date
stringlengths 24
24
| title
stringlengths 0
176
| short_title
stringlengths 10
69
| content
stringlengths 0
19.7k
|
---|---|---|---|
2023-01-06T10:09:00.000Z | සමාජ මාධ්‍ය ක්‍රියාකාරී සේපාල් අමරසිංහ රිමාන්ඩ් | සේපාල් අමරසිංහ රිමාන්ඩ් | COLOMBO (News 1st) - සමාජ මාධ්‍ය ක්‍රියාකාරී සේපාල් අමරසිංහ මහතා ලබන 10 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කළේ ය. ඒ, ඔහු අද(06) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් තරංගා මහවත්ත මහත්මිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. සේපාල් අමරසිංහ මහතා ඊයේ (05) පස්වරුවේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් ගනු ලැබුවේ, සිය යූටියුබ් චැනලය හරහා දළඳා වහන්සේට අපහාසාත්මක ප්‍රකාශයක් සිදුකිරීමේ චෝදනාව මතයි. |
2023-01-06T08:57:56.000Z | රන්ජන් මඩුගල්ලේගේ පියා අභාවප්‍රාප්ත වෙයි.. | රන්ජන් මඩුගල්ලේගේ පියා අභාවප්‍රාප්ත වෙයි.. | COLOMBO ( News 1st ) - පාර්ලිමේන්තු කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම්වරයෙකු වශයෙන් කටයුතු කළ ලයනල් මඩුගල්ලේ මහතා අභාවප්‍රාප්ත වී තිබේ. අභාවප්‍රාප්ත වනවිට ඔහු 99වැනි වියේ පසු විය. ලයනල් මඩුගල්ලේ මහතා ජාත්‍යන්තර ක්‍රිකට් තරග තීරක රන්ජන් මඩුගල්ලේ මහතාගේ පියාණන් වේ. |
2023-01-06T08:37:07.000Z | තමා ඇෆ්ගනිස්ථානයේදී 25 දෙනෙකු ඝාතනය කළ බව හැරී කුමරු හෙළි කරයි.. | හැරී කුමරුගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක්.. | COLOMBO ( News 1st ) - තමා ඇෆ්ගනිස්ථානයේ දී පුද්ගලයින් 25 දෙනෙකු ඝාතනය කර ඇතැයි සිය ස්වයං චරිතාපදානයෙන් සසෙක්ස් හි ආදිපාද හැරී කුමරු අනාවරණය කර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, ඔහු හෙලිකොප්ටර් නියමුවෙකු ලෙස කටයුතු කළ සමයේ අදාළ ඝාතන සිදුකර ඇති බව ය. 2007-2008 කාලයේ ගුවන් ප්‍රහාරවල ඉදිරි ගුවන් පාලක ලෙස පළමුව ඇෆ්ගනිස්ථානයේ සේවය කළ අතර හැරී කුමරු පසුව 2012-2013 අතර කාලයේ ප්‍රහාරක හෙලිකොප්ටර් නියමුවෙකු ලෙස කටයුතු කර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, ඉදිරි සතියේදී එළි දැක්වීමට නියමිත සිය ස්වයං චරිතාපදානය වන Spare නම් ග්‍රන්ථය ඔස්සේ ඔහු මේ බව අනාවරණය කර ඇති බවය. මේ වන විට 38 හැවිරිදි වියේ පසුවන හැරී කුමරු ප්‍රහාරක ගුවන් යානා නියමුවෙකු ලෙස සිය යුධමය වෘත්තීය ජීවිතය තුළ යුධ මෙහෙයුම් 06කට සිය දායකත්වය ලබා දී ඇති අතර එම මෙහෙයුම් මිනිස් ජීවිත බිලි ගැනීමට හේතු වී ඇති බවය. මෙම චරිතාපදානයෙන් ඔහු අනාවරණය කර ඇත්තේ,එම සිදුවීම පිළිබඳව තමන් උද්දාමයට පත් වීමක් හෝ ලැජ්ජා වීමක් සිදු නොවන බවය. එමෙන්ම යුධමය තත්ත්වයක දී අනුමාන කෙරෙන ඉලක්ක ඉවත් කිරීම චෙස් පුවරුවක ක්‍රීඩා කිරීමක් බඳු යැයි ද ඔහු සටහන් කර ඇතැයි විදෙස් මාධ්‍ය අනාවරණය කර තිබේ. සිය අංකය 25 බවත් එම අංකය තමාව තෘප්තියට පත් කිරීමක් සිදු නොකරන බවත් ඔහු මෙම ග්‍රන්ථයෙහි සඳහන් කර තිබේ. සිය නාසය මත රැඳවූ වීඩියෝ කැමරාව මගින් ප්‍රහාරක ගුවන් යානයේ කටයුතු නීරීක්ෂණය සහ ප්‍රහාර හමුවේ කොපමණ පිරිසක් ඝාතනය වී ඇති ද යන්න ගණනය කිරීමට හැකියාවක් පවතින බව ඔහු සඳහන් කර තිබෙන බව විදෙස් මාධ්‍ය පවසයි. 9/11 ප්‍රහාරය හේතුවෙන් දිවි අහිමි වූ වින්දිතයින්ගේ පවුල්වල ඥාතීන් හමුවූ අවස්ථාවේ දී ඔහු මේ බව සාධාරණීයකරණය සිදු කර ඇති අතර වගකිවයුත්තන් සහ ඔවුන්ගේ අනුකම්පා සහගත ක්‍රියාකලාපයන් නිසා "මනුෂ්‍යත්වයේ සතුරන්" බවත් ඔවුන් සමග සටන් කිරීම මනුෂ්‍යත්වයට එරෙහි අපරාධයකට පළිගැනීමක් බවත් ඔහු පැවසීය. සිවිල් වැසියන් දහස් ගණනකට දිවි අහිමි කරමින් වසර 20කට අධික කාලයක් පුරා ඇෆ්ගනිස්ථානයේ බලය අල්ලා ගෙන සිටි බ්‍රිතාන්‍ය ඇතුළු විදෙස් රටවල් පසුගිය 2021 වසරේදී ඇෆ්ගනිස්ථානයෙන් ඉවත් ව ගියහ. එළැඹෙන ජනවාරී 10 වැනිදා මෙම ග්‍රන්ථය එළි දැක්වීමට නියමිත අතර හැරී කුමරු මෙලෙස සිය සේවා කාලය තුළ සිදු වූ තලේබානු මරණ සම්බන්ධ යුධමය තොරතුරක් අනාවරණය කළේ ප්‍රථම වරට ය. |
2023-01-06T08:36:47.000Z | ලාෆ්ස් ගෑස් මිල අඩු කෙරේ.. | ලාෆ්ස් ගෑස් මිල අඩු කෙරේ.. | COLOMBO (News 1st) – ලාෆ්ස් සමාගම ගෑස් මිල අඩු කිරීමට පියවර ගෙන තිබේ. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 5080 ක් වන අතර, කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 2032 කි. |
2023-01-06T04:41:13.000Z | නියෝජ්‍ය පොලිස්පතිවරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් පිරිසකට ස්ථාන මාරුවීම් | පොලිස් නිලධාරීන්ට ස්ථාන මාරුවීම් | COLOMBO ( News 1st ) - නියෝජ්‍ය පොලිස්පතිවරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් පිරිසකට වහාම ක්‍රියාත්මකවන පරිදි ස්ථාන මාරුවීම් ලබා දී තිබේ. හදිසි රාජකාරි අවශ්‍යතා සලකා ජාතික පොලිස් කොමිසමේ ආවරණ අනුමැතියට යටත්ව මෙම ස්ථාන මාරු කළ බව පොලිස් මූලස්ථානය නිකුත් කළ නිවේදනයක සඳහන් ය. ඒ අනුව නීති දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලෙස කටයුතු කළ කේ.බී.ඩී.ඒ.ජේ. කරවිට මහතා අපරාධ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත් කර තිබේ. පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කළේ, රත්නපුර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලෙස ස්ථානමාරු ලබා දුන් ජේ.පී.ඩී. ජයසිංහ මහතාගේ ස්ථාන මාරුව මත්ද්‍රව්‍ය දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලෙස සංශෝධනය කර ඇති බවය. මත්ද්‍රව්‍ය දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරට ස්ථාන මාරු කළ පී. ලියනගේ මහතාගේ ස්ථාන මාරුව රත්නපුර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලෙස සංශෝධනය කර ඇති බව ද පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කර තිබේ. මීට අමතරව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් 05 දෙනෙකු, පොලිස් අධිකාරිවරයෙකු සහ සහකාර පොලිස් අධිකාරිවරුන් දෙදෙනෙකුට ද ස්ථාන මාරුවීම් ලබා දුන් බව පොලිස් මූලස්ථානය නිවේදනය කළේ ය. |
2023-01-06T03:52:50.000Z | රුසියාව කරන ලද සටන් විරාමය යුක්‍රේනය ප්‍රතික්ෂේප කෙරේ... | යුක්‍රේනය රුසියානු ඉල්ලීම ඉවත දමයි.. | COLOMBO ( News 1st ) - රුසියාව කරන ලද සටන් විරාමය යුක්‍රේනය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ තිබේ. විදෙස් වාර්තා පැවසුවේ,හෙට (06) පැවැත්වෙන ඔර්තඩොක්ස් නත්තල සැමරීම වෙනුවෙන් පැය 36 ක සටන් විරාමයක් ලබා දෙන්නැයි, රුසියානු ජනාධිපතිවරයා යුක්‍රේනයෙන් ඉල්ලා ඇති බවයි. ඊට ප්‍රතිචාර දක්වමින්, යුක්‍රේන ජනාධිපතිවරයා පවසා ඇත්තේ, රුසියානු භාරයේ පවතින සිය භූමිය මුදා හරින තුරු සටන් විරාමයකට නොයෙන බවයි. යුක්‍රේනයට සන්නද්ධ රථ ලබා දීමට අමෙරිකාව සහ ජර්මනිය දැනටමත් ඒකාබද්ධව පියවර ගෙන ඇති අතර, යුක්‍රේන ජනාධිපතිවරයා අවස්ථා රැසකදී යුද ආධාර දෙන්නැයි යුරෝපානු රටවලින් ඉල්ලා තිබේ. කෙසේ වෙතත්, ඕර්තඩොක්ස් නත්තල සැමරීම වෙනුවෙන් වෙඩි තැබීම් නවත්වන්නැයි, රුසියානු ජනාධිපතිවරයා සිය හමුදාවන්ට නියෝග කර ඇතැයි විදෙස් වාර්තා වල සඳහන් ය. |
2023-01-06T03:45:37.000Z | තේ සඳහා ප්‍රමිතියෙන් යුතු පොහොර වර්ග 4 ක් යළිත් වෙළඳපොළට නිකුත් කිරීමට පියවර | තේ සඳහා ප්‍රමිතියෙන් යුතු පොහොර වර්ග 4 ක් | COLOMBO ( News 1st ) - තේ සඳහා ප්‍රමිතියෙන් යුතු පොහොර වර්ග 4 ක් යළිත් වෙළඳපොළට නිකුත් කිරීමට කොමර්ෂල් පෙහොර සමාගම පියවර ගෙන තිබේ. එහි සභාපති අචාර්ය ජගත් පෙරේරා මහතා ප්‍රකාශ කළේ, තේ වගාවේ පොහොර හිඟය මග හැරවීම මෙහි අරමුණ බව ය. වෙළඳපොලේ පවතින මිලට අඩුවෙන් එම පෙහොර නිකුත් කරන බව ද ඔහු ප්‍රකාශ කළේ ය. |
2023-01-06T03:42:27.000Z | බස්නාහිර පාසල් ළමුන් ඉලක්ක කරගෙන මත්ද්‍රව්‍ය විකුණූ 55 දෙනෙකු අත්අඩංගුවට.. | පාසල් ළමුන් ඉලක්ක කර මත්ද්‍රව්‍ය විකුණූ 55ක් කොටු. | COLOMBO (News 1st) – බස්නාහිර පළාතේ පාසල් ළමුන් ඉලක්ක කරගෙන විවිධ මත්ද්‍රව්‍ය හා මත්පෙති අලෙවි කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් 55 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලිසිය සඳහන් කළේ, පාසල් 149ක් ආවරණය වන පරිදි ඊයේ(06) දින පස්වරු 1.00 සිට 3.00 දක්වා කාලය තුළදී විශේෂ මෙහෙයුමක් සිදු කළ බවයි. එහිදී සැකකරුවන් සතුව තිබී අයිස් ගෑම් 9 යි, මිලිග්‍රෑම් 980 ක්, හෙරොයින් ග්‍රෑම් 16 යි, මිලිග්‍රෑම් 420 ක්,මත්පෙති 20 ක්, බාබුල් ග්‍රෑම් 14 ක් අත්අඩංගුවට ගෙන තිබේ. |
2023-01-06T03:04:14.000Z | කරදියාන කසළ කන්දේ පවතින අවදානම අවම කිරීමට කඩිනම් වැඩපිළිවෙළක් - බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකාරණ අධිකාරිය | කරදියාන කසළ කන්දේ අවදානම අඩු කරන්න වැඩපිළිවෙළක්.. | COLOMBO ( News 1st ) – කරදියාන කසළ කන්දේ පවතින අවදානම අවම කිරිම සඳහා කඩිනම් වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බව බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකාරණ අධිකාරිය පවසයි. දැඩි පාරිසරික හානියකට මග පාදා ඇති කරදියාන කසළ කන්දේ පවතින අවදානම අවම කිරිම සඳහා කඩිනම් වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බව බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකාරණ අධිකාරිය පවසයි. එහි අධ්‍යක්ෂ නලින් මාන්නප්පෙරුම මහතා සඳහන් කළේ, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ වාර්තා පදනම් කරගනිමින් මෙම කටයුතු සිදු කෙරෙන බවයි. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය කසළ කන්දේ අවදානම් තත්වය පිළිබඳ පසුගියදා සිය පරීක්ෂණවලින් තහවුරු කළ අතර ඒ අනුව අවට පවුල් කිහිපයක්ද ඉවත් කෙරිණ. නලින් මාන්නප්පෙරුම මහතා ප්‍රකාශ කළේ , කරදියානට පළාත් පාලන ආයතනවලින් රැගෙන එන කසල ප්‍රමාණය ද අඩු කිරීමට පියවර ගෙන ඇති බවයි. ඔහු පැවසුවේ, නොදිරන අපද්‍රව්‍ය කළමනාකරණයටද විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බවයි. |
2023-01-06T02:57:30.000Z | මෙට්‍රික් ටොන් 60,000 ක් රැගත් ගල් අඟුරු නෞකාවක් අද දිවයිනට | ගල් අඟුරු නෞකාවක් අද දිවයිනට. | COLOMBO ( News 1st ) - ගල් අඟුරු මෙට්‍රික් ටොන් 60,000ක් රැගත් නෞකාවක් අද (06) දිවයිනට සේන්දු වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසයි. අමාත්‍යාංශය සඳහන් කළේ, මේ මාසය තුළ තවත් ගල් අඟුරු නැව් 05ක් දිවයිනට ළඟාවීමට නියමිත බවය. විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පැවසුවේ ගල් අඟුරු නෞකා 05කට මේ වනවිට මුදල් ගෙවා ඇති ඇති බවය. එසේම නොරොච්චෝලේ බලාගාරයේ අක්‍රීය කර තිබූ ජනන යන්ත්‍රය ලබන ඉරිදා සිට යළිත් සක්‍රීය කරන බව ද විදුලිබල මණ්ඩලය ප්‍රකාශ කළේය. |
2023-01-06T02:48:06.000Z | ආනයනික පළමු බිත්තර තොගය ලබන සතියේ මෙරටට: බිත්තරයක් 42කට දෙන්න සැලසුම් | ආනයනික පළමු බිත්තර තොගය ලබන සතියේ.. | COLOMBO ( News 1st ) - ආනයනික පළමු බිත්තර තොගය ලබන සතිය අග මෙරටට ලැබෙනු ඇති බව රාජ්‍ය වාණිජ විවිධ නිතිගත සංස්ථාව පවසයි. එහි සභාපති ආසිරි වලිසුන්දර මහතා ප්‍රකාශ කළේ,පළමු අදියරේදි බිත්තර මිලියන 05 ක් ආනයනය කරන බවයි. ඉන්දියාවෙන් ආනයනය කරන මෙම බිත්තරයක් රුපියල් 42ක වැනි මිලකට පාරිභෝගිකයින් අතට පත් කිරිමට සැලසුම් කර ඇති බව ඔහු සඳහන් කළේ ය. |
2023-01-06T02:28:50.000Z | ඡන්ද විමසීමේ කාල සීමාව තුළ දේශපාලන පක්ෂ ප්‍රවර්ධනයට රාජ්‍ය දේපොළ භාවිතයෙන් වැළකිය යුතුයි - මැතිවරණ කොමිසමෙන් අමාත්‍යාංශ ලේකම්වරුන්ට දැනුම් දීමක්... | මැතිවරණ කොමිසමෙන් අමාත්‍යාංශ ලේකම්වරුන්ට ලිපියක් | COLOMBO ( News 1st ) - ඡන්ද විමසීමේ කාල සීමාව තුළ දේශපාලන පක්ෂ, කණ්ඩායම් හා අපේක්ෂකයින් ප්‍රවර්ධනය කිරීමට හේතුවන හෝ අගතියට පත්වන ආකාරයේ කටයුතු සඳහා රාජ්‍ය දේපොළ භාවිත කිරීමෙන් වැළකිය යුතු බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. ඒ,රාජ්‍ය දේපල පාලනය භාරව සිටින සියලු අමාත්‍යාංශ ලේකම්වරුන්,දෙපාර්තමේන්තු ප්‍රධානීන් ප්‍රමුඛ සියලු නිලධාරීන්ගේ අවධානය යොමු කරමින් මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයාගේ අත්සනින් නිකුත් කළ නිවේදනයකිනි. ඡන්ද විමසීම පැවැත්වෙන දිස්ත්‍රික්කවල රජයේ නිලධාරීන්,සේවකයින් බඳවා ගැනීම්, උසස් කිරීම් හා මාරු කිරීම් යන කරුණු සීමාකළ යුතු බව ද එහි දැක්වේ. එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ එවැනි වරදක් සිදුකර අධිකරණයක දී වරදකරුවෙකු වුවහොත් වසර තුනක සිර දඬුවමක් හා රුපියල් ලක්ෂයක දඩයක් නියම කර ඇති බවයි. පසුගිය 4 වැනිදා සිට පළාත් පාලන ඡන්ද විමසීම් කාලය ලෙස ප්‍රකාශයට පත් කර ඇති බව මැතිවරණ කොමිසම පැවසීය. එම කොමිසම ප්‍රකාශ කළේ , පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා දේශපාලන පක්ෂ හා ස්වාධින කණ්ඩායම් විසින් පළාත් පාලන ආයතන 19 ක් සඳහා ඇප මුදල් තැන්පත් කළ බවයි. ඇප තැන්පත් භාර ගැනීම ආරම්භ වු පෙරේදා දිනයේදීම බණ්ඩාරවෙල මහ නගර සභාව සඳහා ස්වාධීන කණ්ඩායමක් ඇප මුදල් තැන්පත් කළ අතර ඊයේ (05) දිනයේ මහනුවර දිස්ත්‍රික්කය සඳහා ද ස්වාධින කණ්ඩායමක් ඇප මුදල් තැන්පත් කළේ ය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කළුතර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 17 ක් සඳහා ඇප මුදල් තැන්පත් කළේ ය. |
2023-01-06T02:13:39.000Z | උපාධිධාරී ගුරුවරුන් බඳවා ගැනීමේ තරග විභාගයට අයැදුම්පත් කැඳවීම මේ මස අග - අධ්‍යාපන අමාත්‍යාංශය - | ගුරු පුරප්පාඩු 22,000කට අධික සංඛ්‍යාවක්.. | COLOMBO (News 1st) – පාසල්වලට උපාධිධාරී ගුරුවරුන් බඳවා ගැනීමේ තරග විභාගය සඳහා මේ මස අග අයැදුම්පත් කැඳවන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. අමාත්‍යාංශය සඳහන් කළේ, දැනට පාසල්වලට අනියුක්ත කර ඇති උපාධිධාරීන් ඇතුළු රාජ්‍ය සේවයේ සිටින අවුරුදු 40ට අඩු උපාධිධාරින්ට ඒ සඳහා අයැදුම්කිරීමේ අවස්ථාව ලබාදීමට සැලසුම් කර ඇති බවයි. පසුගිය දෙසැම්බර් 31 වැනිදා ගුරුවරුන් 12,000 ක් විශ්‍රාම ගැනීමත් සමග පාසල්වල මේ වනවිට ගුරු පුරප්පාඩු 22,000කට අධික සංඛ්‍යාවක් පවතී. අමාත්‍යාංශය සඳහන් කළේ, විද්‍යාව ,ගණිතය,තාක්ෂණය හා සෞන්දර්ය විෂයන්වලට අදාළ ගුරු පුරප්පාඩු රැසක් පවතින බවයි. ඒ අනුව විභාගය කඩිනමින් පවත්වා අප්‍රේල් මාසයට පෙර නව ගුරුවරුන් බඳවා ගැනීමට සැලසුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේ ය. |
