date
stringlengths 24
24
| title
stringlengths 0
176
| short_title
stringlengths 10
69
| content
stringlengths 0
19.7k
|
---|---|---|---|
2022-12-19T07:11:49.000Z | මහ කන්නයේ වගා හානි වූ ගොවීන්ට රුපියල් මිලියන 657 ක වන්දි | මහ කන්නයේ වගා හානි වූ ගොවීන්ට වන්දි | COLOMBO ( News 1 st ) - 2021-2022 මහ කන්නයේ දී වගා හානි සිදුවූ ගොවීන්ට රුපියල් මිලියන 657ක මුදලක් කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින් වන්දි වශයෙන් ලබා දී තිබේ. කෘෂිකර්ම, වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය සඳහන් කළේ නියඟය, ගංවතුර හා වන අලි මගින් වගාවන්ට සිදුවු හානි සැළකිල්ලට ගනිමින් මෙම වන්දි මුදල් ප්‍රදානය කිරීමට පියවර ගෙන ඇති බවයි. මේ යටතේ ගොවීන් 31,613 කට අක්කර 42,934 ක් සඳහා වන්දි ලබා දීමට කටයුතු යොදා තිබෙන අතර ඉන් වැඩිම වන්දි මුදල් ප්‍රමාණයක් හිමිවන්නේ අනුරාධපුර දිස්ත්‍රික්කයටයි. එම දිස්ත්‍රික්කයට රුපියල් මිලියන 81ක්, පොලොන්නරුවේ මනම්පිටියට රුපියල් මිලියන 69ක්, මොනරාගලට රුපියල් මිලියන 68ක් ද වශයෙන් වන්දි ලබා දී තිබේ. මේ අතර බෝග වර්ග හයක් සඳහා අක්කරයකට ලබා දෙන රක්ෂණ මුදල රුපියල් ලක්ෂය දක්වා ඉහළ දැමීමට තීරණය කර ඇති බවද අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. වී, බඩඉරිඟු, අර්තාපල්, මිරිස්, ලොකු ළූනු, හා සෝයා බෝංචි සඳහා වගාහානි ලබා දීමට මෙම රක්ෂණ ක්‍රමය මගින් සැළසුම් කර ඇති බව ද සදහන් ය. |
2022-12-19T07:03:25.000Z | ප්‍රදේශ කිහිපයක වායු දූෂණ තත්ත්වය යළි ඉහළට | ප්‍රදේශ කිහිපයක වායු දූෂණ තත්ත්වය යළි ඉහළට | COLOMBO ( News 1 st ) - ප්‍රදේශ කිහිපයක වායු දූෂණ තත්වය අද(19) ඉහළ ගොස් ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පෙන්වා දී තිබේ. අද(19) දිනයේ වැඩිම අගයක් වාර්තා වන්නේ, මඩකලපුව ප්‍රදේශයෙනි. එම අගය 112 ක් ලෙසින් දැක්වුණ අතර හම්බන්තොට ප්‍රදේශයේ වායු ගුණාත්මක අගය 66 දක්වා ඉහළ ගොස් තිබේ. මන්නාරම ප්‍රදේශයේ වායු ගුණාත්මක භාවය දැක්වෙන්නේ, 52 ක් ලෙසිනි. අමෙරිකානු වායු ගුණ තත්ත්ව දර්ශකයට අනුව පසුගිය දිනවල දිස්ත්‍රික්ක කිහිපයකම වායූ දූෂණ මට්ටම 100 ඉක්ම වූ අගයක පැවති අතර එම දර්ශකයට අනුව 150 කට වැඩි වායූ දූෂණ මට්ටම යනු අයහපත් තත්ත්වයකි. |
2022-12-19T06:53:03.000Z | දෙසැම්බර් 23 - 24 නොමිලයේ සත්ත්වෝද්‍යානය නැරඹීමට අවස්ථාවක් | දෙසැ.23, 24 සත්තු වත්ත නොමිලේ බලන්න අවස්ථාව | COLOMBO (News 1st) - ලබන 23 හා 24 යන දිනයන්හිදී දෙහිවල සත්ත්වෝද්‍යානය නොමිලයේ නැරඹීමට අවස්ථාව ලබාදෙන බව ජාතික සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පවසයි. එහි අධ්‍යක්ෂ,ජනරාල් ජගත් ප්‍රේමකාන්ත මහතා පැවසුවේ 23 වැනිදා ළමුන්ට ද, 24 වැනිදා ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ද සත්ත්වෝද්‍යානය නොමිලයේ නැරඹීමට අවස්ථාව ලබාදී ඇති බවය. ලබන 23, 24 හා 25 යන දිනවල පැවැත්වෙන සත්ත්වෝද්‍යානයේ පාරිසරික අධ්‍යාපනික ප්‍රදර්ශනයට සමාගාමීව එම අවස්ථාව ලබා දෙන බව ද ඔහු පැවසුවේ ය. |
2022-12-19T02:34:09.000Z | මාර්තු 31 න් පස්සෙ අපේ රටෙන් ගෘහ සේවයට කාන්තාවො යන්නේ නැහැ.. - මනූෂ නානායක්කාර | මාර්තු 31න් පස්සෙ ගෘහ සේවයට කාන්තාවො යන්නේ නෑ.. | COLOMBO (News 1st) – ලබන වසරේ මාර්තු මාසයේ සිට ගෘහ සේවිකාවන් ලෙස මෙරට ශ්‍රමිකයින් විදේශගත කිරීම නතර කරන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ ජාත්‍යන්ත්‍රර සංක්‍රමණික දිනය සැමරීම වෙනුවෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පැවති සැමරුම් උත්සවයකට එක්වෙමිනි. ''මාර්තු මාසයේ 31 වැනිදායින් පස්සේ අපේ රටෙන් ගෘහසේවයට කාන්තාවෝ යන්නේ නැහැ. ගෘහසේවය කියන කාරණාවට එයා ගිහිල්ලා ඇඩ්වාන්ස් හවුස් කීපර් කියන අපි පුහුණුව වැඩිකරලා එන්වී.කිව් සහතිකයක් දිලා එතනින් එහාට ස්කිල් පාස්පෝස්ට් එකක් සහිත පුද්ගලයෙක් තමයි මාර්තු මාසයේ 31 වැනිදායින් පස්සේ යන්නේ කිසිම ආකාරයකින් අඩු දැනුම පුහුණුව තියෙන කාන්තාවන් විදේශගත කරන්න ඉඩ දෙන්නේ නැහැ'' අමාත්‍යවරයා සඳහන් කළේ, ඒ වෙනුවට ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් උසස් ගෘහපාලන සහකාරවරියන් රැකියා සඳහා පිටත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවයි. විදේශ රැකියා සඳහා ශ්‍රමිකයින් පිටත්කර යැවීම මෙන්ම ඔවුන් උපයන මුදල් නීත්‍යනුකූලව මෙරටට ගෙන්වා ගැනීම සඳහා ද පියවර ගෙන ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේ ය. අමාත්‍යවරයා පැවසුවේ,ඔවුන් සඳහා වාහන ආනයන බලපත්‍රයක් හඳුන්වාදීම මෙන්ම මනුසවි විශ්‍රාම වැටුප් ක්‍රමය හඳුන්වාදීමට පියවර ගෙන ඇති බවයි. විදේශගත වන ශ්‍රමිකයාට ගුවන් තොටුපොළේදී පිළිගැනීමක් ලබාදීම සඳහා හෝප් ගේට් නමින් විශේෂ දොරටුවක් විවෘත කළ බවද අමාත්‍යවරයා සඳහන් කළේ ය. මේ අතර වසරේ ගතවූ කාලය තුළ ශ්‍රී ලංකා විදේශ සේවා නියුන්කති කාර්යාංශයේ ලියාපදිංචිය ලබා විදේශ රැකියා සඳහා පිටත්ව ගිය සංඛ්‍යාව ලක්ෂ 3 කට අධිකයි. වැඩිම පිරිසක් පිටත්ව ගොස් ඇත්තේ, කුවේට් රාජ්‍යයට වන අතර එම සංඛ්‍යාව 76,579 කි. කටාර් රාජ්‍යයට 69,992 දෙනෙක්ද, සෞදි අරාබිය සඳහා 51,421 දෙනෙකුද පිටත්ව ගොස් තිබේ. ජපානය සඳහා පිටත්ව ගොස් ඇති ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් සංඛ්‍යාව 4,410 කි. |
2022-12-19T02:21:38.000Z | ගෙවුණු දවස උණුසුම් කළ පුවත් | ගෙවුණු දවස උණුසුම් කළ පුවත් | දේශීය පුවත් 1.වෙළෙඳසැල් හිමියෙකු වෙඩි තබා ඝාතනය කෙරේ.. – හංවැල්ල හංදිය සහ පහත්ගම හංදිය යාකෙරෙන අතුරු මාර්ගයේ වෙළඳසැළකට යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු එහි හිමිකරුට (46) වෙඩි තබා ඝාතනය කර ඇති බව පොලීසිය පවසයි. 2.දිනේෂ් ශාෆ්ටර් අවසන් ගමන් යයි.. – ඝාතනය කෙරුණු මෙරට ප්‍රමුඛ පෙලේ මූල්‍ය සමාගමක කළමනාකරණ අධ්‍යක්ෂවරයෙකු සහ ප්‍රමුඛ රක්ෂණ සමාගමක අධ්‍යක්ෂවරයෙකු වන දිනේෂ් ශාෆ්ටර් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඊයේ (18) පස්වරුවේ සිදු කෙරිණි. 3.දකුණු මුහුදේදී අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය සහිත ධීවර යාත්‍රාව සහ සැකකරුවන් කොළඹ වරායට.. – දකුණු මුහුදේදී නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගත් රුපියල් මිලියන 4586කට අධික මත්ද්‍රව්‍ය සහිත ධීවර යාත්‍රාව සහ සැකකරුවන් කොළඹ වරායට රැගෙන විත් තිබේ. 4.මෙරට මුහුදු සීමාවේ ආපදාවට පත් මියන්මාර් ජාතිකයින් 104දෙනෙක් මුදා ගැනේ.. – මෙරට මුහුදු සීමාව තුළ ආපදාවට පත් මියන්මාර් ජාතිකයින් 104දෙනෙකු මුදා ගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාව පියවර ගෙන තිබේ. 5.වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා නාවික හමුදාපති ධුරයට – වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතා, ශ්‍රී ලංකා නාවික හමුදාවේ 25 වැනි නාවික හමුදාපති ලෙස පත් පත්කර තිබේ. විදෙස් පුවත් 1.පකිස්ථාන පාලක පක්ෂයේ නායිකාවගෙන් ඉන්දියාවට එරෙහිව න්‍යෂ්ටික යුදමය තර්ජනයක් – පකිස්ථාන පාලක පක්ෂයේ නායිකා ශාසියා මාරි ඉන්දියාවට එරෙහිව න්‍යෂ්ටික යුදමය තර්ජනයක් එල්ල කර තිබේ. ක්‍රීඩා පුවත් 1..මෙසී ප්‍රමුඛ ආර්ජන්ටිනාව තුන්වැනි වරටත් පාපන්දු ලෝක කුසලානය දිනාගනී – ආර්ජන්ටිනාව තුන්වැනි වරටත් පාපන්දු ලෝක කුසලානය ඊයේ (18) දිනා ගැනීමට සමත් විය. |
2022-12-19T01:44:40.000Z | රබර් වගාව ආශ්‍රිත වල් පැළෑටි උපයෝගී කර කඩදාසි නිෂ්පාදන කිරීමේ වැඩපිළිවෙළක් | රබර් වගාව ආශ්‍රිත වල් පැළෑටි කඩදාසි නිෂ්පාදනයට.. | COLOMBO (News 1st) – රබර් වගාව ආශ්‍රිත වල් පැළෑටි උපයෝගී කර කඩදාසි නිෂ්පාදන කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇතැයි ශ්‍රී ලංකා රබර් පර්යේෂණ ආයතනය පවසයි. එහි උපදේශක සේවා අධ්‍යක්ෂ සංජීව ගුණරත්න මහතා සඳහන් කළේ, මූලික අදියර යටතේ මෙම වැඩපිළිවෙළ කෑගල්ල දිස්ත්‍රික්කය මුලික කරගෙන ආරම්භ කර ඇති බවයි. |
2022-12-19T01:35:37.000Z | පාසල් ළමුන් මත්ද්‍රව්‍ය උවදුරෙන් මුදාගැනීමට විශේෂ වැඩපිළිවෙළක් - පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් - | ළමුන් මත්ද්‍රව්‍ය උවදුරෙන් මුදාගන්න වැඩපිළිවෙළක් | COLOMBO (News 1st) – පාසල් ළමුන් මත්ද්‍රව්‍ය උවදුරෙන් මුදාගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට නියමිත බව පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් බ්‍රිගේඩියර් දර්ශන හෙට්ටිආරච්චි මහතා පවසයි. ඔහු සඳහන් කළේ, ඒ සඳහා සියලුම පාර්ශවවල සහය අපේක්ෂා කරන බවයි. මේ දිනවල දෙමව්පියන් සිය දරුවන් සම්බන්ධයෙන් සුවිශේෂී අවධානයක් යොමු කළ යුතුව ඇති බව ද ඔහු පැවසුවේ ය. පාසල් සිසුන් මත්ද්‍රව්‍ය ජාවාරම සඳහා යොදා ගැනීම වැළැක්වීමට විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කරන බව ජාතික ළමාරක්ෂක අධිකාරිය පවසයි. එහි සභාපති උදය කුමාර මහතා පැවසුවේ, අධ්‍යාපන අමාත්‍යාංශය, පොලිසිය ඇතුළු අංශ සමග සාකච්ඡා කර එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවයි. |
2022-12-19T01:24:14.000Z | මිනිස් ජාවාරම විමර්ශනයට ඩුබායි හා ඕමාන් ගිය කණ්ඩායම දිවයිනට.. | මිනිස් ජාවාරම විමර්ශනයට ගිය කණ්ඩායම දිවයිනට.. | COLOMBO (News 1st) – මිනිස් ජාවාරම සම්බන්ධයෙන් විමර්ශනය සඳහා ඩුබායි හා ඕමානය බලා ගිය විමර්ශන කණ්ඩායම දිවයිනට පැමිණ ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි. පසුගිය 10 වැනිදා දිවයිනෙන් පිටත්ව ගිය කණ්ඩායමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ(CID) නිලධාරින් දෙදෙනෙකු හා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විමර්ශන නිලධාරින් 4 දෙනෙකු ඇතුළත් විය. මේ අතර, විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ගාමිණී සෙනරත් යාපා මහතා පැවසුවේ, මේ වනවිට සංචාරක වීසා මත ගොස් දුෂ්කරතාවට පත්වූ කාන්තාවන් 30 දෙනෙකු ඕමානයේ සුරක්ෂා නිවස්නයේ ද 60කට ආසන්න පිරිසක් ඩුබායිහි සුරක්ෂා නිවස්නයේ ද රැඳී සිටින බවයි. |
2022-12-18T18:15:21.000Z | මෙසී ප්‍රමුඛ ආර්ජන්ටිනාව තුන්වැනි වරටත් පාපන්දු ලෝක කුසලානය දිනාගනී | පාපන්දු ලෝක කුසලානය ආර්ජන්ටිනාවට | COLOMBO (News 1st) - ආර්ජන්ටිනාව තුන්වැනි වරටත් පාපන්දු ලෝක කුසලානය අද(18) දිනා ගැනීමට සමත් විය. ඒ, පසුගිවර ශූරයින් වූ ප්‍රංශයට එරෙහිව පැවැති 2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ, අවසන් තරගය ගෝල 4ට 2ක් (දඬුවම් පහර) ලෙස ජය ගනිමිනි. කටාර්හි ලුසෙයිලි ක්‍රීඩාංගනයේදී ප්‍රේක්ෂකයන් 88,000කට අධික පිරිසක් ඉදිරියේ පැවැති තරගයේ පළමු අර්ධය අවසන් වන විට ගෝල 2ට 0ක් ලෙස ආර්ජන්ටිනාව ඉදිරියෙන් සිටියේය. දෙවැනි අර්ධයේදී ප්‍රංශය ද ගෝල 2ක් රැස් කළ අතර ඒ අනුව නියමිත කාලය අවසන් වූයේ දෙපිලම ගෝල 2 බැගින් රැස් කරගෙන සිටියදීය. ඉන් අනතුරුව ජයග්‍රාහකයන් තීරණය කිරීමට අතිරේක කාලයක් ලබා දුන්නේය. එහිදී දෙපිලම ගෝලය බැගින් රැස් කිරීම නිසා නැවතත් දෙපිලේම ලකුණු සම වීම හේතුවෙන් දඬුවම් පහර අවස්ථාව ලබා දුන්නේය. එහිදී ආර්ජන්ටිනාව දඬුවම් පහර 4ක් සාර්ථක කර ගත් අතර ප්‍රංශයට සාර්ථක කර ගැනීමට හැකි වූයේ දඬුවම් පහර 2ක් පමණි. ඒ අනුව තරගය අවසන් වූයේ ගෝල 4ට 2ක් ලෙස ආර්ජන්ටිනාවට ජය හිමිකර දෙමිනි. ආර්ජන්ටිනා කණ්ඩායම 1986 වසරෙන් අනතුරුව පාපන්දු ලෝක කුසලානයක් දිනූ පළමු අවස්ථාව මෙය වේ. එමෙන්ම පාපන්දු පිටියේ වාර්තා රැසකට හිමිකම් කියන ආර්ජන්ටිනා නායක ලියනොල් මෙසී සහභාගී වූ අවසන් ලෝක කුසලාන තරගය ද මෙය වේ. |
2022-12-18T17:29:59.000Z | වෙළෙඳසැල් හිමියෙකු වෙඩි තබා ඝාතනය කෙරේ.. | වෙළෙඳසැල් හිමියෙකු වෙඩි තබා ඝාතනය කෙරේ.. | COLOMBO ( News 1 st ) - හංවැල්ල, හරස්පාර ප්‍රදේශයේදී ඊයේ (18) රාත්‍රී ආපන ශාලාවක හිමිකරුවෙකු වෙඩි තබා ඝාතනය කර තිබේ. එලෙස ඝාතනයට ලක්ව ඇත්තේ, 46 හැවිරිදි පුද්ගලයෙකි. නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු යතුරු පැදියකින් පැමිණ මෙම වෙඩි තැබීම සිදුකර ඇතැයි පොලිසිය පැවසී ය. වෙඩි තැබීමට හේතුව අනාවරණ වී නොමැති අතර පලාගිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන ක්‍රියාත්මකයි. |
2022-12-18T16:50:10.000Z | දිනේෂ් ශාෆ්ටර් අවසන් ගමන් යයි.. | දිනේෂ් ශාෆ්ටර් අවසන් ගමන් යයි.. | COLOMBO (News 1st) - ඝාතනය කෙරුණු මෙරට ප්‍රමුඛ පෙලේ මූල්‍ය සමාගමක කළමනාකරණ අධ්‍යක්ෂවරයෙකු සහ ප්‍රමුඛ රක්ෂණ සමාගමක අධ්‍යක්ෂවරයෙකු වන දිනේෂ් ශාෆ්ටර් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද(18) පස්වරුවේ සිදු කෙරිණි. ඒ දේශපාලඥයින්, ව්‍යාපාරික ප්‍රජාව ඇතුලු පවුලේ හිතවතුන් රැසකගේ සහභාගීත්වයෙනි. කොළඹ මල්පාරේ පිහිටි ඒ මහතාගේ නිවසේ තැන්පත් කර තිබූ දේහයට අද(18) පෙරවරුවේ සිට දේශපාලඥයින්, ක්‍රිකට් ක්‍රීඩකයින්, මෙරට ප්‍රමුඛ ව්‍යාපාරිකයින් ඇතුළු බොහෝ දෙනෙක් පැමිණ දේහයට අවසන් ගෞරව දැක්වූහ. පසුව අද දහවල් 11 ට පමණ කොළඹ බෞද්ධාලෝක මාවතේ පිහිටි ලංකා සභා දේවස්ථානයට රැගෙන ගිය අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාද දේහයට අවසන් ගෞරව දැක්වීමට දේවස්ථාන පරිශ්‍රයට පැමිණියේ ය. ආගමික වතාවත් සිදු කිරීමෙන් අනතුරුව විශේෂ පොලිස් ආරක්ෂාවක් යටතේ දිනේශ් ශාෆ්ටර් මහතාගේ දේහය බොරැල්ල පොදු සුසානභූමය වෙත රැගෙන ගිය අතර එහිදී දේහය භූමිදානය කර තිබුණේ පවුලේ සාමාජිකයන්ගේ සහභාගීත්වයෙනි. බොරැල්ල පොදු සුසාන භූමියේ දී සිය මෝටර් රථය තුළ ගෙල සිරකර බැද දමා සිටියදී පසුගිය 15 වැනිදා පස්වරුවේ ශාෆ්ටර් මහතා සොයා ගැනුණි. ඝාතනය සම්බන්ධයෙන් පොලීසිය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට පුද්ගලයින් 23 දෙනෙකුගෙන් පමණ ප්‍රකාශ සටහන් කර ගෙන තිබේ. මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, කොළඹ අපරාධ කොට්ඨාසය ඇතුළු කණ්ඩායම් හතරක් යටතේ පරීක්ෂණ ක්‍රියාත්මකය. ඊට අදාළ කිසිදු සැකකරුවෙකු මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැත. |
2022-12-18T14:50:11.000Z | දකුණු මුහුදේදී අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය සහිත ධීවර යාත්‍රාව සහ සැකකරුවන් කොළඹ වරායට.. | අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය සහිත ධීවරයාත්‍රාව කොළඹට | COLOMBO (News 1st) - දකුණු මුහුදේදී නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගත් රුපියල් මිලියන 4586කට අධික මත්ද්‍රව්‍ය සහිත ධීවර යාත්‍රාව සහ සැකකරුවන් කොළඹ වරායට රැගෙන විත් තිබේ. නාවික හමුදාව පැවසුවේ දෙවුන්දර තුඩුවේ සිට නාවික සැතපුම් 229ක් පමණ දුරින් වූ ගැඹුරු මුහුදේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී මෙම මත්ද්‍රව්‍ය තොගය සොයා ගත්තේ ය. එහි අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 128ක් සහ හෙරොයින් කිලෝග්‍රෑම් 106ක් හමුවී තිබේ. ශ්‍රී ලංකා නාවික හමුදාව, රාජ්‍ය බුද්ධි සේවාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය එක්ව මෙම වැටලීම සිදුකර ඇති බව සඳහන් වේ. එහිදී අත්අඩංගුවට ගත් සැකකරුවන් සංඛ්‍යාව 14 කි. ඔවුන් අවුරුදු 29ත් 59ත් අතර වයසේ පසුවන තංගල්ල, නාකුළුගමුව, කොස්ගොඩ සහ බලපිටිය යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් වේ. එම මත්ද්‍රව්‍ය තොගය පරික්‍ෂා කිරීම සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතාද සහභාගි වී තිබේ. ඉදිරි නීතිමය කටයුතු සඳහා එම මත්ද්‍රව්‍ය තොගය පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදීමට නියමිතය. මෙම මත්ද්‍රව්‍ය තොගයත් සමඟ ශ්‍රී ලංකා නාවික හමුදාව 2022 වර්ෂයේ මේ දක්වා සිදුකළ මෙහෙයුම් මගින් රුපියල් බිලියන 28.05 කට අධික මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇති බව නාවික හමුදාව පැවසුවේ ය. |
2022-12-18T14:42:44.000Z | මෙරට මුහුදු සීමාවේ ආපදාවට පත් මියන්මාර් ජාතිකයින් 104දෙනෙක් මුදා ගැනේ.. | ආපදාවට පත් මියන්මාර් ජාතිකයින් 104දෙනෙක් මුදා ගැනේ | COLOMBO (News 1st) - මෙරට මුහුදු සීමාව තුළ ආපදාවට පත් මියන්මාර් ජාතිකයින් 104දෙනෙකු මුදා ගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාව පියවර ගෙන තිබේ. නාවික හමුදාව සඳහන් කළේ මියන්මාරයේ සිට ඉන්දුනීසියාව දක්වා ගමන් කරමින් තිබු මගී ප්‍රවාහන යාත්‍රාවක ඇති වූ කාර්මික දෝෂයක් මීට හේතු වී ඇති බවයි. වෙත්තලකේනි ප්‍රදේශයට නාවික සැතපුම් 3.5ක් පමණ උතුරු දෙසින් වූ මෙරට මුහුදු ප්‍රදේශයට ඊයේ රාත්‍රියේ මෙම යාත්‍රාව අනවසරයෙන් පැමිණ ඇති බව සඳහන් වේ. ඒ අනුව පියවර ගත් ශ්‍රී ලංකා නාවික හමුදාව ඔවුන් නිරුපද්‍රිතව මුදාගැනීමට සමත්ව තිබේ. ඔවුන් මේ වන විට කන්කසන්තුරය වරාය වෙත රැගෙනවිත් ඇති අතර එම පිරිස ඉදිරි කටයුතු සඳහා අදාල පාර්ශ්වයන් වෙත යොමු කිරීමට නියමිතය. |
