකු වාර්තා පෙන්වා දී තිබේ. |
2022-12-02T04:55:09.000Z | අලුත් සහල් සත්ත්ව ආහාර සඳහා රැගෙන ගිය ලොරියක් අල්ලයි | සහල් සත්ත්ව ආහාර සඳහා රැගෙන ගිය ලොරියක් අල්ලයි.. | COLOMBO ( News 1 st ) - පසුගිය යල කන්නයේ අස්වැන්නෙන් ලබාගත් සහල් තොගයක් සත්ත්ව ආහාර සඳහා රැගෙන යමින් සිටියදී පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය ප්‍රකාශ කළේ, රට තුළ සහල් හිඟයක් ඇතිකිරීමේ අරමුණින් මෙලෙස සහල්, සත්ත්ව ආහාර සඳහා යොමු කිරීමේ වැඩපිළිවෙළක් අනාවරණය වී ඇති බවයි. පොළොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලයට ලැබුණු තොරතුරක් මත අදාළ සහල් තොගය ප්‍රවාහනය කරමින් තිබියදී මින්නේරිය නගරයේ දී මෙම සහල් තොගය පොලීසිය සිය භාරයට ගෙන තිබේ. ඉන්පසුව පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් කැඳවා අදාළ සහල් තොගය පරික්ෂා කිරීමේදී අනාවරණ වී ඇත්තේ ඒවා පසුගිය යල කන්නයේ අස්වැන්නෙන් ලබාගත් සහල් බවයි. සහල් 25,000 kg සහිත මෙම ලොරිය හා පොලීසිය අත්අඩංගුවට ගත් ලොරි රථයේ රියැදුරු හා සහායක අද(02) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. |
2022-12-02T04:50:08.000Z | දෙ. 05 සිට 2022 වර්ෂයේ අතරමැද පන්ති සඳහා සිසුන් ඇතුළත් නොකෙරේ අධ්‍යාපන අමාත්‍යාංශය | අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක් | COLOMBO (News 1 st ) - දෙසැම්බර් 05 සිට 2022 වර්ෂයේ අතරමැද පන්ති සඳහා සිසුන් ඇතුළත් නොකරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. එම අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්, පාසල්වල පවතින පුරප්පාඩු මත පාසල් වෙත යොමු කරනු ලබන අයදුම්පත් සලකා බලා 2022 වර්ෂයේ තෙවන පාසල් වාරය අවසන් වන 2023 මාර්තු මස 24 දිනට පසු 2023 වර්ෂයේ අතරමැද පන්ති සඳහා සිසුන් ඇතුළත් කරන බවයි. තව ද මේ වන විට අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කර ඇති චක්‍රලේඛ අනුව පමණක් මේ සම්බන්ධයෙන් කටයුතු කරන බව ද එහි සඳහන් ය. අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ, 2022 අපොස සා/පෙළ ප්‍රතිඵල මත උසස් පෙළ හැදෑරීම සඳහා අයදුම් කිරීමේ දී උසස් පෙළ විෂය ධාරාව නොමැති පාසල්වල සිසුන් විසින්, විෂය ධාරා ඇති පාසල් සඳහා ඉල්ලුම්පත්‍ර අදාළ පාසලටම යොමු කිරීම සිදු කළ යුතු බවත් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත අයදුම්පත් යොමු කිරීම සිදු නොකළ යුතු බවත් ය. |
2022-12-02T03:22:34.000Z | 2022 පාපන්දු ලෝක කුසලානය : කොස්ටරිකා කණ්ඩායමට එරෙහිව ප්‍රබල ජර්මනියට විශිෂ්ට ජයක් | කොස්ටරිකා කණ්ඩායමට ප්‍රබල ජර්මනිය හමුවේ තවත් පරාජ | COLOMBO (News 1st) - කොස්ටරිකා කණ්ඩායම සහ ප්‍රබල ජර්මනිය අතර තරගය පැවැත්වුයේ,දෝහාහී අල් බයාත් ක්‍රීඩාංගනයේදී ය. ඒ හැට හත් දහසකට අධික පිරිසක් ඉදිරියේදීයි. තරගයේ පළමු අර්ධය තුළදීම ජර්මනිය තරගය තමන් වෙත හරවා ගත්තේ,තරගයේ 10 වැනි විනාඩියේ දී ගෝලයක් වාර්තා කරමිනි. තරගයේ පළමු අර්ධය එසේ නිමා වුවත් තරගය අත් නොහළ කොස්ටරීකා කණ්ඩායම, දෙවන අර්ධයේ 58 සහ 70 විනාඩියේදී ගෝල රැස් කරමින් තරගය තමන් වෙත නතුකර ගැනීමට සමත් විය. කෙසේ වෙතත් තරගය උණුසුම් මුහුණුවරක් ගත් අතර 73 . 85 සහ 89 යන විනාඩි වලදී ප්‍රබල ජර්මනිය ගෝල රැස් කළේ, පැමිණ සිටි ජර්මන් ප්‍රේක්ෂකයන් උද්දාමයට පත් කරමිනි. ඒ අනුව ගෝල 4ට 2 ක් ලෙස ජර්මනිය ජය ගැනීමට සමත් විය. කෙසේ වෙතත් ජර්මනියට 2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියෙන් ඉවත් වීමට සිදු වුණේ, සහභාගී වූ තරග 3න් එක් තරගයක් පමණක් ජය ගැනීම හේතුවෙනි. |
2022-12-02T03:18:48.000Z | රජයේ හා රජයේ අනුමත සියලු පාසල්වල තුන්වැනි වාරය ලබන සඳුදා ඇරඹේ... | තෙවැනි පාසල් වාරය ලබන සඳුදා.... | COLOMBO ( News 1 st ) - රජයේ හා රජයේ අනුමත සියලු පාසල්වල තුන්වැනි වාරය ලබන සඳුදා ආරම්භ වන බව අධ්‍යපන අමාත්‍යාංශය පවසයි. අධ්‍යාපන අමාත්‍යාශයේ පාසල් කටයුතු පිළිබඳ අතිරේක ලේකම් ලලිතා එගොඩවළ මහත්මිය සඳහන් කළේ දෙවන වාරය ඊයේ (01) අවසන් වූ බවයි. එසේම ඇය ප්‍රකාශ කළේ අද (02) සියලු පාසල්වලට නිවාඩු ලබා දී ඇති බවයි. මේ අතර නත්තල වෙනුවෙන් දෙසැම්බර් 22 වැනිදා පාසල්වලට නිවාඩු ලබාදෙන අතර යළිත් පාසල් ආරම්භ වන්නේ ජනවාරි 2 වැනිදායි. නැවත වරක් අ.පොස උසස්පෙළ විභාගය සඳහා ජනවාරි 20 වැනිදා පාසල්වලට නිවාඩු ලබාදෙන අතර පෙබරවාරි 20 වැනිදා පාසල් ආරම්භ කිරීමට නියමිතයි. වැඩිදුරටත් ඇය ප්‍රකාශ කළේ පාසල්වල තුන්වන වන වාරය මාර්තු 24 වැනිදායින් අවසන් වන බවයි. |
2022-12-02T02:34:25.000Z | කැනඩාව පැරදූ මොරොක්කෝව අවසන් පූර්ව වටයට | කැනඩාව පැරදූ මොරොක්කෝව අවසන් පූර්ව වටයට | COLOMBO (News 1st) - 2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ කැනඩාවට එරෙහි තරගය මොරොක්කෝ කණ්ඩායම ජය ගත්තේ ය. තරගය තුළදී කණ්ඩායම් දෙකේම ක්‍රීඩකයින් විසින් ගෝල 3ක් වාර්තා ක්‍රීරීමට සමත් විය. මොරොක්කෝ කණ්ඩායම එම ගෝල 3න් ගෝල 2 ක අයිතිය තමන් සතුකර ගැනීමට සමත් විය. ඒ අනුව තරගය අවසානයේ ලකුණු පුවරුව දැක්වූයේ, ගෝල 2ට 1ක් ලෙසයි. මෙම ජයග්‍රහණයත් සමග මොරොක්කෝ ක්‍රීඩකයන් සුපිරි 16 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගැනීමට සමත් විය. |
2022-12-02T02:32:32.000Z | වරාය අධිකාරියේ දූෂණ හා අක්‍රමිකතා සෙවීමට කමිටුවක්.. | වරාය අධිකාරියේ දූෂණ හා අක්‍රමිකතා සෙවීමට කමිටුවක්. | COLOMBO (News 1 st ) - ශ්‍රී ලංකා වරාය අධිකාරියේ දූෂණ හා අක්‍රමිකතා සෙවීමට කමිටුවක් පත් කර තිබේ. මෙම කමිටුව විෂය භාර අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් පත්කර ඇති අතර වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යංශයේ, ලේකම් කේ. ඩී . එස් . රුවන් චන්ද්‍ර මහතා ප්‍රකාශ කළේ සාමාජිකයින් තුන් දෙනෙකුගෙන් එම කමිටුව සමන්විත බවයි. කමිටු සාමාජිකයින් ලෙස පත් කර ඇත්තේ එම්.ඩී.එස්.ඒ. පෙරේරා, ගාමිණි කුමරසිරි හා කේ.ජී.පී.වසන්ත ගමගේ යන මහත්වරුන්. වරාය අධිකාරියේ වෘත්තිය සමිති නියෝජිතයින්ට මෙන්ම අනෙකුත් පාර්ශවලට අධිකාරියේ සිදුව ඇතැයි කියන දුෂණ හා අක්‍රමිකතා පිළිබඳ පැමිණිලි ඉදිරිපත් කළ හැකියි. එම පැමිණිලි සියල්ල විමර්ශනය කර මාස 6 ක් ඇතුළත කමිටු වාර්තාව විෂය භාර අමාත්‍යවරයා වෙත භාරදිමට නියමිත බව අමාත්‍යංශ ලේකම්වරයා ප්‍රකාශ කළේ ය. |
2022-12-02T02:29:01.000Z | පසුගියවර පාපන්දු අනුශූර ක්‍රොඒශියා කණ්ඩායම සුපිරි 16 දෙනාගේ වටයට | ක්‍රොඒශියා කණ්ඩායම සුපිරි 16 දෙනාගේ වටයට | COLOMBO (News 1st) - පසුගියවර පාපන්දු ලෝක කුසලාන අනුශූර ක්‍රොඒශියා කණ්ඩායම 2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සුපිරි 16 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගත්තේ ය. ඒ බෙල්ජියමට එරෙහිව තරගය ජය පරාජයෙන් තොරව අවසන් වීම හේතුවෙනි. මේ හේතුවෙන් බෙල්ජියමට මෙවර පාපන්දු ලෝක කුසලානයෙන් ඉවත්වීමට සිදු විය. මෙම තරගය හතළිස් තුන්දහසකට අධික ප්‍රේක්ෂක පිරිසක් ඉදිරියේ දී අවසන් වූයේ, කටාර්හී මොහොමඩ් බීන් අලී ක්‍රීඩාංණයේදීයි. පළමු අර්ධයේදී ඉතා උණුසුම් මුහුණුවරක් ගත් තරගයේ කණ්ඩායම් දෙකටම ගෝල රැස් කිරීමට හැකි වූයේ නැත. තරගයේ 11 වැනි මිනිත්තුවේ දී බෙල්ජියම් ක්‍රීඩක, යනික් කැරැස්කෝ පන්දුව ගෝලයවෙත එල්ල කිරීමට සමත් වූවත්, එම පන්දුව ඉතා සාර්ථකව වැළැක්වීමට ප්‍රතිවාදී ගෝල රකින්නා සමත් විය. මේ නිසා බෙල්ජියම් කණ්ඩායමට ගෝලයක් රැස් කිරීමට තිබූ අවස්ථාව ගිලිහී ගියේ අවාසනාවන්ත ලෙසයි. දෙවන අර්ධයේදී ද තරගය වඩාත් උණුසුම් මුහුණුවරක් ගැනිණ. ක්‍රොඒශියා ක්‍රීඩකයින් අවස්ථා කිහිපයකදීම ගෝල රැස් කිරීමට උත්සහ කළත් බෙල්ජියම් ගෝල රකින්නා ඒ සියලු අවස්ථාවන් වැළැක්වීමට කටයුතු කළේ ය. එම නිසාවෙන් තරගය ජය පැරදුමෙන් තොරව අවසන් වූ අතර ක්‍රොඒශියා ක්‍රීඩකයින් අවසන් 16 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගත් අතර ප්‍රබල බෙල්ජියමට ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ මූලික වටයෙන් ඉවත්වීමට සිදුවිය. ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සියලු තරග ඔබට ටී.වී.වන් නාළිකාව ඔස්සේ නැරඹිය හැකියි. |
2022-12-02T01:57:56.000Z | ලෝකයේ විශාලතම නගරවල සාමාන්‍ය ජීවන වියදම 8.1% කින් ඉහළට... | ලොව වියදම් අධිකම නගර දෙක මෙන්න... | COLOMBO (News 1 st ) - වාර්ෂික ආර්ථික බුද්ධි සමීක්ෂණයට අනුව ලොව වියදම් අධිකම නගර බවට නිව්යෝර්ක් සහ සිංගප්පූරුව පත් වී තිබේ. විදෙස් මාධ්‍ය ප්‍රකාශ කරන්නේ නිව්යෝර්ක් නගරය වියදම් අධිකම නගරය බවට පත්වූ ප්‍රථම අවස්ථාව ද මෙය බවයි. පසුගිය වසරේ ලොව වියදම් අධිකම නගරය වූ ඊශ්‍රායලයේ ටෙල් අවිව් මෙම වසරේ තෙවැනි ස්ථානයට පත්ව ඇති අතර කෙසේ වෙතත් ලෝකයේ විශාලතම නගරවල සාමාන්‍ය ජීවන වියදම ගිය වසරට සාපේක්ෂව මේ වසරේදී 8.1% කින් ඉහළ ගොස් ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් ය. |
2022-12-02T01:54:13.000Z | වැඩිහිටියන් රැකබලා ගැනීම සඳහා ශ්‍රමිකයින් පුහුණු කිරීමේ වැඩපිළිවෙළක් | මෙරට වැඩිහිටි ජනගහනයේ ඉහළයාමක් | COLOMBO ( News 1 st ) - වැඩිහිටියන් රැක බලා ගැනීමට විධිමත් පුහුණුවක් ලත් පිරිස් නොමැති වීම හේතුවෙන් ගැටලු රැසක් මතුව ඇතැයි, ජාතික වැඩිහිටි ලේකම් කාර්යාලය පවසයි. එහි අධ්‍යක්ෂ කපිල ලැනරෝල් මහතා ප්‍රකාශ කළේ, වාර්ෂිකව මෙරට වැඩිහිටි ජනගහනය ඉහළ යමින් ඇති බවයි. ගැටලුවට පිළියම් ලෙස වැඩිහිටියන් රැකබලා ගැනීම සඳහා ශ්‍රමිකයින් පුහුණු කිරීමේ කඩිනම් වැඩපිළිවෙළක් ආරම්භ කරන බව ඔහු ප්‍රකාශ කළේ ය. |
