date
stringlengths
24
24
title
stringlengths
0
176
short_title
stringlengths
10
69
content
stringlengths
0
19.7k
2022-12-24T01:55:59.000Z
ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට අද සත්තු වත්ත නොමිලේ නැරඹීමට අවස්ථාව..
ජ්‍යෙෂ්ඨපුරවැසියන්ට සත්තුවත්ත නොමිලේ බලන්න අවස්ථාව
COLOMBO (News 1st) : අද(24) දිනයේදි ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට දෙහිවල සත්ත්වෝද්‍යානය නොමිලයේ නැරඹීමට අවස්ථාව ලබා දෙන බව ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පවසයි. එහි අධ්‍යක්ෂ ජනරාල් ජගත් ප්‍රේමකාන්ත මහතා පැවසුවේ, ඊයේ දිනයේදී එම අවස්ථාව පාසල් ළමුන්ට ලබා දුන් බවයි.‍ මේ දිනවල සත්වෝද්‍යානයේ පාරිසරික අධ්‍යාපනික ප්‍රදර්ශනයට සමාගාමීව පාසල් ළමුන්ට හා ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට නොමිලයේ සත්ත්වෝද්‍යානය නැරඹීමට අවස්ථාව ලබාදීමට තීරණය කළ බව ඔහු පැවසුවේ ය.
2022-12-24T01:43:47.000Z
වසා දැමූ බෞද්ධ හා පාලි සරසවියේ ඉගැන්වීම් කටයුතු Online ක්‍රමයට..
බෞද්ධ හා පාලි සරසවියේ ඉගැන්වීම් Online ක්‍රමයට..
COLOMBO (News 1st) – වසා දමා ඇති බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ සිසුන් වෙනුවෙන් මාර්ගගත ක්‍රමයට ඉගැන්වීම් කටයුතු ආරම්භ කරන බව එහි උපකුලපති මහාචාර්ය නෙළුවේ සුමනවංශ හිමියන් පවසයි. උන්වහන්සේ පැවසුවේ එම විශ්ව විද්‍යාලයේ මතුව ඇති ගැටලු සම්බන්ධයෙන් මහනාහිමිවරු ඇතුළු සංඝ සභාවේ කාරක සභික ස්වාමීන් වහන්සේලා හමුවී ඊයේ(23) සාකච්ඡා කළ බවයි.
2022-12-24T01:30:18.000Z
වයස්ගත බන්ධනාගාර රැඳවියන් සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග නිර්දේශ කිරීමට කමිටුවක්..
වයස්ගත රැඳවියන් ගැන තීරණ ගන්න කමිටුවක්..
COLOMBO (News 1st) – බන්ධනාගාරගතව සිටින වයස්ගත හා අසාධ්‍ය රෝගවලින් පෙළෙන රැඳවියන් සම්බන්ධයෙන් ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට පියවර ගෙන ඇතැයි අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පවසයි. අමාත්‍යවරයා පැවසුවේ, එවැනි පුද්ගලයින් සම්බන්ධයෙන් තොරතුරු රැස්කිරීම ආරම්භ කර ඇති බවයි. ඒ සඳහා අනුකමිටු කිහිපයක්ම පත්කර ඇතැයි අමාත්‍යවරයා පැවසුවේ ය. අධිකරණ අමාත්‍යවරයා පැවසුවේ, එම කමිටුවල නිර්දේශ මත ඔවුන් සම්බන්ධයෙන් ඉදිරි පියවර ගන්නා බවයි.
2022-12-24T01:24:00.000Z
දකුණේ ඝාතන මඩින්න විශේෂ පොලිස් කණ්ඩායම් 69 ක්..
දකුණේ ඝාතන මඩින්න විශේෂ පොලිස් කණ්ඩායම් 69 ක්..
COLOMBO (News 1st) – දකුණේ අපරාධ මර්දනය සඳහා ආයුධ සන්නද්ධව විශේෂ පොලිස් කණ්ඩායම් 69ක් යොදවා ඇතැයි දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. අජිත් රෝහණ මහතා පැවසුවේ, මේ වසරේ ගතවූ කාලය තුළ සිදුවූ වෙඩි තැබීම්වලින් පුද්ගලයින් 15 දෙනෙකු මියගොස් ඇති බවයි. ඒ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පිරිස18 දෙනෙකි. දකුණු පළාතේ වෙඩි තැබීම් සම්බන්ධ ආසන්නතම සිදුවීම ඊයේ(23) රාත්‍රි වාර්තා විය. ඒ, ඇල්පිටිය, යක්කඩුව හන්දිය ප්‍රදේශයෙන් ය. එහිදි 26 හැවිරිදි තරුණයෙකු තුවාල ලැබුවේ ය. පොලිසිය සඳහන් කළේ, යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු වෙඩි තැබීම සිදු කර පලා ගොස් ඇති බවයි. වෙඩි වැදීමෙන් තුවාල ලැබූ තරුණයා ප්‍රතිකාර සඳහා ඇල්පිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කරාපිටිය රෝහලට ඇතුළත් කෙරිණ. දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ, ගාල්ල අපරාධ කොට්ඨාසය මගින් අදාල වෙඩි තැබීම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි.
2022-12-24T01:20:57.000Z
දිවයින පුරා සුරාසැල් හෙට වැසේ..
දිවයින පුරා සුරාසැල් හෙට වැසේ..
COLOMBO (News 1st) – දිවයින පුරා සුරාසැල් හෙට(25) වසා තැබෙන බව, සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, සංචාරකයින් සඳහා සේවා සපයන හෝටල, ආපන ශාලා සහ තානායම්වල පමණක් මත්පැන් අලෙවි කරන ස්ථාන හෙට විවෘතව තැබෙන බවයි.
2022-12-24T01:18:18.000Z
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්
දේශීය පුවත් 1.ආශු මාරසිංහ ජනපති උපදේශක තනතුරින් අස්වීමට හේතුව සත්ත්ව අපයෝජනය ද? – හිරුණිකාගෙන් අනාවරණයක් – ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ උපදේශක, මහාචාර්ය ආශු මාරසිංහ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. 2.ඇල්පිටියේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකුට තුවාල.. – ඇල්පිටිය, යක්කඩුව හන්දිය ප්‍රදේශයේදී වෙඩි තැබීමක් සිදු කර තිබේ. වෙඩි තැබීමෙන් පුද්ගලයෙකුට තුවාල සිදුවී තිබෙන බව පොලීසිය පවසයි. 3.එළැඹෙන උත්සව සමය වෙනුවෙන් සතොස තවත් අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල ගණන් අඩු කරයි.. – එළැඹෙන උත්සව සමය වෙනුවෙන් ලංකා සතොස තවත් අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල ගණන් අඩු කර තිබේ. 4.බෝනික්කන් අස්සෙන් මතු වූ මි.165ක මත්ද්‍රව්‍ය – පසුගිය සති කිහිපයේ විදෙස් රටවල් කිහිපයක සිට තැපැල් මගින් මෙරටට ලැබුණු පාර්සල් 7ක තිබී මත්පෙති 9,586ක් ඇතුළු රුපියල් මිලියන 165කට අධික වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් සොයා ගෙන තිබේ. 5.කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට නව කුලපතිවරයෙක් පත් කෙරේ – විශ්‍රාමික ජෙනරාල් ශාන්ත කෝට්ටේගාඩ මහතා ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ කුලපති ධුරයට නම් කර තිබේ. විදෙස් පුවත් 1.අමෙරිකාව හරහා ප්‍රබල හිම කුණාටුවක්...මිලියන 100කට අධික ජනතාවට දැඩි පීඩා.. – අමෙරිකාව හරහා ප්‍රබල හිම කුණාටුවක් ගමන් කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
2022-12-23T16:05:32.000Z
ඇල්පිටියේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකුට තුවාල..
ඇල්පිටියේ වෙඩි තැබීමක්..
COLOMBO (News 1st) - ඇල්පිටිය, යක්කඩුව හන්දිය ප්‍රදේශයේදී වෙඩි තැබීමක් සිදු කර තිබේ. වෙඩි තැබීමෙන් පුද්ගලයෙකුට තුවාල සිදුවී තිබෙන බව පොලීසිය පවසයි.
2022-12-23T15:59:27.000Z
ආශු මාරසිංහ ජනපති උපදේශක තනතුරින් අස්වීමට හේතුව සත්ත්ව අපයෝජනය ද? - හිරුණිකාගෙන් අනාවරණයක්
ආශු අස්වීමට හේතුව සත්ත්ව අපයෝජනයද?
COLOMBO (News 1st) - ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ උපදේශක, මහාචාර්ය ආශු මාරසිංහ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. ඒ මහතා පෞද්ගලික හේතුවක් මත අදාල තනතුරෙන් ඉල්ලා අස්වී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළේ ය. මේ අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අද(23) මාධ්‍ය හමුවක් කැඳවමින් මහාචාර්ය ආශු මාරසිංහ මහතා ඉල්ලා අස්වීම පිළිබඳව අනාවරණයක් කළා ය. හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය මාධ්‍ය හමුවට පැමිණියේ මහාචාර්ය ආශු මාරසිංහ මහතාගේ පෙම්වතියකව සිටි බව කියන ආදර්ශා කරදන නම් කාන්තාවක් ද සමගයි. එම කාන්තාව පැවසුවේ, ආශු මාරසිංහ මහතා තම සුරතල් සුනඛයාව ලිංගික හිංසනයකට ලක්කර ඇති බවය. ඒ අනුව, ආදර්ශා කරදන මහත්මිය ප්‍රකාශ කළේ, තමන් මේ පිලිබඳව ජනාධිපති බිරිඳට සහ ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාට දැනුම්දුන් බවය.
2022-12-23T15:33:49.000Z
එළැඹෙන උත්සව සමය වෙනුවෙන් සතොස තවත් අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල ගණන් අඩු කරයි..
සතොස තවත් අත්‍යවශ්‍ය භාණ්ඩ කීපයක මිල ගණන් අඩු කරයි
COLOMBO (News 1st) - එළැඹෙන උත්සව සමය වෙනුවෙන් ලංකා සතොස තවත් අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල ගණන් අඩු කර තිබේ. ඒ අනුව සුදු සීනි කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 4කින් අඩු කර රුපියල් 220කට ලබාදෙයි. ආනයනික අර්තාපල් කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 5කින් අඩු කර ඇති අතර, නව මිල රුපියල් 285කි. බී ළුණු කිලෝ ග්‍රෑම් නව මිල රුපියල් 185කි. රතු පරිප්පු කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 11කින් අඩු වී ඇති අතර නව මිල රුපියල් 374කි. රුපියල් 15කින් අඩුවී ඇති ග්‍රෑම් 425 දේශීය ටින් මාළු එකක නව මිල රුපියල් 475කි. මිරිස් කිලෝ ග්‍රෑම් එකක මිල රුපියල් 15කින් අඩුවී ඇති අතර නව මිල රුපියල් 1780කි. තායි හාල්මැස්සන් කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 50කින් පහත දමා ඇති අතර නව මිල රුපියල් 1100කි.
2022-12-23T15:30:07.000Z
තද සුළං ඇති විය හැකියි - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව
තද සුළං ඇති විය හැකියි
COLOMBO (News 1st) - උතුරු, වයඹ හා බස්නාහිර පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් පැයට කිලෝමීටර් 40ත් 50ත් දක්වා තද සුළං ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින පීඩන අවපාතය හේතුවෙනි. එම පීඩන අවපාතය මේ වන විට ත්‍රිකුණාමලය සිට කිලෝමීටර් 370ක් ඊසාන දෙසින් ස්ථානගතව පවතින බව කාලගුණ අනාවකියේ සඳහන් වේ.
2022-12-23T09:35:32.000Z
බෝනික්කන් අස්සෙන් මතු වූ මි.165ක මත්ද්‍රව්‍ය
බෝනික්කන් අස්සෙන් මතු වූ මි.165ක මත්ද්‍රව්‍ය
COLOMBO ( News 1 st ) - පසුගිය සති කිහිපයේ විදෙස් රටවල් කිහිපයක සිට තැපැල් මගින් මෙරටට ලැබුණු පාර්සල් 7ක තිබී මත්පෙති 9,586ක් ඇතුළු රුපියල් මිලියන 165කට අධික වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් සොයා ගෙන තිබේ. ශ්‍රී ලංකා රේගුව පැවසුවේ, ස්පාඤඤය,එක්සත් රාජධානිය, බ්‍රිතාන්‍ය , ජර්මනිය, කැනඩාව සහ නෙදර්ලන්තය යන රටවල සිට මෙරටට ආනයනය කරන ලද සැක සහිත පාර්සල් 7 ක් රේගුවේ තැපැල් තක්සේරු අංශයේ නිලධාරීන් විසින් වැඩිදුර විමර්ශන සඳහා රඳවාගෙන ඇති බවයි. ලැබුම්කරුවන් නිෂ්කාශනය කර ගැනීමට ඉදිරිපත් නොවීම හමුවේ ඊයේ (22) මෙම පර්සල් පරීක්ෂා කර තිබේ. එහිදී සෙල්ලම් බඩු සහ ආහාර අඩංගු ටින් තුළ ඉතා සූක්ෂ්ම ලෙස සඟවා තිබියදී මෙම මත්ද්‍රව්‍ය තොගය සොයා ගෙන ඇත. මත්ද්‍රව්‍ය තොගයේ කුෂ් නැමති මත්ද්‍රව්‍ය ග්‍රෑම් 4673 ක් සහ මෙතම්ෆටමයින් අඩංගු මත් පෙති 9586 (ග්‍රෑම් 4009) ක් තිබී ඇති අතර ඒවායේ වෙළඳපළ වටිනාකම රුපියල් 70,095,000/= ක් සහ රුපියල් 95,860,000/= ක් බවට තක්සේරු කර ඇත.
2022-12-23T09:07:04.000Z
පවස නිවන්නට මනුෂ්‍යත්වයේ දෑත් දිගු වේ..
පවස නිවන මනුෂ්‍යත්වය
COLOMBO ( News 1 st ) - රට නගන ජන පවුර ගම්මැද්ද ක්‍රියාන්විතය තුළින් අද(23) තවත් ව්‍යාපෘතියක් සඳහා මුල පිරුණේ කුරුණෑගල, කොබෙයිගනේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයට අයත් හෙංගමුව ගම්මානයේ පානීය ජල ගැටලුව විසදීම වෙනුවෙනි. කුරුණෑගල කොබෙයිගනේ, හෙංගමුව ගම්මානයේ ජනතාව පිරිසිදු පානීය ජලය ලබාගැනීමේ ගැටලුවකට මුහුණ දී සිටියේ වසර ගණනාවක සිටයි. ප්‍රදේශයේ ළිං ආශ්‍රිතව ඇති ජලයේ ලවනතාවය ඉහළ අගයක පැවතීම හේතුවෙන් එහි ජනතාවට පානීය ජලය සපයා ගැනීමේ මහත් ගැටලුවක් පැවතුණු අතර මේ පිළිබඳව ඔවුන් බලධාරීන්ට කෙතෙක් දැනුම්දුන්නත් ඊට පිළියමක් ලැබී නොතිබුණි. ඒ නිසාම ගම්මානයෙන් වාර්තාවන වකුගඩු රෝගීන් ගණන දිනෙන් දිනම ඉහළ යමින් තිබුණි. මේ පිළිබඳව ගම්මැද්ද දැනුවත් වීමෙන් පසුව මෙම ජනතාවට ප්‍රති ආස්‍රිත ජල පෙරණ පද්ධතියක් ලබාදීමේ පියවර ආරම්භ විය. ඒ අනුව හෙංගමුව මහා විද්‍යාලයේ අදාළ ජල පෙරෙන පද්ධතිය ස්ථාපනය කිරීමේ වැඩ කටයුතුවලට අද(23) මුල්ගල් තැබුණි. ඊට මුල්‍ය දායකත්වය ලබාදීමට ආචාර්ය එම්.යූ.ඒ. තෙන්කෝන් මහතාත් , දෙවින්කා පුස්වැල්ල මහත්මියත් ඔවුන්ගේ නෑදෑ හිතවතුන් පිරිසකුත් ඉදිරිපත් වූහ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික වකුගඩු රෝග නිරීක්ෂණ හා පර්යේෂණ ඒකකයේ උපදෙස් මත ශ්‍රී ලංකා නාවික හමුදාවේ තාක්ෂණික සහයෝගයෙන් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ. ව්‍යාපෘතිය කඩිනමින් නිමවා නුදුරෙදීම එය මෙම ජනතාවට ලබාදීමට සැලසුම් කර තිබේ.
2022-12-23T08:38:47.000Z
ආශු මාරසිංහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක තනතුරින් ඉල්ලා අස්වෙයි
ආශු මාරසිංහ ධුරයෙන් ඉල්ලා අස්වෙයි
COLOMBO (News 1st) – ජනාධිපතිවරයාගේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ උපදේශක මහාචාර්ය ආශු මාරසිංහ මහතා සිය තනතුරින් ඉල්ලා අස්වී තිබේ. ඒ මහතා පෞද්ගලික හේතුවක් මත අදාළ තනතුරෙන් ඉල්ලා අස්වී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළේ ය.
2022-12-23T08:00:27.000Z
කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට නව කුලපතිවරයෙක් පත් කෙරේ
කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට නව කුලපතිවරයෙක්
COLOMBO ( News 1 st ) - විශ්‍රාමික ජෙනරාල් ශාන්ත කෝට්ටේගාඩ මහතා ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ කුලපති ධුරයට නම් කර තිබේ. මෙම නම් කිරීම සිදු කරනු ලැබ ඇත්තේ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසිනි. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, වසර 5 ක කාලයක් සඳහා ශාන්ත කෝට්ටේගොඩ මහතා එම ධුරයට නම් කර ඇති බවයි.
2022-12-23T07:55:04.000Z
අන්තරේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ රෝහල්ගත කෙරේ
වසන්ත මුදලිගේ බන්ධනාගාර රෝහලට
COLOMBO ( News 1 st ) - අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ රෝහල්ගත කර තිබේ. ඒ අනුව අන්තරේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ මහතා බන්ධනාගාර රෝහල වෙත ඇතුළත් කළ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසී ය. ඔහු මෙසේ රෝහල්ගත කෙරුණේ,රක්ෂිත බන්ධනාගාරගතකර සිටියදී ය.
2022-12-23T07:46:51.000Z
ඕමානයේ ගෘහ සේවයට ගිය කාන්තාවන්ට සිදුවූ තවත් හිංසන ක්‍රියා ගැන තවත් තොරතුරු හෙළිවෙයි
ඕමාන මිනිස් ජාවාරම : තොරතුරු රැසක් හෙළිවෙයි
COLOMBO( News 1 st ) - ඕමානයේ ගෘහ සේවය සඳහා මෙරටින් පිටත්ව ගිය කාන්තාවන්ට සිදුවූ තවත් හිංසන ක්‍රියා කිහිපයක් සම්බන්ධයෙන් මේ වන විට තොරතුරු අනාවරණ වී තිබේ. ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඇතුළු කණ්ඩායමක් ඕමානයට ගොස් සිදුකළ විමර්ශනවලදීයි. පොලීසිය පැවසුවේ, මිනිස් ජාවාරම යටතේ ගැනෙන සිද්ධීන් 15 ක් සම්බන්ධයෙන් මේ වනවිට විමර්ශන ක්‍රියාත්මක බවයි. ගෘහ සේවිකාවක් ඕමාන ජාතිකයෙකු විසින් අපයෝජනය කර ඇති අතර, අදාළ පුද්ගලයාට ඇය හඳුන්වාදී ඇත්තේ, ශ්‍රී ලාංකික නියෝජිතයින් බව පොලීසිය ප්‍රකාශ කළේ ය. මීට අමතරව, තවත් ගෘහ සේවිකාවන් දෙදෙනෙකු අපයෝජනය කිරීමට තැත් කර ඇති අතර, ඊට ශ්‍රී ලාංකික උප ඒජන්තවරුන් ද සම්බන්ධ බවට අනාවරණ වී තිබේ. පොලීසිය සඳහන් කළේ, ගෘහ සේවයට යොමු කරන බව පවසමින් එක් කාන්තාවක් ගවයින් සහ එළුවන් පාලනයට ද යොමු කිරීමේ සිද්ධියක් වාර්තා වන බවයි. අදාළ සිද්ධි සම්බන්ධයෙන් මේ වන විටත් විමර්ශන ක්‍රියාත්මක අතර, අදාළ වධ හිංසාවන්ට ලක්වූ ගෘහ සේවිකාවන් පිරිස තවදුරටත් ඕමාන ආරක්ෂක කඳවුරේ රඳවා සිටින බව, පොලීසිය ප්‍රකාශ කළේ ය. මේ සම්බන්ධයෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් නිවුස්ෆස්ට් විමසීමක් කළ විමසීමකදී එහි මාධ්‍ය ප්‍රකාශක, ගාමිණි සෙනරත් යාපා මහතා පැවසුවේ, අදාළ ගෘහ සේවිකාවන් සම්බන්ධයෙන් පවතින නීතිමය තත්ත්වයන් අවසන් වු වහාම ඔවුන් මෙරටට ගෙන්වා ගන්නා බවයි.
