date
stringlengths 24
24
| title
stringlengths 0
176
| short_title
stringlengths 10
69
| content
stringlengths 0
19.7k
|
---|---|---|---|
2023-01-31T10:44:55.000Z | බොරැල්ල වකුගඩු ජාවාරමේ තැරැව්කරුට ඇප.. | බොරැල්ල වකුගඩු ජාවාරමේ තැරැව්කරුට ඇප.. | COLOMBO (News1st ) - බොරැල්ලේ සිදුවු වකුගඩු ජාවාරමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තැරැව්කරු රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප 2 ක් මත මුදාහැරීමට කොළඹ අතිරේක මහෙස්‍ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය අද (31) නියෝග කළා ය. අතිරේක මහෙස්ත්‍රාත්වරිය එහිදී නියෝග කළේ, එම සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර අත්අඩංගුවට ගෙන සිටි තවත් සැකකරුවන් තුන්දෙනෙකු ලබන 14 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන අද (31) අධිකරණයට ඉදිරිපත් කළ තවත් සැකකරුවෙකු අධිකරණය හමුවේ පැවැත්වෙන හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කරනා ලෙසට ද අතිරේක මහේස්ත්‍රාත්වරිය එහිදී වැඩිදුරටත් නියෝග කළා ය. එහිදී විමර්ශන මෙහෙයවන කොළඹ අපරාධ කොට්ඨාසය වෙනුවෙන් පෙනී සිටි ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා අධිකරණයට පෙන්වා දුන්නේ මෙම ජාවාරම සම්බන්ධයෙන් එම පෞද්ගලික රෝහලට සම්බන්ධ එක්තරා සැකකාරියක් අත්අඩංගුවට ගෙන ඇතත් ඇය ගැබිණි කාන්තාවක වන බැවින් ඇයට ඇති වු සෞඛ්‍ය අපහසුතාවයක් නිසා මානුෂික හේතුන් මත පොලීසිය විසින් ඇය මුදා හැර ඇති බවයි. කෙසේ නමුත් එම සැකකාරිය මෙකී වකුගඩු ජාවාරමේ ප්‍රධාන සැකකරියක ලෙස මේ වන විට හඳුනා ගෙන ඇති බැවින් ඉදිරි දින කිහිපය තුළදී යළි අත්අඩංගුවට ගැනීමට පියවර ගන්නා බවත් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා එහිදී අධිකරණයට පෙන්වා දුන්නේ ය. |
2023-01-31T10:09:11.000Z | හෝටලයක ඉහළ මහලෙන් වැටී පුද්ගලයකු මරුට | හෝටලයක ඉහළ මහලෙන් වැටී පුද්ගලයකු මරුට | COLOMBO (News 1st) – කැස්බෑව ප්‍රදේශයේ හෝටලයක ඉහළ මහලෙන් වැටී පුද්ගලයකු ජීවිතක්ෂයට පත් වී තිබේ. පොලීසිය පැවසුවේ, එලෙස මිය ගොස් ඇත්තේ, අවුරුදු 25 ක මාතර දෙණියාය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර ඔහු එම හෝටලයේ සේවය කරමින් සිට ඇති බවය. මෘත ශරීරය කළුබෝවිල රෝහලේ තැම්පත් කර ඇති අතර මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක ය. |
2023-01-31T09:28:26.000Z | අල්ලස් චෝදනා එල්ල වූ මාවනැල්ල සභාපති හා රියැදුරු තවදුරටත් රිමාන්ඩ් | මාවනැල්ල සභාපති හා රියැදුරු තවදුරටත් රිමාන්ඩ් | COLOMBO (News 1st) – මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති සමන්ත ස්ටීවන් සහ ඔහුගේ රියැදුරු හසිත තිලකරත්න ලබන 14 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරිමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද නියෝග කළේ ය. ගොඩැනැගිලි සැලසුමක් අනුමත කරදීම සඳහා ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් ලක්ෂ 20 ක අල්ලසක් ඉල්ලා එය ලබාගැනිමේ චෝදනාව යටතේ ඔවුන් අත්අඩංගුවට ගෙන තිබේ. එම නඩුව අද දින කැඳවු අවස්ථාවේදී අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙනුවෙන් පෙනී සිටි නිලධාරින් අධිකරණයට දැනුම් දුන්නේ එම අල්ලස ලබාගැනීම සම්බන්ධයෙන් පැමිණිලි කළ පැමිණිලිකරුට මරණීය තර්ජන එල්ලවී ඇති බව දැනුම් දී ඇති බවයි. මෙම සැකකරුවන් ඇප මත මුදාහැරි වහාම පෙළ පාලියකින් පැමිණ එම පැමිණිලිකරුගේ නිවස වටලන බවට තර්ජන ලැබි ඇති බවත්, අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාව වෙනුවෙන් පෙනී සිටි නිලධාරියා එහිදි අධිකරණයට පෙන්වා දුන්නේ ය. |
2023-01-31T08:11:13.000Z | ත්‍රස්තවාදය වැළැක්වීමේ චෝදනා යටතේ රඳවාගෙන සිටි වසන්ත මුදලිගේ එම නඩුවෙන් නිදහස් | එක් නඩුවකින් වසන්ත නිදහස්... | COLOMBO (News 1st) – ත්‍රස්ත්‍රවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන සිටි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ මහතා එම නඩුවෙන් නිදහස් කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (31) නියෝග කළේ ය. ඒ , ඊට අදාළ නඩුව කොළඹ මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා හමුවේ කැඳ වූ අවස්ථාවේදීයි. අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ , ත්‍රස්තවාදය වැළැක්වීමේ පණත යටතේ ගැනෙන වැරදි සිදුකළේ, යැයි චෝදනා කරමින් හදිසි නීතිය යටතේ අත්අඩංගුවට ගෙන දින 89 ක් රඳවා තබා ගැනීමෙන් අනතුරුව පසුගිය නොවැම්බර් 21 වැනිදා සිට මේ දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර සිටියේ ය. වසන්ත මුදලිගේ හෝ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සාමාජියකින් කිසිදු ආකාරයකින් මෙම පනත යටතේ ගැනෙන වැරදි සිදුකළ බවට සාක්ෂි නොමැති බව මහේස්ත්‍රාත්වරයා තීන්දුව ලබා දෙමින් ප්‍රකාශ කළේ ය. ගැමුණු විජේරත්න සහ මෝටිවේෂන් අප්පච්චි යන දෙදෙනාගේ සාක්ෂි මත විමර්ශනයක් සිදු කර තිබුණ ද එවැනි වැරදි සිදුකළ බවට ප්‍රමාණවත් සාක්ෂි නොමැති බව ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා පෙන්වා දුන් අතර මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ වසන්ත මුදලිගේ හෝ අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ සාමාජිකයින්ට පොදු දේපොළ වලට හානි කළ බවට හෝ විදේශ සංවිධාන වලින් ආධාර ලැබුණ බවට සාක්ෂි නොමැති බව ය . මාස ගණනාවක් රඳවා තබා ගෙන ප්‍රශ්න කළ ද එවැනි වැරදි සිදුකළ බවට සාක්ෂි අනාවරණ වී නොමැති බවත් , සමහර අවස්ථාවල දී ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අත්තනෝමතික ලෙස විමර්ශන නිලධාරින් යොදා ගෙන ඇති බවට පෙනී යන්නේ යැයි ද විනිසුරුවරයා සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කියා සිටියේ ය. සහකාර පොලිස් අධිකාරිවරු දෙදෙනෙකු ඇතුළු නිලධාරින් කිහිප දෙනෙකුගේ සාක්ෂි ඉදිරිපත් කරමින් වසන්ත මුදලිගේ ඔවුන්ට සාපරාධී බලහත්කාර පෑ බවට අධිකරණයට ඒත්තූ ගැන්වීමට විමර්ශන නිලධාරින් උත්සාහ කර ඇති බවත් , එලෙස ත්‍රස්ත විමර්ශන නිලධාරින් කටයුතු කර ඇත්තේ මෙම සැකකරුව ත්‍රස්තවාදය වැළැක්වීම පනත යටතේ තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමේ අරමුණින් බව පෙනී යන්නේ යැයි ද , විනිසුරුවරයා ප්‍රකාශ කළේ ය. එම සාක්ෂී නිර්මාණය කළ බවට පෙනී යන බව පෙන්වා දුන් මහේස්ත්‍රාත්වරයා , පොලිස් නිලධාරින් ලබා දී ඇති සාක්ෂී ද පරස්පර යැයි ද පෙන්වා දුන්නේ ය. මෙම නියෝගය ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව වසන්ත මුදලිගේ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිස් පිරිස් මහතා කරුණු දක්වමින් මෙම නඩුවේ දෙවැනි සැකකරු ලෙස නම් කර සිටින ගල්වැව සිරිධම්ම හිමියන් සම්බන්ධයෙන් ද මෙම නියෝගයම අදාළ කර ගන්නා ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය. අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ මෙම නඩුවෙන් නිදහස් කෙරුණ ද තවත් නඩු කිහිපයකට අදාළව ඔහු තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතව සිටියි. |
2023-01-31T07:17:49.000Z | වසන්ත අධිකරණයට... නිදහස් කරන්නැයි, ඉල්ලා පිරිසක් නිහඬ විරෝධතාවක | වසන්ත මුදලිගේ අධිකරණය හමුවට | COLOMBO (News 1st) – අන්තරේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇප මත මුදා හරින ලෙසට ඔහුගේ නීතිඥවරුන් කළ ඉල්ලීම සම්බන්ධයෙන් නියෝගය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද ලබාදීමට නියමිතයි. ඊට අදාළ නඩුවට වසන්ත මුදලිගේ අද උදෑසන කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරිණ. වසන්ත මුදලිගේ තස්ත්‍රවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන නීතිපතිවරයාගේ උපදෙස් ලැබෙන තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර සිටී. ඔහු අද අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ සිට ඔහු නිදහස් කරන ලෙස ඉල්ලමින් පිරිසක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට නිහඩ විරෝධතාවක නිරතව සිටිති. මෙම විරෝධතාව ඉදිරියට පවත්වාගෙන යාම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙසට කෙසෙල්වත්ත පොලිසිය කළ ඉල්ලීම කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද ප්‍රතික්ෂ්‍රේප කළේ ය. එලෙස මහජනතාවට අවහිර වන ලෙස කටයුතු කරන්නේ නම්, ඔවුන්ට එරෙහිව පොලිසිය සතු බලතල අනුව කටයුතු කරන ලෙස පොලිසියට අවවාද කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ඒ සඳහා තම අධිකරණයේ නියෝග අනවශ්‍ය බව ද පෙන්වා දුන්නේ ය. මේ අතර අන්තරේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ පසුගිය දෙසැබර් 12 වැනිදා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට මාර්ගය අවහිරකිරිම ඇතුළු චෝදනා යටතේ පවරා ඇති නඩුව ද අද කැඳවී ය. එහිදි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද නියෝග කළේ, පෙරටුගාමි සමාජවාදි පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව ඇතුළු සැකකරුවන් 07 දෙනෙකුට ලබන මාර්තු 28 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි, දන්වා නැවත සිතාසි යැවීමටයි. එම නඩුවේ 6 වන සැකකරු ලෙස නම් කොට තිබූ සමාජ ක්‍රියාකාරිකයෙකු වන අංජන රොද්‍රිගෝ නමැත්තාව අත්අඩංගුවට ගැනීමට ද ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා එහිදි වරෙන්තු නිකුත් කළේ ය. |
2023-01-31T06:50:04.000Z | සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත සංශෝධනයට කැබිනට් අනුමැතිය | සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත සංශෝධනයට | COLOMBO (News 1st) – සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත සංශෝධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ. 2022 අංක 25 දරණ සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත යටතේ වාර්ෂිකව බදු අය කළ හැකි පිරිවැටුම රුපියල් මිලියන 120 ඉක්මවන බදු අය කළ හැකි පුද්ගලයින් මත 2.5%ක සමාජ ආරක්ෂණ බද්දක් පනවා තිබේ. කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී පැවසුවේ, බද්ද පැනවීමේදී ඇතැම් අපනයන කර්මාන්තකරුවන්ට හා ඉතා කුඩා ලාභ ආර්ථිකයක් සහිතව විශේෂයෙන් විදේශ විනිමය ඉපයීම හා සම්බන්ධ ක්‍රියාකාරකම්වල යෙදෙන තැනැත්තන්ට සිය ව්‍යවසාය කටයුත්ත පවත්වා ගෙන යා නොහැකි බවට මුදල් අමාත්‍යාංශයට වාර්තාවී ඇති බවයි. ඒ අනුව එවැනි අංශ විභාග කර සංශෝධන ඉදිරිපත් කිරීම සඳහාත් ඒ සඳහා පනත් කෙටුම්පතක් සකස් කරන ලෙසත් නීති කෙටුම්පත් සම්පාදක වෙත උපදෙස් දීමටත් මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා මෙම යෝජනාව දිරිපත් කර තිබේ. ඒ අනුව එකී සංශෝධනවලින් පසු ඇතැම් ආයතන හා පුද්ගලයින් මෙම බද්දෙන් නිදහස් වනු ඇති. |
2023-01-31T06:24:49.000Z | නිව්ස්ෆස්ට් ප්‍රා. වාර්තාකරු නිට්සිංගම් නිබෝජන් දිවියෙන් සමුගනී | නිව්ස්ෆස්ට් ප්‍රා. වාර්තාකරු නිබෝජන් මියයයි | COLOMBO (News 1st) – නිව්ස්ෆස්ට් ප්‍රාදේශීය වාර්තාකරු නිට්සිංගම් නිබෝජන් මහතා අවාසනාවන්ත ලෙස දුම්රිය අනතුරකට ලක්වීමෙන් ඊයේ (30) ජීවිතක්ෂයට පත්විය. මොහු ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, දෙහිවල දුම්රිය ස්ථානය ආසන්නයේදී මාතර සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියෙන් ඇද වැටීමෙන් සිදුවූ අනතුරකිනි. නිව්ස්ෆස්ට් කිලිනොච්චි ප්‍රදේශිය වාර්තාකරු ලෙස සේවය කළ නිබෝජන් එක්දරු පියෙකි. ඉතා යුහුසුළුව කිලිනොච්චිය අවට ප්‍රදේශවල ජනතා ගැටලු ඇතුළු පුවත් වාර්තාකරණයේ නිරත වූ නිබෝජන් සිදු කළ මෙහෙය ප්‍රසංශනීයයි. |
2023-01-31T05:43:07.000Z | ''මගේ පාලන කාලය තුළ වෙනත් අය කළ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මම සමාව ඉල්ලා සිටිනවා''-හිටපු ජනපති මෛත්‍රී | පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මෛත්‍රී සමාව ඉල්ලයි | COLOMBO (News 1st) – සිය පාලන සමයේ සිදු වූ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් සමාව ඉල්ලා සිටින බව හිටපු ජනාධිපති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ, සභාපති මෛත්‍රීපාල සිරිසේන පවසයි. අද පැවති මාධ්‍ය හමවකදී හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ , සිය පාලන කාලය තුළ වෙනත් අය සිදු කළ වරදකට තමාට වන්දියක් ගෙවීමට සිදුවීම පිළිබඳව ප්‍රධාන වශයෙනුත්, පාස්කු ප්‍රහාරයෙන් මියගිය ජනතාව සහ අතපය කැඩී එක්තැන්ව සිටින ජනතාව වෙනුවෙන් දෙවියන් වහන්සේගෙන් සමාව ඉල්ලා සිටින බවයි. ''කතෝලික ජනතාවගෙන් මම සමාව ඉල්ලා සිටිනවා. මම කිසි දෙයක් දන්නෙ නැතුව, මෙවැනි ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වෙලා මගේ පාලන කාලය තුළ මෙවැනි ප්‍රහාරයක් එල්ල වෙලා ජීවිත විනාශවීම පිළිබඳව'' හිටපු ජනාධිපතිවරයා මෙම මාධ්‍ය සාකච්ඡාවේදී වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ, ඉදිරි ජනාධිපතිවරණයට තමන් තරග කරන බවයි. ''මම මේ කිසිදේකින් පස්සට යන මිනිහෙක් නෙවයෙි... මේ මොන වධ දුනන්ත් පක්ෂයේ සහයෝගය අරගෙන, ඡන්ද කීයක් ගත්තත් ජය ගන්න පුළුන් කියන විශ්වාසය උඩ ඉදිරි ජනාධිපතිවරණයට තරග කරනවා'' |
