date
stringlengths 24
24
| title
stringlengths 0
176
| short_title
stringlengths 10
69
| content
stringlengths 0
19.7k
|
---|---|---|---|
2023-02-05T16:15:12.000Z | පොලීසියේ මැතිවරණ වියදම් ඇස්තමේන්තුව 06 ගුණයකින් ඉහළ ගියේ කොහොමද? | 06 ගුණයකින් ඉහළ ගිය පොලිස් ඇස්තමේන්තුව | COLOMBO ( News 1st ) - එළැඹෙන පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා පොලිස් දෙපාර්තමේන්තුව ඉදිරිපත් කර ඇති ඇස්තමේන්තුව 2018 වර්ෂයේ ඇස්තමේන්තුගත මුදලට වඩා හය ගුණයක් වැඩි බව සන්ඩේ ටයිම්ස් වාර්තා කර තිබේ. අදාළ වාර්තාවේ දැක්වෙන්නේ, ඇස්තමේන්තු කරන ලද විශාල වියදමට එරෙහිව මහා භාණ්ඩාගාරයට විරෝධතා ගොනු කිරීමට මැතිවරණ කොමිසම සූදානම් වන බව ය. පොලිස් දෙපාර්තමේන්තුව විසින් අසාමාන්‍ය මිල අධික ඇස්තමේන්තුවක් ඉදිරිපත් කිරීම පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයට ද කරුණු දැක්වීමට මැතිවරණ කොමිසම සූදානම් වන බව එම වාර්තාවේ සඳහන් වේ. |
2023-02-05T13:50:22.000Z | පැලවත්තේ කෝටිපති ව්‍යාපාරිකයාගේ මරණයට සැක යුවළ කොටුවෙයි: තරුණයාට 27යි, තරුණියට 24යි.. | ව්‍යාපාරිකයාගේ මරණයට සැක යුවළ කොටුවෙයි.. | COLOMBO ( News 1st ) - පැලවත්ත ප්‍රදේශයේ නිවසක තිබී හමුවු කෝටිපති ව්‍යාපාරිකයාගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට යුවළක් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිතීඥ නිහාල් තල්දූව මහතා පැවසුවේ, 27 හැවිරිදි තරුණයෙක් සහ අවුරුදු 24 ක තරුණියක් එලෙස අත්අඩංගුවට ගත් බවයි. කඳාන පොලීසිය කඩවත ප්‍රදේශයේ කළ වැටලීමක දී සැකකරු අත්අඩංගුවට ගත් අතර සැකකාරිය අත්අඩංගුවට ගැණුනේ කොළඹ අපරාධ කොට්ටාසය කළ වැටලීමකදීයි. මේ අතර අදාළ ව්‍යාපාරිකයාගේ මළ සිරුර ඔහුගේ ඥාතීන් මෙතෙක් හඳුනා ගෙන නොමැති බව පොලීසිය පැවසීය. කෙසේ වෙතත් මරණ පරීක්ෂණය හෙට (06) සිදු කිරීමට නියමිතයි. ව්‍යාපාරිකයාට අයත් මෝටර් රථය මීගමුව ප්‍රදේශයේ දමා ගොස් තිබිය දී පසුගියදා සොයා ගැණුන අතර මෙම ව්‍යාපාරිකයාගේ සිරුර පසුගිය දෙවැනිදා සොයා ගැණුනේ, පැලවත්ත ප්‍රදේශයේ ඔහුට අයත් නිවසක පිහිනුම් තටාකයේ තිබියදී ය. මෙලෙස මියගොස් ඇත්තේ, ප්‍රකට නිමි ඇඳුම් අලෙවිසැල් ජාලයක හිමිකරුවෙකු වූ රොෂාන් වන්නිනායක මහතා බව පොලීසිය මීට පෙර ප්‍රකාශ කළ අතර පසුගිය 30 වෙනිදා සිට ඔහු අතුරුදන්ව ඇති අතර ඔහුගේ නැගණිය ඒ පිළිබදව පොලීසියට ද පැමිණිල්ලක් කර තිබුණි. මේ අතර ව්‍යාපාරිකයාගේ ක්‍රෙඩිට් කාඩ්පත් භාවිත කර ගුවන් ටිකට්පත් දෙකක් වෙන්කරවාගෙන ඇති බවට ද මීට පෙර තොරතුරු අනාවරණය වී තිබුණි. |
2023-02-05T13:48:51.000Z | ගංගාරාම විහාරස්ථානයේ නවම් මහා පෙරහැර ඇරඹෙයි.. | ගංගාරාම නවම් පෙරහැර ඇරඹෙයි.. | COLOMBO ( News 1st ) - ගංගාරාම විහාරස්ථානයේ නවම් මහා පෙරහැර ආරම්භ කෙරිණි. ඒ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි. |
2023-02-05T13:39:23.000Z | එකම පවුලේ පියා, දුව සහ ඥාති පුත්‍රයෙකු දියේ ගිලීමෙන් මරුට.. | දියේ ගිලීමෙන් තිදෙනෙකු මරුට.. | COLOMBO ( News 1st ) - හලාවත, මෝයකට ආසන්නයේ දිය නෑමට ගිය එකම පවුලේ දෙදෙනෙකු හා ඥාති පුත්‍රයෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබේ . පොලීසිය සඳහන් කළේ 35 හැවිරිදි වියේ පසු වූ පියා, අවුරුදු 6 ක දියණිය සහ අවුරුදු 7 ඥාති පුත්‍රයෙකු එලෙස මියගොස් ඇති බව ය. මීගමුව ප්‍රදේශයේ පදිංචි මෙම පිරිස හලාවත ඥාති නිවසකට පැමිණ ඇත. එහිදී ඔවුන් 9 දෙනෙකු සමග යාත්‍රාවකින් මෝයකට ආසන්නයට පැමිණ ඇත්තේ දිය නෑම සඳහායි. පිරිස දිය නාමින් සිටි අවස්ථාවේ රළ පහරකට හසුවීමෙන් ඔවුන් අනතුරට ලක්ව ඇතැයි, පොලීසිය පවසයි. සිද්ධියට මුහුණ දුන් තවත් කාන්තාවක් සහ දරුවෙක් රෝහල්ගත කර ඇති බව ද පොලීසිය සඳහන් කළේය. |
2023-02-05T11:55:22.000Z | පැලවත්තේ නිවසකදී ව්‍යාපාරිකයෙකු ඝාතනය කිරීමට සැක යුවළ හඳුනා ගැනේ: රටින් පිටවී නැතැයි අනාවරණයක්.. | ව්‍යාපාරික රොෂාන් ඝාතනයට සැක යුවළ හඳුනා ගනියි.. | COLOMBO ( News 1st ) - බත්තරමුල්ල, පැලවත්තේ නිවසකදී ව්‍යාපාරිකයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැක කෙරෙන යුවළ හඳුනා ගෙන ඇති බව පොලීසිය සඳහන් කරයි. පොලීසිය සඳහන් කළේ, එම යුවළ රටින් පිට වී නැති බවයි. පැලවත්ත ප්‍රදේශයේ තෙමහල් නිවසක පිහිනුම් තටාකයේ පාවෙමින් තිබියදී කොළඹ නිමි ඇඳුම් සාප්පු ජාලයක හිමිකරු වූ රොෂාන් වන්නිනායක මහතාගේ සිරුර හමුවිය. එම මහතාගේ මෝටර් රථය ද පසුගිය දා පොලිසිය විසින් සොයාගනු ලැබිණ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතීඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේ, මෝටර් රථය රැගෙන ගිය අය එය කාර්මික දෝෂයකට ලක්ව ඇති බවට වාහන නඩත්තු ආයතනයකට දන්වා එය මහ මග දමා ගොස් ඇති බවයි. අදාළ නඩත්තු සේවා ආයතනය එම මෝටර් රථය රැගෙන ගොස් තිබියදී පොලිසිය සොයාගෙන තිබිණ. ව්‍යාපාරිකයාගේ හිසට පහරදී ඝාතනය කර අනතුරුව සිරුර ඇදගෙන විත් පිහිනුම් තටාකයට දමා ඇතැයි සිදු කළ මූලික විමර්ශනවලට අනුව සැක පළ කරයි. |
2023-02-05T11:37:04.000Z | 75 වන නිදහස් සැමරුමට සමගාමීව ඉන්දියාවෙන් දෙන බස් රථ 500න් තවත් බස් රථ 50ක් සංකේතාත්මක ජනපතිට භාර දෙයි | ඉන්දියාවෙන් තවත් බස් රථ 50ක් භාරදෙයි | COLOMBO ( News 1st ) - 75 වන නිදහස් සැමරුමට සමගාමීව මෙරට ග්‍රාමීය ප්‍රදේශවල පොදු ප්‍රවාහන සේවාව වඩාත් ශක්තිමත් කිරීම උදෙසා ඉන්දීය රජය විසින් මෙරටට ලබාදීමට නියමිත බස් රථ 500 අතරින් තවත් බස් රථ 50ක් අද (05) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සංකේතාත්මකව භාර දෙනු ලැබිණි. ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා ඊට අදාළ ලේඛන ජනාධිපතිවරයා වෙත පිළිගැන්විය. පීත්ත පටි කපා බස් රථ දෙකක් විවෘත කළ ජනාධිපතිවරයා ඒවා නිරීක්ෂණය කිරීමට ද එක් විය. ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඉන්දීය රජයෙන් කරන ලද ඉල්ලීමකට අනුව 75 වන ජාතික නිදහස් සැමරුමට සමගාමීව මෙම බස් රථ ලබාදීමේ වැඩසටහන ක්‍රියාවට නැංවිණි. එහි පළමු තොගය ලෙස බස් රථ 75ක් පසුගියදා ශ්‍රී ලංකා රජය වෙත භාර දෙනු ලැබීය. තවත් බස් රථ 40ක ලියාපදිංචි කටයුතු මේ වනවිට සිදු වෙමින් පවති. ඒ අනුව බස් රථ 165 ක් මේ වන විට ශ්‍රී ලංකාවට ලබාදී ඇති අතර 2023 මාර්තු අවසන් වන විට බස් රථ 500 ලබාදීමේ ව්‍යාපෘතිය සම්පුර්ණ කිරීමට නියමිතය. ග්‍රාමීය ජනතාවගේ ප්‍රවාහන අවශ්‍යතා සපුරාලීම උදෙසා දිවයින පුරා සියලුම ඩිපෝ හරහා මෙම බස් රථ ධාවනයේ යෙදවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දුන්නේය. ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම, පාර්ලිමේන්තු මන්ත්‍රිනි රාධිකා වික්‍රමසිංහ, මුදිතා ප්‍රිශාන්ති යන මහත්ම මහත්මීහු සහ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සභාපති, ජාතික ප්‍රවාහන කොමිසමේ සභාපති ඇතුළු නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ. |
2023-02-05T10:01:50.000Z | දකුණු සුඩානයේ අවතැන් ළමුන් හමුවට ආ පාප් වහන්සේ.. | දකුණු සුඩානයේ අවතැන් ළමුන් හමුවට ආ පාප් වහන්සේ.. | COLOMBO ( News 1st ) - ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ දකුණු සුඩානයේ අවතැන් වූ ළමුන් හමු වී තිබේ. උන්වහන්සේ ඉතිහාසයට එක්වන්නේ, අවතැන් වූ ළමුන් හමුවීමට දකුණු සුඩානයට පැමිණි පාප් වහන්සේ ලෙස ය. වාර්ගික වෛරය වෙනුවට සමාව දීමෙන් ලොව තුළ යහපත් අනාගතයක් ගොඩනගන බව එහිදී පාප් වහන්සේ අවධාරණය කළ බව විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වේ. |
