date
stringlengths 24
24
| title
stringlengths 0
176
| short_title
stringlengths 10
69
| content
stringlengths 0
19.7k
|
---|---|---|---|
2023-01-02T16:34:48.000Z | පොහොට්ටුව සහ එජාපය සන්ධානගත වීම පිළිබඳ සාකච්ඡා | පොහොට්ටුව සහ එජාපය සන්ධානගත වීම පිළිබඳ සාකච්ඡා | COLOMBO (News 1st) - පොදුජන පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය සමග සන්ධානගතවීම පිළිබඳ සාකච්ඡා.. පොහොට්ටුව එජාපය සමග සන්ධානගතවීමට සාකච්ඡා.. පළාත් පාලන ඡන්දයට මේ වනවිට දේශපාලන පක්ෂ සූදානම් වෙමින් සිටී. පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතා අද(02) පැවැත්වූ මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේ එක්සත් ජාතික පක්ෂය සමග සන්ධානගතවීම පිළිබඳව තවමත් සාකච්ඡා පැවැත්වෙන බවයි. |
2023-01-02T16:26:17.000Z | නීතිය පිළිබඳ සම්මානිත මහාචාර්ය ලක්ෂ්මන් මාරසිංහ අභාවප්‍රාප්ත වෙයි.. | ලක්ෂ්මන් මාරසිංහ අභාවප්‍රාප්ත වෙයි.. | COLOMBO (News 1st) - නීතිය පිළිබඳ සම්මානිත මහාචාර්ය ලක්ෂ්මන් මාරසිංහ අභාවප්‍රාප්ත වී තිබේ. මාරසිංහ මහතා මිය යන විට ශ්‍රී ලංකා නීති කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළේ ය. මාරවිල වලහාපිටිය පිහිටි මහාචාර්ය ලක්ෂ්මන් මාරසිංහ මහතාගේ නිවසේ මේ වන දේහය තැම්පත් කර තිබේ. දේහය පිළිබඳ අවසන් කටයුතු ජනවාරි 5වැනි බ්‍රහස්පතින්දා වහලහාපිටිය පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිත ය. කොළඹ රාජකීය විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ ඔහු ලන්ඩන් යුනිවර්සිටි කොලීජියෙන් ප්‍රථම පන්තියේ සාමාර්ථයක් සමගින් නීති උපාධීය ගත්තේ ය. විශ්වවිද්‍යාල කිහිපයක සේවය කළ ලක්ෂ්මන් මාරසිංහ මහතා වින්ඩ්සර් විශ්වවිද්‍යාලයේ නීතිය පිළිබඳ සම්මානනීත මහාචාර්යවරයෙකි. යුද්ධ සමයේ සාම ක්‍රියාවලිය සම්බන්ධීකරණය කිරීමේ ලේකම් කාර්යාලයේ නීති අධ්‍යක්ෂවරයා ලෙස ද ඒ මහතා කටයුතු කළේ ය. ඔහු පෙම්බර්ලි ජාත්‍යන්තර අධ්‍යයන මධ්‍යස්ථානයේ ද සමාජිකයෙකි. මහාචාර්ය ලක්ෂ්මන් මාරසිංහ මහතා හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු හා වත්මන් ශ්‍රී ලංකා මානවහිමිකම් කොමිසමේ සභාපති රෝහිණි මාරසිංහ මහත්මියගේ ආදරණිය ස්වාමිපුරුෂයායි. |
2023-01-02T16:26:02.000Z | හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ අමෙරිකානු පුරවැසිභාවයට නැවත ඉල්ලුම් කරයි. | ගෝඨාභය අමෙරිකානු පුරවැසිභාවය නැවත ඉල්ලයි | COLOMBO (News 1st) - හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එක්සත් ජනපද පුරවැසිභාවය ලබා ගැනීම සඳහා ඉල්ලුම් කරතිබේ. හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත වාර්තා කළේ, මීට පෙර ඉල්ලා අස් කරගත් සිය පුරවැසිභාවය නැවත ලබා ගැනීමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉල්ලුම් කර ඇති බවයි. ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ඇමරිකා එක්සත් ජනපද පුරවැසිභාවය: 2019 දී ජනාධිපතිවරණයට තරග කිරීම සඳහා ඉවත්කර ගත්තේ ය. බලයෙන් ඉවත්මෙන් පසුව, ඔහුට කිසිදු රටක සරණාගතභාවය ලබා ගැනීමට අපොහොසත් වීම හේතුවෙන් මෙම ඉල්ලීම සිදුකර ඇති බව හින්දුස්ථාන් හින්දුස්ථාන් ටයිම්ස් වාර්තා කළේ ය. ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය වසරේ ජුලි මාසයේ රට හැර යාමෙන් පසුව මාස දෙකකට පමණ පසු නැවත මෙරටට පැමිණියේ ය. |
2023-01-02T16:21:29.000Z | ටිබෙටයේ දලයි ලාමාතුමන්ට ශ්‍රී ලංකාවට වැඩම කරන ලෙස ත්‍රෛයිනිකායික මහා සංඝරත්නයෙන් ඇරයුම්.. | දලයි ලාමාතුමන්ට ලංකාවට වැඩම කරන්නැයි ඇරයුම්.. | COLOMBO (News 1st) - ටිබෙට් දේශයේ අධ්‍යාත්මික නායක දලයි ලාමාතුමන්ට ශ්‍රී ලංකාවට වැඩම කරන ලෙස ත්‍රෛයිනිකායක මහා සංඝරත්නය ඇරයුම් කර ඇතැයි ඉන්දීය මාධ්‍ය අද(02) වාර්තා කළේ ය. ඉන්දියාවේ පැවැති ජාත්‍යන්තර භික්ෂු හුවමාරු වැඩසටහනක් අතරතුර ඉකුත් 28වැනිදා ටිබෙට් දේශයේ ආධ්‍යාත්මික නායක දලයි ලාමාතුමන් මෙරට මහා සංඝරත්නය හමුවී තිබේ. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමියන්, සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ අනුනායක අතිපුජ්‍ය නියංගොඩ විජිතසිරි අනුනාහිමියන්, ශ්‍රී ලංකා මහා රාමඤ්ඤ නිකායේ මහානායක අතිපූජ්‍ය මකුලෑවේ විමල මහානාහිමියන්, ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ ශ්‍රී සම්බුද්ධ ශාසනෝදය සංඝ සභාවේ මහානායක අතිපූජ්‍ය වස්කඩුවේ මහින්දවංශ නාහිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය මෙම හමුවට සහභාගී වූ බව ය. විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පැවසුවේ, මේ වනවිට ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ආර්ථික අර්බුදය උන්වහන්සේගේ පැමිණීමත් සමග ප්‍රකෘති තත්ත්වයට පත්වනු ඇතැයි මහා සංඝරත්නය විශ්වාසය පළ කළ බවයි. 2015 වසරේදී ටිබෙටයේ අධ්‍යාත්මික නායක දලෙයි ලාමාතුමන් මෙරට සංචාරයකට පැමිණීම සුදානම් වුවත් එය සිදු නොවීය. |
2023-01-02T16:01:40.000Z | ජනවාරි 03 සිට 06 දක්වා විදුලි කප්පාදුවකට අනුමැතිය... | හෙට සිට 06 දක්වා විදුලි කප්පාදුවකට අනුමැතිය. | COLOMBO (News 1st) - ජනවාරි 03 සිට 06 අතර දෛනිකව පැය 2 විනාඩි 20ක විදුලි කප්පාදුවකට අනුමැතිය ලබා දී ඇත. A-W කාණ්ඩවලට දිවා කාලයේ පැය 1 සහ රාත්‍රියේදී පැය 1 විනාඩි 20ක් ලෙස විදුලි කප්පාදුව සිදු කිරීමට නියමිත බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව දැනුම් දෙයි. |
2023-01-02T15:56:26.000Z | සිපෙට්කෝ ඩීසල් සහ භූමිතෙල් මිල පහළට.. | සිපෙට්කෝ ඩීසල් සහ භූමිතෙල් මිල පහළට.. | COLOMBO (News 1st) - අද (02) මධ්‍යම රාත්‍රියේ සිට ලංකා සුදු ඩීසල් ලීටරයක මිල සහ ලංකා භූමිතෙල් ලීටරයක මිල පහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව(සිපෙට්කෝ) තීරණය කර තිබේ. ඒ අනුව ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 15කිනුත් ලංකා භූමිතෙල් ලීටරයක මිල රුපියල් 10කිනුත් පහළ දමා ඇත. ලංකා සුදු ඩීසල් ලීටරයක නව මිල රුපියල් 405ක් වේ. ලංකා භූමිතෙල් ලීටරයක නව මිල රුපියල් 355කි. මේ අතර ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මිල පහළ දැමීමට සාපේක්ෂව ලංකා IOC සමාගම ද අද (02) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල අඩු කිරීමට තීරණය කර තිබේ. |
2023-01-02T15:56:03.000Z | කැලණිය මහා ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා සහ තවත් ශිෂ්‍ය සංගම් නියෝජිතයෙක් අත්අඩංගුවට... | කැලණිය මහා ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා අත්අඩංගුවට... | COLOMBO (News 1st) - කැලණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා සහ තවත් ශිෂ්‍ය සංගම් නියෝජතයෙක් තලංගම පොලීසිය විසින් අද(02) දහවල් අත්අඩංගුවට ගනු ලැබිණි. ඒ, පසුගිය ජූලි මස 10වැනිදා පැවති විරෝධතාවක් අතරතුර අධ්‍යාපන අමාත්‍යාංශයේ ගේට්ටුවට හානි කළැයි කියන චෝදනාව මතය. කැලණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති කැලුම් මුදන්නායක සහ එහි නියෝජිත ඩිල්ශාන් හර්ෂණ යන මහත්වරුන් ප්‍රකාශයක් ලබාදීම සඳහා අද තලංගම පොලීසියට පැමිණි අවස්ථාවේ අත්අඩංගුවට ගෙන තිබුණි. හෙට ඔවුන්ව කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපත් කිරීමට නියමිතය. |
2023-01-02T15:49:19.000Z | විදුලි බිල වැඩි කිරීම ගැන මීළග කැබිනට් රැස්වීමට වාර්තාවක් දෙන්නැයි දැනුම්දීමක්.. | විදුලි බිල ගැන තීන්දුව කල් යයි.. | COLOMBO (News 1st) - විදුලි බිල වැඩි කිරීම සම්බන්ධයෙන් මීළග කැබිනට් රැස්වීමට වාර්තාවක් ලබාදෙන ලෙසට මුදල් අමාත්‍යාංශයට දැනුම් දෙමින් එතෙක් මිල සංශෝධනයක් ගැන තීන්දුවක් නොගැනීමට අද(02) රැස්වූ කැබිනට් මණ්ඩලය තීරණය කරයි. |
2023-01-02T13:53:13.000Z | ඩකාර් රැළියේ ගියවර යතුරුපැදි ශූරයා අනතුරට.. | ඩකාර් රැළියේ ගියවර යතුරුපැදි ශූරයා අනතුරට.. | COLOMBO (News 1st) - 2023 ඩකාර් රැළියේ පළමු දිනයේ අවසානයේදී ස්පාඤ්ඤයේ කාර්ලෝස් සයින්ස් මෝටර් රථ අංශයේ පෙරමුණ ගත්තේ ය. මේ අතර පසුගියවර යතුරු පැදි අංශයේ ශූරතාව දිනූ බ්‍රිතාන්‍යයේ සෑම් සන්ඩර්ලන්ඩ් අනතුරකට ලක් විය. ලොව ප්‍රධානතම මෝටර් රථ සහ යතුරු පැදි රැළිය ලෙස සැලකෙන ඩකාර් රැළිය මෙවර 45 වැනි වරට පැවැත්වෙයි. අදියර 14කින් සමන්විත එය සෞදි අරාබිය කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක අතර පළමු අදියර පැවැත්වුණේ වැලි, ගල් සහ බොරළු සහිත මාර්ග ඔස්සේයි. පසුගියවර යතුරු පැදි අංශයේ ශූරතාව දිනූ සෑම් සන්ඩර්ලන්ඩ් කිලෝ මීටර 52ක දුරක් ධාවනය කිරීමෙන් පසු අනතුරකට ලක් වීම නිසා ගුවන් යානයකින් රැගෙන ගොස් යන්බු රෝහලට ඇතුළත් කළේ ය. ඒ අනුව කිලෝ මීටර 368ක දුරකින් යුතු යතුරු පැදි පළමු අදියර ජයගැනීමට සමත් වූයේ අමෙරිකාවේ රිකී බ්‍රාබෙක් ය. ඔහු පැය 3යි තත්පර 31යි දශම 1ක කාලයක් සටහන් කළේ ය. මේ අතර ප්‍රවීණ රැළි ධාවන ශූර ස්පාඤ්ඤයේ කාලෝස් සයින්ස් මෝටර් රථ අංශයේ කිලෝමීටර 603ක දුරකින් යුතු මෝටර් රථ අංශයේ ජය හිමිකර ගත්තේ ය. ඒ, පැය 3යි මිනිත්තු 20යි තත්පර 41ක කාලයක් සටහන් කරමිනි. ක්වොඩ් රථ සහ යතුරු පැදි ඇතුළු අංශ කිහිපයකින්ම මෙවර ඩකාර් රැළිය සමන්විත වේ. |
2023-01-02T12:23:07.000Z | නව විභාග කොමසාරිස් වැඩ භාර ගනී | නව විභාග කොමසාරිස් වැඩ භාර ගනී | COLOMBO (News 1st) - විභාග දෙපාර්තම්න්තුවේ 21වැනි විභාග කොමසාරිස් ජනරාල්වරයා වශයෙන් එච්. ජේ. එම්. සී. ඒ. ජයසුන්දර මහතා වැඩ භාර ගනී. |
2023-01-02T08:52:21.000Z | 2023 ලෝක ආර්ථීක පසුබෑමක් ගැන IMF අනතුරු අඟවයි.. | ලෝක ආර්ථීක පසුබෑමක් ගැන IMF අනතුරු අඟවයි.. | COLOMBO ( News 1st ) - මෙම වසරේ ලෝක ආර්ථික පසුබෑමක් පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) අනතුරු අඟවා තිබේ. එහි කළමනාකරණ අධ්‍යක්ෂවරිය පෙන්වා දෙන්නේ අමෙරිකාව, චීනය සහ යුරෝපා සංගමය දැඩි ආර්ථික පසුබෑමකට ලක්වන බව ය. එය ගිය වසරට සාපේක්ෂව ලෝක ආර්ථිකයට අයහපත් ලෙස බලපානු ඇති බව ද ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළාය. මෙම තත්ත්වයට සෘජුව බලපා ඇත්තේ යුක්‍රේන - රුසියා යුද්ධය සහ කොවිඩ් ව්‍යාප්තිය යි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විශ්ලේෂණයට අනුව චීනය, මෙම වසරේ වැඩිම ආර්ථික බලපෑමකට ලක්වී ඇති බවද සඳහන් ය. |
2023-01-02T07:57:00.000Z | නව භාණ්ඩ වර්ග 142ක් සඳහා රේගු කේත හඳුන්වා දීමට සැලසුම් - රංජිත් සියඹලාපිටිය | නව භාණ්ඩ වර්ග 142කට රේගු කේත හඳුන්වා දීමට සැලසුම් | COLOMBO ( News 1st ) - නව භාණ්ඩ වර්ග 142ක් සඳහා රේගු කේත (HS Codes) හඳුන්වා දෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය, රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. ඔහු මේ බව ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ. අමාත්‍යවරයා සඳහන් කළේ, ආනයන අපනයන පහසු කිරීම සහ විධිමත් කිරීමේ අරමුණින් එම කේත හඳුන්වා දෙන බව ය. |
2023-01-02T06:57:59.000Z | නව වසරේදී රටේ ජනතාව වෙනුවෙන් අවංකව කැපවන බවට රාජ්‍ය නිලධාරීන් ප්‍රතිඥා දෙයි.. | නව වසරේදී රාජ්‍ය නිලධාරීන් දුන් ප්‍රතිඥාව.. | COLOMBO ( News 1st ) - රටේ ජනතාවගේ යහපත උදෙසා අවංකව කැපවන බවට නව වසරේ රාජ්‍ය නිලධාරීන් ප්‍රතිඥා දීම අද ( 02 )විවිධ ස්ථානවලදී සිදු කෙරිණි. ජනතාවගේ බදු මුදලින් යැපෙන, ජනතාව වෙනුවෙන් උපරිම කැපවීමෙන් හා වගවීමෙන් කටයුතු කරන බවට විවිධ රාජ්‍ය ආයතනවල නිලධාරීන් අද (02) එලෙස ප්‍රතිඥා ලබා දුන්නේය. |
2023-01-02T06:28:51.000Z | ලූලා ද සිල්වා තෙවැනි වරටත් බ්‍රසීල ජනපති ධුරයට.. | ලූලා ද සිල්වා නැවත ජනපති ධුරයට.. | COLOMBO ( News 1st ) - ලූලා ද සිල්වා, යළිත් වරක් බ්‍රසීලයේ ජනාධිපති ධුරයට පත් වී තිබේ. ඔහු ජනපති ධුරයට තේරීපත් වූ තුන්වන අවස්ථාව මෙය වන අතර ඔහු මීට පෙර 2003 සහ 2010 වසරවලදීත් බ්‍රසීලයේ ජනාධිපති ධුරයේ කටයුතු කළේ ය. පසුගිය ඔක්තෝබර් මාසයේ පැවති ජනාධිපතිවරණය ඔහු ජය ගත්තේ, හිටපු ජනාධිපති ජායිර් බොල්සොනාරෝ පරාජය කරමිනි. භයානක නටඹුන් සහිත රටක් යළි ගොඩනගන බවට ජනපති ධුරයේ වැඩ භාර ගනිමින් ඔහු ප්‍රතිඥාවක් ලබා දී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. |
2023-01-02T06:21:59.000Z | 2023 අවසන් වනවිට රට සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමට සියළු දෙනා සහයෝගයෙන් ක්‍රියා කළ යුතුයි - ජනපති | ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්.. | COLOMBO ( News 1st ) - මේ වසර අවසන් වනවිට රට සාමාන්‍ය තත්ත්වයට පත් කිරීම සඳහා සියළු දෙනා සහයෝගයෙන් කටයුතු කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඒ නව වසරේ රාජකාරී ආරම්භ කිරීම වෙනුවෙන් ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ වැඩසටහනට සහභාගී වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ය. නව වසරේ රාජකාරී ආරම්භ කිරීම වෙනුවෙන් විශේෂ උත්සවයක් අද (02) පෙරවරු 09.00 ට ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට පැවැත්වීය. ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවය සඳහා රාජ්‍ය නිලධාරීන් ඇතුළු බොහෝ පිරිසක් එක්ව සිටියහ. මේ අතර රාජ්‍ය සේවකයින් සඳහා ප්‍රතිඥා ලබා දීමත් මෙහිදි සිදු කෙරුණි. |
2023-01-02T02:29:57.000Z | රාජ්‍ය නිලධාරීන්ට රු. 4000ක විශේෂ අත්තිකාරම් මුදල ගෙවීම අද සිට.. | රාජ්‍ය නිලධාරීන්ට අත්තිකාරම් මුදල ගෙවීම අද සිට.. | COLOMBO (News 1st) – රාජ්‍ය නිලධාරීන් සඳහා රුපියල් 4000 ක විශේෂ අත්තිකාරම් මුදල ගෙවීම අදින්(02) ආරම්භ වෙයි. ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා පැවසුවේ, ලබන මස අවසන් වනතෙක් රාජ්‍ය සේවකයින්ට එම දීමනාව ලබාගැනීමට අවස්ථාව පවතින බවයි. මෙම විශේෂ අත්තිකාරම් මුදල් ගෙවීමට අදාළ චක්‍රලේඛය නිකුත් කර ඇත්තේ, රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ අත්සනින් ය. 2023 වසරේ පෙබරවාරී 28 වැනිදායින් පසු කිසිදු ගෙවීමක් කිරීමට අවසර හිමිනොවන අතර අදාළ මුදල්, 2023 වසර තුළ අය කරගත යුතු බව, අදාළ චක්‍රලේඛයේ සඳහන් වේ. |
2023-01-02T02:06:07.000Z | ඉඩම් ඔප්පු ලියාපදිංචිය Online හරහා ඇරඹීමට සැලසුම් | ඉඩම් ඔප්පු ලියාපදිංචිය Online හරහා ඇරඹීමට සැලසුම් | COLOMBO ( News 1 st ) – Online ක්‍රමවේදය ඔස්සේ ඉඩම් ඔප්පු ලියාපදිංචිය ආරම්භ කිරීමට රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. රෙජිස්ට්‍රාර් ජනරාල් ප්‍රභාත් අබේසිංහ මහතා පැවසුවේ, එහි නියමු ව්‍යාපෘතිය ඉදිරි දින කිහිපය තුළ ප්‍රධාන ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාල 7ක ක්‍රියාත්මක වන බවයි. |
