date
stringlengths 24
24
| title
stringlengths 0
176
| short_title
stringlengths 10
69
| content
stringlengths 0
19.7k
|
---|---|---|---|
2022-12-28T15:02:40.000Z | ජනපති අඹේවෙලට.. රජයේ ඉඩම් අක්කර 30 ක් ගොවිපොළට මුදාහරින්නැයි උපදෙස් | ජනපති අඹේවෙලට | COLOMBO ( News 1st ) - අඹේවෙල ගොවිපොළ සමීපයේ අතහැර දමා ඇති අක්කර 30ක භූමිය , වහාම අඹේවෙල ගොවිපොළට ලබා දී , එය සංවර්ධනය කිරීමට අවශ්‍ය පහසුකම් සපයන ලෙස , ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්වරයාට උපදෙස් දී තිබේ. ජනාධිපතිවරයා වැඩිදුරටත් දැනුම්දී ඇත්තේ , එම භූමිය තෘණ වගා භූමියක් ලෙස පවත්වා ගනිමින් කිරි ගවයන්ගේ ආහාර අවශ්‍යතාව සැපයීමේ පද්ධතියට එක් කරන ලෙසයි. අඹේවෙල ගොවිපොළ සමූහයට අයත් යුනයිටඩ් ඩෙයරීස් ලංකා ලිමිටඩ් අඹේවෙල නව ඒකකයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ය. මෙරට විශ්වවිද්‍යාල සිසුන්ගේ පර්යේෂණ කටයුතු සහ අත්දැකීම් සඳහා මෙම ගොවිපොළ විවෘත කර ඊට අවශ්‍ය පසුබිම සකසා දෙන ලෙස , ජනාධිපතිවරයා නිලධාරීන්ට වැඩිදුරටත් උපදෙස් ලබා දී තිබේ. |
2022-12-28T13:55:30.000Z | ස්වර්ණමහල් ෆයිනෑන්ෂල් සර්විසස් පීඑල්සී සමාගමේ මූල්‍ය ව්‍යාපාර බලපත්‍රය අවලංගු කෙරේ | ස්වර්ණමහල් ෆයිනෑන්ෂල් ව්‍යාපාර බලපත්‍රය අවලංගුයි | COLOMBO ( News 1st ) - ස්වර්ණමහල් ෆයිනෑන්ෂල් සර්විසස් පීඑල්සී සමාගමේ මූල්‍ය ව්‍යාපාර බලපත්‍රය අවලංගු කර තිබේ. අද (28) සිට ක්‍රියාත්මක වන පරිදි ස්වර්ණමහල් ෆයිනෑන්ෂියල් සර්විසස් පීඑල්සී ආයතනයේ , මුදල් ව්‍යාපාර බලපත්‍රය අවලංගු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර තිබේ. ඒ අනුව එම ආයතනයට අද (28) සිට මුදල් ව්‍යාපාර පනතේ විධිවිධාන යටතේ, මුදල් ව්‍යාපාර කටයුතු පවත්වා ගෙන යාමට අවසර හිමි නොවන අතර ස්වර්ණමහල් ෆයිනෑන්ෂියල් සර්විසස් පීඑල්සී ආයතනය කල්බදු මුල්‍යකරණ ආයතනයක් ලෙස ලබා දී තිබූ ලියාපදිංචි කිරීමේ සහතිකය අවලංගු කිරීමට ද තීරණය කර ඇතැයි නිවේදනයක් නිකුත් කරමින් මහබැංකුව සඳහන් කර තිබේ. එහි දැක්වෙන්නේ, ස්වර්ණමහල් ෆයිනෑන්ෂියල් සර්විසස් පීඑල්සී ආයතනයේ තැන්පතු නැවත ගෙවීම සඳහා එස්.එම්.බී. ෆයිනෑන්ස් පීඑල්සී ආයතනය දැක්වූ දායකත්වය මත ස්වර්ණමහල් ෆයිනෑන්ෂියල් සර්විසස් පීඑල්සී ආයතනයෙහි ඊට අනුරූපී වත්කම් සහ අදාළ තැන්පතුකරුවන්ගේ තොරතුරු එස්.එම්.බී. ෆයිනෑන්ස් පීඑල්සී ආයතනය වෙත පවරා ඇති බවයි. |
2022-12-28T13:22:19.000Z | ඩුබායි සුද්දා ඇප මත මුදාහරී | ඩුබායි සුද්දා ඇප මත මුදාහරී | COLOMBO ( News 1 st ) - ප්‍රියශාන්ත කුමාර හෙවත් ඩුබායි සුද්දා ,ඇප මත මුදා හැර තිබේ. ඒ,ඔහු අද (28) පස්වරුවේ කඩුවෙල මහේස්ත්‍රාත්, චාමිණි විජේබණ්ඩාර මහත්මිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. ඩුබායි සුද්දා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් අද (28) දහවල් අත්අඩංගුවට ගත්තේ, පුද්ගලයින් 200 ක් සමග විරෝධතාවක නිරත වෙමින් සිටියදීයි. ඒ,විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ බලපත්‍රයක් රහිතව විදේශ රැකියා සඳහා තැනැත්තන් යොමු කිරීමට පුහුණු ප්‍රචාරක කටයුතු කිරීම යන චෝදනා යටතේයි. මොහු විදේශ සේවා නියුක්ති කාර්යාංශ පනතේ 37 වන වගන්තිය උල්ලංඝණය කර ඇති බවට,එම කාර්යාංශය අධිකරණයට දැනුම් දී තිබූ අතර ඔවුන් අධිකරණයට වැඩිදුරටත් දැනුම් දුන්නේ , සැකකාර ඩුබායි සුද්දා දිගින් දිගමට පුද්ගලයින් විදේශගත වීම අධෛර්යමත් කිරීමට කටයුතු කර ඇති බවයි. මෙරටට විදේශ විනිමය එන මාර්ග අවහිර වන පරිදි පුද්ගලයින් විදේශගත වීම වැළැක්වීමට කටයුතු කර ඇති ඩුබායි සුද්දාට ඇප ලබා නොදෙන ලෙස කාර්යාංශය අධිකරණයෙන් ඉල්ලා තිබේ. සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ,කමල් විජේසිරි මහතා අධිකරණයට පෙන්වා දුන්නේ , මැද පෙරදිග රටවලට ශ්‍රී ලාංකික කාන්තාවන් යවා ලිංගික කටයුතු සඳහා ජාවාරම් කරන බවට පළමු වරට අනාවරණය කළේ, මොහු බවයි. මහජනතාව දැනුවත් කිරීමේ ක්‍රියාවක නිරත වු මොහුව අත්අඩංගුවට ගැනීමට ක්‍රියාකර ඇත්තේ,ද්වේශ සහගතව බව නීතිඥවරයා අධිකරණයට පෙන්වා දුන්නේ ය. කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය සැකකරු රුපියල් ලක්ෂය බැගින්වු ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළා ය. මෙම නඩුව මාර්තු මස 27 යළි කැඳවීමට නියමිතයි. |
2022-12-28T12:27:59.000Z | ඉන්දීය තරග සංචාරය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය නම් කෙරේ | ඉන්දියාවට එරෙහි ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ | COLOMBO (News 1st) - ඉන්දීය සංචාරය සඳහා ශ්‍රී ලංකා එක් දින සහ 20යි 20 සංචිතය අද (28 ) ප්‍රකාශයට පත් කළේ ය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද නිකුත් කළ නිවේදනයක දැක්වූයේ, 20 දෙනෙකුගෙන් සමන්විත සංචිතයට ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ අනුමැතිය හිමි වූ බවයි. මෙවරද කණ්ඩායම මෙහෙය වීමේ වගකීම දසුන් ශානකට හිමිවන අතර එක් දින කණ්ඩායමේ උප නායකත්වය කුසල් මෙන්ඩිස්ටත්, 20යි 20 කණ්ඩායමේ උප නායකත්වය වනිඳු හසරංගටත් හිමිව තිබේ. ඇෆ්ගනිස්ථානයට එරෙහි තරගාවලියට ඇතුළත් නොවූ සදීර සමරවික්‍රම, අවිශ්ක ප්‍රනාන්දු, චාමික කරුණාරත්න, ඩිල්ශාන් මදුශංක, නුවනිඳු ප්‍රනාන්දු සහ නුවන් තුෂාර ද ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත් වේ. අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වූයේ, භානුක රාපක්ෂ සහ නුවන් තුෂාර පන්දුවාර 20යි 20 සංචිතයට පමණක් ඇතුළත්කර ඇති බවයි. ජෙෆ්රි වැන්ඩසේ සහ නුවනිඳු ප්‍රනාන්දු එක් දින සංචිතයට පමණක් කැඳවා ඇත. සංචිතයේ සෙසු ක්‍රීඩයින් වන්නේ පැතුම් නිස්සංක, චරිත් අසලංක, ධනංජය ද සිල්වා, අශේන් බණ්ඩාර, මහීෂ් තීක්ෂණ, කසුන් රාජිත, දුනිත් වෙල්ලාලගේ සහ ලහිරු කුමාර යි. මෙම තරගාවලියට එක් දින සහ 20යි 20 තරග 3 බැගින් ඇතුළත් වේ. ජනවාරි 3 වැනිදා මුම්බායිහි වංකඩේ ක්‍රීඩාංගනේදී පැවැත්වෙන 20යි 20 තරගයෙන්, මෙම තරගාවලිය ආරම්භ වීමට නියමිතව ඇත. |
2022-12-28T12:11:50.000Z | නව සුරාබදු කොමසාරිස් ජනරාල් ලෙස සමන් ජයසිංහ පත් කෙරේ.. | නව සුරාබදු කොමසාරිස් ජනරාල් සමන් ජයසිංහ | COLOMBO ( News 1st ) - 2023 ජනවාරි 02 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි සුරාබදු කොමසාරිස් ජනරාල් ධුරයට නව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයෙකු පත් කර තිබේ. ඒ අනුව ජනාධිපති මාධ්‍ය ඒකකය ප්‍රකාශ කළේ, ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරි සමන් ජයසිංහ මහතා මෙම ධුරයට පත් කර ඇති බවයි. |
2022-12-28T11:21:13.000Z | ශ්‍රී ලංකා - ඉන්දීය 20 - 20 සහ එක්දින ක්‍රිකට් තරගාවලියේ ඉන්දීය සංචිතය නම් කෙරේ.. | ශ්‍රී ලංකාවට එරෙහි ඉන්දීය සංචිතය නම් කෙරේ | COLOMBO ( News 1st ) - ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන 20-20 සහ එක්දින ක්‍රිකට් තරගාවලි සඳහා වන ඉන්දීය සංචිත අද (28) ප්‍රකාශයට පත් කර තිබේ. එක්දින ක්‍රිකට් තරගාවලියේ, ඉන්දීය නායකත්වය යළි රෝහිත් ශර්මාට හිමිව ඇති අතර විරාට් කෝලි, සූර්යකුමාර් යාදෙව්, ශ්‍රෙයාස් අයියර් සහ ලෝකේෂ් රාහුල් ඇතුළු ක්‍රීඩකයින් එම සංචිතයට ඇතුළත් ය. 20-20 සංචිතයේ නායකයා ලෙස පත් කර තිබෙන්නේ තුන් ඉරියව් ක්‍රීඩක හර්දික් පාන්ඩ්‍යා වන අතර ඉෂාන් කිෂන්, ශුබ්මන් ගිල්, සංජු සැම්සන්, යුස්වේන්ද්‍ර චහාල් සහ හර්ෂාල් පටෙල්ද එම සංචිතය නියෝජනය කරති. ඉන්දියාව සත්කාරකත්වය දරන තරගාවලියේ පළමු 20-20 තරගය ජනවාරි 3 වැනිදා පැවැත්වීමට නියමිතය. |
2022-12-28T11:10:37.000Z | ලබන 30 - 31 දිවයින පුරා ඩෙංගු මර්දන වැඩසටහනක් | දිවයින පුරා ඩෙංගු මර්දන වැඩසටහනක් | COLOMBO ( News 1st ) - ලබන 30 වැනිදා සහ 31වැනිදා දිවයින පුරා ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ. ඒ ප්‍රදේශ රැසක ඩෙංගු මදුරු ඝනත්වය තවදුරටත් ඉහළ අගයක පැවතීම සැළකිල්ලට ගනිමිනි. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් 75,434 ක් හඳුනා ගත් බවයි. එය පෙර වසරට සාපේක්ෂව දෙගුණයකටත් වඩා වැඩිවීමකි. නිවේදනයක් නිකුත් කරමින්, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ, තම අවට පරිශ්‍රයන් මෙන්ම පොදු ස්ථානවල මදුරුවන් බෝවිය හැකි ස්ථාන ඉවත් කිරීමෙන් ඩෙංගු මදුරුවන් බෝවීම වළක්වා ගත හැකි බවයි. ජනවාරි 02 වැනිදා පාසල් යළි ආරම්භ කිරීමට නියමිත බැවින් පාසල් පරිශ්‍රයන් පිරිසිදු කිරීම සඳහා ද විදුහල්පතිවරුන්ගේ මූලිකත්වයෙන් වැඩසටහන් සකස් කරන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඉල්ලීමක් කර තිබේ. |
2022-12-28T11:05:38.000Z | යළි හිස ඔසවන කුරුලු උණ.. | හිස ඔසවන කුරුලු උණ.. | COLOMBO ( News 1st ) - කුරුලු උණ රෝගය හේතුවෙන් නයිජර් රාජ්‍යයේ පක්ෂීන් 4,000ක් පමණ මියගොස් තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, එම කුරුළු ගොවිපොළවල් සිටි අනෙකුත් පක්ෂීන් ද වෛරසය ව්‍යාප්ත වීම වළක්වා ගැනීම උදෙසා මරා දැමීමට සිදුවූ බවයි. මේ අතර පසුගිය සතියේ ඉන්දියාවේ කේරල ප්‍රන්තයේ ද කුරුළු උණ හේතුවෙන් පක්ෂීන් 8,000ක් පමණ මරා දමා තිබෙන අතර ප්‍රංශයේද රට පුරා ගොවිපොළව කුරුළු උණ ව්‍යාප්ත වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් ය. |
2022-12-28T11:02:20.000Z | හංගේරියාවට පනින්න හැදූ ලාංකිකයින් ඇතුළු 27 ක් රුමේනියා දේශ සීමාවේදී අත්අඩංගුවට | රුමේනියා දේශ සීමාවේදී ලාංකිකයින් ඇතුළු 27ක් දැලේ | COLOMBO ( News 1st ) - හංගේරියාව ඇතුලු වීමට උත්සහ කළ ශ්‍රී ලාංකිකයින් ඇතුළු අනවසර සංක්‍රමණිකයින් 27 දෙනෙකු රුමේනියානු දේශසීමාවේදී අත්අඩංගුවට ගෙන තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඉන්දියාව, බංගලාදේශය, පකිස්ථානය සහ එරිත්‍රියාව යන රටවල පුද්ගලයින්ද එම පිරිසට අයත් වන බවයි. රෙදිපිළි සහ යකඩ ප්‍රවාහනය කරමින් තිබූ ට්‍රක් රථ දෙකක් පරීක්ෂා කිරීමේදී එහි සැඟව සිටි මෙම පුද්ගලයින් පිරිස සොයාගෙන තිබෙන අතර විදෙස් මාධ්‍ය වාර්තා කළේ , වැඩිදුර පරීක්ෂණ සඳහා ඔවුන් පොලිස් භාරයට ගෙන ඇති බවයි. අත්අඩංගුවට පත් මෙම පුද්ගලයින් අවුරුදු 21 සහ 67 අතර යන වයස්වල පසුවන්නන් වේ. |
2022-12-28T10:57:17.000Z | ගාල්ලේ නිවසක් ගිනි ගෙන විනාශයි | ගාල්ලේ නිවසක් ගිනි ගෙන විනාශයි | COLOMBO ( Mews 1st ) - ගාල්ල මහමෝදර ප්‍රදේශයේ නිවසක් ගිනි ගෙන විනාශ වී තිබේ. මෙම ගින්න තවත් නිවාස 2කට පැතිර ගොස් ඇති අතර, එය පාලනය කිරීමට ගාල්ල මහ නගර සභාවේ ගිනි නිවීමේ ඒකකය ද පැමිණ ඇති අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත. |
2022-12-28T09:33:08.000Z | ඉන්දියාවේදී අත්අඩංගුවට ගත් මෙරට අපරාධ කල්ලි සාමාජිකයින් සම්බන්ධයෙන් පරීක්ෂණ | ඉන්දීය අත්අඩංගුවටපත් මෙරට අපරාධ කල්ලි සාමාජිකයින් | COLOMBO ( News 1 st ) - ඉන්දියාවේ, තමිල්නාඩුවේ විශේෂ සරණාගත කඳවුරක රඳවා සිටියදී අත්අඩංගුවට ගත් මෙරට සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් 9 දෙනා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශේෂ අධ්‍යනයක් ආරම්භ කර තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැවසුවේ, ඉන්දීය අත්අඩංගුවේ පසුවන සැකකරුවන් අතුරින් මෙරට භාරයට ගත යුතු සැකකරුවන් කවුරුන් ද? යන්න හඳුනා ගැනීම මෙහි අරමුණ බවයි. ඒ, සඳහා අදාළ සැකකරුවන්ගේ තොරතුරු සියලු පොලිස් ස්ථානවලින් කැඳවා ඇති බව ද, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළ අතර එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ,එම කටයුතු සඳහා විශේෂ නිලධාරීන් කණ්ඩායමක් ඉදිරියේදී ඉන්දියාව බලා පිටත්කර හැරෙන බවයි. පසුගියදා තමිල්නාඩු ප්‍රාන්තයේ ට්‍රීචිහි පිහිටි විශේෂ සරණාගත කඳවුරේ සිදුකළ පරීක්ෂාවකින් පසුව මෙම සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් 9 දෙනා අත්අඩංගුවට ගැනුණි. ඉන්දියාවේ ජාතික විමර්ශන ඒජන්සිය සඳහන් කළේ, අත්අඩංගුවට ගත් දෙදෙනෙක් ඩුබායි, පකිස්ථානය සහ ඉරානය අතර නිතර ගමන් කළ පාකිස්තානය පදනම් කරගත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන හාජි සලීම් සමග සම්බන්ධතා පවත්වා ඇති බවයි. මෙම පුද්ගලයින් සහ සලීම් ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ එල්.ටී.ටී.ඊ ය නැවත පණගැන්වීමට කටයුතු කරමින් සිට ඇති බවටද චෝදනා එල්ල වේ.. සී.ගුණසේකරන් හෙවත් කිඹුලා ඇලේ ගුණා, පූකුඩිකන්නා, මොහොමඩ් අස්වින්, සුනිල් ගාමිණි ෆොන්සේකා නොහොත් කොට ගාමිණි, ස්ටැන්ලි කෙනඩි ප්‍රනාන්දු නොහොත් බුම්මා, අතුරුගිරියේ ලඩියා, වැල්ලේ සුරංග, මොහොමඩ් අස්මින් සහ තීලීපන්. ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සිය භාරයට ගත් මෙරට සංවිධානාත්මක අපරාධකරුවන් ලෙස හඳුනාගෙන ඇති සැකකරුවන් ය. |
2022-12-28T07:21:37.000Z | දිනේෂ් ශාෆ්ටර් මරණය: විමර්ශන කණ්ඩායම් පොලිස්පති හමුවට කැඳවයි | ශාෆ්ටර් මරණය: විමර්ශන කණ්ඩායම් පොලිස්පති හමුවට | COLOMBO (News 1st) - ප්‍රකට ව්‍යාපාරික දිනේෂ් ශාෆ්ටර් මහතාගේ මරණය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන සියලු කණ්ඩායම් පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතා හමුවට කැඳවා තිබේ. ඒ, විමර්ශනවල ප්‍රගතිය විමසා බැලීම ඇතුළු ඉදිරි තත්ත්වය ගැන සාකච්ඡා කිරීම සඳහායි. මෙම මරණය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු කණ්ඩායම් 8 ක් විමර්ශන සඳහා යොදවා ඇත. පොලීසිය පැවසුවේ, ඒ අතරට වෝහාරික විමර්ශන කණ්ඩායම්, මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසය ඇතුළු අංශ අයත් බවයි. අදාළ කණ්ඩායම්වල විමර්ශන නිලධාරීන් පොලිස්පතිවරයා සමග සාකච්ඡාවට කැඳවා තිබේ. |
2022-12-28T05:42:47.000Z | එළවළු ප්‍රවාහනය සඳහා ලබන මාසයේ සිට අලුත් දුම්රියක් | එළවළු ප්‍රවාහනය සඳහා ලබන මාසයේ සිට අලුත් දුම්රියක් | COLOMBO (News 1st) - එළවළු ප්‍රවාහනය සඳහා නව දුම්රියක් ලබන මාසයේ සිට සේවයට යෙදවීමට දුම්රිය දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබේ . එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මේ වනවිට එම දුම්රිය අත්හදා බැලීමේ කටයුතු ආරම්භ කර ඇති බවයි. ඉන්ධන මිල ඉහළ යාමත් සමග එළවළු ප්‍රවාහනය සඳහා ඉහළ පිරිවැයක් දැරීමට සිදුවීම හා ප්‍රවාහනයේදි සිදුවන අස්වනු හානිය අවම කිරිම සඳහා මේ පියවර ගෙන ඇත්තේ මෙවර අයවැයෙන් කළ යෝජනාවක් ලෙසයි. |
2022-12-28T04:58:43.000Z | ජාතික ප්‍රශ්නය ගැන කතා කරන්න සෝල්හයිම්ට කිසිදු සුදුසු කමක් නැහැ - ටෙලෝ සංවිධානය | එරික් සෝල්හයිම් තමන්ගේ වැඩක් බලා ගතයුතුයි - ටෙලෝ | COLOMBO (News 1st) - ජාතික ප්‍රශ්නය පිළිබඳව අදහස් පළ කිරීමට එරික් සෝල්හයිම් මහතාට කිසිදු සුදුසු කමක් නොමැති බව ටෙලෝ සංවිධානය අවධාරණය කරයි. ජාතික ප්‍රශ්නය විසඳීම සඳහා මැදිහත් විය යුත්තේ කවුරුන්දැයි තීරණය කරන්නේ දෙමළ ජනතාව බව ටෙලෝ සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශක සුරේන්ද්‍රන් ගුරුස්වාමී මහතා පවසයි. එරික් සෝලහයිම් ශ්‍රී ලංකාවේ නියෝජිතයෙකු හෝ රාජ්‍ය තාන්ත්‍රිකයෙක් හෝ නොවන බවත් ඔහු මෙරට ජාතික ප්‍රශ්නය පිළිබඳව හා දේශපාලන විසඳුමක් පිළිබඳව ආරාධනාවකින් තොරව අදහස් පළ කිරීම අනවශ්‍ය කාරණයක් බවත් ටෙලෝ සංවිධානය අවධාරණය කළේ ය. වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳව මැදිහත් වීමට එරික් සෝල්හයිම්ගේ සුදුසුකම කුමක්දැයි විමසන සුරේන්ද්‍රන් ගුරුස්වාමී මහතා පවසන්නේ සොල්හයිම් මහතා කුමන රටක නියෝජිතයෙකු ලෙස කටයුතු කරන්නේ ද යන්න සහ ඔහු කාගේ රූකඩයක් ලෙස දෙමළ ජනතාවගේ ප්‍රශ්න පිළිබඳව අදහස් පළ කරන්නේ ද යන්නයි. සුරේන්ද්‍රන් ගුරුස්වාමී මහතා වැඩිදුරටත් ප්‍රශ්න කරන්නේ එසේ නැතිනම් ඔහු කවුරුන් තෘප්තිමත් කරන්නේද යන්නයි. එරික් සෝල්හයිම් මහතාගේ උපදෙස් හෝ මැදිහත්වීම හෝ අදහස් දෙමළ නායකයින් කිසිවෙක් ඉල්ලා නැති බව ද ඔහු පවසයි. සුරේන්ද්‍රන් ගුරුස්වාමී මහතා පවසන්නේ එරික් සෝල් හයිම් මහතා තමන්ගේ වැඩක් බලාගතයුතු බවයි. |
2022-12-28T02:38:20.000Z | වියට්නාමයේදී අත්අඩංගුවට පත් ලාංකික සරණාගතයින් පිටුවහල් කෙරේ | ශ්‍රී ලාංකික සරණාගතයින් පිරිසක් පිටුවහල් කෙරේ | COLOMBO (News 1st) - වියට්නාම අත්අඩංගුවට පත් ශ්‍රී ලාංකික සරණාගතයින් අතුරින් 151 දෙනෙකු මෙරටට පිටුවහල් කර තිබේ. කටුනායක ගුවන්තොටුපළ කාර්යභාර නිලධාරිවරයා පැවසුවේ, එම පිරිස විශේෂ ගුවන් යානයකින් ඊයේ රාත්‍රීයේ දිවයිනට පැමිණ ඇති බවයි. පැමිණි පිරිසගෙන් මේ වන විට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර, ඔවුන් ඉදිරි විමර්ශන සදහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට භාර දීමට නියමිතයි. ශ්‍රී ලාංකිකයින් 300 කට අධික පිරිසක් යාත්‍රාවකින් කැනඩාව බලා යාත්‍රා කරමින් සිටියදී එහි ඇති වු කාර්මික දෝෂයක් හේතුවෙන්, මුහුදේ පාවෙමින් තිබියදී පසුගියදා වියට්නාම අත්අඩංගුවට පත්විය. එහිදී අත්අඩංගුවට පත් පිරිස 300 කට අධිකයි. එම පිරිස යළි මෙරටට පැමිණීමට සිය කැමැත්ත ප්‍රකාශ කිරිමත් සමග ඉන් 151 දෙනෙකු මෙලෙස පිටුවහල් කර ඇතැයි, ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය. |
