date
stringlengths 24
24
| title
stringlengths 0
176
| short_title
stringlengths 10
69
| content
stringlengths 0
19.7k
|
---|---|---|---|
2022-12-14T16:42:07.000Z | තියුණු ආයුධයකින් පහර දීමෙන් තුවාල ලැබූ සමාජ මාධ්‍ය ක්‍රියාකාරී ඩිලාන් සේනානායක රෝහලට | පහරදීමකින් ඩිලාන් සේනානායක රෝහලට | COLOMBO (News 1st) - සමාජ මාධ්‍ය ක්‍රියාකාරී ඩිලාන් සේනානායක මහතාට පුද්ගලයින් දෙදෙනෙකු තියුණු ආයුධයකින් පහර දී තිබේ. පොලීසිය සඳහන් කළේ, තුවාල ලැබූ ඩිලාන් සේනානායක මහතා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බවයි. ඔහුගේ පාදයකට හා උරහිසට පහරදීමෙන් තුවාල සිදුව තිබේ. නුගේගොඩ, පාගොඩ පාරේ පිහිටි ඔහුගේ නිවසට පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු පහරදීම සිදු කර ඇතැයි පොලීසිය සඳහන් කළේය. |
2022-12-14T16:35:34.000Z | ජැෆ්නා කිංග්ස්ට එරෙහිව කැන්ඩි ෆැල්කන්ස්ට ලකුණු 10ක ජයක් | කැන්ඩි ෆැල්කන්ස් ලකුණු 10ක ජයක් | COLOMBO ( News 1 st ) - ලංකා ප්‍රිමියර් ලීග් පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ, ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට එරෙහි තරගය කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම ලකුණු 10කින් අද(14) ජය ගත්තේ ය. පළමුව පන්දුවට පහරදුන් කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී, ලකුණු 160ක් රැස් කිරීමට සමත් විය. කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම වෙනුවෙන් ෆේබියන් ඇලන් ලකුණු 47 ක් රැස් කළේ ය. පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ, ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී රැස් කිරීමට හැකිවූයේ ,ලකුණු 150ක් පමණි,සදීර සමරවික්‍රම ලකුණු 48 යි. |
2022-12-14T16:28:13.000Z | ගම්මැද්ද නිර්මාතෘ ආර්. රාජමහේන්ද්‍රන් මහතාගේ නමින් ජාත්‍යන්තර සම්මානයක් | ආර්. රාජමහේන්ද්‍රන් මහතාගේ නමින් ජාත්‍යන්තර සම්මාන | COLOMBO (News 1st) - අමෙරිකා එක්සත් ජනපදයේ පොදුජන සේවා පිළිබඳ වඩාත් ප්‍රචලිතම අධ්‍යයන පීඨය වන ආකන්සෝ විශ්වවිද්‍යාලයේ ක්ලින්ටන් ස්කුල් ඔෆ් පබ්ලික් සර්විස් සහ ගම්මැද්ද ක්‍රියාන්විතය එක්ව මනුෂ්‍යත්වය උදෙසාවන නායකත්වය අගයමින් දිවංගත ආර්. රාජමහේන්ද්‍රන් මහතාගේ නමින් සම්මානයක් පිරිනැමීමට තීරණයකර තිබේ. මෙම සම්මානය ගම්මැද්ද නිර්මාතෘ ආර්. රාජමහේන්ද්‍රන් මහතාට ගෞරවයක් ලෙස පිරිනැමෙන අතර ඒ මගින් එතුමාගේ ගුණාංග හා ප්‍රතිපත්ති පිළිඹිබු කරන දරුවන් ඇගයීම සිදුවේ. මෙම සම්මානය වාර්ෂිකව පිරිනමන අතර සම්මානලාභියා නැගී එන ගෝලීය නායකයෙකු ලෙස ද ඇගයීමට ලක්වනු ඇති. ආකන්සෝ විශ්වවිද්‍යාලයේ, ක්ලින්ටන් ස්කුල් ඔෆ් පබ්ලික් සර්විස් හි අධ්‍යක්ෂ, නිකොලා ඩ්‍රයිවර් මහත්මිය පැවසුවේ, මෙම සහයෝගීතාව ඉතා ඵලදායී සබඳතාවක් බවය. මෙම සම්මානය මගින් ධනාත්මක අධ්‍යාපන අත්දැකීමක් දරුවන්ට ලබාදීමටත් ස්ථිරසාර සාමාජීය වෙනසකටත් අවස්ථාව උදාවන බව ඇගේ අදහස වී තිබේ. ක්ලින්ටන් ස්කුල් ඔෆ් පබ්ලික් සර්විස් සහ ගම්මැද්ද ක්‍රියාන්විතය අතර සහයෝගීතාව ආරම්භවී මේ වනවිට වසර තුනක් ගතවී තිබේ. එහි සිසුන් කණ්ඩායමක්, ග්‍රාමීය ශ්‍රී ලංකාව පිළිබඳව විශේෂ පර්යේෂණ නිබන්ධනයක් ද සකස් කළේ, මෙම සහයෝගීතාවයේ ප්‍රථිඵලයක් ලෙසය. ආර්. රාජමහේන්ද්‍රන් සම්මානය තුළින් දිවංගත ආර්. රාජමහේන්ද්‍රන් මහතාගේ දැක්ම අනාගත පරපුරට දායාද කළ හැකි බව ක්ලින්ටන් ස්කුල් ඔෆ් පබ්ලික් සර්විස්හි ජාත්‍යන්තර වැඩසටහන් අධ්‍යක්ෂ ටිෆනි ජේකබ් මහත්මිය සඳහන් කළා ය. ගම්මැද්ද ක්‍රියාන්විතයේ දර්ශනය රටවල් කිහිපයක ප්‍රමුඛ පෙළේ විශ්වවිද්‍යාල මේ වනවිට අධ්‍යයනය කරමින් පවතී. |
2022-12-14T15:15:42.000Z | ණය ගෙවීමට හැකි ආර්ථිකයක් රට තුළ ගොඩනගනවා - ජනපති | ආයෝජන හරහා ආර්ථිකය ගොඩගන්න සූදානම් | COLOMBO ( News 1 st ) - ණය බරින් නිදහස් වූ සහ ණය ගෙවීමට හැකි ආර්ථිකයක් රට තුළ ගොඩනගන බව ,ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර තිබේ. ජනාධිපතිවරයා සඳහන් කළේ , රට බංකොලොත්භාවයෙන් ගොඩගැනීමට තමා නිසැකවම කටයුතු කරන බවය. අද(14) කඩවත ප්‍රදේශයේ පැවති උත්සවයකට එක් වෙමින් , ජනාධිපතිවරයා මේ බව කියා සිටි අතර යුද්ධයෙන් පසු ආර්ථික වැඩපිළිවෙළ වෙනස් නොකිරීම හේතුවෙන් , රට බංකොලොත්භාවයට පත්ව ඇති බව ජනාධිපතිවරයා පෙන්වා දී තිබේ. කෙසේ හෝ ආයෝජන අවස්ථා වැඩිකර , ලබන වසර වනවිට ආර්ථිකය ඉදිරියට ගෙන යෑමට අපේක්ෂා කරන බව , ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය. |
2022-12-14T15:09:52.000Z | ඉන්දියා - බංග්ලාදේශ පළමු ටෙස්ට් තරගය: පළමු දිනයේදී ඉන්දීය කඩුලු 6ක් බිඳවැටෙයි.. | ඉන්දියා - බංග්ලාදේශ පළමු ටෙස්ට් තරගය ඇරඹේ | COLOMBO ( News 1 st ) - ඉන්දියාව සහ සත්කාරක බංග්ලාදේශය අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අද (14) ප්‍රථම දිනට චොට්ටොග්‍රාම්හිදී පැවැත්විණි. අද දිනය සඳහා තරගය නතර කරන විට පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම කඩුලු 6ක් දැවී රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 278 කි. චෙටීස්වර් පුජාරා ලකුණු 90ක් රැස් කළ අතර ශ්‍රෙයාස් අයියර් නොදැවී ලකුණු 82 ක් ලබා ගත්තේය. |
2022-12-14T15:03:20.000Z | රුපියල් මිලියන 13ක මත්ද්‍රව්‍ය ගුවන්තොටුපොළෙන් හමුවෙයි.. | මිලියන 13ක මත්ද්‍රව්‍ය ගුවන්තොටුපොළෙන් | COLOMBO ( News 1 st ) - කටුනායක ගුවන්තොටුපොළේ ගුවන් භාණ්ඩ පර්යන්තයේ තිබී මෙතෆෙටමින් නමැති මත්ද්‍රව්‍ය අඩංගු පාර්සලයක් රේගු නිලධාරින් භාරයට ගෙන තිබෙන අතර එම පාර්සලය මෙරටට එවා ඇත්තේ මෙක්සිකෝවේ සිටයි. පාර්සලය ලබා ගැනීමට පැමිණි මාතර ප්‍රදේශයේ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් මිලියන 13 ක් වන අතර මෙක්සිකෝවේ සිට මෙරටට එවා රේගු නිලධාරින් භාරයට ගත් පළමු මෙතෆෙටමින් තොගය මෙය වේ. මේ අතර හෙරොයින් කිලෝග්‍රෑම් 12ක් සමග සැකකරුවෙකු මුල්ලේරියාවේදී අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, පොලිස් විශේෂ කාර්ය බලකාය එම ප්‍රදේශයේ කළ වැටලීමකදී. |
2022-12-14T14:56:53.000Z | එක්සත් අරාබි එමීර් රාජ්‍ය විදෙස් ගෘහ සේවිකාවන්ට නව නීති මාලාවක් හඳුන්වා දෙයි.. | අලුත් කෙරූ ගෘහ සේවිකාවන් සම්බන්ධ නව නීති | COLOMBO ( News 1 st ) - එක්සත් අරාබි එමීර් රාජ්‍යය , විදෙස් ගෘහ සේවිකාවන් සම්බන්ධයෙන් නව නීති මාලාවක් හඳුන්වා දී තිබේ. එය හෙට (15) සිට බලාත්මක වනු ඇති අතර ගෘහ සේවිකාවන්ගේ අයිතිවාසිකම් සහ යුතුකම් ආරක්ෂා වන ආකාරයෙන් නව නීති මාලාව සකස් වී ඇති බව විදෙස් වාර්තා වල සඳහන්. ඒ අනුව ගෘහ සේවිකාවන් බඳවා ගැනීම හෝ තාවකාලික රැකියා සඳහා අවසර දෙනු ලබන්නේ එරට මානව සම්පත් අමාත්‍යාංශයෙන් අදාළ බලපත්‍රයක් ලබා ගන්නේ නම් පමණි. එමෙන්ම අවුරුදු 18 ට අඩු දැරියන් ගෘහ සේවයට බඳවා ගැනීම හෝ මෙහෙකාර සේවයේ යෙදවීම නව නීති අනුව සම්පුර්ණයෙන් තහනම් වේ. විදෙස් ගෘහ සේවිකාවන් බඳවා ගැනීමේ නියෝජිතායතන නව නීති උල්ලංඝනය කරන්නේ නම්, ගෘහ සේවිකාවන් සේවයේ යෙදවීම ප්‍රතික්ෂේප කිරීමට සේවායෝජකයාට අවස්ථාව හිමි වන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. |
2022-12-14T14:49:58.000Z | බිත්තර අලෙවියට උපරිම මිලක් නියම කරන්න - අභියාචනාධිකරණයෙන් නියෝග | බිත්තර මිලට සීමා පැනවීමේ සූදානමක් | COLOMBO ( News 1 st ) - බිත්තර අලෙවි කිරීම සඳහා අද(14) දිනය තුළ උපරිම සිල්ලර මිලක් නියම කරන්නැයි, අභියාචනාධිකරණය පාරිභෝගික සේවා අධිකාරියට නියෝග කර තිබේ. ඒ, එම අධිකාරිය පසුගිය අගෝස්තු 19වැනිදා, සුදු බිත්තරයක් රුපියල් 43 කට සහ රතු බිත්තරයක් රුපියල් 45කට අලෙවි කළ යුතු බවට නියම කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය අත්හිටුවා අතුරු තහනම් නියෝගයක් නිකුත් කරමිනි. එම ගැසට් නිවේදනය අභියෝගයට ලක් කරමින් බිත්තර නිෂ්පාදන සංගමය ගොනු කර තිබූ පෙත්සමක් අද (14) කැඳවුයේ ප්‍රසන්න අල්විස් සහ කේමා ස්වර්නාධිපති යන විනිසුරු මඩුල්ල හමුවේදීයි. පසුගිය දිනවල සියලුම බිත්තර නිෂ්පාදකයන් කැඳවා පාරිභෝගික සේවා අධිකාරිය මේ සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වූ බව එම අධිකාරිය වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිස්ටර් ජනරාල් සුමති ධර්මවර්ධන මහතා ප්‍රකාශ කර සිටියේය. එහිදී කෘෂිකර්ම දෙපාර්තුමේන්තුව , සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තුමේන්තුව ඇතුළු අංශ ද සහභාගි කරවාගෙන බිත්තර සඳහා උපරිම සිල්ලර මිලක් නියම කිරීම සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කළ බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය. ඔහු සඳහන් කළේ, එම සාකච්ඡාවල ප්‍රතිඵල අනුව අද(14) පස්වරු 2.00 ට පාරිභෝගික සේවා අධිකාරියේ කවුන්සලය රැස්වී බිත්තර අලෙවි කිරීම සඳහා උපරිම මිලක් නියම කිරීම පිළිබඳව තීරණයක් ගැනීමට නියමිත බවයි. |
2022-12-14T14:44:43.000Z | මොරොක්කෝවේ - කටාර් විශේෂ ගුවන් ගමන් වාර 7ක් අවලංගු කෙරේ | කටාරයේ සීමාවන් නිසා අවලංගු වූ ගුවන් ගමන් | COLOMBO ( News 1 st ) - මොරොක්කෝවේ සිට කටාර් බලා පියාසර කිරීමට නියමිතව තිබූ විශේෂ ගුවන් ගමන් වාර 7ක් අවලංගු කිරීමට මොරොක්කෝ අන්තර්ජාතික ගුවන් සේවය තීරණය කර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ, ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ප්‍රංශය සහ මොරොක්කෝව අතර තරගය නැරඹීම සඳහා මෙම විශේෂ ගුවන් ගමන් සැලසුම් කර තිබු බවයි. ලෝක කුසලාන තරගාවලිය පිළිබඳ කටාර් රාජ්‍යය නිකුත් කරන ලද නවතම සීමාවන්ට අනුව මෙම තීරණය ගත් බව මොරොක්කෝ බලධාරීන් ප්‍රකාශ කර තිබේ. මෙම අවලංගු කිරීම් හේතුවෙන් තරගය සඳහා ප්‍රවේශපත් සහ නවාතැන් වෙන් කරගත් ප්‍රේක්ෂකයින් රැසකට අද(14) දවසේ පැවැත්වෙන තරගය නැරඹීමේ අවස්ථාව අහිමි වනු ඇති. |
2022-12-14T14:39:06.000Z | අල්ලස් නඩුවකට අදාළව හිටපු නියෝජ්‍ය ඇමති ශාන්ත ප්‍රේමරත්න චෝදනාවලින් නිදොස් කොට නිදහස් | ශාන්ත ප්‍රේමරත්න අල්ලස් නඩුවෙන් නිදහස් | COLOMBO ( News 1 st ) - අල්ලස් නඩුවකට අදාළව හිටපු නියෝජ්‍ය අමාත්‍ය ශාන්ත ප්‍රේමරත්න මහතා එම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය අද(14) තීරණය කර තිබේ. ඒ , 2007 වසරේදී පුද්ගලයින් තිදෙනෙකුගේ දරුවන්ට රජයේ රැකියා ලබාදෙන බව පවසා රුපියල් තුන්ලක්ෂ 65,000 ක මුදලක් තුටුපඬුරු ලෙස ලබා ගැනීම ඇතුළු අධිචෝදනා හයක් යටතේ පවරා ඇති නඩුවට අදාළවයි. ජනාධිපති නීතීඥ යූ.ආර් ද සිල්වා මහතා කළ ඉල්ලීමක් සළකා බලමින් කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා එම තීන්දුව ප්‍රකාශයට පත් කළේය. ජනාධිපති නිතීඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ, පැමිණිල්ලේ සාක්ෂි මගින් නඩුව තහවුරු වී නොමැති හෙයින් විත්තිවාචකය නොකැඳවා විත්තිකරුවන් නිදහස් කරන ලෙසය. 2015 වසරේ දී අධිචෝදනා ගොනු කිරීමෙන් පසුව අල්ලස් ලබා දුන්නේ යැයි කියන සාක්ෂිකරුවන් අධිකරණයේ සාක්ෂි දෙමින් සඳහන් කර ඇත්තේ, තමන් එම මුදල් ලබා දුන්නේ රජයේ රැකියාවක් බලාපොරොත්තුවෙන් නොව, පක්ෂ කාර්යාලයක් ඉදි කිරීමේ කටයුත්ත සඳහා වන බවයි. විත්තිකාර ශාන්ත ප්‍රේමරත්න මහතා වෙනුවට පත්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරයාගේ පෙළඹවීම මත අල්ලස් පැමිණිලි ගොනු කළ බව සාක්ෂිකරුවන් ප්‍රකාශ කර ඇති අතර එම සාක්ෂි අනුව විත්තිවාචකය නොකැඳවා විත්තිකරු නිදොස් කොට නිදහස් කිරීමට මහාධිකරණ විනිසුරුවරයා තීන්දු කළේ ය. |
2022-12-14T14:34:08.000Z | රාජ්‍ය සේවක විශ්‍රාම ගැන්වීමට අදාළ ගැසට් නිවේදනයට අතුරු තහනම් නියෝගයක් | රාජ්‍ය සේවක විශ්‍රාම ගැන්වීම:අතුරු තහනමක් | COLOMBO ( News 1 st ) - රාජ්‍ය සේවකයින් අවුරුදු 60 දී විශ්‍රාම ගැන්වීම සඳහා නිකුත් කළ ගැසට් නිවේදනයට අනුව විශේෂඥ වෛද්‍යවරු හා වෛද්‍යවරුන් සඳහා පමණක් කටයුතු කිරීම ජනවාරි 25 වැනිදා දක්වා ක්‍රියාත්මක කිරීම අත්හිටුවමින් අභියාචනාධිකරණය අද(14) අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ. ඒ, අවුරුදු 60 සම්පුර්ණ වන විශේෂඥ වෛද්‍යවරුන් විශ්‍රාම ගැන්වීමට පසුගිය ඔක්තෝම්බර් 17 කැබිනට් මණ්ඩලය ගත් තීරණය අභියෝගයට ලක් කරමින්, විශේෂඥ වෛද්‍යවරුන් 176 දෙනෙකු ගොනුකර තිබු රීට් ආඥා පෙත්සම අද(14) කැඳවූ අවස්ථාවේදීය. මනෝහර ද සිල්වා , සංජීව ජයවර්ධන යන මහත්වරුන් ගොනු කළ කරුණු සළකා බැලූ සෝභිත රාජකරුණා හා ධම්මික ගනේපොල යන විනිසුරු මඩුල්ල එම නියෝගය කර තිබේ. එක්තරා පිරිසකට අවුරුදු 60 සම්පුර්ණ වනතුරු සේවය කිරීමට ඉඩ ලබාදී, තමන්ව අවුරුදු 60 දී විශ්‍රාම ගැන්වීම ආසාධාරණ බව පෙන්වා දෙමින් , විශේෂඥ වෛද්‍යවරුන් 176 දෙනෙකු එම රිට් ආඥා පෙත්සම ගොනු කර තිබුණි. |
2022-12-14T12:46:19.000Z | ආර්ජන්ටිනාවට සමුදීමට යන 'මෙසී' | ආර්ජන්ටිනාවට සමුදීමට යන 'මෙසී' | COLOMBO ( News 1 st ) - ආර්ජන්ටිනාවේ සුපිරි පාපන්දු ක්‍රීඩික ලියෝනල් මෙසී ක්‍රෝඒෂියාවට එරෙහිව තරගයේ වටිනාම ක්‍රීඩකයා ලෙස සම්මානයට පත්‍ර විය. මෙවර ලෝක කුසලාන තරගාවලියේ වටිනාම ක්‍රීඩකයා වූ සිව්වැනි අවස්ථාව ලෙස මෙය සටහන්වනු ඇත. මෙවර ලෝක කුසලාන තරගාවලිය ,තමන් ක්‍රීඩා කරන අවසන් ලෝක කුසලාන තරගාවලිය බව , මෙසී අද නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේ ය. ඒ අනුව, මෙවර ලෝක කුසලානයේ අවසන් මහා තරගය, මෙසී ආර්ජන්ටිනාව වෙනුවෙන් ක්‍රීඩා කරන අවසන් ජාත්‍යන්තර තරගය වනු ඇත. මීළඟ තරගාවලියට තවත් වසර 4ක් ඇති බවත්, එතෙක් ක්‍රීඩා කිරීමට හැකියාව සීමිත බවත් මෙසී මාධ්‍ය වෙත පවසා තිබේ. මීට පෙර 2016 වසරේදීත් මෙසී මෙවැනිම තීරණයකට පැමිණියත් පසුව තීරණය වෙනස් කර ජාත්‍යන්තර තරගවලට ක්‍රීඩා කිරීමට ලියොනල් මෙසී කටයුතු කළේ ය. මෙසී, ආර්ජන්ටිනාවේ මැරඩෝනාට පසුව ජනප්‍රියම ක්‍රීඩකයෙකු ලෙසින් ලෝකයේම පාපන්දු ක්‍රීඩා ලොලීන්ගේ ආදරය දිනා ගත් ක්‍රීඩකයෙකි. 2005 වසරේ 18 හැවිරිදි වියේ දී ජාත්‍යන්තර වරම් දිනාගත් මෙසී, මෙතෙක් ක්‍රීඩා කළ තරග 172 ක් තුළ ගෝල 97 ක් වාර්තා කර තිබේ. මෙතෙක් ඉතිහාසයේ වැඩිම ගෝල වාර්තා කරන්නන් අතර පෙරමුණ, ගෝල 118 ක් වාර්තාකර ඇති පෘතුගාලයේ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝට හිමි වන අතර මෙසී එහි තුන්වැනි ස්ථානයේ පසුවේ. මෙම තරගාවලිය සමග ලෝක කුසලාන තරගාවලි 5කට සහභාගී වීමේ අවස්තාව මේසීට හිමි වුවත් මෙතෙක් ලෝක කුසලානයක පහස ලබන්න නොහැකි විය. 2014 වසරේ දී ජර්මනිය හමුවේ අවසන් තරගයේ දී පරාජය වීම හේතුවෙන්, මෙසී ප්‍රමුඛ ආර්ජන්ටිනාවට හිමිවුණේ අනුශූරතාවෙන් සෑහීමට පත් වීමටයි. 26 වැනි ලෝක කුසලාන තරගයට සහභාගී වෙමින් මෙසී ලබන ඉරිදා තරග ජාත්‍යන්තර තරග ගමන අවසන් කරනු ඇති. පාපන්දු ඉතිහාසයේ බිහිවූ තවත් සුපිරි තරුවක් ජාත්‍යන්තර පිටියට අහිමි වනු ඇති. |