2022-12-18T09:07:35.000Z | වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා නාවික හමුදාපති ධුරයට | නව නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා | COLOMBO ( News 1 st ) - වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතා, ශ්‍රී ලංකා නාවික හමුදාවේ 25 වැනි නාවික හමුදාපති ලෙස පත් පත්කර තිබේ. ඒ, 24 වන නාවික හමුදාධිපති ලෙස කටයුතු කළ අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා අද(18) විශ්‍රාම යෑමත් සමගයි. නාවික හමුදා චාරිත්‍රානුකූලව නාවික හමුදාධිපති ධුරයේ රාජකාරී වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතා වෙත අද භාර දී තිබේ. |
2022-12-18T08:52:19.000Z | ඉන්ෆ්ලුවෙන්සා වෛරසය ව්‍යාප්තියේ සීඝ්‍ර වර්ධනයක්.. | ඉන්ෆ්ලුවෙන්සාවෙන් ආරක්ෂාවීමට උපදෙස් | COLOMBO ( News 1 st ) - ඉන්ෆ්ලුවෙන්සා වෛරසය සීඝ්‍රයෙන් පැතිර යාම හේතුවෙන් අවදානම් කාණ්ඩවල පසුවන පුද්ගලයින් ආරක්ෂාකාරී විය යුතු බව සෞඛ්‍ය විශේෂඥයින් පවසති. ශ්‍රී ලංකා ක්ෂුද්‍ර ජීව වෛද්‍ය විශේෂඥයින්ගේ විද්‍යායතනයේ සභාපති, විශේෂඥ වෛද්‍ය රෝහිණී වඩනම්බි මහත්මිය ප්‍රකාශ කළේ ඉන් වැඩිම බලපෑමක් පවතින්නේ කුඩා ළමුන්ට සහ වැඩිහිටියන්ට බවයි. මෙම ඉන්ෆ්ලුවෙන්සා වෛරස ව්‍යාප්තියත් සමග පුද්ගලයින් තුළ දැඩි උගුරේ වේදනාවක් හා උණ රෝගී තත්ත්වයක් නීරීක්ෂණය කළ හැකි බවත් මෙනිසා සෑම විටම මුව ආවරණ පැළැදීම හා දෑත් පිරිසිදුව තබා ගැනීම වැදගත් බව ද ඇය අවධාරණය කළාය. |
2022-12-18T08:39:18.000Z | මෙවර මහ කන්නයේ බඩ ඉරිඟු අස්වැන්න 50%කින් අඩුවිය හැකියි - මහාචාර්ය බුද්ධි මාරඹේ | බඩ ඉරිඟු අස්වැන්න 50%කින් අඩුවිය හැකියි.. | COLOMBO ( News 1 st ) - මෙවර මහ කන්නයේ වී අස්වැන්න 15% කින් පමණ අඩුවනු ඇතැයි කෘෂි විශේෂඥයින් පවසයි. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ, කෘෂි භෝග විද්‍යාව පිළිබඳ මහාචාර්ය බුද්ධි මාරඹේ මහතා ප්‍රකාශ කළේ, බඩ ඉරිඟු අස්වැන්න ද 50% කින් පමණ අඩුවිය හැකි බවයි. එසේම ඔහු පැවසුවේ, පසුගිය වසරේ මහ කන්නයේ දී 65% - 70%ක පමණ අස්වනු හානියක් සිදු වූ බවයි. ඊට හේතුවී තිබුණේ වගාවට අවශ්‍ය යෙදවුම් නොමැති වීමයි. ලංකාව තුළ වගා කෙරෙන්නේ විදේශයන්ගෙන් ආනනයනය කෙරෙන දෙමුහුන් ප්‍රභේද වන අතර ඊට හේතුව වී ඇත්තේ ඒවායේ අස්වැන්න සහ ගුණත්වය වැඩි වීමයි. සාමාන්‍යයෙන් මෙරට මහ කන්නයේ වගාවට බඩ ඉරිඟු බීජ ටොන් 1200 අවශ්‍ය වූවත්, මෙම මහ කන්නයට අවශ්‍ය බඩ ඉරිඟු බීජ අප සතුව නොමැති වීමත් හේතුවෙන් මෙවර අස්වැන්න 50% කින් පමණ අඩුවිය හැකි බවයි. |
2022-12-18T08:35:01.000Z | ජල බිල්පත් නොගෙවූ පාරිභෝගිකයින්ගේ සැපයුම් ලබන මාසයේ සිට විසන්ධි කෙරේ.. | ජල බිල්පත් නොගෙව්වොත් වැඩ වරදී.. | COLOMBO ( News 1 st ) - ජල බිල්පත් නොගෙවූ පාරිභෝගිකයින්ගේ සැපයුම් ලබන මාසයේ සිට විසන්ධි කරන බව, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ප්‍රකාශ කර තිබේ. එහි සහකාර සාමාන්‍යාධිකාරී, ඒකනායක වීරසිංහ මහතා ප්‍රකාශ කළේ, මාසික ජල බිල්පත් නොගෙවීම 40%කින් ඉහළ ගොස් ඇති බවයි. රුපියල් මිලියන අට දහසක් දක්වා තිබූ නොගෙවූ බිල්පත් රුපියල් මිලියන හාර දහසක් දක්වා අඩු කරගෙන තිබෙන අතර එහෙත්, පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් යළිත් රුපියල් මිලියන හය දහසක හිඟ බිල්පත් පවතින බව ද ඔහු සඳහන් කළේ ය. දින 60ට වඩා වැඩි කාලයක් බිල්පත් නොගෙවූ සියලු ජල පාරිභෝගිකයින්ට නිවේදන නිකුත් කර තිබේ. ඒකනායක වීරසිංහ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ, ලක්ෂ 08 ක පමණ පිරිසක්, ජල බිල්පත් ගෙවීම මාස 03ක් හෝ ඊට වැඩි කාලයක් ප්‍රමාද කර ඇති බවය. |
2022-12-18T08:30:31.000Z | ප්‍රකට ව්‍යාපාරික දිනේෂ් ශාෆ්ටර්ගේ අවසන් කටයුතු අද.. | දිනේෂ් ශාෆ්ටර්ගේ අවසන් කටයුතු අද.. | COLOMBO ( News 1 st ) - ඝාතනය කෙරුණු මෙරට ප්‍රමුඛ පෙලේ මූල්‍ය සමාගමක කලමනාකරණ අධ්‍යක්ෂවරයෙකු සහ ප්‍රමුඛ රක්ෂණ සමාගමක අධ්‍යක්ෂවරයෙකු වන දිනේෂ් ශාෆ්ටර් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද(18) පස්වරුවේ කොළඹදී සිදු කිරීමට නියමිතය. බොරැල්ල පොදු සුසාන භූමියේ සිය මෝටර් රථය තුළ ගෙල සිරකර බැද දමා සිටියදී පසුගිය 15 වැනිදා පස්වරුවේ ශාෆ්ටර් මහතා සොයා ගැනුණ අතර ඝාතනය සම්බන්ධයෙන් පොලීසිය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වනවිට පුද්ගලයින් 23 දෙනෙකුගෙන් පමණ ප්‍රකාශ සටහන් කර ගෙන තිබේ. මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, කොළඹ අපරාධ කොට්ඨාසය ඇතුළු කණ්ඩායම් හතරක් යටතේ පරීක්ෂණ ක්‍රියාත්මකය. ඊට අදාළ කිසිදු සැකකරුවෙකු මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැත. |
2022-12-18T07:33:14.000Z | නාවික හමුදාපති අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න සම්මාන ආචාර මුර මැද විශ්‍රාම යයි.. | නාවික හමුදාපති විශ්‍රාම යයි.. | COLOMBO ( News 1 st ) - ශ්‍රී ලංකා නාවික හමුදාවේ 24 වන නාවික හමුදාධිපති ලෙස 2020 ජුලි මස 15 වැනි දින සිට රාජකාරී ආරම්භ කරන ලද අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා අද (18) දින විශ්‍රාම යන ලදී. ඒ අනුව, අද(18) දින නාවික හමුදා චාරිත්‍රානුකූලව නාවික හමුදාධිපති ධූරයේ රාජකාරීන් වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතා වෙත භාර දුන් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා, ශ්‍රී ලංකා නාවික හමුදාව සහ මව්බිම වෙනුවෙන් සිදු කළ වසර 37 කට අධික අනභිභවනීය සේවය නිමා කරමින් විශ්‍රාම ගියේය. නාවික හමුදා මූලස්ථානයේදී අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා වෙත සම්මාන ආචාර මුරයක් මගින් ආචාරය පුද කරන ලද අතර, නාවික හමුදා කළමනාකරන මණ්ඩලය ඇතුළු ජ්‍යේෂ්ඨ නිලධාරීන් විසින් සමුදීමෙන් පසු නාවික හමුදා මූලස්ථානයේ සිට නාවික රථ පෙළපාලියකින් ඔහු පිටව යන මොහොතේ ජ්‍යෙෂ්ඨ සහ කණිෂ්ඨ නාවිකයින් මාර්ගය දෙපස රැඳී සිටිමින් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා හට සුභාශිංසන එක් කළහ. |
2022-12-18T05:55:59.000Z | කොත්තු ඇතුළු කෙටි කෑමවල මිල රුපියල් 10 කින් පහළට | කොත්තු ඇතුළු කෙටි කෑමවල මිල පහළට | COLOMBO ( News 1 st ) - අද(18) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි කොත්තු ඇතුළු කෙටි ආහාර වර්ගවල මිල රුපියල් 10 කින් පහත දමන බව, සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමය පවසයි. එහි සභාපති අසේල සම්පත් මහතා ප්‍රකාශ කළේ, තිරිඟු පිටි මිල අඩුවීමත් සමග එම තීරණය ගත් බවයි. පසුගිය කාලය තුළ වෙළඳපොළේ පාන් පිටි කිලෝ එකක් රුපියල් 450කට පමණ අලෙවි වූ අතර මේ වනවිට පාන්පිටි කිලෝවක මිල රුපියල් 250 දක්වා අඩු වීමේ සහනය පාරිභෝගිකයාට ලබා දීමේ අරමුණින් මෙම මිල අඩු කිරීම සිදු කෙරෙන බවත්, සෑම ආපන ශාලාවකම මිල දර්ශනය ප්‍රදර්ශනය අනිවාර්යය කිරීමට කටයුතු කරන ලෙස ද අසේල සම්පත් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය. |
2022-12-18T04:42:09.000Z | නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල අදත් මහ වැසි.. | ප්‍රදේශ කිහිපයකට අදත් මහ වැසි | COLOMBO ( News 1 st ) - නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ, දිවයිනේ සෙසු ප්‍රදේශවලට ද මිලිමීටර 75 ක පමණ වැසි ඇති විය හැකි බවයි. ගිනිකොණදිග සහ නිරිතදිග බෙංගාල බොක්ක ප්‍රදේශවල සුළං වේගය පැයට කිලෝමීටර 60 ක් පමණ දක්වා ඉහළ යා හැකිය. ඒ, එම කලාපයේ පවතින පීඩන අවපාතය හේතුවෙනි. ඉදිරි පැය 36 තුළ එය නිරිතදිග බෙංගාල බොක්ක දෙසට ගමන් කරනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ. |
2022-12-18T04:34:41.000Z | පකිස්ථාන පාලක පක්ෂයේ නායිකාවගෙන් ඉන්දියාවට එරෙහිව න්‍යෂ්ටික යුදමය තර්ජනයක් | පකිස්ථානයෙන් ඉන්දියාවට දොස්.. | COLOMBO ( News 1 st ) - පකිස්ථාන පාලක පක්ෂයේ නායිකා ශාසියා මාරි ඉන්දියාවට එරෙහිව න්‍යෂ්ටික යුදමය තර්ජනයක් එල්ල කර තිබේ. ඒ පසුගිය දිනෙක ඉන්දියාව, පකිස්ථාන විදේශ අමාත්‍ය බිලාවල් භුතෝ දැඩි විවේචනයට ලක්කර තිබීම හේතුවෙනි. විදෙස් මාධ්‍ය සඳහන් කළේ, පකිස්ථානය විසින් පළමුව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ පාලනය විවේචනය කිරීමත් සමග මෙම මත ගැටුම ආරම්හ වූ බවයි. පකිස්ථානය සතුව පරමාණුක බෝම්බ පවතින බව ඉන්දියාව අමතක නොකළ යුතු බවත්, අවශ්‍යතාවයක් මතු වුවහොත් ඒවා භාවිතයට ගත හැකි බවත් පකිස්ථාන පාලක පක්ෂ නායිකාව වැඩිදුරටත් ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. |
2022-12-18T03:14:17.000Z | අමෙරිකාවේ ධනවත්ම සංචාරකයින් රැගත් "ඕෂන් ඔඩිසි" අද දිවයිනට | "ඕෂන් ඔඩිසි"නෞකාව අද දිවයිනට | COLOMBO ( News 1 st ) - අමෙරිකාවේ ධනවත්ම සංචාරකයින් 108 දෙනෙකු රැගත් "ඕෂන් ඔඩිසි" නෞකාව අද(18) කොළඹ වරායට සේන්දුවීමට නියමිතය. අමෙරිකානු සමාගමකට අයත් එම නෞකාවේ දිග මීටර් 105 ක් වන අතර නෞකාව, කොළඹ වරායට පැමිණිම සනිටුහන් කරමින් වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සහ නෞකාවේ කපිතාන්වරයා අතර චාරිත්‍රානුකූල සමරු එලක හුවමාරු කරගැනීමට ද නියමිතව තිබේ. ඉන්දියාවේ කොචින් වරායේ සිට කොළඹ වරායට පැමිණෙන නෞකාව, හෙට(19) ත්‍රිකුණාමලය වරාය බලා යාත්‍රා කිරීමට නියමිතව තිබේ. "ඕෂන් ඔඩිසි" නෞකාවේ පැමිණි සංචාරකයින් කොළඹ ,කුරුණෑගල හබරණ, සීගිරිය සහ ත්‍රිකුණාමලය යන ප්‍රදේශවල සංචාරය කිරීමට නියමිතය. එය දෙසැම්බර් 21 වැනිදා රාත්‍රී 7.00 ට ත්‍රිකුණාමලය වරායේ සිට තායිලන්තය බලා යාත්‍රා කරනු ඇති. |
2022-12-18T02:19:16.000Z | මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය නගා සිටුවීමට වැඩසටහන් රැසක් | මන්දපෝෂණය දුරලන්න වැඩසටහන් | COLOMBO ( News 1 st ) - මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන්ට ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා ගුණාත්මකභාවයෙන් යුත් බඩ ඉරිඟු ලබාගැනීමේ ගැටළු මතුව ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. එහි පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂ, වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය පැවසුවේ, ඒ සඳහා ලෝක ආහාර සංවිධානය හරහා අමුද්‍රව්‍ය ලබාගැනීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බවයි. මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය නඟා සිටුවීම සඳහා වැඩසටහන් රැසක් ක්‍රියාත්මක බව ද ඇය ප්‍රකාශ කළාය. එසේම ඇය ප්‍රකාශ කළේ,දිස්ත්‍රික්ක මට්ටමින් හඳුනාගත් මන්දපෝෂණ තත්ත්වයෙන් පෙළෙන දරුවන් සඳහා අතිරේක ආහාරයක් ලෙස ත්‍රිපෝෂ නිෂ්පාදනය වැඩි දියුණු කිරීමට රජයේ ප්‍රතිපාදන විශාල වශයෙන් වෙන් කර තිබෙන බවයි. තවද පෝෂණ මලු ලබා දීමේ වැඩසටහනක් දිස්ත්‍රික්ක මට්ටමින් ක්‍රියාත්මක කිරීමට ද ,පෝෂණ කමිටු බිහි කිරීමටද විශේෂ අවධානයත් යොමුව තිබේ. ග්‍රාමීය, පළාත් හා දිස්ත්‍රික්ක මට්ටමින් මෙම වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නියමිතය. මෙමගින් ආහාර සුරක්ෂිතතාවය අපේක්ෂා කරන බව ද ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළා ය. |
2022-12-18T02:14:35.000Z | ලෝක ශූර ප්‍රංශය සහ ආර්න්ටිනාව ගැටෙන පාපන්දු ලෝක කුසලානයේ අවසන් මහා තරගය අද | පාපන්දු ලෝක කුසලානයේ අවසන් මහා තරගය අද | COLOMBO ( News 1 st ) - 2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගය අද(18) පැවැත්වීමට නියමිතයි. ඒ, වත්මන් ලෝක ශූර ප්‍රංශය සහ ආර්ජන්ටිනාව අතරයි. කටාර්හී ලුසේල් ක්‍රීඩාංගණයේදී මෙරට වේලාවෙන් රාත්‍රී 8.30 ට තරගය ආරම්භ වන අතර තරගාවලියේ නිල දේශීය විකාශන අයිතිය හිමි TV1 නාලිකාව ඔස්සේ එම තරගය ඔබට සජීවීව නැරඹිය හැකියි. මේ අතර 2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ තුන්වන ස්ථානය දිනා ගැනීමට ක්‍රොඒෂියාව සමත් විය. ඒ මොරොක්කෝ කණ්ඩායමට එරෙහිව පැවති තරගය ගෝල 2 - 1ක් ලෙස ජය ගනිමිනි. කටාර්හී කලීෆා අන්තර්ජාතික ක්‍රීඩාංගණයේ පැවති තරගයේ පළමු අර්ධයේදී ගෝල 2 - 1ක් ලෙස පෙරමුණ ගත්තේ ක්‍රොඒෂියාවයි. එහි දෙවන අර්ධයේදී කණ්ඩායම් දෙකටම ගෝල රැස් කිරීමට හැකියාවක් නොලැබුණ අතර ඒ අනුව තරගයේ නියමිත කාලය අවසානයේ ගෝල 2 - 1ක් ලෙස ක්‍රොඒෂියාව තරගය ජය ගැනීමට සමත් විය. |
2022-12-18T02:05:13.000Z | 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අද | 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අද | COLOMBO (News 1st ) - 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අද(18) පැවැත්වෙන අතර දිවයින පුරා මධ්‍යස්ථාන 2894 කදී මෙවර විභාගය සඳහා පෙනී සිටින සිසුන් සංඛ්‍යාව, 3,34 698 කි. විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී.ධර්මසේන මහතා අපේක්ෂකයින්ට දැනුම් දෙන්නේ ,වේලාසනින් විභාග මධ්‍යස්ථාන වෙත පැමිණෙන ලෙසයි. එසේම උදෑසන 8.45 පමණ වන විට විභාග ශාලාව වෙත යන ලෙසත්,අදාළ ගුරුභවතුන් දරුවන්ගේ අත්සන් ලේඛන ලබා ගැනීමට කටයුතු කරන ලෙසත් ඔහු දැනුම් දී තිබේ. තවද ඩෙස් පුටුවල පවතින අඩුපාඩු සලකා බලා එම අඩුපාඩු සකසාගෙන කලබලකාරී මානසිකත්වයෙන් මිදී සැහැල්ලුවෙන් විභාගයට මුහුණ දෙන ලෙස ද ඔහු දැනුම් දී තිබේ. විභාගයට පැමිණීමේදී රැගෙන ආ යුතු උපකරණ පිළිබඳව ද විභාග කොමසාරිස් ජනරාල්වරයා පැහැදිලි කළේ ය. තවද විභාග කොමසාරිස් ජනරාල්වරයා පැහැදිලි කළේ වතුර බෝතලයක්, විවේක කාලයේ දී ලබා ගැනීමට කෙටි ආහාරයක් සහ අවශ්‍ය කරන පැන්සල්, පෑන් ආදී දෑ රැගෙන යන ලෙසයි. වෙනත් කිසිදු ලේඛනයක් රැගෙන නොයන ලෙසත් ඉල්ලීමක් කළ විභාග කොමසාරිස් ජනරාල්වරයා කියා සිටියේ, දරුවන්ගේ විභාග අංකය නිල ඇදුමේ පසෙකින් අල්පෙනෙත්තකින් රඳවන ලෙස මාපියන්ගෙන් හා ගුරුභවතුන්ගෙන් ඉල්ලීමක් කරන බවයි. මෙවර ප්‍රශ්න පත්‍ර ලබාදීමේ අනුපිළිවෙළේ ද වෙනසක් සිදුවන බව , විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ ය. මෙවර විභාගයේ දී දෙවන ප්‍රශ්න පත්‍රය මුලින් ලබා දීමට නියමිතයි. එසේම,විභාග මධ්‍යස්ථානවල ආරක්ෂාව සඳහා යොදවා ඇති පොලිස් නිලධාරින් සංඛ්‍යාව, 7619 කි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා අදහස් දක්වමින් කියා සිටියේ,විභාග මධ්‍යස්ථාන, සම්බන්ධීකරණ මධ්‍යස්ථාන, එකතු කිරීමේ මධ්‍යස්ථාන හා ඇගයීම් මධ්‍යස්ථාන සඳහා අවි සහිත නිලධාරීන් අනියුක්ත කර ඇති අතර ජංගම මුර සංචාර, පාමුර සංචාර යෙදවීමට කටයුතු කර ඇති බව ඔහු ප්‍රකාශ කළේ ය. මේ අතර හෙට(18) දිනයේ දී ශබ්ද විකාශන යන්ත්‍ර බලපත්‍ර ලබා නොදීමට කටයුතු කෙරෙනු ඇති අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, නීතිඥ නිහාල් තල්දූව මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියේ මෙම විභාගය බාධාවකින් තොරව පැවැත්වීමට අවශ්‍ය සහය ලබාදෙන ලෙසය. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ජනතාවගෙන් ඉල්ලීමක් කළේ, විභාග මධ්‍යස්ථාන ආසන්නයේ ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතයෙන් වළකින ලෙසයි. |
2022-12-18T02:01:08.000Z | මත්ද්‍රව්‍ය භාවිත කර සාදයක් පැවැත්වූ තරුණයින් 30 දෙනෙකු අත්අඩංගුවට | මත්ද්‍රව්‍ය සාදය නිසා 30ක් පොලිස් දැලේ | COLOMBO (News 1 st ) - බෙන්තොට බෝධිමළුව ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය භාවිත කර සාදයක් පැවැත්වූ තරුණයින් 30 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය ප්‍රකාශ කළේ, සැකකරුවන් සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 1500 කට ආසන්න ප්‍රමාණයක් සොයා ගත් බවයි. එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, කොළඹ, වත්තල, නාරාහේන්පිට, මට්ටක්කුලිය, කොටහේන, මාළිගාවත්ත සහ වලස්මුල්ල ප්‍රදේශවල පදිංචිකරුවන් පිරිසකි. |
