date
stringlengths
24
24
title
stringlengths
0
176
short_title
stringlengths
10
69
content
stringlengths
0
19.7k
2023-02-11T14:48:26.000Z
සිරස ලක්ෂපති 10 වැනි අදියර නව මුහුණුවරකින් අද සිට: ප්‍රේක්ෂකයින්ටත් ප්‍රශ්නවලට සජීවීව පිළිතුරු දෙන්න App එකක්..
සිරස ලක්ෂපති 10 වැනි අදියර නව මුහුණුවරකින් අද සිට
COLOMBO (News 1st) - ලොකු කුඩා කවුරුත් ආදරයෙන් වැළඳගත් සිරස ලක්ෂපති වැඩසටහනේ 10 වැනි අදියර අද (11) සිට සෑම සති අන්තයකම රාත්‍රී 7.30 සිට නිවසේ සිටින ඔබට නැරඹීමේ අවස්ථාව හිමිවනු ඇත. දකුණු ආසියාවේ අතිනවීනතම පහසුකම්වලින් යුත් ස්ටයින් ස්ටුඩියෝ තුළ කෙරෙන නිමැවුම් අතර සිරස ලක්ෂපති වැඩසටහනට හිමිවන්නේ ප්‍රමුඛ ස්ථානයකි. එය ජාත්‍යන්තරව කීර්තියට සහ දේශීය සම්මාන රැසකට පාත්‍ර වූ වරලත් වැඩසටහනක් වීම ඊට මූලික හේතුවයි. මෙවර සිරස ලක්ෂපති 10 වන අදියර ආරම්භ වන්නේ, ලොව පුරා විසිරී සිටින සිරස ලක්ෂපති ප්‍රේක්ෂයන්ට සජීවිව ප්‍රශ්නවලට පිළිතුරු දීමේ අවස්ථාව ද උදා කරමිනි. ඒ, ලක්ෂපති හෝට් සීට් එකේ හීට් එක ටෙස්ට් කරන ලක්ෂපති ප්ලේ අලෝන් වෙබ් ඇප් එක හරහාය. www.sirasatv.lk අපගේ වෙබ් අඩවිය ඔස්සේ මෙන්ම ලක්ෂපති ප්ලේ අලෝන්ප QR කේතය හරහා ලියාපදිංචි වී ලක්ෂපති වැඩසටහනේ ප්‍රශ්නවලට පිළිතුරු දීමේ අවස්ථාව උදාවනු ඇත. ඒ හරහා සෑම වැඩසටහනකටම ජයග්‍රාහකයෙක් සෑම සති අන්තයකටම හා සෑම අදියරයකටම ජයග්‍රාහකයෙකු තෝරා ගනු ලබයි. මේ පිළිබඳව වැඩිදුර තොරතුරු ලක්ෂපති නිල ෆේස්බුක් පිටුව හරහා ඔබට ලබා ගත හැකියි. සුපුරුදු පරිදි 7788 අමතා ඔබ සියලු දෙනාට මේ තරඟයට එක්වීමේ අවස්ථාව හිමි වේ.
2023-02-11T12:28:27.000Z
මහ කන්නයේ වී මිලදී ගැනීමට රු. බිලියන 10 ක් දිස්ත්‍රික් ලේකම්වරුන්ට දෙන්න කැබිනට් අනුමැතිය
වී මිලදී ගන්න රු. බිලියන 10 ක්
COLOMBO (News 1st) - මහ කන්නයේ වී මිලදී ගැනීම සඳහා රුපියල් බිලියන 10 ක් දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත මුදාහැරීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබේ. කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේ, එම මුදල් ලබන සතියේ දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත ලබාදෙන බවයි. ඒ අනුව මිලදී ගන්නා වී තොග කුඩා පරිමාණ මෝල් හිමියන්ට ලබාදී සහල් බවට පත්කරන බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය. ඉන් අනතුරුව එම සහල් අඩු ආදායම්ලාභී පවුල් ලක්ෂ 30 කට නොමිලේ සළාකයක් ලෙස මාස දෙකක් ලබාදීම රජයේ අපේක්ෂාවයි. මේ අතර මහ කන්නයේ තම අස්වනු අලෙවි කරගත නොහැකිව මේ වනවිට දිස්ත්‍රික්ක කිහිපයක ගොවීන් දැඩි දුෂ්කරතාවට පත්ව සිටි. ඔවුන් පවසන්නේ පෞද්ගලික වෙළෙඳුන් තම අස්වැන්න ඉතා අඩු මුදලකට මිලදී ගන්නා බවයි.
2023-02-11T11:24:36.000Z
විරෝධතාවක් අතරතුරදී පාර්ලිමේන්තු මන්ත්‍රී සේලවරාසා ගජේන්ද්‍රන් අත්අඩංගුවට
පාර්. මන්ත්‍රී සේලවරාසා ගජේන්ද්‍රන් අත්අඩංගුවට
COLOMBO (News 1st) - පාර්ලිමේන්තු මන්ත්‍රී සේලවරාසා ගජේන්ද්‍රන් මහතා ඇතුළු කිහිපදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, යාපනයේ පැවති විරෝධතාවක් අතරතුරදියී. දෙමළ ජාතික ජනතා පෙරමුණේ පාක්ෂිකයින් පිරිසක් සමග යාපනය බස්නැවතුම්පොළ ඉදිරිපිට විරෝධතාවයේ නිරතවෙමින් සිටියදී අද (11) දහවල් ඔහු අත්අඩංගුවට ගෙන ඇත.
2023-02-11T09:30:44.000Z
බරවා රෝගීන් වාර්තා වීම ඉහළ යාමේ ප්‍රවණතාවක් - සෞඛ්‍ය අමාත්‍යාංශය
බරවා රෝගීන් වාර්තා වීම ඉහළ යාමේ ප්‍රවණතාවක්..
COLOMBO (News 1st) - බරවා රෝගීන් වාර්තා වීම ඉහළ යාමේ ප්‍රවණතාවක් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. බරවා රෝග මර්දන ව්‍යාපාරයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ඉන්දීවරී ගුණරත්න මහත්මිය සඳහන් කළේ , පසුගිය වසරේදී මෙරටින් බරවා රෝගීන් 600කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වූ බවයි. රෝගය පිළිබඳ නොදැනුවත්කම බරවා රෝගය ව්‍යාප්ත වීමට හේතු වී ඇතැයි ඇය පෙන්වා දෙයි.
2023-02-11T09:27:40.000Z
කල්පිටිය කන්දකුලිය කුඩාව වෙරළට තල්මසුන් ගොඩ ගසයි: 03ක් මරුට..
කල්පිටියට ගොඩගැසූ තල්මසුන්..
COLOMBO (News 1st) - කල්පිටිය, කන්දකුලිය කුඩාව වෙරළ තීරයට තල්මසුන් 14 දෙනෙකු අද(11) අලුයම ගොඩ ගසා තිබේ. පොලීසිය සඳහන් කළේ, ඉන් 11 දෙනෙකු යළිත් දියඹට යොමු කිරීමට වනජීවි නිලධාරීන් නාවික හමුදාව, ප්‍රදේශවාසීන් හා ධීවරයින් එක්ව කටයුතු කළ බවයි. කෙසේ වෙතත් තල්මසුන් 3 දෙනෙකු මියගිය ගොස් තිබේ.
2023-02-11T04:55:09.000Z
මෙරට පවුල් ඒකකවලින් 58%ක් ණයට ආහාර ගන්නා බවට ලෝක ආහාර වැඩසටහනින් හෙළිදරව්වක්..
මෙරට පවුල් 58%ක් ණයට ආහාර ගන්නා බවට හෙළිදරව්වක්..
COLOMBO (News 1st) – ආහාර අර්බුදය හේතුවෙන් අපේ රටේ ආහාර ගැටලුවක් නිර්මාණය වෙමින් ඇතැයි ලෝක ආහාර වැඩසටහන හෙළි කර තිබේ. එම වැඩසටහන පවසන්නේ, සැලකිය යුතු පවුල් ප්‍රමාණයක් තමන්ගේ ආහාර වේල් පාලනයට යොමු වී ඇති බවයි. ලෝක ආහාර වැඩසටහන දෙසැම්බර් මාසයේ සිදු කළ අධ්‍යනයට අනුව හෙළිව ඇත්තේ මෙරට පවුල් ඒකකවලින් 33% ක් ආහාර අනාරක්ෂිත බවයි. 2019 දී රටේ ආහාර අනාරක්ෂිත මට්ටම 9.1%ක් වූ අතර පසුගිය මාස 4 තුළ දත්ත අනුව ආහාර සුරක්ෂිතතා මට්ටම් 30% ඉක්මවා තිබේ. ලෝක ආහාර වැඩසටහන පවසන්නේ තොග වෙළෙඳුන්ට අනුව ආහාර තොග දේශීය වෙළෙඳපොළට මුදා හැරීම හේතුවෙන් ප්‍රධාන ආහාර ද්‍රව්‍යවල මිල ගණන් පහළ බැස ඇති බවයි. ආහාර මත පදනම් වූ සහ ජීවනෝපාය පදනම් කරගත් ක්‍රමෝපායන් වෙත යොමු වන කුටුම්භයන් රට පුරා දිගින් දිගටම වාර්තා වන බව ලෝක ආහාර වැඩසටහන පවසයි. එම වැඩසටහන පෙන්වා දෙන්නේ, ආර්ථීක අර්බුදය හේතුවෙන් කුටුම්භ දහයෙන් හතකට ආසන්න ප්‍රමාණයක් (68%) ආහාර මත පදනම් වූ ක්‍රමෝපායන් අනුගමනය කරන අතර බහුතරයක් කුටුම්භයන් අඩු ප්‍රියමනාප ආහාර පරිභෝජනය කරන බවයි. කුටුම්භවලින් 58% ක් ණය මත ආහාර මිලදී ගන්නා තත්ත්වයක් නිර්මාණය වී ඇති බව ද අදාළ වාර්තාවේ සඳහන් ය. ලෝක ආහාර වැඩසටහන ද අනතුරු අඟවන්නේ ප්‍රමාණවත් ආහාර පරිභෝජනය අඩු මට්ටමක පවතින බවත් ශ්‍රී ලංකාවේ පවුල් ඒකකවලින් 30% ක් අප්‍රමාණවත් ආහාර පරිභෝජනයට මුහුණ දෙන බවත් 43% සීමිත ආහාර පරිභෝජනයට යොමුවී ඇති බවය.
2023-02-11T04:25:20.000Z
තුර්කි - සිරියා භූ කම්පනවලින් 23,700කට දිවි අහිමි වෙයි..
තුර්කි - සිරියා භූ කම්පනවලින් 23,700ක් මරුට..
COLOMBO (News 1st) – තුර්කි-සිරියා භූ කම්පනවලින් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 23,700ක් දක්වා ඉහළ ගොස් තිබේ. එහිදී තවත් 80,000කට වැඩි පිරිසක් තුවාල ලැබුවේ ය. පසුගිය සඳුදා අලුයම 4. 17 ට පමණ තුර්කියේ, ගැසියන්ටෙප් ප්‍රදේශය ආශ්‍රිතව මැග්නිටියුඩ් ඒකක 7.8ක පළමු භූ කම්පනය ඇතිවිය . ඉන් අනතුරුව ඇතිවූ ප්‍රභල පසුකම්පන හේතුවෙන් ගොඩනැගිලි දහස් ගණනක් සම්පූර්ණයෙන් විනාශ වී ඇති බව විදෙස් වාර්තාවල සඳහන් ය. විදෙස් රටවල ද සහය සමඟින් සුන්බුන් අතර සිරවී සිටින පුද්ගලයින් මුදාගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මකයි. අවතැන් වී සිටින පුද්ගලයින් සදහා මානුෂීය ආධාර සපයන ලෙස තුර්කි - සිරියා ජනාධිපතිවරුන් ගෝලීය ප්‍රජාවගෙන් ඉල්ලීමක් කළේ ය. මීට ප්‍රතිචාර දක්වමින් අමෙරිකාව ඩොලර් මිලියන 85ක ආධාර පැකේජයක් ඔවුන්ට ලබාදීමට සූදානම් ය.
2023-02-11T04:16:55.000Z
මුල්ලේරියාවේ භාවනා මධ්‍යස්ථානයක ලක්ෂ ගාණක ප්‍රතිමා සොරා ගත් අයෙකු අත්අඩංගුවට..
භාවනා මධ්‍යස්ථානයක සොරකමක් කළ අයෙකු කොටු..
COLOMBO (News 1st) – මුල්ලේරියාවේ භාවනා මධ්‍යස්ථානයක තිබූ රුපියල් ලක්ෂ හතරහමාරක් පමණ වටිනා ශීව දේව ප්‍රතිමාවක් , කතරගම දේව ප්‍රතිමාවක් සහ කුඩා චෛත්‍යක් සොරා ගැනීම සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලිසිය සඳහන් කළේ, සැකකරු ඊයේ(11) රාත්‍රියේ අත්අඩංගුවට ගැනීමට යාමේදී ඔහු කැලණි ගඟට පැන පිනා ගිය බවයි. නැවත ගොඩට එන අවස්ථාවේදී ඔහු අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරුට එරෙහිව මුල්ලේරියාව පොලිස් වසමේ ගෙවල් හා වෙළෙඳසැලක් බිඳ දේපල සොරා කෑම සම්බන්ධයෙන් අධිකරණයේ නඩු විභාග වෙමින් ඇතැයි ද පොලිසිය ප්‍රකාශ කළේ ය. ඔහු අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
2023-02-11T03:36:38.000Z
වැල්ලවායට මැග්නිටියුඩ් ඒකක 2.3 ක සුළු භූ චලනයක්.අනතුරුදායක තත්ත්වයක් නැහැ - භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය
වැල්ලවායට මැග්නිටියුඩ් ඒකක 2.3 ක සුළු භූ චලනයක්..
COLOMBO (News 1st) – වැල්ලවාය නගරය ආශ්‍රිතව අද(11) අලුයම මැග්නිටියුඩ් ඒකක 2.3 ක සුළු භූ චලනයක් සිදුව ඇතැයි භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය සඳහන් කරයි. කෙසේ නමුත් භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය සඳහන් කරන්නේ, භූ චලනයෙන් අනතුරුදායක තත්ත්වයක් නොමැති බවයි.
2023-02-11T03:26:47.000Z
මොරටුව, එගොඩ උයන වෙරළේ පිරිමි දරුවෙකුගේ මළ සිරුරක්..
එගොඩ උයන වෙරළේ පිරිමි දරුවෙකුගේ මළ සිරුරක්..
COLOMBO (News 1st) – මොරටුව, එගොඩ උයන වෙරළ තීරයේ තිබී මළ සිරුරක් සොයා ගෙන ඇති බව පොලීසිය සඳහන් කරයි. පොලීසිය සඳහන් කරන්නේ , වයස අවුරුදු 16 ක පමණ පිරිමි දරුවෙකුගේ මළ සිරුරක් මෙලෙස හමු වී ඇති බවයි.
2023-02-11T02:38:18.000Z
දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ ''සතුන් සමග සෙනෙහසේ සතිය'' අද ඇරඹෙයි..
''සතුන් සමග සෙනෙහසේ සතිය'' අද ඇරඹෙයි..
COLOMBO (News 1st) – දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ ''සතුන් සමග සෙනෙහසේ සතිය'' අද (11)ආරම්භ වෙයි. ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, සතුන් සඳහා ආදරය කරුණාව ලබා දීමේ අරමුණින් මෙම සතිය ක්‍රියාත්මක බවයි. මෙම සතිය තුළදී සතුන්ට ආහාර ලබාදීමට ද නරඹන්නන්ට අවස්ථාව හිමිවෙයි. සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව සඳහන් කළේ, සතුන් සමග ඡායාරූප ගැනීමට විශේෂ ස්ථාන ද සකසා ඇති බවයි. මෙම සතිය තුළ දෙහිවල සත්වෝද්‍යානය ඇතුළු අනිකුත් අනුබද්ධ ආයතන නැරඹීම සඳහා වසරකට කිහිපවතාවක් පැමිණෙන නරඹන්නන් හට විශේෂ සාමාජික කාඩ්පතක් ලබාදීමට සැලසුම් කර තිබේ.
2023-02-11T01:23:04.000Z
සියලු නියෝජ්‍ය සහ සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් මැතිවරණ කොමිසමට කැඳවයි..
නි.සහ සහකාර මැතිවරණ කොමසාරිස්වරු කොමිසමට කැඳවයි..
COLOMBO (News 1st) – සියලු නියෝජ්‍ය සහ සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් අද(11) මැතිවරණ කොමිෂන් සභාව හමුවට කැඳවා ති‌බේ. එහි සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා පැවසුවේ , මැතිවරණයේ වත්මන් ප්‍රගතිය ඇතුළු කරුණු සාකච්ඡා කිරීම සඳහා ඔවුන් කැඳවා ඇති බවයි. ඡන්ද මධ්‍යස්ථාන ගැටලු , ග්‍රාම නිලධාරින්ගේ කාර්යභාරය සහ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන සම්බන්ධයෙන් ද මෙහිදී විශේෂ අවධානය යොමු කරන බව ඔහු ප්‍රකාශ කළේ ය. මේ අතර, මැතිවරණය සඳහා මහා භාණ්ඩාගාරය මගින් රුපියල් මිලියන 100 ක් ලබාදී ඇතැයි මැතිවරණ කොමිසම සඳහන් කළේ ය.. එහි සභාපති නිමල් පුංචිහේවා මහතා පැවසුවේ මැතිවරණය සඳහා මිලියන 770 ක් මහා භාණ්ඩාගාරයෙන් ඉල්ලා ඇති බවයි. වරින්වර හෝ භාණ්ඩාගාරය එම මුදල් කොමිසම වෙත ලබා දෙනු ඇතැයි ඔහු විශ්වාසය පල කළේ ය.
2023-02-11T01:19:54.000Z
භූ කම්පන ගැන සෙවීමට භූ විද්‍යාඥයින් කණ්ඩායමක් බුත්තලට...
භූකම්පන ගැන සොයන්න භූ විද්‍යාඥයින් පිරිසක් බුත්තලට
COLOMBO (News 1st) – බුත්තල, පැල්වත්ත සීනි කර්මාන්ත ශාලාව අසල ප්‍රදේශ ආශ්‍රිතව සිදුවූ භූ චලන සම්බන්ධයෙන් පර්යේෂණය කිරීම සඳහා භූ විද්‍යාඥයින් කණ්ඩායමක් එම ප්‍රදේශවලට පිටත්ව ගිය බව භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය පවසයි. එහි වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් ජානක අජිත්ප්‍රේම මහතා පැවසුවේ, අදාල කණ්ඩාමේ පර්යේෂණ අනුව ඒ සම්බන්ධයෙන් විද්‍යාත්මක වාර්තාවක් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවයි. මෙරට තුළ දරුණු ගණයේ භූ කම්පන ඇතිවීමේ අවදානමක් නොමැති බව ද ඔහු පැවසුවේ ය. පැලවත්ත සීනි කර්මාන්ත ශාලාව පිහිටි ප්‍රදේශය ආශ්‍රිතව ඊයේ(10) භූ චලන 2ක් වාර්තා විය. එහි ප්‍රභලත්වය මැග්නිටියුඩ් ඒකක 3 ක් සහ 3.5 ක් ලෙස සටහන් විය. වැල්ලවාය,බුත්තල ඇතුළු ප්‍රදේශවල ජනතාවට එය දැනී තිබුණි.
2023-02-11T01:16:48.000Z
T20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් සටන අරඹමින් සත්කාරක දකුණු අප්‍රිකාවට එරෙහි තරගයෙන් ශ්‍රී ලංකාවට තියුණු ජයක්..
ද. අප්‍රිකාවට එරෙහි තරගයේ ජය ශ්‍රී ලංකාවට..
COLOMBO (News 1st) – පන්දුවාර විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තමන් සහභාගී පළමු තරගයේදීම තියුණු ජයක් වාර්තා කරන්නට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සමත් විය. දකුණු අප්‍රිකාවේ, කේප් ටවුන්හීදී පැවැති තරගයේ කාසි⁣යේ වාසිය හිමි කරගත් දකුණු අප්‍රිකා ක්‍රීඩිකාවන් තීරණය කළේ පළමුවෙන් පන්දු රැකීමටයි. එම ආරාධනයෙන් පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුල්ල ලකුණු 28කදී බිඳ වැටුණි. ඉන් අනතුරුව පිටියට එක් වූ නායිකා චමරි අතපත්තු සහ නවක ක්‍රීඩිකා විශ්මි ගුණරත්න දෙවන කඩුල්ලට ගොඩනැගු සබඳතාව ලකුණු 86කි. නායිකා චමරි අතපත්තු ලකුණු 68ක් රැස් කළ අතර, එම ඉනිමට හතරේ පහර 12ක් ඇතුළත් ය. විශ්මි ගුණරත්න දැවී ගියේ ලකුණු 35ක් ලබා සිටියදී ය. ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 129ක් රැස් කළේ ය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීම සඳහා පිටියට පිවිසි දකුණු අප්‍රිකා ක්‍රීඩිකාවන්ගේ පළමු කඩුලු 5 බිඳ වැටුණේ ලකුණු 72කදී ය. නායිකා සුනේ ලීස් ලකුණූ 28ක් රැස් කළේ ය. ඉනෝකා රණවීර කඩුලු 3කි. දකුණු අප්‍රිකා ක්‍රීඩිකාවන් නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 9ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 126කි. ඒ අනුව පන්දුවාර විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන තරගාවලියේ තමන් සහභාගී පළමු තරගයේදී ලකුණු 3ක තියුණු ජයක් වාර්තා කරන්නට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සමත් විය.
