date
stringlengths
24
24
title
stringlengths
0
176
short_title
stringlengths
10
69
content
stringlengths
0
19.7k
2023-02-17T10:45:40.000Z
මැතිවරණයට අවශ්‍ය මුදල් ලබාදීම බරපතළ ගැටලුවක් - මුදල් අමාත්‍යාංශ ලේකම් මැතිවරණ කොමිසමට දැනුම් දෙයි
මැතිවරණයට අවශ්‍ය මුදල් ලබාදීම බරපතළ ගැටලුවක්
COLOMBO (News 1st) - රටේ පවතින බරපතළ ආර්ථික අර්බුදය හමුවේ පළාත් පාලන මැතිවරණය සඳහා අවශ්‍ය මුදල් ලබාදීමේ බරපතළ ගැටලුවක් පවතින බව මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා අද (17) මැතිවරණ කොමිසමට නිල වශයෙන් දැනුම්දී තිබේ. මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා සඳහන් කළේ, මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා සහ එහි ඉහළ නිලධාරීන් අද මැතිවරණ කොමිසම හමුවට කැඳ වූ අවස්ථාවේදී ඔවුන් මේ බව ප්‍රකාශ කළ බවයි. රජයේ වියදම් සීමා කරමින් නිකුත් කර ඇති චක්‍රලේඛය අනුව රටේ අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් මුදල් වෙන් කිරීමට සිදුව ඇති බව ඔවුන් කොමිසමට දැනුම්දී ඇත. ඔවුන් වැඩිදුරටත් දැනුම්දී ඇත්තේ, වෙනත් අත්‍යවශ්‍ය නොවන වියදම් සඳහා රටේ මුදල් අමාත්‍යවරයාගේ අනුමැතිය ලබාගත යුතු බවට ද තවත් චක්‍රලේඛයක් නිකුත් කර ඇති බවයි. මේ වනවිට මුදල් අමාත්‍ය ධුරය දරන්නේ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතායි. මෙවැනි වතාවරණයක් තුළ මැතිවරණය සඳහා අවශ්‍ය මුදල් ලබාදීමට බාධාවක් පවතින බව මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා අද මැතිවරණ කොමිසමට දැනුම් දී තිබේ.
2023-02-17T08:06:20.000Z
රුසියාව යුක්‍රේනයට එල්ල කරන මිසයිල ප්‍රහාර දැඩි කරයි
රුසියා යුක්‍රේන යුද්ධයේ නවතම තත්ත්වය..
COLOMBO (News 1st) – රුසියානු හමුදා යුක්‍රේනය වෙත මිසයිල ප්‍රහාර එල්ල කිරීම දැඩි කර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, නවීකරණය කළ දශක 6ක් පමණ පැරණි මිසයිල ද ඒ සඳහා යොදාගෙන ඇති බවයි. එම ප්‍රහාර සමග යුක්‍රේනයේ නිප්රෝපෙට්‍රොව්ස්ක් ප්‍රදේශයේ සිවිල් වැසියන්ද ඉලක්ක කරමින් ප්‍රහාර එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් ය. යුක්‍රේනය සඳහන් කළේ, එම නවීකරණය කරන ලද මිසයිල ප්‍රහාර වැළැක්වීම සඳහා තම ප්‍රතිප්‍රහාර සුදුසු මට්ටමක නොමැති බවයි. මේ අතර, එළඹෙන අප්‍රේල් මාසය වනවිට නිප්රෝපෙට්‍රොව්ස්ක් නගරය මුලුමනින්ම අත්පත් කරගැනීමට හැකිවනු ඇතැයි වැග්නර් ලෙස හඳුන්වන රුසියානු කුලී හේවායන්ගේ නායකයා උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
2023-02-17T06:23:47.000Z
පුංචි ඡන්දයේ තැපැල් ඡන්දය දින නියමයක් නැතිව කල් යයි..
පුංචි ඡන්දයේ තැපැල් ඡන්දය කල් යයි..
COLOMBO (News 1st) – ප්‍රකාශයට පත් කර ඇති පළාත් පාලන මැතිවරණයට අදාලව ලබන 23, 24,28, යන දිනවලදී පැවැත්වීමට නියමිතව තිබූ තැපැල් ඡන්ද පත්‍රිකා සලකුණු කිරීම සිදු නොකරන බව මැතිවරණ කොමිසම නිවේදනය කරයි. ඔවුන් පවසන්නේ, තැපැල් ඡන්දය පැවැත්වෙන දින පසුව දැනුම් දෙන බවයි. රජයේ මුද්‍රණාල අධිපතිනිය එකඟ වූ පරිදි තැපැල් ඡන්ද පත්‍රිකා නියමිත දිනට ලබා නොදීම මෙම තීරණයට හේතුව බව මැතිවරණ කොමිසම පවසයි.
2023-02-17T05:23:18.000Z
චීනයෙන් ලැබුණු ඉන්ධන ගොවීන්ට බෙදා දීම අද සිට..
චීනයෙන් ලැබුණු ඉන්ධන බෙදා දීම අද සිට..
COLOMBO (NEWS1ST) : චීන ආධාර යටතේ ලබාදුන් ඉන්ධන තොගය මෙවර මහ කන්නයේ වගා කළ ගොවීන්ට බෙදා දීම අද (17) ආරම්භ වෙයි. කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ මහතා සදහන් කළේ, එහි පළමු තොගය අද හම්බන්තොට වරායේදී චීන තනාපතිවරයා විසින් ගොවීන්ට ලබාදුන් බවයි හෙක්ටයාරයක් සඳහා ඉන්ධන ලිටර් 15ක් මේ යටතේ ගොවින්ට නොමිලේ ලබා දෙනු ඇති චීනයෙන් ඉන්ධන මෙට්‍රික් ටොන් 9,000ක් මෙරටට ප්‍රදානයක් ලබා දුන් අතර ඉන් කොටසක් ධීවර ජනතාව වෙනුවෙන් වෙන් කෙරිණ.
2023-02-17T04:32:30.000Z
ආනයනය කළ පිළිකා ඖෂධ තොගයක් වරායේ..
ආනයනය කළ පිළිකා ඖෂධ තොගයක් වරායේ..
COLOMBO (NEWS1ST) : මෙරටට ආනයනය කළ පිළිකා නාශක ඖෂධ වර්ග 37ක් සතියක පමණ කාලයක් කොළඹ වරායේ බහාලුම්වල රඳවා තැබීමට සිදුව ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ, අදාළ ඖෂධවලට ගෙවීම් කිරීමට නිකුත් කළ ණයවර ලිපි සඳහා මුදල් නිකුත් නොකිරීම හේතුවෙන් ය. මේ අතර, ඖෂධ හිඟය හේතුවෙන් ජනතාව තවදුරටත් දැඩි පීඩාවට පත්ව සිටී.
2023-02-17T04:24:36.000Z
ඇහැලියගොඩදී කඩුවකින් පහරදී තරුණයෙකු ඝාතනය කෙරේ..
කඩුවකින් පහරදී තරුණයෙකු ඝාතනය කෙරේ..
COLOMBO (News 1st) – ඇහැලියගොඩ, තලාවිටිය වත්ත ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී තරුණයෙකු ඝාතනය කර තිබේ. පොලිසිය සඳහන් කළේ, මුදල් ගනුදෙනුවක් සම්බන්ධ ආරවුලකදී ඔහු පුද්ගලයෙකු සමග පොරබදිමින් සිටියදී තවත් පුද්ගලයෙකු කඩුවකින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බවයි. ඊයේ(16) රාත්‍රියේ එලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 25 හැවිරිදි ඇහැලියගොඩ ,අලුත්කෑල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඝාතනයට සම්බන්ධ සැකකරුවන් හඳුනාගෙන ඇති අතර, ඔවුන් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ක්‍රියාත්මකයි.
2023-02-17T02:22:17.000Z
ස්වාධීන කොමිෂන් සභාවලට සාමාජිකයින් තෝරා ගැනීම ඇරඹේ..
ස්වාධීන කොමිෂන් සභාවලට සාමාජිකයින් තෝරා ගැනේ
COLOMBO (News 1st) - ස්වාධීන කොමිෂන් සභා සඳහා නව සාමාජිකයින් තෝරා ගැනීමේ කටයුතු ආරම්භ කර ඇති බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි. ඔහු සඳහන් කළේ, ඒ සඳහා ලැබුණු අයදුම්පත් අතුරින් එම පිරිස තෝරා ගන්නා බවයි. එහි ප්‍රගතිය පිළිබඳ ලබන 22 වැනිදා රැස්වන ව්‍යවස්ථාදායක සභාවේදී සාකච්ඡා කෙරෙන බව කතානායකවරයා පැවසී ය. 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ පිහිටුවා ඇති ස්වාධීන කොමිෂන් සභා සංඛ්‍යාව 10 කි. ජාතික මැතිවරණ කොමිසම‍ පොලිස් කොමිසම‍ මානව හිමිකම් කොමිසම‍ අධිකරණ සේවා කොමිසම‍ රාජ්‍ය සේවා කොමිසම අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම ජාතික විගණන කොමිසම මුදල් කොමිසම‍ සීමා නිර්ණය කොමිසම‍ හා ප්‍රසම්පාදන කොමිසම
2023-02-17T01:45:06.000Z
සෞඛ්‍ය සේවකයින්ගේ අතිකාල 15% කින් කප්පාදු කරමින් චක්‍රලේඛයක්
සෞඛ්‍ය සේවකයින්ගේ අතිකාල 15% කින් කප්පාදු කෙරේ..
COLOMBO (News 1st) – සෞඛ්‍ය සේවකයින්ගේ අතිකාල ඇතුළු දීමනා 15% කින් කප්පාදු කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය චක්‍රලේඛයක් නිකුත් කර තිබේ. සෞඛ්‍ය සේවකයින් පවසන්නේ , ඉන් තම මාසික වැටුපට දැඩි බලපෑමක් එල්ල කර ඇති බවයි. මෙම තීරණය වහා ඉවත් කර ගත යුතු බවද ඔවුන් පෙන්වා දෙයි. සෞඛ්‍ය වෘත්තීය සමිති සම්මේලනයේ සභාපති සමන්ත කෝරලේආරච්චි මහතා සඳහන් කළේ , මෙම තීරණයෙන් සෞඛ්‍ය සේවය බලවත් තර්ජනයකට ලක්වන බවයි.
2023-02-17T01:23:28.000Z
මිනුවන්ගොඩදී වෙඩි තබා පුද්ගලයෙක් ඝාතනය කෙරේ
මිනුවන්ගොඩදී වෙඩි තබා පුද්ගලයෙක් ඝාතනය කෙරේ
COLOMBO (News 1st) – මිනුවන්ගොඩ, බොරගොඩවත්ත ප්‍රදේශයේදි වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කර තිබේ. පොලිසිය සඳහන් කළේ, ඊයේ රාත්‍රි 9.45 ට පමණ එම ඝාතනය සිදුව ඇති බවයි. මියගොස් ඇත්තේ 30 හැවිරිදි පීල්ලවත්ත ආඩිඅම්බලම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. එම පුද්ගලයා යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී සැගව සිටි පුද්ගලයෙකු මෙම ඝාතනය සිදුකර ඇති බව ආනවරණ වී තිබේ. වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවන් පිළිබඳ තොරතුරු මෙතෙක් අනාවරණය වි නොමැත.
2023-02-17T01:19:12.000Z
මුද්‍රණාලයට අමතර ආරක්ෂාවක් දෙන්න... මැතිවරණ කොමිසම පොලිස්පතිගෙන් ඉල්ලයි..
මුද්‍රණාලයට අමතර ආරක්ෂාවක් දෙන්න...
COLOMBO (News 1st) – රාජ්‍ය මුද්‍රණාලයට අතිරේක ආරක්ෂාවක් ලබා දෙන්නැයි පොලිස්පතිවරයාට ලිඛිතව දැනුම් දුන් බව මැතිවරණ කොමිසම පවසයි. එහි සභාපති නිතිඥ නිමල් පුංචිහේවා මහතා සඳහන් කළේ , ඊයේ(16) පස්වරුවේ ඊට අදාළ ලිපිය පොලිස්පතිවරයා වෙත යොමු කළ බවයි. ප්‍රමාණවත් පොලිස් ආරක්ෂාවක් නොලැබීම නිසා පළාත් පාලන ඡන්දයට අදාළ මුද්‍රණ කටයුතු අඩාලවී ඇතැයි රජයේ මුද්‍රණාලයාධිපතිණී ගංගානි ලියනගේ මහත්මිය පෙරේදා පැවසුවේ ය. මේ අතර, අප කළ විමසිමකදී මුද්‍රණාලයාධිපතිනිය ඊයේ රාත්‍රි ප්‍රකාශ කළේ, ඒ වනතෙක් මුද්‍රණාලයට අමතර පොලිස් ආරක්ෂාවක් ලබා දී නොමැති බවයි.
2023-02-17T00:35:28.000Z
ගෙවුණු දිනය උණුසුම් කළ පුවත්
ගෙවුණු දිනය උණුසුම් කළ පුවත්
1.PUCSL සභාපතිගේ නිල කාර්යාලයට පොලීසිය මුද්‍රා තබයි.. – මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතාගේ නිල කාර්යාලයට කොල්ලුපිටිය පොලීසිය මුද්‍රා තබා තිබේ. 2.සබරගමුව සරසවියේ පළමු වසර හැර සෙසු සියලු පීඨ දින නියමයක් නොමැතිව වසා දමයි.. – සබරගමුව විශ්වවිද්‍යාලයේ පළමු වසර හැර, සෙසු සියලු පීඨ දින නියමයක් නොමැතිව වසා දමා තිබේ. 3.කබ්රාල්ට තව දුරටත් රට ගමන් තහනම්.. – අජිත් නිවාඩ් කබ්රාල් මහතාට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස ඉල්ලා ගොනු කර ඇති පෞද්ගලික නඩුව සම්බන්ධයෙන් නියෝගය ලබන අප්‍රේල් 6 වැනිදා නිකුත් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා ඊයේ (16) තීරණය කළේ ය. 4.අඛණ්ඩව විදුලිය දෙන්න... අඩු ආදායම්ලාභී පවුල්වලට සහන දෙන්න – ජනපතිගෙන් විදුලි බලධාරීන්ට උපදෙස් – මහජන උපයෝගිතා කොමිෂන් සභාව අනුමත කළ විදුලි ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක කිරීමත් සමග දුෂ්කරතාවට පත් වන පාර්ශ්වයන්ට සහන සලසන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයාට සහ වගකිවයුතු නිලධාරීන්ට ඊයේ (16) උපදෙස් ලබා දී තිබේ. 5.පොලීසියේ ඉහළ නිලධාරීන් පිරිසකට ස්ථාන මාරු – ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් පිරිසක් ස්ථාන මාරු කර තිබේ. ඒ, මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයාගේ උපදෙස් මත ජාතින පොලිස් කොමිෂන් සභාවේ අනුමැතියට යටත්වයි. විදෙස් පුවත් 1.එයාර් ඉන්දියා ගුවන් සමාගම මගී ප්‍රවාහන ගුවන් යානා 840 ක් ඇණවුම් කරයි – ටාටා සමුහ ව්‍යාපාරයට අයත් එයාර් ඉන්දියා ගුවන් සමාගම මගී ප්‍රවාහන ගුවන් යානා 840 ක් ඇනවුම් කර ඇතැයි ඉන්දිය මාධ්‍ය ඊයේ (16) වාර්තා කළේ ය.
2023-02-16T16:25:26.000Z
T20 කාන්තා ලෝක කුසලානයේ ශ්‍රී ලංකාවට එරෙහිව ඔස්ට්‍රේලියාවට කඩුලු 10ක ජයක්..
ශ්‍රී ලංකාවට එරෙහි තරගයේ ජය ඔස්ට්‍රේලියාවට
COLOMBO ( News 1st ) - වත්මන් ලෝක ශූර ඔස්ට්‍රේලියාව 2023 පන්දුවාර 20-20 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට අද (16) සුදුසුකම් ලබා ගත්තේය. ඒ, ශ්‍රී ලංකාවට එරෙහිව අද (16) පැවැති තරගය කඩුලු 10කින් ජය ගනිමිනි. දකුණු අප්‍රිකාවේ ශාන්ත ජෝර්ජ් පාර්ක් ක්‍රීඩාංගණයේදී පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී රැස් කිරීමට හැකි වූයේ, ලකුණු 112 ක් පමණි. නායිකා චමරි අතපත්තු ලකුණු 16 කට දැවී ගිය අතර හර්ෂිතා සමරවික්‍රම ලකුණු 32ක් රැස් කළාය. මේගන් ෂට් ලකුණු 24 කදී කඩුලු 3 ක් බිඳ හෙලනු ලැබූ අතර ලකුණු 113 ක ඉලක්කයක් හඹා ගිය ඔස්ට්‍රේලියා ක්‍රීඩිකාවන් නියමිත ඉලක්කය පසු කළේ පන්දුවාර 15 යි පන්දු 5 ක් අවසානයේ කිසිවකු නොදැවී සිටියදීය. ඇලිසා හීලි නොදැවී ලකුණු 54 ක් රැස් කිරීමට සමත් විය. බෙත් මූනි නොදැවී ලකුණු 56 ක් රැස් කළ අතර ඔස්ට්‍රේලියා කණ්ඩායම මෙම තරගාවලියේ අඛන්ඩව ලැබූ තෙවැනි ජයග්‍රහණය මෙය වන අතර ඒ අනුව පළමු කාණ්ඩයේ ලකුණු සටහනේ පෙරමුණේ රැඳී සිටින ඔවුන් අවසන් පූර්ව වටයේ ස්ථානය තහවුරු කර ගත්තේ ය.
2023-02-16T15:08:48.000Z
එයාර් ඉන්දියා ගුවන් සමාගම මගී ප්‍රවාහන ගුවන් යානා 840 ක් ඇණවුම් කරයි
ලොව විශාලතම ගුවන් යානා ඇණවුම
COLOMBO ( News 1st ) - ටාටා සමුහ ව්‍යාපාරයට අයත් එයාර් ඉන්දියා ගුවන් සමාගම මගී ප්‍රවාහන ගුවන් යානා 840 ක් ඇනවුම් කර ඇතැයි ඉන්දිය මාධ්‍ය අද (16) වාර්තා කළේ ය. එම වාර්තාවල දැක්වෙන්නේ එයාර් බස් සහ බෝයිං ගුවන් යානා නිෂ්පාදන සමාගම් වලින් මෙම යානා ඇණවුම් කර ඇති බවය. එම වාර්තාව පෙන්වා දී ඇත්තේ ඒ අතරින් යානා 370ක් කඩිනමින් මිලදී ගැනීමට එයාර් ඉන්දියා සමාගම බලාපොරොත්තු වන බවය. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ගුවන් සමාගමක් මෑත ඉතිහාසයේ සිදු කරන ලද විශාලතම ගුවන් යානා ඇණවුම මෙය බවය.
