date
stringlengths
24
24
title
stringlengths
0
176
short_title
stringlengths
10
69
content
stringlengths
0
19.7k
2023-01-20T07:58:36.000Z
රජයේ බදු ප්‍රතිපත්තියට එරෙහිව වෘත්තීය සමිති අදත් කොළඹදී විරෝධතාවල
රජයේ බදු ප්‍රතිපත්තියට එරෙහිව කොළඹදී විරෝධතා
COLOMBO ( News 1st ) - බදු ප්‍රතිපත්තියට විරෝධය පළ කරමින් අද (20) කොළඹ ස්ථාන රැසකදී වෘත්තිකයන් රැසක් විරෝධතාවක නිරතව සිටිති. මුදල් අමාත්‍යංශ්‍ය ඉදිරිපිටට රැස්වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ ප්‍රමුඛ වෘත්තිකයන් හේතුවෙන් ලෝටස් මාර්ගය ද පැය කිහිපයක් වසා දැමිණ. අද දහවල් නෙ‍ළුම් පොකුණ ඉදිරිපිටට රැස්වූ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලන විරෝධතාවට පොලිසියෙන් බාධා එල්ල විය. පසුව එම පිරිස බස් රථවල නැගී ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට පැමිණි අතර එහිදීද විරෝධතාකරුවන් හා පොලිසිය අතර උණුසුම් තත්ත්වයක් ඇති විය. මේ වන විට විරෝධතාකරුවන්ගෙන් පිරිසක් මුදල් අමාත්‍යංශය ඉදිරිපිටත් , තවත් පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිපිට විරෝධතා සඳහා වෙන් කළ ස්ථානයේත් රැඳී සිටින අතර තවත් පිරිසක් ලොටස් මාර්ගයට පිවිසුම් දොරටුව සමීපයේ රැඳී සිටින බව අප වාර්තාකරුවෝ පවසති.
2023-01-20T07:48:56.000Z
නිව්යෝර්ක් වැසියන්ට කොරෝනා නිසා ගෙවන්න බැරි වුණ විදුලි,ගෑස් හිඟ මුදල් කපා හැරේ
නිව්යෝර්ක් හී ගෑස් විදුලි හිඟ මුදල් කපා හරියි
COLOMBO ( News 1st ) - කොරෝනා වසංගතය හේතුවෙන් අමෙරිකාවේ නිව්යෝක් ප්‍රාන්තයේ ගෙවීමට අපොහොසත් වූ ඩොලර් මිලියන 672ක් වටිනා විදුලි සහ ගෑස් බිල්පත්වල හිඟ මුදල් කපා හැරීමට නිව්යෝක් බලධාරීන් තීරණය කර තිබේ. නිව්යෝක් බලධාරින් එම තීරණය ගෙන ඇත්තේ, පාරිභෝගිකයින්ට සහන සැළසීමේ අරමුණෙනි. මේ හරහා හිඟ මුදල් ගෙවීමට තිබූ පාරිභෝගිකයින් ලක්ෂ 5කගේ පමණ සහ කුඩා ව්‍යාපාර හිමියන් 56,000කගේ මෙතෙක් නොගෙවූ බිල්පත් කපා හැරීමට නියමිතයි. ඒ අනුව බිල්පත් ගෙවීමේ අපහසුතා තිබූ එම පුද්ගලයින්ට අඛණ්ඩව ගෑස් සහ විදුලි පහසුකම් භාවිත කිරීමේ අවස්ථාව හිමිවනු ඇති.
2023-01-20T05:38:40.000Z
ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණ සහතිකය IMF වෙත දුන්නා.. සෙසු ණය හිමියන් එකහාසමානව ක්‍රියාකරනු ඇතැයි අපේක්ෂා කරනවා - ඉන්දීය විදේශ ඇමති
ඉන්දීය - ශ්‍රී ලංකා විදේශ ඇමතිවරුන්ගේ මාධ්‍ය හමුව
COLOMBO ( News 1st ) - ඉන්දියාව කල් මැරීමකින් තොරව ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණ සහතිකය ජාත්‍යන්තර අරමුදල වෙත ලබා දුන් බවත් සෙසු ණය හිමියන් ද එක හා සමානව ක්‍රියාකරනු ඇතැයි, අපේක්ෂා කරන බවත් ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයශංකර් මහතා පවසයි. මෙරට නිල සංචාරයක නිරත ඉන්දීය විදේශ අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, ඒකාබද්ධ මාධ්‍ය හමුවකට එක්වෙමිනි. ඉන්දීය විදේශ අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ,ත්‍රිකුණාමලය බලශක්ති කේන්ද්‍රස්ථානයක් ලෙස වැඩිදියුණු කිරීම සඳහා හවුල්කරුවෙකු වීමට ඉන්දියාව සූදානම්ව සිටින බවයි. ජෙයශංකර් මහතා පැවසුවේ බලශක්ති, සංචාරක ක්ෂේත්‍රවලට ඉන්දීය ආයෝජකයින් ගෙන එන බවයි. ඒ සඳහා ශ්‍රී ලංකාව තුළ ව්‍යාපාරික හිතවාදී පරිසරයක් අපේක්ෂා කරන බවත් රජය ඊට පහසුකම් සපයනු ඇතැයි අපේක්ෂා කරන බව ද ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්.ජෙයශංකර් මහතා මෙහිදී පැවසී ය. ඔහු සඳහන් කළේ, ශ්‍රී ලංකාව තුළ පුනර්ජනනීය බලශක්තිය වෙනුවෙන් විශාල අවකාශයක් ඇති බවයි. ත්‍රිකුණාමලය බලශක්ති කේන්ද්‍රස්ථානයක් ලෙස වැඩිදියුණු කරන්න හවුල්කරුවෙකු වන්න ඉන්දියාව සූදානම් බව ද ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්.ජෙයශංකර් මහතා සඳහන් කළේ ය. ඔහු පැවසුවේ පුනර්ජනනීය බලශක්ති රාමුවක් ගැන ප්‍රතිපත්තිමය එකඟතාවලට එළැඹි බවයි. ඉන්දියාවත් - ශ්‍රී ලංකාවත් වෙළඳාම රුපියල්වලින් සිදුකිරීම යහපත් ප්‍රවණතාවක් බවද ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා පැවසී ය. ඔහු පැවසුවේ 13 වන ව්‍යවස්ථා සංශෝධනය ඔස්සේ සිදුකළ, බලය බෙදාහැරීම සම්බන්ධයෙන් කෙරෙන සාකච්ඡා ඉතා වැදගත් බවයි. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඉන්දියාවේ සංචාරයකට පැමිණෙන ලෙසට ආරාධනා කර ඇතැයිද මෙම ඒකාබද්ධ මාධ්‍ය හමුවේදී සඳහන් කළේ ය. මෙහිදී අදහස් පළ කළ ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි මහතා පැවසුවේ ඉන්දියාව දක්වන සහායට ශ්‍රී ලංකා රජයේ ස්තුතිය පිරිනමන බවයි. ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයශංකර් සහ ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය අලි සබ්‍රි මහත්වරුන් සහභාගී වූ මෙම ඒකාබද්ධ මාධ්‍ය හමුවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද එක්ව සිටියේ ය.
2023-01-20T05:13:13.000Z
තවත් ගල්අඟුරු නැවක් ළඟා වෙයි
තවත් ගල්අඟුරු නැවක් ළඟා වෙයි
COLOMBO ( News 1st ) - තවත් ගල්අඟුරු නෞකාවක් මෙරටට ළඟා වී තිබේ. ලංකා ගල්අඟුරු සමාගමේ සභාපති ශේහාන් සුමනසේකර මහතා සඳහන් කළේ, මේ මාසය ඇතුළත ගල්අඟුරු රැගත් නෞකා 05 ක් ළඟා වී ඇති බවයි. මෙරටට පැමිණ ඇති 4 වන නෞකාවේ ගල්අඟුරු මේ වන විට නොරෝච්චෝලේ බලාගාරයට ගොඩබාමින් ඇතැයි ද ගල්අඟුරු සමාගමේ සභාපතිවරයා සඳහන් කළේ ය. අනිද්දා වන විට එහි ගල්අඟුරු ගොඩ බා අවසන් වේ. මේ මාසය තුළ ගල්අඟුරු නෞකා 07 ක් මෙරටට ළඟා වීමට නියමිතව තිබේ.
2023-01-20T05:04:35.000Z
මුජිබුර් රහුමාන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙයි
මුජිබුර් රහුමාන් මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙයි
COLOMBO ( News 1st ) - මුජිබුර් රහුමාන් මහතා අද පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්විය. ඒ , කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ධුරයට සමගි ජන බලවේගය යටතේ තරග කිරීම සඳහායි. මේ අතර පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසුවේ, මුජිබර් රහුමාන් මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායන මහතා වෙත භාර දුන් බවයි. මේ අනුව නවවැනි පාර්ලිමේන්තුවේ මුජිබර් රහුමාන් මහතාගේ අසුන හිස්ව ඇති බව ද පාර්ලිමේන්තු මහලේකම්වරයා මැතිවරණ කොමිෂන් සභාපතිවරයාට දන්වා තිබේ.
2023-01-20T04:17:56.000Z
ගිනිගෙන මුහුදුබත් වූ එක්ස්ප්‍රස් පර්ල් නැවේ කොටසක් ගොඩගනී
මුහුදුබත් වූ එක්ස්ප්‍රස් පර්ල් නැවේ කොටසක් ගොඩගනී
COLOMBO ( News 1st ) - මෙරට මුහුදේ ගිනිගෙන මුහුදුබත් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ කොටසක් ගොඩගත් බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසයි. නෞකාව ගොඩ ගැනීම සිදු කරනු ලබන්නේ, චීන සමාගමක් විසිනි. සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති, නීතිඥ දර්ශනි ලහඳපුර මහත්මිය ප්‍රකාශ කළේ, එම නෞකාව මෙරට මුහුදු සීමාවෙන් එපිටට රැගෙන යන බවයි. මේ වන විට නෞකාව කොටස් දෙකකට කපා එක් කොටසක් ජලය මතු පිට පා වෙන තත්ත්වයට පත් කර ඇති අතර තවත් නෞකා දෙකක් ආධාරයෙන් එය රඳවා තබාගෙන තිබේ. නීතිඥ දර්ශනි ලහඳපුර මහත්මිය ප්‍රකාශ කළේ,සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය එම කටයුතු සමීපව අධීක්ෂණය කරමින් පරිසර හානිය අවම කර ගැනීමට අවශ්‍ය උපදෙස් හා මග පෙන්වීම සිදු කරමින් පවතින බවයි මේ අතර එක්ස්‍ප්‍රස් පර්ල් නෞකාව මුහුදුබත් වීමෙන් මෙරට සාගර පරිසර පද්ධතියට වූ හානි වෙනුවෙන් වන්දි ලබා ගැනීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර තිබේ. සභාපතිවරිය පැවසුවේ, එහි දෙවැනි අතුරු වාර්තාව අධිකරණ අමාත්‍යවරයා වෙත භාරදුන් බවයි. එමගින් ඉල්ලා ඇති වන්දි මුදල ඩොලර් බිලියන 6.5 ක් වන අතර එම වන්දි ලබා ගැනීම සඳහා ලබන මාසයේ සිංගප්පූරු අධිකරණයේ දී එක්ස්ප්‍රස් පර්ල් නෞකාව අයත් සමාගමට එරෙහිව නඩු පවරන බව ද ඇය ප්‍රකාශ කළා ය.
2023-01-20T03:06:26.000Z
රඹුක්කන ද්විත්ව ඝාතනයේ ප්‍රධාන සැකකරු ඇතුළු 3ක් අත්අඩංගුවට
රඹුක්කන ද්විත්ව ඝාතනයේ ප්‍රධාන සැකකරු අල්ලයි
COLOMBO ( News 1st ) - රඹුක්කන හුරියමාළුව ප්‍රදේශයේ දී තරුණයින් දෙදෙනෙකු ඝාතනය කොට වළ දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරු ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ, කෑගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසිනි . පොලීසිය පැවසුවේ, සැකකරුවන් පුත්තලම ප්‍රදේශයේ සැඟව සිටිය දී අත්අඩංගුවට ගත් බවයි. අත්අඩංගුවට ගෙන ඇත්තේ 29,34,35 යන වයස්වල පසුවන සැකකරුවන් තිදෙනෙකි. අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු රඹුක්කන ප්‍රදේශයේ අයිස් මත්ද්‍රව්‍ය ජාලය මෙහෙය වන පුද්ගලයා බව පොලීසිය සඳහන් කළේ ය. පොලීසිය සඳහන් කළේ, ඔහු සමග අයිස් මත්ද්‍රව්‍ය අලෙවි කිරීමේදි ඇතිවූ මුදල් ආරවුලක් මත එම තරුණයින් දෙදෙනාට පහර දී ඝාතනය කර රඹුක්කන හුරියමාළුව ප්‍රදේශයේ දී වළ දමා තිබූ බව ය. එම තරුණයින් දෙදෙනා අතුරුදන්ව ඇති බවට මාවනැල්ල පොලීසියට ලද පැමිණිල්ලක් මත කළ පරීක්ෂණ වලදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනුණි. එහිදී ලැබුණු තොරතුරක් අනුව එම සැකකරුවන් ඝාතනය කර වළ දමා සිටිය දී සොයා ගත් අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (20) කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.
2023-01-20T02:33:04.000Z
සුමිත්‍රා පීරිස් මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව නිදහස් චතුරස්‍රයේ දී ..
සුමිත්‍රා පීරිස් මහත්මියගේ අවසන් කටයුතු හෙට
COLOMBO ( News 1st ) - අභාවප්‍රාප්ත සිනමාවේදීනී සුමිත්‍රා පීරිස්ගේ අවසන් කටයුතු හෙට (21) දිනයේ දී සිදු කිරීමට නියමිතව තිබේ. රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කළේ,රාජ්‍ය ගෞරව සහිතව නිදහස් චතුරශ්‍රයේ දී සුමිත්‍රා පීරිස් මහත්මියගේ අවසන් කටයුතු සිදු කෙරෙන බවයි. සම්මානනීය සිනමා අධ්‍යක්ෂිකා, අභාවප්‍රාප්ත ආචාර්ය සුමිත්‍රා පීරිස් මහත්මියගේ දේහය මහජන ගෞරවය සඳහා අද (20) පෙරවරු 9.00 සිට තිඹිරිගස්යාය ගවර්ස් ස්ට්‍රීට් හි 15/2 නිවසේ තැන්පත් කර තැබෙයි. හෙළ සිනමාවේ පළමු වෘත්තීයමය චිත්‍රපට අධ්‍යක්ෂකවරිය වූ, සුමිත්‍රා පීරිස් මහත්මිය මෙරට සිනමාවට දායාද කළ චිත්‍රපට ගණන 10 කි. සිනමා සංස්කරණ ශිල්පිනියක ලෙස ද සිය ප්‍රතිභාව විදහා පෑ සුමිත්‍රා පීරිස් මහත්මිය ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා සමග එක්ව මෙරට සිනමාව පෝෂණය කිරීමෙහිලා ඉටු කළ මෙහෙය අනභිභවනීය වේ. 88 හැවිරිදි ඇය ඊයේ (19) උදෑසන දිවි ගමනෙන් සමු ගත්තා ය.
2023-01-20T01:43:32.000Z
දැඩි ශීත කාලගුණයෙ ඇෆ්ගනිස්ථානයේ මිය ගිය සංඛ්‍යාව 78 ක් දක්වා ඉහළට
ශීත කාලගුණයෙන් ඇෆ්ගනිස්ථානයට බලපෑම්..
COLOMBO ( News 1st ) - දැඩි ශීත කාලගුණය හේතුවෙන් ඇෆ්ගනිස්ථානයේ මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 78 ක් දක්වා ඉහළ ගොස් තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, එරටට වසර 15 කින් ඇතිවුණු දරුණුතම ශීත සෘතුව මෙය බව ය. ඇෆ්ගනිස්ථානයේ ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය ඍණ සෙල්සියස් අංශක 34 ක් ලෙස සටහන් වී ඇති අතර මෙම තත්ත්වය හමුවේ එරට ආහාර සුරක්ෂිතතාවට බලපෑම් එල්ල කරමින් ගොවිපළ සත්ත්වයින් 77, 000ක් පමණ මියගොස් ඇති බව ද විදෙස් වාර්තාවල සඳහන් ය. ඒ , ඇෆ්ගනිස්ථානය තලෙයිබාන් පාලනයට යටත්ව දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දෙමින් සිටින පසුබිමකදී ය. ඉදිරි දින කිහිපය තුළ දී තත්ත්වය තවත් දරුණු විය හැකි බැවින් විපතට පත් පුද්ගලයින්ට මානුෂීය ආධාර සැපයීම පිළිබඳව ගෝලීය අවධානය යොමු විය යුතු බව ඇෆ්ගන් ආපදා කළමනාකරණ අමාත්‍යංශයේ නිලධාරියෙකු ප්‍රකාශ කළේ ය.
2023-01-20T01:29:43.000Z
පස් කන්දක් කඩා වැටී පේරාදෙණියේ හිමිනමක් අපවත් වෙති
පස් කන්දක් කඩා වැටී හිමිනමක් අපවත් වෙති
COLOMBO (News 1st) - පස් කන්දක් කඩා වැටීමෙන් පේරාදෙණිය, ඒඬුවාව පුරාණ විහාරයේ හිමිනමක් අපවත්වී තිබේ. පොලිසිය සඳහන් කළේ, උන්වහන්සේ විහාරයේ උඩ මළුවේ පූජා පවත්වමින් සිටියදී සිරුර මතට පස් කන්ද කඩා වැටී ඇති බව ය. එලෙස අපවත් වී ඇත්තේ 18 හැවිදිරි හිමිනමක් වන අතර මෘත ශරීරය පේරාදෙණිය රෝහලේ තැන්පත් කර තිබේ.
2023-01-20T01:13:56.000Z
මැතිවරණ වියදම් නියාමන පනත පුංචි ඡන්දෙ තියන්න බාධාවක් නොවෙයි - මැතිවරණ කොමිසම
නව පනතෙන් පුංචි ඡන්දෙට බාධාවක් නැහැ
COLOMBO ( News 1st ) - මැතිවරණ වියදම් නියාමන පනත සම්මත වීම පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට බාධාවක් නොවන බව මැතිවරණ කොමිෂන් සභාව අවධාරණය කර තිබේ. මැතිවරණ කොමසාරිස් ජනරාල් ,සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේ පනත සම්මත වීමත් සමග මැතිවරණ වියදම් නියාමනය සඳහා නව රෙගුලාසි සම්පාදනය කළ යුතු බව ය. මැතිවරණ වියදම් නියාමන පනත් කෙටුම්පත සංශෝධන සහිතව ඊයේ (19)පාර්ලිමේන්තුවේ දී වැඩි ඡන්දයෙන් සම්මත විය. ඒ සඳහා පැවති ඡන්ද විමසීමේදී පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 97 ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 36 කි.
