date
stringlengths 24
24
| title
stringlengths 0
176
| short_title
stringlengths 10
69
| content
stringlengths 0
19.7k
|
---|---|---|---|
2023-01-16T01:23:07.000Z | අද සාමාන්‍ය පරිදි පාසල් පැවැත්වෙයි.. | අද සාමාන්‍ය පරිදි පාසල් පැවැත්වෙයි.. | COLOMBO ( News 1st ) – අද(16) දින සාමාන්‍ය පරිදි පාසල් පැවැත්වෙන බව අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ඒ අරවින්ද් කුමාර් මහතා පවසයි. තෛපොංගල් දින වෙනුවෙන් අද(16) විශේෂ බැංකු නිවාඩුවක් ලෙස ප්‍රකාශයට පත් කෙරිණ. |
2023-01-16T01:17:43.000Z | STF සැරයන්වරයෙකු ඇතුළු දෙදෙනෙකු තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කෙරේ.. | දඹදෙණියේ ද්විත්ව ඝාතනයක්.. | COLOMBO ( News 1st ) – දඹදෙණිය, උදියාවල ප්‍රදේශයේදී ඊයේ (15)රාත්‍රියේ දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකදී පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනය කර තිබේ. පොලීසිය සඳහන් කළේ, තියුණු ආයුධවලින් පහරදී ඝාතනය සිදුකර ඇති බවයි. මියගිය පුද්ගලයින් අවුරුදු 39 සහ 41 යන වයස්වල පසුවන දඹදෙණියේ පදිංචිකරුවන් ය. ඒ, අතර පොලිස් විශේෂ කාර්ය බලකා(STF) සැරයන්වරයෙකු ද වෙයි. සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි. |
2023-01-16T01:05:36.000Z | ගෙවුණු දිනය උණුසුම් කළ පුවත් | ගෙවුණු දිනය උණුසුම් කළ පුවත් | දේශීය පුවත් 1.ශ්‍රී ලංකාවේ අනාගතයට දැඩි බලපෑම් කරන සේතු සමුද්‍රම් ව්‍යාපෘතිය පිළිබඳ නැවත කතාබහක්..– අපේ රටේ අනාගතයට දැඩි බලපෑම් කරන සේතු සමුද්‍රම් ව්‍යාපෘතිය පිළිබඳ නැවතත් කතාබහක් ඇතිව තිබෙන්නේ, මෙතෙක් එයට විරුද්ධත්වය පෑ දේශාපලන පිල්වලින් පවා ව්‍යාපෘතියට සහය පළවීමත් සමඟ ය. 2.ෆයිසර් මුස්තාපා නිදහස් පක්ෂයේ සියලු තනතුරුවලින් ඉල්ලා අස්වෙයි.. – ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලු තනතුරුවලින් තමන් ඉල්ලා අස්වූ බව ෆයිසර් මුස්තාපා මහතා පවසයි. 3.13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන් ම ක්‍රියාත්මක කිරීම රජයේ අපේක්ෂාවයි – ජනපති යාපනයේදී කියයි– ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන් ම ක්‍රියාත්මක කිරීම රජයේ අපේක්ෂාව බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. 4.ඉන්දියානු නාවික හමුදාවට අයත් INS දිල්ලි නෞකාව ත්‍රීකුණාමලය වරායට.. – ඉන්දියානු නාවික හමුදාවට අයත් INS දිල්ලි නෞකාව ඊයේ (15) පෙරවරුවේ නිල සංචාරයක් සඳහා ත්‍රීකුණාමලය වරායට සේන්දු විය. 5.යාපනයේ විරෝධතාවක් විසුරුවා හැරීමට පොලීසියෙන් ජල ප්‍රහාර.. – යාපනය, නල්ලූර් ප්‍රදේශයේදී විරෝධතාවයේ නිරත පිරිසක් විසුරුවා හැරීමට පොලීසිය ජල ප්‍රහාර එල්ල කර තිබේ. විදෙස් පුවත් 1. පුද්ගලයින් 72ක් රැගත් නේපාල ගුවන් යානයක් කඩා වැටෙයි – පුද්ගලයින් 72 දෙනෙකු රැගත් නේපාල ගුවන් යානයක් අනතුරට ලක්ව තිබේ. ක්‍රීඩා පුවත් 1.ඉන්දියාව ඉදිරියේ ශ්‍රී ලංකාවට ලකුණු 317ක අන්ත පරාජයක්.. – ශ්‍රී ලංකාවට එරෙහි එක් දින ක්‍රිකට් තරගාවලිය 3ට 0ක් ලෙස සත්කාරක ඉන්දීය කණ්ඩායම ඊයේ (15) ගත්තේ ය. |
2023-01-15T17:07:00.000Z | ඉන්දියාව ඉදිරියේ ශ්‍රී ලංකාවට ලකුණු 317ක අන්ත පරාජයක්.. | ඉන්දියාව ඉදිරියේ ශ්‍රී ලංකාවට අන්ත පරාජයක්.. | COLOMBO (News 1st) - ශ්‍රී ලංකාවට එරෙහි එක් දින ක්‍රිකට් තරගාවලිය 3ට 0ක් ලෙස සත්කාරක ඉන්දීය කණ්ඩායම අද ගත්තේ ය. ඒ තරගාවලියේ තුන් වැනි තරගය ලකුණු 317 ක දැවැන්ත ජයග්‍රහණයක් ලැබීමත් සමග ය. එය එක්දින තරගයක වැඩිම ලකුණු පරතරයකින් ජය ගත් තරගය ලෙස ද ඉතිහාසයට එක් වේ. තිරුවානන්තපුරම්හීදි පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායමට නායක රෝහිත් ෂර්මා සහ ශුබ්මන් ගිල් සාර්ථක ආරම්භයක් ලබා දුන්නේ ය. ඒ ලකුණු 95ක වේගවත් සබධතාවක් පවත්වමිනි. රෝහිත් ශර්මා ලකුණු 42ක් ලබා ගත්තේ ය. ශුබ්මන් ගිල් සමග එක් වූ විරාත් කෝලි දෙවැනි කඩුල්ලට ලකුණු 131ක සබඳතාවක් ගොඩනැගුවේ ශ්‍රී ලංකා පන්දු යවන්නනට දැඩි පීඩනයක් එල්ල කරමිනි. ශුබ්මන් ගිල් සිය 2 වැනි එක් දින ශතකය අද වාර්තා කළේ ය. ජෙෆ්රි වැන්ඩසේ සහ අශේන් බණ්ඩාර 4 සීමාව අසලදී පන්දු රැකීමේ නිරතව සිටියදී එකිනෙකා ගැටීමෙන් ආබාධයන්ට ලක් වූ අතර ඒ අනුව ඔවුන් ස්කෑන් පරීක්ෂණවලට යොමු කළේ ය. විරාත් කෝලි සහ ශ්‍රෙයාස් අයියර් 3 වැනි කඩුල්ලේ සබඳතාව ලකුණු 108කි. කෝලි නොදැවී ලකුණු 166ක් රැස් කළ අතර එය ඔහු ශ්‍රී ලංකාවට එරෙහිව එක් දින තරගයකදී රැස් කළ ඉහළම ලකුණු සංඛ්‍යාවයි. තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 390ක් රැස් කළේ ය. ලකුණු 391ක දැවැන්ත ඉලක්කයකින් පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරුවන්ට සාර්ථක ලකුණු සබඳතා ගොඩනැගීමට මොහොමඩ් ශාමි සහ මොහොමඩ් සිරාජ් ඇතුළු ඉන්දීය පන්දු යවන්නන් අවස්ථාව ලබා දුන්නේ නැත. ඒ අනුව ශ්‍රී ලංකා මුල් පෙළ කඩුලු 4 බිඳ වැටුණේ ලකුණු 35කදීයි. නුවනිදු ප්‍රනාන්දු ලකුණු 19ක් රැස් කළ අතර දසුන් ශානක ලකුණු 11කට දැවී ගියේ ය. කසුන් රාජිත නොදැවී ලකුණු 13ක් ලබා ගත්තේ ය. මොහොමඩ් සිරාජ් කඩුලු 4ක් දවා ගත් අතර මොහොමඩ් ශාමි සහ කුල්දීප් යාදව් අතර කඩුලු 2 බැගින් බෙදී යන්නට විය. ශ්‍රී ලංකා කණ්ඩායමට සියලු දෙනා දැවී රැස් කිරීමට හැකි වුණේ ලකුණු 73ක් පමණයි. ඒ අනුව වැඩිම ලකුණු පරතරයකින් එක්දින ජාත්‍යන්තර තරගයක් ජය ගත් කණ්ඩායම ලෙස ඉන්දියාව අද(15) වාර්තා අතරට එක් විය. |
2023-01-15T16:55:40.000Z | ශ්‍රී ලංකාවේ අනාගතයට දැඩි බලපෑම් කරන සේතු සමුද්‍රම් ව්‍යාපෘතිය පිළිබඳ නැවත කතාබහක්.. | සේතු සමුද්‍රම් ව්‍යාපෘතිය ගැන නැවත කතාබහක්.. | COLOMBO (News 1st) - අපේ රටේ අනාගතයට දැඩි බලපෑම් කරන සේතු සමුද්‍රම් ව්‍යාපෘතිය පිළිබඳ නැවතත් කතාබහක් ඇතිව තිබෙන්නේ, මෙතෙක් එයට විරුද්ධත්වය පෑ දේශාපලන පිල්වලින් පවා ව්‍යාපෘතියට සහාය පළවීමත් සමඟ ය. සේතු සමුද්‍රම් යනු ලංකාවත් ඉන්දියාවත් අතර යාපනයට ඉහළින් ජාත්‍යන්තර මුහුදු මාර්ගයක් ඉදිකිරීම පිළිබඳ යෝජනාව වේ. පෝක් සමුද්‍ර සන්ධිය මතින් ඇළක් හෑරීම මගින් දැවැන්ත නෞකා ගමන් කිරීමට මාර්ගයක් සැකසීම පිළිබඳව මුලින් සාකච්ඡා වී තිබුණේ බ්‍රිතාන්‍යයන් විසින් 1860 දී. එවිට ජාත්‍යන්තර නෞකාවලට ලංකාව වටේ නොයා කෙටි මාර්ගයකින් ලංකාව පසුකර යා හැකි ය. නමුත් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළහොත් කොළඹ වරායේ මෙහෙයුම් ඉන්දියාවට ඇදී යයි. එමෙන්ම හම්බන්තොට හා ත්‍රිකුණාමලය වරායන්වල වාණිජ මෙහෙයුම්වලට ද බරපතල බලපෑම් එල්ලවිය හැකි බව විද්වත් මතයයි. එමෙන්ම ගැඹුරු කැණීම් සහ නිරන්තර නාවික ගමනාගමනය නිසා මන්නාරම් මුහුදේ මත්ස්‍ය සම්පතද වැනසී යා හැකිය. කෙටියෙන්ම කිවහොත් ලංකාවේ ආර්ථීකයට මාරක ප්‍රහාරයක් මෙමගින් එල්ල වේ. ව්‍යාපෘතියට 1998 දී මූලික කොළ එළිය දුන්නේ අතල් බිහාරි වජ්පායි රජයයි. 2005 ජූලි 2 වැනි දින එවකට වටිනාකමින් ඉන්දියානු රුපියල් කෝටි 2,400ක ව්‍යාපෘතිය දියත් කළේ අගමැති මන්මෝහන් සිං විසිනි. නමුත් එල්ල වූ බලපෑම් හමුවේ සේතු සමුද්‍රම් ව්‍යාපෘතිය අකුලා ගන්නට සිදුවිය. ඊට හේතු වූයේ, ඉන්දියානුවන් මහත් භක්තියෙන් සලකන ආදම්ගේ පාලම පිහිටා තිබෙන්නේ සේතු සමුද්‍රම් ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන ඇළ මාර්ගය හෙවත් පොක් සමුද්‍ර සන්ධිය හරහා වීම ය. ව්‍යාපෘතිය ක්‍රියාත්මක වුණොත් ඊට හානියක් වේයයි සිතා ඉන්දීය ජනතාව මේ ව්‍යාපෘතියට විරුද්ධ විය. තලෙයිමන්නාරමේ සිට ධනුෂ්කොඩි දක්වා කිලෝමීටර් 32 ක් ඇතුළත වැලි පර 16ක් සහිත ප්‍රදේශය හින්දු භක්තිකයන් විසින් රාමර් පාලම ලෙසත්, ශ්‍රී රාම්සේතු ලෙසත් හඳුන්වනු ලබයි. මෙම වැලි පර 16න් 8ක් ශ්‍රී ලංකාවට අයත් වන අතර ඉතිරි 8 ඉන්දියාවට අයත් වේ. එසේනම් දැන් මොකක්ද කරන්න යන්නේ ? දැන් යළිත් මේ ව්‍යාපෘතිය පිළිබඳ සංවාදය කරලියට එන්නේ තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය එම්කේ ස්ටාලින් විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවක් නිසාවෙනි. මේ අතර මධ්‍යම ආණ්ඩුවේ විද්‍යා අමාත්‍ය ජිතේන්ද්‍ර සිං රාමායණයේ සඳහන් වන පරිදි ආදම්ගේ පාලම නොහොත් රාම් සේතු ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ඇත්ත වශයෙන්ම පැවතියේ දැයි කීමට අපහසු බවට කළ ප්‍රකාශයත් මේ ව්‍යාපෘතියට මධ්‍යම රජයේ කොළ එළිය පෙන්නුම් කළේ ය. ආදම්ගේ පාලමට හානි නොවන පරිදි මෙම ව්‍යාපෘතිය සිදුකිරීම දැන් අලුත්ම යෝජනාව යි. ඒ සඳහා මධ්‍යම රජය සමග එක්ව සේතු සමුද්‍ර ව්‍යාපෘතියට භාරතීය ජනතා පක්ෂය සහාය දෙන බව භාරතීය ජනතා පක්ෂයේ තමිල්නාඩු ප්‍රාන්ත නායක කුප්පුසාමි අන්නාමලෙයි මහතා පවසයි. දැන් අලුත්ම තත්ත්වය මොකක්ද ? මෙතෙක් නිහඬව සිටි ඉන්දීය හින්දු සංවිධාන සේතු සම්ද්‍රම් ව්‍යෘපෘතියට විරෝධය පළ කර තිබේ. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ඇතැම් සංවිධාන මෙය ධර්මයට එරෙහි ක්‍රියාවක් ලෙස හෙළා දැක ඇති බවය. රජය විසින් රාම් සේතු ව්‍යාපෘතියට හානි කළහොත් එය තම පපුවට වෙඩි තැබීමකට සමාන වන බව හින්දු සංවිධාන ප්‍රකාශ කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ. යම් යම් පුද්ගලයන්ගේ ඡන්ද ඉලක්ක වෙනුවෙන් ඉන්දීය ආණ්ඩුව ක්‍රියා කරන බවටද ඔවුනක් චෝදනා කරයි. අපේ රටට මෙතරම් බලපෑම් සිදුවන ව්‍යාපාතියක් ගැන දේශපාලඥයින් කියන්නේ කුමක්ද? අපගේ රටටත් ආර්ථීකයටත් පරිසරයටත් මහත් බලපෑමක් කරන මේ ව්‍යාපෘතිය ගැන කිසිම දේශපාලඥයෙක් මෙතෙක් සංවේදී වුබවක් පෙනෙන්නට නැත. |
2023-01-15T13:54:13.000Z | 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන් ම ක්‍රියාත්මක කිරීම රජයේ අපේක්ෂාවයි - ජනපති යාපනයේදී කියයි | 13 සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීම රජයේ අපේක්ෂාවයි | COLOMBO (News 1st) - ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන් ම ක්‍රියාත්මක කිරීම රජයේ අපේක්ෂාව බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව පැවසුවේ අද යාපනයේදී කළ සංචාරය අතරතුරදීය. |
2023-01-15T12:22:38.000Z | ෆයිසර් මුස්තාපා නිදහස් පක්ෂයේ සියලු තනතුරුවලින් ඉල්ලා අස්වෙයි.. | ෆයිසර් ශ්‍රීලනිප තනතුරුවලින් ඉල්ලා අස්වෙයි.. | COLOMBO ( News 1st ) – ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලු තනතුරුවලින් තමන් ඉල්ලා අස්වූ බව ෆයිසර් මුස්තාපා මහතා පවසයි. |
2023-01-15T12:11:04.000Z | ඉන්දියානු නාවික හමුදාවට අයත් INS දිල්ලි නෞකාව ත්‍රීකුණාමලය වරායට.. | INS දිල්ලි නෞකාව ත්‍රීකුණාමලය වරායට.. | COLOMBO ( News 1st ) – ඉන්දියානු නාවික හමුදාවට අයත් INS දිල්ලි නෞකාව අද(15) පෙරවරුවේ නිල සංචාරයක් සඳහා ත්‍රීකුණාමලය වරායට සේන්දු විය. ශ්‍රී ලංකා නාවික හමුදාව එම නෞකාව පිළිගත්තේ, නාවික හමුදා සම්ප්‍රදායානුකුලවයි. ත්‍රීකුණාමලය වරායට සේන්දු වූ ඩෙස්ට්‍රෝයර් වර්ගයේ යුධ නෞකාවක් වන මෙය දිගින් මීටර් 163.2 කි. 390ක නැව් මුළුවකින් සමත්විත මෙම නෞකාවේ අණදෙන නිලධාරී ලෙස කපිතාන් ෂිරාස් හුසේන් අසාද් කටයුතු කරනු ලබයි. නෞකාවේ අණදෙන නිලධාරී සහ නැගෙනහිර නාවික විධානයේ හා ස්වේච්ඡා නාවික හමුදාවේ ආඥාපති, රියර් අද්මිරාල් ධම්මික කුමාර යන මහත්වරුන් අතර හමුවක් හෙට(14) නැගෙනහිර නාවික විධාන මූලස්ථානයේ දී සිදු කිරීමට නියමිත ය. INS දිල්ලි නෞකාව සිය නිල සංචාරය නිම කරමින් ලබන 17 වැනිදා දිවයිනෙන් පිටත්ව යනු ඇති. |
2023-01-15T11:32:43.000Z | වැල්ලම්පිටියේදී කාන්තාවක් ඝාතනය කෙරේ: ඝාතනයට සැක මෙහෙකාරිය පලායයි | වැල්ලම්පිටියේදී කාන්තාවක් ඝාතනය කෙරේ.. | COLOMBO (News 1st) – වැල්ලම්පිටිය, ලන්සියාවත්ත ප්‍රදේශයේදී කාන්තාවක් ඝාතනය කර තිබේ. ජීවිතක්ෂයට පත්වූ 61 හැවිරිදි කාන්තාව ලන්සියාවත්ත ප්‍රදේශයේ කුලී නිවසක පදිංචිකාරියකි. මියගිය කාන්තාව සමග ජීවත් වූ මෙහෙකාරිය ලෙස කටයුතු කළ කාන්තාව විසින් මෙම ඝාතනය සිදුකර මුදල් සහ රත්‍රං භාණ්ඩ ද සොරාගෙන ඇති බවට පොලීසය සැක පල කරයි. සැකකාර කාන්තාව ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර ඇය සොයා මෙහෙයුම් ක්‍රියාත්මකයි. ඝාතනය සිදුවූ ආකාරය මෙතෙක් අනාවරණය වී නැහැ. |
2023-01-15T11:20:50.000Z | හෙට සිට දුම්රිය ගමන් වාර 30ක් අවලංගුයි.. | හෙට සිට දුම්රිය ගමන් වාර 30ක් අවලංගුයි.. | COLOMBO (News 1st) – හෙට(16) සිට දුම්රිය ගමන් වාර 30ක් අවලංගු කිරීමට සිදුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. එහි නියෝජ්‍ය සාමාන්‍යධිකාරි ගාමිණි සෙනෙවිරත්න මහතා සඳහන් කළේ, පවතින සේවක හිඟය හේතුවෙන් මෙම අවලංගු කිරීම් සිදු කරන බවයි. |
2023-01-15T11:13:55.000Z | ඇතිමලේ පොලිස් ස්ථානාධිපතිගේ වැඩ තහනම්.. | ඇතිමලේ පොලිස් ස්ථානාධිපතිගේ වැඩ තහනම්.. | COLOMBO (News 1st) – ඇතිමලේ පොලිස් ස්ථානාධිපතිවරයාගේ වැඩ තහනම් කර තිබේ. ඒ, පොලිස්පතිවරයාගේ උපදෙස් මතයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් කණ්ඩායමක් විසින් පසුගියදා ඔහු අත්අඩංගුවට ගනු ලැබුවේ වැටලිමකදී සිය භාරයට ගත් ගංජා රැගෙන විත් මොනරාගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරවරයාට ලබාදීම සම්බන්ධයෙන් ය. සැකකාර පොලිස් ස්ථානාධිපතිවරයා ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණයට නියෝග කළේ ය. මේ අතර, ගංජා සමග අත්අඩංගුවට ගනු ලැබූ මොනරාගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා ඇතුළු පිරිස ලබන 24 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි. |
2023-01-15T11:09:48.000Z | යාපනයේ විරෝධතාවක් විසුරුවා හැරීමට පොලීසියෙන් ජල ප්‍රහාර.. | යාපනයේ විරෝධතාවක් විසුරුවා හැරීමට ජල ප්‍රහාර.. | COLOMBO ( News 1st ) – යාපනය, නල්ලූර් ප්‍රදේශයේදී විරෝධතාවයේ නිරත පිරිසක් විසුරුවා හැරීමට පොලීසිය ජල ප්‍රහාර එල්ල කර තිබේ. අප වාර්තාකරු සඳහන් කළේ, අතුරුදන් වූවන්ගේ ඥාතීන්ට සාධාරණයක් ඉෂ්ඨ කරන ලෙස ඉල්ලමින් මෙම පිරිස විරෝධතාවයේ නිරත වූ බවය. සිවිල් සංවිධාන සාමාජිකයින් සහ අතුරදන්වූවන්ගේ ඥාතීන් මෙම විරෝධතාවට එක්ව සිටියහ. මේ වනවිට තත්ත්වය පාලනය කිරීමට විශේෂ ආරක්ෂාවක් සහ මාර්ග බාධක ද යොදවා ඇති බව පොලීසිය පවසයි. |
2023-01-15T08:49:42.000Z | උසස් පෙළ විභාගය වෙනුවෙන් අඛණ්ඩව විදුලිය ලබාදීම පිළිබඳව විශේෂ සාකච්ඡාවක් හෙට | උ/පෙළ විභාගය වෙනුවෙන් අඛණ්ඩව විදුලිය ලැබෙයි ද? | COLOMBO ( News 1st ) - උසස් පෙළ විභාගය වෙනුවෙන් අඛණ්ඩව විදුලිය ලබාදීම පිළිබඳව හෙට (16) විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙන බව, ලංකා විදුලිබල මණ්ඩලය පවසයි. එහි සාමාන්‍යාධිකාරී, ඉංජිනේරු රොහාන් සෙනවිරත්න මහතා සඳහන් කළේ, විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ සහ විභාගයට පෙර අඛණ්ඩව විදුලිය ලබා දෙන්නැයි විභාග දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් ලැබී ඇති බව ය. ඒ අනුව හෙට (16) පැවැත්වෙන සාකච්ඡාවේ දී ඒ පිළිබඳව අවසන් තීරණයකට එළැඹෙන බව, ඔහු ප්‍රකාශ කළේ ය. ඒ පිළිබඳව මහජන උපයෝගීතා කොමිසමේ ද, නිර්දේශ ලබාගැනීමට නියමිතයි. |