2023-02-16T14:59:52.000Z
කබ්රාල්ට තව දුරටත් රට ගමන් තහනම්..
කබ්රාල්ට තව දුරටත් රට ගමන් තහනම්..
COLOMBO ( News 1st ) - අජිත් නිවාඩ් කබ්රාල් මහතාට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස ඉල්ලා ගොනු කර ඇති පෞද්ගලික නඩුව සම්බන්ධයෙන් නියෝගය ලබන අප්‍රේල් 6 වැනිදා නිකුත් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා අද (16) තීරණය කළේ ය. මෙරට ආර්ථිකය පරිහානියකට පත් කිරීමට හේතු පාදක වූ තීන්දු තීරණ ගත්, අජිත් නිවාඩ් කබ්රාල් මහතාට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස ඉල්ලා එම පැමිණිල්ල ගොනු කළේ, හිටපු ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතාය. අජිත් නිවාඩ් කබ්රාල් මහතාට පනවා ඇති විදෙස් ගමන් තහනම ද අප්‍රේල් 6 වැනිදා දක්වා තවදුරටත් දීර්ඝ කෙරුණි.
2023-02-16T11:06:24.000Z
ලොවක් කළඹවමින් 2018දී තායිලන්තයේ ගුහාවක සිර වී සිටියදී මුදාගත් සිසුවා ජීවන ගමනට සමුදෙයි..
තායිලන්ත ගුහාවකින් දිවි බේරාගත් සිසුවා මරුට..
COLOMBO ( News 1st ) - 2018 වසරේ දී තායිලන්තයේ තාම්ලූ ආන් ගුහාවේ සිර වී සිට මුදවා ගත් එවකට 13වැනි වියේ පසු වූ Duangpetch Promthep ඉතා අවාසනාවන්ත ලෙස ජීවන ගමනින් සමුගෙන තිබේ. 2018 ජූලි මස තායිලන්තයේ තාම්ලූ ආන් ගුහාවේ පාපන්දු කණ්ඩායමක් සිය පාපන්දු පුහුණුකරු සමග සිර වීමේ සිදු වීමෙන් පසු එම සිදුවීම ලොව පුරා කතා බහට ලක් විය. එවකට තායිලන්ත රජය සහ අනෙකුත් සහන කණ්ඩායම් එක් වී මෙම පිරිස මුදවා ගැනීමේ සිදු වීම ලොව පුරා එක් රැයකින් ප්‍රසිද්ධියට පත් වූ සිදු වීමක් විය. කෙසේ වෙතත් එම සිදු වීමෙන් පසු තායි රජය කියා සිටියේ මෝසම් වැසි තත්ත්වය නතර වන තුරු මුදවා ගැනීමේ මෙහෙයුම් සිදු කිරීම අපහසු වන බවයි. සති දෙකක කාලයක් පුරා සිදු කෙරුණු සාර්ථක මුදවා ගැනීමේ සැලැසුම් හේතුවෙන් පුහුණුකරුවා ඇතුළු පාපන්දු කණ්ඩායම නිරුපද්‍රිතව බේරා ගැනීමට තායිලන්තය සමත් වීම ලොව පුරා ජනතාව බලා සිටියේ ඉමහත් සතුටිනි. සිනා මුසු මුහුණින් නිරුපද්‍රිතව ගුහා ද්වාරයෙන් පිටතට පැමිණි කුඩා පාපන්දු වීරයින් පිළිබඳ කතාව සිනමා පට වලට නැගීමට පවා එකළ කතා බහක් ඇති විය. කෙසේ වෙතත් පසුගිය වසරේ දී ශිෂ්‍යත්වයක් දිනා ගැනීමෙන් පසුව මෙම Duangpetch Promthep බ්‍රිතාන්‍ය බලා පිටව ගොස් තිබුණි. Duangpetch Promthep වයිල්ඩ් බෝර්ස් පාපන්දු කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ අතර ඔහු මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ බ්‍රිතාන්‍යයේ ලෙයිසෙස්ටර්ෂයර් හී බෘක් හවුස් කොලේජ් පාපන්දු ඇකඩමිය හා සම්බන්ධ වෙමින් පාපන්දු ක්‍රීබාවේ නියැලෙමින් සිටීයදී බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. ජීවිතක්ෂයට පත්වන විට ඔහු 17 හැවිරිදි වියේ පසු විය. කෙසේ වෙතත් ඔහුගේ මෙම හදිසි වියෝවට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර Promthep ගේ හිසෙහි කලක් පුරා පැවැති තුවාලයක් හේතුවෙන් ඔහු පීඩා විඳි බව ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
2023-02-16T10:50:57.000Z
සබරගමුව සරසවියේ පළමු වසර හැර සෙසු සියලු පීඨ දින නියමයක් නොමැතිව වසා දමයි..
සබරගමුව සරසවිය වැසේ..
COLOMBO ( News 1st ) - සබරගමුව විශ්වවිද්‍යාලයේ පළමු වසර හැර, සෙසු සියලු පීඨ දින නියමයක් නොමැතිව වසා දමා තිබේ. ඒ, සිසුන් පිරිසක් අතර ඇතිවූ ගැටුමක් මුල් කරගනිමින් ය. සබරගමුව විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ආර්.එම්.යූ.එස්.කේ. රත්නායක මහතා නිවේදනය කළේ, අද (16)පස්වරු 4.00ට පෙර සියලු සිසුන් නේවාසිකාගාරවලින් ඉවත් විය යුතු බවයි. ඒ අනුව අද පස්වරු 4.00න් පසුව සිසුන්ට විශ්වවිද්‍යාල භූමියේ රැඳී සිටීම තහනම් වන බව ද, උපකුලපතිවරයා නිවේදනය කළේ ය.
2023-02-16T10:44:14.000Z
අපේක්ෂා රෝහලෙන් දුර්ලභ ඖෂධ තොගයක් සොරාගෙන අලෙවි කිරීමට ගිය සේවකයෙක් අත්අඩංගුවට
අපේක්ෂා රෝහලේ බෙහෙත් විකුණන්න ගිය අයෙක් කොටු
COLOMBO ( News 1st ) - මහරගම අපේක්ෂා රෝහලේ දුර්ලභ ඖෂධ තොගයක් සොරා ගෙන අලෙවි කරමින් සිටියදී අත්අඩංගුවට ගත් එහි සේවකයෙකු ලබන 28 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි. ඒ, සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදීය. අදාළ සැකකාර සේවකයා පරිත්‍යාගශීලීන් ලබාදී තිබූ එන්නතක් කුප්පියක් රුපියල් 21,000කට රෝගියකුට අලෙවි කිරීමට යාමේදී ලද තොරතුරක් මත අල්ලස් හෝ දූෂණ විමර්ෂන කොමිෂන් සභාවේ නිලධාරීන්ගේ අත්අඩංගුවට පත්ව තිබේ. පසුව කළ පරීක්ෂාවකදී අදාළ සේවකයාගේ නිවසේ තිබී තවත් එන්නත් තොගයක් සහ රුපියල් 425,290 ක මුදලක් සොයාගෙන ඇති බව අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණයට ප්‍රකාශ කළේ ය. සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට පෙන්වා දුන්නේ, සිය සේවාදායකයා ඖෂධවේදියෙකු බැවින් ඔහුගේ නිවසේ ඖෂධ අලෙවි කරන වෙළෙඳසැලක් පවත්වාගෙන යන බවයි. එහෙත්, ඔහුට ඖෂධ අලෙවි කිරීම සඳහා නිසි බල පත්‍රයක් නොමැති බව, විමර්ශන නිලධාරීන් එහිදී අධිකරණයට පෙන්වා දුන්නේ ය.
2023-02-16T09:44:03.000Z
PUCSL සභාපතිගේ නිල කාර්යාලයට පොලීසිය මුද්‍රා තබයි..
PUCSL සභාපතිගේ නිල කාර්යාලයට මුද්‍රා තබයි..
COLOMBO (News 1st) - මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතාගේ නිල කාර්යාලයට කොල්ලුපිටිය පොලීසිය මුද්‍රා තබා තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේ, කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයකට අනුව එය සිදු කළ බවයි. රජය අපහසුතාවයට පත්වන ආකාරයේ සිදුවීම් ඒ තුළ වන බවට ලද තොරතුරකට අනුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර, එම නියෝගය ලබාගත් බව, ඔහු ප්‍රකාශ කළේ ය. ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා මේ වනවිට විදෙස්ගතව සිටින බැවින් ඔහු යළි දිවයිනට පැමිණීමෙන් අනතුරුව ඔහු ඉදිරිපිටදී අදාළ කාර්යාලය විවෘත කරන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ ය.
2023-02-16T06:48:28.000Z
ඇප මුදල් භාර ගැනීම අත්හිටවූ රාජ්‍ය පරිපාලන ලේකම්ගේ චක්‍රලේඛයට එරෙහි පෙත්සම සලකා බැලීමට දින නියම වෙයි
නීල්ගේ චක්‍රලේඛයට එරෙහි පෙත්සමට දින නියම වෙයි
COLOMBO (News 1st) - පළාත් පාලන මැතිවරණයේ ඇප මුදල් භාර ගැනීම අත්හිටුවමින් රාජ්‍ය පරිපාලන ලේකම් නීල් බණ්ඩාර හපුහින්න මහතා නිකුත් කළ චක්‍රලේඛයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කර ඇති පෙත්සම ලබන මස 23 වැනි දා කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (16) දින නියම කර තිබේ. මෙම පෙත්සම අද සලකා බැලුවේ, ප්‍රියන්ත ජයවර්ධන, මුර්දු ප්‍රනාන්දු සහ අචල වෙංගප්පුලි යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේදීයි. මෙය ජනතාව සතු සර්වජන ඡන්ද බලයට බාධා කිරීමට තැත් කිරීමක් පිළිබඳ පෙත්සමක් වන බැවින් කඩිනමින් එය සලකා බැලීමට දින නියම කරන ලෙස පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය මහතා විනිසුරු මඩුල්ලෙන් ඉල්ලීමක් කළේ ය. නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් ජනාධිපති නීතිඥ නෙරීල් පුල්ලේ මහතා අධිකරණයට පෙන්වා දුන්නේ, කැබිනට් මණ්ඩලයේ ලේකම්වරයා විසින් කළ දැනුම් දීමක් අනුව නිකුත් කළ එම චක්‍රලේඛය රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් පැය කිපයකට පසු ඉල්ලා අස් කරගෙන ඇති බවයි. ඒ සම්බන්ධයෙන් ඔහු මැතිවරණ කොමිෂන් සභාවට කනගාටුව පළ කර ඇති බව ද ඔහු පෙන්වා දුන්නේ ය. සමගි ජන බලවේගයේ කොළඹ මහ නගර සභා නගරාධිපති අපේක්ෂක මුජිබර් රහුමාන් මහතා මෙම පෙත්සම ගොනු කර ඇත.
2023-02-16T06:27:54.000Z
ගන්න තියෙන අවසන් තීන්දුව හැටියට වැඩි කළ විදුලි ගාස්තු සංශෝධනය...
විදුලි බිල ඉහළ නගිද්දී, නැවතුණු කරන්ට් කැපිල්ල
COLOMBO (News 1st) - 66% ක විදුලි ගාස්තු වැඩි කිරීමත් සමග අද (16) සිට විදුලි කප්පාදුව අත්හිටුවන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. ''ජනවාරි මාසෙ ලබා දීපු යෝජනාව ජනවාරි සිට ක්‍රියාත්මක වූයේ නම්, මම හිතනවා අපිට තවත් පහසු වෙනවා. කෙසේ හෝ ඒක ප්‍රමාද වෙනවා . ප්‍රමාදෙකින් හෝ ලැබීම තුළ අද දවසේ සිට අඛණ්ඩ විදුලි සැපයුමක් සහතික කරන්න පුළුවන් කමක් තියෙනවා'' අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ දැනුවත් කිරීම සඳහා කැඳවා තිබූ මාධ්‍ය හමුව අමතමිනි. අමාත්‍යවරයා පැවසුවේ, විකල්ප අධ්‍යනය කිරීමෙන් පසු අවසන් විකල්පය ලෙස අකමැත්තෙන් හෝ ගාස්තු සංශෝධන තීන්දුවට එළැඹිමට සිදු වූ බවයි. ''ආණ්ඩුවකට ගන්න පුළුවන් අපහසුම තීන්දුව, ජනාධිපතිවරයෙකුට ගන්න පුුළුවන් අපහසුම තීන්දුව අමාත්‍යවරයෙක්ට ගනන් පුළුවනස් අපහසුම තීන්දු විදුලිබල මණ්ඩලයට ගනන් පුළුවන් අපහසුම තීන්දුව අරන් තියෙන්නෙ, ඒ තීන්දුව තවත් අපහසු වෙලා. පසුගිය කාලෙ බදු සංශෝධන, වගේම වෙනත් වැය ක්‍රම නිසා.. අපු කණගාටුව පළ කනරනවා... රජයට කිසිම අදහසක් නෑ ජනතාව මත පමණක් බර පටවලා, මේ ක්‍රියාවලිය කරගනෙ යා යුතයි කියලා'' විදේශ විනිමය හිඟය, රුපියල් හිඟය, පිරිවැය දැරීමට සිදුවීම, දීර්ඝ කාලයක් තිස්සේ නියාමන ආයතන ඇතුළු අනුබද්ධ ආයතන , පැවති රජයන් රටට අවශ්‍ය ජනන සැලැස්ම නිසියාකාරව ක්‍රියාත්මක නොකිරීම , අවම වියදමෙන් විදුලිය ලබා ගැනීම සඳහා ගතයුතු උත්සාහයන් නොගැනීම වැනි කරුණු වසරක අධික කාලයක් තිස්සේ ක්‍රියාතමක වූ විදුලි කප්පාදුවට හේතු වූ බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසී ය.
2023-02-16T05:15:24.000Z
අඛණ්ඩව විදුලිය දෙන්න... අඩු ආදායම්ලාභී පවුල්වලට සහන දෙන්න - ජනපතිගෙන් විදුලි බලධාරීන්ට උපදෙස්
ජනපති රනිල්ගෙන් විදුලි බලධාරීන්ට උපදෙසක්
News 1st - මහජන උපයෝගිතා කොමිෂන් සභාව අනුමත කළ විදුලි ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක කිරීමත් සමග දුෂ්කරතාවට පත් වන පාර්ශ්වයන්ට සහන සලසන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයාට සහ වගකිවයුතු නිලධාරීන්ට අද (16) උපදෙස් ලබා දී තිබේ. ඒ අනුව විදුලි පාරිභෝගිකයින්ට අඛණ්ඩ විදුලිය සැපයීම මෙන්ම අඩු ආදායම්ලාභී පවුල් වෙත සහන සැලසීම, ආගමික ස්ථාන සහ රජයේ අධ්‍යාපන ආයතන සඳහා සූර්ය පැනල ලබා දීම වැනි කටයුතු කෙරෙහි අවධානය යොමු කරන ලෙසත් ජනාධිපතිවරයා දැනුම් දී ඇත. මේ අතර විදුලි බිල වැඩි කිරීමේ තීරණයත් සමග අද (16) සිට විදුලිය විසන්ධි නොකිරීමට විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය තීරණය කර තිබේ. 66% කින් විදුලි ගාස්තු ඉහළ නැංවීමට මහජන උපයෝගීතා කොමිසමේ අනුමැතිය ලබාදීමත් සමග ඊයේ (15) සිට නව විදුලි ගාස්තු සංශෝධනය ක්‍රියාත්මකයි. විදුලි බිල ගෙවා ගැනීමට ආර්ථික අපහසුතා ඇති පුද්ගලයින් පිළිබඳව මුදල් අමාත්‍යාංශය විසින් ඉදිරියේදී තීරණයක් ගනු ඇතැයි ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය. නව විදුලි ගාස්තු සංශෝධනය අනුව ඒකක 60 ක් භාවිත කරන නිවසක විදුලි බිල 276% කින් ඉහළ යන අතර ඒ අනුව ඒකක 60 ක් භාවිත කරන නිවසකට මෙතෙක් ලැබුණු රුපියල් 680 ක් වූ විදුලි බිල රුපියල් 2,560 ක් දක්වා ඉහළ යනු ඇති. ඒකක 30 ක් භාවිත කළ නිවසකට මෙතෙක් ලැබුණු රුපියල් 360 ක විදුලි බිල රුපියල් 1300 ක් දක්වා ඉහළ යන අතර එය 261% ක වැඩිවීමකි. ඒකක 90 ක් භාවිත කළ නිවසකට මෙතෙක් ලැබුණු රුපියල් 1800 ක් වූ විදුලි බිල රුපියල් 4430 ක් දක්වා ඉහළ යනු ඇති. ඒකක 200 වැඩියෙන් භාවිත කරන නිවසක විදුලි ගාස්තු ඉහළ නංවා ඇත්තේ 32% ක ප්‍රතිශතයකිනි.
2023-02-16T04:50:01.000Z
පොලීසියේ ඉහළ නිලධාරීන් පිරිසකට ස්ථාන මාරු
පොලීසියේ ඉහළ නිලධාරීන් පිරිසකට ස්ථාන මාරු
COLOMBO (News 1st) - ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් පිරිසක් ස්ථාන මාරු කර තිබේ. ඒ, මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයාගේ උපදෙස් මත ජාතින පොලිස් කොමිෂන් සභාවේ අනුමැතියට යටත්වයි. ඒ අනුව ප්‍රජා පොලිස් හා පරිසර ආරක්ෂණ දිසාව භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති යු.පී.ඒ.ඩී.කේ.පී කරුණානායක මහතා බස්නාහිර පළාත රථවාහන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරට මාරු කර ඇත. එම තනතුරෙහි මීට පෙර කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පති ජි.අයි.ඩි.ආර් විජේසිංහ මහතා ගාල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරායයි. වැඩබලන නියෝජ්‍ය පොලිස්පති එල් .ඒ .යු .සරත් කුමාර මහතා බස්නාහිර පළාත අපරාධ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලෙස පත් කර ඇත. ඔහු මීට පෙර කටයුතු කළේ, මඩකලපුව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරෙයි. වැඩබලන නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. කේ. ජේ. ආර්. ඩයස් මහතා ප්‍රජා පොලිස් හා පරිසර ආරක්ෂණ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලෙස ස්ථාන මාරු කර ඇත. ඔහු මීට පෙර බස්නාහිර පළාත අපරාධ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලෙස කටයුතු කළේ ය. වැඩබලන නියෝජ්‍ය පොලිස්පති ඒ.එල්. යු. එන්. පී. ලියනගේ මහතා ගාල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරේ සිට මඩකලපුව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලෙස ස්ථාන මාරු කර ඇතැයි පොලිස් මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.