2023-02-05T07:31:32.000Z | පළාත් පාලන මැතිවරණයට අවශ්‍ය මුදල් නිකුත් කිරීම ඉතා අසීරුයි - රජයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් කියයි.. | පුංචි ඡන්දයට මුදල් නිකුත් කිරීම ඉතා අසීරුයි.. | COLOMBO (News 1st) - පළාත් පාලන මැතිවරණය සඳහා අවශ්‍ය මුදල් නිකුත් කිරීම ඉතා අසීරු බව, රජයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ ය. ඔහු අනාවරණය කළේ, මහා භාණ්ඩාගාරය සතුව ප්‍රමාණවත් මුදල් නොමැති බවය. මේ වනවිට සෞඛ්‍ය ඇතුළු සෑම ක්ෂේත්‍රයකම පවතින මුදල් අර්බුදය, දැඩිව බලපා ඇතැයි ද අදාල ප්‍රකාශකයා සඳහන් කළේ ය. කෙසේ වෙතත්, ඔහු පැවසුවේ හැකි සෑම අවස්ථාවකදීම අවශ්‍යතාව මත මුදල් නිකුත් කිරීමට සියලු ක්‍රියාමාර්ග ගන්නා බවය. අප මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතාගෙන් විමසීමක් සිදුකළ අතර ඔහු සඳහන් කළේ, පළාත් පාලන මැතිවරණය ව්‍යවස්ථාපිත වගකීමක් බැවින් කඩින් කඩ හෝ මුදල් ලබාදෙන බවට, මුදල් අමාත්‍යංශය මීට පෙර සඳහන් කළ බවයි. ඒ අනුව කටයුතු කරනු ඇතැයි කොමිසමේ විශ්වාසය බව, සමන් ශ්‍රී රත්නායක මහතා වැඩිදුරටත් සඳහන් කළේ ය. මේ අතර මැතිවරණයට මුදල් නොමැති බව දන්වා කිසිදු යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකරන බව, මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, අද (05) පෙරවරුවේ රුවන්වැල්ලේ පැවති වැඩසටහනකදී මාධ්‍යවේදී නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. |
2023-02-05T07:15:32.000Z | පකිස්ථානයේ හිටපු ජනපති පර්වේස් මුෂාරෆ් අභාවප්‍රාප්ත වෙයි | පර්වේස් මුෂාරෆ් අභාවප්‍රාප්ත වෙයි.. | COLOMBO (News 1st) - පකිස්ථානයේ හිටපු ජනාධිපතිවරයෙකු වූ පර්වේස් මුෂාරෆ් මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මිය යන විට ඔහුගේ වයස අවුරුදු 79කි. පකිස්ථාන හමුදා ජෙනරාල්වරයෙකු වූ ඔහු, හමුදා කුමන්ත්‍රණයක් හරහා පකිස්ථානයේ බලයට පත්විය. ඒ 1999 වසරේදීය. |
2023-02-05T06:14:25.000Z | ලිට්‍රෝ ගෑස් මිල ඉහළට.. | ලිට්‍රෝ ගෑස් මිල ඉහළට.. | COLOMBO (News 1st) - අද (05) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෑස් මිල ඉහළ දැමීමට ලිට්‍රෝ සමාගම තීරණය කර තිබේ. ඒ අනුව නව මිල ගණන් මෙසේය. කිලෝග්‍රෑම් 12.5 - වැඩි කළ මිල රු. 334 / නව මිල රු. 4,743 කිලෝග්‍රෑම් 5 - වැඩි කළ මිල රු. 134 / නව මිල රු. 1,904 කිලෝග්‍රෑම් 2.3 - වැඩි කළ මිල රු. 61 / නව මිල රු. 883 |
2023-02-05T02:58:34.000Z | චීනයේ නිරීක්ෂන බැලූනයකට අමෙරිකාවෙන් මිසයිල ප්‍රහාරයක්... | චීනයේ බැලූනකට මිසයිල ප්‍රහාරයක් | COLOMBO (News 1at) - අමෙරිකාවට ඉහළ අහසේ පියාසර කරමින් තිබූ චීනයට අයත් ගවේශන බැලූනය මිසයිල ප්‍රහාරයකින් විනාශ කොට තිබේ. ඒ දකුණු කැරොලිනා ප්‍රාන්තයට ඉහළින් වූ ගුවන් කලාපයේදී. ජනාධිපති ජෝ බයිඩ්න්ගේ නියෝගයකට අනුව එය විනාශ කළ බව විදෙස් මාධ්‍ය සඳහන් කළේ ය. අදාළ මෙහෙයුම සඳහා එම ප්‍රදේශයේ ගුවන් තොටුපළ තුනක් වසා දැමීමට සිදු වූ බව ද, විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් වේ. එරට අරක්ෂක අංශ සඳහන් කළේ, මිසයිල ප්‍රහාරය දියත් කිරීම සඳහා F 22 වර්ගයේ ප්‍රහාරක ජෙට් යානාවක් යොදාගත් බවයි. විනාශ වූ බැලුනයේ සුන්බුන්,අසළ පිහිටි මුහුදට පතිත වී තිබේ. කිලෝමීටර් 11ක් පුරා පැතිරුනු සුන්බුන් ඉවත් කිරීමේ කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මකයි. |
2023-02-05T02:20:15.000Z | පළාත් පාලන ආයතනවල නියෝජිතයින් සංඛ්‍යාව අඩු කරන්න සැලසුම් - සීමා නිර්ණ ජාතික කමිටුව | පළාත් පාලන නියෝජිතයින් සීමාවන ලකුණු... | COLOMBO (News 1st) - පළාත් පාලන ආයතනවල මහජන නියෝජිත සංඛ්‍යාව 5,100 ක් දක්වා අඩු කිරීමට සැලසුම් කරමින් ඇතැයි, සීමා නිර්ණ ජාතික කමිටුව පවසයි. මේ වන විට පළාත් පාලන ආයතනවල සිටින මහජන නියෝජිතයින් සංඛ්‍යාව 8,000 කට අධිකයි. කමිටුව මේ වනවිට දිස්ත්‍රික් මට්ටමින් ලබාගත් යෝජනා , විවිධ පාර්ශ්ව ඉදිරිපත් කළ යෝජනා සහ සිය කමිටුවේ යෝජනා සමාලෝචනය කරමින් දිස්ත්‍රික් මට්ටමේ සීමා නිර්ණ කටයුතු පිළිබඳ අවසන් තීරණයක් ගන්නා බව, සීමානිර්ණ ජාතික කමිටුවේ සභාපති, මහින්ද දේශප්‍රිය මහතා පැවසුවේ ය. මේ වන විට කොළඹ, ගම්පහ ,කළුතර ඇතුළු දිස්ත්‍රික්ක 13ක ගමන් කරමින් සිය වාර්තාව සඳහා අවශ්‍ය, අවසන් යෝජනාව ලබා ගෙන ඇතැයි ද ඔහු වැඩි දුරටත් පැවසුවේ ය. ඔහු වැඩි දුරටත් කියා සිටියේ පොලොන්නරුව ,මහනුවර, නුවරඑළිය ඇතුළු දිස්ත්‍රිකක් 12ක යෝජනා ඉදිරියේදී අවසන් වශයෙන් ලබා ගැනීමට නියමිත බවයි. මාර්තු අවසානය වන විට සිය අවසන් වාර්තාව භාර දීමට අපේක්ෂා කරන බව මහින්ද දේශප්‍රිය මහතා පැවසුවේ ය. |
2023-02-05T01:57:46.000Z | ග්‍රාමීය ප්‍රදේශවල ඩිපෝ සඳහා නව බස් රථ 150ක්.. | ග්‍රාමීය ප්‍රදේශවල ඩිපෝ සඳහා නව බස් රථ 150ක්.. | COLOMBO (News 1st) - ලංකා ගමනාගමන මණ්ඩලය මගින් නව බස් රථ 150 ක් ග්‍රාමීය ඩිපෝ සඳහා ලබාදීම අද (05) සිදු කිරීමට නියමිත ය. ඒ, ජාතික නිදහස් දිනයට සමගාමීවයි. ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී, පණ්ඩුක ස්වර්ණහංස මහතා සඳහන් කළේ, ඉන්දීය ආධාර යටතේ අදාල බස් රථ මෙරටට ලැබී ඇති බවයි. |
2023-02-05T01:53:27.000Z | මරදානේ සත්‍යග්‍රහයට එල්ල වූ ප්‍රහාරය ගැන විශේෂ විමර්ශනයක් | සත්‍යග්‍රහයට එල්ල වූ ප්‍රහාරය ගැන පරීක්ෂණයක් | COLOMBO (News 1st) - මරදාන,එල්ෆිස්ටන් රඟහල ආසන්නයේ පැවති,නිදහස - සාමාකාමි සත්‍යග්‍රහයට ජල සහ කදුළු ගෑස් ප්‍රහාර එල්ල කර විසුරුවා හැරීම සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කළ බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම පවසයි. මානව හිමිකම් කොමිසම සඳහන් කළේ, අදාළ සිදුවීම වූ දිනයේ සහ ඊට පසුදින සිය නිරීක්ෂණ කණ්ඩායමක් එම ස්ථානයට ගොස් මූලික විමර්ශන ආරම්භ කළ බවයි. ඒ පිළිබඳ මූලික වාර්තාවක්, හෙට (06) දිනයේදි මානව හිමිකම් කොමිසමට භාරදීමට නියමිතව තිබේ. මානව හිමිකම් කොමිසම පැවසුවේ, ඒම මූලික විමර්ශන වාර්තාව මත පදනම්ව ඉදිරි විමර්ශන ක්‍රියාත්මක කෙරෙන බවයි. සමාජ ක්‍රියාකාරීන් සහ සිවිල් සංවිධාන නියෝජිතයින් ඇතුළු පිරිසක් පසුගිය සිකුරාදා පස්වරුවේ එම සත්‍යග්‍රහය ආරම්භ කළේ, විශාල වියදමක් දරමින් 75 වැනි නිදහස් දිනය සැමරීමට විරෝධය පළ කරමිනි. පසුව එම ස්ථානයට පැමිණි පිරිසක් සත්‍යග්‍රහයේ නිරත පිරිස සමග නොසන්සුන්තාවක් ඇතිකර ගැනීමට උත්සාහ කළේ ය. සත්‍යග්‍රයේ නිරත පිරිස විසුරුවා හැරීමට පොලීසිය පෙරේදා(03) රාත්‍රියේ කටයුතු කළේ, ඉන් අනතුරුවයි. ඒ, ජල හා කඳුලු ගෑස් ප්‍රහාර එල්ල කරමිනි. විරෝධාතාව අතරතුර අත්අඩංගුවට ගත් කාන්තාවක් ඇතුළු 03 දෙනෙකුට ඊයේ (04) පස්වරුවේ ඇප හිමිවිය. ඒ, මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. |
2023-02-05T00:52:56.000Z | ගෙවුණු දිනය උණුසුම් කළ පුවත් | ගෙවුණු දිනය උණුසුම් කළ පුවත් | COLOMBO (News 1st) - දේශීය පුවත් 01.2048 වනවිට සංවර්ධිත දේශයක් බිහි කිරීම මාගේ අපේක්ෂාවයි - ජනපති 2048 වනවිට සංවර්ධිත දේශයක් බිහි කිරීම තම අපේක්ෂාව බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. 02.පුංචි ඡන්දයේ පෙබරවාරි මාසයේ වියදම් වෙනුවෙන් රු. මිලියන 770ක් ඉල්ලා මැතිවරණ කොමිසමෙන් මුදල් අමාත්‍යාංශ ලේකම්ට ලිපියක් පළාත් පාලන මැතිවරණයේ පෙබරවාරි මාසයට අදාළ කාර්යයන් සඳහා රුපියල් මිලියන 770 ක් ඉල්ලා මැතිවරණ කොමිසම මුදල් අමාත්‍යාංශය වෙත ලිපියක් යොමු කර තිබේ. 03. 75 වසරකට පසු සැබෑ වූ හෙංගමුව ජනතාවගේ පිරිසිදු ජල බිඳුවක බලාපොරොත්තුව.. කුරුණෑගල දිස්ත්‍රික්කයේ පිහිටි හෙංගමුව සුන්දර ගම්මානයට අද(04) නිදහසේ අරුනළු උදා වුණේ, අලුත් බලාපොරොත්තුවක් සමගින්. 04.ගල් අඟුරු ගන්න සල්ලි දෙන්න - ගල් අඟුරු සමාගමෙන් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයට ලිපියක් ගල් අඟුරු සඳහා ගෙවීමට මුදල් දෙන්නැයි, ලංකා ගල් අඟුරු සමාගම විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයෙන් ඉල්ලා තිබේ. 05.මහජන උපයෝගීතා කොමිසමට නව සාමාජිකයෙක් පත් කෙරේ.. මහජන උපයෝගීතා කොමිසමට (PUCSL) නව සාමාජිකයෙකු ලෙස ඩග්ලස් නානායක්කාර මහතා පත් කර තිබේ. විදෙස් පුවත් 01.සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ෂහීන් ශාහ් අෆ්රිඩි ෂහීඩ් අෆ්රිඩිගේ දියණිය අන්ෂා සමග යුග දිවියට.. පකිස්ථානු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ෂහීන් ශාහ් අෆ්රිඩි, හිටපු පකිස්ථානු සුපිරි ක්‍රීඩක ෂහීඩ් අෆ්රිඩිගේ දියණිය 'අන්ෂා' සමග ඊයේ (04) යුග දිවියට එළඹ තිබේ. ක්‍රීඩා පුවත් 01.එංගලන්ත ලයන්ස් සහ ශ්‍රී ලංකා A පළමු සිව්දින තරගය ජය පැරදුමෙන් තොරව අවසන්: නිශාන් මධුෂ්කගෙන් විශිෂ්ට ද්විතව ශතකයක් සංචාරක එංගලන්ත ලයන්ස් සහ ශ්‍රී ලංකා A කණ්ඩායම් අතර පළමු සිව්දින ක්‍රිකට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය. |