2023-01-31T02:35:37.000Z | එංගලන්ත ලයන්ස් - ශ්‍රී ලංකා A ක්‍රිකට් සටන අද ඇරඹේ.. | එංගලන්ත - ශ්‍රී ලංකා ක්‍රිකට් තරගාවලිය අද ඇරඹේ | COLOMBO (News 1st) - සංචාරක එංගලන්ත ලයන්ස් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ඒ කණ්ඩායම අතර සිව්දින සහ එක්දින ක්‍රිකට් තරගාවලිය අද (31) ආරම්භ වේ. එහි පළමු සිව්දින ක්‍රිකට් තරගය පැවැත්වෙන්නේ, ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීයි. අද තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම නිපුන් ධනංජයට පැවරී ඇති අතර කමිදු මෙන්ඩිස්, ලසිත් කෲස්පුල්ලේ, ඕෂධ ප්‍රනාන්දු, ලහිරු උදාර, තනුක දාබරේ සහ ෂෙවෝන් ඩැනියෙල් වැනි පිතිකරුවන් තරගයට එක්වනු ඇත. පන්දු යවන්නන් ලෙස ලසිත් ඇඹුල්දෙණිය, ප්‍රවීන් ජයවික්‍රම සහ සුමින්ද ලක්ෂාන් වැනි ක්‍රීඩකයින් ද සංචිතයට ඇතුළත් ය. ධනංජය ලක්ෂාන්, නුවනිදු ප්‍රනාන්දු සහ අම්ෂි ද සිල්වා වැනි තුන් ඉරියව් ක්‍රීඩකයින් ද සංචිතයට ඇතුළත්ව සිටි. මේ අතර මෙම තරගාවලියට පෙර පුහුණුවක් ලෙස එංගලන්ත ලයන්ස් කණ්ඩායමට එරෙහිව පැවැති තරගය ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායම ජය ගත්තේ කඩුලු 4කිනි. එංගලන්ත ලයන්ස් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ඒ කණ්ඩායම අතර පළමු සිව්දින ක්‍රිකට් තරගය අද උදෑසන 10.00 ට ආරම්භ කිරීමට නියමිතයි. |
2023-01-31T01:18:57.000Z | පකිස්ථානයේ බෝම්බ ප්‍රහාරයෙන් මියගිය පිරිස 70 දක්වා ඉහළට | පකිස්ථානයේ බෝම්බ ප්‍රහාරයෙන් 70 ක් මරුට | News 1st - පකිස්ථානයේ, පේශාවර් නගරයේ සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 70 දක්වා ඉහළ ගොස් තිබේ. ප්‍රහාරයෙන් තවත් පුද්ගලයින් 157 දෙනෙකු තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් විය. එරට ආරක්ෂක අංශ සඳහන් කළේ, ප්‍රාදේශීය පොලිස් මූලස්ථානය සහ ත්‍රස්ත මර්දන ඒකකයක් අසළ පිහිටි ඉස්ලාම් පල්ලියක යාඥාවක් අතරතුරදී මෙම පිපිරීම සිදු වී ඇති බවයි. මෙහි ආගමික වතාවත් සඳහා බොහෝවිට ආරක්ෂක අංශ නිලධාරීන් සහභාගී වන බවත් මෙම ප්‍රහාරය ඔවුන් ඉලක්ක කරමින් සිදු කළ බවට සැක පළ කරන බවත් එරට බලධාරීන් සඳහන් කළේ ය. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මෙය පකිස්ථානයේ වසරක පමණ කාලයකදී සිදු වූ දරුණුතම බෝම්බ ප්‍රහාරය බවයි. |
2023-01-31T01:11:32.000Z | මෙරට සිටින දියවැඩියා රෝගීන්ගෙන් 50% ක් තවමත් හඳුනාගෙන නැහැ.. - සෞඛ්‍ය අංශ අවධාරණය කරයි | දියවැඩියා රෝගීන්ගෙන් 50% ක් හඳුනාගෙන නැහැ | COLOMBO (News 1st) - මෙරට තුළ සිටින දියවැඩියා රෝගීන්ගෙන් 50% ක ප්‍රමාණයක් හඳුනාගෙන නොමැති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකය පවසයි. එහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සමින්දි සමරකෝන් මහත්මිය සඳහන් කළේ, මෙරට සිදුවන මරණවලින් 83% ක් ම සිදුවන්නේ බෝ නොවන රෝගවලින් බවයි. රෝගීන් දියවැඩියාව පාලනය නොකිරීම හේතුවෙන් වකුගඩු රෝගවලට පිවිසීම හෝ හෘදයාබාධවලට යොමුවන බව ද ඇය පැවසුවාය. විශේෂඥ වෛද්‍ය සමින්දි සමරකෝන් මහත්මිය පෙන්වා දෙන්නේ, එසේ නොවුනහොත් අංසභාග තත්ත්වයන්ට හෝ පත්වන බවයි. මේ හේතුවෙන් අධික රුධිර පීඩනය ද ඇතැම් රෝගීන්ට වැළදෙන බව වෛද්‍ය සමින්දි සමරකෝන් මහත්මිය පැවසුවාය. බොහෝ පිරිස් බෝ නොවන රෝග සඳහා ප්‍රතිකාර ලබාගැනීමට නොපැමිණෙන බව ද ඇය සඳහන් කළා ය. |
2023-01-31T00:57:49.000Z | නිදහස් දින සැමරුම් උත්සවයේ පෙරහුරු කටයුතු හෙට සිට යළි ඇරඹේ | නිදහස් දින සැමරුමේ පෙරහුරු හෙට සිට යළි ඇරඹේ | COLOMBO (News 1st) - 75 වැනි ජාතික නිදහස් දින සැමරුම් උත්සවයේ පෙරහුරු කටයුතු හෙට (01) සිට යළි ආරම්භ කරනු ඇත. පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසන්නේ, ඒ සඳහා කොළඹ නගරයේ විශේෂ රථවාහන සැළැස්මක් ක්‍රියාත්මක බවයි. ඒ අනුව, හෙට (01) සිට පෙබරවාරි 4 වෙනි දා දක්වා උදෑසන 5 සිට දහවල් 12 දක්වා කාලය තුළ කොළඹ ගාලුමුවදොර කේන්ද්‍ර කරගනිමින් මාර්ග 20 ක් වසා තැබේ. ඊට අමතරව මාර්ග කිහිපයක රථවාහන ධාවනය ද සීමා කෙරෙනු ඇති. |
2023-01-31T00:51:35.000Z | අසාධාරණ බදු අයකිරීමට එරෙහිව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් ජනපතිට ලිපියක් | රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් ජනපතිට ලිපියක් | COLOMBO (News 1st) - අසාධාරණ ලෙස බදු අයකිරීම අත්හිටුවීමට මෙම සතිය තුළ පියවර නොගන්නේ නම් එළඹෙන සතියේ සිට දැඩි වෘත්තිමය ක්‍රියාමාර්ග ගන්නා බව වෘත්තීවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව පවසයි. එම සංගමය නියෝජන කරන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා සඳහන් කළේ, අද දිනයේදී ජනාධිපතිවරයාට සාකච්ඡාවක් ඉල්ලා ලිපියක් යොමුකරන බවයි. වෘත්තීවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව නියෝජනය කරන සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතියේ ප්‍රධාන ලේකම් නිරෝෂන් ගොරකානගේ මහතා සඳහන් කළේ, වරායේ සියලු වෘත්තීය සමිති හෙට ඒකරාශී කර තීරණයක් ගන්නා බවයි. |
2023-01-31T00:47:09.000Z | රාජ්‍ය දේපොළ අවභාවිතය ගැන සාකච්ඡාවට මැතිවරණ කොමිසම අද බලධාරීන් කැඳවයි | මැතිවරණ කොමිසමේ අද විශේෂ සාකච්ඡාවක් | COLOMBO (News 1st) - මැතිවරණ කටයුතුවලදී රාජ්‍ය දේපොළ අයුතු භාවිතය සම්බන්ධයෙන් විදාන ක්‍රියාත්මක කිරීම පිළිබඳව විශේෂ සාකච්ඡාවක් අද (31) පැවැත්වීමට නියමිතව තිබේ. මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේ, මේ සාකච්ඡාව සඳහා රාජ්‍ය ආයතනවල නිලධාරීන් මැතිවරණ කොමිෂන් සභාවට කැඳවා ඇති බවයි. මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ, මාධ්‍ය ආයතන ප්‍රධානීන් ද අද දිනයේ මාධ්‍ය උපමාන පිළිබඳ සාකච්ඡා කිරීමට අද කැඳවා ඇති බවයි. පළාත්පාලන ආයතනවල කොමසාරිස්වරුන් ද අද මැතිවරණ කොමිෂන් සභාවට කැඳවා තිබේ. |
2023-01-31T00:35:49.000Z | අද ප්‍රදේශ රැසකට මිලිමීටර් 150 ක තද වැසි... - මුහුදු යාමෙන් වළකින්නැයි ධීවරයින්ට උපදෙස් | මුහුදු යාමෙන් වළකින්නැයි ධීවරයින්ට උපදෙස් | COLOMBO (News 1st) - අද (31) දිනයේ දිවයින වටා මුහුදු ප්‍රදේශවල ධීවර හා නාවික කටයුතුවල නොයෙදෙන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දී තිබේ. ගිනිකොණ දිග හා නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පවතින පීඩන අවපාතය, හෙට උදෑසන වන වට මෙරට වෙරළ තීරය හරහා ගමන් කිරීමට ඉඩ ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය. එහි බලපෑමෙන් නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලත්, පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මි.මි. 150 ට වැඩි ඉතා තද වැසි ඇති විය හැකියි. වයඹ හා උතුරු පළාත්වලත්, අනුරාධපුර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ට වැඩි ඉතා තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය. මේ අතර දිවයින වටා වන මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකි බවත් කාලගුණ නිවේදනයේ සඳහන් වේ. |
2023-01-31T00:20:32.000Z | ගෙවුණු දිනය උණුසුම් කළ පුවත් | ගෙවුණු දිනය උණුසුම් කළ පුවත් | 1. ධීවරයින්ට විශේෂ දැනුම්දීමක් - අද (31) උදෑසන 6.00 සිට නැවත දැනුම් දෙනතුරු නැගෙනහිර මුහුදු කලාපයේ ධීවර කටයුතුවලින් ඉවත් වන්නැයි, ධීවර දෙපාර්තමේන්තුව දැනුම් දීමක් සිදු කර තිබේ. 2. සරසවි සිසුවිය ඝාතනය: බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ගන්නා සැකකරු 13 තෙක් රිමාන්ඩ් - විශ්වවිද්‍යාල සිසුවියකගේ ගෙල කපා ඝාතනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු සැකකරු ලබන 13 වැනි දා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඊයේ (30) නියෝග කළේ ය. 3. පළාත් 4කට අද රාත්‍රියේ ධාරාණිපාත වැසි - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව - උතුර, නැගෙනහිර, උතුරුමැද සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට ඊයේ (30)රාත්‍රී සිට මිලිමීටර් 100 ඉක්ම වූ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 4. පුංචි ඡන්දය නිරීක්ෂණයට කණ්ඩායම් 4කට අවසර - ඉදිරි මැතිවරණය නිරීක්ෂණය සඳහා සංවිධාන 4කට වැඩි සංඛ්‍යාවකට අවසර දෙන බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසයි. 5. වී වගාව ආශ්‍රිත වටපණු රෝගය තවත් දිස්ත්‍රික්ක 4 කින් - වී වගාව ආශ්‍රිත වටපණු රෝගය මේ වනවිට තවත් දිස්ත්‍රික්ක කිහිපයක පැතිර ගොස් තිබේ. |
2023-01-30T14:56:31.000Z | ධීවරයින්ට විශේෂ දැනුම්දීමක්.. | ධීවරයින්ට විශේෂ දැනුම්දීමක්.. | COLOMBO (News 1st) - හෙට(31) උදෑසන 6.00 සිට නැවත දැනුම් දෙනතුරු නැගෙනහිර මුහුදු කලාපයේ ධීවර කටයුතුවලින් ඉවත් වන්නැයි, ධීවර දෙපාර්තමේන්තුව දැනුම් දීමක් සිදු කර තිබේ. |
2023-01-30T11:40:51.000Z | සරසවි සිසුවිය ඝාතනය: බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ගන්නා සැකකරු 13 තෙක් රිමාන්ඩ් | සරසවි සිසුවිය ඝාතනය:සැකකරු යළි රිමාන්ඩ් | COLOMBO (News 1st) - විශ්වවිද්‍යාල සිසුවියකගේ ගෙල කපා ඝාතනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු සැකකරු ලබන 13 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද (30) නියෝග කළේ ය. බන්ධනාගාර නිලධාරීන් පෙන්වා දුන්නේ,එම සැකකරු මේ වන විට බන්ධනාගාර රෝහලේ මානසික ප්‍රතිකාර අංශයේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින බවයි. ඒ හේතුවෙන් ඔහුව අද (30) අධිකරණයට ඉදිරිපත් කෙරුණේ නැත. එම සිසුවියගේ හදිසි මරණය සම්බන්ධයෙන් මූලික මහේස්ත්‍රාත් පරීක්ෂණය,අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඉදිරියේදී පැවති අතර එහිදී සිසුවියගේ පියා සාක්ෂි ලබා දෙනු ලැබීය. 24 හැවිරිදි සිසුවිය, කොළඹ තුරඟ තරඟ පිටියේ දී තියුණු ආයුධයකින් ගෙල කපා ඝාතනය කෙරුණේ,පසුගිය 17 වැනිදායි. |
2023-01-30T10:16:24.000Z | පළාත් 4කට අද රාත්‍රියේ ධාරාණිපාත වැසි - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව | දිවයිනේ ප්‍රදේශ කිහිපයකට තද වැසි... | COLOMBO (News 1st) - උතුර, නැගෙනහිර, උතුරුමැද සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට අද (30)රාත්‍රී සිට මිලිමීටර් 100 ඉක්ම වූ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ, ගිනිකොන දිග බෙංගාල බොක්ක ප්‍රදේශය ආශ්‍රිතව පවතින අඩු පීඩන කලාපය හේතුවෙනි. ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය අනිද්දා (01) වනවිට නැගෙනහිර වෙරළ වෙත ළඟා වීමේ වැඩි හැකියාවක් පවතින බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් ය. මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර සහ නාවික ප්‍රජාවට ,කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ, අද පස්වරු 6 සිට ඉදිරි පැය 24 දක්වා කාලය තුළ පොතුවිල් සිට මඩකළපුව, ත්‍රිකුණාමලය සහ කන්කසන්තුරය හරහා මන්නාරම දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු යාමෙන් වළකින ලෙසයි. |
2023-01-30T04:35:59.000Z | පුංචි ඡන්දය නිරීක්ෂණයට කණ්ඩායම් 4කට අවසර... | පුංචි ඡන්දය නිරීක්ෂණයට කණ්ඩායම් 4කට අවසර... | COLOMBO (News 1st) – ඉදිරි මැතිවරණය නිරීක්ෂණය සඳහා සංවිධාන 4කට වැඩි සංඛ්‍යාවකට අවසර දෙන බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසයි. එහි සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා පැවසුවේ, පැෆ්රල්, කැෆේ, සී.එම්,ඊ.වී ඇතුළු සංවිධානවලට එලෙස මැතිවරණය නිරීක්ෂණය සඳහා අවසර ලබා දෙන බවයි. කෙසේ වෙතත් ඡන්ද මධ්‍යස්ථාන තුළට පිවිස නිරීක්ෂණ කටයුතු සඳහා අවසර ලබාදී ඇත්තේ, නිරීක්ෂණ කණ්ඩායම් දෙකකට පමණක් බව ඔහු පැවසුවේ. මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පැවසුවේ, සෙසු සංවිධාන බාහිරව නිරීක්ෂණ කටයුතුවල නිරත වන බවයි. මේ අතර , පළාත් පාලන මැතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා ස්වාධීන නිරීක්ෂකයින් 7000ක් යොදවන අතර දැනට දිස්ත්‍රික් මට්ටමින් යොදවා ඇති මැතිවරණ නිරීක්ෂකයින් ඉදිරි සතියේ සිට වැඩි කිරීමට පියවර ගන්නා බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ ය. |
2023-01-30T02:43:39.000Z | වී වගාව ආශ්‍රිත වටපණු රෝගය තවත් දිස්ත්‍රික්ක 4 කින්.. | වටපණු රෝගය තවත් දිස්ත්‍රික්ක 4 කින්.. | COLOMBO (News 1st) - වී වගාව ආශ්‍රිත වටපණු රෝගය මේ වනවිට තවත් දිස්ත්‍රික්ක කිහිපයක පැතිර ගොස් තිබේ. බතලේගොඩ වී පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ ජයන්ත සේනනායක මහතා පැවසුවේ, මඩකලපුව, ත්‍රීකුණාමලය, හම්බන්තොට හා ගාල්ල යන දිස්ත්‍රික්කවලින් මෙම රෝගී තත්ත්වයන් වාර්තා වන බවයි. රෝග ව්‍යාප්තිය පාලනය සඳහා ක්‍රමවත් වැඩපිලිවෙලක් සකස් කරමින් පවතින බව ද ජයන්ත සේනනායක මහතා ප්‍රකාශ කළේ ය. |
2023-01-30T02:38:04.000Z | මුහුදු සීමා උල්ලංඝණය කළ ලාංකික ධීවරයින් 5ක් මියන්මාර ආරක්ෂක අංශ භාරයට.. | ධීවරයින් 5ක් මියන්මාර ආරක්ෂක අංශ භාරයට.. | COLOMBO (News 1st) - ත්‍රීකුණාමලයෙන් ධීවර කටයුතු සඳහා ගිය මෙරට ධීවරයින් 5දෙනෙකු හා ධීවර යාත්‍රාවක් මියන්මාර ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, මුහුදු සීමා උල්ලංඝණය කිරීමේ චෝදනා යටතේ ය. දෙසැම්බර් 29 වැනිදා ධීවර කටයුතු සඳහා ගිය -තරු රශ්මී - නැමැති ධීවර යාත්‍රාව හා ධීවරයින් පිරිස එලෙස අත්අඩංගුවට පත්ව තිබේ. මේ සම්බන්ධයෙන් නිවුස්ෆස්ට් කළ විමසීමකදී , නාවික හමුදාව පැවසුවේ, ඒ පිළිබඳව තොරතුරු විමසා මියන්මාරය වෙත පණිවිඩයක් යොමුකර ඇති නමුත්, ඊට මෙතෙක් ප්‍රතිචාර ලැබී නොමැති බවයි. |