2022-12-28T02:10:50.000Z | වැලි, ගල්, බොරළු සහ මැටි ප්‍රවාහනය සඳහා නව බලපත්‍ර ක්‍රමවේදයක්... | ගොඩනැගිලි ද්‍රව්‍ය ප්‍රවාහනයට බලපත්‍ර ක්‍රමවේදයක් | COLOMBO (News 1st) - ලබන මස 2වැනිදා සිට වැලි, ගල්, බොරළු සහ මැටි ප්‍රවාහනය සඳහා නව බලපත්‍ර ක්‍රමවේදයක් හඳුන්වා දෙන බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය පවසයි. ඒ පිළිබඳව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් අජිත් ප්‍රේම් මහතා පැහැදිලි කිරීමක් සිදුකළේ ය. "පසුගිය කාල පරිච්ඡේදය තුළ ගොඩනැගිලි ද්‍රව්‍ය විශේෂයෙන්ම වැලි බොරළු හා පස් ප්‍රවාහනයේදී ප්‍රවාහන බලපත්‍ර තුළ වාහන අංකය සහ ප්‍රවාහනය කරන ගමන් මාර්ගය සඳහන් නොවූ බැවින් අක්‍රමිකතා රාශියක් සිදුවුනා. මේ නිසා පරිසර අමාත්‍යතුමාගේ විශේෂ අවධානය මේ පිළිබඳව යොමුවීම තුළ ලබන වසරේ ජනවාරි මස 2වැනිදා සිට සියලුම ප්‍රවාහන බලපත්‍ර තුළ වාහන අංකයත් ගමන් මාර්ගයත් ගමනාන්තයත් යන කරුණු අඩංගු කිරීමට භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශය කටයුතු කරනු ලබනවා" |
2022-12-28T02:10:11.000Z | පළාත් කිහිපයකට අදත් වැසි | පළාත් කිහිපයකට අදත් වැසි | COLOMBO (News 1st) - බස්නාහිර, සබරගමුව, වයඹ යන පළාත්වල සහ ගාල්ල, මාතර යන දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, අද (28) සවස් හෝ රාත්‍රී කාලයේදී බොහෝදුරට වැසි අපේක්ෂා කරන බවය. වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මගින් සිදුවිය හැකි අනතුරු පිළිබඳ විමසිලිමත් වන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටින බව ද එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ය. මේ අතර උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ ඌව යන පළාත්වල ද මද වැසි ඇතිවිය හැකියි. |
2022-12-28T01:54:09.000Z | තල් සංවර්ධන මණ්ඩලයේ නි. සාමාන්‍යාධිකාරිවරයෙකු ඇතුළු දෙදෙනෙකු සේවයෙන් පහකෙරේ | තල් සංවර්ධනේ නි.සාමාන්‍යාධිකාරිවරයෙක් සේවයෙන් ඉවතට | COLOMBO (News 1st) - තල් සංවර්ධන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයෙකු හා එහි විගණන නිලධාරියා සේවයෙන් පහකර තිබේ. එහි සභාපති ක්‍රිෂාන්ත පතිරාජ මහතා සඳහන් කළේ, තවත් දෙදෙනෙකුගේ සේවය අත්හිටුවා ඇති බවයි. තල් සංවර්ධන මණ්ඩලයේ සිදු වූ රුපියල් මිලියන 38 ක මූල්‍ය වංචාවක් හා තම සේවය අවභාවිත කිරීම යන චෝදනාවලට ඔවුන් වරදකරුවන් වී ඇත්තේ විෂය භාර අමාත්‍යාංශය පැවැත් වූ විගණන පරීක්ෂණයකිනි. සභාපතිවරයා පැවසුවේ, මෙම පිරිස තල් හකුරු සැකසීම සඳහා ගෙන්වන ලද යන්ත්‍රයක් කිසිදු ප්‍රයෝජනයකට නොගෙන විනාශ වී යාමට ඉඩ හැර ඇති බවට ද හෙළි වී ඇති බවයි. සේවයෙන් පහ කළ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයා සහ විගණන නිලධාරියා තල් සංවර්ධන මණ්ඩලයේ වැටුප් ලබන අතරේ විශ්වවිද්‍යාල දෙකක ද සේවය කරමින් වැටුප් ලබා ගෙන ඇති බව විමර්ශනවලදී අනාවරණ වී ඇති බව ක්‍රිෂාන්ත පතිරාජ මහතා සඳහන් කළේ ය. |
2022-12-28T01:37:47.000Z | මිල සීමාව ක්‍රියාත්මක කරන රටවලට බොරතෙල් අපනයනය තහනම් - රුසියානු ජනාධිපති | මිල සීමාව ක්‍රියාත්මක රටවලට බොරතෙල් අපනයනය තහනම්.. | COLOMBO (News 1st) - මිල සීමාව ක්‍රියාත්මක කරන රටවලට රුසියානු බොරතෙල් අපනයනය තහනම් කරමින් රුසියානු ජනාධිපතිවරයා නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව එළැඹෙන පෙබරවාරි පළමුවනදා සිට මාස 5ක කාලයක් සඳහා මිල සීමාව ක්‍රියාත්මක කරන රටවලට රුසියානු බොරතෙල් අපනයනය තහනම් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය. පසුගිය දෙසැම්බර් මස පස්වනදා ජී හත කාර්මික රටවල්, යුරෝපීය සංගමය සහ ඔස්ට්‍රේලියාව එක්ව රුසියානු බොරතෙල් සදහා ඩොලර් 60ක මිල සීමාවක් පැනවීය. ඒ රුසියානු බොරතෙල් ආදායම්වලට පහරක් එල්ල කිරීම හරහා යුක්රේනයට සහය දැක්වීමේ අරමුණිනි. මීට ප්‍රතිචාර දක්වමින් රුසියාව පැවසුවේ, අමෙරිකාව ඇතුළු බටහිර රටවල මෙම ක්‍රියාකලාපය ජාත්‍යන්තර නීතියට පටහැනි බවය. සෞදි අරාබියට පසු ලොව දෙවන විශාලතම බොරතෙල් සැපයුම්කරු වන්නේ රුසියාවයි. |
2022-12-28T01:04:31.000Z | බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ සිසුන් 37 දෙනෙකුට තාවකාලික පන්ති තහනමක්... | බෞද්ධ හා පාලි සරසවියේ 37කට පන්ති තහනම්.. | COLOMBO (News 1st) - බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ නවකවධය ලබාදීම ඇතුළු විනය විරෝධී ක්‍රියාවන්ට සම්බන්ධ සිසුන් 37කුට මේ වනවිට තාවකාලික පන්ති තහනමක් පනවා ඇති බව එහි පාලනාධිකාරිය පවසයි. එහි උපකුලපති මහාචාර්ය නෙළුවේ සුමනවංශ හිමියන් සඳහන් කළේ ඒ අතර ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ 15කු ද සිටින බව ය. විශ්වවිද්‍යාලයේ සිසුන්ට නවකවධය ලබාදීම ඇතුළු ජ්‍යේෂ්ඨ සිසුන්ට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් කමිටු දෙකක් මගින් අඛණ්ඩව විමර්ශන ක්‍රියාත්මක බව උන්වහන්සේ ප්‍රකාශ කළහ. මේ අතර බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය තුළ නවකවධය මෙහෙයවීමේ චෝදනාව ඇතුළු කරුණු හතරක් සම්බන්ධයෙන් එම විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ ලේකම් හිමියන් ලබන 09දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට හෝමාගම මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවිය ඊයේ නියෝග කළා ය. අධිකරණය එහිදී නියෝග කළේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතකර සිටි තවත් සිසුන් දෙදෙනෙකු ඇප මත මුදා හැරීමටයි. අප කළ විමසීමකට පිළිතුරු දුන් පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලයේ උපකුලපති හිමියන් විශ්වවිද්‍යාලය මේ වනවිට වසා දමා තිබුණද සිසුන්ට මාර්ගගත ක්‍රමය ඔස්සේ දේශන පැවැත්වීමට සැලසුම් කර ඇති බව පැවසීය. |
2022-12-28T00:53:12.000Z | පුංචි ඡන්දය මාර්තු 10 වැනි දාට පෙර - මැතිවරණ කොමිසම | පුංචි ඡන්දය මාර්තු 10 වැනි දාට පෙර | COLOMBO (News 1st) - පළාත් පාලන මැතිවරණය මාර්තු 10 වැනි දාට පෙර පවත්වන බව මැතිවරණ කොමිසම පවසයි. එහි සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා සඳහන් කළේ, ඒ සඳහා මූලික කටයුතු මේ වනවිට සම්පාදනය කරමින් පවතින බවය. පළාත් පාලන මැතිවරණයේ නාමයෝජනා කැඳවීම සම්බන්ධයෙන් වන ගැසට් නිවේදනය ලබන මස 5 වැනි දාට පෙර නිකුත් කරන බව ද ඔහු ප්‍රකාශ කළේ ය. සභාපතිවරයා පැවසුවේ, මැතිවරණයෙන් තේරීපත්වන සභිකයින්ගේ නම් මාර්තු 20 වැනි දාට පෙර ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමට ද සැලසුම් කර ඇති බවයි. |
2022-12-28T00:48:24.000Z | කොළඹ සහ ගම්පහ ස්ථාන 20 ක දී රු. 55 ට බිත්තර | කොළඹ සහ ගම්පහ ස්ථාන 20 ක දී රු. 55 ට බිත්තර | COLOMBO (News 1st) - රුපියල් 55 කට බිත්තර අලෙවි කිරීමේ විශේෂ වැඩසටහනක් අද (28) ආරම්භ වේ. කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේ, පළමු අදියරේදී කොළඹ හා ගම්පහ ස්ථාන 20 ක දී එම වැඩසටහන ක්‍රියාත්මක බවයි. ඒ අනුව කොළඹ කොටුව දුම්රිය ස්ථානය, දෙමටගොඩ, කොම්පඤ්ඤ වීදිය, දෙහිවල, බත්තරමුල්ල, නුගේගොඩ, මහරගම, මීගොඩ හා නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථාන, ටොරින්ටන් මංසන්ධිය සහ හෝමාගමදී කොළඹ දිස්ත්‍රික්කයේ රුපියල් 55 ට බිත්තර අලෙවි කිරීම සිදුවේ. ගම්පහ දිස්ත්‍රික්කයේ රුපියල් 55 ට බිත්තර අලෙවි කරන ස්ථාන වන්නේ, වත්තල, ජාඇල, රාගම හා මීගමුව, කිරිබත්ගොඩ, කඩවත, පෑලියගොඩ වැනි නගරයි. බිත්තර නිෂ්පාදකයින්ගේ සංගම් සමග ඒකාබද්ධව මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේ ය. |
2022-12-28T00:16:58.000Z | ගෙවුණු දවස උණුසුම් කළ පුවත් | ගෙවුණු දවස උණුසුම් කළ පුවත් | 1. තඹුත්තේගමදී මාරක රිය අනතුරක් : තරුණයින් දෙදෙනෙක් මරුට - අනුරාධපුර - තඹුත්තේගම මාර්ගයේ කෝන්වැව ප්‍රදේශයේ ලොරියක් සහ ත්‍රීරෝද රථයක් ගැටී සිදු වූ රිය අනතුරකින් තරුණයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් දෙදෙනෙකු තුවාල ලබා තිබේ. 2. දිනේශ් ශාෆ්ටර් මහතාගේ මරණය ඝාතනයක්ද? සියදිවි නසාගැනීමක්ද? - ප්‍රකට ව්‍යාපාරික දිනේෂ් ශාෆ්ටර් මහතා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන අවස්ථාවේ ඔහුගේ මොළය මියගොස් තිබූ බව පරීක්ෂණවලින් තහවුරුවී තිබේ. 3. මෙරට සියලු වී ගොවීන් සඳහා ටි එස් පී පොහොර නොමිලේ බෙදා හැරීමට පියවර - ඇමතිවරයා පොහොර සම්බන්ධයෙන් නිලධාරීන් සමග ගැටෙද්දී එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වු එක්සත් ජනපද නියෝජිත ආයතනය හරහා ලබා දෙන අරමුදල් මගින් මෙරට සියලු වී ගොවීන් සඳහා ටි එස් පී පොහොර නොමිලේ බෙදා හැරීමට කටයුතු යොදා තිබේ. 4. තිලිණි ප්‍රියමාලි බන්ධනාගාරයෙන් මුදාහරී - මූල්‍ය වංචා චෝදනා මත රක්ෂිත බන්ධනාගාරගතකර සිටි, තිලිණි ප්‍රියමාලි ඊයේ (27) ඇප මත මුදා හැරිණ. 5. නීල් බණ්ඩාර හපුහින්න රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ධුරයට - රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ධුරයට නීල් බණ්ඩාර හපුහින්න මහතා පත් කර තිබේ. |
2022-12-27T15:23:50.000Z | තඹුත්තේගමදී මාරක රිය අනතුරක් : තරුණයින් දෙදෙනෙක් මරුට.. | තඹුත්තේගමදී මාරක රිය අනතුරක් : දෙදෙනෙක් මරුට.. | COLOMBO (News 1st) - අනුරාධපුර - තඹුත්තේගම මාර්ගයේ කෝන්වැව ප්‍රදේශයේ ලොරියක් සහ ත්‍රීරෝද රථයක් ගැටී සිදු වූ රිය අනතුරකින් තරුණයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් දෙදෙනෙකු තුවාල ලබා තිබේ. එසේ මිය ගොස් ඇත්තේ අවුරුදු 20 25 පසුවන මහගල්කඩවල ගල්ගමුව ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ. කොළඹ සිට යාපනය බලා ධාවනය වූ භාණ්ඩ ප්‍රවාහන ලොරි රථයක් සහ මහගල්කඩවල ප්‍රදේශයේ ආයතනයක සේවය නිම වී නිවස බලා යමින් සිටි තරුණයන් සිව් දෙනෙකු ගමන් ගත් ත්‍රීරෝද රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත. පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ මළ සිරුරු තඹුත්තේගම රෝහලේ තැම්පත් කර ඇති බව ය. |
2022-12-27T14:41:35.000Z | දිනේශ් ශාෆ්ටර් මහතාගේ මරණය ඝාතනයක්ද? සියදිවි නසාගැනීමක්ද? | දිනේෂ් ශාෆ්ටර් මහතා මියගියේ කෙසේද? | COLOMBO (News 1st) - ප්‍රකට ව්‍යාපාරික දිනේෂ් ශාෆ්ටර් මහතා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන අවස්ථාවේ ඔහුගේ මොළය මියගොස් තිබූ බව පරීක්ෂණවලින් තහවුරුවී තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සතු වාර්තාවල සඳහන් වන්නේ ශාෆ්ටර් මහතා රෝහල් ගතකරන විටත් මියයමින් සිට ඇති බවයි. එසේනම් දිනේශ් ශාෆ්ටර් මහතා මියගියේ කෙසේද? බොරැල්ල පොදු සුසාන භුමියේ ගෙල සිරවන ලෙස බැඳ දමා සිටි දිනේෂ් ශාෆ්ටර් මහතා දෙසැම්බර් 15වැනිදා පස්වරු 3.55ට කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරිණ. වෛද්‍ය වාර්තා අනුව ඔහුව රෝහල් ගත කළ වහාම වෛද්‍යවරුන් හෘදය යළි පණ ගන්වා යන්ත්‍ර මගින් ජීවිතය පවත්වාගෙන යාමට උත්සහ කර තිබුණත් එය අසාර්ථක වී තිබේ. එදින රාත්‍රියේ ශාෆ්ටර් මහතා මියගිය බවට ප්‍රකාශකර තිබුණේ ඉන් පසුවයි. කෙසේවෙතත් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට ලැබී ඇති පශ්චාත් මරණ පරීක්ණ වාර්තාවේ දැක්වෙන්නේ දිනේෂ් ශාෆ්ටර් මහතාගේ මරණය, තන්තුවකින් ගෙල සිරවීමෙන් සිදුවු මරණයක් බවට පමණි. මෙය ඝාතනයක් ද සියදිවි හානි කරගැනීමක් ද? රස පරීක්ෂකවරුන් ශාෆ්ටර් මහතාගේ නිවසේ සිදුකළ පරීක්ෂණවලදී ඔහුගේ ගෙල බැඳ දමා තිබූ වයරයට සමාන වයර් කොටසක් සහ අත් දෙක බැඳ දමා තිබූ වර්ගයේ ප්ලාස්ටික් රැහැන් හමුව තිබේ. මේ හේතුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙය සියදිවි හානි කරගැනීමක් විය හැකිද? යන්න අධිකරණ වෛද්‍ය නිලධාරීවරුන්ගෙන් විමසීමක් කර ඇති බව සඳහන් වේ. එහිදී ඔවුන් පෙන්වාදී ඇත්තේ ස්ථානීය සාක්ෂි විනාශ කර තිබීම හේතුවෙන් පිටස්තර පුද්ගලයෙකු ගෙල සිර කළා ද සියදිවි නසාගත්තා ද යන්න විද්‍යාත්මකව තහවුරු කළ නොහැකි බවය. ඔහුගේ මරණය ඝාතනයක්ද? සියදිවි හානිකර ගැනීමක් ද? සාක්ෂි මගින් අනුමාන කළ නොහැකි ද? දිනේෂ් ශාෆ්ටර් මහතා සුසාන භූමියේ සිට ඔහු බැඳ දමා සිටි මෝටර් රථයෙන්ම රෝහල වෙත රැගෙන යාමට ඔහුගේ සමාගමේ අධ්‍යක්ෂකවරයෙකු වෙන ක්‍රිෂ් පෙරේරා මහතා කටයුතු කර තිබුණි. මේ හේතුවෙන් ස්ථානීය සාක්ෂීය විනාශ වී තිබීම මත මෙය ඝාතනයක්ද සියදිවි නසා ගැනීමක්ද යන්න විද්‍යත්මකව තහවුරු කර ගැනීමේ ගැටලුවක් මතුව තිබේ. ඉදිරිපස ආසනයේ සිටි ශාෆ්ටර් මහතාගේ ගෙල සිරකර තිබු රැහැන සොයා ගැනුණේ පසුපස ආසනයේ තිබියදීයි. අධිකරණ වෛද්‍ය විද්‍යාව පිලිබඳව විශේඥයින් පෙන්වාදෙන්නේ ගෙල සිරවන සේ මෙවැනි තන්තුවකින් අඛණ්ඩව ගෙල තද කර තැබුවහොත් මොළයට ලේ ගමනාගමය අඩාලවී මොලය මිය යන බව ය. ශාෆ්ටර් මහතා මියගියේ කීයටද? ඔහු මිය ගිය වේලාව මත හෝඩුවාවක් සොයාගත හැකිද? ශාෆ්ටර් මහතා මිය යාමට මද වේලාවකට පෙර බොරැල්ල මලලසේකර මාවතේ කෙටි ආහාරහලකින් ආහාර මිලදී ගෙන ඇති බවට පොලිසිය ප්‍රකාශ කළේ ය. මරණ පරික්ෂණයේදී එම අහාර ශාෆ්ටර් මහතාගේ ආමාශයේ තිබී හමුව තිබේ. කෙසේවෙතත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සතුව ඇති මරණ පරීක්ණ වාර්තා අනුව ශාෆ්ටර් මහතාගේ මොළය මියගිය තත්ත්වයට පත්ව ඇත්තේ නිවසින් පිටත්වූ වේලාවේ සිට විනාඩි 30ත් 40ත් අතර කාලය තුළ ය. ඔහු නිවසින් පිටත්වූ වේලාව වුයේ පස්වරු 1.55 ලෙස බොරැල්ල පොලීසිය වෙත ශාෆ්ටර් මහතාගේ බිරිඳ ප්‍රකාශ කර තිබුණි. එය නිවරැදි නම් ශාෆ්ටර් මහතා පස්වරු 2.35ට මරණීය තත්ත්වයට පත්ව තිබිය යුතු ය. එහෙත් එදින පස්වරු 2.42ට සහ 2.43 දිනේෂ් ශාෆ්ටර් මහතාගේ දුරකතනයෙන් වට්ස්ඇප් පණිවිඩයක් නිකුත් වීම මෙය ඝාතනයක් බවට වන සැකය තීව්‍ර කරන්නකි.. ඇත්තටම සිදුවූණේ කුමක්ද? |
2022-12-27T14:31:04.000Z | මෙරට සියලු වී ගොවීන් සඳහා ටි එස් පී පොහොර නොමිලේ බෙදා හැරීමට පියවර.. | වී ගොවීන්ට ටි එස් පී පොහොර නොමිලේ.. | COLOMBO (News 1st) - ඇමතිවරයා පොහොර සම්බන්ධයෙන් නිලධාරීන් සමග ගැටෙද්දී එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වු එක්සත් ජනපද නියෝජිත ආයතනය හරහා ලබා දෙන අරමුදල් මගින් මෙරට සියලු වී ගොවීන් සඳහා ටි එස් පී පොහොර නොමිලේ බෙදා හැරීමට කටයුතු යොදා තිබේ. යූ එස් ඒයිඩ් ආයතනය සඳහන් කළේ, 2022 - 2023 මහ කන්නය වගා කර ඇති භූමි ප්‍රමාණය මත පදනම්ව එක් එක් වී ගොවීන් වෙත ලබා දෙන ටී එස් පී ප්‍රමාණය තීරණය කරන බවය. මේ අතර දිස්ත්‍රික්ක 07ක අඩු ආදායම්ලාභී වී වගා කරන ගොවි පවුල් සඳහා එක් පවුලකට රුපියල් 15,000ක් එනම් ඩොලර් 42ක දීමනාවක් ලබා දීමට එක්සත් ජනපද නියෝජිතායතනය තීරණය කර තිබේ. ඒ අනුව යාපනය, මුලතිව්, මන්නාරම, ත්‍රිකුණාමලය, වවුනියාව, මොනරාගල හා මඩකලපුව දිස්ත්‍රික්කවල වෙසෙන මාසික ආදායම රුපියල් 41,500ට වඩා අඩු ගොවි පවුල් සඳහා මෙම දීමනාව ලබා දීමට නියමිතය. මෙම මුදල වාරික දෙකක් යටතේ ලබන ජනවාරි මාසයේ දී ලබා දීමට කටයුතු කරන බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ඒ.එම්. එච්. එල්. අබේරත්න මහතා ප්‍රකාශ කළේ ය. එමෙන්ම ආසියානු සංවර්ධන බැංකුව විසින් රුපියල් බිලියන 08ක මුදලක් දිවයිනේ වී වගා කරන ගොවි පවුල් ලක්ෂ 12කට ලබා දීමට කටයුතු කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේ ය. |
2022-12-27T12:20:42.000Z | තිලිණි ප්‍රියමාලි බන්ධනාගාරයෙන් මුදාහරී | තිලිණි ප්‍රියමාලි බන්ධනාගාරයෙන් මුදාහරී | COLOMBO (News 1st) - මූල්‍ය වංචා චෝදනා මත රක්ෂිත බන්ධනාගාරගතකර සිටි, තිලිණි ප්‍රියමාලි අද (27) ඇප මත මුදා හැරිණ. අද පෙරවරුවේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණි ඇය, ඇප අත්සන් කළා ය. අප වාර්තාකරු පැවසුවේ, පසුව ඇයව තවත් චෝදනාවකට අදාළව සිදුකරන නඩු කටයුත්තක් සඳහා බන්ධනාගාර නිලධාරීන් යළි රැගෙන ගිය බවයි. බන්ධනාගාර නිලධාරීන් විසින් ඇයව එම ඇප බැඳුම්කරයකට අත්සන් තැබීම සඳහා ,අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කොට තිබිණි. පසුව සැකකාර තිළිණි ප්‍රියමාලි අද පස්වරුවේ වැලිකඩ බන්ධනාගාරයෙන් මුදා හැරීමට පියවර ගැනිණ. |
2022-12-27T11:51:33.000Z | නීල් බණ්ඩාර හපුහින්න රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ධුරයට | අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ වෙනසක් | COLOMBO (News 1st) - රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ධුරයට නීල් බණ්ඩාර හපුහින්න මහතා පත් කර තිබේ. පත්කිරීම සිදු කරනු ලැබ ඇත්තේ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසිනි. එම අමාත්‍යාංශයේ මෙතෙක් ලේකම් ධුරය හෙබ වූ ප්‍රියන්ත මායාදුන්න මහතා ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍යාංශ ලේකම් ධුරයට පත්කර ඇතැයි, ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක සඳහන් ය. |
2022-12-27T10:53:45.000Z | සති 2 ක් තුළ පොහොර වර්ග 2 ක් නිෂ්පාදනය කරන්නැයි, ඇමති අමරවීරගෙන් උපදෙස් | පොහොර වර්ග 2 ක් නිෂ්පාදනය කරන්නැයි,ඇමතිගෙන් උපදෙස් | COLOMBO (News 1st) - අල වගාවට සහ තේ වගාවට අවශ්‍ය විශේෂ පොහොර වර්ග 02 ක් සතියක කාලයක් තුළ නිෂ්පාදනය කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද දින ලංකා පොහොර සමාගමට සහ කොමර්ෂල් පොහොර සමාගමට උපදෙස් දී තිබේ. කෘෂිකර්ම අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ අල සහ එළවළු වගාවට අවශ්‍ය විශේෂ පොහොර නිෂ්පාදනය කිරීම ලංකා පොහොර සමාගමටත්, තේ වගාව සඳහා අවශ්‍ය විශේෂ පොහොර නිෂ්පාදනය කිරීම කොමර්ෂල් පොහොර සමාගමටත් පවරා ඇති බවයි. මෙම පොහොර වර්ග 02 නිෂ්පාදනය කිරීම සඳහා අවශ්‍ය අනුමැතිය ලබා දෙන ලෙස ඇමතිවරයා අමාත්‍යාංශ ලේකම් ගුණදාස සමරසිංහ මහතාට උපදෙස් ලබා දි තිබේ. |