2022-12-17T19:26:58.000Z | ගෙවුණු දිනය උණුසුම් කළ පුවත් | ගෙවුණු දිනය උණුසුම් කළ පුවත් | COLOMBO (News 1st) - දේශීය පුවත් 1.ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය සමග කටයුතු කිරීමේ දී මිත්‍රශීලි පිළිවෙතක් අනුගමනය කළ යුතුයි – ජනපති දූපත් රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය සමග කටයුතු කිරීමේ දී සියලු රටවල් සමග මිත්‍රශීලි පිළිවෙතක් අනුගමනය කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. 2.ණය අර්බුදය ගැන සාකච්ඡාවට චීනය වට මේස සාකච්ඡාවකට එකඟ වෙයි. ලොව විවිධ රටවල් මුහුණ දී ඇති ණය අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා වට මේස සාකච්ඡාවකට එක්වීමට චීනය එකඟ වූ බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානී, ක්‍රිස්ටලීනා ජෝර්ජීවා මහත්මිය සඳහන් කළාය. 3 .බැඳුම්කර ගනුදෙනුවෙත් ප්‍රබල සාක්ෂිකරුවෙක් වූ දිනේෂ් ශාෆ්ටර් සිතා මතා ඝාතනය කළාද? බියගැන්වීමකට කළ උත්සාහයකදී මිය ගියාද? ප්‍රකට ව්‍යාපාරික දිනේෂ් ශාෆ්ටර් මහතා කෲර ලෙස ඝාතනය කර මේ වන විට පැය 48කට ආසන්න කාලයක් ගත වී තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන නොමැති අතර ඝාතනය සම්බන්ධයෙන් පොලීසිය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට පුද්ගලයින් 23 දෙනෙකුගෙන් පමණ ප්‍රකාශ සටහන් කර ගෙන තිබේ. 4 දෙහිවලදී දුම්රියේ ගැටී තරුණයෙක් සහ තරුණියක් මරුට දෙහිවල දුම්රිය ස්ථානය අසළදී දුම්රියක ගැටීමෙන් තරුණයෙකු සහ තරුණියක් මියගොස් තිබේ. 5 පාන් ගෙඩියක මිල රු. 10 කින් පහළට ග්‍රෑම් 450 පාන් ගෙඩියක මිල ඊයේ (17) මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 10 කින් අඩු කිරීමට තීරණය කළ බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි. විදෙස් පුවත් 1.ජෝර්දානයේ TikTok තහනම් කෙරේ ජෝර්දානයේ TikTok සමාජ ජාලා මාධ්‍ය යෙදවුම තාවකාලික තහනම් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 2.කොන්ගෝ රාජ්‍යට බලපෑ ගංවතුරින් දැඩි බලපෑම් කොන්ගෝ රාජ්‍යයේ ගංවතුර හේතුවෙන් මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 169 දක්වා ඉහළ ගොස් තිබේ. ගංවතුරින් වැඩිම බලපෑම් එල්ල වී ඇත්තේ එරට කින්ෂාසා අගනුවරටයි. ක්‍රීඩා පුවත් 1.ධනුෂ්ක ගුණතිලකට තනි කාමරයක් සහිත නිවසකට යන්න අවසර. කාන්තාවකට ලිංගික අතවර කිරීමේ චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක දැනට පදිංචි වී සිටින නිවසින් ඉවත්ව තනි කාමරයක් සහිත මහල් නිවසකට යාමට සිඩ්නි ඩව්නිං සෙන්ටර් ප්‍රාදේශීය උසාවිය අවසර ලබා දී තිබේ. 2.ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ තෙවැනි ස්ථානය ක්‍රොඒෂියාවට. 2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ තෙවැනි ස්ථානය දිනාගන්නට ක්‍රොඒෂියාව සමත් විය.ඒ මොරොක්කෝව පරාජය කරමිනි |
2022-12-17T17:08:41.000Z | ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ තෙවැනි ස්ථානය ක්‍රොඒෂියාවට.. | ක්‍රොඒෂියාව පාපන්දු කුසලානයේ තෙවැනි ස්ථානයට | COLOMBO ( News 1 st ) -2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ තෙවැනි ස්ථානය දිනාගන්නට ක්‍රොඒෂියාව සමත් විය. ඒ මොරොක්කෝව පරාජය කරමිනි. කටාර්හි කලීෆා ක්‍රීඩාංගණයේදී පැවැත්වුණු තරගය ආරම්භ වී මිනිත්තු 7ක් වන විට පළමු ගෝලය රැස් කරන්නට ක්‍රොඒෂියාව සමත් වූ අතර එම ගෝලයට හිමිකම් කීවේ යෝස්කෝ ග්වාර්දියෝල් විසිනි. ඉන් මිනිත්තු 2 කට පසු මොරොක්කෝව වෙනුවෙන් අශ්‍රෆ් ඩාරී පළමු ගෝලය රැස් කළේ ය. ක්‍රොඒෂියාව තවත් ගෝලයක් රැස් කරන්නේ පළමු අර්ධය අවසන් වීමට මිනිත්තු 3ක් තිබියදීයි. ඒ අනුව තරගයේ පළමු අර්ධය නිමාව දුටුවේ ගෝල 2 - 1ක් ලෙස ක්‍රොඒෂියාව පෙරමුණ ගනිමිනි. දෙවැනි අර්ධයේදී කණ්ඩායම් දෙකෙන්ම ගෝල වාර්තා නොවූ අතර ක්‍රොඒෂියාව ගෝල 2 - 1ක් ලෙස තරගය ජය ගත්තේය. තරගාවලියේ අවසන් මහා තරගය හෙට(18) රාත්‍රී 8.00 පැවැත්වීමට නියමිතය. එම තරගය ද TV1 නාලිකාව ඔස්සේ ඔබට සජීවීව නැරඹිය හැකියි. |
2022-12-17T16:36:34.000Z | බැඳුම්කර ගනුදෙනුවෙත් ප්‍රබල සාක්ෂිකරුවෙක් වූ දිනේෂ් ශාෆ්ටර් සිතා මතා ඝාතනය කළාද? බියගැන්වීමකට කළ උත්සාහයකදී මිය ගියාද? | දිනේෂ් ශාෆ්ටර් ඝාතකයින් කෝ..? | COLOMBO ( News 1 st ) -ප්‍රකට ව්‍යාපාරික දිනේෂ් ශාෆ්ටර් මහතා කෲර ලෙස ඝාතනය කර මේ වන විට පැය 48කට ආසන්න කාලයක් ගත වී තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන නොමැති අතර ඝාතනය සම්බන්ධයෙන් පොලීසිය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට පුද්ගලයින් 23 දෙනෙකුගෙන් පමණ ප්‍රකාශ සටහන් කර ගෙන තිබේ. ඝාතනය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, කොළඹ අපරාධ කොට්ඨාසය ඇතුළු කණ්ඩායම් හතරක් යොදා ගනිමින් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි. බොරැල්ල පොදු සුසාන භූමියේ දී සිය මෝටර් රථය තුළ ගෙල සිරකර බැද දමා සිටියදී පසුගිය 15 වැනිදා පස්වරුවේ ශාෆ්ටර් මහතා සොයා ගැනුණ අතර පසුව ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළ ඔහු අභාවප්‍රාප්ත වූයේ පෙරේදා රාත්‍රියේදීයි. මෙම ඝාතනයේ අරමුණ කුමක්ද? මෙය සිතා මතා කළ ඝාතනයක්ද? නැතිනම් බියගැන්වීමක් සිදුකිරීමට උත්සාහ කර එය දුරදිග යාමකින් මොහු මියගියාද? මෙම සැකය මතුවෙන්නේ දිනේෂ් ශාෆ්ටර් මහතා බොරැල්ල පොදු සුසාන භූමියේ දී හමුවන විට ඔහු මියගොස් නොතිබීම නිසායි. කෙසේ වෙතත් පොලීසිය පැතිකඩ කිහිපයක් ඔස්සේ පරීක්ෂණ සිදුකරන අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක,ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කළේ,මෙම ඝාතනය සම්බන්ධයෙන් පැතිකඩවල් කීපයක් ඔස්සේ විමර්ශන සිදුවෙමින් පවතින බවයි. වැඩි දුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ,අදාළ තොරතුරු රැස් කර ගැනීම සඳහා දුරකතන ඇමතුම් විශ්ලේෂණය, සී.සී.ටීවී. කැමරා දර්ශන නිරීක්ෂණය කරමින් කණ්ඩායම් කිහිපයක්ම ක්‍රියාත්මක වන බවත්, මෙම ව්‍යාපාරිකයා සම්බන්ධ තොරතුරු සහ ඔහුට එරෙහිව යම් යම් පොලිස් ස්ථානවල, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ යොමු වෙලා තිබෙන පැමිණිලි සහ වෙනත් ව්‍යාපාරික කටයුතු සහ සම්බන්ධතාවයන් ආදී සියලු කටයුතු කෙරෙහි අවධානය යොමුව ඇති බවයි. විශේෂයෙන්ම එම කාර් රථය මේවන විට පරීක්ෂාවට ලක් කර ඇති අතර මීට අදාළව පුද්ගලයන් 23 ගෙන් පමණ සාක්ෂි සටහන් කරගෙන තිබෙන බවයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ බොරැල්ල පොලිස් ස්ථානයේ අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් මෙන්ම ඇඟිලි සලකුණු නිලධාරින් විසින් වෙනත් විද්‍යාත්මක සාක්ෂි සොයා ගැනීමට ක්‍රියාකර තිබේ. බ්‍රයන් තොමස්ගේ සම්බන්ධය කුමක්ද? ශාෆ්ටර් ඝාතනය සම්බන්ධයෙන් හිටපු ක්‍රිකට් විස්තර විචාරකයෙකු වන බ්‍රයන් තෝමස් මහතාගෙන් ද ප්‍රකාශ සටහන් කරගෙන ඇතැයි පොලීසිය සඳහන් කළේය. එසේම බ්‍රයන් තෝමස් මහතාගේ ජංගම දුරකථනය ද මේ වන විට පොලීසිය භාරයට ගෙන තිබේ. බ්‍රයන් තෝමස් මහතා පවසා ඇත්තේ, තමන්ට දිනේෂ් ශාෆ්ටර් මහතාගේ දුරකථනයෙන් හමුවන ලෙසට එස්. එම්. එස්. පණිවුඩයක් ලැබුණ බවයි. නමුත් ඊට ප්‍රතිචාර දක්වමින් එසේ හමුවීමක් අවශ්‍ය නොවන බවට දැන්වූ බවද ඔහු පවසා තිබේ. කෙසේ වෙතත් බ්‍රයන් තෝමස් මහතාගේ විදෙස් ගමන් තහනම් කරමින් කරමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණාවල මහතා ඊයේ(16) නියෝගයක් ද නිකුත් කළේ ය. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කළේ, මෙම බ්‍රයන් තෝමස් නම් පුද්ගලයා, මෙම ව්‍යාපාරිකයා පවත්වාගෙන යන සමාගමකට සම්බන්ධව ඇතිවූ මුදල් ගනුදෙනුවක් පිළිබඳව පැමිණිල්ලක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සිදුකර තිබූ බවයි. අපරාධ පරික්ෂණය දෙපාර්තමේන්තුවට රුපියල් කෝටී 143 කට අධික මුදලක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් ද ඉදිරිපත් කර තිබු බවත් විමර්ශන නිලධාරීන්ගේ අවධානය ඒ සම්බන්ධයෙන් ද යොමුව ඇති බවත්,අපරාධකරුවන් නීතියේ රැහැනට කොටු කර ගැනීම උදෙසා කඩිනමින් විමර්ශන ක්‍රියාත්මක වන බවයි. කවුද මේ දිනේෂ් ශාෆ්ටර්?... දිනේෂ් ශාෆ්ටර් නීති උපාධිධාරියෙකි ,බ්‍රිතාන්‍යයේ වරලත් කලමනාකරණ ගනකාධිකාරී ආයතනයේ සාමාජිකයෙකි. ඔහු මෙරට මූල්‍ය වෙළඳපොළ තුළද කීර්තිමත් නාමයක් හිමි කරගෙන සිටි අයෙකි. මූල්‍ය වෙළඳපොළ තුළ විශ්වාසනීයත්වය තහවුරු කිරීම වෙනුවෙන් ඔහු දැඩිව පෙනී සිටියේ ය. ශාෆ්ටර් මහතා මෙහෙයවන මූල්‍ය සමාගම් කිහිපයක් මෙරට ප්‍රාථමික හා ද්වීතියීක වෙළඳපොළ තුළද ක්‍රියාත්මකයි. ඒ අතරින් ඔහු කළමනාකරණ අධ්‍යක්ෂ ධූරය දරන එක් සමාගමක් වන්නේ ෆස්ට් කැපිටල් ට්‍රෙෂරීස් පීඑල්සී සමාගමයි . මෙරට සිදූවූ මහබැංකු බැඳුම්කර වංචාව ඔබට මතකද?... ශාෆ්ටර් මහතා මේ වංචාව හෙළිදරව් කිරීමේ ප්‍රභල සාක්ෂිකරුවෙක්. 2015 පෙබරවාරී 01 සිට 2016 මාර්තු 31 දක්වා මෙරට සිදු වූ කුප්‍රකට භාණ්ඩාගාර බැඳුම්කර සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනයට පත් කෙරුණු ජනාධිපති කොමිෂන් සභාවට ඔහු ලබා දුන් සාක්ෂි තුළින් කරුණු රැසක් අනාවරණය විය. දිනේශ් ශාෆ්ටර් මහතා අදාළ ගනුදෙනුව සම්බන්ධයෙන් ලබා දුන් ප්‍රකාශය බැඳුම්කර ගනුදෙනුව ගැන විමර්ශනය කිරීමට පත් කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ 223 වැනි පිටුවේ සටහන් වේ. 2015 පෙබරවාරී 27 වැනි දින භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසියට පෙර රජයට අවශ්‍යව තිබූ කිසිදු මුදල් අවශ්‍යතාවක් හෝ මිල සංවේදී තොරතුරක් පිළිබඳව තමාට දැනුමක් නොතිබූ බව ශාෆ්ටර් මහතා කොමිසම හමුවේ ප්‍රකාශ කර තිබුණි. තමන් ඒ ගැන දැනුවත් වුණේ, රජයේ මුදල් අවශ්‍යතාවයක් පිළිබඳව කැඳවු විවෘත වෙන්දේසියෙන් පසුව බව ශාෆ්ටර් මහතා ප්‍රකාශ කර තිබුණි. ශාෆ්ටර් මහතාගේ සාක්ෂියට අනුව 2015 පෙබරවාරී 27 වන දින පැවති වෙන්දේසියේ දී ෆස්ට් කැපිටල් ට්‍රෙෂරීස් පීඑල්සී එහි ප්‍රධාන අලෙවි නියෝජිත සුහිණි හිමාලිකා ෆර්නැන්ඩෝ මහත්මිය හරහා ලංසු තබා තිබේ. මෙම බැඳුම්කර වෙන්දේසියේ දී සිදු වූ අසාමාන්‍ය සිදුවීම් දෙකක් පිළිබඳව තමන්ට හැඟි ගිය බව බවද ශාෆ්ටර් මහතා කොමිසම හමුවේ පෙන්වා දී තිබුණි. ඉන් එකක් නම් මෙම වෙන්දේසියේ වටිනාකමට වඩා 10 ගුණයකින් ලංසු කැඳවා තිබිමයි. එය පිළිගත් ලංසු ප්‍රමාණයත්, ඉදිරිපත් කළ මුදලත් අතර විශාල අගයකි. අනෙක් කරුණ වූයේ සඵල පොළී අනුපාතිකය එකල වෙළඳපොළේ පැවති පොලි අනුපාතයට වඩා ඉහළ අගයක පැවතීමයි. මෙම සිදුවීම් පෙර නොවූ විරූ ඒවා බවත්, ඒ නිසා තමන් කම්පනයට පත් වූ බවත්, තමන් එවකට නියෝජ්‍ය අමාත්‍යවරයෙකුව සිටි බව හර්ෂ ද සිල්වා මහතාගේ අවධානය යොමු කළ බවත්, ශාෆ්ටර් මහතා සාක්ෂි ලබා දෙමින් පෙන්වා දී තිබුණි. එම දැනුම් දීම ඊමේල් හරහා සිදු කළ බවත්, පළමු දැනුම්දීම 2015 මාර්තු 03 වැනි දීම, දෙවැනි ඊමේල් පණිවිඩය 2015 මාර්තු 06 වැනි දින සිදු කර ඇති බවත් බැඳුම්කර කොමිසමේ වාර්තාවේ දැක්වේ. කොමිසමට සාක්ෂී ලබා දෙමින් ශාෆ්ටර් මහතා වැඩි දුරටත් ප්‍රකාශ කර තිබුණේ, අදාළ වෙන්දේසියට ලංසු තැබීමට තම ආයතනයට කිසිදු අවශ්‍යතාවක් නොතිබූ බවත් ප්‍රාථමික ගැණුම්කරුවෙකු විසින් අනුවාර්යෙන්ම ලංසු තැබීමේ අවශ්‍යතාව මත පදනම්ව තම ලංසුව ප්‍රතික්ෂේප වන ආකාරයට ඉදිරිපත් කළ බවයි. අනපේක්ෂිත ලෙස අදාළ වෙන්දේසියේදී ඉතාමත්ම ඉහළ පොලී අනුපාත යටතේ තැබූ ලංසු ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පිළිගැනීම නිසා ප්‍රතිකෂේප වීමට නියමිතව තිබූ ලංසු ද අදාළ වෙන්දේසියේදී පිළිගත් බවයි. ඒ හරහා තම ආයතනයටත් පාඩුවක් සිදුවූ බව ඔහු කොමිසමට සාක්ෂි ලබා දෙමින් අවධාරණය කර තිබුණි. මෙම ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාවේ නිර්දේශ සඳහා ශාෆ්ටර් මහතාගේ මෙම සාක්ෂිය ද ප්‍රබල පිටුවහලක් වී තිබුණි. මේ ආකාරයෙන් බැලූ විට දිනේෂ් ශාෆ්ටර් මහතා මෙරට බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාවේ ප්‍රබල සාක්ෂිකරුවෙකි. |
2022-12-17T14:44:15.000Z | බෑග් චෙක් කරන නිලධාරීන්ට කියනවා, දරුවන්ගේ කෑම පෙට්ටියේ තියෙන, කෑම ගැනත් වාර්තා කරන්න කියලා - ජෝසෆ් ස්ටාලින් | දරුවන්ගේ කෑම පෙට්ටියේ කෑම ගැනත් වාර්තා කරන්න | COLOMBO ( News 1 st ) - මත්ද්‍රව්‍ය ජාවාරම සහ එය මර්දනය කිරීමට ගන්නා පියවර සම්බන්ධයෙන් ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා සඳහන් කළේ, රටේ දරුවන් බරපතල ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම බරපතල ගැටලුවක් බවයි. වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේ, දරුවන්ගේ බෑග් පරීක්ෂා කරන නිලධාරීන් දරුවන්ගේ කෑම පෙට්ටියත් පරීක්ෂා කර වාර්තා කරන්නේ නම්, අද වනවිට රට තුළ තිබෙන අර්බුදයේ යථාර්ථය අවබෝධ කරගත හැකි බවය. දරුවන්ගේ පාසල් උපකරණ, සපත්තු හා අභ්‍යාස පොත් මිලදී ගැනීමේ ගැටලු වැනි, කතා කළ යුතු ප්‍රශ්න සියල්ල යට ගසමින්, පාසල් අසල පොලීසිය යෙදවීම හා මත්ද්‍රව්‍ය ප්‍රශ්නය පිළිබඳව මහා කතිකාවක් නිර්මාණය වී තිබීමේ ඵලය කුමක්දැයි යන්න ඔහු ප්‍රශ්න කළේය. |
2022-12-17T14:32:30.000Z | ණය අර්බුදය ගැන සාකච්ඡාවට චීනය වට මේස සාකච්ඡාවකට එකඟ වෙයි | ණය අර්බුදය ගැන සාකච්ඡාවට චීනයේ සහය | COLOMBO ( News 1 st ) - ලොව විවිධ රටවල් මුහුණ දී ඇති ණය අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා වට මේස සාකච්ඡාවකට එක්වීමට චීනය එකඟ වූ බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානී, ක්‍රිස්ටලීනා ජෝර්ජීවා මහත්මිය සඳහන් කළාය. චීනය එකඟ වී ඇති මෙම වටමේස සාකච්ඡාව සඳහා පුද්ගලික අංශයේ ණය හිමියන් ද එක්වීමට නියමිතව තිබෙන අතර එහිදී ශ්‍රී ලංකාව ඇතුළු රටවල් මුහුණ දී ඇති ණය අර්බුදය ගැන අදහස් හුවමාරු කර ගැනීමට යෝජිතයි. මේ අතර විනිමය අනුපාත නිසි පරිදි ගැලපීම සහ ඉන්ධන සහනාධාර ක්‍රමවේදය ඉවත් නොකළහොත් නයිජිරියාවද ශ්‍රී ලංකාව මෙන් දැඩි ආර්ථික අර්බුදයකට පත්වනු ඇති බව නයිජිරියාවේ කඩුනා ප්‍රාන්තයේ, ආණ්ඩුකාර නසීරු එල් රුෆායි මහතා පෙන්වා දී තිබේ. ඔහු මේ බව ප්‍රකාශ කළේ, ලෝක බැංකුව විසින් නයිජිරියා සංවර්ධන යාවත්කාලීන වැඩසටහනකට එක්වෙමිනි. |
2022-12-17T14:25:50.000Z | ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය සමග කටයුතු කිරීමේ දී මිත්‍රශීලි පිළිවෙතක් අනුගමනය කළ යුතුයි - ජනපති | කැඩෙට් නිලධාරීන්ගේ 97 වන විසිරයාමේ පෙළපාලිය | COLOMBO ( News 1 st ) - දූපත් රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය සමග කටයුතු කිරීමේ දී සියලු රටවල් සමග මිත්‍රශීලි පිළිවෙතක් අනුගමනය කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ, දියතලාව යුද හමුදා විද්‍යාපීඨයේ කැඩෙට් නිලධාරීන්ගේ 97 වන විසිරයාමේ පෙළපාලියට අද(17) පෙරවරුවේ එක්වෙමිනි. දියතලාව යුද හමුදා විද්‍යාපීඨයේ පුහුණුව නිමකළ කැඩෙට් නිලධාරීන් 351 දෙනෙකු අධිකාරියට පත් කිරීම අද(17) දින සිදු කෙරුණ අතර විදේශ රටවල් 4 ක කැඩෙට් නිලධාරීන් ද පුහුණුව ලබා අධිකාරියට පත්වීම විශේෂත්වයකි. කැඩෙට් නිලධාරීන්ගේ පෙළපාලිය පරීක්ෂා කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දක්ෂතම කැඩෙට් කණ්ඩායම වෙත ශූරතා ධජය පිළිගැන්වීම හා කැඩෙට් නිලධාරීන් වෙත අසිපත පිළිගැන්වීම ද සිදුකළේ ය. |
2022-12-17T13:57:02.000Z | ධනුෂ්ක ගුණතිලකට තනි කාමරයක් සහිත නිවසකට යන්න අවසර | ධනුෂ්කට තනි කාමරයක් සහිත නිවසකට යන්න අවසර | COLOMBO (News 1st) - කාන්තාවකට ලිංගික අතවර කිරීමේ චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක දැනට පදිංචි වී සිටින නිවසින් ඉවත්ව තනි කාමරයක් සහිත මහල් නිවසකට යාමට සිඩ්නි ඩව්නිං සෙන්ටර් ප්‍රාදේශීය උසාවිය අවසර ලබා දී තිබේ. ඒ, ඊයේ (16) ධනුෂ්ක ගුණතිලක අධිකරණය හමුවේ පෙනී සිටි අවස්ථාවේදීය. ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කළ ඉල්ලීමක් මත මෙම නියෝගය නිකුත් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ධනුෂ්ක ගුණතිලක වෙනුවෙන් උදව් කිරීමට ඉදිරිපත් වූ පුද්ගලයෙකුගේ නිවසේ ඔහු දැනට ජීවත් වන අතර, ඔහුගේ නඩුවේ නීතිමය ක්‍රියාවලිය ඉතා දීර්ඝ එකක් වීම නිසා නව නිවසකට යාමට ඉඩ ලබා දෙන ලෙස ඔහුගේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා ඇත. එම ඉල්ලීම සලකා බැලු අධිකරණය ධනුෂ්කට නව නිවසකට යාමට අවසර ලබාදී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. ධනුෂ්ක ගුණතිලකගේ නඩුව ලබන ජනවාරි 12 වැනිදා යළි කැඳවීමට නියමිතයි. |
2022-12-17T11:42:42.000Z | හෙට ශිෂ්‍යත්වය නිසා අද විදුලි කප්පාදුවක් නැහැ - ලංවිම | හෙට ශිෂ්‍යත්වය නිසා අද විදුලි කප්පාදුවක් නැහැ | COLOMBO ( News 1 st ) - අද(17) විදුලි කප්පාදුවක් සිදු නොකරන බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි. එහි මාධ්‍ය ප්‍රකාශක, ඇන්ඩෲ නවමුණි මහතා ප්‍රකාශ කළේ, හෙට(18) ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන බැවින් අද(17) දිනයේ දී විදුලි කප්පාදුවක් සිදු නොකරන බවයි. විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ, හෙට(18) පැවැත්වෙන 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට මේ වන විට සියලු කටයුතු සූදානම් බවයි. මෙවර විභාගය සඳහා පෙනී සිටින සිසුන් සංඛ්‍යාව 3,34 698 ක් වන අතර මධ්‍යස්ථාන 2,894 විභාගය පැවැත්වීමට නියමිතය. හෙට(18) පැවැත්වෙන විභාගය වෙනුවෙන් විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන මහතා පණිවුඩයක් නිකත් කරමින් කියා සිටියේ, පීඩනයකින් තොරව දරුවන්ට මෙම විභාගයට මුහුණ දීමට අවැසි ඉඩ සලසා දෙන මෙන් තමන් දෙමාපියන්ගෙන් ඉල්ලා සිටින බවයි. එසේම, පෙර පැවැති ප්‍රශ්න පත්‍ර ක්‍රමවේදයෙන් බැහැරව හෙට දිනයේ දී දෙවන ප්‍රශ්න පත්‍රය පළමුවෙන් ම සිසුන් වෙත ලබා දීමට නියමිතය. විභාග මධ්‍යස්ථානවල පවතින ආරක්ෂක වැඩපිළිවෙළ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, නීතිඥ නිහාල් තල්දූව මහතා කරුණු පැහැදිලි කළේ ය. විභාග මධ්‍යස්ථාන, සම්බන්ධීකරණ මධ්‍යස්ථාන, එකතු කිරීමේ මධ්‍යස්ථාන හා ඇගයීම් මධ්‍යස්ථාන සඳහා අවි සහිත නිලධාරීන් අනියුක්ත කර ඇති අතර ජංගම මුර සංචාර, පාමුර සංචාර යෙදවීමට කටයුතු කර ඇති බව ඔහු ප්‍රකාශ කළේ ය. මේ අතර හෙට(18) දිනයේ දී ශබ්ද විකාශන යන්ත්‍ර බලපත්‍ර ලබා නොදීමට කටයුතු කෙරෙනු ඇති අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, නීතිඥ නිහාල් තල්දූව මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියේ මෙම විභාගය බාධාවකින් තොරව පැවැත් වීමට අවශ්‍ය සහය ලබාදෙන ලෙසය. |