2023-02-16T04:23:48.000Z
ගත වූ පැය 24 තුළ ලොවපුරා ස්ථාන 32 ක භූ කම්පන
ගත වූ පැය 24 තුළ ලොවපුරා ස්ථාන 32 ක භූ කම්පන
News 1st - පසුගිය පැය 24 තුළ ලොවපුරා ස්ථාන 32ක භූ කම්පන තත්ත්වයන් වාර්තා වේ. අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ වෙබ් අඩවිය තහවුරු කළේ, එම භූ කම්පන මැග්නිටියුඩ් ඒකක 2.5ට වැඩි ප්‍රබලත්වයෙන් යුත් ඒවා බවයි. එම භූ කම්පන අතුරින් මැග්නිටියුඩ් ඒකක 6.1 ක වැඩිම ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනය පිලිපීනයෙන් වාර්තා වේ. ඉන් සිදු වූ දේපොළ හෝ ජීවිත හානි පිළිබඳ මෙතෙක් වාර්තා වී නැත. ඊට අමතරව මැග්නිටියුඩ් ඒකක 5ට වැඩි ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පන වාර්තාවන්නේ, නවසීලන්තය, ඇලස්කා, කොලොම්බියා, ටොංගා, බොල්වියා, ඇතුළු රටවල් කිහිපයක් ආශ්‍රිතවයි. දරුණු ඛේදවාචකයට මුහුණ දුන් තුර්කියෙන් ද පසුගිය පැය 24 තුළ මැග්නිටියුඩ් ඒකක 4.6 ක භූ කම්පනයක් වාර්තා විය.
2023-02-16T04:11:49.000Z
සබරගමුවේ සිසු ගැටුමක්... 09 දෙනෙකුට තුවාල
සබරගමුවේ සිසු ගැටුමක්... 09 දෙනෙකුට තුවාල
COLOMBO (News 1st) - සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් අතර ඇතිවු ගැටුමකින් 09 දෙනෙකු තුවාල ලබා තිබේ. පොලිසිය සඳහන් කළේ, සබරගමුව විශ්ව විද්‍යාලයේ කළමනාකරණ පීඨයේ පළමු වසරේ සිසුන් හා නේවාසිකාගාරයේ සිසුන් පිරිසක් අතර ඊයේ රාත්‍රියේ ගැටුමක් ඇතිවී ඇති බවයි. සිද්ධියෙන් තුවාල තැබු සිසුන් 09 දෙනා බලංගොඩ රෝහලේ නේවාසිකව ප්‍රථිකාර ලබමින් සිටී. සිද්ධිය සම්බන්ධයෙන් කිසිදු සැකකරුවෙකු මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැත.
2023-02-16T02:56:27.000Z
දිස්ත්‍රික්ක 12 ක ඩෙංගු අධිඅවදානමක් - සෞඛ්‍ය අමාත්‍යාංශය
දිස්ත්‍රික්ක 12 ක ඩෙංගු අධිඅවදානමක්
COLOMBO (News 1st) - දිස්ත්‍රික්ක 12 ක ඩෙංගු අධිඅවදානම් තත්ත්වයක් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, මාතර සහ යාපනය එම දිස්ත්‍රික්ක අතරට ඇතුළත් ය. මඩකලපුව, ත්‍රිකුණාමලය, පුත්තලම, කෑගල්ල, රත්නපුර සහ අම්පාර දිස්ත්‍රික්ක ඩෙංගු අධිඅවදානම් කලාප ලෙස නම් කර ඇතැයි ද ජාතික ඩෙංගු මර්දන ඒකකය නිකුත් කළ නවතම වාර්තාවේ සඳහන් වේ. මේ මාසයේ මේ වනවිට වාර්තා වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 3637 කි.
2023-02-16T02:03:37.000Z
විදුලි බිල නගී.. කප්පාදුව නවතී.. 66% ගාස්තු සංශෝධනයට බිල වැඩි වෙන්නේ මෙහෙමයි
විදුලි බිල නගී.. කප්පාදුව නවතී..
COLOMBO (News 1st) - අද (16) සිට විදුලිය විසන්ධි නොකරන බව විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි. එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, විදුලි බිල වැඩි කිරීම හේතුවෙන් විදුලිය විසන්ධි නොකරන බවයි. විදුලි බිල ගෙවා ගැනීමට ආර්ථික අපහසුතා ඇති පුද්ගලයින් පිළිබඳව මුදල් අමාත්‍යාංශය විසින් ඉදිරියේදී තීරණයක් ගනු ඇතැයි ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය. 66% කින් විදුලි ගාස්තු ඉහළ නැංවීමට මහජන උපයෝගීතා කොමිසමේ අනුමැතිය ලබා දුන්නේ ය. ඒ අනුව ඊයේ (15) සිට නව විදුලි ගාස්තු සංශෝධනය ක්‍රියාත්මකයි. නව විදුලි ගාස්තු සංශෝධනය අනුව ඒකක 60 ක් භාවිතා කරන නිවසක විදුලි බිල ඉහළ යන්නේ 276% කිනි. ඒ අනුව ඒකක 60 ක් භාවිත කරන නිවසකට මෙතෙක් ලැබුණු රුපියල් 680 ක් වූ විදුලි බිල රුපියල් 2,560 ක් දක්වා ඉහළ යනු ඇති. ඒකක 30 ක් භාවිත කළ නිවසකට මෙතෙක් ලැබුණු රුපියල් 360 ක විදුලි බිල රුපියල් 1300 ක් දක්වා ඉහළ යනු ඇත. එය 261% ක වැඩිවීමකි. ඒකක 90 ක් භාවිත කළ නිවසකට මෙතෙක් ලැබුණු රුපියල් 1800 ක් වූ විදුලි බිල රුපියල් 4430 ක් දක්වා ඉහළ යනු ඇති. ඒකක 200 වැඩියෙන් භාවිත කරන නිවසක විදුලි ගාස්තු ඉහළ නංවා ඇත්තේ 32% කිනි.
2023-02-16T01:04:44.000Z
සංචාරකයින් පැමිණීමේ වැඩිවීමක්... වැඩිම සංචාරකයින් රුසියාවෙන්
මේ මාසයේ මෙරටට පැමිණි සංචාරකයින්ගේ වැඩිවීමක්
COLOMBO (News 1st) - පසුගිය මාසයට සාපේක්ෂව මේ මාසයේ මෙරටට පැමිණි සංචාරකයින්ගේ වැඩිවීමක් දක්නට ලැබෙන බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. එහි සභාපති සම්පත් ප්‍රනාන්දු මහතා සඳහන් කළේ, වසරේ මේ දක්වා කාලය තුළ සංචාරකයින් එක් ලක්ෂ පනස් හත්දහස් දෙසිය තිස් දෙනෙකු මෙරටට පැමිණ ඇති බවයි. වැඩිම සංචාරකයින් සංඛ්‍යාවක් පැමිණ ඇත්තේ රුසියාවෙනි.
2023-02-16T00:59:07.000Z
ඡන්දයට මුදල් ලබා ගැනීම ගැන මැතිවරණ කොමිසම මුදල් අමාත්‍යාංශය සමග සාකච්ඡාවකට
මැතිවරණ කොමිසම මුදල් අමාත්‍යාංශය සමග සාකච්ඡාවකට
COLOMBO (News 1st) - මැතිවරණයට මුදල් ලබා ගැනීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය සමග සාකච්ඡා කරන බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසයි. එහි සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා සඳහන් කළේ, අද (16) හෝ හෙට (17) දිනයේ මේ සාකච්ඡාව පැවැත්වෙන බවයි. මේ අතර රජය මැදිහත්වී මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය වතාවරණය සකස් කරනු ඇතැයි අපේක්ෂා කරන බව මැතිවරණ නීරික්ෂණ සංවිධාන පවසයි.
2023-02-16T00:39:35.000Z
පුංචි ඡන්දයේ තැපැල් ඡන්ද පත්‍රිකා හරි අඩක් මුද්‍රණය කර අවසන්.. - මුද්‍රණාලයාධිපතිනිය
තැපැල් ඡන්ද පත්‍රිකා හරි අඩක් මුද්‍රණය කර අවසන්
COLOMBO (News 1st) - පළාත් පාලන මැතිවරණයට අවශ්‍ය තැපැල් ඡන්ද පත්‍රිකා හරි අඩක් පමණ මේ වනවිට මුද්‍රණය කර ඇති බව රජයේ මුද්‍රණාලයාධිපති ගංගානි කල්පනී ලියනගේ මහත්මිය පවසයි. ඇය සඳහන් කළේ, මුද්‍රණාලයට අවශ්‍ය පොලිස් ආරක්ෂාව ලබාදීම ලැබුණහොත් දින 4 ක් ඇතුළත තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කර අවසන් කළ හැකි බවයි. ආයතනයට අවශ්‍ය ආරක්ෂාව නොමැති බව ඇය පැවසීය. පොලිස් නිලධාරීන් 3 දෙනෙකු පමණක් ඊයේ (15) දිනයේ ලබා දුන් බව ද ඇය සඳහන් කළා ය. එහෙත් තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමට අවශ්‍ය ආරක්ෂාව ලබාදීමට පොලිස් නිලධාරීන් 60 දෙනෙකු පමණ අවශ්‍ය බව ගංගානි කල්පනී ලියනගේ මහත්මිය සඳහන් කළා ය.
2023-02-15T13:33:40.000Z
ඝාතන සිදුවීමකට වැරදිකරුවන්වූ දෙදෙනෙකුට කොළඹ මහාධිකරණයෙන් මරණ දඩුවම්
ඝාතන සිදුවීමකට වැරදිකරුවන්වූ දෙදෙනෙකුට මරණ දඩුවම
COLOMBO (News 1st) - තියුණු ආයුධවලින් කපා කොටා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරුවන්වූ දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු මහේෂ්වීරමන් මහතා අද (15) මරණීය දණ්ඩනය නියම කළේ ය. එලෙස මරණ දඬුවම ලබා දුන්නේ, ගයාන් දුශාන්ත හා දුෂාන් ප්‍රියංකර හෙවත් ලොකූ නැමැති විත්තිකරුවන් දෙදෙනාටයි. 2008 වසරේදී ග්‍රැන්ඩ්පාස් ප්‍රදේශයේදී, ජමාල් නානා නැමැත්තා ඝාතනය කිරීමේ නඩුවට අදාලව ඔවුන් මෙලෙස වරදකරුවන් කෙරිණි. නඩුවේ සෙසු විත්තිකරුවන් වූ තුන්දෙනෙකු සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට ද මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේ ය.
2023-02-15T13:31:01.000Z
ඉන්දීය වීසා කාර්යාලය නැවත දැනුම් දෙනතුරු වසා දැමේ
ඉන්දීය වීසා කාර්යාලය වසා දැමේ
COLOMBO (News 1st) - කොළඹ ඉන්දියානු වීසා කාර්යාලය නැවත දැනුම් දෙන තුරු වසා දමා තිබේ. ඒ , ආරක්ෂක සිදුවීමක් මතයි. බම්බලපිටිය ,තුංමුල්ලේ පිහිටි අදාල කාර්යාලයට ඊයේ (14) රාත්‍රියේ ඇතුළුවූ පිරිසක් එහි ලැප්ටොප් පරිගණකයක් හා DVR යන්ත්‍ර 02 ක් සොරා ගෙන ගොස් ඇතැයි පොලිසිය සඳහන් කළේ ය. පොලීසිය පැවසුවේ, එහි මුදල් තොගයක් ද ඔවුන් සොරා ගෙන ගොස් ඇති බවයි. මෙම සිද්ධියට අදාළ සැකකරුවන් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැත.
2023-02-15T13:26:34.000Z
ගාල්ලෙන් ඇල්ලූ නීතිවිරෝධී පොලිතීන්
ගාල්ලෙන් ඇල්ලූ නීතිවිරෝධී පොලිතීන්
COLOMBO (News 1st) - ගාල්ල නගරයේ කළ වැටලීමකින් නීතිවිරෝධී පොලිතීන් ලන්ච් ෂීට් 100 Kgක් සොයා ගෙන තිබේ. ඒ , මධ්‍යම පරිසර අධිකාරියේ දකුණු පළාත් කාර්යාලය , ගාල්ල පොලීසිය සහ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සමග එක්ව කළ වැටලීමකදී යි. නීතිවිරෝධී පොලිතීන් ලන්ච් ෂීට් , නීතියෙන් තහනම් කර ඇති ග්රෑම් 20 හෝ මිලිලීටර් 20ට අඩු සැෂේ පැකට් , හුලං පුරවන ලද සෙල්ලම් බඩු , ප්ලාස්ටික් කූර සහිත කොට්න් බඩ්ස් සහ මයික්‍රෝන 20ට අඩු පොලිතීන් නිෂ්පාදන විකිනීම , ප්‍රදර්ශනය , නිෂ්පාදනය සහ භාවිතය සම්පුර්ණයෙන් තහනම්. මෙම නීතිය කඩකරන පුද්ගලයින් සොයා අඛණ්ඩව මෙහෙයුම් සිදු කරන බව මධ්‍යම පරිසර අධිකාරිය නිවේදනය කළේ ය.
2023-02-15T10:39:13.000Z
වැටලීමකදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කළ පොලිසියේ 4කට මරණ දඬුවම
පොලිසියේ 4කට මරණ දඬුවම
COLOMBO (News 1st) - වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් වැරදිකරුවන් වූ පොලිස් නිලධාරීන් සිව් දෙනෙකුට හම්බන්තොට මහාධිකරණය අද මරණ දඬුවම නියම කළේ ය. ඒ , 2005 වර්ෂයේදී තිස්සමහාරාම මාගම ප්‍රදේශයේ වැටලීමක් අතරතුරදී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීම සම්බන්ධ නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමිනි. මරණ දඬුවම නියම කර ඇත්තේ එකල තිස්සමහාරාම පොලීසියට අනුයුක්තව සේවය කළ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයෙකු ඇතුළු පොලිස් නිලධාරීන් 4 දෙනෙකුටයි.
2023-02-15T06:03:40.000Z
සැලසුම් කළ පරිදි තැපැල් ඡන්දය තියන්න තවමත් හැකියාව තියෙනවා - මැතිවරණ කොමිසම
මැතිවරණ කොමිසමේ සභාපතිගෙන් ප්‍රකාශයක්
COLOMBO (News 1st) – පළාත් පාලන මැතිවරණයේ තැපැල් ජන්දය සැලසුම් කළ පරිදි ලබන 22, 23 සහ 24 යන දිනවල පැවැත්වීමේ හැකියාව තවමත් ඇතැයි මැතිවරණ කොමිසම පවසයි. කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා පවසන්නේ තැපැල් ජන්ද පත්‍රිකා බෙදා හැරීම පමණක් ප්‍රමාදවී ඇති බවයි. මැතිවරණ කොමිසම තැපැල් ඡන්ද පත්‍රිකා අද දිනයේ බෙදාහැරීමට සැලසුම් කර තිබිණ. නමුත් මුදල් නොලැබීමේ ගැටවුක් මත තැපැල් ඡන්ද පත්‍රිකා ලබාදීමේ ගැටවක් ඇති බව රජයේ මුද්‍රණාලය ප්‍රකාශ කළේ ය. කෙසේ වෙතත් මැතිවරණ කොමිසම හා රජයේ මුද්‍රණාලය ඒ පිළිබඳව සාකච්ජා කර තිබිණ. ඒ අනුව ඉදිරි දින කිහිපය ඇතුළත නියමිත පරිදි තැපැල් ඡන්ද පත්‍රිකා රාජ්‍ය මුද්‍රණාලයෙන් කොමිසම වෙත ලබා දෙනු ඇතැයි, අපේක්ෂා කරන බව මැතිවරණ කොමිසම ප්‍රකාශ කළේ ය.
2023-02-15T04:51:20.000Z
වහාම ක්‍රියාත්මක වන පරිදි මාවනැල්ල ප්‍රා. සභා සභාපතිගේ ධුරය අත්හිටුවයි
මාවනැල්ල ප්‍රා. සභා සභාපතිගේ ධුරය අත්හිටුවයි
COLOMBO (News 1st) – මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති ආර්. පී. එන්. දසන්ත ස්ටීවන් මහතාගේ ධුරය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවමින් සබරගමුව පළාත් අණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. සභාපති ධුරයේ රාජකාරි ඉටු කිරීම සඳහා පත් කර ඇත්තේ මවනැල්ල ප්‍රාදේශීය සභාවේ උප සභාපති කේ. ජි. පියතිස්ස මහතායි. සභාපතිවරයා තම ධුරයේ රාජකාරි කටයුතු කිරීමේදී වැරදි සිදුකර ඇත්දැයි සොයා බලා වාර්තා කිරීමට ඒක පුද්ගල පරීක්ෂණ කොමිසමක් ද ආණ්ඩුකාරවරයා විසින් පත් කර ඇති අතර එහි වාර්තාව මාස තුනක් ඇතුළත තමන් වෙත භාර දෙන ලෙස ද නියෝග කර තිබේ.
2023-02-15T04:37:01.000Z
මත්පෙති ජාවාරමකට සම්බන්ධ වෛද්‍යවරයෙක් අත්අඩංගුවට
මත්පෙති ජාවාරමකට සම්බන්ධ වෛද්‍යවරයෙක් අත්අඩංගුවට
COLOMBO (News 1st) - මත්පෙති ජාවාරකට සම්බන්ධ බදුල්ල මහ රෝහලේ වෛද්‍යවරයකු අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, පොලිස් විශේෂ කාර්ය බලකාය සිදු කළ වැටලීමකිනි. සැකකරු සන්තකයේ තිබී මත්පෙති 145ක් සොයා ගත් බව පොලීසිය පැවසුවේ ය. සැකකරු 44 හැවිරිදි බදුල්ල, මයිලගස්තැන්න ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔහු පාසල් ළමුන්ට අලෙවි කිරීම සඳහා මත්පෙති ජාවාරම්කරුවන්ට ලබාදී ඇති බව විමර්ශනවලදී අනාවරණ වී ඇත.
2023-02-15T04:28:27.000Z
හෙල්මට්වලින් පහරදී පුද්ගලයෙක් ඝාතනය කළ පාසල් සිසුන් 3 දෙනා අත්අඩංගුවට
හෙල්මට්වලින් පහරදී පුද්ගලයෙක් ඝාතනය කෙරේ
COLOMBO (News 1st) - අලුත්ගම, කුරුන්දිප්පිට ප්‍රදේශයේදී ආරක්ෂිත හිස්වැසුම්වලින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කළ 16 හැවිරිදි පාසල් සිසුන් 3 දෙනා අත්අඩංගුවට ගෙන තිබේ. පොලිසිය පැවසුවේ, බහින්බස්වීමක් දුරදිග යාමෙන් ඊයේ (14) පස්වරුවේ 16 හැවිරිදි බාලවයස්කරුවන් තිදෙනෙකු හෙල්මට්වලින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බවය. වලගෙදර කුරුන්දිප්පිට ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන තුවාල ලැබූ 34 හැවිරිදි පුද්ගලයා මියගොස් ඇත්තේ, සීනවත්ත රෝහලට ඇතුළත් කිරීමෙන් පසුවයි.