2023-01-30T01:33:47.000Z | අසාධාරණ බදු පනතට එරෙහි ඉදිරි ක්‍රියාමාර්ග තීරණයට වෘත්තීය සමිති අද රැස්වෙයි... | වෘත්තීය සමිති අද රැස්වෙයි... | COLOMBO (News 1st) - වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුවේ නියෝජිතයින්ගේ විශේෂ හමුවක් අද (30)පැවැත්වෙයි. ඒ, රුපියල් ලක්ෂය ඉක්මවන මාසික ආදායම් මත 6% සිට 36% දක්වා බදු අයකරන ආණ්ඩුවේ ප්‍රතිපත්තිය වහා හකුලා ගන්නැයි බලකරමින් පසුගිය සතියේ ක්‍රියාත්මක කළ කළු විරෝධතා සතියේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ය. වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව නියෝජනය කරන විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති ශ්‍යාම් බන්නැහැක මහතා සඳහන් කළේ, මෙම හමුව සඳහා වෘත්තීය සමිති 30ක පමණ නියෝජිතයින් සහභාගි වීමට නියමිත බවයි. |
2023-01-30T01:24:04.000Z | නිදහස් දින සැමරුම් උත්සවයේ පෙරහුරු අද නැහැ.. - පොලිස් මාධ්‍ය කොට්ඨාසය | නිදහස් දින සැමරුම් උත්සවයේ පෙරහුරු අද නැහැ.. | COLOMBO (News 1st) - 75 වැනි ජාතික නිදහස් දින සැමරුම් උත්සවයේ පෙරහුරු අද නොපැවැත්වෙන බව, පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි. ඒ අනුව අද මාර්ග වසා තැබීමක් සිදුනොවනු ඇති. නිදහස් දින පෙරහුරු හේතුවෙන් ප්‍රකාශයට පත් කළ මාර්ග සැලසුම යළි ක්‍රියාත්මක වන්නේ, ලබන පළමු වැනිදා සිට පෙබරවාරි 4 වැනිදා දක්වා ය. රථවාහන සැලසුමට අනුව උදෑසන 05 සිට දහවල් 12 දක්වා කාලය තුළ කොළඹ ගාලුමුවදොර කේන්ද්‍ර කරගනිමින් මාර්ග 20ක් වසා තැබෙන අතර වාහන ගමනාගමනය ද සීමා කෙරේ. අදාළ කාලසීමාවේදී එම ප්‍රදේශවල පදිංචිකරුවන්ට පොලිස් රථවාහන නිලධාරීන්ගේ උපදෙස් මත ගමන් කළ හැකියි. |
2023-01-30T01:10:47.000Z | පළාත් කිහිපයකට මිලිමීටර් 150 ඉක්ම වූ තද වැසි.. | පළාත් කිහිපයකට මිලිමීටර් 150 ඉක්ම වූ තද වැසි.. | COLOMBO (News 1st) - අද(30) සවස කාලයේ සිට උතුර, නැගෙනහිර, උතුරු මැද, මධ්‍යම, සහ ඌව පළාත්වළ ඇතැම් ස්ථානවලට මිලි මීටර් 150 ඉක්ම වූ වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ, ගිනිකොණ දිග බෙංගාල බොක්ක ප්‍රදේශය ආශ්‍රීතව පවතින අඩු පීඩන කලාපය හේතුවෙන් ය. එම කලාපය අනිද්දා වනවිට නැගෙනහිර වෙරළ කලාපයට ළඟා වීමේ වැඩි හැකියාවක් ඇතැයිද, කාලගුණ අනාවැකියේ සඳහන් ය. |
2023-01-30T00:53:22.000Z | ගෙවුණු දිනය උණුසුම් කළ පුවත් | ගෙවුණු දිනය උණුසුම් කළ පුවත් | දේශීය පුවත් 1.මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ඉවත් කිරීමට ඇමති කංචන සැරසෙයි - ජනක රත්නායක මහතා, මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ධුරයෙන් ඉවත් කිරීමට අදාළ චෝදනා පත්‍රය සකස් කිරීමේ කටයුතු ආරම්භ කර ඇතැයි විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. 2.ඇමතිගේ චෝදනා පත්‍රය ලැබෙන තුරු නොඉවසිල්ලෙන් ඉන්නේ - මහජන උපයෝගීතා කොමිසමේ සභාපති- තමන්ට එරෙහි චෝදනා පත්‍රය ලැබෙන තුරු නොඉවසිල්ලෙන් බලා සිටින බව, මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසයි. 3.ප්‍රජාතන්ත්‍රවාදි පාලනයට හා දිගුකාලීන දියුණුවට මැතිවරණ පැවැත්වීම අත්‍යවශ්‍යයි - ජුලි චං - ප්‍රජාතන්ත්‍රවාදි පාලනයට හා දිගුකාලීන දියුණුවට මැතිවරණ පැවැත්වීම අත්‍යාවශ්‍ය බව ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තනාපති ජුලි චං මහත්මිය පවසයි. 4.දිවයිනේ නගර රැසක වායු ගුණාත්මකභාවය පහළට - දිවයිනේ නගර රැසක වායු ගුණාත්මකභාවය පහළ ගොස් ඇතැයි, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි. 5.විශේෂ මෙහෙයුමකදී මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ සැකකරුවන් 285 ක් අත්අඩංගුවට..- බස්නාහිර සහ දකුණු පළාත්වල ප්‍රදේශ කිහිපයක් කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක කළ විශේෂ මෙහෙයුමකදී මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ සැකකරුවන් 285 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. |
2023-01-29T16:29:21.000Z | සුපිරි ටෙනිස් ක්‍රීඩක නොවැක් ජොකොවිච් 111 වැනි ඔස්ට්‍රේලියා විවෘත ටෙනිස් ශූරතාව දිනාගනී.. | ජොකොවිච් ඔස්ට්‍රේලියා විවෘත ටෙනිස් ශූරතාව දිනාගනී | COLOMBO (News 1st) - සර්බියාවේ සුපිරි ටෙනිස් ක්‍රීඩක නොවැක් ජොකොවිච් 111 වැනි ඔස්ට්‍රේලියා විවෘත ටෙනිස් ශූරතාව අද දිනාගත්තේ ය. ඒ, අවසන් තරගයේදී ග්‍රීසියේ ස්ටෙෆනෝස් සිට්සිපාස් වට 3ට 0ක් ලෙස පරාජය කරමිනි. තරගයේ පළමු වටය ලකුණු 6ට 3ක් ලෙස ජොකොවිච් පහසුවෙන් ජය ගත්තේ ය. දෙවැනි සහ තුන්වැනි වට දෙකේදීම ක්‍රීඩකයින් දෙදෙනාම උණුසුම් තරගකාරීත්වයක් පෙන්නුම් කළ අතර ජොකොවිච් එම වට දෙකම ජය ගත්තේ ලකුණු 7ට 6ක් ලෙස ය. ඒ අනුව වට 3ට 0ක් ලෙස නොවැක් ජොකොවිච් තරගය ජය ගත්තේ ය. ඒ සමගින් මෙතෙක් වැඩිම ග්රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් ශූරතා ගණනකට හිමිකම් කියූ ස්පාඤ්ඤයේ රෆායල් නඩාල්ගේ වාර්තාව සම කිරීමට ද ජොකොවිච් සමත්විණි. නොවැක් ජොකොව්ච් ග්රෑන්ඩ් ස්ලෑම් ශූරතා 22කට හිමිකම් කියන්නේ ඔස්ට්‍රේලියා විවෘත ටෙනිස් ශූරතා 10 ක් සමඟ ය. |
2023-01-29T16:24:04.000Z | විශේෂ මෙහෙයුමකදී මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ සැකකරුවන් 285 ක් අත්අඩංගුවට.. | මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ 285 ක් කොටු.. | COLOMBO (News 1st) - බස්නාහිර සහ දකුණු පළාත්වල ප්‍රදේශ කිහිපයක් කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක කළ විශේෂ මෙහෙයුමකදී මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ සැකකරුවන් 285 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේ, පොලීසිය, ත්‍රිවිධ හමුදාව ඇතුලු ආරක්ෂක අංශ ඒකාබද්ධව මෙහෙයුම දියත් කළ බවයි. |
2023-01-29T16:20:35.000Z | ප්‍රවීණ නාට්‍යවේදී කේ.බී හේරත් අභාවප්‍රාප්ත වෙයි.. | කේ. බී. හේරත් මහතා අභාවප්‍රාප්ත වෙයි.. | COLOMBO (News 1st) - ප්‍රවීණ නාට්‍යවේදියෙකු මෙන්ම තිරකතා රචකයෙකු ද වන කේ. බී. හේරත් මහතා අභාවප්‍රාප්ත වී තිබේ. කලක් රෝගාතුරව සිටි ඒ මහතා මියයන විට වයස අවුරුදු 81 කි. ඉබ්බාගමුව මධ්‍ය මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන ඒ මහතා නාට්‍ය ක්ෂේත්‍රයට අවතීර්ණ වන්නේ පාසල් සමයේදීයි. මායාදේවී, දෝන කතිරිනා, කළු කුමාරි, ජගන්මා ඇතුලු වේදිකා නාට්‍ය රැසක් ඔහු තිර රචනය කර නිෂ්පාදනය කළේ ය. රාජ්‍ය නාට්‍ය අනු මණ්ඩලයේ සභාපති ධුරය ද දැරූ ඒ මහතා ටෙලි නාට්‍ය තිර රචකයෙකු ලෙස කළ මෙහෙවර අද්විතීයයි. නාට්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් කළ මෙහෙවර උදෙසා නාට්‍යකරුවෙකුට ජීවිතයේ එක් වරක් පමණක් පිරිනැමෙන, නාට්‍ය කීර්ති සම්මානයෙන් ද ඔහු පිදුම් ලැබුවේ ය. අභාවප්‍රාප්ත කේ. බී. හේරත් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම්දෙන බව, පවුලේ ඥාතීන් සඳහන් කළේ ය. |
2023-01-29T16:15:17.000Z | ප්‍රජාතන්ත්‍රවාදි පාලනයට හා දිගුකාලීන දියුණුවට මැතිවරණ පැවැත්වීම අත්‍යවශ්‍යයි - ජුලි චං | මැතිවරණ පැවැත්වීම අත්‍යවශ්‍යයි - ජුලි චං | COLOMBO (News 1st) - ප්‍රජාතන්ත්‍රවාදි පාලනයට හා දිගුකාලීන දියුණුවට මැතිවරණ පැවැත්වීම අත්‍යාවශ්‍ය බව ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තනාපති ජුලි චං මහත්මිය පවසයි. ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඇය ඒ බව සඳහන් කළේ ඉන්ටනැෂනල් ෆවුන්ඩේෂන් ෆෝ ඉලෙක්ටෝරල් සිස්ටම් සංවිධායේ සභාපති ඇන්තනී බාන්බරි මහතා සමග සිදු කළ සාකච්ඡාවකින් අනතුරුවය. |
2023-01-29T15:56:35.000Z | පුල්මුඩේ දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් දෙදෙනෙක් මරුට.. | පුල්මුඩේ ගැටුමකින් දෙදෙනෙක් මරුට.. | COLOMBO (News 1st) - පුල්මුඩේ ප්‍රදේශයේදී දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ. පොලීසිය සඳහන් කළේ කුඹුරු ඉඩම් ගැටලුවක් මුල් කරගනිමින් සිදුවූ ආරවුලක් හේතුවෙන් එම ඝාතන සිදුව ඇති බවය. මිය ගිය පුද්ගලයින් අවුරුදු 41 හා 45 යන වයස්වල පසුවන්නන් වේ. ගැටුමින් තුවාල ලැබූ තුන්දෙනෙකු ත්‍රිකුණාමලය රෝහලට ඇතුළත් කර තිබේ. සිද්ධියට සම්බන්ධ සැකකරුවන් මෙතෙක් අත්අංගුවට ගෙන නොමැත. |
2023-01-29T08:21:44.000Z | නාසික කොවිඩ් එන්නතට පළමුවරට ඉන්දියාවේ අනුමැතිය.. | නාසික කොවිඩ් එන්නතට පළමුවරට ඉන්දියාවේ අනුමැතිය.. | COLOMBO (News 1st) - අද වනවිට වෙනදා මෙන් කොවිඩ් ආසාදිතයින් හෝ මරණ වාර්තා නොවූවත් මුළු ලෝකයම ගිල ගත් මාරාන්තික කොරෝනා වෛරසයේ අඳුරු මතක තවමත් ලෝකවාසීන්ගේ සිත් තුළින් මැකී ගොස් නොමැත. චීනයෙන් ආරම්භ වී ලෝකයේ සෑම රටකම පැතිරී ගිය මාරාන්තික කොරෝනා වෛරසයේ බරපතළකම යම් තරමකටම හෝ පාලනයකට ලක් කර ක්‍රමක්ක්‍රමයෙන් ජන ජීවිත යථා තත්ත්වයට පත් වූයේ, කොවිඩ් මර්දන එන්නත් හඳුන්වාදීමෙන් පසුවයි. ලොව විවිධ රටවල් කොවිඩ් මර්දන එන්නත් හඳුන්වා දුන් අතර ඒ අතරින් ඉන්දියාව කැපී පෙනෙන ස්ථානයක පසුවිය. කොවිඩ් මර්දන එන්නත්කරණයේ නව පියවරක් ඉදිරියට තබමින් ඉන්දියාව පළමුවරට නාසික කොවිඩ් මර්දන එන්නත(Nasal Covid vaccine) එරට වැසියන්ට ලබාදීම සඳහා අනුමැතිය දී තිබේ. ඉන්දීය සමාගමක් විසින් නිෂ්පාදිත ඉනෝවැක් (iNCOVACC) නම් මෙම එන්නත නාසයට බිංදු ආකාරයෙන් ලබාදිය හැකියි. ඒ අනුව මීට පෙර Covishied or Covaxin කොවිඩ් මර්දන එන්නත් ලබාගත් පිරිසට බූස්ටර් එන්නතක් ලෙස මෙය ලබාගත හැකිය. විද්‍යාඥයින් පවසන්නේ, සාමාන්‍ය එන්නතකට වඩා නාසික එන්නත මගින් වැඩි ප්‍රතිශක්තිකරණයක් අපේක්ෂා කරන බවයි. මේ අතර පසුගිය සැප්තැම්බර් මාසයේදී චීනය ද නාසික එන්නත් සඳහා අනුමැතිය ලබාදුන් අතර මේ වනවිට එක්සත් ජනපදය මෙන්ම අමෙරිකාව ද නාසික එන්නත් හඳුන්වා දීම සම්බන්ධයෙන් පර්යේෂණ සිදු කරනු ලබයි. ඉන්දීය සෞඛ්‍ය බලධාරීන් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, මේ වනවිට ඉන්දීය ජනග්‍රහණයෙන් 70 % කට වඩා වැඩි පිරිසක් අවම වශයෙන් කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා 2 ම ලබාගෙන ඇති බවයි. |
2023-01-29T07:06:07.000Z | ඇමතිගේ චෝදනා පත්‍රය ලැබෙන තුරු නොඉවසිල්ලෙන් ඉන්නේ - මහජන උපයෝගීතා කොමිසමේ සභාපති | චෝදනා පත්‍රය ලැබෙන තුරු නොඉවසිල්ලෙන් ඉන්නේ.. | COLOMBO (News 1st) - තමන්ට එරෙහි චෝදනා පත්‍රය ලැබෙන තුරු නොඉවසිල්ලෙන් බලා සිටින බව, මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසයි. ඔහු මේ බව පැවසුවේ විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ඔහු සම්බන්ධයෙන් කළ ප්‍රකාශයට පිළිතුරු ලබා දෙමිනි. ජනක රත්නායක මහතා, මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ධුරයෙන් ඉවත් කිරීමට අදාළ චෝදනා පත්‍රය සකස් කිරීමේ කටයුතු ආරම්භ කර ඇතැයි විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේ, අද උදෑසන පැවති මාධ්‍ය හමුවකදීය. එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, ඊට ආණ්ඩු පක්ෂයේ සියලු මන්ත්‍රීවරුන්ගේ එකඟතාව හිමිව ඇති බවය. |
2023-01-29T06:54:50.000Z | මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ඉවත් කිරීමට ඇමති කංචන සැරසෙයි | PUCSL සභාපති ඉවත් කිරීමට කංචන සැරසෙයි | COLOMBO (News 1st) - ජනක රත්නායක මහතා, මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ධුරයෙන් ඉවත් කිරීමට අදාළ චෝදනා පත්‍රය සකස් කිරීමේ කටයුතු ආරම්භ කර ඇතැයි විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා සඳහන් කළේ ඊට ආණ්ඩු පක්ෂයේ සියලු මන්ත්‍රීවරුන්ගේ එකඟතාව හිමිව ඇති බවය. මේ අතර සිය නිලධාරීන් කැඳවා සිදුකළ බලපෑම සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසමේ සාමාජිකයින්ට එරෙහිව අධිකරණයට කරුණු වාර්තා කරන බව ද, අමාත්‍යවරයා සඳහන් කළේය. |
2023-01-29T05:17:48.000Z | දිවයිනේ නගර රැසක වායු ගුණාත්මකභාවය පහළට | හුස්ම ගන්නේ පරිස්සමෙන්.. | COLOMBO (News 1st) - දිවයිනේ නගර රැසක වායු ගුණාත්මකභාවය පහළ ගොස් ඇතැයි, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි. එහි වායු දූෂණ කළමනාකරණ ඒකකයේ ප්‍රධාන විද්‍යාඥ, සරත් ප්‍රේමසිරි මහතා සඳහන් කළේ, නගර රැසක වායු ගුණාත්මකභාවය අමෙරිකානු වායු ගුණ තත්ත්ව දර්ශකයට අනුව 100 ත් 150 ත් අතර අගයක සටහන් වන බවයි. මෙම තත්ත්වය ඉදිරි දින කිහිපයේදීත් පැවතිය හැකි බව ඔහු සඳහන් කළේ ය. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නිරීක්ෂණයට අනුව ලබන මාර්තු මාසය දක්වා මෙම තත්ත්වය අඩු වැඩි වශයෙන් පැවතිය හැකියි. |
2023-01-29T04:41:31.000Z | උතුරේ තල් වගාව ව්‍යාප්තියට නව ආරම්භයක් | උතුරේ තල් වගාව ව්‍යාප්තියට නව ආරම්භයක් | COLOMBO (News 1st) - උතුරු පළාතේ තල් වගාව ප්‍රවර්ධනය කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට තල් සංවර්ධන මණ්ඩලය පියවර ගෙන තිබේ. තල් සංවර්ධන මණ්ඩලයේ සභාපති, ක්‍රිෂාන්ත පතිරාජ මහතා සඳහන් කළේ, මේ වසරේ තල් පැල ලක්ෂයක් අලුතින් රෝපණය කිරීමට සැලසුම් කර ඇති බවයි. ඒ සඳහා අවශ්‍ය පැල හා තාක්ෂණික උපදෙස් ගොවීන්ට ලබාදෙන බව ද, ඔහු ප්‍රකාශ කළේ ය. මේ වන විට මෙරට තල් ගස්, මිලියන 11 ක් පමණ රෝපණය කර තිබේ. |