2022-12-14T11:37:44.000Z | චැඩ් රාජ්‍යයේ කාන්තාරයක පුද්ගල මළ සිරුරු 27ක් | චැඩ් රාජ්‍යයේ කාන්තාරයක මළ සිරුරු 27ක් | COLOMBO ( News 1 st ) - චැඩ් රාජ්‍යයේ කාන්තාරයක තිබී පුද්ගල මළ සිරුරු 27ක් සොයාගෙන තිබේ. සංක්‍රමණිකයන් සඳහා වූ ජාත්‍යන්තර සංවිධානය සඳහන් කරන්නේ ඔවුන් කාන්තාරයේ ගමන් කරමින් සිටියදී ආහාර හෝ ජලය නොමැතිවීම හේතුවෙන් මියගොස් ඇති බවයි. මියගිය පුද්ගලයින් අතරට කුඩා ළමුන් 4දෙනෙකුද ඇතුළත් වන අතර ඔවුන් වසර එක හමාරකට පමණ පෙර ආරම්භ කළ සංචාරයක් අතරතුර මෙම සිදුවීමට මුහුණදී ඇති බවට තොරතුරු අනාවරණය වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තාහී සඳහන්. |
2022-12-14T11:27:55.000Z | බොලිවුඩ් නිළි ජැකලින් ෆර්ඩිනැන්ඩස්ට එරෙහිව අපහාස නඩුවක් | බොලිවුඩ් නිළි ජැකලින්ට අපහාස නඩුවක් | COLOMBO ( News 1 st ) - ජැකලින් ෆර්ඩිනැන්ඩස්ට අපහාස නඩුවක් ඉන්දීය රංගන ශිල්පිණියක මෙන්ම නර්තන ශිල්පිණියක වන නෝරා ෆතේහි විසින් රංගන ශිල්පිනී ජැකලින් ෆර්ඩිනැන්ඩස්ට එරෙිව අපහාස නඩුවක් ගොනු කර තිබේ. නෝරා මෙම නඩුව ගොනු කර ඇත්තේ, සුකේෂ් චන්ද්‍රසේකර් සම්බන්ධ රුපියල් කෝටි 200ක මුදල් විශුද්ධිකරණ නඩුවේදී තමාද ඈදා ගනිමින් ජැකලින් අසත්‍ය ප්‍රකාශ සිදු කර ඇති බව පවසමිනි. නෝරා පවසා ඇත්තේ, තමාට සුකේෂ්ගෙන් චන්ද්‍රසේකර් කිසිදු තෑග්ගක් නොලැබුණු බවත් ජැකලින් සිදු කරන සියලුම චෝදනා පදනම් විරහිත සහ අසත්‍ය බවත් ය. අදාල චෝදනා හේතුවෙන් ඇයට හිමිවීමට තිබූ ප්‍රසංග හා අවස්ථා අහිමි වූ බවත් අපකීර්තියට පත් වූ බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි |
2022-12-14T10:18:02.000Z | බාස්මතී හැර සෙසු සහල් ආනයනය අත්හිටුවමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් | බාස්මතී සහල් හැර සෙසු සහල් ආනයනය අත්හිටුවයි | COLOMBO ( News 1 st ) - බාස්මතී සහල් හැර සෙසු සහල් ආනයනය අත්හිටුවමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ආනයන අපනයන පාලක දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ, පසුගිය 9 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම අත්හිටුවීම සිදුකර ඇති බවයි. පසුගිය 09 වැනිදා වනවිට වරයාට ගොඩ බා ඇති සහල් තොග සඳහා මෙම තීරණය බලනොපාන බවද එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර තිබේ. මීට අමතරව, ගැසට් නිවේදනය නිකුත් කිරීමට පෙර නැව්ගත කරන ලද සහල් තොග මෙරටට ගෙන ඒමට සති දෙකක සහන කාලයක් ද ප්‍රකාශයට පත් කර තිබෙන අතර ආනයන අපනයන පාලක දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඒ සඳහා බලපත්‍රයක් ලබා ගැනීම අනිවාර්ය බවයි. ගැසට් නිවේදනයට පෙර ණයවර ලිපි නිකුත් කළ සහ අත්තිකාරම් ගෙවු සහල් තොග වෙනුවෙන් ද, බලපත්‍රයක් යටතේ සහල් ගෙන ඒමට සහන සලසා තිබේ. |
2022-12-14T09:27:52.000Z | වෛද්‍ය චමල් සංජීවගේ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අවසර | වෛද්‍ය චමල්ගේ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට | COLOMBO ( News 1 st ) - වෛද්‍ය චමල් සංජීව ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර දී තිබේ. වෛද්‍ය චමල් සංජීව මහතාගේ වැඩ තහනමට හේතූ වූයේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ළමා මන්දපෝෂණය පිළිබඳව කළ ප්‍රකාශයක් හේතුවෙනි. මේ හේතූවෙන් වැඩ තහනමට ලක් වූ චමල් සංජීව මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට අවසර දීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ. |
2022-12-14T08:33:24.000Z | ශිෂ්‍යත්වය අවසන් වනතුරු උපකාරක පන්ති තහනම් | ශිෂ්‍යත්වය අවසන් වනතුරු උපකාරක පන්ති තහනම් | COLOMBO (News 1st) - පස්වැනි ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයට අදාළ උපකාරක පංති හා සම්න්ත්‍රණ පැවැත්වීම අද(14) මධ්‍යම රාත්‍රියේ සිට තහනම් බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, ලබන 18 වනදා පැවැත්වෙන 5 වන ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අවසන් වනතුරු එම තහනම ක්‍රියාත්මක බවයි. ඒ අනුව අද(14) මධ්‍යම රාත්‍රි 12 සිට ශිෂ්‍යත්ව විභාගයට අදාළ සියලු සම්මන්ත්‍රණ, දේශන, වැඩමුළු පැවැත්වීම සහ විභාගය සඳහා අනුමාන ප්‍රශ්න ඇතුළත් ප්‍රශ්න මුද්‍රණය කිරීම සහ ඒවා බෙදාහැරීම ද තහනම් වනු ඇති . එමෙන්ම විභාග ප්‍රශ්න පත්‍රවල ප්‍රශ්න ලබාදෙන බවට හෝ ඒ හා සමාන ප්‍රශ්න ලබාදෙන බවට පෝස්ටර්, බැනර්, අත් පත්‍රිකා, විද්‍යුත් මාධ්‍ය හෝ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ කිරීම ද සම්පුර්ණයෙන් තහනම් බව විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩි ධර්මසේන මහතා සඳහන් කළේ ය. |
2022-12-14T08:25:28.000Z | සතොසේ බඩු මිල අඩුවේ.. | සතොසේ බඩු මිල අඩුවේ.. | COLOMBO (News 1st) - එළැඹෙන උත්සවය සමය නිමිත්තෙන් අද(14) සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ පහක මිල අඩු කර තිබේ. පරිප්පු කිලෝවක් රුපියල් 4කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 385කි. පාන්පිටි කිලෝවක් රුපියල් 15කින් පහළ දමා ඇති අතර, නව මිල රුපියල් 250කි. සුදුළූණු කිලෝවක් රු 35කින් පහත දමා තිබේ. ඒ අනුව සුදුළූණු නව මිල දැක්වෙන්නේ රුපියල් 460ක් ලෙසයි. ලොකුළූණු කිලෝවක් රුපියල් 9කින් පහළ දමා ඇති අතර එහි නව මිල රු 190කි. දේශිය ටින් මාළු නව මිල රුපියල් 490ක් වන අතර එය රුපියල් 5කින් පහත හෙලා තිබේ. |
2022-12-14T03:07:21.000Z | ඉරානයේ විරෝධතාකරුවන් 400 දෙනෙකුට සිර දඬුවම්.. | ඉරානයේ විරෝධතාකරුවන් 400 දෙනෙකුට සිර දඬුවම්.. | COLOMBO (News 1st) - ඉරානයේ විරෝධතාකරුවන් 400 දෙනෙකුට එරට රජය විසින් සිර දඬුවම් නියම කර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, විරෝධතා අතරදී අත්අඩංගුවට පත් පුද්ගලයින් 400 දෙනෙකුට විවිධ චෝදනා යටතේ මෙලෙස අවුරුදු දෙකක සිට දහයක් දක්වා සිර දඬුවම් නියම වී ඇති බවයි. හිස ආවරණය කර නොසිටීම හේතුවෙන් අත්අඩංගුවට පත්වූ මාසා අමීනි පසුගිය සැප්තැම්බර් මාසයේදී පොලිස් අත්අඩංගුවේදී මියගියා ය. ඒ සමග ඇරඹි විරෝධතා පසුව රට පුරා පැතිරී ගිය අතර විදෙස් මාධ්‍ය වාර්තා කළේ පුද්ගලයින් 300ක් පමණ විරෝධතා හේතුවෙන් මේ වන විට මිය ගොස් ඇති බවයි. ඉරාන රජය පසුගියදා විරෝධතාකරුවන් දෙදෙනෙකුට මරණ දඬුවමද ක්‍රියාත්මක කළේ ය. |
2022-12-14T02:32:59.000Z | නිහාල් නෙල්සන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු 16 වැනි දා | නිහාල් නෙල්සන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු 16වැනිදා | COLOMBO (News 1st) - ප්‍රවීණ ගායන ශිල්පී අභාවප්‍රාප්ත නිහාල් නෙල්සන් මහතාගේ දේහය මහජන ගෞවරය සඳහා අද (14) පෙරවරු 9.00 සිට ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථා පරිශ්‍රයේ තැන්පත් කර තිබේ. පස්වරු 1.00 දක්වා දේහය එහි තැන්පත් කර තැබෙනු ඇති. අද පස්වරු 2.00 සිට ඔහුගේ දේහය මොරටුව රාවතාවත්ත, නිහාල් නෙල්සන් මාවතේ පිහිටි නිවසේ තැන්පත් කෙරෙන අතර 16 වැනි දා සවස 6.00 ට රාවතාවත්ත, ලුනාව කලපු ක්‍රීඩාංගණයේ දී අවමංගල්‍ය උත්සවය පැවැත්වීමට නියමිතයි. ලාංකේය ප්‍රසංග වේදිකාවේ මල් වෙඩිල්ල ලෙසින් විරුදාවලි ලැබූ ප්‍රවීණ ගායන ශිල්පී නිහාල් නෙල්සන් මහතා ඊයේ (13) උදෑසන අභාවප්‍රාප්ත වූයේ හෘදයාබාධයක් හේතුවෙනි. මිය යනවිට ඒ මහතාගේ වයස අවුරුදු 76 කි. |
2022-12-14T02:08:37.000Z | ප්‍රබල ආර්ජන්ටිනා කණ්ඩායම පාපන්දු ලෝක කුසලානයේ අවසන් මහා තරගයට | ආර්ජන්ටිනාව අවසන් මහා තරගයට.. | COLOMBO (News 1st) - 2022 පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයේ ආර්ජන්ටිනාව සහ ක්‍රොඒෂියාව අතර තරගය කටාර්හි ලුසෙයිල් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. තරගයේ පළමු අර්ධය සම්පූර්ණයෙන්ම සිය අණසකට ගත් ආර්ජන්ටිනාව ගෝල රැස් කිරීම ආරම්භ කළේ ය. සුපිරි ක්‍රීඩක ලියනොල් මෙසී 34 වැනි මිනිත්තුවේදී ආජන්ටිනාව වෙනුවෙන් පළමු ගෝලය වාර්තා කළේ දඬුවම් පහරක් සාර්ථක කර ගනිමිනි. ක්‍රොඒසියාවට සිතන්නටවත් කාලයක් නොතබමින් ඉන් මිනිත්තු 5කට පසු ආර්ජන්ටිනා ගෝල සටහනට දෙවැනි ගෝලයත් එක්විය. එම ගෝලයට හිමිකම් කීවේ හූලියන් අල්බරෙස්. පළමු අර්ධයේදී ක්‍රොඒසියාවට ගෝල රැස් කිරීමට නොහැකි වූ අතර එම අර්ධය නිමාව දුටුවේ ගෝල 2ට 0ක් ලෙස ප්‍රබල ආර්ජන්ටිනාව පෙරමුණ ගනිමිනි. දෙවැනි අර්ධයේදීත් සුපුරුදු රිද්මයට පැමිණෙන්නට ආර්ජන්ටිනාවට හැකිවිය. ඒ තරගයේ 69වැනි මිනිත්තුවේදී ගෝල සටහනට 3වැනි ගෝලයත් එක් කරමිනි. එම ගෝලය ද ලබාගත්තේ නැවත වරක් ක්‍රියාත්මක වූ හූලියන් අල්බරෙස්. ක්‍රොඒසියාවට එම අර්ධයේදීත් එක් වරක්වත් සිය දැල ආක්‍රමණය කරන්නට ආර්ජන්ටිනාව ඉඩ ලබා දුන්නේ නැහැ. ඒ අනුව තරගය නිමාව දුටුවේ ගෝල 3ට 0ක් ලෙස ආර්ජන්ටිනාව ජය තහවුරු කරගනිමිනි. සිය ලෝක කුසලාන ඉතිහාසයේ හයවැනි අවසන් මහා තරගයට ක්‍රීඩා කිරීමේ අවස්ථාව ඒ අනුව ආර්ජන්ටිනාවට හිමිවිය. අවසන් පූර්ව තරගය පරාජය වූ ක්‍රොඒසියාව ලබන 17වැනිදා 3වැනි ස්ථානය වෙනුවෙන් පැවැත්වෙන තරගයට ක්‍රීඩාකිරීමට නියමිතයි. ආර්ජන්ටිනාව සමග ලබන 18වැනිදා පැවැත්වෙන අවසන් මහා තරගයට සුදුසුකම් ලබන්නේ කවුරුන්ද යන්න තීරණය වන්නේ, අද(14) පැවැත්වෙන දෙවැනි අවසන් පූර්ව තරගයෙනි. එම තරගයට එක්වන්නේ වත්මන් ලෝක ශූර ප්‍රංශය සහ මොරොක්කෝ කණ්ඩායමයි. තරගාවලියේ මෙම සියලු තරග ටී වී වන් නාලිකාව ඔස්සේ ඔබට සජීවීව නැරඹිය හැකියි. |
2022-12-14T01:36:43.000Z | ළමුන් අතර වෛරස් හා ශ්වසන රෝග වැඩිවීමක් | ළමුන් අතර වෛරස් හා ශ්වසන රෝග වැඩිවීමක් | COLOMBO (News 1st) - ශ්වසන පද්ධතිය ආශ්‍රිත රෝගවලින් පෙළන ළමුන්ගේ වැඩිවීමක් මේ දිනවල දක්නට ලැබෙන බව සෞඛ්‍ය අංශ පවසයි. කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ස්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය චන්න ද සිල්වා මහතා සඳහන් කළේ, මේ දිනවල ඉන්ෆ්ලුවෙන්සා ඇතුළු වෛරස් රෝග ගණනාවක් හේතුවෙන් ළමුන් රෝගී වන බවයි. රෝග වැළඳුන ළමුන් පාසල් හා පෙරපාසල් යැවීමෙන් වළකින ලෙස ද ඔහු දෙමව්පියන්ගෙන් ඉල්ලීමක් කර ඇත. සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝග ළමුන්ට නිතර වැළඳීම සාමාන්‍ය තත්ත්වයක් බව ද විශේෂඥ වෛද්‍ය චන්නද සිල්වා මහතා පෙන්වා දෙයි. මේ අතර මධ්‍යම පරිසර අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සංජය රත්නායක මහතා සඳහන් කළේ, මේ වනවිට මෙරට වායු ගෝලයේ ගුණාත්මක තත්ත්වය සාමාන්‍ය තත්ත්වයට පත්වෙමින් ඇති බවයි. |
2022-12-14T01:08:52.000Z | පේරාදෙණිය ශාස්ත්‍ර පීඨ ආචාර්යවරු දේශන වර්ජනයක | පේරාදෙණිය ශාස්ත්‍ර පීඨ ආචාර්යවරු දේශන වර්ජනයක | COLOMBO (News 1st) - පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨ ආචාර්යවරුන් දේශනවලින් ඉවත්වීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබේ. එහි නියෝජ්‍ය උපකුලපති මහාචාර්ය ටෙරන්ස් මධුජිත් මහතා සඳහන් කළේ, විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතාට සිසුන් පිරිසක් එල්ල කළ ප්‍රහාරයට විරෝධය පළ කරමින් ඔවුන් මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය ආරම්භ කර ඇති බව තමන්ට දැනුම් දුන් බවයි. මේ අතර අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පංච පුද්ගල පරීක්ෂණ කමිටුවක් විමර්ශන ආරම්භ කර ඇති බව ද ඔහු ප්‍රකාශ කළේ ය. |
2022-12-14T01:04:06.000Z | IMF ණය පහසුකම මේ වසරේ අවිනිශ්චිතයි - රොයිටර් අනාවරණයක් | IMF ණය පහසුකම මේ වසරේ අවිනිශ්චිතයි | COLOMBO (News 1st) - ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිතව ඇති ණය පහසුකම පිළිබඳව මේ වසර අවසන් වනවිට එකඟතාවයකට ළඟා වීම අවිනිශ්චිත බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි. ඒ, මෙරට මූල්‍ය අරමුදලේ නියෝජිතයින් ඒ සම්බන්ධයෙන් හුවමාරු කරගත් තොරතුරු උපුටා දක්වමිනි. මෙරට ආර්ථික ස්ථාවරත්වය සහ ණය තිරසර බව තහවුරු කිරීමට ඩොලර් බිලියන 2.9ක ණය පහසුකමක් ලබා ගැනීමට ශ්‍රී ලංකා රජය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පසුගිය ජූනි මාසයේදී කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට එළැඹිණ. ඒ, මෙරට ප්‍රධාන ණය හිමියන් වන චීනය, ජපානය සහ ඉන්දියාව සමග ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණිය යුතුය යනාදී කොන්දේසි කිහිපයකට යටත්වයි. නමුත් 2022 වසරේ ඉදිරි දින කිහිපය තුළ දී ශ්‍රී ලංකාවේ ණය පහසුකම පිළිබඳව සාකච්ඡා අවිනිශ්චිත බව රොයිටර් පුවත් සේවය වාර්තා කර ඇත. රටවල් කිහිපයක් පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දින දර්ශනයේ දෙසැම්බර් මස 22 වැනි දා තෙක් දින වෙන් කර තිබුණත් රොයිටර් පුවත් සේවය වාර්තා කරන්නේ, එහි ශ්‍රී ලංකාව ගැන කිසිඳු සඳහනක් නොමැති බවයි. ද්වි පාර්ශවික ණය හිමියන්ගෙන් මූල්‍ය සහතික ලබාගැනීම සඳහා රජය යුහුසුළුව කටයුතු කරන බව ඊට ප්‍රතිචාර දක්වමින් මෙරට මුදල් අමත්‍යංශ නියෝජිතයින් ප්‍රකාශ කර තිබේ. |
2022-12-14T00:56:47.000Z | ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට නව නීති - ජනපති | ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට නව නීති | COLOMBO (News 1st) - ආහාර සුරක්ෂිතතාව ඇති කිරීමට ජාතික ප්‍රතිපත්තියක් ගෙන එන බවත් ඒ සඳහා ඉදිරියේ දී නව නීති හඳුන්වාදීමට බලාපොරොත්තු වන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, ආහාර සුරක්ෂිතතාව හා පෝෂණය පිළිබඳ ඒකාබද්ධ යාන්ත්‍රණ කමිටු රැස්වීමට එක්වෙමිනි. අරලියගහ මන්දිරයේ ඊයේ (13) පස්වරුවේ අදාළව සාකච්ඡාව පැවැත්විය. එහිදී ජනාධිපතිවරයා පවසා ඇත්තේ, ආහාර සුරක්ෂිතතාව ඇති කිරීම සඳහා ජාතික ප්‍රතිපත්තියට අදාළ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැළසුම් කර ඇති බවයි. ආහාර සුරක්ෂිතතාව සහ ජනතාවගේ පෝෂණ තත්ත්වය තහවුරු කිරීමේ දී නිවැරදි දත්ත ලබා ගැනීමේ අවශ්‍යතාව ද එහිදී ජනාධිපතිවරයා පැහැදිලි කර තිබේ. ජාතික මට්ටමින් සහ ප්‍රාදේශීය මට්ටමින් තිබෙන දත්තවල විශාල වෙනස්කම් දක්නට ඇති බවත්, ඒවා කඩිනමින් නිවැරදි කරගත යුතු බවත් එම සාකච්ඡාවේදී ජනාධිපතිවරයා අවධාරණය කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් ය. |