2022-12-02T01:22:47.000Z | රාජ්‍ය විශ්වවිද්‍යාලවලට අනුබද්ධව මුදල් අයකර උපාධි ලබාදිමේ ආයතන පිහිටුවීමේ තීරණයක්.... | උසස් ඩිප්ලෝමාධාරීන්ටත් විශ්වවිද්‍යාල උපාධි.... | COLOMBO ( News 1 st ) - රාජ්‍ය විශ්වවිද්‍යාලවලට අනුබද්ධව මුදල් අයකර උපාධි ලබාදිමේ ආයතන පිහිටුවන බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය, ආචාර්ය සුරේන් රාඝවන් මහතා පවසයි. ඔහු ප්‍රකාශ කළේ, ඉසෙඩ් ලකුණු පදනම් කර ගනිමින් විශ්ව විද්‍යාලවලට නොමිලේ ඇතුළත් කර ගන්නා පිරිසට පරිභාහිරව මෙම පිරිස් ඇතුළත් කර ගන්නා බවයි. උසස් අධ්‍යාපනය සඳහා විදේශීය විශ්වවිද්‍යාලවලට යන පිරිස අඩු කර ගැනීමට මේ තුළින් අවකාශ සැලසෙන බව ද රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය. ඔහු ප්‍රකාශ කළේ දැනට උසස් ඩිප්ලෝමා හදාරන පිරිසට විශ්වවිද්‍යාල උපාධි ලබා දීමටද මේ යටතේ පියවර ගන්නා බවයි. මේ වන විට වාර්ෂිකව විශාල පිරිසක් විදේශීය විශ්වවිද්‍යාල සඳහා යොමුවන බව ද ආචාර්ය සුරේන් රාඝවන් මහතා ප්‍රකාශ කළේ ය. |
2022-12-02T01:17:08.000Z | ගෙවුණු දිනය උණුසුම් කළ පුවත් | ගෙවුණු දිනය උණුසුම් කළ පුවත් | COLOMBO (News 1st) - දේශීය පුවත් 01.දෛනිකව වෙළෙඳපොළට ලිට්‍රෝ ගෑස් සිලින්ඩර් ලක්ෂයක් ඊයේ (01) සිට දෛනිකව වෙළෙඳපොළට ගෑස් සිලින්ඩර් ලක්ෂයක් නිකුත් කරන බව ලිට්‍රෝ සමාගම පවසයි. 02.රටේ මත්ද්‍රව්‍ය හා පාතාලය මර්දනයට විශේෂ කාර්ය බලකාය පොලිස් විශේෂ කාර්ය බලකාය වෙනත් රාජකාරීවලින් බැහැර කර මත්ද්‍රව්‍ය හා පාතාලය මැඩලීම සඳහා යෙදවීමට බලාපොරොත්තුවන බව මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් එස්.හෙට්ටිආරච්චි මහතා පවසයි. 03.ව්‍යාජ ලියාපදිංචි මුද්දර යොදා කාන්තාවන් ඕමාන් යැවීමට තැත්කළ ‘උම්මා අක්කා’ රිමාන්ඩ් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අත්අඩංගුවට පත්වූ, ව්‍යාජ ලියාපදිංචි මුද්දර යොදා කතුන් ඕමාන් යැවීමට තැත්කළ 'උම්මා අක්කා' නමැත්තිය ලබන 08 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. 04.කොළඹ ප්‍රදේශ රැසකට අද පැය 15 ක ජල කප්පාදුවක් අද (02) රාත්‍රී 10.00 සිට පසුදින දහවල් 1.00 දක්වා කොළඹ ප්‍රදේශ රැසකට පැය 15 ක ජල කප්පාදුවක් සිදු කෙරෙන බව ජාතික ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලය පවසයි. 05.උත්සව සමයේත් දෛනික විදුලිය කප්පාදුවක් – මහජන උපයෝගීතා කොමිසම අදින් ඇරඹෙන උත්සව සමයේදීත් දෛනිකව විදුලිය කප්පාදු කිරීමට සිදුවනු ඇතැයි මහජන උපයෝගීතා කොමිසම පවසයි. විදෙස් පුවත් 01.චීනයේ කොවිඩ් සීමා ලිහිල් කිරීමේ තීරණයක් චීනයේ කොවිඩ් පැතිරීම වැළැක්වීම සඳහා පනවා ඇති නීති ලිහිල් කිරීමට තීරණය කර ඇති බව එරට උපඅගමැතිවරිය පවසා තිබේ. 02.දකුණු අප්‍රිකානු ජනපති සිරිල් රමපෝසාට දෝෂාභියෝගයක් දකුණු අප්‍රිකානු ජනපති සිරිල් රමපෝසා දෝෂාභියෝග තර්ජනයකට මුහුණ පා තිබේ. ක්‍රීඩා පුවත් 01.එංගලන්තයෙන් ටෙස්ට් ක්‍රිකට් ලෝක වාර්තාවක් .... පාකිස්තානයට එරෙහිව පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේදී පළමු දිනයේ ලකුණු 506/4 රැස්කරමින් එංගලන්තය ඊයේ ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත් විය. |
2022-12-02T01:16:17.000Z | බ්‍රසීල අධිවේගී මාර්ගයක නායයෑමෙන් අතුරුදන්වූවන් සොයා මෙහෙයුම්.... | බ්‍රසීල අධිවේගී මාර්ගයක නායයෑමක්... | COLOMBO (News 1 st ) - දකුණු දිග බ්‍රසීලයේ අධිවේගී මාර්ගයක සිදුවු නායයාමක් හේතුවෙන් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. බ්‍රසීල මාධ්‍ය වාර්තා කළේ, අතුරුදන් වූ පිරිස සොයා සහන කණ්ඩායම් මෙහෙයුම් ආරම්භ කර ඇති බවයි. පෙරේදා දිනයේ හදිසියේ මෙම පස් කන්ද කඩා වැටී ඇත්තේ බ්‍රසීලයේ පරානා ප්‍රාන්තයේ ප්‍රධාන අධිවේගී මාර්ගයකටයි. විදෙස් මාධ්‍ය වාර්තා කළේ නායයාම සිදුවන අවස්ථාවේදී මාර්ගයේ රථ වාහන 21ක් පමණ ධාවනය වෙමින් පැවති බවයි. |
2022-12-01T17:00:54.000Z | වසරේ මේ දක්වා කාලය තුළ HIV ආසාදිතයින් 479 ක් | ලෝක ඒඩ්ස් දිනය අදයි... | COLOMBO (News 1 st ) - ලෝක ඒඩ්ස් දිනය අදට යෙදී තිබේ. මෙවර ඒඩ්ස් දිනයේ තේමාව ''සමානාත්මතාවය සුරකිමු'' යන්නයි. මෙවර ඒඩ්ස් දිනයේ තේමාව වන සමානාත්මතාවය සුරකිමු යන්නෙන් අදහස් වන්නේ, HIV ආසාදිතයින් සමාජයේ කොන් කිරීමකින් තොරව ඔවුන්ට සමානව සැළකිය යුතු බව සහ ඔවුන්ගේ සමානාත්මතාවය සුරැකිය යුතු බවයි. HIV ආසාදනය පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයෙකුට බෝ වන්නේ ප්‍රධාන ක්‍රම 03ක් මගිනි.එනම් අනාරක්ෂිත ලිංගික සබඳතා, මවගෙන් දරුවාට සම්ප්‍රේෂණය වීම සහ HIV රෝගියෙකුගේ රුධිරය වෙනත් පුද්ගලයෙකුගේ ශරීරගත වීම එම ක්‍රම තුනයි. ඒඩ්ස් හා HIV යනු අවස්ථා දෙකකි. HIV ලෙස හැඳින්වෙන්නේ වෛරසයක් වන අතර එම වෛරසය නිසා ඇති වන රෝග තත්ත්වය ඒඩ්ස් ලෙස හැඳින්වේ. යම් විෂ බීජයක් ශරීරගත වූ විට එම විෂ බීජයට එරෙහිව සටන් කිරීමට මිනිස් ශරිරයේ ඇති ආරක්ෂක ක්‍රියා පිළිවෙත ඉටුකරන්නේ සුදු රුධිරාණු මගිනි. HIV හෙවත් මානව ප්‍රතිශක්ති ඌනතා වෛරසය එම ප්‍රතිශක්තිකරණ පද්ධතියට මොනයම් හෝ ක්‍රමයකින් ඇතුළු වූයේ නම් පෙර ලෙස එයින් ඉටු වූ ආරක්ෂක ක්‍රියාවලිය සිදු නොවන අතර එය සම්පූර්ණයෙන් ම ඇන හිටීමට ලක්වේ. යම් හෙයකින් පුද්ගලයෙකු තුළ ඇති මෙම වෛරසය හඳුනා නොගෙන දීර්ඝ කාලීනව ප්‍රතිකාර නොගතහොත් ඇති වන රෝග තත්ත්වය ඒඩ්ස් ලෙස නම් කෙරේ. මෙම අවස්ථාවට පැමිණෙන විට ආසාදිත පුද්ගලයාගේ ප්‍රතිශක්තීකරණ පද්ධතිය බරපතළ ලෙස විනාශ වී තිබිය හැකියි. HIV ඒඩ්ස් රෝගයෙන් ආරක්ෂා වීමට නම් අනාරක්ෂිත ලිංගික හැසිරීම් වලින් වැළකී ආරක්ෂිත ලිංගික හැසිරීම් ප්‍රවර්ධනය කිරීම වැදගත් බව වෛද්‍යවරුන් පෙන්වා දෙන අතර ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්ධන වැඩසටහනේ විශේෂඥ වෛද්‍ය ගීතානි සමරවීර මහත්මිය ප්‍රකාශ කළේ,රෝගීන්ගේ රහස්‍ය භාවය රැකෙන පරිදී අදාළ පරීක්ෂණ කටයුතු සිදු කිරීම සඳහා අදාළ සායන රට පුරා ස්ථාපනය කර ඇති බවයි. 2030 දී ඒඩ්ස් රෝගය තුරන් කිරීම ඉලක්කය වුවත්, පවතින ඖෂධ හිඟය වැනි කාරණා නිසා එම ඉලක්කය අභියෝගයක් වී ඇතැයි ශ්‍රී ලංකා වෛද්‍යවරුන්ගේ සංගමයේ, උප සභාපති විශේෂඥ වෛද්‍ය චිත්ත්‍රන් හතුරුසිංහ මහතා ප්‍රකාශ කළේ ය. |
2022-12-01T14:21:05.000Z | එංගලන්තයෙන් ටෙස්ට් ක්‍රිකට් ලෝක වාර්තාවක් .... | එංගලන්තයෙන් ටෙස්ට් ක්‍රිකට් ලෝක වාර්තාවක් .... | COLOMBO (News 1 st ) - පාකිස්තානයට එරෙහිව පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේදී පළමු දිනයේ ලකුණු 506/4 රැස්කරමින් එංගලන්තය අද ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත් විය. එය සැලකෙන්නේ පළමු දිනයේ දී කණ්ඩායමක් වාර්තා කළ වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසයි. එංගලන්ත කණ්ඩායම පකිස්තානයේ දී ටෙස්ට් තරගයකට සහභාගීවන්නේ වසර 17කට පසුව වීම විශේෂත්වයකි. රාවල්පින්ඩි හීදි පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්තයේ ආරම්භක පිතිකරුවන් වන සැක් ක්‍රෝලි ලකුණු 122 න් හා බෙන් ඩකට් ලකුණු 107 ක් රැස්කළහ. ඔලී පොප් ලකුණු 108 ක් හා හැරී බෘක් නොදැවී ලකුණු 101 ක් රැස්කිරීමට සමත්වූහ. |
2022-12-01T13:35:57.000Z | දකුණු අප්‍රිකානු ජනපති සිරිල් රමපෝසාට දෝෂාභියෝගයක් | ද. අප්‍රිකානු ජනපති රමපෝසාට දෝෂාභියෝගයක්.... | COLOMBO ( News 1 st ) - දකුණු අප්‍රිකානු ජනපති සිරිල් රමපෝසා දෝෂාභියෝග තර්ජනයකට මුහුණ පා තිබේ. ඒ 2020 වසරේ ඔහුගේ ගොවිපළක සිදුවූ ඩොලර් මිලියන 4ක සොරකමක් වසන් කිරීම සම්බන්ධයෙනි. මුදල සොරාගත් පුද්ගලයින් පැහැරගෙන යාම සහ ඔවුන්ට අල්ලස් ලබාදී තොරතුරු වසන් කිරීමද ඔහුට එල්ල වී ඇති චෝදනා අතරට ඇතුළත්. ස්වාධීන කමිටුවක් සිද්ධිය පිළිබඳව නිකුත් කළ වාර්තාවකින් ජනාධිපතිවරයා වැරදිකරු බවත්, ඔහු තනතුර අවභාවිතය කර ඇති බවත් සොයාගෙන ඇති අතර කමිටුවේ නිගමනය මේ වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති අතර එය විමර්ශනයෙන් අනතුරුව ලබන සතියේදී රමපෝසා ජනාධිපතිවරයාට එරෙහි දෝෂාභියෝගය ගෙන ඒමේ තීරණය ලැබීමට නියමිතයි. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඩොලර් මිලියන 4ක මුදලක් ළඟ තබා ගෙන සිටීම එරට විදේශ විනිමය පාලන නීති උල්ලංඝනය කිරීමක් බවයි. ජනාධිපතිවරයා දුෂණ චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කරන අතර ඔහු පවසා ඇත්තේ කිරි ගවයින් විකිණීමෙන් උපයාගත් ඩොලර් ලක්ෂ 5ක මුදලක් පමණක් සොරාගෙන ඇති බවයි. |