2023-01-20T01:04:16.000Z
ගෙවුණ දිනය උණුසුම් කළ පුවත්
ගෙවුණ දිනය උණුසුම් කළ පුවත්
COLOMBO ( News 1st ) - දේශීය පුවත් 1.මැතිවරණ වියදම් නියාමන කිරීමේ පනත් කෙටුම්පත සංශෝධන සහිතව වැඩි ජන්දයෙන් සම්මතයි මැතිවරණ වියදම් නියාමන පනත් කෙටුම්පත සංශෝදන සහිතව ඊයේ (19)පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත විය. 2.පුංචි ඡන්දය: කල්මුණේ නගර සභාවට නාමයෝජනා භාරගැනීම වැළකූ අතුරු තහනම් නියෝගය දීර්ඝ කෙරේ. ඉදිරි පළාත් පාලන මැතිවරණයේ දී කල්මුණේ නගර සභාවට නාමයෝජනා භාරගැනීම වළක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කර තිබූ අතුරු තහනම් නියෝගය පෙත්සම් විභාගය අවසන් වනතුරු දීර්ඝ කළේ ය. 3.සංහිඳියාව සඳහා සුදුසුම කාලය දැන් එළැඹිලා - ජනපති සංහිඳියාව සඳහා සුදුසුම කාලය දැන් එළැඹ ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. 4.කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයකට හෙට පැය 09ක ජල කප්පාදුවක් කොළඹ, දෙහිවල, ගල්කිස්ස, කෝට්ටේ, කඩුවෙල, රත්මලාන සහ කටුබැද්ද යන ප්‍රදේශවලට හෙට (21) දින ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි. 5.ගලේවෙල, ආදාවල ප්‍රදේශයේ නිවසකින් තරුණයෙකුගේ සහ බාලවයස්කාර දැරියකගේ සිරුරු සොයා ගනියි. පෙම්වතාගේ පිහි පහරකට ලක්ව 24 හැවිරිදි සරසවි සිසුවියක ජීවිතක්ෂයට පත්ව පැය 72 ක් ගතවීමටත් පෙර එවැනි තවත් ඛේදනීය සිදුවීමක් ගලේවෙල, ආදාවලින් වාර්තා වී තිබේ. 6.ඉන්දීය විදේශ ඇමති ඇතුළු දූත පිරිස දිවයිනට. නිල සංචාරයක් සඳහා ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් ඇතුළු දූත පිරිසක් දිවයිනට පැමිණ තිබේ. 7.තර්ජන එල්ල වී ඇති මැතිවරණ කොමිසමේ සාමාජිකයින්ගේ ආරක්ෂාවට අවි සහිත නිලධාරීන් මැතිවරණ කොමිසමේ සාමාජිකයින්ගේ ආරක්ෂාවට අවි සහිත නිලධාරීන් යෙදවීමට ක්‍රියාකර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි. විදෙස් පුවත් 1.අභියෝගවලට මුහුණ දිය නොහැකි නම්, ඉවත්වී රට වැසියන් ගැන සිතා සුදුස්සන්ට අවස්ථාව දිය යුතුයි - ධුරය හැර යන්නට තීරණය කළ නවසීලන්ත අගමැතිනිය කියයි නව නායකත්වයකට අවස්ථාව සලසමින් නවසීලන්ත අග්‍රාමාත්‍ය ජෙසින්ඩා අර්ඩන් මහත්මිය අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ. ක්‍රීඩා පුවත් 1.නවසීලන්ත - ඉන්දීය එක්දින තරගාවලියේ පළමු තරගයේ ජය ඉන්දියාවට නවසීලන්තයට එරෙහි එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය සත්කාරක ඉන්දීය කණ්ඩායම ලකුණු 12 කින් ජය ගෙන තිබේ.
2023-01-19T15:17:59.000Z
රත්නපුර සමන් දේවාලයේ පඬුරු කාමරයේ මුදල් සොරකම: විමර්ශන CIDයට
සමන් දේවාලයේ සොරකම: විමර්ශන CIDයට
COLOMBO ( News 1st ) - රත්නපුර,සමන් දේවාලයේ මුදල් සොරකම සම්බන්ධ ඉදිරි විමර්ශන සී.අයි.ඩීය වෙත යොමු කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.
2023-01-19T14:55:06.000Z
තර්ජන එල්ල වී ඇති මැතිවරණ කොමිසමේ සාමාජිකයින්ගේ ආරක්ෂාවට අවි සහිත නිලධාරීන්
මැ.කො. සාමාජිකයින්ගේ ආරක්ෂාවට පියවර
COLOMBO ( News 1st ) - මැතිවරණ කොමිසමේ සාමාජිකයින්ගේ ආරක්ෂාවට අවි සහිත නිලධාරීන් යෙදවීමට ක්‍රියාකර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි. මෙසේ අවි සහිත නිලධාරීන් සේවයේ යෙදවීමට තීරණය කර ඇත්තේ, මැතිවරණ කොමිසමේ සාමාජිකයින්ට තර්ජන එල්ල වීම හේතුවෙනි.
2023-01-19T13:49:27.000Z
ගලේවෙල, ආදාවල ප්‍රදේශයේ නිවසකින් තරුණයෙකුගේ සහ බාලවයස්කාර දැරියකගේ සිරුරු සොයා ගනියි
රටට අහිමි වෙන තරුණ ජීවිත...
COLOMBO ( News 1st ) - පෙම්වතාගේ පිහි පහරකට ලක්ව 24 හැවිරිදි සරසවි සිසුවියක ජීවිතක්ෂයට පත්ව පැය 72 ක් ගතවීමටත් පෙර එවැනි තවත් ඛේදනීය සිදුවීමක් ගලේවෙල, ආදාවලින් වාර්තා වී තිබේ. නිව්ස්ෆස්ට් මෙම සිද්ධිය වාර්තා කරන්නේ, තරුණ ප්‍රශ්න දෙස මීට වඩා අවධානයෙන් බැලීමේ අවශ්‍යතාවද අවධාරණය කරමිනි. අපරාධ,සිය දිවි නසා ගැනීම් කිසි ලෙසකින් අනුමත කළ නොහැකි ය. එහෙත් මෙම සිදුවීම අප වාර්තා කරන්නේ, යළි මෙවන් තත්ත්වයන් ඇති නොවිය යුතු නිසාය. ගලේවෙල, ආදාවල ප්‍රදේශයේ පිහිටි කුඩා නිවෙසක් තුළ තිබී අද ( 19 ) උදෑසන තරුණයෙකු සහ බාලවයස්කාර දැරියකගේ සිරුරු සොයා ගැනුණි. මූලික පොලිස් විමර්ශනවලින් හෙළිවූ ආකාරයට මෙම මරණ සිදුව තිබුණේ, ගෙල වැලලා ගැනීමෙනි. එවැනි තත්ත්වයක් ඇතිවුනේ කෙසේද? මියගොස් සිටි 20 හැවිරිදි තරුණයා හා 14 හැවිරිදි බාලවයස්කාර දැරිය අතර තිබූ බව කියන ප්‍රේම සම්බන්ධයක් මුල්කරගෙන තරුණයා මීට සතියකට පමණ පෙර පොලීසිය අත්අඩංගුවට ගෙන තිබුණි. ඒ ඔවුන් දෙදෙනා නිවෙස්වලින් පලාගොස් සිටියදී ය. අත්අඩංගුවට ගත් තරුණයා අධිකරණයට ඉදිරිපත් කර පසුව ඇප මත මුදාහැර සිටි අතර බල වයස්කාර දැරිය දෙමව්පියන් භාරයට පත්කර තිබුණේ, පරිවාස අධීක්ෂණය යටතේ ය. නමුත් පසුව යළිත් මොවුන් දෙදෙනා නිවෙස්වලින් පලාවිත් මෙම නිවසේ වාසය කර තිබේ. දෙදෙනාගේ සිරුරු අද (19) සොයා ගැනුනේ මේ අතරතුර දීය. මෙය සිය දිවි නසා ගැනීමක්ද? නැත්නම් අපරාධයක්ද? ඒ ගැන හරියට තීරණය කරන්න වෙන්නේ පරීක්ෂණයකින් පස්සේ. නමුත් ප්‍රශ්නය වටිනා තරුණ ජීවිත මෙවැනි තත්ත්වයකට පත්වන්නේ ඇයි? පසුගිය අඟහරුවාදා ජනාකීර්ණ කොළඹ නගරයේ දී සිය පෙම්වතියගේ ගෙල කපා පලාගිය පෙම්වතා පොලීසියට පවසා තිබුණේ, ඇය තමන් හැරයාමට උත්සාහ කිරීම දරාගත නොහැකිව මෙම අපරාධය කළ බව ය. දින තුනක් ඇතුළත වටිනා ජීවිත 4 ක්... තවත් මෙවැනි ඛේදවාචක සිදුනොවීමට වහා පියවරක් ගත යුතු නොවේ ද?
2023-01-19T13:35:04.000Z
කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයකට අනිද්දා පැය 09ක ජල කප්පාදුවක්
කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයකට අනිද්දා ජල කප්පාදුවක්
COLOMBO ( News 1st ) - කොළඹ, දෙහිවල, ගල්කිස්ස, කෝට්ටේ, කඩුවෙල, රත්මලාන සහ කටුබැද්ද යන ප්‍රදේශවලට අනිද්දා (21) දින ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි. එම මණ්ඩලය සඳහන් කළේ, මහරගම, බොරලැස්ගමුව, කොළොන්නාව, කොටිකාවත්ත සහ මුල්ලේරියාව යන ප්‍රදේශවලටත් ජලසැපයුම අත්හිටුවන බව ය. එදින උදෑසන 11.00 සිට පස්වරු 9.00 දක්වා පැය 9 ක් එලෙස ජල කප්පාදුව සිදු වනු ඇති. විදුලිය මණ්ඩලයේ අත්‍යවශය නවීකරණ කටයුත්තක් මීට හේතු වී තිබේ.
2023-01-19T12:34:45.000Z
සංහිඳියාව සඳහා සුදුසුම කාලය දැන් එළැඹිලා - ජනපති
සංහිඳියාවට සුදුසුම කාලය දැන් එළැඹිලා
COLOMBO ( News 1st ) - සංහිඳියාව සඳහා සුදුසුම කාලය දැන් එළැඹ ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ, සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයේ 100 වැනි සංවත්සරය උත්සවයට අද (19 ) පෙරවරුවේ එක් වෙමිනි. 1924 දී පිහිටුවනු ලැබූ ජමියතුල් උලමා විද්වතුන්ගේ සභාව මේ වන විට ලාංකීය ඉස්ලාම් ආගමික විද්වතුන් 7,750කට ආසන්න සාමාජිකයන් සංඛ්‍යාවකින් සමන්විත ය. ඉස්ලාමීය අගයන් සහ ඉගැන්වීම් අනුව ජීවත්වන ජන සමාජයේ සහ රටෙහි සංවර්ධනයට දායක වන ආදර්ශවත් මුස්ලිම් ප්‍රජාවක් නිර්මාණය කිරීම ජමියතුල් උලමා සභාවේ අරමුණ වේ. විශේෂ කථිකයෙකු ලෙස, දකුණු අප්‍රිකාවේ ජමියතුල් උලමා සංවිධානයේ ලේකම් ඊබ්‍රාහිම් ඉස්මයිල් බහම් මවුලානා මහතා ද මීට එක්ව සිටියේය. අකිල ඉලංගෙයි අයිමෙයතුල් උලමා තුමාගේ සංවත්සරය නිමිත්තෙන් තැපැල් දෙපාර්තමේන්තුව මගින් මුද්දරයක් නිකුත් කිරීම සහ විශේෂ පුෂ්පෝපහාර දැක්වීම ද මෙහිදී සිදු කෙරිණි.
2023-01-19T12:12:22.000Z
මැතිවරණ වියදම් නියාමන කිරීමේ පනත් කෙටුම්පත සංශෝධන සහිතව වැඩි ජන්දයෙන් සම්මතයි
මැතිවරණ වියදම් නියාමන කිරීමේ පනත් කෙටුම්පත සම්මතයි
COLOMBO (News 1st) – මැතිවරණ වියදම් නියාමන පනත් කෙටුම්පත සංශෝදන සහිතව අද(19)පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත විය. ඒ සඳහා පැවති ඡන්ද විමසීමේදී පනත් කෙටුම්පතට පක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 97 කි. විපක්ෂව ලැබුණේ ඡන්ද 36 කි. ඒ අනුව මැතිවරණ වියදම් නියාමන පනත් කෙටුම්පත වැඩි ඡන්ද 61 කින් පාර්ලිමේන්තුවේදී සම්මත විය.
2023-01-19T10:39:00.000Z
පුංචි ඡන්දය: කල්මුණේ නගර සභාවට නාමයෝජනා භාරගැනීම වැළකූ අතුරු තහනම් නියෝගය දීර්ඝ කෙරේ
කල්මුණේට නාමයෝජනා භාරගැනීම තවදුරටත් වළකයි
COLOMBO (News 1st) -ඉදිරි පළාත් පාලන මැතිවරණයේ දී කල්මුණේ නගර සභාවට නාමයෝජනා භාරගැනීම වළක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කර තිබූ අතුරු තහනම් නියෝගය පෙත්සම් විභාගය අවසන් වනතුරු දීර්ඝ කළේ ය. ඒ,කල්මුණේ නගර සභාවට නාමයෝජනා භාරගැනීම අභියෝගයට ලක් කරමින් අහමඩ් ලෙබ්බේ මොහොමඩ් සලීම් හා අහමඩ් රහීම් මොහොමඩ් හසීම් යන සයින්දමර්දු ප්‍රදේශවාසීන් දෙදෙනෙකු ගොනුකර තිබු මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් සළකා බලමිනි. ඔවුන් සිය මුලික අයිතිවාසිකම් පෙත්සම්වලින් පෙන්වා තිබුණේ, තමන් මීට පෙර සයින්දමර්දු නගර සභා බල ප්‍රදේශයට අයත්ව සිටියත්, මෙවර පළාත් පළාත්පාලන මැතිවරණයට අදාළව සීමා නිර්ණයේ දී තමන් කල්මුණේ නගර සභා බල ප්‍රදේශයට අයත්වීම තුළින් තම අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවයි. විජිත් මලල්ගොඩ , යසන්ත කෝදාගොඩ සහ මහින්ද සමයවර්ධන යන විනිසුරු මඩුල්ල අද (19) මෙම පෙත්සම් විභාගයට ගැනීමට අවසර ලබා දුන්නේ ය. මේ අතර පෙත්සමෙන් වග උත්තරකරුවන් කර තිබූ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු සමාජිකයන් , සීමා නීර්ණ කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු සාමාජීකයන් හා අම්පාර තේරීම්භාර නිලධාරී සහ සහකාර තේරීම්භාර නිලධාරී ඇතුළු වග උත්තරකරුවන්ට නැවත නොතීසි යැවීමට ද විනිසුරු මඩුල්ල නියෝග කළේ ය. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය වෙනුවෙන් අද (19) අධිකරණය හමුවේ පෙනී සිටි ජනාධිපති නීතිඥ නිශාන් කාරියප්පන් මහතා ප්‍රකාශ කළේ, තම පක්ෂය ද මෙම පෙත්සම් වලට අතරමැදි පාර්ශවකරුවෙකු ලෙස මැදිහත් වන බවයි.
2023-01-19T10:15:38.000Z
USS Anchorage (LPD-23) අමෙරිකානු යුද නැව කොළඹට සේන්දු වෙයි
USS Anchorage (LPD-23) කොළඹට සේනදුවෙයි
COLOMBO (News 1st) – සහයෝගීතාවය සූදානම සහ පුහුණුව පිළිබඳ නාවික අභ්‍යාසයට (CARAT–2023 ) සහභාගීවීම සඳහා ඇමරිකානු නාවික හමුදාවට අයත් ‘USS Anchorage’ (LPD - 23) යුද නෞකාව අද උදෑසන කොළඹ වරායට සේන්දුවිය. මෙලෙස කොළඹ වරායට සේන්දු වූ San Antonio – Class amphibious transport dock වර්ගයේ යුද නෞකාවක් වන ‘USS Anchorage’ (LPD - 23) යුද නෞකාව, දිගින් මීටර් 208 ක් හා නැව් මුළුව 477 ක ගෙන් සමත්විතයි. නාවික හමුදාව පැවසුවේ, CARAT–2023 අභ්‍යාසයේ සමාරම්භක අවස්ථාවට සහභාගී වීමෙන් අනතුරුව එම නෞකාව ශ්‍රී ලංකා නාවික නෞකා ගජබාහු සහ සමුදුර නෞකාවන් සමග CARAT–2023 නාවික අභ්‍යාසයේ මුහුදු අදියර සඳහා සහභාගීවීමට නියමිත බවයි. CARAT–2023 නාවික අභ්‍යාසය සඳහා සහභාගීවීමෙන් අනතුරුව ‘USS Anchorage’ නෞකාව 27 වනදා දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව ඇත.
2023-01-19T09:40:38.000Z
ඉන්දීය විදේශ ඇමති ඇතුළු දූත පිරිස දිවයිනට..
ඉන්දීය විදෙස් ඇමති ඇතුළු දූත පිරිස දිවයිනට..
COLOMBO (News 1st) - නිල සංචාරයක් සඳහා ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් ඇතුළු දූත පිරිසක් දිවයිනට පැමිණ තිබේ. ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා මෙරට රැඳී සිටින කාල සීමාවේ ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා සහ විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා හමුවී ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වීමට නියමිතයි. ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා සමග ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ එකාබද්ධ ලේකම් පූනීත් අග්ග්‍රවාල්, අධ්‍යක්ෂ සන්දීප් කුමාර්, නියෝජ්‍ය ලේකම්වරුන් වන නීදි චවුද්ද්‍රි සහ රගූ පූරී යන අයද මෙම නිල සංචාරයට සහභාගී වන බව මීට පෙර නිවේදනය කර තිබිණ.
2023-01-19T09:30:29.000Z
අභියෝගවලට මුහුණ දිය නොහැකි නම්, ඉවත්වී රට වැසියන් ගැන සිතා සුදුස්සන්ට අවස්ථාව දිය යුතුයි - ධුරය හැර යන්නට තීරණය කළ නවසීලන්ත අගමැතිනිය කියයි
පෙබ. 07ට පෙර ධුරයෙන් ඉල්ලා අස්වෙනවා
COLOMBO ( News 1st ) - නව නායකත්වයකට අවස්ථාව සලසමින් නවසීලන්ත අග්‍රාමාත්‍ය ජෙසින්ඩා අර්ඩන් මහත්මිය අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ. ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරිය පවසා ඇත්තේ, පෙබරවාරි 7 වනදා වනවිට සිය ධුර කාලය අවසන් වනු ඇති බවත් ඉන් අතරුව තවදුරටත් රැඳී නොසිටින බවයි. අග්‍රාමාත්‍යවරිය පවසන්නේ, තවදුරටත් අග්‍රාමාත්‍යධූරය දැරිය නොහැකි බවයි. ඇය වැඩිදුරටත් සඳහන් කළේ, රටකට නායකත්වය දීම ඕනෑම කෙනෙකුට කළ හැකි වරප්‍රසාද රැසක් ලැබෙන ධුරයක් වුවත් එය අභියෝග රැසකින් සමන්විත වන බවයි. එම අභියෝගවලට මුහුණ දීමට තමන්ට හැකියාවක් නොමැති නම් ඉන් ඉවත්ව රටවැසියන් ගැන සිතා සුදුස්සන්ට අවස්ථාව ලබා දිය යුතු බව ද ඇය පවසන්නී ය. ''සාමකාමී කාලයක් හරහා රටකට නායකත්වය දීම එකක්...නමුත් අර්බුද හරහා රටකට නායකත්වයදීම තවත් දෙයක්'' 2017 වසරේදී නවසීලන්ත අග්‍රාමාත්‍යවරිය ලෙස තේරී පත් වූ 37 හැවිරිදි අර්ඩර්න් මහත්මිය වාර්තා අතරට එක්වූයේ, ලොව ලාබාලතම කාන්තා රාජ්‍ය නායිකාව ලෙසයි. අභියෝගාත්මක වසර හයක කාලයක් ඇය විසින් අග්‍රාමාත්‍යධූරය හෙබවීය. අග්‍රාමාත්‍ය ධුරයට පත්වී වසරකට පසු දරුවකු ප්‍රසූත කළ ඇය යළිත් වාර්තා අතරට එක්වූයේ, රාජ්‍ය නායිකාවකව සිටියදී දරුවකු ප්‍රසූත කළ ලොව දෙවන රාජ්‍ය නායිකාව ලෙසයි. මෑත කාලීනව නවසීලන්තයේ සිදු වූ සුවිශේෂි සිදුවීම්වලදී අර්ඩන් මුළු ලෝකයේම අවධානය දිනා ගත් අතර නවසීලතය තුළ කොවිඩ් වසංගත ව්‍යාප්තිය පාලනයට ගත් පියවර බොහෝ දෙනාගේ පැසසුමට ලක් විය.