2022-12-17T11:37:48.000Z | මහ වැසි ගැන අනාවැකියක්.. | මහ වැසි ගැන අනාවැකියක්.. | COLOMBO ( News 1 st ) - දිවයිනේ ප්‍රදේශ රැසකට ඉතා තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ,නැගෙනහිර පළාතේ ඇතැම් ස්ථානවලට මේ හේතුවෙන් මිලිමීටර් 150ට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැකි බවයි. එසේම ඌව, මධ්‍යම පළාත්වලත්, පොළොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලටත් මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ. |
2022-12-17T11:33:27.000Z | හෙද නිලධාරීන්ට ස්ථාන මාරු කඩිනමින් දෙන්න මුදල් ගත් අයෙකු ගැන අනාවරණයක් | හෙද නි.ස්ථාන මාරුවලට මුදල් ගත් අයෙකු ගැන අනාවරණයක් | COLOMBO ( News 1 st ) - හෙද නිලධාරීන්ට ස්ථාන මාරු ලබාදීම කඩිනමින් සිදුකළ හැකි බව පවසමින් , මුදල් වංචා කළ පුද්ගලයෙකු පිළිබඳව තොරතුරු අනාවරණය වී ඇතැයි , සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. අමාත්‍යාංශයේ ලේකම්, ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා ප්‍රකාශ කළේ , මේ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දුන් බවයි. සැකකරු , සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙකු ලෙස පෙනී සිටිමින් ස්ථාන මාරු අයැදුම් කළ හෙද නිලධාරීන් අමතා එම ස්ථාන මාරුව කඩිනමින් ලබාදීමට මුදල් ඉල්ලා ඇති බව අමාත්‍යාංශ ලේකම්වරයා පෙන්වා දී තිබේ. ඔහු ප්‍රකාශ කළේ , ඇතැම් හෙද නිලධාරීන් ජංගම දුරකතන යෙදවුමක් හරහා ඔහුට මුදල් ලබා දී ඇති බවයි. මෙම පුද්ගලයා රුපියල් 10,000 සිට 50,000 දක්වා මුදල් ඉල්ලමින් සිදුකළ ප්‍රකාශවල හඬපට සහ සාක්ෂි ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කර තිබේ. සෞඛ්‍ය අමාත්‍යාංශය හෙද නිලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ මෙවැනි කූට උපක්‍රමවලට හසු නොවී වාර්ෂික ස්ථාන මාරු ලබාදීමේ විධිමත් ක්‍රියාවලියට අනුගත වී සේවය කරන ලෙසයි. |
2022-12-17T11:27:50.000Z | කොන්ගෝ රාජ්‍යට බලපෑ ගංවතුරින් දැඩි බලපෑම්.. | කොන්ගෝ රාජ්‍යට බලපෑ ගංවතුරින් දැඩි බලපෑම්.. | COLOMBO ( News 1 st ) - කොන්ගෝ රාජ්‍යයේ ගංවතුර හේතුවෙන් මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 169 දක්වා ඉහළ ගොස් තිබේ. ගංවතුරින් වැඩිම බලපෑම් එල්ල වී ඇත්තේ එරට කින්ෂාසා අගනුවරටයි මේ හේතුවෙන් මේ වනවිට පුද්ගලයින් 30 දෙනෙකු තුවාල ලබා ඇති බවද විදෙස් මාධ්‍ය සඳහන් කර ඇති අතර එක්සත් ජාතීන්ගේ මානුෂීය කටයුතු සම්බන්ධීකරණ කාර්යාලය ප්‍රකාශ කරන්නේ, කින්ෂාසා අගනුවර පදිංචිකරුවන් 38,000 කට අධික පිරිසක් ගං වතුරෙන් අවතැන් වී ඇති බවයි. |
2022-12-17T10:02:37.000Z | දෙහිවලදී දුම්රියේ ගැටී තරුණයෙක් සහ තරුණියක් මරුට | දෙහිවලදී දුම්රියේ ගැටී තරුණයෙක් සහ තරුණියක් මරුට | COLOMBO (News 1st) - දෙහිවල දුම්රිය ස්ථානය අසළදී දුම්රියක ගැටීමෙන් තරුණයෙකු සහ තරුණියක් මියගොස් තිබේ. පොලීසිය පැවසුවේ, අද (17) පෙරවරුවේ මරදානේ සිට කළුතර බලා ධාවනය වූ දුම්රියේ ගැටී ඔවුන් මිය ගොස් ඇති බවයි. අනතුරින් තවත් තරුණයෙකු තුවාල ලබා ඇත. මිය ගිය තරුණයා සහ තරුණිය 22 හැවිදිරි වියේ පසුවන කරන්දෙණිය හා අම්බලන්ගොඩ පදිංචිකරුවන්ය. |
2022-12-17T09:49:03.000Z | පාන් ගෙඩියක මිල රු. 10 කින් පහළට | පාන් ගෙඩියක මිල රු. 10 කින් පහළට | COLOMBO (News 1st) - ග්‍රෑම් 450 පාන් ගෙඩියක මිල අද (17) මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 10 කින් අඩු කිරීමට තීරණය කළ බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි. එම සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා සඳහන් කළේ, පාන් පිටි මිල පහළ යාම හමුවේ මෙම තීරණය ගත් බවයි. |
2022-12-17T09:26:43.000Z | දුම්රියේ හොරෙන් යන පිරිස සීඝ්‍රයෙන් ඉහළට.. | දුම්රියේ හොරෙන් යන පිරිස සීඝ්‍රයෙන් ඉහළට.. | COLOMBO ( News 1 st ) - ප්‍රවේශපත්‍ර නොමැතිව දුම්රියේ ගමන් ගන්නා මගීන් සංඛ්‍යාව සීඝ්‍රයෙන් වැඩිවී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ, දෛනිකව ගමන් ගන්නා මගීන් සංඛ්‍යාවෙන් 20% ක් පමණ ප්‍රවේශ පත්‍ර නොමැතිව ගමන් ගන්නා බව අනාවරණය වී ඇති බවයි. මෙය දුම්රියේ ආදායම ඉහළ නංවා ගැනීමට ප්‍රබල ලෙස බලපා තිබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව ප්‍රවේශ පත්‍ර නොමැතිව ගමන් ගන්නා මගීන් අත්අඩංගුවට ගැනීමට වැටලීම් පුළුල් කර ඇති බව දුම්රිය ආරක්ෂක අංශ සඳහන් කළේය. සැප්තැම්බර් සිට මේ දක්වා කළ වැටලීම්වලින් ප්‍රවේශ පත්‍ර නොමැතිව දුම්රියේ ගමන්ගත් මගීන් 301 ක් අත්අඩංගුවට ගෙන තිබෙන අතර ඔවුන්ගෙන් අයකර ගෙන ඇති දඩ මුදල රුපියල් 931,000 කට අධිකය. දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ, ප්‍රධාන දුම්රිය ස්ථාන ආශ්‍රිතව මෙම වැටලීම් අඛණ්ඩව ක්‍රියාත්මක බවයි. |
2022-12-17T06:03:27.000Z | නාවික හමුදාපති නිශාන්ත උළුගේතැන්න අද්මිරාල් නිලයට උසස් කෙරේ.. | නාවික හමුදාපතිට උසස් වීමක්.. | COLOMBO (News 1st) – නාවික හමුදාපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා අද (17) සිට ක්‍රියාත්මක වන පරිදි අද්මිරාල් නිලයට උසස් කර තිබේ. ඒ, ජනාධිපති හා ත්‍රිවිධ හමුදා සේනාධිනායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් ය. නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා අද්මිරාල් නිලයට උසස් කිරීමෙන් පසු ඔහුට සම්මාන ආචාර මුරයක් ද පිරිනමා තිබේ. 1985 වර්ෂයේ 13 වන ශිෂ්‍යභට නිලධාරී බඳවා ගැනීමට අයත් ශිෂ්‍යභට නිලධාරියෙකු වශයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවට එක්ව නාවික හමුදාව සහ මව්බිම වෙනුවෙන් අනගිභවනීය සේවයක් ඉටු කළ නාවික හමුදාධිපති අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න වසර 37කට අධික නාවික හමුදා සේවයෙන් හෙට(18) විශ්‍රාම යාමට නියමිත ය. |
2022-12-17T05:51:44.000Z | පොලිස් වෙසින් රු.150,000ක් මංකොල්ලකෑ දෙදෙනෙකු සොයා විමර්ශන | පොලිස් වෙසින් මංකොල්ලකෑ දෙදෙනෙකු සොයා විමර්ශන | COLOMBO (News 1st) - කළුතර, කටුකුරුන්ද මංසන්ධියේ පිහිටි මතුගම දෙසට වන බස් නැවතුම්පොළ අසලදී පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිට රුපියල් 150,000ක මුදලක් මංකොල්ලකා පලා ගිය සැකකරුවන් දෙදෙනෙකු සොයා පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ. ඔවුන් මෙම මුදල මංකොල්ලකා ඇත්තේ කුරුඳු හා ගම්මිරිස් පාගමනින් ගොස් අලෙවි කරන පුද්ගලයෙකුගෙනි. බස් රථයක් අපේක්ෂාවෙන්, බස් නැවතුම්පොළ රැඳී සිටි අදාල පුද්ගලයා පරික්ෂා කරන මුවාවෙන් මෙම මංකොල්ලය සිදු කර ඇති බව පොලිසිය සඳහන් කළේ ය. |
2022-12-17T05:41:16.000Z | බම්බලපිටියේ කෝටිපති ව්‍යාපාරිකයෙකුගේ නිවසක් කොල්ලකයි.. | බම්බලපිටියේ කෝටිපති ව්‍යාපාරිකයෙකුගේ නිවසක් කොල්ල | COLOMBO (News 1st) - බම්බලපිටිය, ස්කෙල්ටන් පාරේ ව්‍යාපාරිකයෙකුගේ නිවසකින් බලපත්‍ර සහිත පිස්තෝලයක්, පතොරොම් 12ක් සහ මැගසිනයක් සොරකම් කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලීසිය පරික්ෂණ ආරම්භ කර තිබේ. පොලීසිය පැවසුවේ නිවසේ තිබූ රුපියල් එක්කෝටි එක් ලක්ෂයක මුදල්, අමෙරිකානු ඩොලර් 6000ක් හා රුපියල් මිලියන 10කට අධික වටිනාකමින් යුත් ස්වර්ණාභරණ ද සොරකම් කර ඇති බවයි. නිවසේ තුන්වන මහළට ඇතුළුවී මෙම සොරකම සිදුකර ඇති අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන ක්‍රියාත්මකයි. |
2022-12-17T04:58:21.000Z | දිනේෂ් ශාෆ්ටර් ඝාතනය සම්බන්ධයෙන් 20 දෙනෙකුගෙන් CIDය ප්‍රකාශ සටහන් කර ගනී.. | ශාෆ්ටර්ගේ ඝාතනය ගැන 20 දෙනෙකුගෙන් ප්‍රකාශ ලබා ගනී. | COLOMBO (News 1st) – ප්‍රකට ව්‍යාපාරිකයෙකු වන දිනේෂ් ශාෆ්ටර් මහතා ඝාතනය සම්බන්ධයෙන් පුද්ගලයින් 20 දෙනෙකුගෙන් පමණ ප්‍රකාශ සටහන් කරගෙන ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව(CID) පවසයි. පොලිසිය සඳහන් කළේ, මේ සම්බන්ධයෙන් හිටපු ක්‍රිකට් විස්තර විචාරකයෙකු වන බ්‍රයන් තෝමස් මහතාගෙන් ද ප්‍රකාශ සටහන් කර ගත් බවයි. බ්‍රයන් තෝමස් මහතාගේ ජංගම දුරකතනය ද මේ වනවිට පොලිසිය භාරයට ගෙන තිබේ. ඔහුගේ විදෙස් ගමන් තහනම් කරමින් කරමින් කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණාවල මහතා ඊයේ(16) නියෝගයක් ද නිකුත් කළේ ය. දිනේෂ් ශාෆ්ටර් මහතා , මෙරට ප්‍රමුඛ පෙලේ මූල්‍ය සමාගමක කළමනාකරණ අධ්‍යක්ෂවරයෙකු සහ ප්‍රමුඛ රක්ෂණ සමාගමක සමුහ අධ්‍යක්ෂකවරයෙකි. බොරැල්ල පොදු සුසාන භූමියේ සිය මෝටර් රථය තුළ ගෙල සිරකර බැද දමා සිටියදී පසුගියදා ශාෆ්ටර් මහතා සොයා ගැනිණි. අසාද්‍ය තත්ත්වයේ සිටි ශාෆ්ටර් මහතා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්වුණේ , පසුගිය 15 වැනිදා රාත්‍රියේදී ය. මේ පිළිබදව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, කොළඹ අපරාධ කොට්ඨාසය ඇතුළු කණ්ඩායම් 4ක් යොදා ගනිමින් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක වෙයි. |
2022-12-17T04:10:30.000Z | ජෝර්දානයේ TikTok තහනම් කෙරේ.. | ජෝර්දානයේ TikTok තහනම් කෙරේ.. | COLOMBO (News 1st) – ජෝර්දානයේ TikTok සමාජ ජාලා මාධ්‍ය යෙදවුම තාවකාලික තහනම් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඉන්ධන මිල ඉහළ යාම සම්බන්ධව ඇති වූ විරෝධතාවලදී පොලිස් නිලධාරියෙකු මිය යාමත් සමග මෙම තීරණයට එළැඹ තිබේ. මේ නිසා එරට බලධාරීන් පෙන්වා දී ඇත්තේ, විරෝධතාකරුවන් මෙම TikTok යෙදවුම ප්‍රචණ්ඩත්වය පැතිරවීම සඳහා අවභාවිත කරන බවයි. ඉන්ධන මිල ඉහළ යාමට එරෙහිව විරෝධය පළ කරමින් ට්‍රක් රථ රියැදුරන් විරෝධතා පැවැත් වූ අතර,ඔවුන් විසුරුවා හැරීමට පොලිසිය කඳුළු ගෑස් ද භාවිතා කළේ ය. පොලිස් නිලධාරියා මරා දැමූ Maan, සහ Karak යන නගරවල අන්තර්ජාල සේවා ද අඩපණ කර තිබේ. මේ අතර, ජෝර්දානයේ රජු මියගිය පොලිස් නිලධාරියාගේ පවුලේ අයට ශෝකය පල කර තිබේ. |
2022-12-17T04:00:42.000Z | ක්‍රොඒෂියාව සහ මොරොක්කෝව පාපන්දු ලෝක කුසලානයේ තුන්වන ස්ථානය වෙනුවෙන් අද තරග බිමට.. | පාපන්දු ලෝක කුසලානයේ තුන්වන ස්ථානය සඳහා වන තරගය අද | COLOMBO (News 1st) - 2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ තුන්වන ස්ථානය සඳහා වන තරගය ක්‍රොඒෂියාව සහ මොරොක්කෝව අතර අද(17) පැවැත්වේ. ඒ කටාර්හී කලීෆා අන්තර් ජාතික ක්‍රීඩාංගණයේදීයි. තරගය මෙරට වෙලාවෙන් අද(17) රාත්‍රී 8.30ට ආරම්භ වේ. තරගාවලියේ නිල දේශීය විකාශන අයිතිය හිමි TV1 නාලිකාව ඔස්සේ ඔබට මෙම තරගය සජීව ලෙස නැරඹිය හැකියි. |
2022-12-17T03:48:54.000Z | බස්නාහිර පාසල් 122ක විශේෂ මත්ද්‍රව්‍ය මෙහෙයුමකින් 75 දෙනෙකු අත්අඩංගුවට.. | පාසල් 122ක මත්ද්‍රව්‍ය මෙහෙයුමකින් 75ක් අත්අඩංගුවට | COLOMBO (News 1st) – පාසල් ළමුන් ඉලක්ක කර මත්ද්‍රව්‍ය හා මත්පෙති අලෙවිය සම්බන්ධයෙන් බස්නාහිර පළාතේ පාසල් ආශ්‍රිතව සිදු කළ විශේෂ මෙහෙයුමකදී සැකකරුවන් 75 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඒ , බස්නාහිර පළාතේ පාසල් 122 ක් ඉලක්ක කරගනිමින් ඊයේ(17) දහවල් 12.00 සිට සවස 3.00 දක්වා කාලය තුළ කළ මෙහෙයුම් වලදී ය. එහිදී මාවා කිලෝග්‍රෑම් 2 යි ග්‍රැම් 148 ක් , හෙරොයින් ග්‍රෑම් 9 යි මිලි ග්‍රෑම් 375 ක් , අයිස් ග්‍රැම් 01 යි මිලිග්‍රෑම් 522 ක් සහ මත්පෙති 10ක් පොලිසිය භාරයට ගෙන තිබේ. බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත මෙම මෙහෙයුම ඉදිරියටත් ක්‍රියාත්මකයි. |
2022-12-16T20:41:46.000Z | ශිෂ්‍යත්ව විභාගයට සියල්ල සූදානම්, පීඩනයකින් තොරව දරුවන් විභාගයට යොමුකරන්න - විභාග කොමසාරිස් ජනරාල් ඉල්ලයි. | ශිෂ්‍යත්ව විභාගයට සියල්ල සූදානම්.. | COLOMBO (News 1st) – හෙට(18) පැවැත්වෙන 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා සියලු කටයුතු සූදානම් කර ඇතැයි විභාග දෙපාර්තමේන්තුව පවසයි. මෙවර විභාගය සඳහා පෙනී සිටින සිසුන් සංඛ්‍යාව තුන් ලක්ෂ 34 දහස් 698කි. විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන මහතා සඳහන් කළේ, පීඩනයකින් තොරව දරුවන් විභාගයට යොමු කරන ලෙසයි. මේ අතර, හෙට(17) පැවැත්වෙන විභාගයේ ප්‍රධාන වෙනස්කමක් සිදු වන බවත්, ඒ අනුව පළමුවෙන්ම දෙවනි ප්‍රශ්න පත්‍රය මුලින් ලබා දෙන බවත් විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ ය. |
2022-12-17T01:45:52.000Z | උතුරු පළාත හැර සෙසු පළාත් අතර ගවමස් ප්‍රවාහනයට අවසර.. | උතුර හැර සෙසු පළාත් අතර ගවමස් ප්‍රවාහනයට අවසර.. | COLOMBO (News 1st) – උතුරු පළාත හැර සෙසු පළාත් අතර ගවමස් ප්‍රවාහනයට යළි අවසර ලබාදී ඇතැයි සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි. එහි අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමාලි කොතලාවල මහත්මිය පැවසුවේ, තවදුරටත් උතුරු පළාතේ ගවයින් සහ එළුවන් මිය යාම් සිද්ධි වාර්තා වන බවයි. පසුගිය දිනවල පැවැති ශීත කාලගුණය හේතුවෙන් උතුරු හා නැගෙනහිර පළාත්වල ගවයන් සහ එළුවන් 1800කට ආසන්න පිරිසක් මියගොස් ඇතැයි ද ඇය සඳහන් කළා ය. මේ වනවිට නැගෙනහිර පළාතේ එම තත්ත්වය පහව යමින් පවතී. |
2022-12-17T01:37:12.000Z | පළාත් කිහිපයක වැසි තත්ත්වයේ වැඩිවීමක්.. | පළාත් කිහිපයක වැසි තත්ත්වයේ වැඩිවීමක්.. | COLOMBO (News 1st) – උතුරු , උතුරුමැද සහ නැගෙනහිර පළාත්වලට වැසි තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර සහ සබරගමුව පළාත්වලට මෙන්ම නුවර , නුවරඑළිය , ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට සවස් කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. මේ අතර , ගිනිකොණ දිග හා නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ධීවර හා නාවික කටයුතුවල යෙදීමේදී විමසිලිමත් වන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. ඒ, එම මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපයේ බලපෑමෙන් සුළගේ වේගය ඉහළ ගොස් ඇති බැවින් ය. අදාල මුහුදු ප්‍රදේශවල සුළං වේගය පැයට කිලෝ මීටර් 50 ත් 60 ත් අතර වේගයක් දක්වා ඉහළ යනු ඇති බව කාලගුණ අනාවැකියේ සඳහන් ය. |
2022-12-17T01:23:24.000Z | හීටරයක් පුපුරා යාමෙන් හටගත් ගින්නකින් මාස 3ක බිළිඳියක් පිළිස්සී මරුට.. | හීටරයක් පිපිරී හටගත් ගින්නකින් බිළිඳියක් මරුට.. | COLOMBO (News 1st) – අංගොඩ, අඹතලේ ප්‍රදේශයේ නිවසක හටගත් ගින්නකින් මාස 3ක් වයසැති බිළිඳියක් පිළිස්සී මිය ගොස් තිබේ. පොලිසිය සඳහන් කළේ, බිළිඳිය සිටි කාමරයේ ජලය උණු කිරීම සඳහා භාවිත කළ හීටරයක් පුපුරා යාමෙන් ගින්න හටගෙන ඇති බවයි. අදාල නිවසේ විදුලි බිල නොගෙවීම හේතුවෙන් විදුලිය විසන්ධි කර ඇති අතර යාබද නිවසකින් අනාරක්ෂිත ලෙස තාවකාලිකව විදුලිය ලබා ගෙන තිබේ. බිළිඳියගේ මව හීටරය විසන්ධි කිරීමකින් තොරව නිවසින් බැහැරව සිටියදී එය පුපුරා ගොස් ගින්න හටගෙන ඇති අතර, බිළිඳිය සිටි ඇඳේ මෙට්ටයට ගින්න ව්‍යාප්ත වීමෙන් ඇය පිලිස්සී මියගොස් ඇති බව පොලිසිය ප්‍රකාශ කළේ ය. |
2022-12-17T01:18:57.000Z | පාසල් සිසුන් මත් උවදුරෙන් බේරා ගන්න ගුරුවරුන්ට විශේෂ පුහුණුවක්.. | සිසුන් මත් උවදුරෙන් බේරා ගන්න විශේෂ පුහුණුවක්.. | COLOMBO (News 1st) – පාසල් ළමුන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් මුදවා ගැනීම සඳහා ගුරුවරුන් පුහුණු කිරීම ආරම්භ කර ඇතැයි ජාතික අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය පවසයි. එහි සභාපති ශාක්‍ය නානායක්කාර මහතා පැවසුවේ, පළමු අදියරේදී කොළඹ දිස්ත්‍රික්කයේ ගුරුවරුන් 200 ක් පුහුණු කෙරෙන බවයි. මේ අතර, පාසල් සිසුන් මත්ද්‍රව්‍ය ජාවාරම සඳහා යොදා ගැනීම වැළැක්වීමට විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කරන බව ජාතික ළමාරක්ෂක අධිකාරිය ප්‍රකාශ කළේ ය. එහි සභාපති උදය කුමාර මහතා පැවසුවේ, අධ්‍යාපන අමාත්‍යාංශය, පොලිසිය ඇතුළු අංශ සමග සාකච්ඡා කර එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවයි. මේ අතර , පාසැල් තුළට මත්ද්‍රව්‍ය රැගෙන ඒම වැළැක්වීම සඳහා සිසුන්ගේ බෑග් අහඹු ලෙස පරීක්ෂා කිරීමේ වැඩපිළිවෙළක් ද මේ වන විට ක්‍රියාත්මකයි. අධ්‍යපානය අමාත්‍යාංශය පොලිසිය සමග එක්ව එය සිදු කරයි. |