2023-01-02T01:36:36.000Z | QR කේතය සහිත රියැදුරු බලපත්‍ර නිකුත් කිරීමේ තීරණයක්... | QRකේතය සහිත රියැදුරු බලපත්‍ර නිකුත් කිරීමේ තීරණයක් | COLOMBO ( News 1 st ) – QR කේතය සහිත රියැදුරු බලපත්‍රයක් හඳුන්වාදීමට තීරණය ඇතැයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි. එහි කොමසාරිස් කුසලානි ද සිල්වා මහත්මිය පැවසුවේ, දැනට පවතින රියැදුරු බලපත්‍රය අලුත් කිරීමේදී ද,QR කේතය සහිත බලපත්‍රය ලබාදෙන බවයි. වාහන ආනයනය සීමා කර ඇති බැවින් පසුගිය වසරේ වාහන ලියාපදිංචිය පහළ ගොස් ඇතැයි ද මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරිය පැවසුවා ය. |
2023-01-02T01:29:53.000Z | අද උදෑසන ධාවනයට නියමිතව තිබූ කාර්යාල දුම්රිය 6ක් අවලංගුයි.. | කාර්යාල දුම්රිය 6ක් අවලංගුයි.. | COLOMBO (News 1st) – අද(02) උදෑසන ධාවනය වීමට නියමිතව තිබූ කාර්යාල දුම්රිය 6ක් අවලංගු කර තිබේ. දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ, කැලණිවැලි මාර්ගයේ දුම්රිය 2ක් ඊට අයත් වන බවයි. ඊට අමතරව මුහුදුබඩ, පුත්තලම් සහ ප්‍රධාන මාර්ගවල දුම්රිය බැගින් අවලංගු කර තිබේ. මේ අතර, දුම්රිය රැසක් අදත් අවලංගු විය හැකි බව, දුම්රිය වෘත්තීය සමිති පවසයි. එකවර සේවකයින් විශාල ප්‍රමාණයක් විශ්‍රාම යෑම, ඊට හේතුවයි. 500කට ආසන්න සේවකයින් පිරිසක් විශ්‍රාම ගැන්වීමත් සමග ඇතිවූ සේවක පුරප්පාඩුව හේතුවෙන් ඊයේ (01)ගමන්වාර 30ක් අවලංගු කෙරිණ. දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ගාමිණි සෙනවිරත්න මහතා පැවසුවේ, විශ්‍රාම ගිය සේවකයින්ට යළි කොන්ත්‍රාත් පදනම මත සේවයට වාර්තා කරන්නැයි දන්වා ඇති බවයි. |
2023-01-02T01:17:32.000Z | පාසල්වල තෙවන වාරයේ දෙවන අදියර අද සිට ඇරඹේ | පාසල්වල තෙවන වාරයේ දෙවන අදියර අද සිට ඇරඹේ | COLOMBO ( News 1 st ) – රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන වාරයේ දෙවන අදියර අදින්(02) ආරම්භ වෙයි. අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේ, තෙවන පාසල් වාරයේ දෙවන අදියර ලබන 20 වැනිදා දක්වා ක්‍රියාත්මක බවයි. ලබන 21 වැනිදා සිට පෙබරවාරි මස 19 වැනිදා දක්වා යළි පාසල් නිවාඩුව ආරම්භ වන්නේ උසස් පෙළ විභාගය හේතුවෙන් ය. 2022 වසරේ තෙවන පාසල් වාරයේ අවසන් අදියර පෙබරවාරි 20 වැනිදා සිට මාර්තු මස 24 වැනිදා දක්වා ක්‍රියාත්මකයි. |
2023-01-02T01:07:26.000Z | විදුලි ගාස්තු සංශෝධන යෝජනාව අද කැබිනට් මණ්ඩලයට.. | විදුලි ගාස්තු සංශෝධන යෝජනාව අද කැබිනට් මණ්ඩලයට.. | COLOMBO (News 1st) – 2023 වසර සඳහා ක්‍රියාත්මක කිරීමට යෝජිත විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ යෝජනාව අද(02) රැස්වන කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. ඒ, විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා විසින් ය. විදුලි බිල සංශෝධනය කිරීමට අදාළ ක්‍රමවේදය දැක්වෙන්නේ විදුලිබල පනතේ 30 වැනි වගන්තියේ ය. ඒ අනුව ලංකා විදුලිබල මණ්ඩලය විසින් ගාස්තු වැඩිවීමේ යෝජනාවක් අයක්‍රම ක්‍රමවේදයට අනුව සකස් කර මහජන උපයෝගීතා කොමිසමට ඉදිරිපත් කළ යුතු ය. අනතුරුව එය සාධාරණ දැයි සමාලෝචනය කර, අවශ්‍යතාව මත මහජන අදහස් ලබාගැනීම ද සිදුකළ යුතුයි. සහනාධාර ලබාදීමක් වන්නේ නම්, ඒ පිළිබඳ භාණ්ඩාගාරයේ අදහස් විමසා අනතුරුව විදුලි ගාස්තු සංශෝධනයට අවසර ලබාදීම පවතින ක්‍රමවේදය වෙයි. |
2023-01-01T16:22:56.000Z | විදුලිබිල වැඩි කිරීමට බලපාන කිසිදු සාධකයක් පෙනෙන්නට නෑ - මහජන උපයෝගීතා කොමිසමේ සභාපති | විදුලිබිල වැඩි කිරීමට බලපාන සාධකයක් පෙනෙන්නට නෑ.. | COLOMBO (News 1st) - නුදුරු අනාගතයේ විදුලිබිල වැඩිකිරීමට බලපාන කිසිදු සාධකයක් පෙනෙන්නට නැති බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසයි. මේ පිළිබඳව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අදහස් දැක්වූයේ මෙසේයි, "මහජනතාවට කියන්න තියෙන්නේ විදුලි බිල හෙට වැඩි වෙනවා කියන කතාව, ඒ කැබිනට් පත්‍රිකාව අපිට ලැබුණාම ඒ සඳහා අපි නිසි පියවර ගන්නවා. ඒ අවශ්‍ය විදියට අපි විදුලි බල මණ්ඩලයට දන්වා සිටී කොහොමද මේක කළ යුත්තේ කියලා. ඒ ක්‍රමවේදෙට ආවොත් තමයි අපි මේ පිළිබඳ සාකච්ඡාවක් තියන්නේ. ඒත් විදුලිබල මණ්ඩලයේ ඇතිවෙන ගිය අවුරුදු කිහිපයේ ඇති වෙන අලාභයත් ඒ වගේම ඉදිරියේදී තෙල් හා ගල් අඟුරු ලබා ගැනීම සඳහාත් විදුලි ගාස්තු වැඩි කිරීමේ ක්‍රමවේදයක් පනත අනුව නෑ. පනත අනුව තියෙන්නේ පිරිවැය අයකර ගැනීමේ ක්‍රමවේදයක් ඒ ක්‍රමවේදයට අනුව අපි ඉදිරියේදී යෝජනාව විදුලි බල මණ්ඩලයෙන් ලැබුණොත් එහෙම ඒ පිළිබද ක්‍රියා කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.දැනට තියන තත්ත්වේ අනුව කිසිම විචල්‍ය සාධකයක ගනන් වැඩි වීමක් ලෝක වෙළෙඳපොළේ හෝ ලංකාවේ ආර්ථිකයේ සිදු නොවන නිසා අපි හිතනවා ඉදිරියේදී නුදුරු අනාගතයේදී විදුලිබිල වැඩි වීමක් සිදු නොවෙයි කියලා." |
2023-01-01T15:45:48.000Z | වසන්ත මුදලිගේට නිදහස ඉල්ලා Online විරෝධයක්.. | වසන්ත මුදලිගේට නිදහස ඉල්ලා Online විරෝධයක්.. | COLOMBO (News 1st) - නව වසර විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් සහ අරගලයට දායක වූවන් සැමරුවේ වෙනස්ම ආකාරයකට ය. සුබ නව වසරක් වේවා වෙනුවට ඔවුන්ගේ සමාජ මාධ්‍ය ගිණුම් අද(01) සැරසුනේ වසන්ත නිදහස් කරන ලෙස ඉල්ලා පල වූ හෑෂ් ටැග් වලිනි. විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්, සමාජ ක්‍රියාකරීන්, අරගලයට දායක වූවන් මෙන්ම ඇතැම් සාමාන්‍ය ජනතාවගේද ෆේස් බුක්, වට්සැප් ආදී සමාජ මාධ්‍ය ගිණුම් අද(01) අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ මහතාගේ රුවින් සැරසී තිබිණ. ජනතාව සමග ජනතාව වෙනුවෙන් සටන් වැදුණු වසන්ත මුදලිගේ වහා නිදහස් කරන ලෙස ඉල්ලා ඇති ඔවුන් 2023 ද අරගලයේ වසරක් බව පෙන්වා දී තිබුණේ වසන්තගේ නිදහස පතා විවිධ සුබ පැතුම් එක් කරමිනි. වසන්ත ඇතුළු දේශපාලන සිරකරුවන් නිදහස් කරන තුරු හා ත්‍රස්ත පනත අහෝසි කරන තුරු අඛණ්ඩව සටන් වදින බව ඔවුන් තම ගිණුම්වල සටහන් තබා තිබුණි. |
2023-01-01T15:42:37.000Z | ගම්මැද්දේ නව අවුරුදු ප්‍රාර්ථනාව..! | ගම්මැද්දේ නව අවුරුදු ප්‍රාර්ථනාව..! | COLOMBO (News1st) - ගම්මැද්ද ව්‍යාපාරය සියලු ශ්‍රී ලාංකිකයන්ට සෞභාග්‍යමත් නව වසරක් වේවායි ප්‍රාර්ථනා කිරීමට මෙය අවස්ථාවක් කර ගනිමු. දශකයකට වැඩි කාලයක් ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ප්‍රදේශවල ක්‍රියාත්මක වන ගම්මැද්ද අපි ජනතාව මුහුණ දෙන අසීරුතා සහ දුෂ්කරතා පිළිබඳව හොඳින් දනිමු. මෙම ගැඹුරු අවබෝධය සහ සංවේදීතාවය, ජනතාවට කිසිදු ප්‍රගතියක් සහ සේවාවක් නොමැතිව එක දිනයක් හෝ නිකරුණේ ගත නොවීම සඳහා වග බලා ගැනීමට අපව මෙහෙයවනු ලැබුවේය. ඒ, සාමාන්‍ය මෙහෙයුම් පවා දැවැන්ත අභියෝගයක් බවට පත් කළ ඉතා දුෂ්කර තත්වයන් තිබියදී ය. අද(01) අපි නව වසරක් පිළිගන්නා අතර, ජන ජීවිතවලට දැවැන්ත බලපෑමක් ඇති කිරීමට අපට හැකිවූ වසරක් ලෙස පසුගිය වසර දෙස අපි ආඩම්බරයෙන් ආපසු හැරී බලමු. එය සැබවින්ම මිලියන ගණනක් ශ්‍රී ලාංකිකයන් ප්‍රතිලාභ ලැබූ වසරක් ලෙස සැලකිය හැකිය. ගෙවී ගිය වසරේ සිතින්, වචනයෙන් සහ ක්‍රියාවෙන් ගම්මැද්දට සහය දුන් සෑම ශ්‍රී ලාංකිකයෙකුටම අපි ස්තූතිවන්ත වෙමු. ගම්මැද්ද සුරකින ශක්තිය ඔබයි. 2023 සහ ඉන් ඔබ්බට අපගේ ජාතියට සහ ජනතාවට අපගේ සේවය තවත් වේගවත් කිරීමට අපි බලාපොරොත්තු වෙමු. ගම්මැද්ද ව්‍යාපාරය ජනතාව සමග. ජනතාව උදෙසා. |
2023-01-01T05:17:53.000Z | කංජිපානි ඉම්රාන් ඉන්දියාවට යයි - ද හින්දු පුවත්පත | කංජිපානි ඉම්රාන් ඉන්දියාවට යයි - ද හින්දු පුවත්පත | COLOMBO ( News 1st ) - පසුගියදා ඇප මත මුදාහැරි කුප්‍රකට සංවිධානාත්මක අපරාධ කල්ලි නායක කංජිපානි ඉම්රාන් නමැත්තා ඉන්දියාවට පැමිණ ඇතැයි ඉන්දියාවේ ' ද හින්දු පුවත්පත' අනාවරණය කර තිබේ. එම පුවත්පත් අනාවරණයට අනුව මොහොමඩ් නජීම් මොහොමඩ් ඉම්රාන් හෙවත් "කංජිපානි ඉම්රාන්" මෙරට අධිකරණයෙන් ඇප මත මුදා හැරීමෙන් දින කිහිපයකට පසුව ඉන්දියාවේ රාමේෂ්වරම් ප්‍රදේශයට ඇතුලු වී තිබේ. |
2023-01-01T05:05:04.000Z | මධ්‍යම ආසියානු බීච් වොලිබෝල් කාන්තා ශූරතාවය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනට | මධ්‍යම ආසියානු බීච් වොලිබෝල් ශූරියන් දිවයිනට | COLOMBO ( News 1st ) - මධ්‍යම ආසියානු බීච් වොලිබෝල් කාන්තා ශූරතාවය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනට පැමිණියේ ය. තරගාවලිය පැවැත්වුණේ බංග්ලාදේශයේදී ය. එහිදී ශ්‍රී ලංකාව නියෝජනය කළේ, දීපිකා බණ්ඩාර සහ චතුරිකා මදුශානි වන අතර නේපාලයට එරෙහිව පැවති අවසන් තරගය ලකුණු 21 - 0ක් ලෙස ජය ගැනීමට ඔවුන් සමත් වූහ. ඒ අනුව ඔවුන් ශූරතාව දිනා ගත්තේ වට 2 - 0ක් ලෙස තරගය ජය ගනිමිනි. කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී මාධ්‍යයට අදහස් දක්වමින් බීච් වොලිබෝල් කණ්ඩායමේ නායිකා චතුරිකා මදුශානි ප්‍රකාශ කළේ,මෙවර පැවැත්වුණ මධ්‍යම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ දී නේපාලය,බංග්ලාදේශය,උස්බෙකිස්ථානය යන රටවල් සමග පැවැති තරගයෙන් ශ්‍රී ලංකාවට රන් පදක්කම දිනා දීමට ඔවුන්ට හැකි වූ බව ය. |
2023-01-01T04:51:02.000Z | ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඉහළට.. | ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඉහළට.. | COLOMBO ( News 1st ) - ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඊයේ (31) දිනයට සාපේක්ෂව තරමක් ඉහළ ගොස් තිබේ. ඒ අනුව, බ්‍රිතාන්‍ය බ්‍රෙන්ට් වෙළඳපොළේ, බොරතෙල් බැරලයක මිල සටහන් වුයේ, අමෙරිකානු ඩොලර් 85 යි සත 91 ක් ලෙස ය. ඊට සාපේක්ෂව අමෙරිකානු වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 80 යි සත 26 ක් ලෙස දැක්විණි. |
2023-01-01T04:41:36.000Z | ලොව පුරා රටවල් රැසක් නව වසර උත්කර්ෂවත්ව පිළිගනියි.. | ලොව පුරා රටවල් රැසක් නව වසර උත්කර්ෂවත්ව පිළිගනියි | COLOMBO ( News 1st ) - ලොව පුරා රටවල් රැසක් මේ වන විට 2023 නව වසර පිළිගෙන අවසන් වූ අතර නව වසර උදාව සැමරීම සඳහා ලොව නන් දෙසින් විවිධාකාර උත්සව සංවිධානය කර තිබුණි. ඒ අතරින් ඔස්ට්‍රේලියාව,නවසීලන්තය, චීනය, දකුණු කොරියාව, ජපානය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ප්‍රංශය විචිත්‍රවත් ගිනි කෙලි සංදර්ශන සමගින් නව වසර උදාව පිළිගත්තේ ය. එම රටවල දහස් ගණන් ජනතාව ප්‍රධාන නගර ආශ්‍රිතව රැස්ව සිටි අතර පසුගිය වසර දෙකක කාලය තුළ කොවිඩ් වසංගත සීමා හේතුවෙන් ලොව පුරා ජනතාවට රිසි සේ නව අවුරුදු උදාව සැමරීමට නොහැකි විය. නමුත් මෙවර නව වසර උදාව සැමරීමට ලොව සිව් දෙස සිටින ජනතාව දැඩි උනන්දුවෙන් පසුවුයේ, කොවිඩ් වසංගත රෝග බිය පහව ගොස් ඇති පසුබිමක ය. ග්‍රිනිච් වේලාවෙන් පෙරවරු 10.00 සටහන් වූ විට නව වසර පළමු උදාවූයේ, සැමෝවා, ටොන්ගා සහ කිරිබති යන රාජ්‍යයන් සඳහා ය. නව වසර අවසන් වශයෙන් උදාවන්නේ බේකර් සහ හව්ලන්ඩ් දූපත්වලට ය. කෙසේවෙතත්, නව වසර උදාවේදීත් යුක්රේනය සහ රුසියාව අතර යුධ ගිනි දැල්වල නම් අඩුවක් දක්නට නොලැබුණ අතර යුක්රේන ජනපති ව්ලැදිමියර් සෙලෙන්ස්කිත් නව වසර උදාවේදී තම රට වැසියන්ට කියා සිටියේ, රුසියාව හමුවේ බියගුළු ජාතියක් නොවිය යුතු බව ය. |
2023-01-01T04:33:36.000Z | රුපියල් ලක්ෂයට වඩා වැඩි මාසික ආදායම් ලබන පුද්ගලයින්ගේ ආදායම මත බදු අය කිරීම අද සිට | ආදායම මත බදු අය කිරීම අද සිට ... | COLOMBO ( News 1st ) - රුපියල් ලක්ෂයට වඩා වැඩි මාසික ආදායම් ලබන පුද්ගලයින්ගේ ආදායම මත බදු අය කිරීම අද (01) සිට ක්‍රියාත්මක වේ. ඒ පසුගියදා සම්මත කරගත් දේශීය ආදායම් සංශෝධන පනත යටතේ ය. පසුගියදා පාර්ලිමේන්තුවේ දී විවාද කිරීමෙන් අනතුරුව, සංශෝධන සහිතව වැඩි ඡන්දයෙන් සම්මත වූ දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සහතික කළේ, පසුගිය දෙසැම්බර් 19 වැනිදා ය. මෙම පනත යටතේ රුපියල් ලක්ෂයට වැඩි මාසික ආදායම මත 6% සිට 36% දක්වා බදු අය කිරීම අද (01) සිට ක්‍රියාත්මක වනු ඇති අතර නව බදු සංශෝධනය යටතේ මාසික ආදායම රුපියල් ලක්ෂය දක්වා බද්දෙන් නිදහස් කර තිබේ. මාසික ආදායම රුපියල් ලක්ෂය ඉක්මන විට,ඉක්මවන ආදායම මත 6% සිට 36% දක්වා ආදායම් කාණ්ඩ 6ක් යටතේ බදු අය කිරීමට නියමිත ය. ඒ අනුව මසකට රුපියල් 350,000ක ආදායමක් ලබන අයෙකු මසකට ගෙවිය යුතු බදු මුදල රුපියල් 52,500කි. මේ සම්බන්ධයෙන් පැහැදිලි කරමින් දේශීය ආදායම් මාණ්ඩලික නිලධාරින්ගේ සංගමයේ ලේකම්,දේශීය ආදායම් දෙපාර්තමෙන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය කොමසාරිස් ජේ.ටී. චන්දන මහතා ප්‍රකාශ කළේ,ජනතාව වෙත වැඩි බදු බරක් පැටවෙන සේ මෙම කාර්යය සිදුව ඇති බව ය. එසේම,සමාගම් හා සංස්ථා සඳහාද ලාභය මත බදු අය කිරීමේ අනුපාතය ද ඉහළ ගොස් ඇති බවත්,එකතු කළ අගය මත බද්ද සඳහා 8% ක්ව පැවැති බදු අය කිරීම 15% ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් ඔහු වැඩිදුරටත් පැවසී ය. |
2023-01-01T02:04:51.000Z | ගම්බිම් බලා ගොස් නැවත පැමිණෙන ජනතාව වෙනුවෙන් විශේෂ බස් සේවා | නව වසර වෙනුවෙන් විශේෂ බස් සේවා.. | COLOMBO ( News 1st ) - නව වසර සැමරීම සඳහා ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් විශේෂ බස් සේවා ක්‍රියාත්මක කර ඇතැයි ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි. එහි අධ්‍යක්ෂ ජනරාල්, ආචාර්ය නිලාන් මිරැන්ඩා මහතා ප්‍රකාශ කළේ, ගම්බිම් බලා ගිය ජනතාවට නැවත කොළඹ දක්වා පැමිණීමට අවශ්‍ය බස් සේවාවක් 01 වැනිදායින් පසුව ක්‍රියාත්මක කෙරෙන බවත්,කොළඹ සිට පිට පළාත් වෙත බස් සේවා ක්‍රියාත්මක කරමින් මගී ජනතාවට අපහසුවකින් තොරව සිය ප්‍රවාහන අවශ්‍යතා සපුරා ගැනීමට අවශ්‍ය බස් සේවාවක් ක්‍රියාත්මක බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය. එසේම 1955 ක්ෂණික ඇමතුම් අංකය ඇමතීමෙන් මගී ජනතාවගේ ප්‍රවාහන ගැටළු සම්බන්ධයෙන් දැනුම් දිය හැකි බවත්,මගී ජනතාවට අවශ්‍ය තොරතුරු ලබා ගැනීමටත් මේ ඔස්සේ ඉඩ සලසා ඇති බව ඔහු ප්‍රකාශ කළේ ය. මේ අතර ලංකා ගමනාගමන මණ්ඩලය ද නව වසර වෙනුවෙන් විශේෂ බස් සේවාවක් ආරම්භ කර තිබේ. ඒ පිළිබඳව අදහස් දක්වමින්, එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි පණ්ඩුක ස්වර්ණහංස මහතා පැවසූවේ,කොළඹ ප්‍රධාන බස් නැවතුම්පොළේ සිට මෙම විශේෂ බස් රථ සේවාව අද (01) සිට 03 වැනිදා දක්වා ක්‍රියාත්මක කිරීමට නියමිත බවය. ඒ අනුව ගම්බිම් බලා ගොස් නැවත කොළඹ දක්වා පැමිණෙන ජනතාව වෙනුවෙන් අතිරේක බස් රථ දිවයිනම ආවරණය වන පරිදි යෙදවීමට කටයුතු කර ඇති බවද ඔහු ප්‍රකාශ කළේ ය. |