2023-02-15T02:46:24.000Z
වාර්ෂික ළමුන් 900 ක් පමණ පිළිකා රෝගයට ගොදුරු වන බවට හෙළිදරව්වක්
වාර්ෂිකව ළමුන් 900 ක් පිළිකා රෝගයට
COLOMBO (News 1st) - වාර්ෂිකව මෙරට ළමුන් 900 ක් පමණ පිළිකා රෝගයට ගොදුරු වන බව ජාතික පිළිකා මර්දන ව්‍යාපාරය පවසයි. එහි විශේෂඥ වෛද්‍ය සුරාජ් පෙරේරා මහතා සඳහන් කළේ, ඉන් බහුතරය ලේ පිළිකාවට හෙවත් ලියුකෙමියාවට ගොදුරු වන බවය. මීට අමතරව අස්ථි ආශ්‍රීත, මොළය ආශ්‍රීත වැනි පිළිකා ළමුන් අතර බහුලව වාර්තා වේ. එහි විශේෂඥ වෛද්‍ය සුරාජ් පෙරේරා මහතා වැඩිදුරටත් පැවසුවේ, බොහෝ ළමුන් අතර වාර්තා වන පිළිකාවල රෝග ලක්ෂණ මුල් අවස්ථාවේදී හඳුනාගෙන නිසි ප්‍රථිකාරවලට යොමු වුණ හොත් සුව කළ හැකි බවයි. අදට යෙදෙන ජාත්‍යන්තර ළමා පිළිකා දිනය නිමිත්තෙන් පිළිකා රෝගය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක බව ද ඔහු ප්‍රකාශ කළේ ය.
2023-02-15T01:39:47.000Z
තුර්කි - සිරියා භූ කම්පනයෙන් මියගිය පිරිස 41,000 ඉක්මවයි
භූ කම්පනයෙන් මියගිය පිරිස 41,000 ඉක්මවයි
COLOMBO (News 1st) - තුර්කි - සිරියා භූ කම්පනයෙන් ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයන් සංඛ්‍යාව 41,000 ඉක්මවා ගොස් තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මේ වනවිට සහන කණ්ඩායම්වල අවධානය දැඩි සීත කාලගුණය මධ්‍යයේ නවාතැන් හෝ ප්‍රමාණවත් ආහාර නොමැතිව පීඩාවට පත්ව ඇති ජනතාවට උපකාර කිරීම කෙරෙහි යොමු වී ඇති බවයි. ඒ අනුව රුසියාව ඇතුළු රටවල් කිහිපයක් සුන්බුන් අතර සිරවී සිටින පිරිස් සොයා ක්‍රියාත්මක කළ මෙහෙයුම් අවසන් කර තිබේ. මේ අතර රටවල් දෙකෙහි මිලියන 26කට මානුෂීය ආධාර අත්‍යවශ්‍ය බව ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කළේ ය. සනීපාරක්ෂාව සහ බෝවන රෝග පැතිරීම වැනි සෞඛ්‍ය ගැටලු පාලනය පිළිබඳව ද ජාත්‍යන්තර සංවිධාන සිය අවධානය යොමු කර තිබේ.
2023-02-15T01:08:20.000Z
අවුරුදු 3 ට අඩු ළමයින්ට ත්‍රිපෝෂ ලබාදීම තවදුරටත් අඩාලයි
අවු. 3 ට අඩු ළමයින්ට ත්‍රිපෝෂ නිකුත් කිරීමට බාධා
COLOMBO (News 1st) - බඩ ඉරිඟුවල අඩංගු ඇෆ්ලටොක්සීන් ප්‍රතිශතයේ ගැටලුවක් හේතුවෙන් මාස ගණනාවක සිට අවුරුදු 3 ට අඩු දරුවන්ට ත්‍රිපෝෂ නිකුත් කිරීමට බාධා මතුව තිබේ. ඒ, මෙරට ළමුන් අතර මන්දපෝෂණ තත්ත්වය ඉහළ ගොස් ඇති බවට සමී ක්ෂණ කිහිපයකින් හෙළිව ඇති පසුබිමකයි. මේ පිළිබඳව ලංකා ත්‍රිපෝෂ සමාගමේ සභාපති දීප්ති කුලරත්න මහතාගෙන් නිව්ස්ෆස්ට් විමසීමක් කළේ ය. ඔහු ප්‍රකාශ කළේ, අවුරුදු 3 ට අඩු දරුවන් සඳහා ඇෆ්ලටොක්සීන් ප්‍රතිශතය 1% ට වඩා අඩු බඩ ඉරිඟු භාවිත කළ යුතු බවට වන නිර්දේශය හේතුවෙන් මෙම තත්ත්වය මතුව ඇති බවයි. එවැනි බඩ ඉරිඟු නිෂ්පාදන සොයා ගැනීමට අපොහොසත් වී ඇති බව ඔහු ප්‍රකාශ කළේ ය. පවතින ප්‍රතිශතයන් වෙනස් කරන ලෙස කැබිනට් මණ්ඩලයට සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් වාර්තාවක් ඉදිරිපත් කර ඇති බව ද සභාපතිවරයා ප්‍රකාශ කළේ ය. ඔහු ප්‍රකාශ කළේ, ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශවලට අනුගතව මෙම වෙනස් කිරීම් සිදු කරන බවයි.
2023-02-15T01:01:24.000Z
ජ'පුර සරසවියේ සිසුන් දෙපිරිසක් අතර ගැටුමක්
ජ'පුර සරසවියේ සිසුන් දෙපිරිසක් අතර ගැටුමක්
COLOMBO (News 1st) - ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතර අද (15) අලුයම ගැටුමක් හටගෙන තිබේ. පොලීසිය පැවසුවේ කළමනාකරණ සහ ශාස්ත්‍ර පීඨයේ සිසුන් දෙපිරිසක් අතර මෙම ගැටුම හටගෙන ඇති බවයි. ගැටුමකට හේතු වී ඇත්තේ, වැලන්ටයින් දිනයේදී ඉදි කළ තොරණක් සම්බන්ධයෙන් ඇති වූ මතභේදයකි. පසුව පොලීසිය මැදිහත්ව සිසුන් පිරිස විසුරුවා හැර ඇති අතර තුවාල ලැබූ සිසුන් පිළිබඳ මෙතෙක් තොරතුරක් නොමැත.
2023-02-15T00:56:02.000Z
මහ කන්නයේ වී මිලදී ගැනීම අද සිට
මහ කන්නයේ වී මිලදී ගැනීම අද සිට
COLOMBO (News 1st) - මහ කන්නයේ වී මිලදී ගැනීම අද (15) සිට ආරම්භ කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පැවසුවේ, ප්‍රතිපාදන දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත යොමු කර ඇති බවය. ඒ අනුව උපරිම තෙතමනය 14% ක් සහ උපරිම බොල් ප්‍රමාණය 9% ක් වන නිසි ප්‍රමිතියෙන් යුතු නාඩු වී කිලෝග්‍රෑමයක් රුපියල් 100 කට මිලදී ගැණෙනු ඇති. තෙතමනය 14% ඉක්මවන නාඩු වී කිලෝග්‍රෑමයක් රුපියල් 88 කට ද මිලදී ගන්නා බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේ ය.
2023-02-15T00:38:59.000Z
මුදල් අමාත්‍යාංශ ලේකම් මැතිවරණ කොමිසමට කැඳවීමේ තීරණයක්
මුදල් අමාත්‍යාංශ ලේකම් මැතිවරණ කොමිසමට ?
COLOMBO (News 1st) - මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා මැතිවරණ කොමිසම හමුවට කැඳවන බව එහි සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා පවසයි. මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ප්‍රකාශ කළේ, පළාත් පාලන මැතිවරණය සඳහා කොමිසම ඉල්ලු මූල්‍ය ප්‍රතිපාදන මෙතෙක් ලබා නොදීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ඔහු කොමිසම හමුවට කැඳවන බවයි. ඒ අනුව දැනට පවතින ගැටලු නිරාකරණය කර ගැනීමට හැකිවෙතැයි ඔහු විශ්වාසය පළ කළේ ය. මේ අතර රජයේ මුද්‍රණලයාධිපතිනිය සමග ද මැතිවරණ කොමිසම සාකච්ඡා කර තිබේ. එහිදී කොමිසම ඇයට පෙන්වා දී ඇත්තේ, ව්‍යවස්ථාපිත කරුණක් බැවින් ඡන්ද පත්‍රිකා කඩිනමින් තමන් වෙත භාරදීමේ ඇති වගකීම පහදා දුන් බවයි. මේ අතර රජයේ මුද්‍රණලයාධිපතිනියගේ ක්‍රියාකලාපයට එරෙහිව නීතිමය පියවර ගැනීමට මැතිවරණ නිරීක්ෂණ සංවිධාන තීරණය කර ඇත. එම සංවිධාන පවසන්නේ, තැපැල් ඡන්දය සඳහා ඡන්ද පත්‍රිකා නිකුත් නොකිරීමට ඇය ගත් තීරණය ව්‍යවස්ථා විරෝධි බවයි.
2023-02-15T00:31:00.000Z
විදුලි බිල වැඩි කළොත් දැඩි ක්‍රියාමාර්ග ගන්නවා... - විදුලි බල මණ්ඩල වෘත්තීය සමිති
විදුලි බිල වැඩි කළොත් දැඩි ක්‍රියාමාර්ග ගන්නවා
COLOMBO (News 1st) - විදුලි බිල යළිත් වැඩි කළ හොත් දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළඹෙන බව විදුලි බල මණ්ඩල වෘත්තීය සමිති පවසයි. ලංකා විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානයේ කැඳවුම්කරු රංජන් ජයලාල් මහතා සඳහන් කළේ, මේ සම්බන්ධයෙන් ජනතාවද විරෝධය පළ කළ යුතු බවයි. මේ අතර නිවේදනයක් නිකුත් කරමින් මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසුවේ, තම විරෝධය මැද 66% ක විදුලි ගාස්තු වැඩි කිරීමේ විදුලි බල මණ්ඩල යෝජනාවට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සෙසු සාමාජිකයින් තිදෙනා අනුමැතිය දුන් බවයි. නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කළේ, එමගින් වාර්ෂිකව රුපියල් බිලියන 287 ක අමතර වැය බරක් විදුලි පාරිභෝගිකයා වෙත පැටවෙන බවයි. විදුලි ගාස්තු වැඩි කිරීමේ යෝජනාව විදුලි බල පනතේ හා මහජන උපයෝගිතා කොමිෂන් සභා පනතේ ප්‍රතිපාදනවලට අනුකූලව සමාලෝචනය කළ අතර එහිදී කොමිෂන් සභාවේ ගාස්තු ක්‍රමයට අනුමැතිය දීමට තමා හැර එහි සෙසු සමාජිකයින් වන නීතිඥ චතුරිකා විජේසිංහ, ඩග්ලස් නානායක්කාර හා එස්.ජී.සේනාරත්න යන මහත්ම මහත්මීන් විරෝධය පල කළ බව ද ජනක රත්නායක මහතා නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.
2023-02-15T00:18:48.000Z
ගෙවුණු දිනය උණුසුම් කළ පුවත්
ගෙවුණු දිනය උණුසුම් කළ පුවත්
1. 66% ක ගාස්තු වැඩි කිරීමේ මණ්ඩලයේ යෝජනාව සභාපතිගේ විරෝධය මැද සෙසු සාමාජිකයෝ අනුමත කරති - තම විරෝධය මැද 66% ක විදුලි ගාස්තු වැඩි කිරීමේ යෝජනාවට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සෙසු සාමාජිකයින් තුන් දෙනා අනුමැතිය දුන් බව එහි සභාපති ජනක රත්නායක මහතා පවසයි. 2. ගම්පොළ ATM යන්ත්‍රය සොරා ගැනීමට අදාළව 7ක් පොලිස් දැලේ - ගම්පොළ දී මුදල් තැන්පතු යන්ත්‍රයක් සොරා ගැනීමේ සිද්ධියට අදාළ සැකකරුවන් 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි. 3. ඇල්පිටියේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරුට - ඇල්පිටිය ඌරගහ ප්‍රදේශයේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මිය ගොස් තිබේ. 4. පුංචි ඡන්දය අත්හිටුවන්නැයි ඉල්ලූ පෙත්සම 22 වැනි දාට පෙර කැඳවන්නැයි විශ්‍රාමික කර්නල්වරයාගෙන් අධිකරණයට මෝසමක් - මැතිවරණය පැවැත්වීම අත්හිටුන්නැයි ඉල්ලා තමන් ගොනුකළ පෙත්සම ලබන 22 වැනි දාට පෙර කැඳවන ලෙසට විශ්‍රාමික කර්නල්වරයෙකු වන W.M.R විජේසුන්දර මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට ඊයේ (14) මෝසමක් ඉදිරිපත් කළේ ය. 5. වරක් භාවිතා කර ඉවතලන ප්ලාස්ටික් නිෂ්පාදන වර්ග 7කට පූර්ණ තහනමක් - වරක් භාවිතා කර ඉවතලන ප්ලාස්ටික් නිෂ්පාදන වර්ග 7 ක් ආනයනය, විකිණීම සහ භාවිතය ජූනි මස 1 වැනි දා සිට තහනම් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවි තිබේ.
2023-02-14T17:30:00.000Z
66% ක ගාස්තු වැඩි කිරීමේ මණ්ඩලයේ යෝජනාව සභාපතිගේ විරෝධය මැද සෙසු සාමාජිකයෝ අනුමත කරති
66 ගාස්තු වැඩි කිරීමට කොමිසමේ තිදෙනෙකුගේ අනුමැතිය
COLOMBO (News 1st) - තම විරෝධය මැද 66% ක විදුලි ගාස්තු වැඩි කිරීමේ යෝජනාවට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සෙසු සාමාජිකයින් තුන් දෙනා අනුමැතිය දුන් බව එහි සභාපති ජනක රත්නායක මහතා පවසයි. නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කළේ, එමගින් වාර්ෂිකව රුපියල් බිලියන 287 ක අමතර වැය බරක් විදුලි පාරිභෝගිකයා වෙත පැටවෙන බවයි. විදුලි ගාස්තු වැඩි කිරීමේ යෝජනාව විදුලි බල පනතේ හා මහජන උපයෝගිතා කොමිෂන් සභා පනතේ ප්‍රතිපාදනවලට අනුකූලව සමාලෝචනය කළ අතර එහිදී කොමිෂන් සභාවේ ගාස්තු ක්‍රමයට අනුමැතිය දීමට තමා හැර එහි සෙසු සමාජිකයින් වන නීතිඥ චතුරිකා විජේසිංහ , ඩග්ලස් නානායක්කාර හා එස්.ජී.සේනාරත්න යන මහත්ම මහත්මීන් විරෝධය පල කළ බව ද ජනක රත්නායක මහතා නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ. ඔවුන් ඒ වෙනුවට ලංකා විදුලි බල මණ්ඩලය ඉදිරිපත් කළ අධික ගාස්තු ක්‍රමයට අනුමැතිය පල කර ඇත. කොමිෂන් සභාව විදුලි ගාස්තු වැඩි කිරීමට යෝජනා කළේ 36% කිනි. එමගින් විදුලි බල මණ්ඩලයේ අමතර ආදායම රුපියල් බිලියන 142 ක සාධාරණ මට්ටමක් දක්වා පහත හෙළීමට යෝජනා කර තිබිණි. කෙසේවෙතත් ලංකා විදුලි බල මණ්ඩලය ඉදිරිපත් කළ යෝජනාවෙන් ගෘහස්ථ අංශයේ ඒකක 90 ට අඩුවෙන් පරිභෝජනය කරන කණ්ඩායමට සියයට 250 ක ගාස්තු වැඩි කිරීමක් සිදුවන බව ද ජනක රත්නායක මහතා සිය නිවේදනයෙන් පෙන්වා දෙයි. එමගින් ඔහු පෙන්වා දෙන්නේ හෙට (15) සිට ක්‍රියාත්මක අනුමත කළ ගාස්තු ක්‍රමය නීතිවිරෝධි බවයි. එය ක්‍රියාත්මක කිරීමෙන් මහජනතාව දැඩි පීඩනයකට ලක් වන අතර සමස්ත ආර්ථිකයට දරුණු බලපෑමක් එල්ල වන බව ද ජනක රත්නායක මහතා සඳහන් කළේ ය.
2023-02-14T16:29:28.000Z
ගම්පොළ ATM යන්ත්‍රය සොරා ගැනීමට අදාළව 7ක් පොලිස් දැලේ..
ATM යන්ත්‍රය සොරා ගැනීමට අදාළව 7ක් පොලිස් දැලේ..
COLOMBO ( News 1st ) - ගම්පොළ දී මුදල් තැන්පතු යන්ත්‍රයක් සොරා ගැනීමේ සිද්ධියට අදාළ සැකකරුවන් 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි. මෙම මුදල් තැන්පතු යන්ත්‍රයක් සොරා ගැනීමේ සිද්ධියට අදාළ සැකකරුවන් ගම්පොළ, ගලහ සහ පුත්තලම යන ප්‍රදේශවලදී මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.
2023-02-14T15:25:10.000Z
ඇල්පිටියේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරුට
ඇල්පිටියේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරුට
COLOMBO ( News 1st ) - ඇල්පිටිය ඌරගහ ප්‍රදේශයේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මිය ගොස් තිබේ. පොලීසිය සඳහන් කළේ, ඔහු වෙළඳසැලක සිටියදී ඒ තුළට පැමිණි පුද්ගලයෙකු වෙඩි තබා පලා ගොස් ඇති බවයි. වෙඩි වැදීමෙන් මිය ගොස් ඇත්තේ 43 හැවිදිරි පුද්ගලයෙක් වන අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.
2023-02-14T13:23:18.000Z
පුංචි ඡන්දය අත්හිටුවන්නැයි ඉල්ලූ පෙත්සම 22 වැනිදාට පෙර කැඳවන්නැයි විශ්‍රාමික කර්නල්වරයාගෙන් අධිකරණයට මෝසමක්
පුංචි ඡන්දය :කර්නල්වරයාගෙන් අධිකරණයට මෝසමක්
COLOMBO ( News 1st ) - මැතිවරණය පැවැත්වීම අත්හිටුන්නැයි ඉල්ලා තමන් ගොනුකළ පෙත්සම ලබන 22 වැනිදාට පෙර කැඳවන ලෙසට විශ්‍රාමික කර්නල්වරයෙකු වන W.M.R විජේසුන්දර මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට අද (14) මෝසමක් ඉදිරිපත් කළේ ය. පසුගිය 10 වැනිදා ඔහු ගොනු කළ පෙත්සම සලකා බැලු එස්.තුරෙයිරාජා, A.S.M.D නවාස් , ශෙහාන් ගුණරත්න යන විනිසුරු මඩුල්ල තීරණය කළේ, අදාළ පෙත්සම ලබන 23 වැනිදා කැඳවීමටයි. ලබන 17, 20 හෝ 21 යන දින තුනෙන් එක් දිනෙක එම පෙත්සම කැඳවන ලෙස පෙත්සම්කරු සිය නීතිඥවරුන් මගින් අද (14) ඉල්ලා සිටියේ ය.