2022-12-01T13:32:25.000Z | රටේ මත්ද්‍රව්‍ය හා පාතාලය මර්දනයට විශේෂ කාර්ය බලකාය | මත්ද්‍රව්‍ය හා පාතාලය මැඩලීමට STF | COLOMBO (News 1 st ) - පොලිස් විශේෂ කාර්ය බලකාය වෙනත් රාජකාරීවලින් බැහැර කර මත්ද්‍රව්‍ය හා පාතාලය මැඩලීම සඳහා යෙදවීමට බලාපොරොත්තුවන බව මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් එස්.හෙට්ටිආරච්චි මහතා පවසයි. අද(01) පෙරවරුවේ බත්තරමුල්ලේ පැවති මත්ද්‍රව්‍ය පුනරුත්ථාපනය හා නිවාරණය පිළිබඳව ජාත්‍යන්තර සැසියට සහභාගි වෙමින් ඔහු මෙම අදහස් පළ කළේ ය. විශේෂයෙන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් නිසා බන්ධනාගාර තුළ තදබදයක් නිර්මාණය වී ඇති බවත් , අයිස් මත්ද්‍රව්‍ය 10 g ට වඩා තිබුණොත් මරණ දඩුවම නියම කිරීමේ තීරණය පිළිබඳවත් ඔහු අදහස් පළ කළේ ය. මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කිරීම සහ පාසල් ළමුන් යොදාගෙන මත්ද්‍රව්‍ය ප්‍රචාරණය මර්දනය කිරීම පිළිබඳව ද මෙහි දී ඔහු අදහස් පළ කළේ ය. වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේ ,විශේෂ කාර්ය බලකායේ සෙබළුන් වෙනත් රාජකාරිවලින් බැහැරකොට මත්ද්‍රව්‍ය පාලනයට යොදවන බවයි. එහි පළමු අදියර ලෙස අගුණුකොල පැලැස්ස , බූස්ස රිමාන්ඩ් බන්ධනාගාරයේ රාජකාරිවලට යොමු කර ඇති එස් ටී එෆ් බටයින් ඉවත් කර ගැනීමට කටයුතු කෙරෙන අතර ඉවත් කෙරූ පිරිස වෙනුවට විශේෂ කාර්යය බලකා පුහුණුව ලැබූ 200 ට අධික විශේෂ කණ්ඩායමක් පුහුණු කර අනියුක්ත කිරීමට නියමිත බවත් දෙවැනි පියවර ලෙස විශේෂ කාර්ය බලකායට 600 ක් බඳවා ගැනීමට ද අපේක්ෂා කෙරේ. |
2022-12-01T11:53:14.000Z | ව්‍යාජ ලියාපදිංචි මුද්දර යොදා කාන්තාවන් ඕමාන් යැවීමට තැත්කළ 'උම්මා අක්කා' රිමාන්ඩ් | කතුන් ඕමාන් යැවීමට තැත්කළ 'උම්මා අක්කා' රිමාන්ඩ් | COLOMBO ( News 1 st ) - විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අත්අඩංගුවට පත්වූ, ව්‍යාජ ලියාපදිංචි මුද්දර යොදා කතුන් ඕමාන් යැවීමට තැත්කළ 'උම්මා අක්කා' නමැත්තිය ලබන 08 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. කොළඹ ආදුරුප්පු වීදියේ පදිංචි , 'උම්මා අක්කා' යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන මෙම කාන්තාව අත්අඩංගුවට ගෙන තිබුණේ, ඕමාන් යාමට උත්සාහ කළ කාන්තාවන් දෙදෙනෙකු කළ ප්‍රකාශයකට අනුවයි. ඔවුන් දෙදෙනා ලියාපදිංචි කිරීමේදී විදේශ ගමන් බලපත්‍රයෙහි අලවනු ලබන ආරක්ෂිත මුද්දර ව්‍යාජ අයුරින් යොදාගෙන ඇති බව අනාවරණය වී තිබෙන අතර පසුව අනාවරණය වී තිබුණේ සැකකාර 'උම්මා අක්කා' නමැති කාන්තාව ඊට සම්බන්ධ බවයි. විදේශ සේවා නියුක්ති කාර්යාංයේ විශේෂ විමර්ශන නිලධාරීන් ඇයව අත්අඩංගුවට ගනු ලැබුවේ, ඔවුන් දෙදෙනාට විදේශගතවීමට අවශ්‍ය සියලු කටයුතු මෙම 'උම්මා අක්කා' නම් කාන්තාව සිදුකර දී ඇති බවට තොරතුරු අනාවරණය වීමෙන් පසුවයි. |
2022-12-01T11:23:10.000Z | ලබන වසරේ මානුෂීය ආධාර සඳහා අ. ඩොලර් බිලියන 51.5ක් අවශ්‍ය බව එක්සත් ජාතීන් කියයි | ලබන වසරේ මිලියන 339 ක් වෙනුවෙන් මානූෂීය ආධාර.. | COLOMBO ( News 1 st ) - ලබන වසර සඳහා මානුෂීය ආධාර සැපයීමට අමරිකානු ඩොලර් බිලියන 51.5ක මුදලක් අවශ්‍ය බව එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කර තිබේ. ඇස්තමේන්තු කළ සංඛ්‍යාවට වඩා ලොව පුරා මිලියන 65ක ජනතාව සඳහා 2023 වසරේදී මානුෂීය ආධාර ලබාදීමට සිදු වනු ඇති බව එම සංවිධානය ප්‍රකාශ කළ අතර විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඒ අනුව ලබන වසරේදී රටවල් 68ක පුද්ගලයින් මිලියන 339ක් වෙනුවෙන් ආධාර ලබාදිය යුතු බවයි. මෙම මුදල් ප්‍රමාණය රැස් කිරීම සඳහා ලොව පුරා නියෝජිතයින්ගේ සහ පරිත්‍යාගශිලීන්ගේ සහය බලාපොරොත්තු වන බවද එක්සත් ජාතීන්ගේ සංවිධානය වැඩිදුරටත් ප්‍රකාශ කොට තිබේ. |
2022-12-01T10:25:27.000Z | වෛද්‍ය චමල් සංජීවගේ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කරයි.... | වෛද්‍ය චමල්ගේ මූලික අයිතිවාසිකම් පෙත්සම | COLOMBO ( News 1 st ) - වෛද්‍ය චමල් සංජීව මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම, කරුණු තහවුරු කිරීම සඳහා ලබන 14 වැනිදා කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද දින නියම කළේ ය. පෙත්සම ගොනුකර තිබුණේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ මන්දපෝෂණ තත්ත්වය ඉහළ යා හැකි බවට මාධ්‍ය හමුවේ ප්‍රකාශ කිරීම මුල් කරගෙන, තමාගේ වැඩ තහනම් කිරීමට සෞඛ්‍ය අමාත්‍යවරයා සහ රාජ්‍ය සේවා කොමිෂන් සභාව ගත් තීරණය අභියෝගයට ලක් කරමිනි. පෙත්සම අද කැඳවනු ලැබුවේ බුවනෙක අළුවිහාරේ, ගාමිණී අමරසේකර සහ මහින්ද සමයවර්ධන යන විනිසුරු මඬුල්ල හමුවේයී. එහි වගඋත්තකරුවන් ලෙස නම්කර ඇත්තේ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල, සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා, නීතිපතිවරයා ඇතුළු 23 දෙනෙකි. අදාළ තීරණය ගත් සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු බලධාරීන්ගෙන් රුපියල් ලක්ෂ 100 ක වන්දියක් අය කර දෙන්නැයි පෙත්සම්කරු, ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබිණ. පසුගිය සැප්තැම්බර් 19 වැනිදා තමා එම ප්‍රකාශය කළේ නිසි අධ්‍යයනයකින් අනතුරුව බවත්, තමා සතු භාෂණයේ අයිතිය ආයතන සංග්‍රහයකින් සීමා කළ නොහැකි බවත්, වෛද්‍ය චමල් සංජීව මහතා පෙන්වා දෙයි. ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටින්නේ, තමාගේ අධ්‍යාපන සුදුසුකම්වලට සරිලන තනතුරක තමා වහාම පිහිටුවන ලෙසයි. |
2022-12-01T08:34:55.000Z | කණ්ඩායම් 4 ක් අද FIFA ලෝක කුසලාන තරග බිමට | ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ කණ්ඩායම් 4 ක් අද තරග | COLOMBO ( News 1 st ) - 2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ තවත් තීරණාත්මක තරග 4 ක් අද (01) පැවැත්වේ. අද පළමු තරගය ක්‍රොඒශියාව සහ බෙල්ජියම අතර මෙරට වෙලාවෙන් අද රාත්‍රී 8.30ට කටාර් අල් රයාන් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සැලසුම් කර තිබේ. අද දිනට නියමිත දෙවන තරගය කැනඩාව සහ මොරොකෝ කණ්ඩායම් අතර දෝහා අල් තුමාමා ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි. තරගය මෙරට වේලාවෙන් අද රාත්‍රී 8. 30ට ආරම්භවීමට නියමිතයි. ජපානය සහ ස්පාඤ්ඤය අතර තුන්වන තරගය කටාර් අර් රයාන් ක්‍රීඩංගණයේදී මෙරට වේලාවෙන් අද මධ්‍යම රාත්‍රී 12. 30ට ආරම්භ වීමට නියමිතයි. අද දිනට නියමිත අවසන් තරගයට එක්වන්නේ කොස්ට රිකා කණ්ඩායම සහ ජර්මනියයි. මෙරට වේලාවෙන් අද මධ්‍යම රාත්‍රී 12. 30ට ආරම්භ වන මෙම තරගය අල් බයාත් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. |
2022-12-01T07:30:58.000Z | උණවටුනේදී ත්‍රිරෝද රථයක් දුම්රියේ ගැටෙයි: රුසියානු කතක් මරුට | ත්‍රිරෝද රථයක් දුම්රියේ ගැටී රුසියානු කතක් මරුට | COLOMBO ( News 1 st ) - උණවටුන, දලවැල්ල ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් දුම්රියේ ගැටීමෙන් දෙදෙනෙකු මිය ගොස් තිබේ. පොලීසිය සඳහන් කළේ, ඒ අතර රුසියානු ජාතික කාන්තාවක් ද වන බවයි. දුම්රිය බෙලිඅත්තේ සිට වව්නියාව දක්වා ගමන් කරමින් සිට ඇත. දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මේ හේතුවෙන් සුළු දුම්රිය ප්‍රමාදයක් සිදු වූ බවයි. |
2022-12-01T04:13:17.000Z | කොළඹ ප්‍රදේශ රැසකට හෙට පැය 15 ක ජල කප්පාදුවක් | කොළඹ ප්‍රදේශ රැසකට හෙට පැය 15 ක ජල කප්පාදුවක් | COLOMBO (News 1st) - හෙට (02) රාත්‍රී 10.00 සිට පසුදින දහවල් 1.00 දක්වා කොළඹ ප්‍රදේශ රැසකට පැය 15 ක ජල කප්පාදුවක් සිදු කෙරෙන බව ජාතික ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලය පවසයි. එම මණ්ඩලය නිවේදනය කළේ, මේ අනුව කොළඹ 11, 12, 13, 14 සහ 15 ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බවයි. ජල කප්පාදුව සිදුවන බැවින් අවශ්‍ය ජලය කල්වේලා ඇතිව රැස්කර තබා ගන්නා ලෙස ජාතික ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලය ජනතාවට උපදෙස් දෙයි. මණ්ඩලය නිකුත් කළ නිවේදනයේ දැක්වුණේ, අඹතලේ බලශක්ති වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියට අදාළව නව සම්ප්‍රේෂණ නල එළීමේ කටයුතු හේතුවෙන් මෙම ජල කප්පාදුව සිදු කරන බවයි. |
2022-12-01T02:40:14.000Z | අවු. 5 ට අඩු දරුවන්ගෙන් 42.9% ක් මන්දපෝෂණයෙන් පෙළෙන බවට අනාවරණයක් | අවු. 5 ට අඩු දරුවන්ගෙන් 42.9% කට මන්දපෝෂණය | COLOMBO (News 1st) - 2022 වසරේ ඔක්තෝබර් මාසය වනවිට මෙරට තුළ වයස අවුරුදු 5 ට අඩු දරුවන්ගෙන් 42.9% ක් මන්දපෝෂණ ලක්ෂණවලින් පෙළෙන බව අනාවරණය වී තිබේ. ඒ, සෞඛ්‍ය අමාත්‍යාංශයේ පවුල් සෞඛ්‍ය කාර්යංශය සිදු කළ අධ්‍යයනයකට අනුවයි. වයස අවුරුදු 5 ට අඩු වැඩි ළමා මන්දපෝෂණ ප්‍රතිශතයක් අම්පාර දිස්ත්‍රික්කයෙන් වාර්තාවන අතර එම අගය 59.4% කි. එම දිස්ත්‍රික්කයේ වයස අවුරුදු 5 ට අඩු දරුවන් 5 දෙනෙකුගෙන් 3 දෙනෙක් මන්දපෝෂණ ලක්ෂණයන්ගෙන් යුක්ත වන බව ද අනාවරණය වී තිබේ. මේ අතර පෙර වසර හා සැසඳීමේදී මෙරට වයස අවුරුදු 5 ට අඩු බර සහිත දරුවන් සංඛයාව 12.2 % සිට 15.3% දක්වා වර්ධනය වී ඇති බව සඳහන් ය. |
2022-12-01T02:10:45.000Z | චීනයේ කොවිඩ් සීමා ලිහිල් කිරීමේ තීරණයක් | චීනයේ කොවිඩ් සීමා ලිහිල් කිරීමේ තීරණයක් | News 1st - චීනයේ කොවිඩ් පැතිරීම වැළැක්වීම සඳහා පනවා ඇති නීති ලිහිල් කිරීමට තීරණය කර ඇති බව එරට උපඅගමැතිවරිය පවසා තිබේ. ඔමික්‍රෝන ප්‍රභේදයේ ඇති බරපතළ බව අඩු වීම, එන්නත්කරණ ප්‍රතිශතය ඉහළ යාම වැනි කරුණු මත පදනම්ව, චීනය වසංගතය පාලනය කිරීමේ නව අදියරක් කරා ගමන් කරමින් ඇති බව ඇය වැඩිදුරටත් සඳහන් කළා ය. පසුගිය දින කිහිපයේ කොවිඩ් සීමාවලට එරෙහිව ඇරඹි විරෝධතා පසුව රට පුරා ව්‍යාප්ත විය. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, චීනයේ ජාතික සෞඛ්‍ය කොමිෂන් සභාව ද එරට වැසියන්ගේ සාධාරණ ඉල්ලීම්වලට ප්‍රතිචාර දක්වමින් කොවිඩ් නීති වෙනස් විය යුතු බව පෙන්වා දුන් බවයි. පසුගිය අඟහරුවාදා චීනයෙන් නව කොවිඩ් ආසාදිතයින් 37,612ක් වාර්තා වී තිබේ. |