2023-02-04T16:35:23.000Z | ගල් අඟුරු ගන්න සල්ලි දෙන්න - ගල් අඟුරු සමාගමෙන් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයට ලිපියක් | ගල් අඟුරු ගන්න සල්ලි දෙන්න. | COLOMBO ( News 1st ) - ගල් අඟුරු සඳහා ගෙවීමට මුදල් දෙන්නැයි, ලංකා ගල් අඟුරු සමාගම විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයෙන් ඉල්ලා තිබේ. ලංකා ගල් අඟුරු සමාගමේ සභාපතිවරයා විෂය භාර අමාත්‍යවරයාට ලිපියක් යොමු කරමින් මෙම ඉල්ලීම සිදු කර ඇති අතර අදාළ ලිපියෙන් සභාපතිවරයා ඩොලර් මිලියන 12.2 ක මුදලක් ඉල්ලුම් කර තිබේ. ඒ සම්බන්ධයෙන් අදහස් පළ කළ ලංකා ගල් අඟුරු සමාගමේ සභාපති ශෙහාන් සුමනසේකර මහතා කියා සිටියේ,2022 - 2023 සඳහා අවැසි ගල්අඟුරු නෞකා 33 ක් ගෙන ඒමේ වැඩසටහන යටතේ මේ වන විට ගල් අඟුරු නෞකා 33න් නෞකා 11 ක් සම්පූර්ණයෙන්ම ගොඩ බා අවසන් බවත්,සාමාන්‍ය ක්‍රමවේදය යටතේ ගල් අඟුරු ඇනවුම් කිරීමේ දී අදාළ සැපයුම්කරුවන්ට ගල් අඟුරු නැව් ගත කිරීමේදී 30%ක මුදලක් ද,ඉතිරි 70%ක ගෙවීම් මුදල ගල් අඟුරු තොග ගොඩ බෑමෙන් පසුව සිදු කෙරෙන බවය. |
2023-02-04T14:13:28.000Z | 2048 වනවිට සංවර්ධිත දේශයක් බිහි කිරීම මාගේ අපේක්ෂාවයි - ජනපති | 2048දී සංවර්ධිත රටක් බිහි කිරීම මාගේ අපේක්ෂාවයි | COLOMBO ( News 1st ) - 2048 වනවිට සංවර්ධිත දේශයක් බිහි කිරීම තම අපේක්ෂාව බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, අදට යෙදී ඇති 75වැනි නිදහස් දිනය නිමිත්තෙන් ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කරමිනි. |
2023-02-04T12:16:09.000Z | පුංචි ඡන්දයේ පෙබරවාරි මාසයේ වියදම් වෙනුවෙන් රු. මිලියන 770ක් ඉල්ලා මැතිවරණ කොමිසමෙන් මුදල් අමාත්‍යාංශ ලේකම්ට ලිපියක් | මැතිවරණ කොමිසමෙන් මුදල් අමාත්‍යාංශ ලේකම්ට ලිපියක් | COLOMBO ( News 1st ) - පළාත් පාලන මැතිවරණයේ පෙබරවාරි මාසයට අදාළ කාර්යයන් සඳහා රුපියල් මිලියන 770 ක් ඉල්ලා මැතිවරණ කොමිසම මුදල් අමාත්‍යාංශය වෙත ලිපියක් යොමු කර තිබේ. එහි සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා සඳහන් කළේ, අදාළ ලිපිය මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට යොමු කළ බව ය. මැතිවරණ වියදම් වෙනුවෙන් මුදල් අමාත්‍යාංශයට මීට පෙර යොමු කළ ඉල්ලීම් වලට අදාළව මුදල් නිකුත් කළ බව ද, සභාපතිවරයා ප්‍රකාශ කළේ ය. පළාත් පාලන මැතිවරණය සඳහා රුපියල් බිලියන 10ක මුදලක් වැයවනු ඇතැයි, ඇස්තමේන්තු කර ඇති අතර, එම මුදල මෙවර අයවැයෙන් වෙන් කිරීමට පසුගියදා පාර්ලිමේන්තුවේ දී අනුමැතිය හිමි විය. |
2023-02-04T11:54:50.000Z | මහජන උපයෝගීතා කොමිසමට නව සාමාජිකයෙක් පත් කෙරේ.. | මහජන උපයෝගීතා කොමිසමට නව සාමාජිකයෙක් | COLOMBO ( News 1st ) - මහජන උපයෝගීතා කොමිසමට (PUCSL) නව සාමාජිකයෙකු ලෙස ඩග්ලස් නානායක්කාර මහතා පත් කර තිබේ. ඒ, ජනාධිපතිවරයාගේ නිර්දේශ මත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසිනි. මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසුවේ, නව පත්කිරීමත් සමග කොමිසමේ ඝන පූර්ණය සම්බන්ධයෙන් කිසිදු ගැටළුවක් මතු නොවන බව ය. මොහාන් සමරනායක සහ උදේනි වික්‍රමසිංහ යන මහත්වරුන් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසමේ සාමාජිකත්වයන් ඉල්ලා අස් වූයේ, ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමිනි. ඉල්ලා අස්වීමට හේතු කිහිපයක් සඳහන් කරමින්, ඔවුන් සිය ඉල්ලා අස්විමේ ලිපිය ජනාධිපතිවරයා ඇතුළු බලධාරීන්ට යොමු කර තිබුණි. මේ අතර, දෛනික විදුලිය කප්පාදුවට සිය අනුමැතිය මෙතෙක් ලබා දී නැතැයි, මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය. කෙසේ වෙතත්, ඊයේ (03) සිට යළි විදුලිය කප්පාදු කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය පියවර ගෙන තිබුණි. අප කළ විමසීමක දී විදුලිබල මණ්ඩලය පැවසුවේ අද (04) සිට ලබන 06 වැනිදා දක්වා පැය 2 විනාඩි 20 ක විදුලි කප්පාදුවක් සඳහා මහජන උපයෝගීතා කොමිසමෙන් අවසර ඉල්ලා ඇති බව ය. |
2023-02-04T11:45:53.000Z | සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ෂහීන් ශාහ් අෆ්රිඩි ෂහීඩ් අෆ්රිඩිගේ දියණිය අන්ෂා සමග යුග දිවියට.. | ෂහීන් ශාහ් අෆ්රිඩිගේ සුපිරි විවාහ මංගල්‍යය | COLOMBO ( News 1st ) - පකිස්ථානු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ෂහීන් ශාහ් අෆ්රිඩි, හිටපු පකිස්ථානු සුපිරි ක්‍රීඩක ෂහීඩ් අෆ්රිඩිගේ දියණිය 'අන්ෂා' සමග අද(04) යුග දිවියට එළඹ තිබේ. ඔවුන්ගේ විවාහ උත්සවය පකිස්ථානයේ කරච්චිහීදී පැවැත්විය. ඔහුගේ මංගල උත්සවයට පකිස්ථාන ක්‍රිකට් ක්‍රීඩකයින් ඇතුළු සුවිශාල ආරාධිතයින් පිරිසක් එක්ව සිටියහ. ඒ අනුව ෂඩාබ් ඛාන්, බාබර් අසාම්, ෆ'කාර් සමාන් සහ සර්ෆර්රාස් අහමඩ් ඇතුළු පිරිසක් මෙම උත්සවයේ දී දක්නට ලැබුණි. ෂහීන් ශාහ් අෆ්රිඩි සහ අන්ෂාගේ විවාහ ගිවිස ගැනීම සිදුව තිබුණේ පසුගිය වසරේ දී ය. සිය දියණියගේ විවාහ මංගල්‍යයට සුබ පතමින් හිටපු පකිස්ථානු සුපිරි ක්‍රීඩක ෂහීඩ් අෆ්රිඩි සිය ට්විටර් ගිණුමේද සටහනක් තබා තිබේ. '' දියණියක් ඔබේ ගෙවත්තේ පිපෙන මලක් වන්නේ ඇය ආශීර්වාද මැද පිපෙනා බැවිනි. සිනහව රැඳුණු, සිහින දකින මෙන්ම ආදරය පිරි මාගේ දියණියගේ මාපියන් වශයෙන් ෂාහීන් අෆ්රිඩි වෙත බාර දුන් බවත්, එම දෙපළ වෙත සුබ පැතුම් එක් කරන බවත්'' අදාළ සටහනෙහි සඳහන් විය. |
2023-02-04T03:10:16.000Z | වසන්ත මුදලිගේ සහ ගල්වැව සිරිධම්ම හිමියන් ඇතුළු පිරිසකට එරෙහිව අධිකරණ නියෝගයක් | අන්තරේට අධිකරණ නියෝගයක්.. | COLOMBO ( News 1st ) - මහජන පීඩාවක් ඇතිවන අයුරින් පෙළපාලී සහ උද්ඝෝෂණ වළක්වමින් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩල කැඳවුම්කරු, වසන්ත මුදලිගේ ඇතුළු පිරිසකට එරෙහිව අධිකරණ නියෝගයක් නිකුත් කර තිබේ. ඒ, මිරිහාන මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට කළ කරුණු දැක්වීමක් සලකා බලමිනි. එම නියෝගය නිකුත් කළ සෙසු පිරිස අතර, අන්තර් විශ්වවිද්‍යාල භික්ෂූ බල මණ්ඩලයේ කැඳවුම්කරු පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමියන් ද ඇතුළත්ය. කෙසේ වෙතත්, සාමකාමී උද්ඝෝෂණ පැවැත්වීමට එම නියෝගයෙන් බාධාවක් නොවන බව ද දැක්වේ. |