2023-02-11T01:13:30.000Z
ගෙවුණු දිනය උණුසුම් කළ පුවත්
ගෙවුණු දිනය උණුසුම් කළ පුවත්
දේශීය පුවත් 1. මැතිවරණයට අදාළ සියලු කටයුතු වළක්වන්නැයි, විශ්‍රාමික යුද හමුදා කර්නල් ගොනු කළ පෙත්සම සලකා – පළාත් පාලන මැතිවරණයට අදාළ සියලු සංවිධාන කටයුතු වළක්වන්නැයි, ඉල්ලා විශ්‍රාමික යුද හමුදා කර්නල් ඩබ්ලිව් .එම්. ආර්. විජේසුන්දර ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කළ පෙත්සම සලකා බැලීම ලබන 23 දක්වා කල් දමා තිබේ. 2.බුත්තලට මැග්නිටියුඩ් ඒකක 3 ක භූ කම්පනයක් – කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව – බුත්තල ප්‍රදේශයට මැග්නිටියුඩ් ඒකක 3 ක භූ කම්පනයක් සිදුව තිබේ. 3.උ/පෙළ සමයේ විදුලි කප්පාදුවට එරෙහි නඩුව ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි– උසස් පෙළ විභාග සමයේ විදුලි කප්පාදුව වහාම අත්හිටුවන්නැයි නියෝගයක් කරන ලෙස ඉල්ලා මානව හිමිකම් කොමිෂන් සභාව ගොනු කළ නඩුව ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ(10) ප්‍රතික්ෂේප කළේ ය. 4. අල්ලස් චෝදනා ඇති පළාත් පාලන ප්‍රධානීන්ගේ ධුර අත්හිටුවීමට නව නීති.. – පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය – අල්ලස් හෝ දූෂණ චෝදනා එල්ල වන පළාත් පාලන ආයතන ප්‍රධානින්ගේ තනතුරු අත්හිටුවීමට නව ප්‍රතිපාදන ගෙන ඒමට රජය තීරණය කර තිබේ. 5. බලපත්‍ර නොමැති ගිනි අවි භාර දෙන්න කාල සීමාවක් – ආරක්ෂක අමාත්‍යාංශය – බලපත්‍ර නොමැතිව ළඟ තබාගෙන ඇති ගිනි අවි භාරදීම සඳහා කාලසීමාවක් ලබා දීමට ආරක්ෂක අමාත්‍යාංශය තීරණය කර තිබේ. විදෙස් පුවත් 1. තුර්කි- සිරියා භූ කම්පනයෙන් මියගිය සංඛ්‍යාව 20,000 ඉක්මවයි – තුර්කි – සිරියා භූ කම්පනයෙන් මියගිය පුද්ගලයින් ගණන 20,000 ඉක්මවා තිබේ.
2023-02-10T17:07:18.000Z
8 වැනි බාලි ප්‍රෝසෙස් අමාත්‍ය සමුළුව සාර්ථකව ඔස්ට්‍රේලියාවේදී..
8 වැනි බාලි ප්‍රෝසෙස් අමාත්‍ය සමුළුව
COLOMBO (News 1st) -මිනිස් ජාවාරම් සහ අනෙකුත් ජාත්‍යන්තර අපරාධ පිළිබද පුළුල්ව සාකච්ඡා කෙරුණු 8 වැනි බාලි ප්‍රෝසෙස් අමාත්‍ය සමුළුව සාර්ථකව ඔස්ට්‍රේලියාවේ ඇඩිලේඩ්හිදී පැවැත්විය. ලෝකයේ විවිධ ස්වරූපයේ වහල් සේවයන් හි යෙදෙන ජනතාව මිලියන 50 ක් පමණ වේ. මිනිස් ජාවාරම් සහ අනෙකුත් ජාත්‍යන්තර අපරාධ පිළිබද 8 වැනි බාලි ප්‍රෝසෙස් අමාත්‍ය සමුළුව ඔස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් නුවරදී ඊයේ (09) පැවැත්විය. නූතන වහල් සේවය අවසන් කිරීමේ ජාත්‍යන්තර ප්‍රයත්නයක් වන මෙම අමාත්‍ය සමුළුවට ලෝකයේ විවිධ රටවල්වල රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයින් සහ ව්‍යාපාරික නායකයින් එක්ව සිටියේ ය. එහි මුලසුන හෙබවූයේ ඔස්ට්‍රෙලියානු විදේශ අමාත්‍ය, පෙනී වොන්ග් සහ ඉන්දුනීසියානු විදේශ අමාත්‍ය රෙට්නො මර්සුදි විසිනි. අමාත්‍යවරුන්ගේ එම සමුලුවෙන් පසු බාලි ප්‍රෝසෙස්හි 3 වැනි රාජ්‍ය සහ ව්‍යාපාර සමුලුව ද අද (10) පැවැත්විය. මෙම සමුළුවට විවිධ රටවල අග්‍රාමාත්‍යවරුන් විදේශ අමාත්‍යවරුන් රාජ්‍ය නායකයින් සහ ව්‍යාපාර ලෝකයේ ප්‍රභල නායකයින් රැසක් එක්ව සිටියේ ය. එම සසමුළුවෙහි ශ්‍රී ලංකාව නියෝජනය කළේ, විදේශ රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතායි. පෙර නොවූ විරූ ආර්ථික අර්බුදය හේතුවෙන් මිනිස් ජාවාරම්කරුවන් විසින් ජනතාව ආකර්ෂණය කර ගැනීමේ අවදානම ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකාව ද දැනුවත් බව විදේශ රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා පැවසු වේ ය. ජාවාරම් සහ පුද්ගල ජාවාරමට එරෙහිව දේශීය, කලාපීය සහ ජාත්‍යන්තර පද්ධති ශක්තිමත් කිරීම සඳහා ශක්තිමත් සහ පුළුල් සැලැස්මක් මත වැඩ කරන ලෙස රාජ්‍ය අමාත්‍ය බාලසූරියමහතා සමුළුවෙන් ඉල්ලා සිටියේ ය. ශ්‍රී ලංකාවේ ව්‍යාපාර ක්ෂේත්‍රෙය් නායකත්වය වෙනුවෙන් කැපිටල් මහාරාජා සංවිධානයේ විධායක සමූහ අධ්‍යක්ෂ ෂෙවාන් ඩැනියෙල් මහතා සමුලුව ඇමතුවේ ය . මෙහිදී ඩැනියෙල් මහතා ශ්‍රී ලංකිකයින් වෙනුවෙන් මැදපෙරදිග රටවල් දක්වන සහයෝගය සඳහා ස්තූතිය පළ කරන ලදී, ලෝකය පුරා සිදුවන වහල් සේවයන්ට එරෙහිව ක්‍රියාත්මක බාලි ප්‍රෝසෙස් වැඩසටහන සමග ශ්‍රී ලංකාව සහ කැපිටල් මහාරාජා සංවිධානය නිරන්තරයෙන් අත්වැල් බැඳගෙන කටයුතු කරයි.
2023-02-10T16:01:01.000Z
බලපත්‍ර නොමැති ගිනි අවි භාර දෙන්න කාල සීමාවක් - ආරක්ෂක අමාත්‍යාංශය
බලපත්‍ර නොමැති ගිනි අවි භාර දෙන්න කාල සීමාවක්
COLOMBO (News 1st) - බලපත්‍ර නොමැතිව ළඟ තබාගෙන ඇති ගිනි අවි භාරදීම සඳහා කාලසීමාවක් ලබා දීමට ආරක්ෂක අමාත්‍යාංශය තීරණය කර තිබේ. ඒ අනුව, පුද්ගලයෙකු සංතකයේ ඇති බලපත්‍ර නොමැති ගිනි අවි මාර්තු 15 වැනිදාට පෙර ලබා දිය යුතු බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.
2023-02-10T11:33:57.000Z
සුපිරි ක්‍රිකට් තරුව ශේන් වෝන්ගේ ඩො. මිලියන ගාණක වත්කම් දරුවන් අතරේ බෙදෙයි: හිටපු බිරිඳට කිසිවක් නැහැ
වෝන්ගේ වත්කම් දරුවන් අතරේ බෙදෙයි..
COLOMBO (News 1st) - අභාවප්‍රාප්ත ඔස්ට්‍රේලියානු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ශේන් වෝන්ට හිමිව තිබූ අමෙරිකානු ඩොලර් මිලියන 20ක් පමණ වන වත්කම් සිය දරු තිදෙනාට හිමිවී තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, අවසන් කැමති පත්‍රයට අනුව වෝන් සිය සුවිසල් වත්කම් දරුවන් වන සමර්, ජැක්සන් සහ බෲක් වෝන් වෙත පවරා ඇති බවයි. මේ අතර වෝන් සිය වතුපිටිවලින් 2%ක් ඔහුගේ සොහොයුරා වන ජේසන් වෝන්ට ද 2.5% බැගින් ඥාති දියණියකට සහ පුත්‍රයෙකුට ද පවරා දී තිබීම විශේෂත්වයකි. කෙසේවෙතත් 2021 දෙසැම්බර් 03 දාතමින් යුත් කැමති පත්‍රයට අනුව ඔහු සිය හිටපු බිරිඳ වන සිමෝන් කැලහාන්ට කිසිවක් ලබාදී නොමැත. තව ද මෙල්බර්න්හි ශාන්ත කිල්ඩාහි දේපොළක අමෙරිකානු ඩොලර් මිලියන 1.2 ක තැන්පතුවක් ද පොදුරාජ්‍ය මණ්ඩලීය බැංකු ගිණුමක ඩොලර් මිලියන 5 ක් ද ඇතුළුව තවත් බොහෝ වත්කම් තිබී ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. මේ අතර අවසන් කැමැත්තට අනුව වෝන් අමෙරිකානු ඩොලර් 350,000ක Mercedes-Benz රථයක් ද ඇතුළුව ඔහුගේ විශාල මෝටර් රථ එකතුව පවරා ඇත්තේ, ජැක්සන්ටයි. තායිලන්තයේ නිවාඩුවක් ගත කරමින් සිටියදී හෘදයාබාධයක් වැළඳී ශේන් වෝන්ට 2022 වසරේ මාර්තු 4 වැනිදා ජීවිතයෙන් සමුගත්තේ ය.
2023-02-10T10:43:47.000Z
උ/පෙළ සමයේ විදුලි කප්පාදුවට එරෙහි නඩුව ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි
විදුලි කප්පාදුවට එරෙහි නඩුව ප්‍රතික්ෂේපයි
COLOMBO (News 1st) – උසස් පෙළ විභාග සමයේ විදුලි කප්පාදුව වහාම අත්හිටුවන්නැයි නියෝගයක් කරන ලෙස ඉල්ලා මානව හිමිකම් කොමිෂන් සභාව ගොනු කළ නඩුව ශ්‍රේෂ්ඨාධිකරණය අද ප්‍රතික්ෂේප කළේ ය. මානව හිමිකම් කොමිසම පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා තිබුණේ උසස් පෙළ විභාග සමයේ කිසිඳු ආකාරයකින් විදුලි කප්පාදුවක් සිදු නොකරන ලෙසට ලබා දුන් නිර්දේශ නොතකා දිගින් දිගටම විදුලිය කප්පාදු කිරිමෙන් අධිකරණයට අපහාස කල ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපතිවරයාට එරෙහිව නිතිමය පියවර ගන්නා ලෙසයි. විදුලි බල මණ්ඩලයේ සභාපතිවරයා යනු එක් පුද්ගලයෙකු බවත් ඔහුට විදුලිය විසන්ධි කිරිමට අදාළව වගකීම සම්පුර්ණයෙන් ගැනීමේ හැකියාව නොමැති බව පෙනී යන්නේ යැයි, ගාමිණි අමරසේකර , කුමුදුණි වික්‍රමසිංහ හා ශිරාන් ගුණරත්න යන විනිසුරු මඩුල්ල ප්‍රකාශ කළේ ය. එබැවින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ගොනු කල මෙම නඩුව ගාස්තු නොමැතිව ප්‍රතික්ෂ්ප කිරිමට විනිසුරු මඩුල්ල තීරණය කළේ ය.
2023-02-10T10:36:25.000Z
මරණයට අභියෝග කළ දෙවියන්ගේ සලකුණ 'Aya'
මරණයට අභියෝග කළ දෙවියන්ගේ සලකුණ 'Aya'
COLOMBO (News 1st) – උපත දුන් මව ඇතුළු පවුලේ සැම සුන්බුන් අතරේ අවසන් සුසුම් හෙළද්දී හාස්කමකින් මෙන් දිවි බේරුණු සිරියානු බිළිඳිය හදා වඩා ගැනීම සඳහා ලොව දහස් සංඛ්‍යාත පිරිසකගෙන් ඉල්ලීම් ඉදිරිපත් වී තිබේ. අරාබි බසින් ආශ්චර්ය යන අරුතැතිව ඇයට Aya යන නම තබනු ලබන්නේ, ප්‍රතිකාර ලබමින් සිටින රෝහල් බලධාරීන් විසිනි. සුන්බුන් අතරින් බේරා ගන්නා විටත් පෙකණි වැලෙන් මව හා සම්බන්ධ වී සිටි පුංචි Ayaගේ කතාව සැබවින්ම ආශ්චර්යකි. පසුගිය සඳුදා අලුයම සිරියානු දේශසීමාවට ආසන්නයේ තුර්කිය දෙදරුම් කමින් සෙලවී යනවිට බොහෝ පිරිසක් පසු වූයේ, සුව නින්දකයි. තුර්කියේ මෙන්ම සිරියාවේ දහස් ගණනක් ගොඩනැගිලි, නිවාස මහ පොළොවට සමතලා වන්නට ගියේ ඉතා සුළු මොහොතක් පමණි. නින්දෙන් ඇහැරී ඇසිපිය හෙළනන්ටත් කලින් සිදුවූ මෙම ඛේදවාචකයෙන් Aya ගේ මව ඇතුළු පවුලේ සියලු දෙනා සිටි නිවස සහිත ගොඩනැගිල්ලත් සුන්බුන් ගොඩක් වනන්ට ගත වූයේ සුළු මොහොතකි. සුන්බුන් අතරේ Ayaට උපත දුන් මව සුන්බුන් අතරේම අවසන් සුසුම් හෙළුවා ය. විදෙස් මාධ්‍ය වාර්තාවලට අනුව පුංචි Aya මෙළොව එළිය දකිද්දී මව පමණක් නොව, පියා සහ සහෝදරයින් සිව් දෙනාත් සුන්බුන් අතරේම අවසන් ගමන් ගොස් අවසන් ය. සුන්බුන් අතරින් ඉවතට ගත් බිළිඳිය වහා රෝහල්ගත කිරීමට බේරාගත් පිරිස් ක්‍රියා කරන අතර ඒ වනවිටත් හුස්ම ගැනීමට අපහසුව සිටි baby Ayaගේ සිරුර පුරා තැලීම්, සීරිම්වල සලකුණු ද විය. භූ කම්පනයෙන් හෝරා කිහිපයකට පසුව පුද්ගලයෙක් දූවිලිවලින් වැසුණු අලුත් උපන් බිළිදෙකු අත් දරාගෙන දිව යන අයුරු දැක්වෙන දර්ශනයක් පසුගිය සදුදා සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ලොව පුරා පැතිර ගියේය. ඒ පුංචි Aya බේරාගත් අවස්ථාවේ දර්ශන පෙළයි. තුර්කි - සිරියා භූ කම්පනයෙන් මියගිය පුද්ගලයින් ගණන මේ වනවිට 20,000 ඉක්මවා ගොස් ඇති අතර ඉන් 17,000කට අධික සංඛ්‍යාවක් තුර්කි වැසියන් වන අතර සිරියාවේ මියගොස් ඇති සංඛ්‍යාව 3000කට අධිකයි. තුර්කි වේලාවෙන් සඳුදා( 06) අලුයම පොළව මතුපිට සිට කිලෝමීටර 17.9ක් අභ්‍යන්තරයේ මැග්නිටියුඩ් ඒකක 7.8ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනය සිදුවී පැය 12කට පසුව දෙවන වරටත් ප්‍රබල පසු කම්පනයක් උතුරු දෙසට වන්නට සිදු විය.
2023-02-10T07:48:48.000Z
BREAKING NEWS : මැතිවරණයට අදාළ සියලු කටයුතු වළක්වන්නැයි, විශ්‍රාමික යුද හමුදා කර්නල් ගොනු කළ පෙත්සම සලකා බැලීම 23 තෙක් කල්යයි
මැතිවරණයට අදාළ පෙත්සමක් සලකා බැලීම කල් යයි
COLOMBO (News 1st) – පළාත් පාලන මැතිවරණයට අදාළ සියලු සංවිධාන කටයුතු වළක්වන්නැයි, ඉල්ලා විශ්‍රාමික යුද හමුදා කර්නල් ඩබ්ලිව් .එම්. ආර්. විජේසුන්දර ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කළ පෙත්සම සලකා බැලීම ලබන 23 දක්වා කල් දමා තිබේ. මැතිවරණ කොමිෂන් සභාව වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා මූලික විරෝධතාවක් ගොනු කරමින් ප්‍රකාශ කළේ, අදාළ පෙත්සම්කරු , පාර්ශව නිසියාකාරයෙන් පෙත්සමෙන් ඉදිරිපත් කර නොමැති බවයි. එමෙන්ම පෙත්සම්කරු ශ්‍රී ලංකාවේ වලංගු ඡන්ද දායකයෙක් ද යන්න සනාථ කිරීමට අවශ්‍ය ලේඛන ඉදිරිපත් කර නොමැති බවත් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙන්වා දුන්නේ ය. එම පෙන්වාදීමෙන් පසු ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා ප්‍රකාශ කළේ, අදාළ පෙත්සම විභාගයට ගැනීමකින් තොරව ප්‍රතික්ෂේප කරන ලෙසයි. මෙහිදී ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කරුණු දැක්වූ අතිරේක සොලිසිටර් ජනරාල් නෙරිල් පුල්ලේ ප්‍රකාශ කළේ, රට ආර්ථික පීඩනයකට ලක්ව තිබෙන අවස්ථාවේ ඉතා අත්‍යවශ්‍ය කටයුතුවලට පමණක් මුදල් වෙන්කරන ලෙස කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති බව මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ දිවුරුම් ප්‍රකාශයෙන් පෙන්වා දී ඇති බවයි. අතිරේක සොලිසිටර් ජනරාල් නෙරිල් පුල්ලේ මහතා මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා සහ නීතිපතිවරයා වෙනුවෙන් අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කරුණු දක්වනු ලැබිණ. කෙසේ වෙතත් ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර කළේ, මෙම පෙත්සම වැඩිදුර සලකා බැලීම ලබන 23 වැනිදා දක්වා කල් තැබීමටයි.
2023-02-10T07:10:31.000Z
බුත්තලට මැග්නිටියුඩ් ඒකක 3 ක භූ කම්පනයක් - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව
බුත්තලට මැග්නිටියුඩ් ඒකක 3 ක භූ කම්පනයක්
COLOMBO (News 1st) – බුත්තල ප්‍රදේශයට මැග්නිටියුඩ් ඒකක 3 ක භූ කම්පනයක් සිදුව ඇතැයි, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බුත්තල නගරයට හා ඒ අවට ප්‍රදේශයටත් මහබොඩයායා ප්‍රදේශයේටත් මෙම භූ කම්පනය දැනී තිබේ. භූ විද්‍යා හා පතල් කැනිම් කාර්යාංශය සඳහන් කළේ, අද දහවල් 12.11 ට පමණ එය සිදුව ඇති බවයි. එම භූ චලනය සිදුව ඇති බවට පල්ලේකැලේ, මහකනදරාව, හක්මන ප්‍රදේශවල පිහිටි භූ කම්පන මානවල සටහන්ව ඇතැයි ද භු විද්‍යා හා පතල් කැනිම් කාර්යාංශය සඳහන් කළේ ය.
2023-02-10T03:28:33.000Z
T20 කාන්තා ලෝක කුසලාන තරගාවලිය අද ඇරඹේ
T20 කාන්තා ලෝක කුසලාන තරගාවලිය අද ඇරඹේ
COLOMBO (News 1st) – 2023 පන්දුවාර 20 යි 20 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය අද(10) ආරම්භ වෙයි. දකුණු අප්‍රිකාවේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන මෙවර තරගාවලියට ඉන්දියාව, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, පකිස්ථානය ඇතුළු ප්‍රබල රටවල් 10 ක් එක්වෙයි. තරගාවලියේ මූලික වටයේදී ශ්‍රී ලංකා කණ්ඩායම බංග්ලාදේශය, ඔස්ට්‍රේලියාව නවසීලන්තය සහ සත්කාරක දකුණු අප්‍රිකාවට එරෙහිව තරග කිරීමට නියමිතයි. තරගාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකාව සහ සත්කාරක දකුණු අප්‍රිකා කණ්ඩායම් අද නිව්ලෑන්ඩ්ස් ක්‍රීඩාංගණයේදී තරග බිමට පිවිසෙයි. චමරි අතපත්තු මෙහෙයවන ශ්‍රී ලංකා සංචිතයට ඕෂදී රණසිංහ, හර්ෂිතා සමරවික්‍රම, නිලක්ෂි ද සිල්වා, ඇතුළු ක්‍රීඩිකාවන් 15 දෙනෙකු ඇතුළත් ය. සත්කාරක දකුණු අප්‍රිකා කණ්ඩායම මෙහෙයවනු ලබන්නේ සුනේ ලීස් ය. තරගාවලියේ A කාණ්ඩයෙන් පැවැත්වෙන මෙම තරගය මෙරට වෙලාවෙන් අද රාත්‍රී 10.30ට ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.
2023-02-10T02:21:26.000Z
අල්ලස් චෝදනා ඇති පළාත් පාලන ප්‍රධානීන්ගේ ධුර අත්හිටුවීමට නව නීති.. - පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය -
පළාත් පාලන ප්‍රධානීන්ට රතු එළියක්..
COLOMBO (News 1st) – අල්ලස් හෝ දූෂණ චෝදනා එල්ල වන පළාත් පාලන ආයතන ප්‍රධානින්ගේ තනතුරු අත්හිටුවීමට නව ප්‍රතිපාදන ගෙන ඒමට රජය තීරණය කර තිබේ. පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා සඳහන් කළේ, ඊට අදාළ ප්‍රතිපාදන කඩිනමින් පාර්ලිමේන්තුවට ගෙන එන බවයි. පවතින නීතිය යටතේ අල්ලස් චෝදනා එල්ල වුවද, එය සනාථ වනතෙක් නගරාධිපතිවරුන්ට හා සභාපතිවරුන්ට පළාත් පාලන ආයතනවල සිය ධුර දැරීමට අවකාශ පවතින බව ද රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.
2023-02-10T02:15:13.000Z
රටට ගෙනා කෑමට නුසුදුසු මිරිස් කන්ටේනර් 40ක් හරවා යවයි...ඇතැම් තොග මෙරටදී ම විනාශ කරලා
කෑමට නුසුදුසු මිරිස් කන්ටේනර් 40ක් හරවා යවයි...
COLOMBO (News 1st) – පරිභෝජනයට නුසුදුසු මිරිස් කන්ටේනර් 40කට අධික සංඛ්‍යවක් පසුගිය මාස තුන ඇතුළත ප්‍රති නැව්ගත කිරීමට නිර්දේශ කළ බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර ආරක්ෂණ ඒකකය පවසයි. එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පැවසුවේ එම මිරිස් තොග ප්‍රති නැව්ගත නොකර මෙරටදී විනාශ කිරීමට ඇතැම් ආනයනකරුවන් කළ ඉල්ලීම් සලකා බලා ඔවුන්ට ඒ සඳහා පහසුකම් සැලසීමටද පියවර ගත් බවයි. දිවයිනට ආනයනය කරන සෑම මිරිස් කන්ටේනරයක්ම වරායේදී පරීක්ෂා කිරීමට පියවර ගන්නා බවද ඔහු ප්‍රකාශ කළේ ය. එබැවින් මෙරට අලෙවියට නිකුත් කෙරෙන සියලු වියලි මිරිස් තොග ප්‍රමිතියෙන් යුක්ත බව ද සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර ආරක්ෂණ ඒකකය පැවසුවේ ය.