2022-12-17T01:08:18.000Z | ගෙවුණු දිනය උණුසුම් කළ පුවත් | ගෙවුණු දිනය උණුසුම් කළ පුවත් | දේශීය පුවත් 1.අර්ජුන් මහේන්ද්‍රන් හා අර්ජුන් ඇලෝසියස් ඇතුළු 9 දෙනාට එරෙහි නඩුවේ පූර්ව නඩු විභාගය මාර්තු 21 වෙනි දා – හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්, පර්පෙචුවල් ට්‍රේෂරීස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝසියස් ඇතුළු විත්තිකරුවන් 9 දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුවේ පූර්ව නඩු විභාගය සඳහා ලබන වසරේ මාර්තු 21 වෙනි දා කැඳවීමට පළමු ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය අද (16) නියෝග කර තිබේ. 2.ජනවාරි 2 වැනි දා සිට පාසල් දරුවන් මතින් මුදා ගැනීමට රටපුරා වැඩසටහනක් – අධ්‍යාපන ඇමති – පොලීසිය සහය ඇතිව පාසල් දරුවන් සහ ඔවුන්ගේ බෑග් අහඹු ලෙස පරීක්ෂා කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය මේ වනවිට පියවර ගෙන තිබේ. 3.දිනේෂ් ශාෆ්ටර් ඝාතනය තවමත් අබිරහසක්... අපරාධයේ සුලමුල සොයා විමර්ශන.. – මෙරට ප්‍රමුඛපෙළේ මූල්‍ය සමාගමක කළමනාකරණ අධ්‍යක්ෂවරයෙකු සහ ප්‍රමුඛ රක්ෂණ සමාගමක අධ්‍යක්ෂවරයෙකු මෙන්ම කීර්තිමත් ව්‍යාපාරිකයෙකු වන දිනේෂ් ශාෆ්ටර් මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් හතරක් මේ වනවිට පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ. 4.එස්.එම්. මරික්කාර් සමගි ජන බලවේගයේ නියෝජ්‍ය ජාතික සංවිධායක ධුරයට – සමගි ජන බලවේගයේ මාධ්‍ය ප්‍රකාශක කොළඹ දිස්‍තික්‍ර් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා නියෝජ්‍ය ජාතික සංවිධායක ධුරයට පත්කර තිබේ. 5. ජාතික ප්‍රතිපත්ති සැළසුම් කිරීමේ ස්වාධීන ආයතනයක් පිහිටුවීම සඳහා වූ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ කමිටුව රැස්වෙයි – ජාතික ප්‍රතිපත්ති සැළසුම් කිරීම හා අධීක්ෂණය වෙනුවෙන් ස්වාධීන ආයතනයක් පිහිටුවීම සඳහා වූ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ කමිටුව ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වී තිබේ. 6.රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තට රට යන්න අවසර නැහැ...– රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තට විදේශගතවීමට අවසර ලබාදෙන ලෙසට ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් කළ ඉල්ලීමක් කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා ඊයේ (16) ප්‍රතික්ෂේප කළේ ය. විදෙස් පුවත් 1.ඉස්තාන්බුල් නගරාධිපති සිරගත කිරීමට එරෙහිව ජනතාව විරෝධතාවේ – තුර්කියේ ඉස්තාන්බුල් අගනුවදී එරට වැසියෝ දහස් ගණනක් විරෝධතාවල නිරතව සිටිති. |
2022-12-16T16:29:16.000Z | අර්ජුන් මහේන්ද්‍රන් හා අර්ජුන් ඇලෝසියස් ඇතුළු 9 දෙනාට එරෙහි නඩුවේ පූර්ව නඩු විභාගය මාර්තු 21 වෙනි දා | මහේන්ද්‍රන්,ඇලෝසියස්ට එරෙහි නඩුවේ පූර්ව නඩු විභාගය | COLOMBO (News 1st) - හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්, පර්පෙචුවල් ට්‍රේෂරීස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝසියස් ඇතුළු විත්තිකරුවන් 9 දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුවේ පූර්ව නඩු විභාගය සඳහා ලබන වසරේ මාර්තු 21 වෙනි දා කැඳවීමට පළමු ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය අද (16) නියෝග කර තිබේ. නීතිපතිවරයා විසින් නඩුව පවරා ඇත්තේ, 2015 පෙබරවාරි 27 වැනි දා පැවති මහා බැංකු බැඳුම්කර වෙන්දේසියකදී රජයට රුපියල් මිලියන 688 ක අලාභයක් සිදු කිරීම ඇතුළු අධිචෝදනා යටතේයි. නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් ප්‍රියන්ත නාවාන මහතා කළ කරුණු දැක්වීම සලකා බැලූ විනිසුරු මඩුල්ල පූර්ව නඩු විභාගය සම්බන්ධයෙන් අවසන් වරට පැමිණිල්ලට දින ලබාදීම සිදු කළේ ය |
2022-12-16T14:57:09.000Z | ජනවාරි 2 වැනි දා සිට පාසල් දරුවන් මතින් මුදා ගැනීමට රටපුරා වැඩසටහනක් - අධ්‍යාපන ඇමති | පාසල් දරුවන් මතින් මුදා ගැනීමට රටපුරා වැඩසටහනක් | COLOMBO (News 1st) - පොලීසිය සහය ඇතිව පාසල් දරුවන් සහ ඔවුන්ගේ බෑග් අහඹු ලෙස පරීක්ෂා කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය මේ වනවිට පියවර ගෙන තිබේ. ඒ, පාසල් තුළට මත්ද්‍රව්‍ය රැගෙන එන බවට පසුගිය දිනවල ලැබුණු වාර්තා පදනම් කර ගනිමිනි. කළුතර උතුර පොලීසිය අද පරීක්ෂා කිරීමේ සිදු කළේ, පුහුණු සුනඛයින්ගේ ද සහය ලබා ගෙනයි. පොලීසිය පාසල අවට ස්ථාන ද පරීක්ෂා කළේ ය. මේ අතර ජනවාරි 2 වැනි දා සිට පාසල් දරුවන් මතින් මුදා ගැනීමට රටපුරා වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. අමාත්‍යවරයා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති අධ්‍යාපනය පිළිබඳව පළමු ද්විවාර්ෂික පර්යේෂණ සම්මන්ත්‍රණයකට එක් වෙමින් මේ බව කියා සිටියේ ය. අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා, පාසල් තුළට අද අයිස් වැනි මත්ද්‍රව්‍ය ගිහිල්ලා අද අපිට සිදු වෙලා තියෙනවා වෙනම ඒකත් එක්ක සටන් කරන්න. කලින් ඒක තිබුණේ නෑ. දැන් නීති සම්පාදනය කරලා තියෙනවා. විෂ මත්ද්‍රව්‍ය 178 ක් උපලේඛනගත කරලා තියෙනවා. කලින් තිබුණේ 04 යි. ගුරුවරු 144 ක් ටේන් කළා දවස් 3 ක් කොහොමද මේවා හඳුනා ගන්නේ ? දරුවොත් එක්ක මේ කටයුත්ත කරද්දී බොහොම පරිස්සමෙන් කරන්න ඔනි. දරුවන්ගේ ප්‍රශ්නයක් හඳුනා ගන්න එයාගේ මානසික මට්ටමට වැටෙන්න. කොහොමද ඒ අය කළමනාකරණය කරන්නේ කියන එක පිළිබඳව. මූලික ඉගැන්වීමක් මේ අයට නෑ. දැන් මට ඒකත් කරන්න වෙලා තියෙනවා. මුලින් ගුරුවරු ටික දැනුවත් කරලා ඉන්න ඇපැයි. පුහුණු කරලා ඉන්න ඇපැයි. මේක අන්තිමට ගිහිල්ලා රිප්ලෙක්ට් වෙන්නේ යුනිවර්සිටිවල. අපිට දැන් දිනපතාම පේනවා වර්තාවන සිද්ධින් එක්ක. පාසල් තුළට මේවා කාන්දු වීම, මේවා වළක්වන්න දැන් සඳුදා තියෙනවා මේනම සාකච්ජාවක් ලංකාවේ කලාප 100ටම මම මේ වැඩසටහන ක්‍රියාත්මක කරනවා. කොළඹින් ගත්ත ප්‍රයිලට් ප්‍රොජේක්ට් එකේ ප්‍රතිඵලත් එක්ක. අඩු වැඩි තැන් හදාගෙන ඒකට අපිට සම්බන්ධ වනවා ජාත්‍යන්තර සංවිධානයකුත් ඒ වගේම පොලීසිය, සෞඛ්‍ය අමාත්‍යාංශය, ඒ වගේම දිස්ත්‍රික් ලේකම්වරු හා ප්‍රාදේශීය ලේකම්වරු, ජනවාරි 02 වැනි දා ඉඳලා හැම පාසලක්ම ආවරණය වන වැඩසටහනකටම අපි යන්න කටයුතු කරලා තියෙනවා. |
2022-12-16T14:42:34.000Z | දිනේෂ් ශාෆ්ටර් ඝාතනය තවමත් අභිරහසක්... අපරාධයේ සුලමුල සොයා විමර්ශන.. | ශාෆ්ටර්ගේ ඝාතනය තවමත් අබිරහසක් | COLOMBO (News 1st) - මෙරට ප්‍රමුඛපෙළේ මූල්‍ය සමාගමක කළමනාකරණ අධ්‍යක්ෂවරයෙකු සහ ප්‍රමුඛ රක්ෂණ සමාගමක අධ්‍යක්ෂවරයෙකු මෙන්ම කීර්තිමත් ව්‍යාපාරිකයෙකු වන දිනේෂ් ශාෆ්ටර් මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් හතරක් මේ වනවිට පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ. බොරැල්ල පොදු සුසාන භූමියේ සිය මෝටර් රථය තුළ ගෙල සිරකර බැඳ දමා සිටියදී ඊයේ (15) පස්වරුවේ ශාෆ්ටර් මහතා සොයා ගැණුනි. පසුව ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළ ඔහු අභාවප්‍රාප්ත වූයේ ඊයේ රාත්‍රියේ ය. දිනේෂ් ශාෆ්ටර් මහතා ඊයේ පස්වරුවේ නිවසින් පිටත්ව ගොස් තිබුණේ, තම බිරිඳට බොරැල්ල ප්‍රදේශයට යන බව පවසමිනි. හිටපු ක්‍රිකට් විස්තර විචාරකයෙකු වන බ්‍රයන් තෝමස් මහතා හමුවීම එම ගමනේ අරමුණ බව ඔහු තම නිවැසියන්ට පවසා ඇතැයි පොලීසිය ප්‍රකාශ කළේ ය. එම පුද්ගලයා ශාෆ්ටර් මහතාගෙන් ලක්ෂ 1400 ක ණය මුදලක් ලබාගෙන නැවත නොදීමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලීසියට මීට පෙර පැමිණිල්ලක් කර තිබූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසුවේ ය. පස්වරු 2.00 ට පමණ පිටව ගිය සැමිගේ දුරකතනයට ඔහුගේ බිරිඳ ඇමැතුම් කිහිපයක් ලබාගත්ත ද ඔහු ඊට ප්‍රතිචාර දක්වා නැත. පොලීසිය පැවසුවේ, පසුව ඇය දුරකතන යෙදුමක් භාවිත කර තම සැමියාගේ ජංගම දුරකතනය තිබෙන ස්ථානය පිළිබඳව සොයා ඇති බවයි. එහිදී ජංගම දුරකතනය බොරැල්ල පොදු සුසාන භූමිය තුළ තිබෙන බවට සංඥා ලැබීමත් සමග ඇය දිනේෂ් ශාෆ්ටර් මහතාගේ සමාගමේ විධායක නිලධාරියෙකු එම ස්ථානයට යවා තිබේ. එම නිලධාරියා පැමිණ පරීක්ෂා කිරීමේදී දිනේෂ් ශාෆ්ටර් මහතා සිය මෝටර් රථය තුළ අත් හා ගෙල බැඳ දමා සිහිසුන්ව සිටියදී සොයා ගෙන ඇති අතර සුසාන භූමියේ සේවකයෙකු හා එක්ව ඔහුව රෝහල්ගත කර තිබේ. කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළ ශාෆ්ටර් මහතා ඊයේ රාත්‍රියේ මිය ගියේ ය. මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, කොළඹ අපරාධ කොට්ඨාසය ඇතුළු කණ්ඩායම් හතරක් යොදා ගනිමින් මේ වනවිට පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක වේ. මේ අතර දිනේෂ් ශාෆ්ටර් මහතා හමුවීමට යන බව බිරිඳට දැනුම් දුන් බව කියන හිටපු ක්‍රිකට් විචාරක බ්‍රයන් තෝමස් මහතාගෙන් පොලීසිය මේ වනවිට ප්‍රකාශ ලබාගෙන තිබේ. දිනේෂ් ශාෆ්ටර් මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු පන්දු යවන්නෙකු හා පසුව ක්‍රිකට් පරිපාලකයෙකු වූ චන්ද්‍රා ශාෆ්ටර් මහතාගේ පුත්‍රයායි. අභාවප්‍රාප්ත වනවිට ඔහුගේ වයස අවුරුදු 51 කි. නීති උපාධිධාරියෙකු වන දිනේෂ් ශාෆ්ටර් මහතා බ්‍රිතාන්‍යයේ වරලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනයේ සාමාජිකයෙකි. ව්‍යාපාර පරිපාලනය පිළිබඳ පශ්චාත් උපාධියක් ද හදාරා තිබූ ඔහු මෙරට ප්‍රමුඛපෙළේ මූල්‍ය සමාගමක කළමනාකරණ අධ්‍යක්ෂවරයෙකු සහ ප්‍රමුඛ රක්ෂණ සමාගමක අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කළේ ය. දිනේෂ් ශාෆ්ටර් මහතා දරුවන් තිදෙනෙකුගේ පියෙකි. මේ අතර දිනේෂ් ශාෆ්ටර් මහතාගේ මරණය සම්බන්ධයෙන් පොලීසිය අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු දන්වා තිබේ. අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණාවල මහතා හමුවේ පොලීසිය කළ කරුණු දැනුම්දීම අනුව ප්‍රකට ක්‍රිකට් විස්තර විචාරකයෙකු වන බ්‍රයන් තෝමස් මහතාගේ විදේශ ගමන් තහනම් කරමින් අද නියෝගයක් නිකුත් කළේ ය. බ්‍රයන් තෝමස් මහතාට විදේශ ගමන් බලපත්‍ර දෙකක් ඇති බවත් එම අංක දෙකටම අදාළව මෙසේ විදේශ ගමන් තහනම අධිකරණය විසින් පනවනු ලැබීය. පොලීසිය ඉල්ලා සිටියේ, දිනේෂ් ශාෆ්ටර් මහතා භාවිත කළ ජංගම දුරකතනයේ සඳහන් ඇමතුම් සම්බන්ධ විශ්ලේෂණ වාර්තාවක් අදාළ සමාගම් වෙතින් කැඳවීමට නියෝග නිකුත් කරන ලෙසයි. අතිරේක මහේස්ත්‍රාත්වරයා ඒ සඳහා ද අවසර ලබා දුන්නේ ය. දිනේෂ් ශාෆ්ටර් මහතාගේ හදිසි අභාවය පිළිබඳව ශාෆ්ටර් පවුලේ සාමාජිකයින් නිවේදනයක් නිකුත් කර තිබේ. එහි දැක්වෙන්නේ, නීතිය ක්‍රියාත්මක කරන ආයතන හා පවුලේ සාමාජිකයින් මේ හදිසි මරණය වටා ඇති කරුණු අනාවරණය කර ගැනීම සඳහා උත්සාහ කරමින් සිටින බවයි. තමන්ගේ හැඟීම් සහ පුද්ගලිකත්වයට මේ මොහොතේ ගරු කර සැබෑ කරුණු සනාථ කර ගැනීමට ඉඩ සලසන ලෙස ශාෆ්ටර් පවුල මාධ්‍යයෙන් හා මහජනතාවගෙන් ඉල්ලා සිටියේ ය. දිනේෂ් ශාෆ්ටර් මහතා තම පවුලේ යහපත්ම තැනැත්තා බවත් ඔහු පවුලේ ආත්මය හා හදවත බඳු අයෙකු බවත් පවසන ශාෆ්ටර් පවුල සිහිපත් කරන්නේ ඔහු ව්‍යාපාර හා ක්‍රීඩා ක්ෂේත්‍රයට නිහඬ දායකත්වයක් ලබා දුන් අයෙකු බවයි. පවුලට, මිතුරන්ට, පරම්පරා ගණනාවකට පමණක් නොව නූපන් අයට ද ඔහුගේ නොනිමි මෙහෙය සදා අනුස්මරණීය වන ඇති බව ශාෆ්ටර් පවුල නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ය. තව ද මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පොලිස්පතිවරයා ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් කැඳවා දිනේෂ් ශාෆ්ටර් මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවල ප්‍රගතිය විමසා තිබේ. අමාත්‍යවරයා එහිදී උපදෙස් දී ඇත්තේ, මෙම අපරාධ මැඩලීමට උපරිම ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි. මිනී මැරුම් හා මත්ද්‍රව්‍ය අපරාධ සම්බන්ධයෙන් තරාතිරම නොබලා කටයුතු කරන්නැයි මෙහිදී අමාත්‍යවරයා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට උපදෙස් දී තිබේ. |
2022-12-16T14:00:25.000Z | හිටපු නෝර්විජියානු අමාත්‍ය එරික් සොල්හයිම් හා මනෝ ගනේෂන් අතර සාකච්ඡාවක් | එරික් සොල්හයිම් හා මනෝ ගනේෂන් අතර සාකච්ඡාවක් | COLOMBO (News 1st) - ජනාධිපතිවරයාගේ උපදේශකවරයෙකු වන හිටපු නෝර්විජියානු අමාත්‍ය එරික් සොල්හයිම් මහතා නැවතත් මෙරට දේශපාලන පක්ෂ සමග සාකච්ඡාවක් ආරම්භ කර තිබේ. ජනාධිපතිවරයාගේ ජාත්‍යන්තර දේශගුණ උපදේශක හිටපු නෝර්විජියානු අමාත්‍ය එරික් සෝල්හයිම් මහතා අද (16) දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ නායක මනෝ ගනේෂන් මහතා හමුවිය. මේ සාකච්ඡාව සිදු වුණේ, නුගේගොඩ පිහිටි මනෝ ගනේෂන් මහතාගේ නිවසේදීයි. ජනාධිපති ජාත්‍යන්තර දේශගුණ උපදේශක එරික් සෝල් හයිම් මහතා, පළමුවෙන්ම මම කියන්න ඕනේ මම ශ්‍රී ලංකාවට ආවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ ආරාධනයකට අනුවයි අවේ. ඒ ආර්ථික අර්බුදයට පරිසර හිතකාමී විසඳුම් සෙවීමට සහ සූර්ය සහ සුළං බලශක්ති ආශ්‍රිත ආයෝජන මේ රටට ආකර්ෂණය කර ගැනීමට. අද මෙම සාකච්ඡාවේදී මනෝ ගනේෂන් මහත්මයා මට දැනුම් දුන්නා පසුගිය දා පැවති සර්වපාක්ෂික සමුළුව පිළිබඳව. එය මෙරට දේශපාලන පක්ෂවලට විසඳුම් හොයන්න ඉතාමත් වැදගත්. 2000 - 2003 කාල සීමාවේ එල්ටීටීඊ සංවිධානය හා ශ්‍රී ලංකා රජය අතර ක්‍රියාත්මක වූ සාම ක්‍රියාවලියේදී විශේෂ සාම නියෝජිතයා ලෙස මැදිහත් කාර්යය සිදු කළ සොල්හයිම් මහතා යළිත් දේශපාලන පක්ෂ සමග ආරම්භ කර ඇති මේ සාකච්ඡාව කුමක් ද? 2005 වසරේ මහින්ද රාජපක්ෂ මහතා බලයට පත්වනතෙක් ඔහු මේ මැදිහත් කාර්යය ඉටු කළේ ය. 2016 දී එරික් සොල්හයිම් මහතා එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනේ විධායක අධ්‍යක්ෂ තනතුරට පත් වූ අතර 2018 ඔහු එම තනතුරෙන් ඉල්ලා අස්වුණේ විදේශ සංචාරවලට වියදම් කළ මුදල් ප්‍රමාණය පිළිබඳව මතු වූ ගැටලුවක් හේතුවෙනි. සොල්හයිම් මහතා දින 668 ක් තුළ සංචාර 529 ක් සඳහා අමෙරිකානු ඩොලර් 488,518 ක් වියදම් කර තිබුණි. වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බලයට පත්වීමෙන් පසුව ජනාධිපති ජාත්‍යන්තර දේශගුණ උපදේශකවරයා ලෙස සොල්හයිම් මහතා පත්කරගත් අතර කොප් 27 සුමුළුවට ද ජනාධිපතිවරයා සමග සහභාගි විය. ඒ පිටුපස සිදුවෙමින් ඇත්තේ කුමක් ද? පසුගිය අයවැය කතාවේදී ජනාධිපතිවරයා පුනර්ජනනීය බලශක්තිය පිළිබඳව වැඩි අවධානයක් යොමුකළ අතර එහිදී ග්‍රීන් හයිඩ්‍රජන් පිළිබඳව ද විශාල බලාපොරොත්තුවකින් අදහස් පළ කළේ ය. ග්‍රීන් හයිඩ්‍රජන් නිෂ්පාදන ක්‍රියාවලියේ පේටන්ට් බලය තියෙන්නේ නෝර්වේ රාජ්‍යයට. නෝර්වේ රාජ්‍යයේ ග්‍රීන් හයිඩ්‍රජන් සංවිධානය ඒ වෙනුවෙන් ප්‍රමුඛ කාර්යයක් ඉටුකරන සංවිධානයකි. මේ සංවිධානයේ ග්‍රීන් හයිඩ්‍රජන් වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතියේ සභාපතිවරයා ලෙස කටයුතු කරන්නේ එරික් සොල්හයිම් මහතායි. පසුගිය මාර්තු මාසයේදී එවක බලශක්ති ඇමතිවරයා ශ්‍රී ලංකාවේත් ග්‍රීන් හයිඩ්‍රජන් නිපදවීමට අදාළ නියමු ව්‍යපෘතියක් සඳහා ඉන්දියාවේ ග්‍රීන්ස්ටැට් සමාගමක් සමග ගිවිසුම් අත්සන් කළේ ය. ඉන්දියාවේ ග්‍රීන්ස්ටැට්, නෝර්වේ සහ ඉන්දියානු හවුල් ව්‍යාපාරයකි. ගිවිසුමට සමාගම පාර්ශවයෙන් අත්සන් කළේ ශ්‍රී ලංකාවේ නෝර්විජියානු තානාපතිවරියයි. උතුරු මුහුදේ මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට සැළසුම් සකස් කර ඇත. සොල්හයිම් මහතාගේ මැදිහත්වීම මේ ව්‍යපෘති සමග ඇති සබඳතාව කුමක් ද? මේ ව්‍යපෘති දේශපාලන පක්ෂ සමග සම්බන්ධ වන්නේ කෙසේ ද? ජනතාව මේවා ගැන අවධානයෙනි. |
2022-12-16T12:16:13.000Z | හෝමගම පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලය දින නියමයක් නොමැතිව වසා දැමේ | හෝමගම පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලය වසා දැමේ | COLOMBO (News 1st) - හෝමගම, පිටිපන පිහිටි පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලය දින නියමයක් නොමැතිව වසා දමා ඇති බව එම විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා පවසයි. |
2022-12-16T11:43:28.000Z | එස්.එම්. මරික්කාර් සමගි ජන බලවේගයේ නියෝජ්‍ය ජාතික සංවිධායක ධුරයට | මරික්කාර් සජබ නියෝජ්‍ය ජාතික සංවිධායක ධුරයට | COLOMBO (News 1st) - සමගි ජන බලවේගයේ මාධ්‍ය ප්‍රකාශක කොළඹ දිස්‍තික්‍ර් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා නියෝජ්‍ය ජාතික සංවිධායක ධුරයට පත්කර තිබේ. සමගි ජන බලවේගයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ඊයේ (16) මෙම පත් කිරීම සිදු කර ඇත. |