2023-01-29T04:27:29.000Z | අලුත් මුහුණුවරකින් හිටපු ජනපති ට්‍රම්ප් 2024 ජනපති සටන අරඹයි.. | ට්‍රම්ප් ජනපති සටන අරඹයි.. | COLOMBO (News 1st) - හිටපු අමෙරිකානු ජනාධිපති, ඩොනල්ඩ් ට්‍රම්ප් 2024 ජනාධිපතිවරණය සඳහා වන ප්‍රචාරණ කටයුතු නිල වශයෙන් ආරම්භ කර තිබේ. ඒ, දකුණු කැරොලිනා සහ නිව් හැම්ප්ෂයර් ප්‍රාන්තවලිනි. දහස් සංඛ්‍යාත පිරිසක් සහභාගී වන ඝෝෂාකාරී රැලිවලින් බැහැරව කුඩා පරිමාණයේ රැස්වීම මාලාවක්, ඔහු විසින් ආරම්භකර තිබීම විශේෂත්වයක් බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය. නිව් හැම්ප්ෂයර් ප්‍රාන්තයේ, රිපබ්ලිකන් පක්ෂ නියෝජිතයින් කිහිප දෙනෙකු පැවසුවේ ට්‍රම්ප්ගේ පාලනයට ඔවුන් කැමත්ත පළ කළද, ඔහුගේ ප්‍රතිපත්තිවල නව මුහුණුවරක් දැකීමට අපේක්ෂා කරන බවයි. ෆ්ලොරිඩා ප්‍රාන්තයේ වත්මන් ආණ්ඩුකාරවරයා ඇතුළු රිපබ්ලික් පාක්ෂිකයින් රැසක්, 2024 ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම, ට්‍රම්ප් ඉදිරියේ ඇති ප්‍රධාන අභියෝගය බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පෙන්වා දෙයි. |
2023-01-29T04:11:37.000Z | අලාභ අවම කරගන්න, කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ඇති ආයතන රැසක් ඒකාබද්ධ කිරීමට පියවර | කෘෂිකර්ම අමාත්‍යාංශයේ ආයතන කිහිපයක් ඒකාබද්ධ කිරීම | COLOMBO (News 1st) - පවතින අලාභය අවම කර ගැනීමේ පියවරක් ලෙස, කෘෂිකර්ම අමාත්‍යංශය යටතේ ඇති ආයතන රැසක් ඒකාබද්ධ කිරීමට තීරණය කර ඇතැයි අමාත්‍ය මහින්ද අමරවිර මහතා පවසයි. අමාත්‍යවරයා සඳහන් කළේ, කෘෂිකර්ම අමාත්‍යංශය යටතේ ඇති රජයේ පොහොර සමාගම් දෙක ඒකාබද්ධ කර තනි සමාගමක් ලෙස ස්ථාපිත කිරීමට නියමිතව ඇති බවයි. ඊට අමතරව ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය සහ මිල්කෝ සමාගම ඒකාබද්ධ කෙරෙනු ඇත. හෙක්ටර් කොබ්බැකඩුව ගොවි කටයුතු පර්යේෂණ ආයතනය ඒකාබද්ධ කෙරෙන්නේ තවත් එවැනිම රජයේ කෘෂිකර්මික පර්යේෂණ ආයතන කිහිපයක් සමගය. සේවකයින්ගෙන් උපරිම කාර්යක්ෂමතාවක් ලබා ගනිමින් ලාභය වර්ධනය කිරීම, වැඩපිළිවෙළේ අරමුණ බව, කෘෂිකර්ම අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය. |
2023-01-29T03:57:42.000Z | සමාජ සුබ සාධන ප්‍රතිලාභි ලැයිස්තු නිසි පරිද සකස් කිරීමට නොහැකි වීම IMF අනුමැතියට බාධාවක් - මුදල් රාජ්‍ය අමාත්‍යාංශය | IMF ගැන දැනුම්දීමක්.. | COLOMBO (News 1st) - සමාජ සුබ සාධන ප්‍රතිලාභි ලැයිස්තු, නිසි පරිදි සකස් කිරීම ප්‍රමාද වීම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අනුමැතිය ලබා ගැනීමට බාධාවක් වී ඇතැයි, මුදල් රාජ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි. මුදල් රාජ්‍ය අමාත්‍ය, ෂෙහාන් සේමසිංහ මහතා සඳහන් කළේ, ලබන මාසය තුළ අදාළ සමීක්ෂණ අනුව සමාජ සුබ සාධන ප්‍රතිලාභි ලැයිස්තුව සකස් කිරීමට බලාපොරොත්තු වන බවයි. |
2023-01-29T02:13:53.000Z | පී.එස්.එම් චාල්ස් මැතිවරණ කොමිසමෙන් ඉල්ලා අස්වීම ජනපති මෙතෙක් පිළිගෙන නෑ - ජනාධිපති කාර්යාලය | චාල්ස්ගේ ඉල්ලා අස්වීම ජනපති පිළිගෙන නෑ | COLOMBO (News 1st) - පී.එස්.එම් චාල්ස් මහත්මිය මැතිවරණ කොමිසමේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්විම සඳහා යොමු කළ ලිපිය, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙතෙක් පිළිගෙන නොමැති බව, ජනාධිපති කාර්යාලය පවසයි. නිව්ස්ෆස්‍ට් කළ විමසීමකදී, ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ඒ බව තහවුරු කළේ ය. මැතිවරණ කොමිසමේ සාමාජිකත්වයෙන් තමා ඉල්ලා අස්වන බව, පී.එස්.එම්. චාල්ස් මහත්මිය ඉකුත් 25 වැනිදා ජනාධිපතිවරයාට ලිපියක් යොමු කරමින් දැනුම් දී ඇතැයි පසුගියදා මාධ්‍ය වාර්තා පළ විය. මේ අතර මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති, නීතිඥ නිමල් පුංචිහේවා මහතා සඳහන් කළේ, කිසිදු සාමාජිකයෙකු ඉල්ලා අස්වීමක් සම්බන්ධයෙන් මෙතෙක් තමන්ට නිල වශයෙන් දැනුම්දී නොමැති බවයි. එතුමා මේ බව සඳහන් කළේ, පී.එස්.එම්. චාල්ස් මහත්මිය කොමිසමේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වීම පිළිබඳව පළවන වාර්තාවලට ප්‍රතිචාර දක්වමිනි. මේ අතර සිය ධුරවලින් ඉල්ලා අස්වන ලෙස, ජාතික මැතිවරණ කොමිසමේ සාමාජිකයින්ට යළිත් වරක් මරණ තර්ජන එල්ල වී ඇත. නීතිඥ නිමල් පුංචිහේවා මහතා සඳහන් කළේ, ඒ සම්බන්ධයෙන් පොලිස්පතිවරයා සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුවත් කිරීමෙන් අනතුරුව ආරක්ෂාව තරකිරීමට පියවර ගෙන ඇති බවයි. |
2023-01-29T01:44:18.000Z | පුංචි ඡන්දයේ සජබ මංගල රැළිය අද කුරුණෑගලදී | සජබ මංගල රැළිය අද කුරුණෑගලදී | COLOMBO (News 1st) - පළාත් පාලන මැතිවරණය ඉලක්ක කර ගනිමින් සමගි ජන බලවේගය සංවිධානය කරන මංගල රැළිය අද (29) කුරුණෑගලදී පැවැත්වීමට නියමිතය. ඒ, අද පස්වරු 2 ට කුරුණෑගල සත්‍යවාදී පිටියේදී, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙනි. |
2023-01-29T01:25:05.000Z | මැතිවරණ නිරීක්ෂණ කටයුතුවලට ස්වාධීන නිරීක්ෂකවරු 7,000ක් | මැතිවරණයට ස්වාධීව නිලධාරීන් 7,000ක් | COLOMBO (News 1st) - පළාත් පාලන මැතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා ස්වාධීන නිරීක්ෂකයින් 7,000 ක් යොදවන බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පවසයි. පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ, රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ, දැනට දිස්ත්‍රික් මට්ටමින් යොදවා ඇති මැතිවරණ නිරීක්ෂකයින් ඉදිරි සතියේ සිට වැඩි කිරීමට පියවර ගන්නා බවයි. |
2023-01-29T00:41:59.000Z | ගෙවුණු දිනය උණුසුම් කළ පුවත් | ගෙවුණු දිනය උණුසුම් කළ පුවත් | COLOMBO (News 1st) - දේශීය පුවත් 01.මැතිවරණ කොමිසමේ තවත් සාමාජිකයෙක්ට මරණ තර්ජන සිය ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස ජාතික මැතිවරණ කොමිසමේ කොමසාරිස්වරයෙකු වන එම්. එම්. මොහොමඩ් මහතාට තර්ජනය කර ඇතැයි එහි සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා පවසයි. 02.ලංවිමට එරෙහිව මහජන උපයෝගීතා කොමිසම නීතිමය පියවර ගන්න සැරසෙයි උසස් පෙළ සමයේ විදුලිය කප්පාදුව නතර කරන්නැයි තම කොමිසම දුන් නිර්දේශය කඩ කරමින් ක්‍රියාකිරීම සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලයට එරෙහිව නීතිමය පියවර ගන්නා බව මහජන උපයෝගීතා කොමිසම පවසයි. 03.පල්ලේගම හේමරතන නාහිමිපාණන්ට අටමස්ථානාධිපති ධුරයේ සන්නස් පත්‍රය ජනපති පිළිගන්වයි අතිපූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමිපාණන් වහන්සේ වෙත අනුරාධපුර අටමස්ථානාධිපති ධුරයට අදාළ සන්නස් පත්‍රය පිළිගැන්වීම ඊයේ (28) පස්වරුවේ සිදු කෙරුණි. 04.ජනපති පරීක්ෂණ කොමිෂන් සභාවක නිල කාලය දීර්ඝ කෙරේ.. මෙරට සංහිඳියාව, වගවීම හා මානව හිමිකම් ප්‍රවර්ධනය පිළිබඳ සොයා බැලූ කොමිෂන් සභා වාර්තා සලකා බලා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීමට පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ නිල කාලය ලබන මස 28 වැනිදා දක්වා දීර්ඝ කර තිබේ. 05.Online ක්‍රමයට විදෙස් ගමන් බලපත්‍ර ලබා දීමේ වැඩසටහන පුළුල් කෙරේ.. ප්‍රාදේශීය ලේකම් කාර්යාල 50ක් ඇතුළු ආයතන 55කින් මාර්ගගතව(Online) විදෙස් ගමන් බලපත්‍රය ලබා ගැනීම සඳහා පහසුකම් සලසන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි. ක්‍රීඩා පුවත් 01.ස්වාධීන ක්‍රීඩිකාවන් ලෙස ග්‍රැන්ඩ් ස්ලෑම් ටෙනිස් කිරුළක් දිනු ලොව පළමු ක්‍රීඩිකාව බවට අරීනා සබලෙන්කා වාර්තා අතරට බෙලරූස්හි අරීනා සබලෙන්කා 111වැනි ඔස්ට්‍රේලියා විවෘත ටෙනිස් තරගාවලියේ කාන්තා කේවළ අංශයේ ශූරතාවය දිනාගෙන තිබේ. |
2023-01-28T16:27:40.000Z | ස්වාධීන ක්‍රීඩිකාවන් ලෙස ග්‍රැන්ඩ් ස්ලෑම් ටෙනිස් කිරුළක් දිනු ලොව පළමු ක්‍රීඩිකාව බවට අරීනා සබලෙන්කා වාර්තා අතරට | අරීනා සබලෙන්කාගෙන් වාර්තාවක්.. | COLOMBO (News 1st) - බෙලරූස්හි අරීනා සබලෙන්කා 111වැනි ඔස්ට්‍රේලියා විවෘත ටෙනිස් තරගාවලියේ කාන්තා කේවළ අංශයේ ශූරතාවය දිනාගෙන තිබේ. ඒ, අද පැවැති අවසන් තරගයේදී කසකස්ථානයේ එලීනා රයිබකිනා වට 2ට 1ක් ලෙස පරාජය කරමිනි. තරගයේ අවසන් ලකුණු පුවරුව සටහන් වුණේ, ලකුණු 4ට 6ක්, 6ට 3ක් සහ 6ට 4ක් ලෙසය. සබලෙන්කා 2018 වසරේ අමෙරිකා විවෘත ටෙනිස් ශූරිය වූ අතර ඇය ඔස්ට්‍රේලියා විවෘත ටෙනිස් ශූරතාවයට හිමිකම් කී පළමු අවස්ථාව ද මෙයයි. රුසියාවට සහ බෙලරෑස් රාජ්‍යයට පනවා ඇති ජාත්‍යන්තර තරග තහනම නිසා අරීනා සබලෙන්කා මෙම තරගාවලියට ස්වාධීන ක්‍රීඩිකාවක් ලෙස සහභාගී වීම ද විශේෂත්වයකි. |
2023-01-28T14:02:06.000Z | පල්ලේගම හේමරතන නාහිමිපාණන්ට අටමස්ථානාධිපති ධුරයේ සන්නස් පත්‍රය ජනපති පිළිගන්වයි | ජනපති අටමස්ථානාධිපතිට සන්නස් පත්‍රය පිළිගන්වයි | COLOMBO (News 1st) - අතිපූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමිපාණන් වහන්සේ වෙත අනුරාධපුර අටමස්ථානාධිපති ධුරයට අදාළ සන්නස් පත්‍රය පිළිගැන්වීම අද (28) පස්වරුවේ සිදු කෙරුණි. ඒ, ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධි මහ මළුවේදී ත්‍රෛනිකායික මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් ය. සන්නස් පත්‍රය පිළිගැන්වූයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතායි. අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අභිනව නා හිමියන් වෙත විජිනිපත පිළිගැන්විය. පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන්, නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක හිමිනමක් ලෙස දශක ගණනාවක් ශාසනික සේවාවක නිරත වූ උන්වහන්සේ රුවන්වැලි සෑ විහාරාධිකාරී ධුරයට පත්වූයේ 1997 වසරේදීයි. අටමස්ථානාධිපති ලෙස වැඩවිසූ පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ අපවත්වීමත් සමග පල්ලේගම හේමරතන හිමියන් පසුගිය දා එම ධුරයට පත් කෙරුණි. පල්ලේගම හේමරතන හිමියන් සැළකෙන්නේ, මෙරට ගීත සාහිත්‍යයට ද කැපී පෙනෙ දායකත්වයක් දැක් වූ හිමිනමක් ලෙසයි. |
2023-01-28T13:41:01.000Z | මැතිවරණ කොමිසමේ තවත් සාමාජිකයෙක්ට මරණ තර්ජන | මැතිවරණ කොමිසමේ තවත් සාමාජිකයෙක්ට මරණ තර්ජන | COLOMBO (News 1st) - සිය ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස ජාතික මැතිවරණ කොමිසමේ කොමසාරිස්වරයෙකු වන එම්. එම්. මොහොමඩ් මහතාට තර්ජනය කර ඇතැයි එහි සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා පවසයි. ඔහු සඳහන් කළේ, වට්ස්ඇප් හා දුරකතන ඇමතුම් මගින් මරණීය තර්ජනය කරමින් ඊයේ (27) රාත්‍රියේ එම ඇමතුම ලබාදී ඇති බවය. මේ සම්බන්ධයෙන් පොලිස්පතිවරයා සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුවත් කිරීමෙන් අනතුරුව එම්. එම්. මොහොමඩ් මහතාගේ නිවසට විශේෂ ආරක්ෂාවක් සැපයූ බව ද සභාපතිවරයා ප්‍රකාශ කළේ ය. මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පැවසුවේ, කොමිසමේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වන්නැයි මීට පෙර මරණීය තර්ජන එල්ල වූ එස්. බී. දිවාරත්න සහ කේ. පී. පී. පතිරණ යන මහත්වරුන්ට ද යළිත් වරක් දුරකතන ඇමතුම් මගින් තර්ජනය කර ඇති බවයි. මේ අතර පී. එස්. එම්. චාල්ස් මහත්මිය මැතිවරණ කොමිසමේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස් වූ බවට වාර්තා පළවුව ද ඒ පිළිබඳ ඇය විසින් හෝ ජනාධිපති කාර්යාලය විසින් තමන් වෙත දැනුවත් කර නොමැති බව ද සභාපතිවරයා ප්‍රකාශ කළේ ය. |
2023-01-28T12:35:31.000Z | ලංවිමට එරෙහිව මහජන උපයෝගීතා කොමිසම නීතිමය පියවර ගන්න සැරසෙයි | PUCSL ලංවිමට එරෙහි වෙයි.. | COLOMBO (News 1st) - උසස් පෙළ සමයේ විදුලිය කප්පාදුව නතර කරන්නැයි තම කොමිසම දුන් නිර්දේශය කඩ කරමින් ක්‍රියාකිරීම සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලයට එරෙහිව නීතිමය පියවර ගන්නා බව මහජන උපයෝගීතා කොමිසම පවසයි. එහි සභාපති ජනක රත්නායක මහතා අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සඳහන් කළේ, විදුලිබල පනත අනුව එම ක්‍රියාමාර්ගය ගන්නා බවයි. |
2023-01-28T08:41:10.000Z | ජනපති පරීක්ෂණ කොමිෂන් සභාවක නිල කාලය දීර්ඝ කෙරේ.. | ජනපති පරීක්ෂණ කොමිෂන් සභාවක නිල කාලය දීර්ඝ කෙරේ.. | COLOMBO (News 1st) – මෙරට සංහිඳියාව, වගවීම හා මානව හිමිකම් ප්‍රවර්ධනය පිළිබඳ සොයා බැලූ කොමිෂන් සභා වාර්තා සලකා බලා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීමට පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ නිල කාලය ලබන මස 28 වැනිදා දක්වා දීර්ඝ කර තිබේ. ඒ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනයකින් ය. 2021 ජනවාරි මස 21 වැනිදා එවක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සාමාජිකයින් තිදෙනෙකුගෙන් සමන්විත මෙම කොමිසම පත් කළේ, මෙරට මානව හිමිකම් තත්ත්වය පිළිබඳ සිදු කළ විවිධ විමර්ශන පාදක කර ගනිමින් කරුණු සමාලෝචනය සඳහායි. ඒ අනුව කොමිසම, උදලාගම, පරණගම, ඇතුළු මීට පෙර පත් කළ කොමිෂන් සභා වාර්තා අධ්‍යයනය කර ඇති අතර 300කට ආසන්න පිරිසකගෙන් සාක්ෂි විමසීම ද සිදු කළේ ය. මේ වනවිට අතුරු වාර්තා 2ක් කොමිෂන් සභාව විසින් ජනාධිපතිවරයාට භාරදී ඇති අතර කොමිසමේ අවසන් වාර්තාව මේ වනවිට සකස් කරමින් ඇති බව එහි සාමාජිකයෙකු නිව්ස්ෆස්ට් වෙත පැවසුවේ ය. |
2023-01-28T08:29:14.000Z | දකුණු කළුතරදී දුම්රියක් පීලි පැනීමෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්.. | දකුණු කළුතරදී දුම්රියක් පීලි පනී.. | COLOMBO (News 1st) – දකුණු කළුතරදී දුම්රියක් පීලි පැනීමෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් ඇති වන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි. එලෙස පීලි පැනීමට ලක්ව තිබෙන්නේ, දුම්රිය එන්ජිමකි. |