2023-01-19T09:30:28.000Z
සෞඛ්‍ය සේවකයින් හෙළා දකිමින් කළ ප්‍රකාශයක් නිසා කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනට තාවකාලික ස්ථාන මාරුවක්
වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනට තාවකාලික ස්ථාන මාරුවක්
COLOMBO (News 1st) - සෞඛ්‍ය සේවකයින් හෙළා දකිමින් ප්‍රසිද්ධ ප්‍රකාශයක් කළැයි චෝදනා කරමින්, කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ, වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා අද (19) සේවා කාමරය තුළ පැය ගණනාවක් සිර කර තැබීමට රෝහල් සේවකයින් පියවර ගත්තේ ය. නියෝජ්‍ය වෛද්‍යවරයා මුදා ගැනීමට පොලිස් කැරළි මර්දන කණ්ඩායම් කැඳවීමට සිදුවූ අතර ජාතික රෝහලේ සෞඛ්‍ය සේවකයින් අද (19) දහවල් 12.00 ට පමණ විරෝධතාවක් ආරම්භ කළ අතර පසුව නියෝජ්‍ය අධ්‍යක්ෂවරයාගේ නිල කාමරය වට කළහ. ඔවුන් පැවසුවේ රුක්ෂාන් බෙල්ලන මහතා ඉවත් කරන තෙක් විරෝධය පවත්වන බව ය. පොලීසියේ මැදිහත් වීමෙන් සේවකයින් දස දෙනෙකුට සෞඛ්‍ය අමාත්‍යාංශය සමග සාකච්ඡාවක් ලබා දී තිබුණි. ශ්‍රී ලංකා නිදහස් සෞඛ්‍ය සේවා සංගමයේ නියෝජ්‍ය ලේකම්, ආර් ඒ ඩී සුමිත් හේමන්ත, ''රුක්ෂාන් බෙල්ලන කියන පුද්ගලයා එතුමා ඊයේ ප්‍රකාශ කරලා කියනවා ශ්‍රී ලංකා ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ගන්න රෝගීන්ගේ කබඩ් කඩලා ෆෝන් අරගන්නවා කියලා, සෞඛ්‍ය කාර්ය සහායක කට්ටිය.ඒ වගේම උණුවතුර බෝතල් ගන්නවා කියනවා ජාතික රෝහලේ කට්ටිය.එහෙම කිසිම දෙයක් ජාතික රෝහලේ මෙතෙක් වෙලා නෑ.ඒක නිසා මෙතුමා මේ කාගෙ හරි දේශපාලන උවමනාවක් මුදුන් පමුණුවාගෙන ක්‍රියාකරන අධ්‍යක්ෂකවරයෙක්.සෞඛ්‍ය අමාත්‍යංශයෙන් තේරුම් ගත්තා ඇත්තටම රුක්ෂාන් බෙල්ලන මහතාගේ ප්‍රකාශන සම්පූර්ණ බොරු කියලා.පැහැදිලි තීන්දුවක් දුන්නා. වහාම ක්‍රියාත්මක වෙන පරිදි මේ මොහොතේ ඉඳලා රුක්ෂාන් බෙල්ලන කියන නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයාව තාවකාලික ස්ථානමාරුවක් ලබලා සෞඛ්‍ය අමාත්‍යාංශයට අනියුක්ත කලා.ඒ ලිපිය තව සුළු වේලාවකින් මෙතෙන්ට එනවා ලිපිය එනතුරු අපි මෙතන රැදී ඉන්නවා.'' නමුත් පිරිස විරෝධතාව අවසන් නොකළ අතර පස්වරුවේ කැරළි මර්දන කණ්ඩායම් පැමිණ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා මුදා ගත්තේ ය. වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා ප්‍රකාශ කළේ, ආරක්ෂිත පියවරක් ලෙස තමන්ට සෞඛ්‍ය අමාත්‍යාංශයට වාර්තා කරන්නැයි සෞඛ්‍ය ලේකම්වරයා දැනුම් දී ඇති බව ය.
2023-01-19T06:30:13.000Z
අල්ලස් චෝදනා එල්ල වූ මාවනැල්ලේ සභාපති යළි රිමාන්ඩ්
මාවනැල්ලේ සභාපති යළි රිමාන්ඩ්
COLOMBO (News 1st) – අල්ලස් චෝදනාවක් යටතේ පසුගිය දා අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති සමන්ත ස්ටීවන් සහ ඔහුගේ රියදුරු ලෙස කටයුතු කළ හසිත තිලකරත්න නමැත්තා ලබන 31 වෙනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ. ඒ අද සැකකරුවන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා හමුවට ඉදිරිපත් කිරීමේන් අනතුරුවයි. ගොඩනැගිලි සැලසුමක් අනුමත කරදීම සඳහා ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් ලක්ෂ 20 ක අල්ලසක් ලබාගත් අවස්ථාවේ දී අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසන් සභාවේ නිලධාරීන් අදාළ සැකකරුවන් දෙදෙනා මාවනැල්ල ප්‍රදේශයේ පිහිටි නවාතැන් පොළකදී අත්අඩංගුවට ගෙන මාවනැල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ.
2023-01-19T06:06:48.000Z
ජීවන් තොණ්ඩමන් සහ පවිත්‍රා වන්නිආරච්චි අමාත්‍යවරු ලෙස දිවුරුම් දෙති
ජීවන් සහ පවිත්‍රාට ඇමති ධුර
COLOMBO (News 1st) - ජීවන් තොණ්ඩමන් සහ පවිත්‍රා දේවි වන්නිආරච්චි නව අමාත්‍යවරු ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දී තිබේ. ඒ අනුව, ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජීවන් තොණ්ඩමන් මහතා දිවුරුම් දුන්නේ ය. වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යවරිය ලෙස දිවුරුම් දෙනු ලැබුවේ, පවිත්‍රා දේවි වන්නිආරච්චි මහත්මියයි. මෙම අමාත්‍ය ධුරය කලින් දැරු මහින්ද අමරවීර මහතා අද උදෑසන ඉන් ඉවත් වුණේ ජනාධිපතිවරයාට නව අමාත්‍යවරයෙකු පත් කර ගැනීමට ඉඩ සලසමිනි.
2023-01-19T05:30:37.000Z
තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීමට අදාළව විශේෂ නිවේදනයක්
තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීමට අදාළව නිවේදනයක්
COLOMBO (News 1st) – සහතික කරන තැපැල් ඡන්ද අයදුම්පත් 20,21,22 හා 23 යන දිනයන්හිදී සිය කාර්යාලය පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලය වෙත අතින් ගෙනවිත් භාර දෙන ලෙස මැතිවරණ කොමිසම සියලුම තැපැල් ඡන්ද සහතික කිරීමේ නිලධාරීන් වෙත දන්වා සිටී. මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයාගේ අත්සනින් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, තැපෑලේදී ඇති විය හැකි ප්‍රමාදවීම් හා මෙම කාලය අතරතුර සෙනසුරාදා සහ ඉරිදා නිවාඩු දිනයන් යෙදී තිබීම හේතුවෙන් නියමිත දිනට පෙර අයදුම්පත් නොලැබිය හැකි බැවින් මෙම දැනුම්දීම සිදුකරන බවයි. ඉදිරියේ දී පැවැත්වීමට නියමිත පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව තැපෑලෙන් ඡන්දය දීම සඳහා වූ අයදුම්පත් භාර ගැනීම ලබන 23 වැනිදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමට නියමිතව තිබේ.
2023-01-19T05:13:16.000Z
නව අමාත්‍යවරු දෙදෙනෙක් අද දිවුරුම් දෙනවා - ජනපති
නව අමාත්‍යවරු දෙදෙනෙක් අද දිවුරුම් දෙනවා - ජනපති
COLOMBO (News 1st) - නව අමාත්‍යවරු දෙදෙනෙක් අද (19) දිවුරුම් දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ජනාධිපතිතුමා මේ බව පැවසුවේ, සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයේ 100 වැනි සැමරුම් උත්සවය අමතමිනි.
2023-01-19T04:15:14.000Z
ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂිකා ආචාර්ය සුමිත්‍රා පීරිස් මහත්මිය අභාවප්‍රාප්ත වෙයි
සුමිත්‍රා පීරිස් මහත්මිය අභාවප්‍රාප්ත වෙයි
COLOMBO (News 1st) - ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂිකා ආචාර්ය සුමිත්‍රා පීරිස් මහත්මිය (88) අභාවප්‍රාප්ත වී තිබේ. ඇය අභාවප්‍රාප්ත වී ඇත්තේ, කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ය. 1935 මාර්තු 24 දින මෙලොව එළිය දුටු සුමිත්‍රා පීරිස් ශ්‍රී ලාංකීය සිනමාවේ වැඩිම චිත්‍රපට ප්‍රමාණයක් අධ්‍යක්ෂණය කල අධ්‍යක්ෂවරියයි. ඇය විසින් අධ්‍යක්ෂණය කළ චිත්‍රපට අතර මහත් ජනපියත්වයට පත් චිත්‍රපටයක් ලෙස ගඟ අද්දර චිත්‍රපටය හැඳින්විය හැකියි. හෙළ සිනමාවේ පියා වන ශ්‍රේෂ්ඨ සිනමා අධ්‍යක්ෂකවරයෙකු වන ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා ඇයගේ ජීවන ගමනේ සහකරුවායි. කොළඹ විශාකා විද්‍යාලයෙන් ගුරුහරුකම් ලබා ගත් ඇය වයස අවුරුදු 20 වන විට යුරෝපය බලා පිටත්ව ගියා ය. ගැහැනු ළමයි, ගඟ අද්දර, යහළු යෙහෙළි, මායා, සාගර ජලය මදි හැඬුවා ඔබ හන්දා, ලොකු දුව, දුවට මවක මිස, සක්මන් මළුව , යහළුවෝ සහ වෛශ්නාවී ආචාර්ය සුමිත්‍රා පීරිස් මහත්මිය අධ්‍යක්ෂණය කල චිත්‍රපට අතරට අයත් වේ. චිත්‍රපට අධ්‍යක්ෂණයට පමණක් සීමා නොවු ඇය චිත්‍රපට සංස්කාරවරියක් ලෙසත් මෙරට සිනමාවට මහත් සේවයක් සිදු කළ බව නොරහසකි. ඇය සංස්කණය කළ චිත්‍රපට අතරට ගම්පෙරළිය ,දෙලොවක් අතර, බක්මහ දීගේ, මඩොල් දූව යන චිත්‍රපට ඇතුළත් වේ. දෑස නිසා චිත්‍රපටය ආචාර්ය සුමිත්‍රා පීරිස් මහත්මියගේ නිෂ්පාදනයකි. මෙරට සිනාමවට අමිල මෙහවරක් කරමින් සම්මාන රැසකට හිමිකම් කියු හෙළ සිනමාවේ ආදරණීය කිවිදිය ...ආචාර්ය සුමිත්‍රා පීරිස් මහත්මියනි ඔබ කළ මෙහෙවර අප හදවත් තුළ සැමදා ජීවමානයි.
2023-01-19T03:01:34.000Z
නවසීලන්ත - ඉන්දීය එක්දින තරගාවලියේ පළමු තරගයේ ජය ඉන්දියාවට
නවසීලන්තය පැරදු ඉන්දියාවට ලකුණු 12 ජයක්
COLOMBO (News 1st) - නවසීලන්තයට එරෙහි එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය සත්කාරක ඉන්දීය කණ්ඩායම ලකුණු 12 කින් ජය ගෙන තිබේ. හයිද්‍රාබාද්හිදී පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායමේ මුල්පෙළ කඩුලු 2 ලකුණු 88කදී බිඳ වැටුණි. නායක රෝහිත් ශර්මා ලකුණු 34කට දැවී ගිය අතර විරාත් කෝලි ලකුණු 8 යි. ඉන්දීය පිතිකරුවන් කිහිප දෙනෙක්ම අඩු ලකුණු සංඛ්‍යාවකට පිටියෙන් ඉවත් වෙද්දී කණ්ඩායමේ බර කරට ගත් ශුබ්මන් ගිල් පන්දු 149 කින් වේගවත් ලකුණු 208ක් රැස් කළේ ය. 23 හැවිරිදි ඔහු වාර්තා අතරට එක් වූයේ, එක්දින ද්විත්ව ශතකයක් රැස් කළ ලොව ලාබාලතම ක්‍රීඩකයා ලෙසයි. හෙන්රි ශිප්ලි සහ ඩැරල් මිචෙල් අතර කඩුලු 2 බැගින් බෙදී ගියේ ය. තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුලු 8 ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 349 කි. පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි නවසීලන්ත කණ්ඩායම සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 337ක් පමණි. මයිකල් බ්‍රේස්වෙල් සමග එක් වූ මිචෙල් සැන්ට්නර් 7 වැනි කඩුල්ලට ලකුණු 162ක සබඳතාවක් ගොඩනැගුවේ ය. 3 වැනි එක්දින අර්ධ ශතකය ද සමගින් මිචෙල් සැන්ට්නර් ලකුණු 57යි. මයිකල් බ්‍රේස්වෙල් ලකුණු 140 ක් රැස් කළ අතර එය ඔහුගේ දෙවැනි එක්දින ශතකය ද වේ. මොහොමඩ් සිරාජ් කඩුලු 4යි.
2023-01-19T02:56:38.000Z
කළුතරදී දුම්රියක් පීලි පනී... මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයි
කළුතරදී දුම්රියක් පීලි පනී...
COLOMBO (News 1st) - දකුණු කළුතර දුම්රිය ස්ථානයේදී දුම්රියක් පීලි පැනීමකට ලක්ව තිබේ. දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ, පෙරවරු 7.00 ට කළුතර සිට මරදාන දක්වා ගමන් කිරීමට නියමිතව තිබූ දුම්රියක් එලෙස පීලි පැන ඇති බවත් දුම්රිය පීලිගත කිරීමේ කටයුතු මේ වනවිට සිදුකරමින් පවතින බවත් ය. මේ හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදු විය හැකි බව ද පාලක මැදිරිය සඳහන් කළේ ය.
2023-01-19T01:31:09.000Z
දිවයිනේ බොහෝ රෝහල්වල ඖෂධ නැහැ - රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය
දිවයිනේ බොහෝ රෝහල්වල ඖෂධ නැහැ
COLOMBO (News 1st) - දිවයිනේ බොහෝ රෝහල්වල රෝගීන්ට අවශ්‍ය කරන ඖෂධ නොමැති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. එහි මාධ්‍ය ප්‍රකාශක චමිල් විජේසිංහ මහතා සඳහන් කළේ, ඇතැම් ග්‍රාමීය හා පර්යන්ත රෝහල්වල ඖෂධ නොමැති වීමෙන් ජනතාව අසීරුතාවයට පත්ව ඇති බවය. ඔවුන්ට සායන හා බාහිර රෝගී අංශවලින් ලබාගත යුතු ඖෂධ වැඩි ප්‍රමාණයක් බාහිරින් මිලදී ගැනීමට සිදුව ඇති බව චම්ලි විජේසිංහ මහතා පවසයි. අප මේ පිළිබඳව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගෙන් විමසීමක් කළෙමු. අමාත්‍යවරයා සඳහන් කළේ, බොහෝ රෝහල්වල ඖෂධවල අඩුවක් දක්නට ලැබෙන බවයි. ඇතැම් ස්ථානවල ඖෂධ ඇති බවත් ඒවා අඩු ස්ථානවලට යැවීමට පියවර ගන්නා බවත් අමාත්‍යවරයා පැවසීය.
2023-01-19T01:25:56.000Z
මහජන උපයෝගීතා කොමිසමේ සමාජිකයින් ජාතික සභාව හමුවට
මහජන උපයෝගීතා කොමිසමේ සමාජිකයින් ජාතික සභාව හමුවට
COLOMBO (News 1st) - මහජන උපයෝගීතා කොමිසමේ සමාජිකයින් අද (19) ජාතික සභාව හමුවට කැඳවා තිබේ. ඒ, විදුලිය සම්බන්ධයෙන් ඇති වී තිබෙන තත්ත්වය සාකච්ඡා කිරීම සඳහායි. කතානායක මහින්දයාපා අබේවර්ධන මහතා සඳහන් කළේ, එම කොමිසමේ සමාජිකයින් අද පස්වරු 3.00 ට කැඳවා ඇති බවයි.
2023-01-19T01:15:50.000Z
3 වන පාසල් වාරයේ දෙවන අදියර හෙටින් අවසන්
3 වන පාසල් වාරයේ දෙවන අදියර හෙටින් අවසන්
COLOMBO (News 1st) - 2022 පාසල් වර්ෂයේ 3 වන වාරයේ දෙවන අදියර හෙටින් (20) අවසන් වේ. අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ, අපොස උසස් පෙළ විභාගය පැවැත්වීම සඳහා හෙට දිනයේ දිවයිනේ සියලු පාසල් සඳහා නිවාඩු ලබාදෙන බවයි. 2022 වසරේ 3වන වාරයේ අවසාන අදියර පෙබරවාරි 20 වැනි දා නැවත ආරම්භ කිරීමට නියමිතය.
2023-01-19T01:07:51.000Z
ඉන්දීය විදේශ ඇමති ජයශංකර් නිල සංචාරයක් සඳහා දිවයිනට
ඉන්දීය විදේශ ඇමති නිල සංචාරයක් සඳහා දිවයිනට
COLOMBO (News 1st) - ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා ඇතුළු දූත පිරිසක් දෙදින නිල සංචාරයක් සඳහා අද (19) මෙරටට පැමිණෙන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා මෙරට රැඳී සිටින කාලසීමාවේ ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා සහ විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා හමුවී ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වීමට නියමිතය. ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා සමග ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ එකාබද්ධ ලේකම් පූනීත් අග්ග්‍රවාල්, අධ්‍යක්ෂ සන්දීප් කුමාර්, නියෝජ්‍ය ලේකම්වරුන් වන නීදි චවුද්ද්‍රි සහ රගූ පූරී යන අයද මෙම නිල සංචාරයට සහභාගී වේ. මේ අතර ශ්‍රී ලංකාවට ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලැස්ම අත්කරදීම සඳහා දැඩි ලෙස තම රට කැප වන බව ඉන්දියාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ලිපියක් මගින් දැනුම් දී තිබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානී ක්ස්ටර්ලීනා ජෝර්ජියේවා මහත්මියට යොමු කළ ලිපියක දැක්වෙන්නේ, ශ්‍රී ලංකාව ණය සහන සහ ණය තිරසරභාවය අත්කරගැනීම සඳහා ගෙන යන වැඩපිළිවළට ඉන්දියාව සහය පළ කරන බවයි. එමෙන්ම වාණිජ ණය ලබා ගත් පාර්ශවයන්ගෙන් සහ ද්විපාර්ශවික ණය ලබාගත් පාර්ශවයන්ගෙන් ශ්‍රී ලංකාව සමාන සැලකීම් අත්කරගැනීමට බලධාරීන් ක්‍රියා කළ යුතු බව ද ඉන්දියාව පවසයි.
2023-01-19T00:41:18.000Z
මැතිවරණ වියදම් නියාමන පනත් කෙටුම්පත අද විවාදයට
මැතිවරණ වියදම් නියාමන පනත් කෙටුම්පත අද විවාදයට
COLOMBO (News 1st) - මැතිවරණ වියදම් නියාමන පනත් කෙටුම්පත අද (19) විවාදයට ගැනීමට නියමිතවේ. පාර්ලිමේන්තු මහලේකම්වරයා පැවසුවේ, පනත් කෙටුම්පත පිළිබඳ විවාදය උදෑසන 10.30 සිට පස්වරු 5.00 දක්වා පැවැත්වෙන බවයි. විවාදයෙන් අනතුරුව පනත් කෙටුම්පත සම්මත කර ගැනීම සඳහා ඡන්ද විමසීමක් ද පැවැත්වෙන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසුවේ ය.
2023-01-19T00:25:16.000Z
ගෙවුණු දිනය උණුසුම් කළ පුවත්
ගෙවුණු දිනය උණුසුම් කළ පුවත්
1. 2022 උ/පෙළ විභාගය ජනවාරි 23 සිට පෙබරවාරි 17 දක්වා - 2022 අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ජනවාරි 23 වැනිදා සිට පෙබරවාරි 17 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව තිබේ. 2. මැතිවරණ ප්‍රචාරණ මූල්‍ය නීතියක් හඳුන්වා දීම මැතිවරණයට බාධාවක් නැහැ - මැතිවරණ නිරීක්ෂණ සංවිධාන එකමුතුව - මැතිවරණ නිරීක්ෂණ සංවිධාන එකමුතුව මැතිවරණය සම්බන්ධයෙන් කරුණු අවධාරණය කර තිබේ. 3. පුනරුත්ථාපන කාර්යාංශ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට - පුනරුත්ථාපන කාර්යාංශ පනත් කෙටුම්පත ඊයේ (18) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ. 4. කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට නීතිඥවරුන් පිරිසක් විරෝධතාවක - කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට නීතිඥවරුන් පිරිසක් ඊයේ (18) දහවල් විරෝධතාවක නිරත විය. 5. ගෙල කපා සරසවි සිසුවිය ඝාතනය කළ සැකකාර සරසවි සිසුවා රිමාන්ඩ් - ගෙල කපා විශ්වවිද්‍යාල සිසුවිය ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු ලබන 30 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ.