2023-02-10T01:36:58.000Z
පුංචි ඡන්දයේ වියදමට මුදල් දෙන්නැයි කළ ඉල්ලීමට මෙතෙක් ප්‍රතිචාර නැහැ - මැතිවරණ කොමිසම කියයි
මැතිවරණ වියදම් මෙතෙක් ලබා දී නැහැ...
COLOMBO (News 1st) – පළාත් පාලන මැතිවරණයේ පෙබරවාරි මාසයේ වියදම් සඳහා මුදල් ලබා දෙන්නැයි කළ ඉල්ලීමට මුදල් අමාත්‍යාංශයෙන් මෙතෙක් ප්‍රතිචාර නොලැබුණු බව මැතිවරණ කොමිසම පවසයි. එහි සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා පැවසුවේ, මුදල් ලැබීම ප්‍රමාද වීමෙන් මැතිවරණය සඳහා මුදල් වැය කිරීමේ අර්බුදයක් මතුවිය හැකි බවයි. පෙබරවාරි මාසයේ මැතිවරණ වියදම් සඳහා රුපියල් මිලියන 770ක් ලබා දෙන්නැයි පසුගියදා මැතිවරණ කොමිසම මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාගෙන් ලිඛිතව ඉල්ලීමක් කළේ ය. මේ අතර , පළාත් පාලන මැතිවරණයට අදාළ සියලු සංවිධාන කටයුතු පැවැත්වීම වළක්වන නියෝගයක් මැතිවරණ කොමිෂන් සභාව ප්‍රමුඛ බලධාරින්ට නිකුත් කරන්නැයි ඉල්ලා විශ්‍රාමික යුධ හමුදා කර්නල්වරයෙකු වන ඩබ්ලිව්.එම්. ආර් විජේසුන්දර මහතා ගොනු කළ රීට් ආඥා පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (10) යළි කැඳවයි. එම පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබා දීමකින් තොරවම ප්‍රතික්ෂේප කරන ලෙස ඉල්ලා සමගි ජනබලවේගය පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර, පාර්ලිමේන්තු මන්ත්‍රි මහාචාර්ය ජී.එල් පීරිස් යන මහත්වරුන් මෙන්ම මැතිවරණය සැලසුම් කර ඇති පරිදි පැවැත්වීමට නියම කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන දයාසිරි ජයසේකර,ලක්ෂ්මන් කිරිඇල්ල, අනුර ප්‍රියදර්ශන යාපා,එම් ඒ සුමන්දිරම් යන මහත්වරුන් ගොනු කළ පෙත්සම ද නීතිඥ සුනිල් වටගල එරංග ගුණසේකර ,විස්වකේෂ චන්ද්‍රසේකරන් යන මහත්වරුන් ගොනු කර තිබූ අතරමැදි පෙත්සම් ද අද කැඳවීමට නියමිතයි. මේ අතර, පසුගියදා මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කරමින් මැතිවරණයට අවශ්‍ය මූල්‍යමය පහසුකම් හා අනෙකුත් පහසුකම් සපයාදීමට අදාළ පාර්ශ්වයන්ට නියෝග කරන්නැයි දිවුරුම් ප්‍රකාශයක් මගින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලීමක් කළේ ය.
2023-02-10T01:26:37.000Z
උග්‍ර මන්ද පෝෂණයෙන් පෙළෙන ළමුන් සඳහා අධිපෝෂ්‍යදායී ආහාර පැකේජයක්
උග්‍ර ලෙස මන්දපෝෂණය නම් අධිපෝෂ්‍යදායී ආහාරපැකේජයක්
COLOMBO ( News 1st ) – උග්‍ර මන්ද පෝෂණයෙන් පෙළෙන ළමුන් සඳහා අධිපෝෂ්‍යදායී ආහාර පැකේජයක් ලබා දීම ආරම්භ කළ බව පවුල් සෞඛ්‍ය කාර්යාංශය පවසයි. එහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය සඳහන් කළේ , ලෝක ළමා අරමුදලේ ආධාර ඇතිව එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක බවයි. මේ වනවිට මෙරට උග්‍ර මන්ද පෝෂණයෙන් පෙළෙන ළමුන් 20,000 ක් පමණ හඳුනාගෙන ඇති බවද ඇය ප්‍රකාශ කළා ය. ඒ අනුව ප්‍රාදේශීය රෝහල් කර යොමු කරන වෛද්‍යවරුන් ප්‍රමුඛ කණ්ඩායමක් මගින් ළමයා පරීක්ෂා කිරීමෙන් අනතුරුව එම අධිපෝෂ්‍යදායී ආහාර පැකේජය ලබා දෙනු ඇති. එම දරුවන් පිළිබඳ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන් විශේෂ අධීක්ෂණයකට යොමු කරන බවද පවුල් සෞඛ්‍ය කාර්යාංශය සඳහන් කළේ ය.
2023-02-10T01:22:36.000Z
ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ගැන පාර්ලිමේන්තු විවාදය අද දෙවැනි දිනටත්..
පාර්ලිමේන්තු විවාදය අද දෙවැනි දිනටත්..
COLOMBO ( News 1st ) – ජනාධිපතිවරයා ඉදිරිපත් කළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අද(10) දෙවැනි දිනටත් පැවැත්වෙයි. පාර්ලිමේන්තුව අද පෙරවරු 9.30 ට ආරම්භ වන්නේ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ය.
2023-02-10T01:20:32.000Z
තුර්කි- සිරියා භූ කම්පනයෙන් මියගිය සංඛ්‍යාව 20,000 ඉක්මවයි
තුර්කි- සිරියා භූ කම්පනය 20,000කට දිවි අහිමි කරයි.
COLOMBO ( News 1st ) – තුර්කි - සිරියා භූ කම්පනයෙන් මියගිය පුද්ගලයින් ගණන 20,000 ඉක්මවා තිබේ. මේ වනවිට තුර්කි වැසියන් 17,000කට අධික සංඛ්‍යාවක් මියගොස් ඇති අතර, සිරියාවේ මියගොස් ඇති සංඛ්‍යාව 3000කට අධිකයි. ගොඩනැගිලි 6140 කට අධික සංඛ්‍යාවක් මුළුමුනින්ම විනාශ වීම හේතුවෙන් ලක්ෂ ගණනක් වූ පිරිසකට තම වාසස්ථාන අහිමි වූ බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් ය. විදෙස් රටවල් 56කින්ද සහය ඇතිව මේ වනවිට යොදා ඇති සමස්ථ මුදා ගැනීමේ පිරිස 113,000කට අධිකයි. මේ අතර, භූ කම්පනය සිදු වී දින කිහිපයක් ගත වුවද සුන්බුන් අතර සිරවී සිට තවමත් නිරුපද්‍රිතව ඇතැම් පුගලයින් හමුවන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය. සඳුදා අලුයම ඇති වූ එම භූකම්පනයෙන් පසුව ගතවූ වූ දින කිහිපයේ පසු කම්පන 1,100කට අධික සංඛ්‍යාවක් වාර්තා වූ බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පෙන්වා දෙයි.
2023-02-10T00:19:17.000Z
ගෙවුණු දිනය උණුසුම් කළ පුවත්
ගෙවුණු දිනය උණුසුම් කළ පුවත්
දේශීය පුවත් 1. පුංචි ඡන්දෙට තරග කරන අපේක්ෂකයින් සංඛ්‍යාව මෙන්න.. – මෙවර පළාත් පාලන මැතිවරණයට තරග කරන අපේක්ෂකයින් සංඛ්‍යාව නිල වශයෙන් මැතිවරණ කොමිසම ප්‍රකාශයට පත් කර තිබේ. ඒ අනුව මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයින් සංඛ්‍යාව 80,672 කි. 2.හොඳම කාලීන රූපවාහිනි ප්‍රවෘත්ති වාර්තාකරණය වෙනුවෙන් නිව්ස්ෆස්ට් සම්මානයට පාත්‍ර වෙයි.. – සුමති සම්මාන උළෙලේදී නිවුස්ෆස්ට් හි රන්දික හෙට්ටිආරච්චි සම්මාන දිනා ගත්තේ ය. 3.තැපැල් ඡන්දයට සුදුසුකම් ලැබූවන් ලක්ෂ 6 ඉක්මවයි..– පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හය ලක්ෂ 76,873 ක් සුදුසුකම් ලබා තිබේ. 4.මන්ත්‍රී ඩයනා ආගමන විගමන නීති යටතේ අත්අඩංගුවටගත හැකියි – අධිකරණය – පාර්ලිමේන්තු මන්ත්‍රිනී ඩයනා ගමගේ මහත්මිය ආගමන විගමන නිති උල්ලංඝණය කර ඇති බව පෙනී යන බැවින් , ඇය අත්අඩංගුවට ගත හැකි බව අධිකරණය අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ (09) දැනුම් දුන්නේ ය. 5.අත්‍යවශ්‍ය රාජ්‍ය වියදම් සඳහා පමණක් ප්‍රතිපාදන දෙන්න.... ජනපතිගෙන් මහා භාණ්ඩාගාරයට උපදෙස්– අත්‍යවශ්‍ය රාජ්‍ය වියදම් සඳහා පමණක් ප්‍රතිපාදන සැපයන්නැයි , ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මහා භාණ්ඩාගාර ලේකම්වරයාට උපදෙස් ලබාදී තිබේ. විදෙස් පුවත් 1.තුර්කි – සිරියා භූ කම්පනවලින් ජීවිතක්ෂයට පත් පුද්ගලයින් සංඛ්‍යාව 17,000 ඉක්මවයි.. – තුර්කි – සිරියා භූ කම්පනවලින් ජීවිතක්ෂයට පත් පුද්ගලයින් ගණන ඊයේ (09) පස්වරුව වනවිට 17,000 ඉක්මවා ගොස් තිබේ.
2023-02-09T15:50:20.000Z
හොඳම කාලීන රූපවාහිනි ප්‍රවෘත්ති වාර්තාකරණය වෙනුවෙන් නිව්ස්ෆස්ට් සම්මානයට පාත්‍ර වෙයි..
නිව්ස්ෆස්ට් සම්මානයට පාත්‍ර වෙයි...
COLOMBO ( News 1st ) - සුමති සම්මාන උළෙලේදී නිවුස්ෆස්ට් හි රන්දික හෙට්ටිආරච්චි සම්මාන දිනා ගත්තේ ය. ඒ 2021 වසරේ හොඳම කාලීන රූපවාහිනි ප්‍රවෘත්ති වාර්තාකරණය වෙනුවෙනි.
2023-02-09T14:24:11.000Z
පුංචි ඡන්දෙට තරග කරන අපේක්ෂකයින් සංඛ්‍යාව මෙන්න..
පුංචි ඡන්දෙට අපේක්ෂකයින් 80,672 ක්
COLOMBO (News 1st ) - මෙවර පළාත් පාලන මැතිවරණයට තරග කරන අපේක්ෂකයින් සංඛ්‍යාව නිල වශයෙන් මැතිවරණ කොමිසම ප්‍රකාශයට පත් කර තිබේ. ඒ අනුව මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයින් සංඛ්‍යාව 80,672 කි.
2023-02-09T14:03:29.000Z
මාතලේදී මෝටර් රථයක් ප්‍රපාතයකට පෙරළී කාන්තාවක් මරුට
මෝටර් රථයක් ප්‍රපාතයකට පෙරළී කාන්තාවක් මරුට
COLOMBO ( News 1st ) - මාතලේ රිවස්ටන් ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත් වී තිබේ. පොලීසිය ප්‍රකාශ කළේ, මාතලේ රිවස්ටන් ප්‍රදේශයේදී මෝටර් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් මෙම අනතුර සිදු වී ඇති බවයි. අදාළ අනතුරින් තිදෙනෙකු තුවාල ලබා ඇති බව ද පොලීසිය ප්‍රකාශ කළේ ය.
2023-02-09T13:43:36.000Z
තුර්කි - සිරියා භූ කම්පනවලින් ජීවිතක්ෂයට පත් පුද්ගලයින් සංඛ්‍යාව 17,000 ඉක්මවයි..
තුර්කි සිරියා භූ කම්පනය 17,000කට දිවි අහිමි කරයි..
COLOMBO ( News 1st ) - තුර්කි - සිරියා භූ කම්පනවලින් ජීවිතක්ෂයට පත් පුද්ගලයින් ගණන අද (09) පස්වරුව වන විට 17,000 ඉක්මවා ගොස් තිබේ. භූ කම්පනයෙන් තවත් පුද්ගලයින් 50,000 පමණ තුවාල ලබා ඇතැයි විදෙස් වාර්තාවල සඳහන් වේ. විපතට පත්වූවන් මුදාගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක අතර සහන කණ්ඩායම්වලට මුහුණ දීමට සිදුව ඇති විශාලතම අභියෝගය මේ විපත හේතුවෙන් අවතැන් වූ පුද්ගලයින් රැක බලා ගැනීම බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කර තිබේ. එම පුද්ගලයින්ට අවශ්‍ය ආහාර ඇතුළු සැපයුම් නිසි පරිදි නොලැබුණහොත් ඇතිවී තිබෙන තත්ත්වය තවත් දරුණු විය හැකි බව එම සංවිධානය ප්‍රකාශ කර සිටින අතර මේ වන විට ලොව පුරා රටවල් 60කට අධික ප්‍රමාණයක් සහන සැපයීමට ඉදිරිපත්ව ඇති බව අද (09) විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය. මේ අතර තුර්කි රජයේ ආපදා වළක්වාගැනීමේ සහ කළමනාකරණය කිරීම තුර්කි වැසියන්ගේ විවේචනයට ලක්ව තිබේ. නමුත් ඊට ප්‍රතිචාර දක්වමින්, ජනාධිපති රිසිප් තායිප් අර්ඩොවාන් පවසා ඇත්තේ, පුද්ගලයින් දහස් ගණනක් අවතැන් කරමින් සිදු වූ මෙවැනි දරුණු ආපදාවකදී, රජයකට ලබා දිය හැකි උපරිම සහය ඔවුන් තුර්කි ජනතාවට ලබාදෙන බවයි. මෙම භූමිකම්පාව සිදුවන අවස්ථාවේ තුර්කියේ දී අතුරුදන් වූ ශ්‍රී ලාංකික කාන්තාව පිළිබඳව මෙතෙක් කිසිදු තොරතුරක් වාර්තා වී නොමැති බව ශ්‍රී ලංකාවේ තුර්කි තානාපති කාර්යාලය ප්‍රකාශ කළේ ය.
2023-02-09T12:51:28.000Z
තැපැල් ඡන්දයට සුදුසුකම් ලැබූවන් ලක්ෂ 6 ඉක්මවයි..
තැපැල් ඡන්දයට සුදුසුකම් ලැබූවන් ලක්ෂ 6 ඉක්මවයි..
COLOMBO ( News 1st ) - පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හය ලක්ෂ 76,873 ක් සුදුසුකම් ලබා තිබේ. ඒ අතරින් වැඩිම ඡන්ද දායකයින් සංඛ්‍යාවක් ලියාපදිංචි වී ඇත්තේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව, 75 579 කි. මෙවර අඩුම තැපැල් ඡන්ද දායකයින් සංඛ්‍යාව මුලතිව් දිස්ත්‍රික්කයෙන් ලියාපදිංචි වී තිබූ අතර එම සංඛ්‍යාව, 3187 ක් වේ. පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්දය ලබන 22, 23 සහ 24 යන දිනවල පැවැත්වීමට නියමිතයි.
2023-02-09T11:37:46.000Z
විනිසුරුවරුන්ගෙන් නව බදු අය නොකරන ලෙසට අභියාචනාධිකරණය දුන් අතුරු තහනම් නියෝගය දීර්ඝ කෙරේ...
අතුරු තහනම දීර්ඝ කෙරේ...
COLOMBO ( News 1st ) - රජයේ නව බදු, අධිකරණ විනිසුරුවරුන්ගෙන් අය නොකරන ලෙසට අභියාචනාධිකරණය පසුගිය 24 වැනිදා නිකුත් කර තිබු අතුරු තහනම් නියෝගය අද ( 09) යළි දීර්ඝ කර තිබේ. ඒ ඊට අදාළව අභියාචනාධිකරණයේ ඇති පෙත්සම සලකා බැලීම අවසන් වෙන තෙක් මෙම තහනම බලාත්මක වන අතර රුපියල් ලක්ෂයකට ඉහළ ආදායම් ලබන සියලු දෙනාගෙන් 6% සිට 36% දක්වා අනුපාතයන් යටතේ බදු අය කිරීමට රජය පසුගිය මාසයේ සිට පියවර ගනු ලැබුණි. කෙසේ වෙතත්, එම තීරණය අභියෝගයට ලක්කරමින් අධිකරණ සේවා නිලධාරින්ගේ සංගමය අභිචනාධිකරණයට ගොනු කළ රිට් ආඥා පෙත්සමක් හේතුවෙන් අදාළ බදු විනිසුරුවරුන්ගෙන් අය කිරීම අත්හිටුවනු ලැබීය.. පෙත්සම අද (09) සළකා බැලු අභියාචානාධිකරණ විනිසුරු සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන මහත්වරුන් දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව වෙත නියෝග කළේ, පෙත්සම සළකා බැලීම අවසන් වනතුරු අදාළ අතුරු තහනම දීර්ඝ කරන ලෙසයි. පෙත්සම වැඩිදුර සළකා බැලීම සඳහා ලබන 21 වැනිදා යළි කැඳවීමට ද විනිසුරු මඩුල්ල නියෝග කළේ ය..
2023-02-09T10:40:02.000Z
තුර්කි - සිරියා ඛේදවාචකයෙන් අහිමිවූ මිනිස් ජීවිත ගණන 16,000 ඉක්මවා යයි
භූ කම්පනයෙන් මියගිය ගණන 16,000 පනී
COLOMBO ( News 1st ) - තුර්කි - සිරියා භූ කම්පනවලින් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 16,000 ඉක්මවා ගොස් තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, ඉන් 12,873 තුර්කියේ දීත්, 3,162 දෙනෙකු සිරියාවේදීත් ජීවිතක්ෂයට පත් වී ඇති බවයි. කෙසේ වෙතත් තුර්කි වැසියන් චෝදනා කරන්නේ, ගළවා ගැනීමේ මෙහෙයුම් තවමත් මන්දගාමී බවටයි. භූ කම්පන හේතුවෙන් තුර්කියේ සහ උතුරු සිරියාවේ මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 16,000 ඉක්මවා ගොස් ඇති අතර විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ගළවා ගැනීමේ කණ්ඩායම්වල මන්දගාමී ක්‍රියාකලාපය, තුර්කි ජනතාවගේ අප්‍රසාදයට ලක්ව ඇති බවයි. කඩා වැටුණු ඇතැම් ගොඩනැගිලිවල සුන්බුන් අතරින් උදව් ඉල්ලා කෑ ගසන හඩ තවමත් ඇසෙන බව තුර්කි වැසියන් පවසන අතර ඔවුන් චෝදනා ක‌ළේ, එම සිරවී සිටින පිරිස් මුදා ගැනීමට ප්‍රමාණවත් ගලවා ගැනීමේ කණ්ඩායම් සහ උපකරණ නොමැති බවටයි. තුර්කි ජනාධිපතිවරයා ද අවතැන් වූ පිරිස් හමුවීමට ගොස් ඇති අතර, රජයෙන් සිදුවූ අතපසුවීම් සහ අකාර්යක්ෂමතාවන්ට සිය කනගාටුව පළ කර ඇතැයි, විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. තුර්කි වේලාවෙන් පසුගිය 6 වැනිදා අලුයම පොළව මතුපිට සිට කිලෝමීටර 17.9ක් අභ්‍යන්තරයේ මැග්නිටියුඩ් ඒකක 7.8ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනය සිදුවී පැය 12කට පසුව සුළු පසුකම්පනවලට අමතරව ප්‍රබල පසු කම්පනයක් ද වාර්තා විය.
2023-02-09T08:23:38.000Z
ගිනිගත්හේනේ නිවසක අබිරහස් ලෙස මියගිය කාන්තා මළ සිරුරු දෙකක්
ගිනිගත්හේනේ නිවසක කාන්තා මළ සිරුරු දෙකක්
COLOMBO (News 1st) - ගිනිගත්හේන, පේරගහමුල ප්‍රදේශයේ නිවසක තිබී කාන්තා මළ සිරුරු දෙකක් හමුව තිබේ. පොලිසිය පවසන්නේ එකම පවුලේ මව හා දියණියගේ සිරුරු මෙලෙස සොයා ගත් බවයි. නිවසින් දුර්ගන්දධයක් හැමීම නිසා , ප්‍රදේශවාසින් පොලිසියට කළ දැනුම් දීමක් අනුව මළ සිරුරු සොයා ගැනිණ. මිය ගොස් සිටින මවගේ වයස අවුරුදු 50ක් වන අතර දියණියගේ වයස අවුරුදු 30 කි. මියගිය කාන්තාවගේ සැමියා හා පුත්‍රයා කොළඹ ප්‍රදේශයේ රැකියාවන්හි නිරත වී සිටින්නන් බව ද පොලිසිය සඳහන් කළේ ය. මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.