2022-12-23T05:31:28.000Z
මහ කන්නයේ අස්වනු නෙලන්න නොමිලයේ ඉන්ධන
මහ කන්නයේ අස්වනු නෙලන්න නොමිලයේ ඉන්ධන
COLOMBO ( News 1 st ) - මෙවර මහ කන්නයේ වී අස්වනු නෙලීම සඳහා ගොවීන්ට නොමිලේ ඉන්ධන ලබාදීමට තීරණය කර තිබේ. කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්, ගුණදාස සමරසිංහ මහතා ප්‍රකාශ කළේ, අස්වනු නෙලීමේ කටයුතු ආරම්භ වීමත් සමග ඉන්ධන නිකුත් කිරීමට පියවර ගන්නා බවයි. ඊට අදාළ තොරතුරු මේ වන විට අදාළ අංශ වෙත යොමු කර ඇතැයි ද අමාත්‍යාංශ ලේකම්වරයා ප්‍රකාශ කළේ ය. වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේ, චීන සහනාධාරයක් ලෙස ලැබූ මෙම ඉන්ධන තොගය ගොවීන්ට ලබාදීමේ කටයුතු ආරම්භ කෙරෙන බවයි. හෙක්ටයාරයට ඉන්ධන ලීටර 20 ක් ලබා දීමට අපේක්ෂා කෙරෙන අතර ඔහු අවධාරණය කළේ,බිම් සකස් කිරීමේ කටයුතු සඳහා මෙම ඉන්ධන නිකුත් නොකරන බවයි. එසේම අස්වනු නෙලීමේදී භාවිතයට ගැනීමට හැකිවන සේ මෙම ඉන්ධන නිකුත් කෙරෙන බවත් ගොවිජන සේවා මධ්‍යස්ථාන මගින් ලබාගත් තොරතුරුවලට අනුව මෙම ඉන්ධන බෙදා හැරීමට නියමිත බව ද ඔහු ප්‍රකාශ කළේ ය.
2022-12-23T04:01:55.000Z
සීදූවේ වෙඩි තැබීමක්... පුද්ගලයෙක් මරුට
සීදූවේ වෙඩි තැබීමක්... පුද්ගලයෙක් මරුට
COLOMBO ( News 1 st ) - සීදූව කොටුගොඩ ප්‍රදේශයේ සිදුවු වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසුවේ, යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු එල්ල කළ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ අදාළ පුද්ගලයා රාගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි. මෙම පුද්ගලයා උදෑසන ආහාර ගැනීමට කොටුගොඩ ප්‍රදේශයේ යම් ස්ථානයකට පැමිණ ඇති බවත්,එහිදී යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු පිස්තෝලයක් භාවිත කර මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කළේ ය. මියගිය පුද්ගලයා 39 හැවිරිදි අයෙක් බව පොලීසිය පවසයි. සිද්ධිය සම්බන්ධයෙන් සීදුව පොලීසිය වැඩිදුර විමර්ශන අරඹා තිබේ.
2022-12-23T03:56:39.000Z
දෙ. 24 සහ 25 බොහෝ ප්‍රදේශවල වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක් - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව
දෙ. 24 සහ 25 වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක්
COLOMBO ( News 1 st ) - දෙසැම්බර් 24 සහ 25 යන දිනයන්හිදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව අද උදෑසන 5.30ට නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ, නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින පීඩන අවපාතය මේ වනවිට ත්‍රිකුණාමලය සිට කි.මී.370 ඊසාන දෙසින් ස්ථානගතව ඇති බවත් ඉදිරි පැය 48 තුළ එය ශ්‍රී ලංකාව හරහා ගමන් කිරීමේ හැකියාවක් ඇති බවත් ය. මේ අතර උතුරු, නැගෙනහිර, ඌව සහ උතුරු-මැද පළාත්වල විටින් විට වැසි ඇතිවන බවත් සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් අද උදෑසන නිකුත් කළ කාලගුණ අනාවැකියේ සඳහන් වේ. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.
2022-12-23T03:27:55.000Z
කිසි ලෙසකින් දෛනික විදුලිය කප්පාදු කාලය ඉහළ දමන්නේ නැහැ - ලංවිම
විදුලිය කප්පාදු කාලය ඉහළ දමන්නේ නැහැ - ලංවිම
COLOMBO ( News 1 st ) – කිසිදු ලෙසකින් දෛනිකව සිදුවන විදුලිය කප්පාදුව ඉහළ නොදමන බව, විදුලි බල මණ්ඩලය පවසයි. එහි මාධ්‍ය ප්‍රකාශක ඇන්ඩ්‍ර නවමුණි මහතා සඳහන් කළේ, ගල්අඟුරු සම්පාදනය කරගැනීමේ ගැටලුකාරී තත්ත්වයක් පැවතිය ද, දීර්ඝ විදුලිය කප්පාදුවකින් තොරව විදුලිය ලබා දෙන බවයි. එවැනි අවස්ථාවක අඛණ්ඩ විදුලිය සම්පාදනය වෙනුවෙන් විකල්ප හඳුනාගෙන ඇතැයිද, ඇන්ඩ්‍ර නවමුණි මහතා ප්‍රකාශ කළේ ය. මේ අතර, නොරොච්ච‍ලේ ගල් අඟුරු බලාගාරයේ එක් ජනන යන්ත්‍රයක් ඊයේ (22)මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියා විරහිත කළ බව විදුලි බල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පවසයි. ඒ , නඩත්තු කටයුත්තක් සඳහා ය. එම කටයුත්ත ජනවාරි මාසයට සැලසුම් කර තිබුණත් ජල විදුලි බලාගාර ආශ්‍රිත ජල ධාරිතාවය ජනවාරි මාසයේදී අඩු වනු අතැයි අපේක්ෂාවෙන් එය කලින් සිදු කිරීමට තීරණය කළ බව විදුලි බල හා බලශක්ති රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය. නොරොච්ච‍ලේ ගල් අඟුරු බලාගාරයේ ජනන යන්ත්‍ර 03 කින් සමන්විත වන අතර ඉන් ජාතික පද්ධතියට එක් කරන විදුලි ධාරිතාව මෙගාවොට් 900 කි. මෙහි එක් ජනන යන්ත්‍රයක් අක්‍රීය කිරීමෙන් පසු මෙගාවොට් 300ක ධාරිතාවක් ජාතික පද්ධතියට අහිමි වෙයි. මේ අතර, අදත් පැය 2 යි විනාඩි 20ක් විදුලි කප්පාදුවක් සඳහා මහජන උපයෝගිතා කොමිසම ලංකා විදුලි බල මණ්ඩලයට අවසර ලබාදී තිබේ. ඒ අනුව A සිට L දක්වා සහ C සිට W දක්වා කලාපවලට දහවල් කාලයේ පැයයි විනාඩි 20ක් විදුලිය කප්පාදු කෙරෙනු ඇති. එම කලාපවලටම රාත්‍රි කාලයේදී පැයක් විදුලිය කප්පාදු කෙරේ. හෙට, අනිද්දා සහ ලබන 26 වැනිදා විදුලි කප්පාදුවක් සිදු නොකරන බව මහජන උපයෝගිතා කොමිසම නිවේදනය කරයි.
2022-12-23T03:23:45.000Z
රැකියා ලක්ෂයේ 12,000කට පළාත් සභාවල රැකියා...
රැකියා ලක්ෂයේ 12,000කට පළාත් සභාවල රැකියා...
COLOMBO ( News 1 st ) - රැකියා ලක්ෂයේ වැඩපිළිවෙල යටතේ බඳවා ගත් අඩු ආදායම්ලාභී පවුල්වල පුද්ගලයින් 12,000කට අධික පිරිසක් පළාත් සභාවල ඇති පුරප්පාඩු සඳහා අනියුක්ත කිරීමට තීරණය කර තිබේ. පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පැවසුවේ, තවදුරටත් පළාත් සභාවල පවතින පුරප්පාඩු සම්බන්ධයෙන් සොයා බලන්නැයි ද, සියලු අංශවලට උපදෙස් දී ඇති බවයි.
2022-12-23T02:21:52.000Z
2022 - ස්ප්ලෑශ් වෙළඳ ප්‍රදර්ශනය අදත් කැන්ඩි සිටි සෙන්ටර් පරිශ්‍රයේදී
අලුත් පොතක් සතුටු හිතක් අවසන් දිනය අද
COLOMBO ( News 1 st ) - 2022 - ස්ප්ලෑශ් වෙළඳ ප්‍රදර්ශනය අදත් කැන්ඩි සිටි සෙන්ටර් පරිශ්‍රයේදී පැවැත් වේ. ඊයේ(22) ආරම්භ වු ස්ප්ලෑශ් වෙළඳ ප්‍රදර්ශනය ලබන 25 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි. මේ අතර, නත්තල සමරමින් දිවයින පුරා සිටින දරුවන්ට අලුත් පාසල් වාරය සදහා පොත් පත් ඇතුළු උපකරණ පරිත්‍යාග කිරීමට ඇති අවසන් දවස අදයි. ඒ, අලුත් පොතක් සතුටු හිතක් සිරස ශක්ති පොත් යාත්‍රාව වැඩසටහන යටතේයි. ඔබගේ පරිත්‍යාග භාර ගැනිමට අදත් ස්ථාන කිහිපයක පහසුකම් සලසා තිබේ. ඒ අනුව, කොළඹ 02 කැපිටල් මහරාජා සමූහයේ ප්‍රධාන කාර්යාලය දෙපානම මැදිරි සංකීර්ණය රත්මලාන ස්ටයින් මැදිරි සංකීර්ණය කොළඹ එචලන් චතුරස්‍ර පරිශ්‍රය‍ කැන්ඩි සිටි සෙන්ටර් පරිශ්‍රයට ඔබේ පරිත්‍යාග ගෙනැවිත් භාරදිය හැකියි.
2022-12-23T02:03:37.000Z
දක්ෂිණ අධිවේගයේ රිය අනතුරකින් පුද්ගලයින් 11කට තුවාල..
අධිවේගයේ රිය අනතුරකින් 11කට තුවාල
COLOMBO ( News 1 st ) - අධිවේගී මාර්ගයේ කුරුඳුගහහැතැක්ම සහ බද්දේගම අතරදී රිය අනතුරක් සිදුව තිබේ. බස් රථයක් සහ කන්ටේනර් රථයක් එකිනෙක ගැටීමෙන් සිදුවු මෙම රිය අනතුරින් 11 දෙනෙකු තුවාල ලබා තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කළේ, මේ හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ කුරුඳුගහහැතැක්ම සහ බද්දේගම බර වාහන ධාවනයට බාධා මතුව ඇති බවයි.
2022-12-23T01:26:47.000Z
අමෙරිකාව හරහා ප්‍රබල හිම කුණාටුවක්...මිලියන 100කට අධික ජනතාවට දැඩි පීඩා..
අමෙරිකානු ගුවන් ගමන් නැවතූ හිම කුණාටුව
COLOMBO ( News 1 st ) - අමෙරිකාව හරහා ප්‍රබල හිම කුණාටුවක් ගමන් කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. මේ හේතුවෙන් එරට මිලියන 100කට අධික ජනතාවක් දැඩි පීඩාවෙන් පසුවන බව විදෙස් මාධ්‍ය වාර්තා වල සඳහන් ය. එරට බලධාරීන් සඳහන් කළේ, ප්‍රධාන ගුවන් තොටුපොළවල ගුවන් ගමන් දහසකට අධික සංඛ්‍යාවක් මේ වන විට අවලංගු කර ඇති බවයි. මෙය දශක ගණනාවකට පසු අමෙරිකාවට බලපෑ ප්‍රබලතම හිම කුණාටුව බවට වාර්තා වන අතර එරට කාලගුණ විශේෂඥයින් පවසන්නේ අමෙරිකාවේ ඇතැම් ප්‍රදේශවල උෂ්ණත්වය මේ වන විට සෙල්සියස් අංශක සෘණ 45 දක්වා පහත වැටී ඇති බවයි.
2022-12-23T01:21:41.000Z
උත්සව සමය වෙනුවෙන් අද(23) සිට විශේෂ පොදු ප්‍රවාහන සේවා
අද(23) සිට විශේෂ පොදු ප්‍රවාහන සේවා
COLOMBO ( News 1 st ) - උත්සව සමය වෙනුවෙන් අද(23) සිට විශේෂ පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මකයි. ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්, ආචාර්ය නිලාන් මිරැන්ඩා මහතා පැවසුවේ, මගී අවශ්‍යතාව අනුව, අතිරේක බස් රථ යෙදවීමට පියවර ගන්නා බවයි. මගී අවශ්‍යතාව අනුව බස් රථ යෙදවීමට පියවර ගෙන තිබෙන අතර මෙම සේවාව අද(23) දින සිට ලබන 03 වැනිදා දක්වා ක්‍රියාත්මක වීමට නියමිතයි.දැනට ධාවනය වන බස් රථවලට අමතරව අතිරේක බස් රථ අවශ්‍යතාව අනුව යෙදවීමට ද සූදානම් කර තිබේ. එසේම මෙම සේවාව ගුණාත්මකව ක්‍රියාත්මක වීම පිළිබඳව සොයා බැලීමට ජංගම පරීක්ෂකවරුන් හා සේවක මහත්වරුන් යොදවා තිබේ. සෑම නගරයක් ආශ්‍රීතව මගී පහසුව වෙනුවෙන් අතිරේක බස් රථ යොදවන්නැයි, සියලු ප්‍රාදේශීය සහ ඩිපෝ කළමනාකරුවන්ට දැනුම් දී ඇතැයි ද , ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සමාන්‍යාධිකාරී, පණ්ඩුක ස්වර්ණහංස මහතා ප්‍රකාශ කළේ ය.
2022-12-23T01:20:09.000Z
දෛනිකව ලබා ගන්නා කොවිඩ් සාම්පල ගැන විමර්ශන පුළුල් කෙරේ..
කොවිඩ් සාම්පල ගැන විමර්ශන පුළුල් කෙරේ..
COLOMBO (News 1st) – දෛනිකව ලබා ගන්නා කොවිඩ් සාම්පල සම්බන්ධ විමර්ශන පුළුල් කර තිබේ. සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් ජනක චන්ද්‍රගුප්තා මහතා පැවසුවේ, සිදුකරන අහඹු පරීක්ෂාවන් ද, ඉහළ නංවා ඇති බවයි. එම සාම්පල වාර්තා බොරැල්ල වෛද්‍ය පර්යේෂණායතනය සහ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය මගින් වැඩිදුරටත් පරීක්ෂාවට ලක් කෙරෙන බවද, ඔහු ප්‍රකාශ කළේ ය. ලේකම්වරයා පැවසුවේ, ඉන්දියාව සහ චීනය ඇතුළු රටවල යළිත් කොරෝනා ව්‍යාප්තිය වැඩිවෙමින් ඇතැයි පළවන වාර්තා සම්බන්ධයෙන් වැඩි අවදානයක් යොමු කර ඇති බවයි.
2022-12-23T01:11:35.000Z
තවදුරටත් ඖෂධ 100කට වැඩි ප්‍රමාණයක් හිඟයි - සෞඛ්‍ය අමාත්‍යාංශය -
තවදුරටත් ඖෂධ 100කට වැඩි ප්‍රමාණයක් හිඟයි
COLOMBO (News 1st) – තවදුරටත් ඖෂධ වර්ග 100කට අධික සංඛ්‍යාවක හිඟයක් පවතින බව, සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. අමාත්‍යාංශය සඳහන් කළේ, ගෙවීම් ප්‍රමාද වීම හමුවේ එම තත්ත්වය පවතින බවයි. කෙසේ වෙතත්, හැකි උපරිමයෙන් අවශ්‍යතාව අනුව ඖෂධ සැපයීමට පියවර ගෙන ඇතැයිද, අමාත්‍යාංශය සදහන් කළේ ය.
2022-12-23T01:07:25.000Z
‌ගෙවුණු දිනය උණුසුම් කළ පුවත්
‌ගෙවුණු දිනය උණුසුම් කළ පුවත්
දේශීය පුවත් 1.නොරොච්චෝලේ එක් ජනන යන්ත්‍රයක් අද මධ්‍යම රාත්‍රී සිට ක්‍රියාවිරහිත කෙරේ.. -නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ එක් ජනන යන්ත්‍රයක් ක්‍රියාවිරහිත කිරීමට තීරණය කර තිබේ. 2.පළාත් පාලන ඡන්ද විමසීම: තේරීම්භාර සහ සහකාර තේරීම්භාර නිලධාරීන් නම් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් – පරිපාලන දිස්ත්‍රික්ක 25 සඳහා තේරීම්භාර නිලධාරීන් සහ සහකාර තේරීම්භාර නිලධාරීන් නම් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. 3.ණය පොලී අනුපාත ඉහළ දැමීමට හේතු පැහැදිලි කරමින් ජාතික ඉතිරිකිරීමේ බැංකුවෙන් නිවේදනයක්.. – සිය ණය පොලී අනුපාත ඉහළ දැමීමට හේතු පැහැදිලි කරමින් ජාතික ඉතිරිකිරීමේ බැංකුව ඊයේ (22) නිවේදනයක් නිකුත් කර තිබේ. 4.හිටපු උපකුලපතිට පහරදීම: අත්අඩංගුවට ගත් සිසුන් යළි රිමාන්ඩ්.... – පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය අතුල සේනාරත්න මහතාට සහ පුත්‍රයාට පහරදීම, සම්බන්ධයෙන් පේරාදෙනිය විශ්වවිද්‍යාල මහා ශිෂ්‍ය සංගමයේ සභාපති, අනුරුද්ධ විතානගේ මහතා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි පේරාදෙනිය ප්‍රධාන මහේස්ත්‍රාත් සේනිත් විජේසේකර මහතා ඊයේ (22) නියෝග කළේ ය. 5.දෙසැම්බර් 26 රජයේ විශේෂ නිවාඩු දිනයක් – ලබන 26 වැනි දා රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ. 6.ජනතා සේවය දී කඹ ඇදීම් එපා..වගකීම් නිසි‍ ලෙස ඉටු කරන්න,ජනපතිගෙන් රාජ්‍ය සේවකයින්ට උපදෙසක් – ජනතාවට සේවය කිරීමේ දී කඹ ඇදීමකින් තොරව තම වගකීම් නිසි‍ ලෙස ඉටු කිරීමට රාජ්‍ය නිලධාරීන් කටයුතු කළ යුතු බව, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. විදෙස් පුවත් 1. සීත සෘතුවත් සමග අමෙරිකානු වැසියන් මිලියන 90කට කාලගුණ අනතුරු ඇඟවීම් – සීත සෘතුවත් සමග අමෙරිකානු වැසියන් මිලියන 90කට කාලගුණ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ. ක්‍රීඩා පුවත් 1. පකිස්ථාන නායක බාබර් ටෙස්ට් පිතිකරු ශ්‍රේණිගත කිරීම්වල 2 වැනි තැනට – පකිස්ථාන ක්‍රිකට් නායක බාබර් අසාම් නවතම ටෙස්ට් පිතිකරු ශ්‍රේණිගත කිරීම්හි දෙවන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබේ
2022-12-22T13:40:49.000Z
නොරොච්චෝලේ එක් ජනන යන්ත්‍රයක් අද මධ්‍යම රාත්‍රී සිට ක්‍රියාවිරහිත කෙරේ..
නොරොච්චෝලේ ජනන යන්ත්‍රයක් නවතියි.
COLOMBO ( News 1 st ) -නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ එක් ජනන යන්ත්‍රයක් ක්‍රියාවිරහිත කිරීමට තීරණය කර තිබේ. අද (22) මධ්‍යම රාත්‍රියේ සිට මෙම ජනන යන්ත්‍රය අක්‍රීය කරන බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය. අදාළ ජනන යන්ත්‍රයේ නඩත්තු කටයුත්තක් සඳහා මෙසේ ක්‍රියා විරහිත කෙරෙනු ඇති.
2022-12-22T13:12:28.000Z
ණය පොලී අනුපාත ඉහළ දැමීමට හේතු පැහැදිලි කරමින් ජාතික ඉතිරිකිරීමේ බැංකුවෙන් නිවේදනයක්..
ජාතික ඉතිරිකිරීමේ බැංකුවෙන් නිවේදනයක්..