2023-01-28T08:27:11.000Z | මේ වසරේදී ඉන්දීය සංචාරකයින්ගේ පැමිණීමේ විශාල වර්ධනයක් අපේක්ෂා කරනවා - ලංකා වාණිජ මණ්ඩලයට අනුබද්ධ ව්‍යාපාර සංසද නිලධාරීන් - | ඉන්දීය සංචාරක පැමිණීමේ වර්ධනයක් අපේක්ෂා කරනවා | COLOMBO (News 1st) – මේ වසරේදී මෙරටට පැමිණෙන ඉන්දීය සංචාරකයින්ගේ විශාල වර්ධනයක් අපේක්ෂා කරන බව , ලංකා වාණිජ මණ්ඩලයට අනුබද්ධ ව්‍යාපාර සංසද නිලධාරීන් පවසයි. ඔවුන් සඳහන් කළේ , 2022 දී ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය සංචාරකයින් ගණන 719, 978 ක් බවයි. එම සංඛ්‍යාව 2021 වසරට සාපේක්ෂව 20. 6% ක වැඩිවීමකි. සංචාරක ව්‍යාපාරයේදී ඉන්දියාව ශ්‍රී ලංකාවට විශාලම දායකත්වය සපයන බවත්, සංචාරක ආකර්ෂණය වර්ධනය කිරීම සඳහා ක්‍රියාකාරකම් රැසක් සැලසුම් කර ඇති බවත් , ලංකා වාණිජ මණ්ඩලයට අයත් ව්‍යාපාර සංසදය වැඩිදුරටත් පෙන්වා දෙයි. |
2023-01-28T04:27:03.000Z | ගුරු සේවයට බඳවා ගැනීමේ තරග විභාගයට අයැදුම්පත් කැඳවීම ඇරඹේ.. | ගුරු සේවයට බඳවා ගැනීමේ විභාගයට අයැදුම්පත් කැඳවෙයි | COLOMBO (News 1st) – රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන් ගුරු සේවයට බඳවා ගැනීමේ තරග විභාගය සඳහා අයැදුම්පත් කැඳවීම ආරම්භ කර තිබේ. අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේ, ජාතික හා පළාත් පාසල්වල පවතින සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා මෙම විභාගයෙන් ගුරවරුන් බඳවා ගන්නා බවයි. මෙම විභාගය සඳහා වයස අවුරුදු 40ට අඩු උපාධිධාරින්ට අයැදුම් කළ හැකි බව අමාත්‍යාංශය සඳහන් කළේ ය. අයැදුම්පත් භාරගැනීම ලබන මස 10 වැනිදා අවසන්වීමට නියමිතයි. applications.doenets.lk/exams වෙබ් අඩවිය වෙත පිවිස විභාගය සඳහා අයැදුම්පත් යොමු කළ යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ ය. මේ වනවිට මෙරට පාසල් පද්ධතිය ආශ්‍රිතව ගුරු පුරප්පාඩු 23,000කට අධික සංඛ්‍යාවක් පවතී අධ්‍යාපන අමාත්‍යාංශය සැලසුම් කර ඇත්තේ,2023 පළමු පාසල් වාරයට පෙර මෙම ගුරුවරුන් බඳවා ගැනීමටයි. |
2023-01-28T03:46:26.000Z | සැලසුම් කළ පරිදි දෛනික විදුලිය කප්පාදුව අඛණ්ඩව - ලංවිම PUCSL වෙත දන්වයි.. | දෛනික විදුලිය කප්පාදුව අඛණ්ඩව.. | COLOMBO (News 1st) – සැලසුම් කළ පරිදි දෛනික විදුලිය කප්පාදුව අඛණ්ඩව සිදු කරන බව ලංකා විදුලිබල මණ්ඩලය මහජන උපයෝගිතා කොමිසමට (PUCSL) දන්වා තිබේ. |
2023-01-28T03:00:29.000Z | අමාත්‍යාංශ 2ක ලේකම්වරු වෙනස් වෙයි... | අමාත්‍යාංශ 2ක ලේකම්වරු වෙනස් වෙයි... | COLOMBO (News 1st) – සංචාරක හා ඉඩම් අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස ඩබ්ලිව් .ඒ චූලානන්ද පෙරේරා මහතා පත්කර තිබේ. ජනාධිපති ලේකම්වරා විසින් නිකුත් කළ ගැසට් නිවේදනයක දැක්වෙන්නේ පසුගිය 20 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි ජනාධිපතිවරයා විසින් මෙම පත්කිරීම සිදුකර ඇති බවයි. මාස 3ක කාලයක් සඳහා මෙම පත් කිරීම සිදු කර ඇති බව අදාළ ගැසට් නිවේදනයේ සඳහන් ය. මේ අතර ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස ආර්.එම් ඩබ්ලිව්. එස්.සමරදිවාකර මහතා පත් කර තිබේ. |
2023-01-28T01:44:29.000Z | නැවත දැනුම් දෙනතුරු ගිනිකොණ දිග මුහුදේ ධීවර කටයුතුවල යෙදෙන්න එපා -කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව | ධීවර ප්‍රජාවට දැනුම් දීමක්.. | COLOMBO (News 1st) – නැවත දැනුම් දෙනතුරු ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතුවලින් වළකින්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර ප්‍රජාවට දැනුම් දෙයි. ඒ , ගිනිකොන දිග බෙංගාල බොක්කේ හටගෙන ඇති අඩු පීඩන කලාපය හේතුවෙන් ය. එය පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය. මේ අතර බස්නාහිර , සබරගමුව සහ දකුණු පළාත්වලට මෙන්ම මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ අනාවැකියේ සඳහන් ය. |
2023-01-28T01:20:43.000Z | මැතිවරණ කොමිසමේ සාමාජිකයෙකු ඉල්ලා අස්වීම නිල වශයෙන් දැනුම් දී නැහැ - ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව | ඉල්ලා අස්වීම නිල වශයෙන් දැනුම් දී නැහැ.. | COLOMBO (News 1st) – මැතිවරණ කොමිසමේ සාමාජිකයෙකු ඉල්ලා අස්වී ඇතැයි මෙතෙක් නිළ වශයෙන් දැනුම් දී නැති බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පවසයි. එහි සභාපති , කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසුවේ , එලෙස නිල වශයෙන් දැනුම් දුන් පසු ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවයි. මේ අතර , ඉල්ලා අස්වූ බවට කිසිදු සාමාජිකයෙකු මෙතෙක් තමන් වෙත ද නිල වශයෙන් දැනුම්දී නොමැති බව ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා සඳහන් කළේ ය. ඔහු ඒ බව කියා සිටියේ පී.එස්.එම්. චාල්ස් මහත්මිය පසුගියදා කොමිසමේ සමාජිකත්වයෙන් ඉල්ලා අස්වීම පිළිබඳව පලවන වාර්තාවලට ප්‍රතිචාර දක්වමින් ය. |
2023-01-28T01:10:13.000Z | Online ක්‍රමයට විදෙස් ගමන් බලපත්‍ර ලබා දීමේ වැඩසටහන පුළුල් කෙරේ.. | Online ක්‍රමයට Passport දීමේ වැඩසටහන පුළුල් කෙරේ.. | COLOMBO (News 1st) – ප්‍රාදේශීය ලේකම් කාර්යාල 50ක් ඇතුළු ආයතන 55කින් මාර්ගගතව(Online) විදෙස් ගමන් බලපත්‍රය ලබා ගැනීම සඳහා පහසුකම් සලසන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි. ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා සඳහන් කළේ, මාර්ගගතව අයැදුම්පතක් යොමුකර, අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගොස් ඇඟිලි සළකුණු ලබාදීමෙන් දින 3ක් ඇතුළත විදෙස් ගමන් බලපත්‍රය ලබා ගැනීමට හැකියාව ඇති බවයි. විදෙස්ගත ශ්‍රී ලාංකිකයෙකුට ද තානාපති කාර්යාලය වෙත ගොස් ඇඟිලි සළකුණු ලබාදී මාර්ගගතව විදෙස් ගමන් බලපත්‍ර අයැදුම්පතක් යොමු කිරීමට පහසුකම් සලසන බව ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා ප්‍රකාශ කළේ ය. ඔහු සඳහන් කළේ, ගෝල්ඩන් පැරඩයිස් නමින් නව වීසා වැඩසටහනක් ද ක්‍රියාත්මක බවයි. |
2023-01-28T01:06:41.000Z | විදුලි සැර වැදී දෙදෙනෙකු මරුට.. | විදුලි සැර වැදී දෙදෙනෙකු මරුට.. | COLOMBO (News 1st) : මට්ටක්කුලිය සහ උඩදුම්බර ප්‍රදේශවලදී විදුලි සැර වැදීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ. පොලිසිය සඳහන් කළේ, මට්ටක්කුලිය කාකදුපත ප්‍රදේශයේදී විදුලි සැර වැදීමෙන් 38 හැවිරිදි හමුදා සෙබලෙකු මියගොස් ඇති බවයි. ඔහු කාකදුපත ප්‍රදේශයේ යුද හමුදා නිල නිවාසවල ආරක්ෂක රාජකාරියේ යෙදී සිටියදී විදුලි රැහැනක් ඇදීමට උත්සහ කිරීමේදී එම අනතුරට ලක්ව තිබේ. මේ අතර, උඩදුම්බර, නමදගල ප්‍රදේශයේදී විදුලි සැර වැදීමෙන් මියගොස් ඇත්තේ 74 හැවිදිරි පුද්ගලයෙකි. ඔහු සිය වගා ඉඩමකට කම්බියක් උපයෝගී කරගෙන නිවසේ විදුලි පරිපතයෙන් විදුලි රැහැන් ඇදීමට උත්සහ කිරීමේදී විදුලිසැර වැදී මියගොස් ඇතැයි පොලිසිය ප්‍රකාශ කළේ ය. |
2023-01-28T01:04:35.000Z | ගෙවුණු දිනය උණුසුම් කළ පුවත් | ගෙවුණු දිනය උණුසුම් කළ පුවත් | දේශීය පුවත් 1. උතුරු, නැගෙනහිර විහාරස්ථාන ආශ්‍රිතව පවතින හමුදා කඳවුරු එලෙසම පවත්වාගෙන යාම සුදුසුයි.. – ත්‍රෛයිනිකායික මහා නාහිමිවරුන්ගෙන් ජනපතිට ලිපියක් – උතුරු, නැගෙනහිර විහාරස්ථාන ආශ්‍රිතව පවතින හමුදා කඳවුරු එලෙසම පවත්වාගෙනයාම සුදුසු බව දන්වමින් ත්‍රෛයිනිකායික මහානාහිමිවරුන් ජනාධිපතිවරයාට ලිපියක් යවමින් දැනුම්දී තිබේ. 2.අනවසර විදුලි කප්පාදුවක් නම් දැනුම් දෙන්න – මහජන උපයෝගිතා කොමිසම – අනවසර විදුලි කප්පාදුවක් සිදුකරනුයේ නම් ඒ පිළිබඳව දැනුම් දෙන්නැයි මහජන උපයෝගිතා කොමිසම මහජනතාවට දැනුම් දෙයි. 3.නිදහස් දින පෙරහුරුවට සහ නිදහස් දින උත්සවයට විශේෂ රථවාහන සැලැස්ම – පෙබරවාරි 04 වැනිදා කොළඹ, ගාලු මුවදොරදී පැවැත්වෙන ජාතික නිදහස් දින සැමරුමේ පෙරහුරු කටයුතු අද (28) ආරම්භ වේ. 4.පාර්ලිමේන්තුව වාර අවසන් කිරීමේ ගැසට් නිවේදනය නිකුත් කෙරේ..–ඊයේ (27) මධ්‍යම රාත්‍රියේ සිට පාර්ලිමේන්තුව වාර අවසන් කර තිබේ. 5.13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන දැනුම් දීමක්.. – 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීමට කැබිනට් මණ්ඩලය එකඟ වූ බව ජනපති පක්ෂ නායකයින්ට දැනුම් දී තිබේ. විදෙස් පුවත් 1.මැතිවරණ වියදම් නියාමන පනතට සහ පුනරුත්ථාපන කාර්යාංශ පනතට කතානායකගේ අත්සන.. – මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත් කෙටුම්පතට සහ පුනරුත්ථාපන කාර්යාංශය පනත් කෙටුම්පතට කතානායකවරයා අත්සන් තබා තිබේ. |
2023-01-27T16:45:47.000Z | උතුරු, නැගෙනහිර විහාරස්ථාන ආශ්‍රිතව පවතින හමුදා කඳවුරු එලෙසම පවත්වාගෙන යාම සුදුසුයි.. - ත්‍රෛයිනිකායික මහා නාහිමිවරුන්ගෙන් ජනපතිට ලිපියක් | ත්‍රෛයිනිකායික මහා නාහිමිවරුන්ගෙන් ජනපතිට ලිපියක් | COLOMBO (News 1st) - උතුරු, නැගෙනහිර විහාරස්ථාන ආශ්‍රිතව පවතින හමුදා කඳවුරු එලෙසම පවත්වාගෙනයාම සුදුසු බව දන්වමින් ත්‍රෛයිනිකායික මහානාහිමිවරුන් ජනාධිපතිවරයාට ලිපියක් යවමින් දැනුම්දී තිබේ. උතුරු නැගෙනහිර මෙන්ම රටේ සෙසු පළාත්වලත් පිහිටා ඇති සුවිශේෂී ඓතිහාසික වැදගත්කමකින් යුත් බෞද්ධ සිද්ධස්ථානවල සුරක්ෂාව හා සංවර්ධනය උදෙසා අනුයුත්ක කර ඇති ආරක්ෂා හමුදා නිලධාරීන් ද අවශ්‍යතාවන්ට අනුරූප පරිදි එම සිද්ධස්ථාන ආශ්‍රිතව යොදවීම යෝග්‍ය බව එහි වැඩිදුරටත් දැක්වේ. |
2023-01-27T16:40:12.000Z | අනවසර විදුලි කප්පාදුවක් නම් දැනුම් දෙන්න - මහජන උපයෝගිතා කොමිසම | අනවසර විදුලි කප්පාදුවක් නම් දැනුම් දෙන්න - PUCSL | COLOMBO (News1st) - අනවසර විදුලි කප්පාදුවක් සිදුකරනුයේ නම් ඒ පිළිබඳව දැනුම් දෙන්නැයි මහජන උපයෝගිතා කොමිසම මහජනතාවට දැනුම් දෙයි. මහජන උපයෝගිතා කොමිසම දැනුම් දෙන්නේ 077 56 87 387 යන දුරකතන අංකයට වට්ස්ඇප් පණිවඩයක් ලෙස හෝ 0112 39 26 41 යන දුරකතන අංකයට හෝ [email protected] යන විද්‍යුත් ලිපිනය ඔස්සේ සිය පැමිණිලි ඉදිරිපත් කළ හැකි බවයි. ජනවාරි 26 වැනිදා සිට පෙබරවාරි 17 දක්වා කාලය තුළ සිදු කරන කිසිදු විදුලිය කප්පාදු කිරීමකට සිය කොමිසම අනුමැතිය ලබා දී නොමැති බව මහජන උපයෝගිතා කොමිසම මානව හිමිකම් කොමිසමේ සභාපතිවරයාට ලිපියක් යවමින් ඊයේ දැනුම් දුණි. |
2023-01-27T16:37:54.000Z | නිදහස් දින පෙරහුරුවට සහ නිදහස් දින උත්සවයට විශේෂ රථවාහන සැලැස්ම | නිදහස් දින පෙරහුරුව:රථවාහන සැලැස්ම | COLOMBO (News 1st) - පෙබරවාරි 04 වැනිදා කොළඹ, ගාලු මුවදොරදී පැවැත්වෙන ජාතික නිදහස් දින සැමරුමේ පෙරහුරු කටයුතු හෙට(28) ආරම්භ වේ. පොලීසිය සඳහන් කළේ, පෙරහුරු පැවැත්වෙන දිනයන්හීදී සහ ජාතික නිදහස් දිනයේදී, කොළඹ නගරයේ මාර්ගවල විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක බවයි. ඒ අනුව එම රථවාහන සැලැස්ම මෙසේය. |
2023-01-27T15:12:07.000Z | පාර්ලිමේන්තුව වාර අවසන් කිරීමේ ගැසට් නිවේදනය නිකුත් කෙරේ.. | පාර්ලිමේන්තුව වාර අවසන් කෙරේ.. | COLOMBO (News1st) - අද(27) මධ්‍යම රාත්‍රියේ සිට පාර්ලිමේන්තුව වාර අවසන් කර තිබේ. ඒ අනුව, නව සැසිවාරය පෙබරවාරි 08 වැනිදා ලෙස දින නියම කරමින් ගැසට් නිවේදනය නිකුත් කෙරිණි. |
2023-01-27T06:59:57.000Z | වසර 66කට පසු එක්සත් රාජධානියේ මෝටර් රථ නිෂ්පාදනය පහතට | එක්සත් රාජධානියේ මෝටර් රථ නිෂ්පාදනය පහළට | News 1st - වසර 66කට පසු එක්සත් රාජධානියේ මෝටර් රථ නිෂ්පාදනය පහත වැටී තිබේ. එය, 1956 න් පසුව එක්සත් රාජධානියේ වසරක නිෂ්පාදිත මෝටර් රථවලට සාපේක්ෂව නිෂ්පාදනයේ පහළ වැටීමකි. ඒ වගේම, එය මීට පෙර වසරේ මෝටර් රථ නිෂ්පාදනයට සාපේක්ෂව 10% ක පහළ වැටීමක් ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. Covid වසංගත තත්ත්වය හේතුවෙන් රථ වාහන නිෂ්පාදනවලට අදාළ කොටස් හිඟවීම ලොව පුරා රටවල් මුහුණ පෑ අතර එක්සත් ජනපදය ද ඉන් පීඩාවට පත්විය. මෝටර් රථ සමාගම් අනතුරු අඟවන්නේ, නිෂ්පාදකයින් ආකර්ෂණය කර ගැනීමට එක්සත් රාජධානියේ උපාය මාර්ග සාර්ථක නොවූ බවයි. නමුත් බලධාරීන් පවසන්නේ, මෝටර් රථ නිෂ්පාදනයේ දී මූලික රාජ්‍යයක් ලෙස ස්ථානගත වීමේ අරමුණැතිව කටයුතු කරන බවය. 2025 වසරේදී නැවතත් මෝටර් රථ මිලියනයක් නිෂ්පාදනයට බලාපොරොත්තු වන බවත්, ඊට අවශ්‍ය අයෝජකයින් හා නිෂ්පාදකයින්ගේ අවශ්‍යතාවක් මතුව ඇති බවත් වැඩිදුරටත් සඳහන් වේ. සමස්තයක් වශයෙන් ගත් කළ එක්සත් රාජධානිය පසුගිය වසරේ මෝටර් රථ 775,014 ක් නිෂ්පාදනය කළ අතර එය වසංගතයට පෙර නිෂ්පාදනය කළ මිලියන 1.3 හා සසඳන කළ පහළ වැටීමකි. |
2023-01-27T12:02:42.000Z | 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන දැනුම් දීමක්.. | 13 ව්‍යවස්ථා සංශෝධනය ගැන දැනුම් දීමක්.. | COLOMBO (News 1st) – 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීමට කැබිනට් මණ්ඩලය එකඟ වූ බව ජනපති පක්ෂ නායකයින්ට දැනුම් දී තිබේ. ඒ, එම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරන්නේද නැද්ද යන්න පක්ෂ නායකයින් තීරණය කරන තෙක් ය. |
2023-01-27T11:52:19.000Z | මැතිවරණ වියදම් නියාමන පනතට සහ පුනරුත්ථාපන කාර්යාංශ පනතට කතානායකගේ අත්සන.. | මැතිවරණ වියදම් නියාමන පනතට කතානායකගේ අත්සන.. | COLOMBO (News 1st) - මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත් කෙටුම්පතට සහ පුනරුත්ථාපන කාර්යාංශය පනත් කෙටුම්පතට කතානායකවරයා අත්සන් තබා තිබේ. මේ අනුව මෙම පනත් කෙටුම්පත්, 2023 අංක 2 දරණ පුනරුත්ථාපන කාර්යාංශ පනත සහ 2023 අංක 3 දරණ මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත ලෙස බලාත්මක වේ. |