2023-01-01T01:55:10.000Z | ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පත් කිරීම් සම්බන්ධ විශේෂ සාකච්ජාවක් අද | ව්‍යවස්ථා සභාව පත් කිරීම් සම්බන්ධ විශේෂ සාකච්ජාවක් | COLOMBO ( News 1st) - 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ස්ථාපිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පත් කිරීම් සම්බන්ධ විශේෂ සාකච්ජාවක් අද (01) පැවැත්වීමට නියමිතව තිබේ. අද (01) පස්වරුවේ සුම් තාක්ෂණය ඔස්සේ මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිත අතර කතානායක මහින්ද යාපා අබේවර්ධන, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් එම සාකච්ඡාවට සහභාගි වනු ඇති. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට සිවිල් නියෝජිතයින් තිදෙනෙකු පත් කිරීම පිළිබඳ අවසන් තීරණයක් ගැනීමේ අරමුණින් පසුගිය බ්‍රහස්පතින්දා ද විශේෂ රැස්වීමක් පැවැත්වුණ අතර එම රැස්වීම අවසන් වූයේ ද, එකඟතාවයකින් තොරව ය. 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහතික කර මාස දෙකකට ආසන්න කාලයක් ගතවී ඇතත්, තවමත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට සිවිල් සාමාජිකයින් පත්කර ගැනීමට හැකිවී නොමැත. මේ හේතුවෙන් මැතිවරණ කොමිසම ඇතුළු ස්වාධීන කොමිෂන් සභා සඳහා නව සාමාජිකයින් පත් කිරීම තවදුරටත් ප්‍රමාදවනු ඇති. පාර්ලිමේන්තුවේ සම්මත කරගත් 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව ස්වාධීන කොමිෂන් සභා ඇතුළු පත්කිරීම් රැසක් සිදුකිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශය අවශ්‍යය වන අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට සාමාජිකයින් 10දෙනෙකු ඇතුළත් ය. කතානායකවරයා, අගමැතිවරයා සහ විපක්ෂ නායකවරයා ඒ සඳහා පත්වන්නේ නිල බලයෙනි. ජනාධිපතිවරයාගේ නියෝජිතයා ලෙස මේ වනවිට නිමල් සිරිපාල ද සිල්වා මහතා පත්කර ඇති අතර සෙසු පත්කිරීම් සම්බන්ධයෙන් මෙතෙක් එකඟතාවක් ලැබී නොමැත. |
2022-12-31T19:11:36.000Z | ගෙවුණු දිනය උණුසුම් කළ පුවත් | ගෙවුණු දිනය උණුසුම් කළ පුවත් | COLOMBO (News 1st) - දේශීය පුවත් 01.අවුරුදු 60 සම්පූර්ණ වූ සේවකයින් 300ක් සේවයේ තබා ගැනීමට දුම්රිය දෙපාර්තමේන්තුවට අවසර.. වයස අවුරුදු 60 සම්පුර්ණ වූ සේවකයින් 300ක් සේවා අවශ්‍යතා මත සේවයේ තබා ගැනීමට දුම්රිය දෙපාර්තමේන්තුවට අවසර ලැබී තිබේ. 02.පාස්කු ප්‍රහාරයට සම්බන්ධ මවුලවිවරුන් දෙදෙනෙකු ඇතුළු 25කට විරුද්ධව පූර්ව නඩු විභාගය ජනවාරී 04 ඇරඹේ.. පාස්කු ප්‍රහාරයට ආධාර අනුබල දීම, කුමන්ත්‍රණය ඇතුළු අධි චෝදනා 12,270ක් යටතේ නවුෆර් සහ සජිත් යන මවුලවිවරුන් ඇතුළු 25 දෙනෙකුට එරෙහි පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය ජනවාරි 4 වැනිදා ආරම්භ කිරීමට නියමිතව තිබේ. 03.රාජ්‍ය සේවකයින් 30,000 ක් ඊයේ(31) විශ්‍රාම දිවියට වයස අවුරුදු 60 සම්පූර්ණ වූ රාජ්‍ය සේවකයින් 30,000 ක් ඊයේ(31) විශ්‍රාම ගැන්විය. 04.මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී.ල.නි.ප 60වන වරටත් කිරිවෙහෙර අභියසදී ආලෝක පූජාව පවත්වයි.. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 60 වන වරටත් කතරගම කිරිවෙහෙර අභියස පවත්වන පරිත්‍රාණ ධර්මදේශනය හා ආලෝක පූජාව ඊයේ (31) දින සිදු කෙරිණි. 05. ඖෂධ මිල දී ගැනීමේ ආන්දෝලනාත්මක සිද්ධිය සම්බන්ධයෙන් කරුණු විමසා ඖෂධ කර්මාන්ත මණ්ඩලයෙන් ජාතික ඖෂධ නියාමන අධිකාරියට ලිපියක් ඖෂධ නිෂ්පාදන විශාල ප්‍රමාණයක් ඉන්දියාවේ නිෂ්පාදකයින් දෙදෙනෙකුගෙන් මිලදී ගැනීමේ ආන්දෝලනාත්මක සිදුවීම සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කළ යුතු බව ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත මණ්ඩලය (SLCPI) පවසයි. විදෙස් පුවත්.. 01.අති උතුම් 16 වන බෙනඩික්ට් විශ්‍රාමික ශුද්ධෝත්තම පියතුමන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන 05 වැනිදා.. ස්වර්ගස්ථ වූ අති උතුම් 16 වන බෙනඩික්ට් විශ්‍රාමික ශුද්ධෝත්තම පියතුමන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු, ලබන 05 වැනිදා සිදු කිරීමට නියමිත බව වතිකානය නිවේදනය කළේ ය. 02.නව දිල්ලි නගරයේ වායු ගුණාත්මකභාවය යළි අයහපත් අතට නව දිල්ලි නගරයේ වායු ගුණාත්මකභාවය යළි අයහපත් අතට හැරී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. ක්‍රීඩා පුවත්.. 01ඩොලර් මිලියන 177ක වැටුපකට ගිවිසුම් ගතවූ රොනාල්ඩෝ.. සුපිරි පෘතුගාල පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ 2025 වසර දක්වා සෞදි අරාබියේ අල් නසාර් පාපන්දු සමාජය සමග ගිවිසුම් ගත වී තිබේ. 02.ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඉන්දියාව බලා පිටත්ව යයි. 20-20 තරග තුනකින් සහ එක්දින තරග තුනකින් සමන්විත ඉන්දීය තරග සංචාරය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඊයේ (31) සවස දිවයිනෙන් පිටත්ව ගියේ ය. |
2023-01-01T01:35:42.000Z | රටේ පාලනයේ පවත්නා විකෘති තත්ත්වය ප්‍රකෘතියක් බවට පත් කිරීමේ ප්‍රමුඛ පියවර මේ වසර තුළ තැබිය යුතුයි - විපක්ෂ නායක | රටේ පාලනයේ විකෘතිය ප්‍රකෘතියක් කළ යුතුයි.. | COLOMBO (News 1st) - නව වසර වෙනුවෙන් සුබ පැතුම් පණිඩිඩයක් නිකුත් කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරන්නේ, රටේ පාලනයේ පවත්නා විකෘති තත්ත්වය, ප්‍රකෘතියක් බවට පත් කිරීමේ ප්‍රමුඛ පියවර මේ වසර තුළ තැබිය යුතුයැයි තරයේ විශ්වාස කරන බවයි. තවදුරටත් මෙරට ජනතාවට අසාර්ථක පාලනයක පීඩාව අත්විඳිය නොහැකි බවත්, රට අලුත් මාවතකට ගෙන යා හැකි සහ ගෙන යා යුතු වැඩපිළිවෙළක් පිළිබඳව අලුතින් සිතා බැලිය යුතු බවත්, සිය සුබ පැතුම් පණිවිඩයෙන් විපක්ෂ නායකවරයා පෙන්වා දෙයි. විපක්ෂ නායකවරයා පවසන්නේ රටක ගාමක බලය වන්නේ, ජනතා පරමාධිපත්‍යය බව නැවත වතාවක් සිහිපත් කරමින් සමස්ථ ශ්‍රී ලාංකේය පුරවැසියන්ට සුබ අලුත් අවුරුද්දක් ප්‍රාර්ථනා කරන බවයි. |
2023-01-01T01:34:00.000Z | 2023 නව වසර මෙරට ආර්ථිකයේ නව හැරවුමක් සනිටුහන් කරන තීරණාත්මක වසරක් - ජනපති | ජනපතිගේ අලුත් අවුරුදු පණිවිඩය | COLOMBO (News 1st) - ලෝකයට නැවුම් අපේක්ෂා රැසක් තිළිණ කරමින්, 2023 වසර උදාවිය. ලොව පළමුවෙන්ම , නව වසර උදාවූයේ කිරිබතී, දූපත්වලටයි. අනතුරුව නවසීලන්තය, රුසියාව වැනි රටවලට නව වසර උදාවිය. 2023 නව වසර මෙරට ආර්ථිකයේ නව හැරවුමක් සනිටුහන් කරන තීරණාත්මක වසරක් වනු ඇතැයි නව වසර වෙනුවෙන් සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. සිය සුබ පැතුම් පණිවිඩයෙන් ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ, අපි දැනටමත් අයහපත් කාලය පසුකර ඇතැයි තමන් විශ්වාස කරන බවයි. නිදහස ලබා 2023ට වසර 75ක් සපිරෙන නමුත් නිදහස ලැබූ අනෙක් රටවල් උදාකරගෙන ඇති ප්‍රගතිය ලබා ගැනීමට, අප මෙතෙක් සමත් වී නැතැයි රනිල් වික්‍රමසිංහ මහතා සිය සුබ පැතුම හරහා පෙන්වා දෙයි. එම නිසා රටේ බහුතර තරුණ තරුණියන් පවතින ක්‍රමයේ වෙනසක් ඉල්ලා සිටීන බවත්, එය කිසිසේත් නොසලකා හැරිය නොහැකි බවත් ජනාධිපතිවරයා නිකුත් කළ සුබ පැතුම් පණිවඩයේ සඳහන් වේ. ඉදිරි දශකය තුළ සමෘද්ධිමත් හා ඵලදායී ශ්‍රී ලංකාවක් ගොඩනැඟීම සඳහා යෝජිත සමාජ, ආර්ථික සහ දේශපාලන ප්‍රතිසංස්කරණ කඩිනමින් ක්‍රියාත්මක කළ යුතු බව ද නව වසරට සුබ පැතුම් එක් කරමින් ජනාධිපතිවරයා පවසයි. මේ අතර නව වසර වෙනුවෙන් සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අවධාරණය කරන්නේ, සකලවිධ අභියෝග රැසක් අභිමුව වඩාත් යහපත් රටක් ගොඩ නැගීමට කැප වී කටයුතු කළයුතු බවයි. ආහාර සුරක්ෂිතතාවය හා ග්‍රාමීය ආර්ථික පුනර්ජිවනය උදෙසා ප්‍රමුඛත්වය දෙමින්, අනෙක් සෑම අංශයක් සඳහා වූ සංවර්ධනාත්මක ව්‍යායාමයන් තුළ සක්‍රීය ව කටයුතු කරමු යැයි අග්‍රාමාත්‍යවරයා නිකුත් කළ සුබ පණිඩිවයේ සඳහන් වේ. |
2022-12-31T16:52:57.000Z | මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ශ්‍රීලනිප 60වන වරටත් කිරිවෙහෙර අභියසදි ආලෝක පූජාව පවත්වයි.. | මහින්දගේ ප්‍රධානත්වයෙන් පැවති ශ්‍රීලනිප ආලෝක පූජාව | COLOMBO ( News 1 st ) - ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 60 වන වරටත් කතරගම කිරිවෙහෙර අභියස පවත්වන පරිත්‍රාණ ධර්මදේශනය හා ආලෝක පූජාව අද (31) දින සිදු කෙරුණි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘවරුන් වන එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක සහ සිරිමාවෝ බණ්ඩාර නායක යුවලට පිං පතමින් හා රටට සෙත්පතා වාර්ෂිකව මෙම පුණ්‍යකර්මය පැවැත්වේ. එම අවස්ථාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමන්,කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර සහ පක්ෂ ජාතික සංවිධායක දුමින්ද දිසානායක ඇතුළු පිරිසක් සහභාගී වූහ. කතරගම කිරිවෙහෙර අභියස විදුලි ආලෝක පූජාව විවෘත කළේ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ය. |
2022-12-31T15:40:16.000Z | අති උතුම් 16 වන බෙනඩික්ට් විශ්‍රාමික ශුද්ධෝත්තම පියතුමන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන 05 වැනිදා | හිටපු පාප්තුමන්ගේ අවසන් කටයුතු ලබන 05 වැනිදා | COLOMBO ( News 1st ) - ස්වර්ගස්ථ වූ අති උතුම් 16 වන බෙනඩික්ට් විශ්‍රාමික ශුද්ධෝත්තම පියතුමන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු, ලබන 05 වැනිදා සිදු කිරීමට නියමිත බව වතිකානය නිවේදනය කළේ ය. ඒ වතිකානයේ සාන්ත පීතර චතුරශ්‍රයේදී ය. අද (31) උදැසන අති උතුම් 16 වන බෙනඩික්ට් විශ්‍රාමික ශුද්ධෝත්තම පියතුමන්ගේ ස්වර්ගස්ථ වීය. ස්වර්ගස්ථ වනවිට දී එතුමන් ශුද්ධෝත්තම පියතුමන්ගේ මාටර් ඇක්-ක්ලිෂියා නිවස්නයේදී ප්‍රතිකාර ලබමින් සිටියේ ය. එතුමන්ගේ අභාවය පිළිබඳ වතිකානය නිළ වශයෙන් නිවේදනය කළේ, වතිකාන වේලාවෙන් අද පෙරවරු 9.34ට ය. අති උතුම් 16 වන බෙනඩික්ට් පියතුමන් 1927 වසරේ අප්‍රේල් මාසයේදී ජර්මනියේ උපත ලැබුවේ ය. වසර 480කට පසු ජර්මනියෙන් තේරී පත්වූ පළමු ශුද්ධෝත්තම පියතුමන් ලෙස අති උතුම් 16 වන බෙනඩික්ට් විශ්‍රාමික ශුද්ධෝත්තම පියතුමන් හැඳින්වේ. 16 වන බෙනඩික්ට් පියතුමන් 2005 වසරේ සිට 2013 වසර දක්වා ශුද්ධෝත්තම පියතුමන් ලෙස කටයුතු කළේ ය. 2013 වසරේදී උන්වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත් බව ප්‍රකාශ කරමින් උන්වහන්සේ ශුද්ධ වූ පාප් ධුරයෙන් විශ්‍රාම ලැබූ අතර එලෙස ශුද්ධෝත්තම පියතුමන් කෙනෙකු ස්වර්ගස්ථ වීමට පෙර එම ධුරයෙන් විශ්‍රාම ලැබූවේ, වසර 600කට පසුව වීම විශේෂත්වයකි. උන්වහන්සේ වසර 8ක කාලයක් ශුද්ධෝත්තම පියතුමන් ලෙස සිය දූත කාර්යය සිදුකළ අතර දුප්පතුන් , කුඩා දරුවන් , හඬක් නැති අසරණ මිනිසුන් හා අයුක්තිය වෙනුවෙන් අති උතුම් 16 වන බෙනඩික්ට් විශ්‍රාමික ශුද්ධෝත්තම හිමිපානන් කළ කාර්යයභාරය ප්‍රශංසනීය ය. අති උතුම් 16 වන බෙනඩික්ට් විශ්‍රාමික ශුද්ධෝත්තම පියතුමන්ගේ දේහය ජනවාරි 2 වැනිදා ශාන්ත පීතර බැසිලිකා දේවස්ථානයට ගෙන ඒමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය. විදෙස් මාධ්‍ය වාර්තා කළේ,අති උතුම් 16 වන බෙනඩික්ට් විශ්‍රාමික ශුද්ධෝත්තම පියතුමන්ගේ සර්ගස්තවීම සැලවීමත් සමග මේ වන විට කිතුණු බැතිමතුන් විශාල පිරිසක් වතිකානුවට රැස් වෙමින් සිටින බවයි. ස්වර්ගස්ථ වන විට උන්වහන්සේගේ වයස අවුරුදු 95 කි. |
2022-12-31T15:30:19.000Z | 2022 ජනවාරි සිට දෙසැම්බර් 26 දක්වා ශ්‍රී ලංකාවට සංචාරකයින් 701,331ක් - සංචාරක සංවර්ධන අධිකාරිය | ලක්ෂ 7 ක් සංචාරකයින් මෙම වසරේ දී මෙරටට | COLOMBO ( News 1st ) - මෙම වසරේ ජනවාරි මස සිට දෙසැම්බර් 26 වැනිදා දක්වා ශ්‍රී ලංකාවට සංචාරකයින් 701,331 පැමිණ ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. වැඩිම සංචාරකයින් සංඛ්‍යාවක් ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ මාර්තු මාසයේ දී වන අතර එම සංඛ්‍යාව 106,500 කි. 2021 වර්ෂයේ සංචාරකයින් 194,495 මෙරටට පැමිණි අතර මෙම වසරේ එය ලක්ෂ 7 ඉක්මවා ගොස් තිබේ. මෙම වසරේ මෙරටට වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර එම සංඛ්‍යාව 119,546 කි. රුසියානු සමූහාණ්ඩුවෙන් ද මෙම වසරේ සංචාරකයින් 86,990ක් පැමිණ ඇති බව ද සංචාරක සංවර්ධන අධිකාරිය පැවසී ය. |
2022-12-31T15:24:37.000Z | රාජ්‍ය සේවකයින් 30,000 ක් අද විශ්‍රාම දිවියට | රාජ්‍ය සේවකයින් 30,000 ක් විශ්‍රාම දිවියට | COLOMBO ( News 1st ) - වයස අවුරුදු 60 සම්පූර්ණ වූ රාජ්‍ය සේවකයින් 30,000 ක් අද (31) විශ්‍රාම ගැන්වෙයි. එලෙස විශ්‍රාම යන පිරිස අතරට, ආරක්ෂක, සංස්ථා, මණ්ඩල, දෙපාර්තමේන්තු ආදියෙහි රාජ්‍ය සේවකයින් ඇතුළත් ය. රාජ්‍ය සේවයේ විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව පසුගිය රජය මගින් වයස 65 දක්වා ඉහළ දැමූ අතර එය ක්‍රියාත්මක වූයේ 2022 ජනවාරි මස 01 සිටයි. එය යළි වයස අවුරුදු 60 දක්වා අඩු කිරීමට වත්මන් රජය පියවර ගත් අතර, මෙම තීරණය හේතුවෙන් ඇතැම් ක්ෂේත්‍රවල අර්බුධකාරී තත්ත්වයන් නිර්මාණය වන බව වෘත්තීය කණ්ඩායම් පෙන්වා දී තිබේ. රාජ්‍ය සේවයේ ක්ෂේත්‍ර කිහිපයක් සම්බන්ධයෙන්, විශ්‍රාම ගැන්වීමේ තීරණයට අදාළව වෙනස්කම් සිදු වුණේ මෙවැනි පසුබිමකදී වන අතර ඒ අනුව අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවෙන් හා ජනාධිපති ලේකම්වරයාගේ නිර්දේශවලට යටත්ව දුම්රිය දෙපාර්තමේන්තුවේ තුන්සිය දෙනෙකු සේවා අවශ්‍යතා මත සේවයේ තබාගැනීමට අවසර ලබා දී තිබේ. දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ, අදාළ සේවකයින් කොන්ත්‍රාත් පදනම මත ඉදිරියට කටයුතු කරන බව ය. විශේෂඥ වෛද්‍යවරුන්, හා දන්ත ශල්‍ය වෛද්‍යවරුන් විශ්‍රාම ගැන්වීමට අදාළ වයස් සීමාව ද පසුගිය දා සංශෝධනය කෙරුණි. මේ අතර රජය පවසන්නේ, අදාළ තීරණය රාජ්‍ය සේවයේ කටයුතුවලට බාධාවක් නොවන අයුරින් ක්‍රියාත්මක කිරීමට මේ වන විටත් පියවර ගෙන ඇති බවයි. සේවා අවශ්‍යතා අනුව අග්‍රාමාත්‍ය ලේකම් කමිටුවේ නිර්දේශ මත විශ්‍රාම යන රාජ්‍ය සේවකයින්ගේ පුරප්පාඩු සඳහා නිලධාරින් බඳවා ගැනීමේ කටයුතු සිදු වන බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත ප්‍රකාශ කළේ ය. |
2022-12-31T15:17:34.000Z | ඖෂධ මිල දී ගැනීමේ ආන්දෝලනාත්මක සිද්ධිය සම්බන්ධයෙන් කරුණු විමසා ඖෂධ කර්මාන්ත මණ්ඩලයෙන් ජාතික ඖෂධ නියාමන අධිකාරියට ලිපියක් | ජාතික ඖෂධ නියාමන අධිකාරිය වෙත ලිපියක් | COLOMBO ( News 1st ) - ඖෂධ නිෂ්පාදන විශාල ප්‍රමාණයක් ඉන්දියාවේ නිෂ්පාදකයින් දෙදෙනෙකුගෙන් මිලදී ගැනීමේ ආන්දෝලනාත්මක සිදුවීම සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කළ යුතු බව ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත මණ්ඩලය (SLCPI) පවසයි. ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරියා වෙත ලිපියක් යොමුකරමින් ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත මණ්ඩලය මතුවී ඇති ගැටලු ගණනාවක් පිළිබඳව ප්‍රශ්න කර ඇති අතර මෙම මිලදී ගැනීමට නියමිත ඖෂධ වර්ග ජාතික ඖෂධ නියාමන අධිකාරියේ (NMRA) ලියාපදිංචි වී නොමැති ඒවා බවද අදාළ ලිපියේ සඳහන් ය. මෙරටට ආනයනය කර භාවිතා කළ යුතු ඖෂධ මොනවාද? යන්න තීරණය කරන එකම සහ අවසාන අධිකාරිය වන්නේ ජාතික ඖෂධ නියාමන අධිකාරියයි. මෙම නිෂ්පාදන මිලදීගැනීමට අදාළව අමාත්‍යවරයා පෞද්ගලිකව ඉන්දියාවේ සංචාරයක නිරත වී ඇති අතර අදාළ ගිවිසුම් ද අවසන් කර ඇති බව ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්තකරුවන්ගේ මණ්ඩලය සිය ලිපියෙන් පෙන්වා දී තිබේ. එවැනි ක්‍රියාවන් කර්මාන්තයේ බරපතල ගැටළු මතු කරන අතර භයානක පූර්වාදර්ශයක් සපයන බව ද ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත මණ්ඩලය ප්‍රකාශ කර තිබේ. ඔවුන් ප්‍රශ්න කරන්නේ එවැනි ක්‍රියා 2015 ජාතික ඖෂධ නියාමන අධිකාරී පනතට අනුකූලද යන්න පිළිබඳව ය. ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත මණ්ඩලය ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරියා වෙත යැවූ ලිපියෙන් ඉල්ලා සිටින්නේ මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් අවශ්‍ය බවයි. එම වාර්තා සත්‍ය නම් එවැනි ක්‍රියාවලට එරෙහිව සිය විරෝධය පළ කරන බවද අදාළ ලිපියේ සඳහන් ය. |