2023-01-06T02:00:53.000Z | හංවැල්ලේ ව්‍යාපාරිකයා ඝාතනය කළ සැකකරු පොලිස් වෙඩි පහරින් මරුට.. | හංවැල්ල ඝාතනයේ සැකකරුත් වෙඩි පහරින් මරුට.. | COLOMBO (News 1st) – හංවැල්ල , හරස්පාර ප්‍රදේශයේදී පසුගිය 19 වැනිදා වෙළෙඳසැල් හිමිකරුවෙකු වෙඩි තබා ඝාතනය කළ සැකකරු පොලිස් වෙඩි පහරින් මියගොස් තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතීඥ නිහාල් තල්දුව මහතා සඳහන් කළේ, එම සැකකරු හංවැල්ල, දිද්දෙනිය කිඹුල්බනේ ප්‍රදේශයේ නිවසක සැඟව සිටින බවට තොරතුරක් ලැබුණු බවයි. ඒ අනුව බස්නාහිර පළාත් දකුණු පොලිස් කණ්ඩායමක් විසින් අද(06) අලුයම සැකකරු අත්අඩංගුවට ගැනීමට හංවැල්ල , බිද්දෙණිය ප්‍රදේශයට ගොස් තිබේ. එම අවස්ථාවේදී සැකකරු පොලිසියට වෙඩි තබා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ ය. එහිදී පොලිසිය කළ වෙඩි තැබීමේදී සැකකරු මිය ගොස් තිබේ. වෙළෙඳසැල් හිමිකරු පසුගිය වසරේ දෙසැම්බර් මස 19 වැනිදා වෙළෙඳසැල වසා නිවසට යාමට සූදානම්වූ අවස්ථාවේදී සැකකරු ඊට ඇතුළු වී මෙම වෙඩි තැබීම සිදු කළේ ය. වෙඩි වැදීමෙන් මිය ගියේ , මොහොමඩ් ෆරුෂාන් නැමති 46 හැවිරිදි ව්‍යාපාරික තිදරු පියෙකි. යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු පිස්තෝලයකින් මෙම වෙඩි තැබීම සිදුකර පලා ගොස් තිබුණි. |
2023-01-06T01:52:25.000Z | දුරුතු පුන් පොහොය අදයි | දුරුතු පුන් පොහොය අදයි | COLOMBO ( News 1st ) – සිරිලක සම්බුදු පහසින් පවිත්‍ර වූ දුරුතු පුන් පොහෝ දිනය අදට(06) යෙදී තිබේ. ශාසනික ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදු වූ දුරුතු පුන් පොහෝ දිනයේ දිවයිනේ සෑම වෙහෙර විහාරස්ථානයක ම ආගමික වතාවත් සංවිධානය කර තිබේ. බුදුරජාණන්වහන්සේ සමන් දෙවිදුන්ට පූජා වස්තුවක් ලෙස කේශධාතූන් පරිත්‍යාග කිරීම, බුද්ධ ශාසනයේ ප්‍රථම ආරාම පූජාව ලෙස බිම්බිසාර රජු වේළුවනාරාමය මහා සංඝයා විෂයෙහි පූජා කිරීම වැනි වැදගත් සිදුවීම් රැසක් දුරුතු පුන් පෙහෝ දිනයේදී සිදු වී ඇති බව ශාසනික ඉතිහාසයේ සඳහන් ය. |
2023-01-06T01:23:04.000Z | ගෙවුණ දිනය උණුසුම් පුවත්.. | ගෙවුණ දිනය උණුසුම් පුවත්.. | දේශීය පුවත් 01.සමාජ මාධ්‍ය ක්‍රියාකාරී සේපාල අමරසිංහ CID අත්අඩංගුවට - විවාදයට තුඩුදුන් ප්‍රකාශයක් හේතුවෙන් සමාජ මාධ්‍ය ක්‍රියාකාරී සේපාල අමරසිංහ අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ. 02.මනූෂට එරෙහිව කතානායකවරයාට පැමිණිලි කිරීමට කෝප් කමිටුව තීරණය කරයි - කම්කරු සහ රැකී රක්ෂා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාට එරෙහිව කතානායකවරයාට පැමිණිලි කිරීමට කෝප් කමිටුව තීරණය කර තිබේ. 03.පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද අයැදුම්පත් භාර ගැනීම ඇරඹේ - පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද අයැදුම්පත් භාර ගැනීම ඊයේ (05) සිට ආරම්භ විය.. 04.ඡන්දයක් පැවැත්වීමට මැතිවරණ කෙමිසමට ඇති අයිතියට ආණ්ඩුවෙන් කිසි බාධාවක් නෑ - ඡන්දයක් පැවැත්වීමට මැතිවරණ කෙමිසමට ඇති අයිතියට ආණ්ඩුව කිසිදු බාධාවක් සිදු නොකරන බව අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පවසයි. 05.ආණ්ඩුව පළාත් පාලන ඡන්දය කල් දැමීමට විවිධ උපක්‍රම යොදමින් සිටිනවා - විපක්ෂයේ පක්ෂ බොහොමයක් තවදුරටත් පෙන්වාදෙන්නේ, ආණ්ඩුව පළාත් පාලන ඡන්දය කල් දැමීමට විවිධ උපක්‍රම යොදමින් සිටින බව ය. 06.පූජ්‍ය බානගල උපතිස්ස නාහිමියන්ගේ 73 වැනි ජන්ම දිනය ඊයේ (05) - ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ සභාපති, ජපානයේ ප්‍රධාන සංඝ නායක, පූජ්‍ය බානගල උපතිස්ස නාහිමියන්ගේ 73 වැනි ජන්ම දිනය ඊයේ (05) යෙදී තිබේ. විදෙස් පුවත් 01.චීනයේ ශීඝ්‍ර කොවිඩ් ව්‍යාප්තියක් - නව ප්‍රභේදයක් වාර්තා නොවුන ද චීනයේ ශීඝ්‍ර කොවිඩ් ව්‍යාප්තියක් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. 02.ස්වර්ගස්ථ වූ 16 වන බෙනඩික්ට් විශ්‍රාමික ශුද්ධෝත්තම හිමිපාණන්ගේ දේහය වතිකානයේ, ශාන්ත පීතර බැසිලිකාවේදී මිහිදන් කෙරිණ - ස්වර්ගස්ථවූ අතිඋතුම් 16 වන බෙනඩික්ට් විශ්‍රාමික ශුද්ධෝත්තම හිමිපාණන්ගේ දේහය වතිකානයේ, ශාන්ත පීතර බැසිලිකාවේදී ඊයේ (05) පස්වරුවේ මිහිදන් කෙරිණ. ක්‍රීඩා පුවත් 01.ඉන්දියාවට එරෙහිව ශ්‍රී ලංකාවට ලකුණු 16ක විශිෂ්ට ජයක් - සත්කාරක ඉන්දීය කණ්ඩායමට එරෙහි දෙවන පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගයෙන් ලකුණු 16ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකාව ඊයේ (05) සමත් විය. |
2023-01-05T17:12:57.000Z | ඉන්දියාවට එරෙහිව ශ්‍රී ලංකාවට ලකුණු 16ක විශිෂ්ට ජයක්.. | දසුන් ශ්‍රී ලංකාවට ජය ගෙනදෙයි.. | COLOMBO ( News 1st) - සත්කාරක ඉන්දීය කණ්ඩායමට එරෙහි දෙවන පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගයෙන් ලකුණු 16ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකාව අද(05) සමත් විය. ඒ අනුව තරග 3කින් සමන්විත තරගාවලිය තරග 1-1ක් ලෙස දෙපිලම සම තත්ත්වයේ පසුවෙයි. පූනේහිදී පැවති තරගයේ කාසියේ වාසිය හිමි කරගත් ඉන්දීය ක්‍රිකට් නායක හර්ඩික් පාන්ඩ්‍යා පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළේය. ශ්‍රී ලංකා නායක දසුන් ශානක අද සහභාගී වූයේ 84 වැනි පන්දුවාර 20යි 20 තරගයටයි. ඒ අනුව මෙරට වෙනුවෙන් වැඩිම පන්දුවාර 20යි 20 තරග සංඛ්‍යාවකට එක් වූ ක්‍රීඩකයා ලෙස ලසිත් මාලිංග සමග දසුන් ශානක අද දිනයේදී සමතැන් ගනී. තරගයේ පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක කඩුල්ලට කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිස්සංක සාර්ථක ආරම්භයක් ලබා ගත්තේ ලකුණු 80ක සබඳතාවක් ගොඩනගමිනි. මෙන්ඩිස් පන්දු 31කින් ලකුණු 52ක් රැස් කළේය. 6 පහර 4ක් සහ 4 පහර 3ක් ඊට ඇතුළත් විය. පැතුම් නිස්සංක 4 පහර 4ක්ද සමගින් ලකුණු 33ක් රැස් කළේය. චරිත් අසලංක පන්දු 19කින් වේගවත් ලකුණු 37ක් රැස් කළ අතර ඊට 6 පහර 4ක් ඇතුළත් විය. නායක දසුන් ශානක සහ චාමික කරුණාරත්න 7වැනි කඩුල්ලට ලකුණු 68ක නොබිඳුනු සබඳතාවක් ගොඩනැගුවේය. නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ දසුන් ශානක පන්දු 22කින් ලකුණු 56ක් රැස් කළ අතර 6 පහර 6කින් ඔහුගේ ඉනිම වර්ණවත් විය. ඊට 4 පහර 2ක්ද ඇතුළත්ය. උම්රන් මලීක් කඩුලු 3ක් දවා ගත්තේය. තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 206ක් ලකුණු පුවරුව ඉදිරියේ සටහන් කළේය. පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායමේ මුල් පෙල කඩුලු 3 බිඳ වැටුණේ ලකුණු 21කදීය. ඉශන් කිශන් ලකුණු 2කට දැවී ගියේය. ශුබ්මන් ගිල් සහ රාහුල් ත්‍රිපාති ලකුණු 5 බැගින් රැස් කළේය. ඒ අනුව නියමිත පන්දුවාර 20 අවසානයේදී ඉන්දීය කණ්ඩායමට කඩුලු 8ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 190ක් පමණි. |
2023-01-05T16:30:49.000Z | මනූෂට එරෙහිව කතානායකවරයාට පැමිණිලි කිරීමට කෝප් කමිටුව තීරණය කරයි. | කමිටුව මනූෂට එරෙහි වෙයි.. | COLOMBO ( News 1st ) - කම්කරු සහ රැකී රක්ෂා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාට එරෙහිව කතානායකවරයාට පැමිණිලි කිරීමට කෝප් කමිටුව තීරණය කර තිබේ. ඊට හේතූ වී ඇත්තේ, මනූෂ නානායක්කාර මහතා විසින් විගණකාධිපතිගේ සහ කෝප් කමිටුවේ බලතල විවේචනයට ලක් කිරීම හේතුවෙනි. |
2023-01-05T16:22:08.000Z | ප්‍රවීණ රංගන ශිල්පී බුද්ධි වික්‍රම අභාවප්‍රාප්ත වෙයි | බුද්ධි වික්‍රම අභාවප්‍රාප්ත වෙයි | COLOMBO ( News 1st ) - ප්‍රවීණ රංගන ශිල්පී බුද්ධි වික්‍රම මහතා අභාවප්‍රාප්ත වී තිබේ. අභාවප්‍රාප්ත වනවිට ඔහු 84 වැනි වියේ පසුවිය. |
2023-01-05T15:42:05.000Z | පූජ්‍ය බානගල උපතිස්ස නාහිමියන්ගේ 73 වැනි ජන්ම දිනය අද | පූජ්‍ය බානගල උපතිස්ස නාහිමිගේ 73 වැනි ජන්ම දිනය අද | COLOMBO (News 1st ) - ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ සභාපති, ජපානයේ ප්‍රධාන සංඝ නායක, පූජ්‍ය බානගල උපතිස්ස නාහිමියන්ගේ 73 වැනි ජන්ම දිනය අද (05) යෙදී තිබේ. ඒ වෙනුවෙන් උත්සව කිහිපයක්, අද (05) මෙරටදී මෙන්ම ජපානය ඇතුළු විදෙස් රටවලදීත්, සංවිධානය කර තිබුණි. පූජ්‍ය බානගල උපතිස්ස නාහිමි වැඩසිටින ජපානයේ ලංකා ජී විහාරස්ථානයේදී ද අද(05) ආගමික වතාවත් සිදුකෙරුණ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, පූජ්‍ය බානගල උපතිස්ස හිමියන්ට ජන්ම දින සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින්, නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කර තිබේ. එය උන්වහන්සේට පිරිනැමුවේ ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ය. මේ අතර පූජ්‍ය බානගල උපතිස්ස නාහිමිගේ ජන්ම දිනය වෙනුවෙන් මහාබෝධි අග්‍රශ්‍රාවක විහාරස්ථානයේ, සුගන්ධ මන්දිරය ඉදිරිකිරීම වෙනුවෙන් මුල් ගල් තැබුණූ අතර ඒ සඳහා තායිවානයේ ප්‍රධාන සංඝනායක, නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්ව විද්‍යාලයේ කුලපති, පූජ්‍ය ආචාර්ය බෝධාගම චන්දිම හිමියන් ඇතුළු මහා සංඝරත්නය වැඩම කළහ. මුල්ගල් තැබීමේ උත්සවයට පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන, ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ ලේකම්, දිල්ශාන් ජයසූරිය, කැපිටල් මහරාජා සංවිධානයේ සභාපති, ශෂී රාජමහේන්ද්‍රන් මහතා ඇතුළු පිරිසක් ද එක්ව සිටියහ. |
2023-01-05T15:19:05.000Z | ආණ්ඩුව පළාත් පාලන ඡන්දය කල් දැමීමට විවිධ උපක්‍රම යොදමින් සිටිනවා - විපක්ෂය | පුංචි ඡන්දය ගැන විපක්ෂයේ සැකය | COLOMBO ( News 1st ) - විපක්ෂයේ පක්ෂ බොහොමයක් තවදුරටත් පෙන්වාදෙන්නේ, ආණ්ඩුව පළාත් පාලන ඡන්දය කල් දැමීමට විවිධ උපක්‍රම යොදමින් සිටින බව ය. ලබන 17 වැනිදා රැස්වීමට පෙර නියමකර තිබූ පාර්ලිමේන්තුව අද (05) නැවත කැඳවීමට පියවර ගෙන තිබුණි. එහිදී පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව සිදුවූ කරුණු දෙකක් පිළිබඳව විපක්ෂය අද ( 05) දැඩි අවධානය යොමුකළේ ය. ඉන් එක් කරුණක් වූයේ, පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව රීට් ආඥාවක් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සමක් ගොනුකර ඇති බව දැනුම් දී ඇතැයි නියෝජ්‍ය කථානායකවරයා අද (05) රැස්වීම ආරම්භයේ කළ දැනුම්දීමයි. ඒ අතර විෂයභාර අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පළාත් පාලන ආයතනවල තරුණ නියෝජනය වැඩි කිරීම සඳහා ප්‍රේම්නාත් සී. දොලේවත්ත මහතා ඉදිරිපත් කළ පෞද්ගලික මන්ත්‍රී යෝජනාවට අදාළව අමාත්‍යාංශ නිරීක්ෂණ ද අද (05) සභාගත කළේ ය. විපක්ෂය පෙන්වා දුන්නේ මෙම කරුණු දෙකම පළාත් පාලන ඡන්දය කල්දැමීමේ උත්සාහයක්දැයි සැකයක් මතුවන බවයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පා.ම. ප්‍රේමනාත් සී. දොලවත්ත මහතා අදහස් දක්වමින් පැවසූවේ,එකී 25% ක තරුණයින්ට 35 ට අඩු තරුණයින්ට ඒ අවස්ථාව ලැබීම සම්බන්ධයෙන් සිය ස්තූතිය ගරු අග්‍රමාත්‍යතුමා වෙත පිරිනමන බව ය. විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ද අදහස් දක්වමින් ප්‍රකාශ කළේ, මෙතුමාගේ මෙම පෞද්ගලික මන්ත්‍රීවරුන්ගේ යෝජනාව ඉදිරිපත් කිරීමට මාස 06කට පෙර මෙම යෝජනාව ඉමිතියාස් බාකීර් මාකර් ඇමතිතුමා ගෙන ආ බවත්,එම යෝජනාව පසෙක දමා නොවැම්බර් මාසයේ ඉදිරිපත් කෙරූ මෙතුමාගේ යෝජනාව ඉදිරියට ගැනීම ඉතාමත් නින්දිත ක්‍රියාවක් බව ය. අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ද අදහස් පළ කරමින් කියා සිටියේ,විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සභාව නොමග යවන බවය. |
2023-01-05T15:12:00.000Z | ස්වර්ගස්ථ වූ 16 වන බෙනඩික්ට් විශ්‍රාමික ශුද්ධෝත්තම හිමිපාණන්ගේ දේහය වතිකානයේ, ශාන්ත පීතර බැසිලිකාවේදී මිහිදන් කෙරිණ. | ස්වර්ගස්ථ16 වන බෙනඩික්ට් හිමිපාණන්ගේ මිහිදන් කෙරේ. | COLOMBO ( News 1st ) - ස්වර්ගස්ථවූ අතිඋතුම් 16 වන බෙනඩික්ට් විශ්‍රාමික ශුද්ධෝත්තම හිමිපාණන්ගේ දේහය වතිකානයේ, ශාන්ත පීතර බැසිලිකාවේදී අද (05)පස්වරුවේ මිහිදන් කෙරිණ. ඒ, දහස් සංඛ්‍යාත පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැති විශේෂ දේව මෙහෙයකින් අනතුරුවයි. අවමංගල්‍ය විශේෂ දේව මෙහෙහෙමෙරට වේලාවෙන් අද පස්වරු 1.30ට පමණ ශාන්ත පීතර චතුරශ්‍රයේ දී ආරම්භ වුණේ, දහස් සංඛ්‍යාත පිරිසකගේ සහභාගිත්වයෙන් ය. නූතන යුගයේ ජීවත්ව සිටින පාප් වහන්සේ කෙනෙකුගේ සහභාගිත්වයෙන් විශ්‍රාමික පාප් වහන්සේ කෙනෙකුගේ දේහය පිළිබද අවසන් කටයුතු සඳහා වන විශේෂ දේව මෙහෙය පැවැත්වු පළමු අවස්ථාව මෙයයි. උන්වහන්සේගේ දේහය විශේෂ මංජුසා ත්‍රිත්වයක බහා ශාන්ත පීතර බැසිලිකාවේදී මිහිදන් කෙරුණේ, මින් පෙර ස්වර්ගස්ථවූ පාප් වහන්සේ මිහිදන් කළ ස්ථානයේ ය. |
2023-01-05T15:03:47.000Z | පොහොට්ටුව පුංචි ඡන්දයට ඇප මුදල් තැන්පත් කිරීම කළුතරින් අරඹයි | පොහොට්ටුව පුංචි ඡන්දයට ඇප මුදල් තැන්පත් කරයි.. | COLOMBO ( News 1st ) - ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පළාත් පාලන ඡන්ද විමසීම සඳහා ඇප මුදල් තැන්පත් කිරීම අද (05) කළුතරින් ආරම්භ කළේ ය. ඒ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ මූලිකත්වයෙනි. කළුතර බෝ සමිඳුන් වැඳ පුදාගත් පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් ඇතුළු පිරිස පෙරවරු 10.33ට පළාත් පාලන ඡන්දයට ඇප මුදල් තැන්පත් කළ අතර ඇප තැන්පත් කිරීමෙන් පසුව පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් මාධ්‍යයට අදහස් පළ කළහ. පා.ම.නාමල් රාජපක්ෂ මහතා අදහස් දක්වමින් කියා සිටියේ,මැතිවරණයක් යෝජනා වී ඇති මොහොතක පක්ෂයක් ලෙස මැතිවරණය සූදානම් වීම සිය වගකීම හා යුතුකම බවය. ඔහු ප්‍රකාශ කළේ, මැතිවරණයක් තියෙනවාද? කල් දානවද? යන්න ආණ්ඩුව තීන්දු කළ යුතු බවත්,රටේ ආර්ථික තත්ත්වයත් එක්ක සලකා බලා ,ආණ්ඩුවට ජනාධිපතිතුමාට කැබිනට් මණ්ඩලයට ඒ සඳහා තීන්දුවක් ගැකීමට හැකි බවය. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ(කලුතර දිස්ත්‍රික්කය) නායක පා.ම.රෝහිත අබේගුණවර්ධන මහතා ද මෙහිදී අදහස් පළ කළේ ය. 2018 පෙබරවාරී 10 වැනිදා ජයග්‍රහණය කළාක් මෙන් ලංකාවේ වැඩිම කොට්ඨාස ගණනක් , ප්‍රාදේශීය සභා ගණනක් ජයග්‍රහණය කීරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලෙසත්,පක්ෂයක් ලෙසත් ඔවුන් සුදානම් බවය. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු මහලේකම්, නීතීඥ සාගර කාරියවසම් මහතා ද අදහස් පළ කරමින් කියා සිටියේ, මේ වනවිට පක්ෂ කිහිපයක් සමග එකඟතාවයකට පැමින ඇති බවත්,එසේම මේ දිනවල තවදුරටත් සාකච්ඡා කෙරෙමින් පවතින බවද පැවසීය. නමුත් සන්ධානය යටතේ අපි බොහෝ පළාත් පාලන ආයතන තරග කරනු ලබන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු නාමය සහ පොහොට්ටුව ලකුණ යටතේ බවත් ඔහු පැවසීය. |