2023-01-27T10:53:51.000Z | අද (27) මධ්‍යම රාත්‍රී සිට පාර්ලිමේන්තුව වාර අවසන් කිරීමේ ගැසට් නිවේදනය මුද්‍රණාලයට | පාර්ලිමේන්තුව වාර අවසාන කිරීමේ ගැසට්ටුව මුද්‍රණයට | COLOMBO (News 1st) - අද(27) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පාර්ලිමේන්තුව වාර අවසාන කිරීමට ජනාධිපතිවරයා තීරණය කර තිබේ. අද මධ්‍යම රාත්‍රියේ වාරාවසාන කිරීමෙන් පසුව පාර්ලිමේන්තුවේ නව සැසිවාරය ආරම්භ වන්නේ පෙබරවාරි 8 වැනිදා පෙරවරු 10ට ය. මේ ආකාරයෙන් පාර්ලිමේන්තුව වාරාවසාන කිරීමක් අතරතුරදී, කථානායකවරයා අඛණ්ඩව සිය කාර්යයන් ඉටුකරන අතර මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගී නොවූවද ඔවුන් සිය ධූරයේ රැඳී සිටී. වාරාවසාන කිරීමක බලපෑම වන්නේ, පාර්ලිමේන්තුව අභිමුව ඇති සියලු කටයුතු අත්හිටුවීම සහ දෝෂාභියෝග හැර ඒ වනවිට සභාව අභිමුව ඇති සියලු ක්‍රියාවලි අවලංගුවීම ය. පාර්ලිමේන්තුවේ නව සැසිවාරයක් ආරම්භ වන අවස්ථාවේ න්‍යාය පත්‍රයේ පෙළ ගස්වා තිබෙන සභාවේ කටයුතු පිළිබඳ විෂයයන් අඛණ්ඩව පවත්වාගැනීම අවශ්‍ය වන්නේ නම් ඒවා නැවත ලැයිස්තුගත කළ යුතුය. පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අනුව පිළිවෙළින් උසස් නිලතල පිළිබඳ කාරක සභාව, ආංශික අධීක්ෂණ කාරක සභා සහ පාර්ලිමේන්තුවේ විශේෂ කාරක සභා හැර අන් සියල්ල පාර්ලිමේන්තුවේ සැසිවාරය නැවත ආරම්භ වන අවස්ථාවේ නැවත ස්ථාපිත කිරීමත් කළ යුතු ය. ඒ අනුව, පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ, ස්ථාවර නියෝග, ගෘහ්‍ය, ආචාර ධර්ම සහ වරප්‍රසාද, ව්‍යවස්ථාදායක ස්ථාවර, අමාත්‍යංශයීය උපදේශක, රජයේ ගිණුම්, පොදු ව්‍යාපාර, රාජ්‍ය මුදල් මහජන පෙත්සම් සහ පසුපෙළ මන්ත්‍රීන්ගේ කාරක සභා නැවත ස්ථාපිත කල යුතුය. |
2023-01-27T03:35:57.000Z | ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව අද රැස් වෙයි.. | SLFP මධ්‍යම කාරක සභාව අද රැස්වෙයි | COLOMBO (News 1st) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව අද (27) රැස්වීමට නියමිතව ඇත. පක්ෂයේ ප්‍රචාරක ලේකම්, තිසර ගුණසිංහ මහතා පැවසුවේ අද පස්වරු 1.00 ට පක්ෂ මූලස්ථානයේදි පක්ෂ සභාපති හිටපු ජනාධිපති, මෛත්‍රිපාල සිරිසේන මහතාගෙ ප්‍රධානත්වයෙන් රැස්වීමට නියමිතව ඇති බවයි. පළාත් පාලන මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස්වන පළමු අවස්ථාව මෙය වනු ඇත. මෙහිදි ඉදිරි පළාත් පාලන මැතිවරණය ඉලක්ක කර ගනිමින් ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ජා කරන බව ඔහු තවදුරටත් සඳහන් කළේ ය. |
2023-01-27T03:18:21.000Z | ඇලයාපත්තුව නිවසක් ගනිගනී.. එකම පවුලේ තිදෙනෙක් මියයයි | එකම පවුලේ තිදෙනකුට මරු කැඳවූ ගින්න | COLOMBO (News 1st) - ඇලයාපත්තුව, මාන්කඩවල නිවසක ඊයේ රාත්‍රි ඇතිවූ ගින්නකින් එකම පවුලේ තුන්දෙනෙකු මියගොස් තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතීඥ නිහාල් තල්දුව මහතා සඳහන් කළේ, ගින්නෙන් 30 හැවිරිදි මව, 10 හැවිරිදි දියණිය සහ 5 හැවිරිදි පුත්‍රයා ද මියගොස් ඇති බවයි. ඔවුන් බේරාගැනීමට ගොස් පියා ද තුවාල ලබා ඇතැයි, පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය. |
2023-01-27T02:19:23.000Z | කර්මාන්ත ශාලාවක් අළු ගොඩක් කළ බිහිසුණු ගින්න | කර්මාන්ත ශාලාවක් අළු ගොඩක් කළ බිහිසුණු ගින්න | COLOMBO (News 1st) - නව කුරුඳුවත්ත,වැටකේදෙණිය ප්‍රදේශයේ, තේ කර්මාන්ත ශාලාවක ඇතිවූ ගින්නකින් එහි සේවකයින් දෙදෙනෙකු තුවාල ලබා තිබේ. පොලිසිය සඳහන් කළේ, අද (27) අලුයම ඇති වූ ගින්න මහනුවර මහනගර සභාවේ ගිනි නිවීම් ඒකකයේ සහාය ඇතිව මැඩ පවත්වා ඇති බවයි. තුවාල ලැබු සේවකයින් දෙදෙනා ගම්පොළ රෝහලට ඇතුළත් කර තිබේ. ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැත. |
2023-01-27T01:43:46.000Z | එකඟතා කැඩුවොත් මණ්ඩලය එරෙහිව නඩු මගට යනවා,,මානව හිමිකම් කොමිසම අනතුරු අඟවයි | මණ්ඩලයට එරෙහිව අධිකරණයට යෑමේ තීරණයක් | COLOMBO (News 1st) - ඇති කරගත් එකඟතාව කඩකරමින් විදුලිය කප්පාදු කිරීම හේතුවෙන්, ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපතිවරයා සහ විදුලි බල අමාත්‍යංශයේ ලේකම්වරයා ඇතුළු නිලධාරින්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට කරුණු වාර්තා කිරීමට තීරණය කර ඇතැයි මානව හිමිකම් කොමිසම පවසයි. මානව හිමිකම් කොමිසමේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයකු සඳහන් කළේ, ලබාදුන් එකඟතා කඩ කරමින් ඊයේ (26) දිනයේ දිවයිනේ ප්‍රදේශ ගණනාවකින් විදුලිය කප්පාදු කර ඇති බවට පැමිණිලි ඉදිරිපත් වූ බවයි. විදුලි බල මණ්ඩලය සහ විදුලි බල හා බලශක්ති අමාත්‍යංශය, රටේ නීතියට නිගරුකරමින් අත්තනෝමතිකව කටයුතු කරන බවක් නිරීක්ෂණය වී ඇතැයි, මානව හිමිකම් කොමිසමේ ප්‍රකාශකයා සඳහන් කළේ ය. ඔහු සඳහන් කළේ, ඒ සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමකම් කවුන්සිලයටද පැමිණිලි කිරිමට සිදු වනු ඇති බවයි. උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාවේ විදුලිය කප්පාදුවක් සිදු නොකිරීමට පසුගියදා විදුලි බල මණ්ඩලය මානව හිමිකම් කොමිසමේදී එකඟතාවය පළ කළේ ය. මේ අතර මහජන උපයෝගීතා කොමිසම, මනාව හිමිකම් කොමිසමේ සභාපතිවරයාට ලිපියක් යවමින් දන්වා ඇත්තේ ජනවාරි 26 වැනිදා සිට පෙබරවාරි 17 දක්වා කාලය තුළ විදුලිය කප්පාදු කිරීමක් කොමිසම අනුමත නොකරන බවයි. මානව හිමිකම් කොමිසමේ දී විධානයක් ලෙස නිකුත්කළ සමථයට අනුව මෙම කාලසීමාවේ අඛණ්ඩ විදුලිය සැපයුමක් පවත්වාගෙන යාමට කටයුතු කරන ලෙස විදුලි බල මණ්ඩලයට විධායනක් දී ඇති බවද, මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයාගේ ලිපියේ සඳහන් වේ. මේ අතර මානව හිමිකම් කොමිසම අවධාරණය කරන්නේ, විධානයක් ලෙස සිදුවූ සමථය අනුව ක්‍රියා නොකරන්නේ නම් 1996 අංක 21 දරන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභා පනතේ 21 වන වගන්තිය අනුව කටයුතු කිරීමට හැකියාව ඇති බවයි. |
2023-01-27T01:33:21.000Z | එක් ඡන්ද දායකයකු වෙනුවෙන් දැරිය හැකි වියදුම රු.20යි,මැතිවරණ කොමිසමේ අලුත්ම තීරණය | මැතිවරණ කොමිසමේ අලුත්ම තීරණය. | COLOMBO (News 1st) - මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනතට අනුව එක් ඡන්ද දායකයකු වෙනුවෙන් අපේක්ෂකයකුට වැය කළ හැකි මුදල, රුපියල් 20 ක් දක්වා ඉහළ දැමීමට මැතිවරණ කොමිසම තීරණයකර තිබේ. කොමිසම පසුගියදා තීරණයකර තිබුණේ, එක් ජන්ද දායකයකු වෙනුවෙන් වියදම් කළ හැකි මුදල, රුපියල් 15ක් ලෙස ප්‍රකාශ කිරීමටයි. |
2023-01-27T01:31:09.000Z | ගෙවුණු දිනය උණුසුම් කළ පුවත් | ගෙවුණු දිනය උණුසුම් කළ පුවත් | COLOMBO (News 1st) - දේශීය පුවත් 01.ව්‍යාජ ලොතරැයි පත් තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ව්‍යාජ ලොතරැයි පත් තොගයක් සමග කුරුණෑගලදී පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. 02.දියවන්නාවේ බෝට්ටුවක් පෙරළී පුද්ගලයෙක් අතුරුදන් පාර්ලිමේන්තුව අසළ දියවන්නා ඔයේ බෝට්ටුවක් පෙරළීමෙන් එක් අයෙකු අතුරුදන් වී තිබේ. 03.නීති විරෝධීව මුහුදු මගින් ප්‍රංශයේ රී-යූනියන් දූපත් වෙත යෑමට තැත් කළ ලාංකිකයන් 38 ක් නැවත පිටුවහල් කෙරේ. නීති විරෝධීව මුහුදු මගින් ප්‍රංශයයේ රී-යූනියන් දූපත වෙත ඇතුල්වීමට තැත් කළ ශ්‍රී ලාංකිකයන් 38 දෙනෙකු ගුවන් මගින් නැවත මෙරටට එවා තිබේ. 04.ආනන්ද පාලිත සහ සංජීව ධම්මික ඇප මත මුදාහරී සමගි ඒකාබද්ධ වෘත්තිය සමිති බලවේගයේ මාධ්‍ය ප්‍රකාශක ආනන්ද පාලිත හා විදුලි පාරිභෝගිකයන්ගේ සංගමයේ සභාපති සංජිව ධම්මික යන මහත්වරුන් රුපියල් ලක්ෂ 05 බැගින්වු ශරීර ඇප දෙක බැගින් මුදා හැරීමට කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ නියෝග කළේ ය. 05.මම ඉල්ලා අස්වන බවට පළවන වාර්තා බොරු - ජාතික මැතිවරණ කොමිසමේ සභාපති තමන් ඉල්ලා අස්වන බවට පළවන වාර්තාවල කිසිදු සත්‍යතාවක් නැතැයි ජාතික මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා අවධාරණය කර තිබේ. විදෙස් පුවත් 01.යුක්‍රේනයට අමෙරිකාවෙනුත් යුද ටැංකි... රුසියාව අඛණ්ඩව අනතුරු අඟවයි... යුක්‍රේනයට අධිතාක්ෂණික යුද ටැංකි 31 ක් ලබාදීමට අමෙරිකාව සූදානම් වෙයි. |
2023-01-26T14:34:42.000Z | පවිත්‍රා වන්නිආරච්චිගේ නියෝගයක් බලරහිත කරමින් අභියාචනාධිකරණයෙන් රීට් ආඥාවක්.. | පවිත්‍රාගේ නියෝගයක් බලරහිත කරමින් රීට් ආඥාවක් | COLOMBO (News 1st) - ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ මහාචාර්ය හරේන්ද්‍ර සිල්වා මහතා හා එම සභාවේ සාමාජිකයින් ලෙස කටයුතු කළ සිව්දෙනා එම ධූරවලින් ඉවත් කරමින් හිටපු සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් 2020 නොවැම්බර් 27 වැනිදා නිකුත් කර තිබූ නියෝගයක් බලරහිත කරමින් අභියාචනාධිකරණය අද(26) රීට් ආඥාවක් නිකුත් කළේ ය. මහාචාර්ය හරේන්ද්‍ර සිල්වා, සුනිල් රත්නප්‍රිය, යු.එච් ගුණසේකර ,නාරද දිගගාමිණි, පුෂ්පික දර්ශන සහ සුනිල් ධර්මප්‍රිය යන මහත්වරුන් ගොනුකර තිබූ රීට් ආඥා පෙත්සම් 02 ක් සලකා බැලූ මොහොමඩ් නතාර් හා එස්.යු.බී කරලියද්ද යන විනිසුරු මඬුල්ල එම නියෝගය නිකුත් කළේ ය. එම පෙත්සම්කරුවන් ඉවත් කරමින් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති ධූරයට පත් කළ මහාචාර්ය වජිර දිසානායක මහතාට හා මහාචාර්ය බන්දුල විජේවර්ධන, දිල්රුක්ෂි රුබේරු හා වජිර සෙනාරත්න යන සෙසු සමාජිකයින්ට තවදුරටත් එම ධූරවල කටයුතු කිරිම වළක්වමින් ද විනිසුරුමඩුල්ල තවත් රීට් ආඥාවක් නිකුත් කළේ ය. පිළිගත හැකි සාධාරණ හේතු නොමැතිව කිසිදු වග විභාගයකින් තොරව හිටපු සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් පෙත්සම්කරුවන් තනතුරුවලින් ඉවත් කරීම ස්වභාවික යුක්ති ධර්මයට පටහැනි නීතී විරෝධී ක්‍රියාවක් බවට විනිසුරුමඩුල්ල නිගමනය කළේ ය. ඒ අනුව පෙත්සම්කරුවන් විසින් තම අධිකරණයෙන් කළ ඇති ඉල්ලීම්වලට අවසර ලබාදීමටත්, වගඋත්තරකරුවන්ගේ පෞද්ගලික මුදලින් නඩු ගාස්තු අයකර ගැනිමට පෙත්සම්කරුවන්ට අයිතියක් ඇති බවටත්, විනිසුරු මඬුල්ල නිගමනය කළේ ය. පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෙනුවෙන් අතිරේක සොලිස්ටර් ජනරාල් නෙරින්පුල්ලේ මහතා පෙනී සිටි අතර, පෙත්සම්කරුවන් වෙනුවෙන් ජනාධිපති නීතීඥ සංජීව ජයවර්ධන සහ ජනාධිපති නීතීඥ උපුල් ජයසුරිය යන මහත්වරුන් පෙනී සිට ඇති බව සඳහන් ය. වගඋත්තරුකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතීඥ රොමේෂ්ද සිල්වා, ජනාධිපති නීතිඥ ශවේන්ද්‍ර ප්‍රනාන්දු ,ජනාධිපති නවෙන් මාරපන යන නිතීඥවරුන් පෙනී සිටියේ ය. |
2023-01-26T13:11:56.000Z | සර්ව පාක්ෂික සමුළුව ඇරඹේ.. | සර්ව පාක්ෂික සමුළුව ඇරඹේ.. | COLOMBO (News 1st) - ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන සර්වපාක්ෂික හමුවක් අද (26) පස්වරුවේ ආරම්භ විය. ඒ සඳහා සහභාගී වීම සදහා ජනාධිපති කාර්යාලයට පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු රැසක් පැමිණියේ ය. පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂ නායකයන්ට මේ සඳහා සහභාගි වන ලෙස ආරාධනා කර තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, සංහිඳියාව වැඩිදියුණු කිරීමේ වැඩපිළිවෙළ පිළිබඳ මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත බවයි. නමුත් අප කළ විමසීමකදී සමගි ජන බලවේගය පැවසුවේ ඔවුන් මේ සඳහා සහභාගී නොවන බවයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මේ සදහා සහභාගී වන බව පැවසුවේ ය. දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි එම්.ඒ සුමන්දිරන් මහතා සඳහන් කළේ, තම පක්ෂය ජනාධිපතිවරයා කැඳවූ රැස්වීමට සහභාගී වන බවයි. නමුත් දෙමළ ජාතික සන්ධානයේ හවුල්කාර පක්ෂ වන ප්ලොට් සහ ටෙලෝ සංවිධාන ඊට සහභාගී නොවන බව කියා සිටියේ ය. පක්ෂයක් ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ සඳහා සහභාගී නොවන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කළේ ය. නිදහස ජනතා සභාව සහ උත්තර ලංකා සභාගය ද මේ සඳහා සහභාගී වන්නේ නැහැ. ජාතික ජන බලවේගයද සර්ව පාක්ෂික හමුව සඳහා සහාභාගි නොව බව අප කළ විමසීමකදී තහවුරු කළේ ය. |
2023-01-26T12:40:34.000Z | නීති විරෝධීව මුහුදු මගින් ප්‍රංශයේ රී-යූනියන් දූපත් වෙත යෑමට තැත් කළ ලාංකිකයන් 38 ක් නැවත පිටුවහල් කෙරේ. | රීයූනියන් දූපත් වෙත යන්නහැදූ පිරිසක් පිටුවහල් කෙරේ | COLOMBO (News 1st) - නීති විරෝධීව මුහුදු මගින් ප්‍රංශයයේ රී-යූනියන් දූපත වෙත ඇතුල්වීමට තැත් කළ ශ්‍රී ලාංකිකයන් 38 දෙනෙකු ගුවන් මගින් නැවත මෙරටට එවා තිබේ. ශ්‍රී ලංකා නාවික හමුදාව සඳහන් කළේ, ඔවුන් පළමුව පසුගිය වසරේ දෙසැම්බර් මස පළමු වැනිදා මීගමුව ධීවර වරායෙන් පිටත්ව ගොස් ඇති බවයි. ඉන්පසු දෙසැම්බර් මස 13 සහ 14 යන දිනයන්හීදී පුත්තලම , බත්තලන්ගුණ්ඩුව දූපතේ සිට ඩිංගි යාත්‍රා 03ක් යොදා ගනිමින් පුද්ගලයින් 64 දෙනෙකු සමග පළමුව බ්‍රිතාන්‍යයට අයත් දියාගෝ ගාර්සියා වෙත ඇතුළුවීමට උත්සාහ කර තිබේ. එහිදී දෙසැම්බර් මස 30 වන දින ඔවුන් බ්‍රිතාන්‍ය නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන නැවත පිටුවහල් කර ඇති බව සඳහන් ය. පසුව, මෙම ශ්‍රී ලාංකිකයන් පිරිස ප්‍රංශයට අයත් රී-යූනියන් දූපත වෙත ගොස් ඇති අතර, එහිදී රී-යූනියන් බලධාරීන්ගේ අත්අඩංගුවට පත්ව තිබේ. අනතුරුව, මෙම නීතිවිරෝධි සංක්‍රමණිකයින් පිරිස රී-යූනියන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ඉන් පුද්ගලයන් 38 දෙනෙකු මෙලෙස නැවත ශ්‍රී ලංකාවට පිටුවහල් කර ඇති බව ශ්‍රී ලංකා නාවික හමුදාව සඳහන් කළේ ය. එලෙස පැමිණි පිරිස අතර කාන්තාවන් දෙදෙනෙක් සහ වසය අවුරුදු 18 ට අඩු පිරිමි ළමුන් දෙදෙනෙක් හා එක් ගැහැණු ළමයෙකු සිටී. ඔවුන් යාපනය, වව්නියාව, මන්නාරම, කිලිනොච්චි, මුලතිව්, ත්‍රීකුණාමලය, මඩකලපුව පුත්තලම, මීගමුව සහ ගම්පහ යන ප්‍රදේශවල පදිංචකරුවන් ය. එම පිරිස ඉදිරි නීතිමය කටයුතු සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කර තිබේ. මෙම ජාවාරම මෙහෙයවූ කල්පිටිය සහ මහනුවර ප්‍රදේශයන්හි පදිංචි ජාවාරම්කරුවන් විසින් එක් පුද්ගලයෙකුගෙන් රුපියල් ලක්ෂ 4 සිට රුපියල් මිලියනය දක්වා මුදලක් ලබා ගෙන තිබේ. |