2022-12-31T13:11:20.000Z | ජනාධිපති කොත්මලේ මහවැලි මහසෑය වැඳ පුදා ගනියි. | ජනාධිපති කොත්මලේ මහවැලි මහසෑයට | COLOMBO ( News 1 st ) - ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (30) පස්වරුවේ කොත්මලේ මහවැලි මහසෑය වැඳපුදා ගත්තේ ය. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ,එහිදී මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ජායනා කර ජනාධිපතිවරයාට ආශිර්වාද කළ බව ය. අනතුරුව ජනාධිපතිවරයා මහවැලි මහසෑය භාරකාර විහාරාධිපති පූජ්‍ය තිස්පනේ ජිනානන්ද නායක හිමිපාණන් වහන්සේ බැහැදැක කෙටි පිළිසඳරක නිරත වූ අතර ජනාධිපතිවරයා පුදබිමේ නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමින් එහි සංවර්ධන කටයුතු සොයා බැලුවේ ඉන් අනතුරුව ය. එක්සත් ජාතික පක්ෂයේ හිටපු ජාතික සංවිධායක නවීන් දිසානායක මහතා ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ. |
2022-12-31T13:01:05.000Z | ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඉන්දියාව බලා පිටත්ව යයි.. | ශ්‍රී ලංකා ක්‍රිකට් පිල ඉන්දියාවට | COLOMBO ( News 1st ) - 20-20 තරග තුනකින් සහ එක්දින තරග තුනකින් සමන්විත ඉන්දීය තරග සංචාරය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (31) සවස දිවයිනෙන් පිටත්ව ගියේ ය. දසුන් ශානක කණ්ඩායම මෙහෙයවන අතර එක්දින කණ්ඩායමේ සහ 20 -20 කණ්ඩායම්වල උප නායකත්වය පිළිවෙලින් හිමිව ඇත්තේ කුසල් මෙන්ඩිස්ට සහ වනිඳු හසරංගට ය. ඔවුන් තුන් දෙනාට අමතරව පිතිකරුවන් ලෙස අවිශ්ක ප්‍රනාන්දු, පැතුම් නිස්සංක, චරිත් අසලංක, භානුක රාපක්ෂ, සදීර සමරවික්‍රම, අශේන් බණ්ඩාර සහ නුවනිඳු ප්‍රනාන්දු තරගාවලිය සඳහා එක්වීමට නියමිත ය. තුන් ඉරියව් ක්‍රීඩකයින් ලෙස ධනංජය ද සිල්වා, චාමික කරුණාරත්න සහ දුනිත් වෙල්ලාලගේත්, පන්දු යවන්නන් ලෙස මහීෂ් තීක්ෂණ, කසුන් රාජිත, ප්‍රමෝද් මධුෂාන්, ජෙෆ්රි වැන්ඩසේ, ලහිරු කුමාර, ඩිල්ශාන් මදුශංක සහ නුවන් තුෂාරත් අද (31) පිටත්ව ගිය කණ්ඩායමට ඇතුළත් ය. කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී ඔවුන් නිල ඡායාරූපයටද පෙනී සිටි අතර ඉන් අනතුරුව ඔවුන් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ බලා පිටත්ව ගියේ ය. ජනවාරි 3 වැනිදා මුම්බායිහි වංකඩේ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන 20 - 20 තරගයෙන් මෙම තරගාවලිය ආරම්භ වීමට නියමිත ය. |
2022-12-31T12:20:13.000Z | 2023 නව වසරේ ආරම්භය පැසිපික් කලාපයේ රටවල් උත්කර්ෂවත්ව සමරයි | රටවල් කිහිපයකට නව වසර උදාවෙයි.. | COLOMBO (News 1st ) - 2023 නව වසරේ ආරම්භය පැසිපික් කලාපයේ රටවල් මේ වනවිට උත්කර්ෂවත්ව සමරමින් සිටී. නව වසර මුලින්ම උදාවූයේ,පැසිපික් කලාපීය රාජ්‍යයන් වන ටොන්ගා, කිරිබර්ති හා සමෝවා රාජ්‍යයන්ට ය. මේ අතර 2023 නව වසර පිළිගැනීම සඳහා ශ්‍රී ලාංකිකයින් ද මේ වනවිට සූදානමින් සිටී. අප වාර්තාකරුවන් සඳහන් කළේ, ඒ සඳහා අවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ මිලදී ගැනීම සඳහා අද (31) උදෑසන සිට ජනතාව නගර කරා පැමිණෙමින් සිටින බව ය. 2022 වසර ජනතාව ආර්ථික හා සමාජ ප්‍රශ්න රැසකින් පීඩා විඳි නමුත් එළැඹෙන නව වසරේ එම බාධා ඉවත්ව සැනසුම් දායක වසරක දිවි ගෙවීම සියලු ශ්‍රී ලාංකිකයින්ගේ ප්‍රාර්ථනාවයි. මේ අතර නව වසරට සෙත් පතා දිවයිනේ ස්ථාන රැසක විවිධ ආගමික වැඩසටහන්ද සංවිධාන කර තිබේ. කොළඹ නගර ඇතුළු ප්‍රධාන නගර ආශ්‍රිතව විවිධ විනෝදෝත්මක වැඩසටහන් ද සංවිධානය කර ඇත්තේ ජනතාව පිනවීමේ අරමුණෙනි. |
2022-12-31T12:15:14.000Z | බීමත් රියැදුරන් අත්අඩංගුවට ගැනීමට දීපව්‍යාප්ත විශේෂ මෙහෙයුමක් | බීමත් රියැදුරන් සෙවීමේ මෙහෙයුම අද.. | COLOMBO ( News 1st ) - බීමත් රියැදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා දීපව්‍යාප්ත විශේෂ මෙහෙයුමක් අද (31) පස්වරුවේ ආරම්භ කළ බව පොලීසිය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දුව මහතා පැවසුවේ බස්නාහිර පළාතේ මාර්ග හා ප්‍රධාන නගර ආශ්‍රිත බීමත් රියැදුරන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් දැඩි කර ඇති බව ය. නව වසර සැමරීම සඳහා අද (31) රාත්‍රී සංවිධානය කර ඇති විවිධ උත්සව වෙනුවෙන් විශේෂ ආරක්ෂාවක් යොදවා ඇති බවද ඔහු ප්‍රකාශ කළේ ය. මේ අතර ගිනි කෙළි භාවිතයේදී ආරක්ෂාකාරී උපදෙස් පිළිපදින ලෙස සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ. මේ පිළිබඳව අදහස් දක්වමින් ජාතික රෝහලේ ජාතික පුහුණු කිරීමේ හෙද නිලධාරී පුෂ්පා රම්‍යණි ද සොයිසා මෙනවිය ප්‍රකාශ කළේ,විශේෂයෙන්ම කුඩා දරුවන් මෙම ගිනිකෙළි අනතුරු වලින් ආරක්ෂාකර ගත යුතු බවයි. එසේම බීමත් පුද්ගලයින් අවට සිටින පුද්ගලයින් වෙත අනාරක්ෂිත ලෙස මෙම ගිනිකෙළි වීසි කිරීම වැනි ක්‍රියා පසුගිය කාලයේ දී නීරීක්ෂණය වී ඇති බැවින් මේ පිළිබඳව සැළකිලිමත් වන ලෙස ද ඇය ප්‍රකාශ කළි ය. වැඩි දුරටත් අදහස් දක්වමින් ඇය කියා සිටියේ,වසර ආරම්භයේ දී ගිනිකෙළි මගින් වන අනතුරු අවම කර ගැනීමට සියළු දෙනාම වගකීමෙන් ක්‍රියා කළ යුතු බව ය. |
2022-12-31T12:00:48.000Z | ඩොලර් මිලියන 177ක වැටුපකට ගිවිසුම් ගතවූ රොනාල්ඩෝ.. | රොනාල්ඩෝගේ නව ගිවිසුම | COLOMBO ( News 1st ) - සුපිරි පෘතුගාල පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ 2025 වසර දක්වා සෞදි අරාබියේ අල් නසාර් පාපන්දු සමාජය සමග ගිවිසුම් ගත වී තිබේ. සෞදි අරාබියේ අල් නසාර් පාපන්දු සමාජය 37 හැවිරිදි රොනාල්ඩෝ සඳහා වාර්ෂිකව ඩොලර් මිලියන 177 ඉක්මවන වැටුපක් ලබා දීමට සූදානම් බවද වාර්තා වේ. එය වසරක් තුළ පාපන්දු ක්‍රීඩකයෙක්ට හිමිවන ඉහළම වැටුප වන අතර රොනාල්ඩෝ 2021 වසරේ සිට පසුගිය වසර දක්වා එංගලන්තයේ මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායම සමග එක්ව සිටියේ ය. |
2022-12-31T11:50:45.000Z | අද සහ හෙට විදුලි කප්පාදුවක් නැහැ - මහජන උපයෝගීතා කොමිෂන් සභාව | අද සහ හෙට විදුලි කප්පාදුවක් නැහැ | COLOMBO ( News 1st ) - අද (31) සහ හෙට (01) විදුලි කප්පාදුවක් නොවන බව, මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසයි. යළි විදුලි කප්පාදුවක් සිදුවන්නේ අනිද්දා සිට ය. මහජන උපයෝගීතා කොමිසම ප්‍රකාශ කළේ,පැය 2 විනාඩි 20 ක විදුලි කප්පාදුවක් ජනවාරී 2 වැනිදා සිට සිදුවන බව ය. ඒ අනුව A සිට L දක්වා සහ P සිට W දක්වා කලාප වලට දහවල් කාලයේ දී පැයක කාලයක් සහ රාත්‍රී කාලයේ දී පැය 01 විනාඩි 20 ක විදුලි කප්පාදුවක් සිදු කිරීමට නියමිතව තිබේ. |
2022-12-31T11:43:13.000Z | නව දිල්ලි නගරයේ වායු ගුණාත්මකභාවය යළි අයහපත් අතට | නව දිල්ලියේ වායු දූෂණය යළිත්.. | COLOMBO ( News 1st ) - නව දිල්ලි නගරයේ වායු ගුණාත්මකභාවය යළි අයහපත් අතට හැරී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, හැකි සෑම අවස්ථාවකම රැකියා ස්ථාන වෙත නොගොස් නිවෙස්වල රැඳී සේවය කරන ලෙස ඉන්දීය බලධාරීන් එරට ජනතාවගෙන් ඉල්ලා ඇති බවයි. නගරයට පිවිසෙන පෞද්ගලික මෝටර් රථ සංඛ්‍යාව අවම කිරීමට පොදු ප්‍රවාහන මාධ්‍ය භාවිත කරන ලෙසද මහජනතාවට උපදෙස් ලබාදී ඇති අතර අද(31) එරට වායු ගුණාත්මකභාවය මැනීමේ දර්ශකයේ අගය දැක්වුණේ 399ක් ලෙස ය. |
2022-12-31T11:21:01.000Z | පාස්කු ප්‍රහාරයට සම්බන්ධ මවුලවිවරුන් දෙදෙනෙකු ඇතුළු 25කට විරුද්ධව පූර්ව නඩු විභාගය ජනවාරී 04 ඇරඹේ.. | පාස්කු ප්‍රහාරය:පූර්ව නඩු විභාගයට දින නියම වෙයි.. | COLOMBO ( News 1st ) - පාස්කු ප්‍රහාරයට ආධාර අනුබල දීම, කුමන්ත්‍රණය ඇතුළු අධි චෝදනා 12,270ක් යටතේ නවුෆර් සහ සජිත් යන මවුලවිවරුන් ඇතුළු 25 දෙනෙකුට එරෙහි පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය ජනවාරි 4 වැනිදා ආරම්භ කිරීමට නියමිතව තිබේ. ඒ, කොළඹ විශේෂ මහාධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේදී ය. දමිත් තොටවත්ත, අමල් රණරාජා සහ නවරත්න මාරසිංහ යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ නඩු විභාග සම්මන්ත්‍රණය පැවැත්වීමට නියමිත ය. මේ අතර නීතිපති දෙපාර්තමේන්තුවේ, අතිරේක සොලිසිටර් ජනරාල් හරිප්‍රියා ජයසුන්දර ඇතුළු පස් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පසුගියදා පාස්කු ප්‍රහාරය සිදුවු දේවස්ථාන, හෝටල් ඇතුළු ස්ථාන නිරීක්ෂණයට ලක්කර තිබේ. නිව්ස්ෆස්ට් කළ විමසීමකදී නීතිපති දෙපාර්තමේන්තුව පැවසුවේ ජනවාරි 4 වැනිදා ආරම්භ වන පුර්ව නඩු විභාග සම්මන්ත්‍රණයට පෙර සුදානමක් ලෙස අදාළ කණ්ඩායම ප්‍රහාරයට ලක්වු ස්ථාන නිරීක්ෂණය කළ බවයි. |
2022-12-31T10:19:40.000Z | 16 වන බෙනඩික්ට් ශුද්ධෝත්තම හිමිපාණන් ස්වර්ගස්ථ වෙයි | 16 වන බෙනඩික්ට් හිමිපාණන් ස්වර්ගස්ථ වෙයි | COLOMBO (News 1st) - අතිඋතුම් 16 වන බෙනඩික්ට් විශ්‍රාමික ශුද්ධෝත්තම පියතුමන් ස්වර්ගස්ථ වූ බව වතිකානය මීට ටික වේලාවකට පෙර නිවේදනය කර තිබේ. ස්වර්ගස්ථ වන විට උන්වහන්සේගේ වයස අවුරුදු 95 කි. රෝගී තත්ත්වයක් හේතුවෙන් වතිකානයේ පිහිටි 16 වැනි බෙනඩ්ක්ට් ශුද්ධොත්තම පියතුමන්ගේ නිවස්නයේ ප්‍රතිකාර ලබමින් සිටියදී උන්වහන්සේ ස්වර්ගස්ථ වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළ අතර 16 වන බෙනඩික්ට් පියතුමන් 2005 වසරේ සිට 2013 වසර දක්වා ශුද්ධෝත්තම පියතුමන් ලෙස කටයුතු කරනු ලැබීය. උන්වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත් බව ප්‍රකාශ කරමින් 16 වන ශුද්ධෝත්තම පියතුමන් 2013 වසරේදී ශුද්ධ වූ පාප් ධුරයෙන් විශ්‍රාම ගත්තේ ය. ශුද්ධෝත්තම පියතුමෙකු එලෙස ස්වර්ගස්ථ වීමට පෙර සිය ධුරයෙන් විශ්‍රාම ලැබූවේ වසර 600කට පසු පළමු වතාවට ය. අති උතුම් 16 වන බෙනඩික්ට් පියතුමන් 1927 වසරේ අප්‍රේල් මාසයේදී ජර්මනියේදී උපත ලැබූ අතර, වසර 480කට පසු ජර්මනියෙන් තේරී පත්වූ පළමු ශුද්ධෝත්තම පියතුමන් ලෙසද උන්වහන්සේ සැළකෙයි. අද (31) උදැසන සාන්ත පීතර චතුරශ්‍රයේ සීනුව එක් වරක් නාද කරමින් උන්වහන්සේගේ ස්වර්ගස්ථ වීම නිවේදනය කළ අතර උන්වහන්සේගේ දේහය සාන්ත පීතර බැසිලිකා දේවස්ථානයේ තැන්පත් කෙරෙනු ඇති බව වතිකානය නිවේදනය කර තිබේ. |
2022-12-31T05:39:32.000Z | අවුරුදු 60 සම්පූර්ණ වූ සේවකයින් 300ක් සේවයේ තබා ගැනීමට දුම්රිය දෙපාර්තමේන්තුවට අවසර.. | අවු.60 දුම්රිය සේවකයින් 300ක් සේවයේ තියා ගන්න අවසර | COLOMBO (News 1st) – වයස අවුරුදු 60 සම්පුර්ණ වූ සේවකයින් 300ක් සේවා අවශ්‍යතා මත සේවයේ තබා ගැනීමට දුම්රිය දෙපාර්තමේන්තුවට අවසර ලැබී තිබේ. ඒ, අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවෙන් හා ජනාධිපති ලේකම්වරයාගේ නිර්දේශවලට යටත්වයි. දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ, අදාල සේවකයින් කොන්ත්‍රාත් පදනම මත ඉදිරියට කටයුතු කරන බවය. සේවා අවශ්‍යතා මත එලෙස සේවය ලබා ගන්නා පිරිස අතර දුම්රිය රියැදුරන්, රියැදුරු සහයකයින්, දුම්රිය නියාමකයින් ඇතුළු තාක්ෂණික හා මෙහෙයුම් සාමාජිකයින් වනබව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය. මේ අතර, සංස්ථා හා දෙපාර්තමේන්තුවල රාජ්‍ය සේවකයින් 30,000ක් අද (31) දිනයේ විශ්‍රාම යාමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා සඳහන් කළේ ය. |
2022-12-31T04:35:23.000Z | දකුණේ නගර 03ක ATM යන්ත්‍ර හරහා කෝටියකට වැඩි මුදලක් කොල්ල කෑ විදේශිකයින් බවට සැක පිරිසක් සොයා මෙහෙයුම් | ATM යන්ත්‍රවල මුදල් කොල්ලකෑ පිරිසක් සොයා මෙහෙයුම් | COLOMBO (News 1st) – විදේශිකයින් බවට සැකකරන පිරිසක් බද්දේගම, හික්කඩුව සහ කරාපිටිය රාජ්‍ය බැංකු ශාඛාවල ATM යන්ත්‍ර මගින් සූක්ෂම ලෙස රුපියල් එක් කෝටි හය ලක්ෂ පනස් පන්දහස ඉක්මවූ මුදලක් සොරකම් කර ඇතැයි පොලීසිය පවසයි. පොලිසිය සඳහන් කළේ, ඊයේ (30)අලුයම් කාලයේදී එම ATM යන්ත්‍රවල පරිගණක පද්ධතියට අනවසරයෙන් ඇතුළු වී එහි මෘදුකාංගවල දත්ත වෙනස් කර මුදල් සොරාගෙන ඇති බවයි. නගර 3හිම මුදල් සොරා ගැනීම එකම ආකාරයට සිදුව ඇති බැවින් මෙම සිද්ධියට එකම පිරිසක් සම්බන්ධ බවට පොලිසිය සැක පල කරයි. සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා හික්කඩුව, ගාල්ල හා බද්දේගම පොලිස් ස්ථාන මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ ය. |
2022-12-31T04:25:35.000Z | ගම්පහ නිවසක ගින්නකින් පුද්ගලයෙකු මරුට.. | ගම්පහ නිවසක ගින්නකින් පුද්ගලයෙකු මරුට.. | COLOMBO (News 1st) – ගම්පහ, පල්ලෙවෙල, මුරුතවෙල ප්‍රදේශයේ නිවසක ඇතිවූ ගින්නකින් පුද්ගලයෙකු මියගොස් තිබේ. පොලීසිය පැවසුවේ, ඊයේ(31) රාත්‍රී කාලයේ ඔහු නිදා සිටි මෙට්ටයේ ගින්නක් හටගෙන ඇති අතර, ඊට මැදිවී ඔහු මියගොස් ඇති බවය. එලෙස මියගොස් ඇත්තේ, මුරුතවෙල, පස්යාල ප්‍රදේශයේ පදිංචි 62 හැවිරිදි පුද්ගලයෙකි. |
2022-12-31T03:14:45.000Z | මෙරට පුද්ගලයින් ලක්ෂ 4ක් ගංජා භාවිත කරනවා.. - අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය | මෙරට පුද්ගලයින් ලක්ෂ 4ක් ගංජා භාවිත කරනවා.. | COLOMBO (News 1st) – මෙරට පුද්ගලයින් 120,000කට ආසන්න පිරිසක් හෙරොයින් භාවිත කරන බව අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය පවසයි. එහි සභාපති ශාක්‍ය නානායක්කාර මහතා පැවසුවේ, ලක්ෂ 4කට ආසන්න පිරිසක් ගංජා භාවිත කරන බවයි. මේ අතර, නානායක්කාර මහතා සඳහන් කළේ, අයිස් මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන්ගේද වැඩි වීමක් ඇති බවයි. දුම්වැටි, මද්‍යසාර හා මත්ද්‍රව්‍යය භාවිතයට වාර්ෂිකව 40,000කට ආසන්න පිරිසක් අලුතින් එක් වන බවයි. |
2022-12-31T02:20:24.000Z | අත්හිටුවා ඇති නගර 25ක සංවර්ධන කටයුතු කඩිනමින් අරඹනවා - පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍යාංශය - | අත්හිටවූ නගර 25ක සංවර්ධන කටයුතු කඩිනමින්.. | COLOMBO (News 1st) – අත්හිටුවා ඇති නගර 25ක සංවර්ධන කටයුතු කඩිනමින් ආරම්භ කරන බව පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍යාංශය පවසයි. රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පැවසුවේ,විදේශ ආධාර යටතේ එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක බවයි. |
2022-12-31T02:02:51.000Z | රටවල් කිහිපයක කොවිඩ් ආසාදිතයින් වාර්තාවීම සම්බන්ධයෙන් මෙරට සෞඛ්‍ය අංශ විමසිල්ලෙන් - සෞඛ්‍ය අමාත්‍යාංශය | කොවිඩ් ආසාදිතයින් ගැන මෙරට සෞඛ්‍ය අංශ විමසිල්ලෙන් | COLOMBO (News 1st) – රටවල් කිහිපයක කොවිඩ් ආසාදිතයින් වාර්තාවීම ඉහළ යාම සම්බන්ධයෙන් මෙරට සෞඛ්‍ය අංශ විමසිලිමත්ව සිටින බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. එහි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසුවේ, සංඛ්‍යා ලේඛන රැස්කරමින් ඒ පිළිබඳ සමාලෝචනය කරමින් සිටින බවයි. |