2022-12-27T10:37:50.000Z | බොලිවුඩ් නළු සුෂාන්ත් සිං සියදිවි නසා ගත්තා ද? ඝාතනය කළා ද?.. ආන්දෝලනාත්මක හෙළිදරව්වක් | සුෂාන්ත් සිං සියදිවි නසා ගත්තා ද? ඝාතනය කළා ද? | COLOMBO (News 1st) - MS Dhoni: The Untold Story චිත්‍රපටයෙ මහේන්ද්‍ර සිං දෝනිගේ චරිතයට පණ පොවමින් අතිවිශිෂ්ට රංගනයක නිරත වූ සුෂාන්ත් සිංගෙ මරණය සියදිවි නසා ගැනීමක් ද? එහෙමත් නැත්නම් ඝාතනයක් ද? සුෂාන්ත්ගේ මරණය පිළිබඳ පුවත ඒවිදිහට යළිත් කරළියට එන්නේ, පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දේහය රැගෙන ගිය රෝහලේ මෘත ශරීරාගාරයේ සේවකයෙකු කළ ආන්දෝලාත්මක ප්‍රකාශයක් සමගයි. රූපකුමාර් නමැති අදාළ සේවකයා ඉන්දීය මාධ්‍ය වෙත පවසා ඇත්තේ, සුෂාන්ත්ගේ මරණය සියදිවි නසා ගැනීමක් නොව ඝාතනයක් බවයි. 2020 ජුනි 14 වැනිදා නිවසේ මිය ගොස් සිටියදි සොයා ගැනුණු සුෂාන්ත්ගේ දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා රැගෙන ගොස් තිබුණේ, මුම්බායි හි රෝහලක් වෙතයි. එම අවස්ථාවේ සුෂාන්ත්ගේ මරණය වාර්තා වූයේ, සියදිවි නසා ගැනීමක් ලෙසයි. සුෂාන්ත්ගේ මරණය සම්බන්ධයෙන් මෙලෙස ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කළ රූපකුමාර් පවසන්නේ, අදාළ දිනයේ තමන් මෘත ශරීරාගාරයේ සේවය කළ බවයි. නළුවාගේ සිරුරේ සහ බෙල්ලේ සලකුණු කිහිපයක් තිබෙනු තමන් නිරීක්ෂණය කළ බව ඔහු පවසයි. "පශ්චාත් මරණ පරීක්ෂණය කරන්න ගියාම තමයි දැනගත්තෙ, එයා සුෂාන්ත් කියලා. එයාගේ අවස්ථාව ආවේ රෑ 11.00 ට විතර. ඒක සියදිවි නසාගැනීමක් කියලා ඇතුළෙ කතා වුණා. මට අවුරුදු 28ක අත්දැකීමක් තියෙනවා, ඒක සියදිවි නසාගැනීමක් ද? නැද්ද කියලා සිරුරක් දිහා බැලුවම තේරුම් ගන්න පුළුවන්. සුෂාන්ත්ගේ මරණය දැක්කම ඒක සියදිවි නසාගැනීමක් කියලා පෙනුණේ නැහැ. තුවාල සලකුණු තිබුණා. මම මගේ ජ්‍යෙෂ්ඨ නිලධාරියට මේ ගැන කිව්වා. නමුත් ඔහු කිව්වා අපි ඒක පස්සෙ, සාකච්ඡා කරමු, කියලා'' මේ පුවත කන වැකීමත් සමග ඔහුගේ සොයුරිය ඉන්දීය ආරක්ෂක අංශවලින් ඉල්ලා සිටින්නේ මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදු කළ යුතු බවයි. ඉදිරි දින කිහිපයේ දී බොලිවුඩ් ලෝකය මේ ගැන අවධානයෙන් පසුවේවි. |
2022-12-27T09:55:08.000Z | දළ වශයෙන් 60 %ත් 65% ත් අතර අගයකින් විදුලි බිල ඉහළයාවි - ලං.වි.ම | 60 %ත් 65% ත් අතර අගයකින් විදුලි බිල ඉහළයාවි | COLOMBO (News 1st) - දළ වශයෙන් 60 %ත් 65% ත් අතර ප්‍රතිශතයකින් විදුලි බිල ඉහළ යනු ඇතැයි, ලංකා විදුලිබල මණ්ඩලය පවසයි. එහි සාමාන්‍යාධිකාරී රොහාන් සෙනවිරත්න මහතා ඒ බව සඳහන් කළේ, අද (27) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. "විදුලිබල ම්ණ්ඩලේට තනියම විදුලි බිල වැඩි කිරිම කරන්න පුළුවන් දෙයක් නෙවෙයි, රටේ හැමෝම සම්බන්ධ වෙන්න ඕන. මහජනතාව, අමාත්‍යාංශය, මහ බැංකුව, මහා බාණ්ඩාගාරය, කැබිනට් මණ්ඩලය මේ සියලු දෙනා මේ දවස්වල විවිධ සාකච්ඡා කරමින් ඉන්නවා. ඒ අය තමයි අපිය කියන්නෙ මේක තමයි සුදුසු කියලා" |
2022-12-27T05:25:05.000Z | අරගලයේ ක්‍රියාකාරී ධානිෂ් අලි හා අනුරුද්ධ බණ්ඩාර CID යට | ධානිෂ් අලි හා අනුරුද්ධ බණ්ඩාර CID යට | COLOMBO (News 1st) - අරගලයේ ක්‍රියාකාරී ධානිෂ් අලි හා අනුරුද්ධ බණ්ඩාර යන දෙදෙනා අද (27) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) පැමිණ තිබේ. ඒ, ජනාධිපතිරයාගේ නිවසට ගිනි තැබීමේ සිද්ධියට අදාළව ප්‍රකාශ ලබාදීම සඳහායි. |
2022-12-27T04:18:54.000Z | එළවළු මිල යළි ඉහළට | එළවළු මිල යළි ඉහළට | COLOMBO (News 1st) - පසුගිය දිනවලට සාපේක්ෂව එළවළු මිල යළි ඉහළ ගොස් තිබේ. දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳ සංගමයේ සභාපති ශාන්ත ඒකනායක මහතා සඳහන් කළේ, ඇතැම් එළවළු වර්ගවල මිල 100 % කින් ඉහළ ගොස් ඇති බවයි. නුවරඑළිය ඇතුළු ප්‍රදේශවලට පසුගිය දිනවල පැවති අධික වර්ෂාව මෙම තත්ත්වයට හේතුවී ඇතැයි ඔහු ප්‍රකාශ කළේ ය. |
2022-12-27T04:01:32.000Z | අඩු ආදායම්ලාභී ගොවි පවුලකට දීමනාවක් - එක්සත් ජනපද නියෝජිතායතනය | අඩු ආදායම්ලාභී ගොවි පවුලකට දීමනාවක් | COLOMBO (News 1st) - දිස්ත්‍රික්ක 7ක අඩු ආදායම්ලාභී වී වගා කරන ගොවි පවුල් සඳහා එක් පවුලකට රුපියල් 15,000 ක් එනම් ඩොලර් 42 ක දීමනාවක් ලබාදීමට එක්සත් ජනපද නියෝජිතායතනය තීරණය කර තිබේ. කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේ, යාපනය, මුලතිව්, මන්නාරම, ත්‍රිකුණාමලය, වවුනියාව, මොණරාගල හා මඩකලපුව දිස්ත්‍රික්කවල වෙසෙන මාසික ආදායම රුපියල් 41,500ට වඩා අඩු ගොවි පවුල් සඳහා මෙම දීමනාව ලබා දෙන බවයි. මෙම මුදල වාරික 2 ක් යටතේ ලබන ජනවාරි මාසයේ දී ලබාදීමට කටයුතු කරන බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ඒ.එම්. එච්. එල්. අබේරත්න මහතා ප්‍රකාශ කළේ ය. එමෙන්ම ආසියානු සංවර්ධන බැංකුව විසින් රුපියල් බිලියන 08ක මුදලක් දිවයිනේ වී වගා කරන ගොවිපවුල් ලක්ෂ 12කට ලබාදීමට කටයුතු කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කර තිබේ. |
2022-12-27T03:28:54.000Z | චීනය ගුවන් මගීන් සඳහා පනවා තිබූ නිරෝධායන නීති ඉවත් කිරීමට සැරසෙයි | චීනයට එන ගුවන් මගීන්ට පැනවූ නිරෝධායන නීති ඉවතට | News 1st - විදේශිකයින් සඳහා මෙතෙක් ක්‍රියාත්මක වූ නිරෝධායන නීති ජනවාරි 8 වැනි දා සිට ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට චීනය තීරණය කර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, චීනය සිය ශුන්‍ය කොවිඩ් ප්‍රතිපත්තිය අත්හැරීමත් සමග මෙතෙක් ක්‍රියාත්මක වූ සීමාවන් රැසක් ලිහිල් කිරීමට තිරණය වී ඇති බවයි. 2020 වසරේ මාර්තු මාසයේ සිට චීනයට පැමිණෙන සියලුම ගුවන් මගීන්ට සති 5 ක අනිවාර්ය නිරෝධායන කාල සීමාවක් ක්‍රියාත්මක වූ අතර එය පසුව දින 5 ක් දක්වා අඩු කරනු ලැබිණ. කෙසේ වෙතත් මේ වනවිට චීනය තුළ යළිත් කොවිඩ් ආසාදිතයින් ඉහළ යන පසුබිමක කොවිඩ් රෝගීන් වාර්තාවීම පිළිබඳ සංඛාලේඛන ප්‍රකාශයට පත් කිරීම නතර කිරීමට චීන බලධාරීන් පියවර ගෙන තිබීම විශේෂත්වයකි. |
2022-12-27T02:01:15.000Z | තවත් රුසියානු ගුවන් සමාගමක් මෙරටට ගුවන් ගමන් අරඹයි | තවත් රුසියානු ගුවන් සමාගමක් මෙරටට ගුවන් ගමන් අරඹයි | COLOMBO (News 1st) - රුසියාවේ 'රෙඩ් වින්ග්ස්' ගුවන් සේවය අනිද්දා (29) සිට රුසියාවේ සිට ශ්‍රී ලංකාව දක්වා ගුවන් ගමන් ආරම්භ කරන බව සිවිල් ගුවන්සේවා අධිකාරිය පවසයි. එහි සභාපති උපුල් ධර්මදාස මහතා සඳහන් කළේ, එම ගුවන් සේවයට අයත් යානයකින් එදින රුසියානු සංචාරකයින් 404 දෙනෙකු මෙරටට පැමිණෙන බවය. අසූර් සහ එරෝෆ්ලොට් ගුවන් සමාගම් මේ වනවිටත් රුසියාවේ සිට ශ්‍රී ලංකාව බලා සෘජු ගුවන් ගමන් ආරම්භ කර තිබේ. 'රෙඩ් වින්ග්ස්' සමාගම ශ්‍රී ලංකාවට ගුවන් ගමන් ආරම්භ කිරීමත් සමග රුසියාව හා ශ්‍රී ලංකාව අතර ක්‍රියාත්මක සෘජු ගුවන් සේවා සංඛ්‍යාව 3 කි. |
2022-12-27T01:28:20.000Z | පකිස්ථාන - නවසීලන්ත පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය අද | පකිස්ථාන- නවසීලන්ත ටෙස්ට් තරගය අද දෙවැනි දිනටත් | COLOMBO (News 1st) - සත්කාරක පකිස්ථානය සහ නවසීලන්තය අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අද (27) දෙවැනි දිනයටත් කරච්චිහිදී පැවැත්වේ. පළමු දිනයට තරගය තතර කරන විට පකිස්ථානය සිය පළමු ඉනිම සඳහා කඩුලු 5ක් දැවී රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 317කි. තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු තරගය ඊයේ (26) ආරම්භ වුණේ, නත්තල් දිනට පසු දින හෙවත් බොක්සිං දින ටෙස්ට් තරගයක් ලෙසයි. තරගයේ කාසියේ වාසි දිනා පළමුවෙන් පන්දුවට පහරදීමට පිටියට පිවිසි පකිස්ථාන කණ්ඩායමේ මුල් පෙළ කඩුලු 4 ලකුණු 110කදී බිඳ වැටුණි. පස්වැනි කඩුල්ල වෙනුවෙන් එක් වූ නායක බාබර් අසාම් සහ සර්ෆ්‍රාස් අහමඩ් ගොඩනැගූ සම්බන්ධතාවය ලකුණු 196 කි. බාබර් අසාම් පන්දු 161කදී සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ නවවැනි ශතකය රැස් කළේ ය. ඔහු වාර්තා අතරට එක් වුණේ, වර්ෂයක කාලයක් තුළ ඉහළම ලකුණු සංඛ්‍යාවක් රැස් කළ පකිස්ථාන පිතිකරු ලෙසයි. සිය 19 වැනි අර්ධ ශතකය රැස් කළ සර්ෆ්‍රාස් අහමඩ් ලකුණු දැවී ගියේ ලකුණු 86කටයි. ඊයේ දිනයට තරගය නතර කරන විට නායක බාබර් අසාම් සහ අගා සල්මාන් නොදැවී කඩුල්ලේ රැඳී සිටිති. මෙරට වේලාවෙන් උදෑසන 10.30ට අද තරගය ආරම්භ වීමට නියමිතයි. |
2022-12-27T01:12:55.000Z | ගෝලීය කොවිඩ් ව්‍යාප්තිය පිළිබඳ මෙරට සෞඛ්‍ය අංශ දැඩි අවධානයෙන් | ගෝලීය කොවිඩ් ව්‍යාප්තිය ගැන සෞඛ්‍ය අංශ අවධානයෙන් | COLOMBO (News 1st) - චීනය ඇතුළු රටවල කොරෝනා වෛරසය යළි ව්‍යාප්ත වීම හමුවේ ශ්‍රී ලංකාව ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව අවධානය යොමුව ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි. අමාත්‍යවරයා සඳහන් කළේ, ඊට සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරුන් සමග අද (27) සාකච්ඡාවක් පැවැත්වෙන බවය. එහිදී ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කරන බව සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය. |
2022-12-27T01:07:46.000Z | මැතිවරණ කොමිසම පුංචි ඡන්දයේ වැඩ අරඹයි | මැතිවරණ කොමිසම පුංචි ඡන්දයේ වැඩ අරඹයි | COLOMBO (News 1st) - පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය මුලික කටයුතු සිදු කරමින් ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි. මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේ, දැනට පවතින නීතිය අනුව මැතිවරණයක් පැවැත්විය යුතු බවයි. |
2022-12-27T01:04:02.000Z | ප්‍රදේශ කිහිපයකට යළි නායයෑමේ අනතුරු ඇඟවීම් | ප්‍රදේශ කිහිපයකට යළි නායයෑමේ අනතුරු ඇඟවීම් | COLOMBO (News 1st) - ප්‍රදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට යළි නායයෑමේ ඇනතුරු ඇඟවීම් නිවේදනය නිකුත් කර තිබේ. එලෙස අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති ප්‍රදේශ පහත පරිදි වේ, මහනුවර දිස්ත්‍රික්කය, පාහතදුම්බර, උඩුනුවර, උඩුදුම්බර, ගඟ ඉහළ කෝරලේ, පහත හේවා හැට, ගඟවට කෝරලේ, හාරිස්පත්තුව, තුම්පනේ, පුජාපිටිය, යටිනුවර කෑගල්ල දිස්ත්‍රික්කය, ගලිගමුව, රඹුක්කන, මාවනැල්ල, බුලත්කොහුපිටිය, කෑගල්ල, අරනායක, රුවන්වැල්ල කුරුණෑගල දිස්ත්‍රික්කය, රිදීගම, පොල්ගහවෙල මාතලේ දිස්ත්‍රික්කය, රත්තොට, මාතලේ, යටවත්ත, උකුවෙල, නාඋල, නගරපල්ලේගම, පල්ලේපොල නුවරඑළිය දිස්ත්‍රික්කය, කොත්මලේ ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ වසන්ත සේනාධිර මහතා සඳහන් කළේ, අදියර 1 යටතේ විමසිලිමත්ව සිටින්නැයි නිවේදන නිකුත් කර ඇති බවය. ඊට අමතරව කණ්ඩි ආශ්‍රිත සිටින ජනතාවට අවදානමක් ඇති වුවහොත් ආරක්ෂිත ස්ථාන වෙත යන ලෙසට ද එම නිවේදනයේ සඳහන් වේ. මේ අතර දිවයිනට බටහිර දෙසින් පවතින අඩුපීඩන කලාපය ශ්‍රී ලංකා වෙරළ තීරයෙන් ඉවතට ගමන් කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව දිවයිනේ ප්‍රදේශ රැසකට පැවති තද වැසි සහිත කාලගුණ තත්ත්වය පහව යනු ඇති. කෙසේවෙතත් අද පස්වරුවේ උතුරු, උතුරු මැද, නැගෙනහිර, බස්නාහිර, සබරගමුව හා වයඹ පළාත්වලට අද (27) පස්වරුවේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය. |
2022-12-27T00:28:23.000Z | ගෙවුණු දවස උණුසුම් කළ පුවත් | ගෙවුණු දවස උණුසුම් කළ පුවත් | 1. කඩුවෙලදී තියුණු ආයුධයකින් පහර දී ගෙලට වෙඩි වැදී සිටි පුද්ගලයකු හමුවෙයි - කඩුවෙල, වැලිවිට, වැලිපිල්ලෑව, ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී, ගෙල ප්‍රදේශයට වෙඩි වැදී සිටි පුද්ගලයකු හමු වී තිබේ. 2. රාජ්‍ය තාන්ත්‍රික ක්‍රමය වෙනුවට ආර්ථික රාජ්‍ය තාන්ත්‍රිකභාවයට ප්‍රමුඛතාවය ලබාදිය යුතුයි - අගමැති - ආධාර සහ ණය මත යැපීමට වඩා නිෂ්පාදන, අපනයන තුළින් වේගවත් සංවර්ධනයක් ඇතිකර ගැනීමට හැකිවන පරිදි රටවල් සමග ආයෝජන, හවුල් ව්‍යාපාර සහ ද්විපාර්ශ්වික හවුල්කාරීත්වයන් ඇති කරගත යුතු බව අග්‍රමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි. 3. ඖෂධ නියාමන අධිකාරියේ අවසරය නොලබා ඉන්දීය ඖෂධ ගණනාවක් මිලදී ගැනීමේ උත්සාහයක් - ඖෂධ නියාමන අධිකාරියේ අවසරය නොලබා ඉන්දීය ඖෂධ ගණනාවක් මිලදී ගැනීමේ උත්සාහයක් ඇතැයි වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තියසමිත සන්ධානය පවසයි. 4. පාසල් සිසුවෙක් පැහැරගෙන ගොස් පහර දෙයි: UNP නියෝජ්‍ය මහලේකම්ගේ පුත්‍රයෙකුටත් චෝදනා - 24 වැනි දා රාත්‍රියේ කිසියම් පිරිසක් පොළොන්නරුව ප්‍රදේශයේ පාසල් සිසුවෙක් පැහැරගෙන ගොස් පහරදී තිබේ. 5. හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ අමෙරිකාව බලා පිටත්ව යයි - හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, පවුලේ සාමාජිකයින් පස්දෙනෙකු සමග අමෙරිකාව බලා පිටත්ව ගොස් තිබේ. |
2022-12-26T16:18:17.000Z | කඩුවෙලදී තියුණු ආයුධයකින් පහර දී ගෙලට වෙඩි වැදී සිටි පුද්ගලයකු හමුවෙයි.. | පාරකින් හමුවුණු වෙඩි වැදුණු පුද්ගලයා | COLOMBO (News 1st) - කඩුවෙල, වැලිවිට, වැලිපිල්ලෑව, ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී, ගෙල ප්‍රදේශයට වෙඩි වැදී සිටි පුද්ගලයකු හමු වී තිබේ. අද(26) උදෑසන මල් කැඩීමට ගිය අයෙකු අදාල පුද්ගලයා වැටී සිටිනු දැක රෝහල් ගත කර තිබුණි. මේ වනවිට අදාල පුද්ගලයා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර එකකයේ ප්‍රතිකාර ලබයි. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ. |
2022-12-26T16:08:44.000Z | රාජ්‍ය තාන්ත්‍රික ක්‍රමය වෙනුවට ආර්ථික රාජ්‍ය තාන්ත්‍රිකභාවයට ප්‍රමුඛතාවය ලබාදිය යුතුයි - අගමැති | අගමැතිගෙන් ප්‍රකාශයක්.. | COLOMBO (News 1st) - ආධාර සහ ණය මත යැපීමට වඩා නිෂ්පාදන, අපනයන තුළින් වේගවත් සංවර්ධනයක් ඇතිකර ගැනීමට හැකිවන පරිදි රටවල් සමග ආයෝජන, හවුල් ව්‍යාපාර සහ ද්විපාර්ශ්වික හවුල්කාරීත්වයන් ඇති කරගත යුතු බව අග්‍රමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි. ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට සඳහා අභිනවයෙන් පත්වූ තානාපතිවරු පිරිසක් අද(26) අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවූ අවස්ථාවේ මේ බව ප්‍රකාශ කළ බව අග්‍රමාත්‍ය කාර්යාලය සඳහන් කළේය. එහිදි අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දී තිබුණේ සාම්ප්‍රදායික රාජ්‍ය තාන්ත්‍රික ක්‍රමය වෙනුවට ආර්ථික රාජ්‍ය තාන්ත්‍රිකභාවයට ප්‍රමුඛතාවය ලබාදීය යුතු බවය. |
2022-12-26T16:04:38.000Z | ඖෂධ නියාමන අධිකාරියේ අවසරය නොලබා ඉන්දීය ඖෂධ ගණනාවක් මිලදී ගැනීමේ උත්සාහයක්.. | මොකක්ද මේ ඖෂධ හදිසි මිලදී ගැනීම? | COLOMBO (News 1st) - ඖෂධ නියාමන අධිකාරියේ අවසරය නොලබා ඉන්දීය ඖෂධ ගණනාවක් මිලදී ගැනීමේ උත්සාහයක් ඇතැයි වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තියසමිත සන්ධානය පවසයි. ඔවුන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ මේ සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් පවත්වන ලෙසයි. මොකක්ද මේ ඖෂධ හදිසි මිලදී ගැනීම? පවත්නා විදේශ විනිමය අර්බුදය හේතුවෙන් රටට අවශ්‍ය ඖෂධ නියමිත ප්‍රසම්පාදන ක්‍රියාවලියන් තුළින් හිඟයකින් තොරව ආනයනය කිරීමේ ගැටලුවකට රජය මුහුණදී සිටී. පවතින ඖෂධ හිඟයට පිළියමක් ලෙස විෂයභාර අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඖෂධ හදිසි මිලදී ගැනීමකට අදාලව අමාත්‍ය මණ්ඩලයට සංදේශයක් ඔක්තෝබර් 25වැනිදා ඉදිරිපත් කළේ ය. එහි දැක්වුනේ, දින 45ක් ඇතුළත ලංකාවට මාස 3ට ප්‍රමාණවත් වෛද්‍ය සැපයීම් ලබා දීමට ඉන්දියාවේ ගුජරාට්හි, සේවරිට් ඖෂධ නිෂ්පාදන පෞද්ගලික සමාගම එකගතාව පළ කර ඇති බවයි. ඒ අනුව, ඉන්දියානු ණය යෝජනා ක්‍රමයේ ඉතිරිව ඇති අරමුදල් සහ වෙනත් අරමුදල් භාවිත කරමින් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ අනුමත වෛද්‍ය සැපයුම් ආනයනය කිරීමට සැලසුම් කර තිබේ. මේ වෙනුවෙන් ඉන්දීය සේවරිට් ඖෂධ නිෂ්පාදන පෞද්ගලික සමාගමට සහ වෙනත් තෝරාගත් සැපයුම්කරුවන් වෙත අවසර ලබා දෙන ලෙස අදාල කැබිනට් පත්‍රිකාවෙන් අනුමැතිය ඉල්ලා තිබුණි. පුබුදු ජාගොඩ - අධ්‍යාපන ලේකම් පෙරටුගාමී සමාජවාදී පක්ෂය "මේක අන්සොලිසිටඩි නිසා ටෙන්ඩර් කැඳවීමකින් තොරව මේ සමාගමට අනුමැතිය දීලා තියෙන නිසා මේකට තවත් සමාගම් 02ක අනුමැතිය අවශයයි කියලා මුදල් අමාත්‍යංශය කියනවා. මුදල් අමාත්‍යංශය විසින් එවලා තියෙන නිරික්ෂණ පත්‍රිකාවට අත්සන් තබලා තියෙන්නේ මුදල් අමාත්‍යවරයා විදියට ජනාධිපති රනිල් වික්‍රමසිංහ. මේක වෙන්න ඇත්තේ මුදල් අමාත්‍යංශයේ නිලධාරීන් මේ වංචාවක් සිද්ධ වෙනවා කියලා දැනගෙන ඒක වැළැක්වීම සඳහා නිර්දේශ කරලා තියෙනවා මේ සේවරිට් කියන සමාගමට මේක දෙනවා නම් අර කමිටු 2කේ අනුමැතිය ඇතුව තමයි දෙන්න පුළුනන් එහෙම නැතුව දෙන්න බෑ කියලා. මේ අතර කෞෂික් නම් වෙනත් ඉන්දීය සමාගමකින් අදාල හදිසි මිලදී ගැනීම සඳහා අමාත්‍යවරයා තවත් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබෙනවා. ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය නැති ඖෂධ වර්ග 28ක් සඳහා කැබිනට් මණ්ඩලය නොමග යවලා මේවාට ඖෂධ නීතිගත සංස්ථාවේ අනුමැතිය තියෙනවා කියලා බොරු කියලා අනුමත කරගෙන තිබෙනවා. ඖෂධ වර්ග 28 තියෙන ප්‍රශ්නය තමයි මේකෙන් 12 ක්ම ලංකාවේ හදනවා. ඇත්තටම මේකෙන් 3ක් රාජ්‍ය ඖෂධ නිශ්පාදන සංස්ථාව මගින් නිෂ්පාදනය කරනවා." මේ නැගෙන බරපතල චෝදනා ගැන ඇමතිවරයා දැන් පවසන්නේ කුමක්ද? පසුගිය 22වැනිදා සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සිය ටුවිටර් ගිණුමේ සටහනක් තබමින් කියා සිටියේ, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරියා සමග ඉන්දියාවේ රැඳී සිටින බවයි. සිය ඉන්දීය සංචාරය සඳහා කිසිදු රජයේ මුදලක් වැය කර නොමැති බවත්, පෞද්ගලික මුදල් යොදවමින් ඊට එක්ව සිටින බවත් අමාත්‍යවරයා සිය ටුවිටර් සටහනින් දක්වා තිබුණි. තවදුරටත් අදහස් දැක්වූ පුබුදු ජාගොඩ මහතා, "ඉන්දියාවේ චෙන්නායිවල තිබෙන තරු පහේ හෝටලයක කාමර තමයි වෙන්කරලා තියෙන්නේ. කාමරයකට එක දවසකට ගෙවනවා ඩොලර් 400 ක්. කවුද සල්ලි ගෙවලා තියෙන්නේ. සල්ලි ගෙවලා තියෙන්නේ කවුෂිත් සමාගම. අදාල සමාගම තමයි හෝටල් ගාස්තු ගෙවන්නේ. නිශ්චිතවම මේක අල්ලසක් නොවේද?" මෙම හදිසි මිලදී ගැනීම්වලට අදාලව වෛද්‍ය සහ සිවිල් අයිතිවාසිකම් පිළිබද වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මේ පිළිබඳව අවධානය යොමු කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබේ. අදාල මාධ්‍ය නිවේදනයේ දැක්වෙන්නේ, දේශීය වශයෙන් නිෂ්පාදිත ඖෂධ වෙළෙඳපොළට නිකුත් කිරීමට පෙර නිසි තත්ත්වය පරීක්ෂණයට ලක් නොකිරීම සහ ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය නොලබා ඉන්දියානු ඖෂධ ලබා ගැනීමට සෞඛ්‍ය බලධාරීන් දරණ උත්සහයක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙසයි. හෙළිදරව් වී ඇති කරුණු අනුව සෞඛ්‍ය අමාත්‍යවරයා, අමාත්‍යංශය සහ ජනාධිපතිවරයා නොමග යවා ඇති බවද එහි සඳහන් වේ. මෙම තත්ත්වය පාලනය කිරීමට ජනාධිපතිවරයා වහා මැදිහත්විය යුතු බවත්, හැකි ඉක්මනින් සෞඛ්‍ය අමාත්‍යවරයා හා සෞඛ්‍ය ලේකම්වරයා ඉවත්කොට නව පරිපාලනයක් බිහි කරන ලෙසද ඔවුන් ඉල්ලා සිටී. |