2023-01-15T08:46:18.000Z | නේපාල ගුවන් අනතුරින් 40ක් මරුට - විදෙස් මාධ්‍ය | නේපාල ගුවන් අනතුරින් 40ක් මරුට - විදෙස් මාධ්‍ය | COLOMBO ( News 1st ) - UPDATE: නේපාල ගුවන් අනතුරින් 40ක් මරුට - විදෙස් මාධ්‍ය පුද්ගලයින් 72 දෙනෙකු රැගත් නේපාල ගුවන් යානයක් අනතුරට ලක්වීමෙන් අවම වශයෙන් පුද්ගලයින් 40 දෙනෙකු පමණ මියයන්නට ඇතැයි සැක පළ කරන බව විදෙස් මාධ්‍ය පවසයි. අනතුරට පත් වන අවස්ථාවේ ගුවන් යානයේ මගීන් 68 ක් සහ කාර්ය මණ්ඩලයේ 04 දෙනෙකු එහි සිට තිබේ. මගීන් අතර ඔස්ට්‍රේලියාව, ප්‍රංශය, ආර්ජන්ටිනාව, ඉන්දියාව, රුසියාව, අයර්ලන්තය, චීනය සහ දකුණු කොරියාව යන රටවල විදේශිකයින් සිටින බවත්, විපතට පත්වූවන් මුදා ගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ, කත්මන්ඩු සිට පොකාරා නගරය වෙත පියාසර කරමින් තිබු ගුවන් යානයකි. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, පොකාරා ගුවන්තොටුපොළට ගොඩබෑමට කිලෝමීටර් 2ක් පමණ ආසන්නව තිබීය දී අනතුර සිදු වී ඇති බව ය. |
2023-01-15T08:32:18.000Z | 75 වැනි නිදහස් දින සැමරුම නිමිත්තෙන් විශේෂ ජනරජ පෙරහැරක් මහනුවරදී.. | විශේෂ ජනරජ පෙරහැරක් මහනුවරදී | COLOMBO ( News 1st ) - පෙබරවාරි 19 වැනිදා විශේෂ ජනරජ පෙරහැරක් මහනුවරදී පැවැත්වීමට තීරණය කර තිබෙන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි. අගමැතිවරයා ප්‍රකාශ කළේ, 75 වැනි නිදහස් දින සැමරුම නිමිත්තෙන් මෙම විශේෂ ජනරජ පෙරහැර පැවැත්වෙන බව ය. |
2023-01-15T06:35:08.000Z | පුද්ගලයින් 72ක් රැගත් නේපාල ගුවන් යානයක් කඩා වැටෙයි | නේපාල ගුවන් යානයක් කඩා වැටෙයි | COLOMBO ( News 1st ) - පුද්ගලයින් 72 දෙනෙකු රැගත් නේපාල ගුවන් යානයක් අනතුරට ලක්ව තිබේ. එලෙස අනතුරට ලක්ව ඇත්තේ, කත්මන්ඩු සිට පොකාරා නගරය වෙත පියාසර කරමින් තිබු ගුවන් යානයකි. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, පොකාරා ගුවන්තොටුපොළට ගොඩබෑමට කිලෝමීටර් 2ක් පමණ ආසන්නව තිබිය දී අනතුර සිදු වී ඇති බව ය. විපතට පත්වූවන් මුදා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වේ. |
2023-01-15T06:26:35.000Z | ගොයම් කහ පැහැ ගැන්වීමේ රෝගය දිස්ත්‍රික්ක 25 පුරාම පැතිරෙයි - කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් අනාවරණයක් | ගොයම් කහ පැහැ ගැන්වීමේ රෝගය රට පුරාම පැතිරෙයි | COLOMBO ( News 1st ) - ගොයම් කහ පැහැ ගැන්වීමේ රෝගය රට පුරා ව්‍යාප්ත වී ඇතැයි වාර්තා වේ. කෘෂිකර්ම අමාත්‍යාංශය අනාවරණය කරන්නේ මෙම ගොයම් කහ පැහැ වීමේ රෝගය දිස්ත්‍රික්ක 25 පුරාම පැතිර ඇති බව ය. |
2023-01-15T05:31:38.000Z | ඕමානයේ සුරක්ෂා නිවාසයේ රඳවා සිටි කාන්තාවන් 15ක් දිවයිනට | ඕමානයේ සුරක්ෂා නිවාසයේ සිටි කතුන් 15ක් දිවයිනට | COLOMBO ( News 1st ) - ඕමානයේ සුරක්ෂා නිවාසයේ රඳවා සිටි කාන්තාවන් 15 දෙනෙකු අද (15) අලුයම දිවයිනට පැමිණියහ. කටුනායක ගුවන්තොටුපොළ අප වාර්තාකරු ප්‍රකාශ කළේ , සංචාරක වීසා මත ඕමානයට ගිය කාන්තාවන් පිරිසක් එලෙස දිවයිනට පැමිණි බව ය. ඔවුන් දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර ශ්‍රී ලාංකික කාන්තාවන් 102 දෙනෙකු, ඕමානයේ සුරක්ෂා නිවාසයේ තවදුරටත් රැඳී සිටිති. |
2023-01-15T04:41:04.000Z | ශ්‍රී ලංකාවේ විරැකියා අනුපාතය ඉහළට.. | දිනෙන් දින ඉහළ යන විරුකියා අනුපාතය.. | COLOMBO ( News 1st ) - පසුගිය වසරේ දෙවන භාගයේ දී මෙරට විරැකියා අනුපාතය පළමු මාස 6ට සාපේක්ෂව 0.4% කින් ඉහළ ගොස් තිබේ. ශ්‍රී ලංකා මහා බැංකුව පෙන්වා දෙන්නේ, 2022 වසරේ මුල් භාගයේ දී විරැකියා අනුපාතය 4.6% ක් ලෙස වාර්තා වූ බව ය. එම වසරේ දෙවන භාගයේ දී විරැකියා අනුපාතය සටහන් වූයේ 5% ක් ලෙසිනි. |
2023-01-15T04:35:47.000Z | ශ්‍රී ලංකා - ඉන්දීයා තුන්වැනි හා අවසන් එක්දින ක්‍රිකට් තරගය අද | ශ්‍රී ලංකා- ඉන්දීයා අවසන් එක්දින තරගය අද | COLOMBO ( News 1st ) - සංචාරක ශ්‍රී ලංකා සහ ඉන්දීය කණ්ඩායම් අතර අවසන් එක්දින ක්‍රිකට් තරගය අද (15) පැවැත්වීමට නියමිතය. දෙරට අතර එක්දින තරගාවලිය ආරම්භ වුණේ පසුගිය 10 වැනිදා ය. පැවැති තරග දෙකම ජය ගත් ඉන්දීය කණ්ඩායම මේ වන විටත් තරගාවලියේ ජය තහවුරු කරගෙන අවසන් ය. අද (15) තරගයට ඉන්දීය කණ්ඩායමේ දඟ පන්දු යවන ක්‍රීඩක කුල්දීප් යාදෙව් වෙනුවට යුස්වේන්ද්‍ර චහල් කණ්ඩායමට එක් කර ගනු ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තාකර ඇති අතර ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් චරිත් අසලංක වෙනුවට පැතුම් නිස්සංක කණ්ඩායමට එක් කර ගනු ඇතැයි ද වාර්තා වේ. කේරල ප්‍රාන්තයේ, තිරුවානන්තපුරම්හී දී පැවැත්වෙන තරගය මෙරට වේලාවෙන් පස්වරු 1.30ට ආරම්භ වීමට නියමිත ය. |
2023-01-15T04:27:03.000Z | නව ජාතික ආරක්ෂක පනත් කෙටුම්පත ලබන සතියේ කැබිනෙට්ටුවට - අධිකරණ ඇමති විජයදාස රාජපක්ෂ | නව ජාතික ආරක්ෂක පනත් කෙටුම්පතක් .. | COLOMBO ( News 1st ) - නව ජාතික ආරක්ෂක පනත් කෙටුම්පත ඉදිරි සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව අධිකරණ අමාත්‍යවරයා පවසයි. අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ, විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කළේ, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කර ඒ වෙනුවට මෙම නව ජාතික ආරක්ෂක පනත් කෙටුම්පත ගෙන එන බව ය. ලබන සතිය තුළ නව පනත් කෙටුම්පත, කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමේ අරමුණින් කැබිනට් ලේකම් කාර්යලය වෙත යොමු කරන බව ද අධිකරණ අමාත්‍යවරයා සඳහන් කළේ ය. අධිකරණ අමාතයංශය සඳහන් කළේ, අතිරේක සොලිසිටර් ජෙනරාල් ,ජනාධිපති නීතිඥ නෙරිල් පුල්ලේ සහ ජනාධිපති නීතිඥ නලින් ද ඉන්ද්‍රතිස්ස යන මහත්වරුන්ගේ සම සභාපතීත්වයෙන් යුතුව පත්කරන ලද විශේෂඥ කමිටුව විසින් ජාතික ආරක්ෂක පනත් කෙටුම්පත සකස් කරනු ලැබ ඇති බව ය. |
2023-01-15T03:56:51.000Z | තෛපොංගල් දිනය අදයි | තෛපොංගල් දිනය අදයි | COLOMBO ( News 1st ) - අදට (15) යෙදෙන තෛපොංගල් දිනය, හින්දු බැතිමතුන් මහත් බැතියෙන් සමරනු ලැබේ. කෘෂිකාර්මික කටයුතු සාර්ථක කර ගැනීමට හිරු දෙවියන් දුන් ශක්තියට කෘතගුණ සැලකීම, මෙම උත්සවයේ අරමුණයි. හින්දු දින දර්ශනයෙහි වර්ෂයේ මුල් මාසය, තෛ යි යනුවෙන් හැඳින්වෙන අතර, පොංගල් යන්නෙහි අර්ථය උදාව යන්න ය. ඒ අනුව නව වසරේ උදාව තෛපොංගල් යනුවෙන් හැඳින්වේ. නෙළාගත් අස්වැන්නේ මුල් කොටස හිරු දෙවියන්ට පුජා කිරීම මෙහි සුවිශේෂී කාර්යයකි. ස්වභාවධර්මය සමග බද්ධව සිදු කරන පූජෝත්සව අතුරින් මෙම උත්සවයට හින්දු බැතිමතුන් ලබා දෙන්නේ ප්‍රමුඛ ස්ථානයක් වන අතර හිරු උදාවත් සමග හින්දු බැතිමතුන් තෛපොංගල් උත්සවය වෙනුවෙන් ආගමික වතාවත්වල නිරතවනු දැකිය හැකි ය. වී අස්වැන්න නෙළා ලබා ගත් අලුත් සහල් ද , අලුත් උක් ගසකින් ගත් පැණි ද , එළකිරි යෙදු කිරිබත් ද , මංගල ද්‍රව්‍යයක් ලෙස කහ පිඩක් ද හිරු දෙවියන්ට පූජා කිරීම තෛපොංගල් උත්සවයේ මුලික චාරිත්‍ර කිහිපයකි. මේ අතර ජාතික තෛපොංගල් උත්සවය අද (15) පැවැත්වෙන්නේ, නුවරඑළිය තලවකැලේ, ශ්‍රී කදිරේසන් කෝවිලේදී ය. ඒ, බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය, විදුර වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙනි. ජනාධිපතිවරයා ද යාපනයේ පැවැත්වෙන තෛපොංගල් උත්සවයකට අද (15) සහභාගී වීමට නියමිතය. |
2023-01-14T19:10:16.000Z | ගෙවුණු දිනය උණුසුම් කළ පුවත් | ගෙවුණු දිනය උණුසුම් කළ පුවත් | COLOMBO (News 1st) - දේශීය පුවත් 01.ශ්‍රී ලංකා මුහුදේ, තෙල් සහ ගෑස් ගවේෂණයට ආයෝජකයින් ලබා ගැනීම පිළිබඳව අවශ්‍ය නීතිමය රෙගුලාසි සකසා අවසන් - විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය ශ්‍රී ලංකා මුහුදේ, තෙල් සහ ගෑස් ගවේෂණය සඳහා ආයෝජකයින් ලබා ගැනීම පිළිබඳව අවශ්‍ය නීතිමය රෙගුලාසි සකසා අවසන් කර නිකුත් කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසයි. 02.අහුංගල්ලෙන් ක්ලේමෝ බෝම්බයක් සොයා ගනී.. අහුංගල්ල, සුමංගල මාවත, මරදාන වත්තේ තිබී ක්ලේමෝ බෝම්බයක් සොයාගෙන තිබේ. 03.රුපියල් කෝටි 11ක ස්වර්ණාභරණ තොගයක් සමග කාන්තාවක් අත්අඩංගුවට රුපියල් කෝටි 11කට අධික වටිනාකමින් යුත් ස්වර්ණාභරණ තොගයක් නීති විරෝධීව මෙරටට රැගෙන ඒමට තැත් කළ කාන්තාවක් කටුනායක ගුවන්තොටුපොළේදී රේගු භාරයට ගෙන තිබේ. 04.සජබ කොළඹ නගරාධිපති අපේක්ෂත්වය මුජිබර් රහුමාන්ට සමගි ජන බලවේගයේ කොළඹ නගරාධිපති අපේක්ෂත්වය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පත් කිරිමට ඊයේ (14) රැස්වූ එම පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය ඒකමතිකව තීරණය කර තිබේ. 05.චීන උප අමාත්‍යවරයෙකු ඇතුළු ඉහළ පෙළේ ධූත පිරිසක් දිවයිනට චීන කොමිනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තුමේන්තු උප අමාත්‍ය චෙන් ෂෝ මහතා ඇතුළු චීන ඉහළ පෙළේ ධූත පිරිසක් මීට ටික වේලාවකට පෙර ශ්‍රී ලංකාවට පැමිණියේ ය. ක්‍රීඩා පුවත් 01.ලොව පළමු 19න් පහළ බාලිකා 20යි 20 ලෝක කුසලානයේ ක්‍රීඩා කළ පළමු තරගයෙන්ම ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්.. ලොව පළමු වරට පවත්වනු ලබන අවුරුදු 19න් පහළ බාලිකා පන්දුවාර 20යි 20යි ලෝක කුසලාන තරගාවලියේ සහභාගී වූ පළමු තරගයම ජය ගැනීමට ශ්‍රී ලංකා 19න් පහළ බාලිකා කණ්ඩායම ඊයේ (14) සමත් විය. |
2023-01-14T19:37:19.000Z | ස්වයංපෝෂිත රටක් ගොඩනැගීමට රජය ගන්නා උත්සාහය අර්ථවත් කරන අවස්ථාවක් ලෙස මෙවර තෛයිපොංගල් උත්සවය සැළකිය හැකියි - ජනපති | තෛයිපොංගල් දිනයට ජනපතිගෙන් සුබ පැතුම්! | COLOMBO ( News 1st ) - පෙරදිග ධාන්‍යාගාරය ලෙස විරුදාවලිය ලත් ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාවය සහ පෝෂණය සහතික කරමින්, ස්වයංපෝෂිත රටක් ගොඩනැගීමට රජය ගන්නා උත්සාහය අර්ථවත් කරන අවස්ථාවක් ලෙස මෙවර තෛයිපෝංගල් උත්සවය සැළකිය හැකි බව, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. තෛපොංගල් දිනයට සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා මේ බව දක්වා තිබේ. ජාතික සංස්කෘතියේ අංගයක් බවට පත් තෛයිපොංගල් උත්සවය, කෘෂිකාර්මික අර්ථ රටාවකට උරුමකම් කියන රට, වත්මන් තත්ත්වයන් හමුවේ ක්‍රියාත්මක කරන ආහාර සුරක්ෂිතතා සහ ග්‍රාමීය පුනර්ජිවනය සඳහා වන සක්‍රීය සංකල්පයකට උත්තේජනයක් වනු ඇතැයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සිය තෛපොංගල් දින සුබ පැතුම් පණිවුඩය නිකුත් කරමින් ප්‍රකාශ කර තිබේ. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද තෛපොංගල් දින පණිවුඩයක් නිකුත් කර තිබෙන අතර ඔහු පෙන්වා දෙන්නේ සොබාදහම සමග බද්ධව සිදු කරන පූජෝත්සව අතරින් හින්දු බැතිමතුන් තෛයිපොංගල් උත්සවයට ප්‍රමුඛතාවක් දෙන බව ය. සොබාදහමට එරෙහිව කටයුතු කරන්නේ නම් එහි ප්‍රතිඵලය ද ඊට සමානුපාතික වන බව, විපක්ෂ නායකවරයාගේ සුබ පැතුම් පණිවුඩයේ දැක්වේ. |
2023-01-14T19:54:08.000Z | වෙල්ගමගේ නව ලංකා නිදහස් පක්ෂය සහ පාඨලිගේ 43 වන සේනාංකය පුංචි ඡන්දයේ දී එක්ව තරග කිරීමට සැරසෙයි.. | පුංචි ඡන්දයට එකතු වූ වෙල්ගම සහ පාඨලී.. | COLOMBO ( News 1st ) - පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතාගේ නායකත්වයෙන් යුත් නව ලංකා නිදහස් පක්ෂය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලි චම්පික රණවක මහතාගේ නායකත්වයෙන් යුත් 43 වන සේනාංකය ඉදිරි පළාත් පාලන මැතිවරණයේ දී එක්ව තරග කිරීමට සැලසුම් කර තිබේ. නව ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයකු සඳහන් කළේ, නව ලංකා නිදහස් පක්ෂයේ හාවා ලකුණ යටතේ පළාත් පාලන ආයතන රැසකට, 43 වන සේනාංකය සමග එක්ව තරග කිරීමට නියමිතව ඇති බව ය. ඊට අදාළව හෙට (16) දිනයේදී දෙපාර්ශ්වය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට නියමිතව ඇතැයි ද නව ලංකා නිදහස් පක්ෂයේ ප්‍රකාශකයා සඳහන් කළේ ය. මේ අතර ඉදිරි පළාත් පාලන මැතිවරණයේ දී ඇතැම් පළාත් පාලන ආයතන සඳහා නව ලංකා නිදහස් පක්ෂය සමගත් , ඇතැම් පළාත් පලාන ආයතන සඳහා ජනාධිපති නීතිඥ, මෛත්‍රී ගුණරත්න මහතාගේ නායකත්වයෙන් යුත් එක්සත් ජාතික නිදහස් පෙරමුණ සමගත් එක්ව තරග කිරීමට මේ වන විට සැලසුම් කර ඇතැයි 43 වන සේනාංකය ප්‍රකාශ කළේ ය. එම සේනාංකය සඳහන් කළේ ,ඇතැම් පළාත් පාලන ආයතන සඳහා ස්වාධින කණ්ඩාමක් ලෙස ඉදිරිපත් වන බව ය. එසේම ඊයේ (14) මහනුවර දිස්ත්‍රික්කයේ නාමයෝජනා අත්සන් කිරීමේ අවස්ථාවට එක් වෙමින් රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා කියා සිටියේ, දිස්ත්‍රිකයේ පළාත් පාලන ආයතන 02 ක් එක්සත් ජාතික පක්ෂය සමග සන්ධානගතව තරග කරන බව ය. |
2023-01-15T02:04:59.000Z | නිදහස් සහ සාධාරණ මැතිවරණයකට සහය දෙන්න මැතිවරණ කොමිසම ආණ්ඩුව, දේශපාලන පක්ෂ සහ පුරවැසියන්ගෙන් ඉල්ලයි.. | නිදහස්,සාධාරණ මැතිවරණයකට සහය දෙන්න -මැතිවරණ කොමිසම | COLOMBO ( News 1st ) - නිදහස් සහ සාධාරණ ලෙස මැතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය සහය ලබා දෙන්නැයි මැතිවරණ කොමිෂන් සභාව, ආණ්ඩුව, දේශපාලන පක්ෂ, පුරවැසියන් ඇතුළු සියළු පාර්ශ්ව වලින් ඉල්ලීමක් කර තිබේ. මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ ,නිමල් පුංචිහේවා මහතා සඳහන් කළේ, පළාත් පාලන මැතිවරණයේ නාම යෝජනා කැඳවීමේ දිනය ප්‍රකාශයට පත් කිරීමට පෙර සිටම ඇතැම් පාර්ශ්ව මැතිවරණය පැවැත්වීමට බාධා වන ආකාරයේ විවිධ ක්‍රියාමාර්ග වල නිරත වු බව සිය නිරීක්ෂණයට ලක්ව ඇති බව ය. ඇතැම් අමාත්‍යවරුන් සහ මන්ත්‍රීවරුන් මැතිවරණය සම්බන්ධයෙන් සිදු කළ විකෘති ප්‍රකාශ, ඇප තැන්පත් භාර ගැනීම අත්හිටුවන්නැයි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයා, දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත යොමු කළ ලිපිය මෙන්ම මැතිවරණ කොමිසම සහ පොලිස්පතිවරයා අතර පැවැති සාකච්ඡාව සම්බන්ධයෙන් ඇතැම් මාධ්‍ය අසත්‍ය තොරතුරු වාර්තා කිරීම ඇතුළු සිදුවීම් ඒ අතර වන බව, මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ප්‍රකාශ කර තිබේ. ඔහු පෙන්වා දෙන්නේ එවැනි ප්‍රකාශ මෙන්ම ගැටලු මතු කිරීම, නිදහස් සහ සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට බාධාවක් බව ය. මැතිවරණ කොමිසම ප්‍රකාශ කළේ,ඒ පිළිබඳව සැළකිලිමත් වෙමින් මැතිවරණය නිසි පරිදි පැවැත්වීම සඳහා අවශ්‍ය සහය ලබා දෙන්නැයි සියළු පාර්ශ්ව වලින් ඉල්ලා සිටින බව ය. |