2023-01-26T10:19:59.000Z | චීන එක්සිම් බැංකුව ලංකාවට ණය ගෙවන්න දුන් කාලය දීර්ඝ කරයි | එක්සිම් බැංකුව ණය ගෙවන්න දුන් කාලය දීර්ඝ කරයි | COLOMBO (News 1st) - චීනයේ එක්සිම් බැංකුව ශ්‍රී ලංකාවට ණය ගෙවීමට ලබා දී ඇති කාල සීමාව වසර දෙකකින් දීර්ඝ කර තිබේ. චීන විදේශ අමාත්‍යාංශය සඳහන් කළේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාව ඩොලර් බිලියන 2.9 ක ණයක් ලබා ගැනීමේ වැඩපිළිවළට ද සහය ලබාදෙන බවයි. ශ්‍රී ලංකාව දුෂ්කරතා හා අභියෝගවලට මුහුණ දෙන බැවින් ශ්‍රී ලංකාවේ සමාජ හා ආර්ථික සංවර්ධනයට හැකි පමණින් උදව් කරමින් සිටින බව ද චීන විදේශ අමාත්‍යාංශය පැවසූ බව විදෙස් මාධ්‍ය සඳහන් කළේ ය. |
2023-01-26T07:27:02.000Z | ආනන්ද පාලිත සහ සංජීව ධම්මික ඇප මත මුදාහරී | ආනන්ද පාලිත සහ සංජීව ධම්මික ඇප මත මුදාහරී | COLOMBO (News 1st) - සමගි ඒකාබද්ධ වෘත්තිය සමිති බලවේගයේ මාධ්‍ය ප්‍රකාශක ආනන්ද පාලිත හා විදුලි පාරිභෝගිකයන්ගේ සංගමයේ සභාපති සංජිව ධම්මික යන මහත්වරුන් රුපියල් ලක්ෂ 05 බැගින්වු ශරීර ඇප දෙක බැගින් මුදා හැරීමට කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද නියෝග කළේ ය. ඒ, මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සමාජිකයින් දෙදෙනෙකු වන මොහාන් සමරනායක හා උදේනි වික්‍රමසිංහ යන මහත්වරුන්ට කොමිෂන් සභාව පිහිටි ගොඩනැගිල්ලේ විදුලි සෝපානය තුළදී සාපරාධි බලහත්කාරකම් පෑම හා බිය ගැන්වීම යන චෝදනා යටතේ ගොනු කර ඇති නඩුවට අදාළවයි. |
2023-01-26T05:48:46.000Z | දියවන්නාවේ බෝට්ටුවක් පෙරළී පුද්ගලයෙක් අතුරුදන් | දියවන්නාවේ බෝට්ටුවක් පෙරළී පුද්ගලයෙක් අතුරුදන් | COLOMBO (News 1st) - පාර්ලිමේන්තුව අසළ දියවන්නා ඔයේ බෝට්ටුවක් පෙරළීමෙන් එක් අයෙකු අතුරුදන් වී තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දුව මහතා සඳහන් කළේ, බෝට්ටුව අනතුරුට ලක්වන අවස්ථාවේදී එහි තවත් පුද්ගලයින් 3 දෙනෙකු සිට ඇති බවයි. ඔවුන් සිය ජීවිත බේරාගෙන ඇති අතර රාජගිරිය ප්‍රදේශයේ පුද්ගලයින් සිව්දෙනෙකු එලෙස අද අලුයම මාළු ඇල්ලීම සඳහා දියවන්නා ඔයට ගොස් ඇත. |
2023-01-26T05:37:16.000Z | මම ඉල්ලා අස්වන බවට පළවන වාර්තා බොරු - ජාතික මැතිවරණ කොමිසමේ සභාපති | මම ඉල්ලා අස්වන බවට පළවන වාර්තා බොරු | COLOMBO (News 1st) - තමන් ඉල්ලා අස්වන බවට පළවන වාර්තාවල කිසිදු සත්‍යතාවක් නැතැයි ජාතික මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා අවධාරණය කර තිබේ. ඔහු කියා සිටියේ, පළවන මේ අසත්‍ය තොරතුරුවලට පිළිතුරුදීමට කාලය වැය කිරීම පවා අර්ථයක් නොමැති දෙයක් බවයි. පළාත් පාලන ඡන්දය පැවැත්වීමට අවශ්‍ය කටයුතු ජාතික මැතිවරණ කොමිසම සම්පාදනය කරමින් සිටින බව ද පුංචිහේවා මහතා ප්‍රකාශ කළේ ය. මේ අතර කොමිසමේ සාමාජිකයෙකු ඉවත් වීම පළාත් පාලන ඡන්දය පැවැත්වීමට බාධාවක් නොවන බව ද නිමල් පුංචිහේවා මහතා පැවසුවේ ය. ජාතික මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ඒ බව කියා සිටියේ, පී.එස්.එම්. චාල්ස් මහත්මිය කොමිසමේ සමාජිකත්වයෙන් ඉල්ලා අස්වීම පිළිබඳව පළවන වාර්තාවලට ප්‍රතිචාර දක්වමිනි. ඔහු කියා සිටියේ, ඒ සම්බන්ධයෙන් මෙතෙක් තමන්ට නිල දැනුම්දීමක් කර නොමැති බවයි. කෙසේවෙතත් එක් සාමාජිකයෙකුගේ ඉවත්වීම කොමිසම රැස්වීමට අවශ්‍ය ඝන පූර්ණයට බාධාවක් නොවන බව ද නීතිඥ නිමල් පුංචිහේවා මහතා ප්‍රකාශ කළේ ය. |
2023-01-26T05:24:58.000Z | ව්‍යාජ ලොතරැයි පත් තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට | ව්‍යාජ ලොතරැයි පත් තොගයක් සමග අයෙක් අත්අඩංගුවට | COLOMBO (News 1st) - ව්‍යාජ ලොතරැයි පත් තොගයක් සමග කුරුණෑගලදී පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, එහිදී ඔහු සතුව තිබී ව්‍යාජ ලොතරැයි පත් 232 ක් හමු වූ බවයි. අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරදු 26 ක වාලච්චේන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔහු අද (26) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. |
2023-01-26T04:17:17.000Z | කරන්ට් එක කපනවා ද? නැද්ද? මණ්ඩලේ තීරණය අද (26) දවල්ට | කරන්ට් එක කපනවා ද? නැද්ද? මණ්ඩලේ තීරණය අද (26) දවල | COLOMBO (News 1st) - උසස් පෙළ කාල සීමාවේ විදුලි කප්පාදුවක් සිදු කරනවා ද නැද්ද යන්න සම්බන්ධයෙන් නිශ්චිතව අද දහවල් ප්‍රකාශයට පත් කරන බව විදුලි බල මණ්ඩලය පවසයි. ඒ , මෙම කාලසීමාවේ කොන්දේසි කිහිපයකට යටත්ව අඛණ්ඩව විදුලිය සැපයීමට විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශයේ නිලධාරින් එකඟවී ඇති පසුබිමකදීයි. උසස් පෙළ විභාග සමයේ විදුලි කප්පාදුව අත්හිටුවන්නැයි කළ ඉල්ලීමට ප්‍රතිචාර නොදැක්වීම සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා , විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු පාර්ශව ඊයේ මානව හිමිකම් කොමිසමට කැඳවා තිබිණ. අනතුරුව කොන්දේසි කිහිපයකට යටත්ව අඛණ්ඩව විදුලිය සැපයීමට විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශයේ නිලධාරින් එකඟ වූ බව මානව හිමිකම් කොමිසම ප්‍රකාශ කළ ද ඊයේ පස්වරුවේත් දිවයිනේ ප්‍රදේශ රැසක විදුලිය විසන්ධි කර තිබිණ. |
2023-01-26T02:35:51.000Z | ප්‍රදේශ රැසකට අද රාත්‍රියේ ගිගුරුම් සහිත වැසි | ප්‍රදේශ රැසකට අද රාත්‍රියේ ගිගුරුම් සහිත වැසි | COLOMBO (News 1st) - බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලට අද (26) සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. කාර්යයේ නියතු කාලගුණ විද්‍යාඥ මලිත් ප්‍රනාන්දු මහතා පැවසුවේ, මීට අමතරව නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇතිවීමේ හැකියාව පවතින බවයි. විශේෂයෙන් ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තද සුළං මගින් සහ අකුණු මගින් ඇති බව අනතුරු අවම කර ගැනීමට හැකි පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටි. |
2023-01-26T02:19:42.000Z | විදෙස් සංචාරකයින්ට ත්‍රීරෝද රථ රියැදුරන්ගෙන් සිදුවන හිරිහැර ගැන සංචාරක සංවර්ධන අධිකාරියේ අවධානය | විදේශිකයින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් වැඩපිළිවෙළක් | COLOMBO (News 1st) - මෙරටට පැමිණෙන විදේශීය සංචාරකයින්ට ත්‍රීරෝද රථ රියැදුරන්ගෙන් විවිධ හිරිහැර සිදුවන බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. එහි සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කළේ, සංචාරකයින් රැගෙන යන ත්‍රීරෝද රථ ලියාපදිංචි කරන බවයි. විදේශිකයින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සංචාරක පොලීසිය සමග ඒකාබද්ධව වැඩපිළිවෙළක් ද ආරම්භ කර ඇතැයි ඔහු ප්‍රකාශ කළේ ය. |
2023-01-26T02:01:32.000Z | යුක්‍රේනයට අමෙරිකාවෙනුත් යුද ටැංකි... රුසියාව අඛණ්ඩව අනතුරු අඟවයි... | යුක්‍රේනයට අමෙරිකාවෙන් යුද ටැංකි 31 ක් | COLOMBO (News 1st) - යුක්‍රේනයට අධිතාක්ෂණික යුද ටැංකි 31 ක් ලබාදීමට අමෙරිකාව සූදානම් වෙයි. අමෙරිකාව නිවේදනය කළේ, එම් වන් ඒබ්‍රහම් වර්ගයේ අතිනවීන යුද ටැංකි ලබාදීමට සැලසුම් කර ඇති බවයි. රුසියාවට එරෙහි යුද්ධයේදී යුක්‍රේනයේ යුද බලය ශක්තිමත් කිරීමේ අරමුණින් අමෙරිකාව මෙම යුද ටැංකි ලබාදීමට සූදානම් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය. ජර්මනිය සහ පෝලන්තය ද අධිතාක්ෂණික යුද ටැංකි යුක්‍රේනයට ලබාදීමට මේ වනවිට සැලසුම් කර තිබේ. කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජර්මනියේ රුසියානු තානාපති කාර්යාලය ප්‍රකාශ කර ඇත්තේ, ජර්මනිය යුක්‍රේනයට යුද ටැංකි ලබාදීමට ගත් තීරණය අතිශය භයානක බවයි. එය රුසියාව සහ යුක්‍රේනය අතර යුද ගැටුම් නව තලයකට ඇද දමන බව ද ජර්මනියේ රුසියානු තානාපති කාර්යාලය සඳහන් කර ඇත. |
2023-01-26T00:56:03.000Z | ජනපතිගේ ප්‍රධානත්වයෙන් අද සර්ව පාක්ෂික හමුවක් | ජනපතිගේ ප්‍රධානත්වයෙන් අද සර්ව පාක්ෂික හමුවක් | COLOMBO (News 1st) - ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සර්ව පාක්ෂික හමුවක් අද (26) පැවැත්වේ. ඒ, පස්වරු 4.00 ට ජනාධිපති කාර්යාලයේදීයි. කතානායකවරයාට, අග්‍රාමාත්‍යවරයාට, විපක්ෂ නායකවරයාට මෙන්ම හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ සහ මෛත්‍රීපාල සිරිසේන යන මහත්වරුන්ට, ද්‍රවිඩ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන්, ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක යන මහත්වරුන් ඇතුළු පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂ නායකයන්ට මේ සඳහා සහභාගි වන ලෙස ආරාධනා කර ඇත. සංහිඳියාව වැඩිදියුණු කිරීමේ වැඩපිළිවෙළ පිළිබඳ මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ය. දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්දිරන් මහතා සඳහන් කළේ, තම පක්ෂය මේ සඳහා සහභාගී වන බවයි. සිය පක්ෂය මේ සඳහා සහභාගි වන්නේ දැයි තමන් නොදන්නා බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කළේ ය. |
2023-01-26T00:39:53.000Z | 2022 ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කෙරේ | 2022 ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කෙරේ | COLOMBO (News 1st) - 2022 5 වන ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ඊයේ (25) රාත්‍රියේ නිකුත් කෙරුණි. විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, එම ප්‍රතිඵල www.doenets.lk වෙබ් අඩවියෙන් ලබාගත හැකි බවයි. ශිෂ්‍යත්ව ප්‍රතිඵලවලට අදාළව එක් එක් දිස්ත්‍රික්ක සඳහා කඩඉම් ලකුණු ද නිකුත් කර තිබේ. ඒ අනුව සිංහල මාධ්‍ය සඳහා කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, මාතලේ, ගාල්ල, මාතර සහ කෑගල්ල දිස්ත්‍රික්ක සඳහා කඩඉම් ලකුණ 153 කි. හම්බන්තොට සහ රත්නපුරය දිස්ත්‍රික්ක සඳහා වන කඩඉම් ලකුණ 150 ක් බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කළේ ය. එහි වැඩිදුරටත් දැක්වෙන්නේ අනුරාධපුරය, පොළොන්නරුව, බදුල්ල, මොණරාගල, අම්පාර සහ පුත්තලම දිස්ත්‍රික්ක සඳහා වන කඩඉම් ලකුණ 148 ක් බවයි. සිංහල මාධ්‍යයෙන් නුවරඑළිය සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්ක සඳහා වන කඩඉම් ලකුණ 147 කි. මන්නාරම, වව්නියාව සහ මුලතිව් සඳහා වන කඩඉම් ලකුණ 145 යි. පසුගිය වසරේ දෙසැම්බර් 18 වැනි දින පැවති ශිෂ්‍යත්ව විභාගයේ කිසියම් සිසුවෙකුගේ ලකුණු පිළිබඳව නැවත පරීක්ෂා කිරීමට අවශ්‍ය වන්නේ නම් ලබන මස 28 වන දිනට පෙර අභියාචනා ඉදිරිපත් කළ හැකි බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය. |
2023-01-26T00:24:36.000Z | ගෙවුණු දිනය උණුසුම් කළ පුවත් | ගෙවුණු දිනය උණුසුම් කළ පුවත් | 1. සතොස, අත්‍යවශ්‍යය භාණ්ඩ 06 ක මිල අඩු කෙරේ - අද (26) සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා සතොස, අත්‍යාවශ්‍ය භාණ්ඩ වර්ග 06 ක මිල අඩුකර තිබේ. 2. ජනපති මන්දිරයෙන් සොයාගත් මුදල් ගැන විමර්ශන ගැන අධිකරණයෙන් දුන් නියෝගය - ජනාධිපති මන්දිරයේ තිබී සොයාගත් රුපියල් එක්කෝටි 78 ලක්ෂ 50,000 ක මුදල සම්බන්ධයෙන් වන විමර්ශන, නිසි පරිදි සිදු කළ පොලිස් විශේෂ විමර්ශන අංශයෙන් එය ඉවත් කර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදීම සම්බන්ධයෙන් තම අධිකරණයට කරුණු දක්වන ලෙස කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා පොලිස්පතිවරයාට නියෝග කළේ ය. 3. බල්ලෙක් නිසා පත්තු වුණ වෙඩිල්ලකින් පුද්ගලයෙකුට දිවි අහිමිවෙයි - සුනඛයෙකු නිසා පත්තු වූ වෙඩිල්ලකින් පුද්ගලයෙකුට ජීවිතය අහිමිවීමේ පුවතක් අමෙරිකාවේ කැන්සාස් ප්‍රාන්තයෙන් වාර්තා වේ. 4. අන්තරේ කැඳවුම්කරු යළිත් රක්ෂිත බන්ධනාගාරයට - අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. 5. මැතිවරණය තියන්න පහසුකම් සැලසිය හැකි ද? - මැතිවරණ කොමිසම මහ බැංකු අධිපතිගෙන් විමසයි - මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය පහසුකම් සැලසිය හැකිදැයි මැතිවරණ කොමිසම මහ බැංකු අධිපතිවරයාගෙන් විමසා තිබේ. |
2023-01-25T15:27:08.000Z | සතොස, අත්‍යවශ්‍යය භාණ්ඩ 06 ක මිල අඩු කෙරේ.. | සතොස, අත්‍යවශ්‍යය භාණ්ඩ 06 ක මිල අඩු කෙරේ.. | COLOMBO (News 1st) - හෙට(26) සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා සතොස, අත්‍යාවශ්‍ය භාණ්ඩ වර්ග 06 ක මිල අඩුකර තිබේ. ඒ අනුව වියළි මිරිස් කිලෝග්‍රෑමයක නව මිල රුපියල් 1,700 ක් වන අතර, දේශීය සුදු කැකුළු කිලෝග්‍රෑමයක මිල රුපියල් 169 කි. රතු කැකුළු සහල් කිලෝග්‍රෑමයක නව මිල රුපියල් 179 කි. දේශිය සුදු නාඩු කිලෝග්‍රෑමයක මිල රුපියල් 184 ක් දක්වා පහත දමා තිබේ. රතු පරිප්පු කිලෝග්‍රෑමයක මිල රුපියල් 365 කි. කීරි සම්බා කිලෝග්‍රෑමයක මිල රුපියල් 235 ක් බව ලංකා සතොස නිවේදනය කළේ ය. |