2023-02-14T13:07:50.000Z
වරක් භාවිතා කර ඉවතලන ප්ලාස්ටික් නිෂ්පාදන වර්ග 7කට පූර්ණ තහනමක්
ප්ලාස්ටික් නිෂ්පාදන වර්ග 7කට පූර්ණ තහනමක්
COLOMBO ( News 1st ) - වරක් භාවිතා කර ඉවතලන ප්ලාස්ටික් නිෂ්පාදන වර්ග 7 ක් ආනයනය, විකිණීම සහ භාවිතය ජූනි මස 1 වැනිදා සිට තහනම් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවි තිබේ. ඒ අනුව වරක් භාවිතා කර ඉවතලන ප්ලාස්ටික් බීම බට, කැලතීමේ උපකරණ, යෝගට් හැඳි, ප්ලාස්ටික් මල්මාලා, ඉඳිආප්ප වට්ටි ආදී නිෂ්පාදනය මෙරට තුළ තහනම් වනු ඇති. ඒ සම්බන්ධයෙන් සොයා බලා කරුණු වාර්තා කිරිමට පත් කළ විශේෂඥ කමිටුවේ නිර්දේශය මත මෙම තිරණය ගෙන තිබේ.
2023-02-14T12:34:46.000Z
දිනේෂ් ශාෆ්ටර්ගේ ජෛව සාම්පල සුරක්ෂිතව තබන්න අධිකරණයෙන් නියෝග
ශාෆ්ටර්ගේ ජෛව සාම්පල සුරක්ෂිතව තබන්න - අධිකරණය
COLOMBO ( News 1st ) - අබිරහස් ලෙස මියගිය කෝටිපති ව්‍යාපාරික දිනේෂ් ශාෆ්ටර් මහතාගේ ශරීරයෙන් ලබා ගත් ලේ සාම්පල ඇතුළු ශරීර කොටස් විනාශ නොකර සුරක්ෂිතව තබා ගන්නැයි , කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය අද (14) කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාට සහ රජයේ රස පරීක්ෂකවරයාට නියෝග කළා ය. මහේස්ත්‍රාත්වරිය කොළඹ ජාතික රෝහලේ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාට සහ රෝහලේ අධ්‍යක්ෂවරයාට නියෝග කළේ , දිනේෂ් ශාෆ්ටර් මහතා පසුගිය දෙසැම්බර් 15 වැනිදා පස්වරුවේ රෝහල් ගත කිරීමෙන් අනතුරුව ඔහු රඳවා සිටි ඇඳෙහි ඇඳ ඉහපත් අංකය , ඔහුට ලබාදුන් වෛද්‍ය ප්‍රතිකාර ඇතුළු තොරතුරු වාර්තාවක් තම අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි. මරණය සම්බන්ධ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට පෙර , පවත්වන අවස්ථාවේදී හා ඊට පසු ඔහුගේ ශරීරයේ ඡායාරූප හා විඩීයෝපට ලබා ගෙන ඇත්නම් ඒවාද වහාම තම අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට අතිරේක මහේස්ත්‍රාත්වරිය පාර්ශ්ව දෙකකට නියෝග කළා ය. එම පාර්ශ්ව වන්නේ, කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා සහ අපරාධ ස්ථාන පරීක්ෂණාගාරයේ ස්ථානාධිපතිවරයා එනම් සොකෝ නිලධාරීන්ටයි. පසුගිය දෙසැම්බර් 15 වැනිදා බොරැල්ල පොදු සුසාන භූමිය තුළදී කාර් රථයේ තිබී ශාෆ්ටර් මහතා සොයා ගන්නා විට ඔහුගේ දෑත් ගැට ගසා සිටි ටයිපිටියේ හා ගෙල සිරකර තිබු වයරයේ මෙන්ම කාර් රථය තුළ තිබු බෝතලයක මරණකරුගේ ජෛව සාම්පල්වලට අමතරව තවත් ආගන්තුක ජෛව සාම්පල ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (14) අධිකරණයට දැනුම් දුන්නේ ය. එම අවස්ථාවේදී අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි, ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා කරුණු දක්වමින් මෙම තත්ත්වය යටතේ යම් හෙයකින් මෙම මරණය සම්බන්ධයෙන් නැවත වතාවක් පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමට සිදු වුවහොත් ඒ සඳහා එම ද්‍රව්‍ය අවශ්‍ය වන බව පෙන්වා දුන්නේ ය.
2023-02-14T11:31:09.000Z
බොරැල්ලේ වෙඩි තැබීම: හමුදා බුද්ධි අංශයේ දෙදෙනා රක්ෂිත බන්ධනාගාරයට
හමුදා බුද්ධි අංශයේ දෙදෙනා රිමාන්ඩ්
COLOMBO ( News 1st ) - බොරැල්ලේ වෙඩිවැදී කාන්තාවක මියයෑමේ සිද්ධියට අදාළව සැකපිට අත්අඩංගුවට ගත් හමුදා බුද්ධි අංශ සාමාජිකයින් දෙදෙනා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයින් දෙදෙනා ඊයේ (13) රාත්‍රියේ මත්කුඩු ජාවාරම් සම්බන්ධ තොරතුරු ලබා ගැනීමට වනාතමුල්ල, තල්ගස්වත්ත ප්‍රදේශයට ගොස් තිබිණ. එහිදී ඇති වූ සිදුවීමකදී වෙඩි වැදීමෙන් 25 හැවිරිදි කාන්තාවක් මිය ගියා ය.
2023-02-14T11:26:21.000Z
විදුලි බිල වැඩි කිරීම : මණ්ඩලය හා කොමිසම අතර සාකච්ඡා එකඟතාවයකින් තොරව අවසන්
එකඟතාවකින් තොරව අවසන් වූ විදුලි බිල සාකච්ඡාව
COLOMBO ( News 1st ) - විදුලි බිල වැඩි කිරීම සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලය හා මහජන උපයෝගිතා කොමිසම අතර ඊයේ (13) පැවැත් වූ සාකච්ඡා එකඟතාවයකින් තොරව අවසන් වූ බව විදුලි බල මණ්ඩලය ජාතික සභාවට දැනුම් දී තිබේ. විදුලි බල මණ්ඩලය දැනුම් දුන්නේ 60%ක විදුලි ගාස්තු ඉහළ දැමීම මහජන උපයෝගිතා කොමිසම අනුමත නොකරන්නේ නම්, තමන් දැඩි අර්බුදයකට මුහුණ දෙන බවයි. ඉදිරියේදී ගල් අඟුරු මිලදී ගැනීමට පවා නොහැකි වන බව විදුලි බල මණ්ඩලයේ සභාපතිවරයා ජාතික සභාවට පෙන්වා දී තිබේ. එහිදි මහජන උපයෝගිතා කොමිසම නියෝජනය කළ නිලධාරින් ජාතික සභාවට දැනුම් දුන්නේ, විදුලි බල මණ්ඩලය ඉල්ලා ඇති විදුලි ගාස්තු ඉහළ දැමීම පිළිබඳව තම කොමිසම මේ වන විට අධ්‍යනය කරමින් ඇති බවයි. හෙට දිනයේ එම තීන්දුව ප්‍රකාශයට පත් කරන බව මහජන උපයෝගිතා කොමිසම පවසයි. කරුණු සලකා බැලූ ජාතික සභාව විදුලි බල මණ්ඩලයට හා මහජන උපයෝගිතා කොමිසමට දැනුම් දුන්නේ අදාළ ගාස්තු ප්‍රකාශයට පත් කිරිමට පෙර සාකච්ඡා කර එහි ප්‍රගතිය සිය සභාවට දැනුම් දෙන ලෙසයි.
2023-02-14T11:20:07.000Z
රාජගිරිය වකුගඩු ජාවාරමේ සැකකරුවන් 4ක් යළි රක්ෂිත බන්ධනාගාරයට
වකුගඩු ජාවාරමේ සැකකරුවන් යළි රිමාන්ඩ්
COLOMBO ( News 1st ) - රාජගිරිය ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක් මුල් කරගෙන සිදු කළ වකුගඩු ජාවාරමට සම්බන්ධ සැකකරුවන් 04 දෙනෙකු ලබන 28 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි. කොළඹ අතිරේක මහේස්ත්‍රාත්, රජින්දා ජයසූරිය මහත්මිය නියෝග කළේ, සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් තිදෙනෙකු දැඩි ඇප කොන්දේසි පනවා ඇප මත මුදා හැරීමටයි. අද (14) යළි රක්ෂිත බන්ධනාගාරගත කළ සැකකරුවන් අතර අදාළ පෞද්ගලික රෝහලේ සේවකයකු , වකුගඩු ජාවාරම සඳහා අවශ්‍ය ව්‍යාජ ග්‍රාම නිලධාරී සහතික ලබාදුන් ග්‍රාම නිලධාරීවරයෙකු ද වේ. මෙම ජාවාරම මහා පරිමාණයෙන් සිදු කළ මිනිස් ජාවාරමක් බැවින් මේ සඳහා සම්බන්ධ සියලු දෙනා ඉදිරියේදී අධිකරණය හමුවට ඉදිරිපත් කර නීතිමය පියවර ගන්නා ලෙස , පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා අධිකරණයට පෙන්වා දී තිබේ.
2023-02-14T09:50:20.000Z
Breaking තැපැල් ඡන්ද විමසීම දින නියමයක් නොමැතිව කල් යයි
තැපැල් ඡන්ද විමසීම දින නියමයක් නොමැතිව කල් යයි
COLOMBO ( News 1st ) - පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද විමසීම අද (14) දින නියමයක් නොමැතිව කල් දැමුණි. මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළේ, ඡන්ද පත්‍රිකා ලබා ගැනීමට නොහැකිවීම හේතුවෙන් මේ පියවර ගෙන ඇති බවයි. මාර්තු 9 වැනිදා පැවැත්වීමට නියමිත පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව හෙට (15) මධ්‍යස්ථාන 1116කදී තැපැල් ඡන්ද නිකුත් කිරීමට නියමිතව තිබුණි. මැතිවරණ කොමිෂන් සභාව අද (14) පස්වරුවේ නිවේදනය කළේ, කොමිෂන් සභාවේ පාලනයෙන් තොර නොවැළැක්විය හැකි හේතූන් මත තැපැල් ඡන්ද නිකුත් කිරීම සඳහා ඡන්ද පත්‍රිකා ලබා ගැනීමට නොහැකි වී ඇති බවයි. තැපැල් ඡන්ද නිකුත් කිරීමේ දිනය පසුව දැනුම් දෙන බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්වේ. මේ අතර රජයේ මුද්‍රණාලයාධිපතිණී ගංගානී ලියනගේ මහත්මිය ඊයේ (13) මැතිවරණ කොමිෂන් සභාවට යැවූ බව කියන ලිපියක් කෝප් කමිටුවේ හිටපු සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා සිය ට්විටර් ගිණුමේ ප්‍රසිද්ධ කර තිබුණි. එම ලිපියෙන් මුද්‍රණාලයාධිපතිණිය මැතිවරණ කොමිසමට දන්වා තිබුණේ, මුද්‍රණ කටයුතු සඳහා අදාළ මුදල් ලබා දීමට කටයුතු කරන ලෙසයි. මෑතකදී කරන ලද බදු සංශෝධන තුළින් අපේක්ෂිත ආදායම් ඉලක්ක සපුරා ගන්නා තෙක් ප්‍රමුඛතා ගතකර ඇති අත්‍යාවශ්‍ය වියදම් සඳහා පමණක් මුදල් නිදහස් කළ යුතු බව අයවැය චක්‍රලේඛ මගින් දන්වා ඇතැයි එම ලිපියේ සඳහන් වේ. මුද්‍රණාලයාධිපතිණිය මැතිවරණ කොමිසමට දන්වා ඇත්තේ, එම නියෝගවලට පිටින් නිලධාරීන් බැදීමක් ඇතිකර නොගත යුතු බවත් , එම නියමයන් කඩ කරන නිලධාරීන් පුද්ගලිකවම ඒ සදහා වගකිව යුතු බවත් එම චක්‍රලේඛවල අවධාරණය කර ඇති බවයි. මැතිවරණය වැළැක්වීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනුකළ පෙත්සම පිළිබඳව අවසන් විනිශ්චයක් ලබාදී නොමැති හෙයින් ඡන්ද පත්‍රිකා මුද්‍රණය හා ඒ සම්බන්ධ පිරිවැය දැරීම ගැටලුවක් බව ද එහි සඳහන් වේ. ගංගානී ලියනගේ මහත්මිය මැතිවරණ කොමිසමට දැනුම් දී ඇත්තේ දැනට රුපියල් මිලියන 410. 6 ක් මුද්‍රණ සඳහා වැය වන පිරිවැය ලෙස ගණන් බලා ඇති බවයි.
2023-02-14T09:01:51.000Z
හෙට (15) දින තැපැල් ඡන්ද පත්‍රිකා යොමු කළ නොහැකියි - මැතිවරණ කොමිසම තමන් දැනුවත් කළ බව පක්ෂ ලේකම්වරු කියයි.
හෙට දින තැපැල් ඡන්ද පත්‍රිකා යොමු කළ නොහැකියි
COLOMBO ( News 1st ) - පූර්වයෙන් සැලසුම් කළ පරිදි තැපැල් ඡන්ද පත්‍රිකා යොමු කළ නොහැකි බව මැතිවරණ කොමිසම තමන් දැනුවත් කළ බව පක්ෂ ලේකම්වරු ප්‍රකාශ කරති.
2023-02-14T08:28:28.000Z
දියවන්නා ඔයේ කාන්තා මළ සිරුරක්
දියවන්නා ඔයේ කාන්තා මළ සිරුරක්
COLOMBO (News 1st) - බත්තරමුල්ල, දියවන්නා ඔයේ තිබි කාන්තා මළ සිරුරක් සොයාගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතීඥ නිහාල් තල්දුව මහතා සඳහන් කළේ, ලද තොරතුරක් අනුව අද උදෑසන මළ සිරුර සොයා ගත් බවයි. ඇගේ පාවහන් යුගළ ද ඒ අසල තිබී සොයා ගත් බව පොලිසිය පැවසී ය. මේ සම්බන්ධ වැඩිදුර විමර්ශන වැලිකඩ පොලීසිය විසින් සිදු කරනු ලබයි.
2023-02-14T04:57:17.000Z
සේපාල් අමරසිංහ යළි රිමාන්ඩ්
සේපාල් අමරසිංහ යළි රිමාන්ඩ්
COLOMBO (News 1st) - සමාජ මාධ්‍ය ක්‍රියාකාරි සේපාල් අමරසිංහ මහතා ලබන 21 වැනි දා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද (14) නියෝග කර තිබේ. මහනුවර ශ්‍රී දළදා මාළිගය පිළිබඳව ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කිරීම සම්බන්ධයෙන් සේපාල අමරසිංහ මහතාට එරෙහිව චෝදනා එල්ල වී තිබුණි. සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ දර්ශන කුරුප්පු මහතා කරුණු දක්වමින් සිය සේවාදායකයා විසින් පසුගිය වසරේ දෙසැම්බර් 29 වැනි දා යු ටියුබ් නාලිකාවක් මගින් කරන ලද එම නඩුවට හේතු වූ සිද්ධිය සම්බන්ධයෙන් මහනායක ස්වාමීන් වහන්සේලාගෙන් ප්‍රසිද්ධියේ සමාව ඇය ද සිටිමට උන් වහන්සේලාට ලිඛිතව දැනුම් දී ඇති බව පෙන්වා දුන්නේ ය. ඔහු අධිකරණයට පැවසුවේ, ඒ පිළිබඳව නීතිපතිවරයා වෙත ද ලිඛිතව දැනුම්දී ඇති බවයි. නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලිප පිරිස් මහතා කරුණු දක්වමින් කියා සිටියේ අදාළ ප්‍රකාශ‍ය සම්බන්ධයෙන් මහනායක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ භික්ෂුන් වහන්සේගෙන් හා සමස්ත බෞද්ධ ජනතාවගෙනුත් සමාව අයැ ද සිටින බවයි. මින් මතු ආගමික හෝ ජනවාර්ගික කොටස්හි හැගිම්වලට බලපාන සංවේදි කාරනා සම්බන්ධයෙන් ප්‍රසිද්ධ ප්‍රකාශයක් සිදු නොකරන බවට සැකකරු එකගවන්නේ නම් එකී කොන්දේසිවලට යටත්ව ඔහු සම්බන්ධයෙන් සානුකම්පිතව කටයුතු කිරීමට නීතිපති දෙපාර්තමේන්තුව සූදානම් බව දිලීප පීරිස් මහතා අධිකරනයට පෙන්වා දුන්නේ ය.
2023-02-14T03:13:44.000Z
කුලියාපිටිය අතිරේක මහේස්ත්‍රාත්ගේ රථය පැහැරගත් සැකකරු අත්අඩංගුවට
අතිරේක මහේස්ත්‍රාත්ගේ මෝටර් රථ හොරා කොටු
COLOMBO (News 1st) - කුලියාපිටිය අතිරේක මහේස්ත්‍රාත්වරයාගේ මෝටර් රථය පැහැරගත් සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසුවේ, වත්තල ප්‍රදේශයේදී සැකකරු අත්අඩංගුවට ගත් බවයි. පැහැර ගත් මෝටර් රථය ද සිය භාරයට ගත් බව පොලීසිය ප්‍රකාශ කළේ ය.
2023-02-14T02:36:51.000Z
බොරැල්ලේ වෙඩි තැබීමකින් කාන්තාවක් මරුට: වෙඩි තැබීමට සම්බන්ධ යුද හමුදා බුද්ධි සාමාජිකයින් දෙදෙනා අත්අඩංගුවට
බොරැල්ලේ වෙඩි තැබීමකින් කාන්තාවක් මරුට
COLOMBO (News 1st) - බොරැල්ලේ, වනාතමුල්ල, තල්ගස්වත්ත ප්‍රදේශයේ වෙඩි වැදීමකින් කාන්තාවක් මියගොස් තිබේ. පොලීසිය සඳහන් කළේ, වෙඩි වැදීමෙන් 25 හැවිරිදි කාන්තාවක් මියගොස් ඇති බවයි. යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයින් දෙදෙනෙක් ඊයේ (13) රාත්‍රියේ මත්කුඩු ජාවාරම් සම්බන්ධ තොරතුරු ලබා ගැනීමට එම ප්‍රදේශයට ගොස් ඇත. එහිදී ඇති වූ සිදුවීමකදී වෙඩි වැදීමක් සිදුව ඇති අතර එහිදී මෙම කාන්තාව මියගොස් ඇති බව පොලීසිය සඳහන් කළේ ය. සිද්ධියට සම්බන්ධ යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයින් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.