2022-12-26T15:51:16.000Z | ආශු මාරසිංහගේ වීඩියෝපටය සම්බන්ධයෙන් නිසි පරීක්ෂණයක් සිදු කරන්නැයි ඉල්ලමින් හිරුණිකා CIDයට.. | හිරුණිකා අද CIDයට.. | COLOMBO (News 1st) - ජනාධිපතිවරයාගේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ හිටපු උපදේශක මහාචාර්ය ආශු මාරසිංහ මහතා සිටින සත්ත්ව ලිංගික අපයෝජනයක් සහිත වීඩියෝපටය සම්බන්ධයෙන් නිසි පරීක්ෂණයක් සිදු කරන්නැයි ඉල්ලමින් සමගි වනිතා බලවේගයේ ජාතික සංවිධායක හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අද(26) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කළා ය. හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට අමතරව වීඩියෝපටය මාධ්‍යයට නිකුත් කරන අවස්ථාවේ එම මාධ්‍ය හමුවට පැමිණි ආදර්ශා කරදන මහත්මිය වෙනුවෙන් නීතීඥ බුද්ධින් සිරිවර්ධන මහතා ද පැමිණිල්ලක් ගොනු කළේ ය. සමගි වනිතා බලවේගයේ ජාතික සංවිධායක හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය, "ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහයට අනුව 365 වගන්තිය යටතේ ඕනෑම පුද්ගලයෙක් තවත් පුද්ගලයෙක් හෝ කාන්තාවක් සමග එහෙමත් නැත්නම් තිරිසන් සතෙක් සමග සදාචාර සම්පන්න නොවන ආකාරයට එහෙම නැත්නම් සමාජ සම්මත නොවන ලිංගික ක්‍රියාවක යෙදුණුත්, අවුරුදු දහයත් 10ට වැඩි බරපතල වැඩ සහිත හෝ නොමැති වැරැද්දක් විදියට උසාවියෙන් නියම කරන දඬුවමකට යටත් වෙන්න සිද්ධවෙනවා. සුරතල් බලු පැටියෙක් හෝ සුරතල් සතෙක් ඇති කරනකොට ඔබ ඉන්නේ අඩ නිරුවත්ව නම් එහෙම නැත්තං නිරුවත්ව නම්, ඒ සතාව අයින් කරනවා එතනින් නේද. හැමදෙනාම කරන්නේ ඒ වගේ වැරදි විදිහකට ඔහු ලඟට එනවනම් සතාට තේරෙන්නේ නැහැනේ සතාට මොලයක් තියෙන සතෙක් නෙමෙයි. සතාට කතා කරන්න බැහැ ඒකනෙ සත්තු කියන්නේ. මේ පුද්ගලයා මොකද කරන්නේ හැමෝම දැක්කනේ. මේ පුද්ගලයා කරන දේ සාමාන්‍ය නැහැ. ඒක තමයි අපිට මෙතන තියෙන සත්ත්වයන්ට ආදරය කරන අය විදියට අපට සියලු දෙනාටම තිබිය යුතු ප්‍රශ්නය. මෙතන තියෙන භයානකකම තමයි ඒ පුද්ගලයා මේක කරන එකට වඩා මේ මිනිස්සුන්ට මේක තේරෙන්නැති එක. තාම සමාජය එතැනට වැටිලා නැති එක. ඔබ ඇස් දෙක පියාගෙන මේ පොඩි බලු පැටියා වෙනුවට මෙතැනට අවුරුද්දක පුංචි ගැහැණු ළමයෙක් හරි අවුරුද්දක පුංචි පිරිමි ළමයෙක් හරි හිටියා කියලා හිතන්නකෝ. ඒත් ඒ ළමයින්ට කතා කරන්න බැහැනේ. ඒත් ඒ ළමයින්ට තේරෙන්නේ නැහැනේ. බල්ලටත් අවුරුද්දයි නේ. එතකොට ඔබ මේ පුද්ගලයා කරපු දේ අනුමත කරනවද. ඔබ කවුරුත් ඒක අනුමත කරන්නේ නැහැ. ඒක නිසා තමයි මම කියන්නේ අපි සියලු දෙනාම තේරුම් ගන්න ඕනේ මොකද මේ පුද්ගලයා එසේ මෙසේ පුද්ගලයෙක් නෙමෙයි. සමහර උගත් බුද්ධිමත් පොතක්පතක් කියවන මිනිස්සු කියනවා එච්චර ලොකු දෙයක් වෙලා නැහැනෙ එතැන, මට නම් ලොකු දෙයක් වෙන්නේ නැහැ, මීට වඩා දේවල් වෙලා නැද්ද, එහෙම අහනවා, ඒ කියන්නේ ඔබ ඒ තරම් විකෘති වුණා ද ඔබේ මනස මීට වඩා දෙයක් මේ බල්ලාට වෙන දේ බලාගන්න ද ඕන. ඕනෑම පුද්ගලයෙක් තිරිසන් සතෙක් තමන් ළඟට එනකොට තමුන්ගේ රහස්‍ය ප්‍රදේශය ගලවලා ඒ තිරිසන් සතාට පෙන්නනවා නම් එතන වැරැද්දක් වෙලා තියෙනවා. මේ පුද්ගලයා තිරිසන් සතා එක්ක හැසිරෙන වෙන වීඩියෝ හොයනවාට වඩා මේ එළියට ගියපු වීඩියෝ එක ම ඇති මේක ගැන තේරුම් ගන්න. ඒක නිසා මම රටේ ජනතාවගෙන් විශේෂයෙන්ම ඉල්ලා සිටිනවා මේක දැනෙන්නෙ නැති මිනිස්සුන්ගෙන් ඇස් දෙක පියාගෙන මෙතන හිටියේ පොඩි පැටියෙක් නෙමෙයි මෙතන හිටිය සුරතල් පැටියෙක් නෙමෙයි මෙතන හිටිය අවුරුද්දක පුංචි ගැහැණු ළමයෙක් හරි, අවුරුද්දක පුංචි පිරිමි ළමයෙක් හරි පොඩ්ඩක් ඇස් දෙක පියාගෙන කල්පනා කරන්න. එතකොට මෙතන තියෙන බරපතලකම තේරෙයි. අපි එතුමාගේ කාමරේ ඇතුළෙ කාන්තාවක් එක්ක හිටපු දේවල් එළියට දැම්මේ නැහැ. මේවා සාමාන්‍ය දේවල්, තමුන්ගේ බිරිඳ එක්ක ද, තමන්ගෙ පෙම්වතිය එක්ක ද, තමන්ගේ සහකාරිය එක්ක ද, සැත්කම් තමුන්ගේ පෙම්වතා එක්ක ද, ඒකට මේ රටේ අයිතිය තියෙනවා. හැබැයි කිසිම කෙනෙකුට සතෙකුට ඔය වගේ කරන්න අයිතිය නැහැ" |
2022-12-26T13:48:30.000Z | පාසල් සිසුවෙක් පැහැරගෙන ගොස් පහර දෙයි: UNP නියෝජ්‍ය මහලේකම්ගේ පුත්‍රයෙකුටත් චෝදනා.. | සිසුවෙක් පැහැරගෙන ගොස් පහර දෙයි.. | COLOMBO (News 1st) - පෙරේදා(24) රාත්‍රියේ කිසියම් පිරිසක් පොළොන්නරුව ප්‍රදේශයේ පාසල් සිසුවෙක් පැහැරගෙන ගොස් පහරදී තිබේ. අදාල සිසුවා චෝදනා කරන්නේ තමන්ට පහරදුන් පිරිස අතර එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය මහලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක කොළොන්නේ මහතාගේ පුත්‍රයෙකුද සිටින බවයි. මෙසේ පහර කෑමට ලක්වන්නේ තරුෂ මානෙත් පතිරන නමැති පාසල් සිසුවෙකි. මෙලෙස රැගෙන යාමට පෙර අදාල පිරිස තමන්ට දුන් දුරකථන ඇමතුමක්ද ඔහු විසින් පටිගත කර තිබුණි. පසුව පැමිණි පිරිස තමන් බලෙන් ගෙනගොස් පහරදී නැවත තම නිවස අසලට ගෙනවිත් දැමූ බව ඔහු පවසයි. පහරකෑමට ලක් වූ සිසුවා, "වෙන වාහනයකට දාලා මට යන ගමන් පහරදීලා ගේ ළඟින් දාලා ගියා. නාලක කොලොන්නගේ පුතා නෙලුෂ කොලොන්නේ, දිනත් විජේසිංහ කියලා කෙනෙක් හිටියා, තව මං එයාලගේ නම් හරියට දන්නේ නැහැ. තව කට්ටිය හිටියා." පහරකෑමට ලක් වූ සිසුවාගේ මව, "මෙයාලත් එක්ක ප්‍රශ්ණ තියෙනවාද කියන්න මම දන්නේ නැහැ. මට ඕන මගේ දරුවගේ ආරක්ෂාව සලසන්න තමයි. ඒ වෙනුවෙන් අවශ්‍ය කටයුතු පොලීසියට ගිහින් පැමිණිල්ලක් කළා. මේ වෙද්දී දරුවා රෝහල් ගත කරලා තියෙන්නේ." අපි මේ පිලිබඳව පොළොන්නරුව දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය මහලේකම් නාලක කොලොන්නේ මහතාගෙන් විමසීමක්ද කළෙමු. ඔහු සඳහන් කළේ, තම පුත්‍රයා එම CCTV දර්ශනවල නොමැති බවත්, අදාල සිද්ධියට ඔහුගේ පුත්‍රයාගේ කිසිදු සම්බන්ධතාවයක් නොමැති බව ය. සිද්ධිය සම්බන්ධයෙන් පොළොන්නරුව පොලීසියට පැමිණිල්ලක් ලැබී ඇති අතර පහරදීම සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක බව පොලීසිය පැවසීය. |
2022-12-26T12:08:47.000Z | හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ අමෙරිකාව බලා පිටත්ව යයි.. | හිටපු ජනපති ගෝඨාභය අමෙරිකාව බලා පිටත්ව යයි.. | COLOMBO (News 1st) - හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, පවුලේ සාමාජිකයින් පස්දෙනෙකු සමග අමෙරිකාව බලා පිටත්ව ගොස් තිබේ. ඒ, අද(26) අලුයම කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙනි. ඔහු ගුවන් තොටුපොළ අතිවිශේෂ අමුත්තන්ගේ මැදිරිය ඔස්සේ ඩුබායි රාජ්‍යය බලාගොස්, අනතුරුව පිරිස අමෙරිකාව බලා පිටත්ව යනු ඇති. ගෝඨාභය රාජපක්ෂ මහතා සමග පිටව ගිය පිරිස අතර බිරිඳ අයෝමා රාජපක්ෂ, පුතු දමින්ද මනෝජ් රාජපක්ෂ, ලේලිය එස්.ඩී.රාජපක්ෂ සහ මිනිබිරිය ද වේ. |
2022-12-26T08:17:35.000Z | ඩිලාන් සේනානායකට තියුණු ආයුධයකින් පහරදීමේ සිද්ධියට සැකකරුවන් 4ක් අත්අඩංගුවට | ඩිලාන්ට පහර දීම: 4ක් අත්අඩංගුවට | COLOMBO ( News 1st ) - ඩිලාන් සේනානායකට තියුණු ආයුධයකින් පහරදීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි. කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ. පසුගිය දෙසැම්බර් 14 වැනිදා රාත්‍රියේ නුගේගොඩ, පාගොඩ පාරේ පිහිටි ඔහුගේ නිවසට පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු සිදුකළ පහරදීමෙන්, සමාජ මාධ්‍ය ක්‍රියාකාරික ඩිලාන් සේනානායක මහතා තුවාල සිදුවිය. එම පහරදීම හේතුවෙන් ඔහුගේ පාදයකට හා උරහිසට තුවාල සිදුවිය. සිද්ධියෙන් පසු ඩිලාන් සේනානායක මහතාව කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කළ අතර පසුව ඔහුව ශල්‍යකර්මයකට ද ලක් කෙරිණි. |
2022-12-26T07:23:02.000Z | පකිස්ථානය - නවසීලන්තය බොක්සිං දින ටෙස්ට් තරගය ඇරඹේ.. | බොක්සිං දින ටෙස්ට් තරගය ඇරඹේ.. | COLOMBO ( News 1st ) - නත්තල් දිනට පසු දින හෙවත් බොක්සිං දිනය වන අද(26) සත්කාරක පකිස්ථානය සහ නවසීලන්තය අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ආරම්භ වී තිබේ. මෙරට වේලාවෙන් අද(26) උදෑසන 10.30 ආරම්භ වූ මෙම තරගය පැවැත්වෙන්නේ කරච්චීහීදී. බාබර් අසාම්හට තවදුරටත් පකිස්ථාන කණ්ඩාමේ නායකත්වය හිමිව ඇති අතර ඉමාම් උල් හක් , ෂාන් මසූඩ් වැනි ක්‍රීඩකයන් පකිස්ථාන සංචිතයට ඇතුළත් ය. ටිම් සවුති නවසීලන්ත කණ්ඩායම මෙහෙය වන අතර කේන් විලියම්සන්, ටොම් ලේතම්, හෙන්රි නිකොල්ස් වැනි අත්දැකීම් බහුල ක්‍රීඩකයින් රැසක් එම සංචිතයට ඇතුළත්ව තිබේ. ලෝක ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්හී පකිස්ථානය 7 වන ස්ථානයේ රැඳී සිටින අතර නවසීලන්තයට හිමිව ඇත්තේ එහි 8 ස්ථානයයි. |
2022-12-26T06:59:26.000Z | මහ කන්නයේ වගාවට අවශ්‍ය ඉන්ධන බෙදාහැරීම අඛණ්ඩව - කෘෂිකර්ම අමාත්‍යාංශය | මහ කන්නයේ වගාවට අවශ්‍ය ඉන්ධන බෙදාහැරීම අඛණ්ඩව | COLOMBO ( News 1st ) - මහ කන්නයේ වගා කටයුතු සඳහා ඉන්ධන බෙදාහැරීමේ කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මක බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. එම අමාත්‍යංශය ප්‍රකාශ කළේ, මේ වනවිට ලීටර් 6,600 බවුසර් 3,559ක් මගින් ඉන්ධන බෙදාහැර ඇති බවය. සැප්තැම්බර් මාසයේ දී ඉන්ධන බවුසර් 866ක්, ඔක්තොබර් මාසයේ දී බවුසර් 1,587ක්, නොවැම්බර් මාසයේ දී බවුසර් 1,004ක් හා දෙසැම්බර් 11 වැනිදා වනවිට බවුසර් 102ක් වශයෙන් බවුසර් 3,559ක් මගින් ඉන්ධන බෙදාහැර තිබේ. වී වගාව සාර්ථක කර ගැනීම සඳහා හිඟයකින් හා අපහසුතාවයකින් තොරව ගොවි ජනතාවට වගාව කටයුතු සඳහා අවශ්‍ය ඩීසල් හා භූමිතෙල් ලබාදෙන ලෙස ජනාධිපතිතුමා දුන් උපදෙස් පරිදි මෙම ඉන්ධන බෙදාහැරීම් වැඩපිළිවෙළ ක්‍රියාත්මකය. කෘෂිකර්ම අමාත්‍යාංශය ප්‍රකාශ කළේ, එම කටයුතු සම්බන්ධීකරණය සඳහා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව හා කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් එක් එක් නිලධාරියෙක් බැගින් පත්කර ඇති බවයි. |
2022-12-26T05:57:12.000Z | ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර පාපන්දු තහනමක් පනවන බවට ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයෙන් අනතුරු ඇඟවීමක් | ශ්‍රී ලංකාවට පාපන්දු තහනමක් පැනවෙයිද? | COLOMBO ( News 1st ) - ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර පාපන්දු තහනමක් පනවන බවට ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය අනතුරු ඇඟවීමක් සිදුකර තිබේ. ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ හිටපු ලේකම්වරයා වෙත ඊ-මේල් පණිවිඩයක් යොමු කරමින් මෙම අනතුරු ඇඟවීම සිදුකර ඇත. ෆීෆා ආයතනයේ නියෝගවලට රෙගුලාසිවලට අනුකූලව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ ව්‍යවස්ථාව සංශෝධනය විය යුතු බවත්, සැප්තැම්බර් මාසේ 22 වැනිදා අපගේ සාමාජිකයෙකු විසින් සම්මත කෙරූ නව ව්‍යවස්ථාව යටතේ නිලවරණය පැවැත්විය යුතු බවත් මෙම පණිවුඩයේ සඳහන් බව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ හිටපු සභාපති, ජස්වර් උමාර් මහතා ප්‍රකාශ කර තිබේ. එසේම ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයට අනුකූලව මෙම ව්‍යවස්ථාව නිර්මාණය නොවුණහොත්, ඒ අනුව ක්‍රියා නොකළහොත්, නව මාර්ග සිතියමක, එකඟතාවයක් පළ නොකරන්නේ නම්, තහනමක් පනවන බවත්, සම්බාධක පනවන බවත් මෙම අනතුරු අඟවීමේ වැඩිදුරටත් සඳහන් බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය. |
2022-12-26T05:32:03.000Z | උපකාරක පන්ති ළමුන්ට දුම්කොළ මිශ්‍ර මාවා අලෙවි කළ සැකකරුවෙකු අත්අඩංගුවට | මාවා අලෙවි කළ සැකකරුවෙකු අත්අඩංගුවට | COLOMBO ( News 1st ) - කල්මුණේ, පෙරියලාවනී, පාණ්ඩිරිප්පු ප්‍රදේශයේ උපකාරක පන්ති ළමුන් ඉලක්ක කර දුම්කොළ මිශ්‍ර මාවා අලෙවි කළ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය ප්‍රකාශ කළේ, සැකකරු සන්තකයේ තිබී දුම්කොළ මිශ්‍ර මාවා කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 440ක්, සිය භාරයට ගෙන ඇති බවයි. එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, මඩවල, බසාර් ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි පුද්ගලයෙකි. |
2022-12-26T05:24:40.000Z | මාලදිවයිනේ හිටපු ජනපති අබ්දුල්ලා යාමීන්ට සිර දඬුවම් | මාලදිවයිනේ හිටපු ජනපති අබ්දුල්ලා යාමීන්ට සිරදඬුවම් | COLOMBO ( News 1st ) - මාලදිවයිනේ හිටපු ජනාධිපති අබ්දුල්ලා යමීන්ට වසර 11 ක සිර දඬුවමක් සහ ඩොලර් මිලියන 5 ක දඩයක් නියම කර තිබේ . ඒ, පෞද්ගලික සමාගමකින් මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් වරදකරු වීම හේතුවෙනි. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, හිටපු ජනාධිපතිවරයා ඔහුට එල්ල වූ චෝදනාවන් ප්‍රතික්ෂේප කර ඇති බවයි. 2018 වසරේදී ඔහුට බලය අහිමිවුව ද මීළඟ වසරේ මැතිවරණය සඳහා මාලදිවයිනේ ප්‍රගතිශීලි පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඔහු මේ වනවිටත් නම් කර තිබෙන අතර මීට පෙර 2019 දී ඔහුට වසර 05ක සිර දඬුවමක් සහ ඩොලර් මිලියන 05ක දඩයක් නියම කෙරිණි. ඒ, රාජ්‍ය අරමුදල් ඩොලර් මිලියනයක් අවභාවිත කිරීම සම්බන්ධයෙනි. කෙසේ වෙතත් ඔහු නිවාස අඩස්සියේ තබා මාස කිහිපයකට පසු නිදහස් කෙරිණි. |
2022-12-26T04:36:51.000Z | වත්තල දී පොලිස් නිලධාරින්ට පහරදී පලාගිය සැකකරුවන් අත්අඩංගුවට | පොලිස් රාජකාරියට බාධා කළ සැකකරුවන් අත්අඩංගුවට | COLOMBO ( News 1st ) - වත්තල හැඳල ප්‍රදේශයේදී පොලිස් නිලධාරින් දෙදෙනෙකුට පහරදී ත්‍රිරෝද රථයකින් පලාගිය සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ, රථ වාහන රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරින් දෙදෙනකු ඊයේ(25) රාත්‍රියේ කෑ ගසමින් මාර්ගයේ ගමන්ගත් ත්‍රිරෝද රථයක් නවතා පරීක්ෂා කිරීමට උත්සාහ කර ඇති බවයි. එම අවස්ථාවේ ත්‍රිරෝද රථයේ ගමන් ගත් පුද්ගලයින් බීමත්ව සිට ඇති අතර එහිදී ඔවුන් අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කර ඇති අතර පොලීසිය පැවසුවේ, එහිදී ඔවුන් පොලිස් නිලධාරින්ට පහරදී රාජකාරියට බාධා කර ත්‍රිරෝද රථයෙන් පලාගොස් ඇති බවයි. ඒ සම්බන්ධයෙන් අදාළ පොලිස් නිලධාරින් වත්තල පොලිස් ස්ථානය දැනුවත් කර, තවත් නිලධාරින් පිරිසක් යොදවා පලායමින් සිටි සැකකරුවන් සමග ත්‍රිරෝද රථය අත්අඩංගුවට ගෙන ඇත.. එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, වත්තල මාබෝල ප්‍රදේශයේ පදිංචි සැකකරුවන් තිදෙනෙකි. සැකකරුවන්ගේ පහරදීමෙන් තුවාල ලැබු පොලිස් නිලධාරින් දෙදෙනා රාගම රෝහලේ ප්‍රතිකාර ලබති. |
2022-12-26T02:57:47.000Z | හිම කුණාටු හේතුවෙන් අමෙරිකාවට සහ කැනඩාවට දැඩි බලපෑම් | හිම කුණාටු නිසා අමෙරිකාවට සහ කැනඩාවට දැඩි බලපෑම් | COLOMBO ( News 1 st ) - හිම කුණාටු හේතුවෙන් අමෙරිකාවට සහ කැනඩාවට දැඩි බලපෑම් එල්ල වී තිබේ. නවතම දත්තවලට අනුව දෙරටේම මියගිය ගණන 38 ක් වන අතර අමෙරිකාවේ පුද්ගලයින් 34 දෙනෙකු පමණ මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. හිම කුණාටු හේතුවෙන් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ නිව්යෝර්ක් ප්‍රාන්තයටයි. කැනඩාවේ බ්‍රිටිෂ් කොළොම්බියා පළාතේ, දැඩි අයිස් තට්ටුවක් සහිත මාර්ගයක සිදු වූ බස් රථ අනතුරකින් 4 දෙනෙකු මියගොස් ඇති අතර මෙම හිම කුණාටු තත්ත්වය හේතුවෙන් විදුලිය ඇණහිට ඇති පාරිභෝගිකයින් ගණන ලක්ෂ 17 කට අධිකය. පවතින තත්ත්වය යටතේ දෙරටේම ගුවන් ගමන් වාර දහස් ගණනක් අවලංගු කිරීමට සිදු වී තිබේ. |