2023-02-04T05:21:23.000Z | එංගලන්ත ලයන්ස් සහ ශ්‍රී ලංකා A පළමු සිව්දින තරගය ජය පැරදුමෙන් තොරව අවසන්: නිශාන් මධුෂ්කගෙන් විශිෂ්ට ද්විතව ශතකයක් | නිශාන් මධුෂ්කගෙන් විශිෂ්ට ද්විත්ව ශතකයක් | COLOMBO ( News 1st ) – සංචාරක එංගලන්ත ලයන්ස් සහ ශ්‍රී ලංකා A කණ්ඩායම් අතර පළමු සිව්දින ක්‍රිකට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය. ගාල්ල අන්තර් ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති තරගයේ කාසියේ වාසියේ හිමි කරගෙන පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා A කණ්ඩායම සිය පළමු ඉනිමට සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 136 කි. පිළිතුරු ලෙස එංගලන්ත ලයන්ස් ක්‍රීඩකයන් පළමු ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 467 ක් රැස් කළේ ය. ඒ අනුව සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා ඒ කණ්ඩායම කඩුලු 9 ක් දැවී ලකුණු 663 ක් රැස් කරගෙන සිටියදී ඉනිම අත්හිටුවිය. විශිෂ්ට පිතිහරඹයක නිරත වූ නිශාන් මධුෂ්ක ලකුණු 241 කි. නායක නිපුන් ධනංජය ලකුණු 128 ක් රැස් කළේ ය. තරගය අවසන් වනවිට ලකුණු 332 ක ඉලක්කයක් හඹා ගිය එංගලන්ත ලයන්ස් කණ්ඩායම කඩුලු 7 ක් දැවී ලකුණු 221 ක් රැස් කරගෙන සිටියේ ය. ජොෂ් බොහානන් ලකුණු 57 කි. මිලාන් රත්නායක කඩුලු 3 ක් බිඳ හෙලුවේ ය |
2023-02-04T04:25:27.000Z | 75 වසරකට පසු සැබෑ වූ හෙංගමුව ජනතාවගේ පිරිසිදු ජල බිඳුවක බලාපොරොත්තුව.. | 75 වසරකට පසු සැබෑ වූ හෙංගමුව වැසියන්ගේ සිහිනය.. | COLOMBO ( News 1st ) : කුරුණෑගල දිස්ත්‍රික්කයේ පිහිටි හෙංගමුව සුන්දර ගම්මානයට අද(04) නිදහසේ අරුනළු උදා වුණේ, අලුත් බලාපොරොත්තුවක් සමගින්. අපේ රටට නිදහස උදා වෙලා දැන් දශක ගණනාවක්. ඒත් ගොවිතැනින් බත සරිකර ගත් මේ ගමේ ජනතාවට නිදහසේ පිපාසය නිවා ගන්න පිරිසිදු ජල බිඳක් තිබුණේ නැහැ. තමන්ට තියෙන මේ මූලික අවශ්‍යතාව ගැන තේරෙන භාෂාවෙන් පුළු පුළුවන් විදිහට වගකිවයුතු හැමෝටම කිව්වත්, ඒ හැම දෙයක්ම බිහිරි අලින්ට වැයූ විණා වගේ වුණා. හෙංගමුවෙ මිනිස්සුන්ට වත්තෙ පිටියෙ ළිඳක් හාරගෙන බොන්න වතුර ටිකක් හොයා ගන්න එක මහ ලොකු දෙයක් නෙවෙයි. තිබුණ ප්‍රශ්නෙ ඒ වතුරවල තිබුණ කිවුල් ස්වභාවය. හාරපු ළිංවලින් ගත්ත වතුර කටේ තියන්න බැරි වුණත් කරන්න දෙයක් තිබුණෙ නෑ. වසර ගණනාවක් තිස්සෙ මේ ගමේ මිනිස්සුන්ට තිබහ නිවා ගන්න වුණේ, ඒ කිවුල් වතුර පානය කිරීමෙන්. කෙසේ වෙතත් දැන් හෙංගමුවෙ ජනතාවට ප්‍රශ්න මදිවට ප්‍රශ්න.. අතැමුන් වකුගඩු රෝගීන් බවට පත්වෙලා.. ඔවුන් ජීවිත රැක ගෙන ඉන්නේ, වෛද්‍ය ප්‍රතිකාරවලට පින් සිද්ද වෙන්න.. තමන් කොහොම හරි කිවුල් වතුර බීලා තිබහ නිවා ගත්තත් දරු පැටවුන්ට කිවුල් වතුර පොවන්න, හෙංගමුවෙ අම්මා තාත්තට හිත් දුන්නෙ නැහැ.. බිහිරි අලින්ට වීණා වයලා පලක් නැහැ කියලා, තේරුම් ගත්ත ගමේ වැඩිහිටියන් කවුරුත් විසඳලා නොදුන් මේ ප්‍රශ්නය අවසානෙ ගම්මැද්දට ඉදිරිපත් කළා.. ප්‍රශ්නය ඉදිරිපත් වූ සැනින්, ගම්මැද්ද වහා ක්‍රියාත්මක වුණේ, පිරිසිදු ජල බිඳුවක අවශ්‍යතාවේ තරම හොඳින් ම දන්න නිසයි. දශක ගණනාවක් තිස්සේ, කවුරුත් සවන් නොදුන් හෙංගමුවේ ජන හඬට සවන් දුන් ගම්මැද්ද සුබ මොහොතින් ගමට පිරිසිදු ජල ව්‍යාපෘයක් ලබාදීමේ කර්තව්‍යට මුල්ගල් තැබුවා. ඒ පසුගිය 12 වෙනි මාසයේ 23 වැනිදා. මෙම ජල ව්‍යාපෘතිය ඉදි කිරීමට මුල්ගල් තැබීම සිදු වුණේ, සිසු සිසුවියන් 300කට වැඩි පිරිසක් අධ්‍යාපනය ලබන හෙංගමුව මහා විද්‍යාල භූමියේයි. හෙංගමුව ජනතා බලාපොරොත්තුව මල්ඵල ගැන්වෙන්න ගියේ මාස මාස එක හමාරක් වාගේ සුළු කාලයක්.. ඒ අනුව, ගම්මැද්ද ඉදි කළ පිරිසිදු ජල ව්‍යාපෘතිය අද(04) සුබ මොහොතින් සිසු අයිතියට පත් කළා. 75 වසරක නිදහසේ උදාව සනිටුහන් වන අද ගම්මැද්ද හෙංගමුවට දෙන්නේ, පිරිසිදු ජල විතරක් නෙවෙයි. අපේ රටේ අනාගතයට 'නිදහසේ පවස නිවා ගන්න' අවස්ථාවක්. ඒ වගේම 75 වෙනි නිදහස් සැමරුමෙන් පස්සෙ වත් තමන්ගෙ දරුවන්ට බොන්න පිරිසිදු වතුර ටිකක් තියෙනවා කියලා, හෙංගමුවේ අම්මා, තාත්තට නිදහසේ හුස්ම ගන්න අවස්ථාවක් . ආචාර්ය, එම්.යූ.ඒ. තෙන්නකෝන් මහතා, දෙවින්කා පුස්වැල්ල මහත්මිය සහ පවුලේ සාමාජිකයින් ගම්මැද්ද හා අත්වැල් බැඳ ගත්තේ, හෙංගමුව සිසු දරු දැරියන් ඇතුළු ගම්වාසීන්ට පානීය ජල ව්‍යාපෘතියක් ලබා දීමේ මෙම මාහැඟි කර්තව්‍යට සිය මූල්‍ය දායකත්වය ලබා දෙමින්. සෞඛ්‍ය අමාත්‍යංශයේ ජාතික වකුගඩු රෝග නිරීක්ෂණ හා පර්යේෂණ ඒකකයේ අනුදැනුම මත ශ්‍රී ලංකා නාවික හමුදාවේ තාක්ෂණික සහයෝගයෙන් මෙම පානීය ජල ව්‍යාපෘතිය ඉදි කෙරිණ. මෙම පිරිසිදු පානීය ජල ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට ගම්මැද්ද නායක ශෙවාන් ඩැනියෙල් මහතා, ගම්මැද්ද උප නායක යසරත් කමල්සිරි ඇතුළු ගම්මැද්ද කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් ද එක්ව සිටියහ. දශකයකට අධික කාලයක් තිස්සේ මහජන ජන ක්‍රියාන්විතයේ නිරත ගම්මැද්ද මෙම පානීය ජල ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කිරීමට සමගාමීව අද දිනයේ හෙංගමුවේදී විචිත්‍රවත් නිදහස් දින උත්සවයක් ද පැවැත්විය. |
2023-02-04T03:12:54.000Z | මරදානේ පැවති "නිදහස සත්‍යග්‍රහය" අතරතුර කාන්තාවක් ඇතුළු හතර දෙනෙකු අත්අඩංගුවට.. | "නිදහස සත්‍යග්‍රහය" අතරතුර 4 දෙනෙකු අත්අඩංගුවට.. | COLOMBO ( News 1st ) – මරදාන එල්ෆිස්ටන් රඟහල ආසන්නයේ පැවති "නිදහස සත්‍යග්‍රහය" අතරතුර කාන්තාවක් ඇතුළු 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි. නිදහස සත්‍යග්‍රහයේ නිරත පිරිසට ඊයේ (04) රාත්‍රියේ පොලීසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර තිබේ. ඊයේ (03) දහවල් මෙම සත්‍යග්‍රහය ආරම්භ කළේ, අධික මුදලක් වැය කරමින් 75 වැනි නිදහස් දිනය සැමරීමට විරෝධය පළ කරමිනි. පොලිස් නිලධාරීන් පැමිණ දැනුම් දුන්නේ, මෙම ස්ථානයේ විරෝධතා පැවැත්වීමට එරෙහිව අධිකරණ නියෝගයක් නිකුත් කර ඇති බවයි. |
2023-02-04T03:05:58.000Z | පොලිස් අධිකාරිවරුන් 5 දෙනෙක් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් ලෙස පත් කෙරේ... | පොලිස් අධිකාරිවරුන් 5කට උසස්වීම්.. | COLOMBO ( News 1st ) - හදිසි රාජකාරී අවශ්‍යතාව මත පොලිස් අධිකාරිවරුන් 5 දෙනෙක් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් ලෙස පත් කර ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි. |
2023-02-04T02:46:37.000Z | 75 වසරකට පසු සැබෑ වන හෙංගමුව ජනතාවගේ පිරිසිදු ජල බිඳුවක බලාපොරොත්තුව.. | හෙංගමුව ජනතාව ඇත්තටම දැන් නිදහස් | COLOMBO ( News 1st ) : කුරුණෑගල දිස්ත්‍රික්කයේ පිහිටි හෙංගමුව සුන්දර ගම්මානයට අද නිදහසේ අරුනළු උදා වුණේ, අලුත් බලාපොරොත්තුවක් සමගින්. අපේ රටට නිදහස උදා වෙලා දැන් දශක ගණනාවක්. ඒත් ගොවිතැනින් බත සරිකර ගත් මේ ගමේ ජනතාවට නිදහසේ පිපාසය නිවා ගන්න පිරිසිදු ජල බිඳක් තිබුණේ නැහැ. තමන්ට තියෙන මේ මූලික අවශ්‍යතාව ගැන තේරෙන භාෂාවෙන් පුළු පුළුවන් විදිහට වගකිවයුතු හැමෝටම කිව්වත්, ඒ හැම දෙයක්ම බිහිරි අලින්ට වැයූ විණා වගේ වුණා. හෙංගමුවෙ මිනිස්සුන්ට වත්තෙ පිටියෙ ළිඳක් හාරගෙන බොන්න වතුර ටිකක් හොයා ගන්න එක මහ ලොකු දෙයක් නෙවෙයි.. තිබුණ ප්‍රශ්නෙ ඒ වතුරවල තිබුණ කිවුල් ස්වභාවය. හාරපු ළිංවලින් ගත්ත වතුර කටේ තියන්න බැරි වුණත් කරන්න දෙයක් තිබුණෙ නෑ.. වසර ගණනාවක් තිස්සෙ මේ ගමේ මිනිස්සුන්ට තිබහ නිවා ගන්න වුණේ, ඒ කිවුල් වතුර පානය කිරීමෙන්. කෙසේ වෙතත් දැන් හෙංගමුවෙ ජනතාවට ප්‍රශ්න මදිවට ප්‍රශ්න.. අතැමුන් වකුගඩු රෝගීන් බවට පත්වෙලා.. ඔවුන් ජීවිත රැක ගෙන ඉන්නේ, වෛද්‍ය ප්‍රතිකාරවලට පින් සිද්ද වෙන්න.. තමන් කොහොම හරි කිවුල් වතුර බීලා තිබහ නිවා ගත්තත් දරු පැටවුන්ට කිවුල් වතුර පොවන්න, හෙංගමුවෙ අම්මා තාත්තට හිත් දුන්නෙ නැහැ.. බිහිරි අලින්ට වීණා වයලා පලක් නැහැ කියලා, තේරුම් ගත්ත ගමේ වැඩිහිටියන් කවුරුත් විසඳලා නොදුන් මේ ප්‍රශ්නය අවසානෙ ගම්මැද්දට ඉදිරිපත් කළා.. ප්‍රශ්නය ඉදිරිපත් වූ සැනින්, ගම්මැද්ද වහා ක්‍රියාත්මක වුණේ, පිරිසිදු ජල බිඳුවක අවශ්‍යතාවේ තරම හොඳින් ම දන්න නිසයි. දශක ගණනාවක් තිස්සේ, කවුරුත් සවන් නොදුන් හෙංගමුවේ ජන හඬට සවන් දුන් ගම්මැද්ද සුබ මොහොතින් ගමට පිරිසිදු ජල ව්‍යාපෘයක් ලබාදීමේ කර්තව්‍යට මුල්ගල් තැබුවා. ඒ පසුගිය 12 වෙනි මාසයේ 23 වෙනිදා. මෙම ජල ව්‍යාපෘතිය ඉදි කිරීමට මුල්ගල් තැබීම සිදු වුණේ, සිසු සිසුවියන් 300කට වැඩි පිරිසක් අධ්‍යාපනය ලබන හෙංගමුව මහා විද්‍යාල භූමියේයි. හෙංගමුව ජනතා බලාපොරොත්තුව මල්ඵල ගැන්වෙන්න ගියේ මාස මාස එක හමාරක් වාගේ සුළු කාලයක්.. ගම්මැද්ද ඉදි කළ පිරිසිදු ජල ව්‍යාපෘතිය අද සුබ මොහොතින් සිසු අයිතියට පත් කිරීමට නියමිතයි. 