2023-01-14T16:20:45.000Z | සජබ කොළඹ නගරාධිපති අපේක්ෂත්වය මුජිබර් රහුමාන්ට | කොළඹ නගරාධිපති අපේක්ෂත්වය මුජිබර්ට | COLOMBO ( News 1st ) - සමගි ජන බලවේගයේ කොළඹ නගරාධිපති අපේක්ෂත්වය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පත් කිරිමට අද (14) රැස්වූ එම පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය ඒකමතිකව තීරණය කර තිබේ. සමගි ජන බලවේගයේ මාධ්‍ය ප්‍රකාශක එස්.එම්. මරික්කාර් මහතා අදහස් දක්වමින් ප්‍රකාශ කළේ, පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ ඒකමතික තීන්දුවෙන් යුතුව අද (14) දිනයේ දී කොළඹ නගරාධිපති අපේක්ෂකයා වශයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහමන් මහතා පත් කෙරෙන බවය. සමගි ජන බලවේගයේ තුනෙන් දෙකක බලයක් සහිතව කොළඹ මහ නගර සභාව ජයග්‍රහණය කිරීමේ අපේක්ෂාවෙන් මෙම තෝරා ගැනීම සිදු වූ බව ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය. |
2023-01-14T16:12:23.000Z | ලොව පළමු 19න් පහළ බාලිකා 20යි 20 ලෝක කුසලානයේ ක්‍රීඩා කළ පළමු තරගයෙන්ම ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්.. | ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක් | COLOMBO ( News 1st ) - ලොව පළමු වරට පවත්වනු ලබන අවුරුදු 19න් පහළ බාලිකා පන්දුවාර 20යි 20යි ලෝක කුසලාන තරගාවලියේ සහභාගී වූ පළමු තරගයම ජය ගැනීමට ශ්‍රී ලංකා 19න් පහළ බාලිකා කණ්ඩායම අද (14) සමත් විය. ඒ, අමෙරිකා එක්සත් ජනපදයට එරෙහිවයි. බෙනෝනිහි පැවැති තරගයේ කාසියේ වාසිය හිමිකර ගත් ඇමෙරිකා එක්සත් ජනපද කණ්ඩායම පළමුව පන්දුවට පහර දීම සඳහා පිටියට පිවිසියේ ය. නියමිත පන්දුවාර 20 අවසනායේ ඔවුන්ට කඩුලු 9ක රැස් කිීමට හැකිවූයේ ලකුණු 96 පමණි. ශ්‍රී ලංකාව වෙනුවෙන් දෙව්මි විහංගා ලකුණු 11කට කඩුලු 3යි. ලකුණු 97ක ජයග්‍රාහී ඉලක්කයක් අතැතිව පිටියට පිවිසි ශ්‍රී ලංකා බාලිකා කණ්ඩාම පන්දුවාර 19ක් අවසානයේ ලකුණු 100ක් ලබා ගනිමින් සිය ජයග්‍රාහී ඉලක්කය පසු කිරීමට සමත් විය. විශ්මි ගුණරත්න නොදැවී ලකුණු 34යි. ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගීවන මීළඟ තරගය ලබන 16 වැනිදා බංග්ලාදේශයට එරෙහිව පැවැත්වීමට නියමිතය. |
2023-01-14T14:46:54.000Z | 2023 වසරේ ලොව සංචාරය කිරීමට හොඳම රටවල් 24 අතර ශ්‍රී ලංකාව පළමු ස්ථානයට | ලොව සංචාරය කිරීමට හොඳම රට ශ්‍රී ලංකාව | COLOMBO (News 1st ) - 2023 වසරේ ලොව සංචාරය කිරීමට හොඳම රටවල් 24 අතර ශ්‍රී ලංකාව පළමු ස්ථානයට පත්ව තිබේ. Travel Triangle නම් සංචාරක වෙබ් අඩවියේ නවතම වාර්තාවන්ට අනුව මෙලෙස ශ්‍රී ලංකාව සංචාරය සඳහා සුදුසු පළමු රට බවට පත්ව ඇත්තේ මෙරට ස්වභාවික සම්පත්වල සුන්දරත්වය හේතුවෙනි. රන්වන් වෙරළ, වන සතුගෙන් පොහොසත් වනාන්තර පද්ධතිය, මනස්කාන්ත තේ වතු සහ මීදුමෙන් වැසී ගිය කදු පන්ති සහ අනෙකුත් සංචාරක ආකර්ෂණය දිනා ගන්නා ස්ථාන පිළිබඳව මෙම වෙබ් අඩවිය කරුණු දක්වා තිබේ. අදාළ වෙබ් අඩවිය සඳහන් කරන්නේ, මෙම දූපතේ සුන්දරත්වය හා භෞතික විවිධත්වය ගැන සංචාරකයින් මවිත වන බව ය. ශ්‍රී ලංකාවේ සිව්වන උසම කදු මුදුන වන ශ්‍රී පාද කදු මුදුණේ සිට දකින දර්ශනය සිත් ඇදගන්නා සුළු එකක් බවත්, ඔබේ ශරීර යෝග්‍යතාවයට අනුව පැය 5-6 ඇතුළත ඔබටම මෙම ලෝක උරුම අඩයට පියනැගිය හැකි බවත් Travel Triangle වෙබ් අඩවිය සඳහන් කර තිබේ. ඔබේ ජීවිතය යළි පණ ගන්වා ගැනීමට අවශ්‍යනම්, නැගෙනහිර වෙරළ තීරයේ සෙවන සහිත ස්ථානයක අසුන් ගෙන විටමින් ඩී ලබා ගන්න යනුවෙන් ද ඔවුන් ශ්‍රී ලංකාව පිළිබඳව සටහන් තබා තිබේ. |
2023-01-14T13:31:29.000Z | ශ්‍රී ලංකා මුහුදේ, තෙල් සහ ගෑස් ගවේෂණයට ආයෝජකයින් ලබා ගැනීම පිළිබඳව අවශ්‍ය නීතිමය රෙගුලාසි සකසා අවසන් - විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය | මෙරට මුහුදේ තෙල් ගවේෂණයට නීතිමය රෙගුලාසි සැකසෙයි | COLOMBO ( News 1st ) - ශ්‍රී ලංකා මුහුදේ, තෙල් සහ ගෑස් ගවේෂණය සඳහා ආයෝජකයින් ලබා ගැනීම පිළිබඳව අවශ්‍ය නීතිමය රෙගුලාසි සකසා අවසන් කර නිකුත් කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසයි. ඒ අනුව ශ්‍රී ලංකා මුහුදෙහි ඛනිජ සම්පත් ගවේෂණය සහ ආයෝජන සඳහා ඛනිජ තෙල් සංවර්ධන අධිකාරිය කටයුතු ආරම්භ කරනු ඇති. මේ සඳහා සී ඔෆ් ශ්‍රී ලංකා හෙවත්, ශ්‍රී ලංකා මුහුදේ, කොටස් 900 ක් සහිත ප්‍රදේශයක් නම් කර තිබෙන අතර අදාළ සීමාංකනයන් සිදු කර ඇත්තේ ඛනිජ තෙල් සංවර්ධන අධිකාරි විසිනි. ඛනිජ සම්පත් ගවේෂණය සහ ආයෝජනයට අදාළව නියෝග ඇතුළත් අති විශේෂ ගැසට් නිවේදනයක් ද මේ වනවිට නිකුත් කර අවසන් ය. එහි දැක්වෙන්නේ, අදාළ ගවේෂණ සහ ආයෝජන කටයුතු වෙනුවෙන් අභිලාෂය පළ කිරීම සඳහා වන ඉල්ලීම, යෝජිත වැඩසටහන සහ එය සම්පූර්ණ කෙරෙන අපේක්ෂිත කාල රාමුව ඛනිජතෙල් සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත ඉදිරිපත් කළ යුතු බව ය. ඔවුන්ගේ, යෝග්‍යතාව, පළපුරුද්ද, කීර්තිනාමය සහ මූල්‍ය හැකියාව යන කරුණු ඇතුළත් වාර්තාවක් ද ඛනිජ තෙල් සංවර්ධන අධිකාරියට ඉදිරිපත් කළ යුතු ය. කිසියම් පාර්ශ්වයකට ඒකාබද්ධ අධ්‍යනය සඳහා ඇතුළත්විය හැක්කේ, අදාළ සුදුසුකම් සපුරාලීමෙන් අනතුරුවය. ඒකාබද්ධ අධ්‍යන යෝජකයා විසින් බිම් කොටසට අදාළව අනිවාර්ය දත්ත තිබේනම් ඒ සියල්ල මිලදී ගනු ලැබිය යුතු බවද අදාළ ගැසට් නිවේදනයේ නියෝගවල දැක්වේ. |
2023-01-14T13:02:54.000Z | සමෘද්ධි නොලබන පවුල් ලක්ෂ 20 ක් සඳහා මාර්තු සහ අප්‍රේල් මාසවල දී සහල් කිලෝ 10 බැගින් - ජනපති | සමෘද්ධි නොලබන පිරිසක් ගැන ජනපති ගත් තීන්දුව.. | COLOMBO ( News 1st ) - සමෘද්ධි ප්‍රතිලාභ නොලබන පවුල් ලක්ෂ 20 ක් සඳහා මාර්තු සහ අප්‍රේල් මාසවල දී සහල් කිලෝ 10 බැගින් ලබාදීමට පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ වෘත්තීය සමිති නියෝජිතයන් සමග ඊයේ (13) ජනාධිපති කාර්යාලයේ පැවති හමුවකදී ය. මේ වර්ෂයේ පළමු කාර්තුවෙන් පසු රටේ ආර්ථිකය යහපත් තත්ත්වකට පත්වනු ඇතැයි අපේක්ෂා කරන බව ද ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියේ ය. 2024 වසරේ එම තත්ත්වය වඩාත් ප්‍රගතියක් අත්කරගත හැකි වනු ඇති බව ද ජනාධිපතිවරයාගේ විශ්වාසයය වේ. ජනතාව විඳින දුෂ්කරතා තමන් අමතක කර නොමැති බවත් , කෙසේ හෝ ජනතාවට සහන ලබාදීමට ද කටයුතු කරන බවත් ජනාධිපතිවරයා එහිදී සඳහන් කළ අතර මෙම අවස්ථාවේ ඇති එකම විකල්පය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීම පමණක් බව පැවසු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ, වැටී ඇති රට ගොඩගැනීමට තමා උත්සහ කරන බව ය. ලබන 19 වැනිදා මෙරටට පැමිණෙන ඉන්දීය විදේශ අමාත්‍යවරයා සමග ණය ප්‍රතිව්‍යුහගතකිරීමේ සාකච්ඡා පවත්වන බව පැවසූ ජනාධිපතිවරයා චීන එක්සිම් බැංකුව සමග ද සාකච්ඡා පවත්වා ඇතැයි එහිදී අනාවරණය කළේ ය. රටේ පවතින ආර්ථික හා මූල්‍ය අර්බුදයට විසඳුම් සෙවීම සඳහා ගතහැකි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් කැඳවා තිබූ මෙම හමුවට රාජ්‍ය , අර්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ වෘත්තීය සමිති නායකයින් සහ නියෝජිතයන් එක්ව සිටි බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ ය. |
2023-01-14T10:14:40.000Z | රුපියල් කෝටි 11ක ස්වර්ණාභරණ තොගයක් සමග කාන්තාවක් අත්අඩංගුවට | කෝටි 11කට අධික රන් බඩු සමග කතක් රේගු භාරයට | COLOMBO ( News 1st ) - රුපියල් කෝටි 11කට අධික වටිනාකමින් යුත් ස්වර්ණාභරණ තොගයක් නීති විරෝධීව මෙරටට රැගෙන ඒමට තැත් කළ කාන්තාවක් කටුනායක ගුවන්තොටුපොළේදී රේගු භාරයට ගෙන තිබේ. රේගුව පැවසුවේ, මෙම කාන්තාව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට ඉන්දියාවේ චෙන්නායි හරහා අද (14) අලුයම දිවයිනට පැමිණි බව ය. අදාළ කාන්තාවගේ ගමන් බෑගයේ සුක්ෂම ලෙස සඟවා තිබූ කැරට් 24 මාල, මුදු සහ වළළු මෙන්ම කැරට් 24 රත්තරන් තහඩු 27 ක් සහ ද්‍රව රත්තරන් අඩංගු කැප්සුල් 8 ක් ද සොයාගෙන තිබේ. සොයා ගත් රත්‍රං ප්‍රමාණයේ බර කිලෝග්‍රෑම් 4 යි ග්‍රැම් 892 කි. අත්අඩංගුවට ගත් කාන්තාව ගම්පහ ප්‍රදේශයේ පදිංචි 30 හැවිදිරි කාන්තාවක් වන අතර මේ සම්බන්ධ ඉදිරි විමර්ශන ක්‍රියාත්මක බව ද රේගු මාධ්‍ය ප්‍රකාශක සුදත්ත සිල්වා මහතා සඳහන් කළේ ය. |
2023-01-14T09:54:26.000Z | හිඟව පවතින පිළිකා නාශක ඖෂධ 43ක් ලබන මාසයේ මෙරටට | හිඟ පිළිකා නාශක ඖෂධ 43ක් ලබන මස මෙරටට | COLOMBO ( News 1st ) - හිඟව පවතින පිළිකා නාශක ඖෂධ 43 ක් ලබන මාසයේ මෙරටට ලැබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. එහි ලේකම් ජානක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා සඳහන් කළේ, ඉන්දියානු ණය ආධාර හා ලෝක බැංකු අධාර අධාර යටතේ එම ඖෂධ මෙරටට ලැබෙන බවය. හිඟ ඖෂධ මෙරටට ආනයනය කිරීම සම්බන්ධයෙන් ප්‍රගතිය විමසා බැලීමේ සාකච්ඡාවකදී මෙම තොරතුරු අනාවරණය වූ බව ද ලේකම්වරයා ප්‍රකාශ කළේ ය. මෙම ඖෂධ ලැබෙන තෙක් මහරගම අපේක්ෂා රෝහල ඇතුළු දිවයිනේ පිළිකා රෝග ඒකකවල ප්‍රතිකාර ලබන රෝගීන්ට උපරිම කළමනාකරණයකින් යුතුව ඖෂධ ලබා දීමට පියවර ගන්නා බව ද සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ය. |
2023-01-14T01:14:35.000Z | අහුංගල්ලෙන් ක්ලේමෝ බෝම්බයක් සොයා ගනී.. | අහුංගල්ලෙන් ක්ලේමෝ බෝම්බයක් සොයා ගනී.. | COLOMBO ( News 1st ) - අහුංගල්ල, සුමංගල මාවත, මරදාන වත්තේ තිබී ක්ලේමෝ බෝම්බයක් සොයාගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ, නිහාල් තල්දූව මහතා සඳහන් කළේ, ලද තොරතුරක් අනුව ඊයේ (13) පස්වරුවේ එම බෝම්බය සොයාගත් බව ය. පොලීසිය සැක පළ කරන්නේ, කිසියම් පුද්ගලයෙකු එම බෝම්බය රැගෙන විත් දමන්නට ඇති බවය. |
2023-01-14T08:14:40.000Z | ජේ.ශ්‍රී. රංගා පාපන්දු සම්මේලනයේ සභාපති ධුරයට | ජේ.ශ්‍රී. රංගා පාපන්දු සම්මේලනයේ සභාපති ධුරයට | COLOMBO (News 1st) – ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නව නිලධාරී මණ්ඩලය තෝරා පත් කර ගැනීම සඳහා වන නිලවරණය අද(14) ක්‍රීඩා අමාත්‍යාංශයේදී පැවැත්විය. එහිදී නව සභාපතිවරයා ලෙස තේරී පත්වූයේ ජේ.ශ්‍රී රංගා මහතා ය. ක්‍රීඩා අමාත්‍යාංශයේ, ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයේදී පැවැත්වුණු නිලවරණයේ දී සභාපති තනතුර සඳහා අපේක්ෂකයින් දෙදෙනෙක් එක්ව සිටි අතර එලෙස තරග කළේ, ජේ. ශ්‍රී රංගා මහතා සහ ජගත් රෝහණ මහතා ය. මෙම නිලවරණයට සහභාගී වීම සඳහා පැමිණි ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ හිටපු සභාපති, ජස්වර් උමාර් මහතාට නිලවරණය සඳහා ඉදිරිපත් වීමට අවස්ථාව හිමි නොවිණි. කෙසේ වෙතත් සභාපති තනතුර සඳහා පැවැති ඡන්ද විමසීමේදී, ඡන්ද 27ක් ලබා ගත් ජේ. ශ්‍රී. රංගා මහතා එම තනතුර සඳහා තේරී පත්වූ අතර ඔහු සමග තරග කළ ජගත් රෝහණ මහතා ලබා ගත්තේ ඡන්ද 24 ක් පමණි. නව නිලධාරී මණ්ඩලයේ ලේකම් තනතුර සඳහා ටී.එච්.එස්. ඉන්දික මහතා තේරී පත්වූයේ ඡන්ද 29ක් ලබා ගනිමිනි. ඔහු සමග තරග කළ ආර්නෝල්ඩ් එමානුවෙල් මහතා ලබා ගත්තේ ඡන්ද 22ක් පමණි. නියෝජ්‍ය ලේකම් තනතුර සඳහා එස්.ආර්.එම්.එම්. අසාද් මහතා ඡන්ද 25ක් ලබා ගනිමින් තේරී පත් වූ අතර ඔහු සමග තරග කළ එම්.එච්.එම්.නවුසිල් මහතාට ලබා ගැනීමට හැකිවූයේ ඡන්ද 24ක් පමණි. නව භාණ්ඩාගාරිකවරයා ලෙස ටී. සුදාගන් මහතා නිතරගයෙන් තේරී පත් වූ අතර පාපන්දු සම්මේලනයේ නව උප සභාපතිවරුන් සිව් දෙනෙක් නිතරගයෙන් පත් වී තිබේ. එලෙස පත් වූ උප සභාපතිවරුන් වන්නේ දීපිකා කුමාරි, එස්.ඩී.නාගහවත්ත, ඩබ්.එල්.ඒ.එස්. ප්‍රියන්ත සහ ඩී.අයි. උඩුවර යන මහත්ම මහත්මීන් වේ. මෙලෙස පත් වූ නිලධාරී මණ්ඩලය ඉදිරි මාස 5ක කාලය දක්වා කටයුතු කරනු ඇති. එසේම, සභාපති තනතුර සඳහා තේරී පත්වූ ජේ.ශ්‍රී රංගා මහතා නිලවරණයෙන් අනතුරුව පාපන්දු සම්මේලනය වෙත පැමිණියේය. අනතුරුව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ,සභාපති ජේ.ශ්‍රී රංගා මහතා මාධ්‍යට අදහස් දක්වමින් මෙසේ පැවසුවේය. "මාස 5ක් ඇතුළත කරන්න පුලුවන් දේවල් මම අනිවාර්යෙන්ම කරනවා.නේවලර්ලන් අහනවා අවුරුදු දෙකක් කම්පිටිශන් තිබ්බේ නෑ. එයා බලාපොරොත්තු වෙනවා අවුරුදු 2 තිබ්බේ නැති එක මාස 5න් කරන්න ඕනේ කියලා. ව්‍යවස්ථාව 2014 ඉදලා කෙරුවේ නෑ. ඒක මාස 5ක් ඇතුළත කරන්න ඕනේ. මම මේ මාස 5 ඇතුළත මට දුන්න වෙලාවත් එක්ක. මම විතරක් නෙවෙයි කවුරුත් බුෆේ එක තියනවා කියලා බුෆේ ඉවර වෙනකන් කන්නේ නෑ තමන්ට ඕනේ ප්‍රමාණය තමයි කන්නේ.." |
2023-01-14T07:02:59.000Z | චීන උප අමාත්‍යවරයෙකු ඇතුළු ඉහළ පෙළේ ධූත පිරිසක් දිවයිනට | චීන උප අමාත්‍යවරයෙකු ඇතුළු පිරිසක් දිවයිනට | COLOMBO (News 1st) – චීන කොමිනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තුමේන්තු උප අමාත්‍ය චෙන් ෂෝ මහතා ඇතුළු චීන ඉහළ පෙළේ ධූත පිරිසක් මීට ටික වේලාවකට පෙර ශ්‍රී ලංකාවට පැමිණියේ ය. මෙම චීන කොමියුනිස්ට් පක්ෂයේ (CPC) ඉහළ පෙළේ නියෝජිත පිරිස ජනවාරි 14 සිට 18 දක්වා ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිතයි. මෙම නියෝජිත පිරිස හෙට හොරණ පන්නිල ගම්මානයේ අඩු ආදායම් ලාභි පවුල් සඳහා අමෙරිකානු ඩොලර් 60,000ක් වටිනා පාසල් අවශ්‍යතා සහ ආහාර ඇසුරුම් පරිත්‍යාග කිරීමට නියමිතය. මේ අතර ඉන්දියානු විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් මහතා ලබන සතියේ මෙරට සංචාරය කිරීමට නියමිතය. එම සංචාරය සිදුවන්නේ ජනවාරි 19-20 දිනවලයි. මෙරටට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ අරමුදල් පහසුකම යටතේ ඩොලර් බිලියන 2.9ක ජාමූඅ පැකේජය ලබා ගැනීමට මෙම සංචාරයන් ඉතා වැදගත් බව ජාත්‍යන්තර මාධ්‍ය රැසක් වාර්තා කරයි. චීනය, ජපානය සහ ඉන්දියාව ශ්‍රී ලංකාවේ විශාලතම ද්විපාර්ශ්වික ණය දෙන්නන් තුන්දෙනා වන අතර ආර්ථික අර්බුධයෙන් ගොඩඒම සඳහා ඔවුන්ගේ සහයෝගීතාව ඉතා වැදගත් බවද අදාළ වාර්තාවල සඳහන් ය. |
2023-01-14T06:31:21.000Z | පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමි පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට.. | පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමි TIDයට.. | COLOMBO (News 1st) - අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමියන් පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට( TID) පැමිණ තිබේ. ඒ, ප්‍රකාශයක් ලබාදීම සඳහා ය. පොලිස් මාධ්‍ය ඒකකය පැවසුවේ , උන් වහන්සේ මේ වනවිට ප්‍රකාශය ලබාදෙමින් සිටින බවයි.. |
2023-01-14T05:30:49.000Z | භාරකරුවන් නොමැති ළමුන් 100 දෙනෙකු නිසි භාරකාරත්වයට පැවරීමට පියවර.. | භාරකරුවන් නොමැති ළමුන්ගේ රැකවරණයට වැඩපිළිවෙළක්.. | COLOMBO (News 1st) - භාරකරුවන් නොමැති ළමුන්ගේ රැකවරණය සඳහා නව වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පියවර ගෙන තිබේ. නියමු ව්‍යාපෘතියට කොළඹ, ගම්පහ, සහ කළුතර දිස්ත්‍රික්වල පොලිස් කොට්ඨාස 10ක් ආවරණය වන පරිදි ළමුන් 100 දෙනෙකු තෝරාගෙන ඇත. ඒ යටතේ එක් පොලිස් වසමකින් දෙමව්පියන් හා භාරකරුවන් නොමැති දරුවෙකු තෝරාගෙන එම දරුවා නිසි භාරකාරත්වයක් වෙත පැවරෙනු ඇති. පොලිස් නිලධාරීන්ගේ හා පරිවාස හා ළමාරක්ෂණ සේවා දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ පූර්ණ අධීක්ෂණය මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක බව බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පැවසුවේ ය. |