2022-12-26T01:51:28.000Z | අද විදෙස් ගමන් බලපත්‍ර ලබාගැනීමට නියමිතව තිබූ, අයැදුම්කරුවන්ට වෙනත් දින ලබාදෙයි. | අද රජයේ නිවාඩු දිනයක් | COLOMBO ( News 1st ) - අද(26) රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇතැයි ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශය පවසයි. මෙවර නත්තල් දිනය ඉරිදා දිනයක යෙදුන හෙයින් අදාළ රජයේ නිවාඩු දිනය මෙලෙස අද(26) දිනයේ ලබා දෙනු ඇති. මේ අතර අද(26) දිනයේ විදෙස් ගමන් බලපත්‍ර ලබාගැනීමට නියමිතව තිබූ, අයැදුම්කරුවන් සඳහා වෙනත් දින ලබාදී ඇතැයි ආගමන විගමන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරන අතර ඒ අනුව අද(26) පෙරවරු 8.00 සිට පෙරවරු 10.00 දක්වා විදෙස් ගමන් බලපත්‍ර ලබාගැනීමට අයැදුම් කර තිබූ පුද්ගලයින් සඳහා හෙට දිනය වෙන් කර තිබේ. අද(26) පෙරවරු 10.00 සිට පස්වරු 12.00 දක්වා විදෙස් ගමන් බලපත්‍ර ලබාගැනීමට අයැදුම් කර තිබූ පුද්ගලයින් සඳහා 28 වන බදාදා දිනයත්, පස්වරු 12.00 සිට පස්වරු 02.00 දක්වා විදෙස් ගමන් බලපත්‍ර ලබාගැනීමට අයැදුම් කර තිබූ පුද්ගලයින් සඳහා එළැඹෙන 29 වන බ්‍රහස්පතින්දා දිනයත් වෙන් කර තිබේ. අද(26) පස්වරු 2.00 පසුව විදෙස් ගමන් බලපත්‍ර ලබාගැනීමට අයැදුම් කර තිබූ පුද්ගලයින් සඳහා වෙන් කර ඇත්තේ 30 වන සිකුරාදා දිනය වන අතර , ඒ අනුව ලබාදී ඇති නව දිනයන් හා වේලාවන් තුළ අදාළ අයදුම්කරුවන්ට ආගමන විගමන දෙපාර්තමේන්තුවට පැමිණිය හැකි බවද එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනු ලැබේ. |
2022-12-26T01:41:12.000Z | අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් පුද්ගලයින් 1600කට වැඩි පිරිසක් පීඩාවට - ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය | අධික වැසි නිසා පුද්ගලයින් 1600කට වැඩි පිරිසක් පීඩා | COLOMBO ( News 1st) - අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් පුද්ගලයින් 1600කට වැඩි පිරිසක් පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. එම මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ,එක් නිවසකට පූර්ණ හානි සිදුව ඇති අතර නිවාස 109කට අර්ධ හානි වී ඇති බවයි. වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කලමනාකරණ ඒකකයේ අධ්‍යක්ෂ, ඉංජිනේරු ඩී. අබේසිරිවර්ධන මහතා ප්‍රකාශ කළේ,අධික වර්ෂාවත් සමග ප්‍රධාන ජලාශ 15 ක් වාන් දමමින් ඇති බවයි. ඔහු ප්‍රකාශ කළේ, දැදුරු ඔය ගංවතුර තත්ත්වය පහළ යමින් ඇති බවයි. අද(26) උදෑසන වනවිට ගේට්ටු 06ක් අඩි 04 බැගින් විවෘත කර තිබූ අතර අනෙක් ගේට්ටු 02 විවෘත කර තිබෙන්නේ අඩි 05 බැගිනි. වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කලමනාකරණ ඒකකයේ අධ්‍යක්ෂ, ඉංජිනේරු ඩී. අබේසිරිවර්ධන මහතා සඳහන් කළේ, මේ හේතුවෙන් පුත්තලම හා හලාවත ජනතාව දැඩිව විමසිලිමත් වන ලෙසයි. මේ අතර දිස්ත්‍රික්ක හතරකට නිකුත් කළ නායයෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම තවදුරටත් බලාත්මකය. එම දිස්ත්‍රික්ක වන්නේ මහනුවර, කුරුණෑගල, මාතලේ සහ නුවරඑළියයි. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දැනුම් දෙන්නේ,එම දිස්ත්‍රික්කවල ජනතාව කණ්ඩි කඩාවැටීම්, ගල් පෙරළීම් හා පොළව ගිලා බැසීම් පිළිබඳව විමසිලිමත් වන ලෙසය. |
2022-12-26T01:18:42.000Z | සුනාමි ඇතුළු ආපදාවලින් දිවි අහිමිවූවන් සිහිපත් කරමින් විනාඩි 2ක නිහඬතාවක්.. | සුනාමි ඇතුළු ආපදාවලින් දිවිඅහිමිවූවන් සිහිපත්කෙරේ | COLOMBO ( News 1st ) – සුනාමි ව්‍යසනය සහ රට තුළ ඇති වූ විවිධ ආපදාවලින් මිය ගිය ජනතාව සිහිපත් කෙරෙන ජාතික සුරක්ෂිත දිනය අදට (26)යෙදී තිබේ. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා පැවසුවේ, එහි ප්‍රධාන සැමරුම් උත්සවය ගාල්ල , පැරෑලිය සුනාමි ස්මාරකය අබියස පැවැත්වෙන බවයි. සුනාමි ව්‍යසනයෙන් හා විවිධ ආපදාවලින් මිය ගිය ශ්‍රී ලාංකිකයන් සිහිපත් කිරීම වෙනුවෙන් අද පෙරවරු 9.25 සිට පෙරවරු 9.27 දක්වා විනාඩි දෙකක නිශ්ශබ්දතාවක් පවත්වන මෙන් ඔහු ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. |
2022-12-26T01:10:56.000Z | රාජ්‍ය සේවකයින් 30,000ක් මේ වසර අගදී විශ්‍රාම දිවියට... | රාජ්‍ය සේවකයින් 30,000ක් විශ්‍රාම දිවියට... | COLOMBO ( News 1st ) – මේ වසර අගදී රාජ්‍ය සේවකයින් 30,000ක් විශ්‍රාම යාමට නියමිත බව පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පවසයි. රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, පසුගිය වසරේ හා මේ වසරේ වයස අවුරුදු 60 සම්පූර්ණ වූ රාජ්‍ය සේවකයින් පිරිසක් එලෙස විශ්‍රාම යාමට නියමිත බවයි. රාජ්‍ය සේවකයින් තුලනය කිරීම සඳහා අග්‍රාමාත්‍ය ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත්කර ඇතැයිද ඔහු පැවසුවේ ය. |
2022-12-26T00:47:34.000Z | ගෙවුණු දවස උණුසුම් කළ පුවත් | ගෙවුණු දවස උණුසුම් කළ පුවත් | දේශීය පුවත් 1. ආශු මාරසිංහට එරෙහි සත්ත්ව අපයෝජන චෝදනාවේ විමර්ශනවල ප්‍රගතිය විමසා පැමිණිල්ලක් – ජනාධිපතිවරයාගේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ හිටපු උපදේශක මහාචාර්ය ආශු මාරසිංහ මහතා සිටින සත්ත්ව ලිංගික අපයෝජනයක් සහිත වීඩියෝ පටය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවල ප්‍රගතිය විමසා පීපල්ස් ටුමෝරෝ සංවිධානය ඊයේ(25) පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් සිදු කළේ ය. 2.මහ වැසි නිසා දුම්රිය ගමන් වාර කිහිපයක් අවලංගු කෙරේ.. – කොළඹ සිට බදුල්ල බලා සහ බදුල්ල සිට කොළඹ බලා ධාවනය වීමට නියමිතව තිබූ රාත්‍රී තැපැල් දුම්රිය අවලංගු කර තිබේ. 3.විදුලි බිල වැඩි කිරීමට ගෙන ඇති තීරණය පිළිබඳව මානව හිමිකම් කොමිසමෙන් විශේෂ විමර්ශනයක් – විදුලි බිල වැඩි කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුව ගෙන ඇති තීරණය පිළිබඳව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ. 4.ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට සිවිල් නියෝජිතයින් පත් කිරීම පිළිබඳ අවසන් තීරණය බ්‍රහස්පතින්දා– 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ස්ථාපිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට සිවිල් නියෝජිතයින් තිදෙනා පත් කිරීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සඳහා ලබන බ්‍රහස්පතින්දා සභාව රැස්වීමට නියමිතය. 5.සාමයේ පණිවිඩය ගෙනා ජේසුතුමන්ගේ උපත සිහිපත් කරනු ලබන අසිරිමත් නත්තල ඊයේ – ලෝකයට, සාමයේ පණිවිඩය රැගෙන යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මෙලොව එළිය දුටු අසිරිමත් නත්තල ඊයේ(25)ට යෙදී තිබේ. විදෙස් පුවත් 1 .ලෝක වෙළෙඳපොළේ ගල් අඟුරු මිල පහළට.. – ලෝක වෙළෙඳපොළේ ගල් අඟුරු මිල මාසයක් තුළ 5.28% කින් පහළ ගොස් තිබේ. ක්‍රීඩා පුවත් 1. බංග්ලාදේශයට එරෙහි දෙවන ටෙස්ට් තරගයේ ජයත් ඉන්දියාවට.. – සත්කාරක බංග්ලාදේශ කණ්ඩායමට එරෙහි ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ඉන්දීය කණ්ඩායම තරග 2 – 0ක් ලෙස ජය ගැනීමට සමත් විය. |
2022-12-26T00:09:16.000Z | රටම කඳුළින් තෙත් කළ සුනාමි ඛේදවාචකයට වසර 18යි.. | සුනාමි ඛේදවාචකයට වසර 18යි.. | COLOMBO ( News 1st ) – 2004 දෙසැම්බර් 26 වැනි දින ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපකට බලපෑම් එල්ල කළ සුනාමි ව්‍යසනයට අදට(26) වසර 18ක් සපිරේ. මීට වසර 18කට පෙර, එනම් 2004 දෙසැම්බර් 26 වැනි දින අසිරිමත් නත්තලක මිහිර විඳි, දකුණු ලක හා උතුරු නැගෙනහිර වෙරළ බඩ ජනතාව සිය දෛනික කටයුතු ආරම්භ කළේය. එදින උඳුවප් පුර පසළොස්වක පෙහෝ දිනය වූ බැවින්, බෞද්ධ සැහැදැවතුන් බොහෝ දෙනා සිටියේ ආගමික වතාවත්වල නිරත වෙමිනි. මේ අතර ඉන්දීය හා ශාන්තිකර සාගරවලට මැදිව පිහිටි ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපත ආසන්න මුහුදු පත්ලේ, දරුණු භූ කම්පනයක් සිදුවිය. මෙරට වේලාවෙන් උදෑසන 6.58 ට සිදුවූ භූ කම්පනයේ අප කේන්ද්‍රයෙන් නැගුන උදම් රළ පළමුවෙන්ම ඉන්දුනීසියාවට කඩා වැදුණි. ඉන් පසුව ගතවූ පැය කිහිපය තුළ උදම් රළ පහර පැයට කිලෝමීටර් 800 ක වේගයකින් ශ්‍රී ලංකා වෙරළ තීරයට කඩා වැදුණේ තත්පරයෙන් තත්පරය වටිනා ශ්‍රී ලාංකික ජීවිත 40,000කට අධික සංඛ්‍යාවක් අහිමි කරමිනි. ඒ අතර ලොව බිහිසුණුම දුම්රිය අනතුර හික්කඩුව, පැරෑලිය ප්‍රදේශයෙන් වාර්තා විය. මගීන් 1500 ක් පමණ රැගෙන උදෑසන 6.40 ට මරදානේ සිට මාතර දක්වා ධාවනය වූ අංක 50 දුම්රිය ඒ බිහිසුණු අනතුරට ලක්විය. සුනාමි රළ පහර ශ්‍රී ලංකාව මෙන්ම ආසියාතික රටවල් කිහිපයකටම කඩා වැදුණේ ලක්ෂ 3 කට අධික වටිනා ජීවිත අහිමි කරමිනි. ඒ මහා රුඳුරු ව්‍යසනය සිදු වී අදට වසර 18ක් ගත වුවත් අප අතරින් එදා වෙන් වී ගිය නෑදෑ, හිතමිතුරන් අප හදවත් තුළ අදටත් රැඳි සිටින්නේ නොමැකෙන මතක සටහන් රුසක් ඉතිරි කරමිනි. Caption Caption Caption Caption Caption |
2022-12-25T15:28:20.000Z | උත්සව සමයේ ගමන්බිමන් යන ඔබ මේ ගැන දැනුවත් ද? | උත්සව සමයේ ගමන්බිමන් යන ඔබ මේ ගැන දැනුවත් ද? | COLOMBO ( News 1st ) – මේ උත්සව සමයයි... විනෝද චාරිකා, නෑදෑ හිතමිතුරු හමු, සාද මේ කාලයේ බොහෝමයි. ඒ සියලු දේ විඳින්නට පෙර හිතන්නට යමක්... මේ කාලයේ පොදු ස්ථානවලට අධික ලෙස ජනතාව රැස්වේ. එවැනි අවස්ථාවක ඔබගේත් ඔබේ හිතමිතුරන්ගේත් ආරක්ෂාව පිළිබඳව සිතිය යුතුම ය. උත්සව සමයේ ගමන් බිමන් යන ඔබ මේ ගැන දැනුවත් ද? පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා පවසන්නේ, විනෝද සංචාර, නිවාඩු නිකේතනවල රැඳී සිටීම, භාණ්ඩ මිලදී ගැනීම වැනි අවස්ථාවල ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් පොලීසිය විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බවයි. ඒ අනුව, පොලිසිය විටින් විට හදිසි පරීක්ෂාවන් සිදු කරනු ලබයි. * රිය ධාවනයේදී ඔබ මේ ගැන දැනුවත් ද? පොලීසිය මෙම උත්සව සමයේ බීමතින් රිය පදවන පූද්ගලයින් සොයා මෙහෙයුම් ක්‍රියාත්මකයි. ඒ අනුව රථවාහන නිලධාරීන්ට දිවයින පුරා විශේෂයෙන්ම මේ සති අන්තයේ සහ ඉදිරි කාලවකවානුවේ බිමත් රියැදුරන් අත්අඩංගුවට ගැනීමට උපදෙස් ලබාදී තිබේ. ඒ වගේම බීමත්ව අශෝභන ලෙස මහජනතාව ගැවසෙන ස්ථාන හැසිරෙන පුද්ගලයන්ව ද අත්අඩංගුවට ගැනීමට කටයුතු කරනු ඇත. බීමත්ව රිය නොපදවන ලෙසත් එය ඔබට හා අන් අයටත් හානිදායක වන බැවින් එසේ නොකරන්නැයි පොලීසිය ජනතාවගේ ඉල්ලා සිටී. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දුව මහතා වැඩිදුරටත් පවසා සිටින්නේ, වාහන පැදවීමේදී ආසනපටි පැළඳීම අනිවාර්ය බවයි. බිමත් රියැදුරෙක් ගමන් කරනවා නම් එවැනි දේට ඉඩ නොතබා ඒ ගැන 119 අංකයට දැනුම් දෙන ලෙස ද පොලීසිය ඉල්ලා සිටි. තව ද මේ දිනවල වැසිබර කාලගුණය හේතුවෙන් මාර්ගවල රිය ධාවනයේදී වඩාත් සැලකිලිමත් විය යුතුයි. මේ අතර මාර්ග බාධක යොදා ගනිමින් සංවිධානාත්මක අපරාධකරුවන්, මත්ද්‍රව්‍ය ජාවරම්කරුවන් හා මත්ද්‍රව්‍යට ඇබ්බැහි වූ පුද්ගලයින් පරීක්ෂා කිරීම ද සිදු කරනු ඇත. * ගංගා ඇළ දොළ හි දිය නැමට යාමෙදී ඔබ දැනුවත් ද? ජනතාව මෙම සති අන්තයේ විනෝද චාරිකාවල නිරතවනු දැකගත හැකිය. බොහො පුද්ගලයින් විනෝද චාරිකා ගොස් ගංගා, ඇළ දොළ හා වෙරළාශ්‍රිතව දිය නෑමට පෙලෙඹෙනු ඇත. වැසි බර කාලගුණයත් සමග ගංගා, දියඇළි ආශ්‍රිතව දිය වෑමට යාමෙදී කාලගුණ නිවේදනටවලට ඇහුම්කන් දී ඒ අනුව ජලය වැඩි ස්ථානවල තහනම් කළ ස්ථානවල හා අනතුරුදායක ස්ථානවල දිය නෑමට යාමෙදී අවධානයෙන් කටයුතු කරන්නැයි පොලීසිය ඉල්ලා සිටි. තව ද වෙරළාශ්‍රිත දිය නෑමට නොයන ලෙසත් අනතුරු අඟවා ඇති ස්ථානවල නොයන ලෙසත් පොලීසිට ජනතාවගෙන් ඉල්ලා සිටි. මීට අමතරව අද (25) දිනයේ දේවස්ථාන සඳහා ආරක්ෂාව යොදවා ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දුව මහතා පවසයි. තවද ජනතාවගේ රථවාහන ගමනාගමන කටයුතු පහසුකරලීමට හා රථවාහන නැවැත්විමටත් පහසුවෙන් ගමන් කිරීමයත් පහසුව සැලසීමට පොලීසිය කටයුතු යොදා ඇත. |
2022-12-25T15:24:38.000Z | ආශු මාරසිංහට එරෙහි සත්ත්ව අපයෝජන චෝදනාවේ විමර්ශනවල ප්‍රගතිය විමසා පැමිණිල්ලක් | ආශුට විමර්ශනවල ප්‍රගතිය විමසා පැමිණිල්ලක් | COLOMBO (News 1st) - ජනාධිපතිවරයාගේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ හිටපු උපදේශක මහාචාර්ය ආශු මාරසිංහ මහතා සිටින සත්ත්ව ලිංගික අපයෝජනයක් සහිත වීඩියෝ පටය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවල ප්‍රගතිය විමසා පීපල්ස් ටුමෝරෝ සංවිධානය අද(25) පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් සිදු කළේ ය. පීපල්ස් ටුමෝරෝ සංවිධානයේ සභාපති නීතීඥ අමිල එගොඩමහවත්ත මහතා සමාජ ක්‍රියාකාරී ලැසිල්ද සිල්වා මහතා ඇතුලු ක්‍රියාකාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියේ ය. ඔවුන් පවසන්නේ ආශු මාරසිංහ මහතාගේ බව දැක්වෙන වීඩියෝ පටයේ දැක්වෙන දර්ශන අනුව ඔහු බරපතල වරදක් සිදුකර ඇති බවයි. පීපල්ස් ටුමෝරෝ සංවිධානයේ එම ලිපිය ඉදිරිපත් කරමින්, පොලිස්පතිවරයාගෙන් විමසා ඇත්තේ, 1. අපරාධකරුට එරෙහිව තවමත් පියවර ගෙන නැත්තේ කාගේ මග පෙන්වීම යටතේ ද. 2. මහාචාර්ය ආශු වීරසිංහ මහතා සම්බන්ධයෙන් ගනු ලබන ක්ෂණික ක්‍රියාමාර්ග මොනවාද 3. අනාගතයේ දී එවැනි හිංසනයන් වළක්වා ගැනීමට ගන්නා ක්‍රියා මාර්ග මොනවාද යන කරුණුයි. අදහස් දැක්වූ පීපල්ස් ටුමෝරෝ සංවිධානයේ සභාපති නීතීඥ අමිල එගොඩමහවත්ත මහතා, අපිත් සමග සාකච්ඡා කරන ලද සත්ත්ව අයිතිවාසිකම් පිළිබඳව කටයුතු කරන සංවිධාන සහ යම් පුද්ගලයින් විසින් අපෙන් ඉල්ලීමක් කළා මේ සම්බන්ධයෙන් පොලිස්පතිවරයා සහ මේ රටේ වගකිවයුතු පාර්ශව වෙත අවධානය යොමු කරන්න කියලා, ඒ අනුව අපි අද දින පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් සිද්ධ කළා. ඒ වගේම ඒ පැමිණිල්ල ජනාධිපතිවරයාට නීතිපතිවරයාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට ඇතුළු මේ රටේ තවත් වගකිවයුතු ආයතන ගණනාවකට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. අපිට කෙනෙකුගේ පෞද්ගලිකත්වය පිළිබඳව කිසිම ගැටළුවක් නැහැ. නමුත් රටක වගකීමක් දරන ජනාධිපතිවරයෙකුගේ උපදේශකයෙකු වගේ ඉහළ ඉහළ තනතුරක් දරන, පුද්ගලයෙකුගේ හැසිරීම සහ ක්‍රියා ක්‍රියාකලාපය සම්බන්ධයෙන් මේ රටට යම් වගවීමක් තියෙනවා. අංක එකට ඔහු ඉල්ලා අස්වීම පමණක් ප්‍රමාණවත් නොවෙයි කියන තැන අපි මේ රටේ ජනතාව විදියට ඉන්නවා. ඒ වගේම මේ ජනාධිපතිවරයා අපි දන්නවා ජනතාවගේ ඡන්දයෙන් තෝරා පත් කරගන්නා ලද ජනාධිපතිවරයෙක් නෙමෙයි. මේ ඇවිල්ලා සිලෙක්ටඩ් ප්‍රසිඩන්ට් කෙනෙක්. එතකොට ඔහු තමන්ගේ පාලන කාලය තුළ, මේ ආයතන වලට තමන්ගේ උපදේශකත්වය සඳහා පත්කර ගන්නා පුද්ගලයින් පිළිබඳ ඒ අයගේ ගුණාත්මකභාවය පිළිබඳව රටේ ජනතාව විදියට ප්‍රශ්නයක් තියෙනවා. මෙහි වින්දිතයෙක් වෙන්නේ කතා කරගන්න බැරි සත්වයෙක්. දැන් මේ රටේ මේ වගේ සිද්ධීන් හරහා ලෝකයට කියන්නේ සත්වයින්ගේත් අයිතිවාසිකම් කඩ වෙනවා ද කියන ප්‍රශ්නය. දැන් අපිට දැනගන්නට ලැබෙනවා මේ කාරණාව අනාවරණය කරපු මාධ්‍ය ආයතන වලට විරුද්ධව කොහොමද නීතිය ක්‍රියාත්මක කරන්නේ කියලා මේ මන්දිර තුළ කුමන්ත්‍රණ සිද්ධ වෙනවා කියලා. අපි මේ පාලකයින්ට කියලා තියෙන්නේ, පැහැදිලිවම සඳහන් කරනවා. මේ සිද්ධිය බැලූ බැල්මට මෙරට දණ්ඩ නීති සංග්‍රහයේ 365 1995 අංක 22 දරණ පනතින් සංශෝධනය වෙච්ච, ඒ පනතේ සඳහන් ප්‍රතිපාදනයන් යටතට පැහැදිලිවම වැටෙනවා අස්වාභාවික ක්‍රියා කියන කාරණා යටතේ. ඒ යටතේ දඬුවම් කළ හැකි නීතිය පැහැදිලිවම තියෙද්දි, ඒ සම්බන්ධයෙන් කිසිම ක්‍රියාමාර්ගයක් නොගෙන මේ වින්දිතයින් සහ ඒ කාරණා රටට කියන මේ රටේ ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය ක්‍රියාත්මක කරන මාධ්‍ය ආයතන දඩයම් කරන්න හදනවා නම්, අපි ඒ කාරණාවත් මේ අවස්ථාවේදී හෙළා දකිනවා.. මෙම සිද්ධිය සම්බන්ධයෙන් නිසි පරීක්ෂණයක් සිදුකරන ලෙස ශ්‍රී ලංකාවේ සත්ත්ව සුභසාධන සහ සත්ව හිමිකම් ක්‍රියාකාරීන්ගේ සාමූහිකය පොලිස්පතිවරයාට ලිපියක් යවමින් ඉල්ලා තිබේ. ශ්‍රී ලංකාවේ සත්ත්ව සුභසාධන සහ සත්ත්ව හිමිකම් ක්‍රියාකාරීන්ගේ සාමූහිකය මෙරට සත්ත්ව සුභසාධනය වෙනුවෙන් කටයුතු කරන ප්‍රධානතම සංවිධානයකි. මීට අදාල පරීක්ෂණ ඉක්මණින් සිදුකරන ලෙසත්, යුක්තිය කඩිනමින් සිදුකළ යුතු බව ඔවුන් එම ලිපිය මඟින් ඉල්ලා තිබේ. විමර්ශන සඳහා කිසිදු අයුතු බලපෑමක් සිදු වීම වලක්වන ලෙස ද ඔවුන් පොලිස්පතිවරයාගෙන් ඉල්ලා තිබේ. මීට අදාළ අදාල වීඩියෝ පටය සත්‍යක් නම් ආශු මාරසිංහ මහතා අත්අඩංගුවට ගෙන දණ්ඩ නීති සංග්‍රහය පරිදි දඬුවම් කළ යුතු බව එම සංවිධානය පෙන්වා දෙයි. මෙම ක්‍රියාව නිසැකවම නීතිය උල්ලංඝනය කිරීමක් වන අතර මෙම පුද්ගලයා දරුවන්ට, සතුන්ට හා සමස්ත වශයෙන් සමාජයේම ආරක්ෂාවට තර්ජනයක් බව එම ලිපියේ සඳහන් වේ. |
2022-12-25T13:50:41.000Z | ලෝක වෙළෙඳපොළේ ගල් අඟුරු මිල පහළට.. | ලෝක වෙළෙඳපොළේ ගල් අඟුරු මිල පහළට.. | COLOMBO (News 1st) - ලෝක වෙළෙඳපොළේ ගල් අඟුරු මිල මාසයක් තුළ 5.28% කින් පහළ ගොස් තිබේ. ඒ අනූව ගල් අඟුරු ටොන් එකක මිල දැක්වුණේ අමෙරිකානු ඩොලර් 230ක් ලෙස ය. ඩොලර් 260ක් ලෙස පසුගිය මාසයේදී ගල් අඟුරු ටොන් එකක මිල දැක්විණ. |
2022-12-25T10:49:57.000Z | දිවයිනට ඇතුළු වුණු පීඩන අවපාතය හෙට බටහිර මුහුදු ප්‍රදේශයට - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව | පීඩන අවපාතය හෙට බටහිර මුහුදු ප්‍රදේශයට.. | COLOMBO ( News 1st ) – නැගෙනහිර වෙරළ දෙසින් දිවයිනට ඇතුළු වුණු නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය හෙට (26) දින ශ්‍රී ලංකාවේ බටහිර මුහුදු ප්‍රදේශයට ගමන් කරනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා සඳහන් කළේ ය. පීඩන අවපාතය හේතුවෙන් බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, වයඹ සහ උතුරු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බව පෙන්වා දෙන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ, දිවයින හරහා විටින් විට හමන පැයට කි.මී 40 - 50ක පමණ තද සුළං ඇතිවිය හැකි බවයි. |