2022-12-31T01:54:14.000Z | දිවයින පුරා ඩෙංගු මර්දන වැඩසටහන අදත්.. | දිවයින පුරා ඩෙංගු මර්දන වැඩසටහන අදත්.. | COLOMBO ( News 1 st ) – දිවයින පුරා ඩෙංගු මර්දන වැඩසටහන අදත් (31) ක්‍රියාත්මක බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ , ප්‍රදේශ රැසක ඩෙංගු මදුරු ඝණත්වය තවදුරටත් ඉහළ අගයක පැවතීම හේතුවෙන් ය. සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් 75, 434 දෙනෙකු හඳුනා ගෙන ඇති බවයි. එය පෙර වසරට සාපේක්ෂව දෙගුණයකටත් වඩා වැඩිවීමකි. නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ, තම අවට පරිශ්‍රයන් මෙන්ම පොදු ස්ථානවල මදුරුවන් බෝවිය හැකි ස්ථාන ඉවත් කිරීමෙන් ඩෙංගු මදුරුවන් බෝවීම වළක්වා ගත හැකි බවයි. ජනවාරි 02 වැනිදා පාසල් යළි ආරම්භ කිරීමට නියමිත බැවින් පාසල් පරිශ්‍රය පිරිසිදු කිරීම සඳහා ද විදුහල්පතිවරුන්ගේ මූලිකත්වයෙන් වැඩසටහන් සකස් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය ඉල්ලීමක් කරයි. |
2022-12-31T01:27:03.000Z | අගමැති ලේකම් කමිටු නිර්දේශයෙන් විශ්‍රාම යන රාජ්‍ය සේවකයින්ගේ පුරප්පාඩුවලට නව නිලධාරීන්... | විශ්‍රාම යන රාජ්‍ය සේවක පුරප්පාඩුවලට නව නිලධාරීන් | COLOMBO (News 1st) – අග්‍රාමාත්‍ය ලේකම් කමිටුවේ නිර්දේශ මත විශ්‍රාම යන රාජ්‍ය සේවකයින්ගේ පුරප්පාඩු සඳහා නිලධාරින් බඳවා ගනු ඇතැයි රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය පවසයි. රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා පැවසුවේ සංස්ථා හා දෙපාර්තමේන්තුවල රාජ්‍ය සේවකයින් 30,000ක් අද දිනයේ විශ්‍රාම යාමට නියමිත බවයි. |
2022-12-31T01:17:54.000Z | ගෙවුණු දවස උණුසුම් කළ පුවත් | ගෙවුණු දවස උණුසුම් කළ පුවත් | දේශීය පුවත් 1.ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් 11ක් විශ්‍රාම යයි.. – ශ්‍රී ලංකා පොලීසියේ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිවේදිත නිලධාරීන් 11 දෙනෙකු අද(31) සේවයෙන් විශ්‍රාම යාමට නියමිතව තිබේ. 2.2022 මහජන නැගිටීම් අතරතුර මානව හිමිකම් උල්ලංඝණය වීම් පිළිබඳ වාර්තාවක්– 2022 වසරේ ශ්‍රී ලංකාවේ ඇති වූ මහජන නැගිටීම් අතරතුර මානව හිමිකම් උල්ලංඝණය වීම ඇතුළු ගැටලු පිළිබඳව, RIGHT TO LIFE මානව හිමිකම් මධ්‍යස්ථානය අද(30) වාර්තාවක් එළිදැක්වීය. 3.2023 ට රාජ්‍ය නිලධාරීන් සඳහා විශේෂ අත්තිකාරම් මුදලක්..– උපරිම රුපියල් 4000කට යටත්ව 2023 වසරේ රාජ්‍ය නිලධාරීන් සඳහා විශේෂ අත්තිකාරම් මුදල් ගෙවීමට තීරණය කර තිබේ. 4.ජනාධිපති අරමුදලෙන් මේ වසරේ වෛද්‍යාධාර වෙනුවෙන් රුපියල් මිලියන 1500ක්...– ජනාධිපති අරමුදලෙන් මේ වසර තුළ වෛද්‍යාධාර වෙනුවෙන් රුපියල් මිලියන 1500ක් ගෙවා ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 5.ජනවාරි 1 සිට කොන්සියුලර් සේවා ගාස්තුවල සංශෝධනයක්..නවතම ගාස්තු දැන ගන්න පිවිසෙන්න – කොන්සියුලර් කාර්යාලවල ලේඛන හා සහතික සත්‍යාපන ගාස්තු සංශෝධනය කිරීමට තීරණය කර තිබේ. විදෙස් පුවත් 1.අවුරුදු 33 කට එළිය නොදකින්නට මියන්මාර හිටපු නායිකාව සිපිරි ගෙට.. – මියන්මාර හිටපු පාලිකා අවුන්සාන් සුචීට තවත් වසර 7 ක සිර දඬුවම් නියම කරමින් එරට යුධ අධිකරණයක් මගින් ඊයේ (30) ප්‍රකාශයට පත් කළ තීරණය ජාත්‍යන්තර මාධ්‍යයේ වැඩි අවධානයකට ලක් වී තිබේ. ක්‍රීඩා පුවත් 1.මෙතෙක් ලොව බිහි වූ විශිෂ්ටතම පාපන්දු ක්‍රීඩකයා පේලේ මෙලොවින් සමුගනී.. – මෙතෙක් ලොව බිහි වූ විශිෂ්ටතම පාපන්දු ක්‍රීඩකයා ලෙස සැලකෙන සුපිරි බ්‍රසීල පාපන්දු ක්‍රීඩක පේලේ මෙලොවින් සමු ගත්තේ ය. |
2022-12-30T16:16:26.000Z | ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් 11ක් විශ්‍රාම යයි.. | ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් 11ක් විශ්‍රාම යයි.. | COLOMBO (News 1st) - ශ්‍රී ලංකා පොලීසියේ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිවේදිත නිලධාරීන් 11 දෙනෙකු හෙට(31) සේවයෙන් විශ්‍රාම යාමට නියමිතව තිබේ. ශ්‍රී ලංකා පොලීසියේ පරිපාලනය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ මහතා ද එම පිරිසට ඇතුළත් වේ. ඌව පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. එෆ්. යූ. ප්‍රනාන්දු මහතා ද ඒ අතර වේ. හෙට විශ්‍රාම යෑමට නියමිත නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන්නේ, ජනාධිපති ආරක්ෂක දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඔගස්ටස් පෙරේරා, වන්නි දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති චන්දන අලහකෝන්, උතුරු දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඊ එම් යූ විජිත ගුණරත්න, ප්‍රජා පොලිස් හා පරිසර ආරක්ෂණ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ජගත් පළිහක්කාර, කෑගල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති චම්පික සිරිවර්ධන, බදුල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලාල් අපොන්සු, කළුතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති එස් ඩී එස් පී සන්දනායක, නුවරඑළිය දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති එච් එස් එන් පීරිස්, බස්නාහිර උතුර අපරාධ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රිශාන්ත ජයකොඩි යන මහත්වරුන් වේ. එලෙස විශ්‍රාම යන නිලධාරීන් වෙනුවෙන් පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද(30) සේවය ඇගයීමේ උත්සවයක් ද පැවැත්විණි. |
2022-12-30T15:13:22.000Z | 2022 මහජන නැගිටීම් අතරතුර මානව හිමිකම් උල්ලංඝණය වීම් පිළිබඳ වාර්තාවක් | RIGHT TO LIFE මානව හිමිකම් මධ්‍යස්ථානයෙන් වාර්තාවක | COLOMBO (News 1st) - 2022 වසරේ ශ්‍රී ලංකාවේ ඇති වූ මහජන නැගිටීම් අතරතුර මානව හිමිකම් උල්ලංඝණය වීම ඇතුළු ගැටලු පිළිබඳව, RIGHT TO LIFE මානව හිමිකම් මධ්‍යස්ථානය අද(30) වාර්තාවක් එළිදැක්වීය. එම වාර්තාව මෙරට සිදු වූ ප්‍රධාන සිද්ධීන් තුනක් පිළිබඳව අධ්‍යනය කර නිර්දේශ ඉදිරිපත් කර තිබේ. ඒ රඹුක්කන සිදුවූ වෙඩි තැබීම, ගෝඨා ගෝ ගම ප්‍රහාරය, මැයි 9 සන්ධ්‍යා කාලයේ ඇතිවූ පළිගැනීමේ ප්‍රහාර මාලාව පිළිබඳව ය. මෙම වාර්තාව ඇසුරෙන් ඔවුන් නිර්දේශ කිහිපයක් ඉදිරිපත් කර තිබේ. පොලිස් ආඥා පනත වර්තමානයට ගැළපෙන පරිදි නවීකරණය කිරීම, ස්වාධීන කොමිෂන් සභා මගින් විමර්ශන සිදු කිරීම් සහ සියලු විමර්ශනවලින් හෙළි වූ කරුණු තොරතුරු සහ දුක් ගැනවිලි ලේඛනගත කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට සත්‍ය කොමිසමක් වැනි යාන්ත්‍රණයක් ඇති කිරීම ඒ අතරින් කිහිපයකි. එමෙන්ම එවකට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රමුඛ ආණ්ඩුවේ සහ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන්ගේ වගකීම හෝ වගකීම් විරහිතභාවය පිලිබඳ විශේෂ විමර්ශනයක් සිදුකළ යුතු බවටද ඔවුන් නිර්දේශ කර තිබේ |
2022-12-30T15:08:02.000Z | 2023 ට රාජ්‍ය නිලධාරීන් සඳහා විශේෂ අත්තිකාරම් මුදලක්.. | රාජ්‍ය නිලධාරීන්ට අත්තිකාරම් මුදලක්.. | COLOMBO (News 1st) - උපරිම රුපියල් 4000කට යටත්ව 2023 වසරේ රාජ්‍ය නිලධාරීන් සඳහා විශේෂ අත්තිකාරම් මුදල් ගෙවීමට තීරණය කර තිබේ. ඊට අදාළ චක්‍රලේඛය නිකුත් කර ඇත්තේ, රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරයාගේ අත්සනිනි. අදාළ අත්තිකාරම් ගෙවීම 2023 ජනවාරී පළමු වැනිදායින් ආරම්භ වී, පෙබරවාරී 28 වැනිදායින් අවසන් කළයුතු බව, එම චක්‍රලේඛයෙන් දැනුම්දී තිබේ. 2023 වසරේ පෙබරවාරී 28 වැනිදායින් පසු කිසිදු ගෙවීමක් කිරීමට අවසර හිමිනොවන අතර අදාළ මුදල්, 2023 වසර තුළ අය කරගත යුතු බව, අදාළ චක්‍රලේඛයේ සඳහන් වේ. |
2022-12-30T15:02:09.000Z | ජනාධිපති අරමුදලෙන් මේ වසරේ වෛද්‍යාධාර වෙනුවෙන් රුපියල් මිලියන 1500ක්... | වෛද්‍යාධාර සඳහා ජනාධිපති අරමුදලෙන් රු මිලියන1500ක් | COLOMBO (News 1st) - ජනාධිපති අරමුදලෙන් මේ වසර තුළ වෛද්‍යාධාර වෙනුවෙන් රුපියල් මිලියන 1500ක් ගෙවා ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. මේ වසර තුළ ජනාධිපති අරමුදලට ලැබී තිබූ අයදුම්පත් 11,000න් 10,360ක වැඩ අවසන් කර ඇති බවද එහි සඳහන් වේ. විවිධ හේතු මත වැඩ අවසන් නොවූ ඉතිරි අයදුම්පත්‍ර 642 සම්බන්ධයෙන් ද අදාළ මුදල් ගෙවීම් ඉදිරි සති කිහිපය තුළ අවසන් කිරීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ තවදුරටත් සදහන් වේ. වෛද්‍යාධාර ලබාදීමේ දී දැනට ගෙවනු ලබන මූල්‍යාධාර වැඩිකිරීම සඳහා අවශ්‍ය නිර්දේශ ලබාගැනීමට විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් සමන්විත කමිටුවක් පත් කර ඇති අතර එම කමිටු නිර්දේශ ලද වහාම ගෙවනු ලබන වෛද්‍යධාර ප්‍රමාණය වැඩි කිරීමට කටයුතු කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස්දී තිබේ. |
2022-12-30T14:37:46.000Z | රජයේ ඉඩම් ලබාදෙන්නැයි ජනපති කළ නියෝගය පිළිබඳව මහාචාර්ය හූල් ප්‍රශ්න කරයි.. | ජනපති කළ නියෝගය පිළිබඳව මහාචාර්ය හූල් ප්‍රශ්න කරයි | COLOMBO (News 1st) - අඹේවෙල පිහිටි පෞද්ගලික සමාගමක ගොවිපොලකට රජයේ ඉඩම් අක්කර 30ක් වහා ලබාදෙන්නැයි ජනාධිපතිවරයා කළ නියෝගය පිළිබඳව මැතිවරණ කොමිසමේ හිටපු සාමාජික මහාචාර්ය රත්නජීවන් හූල් මහතා ප්‍රශ්න කර තිබේ. ඒ ජනාධිපතිවරයාට ලිපියක් යවමිනි. මහාචාර්වරයාගේ ලිපියේ උපුටා ගැනීම මෙසේයි, "මෙවැනි ප්‍රදානයකට මීට වඩා සුදුසු පුද්ගලයින් නැද්ද? මෙම ඉඩම් ලබාදීමට ඔබ අල්ලසක් නොගත් බව ඔබට ඔප්පුකල හැකිද? මා විශ්වාස කරන්නේ ඔබට මේ ප්‍රශ්ණ දෙකට පිළිතුරු දිය නොහැකි බවයි. ඉන් තේරුම් ගත හැක්කේ මෙහි කිසිදු විනිවිදභාවයක් නොමැති බවයි. ඔබ විසින් දියත් කරන දූෂණයට එරෙහි ක්‍රියාන්විතය සාර්ථකවීමට නම් මෙලෙස අත්තනෝමතික ලෙස බලය භාවිත කිරීම නවතා දැමිය යුතුයි." |
2022-12-30T14:27:08.000Z | පාර්ලිමේන්තුව ජනවාරි 05 වැනිදා කැඳවීමේ තීරණයක්. | ජනවාරි 5 පාර්ලිමේන්තුව කැඳවයි | COLOMBO (News 1st) - ජනවාරි 17 වැනිදා නැවත රැස්වීමට සැලසුම්කර තිබූ පාර්ලිමේන්තුවේ ජනවාරි 05 වැනිදා කැඳවීමට තීරණයක් ගෙන තිබේ. ජනවාරි 5 වැනිදා විශේෂ පාර්ලිමේන්තු දිනයක් ලෙස රැස්වීමට තීරණය කර ඇත්තේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමකින් අනතුරුවය. ජනවාරි 17 වැනිදා දක්වා පාර්ලිමේන්තුවේ නිවාඩු කාලය දීර්ඝවීම සලකා 5 වැනිදා පාර්ලිමේන්තුව පැවැත්වීමට තීරණය කළ බව අප කළ විමසීමකදී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසුවේ ය. කෙසේ වෙතත් 05 වැනිදාට නියමිතව තිබෙන්නේ පසුගිය දිනවල විවේචනයට ලක්වූ පුනරුත්ථාපන කාර්යාංශය පනත් කෙටුම්පත සහ බද්දට දී ඇති පරිශ්‍රවල සන්තකය ආපසු ලබාගැනීමේ පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ විවාදය සහ ඡන්දයයි. |
2022-12-30T11:46:34.000Z | හෙට සහ අනිද්දා විදුලි කප්පාදුවක් නැහැ - මහජන උපයෝගීතා කොමිසම | හෙට සහ අනිද්දා විදුලි කප්පාදුවක් නැහැ.. | COLOMBO (News 1st) - හෙට(31) සහ අනිද්දා(01) දෛනික විදුලිය කප්පාදුවක් සිදු නොකරන බව මහජන උපයෝගිතා කොමිසම පවසයි. කෙසේ වෙතත් ලබන 02 වැනිදා A සිට W දක්වා කලාපවලට පැය 2යි මිනිත්තු 20ක විදුලිය කප්පාදුවකට අවසර ලබාදි තිබේ. මහජන උපයෝගීතා කොමිසම පැවසුවේ, දිවා කාලයේ පැයක් සහ රාත්‍රී කාලයේ පැය 1යි විනාඩි 20ක් වශයෙන් විදුලි කප්පාදුව සිදු කරන බවයි. |
2022-12-30T11:01:23.000Z | පොලිස් අධිකාරිවරයෙකුට පහරදුන් තිදෙනෙක් අත්අඩංගුවට | පොලිස් අධිකාරිවරයෙකුට පහරදුන් තිදෙනෙක් අත්අඩංගුවට | COLOMBO (News 1st) - ගල්කිස්ස ප්‍රදේශයේදී, රථවාහන කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරිවරයෙකුට පහරදුන් බව කියන තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලිසිය සඳහන් කළේ, මෝටර් රථයකින් පැමිණි පිරිසක් පෙරේදා(28) රාත්‍රියේදී සහකාර පොලිස් අධිකාරිවරයාගෙන් යමක් විමසා ඇති බවයි. අදාළ පිරිස මෙම විමසීම සිදු කර ඇත්තේ, සහකාර පොලිස් අධිකාරිවරයා මිත්‍රයෙකුගේ නිවසකට ගොස් පා ගමනින් පැමිණෙමින් සිටියදී ය. පොලිසිය සඳහන් කළේ, එහිදී මෝටර් රථයේ පැමිණි පුද්ගලයින් සහකාර පොලිස් අධිකාරිවරයාට පහරදී ඇති බවයි. පහරදීමෙන් සහකාර පොලිස් අධිකාරිවරයා තුවාල ලබා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරිමෙන් පසුව ප්‍රතිකාර ලබා පිටවගොස් තිබේ. |
2022-12-30T08:22:56.000Z | අවුරුදු 33 කට එළිය නොදකින්නට මියන්මාර හිටපු නායිකාව සිපිරි ගෙට.. | අවුන්සාන් සුචී තවත් 7 වසරක් සිපිරි ගෙට.. | COLOMBO ( News 1 st ) - මියන්මාර හිටපු පාලිකා අවුන්සාන් සුචීට තවත් වසර 7 ක සිර දඬුවම් නියම කරමින් එරට යුධ අධිකරණයක් මගින් අද (30) ප්‍රකාශයට පත් කළ තීරණය ජාත්‍යාන්තර මාධ්‍යයේ වැඩි අවධානයකට ලක් වී තිබේ. එම අධිකරණ තීරණයට අනුව ඇයට හිමිව ඇති මුළු සිර දඬුවම් කාලය වසර 33 ක් දක්වා ඉහළ යනු ඇති. ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ජයක් හිමිකර ගෙන බලයට පත් වූ මියන්මාර හිටපු පාලිකා අවුන්සාන් සුචී 2021 පෙබරවාරී මස දී හමුදා කුමන්ත්‍රණයකින් බලයෙන් පහකෙරණු අතර එතැන් සිට මේ දක්වා මාස 18 ක කාලයක් තුළ වැරදි 19 කට ඇයට චෝදනා එල්ල වී තිබේ. පසුගිය සතියේ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය අවුන්සාන් සුචීව නිදහස් කිරීමේ අවශ්‍යතාව පිළිබඳව කතිතාවක් ගොඩ නැගුන ද, පසුගිය සිකුරාදා ඇය මුහුණ දුන් නඩු විභාගයේ දී ඇය චෝදනා 5කට වරදකාරීය බව අධිකරණය මගින් තීරණය කළේ ය. පසුගිය සිකුරාදා ඇයට එල්ල වූ අවසන් චෝදනා 5ට ඇය දඩුවම් නියම කෙරිණ. රජයේ නීති රීතිවලට පටහැනිව සිය රජයේ අමාත්‍යවරයෙකුට හෙලිකොප්ටරයක් පරිහරණයට දුන් බව කියන චෝදනාවකට ද ඇය වරදකාරිය කෙරිණ. එසේම තවදුරටත් ඇය විවිධ අපරාධමය වැරදි 14කට වරදකාරිය වී ඇති අතර කොවිඩ් ආරක්ෂණ නීති රීති උල්ලංඝණය කිරීම,වෝකී ටෝකී ආනයනය හා නිල රහස් පනත උල්ලංඝණය කිරීම ආදී චෝදනා ද ඇයට විරුද්ධව එල්ල විය . කෙසේ වෙතත් සුචී තමාට එල්ල වන මෙම සියලු චෝදනා ප්‍රතික්ෂේප කර තිබේ. කෙසේ වෙතත්,මෙම මියන්මාර හිටපු පාලිකා අවුන්සාන් සුචීට එරෙහිව දියත් කෙරූ හමුදා පාලනය එරට බලය තහවුරු කර ගැන්මෙන් පසු සිවිල් ගම්මාන වෙත එල්ල කෙරූ ගුවන් ප්‍රහාර සහ අනෙකුත් ප්‍රහාර හේතුවෙන් එරට නිරායුධ සිවිල් වැසියන් 2600ක් පමණ මේවන විට ජීවිතක්ෂයට පත්ව තිබීම ඛේදනීය ඉරණමකි. |
2022-12-30T08:14:19.000Z | ජනවාරි 1 සිට කොන්සියුලර් සේවා ගාස්තුවල සංශෝධනයක්..නවතම ගාස්තු දැන ගන්න පිවිසෙන්න | කොන්සියුලර් සේවා ගාස්තු සංශෝධනයක් | COLOMBO ( News 1st ) - කොන්සියුලර් කාර්යාලවල ලේඛන හා සහතික සත්‍යාපන ගාස්තු සංශෝධනය කිරීමට තීරණය කර තිබේ. විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ,මෙම ගාස්තු සංශෝධනයන් ජනවාරී 01 වැනිදා සිට ක්‍රියාත්මක කෙරෙන බවයි. ඒ අනුව විභාග දෙපාර්තමේන්තුව නිකුත් කරන සහතිකයක් රුපියල් 800ක මුදලකටත්,යම් අපනයන ලේඛනයක් රු : 8000 ක් දක්වා ගාස්තු අය කිරීමක් සිදු කෙරෙන බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දන්වා තිබේ. තවද විදේශිකයෙකුට නිකුත් කරන සහතික සඳහා රුපියල් 3000 ක මුදලක් අය කිරීමටත්,වෙනත් ලේඛන සඳහා රුපියල් 1200 ක මුදලක් අය කෙරෙනු ඇති අතර විදෙස් ගත ලාංකිකයින් සඳහා වන සංශෝධිත ගාස්තු 2022.11.16 දිනැති අංක 2306/35 දරණ අතිවිශේෂ ගැසට් පත්‍රයෙහි සඳහන් බව ද එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් කර තිබේ. |