2023-02-09T07:26:52.000Z
අත්‍යවශ්‍ය රාජ්‍ය වියදම් සඳහා පමණක් ප්‍රතිපාදන දෙන්න.... ජනපතිගෙන් මහා භාණ්ඩාගාරයට උපදෙස්
ජනපතිගෙන් මහා භාණ්ඩාගාරයට උපදෙසක්
COLOMBO (News 1st) - අත්‍යවශ්‍ය රාජ්‍ය වියදම් සඳහා පමණක් ප්‍රතිපාදන සැපයන්නැයි , ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මහා භාණ්ඩාගාර ලේකම්වරයාට උපදෙස් ලබාදී තිබේ. ඒ , රාජ්‍ය ආදායම් යහපත් වන තෙක් රාජ්‍ය සේවය පවත්වාගෙන යාමේ අරමුණිනි. රජයේ කටයුතු සඳහා පෙර සිදු කළ පරිදි අරමුදල් නිකුත් කිරීම ජනතාවගේ අත්‍යාවශ්‍ය සේවා සැපයීමේ කාර්යයට මේ මොහොතේ අහිතකර ලෙස බලපාන බව ජනාධිපතිවරයා පෙන්වා දී තිබේ. එය රටේ ආර්ථිකය යළි ප්‍රකෘතිමත් කිරීමේ ක්‍රියාවලියට ද බාධාවක් බව ජනාධිපතිවරයාගේ අදහසයි. වැටුප් ගෙවීම, ණය සේවා, විශ්‍රාම වැටුප් , රෝහල් වෛද්‍ය සැපයුම් , මාසික සමෘද්ධි සහනාධාර , වැඩිහිටි මූල්‍ය ආධාර , ආබාධ සහිත අඩු ආදායම්ලාභීන් සඳහා මූල්‍ය ආධාර , වකුගඩු රෝගීන්ට මූල්‍ය ආධාර සැපයීම , ආර්ථික දුෂ්කරතාවලින් පීඩාවට පත් වූවන්ට මූල්‍යාධාර ලබා දීම සඳහා අරමුදල් නිදහස් කිරීමට ජනාධිපතිවරයා උපදෙස් දී තිබේ. මීට අමතරව 5 වන ශ්‍රේණිය ශිෂ්‍යත්ව දීමනා, මහපොළ ශිෂ්‍යාධාර, ත්‍රිපෝෂ වැඩසටහන, ගොවි විශ්‍රාම වැටුප, පාසල් දරුවන්ගේ පෝෂණ වැඩසටහන, රණවිරු සහ ආබාධිත රණවිරු දීමනා, රණවිරු මාපිය රැකවරණ දීමනාව, කල් දැමිය නොහැකි විදුලිය, ජලය, ඉන්ධන සහ අත්‍යවශ්‍ය විදුලි සංදේශ සේවා සඳහා ද ප්‍රතිපාදන වෙන් කෙරෙනු ඇති. රෝහල්, බන්ධනාගාර, ආරක්ෂක අංශ සඳහා ආහාර සැපයුම් , නඩත්තු සේවා , ගොඩනැගිලි කුලී, පිරිසිදු කිරීමේ සේවා, ආරක්ෂක සේවා සම්බන්ධයෙන් ඇති කර ගත් ගිවිසුම් අනුව ගෙවීම්, සේවක අර්ථ සාධක වැනි ව්‍යවස්ථාපිත ගෙවීම් සඳහා පොහොර සහනාධාරය සැපයීමට වෙන් කළ ප්‍රතිපාදනවල ද වෙනසක් සිදුවන්නේ නැහැ.
2023-02-09T05:32:40.000Z
මන්ත්‍රී ඩයනා ආගමන විගමන නීති යටතේ අත්අඩංගුවටගත හැකියි - අධිකරණය
ඩයනා අත්අඩංගුවටගත හැකියි..
COLOMBO (News 1st) - පාර්ලිමේන්තු මන්ත්‍රිනී ඩයනා ගමගේ මහත්මිය ආගමන විගමන නිති උල්ලංඝණය කර ඇති බව පෙනී යන බැවින් , ඇය අත්අඩංගුවට ගත හැකි බව අධිකරණය අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට අද දැනුම් දුන්නේ ය. ඒ , සමාජ ක්‍රියාකාරිකයෙකු වන කුසල ලක්මාල් හේරත් මහතා ගොනු කර තිබූ පෞද්ගලික පැමිණිල්ලක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඉදිරියේ සලකා බැලූ අවස්ථාවේදියි. ඩයනා ගමගේ මහත්මිය ශ්‍රී ලංකාවේ පුරවැසිභාවයක් නොමැති බ්‍රිතාන්‍ය පුරවැසියෙකු බවත් , ඇගේ උප්පැන්න සහතික , ජාතික හැඳුනුම්පත මෙන්ම විදේශ ගමන් බලපත්‍රය ද ව්‍යාජ බවත් , ඇයට එරෙහිව නිතිමය පියවර ගන්නා ලෙස එම පැමිණිල්ල ගොනු කර තිබිණ. අද මෙම නඩුව කැඳවු අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා කියා සිටියේ , ඩයනා ගමගේ මහත්මිය උප්පැන්න සහතික දෙකක් ආගමන විගමන දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කර විදේශ ගමන් බලපත්‍ර ලබා ගෙන ඇති බව මේ වන විට තම අධිකරණයට ඉදිරිපත්වී ඇති ලේඛන අනුව පැහැදිලි වන බවත් , ඒවා ආගමන විගමන පනත යටතේ ගැනෙන වැරදි බැවින් ඇය අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කිරිමක් අවශ්‍ය නොමැති බවයි. එම වැරදි සම්බන්ධයෙන් ආගමන විගමන පනත යටතේ සුදුසු ලෙස කටයුතු කිරිමේ හැකියාව විමර්ශන නිලධාරින්ට හිමිවී ඇතැයි ද ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නේ ය. ඩයනා ගමගේ මහත්මිය එලෙස ව්‍යාජ උප්පැන්න දෙකක් ඉදිරිපත් කර විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීම ආගමන විගමන පනත යටතේ ගැනෙන වැරදි නොවේ දැයි මහේස්ත්‍රාත්වරයා ඒ සම්බන්ධයෙන් විමර්ශනය කරන අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින්ගෙන් විමසා සිටි අතර ඔවුන් අධිකරණයෙ නැඟු එම පැනවලට කිසිදු පිළිතුරක් ලබා නොදි නිහඬව සිට ඇත. මෙම නඩුව ලබන මාර්තු 02 වැනිදා යළි කැඳවීමට නියමිතයි.
2023-02-09T03:58:25.000Z
ඒ .එච්. එම්. ෆවුසි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙයි
ෆවුසි පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ දිවුරුම් දෙයි
COLOMBO (News 1st) - මුජිබුර් රහුමාන්ගෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු අසුන වෙනුවෙන් ඒ .එච්. එම්. ෆවුසි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දී තිබේ. පසුගිය මස 20 වැනිදා මුජිබුර් රහුමාන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වූයේ, ඉදිරි පළාත් පාලන ඡන්දයේදී සමගි ජන බලවේගය යටතේ කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ධුරයට තරග කිරීම සඳහායි. ඒ අනුව මුජිබර් රහුමාන් මහතා ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා ඒ. එච්. එම් ෆවුසි මහතාගේ නම පසුගිය මස 25 වැනිදා ගැසට් මගින් ප්‍රකාශයට පත් කෙරිණ.
2023-02-09T03:51:25.000Z
20යි 20 ලෝක කුසලාන කාන්තා පුහුණු තරගාවලියේ ශ්‍රී ලංකාව පැරදු බටහිර ඉන්දීය කොදෙව්වන්ට ජය
ශ්‍රී ලංකාව පැරදු බටහිර ඉන්දීය කොදෙව්වන්ට ජය
News 1st - 2023 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාවට එරෙහි පුහුණු තරගය බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ජය ගෙන තිබේ. දකුණු අප්‍රිකාවේ කේප් ටවුන්හීදී මෙම තරගය පැවැත්වුණි. තරගයේ කාසිය වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 107 කි. හර්ෂිතා සමරවික්‍රම ලකුණු 16 ක් රැස් කළ අතර ඉනිමේ වැඩිම ලකුණු ලාභිනිය වූ නිලක්ෂි ද සිල්වා ලකුණු 29ක් ලබා ගත්තා ය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 4ක් අවසානයේ කඩුලු 6ක් පමණක් දැවී තිබියදීයි නියමිත ඉලක්කය පසු කර ඇත. හේයිලි මැතිව් ලකුණු 46යි.
2023-02-09T03:34:37.000Z
භූ කම්පනවලින් මියගිය ගණන 12,000 පනී.. මුදා ගැනීමේ මෙහෙයුම් ප්‍රමාද බවට තුර්කි වැසියන්ගෙන් චෝදනා..
තුර්කි භූ කම්පනවලින් මියගිය ගණන 12,000 පනී
News 1st - ගලවා ගැනීමේ කණ්ඩායම්වල මන්දගාමී ක්‍රියාකලාපය තුර්කි ජනතාවගේ අප්‍රසාදයට ලක්ව තිබේ. භූ කම්පනවලින් විපතට පත් වූ තුර්කි වැසියන් අවධාරණය කළේ, ඇතැම් ප්‍රදේශවල සුන්බුන් අතර සිරවූවන් මෙතෙක් මුදා ගෙන නොමැති බවයි. කඩා වැටුණු ඇතැම් ගොඩනැගිලිවල සුන්බුන් අතරින් උදව් ඉල්ලා කෑ ගසන හඬ ඇහෙන බව තුර්කි වැසියන් පවසති. නමුත් එම සිරවී සිටින පිරිස් මුදා ගැනීමට ප්‍රමාණවත් ගලවා කණ්ඩායම් සහ උපකරණ නොමැති බවට තුර්කි වැසියන් චෝදනා කළහ. භූ කම්පන හේතුවෙන් තුර්කියේ සහ සිරියාවේ මියගිය පුද්ගලයින් සංඛ්‍යාව ද මේ වනවිට 12,000 ඉක්මවා ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
2023-02-09T01:40:25.000Z
පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටි 4 ක් නිට්ටඹුවේදී අත්අඩංගුවට
පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටි 4 ක් අත්අඩංගුවට
COLOMBO (News 1st) - පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටි පුද්ගලයින් 4 දෙනෙකු නිට්ටඹුවේදී අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, සැකකටයුතු මෝටර් රථයක් පරීක්ෂා කිරීමේදී ඔවුන් සොයා ගත් බවයි. අදාළ මෝටර් රථයේ සිටි පුද්ගලයින් දෙදෙනෙකු පොලිස් ක්‍රීඩා ඇඳුමින් සැරසී සිට ඇති අතර ඔවුන් පොලිස් නිලධාරීන් නොවන බවට හඳුනා ගෙන ඇත. පොලීසිය පැවසුවේ, සැකකරුවන් සතුව තිබී අත්විලංගු යුවළක් සහ ව්‍යාජ අංක තහඩු 3 ක් ද සිය භාරයට ගත් බවයි. 25, 26, 27 සහ 42 හැවිදිරි සැකකරුවන් මුල්ලේරියාව, ගිංතොට හා එල්ලක්කල ප්‍රදේශවල පදිංචිකරුවන් ය. ඔවුන් අද අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. සැකකරුවන් යම් අපරාධයක් සිදු කිරීමට සූදානමින් සිටියාදැයි සෙවීමට විමර්ශන ක්‍රියාත්මකයි.
2023-02-09T01:33:17.000Z
ගල්අඟුරු නැව්වලට මුදල් ගෙවීම අසීරුයි - ලංකා ගල්අඟුරු සමාගම කියයි
ගල්අඟුරු නැව්වලට මුදල් ගෙවීම අසීරුයි
COLOMBO (News 1st) - නොරොච්චෝලේ බලාගාරයට රැගෙන එනු ලබන ගල්අඟුරු නෞකා සඳහා මුදල් ගෙවීම අසීරු බව ලංකා ගල්අඟුරු සමාගම පවසයි. එම සමාගමේ සභාපති ශෙහාන් සුමනසේකර මහතා සඳහන් කළේ, මේ වනවිට දිවයිනට පැමිණි ඇති නෞකාවට ගෙවීමට මුදල් නොමැති බවයි. තවත් ගල්අඟුරු නෞකාවක් දිවයිනට සේන්දු වීමට නියමිතව තිබේ. එම නෞකා දෙකටම 30% ක් ලෙස මුදල් ගෙවා තිබුණ ද ඉතිරි මුදල එම නෞකාවල ගල්අඟුරු ගොඩ බෑමට පෙර සිදු කළ යුතු බව ගල්අඟුරු සමාගමේ සභාපතිවරයා පෙන්වා දෙයි. නමුත් එම මුදල් මේ අවස්ථාවේ ගෙවීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇත.
2023-02-09T01:28:33.000Z
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇරඹු වර්ජනය අද උදෑසන 8.00 න් අවසන්
GMOA වර්ජනය අද උදෑසන 8.00 න් අවසන්
COLOMBO (News 1st) - නව ආදායම් බදු ප්‍රතිපත්තියට විරුද්ධව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඊයේ (08) උදෑසන ආරම්භ කළ සංඛේත වර්ජනය අද (09) උදෑසන 8.00 ට අවසන් කිරීමට නියමිත වේ. විශේෂඥ වෛද්‍යවරුන්, රජයේ දන්ත වෛද්‍ය නිලධාරීන් සහ රජයේ ලියාපදිංචි සහ සහකාර වෛද්‍යවරුන් ඇතුළු සියලුම වෛද්‍යවරුන් ඊයේ මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට එක්ව සිටියහ. මේ හේතුවෙන් රජයේ රෝහල් බොහෝමයක දෛනික සායන සහ බාහිර රෝගී සේවාවන් අඩාල වුණි. රජයේ රෝහල්වල මෙන්ම පෞද්ගලික රෝහල්වල ද වෛද්‍යවරුන් මෙම වර්ජනයට එක්ව සිටියේ, නව ආදායම් බදු ප්‍රතිපත්තිය සංශෝධනය කිරීම, ඖෂධ හිඟය ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගනිමිනි. කෙසේ වෙතත් හදිසි ප්‍රතිකාර හා විශේෂිත රෝහල්වල කටයුතුවල වෛද්‍යවරුන් අඛණ්ඩව පවත්වාගෙන යනු ලැබීය. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා සඳහන් කළේ, ඉදිරි දින කිහිපයේ රජයේ පාර්ශ්වයෙන් නිසි විසඳුමක් ලබා නොදෙන්නේ නම් ඒ සඳහා ගන්නා වූ ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කරන බවයි. මේ අතර වරාය නිදහස් සේවක සංගමයේ සභාපති ප්‍රසන්න කළුතරගේ මහතා සඳහන් කළේ, ආණ්ඩුව සිය ඉල්ලීම්වලට කන්නොදෙන්නේ නම් එලඹෙන 17 වැනි දායින් පසු දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගවලට එලඹෙන බවයි.
2023-02-09T01:02:32.000Z
ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අද ඇරඹේ
ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ විවාදය අද
COLOMBO (News 1st) - ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අද (09) ආරම්භ වේ. පාර්ලිමේන්තුව අද පෙරවරු 9.30 ට ආරම්භ වන්නේ, කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙනි.
2023-02-09T00:25:08.000Z
ගෙවුණු දිනය උණුසුම් කළ පුවත්
ගෙවුණු දිනය උණුසුම් කළ පුවත්
1. අරගලකරුවන් ජනපති මන්දිරයෙන් සොයාගෙන තිබුණේ අසරණ ජනතාවට බෙදා දීමට සූදානම් කර තිබුණු මුදල්.. - CIDය අධිකරණයට දැනුම් දෙයි - අරගලකරුවන් විසින් කොළඹ කොටුව ජනාධිපති මන්ධිරයේ තිබියදී සොයාගත් මුදල්, අසරණ ජනතාවට බෙදා දීමට සූදානම්කර තිබුණු මුදල් බව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව(CID) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය. 2. මූල්‍ය නොවන වරප්‍රසාද උපයන විට බදු ගණනයෙන් ඉවත් කෙරේ - මූල්‍ය නොවන වරප්‍රසාද උපයන විට බදු ගණනයෙන් ඉවත් කළ බව ජනාධිපති වෘත්තිය සමිති අධ්‍යක්ෂ සමන් රත්නප්‍රිය මහතා පවසයි. 3. රට අරාජික කරන්න කිසිදු පාර්ශවයකට ඉඩ දෙන්නෙ නැහැ - ජනපති - තමන්ට අවශ්‍ය වන්නේ, ජනප්‍රිය වීමට නොවන බවත් රට වැටී ඇති අර්බුදයෙන් රට ගොඩ ගැනීම බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. 4. නව වැනි පාර්ලිමේන්තුවේ සිව්වන සැසිවාරය ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ - නව වැනි පාර්ලිමේන්තුවේ සිව්වන සැසිවාරය විවෘත කිරීම ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණ. 5. තුර්කි භූ කම්පනයෙන් මියගිය පිරිස 8000 ක් දක්වා ඉහළට - තුර්කි භූ කම්පනය හේතුවෙන් මේ වනවිට පුද්ගලයින් 8000 ක් පමණ ජීවිතක්ෂයට පත්ව තවත් 40,000 ක් පමණ තුවාල ලබා තිබේ.
2023-02-08T17:22:44.000Z
අරගලකරුවන් ජනපති මන්දිරයෙන් සොයාගෙන තිබුණේ අසරණ ජනතාවට බෙදා දීමට සූදානම් කර තිබුණු මුදල්.. - CIDය අධිකරණයට දැනුම් දෙයි
ජනපති මන්දිරයේ මුදල් ගැන දැනුම්දීමක්..
COLOMBO (News1st) - අරගලකරුවන් විසින් කොළඹ කොටුව ජනාධිපති මන්ධිරයේ තිබියදී සොයාගත් මුදල්, අසරණ ජනතාවට බෙදා දීමට සූදානම්කර තිබුණු මුදල් බව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව(CID) අද කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය. අරගලකරුවන් විසින් කොළඹ ජනාධිපති මන්දිරයේ තිබී සොයාගෙන කොටුව පොලිසියට භාරදුන් රුපියල් එක්කෝටි 78 ලක්ෂ පනස් දහස තමාගේ බවත් , එම මුදල් රටේ අසරණ ජනතාවට බෙදා දීමට සූදානම් කර තිබූ බවට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලබා දුන් ප්‍රකාශය අනුව අනාවරණය කර ඇතැයි , අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතාට පෙන්වා දුන්නේය. එම මුදල් හිටපු ජනාධිපතිවරයා වෙත නැවත භාර දීමට නියෝග කරන්නැයි ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ හරිගුප්ත සේනාධීර මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය. අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න මහතා ඊට විරෝධය පළ කළේය. ඔහු පෙන්වා දුන්නේ අදාළ මුදල් හිටපු ජනාධිපතිවරයා උපයා ගත් ආකාරය හෝ ඒවා ඔහුට ලැබුණු ආකාරය ඔහු ලබා දුන් ප්‍රකාශ අනුව අනාවරණය කර නොමැති අතර ඒ පිළිබඳව මුදල් විශුද්ධිකරණ පනත යටතේ හෝ අල්ලස් පනත යටතේ විමර්ශනයක් ද සිදු කර නොමැති බවය.
2023-02-08T06:54:40.000Z
මූල්‍ය නොවන වරප්‍රසාද උපයන විට බදු ගණනයෙන් ඉවත් කෙරේ
මූල්‍ය නොවන වරප්‍රසාද උපයන විට බදු ගණනයෙන් ඉවතට
COLOMBO (News 1st) - මූල්‍ය නොවන වරප්‍රසාද උපයන විට බදු ගණනයෙන් ඉවත් කළ ජනාධිපති වෘත්තිය සමිති අධ්‍යක්ෂ සමන් රත්නප්‍රිය මහතා පවසයි. ඒ පිළිබඳව අප කළ විමසීමකදී මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු ප්‍රකාශ කළේ, ඊට අදාළ චක්‍රලේඛය නිකුත් කර ඇති බවයි.
2023-02-08T05:32:21.000Z
රට අරාජික කරන්න කිසිදු පාර්ශවයකට ඉඩ දෙන්නෙ නැහැ - ජනපති
'අපි අපිටම පහනක් වෙමු රටම එළිය කළ හැක්කේ එවිටයි'
News 1st - තමන්ට අවශ්‍ය වන්නේ, ජනප්‍රිය වීමට නොවන බවත් රට වැටී ඇති අර්බුදයෙන් රට ගොඩ ගැනීම බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. 9 වැනි පාර්ලිමේන්තුවේ සිව් වැනි සැසිවාරය විවෘත කරමින් ජනාධිපතිවරයා පැවසුවේ, තමන් රට වෙනුවෙන් ජනප්‍රිය නොවන තීන්දු ගන්නා බවයි. අනතුරුදායක වැල් පාලමේ ශ්‍රී ලංකා මාතාව සෑහෙන දුරක් ආරක්ෂිතව රැගෙන ඒමට හැකියාව ලැබී ඇති බවත් එම ගමන ලේසි පහසු ගමනක් නෙවන බව සහ ගමන තවමත් අවසන් නොමැති බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ ය. මැතිවරණවලදී ප්‍රජාතන්ත්‍රවාදීව ආණ්ඩු මාරු කිරීමේ අවස්ථාව ඕනෑම පුරවැසියකුට තිබෙන නමුත් කිසිවෙකුට , කිසිදු දේශපාලන පක්ෂයකට හෝ කිසිදු කණ්ඩායමකටත් ශ්‍රී ලංකාව අරාජික කිරීමේ අයිතිය නොමැති බව ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය. බදු පැනවීම් සිදු කළේ, කැමැත්තකින් නොවන බවත් කැමති දේ කළ පමණින් රට ගොඩනැංවිය නොහැකි බවත් සඳහන් කළ ජනාධිපතිවරයා අවධාරණය කර සිටියේ, අකමැත්තෙන් වුවත් නිවැරදි දේ කළ යුතුව ඇති බවයි. ''උපයන විට ගෙවීමේ බද්ද අහෝසි කළොත් රටට රුපියල් බිලියන 100ක් අහිමි වෙනවා. බදු සීමාව රුපියල් ලක්ෂ දෙක දක්වා ඉහළ නැංවූවොත් රටට රුපියල් බිලියන 63ක් අහිමි වෙනවා. අහිමි වන සම්පූර්ණ මුදල රුපියල් බිලියන 163ක්. මේ සා මුදලක් අහිමි කරගන්න පුළුවන් තත්ත්වයක නෙවෙයි අද අප සිටින්නේ'' පාර්ලිමේන්තු සැසිවාරය විවෘත කරමින් ජනාධිපතිවරයා වැඩිදුටත් පැවුසවේ, තව මාස 5ක, 6 ක කෙටි කලක් මේ අමාරුව විඳ දරා ගතහොත් විසඳුමක් වෙත යා හැකි බවයි. ''මේ විදියට ඉදිරියට ගියොත් අවුරුද්දේ තුන්වෙනි, හතරවෙනි කාර්තු වෙද්දි රජයේ සේවකයන්ට වැඩිපුර දීමනාවක් ලබා දෙන්න අපට පුළුවන්. පුද්ගලික අංශයට සහන ලබාදෙන්න පුළුවන්. මුළු රටේම ජනතාවගේ අතමිට අදට වඩා සරු කරන්න පුළුවන්. රැකියා ආදායම් මාර්ග වැඩි කරන්න පුළුවන්. බැංකු පොළිය අඩු කරන්න පුළුවන්. තවත් අවුරුදු තුනක් ගතවෙද්දි අද ලබන ආදායමට වඩා සියයට 75ක පමණ වැඩි ආදායමක් ලබන්න රටේ ජනතාවට පුළුවන්'' ජනාධිපතිවරයා පැවසුවේ, තමන් කිසි විටෙක ඉටු කිරීමට නොහැකි දේ ප්‍රකාශ නොකරන බවත්, බලය වෙනුවෙන් බොරු නොකියන බවත් ය. ''අය වැය කතාවේ දී හා පාර්ලිමේන්තුව විවෘත කිරීමේදී කියු හැම දෙයක්ම මම ක්‍රියාත්මක කරමින් යනවා. ඒ ඔස්සේ ආර්ථිකයේ කිසියම් ස්ථාවරත්වයක් ඇති කරන්නට දැන් අපට පුළුවන් වෙලා තියෙනවා. බොරුවෙන් අනාගතය ගොඩනංවන්න බැරි බව දැන් බොහෝ දෙනෙකුට අවබෝධ වෙමින් තියෙනවා'' ඒකීය රාජ්‍යයක් තුළ උපරිම ලෙස බලය බෙදීමට බලාපොරොත්තු වන බව ද ජනපතිවරයා සඳහන් කළේ ය. ජනාධිපතිවරයා සියලු දෙනාගෙන් ඉල්ලා සිටියේ, අතීතයේ සිරකරුවන් නොවී අපි අනාගතය ගැන සිතා, එකට එක්ව, පොදු එකඟත්වයක් ඇති කර ගනිමින් ප්‍රජාතන්ත්‍රවාදී අදහස්වලින් පෝෂිතව ඉදිරියට යාමට ඉක්වන ලෙසයි. ''රට වැටී ඇති අසාධ්‍ය තත්ත්වයෙන් ගොඩ ගැනීමට උපරිම සහාය දෙමු. දේශපාලන අරමුණු ගැන සිතන්නට අවශ්‍ය නම්, රට මේ අර්බුදයෙන් මුදා ගත් පසු ඒ ගැන සිතමු. අපි අපිටම පහනක් වෙමු. රටම එළිය කළ හැක්කේ එවිටයි''
2023-02-08T04:07:49.000Z
නව වැනි පාර්ලිමේන්තුවේ සිව්වන සැසිවාරය ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ
නව වැනි පාර්ලිමේන්තුවේ සිව්වන සැසිවාරය ඇරඹේ
COLOMBO (News 1st) - නව වැනි පාර්ලිමේන්තුවේ සිව්වන සැසිවාරය විවෘත කිරීම ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණ. ඒ අනුව ජනාධිපතිවරයා පෙරවරු 10.00 ට පාර්ලිමේන්තු සැසිවාරය විවෘත කරමින් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමට නියමිතය.