2022-12-01T01:10:22.000Z | මී උණ ව්‍යාප්තියේ වැඩි වීමක්.. | මී උණ ව්‍යාප්තියේ වැඩි වීමක්.. | COLOMBO (News 1st) - වර්ෂාව සමග ගොවි බිම් ආශ්‍රිතව මී උණ ව්‍යාප්තියේ වැඩි වීමක් දැකගත හැකි බව සෞඛ්‍ය අංශ අනාවරණ කර තිබේ. නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත හේරත් මහතා සඳහන් කළේ, වගා කටයුතුවල නිරත වීමේ දී වකුගඩු රෝගීන් සහ අක්මා රෝගීන් මේ පිළිබඳව වැඩි අවධානයක් යොමු කළ යුතුව ඇති බවයි. කුඹුරු ඉවුරු ආශ්‍රිතව එළිපෙහෙළි කිරීමේදී ප්‍රවේශම් වන ලෙස ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ගොවීන්ට උපදෙස් දෙයි. ගොවිතැන් කටයුතු සඳහා යොමු වීමට පෙර අදාළ ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලවලින් අවශ්‍ය සෞඛ්‍ය උපදෙස් ලබාගන්නා ලෙස ද ඔහු ඉල්ලීමක් කළේ ය. |
2022-12-01T01:05:02.000Z | අයවැය කාරක සභා අවස්ථා විවාදයේ 08 වැනි දිනය අද | අයවැය කාරක සභා අවස්ථා විවාදයේ 08 වැනි දිනය අද | COLOMBO (News 1st) - අයවැය කාරක සභා අවස්ථා විවාදයේ 08 වැනි දිනය අදයි. අධ්‍යාපන අමාත්‍යාංශය, කාන්තා ළමා කටයුතු සහ සමාජ සවිබල ගැන්වීම් යන අමත්‍යාංශවලට අදාළ වැය ශීර්ෂ අද (01) විවාදයට ගැනීමට නියමිතයි. මේ අතර එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිගෙන විනාශවීමේ සිද්ධියට සම්බන්ධ CCTV දර්ශන මැකී ඇතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රීවරයා ඊයේ (30) පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේ ය. ඒ, එක්ස්ප්‍රස් පර්ල් සිද්ධිය පිළිබඳව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නැගූ ප්‍රශ්නයකට අදාළව පැවති සංවාදයේදීයි. එම සංවාදයට අරුන්දික ප්‍රනාන්දු සහ නිමල් සිරිපාල ද සිල්වා යන මහත්වරු ද මැදිහත් වූහ. |
2022-12-01T00:49:05.000Z | දෛනිකව වෙළෙඳපොළට ලිට්‍රෝ ගෑස් සිලින්ඩර් ලක්ෂයක් | අද සිට දෛනිකව වෙළෙඳපොළට ලිට්‍රෝ ගෑස් | COLOMBO (News 1st) - අද (01) සිට දෛනිකව වෙළෙඳපොළට ගෑස් සිලින්ඩර් ලක්ෂයක් නිකුත් කරන බව ලිට්‍රෝ සමාගම පවසයි. එහි සභාපති මුදිත පීරිස් මහතා සඳහන් කළේ, උත්සව සමයේ කිසිදු හිඟයකින් තොරව වෙළෙඳපොළට ගෑස් සිලින්ඩර් නිකුත් කරන බවයි. ගෑස් මෙට්‍රික් ටොන් 3,740 ක් සහිත නෞකාවක් ඊයේ (30) මෙරටට සේන්දූ වූ බව ද ලිට්‍රෝ සමාගම පැවසීය. උත්සව සමයේ ගෑස් ඉල්ලුම ඉහළ යන බැවින් අවශ්‍යතාව පරිදි මේ වනවිට ගෑස් ඇණවුම් කර ඇති බව ද ලිට්‍රෝ සභාපති මුදිත පීරිස් මහතා තහවුරු කළේ ය. |
2022-12-01T00:40:50.000Z | උත්සව සමයේත් දෛනික විදුලිය කප්පාදුවක් - මහජන උපයෝගීතා කොමිසම | උත්සව සමයේත් දෛනික විදුලිය කප්පාදුවක් | COLOMBO (News 1st) - අදින් ඇරඹෙන උත්සව සමයේදීත් දෛනිකව විදුලිය කප්පාදු කිරීමට සිදුවනු ඇතැයි මහජන උපයෝගීතා කොමිසම පවසයි. ඒ අනුව පැය 2 යි විනාඩි 20 ක් විදුලි කප්පාදුව සිදු වනු ඇති. එහි සභාපති ජනක රත්නායක මහතා සඳහන් කළේ, ජල විදුලි උත්පාදනය සහ ගල් අඟුරු මිලදී ගැනීමේ ගැටලු හේතුවෙන් තවමත් විදුලිය නිෂ්පාදනය අර්බුදයක පවතින බවයි. මේ අතර අද (01) සහ හෙට (02) දෙදින තුළ පැය 2 මිනිත්තු 20 ක දෛනික විදුලි කප්පාදුවකට අනුමැතිය දී ඇති බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති වැඩිදුරටත් පැවසීය. ඒ අනුව A -W කාණ්ඩවලට දිවා කාලයේ පැය 1 ක් සහ රාත්‍රීයේ පැය 1.20 ක් විදුලි කප්පාදුව සිදු කරනු ඇත. මේ අතර දෙසැම්බර් 1 වැනි දා සිට දකුණු සහ ඇල්ල සංචාරක කලාපයේ රාත්‍රී කාලයේ පැය 1 විනාඩි 20 ක විදුලි කප්පාදුව සිදු නොකරන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ ය. |
2022-12-01T00:21:44.000Z | ගෙවුණු දවස උණුසුම් කළ පුවත් | ගෙවුණු දවස උණුසුම් කළ පුවත් | 1. ඇෆ්ගනිස්ථානයට එරෙහිව ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්: එක්දින තරගාවලිය ජය පැරදුමෙන් තොරව අවසන් - ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර තරග 03කින් සමන්විත එක්දින තරගාවලිය තරග 1-1ක් ලෙස ජය පැරදුමෙන් තොරව ඊයේ (30) අවසන් විය. 2. නොවැම්බර් මාසයේ දී උද්ධමනය 61% ක් දක්වා පහළට... - බඩු මිල වැඩි වීමේ වේගය හෙවත් උද්ධමනය නොවැම්බර් මාසයේදී 61% දක්වා පහළ ගොස් ඇති බව ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කර තිබේ. 3. දේශීය ආදායම් සංශෝධන කෙටුම්පත මුදල් කාරක සභාවට.. - නිර්දේශ කිහිපයකට යටත්ව දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පතට රාජ්‍ය මුදල් කාරක සභාවේ අනුමැතිය ලබාදී තිබේ. 4. COP – 27 සාර්ථකත්වයට දේශපාලනීකරණය සහ කල් මැරීම බාධාවක් – ජනපති - COP – 27 සමුළුවේ සාර්ථකත්වයට විශාලතම බාධාව දේශපාලනීකරණය සහ කල් මරමින් සිටීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් පෙන්වා දී තිබේ. 5. දකුණ සහ ඇල්ල සංචාරක කලාප විදුලි කප්පාදුවෙන් නිදහස් - දකුණ සහ ඇල්ල සංචාරක කලාපවල, දෙසැම්බර් 1 වැනිදා සිට රාත්‍රියේ දී සිදු කරන විදුලි කප්පාදුවෙන් නිදහස් කරන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කරයි. |
2022-11-30T17:14:44.000Z | ඇෆ්ගනිස්ථානයට එරෙහිව ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්: එක්දින තරගාවලිය ජය පැරදුමෙන් තොරව අවසන් | ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක් | COLOMBO (News 1st) - ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර තරග 03කින් සමන්විත එක්දින තරගාවලිය තරග 1-1ක් ලෙස ජය පැරදුමෙන් තොරව අද(30) අවසන් විය. ඒ, තුන්වන සහ අවසන් තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 4ක් විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගැනීම හේතුවෙනි. මහනුවර, පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී පැවති තරගයේ කාසියේ වාසිය හිමි කරගත් ඇෆ්ගනිස්ථානය ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය. ඒ අනුව ඇෆ්ගනිස්ථානය නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුලු 8ක් දැවී ලකුණු 313 ලබා ගැනීමට සමත් විය. සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ ඉබ්රහීම් සද්‍රාන් පන්දු 138කදී ලකුණු 162ක් ලබා ගත්තේය. ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 48යි පන්දු 4ක් අවසානයේ දී කඩුලු 6ක් පමණක් දැවී තිබියදී ලකුණු 314ක් ලබා ගනිමින් තරගය ජයග්‍රහණය කිරීමට සමත් විය. විශිෂ්ට පිතිහරඹයක නිරත වූ චරිත් අසලංක නොදැවී ලකුණු 83ක් ලබා ගත්තේය. |
2022-11-30T16:49:34.000Z | නොවැම්බර් මාසයේ දී උද්ධමනය 61% ක් දක්වා පහළට... | නොවැම්බර් මාසයේ දී උද්ධමනය 61% ක් දක්වා පහළට... | COLOMBO ( News 1 st ) - බඩු මිල වැඩි වීමේ වේගය හෙවත් උද්ධමනය නොවැම්බර් මාසයේදී 61% දක්වා පහළ ගොස් ඇති බව ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කර තිබේ. කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව ගණනය කරන උද්ධමනය සැප්තැම්බර් මාසය වන විට මෙරට ඉතිහාසයේ ඉහළ අගය වන 69.8% ක් දක්වා ඉහළ ගොස් තිබේ. එහිදි 94.9% දක්වා ඉහළ ගොස් තිබූ ආහාර උද්ධමනය නොවැම්බර් මාසයේදී 73.7 % ක් වී ඇති බව ද ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පෙන්වා දී තිබේ. |
2022-11-30T16:07:07.000Z | හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක ශිවනාරින් චන්ද්‍රපෝල්ගේ පුත්‍රයාට ටෙස්ට් වරම් | චන්ද්‍රපෝල්ගේ පුත්‍රයාට ටෙස්ට් වරම් | COLOMBO (News 1st) - හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයකුගේ පුත්‍රයෙකු බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම වෙනුවෙන් ටෙස්ට් වරම් දිනා ගැනීමේ සුවිශේෂී සිදුවීමක් අද(30) වාර්තා විය. එලෙස ටෙස්ට් වරම් දිනාගනු ලැබුවේ ටගනාරින් චන්ද්‍රපෝල් නම් ක්‍රීඩකයායි. ඔහු කොදෙව්හී හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක ශිවනාරින් චන්ද්‍රපෝල්ගේ පුත්‍රයායි. 26 හැවිරිදි ටගනාරින් චන්ද්‍රපෝල් පර්ත්හිදී අද(30) ආරම්භ වූ ඔස්ට්‍රේලියා - කොදෙව් පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේදී මෙලෙස ටෙස්ට් වරම් හිමි කරගනු ලැබිණි. ටගනාරින් ද සිය පියා මෙන්ම වමත් පිතිකරුවෙකි. ටගනාරින් චන්ද්‍රපෝල්ට සිය ටෙස්ට් හිස් වැස්ම ලබා දෙනු ලැබුවේ කොදෙව් කණ්ඩායමේ හිටපු විශිෂ්ට ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයෙකු වූ වමත් පිතිකරුවකු ද වන බ්‍රයන් ලාරා විසින් වීම විශේෂත්වයකි. මේ අතර ක්‍රිකට් ක්‍රීඩාවට කළ සුවිශේෂී මෙහෙවර වෙනුවෙන් ටගනාරින්ගේ පියා වන ශිවනාරින් චන්ද්‍රපෝල්ට "ICC හෝල් ඔෆ් ෆේම්'' සම්මානය ද පසුගියදා හිමිවිය. |