2022-12-30T06:20:26.000Z | වාහන ලියාපදිංචියේදී හා අයිතිය මාරුකිරීමේදී අංක තහඩුවෙන් පළාත් අක්ෂර ගැලවෙයි | වාහන ලියාපදිංචියට අදාළව දැනුම්දීමක් | COLOMBO ( News 1st ) - අලුතින් වාහන ලියාපදිංචි කිරීම හා අයිතිය හුවමාරුවකදී අංක තහඩුවල වෙනසක් සිදු කිරීමට නියමිතව තිබේ. මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් නිශාත්ත වීරසිංහ මහතා මේ බව ප්‍රකාශ කරමින් පවසා සිටියේ, ජනවාරි 01 සිට වාහන අලුතින් ලියාපදිංචි කිරීමේ දී හා අයිතිය හුවමාරුවක දී අංක තහඩුවල පළාත් අක්ෂර ඉවත් කිරීමට තීරණය කර ඇති බවයි. එසේම රියැදුරු බලපත්‍රය සම්බන්ධයෙන් ද අදහස් පළ කරමින් ඔහු පැවසූවේ,රියදුරු බලපත්‍රය ලබා දීමේ ලකුණු ලබා දීමේ දී ක්‍රමවේදයක් අරඹමින්,රියැදුරන් වෙත ලකුණු 24 ක් ලබා දීමට කටයුතු කරන බවයි. ඉන් අනතුරුව රියැදුරන් සිදු කරන මාර්ග නීති කඩකිරීම් වලදී එම ලකුණු 24 සම්පූර්ණ කිරීමේ දී අදාළ පුද්ගලයාගේ රියැදුරු බලපත්‍රය අහෝසී වනු ඇති අතර එවැනි පුද්ගලයෙකුට වසරක කාල සීමාවකින් පසු නැවත රියැදුරු බලපත්‍රය සඳහා ඉල්ලුම් කිරීමට සිදු වේ. අදාළ ලකුණු ලබා දීමේ ක්‍රමවේදය පිළිබඳව ඉදිරියේදී ගැසට් පත්‍රයක් මගින් දැනුම් දෙන බව ද මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් නිශාත්ත වීරසිංහ මහතා ප්‍රකාශ කළේ ය. |
2022-12-30T06:11:22.000Z | ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක රිෂාබ් අනූනවයෙන් බේරෙයි.. මෝටර් රථයත් ගිනි ගනී | ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක රිෂාබ් අනූනවයෙන් බේරෙයි.. | COLOMBO ( News 1st ) - උතුරු ඉන්දියාවේ උත්තරකාන්ද් ප්‍රාන්තයේ සිදුවූ රිය අනතුරකින් ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක රිෂාබ් පාන්ට් තුවාල ලබා තිබේ. ඉන්දිය පොලිසිය උපුටා දක්වමින් එරට මාධ්‍ය වාර්තා කරන්නේ, පිළිස්සුම් තුවාල ලබා සිටින 25 හැවිරිදි පාන්ට් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවත් අනතුරින් ඔහුට බරපතළ තුවාල සිදුවී නොමැති බවත් ය. ක්‍රිකට් ක්‍රීඩකයින්, විස්ත විචාරකයින් ඇතුළු බොහෝ පිරිසක් ඔහුට ඉක්මන් ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමින් ට්විටර් පණිවිඩ යොමු කර තිබේ. ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ, අනතුර සිදු වන අවස්ථාවේ වෙනත් කිසිවෙකුත් මෝටර් රථයේ සිට නොමැති බවයි. තවද රථය ගිනි ගැනීමට පෙර ඔහු ඉන් ඉවතට පැන ඇත. දිල්ලියේ සිට ඔහුගේ උපන් ගම වන රූර්කි වෙත යමින් සිටියදී ඔහුගේ මෝටර් රථය පාලනය කර ගත නොහැකිව මෙම අනතුර සිදුවන්නට ඇති බවට ඉන්දිය පොලිසිය සැක පළ කරයි. කෙසේ වෙතත් පාන්ට් ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන 20-20 සහ එක්දින ක්‍රිකට් තරගාවලි සඳහා වන ඉන්දීය සංචිතයේ ඇතුළත් නොවිණ. |
2022-12-30T05:26:53.000Z | දස වධ දී රියැදුරු මරා දමා සැප රථය කොල්ල කෑ අපරාධයේ සුලමුල එළියට | රියැදුරු මරා දමා රථය කොල්ලකෑ සිද්ධියේ සුලමුල | COLOMBO ( News 1st ) - දෑත් පිටුපසට තබා බැද එක්දරු පියෙකු ඝාතනය කර ලක්ෂ 80 ක් වටිනා සුඛෝපභෝගී මෝටර් රථය කොල්ල කෑ හිටපු නාවික සහ යුධ හමුදා සෙබළුන් දෙදෙනෙකු ඇතුළු 3 ක් අත්අඩංගුවට ගෙන තිබේ. ඉංගිරිය ,නම්බපාන ප්‍රදේශයේදී දෙඅත් පිටුපසට කර හා කට ගැට ගසා කුලී රථ රියැදුරුට පහර දී අනතුරුව සති අන්ත පුවත්පතක අතිරේක කොටස මුව තුළට ඔබා ඝාතනය කර, ඔහු පැදවූ රුපියල් ලක්ෂ 80 ක් පමණ වටිනා සුඛෝපභෝගී මෝටර් රථය කොල්ලකෑමේ සිද්ධියට පුද්ගලයන් තිදෙනෙක් අත්අඩංගුවට ගැනීමට පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය සමත්ව තිබේ . පොලීසිය ප්‍රකාශ කළේ, සැකකරුවන් අතර එම ඝාතනයට සෘජුව සම්බන්ධ වූ ප්‍රධාන සැකකරුවන් දෙදෙනා වන හිටපු නාවික සෙබළෙකු සහ හිටපු යුද හමුදා සෙබළෙකු මෙන්ම ඝාතනයට ලක්වූ වූ පුද්ගලයාගේ ජංගම දුරකථන 2 උකසට ගත් පුද්ගලයා ද වන බවයි. මෙම ඝාතනයට සෘජුව සම්බන්ධ තවත් පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිත අතර මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ, මිනුවන්ගොඩ ගල්ලොලුව හරස් පාර පදිංචිව සිටි ලේකම්ලා ගෙදර අශෝක බණ්ඩාර නමැති (48) එක් දරු පියෙකි. අම්බලන්තොට, නෝනාගම ප්‍රදේශයේ පදිංචිව සිටින සැකකරුවන් සිව්දෙනා ඉකුත් 14 වැනි දින එම ප්‍රදේශයෙන් බස් රථයට නැග පිටත්ව ඇත්තේ කාගේ හෝ මෝටර් රථයක් පැහැරගෙන එය කොටස් කර අලෙවි කර මුදල් සොයා ගැනීමට සැලසුම් කරමින් බව පොලිස් විමර්ශනවලදී අනාවරණ වී ඇති අතර සැකකරුවන් සිව්දෙනා රත්නපුර නගරයට පැමිණීමෙන් අනතුරුව නුගේගොඩ ප්‍රදේශයේ වාහන කුලී පදනම මත ලබා දෙන සමාගමකට දුරකථනයෙන් අමතා කටුනායක ගුවන්තොටුපළ වෙත යාම සඳහා මෝටර් රථයක් ලබා දෙන ලෙස දුරකථනයෙන් ඉල්ලීමක් කර තිබූ බව පොලිස් විමර්ශන මගික් අනාවරණය වී තිබේ. අදාළ සැකකරුවන් මෙම ඝාතනය සිදුකොට මළ සිරුර කටකැඩැල්ල ප්‍රදේශයේ දමා ගොස් තිබියදී සොයාගෙන ඇති අතර සැකකරුවන් අද (30) හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත ය. |
2022-12-30T03:43:33.000Z | පාසල් ළමුන් පරීක්ෂා කළ යුත්තේ, මත්ද්‍රව්‍ය සම්බන්ධ නිශ්චිත තොරතුරක් ඇත්නම් පමණයි.. - පොලිස්පතිගෙන් උපදෙස් | නිකරුණේ ළමුන් පරීක්ෂා කරන්න එපා - පොලිස්පති | COLOMBO ( News 1st ) - පාසල් ළමුන් පරීක්ෂා කිරීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයා විසින් උපදෙස් නිකුත් කරනු ලැබ තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසූවේ,පාසල් ළමුන් පරීක්ෂා කළ යුත්තේ, මත්ද්‍රව්‍ය සම්බන්ධ නිශ්චිත තොරතුරක් ඇත්නම් පමණක් බවට පොලිස්පතිවරයා උපදෙස් ලබාදුන් බවයි. නිකරුණේ පාසල් ළමුන් පරීක්ෂා කිරීමෙන් වළකින ලෙස ද පොලිස්පතිවරයා උපදෙස් දී තිබේ. එසේම මෙම පරීක්ෂා කිරීමේ දී වීඩියෝගත කිරීමෙන් වළකින ලෙස ද,මාර්ගවල දී පාසල් සිසුන් පරීක්ෂා කිරීමෙන් වළකින ලෙසට ද පොලිස්පතිවරයා නියෝග කර ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කළේ ය. |
2022-12-30T02:54:54.000Z | මහජන බැංකුවත් නිකුත් කර ඇති ණය සඳහා පොලී අනුපාත ඉහළදමයි | මහජන බැංකුවෙත් ණය පොලී අනුපාත ඉහළට | COLOMBO ( News 1st ) - දැනට නිකුත් කර ඇති ණය සඳහා 15.5% දක්වා පොලී අනුපාත ඉහළ දැමීමට මහජන බැංකුව තීරණය කර තිබේ. ඒ, වෙළදපොළ පොලී අනුපාත ඉහළ යාමට සාපේක්ෂවයි. මහජන බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පැවසුවේ, වෙළදපොළේ පවතින තත්ත්වය යහපත් වීමෙන් පසු පාරිභෝගිකයින්ට අවශ්‍ය සහන ලබා දීමට පියවර ගන්නා බවයි. ජාතික ඉතිරිකිරීමේ බැංකුව පසුගිය 20 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ඔවුන් මේ වන විට නිකුත් කර ඇති ණය සඳහා වන පොලී අනුපාත 15% ක උපරිමයක් දක්වා ඉහළ දැමීමට පියවර ගෙන තිබූ අතර එහිදි විශේෂත්වය වූයේ, ස්ථාවර පොලී අනුපාත යටතේ නිකුත් කර තිබු ණය පහසුකම්වල පවා පොලීය ඉහළ දමා තිබීමයි. පසුව නිවේදනයක් නිකුත් කරමින් ජාතික ඉතිරිකිරීමේ බැංකුව ප්‍රකාශ කළේ, අදාළ පොලී අනුපාත ඉහළ දැමීම ශ්‍රී ලංකා මහ බැංකුව හෝ වෙනත් කිසිදු ආයතනයක උපදෙස් මත සිදු කළ දෙයක් නොවන බවත්, එය බැංකුවේ ව්‍යාපාරික තීරණයක් බවයි. වෙළඳපොල පොලී අනුපාත අනුව අවස්ථානුකූලව ණය පොලී වෙනස් කිරීම සාමාන්‍ය බැංකු ක්‍රියාවලියක් බව ජාතික ඉතිරිකිරීමේ බැංකුව සිය ලිපියෙන් අවධාරණය කර තිබිණ. අදාළ නිවේදනයේ සඳහන්ව තිබුණේ, ඉදිරියේදී වෙළදපොලේ පොලී අනුපාත පහළ ගියහොත්, තම පොලී අනුපාත පහළ දැමීමට තීරණය කරන බවයි. මේ අතර මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා අද (30) සියලු බැංකු වෙත උපදෙස් දී ඇත්තේ, වාණිජ බැංකුවලින් ලබා ගෙන ඇති ණය යළි ගෙවීමේදී අපහසුතාවට පත්ව ඇති ණය ගැතියන්ට සහන සලසන ලෙසයි. අමාත්‍යවරයා පැවසුවේ, බැංකු , ණය පොලී අනුපාත ඉහළ දැමීම හේතුවෙන් ඇතැම් ණය ගැතියන් පීඩාවට පත් ඇති බවයි. |
2022-12-30T02:23:11.000Z | ඉන්දීය අගමැති මෝදිගේ මව මියයයි | ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ මව මියයයි | COLOMBO ( News 1st ) - ඉන්දීය අගමැති මෝදිගේ මව මියයයි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ මව වන හීරාබෙන් මෝදි (99)අභාවප්‍රාප්ත වී තිබේ. ඇය මිය ගොස් ඇත්තේ, අහමදාබාද්හි රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදීයි. අද අලුයම ඇය අභාවප්‍රාප්ත වූ බව, රෝහල් ප්‍රකාශකයෙකු උපුටා දක්වමින් විදෙස් වාර්තා සඳහන් කළේ ය. සිය මව මියගිය බවට වන පුවත දැන ගන්නා විට අග්‍රාමාත්‍යවරයා බටහිර බෙංගාලයේ ව්‍යාපෘති කිහිපයක් ආරම්භ කිරීම සඳහා ගොස් සිටි අග්‍රාමාත්‍යවරයා සිය මවගේ අභාවය පිළිබඳ දැන ගැනීමත් සමග ගුජරාටයට වෙත ගොස් ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ. අග්‍රාමාත්‍යවරයා අවසන් වරට සිය මව හමුවී තිබුණේ, පසුගිය දෙසැම්බර් 4 වැනිදා ගුජරාටයේ සභා මැතිවරණය අතරතුර නිවසට ගිය අවස්ථාවේදී ය. |
2022-12-30T02:06:34.000Z | ණය ගැතියන්ට සහන සලසන්නැයි මුදල් රාජ්‍ය ඇමතිගෙන් සියලු බැංකු වෙත උපදෙස්.. | ණය ගැතියන්ට සහන සලසන්නැයි ආණ්ඩුවෙන් උපදෙස්.. | COLOMBO ( News 1st ) – වාණිජ බැංකුවලින් ලබා ගෙන ඇති ණය යළි ගෙවීමේදී අපහසුතාවට පත්ව ඇති ණය ගැතියන්ට සහන සලසන්නැයි, උපදෙස් දී තිබේ. මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සඳහන් කළේ, බැංකු , ණය පොලී අනුපාත ඉහළ දැමීම හේතුවෙන් ඇතැම් ණය ගැතියන් පීඩාවට පත් ඇති බවයි. එම තත්ත්වය සැළකිල්ලට ගෙන යළි ණය අය කරගැනීම සඳහා සුදුසු සහන ලබා දෙන්නැයි, සියලු බැංකු වෙත උපදෙස් දී ඇතැයි, අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය. |
2022-12-30T02:01:33.000Z | ව්‍යාජ තොරුතුරු ඉදිරිපත් කර රට යන පුද්ගලයන් හඳුනා ගැනීමට නව වැඩපිළිවෙළක් | ව්‍යාජ තොරුතුරුවලින් රට යන අය සෙවීමට පියවර | COLOMBO ( News 1st ) - ව්‍යාජ තොරුතුරු ඉදිරිපත් කර විදෙස්ගත වන පුද්ගලයන් හඳුනා ගැනීමට නව වැඩපිළිවෙළක් ආරම්භ කර තිබේ. ඒ විදේශ සේවා නියුක්ති කාර්යංශයේ සහ පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ඒකාබද්ධව ය. මේ ඒ පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වමින් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මාධ්‍ය ප්‍රකාශක ගාමිණී සෙනරත් යාපා මහතා ප්‍රකාශ කළේ, විදෙස්ගත වන පුද්ගලයන් සම්බන්ධව තහවුරු කරගත යුතු ජාතික හැඳුනුම්පතේ දත්ත පිළිබඳව සත්‍ය අසත්‍යතාව තහවුරු කර ගැනීමට සහ විදෙස්ගත වන පුද්ගලයන් වෙනුවෙන් ක්‍රියාත්මක කෙරෙන දේශීය සුබසාධන වැඩසටහන් සඳහා අවශ්‍ය තොරතුරු ලබා ගැනීමත් මෙහි අරමුණ බවයි. මේ පිළිබඳව අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ, විදෙස්ගත වන පුද්ගලයන් සම්බන්ධව ඇතිවන නීතිමය කරුණු පැන නැගුණ විට ද නිවැරදි තොරතුරු ලබා ගැනීමේ හැකියාව මේ ඔස්සේ නිර්මාණය වන බවයි |
2022-12-30T01:43:29.000Z | මෙතෙක් ලොව බිහි වූ විශිෂ්ටතම පාපන්දු ක්‍රීඩකයා පේලේ මෙලොවින් සමුගනී.. | 'ශත වර්ෂයේ ලෝක ක්‍රීඩකයා ' සමුගනී.. | COLOMBO ( News 1st ) - මෙතෙක් ලොව බිහි වූ විශිෂ්ටතම පාපන්දු ක්‍රීඩකයා ලෙස සැලකෙන සුපිරි බ්‍රසීල පාපන්දු ක්‍රීඩක පේලේ මෙලොවින් සමු ගත්තේ ය. මිය යන විට 82වැනි වියේ පසු වූ ඔහු වසර කිහිපයක් වකුගඩු සහ උදරය ආශ්‍රිත රෝග වලින් පීඩා විඳි අතර පේලේ, පසුගිය වසරේදී ශල්‍යකර්මයකට ද ලක් කෙරුණි. රෝග තත්ත්වය උත්සන්න වීම නිසා ඔහු නැවත වරක් රෝහල්ගත කෙරුණේ, මේ වසරේ නොවැම්බර් මාසයේ අවසන් භාගයේදී වූ අතර ඒ අනුව පේලේ මෙරට වේලාවෙන් අද (30) අළුයම මෙලොවින් සමුගත් බව නේවාසිකව ප්‍රතිකාර ලැබූ රෝහල තහවුරු කර තිබේ. ඉදිරි පෙළ ක්‍රීඩකයෙකු ලෙස පාපන්දු පිටියේ අණසක පැතිරවූ පේලේ බ්‍රසීලය වෙනුවෙන් ලෝක කුසලාන 3 ක් දිනා දීමට සිය දායකත්වය ලබා දුන් අතර, වෙනත් කිසිදු ක්‍රීඩකයෙක් එවන් දක්ෂතාවක් දක්වා නොමැත. පාපන්දු පිටියේ වාර්තා රැසක් පිහිටුවමින්, ලොව පුරා ක්‍රීඩාලෝලීන් අමන්දානන්දයට පත් කළ ඔහු තරග බිමෙන් සමු ගැනීමෙන් අනතුරුව ද අවස්ථා රැසකදී ඇගයීමට ලක් වූයේ සිදු කළ අමරණීය මෙහෙය හේතුවෙනි. ජාත්‍යන්තර පාපන්දු ඉතිහාසය සහ සංඛ්‍යාලේඛන සම්මේලනය හෙවත් අයි.එෆ්.එෆ්.එච්.එස් ''ශත වර්ෂයේ ලෝක ක්‍රීඩකයා ''ලෙස ඔහු නම් කළ අතර තරග බිමට සමු දීමෙන් අනතුරුව ද තමන්ගේ ජීවිතය හා බද්ධ වූ පාපන්දු ක්‍රීඩාව වෙනුවෙන් ඔහු කැප වූයේ පාපන්දු ක්‍රීඩාව සඳහා තානාපතිවරයෙකු ලෙස කටයුතු කරමිනි. |
2022-12-30T01:32:11.000Z | අක්‍රීය කළ නොරොච්චෝලේ ජනන යන්ත්‍රය ලබන මස මුල යළි සක්‍රීය කෙරේ. | නොරොච්චෝලේ ජනන යන්ත්‍රය ජනවාරි මුල යළි සක්‍රීයයි.. | COLOMBO ( News 1st ) – ලබන 06 හෝ 07 වැනිදා නොරොච්චෝලේ බලාගාරයේ දැනට අක්‍රීය කර ඇති ජනන යන්ත්‍රය යළි ජාතික පද්ධතියට එක් කරන බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි. එහි සාමාන්‍යාධිකාරී රොහාන් සෙනවිරත්න මහතා සඳහන් කළේ, ගල් අඟුරු රැගත් නෞකාව මෙරටට ළඟා වීමත් සමග සම්පුර්ණ ධාරිතාවයෙන් බලාගාරය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවයි. දැනට අදාළ නෞකාව දිවයින දෙසට යාත්‍රා කරමින් ඇතැයි ද ඔහු ප්‍රකාශ කළේ ය. සාමාන්‍යාධිකාරිවරයා පැවසුවේ නොරොච්චෝලේ බලාගාරය පූර්ණ ධාරිතාවයෙන් ක්‍රියාත්මක කිරිමෙන් පසු ඉන්ධන බලාගාර ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතා සලකා බලන බවයි. පසුගිය 22 වැනිදා මධ්‍යම රාත්‍රියේ නොරොච්චෝලේ බලාගාරයේ එක් ජනන යන්ත්‍රයක් අක්‍රීය කළේ, නඩත්තු කටයුත්තක් සිදු කරන බව පවසමින් ය. මේ හේතුවෙන් මෙගාවොට් 300 ක් ජාතික විදුලි බල පද්ධතියට අහිමි වෙයි. මේ අතර , තවත් බොරතෙල් නෞකාවක් ලබන සතියේ දිවයිනට ළඟා වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පැවසුවේ ය. එමගින් මෙරටට රැගෙන එන බොරතෙල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 90,000 කි. සපුගස්කන්ද පිරිපහදුවේ කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාමට මෙමගින් හැකියාව ලැබෙන බව ද අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ය. මේ අතර අදත් පැය 02 යි විනාඩි 20 ක විදුලි කප්පාදුවක් සඳහා අවසර ලබාදී තිබේ. ඒ අනුව A සිට L දක්වා සහ P සිට W දක්වා කලාපවලට දහවල් කාලයේ පැයයි විනාඩි 20 ක් විදුලිය කප්පාදු කෙරෙනු ඇති. එම කලාප වලටම රාත්‍රි කාලයේදී යළි පැයක් විදුලිය විසන්ධි කරන බව මහජන උපයෝගිතා කොමිසම නිවේදනය කළේ ය. |
2022-12-30T01:14:23.000Z | ග්‍රෑන්ඩ්පාස් නිවසක ගින්නකින් කාන්තාවක් මියයයි | ග්‍රෑන්ඩ්පාස් නිවසක ගින්නකින් කාන්තාවක් මියයයි | COLOMBO ( News 1st ) - ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ නිවසක ඇතිවු ගින්නකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබේ. කොළඹ ජාතික රෝහල් පොලීසිය ප්‍රකාශ කළේ, අද (30) අලුයම එම කාන්තාව රෝහලට රැගෙන විත් ඇති බවයි. සිද්ධියෙන් මියගොස් ඇත්තේ 75 හැවිරිදි කාන්තාවකි. |