2022-12-16T10:42:28.000Z | ලබන 19 වැනි දා දක්වා පැය 2 මිනිත්තු 20 ක විදුලි කප්පාදුවක් | ලබන 19 වැනි දා දක්වා විදුලි කප්පාදුවට අවසර | COLOMBO (News 1st) - දෙසැම්බර් 17 සිට 19 වැනි දා දක්වා පැය 2 මිනිත්තු 20 ක විදුලි කප්පාදුවක් සඳහා මහජන උපයෝගිතා කොමිසම අවසර දී තිබේ. ඒ අනුව A -W කාණ්ඩවලට දිවා කාලයේ පැය 1 සහ රාත්‍රී කාලයේ පැය 1යි මිනිත්තු 20 ක් විදුලිය කප්පාදු කෙරෙනු ඇති. |
2022-12-16T10:24:21.000Z | ''ඉදිරි මාස කිහිපය තුළ සමාජ ආරක්ෂණ දැල ශක්තිමත් කරනවා'' - අගමැති | ඉදිරි මාස කිහිපයේ සමාජ ආරක්ෂණ දැල ශක්තිමත් කරනවා | COLOMBO (News 1st) - ඉදිරි මාස කිහිපය තුළ සමාජ ආරක්ෂණ දැල ශක්තිමත් කරන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි. ඔහු මේ අදහස් පළ කළේ, දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ පැවති පක්ෂ විපක්ෂ මහජන නියෝජිත හමුවකදීයි. සමාජ ආරක්ෂණ දැල ශක්තිමත් කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය ආයතන සහයෝගය දෙන බවට ස්ථිර ප්‍රතිඥාවක් දැනටමත් ලබා දී ඇති බව අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ ය. මේ සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දැනටමත් තීණ්දු තීරණ කිහිපයක් ගෙන තිබෙන බව ද අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය. |
2022-12-16T10:10:35.000Z | ජාතික ප්‍රතිපත්ති සැළසුම් කිරීමේ ස්වාධීන ආයතනයක් පිහිටුවීම සඳහා වූ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ කමිටුව රැස්වෙයි | ජාතික ප්‍රතිපත්ති සැළසුම් කිරීමේ කමිටුව රැස්වෙයි | COLOMBO (News 1st) - ජාතික ප්‍රතිපත්ති සැළසුම් කිරීම හා අධීක්ෂණය වෙනුවෙන් ස්වාධීන ආයතනයක් පිහිටුවීම සඳහා වූ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ කමිටුව ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වී තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, එහි පළමු රැස්වීම පසුගිය දා ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, මුදල් කොමිසමේ සභාපති සුමිත් අබේසිංහ යන මහත්වරුන්ගේ සාභාගීත්වයෙන් පැවැත් වූ බවයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වන සංශෝධනයට අනුව ජාතික ප්‍රතිපත්ති සැළසුම් කිරීම හා අධීක්ෂණය වෙනුවෙන් ජාතික සභාවක් පත් කළ බවත්, ඒ යටතේ අනුකමිටු 2 ක් ස්ථාපිත කළ බවත් අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක මහතා එහිදී ප්‍රකාශ කර ඇත. එහි එක් කමිටුවක් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ සභාපතිත්වයෙන් පත් කර ඇති අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් සෙසු සාමාජිකයන් ලෙස කටයුතු කරන බව එම නිවේදනයේ සඳහන් ය. ඒ යටතේ මධ්‍ය හා දිගුකාලීන ජාතික ප්‍රතිපත්ති සැකසීමේ ප්‍රමුඛතා හඳුනාගැනීම පිළිබඳ ජාතික සභා අනුකමිටුවක් පත් කර තිබේ. |
2022-12-16T08:13:19.000Z | ගිනිකොණදිග හා නිරිතදිග බෙංගාල බොක්ක මුහුදේ ධීවර කටයුතු විමසිල්ලෙන් | කාලගුණයේ වෙනසක්... | COLOMBO ( News 1 st ) - ගිනිකොණ දිග හා නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ධීවර හා නාවික කටයුතුවල යෙදීමේදී විමසිලිමත් වන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ, එම මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපයේ බලපෑමෙන් සුළගේ වේගය ඉහළ ගොස් ඇති බවයි. අදාළ මුහුදු ප්‍රදේශවල සුළං වේගය පැයට කිලෝ මීටර් 50 - 60 ත් අතර වේගයක් දක්වා ඉහළ යනු ඇති බව කාලගුණ අනාවැකියේ සඳහන් ය. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරන්නේ උතුරු , උතුරුමැද සහ නැගෙනහිර පළාත්වල වැසි තත්ත්වයේ වර්ධනය වීමක් හෙට(17) දිනයේ අපේක්ෂා කරන බවයි. නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව, මාතලේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකියි. |
2022-12-16T07:52:21.000Z | දකුණු මුුහුදේ මත්ද්‍රව්‍ය ජාවාරමක් වටලයි... කිලෝ 200 කට අධික මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට | දකුණු මුුහුදේ මත්ද්‍රව්‍ය ජාවාරමක් වටලයි... | COLOMBO ( News 1 st ) - අයිස් මත්ද්‍රව්‍ය හා හෙරොයින් කිලෝගෑම් 200 කට අධික තොගයක් සමග සැකකරුවන් පිරිසක් ශ්‍රී ලංකාවට දකුණෙන් වු ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබේ. නාවික හමුදාව ප්‍රකාශ කළේ, රාජ්‍ය බුද්ධි සේවාව සහ නාවික හමුදා බුද්ධි අංශය සමග එක්ව සිදුකළ විශේෂ බුද්ධි මෙහෙයුමකට අනුව කළ වැටලීමදී එම හෙරොයින් තොගය අත්අඩංගුවට ගත් බවයි. දෙවුන්දරතුඩුවට ඔබ්බෙන් වූ මුහුදේදී යාත්‍රා කරමින් තිබු සැකකටයුතු බහුදින ධීවර යාත්‍රාවක් පරීක්ෂා කර එහි සගවා තිබියදී මෙම හෙරෝයින් හා අයිස් මත්ද්‍රව්‍ය තොගය සොයා ගෙන ඇති අතර අත්අඩංගුවට ගත් බහුදින ධීවර යාත්‍රාවට ඉන්ධන ලබාදීමට පැමිණි තවත් මෙරට බහුදින ධීවර යාත්‍රාවක් සමග සැකකරුවන් 06 දෙනෙකු අත්අඩංගුවට ගත් බව ද නාවික හමුදාව ප්‍රකාශ කළේ ය. |
2022-12-16T07:05:03.000Z | පළාත් පාලන මැතිවරණය කඩිනමින් කරන්නැයි, ඉල්ලා ඉදිරි පත්වූ පෙත්සම් සලකා බැලීමට දින නියම කෙරේ | පළාත් පාලන මැතිවරණය:පෙත්සම් සලකා බැලීමට දින නියම | COLOMBO ( News 1 st ) - පළාත් පාලන මැතිවරණය කඩිනමින් පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාවට නියෝගයක් කරන්නැයි, ඉල්ලා ගොනු කර ඇති පෙත්සම් 2 ක සලකා බැලීම සඳහා ලබන ජනවාරි 18 වනදා කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළේ ය. මහාචාර්ය ජී. එල්. පීරිස්, අනුර ප්‍රියදර්ශන යාපා, දයාසිරි ජයසේකර ලක්ෂ්මන් කිරිඇල්ල, එම් .ඒ. සුමන්තිරන් ඇතුළු සමගි ජන බලවේගය සහ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් එම පෙත්සම් ගොනු කළේ ය. එම පෙත්සම අද කැඳවනු ලැබුවේ ප්‍රියන්ත ජයවර්ධන කුමුදුනි වික්‍රමසිංහ සහ අචල වෙන්ගප්පුලි යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේයි. එහිදී පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇති මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු සාමාජිකයන්ට සහ අගමැතිවරයාට ඒ සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස දන්වා නොතීසි යැවිමට පියවර ගන්නා ලෙස ද පෙත්සම්කාර පාර්ශවය ට අධිකරණය නියෝග කළේ ය. පළාත් පාලන මැතිවරණය ලබන වසරේ මුල් කාර්තුවේ පැවැත්වීමට නියමිත නමුත් එය කල් දැමීමේ සූදානමක් පවතින බවත් එලෙස කල් දැමීමෙන් රටේ ජනතාවගේ ඡන්දය භාවිත කිරීමේ අයිතීන් උල්ලංඝණය වන බවත් පෙන්වා දෙමින් එම පෙත්සම් ගොනුකර තිබිණ. |
2022-12-16T06:40:20.000Z | රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තට රට යන්න අවසර නැහැ... | සනත් නිශාන්තට රට යන්න අවසර නැහැ... | COLOMBO ( News 1 st ) - රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තට විදේශගතවීමට අවසර ලබාදෙන ලෙසට ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් කළ ඉල්ලීමක් කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා අද (16) ප්‍රතික්ෂේප කළේ ය. පසුගිය මැයි 9 වන දා අරලියගහ මන්දිරයට රැස්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආධාරකරුවන් ගාලු මුවදොර පිටියේ සිටි අරගලකරුවන්ට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් පවරා ඇති නඩුවේ ප්‍රධාන සැකකරුවෙකු වන සනත් නිශාන්තට විදේශගත වීමට අවසර ලබාදෙන ලෙස පසුගිය සතියෙ ඔහුගේ නීතිඥවරුන් අධිකරණයෙන් ඉල්ලීමක් සිදුකර තිබිණ. ඒ සම්බන්ධයෙන් වන නියෝගය අද නිකුත් කරමින් මහේස්ත්‍රාත්වරයා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළේ ය. |
2022-12-16T06:28:36.000Z | තිළිණි ප්‍රියමාලිට ඇප ලැබෙයි... රට ගමන් තහනම් | තිළිණි ප්‍රියමාලිට ඇප ලැබෙයි... රට ගමන් තහනම් | COLOMBO ( News 1 st ) - රක්ෂිත බන්ධනාගාරගතකර සිටි තිළිණි ප්‍රියමාලි ඇප මත මුදාහැරීමට කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද නියෝග කළේ ය. ඒ, රුපියල් 15,000 ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මතයි. ඇයට පැනවූ විදෙස් ගමන් තහනම තවදුරටත් ක්‍රියාත්මකයි. සෑම මාසයක අවසන් ඉරිදා දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින්නැයි ද මහේස්ත්‍රාත්වරයා තිළිණි ප්‍රියමාලිට නියෝග කළේ ය. තිළිණි ප්‍රියමාලි අත්අඩංගුවට ගැනුණේ මූල්‍ය වංචා චෝදනා සම්බන්ධයෙනි. |
2022-12-16T04:36:07.000Z | සායනයට එන්න බැරි නම්, HIV චෙක් කරන ගන්නා ස්වයං පරීක්ෂණ කට්ටලය නිවසටම... | නොවැම්බර් මාසයේ HIV ආසාදිතයින් 90 ක්... | COLOMBO ( News 1st ) - වසරේ මේ දක්වා කාලය තුළ HIV ආසාදිතයින් 568 දෙනෙකු හඳුනා ගෙන ඇති බව ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන ඒකකය ප්‍රකාශ කරයි. එහි අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය රසාංජලී හෙට්ටිආරච්චි මහත්මිය ප්‍රකාශ කළේ, නොවැම්බර් මාසයේ පමණක් ආසාදිතයින් 90 දෙනෙකු හඳුනා ගත් බවයි. මේ වනවිට වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් හඳුනාගෙන ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වන අතර කොළඹ, අනුරාධපුර, පොළොන්නරුව, මහනුවර ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයකින් ද ආසාදිතයින් වාර්තා වීම ඉහළ ගොස් ඇති බව ඇය ප්‍රකාශ කළා ය. ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන ඒකකයේ අධ්‍යක්ෂවරිය පැවසුවේ, HIV පරීක්ෂා කිරීමේ ස්වයං පරීක්ෂණ කට්ටල හඳුන්වා දීමත් සමග ආසාදිතයින් හඳුනා ගැනීම ඉහළ ගොස් ඇති බවයි. දිවයින පුරා ලිංගාශ්‍රිත රෝග සායනවලින් ස්වයං පරීක්ෂණ කට්ටල ලබා ගත හැකි අතර සායන සඳහා පැමිණිමට අකමැති පිරිස්වලට know4sure.lk වෙබ් අඩවිය හරහා ඇනවුම් කිරීම මගින් මෙම ස්වයං පරීක්ෂණ කට්ටලයක් නිවසටම ගෙන්වා ගැනීමේ හැකියාව පවතී. පරීක්ෂණය සිදු කරන ආකාරය භාෂා ත්‍රිත්වයෙන්ම සඳන්ව ඇති අතර තමන් ආසාදිතයෙකු බවට හඳුනා ගත හොත් ඉන් පසු කළ යුත්තේ කුමක්ද යන්නත් මෙහි සඳහන්ව ඇති බව අධ්‍යක්ෂවරිය වැඩිදුරටත් සඳහන් කළා ය. ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන ඒකකයේ අධ්‍යක්ෂවරිය පැවසුවේ, ආසාදිතයින් වාර්තා වීමේ අධිඅවදානම් ප්‍රදේශවල ද රෝග පාලනය සඳහා මේ වනවිට විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බවයි. ඒ අනුව අනාරක්ෂිත ලිංගික හැසිරීම් අධිඅවදානම් කණ්ඩායම් සිටින ප්‍රදේශවලදී නොමිලේ කොන්ඩම් ලබා ගත හැකි ක්‍රමවේදයක් ක්‍රියාත්මක කර තිබේ. අදාළ ප්‍රදේශවල සවි කර ඇති කොන්ඩම් දැමිය හැකි මෙවලම තුළට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ගොස් කොන්ඩම් දැමූ පසු ඔ්නෑම අයෙකුට ඉන් කොණ්ඩම් ලබා ගත හැකි බව ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන ඒකකයේ අධ්‍යක්ෂවරිය පැවසුවා ය. ඇය සඳහන් කළේ, කොළඹ කොටුව,ගල්කිස්ස,නුගේගොඩ දුම්රිය ස්ථාන ආශ්‍රිතව මෙම මෙවලම් සවි කර ඇති බවයි. |
2022-12-16T04:13:16.000Z | ප්‍රදේශ කිහිපයක වී වගාවට වටපණු රෝගයකින් බලපෑම් | වී වගාවට බලපාන වටපණු රෝගය | COLOMBO ( News 1 st ) - ප්‍රදේශ කිහිපයක වී වගාවට වටපණු රෝගයකින් බලපෑම් එල්ල වී තිබේ. බතලේගොඩ වී පර්යේෂණායතනයේ සහකාර අධ්‍යක්ෂ, එස්. ආර්. සරච්චන්ද්‍ර මහතා ප්‍රකාශ කළේ කළුතර හා මාතර දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක වී වගාවේ මෙම රෝගය ව්‍යාප්ත වෙමින් ඇති බවයි. මෙම මූල ගැටිති වට පණුවන් වී වගාව ආශ්‍රිතව වැඩි වශයෙන් හඳුනාගෙන ඇති අතර මේ හේතුවෙන් අස්වනු හානියකට බලපෑම් ඇති කරන බවද ඔහු ප්‍රකාශ කළේ ය. එසේම මෙම වටපණු හානිය පිළිබඳ ගොවීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් අද(16) කළුතර මිල්ලනිය ප්‍රදේශයේදී පැවැත්වෙන බවද ඔහු ප්‍රකාශ කළේ ය. |
2022-12-16T03:10:08.000Z | ඉස්තාන්බුල් නගරාධිපති සිරගත කිරීමට එරෙහිව ජනතාව විරෝධතාවේ | ඉස්තාන්බුල් වැසියන් විරෝධතාවේ | COLOMBO ( News 1 st ) - තුර්කියේ ඉස්තාන්බුල් අගනුවදී එරට වැසියෝ දහස් ගණනක් විරෝධතාවල නිරතව සිටිති. ඒ ඉස්තාන්බුල් නගරාධිපති වන එක්රම් ඉමාමොග්ලු සිරගත කිරීමට එරෙහිවයි. මැතිවරණ නිලධාරීන්ට සිදුකළ අපහාසයක් මුල් කරගනිමින් එරට ජනාධිපතිවරයාගේ ප්‍රධාන ප්‍රතිවාදියා වූ, ඉස්තාන්බුල් නගරාධිපතිවරයාට අධිකරණයෙන් වසර 02යි මාස 07ක සිරදඩුවමක් ලබා දුන් බව විදෙස් මාධ්‍ය වාර්තා කළ අතර විරෝධතාකරුවන් තුර්කි ජනාධිපති රිසෙප් තායිප් එර්ඩර්ගොන්ගේ පාලක පක්ෂය සහ ඔහුව විවේචනය කරමින් විරෝධය පළ කරන බව සඳහන් ය. අධිකරණය ලබා දුන් තීන්දුව ප්‍රජාතන්ත්‍රවාදය අවභාවිත කිරීමක් බව ද විරෝධතාකරුවෝ පවසති. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ලබන වසරේ ජූනි මාසයේදී එරට ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට නියමිත බවයි. |
2022-12-16T03:04:03.000Z | ප්‍රවීණ ගායන ශිල්පී,අභාවප්‍රාප්ත නිහාල් නෙල්සන් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (16) | ගී අහසින් බැසයන ප්‍රවීණ ගායන ශිල්පී නිහාල් නෙල්සන් | COLOMBO ( News 1 st ) - ප්‍රවීණ ගායන ශිල්පී,අභාවප්‍රාප්ත නිහාල් නෙල්සන් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (16) පස්වරුවේ සිදු කිරීමට නියමිතයි. ඒ,මොරටුව සොයිසාපුර මහල් නිවාස ක්‍රීඩාංගණයේදීයී. මහජන ගෞරවය සඳහා දේහය තැන්පත් කර තිබෙන්නේ මොරටුව රාවතාවත්ත, නිහාල් නෙල්සන් මාවතේ පිහිටි නිවසේයී. 16 වන වියේදී ලස්සනට පිපුණු වන මල් ගල් ගීතය ගායනා කරමින් සංගීත ක්ෂේත්‍රයට පා තැබූ නිහාල් නෙල්සන් මහතා මෙරට ප්‍රසංග වේදිකාවට නැතිවම බැරි චරිතයක් වූ අතර කැසට් පට 114 ක් එළිදක්වමින්, මෙරට වැඩිම කැසට් පට සංඛ්‍යාවකට ගී ගැයූ ගායන ශිල්පියාට හිමි වාර්තාව පිහිට වූ ඔහු, සමාජයේ විවිධ අඳුරු පැතිකඩ ගීතයෙන් නිරූපණය කළේ සියුම් උපහාසයකිනි. තමාටම අනන්‍ය වූ හැඩයකින් සහෘදයින් රස ගැන්වූ නිහාල් නෙල්සන් මහතා අද(16) අවසන් ගමන් යන්නේ, මෙරට රසික ප්‍රජාව වෙනුවෙන් ගීතමය වත්කම් රැසක් දායාද කරමිනි. |
2022-12-16T03:00:00.000Z | සොරා ගත් 'සඳගල' පුරාවිද්‍යා ස්මාරකය සොයා මෙහෙයුම්... | 'සඳගල' පුරාවිද්‍යා ස්මාරකය සොයා මෙහෙයුම්.. | COLOMBO ( News 1 st ) - කුණ්ඩසාලේ උඩමළුව පුරාවිද්‍යා රක්ෂිතයේ තිබූ සඳගල නමින් ප්‍රකට පුරාවිද්‍යා ස්මාරකය සොරකම් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන CCTV දර්ශන ඔස්සේ පරීක්ෂණ ආරම්භ කර ඇති බව පොලීසිය පවසයි. පල්ලේකැලේ පොලීසිය පැවසුවේ, සිද්ධිය සම්බන්ධයෙන් කණ්ඩායම් දෙකක් පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි. ක්‍රිස්තු වර්ෂ 1707 - 1739 අතර කාලයේ රජ පැමිණි ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජුගේ මාලිගාව පැවති ස්ථානයේ විචිත්‍ර කැටයමින් යුත් මෙම වටකුරු පුරාවිද්‍යා ස්මාරකය අඩි 4 ක් පමණ දිගින් යුක්ත අතර අඩි තුනක් පමණ පළලින් යුක්ත වේ. පොලීසිය පැවසුවේ පෙරේදා අලුයම් කාලයේ බර වාහනයකින් පැමිණි පිරිසක් විසින් එම ගල ගලවාගෙන ගොස් ඇති බවයි. මේ සම්බන්ධයෙන් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල්, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අනුර මනතුංග මහතාගෙන් නිවුස් ෆස්ට් කළ විමසීමෙදී ඔහු පැවසුවේ සිද්ධිය සම්බන්ධයෙන් දෙපාර්තමේන්තු මට්ටමින් ද පරීක්ෂණයක් ආරම්භ කළ බවයි. ඒ අනුව එහි ආරක්ෂාව භාරව සිටි මුරකරුවන් දෙදෙනාගේ වැඩ තහනම් කළ බව ඔහු පැවසීය. |
2022-12-16T01:28:10.000Z | බොරතෙල් නැතිව වැසුණු සපුගස්කන්ද යළි වැඩ අරඹයි. | සපුගස්කන්ද යළි වැඩ අරඹයි. | COLOMBO ( News 1 st ) - සපුගස්කන්ද තෙල් පිරිපහදුව අද(16) යළි විවෘත කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසයි. පසුගිය ඔක්තෝම්බර් මස 7 වැනිදා සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දැමුණේ, නිෂ්පාදන ක්‍රියාවලියට අවශ්‍ය බොරතෙල් නොමැති වීම හේතුවෙනි. අමාත්‍යංශය ප්‍රකාශ කළේ මේ වනවිට බොරතෙල් නෞකා දෙකක තොග ගොඩබා අවසන් අතර තවත් නෞකාවක් කොළඹ වරායේ නැංගුරම්ලා ඇති බවයි. ඒ අනුව අද(16) සිට පිරිපහදුවේ මෙහෙයුම් අඛණ්ඩව සිදුකිරීමට සැලසුම් කර තිබේ. මෙමගින් දෛනිකව ඩීසල් මෙට්‍රික් ටොන් 1,500 ක්, පෙට්‍රල් මෙට්‍රික් ටොන් 550 ක්, භූමිතෙල් සහ ගුවන්යානා ඉන්ධන මෙට්‍රික් ටොන් 950 ක් සහ නැප්තා මෙට්‍රික් ටොන් 1,500 ක් නිෂ්පාදනය කළ හැකි බව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය ප්‍රකාශ කළේ ය. |