75 වසරක නිදහසේ උදාව සනිටුහන් වන අද ගම්මැද්ද හෙංගමුවට දෙන්නේ, පිරිසිදු ජල විතරක් නෙවෙයි. අපේ රටේ අනාගතයට 'නිදහසේ පවස නිවා ගන්න'අවස්ථාවක්. ඒ වගේම 75 වෙනි නිදහස් සැමරුමෙන් පස්සෙ වත් තමන්ගෙ දරුවන්ට බොන්න පිරිසිදු වතුර ටිකක් තියෙනවා කියලා, හෙංගමුවේ අම්මා, තාත්තට නිදහසේ හුස්ම ගන්න අවස්ථාවක් . ආචාර්ය, එම්.යූ.ඒ. තෙන්නකෝන් මහතා, දෙවින්කා පුස්වැල්ල මහත්මිය සහ පවුලේ සාමාජිකයින් ගම්මැද්ද හා අත්වැල් බැඳ ගත්තේ, හෙංගමුව සිසු දරු දැරියන් ඇතුළු ගම්වාසීන්ට පානීය ජල ව්‍යාපෘතියක් ලබා දීමේ මෙම මාහැඟි කර්තව්‍යට සිය මූල්‍ය දායකත්වය ලබා දෙමින්. සෞඛ්‍ය අමාත්‍යංශයේ ජාතික වකුගඩු රෝග නිරීක්ෂණ හා පර්යේෂණ ඒකකයේ අනුදැනුම මත ශ්‍රී ලංකා නාවික හමුදාවේ තාක්ෂණික සහයෝගයෙන් මෙම පානීය ජල ව්‍යාපෘතිය ඉදි කෙරිණ. දශකයකට අධික කාලයක් තිස්සේ මහජන ජන ක්‍රියාන්විතයේ නිරත ගම්මැද්ද මෙම පානීය ජල ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කිරීමට සමගාමීව අද දිනයේ හෙංගමුවේදී විචිත්‍රවත් නිදහස් දින උත්සවයක් පැවැත්වීමටත් සියලු කටයුතු සූදානම් කර තිබේ. |
2023-02-04T01:28:09.000Z | අභිමානවත් නිදහස් දිනයක් සමස්ත දේශයටම ප්‍රාර්ථනා කරනවා - විපක්ෂ නායක | අභිමානවත් නිදහස් දිනයක් ප්‍රාර්ථනා කරනවා .. | COLOMBO ( News 1st ) : මෑතකදී ශ්‍රී ලංකාව අත්පත් කොටගෙන තිබෙන ආර්ථික අවපාතය මෙරට ඉතිහාසය තුළ අතිශයින්ම කණගාටුදායක සහ බරපතළ තත්ත්වයක් වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. විපක්ෂ නායකවරයා පැවසුවේ, විධිමත් ඉදිරිගාමී වැඩපිළිවෙළක් හැරුණු කොට එයින් ගොඩ ආ හැකි මඟක් සොයාගැනීම දුෂ්කර බවයි. යටත් විජිතයකින් නිදහස් වීම හැරුණු කොට මෙරට ජනතාව ළඟා කරගත යුතු තවත් බොහෝ දෑ ඇති බවත් ඒ වෙනුවෙන් මොහොතක් පාසා කැපවීමේ උදාර අපේක්ෂාවන්ගෙ සවිමත්, අභිමානවත් නිදහස් දිනයක් සමස්ත දේශයටම ප්‍රාර්ථනා කරන බවත් විපක්ෂ නායකවරයා නිදහස් දිනය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කළේ ය. |
2023-02-04T01:22:58.000Z | රටේ දියුණුව වෙනුවෙන් එකාවන්ව පෙළගැසී රට වෙනුවෙන් යුතුකම ඉටු කිරීම සියලු දෙනා සතු වගකීමක් - අගමැති දිනේෂ් ගුණවර්ධන | රටේ දියුණුව වෙනුවෙන් යුතුකම ඉටු කිරීම වගකීමක්.. | COLOMBO ( News 1st ) : රට වෙනුවෙන් ඉදිරි දැක්මක් සහිතව ජීවිත කැප කිරීමෙන් සටන්වැදී වීරුවන් සැමරීමත් මවුබිමේ නිදහස වෙනුවෙන් වූ අරගලය ජය ගැනීමේදී අපගේ මුතුන් මිත්තන් දැක්වූ ශූරත්වය, එඩිතරකම මෙන්ම ඔවුන් අත්දුටු දුක් පීඩා ආදිය පිළිබඳ අපගේ මතකයන් ආවර්ජනය කිරීමත් අද (04) දින අප විසින් සිදු කළ යුතු බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි. අග්‍රාමාත්‍යවරයා නිකුත් කළ නිදහස් දින පණිවුඩයේ දැක්වෙන්නේ , අප දිනූ නිදහස පසුගිය හැත්තෑ පස් වසර පුරාවට ත්‍රස්තවාදීන්ගෙන් සහ අන්තවාදීන්ගෙන් ආරක්ෂා කර කරගැනීම වෙනුවෙන් සටන් වැදි අභීත රණවිරුවන් ද මේ මොහොතේ ගෞරවයෙන් සිහිපත් කළ යුතු බවයි. ප්‍රෞඩ ශ්‍රී ලාංකිකයින් වශයෙන්, රටේ දියුණුව සහ ප්‍රගමනය වෙනුවෙන් එකාවන්ව පෙළගැසී අවංකව රට වෙනුවෙන් අපගේ යුතුකම ඉටු කිරීම සියලු දෙනා සතු වගකීම බව ද එහි වැඩිදුරටත් සඳහන් ය. |
2023-02-04T01:22:09.000Z | තරගකාරී ලෝක ආර්ථිකයේ නව ඉසව් කරා අපි කඩිනමින් පිය නැගිය යුතුයි! - ජනපති | ආර්ථිකයේ නව ඉසව් කරා කඩිනමින් පිය නැගිය යුතුයි! | COLOMBO ( News 1st ) : ප්‍රෞඩ ජාතියක් වූ ශ්‍රී ලාංකීය ජාතියේ අතීත ශක්තීන් නැවත මෙනෙහි කරමින් සහ නවීන තාක්ෂණය සමග එක්ව තරගකාරී ලෝක ආර්ථිකයේ නව ඉසව් කරා අපි කඩිනමින් පිය නැගිය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. පසුගිය 75 වසර පුරා අප විසින් දිනා ගන්නා ලද දෙයට වඩා අහිමි කරගන්නා ලද දේ බොහෝ බවත් එලෙස අහිමි වූ දේ ළඟා කර ගැනීම සඳහා ලෝක ආර්ථිකයේ සැලකිය යුතු තරම් විශාල පංගුවක් අත්පත් කර ගැනීමට අවශ්‍ය උපාය මාර්ග සැලසුම් කිරීම මේ වසරේ අපගේ මූලික අභිප්‍රාය බවත් ජනාධිපතිවරයා නිකුත් කළ නිදහස් දින පණිවුඩයේ සඳහන් ය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ, ඒ සඳහා වූ නව ආර්ථික සහ සමාජ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ අප දැන් රට හමුවේ තබා ඇති බවයි. |
2023-02-04T00:55:45.000Z | අභිමානවත් 75 වැනි නිදහස් දින සැමරුම අද ජනපතිගේ ප්‍රධානත්වයෙන් ගාලු මුවදොරදී... | 75 වැනි නිදහස් දින සැමරුම අද ගාලු මුවදොරදී... | COLOMBO ( News 1st ) : අභිමානවත් 75 වැනි නිදහස් දිනය අදට(04) යෙදී තිබේ. නිදහස් දින ජාතික සැමරුම් උත්සවය අභිමානවත් ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ ගාලු මුදොරදී පැවැත්වීමට මේ වනවිටත් සියලු කටයුතු සුදානම් ය. මෙවර නිදහස් දින උළෙලට යුධ , ගුවන් , නාවික හමුදා , පොලිස් විශේෂ බලකාය , විශ්‍රාමික රණවිරුවන් 6,410 ක් සහභාගී වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ ය. එම දෙපාර්තමේන්තුව පැවසුවේ, නිදහස් දින පෙළපාලියට රථ 108 ක් ද එක්වන බවයි. නාවික හමුදා බල ගණ 07ක් මේ සඳහා සහභාගී වෙයි. සමස්තයක් වශයෙන් නිලධාරින් 58 ක් ඇතුළු නාවික බට පිරිස් 1001ක් මෙවර පෙළපාලිය සඳහා සහභාගී වනු ඇති. ගාලු මුවදොර මුහුදු තීරයේ විශේෂ නෞකා 03ක් නැංගුරම්ලා ඇති අතර, දහවල් 12.00 ට ජාතිය වෙනුවෙන් , ආචාර වෙඩි මුර 25ක් පැවැත්වීමට සැලසුම් කර තිබේ. ගුවන් හමුදාවේ සියලුම අංශ නියෝජනය කරමින් සෙබළුන් 650 ක් හා සන්නද්ධ රථ 27ක් නිහදස් දින පෙළපාලිය සඳහා සහභාගී වනු ඇති. ගුවන් සංදර්ශනය සඳහා එක්වන ගුවන් යානා සංඛ්‍යාව 14කි. සාම්ප්‍රදායික පැරෂුට් සංදර්ශනය උත්සවය අවසානයේ පැවැත් වෙන අතර ඒ සඳහා බට පිරිස් 40 ක් සහභාගීවීමට නියමිතයි. පොලීසිය නියෝජනය කරමින් බල ඇණි 04 ක් එක් වෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක , ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කළේ ය. පොලිස් විශේෂ කාර්ය බලකාය නියෝජනය කරමින් මේ සඳහා නිදහස් දින පෙළපාලියට එක්වන සාමාජිකයින් සංඛ්‍යාව 220කි. |
2023-02-04T00:40:40.000Z | ගෙවුණු දිනය උණුසුම් කළ පුවත් | ගෙවුණු දිනය උණුසුම් කළ පුවත් | දේශීය පුවත් 1.මරදානේ ‘නිදහසේ සත්‍යග්‍රහය’ විසුරුවා හැරීමට පොලීසියෙන් ජල හා කඳුළු ගෑස් ප්‍රහාර..– මරදාන, එල්ෆින්ස්ටන් රඟහල ඉදිරිපිට නිදහස සත්‍යග්‍රහයේ නිරත පිරිසට ඊයේ(03) ටික වෙලාවකට පෙර පොලීසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර තිබේ. 2.බැඳුම්කර හිමියන්ගේ එකතුවෙන් IMF කළමනාකරණ අධ්‍යක්ෂවරිය වෙත ලිපියක් – ශ්‍රී ලංකාව නිකුත් කර ඇති ස්වෛරී බැඳුම්කර මිලදී ගත් පාර්ශ්ව ඒකාබද්ධව සකස් කරගත් බැඳුම්කර හිමියන්ගේ එකතුව ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ සාකච්ඡාවලට සහභාගී වීමට සූදානම් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට දැනුම් දී තිබේ. 3.ආශු මාරසිංහ නැවතත් ජනාධිපති පාර්ලිමේන්තු කටයුතු උපදේශක ධුරයට – මහාචාර්ය ආශු මාරසිංහ මහතා යළිත් ජනාධිපති පාර්ලිමේන්තු කටයුතු උපදේශක ලෙස පත් කර තිබේ. 4.විදුලිය කප්පාදුව නොකරන බවට ලංවීම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ දුන් ප්‍රතිඥාව ඉවත් කරගනී – මානව හිමිකම් කොමිසම තමන්ට එරෙහිව ඉදිරිපත් කර ඇති පෙත්සම සලකා බැලීම අවසන් වන තුරු විදුලිය අඛණ්ඩව ලබාදීමට ලංකා විදුලි බල මණ්ඩලය ඊයේ (02) ශ්‍රේෂ්ඨාධිකරණයට දුන් පොරොන්දුව ඊයේ (03) ඉල්ලා අස්කර ගෙන තිබේ. 5.නිදහස් උත්සවය අවසන් වනතුරු අවසර නොලත් පුද්ගලයින්ට ගාලු මුවදොරට ඇතුළු වීම තහනම්.. – 75 වන නිදහස් උළෙල අවසන් වනතුරු ගාලු මුවදොර සහ ඒ අවට ප්‍රදේශවලට අවසර නොලත් පුද්ගලයින්ට ඊයේ (03)පස්වරුවේ සිට අද (04)වැනිදා ඇතුළුවීම වළක්වමින් කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා නියෝගයක් නිකුත් කළේ ය. 6.මින් පසු ‘Slave Island’ නෑ... කොම්පඤ්ඤ වීදිය පමණයි - ඉංග්‍රීසි භාෂාවෙන් 'Slave Island' ලෙස හැඳින්වූ කොම්පඤ්ඤවීදිය සිංහල, දෙමළ, ඉංග්‍රීසි භාෂා ත්‍රිත්වයෙන්ම “කොම්පඤ්ඤ වීදිය” ලෙස භාවිත කිරීමට අදාළව නිසි සංශෝධනයන් කිරීමට කඩිනමින් පියවර ගන්නා ලෙස අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක මහතා රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශ ලේකම්වරයාට උපදෙස් දී තිබේ. |