2022-12-30T01:09:40.000Z | ඩෙංගු මර්දනයට දීප ව්‍යාප්ත දෙදින මෙහෙයුමක්.. | ඩෙංගු මර්දනයට දීප ව්‍යාප්ත දෙදින මෙහෙයුමක්.. | COLOMBO ( News 1 st ) – අද(30) සහ හෙට (31) දිවයින පුරා ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත‍්‍යාංශය තීරණය කර තිබේ. ඒ , ප්‍රදේශ රැසක ඩෙංගු මදුරු ඝණත්වය තවදුරටත් ඉහළ අගයක පැවතීම හේතුවෙන් ය. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කළේ, වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් 75,434 දෙනෙකු හඳුනා ගත් බවයි. එය පෙර වසරට සාපේක්ෂව දෙගුණයකටත් වඩා වැඩිවීමකි. නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් පැවසුවේ , තම අවට පරිශ්‍රයන් මෙන්ම පොදු ස්ථානවල මදුරුවන් බෝවිය හැකි ස්ථාන ඉවත් කිරීමෙන් ඩෙංගු මදුරුවන් බෝවීම වළක්වා ගත හැකි බවයි. ජනවාරි 02 වැනිදා පාසල් යළි ආරම්භ කිරීමට නියමිත බැවින් පාසල් පරිශ්‍ර පිරිසිදු කිරීම සඳහා ද විදුහල්පතිවරුන්ගේ මූලිකත්වයෙන් වැඩසටහන් සකස් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය ඉල්ලීමක් කරයි. |
2022-12-30T01:06:16.000Z | ගෙවුණු දවස උණුසුම් කළ පුවත් | ගෙවුණු දවස උණුසුම් කළ පුවත් | දේශීය පුවත් 1. මාස 10කට පසුව මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළට මගී ගුවන් යානයක් – මාස 10කට පසුව මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ඊයේ (29) මගී ගුවන් යානයක් පැමිණි අතර යානයේ කාර්යය මණ්ඩලය හා එහි පැමිණි සංචාරකයින් පිළිගැනීමට වරාය හා ගුවන් සේවා අමාත්‍ය, නිමල් සිරිපාල ද සිල්වා මහතාත් ඊයේ (29) ගුවන් තොටුපොළට පැමිණ සිටියේ ය 2.ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට සිවිල් නියෝජිතයින් පත් කිරිම දින නියමයකින් තොරව කල් යයි .. – 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහතික කර මාස දෙකකට ආසන්න කාලයක් ගතවී ඇතත්, තවමත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට සිවිල් සාමාජිකයින් පත්කර ගැනීමට නොහැකි වී තිබේ. 3. බෙලිඅත්ත ප්‍රාදේශීය සභා සභාපති GI බට වංචාවකට රිමාන්ඩ්.. – බෙලිඅත්ත ප්‍රාදේශීය සභා සභාපතිවරයා සහ ඔහුගේ වැඩිමහල් සහෝදරයා ලබන මස 03 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. 4.උසස් පෙළ විභාගය ජනවාරි 23 ඇරඹේ: ශිෂ්‍යත්ව ප්‍රතිඵල පෙබරවාරි මාසයේ.. – 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ උත්තර පත්‍ර පරීක්ෂාව ඊයේ (29) සිට ආරම්භ කළ බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. 5.මෙරට ජනතාවගෙන් මිලියන 5 කට මානුෂිය ආධාර අවශ්‍යයි.. – IFRC – මෙරට මිලියන 5 කට අධික ජනතාවකට මානුෂිය ආධාර අවශ්‍ය බව නිවේදනයක් නිකුත් කරමින් ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය සහ රතු අඩසඳ සංවිධානය පෙන්වා දෙයි. 6.මෙරටට පැමිණීමේදී හා පිටවීමේදී පිරවිය යුතු කාඩ්පත Online ක්‍රමයට සම්පූර්ණ කිරීමට අවස්ථාව.. – මෙරටට පැමිණීමේදී හා පිටවීමේදී පිරවිය යුතු පැමිණීමේ සහ පිටවීමේ කාඩ්පත පිරවීමේ ක්‍රමවේදයේ නව වෙනසක් සිදු කිරීමට ආගමන විගමන දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. විදෙස් පුවත් 1. බංග්ලාදේශයේ ඩකා අගනුවරට නව මෙට්රෝ දුම්රිය පද්ධතියක්– මෙට්රෝ හෙවත් නවීන කෙටිදුර නගරාන්තර දුම්රිය පද්ධතියක් බංග්ලාදේශයේ ඩකා අගනුවරදී වීවෘත කෙරුණි. ක්‍රීඩා පුවත් 1. ශ්‍රී ලංකාව ටෙස්ට් ක්‍රිකට් ලෝක ශූරතාවලියේ තුන්වැනි ස්ථානයට – ශ්‍රී ලංකා කණ්ඩායම අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල ටෙස්ට් ක්‍රිකට් ලෝක ශූරතාවලි ලකුණු සටහනේ තෙවැනි ස්ථානයට පැමිණ තිබේ. |
2022-12-29T17:01:55.000Z | මධ්‍යම ආසියානු බීච් වොලිබෝල් කාන්තා ශූරතාව ශ්‍රී ලංකාවට | මධ්‍යම ආසියානු බීච් වොලිබෝල් ශූරතාව ලංකාවට | COLOMBO ( News 1st ) - ශ්‍රී ලංකා කණ්ඩායම මධ්‍යම ආසියානු බීච් වොලිබෝල් කාන්තා ශූරතාව අද (29) දිනා සමත් විය. 2022 මධ්‍යම ආසියානු බීච් වොලිබෝල් තරගාවලිය බංග්ලාදේශයේදී පැවැත්වුණු අතර එහිදී ශ්‍රී ලංකාව නියෝජනය කළේ දීපිකා බණ්ඩාර සහ චතුරිකා මදුශානි ය. ඔවුන් දෙදෙනා සහභාගී වූ පළමු තරගයෙන් බංග්ලාදේශය පරාජය කළ අතර උස්බෙකිස්ථානය පරාජය කරමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැන්මට සමත් වූහ. අවසන් තරගය පැවැත්වුණේ ශ්‍රී ලංකාව සහ නේපාලය අතර ය. ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් තරගයේ වට දෙකම ලකුණු 21 - 0ක් ලෙස ජය ගැනීමට සමත් විය. ඒ අනුව ඔවුන් ශූරතාව දිනා ගත්තේ වට 2 - 0ක් ලෙස තරගය ජය ගනිමිනි. |
2022-12-29T14:40:16.000Z | ශ්‍රී ලංකාව ටෙස්ට් ක්‍රිකට් ලෝක ශූරතාවලියේ තුන්වැනි ස්ථානයට | ශ්‍රී ලංකාව තුන්වැනි ස්ථානයට | COLOMBO ( News 1st ) - ශ්‍රී ලංකා කණ්ඩායම අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල ටෙස්ට් ක්‍රිකට් ලෝක ශූරතාවලි ලකුණු සටහනේ තෙවැනි ස්ථානයට පැමිණ තිබේ. ඔස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව අතර අද (29) අවසන් වූ දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් අනතුරුව ප්‍රකාශයට පත් කළ ලකුණු සටහනට අනුව ශ්‍රී ලංකා කණ්ඩායම තෙවැනි ස්ථානයට පත්ව ඇත්තේ ලකුණු 64ක් ද සමගිනි. ප්‍රබල ඔස්ට්‍රේලියාව ප්‍රසාද ලකුණූ 132ක් ලබා ගනිමින් ටෙස්ට් ක්‍රිකට් ලෝක ශූරතා ලකුණු සටහනේ පෙරමුණේ පසුවන අතර ප්‍රසාද ලකුණු 99ක් ලබා ඉන්දියාව එහි දෙවන ස්ථානයේ පසුවේ. |
2022-12-29T14:32:35.000Z | මාස 10කට පසුව මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළට මගී ගුවන් යානයක් | රුසියාවේ රෙඩ් වින්ග් මත්තලට | COLOMBO ( News 1 st ) - මාස 10කට පසුව මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළට අද (29) මගී ගුවන් යානයක් පැමිණි අතර යානයේ කාර්යය මණ්ඩලය හා එහි පැමිණි සංචාරකයින් පිළිගැනීමට වරාය හා ගුවන් සේවා අමාත්‍ය, නිමල් සිරිපාල ද සිල්වා මහතාත් අද (29) ගුවන් තොටුපොළට පැමිණ සිටියේ ය අද (29) පෙරවරුවේ මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපොළට පැමිණියේ රුසියාවේ රෙඩ් වින්ග් ගුවන් සේවයට අයත් යානයකි. ගුවන් තොටුපොළ බලධාරීන් ප්‍රකාශ කළේ,මොස්කව් සිට මෙම යානයෙන් සංචාරකයින් 412 ක් මෙරටට පැමිණි බවය. පිරිස පිළිගැනීමට වරාය හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සමග ගුවන් තොටුපොළ බලධාරීන් හා ගුවන් සේවා සමාගමේ ඉහළ නිලධාරීන්ද පැමිණ සිටියහ. මේ අතර රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා පැවසුවේ, තමන්ගේ පූර්ණ මැදිහත්වීමෙන් මෙම ගුවන් සේවය සංචාරකයින් සමග මත්තලට පැමිණි බව ය. රෙඩ් වින් ගුවන් සේවයේ මෙරට ප්‍රධාන නියෝජතයා ලෙස තිලක් වීරසිංහ මහතා කටයුතු කරන අතර ඔහුගේ ද සහය ඇතිව රුසියානු සංචාරකයින් ගෙන්වීම සිදුවන බව උදයංග වීරතුංග මහතා පැවසී ය. ඇමරිකානු ඩොලර් මිලියන 210 ක වියදම් ඇස්තමේන්තුවකින් චීන ණය මුදලක් ලබාගෙන වැඩ ආරම්භ කළ මත්තල ජාත්‍යන්තර ගුවන් ගුවන් තොටුපොළ , විවෘත කලේ 2013 මාර්තු මාසයේදී ය. එය සුදු අලි ව්‍යාපෘතියක් ලෙස බරපතල විවේචනයකට ලක්වූ අතර 2015 සිදුවූ ආණ්ඩු මාරුවත් සමග බලයට පත්වූ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සහ රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව මත්තල ගුවන් තොටුපොළේ ගුවන් භාණ්ඩ පර්යන්තයේ වී ගබඩා කිරීමට පියවර ගත්තහ. පසුව මත්තල ගුවන් තොටුපොළේ වී ගබඩා කිරීමෙන් සිදුවූ හානිය සොයා බැලීමට ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවක් ද පත්කෙරුණු අතර එවක අගමැති, වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද මෙම කොමිසම හමුවට කැඳවීමට පියවර ගෙන තිබුණි. පසුව ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රජයේ ගුවන් තොටුපොළ විෂයය භාර අමාත්‍යවරයා ලෙස පත්වූ ප්‍රසන්න රණතුංග මහතා අදාළ ආයතන නිලධාරීන් කැඳවූ රැස්වීමකදී නියෝග කළේ, වහාම ගුවන් තොටුපොළට සිදුවූ හානිය විමර්ශනය කර වාර්තාවක් සපයන ලෙසයි. එහෙත් දැන් සිදුව ඇත්තේ කුමක්ද? සුදු අලියෙකු ලෙස මත්තල විවේචනය කර වී ගබඩා කිරීමට නියෝග කළ පිරිස් දැන් නැවත බලයට පත්වී සිටිති. මේ පිළිබඳව විමර්ශනය කිරීමට උපදෙස් දුන් ඇතැම් අයත් ඔවුන් යටතේ ඇමති තනතුරු දරමින් සිටිති. |
2022-12-29T14:03:36.000Z | ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට සිවිල් නියෝජිතයින් පත් කිරිම දින නියමයකින් තොරව කල් යයි .. | ස්වාධීන කොමිෂන් සභා පත් කිරීමත් ප්‍රමාද වන ලකුණු. | COLOMBO ( News 1st ) - 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහතික කර මාස දෙකකට ආසන්න කාලයක් ගතවී ඇතත්, තවමත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට සිවිල් සාමාජිකයින් පත්කර ගැනීමට නොහැකි වී තිබේ. මේ නිසා මැතිවරණ කොමිසම ඇතුළු ස්වාධීන කොමිෂන් සභා සඳහා නව සාමාජිකයින් පත් කිරීම ද තවදුරටත් ප්‍රමාදවනු ඇති. පාර්ලිමේන්තුවේ සම්මත කරගත් 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව ස්වාධීන කොමිෂන් සභා ඇතුළු පත්කිරීම් රැසක් සිදුකිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශය අවශ්‍යය වන අතර මෙම සභාවට සාමාජිකයින් 10 දෙනෙකු ඇතුළත් ය. කතානායකවරයා, අගමැතිවරයා සහ විපක්ෂ නායකවරයා ඒ සඳහා පත්වන්නේ නිල බලයෙනි. ජනාධිපතිවරයාගේ නියෝජිතයා ලෙස මේ වනවිට නිමල් සිරිපාල ද සිල්වා මහතා පත්කර ඇති නමුත් සෙසු පත්කිරීම් සම්බන්ධයෙන් මේ වනවිටත් එකඟතාවක් ඇති බවක් පෙනෙන්නට නොමැත. ආණ්ඩු පක්ෂයේ බහුතර එකඟතාව මත පත් කරන නියෝජිතයා ලෙස සාගර කාරියවසම් මහතාගේ නම යෝජනා වී තිබේ. නමුත් මෙම පත්වීම තවමත් ස්ථිර වී නොමැති අතර විපක්ෂ නායකවරයා නියෝජනය කරන පක්ෂයේ නියෝජිතයා ලෙස, කබීර් හෂීම් මන්ත්‍රීවරයාගේ නම යෝජනා කර ඇති අතර ඔවුන්ගේ ස්ථාවරය වී ඇත්තේ ඡන්ද කල් දැමීමේ උපායක් ලෙස ව්‍යවස්ථා සභාවට කරන පත්කිරීම උපයෝගී කර ගන්නේ නම් මේ පත්කිරීමවලට එකඟ නොවන බවයි. ආණ්ඩුව හෝ විපක්ෂ නායකවරයා නියෝජනය නොකරන පක්ෂවල නියෝජිතයා පත් කිරීම සම්බන්ධයෙන් ද ඇත්තේ විවාදාත්මක තත්ත්වයක් වන අතර දෙමළ ජාතික සන්ධානයෙන් මේ සඳහා ධර්මලිංගම් සිද්ධාර්ථන් මහතා යෝජනා කර තිබේ. එසේම උත්තර ලංකා සභාගය යෝජනා කර ඇත්තේ උදය ගම්මන්පිල මහතා පත්කළ යුතු බවයි. අගමැතිවරයා හා විපක්ෂනායකවරයාගේ එකඟතාවයෙන් පත්කළ යුතු සිවිල් නියෝජිතයින් තිදෙනා පත්කර ගැනීම ද තවමත් ප්‍රමාදවෙමින් පවතී. අප කල විමසීමකදී කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසුවේ, ඒ සදහා අයදුම්පත් කැදවීමක් සිදුකල අතර මේ වනවිට 112 දෙනෙකු අයදුම්කර ඇති බවයි. ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට කතානායක මහින්ද යාපා අබේවර්ධන, අගමැති දිනේෂ් ගුණවර්ධන සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් අද (29) පාර්ලිමේන්තුවේදී හමු වූ නමුත් එම සාකච්ඡාව අවසන් වූයේ එකඟතාවකින් තොරව ය. අප කළ විමසීමකදී කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ප්‍රකාශ කළේ,සියළුම සාමාජිකයින් පත්කරන තෙක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව නිසි පරිදි ක්‍රියාත්මක නොවන බවයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ පත්කිරීම් ප්‍රමාදවීමේ ප්‍රතිඵලය වන්නේ ස්වාධීන කොමිෂන් සභා සඳහා නව සාමාජිකයින් පත්කිරීම ද තව දුරටත් ප්‍රමාදවීම ය. මැතිවරණ, රාජ්‍ය සේවා, ජාතික පොලිස්, විගණන සේවා, මානව හිමිකම්, අල්ලස් හෝ දූෂණ චෝදනා, මුදල්, සීමා නීර්ණය හා ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභා සඳහා සාමාජිකයින් පත්කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශය අවශ්‍ය වේ. කෙසේවෙතත්, මෙම නව පත්කිරීම් ප්‍රමාද වුවත් දැනට ක්‍රියාත්මක කොමිෂන් සභාවලට ක්‍රියා කිරීම සඳහා අදාළ ප්‍රතිපාදන 21 වන සංශෝධනයට ඇතුළත් වන අතර මේ සංශෝධනයෙන් ව්‍යවස්ථාවට අතුළත් කළ 41 ඊ වගන්තියට අනුව නව සාමාජිකයින් පත් කරන තෙක් දැනට සිටින සාමාජිකයින්ට එම ධුරයේ කටයුතු කළ හැකිය. |
2022-12-29T13:56:07.000Z | පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපති CID අත්අඩංගුවට | පේරාදෙණිය මහා ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපති අත්අඩංගු | COLOMBO ( News 1st ) - පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපති, අනුරාධ විදානගේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (29) පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබ තිබේ. පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ,හිටපු උපකුලපතිවරයාට හා ඔහුගේ පුත්‍රයාට පහරදීමේ සිද්ධියට අදාළව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකළ බවයි. අද (29) පස්වරුවේ මහනුවර අධිකරණ සංකීර්ණය ඉදිරිපිටදී ඔහුව අත්අඩංගුවට ගැනීම සිදුකර තිබූ අතර පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති, චමෝද් සත්සර මහතා පැවසුවේ, මෙම සිද්ධියට අදාළ නඩුවට පෙනී සිට ආපසු එන අතරවාරයේ මග හරස්කර මෙම අත්අඩංගුවට ගැනීම සිදුකළ බවයි. |
2022-12-29T13:47:52.000Z | මාලදිවයිනේ ජනාධිපති ඊබ්‍රාහිම් මොහොමඩ් සොලි දිවයිනට | මාලදිවයිනේ ජනාධිපති මෙරටට.. | COLOMBO ( News 1st ) - මාලදිවයිනේ ජනාධිපති ඊබ්‍රාහිම් මොහොමඩ් සොලි මහතා අද(29) දිවයිනට පැමිණියේ ය. මාලදිවයිනේ ජනාධිපති ඊබ්‍රාහිම් මොහොමඩ් සොලි මහතා මෙසේ පැමිණ ඇත්තේ, පෞද්ගලික සංචාරයක් සඳහායි. කටුනායක ගුවන් තොටුපොළ කාර්යභාර කළමනාකරු ප්‍රකාශ කළේ,ජනාධිපති ආර්යාව ද ඔහු සමග අද (29) දහවල් දිවයිනට පැමිණි බවයි. |
2022-12-29T13:43:57.000Z | බෙලිඅත්ත ප්‍රාදේශීය සභා සභාපති GI බට වංචාවකට රිමාන්ඩ්.. | බෙලිඅත්ත ප්‍රා.ස. සභාපති රිමාන්ඩ් | COLOMBO ( News 1 st ) - බෙලිඅත්ත ප්‍රාදේශීය සභා සභාපතිවරයා සහ ඔහුගේ වැඩිමහල් සහෝදරයා ලබන මස 03 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. ඒ , ඔවුන් අද (29) තංගල්ල වැඩ බලන මහේස්ත්‍රාත් රංජිත් ගුණසේකර මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. මහහීල්ල ප්‍රදේශයේ ප්‍රජා ජල ව්‍යාපෘතියක් සඳහා රැගෙන ආ GI බට 11ක් සම්බන්ධයෙන් සිදුවූ වංචාවක් සම්බන්ධයෙන් බෙලිඅත්ත ප්‍රදේශීය සභා සභාපති සිරිල් මුණසිංහ මහතා සහ ඔහුගේ වැඩිමහල් සහෝදරයා මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ. |
2022-12-29T12:56:16.000Z | කලක් විරසක වී සිටි ශාරුක් සහ සල්මාන් යළි හමු වූ සුවිශේෂි අවස්ථාව.. | විරසකව සිටි ශාරුක් සහ සල්මාන් යළි හමු වූ අවස්ථාව.. | COLOMBO ( News 1st ) – සුපිරි බොලිවුඩ් නළු සල්මාන් ඛාන්ගේ 57 වැනි උපනදිනය නිමිත්තෙන් සුවිශේෂි සාදයක් පසුගිය 27වැනිදා පැවැත්විය. එම උපන්දින සාදයට සුපිරි බොලිවුඩ් තරුවක් වූ ෂාරුක් ඛාන් සහභාගි වීම සුවිශේෂි අවස්ථාවක් විය. මෙම අවස්ථාවේදී කලක් විරසකව සිටි සල්මාන් ඛාන් සහ ෂාරුක් ඛාන් එකිනෙකා වැළඳගත් අතර එය ඔවුන්ගේ ප්‍රේක්ෂක ජනතාවට උද්වේගකර සුවිශේෂී අවස්ථාවක් විය. 2008දී ෂාරුක් සහ සල්මාන් කත්‍රිනා කයිෆ්ගේ උපන්දින සාදයේදී රණ්ඩුවකට පැටලී විරසක විය. නමුත් ඔවුන් දෙදෙනා වාණිජමය වශයෙන් සාර්ථක වූ නළුවන් බව කාටත් නොරහසකි. ෂාරුක් සහ සල්මාන් නැවතත් Pathaan and Tiger 3 හි එකට පෙනී සිටීමට නියමිත බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි. |