2022-12-25T08:44:14.000Z | මහ වැසි නිසා දුම්රිය ගමන් වාර කිහිපයක් අවලංගු කෙරේ.. | දුම්රිය ගමන් වාර කිහිපයක් අවලංගු කෙරේ.. | COLOMBO ( News 1st ) - කොළඹ සිට බදුල්ල බලා සහ බදුල්ල සිට කොළඹ බලා ධාවනය වීමට නියමිතව තිබූ රාත්‍රී තැපැල් දුම්රිය අවලංගු කර තිබේ. දුම්රිය ගමනාගමන අධිකාරී, ගාමිණී සෙනවිරත්න මහතා ප්‍රකාශ කළේ, පවතින කාලගුණ තත්ත්වය සැළකිල්ලට ගෙන මගී ආරක්ෂාව වෙනුවෙන් එම තීරණය ගත් බවයි. නත්තල වෙනුවෙන් අද(25) කොළඹ සිට බදුල්ල බලා ධාවනය වීමට නියමිතව තිබූ විශේෂ දුම්රිය ද අවලංගු කළ බව, දුම්රිය ගමනාගමන අධිකාරිවරයා ප්‍රකාශ කළේ ය. |
2022-12-25T07:46:12.000Z | ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට සිවිල් නියෝජිතයින් පත් කිරීම පිළිබඳ අවසන් තීරණය බ්‍රහස්පතින්දා | සිවිල් නියෝජිතයින් පත් කිරීමේ තීරණය බ්‍රහස්පතින්දා | COLOMBO ( News 1st ) - 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ස්ථාපිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට සිවිල් නියෝජිතයින් තිදෙනා පත් කිරීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සඳහා ලබන බ්‍රහස්පතින්දා සභාව රැස්වීමට නියමිතය. නිව්ස්ෆස්ට් කළ විමසීමකදී, කතාතානාක මහින්ද යාපා අබේවර්ධන මහතා ප්‍රකාශ කළේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සිවිල් නියෝජනය සඳහා අයැදුම්පත් 112ක් පමණ ලැබී ඇති බවයි. ඒ සඳහා අයැදුම්පත් භාරගැනීම පසුගිය නොවැම්බර් මස 28 වැනිදායින් අවසන් විය. ඒ සඳහා අයැදුම් කිරීමට සුදුසුකම් හිමිවන්නේ, විශිෂ්ටත්වයෙන් හා අවංකභාවයෙන් යුත්, පොදු හෝ වෘත්තීය ජීවිතයේ දී කීර්තියට පත්, කිසිදු දේශපාලන පක්ෂයක සාමාජිකයෙකු නොවන තැනැත්තන්ටයි. කතානායකවරයා පැවසුවේ පාර්ලිමේන්තුව වෙත යොමු කර ඇති අයැදුම්පත් අතරින් සුදුසු පුද්ගලයින් තිදෙනකු තෝරා ගැනිම හෝ අයැදුම්පත් යොමු නොකළ එහෙත් අදාළ සුදුසුකම් සපුරන සෙසු පිරිස් වේ නම්, ඒ අතරින් සුදුසු පුද්ගලයින් තිදෙනකු සිවිල් සමාජ නියෝජිතයින් ලෙස පත් කිරීම පිළිබඳව ලබන බ්‍රහස්පතින්දා සළකා බලන බවයි. කතානායකවරයා ප්‍රකාශ කළේ, එලෙස තෝරා ගන්නා සාමාජිකයින්ගේ නම්, අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට කඩිනමින් යොමුකරන බවයි. |
2022-12-25T07:40:52.000Z | බංග්ලාදේශයට එරෙහි දෙවන ටෙස්ට් තරගයේ ජයත් ඉන්දියාවට.. | ඉන්දියාවට 2-0ක ටෙස්ට් තරගාවලි ජයක්.. | COLOMBO ( News 1st ) - සත්කාරක බංග්ලාදේශ කණ්ඩායමට එරෙහි ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ඉන්දීය කණ්ඩායම තරග 2 - 0ක් ලෙස ජය ගැනීමට සමත් විය. ඒ තරගාවලියේ දෙවන තරගය ඉන්දීය කණ්ඩායම කඩුලු 3 කින් ජය ගැනීමත් සමගයි. මීර්පූර්හීදි පැවති තරගයේ කාසියේ වාසිය හිමි කරගෙන පළමු පන්දුවට පහර දුන් බංග්ලාදේශ කණ්ඩායම පළමු ඉනිම සඳහා රැස් කළ ලකුණු 227ට පිළිතුරු ලෙස ඉන්දීය ක්‍රීඩකයින් පළමු ඉනිමට සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 314කි. ඒ අනුව සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශ ක්‍රීඩකයන්ට සියලු දෙනා දැවී රැස් කිරීමට හැකි වූයේ ලකුණු 231ක් පමණි. ලකුණු 145 ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ඉන්දීය ක්‍රීඩකයන් පන්දුවාර 47ක් අවසානයේ කඩුලු 7ක් දැවී නියමිත ඉලක්කය පසු කිරීමට සමත් විය. |
2022-12-25T07:29:28.000Z | විදුලි බිල වැඩි කිරීමට ගෙන ඇති තීරණය පිළිබඳව මානව හිමිකම් කොමිසමෙන් විශේෂ විමර්ශනයක් | විදුලි ගාස්තු සංශෝධනය මා. හිමිකම් කොමිසමේ අවධානයට | COLOMBO ( News 1st ) - විදුලි බිල වැඩි කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුව ගෙන ඇති තීරණය පිළිබඳව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ. කොමිසම පැවසුවේ, පුරවැසියන්ට ජීවත් වීමට ඇති අයිතියට එල්ල වන බාධාවක් ලෙස සළකා අදාළ විමර්ශනය ක්‍රියාත්මක බවයි. ඒ, විදුලි බිල වැඩි කිරීම සම්බන්ධයෙන් පළවූ මාධ්‍ය වාර්තා පදනම් කර ගනිමිනි. විමර්ශනයට අදාළව කරුණු විමසීම සඳහා විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේ ලේකම්වරයා, අතිරේක ලේකම්වරයකු සහ විදුලිබල මණ්ඩලයේ ඉහළ පෙලේ නිලධාරීන් කිහිපදෙනකු කොමිසම හමුවට කැඳවා ඇති අතර ඉදිරියේදි අවශ්‍ය වුවහොත්, විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා සහ මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා ද කරුණු විමසීම සඳහා කැඳවීමට බලාපොරොත්තු වන බව මානව හිමිකම් කොමිසම සඳහන් කර තිබේ. කඩිනමින් විමර්ශනය අවසන් කර, ඒ පිළිබඳ සම්පුර්ණ වාර්තාවක් නිකුත් කිරීම, කොමිසමේ සැලසුම වී තිබේ. |
2022-12-25T07:18:23.000Z | අලවතුගොඩදී නිවසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් දෙදෙනෙකු මරුට.. | පස් කන්දකට දෙදෙනෙකු බිලිවෙයි.. | COLOMBO ( News 1 st ) - මහනුවර, අලවතුගොඩ, ගණපතිවත්ත ප්‍රදේශයේ දී අද (25) උදෑසන නිවසක් මතට පස් කන්දක් හා ගලක් කඩා වැටීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. පොලීසීය ප්‍රකාශ කළේ, ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, වයස අවුරුදු 16 සහ 18 යන වයස්වල පසුවන දෙදෙනෙකු බවය. තුවාල ලැබූ තිදෙනෙකු ජම්බුගහපිටිය රෝහලට ඇතුළත් කර තිබේ. |
2022-12-25T06:16:25.000Z | මහ වැස්සට මහනුවර දුම්රිය ස්ථානය ජලයෙන් යටවෙයි.. | මහනුවර දුම්රිය ස්ථානය ජලයෙන් යටවෙයි.. | COLOMBO ( News 1 st ) - පවතින අධික වැසිබර කාලගුණ තත්ත්වය හේතුවෙන් මහනුවර දුම්රිය ස්ථානය ජලයෙන් යටවී තිබේ. මේ හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුවිය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. දුම්රිය ගමනාගමන අධිකාරී ගාමිණී සෙනවිරත්න මහතා ප්‍රකාශ කළේ, ජල මට්ටම නිරීක්ෂණය කරමින් සිටින බවයි. |
2022-12-25T05:42:12.000Z | ඇෆ්ගනිස්ථානයේ තලෙයිබාන් පරිපාලනයෙන් සේවිකාවන්ට තහංචි.. | තලෙයිබාන් පරිපාලනයෙන් සේවිකාවන්ට තහංචි.. | COLOMBO ( News 1 st ) - ඇෆ්ගනිස්ථානයේ තලෙයිබාන් පරිපාලනය, සියළුම දේශීය සහ ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධානවල සේවිකාවන් සේවයට පැමිණීම නතර කරන්නැයි නියෝග කර තිබේ. තලෙයිබාන් බලධාරීන් පවසන්නේ, ඇතැම් සේවිකාවන් ඉස්ලාමීය එමීර් රාජ්‍යයේ නීති සහ රෙගුලාසි කඩ කිරීම ඊට හේතු වී ඇති බවයි. එරට ආර්ථික අමාත්‍යාංශය පවසන්නේ මෙම නියෝගයට අනුගත නොවන සෑම රාජ්‍ය නොවන සංවිධානයකම බලපත්‍ර අවලංගු කරන බවයි. |
2022-12-25T04:36:14.000Z | දිස්ත්‍රික්ක හතරකට නායයෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම් | දිස්ත්‍රික්ක 4කට නායයෑම් අනතුරු ඇඟවීම් | COLOMBO (News 1st) - දිස්ත්‍රික්ක 4කට නායයෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත්කර තිබේ. එම දිස්ත්‍රික්ක වන්නේ මහනුවර, කුරුණෑගල, මාතලේ සහ නුවරඑළියයි. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය අදාළ දිස්ත්‍රික්කවල ජනතාට දැනුම් දෙන්නේ,එම දිස්ත්‍රික්කවල ජනතාවට කණ්ඩි කඩාවැටීම්, ගල් පෙරළීම් හා පොළොව ගිලා බැසීම් පිළිබඳව විමසිලිමත්වන ලෙසයි. මේ අතර උඩරට මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුවිය හැකි බව, දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනයකර තිබේ. ඒ,මහනුවර දුම්රිය අංගනය ජලයෙන් යටවීම හේතුවෙනි. දුම්රිය ගමනාගමන අධිකාරී ගාමිණී සෙනවිරත්න මහතා ප්‍රකාශ කළේ, ජල මට්ටම නිරීක්ෂණය කරමින් සිටින බවයි. |
2022-12-25T03:15:08.000Z | බංග්ලාදේශට එරෙහිව ලකුණු 145 ක ඉලක්කයක් හඹායන ඉන්දියාවේ කඩුලු 4 ක් බිඳ වැටෙයි | ඉන්දියාවට ලකුණු 145 ක ඉලක්කයක්... | COLOMBO ( News 1 st ) - සත්කාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය අද(25) සිව්වැනි දිනටත් පැවැත්වේ. මීර්පූර්හීදි පැවැති තරගයේ සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශ කණ්ඩායම සියලුදෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව ලකුණු 231 කි. ඊයේ(24) දිනය නිමා වන විට ලකුණු 145ක ඉලක්කයක් හඹා යන ඉන්දීය කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 45ක් රැස් කර ගෙන සිටියහ. |
2022-12-25T02:42:50.000Z | සිරස - ශක්ති පොත් යාත්‍රාවේ පොත් බෙදාදීම අද සිට ඇරඹේ.. | සිරස - ශක්ති පොත් යාත්‍රාවේ පොත් බෙදාදීම ඇරඹේ... | COLOMBO ( News 1 st ) - සිරස - ශක්ති පොත් යාත්‍රාවේ පොත් බෙදාදීම අද සිට ඇරඹේ.. අලුත් පොතක් - සතුටු හිතක් සිරස ශක්ති පොත් යාත්‍රාවේ පොත් බෙදාදීම අද (25) ආරම්භ වීමට නියමිතයි. අප එම වැඩසටහන ආරම්භ කළේ, දුෂ්කර පළාත්වල සිටින දරුවන් වෙනුවෙන් එළැඹෙන නව වසර වෙනුවෙන් අභ්‍යාස පොත් සහ පාසල් උපකරණ බෙදාදීමේ අරමුණෙනි. අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සහ ලංකා සභාවේ, කොළඹ රදගුරු අතිගරු දුෂ්‍යන්ත රොද්‍රිගු හිමිපාණන්ගේ සහභාගීත්වයෙන් පසුගියදා සිරස - ශක්ති පොත් යාත්‍රාව ආරම්භ විය. දෙසැම්බර් 01 වැනිදා සිට පොත් රැස්කිරීම සිදුවුණේ රත්මලාන ස්ටයින් ස්ටුඩියෝ, දෙපානම මැදිරි සංකිරණය, නිවුස් ෆස්ට් ප්‍රධාන කාර්ලයාලය, කොළඹ එචලන්ඩ් පරිශ්‍රය සහ කැන්ඩි සිටි සෙන්ටර් පරිශ්‍රයේදීයී. පරිත්‍යාගශීලී ඔබ, අපට ගෙනවිත් භාරදුන් පොත් රැගෙන අද(25) සිරස ශක්ති පොත් යාත්‍රාව පාසල් දරුවන් සොයා යන්නේ, අධ්‍යාපනය - අනාගතය වෙනුවෙන් කරන හොඳම ආයෝජනය බව අපි විශ්වාස කරන බැවිනි. වාරියපොළ, නබඩවැව විද්‍යාලයේ සහ මහනුවර මද්දුමබණ්ඩාර විද්‍යාලයේ සිසු දරුවන් වෙනුවෙන් අද(25) සංකේතාත්මකව පොත් පිරිනැමීම සිදුකිරීමට සියල්ල සූදානම් කර ඇති අතර ඉදිරියේදී දිවයිනම ආවරණය වන ආකාරයෙන් ඔබ ලබාදුන් පොත් සිසු අයිතියට පත්කිරීම, අපගේ සැලසුමයි. MTV මාධ්‍ය ජාලය සහ කැපිටල් මහරාජා සමූහයේ විධායක සමූහ අධ්‍යක්ෂ, ශෙවාන් ඩැනියෙල් මහතා මේ පිළිබඳව අදහස් දැක්වමින් ප්‍රකාශ කළේ, දුෂ්කරතා මැද දිවි ගෙවන අපේ රටේ සාමාන්‍ය ජනතාව නව වසරේ සිය දරුවන්ගේ පොත් මිලදී ගැන්මට නොහැකිව දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දෙමින් සිටින මොහොතක මෙම සිරස ශක්ති පොත් යාත්‍රාවේ පොත් බෙදා දීමේ කර්තව්‍ය ආරම්භ කළ බවයි. එසේම වෙනදා පැවැත්වෙන නත්තල් කලාපය වෙනුවට එම ශ්‍රමය හා ධනය මෙම ආර්ථික අපහසුතා හේතුවෙන් නව වසරට අදාළ පාසල් පොත් මිලදී ගත නොහැකිව සිටින දුවා දරුවන් වෙත සවියක් වීමට තීරණය කළ බවත්, මේ කර්තව්‍ය වෙනුවෙන් අත්වැල් බැඳගත් දිවයින පුරා සිටින පරිත්‍යාගශීලී සාමාන්‍ය ජනතාවට ස්තූතිවන්ත වන බවත් ඔහු ප්‍රකාශ කළේය. වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කළේ,හොඳින් ඉගෙන ගෙන,නව වසරට මුහුණ දෙමින් අපේ රට ලෝකය ඉදිරියේ බබළවන්නට උනන්දුවෙන් හා කැපවීමෙන් ක්‍රියා කරන මෙන් රටේ දුවා දරුවන්ගෙන් ඉල්ලා සිටින බවයි. |
2022-12-25T02:24:37.000Z | නත්තලේ සැබෑ අරුත වටහාගනිමින් ලෝකය සුවපත් කිරීමට එක්වන්න - ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පියතුමන් | උදා වූ නත්තලේ සැබෑ අරුත... | COLOMBO ( News 1 st ) - නත්තලේ සැබෑ අරුත වටහාගනිමින් ලෝකය සුවපත් කිරීමට එක්වන්නැයි, ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පියතුමන් ලෝකවාසීන්ගෙන් ඉල්ලීමක් කළේ ය. වතිකානයේ ශාන්ත පීතර බැසිලිකා දේවස්ථානයේ පැවති නත්තල් දේව මෙහෙයට එක්වෙමින් එතුමන් මෙම ඉල්ලීම සිදු කළ අතර යේසුස් වහන්සේගේ උපතින් වසර දෙදහසකට පසුව, බොහෝ නත්තල් සැරසිලි සහ සැමරුම් පැවතිය ද නත්තලේ සැබෑ අරුත ලෝකවාසින් අමතක කර ඇතැයි ශුද්ධෝත්තම පියතුමන් පැවසීය. මෙවර ලොව පළමුව නත්තල උදාවූයේ නවසිලන්තයටයි. ඉන්පසු හෝරා කිහිපයකින් බටහිර රටවලට නත්තල උදා වූ අතර මෙවර ලෝකවාසීන් නත්තල සමරන්නේ කොරෝනා වසංගතයෙන් වසර තුනකට පසුවයි. රුසියා - යුක්‍රේන යුද්ධය ද මෙවර ලෝක සාමයට තර්ජනයක්ව ඇති අතර යුද ගිනි දැල් මැද නත්තල සැමරීමට නොහැකිව යුක්‍රේන ජනතාව දැඩි ශෝකයට පත්ව සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. |
2022-12-25T02:16:50.000Z | දකුණට සහ වයඹට මිලිමීටර 150 වැඩි ඉතා තද වැසි | දකුණට සහ වයඹට ඉතා තද වැසි | COLOMBO (News 1st) - නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, නැගෙනහිර වෙරළ දෙසින් දිවයිනට ඇතුලු වී ශ්‍රී ලංකාව හරහා ගමන් කරමින් පවතින බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ හේතුවෙන් නැගෙනහිර, ඌව, මධ්‍යම, සබරගමුව, බස්නාහිර, දකුණු සහ වයඹ පළාත්වලට මිලිමීටර 150 ට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැකියි. දිවයිනේ අනෙකුත් ප්‍රදේශවලට මිලිමීටර 75 ක පමණ වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තවදුරටත් සඳහන් කළේ, දිවයින හරහා සුළං වේගය පැයට කිලෝමීටර 50 ක් පමණ දක්වා ඉහළ යා හැකි බවයි. |
2022-12-25T02:14:54.000Z | සාමයේ පණිවිඩය ගෙනා ජේසුතුමන්ගේ උපත සිහිපත් කරනු ලබන අසිරිමත් නත්තල අදයි.. | අසිරිමත් නත්තල අදයි.. | COLOMBO (News 1st) - ලෝකයට, සාමයේ පණිවිඩය රැගෙන යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මෙලොව එළිය දුටු අසිරිමත් නත්තල අදයි. සාමයේ සහ සහජීවනයේ අසිරිමත් පණිවිඩය ලෝකයට ගෙනා ජේසුස් වහන්සේගේ උපත සිහිපත්කරන නත්තල් උත්සවය ලොව පුරා කිතුණු බැතිමතුන් මහත් වූ ගෞරවයෙන් යුතුව සමරයි. ලොව එතෙක් පැවති මඟ වෙනස් කරමින් මානව දයාවෙන් පිරිපුන් නැවුම් වූ මඟක් ලොවට විවෘත කරමින්, මිනිස් වර්ගයා පාපයෙන් මුදවා ගැනීම පිණිස යේසුස් ක්‍රිස්තුස් වහන්සේ පෙරමුණ ගත්තේ ය. නත්තලේ උදාව සිහිපත් කරමින් පවත්වනු ලබන, මෙරට ප්‍රධාන දේව මෙහෙය ඊයේ (24) මැදියම් රැයේ දී ,පන්නිපිටිය ක්‍රිස්තුරාජාණන්ගේ දේවස්ථානයේදී පැවැත්විය. ඒ, අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙනි. |
2022-12-25T02:11:40.000Z | මහ මැදුරටත්, දුගී පැලටත් නත්තලේ සතුට එක ලෙස ලබාදීම රජයේ ඉලක්කයයි - ජනපති | රාජ්‍ය නායකයින්ගෙන් කිතුණු ජනතාවට සුබ පැතුම් | COLOMBO ( News 1 st ) - මහ මැදුරටත්, දුගී පැලටත් නත්තලේ සතුට එක ලෙස ලබාදීම රජයේ ඉලක්කය වන බව, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. නත්තල වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින්, ජනාධිපතිවරයා සඳහන් කළේ සැමට ප්‍රේමය පතුරන, මනුෂ්‍යත්වය බෙදාදෙන පුරවැසියන් ලෙස සාමාජීය වගකීම ඉටු කිරීමට මේ නත්තල් සමයේ සියළු දෙනා අදිටන් කරගත යුතු බවයි. වත්මන් සමාජ හා ආර්ථික අර්බුද හමුවේ විමුක්තිදායක කිතු උපතේ යථාර්ථයට සමීප වෙමින්, මනුෂ්‍ය වර්ගයා එකිනෙකා කෙරෙහි දයානුකම්පාවෙන් හා ප්‍රේමයෙන් ජීවත්වෙමින් සමාජය තුළ පීඩිතව දිවි ගෙවන සහෝදර ජනතාවට පිහිටවීම යේසුස් ක්‍රිස්තුස් වහන්සේට දැක්විය හැකි උපහාරය බව ද ජනාධිපතිවරයා සඳහන් කළේ ය. වෛරය හා කෲරත්වය පිටු දකිමින් ගැටුම් සමනය වන ආර්ථිකමය වශයෙන් භව භෝගයෙන් සමෘද්ධිමත් වු ශ්‍රී ලංකාවක් වෙනුවෙන් නත්තල තවත් ආරම්භයක් කරගත හැකි බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සිය සුබ පැතුම් පණිවුඩයෙන් පෙන්වා දී තිබේ. අග්‍රාමාත්‍යවරයා පවසන්නේ, යථාර්ථවාදිව ලෝකය දෙස බැලීමට ආදර්ශය සැපයු යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උත්පත්තිය සිහි ගන්වන නත්තල, ප්‍රේමය, මානව ගරුත්වය සහ මනුෂ්‍යත්වය පෙරදැරි සමාජයකට නවමු අඩිතාලමක් කර ගත යුතු බවයි. මෙම වසරේ නත්තල, යේසුස් වහන්සේ හමුවන නත්තලක් කරගතයුතු බව, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය නත්තල් සුබ පැතුම් පණිවුඩයේ දක්වා තිබේ. නත්තල් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් විපක්ෂ නායකවරයා පෙන්වා දෙන්නේ යේසුස් වහන්සේ මිනිසුන්ට, සතුන්ට සතුන්ට පමණක් නොව පරිසරයට පවා මහා කරුණාවෙන්, දයාවක් දැක්වූ අපූරු ශාස්තෘවරයෙකු බවයි. |
2022-12-25T00:45:22.000Z | ගෙවුණු දිනය උණුසුම් කළ පුවත් | ගෙවුණු දිනය උණුසුම් කළ පුවත් | COLOMBO (News 1st) - දේශීය පුවත් 01.ජනවාරි 05ට පෙර පළාත් පාලන ඡන්දයේ දිනය දැනුම් දෙනවා - මැතිවරණ කොමිෂන් සභාව ලබන මස 05 වැනිදාට පෙර පළාත් පාලන මැතිවරණය පවත්වන දිනය ප්‍රකාශයට පත් කරන බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසයි. 02.ගල් අඟුරු ටෙන්ඩරයේ ගැටලු ගොඩයි!: දීර්ඝ විදුලි කප්පාදුවක් අත ළඟද? විදුලිබිල යළිත් වැඩි කිරීම ගැන මුලු මහත් සමාජයම බරපතල සංවාදයක සිටිද්දී නොරොච්චෝලේ ලක් විජය බලාගාරය සඳහා ගල් අඟුරු මිලදී ගැනීමේ ටෙන්ඩරයේ ගැටලු රැසක් මතුව තිබේ. 03.ආනයනය සීමාවූ භාණ්ඩ වර්ග කිහිපයක,ආනයන සීමා ලිහිල් කිරීමට අවධානය.. ආනයන සීමා පනවා ඇති භාණ්ඩ වර්ග 670 අතුරින් දේශීය වශයෙන් නිපදවිය හැකි භාණ්ඩ රැසක් ඇති බැවින් එම භාණ්ඩවල හැර අනෙකුත් භාණ්ඩවල ආනයන සීමා ලිහිල් කිරීම සම්බන්ධයෙන් සළකා බලමින් සිටින බව මුදල් රාජ්‍ය අමාත්‍ය, ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කර තිබේ. 04.සත්ත්ව අපයෝජන චෝදනාවට එරෙහිව ආශු මාරසිංහ CID යයි: ''මේක සංස්කරණය කරපු වීඩියෝවක්'' - ආශු මාරසිංහගේ නීතිඥයා ජනාධිපතිවරයාගේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ උපදේෂක ධුරයෙන් හදිසියේ ඉල්ලා අස් වූ මහාචාර්ය ආශු මාරසිංහ මහතා ඊයේ (24) නීතිඥවරයෙකු සමග පැමිණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුවට පැමිණිල්ලක් කර තිබේ. 05.නත්තල වෙනුවෙන් රැඳවියන් 309කට නිදහස.. බන්ධනාගාරගතව සිටින රැඳවියන් 309 දෙනෙකුට විශේෂ රාජ්‍ය සමාව ලබා දීමට තීරණය කර තිබේ. විදෙස් පුවත් 01.අමෙරිකාවේ TikTok තහනම් කිරීමේ සූදානමක්.. එක්සත් ජනපද නීති සම්පාදකයින් අමෙරිකාව තුළ TikTok යෙදුම තහනම් කිරීමට අදාළ යෝජනාවක් ඉදිරිපත් කර තිබේ. 02.දකුණු අප්‍රිකාවේ ගෑස් ප්‍රවාහනය කරමින් තිබූ රථයක් පිපිරී 9 දෙනෙකු මරුට දකුණු අප්‍රිකාවේ ගෑස් ප්‍රවාහනය කරමින් තිබූ රථයක් පිපිරී යාමෙන් පුද්ගලයින් 9 දෙනෙකු මියගොස් තිබේ. ක්‍රීඩා පුවත් 01.සෑම් කරන් IPL ඉතිහාසයේ වැඩිම මිලකට අලෙවි වූ ක්‍රීඩකයා බවට පත්වෙයි. ඉන්දීය ප්‍රිමියර් ලීග්(IPL) ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම මිලකට අලෙවි වූ ක්‍රීඩකයා බවට එංගලන්ත තුන් ඉරියව් ක්‍රීඩක සෑම් කරන් පත්විය. |