2022-11-30T15:29:03.000Z | දේශීය ආදායම් සංශෝධන කෙටුම්පත මුදල් කාරක සභාවට.. | දේශීය ආදායම් සංශෝධන කෙටුම්පත මුදල් කාරක සභාවට.. | COLOMBO ( News 1 st ) - නිර්දේශ කිහිපයකට යටත්ව දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පතට රාජ්‍ය මුදල් කාරක සභාවේ අනුමැතිය ලබාදී තිබේ. රුපියල් ලක්ෂය ඉක්මවන මාසික ආදායම් ලබන පුද්ගලයින්ට 6% සිට 36% දක්වා බදු අය කිරීමට මෙම කෙටුම්පතෙන් යෝජනා කර තිබේ. රාජ්‍ය මුදල් කාරක සභාව නිලධාරීන්ට නිර්දේශ කර ඇත්තේ කලාපයේ අනෙකුත් රටවල පවතින තත්ත්වය පිළිබඳව සංසන්දනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කරන ලෙසයි. අපනයන භාණ්ඩ සදහා අය කරන 14% ක බද්ද 30% දක්වා වැඩි කිරීමේදී අපේක්ෂිත ආදායම කොපමණ දැයි එක් එක් අංශවලට අදාළව වෙන වෙනම දක්වන ලෙසද මෙහිදී උපදෙස් ලබා දී තිබේ. |
2022-11-30T15:24:32.000Z | පුද්ගලයින් විදේශගත කරන බව කියා මුදල් ගැරූ පුද්ගලයෙක් පොලිස් දැලේ... | රට හීන පෙන්වා මුදල් ගැරූ අයෙක් පොලිස් දැලේ... | COLOMBO (News 1 st ) - පුද්ගලයින් විදේශගත කරන බව පවසා මුදල් වංචා කිරිම්වලට සම්බන්ධ පුද්ගලයෙකු බම්බලපිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 44 හැවිරිදි මීගමුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු වන මොහු බම්බලපිටිය ප්‍රදේශයේ තාවකාලිකව ලබාගත් ගොඩනැගිල්ලක පදිංචිව සිටියදී අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය ප්‍රකාශ කළේ,මහනුවර පොලිස් ස්ථානයට ලද පැමිණිලි අනුව සැකකරු අත්අඩංගුවට ගත් බවයි. සැකකරු සමග තවත් පුද්ගලයින් කිහිපදෙනෙකු මෙම ජාවාරමට සම්බන්ධ වී ඇති බවට විදේශසේවා නියුක්ති කාර්යාංශය තොරතුරු අනාවරණ කරගෙන තිබේ. |
2022-11-30T13:45:17.000Z | COP - 27 සාර්ථකත්වයට දේශපාලනීකරණය සහ කල් මැරීම බාධාවක් - ජනපති | තිරසර ප්‍රගතියක් නැත්නම් COP - 28 විසුරුවයි ද.... | COLOMBO ( News 1 st ) - COP - 27 සමුළුවේ සාර්ථකත්වයට විශාලතම බාධාව දේශපාලනීකරණය සහ කල් මරමින් සිටීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් පෙන්වා දී තිබේ. ජනාධිපතිවරයා ප්‍රකාශ කරන්නේ, කෝප් ක්‍රියාවලිය මගින් එකඟවී ඇති පරිදි දේශගුණික ක්‍රියාකාරකම් පිළිබඳ විශ්වීය සහ සහයෝගී සැලැස්මක් ක්‍රියාවට නැංවීමට මුලපුරා නොමැති බවයි. දැනට සිදුවෙමින් පවතින පරිසර විනාශය මැඩපැවැත්වීම අත්‍යාවශ්‍ය වන අතර ඒ සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග වෙනුවෙන් ඇමරිකානු ඩොලර් බිලියන 100 ක මූල්‍ය ආධාර ඉලක්කය සපුරා ගැනීමට උත්සාහයක් දැරීම අත්‍යාවශ්‍ය කරුණක් බව රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දී තිබේ. ඔහු පෙන්වා දෙන්නේ දේශගුණික විපර්යාස නූතන ලෝකයට ත්‍රස්තවාදය වැනිම තර්ජනයක් බවයි. එහෙයින් ලෝක නායකයින් අවංකව මෙයට සම්බන්ධ නොවන්නේ නම්, ගෝලීය දේශගුණය නරක අතට හැරෙන විට සහ වාසස්ථාන අහිමි වන විට පැත්තකට වී සිටීමේ වරදට ඔවුන් වරදකරුවන් වනු ඇති බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිකුත් කර ඇති ප්‍රකාශයේ සඳහන්. ජනාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ,එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීමට නියමිත COP - 28 සමුළුව තවත් ආරම්භයක්ම නොවිය යුතු බවයි. එය බලශක්ති ක්ෂේත්‍රය කෙරෙහි දැඩි අවධානයක් යොමු කෙරෙන මෙන්ම දේශගුණික විපර්යාස සඳහා ගෝලීය ප්‍රතිචාරය ශක්තිමත් කෙරෙන වසරක ආරම්භය සනිටුහන් කරන මුද්‍රාවක් විය යුතු බව ජනාධිපතිවරයා අවධාරණය කර තිබෙන අතර වික්‍රමසිංහ මහතා සිය ප්‍රකාශයේ වැඩිදුරටත් පෙන්වා දෙන්නේ, මෙම සමුළුව අර්ථවත් වීමට නම්, COP - 28 හි තිරසාර ප්‍රගතියක් ලබා ගත යුතු අතර එසේ නොමැති නම්, COP විසුරුවා හැරීම වඩාත් සුදුසු බවයි. |
2022-11-30T12:36:59.000Z | දකුණ සහ ඇල්ල සංචාරක කලාප විදුලි කප්පාදුවෙන් නිදහස් | දකුණ සහ ඇල්ල සංචාරක කලාප විදුලි කප්පාදුවෙන් නිදහස් | COLOMBO (News 1st) - දකුණ සහ ඇල්ල සංචාරක කලාපවල, දෙසැම්බර් 1 වැනිදා සිට රාත්‍රියේ දී සිදු කරන විදුලි කප්පාදුවෙන් නිදහස් කරන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කරයි. ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් එ් මහතා පවසන්නේ, දෙසැම්බර් මස 15 වැනිදා නොරොච්චෝල ගල් අඟුරු බලාගාරයේ තුන්වැනි ඒකකය ජාතික පද්ධතියට එක්කරන බවත්, ඉන් අනතුරුව දිවයිනේ සියලුම සංචාරක කලාප රාත්‍රී විදුලි කප්පාදුවෙන් නිදහස් කිරීමට කටයුතු කරන බවයි. ඉන්පසු දිවා කාලයේ විදුලි කප්පාදුව පැයක් දක්වා අඩු කරන බවත්, නත්තල් සමයේ සහ අලුත් අවුරුදු සමයේ විදුලි කප්පාදුවක් සිදුනොකරන බවත් අදාළ ට්විටර් පණිවිඩයේ සඳහන් වේ. දැනට ක්‍රියාත්මක දිවා කාලයේ පැයක විදුලි කප්පාදුව සහ රාත්‍රී කාලයේ සිදුකරන පැය 1යි විනාඩි 20 විදුලි කප්පාදුව දෙසැම්බර් 15 වැනිදා දක්වා අඛණ්ඩව ක්‍රියාත්මක වනු ඇති බව ද එහි සඳහන් ය. කෙසේ වෙතත් මහජන උපයෝගීතා කොමිසම සඳහන් කරන්නේ,විදුලි කප්පාදුව සඳහා අවසර ලබාදී ඇත්තේ,නොවැම්බර් 30 වැනිදා දක්වා පමණක් බවයි. |
2022-11-30T12:35:31.000Z | හික්කඩුවේදී කඩුවකින් පහර දී පුද්ගලයෙක් ඝාතනය කෙරේ | හික්කඩුවේ දී පුද්ගලයෙකු ඝාතනය කෙරේ... | COLOMBO ( News 1 st ) - හික්කඩුව, වෑවල හන්දිය ප්‍රදේශයේදී අද දහවල් යුවළකට එල්ල වූ කඩු පහරකින් පිරිමි පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව තිබේ. පොලිසිය සඳහන් කළේ, අදාළ පුද්ගලයා ආරච්චිකන්ද රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් ඇති බවයි. මියගිය පුද්ගලයා 30 වැනි වියේ පසුවන්නෙක් වන අතර ප්‍රහාරයට ලක්වූ යුවල හික්කඩුව වෑවල ප්‍රදේශයේ රෙදිපිලි අලෙවිසැලක් පවත්වාගෙන ගොස් තිබේ. අද උදෑසන 10.45 ට පමණ පහරදීම සිදුකර ඇත්තේ එම වෙළඳදසැල ඉදිරිපිටදීයි. කළු පැහැති මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු එම පහරදීම සිදුකර ඇති අතර අප වාර්තාකරු ප්‍රකාශ කළේ, කාන්තාව කරාපිටිය ශික්ෂණ රෝහල වෙත මාරුකර යවා ඇති බවයි. පෞද්ගලික ආරවුලක් මත එම පහරදීම සිදුව ඇති බවත් අදාළ සැකකරු හඳුනාගෙන ඇති අතර ඔහු සොයා විමර්ශන ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක,ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිතීඥ නිහාල් තල්දුව මහතා ප්‍රකාශ කළේ ය. මියගිය පුද්ගලයා මීට පෙර පුද්ගලයෙකුට පහරදී ඇති බවත්, අද සිදුකරන ලද පහරදීම එම සැකකරු පලිගැනීමට සිදුකර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කළේ ය |
2022-11-30T12:20:52.000Z | ලෝක බැංකුවේ මෙරට අධ්‍යක්ෂවරිය අගමැති හමුවෙයි.. | ලෝක බැංකුවේ මෙරට අධ්‍යක්ෂවරිය අගමැති හමුවෙයි.. | COLOMBO ( News 1 st ) - ලෝක බැංකුවේ මෙරට අධ්‍යක්ෂ,චියෝ කන්ද්‍රා මහත්මිය ඇතුළු නියෝජිත පිරිසක් ආග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවී තිබේ. අග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කළ නිවේදනයක සඳහන් වන්නේ රටේ ආර්ථික තත්ත්වය ලිහිල් කිරීම සඳහා රජය ගෙන ඇති කෙටි කාලින ක්‍රියාමාර්ග පිළිබදව තෘප්තිමත් වන බව ලෝක බැංකු නියෝජිතයින් ප්‍රකාශ කළ බවයි. අඛණ්ඩව මධ්‍ය කාලීන හා දිගු කාලීන ප්‍රයත්නයන්ගේ අවශ්‍යතාව ද ලෝක බැංකු නියෝජිතයින් එහිදි අවධාරණය කර ඇති අතර මුල්‍ය සහ අනෙකුත් ප්‍රතිසංස්කරණ ඉක්මනින් කැබිනට් මණ්ඩලය හා පාර්ලිමේන්තුව මගින් සම්මත කර ගැනිමට හැකිවනු ඇතැයි ද ඔවුන් විශ්වාසය පළ කර තිබේ. |
2022-11-30T11:14:57.000Z | ලොව විශාලතම නාගරික ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය ඇරඹේ... | 'අදානි' ධාරාවී සංවර්ධනයට මුලපුරයි | COLOMBO ( News 1 st ) - ආසියාවේ වැඩිම පැල්පත්වාසීන් සංඛ්‍යාවක් ජීවත් වන ඉන්දියාවේ ධාරාවී නගරය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කර තිබේ. ව්‍යාපෘතියට මුල්‍ය දායකත්වය ලබා දෙන්නේ, ඉන්දියාවේ අදානි සමූහ ව්‍යාපාරයයි. රජය විසින් නගරය සංවර්ධනය කිරීම සඳහා පැවැත් වූ ඩොලර් මිලියන 612ක ලංසුවක් එම සමාගම දිනා ගැනීමට සමත් වී තිබෙන අතර මේ හරහා අක්කර 625ක භුමි ප්‍රමාණයක් සංවර්ධනය වීමට නියමිතයි. එය ලොව විශාලතම නාගරික ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය වනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් ය. |
2022-11-30T10:24:18.000Z | චීන හිටපු ජනපති ජියාංග් සෙමින් දැයෙන් සමුගනී.. | චීන හිටපු ජනපති ජියාංග් සෙමින් දැයෙන් සමුගනී.. | චීනය ගෝලීය ආර්ථිකය වෙත වීවෘත කරමින් නව ආරම්භයක් ලබා ගත් බවට සැලකෙන චීනයේ හිටපු ජනාධිපති ජියැන්ග් සෙමින් (Jiang Zemin) අභාවප්‍රාප්ත වී තිබේ. 1993 සිට 2003 වසර දක්වා චීන ජනරජයේ ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කළ ඔහු, චීන කොම්යුනිස්ට් පක්ෂයේ මහ ලේකම් ලෙස ද කටයුතු කළේ ය. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මිය යන විට ඔහු 96 වැනි වියේ පසුවු බවයි. වර්තමාන චීන ජනරජය ගොඩ නැගීමට මහඟු සේවයක් ඉටු කළ ඔහු, චීනය ගෝලීය ආර්ථිකය වෙත වීවෘත කළ නායකයා ලෙසද සැලකේ. |
2022-11-30T08:12:17.000Z | නේටෝ යුක්‍රේනයට තවත් ආයුධ දෙයි | නේටෝ සංවිධානය යුක්‍රේනයට තවත් ආයුධ දෙයි | COLOMBO (News 1st) - නේටෝ සංවිධානය යුක්‍රේනයට තවත් ආයුධ ලබා දීමට පොරොන්දු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එම සංවිධානය වැඩිදුරටත් පවසන්නේ රුසියානු මිසයිල සහ ඩ්‍රෝන් ප්‍රහාරවලින් දරුණු ලෙස හානියට පත් වූ යුක්‍රේන ප්‍රදේශවලට බලශක්ති පහසුකම් ස්ථාපනය කිරීමට ද කටයුතු කරන බවයි. රුසියානු ප්‍රහාර හමුවේ, මිලියන සංඛ්‍යාත වූ යුක්‍රේන වැසියන්ට විදුලිය හා ජලය නොමැතිව ශීත සෘතුව ආරම්භ කිරීමට සිදු වී ඇති බැවින් මෙම තීරණ ගෙන ඇති බව නේටෝ සංවිධානය පෙන්වා දෙයි. |