2023-01-05T14:56:39.000Z | ලංකා බැංකුවට නව සභාපතිවරයෙක්.. | ලංකා බැංකුවට නව සභාපතිවරයෙක්.. | COLOMBO ( News 1st ) - ලංකා බැංකුවේ සභාපති ධුරය සඳහා ජනාධිපති නීතීඥ රොනල්ඩ් පෙරේරා මහතා පත් කර තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වන්නේ,ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති නීතීඥ රොනල්ඩ් පෙරේරා මහතා මෙම ධුරයේ පිහිටුවා ඇති බව ය. |
2023-01-05T14:50:22.000Z | සමාජ මාධ්‍ය ක්‍රියාකාරී සේපාල අමරසිංහ CID අත්අඩංගුවට | සේපාල අමරසිංහ CID අත්අඩංගුවට | COLOMBO ( News 1st ) - විවාදයට තුඩුදුන් ප්‍රකාශයක් හේතුවෙන් සමාජ මාධ්‍ය ක්‍රියාකාරී සේපාල අමරසිංහ අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ. මෙම අත්අඩංගුවට ගැනීමට හේතූ වී ඇත්තේ, දළදා වහන්සේ පිළිබඳව කළ විවාදයට තුඩුදුන් ප්‍රකාශයක් හේතුවෙනි. |
2023-01-05T12:33:39.000Z | හෙරොයින් තොගයක් සමග ධීවර යාත්‍රාවක් නාවික හමුදාව භාරයට | හෙරොයින් සමග යාත්‍රාවක් අත්අඩංගුවට... | COLOMBO ( News 1st ) - හෙරොයින් තොගයක් ධීවර යාත්‍රාවක් නාවික හමුදාව භාරයට ගෙන තිබේ. නාවික හමුදා ප්‍රකාශකවරයා පැවසුවේ,හෙරොයින් තොගයක් සමග බහුදින ධීවර යාත්‍රාවක් බේරුවල ධීවර වරායේදී මෙලෙස අත්අඩංගුවට ගත් බවය. |
2023-01-05T12:28:56.000Z | පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමට තව දුරටත් තහනමක් | පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමට තව දුරටත් තහනමක් | COLOMBO ( News 1st ) - පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමට තව දුරටත් තහනමක් පනවා තිබේ. ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ,පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම ප්‍රාථමික ගැණුම්කරුවෙකු ලෙස කටයුතු කිරීමේ තහනම තවත් මාස 6 කින් දීර්ඝ කර ඇති බවයි. |
2023-01-05T12:16:09.000Z | රජ පවුලේ අයියා කළ පහර දීමක් ගැන මල්ලිගෙන් හෙළිදරව්වක්.. | රජ පවුලේ අයියා කළ පහර දීමක් ගැන මල්ලිගේ හෙළිදරව්ව | COLOMBO ( News 1st ) - සිය බිරිඳ සම්බන්ධ ආරවුලක් අතරතුර 2019 වසරේදී බ්‍රිතාන්‍යයේ විලියම් කුමරු සිය සහෝදරයා වන හැරි කුමරුට පහර දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි බ්‍රිතාන්‍යයේ ගාඩියන් පුවත්පත මේ පිළිබඳ වාර්තා කර ඇත්තේ, තවත් දින කිහිපයකින් ප්‍රකාශයට පත් කිරීමට නියමිත හැරි කුමරුගේ මතක සටහන් පිළිබඳ රචිත "Spare" කෘතියේ පිටපතක් උපුටා දක්වමිනි. එම පුවත්පතට අනුව බ්‍රිතාන්‍යයේ කිරුළ හිමි විලියම් කුමරු, හැරී කුමරුගේ බිරිඳ වන මේගන් මර්කල්ට දොස් නැගීමේ දී දෙදෙනා අතර සංවාදයකින් පසුව මෙම ගැටුම හටගෙන තිබේ. එහිදී විලියම් කුමරු තමාගේ කොලරයෙන් අල්ලා ඇද , මාලය කඩා තමන් බිම හෙළූ බවට හැරී කුමරු පවසා ඇත. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් විදෙස් මාධ්‍ය සිදු කරන ලද විමසීම්වලට කෙන්සිංටන් මාළිගය හෝ බකිංහැම් මාළිගය මේ වනතෙක් ප්‍රතිචාර දක්වා නොමැත. |
2023-01-05T12:05:31.000Z | පාස්කු ප්‍රහාරය: සැකකාර නවුෆර් මවුලවි ඇතුළු 25 දෙනාට ඇප දීම ප්‍රතික්ෂේප කෙරේ.. | නවුෆර් ඇතුළු 25 දෙනාගේ ඇප ප්‍රතික්ෂේපයි.. | COLOMBO ( News 1st ) - පාස්කු ප්‍රහාර මාලාවට ආධාර අනුබල දීම,කුමන්ත්‍රණය කිරීම ඇතුළු අධි චෝදනා 13,270 ක් යටතේ පවරා ඇති නඩුවේ සැකකාර නවුෆර් මවුලවි ඇතුළු 25 දෙනාට ඇප දීම කොළඹ විශේෂ මහාධිකරණය අද (05) ප්‍රතික්ෂේප කළේ ය. ඒ,පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය දමිත් තොටවත්ත, අමල් රණරාජා හා නවරත්න මාරසිංහ යන විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ අද (05) කැඳවූ අවස්ථාවේදී ය. මෙම අවස්ථාවේදී විත්තිකරුවන් ඇප මත මුදා හැරීම යෝග්‍ය නොවන බව තම අධිකරණයේ නිගමනය බව විනිසුරු මඩුල්ලේ සභාපති දමිත් තොටවත්ත මහතා එහිදි පෙන්වා දුන් අතර නඩුවේ වැඩිදුර විභාගය ලබන පෙබරවාරි 01 වැනිදා යළි පැවැත්වීමට ද විනිසුරු මඩුල්ල දින නියම කළේ ය. |
2023-01-05T11:57:34.000Z | කටුනායකදී අත්අඩංගුවට ගත් අරගලයේ ක්‍රියාකාරී රන්දිමාල් ගමගේට ඇප.. | රන්දිමාල් ගමගේට ඇප.. | COLOMBO (News 1st) - අත්අඩංගුවට ගත් අරගලයේ ක්‍රියාකාරී රන්දිමාල් ගමගේ ඇප මත මුදා හැර තිබේ. ජාතික රූපවාහිනයට අයුතු ලෙස ඇතුළුවීමේ චෝදනාව මත අද(05) කටුනායක ගුවන්තොටුපොළේදී ඔහු අත්අඩංගුවට පත්විය. ඒ, විදේශගතව සිට ඔහු දිවයිනට පැමිණි අවස්ථාවේදී ය. පොලීසිය සඳහන් කළේ, රන්දිම ගමගේ මහාතාට එරෙහිව කොළඹ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයෙන් විදෙස් ගමන් තහනමක් පනවා ඇති බවයි. |
2023-01-05T10:38:19.000Z | මෙරට ආහාර නිෂ්පාදන 33ක් චීනයට අපනයනය කිරීමට අවසර | මෙරට ආහාර නිපැයුම් චීනයට | COLOMBO ( News 1st ) - මෙරට ආහාර නිෂ්පාදන 33 ක් චීනයට අපනයනය කිරීම සඳහා එරට සාමාන්‍ය රෙගුලාසි පරිපාලන ආයතනයේ අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව චීනයේ ලියාපදිංචිව ඇති ශ්‍රී ලාංකික සමාගම් 38 ක් මෙම නිෂ්පාදන අපනයනකරුවන් ලෙස ක්‍රියාකිරීමට නියමිත ය. මේ අතුරින් නිෂ්පාදන 29ක් ජලජ ආහාර නිෂ්පාදනයන් වන අතර එම අපනයනකරුවන්ට සහය දැක්වීම සහ නියාමනය සඳහා, ශ්‍රී ලංකා ධීවර අමාත්‍යාංශය සහ චීන සාමාන්‍ය රෙගුලාසි පරිපාලන ආයතනය අතර ගිවිසුමකට එළැඹීමට මෙරට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ද හිමිව තිබේ. |
2023-01-05T10:36:32.000Z | පාසල් ආපනශාලාවල පාන් පිටි කෑම හා පැණි බීම තහනම් කිරීමේ සූදානමක් | පැණි බීම හා පාන් පිටි තහනම් කිරීමේ සූදානමක්.. | COLOMBO (News 1st) - පාසල් ආපනශාලාවල පැණි බීම හා පාන් පිටි පරිභෝජනය තහනම් කර සහල් පිටි භාවිතයෙන් සකසන ලද ආහාර භාවිතය ඉහළ නැංවීම සඳහා වැඩපිළිවෙළක් සැකසීමට කමිටුවක් පත් කර තිබේ. කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේ, සෞඛ්‍ය, අධ්‍යාපන, කෘෂිකර්ම වැනි අමාත්‍යාංශවල නිලධාරින්ගෙන් සමන්විත කමිටුවක් මේ සඳහා පත් කර ඇති බවයි. මීට සමගාමීව එම වැඩපිළිවෙළ රජයේ කාර්යාලවල ඇති ආපනශාලා දක්වා ද පුළුල් කිරීමට සලසුම් කර තිබේ. මේ පිළිබඳ අවසන් තීරණය ගැනීමේදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ද අදහස් විමසිය යුතු බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කර තිබේ. අමාත්‍යවරයා වැඩිදුරටත් මෙහිදී සඳහන් කළේ, 2021 වසරේ මහ කන්නය අසාර්ථකවීම නිසා 2022 වසර අවසන් වනවිට ඩොලර් මිලියන 400ක වියදමින් සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 08ක් මෙරටට ආනයනය කරනු ලැබ තිබෙන බවයි. |
2023-01-05T10:32:12.000Z | ඔස්ට්‍රේලියානු මහකොමසාරිස් ස්ටීවන්ස් අගමැති හමුවෙයි... | ඔස්ට්‍රේලියානු මහකොමසාරිස් හා අගමැති අතර හමුවක් | COLOMBO ( News 1 st ) - ධීවර ක්ෂේත්‍රයට අදාළ සන්නිවේදන ජාල ශක්තිමත් කිරීම සඳහා ධීවර යාත්‍රාවලට GPS ( Global Positining System ) තාක්ෂණ පහසුකම් ලබා දීමට අවැසි සහය ලබාදෙන්නැයි, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඔස්ට්‍රේලියාවෙන් ඉල්ලීමක් කර තිබේ. අග්‍රාමාත්‍යවරයා මෙම ල්ලීම සිදු කර ඇත්තේ, ඔස්ට්‍රේලියානු මහකොමසාරිස් පෝල් ස්ටීවන්ස් මහතා ඇතුළු නියෝජිතයින් පිරිසක් අද (05) අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී හමුවූ අවස්ථාවේදී ය. මේ අතර ඉන්දියන් සාගර කලාපයේ සමුද්‍ර ආරක්ෂාව ශක්තිමත් කිරීමට ඔස්ට්‍රේලියාව මෙරටට ලබාදෙන සහය පිළිබඳව ද අග්‍රාමාත්‍යවරයා මෙහිදී ඔස්ට්‍රේලියානු මහකොමසාරිස්වරයාට ස්තුතිය පළ කර ඇත. දේශීය සිසුන් පමණක් නොව ආසියාව,මැදපෙරදිග හා අප්‍රිකාවේ වෙනත් රටවල සිසුන් ආකර්ෂණය කර ගැනීම සඳහා තවත් ඔස්ට්‍රේලියානු විශ්වවිද්‍යාලවලට අනුබද්ධ විශ්වවිද්‍යාල ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත කළ හැකිබව පවසා ඇති අගමැතිවරයා ධීවර,කෘෂිකර්මය,තොරතුරු තාක්ෂණය,පුනර්ජනනීය බල ශක්තිය,ඉලෙක්ට්‍රොනික හා සංචාරක කර්මාන්තය වැනි නව ක්ෂේත්‍රවල ද නව ආයෝජන සිදුවිය යුතු බව ද පෙන්වා දී ඇත. වත්මන් ආර්ථික අර්බුදය හමුවේ ඔස්ට්‍රේලියානු ඩොලර් මිලියන 75ක් වටිනා ආධාර මත ලැබුණු ඖෂධ හා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සැපයීම පිළිබඳව ද අග්‍රාමාත්‍යවරයා මෙහිදී ස්තුතිය පළ කර තිබේ. |
2023-01-05T09:44:24.000Z | 'සොත්ති උපාලි'ගේ පුත්‍රයෙක් නාරාහෙන්පිටදී අත්අඩංගුවට | 'සොත්ති උපාලි'ගේ පුත්‍රයෙක් අත්අඩංගුවට | COLOMBO (News 1st) – අපරාධ කල්ලි නායකයෙකු වූ 'සොත්ති උපාලි'ගේ පුත්‍රයෙකු හෙරොයින් සහ තියුණු ආයුධ සමග නාරාහෙන්පිටදී අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යේෂඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දුව මහතා සඳහන් කළේ, සැකකුරු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 8 යි මිලිග්‍රෑම් 800 ක්, කිනිසි 2 ක් සහ කඩුවක් සොයාගත් බවයි. 38 හැවිරදි අදාළ සැකකරුගේ බිරිඳ ද අයිස් මත්ද්‍රව්‍ය සන්තකයේ තබා ගැනීම සම්බන්ධ චෝදනාවකට රක්ෂිත බන්ධාගාරගතව පවසු වේ. |
2023-01-05T09:27:28.000Z | ඩයනාගේ පුරවැසිභාවයට අදාළ විමර්ශන ගැන අධිකරණයෙන් CIDයට නියෝගයක් | ඩයනාගේ පුරවැසිභාවය ගැන අධිකරණයෙන් CIDයට නියෝගයක් | COLOMBO (News 1st) – රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියගේ පුරවැසිභාවය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයෙන් අවශ්‍ය වාර්තා කඩිනමින් ගෙන්වාගෙන විමර්ශන සිදුකරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (05) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියම කළේ ය. ඒ, පැමිණිල්ල අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඉදිරියේ කැඳ වූ අවස්ථාවේදීයි. ඩයනා ගමගේ මහත්මියගේ උප්පැන්න සහතිකය, ජාතික හැඳුනුම්පත හා විදේශ ගමන් බලපත්‍රය ව්‍යාජ බවත් ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් කරන්නැයි, ඉල්ලා සමාජ ක්‍රියාකාරිකයෙකු වන ඕෂල හේරත් මහතා විසින් පැමිණිල්ල ගොනු කර තිබේ. අදාළ තානාපති කාර්යාල වාර්තාව ලැබීමෙන් පසුව මෙම නඩුවට අදාළ නියෝග නිකුත් කිරීමට අධිකරණයට පහසු වන බව සඳහන් කළ මහේස්ත්‍රාත්වරයා එතෙක් අදාළ තැනැත්තිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග නිකුත් කිරීම සුදුසු නොවන බවත් සඳහන් කළේ ය. |
2023-01-05T09:09:33.000Z | කැරට් 22 ට වැඩි රත්‍රං ආභරණ ලෙස ගෙනඒම සීමා කෙරේ | කැරට් 22ට වැඩි රත්‍රං ආභරණ ගෙනඒම සීමා කෙරේ | COLOMBO (News 1st) – කැරට් 22 ට වැඩි රත්‍රන්, ආභරණ ලෙස ගෙන ඒම සීමා කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ, අංක 2312/77 දරණ අංකය යටතේයි. මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පැවසුවේ, රත්‍රන් ජාවාරම වැළැක්විමේ අරමුණින් එම පියවර ගත් බවයි. |
2023-01-05T08:13:33.000Z | ශ්‍රී ලංකාවට තීරණාත්මක 20යි 20 දෙවැනි තරගය අද | ශ්‍රී ලංකා - ඉන්දීය දෙවන 20 යි 20 තරගය අද | COLOMBO (News 1st) - සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර දෙවන පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගය පුණේහීදී අද රාත්‍රී 7.00 ට ආරම්භ වීමට නියමිතයි. ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර තරග තුනකින් යුත් පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලිය පසුගිය අඟහරුවාදා මුම්බායිහි වංකඩේ ක්‍රීඩාංගණයේදී ආරම්භ විය. ඉන්දීය කණ්ඩායම පළමු තරගයේ ලකුණු 2ක තියුණු ජයක් හිමිකර ගත්තේ තුනට එකක් ලෙස තරගාවලියේ පෙරමුණ ලබා ගනිමිනි. ඒ අනුව තරගාවලිය ජය ගැනීමට නම් අද පැවැත්වෙන තරගයේ ජයග්‍රහණය ශ්‍රී ලංකා කණ්ඩායමට අතිශය වැදගත් ය. මේ අතර අද තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් පිළිබඳව මෙතෙක් වාර්තා නොවේ. විදෙස් වාර්තා පවසන්නේ, ඉන්දීය කණ්ඩායමේ පළමු තරගය ක්‍රීඩා නොකළ අර්ෂදීප් සින්ග් හෝ උම්රාන් මලික් අද තරගයට කැඳවීමට ඉඩ ඇති බවයි. පළමු තරගයේදී ආබාධයකට ලක්වූ සංජු සැම්සන් පන්දුවාර 20 යි 20 තරගාවලියෙන් ඉවත් කර තිබේ. ඒ වෙනුවට ඉන්දීය කණ්ඩායමට කැඳවා ඇත්තේ ජිටේයිස් ශර්මා ය. අද මෙරට වේලාවෙන් රාත්‍රී 7.00ට තරගය ආරම්භ වීමට නියමිතව තිබේ. |
2023-01-05T07:42:51.000Z | අනිද්දා (07) රෑ සිට පැය 18 ක් කොළඹ ප්‍රදේශ රැසකට වතුර නෑ.. | කොළඹට පැය 18 ක ජල කප්පාදුවක් | COLOMBO (News 1st) - අනිද්දා (07) රාත්‍රී 10.00 සිට 8 වන ඉරිදා පස්වරු 4.00 දක්වා පැය 18 ක කාලයක් කොළඹ ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවන බව ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. ඒ අනුව කොළඹ- 01 ,කොළඹ -02, කොළඹ- 03, කොළඹ- 04, කොළඹ- 07, කොළඹ - 09, කොළඹ -10 සහ කොළඹ - 11 යන ප්‍රදේශවලට එම කාලය තුල ජල සැපයුම අත්හිටුවනු ඇති. මාලිගාකන්ද ජලාශය වෙත ජලය සැපයෙන සම්ප්‍රේෂණ ජල නළ පද්ධතියට අදාළව සිදුකරනු ලබන අත්‍යවශ්‍ය වැඩිදියුණු කිරිමක් මීට හේතු වී තිබේ. |
2023-01-05T07:09:27.000Z | 'ගාඩි' මංගල දර්ශනය කොළඹදී... | 'ගාඩි' මංගල දර්ශනය කොළඹදී... | COLOMBO (News 1st) - 'ගාඩි' සිනමා පටයේ මංගල දර්ශනය ඊයේ පස්වරුවේ කොළඹදී තිරගත කෙරිණ. 'ගාඩි' ප්‍රසන්න විතානගේ මහතාගේ නවතම සිනමා නිර්මාණයයි. ලාංකීය ඉතිහාස කතාවක් පාදක කරගමින් නිර්මාණය වූ 'ගාඩි' ආසියා පැෆිපික් සිනමා සම්මාන උළෙලේදීද සම්මානට පාත්‍ර විය. |
2023-01-05T05:51:30.000Z | අන්තරේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ යළි රක්ෂිත බන්ධනාගාරයට | වසන්ත මුදලිගේ යළි රක්ෂිත බන්ධනාගාරයට | COLOMBO (News 1st) - අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ මහතා ලබන 13 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. ඒ ඔහු අද කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා හමුවට ඉදිරිපත් කිරිමෙන් අනතුරුවයි. කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට පැවති විරෝධතාවකට එරෙහිව අධිකරණය ලබාදුන් නියෝගයක් භාර නොගැනිම,පොලිස් රාජකාරියට බාධා කිරීම ඇතුළු චෝදනා කිහිපයක් යටතේ ගොනුකර ඇති නඩුව අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවා තිබිණ. |