2023-01-14T03:58:01.000Z | තොග වෙළෙඳපොළේ තිරිඟු පිටි මිල පහළට.. | තොග වෙළෙඳපොළේ තිරිඟු පිටි මිල පහළට.. | COLOMBO (News 1st) - තොග වෙළෙඳපොළේ තිරිඟු පිටි කිලෝ ග්‍රෑමයක මිල රුපියල් 200 දක්වා පහළ ගොස් ඇතැයි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පවසයි. එහි මාධ්‍ය ප්‍රකාශක, නිහාල් සෙනෙවිරත්න මහතා පැවසුවේ කෙසේ වෙතත් මෙය තාවකාලික තත්ත්වයක් වන බවයි. |
2023-01-14T03:47:03.000Z | සීගිරියේ සිට ඉර සේවය නැරඹීමට අද සිට සංචාරකයින්ට අවස්ථාව.. | සීගිරියේ සිට ඉර සේවය නැරඹීමට අද සිට අවස්ථාව... | COLOMBO (News 1st) – හිරු උදාව හා හිරු බැසීම සීගිරිය පර්වත මුදුනේ සිට සංචාරකයින්ට නැරඹීමට අවස්ථාව ලබා දීමට මධ්‍යම සංස්කෘතික අරමුදල තීරණය කර තිබේ. අද (14) සිට එය ක්‍රියාත්මකයි. ඒ අනුව අලුයම 5.30 සිට රාත්‍රි 8.30 දක්වා සීගිරිය සංචාරකයින් වෙනුවෙන් විවෘතව තැබෙන බව බුද්ධ ශාසන ,ආගමික කටයුතු හා සංස්කෘතික අමාත්‍යාංශයේ අතිරේක ලේකම් නිශාන්ති ජයසිංහ මහත්මිය ප්‍රකාශ කළා ය. නිශාන්ති ජයසිංහ මහත්මිය සඳහන් කළේ, සීගිරිය නැගීමට අපහසු සංචාරකයින් සඳහා විදුලි මෝටර් රථ සේවාවක් ද ආරම්භ කරන බවයි. |
2023-01-14T03:28:55.000Z | පළාත් පාලන ආයතන 163 ක් සඳහා ඇප මුදල් තැන්පත් කෙරේ.. | පළාත් පාලන ආයතන 163කට ඇප මුදල් තැන්පත් කෙරේ.. | COLOMBO (News 1st) – පළාත් පාලන ආයතන 163 ක් සඳහා මේ වනවිට පිළිගත් දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් ඇප මුදල් තැන්පත් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. පිළිගත් දේශපාලන පක්ෂවලින් ඇප මුදල් තැන්පත් කර ඇති පළාත් පාලන ආයතන සංඛ්‍යාව 143 කි. පළාත් පාලන ආයතන 20 ක් සඳහා ස්වාධීන කණ්ඩායම් ද ඇප මුදල් තැන්පත් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ ය. පළාත් පාලන මැතිවරණයේ ඇප මුදල් තැන්පත් කිරීමේ කාලය ලබන 20 වැනිදා දහවල් 12 න් අවසන් වීමට නියමිතයි. |
2023-01-14T03:18:10.000Z | ප්‍රදේශ දෙකක මනුෂ්‍ය ඝාතන දෙකක්... | ප්‍රදේශ දෙකක මනුෂ්‍ය ඝාතන දෙකක්... | COLOMBO (News 1st) – වාරියපොළ, වෙලව හන්දිය ප්‍රදේශයේ තියුණු ආයුධවලින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ. පොලිසිය සඳහන් කළේ , ඊයේ(13) පස්වරුවේ දෙපිරිසක් අතර ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදු වී ඇති බවයි මියගිය පුද්ගලයාගේ ඥාති පුත්‍රයෙකුට සිදු කළ පහරදීමක් හේතුවෙන් දෙපිරිස අතර මෙම ගැටුම හටගෙන තිබේ. මියගොස් ඇත්තේ වෙලව හන්දිය රඹුක්කන ප්‍රදේශයේ 33 හැවිරිදි පදිංචිකරුවෙකි. මේ අතර , ඊයේ පස්වරුවේ බොරැල්ල, සර්පන්ටයින් මහල් නිවාස සංකීර්ණයේ නිවාසයකදී තියුණු ආයුධයකින් පහරදී කාන්තාවක් ඝාතනය කර තිබේ. පොලිසිය සඳහන් කළේ අදාල කාන්තාවගේ සැමියා විසින් මෙම ඝාතනය සිදු කර ඇති බවයි. මියගොස් ඇත්තේ, 32 හැවිරිදි සර්පන්ටයින් මහල් නිවාසයේ පදිංචිකාරියකි. පහරදීමෙන් අනතුරුව සැමියා මහල් නිවාස සංකීර්ණයේ 3වන මහලෙන් පැන ඇති අතර බරපතල තත්ත්වයෙන් පසුවන ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ. |
2023-01-14T01:51:55.000Z | චීන රජයෙන් ලැබූ පාසල් නිල ඇඳුම් රෙදි තොගයක් අධ්‍යාපන ඇමති වෙත.. | චීන රජයෙන් පාසල් නිල ඇඳුම් රෙදි තොගයක්.. | COLOMBO (News 1st) – චීන රජයේ පරිත්‍යාගයක් ලෙස ලද පාසල් නිළ ඇඳුම් රෙදි තොගයක් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා වෙත නිළ වශයෙන් භාරදී තිබේ. අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේ, මෙරට වැඩබලන චීන තානාපතිවරයා විසින් කොළඹ වරාය පරිශ්‍රයේදී මෙම පාසල් නිළ ඇඳුම් රෙදි තොගය අධ්‍යාපන අමාත්‍යවරයාට භාරදුන් බවයි. රෙදි මීටර් අසූ අට ලක්ෂ හැට දෙදහස් නවසිය අනූවක් එලෙස භාරදී තිබේ. එය මේ වසරේ පාසල් නිළ ඇඳුම් රෙදි අවශ්‍යතාවයෙන් 70% ක් බවද අධ්‍යාපන අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක සඳහන් ය. නිල ඇදුම් රෙදි සිසුන්ට සෘජුව ලබාදිය හැකි පරිදි කපා අසුරා ලේබල් කර තිබීම ද මෙහි ඇති විශේෂත්වයක් වෙයි. අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේ, මාර්තු 20 වැනිදා වනවිට දිවයින පුරා රජයේ පාසල් හා පිරිවෙන්වල අධ්‍යාපනය ලබන ලක්ෂ 41 ක් වූ සිසු දරුවන් හා ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ වෙත නිල ඇදුම් රෙදි ලබාදීමට කටයුතු කරන බවයි. |
2023-01-14T01:48:01.000Z | ණය ප්‍රතිව්‍යුහගත කිරීමට චීනයේ ආනයන අපනයන බැංකුව සමග ජනාධිපතිවරයා සාකච්ඡා... | ණය ප්‍රතිව්‍යුහගත කිරීමට ජනපති චීනය සමග සාකච්ඡා | COLOMBO (News 1st) - ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් චීනයේ ආනයන අපනයන බැංකුව සමග ජනාධිපතිවරයා සාකච්ඡා කර ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍යාංශය පවසයි. අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා, "ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන සම්බන්ධයෙන් මේ වෙනකොට අපිට ද්විපාර්ශ්වික ණයහිමියන්ගෙන් මූල්‍ය සහතික ලබාගැනීමේ තත්ත්වයට තමයි අපි දැන් එළඹිලා තියෙන්නේ. බලපොරොත්තු වෙන්නේ මේ කාර්තුව තුළ විධායක මණ්ඩලයේ අනුමැතිය ලබාගැනීම. ජනාධිපතිතුමත් මේ සඳහා මැදිහත්වීම් සිදුකරලා තියෙනවා. ඒ අනුව එතුමා චීනයේ ආනයන සහ අපනයන බැංකුව සමග එහි සහාපතිවරයා සමග සාකච්ඡාවක් සිදුකළා. මෙතනදි ඔවුන් ජනාධිපතිතුමන්ට දැනුම්දීලා තියෙනවා කඩිනමින් මෙම ගැටලුව නිරාකරණය කරන්න මැදිහත්වෙනව කියන එක" |
2023-01-14T01:34:57.000Z | A/L විභාග මධ්‍යස්ථාන ආශ්‍රිතව දීප ව්‍යාප්ත ඩෙංගු මර්දන වැඩසටහනක්.. | විභාග මධ්‍යස්ථාන ආශ්‍රිතව ඩෙංගු මර්දන වැඩසටහන්.. | COLOMBO (News 1st) – උසස් පෙළ විභාග මධ්‍යස්ථාන ආශ්‍රිතව දීප ව්‍යාප්ත ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසුවේ අධ්‍යාපන අමාත්‍යංශයේ මගපෙන්වීම යටතේ සෞඛ්‍ය බලධාරින් සම්බන්ධ කර ගනිමින් විදුහල්පතිවරුන් ඇතුළු අධ්‍යාපන බලධාරින් විසින් මෙම ඩෙංගු මර්දන වැඩසටහන ක්‍රියාත්මක කරන බවයි. 2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ලබන 23 වැනදා සිට පෙබරවාරි 17 වැනිදා දක්වා විභාග මධ්‍යස්ථාන 2200කදී පැවැත්වෙයි. |
2023-01-14T01:29:53.000Z | මෙරටට එන සංචාරකයින්ට යළිත් කොවිඩ් මාර්ගෝපදේශ නිකුත් කෙරේ.. | සංචාරකයින්ට යළිත් කොවිඩ් මාර්ගෝපදේශ | COLOMBO (News 1st) – මෙරටට පැමිණෙන සංචාරකයින් සඳහා යළිත් කොවිඩ් මාර්ගෝපදේශ නිකුත් කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ යටතේ, මෙරටට පැමිණෙන සියලුම සංචාරකයින් සතුව ඩිජිටල් එන්නත් කාඩ්පත තිබිය යුතුයි. එසේ නොමැති සංචාරකයින් PCR වාර්තාවක් ඉදිරිපත් කළ යුතු බව ද සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ ය. අමාත්‍යාංශය පැවසුවේ, රට තුළ කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ අරමුණින් මෙම පියවර ගත් බවයි. මෙම නව මාර්ගෝපදේශ අද(14) සිට බලාත්මක බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ ය. |
2023-01-14T01:24:38.000Z | ගෙවුණු දිනය උණුසුම් කළ පුවත් | ගෙවුණු දිනය උණුසුම් කළ පුවත් | දේශීය පුවත් 1. ජනපති මැඳුරෙන් සොයාගත් මුදල් අස්ථානගත වීම ගැන නඩුවෙන් වසන්ත මුදලිගේට ඇප – ජනාධිපති මන්දිරයේ තිබී සොයා ගත් මුදල් අස්ථානගත වීම සම්බන්ධයෙන් පවරා ඇති නඩුවට අදාළව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ මහතාට ඊයේ (13) ඇප නියම කෙරුණි 2.සැලසුම් කළ පරිදි පළාත් පාලන මැතිවරණය පවත්වනවා – මැතිවරණ කොමිසමෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දීමක්.. – සැලසුම් කළ පරිදි පළාත් පාලන මැතිවරණය පවත්වන බව, මැතිවරණ කොමිසම ඊයේ (13) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේ ය. 3.ඇතිමලේ පොලිස් ස්ථානාධිපති රිමාන්ඩ් – ඇතිමලේ පොලිස් ස්ථානාධිපතිවරයා ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි. 4.රඹුක්කන වළ දමා තිබූ තරුණයින් දෙදෙනාගේ සිරුරු දෙකම ගොඩ ගනී: සැකකරුවන් සොයා මෙහෙයුම්..– අතුරුදන්ව සිට රඹුක්කන, හූරිමළුවේ නිවසක් පිටුපස වළ දමා තිබුණු දෙවැනි තරුණයාගේ සිරුරත් ඊයේ (13) ගොඩගනු ලැබිණි. 5.රා.පරිපාලන අමාත්‍යාංශ ලේකම් මැතිවරණ කොමිසම හමුවට – රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න මහතා මැතිවරණ කොමිසමෙන් සමාව අයැද තිබේ. 6.ඕමානයේ සුරක්ෂා නිවාසයේ රැඳී සිටි කාන්තාවක් මරුට..– ඕමානයේ සුරක්ෂා නිවාසයේ රැඳී සිටි කාන්තාවක් මියගොස් ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි. ක්‍රීඩා පුවත් 1.රෂීඩ් ඛාන්ගෙන් දැඩි ප්‍රකාශයක් – බිග් බෑෂ් තරගාවලියට ඉදිරියේ දී සහභාගීවීම ගැන තමන් සලකා බලන බව සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක ඇෆ්ගනිස්ථානයේ රෂීඩ් ඛාන් පවසයි. විදෙස් පුවත් 1.දේශපාලන සිරකරුවන් නිදහස් කර ගැනීම වෙනුවෙන් අමෙරිකාවෙන් නව ප්‍රවර්ධන වැඩසටහනක් – අසාධාරණ ලෙස සිරගත කර ඇති දේශපාලන සිරකරුවන් නිදහස් කරගැනීම වෙනුවෙන් අමෙරිකාව නව දේශපාලන ප්‍රවර්ධන වැඩසටහනක් ආරම්භ කර තිබේ. |
2023-01-13T14:18:18.000Z | ජනපති මැඳුරෙන් සොයාගත් මුදල් අස්ථානගත වීම ගැන නඩුවෙන් වසන්ත මුදලිගේට ඇප | එක නඩුවකින් වසන්තට ඇප.. | COLOMBO ( News 1st ) - ජනාධිපති මන්දිරයේ තිබී සොයා ගත් මුදල් අස්ථානගත වීම සම්බන්ධයෙන් පවරා ඇති නඩුවට අදාළව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ මහතාට අද (13) ඇප නියම කෙරුණි. ඒ, කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ දී අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදී ය. ජනාධිපති කාර්යාලට ඇතුලු වූ පුද්ගලයින් 72 දෙනෙකුට එරෙහිව නඩුව පවරා ඇති අතර කොටුව පොලිස් ස්ථානය, අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ මහතා, අද (13) එම නඩුවේ 73 වැනි සැකකරු ලෙස නම් කළේ ය. වෙනසක තාරුණ්‍ය සංවිධානයේ ජාතික සංවිධායක ලහිරු වීරසේකර මහතා, "අද (13) දවසේ නැවත ඔහුව ජනවාරි 20 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන්න කටයුතු කරනවා. ඒ නිසා මෙතන තියෙන න්‍යාය පත්‍රය කාගෙද ?කියලා හරි පැහැදිලියි. මෙතන තියෙනවා ලොකු දේශපාලන ප්‍රශ්නයක්. මේ වෙද්දි වසන්ත මුදලිගේ විතරක් නෙවෙයි. වසන්ත මුදලිගේ කරපු දේම තමයි අපිත් කළේ කියලා රට වටේ මිනිස්සු දිවුරුම් ප්‍රකාශ අත්සන් කරනවා. ඒ තියෙද් දී වසන්ත මුදලිගේ හිරේ දානවා. මේ අරගලය මෙහෙම නඩු දාලා නවත්තන්න බැහැ" |
2023-01-13T14:13:59.000Z | ඇතිමලේ පොලිස් ස්ථානාධිපති රිමාන්ඩ් | ඇතිමලේ පොලිස් ස්ථානාධිපති රිමාන්ඩ් | COLOMBO ( News 1st ) - ඇතිමලේ පොලිස් ස්ථානාධිපතිවරයා ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි. ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ මොනරාගල ගංජා ජාවාරම සම්බන්ධයෙනි. |
2023-01-13T14:03:23.000Z | රඹුක්කන වළ දමා තිබූ තරුණයින් දෙදෙනාගේ සිරුරු දෙකම ගොඩ ගනී: සැකකරුවන් සොයා මෙහෙයුම්.. | තරුණයින් දෙදෙනාගේ සිරුරු දෙකම ගොඩ ගනී | COLOMBO ( News 1st ) - අතුරුදන්ව සිට රඹුක්කන, හූරිමළුවේ නිවසක් පිටුපස වළ දමා තිබුණු දෙවැනි තරුණයාගේ සිරුරත් අද (13) ගොඩගනු ලැබිණි. පොලීසිය පැවසුවේ, ඔවුන් මාස දෙකකට අධික කාලයක් අතුරුදන්ව සිටි බව ය. මාවනැල්ල, කිරිංගදෙණිය හා කෙරමිණිය ප්‍රදේශයේ තරුණයින් දෙදෙනෙකු අතුරුදන් බවට පසුගිය වසරේ නොවැම්බර් මස 28 වැනිදා පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබුණු අතර පසුව සිදුකල විමර්ශනවලදී හෙළිව තිබුණේ, එම තරුණයින් දෙදෙනා ඝාතනය කර රඹුක්කන, හූරිමළුව ප්‍රදේශයේ වළ දමා ඇති බවටයි. මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ඇතිවූ ආරවුලක් හේතුවෙන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු එම තරුණයින් දෙදෙනාට පහර දී ඝාතනය කර ගෙවත්තේ වළ දමා ඇති බවට සැක කෙරෙන බව පොලීසිය පවසයි. අධිකරණ නියෝගයක් අනුව කරන ලද සෝදිසියක දී ඝාතනය කර පොලිතීන් බෑගයක දමා වළ දමා තිබු එක් තරුණයෙකුගේ මළ සිරුරක් ඊයේ (12) සොයා ගැනිණි. අද (13) සොයා ගත්තේ ඝාතනයට ලක් වූ අනෙක් තරුණයාගේ සිරුර ය. |
2023-01-13T13:27:51.000Z | දේශපාලන සිරකරුවන් නිදහස් කර ගැනීම වෙනුවෙන් අමෙරිකාවෙන් නව ප්‍රවර්ධන වැඩසටහනක් | දේශපාලන සිරකරුවන් නිදහස් කර ගැනීමේ අමෙරිකා සූදානම. | COLOMBO ( News 1st ) - අසාධාරණ ලෙස සිරගත කර ඇති දේශපාලන සිරකරුවන් නිදහස් කරගැනීම වෙනුවෙන් අමෙරිකාව නව දේශපාලන ප්‍රවර්ධන වැඩසටහනක් ආරම්භ කර තිබේ. අමෙරිකානු රාජ්‍ය දෙපාර්තුමේන්තුව පවසන්නේ, ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රඥප්තීන්ට අනුව ලොව වෙසෙන සෑම පුද්ගලයෙකුටම හිමි භාෂණයේ නිදහස, රැස්වීමේ නිදහස ආදී අයිතීන්ට කිසිවෙකුට බලපෑම් කළ නොහැකි බව ය. දේශපාලන සිරකරුවන් නිදහස් කරගැනීමේ මෙම වැඩසටහනට සහය දෙන ලෙස අමෙරිකාව ලෝකවාසී ජනතාවගෙන් ඉල්ලා සිටින අතර අමෙරිකාව වැඩිදුරටත් පවසන්නේ, ලොව ඇතැම් රටවල රජයන්, නීති අවභාවිත කරමින් ආණ්ඩු විරෝධී පාර්ශ්ව, අන්තගාමීන් හා ත්‍රස්තවාදීන් ලෙස හුවා දැක්වීමට පවා උත්සාහ කරන බව ය. මේ අතර “යුද අපරාධවල වින්දිතයින් සඳහා වූ යුක්තිය”පනතට එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩ්න් අත්සන් තබා තිබේ. ඊට අනුව යුධ අපරාධ සම්බන්ධයෙන් ලෝකයේ ඕනෑම රටක පුරවැසියෙකුට අමෙරිකානු භූමිය තුළදී නඩු පැවරීමට එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුවට බලය පැවරෙන අතර මෙමගින් විදේශ රටවල යුධ අපරාධ චෝදනා එල්ල වූවන් එක්සත් ජනපදයට ඇතුළුවීම දැඩි ලෙස සීමා කිරීමට අපේක්ෂා කෙරේ. |