2022-11-30T08:03:31.000Z | නිල්වලා ගඟේ කිඹුලාට බිලි වූ පුද්ගලයාගේ අනන්‍යතාව තහවුරු වී නැහැ | නිල්වලා ගඟේදී පුද්ගලයෙක් කිඹුලෙකුට බිලි | COLOMBO (News 1st) - මාතර, නිල්වලා ගඟේ දී පුද්ගලයෙකු කිඹුලෙකුට බිලිව තිබේ. පොලීසිය පැවසුවේ, වයස අවුරුදු 70ක පමණ පිරිමි පුද්ගලයෙකු එලෙස මියගොස් ඇති බවයි. මළ සිරුරේ අනන්‍යතාව මෙතෙක් හඳුනාගෙන නොමැති අතර මෘත දේහය ඊයේ රාත්‍රීයේ සොයාගෙන ඇත්තේ පිලදූව පාලම අසල තිබියදී ය. මේ වන විට මළ සිරුර මාතර මහා රෝහලේ තැන්පත් කර තිබේ. |
2022-11-30T07:27:44.000Z | මිනිත්තු 5ත් - 10ත් අතර කාලයකින් සියලු දුම්රිය ගමන් වාර සංශෝධනයට | කැලණිවැලි මාර්ගයේ දුම්රිය කාලසටහනේ වෙනසක් | COLOMBO (News 1st) - ලබන 5 වනදා සිට කැලණිවැලි මාර්ගයේ දුම්රිය කාලසටහන වෙනස් වන බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ගාමිණි සෙනවිරත්න මහතා පවසයි. සෙසු මාර්ගවල කාල සටහන් ද අදියර වශයෙන් සංශෝධනය වන බවත් ඒ අනුව, මිනිත්තු 5 ත් - 10ත් අතර කාලයකින් සියලු දුම්රිය ගමන් වාර සංශෝධනය වන බවත් ඔහු ප්‍රකාශ කළේ ය. දුම්රිය සේවයේ පවතින අර්බුදකාරී තත්ත්වය හේතුවෙන්, දිගින් දිගටම දුම්රිය ප්‍රමාද වීම් වාර්තාවීම හමුවේ, නව කාලසටහන් සකස් කිරීමට පියවර ගැනුණි. මේ අතර පවතින සේවක හිඟය හේතුවෙන් දුම්රිය සේවයට අඛණ්ඩව පවත්වාගෙන යාමට බාධා මතුව ඇතැයි, දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ ය. ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, පවතින 8,000ක් වූ සේවක හිඟය පිරවීමට මෙතෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවයි. සේවක අවශ්‍යතා සම්පූර්ණ කිරීම සඳහා රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතිය ඉල්ලා ඇතැත්, ඊට මෙතෙක් අනුමැතිය ලැබී නොමැති බව දුම්රිය දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි. ඒ තත්ත්වය හේතුවෙන්, විශ්‍රාමිකයින් යළි සේවයට කැඳවා ගැනීම ගැටලුවක් වී තිබේ. දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ දුම්රිය සේවය අඛණ්ඩව පවත්වාගෙන යාම වෙනුවෙන් විශ්‍රාමික පුහුණුව ලත් තාක්ෂණික ශිල්පීන්, රියැදුරන් සහ නියාමකයින් ඇතුළු පිරිස් බඳවා ගැනීමට මීට පෙර රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතිය ඉල්ලා සිටි බවයි. නමුත් ඊට මෙතෙක් අනුමැතිය ලැබී නොමැත. |
2022-11-30T04:19:09.000Z | ශ්‍රී ලංකාවට තීරණාත්මක ඇෆ්ගනිස්ථානයට එරෙහි තුන්වන තරගය අද.. | ශ්‍රී ලංකා - ඇෆ්ගනිස්ථාන තීරණාත්මක තුන්වන තරගය අද | COLOMBO (News 1st) - ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර තීරණාත්මක තෙවන එක්දින ක්‍රිකට් තරගය අද(30) පැවැත්වේ. මහනුවර, පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තරගය අද(30) සවස 2.30ට ආරම්භවීමට නියමිතය. තරග 3කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ තරග 1-0ක් ලෙස ඇෆ්ගනිස්ථානය මේ වනවිට ඉදිරියෙන් සිටී. තරගාවලියේ දෙවන තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන් එය ජය පැරදුමෙන් තොරව අවසන් විය. ඒ අනුව තරගාවලිය තරග 1-1ක් ලෙස ජය පැරදුමෙන් තොරව අවසන් කර ගැනීමටනම් ශ්‍රී ලංකාව අද තරගය අනිවාර්යෙන්ම ජයගත යුතු වේ. අද තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වුවහොත් හෝ තරගය ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය වුවහොත් ටෙස්ට් වරම්වත් නොමැති ඇෆ්ගනිස්ථානයට ශ්‍රී ලංකා කණ්ඩායමක් එක්දින තරගාවලියක් පරාජයට පත්වන පළමු අවස්ථාව ලෙස ඉතිහාස ගතවනු ඇති. |
2022-11-30T02:21:03.000Z | මෙරට ළමා මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් 21,000 ක් | පවුල් 66,000කට ආහාර සහන දීම ආරම්භ කෙරේ | COLOMBO (News 1st) - මෙරට පවුල් 66,000කට ආහාර සහන දීම ආරම්භ කර තිබේ. ආහාර සුරක්ෂිතතාව හා පෝෂණය සහතික කිරීමේ ජාතික වැඩසටහනේ ප්‍රධානී ජනාධිපති උපදේශක ආචාර්ය සුරේන් බටගොඩ මහතා පැවසුවේ, මාස 6ක කාලයක් දක්වා මාසයකට රුපියල් 15,000 බැගින් එම සහනාධාර ලබා දෙන බවයි. මේ අතර දැනට සිදුකළ සමීක්ෂණ අනුව මෙරට ළමා මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් 21,000ක් හඳුනාගෙන ඇති බවත් එය 40,000 දක්වා වර්ධනය විය හැකි බවත් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ ය. |
2022-11-30T02:08:00.000Z | ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ කණ්ඩායම් 4 ක් අද තරග බිමට | කණ්ඩායම් 4 ක් අද FIFA ලෝක කුසලාන තරග බිමට | COLOMBO (News 1st) - 2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ තවත් තරග 4ක් අද (30) පැවැත්වේ. අද (30) පළමු තරගය ලෙස පැවැත්වෙන්නේ, මෙරට වේලාවෙන් රාත්‍රී 8.30 ට ඔස්ට්‍රේලියාව සහ ඩෙන්මාර්කය අතරයි. අද දිනයේ දෙවන තරගය ටියුනීසියාව සහ ප්‍රංශය අතර පැවැත්වෙන අතර පෝලන්තය සහ ආර්ජන්ටිනාව අතර තරගය පැවත්වෙන්නේ, මධ්‍යම රාත්‍රී 12.30ටයි. පසුව සවුදි අරාබිය සහ මෙක්සිකෝව අතර තරගය පැවැත්වෙනු ඇති. 2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ තරග සියල්ලම ඔබ වෙත ගෙන ඒමට ''චැම්පියන්ස් නෙට්වර්ක්" සූදානම්. ශ්‍රී ලංකාවේ ක්‍රීඩාව, දැනුම සහ විනෝදය වෙනුවෙන් වෙන්වූ එකම නාලිකාව වන TV1 2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ නිල දේශීය විකාශන අයිතිය හිමි නාලිකාවයි. තරගාවලියේ සියලු තරග TV1 නාලිකාව ඔස්සේ ඔබට නැරඹිය හැකිය. |
2022-11-30T01:58:29.000Z | සෙනගාලය ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සුපිරි කණ්ඩායම් 16 අතරට | සෙනගාලය සුපිරි කණ්ඩායම් 16 අතරට | COLOMBO (News 1st) - සෙනගාලය 2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සුපිරි කණ්ඩායම් 16 දෙනාගේ වටයට සුදුසුකම් ලැබී ය. ඒ, ඉක්වදෝරයට එරෙහි තරගය ජය ගනිමිනි. තරගයේ පළමු අර්ධයේදී සෙනගාලය පළමු ගෝලය රැස් කළ අතර එම අර්ධයේදී ඉක්වදෝරයට ගෝල රැස් කිරීමට නොහැකි විය. දෙවැනි අර්ධයේදී ඉක්වදෝරය ගෝලයක් රැස් කරමින් තරගයට අවතීර්ණ වුවත් සෙනගාලය එම අර්ධයේදී ජයග්‍රාහී දෙවැනි ගෝලයත් රැස් කළේ ය. ඒ අනුව සෙනගාලය තරගය ජය ගත්තේ ගෝල 2 ට 1ක් ලෙසයි. මේ අතර තරගාවලියේ වේල්සයට එරෙහි තරගය එංගලන්තය ජය ගත්තේ ය. පළමු අර්ධයේදී කණ්ඩායම් දෙකෙන්ම ගෝල වාර්තා නොවූ අතර දෙවැනි අර්ධයේදී එංගලන්තය ගෝල 3 ක් රැස් කළේ ය. ඒ අනුව එංගලන්තය තරගය ජය ගත්තේ ගෝල 3ට 0ක් ලෙසයි. 2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ඉරානයට එරෙහි තරගයෙන් අමෙරිකාව ජය ගත්තේ ය. ඒ ගෝල 1 ට 0 ක් ලෙසයි. 2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ තරග සියල්ලම ඔබ වෙත ගෙන ඒමට ''චැම්පියන්ස් නෙට්වර්ක්" සූදානම්. ශ්‍රී ලංකාවේ ක්‍රීඩාව, දැනුම සහ විනෝදය වෙනුවෙන් වෙන් වූ එකම නාලිකාව වන TV 1 2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ නිල දේශීය විකාශන අයිතිය හිමි නාලිකාවයි. තරගාවලියේ සියලු තරග TV 1 නාලිකාව ඔස්සේ ඔබට නැරඹිය හැකියි. |
2022-11-30T01:14:41.000Z | ඕමානයේ සහ එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සංචාරක වීසා මත සිටින 77 ක් ගෙන්වා ගැනීමට පියවර | ඕමාන තානාපති කාර්යාලයේ හිටපු 03 වැනි ලේකම් රිමාන් | COLOMBO (News 1st) - ඕමානයේ සහ එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සංචාරක වීසා මත රැඳී සිටින 77 දෙනෙකු මෙරටට ගෙන්වා ගැනීමට පියවර ගෙන තිබේ. විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ගාමිණි සෙනරත් යාපා මහතා පැවසුවේ, ඒ සඳහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ සහ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරී කණ්ඩායමක් එම රටවල් වෙත යෑමට නියමිත බවයි. ඕමාන තානාපති කාර්යාලයේ හිටපු 03 වැනි ලේකම් ඊ. කුෂාන් නැමැත්තා ලබන 13 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි. ඒ ඔහු ඊයේ(29) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා හමුවට ඉදිරිපත් කිරිමෙන් අනතුරුවයි. අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් මිනිස් ජාවාරම් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන ඊ. කුෂාන් නමැත්තා ඊයේ අධිකරණයට ඉදිරිපත් කළ අතර ඕමාන තනාපති කාර්යාලයේ සුරක්ෂා නිවාසයේ රඳවා සිටින වින්දිත කාන්තාවකට ලිංගික අඩත්තෙට්ටම් කිරිමේ චෝදනා ඊ. කුෂාන් නමැත්තාට එල්ල වී තිබේ. |