2023-01-05T05:18:44.000Z | ලිට්‍රෝ ගෑස් මිල අඩු කෙරේ.. | ලිට්‍රෝ ගෑස් මිල අඩු කෙරේ.. | COLOMBO (News 1st) - ලිට්‍රෝ ගෑස් මිල අද (05) මධ්‍යම රාත්‍රියේ සිට පහළ දමා තිබේ. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 201 කින් පහළ යන අතර එහි නව මිල වෙන්නේ රු. 4409 කි. කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 80 කින් අඩු කර ඇති අතර එහි නව මිල රු. 1770 ක් වනු ඇති. කිලෝග්‍රෑම් 2.3 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 38 කින් පහළ යන අතර එහි නව මිල රු. 822 කි. |
2023-01-05T05:09:07.000Z | ඡන්දයක් පැවැත්වීමට මැතිවරණ කෙමිසමට ඇති අයිතියට ආණ්ඩුවෙන් කිසි බාධාවක් නෑ... - ඇමති විජේදාස | ''මැතිවරණ කොමිසමට ආණ්ඩුවෙන් බාධාවක් නෑ'' | News 1st - ඡන්දයක් පැවැත්වීමට මැතිවරණ කෙමිසමට ඇති අයිතියට ආණ්ඩුව කිසිදු බාධාවක් සිදු නොකරන බව අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පවසයි. ''ආණ්ඩුව විදහට මැතිවරණ කොමිසමේ කටයුතුවලට බාධා කරන්න හේ න්‍යාය පත්‍ර වෙනස් කරන්න අපි කිසිදු තීන්දුවක් අරගෙන නෑ'' අද පාර්ලිමේන්තුවේදී ඔහු ඒ බව ප්‍රකාශ කළේ , විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා යොමු කළ ප්‍රශ්නකට පිළිතුරු ලබා දෙමිනි. විපක්ෂ නායකවරයා එහිදී කියා සිටියේ, රජය ඝෘජු සහ වක්‍ර ක්‍රමවේද තුළින් මුදල් නොමැති බවට පණිවුඩයක් යවමින් සිටින බවයි. එැවනි වටපිටාවක් තුළ නියමිත කාලයට මැතිවරණය පැවැත්වීමට රජය ලබා දියයුතු සියලු පහසුකම් ප්‍රතිපාදන නොපිරිහෙලා ඉටු කරන්නේ දැයි, එහිදී විපක්ෂ නායකවරයා අධිකරණ අමාත්‍යවරයාගෙන් විමසා සිටියේ ය. විපක්ෂ නායකවරයාට පිළිතුරු දෙමින් අධිකරණ අමාත්‍යවරයා කියා සිටියේ, මැතිවරණ පැවැත්වීමේ බලය ස්වාධීනව කටයුතු කරන මැතිවරණ කොමිසමට පැවරී ඇති බවත් එම කොමිසමට නියෝග දීමට හෝ තීන්දු වෙනසක් කිරීමට ආණ්ඩුවට හෝ පාර්ලිමේන්තුවට කිසිදු බලයක් නොමැති බවයි. |
2023-01-05T04:43:58.000Z | ඩුබායිහි සංචාරයක නිරතව සිටි හිටපු ජනපති ගෝඨාභය දිවයිනට | හිටපු ජනාධිපති ගෝඨාභය දිවයිනට පැමිණෙයි | News 1st - හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (05) උදෑසන දිවයිනට පැමිණියේ ය. කටුනායක ගුවන්තොටුපළේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, ඩුබායි සිට හිටපු ජනාධිපතිවරයා අද උදෑසන 8.30 ට පමණ දිවයිනට පැමිණි බවයි. හිටපු ජනාධිපතිවරයා පසුගිය දින කිහිපයේ ඩුබායිහි සංචාරයක නිරතව සිටියේ ය. |
2023-01-05T04:11:22.000Z | අරගලයේ ක්‍රියාකාරී රන්දිමාල් කටුනායකදී අත්අඩංගුවට | අරගලයේ ක්‍රියාකාරී රන්දිමාල් අත්අඩංගුවට | COLOMBO (News 1st) - අරගලයේ ක්‍රියාකාරි රන්දිම ගමගේ අත්අඩංගුවට ගෙන තිබේ. ජාතික රූපවාහිනයට අයුතු ලෙස ඇතුළුවීමේ චෝදනාව මත අද කටුනායක ගුවන්තොටුපළේදී ඔහු අත්අඩංගුවට පත්විය. ඒ විදේශගතව සිට ඔහු දියිනට පැමිණි අවස්ථාවේදීයි . පොලිසිය සඳහන් කළේ, රන්දිම ගමගේ මහාතාට එරෙහිව කොළඹ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයෙන් විදෙස් ගමන් තහනමක් පනවා ඇති බවයි. |
2023-01-05T02:51:30.000Z | චීනයේ ශීඝ්‍ර කොවිඩ් ව්‍යාප්තියක් - ලෝක සෞඛ්‍ය සංවිධානය | චීනයේ ශීඝ්‍ර කොවිඩ් ව්‍යාප්තියක් | News 1st - නව ප්‍රභේදයක් වාර්තා නොවුන ද චීනයේ ශීඝ්‍ර කොවිඩ් ව්‍යාප්තියක් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. ඇතිවී තිබෙන තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිතයින් පසුගිය දා චීන බලධාරීන් මුණගැසුණි. එහිදී චීනයේ රෝග පාලන සහ වැළක්වීමේ මධ්‍යස්ථානය පෙන්වා දී ඇත්තේ, මේ වනවිට ව්‍යාප්ත වන්නේ ඔමික්‍රෝන් වෛරසයේ අනුප්‍රභේදයක් පමණක් බවයි. නමුත් චීනය කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව සහ මරණ සංඛ්‍යාව සැබෑ දත්තවලට වඩා පහළ අගයකින් වාර්තා කරන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි තත්ත්ව පිළිබඳ අධ්‍යක්ෂ මයික් රයන් පවසා ඇත. ගෝලීය සෞඛ්‍ය බලධාරීන් ද පවසන්නේ, චීනය එරට කොවිඩ් දත්ත වසන් කරන බවයි. |
2023-01-05T02:34:51.000Z | අනුරාධපුර - වව්නියාව දුම්රිය ධාවනය අද සිට තාවකාලිකව නවතී | අනුරාධපුර-වව්නියාව දුම්රිය ධාවනය තාවකාලිකව නවතී | COLOMBO (News 1st) - උතුරු දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු හේතුවෙන් අනුරාධපුර සිට වව්නියාව දක්වා දුම්රිය මාර්ගය අද (05) සිට මාස 5 ක කාලයක් වසා දැමේ. දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ රුපියල් බිලියන 33 ක පමණ මුදලක් මේ සඳහා වැය වන බවයි. අනුරාධපුරය දක්වා දුම්රියෙන් පැමිණෙන මගින් ලංගම බස් රථ යොදා ගනිමින් ප්‍රවාහනය කිරීමට සැළසුම් කර ඇති බව ප්‍රවාහන අමාත්‍යාංශය පැවසීය. |
2023-01-05T02:23:44.000Z | නව වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම අද | නව වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම අද | COLOMBO (News 1st) - නව වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම අද (05) පැවැත්වේ. පුනරුත්ථාපන කාර්යාංශ පනත් කෙටුම්පත සහ බද්දට දී ඇති පරිශ්‍රවල සන්තකය ආපසු ලබා ගැනීමේ පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනි වර කියවීමේ විවාදය අද පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිතයි. අද දිනයේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා උදෑසන 9.30 සිට උදෑසන 10.30 දක්වා කාලය වෙන් කර තිබේ. මීට අමතරව පාර්ලිමේන්තුව සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද කඩවීම සම්බන්ධයෙන් විමර්ශන කිරීමට සහ ඒ සඳහා සුදුසු නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කිරීම සඳහා වන යෝජනාව ද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත වේ. එමෙන්ම ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීමට සුදුසු නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පිහිටුවීම සඳහා වන යෝජනාව ද අද දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. |
2023-01-05T01:41:41.000Z | දෙමළ ජාතික සන්ධානය සහ ජනපති අතර අද සාකච්ඡාවක් | දෙමළ ජාතික සන්ධානය සහ ජනපති අතර අද සාකච්ඡාවක් | COLOMBO (News 1st) - ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ දෙමළ ජාතික සන්ධානය අතර විශේෂ සාකච්ජාවක් අද (05) පැවැත්වේ. දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක ජනාධිපති නීතිඥ එම්. ඒ. සුමන්තිරන් මහතා සඳහන් කළේ, අද පස්වරු 5.00 ට ජනාධිපති කාර්යාලයේදී මෙම සාකච්ජාව පැවැත්වෙන බවයි. 13 වන ආණඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ බලය බෙදීම සම්බන්ධයෙන් මීට පෙර පැවැති සාකච්ජාවල දිගුවක් ලෙස මෙම සාකච්ජාව පැවැත්වෙන බව දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක එම්. ඒ. සුමන්තිරන් මහතා පැවසුවේ ය. මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා අතර හමුවක් ඊයේ පස්වරුවේ පැවැත්විය. හමුව සිදුවුණේ ආර්. සම්බන්ධන් මහතාගේ කොළඹ පිහිටි නිවසේදීයි. ආර්. සම්බන්ධන් මහතා කළ දේශපාලන සේවය මෙහිදී මහින්ද රාජපක්ෂ මහතාගේ ඇගයීමට ලක්ව ඇත. |
2023-01-05T01:24:04.000Z | පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද අයැදුම්පත් භාර ගැනීම ඇරඹේ | තැපැල් ඡන්ද අයැදුම්පත් භාර ගැනීම ඇරඹේ | COLOMBO (News 1st) - පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද අයැදුම්පත් භාර ගැනීම අද (05) සිට ආරම්භ වේ. මැතිවරණ කොමිසම පැවසුවේ, තැපැල් ඡන්ද අයැදුම්පත් භාර ගැනීම අවසන් වන්නේ, ලබන 23 වැනි දා මධ්‍යම රාත්‍රී 12.00 ට බවයි. මේ අතර ලබන පළාත් පාලන මැතිවරණයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් සාකච්ජා කිරීමේ අරමුණින් පිළිගත් ලියාපදිංචි සියලු දේශපාලන පක්ෂ නායකයින් කැඳවීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබේ. එම කොමිසම සඳහන් කළේ, ලබන 11 වැනි දා පෙරවරුවේ මෙම හමුව පැවැත්වෙන බවයි. මේ අතර ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඉදිරි මැතිවරණය සඳහා මේ වනවිට පුර්ණ සුදානමක පසුවන බව එම පක්ෂයේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා සඳහන් කළේ ය. ඔහු පෙන්වා දුන්නේ, මහජන එක්සත් පෙරමුණ, ඊලම් ජනතා ප්‍රජාතන්තවාදි පක්ෂය ඇතුළු පිළිගත් දේශපාලන පක්ෂ 9 ක් මේ වනවිට සිය පක්ෂය සමග සන්ධානගතව මැතිවරණයට ඉදිරිපත් වීමට එකඟ වී ඇති බවයි. මැතිවරණය ඉලක්ක කරගෙන සන්ධානගත වීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ නායකයින් සමග ද සාකච්ජා වට කිහිපයක් මේ වනවිට පවත්වා ඇති බව ද ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ලේකම්වරයා පැවසුවේ ය. මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ පොදුජන පෙරමුණ ඇතුළු කණ්ඩායම් කිහිපයක සාමාජිකයින් මැතිවරණය සඳහා තම පක්ෂය සමග සන්ධානගතවීමට නියමිත බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි. සමගි ජන බලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර පවස්නේ, තම පක්ෂය සමග සන්ධානගතවීමට කැමැත්ත පළ කළ දේශපාලන පක්ෂ දුරකතන සළකුණ යටතේ මැතිවරණයට ඉදිරිපත් වීමට එකඟත්වය පළ කර ඇති බවයි. ජාතික ජන බලවේගය ද මැතිවරණය සඳහා මේ වනවිට සුදනම් බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පැවසීය. |
2023-01-05T00:30:34.000Z | ගෙවුණු දිනය උණුසුම් කළ පුවත් | ගෙවුණු දිනය උණුසුම් කළ පුවත් | 1. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහකාර මහලේකම්, කන්නි විග්නරාජා මහත්මිය ජනපති හමුවට - එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහකාර මහලේකම්, කන්නි විග්නරාජා මහත්මිය ඇතුළු නියෝජිත පිරිසක් ඊයේ (04) පෙරවරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවිය. 2. ශාෆ්ටර් ඝාතනයේ මහේස්ත්‍රාත් පරීක්ෂණය මාධ්‍යට වැසේ - ප්‍රකට ව්‍යාපාරික දිනේෂ් ශාෆ්ටර් මහතාගේ මරණය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය ඥාතීන්ගේ ඉල්ලීම මත ඊයේ (04) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මියගේ නිල මැදිරියේදී සිදුවිය. 3. පිට රටින් ගේන බිත්තර රුපියල් 40ට - ඡන්දයකට මුදල් නැතැයි ආණ්ඩුවේ ඇතැම් පාර්ශ්ව පවසද්දී පිටරටින් බිත්තර ගෙන්වීම ඉදිරි සතිය තුළ සිදුකරන බව වෙළඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පවසයි. 4. පළාත් පාලන ඡන්දයේ කිසිදු කටයුත්තකට සහභාගී වෙන්නේ නැහැ.. - ජනපති පක්ෂයට දැනුම් දෙයි - පළාත් පාලන ඡන්දයේ කිසිදු කටයුත්තකට තමන් සහභාගී නොවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට නිල වශයෙන් දැනුම් දී තිබේ. 5. 'ව්‍යාජ දළඳා මාළිගාවක්' නිර්මාණය කිරීමක් ගැන ශ්‍රී දළඳා මාළිගාවෙන් අනාවරණයක් - කිසියම් පුද්ගලයෙකු විසින් කුරුණෑගල, වදාකඩ පාර, පොතුහැර යන ස්ථානයේ ව්‍යාජ දළදා මාළිගාවක් නිර්මාණය කොට ඉදි කරමින් පවතින බවට දැනගන්නට ලැබී ඇතැයි, ශ්‍රී දළඳා මාලිගාවේ මාධ්‍ය ඒකකය පවසයි. |
2023-01-04T16:13:59.000Z | 2023 වර්ෂයේ ප්‍රථම පාර්ලිමේන්තු සභාවාරය හෙට | 2023 වර්ෂයේ ප්‍රථම පාර්ලිමේන්තු සභාවාරය හෙට | COLOMBO ( News 1st ) - 2023 වර්ෂයේ ප්‍රථම පාර්ලිමේන්තු සභාවාරය හෙට (05) පැවැත්වීමට නියමිතව තිබේ. හෙට ( 05) පාර්ලිමේන්තුවේ දී පුනරුත්තාපන කාර්යංශ පනත් කෙටුම්පත විවාදයට ගැනීමට නියමිත අතර විවාද කර ඡන්ද විමසීමකින් අනතුරුව පනත් කෙටුම්පත සම්මත කර ගැනීමට නියමිතව තිබේ. |
2023-01-04T14:47:47.000Z | එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහකාර මහලේකම්, කන්නි විග්නරාජා මහත්මිය ජනපති හමුවට | එ.ජා.සහකාර මහලේකම් ජනපති හමුවට | COLOMBO ( News 1st ) - එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහකාර මහලේකම්, කන්නි විග්නරාජා මහත්මිය ඇතුළු නියෝජිත පිරිසක් අද (04) පෙරවරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවිය. මෙහිදි එම පිරිස විසින් රටේ පවතින ආර්ථික ගැටලුවලට විසඳුම් ලබාදීම සඳහා ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය ගෙන ඇති ක්‍රියාමාර්ග ඇගයීමට ලක් කරනු ලැබ තිබේ. මේ අතර එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවට ලබාදෙන සහය අඛණ්ඩව ලබාදෙන බවද විග්නරාජා මහත්මිය දැනුම් දී තිබේ. |
2023-01-04T14:40:37.000Z | ශාෆ්ටර් ඝාතනයේ මහේස්ත්‍රාත් පරීක්ෂණය මාධ්‍යට වැසේ | ශාෆ්ටර් ඝාතනයේ මහේස්ත්‍රාත් පරීක්ෂණය මාධ්‍යට වැසේ | COLOMBO ( News 1st ) - ප්‍රකට ව්‍යාපාරික දිනේෂ් ශාෆ්ටර් මහතාගේ මරණය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය ඥාතීන්ගේ ඉල්ලීම මත අද (04) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මියගේ නිල මැදිරියේදී සිදුවිය. මේ නිසා එහි තොරතුරු අද (04) මාධ්‍යට අනාවරණය නොවූ අතර අප වාර්තාකරු ප්‍රකාශ කළේ, එහිදී දිනේශ් ශාෆ්ටර් මහතාගේ බිරිඳගේ සහ ඔහු යටතේ සේවය කළ විධායක නිලධාරියෙකු සාක්ෂි ලබාදී ඇති බව ය. වැඩිදුර සාක්ෂි සටහන් කර ගැනීම ලබන 10 වැනිදා දක්වා කල්තැබීමට අතිරේක මහේස්ත්‍රාත්වරිය නියෝග කර තිබේ. |
2023-01-04T14:26:48.000Z | පිට රටින් ගේන බිත්තර රුපියල් 40ට | පිට රටින් ගේන බිත්තර රුපියල් 40ට | COLOMBO ( News 1st ) - ඡන්දයකට මුදල් නැතැයි ආණ්ඩුවේ ඇතැම් පාර්ශ්ව පවසද්දී පිටරටින් බිත්තර ගෙන්වීම ඉදිරි සතිය තුළ සිදුකරන බව වෙළඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පවසයි. අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, ආනයනික බිත්තරයක් රුපියල් 40 - 42 ත් අතර මිලකට ජනතාවට ලබා දෙන බව ය. බිත්තර ආනයනය සම්බන්ධයෙන් අද (04) පස්වරුවේ වෙළෙඳ අමාත්‍යාංශයේදී සාකච්ඡාවක් පැවති අතර එහිදී ගෙන්වන බිත්තර ප්‍රමාණය, නිරෝධායන සහතික නිකුත් කරන ආකාරය සහ මිල ගණන් පිළිබඳව අවධානය යොමුකර තිබේ. වෙළෙඳ අමාත්‍යවරයා පැවසුවේ,රාජ්‍ය වාණිජ විවිධ නිතීගත සංස්ථාව හරහා බිත්තර ආනයනයට පියවර ගන්නා බවත් රටේ අවශ්‍යතාවයෙන් 20% ක් වැනි ප්‍රමාණයක් ආනයනය කිරීමට අපේක්ෂා කරන බවත් ඒ සඳහා අවශ්‍ය මුදල් ආනයන කටයුතු සිදුකරන ආයතන සතුව පවතින බවත් ඔහු කියා සිටියේ ය. |