2023-02-14T01:22:01.000Z
මහ කන්නයේ වීවලට ආණ්ඩුවෙන් සහතික මිලක්
මහ කන්නයේ වීවලට ආණ්ඩුවෙන් සහතික මිලක්
COLOMBO (News 1st) - මහ කන්නයේ වී මිලදී ගැනීම සඳහා සහතික මිලක් ප්‍රකාශයට පත් කර තිබේ. කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම් ගුණදාස සමරසේකර මහතා සඳහන් කළේ, මුදල් අමාත්‍යාංශය මගින් අදාළ චක්‍රලේඛය නිකුත් කර ඇති බවයි. ඒ අනුව, තෙත වී රුපියල් 88 ක මුදලකට ත් වියළි වී කිලෝග්‍රෑම් එකක් රුපියල් 100 කටත් මිලට ගැනීමට මිල නියම කර ඇත. ඒ සඳහා වෙන් කර ඇති මුදල රුපියල් බිලියන 10 කි. කුඩා හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන් හරහා අදාළ වී තොග මිලදී ගන්නැයි, ප්‍රාදේශීය ලේකම්වරුන්ට දැනුම් දී ඇතැයි අමාත්‍යාංශ ලේකම්වරයා සඳහන් කළේ ය. මේ අතර වී මිලදී ගැනීමේ වැඩපිළිවෙළ පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (14) සාකච්ඡාවක් කැඳවා ඇත. කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේ, එම සාකච්ඡාවට වී මිලදී ගැනීමට සම්බන්ධ සියලු නිලධාරීන් කැඳවා ඇති බවයි. බත්තරමුල්ල, අකුරේගොඩ හමුදා මූලස්ථානයේ දී එම සාකච්ඡාව පැවැත්වෙන බව ද අමාත්‍යවරයා සඳහන් කළේ ය.
2023-02-14T01:08:21.000Z
මෙරටට ළඟා වූ ගල්අඟුරු නෞකා දෙකකට තවමත් මුදල් ගෙවා නැහැ - ලංකා ගල්අඟුරු සමාගම
ගල්අඟුරු නෞකා 2කට තවමත් මුදල් ගෙවා නැහැ
COLOMBO (News 1st) - මෙරටට ළඟා වූ ගල්අඟුරු නෞකා දෙකකට මෙතෙක් මුදල් ගෙවීමට නොහැකි වී තිබේ. ලංකා ගල්අඟුරු සමාගමේ සභාපති ශේහාන් සුමනසේකර මහතා සඳහන් කළේ, පසුගිය සෙනසුරාදා සහ සිකුරාදා පැමිණි නෞකා දෙකකට මුදල් ගෙවීමට නොහැකි වී ඇති බවයි. මෙම නෞකා දෙකට පෙර පැමිණි නෞකාවේ ගල්අඟුරු තොග ඊයේ (13) ගොඩ බා අවසන් කර ඇත. ගල්අඟුරු මිලදී ගැනීම වෙනුවෙන්, ඊයේ විදුලි බල මණ්ඩලය මුදල් ප්‍රමාණයක් ලබා දුන්න ද එය ඊට ප්‍රමාණවත් නොවන බව ලංකා ගල්අඟුරු සමාගමේ සභාපතිවරයා ප්‍රකාශ කළේ ය.
2023-02-14T01:02:14.000Z
වාහනවල අනතුරුදායක එයාර් බෑග් යළි සවි කර දීමට ආයතන 3 ක් වාහන නැවත කැඳවයි
එයාර් බෑග් යළි සවි කිරීමට වාහන කැඳවයි
COLOMBO (News 1st) - වාහනවල අනතුරුදායක එයාර් බෑග් නැවත සවි කර දීමට ප්‍රධානපෙළේ ආයතන 3 ක් එම වාහන නැවත කැඳවා තිබේ. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජෙනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේ, අනෙක් සියලු ආයතන සමගත් මෙම ක්‍රියාවලිය සඳහා සාකච්ඡා කරමින් පවතින බවයි.
2023-02-14T00:56:44.000Z
තැපැල් ඡන්ද විමසීම කල් දමයි ද? - තීරණයට මැතිවරණ කොමිසමේ අද විශේෂ සාකච්ඡාවක්
තැපැල් ඡන්ද විමසීම කල් දමයි ද?
COLOMBO (News 1st) - පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද විමසීම කල් දමන්නේදැයි තීරණය කිරීම සඳහා අද (14) විශේෂ සාකච්ඡාවක් මැතිවරණ කොමිසමේ පැවැත්වීමට නියමිතව තිබේ. මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා සඳහන් කළේ, මැතිවරණයට තරග කරන දේශපාලන පක්ෂවල මහලේකම්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ මෙම සාකච්ඡාවක් පැවැත්වෙන බවයි. මැතිවරණ නිරීක්ෂණ සංවිධාන ද අද මැතිවරණ කොමිසම හමුවට කැඳවා ඇත. මුදල් නොගෙවන්නේ නම් තැපැල් ඡන්ද පත්‍රිකා නිකුත් කළ නොහැකි බවට රජයේ මුද්‍රණාලය ලිඛිතව තම කොමිසමට දැනුම් දී ඇතැයි මැතිවරණ කොමිසමේ ප්‍රකාශකයෙකු පැවසුවේ ය. ඔහු පෙන්වා දුන්නේ, මීට පෙර පැවැති මැතිවරණවලදී මැතිවරණය පැවැත්වීමට පෙර ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමට මුදල් ලබාදී නොමැති බවයි. ඉතිහාසයේ පැවැත් වූ සෑම මැතිවරණයකදීම ඡන්ද පත්‍රිකා සඳහා මුදල් ලබා දී ඇත්තේ, මැතිවරණයෙන් පසුව බව ද ඔහු පෙන්වා දුන්නේ ය. මැතිවරණ කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා ද ඊයේ පැවසුවේ, මැතිවරණ කටයුතු වෙනුවෙන් ඉල්ලූ මුදල මෙතෙක් තම කොමිසම වෙත ලැබී නොමැති බවයි.
2023-02-14T00:37:38.000Z
ඉන්දියාවෙන් බිත්තර ආනයනයට කැබිනට් අනුමැතිය
ඉන්දියාවෙන් බිත්තර ආනයනයට කැබිනට් අනුමැතිය
COLOMBO (News 1st) - ඉන්දියාවෙන් බිත්තර ආනයනය කිරීමට කැබිනට් මණ්ඩලය අවසර ලබාදී තිබේ. ඒ, ඊයේ (13) පස්වරුවේ කැබිනට් මණ්ඩලය රැස්වීමෙන් අනතුරුවයි. කුරුළු උණ නොමැති බවට ලද නිර්දේශ මත පදනම්ව අදාළ අවසරයට හිමිව ඇතැයි රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු පැවසුවේ ය. ඒ අනුව මාස දෙකක කාලයක් මෙරටට අවශ්‍ය බිත්තර ඉන්දියාවෙන් ආනයනයට අවසර හිමිව තිබේ. රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු සඳහන් කළේ, බේකරි කර්මාන්තය වැනි කර්මාන්ත සඳහා භාවිත කිරීමට බිත්තර අනයනය කිරීමට අවසර ලබා දුන් බවයි.
2023-02-14T00:36:58.000Z
පද්ධතිය යථා තත්ත්වයට... විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම අද සිට යළිත්...
විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම අද සිට යළිත්
COLOMBO (News 1st) - විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ පද්ධතියේ දෝෂය යථාවත් කර අද (14) දිනයේ නැවත බලපත්‍ර නිකුත් කිරීමට පියවර ගන්නා බව ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා පවසයි. පාලක ජනරාල්වරයා සඳහන් කළේ, ඊයේ (13) බලපත්‍ර ලබාගැනීමට නොහැකි වූ පුද්ගලයින්ට අද දහවල් 12.00 සිට බලපත්‍ර ලබාගත හැකි බවයි. තාක්ෂණික දෝෂයක් හේතුවෙන් ඊයේ උදෑසන 10.30 සිට ආගමන විගමන දෙපාර්තමේන්තුවේ විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ පද්ධතිය බිඳ වැටුණි. මේ නිසා එක්දින සේවාවට යටතේ සිය විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීමට පැමිණි පිරිස් දැඩි අපහසුතාවකට පත් විය. ඊයේ දිනයේ විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීමට නොහැකි වූ පුද්ගලයින්ට අද දිනයේ දෙපාර්තමේන්තුවේ වියදමින් විදේශ ගමන් බලපත්‍ර තැපැල් මගින් යැවීමට කටයුතු කරන බව ද පාලක ජනරාල්වරයා සඳහන් කළේ ය.
2023-02-14T00:16:40.000Z
ගෙවුණු දිනය උණුසුම් කළ පුවත්
ගෙවුණු දිනය උණුසුම් කළ පුවත්
1. මුදල් නොගෙවන්නේ නම් තැපැල් ඡන්ද පත්‍රිකා නිකුත් කළ නොහැකියි, මුද්‍රණාලයාධිපතිනිය මැතිවරණ කොමිසමට දැනුම් දෙයි - මුදල් නොගෙවන්නේ නම් තැපැල් ඡන්ද පත්‍රිකා නිකුත් කළ නොහැකි බව රජයේ මුද්‍රණාලායාධිපති දැනුම් දුන් බව මැතිවරණ කොමිසම පවසයි. 2. ආගමන විගමන පාලක ජනරාල්වරයාගෙන් නිවේදනයක් - විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීමට අද (14) වේලාවක් වෙන් කරගත් පුද්ගලයින්ට දෙපාර්තමේන්තුවට නොපැමිණෙන්නැයි ආගමන විගමන දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ. 3. මැතිවරණයට අදාළ ඡන්ද පත්‍රිකා මුද්‍රණය ඇරඹෙයි.. - මැතිවරණයට අදාළ ඡන්ද පත්‍රිකා මේ වනවිට මුද්‍රණය කෙරෙමින් ඇතැයි රජයේ මුද්‍රණාලය පවසයි. 4. සිස්ටම් අවුලක්... විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම ඇනහිටී - පද්ධතියේ දෝෂයක් හේතුවෙන් විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම ඇනහිට තිබේ. 5. දුම්රිය රියැදුරන් වැඩවර්ජනය අත්හිටුවයි - දුම්රිය රියැදුරන් පිරිසක් ආරම්භ කළ වැඩවර්ජනය අත්හිටුවා තිබේ.
2023-02-13T15:27:17.000Z
මුදල් නොගෙවන්නේ නම් තැපැල් ඡන්ද පත්‍රිකා නිකුත් කළ නොහැකියි - මුද්‍රණාලයාධිපතිනිය මැතිවරණ කොමිසමට දැනුම් දෙයි.
මුද්‍රණාලයාධිපතිගෙන් මැතිවරණ කොමිසමට දැනුම් දීමක්
COLOMBO ( News 1st ) - මුදල් නොගෙවන්නේ නම් තැපැල් ඡන්ද පත්‍රිකා නිකුත් කළ නොහැකි බව රජයේ මුද්‍රණාලායාධිපති දැනුම් දුන් බව මැතිවරණ කොමිසම පවසයි. මුදල් නොගෙවන්නේ නම් තැපැල් ඡන්ද පත්‍රිකා නිකුත් කළ නොහැකි බව රජයේ මුද්‍රණාලය දැනුම් දුන් බව මැතිවරණ කොමිසම පවසයි. එම කොමිසමේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, රජයේ මුද්‍රණාලය මේ බව සිය කොමිසමට ලිඛිතව දැනුම් දුන් බවයි.
2023-02-13T13:50:57.000Z
ආගමන විගමන පාලක ජනරාල්වරයාගෙන් නිවේදනයක්
ආගමන විගමන පාලක ජනරාල්වරයාගෙන් නිවේදනයක්
COLOMBO ( News 1st ) - විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීමට හෙට (14) වේලාවක් වෙන් කරගත් පුද්ගලයින්ට දෙපාර්තමේන්තුවට නොපැමිණෙන්නැයි ආගමන විගමන දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ. ආගමන විගමන පාලක ජනරාල්, හර්ෂ ඉලුක්පිටිය මහතා ප්‍රකාශ කළේ, හෙට (14) දිනයේ පැමිණීමට නියමිත අයැදුම්කරුවන් අනිද්දා (15) දිනයේ පැමිණිය යුතු බවයි. අනිද්දා (15) දින පැමිණීමට නියමිත අයදුම්කරුවන් ඊට පසු දිනයේත් වන ආකාරයෙන් දැනට වේලාව වෙන් කර ඇති දිනට පසු දින කාර්යාලයට පැමිණෙන්නැයි ආගමන විගමන පාලක ජනරාල්වරයා දැනුම් දී තිබේ. ඔහු පැවසූවේ, 17 වන සිකුරාදා දිනයේ වේලාව වෙන් කර ගෙන ඇති අයැදුම්කරුවන් 18 වන සෙනසුරාදා දිනයේ කාර්යාලයට පැමිණ සේවාව ලබා ගන්නා ලෙසයි. අද (13) අයැදුම්පත් භාරගත් සියළු දෙනාට හෙට (14) පස්වරු 12 න් පසු දෙපාර්තමේන්තුවේ නිකුත් කිරීමේ කවුළුවෙන් සිය විදේශ ගමන් බලපත්‍රය ලබා ගත හැකි බවත්, හෙට පැමිණීමට අපහසු අයැදුම්කරුවන්ට කුරියර් මගින් ගමන් බලපත්‍රය නිවසටම ලබා දීමට කටයුතු කරන බවත් ආගමන විගමන දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ. පද්ධතියේ දෝෂයක් හේතුවෙන් අද (13) උදෑසන 10.30 සිට විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරිම ඇනහිටි අතර මේ හේතුවෙන් අද (13) එක්දින සේවාව යටතේ විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීමට පැමිණි විශාල පිරිසක් දැඩි අපහසුතාවයට පත් විය.
2023-02-13T11:52:59.000Z
මැතිවරණයට අදාළ ඡන්ද පත්‍රිකා මුද්‍රණය ඇරඹෙයි..
ඡන්ද පත්‍රිකා මුද්‍රණය ඇරඹෙයි..
COLOMBO ( News 1st ) - මැතිවරණයට අදාළ ඡන්ද පත්‍රිකා මේ වන විට මුද්‍රණය කෙරෙමින් ඇතැයි රජයේ මුද්‍රණාලය පවසයි. රජයේ මුද්‍රණාලයාධිපති ගංඟා කල්පනී ලියනගේ මහත්මිය සඳහන් කළේ, කෙසේ වෙතත් මුද්‍රණ කටයුතු සඳහා මුදල් ලැබීමේ ගැටලු පවතින බවයි. මේ අතර පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද විමසීම, ලබන 22, 23 හා 24 යන දිනවල පැවැත්වීමට නියමිතව තිබේ. මෙවර ඉදිරිපත්ව තිබූ තැපැල් ඡන්ද අයදුම්පත් සංඛ්‍යාව, හය ලක්ෂ 75,000 කට අධික වන අතර තැපැල් ඡන්ද පත්‍රිකා අඩංගු රක්ෂිත පැකට්ටු ලබන 15 වැනිදා තැපෑලට භාරදීමට නියමිතව තිබේ. මැතිවරණ කොමිසම පැවසුවේ, නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපෑලට භාරදීම ලබන 19 වැනිදා සිදු කරන බවයි.
2023-02-13T11:44:49.000Z
තුර්කි - සිරියා භූ කම්පනවලින් මියගිය සංඛ්‍යාව 35,000 ඉක්මවයි..
භූ කම්පනවලින් මියගිය සංඛ්‍යාව 35,000 ඉක්මවයි..
COLOMBO ( News 1st ) - තුර්කි - සිරියා භූ කම්පනවලින් මියගිය සංඛ්‍යාව 35,000 ඉක්මවා ගොස් තිබේ. විදෙස් වාර්තා පැවසුවේ, සුන්බුන්වලට සිරවී සිටි පුද්ගලයින් සෙවීම් සහ ගලවා ගැනීමේ මෙහෙයුම් ක්‍රමයෙන් සීමා කරන බවයි. මේ වන විට තුර්කියේ පුද්ගලයින් 31,643 ක් සහ සිරියාවේ 3,581 ක් මිය ගොස් ඇති අතර, තහවුරු කරන ලද මුළු සංඛ්‍යාව 35,224 දක්වා ඉහළ ගොස් ඇතැයි විදෙස් වාර්තාවල සඳහන් වේ.
2023-02-13T11:11:54.000Z
සිස්ටම් අවුලක්... විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම ඇනහිටී .
විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම ඇනහිටී
COLOMBO ( News 1st ) -පද්ධතියේ දෝෂයක් හේතුවෙන් විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම ඇනහිට තිබේ. ආගමන විගමන පාලක ජනරාල්, හර්ෂ ඉලුක්පිටිය මහතා සඳහන් කළේ අද (13) උදෑසන 10.30 සිට තාක්ෂණික දෝෂයක් හේතුවෙන් මෙලෙස පද්ධතිය බිඳ වැටී ඇති බවයි. මේ හේතුවෙන් අද එක්දින සේවාව යටතේ විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීමට පැමිණි පිරිස් දැඩි අපහසුතාවයට පත්ව තිබේ.
2023-02-13T10:57:19.000Z
දුම්රිය රියැදුරන් වැඩවර්ජනය අත්හිටුවයි
දුම්රිය රියැදුරන් වැඩවර්ජනය අත්හිටුවයි
COLOMBO ( News 1st ) - දුම්රිය රියැදුරන් පිරිසක් ආරම්භ කළ වැඩවර්ජනය අත්හිටුවා තිබේ. ඔවුන් එම වර්ජනය ආරම්භ කළේ, දුම්රිය නිලධාරියෙකු සේවකයින් පිරිසක් සම්බන්ධයෙන් ගෙන ඇති විනය ක්‍රියාමාර්ගවලට එරෙහිවයි. දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා අදාළ ගැටලුවට විසඳුම් ලබා දීමත් සමග ඔවුන් එම වර්ජනය අත්හිටුවීමට පියවර ගත්තේ ය. මේ හේතුවෙන් අද පෙරවරුවේ දුම්රිය ගමන්වාර 23 ක් අවලංගු කෙරිණ.
2023-02-13T10:42:13.000Z
සරසවි සිසුවිය ඝාතනයේ සැකකාර සරසවි සිසුවා යළි රක්ෂිත බන්ධනාගාරයට
සරසවි සිසුවිය ඝාතනය: සැකකාර සිසුවා රිමාන්ඩ්
COLOMBO ( News 1st ) - කොළඹ තුරඟ තරග පිටියේදී ගෙල කපා විශ්වවිද්‍යාල සිසුවියක ඝාතනය කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි විශ්වවිද්‍යාල සිසුවා ලබන 27 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ. ඒ ඔහු අද (13) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. ඝාතනය සිදුවූ දිනයේ සැකකාර සිසුවා ඇඳ සිටි ඇඳුම් පැළදුම්, ඔහු භාවිත කළ ජංගම දුරකතනය, ලේ සාම්පල ඇතුළු නඩු භාණ්ඩ 11 ක් රජයේ රස පරීක්ෂකවරයා වෙත ඉදිරිපත් කර වාර්තා කැඳවීමට ද ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා පොලීසියට අවසර ලබාදුන්නේ ය.