2023-01-13T13:14:58.000Z | රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් මැතිවරණ කොමිසමෙන් සමාව අයැදී.. | රාජ්‍ය පරිපාලන ලේකම් මැ. කොමිසමෙන් සමාව අයැදී | COLOMBO ( News 1st ) - රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න මහතා මැතිවරණ කොමිසමෙන් සමාව අයැද තිබේ. ඒ පළාත් පාලන මැතිවරණයට අදාළව ඇප තැන්පතු භාර ගැනීම සම්බන්ධව දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත ලිපියක් නිකුත් කිරීම පිළිබඳව කරුණු විමසීම සඳහා අද (13) පස්වරුවේ මැතිවරණ කොමිසම වෙත කැඳවූ අවස්ථාවේදී ය. අදාළ ලිපිය නිකුත් කිරීම හේතුවෙන් මැතිවරණ කොමිෂන් සභාවට යම් අපහසුතාවක් සිදු වුයේ නම් ඒ පිළිබඳව තමන් මැතිවරණ කොමිසමෙන් සමාව අයදින බවත්, ඉදිරියේදි එවැනි තත්ත්වයක් ඇති නොවීමට කටයුතු කරන බවත් ලේකම්වරයා කොමිසමට දැනුම් දි තිබේ. ලේකම්වරයා කොමිසම හමුවේ සඳහන් කර ඇත්තේ තමන් අමාත්‍ය මණ්ඩලයේ තීරණයක් මත අදාළ ලිපිය දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත යොමු කළ බවයි. කෙසේ වෙතත් එය සුදුසු ක්‍රියාවක් නොවන බවට හැඟී ගිය බැවින් පැයක් වැනි කාලයක් තුළ එම ලිපිය යළි ආපසු කැඳවීමට ක්‍රියා කළ බවත් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න කොමිසමට දැනුම් දී තිබේ. ලේකම්වරයා වැඩිදුරටත් කොමිසම හමුවේ සඳහන් කර ඇත්තේ අමාත්‍ය මණ්ඩලයේ තීරණය ක්‍රියාත්මක කිරිමේ අරමුණින් පමණක් මෙම ලිපිය නිකුත් කල බව ය. එසේ නොමැතිව මැතිවරණ කොමිෂන් සභාවේ ක්‍රියාවලියට මැදිහත් වීමේ කිසිදු අරමුණක් තමන්ට නොතිබු බව ලේකම්වරයා සඳහන් කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිසම සඳහන් කළේ, මැතිවරණයක් ප්‍රකාශයට පත්ව ඇති අවස්ථාවක දී රාජ්‍ය නිලධාරින් ක්‍රියා කළ යුතු ආකරය පිළිබඳව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයාට මෙහිදී පැහැදිලි කර දුන් බවයි. ලිපිය නිකුත් කර කෙටි කාලයක් තුළ එය ඉවත් කර ගැනීම හේතුවෙන් ඇප තැන්පත් කිරීමේ ක්‍රියාවලියට කිසිදු අගතියක් නොවු බව, ඊට පසුදින දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් 131 ක් ඇප තැන්පත් කිරීමෙන් පැහැදිලි බව බව නීල් බණ්ඩාර හපුහින්න මහතා කොමිසම හමුවේ ප්‍රකාශ කර තිබේ. |
2023-01-13T12:01:52.000Z | ලබන සඳුදා සිට දෛනික දුම්රිය ගමන් වාර 30ක් අවලංගු කෙරේ.. - දුම්රිය දෙපාර්තමේන්තුව | දෛනික දුම්රිය ගමන් වාර 30ක් අවලංගු කෙරේ.. | COLOMBO ( News 1st ) - ලබන සඳුදා සිට ක්‍රියාත්මක වන පරිදි දෛනික දුම්රිය ගමන් වාර 30ක් අවලංගු කරන බව දුම්රිය දෙපාර්තමෙන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව පැවසුවේ, කාර්යාල සේවා දුම්රිය සඳහා ප්‍රමුඛතාවය ලබා දීමේ අරමුණින් කෙටි දුර සේවා දුම්රිය ගමන්වාර කිහිපයක් මෙලෙස අවලංගු කල බව ය. අද (13) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ පිළිබඳව පැහැදිලි කළ දුම්රිය දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ගාමිණි සෙනවිරත්න මහතා පැවසුවේ, ප්‍රධාන මාර්ගයේ දුම්රිය 18ක්, පුත්තලම් ගමන් මාර්ගයේ දුම්රිය ගමන් වාර 02ක් හා මුහුදුබඩ මාර්ගයේ ගමන් වාර 08 ක් ලෙස අවලංගු කෙරෙන බවය. |
2023-01-13T11:18:52.000Z | මරණ වරෙන්තුව අතින් අරන් ගිය මිනිස්සුන්ට ජීවත් වෙන්න බලාපොරොත්තු දුන් මනුස්සකම.. | සිහිනයක් යථාර්ථයක් කළ මනුස්සකම.. | COLOMBO ( News 1st ) - මහියංගනය, වේවත්ත ග්‍රාම නිලධාරි වසමේ පිහිටි ඇඹලවත්ත ගම්මානයේ ජනතාව වෙනුවෙන් ඉදිකළ පාලම අද (13) පෙරවරුවේ ජනතා අයිතියට පත් කෙරිණි. ඒ, වසර ගණනාවක සිට පැවති ඔවුන්ගේ බලාපොරොත්තු ඉටු කරමිනි. මහියංගනය, වේවත්ත ,ඇඹලවත්ත, ගම්මානය බදුල්ල දිස්ත්‍රික්කයේ පිහිටි සුන්දර ප්‍රදේශයකි. ගම්මැද්ද ගෙයින් ගෙට යද්දී අපිට හමුවුණු ඇඹලවත්ත ගමේ ප්‍රධාන ගැටලුව ගමට යන්න පාලමක් නොමැති වීමයි. ගම්මුන්ට අලුත් බලාපොරොත්තුවක් එක් කරමින් ගම්මැද්ද පසුගිය ඔක්තෝම්බර් 29 වැනිදා ඇඹලවත්ත ගමට පාලමක් ලබා දෙන්න වැඩ ආරම්භ කළ අතර මෙම ව්‍යාපෘතිය සඳහා ගම්මැද්ද සමග අත්වැල් බැදගත්තේ ශ්‍රී ලංකා ගුවන් සේවා නියමු සංසදයයි. වැඩ අවසන් කළ පාලම අද (13) පෙරවරුවේ යෙදුණු සුභ මොහොතින් ජනතා අයිතියට පත් කෙරිණි. ගම්මැද්ද නායක ශෙවාන් ඩැනියෙල්, මහියංගනය ප්‍රාදේශීය ලේකම් සංජය වීරසිංහ, ශ්‍රී ලංකා ගුවන් සේවා ගුවන් නියමු සංසදයේ සභාපති කැප්ටන් නිරංජන් ජොන්පුල්ලේ යන මහත්වරුන් ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්වූහ. |
2023-01-13T10:28:58.000Z | ජනප්‍රිය අමෙරිකානු ගායන ශිල්පිනී ලීසා මාරි ප්‍රෙස්ලි අභාවප්‍රාප්ත වෙයි.. | ලීසා ප්‍රෙස්ලි දිවි ගමනට සමුදෙයි.. | COLOMBO ( News 1st ) - ජනප්‍රිය අමෙරිකානු ගායන ශිල්පිනී ලීසා මාරි ප්‍රෙස්ලි අභාවප්‍රාප්ත වී තිබේ. ඇය, ලෝක ප්‍රකට ගායන ශිල්පී එල්විස් ප්‍රෙස්ලිගේ දියණියයි. හෘදයාබාධයක් හේතුවෙන් ලීසා මාරි ප්‍රෙස්ලි මියයන විට 54 වන වියෙහි පසුවූ අතර 1968 දී උපත ලද ලීසා මාරි සිය පියාගේ අඩිපාරේ යමින් ගීත ඇල්බම 03ක් නිකුත් කළාය. එම ගීත ඇල්බම පිටපත් දහස් ගණනින් ලොව පුරා අලෙවි වූයේ, ලීසා මාරි ලෝක ප්‍රකට ගායන ශිල්පිනියක් බවට පත්කරමිනි. පොප් ලොවේ රජු මයිකල් ජැක්සන්, රංගන ශිල්පී නිකොලස් කේජ් සහ සංගීතඥයෙකු වන ඩැනී කීෆ් යන ජනාදරයට පත් පුද්ගලයින් සමග අතිනත ගෙන සිටි ඇය, දරුවන් සිව්දෙනෙකුගේ මවකි. ලීසා මාරි ප්‍රෙස්ලි අද (13) අවසන් ගමන් ගියේ ප්‍රෙස්ලිගේ පවුලට පෙම් බැඳි රසික නෙත් අගට කඳුළක් එක්කරමිනි |
2023-01-13T10:19:23.000Z | ශ්‍රී ලංකාව බංග්ලාදේශයෙන් ලබා ගෙන ඇති ඩොලර් මිලියන 200ක ණය මුදල ගෙවීමට තවත් මාස 06ක කාලයක්.. | බංග්ලාදේශ ණය පියවීමට මාස 06 ක සහනයක්.. | COLOMBO ( News 1st ) -ශ්‍රී ලංකාව බංග්ලාදේශයෙන් ලබාගෙන ඇති ඩොලර් මිලියන 200ක ණය මුදල ගෙවීම සඳහා තවත් මාස 06 ක කාලයක් ලබා දීමට බංග්ලාදේශ මහ බැංකුව තීරණය කර තිබේ. ශ්‍රී ලංකාව ලබා ගත් එම ණය මුදල ලබන මාර්තු මස ගෙවීමට නියමිතව තිබූ අතර මෙරට පවතින ආර්ථික අර්බුදය හමුවේ එය ගෙවා දැමීමට බංග්ලාදේශය සැප්තැම්බර් මස දක්වා කල් ලබා දී ඇති බව එරට මාධ්‍ය වාර්තාවල සඳහන් ය. |
2023-01-13T09:33:04.000Z | රුපියල් ලක්ෂ 20 ක අල්ලසක් ගනිමින් සිටි මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති අත්අඩංගුවට | මාවනැල්ල සභාපති අත්අඩංගුවට | COLOMBO ( News 1st ) - මාවනැල්ල ප්‍රාදේශීය සභා සභාපතිවරයා අත්අඩංගුවට ගෙන තිබේ. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පැවසුවේ, රුපියල් ලක්ෂ 20 ක අල්ලසක් ලබා ගනිමින් සිටි අවස්ථාවේ මෙම අත්අඩංගුවට ගැනීම සිදු වූ බව ය. ගොඩනැගිලි සැලැස්මක් අනුමත කිරීමට රුපියල් ලක්ෂ 20ක අල්ලසක් ඉල්ලා එය ලබාගනිමින් සිටි අවස්ථාවේ මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ. |
2023-01-13T09:15:25.000Z | රෂීඩ් ඛාන්ගෙන් දැඩි ප්‍රකාශයක් | රෂීඩ් ඛාන්ගෙන් දැඩි ප්‍රකාශයක් | COLOMBO (News 1st) - බිග් බෑෂ් තරගාවලියට ඉදිරියේ දී සහභාගීවීම ගැන තමන් සලකා බලන බව සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක ඇෆ්ගනිස්ථානයේ රෂීඩ් ඛාන් පවසයි. සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඔහු පවසන්නේ තම කණ්ඩායමට එරෙහිව පැවැත්විමට නියමිත වූ එක්දින තරගාවලියෙන් ඔස්ට්‍රේලියාව ඉවත්වීමට ගත් තීරණය මීට හේතු වූ බවයි. ඇෆ්ගනිස්ථානය හා ඔස්ට්‍රේලියාව අතර එක්දින තරග 03ක් ලබන මාර්තු මස පැවැත්වීමට නියමිතව තිබුණා. කෙසේවෙතත් විදෙස් මාධ්‍ය පවසන්නේ, ඇෆ්ගනිස්ථානයේ දේශපාලන වටපිටාව සැලකිල්ලට ගෙන ඔස්ට්‍රේලියානු රජයේ උපදෙස් මත ඔස්ට්‍රේලියාව මෙම තීරණය ගෙන ඇති බවයි. තරගාවලිය පැවැත්වීමට තිබුණේ, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදීයි. රෂීඩ් තම සටහනින් පෙන්වා දෙන්නේ, මෑත වකවානුවේ ඇෆ්ගනිස්ථානය ජාත්‍යන්තර පිටියේ විශාල ප්‍රගතියක් ලබා සිටින අතර, ඔස්ට්‍රේලියාව තමන් සමගින් ක්‍රීඩා කිරීම ප්‍රතික්ෂේප කිරිම ගැන කණගාටුවන බවයි. ඒ අනුව ඉදිරියේ දී ඔස්ට්‍රේලියාවේ බිග් බෑෂ් තරගාවලියට තම සහභාගීත්වය ගැන සලකා බලන බවත් ඔහු පෙන්වා දෙනවා. බොහෝ කලක පටන් Adelaide Strikers කණ්ඩායම නියෝජනය කරන රෂීඩ්, එම ප්‍රදේශයේ ජනප්‍රිය ක්‍රීඩකයෙකු ද වනවා. 20-20 පන්දු යැවීමේ ශ්‍රේණිගත කිරීම් අනුව රෂීඩ් ඛාන් පෙරමුණේ පසුවේ. |
2023-01-13T05:57:38.000Z | සැලසුම් කළ පරිදි පළාත් පාලන මැතිවරණය පවත්වනවා - මැතිවරණ කොමිසමෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දීමක්.. | සැලසුම් කළ පරිදි මැතිවරණය පවත්වනවා | COLOMBO (News 1st) – සැලසුම් කළ පරිදි පළාත් පාලන මැතිවරණය පවත්වන බව, මැතිවරණ කොමිසම අද(13) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේ ය. ඒ, මැතිවරණය පැවැත්වීම වළක්වන්නැයි විශ්‍රාමික හමුදා කර්නල්වරයෙකු වන ඩබ්ලිව්.එම්.ආර්. විජේසුන්දර මහතා ගොනුකර තිබූ පෙත්සම අද(13) සළකා බැලූ අවස්ථාවේදී ය. ඉදිරි පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා සිදුකරනු ලබන සංවිධානාත්මක කටයුතු බලරහිත කරන රීට් ආඥාවක් මැතිවරණ කොමිසමේ සභාපති ඇතුළු සාමාජිකයින්ට නිකුත් කරන්නැයි ඉල්ලමින් පෙත්සම ගොනුකර තිබුණි. මැතිවරණ කොමිසම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා අධිකරණයට දැනුම් දුන්නේ , මේ වනවිට සැලසුම් කර ඇති පරිදි නිසි කලට වේලාවට මැතිවරණය පවත්වන බවයි. අගවිනිසුරු ජයන්ත ජයසූරිය, එස්. තුරෙයිරාජා සහ ජනක් ද සිල්වා යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ නඩුව අද කැඳවනු ලැබුවේ ය. පෙත්සමට සංශෝධන කිහිපයක් එක් කිරීමට නියමිත බව, පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි කනිෂ්ඨ නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේ ය. මෙම කරුණට අදාළව ගොනුකර ඇති තවත් පෙත්සමක් ලබන 18 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවීමට නියමිත බැවින් මෙම පෙත්සම ද එදිනට කැඳවීමට නියම කරන්නැයි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය. ඒ අනුව පෙත්සම ලබන 18 වැනිදා දක්වා කල් තැබීමට විනිසුරු මඬුල්ල නියම කළේ ය. |
2023-01-13T05:23:44.000Z | ඕමානයේ සුරක්ෂා නිවාසයේ රැඳී සිටි කාන්තාවක් මරුට.. | ඕමාන සුරක්ෂා නිවසේ සිටි කාන්තාවක් මරුට.. | COLOMBO (News 1st) – ඕමානයේ සුරක්ෂා නිවාසයේ රැඳී සිටි කාන්තාවක් මියගොස් ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි. අදාළ කාන්තාව රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත් වූ බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය වැඩිදුරටත් සඳහන් කළේ ය. |
2023-01-13T03:27:36.000Z | මෙරට බැංකු 10ක ශ්‍රේණිගත කිරීම තවදුරටත් පහළ හෙළීමට ෆිච් රේටින්ග්ස් තීරණය කරයි.. | මෙරට බැංකු 10ක ශ්‍රේණිගත කිරීම තවදුරටත් පහළට.. | COLOMBO (News 1st) – මෙරට බැංකු 10ක ශ්‍රේණිගත කිරීම තවදුරටත් පහළ හෙළීමට ෆිච් රේටින්ග්ස් ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනය කටයුතු කළේ ය. ඔවුන්ගේ නවතම ශ්‍රේණිගත කිරීමේ වාර්තාව පෙන්වා දෙන්නේ , මෙරට ප්‍රධාන රාජ්‍ය බැංකු දෙක මෙන්ම පෞද්ගලික බැංකු 8ක ණය ශ්‍රේණිගත කිරීම මේ අනුව පහළ හෙළා ඇති බවයි. මෙම ශ්‍රේණිගත කිරීම් පහළ හෙළීමට හේතු වී ඇත්තේ බැංකුවල දිගු කාලීන මූල්‍ය තත්ත්වය සැලකිල්ලට ගනිමින් ය. බැංකු ණය පැහැර හැරීම් හා රජය විසින් පනවන ලබන විවිධ සීමා ඊට හේතුවී ඇති බවද ෆිච් රේටින්ස් වාර්තාවේ සඳහන් වෙයි. |
2023-01-13T02:56:11.000Z | හබරණදී දුම්රියේ ගැටුණු වන අලියෙකු මරුට.. | හබරණදී දුම්රියේ ගැටුණු වන අලියෙකු මරුට.. | COLOMBO (News 1st) – හබරණ, හතරැස්කොටුව ප්‍රදේශයේදී දුම්රියේ ගැටුණු වන අලියා මියගොස් තිබේ. තවත් වන අලි දෙදෙනෙකුට තුවාල සිදුව ඇතැයි ද දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි. දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ, මෙම වන අලි ගැටීම නිසා මඩකලපුව සිට කොළඹ කොටුව බලා ධාවනය වන දුම්රියක් එලෙස පීලි පැනීමකට ලක්ව ඇති බවයි. මේ හේතුවෙන් මඩකලපුව මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා මතුව තිබේ. |
2023-01-13T02:52:47.000Z | ගංජා සමග අත්අඩංගුවට ගත් මොනරාගල SSPගේ වැඩ තහනම්.. | මොනරාගල SSPගේ වැඩ තහනම්.. | COLOMBO (News 1st) – ගංජා පැළ තොගයක් සමග අත්අඩංගුවට ගත් මොනරාගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ වැඩ තහනම් කර ඇතැයි පොලීසිය සඳහන් කරයි. ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ, පොලිස් විශේෂ කාර්ය බලකා සාමාජිකයින් විසිනි. ඔහු සන්තකයේ තිබී ගංජා පැළ 350 ක් සොයා ගෙන තිබිණ. |
2023-01-13T02:11:30.000Z | පිරිවෙන් ගුරුවරු 247ක් වසරකට අධික කාලයක සිට වැටුප් නොලබා සේවයේ.. - ලංකා පිරිවෙන් ගුරුසේවා සංගමය | පිරිවෙන් ගුරුවරු 247ක් වැටුප් නොලබා සේවයේ.. | COLOMBO (News 1st) – නිසිකලට තීන්දු ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් පිරිවෙන් ගුරුවරුන් පිරිසකට වසරකට අධික කාලයක සිට වැටුප් නොලබා සේවය කිරීමට සිදුව ඇතැයි ලංකා පිරිවෙන් ගුරු සේවා සංගමය පවසයි. එහි ලේකම් මිගහජඳුරේ සීලානන්ද හිමියන් සඳහන් කළේ, පිරිවෙන් ගුරුවරුන් 247 දෙනෙකු මෙම අසාධාරණයට ලක්ව ඇති බවයි. මෙම ගුරුවරුන්ට හිමි වැටුප් ලබා දෙන ලෙස ඉල්ලීම් රැසක් ඉදිරිපත් කළ ද බලධාරීන් ඊට විසඳුම් ලබා නොදෙන බව උන්වහන්සේ ප්‍රකාශ කළේ ය. මීගහජඳුරේ සීලානන්ද හිමියන් සඳහන් කළේ, පරිවේණාචාර්ය සේවය ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන්ද ගැටලු රැසක් පැන නැගී ඇති බවයි. මෙරට පිරිවෙන් 850කට අධික සංඛ්‍යාවක් ක්‍රියාත්මක වන අතර එහි සේවය කරන ගුරුවරුන් සංඛ්‍යාව 6500කට අධිකයි. පිරිවෙන් ගුරුවරුන්ගේ මෙම ගැටලු සම්බන්ධයෙන් විෂය භාර රාජ්‍ය අමාත්‍ය විජිත බේරුගොඩ මහතාගෙන් නිව්ස්ෆස්ට් විමසීමක් කළේ ය. ඔහු පැවසුවේ, පිරිවෙන් ගුරුවරුන් පිරිසකට වැටුප් නොලැබීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවකට යොමු කර ඇති බවයි. එහි තීරණය අනුව කඩිනමින් ගැටලුව නිරාකරණය කළ හැකි බවද ඔහු ප්‍රකාශ කළේ ය. |
2023-01-13T01:39:45.000Z | ගොයම් කහ වුණේ පොහොර ගැටලුවකින් දැයි තහවුරු කර ගැනීමට පරීක්ෂණ ක්‍රියාත්මකයි - කෘෂිකර්ම දෙපාර්තමේන්තුව | ගොයම් කහ වුණේ පොහොර ගැටලුවකින් ද? | COLOMBO (News 1st) – ප්‍රදේශ රැසක ගොයම් කහ පැහැ වූයේ පොහොර ගැටලුවක් හේතුවෙන් දැයි තහවුරු කර ගැනීමට පරීක්ෂණ ක්‍රියාත්මක බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි. බතලගොඩ වී පර්යේෂණ සහ සංවර්ධන ආයතනයේ අධ්‍යක්ෂ ජයන්ත සේනානායක මහතා සඳහන් කළේ, ඒ සඳහා අදාළ කුඹුරුවලින් පස් සාම්පල ලබා ගෙන ඇති බවයි. ගොයම් කහ පැහැ වීමට හේතු වූ ප්‍රධාන කරුණු 4ක් මේ වනවිට හඳුනා ගෙන ඇති බවද ඔහු පැවසුවේ ය. ගොයම් කහ පැහැ වූ ප්‍රදේශ පිළිබඳව ද බතලගොඩ වී පර්යේෂණ සහ සංවර්ධන ආයතනයේ අධ්‍යක්ෂ ජයන්ත සේනානායක මහතා පැහැදිලි කිරීමක් කළේ ය. ජයන්ත සේනානායක මහතා ගොවීන්ගේ ඉල්ලා සිටින්නේ , තම කුඹුරේ ගොයම කහ පැහැ වී ඇත්නම් කඩිනමින් ප්‍රදේශයේ කෘෂිකර්ම හා ගොවිජන සහකාරවරයාට දැනුම් දෙන ලෙසයි. |
2023-01-13T01:25:49.000Z | රාජ්‍ය පරිපාලන ලේකම්වරයා අද මැතිවරණ කොමිසම හමුවට.. | රාජ්‍ය පරිපාලන ලේකම් මැතිවරණ කොමිසම හමුවට.. | COLOMBO (News 1st) – රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න මහතා අද(13) මැතිවරණ කොමිසම හමුවට කැඳවා තිබේ. මැතිවරණ කොමිසමේ සභාපති නීතීඥ නිමල් පුංචිහේවා මහතා සඳහන් කළේ, පළාත් පාලන මැතිවරණයේ ඇප මුදල් භාර නොගන්නා ලෙස දිස්ත්‍රික් ලේකම්වරුන්ට ඔහු කළ නියෝගය සම්බන්ධයෙන් කරුණු විමසීමට මෙම කැඳවීම කළ බවයි. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න මහතා නිකුත් කළ මෙම නියෝගය පසුව ඔහු විසින්ම යළි කැඳවනු ලැබුවේ ය. |