2023-01-04T14:20:39.000Z | පළාත් පාලන ඡන්දයේ කිසිදු කටයුත්තකට සහභාගී වෙන්නේ නැහැ.. - ජනපති පක්ෂයට දැනුම් දෙයි. | ඡන්දයේ කිසිදු කටයුත්තකට සහභාගී වෙන්නේ නැහැ -ජනපති | COLOMBO ( News 1st ) - පළාත් පාලන ඡන්දයේ කිසිදු කටයුත්තකට තමන් සහභාගී නොවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට නිල වශයෙන් දැනුම් දී තිබේ. ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇත්තේ අද (04) පස්වරුවේ කොළඹ දී එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයන් හමුවු අවස්ථාවේ දී තමන්ට වරමක් දී ඇත්තේ ඡන්දය කිරිමට නොව,දෙවසරක් ඇතුළත රට වැටී තිබෙන ආගාධයෙන් ගොඩ ගැනීමට බැවින්,ඒ වරමින් පිට ක්‍රියාකිරිමට කිසිවිටෙකත් සුදානම් නැතැයි එක්සත් ජාතික පක්ෂ නායකයින් හමුවේ ජනාධිපතිවරයා අවධාරණය කර තිබේ. ජනාධිපතිවරයා මෙහිදි වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ එක්සත් ජාතික පක්ෂයට පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් විය යුතුව තිබේනම්, ඒ සඳහා තීරණ ගැනෙන පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේ මුලසුන සාම්ප්‍රදායානූකූලව පමණක් ගැනීමට තමන් ඉදිරිපත් වන බවයි. මේ අතර මහ නගර සභා , නගර සභා ඇතුළු පළාත් පාලන ආයතන සඳහා පත් වන සභිකයින් 4000කට පමණ පඩි සහ දීමනා වෙනුවෙන් මුදල් වෙන් කර තිබෙන බවත්,ඉතිරි පිරිස පඩි සහ දීමනා රහිතව නොමිලේ සේවය කරන්නේ දැයි දැනුම් දිය යුතුව ඇතැයි ද ජනාධිපතිවරයා මෙහිදි කියා සිටියේ ය. |
2023-01-04T12:48:27.000Z | මෙරට කොරෝනා ව්‍යාප්තිය ගැන සෞඛ්‍ය අංශ සමීපව නිරීක්ෂණය කරනවා - සෞඛ්‍ය අමාත්‍යාංශය | BF7 නමින් නව ඔමික්‍රෝන් ප්‍රභේදයක් | COLOMBO ( News 1st ) - මෙරට කොරෝනා වෛරසය ව්‍යාප්තිය සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ සමීපව නිරීක්ෂණය කරමින් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. එහි වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ, විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා මේ බව ප්‍රකාශ කළේ, අද (04) පැවති මාධ්‍ය හමුවකදී ය. BF7 නම් නව ඔමික්‍රෝන් ප්‍රභේදය ඉතාමත්ම කාර්යක්ෂමව පැතිර යන බවක් නීරීක්ෂණය වෙමින් පවතින බව ප්‍රකාශ කළ විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ,වයස අවුරුදු 20ට වැඩි වර්ධක මාත්‍රාව ලබා නොගත් සෑම අයෙකුම හැකි ඉක්මනින් වර්ධක මාත්‍රාව ලබා ගත යුතු බව ය. එසේම සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීම වැදගත් බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය. |
2023-01-04T12:05:53.000Z | 'ව්‍යාජ දළඳා මාළිගාවක්' නිර්මාණය කිරීමක් ගැන ශ්‍රී දළඳා මාළිගාවෙන් අනාවරණයක්... | 'ව්‍යාජ දළඳා මාළිගාවක්' පිළිබඳ අනාවරණයක්... | COLOMBO ( News 1st ) - කිසියම් පුද්ගලයෙකු විසින් කුරුණෑගල, වදාකඩ පාර, පොතුහැර යන ස්ථානයේ ව්‍යාජ දළදා මාළිගාවක් නිර්මාණය කොට ඉදි කරමින් පවතින බවට දැනගන්නට ලැබී ඇතැයි, ශ්‍රී දළඳා මාලිගාවේ මාධ්‍ය ඒකකය පවසයි. මහා නාහිමිවරුන්ගේ සහ දියවඩන නිලමේ තුමාගේ අත්සනින් ජනාධිපතිවරයා වෙත යොමු කරන ලද ලිපියක දැක්වෙන්නේ, මෙබඳු අබෞද්ධ මිථ්‍යා මත පතුරුවමින් ඇතැම් මිථ්‍යා මතධාරින් විසින් සිදුකරනු ලබන බෞද්ධ විරෝධී ක්‍රියා පිළිබඳව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් පරිදි බුදුදහම ආරක්ෂා කොට පෝෂණය කිරීමේ කාර්යභාරයට බැඳී සිටින රජය වහා කරුණු පරීක්ෂා කර ආරම්භයේදීම ඒවා වළක්වාලීමට කටයුතු කළ යුතු බවයි. මෙම ලිපියේ වැඩිදුරටත් සඳහන් වන්නේ, මේ වන විටත් දේශීය හා විදේශීය ගිහි පැවිදි බොහෝ දෙනා මෙම මිථ්‍යාවට රැවටී මිළ මුදල් රත්‍රං ආදිය පරිත්‍යාග කරන බවට ද කරුණු අනාවරණය වී ඇති බව අදාළ ලිපියේ වැඩිදුරටත් සඳහන් ය. මෙසේ බුදුදහමට හා ශාසනික චිර පැවැත්මට හානි කර වන අයුරින් හා දළඳා ඉතිහාසය විකෘති වන ආකාරයෙන් ව්‍යාජ දළඳා මාළිගා නිර්මාණය කරමින් මිථ්‍යා මත ඉස්මතු කොට දැක්වීම හා බුදුදහම කෙරෙහි අපහාසාත්මක ප්‍රකාශ නිකුත් කිරීම, සමස්ත ලෝකවාසී බෞද්ධයන්ගේ පූජනීයත්වයට හා වන්දනියත්වයට පාත්‍රව පවත්නා වූ සෙංකඩගලපුර ශ්‍රී දළඳා මාළිගාවේ පරම පූජනීයත්වයට හානිකර ක්‍රියාදාමයක් බවත්, බුදුදහමට අපහාසයක් ගෙන දෙන්නක් බව ද එහි සඳහන් ය. එසේම බෞද්ධ ජනතාවගේ සිත් පෑරෙන ආකාරයෙන් කිසියම් පුද්ගලයෙකු බුදු දහමට හා දළදා වහන්සේට අපහාස වන ආකාරයේ ප්‍රකාශ සමාජ මාධ්‍යයේ පළ කර ඇති බව ද අදාළ ලිපියේ සඳහන්ව ඇත. |
2023-01-04T11:37:22.000Z | ලිට්‍රෝ ගෑස් මිල හෙට යළි පහළට.. | ලිට්‍රෝ ගෑස් මිල හෙට යළි පහළට.. | COLOMBO ( News 1st ) - ලිට්‍රෝ ගෑස් මිල හෙට (05) යළි සංශෝධනය වීමට නියමිතය ලිට්‍රෝ ගෑස් මිල හෙට (05) යළි සංශෝධනය වීමට නියමිතයි. ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පැවසූවේ, ඒ අනුව ලිට්‍රෝ ගෑස් මිල හෙට (05) දිනයේ දී යළි පහළ දමන බව ය. ලිට්‍රෝ සමාගමේ සභාපතිවරයා ප්‍රකාශ කළේ, 12.5 kg ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 200 - 300ත් අතර මිලකින් අඩුවනු ඇති බව ය. |
2023-01-04T10:29:04.000Z | විදෙස් සංචාරකයින්ට ඩොලර් ගෙවා ජාතික වනෝද්‍යාන නැරඹීමට අවස්ථාව | ආර්ථිකයට ඩොලර් උපයා දීමට නව පියවරක් | COLOMBO ( News 1st ) - විදේශීය සංචාරකයින්ට ජාතික වනෝද්‍යාන නැරඹීමේදී ඩොලර් ගෙවා ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීමේ පහසුකම් සලසා තිබේ. ඒ මෙරට ආර්ථිකයට ඩොලර් උපයා දීමේ අරමුණින් වන අතර වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය පවසන්නේ පළමු අදියර මේ මාසයේ සිට යාල ජාතික වනෝද්‍යානයෙන් ආරම්භ කරන බව ය. මීට සමගාමීව දෙස් විදෙස් සංචාරකයින්ට යාල වනෝද්‍යානයේ පහසුකම් සංවර්ධනය ද ආරම්භ කර ඇති බව අමාත්‍යාංශය පැවසී ය. ඒ අනුව නව බංගලා දෙකක් සංචාරකයින් සඳහා විවෘත කිරීමට නියමිතයි. දහවල් කාලයේදී වනෝද්‍යානය වසා තැබෙන පැය දෙකක කාලයේ සංචාරකයින්ට විවේක ගැනීම සඳහා ගිමන්හලක් ඉදිකිරීමේ කටයුතු ද කඩිනමින් අවසන් කරන බව අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක සඳහන් ය. |
2023-01-04T10:22:20.000Z | ජපානයේ උද්ධමනය ඉහළට | ජපානයේ උද්ධමනය ඉහළට | COLOMBO ( News 1st ) - ජපානයේ උද්ධමනය ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ,මෙම මාසය අවසන් වන විට පාරිභෝගික මිල දර්ශනයට අනුව එරට උද්ධමනය 4%කින් ඉහළ යනු ඇති බව ය. කෙසේවෙතත්, 2022 වසර අවසන් වන විට ජපානයේ උද්ධමනය 2021 වසරට සාපේක්ෂව 3.7 %කින් ඉහළ ගොස් ඇති අතර මෙය 1981 වසරෙන් පසුව එරට වාර්තා වූ ඉහළම උද්ධමන වර්ධනය වීම විශේෂත්වයකි. |
2023-01-04T10:10:18.000Z | කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට නව අධ්‍යක්ෂ ජනරාල්වරියක්... | කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට නව අධ්‍යක්ෂ ජනරාල්වරියක්. | COLOMBO ( News 1st ) - කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ජනරාල්වරිය ලෙස මාලතී පරසුරාමන් මහත්මිය පත් කර තිබේ. කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙම පත් කිරීම සිදු කර තිබේ. මාලතී පරසුරාමන් මහත්මිය මෙතෙක් එම තනතුරට පත් වූ එකම ද්‍රවිඩ කෘෂිකාර්මික ක්‍රියාකාරිනිය බව කෘෂිකර්ම අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක සඳහන් ය. මීට පෙර ඇය කෘෂිකර්ම අමාත්‍යාංශයේ කෘෂි තාක්ෂණ අංශයේ අතිරේක ලේකම්වරිය ලෙස ද කටයුතු කර තිබේ. ගන්නෝරුව A9 මෑ ප්‍රභේදය, HOB – 2 නමැති ප්‍රථම බෝංචි ජානමය පර්යේෂණය හඳුන්වා දීම, දෙමුහුන් නව මාලු මිරිස් ප්‍රභේදයක් වන 'ප්‍රාර්ථනා'හඳුන්වාදීම යනාදී පර්යේෂණ රැසක් මාලතී පරසුරාමන් මහත්මිය සිදු කර ඇතැයි ද කෘෂිකර්ම අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක සඳහන් ය. |
2023-01-04T09:38:12.000Z | තැපැල් ඡන්ද අයදුම්පත් කැඳවීමට අදාළව මැතිවරණ කොමිසමෙන් නිවේදනයක් | හෙට (5) සිට 23 තෙක් තැපැල් ඡන්දයට අයදුම්පත් කැඳවයි | COLOMBO (News 1st) – තැපැල් ඡන්දයට අයදුම්පත් කැඳවීම හෙට (05) සිට ලබන 23 වැනිදා රාත්‍රි 12.00 දක්වා ක්‍රියාත්මක බව ජාතික මැතිවරණ කොමිසම පවසයි. නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව පවසන්නේ, එම දිනය කිසිසේත්ම දීර්ඝ නොකරන බවයි. මෙම ඡන්ද විමසීමේ දී එම පළාත් පාලන ආයතන බල ප්‍රදේශයේ ඡන්දහිමියන් ලෙස ලියාපදිංචිව සිටින හා ඡන්ද විමසීම් රාජකාරි සඳහා යෙදවීමට නියමිත සියලුම රාජ්‍ය නිලධාරීන් සේවකයින්, විදුහල්පතිවරුන්/ ගුරුවරුන්, එම පළාත්වල සේවයේ නියුතු ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නිලධාරින් සේවකයින්, තැපැල් දෙපාර්තුමේන්තුවේ නිලධාරීන් සේවකයින්, දුම්රිය සේවා පවත්වාගෙන යාම පිණිස අත්‍යවශ්‍යම වන දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන්/ සේවකයන් සහ දිවයිනේ සියලුම ප්‍රදේශවල ආරක්ෂක කටයුතුවල නිරත වන ත්‍රිවිද හමුදාවේ, පොලිස් දෙපාර්තමේන්තුවේ සහ සක්‍රීය ආරක්ෂක සේවයේ යොදවා ඇති සිවිල් ආරක්ෂක බලකායේ සාමාජික සාමාජිකාවන් අපේක්ෂකත්වය නිසා තමාට වෙන් කරන ලද ඡන්ද පොළේ දී පෞද්ගලිකව ඡන්ය දීමට නොහැකි වන බව හෝ එසේ වීමට ඉඩ ඇති අපේක්ෂකයන් තැපෑලෙන් ඡන්දය දීම සඳහා ඉල්ලුම් කිරීමට සුදුසුකම් ලබයි. තවද, මෙම ඡන්ද විමසීමේ දී තැපෑලෙන් ඡන්දය දීම පිණිස ඉල්ලුම්පත්‍ර ඉදිරිපත් කිරීමේදී ඒ සඳහා වූ තොරතුරු 2022 පළාත් පාලන ආයතන ඡන්දහිමි නාමලේඛනයෙන් නිවැරදිව ලබාගත යුතු බව ද කොමිසම අවධාරණය කර සිටී. සහතික කිරීමේ නිලධාරීන් විසින් තැපැල් ඡන්ද අයදුම්පත් පෞද්ගලිකවම පරීක්ෂා කර ඉල්ලුම්කරුගේ අනන්‍යතාව පිළිබඳ නිසැකවම සහතික කළ යුතු බවත්, සහතික කරනු ලැබූ අයදුම්පත් හැකි වහාම එම අයදුම්කරු ඡන්ද හිමියකු වශයෙන් ලියාපදිංචි දිස්ත්‍රික්කයේ තේරීම්භාර නිලධාරී වෙත 2023.01.23 දින හෝ එදිනට පෙර අදාළ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලට ලැබෙන සේ යැවිය යුතු බව ද ආදාළ නිවේදනයේ සඳහන් වේ. නියමිත දිනට පසුව ලැබෙන අයදුම්පත් හා අසම්පූර්ණ අයදුම්පත් ප්‍රතික්ෂේප කෙරෙන අතර නියමිත කාල සීමාව අවසාන දිනයේ දී හෝ එයට පෙර දිනයේ දී ඉල්ලුම්පත්‍ර තැපෑලට භාරදීම වෙනුවට මැතිවරණ කාර්යාලයට ගෙනවිත් භාරදීම වඩාත් යෝග්‍ය බව ද එම කොමිසම නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ය. තැපෑලෙන් ඡන්දය දීම සඳහා ඉල්ලුම් කිරීමට සුදුසුකම් ඇති සියලුම දෙනාගෙන් මැතිවරණ කොමිෂන් සභාව ඉල්ලා සිටින්නේ, තැපෑලෙන් ඡන්දය දීම සඳහා ඉල්ලුම්පත් ඉදිරිපත් කිරීමේ කාල සීමාව අවසන් වන තෙක් නොසිට නොපමාව ස්වකීය ඉල්ලුම් පත්‍ර ඉදිරිපත් කරන ලෙසයි. තව ද තැපැල් ඡන්ද ඉල්ලුම්පත්‍ර සම්පූර්ණ කිරීම සඳහා අවශ්‍ය වන 2022 ඡන්ද හිමි නාමලේඛන තොරතුරු මැතිවරණ කොමිෂන් සභාවේ වෙබ් අඩවියට (www.elections.gov.lk) පිවිසීමෙන් හෝ අංක 1919 මගින් රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය ඇමතීමෙන් ද ලබාගත හැකියි. ඊට අමතරව අවශ්‍ය වන තොරතුරු ලබා ගැනීම සඳහා 2022 පළාත් පාලන ආයතන ඡන්ද හිමි නාමලේඛන පහත සඳහන් ස්ථානවලදී ද ප්‍රදර්ශනය කෙරෙනු ඇති. * සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල (කච්චේරිවල) * සියලුම දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවල * සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල *ග්‍රාම නිලධාරි කාර්යාලවල මේ අතර මැතිවරණ කොමිෂන් සභාවේ වෙබ් අඩවිය ඔස්සේ මාර්ගගත ක්‍රමයට තැපැල් ඡන්ද අයදුම් සත්‍ර සම්පුර්ණ කර ගැනීම සඳහා පහසුකම් සපයා දී තිබේ. ඡන්දහිමි නාමලේඛනයේ ජාතික හැඳුනුම්පත් අංකය සඳහන් නොවන අයදුම්කරුවන් ඉහත සඳහන් ස්ථානයකින් ස්වකීය ලියාපදිංචියට අදාළ තොරතුරු ලබාගෙන අයදුම්පත්‍ර සම්පූර්ණ කළ යුතු බව ද එහි සඳහන් ය. |
2023-01-04T09:08:19.000Z | මින් පසු කතරගම - කොළඹ අර්ධ සුඛෝපභෝගී බස් නෑ.. | මින් පසු කතරගම - කොළඹ අර්ධ සුඛෝපභෝගී බස් නෑ.. | COLOMBO (News 1st) – ගාලු පාරේ ධාවනය වන කොළඹ - කතරගම අර්ධ සුඛෝපභෝගී බස් රථ අද (04) මධ්‍යම රාත්‍රී 12.00 සිට සාමාන්‍ය සේවා බවට පත් කරන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යවරයා පවසයි. ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මතා මේ බව පැවසුවේ, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පෙරවරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි. ඒ අනුව එම බස් රථවලින් අය කළ මගී බස් ගාස්තුව වූ රු. 1,541 මුදල රු. 1,117 දක්වා අඩු කරන බව ද අමාත්‍යවරයා සඳහන් කළේ ය. |
2023-01-04T07:57:12.000Z | XVI වන බෙනඩික් හිටපු පාප් වහන්සේ ස්වර්ගස්ථවීම වෙනුවෙන් ජනපති ශෝකය පළකරයි | XVI වන බෙනඩික් පාප් වහන්සේ වෙනුවෙන් ජනපතිගේ ශෝකය | COLOMBO (News 1st) – අද (04) පෙරවරුවේ කොළඹ පිහිටි අපෝස්තලික තානාපති කාර්යාලය වෙත ගිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා XVI වන බෙනඩික් හිටපු පාප් වහන්සේගේ ස්වර්ගස්ථවීම වෙනුවෙන් ශෝකය පළ කර තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ, ශ්‍රී ලංකාවේ වතිකානු අපෝස්තලික තානාපති බ්‍රයන් උඩේග්වේ හිමිපාණන් බැහැ දුටු ජනාධිපතිවරයා උන්වහන්සේ සමග කෙටි කථා බහක නිරත වූ බවයි. XVI වන බෙනඩික්ට් පාප් වහන්සේ වෙනුවෙන් සිය ශෝකය සනිටුහන් කරමින් එහි තැන්පත් කර ඇති විශේෂ ග්‍රන්ථයේ සටහනක් තැබූ ජනාධිපතිවරයා උන්වහන්සේගේ ඡායාරූපයට ද ගෞරව දැක්වූ බව ද ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ය. |