2022-12-14T00:41:02.000Z | ගෙවුණු දිනය උණුසුම් කළ පුවත් | ගෙවුණු දිනය උණුසුම් කළ පුවත් | 1. පේරාදෙණිය හිටපු උපකුලපතිට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිසුන් 10ක් රිමාන්ඩ්.. - පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති අතුල සේනාරත්න මහතාට සහ ඔහුගේ පුත්‍රයාට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් සිසුන් 10 දෙනෙකු ලබන 22 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි. 2. කොල්ලුපිටිය මාරක රිය අනතුරේ සැප රිය පැද වූ රියදුරු රිමාන්ඩ් - කොල්ලුපිටිය ප්‍රදේශයේ දී මාරක රිය අනතුරක් සිදු කළ සැකකරු, කොළඹ අතිරේක මහේස්ත්‍රාත් වයි. ප්‍රභාකරන් මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 16 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි. 3. නවකවදය වැළක්වීමට වැඩසටහනක් ක්‍රියාවට නංවන්න – ජනපතිගෙන් විශ්වවිද්‍යාල උපකුලපතිවරුන්ට උපදෙස්.. - මෙරට විශ්වවිද්‍යාල පද්ධතිය නව මාවතකට යොමු කිරීම උදෙසා ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත සැලසුම් පිළිබඳව ජනාධිපතිවරයා විශ්වවිද්‍යාල උපකුලපතිවරුන් දැනුවත් කර තිබේ. 4. අන්තරේ වසන්ත මුදලිගේ යළිත් රක්ෂිත බන්ධනාගාරයට - අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ජනවාරි 17 වැනිදා යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ. 5. ලීසිං නොගෙවූ වාහන පැහැර ගන්නා සමාගම්වලට නීතිමය පියවර - මැර කණ්ඩායම් යොදා ලීසිං නොගෙවූ වාහන පැහැර ගන්නා සමාගම්වලට නීතිමය පියවර |
2022-12-13T16:31:33.000Z | දඹුල්ල අවුරා පිලට එරෙහිව කැන්ඩි ෆැල්කන්ස්ට ලකුණු 77ක විශිෂ්ට ජයක්.. | කැන්ඩි ෆැල්කන්ස්ට ලකුණු 77ක විශිෂ්ට ජයක්.. | COLOMBO (News 1st) - ලංකා ප්‍රිමියර් ලීග්(LPL) පන්දුවාර 20යි 20 තරගාවලියේ 11වන තරගය අද පැවැත්විය. ඒ, කැන්ඩි ෆැල්කන්ස් සහ දඹුල්ල අවුරා කණ්ඩායම් අතරයි. පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී පැවති තරගයේ, පළමුව පන්දුවට පහර දුන් කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 03ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 193කි. පිළිතුරු ඉණිම ක්‍රීඩා කළ දඹුල්ල අවුරා කණ්ඩායමට පන්දුවාර 14යි පන්දු 2ක් අවසානයේ සියලුදෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 116ක් පමණි. ඒ අනුව ලකුණු 77ක විශිෂ්ට ජයක් ලබාගැනීමට කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම සමත් විය. |
2022-12-13T15:14:48.000Z | පේරාදෙණිය හිටපු උපකුලපතිට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිසුන් 10ක් රිමාන්ඩ්.. | හිටපු උපකුලපතිට පහරදෙන්න සිසුන් 300ක් ඇවිත් | COLOMBO (News 1st) - පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති අතුල සේනාරත්න මහතාට සහ ඔහුගේ පුත්‍රයාට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් සිසුන් 10 දෙනෙකු ලබන 22 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි. ඒ, සැකකරුවන් අද මහනුවර මහේස්ත්‍රාත් අධීකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. සිද්ධිය සම්බන්ධයෙන් සැකකාර සිසුන් 06 දෙනෙකු පොලීසියට භාරවීමෙන් පසු අත්අඩංගුවට පත් වූ අතර, තවත් 4 දෙනෙකු ද පසුව පේරාදෙණිය පොලිසියට භාර විය. පහරදීමට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට විමර්ශන ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දුව මහතා සඳහන් කළේ ය. පසුගිය 10 වැනිදා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් හිටපු උපකුලපතිවරයාගේ නිල නිවසට ඇතුළුවී ඔහුට සහ ඔහුගේ පුත්‍රයාට පහරදී තිබුණි. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සදහන් කළේ එම පහරදීමට සිසුන් 300 දෙනෙකු පමණ පැමිණ ඇති බවයි. ඔවුන්ට එරෙහිව දැඩිව නීතීය ක්‍රියාත්මක කරන බව ද මහාචාර්යවරයා ප්‍රකාශ කළේ ය. ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහාතාට හා ඔහුගේ පුත්‍රයාට පහරදීමට පැමිණි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුන් 12 දෙනෙකුගේ ශිෂ්‍ය භාවය ද අහෝසි කර තිබේ. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නියෝජ්‍ය උප කුලපති මහාචාර්ය ටෙරන්ස් මදුජිත් මහතා පැවසුවේ මේ පිරිස අතර කලා පිඨයේ සිසුන් 09 දෙනෙකු හා විද්‍යා පීඨයේ සිසුන් 03 දෙනෙකු සිටින බවයි. මේ අතර, නව ජනතා පෙරමුණ නමින් හඳුන්වන කණ්ඩායමක් අද පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිද්ධිය පිළිබඳව පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් කළේ ය. |
2022-12-13T15:12:49.000Z | කොල්ලුපිටිය මාරක රිය අනතුරේ සැප රිය පැදවූ රියදුරු රිමාන්ඩ් | මාරක රිය අනතුරේ සැප රිය පැදවූ රියදුරු රිමාන්ඩ් | COLOMBO (News 1st) - කොල්ලුපිටිය ප්‍රදේශයේ දී මාරක රිය අනතුරක් සිදු කළ සැකකරු, කොළඹ අතිරේක මහේස්ත්‍රාත් වයි. ප්‍රභාකරන් මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 16 වැනිදා දක්වා අද රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි. අනතුරින් පසු රටින් පලා ගිය සැකකරු අද අලුයම යළි මෙරටට පැමිණීමේදී අත්අඩංගුවට ගැනුණේ, කටුනායක ගුවන් තොටුපොළේදියි. පසුගිය 10 වැනිදා රාත්‍රියේ කොල්ලුපිටිය ප්‍රදේශයේදී සුඛෝපභෝගි මෝටර් රථයක් සහ ත්‍රීරෝද රථයක් ගැටීමෙන් ත්‍රීරෝද රථ රියදුරු ජිවිතක්ෂයට පත්විය. මෝටර් රථයේ රියදුරු එදිනම ඩුබායි රාජ්‍ය වෙත පලා ගොස් තිබුණු අතර ඔහුට එරෙහිව විමර්ශන කණ්ඩායම් අධිකරණයෙන් විදෙස් ගමන් තහනම් නියෝගයක් ද ලබා ගෙන තිබුණි. |
2022-12-13T14:51:09.000Z | නවකවදය වැළක්වීමට වැඩසටහනක් ක්‍රියාවට නංවන්න - ජනපතිගෙන් විශ්වවිද්‍යාල උපකුලපතිවරුන්ට උපදෙස්.. | නවකවදය වැළක්වීමට වැඩසටහනක් ක්‍රියාවට නංවන්න -ජනපති | COLOMBO (News 1st) - මෙරට විශ්වවිද්‍යාල පද්ධතිය නව මාවතකට යොමු කිරීම උදෙසා ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත සැලසුම් පිළිබඳව ජනාධිපතිවරයා අද විශ්වවිද්‍යාල උපකුලපතිවරුන් දැනුවත් කර තිබේ. එහිදී ජනාධිපතිවරයා උපකුලපතිවරුන්ට දැනුම්දී තිබුණේ නවකවදය වැළැක්වීම සඳහා සංවිධානාත්මක වැඩසටහනක් ක්‍රියාවට නංවන ලෙසයි. ලබන වසරට යෙදෙන 75 වන නිදහස් දින සැමරුමට සමගාමීව නිර්මාණය කෙරෙන ජාතික තරුණ වේදිකාව සඳහා විශ්වවිද්‍යාල සිසුන් දායක කරගැනීම පිළිබඳ අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ මෙම සාකච්ඡාව පැවැත්විණි. රටේ ඉදිරි සංවර්ධන සැලසුම් සකස් කළ යුත්තේ අදට නොව තවත් වසර 25කට සරිලන අන්දමින් බවත් එහිදී තාරුණ්‍යයේ දායකත්වය උපරිමයෙන් ලබාගැනීම අපේක්ෂාව බවත් එහිදී ජනාධිපතිවරයා තවදුරටත් අවධාරණය කර තිබේ. |
2022-12-13T08:33:59.000Z | චීන යුද යානා 21ක් තායිවානයේ ගුවන් ආරක්ෂක කලාපය හරහා යයි | තායිවාන ගුවන් ආරක්ෂක කලාපයේ චීන ගුවන් යානා | COLOMBO ( News 1 st ) - පැය 24ක් තුළ චීන යුද ගුවන් යානා 21ක් තායිවානයේ ගුවන් ආරක්ෂක කලාපය හරහා පියාසර කර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ න්‍යෂ්ටික බෝම්බ හෙලන යානා 18ක් ද ඒ අතර වන බවයි. H-6 නැමති බෝම්බ ප්‍රහාරක යානා පහකට වඩා ඊට අන්තර්ගත වීමද විශේෂත්වයකි. මේ හේතුවෙන් චීනය සහ තායිවානය අතර පවතින මතභේදාත්මක තත්ත්වය තවත් උග්‍ර වනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. චීනය පසුගිය සතියේ තායිවානයේ ආහාර පාන වර්ග, මධ්‍යසාර සහ ධීවර නිෂ්පාදන සඳහා නව ආනයන තහනමක් ද පැනවීය. |
2022-12-13T08:30:47.000Z | ඉන්දීය - චීන හමුදා ගැටුමක් | ඉන්දීය - චීන හමුදා ගැටුමක් | COLOMBO ( News 1 st ) - ඉන්දිය සහ චීන හමුදා අතර ඉන්දියාවේ අරුණාචල් කඳුකර ප්‍රදේශයේදී දේශසීමා සම්බන්ධයෙන් ගැටුමක් හටගෙන තිබේ. ඉන්දිය බලධාරීන් පවසන්නේ 2020 න් පසු චීන හමුදා සමග ඇති වු පළමු ගැටුම මෙය බවයි. ගැටුමෙන් දෙපාර්ශ්වයේම සොල්දාදුවන් කිහිප දෙනෙකු සුළු තුවාල ලබා තිබේ. |
2022-12-13T08:23:45.000Z | අන්තරේ වසන්ත මුදලිගේ යළිත් රක්ෂිත බන්ධනාගාරයට | අන්තරේ වසන්ත යළි රිමාන්ඩ් | COLOMBO ( News 1 st ) - අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ජනවාරි 17 වැනිදා යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ. ඒ ඔහු අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් තරංගා මහවත්ත මහත්මිය හමුවට ඉදිරිපත් කිරිමෙන් අනතුරුවයි. මේ සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන කඩිනමින් අවසන් කර අධිකරණයට වාර්තා කරන ලෙස ද අතිරේක මහේස්ත්‍රාත්වරිය ත්‍රස්ත විමර්ශන ඒකකයට නියෝග කළේ ය. |
2022-12-13T08:18:01.000Z | ලීසිං නොගෙවූ වාහන පැහැර ගන්නා සමාගම්වලට නීතිමය පියවර | මැර කණ්ඩායම් යොදා වාහන පැහැර ගත්තොත් වැඩවරදී | COLOMBO ( News 1 st ) - මැර කණ්ඩායම් යොදා ලීසිං නොගෙවූ වාහන පැහැර ගන්නා සමාගම්වලට නීතිමය පියවර කල්බදු ගෙවීමට නොහැකි වාහන මැර කණ්ඩායම් යොදවා පැහැර ගන්නා සමාගම්වලට එරෙහිව නීතිමය පියවර ගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසයි. අමාත්‍යවරා අදාළ සමාගම්වලට උපදෙස් දී ඇත්තේ, එසේ කල්බදු ගෙවීමට නොහැකි වාහන පැහැර ගන්නා සමාගම්වලට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසයි. |
2022-12-13T05:17:18.000Z | ඕමානයේදී කාන්තාවන් ජාවාරම් කළ කුෂාන්ට ඇප | ඕමානයේදී කාන්තාවන් ජාවාරම් කළ කුෂාන්ට ඇප | COLOMBO (News 1st) - ඕමානයේදී කාන්තාවන් ජාවාරම් කළේ යැයි චෝදනා එල්ල වී සිටින ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ 3 වැනි ලේකම් ඊ.කුෂාන් නැමැත්තා ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ. |
2022-12-13T05:03:09.000Z | පේරාදෙණියේ හිටපු උප කුලපතිට හා පුත්‍රයාට පහරදීම : සිසුන් 06 ක් අත්අඩංගුවට | හිටපු උප කුලපතිට පහර දීම: සිසුන් 06 ක් අත්අඩංගුවට | COLOMBO ( News 1 st ) - පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උප කුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතාට හා ඔහුගේ පුත්‍රයාට පහරදීමේ සිද්ධියට අදාළව සිසුන් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඒ ඔවුන් පේරාදෙණිය පොලිස් ස්ථානය වෙත පැමිණ භාරවීමෙන් පසුවයි. එලෙස භාර වී ඇත්තේ, අවුරුදු 23 ත් 25 ත් අතර වයසේ පසුවන සැකකරුවන් නිට්ටඹුව , සඳලංගල , ගිරිතලේ , මාතලේ , හේනේගමුව හා ගලගම්වත්ත ප්‍රදේශවල පදිංචිකරුවන් පිරිසකි. මෙම සිද්ධියට අදාළව තවත් සිසුන් 06 දෙනෙකු හඳුනා ගෙන ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන ක්‍රියාත්මකයි. පසුගිය 10 වැනිදා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසක් හිටපු උපකුලපතිවරයාගේ නිල නිවසට ඇතුළු වී ඔහුට සහ ඔහුගේ පුත්‍රයාට පහරදී තිබුණු අතර විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති, මහාචාර්ය සම්පත් අමරතුංග මහතා ප්‍රකාශ කළේ, එම පහරදීමට සිසුන් 300 දෙනෙකු පමණ පැමිණ ඇති බවයි. |
2022-12-13T04:14:09.000Z | කොල්ලුපිටියේ මාරක අනතුරින් පසු රටින් පළා ගිය සැකකරු කටුනායකදී අත්අඩංගුවට | කොල්ලුපිටියේ මාරක අනතුර කර සැකකරු අත්අඩංගුවට | COLOMBO (News 1st) - කොල්ලුපිටිය ප්‍රදේශයේදී සුඛෝපභෝගී මෝටර් රථයක් අධික වේගයෙන් ධාවනය කරමින් සිදු කළ අනතුරින් පසු රටින් පළා ගොස් සිටි සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ ඔහු නැවත මෙරටට පැමිණෙමින් සිටියදී මෙලෙස අත්අඩංගුවට ගත් බවයි. පසුගිය 10 වැනිදා සිදුවූ අනතුරින් පසු අදාළ සැකකරු එදිනම උදෑසන 9.55 ට කටුනායක ගුවන්තොටුපළෙන් ඩුබායි වෙත පළා ගොස් ඇති බව පොලීසිය ප්‍රකාශ කළේ ය. සැකකරු සම්බන්ධයෙන් පොලීසිය විදෙස් ගමන් තහනමක් ද ලබා ගෙන තිබූ අතර ඊයේ(12) රාත්‍රී ඔහු නැවත ලංකාවට පැමිණීමේ දී කටුනායක ගුවන් තොටුපළේ ආගමන විගමන නිලධාරීන් විසින් සිය භාරයට ගෙන තිබේ. සැකකරු පොලිස් අත්අඩංගුවට පත් වුණේ ඉන් අනතුරුවයි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි පුද්ගලයෙක් වන අතර පසුගිය 10 වනදා අලුයම කොල්ලුපිටිය ප්‍රදේශයේ දී මෝටර් රථයක්, ඉදිරියෙන් ධාවනය වු ත්‍රීරෝද රථයක ගැටීමෙන් මෙම අනතුරු සිදු වූ අතර ඉන් ත්‍රීරෝද රථයේ රියදුරු ජීවිතක්ෂයට පත්විය. |
2022-12-13T03:52:20.000Z | ප්‍රවීණ ගායන ශිල්පී නිහාල් නෙල්සන් මහතා අභාවප්‍රාප්ත වෙයි | නිහාල් නෙල්සන් මහතා අභාවප්‍රාප්තවෙයි | COLOMBO ( News 1 st ) - ප්‍රවීණ ගායන ශිල්පි නිහාල් නෙල්සන් මහතා අභාවප්‍රාපාප්තවී තිබේ. මිය යන විට ඒ මහතාගේ වසය අවුරුදු 76 කි. නිහාල් නෙල්සන් මහතා විසින් ගායනා කල සල්ලි මිටි ගණන් , පත්තරවල විස්තර , රෝස මලකුයි නෙලුම් මලකුයි , අම්මා නැති කාලේ , ලස්සනට පිපුණ වන මල් , කිරි දුන්නේ දරුවන්ටයි වැනි ගීන 100 ගණනක් මෙරට රසික හදවත් තුල සදා මතකයේ රැදෙනු ඇති. |
2022-12-13T02:46:29.000Z | කළම්බෝ ස්ටාර්ස්ට කණ්ඩායමට එරෙහිව ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට ලකුණු 6 ක තියුණු ජයක් .. | 2022 ලංකා ප්‍රිමියර් ලීග්: ජැෆ්නා කිංග්ස්ට ජය | COLOMBO ( News 1 st ) - 2022 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ කළම්බෝ ස්ටාර්ස් කණ්ඩායමට එරෙහි තරගය ජැෆ්නා කිංග්ස් කණ්ඩායම ලකුණු 6කින් ජය ගත්තා. පල්ලෙකැළේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනූ කළම්බෝ ස්ටාර්ස් කණ්ඩායම තීරණය කළේ පළමුව පන්දු රැකීමටයි. ඒ අනුව පන්දුවට පහර දුන් ජැෆ්නා කිංග්ස් ක්‍රීඩකයන් පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 178කි. ශෝයිබ් මලික් ලකුණු 35 ක් රැස් කළ අතර බෙනී හොවෙල් කඩුලු 2ක් දවා ගැනීමට සමත් විය. ලකුණු 179ක ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි කළම්බෝ ස්ටාර්ස් ක්‍රීඩකයන්ට පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී රැස් කිරීමට හැකි වුයේ ලකුණු 172ක් පමණයි. වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ නායක ඇන්ජලෝ මැතිව්ස් නොදැවී පන්දු 38 කදී ලකුණු 73ක් රැස් කළ අතර ජේම්ස් ෆුලර් සහ විජයකාන්ත් වියස්කාන්ත් කඩුලු 2 බැගින් බිද හෙලනු ලැබූහ. |