COLOMBO ( News 1 st ) - සිය ණය පොලී අනුපාත ඉහළ දැමීමට හේතු පැහැදිලි කරමින් ජාතික ඉතිරිකිරීමේ බැංකුව අද(22) නිවේදනයක් නිකුත් කර තිබේ. ජාතික ඉතිරිකිරීමේ බැංකුව පෙරේදා සිට ක්‍රියාත්මක වන පරිදි ඔවුන් මේ වන විට නිකුත් කර ඇති ණය සඳහා වන පොලී අනුපාත 15% ක උපරිමයක් දක්වා ඉහළ දැමීමට පියවර ගෙන තිබූ අතර එහිදි විශේෂත්වය වූයේ, ස්ථාවර පොලී අනුපාත යටතේ නිකුත් කර තිබු ණය පහසුකම්වල පවා පොලීය ඉහළ දමා තිබීමයි. අදාළ තීරණය ශ්‍රී ලංකා මහ බැංකුවේ උපදෙස්මත ක්‍රියාත්මක කළ බව ඒ පිළිබඳව අප කළ විමසුමකදී, බැංකුවේ සභාපති කේෂිලා ජයවර්ධන මහත්මිය ප්‍රකාශ කළා ය. නමුත් අද(22) නිවේදනයක් නිකුත් කරමින් ජාතික ඉතිරිකිරීමේ බැංකුව ප්‍රකාශ කළේ, අදාළ පොලී අනුපාත ඉහළ දැමීම ශ්‍රී ලංකා මහ බැංකුව හෝ වෙනත් කිසිදු ආයතනයක උපදෙස් මත සිදු කළ දෙයක් නොවන බවත්, එය බැංකුවේ ව්‍යාපාරික තීරණයක් බවයි. වෙළඳපොල පොලී අනුපාත අනුව අවස්ථානුකූලව ණය පොලී වෙනස් කිරීම සාමාන්‍ය බැංකු ක්‍රියාවලියක් බව ජාතික ඉතිරිකිරීමේ බැංකුව සිය ලිපියෙන් අවධාරණය කර තිබේ. ඒ අනුව ඉදිරියේදී වෙළදපොලේ පොලී අනුපාත පහළ ගියහොත්, තම පොලී අනුපාත පහළ දැමීමට තීරණය කරන බව ද බැංකුව සිය නිවේදනයේ සඳහන් කර තිබේ.
2022-12-22T11:54:15.000Z
පාසල්වල තුන්වන වාරයේ පළමුවන අදියර අවසන්...
තෙවන පාසල් වාරය ජනවාරි 02 වැනිදා
COLOMBO ( News 1 st ) - රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තුන්වන වාරයේ පළමුවන අදියර අද(22) අවසන් විය. අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ , තුන්වැනි වාරයේ දෙවන අදියර 2023 ජනවාරි 02 වන සඳුදා ආරම්භ වන බවයි.
2022-12-22T11:49:50.000Z
හිටපු උපකුලපතිට පහරදීම: අත්අඩංගුවට ගත් සිසුන් යළි රිමාන්ඩ්....
උපකුලපතිට පහර දීමට අදාළ සිසුන් යළි රිමාන්ඩ්..
COLOMBO ( News 1 st ) - පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය අතුල සේනාරත්න මහතාට සහ පුත්‍රයාට පහරදීම, සම්බන්ධයෙන් පේරාදෙනිය විශ්වවිද්‍යාල මහා ශිෂ්‍ය සංගමයේ සභාපති, අනුරුද්ධ විතානගේ මහතා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි පේරාදෙනිය ප්‍රධාන මහේස්ත්‍රාත් සේනිත් විජේසේකර මහතා අද(22) නියෝග කළේ ය. ඒ, ඔහු නඩුවේ සැකකරුවෙකු ලෙස නම් කරමිනි. නඩුව පවරා ඇත්තේ,නීතිවිරෝධී රැස්වීමක සාමාජිකයින් වී අදාළ පහරදීම සිදුකිරීම හා පොදු දේපොළ වලට අලාභ හානි කිරීම යන චෝදනා යටතේයි. මේ වනවිට අත්අඩංගුවට ගෙන සිටින විශ්වවිද්‍යාල සිසුන් 12 දෙනා අද(22) හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කළ අතර පැමිණිල්ලේ සාක්ෂිකරුවන් ඔවුන් අතරින් 06 දෙනෙකු හඳුනා ගෙන තිබේ. ඒ අනුව සැකකාර සිසුන් ලබන ජනවාරී 4 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ ය. සැකකාර සිසුන් ඕනෑම ඇප කොන්දේසියක් යටතේ මුදා හරින්නැයි, ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අනුර සේනානායක මහතා ඇතුළු නීතිඥ මණ්ඩලය ඉල්ලා සිටි අතර අගතියට පත් මහාචාර්යවරයා සහ විශ්වවිද්‍යාලය වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ, චමින්ද අතුකෝරල මහතා ප්‍රමුඛ නීතිඥ මණ්ඩලය ඊට දැඩි විරුද්ධත්වය ප්‍රකාශ කළහ.
2022-12-22T11:32:09.000Z
ජනතා සේවය දී කඹ ඇදීම් එපා..වගකීම් නිසි‍ ලෙස ඉටු කරන්න,ජනපතිගෙන් රාජ්‍ය සේවකයින්ට උපදෙසක්
රාජ්‍ය ආයතන ජනතා සේවයට කැපවිය යුතුයි
COLOMBO ( News 1 st ) - ජනතාවට සේවය කිරීමේ දී කඹ ඇදීමකින් තොරව තම වගකීම් නිසි‍ ලෙස ඉටු කිරීමට රාජ්‍ය නිලධාරීන් කටයුතු කළ යුතු බව, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ජනාධිපතිවරයා ඒ බව ප්‍රකාශ කළේ, අද(22) පෙරවරුවේ නුවරඑළිය දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමට එක්වෙමිනි. තමා වෙත ඉදිරිපත් කළ ජනතා ගැටලුවලින් 50% ක් පමණ රාජ්‍ය නිලධාරීන්ට විසඳුම් ලබා දිය හැකි ඒවා බව පෙන්වා දුන් ජනාධිපතිවරයා පැවසුවේ, එම ගැටලු විසඳීමට ජනාධිපතිවරයා නොව ඇමතිවරයෙකු හෝ කොළඹ සිට පැමිණීම අනවශ්‍ය බවයි. ඒ අනුව රාජ්‍ය ආයතන, මනා සම්බන්ධීකරණයකින් උපරිම ජනතා සේවයක් ඉටුකිරීමට කැපවිය යුතු බව ජනාධිපතිවරයා අවධාරණය කළේ ය. නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඉඩම් ගැටලු විසඳීම පිළිබඳව සියලු රාජ්‍ය ආයතන ඒකාබද්ධව සකස් කළ වාර්තාවක් පෙබරවාරි 04 වැනිදාට පෙර තමා වෙත ලැබීමට සළස්වන්නැයි ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන් අතර ජනාධිපතිවරයා පැවසුවේ, එසේ වාර්තාවක් ඉදිරිපත් නොකළහොත් තමා වෙත පැවරී ඇති බලතල අනුව ක්‍රියාකරන බවයි. මේ අතර “ලෝකාන්තය” නැරඹීමට පැමිණෙන සංචාරකයන් සඳහා පට්ටිපොළ – බොරලන්ද අතර කේබල් කාර් ව්‍යාපෘතියක් ආරම්භ කරන්නැයි ද ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය. නුවරඑළිය දිස්ත්‍රික්කයේ රජයට අයත් ඉඩම් පිළිබඳව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, වැවිලි අමාත්‍යාංශය සහ ඉඩම් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව ඒකාබද්ධව වාර්තාවක් සකස් කර මාසයක් තුළ එය තමාවෙත ලබාදෙන්නැයි ද ජනාධිපතිවරයා උපදෙස් දී තිබේ. වැවිලි සමාගම්වලට ලබාදී ඇති සියලු ඉඩම් බලපත්‍ර අහෝසි කර පෙබරවාරී 4 වැනිදාට පෙර ජනතාවට අවශ්‍ය ඉඩම් ලබාදීමට අපේක්ෂා කරන බව ද ජනාධිපතිවරයා පැවසුවේ ය. ඊළග දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමට මාසයකට පෙර දිස්ත්‍රික්කයේ පවතින ගැටලු පිළිබඳ වාර්තාවක් සකස් කර, නිලධාරීන් එම රැස්වීමට සහභාගී විය යුත්තේ වාර්තාවේ ඇති ගැටලු සඳහා ලබාදිය හැකි විසඳුම් ද සමග බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ ය. ජනාධිපතිවරයා සඳහන් කළේ, හෝටර්න් තැන්න ආරක්ෂා කිරීම සඳහා නව නීතියක් ද ගෙනඑන බවයි.
2022-12-22T11:30:32.000Z
සීත සෘතුවත් සමග අමෙරිකානු වැසියන් මිලියන 90කට කාලගුණ අනතුරු ඇඟවීම්
අමෙරිකාවේ ශීත අධිකම නත්තල මෙම වසරේදී
COLOMBO ( News 1 st ) - සීත සෘතුවත් සමග අමෙරිකානු වැසියන් මිලියන 90කට කාලගුණ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ. එරට කාලගුණ විද්‍යාඥයින් ප්‍රකාශ කරන්නේ, දශක හතරකට පසුව එළඹෙන ශීත අධිකම නත්තල මෙය වන අතර 'එලියට්' නමින් හැඳින්වෙන දරුණු හිම කුණාටුවක්ද මෙම තත්ත්වය තවත් උග්‍ර වීමට බලපානු ඇති බවයි. අමෙරිකාවේ බොහෝ ප්‍රදේශවල උෂ්ණත්වය ඍණ අගයක් ගන්නා බවද විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් ය. පවතින කාලගුණයේ බරපතළ භාවය හේතුවෙන් කෙන්ටකි සහ නොර්ත් කැරොලයිනා ප්‍රාන්තවල හදිසි තත්ත්වයක්ද ප්‍රකාශයට පත් කර තිබේ.
2022-12-22T10:25:28.000Z
නත්තල් උත්සවය වෙනුවෙන් විශේෂ දුම්රිය 8 ක් ධාවනයට එක් කෙරේ...
උත්සව සමයේ විශේෂ දුම්රිය 08 ක්...
COLOMBO ( News 1 st ) - නත්තල් උත්සව සමය වෙනුවෙන් විශේෂ දුම්රිය 08 ක් ධාවනයට එක් කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව හෙ (23) සිට එම විශේෂ දුම්රිය ධාවනයට එක් කෙරෙනු ඇති. කොළඹ කොටුවේ සිට බදුල්ල බලා විශේෂ දුම්රිය 3 ක් , බදුල්ලේ සිට කොළඹ කොටුව දක්වා විශේෂ දුම්රිය 3 ක් මෙසේ ධාවනයට එක් කිරීමට නියමිතයි. එමෙන්ම,කොළඹ කොටුවේ සිටි කන්කසන්තුරය දක්වා විශේෂ දුම්රියක් හා කන්කසන්තුරයේ සිට කොළඹ කොටුව දක්වා විශේෂ දුම්රියක්ද ධාවනයට එක් කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ය.
2022-12-22T10:21:16.000Z
ජනපති නියමයෙන් ජාත්‍යන්තර වෙළෙඳ කාර්යාලයක් පිහිටුවීමේ තීරණයක්
ජනපති නියමයෙන් ජාත්‍යන්තර වෙළෙඳ කාර්යාලයක්
COLOMBO ( News 1 st ) - අන්තර්ජාතික වෙළෙඳාම සඳහා ජාත්‍යන්තර වෙළෙඳ කාර්යාලයක් මෙරට පිහිටුවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තබේ. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, ජාත්‍යන්තර වෙළෙඳාම පිළිබඳ ආයතන වෙන් වෙන්ව ගනු ලබන ප්‍රවේශයන්හි අඩුපාඩු මඟහරවා ගනිමින් එම කටයුතු වඩා කාර්යක්ෂම සහ විධිමත් කර ගැනීම වෙනුවෙන් මෙම නව කාර්යාලය ස්ථාපනය කෙරෙනු ඇති බවයි. ජාත්‍යන්තර වෙළෙඳ අංශයන්හි උපරිම දායකත්වය රටේ ආර්ථිකයට ලබාදීම මෙමගින් සිදුවේ. භාවිතයට නොගෙන සැඟවී ඇති වෙළෙඳ හා ආයෝජන ක්ෂේත්‍රයන්හි විභවතා ආර්ථික පුනර්ජීවනය සඳහා යොදා ගැනීම රජයේ ආර්ථික සංවර්ධන වැඩසටනෙහි මූලික අංගයකි. ඒ අනුව, පළමුව දකුණු ආසියාව සමග සම්බන්ධ වී පසුව නැගෙනහිර දක්වා ව්‍යාප්ත වෙමින් චීනය, තායිලන්තය හා ඉන්දුනීසියාව සමග සම්බන්ධ වීම මෙහි අරමුණයි. මෙම ජාත්‍යන්තර වෙළෙඳ කාර්යාලය පාර්ලිමේන්තු පනතකින් ස්ථාපනය කිරීමට නියමිතව ඇති අතර ජාත්‍යන්තර වෙළෙඳාම පිළිබඳ විශේෂඥ දැනුමක් ඇති කීර්තිමත් උපදේශක කණ්ඩායමක් ඒ සඳහා පත් කිරීමට නියමිත අතර ජාත්‍යන්තර වෙළෙඳ තානාපතිවරයෙකු විසින් එම කාර්යාලයේ කටයුතු මෙහෙයවනු ඇති. අදාළ සියලුම ආයතන මගින් නම් කරන ලද නියෝජිතයින් ඇතුළත් ආයතනික ව්‍යුහයකින් මෙය සමන්විත වනු ඇති අතර නිදහස් වෙළෙඳ ගිවිසුම් සාකච්ඡා සිදු කරන ජාතික වෙළෙඳ සාකච්ඡා කමිටුව ද මෙම ආයතනයට ඒකාබද්ධ කරනු ලැබේ. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ,මෙම ජාත්‍යාන්තර වෙළෙඳ කාර්යාලය පළමුව මුදල් අමාත්‍යාංශය යටතේ පිහිටුවනු ලබන අතර පසුව එය විදේශ කටයුතු අමාත්‍යාංශයට ඒකාබද්ධ කෙරෙන බවයි.
2022-12-22T06:54:34.000Z
දෙසැම්බර් 26 රජයේ විශේෂ නිවාඩු දිනයක්
දෙසැම්බර් 26 රජයේ විශේෂ නිවාඩු දිනයක්
COLOMBO (News 1st) - ලබන 26 වැනි දා රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ. ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ, දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ සමුළුවට එක්වෙමින් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මේ බව සඳහන් කළ බවයි. මේ වසරේ නත්තල් දිනය ඉරිදා දිනයක යෙදෙන හෙයින් එදිනට අදාළ රජයේ නිවාඩු දිනය මෙලෙස 26 වැනි සඳුදා දින ලබා දෙනු ඇති.
2022-12-22T05:23:28.000Z
චීනයෙන් ලැබුණු ඉන්ධන සහනය ගොවීන්ට සහ ධීවරයින්ට
චීනයෙන් ලැබුණු ඉන්ධන සහනය ගොවීන්ට සහ ධීවරයින්ට
COLOMBO (News 1st) - චීන රජයෙන් ලැබුණු ඉන්ධන සහනය හෙක්ටෙයාර් එකකට අඩු ප්‍රමාණයක වී වගා කළ සෑම ගොවියෙකුටම ලබාදීමට තීරණය කර තිබේ. කෘෂිකර්ම, වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසුවේ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කරන ලද ඉල්ලීමක් පරිදි චීන රජය විසින් ඉන්ධන ලීටර් මිලියන 10.06ක් මෙරටට ලබා දුන් බවයි. ඉන් ලීටර් මිලියන 6.98 ක් මෙලෙස වී වගාවේ නියුතු ගොවි ජනතාවට ලබා දෙනු ඇති. ඉතිරි කොටස මෙරට ධීවර කටයුතු සඳහා ලබාදීමට නියමිතයි. ඉන්ධන බෙදාහැරීම ඒ ඒ දිස්ත්‍රික්කවලින් තෝරාගන්නා ලද ඛනිජතෙල් සංස්ථාවට අයත් පිරවුම්හල් මගින් සිදු කෙරේ.
2022-12-22T04:12:21.000Z
පකිස්ථාන නායක බාබර් ටෙස්ට් පිතිකරු ශ්‍රේණිගත කිරීම්වල 2 වැනි තැනට
බාබර් අසාම් ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්හි 2 වැනි තැනට
COLOMBO (News 1st) - පකිස්ථාන ක්‍රිකට් නායක බාබර් අසාම් නවතම ටෙස්ට් පිතිකරු ශ්‍රේණිගත කිරීම්හි දෙවන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබේ. එය ටෙස්ට් පිතිකරු ශ්‍රේණිගත කිරීම්හී ඔහු පැමිණි ඉහළම ස්ථානයයි. මේ අතර ඔස්ට්‍රේලියාවේ මානස් ලැබුෂේන් තවදුරටත් එහි පෙරමුණේ පසු වන අතර ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න 8 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇත.
2022-12-22T03:20:41.000Z
උතුරු, නැගෙනහිර මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතු එපා..! කාලගුණෙන් දැනුම්දීමක්
ධීවර සහ නාවික ප්‍රජාවට කාලගුණයෙන් දැනුම් දීමක්
COLOMBO (News 1st) - මන්නාරම සිට කන්කසන්තුරය, ත්‍රිකුණාමලය සහ මඩකළපුව හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල නැවත දැනුම් දෙන තුරු යාත්‍රා නොකරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර සහ නාවික ප්‍රජාවට දැනුම් දෙයි. ඒ, මධ්‍යම සහ නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශවල සහ ශ්‍රී ලංකාවේ නැගෙනහිර සහ උතුරු මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 55 සිට 65 පමණ දක්වා වැඩි වීම හේතුවෙනි. මේ අතර දිවයිනේ ප්‍රදේශ රැසකට අද (22) සවස කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසීය.
2022-12-22T02:49:16.000Z
යුක්රේන යුද්ධයට රුසියාව තනිව වගකිව යුතු නැති බවට පුටින්ගෙන් ප්‍රකාශයක්
යුක්රේන යුද්ධයට රුසියාව වගකිව යුතු නැහැ
News 1st - යුක්රේන යුද්ධයට රුසියාව තනිව වගකිව යුතු නැති බවට රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ප්‍රකාශ කර තිබේ. ඔහු මේ බව පවසා ඇත්තේ, රුසියානු හමුදා ප්‍රධානීන් පිරිසක් සමග සිදුකළ රූපවාහිනි දේශනයක් අතරතුරදීයි. රුසියාව දිගින් දිගටම යුක්රේනය සිය සහෝදර ජාතියක් ලෙස සැලකූ නමුත් බටහිර රටවල යම් බලපෑම් හමුවේ මෙම තත්ත්වය ඇති වූ බවට ඔහු ඇඟ වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය. පසුගිය පෙබරවාරි මාසයේදී ලක්ෂ දෙකක පමණ රුසියානු හමුදා භට පිරිස් යුක්රේනයට යැවීමත් සමග යුද්ධය ආරම්භ විය. මේ අතරේ යුක්රේන ජනාධිපතිවරයා ඊයේ ධවල මන්දිරයේදී අමෙරිකානු ජනපති ජෝ බයිඩන් හමුවී තිබේ. එහිදී පැවති මාධ්‍ය සාකච්ඡාවකදී රුසියාව සහ යුක්රේනය අතර සාමය පිළිබඳව නැගුනු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්, යුක්රේන ජනපති සෙලෙන්ස්කි පවසා ඇත්තේ තමන් මත අමානුෂික ලෙස පටවන ලද යුද්ධයක සාධාරණ සාමයකට ඉඩක් ඔහු නොදකින බවයි.
2022-12-22T01:25:17.000Z
කොළඹ, ගම්පහ, කළුතර සහ මහනුවර දිස්ත්‍රික්ක තවදුරටත් ඩෙංගු අවදානමක
ඩෙංගු රෝගීන් වාර්තාවීම යළිත් ඉහළට
COLOMBO (News 1st) - පෙර සතියට සාපේක්ෂව මේ සතියේ ඩෙංගු රෝගීන් වාර්තාවීම යළිත් ඉහළ ගොස් තිබේ. ජාතික ඩෙංගු මර්දන ඒකකය පැවසුවේ, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 58 ක් අධිඅවදානම් කලාප ලෙස නම් කර ඇති බවයි. මේ වසරේ ගත වූ කාලසීමාව තුළ ඩෙංගු රෝගීන් 72,903 ක් වාර්තා වී ඇති අතර එය පසුගිය වසරේ මේ කාලසීමාවට සාපේක්ෂව රෝගීන් 40,998 කගේ වැඩිවීමකි. වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තාවන්නේ කොළඹ, ගම්පහ, කළුතර සහ මහනුවර දිස්ත්‍රික්කවලින් ය. ජාතික ඩෙංගු මර්දන ඒකකය නිවේදනය කළේ, ඒ අතුරින් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 14 ක ඩෙංගු රෝගීන් වාර්තාවීම ඉහළ යමින් ඇතැයි තහවුරු වූ බවයි. එම කොට්ඨාසවල මදුරුවන් බෝ විය හැකි ස්ථාන හඳුනාගෙන මදුරු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කර ඇති අතර මදුරුවන් බෝවිය හැකි ස්ථාන කෙරෙහි අවධානය යොමු කරන්නැයි එම ඒකකය ජනතාවගෙන් ඉල්ලා සිටි.