2022-12-15T18:45:01.000Z | ගෙවුණු දිනය උණුසුම් කළ පුවත් | ගෙවුණු දිනය උණුසුම් කළ පුවත් | COLOMBO (News 1st) - දේශීය පුවත් 01 ශ්‍රී ලංකාව ගැඹුරු අවපාතයකට ඇද වැටීමට ඉඩ ඇතැයි බ්ලූම්බර්ග් වෙබ් අඩවිය අනතුරු අඟවයි දැඩි මූල්‍ය ප්‍රතිපත්ති හා ආසියාවේ වේගවත්ම උද්ධමනය මගින් ආර්ථිකය තවදුරටත් අඩපණ කිරීම නිසා ශ්‍රී ලංකාව ගැඹුරු අවපාතයකට ඇද වැටීමට ඉඩ ඇතැයි බ්ලූම්බර්ග් ව්‍යාපාරික වෙබ් අඩවිය ඊයේ (15) අනතුරු ඇඟවීමක් කර තිබේ. 02.දේශපාලනඥයින්ගේ නිවෙස්වලට පහරදී ගිනි තැබීම:පෙත්සම සලකා බැලීම ජනවාරි 16 දේශපාලනඥයින්ගේ නිවෙස්වලට පහරදී ගිනි තැබීම ගැන විමර්ශනය කරන්නැයි ඉල්ලා ගොනු කළ පෙත්සම විභාගයට ගැනීමට අධිකරණයෙන් නියෝග කර තිබේ. 03.ජනපතිගෙන් රජයේ සේවකයින්ට යළිත් අවවාදයක්. මහජන සේවය ඉටු නොකිරීම පිළිබඳව රාජ්‍ය නිලධාරීන් කිසිවිටෙක හේතු ඉදිරිපත් නොකළ යුතු බව , ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. 04කූඨ වෙළෙඳුන් සොයා පාරිභෝගික අධිකාරියෙන් පුළුල් විමර්ශන උත්සව සමයේ වැඩි මිලට භාණ්ඩ අලෙවි කරන වෙළෙඳුන් සහ භාණ්ඩ සඟවන වෙළෙඳුන් සොයා පුළුල් මෙහෙයුම් ආරම්භ කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි. 05.මූල්‍ය සහතිකයක් ලබා ගැනීමට ණය හිමියන් සමග තවමත් එකඟතා ඇතිකරගෙන නැහැ – මහබැංකු අධිපති ණයහිමියන් සමග මූල්‍ය සහතිකයක් ලබා ගැනීමට අවශ්‍ය එකඟතා තවමත් ඇතිකරගෙන නැතැයි මහබැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. විදෙස් පුවත් 01.එක්සත් ජාතීන්ගේ කාන්තා අයිතිවාසිකම් පිළිබඳ කොමිසමෙන් ඉරානය ඉවතට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කාන්තා අයිතිවාසිකම් පිළිබඳ කොමිසමෙන් ඉරානය ඉවත් කර තිබේ. ක්‍රීඩා 01.ලෝක ශූර ප්‍රංශය මෙවරත් පාපන්දු ලෝක කුසලානයේ අවසන් මහ තරගයට.. ලෝක ශූර ප්‍රංශය අඛණ්ඩව දෙවන වරටත් ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තේ ය. 02.ක්‍රිකට් නිලවරණය පැවැත්වීමට තිදෙනෙකුගෙන් යුත් නිලවරණ කමිටුවක්.. ඉදිරියේදී ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් තිදෙනෙකුගෙන් යුත් නිලවරණ කමිටුවක් පත් කර තිබේ. |
2022-12-16T01:12:12.000Z | අප්‍රේල් මස 30 වැනිදා වනවිට මෙරට විදුලි ජනනයට අවශ්‍ය සමස්ත ගල් අඟුරු තොග ආනයනයට පියවර.. | සමස්ත ගල් අඟුරු තොග ආනයනයට පියවර.. | COLOMBO ( News 1 st ) - අප්‍රේල් මස 30 වැනිදා වනවිට මෙරට විදුලි ජනනයට අවශ්‍ය සමස්ත ගල් අඟුරු තොග ආනයනය කිරීමට හැකි බව ලංකා ගල් අගුරු සමාගම පවසයි. එම සමාගම ප්‍රකාශ කළේ අප්‍රේල් මාසය වනවිට ගල් අඟුරු නැව් 32 ක් මෙරටට ගෙන ඒමට සැලසුම් කර ඇති බවයි. ඉන් නෞකා 5 ක් මේ වනවිට ගෙන්වා ඇති අතර තවත් නැවක් ලබන සතියේ මෙරටට ළඟාවීමට නියමිතව තිබෙන අතර ඉතිරි ගල් අඟුරු නෞකා ජනවාරි සිට සතියකට නෞකා පහ බැගින් මෙරටට ළඟා වීමට නියමිතයි. ලංකා ගල් අඟුරු සමාගම ජනතාවට දැනුම් දෙන්නේ නොරොච්චෝලේ බලාගාරයේ විදුලි ජනනය බිඳවැටෙන බවට පළ වන වාර්තා පිළිබඳව අනවශ්‍ය ලෙස කලබලයට පත් නොවන ලෙසයි. |
2022-12-16T00:38:28.000Z | පහරදීම් තුවාල සහිතව සොයාගෙන රෝහල්ගත කෙරුණු ප්‍රකට ව්‍යාපාරික දිනේෂ් ශාෆ්ටර් මියයයි | ප්‍රකට ව්‍යාපාරික දිනේෂ් ශාෆ්ටර් මියයයි | COLOMBO ( News 1 st ) - කිසියම් පිරිසක් විසින් පැහැරගත් බවට සැක කරන රක්ෂණ සමාගමක සභාපතිවරයෙකු වන දිනේෂ් ශාෆ්ටර් මහතා මියගොස් තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ, නිහාල් තල්දුව මහතා ප්‍රකාශ කළේ බොරැල්ල කනත්තේ සිය මෝටර් රථය තුල දෑත් ගැට ගසා ගෙල සිරකර සිටියදී ඊයේ(15) පස්වරු 3.00 ට පමණ ඔහු සොයා ගෙන ඇති බවයි. දිනේෂ් ශාෆ්ටර් මහතා සිය බිරිඳට බොරැල්ල ප්‍රදේශයට යන බව පවසා ඊයේ(15) පස්වරුවේ නිවසින් පිටත්ව ගොස් තිබුණි. පසුව බිරිඳ ඔහුගේ ජංගම දුරකතනයට ඇමතුමක් ලබාගෙන ඇතත් එය නාද නොවීම හේතුවෙන් බිරිඳ සොයා බැලීමේදි ඔහු බොරැල්ල කනත්තේ සිටින බවට ජංගම දුරකතනයට සංඥා ලැබී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය. පොලීසිය පැවසුවේ බිරිඳ පසුව දිනේෂ් ශාෆ්ටර් මහතාගේ කාර්යාලයට දුරකත ඇමතුමක් ලබාගෙන ඒ බව පවසා තිබෙන බවයි. කාර්යාල සේවකයා බොරැල්ල කනත්තට ගොස් සොයා බැලීමේදි දිනේෂ් ශාෆ්ටර් මහතා සිය මෝටර් රථය තුළ අත්බැඳ දමා සිටියදී සොයා ගෙන ඇති අතර කාර්යාල සේවකයා ඔහු කනත්තේ සේවකයෙකු සමග එක්ව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇතැයි පොලීසිය ප්‍රකාශ කළේ ය. පසුව ඔහු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ(15) රාත්‍රීයේදී ජීවිතක්ෂයට පත් වී තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් බොරැල්ල පොලීසිය සහ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව පරික්ෂණ ආරම්භ කර තිබේ. |
2022-12-15T17:13:31.000Z | ක්‍රිකට් නිලවරණය පැවැත්වීමට තිදෙනෙකුගෙන් යුත් නිලවරණ කමිටුවක්.. | ක්‍රිකට් නිලවරණය පැවැත්වීමට කමිටුවක්.. | COLOMBO ( News 1 st ) - ඉදිරියේදී ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් තිදෙනෙකුගෙන් යුත් නිලවරණ කමිටුවක් පත් කර තිබේ. ඒ අනුව එහි සාමාජිකයින් වන්නේ මාලනී ගුණරත්න (විශ්‍රාමික විනිසුරු), ශිරෝමි පෙරේරා (විශ්‍රාමික විනිසුරු) සහ සුනිල් සිරිසේන (හිටපු පරිපාලන සේවා නිලධාරී) යන මහත්ම මහත්මීන් ය |
2022-12-15T17:03:08.000Z | ප්‍රමුඛ පෙළේ සමාගමක ප්‍රධාන විධායක නිලධාරියෙකු වන දිනේෂ් ශාෆ්ට ප්‍රහාරයක්. | පහරදීමකින් තුවාල ලැබු දිනේෂ් දැඩි සත්කාර ඒකකයේ | COLOMBO ( News1 st ) - මෙරට ප්‍රමුඛ පෙළේ සමාගමක ප්‍රධාන විධායක නිලධාරියෙකු මෙන්ම ප්‍රකට ව්‍යාපාරික පවුලක සාමාජිකයෙකු වන දිනේෂ් ශාෆ්ට මහතා කිසියම් පිරිසක් සිදුකළ පහරදීමකින් සිදුවු තුවාල සහිතව අද(15) පස්වරුවේ බොරැල්ල ප්‍රදේශයේදී සොයාගෙන තිබේ. ඔහුගේ පවුලේ සාමාජිකයින් පැවසුවේ, ශාෆ්ට මහතා මේ වන විට කොළඹ රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි. සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ විමර්ශන කොට්ඨාසය විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිතීඥ නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කළේ ය. |
2022-12-15T15:12:23.000Z | දේශපාලනඥයින්ගේ නිවෙස්වලට පහරදී ගිනි තැබීම:පෙත්සම සලකා බැලීම ජනවාරි 16 | නිවෙස්වලට ගිනි තැබීම: පෙත්සම විභාගයට අවසර | COLOMBO ( News 1 st ) - දේශපාලනඥයින්ගේ නිවෙස්වලට පහරදී ගිනි තැබීම ගැන විමර්ශනය කරන්නැයි ඉල්ලා ගොනු කළ පෙත්සම විභාගයට ගැනීමට අධිකරණයෙන් නියෝග කර තිබේ. මෙම රීට් පෙත්සම මගින් ඉල්ලා තිබුණේ,දේශපාලනඥයින්ගේ නිවෙස්වලට පහරදී ගිනි තැබීම ගැන විමර්ශනය කර, අපරාධ නීතීය යටතේ නඩු පැවරීමට නියෝග කරන ලෙසයි. ඒ අනුව අදාළ පෙත්සම් විභාගය ලබන ජනවාරි 16 වැනිදා කැඳවීමට අභියාචනාධිකරණයෙන් නියෝග නිකුත් කර තිබේ. |
2022-12-15T13:39:17.000Z | ජනපති රනිල්ට එරෙහි පාස්කු වන්දි නඩු ධුරය දරන තෙක් බහා තැබීමට නියෝග | ජනපති රනිල්ට එරෙහි පාස්කු නඩු බහා තැබේ. | COLOMBO ( News 1 st ) - ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි පාස්කු වන්දි නඩු ඔහු ජනාධිපති ධූරය දරන කාලසීමාවට පමණක් බහා තබන ලෙසට , මීගමුව අතිරේක දිසා විනිසුරු නුවන් තාරක හීනටිගල මහතා අද(15) නියෝග කර තිබේ. ඒ, රනිල් වික්‍රමසිංහ මහතාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 35 (1) ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන ප්‍රකාරව ජනාධිපති මුක්තිය හිමිවීම හේතුවෙනි. පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් මීගමුව දිසා අධිකරණයේ පවරා ඇති වන්දි නඩුකරවල දෙවන විත්තිකරු ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නම් කර තිබේ. කෙසේ වෙතත්,එම නඩුකරවල සියලු විත්තිකරුවන්ට එරෙහි නඩු බහා තබන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන , හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර යන මහත්වරුන් කළ ඉල්ලීම මීගමුව අතිරේක දිසා විනිසුරුවරයා ප්‍රතික්ෂේප කළ අතර දිසා විනිසුරුවරයා නියෝග කළේ , රනිල් වික්‍රමසිංහ මහතා හැර අනෙකුත් සියලුම විත්තිකරුවන්ට එරෙහිව එම නඩු පවත්වාගෙන යාමටයි. |
2022-12-15T13:34:32.000Z | ජනපතිගෙන් රජයේ සේවකයින්ට යළිත් අවවාදයක්. | ජනපතිගෙන් රජයේ සේවකයින්ට යළිත් අවවාදයක්. | COLOMBO (News 1 st ) - මහජන සේවය ඉටු නොකිරීම පිළිබඳව රාජ්‍ය නිලධාරීන් කිසිවිටෙක හේතු ඉදිරිපත් නොකළ යුතු බව , ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ, රාජ්‍ය ආයතන අතර ගැටුම් ඇතිකර නොගෙන උපරිම මහජන සේවාවක් සැලසීම රාජ්‍ය නිලධාරීන්ගේ වගකීම බවයි. බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී අද (15) පැවති දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමට එක් වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ය. රාජ්‍ය නිලධාරීන් නීති හා අණපනත් පළිහක් කර ගත යුත්තේ, ජනතාවට සේවය කිරීමට මිස සමාගම්වලට සේවය කිරීමට නොවන බවත් , රජයක් ලෙස සියලු දෙනා එක්වී ජනතාවට සේවය කළ යුතු බවත් , ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසී ය. |
2022-12-15T12:37:33.000Z | මූල්‍ය සහතිකයක් ලබා ගැනීමට ණය හිමියන් සමග තවමත් එකඟතා ඇතිකරගෙන නැහැ - මහබැංකු අධිපති | එකඟ නොවූ මූල්‍ය සාකච්ඡා | COLOMBO ( News 1 st ) - ණයහිමියන් සමග මූල්‍ය සහතිකයක් ලබා ගැනීමට අවශ්‍ය එකඟතා තවමත් ඇතිකරගෙන නැතැයි මහබැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. ඊයේ(14) පස්වරුවේ කොළඹ පැවති වරලත් ගණකාධිකාරී ආයතනයේ වාර්ෂික පර්යේෂණ සමුළුව අමතමින් ඔහු පෙන්වා දුන්නේ, අයි.එම්.එෆ් සහය ලැබුණත්,නොලැබුණත් සිදුකළ යුතු ව්‍යුහාත්මක වෙනස්කම් කළ යුතු බවයි. මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කළේ, ජපානය ඇතුළු පැරිස් සමාජයේ සාමාජිකයින්, ඉන්දියාව සහ චීනය ඇතුළු ද්වීපාර්ශ්වික ණය හිමියන් සමග මූල්‍ය සහතිකයක් ලබා ගැනීම සඳහා මේ වනවිට සාකච්ඡා කරමින් සිටින බවයි. එසේම කැබිනට් මාධ්‍ය හමුවේදී සඳහන් කර ඇති පරිදි මෙම සාකච්ඡා තුළින් තවමත් එකඟතාවකට පැමිණ නොමැති බවත්, සාකච්ඡා ඔස්සේ යම් ප්‍රගතියක් අත්කර ගෙන ඇති බවත් ඔහු පැවසීය. එළැඹෙන ජනවාරි මාසයේදී මෙම සාකච්ඡා සම්පූර්ණ කිරීමට අවශ්‍ය බවත් මෙම මාසයේදී එය සපුරා ගැන්මට නොහැකි වුවහොත් ඊළඟ මාසය වෙනකොට එය සම්පූර්ණ කිරීමේ හැකියාවක් පවත්නා බවත් ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කළේ ය. අපිට කෙටිකාලීනව ආර්ථිකය ස්ථාවර කරගත හැකි වූවත්, දිගු කාලීනව ව්‍යුහාත්මක වෙනස්කම් සිදුවිය යුතු අතරම ප්‍රතිපත්තිමය රාමුවක් සකස් කළ යුතු බවයි. |
2022-12-15T11:57:16.000Z | බිත්තර පාලන මිලේ ගැසට්ටුව අත්හිටවූ අතුරු තහනම් නියෝගය නඩුව අවසන් වනතුරු ක්‍රියාත්මකයි.. | බිත්තර පාලන මිලට එරෙහි පෙත්සම.. | COLOMBO ( News 1 st ) - පාරිභෝගික කටයුතු අධිකාරිය බිත්තර සඳහා පාලන මිලක් පනවමින් නිකුත් කළ ගැසට් නිවේදනය අත්හිටුවමින්, තම අධිකරණය ඊයේ(14) නිකුත් කළ අතුරු තහනම් නියෝගය නඩු විභාගය අවසන් වන තුරු ක්‍රියාත්මක බව අභියාචනාධිකරණය අද(15) දැනුම් දෙනු ලැබීය. ඒ, බිත්තර සඳහා පැනවු පාලන මිලට එරෙහිව බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය අභියචානාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සම විභාග කිරීමට තීරණය කරමිනි. සුදු බිත්තරයක් රුපියල් 42 ක් හා රතු බිත්තරයක් රුපියල් 44ක් ලෙස උපරිම සිල්ලර මිලක් නියම කර ඇතැයි , පාරිභෝගික සේවා අධිකාරිය අද(15) අභියාචනාධිකරණයට දැනුම් දුන් අතර එම මිල ගණන් වලට එකඟ විය නොහැකි බව පෙත්සම්කාර පාර්ශවය කියා සිටියේ ය. ඒ අනුව පෙත්සම විභාගය ලබන පෙබරවාරි 6 වැනිදා ආරම්භ කිරීමට වසන්ත ද සිල්වා සහ කේමා ස්වර්ණාධිපති යන විනිසුරු මඩුල්ල අද(15 ) නියෝග කරනු ලැබීය. |
2022-12-15T11:53:28.000Z | ශ්‍රී ලංකාව ගැඹුරු අවපාතයකට ඇද වැටීමට ඉඩ ඇතැයි බ්ලූම්බර්ග් වෙබ් අඩවිය අනතුරු අඟවයි | ලංකාව ගැඹුරු ආර්ථික අවපාතයකට..? | COLOMBO ( News 1 st ) - දැඩි මූල්‍ය ප්‍රතිපත්ති හා ආසියාවේ වේගවත්ම උද්ධමනය මගින් ආර්ථිකය තවදුරටත් අඩපණ කිරීම නිසා ශ්‍රී ලංකාව ගැඹුරු අවපාතයකට ඇද වැටීමට ඉඩ ඇතැයි බ්ලූම්බර්ග් ව්‍යාපාරික වෙබ් අඩවිය අද(15) අනතුරු ඇගවීමක් කර තිබේ. එම වෙබ් අඩවිය පෙන්වා දෙන්නේ, පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ ජූලි සහ සැප්තැම්බර් අතර කාලයේ රටේ ආර්ථිකය 10 % කින් පමණ හැකිළී ඇති බවයි. අප්‍රේල් සිට ජුනි දක්වා කාලය තුළ 8.4% කින් ආර්ථිකය හැකිළී තිබෙන අතර දකුණු ආසියාව පිළිබඳ බ්ලූම්බර්ග් අර්ථ ශාස්ත්‍රඥ, අන්කූර් ශුක්ලා මහතා පෙන්වා දෙන්නේ, ඉහළ උද්ධමනයත් දුර්වල විශ්වසනීයත්වයත් නිසා ඉල්ලුම තවදුරටත් පහත වැටී ඇති බවයි. |
2022-12-15T09:46:21.000Z | රජයේ සම්පත් ප්‍රතිව්‍යුහගතකරණයෙන් අමෙරිකානු ඩො. බිලියන 3 ක් උපයා ගැනීමට බලාපොරොත්තු වනවා - විදේශ ඇමති අලි සබ්රි | සම්පත් ප්‍රතිව්‍යුහගතකරණයෙන් අ.ඩො.බි.3ක අපේක්ෂාවක් | COLOMBO ( News 1 st ) - ලබන වසරේ රජයේ සම්පත් ප්‍රතිව්‍යුහගතකරණය හරහා අමෙරිකානු ඩොලර් බිලියන 03 ක් උපයා ගැනීමට බලාපොරොත්තු වන බව විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ, අලි සබ්රි මහතා ප්‍රකාශ කර තිබේ. ඔහු මේ බව ප්‍රකාශ කළේ , රොයිටර් පුවත් සේවය සමග සම්මුඛ සාකඡාවකට එක්වෙමිනි. රොයිටර් පුවත් සේවය සමග පැවති සම්මුඛ සාකච්ඡාවේදී විදේශ කටයුතු අමාත්‍ය, ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පවසා ඇත්තේ, ලබන වසරේදී ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ණය පහසුකමට අමතරව බහු පාර්ශ්වීය ණය ලබා ගැනීම මගින් තවත් ඩොලර් බිලියන 05 ක් සම්පාදනය කර ගැනීමට අපේක්ෂා කරන බවයි. ජනාධිපතිවරයා ඇතැම් රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට උනන්දුවන අතර එමගින් අපේක්ෂා කරන ඩොලර් බිලියන 03 ක පමණ මුදල ලබා ගැනීමට හැකිවුවහොත්, භාණ්ඩාගාරය සහ සංචිත ශක්තිමත් වනු ඇති බව මෙහිදී අලි සබ්රි මහතා පෙන්වා දී තිබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අපේක්ෂා කරන ණය පහසුකම සඳහා එහි විධායක මණ්ඩලයේ අනුමැතිය ජනවාරි මාසයේදී ලැබෙනු ඇති බව පවසන අමාත්‍යවරයා පෙන්වා දී ඇත්තේ ඉන්දියාව, චීනය, ජපානය සහ පෞද්ගලික ණය හිමියන්ගෙන් මුල්‍ය සුරක්ෂිතභාවය පිළිබඳ සහතික ලබා ගැනීමට රජය අවශ්‍ය කටයුතු සිදුකරමින් සිටින බවයි. විශාලතම ද්විපාර්ශ්වික ණය හිමියන් වන චීනය සහ ඉන්දියාවෙන් ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ සහතික අපේක්ෂාවෙන් සිටින බවද අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දී තිබෙන අතර මෙම රටවල් දෙකම ණය ප්‍රතිව්‍යුහගත කරන ක්‍රියාවලියට මේ වන විටත් සහය දක්වා ඇති බව, පෙන්වා දෙන අමාත්‍යවරයා රොයිටර් පුවත් සේවයට පවසා ඇත්තේ, මේ වන විටත් ඊට අදාළ දත්ත හා ලිපිලේඛන එම රටවලට සම්පාදනය කර ඇති බවයි. ලබන වසරේ මුල් කාර්තුවේදී ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සහ වෙනත් බහු පාර්ශ්වික නියෝජ්‍ය ආයතන මගින් අපේක්ෂිත සහය හිමිවීමත් සමග , යළි ආර්ථිකයේ වර්ධනයක් අපේක්ෂා කළ හැකි බවයි. |
2022-12-15T09:40:01.000Z | බ්‍රිතාන්‍ය ඉතිහාසයේ දැවැන්තම හෙද සේවා වර්ජනය අද ඇරඹේ. | බ්‍රිතාන්‍යයේ හෙද සේවා වර්ජනය අද | COLOMBO ( News 1 st ) - බ්‍රිතාන්‍ය ඉතිහාසයේ දැවැන්තම හෙද සේවා වර්ජනය අද(15) ඇරඹීමට නියමිතයි. ඒ වැටුප් පිළිබඳ ගැටළුවක් මුල් කරගෙනයි. එරට රාජකීය හෙද විද්‍යාලයේ නිලධාරීන් 19%කින් වැටුප් ඉහළ දමන ලෙස සෞඛ්‍ය බලධාරීන්ගෙන් දිගින් දිගටම ඉල්ලීම් සිදු කළ අතර බලධාරීන් පැවසුවේ, එම මුදල එරට සෞඛ්‍ය පද්ධතියට දරාගත නොහැකි බවයි. ඒ අනුව අද(15) මෙරට වේලාවෙන් පස්වරු 1.30 සිට වේල්සය, උතුරු අයර්ලන්තය සහ එංගලන්තයේ හෙද නිලධාරීන් අඛණ්ඩව පැය 12ක සේවා වර්ජනයක් සිදු කිරීමට නියමිතයි. දෙසැම්බර් 20 වැනිදා ද තවත් පැය 12ක වැඩ වර්ජනයක් සිදුවනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා හි සඳහන්. නමුත් වැඩ වර්ජනය සිදුවන අවස්ථාවේදී අසාධ්‍ය රෝගීන්ට ප්‍රතිකාර කිරීම නියමිත පරිදි සිදුවන බවද හෙද නිලධාරී සංගමය ප්‍රකාශ කර තිබේ. |