2023-02-03T17:12:43.000Z | මරදානේ 'නිදහසේ සත්‍යග්‍රහය' විසුරුවා හැරීමට පොලීසියෙන් ජල හා කඳුළු ගෑස් ප්‍රහාර.. | 'නිදහසේ සත්‍යග්‍රහය'ට පොලීසියෙන් කඳුළු ගෑස් | COLOMBO (News 1st) - මරදාන, එල්ෆින්ස්ටන් රඟහල ඉදිරිපිට නිදහස සත්‍යග්‍රහයේ නිරත පිරිසට මීට ටික වෙලාවකට පෙර පොලීසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර තිබේ. අද (03) දහවල් මෙම සත්‍යග්‍රහය ආරම්භ කළේ, අධික මුදලක් වැය කරමින් 75 වැනි නිදහස් දිනය සැමරීමට විරෝධය පළ කරමිනි. අද රාත්‍රියේ පොලිස් නිලධාරීන් පැමිණ දැනුම් දුන්නේ, මෙම ස්ථානයේ විරෝධතකා පැවැත්විමට එරෙහිව අධිකරණ නියෝගයක් නිකුත් කර ඇති බවයි. එහෙත් ඊට ඒම ස්ථානයේ සිටි පිරිසගේ විරෝධය පළ වුණ අතර ඔවුන් දිගින් දිගටම ස්ථානයෙන් ඉවත් නොවි සත්‍යග්‍රහයේ නිරත වෙමින් සිටි බව අප වාර්තාකරු පැවසීය. |
2023-02-03T15:20:45.000Z | අතිඋතුම් ඔස්වල්ඩ් ගෝමිස් හිමිපාණන්ගේ අවසන් කටයුතු ලබන සඳුදා | ඔස්වල්ඩ් ගෝමිස් හිමිපාණන්ගේ අවසන් කටයුතු ලබන සඳුදා | COLOMBO ( News 1st ) - කොළඹ හිටපු අගදරගුරු, කොළඹ විශ්වවිද්‍යාලයේ හිටපු කුලපති දේවධර්මාචාර්ය අතිඋතුම් ඔස්වල්ඩ් ගෝමිස් හිමිපාණන් ස්වර්ගස්ථ විය. උන්වහන්සේගේ දේහය පිළිබඳව අවසන් කටයුතු ලබන සඳුදා සවස කොටහේන සාන්ත ලුසියා ආසන දෙව්මැදුරේ දී සිදු කෙරෙන බව කතෝලික සභාව නිවේදනය කර තිබේ. කලක් රෝගාතුරව සිටි අතිඋතුම් ඔස්වල්ඩ් ගෝමිස් හිමිපාණන් කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිය දී අද (03) අලුයම ස්වර්ගස්ථ වූ අතර ඒ වනවිට උන්වහන්සේගේ වයස අවුරුදු 90 ක්. අද (03) පස්වරුවේ දේහය කොළඹ අගරදගුරු නිවසේ දේවස්ථානයට රැගෙන ආ අතර එහිදී විශේෂ දේව මෙහෙයක් පැවැත්වුණේ,කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන්ගේ ප්‍රධානත්වයෙනි. අද (03) රාත්‍රියේ දේහය කැලණිය පිලපිටයේ සාන්ත ආනා දෙව්මැදුරේ තැන්පත් කිරීමට නියමිතයි. 1932 දෙසැම්බර් 12 වැනිදා කැලණියේ දී උපන් අතිඋතුම් ඔස්වල්ඩ් ගෝමිස් හිමිපාණන් කොළඹ සාන්ත බෙනඩික්ට්, වරාගොඩ ශාන්ත පාවුළු හා කොළඹ ශාන්ත ජෝශෆ් විදුහල්වලින් අධ්‍යාපනය හදාරා තිබේ. 1950 මහනුවර අම්පිටිය ජාතික දෙව්සත්හලෙන් දේවධර්ම සහ දර්ශනවාදය පිළිබඳව උපාධි ලබා ගත් උන්වහන්සේ පිලිපීනයේ ඇඩම්සන් විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධිධාරියෙකි. 1958 වසරේ දී අතිඋතුම් තෝමස් කාදිනල් කුරේ හිමිපාණන් විසින් ඔස්වල්ඩ් ගෝමිස් හිමිපාණන්ට කොටහේන සාන්ත ලුසියා ආසන දෙව්මැදුරේදී පූජකවරය ප්‍රදානය කරනු ලැබු අතර පූජකවරයෙකු ලෙස ඉතා විශිෂ්ට සේවාවක් කළ උන්වහන්සේ 2002 වසරේ ජූලි 27 වන දින කොළඹ අගරදගුරු පදවියේ අග්‍රරාජගුරුප්‍රසාදි පදවියට පත්විය. පාසල් , ජාත්‍යන්තර පාසල් සහ කාර්මික පාසල් 15 ක් පමණ පිහිටුවීමට පුරෝගාමී වූ උන්වහන්සේ දුප්පතුන් සහ සුනාමියෙන් විපතට පත් වූවන් සඳහා විවිධ සුවිශේෂී මෙහෙවරක් ඉටු කළේ ය. මානව වර්ගයාට කළ අමිල සේවය අගයමින් චීනයේ පැරණි විශ්වවිද්‍යාලයක් වන ෆූ ජෙන් විශ්වවිද්‍යාලය විසින් උන්වහන්සේට දර්ශනපති ආචාර්ය උපාධියද පිරිනමා තිබුණි. මෙරට ආගමික සහජීවනය වෙනුවෙන් නිරන්තරයෙන් පෙනී සිටි ඔස්ලවල්ඩ් ගෝමිස් හිමිපාණන්, සාහිත්‍ය ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් කල මෙහෙවරද විශේෂය. 2001 වසරේ සිට 2021 වසර දක්වා කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපතිවරයා ලෙස ද උන්වහන්සේ කටයුතු කළේ ය. කතෝලික සභාවේ මාධ්‍ය ප්‍රකාශක ගරු සිරිල් ගාමිණි ප්‍රනාන්දු පියතුමා '' හෙට පෙබරවාරි 4 වැනිදා දේහය රැගෙන යනවා අනුරාධපුර ශුද්ධ වු ජුසේතුමන්ගේ ආසන දෙව්මැදුරට. පස් වැනිදා සඳුදා හැන්දැවේ 5.00ට කොටහේනේ ආසන දෙව්මැදුරට රැගෙන එනවා, සඳුදා හැන්දැවේ 3.00ට අවමංග්‍ය දිව්‍ය පුජාව සිදු වෙනවා කොටහේන ආසන දෙව්මැදුරේදී. ඊටපස්සෙ දිව්‍ය පුජාවෙන් පස්සේ උන්වහන්සේගේ භුමදාන කටයුතු සිද්ධ වෙන්වෙත් කොටහේනේ සාන්ත ලුසියා ආසන දෙව්මැදුරේදී'' |
2023-02-03T14:35:34.000Z | බැඳුම්කර හිමියන්ගේ එකතුවෙන් IMF කළමනාකරණ අධ්‍යක්ෂවරිය වෙත ලිපියක් | IMF කළමනාකරණ අධ්‍යක්ෂවරියට ලිපියක් | COLOMBO ( News 1st ) - ශ්‍රී ලංකාව නිකුත් කර ඇති ස්වෛරී බැඳුම්කර මිලදී ගත් පාර්ශ්ව ඒකාබද්ධව සකස් කරගත් බැඳුම්කර හිමියන්ගේ එකතුව ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ සාකච්ඡාවලට සහභාගී වීමට සූදානම් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට දැනුම් දී තිබේ. ඔවුන් මේ බව දැනුම් දී ඇත්තේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂවරිය වෙත ලිපියක් යොමුකරමිනි. එහෙත් ඔවුන් ඒ සඳහා කොන්දේසි කිහිපයක් පනවා තිබේ. රටේ ණය තිරසරභාවය හා මූල්‍ය ස්ථිරභාවය ආරක්ෂා වන අයුරින් දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම ඉන් ප්‍රධාන කොන්දේසියක් වන අතර 2027 සිට 2032 දක්වා කාල සීමාවට සරිලන අයුරින් දේශීය මූල්‍යකරණය දළ දේශීය නිෂ්පාදනයෙන් 8.5% ක් දක්වා සීමා කළ යුතු බව ද බැඳුම්කර හිමියන්ගේ එකතුව ප්‍රකාශ කර තිබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන (IMF) ශ්‍රී ලංකාව හා එම අරමුදල අතර ඇති කරගන්නා එකඟතාවයක් වුවත් තමන්ටද එහි ඉලක්ක සම්බන්ධයෙන් අවශ්‍යතා මත කරුණු ඉදිරිපත් කිරීමට අවකාශයක් ලබාදිය යුතු බවද අදාළ කොන්දේසිවල සඳහන් ය. සාකච්ඡා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන් රාමුවට සරිලන ලෙසත්, එම වැඩසටහනේ ඉලක්ක ළඟාකර ගැනීමට හැකි අයුරිනුත් සිදුවිය යුතු බව ද ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර හිමියන්ගේ එකතුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට දැනුම් දී තිබේ. ඔවුන් පවසන්නේ, ශ්‍රී ලංකාවේ ණය තිරසරභාවය නැවත ළඟාකර ගැනීමට උපකාරීවන්නා වූ ණය ප්‍රතිව්‍යුහගතකරණ කොන්දේසි නිර්මාණය කිරීමටත්, ඒවා ක්‍රියාවට නැංවීමටත්, යුහුසුළුව හා කාර්යක්ෂමව ශ්‍රී ලංකා බලධාරීන් සමග මෙහෙයුම් කමිටුවක් හරහා කටයුතු කිරීමට සූදානම් බවයි. |
2023-02-03T13:08:48.000Z | 75 වන ජාතික නිදහස් දිනයට සමගාමීව බන්ධනාගාර ගත සිරකරුවන් 588කට සහ රැඳවියන් 31ට ජනාධිපති සමාව | 75 වන නිදහසට සමගාමීව හිමිවන ජනාධිපති සමාව | COLOMBO ( News 1st ) - බන්ධනාගාරගත සිරකරුවන් 588 දෙනෙකුට හා රැඳවියන් 31 දෙනෙකුට ජනාධිපති සමාව ලබා දී තිබේ. ඒ, 75 වන ජාතික නිදහස් දිනයට සමගාමීවයි. මේ අතර මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් අධිකරණය මගින් දඬුවම් ලැබ , පුනරුත්ථාපනය වන සිරකරුවන්ට ද ජනාධිපති සමාව ලබා දීමට තීරණය කර තිබේ. අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල්, චන්දන ඒකනායක මහතා සඳහන් කළේ, ඒ සඳහා සුදුසුකම් ලබන රැඳවියන් සංඛ්‍යාව පසුව දැනුම් දෙන බව ය. ජනාධිපති සමාව හිමි වූ බන්ධනාගාර තුළ යහපත් කල්ක්‍රියාවෙන් සිටි රැඳවියන් 31දෙනා හෙට (04) බන්ධනාගාරයෙන් පිටත්ව යන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව නිවේදනය කළේ ය. |