2022-12-13T02:42:31.000Z | උතුරු - නැගෙනහිර ගවයින් ඇතුළු සත්ත්වයින් මියයාමට හේතුව හෙළිවෙයි | ගවයින් ඇතුළු සත්ත්වයින් මියයාමට හේතුව හෙළිවෙයි | COLOMBO (News 1st) - නැගෙනහිර හා උතුරු පළාත්වල ගවයින් සහ එළුවන් මියයාමට හේතුව අධික ශිතල බව අනාවරණ වී තිබේ. කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේ, ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ කණ්ඩායම් තමාට ඊයේ (12) දුරකතනයෙන් දැනුම් දුන් බවයි. උතුරු - නැගෙනහිර පළාත්වල ගවයින්, මී ගවයින් සහ එළුවන් 1200 ආසන්න සංඛ්‍යාවක් මියගොස් ඇතැයි සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් හේමාලී කොතලාවල මහත්මිය සඳහන් කළා ය. |
2022-12-13T02:20:32.000Z | චීනයෙන් තවත් ඩොලර් මිලියන 27 ක ඖෂධ ලැබෙයි | චීනයෙන් තවත් ඩොලර් මිලියන 27 ක ඖෂධ ලැබෙයි | COLOMBO (News 1st) - ලබන ජනවාරි මාසය වනවිට මෙරට පවතින ඖෂධ හිඟය පහව යනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි. අමාත්‍යවරයා සඳහන් කළේ, ඩොලර් මිලියන 27 ක වටිනාකමින් යුත් අත්‍යවශ්‍ය ඖෂධ තොගයක් පෙරේදා (11) මෙරටට ලැබුණු බවයි. ඒ, චීනය මෙරටට ලබා දෙන සෞඛ්‍ය ආධාරවල දෙවැනි අදියර ලෙසයි. ඩොලර් මිලියන 42 ක වටිනාකමකින් යුත් තවත් අත්‍යවශ්‍ය ඖෂධ තොගයක් අමෙරිකාවෙන් ඉදිරියේ දී ලැබීමට නියමිතව ඇතැයි අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා සඳහන් කළේ ය. |
2022-12-13T02:06:34.000Z | විශ්වවිද්‍යාල ආචාර්යවරු අද (13) සංකේත වැඩවර්ජනයක | විශ්වවිද්‍යාල ආචාර්යවරු අද (13) සංකේත වැඩවර්ජනයක | COLOMBO (News 1st) - විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය අද (13) දීපව්‍යාප්ත සංකේත වැඩවර්ජනයක නිරත වේ. ඒ, නව බදු සංශෝධනවලට විරෝධය පළ කරමිනි. ඒ අනුව සිසුන්ගේ මාර්ගගත අධ්‍යයන කටයුතු ඇතුළු රාජකාරීවලින් ඉවත් වීමට තීරණ කර ඇතැයි විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති මහාචාර්ය ශ්‍යාම් බන්නැහැක මහතා සඳහන් කළේ ය. |
2022-12-13T01:35:08.000Z | පාර්ලිමේන්තුව අද (13) රැස්වෙයි | පාර්ලිමේන්තුව අද (13) රැස්වෙයි | COLOMBO (News 1st) - අදත් (12) පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත වේ. ඒ, කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙනි. වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඉදිරිපත් කරන ප්‍රශ්න සඳහා අද පාර්ලිමේන්තු දිනය වෙන්කර ඇත. |
2022-12-12T10:57:40.000Z | ගෑස් සිලින්ඩර 90,000ක් දෛනිකව වෙළෙඳපොළට.. - ලිට්‍රෝ සමාගම | ගෑස් සිලින්ඩර 90,000ක් දෛනිකව වෙළෙඳපොළට.. | COLOMBO (News 1st) – ගෘහස්ථ ගෑස් සිලින්ඩර 90,000ක ප්‍රමාණයක් අද(12) සිට වෙළෙඳපොළට නිකුත් කිරීමට සැලසුම් කර ඇතැයි ලිට්‍රෝ සමාගම පවසයි. එහි සභාපති මුදිත පීරිස් මහතා පැවසුවේ ඊයේ, අත්‍යාවශ්‍ය සේවා සඳහා පමණක් ගෑස් සිලින්ඩර නිකුත් කළ බවයි. ගෑස් මෙට්‍රික් ටොන් තුන්දහස් අටසියක තොගයක් රැගත් නෞකාවක් ඊයේ රාත්‍රීයේ දිවයිනට ළඟා විය. හෙට(13) තවත් ගෑස් නෞකාවක් දිවයිනට ළඟා වීමට නියමිත බව ලිට්‍රෝ සභාපතිවරයා සඳහන් කළේ ය. ඔහු පැවසුවේ, උත්සව සමය වෙනුවෙන් හිඟයකින් තොරව ගෑස් ලබා දීමට සූදානම් බවයි. ඒ වෙනුවෙන් ඇනවුම් කර ඇති ගෑස් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 34000 කි. |
2022-12-12T05:19:44.000Z | රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තට එරෙහිව පියවර ගැන්නැයි, අභියාචනාධිකරණයෙන් නියෝග | සනත් නිශාන්තට චෝදනා ගොනු කිරීම ලබන ජන. 17 | COLOMBO ( News 1 st ) - අධිකරණයට අපහාස කිරීමේ චෝදනා එල්ල වී ඇති රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාට එරෙහිව පියවර ගැන්නැයි අභියාචනාධිකරණයෙන් නීතිපතිවරයාට නියෝග කර තිබේ. ඒ අනුව ලබන ජනවාරී 17 වැනිදා අදාළ චෝදනා ගොනු කිරීමට පියවර ගන්නැයි අභියාචනාධිකරණයෙන් නීතිපතිවරයාට මෙලෙස නියෝග නිකුත් කළේය. |
2022-12-12T04:22:46.000Z | Dambull Aura පිලට එරෙහිව Jaffna kingsට ලකුණු 51ක විශිෂ්ට ජයක්.. | Jaffna kingsට ලකුණු 51ක විශිෂ්ට ජයක්.. | COLOMBO ( News 1 st ) - 2022 ලංකා ප්‍රිමියර් ලීග්(LPL) ක්‍රිකට් තරගාවලියේ දඹුල්ල අවුරා කණ්ඩායමට එරෙහි තරගය ජැෆ්නා කිංග්ස් කණ්ඩායම ලකුණු 51 කින් ජය ගත්තේය. තරගයේ කාසියේ වාසිය හිමි කරගත් දඹුල්ල අවුරා නායක දසුන් ශානක තීරණය කළේ පළමුවෙන් පන්දු රැකීමටයි. ඒ අනුව, පන්දුවට පහර දුන් ජැෆ්නා කිංග්ස් ක්‍රීඩකයින් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 240කි. වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ රහමනුල්ලා ගුරුබාස් පන්දු 35කදී ලකුණු 73ක් රැස් කළ අතර අවිශ්ක ප්‍රනාන්දු පන්දු 30කදී ලකුණු 54 ක් රැස් කිරීමට සමත් විය. ලහිරු කුමාර කඩුලු 2ක් දවා ගත්තේය. |
2022-12-12T03:37:50.000Z | විශේෂ පොලිස් මෙහෙයුමකින් සැකකරුවන් 23 ක් පොලිස් දැලේ | පැය 12 ක් තුළ සැකකරුවන් 23 ක් පොලිස් දැලේ | COLOMBO ( News 1 st ) - විවිධ වැරදිවලට සම්බන්ධ සැකකරුවන් 23 දෙනෙකු විශේෂ පොලිස් මෙහෙයුමකදී අත්අඩංගුවට ගෙන තිබේ. පැය 12 ක් පුරා මෙහෙයුම ක්‍රියාත්මක වුණේ මරදාන, දෙමටගොඩ සහ ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසම් ආවරණ වන ආකාරයෙන් වන අතර එහිදී අත්අඩංගුවට ගැනුණු වරෙන්තුකරුවන් සංඛ්‍යාව 10 දෙනෙකි. සෙසු සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණේ හෙරොයින්,අයිස් ඇතුලු විවිධ මත්ද්‍රව්‍ය සමගයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් මාළිගාවත්ත, මරදාන සහ මට්ටක්කුලිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර අදාළ සැකකරුවන් අද(12) මාළිඟාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. |
2022-12-12T02:42:17.000Z | 'අලුත් පොතක් සතුටු හිතක් ' සිරස – ශක්ති පොත් යාත්‍රාව සමග එක්වීමට ඔබටත් අවස්ථාව | ' අලුත් පොතක් සතුටු හිතක් ' | COLOMBO ( News 1 st ) - නත්තල සමරමින් දිවයින පුරා සිටින දූ දරුවන්ට අලුත් පාසල් වාරය සඳහා පොත්පත් ඇතුළු උපකරණ පරිත්‍යාග කිරීමට අපිත් එක්ක එකතු වෙන්න දැන් ඔබටත් අවස්ථාව උදා වී තිබේ. ඒ, 'අලුත් පොතක් සතුටු හිතක් 'සිරස ශක්ති පොත් යාත්‍රාව වැඩසටහන යටතේ යි. ඔබගේ පරිත්‍යාග භාර ගැනිමට ස්ථාන කිහිපයක පහසුකම් සලසා තිබේ. ඒ අනුව 01. කොළඹ 02 කැපිටල් මහරාජා සමූහයේ ප්‍රධාන කාර්යාලය 02. දෙපානම මැදිරි සංකීර්ණය 03. රත්මලාන ස්ටයින් මැදිරි සංකීර්ණය 04. කොළඹ එචලන් චතුරස්‍ර පරිශ්‍රය 05. කැන්ඩි සිටි සෙන්ටර් පරිශ්‍රයට ඔබේ පරිත්‍යාග භාරදිය හැකි යි. |
2022-12-12T02:18:05.000Z | යුක්‍රේන හා අමෙරිකානු ජනාධිපතිවරුන් අතර දුරකතන සංවාදයක් | යුක්‍රේනය අමෙරිකාවට තුති පුදයි | COLOMBO ( News 1 st ) - යුක්‍රේන ජනාධිපති ව්ලැදිමීර් සෙලෙන්ස්කි,අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න්ට ස්තූතිය පළ කර තිබේ. ඒ රුසියාවට එරෙහිව සටන් කිරීම සඳහා යුක්‍රේනයට මූල්‍යාධාර සහ ආරක්ෂක ආධාර ලබාදීම වෙනුවෙනි. ජනාධිපතිවරුන් අතර පැවති දුරකතන සංවාදයකදී,යුක්‍රේන ජනාධිපතිවරයා සිය ස්තූතිය පළ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළ අතර එහිදි යුක්‍රේන ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ, පෙර නොවූ විරූ අයුරින් ලබා දෙන සහය ඉතා වටිනා බවයි. එය යුද පිටියේ සාර්ථකත්වයට මෙන්ම යුක්‍රේන ආර්ථිකයේ ස්ථාවරත්වයට ද හේතු වන බව සෙලෙන්ස්කි පෙන්වා දෙනවා දී තිබේ. ගැටුම් හේතුවෙන් මේ වන විට වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ යුක්‍රේනයේ දකුණු ප්‍රදේශයටයි. රුසියාව එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාර හේතුවෙන් පුද්ගලයින් මිලියන එකහාමාරකට පමණ විදුලිය ඇණහිට තිබෙන අතර විදුලිය සැපයුම යථාතත්වයට පත් කිරීම සඳහා අමෙරිකාව ලබා දෙන සහය වෙනුවෙන් ද යුක්‍රේන ජනාධිපතිවරයා සිය ස්තූතිය ප්‍රකාශ කර තිබේ. |
2022-12-12T02:13:18.000Z | ගවයින් , එළුවන් ඇතුළු සතුන් මිය යන්නේ නම්, පශු වෛද්‍ය කොට්ඨාසය දැනුවත් කරන්නැයි, ඉල්ලීමක් | ගවයින් ඇතුළු මියගිය සතුන්ගේ හිමිකරුවන්ට වන්දි | COLOMBO (News 1st) – ගවයින් සහ එළුවන් ඇතුළු සත්ත්වයින් අසාමාන්‍ය ලෙස තවදුරටත් මියයන්නේ නම්, ළඟම පිහිටි පශු වෛද්‍ය කොට්ඨාසය දැනුවත් කරන්නැයි සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි. එහි අධ්‍යක්ෂ ජනරාල් හේමාලී කොතලාවල මහත්මිය සඳහන් කළේ, පේරාදෙණිය පශු පර්යේෂණ ආයතනයේදී උතුරු නැගෙනහිර මියගිය සත්වයින්ගේ සාම්පල යොදාගෙන පරීක්ෂණ සිදු කරමින් සිටින බවයි. පසුගිය 08, 09 දෙදින උතුරු - නැගෙනහිර පළාත් වල ස්ථාන රැසක ගවයින් සහ එළුවන් 1000කට අධික ප්‍රමාණයක් මිය යෑමේ සිද්ධීන් වාර්තා විය. සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දේපාර්තමේන්තුව සඳහන් කරන්නේ, මෙම මරණවලට හේතුව පැවති අධික ශීත කාලගුණය බවට සැක කරන බවයි. මේ අතර, මියගිය සත්වයින්ගේ හිමිකරුවන් වෙනුවෙන් වන්දි මුදලක් ලබා දීම පිළිබඳව තීරණය කිරීම සඳහා අද(12) සාකච්ඡාවක් පැවැත්වෙයි. කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේ, විෂය භාර අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් හම්බන්තොටදී එම සාකච්ඡාව පැවැත්වෙන බවයි. |
2022-12-12T01:54:31.000Z | රජයේ ආධාර ලබන්නන් ගැන සමීක්ෂණයක් - සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව - | රජයේ ආධාර ලබන්නන් ගැන සමීක්ෂණයක්.. | COLOMBO ( News 1 st ) - සමෘද්ධිලාභීන් ඇතුළු රජයේ ආධාර ලබන්නන් පිළිබඳ සමීක්ෂණයක් ආරම්භ කර ඇතැයි සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි. එහි අධ්‍යක්ෂ ජනරාල් බන්දුල තිලකසිරි මහතා සඳහන් කළේ, සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව සහ සමාජ සුබසාධන මණ්ඩලය එක්ව සමීක්ෂණය සිදුකරන බවයි. අදාළ නාමාවලිය සංශෝධනය කිරීමට තීරණය කර ඇත්තේ, ආධාර ලැබිය යුතු පවුල් මගහැරීම සහ සුදුසුකම් සපුරා නොමැති පුද්ගලයින් අදාළ මූල්‍ය ආධාරය ලබා ගැනීම ඇතුළු ගැටලු මුල් කරගනිමින් ය. ඊට අදාළ මූලික ලියාපදිංචිය අවසන් කර ඇතැයි, සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ ය. ඒ අනුව යාවත්කාලීන කරන ලද නව ලේඛනය යටතේ ලියාපදිංචි ඇති පවුල් සංඛ්‍යාව තිස් පන් ලක්ෂයකි. |
2022-12-12T01:46:11.000Z | පලාලි සහ චෙන්නායි අතර ගුවන් ගමන් යළිත්.. | පලාලි සහ චෙන්නායි අතර ගුවන් ගමන් යළිත්.. | COLOMBO (News 1st) – පලාලි සහ ඉන්දියාවේ චෙන්නායි අතර ගුවන් ගමන් අද (12) යළි ආරම්භ වෙයි. සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කළේ, සතියකට ගුවන් ගමන් වාර 04 බැගින් චෙන්නායි සිට පලාලි වෙත පැමිණෙන බවයි. ඒ සඳහා ඒ ටී ආර් - 72 ( ATR -72) වර්ගයේ ගුවන් යානා භාවිත කරනු ලබයි. පලාලි සහ චෙන්නායි අතර ගුවන් ගමන් පසුගිය කාලයේ නතර කෙරුණේ, කොරෝනා වසංගතය හේතුවෙන් ය. |
2022-12-12T01:25:13.000Z | වැසුණු සියලු පාසල් අද (12) යළි විවෘත කෙරේ.. | තාවකාලිකව වැසුණු පාසල් අද යළි විවෘතයි | COLOMBO (News 1st) – අයහපත් කාලගුණය හේතුවෙන් වසා දැමුණු දිවයිනේ සියලු පාසල් අද(12) යළි ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. එහි ලේකම් නිහාල් රණසිංහ මහතා සඳහන් කළේ, අසාමාන්‍ය ලෙස වායු දුෂණය ඉහළ යාම ඇතුළු කාලගුණික තත්ත්වය හේතුවෙන් එලෙස පාසල් වසා දැමුණු බවයි. කාලගුණික තත්ත්වය යළි සාමාන්‍ය අතට පත්වීම හේතුවෙන් පාසල් විවෘත කිරීමට තීරණය කර තිබේ. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ , මෙරට වායු ගුණාත්මක තත්වය යළි සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බවයි. ඊයේ මෙරට නාගරික ප්‍රදේශ වල ඇමරිකානු වායු ගුණ තත්වය දර්ශක අගය 100 ත් 150 ත් අතර අගයක සටහන් විය. එය සෞඛ්‍යට අහිතකර මට්ටමක් නොවන බව, විශේෂඥයින් සඳහන් කළේ ය. |
2022-12-12T01:21:57.000Z | තැපැල් වර්ජනය අඛණ්ඩව... සේවක නිවාඩු අවලංගු කෙරේ | තැපැල් වර්ජනය අඛණ්ඩව... | COLOMBO (News 1st) – සියලු තැපැල් සේවකයින්ගේ නිවාඩු අවලංගු කර තිබේ. ඒ, ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ සංකේත වැඩවර්ජනයක් ආරම්භ කිරීම හේතුවෙනි. නිවේදනයක් නිකුත් කරමින් තැපැල්පති රංජිත් ආරියරත්න මහතා තැපැල් සේවකයින්ට දැනුම් දෙන්නේ , අද (12) සේවයට වාර්තා කරන ලෙසයි. ඉල්ලීම් 06ක් මුල් කර ගනිමින් ආරම්භ කළ වැඩවර්ජනය අද (12) මධ්‍යම රාත්‍රි 12.00 දක්වා ක්‍රියාත්මක බව, ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා පැවසුවේ ය. |
2022-12-11T17:12:49.000Z | Colombo Stars ට එරෙහිව Galle Gladiators ට ලකුණු 25ක ජයක්.. | Colombo Stars ට එරෙහිව Galle Gladiators ට ලකුණු 25 | COLOMBO (News 1st) - ලංකා ප්‍රීමියර් ලීග්(LPL) පන්දුවාර 20 තරගාවලියේ ගෝල් ග්ලැඩියේටර්ස් සහ කළම්බො ස්ටාර්ස් අතර තරගය අද පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී පැවැත්විය. තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ගෝල් ගැල්ඩියේටර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 174ක් ලබා ගැනීමට සමත් විය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කළම්බො ස්ටාර්ස් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුළු 7ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 149ක් පමණි. ඒ අනුව ලකුණු 25ක ජයක් ලබා ගැනීමට ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම සමත්විය. |
2022-12-11T15:22:41.000Z | 2023 වසරේ සමගි ජන බලවේගයේ නායකත්වය සජිත් ප්‍රේමදාසට | 2023 සජබ නායකත්වය සජිත්ට | COLOMBO (News 1st) - 2023 වසර සඳහා සමගි ජන බලවේගයේ පක්ෂ නායකත්වයට සජිත් ප්‍රේමදාස මහතා තෝරා පත් කර ගත්තේ ය. ඒ, අද(11) බොරැල්ල කැම්බල් පිටියේ පැවති සමගි ජන බලවේග දෙවැනි සංවත්සර සමුළුවේදීයි. "පෙරළියට මඟ කියන - කරළියට ගොඩවන්න" තේමා කරගනිමින් සමගි ජන බලවේගය අද දෙවැනි සංවත්සර සමුළුව සංවිධානය කළේ ය. බොරැල්ල කැම්බල් පිටියේ පැවැත්වූ සමුළුවට පාක්ෂිකයින් පැමිණියේ දැවැන්ත පා ගමන් දෙකකිනි. එක් පාගමනක් පැමිණියේ බොරැල්ලේ සිට පැමිණි අතර තවත් පාක්ෂිකයින් පිරිසක් දෙමටගොඩ සිට පාගමනින් පැමිණියහ. සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද පාගමනට එක්විය. අනතුරුව සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ පක්ෂයේ සාමාජිකයින් කැම්බල් පිටියට පැමිණි අතර සමුළුව ආරම්භ වුණේ සර්ව ආගමික වතාවත්වලින් අනතුරුවයි. |
2022-12-11T10:32:55.000Z | රජයේ සහ රජයේ ආධාර ලබන සියලු පාසල් හෙට සිට යළි විවෘත කෙරේ | සියලු පාසල් හෙට සිට යළි විවෘත කෙරේ | COLOMBO ( News 1 st ) – රජයේ සහ රජයේ ආධාර ලබන සියලු පාසල් හෙට (12) සිට යළි විවෘත කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.. පැවති කාලගුණික තත්ත්වය හේතුවෙන් සියලුම පාසල්වලට පසුගියදා (09) විශේෂ නිවාඩු දිනයක් ප්‍රකාශයට පත්කර තිබුණි. |