2023-01-04T07:37:21.000Z | ඉන්දියාවට පැන්න කංජිපානිගේ, ඇපකරුවන්ට අධිකරණයේ පෙනී සිටින්නැයි නියෝග | කංජිපානිගේ, ඇපකරුවන් අධිකරණය හමුවට? | COLOMBO (News 1st) – ඇප මත මුදා හැර සිටි සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මොහොමඩ් නජීම් මොහොමඩ් ඉම්රාන් හෙවත් කංජිපානි ඉම්රාන් නමැත්තා වෙනුවෙන් අධිකරණය හමුවේදී ඇප බැඳුම්කරවලට අත්සන් තැබු පුද්ගලයින් තිදෙනෙකුට වහාම අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි යැවීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා අද (04) නියෝග කළේ ය. ඒ,පුද්ගලයෙකු ඝාතනය කිරීමට තැත් කිරීම සහ ඒ සඳහා ආධාර අනුබල දීම නැමැති චෝදනා යටතේ කංජිපානි ඉම්රාන් නමැත්තා ඇතුළු සැකකරුවන් තිදෙනෙකුට එරෙහිව පවරා තිබු නඩුවක් අද (04) කැඳවූ අවස්ථාවේද ය. අද (04) කංජිපානි ඉම්රාන් නමැත්තා හෝ ඔහුගේ ඇපකරුවෝ අධිකරණයේ පෙනී නොසිටියහ. මේ හේතුවෙන් කොළඹ අපරාධ කොට්ඨාසය කළ කරුණු දැක්වීම සලකා බැලු අතිරේක මහේස්ත්‍රාත්වරයා එම ඇපකරුවන් තිදෙනා වහාම තම අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසට කොළඹ අපරාධ කොට්ඨාසයට නියෝගකර තිබේ. කංජිපානි ඉම්රාන් නමැත්තා කොළඹ මහාධිකරණය විසින් කළ නියෝගය අනුව ඇප බැඳූම්කරවලට යටත්ව ඇපමත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා මින් පෙර නියම කොට තිබුණි. කංජිපානි ඉම්රාන් නැමැත්තාට එරෙහිව විවිධ චෝදනා යටතේ, එනම් මිනිස් ඝාතන සිදුකිරීමට තැත් කිරිම ඒ සඳහා ආධාර අනුබලදීම සහ කුමන්ත්‍රණය කිරීම ඇතුළු චෝදනා යටතේ නඩු කිහිපයක් පවතින බවත්,කොළඹ අපරාධ කොට්ඨාසය එහිදි අධිකරණයට දැනුම්දෙනු ලැබී ය. එලෙස ඇප මත මුදා හරිනු ලැබු කංජිපානි ඉම්රාන් නමැත්තා මේ වනවිට රහසිගතව විදේශ ගතවී ඇති බවට තොරතුරු ලැබී ඇති බවත්,කොළඹ අපරාධ කොට්ඨාසය එහිදි අධිකරණයට වැඩිදුරටත් පෙන්වා දී තිබේ. |
2023-01-04T07:02:34.000Z | මණ්ඩලයේ ලාභය ගැන ඇමති කියන්නෙ බොරු... හිටපු ඇමති පාඨලී කංචනට අභියෝග කරයි | හිටපු ඇමති පාඨලීගෙන් කංචනට අභියෝගයක් | ලංකා විදුලිබල මණ්ඩලයේ ලාභය සම්බන්ධයෙන් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා කළ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරන බව, හිටපු විදුලි බල අමාත්‍යවරයෙකු වන පාර්ලිමේන්තු මන්ත්‍රි පාඨලී චම්පික රණවක මහතා පවසයි. පසුගිය අඟහරුවාදා අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කළේ, විදුලිබල මණ්ඩලය සෑම වසරකම ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවලදි ජල විදුලි උත්පාදනය වැඩිකිරිම මගින් මෙහෙයුම් ලාභ ලබන බවයි. අදාළ මෙහෙයුම් ලාභය 2022 අගෝස්තු මාසයේ විදුලි ගාස්තු වැඩි කිරිම නිසා සිදුවූවක් නොවන බව ද ඔහු අවධාරණය කර තිබේ. අමාත්‍යවරයා පවසන්නේ, 2017 සිට 2022 දක්වා ලංකා විදුලිබල මණ්ඩලයේම මුල්‍ය ප්‍රකාශන ගත් විට , ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව සහ හිටපු අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා විසින් කරන ලද ප්‍රකාශ අසත්‍ය සහ නොමග යවන සුලු ඒවා යැයි පෙනී යන බවයි. කෙසේ වෙතත්, හිටපු අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා පවසන්නේ, 2022 ඔක්තෝබර් මාසයේදි ගාස්තු වැඩි නොවුණා නම්, විදුලිබල මණ්ඩලයට මාසකට රුපියල් බිලියන 11 පාඩුවක් සිදුවන බවයි. 2022 ඔක්තෝබර් සහ නොවැම්බර් යන මාසවල ජල විදුලි උත්පාදනය ගිගාවොට් 635.5 ක් සහ 655ක් වු බවත්, එමගින් මණ්ඩලයේ වියදම් අඩුවු බවත්, හිටපු අමාත්‍යවරයා බලශක්ති උත්පාදනය පිළිබඳ ප්‍රකාශන උපුටා දක්වමින් සඳහන් කර තිබේ. 2022 අගෝස්තු මාසයේදි මණ්ඩලය එවැනිම ජල විදුලි උත්පාදනයක් සිදු කළ අතර මේ දක්වා අර්ධ වශයෙන් ක්‍රියාත්මක කරන විදුලි ගාස්තු සංශෝධනය සමග පාඩුව බිලියන 9 ක් බව රණවක මහතා පෙන්වා දෙන කරුණකි. අසත්‍ය සහ නොමග යවන සුලු ප්‍රකාශ කිරීමට පෙර වර්තමාන විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා ඔහුගේ ගණිතය පිළිබඳ දැනුම පරික්ෂා කර ගන්නා ලෙස ද හිටපු විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා ඉල්ලා සිටී. |
2023-01-04T06:51:09.000Z | බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ විනය විරෝධී හැසීරිම් සොයන්න විශේෂ නිලධාරියෙක්... | බෞද්ධ හා පාලි සරසවියේ විනය බලන්න විශේෂ නිලධාරියෙක් | COLOMBO (News 1st) - බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ සිසුන්ගේ විනය විරෝධී හැසීරිම් සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට විශේෂ නිලධාරියෙකු පත් කිරීමට සැලසුම්කර ඇති බව එහි පාලනාධිකාරිය පවසයි. එහි උපකුලපති මහාචාර්ය නෙලුවේ සුමනවංශ හිමියන් සඳහන් කළේ ඒ සඳහා යෝජනා කිහිපයක් ඉදිරිපත්ව ඇති බවයි. විශ්වවිද්‍යාලයේ නවක වදය ලබාදීම ඇතුළු සිද්ධීන් හේතුවෙන් මේ වනවිට එය දින නියමයක් නොමැතිව වසා දමා තිබේ. එහි පන්ති තහනමට ලක් කර ඇති සිසුන් සංඛ්‍යාව 37 කි. |
2023-01-04T06:21:50.000Z | දක්ෂිණ අධිවේගයේ බස් ගාස්තු 10% කින් පහළට.. | දක්ෂිණ අධිවේගයේ බස් ගාස්තු 10% කින් පහළට.. | COLOMBO (News 1st) - දක්ෂිණ අධිවේගී මාර්ගයේ බස් රථ ගාස්තුව අද (04) මධ්‍යම රාත්‍රීයේ සිට 10% කින් අඩු කරන බව ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පෙරවරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේ ය. අමාත්‍යවරයා එහි දී පැවසුවේ, ඉන්ධන ගාස්තු සහ බස් ගාස්තු වැඩිවීම මත රු. ලක්ෂ 33 ක් දක්වා වැඩි වූ අධිවේගී බස් රථවලින් රජයට අයකරන වාර්ෂික බලපත්‍ර ගාස්තුව නැවත 1,296,000 දක්වා අඩු කරන බවයි. |
2023-01-04T05:15:31.000Z | ශ්‍රීලංකන් සහ තෙල් සංස්ථාව ප්‍රසාද දීමනා ගෙවීම ගැන ජනපති වාර්තාවක් කැඳවයි | එපා කියද්දිත් බෝනස් දුන්න, ආයතනවලින් වාර්තා කැඳවයි | COLOMBO (News 1st) - ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව හා ශ්‍රීලංකන් ගුවන් සමාගම ප්‍රසාද දීමනා ගෙවීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම ආයතනවලින් වාර්තාවක් කැඳවා තිබේ. ඒ, පාඩු ලබන සංස්ථා හා මණ්ඩල වෙත ප්‍රසාද දීමනා නොගෙවන ලෙස මුදල් අමාත්‍යංශය දැනුම් දී තිබියදී ප්‍රසාද දීමනා ගෙවීමට අදාළව කරුණු විමසමිනි. ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා සඳහන් කළේ, එම ආයතනවල සභාපතිවරුන්ගෙන් අදාළ වාර්තා කැඳවා ඇති බවයි. ප්‍රසාද දීමනා ලබාදීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශය නිකුත් කළ චක්‍රලේඛවලට පටහැනිව මෙම ආයතන ප්‍රසාද දීමනා ලබාදී ඇති බවට ජනාධිපතිවරයාට තොරතුරු වාර්තා වී ඇති බව ද ජනාධිපති ලේකම්වරයා සඳහන් කළේ ය. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මාස දෙකක වැටුප් එහි සේවකයන් වෙත ප්‍රසාද දීමනා ලෙස ගෙවා ඇති අතර ශ්‍රීලංකන් ගුවන් සේවය එහි සෑම සේවකයෙකුටම රුපියල් ලක්ෂයක් ප්‍රසාද දීමනා ලෙස ගෙවා ඇති බව එම වාර්තාවල සඳහන් වේ. |
2023-01-04T03:59:04.000Z | පළාත් පාලන මැතිවරණයට නාමයෝජනා කැඳවන දිනය ප්‍රකාශයට පත් කෙරේ | 18 සිට පළාත් පාලන මැතිවරණයට නාමයෝජනා කැඳවයි | COLOMBO (News 1st) - පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා කැඳවීම ලබන 18 වනදා සිට 21 වනදා දහවල් 12.00 දක්වා සිදුකරන බව මැතිවරණ කොමිසම පවසයි. එහි කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේ, ඇප මුදල් තැන්පත් කිරීම සඳහා ලබන 20 වනදා දහවල් 12 දක්වා අවස්ථාව පවතින බවයි. පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා කැඳවීමේ දැන්වීම අද දිස්ත්‍රික් ලේකම්වරුන් මගින් මේ වන විට නිකුත් කර ඇති බව ද, ඔහු ප්‍රකාශ කළේ ය. අදාළ දැන්වීමේ, නාමයෝජනා භාර ගන්නා දිනය, ස්ථානය, ඇප මුදල් සම්බන්ධ විස්තර, අපේක්ෂයින් සංඛ්‍යාව, කාන්තා නියෝජනය ඇතුළු කරුණු ඇතුළත් වනවා. පළාත් පාලන ආයතන 341 න් ආයතන 340 ක් සඳහා මෙලෙස නාමයෝජනා කැඳවීමේ දැන්වීම නිකුත් වනු ඇති. |
2023-01-04T01:48:06.000Z | ජ්‍යෙෂ්ඨ නි. පොලිස්පතිවරු ඇතුළු පොලිස් නිලධාරීන් රැසකට ස්ථාන මාරුවීම් | පොලිස් නිලධාරීන් රැසකට ස්ථාන මාරුවීම් | COLOMBO (News 1st) - ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් ඇතුළු ඉහළ පොලිස් නිලධාරීන් රැසකට ස්ථාන මාරුවීම් ලබා දී තිබේ. පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවේ, මේ අනුව පරිපාලන දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධුරයට නිලන්ත ජයවර්ධන මහතා පත්කර ඇති බවයි. ඒ, රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතියට යටත්වයි. මීට අමතරව උතුරු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය මහතා මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස ස්ථාන මාරු කර තිබේ. මධ්‍යම පළාත භාරව කටයුතු කළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජිව ධර්මරත්න මහතා ස්ථාන මාරු කර ඇත්තේ, සබරගමුව පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙසයි. ජාතික පොලිස් අභ්‍යාස ආයතනයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස්. සී. මැදවත්ත මහතා පොලිස් මුලස්ථානයට මාරු කර ඇත්තේ, සහයක සේවා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවේ ය. මීට අමතරව උතුරු මැද පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතා නැගෙනහිර පළාතටත්, නැගෙනහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්. ඩී. ආර්. එස් දමින්ද මහතා උතුරුමැද පළාතටත් ස්ථාන මරු කර තිබේ. සබරගමුව පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කේ. පී. එම් ගුණරත්න මහතා උතුරු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙසත් ස්ථාන මාරු කර ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවේ ය. පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් සඳහන් කළේ, නියෝජ්‍ය පොලිස්පතිවරුන් ඇතුළු ඉහළ පොලිස් නිලධාරීන් රැසක් ද ස්ථාන මාරු කර ඇති බවයි. |
2023-01-04T01:40:31.000Z | කැලණිවැලියට සීතාවක ඔඩිසි නමින් නව දුම්රියක්.. | කැලණිවැලියට සීතාවක ඔඩිසි නමින් නව දුම්රියක්.. | COLOMBO (News 1st) - සීතාවක ඔඩිසි නමින් නව දුම්රියක් කැලණිවැලි මාර්ගයේ ධාවනයට එක් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. ඒ සංචාරක කර්මාන්ත දියුණු කිරීමේ අරමුණිනි. ඉදිරි දෙසතිය ඇතුළත නව දුම්රිය ධාවනයට එක්කිරීමට නියමිතයි. එම දුම්රිය කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට වග දුම්රිය ස්ථානය දක්වා ධාවනය කෙරෙන අතර එය ගමනාන්තය දක්වා ආකර්ෂණීය ස්ථානවල නතර කෙරෙනු ඇති. |
2023-01-04T01:38:55.000Z | පාසල් සිසුන්ට සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහනක් ඇරඹේ | පාසල් සිසුන්ට සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහනක් | COLOMBO (News 1st) - පාසල් සිසුන්ට සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන අද(04) ආරම්භ කෙරේ. අධ්‍යාපන අමාත්‍යංශය පැවසුවේ සමාරම්භක උත්සවය කොළඹ ආනන්ද විද්‍යාලයේදී පැවැත්වෙන බවයි. මිට සමගාමීව පළාත් 9 තෝරාගත් පාසල්වල මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන අතර ලබන පාසල් වාරයේ සිට එය දිවයිනේ සියලු පාසල්වල ක්‍රියාත්මක කරන බව අධ්‍යාපන අමාත්‍යංශය පැවසීය. පාසල් සිසුන් සිහි නුවණින් යුතුව අධ්‍යාපනයට යොමු කිරීම මෙම වැඩපිළිවෙළේ අරමුණයි. |
2023-01-04T01:01:57.000Z | දුම්රිය දෙපාර්තමේන්තුවේ නව බඳවාගැනීම් සඳහා අනුමැතිය | දුම්රිය දෙපාර්තමේන්තුවේ නව බඳවාගැනීම් සඳහා අනුමැති | COLOMBO (News 1st) - දුම්රිය දෙපාර්තමේන්තුවේ ශ්‍රේණි කිහිපයකට කඩිනමින් නව බඳවා ගැනීම් සිදු කිරීමට අනුමැතිය ලබා දී තිබේ. එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, ඒ අනුව දුම්රිය රියැදුරන් 100 ක්, නියමකයින් හා ස්ථානාධිපතිවරුන් බඳවා ගන්නා බවයි. මීට අමතරව කණිෂ්ඨ කාර්ය මණ්ඩල සාමාජිකයින් 3000 ක් ද කඩිනමින් බඳවා ගැනීමට නියමිතය. ඔවුන් රජයේ රැකියා ලක්ෂයක් සඳහා අඩු ආදායම්ලාභි පවුල්වලින් බඳවා ගත් පිරිසෙන් තෝරා ගන්නා බව ද දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ය. මේ අතර සේවකයින් රැසක් විශ්‍රාම ගැනීම හේතුවෙන් පවතින සේවක හිඟයත් සමග ඊයේ (03) දිනයේ ද දුම්රිය ගමන් වාර කිහිපයක් අවලංගු කෙරුණි. |
2023-01-04T00:54:58.000Z | බස් ගාස්තු අඩු වෙයි ද? අවසන් තීරණය අද | බස් ගාස්තු අඩු වෙයි ද? අවසන් තීරණය අද | COLOMBO (News 1st) - ඩීසල් මිල අඩු කිරීමට සාපේක්ෂව බස් ගාස්තු අඩු කළ යුතු ද යන්න සම්බන්ධයෙන් අවසන් තීරණයක් අද (04) ගන්නා බව ප්‍රවාහන අමාත්‍යාංශය පවසයි. ඒ සඳහා විෂය භාර අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් පැවැත්වෙනු ඇති. ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් මිරෙන්ඩා මහතා ප්‍රකාශ කළේ, ඩීසල් මිල අඩුවීමට සාපේක්ෂව බස් ගාස්තු අඩුවිය යුතු ප්‍රතිශතයන් සම්බන්ධයෙන් වාර්තාවක් අමාත්‍යාංශයට භාර දුන් බවයි. මේ වනවිට අවස්ථා දෙකකදී ඩීසල් මිල රුපියල් 25 කින් පහළ ගොස් ඇති අතර ඊට සාපේක්ෂව බස් ගාස්තු අඩුවීමක් සිදුව නැත. |
2023-01-04T00:50:30.000Z | පළාත් පාලන ඡන්දයේ නාමයෝජනා කැඳවීමේ දැන්වීම අද නිකුත් කෙරේ | පුංචි ඡන්දයේ නාමයෝජනා කැඳවීමේ දැන්වීම අද | COLOMBO (News 1st) - පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා කැඳවීමේ දැන්වීම අද (04) දිස්ත්‍රික් ලේකම්වරුන් මගින් නිකුත් කරන බව ජාතික මැතිවරණ කොමිසම පවසයි. කොමිසමේ ඉහළ නිලධාරියෙකු සඳහන් කළේ, නාමයෝජනා කැඳවීමේ දැන්වීම පළකර දින 14 කින් පසු නාමයෝජනා භාරගන්නා බවය. ඒ සඳහා දින තුන හමාරක කාලයක් ලබා දෙන බව ද ඔහු පැවසීය. අදාළ දැන්වීමේ, නාමයෝජනා භාර ගන්නා දිනය, ස්ථානය, ඇප මුදල් සම්බන්ධ විස්තර, අපේක්ෂයින් සංඛ්‍යාව, කාන්තා නියෝජනය ඇතුළු කරුණු ඇතුළත් වේ. පළාත් ආයතන 341 න් ආයතන 340 ක් සඳහා මෙලෙස නාමයෝජනා කැඳවීමේ දැන්වීම නිකුත් වනු ඇති. |
2023-01-04T00:26:40.000Z | ගෙවුණු දිනය උණුසුම් කළ පුවත් | ගෙවුණු දිනය උණුසුම් කළ පුවත් | 1. පෙට්‍රල් සහ ඩීසල් මත අය කරන තීරු බදු ඉහළට - පෙට්‍රල් සහ ඩීසල් මත රජය අය කරන තීරු බදු ඉහළ දමා තිබේ. 2. පළාත් පාලන ආයතන 340ක් සඳහා නාමයෝජනා භාරගැනීමට අදාළ දැන්වීම් හෙට නිකුත් කෙරේ - පළාත් පාලන ආයතනවල නාමයෝජනා කැඳවිමේ දැන්වීම අද (04) දිස්ත්‍රික් ලේකම්වරුන් මගින් නිකුත් කරන බව ජාතික මැතිවරණ කොමිසම පවසයි. 3. කංජිපානි ඉම්රාන් ඉන්දියාවට පළාගියේ කොහොමද? - සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මොහොමඩ් නජීම් මොහොමඩ් ඉම්රාන් හෙවත් කංජිපානි ඉම්රාන් ඉන්දියාවට පළාගොස් ඇත්තේ පාකිස්ථානයට ඇතුළුවීමේ සැලසුමකින් බව එරට මාධ්‍ය ඊයේ (03) වාර්තා කළේ ය. 4. අන්තරේ වසන්තගෙන් බන්ධනාගාරයේ සිට විවෘත ලිපියක් - ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රැඳවුම් නියෝග මත රඳවා සිටීමෙන් පසුව රක්ෂිත බන්ධනාගාරගතකර සිටින අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ මහතා ඊයේ (03) ජනතාවට විවෘත ලිපියක් යොමුකර තිබුණි. 5. ශ්‍රී ලංකාවට එරෙහි පළමු 20යි 20 ක්‍රිකට් තරගයේ ජය ඉන්දියාවට - ශ්‍රී ලංකාවට එරෙහි පළමු 20යි 20 ක්‍රිකට් තරගය ඉන්දියාව ජය ගැනීමට සමත් විය. |