2022-12-29T06:09:49.000Z | ලියෝනල් මෙසී රැඳී සිටි හෝටල් කාමරය කෞතුකාගාරයක් කිරීමට සැලසුම්.. | මෙසීගේ හෝටල් කාමරය කෞතුකාගාරයක් කිරීමට සැලසුම් | COLOMBO ( News 1st ) - ආර්ජන්ටිනාවේ සුපිරි පාපන්දු ක්‍රීඩික ලියෝනල් මෙසී වෙනුවෙන් කුඩා කෞතුකාගාරයක් ඉදිකරන බව කටාර් විශ්වවිද්‍යාලය සඳහන් කර තිබේ. ඒ අනුව ලෝකු කුසලාන කාල සීමාව තුළ මෙසී කටාර්හි නවතැන් ගෙන සිටි හෝටල් කාමරය මෙලෙස කෞතුගාරයක් කිරීමට ඔවුන් සැලසුම් කර ඇතැයි වාර්තා වෙයි. ඒ, පාපන්දු ලෝක කුසලානයේදී මෙසී ප්‍රමුඛ ආර්ජන්ටිනා කණ්ඩායම ලැබූ සාර්ථකත්වය හේතුවෙනි. එ් අනුව අදාළ කාමරය තවදුරටත් අමුත්තන් සඳහා විවෘත නොවන අතර, නරඹන්නන් සඳහා පමණක් විවෘත වෙයි. එමෙන්ම මෙසීගේ බඩු බාහිරාදිය අනාගත පරම්පරාවන්ට උරුමයක් වනු ඇති අතර ලෝක කුසලානයේදී මෙසී ලබා ඇති විශිෂ්ට ජයග්‍රහණයන් පිළිබඳ සාක්ෂියක් වනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. අවසන් තරගයේ දක්ෂතම ක්‍රීඩකයා වෙනුවෙන් ප්‍රදානය කරන රන් පන්දුව හෙවත් ගෝල්ඩන් බෝල් සම්මානය දිනා ගැනීමට ද ලියොනෝල් මෙසී මෙවර සමත් විය. මෙසී, ආර්ජන්ටිනාවේ මැරඩෝනාට පසුව ජනප්‍රියම ක්‍රීඩකයෙකු ලෙසින් ලෝකයේම පාපන්දු ක්‍රීඩා ලොලීන්ගේ ආදරය දිනා ගත් ක්‍රීඩකයෙකි. 2005 වසරේ 18 හැවිරිදි වියේ දී ජාත්‍යන්තර වරම් දිනා ගැනීමට මෙසී සමත් විය. මේ අතර ලෝක ශූර ආර්ජන්ටිනා පාපන්දු කණ්ඩායමේ නායක ලියනොල් මෙසී මෙම වසරේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස BBC ආයතනය මගින් ද නම් කර තිබේ. වාර්ෂිකව මෙලෙස ක්‍රීඩකයෙක් හෝ ක්‍රීඩිකාවක් එලෙස නම් කරන අතර, මෙවර ඒ සඳහා තෝරාගෙන ඇත්තේ ලියනොල් මෙසී ය. 35 හැවිරිදි වියේ පසුවන මෙසී අවස්ථා 7කදී ලොව දක්ෂතම පාපන්දු ක්‍රීඩකයා ලෙස අන්තර් ජාතික පාපන්දු සම්මේලන සම්මාන ද දිනාගෙන සිටී. ලියෝනල් මෙසී යනු එතෙක් මෙතෙක් පාපන්දු පිටිය තුළ බිහි වූ විශිෂ්ට තරුවක් බව නොරහසකි. |
2022-12-29T10:14:08.000Z | මෙරටට පැමිණීමේදී හා පිටවීමේදී පිරවිය යුතු කාඩ්පත Online ක්‍රමයට සම්පූර්ණ කිරීමට අවස්ථාව.. | ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක් | COLOMBO ( News 1st ) - මෙරටට පැමිණීමේදී හා පිටවීමේදී පිරවිය යුතු පැමිණීමේ සහ පිටවීමේ කාඩ්පත පිරවීමේ ක්‍රමවේදයේ නව වෙනසක් සිදු කිරීමට ආගමන විගමන දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. ඒ අනුව, ජනවාරි 01 වැනිදා සිට මෙරටට පැමිණෙන විදේශිකයින් සහ පිටත්ව යන ශ්‍රී ලාංකිකයින් පිරවිය යුතු පැමිණීමේ සහ පිටවීමේ කාඩ්පත මාර්ගගත ක්‍රමයට(Online) සම්පූර්ණ කිරීමට ඉඩ සැලසීමට එම දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. |
2022-12-29T10:08:11.000Z | උසස් පෙළ විභාගය ජනවාරි 23 ඇරඹේ: ශිෂ්‍යත්ව ප්‍රතිඵල පෙබරවාරි මාසයේ.. | උ/පෙළ විභාගය ජනවාරි 23 ඇරඹේ.. | COLOMBO ( News 1st ) - 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ උත්තර පත්‍ර පරීක්ෂාව අද (29) සිට ආරම්භ කළ බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. විභාග කොමසාරිස් ජනරාල් එල්. එම්. ඩී. ධර්මසේන මහතා ප්‍රකාශ කළේ, මධ්‍යස්ථාන 42 ක ඇගයීම් කටයුතු සිදුකරන බවයි. නිලධාරීන් 6,020 දෙනෙකු ඇගයීම් කටයුතු සඳහා යොදවා තිබෙන අතර විභාග ප්‍රතිඵල පෙබරවාරි මාසයේ නිකුත් කිරීමට අපේක්ෂා කරන බව විභාග කොමසාරිස් ජෙනරාල් එල් .එම්. ඩී. ධර්මසේන මහතා වැඩිදුරටත් පැවසීය. පසුගිය දෙසැම්බර් 18 වැනිදා 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පැවැත්වුණේ, විභාග මධ්‍යස්ථාන 2894කදී ය. ඒ සඳහා සිසුන් තුන් ලක්ෂ 34,698ක් පෙනී සිටියහ. මේ අතර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ජනවාරි 23 වැනිදා සිට පෙබරවාරි 17 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත ය. |
2022-12-29T07:28:55.000Z | සන්ෆලවර් සංගීත කණ්ඩායමේ චලන දිවියෙන් සමුගනී | සන්ෆලවර් චලන දිවියෙන් සමුගනී | COLOMBO ( News 1 st ) - සන්ෆලවර් සංගීත කණ්ඩායමේ ලීඩ් ගිටාර් වාදන ශිල්පී චලන පියුමන්ත චන්ද්‍රසිරි මහතා අභාවප්‍රාප්ත වී තිබේ. ඒ ඊයේ රාත්‍රී ඇහැලියගොඩ ප්‍රෙද්ශයේ පැවති සංගීත ප්‍රසන්ගයට සහභාගී වීමෙන් අනතුරුවයි. චලන පියුමන්ත මහතා සහභාගී වූ අවසන් සංගීත ප්‍රසංගය ඊයේ ඇහැලියගොඩදී පැවැත්විය. සංගීත ප්‍රසංගයෙන් අනතුරුව අද අලුයම ආහාර ගනිමින් සිටියදි චලන පියුමන්ත මහතා රෝගී වි ඇති බව සන්ෆවර්ස් සංගීත කණ්ඩායමේ සාමාජික නෙල්සන් වාස් මහතා ප්‍රකාශ කළේ ය. |
2022-12-29T07:23:09.000Z | අක්කරෙයිපත්තුව අධිකරණ සංකීර්ණයේ ගින්නට සැකපිට 3 ක් අල්ලයි | අධිකරණ සංකීර්ණයේ ගින්නට සැකපිට 3 ක් අල්ලයි | COLOMBO ( News 1 st ) - අක්කරෙයිපත්තුව අධිකරණ සංකීර්ණයේ ලේඛනාගාරයට ගිනි තැබිමේ සිද්ධිය සම්බන්ධයෙන් 03 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතීඥ නිහාල් තල්දුව මහතා සඳහන් කළේ, අත්අඩංගුවට ගත් සැකකරුවන් කිසියම් පුද්ගලයෙකුගේ උවමනාව මත මෙම ගිනි තැබිම සිදු කරන්නට ඇතැයි සැක කරන බවයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් අද අක්කරෙයිපත්තුව අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි. සැකකරුවන් දෙදෙනෙක් අක්කරෙයිපත්තුව පෙරියනිලාවෙලි සුනාමි නිවාසවල සැඟවී සිටියදී අත්අඩංගුවට ගත් බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ ය. අනෙක් සැකකරු අක්කරෙයිපත්තුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මොවුන් තුන්දෙනාටම අධිකරණයේ නඩු පවතින බව පොලිසිය පැවසී ය. |
2022-12-29T07:14:51.000Z | මෙරට ජනතාවගෙන් මිලියන 5 කට මානුෂිය ආධාර අවශ්‍යයි.. - IFRC | මෙරට ජනතාවගෙන් මි. 5 කට මානුෂිය ආධාර අවශ්‍යයි | COLOMBO (News 1st) - මෙරට මිලියන 5 කට අධික ජනතාවකට මානුෂිය ආධාර අවශ්‍ය බව නිවේදනයක් නිකුත් කරමින් ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය සහ රතු අඩසඳ සංවිධානය පෙන්වා දෙයි. ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය සහ රතු අඩසඳ සංවිධානය මෙම නිවේදනයෙන් පෙන්වා දෙන්නේ, වර්තමානයේ ශ්‍රී ලංකාව මුහුණ දෙන ආර්ථීක අර්බුදය සමාජයේ සෑම අංශයකටම බලපාන බවයි. මෙම සංවිධානයේ දත්ත අනුව, මෙරට මිලියන 5.7 ක ජනතාවක් , එනම් සමස්ත ජනගහනයෙන් 26% ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් සඳහා මානුෂිය අධාර අවශ්‍ය බව මෙම නිවේදනයෙන් සඳහන් ය. රතු කුරුස හා රතු අඩසඳ සංවිධාන පෙන්වා දෙන්නේ, අවම වශයෙන් මෙරට ජනගහනයෙන් මිලියන 4.9 කට එනම් 22 %ක ප්‍රජාවක් අහාර අනාරක්ෂිතතාවයකින් පෙළෙන බවයි. වයස අවුරුදු 05 ට වඩා අඩු දරුවන් ඌණපෝෂණ මට්ටමවල සිටින බව ද ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ය. මේ වන විට ආර්ථික අර්බුදය හේතුවෙන් මෙරට කුටුම්භවලින් 11% කට තම ආදායම් මාර්ගය අහිමි වී ඇති බව පෙන්වා දෙන මෙම සංවිධානය පවසන්නේ, 62% කින් ආදායම් තත්ත්වය ද පහළ බැස ඇති බවයි. සමස්ත ජනගහනයෙන් 85% ක් මේ වන විට මෙම තත්ත්වයට අනුවර්තන වී ඇති බව ද ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය සහ රතු අඩසඳ සමාජයන් නිකුත් කළ නිවේදනයේ සඳහන් ය. |
2022-12-29T02:18:32.000Z | බංග්ලාදේශයේ ඩකා අගනුවරට නව මෙට්රෝ දුම්රිය පද්ධතියක් | ඩකා අගනුවරට නව මෙට්රෝ දුම්රිය පද්ධතියක් | COLOMBO (News 1st) - මෙට්රෝ හෙවත් නවීන කෙටිදුර නගරාන්තර දුම්රිය පද්ධතියක් බංග්ලාදේශයේ ඩකා අගනුවරදී වීවෘත කෙරුණි. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, අගනුවර අධික මාර්ග තදබදය මග හරවගැනීමේ අරමුණින් මෙය ඉදිකර ඇති බවයි. මේ හරහා උත්තර නගරයේ සිට අගර්ගාඔන් නගරය දක්වා කිලෝමීටර 12ක දුරක් ගමන් කිරීමට ගතවන්නේ මිනිත්තු 10ක කාලයක් පමණි. මෙම නව දුම්රිය පද්ධතිය හරහා පැයකට මගීන් 60,000 ක් පමණ ප්‍රවාහනය කිරීමට බලාපොරොත්තු වන බව ද බංග්ලාදේශ මාධ්‍ය වාර්තා කළේ ය. එරට ප්‍රධාන සංවර්ධන හවුල්කරුවෙකු වන ජපානය මෙය ඉදිකිරීමට මූල්‍ය දායකත්වය සපයා තිබේ. ව්‍යාපෘතියේ දෙවන අදියර යටතේ 2030 වර්ෂය අවසන් වනවිට තවත් මෙට්රෝ දුම්රිය මාර්ග 6 ක් ඉදිකිරීමට නියමිතයි. |
2022-12-29T01:25:44.000Z | රුසියාවේ 'රෙඩ් වින්ග්ස්' අද සිට ශ්‍රී ලංකාවට ගුවන් ගමන් අරඹයි | 'රෙඩ් වින්ග්ස්' ශ්‍රී ලංකාවට ගුවන් ගමන් අරඹයි | COLOMBO (News 1st) - රුසියාවේ 'රෙඩ් වින්ග්ස්' ගුවන් සේවය අද (29) සිට ශ්‍රී ලංකාව දක්වා ගුවන් ගමන් ආරම්භ කරන බව සිවිල් ගුවන්සේවා අධිකාරිය පවසයි. 'රෙඩ් වින්ග්ස්' ගුවන් සේවයට අයත් යානයක් අද මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත පැමිණීමට නියමිත අතර සිවිල් ගුවන් සේවා අධිකාරිය පැවසුවේ, එම ගුවන් සේවය සතියට දෙවරක් ශ්‍රී ලංකාවට ගුවන් ගමන් සිදු කිරීමට නියමිත බවයි. සිවිල් ගුවන්සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස මහතා සඳහන් කළේ, මෙම ගුවන් යානයෙන් රුසියානු සංචාරකයින් 404 දෙනෙකු මෙරටට පැමිණෙන බවයි. 'රෙඩ් වින්ග්ස්' සමාගම ශ්‍රී ලංකාවට ගුවන් ගමන් ආරම්භ කිරීමත් සමග රුසියාව හා ශ්‍රී ලංකාව අතර ක්‍රියාත්මක සෘජු ගුවන් සේවා සංඛ්‍යාව 3 කි. |
2022-12-29T01:22:45.000Z | මහ කන්නයේ වගා හානි වෙනුවෙන් රු. බිලියන 8 ක මුදලක් අද ගොවි ගිණුම්වලට බැර කෙරේ | රු. බිලියන 8 ක මුදලක් අද ගොවි ගිණුම්වලට බැර කෙරේ | COLOMBO (News 1st) - ආසියානු සංවර්ධන බැංකුව විසින් පිරිනමන රුපියල් බිලියන 08ක මුදල ගොවි ගිණුම්වලට බැර කිරීම අද (29) පෙරවරුවේ නිල වශයෙන් සිදු කෙරේ. ඒ, කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරවරු 10.00 ට කෘෂිකර්ම අමාත්‍යාංශයේදීයි. නිවේදනයක් නිකුත් කරමින් කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේ, පසුගිය මහ කන්නයේදී සිදු වූ අස්වනු හානිය සැළකිල්ලට ගනිමින් ආසියානු සංවර්ධන බැංකුව විසින් රුපියල් බිලියන 08ක මුදලක් මෙරටට ලබාදී ඇති බවයි. ඒ අනුව එම මුදල් කුඹුරු හෙක්ටෙයාරයක් ඇති ගොවීන් සඳහා රුපියල් 10,000 ක් සහ කුඹුරු හෙක්ටෙයාර් 2ක් ඇති ගොවීන් සඳහා රුපියල් 20,000 ක් බැගින් ලබාදීමට නියමිතව ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේ ය. මෙවර මහ කන්නයේදී වී වගා කරන භූමි ප්‍රමාණය හෙක්ටෙයාර් ලක්ෂ 08ක් වන අතර මේ වනවිටත් වගා කටයුතු ආරම්භ කර ඇති හා අවසන් කර ඇති කුඹුරු බිම් ප්‍රමාණය හෙක්ටෙයාර් 760,000 ඉක්මවා ඇතැයි අදාළ නිවේදනයේ සඳහන් වේ. |
2022-12-29T01:07:05.000Z | ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද රැස්වෙයි | ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද රැස්වෙයි | COLOMBO (News 1st) - 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ස්ථාපිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට සිවිල් නියෝජිතයන් තිදෙනා පත් කිරීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමේ අරමුණින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද (29) පෙරවරුවේ රැස්වේ. නිව්ස්ෆස්ට් කළ විමසීමකදී කතාතානාක මහින්ද යාපා අබේවර්ධන මහතා සඳහන් කළේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සිවිල් නියෝජනය සඳහා අයැදුම්පත් 112 ක් පමණ ලැබී ඇති බවයි. ඒ සඳහා අයැදුම්පත් භාරගැනීම පසුගිය නොවැම්බර් මස 28 වැනි දායින් අවසන් විය. ඒ සඳහා අයැදුම් කිරීමට සුදුසුකම් හිමිවන්නේ විශිෂ්ටත්වයෙන් හා අවංකභාවයෙන් යුත්, පොදු හෝ වෘත්තීය ජීවිතයේ දී කීර්තියට පත් කිසිදු දේශපාලන පක්ෂයක සාමාජිකයෙකු නොවන තැනැත්තන්ටයි. කතානායකවරයා පැවසුවේ, පාර්ලිමේන්තුව වෙත යොමු කර ඇති අයැදුම්පත් අතරින් සුදුසු පුද්ගලයින් තිදෙනකු තෝරා ගැනීම හෝ අයැදුම්පත් යොමු නොකළ එහෙත් අදාළ සුදුසුකම් සපුරන සෙසු පිරිස් වේ නම් ඒ අතරින් සුදුසු පුද්ගලයින් තිදෙනකු සිවිල් සමාජ නියෝජිතයින් ලෙස පත් කිරීම පිළිබඳව අද දිනයේ සලකා බලන බවයි. එලෙස තෝරා ගන්නා සමාජිකයින්ගේ නම් අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට කඩිනමින් යොමුකරන බව ද කතානායකවරයා සඳහන් කළේ ය. |
2022-12-29T00:56:22.000Z | පුංචි ඡන්දයේ නාමයෝජනා කැඳවීමේ දිනය තීරණය කිරීමට මැතිවරණ කොමිසම අද රැස්වෙයි | මැතිවරණ කොමිසම අද රැස්වෙයි | COLOMBO (News 1st) - ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා නාම යෝජනා කැඳවීමේ දිනය තීරණ කිරීම ඇතුළු වැදගත් තීරණ කිහිපයක් පිළිබඳ සාකච්ජා කිරීමේ අරමුණින් මැතිවරණ කොමිසම අද (29) රැස්වේ. මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා සඳහන් කළේ, අද පෙරවරු 10.00 ට රැස්වීම පැවැත්වෙන බවයි. මේ අතර අද දිනයේ පොලිස්පතිවරයා, ආරක්ෂක අමාත්‍යංශයේ ඉහළපෙළේ නිලධාරීන්, තැපැල්පතිවරයා සහ රජයේ මුද්‍රණාලාධිපතිවරිය ඇතුළු නිලධාරීන් මැතිවරණ කොමිසම හමුවට කැඳවා තිබේ. මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා සඳහන් කළේ, පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් ඉදිරි කටයුතු පිළිබඳව සාකච්ජා කිරීම සඳහා මෙම කැඳවීම කර ඇති බවය. පළාත් පාලන මැතිවරණය මාර්තු 10 වැනි දාට පෙර පවැත්වීමට සැළසුම් කර ඇති බව මැතිවරණ කොමිසම සඳහන් කළේ ය. සභාපතිවරයා පැවසුවේ, පළාත් පාලන මැතිවරණයේ නාම යෝජනා කැඳවීම සම්බන්ධයෙන් වන ගැසට් නිවේදනය ලබන මස 05 වැනි දාට පෙර නිකුත් කිරීමට සැළසුම් කර ඇති බවයි. මැතිවරණයෙන් තේරීපත්වන සභිකයින්ගේ නම් මාර්තු 20 වැනි දාට පෙර ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමට ද සැළසුම් කර තිබේ. |
2022-12-29T00:32:12.000Z | ගෙවුණු දවස උණුසුම් කළ පුවත් | ගෙවුණු දවස උණුසුම් කළ පුවත් | 1. ජනපති අඹේවෙලට.. රජයේ ඉඩම් අක්කර 30 ක් ගොවිපොළට මුදාහරින්නැයි උපදෙස් - අඹේවෙල ගොවිපොළ සමීපයේ අතහැර දමා ඇති අක්කර 30ක භූමිය වහාම අඹේවෙල ගොවිපොළට ලබා දී එය සංවර්ධනය කිරීමට අවශ්‍ය පහසුකම් සපයන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්වරයාට උපදෙස් දී තිබේ. 2. ස්වර්ණමහල් ෆයිනෑන්ෂල් සර්විසස් පීඑල්සී සමාගමේ මූල්‍ය ව්‍යාපාර බලපත්‍රය අවලංගු කෙරේ - ස්වර්ණමහල් ෆයිනෑන්ෂල් සර්විසස් පීඑල්සී සමාගමේ මූල්‍ය ව්‍යාපාර බලපත්‍රය අවලංගු කර තිබේ. 3. ඩුබායි සුද්දා ඇප මත මුදාහරී - ප්‍රියශාන්ත කුමාර හෙවත් ඩුබායි සුද්දා ඇප මත මුදා හැර තිබේ. 4. ඉන්දීය තරග සංචාරය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය නම් කෙරේ - ඉන්දීය සංචාරය සඳහා ශ්‍රී ලංකා එක් දින සහ 20යි 20 සංචිතය ඊයේ (28) ප්‍රකාශයට පත් කළේ ය. 5. නව සුරාබදු කොමසාරිස් ජනරාල් ලෙස සමන් ජයසිංහ පත් කෙරේ - 2023 ජනවාරි 02 වැනි දා සිට බලපැවැත්වෙන පරිදි සුරාබදු කොමසාරිස් ජනරාල් ධුරයට නව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයෙකු පත් කර තිබේ. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.