2022-12-11T08:29:55.000Z | නැගෙනහිර මුහුදේදී ධීවරයින් 5ක් රැගත් යාත්‍රාවක් අනතුරක: අතුරුදන් ධීවරයෙක් සොයා මෙහෙයුම් | ධීවර යාත්‍රාවකට අනතුරක් | COLOMBO ( News 1 st ) - තද සුළං තත්ත්වයත් සමග සංගමන්කන්ද තුඩුව නැගෙනහිර මුහුදේදී ධීවර යාත්‍රාවක් අනතුරට ලක්ව තිබේ. නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක, කපිතාන් ඉන්දික ද සිල්වා මහතා ප්‍රකාශ කළේ, එහි සිටි ධීවරයින් 4 දෙනෙකු මේ වනවිට මුදාගෙන ඇති බවයි. අතුරුදන්ව සිටින අනෙක් ධීවරයා සොයා මෙහෙයුම් ක්‍රියාත්මක බව නාවික හමුදාව සඳහන් කර තිබේ. මෙසේ අනතුරට ලක්ව ඇත්තේ, ත්‍රිකුණාමලය ධීවර වරායෙන් පසුගිය මස 26 වැනිදා ධීවර කටයුතු සඳහා පිටත්ව යන ලද ධීවරයින් 05 දෙනෙකු රැගත් මෙරට බහුදින ධීවර යාත්‍රාවකි. |
2022-12-11T07:05:26.000Z | තැපැල් සේවකයින් අද සවස සිට වර්ජනයකට සැරසෙයි | තැපැල් සේවකයින් වර්ජනයකට සැරසෙයි | COLOMBO ( News 1 st ) - අද(11) සවස 4.00 සිට දීප ව්‍යාප්ත වැඩවර්ජනයක නිරත වන බව, තැපැල් සේවකයින් පවසති. ගැටලු කිහිපයක් මුල් කරගනිමින් ක්‍රියාත්මක කිරීමට නියමිත මෙම වැඩ වර්ජනය අද(11) සවස 4.00 සිට හෙට(12) මධ්‍යම රාත්‍රී 12.00 දක්වා ක්‍රියාත්මක කිරීමට නියමිතය. ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා අදහස් දක්වමින් කියා සිටියේ, තැපැල් දෙපාර්තමේන්තුවේ සම්පත් පෞද්ගලික අංශයට පැවරීමත්, යම් යම් සේවා ඉටු කර ගැනීම සඳහා පෞද්ගලික අංශය සම්බන්ධ කර ගැනීමත්, සේවක වරප්‍රසාද කප්පාදුව හා තැපැල් දෙපාර්තමේන්තුව සංවර්ධනයට කටයුතු නොකිරීම ආදී කරුණු කිහිපයක් මුල් කරගෙන මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බවයි |
2022-12-11T07:00:54.000Z | රුපියල් කෝටියක කප්පම් ගන්න පුද්ගලයෙකු පැහැර ගත් අයෙක් අත්අඩංගුවට | වැරදුණු කප්පම | COLOMBO ( News 1 st ) - රුපියල් කෝටියක කප්පමක් ලබා ගැනීමේ අරමුණින් පුද්ගලයෙකු පැහැර ගෙන ගිය සැකකරුවෙකු කාත්තන්කුඩිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය ප්‍රකාශ කළේ ලද පැමිණිල්ලක් අනුව කළ විමර්ශනයේදී ඒ සඳහා යොදාගත් වෑන් රථ හා යතුරු පැදියද සිය භාරයට ගත් බවයි. පොලීසිය සඳහන් කළේ, එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, කාත්තන්කුඩිය ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි අයෙක් වන බවයි. එසේම සිද්ධියට අදාළ සෙසු සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් අද(11) මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. |
2022-12-11T06:58:39.000Z | ඉදිකිරීම් ක්ෂේත්‍රයේ අක්‍රමිකතා ගැන පැමිණිලි 1,000ක් - ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරිය | ඉදිකිරීම් ක්ෂේත්‍රයේ අක්‍රමිකතා ගැන පැමිණිලි1000ක් | COLOMBO ( News 1 st ) - ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සිදුවූ අක්‍රමිකතා සම්බන්ධයෙන් වසරේ ගතවූ කාලසීමාව තුළ පැමිණිලි 1,000 ක් පමණ ලැබී ඇතැයි ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරිය පවසයි. එහි අධ්‍යක්ෂ ජනරාල්, ඉංජිනේරු සංජීව ජයසුන්දර මහතා සඳහන් කළේ, රට තුළ මතුව ඇති ආර්ථික අර්බුදයත් සමග ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලිවල ඉහළයාමක් වාර්තා වන බවයි. ඉන් වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් ලැබී ඇත්තේ ගෙවීම් පැහැර හැරීම සම්බන්ධයෙනි. අමුද්‍රව්‍ය මිල ඉහළ යාමත් සමග ගිවිසුම් ගතවූ මුදලට අමතරව වැයවන මුදල් ලබා ගැනීම සම්බන්ධයෙන් ද පැමිණිලි වැඩි ප්‍රමාණයක් ලැබී තිබෙන අතර ඉදිකිරීම් ක්ෂේත්‍රය සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු පිළිබඳ පැමිණිලි සිය අධිකාරියට ලිඛිතව ඉදිරිපත් කළ හැකි බව, ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කළේය. |
2022-12-11T05:45:56.000Z | පේරාදෙණිය සරසවියේ හිටපු උපකුලපති මහාචාර්ය අතුල සේනාරත්නට සහ ඔහුගේ පුත්‍රයාට ප්‍රහාරයක්. | මහාචාර්ය අතුල සේනාරත්නට ප්‍රහාරයක් | COLOMBO ( News 1 st ) - පහරදීමක් හේතුවෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය අතුල සේනාරත්න මහතා හා ඔහුගේ පුත්‍රයා රෝහල් ගතකර තිබේ. පොලීසිය ප්‍රකාශ කළේ, මහාචාර්යවරයාගේ පුත්‍රයා පැදවූ මෝටර් රථයක ඊයේ(10) රාත්‍රියේ යතුරු පැදියක් ගැටී ඇති බවයි. සිද්ධියෙන් අනතුරුව පිරිසක් මහාචාර්යවරයාගේ නිවස වටලා පහරදීම සිදුකර ඇතැයි පොලීසිය සඳහන් කළ අතර පොලිස් මාධ්‍ය ඒකකය පැවසුවේ, මේ වන විට එම පිරිස් පිරිස් විසුරුවා හැර ඇති බවයි. |
2022-12-11T05:15:19.000Z | මත්ද්‍රව්‍ය භාවිත කරන රියැදුරන් අත්අඩංගුවට ගැනීමට මෙහෙයුම් | රිය අනතුරු අවම කිරීමට නව වැඩපිළිවෙළක් | COLOMBO ( News 1 st ) - හෙරොයින්, අයිස් ඇතුළු මත්ද්‍රව්‍ය භාවිත කරන රථ වාහන රියැදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුම් ආරම්භ කරන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යාංශය පවසයි. ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය, ලසන්ත අලගියවන්න මහතා පැවසුවේ නියමු ව්‍යාපෘතියක් ලෙස එම වැඩපිළිවෙළ ප්‍රථමයෙන් බස්නාහිර පළාතේ ක්‍රියාත්මක කරන බවයි. පෞද්ගලික බස්රථවල මේ ආකාරයෙන් මත්ද්‍රව්‍ය භාවිත කිරීම් යම් ප්‍රවණතාවයක් වාර්තා වන බවත්, කෙසේ වෙතත් බොහෝ රියැදුරන් සහ කොන්දොස්තරවරුන් යහපත් අයවලුන් වන බවත්, මෙම මත්ද්‍රව්‍ය භාවිතාවන් හේතුවෙන් සිදුවිය හැකි රිය අනතුරු අවම කර ගැනීමේ අරමුණින් මෙය ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය, ලසන්ත අලගියවන්න මහතා ප්‍රකාශ කළේය. මෙහි සාර්ථකත්වය මත ඉදිරියේ එම වැඩපිළිවෙළ සෙසු පළාත්වලත් ක්‍රියාත්මක කරන බවද ඔහු පැවසීය. |
2022-12-11T05:11:20.000Z | "අලුත් පොතක් සතුටු හිතක්" සිරස - ශක්ති පොත් යාත්‍රාව සමග එක්වීමට ඔබටත් අවස්ථාව | "අලුත් පොතක් සතුටු හිතක්" | COLOMBO ( News 1 st ) - නත්තල සමරමින් දිවයින පුරා සිටින දූ දරුවන්ට අලුත් පාසල් වාරය සඳහා පොත්පත් ඇතුළු උපකරණ පරිත්‍යාග කරන්න අපිත් එක්ක එකතු වෙන්නට ඔබට දැන් අවස්ථාව උදා වී තිබේ. ඒ "අලුත් පොතක් සතුටු හිතක්" සිරස - ශක්ති පොත් යාත්‍රාව වැඩසටහන යටතේයි. ඔබගේ පරිත්‍යාග භාර ගැනීමට ස්ථාන කිහිපයක පහසුකම් සලසා තිබේ. ඒ අනුව, කොළඹ 02 කැපිටල් මහරාජා සමූහයේ ප්‍රධාන කාර්යාලය දෙපානම මැදිරි සංකීර්ණය රත්මලාන ස්ටයින් මැදිරි සංකීර්ණය කොළඹ එචලන් චතුරස්‍ර පරිශ්‍රය වෙත ඔබේ පරිත්‍යාග භාරදිය හැකියි. |
2022-12-11T04:54:14.000Z | ප්‍රවීණ ගායන ශිල්පී නුවන් ගුණවර්ධනගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද | ගී අඹරින් බැසයන නුවන් තාරකාව | COLOMBO ( News 1 st ) - ප්‍රවීණ ගායන ශිල්පී අභාවප්‍රාප්ත නුවන් ගුණවර්ධන මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද(11) පස්වරුවේ සිදු කිරීමට නියමිතයි. ඒ, මහරගම ගොඩිගමුව සුසාන භූමියේදීය. මහජන ගෞරවය සඳහා දේහය තැන්පත් කර ඇත්තේ මහරගම, පතිරගොඩ පාරේ පිහිටි ඒ මහතාගේ නිවසේදීය. පසුගිය බ්‍රහස්පතින්දා රාත්‍රියේ ඒ මහතා අභාවප්‍රාප්ත වන විට වයස අවුරුදු 73 ක්. කිරි මූදූ වෙරළේ ,පාවී ගියාවේ ,කඳුලින්ම ගැයූ පෙම් ගීතේ ඇතුළු ජනප්‍රිය ගීත රැසක් ගායනා කළ නුවන් ගුණවර්ධන මහතා ප්‍රසංග වේදිකාවේ මෙන්ම සිනමා ක්ෂේත්‍රය තුළ ද සිය අනන්‍ය ලකුණ සනිටුහන් කළ ගායන ශිල්පියෙකු වන අතර ජනප්‍රිය රංගන ශිල්පියෙකු මෙන්ම ගායකයෙකු වන ගයාන් ගුණවර්ධන මහතා, නුවන් ගුණවර්ධන මහතාගේ පුත්‍රයායි. |
2022-12-11T04:48:25.000Z | පාතාල කල්ලි සාමාජිකයින් තිදෙනෙක් විශේෂ කාර්ය බලකා අත්අඩංගුවට | පාතාල සාමාජිකයින් තිදෙනෙක් අත්අඩංගුවට | COLOMBO ( News 1 st ) - ඩුබායිහී සැඟව සිටින පාතාල නායක මිනුවන්ගොඩ මහේෂ් මල්ලී නැමැත්තාගේ ප්‍රධාන ගෝලයන් තිදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබේ. විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ , ගෝනහේන කඳවුරේ නිලධාරින්ට ලද තොරතුරකට අනුව කළ මෙහෙයුමකදී සැකකරුවන් පිස්තෝල දෙකක් ද සමග අත්අඩංගුවට ගත් බවයි. කටාන, කඳවල ප්‍රදේශයේ පදිංචි සුරේෂ් ප්‍රියංකර ප්‍රනාන්දු නොහොත් බොබියා නැමති වයස අවුරුදු 32 ක පුද්ගලයෙකු මීගමුව කොච්චිකඩේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙන අතර වැරදි අංක තහඩු යෙදූ යතුරුපැදියක් ද ඔහු භාරයේ තිබී අත්අඩංගුවට ගෙන තිබේ. ඔහුගෙන් වැඩිදුරටත් කළ ප්‍රශ්න කිරීමේදී ලද තොරතුරු මත මහේෂ් මල්ලි නැමති පාතාල කල්ලි සාමාජිකයාගේ අනෙක් ගෝලයන් දෙදෙනාද අත්අඩංගුවට ගෙන තිබේ. එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කට්ටුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 35 ක පුද්ගලයෙක් සහ පන්නල, යක්විල ප්‍රදේශයේදී වයස අවුරුදු 48 ක පුද්ගලයෙකි. අත්අඩංගුවට ගත් සැකකරුවන් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි. |
2022-12-11T04:10:49.000Z | උතුරු,නැගෙනහිර ගවයින් සහ එළුවන් මියයෑම :පර්යේෂණ සාම්පල පේරාදෙණිය පශු පර්යේෂණායතනයට | මියගිය සතුන්ගේ මරණවලට හේතුව සෙවීම ඇරඹෙයි | COLOMBO ( News 1 st ) - උතුරු,නැගෙනහිර ගවයින් සහ එළුවන් මියයෑම ගැන පර්යේෂණයට අදාළ සාම්පල පේරාදෙණිය පශු පර්යේෂණායතනයට භාර දී තිබේ. ඒ සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ,පශු විමර්ශන නිලධාරීන් සිදු කළ විමර්ශන වලින් අනතුරුවයි. සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ,අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය හේමාලී කොතලාවල මහත්මිය සඳහන් කළේ ඒ අනුව ලැබුණු සාම්පල මත පදනම්ව සත්වයින් මියගිය හේතුව සොයා පරීක්ෂණ අරඹන බවයි. පසුගිය 08 සහ 09 යන දෙදින ඇතුළත උතුරු පළාතේ සහ නැගෙනහිර පළාතේ ගවයින් 802 ක් මීගවයින් 34 ක් සහ එළුවන් 256 ක් මියගොස් තිබේ. මේ වන විට ලැබී ඇති සතුන්ගේ මරණ පරීක්ෂණ වාර්තා සහ ලැබී ඇති දත්ත අනුව, එම සතුන් වැඩි වශයෙන් එළිමහනේ රැඳී සිටින බැවින් එකවර ඇතිවූ අධික ශීත කාලගුණික තත්ත්වය මත සත්වයින්ට ඇතිවූ ආතතිය, එම මරණවලට හේතුව බව දැනට පෙනී යන බව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ, අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය හේමාලී කොතලාවල මහත්මිය සඳහන් කළාය. මේ අතර දිස්ත්‍රික් සහ පළාත් මට්ටමින් හරක් මස් සහ එළුමස් ප්‍රවාහනය වහාම අත්හිටුවන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබේ. සත්ව මරණ සම්බන්ධයෙන් වාර්තාවක් ලබා දෙන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ මහතාට ද උපදෙස් දී තිබේ. |
2022-12-11T03:57:53.000Z | මහ වැස්සෙන් පුද්ගලයින් 16,360 ට පීඩා | මහ වැස්සෙන් පුද්ගලයින් 16,360 ට පීඩා | COLOMBO ( News 1 st ) - දැඩි සුළං හා වර්ෂාධික කාලගුණය හේතුවෙන් පවුල් 4825 කට අයත් පුද්ගලයින් 16,360 දෙනෙකු පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කරයි. එම මධ්‍යස්ථානය පැවසුවේ, එහිදි සිදුවූ විවිධ අනතුරුවලින් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් ඇති බවයි. දැඩි සුළගින් නිවාස 4385 කට අර්ධ හානි සිදුව ඇති අතර පූර්ණ හානි සිදුව ඇති නිවාස සංඛ්‍යාව 5 කි. ඉදිරි කාලගුණ තත්ත්වය පැහැදිලි කරමින් කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ මලිත් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේ, අද(11) දිනයේත් දිවයිනේ උතුර, උතුරු මැද ,නැගෙනහිර හා ඌව පළාත්වල ස්ථාන කිහිපයක සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි. එසේම වයඹ හා මන්නාරම දිස්ත්‍රික්ක වල උදෑසන කාලයේ වැසි ඇති විය හැකි අතර බස්නාහිර, සබරගමුව, මධ්‍යම යන පළාත්වලටත් ගාල්ල හා මාතර යන දිස්ත්‍රික්කවලටත් වැසි ඇතිවිය හැකි බැවින් ගිගුරුම් සහිත වැසි සමග ඇතිවන අකුණු අනතුරු හා තද සුළං හේතුවෙන් වන අනතුරු අවම කර ගැන්මට පියවර ගන්නැයි ද ඔහු ප්‍රකාශ කළේ ය. මේ අතර ශීත කාලගුණය තවදුරටත් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, නැගෙනහිර, උතුර, උතුරු මැද, සඹරගමුව සහ මධ්‍යම පළාත් වලටත්, දකුණු පළාත ආශ්‍රිතවත් ශීත කාලගුණික තත්ත්වය තවදුරටත් අපේක්ෂා කරන බවයි. සෙසු ප්‍රදේශ මේ වනවිට සාමාන්‍ය උෂ්ණත්වයට පත්වෙමින් ඇතැයි, කාලගුණ විද්‍යා දෙපාර්මේන්තුව සඳහන් කළ අතර ප්‍රදේශ කිහිපයක වායු දූෂණය ඉහළ යාම හමුවේ රෝග ලක්ෂණ රැසක් මතුවීමේ අවදානම තවදුරටත් පවතින බව ශ්වසන රෝග විශේෂඥයින් ප්‍රකාශ කර තිබේ. ශ්‍රී ලංකා ස්වසන රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ ලේකම්, විශේෂ වෛද්‍ය බෝධික සමරසේකර මහතා, හුස්ම ගැනීමේ අපහසුතා, උගුර, නාසය හා ඇස් කැසීම හා මද උණ තත්ත්වයන් ඇතිවිය හැකි බවයි. එමෙන්ම වායු දූෂණ තත්ත්වය දීර්ඝ කාලීනව පැවැතිය හොත් ඇදුම රෝගීන්ට, කුඩා දරුවන්ට මෙන්ම ගර්භනී මව්වරුන්ට බලපෑම් ඇතිවිය හැකි බවද ඔහු පැවසීය. |
2022-12-11T03:28:16.000Z | සමගි ජන බලවේගයේ දෙවන සංවත්සර සමුළුව අද | සමගි ජන බලවේගයේ දෙවන සංවත්සර සමුළුව අද | COLOMBO (News 1st) - සමගි ජන බලවේගයේ දෙවන සංවත්සර සමුළුව අද (11) පස්වරුවේ බොරැල්ල කැම්බල් පිටියේදී පැවැත්වීමට නියමිතව ඇත. මෙවර සමුළුව පැවැත්වෙන්නේ, පෙරලියට මග කියන කරළියට ගොඩවන්න යන තේවාම සමගිනි. |
2022-12-11T03:23:03.000Z | හෙට දිනයේ පාසල් ආරම්භ කිරීම පිළිබඳව තවමත් තීරණයකට එළැඹී නැහැ - අධ්‍යාපන අමාත්‍යාංශය | පාසල් නිවාඩුව පිළිබඳ තීරණය අද | COLOMBO ( News 1 st ) - හෙට (12) පාසල් ආරම්භ කිරීම පිළිබඳව තවම තීරණයකට එළැඹී නැතැයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. එහි ලේකම්, නිහාල් රණසිංහ මහතා ප්‍රකාශ කළේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන සමග සාකච්ඡා කර පාසල් විවෘත කිරීම සම්බන්ධයෙන් අද(11) දිනයේදී තීරණය කරන බවයි. රජයේ සහ රජයේ ආධාර ලබන සියලු පාසල් සහ කතෝලික පාසල් සඳහා පසුගිය සිකුරාදා විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කළේ පවතින කාලගුණ තත්ත්වය හේතුවෙනි. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව හා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයෙන් සිදු කළ විමසීම්වලින් පසුව එම තීරණය ගත් බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර තිබේ. |