2023-01-03T17:34:00.000Z | ශ්‍රී ලංකාවට එරෙහි පළමු 20යි 20 ක්‍රිකට් තරගයේ ජය ඉන්දියාවට | ඉන්දියාවට ලකුණු 2 ක ජයක් | COLOMBO (News 1st) - ශ්‍රී ලංකාවට එරෙහි පළමු 20යි 20 ක්‍රිකට් තරගය ඉන්දියාව ජය ගැනීමට සමත් විය. පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දියාව සිය පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 162ක් රැස් කළේ ය. තරගය ජය ගැනීම සඳහා ශ්‍රී ලංකාවට හිමිවූ ඉලක්කය ලකුණු 163කි. පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ සියලු දෙනා දැවී රැස් කිරීමට හැකිවූයේ ලකුණු 160ක් පමණි. ඒ අනුව තරග 3කින් සමන්විත තරගාවලිය තරග 1ට 0ක් ලෙස ඉන්දියාව ඉදිරියෙන් පසුවේ. |
2023-01-03T16:22:53.000Z | අද්විතීය පාපන්දු ක්‍රීඩක පේලේ අවසන් ගමන් යයි | අද්විතීය පාපන්දු ක්‍රීඩක පේලේ අවසන් ගමන් යයි | COLOMBO (News 1st) - ලොව පහළ වූ විශිෂ්ටතම පාපන්දු ක්‍රීඩකයා ලෙස විරුදාවලිය ලත් අභාවප්‍රාප්ත සුපිරි බ්‍රසීල පාපන්දු ක්‍රීඩක පේලේගේ අවසන් කටයුතු අද(03) සිදු කෙරේ. 16වැනි වියේදී බ්‍රසීල ජාතික කණ්ඩායම නියෝජනය කිරීමේ වරම් දිනූ පේලේ තම 21 වසරක ක්‍රීඩා ජීවිතය තුළ ඉදිරි පෙළ ක්‍රීඩකයෙකු ලෙස නොමැකෙන සටහන් රැසක් ලොවට එක් කළේ ය. බ්‍රසීලය වෙනුවෙන් වැඩිම ගෝල සංඛ්‍යාවක් රැස් කළ ක්‍රීඩකයා මෙන්ම ලොව වැඩිම ගෝල සංඛ්‍යාවක් රැස් කළ පාපන්දු ක්‍රීඩකයා ලෙස ඔහු පිහිටුවූ වාර්තා ඒවායින් කිහිපයක් පමණයි. පාපන්දු පිටියේ අණසක පැතිරවූ ඔහු බ්‍රසීලයට ලෝක කුසලාන 3ක් දිනා ගැනීම සඳහා දායකත්වය ලබා දුන් අතර, වෙනත් කිසිදු ක්‍රීඩකයෙක් එවන් දක්ෂතාවක් දක්වා නොමැත. ''ඕ රෙයි'' (O Rei ) හෙවත් ''රජු '', '' ලෝකයේ ශ්‍රේෂ්ඨතම පාපන්දු ක්‍රීඩකයා'' , ''සියවසේ ක්‍රීඩකයා'', ''ශත වර්ෂයේ ලෝක ක්‍රීඩකයා'' වැනි ගෞරව නාමයන්ගෙන්ද පේල් පිදුම් ලැබුවේ ය. 20 වැනි සියවසේ වැදගත්ම පුද්ගලයින් 100දෙනා අතරද පේලේගේ නම ඇතුළත් වේ. වසර ගණනාවක් පීඩා විඳි රෝගී තත්ත්වය උත්සන්න වීම නිසා රෝහල්ගත කළ ඔහු පසුගිය සිකුරාදා අළුයම මෙලොවින් සමු ගන්නා විට 82 හැවිරිදි වියේ පසු විය. ඔහුගේ අභාවය වෙනුවෙන් බ්‍රසීලය දින තුනක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කළ අතර දේහය මහජන ගෞරවය සඳහා තැම්පත් කර තැබුවේ ඔහු නියෝජනය කළ සැන්ටොස් ක්‍රීඩාංගනයේ ඉදිකළ විශේෂ ශාලාවක ය. දහස් ගණනක් දෙස් විදෙස් ක්‍රීඩා ලෝලීන්, පාපන්දු ක්‍රීඩකයින්, අන්තර්ජාතික පාපන්දු සම්මේලන සභාපති ගියානි ඉන්ෆැන්ටිනෝ ඇතුළු පිරිසක් ඔහුගේ දේහයට ගෞරව දැක්වීමට සැන්ටෝස් ක්‍රීඩාංගනයට පැමිණිය හ. මහජන ගෞරව පුද කිරීමෙන් අනතුරුව පේලේගේ දේහය පෙරහැරකින් පවුලේ සුසාන භූමියට රැගෙන ගොස් අවසන් කටයුතු සිදු කිරීමට නියමිතයි. |
2023-01-03T15:56:58.000Z | පෙට්‍රල් සහ ඩීසල් මත අය කරන තීරු බදු ඉහළට | පෙට්‍රල් සහ ඩීසල් මත අය කරන තීරු බදු ඉහළට | COLOMBO (News 1st) - පෙට්‍රල් සහ ඩීසල් මත රජය අය කරන තීරු බදු ඉහළ දමා තිබේ. ඒ අනුව පෙට්‍රල් ලීටරයක් මත අය කළ රුපියල් 27 ක බද්ද රුපියල් 52 ක් දක්වා ඉහළ දැමූ බව මුදල් අමාත්‍යංශය ප්‍රකාශ කළේ ය. එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ, සුපිරි ඩීසල් ලීටරයක් මත අය කළ රුපියල් 13 ක බද්ද රුපියල් 38 ක් දක්වා ඉහළ දමා ඇති බවයි. කෙසේ වෙතත්, මෙම බදු සංශෝධනවලට අදාළව පෙට්‍රල් සහ ඩීසල් මිල ගණන් ඉහළ යන්නේ ද පිළිබඳව මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ප්‍රකාශ කළේ ය. |
2023-01-03T14:50:14.000Z | පළාත් පාලන ආයතන 340ක් සඳහා නාමයෝජනා භාරගැනීමට අදාළ දැන්වීම් හෙට නිකුත් කෙරේ | පුංචි ඡන්දයට නාමයෝජනා භාරගැනීමේ දැන්වීම් හෙට | COLOMBO (News 1st) - පළාත් පාලන ආයතනවල නාමයෝජනා කැඳවිමේ දැන්වීම හෙට(04) දිස්ත්‍රික් ලේකම්වරුන් මගින් නිකුත් කරන බව, ජාතික මැතිවරණ කොමිසම පවසයි. කොමිසමේ ඉහළ නිලධාරියෙකු සඳහන් කළේ, නාමයෝජනා කැඳවීමේ දැන්වීම පළකර දින 14කින් පසු නාමයෝජනා භාරගන්නා බවයි. ඒ සඳහා දින තුන හමාරක කාලයක් ලබා දෙන බවද, ඔහු පැවසුවේ ය. අදාළ දැන්වීමේ, නාමයෝජනා භාර ගන්නා දිනය, ස්ථානය, ඇප මුදල් සම්බන්ධ විස්තර, අපේක්ෂකයින් සංඛ්‍යාව, කාන්තා නියෝජනය ඇතුළු කරුණු ඇතුළත් වේ. පළාත් පාලන ආයතන 341න් ආයතන 340ක් සඳහා මෙලෙස නාමයෝජනා කැඳවීමේ දැන්වීම නිකුත් වනු ඇති. |
2023-01-03T14:34:24.000Z | කංජිපානි ඉම්රාන් ඉන්දියාවට පලාගියේ කොහොමද? | කංජිපානීගේ ඉන්දීය සම්බන්ධය කුමක්ද? | COLOMBO (News 1st) - සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මොහොමඩ් නජීම් මොහොමඩ් ඉම්රාන් හෙවත් කංජිපානි ඉම්රාන් ඉන්දියාවට පලාගොස් ඇත්තේ පාකිස්ථානයට ඇතුළුවීමේ සැලසුමකින් බව එරට මාධ්‍ය අද(03) වාර්තා කළේ ය. ඇප ලබා දින කිහිපයක් තුළ මොහු රටින් පලා ගියේ කෙසේද? පාතාල කල්ලි නායක කංජිපානී ඉම්රාන් ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ රාමේෂ්වරම් වෙත පැමිණ ඇතැයි ඉන්දීය බුද්ධි අංශ මීට පෙර පැවසුවේ ය. එරට බුද්ධි අංශ, පොලීසිය ඇතුළු ආරක්ෂක අංශ වෙත දැනුම්දී ඇත්තේ ඔහු තවත් පුද්ගලයෙකු සමග පසුගිය 25වැනිදා ඉන්දියාවට පැමිණ ඇති බවයි. ඝාතන ඇතුළු අපරාධ රැසකට චෝදනා ලද කංජිපානි පසුගිය දෙසැම්බර් 20වැනිදා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් රුපියල් ලක්ෂ 50ක ශරීර ඇපයක් මත මුදා හැරුණේ විදෙස් ගමන් තහනමක් ද පනවමිනි. කංජිපානීගේ ඉන්දීය සම්බන්ධය කුමක්ද? තමිල්නාඩුවේ, ට්‍රීචි හි විශේෂ සරණාගත කඳවුරක රඳවා සිටි මෙරට සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් 9 දෙනෙකු පසුගිය දෙසැම්බර් මාසයේදී ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සිය භාරයට ගැනුණි. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ කුප්‍රකට පාකිස්ථාන මත්ද්‍රව්‍ය හා අවි ආයුධ ජාවාරම්කරුවෙකු සමග සමීප සබඳතා පැවැත්වූ බවට චෝදනා මත මේ පිරිස ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සිය භාරයට ගෙන ඇති බව ය. ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සිය සඳහන් කර ඇත්තේ, අත්අඩංගුවට ගත් දෙදෙනෙක් ඩුබායි, පකිස්ථානය සහ ඉරානය අතර නිතර ගමන් කළ පාකිස්නය පදනම් කරගත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන හාජි සලීම් සමඟ නිරන්තර සම්බන්ධතා පවත්වා ඇති බව ය. මෙම පුද්ගලයින් සහ සලීම් ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ එල්.ටී.ටී.ඊ ය නැවත පනගැන්වීමට කටයුතු කරමින් සිට ඇති බවට ද චෝදනා එල්ලවී තිබේ. ඔවුන් අතර ගමගේ සුරංග ප්‍රදීප් හෙවත් වැල්ලේ සුරංග ද විය. වැල්ලේ සුරංග 2019 වසරේ අප්‍රෙල් 9වැනිදා මෙරටදී විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගත් අයෙකි. එහිදී අනාවරණය වූ තොරතුරු අනුව මාකඳුරේ මධුෂ්ගේ සහ කංජිපානි ඉම්රාන්ගේ සමීපතමයෙකි. ඉන්දීය අත්අඩංගුවට ගැණුනු සී. ගුණසේකරන් හෙවත් කිඹුලාඇළේ ගුණා, නලින් චතුරංග හෙවත් ලඩියා සමග මෙන්ම පාකිස්ථාන මත්ද්‍රව්‍ය ජාවරම්කරු හාජි සලීම් සමග ද කංජිපානී ඉම්රාන් සබඳතා පවත්වා ඇතිබව එරට බුද්ධි අංශ පවසයි. කවුද මේ කංජිපානී ඉම්රාන් ? කංජිපානී ඉම්රාන් 2015 මාර්තු මස 28වැනිදා ඩුබායි බලා පිටව ගොස් තිබුණේ ව්‍යාජ ගමන් බලපත්‍රයක් භාවිත කරමිනි. ඔහු ඇතුළු ඩුබායි හී සුඛෝපභෝගී දිවියක් ගත කරමින් සිටි මාකඳුරේ මධුෂ් ඇතුළු පිරිසක් මත්ද්‍රව්‍ය සමඟ ඩුබායි හෝටලයකදී අත්අඩංගුවට පත් වූයේ 2019 වසරේ පෙබරවාරි 5 වැනිදායි. අනතුරුව කජිපානී ශ්‍රී ලංකාවට පිටුවහල් කෙරුණු අතර කටුනායකදී මාලදිවයිනට පලායාමට උත්සාහ කළත් පොලිසිය ඔහු අත්අඩංගුවට ගත්තේ ය. පසුව මාකඳුරේ මධූෂ් පොලිස් අත් අඩංගුවේ සිටියදි සිදුවූ වෙඩි තැබීමකින් මිය ගියේ ය. 2019 වසරේ අගෝස්තු මාසයේ 23 කංජිපානි ඉම්රාන්ට කොළඹ මහාධිකරණය බරපතළ වැඩ සහිත වසර 06ක සිර දඬුවම් ලබා දුන්නේ ය. ඒ, 2013 සැප්තැම්බර් 18වැනිදා මලිගාවත්තේදී ගංජා කිලෝග්‍රෑම් 05 යි ග්‍රෑම් 300 ක් සන්තකයේ තබා ගැනීම හා ජාවාරම් කිරිමේ සිද්ධියකට වරදකරු කරමිනි. එහිදී කංජිපානි ඉම්රාන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ලක්ෂ්මන් පෙරේරා මහතා කියා සිටියේ, තම සේවාදායකයා මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීම හා ජාවාරම් කිරීම සම්බන්ධයෙන් වරද පිළිගන්නා බව ය. ඒ අනුව එක් චෝදනාවකට වසර 03 බැගින් වසර 06ක බරපතළ වැඩ සහිත සිර දඬුවම් ලබා දීමට කොළඹ මහාධිකරණය නියෝග කළේ ය. පසුගියදා ඔහු ඇපමත මුදා හැරියේ පොලිස් නිලධාරියෙකුට තර්ජනය කිරීමේ චෝදනාවට අදාළව ය. එසේ නම් වසර හයක සිර දඬුවමට සිදුවූයේ කුමක්ද? ඇප ලැබූ විගස රටින් පලාගියේ කෙසේද? |
2023-01-03T13:50:51.000Z | අන්තරේ වසන්තගෙන් බන්ධනාගාරයේ සිට විවෘත ලිපියක් | අන්තරේ වසන්තගෙන් බන්ධනාගාරයේ සිට විවෘත ලිපියක් | COLOMBO (News 1st) - ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රැඳවුම් නියෝග මත රඳවා සිටීමෙන් පසුව රක්ෂිත බන්ධනාගාරගතකර සිටින අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ මහතා අද(03) ජනතාවට විවෘත ලිපියක් යොමුකර තිබුණි. ජීවත්වීමේ අයිතිය වෙනුවෙන් අරගලය තෝරගන්නා ලෙසත්, ඒ වෙනුවෙන් ඕනෑම කැප කිරීමක් කිරීමට ශිෂ්‍ය ව්‍යාපාරය සූදානම් බවත් ඔහු එම ලිපියෙන් අවධාරණය කර තිබේ. සැබෑ ත්‍රස්තවාදීන් නිදැල්ලේ සිටියදී ත්‍රස්තවාදී ලේබල් ගැසූ තමන් සිරගතව ගෙවෙන 135වැනි දවස මෙම වසරේ ජනවාරි පළමුවැනිදා බවත්, යහපත් සමාජයක් වෙනුවෙන් සටන් කළ, ආර්ථික - දේශපාලන ක්‍රමයේ වෙනසක් ඉල්ලූ තවත් පිරිසක් බන්ධනාගාරය තුළ සිටින බවත් මුදලිගේ මහතාගේ ලිපියේ සඳහන් වේ. යම් ජීවන මට්ටමක් ගොඩනගාගෙන සිටි මැද පාංතික ජනතාව පවා අර්බුදය ඉදිරිපිට පහළට කඩාගෙන වැටී ඇති බවත් යථාර්ථය තුළ මැද පංතිය අහෝසි වෙන තත්ත්වයක් නිර්මාණය වී ඇති බවත් වසන්ත මුදලිගේ මහතාගේ ලිපියේ වැඩිදුරටත් සදහන් වේ. ජනතාව අරගල කළ අපේක්ෂාවන් තවමත් ඉටු කරගැනීමට අප අපොහොසත් වී ඇති බව පෙන්වා දෙන වසන්ත මුදලිගේ මහතා පවසන්නේ රනිල් - රාජපක්ෂ ජුන්ටාව ඔවුන්ගේ වැඩ කටයුතු වෙනදා ලෙස සිදුකරගෙන යන බවය. තමන්ගෙ නොහැකියාව සහ අසමත් බව වසාගැනීම සඳහා දැන් ආණ්ඩුව අරගලයට විරුද්ධව විශාල මඩ අවලාද ව්‍යාපාරයක් ආරම්භ කර ඇති බවද වසන්ත මුදලිගේ මහතා පෙන්වා දෙයි. නමුත් එම අවලාද මැද වසන්ත මුදලිගේ මහතා අවධාරණය කරන්නේ මෙය අපි සැවොම එකතු විය යුතු කාලයක් බවය. මෙය අරගලයේ ආරම්භය බවත්, අරගලය තවමත් අවසන් වී නොමැති බවත් වසන්ත ඔහු සිය විවෘත ලිපියේ අවධාරණය කර තිබේ. |
2023-01-03T12:38:21.000Z | සේවා කිහිපයක් අත්‍යවශ්‍ය සේවා බවට පත්කරමින්, අතිවිශේෂ ගැසට් නිවේදනයක් | අතිවිශේෂ ගැසට් නිවේදනයක් | COLOMBO (News 1st) - සේවා කිහිපයක් අත්‍යවශ්‍ය සේවා බවට පත්කරමින්, අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසිනි. ගැසට් නිවේදනයට අනුව, 1. විදුලි සැපයුමට සම්බන්ධ සියලුම සේවාවන්, 2. ඛණිජ තෙල් නිෂ්පාදන සහ ඉන්ධන සැපයීම හෝ බෙදා හැරීම, 3. රෝහල්වල, සාත්තු නිවාසවල, බෙහෙත් ශාලා සහ වෙනත් ඒ හා සමාන ආයතනවල රෝගීන් නඩත්තු කිරීම සහ පිළිගැනීම, රැකවරණය පෝෂණය කිරීම සහ ප්‍රතිකාර කිරීම සම්බන්ධව අවශ්‍ය හෝ කළ යුතු ඕනෑම විස්තරයක සියලුම සේවාවන්, වැඩ හෝ ශ්‍රමය අත්‍යවශය සේවා බවට පත්වනු ඇත. |
2023-01-03T12:06:24.000Z | මත්පැන් හා දුම්වැටි සඳහා බදු වැඩි වෙන්නේ මෙහෙමයි | මධ්‍යසාර සහ දුම්වැටි මිල ඉහළට | COLOMBO (News 1st) - අද (03) මධ්‍යම රාත්‍රීයේ සිට වයින් ,බීර, සහ සියලු මත්පැන් වර්ග සඳහා වන නිෂ්පාදන බද්ද වැඩි කර තිබේ. මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ටිව්ටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ, අදාළ නිෂ්පාදන බද්ද 20% වැඩි කිරීමට කටයුතු කරන බවයි. මේ අතර ජනවාරි පළමු වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි දුම්වැටි සඳහා වන බද්ද ද 20%කින් වැඩි කර ඇත. එසේම දේශීයව නිෂ්පාදනය කරනු ලබන බීඩියක් සඳහා රුපියල් 2ක බද්දක් අය කරනු ලැබේ. මෙම නව සංශෝධන මගින් රජය,රුපියල් බිලියන 22ක පමණ අමතර ආදායමක් අපේක්ෂා කරන බව රංජිත් සියඹලාපිටිය මහතා වැඩිදුරටත් සඳහන් කරයි. |
2023-01-03T09:45:56.000Z | වකුගඩු ජාවාරමේ තැරැව්කරු යළිත් රක්ෂිත බන්ධනාගාරයට | වකුගඩු ජාවාරමේ තැරැව්කරු යළි රිමාන්ඩ්.. | COLOMBO (News 1st) – වකුගඩු ජාවාරමේ තැරැව්කරු බව පැවසෙන සැකකරු ලබන 17 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. සැකකරු හඳුනාගැනීමේ පෙරෙට්ටුවේදී සාක්ෂිකරුවන් 4 දෙනෙකු අදාළ සැකකරු හඳුනා ගෙන ඇත. නීති විරෝධිව දිළිඳු පවුල්වල පුද්ගලයින් මුලා කරමින් මුදල් ලබා දෙන බව පවසා ප්‍රධාන පෙළේ රෝහලක් තුළදී වකුගඩු ලබාගැනීම සිදුකර මුදල් ලබා නොදීමක් සම්බන්ධව පුද්ගලයින් 4 දෙනෙකු සහ කාන්තාවක් විසින් බොරැල්ල පොලිසියට කරන ලද පැමිණිලිවලට අදාළව කොළඹ අපරාධ කොට්ඨාසය මෙම සැකකරු අත්අඩංගුවට ගනු ලැබුවේ, පසුගිය දෙසැම්බර් 06 වැනිදායි. සැකකරු වකුගඩු මුදලට ලබා දෙන පුද්ගලයා හා ලබා ගන්නා පාර්ශවය අතර සම්බන්ධීකරණ කටයුතු සිදුකරමින් කැරුව්කකරුවෙකු ලෙස කටයුතු කර ඇති බවත්, මොහු තැරැව් ගාස්තුවලට අමතරව වකුගඩුව ලබා දෙන පුද්ගලයාට ලබා දීමට අනෙක් පාර්ශවය විසින් ලබා දෙන මුදල්වලින් කොටසක් වංචා කර ඇති බවටත් අනාවරණය වී තිබිණ. |
2023-01-03T08:05:34.000Z | කොග්ගල ඇගලුම් සේවිකාවන් 114 ක් රෝහල්ගත කෙරේ | කොග්ගල ඇගලුම් සේවිකාවන් 114 ක් රෝහල්ගත කෙරේ | COLOMBO (News 1st) - කොග්ගල ආයෝජන ප්‍රවර්ධන කලාපයේ ඇගලුම් කර්මාන්ත ශාලාවක සේවකයින් 114 දෙනකු වමනය සහ පාචනය වැනි රෝග ලක්ෂණ හේතුවෙන් රෝහල්ගත කර තිබේ. සෞඛ්‍ය අංශ පවසන්නේ, අදාළ කර්මාන්ත ශාලාව සේවක සේවිකාවන් සඳහා සාදයක් පවත්වා ඇති අතර එහිදී ලබාදුන් යම් ආහාරයක් විෂ වීමෙන් මෙම තත්ත්වය හටගෙන ඇති බවටයි. පොලීසිය පැවසවේ, පිරිස මේ වන විට කරාපිටිය ශික්ෂණ රෝහල, හබරාදුව , අහංගම, ඉමදුව ඇතුළු රෝහල්වලට ඇතුළත් කර ඇති බවයි. ආහාර විෂ වීමක් මෙම තත්ත්වයට හේතු විය හැකි බවට සැක පළ කෙරෙන අතර පොලිසිය සඳහන් කළේ , වැඩිදුර පරීක්ෂණ සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් යොමු කර අති බවයි. |