2022-12-22T01:18:15.000Z
වසරේ ගත වූ කාලයේ සිදු වූ රිය අනතුරුවලින් පුද්ගලයින් 1,971ක් මරුට
මාරක අනතුරුවලින් පුද්ගලයින් 1,971 ක් මරුට
COLOMBO (News 1st) - වසරේ ගත වූ කාලසීමාව තුළ සිදු වූ මාරක රිය අනතුරුවලින් පුද්ගලයින් 1,971 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි රථවාහන පොලීසිය පවසයි. පොලිස් රථවාහන මූලස්ථානයේ, අධ්‍යාපන හා මහජන ආරක්ෂාව පිළිබඳ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සේනක ගමගේ සඳහන් කළේ, දෛනිකව සිදුවන රිය අනතුරු හේතුවෙන් පුද්ගලයින් 8 දෙනෙකු පමණ අවම වශයෙන් මියයන අතර ඉන් වැඩිම පිරිසක් යතුරුපැදිකරුවන් බවයි. ඔහු වැඩිදුරටත් පැවසුවේ, මාරක අනතුරුවල වැඩි ම ප්‍රවණතාවය ඇත්තේ දෙසැම්බර් නත්තල් සමයේ සිට ජනවාරි පළවෙනි සතිය දක්වා කාලය තුළ බවයි.
2022-12-22T01:03:36.000Z
යළි කිසිදු දිනක සහල් ආනයනය කිරීමට සිදු නොවනු ඇති - කෘෂිකර්ම ඇමති
කිසිදු දිනක සහල් ආනයනය කිරීමට සිදු නොවනු ඇති
COLOMBO (News 1st) - යළි කිසිදු දිනෙක සහල් ආනයනය කිරීමට අවශ්‍ය නොවනු ඇතැයි තමා බලාපොරොත්තු වන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, මෙවර මහ කන්නයේ හෙක්ටයාර් ලක්ෂ 8 ක කුඹුරු ප්‍රමාණයක් වගා කිරීමට අපේක්ෂා කරන බවය. ඉන් හෙක්ටයාර් 748,000 ක ප්‍රමාණයක් දැනටමත් වගා කර අවසන් බව මහින්ද අමරවීර මහතා පැවසීය.
2022-12-22T00:55:22.000Z
ගම්පහ ප්‍රදේශ කිහිපයකට පැය 12 ක ජල කප්පාදුවක්
ගම්පහ ප්‍රදේශ කිහිපයකට පැය 12 ක ජල කප්පාදුවක්
COLOMBO (News 1st) - ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද (22) පස්වරු 6.00 සිට හෙට (23) පෙරවරු 6.00 දක්වා පැය 12 ක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය පවසයි. එම මණ්ඩලය නිවේදනය කළේ, ඒ අනුව උස්වැටකෙයියාව, පමුණුගම සහ තල්දියවත්ත ප්‍රදේශවලට මෙම ජල කප්පාදුව සිදු කෙරෙන බවය. උස්වැටකෙයියාව පාලම හරහා හදිසි සංවර්ධන කටයුත්තක් හේතුවෙන් ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය පවසයි.
2022-12-22T00:49:30.000Z
පළාත් පාලන ඡන්ද විමසීම: තේරීම්භාර සහ සහකාර තේරීම්භාර නිලධාරීන් නම් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක්
තේරීම් භාර නිලධාරීන් නම් කරමින් ගැසට් නිවේදනයක්
COLOMBO (News 1st) - පරිපාලන දිස්ත්‍රික්ක 25 සඳහා තේරීම්භාර නිලධාරීන් සහ සහකාර තේරීම්භාර නිලධාරීන් නම් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ, පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥා පනතේ 4(1) වගන්තිය ප්‍රකාරව, මැතිවරණ කොමිෂන් සභාවට පැවරී ඇති බලතල ප්‍රකාරවයි. ඒ අනුව තේරීම්භාර නිලධාරියා ලෙස අදාළ දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම්වරයාත්, සහකාර තේරීම් භාර නිලධාරියා ලෙස අදාළ දිස්ත්‍රික්කයේ නියෝජ්‍ය හෝ සහකාර මැතිවරණ කොමසාරිස්වරයාත් කටයුතු කරනු ඇති. මේ අතර ඉදිරියේ පැවැත්වීමට නියමිත මැතිවරණය සඳහා පෙර සූදානමක් ලෙස සාකච්ඡා වට කිහිපයක් මේ දිනවල පැවැත්වෙන බව ජාතික මැතිවරණ කොමිසම පවසයි. එහි සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා සඳහන් කළේ, තේරිම්භාර නිලධාරීන් ලෙස කටයුතු කරන දිස්ත්‍රික් ලේකම්වරුන් සමග සාකච්ඡාවක් අද (22) පැවැත්වෙන බවය. හෙට දිනයේ සියලුම දිස්ත්‍රික්කවල නියෝජ්‍ය සහ සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් මැතිවරණ කොමිසමට කැඳවා ඇති බව ද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ප්‍රකාශ කළේ ය.
2022-12-22T00:31:35.000Z
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්
1. ආයෝජන මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස දිනේෂ් වීරක්කොඩි පත් කෙරේ - ආයෝජන මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස දිනේෂ් වීරක්කොඩි මහතා පත්කර තිබේ. 2. කිලිනොච්චියේ බස් අනතුරක්.. පුද්ගලයෙක් මරුට, 20 ක් රෝහලේ - කිලිනොච්චිය, පලෙයි ප්‍රදේශයේදී බස් රථයක් අනතුරට ලක් වී තිබේ. 3. එරික් සොල්හයිම් දේශපාලන පක්ෂ සමග සාකච්ඡාවක - දේශගුණ විපර්යාස පිළිබඳ ජනාධිපති උපදේශක ලෙස පත්කර සිටින නෝර්වීජියානු අමාත්‍ය, එරික් සොල්හයිම් මහතා පසුගිය දින කිහිපයේ මෙරට දේශපාලන පක්ෂ සමග සාකච්ඡා කර තිබේ. 4. රාජ්‍ය වාණිජ බැංකුවල ණය පහසුකම්වලට අදාළ පොලී අනුපාතය ඉහළ දමයි - රජයට අයත් වාණිජ බැංකු මේ වනවිට නිකුත් කර ඇති ණය පහසුකම්වලට අදාළ පොලී අනුපාතය ඉහළ දමා තිබේ. 5. ජනවාරි මාසයේ සිට අනිවාර්යෙන්ම විදුලිබිල සංශෝධනය කිරීමට සිදුවෙනවා – ඇමති කංචන - ජනවාරි මාසයේ සිට අනිවාර්යෙන්ම විදුලිබිල සංශෝධනය කිරීමට සිදු වන බව අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
2022-12-21T14:17:32.000Z
ආයෝජන මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස දිනේෂ් වීරක්කොඩි පත් කෙරේ...
ආයෝජන මණ්ඩලයට නව සභාපතිවරයෙක්...
COLOMBO ( News 1 st ) - ආයෝජන මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස දිනේෂ් වීරක්කොඩි මහතා පත්කර තිබේ. ජනාධිපතිවරයා විසින් මෙම පත්වීම ලබා දී ඇති අතර ආයෝජන මණ්ඩලයේ සෙසු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් වන්නේ, ආචාර්ය දුෂ්නි වීරකෝන්, චාන්දනී විජේවර්ධන සහ එරාජ් ද සිල්වා යන මහත්ම මහත්මීන් ය.
2022-12-21T13:53:32.000Z
කිලිනොච්චියේ බස් අනතුරක්.. පුද්ගලයෙක් මරුට, 20 ක් රෝහලේ
කිලිනොච්චි බස් අනතුරින් පුද්ගලයෙකු මරුට
COLOMBO ( News 1 st ) - කිලිනොච්චිය, පලෙයි ප්‍රදේශයේදී බස් රථයක් අනතුරට ලක් වී තිබේ. මෙම බස් රථ අනතුරින් එක් අයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ. එසේම අනතුරින් තුවාල ලැබූ 20 කට අධික පිරිසක් රෝහල්ගත කර තිබේ.
2022-12-21T13:44:34.000Z
එරික් සොල්හයිම් දේශපාලන පක්ෂ සමග සාකච්ඡාවක
එරික් සොල්හයිම් දේශපාලන පක්ෂ සමග සාකච්ඡාවක
COLOMBO ( News 1 st ) - දේශගුණ විපර්යාස පිළිබඳ ජනාධිපති උපදේශක ලෙස පත්කර සිටින නෝර්වීජියානු අමාත්‍ය, එරික් සොල්හයිම් මහතා පසුගිය දින කිහිපයේ මෙරට දේශපාලන පක්ෂ සමග සාකච්ඡා කර තිබේ. දේශගුණ විපර්යාස උපදේශක දේශපාලන පක්ෂ සමග සාකච්ඡා කරන්නේ මොනවාද? මේ ඒ පිළිබඳව විමසා බැලීමක්... එරික් සොල්හයිම් මහතා 2000 - 2005 කාලසීමාවේ දැඩි කථාබහට ලක්වූ අයෙකි. එල්ටීටීඊ සංවිධානය හා ශ්‍රී ලංකා රජය අතර සාම ක්‍රියාවලියේදී විශේෂ සාම නියෝජිතයා ලෙස ඔහු කටයුතු කළේය. වත්මන් ජනාධිපතිවරයා පත්වීමෙන් පසුව ඔහුගේ දේශගුන විපර්යාස පිළිබඳව ජාත්‍යන්තර උපදේශක තනතුරට සොල්හයිම් මහතා පත්කරගත් අතර කොප් 27 සමුළුවටද ඔහු ජනාධිපතිවරයා සමග සහභාගී විය. පසුගිය දින කිහිපයේ මෙරට රැදී සිටි සොල්හයිම් මහතා දෙමළ සන්ධානය, දෙමළ ප්‍රගතිශීලී සන්ධානය, මුස්ලිම් කොංග්‍රසය, පරිසර අමාත්‍ය මොහොමඩ් නසීර් මහතා මෙන්ම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද හමුවී සාකච්ඡා කළ අතර ඊයේ(20) දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් මහතා හමුවූ ඔහු ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කළේ, ශ්‍රී ලංකාවේ ආර්ථික සහ ජනවාර්ගික ගැටලු විසඳීමට කාලය එළඹ ඇතැයි මෙම හමුවේදී සම්බන්ධන් මහතා ප්‍රකාශ කළ බවයි. මෙම විසඳුම් සොයා ගැනීම සඳහා දෙමළ ජාතික සන්ධානය සමග යා හැකි උපරිම දුර යාමට සූදානම් බව සෝල්හයිම් මහතා ට්විටර් පණිවිඩයේ සදහන් කර තිබුණි. ජනතා විමුක්ති පෙරමුණේ, මධ්‍යම කාරක සභික රාමලිංගම් චන්ද්‍රසේකරන් මහතා අදහස් දක්වමින් කියා සිටියේ, එරික් සෝල්හයිම් ලංකාවට පැමිණියේ දේශගුණය නිසාද? නැත්නම් අපේ රට අල්ල ගන්න්නද? යන ප්‍රශ්නය මතුවෙන බවයි. රනිල් වික්‍රමසිංහ ඇතුළු රටේ වත්මන් ආණ්ඩුවල ඇමැතිවරු සියලු දෙනාම ජාතික ප්‍රශ්නය විසඳීම සඳහා අභ්‍යන්තර යාන්ත්‍රණයක් සමඟ කටයුතු කරන බව පවසන අතර අභ්‍යන්තර යාන්ත්‍රණය සම්බන්ධයෙන් කටයුතු කිරීමට ක්‍රියාමාර්ගයක් ගන්නා බව පැවසීමෙන් මෙම සිදුවන ජාත්‍යන්තර යාන්ත්‍රණය කුමක්දැයි ප්‍රශ්නයක් මතුවන බවයි. රනිල් වික්‍රමසිංහ මහතා අභ්‍යන්තර යාන්ත්‍රණය හරහා රටේ ජනතාව කොටු කිරීමේ සියුම් ක්‍රියාකාරකම් සිදු කරන අතරේ එරික් සොල්හයිම් ජාත්‍යන්තර යාන්ත්‍රණය හරහා අපේ රට බිලි දෙන වැඩසටහනක් ද ක්‍රියාත්මක වන බවයි.
2022-12-21T13:00:59.000Z
මහ කන්නයේ වී වගා කරන ගොවීන්ට මූල්‍ය ආධාරයක්
වී ගොවීන් වෙනුවෙන් මුදල් ආධාර...
COLOMBO ( News 1 st ) - මෙවර මහ කන්නයේ වී වගා කරන ගොවීන්ට රුපියල් 20,000ක උපරිමයකට යටත්ව නැවත අයකර නොගන්නා මූල්‍ය ආධාරයක් ලබා දීමට සැලසුම් කර තිබේ. ඒ,ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉල්ලීම මත ආසියානු සංවර්ධන බැංකුවේ මූල්‍ය ප්‍රදානයකිනි. ඒ යටතේ උපරිමය හෙක්ටයාරකට හෝ ඊට අඩු ප්‍රමාණයක ගොවිතැන් කටයුතුවල නිරත කුඩා පරිමාණ වී ගොවීන් සඳහා රුපියල් 10,000ක් ද, හෙක්ටයාරයට වැඩි ප්‍රමාණයක වී වගාකරන ගොවීන් සඳහා රුපියල් 20,000ක් ද වන පරිදි මෙම දීමනාව ලබාදීමට නියමිත බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසුවේ ය. ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළේ, වී වගා කරන ගොවීන් සඳහා පමණක් මෙම මූල්‍ය ආධාරය ලබා දෙන අතර, ඔවුන්ගේ ගිණුම්වලට සෘජුවම මුදල් බැර කෙරෙන බවයි. මෙවර මහ කන්නයේ දී වගා කිරීමට නියමිත කුඹුරු ප්‍රමාණය හෙක්ටෙයාර ලක්ෂ 08ක් වන අතර සියලු වී ගොවීන්ට බන්ඩි පොහොර මිලදී ගැනීමට මෙම දීමනාව ලබා දීමට සැලසුම් කර තිබේ. මේ සඳහා වැය කිරීමට යෝජිත මුදල රුපියල් බිලියන 08ක් වන අතර ගොවි පවුල් ලක්ෂ 12කට මෙම ප්‍රතිලාභය හිමි වන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේ ය.
2022-12-21T12:34:11.000Z
රාජ්‍ය වාණිජ බැංකුවල ණය පහසුකම්වලට අදාළ පොලී අනුපාතය ඉහළ දමයි
රාජ්‍ය බැංකුවල ණය පොලී අනුපාත ඉහළට
COLOMBO ( News 1 st ) - රජයට අයත් වාණිජ බැංකු මේ වන විට නිකුත් කර ඇති ණය පහසුකම්වලට අදාළ පොලී අනුපාතය ඉහළ දමා තිබේ. ඒ පිළිබඳව කෙටි පණිවුඩ මගින් පාරිභෝගිකයන් දැනුවත් කිරීමට රාජ්‍ය බැංකු කිහිපයක් ඊයේ (20) පියවර ගෙන තිබුණි. පාරිභෝගිකයන්ගේ ණය පහසුකම් සඳහා වන පොලී අනුපාත 15% ක් දක්වා ඉහළ දමා ඇතැයි ප්‍රධාන රාජ්‍ය බැංකුව වන ජාතික ඉතිරිකිරීමේ බැංකුව කෙටි පණිවිඩයක් මගින් ඊයේ(20) පාරිභෝගිකයන්ට දන්වා තිබූ අතර ඒ දෙසැම්බර් මස 20 වැනිදා සිට අදාළ පොලී වැඩිවීම සිදුවන බව පවසමිනි. මේ පිළිබඳව අප කළ විමසා බැලීමේදී අනාවරණය වූයේ, ස්ථාවර පොලී අනුපාත යටතේ ලබාගෙන ඇති ණය සඳහා ද මෙම පොලී වැඩිවීම අදාළ බවයි. ඒ අනුව වසර දෙකකට අඩු ස්ථාවර පොලී අනුපාත යටතේ ලබාගෙන ඇති ණය සඳහා පොලී අනුපාත 3% කින් ඉහළ දමා තිබේ. ඊට වැඩි කාලයක් පැරණි ණය පහසුකම් සඳහා පොලී අනුපාත 15% ක් වනු ඇති.
2022-12-21T12:24:55.000Z
ඉන්දීය ධීවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට....
ඉන්දීය ධීවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට....
COLOMBO ( News 1 st ) - මෙරට මුහුදු සීමාව තුළට අනවසරයෙන් ඇතුළු වූ ඉන්දීය ධීවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගෙන තිබේ. මෙම යාත්‍රාව අත්අඩංගුට ගෙන ඇත්තේ මෙරට මුහුදු සීමාවට ඇතුළු වී ධීවර කටයුතුවල නිරත වෙමින් සිටියදීය. ධීවර යාත්‍රාවේ සිටි ධීවරයින් 12 දෙනෙකු ද මෙහිදී නාවික හමුදා භාරයට ගෙන තිබේ.
2022-12-21T11:35:50.000Z
2026 පාපන්දු ලෝක කුසලානයට කණ්ඩායම් 48 ක් ?
2026 පාපන්දු ලෝක කුසලානයට කණ්ඩායම් 48 ක් ?
COLOMBO (News 1 st ) - 2026 වසරේදී පැවැත්වීමට නියමිත මීළග ලෝක කුසලාන පාපන්දු තරගාවලිය සඳහා සහභාගී වන කණ්ඩායම් ගණන ඉහළ නැංවීමේ සූදානමක් ඇතැයි බී.බී.සී. පුවත් සේවය වාර්තා කර තිබේ. 2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලිය පසුගියදා කටාර්හීදී අවසන් වූ අතර ඒ සඳහා කණ්ඩායම් 32ක් එක් වූ අතර 2026 වසරේදී පැවැත්වීමට නියමිත මීළග තරගාවලියේදී එම සංඛ්‍යාව 48 දක්වා ඉහළ නැංවීමේ සූදානමක් ඇතැයි බී.බී.සී. වාර්තාවල සඳහන් ය. කැනඩාව, අමෙරිකා එක්සත් ජනපදය සහ මෙක්සිකෝව යන රටවල් ත්‍රිත්වය කේන්ද්‍ර කර ගනිමින් 2026 ලෝක කුසලාන පාපන්දු තරගාවලිය පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ.
2022-12-21T11:21:58.000Z
දිවයින පුරා සතුන් හා මස් ප්‍රවාහනයට යළි අවසර..
දිවයින පුරා මස් ප්‍රවාහනයට අවසර..
COLOMBO ( News 1 st ) - දිවයින පුරා සතුන් හා මස් ප්‍රවාහනයට යළි අවසර දී තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළේ, පසුගිය 8 සහ 9 දෙදින ගවයින් මියගොස් ඇත්තේ, වසංගතයක් නිසා නොව, ශීත කාලගුණය නිසා බව අනාවරණය වී ඇති බවයි. එම තත්ත්වය යටතේ, මෙම අවසරය යළි ලබා දෙන බව, අදාළ නිවේදනයේ සඳහන් ය. උතුරු හා නැගෙනහිර පළාත්වල ගවයින් හා එළුවන් 1800 කට අධික සංඛ්‍යාවක් මිය ගිය අතර එම සතුන් මියයාම සම්බන්ධයෙන් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව කරන ලද පරීක්ෂණයේදී අනාවරණ වූයේ අධික සීතල හේතුවෙන් ඔවුන් මියගොස් ඇති බවයි.
2022-12-21T10:27:16.000Z
දේශගුණික විපර්යාස අවම කර ගැනීමේ ව්‍යාපෘති වෙනුවෙන් විදෙස් ආයෝජකයින් ගෙන්වා ගැනීමට රජයේ අවධානය
විදෙස් ආයෝජකයින් ගෙන්වා ගැනීමට රජයේ අවධානය
COLOMBO ( News 1 st ) - දේශගුණික විපර්යාස අවම කර ගැනීමේ ව්‍යාපෘති වෙනුවෙන් මෙරටට විදෙස් ආයෝජකයන් ගෙන්වා ගැනීම කෙරෙහි රජයේ අවධානය යොමුව තිබේ. මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති උපදේශක, රුවන් විජයවර්ධන සහ ජාත්‍යන්තර දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති උපදේශක එරික් සෝල්හෙයිම් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ(20) ජනාධිපති කාර්යාලයේදී පැවැත්වීය. පුනර්ජනනීය බලශක්තිය 70% ක ඉලක්කයකට ළඟා කර ගැනීම, 2050 වනවිට කාබන් මධ්‍යස්ථභාවය ලබාගැනීම, කාබන් විමෝචන බලපත්‍ර වෙනුවෙන් වූ ජාත්‍යන්තර වෙළෙඳපොළ සොයා යෑම යන ඉලක්ක තුන සපුරා ගැනීම සඳහා විදෙස් ආයෝජකයන් ගෙන්වා ගැනීම රජයේ සැලසුම වී තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ, සහනදායි දේශගුණික මූල්‍යකරණය, කාබන් බැර කිරීම, කාබන් වෙළෙඳපොළ, පුනර්ජනනීය බලශක්තිය සහ හයිඩ්‍රජන් වැනි අනාගත බලශක්ති ප්‍රභව පිළිබඳව මෙම හමුවේදී එරික් සෝල්හයිම් මහතා සිය ජාත්‍යන්තර දැනුම නිලධාරීන් සමග හුවමාරු කර ගත් බවයි. ඉන්දියාව සහ චීනය වැනි රටවල් පුනර්ජනීය බලශක්තියෙන් ප්‍රබල වාසි රැසක් හිමිකර ගෙන ඇති බව මෙහිදී පෙන්වා දුන් සෝල්හයිම් මහතා ශ්‍රී ලංකාවට ද එම වාසි අත් කර හැකි බව මෙහිදී පෙන්වා දී තිබේ. එසේම, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙරටට බලපා ඇති සියලු ප්‍රශ්න විසඳනු ඇතැයි තමන් විශ්වාස කරන බව ද මෙහිදී සෝල්හයිම් මහතා වැඩිදුරටත් පෙන්වා දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය. වේගයෙන් වර්ධනය වන පුනර්ජනනීය බලශක්ති අංශයට යුරෝපය, ඇමෙරිකාව, කැනඩාව ඇතුළු රටවල ආයෝජකයන් විශාල වශයෙන් සිටින බව මෙහිදී රුවන් විජේවර්ධන මහතා පෙන්වා දී තිබේ.