2022-12-24T17:03:06.000Z | ආශු මාරසිංහගේ නින්දිත ක්‍රියාව හෙළා දකිනවා - රැන්ඩි පදනම | ආශු මාරසිංහගේ නින්දිත ක්‍රියාව හෙළා දකිනවා | COLOMBO ( News 1 st ) - සත්ත්ව අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින ප්‍රබල සංවිධානයක් වන රැන්ඩි පදනම පවන්නේ, සත්ත්ව අපයෝජනයක් සම්බන්ධයෙන් චෝදනා එල්ලවන මහාචාර්ය ආශු මාරසිංහ මහතාගේ මෙම නින්දිත ක්‍රියාව හෙළා දකින බවයි. ඔවුන් ආණ්ඩුවට බලකරන්නේ මේ සිදුවීම පිළිබඳ දැඩි විමර්ශනයක් සිදුකර එය සත්‍යනම්, මහාචාර්ය ආශු මාරසිංහ මහතාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසය. සත්ත්ව සුබසාධන පනත් කෙටුම්පත සම්මත කිරීමේ අවශ්‍යතාව ද මෙයින් පැහිදිලි වන බව රැන්ඩි පදනම පෙන්වා දී තිබේ. |
2022-12-24T16:47:31.000Z | දකුණු අප්‍රිකාවේ ගෑස් ප්‍රවාහනය කරමින් තිබූ රථයක් පිපිරී 9 දෙනෙකු මරුට | ද.අප්‍රිකාවේ ගෑස් පිපිරුම | COLOMBO ( News 1 st ) - දකුණු අප්‍රිකාවේ ගෑස් ප්‍රවාහනය කරමින් තිබූ රථයක් පිපිරී යාමෙන් පුද්ගලයින් 9 දෙනෙකු මියගොස් තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ජොහැන්නස් බර්ග් නගරයේ රෝහලක් අසළදී මෙම පිපිරීම සිදු වී ඇති බවයි. ගෑස් ප්‍රවාහනය කරමින් තිබූ රථය පාලමක් යටින් ධාවනය කිරීමේදී සිරවී ඇති අතර එහිදී එම රථය ගිනි ගැනීමකට ලක් වී ඇති අතර ගිනි නිවන භටයින් එය පාලනය කිරීමට උත්සහ කරමින් සිටි අවස්ථාවේදී තවත් ප්‍රබල පිපිරීමක් ඇතිවූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ,මෙම සිදුවීමෙන් මීටර 100ක පමණ දුරින් තිබූ රෝහලටද හානි සිදුව ඇති බවයි. |
2022-12-24T16:40:50.000Z | 22 හැවිරිදි තරුණියක් පැහැරගෙන යාමේ තැතක් වරදී.... | 22 හැවිරිදි තරුණියක් පැහැරගෙන යාමේ තැතක් වරදී.... | COLOMBO ( News 1 st ) - ශ්‍රී ජයවර්ධනපුර, තලපත්පිටිය ප්‍රදේශයේ පිහිටි නිවසකට කඩා වැදුනු මැර කණ්ඩායමක් නිවැසියන්ට පහරදී නිවසේ සිටි 22 හැවිරිදි තරුණියක් පැහැරගෙන යාමට උත්සාහ කර තිබේ. මෙම සිදුවීම සිදුව ඇත්තේ පසුගිය 18 වැනිදා වන අතර නිවැසියන් පවසන්නේ එදින සවස 6.50 ට පමණ මෙම මැර පිරිස තම නිවසට කඩා වැදී නිවැසියන්ට පහරදී වයස අවුරුදු 22 ක් වූ තරුණියක් පැහැරගෙන යාමට උත්සාහ දරා ඇති බවයි. පසුව ප්‍රදේවාසීන් පැමිණ නිවැසියන් හා තරුණිය බේරා ගෙන ඇති අතර මැර කණ්ඩායම පලාගොස් තිබේ. එහිදී මැර කණ්ඩායම සමග පැමිණි එක් පුද්ගලයෙක් ප්‍රදේශවාසීන් අල්ලාගෙන ඇති අතර පසුව මිරිහාන පොලීසිය වෙත භාර දී ඇති අතර මෙම තරුණියගේ මව,පියා හා සහෝදරයා පැහැරගැනීමට පැමිණි මැර කණ්ඩායමේ පහර කෑමට ලක්වී ඇති අතර තුවාල ලැබූ පියා දින කිහිපයක් රෝහල්ගතව ප්‍රතිකාර ලබා තිබේ. |
2022-12-24T15:48:17.000Z | ආනයනය සීමාවූ භාණ්ඩ වර්ග කිහිපයක,ආනයන සීමා ලිහිල් කිරීමට අවධානය.. | භාණ්ඩ කිහිපයක,ආනයන සීමා ලිහිල් වෙන ලකුණු.. | COLOMBO ( News 1 st ) - ආනයන සීමා පනවා ඇති භාණ්ඩ වර්ග 670 අතුරින් දේශීය වශයෙන් නිපදවිය හැකි භාණ්ඩ රැසක් ඇති බැවින් එම භාණ්ඩවල හැර අනෙකුත් භාණ්ඩවල ආනයන සීමා ලිහිල් කිරීම සම්බන්ධයෙන් සළකා බලමින් සිටින බව මුදල් රාජ්‍ය අමාත්‍ය, ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කර තිබේ. අමාත්‍යවරයා පවසන්නේ, රටේ පැවති දැඩි විදේශ විනිමය අර්බුධය හමුවේ භාණ්ඩ වර්ග 1465 ක් සඳහා ආනයන සීමා පැනවුවද, මේ වන විට ඉන් භාණ්ඩ 795 ක ආනයන සීමා ඉවත් කර ඇති බවයි. කටුව රහිත පොල් මද , වෙසක් කූඩු, සරුංගල්, උණ බට ආශ්‍රිත නිෂ්පාදන ඇතුළු දේශීය වශයෙන් නිපදවිය හැකි භාණ්ඩ තවදුරටත්, බහුලව අසීමාන්තිකව ගෙන්වීමට කටයුතු කරනවාද? නොඑසේ නම්, දේශීය වශයෙන් නිපදවනවාද? යන්න සකසා බලන ලෙසද අමාත්‍යවරයා මෙහිදී වැඩි දුරටත් ඉල්ලා තිබේ. |
2022-12-24T15:13:22.000Z | නත්තලේ තෑගි අරන් සිරස - ශක්ති පොත් යාත්‍රාව,ඔබ සොයා හෙට එනවා.. | තෑගී ගේන සිරස - ශක්ති පොත් යාත්‍රාව.. | COLOMBO ( News 1 st ) - නත්තල ළඟයි... වෙනදා නම් නත්තල් කාලයට නිව්ස් ෆස්ට් නත්තල් කලාපය මේ වෙලාව වනවිට අතුරු සිදුරු නොමැතිව ජනතාවගෙන් පිරි ගොසින් ය. නමුත් රටේ පවතින ආර්ථික අර්බුදය හමුවේ නත්තල් සැණකෙළි වෙනුවට අපේ රටේ පුංචි දූ දරුවන්ට පිහිටක් වීමට අපි තීරණය කළෙමු. ඒ අනුව අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සහ ලංකා සභාවේ කොළඹ රදගුරු අතිගරු, දුෂ්‍යන්ත රොද්‍රිගු හිමිපාණන් ගේ සහභාගීත්වයෙන් අපි සිරස ශක්ති පොත් යාත්‍රාව ආරම්භ කළ අතර ළඟ එන නත්තලේදී රට වටේම ඉන්න පුංචි දුවා දරුවන්ට අලුත් පාසල් වාරය සඳහා පොත්පත් ඇතුළු උපකරණ පරිත්‍යාග කිරීමට සියල්ල සුදානම් ය. 'අළුත් පොතක් සතුටු හිතක්' සිරස ශක්ති පොත් යාත්‍රාව වැඩසටහනේ පොත් බෙදාදීම් හෙට(25) සිට ආරම්භ වේ. සිරස ශක්ති පොත් යාත්‍රාව ආරම්භ වෙන්නේ, අපේ රටේ දුෂ්කර පළාත් වල සිටින දරුවන් වෙනුවෙන් එළඹෙන නව වසර වෙනුවෙන් නව පොත් හා පාසල් උපකරණ බෙදාදීමේ අරමුණෙනි. සිරස ශක්ති පොත් යාත්‍රාව වැඩසටහන සඳහා පොත් රැස් කිරීම ආරම්භ වුණේ දෙසැම්බර් 01 වැනිදා සිටයි. එදා සිට අද(24) දක්වා පොත් රැස් කිරීමේ කටයුතු රත්මලාන ස්ටයින් ස්ටුඩියෝ,දෙපානම මැදිරි සංකිරණයේදී, නිවුස් ෆස්ට් ප්‍රධාන කාර්ලයාලයේදී,කොළඹ එචලන්ඩ් පරිශ්‍රයේදී සහ කැන්ඩි සිටි සෙන්ටර් පරිශ්‍රයේදී සිදුවිණි. හෙට(25) දිනයේ සිරස ශක්ති පොත් යාත්‍රාව කුරූණැගල හා මහනුවර බලා පිටත් වීමට නියමිතයි. |
2022-12-24T15:05:34.000Z | සත්ත්ව අපයෝජන චෝදනාවට එරෙහිව ආශු මාරසිංහ CID යයි: ''මේක සංස්කරණය කරපු වීඩියෝවක්'' - ආශු මාරසිංහගේ නීතිඥයා | ''මේක සංස්කරණය කරපු වීඩියෝවක්'' | COLOMBO (News 1st) - ජනාධිපතිවරයාගේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ උපදේෂක ධුරයෙන් හදිසියේ ඉල්ලා අස් වූ මහාචාර්ය ආශු මාරසිංහ මහතා අද (24) නීතිඥවරයෙකු සමග පැමිණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුවට පැමිණිල්ලක් කර තිබේ. ඒ, තමන්ට එරෙහිව විකෘති කරන ලද වීඩියෝ දර්ශන යොදා ගනිමින් අසත්‍ය තෙරතුරු ප්‍රචාරය කිරීම සම්බන්ධව විමර්ශනයක් කරන ලෙස ඉල්ලමිනි. මේ අතර පරිසර සංවිධාන, සත්ත්ව අයිතිවාසිකම් සුරකින ක්‍රියාකාරීන් අතුළු පිරිසක් අද පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් කරමින් කියා සිටියේ, මහාචාර්ය ආශු මාරසිංහ මහතා සම්බන්ධයෙන් වහා නීතිය ක්‍රියාත්මක කරන ලෙසයි. අද දහවල් නීතිඥවරයෙකු සමග අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි මහාචාර්ය ආශු මාරසිංහ මහතා සිය පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් පසුව මාධ්‍ය කළ විමසීමට දුන් පිළිතුර මේ. හිටපු ජනාධිපති උපදේශක, මහාචාර්ය ආශු මාරසිංහ මහතා, මෙම අසත්‍ය කාරණය නීතිය ඉදිරියේ තියන ප්‍රශ්නයක්, නීතිඥතුමා සියලු කාරණා විස්තර කරයි මම ඒ ගැන කතා කරන්නේ නැහැ නීතිඥතුමා සියල්ල විස්තර කරයි. නීතිඥ ප්‍රවී කරුණාරත්න මහතා, මාගේ සේවාදායකයා වන ආචාර්ය අශු මාරසිංහ මහතා සම්බන්ධයෙන් ඉතාමත් පිළිකුල් සහගත ලෙස ජුගුප්සාජනක අසත්‍ය සංස්කරණය කරන ලද වීඩියෝ පටයක් මේ වනවිට සමාජ ජාල තුළ සංසරණය වනවා. ඡයා රූප කිහිපයක් කරුණු විකෘති වෙන විදියේ ඡායා රූප කිහිපයක් ඉදිරිපත් කරමින් මාධ්‍ය සාකච්ඡාවක් ඊයේ දිනයේ පැවැත්වුණා. ඒ සම්බන්ධව මේ සිය කරුණු සිදුවීමට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත මගේ සේවාදායකයා විසින් පැමිණිල්ලක් ඉදිරිත් කර තිබුණා. මේ පැවති තර්ජනය සම්බන්ධයෙන්. විශේෂයෙන් ප්‍රකාශ කරන්න ඔ්න මෙම මගේ සේවාදායකයා හා එක්තරා කාන්තාවක් අධ්‍යක්ෂ ධුරය දරණ සමාගමක ඇති වන ආරවුලක් සහ ඒ සමාගමේ ආරවුල මත විශාල මුදල් ප්‍රමාණයක් මගේ සේවා දායකයාගෙන් ඉල්ලා තිබෙන පසුබිමකයි මෙම කරුණු සිදු වෙන්නේ දැන් මේ සම්බන්ධව වැඩිදුර විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ප්‍රකාශයක් අද දින මගේ සේවාදායකයා විසින් ලබා දුන්නා. අද පස්වරුවේ පොලිස් මූලස්ථානයට පැමිණි පරිසරවේදීන් සහ සත්ත්ව අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටිනි ක්‍රියාකාරීන් පිරිසක් හිටපු ජානාධිපති උපදේශක ආශු මාරසිංහ මහතාට එරෙහිව පැමිණිල්ලක් කළේ ය. රෙයා සංවිධානයේ විධායක අධ්‍යක්ෂ, පංචාලි පනාපිටිය, එක හරිම දරුණු දෙයක්. හුඟක් අය මං දැකලා තියෙනවා මේක විහිලුවකට වගේ අරන් තියෙනවා. නමුත් මේක සමාජයට ලොකු තර්ජනයක් මෙහෙම විකෘති කාමාශාවල් තියෙන මිනිස්සු. දැන් නිකං හිතලා බලන්න මේ දේම පොඩි ළමයෙක්ට උනා නම්. මේ වගේ මිනිස්සු සමාජය අපි ඇවිදගෙන යනකොට දරුවෙක් කොහොමද පාරකට යවන්නේ. කාන්තාවක් කොහොමද බය නැතුව පාරේ යන්නෙ. මේ මහචාර්යවරයා උගන්වන ශිෂ්‍යයන්ට එහෙම මොනවා කරනව ඇද්ද. අපට හිතාගන්න බෑ. මේ එක වීඩියෝ එකක්නෙ එළියට ඇවිත් තියෙන්නෙ. මේ බලු පැටියාට තව මොනවා කරන්නද හිතලා බලන්නකෝ. මේක සත්ත්ව හිංසනයට වගේ ම සමාජ ආරක්ෂාවට ඉතාම දරුණු දෙයක් ලොකු ත්‍රෙට් එකක් කියලා තමයි මට කියන්න තියෙන්නේ මේ අතර තවත් ක්‍රියාකාරී පාර්ශව කිහිපයක් මේ සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්විය. සත්ත්ව සුබසාදනය හා සමාජ ආරක්ෂාව සඳහා වූ මහනුවර සංසදයේ ලේකම් චම්පා ප්‍රනාන්දු, දැන් මේ චෝදනාවට ලක් වී ඇති මහා වැදගත් යැයි කියන චරිතය ගැන අපි කතා කරනවා. මොහු රටේ තීන්දු තීරණ ගැනීමට පවා සම්බන්ධ වූ කෙනෙක්. මම බලාපොරොත්තු වෙනවා ඔහුගේ මේ ක්‍රියාව පිළිබඳව විදෙස් මාධ්‍යවල හා ජාත්‍යන්තර සත්ත්ව සංවිධානවල අවධානය යොමු විය යුතුයි කියලා. මම බලාපොරොත්තු වෙනවා ඔහුගේ මානසික මට්ටම පරීක්ෂා කළ යුතුයි කියලා. මම හිතනවා මෙයට සාධරණය ඉටුවෙයි කියලා. මම හිතනවා මෙම හිංසනයට ලක් වූ එම සුනඛයාට ප්‍රතිකාර ලබා දෙනවා කියලා. මේ අතර ශ්‍රී ලංකාවේ සත්ත්වයින් මුදවා ගැනීමේ සංවිධානය ද මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අදාළ සිදුවීම හෙළා දැක ඇති අතර මේ සම්බන්ධයෙන් වහා නීතිමය ක්‍රියාමාර්ගගත යුතු බව අවධාරණය කරයි. එහි නියෝජිත අනුෂා ඩේවිඩ් මහත්මිය වැඩිදුරටත් අවධාරණය කරන්නේ, අපයෝජනය දඬුවම් ලැබිය හැකි වරදක් වන අතර හඬක් නැගිය නොහැකි සත්ත්වයින් අපයෝජනයට ලක් කිරීම බරපතළ වරදක් බවයි. මෙම නින්දිත ක්‍රියාව මගින් රටටත් වත්මන් ආණ්ඩුවටත් දැඩි කැලලක් බව ද ශ්‍රී ලංකාවේ සත්ත්වයින් මුදවා ගැනීමේ සංවිධානය පෙන්වා දෙයි. අදාළ සිදුවීම සම්බන්ධයෙන් ආණ්ඩුව පාර්ශවයෙන් කඩිනමින් විමර්ශනයක් ආරම්භ කරන ලෙස ගෝලීය සත්ත්ව සංවිධානයක් වන පීඊටීඒ සංවිධානය ද නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙයි. අදාළ විමර්ශනවලින් ආශු මාරසිංහ මහතා වරදකරු වුවහොත් මෙරට නීතිය යටතේ දිය හැකි උපරිම දඬුවම් ලබාදිය යුතු බව එම සංවිධානය පෙන්වා දෙයි. අරගලයේ නීතිඥයෝ නීතීඥ මනෝජ් නානායක්කාර, දැන් අංශු මාරසිංහ සම්බන්ධයෙන් බලපැවැත්වෙන නීතිමය තත්ත්වය මොකක්ද. දණ්ඩනීති සංග්‍රහයේ 365 වගන්තිය යටතේ ඒකෙ කියනවා යම් පුරුෂයෙක් ස්ත්‍රියක් හෝ සතෙකු සමග ස්වභාවධර්මයට විරුද්ධව කැමැත්තෙන්ම කාමුක සංසාර්ගයේ යෙදෙන තැනැත්තෙකුට අවුරුදු 10ය දක්වා කාලයක ක්‍රියාකාරීන් එක් කාලයක්. ඒ කියන්නේ බරපතළ වැඩ සහිතව හෝ නැතිව බන්ධනාගාරගත කිරීමෙන් දඬුවම් කළ යුතුය. ඔහු දඩයකට යටත් විය යුතුය. දණ්ඩ නීති සංග්‍රහය තුළින් 365 වගන්තිය තුළින්ම බොහොම පැහැදිලිව වරදක් බවට අපරාධමය වරදක් බවට අවුරුදු දහය දක්වා සිර දඬුවමක් දෙන්න පුළුවන් ඒක අවුරුදු 20 දක්වා වැඩි කරන්න පුළුවන්. ඒ මට්ටමේ වරදක් බවට බොහොම පැහැදිලිව මේ දණ්ඩ නීති සංග්‍රහය තුළ අන්තර්ගත කරලා තියෙනවා. දැන් මේ වෙනකොට අපිට පොලීසියේ තියෙන අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් අපට ලැබෙන තොරතුරු තමයි. පොලීසිය ඉහළම විශේෂයෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා සහ ඒ වගේ ඉහළ නිලධාරීන් සමග යම් කතිකාවතක් පවත්වාගෙන යනවා මේ වෙනකොට අභ්‍යන්තර සාකච්ඡාවක් පවත්වාගෙන යනවා මේක හෙළිදරව් කරපු මාධ්‍ය සම්බන්ධයෙන් මොකක්ද ගන්න පුළුවන් පියවර කියලා. ඊයේ තිබුණ ප්‍රවෘත්ති සාකච්ඡාව හරහා හෙළිදරව් කරපු ඡායාරූප හෝ දැන් මේ වෙනකොට වයරල් වෙලා යන අංශු මාරසිංහගේ ඒ වීඩියෝ පටය ගැන ඒ අදාළ ජනමාධ්‍ය ආයතනවලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්න බෑ. අරගලයේ නීතිඥයෝ සංවිධානයේ සභාපති, නීතිඥ අමිල එගොඩ මහවත්ත මහතා, මේ කාරණාව පිළිබඳව අනාවරණය කරපු මාධ්‍ය ආයතනට සම්බන්ධයෙන් මේ වනවිට සී.අයි.ඩී යට මේ ජනාධිපතිවරයාගේ ළඟම හිතයිශීයෙන් යම් බලපෑමක් කරලා තියෙනවා, මේ මාධ්‍ය ආයතනය සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්න ඕනේ කියාලා. ඇත්තටම මේ වගේ වැරදි අනාවරණය කරන මාධ්‍ය ආයතනවලට නෙවෙයි දඬුවම් කරන්න ඕනේ මේ වගේ ඉහළ උසස් තනතුරුවලට ඇවිල්ලා රටේ ජනතාවගේ ජන ජීවිතයට බලපාන තීන්දු තීරණ කෙරෙහි බලපෑම් කරන්න පුළුවන් පුද්ගලයින්ගේ හැසිරීම සම්බන්ධයෙනුයි මේ ජනාධිපතිවරයා ක්‍රියාත්මක වෙන්න ඕනේ. දේශපාලන වේදිකාවේත් මේ සම්බන්ධයෙන් සංවාදයක් මතුව තිබේ. ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික රාමලිංගම් චන්ද්‍රසේකරන්, මේ තත්ත්වය බලලා ලෝකය හිනා වෙනවා. ඔහු ඉල්ලා අස්වීම පමණක් ප්‍රමාණවත් නෑ, උපදේශකවරුන්, මෙවැනි ක්‍රියාමාර්ගවල යෙදෙනවා නම් මේ අයගේ නායකයින් හැසිරෙන විදිහ ගැන ජනතාවට ප්‍රශ්නයක් තියෙනවා. ඔහුට දඬුවම් ලබා දිය යුතුයි. මේ රටේ ජනතාව මර්දනය කරන ක්‍රියාමාර්ගවල තමයි රනිල් රාජපක්ෂලා යෙදුවෙන්. අද ඒ හිංසනය බල්ලන්ටත් සිදුවෙලා තියෙනවා. එවැනි පුද්ගලයින්ගෙන් මේ රට බේරාගත යුතුයි. සමගි ජන බලවේගයේ පා.ම සරත් ෆොන්සේකා, මේ රටේ බල්ලෙකුටවත් ආරක්ෂාව නෑ කියලයි එකෙන් පේන්නේ. රජයේ වැඩ හින්දා සුනඛයෙකුටත් ආරක්ෂාවක් නැහැ.සුනඛයෙකුටත් නිසි ගෞරවය ලැබෙන්නේ නැහැ ප්‍රශ්නය, මේ වගේ පුද්ගලයින්ට දඬුවමක් දීමේ හැකියාවක් තියනවා ද? සමගි ජන බලවේගයේ පා.ම සරත් ෆොන්සේකා මහතා, පිස්සු බල්ලෙක් දාලා හප්පවන්න ඔන. ප්‍රශ්නය, අපිට ආරංචියක් තියනවා මේවා වර්තා කළ මාධ්‍ය මර්දනය කරන්න හදනවා කියලා? සමගි ජන බලවේගයේ පා.ම සරත් ෆොන්සේකා මහතා, එහෙම දඬුවම් කරන්න බැනේ. දඬුවම් කරලා බලන්න කියන්නකෝ. නීතිය අතට ගන්න දෙන්න බෑ දූෂණ විරෝධී හඬ කැඳවුම්කරු වසන්ත සමරසිංහ, දැන් රටක රාජ්‍ය නායකයෙක් තමන්ට උපදෙස් දෙන්න මනුස්සයෙක් තෝර ගන්න ඕනේ උපදෙසක් ගන්න. හැබැයි රනිල් තෝරගෙන තියෙන්නේ උපදෙස් වෙනුවට මට හිතෙන්නේ අත්දැකීම් බෙදාගන්න. ඒ නිසා මේ තමයි නායකයෙක්ගේ දුර්වලතා පේන තැන්. මේකෙන් ඉවත් වෙලා අපිට තියෙන ප්‍රශ්නේ හෙට අනිද්දා වෙනකොට රටක තානාපති කරලා යවන්නත් ඉඩ තියෙනවා රනිල් මේ හාදයෝ ටික. අපි කියන්නේ උපදේශක විතරක් නෙමෙයි රනිලුත් ජාතියෙන් සමාව අරන් ඉල්ලා අස් වෙන්න ඕනේ. රටේ මිනිස්සුන්ට කියන්න ඕනේ දැන් මේ රටට කරන අවමානය, ජනතාවට කරන අවමානය ජනතාව පීඩාවට පත් කරන මේ වැඩ අස්සේ අලුත් විහිලු සපයනවා ජනතාවට. අයිස් විහිලුවලින් පස්සේ අලුත් විහිලු සපයනවා රනිල්ගේ ගෝලයෝ එකතු වෙලා. එ නිසා ජනාධිපතිගේ රටේ නායකයාගේ තියෙන දුරුවලකම මිස, තමන්ට වැඩ බැරිකම මිස මේ උපදේශකයන්ගේ විදිහ. එතකොට රනිල්ගේ විදිහද මේ උපදේශකයන්ගේ විදිහ. ඔන්න නීතිපොත් තියෙනවා. ඔන්න රටේ නීතිය තියෙනවා. නීතිය ක්‍රියාත්මක කරන්න. ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරන මහලොකු ලෝයර් රනිල්. තමන්ගේ උපදේශකයාට නීතිය ක්‍රියාත්මක කරන්න එහෙනම්. ඒ නිසා රටක මිනිස්සු බලන් ඉන්නවා දැන් මේවා දිහා පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම, ඉතාම අප්‍රසන්න ඉතාම පිළිකුල් සහගත ප්‍රවෘත්තියක්. සුරතල් සතෙක්ව අපයෝජනය කළා කියල කියන එක දේශපාලනඥයෙක් විසින්. ඒ කියන්නේ ඊළඟ සටන් පාඨය ගොඩනැගෙන්නේ මේ රටේ සම්පත් හූරගෙන කාපු මේ දේශපාලනඥයෝ දැන් අඩු ගානේ බල්ලෙක්ටවත් ඉන්න දෙන්නෙ නැහැ කියන මට්ටමට නෙමේ සටන් පාටය ගොඩනැගෙන්නේ. ඒ නිසා මේක අපි විහිලුවක් බවට පත් කර ගන්නත් හොඳ නැහැ. නමුත් මේක අපේ ශ්‍රී ලාංකීය සමාජයේ පිරිහීම පෙන්නුම් කරන එක දර්ශකයක්. ජනාධිපතිවරයාටත් පුද්ගලිකවම ඔහුගේ දේශපාලන ජ්‍යෙෂ්ඨ උපදේශකවරයා නිසා බරපතළ අර්බුදයක්. ඒ කියන්නේ ලැජ්ජා සහගතභාවය කිසිලෙසක කිසිම මාත්‍රාවකින් කිසිවෙක්ට අඩු කරන්න පුළුවන් එකක් නෙමෙයි. ප්‍රශ්නය, ඔබතුමා විශ්වාස කරන්නෙ නැද්ද රටේ තීන්දු තීරණ ගන්න තැන්වල යහපත් මානසිකත්වයක් තියෙන අය සිටිය යුතුයි කියලා. පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම, මේක එක පැත්තකින් wake up call එකක්. බරපතළ දරුණු නින්දක ඉන්න සමාජයකට. නිද්‍රාවක ඉන්න ජනතාවකට රටකට සමාජයකට wake up call එකක්. ඉතාම බරපතළ කාරණාවක්. එල්ල වෙච්ච ඉතාම නින්දනීය ඇඟිලි දිගුවක් තමයි මේ සිද්ධ වුණේ. |