2022-12-15T09:32:36.000Z | එක්සත් ජාතීන්ගේ කාන්තා අයිතිවාසිකම් පිළිබඳ කොමිසමෙන් ඉරානය ඉවතට | 'ඉරානය' කාන්තා අයිතිවාසිකම් පිළිබඳ කොමිසමෙන් ඉවතට | COLOMBO ( News 1 st ) - එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කාන්තා අයිතිවාසිකම් පිළිබඳ කොමිසමෙන් ඉරානය ඉවත් කර තිබේ. ඒ සාමාජිකයින් 54 දෙනෙකුගෙන් යුතු එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සමාජ කවුන්සිලයට අමෙරිකාව ගෙන ආ යෝජනාව සම්මත වීමත් සමගයි. ඉරානය නෙරපා දැමීමට සිදුකළ මෙම යෝජනාව සම්මත කරගැනීම සඳහා පැවැත්වූ ඡන්ද විමසීමේදී ඊට පක්ෂව ඡන්ද 29ක් ලැබී තිබෙන අතර රටවල් 16ක නියෝජිතයින් ඡන්දය දීමෙන් වැළකී සිටි බවද විදෙස් මාධ්‍ය වාර්තා කළේය. හිජාබය නොපැළදීම හේතුවෙන් අත්අඩංගුවේ සිටියදී මියගිය මාසා අමීනී වෙනුවෙන් ඇරඹි විරෝධතා පාලනය කිරීමට ඉරානය ගත් ක්‍රියාකලාපය ලොව පුරා විවේචනයට ලක් වූ අතර මානව හිමිකම් උල්ලංඝනය වූ ඉරාන විරෝධතාකරුවන්ට සහයෝගය දැක්වීමේ අරමුණින් ඉරානය මෙම කොමිසමෙන් ඉවත් කර ඇතැයි සඳහන් ය. ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සහ කාන්තාවන් සවිබල ගැන්වීම වෙනුවෙන් ඇති ප්‍රමුඛ කාන්තා සංවිධානයක් ලෙස මෙම කොමිසම සැළකෙයි. |
2022-12-15T08:49:13.000Z | සමාජ මාධ්‍ය ක්‍රියාකාරී ඩිලාන් සේනානායකට ශල්‍යකර්මයක් | ඩිලාන් සේනානායකට ශල්‍යකර්මයක් | COLOMBO ( News 1 st ) - සමාජ මාධ්‍ය ක්‍රියාකාරී ඩිලාන් සේනානායක මහතාට තියුණු ආයුධයකින් පහර දීමේ සිදුවීම පිළිබඳව පරීක්ෂණ ක්‍රියාත්මක බව පොලීසිය පවසයි. ඩිලාන් සේනානායක මහතා තවදුරටත් කලුබෝවිල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවන අතර මෙම පහර දීම සිදුව තිබුණේ , නුගේගොඩ පාගොඩ පාරේ පිහිටි ඩිලාන් සේනානායක මහතාගේ කාර්යාලයේදීයි. රාත්‍රී 9.00 ට පමණ ත්‍රිරෝද රථයකින් පැමිණි මුහුණු ආවරණ සහිත පුද්ගලයින් දෙදෙනෙක් මෙම පහර දීම සිදුකර තිබූ අතර සිද්ධිය සිදුවන අවස්ථාවේ ඩිලාන් සේනානායක මහතා සමග ඔහුගේ සහයකයා ද කාර්යාලයේ සිට ඇති අතර මෙම පුද්ගලයින් දෙදෙනා පැමිණි අවස්ථාවේ ඔහු මුළුතැන්ගෙට ගොස් තිබේ. අදාළ පුද්ගලයින් දෙදෙනා ඩිලාන් සේනානායක මහතාගෙන් තමන් හඳුනාගත හැකිදැයි අසා එක් වරම දෑත් සහ පාදවලට පිහියෙන් ප්‍රහාර එල්ල කර තිබුණි. පසුව ඔවුන් පැමිණි ත්‍රිරෝද රථයෙන්ම පළා ගොස් ඇති අතර තුවාල ලැබූ සේනානායක මහතා කලුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණි. රෝහල් ප්‍රකාශකයෙකු පැවසුවේ ඩිලාන් සේනානායක මහතාට ශල්‍යකර්මයක් ද සිදුකළ බවයි. |
2022-12-15T08:41:38.000Z | නොදන්වා සේවයට වාර්තා නොකළ යුද හමුදා නිලධාරීන්ට නිත්‍යනුකුලව ඉවත්වීමට අවස්ථාව | ආරක්ෂක අමාත්‍යාංශයෙන් නිවේදනයක් | COLOMBO (News 1st) - නොදන්වා සේවයට වාර්තා නොකළ යුද හමුදා නිලධාරීන් 21 දෙනෙකු සහ සෙසු නිලයන් 15,619 කට නිත්‍යනුකුලව ඉවත්වීමට තාවකාලික අස්වීම් ලබාදී තිබේ. හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් රවි හේරත් මහතා සඳහන් කළේ, යුද හමුදා ඉතිහාසය තුළ මෙතෙක් වාර්තා නොකළ සියලු නිලධාරීන්ට ඉවත්වීමට පසුගිය නොවැම්බර් මස 15 වැනි දා සිට ලබන 31 වැනි දා දක්වා පොදු සමා කාලයක් ලබා දී ඇති බවයි. එම කාලය තුළ මෙතෙක් නොදන්වා සේවයට වාර්තා කර නොමැති ඕනැම යුද හමුදා සාමාජිකයෙකුට සේවයෙන් ඉවත්වීමට අවස්ථාව හිමි වේ. මේ අතර නොදන්වා සේවයට වාර්තා නොකළ ශ්‍රී ලංකා නාවික හමුදාවේ 1061 කට සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 967 දෙනෙකුට ද නිත්‍යනුකුලව සේවයෙන් ඉවත් වීමට ලබන 31 වැනි දා දක්වා පොදු සමා කාලයක් ප්‍රකාශයට පත්කර ඇතැයි ආරක්ෂක අමාත්‍යාංශය පැවසීය. |
2022-12-15T05:49:12.000Z | ඩයනාට එරෙහි විදෙස් තහනම දින 5 කට ඉවත් කෙරේ | ඩයනාට එරෙහි විදෙස් තහනම දින 5 කට ඉවත් කෙරේ | COLOMBO (News 1st) - රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට එරෙහිව පනවා තිබූ විදෙස් ගමන් තහනම දින 5 ක කාලයකට තාවකාලිකව අත්හිටුවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (15) නියෝග කර තිබේ. ඒ, ආගමන විගමන පාලකවරයාට අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර විදෙස් ගමන් බලපත්‍රයක් ලබා ගැනීම ඇතුළු චෝදනා යටතේ පවරා ඇති නඩුව අද කැඳ වූ අවස්ථාවේදීය. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ස්ථානාධිපතිවරයාට නියෝග කළේ, රාජ්‍ය අමාත්‍යවරිය සම්බන්ධයෙන් සිදුවන විමර්ශනවල සවිස්තර වාර්තාවක් ලබන ජනවාරි 05 වන දා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි. රාජ්‍ය අමාත්‍යවරිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා කළ කරුණු දැක්වීම සලකා බැලීමෙන් පසු ඇයට එරෙහිව පනවා තිබු විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කිරීමට අධිකරණය නියෝග කළේ ය. අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනි සිටි නීතිඥවරුන් අධිකරණයට පෙන්වා දුන්නේ, රාජ්‍ය අමාත්‍යවරිය සම්බන්ධයෙන් නීතිපතිවරයා දක්වන නිහඬතාවය ගැටලු සහගත බවයි. ඇය මේ දක්වා එම විමර්ශනවල සැකකාරිය ලෙස නම් කර නොමැති බව, ඩයනා ගමගේ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න එහිදී පෙන්වා දුන්නේ ය. විවෘත අධිකරණය හමුවේ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ, විමර්ශන නිලධාරීන් විසින් මේ දක්වා තම අධිකරණයට ඉදිරිපත් කර ඇති විමර්ශන වාර්තා අනුව ඩයනා ගමගේ මහත්මිය එම විමර්ශනවල සැකකාරියක ලෙස නම් කර අත්අඩංගුවට ගැනීමට ප්‍රමාණවත් සාක්ෂි ඇති බව තම අධිකරණයට පෙනී යන බවය. කෙසේ නමුත් ඒ පිළිබඳ තීරණය ගත යුත්තේ, නීතිපතිවරයා සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් බව ද ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා පෙන්වා දුන්නේ ය. |
2022-12-15T05:29:39.000Z | මියගිය ගවයින් සහ එළුවන් වෙනුවෙන් වන්දි ලබාදීමට රජයේ අවධානය | මියගිය ගවයින් සහ එළුවන් වෙනුවෙන් වන්දියක් | COLOMBO (News 1st) - උතුරු සහ නැගෙනහිර පළාත්වල මියගිය ගවයින් සහ එළුවන් වෙනුවෙන් වන්දි ලබාදීම කෙරෙහි රජයේ අවධානය යොමුව තිබේ. කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසුවේ, ඊට අදාළ කැබිනට් පත්‍රිකාව ලබන සතියේ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බවයි. අදාළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවුවහොත්, මියගිය සත්ත්වයින් වෙනුවෙන් වන්දි ලබාදීමට පියවර ගන්නා බව ඔහු සඳහන් කළේ ය. උතුරු සහ නැගෙනහිර පළාත්වල ගවයින් හා එළුවන් මියයාමට හේතුව අධික සීතල නිසා ඇති වූ කම්පන තත්ත්වය බව මේ වනවිට අනාවරණ වී ඇත. සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පැවසුවේ, මේ වනවිට ගවයින් හා එළුවන් 1800 කට අධික සංඛ්‍යාවක් මියගොස් ඇති බවයි. |
2022-12-15T03:23:02.000Z | වෛද්‍යවරුන්ගේ අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව සංශෝධනය කරමින් නිවේදනයක් | වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස් සීමාවේ සංශෝධනයක් | COLOMBO (News 1st) - වෛද්‍යවරුන්ගේ අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව සංශෝධනය කරමින් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ අත්සනිනි. එම නිවේදනයට අනුව, විශේෂඥ වෛද්‍යවරුන්, දන්ත ශල්‍ය වෛද්‍යවරුන් සහ රජයේ ලියාපදිංචි වෛද්‍යවරුන් විශ්‍රාම ගැන්වීමට අදාළ සංශෝධන ඉදිරිපත් කර ඇත. දැනටමත් වයස අවුරුදු 63 සම්පුර්ණ කර ඇති වෛද්‍යවරුන් මේ වසරේ දෙසැම්බර් 31 දිනට ප්‍රථම විශ්‍රාම ගැන්වීම. * මේ වනවිට වයස අවුරුදු 62 සම්පුර්ණ වී ඇති වෛද්‍යවරුන් වයස අවුරුදු 63 වනවිට විශ්‍රාම ගැන්වීම. * වයස අවුරුදු 61 සම්පුර්ණ වී ඇති වෛද්‍යවරුන් වයස අවුරුදු 62 සම්පුර්ණ වීමත් සමග විශ්‍රාම ගැන්වීම. * මේ වනවිට වයස අවුරුදු 60 සම්පුර්ණ වී ඇති වෛද්‍යවරුන් වයස අවුරුදු 61 සම්පුර්ණ වනවිට විශ්‍රාම ගැන්වීම. * මේ වනවිට වයස අවුරුදු 59 සම්පුර්ණ වී ඇති වෛද්‍යවරුන් වයස අවුරුදු 60 සම්පුර්ණ වනවිට විශ්‍රාම ගැන්වීම. එම නව සංශෝධන ලෙස ප්‍රකාශයට පත්කර තිබේ. ජනවාරි 01 වැනි දා සිට ජුනි මස 30 වැනි දා දක්වා කාලසීමාව තුළ උපන්දිනය යෙදෙන වෛද්‍යවරුන්ට අදාළ වර්ෂයේ ජුනි මස 30 දක්වා සේවයට අවස්ථාව දිය යුතු වේ. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ නිවේදනයට අනුව, ජුලි 01 වැනි දා සිට දෙසැම්බර් 31 වැනි දා දක්වා කාල සීමාව තුළ උපන්දිනය යෙදෙන වෛද්‍යවරුන්ට අදාළ වර්ෂයේ දෙසැම්බර් 31 වැනි දා දක්වා සේවයට අවස්ථාව සැලසිය යුතු බව සඳහන් වේ. මෙම නව විධිවිධාන ලබන වසරේ දෙසැම්බර් 31 වැනි දායින් අවසන් වන බව ද නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ය. |
2022-12-15T02:53:10.000Z | කූඨ වෙළෙඳුන් සොයා පාරිභෝගික අධිකාරියෙන් පුළුල් විමර්ශන | කූඨ වෙළෙඳුන් සොයා පුළුල් මෙහෙයුම් | COLOMBO (News 1st) - උත්සව සමයේ වැඩි මිලට භාණ්ඩ අලෙවි කරන වෙළෙඳුන් සහ භාණ්ඩ සඟවන වෙළෙඳුන් සොයා පුළුල් මෙහෙයුම් ආරම්භ කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි. එහි සභාපති ශාන්ත නිරිඇල්ල මහතා ප්‍රකාශ කළේ, ප්‍රාදේශීය මට්ටමින් පාරිභෝගික සේවා නිලධාරීන් වෙළෙඳසැල් හිමියන් දැනුවත් කිරීම, භාණ්ඩ අලෙවිය සහ සැඟ වූ තොග ඇත්දැයි විමර්ශනය කරමින් සිටින බවයි. ලබන සතියේ සිට මෙම කටයුතු තවදුරටත් පුළුල් කරමින් වැටලීම් සිදු කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපතිවරයා සඳහන් කළේ ය. මේ අතර බිත්තර අලෙවිය සඳහා උපරිම සිල්ලර මිලක් පැනවීම සම්බන්ධයෙන් අපි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙන් විමසීමක් කළෙමු. එහි සභාපති ශාන්ත නිරිඇල්ල මහතා ප්‍රකාශ කළේ, අද දිනයේත් ඊට අදාළ අධිකරණ කටයුතු සිදුවන බැවින් ඒ පිළිබඳව ප්‍රකාශයක් කළ නොහැකි බවයි. අභියාචනාධිකරණය ඊයේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට නියෝග කළේ, ඊයේ දිනය තුළ බිත්තර අලෙවිය සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරන ලෙසයි. නමුත් මෙතෙක් බිත්තර සඳහා උපරිම සිල්ලර මිලක් නියම කර නැත. |
2022-12-15T02:20:19.000Z | නව වසරේ අලුත් සන්ධානයක්.. - හිටපු ජනපති මෛත්‍රී | "නව වසරේ අලුත් සන්ධානයක්.." - මෛත්‍රී | COLOMBO (News 1st) - රටේ ඉදිරි දේශපාලනය සඳහා නව සන්ධානයක් ගොඩ නැගී ඇති බවත් එය ලබන වසරේ ජනවාරී මාසයේදී එළිදක්වන බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ඔහු මේ බව සඳහන් කළේ, අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ වැඳ පුදා ගැනීමට ඊයේ (14) පැමිණි අවස්ථාවයේදීය. |
2022-12-15T01:38:16.000Z | ලෝක ශූර ප්‍රංශය මෙවරත් පාපන්දු ලෝක කුසලානයේ අවසන් මහ තරගයට.. | ප්‍රංශය පාපන්දු ලෝක කුසලානයේ අවසන් මහ තරගයට | COLOMBO (News1st) - ලෝක ශූර ප්‍රංශය අඛණ්ඩව දෙවන වරටත් ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තේ ය. ඒ තරගාවලියේ අපරාජිත මොරොක්කෝ කණ්ඩායමට ගෝල 2ට 0ක් ලෙස පරාජය කරමිනි. හැට අට දහසකට අධික ප්‍රේක්ෂක පිරිසක් ඉදිරියේ මෙම තරගය පැවැත්වුණේ, කාටාර් හී අල් බෙයිට් ක්‍රීඩාංගණයේදී ය. තරගයේ තම අණසක ප්‍රථම අර්ධයේදීම පැතිර වූ ලෝක ශූර ප්‍රංශය 5වන විනාඩියේදී පළමු ගෝලය වාර්තා කළේ ය. අවස්ථා කිහිපයකදීම මොරොක්කෝ කණ්ඩායම ගෝල රැස් කිරීමට උත්සාහ කළත් එය වැළකී ගියේ අවාසනාවන්ත ලෙසයි. පළමු අර්ධය ගෝල 1ට 0ක් ලෙස ප්‍රංශය පෙරමුණ ගත් අතර ප්‍රංශය තම දෙවන ගෝලය වාර්තා කළේ තරගයේ 79 වන විනාඩියේදීයි. ඒ අනුව ගෝල 2 ට 0ක් ලෙස ප්‍රංශය තරගයේ ජය හිමි කර ගත්තේ ය. ප්‍රංශය ලබන ඉරිදා ආර්ජන්ටිනාව සමග අවසන් මහා තරගයේ දී 2022 කටාර් ලෝක කුසලාන පාපන්දු රන් කුසලානය වෙනුවෙන් සටන් වදිනු ඇති. ප්‍රංශය අවස්ථා දෙකකදී පාපන්දු ලෝක කුසලානය දිනා ගෙන තිබේ. අවසන් වරට පැවැති 2018 ලෝක කුසලාන පාපන්දු කුසලානයේ ද හිමිකරුවන් වන්නේ ප්‍රංශයයි. අතිඋත්කර්ෂවත් අවසන් මහා තරගය ඉරිදා රාත්‍රී 8.30 සිට ඔබට, ක්‍රීඩාවට මුල් තැන දෙන ටී.වී.වන් නාලිකාව ඔස්සේ සජීවීව නැරඹිය හැකියි. |
2022-12-15T01:24:16.000Z | සමාජ මාධ්‍ය ක්‍රියාකාරි ඩිලාන් සේනානායකට තියුණු ආයුධයකින් පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ | ඩිලාන්ට තියුණු ආයුධයකින් පහරදීම ගැන පරීක්ෂණ | COLOMBO (News 1st) - සමාජ මාධ්‍ය ක්‍රියාකාරි ඩිලාන් සේනානායක මහතාට තියුණු ආයුධයකින් පහරදීමේ සිදුවීම පිළිබඳව පරීක්ෂණ ක්‍රියාත්මක බව පොලීසිය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පැවසුවේ, ඔහු තවදුරටත් කළුබෝවිල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන බවය. නුගේගොඩ, පාගොඩ පාරේ පිහිටි ඔහුගේ නිවසට ඊයේ (14) රාත්‍රියේ පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු පහරදීම සිදු කර ඇතැයි පොලීසිය සඳහන් කළේ ය. ඔහුගේ පාදයකට හා උරහිසට පහරදීමෙන් තුවාල සිදු ව ඇත. |
2022-12-15T00:56:43.000Z | දින 70 කට පසු සපුගස්කන්ද හෙට (16) සිට යළි වැඩ අරඹයි | සපුගස්කන්දේ මෙහෙයුම් හෙට සිට යළි ඇරඹේ | COLOMBO (News 1st) - සපුගස්කන්ද තෙල් පිරිපහදුව හෙට (16) යළි විවෘත කරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි. එහි සභාපති උවයිස් මොහොමඩ් මහතා සඳහන් කළේ, හෙට සිට පිරිපහදුවේ මෙහෙයුම් අඛණ්ඩව සිදු කිරීමට සැළසුම් කර ඇති බවයි. ඉන්ධන නිෂ්පාදනය සඳහා අවශ්‍ය බොරතෙල් සංචිත මේ වනවිට සපුගස්කන්ද තෙල් පිරිපහදුවට ලැබී ඇති බව ද සභාපතිවරයා ප්‍රකාශ කළේ ය. පසුගිය ඔක්තෝබර් මස 7 වැනි දා සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දැමුණේ, නිෂ්පාදන ක්‍රියාවලියට අවශ්‍ය බොරතෙල් නොමැති වීම හේතුවෙනි. ඒ අනුව දින 70 ක් පමණ සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දමා තිබුණි. හෙට (16) දිනයේ පූර්ණ ධාරිතාවෙන් නිෂ්පාදන ක්‍රියාවලිය ආරම්භ කළ පසු දෛනිකව ඩීසල් මෙට්‍රික් ටොන් 1,500 ක්, පෙට්‍රල් මෙට්‍රික් ටොන් 550 ක්, භූමිතෙල් සහ ගුවන්යානා ඉන්ධන මෙට්‍රික් ටොන් 950 ක් සහ නැප්තා මෙට්‍රික් ටොන් 1,500 ක් නිකුත් කළ හැකි බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ප්‍රකාශ කළේ ය. |
2022-12-15T00:39:42.000Z | ඩෙංගු රෝගීන් සීඝ්‍රයෙන් ඉහළට.. කොට්ඨාස 55 ක් අධිඅවදානම්.. | ඩෙංගු රෝගීන් වාර්තා වීම සීඝ්‍රයෙන් ඉහළට.. | COLOMBO (News 1st) - පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ ගත වූ මාස කිහිපයේ ඩෙංගු රෝගීන් වාර්තා වීම වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබේ. ජාතික ඩෙංගු මර්දන ඒකකය නිකුත් කළ නිවේදනයට අනුව මේ වසරේ ගත වූ කාලසීමාවේ වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 70,826 කි. පසුගිය වසරේ මේ කාලසීමාව වනවිට වාර්තා වී ඇත්තේ ඩෙංගු රෝගීන් 29,650 ක් පමණි. ඒ අනුව පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ ගත වූ මාස කිහිපයේ වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ වැඩිවීම 41,176 කි. මේ වසරේ දිවයිනේ වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ, කොළඹ, ගම්පහ, කළුතර සහ මහනුවර දිස්ත්‍රික්කවලිනි. වසරේ 49 වන සතිය වනවිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස 55 ක් අධිඅවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇත. ජාතික ඩෙංගු මර්දන ඒකකය නිවේදනය කළේ, ඒ අතුරින් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස 28 ක ඩෙංගු රෝගීන් වාර්තා වීම ඉහළ යමින් ඇතැයි තහවුරු වූ බවයි. එම කොට්ඨාසවල මදුරුවන් බෝ විය හැකි ස්ථාන හඳුනාගෙන මදුරු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කර ඇති අතර මදුරුවන් බෝ විය හැකි ස්ථාන කෙරෙහි අවධානය යොමු කරන්නැයි එම ඒකකය ජනතාවගෙන් ඉල්ලා සිටි. |
2022-12-15T00:29:06.000Z | ගෙවුණු දිනය උණුසුම් කළ පුවත් | ගෙවුණු දිනය උණුසුම් කළ පුවත් | 1. තියුණු ආයුධයකින් පහර දීමෙන් තුවාල ලැබූ සමාජ මාධ්‍ය ක්‍රියාකාරී ඩිලාන් සේනානායක රෝහලට - සමාජ මාධ්‍ය ක්‍රියාකාරී ඩිලාන් සේනානායක මහතාට පුද්ගලයින් දෙදෙනෙකු තියුණු ආයුධයකින් පහර දී තිබේ. 2. ගම්මැද්ද නිර්මාතෘ ආර්. රාජමහේන්ද්‍රන් මහතාගේ නමින් ජාත්‍යන්තර සම්මානයක් - අමෙරිකා එක්සත් ජනපදයේ පොදුජන සේවා පිළිබඳ වඩාත් ප්‍රචලිතම අධ්‍යයන පීඨය වන ආකන්සෝ විශ්වවිද්‍යාලයේ ක්ලින්ටන් ස්කුල් ඔෆ් පබ්ලික් සර්විස් සහ ගම්මැද්ද ක්‍රියාන්විතය එක්ව මනුෂ්‍යත්වය උදෙසාවන නායකත්වය අගයමින් දිවංගත ආර්. රාජමහේන්ද්‍රන් මහතාගේ නමින් සම්මානයක් පිරිනැමීමට තීරණයකර තිබේ. 3. ණය ගෙවීමට හැකි ආර්ථිකයක් රට තුළ ගොඩනගනවා – ජනපති - ණය බරින් නිදහස් වූ සහ ණය ගෙවීමට හැකි ආර්ථිකයක් රට තුළ ගොඩනගන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර තිබේ. 4. රුපියල් මිලියන 13ක මත්ද්‍රව්‍ය ගුවන්තොටුපොළෙන් හමුවෙයි - කටුනායක ගුවන්තොටුපොළේ ගුවන් භාණ්ඩ පර්යන්තයේ තිබී මෙතෆෙටමින් නමැති මත්ද්‍රව්‍ය අඩංගු පාර්සලයක් රේගු නිලධාරින් භාරයට ගෙන තිබෙන අතර එම පාර්සලය මෙරටට එවා ඇත්තේ මෙක්සිකෝවේ සිටයි. 5. එක්සත් අරාබි එමීර් රාජ්‍ය විදෙස් ගෘහ සේවිකාවන්ට නව නීති මාලාවක් හඳුන්වා දෙයි - එක්සත් අරාබි එමීර් රාජ්‍යය, විදෙස් ගෘහ සේවිකාවන් සම්බන්ධයෙන් නව නීති මාලාවක් හඳුන්වා දී තිබේ. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.