2022-12-21T10:12:51.000Z
ප්‍රධාන මාර්ගයේ නව දුම්රිය කාලසටහන සංශෝධනය ජනවාරි මුල් සතියේ දී...
අලුත් වන දුම්රිය කාලසටහන
COLOMBO ( News 1 st ) - ප්‍රධාන මාර්ගයේ නව දුම්රිය කාලසටහන සංශෝධනය ජනවාරි මුල් සතිය තුළ ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබේ. දුම්රිය සාමාන්‍යාධිකාරී ඩී.එස්.ගුණසිංහ මහතා පැවසුවේ, අදියර කිහිපයක් යටතේ, නව කාලසටහන ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත බවයි. දැනට ධාවනය වන දුම්රිය අතර කාලය සංශෝධනය කරමින් , නව සංශෝධන සිදුකිරීමට මේ වන විට පියවර ගෙන ඇතැයි, ඔහු ප්‍රකාශ කළේ ය. දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ප්‍රකාශ කළේ, ඇතැම් විට උපරිම විනාඩි 15කට යටත්ව දුම්රිය ගමන් ආරම්භක කාලය සංශෝධනය විය හැකි බවයි. පවතින අර්බුදකාරී තත්ත්වයන් සැළකිල්ලට ගෙන මුහුදුබඩ මාර්ගයේ සහ කැලණිවැලි මාර්ගයේ දුම්රිය කාලසටහන සංශෝධනය කෙරිණි.
2022-12-21T10:03:38.000Z
කැනඩාවේ ඝාතනයක් සම්බන්ධයෙන් නව යොවුන් වියේ දැරියන් 8ක් අත්අඩංගුවට
කැනඩාවේ දැරියන් 8 ක් අත්අඩංගුවට...
COLOMBO ( News 1 st ) - මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් කැනඩාවේ නව යොවුන් වියේ දැරියන් 8 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඒ කැනඩාවේ ටොරොන්ටෝ අගනුවර වෙළඳ සංකීර්ණයකදී පුද්ගලයෙකුට පිහියෙන් ඇන ඝාතනය කිරීම හේතුවෙනි. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 13, 14 සහ 16 යන වයස්වල පසුවන දැරියන් පිරිසක් බවයි. කැනේඩියානු ආරක්ෂක අංශ පැවසුවේ, 59 හැවිරිදි යාචකයෙකු මෙලෙස ඝාතනයකට ලක්ව ඇති බවයි. ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
2022-12-21T09:47:08.000Z
අක්කරෙයිපත්තුව අධිකරණ සංකීර්ණයේ ගින්නක්
අක්කරෙයිපත්තුව අධිකරණ සංකීර්ණයේ ගින්නක්
COLOMBO ( News 1 st ) - අක්කරෙයිපත්තුව අධිකරණ සංකීර්ණයේ ගින්නක් හටගෙන තිබේ. පොලීසිය ප්‍රකාශ කළේ, අද(21) අලුයම 3.00 - 4.00 අතර මෙම ගින්න හටගෙන ඇති බවයි. පොලීසිය මැදිහත්විමෙන් පසුව ගින්න නිවා දමා තිබෙන අතර . පොලීසිය ප්‍රකාශ කළේ, අධිකරණ සංකීර්ණයේ ඉහළ මාලයේ ලේඛනාගාරයක කොටසක ගින්න හටගෙන ඇති බවයි. පොලීසිය ප්‍රකාශ කළේ, ගිනි ගැනීමෙන් ලිපිගොනු කොටසකට හානි සිදුව ඇති බවයි.
2022-12-21T06:50:48.000Z
පැය 10 ක විදුලි කප්පාදුවක් ඇතිවන බවට කරන ප්‍රකාශ අසත්‍යයි - කංචන විජේසේකර
පැය 10 ක විදුලි කප්පාදුවක් සිදු වෙන්නේ නැහැ
COLOMBO (News 1st) - කොළඹදී පැවැත්වෙමින් තිබෙන මාධ්‍ය හමුවකදී විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසුවේ, පැය 10ක විදුලි කප්පාදුවක් කිරීමට සිදුවනු ඇතැයි කරන ප්‍රකාශ අසත්‍ය බවයි. විදුලි ඉංජිනේරුවන් ඊයේ කළ අනතුරු ඇගවීමට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළේ ය. ඔහු කියා සිටියේ නීතිපතිවරයාගේ උපදෙස් ලබාගෙන ඔවුන්ට එරෙහිව උපරිම නීතිමය හා විනය ක්‍රියාමාර්ග ගන්නා බවයි. ත්‍රස්ත සංවිධානයක් ලෙස වෘත්තීය සමිති වලට ක්‍රියාකළ නොහැකි බවද අමාත්‍යවරයා අවධාරණය කළේ ය. ඔහු වැඩි දුරටත් කියා සිටියේ ගල් අඟුරු ප්‍රමාණවත් නොවන්නේ නම් විකල්ප බලාගාර ඇති බවයි.
2022-12-21T06:34:02.000Z
ජනවාරි මාසයේ සිට අනිවාර්යෙන්ම විදුලිබිල සංශෝධනය කිරීමට සිදුවෙනවා - ඇමති කංචන
ජනවාරි සිට විදුලිබිලේ සංශෝධනයක්
COLOMBO (News 1st) - ජනවාරි මාසයේ සිට අනිවාර්යෙන්ම විදුලිබිල සංශෝධනය කිරීමට සිදු වන බව අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. ජනවාරී මාසයේ පමණක් ගල් අඟුරු මිල දී ගැනීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය සඳහා ඩොලර් මිලියන 87.76 ක් අවශ්‍ය බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය, කංචන විජේසූරිය ප්‍රකාශ කරයි. ඒ අනුව එම අගය ලංකා මුදලින් බිලියන 38.45 කි. මේ හේතුවෙන් විදුලි බල මණ්ඩලය අර්බුදයකට මුහුණ පා ඇති බැවින් මෙම විදුලි බිල සංශෝධනය අනිවාර්යයයෙන්ම සිදු කරන බවද බලශක්ති අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය. මේ නිසා ලබන ජනවාරී 2 වැනිදා මෙම සංශෝධනය සිදුකිරීමට නියමිත බවත්,අදාළ කාර්යය පටිපාටිය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අදාළ විදුලි ගාස්තු සංශෝධනය කිරීමට නියමිතය.
2022-12-21T05:04:23.000Z
ප්‍රමාණවත් ගල් අඟුරු තොග නොලැබුණහොත් ලබන වසරෙත් විදුලිය අර්බුදයක් ඇතිවිය හැකි බවට අනතුරු ඇඟවීම්
ලබන වසරේ විදුලිය සැපයුම අර්බුදයක් වෙයි ද?
COLOMBO (News 1st) - ගල් අඟුරු බලාගාර සඳහා ප්‍රමාණවත් ගල් අඟුරු තොග නොලැබුණහොත්, ලබන වසරේ විදුලිය අර්බුදයක් ඇතිවිය හැකි බව මහජන උපයෝගිතා කොමිසම අනතුරු අඟවයි. එහි සභාපති ජනක රත්නායක මහතා පෙන්වා දෙන්නේ, ඉදිරි මාස කිහිපයක සඳහා අවශ්‍ය ගල් අඟුරු තොග කඩිනමින් මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කළ යුතුව ඇති බවය. විදුලිය නිෂ්පාදනයට අවශ්‍ය ගල් අඟුරු නොමැති වුවහොත්, මෙගාවොට් 900 ක ධාරිතාවක් ජාතික පද්ධතියට අහිමි වන බව ද සභාපතිවරයා සඳහන් කළේ ය.
2022-12-21T02:06:35.000Z
යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කි ජනපති බයිඩන් හමුවීමට අමෙරිකා යයි
යුක්රේන ජනපති අමෙරිකානු ජනපති හමුවීමට යයි
COLOMBO (News 1st) - යුක්රේන ජනාධිපති, ව්ලැඩ්මියර් සෙලෙන්ස්කි අමෙරිකානු ජනපති ජෝ බයිඩන් හමුවීම සඳහා අද(21) අමෙරිකාව බලා පිටත් වීමට නියමිත බව විදෙස් වාර්තා පවසයි. රුසියානු ප්‍රහාර හමුවේ දැඩි පීඩාවට පත්ව සිටින යුක්රේන වැසියන් ආරක්ෂා කර ගැනීමට මුල්‍යමය ආධාර සහ නව තාක්ෂණික යුධ අවි ලබාදීම හරහා තමන්ට සහය දෙන ලෙස පසුගියදා යුක්රේන ජනාධිපතිවරයා විදෙස් රටවලින් ඉල්ලා සිටියේ ය. එයට ප්‍රතිචාර දක්වමින් අමෙරිකාව ඔවුන් සතු අධි තාක්ෂණික පේට්‍රියට් මිසයිල ආරක්ෂණ පද්ධතිය යුක්රේනයට ලබාදීමට තීරණය කළේ ය. විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් වන්නේ මෙම මිසයිල ආරක්ෂණ පද්ධතිය නිල වශයෙන් යුක්රේනයට ලබාදීමද මෙම සංචාරය අතරතුරදී සිදුවනු ඇති බවයි. යුක්රේනය හෝ අමෙරිකාව ආරක්ෂක හේතූන් මත සංචාරය පිලිබඳ විස්තර නිල වශයෙන් මෙතෙක් මාධ්‍යයට වාර්තා කර නැත. රුසියානු - යුක්රේන යුද්ධය පසුගිය පෙබරවාරි මාසයේදී ආරම්භ වීමෙන් පසු යුක්රේන ජනාධිපතිවරයා විදෙස් රටක සංචාරය කරන පළමු අවස්ථාව මෙය බවද විදෙස් මාධ්‍ය වාර්තා වල සඳහන් වේ.
2022-12-21T01:44:17.000Z
වසර 12 කට පසු අලි ගහනය පිළිබඳ සමීක්ෂණයක්
වසර 12 කට පසු අලි ගහනය පිළිබඳ සමීක්ෂණයක්
COLOMBO (News 1st) - වසර 12 කට පසු මෙරට වන අලි ගහනය පිළිබඳ සමීක්ෂණයක් කිරීමට තීරණය කර ඇතැයි කෘෂිකර්ම, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. අවසන් වරට මෙරට වන අලි සමීක්ෂණයක් සිදුකර ඇත්තේ 2011 වසරේදීයි. එම වසරේ සමීක්ෂණ වාර්තා මෙරට වන අලි ගහනය 5000 ඉක්මවා තිබුණි. අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසුවේ දැනට වනජීවී හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවලට අයත් නිලධාරීන් ප්‍රමාණවත් නොවන බැවින්, මෙම සමීක්ෂණය සඳහා මේ සම්බන්ධව උනන්දුවක් දක්වන මෙරට සිවිල් සංවිධාන මෙන්ම රාජ්‍ය නොවන සංවිධාන, පරිසරවේදීන් ඇතුළු සියලුදෙනාගේ සහයෝගය ලබා ගන්නා බවයි. ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික කටයුතු සඳහා වන අලීන්ගෙන් මහත් බලපෑමක් එල්ල වන බව අමාත්‍යවරයා සඳහන් කළේ ය. අමාත්‍ය අමරවීර මහතා පැවසුවේ, එබැවින් මෙරට වනඅලි ගහනය හෙළිදරව් කර ගැනීම මෙන්ම වනඅලි සහ මිනිස් ගැටුම් වළක්වා ගැනීම සඳහා ගෙන ඇති වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමේදී මෙම සමීක්ෂණයෙන් හෙළිවන කරුණු ඉතා වැදගත් වනු ඇති බවයි.
2022-12-21T01:40:06.000Z
පුරාවිද්‍යා ස්ථානවල ආරක්ෂාව තර කිරීමට පියවර..
පුරාවිද්‍යා ස්ථානවල ආරක්ෂාව තර කිරීමට පියවර..
COLOMBO (News 1st) - පුරාවිද්‍යා ස්ථානවල ආරක්ෂාව සඳහා පොලීසිය, සිවිල් ආරක්ෂක බලකාය හා ත්‍රිවිධ හමුදාවේ සහාය ලැබී ඇතැයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එහි අධ්‍යක්ෂ ජනරාල් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අනුර මනතුංග මහතා පැවසුවේ, පුරාවිද්‍යා ස්ථාන වලට හානි පැමිණවීමේ වර්ධනයක් මේ දිනවල වාර්තා වන බවයි. පසුගිය දිනවල වාර්තා වූ පුරාවස්තු විනාශ කිරීමේ සිද්ධි සම්බන්ධයෙන් ගෙන ඇති පියවර පිළිබදව ද ඔහු පැහැදිලි කළේ ය.
2022-12-21T01:12:08.000Z
ප්‍රදේශ රැසක අදත් තද වැසි
ප්‍රදේශ රැසක අදත් තද වැසි
COLOMBO (News 1st) - දකුණු බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය හේතුවෙන් දිවයිනේ උතුර, නැගෙනහිර, ඌව සහ උතුරු මැද පළාත්වල විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර 50 ඉක්ම වූ තද වැසි ඇතිවිය හැකි බව ද එම දෙපාර්තමේන්තුව නිකුත් කළ වාර්තාවේ සඳහන් ය. මේ අතර බස්නාහිර, මධ්‍යම, සරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත්, රාත්‍රී කාලයේ හෝ සවස් කාලයේ තැනින් තැන හෝ ගිගුරුම් සහිත වැසි ද ඇතිවිය හැකි වේ.
2022-12-21T01:07:35.000Z
එප්පාවල අතුරුදන් වූ පිරිමි දරුවෙකු සොයා පොලිස් විමර්ශන
අතුරුදන් වූ පිරිමි දරුවෙකු සොයා පොලිස් විමර්ශන
COLOMBO (News 1st) - එප්පාවල, කිරලෝගම ප්‍රදේශයේදී අතුරුදන්ව සිටින 9 හැවිරිදි පිරිමි දරුවෙකු සොයා පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ. පොලීසිය පැවසුවේ පෙරේදා (19) රාත්‍රියේ සිට දරුවා අතුරුදන්ව ඇති බවයි. දරුවාගේ නිවස අසළ වෑල්ඩින් වැඩපොළක් පවත්වා ගෙන ගිය පුද්ගලයෙකු විසින් ඔහුව රැගෙන ගොස් ඇති බවට කරුණු අනාවරණය වී ඇති බව ද පොලීසිය පැවසීය.
2022-12-21T01:03:40.000Z
ලබන 31 දක්වා නෙළුම් කුළුණ ආශ්‍රිතව වාහන ගාල් කළ හැකි ස්ථාන
නෙළුම් කුළුණ ආශ්‍රිතව වාහන ගාල් කරන ස්ථාන
COLOMBO (News 1st) - ලබන 31 වැනි දා දක්වා නෙළුම් කුළුණ, ජනාධිපති ලේකම් කාර්යාලය හා ගාලු මුවදොර පිටිය ආශ්‍රිතව පැවැත්වෙන වැඩසටහන් වෙනුවෙන් රථවාහන ගාල් කිරීමේ ස්ථාන කිහිපයක් හඳුන්වා දී තිබේ. පොලීසිය පැවසුවේ, නෙළුම් කුළුණ ආශ්‍රිතව පැවැත්වෙන වැඩසටහන් සඳහා පැමිණෙන ජනතාවගේ රථ වාහන ගාල් කිරීම වෙනුවෙන් කැප්ටන් ගාර්ඩ්න් කෝවිල් රථගාල, ඩී.ආර්.විජේවර්ධන මාවත, ගාමිණී වටරවුම සිට රීගල් දක්වා මාර්ගය දෙපස රථ වාහන නැවතුම් ස්ථාන භාවිත කළ හැකි බවයි. ජනාධිපති ලේකම් කාර්යාලය හා ගාලුමුවදොර පිටිය ආශ්‍රිතව පැවැත්වෙන වැඩසටහන් වෙනුවෙන් පැමිණෙන ජනතාවට රථ වාහන ගාල් කිරීම සඳහා එම්.ඕ.ඩී. රථගාල, ගාලුමුවදොර ගාලු මැද පාරේ රථවාහන නැවතුම් හා නව බාලදක්ෂ මාවතේ රථ වාහන නැවතුම් ස්ථාන භාවිත කළ හැකි බවයි.
2022-12-21T00:59:43.000Z
බේරේ වැව ආශ්‍රිතව මගී ප්‍රවාහන බෝට්ටු සේවාවක්
බේරේ වැව ආශ්‍රිතව මගී ප්‍රවාහන බෝට්ටු සේවාවක්
COLOMBO (News 1st) - බේරේ වැව ආශ්‍රිතව මගී ප්‍රවාහන බෝට්ටු සේවාවක් ආරම්භ කිරීමට පියවර ගන්නා බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. අමාත්‍යවරයා සඳහන් කළේ, දේශීය හා විදේශීය සංචාරකයින් ඉලක්ක කර ගනිමින් මෙම වැඩපිළිවෙළ ආරම්භ කරන බවය.
2022-12-21T00:56:44.000Z
පාසල් සිසුන්ගේ පොත් බෑග් පරීක්ෂාව පාසල් කමිටුවකට පැවරීමේ තීරණයක්
පොත් බෑග් පරීක්ෂාව පාසල් කමිටුවකට පැවරීමේ තීරණයක්
COLOMBO (News 1st) - පාසල් සිසුන්ගේ පොත් බෑග් පරීක්ෂාව පාසල් කමිටුවක් වෙත පැවරීමට තීරණය කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. අමාත්‍යාංශය සඳහන් කළේ, අදාළ කමිටුව ගුරුවරුන්, ශිෂ්‍ය නායකයින් සහ පාසල් සංවර්ධන සමිති නියෝජිතයින්ගෙන් සමන්විය යුතු බවය. අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති විශේෂ රැස්වීමකදී ඒ මෙම තීරණයට එළැඹ තිබේ. ළමුන් අතර මත්ද්‍රව්‍ය උවදුර ව්‍යාප්තිය පාලනයට ගතයුතු පියවර සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා, අමාත්‍යාංශයේ නිලධාරීන් සහ අදාළ අනෙකුත් ආයතනවල නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් එම සාකච්ඡාව පැවැත්විය. එහිදී මත්ද්‍රව්‍ය භාවිත කළ අය හඳුනා ගැනීම සහ ඔවුන් සම්බන්ධව ගත යුතු ක්‍රියා මාර්ග පිළිබඳව ගුරුවරුන් දැනුවත් කිරීම සඳහා විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහනක් අඛණ්ඩව පැවැත්වීමටත්, පාසල් පරිසරය සිසුන්ට ප්‍රියජනක පරිසරයක් ලෙස පවත්වාගෙන යාමටත් පියවර ගත යුතු බවටත් සාකච්ඡා වී තිබේ. අමාත්‍යාංශය පැවසුවේ, මේ වනවිටත් නිකුත් කර ඇති 2020.07.29 දිනැති 20/2020 අංක දරණ අධ්‍යාපන ආයතන පරිශ්‍රයන් දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදන, මධ්‍යසාර සහ අනෙකුත් මත්ද්‍රව්‍ය භාවිතය ප්‍රවර්ධනය සහ වෙළෙඳාමෙන් තොර කලාපයක් බවට පත් කිරීම උදෘතයෙන් යුතු චක්‍රලේඛය විදුහල්පතිවරුන් වෙත නැවත යොමු කිරීමේ අවශ්‍යතාවය ද එහිදී පෙන්වා දුන් බවයි. පාසල්, කලාප සහ පළාත් මට්ටමින් මත්ද්‍රව්‍ය නිවාරණ කමිටු පිහිටුවා සුදුසු ක්‍රමවේද මගින් මත්ද්‍රව්‍ය පාසල් පරිශ්‍රවලින් තුරන් කිරීමට අවශ්‍ය පියවර ගැනීම සම්බන්ධව ද එහිදී අවධානය යොමු වී තිබේ.