2022-11-30T00:33:29.000Z | ගෙවුණු දවස උණුසුම් කළ පුවත් | ගෙවුණු දවස උණුසුම් කළ පුවත් | 1. මෙරට මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් ගණන 21,000ක් – සෞඛ්‍ය ඇමති - සිදුකරන ලද සමීක්ෂණ අනුව මෙරට ළමා මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් 21,000ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඊයේ (29) පාර්ලිමේන්තුවේ පැවසුවේ ය. 2. දේශබන්දු තෙන්නකෝන්ට එරෙහි පෙත්සම දෙසැම්බර් 16 යළි කැඳවන්නැයි නියෝග - ගාලුමුවදොර විරෝධතාවට පහරදීමේ සිද්ධියට අදාළව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සැකකරුවෙකු ලෙස නම් කර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට නියෝගයක් කරන්නැයි, ඉල්ලා ගොනු කළ රීට් ආඥා පෙත්සම දෙසැම්බර් 16 වැනිදා යළි කැඳවීමට අභියාචනාධිකරණය නියෝග කළේ ය. 3. ඖෂධීය කංසා අපනයන පනත් කෙටුම්පත අයවැයෙන් පසු පාර්ලිමේන්තුවට - ඖෂධීය කංසා ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අනුමැතිය යටතේ අපනයන කර්මාන්තයක් ලෙස වැඩිදියුණු කිරීමට අදාළ පනත් කෙටුම්පත අයවැය විවාදයෙන් පසුව පාර්ලිමේන්තුවට ගෙන එන බව, රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි ප්‍රකාශ කළේ ය. 4. මේජර් ජෙනරල් චන්න විරසුරිය යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි ධුරයට - යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි ලෙස මේජර් ජෙනරල් චන්න විරසුරිය මහතා පත්කර තිබේ. 5. ආණ්ඩුවේ බහුතර පක්ෂයේ නියෝජිතයා ලෙස සාගර කාරියවසම් නම් කෙරේ - ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට ආණ්ඩුවේ බහුතර පක්ෂයේ නියෝජිතයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා නම් කර තිබේ. |
2022-11-29T17:21:38.000Z | මෙරට මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් ගණන 21,000ක් - සෞඛ්‍ය ඇමති | මෙරට දරුවන් 21,000කට මන්දපෝෂණය | COLOMBO (News 1st) - සිදුකරන ලද සමීක්ෂණ අනුව , මෙරට ළමා මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් 21,000ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද (29) පාර්ලිමේන්තුවට පැවසුවේ ය. අමාත්‍යවරයා එහිදී තවදුරටත් සඳහන් කළේ, මෙම අගය 40,000ක් දක්වා වර්ධනය වෙතැයි අපේක්ෂා කරන බවයි. |
2022-11-29T17:14:30.000Z | දේශබන්දු තෙන්නකෝන්ට එරෙහි පෙත්සම දෙසැම්බර් 16 යළි කැඳවන්නැයි නියෝග | දේශබන්දුට එරෙහි පෙත්සම යළි කැඳවන්නැයි නියෝග | COLOMBO (News 1st) - ගාලුමුවදොර විරෝධතාවට පහරදීමේ සිද්ධියට අදාළව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සැකකරුවෙකු ලෙස නම් කර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට නියෝගයක් කරන්නැයි, ඉල්ලා ගොනු කළ රීට් ආඥා පෙත්සම දෙසැම්බර් 16 වැනිදා යළි කැඳවීමට අභියාචනාධිකරණය අද නියෝග කළේ ය. වගඋත්තරකාර දේශබන්දු තෙන්නකෝන් මහතා වෙනුවෙන් නීතීඥ සුගත් කල්දේරා මහතා පෙනී සිටි අතර නීතිපතිවරයා නියෝජනය කිරීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුවේ කිසිදු නිළධාරියෙකු අද අධිකරණය හමුවේ පෙනී සිටියේ නැත. පසුගිය මැයි 09 වනදා අරලිය ගහ මන්දිරයට රැස්වූ පොදුජන පෙරමුණේ ක්‍රියාකාරීන් සහ ආධාරකරුවන් පිරිසක් අරලියගහ මන්දිරය ඉදිරිපිට මයිනාගෝගම සහ ගාලු මුවදොර ගෝඨාගෝගම භූමියේ රැඳීසිටි අරගලකරුවන්ට පොලු මුගුරු වලින් පහරදීම වළක්වා ගැනීම සඳහා නිසි පියවර නොගත් තෙන්නකෝන් මහතා සැකකරුවෙකු ලෙස නම් කර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට නියෝගයක් කරන්නැයි, ඉල්ලා නීතිඥ රාමලිංගම් රංජන් මහතා අදාල රීට් ආඥා පෙත්සම ගොනු කර තිබුණි. සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම අද කැඳවනු ලැබී ය. ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා මහතා වගඋත්තරකාර දේශබන්දු තෙන්නකෝන් මහතා වෙනුවෙන් පෙනී සිටීමට නියමිත බවත් ඊට අදාල ලේඛණ තමන්ට ලැබුනේ පෙර දින රාත්‍රීයේ බැවින් කරුණු දැක්වීමට කාලය අවශ්‍ය බවත් නීතීඥ සුලත් කල්දේරා මහතා අධිකරණයට දැනුම් දුන්නේ ය. පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටී ජනාධිපති නීතීඥ මෛත්‍රී ගුණරත්න මහතා විනිසුරු මඩුල්ලෙන් ඉල්ලා සිටියේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ මෙම පහරදීම් සම්බන්ධයෙන් නඩු කටයුත්ත හෙට යලි කැඳවීමට නියමිත බැවින් කෙටි කාලසීමාවක දිනයක් නඩුව නැවත කැඳවීම සඳහා නියම කරන ලෙසයි. |
2022-11-29T16:35:19.000Z | ඖෂධීය කංසා අපනයන පනත් කෙටුම්පත අයවැයෙන් පසු පාර්ලිමේන්තුවට | කංසා අපනයන පනත අයවැයෙන් පසු පාර්ලිමේන්තුවට | COLOMBO (News 1st) - ඖෂධීය කංසා ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අනුමැතිය යටතේ අපනයන කර්මාන්තයක් ලෙස වැඩිදියුණු කිරීමට අදාළ පනත් කෙටුම්පත අයවැය විවාදයෙන් පසුව පාර්ලිමේන්තුවට ගෙන එන බව, රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි ප්‍රකාශ කළේ ය. එම මහතා මේ බව ප්‍රකාශ කළේ" අද (29) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමිනි. |
2022-11-29T16:12:49.000Z | මේජර් ජෙනරල් චන්න විරසුරිය යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි ධුරයට | නව යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි | COLOMBO (News 1st) - යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි ලෙස මේජර් ජෙනරල් චන්න විරසුරිය මහතා පත්කර තිබේ. ඒ මහතා ශ්‍රී ලංකා පාබල රෙජිමේන්තුවේ දක්ෂ නිධාරියෙකු වන අතර ඔහුගේ සේවා කාලය වසර 35 කි. එල්.ටි.ටි.ඊ. ත්‍රස්ත්‍රවාදින්ගෙන් රට බේරා ගැනීම සඳහා ක්‍රියාන්විත රාජකාරී ඉටුකළ වීරසූරිය මහතා දෙස්, විදෙස් විශ්ව විද්‍යාල කිහිපකින්ම අධ්‍යාපනය ලැබූ අයෙකි. |
2022-11-29T16:10:22.000Z | ආණ්ඩුවේ බහුතර පක්ෂයේ නියෝජිතයා ලෙස සාගර කාරියවසම් නම් කෙරේ.. | ආණ්ඩුවේ බහුතර පක්ෂයේ නියෝජිතයා ලෙස සාගර කාරියවසම් | COLOMBO (News 1st) - ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට ආණ්ඩුවේ බහුතර පක්ෂයේ නියෝජිතයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා නම් කර තිබේ. සාගර කාරියවසම් මහතාගේ නම, තමා නම් කළ බව අග්‍රාමාත්‍ය දිනේශ් ගුණවර්ධන මහතා විසින් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්විමට දැනුම් දුන්නේ ය. අද පාර්ලිමේන්තු සංකීර්ණයේ දී ආණ්ඩුපක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම පවත්වනු ලැබීය. |
2022-11-29T08:14:23.000Z | ඕමාන ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තුන් වන ලේකම් කුෂාන් රිමාන්ඩ් | අත්අඩංගුවට පත් ඊ.කුෂාන් රිමාන්ඩ් | COLOMBO (News 1st) - CID අත්අඩංගුවට පත් ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ 3 වැනි ලේකම් ඊ.කුෂාන් මහතා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. ඒ, දෙසැම්බර් 13 වැනිදා දක්වාය. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක් අනුව ඔහු එළෙස රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. |
2022-11-29T06:47:04.000Z | අත්අඩංගුවට පත් ඕමාන ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තුන් වන ලේකම්ගෙන් CID යට ප්‍රකාශ | ඊ. කුෂාන්ගෙන් CID යට ප්‍රකාශ | COLOMBO (News 1st) - ශ්‍රී ලාංකික කාන්තාවන් ඕමානයේදී විවිධ කටයුතුවලට යොදා ගැනීම සම්බන්ධ ආන්දෝලනාත්මක සිද්ධියට චෝදනා ලැබ අත්තඩංගුවට පත් ඕමාන ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තුන් වන ලේකම් ඊ. කුෂාන් මහතාගෙන් අද (29) අලුයම සිට පැය 6 ක ට අධික කාලයක් පුරා ප්‍රකාශ සටහන් කරගෙන තිබේ. අද අලුයම 3.55 ට ඕමානයේ මස්කට් නුවර සිට කටුනායකට පැමිණි අවස්ථාවේදී ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට පත්විය. ඊ. කුෂාන් මහතාට ඕමානයේ ගෘහ සේවය සඳහා ගොස් සිටි කාන්තාවන්ට ලිංගික අඩන්තේට්ටම් කිරීම, ඒ සඳහා බලපෑම් කිරීම, ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් අලෙවි කිරීම ඇතුළු චෝදනා කිහිපයක් එල්ල වී ඇත. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් පසු ප්‍රකාශ සටහන් කර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තැනැත්තන් වෙළෙඳාම, ජාවාරම හා සමුද්‍රීය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත රැගෙන විත් තිබේ. ඔහු අද (29) අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. |
2022-11-29T05:44:23.000Z | උතුරු මුහුදට ඇතුළු වූ ඉන්දීය ධීවරයින් 24 ක් අත්අඩංගුවට | ඉන්දීය ධීවරයින් 24ක් උතුරු මුහුදේදී අත්අඩංගුවට | COLOMBO (News 1st) - උතුරු මුහුදේ අනවසර ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 24 දෙනෙකු යාපනය, කරෛයිනගර්, කෝවිලන් ප්‍රදීපාගාරයට ඔබ්බෙන් වූ මුහුදු සීමාව තුළ අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, නාවික හමුදාව හා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව එක්ව ඊයේ (28) සවස සිදුකළ විශේෂ මෙහෙයුමකදීයි. අදාල ධීවරයින් සමග යාත්‍රා 5ක් ද නාවික හමුදා භාරයට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයින් සහ යාත්‍රා කන්කසන්තුරය වරාය වෙත රැගෙන ඒමට කටයුතු කර ඇත. ඉදිරි නීතිමය කටයුතු සඳහා ඔවුන් යාපනය, මයිලඩි ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාරදීමට නියමිතයි. |