2023-01-18T17:00:32.000Z
19න් පහළ බාලිකා ලෝක කුසලානය:ශ්‍රී ලංකාවට එරෙහි තරගයෙන් ඔස්ට්‍රේලියාවට ජය
ශ්‍රී ලංකාවට එරෙහි ජය ඔස්ට්‍රේලියාවට
COLOMBO ( News 1st ) - වයස අවුරුදු 19න් පහළ බාලිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාවට එරෙහි තරගය ඔස්ට්‍රේලියාව අද (18) ජය ගත්තේ ය. කෙසේ නමුත් ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට දෙවැනි වටයට සුදුසුකම් ලබා අවසන්. දකුණු අප්‍රිකාවේ, බිනෝහි දී පැවැති තරගයේ පළමුව පන්දුවට පහර දුන් ඔස්ට්‍රේලියා කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 5ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 159කි. එලා හාවඩ් ලකුණු 36ක් ලබා ගැනීමට සමත් විය. රිශ්මි සංජානා කඩුලු 2ක් දවා ගත් අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩාමට සියලු දෙනා දැවී රැස් කිරීමට හැකි වූයේ ලකුණු 51ක් පමණි. නෙත්මි සේනාරත්න ලකුණු 11ක් රැස් කළාය. මැගී ක්ලාර්ක් සහ ලකී හැමිල්ටන් අතර කඩුලු 2 බැගින් බෙදී ගිය අතර ඒ අනුව ඔස්ට්‍රේලියා බාලිකා කණ්ඩායම තරගය ජය ගත්තේ ලකුණු 108කිනි. මෙම තරගය පරාජය වුවද, තරගාවලියේ මූලික වටයේ A කාණ්ඩයෙන් තරග කළ ශ්‍රී ලංකා කණ්ඩායම එම කාණ්ඩයේ තෙවැනි ස්ථානයට පත්වීම නිසා දෙවැනි වටයේ ස්ථානය තහවුරු කරගෙන තිබේ.
2023-01-18T16:47:40.000Z
2022 උ/පෙළ විභාගය ජනවාරි 23 සිට පෙබරවාරි 17 දක්වා..
2022 උ/පෙළ විභාගය ජනවාරි 23 සිට..
COLOMBO ( News 1st ) - 2022 අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ජනවාරි 23 වැනිදා සිට පෙබරවාරි 17 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව තිබේ. ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීමට විභාග කොමසාරිස් ජනරාල්, අමිත් ජයසුන්දර මහතා අද (18) මාධ්‍ය හමුවක් කැඳවා තිබුණි. විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා "අපට විදුලි බලය අවශ්‍ය වෙනවා මේ දරුවන්ට කිසිදු බාධාවකින් තොරව මේ විභාගය පැවැත්වීම සඳහා. අපි ඒ ආයතන වලින් ඉල්ලීමක් කරලා තියෙනවා. ඒකට යහපත් ප්‍රතිචාර ලැබිල තියෙනවා. අපි විශ්වාස කරනවා මේ 23 වැනිදා සිට පෙබරවාරි 17 වැනිදා දක්වා අපිට ඒ සහය ලැබෙයි කියලා, මේ දරුවන්ගේ විභාගය බාධාවකින් තොරව පවත්වාගෙන යාම සඳහා. පාසල් අපේක්ෂකයින්ට මේ ප්‍රවේශපත්‍ර අපි විදුහල්පතිවරුන්ට නිකුත් කරලා තියෙන්නේ. විදුහල්පතිවරුන්ට තැපැල් මගින් නිකුත් කරලා තියෙනවා. පෞද්ගලික අපේක්ෂකයන්ට ඒ අපේක්ෂකයන්ගේ පෞද්ගලික ලිපිනයන් වලට මේ ප්‍රවේශපත්‍ර නිකුත් කරලා තියෙනවා. දෝෂයක් තියෙනවා නම්, ඒක සකස් කර ගැනීමේ අවශ්‍ය ක්‍රමවේදයත් අපි සකස් කරලා තියෙනවා. මාර්ගගත ආකාරයටම ප්‍රවේශපත්‍ර සංශෝධනය කර ගැනීමේ පහසුකම අපි ලබා දීලා තියෙනවා. පාසල් අපේක්ෂකයෙක් නම්, මේ කටයුත්ත විදුහල්පති මගින් කර ගන්නට ඕන..''
2023-01-18T13:34:42.000Z
මැතිවරණ ප්‍රචාරණ මූල්‍ය නීතියක් හඳුන්වා දීම මැතිවරණයට බාධාවක් නැහැ - මැතිවරණ නිරීක්ෂණ සංවිධාන එකමුතුව
මැතිවරණ ප්‍රචාරණ මූල්‍ය නීතිය ඡන්දයට බාධාවක් ද?
COLOMBO ( News 1st ) - මැතිවරණ නිරීක්ෂණ සංවිධාන එකමුතුව මැතිවරණය සම්බන්ධයෙන් කරුණු අවධාරණය කර තිබේ. ඔවුන් පවසන්නේ, මැතිවරණ ප්‍රචාරණ මූල්‍ය නීතියක් හඳුන්වා දීම, පළාත් පාලන මැතිවරණය ප්‍රමාද කිරීමට හේතුවක් නොකරගත යුතු බව ය.
2023-01-18T13:28:09.000Z
පුනරුත්ථාපන කාර්යාංශ පනත් කෙටුම්පත වැඩි ඡන්දයෙන් සම්මත වෙයි..
පුනරුත්ථාපන කාර්යාංශ පනත් කෙටුම්පත සම්මතයි..
COLOMBO ( News 1st ) - අද(18) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනුණු පුනරුත්ථාපන කාර්යාංශ පනත් කෙටුම්පත වැඩි ඡන්දයෙන් සම්මත වෙයි. විවාදය අවසානයේ කෙටුම්පතට ජාතික ජන බලවේගය ඡන්ද විමසීමක් ඉල්ලා සිටියේ ය. ඒ අනුව කෙටුම්පතට පක්ෂව ඡන්ද 23 ක් ලැබී තිබුණි. කෙටුම්පතට විපක්ෂව ඡන්ද 06ක් ලැබී තිබුණි. අරගලයේ ක්‍රියාකාරීන්ගෙන් ද පුනරුත්ථාපනය මුවාවෙන් මර්දනයට ඉඩ ලැබෙන බවට මෙම කෙටුම්පත ඉදිරිපත් වූ මුල් අවස්ථාවේ චෝදනා එල්ල වීය. ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ එය අභියෝගයට ලක්වීමෙන් පසුව මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහිවූවන් පමණක් පුනරුත්ථාපනයට මෙම නීතිය සීමාවන බව ප්‍රකාශ කෙරුණ.
2023-01-18T12:39:12.000Z
කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට නීතිඥවරුන් පිරිසක් විරෝධතාවක
නීතිඥවරුන් පිරිසක් විරෝධතාවක..
COLOMBO ( News 1st ) - කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට නීතිඥවරුන් පිරිසක් අද(18) දහවල් විරෝධතාවක නිරත විය. ඒ, අතිරේක මහේස්ත්‍රාත් තරංගා මහවත්ත මහත්මියට ඊයේ (17) මුහුණ දීමට සිදුවූ තත්ත්වය මුල් කරගනිමිනි. ශිෂ්‍ය ක්‍රියාකාරී වසන්ත මුදලිගේ මහතා සහ පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමියන්ට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ චෝදනා ගොනු කළ නඩුව ඊයේ (17) විභාගයට ගත් අවස්ථාවේ, ත්‍රස්ත විමර්ශන ඒකකයේ නිලධාරීන් සිව් දෙනෙකුගේ දිවුරුම් ප්‍රකාශ මත ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්, දිලීප පීරිස් මහතා අතිරේක මහේස්ත්‍රාත්වරිය නඩුව විභාග කිරීම සුදුසු නොවන බව ප්‍රකාශ කළේ ය. එම නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට මාරු කිරීමට ඊයේ (17) පියවර ගත් අතර අද (18) මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට රැස්වූ නීතිඥවරුන් අතිරේක මහේස්ත්‍රාත්වරියට නැගූ චෝදනාවලට විරෝධය පළ කළ අතර පිරිස කෙසෙල්වත්ත මංසන්ධිය දක්වා පා ගමනක ද නිරත වූහ.
2023-01-18T12:20:43.000Z
ගෙල කපා සරසවි සිසුවිය ඝාතනය කළ සැකකාර සරසවි සිසුවා රිමාන්ඩ්..
සරසවි සිසුවිය ඝාතනය කළ සැකකරු රිමාන්ඩ්..
COLOMBO ( News 1st ) - ගෙල කපා විශ්වවිද්‍යාල සිසුවිය ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු ලබන 30 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ. ඒ , ඔහු අද (18) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ය. කොළඹ තුරඟ තරග පිටියේ දී 24 හැවිරිදි විශ්වවිද්‍යාල සිසුවියගේ ගෙල කපා ඝාතනය කර පළා යමින් සිටිය දී සැකකාර විශ්වවිද්‍යාල සිසුවා කුරුඳුවත්ත පොලීසිය විසින් ඊයේ (17) අත්අඩංගුවට ගනු ලැබ තිබේ. සැකකරු වසර ගණනාවක් තිස්සේ එක්තරා මානසික රෝග තත්ත්වයකට වෛද්‍ය ප්‍රතිකාර ලබන අයෙකු බැවින් ඔහුට රෝහල්ගත කර අවශ්‍ය මානසික ප්‍රතිකාර ලබා දෙන ලෙස, සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ, උපුල් රණසිංහ මහතා අධිකරණයෙන් ඉල්ලීමක් කළේ ය. ඉල්ලීම සළකා බැලූ මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ , සැකකරු කොළඹ ජාතික රෝහලේ, ජාතික මානසික විද්‍යා ආයතනයේ සෞඛ්‍ය විශේෂඥ මානසික වෛද්‍යවරයෙකු වෙත ඉදිරිපත් කර වාර්තාවක් කැඳවන ලෙස ය. මෙසේ ඝාතනයට ලක්වුණේ, කොළඹ විශ්වවිද්‍යාලයේ, විද්‍යා පීඨයේ තෙවැනි වසරේ ඉගෙනුම ලැබු සිසුවියකි.
2023-01-18T11:06:47.000Z
හෙලිකොප්ටරයක් කඩා වැටීමෙන් යුක්‍රේන අභ්‍යන්තර කටයුතු ඇමැති ඇතුළු 16ක් මරුට..
යුක්‍රේන ඇමැතිවරයෙකු ඇතුළු 16ක් මරුට..
COLOMBO ( News 1st ) - යුක්‍රේනයේ හෙලිකොප්ටර් යානයක් කඩා වැටීමෙන් අමාත්‍යවරයෙකු ඇතුළු 16 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, පෙර පාසලකට හෙලිකොප්ටර් යානය කඩා වැටී ඇති බවයි. මියගිය පිරිස අතරට පෙර පාසලේ රැඳී සිටි කුඩා ළමුන් දෙදෙනෙකු ද ඇතුළත් වන අතර අනතුර සිදුවන අවස්ථාවේ දී හෙලිකොප්ටර් යානයේ 09 දෙනෙකු රැඳී සිට තිබේ. තවත් පුද්ගලයින් 10 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බව ද විදෙස් වාර්තාවල දැක්වේ. ප්‍රදේශයේ පැවති අධික මිදුම් තත්ත්වය හේතුවෙන් එම අනතුර සිදුවන්නට ඇතැයි යුක්‍රේන බලධාරීන් පෙන්වා දී තිබේ.
2023-01-18T10:56:05.000Z
ලොව වයස්ගතම කාන්තාව, ඇන්ඩ්‍රේ කන්‍යා සොයුරිය ස්වර්ගස්ත වෙයි
ඇන්ඩ්‍රේ කන්‍යා සොයුරිය ස්වර්ගස්ත වෙයි
COLOMBO (News 1st) - ලොව වයස්ගතම කාන්තාව වූ ප්‍රංශයේ ඇන්ඩ්‍රේ කන්‍යා සොයුරිය ඊයේ ස්වර්ගස්ත වී තිබේ. ඇය ස්වර්ගස්ත වන විට කන්‍යා සොයුරියගේ වයස අවුරුදු 118 කි. ජීවිතයේ වැඩි කාලයක් ආගමික සේවය සඳහා කැපවී සිටි ඇය 1904 වසරේ පෙබරවාරි 11 වන දින උපත ලැබුවේ, දකුණුදිග ප්‍රංශයේදී ය. පසුගිය වසරේ අප්‍රේල් මාසයේදී ලොව වයස්ගතම කාන්තාව ලෙස ඇය ගිනස් වාර්තා අතරට ඇතුළත් වූ බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් ය.
2023-01-18T10:33:52.000Z
BREAKING : විපක්ෂයේ විරෝධය මැද මැතිවරණ වියදම් නියාමනය කිරිමේ පනත් කෙටුම්පත හෙට (19) පාර්ලිමේන්තුවට
මැතිවරණ වියදම් නියාමන කෙටුම්පත හෙට
COLOMBO (News 1st) - මැතිවරණ වියදම් නියාමනය කිරිමේ පනත් කෙටුම්පත හෙට (19) දිනයේ විවාදයට ගැනීමට අද පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී තීරණය කර තිබේ. මේ අතර විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මක් කිරිඇල්ල මහතා සඳහන් කළේ, විපක්ෂයේ විරෝධය මැද අද පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදි මෙම පනත් කෙටුම්පත විවාදයට ගැනීමට ආණ්ඩු පක්ෂය තීරණය කළ බවයි පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභා රැස්වීම පැවැත්වීමට පෙර මැතිවරණ වියදම් නියාමනය කිරිමේ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ සහභාගිත්වයෙන් හා කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් තවත් විශේෂ පක්ෂ නායක රැස්වීමක් පැවැත්විණ. ඒ සඳහා සමගි ජන බලවේගය , ජාතික ජන බලවේගය , දමිල ජාතික සන්ධානය , නිදහස ජනතා සභාව නියෝජනය කරන මන්ත්‍රිවරු සහභාගි නොවූහ. ඒ , ආණ්ඩුව මේ තුළින් මැතිවරණය කල් දැමීමට උත්සහ කරන බවට චෝදනා කරමිනි.
2023-01-18T10:08:27.000Z
කාඩ් හිඟයි.. ජාතික හැඳුනුම්පත වෙනුවට මුද්‍රිත කඩදාසියක්
ජාතික හැඳුනුම්පත වෙනුවට මුද්‍රිත කඩදාසියක්
COLOMBO ( News 1st ) - ජාතික හැඳුනුම්පත් සැකසීමට යොදා ගන්නා කාඩ් පත්වල හිඟයක් මතුව තිබේ. පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා සඳහන් කළේ,ඒ අනුව පළමුවරට ජාතික හැඳුනුම්පත් අයැදුම්කරන පිරිසට හැඳුනුම්පත වෙනුවට මුද්‍රිත කඩදාසියක් නිකුත් කරන බව ය. එ් අනුව මෙම ලියැවිල්ල දෙස් විදෙස් විභාග කටයුතු ඇතුළු බැංකු සහ මූල්‍ය ක්ෂෙත්‍රයේ කටයුතු සඳහා වලංගු වන බව ද ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය. පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේ, ජාතික හැඳුනුම්පත් සැකසීම සඳහා අවශ්‍ය කාඩ්පත් ලබන අගෝස්තු මාසය පමණ වන විට ආනයන කිරීමට හැකි වනු ඇති බව ය. කෙසේ වෙතත් යම් අයෙකුට කාඩ්පතක් ලෙස සිය ජාතික හැඳුනුම්පත ලබා ගැන්මේ දැඩි අවශ්‍යතාවක් මතු වූවහොත්,එසේ ලැබෙන ඉල්ලීම් පිළිබඳ සලකා බැලීමේ හැකියාව ද පවතින බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.
2023-01-18T09:30:48.000Z
ජනාධිපතිගේ සහභාගීත්වයෙන් විශේෂ පක්ෂ නායක රැස්වීම ඇරඹේ... සජිත්, අනුර රැස්වීමට නැහැ
ජනපතිගේ සහභාගීත්වයෙන් පක්ෂ නායක රැස්වීමක්
COLOMBO (News 1st) - ජනාධිපතිවරයාගේ සහභාගීත්වයෙන් පාර්ලිමේන්තුවේ විශේෂ පක්ෂ නායක රැස්වීම ආරම්භ වී තිබේ. අප වාර්තාකරු පැවසුවේ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ අනුර කුමාර දිසානායක මෙම රැස්වීමට සහභාගී වී නොමැති බවයි. කතානායකවරයා අද (18) උදෑසන නිවේදනය කළේ, මැතිවරණ වියදම් නියාමන පනත් කෙටුම්පත පිළිබඳ සාකච්ජා කිරීමට ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අද (18) පස්වරුවේ විශේෂ පක්ෂ නායක රැස්වීමක් පැවැත්වෙන බවයි. මෙම විශේෂ පක්ෂ නායක රැස්වීම කැඳවා තිබුණේ, අද පස්වරුවේ පක්ෂ නායකයින්ගෙ සහභාගිත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව රැස්විම අවලංගු කරමිනි.
2023-01-18T09:15:31.000Z
වියට්නාම ජනපති ඉල්ලා අස්වෙයි..
වියට්නාම ජනපති ඉල්ලා අස්වෙයි..
COLOMBO ( News 1st ) - වියට්නාම ජනපති නුයෙන් ෂුආන් ෆුක් ඉල්ලා අස් වී තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඉහළ පෙළේ දූෂණ වංචා රැසක් පිළිබඳව ඔහුට චෝදනා එල්ල වී තිබූ බවයි. මෙම වංචා දූෂණ පිළිබඳව අදහස් දැක්වීමට එරට කොමියුනිස්ට් පක්ෂය සංවිධානය කර තිබූ මධ්‍යම කාරක සභා සැසියේ දී ඔහු එලෙස ඉල්ලා අස්වී ඇති අතර 68 හැවිරිදි ෆුක් 1979 දී පළාත් මට්ටමින් දේශපාලනයට පිවිස 2016 සිට 2021 වසර දක්වා වියට්නාමයේ අගමැති ධුරය දැරූ බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් ය. 2021 අප්‍රේල් මාසයේ දී ඔහු එරට ජාතික සභාව විසින් ජනාධිපතිවරයා ලෙස තෝරාපත් කරගනු ලැබීය.
2023-01-18T08:52:19.000Z
කොටහේනේ වෙඩි පත්තුවෙයි... තුවාලකරු ජාතික රෝහලට
කොටහේනේ වෙඩි පත්තුවෙයි... තුවාලකරු ජාතික රෝහලට
COLOMBO (News 1st) - කොටහේන 06 වැනි පටුමගේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ. පොලිසිය පැවුසවේ, අද පස්වරු 1.30 ට පමණ යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු මෝටර් රථයකට වෙඩි තබා ඇති බවයි. වෙඩි වැදීමෙන් තුවාල ලැබූ මෝටර් රථයේ සිටි පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ. මේ අතර ඊයේ දිනයේද පෑළියගොඩ කළු පාලම ආසන්නයේදී වෙඩි තැබීමක් සිදු විය. නිවසකට කඩා වැදුණු තුවක්කුකරුවන් දෙදෙනෙකු කළ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ 32 හැවිරිදි පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව තිබුණේ, රෝහල්ගත කිරීමෙන් පසුවයි.