2022-12-21T00:18:18.000Z
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්
1. සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ 5ක මිල අඩු කෙරේ.. - එළඹෙන උත්සව සමය වෙනුවෙන් ලංකා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ 5ක මිල අඩු කර තිබේ. 2. බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ පරිපාලනය වෙනස් කිරීමේ සූදානමක් - භික්ෂු විශ්වවිද්‍යාල පනත සංශෝධනය කර බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ පරිපාලනය වෙනස් කිරීමේ සූදානමක් අනාවරණය වේ. 3. දිනේෂ් ශාෆ්ටර් බොරැල්ල කනත්තට යාමට පෙර ගිය තැනක් ගැන හෙළිදරව්වක් - ජනාකීර්ණ කොළඹ නගරයේදී කීර්තිමත් ව්‍යාපාරික දිනේෂ් ශාෆ්ටර් මහතා ඝාතනයට ලක්ව මේ වනවිට දින පහක් ඉක්මවා තිබේ. 4. මහජන උපයෝගීතා කොමිසම නොසලකා විදුලි බිල වැඩි කිරීමේ යෝජනාවක් තවමත් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වී නෑ – ඇමති බන්දුල - මහජන උපයෝගීතා කොමිසම නොසලකා කැබිනට් අනුමැතියෙන් විදුලි බිල වැඩි කිරීමේ යෝජනාව මේ සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත්වී නොමැත. 5. කොළඹ වරාය නගරයට නව වීසා වර්ග තුනක් හඳුන්වාදීමට කැබිනට් අනුමැතිය - කොළඹ වරාය නගරයට නව වීසා වර්ග තුනක් හඳුන්වාදීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
2022-12-20T18:09:36.000Z
පකිස්ථානයට එරෙහි ටෙස්ට් තරගාවලි⁣ය 3-0කින් එංගලන්තය ජය ගනී
එංගලන්තයට විශිෂ්ට ජයක්..
COLOMBO (News 1st) - පකිස්ථානයට එරෙහි ටෙස්ට් තරගාවලිය තරග 3ට 0ක් ලෙස ජය ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් විය. ඒ, පකිස්ථානයට එරෙහිව පැවති තුන්වන ටෙස්ට් ක්‍රිකට් තරගය කඩුලු 8කින් අද(20) ජය ගනිමිනි. පකිස්ථාන - එංගලන්ත තුන්වැනි ටෙස්ට් ක්‍රිකට් තරගය අද පැවැත්වුණේ පකිස්ථානයේ කරච්චිහීදීය. තරගයේ කාසියේ වාසිය හිමි කරගෙන පන්දුවට පහර දුන් පකිස්ථානය පළමු ඉනිමට සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 304කි. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්තය සියලු දෙනා දැවී ලකුණු 354ක් රැස් කළේ ය. සිය දෙවැනි ඉනිම සඳහා පිටියට පිවිසි පකිස්ථාන කණ්ඩායමට එංගලන්ත පන්දු යවන්නන් හමුවේ සියලු දෙනා දැවී රැස් කිරීමට හැකිවූයේ ලකුණු 216ක් පමණි. නායක බාබර් අසාම් ලකුණු 54ක් රැස් කළ අතර සවුද් ශකීල් ලකුණු 53ක් රැස් කළේ ය. එංගලන්තය වෙනුවෙන් සිය මංගල ටෙස්ට් තරගාවලියට එක් වූ යොවුන් ක්‍රීඩක රෙහාන් අහමඩ් ලකුණු 45කදී කඩුලු 5ක් දවා ගත්තේ මංගල ටෙස්ට් තරගයේ ඉනිමකදී කඩුලු 5 සීමාව පසු කළ ලොව ලාබාලතම ක්‍රීඩකයා ලෙස වාර්තා අතරට එක් වෙමිනි. ඒ අනුව ලකුණු 167ක පහසු ඉලක්කයක් ලබාගත් එංගලන්ත ක්‍රීඩකයන් කඩුලු 2ක් දැවී නියමිත ඉලක්කය පසු කළේ ය. සැක් ක්‍රොව්ලි ලකුණු 41ක් රැස් කළ අතරබෙන් ඩකට් නොදැවී ලකුණු 82ක් රැස් කළේ ය.
2022-12-20T17:13:32.000Z
සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ 5ක මිල අඩු කෙරේ..
සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ 5ක මිල අඩු කෙරේ..
COLOMBO (News 1st) - එළඹෙන උත්සව සමය වෙනුවෙන් ලංකා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ 5ක මිල අඩු කර තිබේ. ඒ අනුව බී ළුෑණු කිලෝ එකක් රුපියල් 5කින් ද, රතු පරිප්පු කිලෝ ග්‍රෑමයක් රුපියල් 7කින්ද, දේශීය ටින් මාළු ග්‍රෑම් 425ක් රුපියල් 10 කින්ද, මිරිස් කිලෝ එකක් රුපියල් 15කින් ද, තායි හාල් මැස්සන් කිලෝ ග්‍රෑම් එකක මිල රුපියල් 50කින් ද පහත දමා තිබේ. ඒ අනුව එම භාණ්ඩ වල නව මිල දැක්වෙන්නේ, බී ළුෑණු කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 185 යි. රතු පරිප්පු කිලෝ ග්‍රෑම්යක් රුපියල් 378 යි. දේශීය ටින් මාළු ග්‍රෑම් 425ක් රුපියල් 480 යි. මිරිස් කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 1780 යි. සහ තායි හාල් මැස්සන් කිලෝ ග්‍රෑම් එකක මිල රුපියල් 1100ක් ලෙසය. ලංකා සතොස නිවේදනය කළේ, මෙම භාණ්ඩ නව මිල යටතේ හෙට(21) දිනයේ සිට දිවයින පුරා සතොස වෙළඳසැල් වලින් මිලදී ගත හැකි බවය.
2022-12-20T17:11:28.000Z
බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ පරිපාලනය වෙනස් කිරීමේ සූදානමක්..
බෞද්ධ හා පාලි සරසවියේ පරිපාලනයේ වෙනසකට සූදානමක්
භික්ෂු විශ්ව විද්‍යාල පනත සංශෝධනය කර බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ පරිපාලනය වෙනස් කිරීමේ සූදානමක් අනාවරණය වේ. උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් මහතා ප්‍රකාශ කළේ වසා දමා ඇති විශ්වවිද්‍යාලය යළි විවෘත කිරීමට අපේක්ෂා කරන්නේ මේ ක්‍රියාවලියෙන් පසුව බවයි. බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ අධ්‍යයන හා පරිපාලන කටයුතු පිළිබඳ එකඟතාවකට පැමිණෙන තෙක් එය වසා දැමීමට තීරණය කෙරුණේ කැබිනට් මණ්ඩලයේදී ගත් තීරණයක් මතයි. විශ්වවිද්‍යාලයේ කටයුතු පිළිබඳ එකඟතාවකට පැමිණීමට මහානාහිමිවරුන් සමග සාකච්ඡා කළ යුතු බවද කැබිනට් මණ්ඩලයේ දී තීරණය කර තිබුණි. කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා, "ඒ සඳහා පූර්ණ අයිතිය තියෙනවා. මොකද මෙය සම්ප්‍රදායක විශ්වවිද්‍යාලයක් නෙවෙයි. එය පිහිටලා තියෙන්නෙ සාමාන්‍ය විශ්වවිද්‍යාල පනතින් නෙවෙයි. පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාල පනත කියලා විශේෂ පනතක් පාර්ලිමේන්තුවේ සම්මත කරලා තියෙන්නෙ. ඒ පනත අනුව තමයි ඒක පිහිටලා තියෙන්නෙ. එයට සාමාන්‍ය විශ්වවිද්‍යාලයක තියෙන ප්‍රචණ්ඩත්වයක් හා අනෙක් දේ ආදේශ කරන්න පුලුවන් කමක් ඇත්තෙ නැහැ. එය ශාසනික උන්නතිය සඳහා පිහිටලා ආගමික විශ්වවිද්‍යාලයක් විශේෂ පනතකින්. උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන්, "අපි නැවතත් යම් විදිහකින් අවතැන් වෙලා තියෙන මේ තත්ත්වයන් නැවත පනත කරා යන්නටත් පනත යාවත්කාලින කරන්නටත් ඒ සඳහා අවශ්‍ය නිති, අලුත් පාඨමාලා, එය පාලන පක්ෂයේ දේශපාලනයවත්, විරුද්ධ පක්ෂයේ දේශපාලනයවත් එළියේ ඉන්න වමාංශික දේශපාලන පක්ෂවල මතයවත් නෙවෙයි, සිදුවිය යුත්තේ ධර්ම මාර්යේ යෑම. ඒ අරමුණු සඳහා ප්‍රතිව්‍යුහ ගතකිරීමක් කරන්න වෙනවා. මගේ උත්සහාය ඒ ප්‍රතිව්‍යුහ ගත කිරීම් ඉක්මන්ට ඉවර කරලා ලබන වසරේ වෙසක් වැටෙන්නේ මැයි 05 වනදා ඊට කලින් නැවත පුජා කරන්න පුලුවන් විශ්වවිද්‍යාලයක් බවට පත් කරලා දෙන්නයි අදහස" ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති පුජ්‍ය මිදෙල්ලෑවේ සිරිරතන හිමි, "ලබන සතිය වනවිට අපි බලාපොරොත්තු වෙනවා විශ්වවිද්‍යාලය ආරම්භ කරයි කියලා. මොකද විශ්වවිද්‍යාලය වහන්නේ අර්බුදයක් නැති වෙලාවක කිසිදු ගැටුමක් නැති වෙලාවක. ප්‍රශ්නයක් තියෙනවා නම් සාකච්ජා කරල ලබන සතියේ විශ්වවිද්‍යාලය ආරම්භ කළ යුතුයි කියන මතයේ අපි ඉන්නවා."
2022-12-20T16:31:21.000Z
දිනේෂ් ශාෆ්ටර් බොරැල්ල කනත්තට යාමට පෙර ගිය තැනක් ගැන හෙළිදරව්වක්..
ශාෆ්ටර් ගිය තැනක් ගැන හෙළිදරව්වක්..
COLOMBO (News 1st) - ජනාකීර්ණ කොළඹ නගරයේදී කීර්තිමත් ව්‍යාපාරික දිනේෂ් ශාෆ්ටර් මහතා ඝාතනයට ලක්ව මේ වනවිට දින පහක් ඉක්මවා තිබේ. මේ අපරාධය තවමත් අබිරහසකි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ(19) දිනයේ ප්‍රකාශ 08 ක් සටහන් කරගෙන තිබේ. ප්‍රකාශ ලබාගත් පිරිස අතර ශාෆ්ටර් මහතාගේ බිරිඳ වන ටානි ශාෆ්ටර් මහත්මියද වේ. අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ බිරිඳ විසින් කරන ලද දැනුම්දීම අනුව බොරැල්ල සුසාන භූමියට ගිය විධායක නිලධාරී ක්‍රිෂ් පෙරේරා මහතාගෙන් ද ප්‍රකාශ සටහන් කරගත් බවයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකරී නීතීඥ නිහාල් තල්දූව මහතා "දීර්ඝ විමර්ශනයක් පැය 24 තුළම ක්‍රියාත්මක වෙනවා. විමර්ශනය පැතිකඩ කිහිපයක් ඔස්සේ යනවා. පැති කිහිපයක් අපි සැකකරලා කටයුතු කරනවා. කිසිම පුද්ගලයෙක් අපි සැකකරලා නැහැ සුවිශේෂි සැකයක් ඇතිකරගෙන නැහැ. සැකයක් තිබුනත් චෝදනාවක් විදිහට විමර්ශන නිලධාරීන් විසින් චෝදනාවක් එල්ලකරන තත්ත්වයට මේ විමර්ශනය තවමත් අවසන් වෙලා නැහැ." මෙතෙක් සිදුකල විමර්ශන අනුව දිනේෂ් ශාෆ්ටර් මහතා ඝාතනයට ලක්වූ අවස්ථාවේ සිද්ධි පෙලගැස්මක් අනාවරණය වී තිබේ. ඔහු මෙම අපරාධය සිදුවූ දිනයේ කොළඹ මල් පාරේ පිහිටි තම නිවසින් පිටව ගොස් ඇත්තේ පස්වරු 1.55ට යි. මේ අතරතුර ශාෆ්ටර් මහතා කොළඹ, මලලසේකර මාවතේ පිහිටි අවන්හලකට ගොස් කෙටි ආහාර මිලදී ගෙන ඇතැයිද විමර්ශනයේදී අනාරණය වී තිබේ. ඔහුගේ බිරිඳ ටානි ශාෆ්ටර් මහත්මිය සිය සැමියාගේ දුරථකනයට වට්ස්ඇප් පණිවියක් යවමින් දැන්ම නැවත පැමිණනවාදැයි විමසා ඇත්තේ පස්වරු 2.15ට පමණ ය. මේ අතර පස්වරු 2.42ට දිනේෂ් ශාෆ්ටර් මහතාගෙන් වට්ස්ඇප් පණිවිඩයක් ලැබුණු බව බ්‍රයන් තෝමස් මහතා අනාවරණය කර තිබේ. එහි සඳහන්ව තිබුණේ ඔබ පැමිණෙන තුරු මම බලා සිටිනවා යන අදහසයි. ඊට ප්‍රතිචාර දක්වමින් බ්‍රයන් තෝමස් මහතා, "මට තේරෙන්නේ නෑ ඔයා මොකක්ද කියන්නේ කියලා මට ඔයා හම්බවෙන්න හේතුවක් නෑ ඔයා දන්නවා දෙසැම්බර් 24 ඔයා මට මොකක්ද කළේ කියලා" යනුවෙන් දැනුම්දී තිබිණ. පස්වරු 2.43ට නැවතත් ශාෆ්ටර් මහතා "ඔයා කිව්ව විදිහට මම මැසේජ් ඔක්කොම ඩිලීට් කළා" යනුවෙන් තවත් වට්සැප් පණිවිඩයක් තමන් වෙත යොමු කළ බව බ්‍රයන් තෝමස් මහතා හෙලිකර තිබේ. ඊට ප්‍රතිචාර දක්වමින් තෝමස් මහතා ශාෆ්ටර් මහතාට නැවතත් වට්ස්ඇප් පණිවිඩයක් යවා තිබේ. ඔහු එම පණිවිඩයෙන් ශාෆ්ටර් මහතාගෙන් විමසා තිබුණේ "මම කවදද ඔයාට කිව්වේ මැසේජ් ඩිලීට් කරන්න කියලා" යනුවෙනු යි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අනුව පස්වරු 2.45 වනවිට දිනේෂ් ශාෆ්ටර් මහතා බොරැල්ල පොදු සුසාන භුමිය වෙත පිවිස අවසන් ය. බ්‍රයන් තෝමස් මහතා පවසන්නේ, දිනේෂ් ශාෆ්ටර් මහතාගේ දුරකතනයෙන් තමන්ට පණිවිඩ එව්වේ වෙනත් පුද්ගලයෙකු බවට සැකකරන බවයි. කලක් තමන්ගේ සමීප මිත්‍රයෙකු වූ ශාෆ්ටර් මහතාගේ ඉංග්‍රිසි භාෂා හැසිරවීම පිළිබඳව තමන්ට හොද අවබෝධයක් පවතින බවත් මෙම පණිවිඩ ඊට වඩා වෙනස් බවත් බ්‍රයන් තෝමස් මහතා සඳහන් කර තිබේ. සිහිසුන් තත්ත්වයේ පසුවූ බව කියන දිනේෂ් ශාෆ්ටර් මහතා ක්‍රිශ් පෙරේරා මහතාට හමුවී ඇත්තේ පස්වරු 3.30 ට ආසන්න වේලාවකදීය. පස්වරු 3.55 වනවිට ශාෆ්ටර් මහතා ඔහුගේ මෝටර් රථයෙන්ම රැගෙන ගොස් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ. එහෙත් ඒ වනතුරු දිනේෂ් ශාෆ්ටර් මහතා ලක්ව තිබූ තත්ත්වයට පොලිසිය හෝ ටානි ශාෆ්ටර් මහත්මිය දැන සිටියේ නැත. අතිශය ජනකීර්ණ කොළඹ නගරයේ බොරැල්ල පොදු සුසාන භූමියේ අවමංග්‍ය උස්සව 6ක් පැවැත්වෙන අතරතුර මේ කීර්තිමත් ව්‍යාපාරිකයා ඝාතනය විය හැකිද? එසේත් නැතිනම් වෙනත් ස්ථානයකදී සිහිසුන් තත්ත්වයට පත්කර ඔහුව පොදු සුසාන භූමිය තුළ ගෙනවිත් දැමුවාද? පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකරී නීතීඥ නිහාල් තල්දූව මහතා, "ඔහු ව්‍යාපාරිකයෙක් ඔහුගේ සම්බන්ධතා රාශියක් තියනවා. ඒ වගේම මෙම ඝාතනයේ යම් අභිරහස් බවක් තිබෙනවා සහ විමර්ශන නිලධාරීන් සංවිධානාත්මක අපරාධ සහ මනුෂ්‍ය ඝාතන සම්බන්ධව අපරාධ විමර්ශන කොට්ඨාසය පොලිසියේ සහය ඇතුවයි දැන් විමර්ශන කටයුතු කරන්නේ. කණ්ඩායම් රාශියක් පරීක්ෂණ ශ්‍රේණියේ නිලධාරියෙකුගේ නායකත්වයෙන් යුත් කුඩා කණ්ඩායම් රාශ්‍රියක් මේ සදහා වෙන්කරලා යොමුකරලා තියනවා." ජනාකීර්ණ කොළඹ නගරයේ සිදුවූ මේ කීර්තිමත් ව්‍යාපාරිකයාගේ ඝාතනය පිටුපස ඇති අභිරහස කුමක් විය හැකිද?
2022-12-20T16:01:13.000Z
මහජන උපයෝගීතා කොමිසම නොසලකා විදුලි බිල වැඩි කිරීමේ යෝජනාවක් තවමත් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වී නෑ - ඇමති බන්දුල
විදුලි බිල වැඩි කිරීමේ යෝජනාව තවමත් නෑ..
COLOMBO (News 1st) - මහජන උපයෝගීතා කොමිසම නොසලකා කැබිනට් අනුමැතියෙන් විදුලි බිල වැඩි කිරීමේ යෝජනාව මේ සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත්වී නොමැත. අද කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී, විදුලි ගාස්තු වැඩි වීමට අදාල කෙටුම්පත ඊයෙ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වූවාද, ඒ සම්බන්දයෙන් කැබිනට් මණ්ඩලයෙන් ගත් තීරණය පිළිබඳව මාධ්‍යවේදීන් විමසීමක් කළේ ය. පිළිතුරු දැක්වූ කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ, ඊ් දිනයේදී විදුලි මිල සංශෝධනය පිළිබඳ කැබිනට් පත්‍රිකාවක් අමාත්‍යවරයා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් නොකළ බවයි
2022-12-20T15:09:13.000Z
කොළඹ වරාය නගරයට නව වීසා වර්ග තුනක් හඳුන්වාදීමට කැබිනට් අනුමැතිය..
පෝට් සිටියට නව වීසා වර්ග 3ක්..
COLOMBO (News 1st) - කොළඹ වරාය නගරයට නව වීසා වර්ග තුනක් හඳුන්වාදීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. මේ අනුමැතිය ලබාදී ඇත්තේ කොළඹ වරාය නගර කොමිෂන් සභාවේ නිර්දේශ මත පදනම්වයි. කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා, "ආගමන විගමන දෙපාර්තමේන්තුව කොලඹ වරාය කොමිෂන් සභාවේ නිර්දේශ මත කොළඹ වරාය ව්‍යාපෘතියේ ඊට විශේෂිත වූ වීසා වර්ග කාණ්ඩ තුනක් යටතේ නිකුත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලබාදුන්නා. මහජන ආරක්ෂක අමාත්‍යවරයා කැබිනට් මණ්ඩලයට කළ යෝජනාව අනුව වරාය නගරයට අදාළ වීසා වර්ග මේ. වාස වීසා කාණ්ඩය යටතේ වරාය නගරයේ ආයෝජකයින් සඳහා ආයෝජන වීසා. සේවා නියුක්තිකයින් වෙනුවෙන් සේවා නියුක්ත වීසා. බදු පදනම මත වරාය නගරයේ වාසය කරන විදේශිකයින්ට සීපීසී නේවාසික දේපල බදු ගැනුම්කර වීසා. කොළඹ වරාය නගරයේ පරිපාලන බලතල පාර්ලිමේන්තුවේ සම්මත කල පනතක් මගින් මේ වනවිට කොළළු වරාය නගර කොමිෂන් සභාවට පැවරී තිබෙනවා."