2023-02-03T12:57:42.000Z | ආශු මාරසිංහ නැවතත් ජනාධිපති පාර්ලිමේන්තු කටයුතු උපදේශක ධුරයට | ආශු යළිත් ජනපති උපදේශක තනතුරට | COLOMBO ( News 1st ) - මහාචාර්ය ආශු මාරසිංහ මහතා යළිත් ජනාධිපති පාර්ලිමේන්තු කටයුතු උපදේශක ලෙස පත් කර තිබේ. මේ බව මහාචාර්ය ආශු මාරසිංහ නිවුස්ෆස්ට් වෙත තහවුරු කළ අතර පසුගිය 30 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි මෙම පත්වීම සිදු කර තිබේ. ජනාධිපති උපදේශක මාරසිංහට සත්ත්ව හිංසනය පිළිබඳ එල්ල වූ චෝදනාවක් හේතුවෙන් පසුගිය දෙසැම්බර් 23 වැනිදා එහු සිය ධුරයෙන් ඉල්ලා අස් වීය. තමන්ට එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් ආශු මාරසිංහ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පසුගියදා පැමිණිල්ලක් ද සිදු කළේ ය. |
2023-02-03T11:32:41.000Z | PUCSL නිලධාරීන් දෙදෙනෙකු ඉල්ලා අස්වන බවට ජනපතිට දැනුම් දෙයි | PUCSL නිලධාරීන් දෙදෙනෙකු ඉල්ලා අස්වෙයි.. | COLOMBO ( News 1st ) - ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසමේ(PUCSL) සාමාජිකත්වයෙන් මොහාන් සමරනායක සහ උදේනි වික්‍රමසිංහ යන මහත්වරුන් ඉල්ලා අස් වී තිබේ. ඒ ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමිනි. සිය ඉල්ලා අස්වීමේ ලිපි මගින් ඔවුන් ජනාධිපතිවරයාට දැනුම් දී ඇත්තේ, මහජන උපයෝගිතා කොමිසම පසුගිය කාල සීමාව තුළ කිසිදු වෘත්තියභාවයකින් තොරව කටයුතු කරමින් සිටීම සිය ඉල්ලා අස්වීමට හේතුව බව ය. මෑතකදී මහජන උපයෝගිතා කොමිසම තුළට මැරයන් පිරිසක් ඇතුළු වී තමන්ට තර්ජනය කිරීමේ සිදුවීම සහ එම සිදුවීම ඊට පසු දින මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා සාධාරණීකරණය කිරීම මගින් ඒ බව තහවුරු වන බව ඔවුන්ගේ ඉල්ලා අස්වීමේ ලිපියේ සඳහන් ය. එහි දැක්වෙන්නේ, මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා කොමිසමේ සෙසු සාමාජිකයින්ගේ කැමැත්තතෙන් තොරව සිය තනි අභිමතය පරිදි තීරණ ගෙන ඒවා නිවේදනය කිරීමත් සිය ඉල්ලා අස්වීමට හේතුවක් බව ය. මෙවැනි තත්ත්වයන් මත තමන් සමාජය හමුවේ දුෂ්ඨයකු හා සමාන තත්ත්වයකට පත් වී ඇති බව ද ඔවුන් සිය ලිපියේ දක්වා ඇති අතර අදාළ ලිපියේ පිටපත් මේ වනවිට විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා වෙතත්, මහජන උපයෝගිතා කොමිසම වෙතත් යොමු කර ඇතැයි එම කොමිසම පැවසීය. |
2023-02-03T11:09:06.000Z | නිදහස් උත්සවය අවසන් වනතුරු අවසර නොලත් පුද්ගලයින්ට ගාලු මුවදොරට ඇතුළු වීම තහනම්.. | විශේෂ පිරිසකට ගාලුමුවදොරට ඇතුළුවීම තහනම් | COLOMBO ( News 1st ) - 75 වන නිදහස් උළෙල අවසන් වනතුරු ගාලු මුවදොර සහ ඒ අවට ප්‍රදේශවලට අවසර නොලත් පුද්ගලයින්ට අද (03) පස්වරුවේ සිට හෙට (04)වැනිදා ඇතුළුවීම වළක්වමින් කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා අද නියෝගයක් නිකුත් කළේ ය. මහේස්ත්‍රාත්වරයා එම නියෝගය නිකුත් කළේ, කොටුව පොලීසිය විසින් කළ ඉල්ලීමක් සළකා බලමින් ය. නිදහස් උළෙලට දේශීය සහ විදේශීය සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගීවීමට නියමිත බවත්, අනවශ්‍ය ලෙස පොදු ජනතාව එම ප්‍රදේශවලට ඇතුළුවීමෙන් උත්සව සංවිධාන කටයුතුවලට බාධාවක් මෙන්ම පැමිණෙන ආරාධිත අමුත්තන්ගේ ආරක්ෂාවට තර්ජනයක් වන බැවින් නිදහස් සැමරුම අවසන් වනතුරු එයට බාධාවන පරිදි එම ප්‍රදේශයට ඇතුළු වීම වළක්වන්නැයි කොටුව පොලීසිය අධිකරණයට පෙන්වා දී තිබේ. |
2023-02-03T10:56:24.000Z | විදුලිය කප්පාදුව නොකරන බවට ලංවීම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ දුන් ප්‍රතිඥාව ඉවත් කරගනී | ලංවීම දුන් ප්‍රතිඥාව ඉවත් කරගනී | COLOMBO (News 1st) - මානව හිමිකම් කොමිසම තමන්ට එරෙහිව ඉදිරිපත් කර ඇති පෙත්සම සලකා බැලීම අවසන් වන තුරු විදුලිය අඛණ්ඩව ලබාදීමට ලංකා විදුලි බල මණ්ඩලය ඊයේ (02) ශ්‍රේෂ්ඨාධිකරණයට දුන් පොරොන්දුව අද (03) ඉල්ලා අස්කර ගෙන තිබේ. විදුලිබල මණ්ඩලය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අද ශ්‍රේෂ්ඨාධිකරණයට ඒ බව දැනුම් දුන්නේ, පෙත්සම කැඳවූ අවස්ථාවේදී යි. ගාමිණි අමරසේකර, කුමුදුණි වික්‍රමසිංහ හා ශිරාන් ගුණරත්න යන විනිසුරු මඩුල්ල හමුවේ අද පෙත්සම සලකා බැලුණි. පෙත්සම සලකා බැලීම අද දිනයට අවසන් කිරීමෙන් අනතුරුව ජනාධිපති නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේ, අද සිට ක්‍රියාත්මක වන පරිදි එම ප්‍රතිඥාව ඉල්ලා අස් කර ගන්නා බවයි. විදුලිබල මණ්ඩලය ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණයට ලබා දුන් ප්‍රතිඥාව අවසන් කරන්නේ නම් අපොස උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලය අතරතුරදී විදුලිය විසන්ධි කිරීම වළක්වන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම්කාර ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උපුල් ජයසුරිය මහතා අධිකරණයෙන් ඉල්ලා සිටි නමුත් විනිසුරු මඩුල්ල එය ප්‍රතික්ෂේප කළේ ය. පෙත්සම යළි ලබන 7 වැනි දා පස්වරු 1.30 කැඳවීමට නියමිතයි. |
2023-02-03T08:03:42.000Z | මින් පසු 'Slave Island' නෑ... කොම්පඤ්ඤ වීදිය පමණයි | මින් පසු 'Slave Island' නෑ... කොම්පඤ්ඤ වීදිය පමණයි | COLOMBO (News 1st); ඉංග්‍රීසි භාෂාවෙන් 'Slave Island' ලෙස හැඳින්වූ කොම්පඤ්ඤවීදිය සිංහල, දෙමළ, ඉංග්‍රීසි භාෂා ත්‍රිත්වයෙන්ම “කොම්පඤ්ඤ වීදිය” ලෙස භාවිත කිරීමට අදාළව නිසි සංශෝධනයන් කිරීමට කඩිනමින් පියවර ගන්නා ලෙස අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක මහතා රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශ ලේකම්වරයාට උපදෙස් දී තිබේ. අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය පැවසුවේ, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ උපදෙස් පරිදි 75 වෙනි නිදහස් දිනයට සමගාමීව ගෙන ඇති මෙම තීරණය සම්බන්ධයෙන් තැපැල්පතිවරයා හා කොළඹ මහ නගර සහාවේ නාගරික කොමසාරිස්වරයා ද දැනුවත් කර ඇති බවයි. කොම්පඤ්ඤ වීදියට, සිංහල හා දෙමළ භාෂාවෙන් කොම්පඤ්ඤ වීදිය ලෙස භාවිත කළ ද ඉංග්‍රීසි භාෂාවෙන් තවමත් එම ප්‍රෙද්ශය හැඳින්වෙන්නේ යටත් විජිත සමයේ එම පෙදෙස හැඳින්විමට යොදාගත් 'Slave Island' යන නමයි. |
2023-02-03T07:38:35.000Z | කරු ජයසූරිය මෙරට පුරවැසියෙකුට පිරිනමන ඉහළම සම්මානයෙන් පිදුම් ලබයි | කරු ජයසූරියට ශ්‍රී ලංකාභිමාන්‍ය සම්මානය | COLOMBO (News 1st) - හිටපු කථානායක දේශබන්දු කරු ජයසූරිය මහතා මෙරට පුරවැසියෙකුට පිරිනමන ඉහළම සම්මානය වන ශ්‍රී ලංකාභිමාන්‍ය සම්මානයෙන් අද පෙරවරුවේ පිදුම් ලැබි ය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් එම සම්මානය ජයසූරිය මහතා වෙත පිරිනැමුවේ ජනාධිපති මන්දිරයේදීයී. ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසි කරු ජයසූරිය මහතා 2020 වසරේදී මෙරට පාර්ලිමේන්තුවේ 20 වැනි කතානායක ධුරයට ද පත්විය. එතුමා රාජ්‍ය පරිපාලන හා ස්වදේශීය කටයුතු, බුද්ධශාසන හා ආගමික කටයුතු, බලශක්ති යන අමාත්‍ය ධුර රැසක් හොබවා තිබේ. ඔහු, 1997 - 1999 කාලය තුළ කොළඹ නගරාධිපතිවරයා ලෙස ද කටයුතු කළේ ය. එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ධුරයේ මෙන්ම සභාපති ධුරයේ ද කටයුතු කළ කරූ ජයසූරිය මහතා, ලාංකේය දේශපාලනයේ පූර්වාදර්ශී චරිතයකි. |