2022-11-29T03:40:04.000Z | පෘතුගාලය FIFA ලෝක කුසලානයේ සුපිරි 16 දෙනාගේ වටයට | පෘතුගාලය FIFA ලෝක කුසලානයේ සුපිරි 16 දෙනාගේ වටයට | COLOMBO (News 1st) - 2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ උරුගුවේ කණ්ඩායමට එරෙහිව පැවති තරගය පෘතුගාලය ජය ගත්තේය. තරගයේ පළමු අර්ධයේ දී කණ්ඩායම් දෙකටම ගෝල රැස් කිරීමට හැකි වූයේ නැත. දෙවන අර්ධයේ 9 වෙනි මිනිත්තුවේදී පෘතුගාල ක්‍රීඩක බෲනෝ ෆර්නෑන්ඩස් තරගයේ පළමු ගෝලය වාර්තා කළේ ය. එම අර්ධයේදී ද උරුගුවේ කණ්ඩායමට කිසිදු ගෝලයක් රැස් කිරීමට හැකි වූයේ නැත. ආබාධ සඳහා ලබා දුන් අතිරේක කාලයේ පෘතුගාලය වෙනුවෙන් සිය දෙවන ගෝලය වාර්තා කිරීමට බෲනෝ ෆර්නෑන්ඩස් සමත් විය. තරගය අවසන් වුණේ, ගෝල 2ට 0ක් ලෙස පෘතුගාලය ජය ගනිමිනි. ඒ අනුව පෘතුගාලය සුපිරි 16 දෙනාගේ තරග වටයට සුදුසුකම් ලබා ගත්තේ ය. 2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ තරග සියල්ලම ඔබ වෙත ගෙන ඒමට ''චැම්පියන්ස් නෙට්වර්ක්" සූදානම් ය. ශ්‍රී ලංකාවේ ක්‍රීඩාව, දැනුම සහ විනෝදය වෙනුවෙන් වෙන් වූ එකම නාලිකාව වන TV 1 2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ නිල දේශීය විකාශන අයිතිය හිමි නාලිකාවයි. තරගාවලියේ සියලු තරග TV 1 නාලිකාව ඔස්සේ ඔබට නැරඹිය හැකියි. |
2022-11-29T02:15:25.000Z | බ්‍රසීලය FIFA ලෝක කුසලානයේ සුපිරි 16 දෙනාගේ වටයට | බ්‍රසීලය FIFA ලෝක කුසලානයේ සුපිරි 16 දෙනාගේ වටයට | COLOMBO (News 1st) - බ්‍රසීලය 2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සුපිරි 16 දෙනාගේ තරග වටයට සුදුසුකම් ලබා ගෙන තිබේ. ඒ, ස්විට්සර්ලන්තයට එරෙහිව පැවති තරගය ජය ගැනීමත් සමගයි. කටාර්හී නයින් සෙවන් ෆෝ ක්‍රීඩාංගණයේ පැවති තරග නැරඹීමට පැමිණි ප්‍රේක්ෂකයින් සංඛ්‍යාව 43000කට අධිකය. ආරම්භයේ සිටම උණුසුම් මුහුණුවරක් ගත් තරගයේ පළමු අර්ධයේදී කණ්ඩායම් දෙකටම ගෝල රැස් කිරීමට හැකි වුණේ නැත. තරගයේ ගෝල රැස් කිරීම ආරම්භ කළේ, බ්‍රසීලයයි. තරගයේ 83 වන මිනිත්තුවේදී බ්‍රසීල ක්‍රීඩක කැසෙමිරෝ තරගයේ පළමු ගෝලය වාර්තා කළේ ය. ස්විට්සර්ලන්ත කණ්ඩායමට දෙවන අර්ධයේදී ද ගෝල රැස් කිරීමට හැකි වුණේ නැත. ඒ අනුව තරගය, ගෝල 1ට 0ක් ලෙස ප්‍රබල බ්‍රසීලය කණ්ඩායම ජයග්‍රහණය කර තිබේ. 2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ තරග සියල්ලම ඔබ වෙත ගෙන ඒමට ''චැම්පියන්ස් නෙට්වර්ක්" සූදානම් ය. ශ්‍රී ලංකාවේ ක්‍රීඩාව, දැනුම සහ විනෝදය වෙනුවෙන් වෙන් වූ එකම නාළිකාව වන TV 1 2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ නිළ දේශීය විකාශන අයිතිය හිමි නාලිකාවයි. තරගාවලියේ සියලු තරග TV 1 නාලිකාව ඔස්සේ ඔබට නැරඹිය හැකියි. |
2022-11-29T01:42:28.000Z | විදේශ ඇමති අලි සබ්‍ර් අමෙරිකාවේ නිල සංචාරයක... | විදේශ ඇමති අමෙරිකාවේ නිල සංචාරයක | COLOMBO (News 1st) - විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා අද (29) අලුයම අමෙරිකාව බලා පිටත්ව ගියේ ය. ඒ, අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්කන්ගේ ආරාධනයකට අනුවයි. අමාත්‍යවරයා සමග තවත් රාජ්‍ය නිලධාරීන් 3 දෙනෙකු එම සංචාරය සඳහා එක්ව සිටි බව කටුනායක ගුවන්තොටුපොළේ කාර්යභාර කළමනාකාරවරයා සඳහන් කළේ ය. දෙසැම්බර් 4 වැනි දා දක්වා අමෙරිකාවේ රැඳී සිටින විදේශ අමාත්‍යවරයා එරට ඉහළ පෙළේ නිලධාරීන් රැසක් හමුවීමට නියමිතයි. |
2022-11-29T01:30:27.000Z | මගීන් 2000 ක් රැගත් අතිසුඛෝපභෝගි නෞකාවක් කොළඹට | MEIN SCHIFF 5 අතිසුඛෝපභෝගී නෞකාව කොළඹට | COLOMBO (News 1st) - ලොව අතිසුඛෝපභෝගි මගී නෞකාවක් වන මේන් ෂිෆ් ෆයිව් නෞකාව අද (29) අලුයම කොළඹ වරායට සේන්දු විය. වරාය අධිකාරියේ හාබර් මාස්ටර් නිර්මාල් සිල්වා මහතා සඳහන් කළේ, මගීන් 2014 ක් සහ කාර්ය මණ්ඩල සමාජිකයින් 922 ක් රැගෙන එම නෞකාව දිවයිනට පැමිණි බවයි. දිගින් මීටර් 295 ක් වන මේන් ෂිෆ් ෆයිව් නෞකාවේ මගීන් 2500 කට පහසුකම් සලසා තිබේ. එම නෞකාව අද රාත්‍රියේ කොළඹ වරායෙන් පිටත්ව ගොස් හම්බන්තොට වරාය වෙත යාත්‍රා කරනු ඇති. එය හෙට (30) රාත්‍රී 9.00 යට දිවයිනෙන් පිටත්ව යන බව වරාය අධිකාරියේ හාබර් මාස්ටර් නිර්මාල් සිල්වා මහතා ප්‍රකාශ කළේ ය. ඔහු වැඩිදුරටත් පැවසුවේ, මේ වසර අවසානයට පෙර මෙවැනි අතිසුඛෝපභෝගි තවත් මගී නෞකා 04 ක් දිවයිනට සේන්දු වන බවයි. අද පැමිණි නෞකාවේ පැමිණි සංචාරකයින් බහුතරයක් යුරෝපිය ජාතිකයින් බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා නිකුත් කල ට්විටර් පණිවුඩයක සඳහන් ය. |
2022-11-29T01:15:33.000Z | ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තුන් වන ලේකම් කුෂාන් කටුනායකදී අත්අඩංගුවට | ඊ. කුෂාන් CID අත්අඩංගුවට | COLOMBO (News 1st) - ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තුන් වන ලේකම් ඊ. කුෂාන් නමැත්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, ඔහු අද (29) අලුයම ඕමානයේ මස්කට් නුවර සිට කටුනායක ගුවන්තොටුපොළට පැමිණි අවස්ථාවේදීයි. ඊ. කුෂාන් නමැත්තාට ඕමානයේ ගෘහ සේවය සඳහා ගොස් සිටි කාන්තාවන්ට ලිංගික අඩත්තේට්ටම් කිරීම, ඒ සඳහා සහ බලපෑම් කිරීම, මිනිස් ජාවාරම් කිරීම, ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් අලෙවි කිරීම ඇතුළු චෝදනා එල්ල වී ඇත. සැකකරුගෙන් මේ වනවිට කටුනායක ගුවන්තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් ප්‍රකාශ සටහන් කර ගනිමින් සිටින බව වාර්තා වේ. |
2022-11-29T01:12:00.000Z | ගෙවුණු දවස උණුසුම් කළ පුවත් | ගෙවුණු දවස උණුසුම් කළ පුවත් | 1. ලංවිම ප්‍රතිව්‍යූහගත කිරීමට පත් කරන ලද කමිටුව දුන් යෝජනාවලියට කැබිනට් අනුමැතිය - ලංකා විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යූහගත කිරීමට පත් කරන ලද කමිටුව විසින් ලබා දුන් යෝජනාවලියට ඊයේ (28) කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ. 2. මට්ටක්කුලියේදී කපා කොටා පුද්ගලයෙකු ඝාතනය කෙරේ - මට්ටක්කුලිය, මැද පාර ප්‍රදේශයේ මාර්ගයේදී තියුණු ආයුධවලින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ. 3. පැතුම් නිස්සංක, කසුන් රාජිත සහ චරිත් අසලංක යුග දිවියට.. - ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ඊයේ (28) මංගල සීනු හැඬවුණු සුවිශේෂි දිනයකි. 4. ඩයනාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කරන්නැයි ගොනුකර තිබූ රීට් ආඥා පෙත්සම විභාගයට ගැනීමට අවසර - රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කරන්නැයි ඉල්ලා ගොනුකර තිබූ රීට් ආඥා පෙත්සම විභාගයට ගැනීමට අභියාචනාධිකරණය ඊයේ (28) අවසර ලබා දුන්නේය. 5. මහව සිට යාපනය දක්වා දුම්රිය ධාවනය මාස 5කට අත්හිටුවීමට පියවර - මහව සිට යාපනය දක්වා දුම්රිය ධාවනය මාස 5ක කාලයකට අත්හිටුවීමට තීරණය කළ බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. |
2022-11-28T16:24:59.000Z | ලංවිම ප්‍රතිව්‍යූහගත කිරීමට පත් කරන ලද කමිටුව දුන් යෝජනාවලියට කැබිනට් අනුමැතිය | ලංවිම ප්‍රතිව්‍යූහගත කිරීමට කැබිනට් අනුමැතිය | COLOMBO (News 1st) - ලංකා විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යූහගත කිරීමට පත් කරන ලද කමිටුව විසින් ලබා දුන් යෝජනාවලියට අද (28) කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ. ඒ අනුව, විදුලි බල ප්‍රතිව්‍යූහගත පනත මසක් තුළ සකස් කිරීමට පියවර ගන්නා බව, විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කරයි. එම ක්‍රියාවලිය හෙට (29) සිට ආරම්භ කරන බවත් අමාත්‍යවරයා නිකුත් කළ ට්විටර් පණිවිඩයේ සඳහන් වේ. |
2022-11-28T10:07:26.000Z | මට්ටක්කුලියේදී කපා කොටා පුද්ගලයෙකු ඝාතනය කෙරේ | මට්ටක්කුලියේදී කපා කොටා පුද්ගලයෙකු ඝාතනය කෙරේ | COLOMBO (News 1st) - මට්ටක්කුලිය, මැද පාර ප්‍රදේශයේ මාර්ගයේදී තියුණු ආයුධවලින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ. පොලීසිය සඳහන් කළේ, වයස අවුරුදු 38ක පිරිමි පුද්ගලයෙකු මෙලෙස ඝාතනය කර ඇති බවය. ඔහු මෝටර් රථයකින් බැසීමේ දී පිටුපසින් තවත් මෝටර් රථයක පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු ඔහුට තියුණු ආයුධවලින් පහර දී තිබේ. බරපතල තුවාල ලැබූ ඔහු රෝහල්ගත කිරීමෙන් පසු මියගොස් ඇතැයි පොලීසිය සඳහන් කළේ ය. සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති අතර, ඝාතනයට සම්බන්ධ සැකකරුවන් පිළිබඳ තවමත් අනාවරණය වී නොමැත. |
2022-11-28T08:19:20.000Z | පැතුම් නිස්සංක, කසුන් රාජිත සහ චරිත් අසලංක යුග දිවියට.. | ක්‍රිකට් තරු 03ක් යුග දිවියට.. | COLOMBO ( News 1 st ) – ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට අද(28) මංගල සීනු හැඬවුණු සුවිශේෂි දිනයකි. ඒ, කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩකයින් තිදෙනෙකු විවාහ දිවියට පිවිසීම හේතුවෙනි. එලෙස විවාහ දිවියට පිවිසුණේ වෙන කවුරුත් නොව, මුළු රටක් ආදරය කරන පැතුම් නිස්සංක, කසුන් රාජිත සහ චරිත් අසලංකයි. පැතුම්, කසුන් සහ චරිත්ගේ විවාහ උත්සවයන් අද(28) දිනයේ පැවැත්වුවද, ඊයේ(27) මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී ඇෆ්ගනිස්ථානයට එරෙහිව පැවති දෙවන එක්දින තරගය ද මොවුන් තිදෙනාම ක්‍රීඩා කිරීම විශේෂත්වයකි. ඊයේ තරගයේදී කසුන් රාජිත සිය එක්දින ක්‍රිකට් දිවියේ හොඳම පන්දු යැවීම ද වාර්තා කරමින් ලකුණු 31කට කඩුලු 3ක් ද දවා ගත්තේය. එම තරගයට වර්ෂාවෙන් බාධාවෙන අවස්ථාව වනවිට කඩුල්ලේ රැඳී සිටි පැතුම් නොදැවී ලකුණු 03ක් ලබා සිටියේය. යුග දිවියට එළැඹි පැතුම් නිස්සංකට, කසුන් රාජිතට සහ චරිත් අසලංකට News 1st අපෙන් උණුසුම් සුබ පැතුම්! ඡායාරූප සමාජ මාධ්‍යයෙනි.. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.