2023-01-13T01:22:42.000Z | වන අලි ගැටීමකින් හබරණදී දුම්රියක් පීලි පනී.. | වන අලි ගැටීමකින් හබරණදී දුම්රියක් පීලි පනී.. | COLOMBO (News 1st) – හබරණ, හතරැස් කොටුව ප්‍රදේශයේදී වන අලි ගැටීමෙන් දුම්රියක් පීලි පැන තිබේ. දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ, මඩකලපුව සිට කොළඹ කොටුව බලා ධාවනය වන දුම්රියක් එලෙස පීලි පැනීමකට ලක්ව ඇති බවයි. මේ හේතුවෙන් මඩකලපුව මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා මතුව තිබේ. |
2023-01-13T01:16:57.000Z | සීගිරි පර්වත මුදුනේ සිට ඉර සේවය නැරඹීමට සංචාරකයින්ට අවස්ථාව.. | සීගිරියේ සිට ඉර සේවය නැරඹීමට සංචාරකයින්ට අවස්ථාව.. | COLOMBO (News 1st) – හිරු උදාව හා හිරු බැසීම සීගිරිය පර්වත මුදුනේ සිට සංචාරකයින්ට නැරඹීමට අවස්ථාව ලබා දීමට මධ්‍යම සංස්කෘතික අරමුදල තිරණය කර තිබේ. හෙට(14) සිට එය ක්‍රියාත්මකයි. ඒ අනුව අලුයම 5.30 සිට රාත්‍රි 8.30 දක්වා සීගිරිය සංචාරකයින් වෙනුවෙන් විවෘතව තැබෙන බව බුද්ධ ශාසන ,ආගමික කටයුතු හා සංස්කෘතික අමාත්‍යාංශයේ අතිරේක ලේකම් නිශාන්ති ජයසිංහ මහත්මිය ප්‍රකාශ කළා ය. නිශාන්ති ජයසිංහ මහත්මිය සඳහන් කළේ, සීගිරිය නැගීමට අපහසු සංචාරකයින් සඳහා විදුලි මෝටර් රථ සේවාවක් ද ආරම්භ කරන බවයි. |
2023-01-13T01:08:24.000Z | අදත් පැය 2යි විනාඩි 20ක විදුලි කප්පාදුවක්.. | අදත් පැය 2යි විනාඩි 20ක විදුලි කප්පාදුවක්.. | COLOMBO (News 1st) – අදත් (13) පැය 2යි විනාඩි 20ක් දිවයින පුරා විදුලි කප්පාදු කරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි. ඒ. මහජන උපයෝගීතා කොමිසමේ අනුමැතියට යටත්වයි. ඒ අනුව A සිට W දක්වා කලාප 20 ට දහවල් කාලයේ පැයක් ද, රාත්‍රී කාලයේ පැයයි විනාඩි 20 ක් ද, ලෙස විදුලිය කප්පාදු කෙරෙනු ඇති. |
2023-01-13T01:01:13.000Z | රෙජිනෝල්ඩ් කුරේ අභාවප්‍රාප්ත වෙයි.. | රෙජිනෝල්ඩ් කුරේ අභාවප්‍රාප්ත වෙයි.. | COLOMBO ( News 1st ) – හිටපු අමාත්‍යවරයෙකු වූ රෙජිනෝල්ඩ් කුරේ මහතා අභාවප්‍රාප්ත වී තිබේ. ඒ, දේශපාලන රැස්වීමට සහභාගී වි සිටියදී ය. මියයන විට ඔහුගේ වයස අවුරුදු 74 කි. රෙජිනෝල්ඩ් කුරේ මහතා බස්නාහිර පළාත් ආණ්ඩුකාර ධුරයේ කටයුතු කරනු ලැබුවේ ය. |
2023-01-13T00:58:45.000Z | ගෙවුණු දිනය උණුසුම් කළ පුවත් | ගෙවුණු දිනය උණුසුම් කළ පුවත් | දේශීය පුවත් 1. පාස්කු ප්‍රහාරය: හිටපු ජනපති මෛත්‍රීපාල ඇතුළු විත්තිකරුවන් 5 දෙනෙකුගෙන් වන්දි අයකර ගැනීමට නියෝග – සහරාන් හෂිම් ප්‍රමුඛ අන්තවාදීන් කතෝලික දේවස්ථාන හා ආර්ථික මරමස්ථාන ඉලක්කකොට මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කරන බවට බුද්ධි තොරතුරු ලැබි තිබියදිත් ඒවා වැළැක්වීමට අවශ්‍ය පියවර නොගැනීමෙන් හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර, ජාතික බුද්ධි ප්‍රධානි සිසිර මෙන්ඩිස් හා රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානි නිලන්ත ජයවර්ධන යන වගඋත්තරකරුවන් පෙත්ම්කරුවන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කර ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (12) තීරණය කර තිබේ. 2. ඇතිමලේ පොලිස් ස්ථානාධිපති CID අත්අඩංගුවට – ඇතිමලේ පොලිස් ස්ථානාධිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව(CID) විසින් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි. 3.රුපියල් මිලියන 200ක වියදමින් 75වන නිදහස් දිනය සැමරීමට රජය සැරසෙයි..– රුපියල් මිලියන 200 ක වියදමින් 75 වන නිදහස් දිනය සැමරීමට රජය සූදානම්ව සිටී. 4.චීනය ශ්‍රී ලංකාවට උදව් කරන්නේ කිසිදු යටි අරමුණකින් නෙවෙයි – වැඩබලන චීන තානාපති – චීනය ශ්‍රී ලංකාවට අධාර උපකාර කිරීමේ කිසිදු යටි අරමුණක් නොමැති බව වැඩබලන චීන තානාපති හූ වෙයි මහතා පවසයි. 5.ඡන්දෙට සල්ලි දෙන්න පුළුවන් – භාණ්ඩාගාර නිලධාරීන් මැතිවරණ කොමිසමට තහවුරු කෙරේ – මැතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය මුදල් කිසිදු බාධාවකින් තොරව ලබා දිය හැකි බව භාණ්ඩාගාර නිලධාරීන් මැතිවරණ කොමිසමට තහවුරු කර තිබේ. 6.ආදර්ශනී කරදනට ඇප.. – පරිගණක අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගත් ආදර්ශනී කරදන ඇප මත මුදා හැර තිබේ. ක්‍රීඩා පුවත් 1.තවත් තරගයක් ඉතිරිව තිබියදීම ශ්‍රී ලංකාවට එරෙහි එක්දින තරගාවලියේ ජය ඉන්දියාවට – ශ්‍රී ලංකාවට එරෙහි දෙවැනි එක්දින ක්‍රිකට් තරගය සත්කාරක ඉන්දීය කණ්ඩායම කඩුලු 4කින් ඊයේ (12 ) ජය ගත්තේ ය. |
2023-01-12T16:56:50.000Z | ඝාතනය කළ බවට සැක තරුණයෙකුගේ මළ සිරුරක් ගොඩ ගනී | පුද්ගල මළ සිරුරක් ගොඩ ගනී | COLOMBO ( News 1st ) - ඝාතනය කළ බවට සැක කෙරෙන තරුණයෙකුගේ සිරුරක් ගොඩගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි. ඒ, රඹුක්කන ප්‍රදේශයේ වළදමා තිබියදීය. |
2023-01-12T16:43:14.000Z | ඇතිමලේ පොලිස් ස්ථානාධිපති CID අත්අඩංගුවට | ඇතිමලේ පොලිස් ස්ථානාධිපති CID අත්අඩංගුවට | COLOMBO ( News 1st ) - ඇතිමලේ පොලිස් ස්ථානාධිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව(CID) විසින් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි. ඒ, මොනරාගලදී සිදු වූ ගංජා ජාවාරම සම්බන්ධයෙනි. |
2023-01-12T16:19:12.000Z | චීනය ශ්‍රී ලංකාවට උදව් කරන්නේ කිසිදු යටි අරමුණකින් නෙවෙයි - වැඩබලන චීන තානාපති | චීනය උදව් කරන්නේ කිසිදු යටි අරමුණකින් නෙවෙයි | COLOMBO ( News 1st ) - චීනය ශ්‍රී ලංකාවට අධාර උපකාර කිරීමේ කිසිදු යටි අරමුණක් නොමැති බව වැඩබලන චීන තානාපති හූ වෙයි මහතා පවසයි. ඔහු මේ බව අද(12) ප්‍රකාශ කළේ, මහනුවරදීය. චීන බෞද්ධ සංගමය අද මහනුවර, පාතදුම්බර හා අකුරණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල අඩු ආදායම් ලාභී පවුල් 1600 කට වියළි ආහාර ද්‍රව්‍ය බෙදා දුන්නේය. වැඩ බලන චීන තානාපති හූ වෙයි මහතා, චීන රජය පහුගිය අවුරුද්දේ බිලියන 900 ක් වගේ චීන මුදල් ලංකාවේ රජයට හා මහජනතාවට පරිත්‍යාග කර තිබෙනවා. ඒ වගේම මෙට්‍රික් ටොන් 10000 ක සහල් හා මෙට්‍රික් ටොන් 9000 ක ඩීසල් පරිත්‍යාග කළා. පාසල් දරුවන් වෙනුවෙන් නිල ඇඳුම් පරිත්‍යාග කර තිබෙනවා. චීනයේ විහාරස්ථාන හා ජනතාව ඊට ආධාර ලබා දුන්නා. හෙට ඔබට මුහුණ දීමට සිදුවන කුමන දුෂ්කරතා වුවත් ඔබට කල්‍යාණ මිත්‍රයෙක් ඉන්නවා. ඒ තමයි චීනය මට එක් අවස්ථාවක ලාංකිකයෙක් ප්‍රශ්නයක් යොමු කළා. ඇයි මේ තරම් ලංකාවට උදවු කරන්නේ, ඒ වෙනුවෙන් මොනවද ඔබ බලාපොරොත්තුවෙන්නේ යටි අරමුණ මොකක්ද කියලා. මම ඔහුට කිව්වා, අන් අයට උදව් උපකාර කර ලබන සතුට තරම් දෙයක් චීනයට තවත් නැහැ කියලා. චීනය ලාංකිකයින්ට උදව් කිරීමෙන් ලබන්නේ සතුට පමණයි. |
2023-01-12T16:09:33.000Z | තවත් තරගයක් ඉතිරිව තිබියදීම ශ්‍රී ලංකාවට එරෙහි එක්දින තරගාවලියේ ජය ඉන්දියාවට | ශ්‍රී ලංකාවට එරෙහි එක්දින තරගාවලියේ ජය ඉන්දියාවට | COLOMBO ( News 1st ) - ශ්‍රී ලංකාවට එරෙහි දෙවැනි එක්දින ක්‍රිකට් තරගය සත්කාරක ඉන්දීය කණ්ඩායම කඩුලු 4කින් අද (12 ) ජය ගත්තේ ය. කොල්කටා හී ඊඩ්න් ගාඩ්න්ස් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන තරගය ආරම්භයට පෙර සීනුව නාද කරනු ලැබූවේ, හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර විසිනි. පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස අවිශ්ක ප්‍රනාන්දු දැවී ගියේ ලකුණු 20කදී ය. කුසල් මෙන්ඩිස් සහ නුවනිදු ප්‍රනාන්දු අතර දෙවන කඩුල්ලේ සම්බන්ධතාවය ලකුණු 73ක් වූ අතර කුසල් මෙන්ඩිස් ලකුණු 34ක් රැස් කිරීමට සමත් විය. අද (12) එක් දින වරම් දිනූ නුවනිදු ප්‍රනාන්දු මංගල එක් දින අර්ධ ශතකය ලබා ගත්තේ 4 පහර 6ක් ද සමගිනි. චරිත් අසලංක ලකුණු 15කට දැවී ගිය අතර වනිදු හසරංග ලකුණු 21 රැස් කළේ ය. ලකුණු 152ක දී ශ්‍රී ලංකා මුල් පෙළ කඩුලු 7 බිඳ වැටුණි. කුල්දීප් යාදව් සහ මොහොහඩ් සිරාජ් කඩුලු බැගින් දවා ගැනීමට සමත් වූ අතර තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 215ක් රැස් කළේ ය. පිළිතුරු ලෙස ඉන්දීය කණ්ඩායම තරගය ජය ගත්තේ කඩුලු 6ක් දැවී සිටියදී ය. ඔවුන්ගේ මුල් පෙළ කඩුලු 2 ලකුණු 41කදී බිඳ වැටුණු අතර නායක රෝහිත් ශර්මා ලකුණු 17කට දැවී ගියේ ය. මේ අතර අතර විරාත් කෝලි ලකුණු 4ක් රැස් කිරීමට සමත් වූ අතර හර්ඩික් පාන්ඩ්‍යා ලකුණු 36ක් රැස් කළේ ය. ලෝකේෂ් රාහුල් නොදැවී ලකුණු 64ක් ලබා ගැනීමට සමත් වූ අතර ඒ අනුව තරග 2 - 0ක් ලෙස ඉන්දීය කණ්ඩායම තරගාවලියේ ජය තහවුරු කරගෙන අවසන් ය. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තුන්වන සහ අවසන් එක්දින ක්‍රිකට් තරගය ලබන 15 වැනිදා පැවැත්වීමට නියමිතය. |
2023-01-12T15:57:07.000Z | රුපියල් මිලියන 200ක වියදමින් 75වන නිදහස් දිනය සැමරීමට රජය සැරසෙයි.. | නිදහස් දින සැමරුමට වියදම රු. මිලියන 200ක් | COLOMBO ( News 1st ) - රුපියල් මිලියන 200 ක වියදමින් 75 වන නිදහස් දිනය සැමරීමට රජය සූදානම්ව සිටී. ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය,අශෝක ප්‍රියන්ත මහතා, ඒ අදාළ කටයුතු සඳහා මිලියන 575ක විතර විශාල ඇස්තමෙන්තුවක් අපිට ලැබුණා. අපි මේ පැවැත්වෙන ප්‍රවෘත්ති සාකච්ඡාව මෙතනට ගේන්න පෙර මං හිතනවා ජනාධිපති ලේකම් කාර්යාලය, ස්වදේශ කටයුතු අමාත්‍යංශයත් රැස්වීම් වාර අඩුම තරමේ විස්සකට විසි පහකට එහා පවත්වලා තියෙනවා. ඒ අනුව එහි ප්‍රතිඵලයක් විදිහට මිලියන පන්සිය හැත්තෑ පහක් වූ ඇස්තමේන්තුව එහෙම නැත්නම් වියදම ගණනය කිරීම අපි මේ වෙද්දි මිලියන 200 ක වගේ ප්‍රමාණයකට එ කියන්නෙ අත්‍යවශ්‍ය කළ යුතු සහ උපරිම අවම වියදම් බවට මිලියන දෙසීයක් දැනට ගෙනත් තියෙනවා. මේ මිලියන දෙසියත් අමතරව එහෙම නැත්තම් වැඩිපුර තැන්කින් ගන්න ඒවා නෙවෙයි රාජ්‍ය අමාත්‍යාංශ වල විෂය පථයන් වලින් අමාත්‍යාංශවලට පැවරිලා තියෙන විෂයනුත් ඒ වගේම රාජ්‍ය නොවන පුද්ගලික අංශයෙන් යම් යම් ආධාර උපකාර සහ කැමැත්තෙන් සම්පත් දායිකයින් සහ අනුග්‍රහ භවතුන්ගෙන් ලබාගත්තු ආධාර මත තමයි මිලියන 200 කට මෙම අභිමානවත් 75 වෙනි නිදහස් උත්සවය සමරන්න සූදානම් වෙලා තියෙන්නේ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා, නමෝ නමෝ මාතා සියවසකට පියවරක් යන තෙමාව යටතේ මෙම සැමරුම පැවැත්විමට රජය සූදානම් වෙනවා. ඒ අනුව ආගමික වැඩසටහන්වලට මුල් තැන දෙමින් ආගමික වැඩසටහන් පෙබරවාරි මස 2වන දින ආරම්භ කරමින් මෙම ජාතික වැඩසටහන ආරම්භ කිරිමට රජය සැලසුම් සකස් කර තිබෙනවා. මේ වසර අපි ඉදිරි වසර 25 සදහා ඉලක්ක ගත වැඩපිලිවලක් යටතේ මේ කටයුතු සම්පාදනය කරන්න බලාපොරොත්තු වෙනවා. කලින් කලට, ජනාදිපතිගෙන් ජනාදිපතිට, ආන්ඩුවෙන් ආන්ඩුවට, ඇමතිගෙන් ඇමතිට වෙනස් වන මාරු වන ප්‍රතිපත්ති වෙනුවට ඉදිරි වසර 25 සදහා ඉලක්ක ගත ජාතික ප්‍රතිපත්තියක් සම්පාදනය කිරිම මූලික අරමුණක් විදියට අපි කටයුතු කරනවා. |
2023-01-12T14:00:33.000Z | ජනවාරි 15 වැනිදා සිට විදුලිය ගාස්තු වැඩිකෙරේ... | ජනවාරි 15 වැනිදා සිට විදුලිය ගාස්තු වැඩිකෙරේ... | COLOMBO ( News 1st ) - කැබිනට් මණ්ඩලයේ තීරණයට අනුව ජනවාරි 15 වැනිදා සිට විදුලිය ගාස්තු වැඩිකර ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලය අද(12) ප්‍රකාශ කළේ ය. එහි සාමාන්‍යාධිකාරී ඉංජිනේරු රොහාන් සෙනෙවිරත්න මහතා පැවසුවේ, මාසයකින් මේ වැඩි කළ ගාස්තු අයකිරීම පිළිබඳ දත්ත මහජන උපයෝගීතා කොමිසමට ලබාදීමට පියවර ගන්නා බවයි. ''සකස් කරපු අය ක්‍රමය තමයි කැබිනට් මණ්ඩලය දැන් අනුමත කරලා තියෙන්නේ මාසෙක කාලපරිච්ඡේදයකට.ඊට පස්සේ අපි කළේ අපේ සියලු දත්ත දෙන්න ඕන මහජන උපයෝගීතා කොමිසමට.මේ සියලු දත්ත දීලා තියෙන්නේ දැන්. ඒ දත්ත දුන්නාට පස්සේ ඒ දත්ත ඒගොල්ලො පරික්ෂා කරලා අඩුපාඩුවක් තියෙනවා නම් හරි අපිත් එක්ක සාකච්ඡා කරලා මොනවා හරි තියනව නම් මහජන උපයෝගිතා කොමිසමට පුළුවන් ඒ පිළිබඳව තවත් පරිශීලනය කරල පරික්ෂා කරල පෙබරවාරි 15 වෙද්දී, මහජන උපයෝගීතා කොමිසම කියන්න ඕන මෙන්න මේවා තමයි අය ක්‍රමය කියලා. යම්කිසි හේතුවක් නිසා එය ක්‍රමය අඩු උනොත් අපි ආපහු ජනවාරි පළවෙනිදා ඉඳන් අඩු කරල වෙනස් කරනවා. '' කැබිනට් අනුමැතිය ලැබුණු යෝජනාවට අනුව ජනවාරි 15 වනදා සිට ගෘහස්ත විදුලි ඒකක සඳහා වන ස්ථාවර ගාස්තු ද ඉහළ දමා තිබේ. ඒ අනුව ඒකක 0 සිට 30 දක්වා, රුපියල් 120 ක් ව පැවති ස්ථාවර ගාස්තුව, රුපියල් 400 දක්වා වැඩිවනු ඇති. ඒකක 31 සිට 60 දක්වා රුපියල් 240 ක්වූ ස්ථාවර ගාස්තුව රුපියල් 550 ක් දක්වා වැඩි වෙයි. ඒකක 60 සිට 90 සහ ඒකක 90 සිට 180 දක්වා පැවති ස්ථාවර ගාස්තු පිලිවෙලින්, රුපියල් 650 සහ 1500 දක්වා වැඩි වනු ඇති. ඒකක 180 ට එහා රුපියල් 1500 ක්ව පැවති ස්ථාවර ගාස්තුව රුපියල් 2000 ක්වා වැඩි වන අතර, පූජනීය ස්ථාන සඳහා වන ස්ථවර ගාස්තුද වෙනස් වෙයි. මේ පූජනීය ස්ථාන සදහා අයකිරීමට යන ස්ථාවර ගාස්තු. ඒකක 0-30 = 90rs = 400 rs ඒකක 31 -90 = 120rs = 550rs ඒකක 90-120 = 120 = 650rs ඒකක 120 - 180 = 450 = 1500rs ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී ඉංජිනේරු රොහාන් සෙනෙවිරත්න මහතා ''අලුතෙන් යෝජනා කරලා තියෙන අය ක්‍රමය යටතේ, රුපියල් 214 කියන එක 753 දක්වා වැඩි වෙනවා. 677 දැන් තියෙන එක මේ අය ක්‍රමය යටතේ 2178 දක්වා වැඩි වෙනවා. මේක අපි සකස් කරල තියෙනවා කොයි විදිහටද කොයි විදිහටද වෙනස් වෙන්නේ කියලා. මේ අපි කිව්වේ ගෘහස්ථ අය ක්‍රමය යටතේ. indastrial එක ගත්තොත් වැඩිවීම, දැනට රුපියල් විස්සක් තියෙන ඒකකයක් kva 42 ට වඩා අඩු රුපියල් විස්සක් විතර තියෙන ඒකකයක් 26 දක්වා වැඩි වෙනවා. දිවා කාලයේ 34.50 ට තියෙන එක 40 දක්වා වැඩි වෙනවා ඒ නිසා කර්මාන්ත අංශයට වැඩි වීම ගොඩක් අඩුයි. 48.42 වගේ ප්‍රමාණයක cost එක මේ වසරේ. මේ වසරේ අය ක්‍රමය වෙනස් නො කළොත් අපේ ආදායම එන්නේ unit එකකට 29.14 යි. ඕක තමයි පරතරය ඔය විදිහට විශාල පරතරයක් තියෙනවා. '' ගාස්තු වැඩි නොකළොත් බරපතල අර්බුදයක් ඇතිවන බවද විදුලි බල මණ්ඩලය පවසයි. ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති එන්.එස්. ඉලංගකෝන් මහතා , ''ගල් අඟුරුවලට මුදල් ගෙවීම සඳහා දැඩි මූල්‍ය අර්බුදයක් තියෙනවා. මේ දවස් වෙනකොට විදුලිබල මණ්ඩලයේ තියෙන බෙදාහැරීමේ කොටස් හතරම අපේ සමහර නිලධාරීන් විධායක ශ්‍රේණියේ නිලධාරීන් මැද ඉන්න නිලධාරීන් තමන්ගෙ අතේ සල්ලිවලින් ඩීසල් breakdown vehicleවලට ගහල තියෙනවා. දවස් හය හතක් තුළ එක division එකකට සල්ලි දීල නෑ. ඇයි ගල් අඟුරුවලට මුදල් ගෙවන්න අවශ්‍යයි. ඊයෙ වෙනකොට ගල් අගුරු නැවක් පාක් කරලා තිබුණා දවසක් වෙනකන් නොරොච්චෝලේ අපිට මුදල් කරගන්න බැරුව අන්ලෝඩ් කරගන්න බැරි වුණා. සීපීසී එකට, සීපීසී එක දැනුවත් කරලා තියනවා අත්පිට මුදලට නැත්තං තෙල් දෙන්නෙ නෑ කියලා. අපිට මෙච්චර කාලයක් වෙනකන් ආණ්ඩුව රජය විසින් යම් මුදලක් ලබා දෙන්න හැකියාව තිබුණා. ජනවාරි පළවෙනිදා ඉඳන් අපිව දැනුවත් කරලා තියෙනවා සපයා ගත් දෙන්නෙ නෑ කියලා ආණ්ඩුව විසින් තනියම අපි කරන්න ඕනේ කියන එක. අලාබෙට යුනිට් එකක් විකුණලා විකුණලා දිගටම ගිහිල්ලා, අපිට සිද්ධ වුණොත් විදුලිබල මණ්ඩලය විදිහට රටේ මහජනතාව ඔබතුමා, අපිත් ඇතුළුව විශාල අර්බුදයකට මෑතකදී යොමු වෙනවා මේ කටයුත්ත සිද්ධ වුණේ නැත්නම්. හානිදායක නොවන උපරිම හානිදායක නොවන ආකාරයට කරන්න පුළුවන් මිල වැඩි කිරීම තමයි අපි කරල තියෙන්නෙ. '' |