2022-12-11T03:16:10.000Z | Jaffna Kingsට එරෙහිව Kandy Falconsට කඩුලු 3ක ජයක් | Kandy Falcons කඩුලු 3ක ජයක් | COLOMBO (News 1st) - 2022 ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ,ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට එරෙහි තරගය කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම කඩුලු 3කින් ජය ගැනීමට සමත් විය. තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ජැෆ්නා කිංග්ස් ක්‍රීඩකයන් පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 147 රැස් කළේ ය. ලකුණු 148ක ඉලක්කයක් හඹා ගිය කැන්ඩි ෆැල්කන්ස් ක්‍රීඩකයන් පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී නියමිත ඉලක්කය පසු කළේ ය. |
2022-12-11T02:12:10.000Z | එංගලන්තය පරදවමින් ප්‍රංශය පාපන්දු ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයට | එංගලන්තය පරදවමින් ප්‍රංශය පාපන්දු ලෝක කුසලානයේ අව | COLOMBO (News 1st) - එංගලන්තය පරාජය කරමින් වත්මන් ලෝක ශූර ප්‍රංශය 2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තේ ය. කටාර්හී, අල් බෙයිට් ක්‍රීඩාංගණයේ පැවති තරගයේ පළමු අර්ධයේදී ගෝල 1ට 0ක් ලෙස පෙරමුණ ගත්තේ ප්‍රංශයයි. දෙවන අර්ධයේදී කණ්ඩායම් දෙකම ගෝලය බැගින් රැස් කළා. ඒ අනුව තරගයේ නියමිත කාලය අවසන් වුණේ, ගෝල 2ට 1ක් ලෙස ප්‍රංශ කණ්ඩායම තරගය ජය ගනිමිනි. 2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ නිල දේශීය විකාශන අයිතිය හිමි TV 1 නාලිකාව ඔස්සේ සියලු තරග ඔබට සජීව ලෙස නැරඹිය හැක. |
2022-12-11T01:40:28.000Z | ගෙවුණු දිනය උණුසුම් කළ පුවත් | ගෙවුණු දිනය උණුසුම් කළ පුවත් | COLOMBO (News 1st) - දේශීය පුවත් 01.හරක් මස් සහ එළු මස් ප්‍රවාහනය වහාම අත්හිටුවන්නැයි ජනපතිගෙන් නියෝග දිස්ත්‍රික් සහ පළාත් මට්ටමින් හරක් මස් සහ එළු මස් ප්‍රවාහනය වහාම අත්හිටුවන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබේ. 02.සන්ධ්‍යා එක්නැලිගොඩ ලොව බලවත් කාන්තාවන් 100 අතරට BBC පුවත් සේවය 2022 වර්ෂයේ ප්‍රකාශයට පත් කළ ලොව බලවත් කාන්තාවන් 100 දෙනා අතර සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියගේ නමද සඳහන් වී තිබේ. 03.මානව හිමිකම් ප්‍රඥප්තියේ තේමාවට අනුව 2023 වසරේදී කැපිටල් මහරාජා සමූහයෙන් වැඩසටහන් රැසක්.. ජගත් මානව හිමිකම් ප්‍රඥප්තිය ප්‍රකාශයට පත්කර වසර 75 ක් සැපිරීම වෙනුවෙන් විශේෂ වැඩසටහනක් ඊයේ (10) රත්මලාන ස්ටයින් මැදිරි සංකීර්ණයේදී පැවැත්විණි. 04.කොල්ලුපිටිය නොසන්සුන් කළ මාරක රිය අනතුර ඊයේ (10) උදෑසන කොල්ලුපිටියේදී සිදු වූ රිය අනතුරකින් පුද්ගලයෙකු මිය ගොස් තිබේ. 05.මහ වැස්සෙන් පීඩාවට පත් ජනතාවට කඩිනමින් වන්දි – ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැඩි සුළං හා වර්ෂාධික කාලගුණය හේතුවෙන් හානියට පත් නිවාස සඳහා වන්දි ලබාදීම කඩිනමින් ආරම්භ කරන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. විදෙස් පුවත් 01.අමෙරිකාවේ ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනයට තවත් පොලිස් නිලධාරීන් තිදෙනෙකුට දඬුවම් අමෙරිකාවේ ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනයට සම්බන්ධ තවත් පොලිස් නිලධාරීන් තුන් දෙනෙකුට දඬුවම් නියම වී තිබේ. 02.ඉන්දියාවේ වගා ළිඳක සිර වූ 08 හැවිරිදි දරුවා ජීවිතයෙන් සමුගනී ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ්හි ගම්මානයක වගා ළිඳකට වැටුණු 08 හැවිරිදි දරුවා මියගොස් තිබේ. ක්‍රීඩා පුවත් 01.ප්‍රබල පෘතුගාලය ගෙදර යැවූ මොරොක්කෝව පාපන්දු ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයට මොරොක්කෝව 2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තේය. |
2022-12-10T17:14:46.000Z | නාගරික ප්‍රදේශවල වායු ගුණාත්මකභාවය අද යළිත් පහළට | අයහපත් වායූ දූෂණ මට්ටම තවදුරටත් | COLOMBO ( News 1 st ) - මේ අතර ඇතැම් නාගරික ප්‍රදේශවල වායු ගුණාත්මකභාවය අද(10) යළිත් පහළ ගොස් තිබේ. අමෙරිකානු වායු ගුණ තත්ත්ව දර්ශකයට අනුව දිස්ත්‍රික්ක කිහිපයකම වායූ දූෂණ මට්ටම 100 ඉක්ම වූ අගයක පැවතියා. ඒ අනුව කොළඹ නගරයේ 191 ක්, බදුල්ල නගරයේ 169 ක්, කෑගල්ල දිස්ත්‍රික්කයේ 155 ක් සහ කළුතර දිස්ත්‍රික්කයේ 146 ක් ලෙස වායූ දූෂණ මට්ටම පැවති අතර 150 කට වැඩි වායූ දූෂණ මට්ටම යනු ,අයහපත් මට්ටමක් ලෙස ඇමරිකානු වායු ගුණ තත්ත්ව දර්ශකය පෙන්වා දී තිබේ. එමඟින් සංවේදී පිරිස්වලට වැඩි බලපෑමක් මෙන්ම, බොහෝ දෙනාට විවිධ රෝග ලක්ෂණ පෙන්නුම් කළ හැකියි. කුරුණෑගල, ඇඹිපිටිය, රත්නපුර, මහනුවර ආදී නගරවල් වායූ දූෂණ මට්ටම 100 ඉක්ම වූ අගයක අද(10) උදෑසන පැවති අතර සෙසු ප්‍රදේශවල වායු දූෂණ තත්වය සාමාන්‍ය මට්ටමක පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පෙන්වා දී තිබේ. |
2022-12-10T17:11:50.000Z | ප්‍රබල පෘතුගාලය ගෙදර යැවූ මොරොක්කෝව පාපන්දු ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයට | මොරොක්කෝව අවසන් පූර්ව වටයට | COLOMBO (News 1st) - මොරොක්කෝව 2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තේය. ඒ, ප්‍රබල පෘතුගාලයට එරෙහි තරගය ගෝල 1ට 0ක් ලෙස ජය ගනිමිනි. තරගය පැවැත්වුණේ, කටාර්හි අල් තුමාමා ක්‍රීඩාංගණයේදීය. මොරොක්කෝව ලෝක කුසලාන පාපන්දු තරගාවලියක අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ පළමු අවස්ථාව මෙය වේ. |
2022-12-10T16:49:18.000Z | සන්ධ්‍යා එක්නැලිගොඩ ලොව බලවත් කාන්තාවන් 100 අතරට | ලොව බලවත් කතුන් අතරට සන්ධ්‍යා එක්නැලිගොඩ | COLOMBO ( News 1 st ) - මේ අතර BBC පුවත් සේවය 2022 වර්ෂයේ ප්‍රකාශයට පත් කළ ලොව බලවත් කාන්තාවන් 100 දෙනා අතර සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියගේ නමද සඳහන් වී තිබේ. මානව හිමිකම් හා සමාජ ක්‍රියාකාරිනියක් ලෙස කටයුතු කරන සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය, අතුරුදන් වූ මාධ්‍යවේදී ප්රගීත් එක්නැලිගොඩ මහතාගේ බිරිඳයි. මාධ්‍යවේදී ප්රගීත් එක්නැලිගොඩ 2010 ජනාධිපතිවරණයට දින දෙකකට පෙර එනම් 2010 ජනවාරි 24 වැනිදා අතුරුදන් වූ අතර එතැන් සිට සිය සැමියාට යුක්තිය ඉටු කිරීමටත්, සියලු ආකාරයේ මර්ධනයන්ට එරෙහිවත් සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය සටන් කරමින් සිටියි. එවරස්ට් කන්ද තරණය කළ පළමු ශ්‍රී ලාංකිකයා වු ජයන්ති කුරුඋතුම්පාල 2017 වසරේදීත්, සමුද්‍ර ජීව විද්‍යාඥ ආචාර්ය ආශා දි වොස් 2018 වසරේදීත් මීට පෙර මෙම නාමලේඛනයට ඇතුළත්ව සිටියහ. |
2022-12-10T16:28:55.000Z | ශීත කාලගුණ තත්ත්වය තවදුරටත් | ශීත කාලගුණ තත්ත්වය තවදුරටත් | COLOMBO ( News 1 st ) - ශීත කාලගුණ තත්ත්වය තවදුරටත් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ, නැගෙනහිර, උතුර, උතුරු මැද, සබරගමුව සහ මධ්‍යම පළාත්වලටත්, දකුණු පළාත ආශ්‍රිතවත් ශීත කාලගුණික තත්ත්වය තවදුරටත් අපේක්ෂා කරන බවයි. සෙසු ප්‍රදේශ මේ වන විට සාමාන්‍ය උෂ්ණත්වයට පත්වෙමින් ඇතැයි, කාලගුණ විද්‍යා දෙපාර්මේන්තුව ප්‍රකාශ කළේය. පවතින කාලගුණ තත්ත්වය හේතුවෙන් අද(10) මාතර දෙවිනුවර, තොටමුන ආදී ප්‍රදේශවල ධීවරයින් මුහුදු යාමෙන් වැළකී සිටි අතර අප වාර්තාකරු පැවසුවේ අද (10) මාතර ප්‍රදේශයට වැසි සහිත කාලගුණයක් පවතින බවයි. |
2022-12-10T15:55:46.000Z | උතුරු - නැගෙනහිර ගවයින් එළුවන් මිය යාම ගැන හේතු හොයන්න සාම්පල් විද්‍යාගර වෙත | ගම මස් හා එළුමස් ප්‍රවාහනයටත් වාරණ | COLOMBO ( News 1 st ) - ගතවූ දින කිහිපය තුළ උතුරු හා නැගෙනහිර පළාත්වලින් වාර්තා වූ මිය ගිය එළ ගවයින් , මී ගවයින් හා එළුවන් සංඛ්‍යාව දහස ඉක්මවා තිබේ. කෘෂිකර්ම අමාත්‍යාංශය ප්‍රකාශ කරන්නේ උතුරු හා නැගෙනහිර පළාත්වළ මියගිය එළ හා මී ගවයින් මෙන්ම එළුවන් සම්බන්ධව රසායනාගාර පරීක්ෂණයක් පැවැත්වීමට තීරණය කර ඇති බවයි. කෘෂිකර්ම අමාත්‍යංශය ප්‍රකාශ කළේ ,උතුරු පළාතේ හා නැගෙනහිර පළාතේ දිස්ත්‍රික්ක පහක ස්ථාන රැසක ගවයින් සහ එළුවන් මිය යාමේ සිද්ධීන් පිළිබදව අප ඊයේ(09) දිනයේදීත් වාර්තා කළ අතර මේ වන විට උතුරු පළාතේ එළ ගවයින් 358ක් මිය ගොස් ඇති බවත්, ගවයින් 352ක් අසාධ්‍ය තත්ත්වයේ පසුවන බවත්, එළුවන් 191ක් මිය ගොස් ඇති අතර 53ක් අසාධ්‍ය තත්ත්වයේ පසුවන බවයි. එමෙන්ම නැගෙනහිර පළාතෙන් පළාතෙන් වාර්තා වන එළ ගවයින් හා මී ගවයින් ප්‍රමාණය 478ක් වන අතර එම පළාතෙන් වාර්තා වන අසාධ්‍ය තත්ත්වයේ පසුවන ගවයින් ප්‍රමාණය 352කි. එමෙන්ම එළුවන්ගේ මරණ ප්‍රමාණය 65ක් ලෙසද සඳහන් වේ. මීට පෙරත් ත්‍රිකුණාමලය, මඩකළපුව ඇතුළු නැගෙනහිර පළාතේ විවිධ ස්ථානවලින් වාර්තා වුණු ගවයින් මියයාමේ සිද්ධීන් පිළිබදව අප තොරතුරු වාර්තා කළ අතර නිවුස් ෆස්ට් කණ්ඩායම් එම ප්‍රදේශවලට ගොස්, මෙම ප්‍රශ්නය පිළිබඳව සොයා බැලීමටත්, ඒවා බලධාරීන්ගේ අවධානයට යොමු කිරීමටත් කටයුතු කළ අතර, එම අවස්ථාවලදී වගකවයුතු පාර්ශව පැවසුවේ, ගවයින් මිය යාමේ සිද්ධි පිළීබදව සොයා බැලීමට කටයුතු කරන බවයි. ගත වූ පැය කිහිපය තුළද නැගෙනහිර පළාතේ ස්ථාන රැසකින් ගවයින් මිය යාමේ සිද්ධීන් වාර්තා වන්නේ මෙවැනි පසුබිමකදීයි. කෘෂිකර්ම වනජීව් හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යංශය පවසන්නේ, ඉන්දියාවට බලපෑ සුළි කුණාටුවත් සමග නැගෙනහිර හා උතුරු වෙරළ තීරය ආශ්‍රිතව ඇති වූ තද ශීතල කාලගුණික තත්ත්වය දරාගැනිමට නොහැකිව මෙම සතුන් මිය යන්නට ඇතැයි විශ්වාස කරන බවයි. නමුත් මෙම සතුන් වෙනත් වසංගත තත්ත්වයක් හේතුවෙන් මියගියාද යන්න තහවුරු කරගැනීම සඳහා මරණයට පත් සියලු සතුන්ගේ සාම්පල පශු සම්පත් අංශය විසින් ලබාගෙන පරීක්ෂණාගාර වෙත යොමු කර තිබේ. කෙසේ වෙතත් මෙම සතුන්ගේ මස් පරිභෝජනයට හෝ ප්‍රවාහනයට, අලෙවියට ඉඩ නොතබන ලෙස දන්වමින් කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්,ගුණදාස සමරසිංහ මහතා අදාළ සියලු අංශ වෙත උපදෙස් ලබා දී තිබේ. මේ අතර උතුරු සහ නැගෙනහිර පළාත්වල සතුන් මියයාම හේතුවෙන් මහජන සෞඛ්‍ය සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි දිස්ත්‍රික් සහ පළාත් මට්ටමින් හරක් මස් හා එළුමස් ප්‍රවාහනය අත්හිටුවීමට ජනාධිපතිවරයා නියෝග කර ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය ද නිවේදනයක් නිකුත් කර තිබේ. |
2022-12-10T15:50:16.000Z | මැතිවරණ ගැන සාකච්ඡාවට, බැසිල් පොහොට්ටු නායකයින් කැඳවයි | මැතිවරණ සාකච්ඡාවට, බැසිල් පොහොට්ටු නායකයින් කැඳවයි | COLOMBO ( News 1 st ) - ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහාය පළ කරන දේශපාලන පක්ෂ නියෝජිතයින් අතර හමුවක් අද(10) නෙලුම් මාවත පක්ෂ මුලස්ථානයේදි පැවැත්වීය. පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්, පැවති හමුවේදී ඉදිරි මැතිවරණ සඳහා මුහුණදීම පිළිබඳව සාකච්ජාවට ලක්ව තිබේ. මේ සඳහා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මහලේකම් නීතීඥ සාගර කාරියවසම් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නාමල් රාජපක්ෂ පා.ම ඇතුළු පක්ෂ නියෝජිතයින් එක්ව සිටියහ. |
2022-12-10T15:21:49.000Z | ණය ප්‍රතිව්‍යුහගත කිරීම කඩිනම් කර අවසන් කළ යුතුයි - ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ | ණය ප්‍රතිව්‍යුහගත කිරීම කඩිනම් කර අවසන් කළ යුතුයි | COLOMBO ( News 1 st ) - ශ්‍රී ලංකාව සහ සැම්බියාව යන රටවල් සඳහා ණය ප්‍රතිව්‍යුහගත කිරීම කඩිනම් කර අවසන් කළ යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලීනා ජෝර්ජිවා මහත්මිය පවසයි. චීනයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් ඇය ප්‍රකාශ කළේ ණය ප්‍රතිව්‍යහුගත කිරීමෙන් පසුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට සහ බහුපාර්ශ්වික සංවර්ධන බැංකු හරහා මෙම රටවලට මුදල් ලබාදීමේ අවස්ථාවට ඉඩ සැලසෙන බවයි. චීනයේ, අන්හුයි පළාතේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් සහ චීන බලධාරීන් අතර මෙම වටමේස සාකච්ඡාව පැවැත්වුණු අතර එහි දී ප්‍රධාන වශයෙන් අවධානය යොමු කර ඇත්තේ ගෝලීය පොදු සංවර්ධනය සඳහා බහුපාර්ශ්වික සහයෝගීතාව ශක්තිමත් කිරීම පිළිබඳවයි. ගෝලීය ණය අර්බුදයක් ඇතිවීම තුළින් ණය පීඩාවන් වළක්වා ගත හැකි ආකාරය පිළිබඳවත්, මෙහිදී චීන බලධාරීන් සමග සාකච්ඡා කළ බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කැ තිබේ. චීනයට මේ සම්බන්ධයෙන් ක්‍රියාකාරී භූමිකාවක් ඉටු කළ හැකි අතර ණය ගැටලු සම්බන්ධයෙන් වඩාත් ක්‍රමානුකූලව මැදිහත් වීම වෙනුවෙන් වේදිකාවක් සඳහා අවකාශයක් ඇති බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙන්වා දෙන්වා දී තිබේ. |
2022-12-10T15:19:12.000Z | ගම්මැද්දෙන් පේරාදෙණිය ශික්ෂණ රෝහලේ මුඛ සෞඛ්‍ය වාට්ටුවේ අලුත්වැඩියාවට මුල පුරයි. | අද( 10 )ගම්මැද්දෙන් පේරාදෙණිය ශික්ෂණ රෝහල වෙනුවන් | COLOMBO ( News 1 st ) - පේරාදෙණිය ශික්ෂණ රෝහලේ මුඛ සෞඛ්‍ය වාට්ටුව අලුත්වැඩියා කිරීමේ ගම්මැද්ද ව්‍යාපෘතිය අද (10) ආරම්භ විය. බොහෝ කලක සිට පේරාදෙණිය ශික්ෂණ රෝහලේ මුඛ සෞඛ්‍ය වාට්ටුවේ වහල අබලන් වී වාට්ටු දුර්වර්ණ වී, වෛද්‍යවරුන්ගේ විවේකාගාරය පවා අබලන්ව පැවතුන අතර වෛද්‍ය සිසුන්ට දැනුම ලබාදෙන ශික්ෂණ රෝහලක් වන මෙහි අඩුපාඩු ප්‍රතිකාර සඳහා පැමිණෙන රෝගීන්ට මෙන්ම කාර්ය මණ්ඩලයටත් ගෙන දුන්නේ මහත් පීඩාවකි. පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය දන්ත වෛද්‍ය ශික්ෂණ රෝහලේ මුඛ හනුක හා වත්‍ර ශල්‍ය වෛද්‍ය අංශයේ ඉල්ලීමක් අනුව, මෙම ප්‍රතිසංස්කරණ කටයුතු අද(10) ආරම්භ කෙරුණි. ව්‍යාපෘතිය හරහා ගම්මැද්ද මඟින් පේරාදෙණිය ශික්ෂණ රෝහලේ මුඛ හා මුහුණ ආශ්‍රිත සැත්කම් කරනු ලබන වාට්ටුව පිළිසකර කර ඊට අවශ්‍ය ශල්‍ය වෛද්‍ය උපකරණ ද ලබාදෙනු ඇති. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපති මහාචාර්ය ටෙරන්ස් මධුජිත් මහතා අදහස් දක්වමින් කියා සිටියේ අද දක්වන මෙම දායකත්වය තව වසර විසි හතරක්, විසි පහක් පුරාවට තිබේවි යන්න සිය එකම විශ්වාසය බවයි. මෙයින් ප්‍රතිලාභ ලබන ලාංකිකයන් ප්‍රමාණය ගණනය කිරීමට නොහැකි වනු ඇති බවත් මෙම පිළිසකර කිරීම් කටයුතු පවා ඉතාමත් විශාල බරපැන දරන ව්‍යාපෘතියක් බවත් පැවසීය. මෙය විශ්වවිද්‍යාලයටවත්, උසස් අධ්‍යාපන අමාත්‍යංශයටවත්, රජයටවත් තනිව කළ නොහැක්කක් බවත්, ඒනිසා මෙම අවශ්‍යතාවය පිරිමහන්නට ගම්මැද්ද සමාජ සත්කාර සේවාව දක්වන දායකත්වය සමග ව්‍යාපෘතියක් හරහා නෙක්ස්ට් මැනුෆැක්චරින් ආයතනය ඉදිරියට පැමිණීම පිළිබඳව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපතිතුමා නියෝජනය කරමින්,නියෝජ්‍ය උපකුලපති ලෙස තමන් ඉතාමත් සාදරයෙන්, ගෞරවයෙන් ප්‍රණාම පූර්වකව තුති පුද කරන බවත් ප්‍රකාශ කළේ ය. මේ සඳහා ගම්මැද්ද සමග අත්වැල් බැඳගත්තේ, නෙක්ස්ට් මැනුෆැක්චරින් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයයි. |