2023-02-08T02:55:59.000Z
තුර්කි භූ කම්පනයෙන් මියගිය පිරිස 8000 ක් දක්වා ඉහළට
තුර්කි භූ කම්පනයෙන් මියගිය අය 8000ක් දක්වා ඉහළට
News 1st - තුර්කි භූ කම්පනය හේතුවෙන් මේ වනවිට පුද්ගලයින් 8000 ක් පමණ ජීවිතක්ෂයට පත්ව තවත් 40,000 ක් පමණ තුවාල ලබා තිබේ. තුර්කි බලධාරීන් සඳහන් කළේ, සුන්බුන් අතර සිරවී සිටින පිරිස් මුදා ගැනීමේ මෙහෙයුම් විදෙස් රටවල ද සහය මත අඛණ්ඩව ක්‍රියාත්මක බවය. ගලවාගැනීමේ මෙහෙයුම්වලට පවතින දැඩි සීත කාලගුණය දැඩි බලපෑම් එල්ල වී තිබේ. එක්සත් ජාතීන්ගේ සංවිධානය, යුරෝපා සංගසය, නේටෝ ඇතුළු සංවිධාන මෙන්ම අමෙරිකාව , එක්සත් රාජධානිය, චීනය, රුසියාව, ඉන්දියාව, ජපානය , ඉරාකය, ඉරානය, ඕස්ට්‍රේලියාව , නවසීලන්තය, ග්‍රීසිය , පකිස්ථානය ඇතුළු ලොව බොහෝ රටවල් මේ වනවිට තුර්කියේ සහ සිරියාවට සහන සැලසීමට එක්ව සිටී. තුර්කි වේලාවෙන් පෙරේදා (06) අලුයම පොළව මතුපිට සිට කිලෝමීටර 17.9ක් අභ්‍යන්තරයේ මැග්නිටියුඩ් ඒකක 7.8ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනය සිදුවී පැය 12කට පසුව සුළු පසුකම්පනවලට අමතරව ප්‍රබල පසු කම්පනයක් ද වාර්තා විය.
2023-02-08T02:37:42.000Z
තුර්කියට අවශ්‍ය සහය ලබාදීමට ශ්‍රී ලාංකික ජනතාව සූදානම්... ජනපති රනිල් තුර්කි ජනපති අමතමින් කියයි
තුර්කියට අවශ්‍ය සහය දෙන්න ශ්‍රී ලාංකාව සූදානම්
COLOMBO (News 1st) - ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා භූ කම්පනයෙන් විපතට පත් තුර්කි ජනාධිපති රිසිප් තායිප් එර්දොවාන් මහතා දුරකතනයෙන් අමතා මෙරට සහය පළ කර තිබේ. ව්‍යසනයේදී විපතට පත් තුර්කි ජනතාවට සහ තුර්කියට අවශ්‍ය සහය ලබාදීමට ශ්‍රී ලාංකික ජනතාව සූදානම් බව ඔහු එහිදී ප්‍රකාශ කළ බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනයක සඳහන් ය. මේ අතර තුර්කියේ භූ කම්පනයත් සමග අතුරුදන් වූ ශ්‍රී ලංකීක කාන්තාවගේ තොරතුරු තවදුරටත් සොයා බලමින් සිටින බව තුර්කියේ ශ්‍රී ලංකීක තානාපති කාර්යාලය සඳහන් කළේ ය. තුර්කියේ ශ්‍රී ලංකා තානාපති හසන්ති උරුගොඩවත්ත මහත්මිය සඳහන් කළේ, 69 හැවරිදි කාන්තාවක් පිළිබඳ මෙතෙක් කිසිදු තොරතුරක් ලබා ගැනීමට නොහැකි වී ඇති බවයි. එම කාන්තාවගේ ජංගම දුරකතනයට ලබා ගන්නා ලද ඇමතුම්වලට වෙනත් පුද්ගලයකු විසින් ප්‍රතිචාර දක්වන බව ද සඳහන් කළේ ය. තානාපතිවරිය සඳහන් කළේ, භූ කම්පනය හටගත් ප්‍රදේශවල ශ්‍රී ලංකීකයින් 16 දෙනෙකු රැඳී සිට ඇති අතර ඉන් 15 ක් නිරුපද්‍රිතව සිටින බවයි.
2023-02-08T01:34:43.000Z
13 ට එරෙහිව මහ සඟ රුවන කොළඹදී විරෝධතාවක
13 ට එරෙහිව මහ සඟ රුවන කොළඹදී විරෝධතාවක
COLOMBO (News 1st) - 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ වශයෙන් බලාත්මක කිරීමේ උත්සහයට එරෙහිව කොළඹදී සඟ සමුළුවක් හා විරෝධතාවක් අද පැවැත්වේ. එය සංවිධාන කරන්නේ, ත්‍රෛනිකායික භික්ෂු එකමුතුව විසිනි. ශ්‍රී ජයවර්ධනපුර, පැරකුම්බා පිරිවෙනේදී මෙම සඟ සමුළුව පැවැත්වෙන බව පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමියන් පැවසීය.
2023-02-08T01:28:22.000Z
අද විරෝධතා දිනයක්... ප්‍රධාන විරෝධතා රැළිය හයිට් පිටියේ....
අද විරෝධතා දිනයක්...
COLOMBO (News 1st) - වෘත්තීය සමිති රැසක් එක්ව අද (08) විරෝධතා දිනයක් ප්‍රකාශයට පත්කර තිබේ. ඒ, අසාධාරණ බදු ප්‍රතිපත්තිය ඇතුළු කරුණු කිහිපයකට විරෝධය පළ කරමිනි. වෛද්‍ය, විදුලි, වරාය, ඛනිජ තෙල්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඇතුළු වෘත්තිය සමිති 40කට අධික සංඛ්‍යාවක් අද පැවැත්වෙන විරෝධතාවට එක්වනු ඇත. ප්‍රධාන විරෝධතා රැළිය පැවැත්වෙන්නේ, කොළඹ හයිට් පිටියේදීයි. වෘත්තිකයින්ගේ විරෝධතා දිනයට සහය පළ කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද එක්දින සංකේත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇත. එහි මාධ්‍ය ප්‍රකාශක චමිල් විජේසිංහ මහතා පැවසුවේ, රජයේ මෙන්ම පෞද්ගලික රෝහල්වලත් පැය 24 ක මෙම සංඛේත වර්ජනය ක්‍රියාත්මක බවයි. කෙසේ වෙතත් ළමා, මාතෘ, පිළිකා ඇතුළු රෝහල් කිහිපයක එය ක්‍රියාත්මක නොකරන බව ඔහු ප්‍රකාශ කළේ ය. රජයේ දන්ත වෛද්‍ය නිලධාරීන් ද අද දිනයේ සංකේත වැඩ වර්ජනයක නිරත වන්නේ, අසාධාරණ බදු ප්‍රතිපත්තිය හකුලා ගන්නා ලෙස බලකරමිනි. මේ අතර විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයත් අද එක්දින සංඛේත වර්ජනයක නිරතවීමට තීරණය කර තිබේ. විදුලිය, ජලසම්පාදන, ඛනිජ තෙල් සහ වරාය ඇතුළු වෘත්තීය සමිති රැසක් අද දහවල් කොළඹ කොටුවේදී ඒකාබද්ධ විරෝධතාවක නිරත වන්නේ ඒ අතර වාරයේයි. වරාය වෘත්තීය සමිති අද පෙරවරුවේ සිට අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වනු ඇත. ලංකා විදුලි බල මණ්ඩල ඉංජිනේරු සංගමයේ සමලේකම් ඉසුරු කස්තුරිරත්න මහතා පැවසුවේ, තම සංගමයේ සියලු සාමාජිකයින් අද දිනයේ සේවාවලින් ඉවත් වන බවයි. ඛනිජ තෙල් සංස්ථා සේවකයින් ද අද පැවැත්වෙන විරෝධතාවයට එක් වන බව ඛනිජ තෙල් පොදු සේවක සංගමයේ සභාපති අශෝක රංවල මහතා පැවසුවේ ය. මේ අතර නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ හා සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සංගමය පවසන්නේ, තම සාමාජිකයින් අද දිනයේ ලෙඩ නිවාඩු මත සේවායට වාර්තා නොකිරීමට තීරණය කර ඇති බවයි. අසාධාරණ බදු පනතට විරෝධය පළ කිරීම මෙහි අරමුණ වේ. ජල සම්පාදන සේවක සංගමය ද අද පැවැත්වෙන විරෝධතාවට එක්වෙන බව එහි සමලේකම් උපාලි රත්නායක මහතා සඳහන් කළේ ය. මේ අතර ලංකා බැංකු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රංජන් සේනානායක මහතා පැවසුවේ, අද දිනයේ බැංකු ගනුදෙනු පෙරවරු 10.30 ට අත්හිටුවීමට තම සාමාජිකයින් තීරණය කර ඇති බවයි.
2023-02-08T01:01:26.000Z
හිඟව පැවති පිළිකා ඖෂධ 43 ක් රටට ගෙන්වයි..
හිඟව පැවති පිළිකා ඖෂධ 43 ක් රටට ගෙන්වයි..
COLOMBO (News 1st) - හිඟව පැවති පිළිකා නාශක ඖෂධ වර්ග 43 ක් මෙරටට ආනයනය කළ බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ, කොළඹ වරායට ලැබුණු එම ඖෂධ තොගය මේ වනවිට රේගු නිශ්කාශන කටයුතු සඳහා යොමු කර ඇති බවය. ඒ අනුව ඉදිරි දින කිහිපයේදී එම ඖෂධ රෝහල් වෙත බෙදා හැරීමට කටයුතු කරන බව ද අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ය. මේ අතර මෙරට හිඟව පවතින අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 140 ක් පමණ ඇණවුම් කර ඇති අතර ඒවා කඩිනමින් දිවයිනට ගෙන්වා ගැනීමට සැලසුම් කර ඇති බව ද සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ය.
2023-02-08T00:58:38.000Z
පාර්ලිමේන්තුවේ නව සැසිවාරය විවෘත කිරීම අද ජනපති ප්‍රධානත්වයෙන්
පාර්ලිමේන්තුවේ නව සැසිවාරය අද ජනපති ප්‍රධානත්වයෙන්
COLOMBO (News 1st) - නව වැනි පාර්ලිමේන්තුවේ සිව්වන සැසිවාරය විවෘත කිරීම ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද (08) සිදු කෙරේ. ඒ සඳහා වන උත්සවය ආරම්භ කෙරෙන්නේ අද පෙරවරු 9.30 ටයි. ජනාධිපතිවරයා පෙරවරු 10.00 ට පාර්ලිමේන්තු සැසිවාරය විවෘත කරමින් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමට නියමිතය. චාම් උත්සවයක් ලෙස මෙය පැවැත්වීමට ජනාධිපතිවරයාගේ උපදෙස් මත කටයුතු යොදා ඇති අතර ඒ අනුව ත්‍රිවිධ හමුදා උත්තමාචාර, ආචාර වෙඩි මුර සහ රථ පෙළපාලී නොපැවැත්වෙන බව පාර්ලිමේන්තුව නිකුත් කළ නිවේදනයක සඳහන් ය.
2023-02-08T00:25:29.000Z
ගෙවුණු දිනය උණුසුම් කළ පුවත්
ගෙවුණු දිනය උණුසුම් කළ පුවත්
1. වෘත්තීය සමිති හා සිවිල් සංවිධාන මුදල් අමාත්‍යාංශයට කැඳවයි - උපයනවිට බදු අයකිරීම ඇතුළු බදු සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ වෘත්තීය සමිති අධ්‍යක්ෂ, සමන් රත්නප්‍රිය මහතා වෘත්තීය සමිති හා සිවිල් සංවිධාන මුදල් අමාත්‍යාංශයට කැඳවා සාකච්ඡා කර තිබේ. 2. පාර්ලිමේන්තුවේ නව සැසිවාරය හෙට ජනපති ප්‍රධානත්වයෙන් - පාර්ලිමේන්තුවේ නව සැසිවාරය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද (08) විවෘත කිරීමට සූදානම් වේ. 3. පැරිස් සමාජයෙන් මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ මූල්‍ය සහතිකය IMF වෙත - ජනාධිපති මාධ්‍ය අංශය - ද්වීපාර්ශ්වික ණය හිමියන්ගේ එකතුවක් වන පැරිස් සමාජය ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ මූල්‍ය සහතිකය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) වෙත ලබාදී ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය ඊයේ (07) පස්වරුවේ නිවේදනය කළේ ය. 4. උ/පෙළ සමයේ විදුලි කප්පාදුව: පෙත්සම සලකාබලා අවසන්..තීන්දුව බ්‍රහස්පතින්දා හෝ සිකුරාදා - අ.පොස උසස් පෙළ විභාගය අවසන් වන තුරු විදුලි කප්පාදුවක් සිදු නොකරන ලෙසට තම කොමිෂන් සභාව විසින් කරන ලද නිර්දේශය නොසළකා හැරීමෙන් සිදු කළ අපහාසයට ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා ඇතුළු බලධාරින්ට එරෙහිව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් ගොනුකර තිබූ අධිකරණයට අපහාස කිරිමේ නඩුව ඊයේ (07) දින සලකා බැලීම අවසන් කෙරිණ. 5. තුර්කි ඛේදවාචකයෙන් අහිමි වූ ජීවිත ගණන 5,000 ඉක්මවා යයි - සිරියානු දේශ සීමාවට ආසන්නව තුර්කියේ ඊයේ සිදු වූ ප්‍රබල භූ කම්පනයෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 5,000 ඉක්මවා ගොස් තිබේ.
2023-02-07T16:32:23.000Z
සිරස ලක්ෂපති 10වැනි අදියර 11 වැනිදා සිට..
සිරස ලක්ෂපති 10 වැනි අදියර..
COLOMBO ( News 1st ) - ලොකු කුඩා කවුරුත් ආදරයෙන් වැළඳගත් සිරස ලක්ෂපති වැඩසටහනේ 10 වැනි අදියර ලබන 11 වැනිදා ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කර තිබේ. වැඩසටහන හඳුන්වාදීම අද (07) පස්වරුවේ සිදු කෙරිණි. දකුණු ආසියාවේ අති නවීනතම පහසුකම් වලින් යුත් ස්ටයින් ස්ටුඩියෝ තුළ කෙරෙන නිමැවුම් අතර සිරස ලක්ෂපති වැඩසටහනට හිමිවන්නේ ප්‍රමුඛ ස්ථානයක් වන අතර එය ජාත්‍යන්තරව කීර්තියට සහ දේශීය සම්මාන රැසකට පාත්‍ර වූ වරලත් වැඩසටහනක් වීම ඊට මූලික හේතුවයි. මෙවර සිරස ලක්ෂපති වැඩසටහන පැවැත්වෙන්නේ නව මුහුණුවරකිනි. සිරස Tv විකාශය කරන ලක්ෂපති වැඩසටහනට 7788 අමතා ඔබ සියලු දෙනාට තරගය හා එක්වීමේ අවස්ථාව හිමි වන අතර සෑම සති අන්තයකම රාත්‍රී 7.30 ට ඔබටත් සිරස ලක්ෂපති ඔබට සිරස ටී.වී. තුළින් නැරඹිය හැකියි.
2023-02-07T15:34:26.000Z
වෘත්තීය සමිති හා සිවිල් සංවිධාන මුදල් අමාත්‍යාංශයට කැඳවයි
බදු පිළිබඳව මුදල් අමාත්‍යාංශයේ දී සාකච්ඡා...
COLOMBO (News 1st) - උපයනවිට බදු අයකිරීම ඇතුළු බදු සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ වෘත්තීය සමිති අධ්‍යක්ෂ, සමන් රත්නප්‍රිය මහතා වෘත්තීය සමිති හා සිවිල් සංවිධාන මුදල් අමාත්‍යාංශයට කැඳවා සාකච්ඡා කර තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ, මතුව ඇති ගැටළුවලට කඩිනම් විසඳුම් හා යෝජනා මෙම සාකච්ඡා තුළින් ලබාගෙන කඩිනම්, කෙටිකාලීන විසඳුම් යෝජනාවක් ජනාධිපතිවරයාට හා අග්‍රාමාත්‍යවරයාට ඉදිරිපත් කරන බව සමන් රත්නප්‍රිය මහතා ප්‍රකාශ කළ බව ය. නව බදු ක්‍රමය සම්බන්ධව වෘත්තීය සමිති නායකයින් හා සිවිල් සංවිධාන නියෝජිතයින්ගේ අදහස් හා යෝජනා සැළකිල්ලට ගනිමින් යම් සහනයක් ලබාදීමට හැකි කෙටි කාලීන ක්‍රමෝපායන් පිළිබඳව සාකච්ඡා කිරීමට අවස්ථාව තිබෙන බව රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ, අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය කපිල සේනානායක මහතා මෙහිදී දැනුම් දී තිබේ. ඔහු සඳහන් කර ඇත්තේ, කෙටිකාලීන ක්‍රමෝපායක් වශයෙන් පුද්ගල ආදායම මත බදු පැනවීම සිදු කරන අතර එය අනෙකුත් ආසියාතික රටවලට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ ඉතා අඩු ප්‍රතිශතයක් වන බව ය. මෙම නව බදු ප්‍රතිපත්තිය මගින් පුද්ගල ආදායම මත අයකරන බදු ක්‍රමයේ ගැටළු පවතින බවත්, බදු ප්‍රතිපත්ති සකස් කිරීමට පෙර වෘත්තීය සමිති සමග ද සාකච්ඡා කරන ලෙසත් මෙහිදී වෘත්තීය සමිති ප්‍රකාශ කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වෘත්තීය සමිති නායකයෙකු වන ලෙස්ලි දේවේන්ද්‍ර සහ පොදුජන පෙරමුණේ ඛනිජ තෙල් වෘත්තීය සමිති නායකයෙකු වන බන්දුල සමන් කුමාර යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.
2023-02-07T15:27:35.000Z
පාර්ලිමේන්තුවේ නව සැසිවාරය හෙට ජනපති ප්‍රධානත්වයෙන්
පාර්ලිමේන්තුවේ නව සැසිවාරය හෙට ජනපති ප්‍රධානත්වයෙන
COLOMBO (News 1st) - පාර්ලිමේන්තුවේ නව සැසිවාරය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් හෙට (08) විවෘත කිරීමට සූදානම් වේ. රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්වී මෙලෙස පාර්ලිමේන්තු සැසිවාරය විවෘත කරන දෙවන අවස්ථාව මෙයයි. 09 වන පාර්ලිමේන්තුවේ සිව්වන සැසිවාරය විවෘත කිරීම සඳහා ජනාධිපතිවරයා හෙට (08) පෙරවරු 9.30 ට පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණීමට නියමිත අතර ඊට අදාළ පෙරහුරු පසුගිය දිනවල පැවැත්විණි. ජනාධිපතිවරයා හෙට (08) පෙරවරු 10.00 ට පාර්ලිමේන්තු සැසිවාරය විවෘත කරමින් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමට නියමිතය. හෙට (08) දිනයේ චාම් උත්සවයක් ලෙස මෙය පැවැත්වීමට ජනාධිපතිවරයාගේ උපදෙස් මත කටයුතු යොදා ඇති අතර ඒ අනුව ත්‍රිවිධ හමුදා උත්තමාචාර, ආචාර වෙඩි මුර සහ රථ පෙළපාලී නොපැවැත්වෙන බව පාර්ලිමේන්තුව නිකුත් කළ නිවේදනයක සඳහන් ය.
2023-02-07T15:22:16.000Z
පැරිස් සමාජයෙන් මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ මූල්‍ය සහතිකය IMF වෙත - ජනාධිපති මාධ්‍ය අංශය
පැරිස් සමාජයෙන් කොළ එළියක්
COLOMBO (News 1st) -ද්වීපාර්ශ්වික ණය හිමියන්ගේ එකතුවක් වන පැරිස් සමාජය ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ මූල්‍ය සහතිකය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) වෙත ලබාදී ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය අද (08) පස්වරුවේ නිවේදනය කළේ ය. ශ්‍රී ලංකාවේ මුළු විදේශ ණය ප්‍රමාණයෙන් 34% ලබාදී ඇත්තේ ජපානය ඇතුළු පැරිස් සමාජයේ සාමාජිකත්වය දරණ රටවල් මගිනි. කෙසේ වෙතත් විශාලතම ද්වීපාර්ශ්වික ණය ප්‍රමාණය ලබාදී ඇති චීනය හා ඉන්දියාව පැරිස් සමාජයට ඇතුළත් වී නොමැත.