2023-01-18T07:57:41.000Z
චීනයට චෝදනා කිරීමට පෙර අමෙරිකානු ප්‍රතිපත්ති විමසා බලන්න... තානාපති ජූලි චන්ග්ට චීනයෙන් දැඩි පිළිතුරක්
තානාපති ජූලි චන්ග්ට චීනයෙන් දැඩි පිළිතුරක්
COLOMBO (News 1st) - බී බී සී රූපවාහිණිය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිණී ජූලි චන්ග් මහත්මිය දැක්වූ අදහස් පිළිබඳව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය දැඩි ප්‍රතිචාරයක් දක්වා තිබේ. චීන තානාපති කාර්යාලයේ නිල ට්විටර් ගිණුමේ පලකර තිබූ මේ ප්‍රතිචාරයේ අවධාරණය කර තිබුණේ, චීනයට චෝදනා කිරීමට පෙර තානාපතිනිය ඇමරිකානු ප්‍රතිපත්ති පිළිබඳ විමසා බැලිය යුතු බවයි. පසුගිය 12 වැනිදා අමෙරිකානු තානාපති ජූලි චන්ග් මහත්මිය බීබීසී නිවුස් ලයිට් වැඩසටහනට එක් වෙමින් පෙන්වා දුන්නේ, චීනය තවදුරටත් ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධ කටයුතු ප්‍රමාද නොකළ යුතු බවයි. ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ ප්‍රමාදය ශ්‍රී ලංකාවට අයහපත් කරුණක් බවත් ශ්‍රී ලංකාවාසීන් වෙනුවෙන්වත් චීනය මෙම කාර්යය කළ යුතු බවත් ඇය එහිදී ප්‍රකාශ කර තිබිණ. චීන තානාපති කාර්යාලය ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් අවධාරණය කළේ ඇමරිකානු තානාපතිනිය චීනය, චීනය, චීනය යනුවෙන් මතුරමින් ශ්‍රී ලංකාවේ ණය සාකච්ඡාවලට චීනය කල් මරණ බවට චෝදනා කළ බවයි. "ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විශාලතම කොටස්කරු හා නිශේධ බලය හිමිවන්නේ කාට ද? 2022 වසරේ පමණක් ඩොලර් ට්‍රිලියන තුනකට වඩා සල්ලි අච්චු ගැහුවේ කවු ද? ඉහළ පොලී අනුපාත යටතේ ශ්‍රී ලංකාවේ විදේශ ණයවලින් 40%ක් අයිති පෞද්ගලික ණය හිමියන් ඉන්නේ කොහේද? ශ්‍රී ලංකාව ණය නොගෙවන රටක් ලෙස දැනුවත් කිරීමෙන් පසුව වහාම ෆෙඩරල් අධිකරණය ඉදිරියේ නීතිමය පියවර ගත්තේ කවු ද? චීනය සහල් මෙට්‍රික් ටොන් දස දහසක්, ඩීසල් ලීටර නවදහසක්, රුපියල් බිලියන 5ක් වටිනා ඖෂධ සහ මීටර් මිලියන තුනක පාසැල් නිල ඇඳුම් සඳහා රෙදි නොමිලේ ලබාදුන් අවස්ථාවක අමෙරිකාව ශ්‍රී ලංකාවේ ජනතාවට උදව් කළේ කෙසේදැයි ජනතාව දැනගත යුතුයි. ඒ වගේම චීනය විසින් ගෙනයන ප්‍රතිඋපකාර අපේක්ෂා නොකරන කැපවීම සහ කටයුතු හමුවේ යූඑස්ඒඩ් ආයතනය පනවා ඇති දේශපාලන කොන්දේසි මොනවාදැයි ප්‍රශ්න කළ යුතුයි. අමෙරිකානු නියෝජිතවරිය ස්වයං විමර්ශනයක් නොකර වෙනත් අයට චෝදනා එල්ල කිරීම කුහකකමක්. ඇයි ඇමරිකාව ශ්‍රී ලංකාවට වඩාත් සහනදායී විසඳුමක් අත්කරදීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තුළ තීරණාත්මක ලෙස කටයුතු නොකලේ චීනය සහ ශ්‍රී ලංකාව අතර හොඳ හිත පළුඳු කිරීමට වඩා ශ්‍රී ලංකාවට විශාල ඩොලර් සංචිත ප්‍රමාණයක් ලබාදීමට ඇමරිකාව කටයුතු නොකළේ ඇයි? මේ සම්බන්ධයෙන් තීරණ ගැනීමට ශ්‍රී ලංකාවේ හා චීනයේ ජනතාව ඉතා බුද්ධිමත්. එයට අකුල්හෙළීම සඳහා විදෙස් දේශනා අවශ්‍ය වන්නේ නැහැ."
2023-01-18T07:28:34.000Z
''වරදක් වුණා. සමාව දෙන්න.. '' යුක්‍රේන ජනාධිපති උපදේශකවරයා තනතුරට සමුදෙයි
යුක්‍රේන ජනාධිපති උපදේශකවරයා තනතුරට සමුදෙයි
COLOMBO (News 1st) - යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සිලේන්ස්කිගේ උපදේශක ඕලෙස්කි අරොස්ටර්විච් සිය තනතුරින් ඉල්ලා අස්වී තිබේ. ඒ, ජීවිත 40කට වැඩි සංඛ්‍යාවක් බිලි ගනිමින් කිව් අගනුවර මහල් නිවාස සංකීරණයකට එල්ල වූ රුසියානු මිසයිල ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කළ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සම්බන්ධයෙන් සමාව අයදිමිනි. පසුගිය සෙනසුරාදා ඩිනිප්‍රෝහි මහල් ගොඩනැගිල්ලකට මිසයිල ප්‍රහාරය එල්ල වී පැය කිහිපයකට පසු ඕලෙස්කි ප්‍රකාශ කර තිබුණේ, යුක්‍රේන ආරක්ෂක අංශ විසින් වෙඩි තබා බිම හෙළීමෙන් පසු රුසියානු මිසයිලය මහල් නිවාස සංකීරණය මතට වැටී ඇති බවට පෙනෙනට ඇති බවයි. කෙසේ වෙතත් යුක්‍රේන බලධාරීන් පසුව පැවසුවේ, රුසියාව එල්ල කළ Kh-22 මිසයිලයක් මෙම ගොඩනැගිල්ලට වැදී ඇති බවත්, එය වෙඩි තබා බිම හෙළීමේ හැකියාවක් නොමැති බවත් ය. සාමාජ මාධ්‍යයෙහි අතිශය ජනප්‍රිය ඉහළ පෙළ රාජ්‍ය නිලධාරියෙකු වූ ඕලෙස්කිගේ මෙම ප්‍රකාශය රට පුරාම ලැව්ගින්නක් මෙන් පැතිර ගියේ, බොහෝ යුක්‍රේන වැසියන් අතර කෝපය ද දනවමිනි. තවද යුක්‍රේන වැසියන් කෝපයට පත් ජනතාව ජනාධිපති උපදේශකවරයාට ප්‍රතිචාර දකවා තිබුණේ, ඔහු රුසියාවේ සාවද්‍ය ප්‍රචාර ශක්තිමත් කරමින් සිටින බවට ද චෝදනා කරමිනි. මේ අතර යුක්‍රේන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ද ජනාධිපති උපදේකවරයාට විරෝධයක් එල්ල වූ අතර රාජ්‍ය සේවයෙන් පහ කරන්නැයි, ඉල්ලමින් පෙත්සමක් ද අත්සන් කර කළේ ය. ඒ අනුව තමන් වරදක් කළ බවත් ඊට සමාව දෙන ලෙසත් ඉල්ලමින් ජනාධිපති උපදේශකවරයා තනතුරින් සමු ගැනීමට තීරණය කර ඇත. ඕලෙස්කි ජීවිතක්ෂයටත් පත්වූන්ගේ පවුල්වලින් සහ සිය ප්‍රකාශයෙන් සිත් රිදුණු සියල්ලන්ගෙන් සමාව අයදිමින් ටෙලිග්‍රෑම් ඔස්සේ දීර්ඝ සටහනක් ද තබා තිබේ. යුක්‍රේන යුද්ධයට අදාළ ප්‍රකාශ සිදු කළ යුක්‍රේන පාලනයේ පුමුඛ පෙළ කැපී පෙනෙන චරිත අතරින් කෙනෙකු වූ ඕලෙස්කි මිලියන 1.6කට වැඩි ග්‍රහකයින් පිරිසක් සිටින සිය යූ ටියුබ් චැනලය ඔස්සේ රුසියානු - යුක්‍රේන යුද්ධයට අදාළව දෛනිකව බොහෝ සාකච්ඡා පවත්වා ඇත. තව ද යුක්රේන ජනාධිපති වොලොදිමීර් සිලේන්ස්කිගේ උපදේශක ඕලෙස්කි යුක්‍රේන භාෂාවට වඩා රුසියානු බස මානාව හසුරුවන පුද්ගලයෙකු වීම ද විශේෂත්වයකි. කෙසේ වෙතත් සිය උපදේශකවරයාගේ ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් යුක්‍රේන ජනාධිපතිවරයා මෙතෙක් ප්‍රකාශයක් සිදු කර නොමැත.
2023-01-18T07:04:01.000Z
ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා දළයි ලාමාතුමාට කළ ආරාධනයට චීනයෙන් දැඩි විරෝධයක්
දළයි ලාමාතුමාට කළ ආරාධනයට චීනයෙන් දැඩි විරෝධයක්
COLOMBO (News 1st) - ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට ටිබෙටයේ අධ්‍යාත්මික නායක දළයි ලාමාතුමාට කළ ආරාධනයට චීනය දැඩි විරෝධය පළ කර තිබේ. පසුගියදා සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහනාහිමි බැහැදුටු ශ්‍රී ලංකාවේ වැඩ බලන චීන තානාපති හූ වේ මහතා ප්‍රකාශ කර ඇත්තේ, චීනය ඕනෑම විදෙස් රටක් විසින් දළයි ලාමා නමින් සිටින පුද්ගලයෙකු පිළිගැනීම තරයේ ප්‍රතික්ෂේප කරන බවයි. 14 වන දළයි ලාමාතුමා හුදෙක් භික්ෂූන් වහන්සේ නමක් නොවන බවත් චීන විරෝධී කටයුතුවලට සම්බන්ධ සහ ටිබෙටය චීනයෙන් වෙන්කිරීමට උත්සාහ කරන ආගමික වෙස්ගත් දේශපාලන පුද්ගලයෙකු බවත් චීන වැඩ බලන තානාපතිවරයා ප්‍රකාශකර තිබේ. ඔහු මහ නාහිමියන්ට දැනුම්දී ඇත්තේ, චීනය හා ශ්‍රී ලංකාව සැමවිටම එකිනෙකාට යහපත් ලෙස සහයෝගය දක්වන රටවල් දෙකක් බැවින් දෙපාර්ශ්වයේ බෞද්ධ ජනතාව විසින් දළයි ලාමා සිදු සිදුකිරීමට පෙළෙඹෙන මේ සංචාරය වැළැක්විය යුතු බවයි. එය ටිබෙට් රාජ්‍යයේ නිදහස ප්‍රවර්ධනය කිරීමක් මෙන්ම චීන ශ්‍රී ලංකා ඓතිහාසික සබඳතා පළුදු කිරීමක් වනු ඇතැයි වැඩ බලන තානාපතිවරයාගේ මතයවී තිබේ. පසුගියදා ඉන්දියාවේ සංචාරය කළ ත්‍රෛනිකායින මහා සංඝරත්නය එහි සිටි ටිබෙටයේ ආධ්‍යාත්මික නායක දළයි ලාමාතුමාට ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා අරාධනා කර තිබිණ.
2023-01-18T06:59:25.000Z
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සිවිල් නියෝජිතයින්ට පාර්ලිමේන්තුවේ අනුමැතිය
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභා නියෝජිතයින්ට අනුමැතිය
COLOMBO (News 1st) - ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට පත් කළ යුතු සිවිල් සමාජ නියෝජිතයින් තිදෙනාගේ නම් පාර්ලිමේන්තුව වේ අනුමැතිය සඳහා අද (18) ඉදිරිපත් කළේ ය. ආචාර්ය ප්‍රතාප් රාමනුජම්, වෛද්‍ය දිල්කුෂි අනුලා විජේසුන්දර සහ ආචාර්ය වැලිගම විදාන ආරච්චිගේ දිනේෂා සමරරත්න යන මහත්ම මහත්මින්ගේ නම් ඊට යෝජනා වී තිබේ.
2023-01-18T06:48:20.000Z
ඉන්දීය විදේශ ඇමති ජයශංකර් ශ්‍රී ලංකාවේ සංචාරයකට සූදානම්
ඉන්දීය විදේශ ඇමති මෙරට සංචාරයකට සූදානම්
COLOMBO (News 1st) - ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය තහවුරු කර තිබේ. එස්. ජයශංකර් මහතා ශ්‍රී ලංකාවට පැමිණිමට පෙර අද දිනයේ මාලදිවයිනේ සංචාරයක නිරත වන අතර එය අවසන්කර ඔහු ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි. ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා මෙරට රැඳී සිටින කාල සීමාවේ ජනාධිපතිවරයා අග්‍රාමාත්‍යවරයා සහ විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා හමුවී ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීම නියමිතව තිබේ.
2023-01-18T06:28:39.000Z
නියමිත දිනයේදී මැතිවරණය පවත්වනවා... කොමිසම යළි ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පොරොන්දු වෙයි
නියමිත දිනට මැතිවරණය පවත්වනවා - මැතිවරණ කොමිසම
COLOMBO (News 1st) - පළාත් පාලන ආඥා පනතට හා පළාත් පාලන රෙගුලාසිවලට අනුව නියමිත දිනයේදී ඉදිරි පළාත් පාලන මැතිවරණය පවත්වන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා සහ එහි සමාජිකයන් අද (18) ශ්‍රේෂ්ඨාධිකරණයට යළි පොරොන්දු විය. මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා ප්‍රමුඛ සමාජිකයින් වෙනුවෙන් එම පොරොන්දුව ලබා දුන්නේ ජනාධිපති නීතිඥ සාලිය පිරිස් මහතා විසිනි. නීතිඥ සාලිය පිරීස් මහතා මේ බව දැනුම් දුන්නේ ඉදිරි පළාත් පාලන මැතිවරණය වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස විශ්‍රාමික හමුදා කර්නල්වරයෙකු වන ඩබ්ලිව්.එම්.ආර් විජේසුන්දර මහතා ගොනු කර තිබු රීට් ආඥා පෙත්සම මෙන්ම එම පෙත්සම නිශ්ප්‍රභ කරන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සම් අද දින කැඳවනු ලැබූ අවස්ථාවේදීයි. පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන රංජිත් මද්දුමබණ්ඩාර , මහාචාර්ය ජි.එල්. පිරිස් යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම පෙත්සම් ගොනු කර තිබේ. සියලු පාර්ශවකරුවන් කළ කරුණු දැක්වීම සලකා බැලූ ප්‍රියන්ත ජයවර්ධන , එස්.තුරෙයිරාජා හා පී.පද්මන් සුරසේන යන විනිසුරු මඩුල්ල අද තීරණය කළේ, එම පෙත්සම් සලකා බැලීම සඳහා ලබන 10 වැනිදා යළි කැඳවීමටයි.
2023-01-18T04:54:46.000Z
මේ කරන්න යන්නේ, මැතිවරණ ක්‍රියාවලිය බලහත්කාරයෙන් කුඩුපට්ටම් කිරීමේ කූඨ කුමන්ත්‍රණයක් - විපක්ෂ නායක
කුමන්ත්‍රණ හරහා මැතිවරණය කල් දැමීමට ඉඩ දෙන්නේ නැහැ
COLOMBO (News 1st) - අණ පනත් මගින් ජනතාවගේ ඡන්ද බලය යටපත් කරන කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බවත් එවැනි කුමන්ත්‍රණ හරහා මැතිවරණය කල් දැමිමට ඉඩ නොදෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරයි. විපක්ෂ නායකවරයා අද පාර්ලිමේන්තුවේදී පැවසුවේ, මේ ක්‍රියාත්මක වන්නේ, ජනතාවගේ හඬට සවන් නොදී බලහත්කාරයෙන් අණපනත් නීතී ගෙවිත් මැතිවරණ ක්‍රියාවලිය කුඩුපට්ටම් කිරීමේ කූඨ කුමණ්ත්‍රණයක් බවයි. මැතිවරණ වියදම් නියාමන පනත් කෙටුම්පත පිළිබඳ සාකච්ජා කිරීම සඳහා ජනපති සහ අගමැති ප්‍රධානත්වයෙන් අද (18) පස්වරුවේ කැඳවා ඇති විශේෂ පක්ෂ නායක රැස්වීම පිළිබඳ ප්‍රශ්න කරමින් විපක්ෂ නායකවරයා විමසා සිටියේ, විධායකට මෙලෙස ව්‍යවස්ථාදායකයේ කටයුතු සඳහා මැදිහත්වීමේ හැකියාවක් පවතී ද යන්නයි. ''විධායකයට මේ විදිහට ව්‍යවස්ථාදායකයේ ක්‍රියාවලියට ඇඟිලිගන්න පුළුවන් ද?'' මැතිවරණ වියදම් නියාමන පනත් කෙටුම්පත පිළිබඳ සාකච්ජා කිරීම සඳහා මෙම විශේෂ රැස්වීම කැඳවා ඇත්තේ, අද පස්වරුවේ පක්ෂ නායකයින්ගෙ සහභාගිත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව රැස්විම අවලංගු කරමිනි. කුමන්ත්‍රණයෙන් හවුල්කරුවෙකු නොවන ලෙස මෙහිදී විපක්ෂ නායකවරයා අධිකරණ අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් ද සිදු කළේ ය.
2023-01-18T04:08:28.000Z
මැතිවරණ වියදම් නියාමන කෙටුම්පත ගැන සාකච්ජා කිරීමට විශේෂ පක්ෂ නායක රැස්වීමක්
විශේෂ පක්ෂ නායක රැස්වීමක්
COLOMBO (News 1st) - මැතිවරණ වියදම් නියාමන පනත් කෙටුම්පත පිළිබඳ සාකච්ජා කිරීමට විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද (18) පස්වරුවේ පැවැත්වෙන බව, කතානායකවරයා නිවේදනය කර තිබේ. මෙම විශේෂ පක්ෂ නායක රැස්වීම පැවැත්වෙන්නේ, ජනපති සහ අගමැති ප්‍රධානත්වයෙනි. මෙම විශේෂ පක්ෂ නායක රැස්වීම කැඳවා ඇත්තේ, අද පස්වරුවේ පක්ෂ නායකයින්ගෙ සහභාගිත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව රැස්විම අවලංගු කරමිනි.
2023-01-18T04:02:19.000Z
රාජ්‍ය නොවන සංවිධානවල සේවිකාවන් ඇෆ්ගනිස්ථානයේ ඇතැම් රාජකාරි කටයුතු නැවතත් අරඹයි..
ඇෆ්ගනිස්ථානයේ NGO සේවිකාවෝ වැඩ අරඹති..
COLOMBO (News 1st) - රාජ්‍ය නොවන සංවිධානවල සේවිකාවන් ඇෆ්ගනිස්ථානයේ ඇතැම් රාජකාරි කටයුතු නැවතත් ආරම්භ කර තිබේ. ඒ, සෞඛ්‍ය සහ පෝෂණ වැනි අත්‍යාවශ්‍ය ක්ෂේත්‍රවල සේවය කිරීමට තලේබාන් බලධාරීන් කාන්තාවන්ට අවසර ලබා දීමෙන් පසුවයි. ඒ අනුව මේ වනවිට රාජ්‍ය නොවන සංවිධාන 3ක සේවිකාවන් රාජකාරි කටයුතු ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් ය. රාජ්‍ය නොවන සංවිධානවල සේවිකාවන්ට රැකියාවල නිරත වීම තහනම් කරමින් පසුගිය මාසයේදී තලේබාන් බලධාරීන් නියෝගයක් නිකුත් කළේ ය. ඒ ඇතැම් සේවිකාවන්, තෙලෙබන්වරුන්ගේ නීති පද්ධතියට අනුව ඇඳුම් සහ පැළඳුම් භාවිත නොකිරීම හේතුවෙනි. කෙසේවෙතත් ඇෆ්ගනිස්ථානයේ සිවිල් කාන්තාවන් සහ කුඩා ළමුන් පිළිබඳ, ඇතැම් සෞඛ්‍ය හා පෝෂණ කටයුතුවලදී කාන්තාවන්ගේ සහභාගීත්වය අත්‍යවශ්‍ය යැයි රාජ්‍ය නොවන සංවිධාන තලේබාන් පාලකයින්ට පෙන්වා දී තිබුණි. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඒ අනුව තලේබාන් බලධාරීන් මෙම අවසරය රාජ්‍ය නොවන සංවිධාන වෙත ලබා දුන් බවයි.