2022-12-10T15:08:53.000Z | මානව හිමිකම් ප්‍රඥප්තියේ තේමාවට අනුව 2023 වසරේදී කැපිටල් මහරාජා සමූහයෙන් වැඩසටහන් රැසක්.. | ජා. මානව හිමිකම් දිනය වෙනුවෙන් විශේෂ වැඩසටහනක් | COLOMBO ( News 1 st ) - ජගත් මානව හිමිකම් ප්‍රඥප්තිය ප්‍රකාශයට පත්කර වසර 75 ක් සැපිරීම වෙනුවෙන් විශේෂ වැඩසටහනක් අද (10) රත්මලාන ස්ටයින් මැදිරි සංකීර්ණයේදී පැවැත්විණි. එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයේ,ජ්‍යෙෂ්ඨ මානව හිමිකම් උපදේශක හුවාන් ෆර්නෑන්ඩස් , ආසියානු පැසිපික් විකාශන සංගමයේ වැඩසටහන් අධ්‍යක්ෂක යසූ නග්හාටා , කැපිටල් මහාරාජා සමූහයේ සභාපති ශෂී රාජමහේන්ද්‍රන් මහතා මෙන්ම නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් , රාජ්‍යතාන්ත්‍රිකයින් , බැංකු සහ ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් ඇතුළු කැපිටල් මහාරාජා සමූහයේ ඉහළ කළමනාකාරීත්වය හා සම්භාවනීය අමුත්තන් රැසක් මීට එක්ව සිටියහ. මෙහිදී කැපිටල් මහාරාජා සමූහයේ සභාපති, ශෂී රාජමහේන්ද්‍රන් මහතා මෙම වැඩසටහනේ වැදගත්කම පිළිබඳව පැහැදිලි කළේ ය. ශෂී රාජමහේන්ද්‍රන් - සභාපති කැපිටල් මහරාජා සමූහය ලංකාවේ ව්‍යාපාරික ඉතිහාසයේ සුවිශේෂි අවස්ථාවක්. මෙය ශ්‍රී ලංකාව එළැඹෙන වසරේ 75 වන නිදහස සමරන්නට පෙර නිවැරදි දිශාවට තබන පියවරක් . මේ අතර මෙරට මානව හිමිකම් ආරක්ෂා කිරීමට හා ශක්තිමත් කිරීමට කැපිටල් මහාරාජා සමුහයේ 2023 වසර වෙනුවෙන් වූ සැලැස්මද රාජමහේන්ද්‍රන් මහතා පැහැදිලි කළේ ය. ශෂී රාජමහේන්ද්‍රන් - සභාපති කැපිටල් මහරාජා සමූහය ලෝක මානව හිමිකම් ප්‍රඥප්තියට අනුව ගත්තොත් ඊළඟ වසර ඉතාමත්ම වැදගත් අවුරුද්දක්. 2023 දෙසැම්බර් මාසයේදී මෙම ප්‍රඥප්තියට අවුරුදු 75 ඉක්මවනවා. ඒ වගේම ඊළඟ වසර කැපිටල් මහරාජා සමූහයටත් වැදගත් අවුරුද්දක්. ඒ සිරස නාළිකාවට 25 වසරක් සම්පූර්ණ වීම . මේ සුවිශේෂි කඩයිම් දෙක වෙනුවෙන් අපි වසරක් පුරා ක්‍රියාත්මක වෙන වැඩසටහන් මාලාවක් හඳුන්වා දෙනවා.මෙමගින් මානව අයිතිවාසිකම් , සාමය, ප්‍රජාතන්ත්‍රවාදය , සංවර්ධනය සම්බන්ධයෙන් සාකච්ඡාවට බදුන්වෙනු ඇති. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියේදී ප්‍රකාශයට පත් කෙරුණු මානව හිමිකම් ප්‍රඥප්තියේ තේමාවට අනුව එම වැඩසටහන් ක්‍රියාත්මක කෙරුණු ඇති. අධ්‍යාපනය , බලගැන්වීම සහ පරිවර්ථනය එහි ප්‍රධාන තේමාවන් වනු ඇති .මම ඔබට සහතික වෙනවා මෙම තේමාවන් අද සිට 2023 දක්වා දිවෙන විශේෂ වැඩසටහන්වල ආදර්ශපාඨය වනු ඇති. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් වොල්ක ටර්ක් මහතාගේ පණිවිඩයද මෙහිදී ප්‍රකාශයට පත් කෙරුණි. වොල්ක ටර්ක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් ජාති වාදය , කාන්තා හිංසනය , අසමානාත්වය මේ ලෝකයට තාමත් ගැටලුවක්. ඒ වගේම කොවිඩ් ව්‍යසනයෙන් තීව්‍ර වුණ අසාමානාත්මතාවයන් අපි තව දුරටත් දකිනවා. ප්‍රසිද්ධ දේශපාලන තීරණ සහ අධිකාරී පාලනයන් මෙන්ම ව්‍යාජ තොරතුරු ව්‍යාප්තවීම අපි දකිනවා. මෙමගින් ගැටුම් වර්ධනය වෙනවා. මේ ලෝකය වඩාත් නිදහස් සහ සමානාත්මතාවට ඇති කිරීමට යන ගමනට දැඩි අභියෝගයක්. මේ අතර මෙරට මානව හිමිකම් කොමිසමේ සභාපති, විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු රෝහිණි මාරසිංහ මහත්මයගේ පණිවිඩය නීතීඥ සොනාලි වනිගබදුගේ විසින් ප්‍රකාශයට පත් කළා ය. නීතීඥ සොනාලි වනිගබදුගේ කැපිටල් මහරාජා සමූහය විසින් සංවිධානය කරන මෙම වැඩසටහනට පෞද්ගලික අංශයේ සහභාගීත්වයත් තිබෙන අරමුණක් සහිත වැඩසටහනක්.මානව හිමිකම් ප්‍රඥප්තියේ අදහස සහ ආචාරධර්ම ඉතා මනාව මෙමගින් පිළිබිඹු වෙනවා. මේ අතර කැපිටල් මහරාජා සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී සහ අධ්‍යක්ෂක සුනිල් කනෝජියා මහතාද මෙහිදී අදහස් පළ කළේ ය. සුනිල් කනෝජියා - ප්‍රධාන විධායක නිලධාරී කැපිටල් මහරාජා සමූහය මෙම වැඩසටහන හරහා මානව හිමිකම් ඔස්සේ අප සියලු දෙනාම එකට බැඳෙනවා.එම බැඳිම ශක්තිමක් කිරීමට ඇති කැපවීම සනාථ කරන ප්‍රකාශයක් තමයි මේ වැඩසටහන.මානව හිමිකම් පිළිබඳ දැනුවත් කිරීම් , ඒ පිළිබඳව අධ්‍යාපනය ලබා දීම , වටිනාකම් ඉදිරියට රැගෙන යාම , විවිධවත්වය පෝෂණය කිරීම , අයිතීන් ප්‍රවර්ධනය කිරීම , දරුවන්ගේ සහ විශේෂ අවශ්‍යතා සහිත කණ්ඩායම්වල අයිතීන් ආරක්ෂා කිරීම ඔස්සේ මිනිසා අතර ඇති බැඳීම තවත් ශක්තිමත් වෙනවා. මෙම විශේෂ වැඩසටහනේදී මෙරට ලෝක උරුමය සංස්කෘතික අම්බලන්ගොඩ රූකඩ නාටකයක්ද මෙහිදී රඟ දැක්වුණ අතර මානව හිමිකම් දිනයට සමගාමීව පැවති විවාද තරගාවලියේ අවසන් තරගය ද අද(10) රෝයල් ඉන්ස්ටිටියුට් හා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය අතර පැවැත් වුණේ මානව හිමිකම් ආරක්ෂා කිරීමට ඇති හොඳම මාර්ගය අධ්‍යාපනය ද? නැද්ද? යන්න මාතෘකාව ඔස්සේයි. නීති ආධාර කොමිෂන් සභාවේ කොමසාරිස් ජනාධිපති නීතීඥ උදිත ඉගලහේවා , නීතීඥ දේශාන් හේවාවිතාන , ආසියානු මාධ්‍ය තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානයේ මෙරට නියෝජිත ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී අශෝක ඩයස් යන මහත්වරුන් විසින් මෙම අවසන් තරගය විනිශ්චය කෙරුණා. එහිදී මානව හිමිකම් ආරක්ෂා කිරීමට ඇති හොඳම මාර්ගය අධ්‍යාපනය යන්න තර්ක කළ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට ජය හිමි විය. මේ අතර සිංහල භාෂා විවාද තරගාවලියේ ජය හිමි කරගත් කොළඹ විශ්වද්‍යාලයට හා එහි දෙවැනි ස්ථානය හිමි කර ගත් , විවෘත විශ්වවිද්‍යාල කණ්ඩායමටද මෙහිදී තිළිණ පිරිනැමුණා. දෙමළ අංශයේ ජය හිමි කර ගත්තේ CFPS නීති අධ්‍යාපන ආයතන කණ්ඩායමයි. මෙම විශේෂ වැඩසටහනේ දී කැපිටල් මහරාජා සමූහයේ විධායක සමූහ අධ්‍යක්ෂ ශෙවාන් ඩැනියෙල් මහතාද අදහස් පළ කළේය. ශෙවාන් ඩැනියෙල් - විධායක සමූහ අධ්‍යක්ෂ MTV මාධ්‍ය ජාලය සහ කැපිටල් මහරාජා සමූහය යුරෝපීය දේශපාලනික දාර්ශනිකයෙක් වූ ජොන් ජාක් රූසෝ විසින් ලියන ලද සමාජ ගිවිසුම කෘතිය ආරම්භ කරන්නේ ඉතාමත් බලවත් වාක්‍යයකින්. ඔහු එහි කියා සිටින්නේ මනුෂ්‍යයා නිදහස් වුවත් මනුෂ්‍යා සෑම තැනම ගැටගසා ඇති බවයි.එහෙත් පළමු වන වාක්‍යයට වඩා වැදගත් වන්නේ දෙවැනි වාක්‍යයි. එම වාක්‍යයෙන් කියන්නේ මිනිසාගේ හාම්පුතුන් යැයි සිතාගෙන සිටිනා පුද්ගලයින් සැබවින්ම වහලුන් වන බවයි . එයට හේතුව තමන්ගේ නිදහස වෙනුවෙන් මනුෂ්‍ය සංහතිය කරගෙන ඇවිත් තිබෙන ඓතිහාසික සටන නොනවත්වා ඉදිරියට යන හෙයින් හාම්පුතා යැයි සිතා ගන්නා පුද්ගලයාගේ අනිවාර්ය ඉරණම වන්නේ පරාජයයි. ඒ ඔවුන් සැමදා සාමාන්‍ය මිනිසාගේ නිදහස වෙනුවෙන් ඇති කැක්කුමටත් , කැපවීමටත් , උත්සාහයටත් සැමවිට පරාජය වන නිසාවෙනි. මෙවර මානව හිමිකම් දිනයේ තේමාව සැමට ආත්ම ගරුත්වය, නිදහස සහ යුක්තිය යන්නයි. |
2022-12-10T13:44:38.000Z | කොල්ලුපිටිය නොසන්සුන් කළ මාරක රිය අනතුර | කොල්ලුපිටිය නොසන්සුන් කළ මාරක රිය අනතුර | COLOMBO (News 1st) - අද (10) උදෑසන කොල්ලුපිටියේදී සිදු වූ රිය අනතුරකින් පුද්ගලයෙකු මිය ගොස් තිබේ. පොලීසිය පැවසුවේ, බම්බලපිටිය දෙස සිට ගාලු මුවදොර දෙසට ධාවනය වූ සුඛෝපභෝගී මෝටර් රථයක් ඉදිරියෙන් එම දෙසටම ගමන් කරමින් සිටි ත්‍රීරෝද රථයක පසුපස ගැටීමෙන් මෙම අනතුර සිදු ව තිබෙන බවය. අනතුරින් බරපතළ තුවාල ලැබූ ත්‍රීරෝද රථයේ රියැදුරු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙදී මියගොස් ඇත. මිය ගිය පුද්ගලයා වයස අවුරුදු 58 ක් වූ කහතුඩුව, පොල්ගස්ඔ්විට ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලීසිය පවසයි. අනතුරින් පසු මෝටර් රථයේ රියැදුරු පළා ගොස් ඇත. අනතුර සිදුවන අවස්ථාවේ මෝටර් රථයේ කාන්තාවන් තිදෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකු සිට ඇති බව පොලීසීය පවසයි. ඉන් තුවාල ලැබූ කාන්තාවන් දෙදෙනෙකු ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර ඔවුන් වයස අවුරුදු 29 හා 31 යන වයස්වල පසුවන්නන් බව පොලීසිය පවසයි. මෙම සුඛෝපභෝගී මෝටර් රථයේ සිටි පුද්ගලයින් රාත්‍රී සමාජ ශාලාවක සිට පැමිණෙමින් සිටියදී මෙම අනතුර සිදු වී ඇති බවට සැක පළ කරන බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ ය. මෝටර් රථයේ රියැදුරු අත්අඩංගුවට ගැනීම සඳහා කොල්ලුපිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ඇත. |
2022-12-10T13:30:09.000Z | හරක් මස් සහ එළු මස් ප්‍රවාහනය වහාම අත්හිටුවන්නැයි ජනපතිගෙන් නියෝග | හරක් මස් සහ එළු මස් ප්‍රවාහනය අත්හිටුවන්නැයි නියෝග | COLOMBO (News 1st) - දිස්ත්‍රික් සහ පළාත් මට්ටමින් හරක් මස් සහ එළු මස් ප්‍රවාහනය වහාම අත්හිටුවන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබේ. ඒ, උතුරු සහ නැගෙනහිර පළාත්වල ගවයින් සහ එළුවන් රැසක් හදිසියේ මිය යෑම හේතුවෙනි. මේ දිනවල පවතින කාලගුණික වෙනස්කම් සමග එම පළාත්වල මිය ගිය එළ ගවයින්, මී ගවයින් හා එළුවන් සංඛ්‍යාව 1000 ඉක්මවන වන බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ පශු සම්පත් අංශය පෙන්වා දෙයි. එම සත්ත්ව මරණ සම්බන්ධයෙන් වාර්තාවක් ලබා දෙන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ මහතාට උපදෙස් දී ඇත. කෘෂිකර්ම අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයට අනුව ගවයින් සහ එළුවන්ගේ මරණ වාර්තා වන්නේ, යාපනය, කිලිනොච්චිය, මුලතිව් සහ වව්නියාව දිස්ත්‍රික්කවලිනි. ඉන් එළ ගවයින්ගේ වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේ, කිලිනොච්චිය දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 168 කි. යාපනය දිස්ත්‍රික්කයේ ගවයින් 49 ක් මිය ගොස් ඇති අතර එළුවන් 58 දෙනෙකු ද මිය ගොස් ඇත. මුලතිව් දිස්ත්‍රික්කයේ එළ ගවයින් 120 ක් මිය ගොස් ඇති අතර අසාධ්‍ය තත්ත්වයෙන් පසුවන ගවයින් සංඛ්‍යාව 159 කි. එම දිස්ත්‍රික්කයේ එළුවන් 42 දෙදෙනෙකු ද පැවති කාලගුණය හමුවේ මිය ගොස් ඇත. වව්නියාව දිස්ත්‍රික්කයේ ගව මරණ 21 ක් වාර්තා වන අතර එළු මරණ සංඛ්‍යාව 85 කි. උතුරු පළාතේ මියගිය සමස්ත එළගවයින් සංඛ්‍යාව 358 ක් වේ. තවත් ගවයින් 352 ක් අසාධ්‍ය තත්ත්වයේ පසුවන බව කෘෂිකර්ම අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් ය. එමෙන්ම එම පළාතේ මිය ගිය එළුවන් සංඛ්‍යාව 191 කි. උතුරු පළාතේ එළුවන් 53 දෙනෙකු අසාධ්‍ය තත්ත්වයේ පසු වේ. පැවති කාලගුණය හමුවේ නැගෙනහිර පළාතේ එළගවයින් හා මී ගවයින් 478 ක් මිය ගොස් ඇති අතර අසාධ්‍ය තත්ත්වයේ පසුවන ගවයින් සංඛ්‍යාව 352 කි. වාර්තා වන එළුවන්ගේ මරණ සංඛ්‍යාව 65 කි. මැන්ඩවුස් සුළි කුණාටුවත් සමග ඇති වූ අධික සීතල දරා ගැනීමට නොහැකිව මෙම සතුන් මිය යන්නට ඇතැයි විශ්වාස කරයි. නමුත් මෙම සතුන් වෙනත් වසංගත තත්ත්වයකින් මිය ගියා ද? යන්න තහවුරු කර ගැනීම සඳහා පරීක්ෂණ ක්‍රියාත්මකයි. ඒ සඳහා මිය ගිය සතුන්ගේ සාම්පළ මේ වනවිට පශු සම්පත් අංශය විසින් ලබා ගෙන රසායනාගාර වෙත යවා තිබේ. මෙම තත්ත්වය තුළ ගවයින්ගේ සහ එළුවන්ගේ මස් පරිභෝජනය, ප්‍රවාහනය හා අලෙවියෙන් වළකින ලෙස කෘෂිකර්ම අමාත්‍යාංශය දැනුම් දෙයි. |
2022-12-10T13:07:16.000Z | ඉන්දියාවේ වගා ළිඳක සිර වූ 08 හැවිරිදි දරුවා ජීවිතයෙන් සමුගනී | ඉන්දියාවේ වගා ළිඳක සිර වූ දරුවා මියයයි | COLOMBO ( News 1 st ) - ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ්හි ගම්මානයක වගා ළිඳකට වැටුණු 08 හැවිරිදි දරුවා මියගොස් තිබේ. ඒ, දින 04කට පසු එම දරුවා බේරාගෙන රෝහල්ගත කිරිමෙන් පසුවයි. පසුගිය අඟහරුවාදා සවස් කාලයේදී අඩි 400ක් පමණ ගැඹුරු වගා ළිඳකට දරුවා ඇද වැටී තිබුණි. එම ළිඳේ අඩි 40ක පමණ ගැඹුරක සිරවී සිටි දරුවා මුදාගැනීමට සහන සේවකයින් සහ ගම්වාසීන් දින 4ක් තිස්සේ උත්සාහ කළ බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් වේ. |
2022-12-10T12:43:57.000Z | දේපොළ සොරකම් රැසකට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට | සොරකම් රැසකට සම්බන්ධ සැකකරුවෙකු කොටු | COLOMBO ( News 1 st ) - කුරුණෑගල , කොත්මලේ , නාරම්මල , පන්නල හා වීරඹුගෙදර ප්‍රදේශවල දේපොළ සොරකම් රැසකට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. කුරුණෑගල කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මල්කඩුවාව ප්‍රදේශයේ කල වැටලීමක දී මෙම 29 හැවිරිදි සැකකරු හෙරොයින් ජාවාරමක් සම්බන්ධයෙන් පසුගිය 04 වැනිදා අත්අඩංගුවට ගෙන තිබේ. පොලිසිය සඳහන් කළේ , සැකකරුව පසුගිය 05 වැනිදා කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව දින 05 ක රැදවුම් නියෝග ලබා ගත් බවයි. එහිදී කළ ප්‍රශ්න කිරීම්වලදී ඔහු දේපොළ සොරකම් 10 කට සම්බන්ධ බව අනාවරණය වී ඇති අතර කුරුණෑගල සහ කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණය මඟින් වරෙන්තු 10 ක් නිකුත්වී ඇතැයි ද හෙළි වී තිබේ. පොලිසිය ප්‍රකාශ කළේ, සැකකරු සන්තකයේ තිබී සොරකම් කරන ලද රන් මුදු දෙකක් , ගණදෙවි පිළිම දෙකක් , රන් කරාබු ජෝඩුවක් සහ විවිධ බරින් යුත් රන් කැබලි 03 ක් ද පොලීසිය භාරයට ගෙන ඇති බවය. සැකකරු නැවත කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 14 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළ බව පොලිසිය ප්‍රකාශ කළේ ය. |
2022-12-10T12:38:15.000Z | සමලිංගික හා සංක්‍රාන්තික ලිංගික ප්‍රජාව සහ පොලිසිය අතර සාකච්ඡාවක් | LGBTQ ප්‍රජාව හා පොලිසිය අතර සාකච්ඡාවක් | COLOMBO ( News 1 st ) - එල්.ජී.බී.ටි. කිව් ප්‍රජාව හෙවත් සමලිංගික හා සංක්‍රාන්තික ලිංගික ප්‍රජාව පොලිසිය සමග කටයුතු කිරීමේදී මුහුණදෙන අපහසුතාවයන් වළක්වා ගැනීම සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානයේදී සාකච්ඡා කර තිබේ. සාකච්ඡාව පැවැත්වුණේ, පොලිස්පති, කාන්තා ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීමේ අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ සහභාගිත්වයෙනි. එල්.ජී.බී.ටි. කිව් ප්‍රජාව නියෝජනය කරමින් සංවිධාන කිහිපයක නියෝජිතයින් සහ ඔවුන්ගේ නීතිඥවරුන් කිහිප දෙනෙකු ද මෙම සාකච්ඡාවට සහභාගි වී තිබෙන අතර පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ,එල්.ජී.බී.ටි. කිව් ප්‍රජාව දෛනික කටයුතු අතරතුර යම් අවශ්‍යතාවයන් සඳහා පොලීසිය සමග කටයුතු කිරීමේදී මුහුණ දෙන ගැටළු සහ අපහසුතා පිළිබඳව මෙහිදී සාකච්ඡා කළ බවයි. ලිංගික සංක්‍රාන්තික පුද්ගලයින් සම්බන්ධයෙන් එහිදී වැඩි අවධානයක් යොමුව තිබේ. මේ පිළිබඳව සම්බන්ධීකරණය වී කටයුතු කිරීමට ළමා හා කාන්තා අපයෝජන නිවාරණ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරිය පත් කර තිබේ. පොලිස්පති වෙනුවෙන් සෘජුව කටයුතු කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පරිපාලන පත් කිරීමට තීරණය කර ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කර තිබේ. |