2023-02-07T10:50:18.000Z
උ/පෙළ සමයේ විදුලි කප්පාදුව: පෙත්සම සලකාබලා අවසන්..තීන්දුව බ්‍රහස්පතින්දා හෝ සිකුරාදා
උ/පෙළ සමයේ විදුලි කප්පාදු පෙත්සම සලකාබලා අවසන්
COLOMBO ( News 1st ) - අ.පොස උසස් පෙළ විභාගය අවසන් වන තුරු විදුලි කප්පාදුවක් සිදු නොකරන ලෙසට තම කොමිෂන් සභාව විසින් කරන ලද නිර්දේශය නොසළකා හැරීමෙන් සිදු කළ අපහාසයට ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා ඇතුළු බලධාරින්ට එරෙහිව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් ගොනුකර තිබූ අධිකරණයට අපහාස කිරිමේ නඩුව අද (07) දින සලකා බැලීම අවසන් කෙරිණ. එම නඩුව ගාමිණි අමරසේකර, කුමුදුනී වික්‍රමසිංහ හා ශිරාන් ගුණරත්න යන විනිසුරු මඩුල්ල හමුවේදී අද (07) සළකා බැලූ අතර එම සළකා බැලීමෙන් අනතුරුව විනිසුරු මඩුල්ල නියෝග කළේ, පෙත්සම්කරුවන් එනම් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් ඉල්ලා ඇති පරිදි විදුලිය විසන්ධි කිරිම වළක්වන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නේ ද? සහ වගඋත්තරකරුවන් අධිකරණයට කැඳවීමට නොතීසි නිකුත් කරන්නේ ද ? යන නියෝගය ලබන බ්‍රහස්පතින්දා හෝ සිකුරාදා දිනය ඇතුළත නිකුත් කරන බවයි. අද (07) දින රාත්‍රි 9.00 ට පෙර ලිඛිත දේශන අධිකරණයේ රෙජිස්ට්‍රාවරයා වෙත ගොනු කරන ලෙසට ද විනිසුරු මඩුල්ල සියලු පාර්ශ්වවලට නියෝග කළ අතර එහිදී ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙනුවෙන් පෙනී සිටි, ජනාධිපති නීතීඥ උපුල් ජයසූරිය මහතා මෙන්ම වග උත්තරකාර ලංකා විදුලිබල මණ්ඩලය සහ ශ්‍රී ලංකා ඛණිජතෙල් නීතිගත සංස්ථාව ඇතුළු සෙසු වග උත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණය හමුවේ දීර්ඝ ලෙස කරුණු දක්වනු ලැබිණ.
2023-02-07T10:44:55.000Z
මැතිවරණ කොමිසමේ සාමාජික චාල්ස් මහත්මියගේ ඉල්ලා අස්වීම ජනපති පිළිගනී
චාල්ස් මහත්මියගේ ඉල්ලා අස්වීම ජනපති පිළිගනී
COLOMBO ( News 1st ) - මැතිවරණ කොමිසමේ සාමාජික පී.එස්.එම්. චාල්ස් මහත්මියගේ ඉල්ලා අස්වීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පිළිගෙන තිබේ. එතුමිය මැතිවරණ කොමිසමෙන් ඉල්ලා අස්වීමේ ලිපිය මීට දින කිහිපයකට පෙර ජනාධිපතිවරයාට යොමුකර තිබූ බවත් එය ජනාධිපතිවරයා එම අවස්ථාවේදී පිළිගෙන නැති බවත් අනාවරණය වී තිබිණ. කෙසේ වෙතත්, ජනාධිපති මාධ්‍ය අංශය අද (07) නිවේදනය කළේ, ජනාධිපතිවරයා එය පිළිගෙන ඇති බවයි. මැතිවරණ කොමිසමේ සාමාජිකයෙක් ඉල්ලා අස්වුව ද පළාත් පාලන මැතිවරණයට බලපෑමක් නොවනු ඇති.
2023-02-07T10:13:08.000Z
තුර්කි ඛේදවාචකයෙන් අහිමි වූ ජීවිත ගණන 5,000 ඉක්මවා යයි
තුර්කි ඛේදවාචකයෙන් අහිමි වූ ජීවිත ගණන 5,000 පනී..
COLOMBO ( News 1st ) - සිරියානු දේශ සීමාවට ආසන්නව තුර්කියේ ඊයේ සිදු වූ ප්‍රබල භූ කම්පනයෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 5,000 ඉක්මවා ගොස් තිබේ. තුර්කි උප ජනාධිපති ෆුවාට් ඔක්ටේ උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර කරන්නේ, තුර්කියෙන් වාර්තා වන පුද්ගල මරණ සංඛ්‍යාව 3,419 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි. භූ කම්පනයෙන් තුර්කියේ පුද්ගලයින් 20,534 දෙනෙකු තුවාල ලබා ඇති බවත් 6,000 කට ආසන්න ගොඩනැගිලි සංඛ්‍යාවක් කඩා වැටී ඇති බවත් සඳහන් ය. භූ කම්පනයෙන් පසු සිරියාවෙන් වාර්තා වන මරණ සංඛ්‍යාව 1,602 ක් දක්වා ඉහළ ගොස් තිබේ. තුර්කියේ ආපදා සහ හදිසි කළමනාකරණ අධිකාරියට අනුව මේ වනවිට සෝදිසි සහ ගලවා ගැනීමේ මෙහෙයුම් සඳහා එක්ව සිටින සහන සේවකයින් සංඛ්‍යාව 24,400 කට අධික ය. කෙසේ වෙතත් ප්‍රදේශයේ පවතින අධික ශීත සහිත කාලගුණික තත්ත්වය මේ වනවිට මෙම මුදා ගැනීමේ මෙහෙයුම්වලට බාධාවක් වී ඇතැයි දවාර්තා වේ. එක්සත් ජාතීන්ගේ සංවිධානය, යුරෝපා සංගසය, නේටෝ ඇතුළු සංවිධාන මෙන්ම අමෙරිකාව , එක්සත් රාජධානිය, චීනය, රුසියාව, ඉන්දියාව, ජපානය , ඉරාකය, ඉරානය, ඕස්ට්‍රේලියාව , නවසීලන්තය, ග්‍රීසිය , පකිස්ථානය ඇතුළු ලොව බොහෝ රටවල් මේ වනවිට තුර්කියේ සහ සිරියාවට සහන සැලසීමට එක්ව සිටී. තුර්කි වේලාවෙන් ඊයේ අලුයම පොළව මතුපිට සිට කිලෝමීටර 17.9ක් අභ්‍යන්තරයේ මැග්නිටියුඩ් ඒකක 7.8ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනය සිදුවී පැය 12කට පසුව සුළු පසුකම්පනවලට අමතරව ප්‍රබල පසු කම්පනයක් ද වාර්තා විය.
2023-02-07T09:28:39.000Z
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සංකේත වැඩ වර්ජනයක් ප්‍රකාශයට පත් කරයි
රජයේ වෛද්‍ය නිලධාරීන් හෙට (08) වැඩ වර්ජනයක
COLOMBO ( News 1st ) - රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හෙට (08) උදෑසන 8.00 සිට සංකේත වැඩවර්ජනයක් ප්‍රකාශයට පත් කර තිබේ. ඒ අනුව රාජ්‍ය මෙන්ම පෞද්ගලික රෝහල්වල සේවයෙන් ඔවුන් ඉවත් වනු ඇති. කෙසේ වෙතත් ශල්‍යකර්ම, හදිසි ප්‍රතාකාර, ළමා , මාතෘ ඇතුළු විශේ ප්‍රතිතර සේවාවලින් ඉවත් නොවන බව ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කළේ ය. පවතින ඖෂධ හිගය මෙන්ම රජයේ වත්මන් බදු ප්‍රතිපත්තියට විරෝධය පළ කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙම සංකේත වැඩවර්ජනය ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබේ. මේ අතර හෙට දිනයේ විදුලිය ,ජලය ,වාරය ඇතුළු වෘත්තීය ක්ෂේත්‍ර රැසක් හෙට දිනයේ විරෝධතා මාලාවක් ද ප්‍රකාශයට පත් කර ඇති බව වාර්තා වේ.
2023-02-07T09:01:35.000Z
නිදහස් උත්සවයේ වියදම් ගැන සමාජ මාධ්‍යයේ පළ වන වාර්තා අසත්‍යයි... වැය කළ මුළු මුදල මෙන්න... ජනාධිපති මාධ්‍ය අංශයෙන් නිවේදනයක්
නිදහස් උත්සවයට වැය කළ මුළු මුදල මෙන්න..
COLOMBO ( News 1st ) - 75 වන නිදහස් දින සැමරුම් නිල රජ්‍ය උත්සවයේ වියදම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතින පුවත් සාවද්‍ය බවත් එම පුවත් සහ තොරතුරු සම්බන්යෙන් අවධානය යොමුව ඇති බවත් ජනාධිපති කාර්යාලය පවසයි. ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ, මෙවර පැවැත්වූ 75 වන ජාතික නිදහස් දින සැමරුම් නිල රාජ්‍ය උත්සවය සඳහා රජය වැය කළ මුළු මුදල රුපියල් 11,130,011 ශත 29ක් පමණක් බව ත් එය මීට පෙර නිදහස් දින සැමරුම් රාජ්‍ය උත්සව සඳහා වැය කළ මුදලට වඩා ඉතාම අඩු මුදලක් බවයි. ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ, ආර්ථික අර්බුදය හේතුවෙන් නිදහස් සැමරුම් නිල රාජ්‍ය උත්සවයක් පැවැත්වීම වර්ජනය කිරීමට ජනතාවට බල කළ පටු දේශපාලන ක්‍රියාවලියේ තවත් දිගුවක් ලෙස මෙම සාවද්‍ය තොරතුරු ප්‍රචාරය පෙන්නුම් කරන බව සහ එහි අපේක්ෂාව දුස් තොරතුරු හරහා ජනතාව නොමග යවා රජය ජනතාවගේ වෛරයට ලක්කිරීම සහ ආණ්ඩුව අපහසුතාවට පත්කර තම දේශපාලන අවශ්‍යතා ඉටුකර ගැනීම විය යුතු බවයි. ඒ වෙනුවෙන් නිදහස් දින සැමරුම් උත්සවයේ ජංගම වැසිකිළි පහසුකම් සැපයීම පවා වරදක් ලෙස ජනතාවට ඒත්තු ගැන්වීමට උත්සාහ දරා ඇති බව අදාළ නිවේදනයේ සඳහන් ය. දහස් සංඛ්‍යාත පිරිසක් රැස්වන උත්සවයක සෞඛ්‍යාරක්ෂිත බව නිසි ලෙස තහවුරු කිරීමේ පියවරක් ලෙස ප්‍රමාණවත් පරිදි ජංගම වැසිකිළි පහසුකම් සැපයීම වෙනුවෙන් වැය බරක් දැරීම කිසිසේත්ම අනවශ්‍ය වියදමක් ලෙස දැක්විය නොහැකි බවත් අතිවිශාල පිරිසක් රැස්වන නිල රාජ්‍ය උත්සවයක එවැනි අංශයක් සම්බන්ධයෙන් ප්‍රමාණවත් අවධානයක් යොමු නොකිරීම රටම අපකීර්තියට පත්වන්නක් බව ද අදාළ නිවේදනයේ දැක්වේ. නිදහස් උත්සවය සඳහා රජය විසින් අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කළ මුදලින් රුපියල් මිලියන 5.8ක් වැය කර ඇති බවට පළවන පුවත් ද මුළුමනින්ම සාවද්‍ය බව පවසන ජනාධිපති කාර්යාලය සඳහන් කරන්නේ. මෙම උත්සවය සඳහා වන මූලික වියදමක් අධ්‍යාපන අමාත්‍යංශය විසින් ඇස්තමේන්තු ගතකර තිබුණ ද එම කිසිදු මුදලක් වැය කර නොමැති බවයි. තව ද ජනාධිපති කාර්යාලය අවධාරණය කරන්නේ, මෙවර පැවති ජාතික නිදහස් දින සැමරුම් නිල රාජ්‍ය උත්සවය සඳහා වැය කරනු ලැබුවේ ඇස්තමේන්තුගත මුදලට වඩා ඉතාම අඩු මුදලක් බවයි. රට දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දී ඉන් ගොඩ එමින් පවතින මොහොතක මෙවන් රාජ්‍ය උත්සවයක් පැවැත්වීම යනු පැහැදිලිව යළි නැඟී සිටීමට රට සූදානම් කිරීමක් බව පවසන ජනාධිපති කාර්යාලය වැඩිදුරටත් පවසන්නේ, අනෙක් අතට යළි නැගී සිටීම සඳහා අවශ්‍ය ධෛර්ය බිඳුවකින් අඩුවක් නොමැතිව ශ්‍රී ලංකා රාජ්‍යයට තිබෙන බවත්, අර්බුදය විසින් බිඳ දැමුණු ශ්‍රී ලංකා අභිමානය යළි අත්පත් කරගන්නට ඇති සූදානම පිළිබඳ පණිවිඩය ලෝකය හමුවේ තැබීමක් ද වන බවයි. තව ද අදාළ නිවේදනයේ සඳහන් වන්නේ, පටු දේශපාලන අරමුණු වෙනුවෙන් ජාතික නිදහස් සැමරුම වැනි අභිමානවත් රාජ්‍ය උත්සවයක් සම්බන්ධයෙන් ගෙන යනු ලබන සාවද්‍ය ප්‍රචාර ජනාධිපති කාර්යාලය ඉතා කනගාටුවෙන් යුතුව ප්‍රතික්ෂේප කරන බවයි.
2023-02-07T07:14:59.000Z
හිටපු නියෝජ්‍ය ඇමති සරණට මහාධිකරණය හමුවේ අධිචෝදනා භාර දෙයි
සරණ ගුණවර්ධනට අධිචෝදනා භාර දෙයි
COLOMBO ( News 1st ) - හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී සරණ ගුණවර්ධන මහතාට අද (07) කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා භාර දී තිබේ. කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා නියෝග කළේ , අනතුරුව සැකකරු රුපියල් 50,000 ක මුදල් සහ රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටයි. අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් පවරා තිබූ නඩුවට පෙනී සිටින ලෙස දන්වා අධිකරණය විසින් නිකුත් කළ නොතීසි නියෝග අනුව ඔහු අද අධිකරණය හමුවේ පෙනී සිටියේ ය. විත්තිකරුට විදේශගත වීම වළක්වන නියෝගයක් නිකුත් කළ විනිසුරුවරයා ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට භාර දෙන ලෙසට ද නියෝග කළේ ය. එමෙන්ම ඔහුගේ ඇඟිලි සලකුණු ලබාගෙන පෙර වැරදි වාර්තාවක් කැඳවන ලෙසට ද මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේ ය. සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කරමින් සිටියදී සරණ ගුණවර්ධන මහතා එම මණ්ඩලයට අවශ්‍ය වාහන කුලී පදනම මත ලබා ගැනීමේදී නිසි ක්‍රියාපටිපාටිය අනුගමනය නොකිරීමට අදාළව මෙම නඩුව පවරා තිබේ. අදාළ ක්‍රමවේද අනුගමනය නොකිරිමෙන් රජයට රුපියල් ලක්ෂ 9 කට ආසන්න අලාභයක් සිදු කලේ යැයි චෝදනා එල්ලවිය. එම නඩුවේ පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා ලබන මැයි 4 වෙනි දින කැඳවීමට නියමිතයි.
2023-02-07T05:39:55.000Z
ඉල්ලන ඕනෑම අවස්ථාවක තුර්කියේ මුදා ගැනීමේ මෙහෙයුම්වලට සහය වන්න ශ්‍රී ලංකාවත් සූදානම්
ඕනෑම අවස්ථාවක තුර්කියට සහය වන්න ලංකාව සූදානම්
COLOMBO ( News 1st ) - තුර්කිය සහය ඉල්ලන ඕනෑම අවස්ථාවක හමුදා කණ්ඩායමක් පිටත් කර හැරීමට සූදානම් බව විදේශ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා පවසයි. අමාත්‍යවරයා සඳහන් කළේ, ඉංජිනේරු සහ වෛද්‍ය බලඇණිවල සමාජිකයින් ද ඇතුළත්ව 300 ක හමුදා සමාජිකයින් පිරිසක් ඒ සඳහා සූදානම් කර ඇති බවයි. ප්‍රබල භූ කම්පනයෙන් පසු තුර්කියේ සහන සේවා... ප්‍රදේශයේ පවතින දැඩි ශීත සහිත කාලගුණික තත්ත්වය යටතේ වුව ද මේ වනවිට ලොව බොහෝ රටවල් තුර්කියේ සහ සිරියාවේ ගලවා ගැනීමේ ‍මෙහෙයුම් සඳහා පිටත්ව ගොස් සිටින අතර විදෙස් වාර්තා පවසන්නේ, ඉරාකය සහ ඉරානය මේ වනවිට හදිසි සැපයුම් ද සමගින් සහන කණ්ඩායම් සිරියාව බලා පිටත් කර ඇති බවයි. තුර්කියේ සෝදිසි කිරීම් සහ ගලවා ගැනීමේ මෙහෙයුම්වලට සහය වීම සඳහා ජපානය ගලවා ගැනීමේ කණ්ඩායමක් තුර්කිය වෙත යවා තිබේ. ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තයත් , අමෙරිකාව, දකුණු කොරියාව ඇතුළු රටවල් රැසක් මේ වනවිටත් භූ කම්පනයෙන් පීඩාවට පත් පිරිසට සහන සැලසීමට මෙන්ම මුදා ගැනීමේ මෙහෙයුම් සඳහ සහය වීමට සහන කණ්ඩායම් පිටත් කර හැර ඇත. තව ද ආහාර, වෛද්‍ය උපකරණ , ඇඟලුම් , ඉන්ධන, ඖෂධ, ප්‍රථමාධාර, තාවකාලික නවාතැන් ඉදි කර ගැනීම සඳහා අවශ්‍ය උපකරණ ඇතුළු සැපයුම් ලබා දීම සඳහා ලොව බොහෝ රටවල් ඉදිරිපත්වී සිටී. මේ අතර තුර්කියේ භූ කම්පනවලින් අනතුරුව අතුරුදන්ව සිටින ශ්‍රී ලාංකික කාන්තාව පිළිබඳ මෙතෙක් තොරතුරු වාර්තා නොවන බව , තුර්කියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ප්‍රකාශ කළේ ය. සිරියානු දේශ සීමවට ආසන්නව තුර්කියේ සිදු වූ තුර්කි භූ කම්පනයෙන් පසු දෙරටින්ම වාර්තා වන මරණ සංඛ්‍යාව මේ වනවිට 3,500 ඉක්මවා ගොස් ඇති අතර ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවන්නේ, මරණ සංඛ්‍යාව 8 ගුණයකින් ඉහළ යා හැකි බවටයි. භූ කම්පනයත් සමග දෙරටේම් ගොඩනැගිලි දහස් ගණනක් බිමට සමතලා වී ඇති ආකාරය විදෙස් මාධ්‍ය වාර්තා කර තබිණ. තුර්කි වේලාවෙන් ඊයේ අලුයම සිදුවූ භූ කම්පනයේ ප්‍රබලත්වය සටහන්ව තිබුණේ, මැග්නිටියුඩ් ඒකක 7.8 ක් ලෙසයි. ඉන් පැය 12කට පසු උතුරු දෙසට වන්නට තවත් ප්‍රබල පසු කම්පනයක් වාර්තා විය.
2023-02-07T05:17:41.000Z
තුර්කියේ භූ කම්පනවලින් පසු අතුරුදන්ව සිටින ශ්‍රී ලාංකික කාන්තාවගේ ජංගම දුරකතනය හමුවෙයි
අතුරුදන් වූ ලාංකික කාන්තාව ගැන මෙතෙක් තොරතුරක් නෑ
COLOMBO (News 1st) - තුර්කියේ භූ කම්පනවලින් අනතුරුව අතුරුදන්ව සිටින ශ්‍රී ලාංකික කාන්තාවගේ ජංගම දුරකතනය සොයා ගෙන ඇතැයි, ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි. එහි ජ්‍යෙෂ්ඨ නිලධාරිනියක සඳහන් කළේ, කෙසේ වෙතත් ඇය සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු වාර්තා වී නොමැති බවයි. මුල් අවස්ථාවේ, ඇය සිටි ගොඩනැගිල්ල කඩා වැටුණ බවටත්, ඉන් පසු ගොඩනැගිල්ල කඩා වැටීමට පෙර එහි සිටි පිරිස් ඉන් ඉවත්ව ඇති බවටත්, පසුව ඇයගේ ජංගම දුරකතනය හමුවූ බවටත් තොරතුරු ඇතැයි, අදාළ නිලධාරිනිය වැඩිදුරටත් ප්‍රකාශ කළා ය. මේ අතර භූ කම්පනයේ බලපෑමට ලක්වූ ප්‍රදේශවල ශ්‍රී ලාංකිකයින් 14 දෙනෙකු සිට ඇති බවත් ඉන් 13 නිරුපද්‍රිතව සිටින බවට ත් තොරුතුර ඇති බවත් තුර්කියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කළේ ය. මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවන්නේ, තුර්කි භූ කම්පනයෙන් මියගිය පුද්ගලයින් ගණන 8 ගුණයකින් ඉහළ යා හැකි බවයි.
2023-02-07T03:29:30.000Z
තුර්කි භූ කම්පනයෙන් මියගිය ගණන 8 ගුණයකින් ඉහළ යා හැකියි... WHO අනතුරු අඟවයි
තුර්කි භූ කම්පනයේ මරණ 8 ගුණයකින් ඉහළ යාවි- WHO
COLOMBO ( News 1st ) - Update : සිරියානු දේශසීමාවට ආසන්නව තුර්කියට බලපෑ ප්‍රබල භූකම්පනයෙන් මියගිය සංඛ්‍යාව තවත් 8 ගුණයකින් ඉහළ යා හැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි. ඒ සුන්බුන් අතර සිරවී සිටින පිරිස් සෙවීමේ කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මක වීම හමුවේ තවදුරටත් වාර්තා වන මරණ සංඛ්‍යාව ඉහළයමින් පවතින බැවිනි. ඊයේ උදෑසන පළමු භූ කම්පනය සිදුවූ අවස්ථාවේ සිට මේ දක්වා ඉතා වේගයෙන් මරණ සංඛ්‍යාව ඉහළ ගිය අතර විදෙස් මාධ්‍ය වාර්තාවලට අනුව මේ වනවිට වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 3,500 ඉක්මවා ගොස් තිබේ. මේ වනවිට ප්‍රදේශයේ පවතින දැඩි ශීත කාලගුණික තත්ත්වය හේතුවෙන් භූ කම්පනයත් සමග බිමට සමතලා වූ විශාල ගොඩනැගිලිවල සුන්බුන් අතර සිරවී සිටින පිරිස් මුදා ගැනීම මේ වනවිට අසීරු කාර්යයක් බවට පත්ව තිබේ. ලොව බොහෝ රටවල් විශේෂඥ කණ්ඩායම් ද ඇතුළුව තුර්කියට සහ සිරියාවට සහන කණ්ඩායම් යොමු කිරීම පියවර ගෙන සිටින අතර විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, ගලවා ගැනීමේ කණ්ඩායම් සුන්බුන් සහිත කඳු අතරින් දිවි ගලවා ගත් පිරිස් සොයා හිම සහිත තත්ත්වයන් යටතේ ඉදිරියට ගමන් කරමින් සිටින බවයි. තුර්කි වේලාවෙන් ඊයේ අලුයම පොළව මතුපිට සිට කිලෝමීටර 17.9ක් අභ්‍යන්තරයේ මැග්නිටියුඩ් ඒකක 7.8ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනය සිදුවී පැය 12කට පසුව දෙවන වරටත් ප්‍රබල පසු කම්පනයක් උතුරු දෙසට වන්නට සිදු විය. භූ කම්පනවලින් තුර්කියේ ප්‍රධාන නගර රැසකට බලපෑම් සිදුව තිබූ අතර සිරියාව, සයිප්‍රසය, ජොර්දානය ,ලෙබනනය ,ජොර්ජියා ඇතුළු රටවල් රැසකට ද ඉන් බලපෑම් එල්ල විය.