2023-01-18T02:57:40.000Z
රට රැකියා දෙන බව කියා මුදල් ගැරූ දෙදෙනෙක් අල්ලයි
රට රැකියා දෙන බව කියා මුදල් ගැරූ දෙදෙනෙක් අල්ලයි
COLOMBO (News 1st) - රුමේනියාවේ රැකියා ලබා දෙන බව පවසා නීතිවිරෝධීව ශ්‍රී ලාංකිකයින්ගෙන් මුදල් අයකළ සැකකරුවන් දෙදෙනෙකු මාරවිල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. විදේශ සේවා නියුක්ති කාර්යංශයේ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ගාමිණී සෙනරත් යාපා මහතා පැවසුවේ ඔවුන් සතුව තිබී විදේශ ගමන් බලපත්‍ර 38 ක් සොයා ගත් බවය. විදේශගත වීමට විවිධ පුද්ගලයින් ඉදිරිපත් කළ අයදුම්පත් රැසක්ද ඔවුන් සතුව තිබී සොයා ගෙන තිබේ. සැකකරුවන් අද(18) මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.
2023-01-18T02:40:47.000Z
පොල් මිල සීඝ්‍රයෙන් ඉහළට
පොල් මිල සීඝ්‍රයෙන් ඉහළට
COLOMBO (News 1st) - වෙළඳපොළේ පොල් මිල සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව පාරිභෝගිකයින් පවසති. ඔවුන් පෙන්වා දෙන්නේ, මේ වනවිට පොල් ගෙඩියක මිල රුපියල් 120 කට අධික මිලකට අලෙවි වන බවයි. එදිනෙදා ආහාර පිළියෙළ කිරීමට අත්‍යවශ්‍ය අමුද්‍රව්‍යයක් වන පොල් මිල ඉහළ යාමෙන් තමන් ගැටලු රැසකට මුහුණ දී ඇති බව ද ඔවුන් පෙන්වා දෙති. පොල් මිල ඉහළ යාම සම්බන්ධයෙන් පොල් සංවර්ධන මණ්ඩලයෙන් නිව්ස්ෆස්ට් අප විමසීමක් කළෙමු. එහි ජ්‍යේෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, මේ දිනවල පොල් අස්වැන්නේ අඩුවක් පවතින බවයි. පෙබරවාරි අග දක්වා එය පැවතිය හැකි බව ඔහු පෙන්වා දුන්නේ ය. පොල් සංවර්ධන මණ්ඩලය ප්‍රකාශ කළේ, මේ වසරේ පොල් ගෙඩි මිලියන 3300 ක අස්වැන්නක් අපේක්ෂා කරන බවයි.
2023-01-18T02:31:48.000Z
පුනරුත්ථාපන කාර්යාංශ පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට
පුනරුත්ථාපන කාර්යාංශ කෙටුම්පත අද පාර්ලිමේන්තුවට
COLOMBO (News 1st) - පුනරුත්ථාපන කාර්යාංශ පනත් කෙටුම්පත අද (18) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ. අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා සඳහන් කළේ, මෙම පනත සම්මත වීමත් සමග මෙරට පුනරුත්ථාපන ක්‍රියාවලියට නීතිමය පදනමක් ලැබෙන බවයි. නව පනතින් ස්වේච්ඡාවෙන් පුනරුත්ථාපනයට යොමු වීමට ද අවකාශ සැලසෙන බව ඔහු ප්‍රකාශ කළේ ය.
2023-01-18T01:07:13.000Z
මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත් කෙටුම්පත හෙට විවාදයට ගන්නවා ද? - තීරණයක් ගැනීමට අද විශේෂ සාකච්ඡාවක්
මැතිවරණ වියදම් නියාමනය කිරීමේ කෙටුම්පත හෙට විවාදයට
COLOMBO (News 1st) - මැතිවරණ වියදම් නියාමනය කිරීම පිළිබඳ පනත් කෙටුම්පත හෙට (19) දිනයේ විවාදයට ගැනීම පිළිබඳ අද කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් කැඳවා ඇති බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා පවසයි. ඊට ජනාධිපතිවරයා ද සහභාගී වනු ඇති. අමාත්‍යවරයා සඳහන් කළේ, එහිදී පක්ෂ නායකයින්ගේ එකඟතාවක් ලැබුණහොත් එය හෙට දිනයේ දෙවැනි වර කියවීමේ විවාදයට යොමු කරන බවය. මෙම පනත සම්මත වුව ද ඉන් බලාත්මක වන නීති මෙවර පළාත් පාලන මැතිවරණයට අදාළ නොවන බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය. මේ අතර පෙර ඇති කර ගත් එකඟතාවන් කඩ කරමින් මැතිවරණ වියදම් සීමා කිරීමට අදාළ පනත් කෙටුම්පත හදිසියේ විවාදයට ගැනීමට සුදානම් වන බවට විපක්ෂය පෙන්වා දෙයි.
2023-01-18T00:58:08.000Z
පළාත් පාලන මැතිවරණයේ නාමයෝජනා භාර ගැනීම අද සිට
පළාත් පාලන මැතිවරණයේ නාමයෝජනා භාර ගැනීම අද සිට
COLOMBO (News 1st) - පළාත් පාලන මැතිවරණයේ නාමයෝජනා භාර ගැනීම අද (18) ආරම්භ වේ. මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවේ, දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීවරුන්ට ඒ සඳහා සියලු උපදෙස් ලබා දී ඇති බවයි. ලබන 21 වැනි දා දහවල් 12.00 දක්වා නාමයෝජනා භාර ගැනීම සිදු කෙරෙන බව ද ඔහු ප්‍රකාශ කළේ ය.
2023-01-18T00:39:30.000Z
ගෙවුණු දිනය උණුසුම් කළ පුවත්
ගෙවුණු දිනය උණුසුම් කළ පුවත්
1. හිටපු මහබැංකු අධිපති කබ්රාල්ට එරෙහි නඩුව කල් යයි - ජනතා මුදල් අවභාවිත කිරීම සම්බන්ධයෙන් හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට එරෙහිව කීර්ති තෙන්නකෝන් මහතා ගොණුකර තිබූ නඩුව පෙබරවාරි 16 දක්වා කල් තැබීය. 2. මහනුවර ප්‍රධාන පෙළේ පාසලක මුරකරු ඝාතනය කෙරේ - මහනුවර ප්‍රධාන පෙළේ පාසලක මුරකරු ඝාතනය කර තිබිණ. 3. කල්මුණේ මහ නගර සභාවට නාමයෝජනා භාරගැනීම වළක්වමින් අතුරු තහනම් නියෝගයක් - ඉදිරි පළාත් පාලන මැතිවැරණය සඳහා කල්මුණේ මහ නගර සභාවට නාම යෝජනා භාර ගැනීම වළක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (17) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේ ය. 4. සරසවි සිසුවියගේ ඝාතනයට සැකපිට සරසවි සිසුවෙක් අත්අඩංගුවට - කොළඹ තුරග තරග පිටිය ආසන්නයේදී ගෙල කපා විශ්වවිද්‍යාල සිසුවියක ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල සිසුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ. 5. සේපාල් අමරසිංහ යළිත් රක්ෂිත බන්ධනාගාරයට - ශ්‍රී දළඳා වහන්සේට හා බෞද්ධ ධර්මයට අපහාස කිරීමේ චෝදනාව යටතේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සේපාල් අමරසිංහ ලබන ජනවාරි 31 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා නියෝග කළේ ය.
2023-01-17T14:37:34.000Z
හිටපු මහබැංකු අධිපති කබ්රාල්ට එරෙහි නඩුව කල් යයි..
හිටපු මහබැංකු අධිපතිට එරෙහි නඩුව කල් යයි..
COLOMBO (News 1st) - ජනතා මුදල් අවභාවිත කිරීම සම්බන්ධයෙන් හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට එරෙහිව කීර්ති තෙන්නකෝන් මහතා ගොණුකර තිබූ නඩුව පෙබරවාරි 16 දක්වා කල් තැබීය. කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණුවෙළ මහතා ඉදිරියේ නඩුව අද(17) කැඳවූ අවස්ථාවේ කීර්ති තෙන්නකෝන් මහතා වෙනුවෙන් මූලික විරෝධතාවක් ඉදිරිපත් කළ අතර ඊට අදාළ ලිඛිත දේශන ලබන 16 වැනිදා ගොණුකරන ලෙස අතිරේක මහේස්ත්‍රාත්වරයා අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ පාර්ශ්වයට නියෝග කරනු ලැබීය.
2023-01-17T14:18:47.000Z
මහනුවර ප්‍රධාන පෙළේ පාසලක මුරකරු ඝාතනය කෙරේ..
පාසලක මුරකරුවෙකු ඝාතනය කෙරේ..
COLOMBO (News 1st) - අද(17) මහනුවර ප්‍රධාන පෙළේ පාසලක මුරකරු ඝාතනය කර තිබිණ. පොලීසිය පැවසුවේ මිය ගිය අයගේ දෙපා ගැට ගසා තිබු අතර සිරුරේ තුවාල කිහිපයක්ද දක්නට ලැබුණු බවයි. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ.
2023-01-17T12:30:38.000Z
කල්මුණේ මහ නගර සභාවට නාමයෝජනා භාරගැනීම වළක්වමින් අතුරු තහනම් නියෝගයක්..
කල්මුණේට නාමයෝජනා භාර ගැනීම වැළකේ..
COLOMBO (News 1st) - ඉදිරි පළාත් පාලන මැතිවැරණය සඳහා කල්මුණේ මහ නගර සභාවට නාම යෝජනා භාර ගැනීම වළක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද(17) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේ ය. විජිත් මළල්ගොඩ, යසන්ත කෝදාගොඩ හා මහින්ද සමයවර්ධන යන විනිසුරු මඩුල්ල එම අතුරු තහනම් නියෝගය නිකුත් කළේ ඒ එම් මොහොමඩ් ශලීම් නමැත්තා ගොනු කළ මූලීක අයිතිවාසිකම් පෙත්සමක් සලකා බලමිනි. අතුරු තහනම් නියෝගය අනිද්දා දක්වා බලපැවැත්වෙනු ඇති. පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇති මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු සාමාජිකයින්ට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දක්වා නොතීසි නිකුත් කිරීමද විනිසුරු මඩුල්ල එහිදී නියෝග කළේ ය.
2023-01-17T11:15:19.000Z
සරසවි සිසුවියගේ ඝාතනයට සැකපිට සරසවි සිසුවෙක් අත්අඩංගුවට..
ඝාතනය: සැකපිට සරසවි සිසුවෙක් අත්අඩංගුවට..
COLOMBO (News 1st) - කොළඹ තුරග තරග පිටිය ආසන්නයේදී ගෙල කපා විශ්වවිද්‍යාල සිසුවියක ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල සිසුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ සැකකාර ශිෂ්‍යයා වැල්ලම්පිටියේදී අත්අඩංගුවට ගෙන ඇති බවයි. අද දහවල් 12.00ට පමණ එලෙස ඝාතනය කර තිබුණේ, හෝමාගම කිරිවත්තුඩුව ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යා පිඨයේ තෙවන වසරේ ඉගෙනුම ලබන සිසුවියකි. ඝාතනයට ලක්ව ඇත්තේ සිසුවියකි. විශ්වවිද්‍යාල සිසුවෙකු විසින් ඇය ඝාතනය කරන්නට ඇතැයි, පොලිසිය සැක පළ කරයි.
2023-01-17T10:00:51.000Z
සේපාල් අමරසිංහ යළිත් රක්ෂිත බන්ධනාගාරයට
සේපාල් අමරසිංහ යළිත් රක්ෂිත බන්ධනාගාරයට
COLOMBO (News 1st) - ශ්‍රී දළඳා වහන්සේට හා බෞද්ධ ධර්මයට අපහාස කිරීමේ චෝදනාව යටතේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සේපාල් අමරසිංහ ලබන ජනවාරි 31 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද නියෝග කළේ ය. එම සැකකරුට එරෙහිව ගොනු කර ඇති චෝදනා සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබද ජාත්‍යන්තර සම්මුති පනත යටතට ගැනෙනා බැවින් ඔහුට ඇප ලබා දීමේ බලයක් අධිකරණයට නොමැති බව පෙන්වා දෙමින් ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා එම නියෝගය කළේ ය.
2023-01-17T09:47:25.000Z
අන්තරේ කැඳවුම්කරු මුදලිගේ තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
අන්තරේ කැඳවුම්කරු යළි රිමාන්ඩ්
COLOMBO (News 1st) - අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ජනවාරි 31 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද නියෝග කළේ ය. ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා පැමිණිල්ලට හා සැකකාර පාර්ශවයට නියෝග කළේ, ඒ සම්බන්ධයෙන් ලිඛිත දේශන ලබන 24 වැනිදා තම අධිකරණය හමුවේ ගොනු කරන ලෙසයි.
2023-01-17T09:12:58.000Z
අන්තරේ කැඳවුම්කරු නිදහස් කරන්න.... මානව හිමිකම් සංවිධාන 7 කින් නිවේදනයක්
මානව හිමිකම් සංවිධාන 7 කින් නිවේදනයක්
COLOMBO (News 1st) - අත්අඩංගුවට ගෙන සිටින අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ මහතා අත්තනෝමතික ලෙස රඳවා තබා ගැනීම ශ්‍රී ලංකා රජය වහා අවසන් කළ යුතු බව මානව හිමිකම් සංවිධාන 07 ක් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ. ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය, මානව හිමිකම් සහ සංවර්ධනය සඳහා වූ ආසියානූ සංසදය, හියුමන් රයිට්ස් වොච්, පෙරටුගාමී ආරක්ෂක සංවිධානය, ශ්‍රී ලංකාව පිළිබඳ ජාත්‍යන්තර ක්‍රියාකාරී කණ්ඩායම සහ සාමය හා යුක්තිය සඳහා වූ ශ්‍රී ලංකාව කණ්ඩායම මෙම ඒකාබද්ධ නිවේදනය නිකුත් කළේ ය. අදාළ නිවේදනයේ දැක්වෙන්නේ පසුගිය වසරේ අගෝස්තු 21 වැනිදා සිට වසන්ත මුදලිගේ මහතා අත්අඩංගුවේ පසුවන්නේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ බවයි. එම පනත අවලංගු කිරීම සඳහා දිගු කලක් තිස්සේ රජය පොරොන්දු වූ කුරුරු නීතියක් බව අදාළ සංවිධාන පෙන්වා දෙයි. නමුත් මෙතෙක් අදාළ පනත අවලංගු කිරීමට රජය පියවර ගෙන නැතැයි, ඒකාබද්ධ නිවේදනයේ සඳහන් ය. ඔවුන් පෙන්වා දෙන්නේ දූෂිත පාලන ක්‍රමයට එරෙහිව ඇරඹුණු ජන අරගලයට ආණ්ඩුව ප්‍රතිචාර දැක්වූයේ පොලිසියට සහ හමුදාවට පුළුල් බලතල ලබා දෙමින් බවයි. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගත් බොහෝ දෙනා මේ වන විටත් නිදහස් කර ඇති බවත් තවදුරටත් වසන්ත මුදලිගේ අත්අඩංගුවේ තබා ගැනීමට කිසිදු හේතුවක් නොමැති බවත් මෙම නිවේදනයේ දැක්වේ.
2023-01-17T08:21:16.000Z
තුරග තරග පිටිය අසලදී ගෙල කපා තරුණියක ඝාතනය කෙරේ
ගෙල කපා තරුණියක ඝාතනය කෙරේ
COLOMBO (News 1st) - කුරුඳුවත්ත තුරග තරග පිටියේදී තරුණියකගේ ගෙල කපා ඝාතනය කර තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතීඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේ, මියගිය තරුණිය කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යා පිඨයේ තෙවන වසරේ ඉගෙනුම ලබන සිසුවියක බවයි. ඝාතනයට ලක්ව ඇත්තේ හෝමාගම කිරිවත්තුඩුව ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි සිසුවියකි. අද දහවල් 12 .00ට පමණ පහරදී ඇය ඝාතනය කර ඇත. විශ්වවිද්‍යාල සිසුවෙකු විසින් ඇය ඝාතනය කරන්නට ඇතැයි, පොලිසිය සැක පළ කරයි.
2023-01-17T06:27:04.000Z
මැතිවරණයේ ඇප මුදල් භාර නොගැනීමට කැබිනට් මණ්ඩලය තීරණයක් ගත්තේ නැහැ - අගමැති
''ඇප මුදල් භාර නොගන්න කැබිනට් තීරණයක් ගත්තෙ නැහැ''
COLOMBO (News 1st) - පළාත් පාලන මැතිවරණයට අදාළව ඇප මුදල් භර නොගැනීමට කැබිනට් මණ්ඩලය තීරණයක් නොගත් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ ය. පසුගිය දා රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම් නීල් හපුහින්න මහතා තේරීම්භාර නිලධාරීවරුන් වෙත ලිපියක් යොමු කරමින් දන්වා සිටියේ, පළාත් පාලන මැතිවරණයට අදාළ ඇප මුදල් භාර නොගන්නා ලෙසයි. කෙසේ වෙතත් පැය කිහිපයක් තුළ එම ලිපිය ඉල්ලා අස්කරගත්තේ එහි තාක්ෂණික දෝශයක් ඇති බව පවසමිනි.
2023-01-17T05:00:45.000Z
ඉන්දියාව හමුවේ ලැබූ ලකුණු 317ක වාර්තාගත පරාජය ගැන ක්‍රිකට් ආයතනය වාර්තාවක් කැඳවයි
ඉන්දියාව හමුවේ ලැබූ පරාජය ගැන වාර්තාවක් කැඳවයි
COLOMBO (News 1st) – ඉන්දියා - ශ්‍රී ලංකා තුන්වැනි එක්දින තරග⁣යේදී ඉන්දියාව හමුවේ ලැබූ ලකුණු 317ක වාර්තාගත පරාජය පිළිබඳව දින 5 ක් තුළ වාර්තාවක් දෙන්නැයි, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කණ්ඩායම් කළමනාකාරීත්වයට නියෝග කර තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ නිකුත් කළ නිවේදනයේ දැක්වුණේ, කණ්ඩායමේ නායකයා, ප්‍රධාන පුහුණුකරු මෙන්ම තේරීම් කමිටුවේ අදහස්වලට අමතරව කණ්ඩායම් කළමණාකරුගේ අදහස්ද ඇතුළත් මෙම වාර්තාව දින 5කදී ඉදිරිපත් කරන ලෙස ද නියෝග කර ඇති බවයි. ‍ මේ අතර ඉන්දීය තරග සංචාරයට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ යළි දිවයිනට පැමිණියේ ය. 2023 වසරේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහභාගී වූ පළමු තරග සංචාරය නිමා වූයේ තරගාවලි දෙකක පරාජයන් දෙකක් හිමිකර ගනිමිනි. සත්කාරක ඉන්දීය කණ්ඩායම සමග පැවැති පන්දුවාර 20යි 20 තරගාවලිය තරග 2ට 1ක් ලෙසත් එක්දින තරගාවලිය 3ට 0ක් ලෙසත් ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත් විය. අවසන් එක්දින තරගය අතරතුර ආබාධයන්ට ලක්වූ අශේන් බණ්ඩාර සහ ජෙෆ්රි වැන්ඩසේද එලෙස පැමිණි කණ්ඩායමට ඇතුළත් වූහ.
2023-01-17T04:09:04.000Z
මාස කිහිපයක් යනතුරු රාජ්‍ය සේවකයින්ට වැටුප් ගෙවන්නේ මෙහෙමයි
රාජ්‍ය සේවක වැටුප් ගෙවීමට අදාළ අලුත්ම තීරණය
COLOMBO (News 1st) - රාජ්‍ය සේවයේ විධායක සහ විධායක නොවන ශ්‍රේණිවල වැටුප් ගෙවීම සම්බන්ධයෙන් රජය තීරණක් ගෙන තිබේ. ඒ අනුව රාජ්‍ය සේවයේ විධායක නොවන සේවකයින්ගේ මාසික වැටුප නියමිත දිනට ලබා දීමට නියමිතය. විධායක ශ්‍රේණියේ රාජ්‍ය සේවකයින්ගේ මාසික වැටුප නියමිත දිනට, දින කිහිපයකට පසුව ගෙවීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ. මහා භාණ්ඩාගාරය ඒ සම්බන්ධයෙන් ගනු ලැබු පියවරයන් පිළිබඳව මුදල්, ආර්ථික ප්‍රතිසංස්කරණ, සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරය ලෙස ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේ අවධානයට යොමුකර තිබුණි. 2023 වර්ෂය සඳහා වන රජයේ නව ආදායම් යෝජනා ක්‍රියාත්මක කිරීමට යම් කාලසීමාවක් ගතවන බැවින් රජයේ මුදල් කළමනාකරණය වෙනුවෙන් ජනවාරි මාසයේ සිට ඉදිරි මාස කිහිපය සඳහා අදාළ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට සිදුවන බව රජය පවසයි.