2023-02-13T06:43:39.000Z
Facebook සාදයක් පැවැත්වූ 31 දෙනෙකු මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට..
Facebook සාදයක් පැවැත්වූ 31 දෙනෙකු අත්අඩංගුවට..
COLOMBO (News 1st) – Facebook ඔස්සේ සංවිධානය වී බියගම , බණ්ඩාරවත්ත ප්‍රදේශයේ හෝටලයක සාදයක් පැවැත්වූ 31 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, ඔවුන් සන්තකයේ තිබී මත්ද්‍රව්‍ය සහ මත් කරල් සොයාගත් බවයි. අත්අඩංගුවට ගත් පුද්ගලයින් මට්ටක්කුලිය, මෝදර, වැල්ලම්පිටිය, මරදාන, ග්‍රෑන්ඩ්පාස්, පෑලියගොඩ සහ කැලණිය ප්‍රදේශවල පදිංචිකරුවන් ය. සැකකරුවන් අද(13) මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
2023-02-13T03:51:22.000Z
රට පුරා තවදුරටත් ජලභීතිකා එන්නත් හිඟයි - සෞඛ්‍ය අමාත්‍යාංශය
රට පුරා තවදුරටත් ජලභීතිකා එන්නත් හිඟයි
COLOMBO (News 1st) – දිවයින පුරා තවදුරටත් ජලභීතිකා එන්නත් හිඟයක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි. සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ , මෙම සතිය ඇතුළත එන්නත් ලක්ෂ 20ක් ගෙන්වීමට සැලසුම් කර ඇති බවයි. එම එන්නත් තොගය ලබන වසරේ මැද භාගය දක්වා ප්‍රමාණවත් වනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ මහජන සෞඛ්‍ය සහ පශු වෛද්‍ය සේවා අධ්‍යක්ෂක L.D. කිත්සිරි මහතා සඳහන් කළේ ය.
2023-02-13T03:23:21.000Z
අතරමග නැවතූ නිවාස ව්‍යාපෘති සම්පූර්ණ කිරීමට ප්‍රතිපාදන වෙන් කෙරේ - නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය
නිවාස ව්‍යාපෘති සම්පූර්ණ කිරීමට මුදල් වෙන් කෙරේ
COLOMBO (News 1st) – නිවාස ණය හා ආධාර වැඩසටහන යටතේ ඉදිකිරීම් ආරම්භ කර, අතරමග නතර කර ඇති නිවාස ව්‍යාපෘති සම්පූර්ණ කිරීම සඳහා ප්‍රතිපාදන වෙන් කර ඇතැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය පවසයි. අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කළේ , 2020, 2021 හා 2022 යන වසරවල ආරම්භ කළ ව්‍යාපෘති සඳහා එම ප්‍රතිපාදන හිමිවන බවයි. එම ව්‍යාපෘති ක්‍රියාත්මක වන ආකාරය සැළකිල්ලට ගෙන නව නිවාස ව්‍යාපෘති ආරම්භ කිරීමට තීරණය කර ඇතැයි ද අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කළේ ය.
2023-02-13T03:06:28.000Z
වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව අද රැස්වෙයි..
වෘත්තීය සමිති එකමුතුව අද රැස්වෙයි..
COLOMBO (News 1st) – වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව අද(13) රැස්වෙයි. ඒ, රජයේ නව බදු ප්‍රතිපත්තියට එරෙහිව ගන්නා ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ය. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති සම්මේලනය, වෛද්‍ය පීඨ ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය, විදුලි ඉංජිනේරු සංගමය, ලංකා බැංකු සේවක සංගමය ඇතුළු වෘත්තියවේදීන්ගේ වෘත්තීය සමිති 40 ක්, ඊට ඇතුළත් ව. රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පැවසුවේ, සිය සංගමයේ ප්‍රධාන කාර්යාලයේදී වෘත්තීයවේදීන්ගේ මෙම රැස්වීම පැවැත්වෙන බවයි.
2023-02-13T02:29:36.000Z
T20 : බංග්ලාදේශයට එරෙහි තරගයෙන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට විශිෂ්ට ජයක්..
T20: ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට විශිෂ්ට ජයක්..
COLOMBO (News 1st) – 2023 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ බංග්ලාදේශයට එරෙහි තරගයෙන් කඩුලු 7ක විශිෂ්ට ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. කේප් ටවුන්හීදි පැවති තරගයේ කාසියේ වාසිය දිනා පන්දුවට පහර දීමට පිටියට පිවිසි බංග්ලාදේශ ඉනිමේ මුල් පෙළ කඩුලු 5 ලකණු 96 කදී බිඳ වැටුණි. සෝභානා මොස්ටරී ලකුණු 29 කි. ඕෂදී රණසිංහ ලකුණු 23 කදී කඩුලු 3 ක් දවා ගත්තේ ය . නායිකා චමරි අතපත්තු කඩුලු 2 ක් දවා ගත්තේ ලකුණු 19 කදී ය. ඒ අනුව බංග්ලාදේශ ක්‍රීඩිකාවන් පන්දුවාර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 126 ක් රැස් කළේ ය. පිළිතුරු ලෙස ලකුණු 127ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා ඉනිමේ මුල් පෙළ කඩුලු 3 ලකුණු 25කදී බිඳ වැටිණ. කෙසේ නමුත් ඉන් පසුව පිටියේ එක් වූ ආරම්භක පිතිකාරිණී හර්ෂිතා සමරවික්‍රම සහ නිලක්ෂි ද සිල්වා ලකුණු 104 ක නොබිඳුණු සබඳතාවයක් ගොඩනගමින් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියේ ය. ඉනිමේ වැඩිම ලකුණු ලාභිනිය වූ හර්ෂිතා සමරවික්‍රම නොදැවී ලකුණු 69 ක් රැස් කළේ හතරේ පහර 8 ක් සහ හයේ පහරක් සමගින් ය. නිලක්ෂි ද සිල්වා පන්දු 38 කදී නොදැවී ලකුණු 41 ක් රැස් කළේ ය. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම තරගය ජය ගත්තේ පන්දුවාර 18 යි පන්දු 2 ක් අවසානයේ කඩුලු 3 ක් පමණක් දැවී සිටියදී ය. ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලියේ සහභාගී වූ දෙවැනි තරගය මෙයයි. සහභාගී වූ තරග දෙකම ජය ගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලියේ පළමු කාණ්ඩයේ ලකුණු සටහනේ පෙරමුණට පැමිණියේ ය.
2023-02-13T01:53:34.000Z
දුම්රිය ගමන්වාර රැසක් අවලංගු කෙරේ - දුම්රිය දෙපාර්තමේන්තුව
දුම්රිය ගමන්වාර රැසක් අවලංගු කෙරේ
COLOMBO (News 1st) – දුම්රිය ගමන්වාර රැසක් අවලංගු කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඒ ,දුම්රිය රියැදුරන්ගේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් හේතුවෙන් ය.
2023-02-13T01:44:06.000Z
මාර්තු 15 වැනිදා වනවිට සිසුන්ට නිල ඇඳුම් - අධ්‍යාපන ඇමති
මාර්තු 15 වැනිදා වනවිට සිසුන්ට නිල ඇඳුම්
COLOMBO (News 1st) – මාර්තු 15 වැනිදා වනවිට සිසුන්ට නිල ඇඳුම් ලබාදී අවසන් කරන බව, අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. අමාත්‍යවරයා සඳහන් කළේ, ඒ සඳහා අවශ්‍ය සියලු කටයුතු සම්පාදනය කර ඇති බවයි. අධ්‍යාපන විද්‍යාපීඨ 19 ඒකාබද්ධ කර, ජාතික අධ්‍යාපන විශ්වවිද්‍යාලය ස්ථාපනය කිරීමට සැලසුම් කර ඇතැයි ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය .
2023-02-13T01:10:36.000Z
තැපැල් ඡන්ද අයදුම්පත්‍ 37,000ක් ප්‍රතික්ෂේප වෙයි..
තැපැල් ඡන්ද අයදුම්පත්‍ 37,000ක් ප්‍රතික්ෂේප වෙයි..
COLOMBO (News 1st) – පළාත් පාලන මැතිවරණය සඳහා ඉදිරිපත්වූ තැපැල් ඡන්ද අයදුම්පත්‍ර 37,000ක් පමණ ප්‍රතික්ෂේපවී ඇතැයි ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසයි. මෙවර ඉදිරිපත්ව තිබූ තැපැල් ඡන්ද අයදුම්පත් සංඛ්‍යාව, හය ලක්ෂ 75,000කට අධිකයි. තැපැල් ඡන්ද පත්‍රිකා අඩංගු රක්ෂිත පැකට්ටු ලබන 15 වැනිදා තැපෑලට භාරදීමට නියමිතව තිබේ. මැතිවරණ කොමිසම පැවසුවේ, නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපෑලට භාරදීම ලබන 19 වැනිදා සිදු කරන බවයි. මෙවර මැතිවරණ රාජකාරී සඳහා ලක්ෂ 2කට ආසන්න රාජ්‍ය සේවකයින් සංඛ්‍යාවක් යොදාගැනීමට සැලසුම් කර තිබේ. පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද විමසීම, ලබන 22, 23 හා 24 යන දිනවල පැවැත්වීමට නියමිතයි.
2023-02-13T00:58:05.000Z
ගෙවුණු දිනය උණුසුම් කළ පුවත්
ගෙවුණු දිනය උණුසුම් කළ පුවත්
දේශීය පුවත් 1.අන්තරේ වසන්ත නිදහස් කරමින් දුන් නියෝගය බල රහිත කරන්න – නීතිපතිගෙන් අභියාචනයක් – අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ මහතා චෝදනාවලින් නිදහස් කිරීමේ නියෝගය බලරහිත කරන්නැයි ඉල්ලා නීතිපතිවරයා කොළඹ මහාධිකරණයට අභියාචනයක් ගෙනු කර තිබේ. 2.ජනපති රනිල් කිලිනොච්චියේ දී ගොවීන් හමුවෙයි.. – ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (12) පෙරවරුවේ යාපනය පරන්තන් වෙල්යායේ දී පැවති අස්වනු නෙළීමේ අවස්ථාවට එක් විය. 3.තුර්කි භූ කම්පනයෙන් අතුරුදන්ව සිටි ලාංකික කාන්තාවගේ මළ සිරුර සොයා ගැනේ..– තුර්කි භූ කම්පනයෙන් පසු දින කිහිපයක සිට අතුරුදන්ව සිටි ශ්‍රී ලාංකික කාන්තාවගේ මළ සිරුර හමුව තිබේ. 4.ගල් අඟුරුවලට ගෙවීමට බිලියන 20 ක් සොයා ගැනීම අර්බුදයක – ගල් අඟුරු සමාගම – ගල් අඟුරු මිලදී ගැනීම සඳහා මෙම මාසයේදී රුපියල් බිලියන 20.2 ක මුදලක් අවශ්‍ය බව ලංකා ගල් අඟුරු සමාගම පවසයි. 5.මඩකලපුවේ වැවක ඔරුවක් පෙරළී පාසල් ළමුන් තිදෙනෙක් සහ ගුරුවරයෙක් මරුට.. – මඩකලපුව, කොක්කඩිචෝලෙයි කන්දිමලෛයි වැවක ඔරුවක් පෙරලීමෙන් පාසල් ළමුන් තිදෙනෙකු ඇතුළුව හතර දෙනෙකු මිය ගොස් තිබේ. 6.රජයේ රෝහල්වල හදිසි නොවන ශල්‍යකර්ම ප්‍රමාද කිරීමට තීරණය කෙරේ – සෞඛ්‍ය ඇමති– රජයේ රෝහල්වල හදිසි නොවන ශල්‍යකර්ම ප්‍රමාද කිරීමට තීරණය කර තිබේ. විදෙස් පුවත් 1. තුර්කි සහන මෙහෙයුම් අතරතුර දේපොළ කොල්ල කෑ 50 ක් අත්අඩංගුවට – තුර්කි භූ කම්පනයේ මුදා ගැනීමේ මෙහෙයුම් අතරතුර දේපොළ කොල්ලකෑම් සම්බන්ධයෙන් පුද්ගලයින් 50 ක් අත්අඩංගුවට ගෙන තිබේ.
2023-02-12T15:41:53.000Z
අන්තරේ වසන්ත නිදහස් කරමින් දුන් නියෝගය බල රහිත කරන්න - නීතිපතිගෙන් අභියාචනයක්
වසන්ත ගැන නීතිපතිගෙන් අභියාචනයක්..
COLOMBO ( News 1st ) - අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ මහතා චෝදනාවලින් නිදහස් කිරීමේ නියෝගය බලරහිත කරන්නැයි ඉල්ලා නීතිපතිවරයා කොළඹ මහාධිකරණයට අභියාචනයක් ගෙනු කර තිබේ. නීතිපති දෙපාර්තමේන්තුව පැවසුවේ, පසුගිය සිකුරාදා අදාළ අභියාචනය මහාධිකරණය හමුවේ ගොනු කළ බවය. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන, නීතිපති උපදෙස් ලැබෙන තුරු රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සැකකරුට නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි නීතීඥවරුන් දැක්වූ විරෝධතාවය පිළිනොගෙන නීතිපති උපදෙස් ලැබීමට පෙර ඇප දීමට බලයක් මහේස්ත්‍රාත් අධිකරණයට නොමැති බව අදාල අභියාචනයේ සඳහන් ය. එසේ තිබියදීත්, නඩු කටයුත්තෙන් සැකකරු නිදහස් කිරීම නීතියට පටහැනි බවත්, එමගින් පෙන්වා දී තිබූ නීතිපතිවරයා, ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කර තිබූ එම නියෝගය බලරහිත කර නඩුව පෙර පැවැති තත්ත්වයෙන්ම පවත්වාගෙන යාමට නියෝගයක් කරන්නයි ඉල්ලා තිබේ.
2023-02-12T14:29:58.000Z
ජනපති රනිල් කිලිනොච්චියේ දී ගොවීන් හමුවෙයි..
ජනපති රනිල් කිලිනොච්චියේ දී ගොවීන් හමුවෙයි..
COLOMBO ( News 1st ) - ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (12) පෙරවරුවේ යාපනය පරන්තන් වෙල්යායේ දී පැවති අස්වනු නෙළීමේ අවස්ථාවට එක් විය. එහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ, වී කිලෝවක් රුපියල් 100කට මිලදී ගැනීමට සතියක් තුළ යාන්ත්‍රණයක් සකස් කරන බවයි. පරන්තන් වෙල්යායට පැමිණි ජනාධිපතිවරයා එහි සිටි ගොවීන්ගෙන් වී වගාව සම්බන්ධ ගැටලු පිළිබඳ විමසා බැලූ අතර එම ගැටලුවලට කඩිනම් විසඳුම් ලබාදෙන බව ද පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසා සිටියේ, උතුරු පළාත හා යාපනය දිස්ත්‍රික්කය ලංකාවටම ආහාර සපයා දිය හැකි පළාතක් ලෙස සංවර්ධනය කරන බවයි.
2023-02-12T14:11:17.000Z
තුර්කි භූ කම්පනයෙන් අතුරුදන්ව සිටි ලාංකික කාන්තාවගේ මළ සිරුර සොයා ගැනේ..
ලාංකික කාන්තාවගේ මළ සිරුර සොයා ගැනේ..
COLOMBO ( News 1st ) - තුර්කි භූ කම්පනයෙන් පසු දින කිහිපයක සිට අතුරුදන්ව සිටි ශ්‍රී ලාංකික කාන්තාවගේ මළ සිරුර හමුව තිබේ. තුර්කි ශ්‍රී ලංකා තානාපති , හසන්ති උරුගොඩවත්ත මහත්මිය සඳහන් කළේ, තුර්කි ආරක්ෂක අංශ සහ ගලවා ගැනීමේ කණ්ඩායම් එක්ව සිදුකළ සෝදිසි මෙහෙයුම් අතරතුර දී මෙම සිරුර හමුවූ බව ය. වයස අවුරුදු 64 ක් වන ඇය මීගහහේන, ගලගෙදර ප්‍රදේශයේ පදිංචිව සිටි කාන්තාවක් බව තානාපතිනිය සඳහන් කළා ය. භූ කම්පනය හටගත් ප්‍රදේශවල ශ්‍රී ලංකිකයින් 16 දෙනෙකු රැඳි සිට ඇති අතර ඉන් 14ක් ශිෂ්‍යයින් වේ. මේ අතර තුර්කියේ සහ සිරියාවේ භූ කම්පනවලින් දැනට වාර්තා වන මරණ සංඛ්‍යාව ඉදිරියේ දී දෙගුණ විය හැකි බව එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කර තිබේ. මේ වනවිට භූ කම්පන තත්ත්වය හේතුවෙන් මියගොස් ඇති පිරිස 29,000 කට අධිකය. පසුගිය සඳුදා මැග්නිට්යුඩ් ඒකක 7.8 ක පළමු භූ කම්පනය ඇති වූ අතර ඉන් අනතුරුව පසුකම්පන රැසක් සිදු විය
2023-02-12T10:20:16.000Z
මඩකලපුවේ වැවක ඔරුවක් පෙරළී පාසල් ළමුන් තිදෙනෙක් සහ ගුරුවරයෙක් මරුට..
සිසුන් තිදෙනෙකු හා ගුරුවරයෙකු මරුට
COLOMBO (News 1st) – මඩකලපුව, කොක්කඩිචෝලෙයි කන්දිමලෛයි වැවක ඔරුවක් පෙරලීමෙන් පාසල් ළමුන් තිදෙනෙකු ඇතුළුව හතර දෙනෙකු මිය ගොස් තිබේ. පොලීසිය පැවසුවේ, අද (12) දහවල් සිදුවු අනතුරින් එලෙස මිය ගොස් ඇත්තේ ගුරුවරයෙක් සහ මෙවර සාමාන්‍ය පෙළ විභාගයට ඉදිරිපත් වීමට සිටි පාසල් ළමුන් තුන්දෙනෙකු බවයි. ඔවුන් වෙල්ලාවේලි, කළුන්දාවේලි ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක ය.