2023-02-07T02:54:52.000Z
රාජ්‍ය නිලධාරීන්ගේ මුද්‍රාවලට සමාන ව්‍යාජ මුද්‍රා තොගයක් ඇල්පිටියෙන් සොයාගනී
රාජ්‍ය නිලධාරීන්ගේ මුද්‍රාවලට සමාන මුද්‍රා තොගයක්
COLOMBO (News 1st) - ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ජල පොම්පාගාර ගොඩනැගිල්ලේ කාමරයක් තුළ තිබී දිවයිනේ විවිධ ප්‍රදේශවල රාජ්‍ය නිලධාරීන් භාවිත කරන මුද්‍රාවලට සමාන ව්‍යාජ මුද්‍රා තොගයක් පොලීසිය සොයා ගෙන තිබේ. ඒ, පොලීසියට ලැබුණු බුද්ධි තොරතුරක් අනුවයි. විවිධ පුද්ගලයින්ට ව්‍යාජ සහතික සකස් කරදීම සඳහා මෙම මුද්‍රා භාවිත කරන්නට ඇතැයි, පොලීසිය සැක පළ කරයි. දිවයිනේ විවිධ පැසල්වල විදුහල්පතිවරුන්, නීතිඥවරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන්, පොලිස් නිලධාරීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසකගේ නිල මුද්‍රාවලට සමාන මුද්‍රා පොලීසිය විසින් සොයා ගනු ලැබ තිබේ. මෙම සිද්ධියට සම්බන්ධ සැකකරු පළා ගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීමට විමර්ශන ක්‍රියාත්මකයි.
2023-02-07T02:41:49.000Z
තුර්කියේ භූ කම්පනවලින් මිය ගිය ගණන 3500 ඉක්මවයි - ශ්‍රී ලාංකික කාන්තාවක් තවමත් අතුරුදන්
තුර්කියේ භූ කම්පනවලින් මියගිය ගණන 3500ඉක්මවයි
News 1st - තුර්කි - සිරියා දේශසීමා ආසන්නයේ සිදු වූ ප්‍රබල භූ කම්පනවලින් මියගිය ගණන 3500 ඉක්මවා තිබේ. තුර්කි උපජනාධිපතිවරයා උපුටා දක්වමින් විදෙස් වාර්තා සඳහන් කළේ, තුර්කියේ පමණක් මේ වනවිට පුද්ගලයින් 2379 දෙනෙකු මියගොස් ඇති බවයි. තුවාල ලබා සිටින පුද්ගලයින් සංඛ්‍යාව 14, 483 කි. භූ කම්පනවලින් ගොඩනැගිලි 4748 කට හානි සිදුව ඇති අතර පුද්ගලයින් 7840 දෙනෙකු මුදා ගෙන ඇතැයි ද එරට උපජනාධිපතිවරයා ප්‍රකාශ කළේ ය. භූ කම්පනවලින් සිරියාවේ ද පුද්ගලයින් 1444 කු මියගොස් ඇතැයි විදෙස් වාර්තාවල සඳහන් වේ. මේ අතර තුර්කියට බලපෑ ඇති අධික සීත කාලගුණය හේතුවෙන් ගලවා ගැනීමේ මෙහෙයුම්වලට බාධා එල්ල වී ඇතැයි ද විදෙස් වාර්තාවල සඳහන් ය. එරට සහන කටයුතු සඳහා අමෙරිකාවෙන් කණ්ඩායම් දෙකක් යොමු කිරීමට ද පියවර ගෙන තිබේ. තුර්කියේ අමෙරිකානු තානාපතිවරයා පැවසුවේ, වෛද්‍යවරුන් ඇතුළු කණ්ඩායම් ඒ සඳහා අනියුක්ත කරන බවයි. මීට අමතරව තුර්කි - සිරියා භූ කම්පනවලින් විපතට පත් පුද්ගලයින් සඳහා ආධාර ලබා දෙන බවට ලොව පුරා රාජ්‍ය නායකයින් ප්‍රතිඥා දුන්හ. රුසියානු ජනාධිපති ව්ලැඩිමියර් පුටින් සිරියාවේ භූ කම්පනයෙන් විපතට පත් වූවන් වෙනුවෙන් ගලවා ගැනීමේ කණ්ඩායම් සහ ආධාර යැවීමට ප්‍රතිඥා දී ඇති බව සිරියානු ජනාධිපති කාර්යාලය සඳහන් කළේ ය. එක්සත් ජාතීන්ගේ මානුෂීය කටයුතු සම්බන්ධීකරණ කාර්යාලය ද පැවසුවේ, සහන කණ්ඩායම් තුර්කියට සහ සිරියාවට යෙදවීමට ඔවුන් සූදානම් බවයි. මේ අතර යුරෝපා සංගමය, ඉන්දියාව, චීනය, යුක්රේනය ඇතුළු රටවල් සහ සංවිධාන රැසක් විපතට පත් පුද්ගලයින් සඳහා ආධාර ලබාදීමට ඉදිරිපත් වී සිටි. මේ අතර අතුරුදන්ව ඇති ශ්‍රී ලාංකික කාන්තාව පිළිබඳ මෙතෙක් තොරතුරු අනාවරණ කර ගැනීමට නොහැකි වී ඇතැයි තුර්කියේ ශ්‍රී ලංකා තනාපති හශාන්ති උරුගොඩවත්ත මහත්මිය පැවසුවාය. ඇය සඳහන් කළේ, ශ්‍රී ලාංකිකයින් 14 දෙනෙකු එම ප්‍රදේශවල සිටින බවත් ඉන් 13 දෙනෙකුට කිසිදු ප්‍රශ්නයක් ඇති වී නොමැති බවට තොරතුරු ලැබී ඇති බවයි.
2023-02-07T01:34:12.000Z
මේ වසරේ ශ්‍රී ලාංකිකයින්ට කොරියානු රැකියා අවස්ථා 6500 ක කෝටාවක්
කොරියානු රැකියා කෝටාව ඉහළට
COLOMBO (News 1st) - මේ වසරේ ශ්‍රී ලාංකිකයින් සඳහා කොරියානු රැකියා අවස්ථා 6500 ක කෝටාවක් ලැබී තිබේ. කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, ඉතිහාසයේ ලද වැඩිම රැකියා අවස්ථා සංඛ්‍යාව මෙය බවයි. එය පසුගිය වසරට වඩා 28.79% ක වැඩිවීමකි. කොරියානු රැකියා අපේක්ෂාවෙන් අයැදුම්කරුවන් 14,588 දෙනෙකුට පොරොත්තු ලේඛනයේ රැඳී සිටීමට අවස්ථාව සලසා දී තිබේ. ඒ අනුව නිෂ්පාදන අංශය සඳහා 12,189 දෙනෙකුට, ධීවර අංශය සඳහා 2149 දෙනෙකුට සහ ඉදිකිරීම් අංශය සඳහා 250 දෙනෙකුට කොරියාවේ රැකියා අපේක්ෂාවෙන් පොරොත්තු ලේඛනයේ රැඳී සිටීමට අවස්ථාව හිමි වන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය නිවේදනය කළේ ය. මේ අතර කොරියානු රැකියා සඳහා විභාගයට අයැදුම්පත් භාර ගැනීම ලබන 13 වැනි දා ආරම්භ වනු ඇති. ලබන 22 වැනි දා දක්වා Online ක්‍රමයට ඒ සඳහා අයැදුම්පත් යොමු කළ හැකියි.
2023-02-07T01:24:10.000Z
ATM යන්ත්‍ර ආශ්‍රිතව ආරක්ෂාව තර කෙරේ
ATM යන්ත්‍ර ආශ්‍රිතව ආරක්ෂාව තර කෙරේ
COLOMBO (News 1st) - ATM යන්ත්‍ර පවතින ප්‍රදේශවල මුර සංචාර ඉහළ නැංවීමට පියවර ගෙන ඇතැයි පොලීසිය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දුව මහතා පැවසුවේ, පසුගිය කාලය පුරා ATM යන්ත්‍ර මංකොල්ලකෑම්වලට සම්බන්ධ සැකකරුවන්ට එරෙහිව නීතිමය පියවර ද ගෙන ඇති බවයි. පසුගිය දා කුරුණෑගල ප්‍රදේශයේදී සැකකරුවෙකු ATM යන්ත්‍රයක තිබූ මුදල් සොරාගෙන ගොස් ඇති අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, ඔහු ATM යන්ත්‍රය අලුත්වැඩියා කරන මුවාවෙන් එහි තිබූ මුදල් ලබාගැනීමට කටයුතු කර ඇති බවයි.
2023-02-07T01:20:40.000Z
හෙට ගැන තීරණයක් ගන්න, GMOA මධ්‍යම කාරක සභාව අද රැස්වෙයි
GMOA මධ්‍යම කාරක සභාව අද රැස්වෙයි
COLOMBO (News 1st) - හෙට (08) දිනයේ ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභාව අද (07) දහවල් රැස්වේ. ඒ, හෙට දිනයේදී ජල, විදුලි, තෙල් සහ වරාය වෘත්තීය සමිති ඒකාබද්ධ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණ කර ඇති පසුබිමකදීය. මාසික වැටුප, අනෙකුත් දීමනා සහ මුදල් නොවන වරප්‍රසාද රුපියල් ලක්ෂය ඉක්ම වූ පුද්ගලයින්ගෙන් 6% සිට 36% දක්වා ආදායම් බදු අය කිරීමට රජය ගෙන ඇති තීරණය අත්හිටුවන්නැයි ඉල්ලමින් ඔවුන් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගවල නිරත වීමට සූදානම් වේ.
2023-02-07T00:18:22.000Z
ගෙවුණු දිනය උණුසුම් කළ පුවත්
ගෙවුණු දිනය උණුසුම් කළ පුවත්
1. Stein Studios, දකුණු ආසියාවේ අති නවීනතම මැදිරි සංකීර්ණයේ අභිමානවත් 14වැනි සංවත්සරය - 14 වසරක් සපිරෙන stein studios මෙරට ප්‍රේක්ෂකයින් වෙනුවෙන් තිළිණ කළ නිෂ්පාදන ගණනත්, තරු ගොන්නත් අතිමහත්ය. 2. විපක්ෂ නායකවරයා තුර්කියේ සහ සිරියාවේ විපතට පත්වූවන්ට ශෝකය පල කරයි - තුර්කියේ සහ සිරියාවේ භූ කම්පනයෙන් විපතට පත්වූවන් වෙනුවෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය ශෝකය පළ කළේ ය. 3. තුර්කියේ මුදා ගැනීම්වලට සහය දෙන්න ශ්‍රී ලංකාව සැරසෙයි.. - ජනපතිගෙන් විදේශ ඇමතිට උපදෙස් - ප්‍රබල භූ කම්පන සමග තුර්කියේ කඩා වැටුණු ගොඩනැගිලි ආශ්‍රිතව මේ වනවිට ක්‍රියාත්මක මුදාගැනීමේ මෙහෙයුම් සඳහා සහාය දීමට ශ්‍රී ලංකාව තීරණය කර තිබේ. 4. ශ්‍රී ලංකාව බංග්ලාදේශයෙන් ගත් ණය සැප්තැම්බර් ⁣ගෙවයි - බංග්ලාදේශ විදේශ ඇමති විශ්වාසය පළ කරයි - ශ්‍රී ලංකාව බංග්ලාදේශයෙන් ලබා ගත් අමෙරිකානු ඩොලර් මිලියන 200ක මුදල් හුවමාරුව එළැඹෙන සැප්තැම්බර් මාසය වන විට යළි පියවීමට හැකි වනු ඇතැයි බංග්ලාදේශ විදේශ අමාත්‍යවරයා විශ්වාසය පළ කර තිබේ. 5. තුර්කියේ මැග්නිට්යුඩ් ඒකක 7.5ක තවත් ප්‍රබල භූ කම්පනයක් - තුර්කිය හා සිරියාව ආසන්නයේ තවත් ප්‍රබල භූ කම්පනයක් ඇතිවිය.
2023-02-06T17:02:52.000Z
Stein Studios, දකුණු ආසියාවේ අති නවීනතම මැදිරි සංකීර්ණයේ අභිමානවත් 14වැනි සංවත්සරය..
Stein Studios 14 වැනි සංවත්සරය
COLOMBO ( News 1st ) - අපේක්ෂාව මල්පල ගන්වා අදට වසර 14ක්.. 14 වසරක් සපිරෙන stein studios මෙරට ප්‍රේක්ෂකයින් වෙනුවෙන් තිළිණ කළ නිෂ්පාදන ගණනත්, තරු ගොන්නත් අතිමහත්ය. දකුණු ආසියාවේ අති නවීනතම පහසුකම් වලින් යුත් Stein Studios තුළ කෙරෙන නිමැවුම් ප්‍රමාණය අති මහත් ය. ජාත්‍යන්තරව කීර්තියට පත් වරලත් වැඩසටහන් ඒ අතරින් සුවිශේෂියි. මේ වනවිට Stein Studios තුළ එවැනි වරලත් වැඩසටහන් තුනක් එකවර නිෂ්පාදනය කිරීම මෙරට ටෙලිවිෂන් වංශ කතාව තුළ ලියවෙන නව පරිච්ඡේදයක් වන අතර Stein Studios තුළ නිෂ්පාදනය කෙරෙන “ද වොයිස්” මෙරට ප්‍රේක්ෂකයින් ආදරයෙන් වැළඳගත් වැඩසටහනකි. මෙරට ගායන ක්ෂේත්‍රයට තරු ගොන්නක් බිහිකළ “The voice” නවතම දිග හැරුමේ උච්චතම ස්ථානයට මේ වන විට ක්‍රමයෙන් ළං වෙමින් සිටින අතර Stein Studios තුළ නිමැවෙන තවත් වරලත් වැඩසටහනක් වන Money Drop මෙරට ප්‍රේක්ෂකයින් අතර අතිශය ජනප්‍රිය යි. තවත් ජාත්‍යන්තර වරලත් වැඩසටහනක් සඳහා Stein Studios සූදානම්. ඒ ලොකු කුඩා කවුරුත් ආදරයෙන් වැළඳගත් ලක්ෂපති වැඩසටහනේ 10 වන අදියරයි. The voice, Money Drop, ලක්ෂපති ජාත්‍යන්තර වරලත් වැඩසටහන් තුන එකවර නිෂ්පාදනය කරමින් මෙරට ප්‍රේක්ෂක වින්දනය නව මානයකට ගෙන යාමත්, ටෙලිවිෂන් වැඩසටහන් නිෂ්පාදනයේ වාර්තා අතරට එක්වීමේත්, ගෞරවය Stein Studios වෙත හිමිය.
2023-02-06T17:00:24.000Z
විපක්ෂ නායකවරයා තුර්කියේ සහ සිරියාවේ විපතට පත්වූවන්ට ශෝකය පල කරයි
සජිත් තුර්කියට ශෝකය පල කරයි..
COLOMBO ( News 1st ) - තුර්කියේ සහ සිරියාවේ භූ කම්පනයෙන් විපතට පත්වූවන් වෙනුවෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය ශෝකය පළ කළේ ය. ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේ, තුර්කියේ සහ සිරියාවේ ජීවිත හා දේපොළ හානි දැකීමෙන් තමා දැඩි කම්පනයට පත්වූ බවයි. විපතට පත්වූ ජනතාව වෙනුවෙන් නැගී සිටින බවත්, අවශ්‍ය ඕනෑම සහයෝගයක් ලබාදීමට සූදානමින් සිටින බවත් විපක්ෂ නායකවරයා සිය ට්විටර් පණිවිඩයෙන් ප්‍රකාශ කර තිබේ.
2023-02-06T16:57:12.000Z
තුර්කියේ මුදා ගැනීම්වලට සහය දෙන්න ශ්‍රී ලංකාව සැරසෙයි.. - ජනපතිගෙන් විදේශ ඇමතිට උපදෙස්
තුර්කියට සහය දෙන්න ශ්‍රී ලංකාව සැරසෙයි
COLOMBO ( News 1st ) - ප්‍රබල භූ කම්පන සමග තුර්කියේ කඩා වැටුණු ගොඩනැගිලි ආශ්‍රිතව මේ වනවිට ක්‍රියාත්මක මුදාගැනීමේ මෙහෙයුම් සඳහා සහාය දීමට ශ්‍රී ලංකාව තීරණය කර තිබේ. ජනාධිපතිවරයාගේ උපදෙස් මත එම තීරණය ගෙන ඇති අතර විදේශ කටයුතු අමාත්‍ය, ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා විසින් මේ පිළිබඳව එරට විදේශ කටයුතු අමාත්‍යවරයා වෙත දැනුම්දී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි
2023-02-06T15:41:30.000Z
Update : තුර්කියේ භූ කම්පන වලින් මිය ගිය ගණන 2400 ඉක්මවයි.
තුර්කියේ භූ කම්පන වලින් මිය ගිය ගණන 2400ඉක්මවයි.
COLOMBO ( News 1st ) - තුර්කියේ භූ කම්පන වලින් ජීවිතක්ෂයට පත් වූ සංඛ්‍යාව තව දුරටත් ඉහළ ගොස් තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ,භූ කම්පන වලින් මියගිය ගණන 2400 ඉක්මවා ඇති බවයි. එසේම තුවාල ලැබූවන් සංඛ්‍යාව 10,300 කට අධික බව ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
2023-02-06T13:38:47.000Z
ශ්‍රී ලංකාව බංග්ලාදේශයෙන් ගත් ණය සැප්තැම්බර් ⁣ගෙවයි - බංග්ලාදේශ විදේශ ඇමති විශ්වාසය පළ කරයි..
ශ්‍රී ලංකාව බංග්ලාදේශයේ ණය සැප්තැම්බර් ⁣ගෙවයි
COLOMBO ( News 1st ) - ශ්‍රී ලංකාව බංග්ලාදේශයෙන් ලබා ගත් අමෙරිකානු ඩොලර් මිලියන 200ක මුදල් හුවමාරුව එළැඹෙන සැප්තැම්බර් මාසය වන විට යළි පියවීමට හැකි වනු ඇතැයි බංග්ලාදේශ විදේශ අමාත්‍යවරයා විශ්වාසය පළ කර තිබේ. බංග්ලාදේශයේ විදේශ අමාත්‍ය, අබ්දුල් මොමන් මහතා මේ බව සඳහන් කර තිබුණේ, පසුගිය ඉරිදා එරට පුවත්පතකට අදහස් දක්වමිනි. ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය වර්තමානය වන විට යම් ස්ථාවරත්වයක් අත්කරගැනීමේ ප්‍රවණතාවක් පෙන්වන බව බංග්ලාදේශ විදේශ අමාත්‍යවරයා එම පුවත්පතට පවසා තිබේ. බංග්ලාදේශ විදේශ අමාත්‍ය අබ්දුල් මොමන් මහතා 75 වැනි නිදහස් සැමරුමේ ආරාධිත අමුත්තෙකු ලෙස ද පසුගියදා සහභාගී වූ අතර නිදහස් උත්සවයෙන් පසුව යළි බංග්ලාදේශය බලා පිටත්ව ගිය විදේශ අමාත්‍ය අබ්දුල් මොමන් මහතා පුවත්පතට පවසා ඇත්තේ නව රජය මේ වන විට රට යහපත් මාවතක් කරා ගෙන ගොස් ඇති බවයි. විනිමය හුවමාරු පහසුකමක් හෙවත් ස්වොප් පහසුකමක් ලෙස බංග්ලාදේශ මහ බැංකුව ශ්‍රී ලංකාවට මෙම මූල්‍ය පහසුකම ලබා දුන්නේ 2021 මැයි මාසයේදී ය. ශ්‍රී ලංකාව මුහුණ පා ඇති ආර්ථික අර්බුදය හමුවේ මෙම ණය මුදල ගෙවීමට දී තිබූ කාලය අවස්ථා කිහිපයකදී කල් දැමුණි. ඒ අනුව බංග්ලාදේශ මහ බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය මෙම ණය මුදල යළි පියවීම සඳහා මේ වසරේ සැප්තැම්බර් මාසය දක්වා කල් ලබා දී ඇති බව වාර්තා වේ.
2023-02-06T13:23:50.000Z
උත්කර්ෂවත් 65 වන වාර්ෂික ග්‍රැමී සම්මාන උළෙල
65 වන වාර්ෂික ග්‍රැමී සම්මාන උළෙල
COLOMBO ( News 1st ) - 65 වන වාර්ෂික ග්‍රැමී (GRAMMY) සම්මාන උළෙල අද (06) අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් හීදී පැවැත්විණි. ගායකයින්, සංගීතඥයින්, පද රචකයින් ඇතුළු සුප්‍රකට චරිත රැසක් මෙවරත් සම්මාන උළෙලට සහභාගී වූ බව විදෙස් මාධ්‍ය වාර්තා වල සඳහන් වේ. වසරේ හොඳම සංගීත ඇල්බමයට හිමි සම්මානය දිනා ගත්තේ, වන් ඩිරෙක්ෂන් සංගීත කණ්ඩායමේ සාමාජිකයෙකු ලෙස සංගීත ලොවට අවතීර්ණ වූ හැරී ස්ටයිල්ස් විසිනි. වසරේ හොඳම ඒක පුද්ගල පොප් ගායනයට හිමි ග්‍රැමී සම්මානය ඊසි ඔන් මී (EASY ON ME) ගීතය ගායනා කළ අඩෙල් හට හිමිවූ අතර අද (06) දිනයේ දී බියෝන්සේ ඇගේ සංගීත ජීවිතයේ 32වැනි ග්‍රැමී සම්මානය දිනා ගැන්මට වාසනාවන්ත විය.
2023-02-06T11:30:18.000Z
තුර්කියේ මැග්නිට්යුඩ් ඒකක 7.5ක තවත් ප්‍රබල භූ කම්පනයක්..