2022-12-10T12:32:56.000Z | මේජර් ප්‍රභාත් බුලත්වත්තට අමෙරිකාවට ඇතුළු වීම තහනම් කෙරේ.. | මේජර් ප්‍රභාත් බුලත්වත්තට අමෙරිකාවේ දොරටු වැසේ.. | COLOMBO ( News 1 st ) - විශ්‍රාමික යුද හමුදා මේජර් ප්‍රභාත් බුලත්වත්ත මහතාට එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව එරටට පැමිණීම තහනම් කර තිබේ. අමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය මේ බව නිවේදනය කර තිබෙන අතර මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන්, මේජර් ප්‍රභාත් බුලත්වත්ත මහතාට චෝදනා එල්ලවී තිබුණි. |
2022-12-10T12:26:43.000Z | අමෙරිකාවේ ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනයට තවත් පොලිස් නිලධාරීන් තිදෙනෙකුට දඬුවම් | ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනය:පොලීසියේ තවත් තුනකට දඬුවම් | COLOMBO ( News 1 st ) - අමෙරිකාවේ ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනයට සම්බන්ධ තවත් පොලිස් නිලධාරීන් තුන් දෙනෙකුට දඬුවම් නියම වී තිබේ. ඒ අනුව සිද්ධියට අනුබල දීමේ චෝදනා මත ඇලෙක්සැන්ඩර් කෙන්ග් ට වසර තුනහමාරක සිර දඬුවම් එරට අධිකරණය විසින් නියම කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇති අතර ජෝර්ජ් ෆ්ලොයිඩ් 2022 වසරේ මැයි මාසයේදී අමෙරිකාවේ වීදියක පොලිස් භාරයේ සිටියදී ජීවිතක්ෂයට පත්විය. ඔහු මිය යාමත් සමඟ රට පුරා ජන වාර්ගික හිංසනයට සහ පොලිස් හිංසනයට එරෙහි විරෝධතා ව්‍යාප්ත වූ අතර ලොව පුරා ජනතාව නිලධාරීන්ගේ ක්‍රියා කලාපය දැඩි ලෙස විවේචනයට කළහ. පසුගිය ජූලි මාසයේදී ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනයට අදාළ ප්‍රධාන වරදකරු වූ ඩෙරෙක් ශෝවන්හට ද වසර 20ක සිර දඬුවම් නියම විය. ඒ අතර එයට සම්බන්ධ අනෙකුත් නිලධාරීන් දෙදෙනාට ද හිතාමතා නොසැලකිලිමත් වීම යන චෝදනා යටතේ දඬුවම් හිමිවී තිබේ. |
2022-12-10T12:25:22.000Z | ගවයින් හා එළුවන් මියයාම ගැන සෙවීමට රසායනාගාර පරීක්ෂණයක් - කෘෂිකර්ම අමාත්‍යාංශය | ගවයින් මියයාම ගැන සෙවීමට රසායනාගාර පරීක්ෂණයක් | COLOMBO (News 1st) - උතුරු සහ නැගෙනහිර පළාත්වල එළ, මී ගවයින් හා එළුවන් විශාල පිරිසක් මියයාම සම්බන්ධයෙන් සෙවීමට රසායනාගාර පරීක්ෂණයක් අරඹන්නැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. |
2022-12-10T12:20:28.000Z | රට හීන පෙන්වා මුදල් ගැරූ දෙදෙනෙක් පොලිස් දැලේ... | රට හීන පෙන්වා මුදල් ගැරූවන් පොලිස් දැලේ.. | COLOMBO ( News 1 st ) - විදෙස් රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කළ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලිසිය ප්‍රකාශ කළේ, හලාවත පදිංචි 19 හා 45 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙකු එලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි. විදෙස් රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් සැකකරුවන්ට එරෙහිව හලාවත පොලිස් ස්ථානය වෙත පැමිණිලි 6 ක් ලැබී ඇති අතර පොලිසිය පැවසුවේ සැකකරුවන් රුපියල් ලක්ෂ 59 කට ආසන්න මුදලක් වංචා කර ඇති බවයි. |
2022-12-10T09:21:42.000Z | මහ වැස්සෙන් පීඩාවට පත් ජනතාවට කඩිනමින් වන්දි - ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය | මහ වැස්සෙන් පීඩාවට පත් ජනතාවට කඩිනමින් වන්දි | COLOMBO ( News 1 st ) - දැඩි සුළං හා වර්ෂාධික කාලගුණය හේතුවෙන් හානියට පත් නිවාස සඳහා වන්දි ලබාදීම කඩිනමින් ආරම්භ කරන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. එහි සහකාර අධ්‍යක්ෂ, ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසුවේ දැඩි සුළඟින් නිවාස 2720 කට වැඩි සංඛ්‍යාවකට හානි සිදුව ඇති බවයි. එම හානි ඇස්තමේන්තු කිරීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර තිබෙන අතර දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල, දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය හා දිස්ත්‍රික් ආපදා සහන සේවා නිලධාරීන් ඒ සඳහා අනුයුක්ත කර ඇති බව ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසීය. වන්දි ලබාදීමට අවශ්‍ය ප්‍රතිපාදන විෂයභාර අමාත්‍යාංශය මගින් දිස්ත්‍රික් ලේකම් කාර්යාල වෙත මුදා හැරෙනු ඇති. |
2022-12-10T08:36:51.000Z | ගතවූ පැය 24 තුළ රිය අනතුරුවලින් අවුරුදු 11ක ළමයෙකු ඇතුළු 6 දෙනෙකු මරුට.. | ගතවූ පැය 24 තුළ රිය අනතුරුවලින් 6 දෙනෙකු මරුට.. | COLOMBO (News 1st) – ගතවූ පැය 24 තුළ සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයින් 6 දෙනෙකු මියගොස් තිබේ. පොලිසිය පැවසුවේ, කුලියාපිටිය, නුවරඑළිය , වැල්ලවාය, තිරුක්කෝවිල්, ඌවකුඩාඔය හා රත්නපුර යන ප්‍රදේශවල අනතුරු සිදුව ඇති බවයි. මියගිය අය අතර මාර්ගය අයිනේ ගමන් කළ අවුරුදු 11 ක ළමයෙකු ද වෙයි. අපරීක්ෂාකාරි රිය ධාවනය බොහෝ රිය අනතුරුවලට හේතුවයි. |
2022-12-10T03:42:29.000Z | “මැන්ඩවුස්” දකුණු ඉන්දියාවට..මහ වැස්ස මෙරට තිදෙනෙකුට මරු කැඳවයි. | “මැන්ඩවුස්” දකුණු ඉන්දියාවට.. | COLOMBO (News 1st) - නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ “මැන්ඩවුස්” සුළි කුණාටුව දකුණු ඉන්දියාවට ඇතුළුවී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ මෙරිල් මෙණ්ඩිස් මහතා පැවසුවේ එහි බලපෑමෙන් අදත් මෙරට තද සුළං හා වැසි ඇතිවිය හැකි බවයි. දැඩි සුළං හා වර්ෂාධික කාලගුණයත් සමග විවිධ අනතුරුවලට ලක්වූ පුද්ගලයින් 3 දෙනෙකු මියගොස් ඇති බව ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. එම මරණවලින් දෙකක් නුවරඑළිය වලපනේ ප්‍රදේශයෙන්ද අනෙක් මරණය රත්නපුර ඉඹුල්පේ ප්‍රදේශයෙන්ද වාර්තා වේ. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ දැඩි සුළඟින් නිවාස 2720 කට අර්ධ හානි සිදුව ඇති බවයි. පූර්ණ හානි සිදුව ඇති නිවාස සංඛ්‍යාව 2 කි. දැඩි සුළං හා වර්ෂාධික කාලගුණය හේතුවෙන් පුද්ගලයින් 10,433 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කළ නවතම වාර්තාවක දැක්විණි. |
2022-12-10T03:28:03.000Z | ක්‍රොඒෂියාව හා ආර්ජන්ටිනාව FIFA අවසන් පූර්ව වටයට.. | ක්‍රොඒෂියාව හා ආර්ජන්ටිනාව FIFA අවසන් පූර්ව වටයට.. | COLOMBO (News 1st) - ක්‍රොඒෂියාව හා ආර්ජන්ටිනාව ලෝක කුසලාන පාපන්දු තරගාවලිය අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තේ ය. ක්‍රොඒෂියාව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තේ ප්‍රබල බ්‍රසීල කණ්ඩායම පරාජය කරමිනි. කටාර්හී ඉඩියුකේෂන් සිටි ක්‍රීඩාංගණයේදී තරගය පැවැත්විණි. එහි නියමිත කාලය අවසන් වූයේ ගෝල 1ට 1ක් ලෙස කණ්ඩායම් දෙකම සම තත්ත්වයේ පසුවෙමිනි. තරගයේ ජයග්‍රහණය තීරණය කිරීම සඳහා දඬුවම් පහර ලබා දීමට විනිසුරුවරුන් තීරණය ඒ අනුවය. එහිදී ප්‍රබල බ්‍රසීල කණ්ඩායම පරාජය කරමින් ක්‍රොඒෂියාව තරගය ජය ගත්තේ දඬුවම් පහර 4ට 1ක් ලෙසයි. ---------------- මේ අතර නෙදර්ලන්තය පරාජය කරමින් ප්‍රබල ආර්ජන්ටිනා කණ්ඩායම 2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තේ ය. කටාර්හී ලුසේල් ක්‍රීඩාංගණයේ පැවති තරගයේ නියමිත කාලය අවසන් වූයේ කණ්ඩායම් දෙකම ගෝල 2ට 2ක් ලෙස සම තත්ත්වයේ පසුවෙමිනි. තරගයේ ජයග්‍රහණය තීරණය කිරීම සඳහා දඬුවම් පහර ලබා දීමට විනිසුරුවරුන් තීරණය කළ අතර ප්‍රබල ආර්ජන්ටිනා කණ්ඩායම තරගය ජය ගත්තේ දඬුවම් පහර 4ට 3ක් ලෙසයි. 2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ නිල දේශීය විකාශන අයිතිය හිමි ටී.වී. වන් නාළිකාව ඔස්සේ සියලු තරග ඔබට සජීව ලෙස නැරඹිය හැකියි. |
2022-12-10T03:17:55.000Z | මෙරට අවුරුදු 5 ට අඩු දරුවන්ගෙන් 50%කට මන්දපෝෂණය පවතින බවට අනාවරණයක්.. | දරුවන්ගේ මන්දපෝෂණය ගැන අනාවරණයක්.. | COLOMBO (News 1st) – මෙරට අවුරුදු 5ට අඩු දරුවන්ගෙන් 50%ක් මන්දපෝෂණයෙන් පෙළෙන බව ආර්ථිකය ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍යකාලීන වැඩසටහන් හඳුනාගැනීම සඳහා වූ ජාතික සභා අනු කාරක සභාව පවසයි. එම අනුකාරක සභාව පැවසුවේ, පවුල් සෞඛ්‍ය කාර්යාංශය පෝෂණය සම්බන්ධයෙන් නිකුත් කළ වාර්තාව අනුව එම තොරතුරු අනාවරණ වී ඇති බවයි. ආර්ථිකය ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍යකාලීන වැඩසටහන් හඳුනාගැනීම සඳහා වූ ජාතික සභා අනු කාරක සභාව එහි සභාපති පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා රැස්විය. එහිදී වැඩිදුරටත් අනාවරණ වී ඇත්තේ, ගර්භණී මව්වරුන්ගේ ශරීර ස්කන්ධ දර්ශකයේ අගය බෙහෙවින් අඩුවී ඇති බවයි. ග්‍රාම නිලධාරී සහ පවුල් සෞඛ්‍ය නිලධාරින් මේ සම්බන්ධ විසඳුම් සෙවිය යුතු බව එහිදි සාකච්ඡා වී තිබේ. එම කමිටු සභාපති පාඨලී චම්පික රණවක මහතා පැවසුවේ, ප්‍රමුඛතා ලැයිස්තු සකස් කිරීම සඳහා විදුලිය බිල පදනම් කරගන්නා ක්‍රමවේදය සම්බන්ධයෙන් කමිටුවේ පළමු වාර්තාවේ යෝජනා කර ඇති බවයි. මේ අතර, ඇඟලුම් ක්ෂේත්‍රයේ 80%ක් පමණ සේවයේ යෙදී සිටින්නේ කාන්තාවන් බවත්, අධික ලෙසම දරිද්‍රතාවයෙන් පෙළෙන්නේ එම ක්ෂේත්‍රය බවත් එහිදී අනාවරණ වි තිබේ. |
2022-12-10T01:40:43.000Z | ගෙවුණු දිනය උණුසුම් කළ පුවත් | ගෙවුණු දිනය උණුසුම් කළ පුවත් | දේශීය පුවත් 1.ජනවාරි සිට ලක්ෂයට වැඩි ආදායම් මත 6% – 36% දක්වා බදු – රුපියල් ලක්ෂයට වැඩි මාසික අදායම් මත 6 % සිට 36 % දක්වා බදු අය කිරීම ජනවාරි මාසයේ සිට සිදු කිරීමට පාර්ලිමේන්තුව ඊයේ (09) අනුමැතිය ලබා දී තිබේ. 2.ගෝඨාගෝගමට පහර දීමට එරෙහි පෙත්සම් 05ක් විභාගයට අවසර.... මහින්ද ඇතුළු පිරිසකටත් නොතිසි.. – පසුගිය මැයි 09 වැනිදා අරලියගහ මන්දිරයට රැස්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ක්‍රියාකාරීන් ඇතුළු පිරිසක් ගෝඨාගෝගම අරගල භූමියට කඩා වැදී සාමකාමි අයුරින් විරෝධතාවයක නිරතවී සිටි අරගලකරුවන්ට පොලු මුගුරුවලින් අමානුෂික ලෙස පහර දීමට එරෙහිව ගොනු කර තිබූ මුලික අයිතිවාසිකම් පෙත්සම් 5ක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (09) අවසර දුන්නේ ය. 3.ශිෂ්‍යත්ව විභාගයේ උපකාරක පන්ති 14 මැදියම් රැයෙන් පසු තහනම් – ලබන 14 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට ශිෂ්‍යත්ව විභාගයට අදාළ උපකාරක පන්ති පැවැත්වීම තහනම් බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. 4.බදු පනතේ අහිතකර කොන්දේසි වහා ඉවත් කරන ලෙස බල කරමින් විරෝධතාවක්.... – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුලු වෘත්තිකයින් එක්ව ඊයේ (09) උදෑසන විරෝධතාවක් සංවිධානය කර තිබුණි. 5.ඩයනාගෙන් පෙත්සමක්... සජිත් හා රංජිත් මද්දුමබණ්ඩාරට අධිකරණයේ පෙනී සිටින්නැයි නොතීසි – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ රංජිත් මද්දුමබණ්ඩාර යන මහත්වරුන් සමගි ජනබලවේගයේ සාමාජිකත්වය හා තනතුරු දැරීම පක්ෂයේ ව්‍යවස්ථාව අනුව නීත්‍යනුකූල නොවන බව ප්‍රකාශ කරමින් ඩයනා ගමගේ මන්ත්‍රීවරිය ගොනුකළ පෙත්සමකට අදාළව ලබන ජනවාරි 25 වැනිදා අධිකරණයේ පෙනී සිටින්නැයි ඔවුන් දෙදෙනාට කොළඹ ප්‍රධාන දිසා විනිසුරුවරිය ඊයේ නොතීසි නිකුත් කළේ ය. ක්‍රීඩා පුවත් 1. 2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ තරග ඊයේ (09)ඇරඹේ.. – 2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අර්ධ අවසන් පුර්ව වටයේ තරග ඊයේ (09) ආරම්භ විය. |
2022-12-10T01:37:45.000Z | ‘අලුත් පොතක් සතුටු හිතක් ‘වෙනුවෙන් අපිත් එක්ක එකතු වෙන්න.. | ‘අලුත් පොතක් සතුටු හිතක් ‘වෙනුවෙන් එකතු වෙන්න.. | COLOMBO ( News 1 st ) – නත්තල සමරමින් දිවයින පුරා සිටින දරුවන්ට අලුත් පාසල් වාරය සදහා පොත් පත් ඇතුළු උපකරණ පරිත්‍යාග කරන්න අපිත් එක්ක එකතු වෙන්න ඔබට දැන් අවස්ථාව උදා වී තිබේ. නත්තල සමරමින් දිවයින පුරා සිටි දූ දරුවන්ට අලුත් පාසල් වාරය සඳහා පොත්පත් ඇතුළු උපකරණ පරිත්‍යාග කරන්න අපිත් එක්ක එකතු වෙන්න ඔබට දැන් අවස්ථාව උදා වී තිබේ. ඒ, අලුත් පොතක් සතුටු හිතක් සිරස ශක්ති පොත් යාත්‍රාව වැඩසටහන යටතේ ය. ඔබගේ පරිත්‍යාග භාර ගැනිමට ස්ථාන කිහිපයක පහසුකම් සලසා තිබේ. ඒ අනුව 01. කොළඹ 02 කැපිටල් මහරාජා සමූහයේ ප්‍රධාන කාර්යාලය 03. දෙපානම මැදිරි සංකීර්ණය 04. රත්මලාන ස්ටයින් මැදිරි සංකීර්ණය 02. කොළඹ එචලන් චතුරස්‍ර පරිශ්‍රය 03 කැන්ඩි සිටි සෙන්ටර් පරිශ්‍රයට ඔබේ පරිත්‍යාග භාරදිය හැකි යි. |
2022-12-10T01:32:53.000Z | ආනයනික 400g කිරිපිටි පැකට්ටුවක මිල ඉහළට.. - කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය - | ආනයනික 400g කිරිපිටි පැකට්ටුවක මිල ඉහළට.. | COLOMBO (News 1 st ) – ආනයනික 400g කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 80 කින් පමණ ඉහළ දමා ඇතැයි කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසනවා. ඒ අනුව 400g ආනයනික කිරිපිටි පැකට්ටුවක නව මිල රුපියල් 1,240 කි. කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමයේ සාමාජික ආචාර්ය ලක්ෂ්මන් වීරසූරිය මහතා පැවසුවේ සමාජ ආරක්ෂණ බද්ද ඉහළ යාම ඇතුළු කරුණු කිහිපයක් ඊට හේතුවී ඇති බවයි. |
2022-12-10T01:30:16.000Z | මෙරට වායු ගෝලයේ තත්ත්වය මැනීමට නව උපකරණ .. | මෙරට වායු ගෝලයේ තත්ත්වය මැනීමට නව උපකරණ .. | COLOMBO (News 1st) – මෙරට වායු ගෝලයේ තත්ත්වය මැනීම සඳහා නව උපකරණ සවිකිරීමට පියවර ගෙන ඇතැයි මධ්‍යම පරිසර අධිකාරිය පවසයි. යාපනය, කුරුණෑගල සහ අනුරාධපුරය යන නගරවල නව උපකරණ සවිකර තිබේ. මෙම උපකරණ මෙරටට ලබා දී ඇත්තේ ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් ය. ඒ හරහා අදාල ප්‍රදේශයේ පවතින වායුවේ ගුණාත්මකභාවය ස්වයංක්‍රීයව මනිනු ලබන අතර එහි දත්ත එම ස්ථානයේ සවිකර ඇති ඩිජිටල් පුවරුවක් මගින් මහජනතාවට දැකබලා ගැනීමට අවකාශ සලසා දි තිබේ. සංසරණ වායුවේ ඕසෝන්, කාබන් මොනොක්සයිඩ්, නයිට්‍රජන් ඩයොක්සයිඩ්, සල්ෆර් ඩයොක්සයිඩ්, වාතයේ දූවිලි අංශු ඇතුළු දත්ත මෙම උපකරණ මගින් මනිනු ලබන බව මධ්‍යම පරිසර අධිකාරිය සඳහන් කළේ ය. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.