2022-12-24T15:05:28.000Z | ගල් අඟුරු ටෙන්ඩරයේ ගැටලු ගොඩයි!: දීර්ඝ විදුලි කප්පාදුවක් අත ළඟද? | දීර්ඝ විදුලි කප්පාදුවක් අත ළඟද? | COLOMBO ( News 1 st ) - විදුලිබිල යළිත් වැඩි කිරීම ගැන මුලු මහත් සමාජයම බරපතල සංවාදයක සිටිද්දී නොරොච්චෝලේ ලක් විජය බලාගාරය සඳහා ගල් අඟුරු මිලදී ගැනීමේ ටෙන්ඩරයේ ගැටලු රැසක් මතුව තිබේ. මොකක්ද? මේ ගනුදෙනුව.. නොරොච්චෝලේ ලක් විජය බලාගාරය සඳහා ලබන වසරට ගල් අඟුරු සැපයීම වෙනුවෙන් ප්‍රසම්පාදන ක්‍රියාවලිය ආරම්භ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දෙන්නේ ඉකුත් 12 වැනිදා වන අතර එම අනුමැතිය අනුව සැපයුම්කරුවන්ගෙන් සහ ආණ්ඩු අතර සිදුවන ගනුදෙනුවක් ලෙස ණය පහසුකම් යටතේ ගල් අඟුරු සැපයීම සඳහා මිල ගණන් කැඳවා තිබේ. විෂයභාර අමාත්‍යවරයා ඉකුත් 19 වැනිදා මෙම අමාත්‍ය මණ්ඩල සංදේශය ඉදිරිපත් කර තිබෙන්නේ ඉදිරිපත්වූ මිල ගණන්, සැළකිල්ලට ගෙන ගල් අඟුරු මිලදී ගැනීමේ ඉදිරි ක්‍රියාවලිය සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය අපේක්ෂාවෙනුයි. ප්‍රසම්පාදන මාර්ග උපදේශ අනුව මිල ගණන් කැඳවා, තාක්ෂණික ඇගයීම් ද සිදුකොට තෝරාගත යුත්තේ සුදුසුකම් සැපිරූ එක් ලංසුකරුවෙකු වන අතර අමාත්‍ය මණ්ඩල අනුමැතිය ඉල්ලා සිටිය යුත්තේ, අදාළ සුදුසුකම් සැපිරෑ ලංසුකරුවා ගෙන් එම මිලදී ගැනීම සිදු කිරීමටයි. එනම්, අමාත්‍ය මණ්ඩලය අනුමැතිය දිය යුත්තේ, නිශ්චිත හා නිරවුල් මුදලක් වෙනුවෙනි. එහෙත් ,විෂයභාර අමාත්‍යවරයාගේ මෙම අමාත්‍ය මණ්ඩල සංදේශය හිස් චෙක් පතක් බඳු එකකි. මීට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දීම යනු, හිස් චෙක්පතකට අත්සන් කිරීම හා සමානයි. අමාත්‍යවරයා මුලින්ම සඳහන් කර සිටින්නේ, ගල් අඟුරු මෙට්‍රික් ටොන් 7,2000ක් එක් මෙට්‍රික් ටොන් එකක් අමෙරිකානු ඩොලර් 240 බැගින් වන පරිදි සැපයීමට ඉන්දුනීසියානු සමාගමක් තෝරා ගෙන ඇති බවයි. මෙම සංදේශයට අනුව ප්‍රසම්පාදන ක්‍රියාවලියේ දී අවශ්‍ය සුදුසුකම් සපුරා අඩුම ලන්සුව ඉදිරිපත් කර ඇත්තේ අදාළ ඉන්දුනීසියානු සමාගම බව පෙනී යන අතර ඒ අනුව එම සමාගමෙන් ගල් අඟුරු මිලදී ගැනීම සඳහා ලංකා ගල් අඟුරු පුද්ගලික සමාගමේ සභාපතිවරයාට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දෙන ලෙස මෙම සංදේශයේ සඳහන් ය. එහෙත්, අඩුම ලංසුකරු තෝරා ගනු වෙනුවට මිල ගණන් ඉදිරිපත් කළ සියළු ලංසුකරුවන් අදාළ ප්‍රසම්පාදන කමිටුව විසින් තෝරාගෙන තිබෙන බවත්, මෙම සන්දේශයෙන් තහවුරු වේ. මන්ද, අමාත්‍යවරයා, අමාත්‍ය මණ්ඩලයෙන් අනුමැතිය ඉල්ලා සිටින්නේ සුදුසුකම් සැපිරූ පළමු සමාගම එනම් , අඩුම ලන්සුව ඉදිරිපත් කළ සමාගම අදාළ සැපයීම් කොන්ත්‍රාත්තුව සම්පූර්ණ කිරීමට අසමත් වන්නේ නම්, ප්‍රසම්පාදන ක්‍රියාවලියේදී තුන්වැන්නා ලෙස ලැයිස්තු ගත කෙරුණු ඔස්ට්‍රේලියානු සමාගමකට කොන්ත්‍රාත්තුව පිරිනැමීටයි. එම සමාගමේ ලංසුව කවරක්ද? යන වග අමාත්‍යවරයා අමාත්‍ය මණ්ඩලයට වසන් කරන අතර පළමු ලංසුකරු හා තුන්වන ලංසුකරු සැපයීම් කොන්ත්‍රාත්තුව සම්පූර්ණ කිරීමට අසමත් වන්නේ නම්, හතරවන ලංසුකරුට කොන්ත්‍රාත්තුව ප්‍රදානය කළ යුතු බව අමාත්‍යවරයා අමාත්‍ය මණ්ඩලයට නිර්දේශ කර තිබෙන්නේ එම සමාගමේ මිල ගණන්ද අනාවරණය නොකරය. සමස්ත ප්‍රසම්පාදන ක්‍රියාවලියට අදාළ තාක්ෂණික ඇගයීම් කමිටු වාර්තා අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමෙන් වැළකී සිටීමට අමාත්‍යවරයා වගබලා ගෙන තිබේ. පළමුවන ලංසුකරු හා තුන්වන ලංසුකරු අසමත් වන වටපිටාවක් තුළ විකල්පය ලෙස තෝරා ගැනීමට අමාත්‍යවරයා නිර්දේශ කරන එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සමාගම ගල් අඟුරු මෙරටට සැපයීම සම්බන්ධයෙන් ආන්දෝලනයට ලක්වූ එකකි. රටේම ආර්ථීකය අර්බුධයට ගොස් ඇති මොහොතක,රටේ ආර්ථික අර්බුධය නිසා ජනතාවට පටි තද කරගන්නැයි බලධාරීන් කියද්දී සැක සංකා මතුවන ගණුදෙනු සිදු කිරීම අර්බුධයත් වාසියට පෙරලාගැනීමක් යයි සැක සිතෙත තත්වයක් නොවේද? |
2022-12-24T14:56:16.000Z | නත්තලේ ප්‍රධාන දේව මෙහෙය අගරදගුරුතුමාගේ හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පන්නිපිටිය ක්‍රිස්තුරාජාණන්ගේ දේවස්ථානයේ දී | නත්තල් දේව මෙහෙයන් දිවයින පුරා දේවස්ථානවලදී | COLOMBO ( News 1 st ) - තවත් හෝරා කිහිපයකින් අසිරිමත් නත්තල උදා වීමට නියමිතයි. නත්තල පිළිගැනීම සඳහා මේ වනවිටත් ලොව පුරා කිතුනු බැතිමතුන් සමග ලාංකික කතෝලික ජනතාවද එක්ව සිටිති. පැසිෆික් රටවල ජනතාව මේ වන විටත්,ජේසුස් වහන්සේගේ උපත සිහිපත් කෙරෙන අසිරිමත් නත්තල සමරමින් සිටින්නේ දේව මෙහෙයන්ට සහභාගි වෙමිනි. මෙරට ප්‍රධාන දේව මෙහෙය අද(24) මධ්‍යම රාත්‍රියේ පන්නිපිටිය ක්‍රිස්තුරාජාණන්ගේ දේවස්ථානයේ දී පැවැත්වේ. ජාතික කතෝලික ජන සන්නිවේදන අධ්‍යක්ෂ, ගරු ජුඩ් ක්‍රිශාන්ත පියතුමා අදහස් දක්වමින් ප්‍රකාශ කළේ, අද(24) රාත්‍රී 11.45 ට දිවයින පුරා දේවස්ථානවල දී දිව්‍ය පූජාවන් පැවැත්වෙන අතර ප්‍රධාන දේව මෙහෙය අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් පියතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන බවයි. එසේම නත්තල් දේව මෙහෙයන් වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි, නීතිඥ නිහාල් තල්දුව මහතා සඳහන් කළේ ය. වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ,දිවයින පුරා දේවස්ථාන සඳහා මෙන්ම ඒ අවට ආරක්ෂාව ලබා දීමටත්,රථ වාහන පාලන කටයුතු සිදු කරමින් බැතිමතුන් ආරක්ෂාව තහවුරු කිරීමට පොලිස් දෙපාර්තමේන්තුව කටයුතු සුදානම් කර ඇති බවයි. මේ අතර නත්තල වෙනුවෙන් බන්ධනාගාරගතව සිටින රැඳවියන් 309 දෙනෙකුට විශේෂ රාජ්‍ය සමාව ලබා දීමට ද තීරණය කර තිබේ. බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ, කතෝලික රැඳවියන්හට පමණක් අමුත්තන් හමුවීමට ද හෙට(25) දිනයේ අවසර ලබා දී ඇති බවයි. රැඳවියන්ගේ ඥාතීන් රැගෙන එනු ලබන ආහාර එක් රැඳවියෙකුට පමණක් ප්‍රමාණවත් වන පරිදි රැගෙන ඒමට කටයුතු කළ යුතුය. උදාවන්නාවු නත්තල ඔබ සැමට සාමය සතුට පිරි සුභ නත්තලක් වේවා යැයි නිව්ස් ෆස්ට් අපගේ පැතුමයි. |
2022-12-24T12:30:25.000Z | අමෙරිකාවේ TikTok තහනම් කිරීමේ සූදානමක්.. | අමෙරිකාවේ TikTok තහනම් කිරීමේ සූදානමක්.. | COLOMBO ( News 1 st ) - එක්සත් ජනපද නීති සම්පාදකයින් අමෙරිකාව තුළ TikTok යෙදුම තහනම් කිරීමට අදාළ යෝජනාවක් ඉදිරිපත් කර තිබේ. ඔවුන් සඳහන් කරන්නේ, සිය රටේ ජාතික ආරක්ෂාව මෙම යෙදුම හරහා තර්ජනයකට මුහුණ පා ඇති බවය. රිපබ්ලිකන් සෙනෙට් සභික මාර්කෝ රුබියෝ මෙම යෙදුම තහනම් කිරීමට අදාළ නීති සෙනෙට් මණ්ඩලයට ඉදිරිපත් කළ අතර චීන තාක්ෂණික දැවැන්තයෙකු වන ByteDance සමාගමට එරෙහිව එක්සත් ජනපදය ද්විපාර්ශ්වික පනතක් මගින් ක්‍රියාත්මක වන ප්‍රථම අවස්ථාව ලෙස ජාත්‍යාන්තර මාධ්‍ය මෙය පෙන්වා දී තිබේ. FBI ප්‍රධානියා පසුගිය මස කළ අනාවරණය වූයේ, චීනයට මෙම යෙදුම භාවිත කරමින් සිය පරිශීලකයින්ගේ ඉලෙක්ට්‍රෝනික මෙවලම් පාලනය කළ හැකි බවයි. අමෙරිකාවේ ඇතැම් ප්‍රාන්ත මෙම යෙදුම රාජ්‍ය උපාංග වලින් ඉවත් කර ඇති අතර කෙසේ වෙතත් මෙම පනත හේතුවෙන් දිගු කාලීන ගැටලු රැසකට මුහුණ දීමට සිදුවිය හැකි බවද විචාරකයින් පෙන්වා දී තිබේ. මිලියන 100කට අධික අමෙරිකානු Tik tok පරිශීලකයින් කියාපාන්නේ, මෙය අමෙරිකා එක්සත් ජනපදයේ දේශපාලනික අභිප්‍රේරණ තහනමක් මිස මෙය රාජ්‍ය ආරක්ෂාව සඳහා කළ යමක් නොවන බවයි. මෙම යෙදුම සම්බන්ධව අදහස් පල කරමින් වොෂිංටනයේ පිහිටි උපායමාර්ගික හා අන්තර්ජාතික ආයතන සාමාජිකාවක ප්‍රකාශ කර ඇත්තේ,මෙම දේශපාලනික ප්‍රහාරය හේතුවෙන් අමෙරිකාව හා චීනය අතර සම්බන්ධතාවය පළුදු වීමට ඉඩ ඇති බවයි. එසේම පෞද්ගලිකත්ව දෘෂ්ටි කෝණයකින්, TikTok වැනි සමාගමක් ක්‍රියාත්මක වීම වැලැක්වීමෙන් හිඩැස් වැසීමක් සිදු නොවන බවත්, තවත් බොහෝ වෙබ් අඩවි සමාන තොරතුරු රැස් කරන බව ද ඇය ප්‍රකාශ කර තිබේ. කෙසේ වෙතත් මේ වන විට TikTok තහනම් කිරීම සඳහා ඕස්ට්‍රේලියාව වැනි රටවල ද යම් කතිකාවක් ඇති වී අතර තායිවානය ද මෑතකදී එය පොදු උපාංගවලින් තහනම් කිරීමට පියවර ගත්තේය. එසේම 2020 වසරේදී මිලිටරි ආරවුලක් මුල්කරගෙන ඉන්දියාව ද මෙම යෙදුම අවහිර කළේය. අමෙරිකානු හිටපු ජනපති ට්‍රම්ප්ගේ විධායක නියෝගයකින් එක්සත් ජනපදය තුළ මෙම යෙදවුම download කිරීම තහනම් වූවද පසුව අමෙරිකානු විනිසුරුවන් එම පියවරට විරුද්ධ වූ අතර අදාළ විධායක තහනම බලාත්මක නොවිණි. කෙසේ වෙතත් මෙම Tik tok තහනම පිළිබඳව මේ වන විට ජාත්‍යාන්තරයේ දැඩි කතාබහක් මතු වී තිබේ. |
2022-12-24T12:15:20.000Z | නත්තල වෙනුවෙන් රැඳවියන් 309කට නිදහස.. | නත්තල වෙනුවෙන් රැඳවියන් 309කට නිදහස.. | COLOMBO ( News 1 st ) - බන්ධනාගාරගතව සිටින රැඳවියන් 309 දෙනෙකුට විශේෂ රාජ්‍ය සමාව ලබා දීමට තීරණය කර තිබේ. හෙටට (25) යෙදී ඇති නත්තල නිමිත්තෙන් මෙලෙස රැඳවියන් 309 දෙනෙකුට නිදහස හිමි වනු ඇති. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා ප්‍රකාශ කළේ, රාජ්‍ය සමාව ලැබෙන රැඳවියන් අතරට පිරිමි රැඳවියන් 306 ක් සහ කාන්තා රැඳවියන් 03 දෙනෙකු ඇතුළත් බවයි. |
2022-12-24T12:07:39.000Z | දරුණු ආක්ටික් හිම කුණාටුව හේතුවෙන් අමෙරිකාවේ ලක්ෂ 15කට විදුලිය ඇණහිටී | ආක්ටික් හිම කුණාටුවෙන් අමෙරිකාවට දැඩි බලපෑම් | COLOMBO ( News 1 st ) - දරුණු ආක්ටික් හිම කුණාටුව හේතුවෙන් අමෙරිකාවට දැඩි බලපෑම් එල්ල වී තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මේ හේතුවෙන් එරට වැසියන් ලක්ෂ 15කට විදුලිය ඇණහිට ඇති බවයි. හිම කුණාටුව හේතුවෙන් අමෙරිකාවේ හා කැනඩාවේ මිලියන 200 ක පමණ ජනතාවට හදිසි ආපදා ඇතිවිය හැකි බවට ද අනතුරු අඟවා ඇති අතර වසරේ කාර්යබහුලම සංචාරක සමය වන දෙසැම්බර් මාසයේ ඇති වී ඇති මෙම අයහපත් කාලගුණය හේතුවෙන් අමෙරිකාවේ ගුවන් ගමන් දහස් ගණනක් ද අවලංගු කර තිබේ. මේ අතර එරට ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය ද වාර්තාගත ලෙස අඩුවී ඇති බවත්, තවත් ප්‍රදේශවල උෂ්ණත්වය සෙල්සියස් අංශක ඍණ 57ක අගයක් ගනු ඇති බවත් විදෙස් වාර්තා වල සඳහන් ය. |
2022-12-24T11:59:38.000Z | ජනවාරි 05ට පෙර පළාත් පාලන ඡන්දයේ දිනය දැනුම් දෙනවා - මැතිවරණ කොමිෂන් සභාව | ජනවාරි 05ට පෙර පළාත් පාලන ඡන්දයේ දිනය දැනුම් දෙනවා | COLOMBO ( News 1 st ) - ලබන මස 05 වැනිදාට පෙර පළාත් පාලන මැතිවරණය පවත්වන දිනය ප්‍රකාශයට පත් කරන බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසයි. එම කොමිසම මීට පෙර පැවසුවේ, දෙසැම්බර් මස අගදී මැතිවරණ පවත්වන දිනය ප්‍රකාශයට පත් කරන බවයි. කෙසේ වෙතත් කරුණු කිහිපයක් හේතුවෙන් මැතිවරණය ප්‍රකාශයට පත්කිරීම දින කිහිපයකින් කල් දැමීමට සිදුවු බව මැතිවරණ කොමිසමේ සභාපති, නීතිඥ නිමල් පුංචිහේවා මහතා ප්‍රකාශ කළේය. ඔහු පැවසුවේ මැතිවරණය ප්‍රකාශයට පත්කර දින 14 කට පසුව නාමයෝජනා කැඳවීම ආරම්භ වන බවයි. පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහන හෙට්ටිආරච්චි මහතා ප්‍රකාශ කළේ, ලබන 05 වැනිදාට පෙර මැතිවරණය ප්‍රකාශයට පත් නොකළහොත්, මැතිවරණ කොමිසමට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ගයකට යොමුවන බවයි. |
2022-12-24T11:49:15.000Z | හෙට දිවයිනේ ප්‍රදේශ රැසකට තද වැසි - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව | ධීවර ජනතාවට කාලගුණයෙන් අනතුරු ඇඟවීම් | COLOMBO ( News 1 st ) - නිරිතදිග බෙංගාල බොක්ක ආශ්‍රිතව පවතින පීඩන අවපාතය හෙට(25) දිනයේදී ශ්‍රී ලංකාව හරහා ගමන් කිරීමේ හැකියාවක් ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එය මේ වනවිට ස්ථානගතව ඇත්තේ, ත්‍රිකුණාමලය සිට කිලෝමීටර් 350 ක් ඊසාන දෙසින් වන අතර මෙහි බලපෑමෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ. එසේම එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, දිවයිනේ බොහෝ ප්‍රදේශවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇති විය හැකි බවත්, උතුරු , නැගෙනහිර, ඌව සහ සබරගමුව පළාත්වලට මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල විටින් විට පැයට කිලෝ මීටර් 40 සිට 50 පමණ දක්වා තද සුළං ඇති විය හැකි බවයි. මේ අතර උතුරු - නැගෙනහිර මුහුදු ප්‍රදේශවල හා නිරිත දිග බෙංගාල බොක්ක මුහුදේ නැවත දැනුම් දෙනතුරු ධීවර හා නාවුක කටයුතුවලින් වළකින ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ. |
2022-12-24T08:16:21.000Z | ජාත්‍යන්තර ගුවන් මගීන්ගේ අහඹු කොවිඩ් පරීක්ෂාව දිල්ලි ගුවන් තොටුපොළේදී ඇරඹේ.. | අහඹු කොවිඩ් පරීක්ෂාව දිල්ලි ගුවන් තොටුපොළේදී ඇරඹේ. | COLOMBO ( News 1st ) : ජාත්‍යන්තර ගුවන් මගීන්ගේ අහඹු Covid-19 පරීක්ෂාව දිල්ලි ගුවන් තොටුපොළේදී ආරම්භ කර ඇතැයි ඉන්දීය මාධ්‍ය සඳහන් කළේ ය. |
2022-12-24T07:29:18.000Z | පොලිස් ස්ථානාධිපතිවරුන් 270කට ස්ථාන මාරු.. | පොලිස් ස්ථානාධිපතිවරුන් 270කට ස්ථාන මාරු.. | COLOMBO ( News 1st ) : වහාම ක්‍රියාත්මකවන පරිදි පොලිස් ස්ථානාධිපතිවරුන් 270කට ස්ථාන මාරුවීම් හා නව පත්වීම් ලබා දී තිබේ. පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කළේ, පොලිස් කොමිසමේ හා රාජ්‍ය සේවා කොමිසමේ නිර්දේශවලට යටත්ව මෙම ස්ථාන මාරුවීම් කර ඇති බවයි. සේවා අවශ්‍යතා මත මෙම ස්ථාන මාරුවීම් කර තිබේ. |
2022-12-24T06:22:07.000Z | ගෘහ සේවයට යන කාන්තාවන්ට වෘත්තීය පුහුණු සහතිකය අනිවාර්ය කිරීමට සැලසුම්.. - විදේශ සේවා නියුක්ති කාර්යාංශය | ගෘහ සේවයට යන කාන්තාවන්ට නිවේදනයක්.. | COLOMBO ( News 1st ): විදෙස්ගත ගෘහාශ්‍රිත රැකියා සඳහා යොමුවන ශ්‍රී ලාංකික කාන්තාවන් සඳහා වෘත්තීය පුහුණු සහතිකය අනිවාර්ය කිරීමට තීරණය කර ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි. එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ගාමිණී සෙනරත් මහතා සඳහන් කළේ, ඒ සඳහා පුහුණු පාඨමාලා පවත්වාගෙන යාමේ අවසරය රාජ්‍ය හා පෞද්ගලික අංශයට ලබා දෙන බවය. |
2022-12-24T04:17:16.000Z | පීඩන අවපාතය ශ්‍රී ලංකාවට තවත් ලංවෙයි.. වැසි තත්ත්වයේ වැඩිවීමක්.. - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව | වැසි තත්ත්වයේ වැඩිවීමක්.. | COLOMBO ( News 1st ): නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින පීඩන අවපාතය ඉදිරි පැය 48 තුළ ශ්‍රී ලංකාව හරහා ගමන් කිරීමේ හැකියාවක් ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මේ නිසා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, අද(24), හෙට (25) සහ 26 යන දිනයන්හිදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක් ඇති විය හැකි බවයි. |
2022-12-24T03:35:15.000Z | සෑම් කරන් IPL ඉතිහාසයේ වැඩිම මිලකට අලෙවි වූ ක්‍රීඩකයා බවට පත්වෙයි.. | සෑම් IPL අලෙවි වාර්තා අලුත් කරයි | COLOMBO ( News 1st ): ඉන්දීය ප්‍රිමියර් ලීග්(IPL) ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම මිලකට අලෙවි වූ ක්‍රීඩකයා බවට එංගලන්ත තුන් ඉරියව් ක්‍රීඩක සෑම් කරන් පත්විය. ඒ, පන්ජාබ් කිංග්ස් කණ්ඩායම ඉන්දීය රුපියල් කෝටි 18.25කට ඔහුව මිලදී ගැනීමත් සමගයි. 2023 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය ඊයේ (23)පැවැත්විණ. එහිදී එංගලන්ත තුන් ඉරියව් ක්‍රීඩක සෑම් කරන් පන්ජාබ් කිංග්ස් කණ්ඩායම විසින් මිලදී ගත්තේ, ඉන්දීය රුපියල් කෝටි 18.25 මුදලකටයි. එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් මිලියන 817කි. ඒ අනුව IPL ඉතිහාසයේ වැඩිම මුදලකට අලෙවි වූ ක්‍රීඩකයා ලෙස සෑම් කරන් ඉතිහාසයට එක්විය. මින් පෙර IPL ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම මිලකට අලෙවි වූ ක්‍රීඩකයා වූයේ දකුණු අප්‍රිකානු ක්‍රීඩක ක්‍රිස් මොරිස් ය. |
2022-12-23T21:33:56.000Z | අතුරුදන් වූ එප්පාවල දරුවා රිකිල්ලගස්කඩින් සොයාගැනේ.. | අතුරුදන් වූ එප්පාවල දරුවා රිකිල්ලගස්කඩින් සොයාගැනේ | COLOMBO ( News 1st ): එප්පාවල, කිරලෝගම ප්‍රදේශයේ අතුරුදන් වූ 9 හැවිරිදි පිරිමි දරුවා මහනුවර, රිකිල්ලගස්කඩ ජොන් ජෝස්ලන්ඩ් වතුයායෙන් සොයා ගෙන තිබේ. පොලිසිය සඳහන් කළේ, දරුවා රැගෙන ගිය පුද්ගලයා ද අත්අඩංගුවට ගත් බවයි. ඊට භාවිතා කළ ත්‍රීරෝද රථයක් ද පොලිසිය භාරයට ගෙන තිබේ. පසුගිය 19 වැනිදා රාත්‍රියේ සිට දරුවා අතුරුදන්ව සිටියේ ය. දරුවා අතුරුදන් බවට මව කළ පැමිණිල්ලකට අනුව පොලිසිය මේ පිළිබඳ පුළුල් විමර්ශන ආරම්භ කළේ ය. |
2022-12-24T01:59:45.000Z | අසිරිමත් නත්තල අද මැදියම් රැයේ උදාවෙයි.. | අසිරිමත් නත්තල අද මැදියම් රැයේ උදාවෙයි.. | COLOMBO ( News 1st ): ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත සිහිපත් කෙරෙන අසිරිමත් නත්තල අද(24) මධ්‍යම රාත්‍රියේ උදාවෙයි. නත්තල පිළිගැනීම සඳහා මේ වනවිටත් ලොව පුරා කිතුණු බැතිමතුන් සමග ලාංකික කතෝලික ජනතාවද එක්ව සිටී. අප වාර්තාකරුවන් සඳහන් කළේ, ඊයේ දිනයේද නත්තලට සූදානම් වීම සඳහා ජනතාව විවිධ භාණ්ඩ මිලදී ගැනීමට නගර කරා පැමිණි බවයි. මේ අතර, නත්තල වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවා අදත් ක්‍රියාත්මක බව ප්‍රවාහන බලධාරීන් සඳහන් කළේ ය. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.