තුර්කියේ තවත් ප්‍රබල භූ කම්පනයක්..
COLOMBO ( News 1st ) - තුර්කිය හා සිරියාව ආසන්නයේ මීට ටික වෙලාවකට පෙර තවත් ප්‍රබල භූ කම්පනයක් ඇතිවිය. එහි ප්‍රබලත්වය දැක්වුණේ මැග්නිට්යුඩ් ඒකක 7.5ක් ලෙසය. එම භූ කම්පනයෙන් සිදුවූ හානි පිළිබඳව මෙතෙක් වාර්තා වී නොමැති අතර අද (06) අලුයම තුර්කිය සහ සිරියාව ආසන්නයේ සිදුවූ භූ කම්පන මාලාවෙන් මියගිය පුද්ගලයින් ගණන 1500 ඉක්මවා තිබේ. භු කම්පනයෙන් තවත් තුර්කි හා සිරියානු වැසියන් 6000කට අධික පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා වල සඳහන් වන අතර තුර්කි වේලාවෙන් අද (06) අලුයම 4.17ට පමණ මැග්නිට්යුඩ් ඒකක 7.8ක ප්‍රභලත්වයකින් යුතු පළමු භුමි කම්පනය ඇතිවිය. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඉන් අනතුරුව ප්‍රබල පසු කම්පන කිහිපයක්ද ඇතිවුණු බවයි. භූ කම්පනය හේතුවෙන් ප්‍රදේශ කිහිපයක නිවෙස් සහ ගොඩනැගිලි සම්පූර්ණයෙන් විනාශ වී ඇති අතර තුර්කියේ සහ සිරියාවේ තවත් ප්‍රදේශ රැසක ගොඩනැගිලි සහ ඓතිහාසික නටඹුන් වලට දැඩි හානි සිදුව තිබේ.
2023-02-06T11:02:12.000Z
තුර්කි භූකම්පනයෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 1400 ක් : 6000කට වැඩි පිරිසකට තුවාල
තුර්කි භූකම්පනයෙන් පුද්ගලයින් 1400 ක් මරුට
COLOMBO ( News 1st ) - Update : තුර්කි භූකම්පනයෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 1400 ක් : 6000කට වැඩි පිරිසකට තුවාල සිරියා දේශ සීමාවට ආසන්නව තුර්කියේ ගාසියන්ටෙප්හි සිදු වූ ප්‍රබල භූ කම්පනයෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව මේ වනවිට 1400 ආසන්න වී තිබේ. විදෙස් වාර්තා පවසන්නේ, පුද්ගලයින් 6000කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි. තුර්කි වේලාවෙන් අද අලුයම 4.17 පොළව මතුපිට සිට කිලෝමීටර 17.9ක් අභ්‍යන්තරයේ මැග්නිටියුඩ් ඒකක 7.8ක ප්‍රබලත්වයෙන් යුත් මෙම භූ කම්පණය සිදුව තිබිණ. භූ කම්පනයෙන් තුර්කියේ ප්‍රධාන නගර 10 කට බලපෑම් සිදුව තිබූ අතර සිරියාව, සයිප්‍රසය, ජොර්දානය ,ලෙබනනය ,ජොර්ජියා ඇතුළු රටවල් රැසකට ද ඉන් බලපෑම් එල්ල විය. ප්‍රබල භූ කම්පනයෙන් අනතුරුව වාර්තා වූ පසු කම්පනයේ ප්‍රබලත්වය සටහන්ව තිබුණේ, මැග්නිටියුඩ් ඒකක 6.7ක‍් ලෙසයි. මියගිය පිරිස අතරින් 900කට වැඩි පිරිසක් තුර්කි වැසියන් වන අතර සිරියාවෙන් වාර්තාවන මරණ සංඛ්‍යාව 300 ඉක්මවා ගොස් ඇත. කෙසේ වෙතත් විදෙස් වාර්තා පවසන්නේ භූකම්පයෙන් සිදු වූ මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවයි. භූ කම්පනයත් සමග බොහෝ ගොඩනැගිලි කඩා වැටී ඇති අතර විශාල සුන්බුන් සිරවී සිටින පිරිස් බේරා ගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි. එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණය ආයතනය පවසන්නේ මෙය වසර 100කට පසුව තුර්කියට බලපෑ ප්‍රබලතම භූ කම්පනයක් බවයි මේ අතර තුර්කියේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසන්නේ, මේ අතර භූ කම්පනයත් සමග ලාංකිකයින් හානි සිදුව ඇත්දැයි තවදුරටත් සොයා බලමින් සිටින බවයි. නිවුස්ෆස්ට් කළ විමසීමකදී තුර්කියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කළේ , අසල්වැසි රටවල සිටින ශ්‍රී ලාංකිකයින් සම්බන්ධයෙන් ද විමසිල්ලෙන් පසුවන බවයි. ඔවුන් පිළිබඳ තොරතුරු සොයා බැලෙන්නේ, එම රටවල කොන්සියුලර් කාර්යාල හරහායි.
2023-02-06T09:25:19.000Z
CID අත්අඩංගුවට පත් සමාජ මාධ්‍ය ක්‍රියාකාරී දර්ශන හඳුන්ගොඩට ඇප
දර්ශන හඳුන්ගොඩට ඇප
COLOMBO ( News 1st ) - සමාජ මාධ්‍ය ක්‍රියාකාරී දර්ශන හඳුන්ගොඩ ඇප මත මුදාහැර තිබේ. සමාජ මාධ්‍ය ක්‍රියාකාරී දර්ශන හඳුන්ගොඩ ඊයේ (05) රාත්‍රියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට පත්විය. ඒ, ඩුබායි රාජ්‍යයේ සිට කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළට පැමිණි අවස්ථාවේදීයී. සමාජ මාධ්‍ය ඔස්සේ පළ කළ ආන්දෝලනාත්මක අදහස් සම්බන්ධයෙන් ඔහු එලෙස අත්අඩංගුවට ගත් බව, අපරා‍ධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
2023-02-06T08:25:40.000Z
නිශ්ශංක බන්දුල අභියාචනාධිකරණ සභාපති විනිසුරු ධුරයේ දිවුරුම් දෙයි
අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල..
COLOMBO ( News 1st ) – අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ලෙස, නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා අද පෙරවරුවේ දිවුරුම් දුන්නේ ය. ඒ, ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේයි. මේ අතර මහාධිකරණ විනිසුරු එම්. ඒ. ආර්. මරික්කාර් මහතා ද අභියාචනාධිකරණ විනිසුරුවරයෙකු ලෙස ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්නේ ය.
2023-02-06T08:03:35.000Z
අද (06) මැදියම් රැයේ සිට ලාෆ් ගෑසුත් මිල නග්ගයි
ලාෆ් ගෑසුත් මිල නග්ගයි
COLOMBO ( News 1st ) – අද (06) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි ලාෆ් ගෑස් මිල ඉහළ දමා තිබේ. ඒ අනුව, පහත පරිදි ගෑස් මිල ඉහළ යනු ඇති. 12.5kg - රු : 200/= නව මිල රු: 5280/= 5kg - රු: 80/= නව මිල රු: 2112/= 2kg - රු: 32/= නව මිල රු: 845/= මේ අතර පසුගිය 05 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෑස් ද මිල ගණන් ඉහළ දැමිණ. ලිට්‍රෝ මිල ගණන් ඉහළ දැමුවේ, පහත පරිදියි. කිලෝග්‍රෑම් 12.5 - වැඩි කළ මිල රු. 334 / නව මිල රු. 4,743 කිලෝග්‍රෑම් 5 - වැඩි කළ මිල රු. 134 / නව මිල රු. 1,904 කිලෝග්‍රෑම් 2.3 - වැඩි කළ මිල රු. 61 / නව මිල රු. 883
2023-02-06T04:30:44.000Z
මරදානේ සත්‍යග්‍රහයට එල්ල වූ ප්‍රහාරයේ මූලික විමර්ශන වාර්තාව අද නිකුත් වෙයි..
සත්‍යග්‍රහයට එල්ල කළ ප්‍රහාරයේ විමර්ශන වාර්තාව අද
COLOMBO ( News 1st ) – නිදහස - සාමකාමි සත්‍යග්‍රහයට මරදානේදී එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් ක්‍රියාත්මක විමර්ශනයේ මූලික වාර්තාව අද(06) ලැබීමට නියමිත බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම පවසයි. අදාළ වාර්තාව මත පදනම්ව, ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට නියමිතයි. සිද්ධිය වූ ස්ථානයට ගොස් මානව හිමිකම් කොමිසමේ නිරීක්ෂණ කණ්ඩායමක් මූලික විමර්ශන ආරම්භ කළේ ය. සමාජ ක්‍රියාකාරීන් සහ සිවිල් සංවිධාන නියෝජිතයින් ඇතුළු පිරිසක් පසුගිය සිකුරාදා පස්වරුවේ එම සත්‍යග්‍රහය ආරම්භ කළේ, විශාල වියදමක් දරමින් 75 වැනි නිදහස් දිනය සැමරීමට විරෝධය පළ කරමින් ය. එම ස්ථානයට පැමිණි පිරිසක් සත්‍යග්‍රහයේ නිරත පිරිස සමග නොසන්සුන්තාවක් ඇතිකර ගැනීමට උත්සාහ කළේ ය. පසුව සත්‍යග්‍රයේ නිරත පිරිස විසුරුවා හැරීමට පොලිසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළේ ය.
2023-02-06T04:13:35.000Z
එක්සත් ජාතීන්ගේ හිටපු මහ ලේකම් බැන් කී මූන් දිවයිනට
බැන් කී මූන් දිවයිනට
COLOMBO ( News 1st ) – එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු මහ ලේකම් බැන් කී මූන් මහතා, නිල සංචාරයක් සඳහා අද (06) අලුයම දිවයිනට පැමිණියේ ය. කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී ඔහු පිළිගනු ලැබුවේ, විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා විසිනි. බැන් කී මූන් මහතා සමග සිව්දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් දිවයිනට පැමිණ තිබේ.
2023-02-06T03:40:23.000Z
අතිඋතුම් ඔස්වල්ඩ් ගෝමිස් හිමිපාණන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (06) පස්වරුවේ
ඔස්වල්ඩ් ගෝමිස් හිමිපාණන්ගේ අවසන් කටයුතු අද..
COLOMBO ( News 1st ) – ස්වර්ගස්ථ වූ අතිඋතුම් ඔස්වල්ඩ් ගෝමිස් අගරදගුරු හිමිපාණන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (06) පස්වරුවේ කොටහේන ශාන්ත ලුසියා දේවස්ථානයේදී සිදු කිරීමට නියමිතයි. අද පෙරවරු 9.30ට කොළඹ විශ්වවිද්‍යාලයට රැගෙන යන දේහය යළිත් පෙරවරු 11.00 සිට කොටහේන ශාන්ත ලුසියා දේවස්ථානයේ දේහය තැන්පත් කෙරෙනු ඇති. පස්වරු 3.00ට අවසන් කටයුතු සිදු කෙරෙන්නේ කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙනි. කොළඹ හිටපු අගදරගුරු, කොළඹ විශ්වවිද්‍යාලයේ හිටපු කුලපති දේවධර්මාචාර්ය අතිඋතුම් ඔස්වල්ඩ් ගෝමිස් හිමිපාණන් ස්වර්ගස්ථ වුණේ පසුගිය 3 වැනිදා ය. මෙරට ආගමික සහජීවනය වෙනුවෙන් පෙරටුගාමී මෙහෙවරක නිරත වූ උන්වහන්සේ, සාහිත්‍ය කේෂත්‍රයේ උන්නතිය වෙනුවෙන් ද විශාල කාර්යභාරයක් ඉටු කළේ ය.
2023-02-06T03:32:41.000Z
අරණායක අම්බලමක ළමුන් දෙදෙනෙකු සහ පියෙකුගේ මළ සිරුරු
අරණායක අම්බලමක තිදෙනෙකුගේ මළ සිරුරු..
COLOMBO ( News 1st ) – අරණායක, පොල්අඹේගොඩ ප්‍රදේශයේ අම්බලමක් තුළ තිබී ළමුන් දෙදෙනෙකු සහ පියෙකුගේ සිරුරු හමුවී තිබේ. පොලීසීය සඳහන් කළේ මියගිය ළමුන් අවුරුදු 9 සහ 6 යන වයස්වල පසුවන්නන් බවයි. අම්බලම තුළ තිබී ළමුන් දෙදෙනාගේ සිරුරු සොයාගෙන තිබේ. ඒ අසල ඔවුන්ගේ පියා ද ගෙළ වැළලාගෙන මියගොස් ඇතැයි පොලීසීය සඳහන් කළේ ය. සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.
2023-02-06T02:53:07.000Z
තුර්කියේ ප්‍රබල භූ කම්පනයක්... සයිප්‍රසය, ජෝර්දානය, ඉරානය ඇතුළු රටවල් කිහිපයකට බලපෑම්
තුර්කියේ ප්‍රබල භූ කම්පනයක්...
COLOMBO ( News 1st ) - තුර්කියේ මැග්නිටියුඩ් ඒකක 7.8ක ප්‍රබලත්වයකින් යුත් භූ කම්පනයක් සිදුව තිබේ. විදෙස් මාධ්‍ය ගිනිකොනදිග තුර්කියේ සිරියා දේශසීමාවට ආසන්නයේ සිදු වූ මෙම භූ කම්පනයෙන් සප්‍රසය, ග්‍රීසිය, ජෝර්දානය, ලෙබනනය, සිරියාව සහ ඉරාකය ඇතුළු රටවල් කිහිපයකට බලපෑම් එල්ල වී ඇති බවයි. අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසන්නේ, පසු කම්පන කිහිපයක් ද සිදුව ඇති බවයි. තුරිකි ආගනුවර ඇතුළු නරගවලට මෙන්ම කාලපය පුරා පොහෝ ස්ථානවලට මෙම භූ කම්පනය දැනී ඇතැයි, විදසේ මාධ්‍ය වාර්තා කර තිබේ. භූ කම්පනයත් සමග ප්‍රදේශයේ ගොඩනැගිලි කඩා වැටී ඇති බවට ඇතැම් විදෙස් වාර්තාවල සඳහන් වුවද ඒ සම්බන්ධයෙන් නිල තොරතුරු මෙතෙක් වාර්තා වී නොමැත.
2023-02-06T02:45:51.000Z
ප්‍රකෝටිපති ව්‍යාපාරික ඔනේෂ් සුබසිංහගේ මරණය ගැන ඉන්දුනීසියා පොලිසිය විමර්ශන අරඹයි..
ඔනේෂ්ගේ මරණය ගැන ඉන්දුනීසියා පොලිසියෙන් විමර්ශන..
COLOMBO ( News 1st ) – ප්‍රකෝටිපති ව්‍යාපාරික ඔනේෂ් සුබසිංහ මහතාගේ මරණය සම්බන්ධයෙන් ඉන්දුනීසියාවේ, ජකර්තා නුවර පොලිස් කණ්ඩායම් කිහිපයක් විමර්ශන ආරම්භ කර තිබේ. ඉන්දුනීසියාවේ ශ්‍රී ලංකා තානාපති අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා සඳහන් කළේ, සිද්ධිය සම්බන්ධයෙන් රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ පරීක්ෂණයක් ද ක්‍රියාත්මක බවයි. ප්‍රකෝටිපති ව්‍යාපාරික ඔනේෂ් සුබසිංහ මහතා මියයන විට වයස, අවුරුදු 45 කි.
2023-02-06T02:34:12.000Z
කෝටිපති ව්‍යාපාරිකයා ඝාතනය කළ ආකාරය ගැන සැකකරුගෙන් හෙළිදරව්වක්..
ව්‍යාපාරිකයා ඝාතනය: මුගුරකින් කළ පහරදීමකින්
COLOMBO ( News 1st ) – ප්‍රකට කෝටිපති ව්‍යාපාරික රොෂාන් වන්නිනායක මහතා ඝාතනය කර ඇත්තේ, මුගුරකින් කළ පහරදීමකින් බව අනාවරණය වී තිබේ. කොළඹ අපරාධ කොට්ඨාසය පැවසුවේ , අදාළ ව්‍යාපාරිකයා පැලවත්තේ පිහිටි නිවසේ පිහිනුම් තටාකය තුළ සිටියදීම පහරදීම සිදුකර ඇති බවයි. සැකකරු ඔහුගෙන් රුපියල් ලක්ෂයක මුදලක් ඉල්ලා තිබේ. එය නොදීම හේතුවෙන් පහරදීම සිදු කළ බව, සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී තිබේ. අදාළ ඝාතනය සම්බන්ධයෙන් 27 හැවිරිදි තරුණයෙකු සහ 24 හැවිරිදි තරුණියක අත්අඩංගුවට ගැනුණි. ඒ, කොළඹ අපරාධ කොට්ඨාසය කඩවත ප්‍රදේශයේ කළ වැටලීමකදී ය. අදාළ ව්‍යාපාරිකයාගේ, පශ්චාත් මරණ පරීක්ෂණය අද(06) පැවැත්වීමට නියමිතයි. කෙසේ වෙතත් ඔහුගේ මළ සිරුර ඥාතීන් මෙතෙක් හඳුනාගෙන නැහැ.
2023-02-06T01:17:36.000Z
සමාජ මාධ්‍ය ක්‍රියාකාරී දර්ශන හඳුන්ගොඩ අත්අඩංගුවට..
දර්ශන හඳුන්ගොඩ අත්අඩංගුවට..
COLOMBO ( News 1st ) – සමාජ මාධ්‍ය ක්‍රියාකාරී දර්ශන හඳුන්ගොඩ ඊයේ(05) රාත්‍රියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, ඩුබායි රාජ්‍යයේ සිට කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට පැමිණි අවස්ථාවේදී ය. සමාජ මාධ්‍ය ඔස්සේ පළ කළ ආන්දෝලනාත්මක අදහස් සම්බන්ධයෙන් ඔහු එලෙස අත්අඩංගුවට ගත් බව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය. සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම් අඛණ්ඩව ක්‍රියාත්මකයි.
2023-02-06T00:38:31.000Z
ගෙවුණු දිනය උණුසුම් කළ පුවත්
ගෙවුණු දිනය උණුසුම් කළ පුවත්
දේශීය පුවත් 1. පොලීසියේ මැතිවරණ වියදම් ඇස්තමේන්තුව 06 ගුණයකින් ඉහළ ගියේ කොහොමද? – එළැඹෙන පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා පොලිස් දෙපාර්තමේන්තුව ඉදිරිපත් කර ඇති ඇස්තමේන්තුව 2018 වර්ෂයේ ඇස්තමේන්තුගත මුදලට වඩා හය ගුණයක් වැඩි බව සන්ඩේ ටයිම්ස් වාර්තා කර තිබේ. 2.ගංගාරාම විහාරස්ථානයේ නවම් මහා පෙරහැර ඇරඹෙයි.. – ගංගාරාම විහාරස්ථානයේ නවම් මහා පෙරහැර ඊයේ (05) ආරම්භ කෙරිණි. 3.එකම පවුලේ පියා, දුව සහ ඥාති පුත්‍රයෙකු දියේ ගිලීමෙන් මරුට.. – හලාවත, මෝයකට ආසන්නයේ දිය නෑමට ගිය එකම පවුලේ දෙදෙනෙකු හා ඥාති පුත්‍රයෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබේ . 4.ප්‍රකෝටිපති ව්‍යාපාරික ඔනේෂ් සුබසිංහ ඉන්දුනීසියාවේ දී මරුට – ප්‍රකෝටිපති ව්‍යාපාරික ඔනේෂ් සුබසිංහ මහතා ඉන්දුනීසියාවේ දී ජීවිතක්ෂයට පත් වී තිබේ. 5.75 වන නිදහස් සැමරුමට සමගාමීව ඉන්දියාවෙන් දෙන බස් රථ 500න් තවත් බස් රථ 50ක් සංකේතාත්මක ජනපතිට භාර දෙයි – 75 වන නිදහස් සැමරුමට සමගාමීව මෙරට ග්‍රාමීය ප්‍රදේශවල පොදු ප්‍රවාහන සේවාව වඩාත් ශක්තිමත් කිරීම උදෙසා ඉන්දීය රජය විසින් මෙරටට ලබාදීමට නියමිත බස් රථ 500 අතරින් තවත් බස් රථ 50ක් ඊයේ (05) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සංකේතාත්මකව භාර දෙනු ලැබිණි. 6.ලිට්‍රෝ ගෑස් මිල ඉහළට.. –ඊයේ (05) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෑස් මිල ඉහළ දැමීමට ලිට්‍රෝ සමාගම තීරණය කර තිබේ.
2023-02-05T16:44:42.000Z
පයාගල මුහුදේ දියනෑමට ගිය තරුණයෙකු අතුරුදන්
මුහුදේ දියනෑමට ගිය තරුණයෙකු අතුරුදන්
COLOMBO ( News 1st ) - පයාගල මුහුදේ දියනෑමට ගිය තරුණයෙකු අද (05) පස්වරුවේ රළ පහරට හසුව ගසාගෙන ගොස් අතුරුදන්ව තිබේ. මෙලෙස අතුරුදන්ව ඇත්තේ,මස්කෙළිය ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි තරුණයෙකි. අතුරුදන් වූ තරුණයා තවත් තරුණයින් දෙදෙනෙකු සමග දියනෑමට පැමිණ ඇති බව අප වාර්තාකරු පැවසීය.
2023-02-05T16:31:15.000Z
ප්‍රකෝටිපති ව්‍යාපාරික ඔනේෂ් සුබසිංහ ඉන්දුනීසියාවේ දී මරුට
ව්‍යාපාරික ඔනේෂ් සුබසිංහ ඉන්දුනීසියාවේ දී මරුට
COLOMBO ( News 1st ) - ප්‍රකෝටිපති ව්‍යාපාරික ඔනේෂ් සුබසිංහ මහතා ඉන්දුනීසියාවේ දී ජීවිතක්ෂයට පත් වී තිබේ. මියයන විට ඔහුගේ වයස අවුරුදු 45 ක් වන අතර ඔහුගේ මරණය පිළිබඳව රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් පරීක්ෂණයක් සිදුකරන බව ඉන්දුනීසියාවේ ශ්‍රී ලංකා තානාපති අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා නිව්ස්ෆස්ට් වෙත ප්‍රකාශ කළේ ය. එසේම මේ වන විටත් ඉන්දුනීසියාවේ ජකර්තාහි පොලිස් ඒකක කිහිපයක් විසින් මෙම මරණය පිළිබඳව විමර්ශන ආරම්භ කර ඇති බව ද ඉන්දුනිසියාවේ ශ්‍රී ලංකා තානාපති අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ පැවසීය.