2023-01-25T15:13:47.000Z | ජනපති මන්දිරයෙන් සොයාගත් මුදල් ගැන විමර්ශන ගැන අධිකරණයෙන් දුන් නියෝගය | ජනපති මන්දිරයේ මුදල්: අධිකරණයෙන් දුන් නියෝගය | COLOMBO (News 1st) - ජනාධිපති මන්දිරයේ තිබී සොයාගත් රුපියල් එක්කෝටි 78 ලක්ෂ 50,000 ක මුදල සම්බන්ධයෙන් වන විමර්ශන, නිසි පරිදි සිදු කළ පොලිස් විශේෂ විමර්ශන අංශයෙන් එය ඉවත් කර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදීම සම්බන්ධයෙන් තම අධිකරණයට කරුණු දක්වන ලෙස කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා අද(25) පොලිස්පතිවරයාට නියෝග කළේ ය. පොලිස්පතිවරයාගේ එම නියෝගය නීති විරෝධී බවත්, එලෙස කිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බවත් ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න මහතා සහ ජනාධිපති නීතිඥ මෛත්‍රි ගුණරත්න යන මහත්වරු අද අධිකරණයේදී කරුණු පෙන්වා දුන් හ. අදාළ මුදල් සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ප්‍රකාශයක් ලබා ගන්නා ලෙසට තම අධිකරණය නියෝග කළත් එය මෙතෙක් සිදුකොට නොමැති බවද අද අධිකරණයේදී අනාවරණය විණි. අදාළ විමර්ශනය පොලිස් දෙපාර්තමේන්තුවේ කුමන අංශයක් කළ ද හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රකාශ සටහන් කිරීම ඇතුළු නියෝග ප්‍රමාද කිරීමට හෝ මගහැරීමට කිසිසේත්ම සූදානම් නොවන ලෙස ද මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේ ය. එම කටයුතු ප්‍රමාද කළහොත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට එරෙහිව නිසි පියවර තම අධිකරණය විසින් ගනු ලබන්නේ යැයි ද මහේස්ත්‍රාත්වරයා දැනුම් දුන්නේ ය. මේ අතර දේශබන්දු තෙන්නකෝන් මහතා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඩී. එස්. වික්‍රමසිංහ මහතාට කර ඇතැයි කියන තර්ජනය සම්බන්ධයෙන් සාක්ෂිකරුවන් සහ වින්දිතයන් සුරැකීමේ පනත යටතේ විමර්ශනයක් සිදුකර තම අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසට ද මහේස්ත්‍රාත්වරයා වින්දිතයන් සහ සාක්ෂිකරුවන් සුරැකීමේ අධිකාරියේ සභාපතිවරයාට නියෝග කළේ ය. පසුගිය ජූලි 9 වැනිදා ජනාධිපති ලේකම් කාර්යාලයට බලහත්කාරයෙන් ඇතුළු වීම, ඇතුළු චෝදනා යටතේ පවරා ඇති නඩුව අද කැඳවූ අවස්ථාවේදී, අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ මහතා ලබන 8 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා නියෝග කළේ ය. වසන්ත මුදලිගේ මහතා ඇතුළු හැත්තෑ තුන් දෙනෙකුට එරෙහිව මෙම නඩුව පවරා තිබේ. |
2023-01-25T10:46:23.000Z | බල්ලෙක් නිසා පත්තු වුණ වෙඩිල්ලකින් පුද්ගලයෙකුට දිවි අහිමිවෙයි | බල්ලෙක් නිසා පත්තු වුණ වෙඩිල්ලෙන් ජීවිතයක් අහිමියි | COLOMBO (News 1st) - සුනඛයෙකු නිසා පත්තු වූ වෙඩිල්ලකින් පුද්ගලයෙකුට ජීවිතය අහිමිවීමේ පුවතක් අමෙරිකාවේ කැන්සාස් ප්‍රාන්තයෙන් වාර්තා වේ. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, ජලනල කාර්මිකයෙකු වන ජෝසෆ් ස්මිත් නමැති අදාළ පුද්ගලයා සිය සුනඛයා ද සමගින් දඩයමේ ගිය අවස්ථාවේ ඔහු මෙම අනතුරට මුහුණදී ඇති බවයි. ප්‍රාන්ත පොලිසිය සැක පළ කරන්නේ, ස්මිත්ගේ සුනඛයා රයිෆලය ඇතුළු දඩයම් ආම්පන්න සමග ට්‍රක් රථයේ පිටුපස සිට ඇති බවටත් එහිදී සුනඛයාගේ පාදය ගැටීමෙන් වෙඩි පත්තු වන්නට ඇති බවත් ය. වෙඩි වැදුණු 30 හැවිරිදි ස්මිත්ගේ සිරුර හමුවී ඇත්තේ, ට්‍රක් රථයේ මගී අසුනේ තිබියදී ය. අදාළ වාර්තාවල වැඩිදුරටත් දැක්වෙන්නේ, එම අවස්ථාවේ ට්‍රක් රථයේ වෙනත් කිසිවකු සිට නොමැති බවට නිරීක්ෂණය වන බවත් සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන ක්‍රියාත්ම බවත් ය. |
2023-01-25T10:38:32.000Z | ශ්‍රී ලංකා කණ්ඩායම 19න් පහළ බාලිකා ලෝක කුසලාන 20යි 20 තරගාවලියෙන් ඉවතට | ශ්‍රී ලංකා කණ්ඩායම බාලිකා ලෝක කුසලායෙන් ඉවතට | COLOMBO (News 1st) - ශ්‍රී ලංකා බාලිකා කණ්ඩායමට වයස අවුරුදු 19න් පහළ බාලිකා ලෝක කුසලාන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියෙන් ඉවත් වීමට සිදු විය. ඒ දකුණු අප්‍රිකාවට එරෙහිව පැවති සුපිරි 6 දෙනාගේ වටයේ තරගය එක් ලකුණකින් පරාජය වීමත් සමගයි. දකුණු අප්‍රිකාව සත්කාරකත්වය දරන තරගාවලියේ සුපිරි 6 දෙනාගේ වටයේ පළමු කාණ්ඩයේ තරගයක් ලෙස පැවති එහි කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දීමට පිටියට පිවිසි දකුණු අප්‍රිකා කණ්ඩායමේ මුල් පෙළ කඩුලු 4 ලකුණු 85කදී බිඳ වැටිණ. ඉනිමේ වැඩිම ලකුණු ලාභිනිය වූ කයිලා රෙයිනෙකේ ලකුණු 43ක් රැස් කළ අතර විදූෂිකා පෙරේරා කඩුලු 3ක් බිඳ හෙලූ අතර දෙව්මි විහංගා කඩුලු 2යි. . ඒ අනුව දකුණු අප්‍රිකා ක්‍රීඩිකාවෝ පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 134ක් රැස් කළහ. ශ්‍රී ලංකා බාලිකා කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී රැස් කිරීමට හැකි වූයේ ලකුණු 133ක් පමණයි. දෙව්මි විහංගා පන්දු 23කදී ලකුණු 37ක් රැස් කළ අතර ඊට 6 යේ පහර 3ක් සහ හතරේ පහර 3ක් ඇතුළත් විය. නෙත්මි සේනාරත්න ලකුණු 36ක් රැස් කළ කළේ ය. කයිලා රෙයිනෙකේ කඩුලු 2යි. ඒ අනුව සුපිරි 6 දෙනාගේ වටයේ සහභාගී වූ සියලු තරග පරාජය වීම හේතුවෙන් අවසන් පූර්ව වටයට පිවිසීමේ අවස්ථාව ශ්‍රී ලංකාවෙන් ගිලිහී ගියේ ය. |
2023-01-25T10:13:58.000Z | අන්තරේ කැඳවුම්කරු යළිත් රක්ෂිත බන්ධනාගාරයට | අන්තරේ කැඳවුම්කරු යළිත් රක්ෂිත බන්ධනාගාරයට | COLOMBO (News 1st) - අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. ඒ, ලබන 08 වැනිදා දක්වායි. |
2023-01-25T10:02:14.000Z | උතුරු මුුහුදේ ගංජා මෙහෙයුමක්... රුපියල් මි. 16 කට වැඩි ගංජා නාවික මුදා භාරයට | උතුරු මුුහුදේ ගංජා මෙහෙයුමක්.. | COLOMBO (News 1st) - නාවික හමුදාව රුපියල් මිලියන 16 කට අධික විථි වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් සමග සැකකරුවන් 03 ක් උතුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබේ. නාවික හමුදාව පැවසුවේ, යාපනය, ඩෙල්ෆ්ට් දූපතට ඔබ්බෙන් වූ මුහුදේ කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී ගංජා කිලෝග්‍රෑම් 49 කට අධික තොගයක් (තෙත බර සහිත) සමග ඩිංගි යාත්‍රාව ද සිය භාරයට ගත් බවයි. නාවික හමුදාව එහිදී ඩිංගි යාත්‍රාවේ තිබී උරයක් තුළ පාර්සල් 09 ක අසුරන ලද කේරළ ගංජා කිලෝ 20 ග්‍රෑම් 900 ක පමණ තොගයක් (තෙත බර සහිත) සිය භාරයට ගෙන ඇති අතර සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලින් පසු මුහුදට දමා තිබූ තවත් උරයක් සොයා ගෙන තිබේ. එහි තිබී පාර්සල් 11 ක අසුරන ලද කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 29 ක පමණ තොගයක් එහිදී නාවික හමුදාව සිය භාරයට ගෙන ඇත. ගංජා සමග නාවික හමුදාව සිය භාරයට ගෙන ඇති සැකකරුවන් තිදෙනා 25 ත් 42 ත් අතරේ වයසේ පසුවන යාපනය මණ්ඩතිව් සහ තාලයඩි යන ප්‍රදේශවල පදිංචිකරුවන් ය . |
2023-01-25T09:48:19.000Z | උසස් පෙළ සමයේ විදුලිය කප්පාදුව ගැන අහන්න බලධාරින් අද හවසත් කොමිසමට කැඳවයි | විදුලිය කප්පාදුව ගැන අහන්න බලධාරින් යළිත් කොමිසමට | COLOMBO (News 1st) - මහජන උපයෝගීතා කොමිසමේ සභාපති, විදුලිබල අමාත්‍යාංශ ලේකම්, ඛනිජ තෙල් සංස්ථා සභාපති සහ රාජ්‍ය බැංකු දෙකක සභාපතිවරුන් අද (25) පස්වරු 4 ට යළිත් මානව හිමිකම් කොමිසම හමුවට කැඳවා තිබේ. ඒ, උසස් පෙළ විභාග සමයේ විදුලිය කප්පාදුව පිළිබඳ කරුණු විමසීම සඳහායි. මේ අතර කළ කැඳවීමකට අනුව මෙම කරුණ සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා අද පෙරවරුවේත් විදුලිබල හා බලශක්ති අම්‍යංශයේ අතිරේක ලේකම්වරයෙකු හා මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා මානව හිමිකම් කොමිසම හමුවේ පෙනී සිටිහ. එම කැඳවීම ද සිදු කර තිබුණේ උසස් පෙළ විභාග සමයේ විදුලි කප්පාදුව අත්හිටුවන්නැයි කළ ඉල්ලීමට ප්‍රතිචාර නොදැක්වීම සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහායි. මානව හිමිකම් කොමිසම පසුගිය 23 වනදා මේ සම්බන්ධයෙන් කළ ඉල්ලීමට කිසිදු පියවරක් ගැනීමට බලධාරීන් මෙතෙක් ක්‍රියාකර නොමැත. |
2023-01-25T08:07:39.000Z | අද (25) සවසත් ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි.... කාලගුණෙන් අනාවැකි | අද (25) සවසත් ප්‍රදේශ කිහිපයකයට ගිගුරුම් සහිත වැසි | COLOMBO (News 1st) - බස්නාහිර හා සබරගමුව පළාත්වලත් මහනුවර ,නුවරඑළිය ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් අද (25) සවස් කාලයේදි හෝ රාත්‍රි කාලයේදි ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව පැවසුවේ, නැගෙනහිර හා ඌව පළාත්වලත් දකුණු වෙරළබඩ ප්‍රදේශවලත් උදෑසන කාලයේ වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බවයි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවන අකුණු අනතුරු හා තාවකාලිකව හමන තද සුළං පිළිබඳ ජනතාව අවධානයෙන් සිටිය යුතු බව ද කාලගුණ අණාවැකියේ සඳහන් ය. |
2023-01-25T07:41:47.000Z | මැතිවරණය තියන්න පහසුකම් සැලසිය හැකි ද? - මැතිවරණ කොමිසම මහ බැංකු අධිපතිගෙන් විමසයි | මැතිවරණ කොමිසෙමන් මහ බැංකු අධිපතිට ලිපියක් | COLOMBO (News 1st) - මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය පහසුකම් සැලසිය හැකිදැයි මැතිවරණ කොමිසම මහ බැංකු අධිපතිවරයාගෙන් විමසා තිබේ. ඒ, ලිපියක් යොමු කරමිනි. එම ලිපිය මගින් මැතිවරණ කොමිසම විමසා ඇත්තේ, ඛනිජ තෙල් සංස්ථාව සහ විදුලි බල මණ්ඩලයට මැතිවරණය සඳහා විදුලිය හා ඉන්ධන ලබා දීම වෙනුවෙන් ඩොලර් සැපයිය හැකි ද යන්න පිළිබඳවයි. ඛනිජ තෙල් සංස්ථාවේ හා විදුලිබල මණ්ඩලයේ ප්‍රධානීන් සමග පසුගිය දා මැතිවරණ කොමිසම පැවැත් වූ සාකච්ඡාකදී නිසි පරිදි ඉන්ධන හා විදුලි සැපයුම පවත්වාගෙන යාමට ඩොලර් හිඟය බාධාවක් වී ඇති බව ඔවුන් පෙන්වා දී ඇත. ඩොලර් හිඟය මගහැරවීම සඳහා අවශ්‍ය සහය ලබා දෙන්නේ ද යන්න පිළිබඳ මහ බැංකුවෙන් විමසීමක් කරන්නැයි ඔවුන් එම සාකච්ඡාවේදී මැතිවරණ කොමිසමෙන් ඉල්ලීමක් කර තිබේ. |
2023-01-25T03:25:11.000Z | ප්‍රතිපත්ති පොලී අනුපාතිකයන්ට අදාළව මහ බැංකුවෙන් නිවේදනයක් | මහ බැංකුවෙන් නිවේදනයක් | COLOMBO (News 1st) - වෙළඳපොළ පොලී අනුපාත තීරණය කරන ප්‍රතිපත්ති පොලී අනුපාතික තවදුරටත් නොවෙනස්ව පවත්වා ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබේ. ඒ අනුව, බැංකු මහ බැංකුවේ කරනු ලබන තැන්පතු සඳහා කරනු ලබන පොලිය හෙවත් නිත්‍ය තැන්පතු අනුපාතිකය 14.5% ක් ලෙස තවදුරටත් පවතිනු ඇති. මහ බැංකුව බැංකු සඳහා ණය සැපයීමේදී අයකරනු ලබන පොලී අනුපාතිකය හෙවත් නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය 15.5 %ක් ලෙසත් තවදුරටත් ක්‍රියාත්මක බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කළේ ය. රටේ වත්මන් ආර්ථික තත්ත්වය සැලකිල්ලට ගනිමින් තවදුරටත් මෙවැනි ඉහළ පොලී අනුපාතිකයක් පවත්වාගැනීමට මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර තිබේ. |
2023-01-25T03:01:33.000Z | නවසීලන්තයට නව අග්‍රාමාත්‍යවරයෙක් | නවසීලන්තයට නව අග්‍රාමාත්‍යවරයෙක් | COLOMBO (News 1st) - නවසීලන්තයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස හිටපු අමාත්‍ය ක්‍රිස් හිප්කින්ස් දිවුරුම් දී තිබේ. ඒ, වෙලින්ග්ටන් අගනුවර පැවති උත්සවයකදීයි. 44 හැවිරිදි ඔහු මීට පෙර කොවිඩ් 19 වසංගත කළමනාකරණය සම්බන්ධ අමාත්‍යවරයා ලෙස කටයුතු කළේ ය. වසර 5 කට වැඩි කාලයක් අගමැති ධුරයේ සිටි ජසින්ඩා ආර්ඩර්න් ඉල්ලා අස්වීම හේතුවෙන් එරට කම්කරු පක්ෂයේ නායකයා බවට පත්වෙමින් ක්‍රිස් හිප්කින්ස් එලෙස අගමැති ධුරයේ දිවුරුම් දුන්නේ ය. නව නායකයෙකු සඳහා තමන් අවස්ථාව ලබාදෙන බව සඳහන් කරමින් ජසින්ඩා ආර්ඩන් පසුගිය දා සිය ධුරයෙන් ඉල්ලා අස්වන බව නිවේදනය කළේ ය. ඇය වැඩිදුරටත් සඳහන් කළේ, රටකට නායකත්වය දීම ඕනෑම කෙනෙකුට කළ හැකි වරප්‍රසාද රැසක් ලැබෙන ධුරයක් වුවත් එය අභියෝග රැසකින් සමන්විත වන බවයි. එම අභියෝගවලට මුහුණ දීමට තමන්ට විභවයක් නොමැති නම් ඒවායින් ඉවත්ව රටවැසියන් ගැන සිතා සුදුස්සන්ට අවස්ථාව ලබා දිය යුතු බව ඇය වැඩිදුරටත් පැවසීය. |
2023-01-25T02:41:05.000Z | ගොයම් කහවීමට කාබනික පොහොර හේතු වී නැහැ - වී පර්යේෂණායතනය | ගොයම් කහවීමට කාබනික පොහොර හේතු වී නැහැ | COLOMBO (News 1st) - ගොයම් කහ පැහැවීමට කාබනික පොහොර හේතු වී නොමැති බව මෙතෙක් කළ පරීක්ෂණවලින් අනාවරණය වී ඇති බව බතලගොඩ වී පර්යේෂණ හා සංවර්ධන ආයතනය පවසයි. එහි අධ්‍යක්ෂ ආචාර්ය ජයන්ත සේනානායක මහතා සඳහන් කළේ, ගොවිබිම්වලින් හා ගොවීන්ගෙන් ලබා ගත් කාබනික පෙහොර සාම්පළ තවදුරටත් පරීක්ෂා කරන බවය. බතලේගොඩ වී පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය ජයන්ත සේනානායක මහතා ප්‍රකාශ කළේ, මේ වනවිට ගොයම් කහ පැහැවීමට හේතු වූ රෝග තත්ත්වයන්ට ප්‍රතිකාර පවතින බවයි. |
2023-01-25T02:12:04.000Z | වෙනසක් නෑ... සියලු රාජ්‍ය සේවකයින්ට අද (25) වැටුප් ලැබෙයි | සියලු රාජ්‍ය සේවකයින්ට අද (25) වැටුප් ලැබෙයි | COLOMBO (News 1st) - රාජ්‍ය සේවකයින්ගේ වැටුප් ගෙවීමට අදාළ මුදල් බැංකු වෙත මුදා හැරි බව මුදල් අමාත්‍යාංශය පවසයි. එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, ඒ අනුව අද (25) දිනයේ සියලු රාජ්‍ය සේවකයින්ට මේ මස වැටුප් ගෙවීමට හැකි බවය. මේ අතර අසාධාරණ බදු ප්‍රතිපත්තියට එරෙහිව කළු විරෝධතා සතිය අදත් ක්‍රියාත්මක වේ. මෙම විරෝධතා සතිය සංවිධාන කරන්නේ, වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සංවිධාන 15 ක් ඒකාබද්ධවයි. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.