2023-01-12T13:53:45.000Z | IMF එකඟතාවන්ට ජනවාරි මාසය අග වනවිට එළැඹීමේ වැඩි අවස්ථාවක් තියෙනවා - මහ බැංකු අධිපතිවරයා | IMF ණය පහසුකම ලැබෙයිද? | COLOMBO ( News 1st ) - ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අපේක්ෂා කරන අමෙරිකානු ඩොලර් බිලියන 2.9ක ණය පහසුකමට අදාළ එකඟතාවන්ට ජනවාරි මාසය අග වනවිට එළැඹීමේ වැඩි අවස්ථාවක් ඇති බව මහ බැංකු අධිපති, ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කළේ ය. නමුත් ඔහු පෙන්වා දෙන්නේ එය අනෙකුත් පාර්ශ්වයන් මත තීරණය වන්නක් බව ය. මෙම පසුබිම තුළ ශ්‍රී ලංකාවට ලබා දී ඇති ණය කපා හැරීමක් කඩිනමින් සිදුකරන ලෙස ඉන්දියාවෙන් හා චීනයෙන් ඉල්ලීමක් කර ඇති බව ද මහබැංකු අධිපතිවරයා BBC News light වැඩසටහන සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් කියා සිටියේ ය. ඔහු පෙන්වා දුන්නේ, ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳව අදාළ පාර්ශ්ව කඩිනමින් කටයුතු කළ යුතුව ඇති බව ය. එය දෙපාර්ශ්වයටම යහපත් බව ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාගේ අදහස වී තිබේ. මේ අයුරින් කැපවීම් දිගින් දිගටම මගහැරීමට අවස්ථාවක් නොමැති බව පෙන්වා දී ඇති ඔහු අවධාරණය කර ඇත්තේ එය ආයෝජක විශ්වාසය පළුදු කරන්නක් බව ය. මේ අතර BBC News light වැඩසටහන සමග අදහස් දක්වා ඇති අමෙරිකානු තානාපති ජූලි චන්ග් මහත්මිය පවසා ඇත්තේ චීනය තවදුරටත් මෙම ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධ කටයුතු ප්‍රමාද නොකළ යුතු බව ය. එය ශ්‍රී ලංකාවට අයහපත් කරුණක් බවත්, ශ්‍රී ලංකාවාසීන් වෙනුවෙන්වත් චීනය මෙම ක්‍රියාව කළ යුතු බවත් ඇය ප්‍රකාශ කර තිබේ. |
2023-01-12T12:59:26.000Z | ජනපති උපදෙස් මත විශේෂ දළදා ප්‍රදර්ශනයක් මාර්තු 04 වැනිදා | විශේෂ දළදා ප්‍රදර්ශනයක් මාර්තු 04 වැනිදා | COLOMBO ( News 1st ) - මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ තැන්පත් කර ඇති දන්ත ධාතූන් වහන්සේ සියලු ලෝකවාසී ජනතාව වෙත ප්‍රදර්ශනය කිරීමට ජනාධිපතිවරයාගේ උපදෙස් මත තීරණය කර තිබේ. ඒ අනුව, එළැඹෙන මාර්තු 04 වැනිදා ලක්වාසී මෙන්ම ලෝකවාසී ජනතාව වෙනුවෙන් උතුම් දළදා වහන්සේ ප්‍රදර්ශනයට තීරණය කර ඇති බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය, අශෝක ප්‍රියන්ත මහතා පවසයි. ඒ බව ඔහු සඳහන් කළේ, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (12) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය. |
2023-01-12T12:11:52.000Z | ඡන්දෙට සල්ලි දෙන්න පුළුවන් - භාණ්ඩාගාර නිලධාරීන් මැතිවරණ කොමිසමට තහවුරු කෙරේ | ඡන්දෙට සල්ලි දෙන්න පුළුවන් | COLOMBO ( News 1st ) - මැතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය මුදල් කිසිදු බාධාවකින් තොරව ලබා දිය හැකි බව භාණ්ඩාගාර නිලධාරීන් මැතිවරණ කොමිසමට තහවුරු කර තිබේ. නිව්ස්ෆස්ට් කළ විමසීමකදී මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවේ රටේ පවතින ආර්ථික තත්ත්වය හමුවේ මැතිවරණ පැවැත්වීම සඳහා අවශ්‍ය මුදල් නිසි පරිදි ලබා දිය නොහැකි බවට විවිධ මත පලවීම් සම්බන්ධයෙන් විමසිම සඳහා මහා භාණ්ඩාගාර නිලධාරීන් ඊයේ මැතිවරණ කොමිසම හමුවට කැඳවා විමසීමක් කළ බවයි. මැතිවරණය යනු ව්‍යවස්ථාපිත කටයුත්තක් බැවින් ඒ සඳහා අවශ්‍ය මුදල් නියමිත පරිදි කිසිදු බාධාවකින් තොරව ලබා දිය හැකි බව නිලධාරීන් එහිදී දැනුම් දී තිබේ. මෙම සාකච්ඡාව සඳහා මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ඇතුළු සමාජිකයින්, මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා සහ මැතිවරණ කොමිසමේ ප්‍රධාන මූල්‍ය නිලධාරියා ද සහභාගි වී තිබේ. |
2023-01-12T11:23:23.000Z | පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් 664කට උසස් වීම්.. | STF නිලධාරීන් 664කට උසස් වීම්.. | COLOMBO ( News 1st ) - පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් 664 දෙනෙකුට උසස් වීම් ලබා දී තිබේ. පොලිස් විශේෂ කාර්ය බලකාය(STF)සඳහන් කළේ, පොලිස් පරීක්ෂක තනතුරේ සිට ප්‍රධාන පොලිස් පරීක්ෂක තනතුරට නිලධාරින් තිදෙනෙකු ද, උප පොලිස් පරීක්ෂක තනතුරේ සිට පොලිස් පරීක්ෂක තනතුරට නිලධාරින් 41 දෙනෙකු ද, උසස් කර ඇති බව ය. පොලිස් සැරයන් තනතුරේ සිට උප පොලිස් පරීක්ෂක තනතුරට 111 ක් ද, පොලිස් සැරයන් රියැදුරු තනතුරේ සිට උප පොලිස් පරීක්ෂක තනතුරට නිලධාරින් 08 දෙනෙකු ද, පොලිස් කොස්තාපල් රියැදුරු තනතුරේ සිට පොලිස් සැරයන් රියැදුරු තනතුරට නිලධාරින් 06 දෙනෙකු ද, උසස්වීම ලබා දී ඇති අය අතරට අයත් වේ. පොලිස් කොස්තාපල් තනතුරේ සිට පොලිස් සැරයන් තනතුරට නිලධාරීන් 495 ක් ද, උසස් වීම් ලබා ඇති බව පොලිස් විශේෂකාර්ය බලකාය සඳහන් කළේ ය. පොලිස් විශේෂකාර්ය බලකායේ එකවර උසස්වීම් ලද වැඩිම නිලධාරීන් සංඛ්‍යාව මෙය වේ. |
2023-01-12T09:26:23.000Z | ආදර්ශනී කරදනට ඇප.. | ආදර්ශනී කරදනට ඇප.. | COLOMBO (News 1st) - පරිගණක අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගත් ආදර්ශනී කරදන ඇප මත මුදා හැර තිබේ. පොලීසිය සඳහන් කළේ, මහාචාර්ය ආශු මාරසිංහ ගොනුකළ පැමිණිල්ලකට අදාළව අත්අඩංගුවට ගැනීම සිදුකළ බවයි. රුපියල් මිලියන 100ක මුදලක් බලෙන් ලබා ගැනීමට උත්සාහ කිරීමකට අදාලව මහාචාර්ය ආශු මාරසිංහ විසින් මෙම පැමිණිල්ල ගොනුකර ඇත. |
2023-01-12T08:15:01.000Z | සතොස භාණ්ඩ වර්ග 04ක මිල අඩු කෙරේ.. | සතොස භාණ්ඩ වර්ග 04ක මිල අඩු කෙරේ.. | COLOMBO ( News 1st ) - ලංකා සතොස භාණ්ඩ වර්ග 04ක මිල අඩු කර තිබේ. ඒ අනුව, දේශීය සම්බා සහල් රුපියල් 05 කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 220 කි. එමෙන්ම දේශීය සුදු කැකුළු රුපියල් 16 කින් අඩුකර ඇති අතර එහි නව මිල සටහන් වන්නේ රුපියල් 189 ක් ලෙසය. තව ද දේශීය නාඩු රුපියල් 02 කින් අඩුකර ඇති අතර එහි නව මිල රුපියල් 198 ක් ලෙස සටහන්ව ඇත. එමෙන්ම තිරිඟු පිටි රුපියල් 5කින් අඩුකර ඇකි අතර එහි නව මිල රුපියල් 240කි |
2023-01-12T07:25:47.000Z | ධනුෂ්ක ගුණතිලකගේ නඩුව කල් යයි | ධනුෂ්ක ගුණතිලකගේ නඩුව කල් යයි | COLOMBO (News 1st) - කාන්තාවකට ලිංගික අතවර කිරීමේ චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකගේ නඩුව පෙබරවාරි 23 වැනි දා දක්වා කල් දමා තිබේ. ඒ, එම නඩුව අද (12) ඔස්ට්‍රේලියාවේ ඩව්නිං සෙන්ටර් ප්‍රාදේශීය උසාවියේදී කැඳවූ අවස්ථාවේදීයි. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, පොලීසියට සාක්ෂි සටහන් සම්පූර්ණ කිරීමට කාලය ලබා දෙමින් මෙලෙස නඩුව කල් දමා ඇති බවයි. පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වීම සඳහා ඔස්ට්‍රේලියාවට ගොස් සිටියදී ධනුෂ්ක ගුණතිලක සැකපිට අත්අඩංගුවට ගැනුණා. ඒ, කාන්තාවකට ලිංගික අතවර කිරීමේ චෝදනා මතයි. |
2023-01-12T06:21:55.000Z | පාස්කු ප්‍රහාරය: හිටපු ජනපති මෛත්‍රීපාල ඇතුළු විත්තිකරුවන් 5 දෙනෙකුගෙන් වන්දි අයකර ගැනීමට නියෝග | පාස්කු ප්‍රහාර වින්දිතයින්ගේ නඩුවේ තීන්දුව | COLOMBO (News 1st) - සහරාන් හෂිම් ප්‍රමුඛ අන්තවාදීන් කතෝලික දේවස්ථාන හා ආර්ථික මරමස්ථාන ඉලක්කකොට මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කරන බවට බුද්ධි තොරතුරු ලැබි තිබියදිත් ඒවා වැළැක්වීමට අවශ්‍ය පියවර නොගැනීමෙන් හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර, ජාතික බුද්ධි ප්‍රධානි සිසිර මෙන්ඩිස් හා රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානි නිලන්ත ජයවර්ධන යන වගඋත්තරකරුවන් පෙත්ම්කරුවන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කර ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය අද (12) තීරණය කර තිබේ. ඒ අනුව, හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට රුපියල් මිලියන 100 ක වන්දියක් ගෙවන ලෙසත් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර හා නිලන්ත ජයවර්ධනට රුපියල් මිලියන 75 බැගින් වූ වන්දියක් ගෙවන ලෙස හා හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට රුපියල් මිලියන 50ක වන්දියක් ගෙවන ලෙසත් ජාතික බුද්ධි අංශ ප්‍රධානී සිසිර මෙන්ඩිස් මහතාට රුපියල් මිලියන 10 ක වන්දියක් ගෙවන ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර ඇත. මේ සියලු මුදල් එකතු කර එහිදී ඝාතනයට ලක් වූ එක් පුද්ගලයෙකු වෙනුවෙන් රුපියල් මිලියනය බැගින් රජය ගෙවිය යුතු බවටත් නියෝග කළ විනිසුරු මඩුල්ල බරපතළ තුවාල ලැබූ පුද්ගලයකුට රුපියල් ලක්ෂ 5 බැගින් වූ වන්දි ගෙවන ලෙසත් නියෝග කර ඇත. එමෙන්ම හිටපු රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී නිලත්ත ජයවර්ධන මහතාට මාස 6 ක් තුළ වහාම විනය පියවර ගන්නා ලෙස ද විනිසුරු මඩුල්ල නියෝග නියම කර තිබේ. මෙකි කටයුතු වහාම අධීක්ෂණය කර තම අධිකරණයට වාර්තාකරන ලෙස නීතිපතිවරයාට නියෝග කිරීම ද කළේ ය. |
2023-01-12T01:58:38.000Z | ශ්‍රී ලංකාවට තීරණාත්මක ඉන්දියාවට එරෙහි දෙවන එක්දින ක්‍රිකට් තරගය අද | ශ්‍රී ලංකා - ඉන්දියා දෙවන එක්දින සටන අද | COLOMBO (News 1st) - සංචාරක ශ්‍රී ලංකාව සහ ඉන්දීය කණ්ඩායම අතර දෙවන එක්දින ක්‍රිකට් තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද (12) පස්වරු 1.30 ට පැවැත්වේ. ඒ, කොල්කටාහී ඊඩ්න් ගාඩ්න්ස් ක්‍රීඩාංගණයේදීයි. ඉන්දීය කණ්ඩායමේ කිසිදු වෙනසක් පිළිබඳව මේ වන තෙක් වාර්තා නෙවන අතර ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක ඩිල්ශාන් මදුශංක ආබාධයකට ලක්වීම හේතුවෙන් එක්ස් රේ පරීක්ෂණයකට ලක් කර ඇත. මීට අමතරව පන්දුව ශරීරයේ වැදීම නිසා චාමික කරුණාරත්න ආබාධයකට ලක්ව ඇති අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ නිකුත් කළ නිවේදනයේ දැක්වුණේ, ඔහු අද තරගයට ක්‍රීඩා කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බවයි. ඩිල්ශාන් මදුශංක මෙම තරගයට ක්‍රීඩා නොකළ හොත් ඒ වෙනුවට දකුණත් වේග පන්දු යවන ක්‍රීඩක ලහිරු කුමාර කණ්ඩායමට එක් කර ගනු ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වේ. දෙරට අතර එක්දින තරගාවලියේ පළමු තරගය ඉන්දීය කණ්ඩායම ජය ගත්තේ ලකුණු 67කිනි. ඒ අනුව ඉන්දීය කණ්ඩායම තරගාවලියේ පෙරමුණේ රැඳී සිටින්නේ 1ට 0ක් ලෙසයි. තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ ජයග්‍රහණය පිළිබඳ බලාපොරොත්තු රඳවාගැනීමට නම් අද තරගය ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය කිරීම අනිවාර්ය වේ. |
2023-01-12T01:35:31.000Z | බිත්තර ආනයනය ගැන විශේෂ සාකච්ඡාවක් අද | බිත්තර ආනයනය ගැන විශේෂ සාකච්ඡාවක් අද | COLOMBO (News 1st) - බිත්තර ආනයනය කිරීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ජාවක් අද (12) පැවැත්වේ. ඒ, අද පෙරවරු 8.30ට මුදල් අමාත්‍යාංශයේදීයි. මේ සඳහා මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා, වෙළෙඳ අමාත්‍යාංශය ලේකම්වරයා සහ කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු ඉහළපෙළේ නිලධාරීන් පිරිසක් සහභාගීවීමට නියමිතව තිබේ. නිව්ස්ෆස්ට් කළ විමසීමකදී කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ මහතා සඳහන් කළේ, බිත්තර ආනයනය සම්බන්ධයෙන් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සිදු කළ විශේෂ අධ්‍යයනයේ වාර්තාව අද පෙරවරුවේ කෘෂිකර්ම අමාත්‍යාංශයට ලබාදීමට නියමිතව ඇති බවයි. අදාළ වර්තාවෙන් නිර්දේශිත කරුණු පිළිබඳව මුදල් අමාත්‍යාංශයේ අද පැවැත්වෙන හමුවේදී කරුණු දැක්වීමට බලාපොරොත්තු වන බව කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම්වරයා පැවසීය. කෙසේ වෙතත් කුරුළු උණ රෝගය පිළිබඳව අවදානමක් ඇති රටවලින් බිත්තර ආනයනය සිදු නොකිරීමට සැලසුම් කර ඇත. මේ අතර ලෝක කුකුළු විද්‍යා සංගමයේ ශ්‍රී ලංකා ශාඛාව සහ ශ්‍රී ලංකා පශු වෛද්‍ය සංගමය ඊයේ (11) කොළඹදී ඒකාබද්ධ මාධ්‍ය හමුවක් කැඳවමින් කියා සිටියේ, විදෙස් රටවලින් කුකුළු බිත්තර ආනයනය කිරීම මගින් රටතුළ කුරුළු උණ රෝගය ව්‍යාප්ත වීමේ අවදානමකට ළක්විය හැකි බවයි. |
2023-01-12T01:30:51.000Z | අමාත්‍යාංශවලින් 5% ක ප්‍රතිපාදන කප්පාදුව ගැන විශේෂ චක්‍රලේඛයක් | අමාත්‍යාංශ ප්‍රතිපාදන 5% කප්පාදුව ගැන චක්‍රලේඛයක් | COLOMBO (News 1st) - අයවැයෙන් අමාත්‍යාංශවලට වෙන් කළ ප්‍රතිපාදනවලින් 5% ක් කපා හැරීමට අදාළ චක්‍රලේඛය කඩිනමින් නිකුත් කරන බව මුදල් අමාත්‍යාංශය පවසයි. එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියකු සඳහන් කළේ, එම චක්‍රලේඛය අමාත්‍යාංශ ලේකම්වරුන් වෙත යොමු කරන බවයි. කැබිනට් මණ්ඩලය ගත් තීරණය අනුව එක් එක් අමාත්‍යාංශවලින් කපා හැරිය යුතු 5% ක් වූ ප්‍රතිපාදන ප්‍රමාණයන් මේ වනවිට සලකා බලමින් සිටින බව මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ ය. මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියා සඳහන් කළේ, කැබිනට් මණ්ඩලය මීට අදාළව ලබා දී ඇති නිර්දේශ සහ පවතින ප්‍රායෝගික තත්ත්වයන් සැලකිල්ලට ගෙන මෙම චක්‍රලේඛය සකස් කරන බවයි. පවතින ආර්ථික අර්බුදය හමුවේ අමාත්‍යාංශ ක්‍රියාත්මක වන්නේ, රාජ්‍ය ණයවලින් බැවින් මෙම 5% ක් අඩු කිරීම මගින් රාජ්‍ය ආයතන පවත්වාගෙන යාම සඳහා ලබාගත යුතු ණය ප්‍රමාණය අඩු වනු ඇතැයි මුදල් අමාත්‍යාංශය පැවසීය. |
2023-01-12T01:19:02.000Z | සීමා නිර්ණ ජාතික කමිටු වාර්තාව ප්‍රමාද වන ලකුණු | සීමා නිර්ණ ජාතික කමිටු වාර්තාව ප්‍රමාද වන ලකුණු | COLOMBO (News 1st) - පළාත් පාලන ආයතන සඳහා වූ කොට්ඨාස සීමා නිර්ණය කිරීමේ ජාතික කමිටුවේ අවසන් වාර්තාව නිකුත් කිරීම ප්‍රමාද විය හැකි බව එහි සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි. සභාපතිවරයා කියා සිටියේ, දිස්ත්‍රික් ලේකම්වරුන් තිදෙනකු උසස්වීම් ලැබීම, දිස්ත්‍රික් ලේකම්වරු සිව්දෙනකු විශ්‍රාම යාම, සංඛ්‍යාලේඛන නිලධාරීන් 17 දෙනෙකු ස්ථාන මාරු වීම, ජ්‍යෙෂ්ඨ මිනින්දෝරු අධිකාරීවරුන් 9 දෙනෙකු ස්ථාන මාරු වීම සහ සහකාර හා නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරුන් මැතිවරණ රාජකාරි සමග කාර්ය බහුල වීම ඇතුළු හේතු හමුවේ මෙම ප්‍රමාද වීම සිදු වන බවයි. පෙබරවාරි 28 වැනි දා වනවිට සිය කමිටුවේ අවසන් වාර්තාව රජයට භාර දිය යුතු වුවත් පවතින තත්ත්වය හමුවේ එය ලබන මාර්තු අවසානය දක්වා ප්‍රමාද වීය හැකි බව කමිටුවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේ ය. ඔහු පවසුවේ, සිය කමිටුවේ අවසන් වාර්තාව භාරදීම සඳහා ලබා දී ඇති කාලය තවදුරටත් දීර්ඝ කරන්නැයි ලබන සතියේ බලධාරීන්ගෙන් ඉල්ලීමක් කරන බවය. සීමා නිර්ණය කිරීමේ ජාතික කමිටුවේ අවසන් වාර්තාව ප්‍රමාද වීමෙන් මැතිවරණය පැවැත්වීමට කිසිදු බාධාවක් නැතැයි මහින්ද දේශප්‍රිය මහතා පැවසීය. පළාත් පාලන ආයතන සඳහා වූ කොට්ඨාස සීමා නීර්ණය කිරීමේ ජාතික කමිටුව පත් කරනු ලැබුවේ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසිනි. පළාත් පාලන ආයතන සභික සංඛ්‍යාව 8000 සිට 4000ක් පමණ දක්වා අඩු කිරීම මෙම කමිටුව පත් කිරීමේ එක් අරමුණක් වේ. මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ සභාපතීත්වයෙන් යුතු එම කමිටුවේ සෙසු සාමාජිකයන් වන්නේ ජයලත් දිසානායක, ඩබ්ලිව්.එම්.එම්.ආර් අධිකාරි, කේ. තවලිංගම් සහ අයි.ඒ හමීඩ් යන මහත්ම මහත්මීන් ය. |