2023-01-03T07:25:00.000Z | පුංචි ඡන්දයේ නාම යෝජනා කැඳවන දිනය ප්‍රකාශ කිරීම අනිද්දාට පෙර | පුංචි ඡන්දෙ ගැන කතා කරන්න කොමිසම රැස්වෙයි | COLOMBO (News 1st) – මැතිවරණ කොමිසම අද (3) දහවල් රැස්විය. මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා නිව්ස් ෆස්ට් වෙත ප්‍රකාශ කළේ, අනිද්දාට පෙර පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළ නාම යෝජනා කැඳවීමේ දිනය ප්‍රකාශයට පත් කරන බවයි. පළාත් පාලන මැතිවරණය මාර්තු 10 වැනිදාට පෙර පවැත්වීමට මැතිවරණ කොමිසම සැලසුම් කර තිබේ. කොමිසම සඳහන් කළේ, මැතිවරණයෙන් තේරී පත්වන සභිකයින්ගේ නම් මාර්තු 20 වැනිදාට පෙර ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමට ද නියමිතව ඇති බවයි. |
2023-01-03T06:41:21.000Z | දිනේශ් ශාෆ්ටර්ගේ මරණය සම්බන්ධයෙන් 140කගෙන් ප්‍රකාශ ගනී | ශාෆ්ටර් මරණය : 140 කගෙන් ප්‍රකාශ ගනී | COLOMBO (News 1st) - දිනේශ් ශාෆ්ටර්ගේ මරණය සම්බන්ධයෙන් 140කගෙන් ප්‍රකාශ ගනී ව්‍යාපාරික දිනේශ් ශාෆ්ටර් මහතාගේ මරණය සම්බන්ධයෙන් මේ වන විට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව පුද්ගලයින් 140 දෙනෙකුගෙන් ප්‍රකාශ ලබා ගෙන තිබේ. දිනේෂ් ශාෆ්ටර් මහතාගේ මරණය සිදුවූ ස්ථානයේ තිබූ රුධීර සාම්පල ඇතුළු ස්ථානීය සාක්ෂි, DNA පරීක්ෂාවක් සඳහා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ අවසර ලබා දුන්නේ ය. මේ අතර දිනේෂ් ශාෆ්ටර් මහතාගේ මරණය සිදුවූ ස්ථානයේ තිබූ රුධිර සාම්පල ඇතුළු ස්ථානීය සාක්ෂි DNA පරීක්ෂාවක් සඳහා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ අවසර ලබා දුන්නේ ය. සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන කොට්ඨාසය පරීක්ෂණ සිදු කරනු ලබයි. ව්‍යාපාරික දිනේෂ් ශාෆ්ටර් මහතා බොරැල්ල කනත්තේ ගෙල සිර කර බැඳ දමා සිටියදී සොයා ගැණුනේ පසුගිය දෙසැම්බර් 15 වැනිදායි. ඔහු කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රථිකාර ලබමින් සිටියදි එදින රාත්‍රියේම ජීවිතක්ෂයට පත්විය. |
2023-01-03T05:28:21.000Z | පාසල්වල 2 ශ්‍රේණියේ සිට 11 දක්වා සිසුන් ඇතුළත් කිරීමට නව ක්‍රමවේදයක් | අධ්‍යාපන ඇමතිගේ යෝජනාවට කැබිනට් අනුමැතිය | COLOMBO (News 1st) - පාසල්වල 2 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා (6 ශ්‍රේණිය හැර) සිසුන් ඇතුළත් කිරීම සඳහා නව ක්‍රමවේදයක් හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව අතරමැදි ශ්‍රේණිවලදී පාසල් මාරු කිරීමට සත්‍ය වශයෙන්ම අවශ්‍ය කණ්ඩායම්, හඳුනාගෙන සියලුම සිසුන්ට සාධාරණ හා සම්ප්‍රවේශ අවස්ථා සැලසෙන අයුරින් නව ක්‍රමවේදයක් හඳුන්වා දෙනු ඇති. මේ අතර දැනට පවතින 1-5 ශ්‍රේණිවල එක් පන්තියක උපරිම සිසුන් සංඛ්‍යාව 40ක් සහ 6-11 ශ්‍රේණිවල එක් පන්තියක උපරිම සිසුන් සංඛ්‍යාව 45 ක් වශයෙන් නොවෙනස්ව පවත්වාගෙන යනු ඇති. |
2023-01-03T04:48:00.000Z | අවශ්‍ය නම්, රජයේ මැදිහත්වීමෙන් බිත්තර ආනයනයට කැබිනට් අනුමැතිය | අවශ්‍ය නම්, බිත්තර ආනයනයට කැබිනට් අනුමැතිය | COLOMBO (News 1st) - අවශ්‍ය නම්, රජයේ මැදිහත්වීම මත බිත්තර ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. ඒ, දැනට පවතින බිත්තර හිඟය සහ බිත්තර මිල ඉහළ යාමේ ප්‍රවණතාව හේතුවෙන් පාරිභෝගිකයින්ට මුහුණ දීමට සිදුව ඇති අපහසුතාවට පිළියමක් වශයෙනි. මේ අතර සමස්ථ ලංකා කුකුළු නිෂ්පාදකයින්ගේ සංගමය පෙන්වා දෙන්නේ, බිත්තර ආනයනය හරහා බිත්තර නිෂ්පාදකයින් එම කර්මාන්තයෙන් ඉවත්විය හැකි බවයි. ප්‍රෝටීන් අවශ්‍යතාව සපුරා ගැනීමට පහසුවෙන් ලබා ගත හැකි බිත්තරයක මිල අද වන විට දරා ගත නොහැකි ලෙස ඉහළ ගොස් ඇතැයි ජනතාව පෙන්වා දෙයි. අප වාර්තාකරුවන් සඳහන් කළේ, දිවයිනේ බොහෝ ප්‍රදේශවල බිත්තරයක් අද රුපියල් 65 කට අළෙවි වන බවයි . |
2023-01-03T03:31:06.000Z | මෘත දේහවලින් කොම්පෝස්ට් නිපදවන අමෙරිකානු ප්‍රාන්ත ලැයිස්තුවට තවත් ප්‍රාන්තයක් | කැලිෆෝනියාවෙත් මෘත දේහවලින් කොම්පෝස්ට් | News 1st - මෘත ශරීරවලින් කොම්පෝස්ට් පොහොර සෑදීම සඳහා අමෙරිකාවේ නිව්යෝර්ක් ප්‍රාන්ත බලධාරීන් අනුමැතිය ලබා දී තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඒ අනුව මරණයෙන් පසු මෘත දේහ කොම්පෝස්ට් පොහොර බවට පත් කිරීමට නිව්යෝර්ක් වැසියන්ට අවස්ථාව හිමිවන බවයි. මෙය භූමදානය හෝ ආදාහනය කිරීමට වඩා පරිසර හිතකාමී බව පරිසරවේදීහු පවසති. ස්වාභාවික කාබනිකහරණය යනුවෙන් හැඳින්වෙන මෙම ක්‍රමයේදී සිදු කෙරෙන්නේ, මිනිස් මෘත දේහ සති කිහිපයක් බහාලුමක තබා ජීරණය කිරීමයි. නිව්යෝර්ක් ප්‍රාන්තය මේ අයුරින් මෘත දේහ කොම්පෝස්ට් පොහොර බවට පත් කිරීමට අවසර දුන් හයවනි ප්‍රාන්තය වන අතර මීට පෙර කොළරාඩෝ, කැලිෆෝනියා, ඔරිගන් යන ප්‍රාන්තවල ද මෘත දේහ කොම්පොස්ට් පොහොර බවට පත් කිරීමට අනුමැතිය දී තිබුණි. |
2023-01-03T02:35:08.000Z | ක්‍රෝඒෂියාවේ මුදල් ඒකකය වෙනස් වෙයි | ක්‍රෝඒෂියාවේ මුදල් ඒකකය වෙනස් වෙයි | News 1st - ක්‍රෝඒෂියාව එරට මුදල් ඒකකය වන කියුනා අත්හැර යුරෝ වෙත මාරු වී තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, පෙරේදා සිට ඔවුන් එරට නිල මුදල් ඒකකය ලෙස යුරෝ භාවිත කරන බවයි. පසුගිය ජූලි මාසයේදී යුරෝපීය සංගමයේ මුදල් අමාත්‍යවරුන් යුරෝ සිය මුදල් ඒකකය ලෙස භාවිත කිරීමට ක්‍රෝඒෂියාවට අනුමැතිය ලබා දුන්නේ ය. |
2023-01-03T02:17:52.000Z | ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අද 20යි 20 තරග බිමට | ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අද 20යි 20 තරග බිමට | COLOMBO (News 1st) - 2023 වසර ආරම්භ කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහභාගී වන පළමු තරගාවලිය අද (03) ආරම්භ කෙරේ. ඒ, ඉන්දීය කණ්ඩායමට එරෙහිවයි. එක් දින සහ පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියකට සහභාගී වීම සඳහා දසුන් ශානක ප්‍රමුඛ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඉන්දියාවට ගොස් සිටි. දෙරට අතර තරගාවලිය මුම්බායි වන්කඩේ ක්‍රීඩාංගණයේදී අද ආරම්භ වන්නේ පන්දුවාර 20යි 20 පළමු තරගයෙනි. ඉන්දීය නිත්‍ය නායක රෝහිත් ශර්මා, සුපිරි පිතිකරු විරාත් කෝලි, ශ්‍රෙයාස් අයියර්, අනතුරකට ලක් වූ රිශාබ් පාන්ට්, රවීන්ද්‍ර ජඩේජා, බුවනේස්වර් කුමාර් ඇතුළු අත්දැකීම් බහුල ක්‍රීඩකයින් 9 දෙනෙකු මෙම පන්දුවාර 20යි 20 තරගාවලියට එක් වන්නේ නැත. හර්ඩික් පාන්ඩ්‍යා මෙහෙයවන ඉන්දීය කණ්ඩායමට සූර්යකුමාර් යාදෙව්, ඉශන් ක්‍රිෂන්, සංජු සැම්සන් ඇතුළු පිරිසක් ඉන්දීය පන්දුවාර 20යි 20 කණ්ඩායමට ඇතුළත් කර තිබේ. වනිදු හසරංග ශ්‍රී ලංකා පන්දුවාර 20යි 20 ක්‍රිකට් කණ්ඩායමේ උපනායකත්වයට පත් කිරීමෙන් අනතුරුව සහභාගී වන පළමු තරගාවලිය මෙයයි. මේ අතර කුසල් මෙන්ඩිස් සහභාගී වන 50 වැනි පන්දුවාර 20යි 20 තරගය මෙය වේ. එම කඩඉමට ළඟා වූ 13 වැනි ශ්‍රී ලංකා පිතිකරු ලෙස ඔහු ඉතිහාසයට එක් වනු ඇති. ඉන්දීය කණ්ඩායම පරාජය කිරීමට තම කණ්ඩායමට හැකි වනු ඇතැයි ශ්‍රී ලංකා නායක දසුන් ශානක පැවසූ බවට ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ය. දසුන් ශානක උපුටා දක්වන එම වාර්තා සඳහන් කරන්නේ, ප්‍රමිතියෙන් යුත සහ ගුණාත්මක බවෙන් යුතු ක්‍රිකට් ක්‍රීඩා කිරීම තුළින් එවන් ජයග්‍රහණ ලබාගත හැකි යැයි විශ්වාසය පළ කළ බවයි. අද (03) තරගය මෙරට වේලාවෙන් රාත්‍රී 7.00 ට ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ. |
2023-01-03T01:22:00.000Z | රු. බිලියන 4.2 ක් ගොවි ගිණුම්වලට බැර කෙරේ - ගොවිජනසේවා දෙපාර්තමේන්තුව | රු. බිලියන 4.2 ක් ගොවි ගිණුම්වලට බැර කෙරේ | COLOMBO (News 1st) - මහ කන්නයේ වී ගොවීන්ට භාවිත කිරීම සඳහා ඊයේ (02) දිනයේ රුපියල් බිලියන 4.2 ක් ඔවුන්ගේ බැංකු ගිණුම්වලට බැර කළ බව ගොවිජනසේවා දෙපාර්තමේන්තුව පවසයි. ගොවිජනසේවා කොමසාරිස් ජනරාල් ඊ.එම්.එල් අබේරත්න මහතා සඳහන් කළේ, අද (03) දිනය වනවිට රුපියල් බිලියන 6 දක්වා මුදල් ගොවීන්ගේ බැංකු ගිණුම්වලට බැර කරන බවයි. ගොවීන් ලක්ෂ 12 ක් එම අධාර ලැබීමට හිමිකම් ලබා ඇති බව ගොවිජන සේවා කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ ය. |
2023-01-03T01:12:35.000Z | විශේෂ ක්ෂේත්‍ර කිහිපයක විශ්‍රාම වයස 65 කිරීමට අවධානය | ක්ෂේත්‍ර කිහිපයක විශ්‍රාම වයස 65 කිරීමට අවධානය | COLOMBO (News 1st) - හෙදියන්, විශේෂඥ වෛද්‍යවරුන්, දුම්රිය රියැදුරන් වැනි විශේෂ රාජ්‍ය සේවකයින්ගේ විශ්‍රාම ගැන්වීමේ කාලය පිළිබඳ තීරණයක් ගැනීම කෙරෙහි අවධානය යොමුව ඇතැයි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පවසයි. ඒ, රාජ්‍ය සේවකයින් 30,000 කට ආසන්න ප්‍රමාණයක් පසුගිය දෙසැම්බර් මස 31 සිට විශ්‍රාම ගැන් වූ පසුබිමක් තුළයි. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න මහතා සඳහන් කළේ, විශේෂ ක්ෂේත්‍ර කිහිපයක රාජ්‍ය සේවකයින්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 65 දක්වා වත් වැඩි කිරීම කෙරෙහි අවධානය යොමුව ඇති බවයි. මේ සම්බන්ධයෙන් ඊයේ (02) රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේදී සාකච්ඡාවක් ද පැවැත්වූ නමුත්, තවමත් ඒ සම්බන්ධයෙන් තීරණයක් ගෙන නොමැති බව ද ලේකම්වරයා පැවසීය. රාජ්‍ය සේවකයින්ගේ අතිරික්තයක් තිබෙන බව පැවසූ ලේකම්වරයා පෙන්වා දුන්නේ, මේ වනවිට මෙරට රාජ්‍ය සේවකයින් ලක්ෂ 15 ක් පමණ සිටින බවයි. මේ අතර ගුරුවරුන් විශාල පිරිසක් විශ්‍රාම යාම අධ්‍යාපන ක්ෂේත්‍රයට අභියෝගයක් වී ඇතැයි අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමචන්ද්‍ර මහතා පැවසීය. අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ, නව වසරේ අධ්‍යපාන අමාත්‍යාංශයේ රාජකාරී කටයුතු ආරම්භ කිරීම වෙනුවෙන් පැවති උත්සවයට ඊයේ එක් වෙමිනි. තව ද විශ්‍රාම යන දුම්රිය සේවකයින්ට සේවා දිගුවක් ලබා දිය යුතු බව දුම්රිය නියාමකවරුන්ගේ සංගමය ද පෙන්වා දෙයි. එහි සභාපති සුමේද සෝමරත්න මහතා සඳහන් කළේ, සේවක හිඟය හේතුවෙන් ඊයේ දුම්රිය ගමන්වාර 36 ක් අවලංගු වී ඇති බවයි. අද (03) උදෑසන කාලයේ ධාවනය වීමට නියමිතව තිබු දුම්රිය ගමන්වාර දෙකක් ද මේ වනවිට අවලංගු කර තිබේ. |
2023-01-03T00:42:35.000Z | බොහෝ ප්‍රදේශවලට උදෑසන කාලයේ ශීත කාලගුණයක් - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව | බොහෝ ප්‍රදේශවලට උදෑසන කාලයේ ශීත කාලගුණයක් | COLOMBO (News 1st) - උදෑසන කාලයේ දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ශීත කාලගුණයක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මල් තුහින ඇති විය හැකි බවයි. ඌව පළාතේ මෙන්ම මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවල සිහින් වැසි වාර කිහිපයක් ද ඇතිවිය හැකි බව කාලගුණ අනාවැකියේ සඳහන් ය. දිවයිනේ සෙසු ප්‍රදේශවලට ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය. |
2023-01-03T00:37:46.000Z | ඩීසල් මිල අඩු වුණත් බස් ගාස්තු අඩු කරන්න බැහැ - පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය | ඩීසල් මිල අඩු වුණත් බස් ගාස්තු අඩු කරන්න බැහැ | COLOMBO (News 1st) - ඩීසල් මිල අඩු කළ ද බස් ගාස්තු අඩු කිරීමට හැකියාවක් නොමැති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ, ගාස්තු අඩු කිරීමට නම් ඩීසල් මිල 4% කින් අඩු විය යුතු බවයි. ඊයේ (02) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා සුදු ඩීසල් සහ ලංකා භූමිතෙල් මිල පහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගත්තේ ය. ඒ අනුව රුපියල් 420 ක් ව පැවති ලංකා සුදු ඩීසල් ලීටරයක මිල පහළ දැමුවේ රුපියල් 15 කිනි. ඒ අනුව ලංකා සුදු ඩීසල් ලීටරයක නව මිල රුපියල් 405 කි. රුපියල් 365 ක් ව පැවති ලංකා භූමිතෙල් ලීටරයක මිල රුපියල් 10 කින් අඩුකර ඇති අතර ඒ අනුව එහි නව මිල රුපියල් 355 ක් වනු ඇති. මේ අතර ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මිල අඩු කිරීමට සාපේක්ෂව තමන් ද ලංකා සුදු ඩීසල් සහ ලංකා භූමිතෙල් මිල පහත දැමූ බව ලංකා අයි ඕ සී සමාගම නිවේදනය කළේ ය. |
2023-01-03T00:22:08.000Z | ගෙවුණු දිනය උණුසුම් කළ පුවත් | ගෙවුණු දිනය උණුසුම් කළ පුවත් | 1. පරිපාලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධුරයේ වැඩ ආවරණයට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන පත් කෙරේ - පොලිස් මූලස්ථානයේ පරිපාලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධුරයේ වැඩ ආවරණය කිරිම සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා පත්කර තිබේ. 2. පොහොට්ටුව සහ එජාපය සන්ධානගත වීම පිළිබඳ සාකච්ඡා - පොදුජන පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය සමග සන්ධානගතවීම පිළිබඳ සාකච්ඡා 3. නීතිය පිළිබඳ සම්මානිත මහාචාර්ය ලක්ෂ්මන් මාරසිංහ අභාවප්‍රාප්ත වෙයි - නීතිය පිළිබඳ සම්මානිත මහාචාර්ය ලක්ෂ්මන් මාරසිංහ අභාවප්‍රාප්ත වී තිබේ. 4. හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ අමෙරිකානු පුරවැසිභාවයට නැවත ඉල්ලුම් කරයි - හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එක්සත් ජනපද පුරවැසිභාවය ලබා ගැනීම සඳහා ඉල්ලුම් කර තිබේ. 5. ටිබෙටයේ දලයි ලාමාතුමන්ට ශ්‍රී ලංකාවට වැඩම කරන ලෙස ත්‍රෛයිනිකායික මහා සංඝරත්නයෙන් ඇරයුම් - ටිබෙට් දේශයේ අධ්‍යාත්මික නායක දලයි ලාමාතුමන්ට ශ්‍රී ලංකාවට වැඩම කරන ලෙස ත්‍රෛයිනිකායක මහා සංඝරත්නය ඇරයුම් කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ය. |
2023-01-02T16:57:19.000Z | පරිපාලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධුරයේ වැඩ ආවරණයට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන පත් කෙරේ.. | නිලන්ත ජයවර්ධනට නව වගකීමක්.. | COLOMBO (News 1st) - පොලිස් මූලස්ථානයේ පරිපාලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධුරයේ වැඩ ආවරණය කිරිම සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා පත්කර තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිතීඥ නිහාල් තල්දුව මහතා සඳහන් කළේ වහාම ක්‍රියාත්මක වන පරිදි නිලන්ත ජයවර්ධන මහතා එම ධුරයට පත්කර ඇති බවයි. මීට පෙර එම ධුරයේ රාජකාරි කළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ මහතා පසුගිය දෙසැම්බර් මස 31වන දින සිට විශ්‍රාම ලැබුවේ ය. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.