2022-12-20T14:19:29.000Z
ලෝක ශූර ආජන්ටිනා කණ්ඩායම උණුසුම් පිළිගැනීමක් මැද යළි මව්බිමට
ලෝක ශූර ආජන්ටිනා කණ්ඩායම පිළිගැනීමක් මැද මව්බිමට
COLOMBO (News 1st) - වසර 36කට පසුව පාපන්දු ලෝක කුසලානයක් දිනූ, ලියනොල් මෙසී ප්‍රමුඛ ආර්ජන්ටිනා පාපන්දු කණ්ඩායම යළි සිය රටට පැමිණියේ ය. ආර්ථික අර්බුද හේතුවෙන් පීඩනයට පත්ව සිටින ආර්ජන්ටිනා ජනතාව තුළ නව පිබිදීමක් ඇති වූයේ, පසුගිය ඉරිදා (18) රාත්‍රියේදී තුන් වැනි වරටත් ආර්ජන්ටිනා කණ්ඩායම පාපන්දු ලෝක ශූරයින් ලෙස කිරුළු පැළැඳීමත් සමගි නි. සිය රට පැමිණි ලෝකශූර ආර්ජන්ටිනා ක්‍රීඩකයින් රතු පලස මතින් පිළිගත්තේ ය. අනතුරුව ඔවුන් විවෘත රථයකින් බුවනෝර්ස් අයරේස් නගරයේ විථී සංචාරය කළේ, ක්‍රීඩා ලෝලීන්ට ජයග්‍රාහී කුසලානය ප්‍රදර්ශනය කරමිනි. ලෝක කුසලානය රැගත් මෙසී ප්‍රමුඛ ආර්ජන්ටිනා ක්‍රීඩකයින් සිය ක්‍රීඩා ලෝලීන්ගේ උණුසුම් සුබ පැතුම් මධ්‍යයේ එරට පාපන්දු මූලස්ථානයට වෙත පැමිණියේ ය. මේ අතර ලෝක ශූර පාපන්දු කණ්ඩායම වෙනුවෙන් පිළි ගැනීමේ උත්සවය රැසක් සංවිධානය කර ඇත.
2022-12-20T12:49:15.000Z
කාන්තාවන් දෙදෙනෙකුට දිවි අහිමි කළ මාරක නින්ද..
දෙදෙනෙකුට දිවි අහිමි කළ මාරක නින්ද..
COLOMBO (News 1st) - නාරම්මල, උයන්වත්ත ප්‍රදේශයේදී වෑන් රථයක ගැටීමෙන් කාන්තාවන් දෙදෙනෙකු මියගොස් තිබේ. පොලීසිය සඳහන් කළේ, අද (20) පස්වරු 1.30 ට පමණ අනතුර සිදුව ඇති බවයි. කාන්තාවන් දෙදෙනා බස් රථයකට ගොඩවීම සඳහා මාර්ගය අසල රැඳී සිටි අවස්ථාවේදී වෑන් රථයේ රියැදුරුට නින්ද යාම හේතුවෙන් රථය මාර්ගයෙන් ඉවතට පැන කාන්තාවන් දෙදෙනාගේ ගැටී තිබේ. මියගොස් ඇත්තේ නාරම්මල ප්‍රදේශයේ පදිංචි, 55 හා 60 හැවිරිදි වියේ පසුවු කාන්තාවන් දෙදෙනෙකි. වෑන් රථයේ රියැදුරු අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළේ ය.
2022-12-20T12:42:09.000Z
කංජිපානි ඉම්රාන්ට ඇප..
කංජිපානි ඉම්රාන්ට ඇප..
COLOMBO (News 1st) - සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු යැයි කියන කංජිපානි ඉම්රාන්ට ඇප හිමිවී තිබේ. ඔහුට අදාල ඇප කොන්දේසි සපුරාලීමෙන් පසු, ඔහුව මෙලෙස ඇප නියම කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන තීරණය කළේ ය.
2022-12-20T07:40:25.000Z
තවත් භාණ්ඩ වර්ග 10 ක ආනයන සීමා ඉවතට
තවත් භාණ්ඩ වර්ග 10 ක ආනයන සීමා ඉවතට
COLOMBO (News 1st) - තවත් භාණ්ඩ වර්ග 10 ක ආනයන සීමා ඉවත් කිරීමට පියවර ගෙන තිබේ. සංචාරක ආරක්ෂක හා ක්‍රීඩා ක්ෂේත්‍රයට අදාළ තවත් භාණ්ඩ වර්ග 10ක ආනයන සීමා ඉවත් කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ, සංචාරක කර්මාන්තය සඳහා අවශ්‍ය ශක්තිජනක පාන, ආවේෂණ කැමරා පද්ධති සඳහා අවශ්‍ය උපකරණ ගෘහ භාණ්ඩ නිෂ්පාදන සඳහා අවශ්‍ය තුනී ලෑලි සහ ක්‍රීඩා උපකරණ ඊට අයත් බවයි. ආනයන සීමා ලිහිල් කළ තුන් වැනි අවස්ථාව මෙය බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය. 2022 වසරේ ආනයන වියදම රුපියල් මිලියන 16055 ලෙස දැක්වුණු අතර 2021 දී එය දැක්වුණේ ඩොලර් 20 637 ක් ලෙසයි.
2022-12-20T05:29:34.000Z
විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ගේ කටයුතු සඳහා කාර්යාලයක් පිහිටුවීමට කැබිනට් අනුමැතිය
කොළඹ වරාය නගරයට නව වීසා හඳුන්වාදීමට අනුමැතිය
COLOMBO (News 1st) - විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ගේ සහය මෙරටට ලබා ගැනීමට මධ්‍යම සම්බන්ධීකරණ මධ්‍යස්ථාන කාර්යාලයක් පිහිටුවීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. ඒ, 2022 අතුරු අයවැය යෝජනාවක් අනුවයි. විදෙස්ගතව සිටින මිලියන 3 ක් පමණ වන ලාංකිකයින්ගේ දායකත්වය මෙරට සංවර්ධන කටයුතු සඳහා ලබා ගැනීමට හැකි පරිදි විදේශගත ශ්‍රී ලාංකිකයින්ගේ කටයුතු සඳහා කාර්යාලය පිහිටුවා ඇත. එය ජනාධිපති කාර්යාලය යටතේ පිහිටුවීමට නියමිතයි. මේ අතර කාණ්ඩ 3 ක් යටතේ කොළඹ වරාය නගරය සඳහා නව වීසා වර්ග හඳුන්වාදීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
2022-12-20T05:14:54.000Z
මත්ද්‍රව්‍ය හා අවි ජාවාරමට සම්බන්ධ ලාංකිකයින් 9 ක් ඉන්දියාවේදී අත්අඩංගුවට
ලාංකිකයින් 9 ක් ඉන්දියාවේදී අත්අඩංගුවට
COLOMBO (News 1st) - මත්ද්‍රව්‍ය හා අවි ජාවාරමට සම්බන්ධ ශ්‍රී ලාංකිකයින් 9 දෙනෙකු ඉන්දීය ආරක්ෂක අංශ අත්අඩංගුවට ගෙන ඇතැයි එරට මාධ්‍ය වාර්තා කර තිබේ. සරණාගත කඳවුරකදී අත්අඩංගුවට ගත් පිරිස අතර මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධ චෝදනා එල්ල වී ඇති ගුණා, ලඩියා, දනුක, සුරංග ඇතුළු පිරිසක් සිටින බව සඳහන් ය. ඉන්දිය ජාතික විමර්ශන එකකයේ මෙහෙයවිමෙන් මෙම විමර්ශනය ක්‍රියාත්මක කෙරුණි.
2022-12-20T03:42:42.000Z
එංගලන්තයේ රෙහාන් අහමඩ් මංගල ටෙස්ට් තරගයේ ඉනිමකදී කඩුලු 5 සීමාව පසු කළ ලොව ලාබාලතම පන්දු යවන්නා බවට පත්වෙයි..
එංගලන්තයේ රෙහාන් අහමඩ්ගෙන් වාර්තාවක්
COLOMBO (News 1st) - සත්කාරක පකිස්ථානය සහ එංගලන්තය අතර අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය තුන්වැනි දිනටත් කරච්චි ඊයේ (19) පැවැත්විය. ඊයේ දිනය සඳහා තරගය නතර කරන විට ලකුණු 167ක ඉලක්කයක් හඹා යන එංගලන්තය කඩුලු 2ක් දැවී රැස් කරගෙන සිටින ලකුණු සංඛ්‍යාව 112කි. තරගයේ පළමුව පන්දුවට පහරදුන් පකිස්ථානය පළමු ඉනිම සඳහා ලකුණු 304ක් රැස් කළ අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්තය ලකුණු 354ක් රැස් කළේ ය. ඒ අනුව දෙවැනි ඉනිම ක්‍රීඩා කළ පකිස්ථානය ඊයේ දිනයට තරගය ආරම්භ කරන විට කිසිවෙක් නොදැවී රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 21 කි. නොදැවී කඩුල්ලේ රැඳී සිටියේ අබ්දුල්ලා ශෆීක් සමග ශාන් මසූඩ්. ඔවුන්ගේ පළමු කඩුලු 3 ලකුණු 54කදී බිඳ වැටුණි. නායක බාබර් අසාම් ලකුණු 54 යි. සවුද් ශකීල් ලකුණු 53ක් රැස් කළේ ය. දෙවැනි ඉනිම ක්‍රීඩා කළ පකිස්ථානයට එංගලන්ත පන්දු යවන්නන් හමුවේ රැස් කිරීමට හැකිවූයේ ලකුණු 216ක් පමණි. එංගලන්තය වෙනුවෙන් සිය මංගල ටෙස්ට් තරගාවලියට එක් වන යොවුන් ක්‍රීඩක රෙහාන් අහමඩ් කඩුලු 5ක් දවා ගත්තේ ලකුණු 45ක් පමණක් ලබා දෙමිනි. මංගල ටෙස්ට් තරගයේ ඉනිමකදී කඩුලු 5 සීමාව පසු කළ ලොව ලාබාලතම ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස ඔහු වාර්තා අතරට එක් විය. තුන්වැනි දිනය නිමාවීමටත් පෙර ලකුණු 167ක පහසු ඉලක්කයක් ලබා ගත් එංගලන්ත දෙවැනි ඉනිමේ පළමු කඩුල්ලේ සබඳතාවය ලකුණු 87කි. සැක් ක්‍රොව්ලි දැවී ගියේ ලකුණු 41ටයි. නොදැවී ක්‍රීඩා කරන බෙන් ඩකට් ලකුණු 50ක් රැස් කරගෙන සිටි. ඊයේ දිනයට තරගය නතර කරන විට එංගලන්තයට කඩුලු 8ක් අතැතිව සිටින අතර ඔවුන්ට ජයග්‍රහණය සඳහා තවත් අවශ්‍යව වන්නේ ලකුණු 55ක් පමණි. තරගාවලිය මේ වනවිට 2ට 0ක් ලෙස එංගලන්තය ජය තහවුරු කරගෙන අවසන් ය.
2022-12-20T03:13:37.000Z
මැතිවරණ කොමිසම අද රැස්වෙයි
මැතිවරණ කොමිසම අද රැස්වෙයි
COLOMBO (News 1st) - මැතිවරණ කොමිසම අද (20) පෙරවරුවේ රැස්වෙයි. එහි සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා සඳහන් කළේ, කොමිසමේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් සාකච්ජා කිරීමේ අරමුණින් මෙම රැස්වීම පැවැත්වෙන බවය. මේ අතර පළාත් පාලන ආයතන ඡන්දය වීමසීමට අදාළ නාමයෝජනා කැඳවීමේ දැන්වීම් දෙසැම්බර් මස අවසන් සතියේ ප්‍රකාශයට පත් කරන බව මැතිවරණ කොමිෂන් සභාව පසුගිය දා නිවේදනය කළේ ය.
2022-12-20T03:01:48.000Z
පලාලිවලින් මුහුදු ගිය ධීවරයෙකු අතුරුදන්
පලාලිවලින් මුහුදු ගිය ධීවරයෙකු අතුරුදන්
COLOMBO (News 1st) - පලාලි, ඇන්ටනීපුරම් ප්‍රදේශයෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගිය ධීවරයෙකු අතුරුදන්ව තිබේ. පොලීසිය සඳහන් කළේ, 56 හැවිදිරි ධීවරයෙකු එලෙස අතුරුදන්ව ඇති බවයි. අතුරුදන් වූ ධීවරයා සොයා නාවික හමුදාව සහ පොලීසිය මෙහෙයුම් සිදු කරනු ලබයි.
2022-12-20T02:48:55.000Z
බංග්ලාදේශයට එරෙහි ටෙස්ට් තරගාවලියෙන් රෝහිත් ශර්මා ඉවතට
රෝහිත් බංග්ලාදේශයට එරෙහි තරගාවලියෙන් ඉවත්ට
COLOMBO (News 1st) - ඉන්දීය ක්‍රිකට් නායක රෝහිත් ශර්මා බංග්ලාදේශයට එරෙහි ටෙස්ට් ක්‍රිකට් තරගාවලියෙන් ඉවත් කර තිබේ. ඒ, දෙරට අතර එක් දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයේදී ඔහු ආබාධයකට ලක්වීම හේතුවෙනි. රෝහිත් ශර්මා ප්‍රථිකාර සඳහා නැවතත් ඉන්දියාවට රැගෙන ගියේ, දෙවැනි ටෙස්ට් තරගයට හෝ සහභාගී කිරීමට හැකිවනු ඇතැයි බලාපොරොත්තුවෙනි. ‍කෙසේ වෙතත් රෝහිත් ශර්මා තරගාවලියෙන් ඉවත් කර ඇත්තේ, සෞඛ්‍ය තත්ත්වය යහපත් නොවීම හේතුවෙනි. විදෙස් වාර්තා පවසන්නේ, ඔහු සුවය ලබමින් සිටින නමුත් ඉදිරි මාස දෙක තුළ තරග සඳහා එක්වීම අවිනිශ්චිත බවයි. මේ අතර ඉන්දීය කණ්ඩායම ලබන මාසයේදී ශ්‍රී ලංකාවට සහ නවසීලන්තයට එරෙහිව තරග කිරීමට සැලසුම්කර තිබේ. ශර්මා එම තරගවලට සහභාගී නොවුණ හොත්, ලෝකේෂ් රාහුල් තවදුරටත් ඉන්දීය කණ්ඩායම මෙහෙයවනු ඇති. මේ අතර ඉන්දියාව සහ සත්කාරක බංග්ලාදේශය අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය ලබන 22 වැනි දා ඩකාහිදී ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ. තරගාවලියේ පළමු තරගය ඉන්දියාව ජය ගත්තේ ලකුණු 188 කිනි.
2022-12-20T02:25:22.000Z
ගල් අඟුරු නැව් 14 ක් ඉදිරියේදී මෙරටට - ගල් අඟුරු සමගාම
ගල් අඟුරු නැව් 14 ක් ඉදිරියේදී මෙරටට
COLOMBO (News 1st) - ගල් අඟුරු නෞකා 14 ක් මීට පෙර ඉදිරිපත් කරන ලද ටෙන්ඩරයකට අනුව මෙරටට ගෙන ඒමට නියමිතව ඇතැයි ගල් අඟුරු සමාගම පවසයි. එහි අධ්‍යක්ෂ නාමල් හේවගේ මහතා පැවසුවේ, මේ වනවිට ගල් අඟුරු නෞකා 5 ක් මෙරටට රැගෙන විත් ඇති බවයි. මීට පෙර ගල් අඟුරු ගෙනඒම සඳහා කරන ලද ටෙන්ඩර් අසාර්ථක වීම හේතුවෙන් වෙනත් ක්‍රියාදාමයක් මත අමතරව තවත් ගල් අඟුරු නෞකා 12 ක් මෙරටට ගෙන ඒමට සැලසුම් කර තිබේ. ඔහු පැවසුවේ, තවත් ගල් අඟුරු නෞකා 28 ක් ගෙන ඒමට සූදානම් කර ඇති බවයි.
2022-12-20T01:40:19.000Z
එළඟි තෙල්වලට වෙනත් තෙල් වර්ග කවලම් කරන බවට අනාවරණයක්
එළඟි තෙල්වලට වෙනත් තෙල් කවලම් කරන බවට අනාවරණයක්
COLOMBO (News 1st) - එළඟි තෙල්වලට විවිධ තෙල් වර්ග කවලම් කර අළෙවි කරන බව අනාවරණ වී තිබේ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර පරීක්ෂක ඒකකයේ නිලධාරීන් සඳහන් කළේ, එළඟි තෙල්වලට එළවළු තෙල් හා පොල් තෙල් කවලම් කර ඇති බව අනාවරණය වී ඇති බවයි. විශේෂයෙන් කඳුකර ප්‍රදේශවල වෙළෙඳසැල්වල එම තත්ත්වය බහුලව දක්නට ලැබෙන බව ඔවුන් ප්‍රකාශ කළේ ය. ඒ අනුව වරායෙන් මුදා හරින එළඟි තෙල් පරීක්ෂා කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇතැයි එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසී ය.
2022-12-20T01:08:51.000Z
පළාත් කිහිපයකට අද ගිගුරුම් සහිත වැසි..
පළාත් කිහිපයකට අද ගිගුරුම් සහිත වැසි..
COLOMBO (News 1st) - ඊසාන දිග මෝසම දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව සහ මාතලේ දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක් තද වැසි ඇති විය හැකිවේ. ඒ අනුව බස්නාහිර, මධ්‍යම සහ සබරගමුව පළාත්වලට මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවේ, ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළං මගින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.
2022-12-20T00:56:32.000Z
සමාජ සුබසාධන ප්‍රතිලාභ මුදල් ලබා ගැනීමට කටයුතු කරන්න - සමෘද්ධි කොමසාරිස් ජනරාල්
සමාජ සුබසාධන මුදල් ලබා ගැනීමට කටයුතු කරන්න
COLOMBO (News 1st) - සමාජ සුබසාධන ප්‍රතිලාභ මුදල් ලබා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස සමෘද්ධි කොමසාරිස් ජනරාල් බන්දුල තිලකසිරි මහතා ජනතාවට දැනුම් දෙයි. ඔහු සඳහන් කළේ, ප්‍රදේශයේ සමෘද්ධි බැංකුවලට ගොස් එම මුදල් ලබා ගැනීමට හැකියාව ඇති බවයි. සුදුසු ප්‍රතිලාභීන්ට රුපියල් 5000 සිට රුපියල් 7500 දක්වා එම මුදල් ලබා ගැනීමට හැකියාව පවති. සමාජ සුබසාධන ප්‍රතිලාභ මුදල් මේ මාසය අවසන් වීමට පෙර ගෙවීමට පියවර ගන්නා ලෙස නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බව ද බන්දුල තිලකසිරි මහතා ප්‍රකාශ කළේ ය.
2022-12-20T00:30:45.000Z
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්
1. නවක වදයේ සිද්ධියකට රුහුණු සරසවියේ සිසුන් 11ක් අත්අඩංගුවට - නවක වදය ලබාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රුහුණු විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත. 2. මහනාහිමිවරු සමග සාකච්ඡාවකට එළැඹෙන තෙක් පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලය වසා දැමීමට කැබිනට් අනුමැතිය - ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ අධ්‍යන හා පරිපාලන කටයුතු පිළිබඳ එකඟතාවකට පැමිණීමට සියලු මහනායක හිමිවරු සමග සාකච්ඡා කළ යුතු බවත්, ඒ වන තෙක් එම විශ්වවිද්‍යාලය වසා දැමීමටත් කැබිනට් මණ්ඩලය තීරණය කරයි. 3. දිනේෂ් ශාෆ්ටර් ඝාතනය කළේ කාගේ උවමනාවකටද? - කීර්තිමත් ව්‍යාපාරිකයෙකු වූ දිනේෂ් ශාෆ්ටර් මහතාගේ ඝාතකයින් පිළිබඳව හෝ එය කුමන අරමුණකින් සිදු කරන ලද්දක්ද යන්න තවමත් අනාවරණය කර ගැනීමට නොහැකිවී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි. 4. ජනාධිපති කාර්යාල පරිශ්‍රයේ නත්තල් කැරොල් ගී ප්‍රසංගයට ගිය ජනපති - ජනාධිපති කාර්යාල පරිශ්‍රය අවට විශේෂ නත්තල් කැරොල් ගී ප්‍රසංගය සහ සැණකෙළිය නැරඹීමට ජනපති රනිල් වික්‍රමසිංහ මහතා එක් විය. 5. දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පතට කථානායක සහතිකය සටහන් කරයි - පාර්ලිමේන්තුවේ දී සංශෝධන සහිතව වැඩි ඡන්දයෙන් සම්මත වූ දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පතට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සිය සහතිකය සටහන් කළේ ය.
2022-12-19T16:56:19.000Z
නවක වදයේ සිද්ධියකට රුහුණු සරසවියේ සිසුන් 11ක් අත්අඩංගුවට
නවකවද සිද්ධියට රුහුණු සරසවි සිසුන් 11ක් අත්අඩංගුවට
COLOMBO (News 1st) - නවක වදය ලබාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රුහුණු විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත. පොලීසිය සඳහන් කළේ සිසුන් 11දෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි.
2022-12-19T16:52:31.000Z
මහනාහිමිවරු සමග සාකච්ඡාවකට එළැඹෙන තෙක් පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලය වසා දැමීමට කැබිනට් අනුමැතිය..
පාලි හා බෞද්ධ සරසවිය ගැන තීරණයක්
COLOMBO (News 1st) - ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ අධ්‍යන හා පරිපාලන කටයුතු පිළිබඳ එකඟතාවකට පැමිණීමට සියලු මහනායක හිමිවරු සමග සාකච්ඡා කළ යුතු බවත්, ඒ වන තෙක් එම විශ්වවිද්‍යාලය වසා දැමීමටත් කැබිනට් මණ්ඩලය තීරණය කරයි.