2023-01-12T00:50:13.000Z | ඉන්දියාව සත්කාරකත්වය දරන "වොයිස් ඔෆ් ග්ලෝබල් සවුත් සමිට්" සමුළුවට ජනපති සූම් හරහා එක්වෙයි | "වොයිස් ඔෆ් ග්ලෝබල් සවුත් සමිට්": ජනපති එක්වෙයි | COLOMBO (News 1st) - ඉන්දියාව සත්කාරකත්වය දරන "වොයිස් ඔෆ් ග්ලෝබල් සවුත් සමිට්" සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (12) සහභාගීවීමට නියමිතව තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, ජනාධිපතිවරයා සූම් ඔස්සේ අද දිනයේ මෙම සමුළුව සඳහා සහභාගී වන බවයි. බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා මහත්මිය ඇතුළු රාජ්‍ය නායකයින් 20 දෙනෙකු මෙම සමුළුවට සහභාගීවීමට නියමිතව ඇති බව වාර්තා වේ. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ප්‍රධානත්වයෙන් අද සහ හෙට මෙම සමුළුව පැවැත්වෙනු ඇති. ඒ සඳහා අසල්වැසි රටවල නායකයින් හැරුණු විට ඇන්ගෝලියා, ඝානා, නයිජීරියා, මොසැම්බික් හා සෙනගල් යන අප්‍රිකානු රටවල නායකයින්, ආසියානු සංගමයේ සාමාජිකත්වය දරන තායිලන්ත, කාම්බෝජය සහ වියට්නාමය යන රටවල නායකයින් මෙන්ම උස්බෙකිස්ථානය, මොංගෝලියාව, එක්සත් අරාබි එමීර් සහ පැපුවා නිව්ගිනියා යන රටවල නායකයින් සහභාගීවීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ය. |
2023-01-12T00:33:42.000Z | ගෙවුණු දිනය උණුසුම් කළ පුවත් | ගෙවුණු දිනය උණුසුම් කළ පුවත් | 1. හිටපු ජනපති මෛත්‍රීට එරෙහි පෙත්සම් සම්බන්ධ තීන්දුව හෙට - 2019 අප්‍රේල් 21 වනදා සහරාන් හෂිම් ඇතුළු අන්තවාදින් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කරන බවට තොරතුරු ලැබී තිබිය දී එම ප්‍රහාරය වළක්වා ගැනීමට නිසි පියවර නොගැනීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු පොලිස්පති පුජිත් ජයසුන්දර ඇතුළු බලධාරින්ට නීතිමය පියවර ගන්නැයි නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබූ මුලික අයිතිවාසිකම් පෙත්සම් 13 සම්බන්ධයෙන් වන තීන්දුව අද (12) නිකුත් කිරීමට නියමිතය. 2. අන්තරේ වසන්ත බලන්න මානව හිමිකම් කොමිසමේ විශේෂ නියෝජිත කණ්ඩායමක් රිමාන්ඩ් බන්ධනාගාරයට - රක්ෂිත බන්ධනාගාරගත කර සිටින අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ මහතාගේ රැඳවුම් තත්ත්වය පරීක්ෂා කිරීමට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ විශේෂ නියෝජිත කණ්ඩායමක් කොළඹ රක්ෂිත බන්ධනාගාරය වෙත ගොස් තිබේ. 3. ආශුගේ පැමිණිල්ලකට අදාළව ආදර්ශනී පොලිස් අත්අඩංගුවට - ආදර්ශනී කරදන පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ. 4. මහින්ද, ගෝඨාභය ඇතුළු පිරිසට පැනවූ සම්බාධක ගැන වැඩ බලන කැනේඩියානු මහකොමසාරිස්ගෙන් කරුණු විමසයි - මානව හිමිකම් උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් කැනඩාව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හා ගෝඨාභය රාජපක්ෂ මහත්වරුන් ඇතුළු සිව්දෙනෙකුට සම්බාධක පැනවීමට තීරණය කළේ ය. 5. හෙට සිට නැවත දැනුම් දෙනතුරු කෙටි දුම්රිය ගමන්වාර 40ක් අවලංගුයි - අද (12) සිට නැවත දැනුම් දෙනතුරු කෙටි දුම්රිය ගමන්වාර 40 ක් අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. |
2023-01-11T16:54:17.000Z | හිටපු ජනපති මෛත්‍රීට එරෙහි පෙත්සම් සම්බන්ධ තීන්දුව හෙට.. | මෛත්‍රීට එරෙහි පෙත්සම් සම්බන්ධ තීන්දුව හෙට.. | COLOMBO ( News 1st ) - 2019 අප්‍රේල් 21 වනදා සහරාන් හෂිම් ඇතුළු අන්තවාදින් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කරන බවට තොරතුරු ලැබී තිබිය දී එම ප්‍රහාරය වළක්වා ගැනීමට නිසි පියවර නොගැනීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු පොලිස්පති පුජිත් ජයසුන්දර ඇතුළු බලධාරින්ට නීතිමය පියවර ගන්නැයි නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබූ මුලික අයිතිවාසිකම් පෙත්සම් 13 සම්බන්ධයෙන් වන තින්දුව හෙට (12) නිකුත් කිරීමට නියමිතය. සරත් ඉද්දමල්ගොඩ පියතුමා ප්‍රමුඛ කතෝලික පුජකවරුන් ,ව්‍යපාරිකයින් ඇතුළු පිරිසක් මෙම මුලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කර තිබේ. |
2023-01-11T15:50:11.000Z | අන්තරේ වසන්ත බලන්න මානව හිමිකම් කොමිසමේ විශේෂ නියෝජිත කණ්ඩායමක් රිමාන්ඩ් බන්ධනාගාරයට.. | වසන්ත බලන්න මානව හිමිකම් නියෝජිතයින් යයි | COLOMBO ( News 1st ) - රක්ෂිත බන්ධනාගාරගත කර සිටින අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ මහතාගේ රැඳවුම් තත්ත්වය පරීක්ෂා කිරීමට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ විශේෂ නියෝජිත කණ්ඩායමක් අද (11) කොළඹ රක්ෂිත බන්ධනාගාරය වෙත ගොස් තිබේ. අදාළ නියෝජිත කණ්ඩායමට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ කොමසාරිස් වෛද්‍ය නිමල් කරුණාසිරි , එහි අධ්‍යක්ෂ නිහාල් චන්ද්‍රසිරි යන මහත්වරුන් ඇතුළු තවත් දෙදෙනෙකු ඒ අතරට ඇතුළත් ය. වසන්ත මුදලිගේ මහතා රඳවා සිටි රැඳවුම් ස්ථානය වෙත ගොස් ඔහුගේ රැඳවුම් තත්වය පරීක්ෂා කළ බව මානව හිමිකම් කොමිසම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ය. ඒ අනුව රැඳවුම් තත්ත්වය වැඩිදියුණු කිරීම සඳහා ගතයුතු පියවර පිළිබඳව මානව හිමිකම් කොමිසම බන්ධනාගාර නිලධාරින් දැනුවත් කර තිබෙන අතර රැඳවියන් වෙත ලබා දෙන ආහාර සහ, ඒවා පිළියෙළ කරන ආකාරය සම්බන්ධයෙන් ද මානව හිමිකම් කොමිසමේ නිලධාරීන් කරුණු විමසා බලා තිබේ. මෙම පරීක්ෂණයේදී හඳුනා ගත් කරුණු පිළිබඳව වැඩිදුර කරුණු විමසීම සඳහා ඉදිරියේදී බන්ධනාගාර නිලධාරින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට කැඳවීමට නියමිත ය. |
2023-01-11T13:43:06.000Z | වේග පන්දු යවන ක්‍රීඩක ඩිල්ශාන් මදුශංක ආබාධයකට ලක්වෙයි.. | ක්‍රීඩක ඩිල්ශාන් මදුශංක ආබාධයකට ලක්වෙයි.. | COLOMBO ( News 1st ) - ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක ඩිල්ශාන් මදුශංක ආබාධයකට ලක්ව තිබේ. ඉන්දීය කණ්ඩායමට එරෙහිව ඊයේ (10) පැවැති පළමු එක් දින ක්‍රිකට් තරගයේ දී ඔහු මෙම ආබාධයට ලක්ව තිබුණි. ඩිල්ශාන් මදුශංක,එක්ස් රේ පරීක්ෂණයකට ලක් කර ඇති අතර එහි ප්‍රතිඵල අනුව ඔහු පිළිබඳව කණ්ඩායම් කළමනාකාරීත්වය තීරණයක් ගනු ඇති බව ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ ය. මේ අතර ඊයේ (10) තරගයේදී පන්දුව ශරීරයේ වැදීම නිසා ආබාධයකට ලක් වූ චාමික කරුණාරත්න හෙට (12) පැවැත්වෙන දෙවැනි එක් දින තරගයට සහභාගී කරවීමට අපේක්ෂා කරන බව ද අදාළ නිවේදනයේ සඳහන් ය. |
2023-01-11T12:51:37.000Z | ආශුගේ පැමිණිල්ලකට අදාළව ආදර්ශනී පොලිස් අත්අඩංගුවට | ආදර්ශනී කරදන පොලිස් අත්අඩංගුවට | COLOMBO (News 1st) - ආදර්ශනී කරදන පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ. පොලීසිය සඳහන් කළේ, මහාචාර්ය ආශු මාරසිංහ ගොනුකළ පැමිණිල්ලකට අදාළව පරිගනක අපරාද කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගැනීම සිදුකළ බවයි. රුපියල් මිලියන 100ක මුදලක් බලෙන් ලබා ගැනීමට උත්සාහ කිරීමකට අදාලව මහාචාර්ය ආශු මාරසිංහ විසින් මෙම පැමිණිල්ල ගොනුකර ඇත. |
2023-01-11T12:44:04.000Z | මහින්ද, ගෝඨාභය ඇතුළු පිරිසට පැනවූ සම්බාධක ගැන වැඩ බලන කැනේඩියානු මහකොමසාරිස්ගෙන් කරුණු විමසයි.. | කැනඩාවේ චෝදනා අසත්‍යයයි - අලි සබ්‍රි | COLOMBO ( News 1st ) - මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් කැනඩාව ඊයේ (10) හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හා ගෝඨාභය රාජපක්ෂ මහත්වරුන් ඇතුළු සිව් දෙනෙකුට සම්බාධක පැනවීමට තීරණය කළේ ය. 1983 සිට 2009 දක්වා කාලසීමාවේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හා ගෝඨාභය රාජපක්ෂ මහත්වරුන් ඇතුළු සිව් දෙනෙකුට සම්බාධක පැනවීමට තීරණය කළ බව කැනඩා විදේශ කටයුතු අමාත්‍ය මෙලනි ජෝලි මහත්මිය ඊයේ (10) නිවේදනය කළාය. මෙහිදී විශේෂ ආර්ථික පියවර පනතේ රෙගුලාසි යටතේ පනවා ඇති ඉලක්කගත සම්බාධක අනුව එරට තුළ ඇති වත්කම් අත්හිටුවීමට ඉඩ ලැබෙන අතර සංක්‍රමණ හා සරණාගත පනත යටතේ කැනඩාවට ඇතුළු වීමට අවසර නොමැති පුද්ගලයින් බවට ද පත්වේ. මේ අතර හිටපු ජනාධිපතිවරුන් දෙදෙනා ඇතුළු සිව්දෙනාට සම්බාධක පැනවීම පිළිබඳව කරුණු විමසීම සඳහා විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා මෙරට සිටින වැඩ බලන කැනේඩියානු මහකොමසාරිස් ඩැනියෙල් බූඩ් මහතා අද (11) විදේශ කටයුතු අමාත්‍යාංශයට කැඳවා තිබුණි. විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ ට්විටර් පණිවිඩයක සඳහන් වූයේ, ඒකපාර්ශ්විකව සිදුකළ මෙම සම්බාධක පැනවීම පිළිබඳව විදේශ කටයුතු අමාත්‍යවරයා වැඩ බලන මහකොමසාරිස්වරයාට රජයේ බලවත් කණගාටුව ප්‍රකාශ කළ බවයි. කැනඩා රජය ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපතිවරුන් දෙදෙනා ඇතුළු සිව් දෙනාට සම්බාධක පනවා ඇත්තේ තහවුරු නොකළ චෝදනා මත යැයි ද අලි සබ්රි මහතා මෙහි දී දැනුම්දී තිබේ. මෙම සම්බාධක අනුව ඔවුන්ට කැනඩාවට ඇතුළු වීමට අවසර නොමැති අතර එරට තුළ වත්කම් ඇත්නම් ඒවා ද අත්හිටුවීම සිදුවේ. |
2023-01-11T12:37:03.000Z | හෙට සිට නැවත දැනුම් දෙනතුරු කෙටි දුම්රිය ගමන්වාර 40ක් අවලංගුයි | දුම්රිය ගමන්වාර 40ක් අවලංගුයි.. | COLOMBO (News 1st) - හෙට (12) සිට නැවත දැනුම් දෙනතුරු කෙටි දුම්රිය ගමන්වාර 40 ක් අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ,පවතින සේවක හිඟය හේතුවෙන් මෙම තීරණය ගත් බවයි. |
2023-01-11T12:32:01.000Z | නිදහස් ජනතා සන්ධානය පිහිටුවයි... | නිදහස් ජනතා සන්ධානය පිහිටුවයි... | COLOMBO (News 1st ) - පළාත් පාලන මැතිවරණය ඉලක්ක කරගනිමින් නිදහස් ජනතා සන්ධානය නමින් නව සන්ධානයක් පිහිටු වීම අද (11) සිදු කෙරුණේ ය. මෙම නව සන්ධානය සඳහා දේශපාලන පක්ෂ 12ක් සහ පාර්ශව 62 සහභාගීත්වය හිමිව තිබේ. |
2023-01-11T12:20:04.000Z | නාකොටික් අත්අඩංගුවේ සිටි වෘත්තීය පුහුණු අධිකාරියේ කළමනාකරණ සහකාරවරයෙක් ජීවිතක්ෂයට | නාකොටික් අත්අඩංගුවේ සිටි සැකකරුවෙක් මරුට.... | COLOMBO ( News 1st ) - පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සැකපිට අත්අඩංගුවට ගෙන සිටි ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ කළමනාකරණ සහකාරවරයෙක් තුවාල සහිතව කොළඹ ජාතික රෝහලට ඇතුළත්කර සිටියදී ජීවිතක්ෂයට පත්ව තිබේ. ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ කළමනාකරණ සහකාරවරයෙකු වන සමන්ත ප්‍රීතී කුමාර මහතා නාරාහේන්පිට පිහිටි කාර්යාලයේ සිට අසළ ආපනශාලාවක් වෙත දහවල් ආහාර ලබා ගැනීම සඳහා ගොස් තිබුණු අතර ආහාර රැගෙන කාර්යාලයට පැමිණෙන අතරතුර ජීප් රථයකින් පැමිණි පිරිසක් ප්‍රීති කුමාර මහතා රැගෙන ගොස් ඇති බව සඳහන් ය. රාත්‍රිය වනතුරුත් ඔහු නාරාහේන්පිට සිය නවාතැනට නොපැමිණීම නිසා වෘත්තීය පුහුණු අධිකාරියේ විදුහල්පතිවරයා ඔහුගේ මව ඇතුළු ඥාතීන්ට මේ බව දන්වා තිබේ. පසුව මව ඇතුළු ඥාතීන්ට වාර්තා වී තිබුණේ, සමන්ත ප්‍රීති කුමාර මහතාගේ සිරුර ජාතික රෝහලේ ඇති බව ය. ඒ පිළිබඳව අදහස් දැක්වු ප්‍රීති කුමාර මහතාගේ මව ප්‍රකාශ කළේ,පසුගිය 09 වැනිදා රැකියාව සඳහා පැමිණි සිය දරුවා මළ කඳක් වී ඇති බව ය. මේ පිළිබඳව අප කළ විමසීමකදී, පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කළේ , මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත ජාලයක් පිළිබඳව සිදුකළ විමර්ශනයක් අතරතුර එම ජාලයේ ඉහළ මට්ටමේ සිටින පුද්ගලයෙකු බවට සැකපිට සමන්ත ප්‍රීතී කුමාර මහතා අත්අඩංගුවට ගෙන ඇති බව ය. ඊයේ (10) පස්වරුවේ අත්අඩංගුවට ගත් මෙම පුද්ගලයාගෙන් ඔහුට ඉහළින් එම මත්ද්‍රව්‍ය ජාලයේ සිටින පුද්ගලයින් පිළිබඳව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය ප්‍රශ්න කළ බවත්, එහිදී බෝතලයක් දෙකට කඩා සැකකරු පොලීසියට පහර දී ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ ය. එහිදී පොලිස් නිලධාරියෙකු තුවාල ලැබූ බවත් මේ හේතුවෙන් පොලිස් නිලධාරීන් සැකකරුගේ දෙපාවලට පහර දී ඇති බවත්, පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළ අතර පහරදෙන අවස්ථාවේ සිහිසුන්ව ඇද වැටී ඇති සැකකරු ඊයේ (10) රාත්‍රීයේ ජාතික රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන ඇති අතර එහිදී ඔහු එහිදී ජීවිතක්ෂයට පත් වී තිබේ. තුවාල ලැබූ පොලිස් නිලධාරියා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බව ද පොලීසිය ප්‍රකාශ කළ අතර 41 හැවිරිදි එක්දරු පියෙකු වන සමන්ත ප්‍රීති කුමාර මහතා මීටියාගොඩ තෙල්වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මරණය පිළිබඳව මරදාන පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ. |
2023-01-11T11:21:29.000Z | ඡන්දය පැවැත්වීමට ගත් තීරණයේ බෙදීමක් ඇති බවට පළවන වාර්තා අසත්‍යයි - මැතිවරණ කොමිසම | පළවන වාර්තා අසත්‍යයි - මැතිවරණ කොමිසම | COLOMBO ( News 1st ) - පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ගත් තීරණයේ බෙදීමක් පවතින බවට පළවන වාර්තා අසත්‍ය බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසයි. එහි සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා මේ බව සඳහන් කළේ අද (11) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකදී ය. ඇප මුදල් භාර ගැනීම වළක්වමින් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා නිකුත් කළ චක්‍රලේඛය සම්බන්ධයෙන් කරුණු විමසීමට ඔහු මැතිවරණ කොමිසම හමුවට කැඳවීමට අපේක්ෂා කරන බව ද සභාපතිවරයා මෙහිදී ප්‍රකාශ කළේ ය. තවද, කොමිෂන් සභාව මැතිවරණයක් ප්‍රකාශයට පත් කර ඇති මේ මොහොතේ මැතිවරණ කටයුතු සම්බන්ධව විවිධ ක්‍රියාකාරකම් මැතිවරණ කොමිෂන් සභාව සිදු කරමින් පවති. තව ද නාම යෝජනා කැඳවීමේ ගැසට් පත්‍රය නිකුත් කිරීමේ දී ද කොමිසමේ සියලුම සාමාජිකයින් එකඟතාවෙන් හා අත්සනින් යුතුව සිදුකර තිබෙන බව ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති, නීතිඥ නිමල් පුංචිහේවා මහතා සඳහන් කළේ ය. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.