2023-01-17T02:40:57.000Z
පෑළියගොඩදී වෙඩි පත්තු වෙයි... තුවාලකරු ජාතික රෝහලට
පෑළියගොඩදී වෙඩි පත්තු වෙයි
COLOMBO (News 1st) - පෑළියගොඩ කළු පාලම අසල සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ. පොලිසිය පැවසුවේ, 32 හැවිරිදි පුද්ගලයෙකු සිද්ධියෙන් තුවාල ලබා ඇති බවයි. ඔහු නිවසේ රැඳී සිටියදී යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු වෙඩි තැබීම සිදුකර පලාගොස් තිබේ. පොලිසිය පැවසුවේ, වෙඩි තැබීමෙන් තුවාල ලැබූ අදාළ පුද්ගලයා ප්‍රතිකාර සඳහා ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවයි.
2023-01-17T02:32:57.000Z
අදත් පළාත් රැසකට වැසි.. - කාලගුණයෙන් අනාවැකි
අදත් පළාත් රැසකට වැසි..
COLOMBO (News 1st) - අද (17) දිනයේත් පළාත් රැසකට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දොපර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලටත් මිලිමීටර් 75 ක පමණ තද වැසි ඇති වන බවයි. නැගෙනහිර පළාතේ සිහින් වැසිවාර කිහිපයක් ඇති විය හැකි අතර දකුණු පළාතේ උදෑසන කාලයේ වැසි ස්වල්පයක් ඇති වීමේ හැකියාවක් පවති. කාර්යේ නියුතු කාලගුණ විද්‍යාඥ චතුෂ්කා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පැවසුවේ, ගිගුරුම් සහති වැසි ඇති වනවිට තාවකාලික තද සුළං මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.
2023-01-17T01:33:09.000Z
පාර්ලිමේන්තුව අද පෙරවරුවේ රැස්වෙයි
පාර්ලිමේන්තුව අද පෙරවරුවේ රැස්වෙයි
COLOMBO (News 1st) - පාර්ලිමේන්තුව අද (17) සිට ලබන 20 වැනි දා දක්වා රැස්වීමට නියමිතව තිබේ. පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසුවේ, පළාත් පාලන මැතිවරණයට අදාළව ඉදිරිපත් වූ පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත් දෙකක් අද පස්වරුවේ දෙවන වර කියවීම සිදුවන බවයි. අද උදෑසන 09.30 ට රැස්වීමට නියමිත පාර්ලිමේන්තුවේ ආනයන හා අපනයන පාලන පනත යටතේ රෙගුලාසි හා විදේශ විනිමය පනත යටතේ නියෝග විවාදයට ගැනේ. ඉමිතියාස් බාකීර් මාකර් සහ ප්‍රේමනාත් සී. දොලවත්ත යන මහත්වරුන් විසින් පළාත් පාලන මැතිවරණයට අදාළව ඉදිරිපත් කරන ලද පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත් දෙකේ දෙවන වර කියවීමේ විවාදය පැවැත්වෙන්නේ ඉන් අනතුරුවයි. මේ අතර මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත් කෙටුම්පත විවාදයට ගැනීම පිළිබඳ අවසන් තීරණය සඳහා හෙට (18) පස්වරු 1.00 ට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව රැස්වීමට ද තීරණය කර ඇත. පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහත පැවසුවේ, කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මේ බව තීරණය වූ බවයි. පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසුවේ, එහිදී පළ වන එකඟතාව මත ලබන 19 වැනි දා පෙ.ව 10.30 සිට ප.ව 5.00 දක්වා මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත් කෙටුම්පත දෙවැනි වර කියවීම විවාදයට ගැනීමට නියමිත බවයි.
2023-01-17T01:19:37.000Z
උ/පෙළ කාලසීමාව තුළ අඛණ්ඩ විදුලිය සම්පාදනය කෙරෙහි අවධානය
උ/පෙළ කාලසීමාවේ අඛණ්ඩ විදුලිය ලබාදීම කෙරෙහි අවධානය
COLOMBO (News 1st) - උසස් පෙළ විභාග කාලසීමාව තුළ අඛණ්ඩ විදුලිය සම්පාදනය කෙරෙහි අවධානය යොමුව තිබේ. මහජන උපයෝගීතා කොමිසම පැවසුවේ, ඒ සම්බන්ධයෙන් විදුලි බල මණ්ඩලය සමග සාකච්ඡා ආරම්භ කර ඇති බවයි. විභාග කොමසාරිස් ජනරාල්වරයාගේ ඉල්ලීමක් අනුව මේ සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇතැයි එම කොමිසම ප්‍රකාශ කළේ ය. මේ අතර කැබිනට් මණ්ඩලය විසින් අනුමත කළ යෝජිත විදුලි ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක කළ නොහැකි බව මහජන උපයෝගීතා කොමිසම කැබිනට් මණ්ඩලයට දැනුම්දී තිබේ.
2023-01-17T01:11:59.000Z
ඉන්දියාවෙන් බිත්තර ගෙන්න තවමත් සත්ත්ව නිෂ්පාදන දෙපාර්තමේන්තුවේ අවසර නැහැ
බිත්තර ආනයනයට තවම සෞඛ්‍ය නිර්දේශ නැහැ
COLOMBO (News 1st) - බිත්තර ආනයනයට අදාළ සෞඛ්‍ය නිර්දේශ මෙතෙක් ලැබී නොමැති බව රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාව පවසයි. එහි සභාපති ආසිරි වලිසුන්දර මහතා සඳහන් කළේ, එම තත්ත්වය තුළ ඉදිරි උත්සව සමයේ බිත්තර සැපයීමේ කටයුතුවලට දැඩි බාධා එල්ල විය හැකි බවය. ඉන්දියාවෙන් බිත්තර ආනයනයට මේ වනවිට සැලසුම් කර ඇති නමුත් තවදුරටත් එය ප්‍රමාද වෙමින් ඇත්තේ, සෞඛ්‍ය හා සත්ත්ව නිෂ්පාදන දෙපාර්තමේන්තුවේ නිර්දේශ නොමැතිකමිනි. සෞඛ්‍ය හා සත්ත්ව නිෂ්පාදන දෙපාර්තමේන්තුව අවස්ථා ගණනාවකදී පැවසුවේ, ඉන්දියාව ආශ්‍රිතව කුරුළු උණ ව්‍යාප්ත වෙමින් පැවතීම හමුවේ බිත්තර ආනයනයට අවශ්‍ය අවසර දිය නොහැකි බවයි. කෙසේ වෙතත්, වාණිජ නීතිගත සංස්ථාව මේ වනවිට අදාළ අවසරය ඉල්ලා එම දෙපාර්තමේන්තුවට අවශ්‍ය වාර්තා යොමු කර ඇතැත් ඊට මෙතෙක් ප්‍රතිචාර ලැබී නැත. එම තත්ත්වය තුළ තවදුරටත් බිත්තර ආනයනය කරනවා ද නැද්ද යන්න තීරණයකට එලැඹීමට නොහැකි වී තිබේ. රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර මහතා පවසන්නේ, ඉන්දියාවෙන් බිත්තර ආනයනය කළහොත්, රුපියල් 40 ක මිලකට සිල්ලර වෙළඳපොළේ බිත්තරයක් අලෙවි කළ හැකි බවයි. එම තත්ත්වය තුළ දැනට වෙළෙඳපොළේ පවතින බිත්තර ගැටලුවට කඩිනම් විසඳුම් ලැබෙන බව ද ඔහු පෙන්වා දෙයි.
2023-01-17T01:03:37.000Z
මහ කන්නයේ වගාවෙන් 10% ක් කහ පැහැ ගැන්වීමේ රෝගයට ගොදුරු වෙයි - කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් ප්‍රකාශයක්
සති 4 - 6 කාලයේ වී වගාවට බන්ඩි පොහොර යොදන්න
COLOMBO (News 1st) - ක්‍රියාත්මක මහ කන්නයේ සති 4 ත් 6 ත් අතර කාලයේ වී වගා බිම්වලට කඩිනමින් බන්ඩි පොහොර යොදන්නැයි කෘෂි විශේඥයින් ගොවීන්ට උපදෙස් දී තිබේ. බතලගොඩ වී පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ අධ්‍යක්ෂ ජයන්ත සේනානායක මහතා සඳහන් කළේ, පෝෂණ ඌණතාවයක් මත ගොයම කහ පැහැ ගැන්වීමේ තත්ත්වය වාර්තා වන බවයි. මේ වනවිට මෙවර මහ කන්නයේ වගාවෙන් 8% ත් 10% ත් ප්‍රමාණයකට කහ පැහැ ගැන්වීමේ රෝගයෙන් බලපෑම් එල්ල වී ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය ප්‍රකාශ කරයි. අමාත්‍යාංශය සඳහන් කළේ, පවතින තත්ත්වය අවම කරගැනීම සඳහා අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගනිමින් ඇති බවයි.
2023-01-17T00:50:15.000Z
අඩු ආදායම්ලාභී පවුල් මිලියන 2 කට සහල් කිලෝ 10 බැගින් ලබාදීමට ජනපති කළ යෝජනාවට කැබිනට් අනුමැතිය
අඩු ආදායම්ලාභීන්ට සහල් ලබාදීමේ යෝජනාවට අනුමැතිය
COLOMBO (News 1st) - සමෘද්ධි ප්‍රතිලාභීන් ඇතුළු අඩු ආදායම්ලාභී පවුල් මිලියන 2 කට සහල් කිලෝග්‍රෑම් 10 බැගින් මාස 2 ක කාලයක් ලබාදීම සඳහා ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව මේ සඳහා සහල් මෙට්‍රික් ටොන් 40,000 ක් අවශ්‍ය වන අතර ඒ වෙනුවෙන් රජය විසින් වී මෙට්‍රික් ටොන් 61, 600ක් පමණ මිලදී ගැනීම අවශ්‍ය වන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. එහි වැඩිදුරටත් දැක්වෙන්නේ, මෙම වැඩසටහන සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ගේ සහයෙන් දිස්ත්‍රික් ලේකම්වරුන් හා ප්‍රාදේශීය ලේකම්වරුන් හරහා ක්‍රියාවට නැංවීමට යෝජිත බවයි.
2023-01-17T00:19:36.000Z
ගෙවුණු දිනය උණුසුම් කළ පුවත්
ගෙවුණු දිනය උණුසුම් කළ පුවත්
1. විදුලි බිල ඉහළ නැංවීමේ යෝජනාව පිළිගන්නේ නැහැ - මහජන උපයෝගීතා කොමිසම - විදුලි බිල ඉහළ නැංවීමට ඉදිරිපත් කළ යෝජනාව පිළිනොගන්නා බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති, කැබිනට් ලේකම්වරයාට ලිඛිතව දන්වයි. 2. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අත ලකුණින් තරග කිරීමට තීරණය කරයි - ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ, බහුතරයකගේ තීරණයට අනුව සෑම දිස්ත්‍රික්කයකම පළාත් පාලන ආයතනවලට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අත ලකුණින් තරග කිරීමට තීරණය කර ඇති බවය. 3. පාස්කු ඉරිදා ප්‍රහාරයේ අධිකරණ තීන්දුව ගැන හිටපු ජනපතිගෙන් පිටු තුනක ලිපියක් - පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධ ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුව සම්බන්ධයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අත්සනින් පිටු තුනක නිවේදනයක් නිකුත් කර තිබේ. 4. වසන්තට නිදහස ඉල්ලූ අන්තරේ සිසුන්ට ජල හා කඳුළු ගෑස් ප්‍රහාර - ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධානය කළ විරෝධතාවයක් විසුරුවා හැරීමට පොලිසිය අවස්ථා දෙකකදී ජල හා කදුළු ගෑස් ප්‍රහාර එල්ල කළේ ය. 5. නේපාලය ජාතික ශෝක දිනයක් ප්‍රකාශයට පත් කරයි - නේපාලය ජාතික ශෝක දිනයක් ප්‍රකාශයට පත් කර තිබේ.
2023-01-16T16:39:39.000Z
විදුලි බිල ඉහළ නැංවීමේ යෝජනාව පිළිගන්නේ නැහැ... - මහජන උපයෝගීතා කොමිසම
විදුලි බිල ඉහළ නැංවීමේ යෝජනාව කොමිසම පිළිනොගනී
COLOMBO (News 1st) - විදුලි බිල ඉහළ නැංවීමට ඉදිරිපත් කළ යෝජනාව පිළිනොගන්නා බව, මහජන උපයෝගීතා කොමිසමේ සභාපති, කැබිනට් ලේකම්වරයාට ලිඛිතව දන්වයි.
2023-01-16T16:26:32.000Z
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අත ලකුණින් තරග කිරීමට තීරණය කරයි..
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අත ලකුණින් තරග කරයි
COLOMBO (News 1st) - ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ, බහුතරයකගේ තීරණයට අනුව සෑම දිස්ත්‍රික්කයකම පළාත් පාලන ආයතනවලට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අත ලකුණින් තරග කිරීමට තීරණය කර ඇති බවය. එළැඹෙන පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරග වදින සියලුම පළාත් පාලන අපේක්ෂකයින් එම තීරණය අනුව කටයුතු කරනු ඇති බව පක්ෂය නිකුත් කළ නිවේදනයේ සදහන් වේ. නමුත් ඇතැම් පක්ෂ හා නායකයින් අතර එකඟත්වය පළ කරගනිමින් යම් පළාත් පාලන ආයතන සඳහා පක්ෂයේ අනුමැතියට යටත්ව හෙලිකොප්ටරය ලකුණින් තරග කිරීමට එකඟ වී ඇති බවද පක්ෂය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.
2023-01-16T16:16:57.000Z
පාස්කු ඉරිදා ප්‍රහාරයේ අධිකරණ තීන්දුව ගැන හිටපු ජනපතිගෙන් පිටු තුනක ලිපියක්
හිටපු ජනපතිගෙන් පිටු තුනක ලිපියක්..
COLOMBO (News 1st) - පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධ ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුව සම්බන්ධයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අත්සනින් පිටු තුනක නිවේදනයක් නිකුත් කර තිබේ. එහි ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුව සහ ඉන් මතුවන කරුණු ගණනාවක් පිළිබඳව ඒ මහතා කරුණූ මතුකර තිබේ. 2019 පාස්කු ඉරිදා ප්‍රහාරය තරම් පීඩාවට පත් සිදුවීමක් තම ජීවිතයේ නැති බවත් ඒ සමග උද්ගතවූ සමාජ ආර්ථික දේශපාලනික හා නෛතික ප්‍රතිඵල හේතුවෙන් තවදුරටත් කම්පනයට පත්වෙමින් සිටින බවත් මෛත්‍රීපාල සිරිසේන මහතා නිවේදනයේ දක්වා තිබේ. එහි තවදුරටත් දැක්වෙන්නේ මෙම ඓතිහාසික නඩු තීන්දුව මගින් ආරක්ෂක අමාත්‍යවරයාගේ හා විධායක ජනාධිපතිවරයාගේ වගකීම් වඩ වඩාත් පැහැදිලි කරදීම අගය කරන බව ය. මෙම නඩු තීන්දුව අනාගත අමාත්‍යවරුන්ගේ හා ජනාධිපතිවරුන්ගේ නියාමන කාර්යයන් හා විධායක බලතල සම්බන්ධයෙන් වඩාත් හොඳ ස්ථාවරයක් ගොඩනගන බවට සැකයන් නැති බවත් මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම නිවේදනයෙන් වැඩිදුරටත් අවධාරණය කරයි.
2023-01-16T14:38:50.000Z
වසන්තට නිදහස ඉල්ලූ අන්තරේ සිසුන්ට ජල හා කඳුළු ගෑස් ප්‍රහාර...
අන්තරේ සිසුන්ට ජල හා කඳුළු ගෑස් ප්‍රහාර...
COLOMBO (News 1st) - ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධානය කළ විරෝධතාවයක් විසුරුවා හැරීමට පොලිසිය අවස්ථා දෙකකදී ජල හා කදුළු ගෑස් ප්‍රහාර එල්ල කළේ ය. මෙම විරෝධතාව අද(16) පස්වරුවේ කොළඹ ලිප්ටන් වටරවුමෙන් ආරම්භ කිරීමට නියමිත බවට ලැබුණු තොරතුරුත් සමග ශ්‍රී ලංකා පොලීසිය සහ කැරලි මර්දන නිලධාරීන් ඇතුළු පිරිසක් ලිප්ටන් වටරවුමට රැස්විය. කෙසේ වෙතත් විරෝධතාව ආරම්භ වූයේ එක්සත් ජාතීන්ගේ මෙරට කාර්යාලය ඉදිරිපිටදී ය. ත්‍රස්ත පනතින් අද වන විට දින 150ක් තිස්සේ සිරකර සිටින වසන්ත මුදලිගේ මහතා වහා නිදහස් කිරීම, විදුලිය, තෙල් ගෑස් මිල පහත හෙළීම, ත්‍රස්ත පනත අහෝසි කිරීම හා ශිෂ්‍ය නායක දඩයම නවත්වා අත්අඩංගුවට ගෙන සිටින සියලු සිසු ක්‍රියාකාරීන් වහා නිදහස් කිරීම යන ඉල්ලීම් මුල් කරගනිමින් අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය අද මෙම විරෝධතාව සංවිධානය කර තිබුණි. සිවිල් සංවිධාන හා වෘත්තීය සමිති නියෝජිතයින් පිරිසක්ද මෙම විරෝධතාවට එක්ව සිටියහ. විරෝධතාවය පැවැත්වුනු එක්සත් ජාතීන්ගේ මෙරට කාර්යාලය ඉදිරිපිටටත් පොලිස් කැරලි මර්ධන ඒකකයේ නිලධාරීන් සහ ජල විහිදුම් රථ ‍පැමිණ තිබුණි. විරෝධතාවය අතරතුර සිවිල් ජනතාව ද විරෝධතාකරුවන්ට අවශ්‍ය පානීය ජල බෝතල් ලබාදෙමින් සහාය පළ කළේ ය. පැය භාගයකට ආසන්න කාලයක් එක්සත් ජාතීන්ගේ මෙරට කාර්යාලය ඉදිරිපිට දී විරෝධතාවයේ නියැලුනු විරෝධතාකරුවන් පසුව පාගමනින් ගාලු පාර ඔස්සේ ගමන් කිරීම ආරම්භ කළේ ය. විරෝධතාකරුවන් පාගමනින් කොල්ලුපිටිය මංසන්ධියට පැමිණෙන විට, පොලිසිය හා කැරලි මර්දන ඒකකය කදුළු ගෑස් හා ජල ප්‍රහාරක රථ සමග ගාලු මුවදොර දෙස සිට කොල්ලුපිටිය මංසන්ධියට පැමිණ සිටි අතර එහිදී පොලීසිය විසින් අධිකරණ නියෝගයක් ශබ්ද විකාශන යන්ත්‍ර මගින් ප්‍රකාශයට පත් කළේ ය. කෙසේ වෙතත් පිරිස විසිර ගියේ නැත. පසුව පොලීසිය හා කැරලි මර්දන ඒකකයේ නිලධාරීන් ගාලු මුවදොර දෙසින් විරෝධතාකරුවන් සිටින දෙසට ගමන් කිරීම ආරම්භ කළේ ය. පසුව පිරිස එම ස්ථානයෙන් පසුබැස සිරිකොත මාවත හා සාන්ත අන්තෝනි මාවත ඔස්සේ මැරින් ඩ්‍රයිව් මාර්ගයට පැමිණ යළි විරෝධතාවයේ නියැලුණි. පොලිස් නිලධාරීන් හා කැරලි මර්දන ඒකකයේ නිලධාරීන් මැරීන් ඩ්‍රයිව් පෙදෙසට පැමිණි විගස විරෝධතාකරුවෝ යළිත් ගාලු පාර දෙසට පා ගමනින් ගමන් කරමින් සිය විරෝධය පළ කළහ. කෙසේ වෙතත් විරෝධතාකරුවන් විසුරුවා හැරීම සඳහා පොලීසිය කොල්ලුපිටිය මංසන්ධියේදී ජල හා කදුලු ගෑස් ප්‍රහාර එල්ල කළේ ය. ජල හා කදුළු ගෑස් ප්‍රහාර හමුවේ විසුරුණු විරෝධතාකරුවන් යළිත් සාන්ත අන්තෝනි මාවත ඔස්සේ නෙළුම් පොකුන රගහල දෙසින් සෞන්දර්ය විශ්ව විද්‍යාලය ඉදිරිපිටට පැමිණියේ ය. පසුව විරෝධතාකරුවන් එම ස්ථානයේදී යළිත් විරෝධතාව ආරම්භ කළ අතර එම ස්ථානයට පැමිණි පොලිසිය හා කැරලි මර්දන ඒකකයේ නිලධාරීන් යළිත් වරක් ජල හා කදුළු ගෑස් ප්‍රහාර එල්ල කළේ පිරිස විසුරුවා හැරීමටයි. මෙහිදී විරෝධතාවයේ නියැලුනු විරෝධතාකරුවන් පිරිසක් පොලිස් අත්අඩංගුවට පත්විය. විරෝධතාකරුවන් පසුකර පොලිස් ජල ප්‍රහාරක රථ ගමන් කිරීමට උත්සාහ කිරීමේදී විරෝධතාකරුවන් සහ කැරලි මර්දන නිලධාරීන් අතර ගැටුම්කාරී තත්ත්වයක් ඇතිවිය. විරෝධතාකරුවන් සෞන්දර්ය විශ්වවිද්‍යාල භූමියට ඇතුළු වූ අතර කැරලි මර්දන සහ පොලිස් නිලධාරීන් විශ්වවිද්‍යාල භූමියට ඇතුල් වීමට උත්සාහ කිරීමේදී දැඩි වර්ෂාව මැද ඊටත් විරෝධය පළ විය. අනතුරුව පිරිස විසිර ගියහ.