2022-12-19T16:47:36.000Z
විල්ගමුවේ පිපාසයට තිත තැබූ මෙහෙවර..
විල්ගමුවේ පිපාසයට තිත තැබූ මෙහෙවර..
COLOMBO (News 1st) - රට නගන ජන පවුර ගම්මැද්ද ක්‍රියාන්විතය තුළින් අද(19) තවත් ව්‍යපෘතියකට මුල්ගල් තැබුණි. ඒ, මාතලේ, පලුපිටිය ප්‍රාථමික විද්‍යාලයේ ඉදිකිරීමට නියමිත පානීය ජල ව්‍යාපෘතිය වෙනුවෙනි. මාතලේ දිස්ත්‍රික්කයේ විල්ගමුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ පලුපිටිය, අඩු පහසුකම්වලින් සමන්විත ගම්මානයකි. ගොවිතැන ජීවිකාව කරගත් පවුල් 250කට වැඩි ප්‍රමාණයක් මෙම ගම්මානයේ ජීවත් වේ. නමුත් ඔවුන්ට පිරිසිදු පානීය ජලය ලබා ගැනීමට නොහැකි වී දීර්ඝ කාලයක් දැඩි දුෂ්කරතාවට පත්ව සිටි අතර එහි ප්‍රතිඵලයක් ලෙස අද වන විට මෙම ගම්මානයේ වකුගඩු රෝගීන් 50කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වේ. මෙම ගැටලුව පිළිබඳව ගම්මැද්ද දැනගැනීමෙන් පසු ඊට පිළියම් සපයන්න පියවර ගැනිණි. ඒ අනුව අද නව ජල පිරිපහදු පද්ධතියක් ඉදිකිරීම සඳහා පලුපිටිය ප්‍රාථමික විද්‍යාලයේදී මුල්ගල් තැබීය. මෙම ව්‍යාපෘතිය තුළින් පාසල් දරුවන්ට පමණක් නොව ගම්මානයේම ජනතාවට පිරිසිදු පානීය ජලය ලබාදීම අපේක්ෂිතයි. ඒ සඳහා මූල්‍ය දායකත්වය ලබාදීමට ඉදිරිපත් වූයේ අයි.ඩී.ඒ. සොයිසා ට්‍රස්ට් පදනමයි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික වකුගඩුරෝග නිරීක්ෂණ හා පර්යේෂණ ඒකකයේ උපදෙස් මත ශ්‍රී ලංකා නාවික හමුදාව තාක්ෂණික සහයෝගයෙන් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ. නුදුරේදීම මෙම ව්‍යපෘතිය නිමවා මෙම ජනතාවට ලබාදීම ගම්මැද්දේ අපේක්ෂාවයි.
2022-12-19T15:03:32.000Z
දිනේෂ් ශාෆ්ටර් ඝාතනය කළේ කාගේ උවමනාවකටද?
ශාෆ්ටර් ඝාතනය කළේ කාගේ උවමනාවකටද?
COLOMBO (News 1st) - කීර්තිමත් ව්‍යාපාරිකයෙකු වූ දිනේෂ් ශාෆ්ටර් මහතාගේ ඝාතකයින් පිලිබඳව හෝ එය කුමන අරමුණකින් සිදුකරන ලද්දක්ද යන්න තවමත් අනාවරණය කර ගැනීමට නොහැකිවී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි. ඔහු ප්‍රකාශ කළේ කිසිදු පුද්ගලයෙකු මෙතෙක් සැකකරුවෙකු ලෙස හඳුනාගෙන නොමැති බවයි. කීර්තිමත් ව්‍යාපාරිකයෙකු වූ දිනේෂ් ශාෆ්ටර් මහතා මෙරට ප්‍රමුඛතම මූල්‍ය සමාගම් සමූහයක කළමනාකරණ අධ්‍යක්ෂ ධූරයත් ප්‍රමුඛ රක්ෂණ සමාගමක අධ්‍යක්ෂ ධූරයත් දරමින් සිටියේ ය. පසුගිය බ්‍රහස්පතින්දා(15) පස්වරුවේ දෑත් සහ ගෙල බැඳ බොරැල්ල පොදු සුසාන භූමියේ සිය මොටර් රථය තුළ සිටියදී සොයාගත් ශාෆ්ටර් මහතා රෝහල්ගත කළ අතර පසුව එදින රාත්‍රියේ ඔහු මියගිය බව පවුලේ සාමාජිකයෝ දැනුම් දුන්හ. මෙම අභිරහස් මරණය සම්බන්ධයෙන් දැනට හෙලිවී ඇති කරුණු මොනවාද? පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකරී නීතීඥ නිහාල් තල්දූව මහතා "මෙතෙක් මෙම අපරාධය සිදුකළේ කවුද, මෙය සංවිධානය කළේ කවුද, කුමනාකාරයෙන් මේ අපරාධය සිදුවුනාද යන්න පිලිබඳව අනාවරණය වීමක් නැහැ නමුත් විමර්ශන නිලධාරින් කුඩා කණ්ඩායම් වශයෙන් බෙදිලා විවිධ ක්ෂේත්‍රයන් ඔස්සේ සැක සිතන ක්ෂේත්‍රයන් ඔස්සේ විමර්ශන කටයුතු සිදුකරනු ලබනවා. කිසිදු පුද්ගලයෙකු මේ වනවිට අපි සැකකරුවෙකු ලෙස හදුනාගෙන නැහැ." අපරාධයට හේතුව හෝ අපරාධකරුවන් හඳුනාගෙන නැතත් ප්‍රශ්ණගත කරුණු ගනණාවක් මේ වනවිට මතුවී තිබේ. දිනේෂ් ශාෆ්ටර් මහතාගේ බිරිඳ පොලීසියට ප්‍රකාශ කර ඇති ආකාරයට අනුව 15වෙනිදා පස්වරු 1.55 ට පමණ ඔහු කොළඹ මල්පාරේ නිවසින් පිටත්ව ගොස් තිබේ. එදින රාත්‍රීයේ නැවත විදෙස් ගතවීමට සිටි ශාෆ්ටර් මහතා බිරිදට දැනුම්දී තිබුනේ පැය බාගයකින් ආපසු පැමිණෙන බවයි. හිටපු ක්‍රිකට් විස්තර විචාරක බ්‍රයන් තෝමස් මහතා සම්බන්ධවෙන්නේ කෙසේද? බ්‍රයන් තෝමස් සම්බන්ධ වෙන්නේ ශාෆ්ටර් මහතා බොරැල්ල පොදු සුසාන භූමියේ සිට රෝහල් ගත කිරීමට ගිය ඔහුගේ සමාගමේ විධායක නිලධාරී ක්‍රිෂ් පෙරේරා නමැත්තාගේ ප්‍රකාශයකිනි. පස්වරු 2.15 පමණ ශාෆ්ටර් මහතාගේ බිරිඳ සැමියාට වට්ස්ඇප් පණිවිඩයක් යොමුකර ආපසු පැමිණීමට තවත් කාලය ගතවනවාදැයි විමසා තිබූ අතර ඊට පිළිතුරු නොලැබුණු නිසා ඇය ජී.පී.එස්. මඟින් දුරකතනය ඇති ස්ථානය විමසා තිබේ. දිනේෂ් ශාෆ්ටර් මහතාගේ ජංගම දුරකතනය බොරැල්ල පොදු සුසාන භූමියේ ඇතැයි, ඇය එහිදී අනාවරණය කර ගැනීමෙන් පසුව වහා ක්‍රිෂ් පෙරේරා නැමැත්තාට අමතා තිබිණි. බොරැල්ල පොදු සුසාන භූමිය තුළ සිටින බව දැක්වෙන දත්ත තමන්ට එවා ඇතැයි එම අවස්ථාවේ ක්‍රිෂ් පෙරේරා මහතා ශාෆ්ටර් මහත්මියට ප්‍රකාශ කළ බව මෙතෙක් කළ විමර්ශනවලදී හෙලිවී තිබේ. බ්‍රයන් තෝමස් මහතා හමුවීමට ගිය බව ප්‍රකාශ වී තිබුනේ ක්‍රිෂ් පෙරේරා මහතා පොලිසියට දුන් ප්‍රකාශයෙනි. නමුත් බ්‍රයන් තෝමස් මහතා පවසන්නේ දිනේෂ් ශාෆ්ටර් මහතා තමන් පැමිණෙන තුරු සිටින බවට වට්ස් ඇප් පණිවිඩයක් යොමුකර තිබුණේ පස්වරු දෙකෙන් පසුව බවයි. එම වට්ස්ඇප් පණිවිඩයේ තමන් පැමිණිය යුතු ස්ථානයක් සඳහන් කර නොතිබූ බවද ඔහු පෙන්වා දෙයි. බ්‍රයන් තෝමස් මහතා පවසන්නේ, ඉංග්‍රීසී භාෂාවෙන් යොමුකර තිබූ පණිවිඩයේ භාෂා විලාශයද දිනේෂ් ශාෆ්ටර් මහතාගේ නොවන බව තමන්ට හැඟීගිය බවයි. ඒ අනුව ශාෆ්ටර් මහතා හමුවීමේ අවශ්‍යතාවයක් නොමැති බවට දන්වා තමන් එම මොහොතේම වට්ස්අප් පණිවිඩයක් යැවූ බව තෝමස් මහතා සදහන් කළේ ය. ශාෆ්ටර් මහතා රෝහල් ගතකළ ආකාරය ගැනත් අවධානය, ශාෆ්ටර් මහත්මියගේ දැනුම්දීම අනුව බොරැල්ල පොදු සුසාන භුමියට ගිය ක්‍රිෂ් පෙරේරා මහතා තම රථය මග නතර කර සුසාන භුමියට ගොස් තිබේ. එයට හේතුව ලෙස ඔහු පොලීසියට ප්‍රකාශ කර ඇත්තේ අධික මාර්ග තදබදය හේතුවෙන් එම ක්‍රියාමාර්ගය ගත් බවයි. ක්‍රිෂ් පෙරේරා මහතාගේ ප්‍රකාශය අනුව ඔහු ශාෆ්ටර් මහතාගේ රථය අසලට යනවිට ඔහුගේ ගෙල වයරයකින් රියදුරු අසුනට තබා ගැට ගසා තිබී ඇති අතර අත්දෙක ඉදිරිපසට කර ප්ලාස්ටික් රැහැනකින් බැඳ දමා තිබේ. ගෙල බැඳ දමා තිබූ වයරය ලිහිල් කිරීමට ක්‍රියා කළ බවත් අනතුරුව උදව් ඉල්ලා කෑ ගැසූ බවත් ක්‍රිෂ් පෙරේරා මහතා පොලිසියට කළ ප්‍රකාශයේ සදහන් වේ. පසුව ශාෆ්ටර් මහතා ඉදිරිපස අසුනින් ඉවත්කර එම මෝටර් රථයේම පිටුපස අසුනින් තබා සුසාන භුමියේ සේවකයෙකුද සමග ජාතික රෝහලට රැගෙනවිත් තිබේ. පස්වරු 3.55 පමණ ශාෆ්ටර් මහතා රෝහල වෙත රැගෙන ගොස් ඇති අතර සිද්ධිය බොරැල්ල පොලිස්ථානයට දැනුම්දී තිබුනේ රෝහල් පොලීසියයි. බොරැල්ල පොදු සුසාන භූමියට ගිය ක්‍රිෂ් පෙරේරා මහතාගේ දුරථකතනයටත් සැමියාගේ දුරකනතයටත් දිගින් දිගටම ඇමතුවත් ප්‍රතිචාර නොදැක්වූ බවත් අවසානයේ සැමියාගේ දුරථකතනයට රෝහලේදී නාදුනන පුද්ගලයෙකු පිලිතුරු දෙමින් තත්ත්වය දැනුවත් කළ බවත් ශාෆ්ටර් මහත්මිය පොලිසියට ප්‍රකාශ කර තිබේ. පොලිස් විමර්ශනවලදී අනාවරණයවී ඇත්තේ, ශාෆ්ටර් මහතාගේ නාසය මත නියපොතු පහරක් වැනි සීරීමක හා පාදයේ කුඩා තුවාලයක් පමණක් දක්නට ලැබුණු බවයි. ප්‍රශ්ණය - පැමිණි මාර්ගය මල් පාරේ සිට කෙලින්ම කනත්ත දක්වා පැමිණි මාර්ගය ලෙස තහවුරුවීමක් සිද්ධ වෙලා තිබේද? පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා "විමර්ශන නිලධාරීන් විසින් යම් කිසි අනාවරණයවීමක් කරගෙන තිබෙනවා, නමුත් විමර්ශනයට බාධාවන ආකාරයේ කරුණු අනාවණය කිරීමේ හැකියාවක් නැහැ. සැකකාර මාර්ගයේ තිබෙන සීසීටීවී දර්ශන රාශියක් පිලිබඳව සොයා බැලීමක් කරලා තියනවා. ඒ වගේම ඒවගේ දර්ශන පරීක්ෂා කිරීමක් කරලා තියනවා." දිනේෂ් ශාෆ්ටර් මහතා බොරැල්ල කනත්ත තුළට රථය පදවාගෙන ආවාද? නැත්නම් වෙන පුද්ගලයෙක් හෝ පිරිසක් රථය පදවාගෙන ආවාද? අපරාධය සිදුවන දිනයේ බොරැල්ල පොදු සුසාන භූමියේ අවමංගල්‍ය 6 ක අවසන් කටයුතු සිදුවෙමින් තිබූ නිසා සැලකිය යුතු පිරිසක් එහි සිටින බව අපරාධකරුවන් කල් තියා දැන සිටියාද? එදින වැඩිම පිරිසක් සහභාගිවූ අවමගුල පැවති ස්ථානයට නුදුරින් ශාෆ්ටර් මහතාගේ රථය හමුවීමත් අවධානය යොමුවිය යුතු කරුණක් නොවේද? බොරැල්ල පොදු සුසාන භූමිට අපරාධයක් සිදුකර පහසුවෙන් පලායාමට හැකි ස්ථානයක්ද? බොරැල්ල පොදු සුසාන භූමිය සීසීටීවී නැති පොදු ස්ථානයක් බව අපරාධකරුවන් කල් ඇතිව දැන සිටියාද? අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුලු විමර්ශන කණ්ඩායම් ගනණාවක් මේ දින කිහිපයේම සීසීටීවී ඇතුලු සාක්ෂි සොයා බොරැල්ල පොදු සුසාන භූමිය හා අවට අඛණ්ඩ විමර්ශන වල නිරතවෙමින් සිටියි. නමුත් තවමත් මේ අපරාධය ගැන තොරතුරු ජනතාව හමුවේ හෙලිකර නැත. කීර්තිමත් ව්‍යාපාරිකයෙකු ජනාකීර්ණ කොළඹ නගරයේ පොදු සුසාන භූමියක මේ අයුරින් ඝාතනය කළේ කවුද? කාගේ උවමනාවකටද?
2022-12-19T14:18:47.000Z
ජනාධිපති කාර්යාල පරිශ්‍රයේ නත්තල් කැරොල් ගී ප්‍රසංගයට ගිය ජනපති
නත්තල් කැරොල් ගී ප්‍රසංගයට ගිය ජනපති
COLOMBO (News 1st) - ජනාධිපති කාර්යාල පරිශ්‍රය අවට විශේෂ නත්තල් කැරොල් ගී ප්‍රසංගය සහ සැණකෙළිය නැරඹීමට ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ එක් විය. සංචාරක සංවර්ධන මණ්ඩලය, ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය එක්ව ජනාධිපති කාර්යාල පරිශ්‍රය අවට සංවිධානය කළ විශේෂ නත්තල් කැරොල් ගී ප්‍රසංගය සහ සැණකෙළිය ඊයේ පස්වරුවේ විවෘත කෙරුණේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙනි. රැස්ව සිටි ජනතාව සමග සුහද කතා බහක නිරත වෙමින් ගාලු මුවදොර පිටිය අභියස සැණකෙළි භූමිය වෙත පැමිණි ජනාධිපතිවරයාට එහි රැස්ව සිටි පිරිසගෙන් ඉතා සුහදශීලි පිළිගැනීමක් හිමි වූ බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක සදහන් වේ. මෙම නත්තල් කැරොල් ගී ප්‍රසංගය සහ සැණකෙළිය දෙසැම්බර් 23 වැනිදා දක්වා රාත්‍රී 7.00 සිට රාත්‍රී 8.30 දක්වා පැවැත්වේ.
2022-12-19T11:15:26.000Z
දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පතට කථානායක සහතිකය සටහන් කරයි
දේශීය ආදායම් කෙටුම්පතට කථානායකගේ සහතිකය
COLOMBO (News 1st) - පාර්ලිමේන්තුවේ දී සංශෝධන සහිතව වැඩි ඡන්දයෙන් සම්මත වූ දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පතට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද සිය සහතිකය සටහන් කළේ ය. එය පසුගිය 09 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සංශෝධන සහිතව සම්මත කෙරිණ. ඒ අනුව රුපියල් ලක්ෂයට වැඩි මාසික අදායම් මත 6% සිට 36% දක්වා බදු අයකිරීම ජනවාරි මාසයේ සිට සිදු කෙරෙනු ඇති. දේශිය ආදායම් බදු පනත සංශෝධනය කිරීම තුළ ආදායම් බදු වෙනස් වෙන්නේ කෙසේද...? මාසික ආදයම රුපියල් ලක්ෂයක් දක්වා නව සංශෝධන තුළින් බද්දෙන් නිදහස් කර තිබේ. නමුත් ලක්ෂය ඉක්මවන ආදායම් මත 6% සිට 36%දක්වා ආදායම් කාණ්ඩ 6 ක් යටතේ බදු අය කිරීමට යෝජිතයි. ඒ අනුව මසකට රුපියල් 350,000 ක අදායමක් ලබන අයෙකු අදාළ බදු කාණ්ඩ 6 ටම යටත්වන අතර ඔහු මසකට ගෙවිය යුතු බද්ද රුපියල් 52,500කි.
2022-12-19T08:39:24.000Z
විශ්ව විද්‍යාලවල‌ට තේරුණු සිසුන් පාඨමාලා සඳහා ලියාපදිංචිය අද සිට ඇරඹේ
විශ්වවිද්‍යාල සඳහා සිසුන් ලියාපදිංචිය ඇරඹේ
COLOMBO ( News 1st ) - 2022 උසස් පෙළ ප්‍රතිඵල අනුව විශ්ව විද්‍යාල සඳහා තේරීපත්වූ සිසුන් පාඨමාලා සඳහා ලියාපදිංචි කිරීම අද(19) සිට ආරම්භ කරන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි. එහි සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පැවසුවේ ඒ වෙනුවෙන් සිසුන්ට එස්.එම්.එස් පණිවුඩයක් හා ඊමේල් පණිවුඩයක් යොමු කෙරෙනු ඇති බවයි. එසේම විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට පිවිස සිසුන්ට සිය විශ්ව විද්‍යාලයට හා පාඨමාලා සඳහා ලියාපදිංචි විය හැකි බවත්,මෙම මස 26 වැනිදා දක්වා මෙම ලියාපදිංචී වීම් සඳහා අවසර හිමිවන බවත් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පැවසීය.
2022-12-19T07:23:40.000Z
ශිෂ්‍යත්ව විභාග මධ්‍යස්ථානයේ ගැටලුව විමර්ශනයට ශාලාධිපතිවරු දෙපාර්තමේන්තුවට කැඳවයි
ශිෂ්‍යත්ව විභාග මධ්‍යස්ථානයේ ගැටලුව විමර්ශනයට
COLOMBO ( News 1 st ) - ඇහැටුවැව බණ්ඩාරනායක නවෝද්‍යා පාසලේ පැවති ශිෂ්‍යත්ව විභාග මධ්‍යස්ථානයේදී සිදු වූ සිදුවීම සම්බන්ධයෙන් එම මධ්‍යස්ථානයේ නිරික්ෂිකාව ඇතුළු ශාලාධිපතිවරු විභාග දෙපාර්තමේන්තුවේ විමර්ශන අංශයට කැඳවා තිබේ. විභාග කොමසාරිස් ජෙනරාල් එල්. එම්. ඩී. ධර්මසේන මහතා පැවසුවේ ඒ පිළිබඳව විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි. ඊයේ(19) දින ඇහැටුවැව බණ්ඩාරනායක නවෝද්‍යා පාසලේ පැවති විභාග මධ්‍යස්ථානයේ සිසුන්ට ප්‍රශ්න පත්‍ර ලබා දී නැවත විනාඩි 20 කින් පමණ එම ප්‍රශ්න පත්‍ර විභාග පරීක්ෂකවරයා විසින් එකතු කර තිබුණේ අනුඅංක මාරු වී ඇතැයි පවසමිනි. අනතුරුව නැවතත් නිවැරදි අනුඅංක පිළිවෙළට ප්‍රශ්න පත්‍ර ලබා දීමට කටයුතු කර තිබූ අතර සිද්ධිය සම්බන්ධයෙන් අනතුරුව මහව කලාප අධ්‍යාපන අධ්‍යක්වරයා පැමිණ සිසුන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම ද සිදුව තිබුණි.