2023-02-12T07:52:43.000Z
ගල් අඟුරුවලට ගෙවීමට බිලියන 20 ක් සොයා ගැනීම අර්බුදයක - ගල් අඟුරු සමාගම
ගල් අඟුරුවලට ගෙවීමට මුදල් සොයා ගැනීම අර්බුදයක
COLOMBO (News 1st) - ගල් අඟුරු මිලදී ගැනීම සඳහා මෙම මාසයේදී රුපියල් බිලියන 20.2 ක මුදලක් අවශ්‍ය බව ලංකා ගල් අඟුරු සමාගම පවසයි. එහි සභාපති ෂෙහාන් සුමනසේකර මහතා සඳහන් කළේ, ඒ සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලයට ඉල්ලීම් ඉදිරිපත් කර ඇති බවයි. මේ වනවිට ගල් අඟුරු රැගත් නෞකා 3 ක් මෙරටට සේන්දු වී ඇත. ඒවායේ අන්තර්ගත ගල් අඟුරු ප්‍රමාණය මෙට්‍රික් ටොන් 60,000 කි. ඉන් එක් නෞකාවක තොග ගොඩබෑම මේ වනවිට සිදුවන බව ෂෙහාන් සුමනසේකර මහතා සඳහන් කළේ ය. අනෙක් නෞකා දෙක සඳහා ගෙවීමට ඇති මුදල රුපියල් බිලියන 6.4 කි. එහෙත්, ඒ සඳහා මෙතෙක් මුදල් ලැබී නැත.
2023-02-12T07:50:24.000Z
පුංචි ඡන්දයට මුදල් නිදහස් කරන්න.. - මැතිවරණ නිරීක්ෂකයින්ගෙන් මුදල් අමාත්‍යාංශ ලේකම්ට ලිපියක්
මැතිවරණ නිරීක්ෂකයින්ගෙන් මුදල්අමාත්‍යාංශයට ලිපියක්
COLOMBO (News 1st) - මැතිවරණ නිරීක්ෂණ සංවිධාන ඒකාබද්ධව, මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතාට ලිපියක් යොමු කර තිබේ. ඒ, පළාත් පාලන මැතිවරණය සඳහා මුදල් නිදහස් කරන්නැයි ඉල්ලමිනි. පැෆ්රල් සංවිධානය, මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය, ප්‍රජාතාන්ත්‍රීය ප්‍රතිසංස්කරණ හා මැතිවරණ අධ්‍යයන ආයතන, ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා, නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ව්‍යාපාරය, ලක්බිමේ මව්වරු සහ දියණියෝ මෙන්ම මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානය එක්ව එම ලිපිය යොමුකර ඇත. ඔවුන් එම ලිපියෙන් පෙන්වා දෙන්නේ, ජනතා පරමාධිපත්‍යයේ මූලික අංගයක් වන මැතිවරණය පැවැත්වීම සඳහා අදාළ අරමුදල් නිදහස් කිරීමෙන් සහාය දක්වන ලෙසය.
2023-02-12T07:25:10.000Z
ක්‍රීඩාවට පටහැනි හැසිරීම් ප්‍රදර්ශනය කළ රවීන්ද්‍ර ජඩේජාට දඩ..
රවීන්ද්‍ර ජඩේජාට දඩ..
COLOMBO (News 1st) - සංචාරක ඔස්ට්‍රේලියාව සමග පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ක්‍රීඩා කළ ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩක රවීන්ද්‍ර ජඩේජාට තරග ගාස්තුවෙන් 25%ක දඩයක් නියම කිරීමට තරග තීරකවරයා කටයුතු කර තිබේ. ඒ, එම තරගයේදී ICC ආචාරධර්ම සංග්‍රහයට අනුව ක්‍රීඩාවට පටහැනි හැසිරීම් ප්‍රදර්ශනය කිරීම හේතුවෙනි. රවීන්ද්‍ර ජඩේජා විසින් ඔහු පන්දු යවන අතේ මාපටැඟිල්ලේ ක්‍රීම් වර්ගයක් ආලේප කරන අයුරු තරගය අතරතුර දැකගත හැකි විය. ඒ පිළිබඳව මාධ්‍ය තුළ දැඩිලෙස කතාබහට ලක් වූ අතර පන්දුවේ පැහැය වෙනස් කිරීමට රවීන්ද්‍ර ජඩේජා උත්සාහ කරන බවට ඔස්ට්‍රේලියානු මාධ්‍ය ඔහුට චෝදනා කළේ ය. ජඩේජා විසින් මොහොමඩ් සිරාජ්ගේ අතින් යම් ද්‍රව්‍යයක් ගෙන එය භාවිතා කරන ආකාරය වීඩියෝ දර්ශනවල දැකගත හැකි වුණි. එම අවස්ථාවේ ඔහුගේ අතේ, පන්දුව තිබුණ ද කිසිම අවස්ථාවක ජඩේජා පන්දුව මත කිසිවක් තවරන ආකාරය දැකගත නොහැකි වූ බව ඇතැම් විදෙස් මාධ්‍ය පවසයි. කෙසේ වෙතත් ඉන්දීය කණ්ඩායමේ නායකයා සහ කළමනාකාරීත්වය පවසන්නේ, ජඩේජා පන්දු යවන අතේ, මාපට ඇඟිල්ලේ ඉදිමීමකට වේදනා නාශක ක්‍රීම් වර්ගයක් ආලේප කළ බවයි. ඒ අනුව, රවීන්ද්‍ර ජඩේජා විසින් සිදු කළ එම ක්‍රියාව, පිටියේ විනිසුරුවරුන්ගෙන්, අවසර නොගෙන සිදු කිරීමේ වරද මත, ඔහුට අදාළ දඩ මුදල පැනවීමට තීරණය කර තිබේ. කෙසේ වෙතත් ඔස්ට්‍රේලියාවට එරෙහි පළමු තරගයෙන්, ඉන්දියාවට ඉනිමක සහ ලකුණු 132ක, විශිෂ්ට ජයක් හිමි වුණි. ඔස්ට්‍රේලියා පළමු ඉනිමේ කඩුලු 05ක් සහ, දෙවන ඉනිමේ කඩුලු 02ක් බිඳ දැමූ රවීන්ද්‍ර ජඩේජා, තරගයේ වීරයා සම්මානය ද දිනා ගත්තේ ය.
2023-02-12T05:48:12.000Z
රජයේ රෝහල්වල හදිසි නොවන ශල්‍යකර්ම ප්‍රමාද කිරීමට තීරණය කෙරේ - සෞඛ්‍ය ඇමති
රජයේ රෝහල්වල හදිසි නොවන ශල්‍යකර්ම ප්‍රමාද කෙරේ..
COLOMBO (News 1st) - රජයේ රෝහල්වල හදිසි නොවන ශල්‍යකර්ම ප්‍රමාද කිරීමට තීරණය කර තිබේ. සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කළේ, පවතින ඖෂධ සහ ශල්‍ය උපකරණ හිඟය සැළකිල්ලට ගෙන එම තීරණය ගත් බවයි. වෛද්‍ය නිර්දේශවලට යටත්ව එම තීරණය ගෙන ඇත. සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, මේ වනවිට රජයේ රෝහල්වල ඖෂධ 140 ක පමණ හිඟයක් පවතින බවයි. මේ වනවිට ඊට අදාළ ඇණවුම් ලබා දී ඇත. ඉන් ඖෂධ වර්ග 40 ක් පමණ ලබන සතියේ ලැබීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ය. ඒ අනුව ලබන මාසය වනවිට පවතින ඖෂධ හිඟය 75% - 80 % කින් මග හැරෙනු ඇතැයි අමාත්‍යවරයා පැවසුවේ ය.
2023-02-12T02:37:01.000Z
තුර්කි සහන මෙහෙයුම් අතරතුර දේපොළ කොල්ල කෑ 50 ක් අත්අඩංගුවට
තුර්කි සහන මෙහෙයුම් අතරතුර දේපොළ කොල්ලකෑම්
News 1st - තුර්කි භූ කම්පනයේ මුදා ගැනීමේ මෙහෙයුම් අතරතුර දේපොළ කොල්ලකෑම් සම්බන්ධයෙන් පුද්ගලයින් 50 ක් අත්අඩංගුවට ගෙන තිබේ. විදෙස් මාධ්‍ය සඳහන් කළේ, ඔවුන් සන්තකයේ තිබී ගිනි අවි කිහිපයක් ද සොයාගත් බවයි. මුදා ගැනීම් අතරතුර නීති කඩ කරන ඕනෑම කෙනෙකුට දඬුවම් කිරීම සඳහා හදිසි බලතල භාවිත කරන බව තුර්කි ජනාධිපතිවරයා සඳහන් කළේ ය. මේ අතර ආපදාවට ලක් වූ ප්‍රදේශවල පවතින නොසන්සුන්තාව සහ ආහාර සැපයුම පහළ යාම හේතුවෙන් මුදා ගැනීමේ මෙහෙයුම්වලට බාධා එල්ල වී තිබේ. භූ කම්පනයෙන් මියගිය සංඛ්‍යාව 28,000 කට අධිකය. දින කිහිපයක් සුන්බුන් අතර සිර වී සිට මුදාගත් පුද්ගලයින් පිළිබඳව ද තොරතුරු වාර්තා වී තිබේ. ඉන් තුවාල ලැබූ සංඛ්‍යාව 80,000 කට අධිකයි.
2023-02-12T01:34:57.000Z
මෙරට තේ මිල ගණන්වල කැපී පෙනෙන වැඩිවීමක්
මෙරට තේ මිල ගණන්වල කැපී පෙනෙන වැඩිවීමක්
COLOMBO (News 1st) - පසුගිය වසරට සාපේක්ෂව මෙරට තේ මිල ගණන්වල කැපී පෙනෙන වැඩිවීමක් පෙන්නුම් කර තිබේ. ඉකුත් ජනවාරි මාසයේ මෙරට තේ කිලෝග්‍රෑමයක සාමාන්‍ය මිල රු. 1,466.76 ක් ලෙස දැක්විය. එය 2022 ජනවාරි මාසයට සාපේක්ෂව, රු. 704.67 ක වැඩි වීමකි.
2023-02-12T01:17:58.000Z
ඩෙංගු රෝගීන් ශීඝ්‍රයෙන් ඉහළට: වසරේ ගත වූ කාලය තුළ රෝගීන් 11,730 ක් - සෞඛ්‍ය අමාත්‍යාංශය
ඩෙංගු රෝගීන් වාර්තාවීම ශීඝ්‍රයෙන් ඉහළට
COLOMBO (News 1st) - ඩෙංගු රෝගීන් වාර්තාවීම ශීඝ්‍රයෙන් ඉහළ යමින් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ළහිරු කොඩිතුවක්කු මහතා පැවසුවේ, වසරේ ගත වූ කාලසීමාව තුළ ඩෙංගු රෝගීන් 11,730 දෙනෙකු වාර්තා වී ඇති බවයි. වැඩිම රෝගීන් පිරිසක් වාර්තා වන්නේ බස්නාහිර පළාතෙනි. ඊට අමතරව පුත්තලම හා යාපනය දිස්ත්‍රික්කවලින් ද ඩෙංගු රෝගීන් වැඩි වශයෙන් වාර්තා වන බව ළහිරු කොඩිතුවක්කු මහතා සඳහන් කළේ ය.
2023-02-12T01:12:29.000Z
කොහු කර්මාන්ත ශාලාවක ගින්නක්
කොහු කර්මාන්ත ශාලාවක ගින්නක්
COLOMBO (News 1st) - කටාන - දිවුලපිටිය මාර්ගයේ දිසාගෙවත්ත ප්‍රදේශයේ පිහිටි කර්මාන්ත ශාලාවක ගින්නක් හටගෙන තිබේ. මීගමුව ගිනි නිවීම් ඒකකය සඳහන් කළේ, කොහු ආශ්‍රිත නිෂ්පාදන සිදුකරන කර්මාන්ත ශාලාවක ගින්න හටගෙන ඇති බවයි. එය මැඩපැවැත්වීම සඳහා සේවා රථ දෙකක් පිටත්කර යවා ඇත. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත. මේ අතර ඊයේ (11) පස්වරුවේ කොටිකාවත්ත කසළ කන්දේ හටගත් ගින්න පැය 5 ක පමණ කාලයකට පසු මැඩ පවත්වා ඇත. ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඒ සඳහා සේවා රථ 3 ක් යොදාගත් බවයි.
2023-02-12T01:07:02.000Z
වැල්ලවායේ භූ කම්පන පිළිබඳ අදත් ස්ථානීය පරීක්ෂණ
වැල්ලවායේ භූ කම්පන පිළිබඳ අදත් ස්ථානීය පරීක්ෂණ
COLOMBO (News 1st) - වැල්ලවාය ප්‍රදේශයෙන් වාර්තා වූ සුළු භූ කම්පන පිළිබඳ ස්ථානීය පරීක්ෂණ අද (12) දෙවැනි දිනටත් සිදු කෙරේ. ඒ, භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශයේ නිලධාරී කණ්ඩායමක් විසිනි. ඊයේ (11) සහ පෙරේදා (10) වැල්ලවාය, බුත්තල ඇතුළු ප්‍රදේශවලින් භූ කම්පන 3 ක් වාර්තා විය. භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශයේ ජ්‍යෙෂ්ඨ භූ කම්පන විද්‍යාඥ නිල්මිණී තල්දෙන මහත්මිය සඳහන් කළේ, ස්ථානීය පරීක්ෂණ අදින් අවසන් කරන බවයි. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරීන්ගේ සහය ඊට ලැබී ඇතැයි ද ඇය සඳහන් කළා ය. භූ කම්පන සම්බන්ධයෙන් කළ නිරීක්ෂණවල ප්‍රතිඵල ඇතුළත් වාර්තාව හෙට නිකුත් කරන බව නිල්මිණී තල්දෙන මහත්මිය පැවසුවාය.
2023-02-12T01:00:43.000Z
පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාසා ගජේන්ද්‍රන් ඇතුළු පිරිසට ඇප
සෙල්වරාසා ගජේන්ද්‍රන් ඇතුළු පිරිසට ඇප
COLOMBO (News 1st) - අත්අඩංගුවට ගත් දෙමළ ජාතික ජනතා පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාසා ගජේන්ද්‍රන් මහතා ඇතුළු පිරිස ඇප මත මුදා හැර තිබේ. ඒ, එක් අයෙකුට රුපියල් ලක්ෂ තුන බැගින් වූ ශරීර ඇප මතයි. නැවත එවැනි විරෝධතාවල නිරත වුවහොත් ඇප අවලංගු කරන බවට යාපනය මහේස්ත්‍රාත්වරිය එහිදී නියෝග කළා ය. යාපනය බස් නැවතුම්පොළ අසළදී ඔවුන් ඊයේ පස්වරුවේ උද්ඝෝෂණයක නිරත වුණේ, ජනාධිපතිවරයාට විරෝධය පළ කරමිනි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සමග විරෝධතාවයේ නිරත වූ 18 දෙනෙකු එහිදී පොලිස් අත්අඩංගුවට පත්විය.
2023-02-12T00:55:51.000Z
මැතිවරණයට දිගින් දිගටම බාධා.. - මැතිවරණ කොමිසම කියයි
මැතිවරණයට දිගින් දිගටම බාධා..
COLOMBO (News 1st) - පළාත් පාලන මැතිවරණයට බාධා කිරීම් සම්බන්ධ සිදුවීම් 20 කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි. එහි නිලධාරියෙකු සඳහන් කළේ, දේශපාලන අධිකාරිය සහ ඇතැම් කණ්ඩායම්වලින් එම බාධා කිරීම් වාර්තා වී ඇති බවයි. පළාත් පාලන මැතිවරණය ආශ්‍රිතව මෙතෙක් කිසිදු ප්‍රචණ්ඩ ක්‍රියාවක් වාර්තා වී නොමැත. ඊට අදාළ පැමිණිලි භාරගැනීම සඳහා මැතිවරණ කොමිෂන් සභාවේ විශේෂ ඒකකයක් ක්‍රියාත්මක වේ. මේ අතර මැතිවරණයට අදාළ මුදල් වරින්වර හෝ ලබාදීමට පියවර ගන්නා බව මුදල් අමාත්‍යාංශය පවසයි. මේ වනවිට ලබාදී ඇති මුදල රුපියල් මිලියන 100 කි. මේ අතර පළාත් පාලන මැතිවරණයට අදාළ මූලික කටයුතු ආරම්භ කර ඇතැයි තැපැල් දෙපාර්තමේන්තුව පවසයි. නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා සඳහන් කළේ, ලබන 15 වැනි දා තැපැල් ඡන්ද පත්‍රිකා ඇතුළත් රක්ෂිත පැකට්ටු භාරගන්නා බවය.
2023-02-12T00:40:25.000Z
ගෙවුණු දිනය උණුසුම් කළ පුවත්
ගෙවුණු දිනය උණුසුම් කළ පුවත්
1. කොටිකාවත්තේ කසළ කන්දක ගින්නක් - කොටිකාවත්ත ප්‍රාදේශීය සභාව ආසන්නයේ පවතින කසළ කන්දක ගින්නක් හටගෙන තිබේ. 2. සිරස ලක්ෂපති 10 වැනි අදියර නව මුහුණුවරකින් අද සිට: ප්‍රේක්ෂකයින්ටත් ප්‍රශ්නවලට සජීවීව පිළිතුරු දෙන්න App එකක්.. - ලොකු කුඩා කවුරුත් ආදරයෙන් වැළඳගත් සිරස ලක්ෂපති වැඩසටහනේ 10 වැනි අදියර ඊයේ (11) සිට සෑම සති අන්තයකම රාත්‍රී 7.30 සිට නිවසේ සිටින ඔබට නැරඹීමේ අවස්ථාව හිමිවනු ඇත. 3. මහ කන්නයේ වී මිලදී ගැනීමට රු. බිලියන 10 ක් දිස්ත්‍රික් ලේකම්වරුන්ට දෙන්න කැබිනට් අනුමැතිය - මහ කන්නයේ වී මිලදී ගැනීම සඳහා රුපියල් බිලියන 10 ක් දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත මුදාහැරීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබේ. 4. විරෝධතාවක් අතරතුරදී පාර්ලිමේන්තු මන්ත්‍රී සේලවරාසා ගජේන්ද්‍රන් අත්අඩංගුවට - පාර්ලිමේන්තු මන්ත්‍රී සේලවරාසා ගජේන්ද්‍රන් මහතා ඇතුළු කිහිපදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. 5. කල්පිටිය කන්දකුලිය කුඩාව වෙරළට තල්මසුන් ගොඩ ගසයි: 03ක් මරුට - කල්පිටිය, කන්දකුලිය කුඩාව වෙරළ තීරයට තල්මසුන් 14 දෙනෙකු ඊයේ (11) අලුයම ගොඩ ගසා තිබේ.
2023-02-11T15:58:09.000Z
කොටිකාවත්තේ කසළ කන්දක ගින්නක්
කොටිකාවත්තේ කසළ කන්දක ගින්නක්
COLOMBO (News 1st) - කොටිකාවත්ත ප්‍රාදේශීය සභාව ආසන්නයේ පවතින කසළ කන්දක ගින්නක් හටගෙන තිබේ. කොළඹ ගිනි නිවීම් ඒකකය සඳහන් කළේ, ගින්න මැඩ පැවැත්වීම සඳහා සේවා රථ 3 ක් පිටත්කර යවා ඇති බවයි. ඉන් කිසිදු ජීවිත හානියක් සිදුව නැත.