2023-01-16T11:03:01.000Z
අන්තරේ සිසුන් ඇතුළු පිරිස විසුරුවා හැරීමට කඳුළු ගෑස් ප්‍රහාර
විරෝධතාවට කොල්ලුපිටියේදී කඳුළු ගෑස්
COLOMBO ( News 1st ) - විරෝධතාවේ නිරත අන්තරේ සිසුන් ඇතුළු පිරිස විසුරුවා හැරීමට පොලිසිය කොල්ලුපිටියේදී ජල හා කඳුළු ගෑස් ප්‍රහාර කර තිබේ. අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ඇතුළු සිවිල් සංවිධාන කිහිපයක පිරිසක් ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් කොළඹ තුම්මුල්ලෙන් ආරම්භ කළ විරෝධතා පා ගමන පසුව කොල්ලුපිටියට ළඟා විය. දින 150 කට අධික කාලයක් රදවාගෙන සිටින අන්තරේ කැදවුම්කරු වසන්ත මුදලිගේ නිදහස් කිරීම, ත්‍රස්තවාදය වැළැක්වීමේ පණත අහෝසි කිරිම, විදුලි ගාස්තු සහ ජීවන වියදම පහත හෙලීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් මෙම විරෝධතාව පැවැත්විණ. මේ අතර, විරෝධතාවයේ නිරත පිරිසට යූනියන් පෙදෙස හරහා ගාලු මුවදොර පිටියට ඇතුළු වීම වළක්වාලමින් අධිකරණ නියෝගයක් ද නිකුත් කෙරිණ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතීඥ නිහාල් තල්දූව මහතා පැවසුවේ, , කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා විසින් එම නියෝගය නිකුත් කර ඇති බවයි.
2023-01-16T10:09:05.000Z
විරෝධතාවේ නිරත පිරිසට යුනියන් පෙදෙස හරහා ගාලුමුවදොර පිටියට ඇතුළු වීම වළක්වාලමින් අධිකරණ නියෝගයක්
අන්තරේ කැඳවුම්කරුට නිදහස ඉල්ලා විරෝධතාවක්
COLOMBO ( News 1st ) - ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ඇතුළු සිවිල් සංවිධාන කිහිපයක පිරිසක් කොළඹ තුම්මුල්ල ප්‍රදේශයේ දී විරෝධතාවක් ආරම්භ කළේ ය. අප වාර්තාකරුවන් පවවසන්නේ, මේ වනවිට පිරිස පා ගමනක් ආරම්භ කර ඇති බවයි. දින 150 කට අධික කාලයක් රඳවාගෙන සිටින අන්තරේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ නිදහස් කිරීම, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම, විදුලි ගාස්තු සහ ජීවන වියදම පහත හෙළීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් ඔවුන්ගේ ඉල්ලීම් අතරට අයත් ය . මේ අතර, විරෝධතාවේ නිරත පිරිසට යූනියන් පෙදෙස හරහා ගාලු මුවදොර පිටියට ඇතුළු වීම වළක්වාලමින් අධිකරණ නියෝගයක් ද නිකුත් කර තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතීඥ නිහාල් තල්දූව මහතා පැවසුවේ, කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා විසින් එම නියෝගය නිකුත් කර ඇති බවයි.
2023-01-16T08:13:58.000Z
මූලික පිරිවෙන් අවසන් විභාගයේ උත්තර පත්‍ර නැවත සමීක්ෂණ අයැදුම්පත්‍ර භාරගැනීම ඇරඹෙයි..
පිරිවෙන් විභාගය :අධ්‍යාපන අමාත්‍යාංශ නිවේදනයක්
COLOMBO ( News 1st ) - මූලික පිරිවෙන් අවසන් විභාගයේ උත්තර පත්‍ර නැවත සමීක්ෂණ අයැදුම්පත්‍ර භාරගැනීම ආරම්භ වී තිබේ. අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ, ඔන්ලයින් ක්‍රමයට පමණක් අයදුම්පත්‍ර භාරගන්නා බවයි. WWW.doenets.lk වෙබ් අඩවියට පිවිස ඒ සඳහා අයැදුම් කළ හැකි වන අතර අයැදුම් පත්‍ර භාරගැනීම අවසන් වන්නේ පෙබරවාරී 15 වැනිදායි.
2023-01-16T06:59:20.000Z
මහින්දානන්ද අළුත්ගමගේ මහතාට එරෙහිව අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාව පැවරූ නඩුව අද කැඳවෙයි.
මහින්දානන්දට එරෙහි නඩුවේ වැඩිදුර විභාගය මාර්තු 20
COLOMBO ( News 1st ) - පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අළුත්ගමගේ මහතාට එරෙහිව අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් පවරා ඇති නඩුවක් අද (16) කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඉදිරියේ දී කැඳවනු ලැබීය. ඒ ඔහු අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ සමයේ අයථා ලෙස උපයා ගත් රුපියල් ලක්ෂ 274 ක් යොදවා, බොරැල්ල කින්සි පාරේ පිහිටි සුඛෝපභෝගී නිවසක් මිලදී ගැනීමේ චෝදනාව යටතේයි. එම නඩුව සම්බන්ධයෙන් පැමැණිල්ලේ වැඩිදුර විභාගය ලබන මාර්තු 20 වැනිදා දක්වා කල් තැබීමට විනිසුරුවරයා තීරණය කළ අතර අද (16) දින පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂි ලබාදීම සඳහා අධිකරණය හමුවේ පෙනීසිටි පැමිණිල්ලේ 53 වන සාක්ෂිකරුට එදින යළි අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට ද අවවාද කරනු ලැබීය.
2023-01-16T05:35:54.000Z
පුංචි ඡන්දෙට පාඨලීගේ 43 සේනාංකය සහ වෙල්ගමගේ පක්ෂය එකට එක්වෙයි
43 සේනාංකය හා වෙල්ගමගේ පක්ෂය එක්වෙයි
COLOMBO ( News 1st ) - ඉදිරි පළාත් පාලන මැතිවරණයට තරග කිරීම⁣ට 43 වන සේනාංකය සහ නව ලංකා නිදහස් පක්ෂය ගිවිසුම්ගත වී තිබේ. මෙලෙස ගිවිසුම්ගතව ඇත්තේ, පාඨලී චම්පික රණවකගේ නායකත්වයෙන් යුත් 43 වන සේනාංකය සහ කුමාර වෙල්ගමගේ නායකත්වයෙන් යුත් නව ලංකා නිදහස් පක්ෂයයි.
2023-01-16T04:16:21.000Z
පැය 24 ක් තුළ සිදුවූ රිය අනතුරුවලින් ළමුන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් 8 දෙනෙකු ජීවිතක්ෂයට
පැය 24 තුළ රිය අනතුරු නිසා පුද්ගලයින් 8ක් මරුට
COLOMBO ( News 1st ) - පැය 24 ක් තුළ සිදුවූ රිය අනතුරුවලින් ළමුන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් 8 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. පොලීසිය ප්‍රකාශ කළේ,රාගල සමඟිපුර ප්‍රදේශයේ දී ත්‍රීරෝද රථයක් පෙරළීමෙන් වයස අවුරුදු දෙකහාමාරක දරුවෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ය. ත්‍රීරෝද රථයේ ගමන් කළ තවත් දරුවෙකු තුවාල ලබා නුවරඑළිය රෝහලට ඇතුළත් කර ඇති අතර 16 හැවිරිදි ත්‍රීරෝද රථ රියැදුරු අත්අඩංගුවට ගෙන තිබේ. නාවලපිටිය ප්‍රදේශයේ දී බස් රථයකින් ඇද වැටී 16 හැවිරිදි පාසල් සිසුවෙකු මියගොස් ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් බස් රථ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇතැයි ද පොලීසිය සඳහන් කළේ ය. කොළඹ - මඩකලපුව මාර්ගයේ තාලවටුවාන ප්‍රදේශයේ දී යතුරු පැදියක්, වෑන් රථයක ගැටීමෙන් 19 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වී තිබේ. මේ අතර ගලෙන්බිඳුණුවැව පදිංචි 23 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් තිබුණේ යතුරු පැදියක් බස් රථයක ගැටීමෙනි. එසේම,බද්දේගම හැම්මැලිය ප්‍රදේශයේදී යතුරු පැදියක් - කැබ් රථයක ගැටීමෙන් අනතුරක් සිදුව ඇති අතර එහිදී 31 හැවිරිදි බද්දේගම පදිංචි යුද හමුදා සෙබළෙකු ජීවිතක්ෂයට පත් වී තිබේ. යතුරු පැදියක්, ලොරි රථයක ගැටීමෙන් බෙලිඅත්තේ සිදුවූ රිය අනතුරකින් ද පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී ඇති අතර ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 39 හැවිරිදි අයෙකි. මේ අතර බද්දේගම, මඩවලමුල්ල ප්‍රදේශයේදී ජීප් රථයක ගැටීමෙන් 50 හැවිරිදි පදිකයෙකු මිය ගොස් ඇති අතර යතුරු පැදියක් මාර්ගයෙන් ඉවතට පැන පෙරළීයාමෙන් වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේදී 57 හැවිරිදි පුද්ගලයෙකු ද ජීවිතක්ෂයට පත් වී තිබේ.
2023-01-16T03:57:58.000Z
දන්ත වෛද්‍ය උපකරණ හිඟයෙන් රෝහල්වල කටයුතුවලට බාධා
දන්ත වෛද්‍ය උපකරණ හා ඖෂධවල දැඩි හිඟයක්..
COLOMBO ( News 1st ) – රජයේ රෝහල් ආශ්‍රිතව දන්ත වෛද්‍ය උපකරණ හා ඖෂධවල දැඩි හිඟයක් ඇතැයි රජයේ දන්ත ශල්‍ය වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසයි. එහි ලේකම් විශේෂඥ වෛද්‍ය මංජුල හේරත් මහතා පැවසුවේ, දත් පිරවීම්, ස්නායු පිරවීම්, විකලාංග ප්‍රතිකාර සහ දන්ත සංරක්ෂණය ඇතුළු ප්‍රතිකාර සඳහා අවශ්‍ය ඖෂධවල දැඩි හිඟයක් පවතින බවයි. එම තත්ත්වය හේතුවෙන් ප්‍රතිකාර සඳහා පැමිණෙන රෝගීන්ට දිගු කාලයක් පොරොත්තු ලේඛනවල රැඳී සිටීමට සිදුව ඇතැයි ද ඔහු සඳහන් කළේ ය. මේ අතර, පවතින ඖෂධ හිඟය හේතුවෙන් ප්‍රතිකාර සඳහා රජයේ රෝහල් වෙත පැමිණෙන රෝගීන් දැඩි පීඩාවට පත්ව සිටී. සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ, අත්‍යවශ්‍ය ඖෂධ ගෙන්වීම සඳහා මේ වනවිටත් කටයුතු සූදානම් කර ඇති බවයි.
2023-01-16T02:57:47.000Z
හොරණ වෙඩි තැබීමකින් පුද්ගලයෙකුට තුවාල..
හොරණ වෙඩි තැබීමකින් පුද්ගලයෙකුට තුවාල..
COLOMBO ( News 1st ) – පිලියන්දල, හොරණ මාර්ගයේ කුඹුක ප්‍රදේශයේදී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ. පොලිසිය පැවසුවේ ඊයේ රාත්‍රි 12.30ට පමණ සිදුවූ වෙඩි තැබීමෙන් ඔහුගේ ගෙල ප්‍රදේශයට තුවාල සිදුව ඇති බවයි. සිද්ධියෙන් තුවාල ලබා ඇත්තේ, 36 හැවිරිදි පුද්ගලයෙකි. ප්‍රතිකාර සඳහා ඔහු හොරණ රෝහලට ඇතුලත් කර තිබේ. සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන ආරම්භ කර ඇතැයි පොලිසිය සඳහන් කළේ ය.
2023-01-16T02:38:18.000Z
නේපාලය ජාතික ශෝක දිනයක් ප්‍රකාශයට පත් කරයි..
නේපාලය ජාතික ශෝක දිනයක් ප්‍රකාශයට පත් කරයි..
COLOMBO ( News 1st ) - නේපාලය ජාතික ශෝක දිනයක් ප්‍රකාශයට පත් කරයි.. නේපාලය ජාතික ශෝක දිනයක් ප්‍රකාශයට පත් කර තිබේ. ඒ දශක තුනක පමණ කාලයක් තුළ එරට සිදු වූ දරුණුතම ගුවන් අනතුරින් මියගිය පුද්ගලයින් සිහිපත් කරමිනි. නේපාල අග්‍රාමාත්‍ය, පුෂ්පා කමල් දාල් ප්‍රකාශ කළේ, සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් ක්‍රියාත්මක බවයි. කත්මණ්ඩු නුවර සිට පොකාරා බලා පියාසර කරමින් තිබූ ගුවන් යානයක් අනතුරට ලක් වුණේ ඊයේ (15) උදෑසනය. එහිදී පුද්ගලයින් 68 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී ඇති අතර ගුවන් යානය අනතුරට ලක්වන අවස්ථාවේ කාර්ය මණ්ඩලයේ සිව්දෙනෙකු ඇතුළුව 72ක් යානය තුළ ගමන් ගනිමින් සිට තිබේ. අනතුරට පත් වූ ගුවන් මගීන් මුදා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මකයි.
2023-01-16T02:26:58.000Z
ගොයම කහපැහැ ගැන්වූ ප්‍රදේශවලට, වී පර්යේෂණ ආයතනයේ කණ්ඩායම්..
ගොයම කහපැහැ ගැන්වූ ප්‍රදේශවලට කණ්ඩායමක්..
COLOMBO ( News 1st ) – වී වගාව ආශ්‍රිතව ගොයම කහ පැහැ ගැන්වීමේ රෝගය ව්‍යාප්තවී ඇති ප්‍රදේශවල පර්යේෂණ කණ්ඩායම් ක්ෂේත්‍ර චාරිකා ආරම්භ කර ඇතැයි බතලගොඩ වී පර්යේෂණ හා සංවර්ධන ආයතනය පවසයි. එහි අධ්‍යක්ෂ ජයන්ත සේනානායක මහතා සඳහන් කළේ, එහිදී හඳුනාගන්නා ගැටලුවලට පිළියම් යෙදීම පිළිබඳව ගොවීන් දැනුවත් කරන බවයි.
2023-01-16T01:47:46.000Z
A/L විභාගය වෙනුවෙන් අඛණ්ඩව විදුලිය දීම ගැන අද විශේෂ සාකච්ඡාවක්- ලංවිම
A/Lවලට අඛණ්ඩව විදුලිය දෙන්න විශේෂ සාකච්ඡාවක්..
COLOMBO ( News 1st ) – උසස් පෙළ විභාගය වෙනුවෙන් අඛණ්ඩව විදුලිය ලබාදීම පිළිබඳව අද(16) විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙන බව, ලංකා විදුලිබල මණ්ඩලය පවසයි. එහි සාමාන්‍යාධිකාරී ඉංජිනේරු රොහාන් සෙනවිරත්න මහතා සඳහන් කළේ , විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ සහ විභාගයට පෙර අඛණ්ඩව විදුලිය ලබාදෙන්නැයි විභාග දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් ලැබී ඇති බවයි. ඒ අනුව අද පැවැත්වෙන සාකච්ඡාවේදී ඒ පිළිබඳ අවසන් තීරණයකට එළැඹෙන බව, ඔහු සඳහන් කළේ ය. ඒ පිළිබඳව මහජන උපයෝගීතා කොමිසමේ නිර්දේශ ද, ලබාගැනීමට නියමිතයි.
2023-01-16T01:42:10.000Z
නිදහස් ජනතා සන්ධානයේ විධායක සභාව අද රැස්වෙයි
නිදහස් ජනතා සන්ධානයේ විධායක සභාව අද රැස්වෙයි
COLOMBO ( News 1st ) – නිදහස් ජනතා සන්ධානයේ ජාතික විධායක සභාව අද(16) රැස්වෙයි. හෙලිකොප්ටරය ලකුණු යටතේ ඉදිරි මැතිවරණයට ඉදිරිපත්වන එම සන්ධානයට පක්ෂ 12ක් සහ හවුල්කාර සංවිධාන රැසක් අයත් ය. නාම යෝජනා සැකසීම ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් අද සාකච්ඡා කරන බව, නිදහස් ජනතා සන්ධානයේ විධායක සභික වීරසුමන වීරසිංහ මහතා සඳහන් කළේ ය. මේ අතර, දේශපාලන පක්ෂ හා සිවිල් සංවිධාන 54ක් එක්සත් ජාතික පක්ෂය සමග එක්ව ඇතැයි එහි මහ ලේකම් පාලිත රංගේබණ්ඩාර මහතා සඳහන් කළේ ය.
2023-01-16T01:30:27.000Z
හින්දු බැතිමතුන් අද මාට්ටු පොංගල් සමරයි..
හින්දු බැතිමතුන් අද මාට්ටු පොංගල් සමරයි..
COLOMBO ( News 1st ) – කෘතගුණ දැක්වීමේ ගුණාංගය ලොවට කියාපාමින් හින්දු බැතිමතුන් අද(16) මාට්ටු පොංගල් හෙවත් පට්ටි පොංගල් සමරයි. ගොවිතැන්වලට උපකාරී සත්ත්වයා වන ගවයාට උපහාර දැක්වීම මාට්ටු පොංගල් උත්සවයේ අරමුණ වන අතර හින්දු බැතිමතුන් සෑම වසරකම තෛපොංගල් දිනයට පසුදින මාට්ටු පොංගල් සමරයි. ගවමඩු පිරිසිදු කොට, කෝලම් රටාවලින් සරසා ළිප් බැද පොංගල් ඉතිරවීම මෙහිදී ඉටු කෙරෙන චාරිත්‍රයයි. පොංගල් ඉතිරිවීමට පෙර ගවයින් නහවා පිරිසිදු කර ගන්නා අතර, මල්මාලාවලින්ද සරසයි. පොංගල් ඉතිරවීම සිදු කරන්නේ පවුලේ සියලු දෙනාගේම සහභාගීත්වයෙන් ය. එහි පළමු කොටස දෙවියන්ට පූජා කරන අතර, අනතුරුව සකසා ගත් පොංගල් ගවයින්ට ආහාර පිණිස ලබාදෙයි.