2023-02-03T05:47:46.000Z | අබිරහස් ලෙස මියගිය ව්‍යාපාරිකයාගේ මෝටර් රථය මීගමුවෙන් මතුවෙයි | මියගිය ව්‍යාපාරිකයාගේ මෝටර් රථය මීගමුවේ... | COLOMBO (News 1st) - බත්තරමුල්ල, පැලවත්ත ප්‍රදේශයේ තෙමහල් නිවසක පිහිනුම් තටාකයේ පාවෙමින් තිබියදී සිරුර හමුවූ කොළඹ නිමි ඇඳුම් සාප්පු ජාලයක හිමිකරු වූ රොෂාන් වන්නිනායක මහතාගේ මෝටර් රථය අද අලුයම හමුවිය. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතීඥ නිහාල් තල්දුව මහතා සඳහන් කළේ, මෝටර් රථය රැගෙන ගිය අය එය කාර්මික දෝෂයකට ලක්ව ඇති බවට වාහන නඩත්තු ආයතනයකට දන්වා එය මහ මග දමා ගොස් ඇති බවයි. අදාළ නඩත්තු සේවා ආයතනය එම මෝටර්රථය රැගෙන ගොස් තිබියිදී පොලිසිය සොයාගෙන තිබිණ. මෝටර් රථය මේ වන විට මීගමුව පොලිස්ථානයට රැගෙන ගොස් තිබේ. පොලිසිය පවසන්නේ, එම මෝටර් රථය එහි රැගෙන ආ යුවළ ද මේ වනවිට විදෙස්ගත වී ඇතැයි සැක කෙරෙන බවයි. 50 හැවිරිදි රොෂාන් වන්නිනායක මහතා පසුගිය 30 වැනිදා සිට අතුරුදන්ව සිටියේ ය. පොලිසිය අද උදෑසන අප කළ විමසීමකදී පැවසුවේ සිදුවීම ඝාතනයක් ලෙස සලකා විශ්වාස කෙරෙමින් පරීක්ෂණ ක්‍රියාත්මක බවයි. මළ සිරුර හමුවූ පිහිනුම් තටාකය ආසන්නයෙන් ලේ පැල්ලම් කිහිපයක් ද සොයා ගැනිණ. ඒ අනුව ව්‍යාපාරිකයාගේ හිසට පහරදී ඝාතනය කර අනතුරුව සිරුර ඇදගෙන විත් පිහිනුම් තටාකයට දමා ඇතැයි සිදු කළ මූලික විමර්ශනවලට අනුව සැක පළ කරයි. වැල්ලම්පිටිය කිත්තම්පහුව සිය සහෝදරියගේ නිවෙසේ පදිංචිව සිටි රොෂාන් වන්නිනායක මහතා පැලවත්තේ නිවස අලුත්වැඩියා කරමින් සිට තිබේ. වැල්ලම්පිටියෙන් ඔහුට අයත් මෝටර් රථයක නැගී පිටත්ව ගිය ඔහුට 30 වැනිදා රාත්‍රී 7ට පමණ ඔහුගේ නැගණිය දුරකථන ඇමතුම් කිහිපයක් ගත්ත ද ප්‍රතිචාර දක්වා නොතිබිණ. ඔහුගේ අවසන් දුරකථන ඇමතුම ලැබී තිබුණේ එදින රාත්‍රී 7.29 ට පමණයි. එම ඇමතුමෙන් පසුව සිය සොහොයුරාගේ දුරකථනය අක්‍රීය වූ බවත් ඔහු අතුරුදන්ව ඇති බවත් සඳහන් කරමින් ඔහුගේ නැගණිය වැල්ලම්පිටිය පොලීසියට පැමිණිල්ලක් කර තිබුණේ ඉන් අනතුරුවයි. පසුව ඇතිවූ සැකයක් මත නැගණිය ඇතුළු පවුලේ ඥාතීන් පැලවත්ත ප්‍රදේශයේ නිවස පරීක්ෂා කිරීමට ගොස් ඇති අතර එහිදී තම සොහොයුරාගේ මළ සිරුර නාන තටාකයේ පාවෙමින් තිබෙනු දැක තිබිණ. මේ වනවිට ඔහුගේ පවුලේ ආරංචි මාර්ග අනුව වැඩිදුර තොරතුරු අනාවරණය වී ඇත්තේ ව්‍යාපාරිකයාගේ දුරකථනය හා මුදල් පසුම්බිය ඇතුළුව එහි තිබූ ක්‍රෙඩිට් කාඩ්පත් 4ක් ද අතුරුදන් බවයි. සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ. |
2023-02-03T05:30:10.000Z | ප්‍රකට ගී පද රචකයෙකු සහ චිත්‍රපට අධ්‍යක්ෂ තිස්ස ඩයස් අභාවප්‍රාප්ත වෙයි.. | තිස්ස ඩයස් අභාවප්‍රාප්ත වෙයි.. | COLOMBO ( News 1st ) : ප්‍රකට ගී පද රචකයෙකු සහ චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු වන තිස්ස ඩයස් මහතා අභාවප්‍රාප්ත වී තිබේ. කලක් රෝගාතුරව සිටි ඒ මහතා මියයන විට වයස අවුරුදු 64 කි. 1957 වසරේ මැයි 4 වැනිදා කළුබෝවිලදී උපන් ඔහු, සිනමා තිර රචකයෙකු ලෙස ද කටයුතු කළේ ය. මේ නොනිමෙන දිවි ගමනේ, පුංචි දෝනී තරහා වෙලා, පියාණෙනී මා, පතනාදේ සුන් වේ නම් ආදී ගීත තුන්දහසකට ආසන්න සංඛ්‍යාවක් ඔහු හෙළ ගීත සාහිත්‍යයට දායාද කළේ ය. දේහය මේ වනවිට තැන්පත් කර තිබෙන්නේ අතුරුගිරිය, වල්ගම පිහිටි අංක 380 / 3 දරණ නිවසේ ය. තිස්ස ඩයස් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන ඉරිදා පන්නිපිටිය ක්‍රිස්තුරාජ දේවස්ථාන සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතයි. |
2023-02-03T04:55:57.000Z | විපක්ෂ නායක සජිත් හා ඩලස් නිදහස් සැමරුම් උත්සවයට සහභාගි නොවන බව දන්වයි.. | සජිත් හා ඩලස් නිදහස් සැමරුමට නෑ... | COLOMBO ( News 1st ) : හෙට(04) පැවැත්වෙන ජාතික නිදහස් සැමරුම් උත්සවයට සහභාගි නොවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. නිවුස්ෆස්ට් කළ විමසීමකදී විපක්ෂ නායකවරයා ඒ බව සදහන් කළේ ය. මේ අතර, ආණ්ඩු පක්ෂයේ සිට ස්වාධීන වූ ඩලස් අලහප්පෙරුම මහතා ඇතුළු කණ්ඩායම ද මෙවර නිදහස් දින සැමරුම් උත්සවයට සහභාගි නොවන බව පවසයි. ඩලස් අලහප්පෙරුම මහතා නිවුස්ෆස්ට් වෙත ප්‍රකාශ කළේ, රජය ගෙන යන වැඩපිළිවෙළ සමග එකඟවිය නොහැකි බැවින් තමන් නිදහස් දින සැමරුමට සහභාගී නොවන බවයි. |
2023-02-03T04:33:57.000Z | පොල්ගහවෙළ පුද්ගල ඝාතනයක්.. | පොල්ගහවෙළ පුද්ගල ඝාතනයක්.. | COLOMBO ( News 1st ) : පොල්ගහවෙළ ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ. පොලිසිය සඳහන් කළේ, මන්පැන් පානය කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු අතර බහින්බස්වීමක් දුරදිග ගොස් එම ඝාතනය සිදුකර ඇති බවයි. පොල්ගහවෙළ රෝහලේ මෘත ශරීරය තැන්පත් කර තිබේ. පොලිසිය සඳහන් කළේ, ඝාතනයට සම්බන්ධ 40 හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි. |
2023-02-03T03:12:32.000Z | අලුත්වැඩියාව ප්‍රමාදයෙන් හා අමුද්‍රව්‍ය හිඟයෙන් රජයේ රෝහල්වල විකිරණ පරීක්ෂණවලට දැඩි බාධා | රජයේ රෝහල්වල විකිරණ පරීක්ෂණවලට දැඩි බාධා.. | COLOMBO ( News 1st ) : රජයේ රෝහල්වල විකිරණ ප්‍රතිකාර හා විකිරණ පරීක්ෂණ කටයුතුවලට දැඩි බාධා එල්ල වී ඇති බවට රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය පවසයි. ඒ, අලුත්වැඩියා ප්‍රමාද වීම හා අමුද්‍රව්‍ය හිඟය හේතුවෙන් ය. එහි සභාපති චානක ධර්මවික්‍රම මහතා පැවසුවේ, මහනුවර ජාතික රෝහලේ විකිරණ ප්‍රතිකාර යන්ත්‍ර 2ක සේවා ලබා ගැනීමට සති කිහිපයක සිට නොහැකි වී ඇති බවයි ඔහු ප්‍රකාශ කළේ X-Ray පරීක්ෂණ සිදු කිරීමටද බාධා මතුව ඇති බවයි. |
2023-02-03T02:37:38.000Z | අමෙරිකාව චීන-ශ්‍රී ලංකා සබඳතාවලට මැදිහත් නොවිය යුතුයි - චීන විදේශ අමාත්‍යාංශය | නූලන්ඩ්ගේ ප්‍රකාශවලට චීනයෙන් ප්‍රතිචාර.. | COLOMBO ( News 1st ) : ශ්‍රී ලංකාවට පැමිණි දේශපාලන කටයුතු පිළිබඳ අමෙරිකානු උප රාජ්‍ය ලේකම් වික්ටෝරියා නූලන්ඩ් මහත්මිය චීනය සම්බන්ධයෙන් දැක්වූ අදහස් පිළිබඳව චීන විදේශ අමාත්‍යාංශය දැඩි ප්‍රතිචාරයක් දක්වා තිබේ. ඊයේ බීජිං නුවර පැවති චීන විදේශ අමාත්‍යාංශ මාධ්‍ය හමුවේදී විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශිකා මාඕ නිං මහත්මිය අවධාරණය කළේ ,අමෙරිකාව චීන ශ්‍රී ලංකා සබඳතාවලට මැදිහත් නොවිය යුතු බවයි. පසුගිය පළමුවැනිදා ශ්‍රී ලංකාවට පැමිණි දේශපාලන කටයුතු පිළිබඳ අමෙරිකානු උප රාජ්‍ය ලේකම් වික්ටෝරියා නූලන්ඩ් මහත්මිය පැවසුවේ, ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් චීනය සෑහීමකට පත්විය හැකි ප්‍රතිචාරයක් ලබා දිය යුතු බවයි. චීන විදේශ අමාත්‍යාංශය අමෙරිකාව සිදු කරන මෙම ප්‍රකාශය ප්‍රතික්ෂේප කරමින් පවසන්නේ, චීන එක්සිම් බැංකුව මේ වනවිටත් ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට සහය වන බව තහවුරු කර ඇති බවයි. චීන ශ්‍රී ලංකා සබඳතා පිළිබඳව අමෙරිකාව වැඩි අවධානයක් යොමු කරනවා වෙනුවට මේ අවස්ථාවේ කළ යුතු වන්නේ, ශ්‍රී ලංකාව මුහුණ පා ඇති අර්බුදයෙන් ගොඩ ඒම සඳහා උපකාර කිරීමට උනන්දු වීම බව චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශිකා මාඕ නිං මහත්මිය අවධාරණය කරයි. |
2023-02-03T01:54:16.000Z | පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමක් අද.. | පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමක් අද.. | COLOMBO ( News 1st ) : පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමක් අද (03)පැවැත්වෙයි. ඒ, කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ය. පාර්ලිමේන්තුව මේ වනවිට වාර අවසාන කර ඇති අතර, එය ලබන 08 වැනිදා උත්සවාකාරයෙන් විවෘත කිරීමට නියමිතයි. අද පැවැත්වෙන සාකච්ඡාවේදී ඊට අදාළ කටයුතු සම්බන්ධයෙන් ප්‍රමුඛ අවධානය යොමුවනු ඇති. |
2023-02-03T01:26:54.000Z | කැලණිතිස්ස බලාගාරය අක්‍රීය කෙරේ.. | කැලණිතිස්ස බලාගාරය අක්‍රීය කෙරේ.. | COLOMBO ( News 1st ) – කැලණිතිස්ස බලාගාරය අක්‍රීය කර ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කරයි. |
2023-02-03T01:22:28.000Z | හිටපු අගරදගුරු ඔස්වල්ඩ් ගෝමිස් හිමිපාණන් ස්වර්ගස්ථ වෙයි | ඔස්වල්ඩ් ගෝමිස් හිමිපාණන් ස්වර්ගස්ථ වෙයි.. | COLOMBO ( News 1st ) – කොළඹ හිටපු අගරදගුරු කොළඹ විශ්වවිද්‍යාලයේ හිටපු කුලපති ඔස්වල්ඩ් ගෝමිස් හිමිපාණන් ස්වර්ගස්ථ වී තිබේ. කලක් රෝගාතුරව සිටි උන්වහන්සේ කොළඹ පෞද්ගලික රෝහලකදී අද(03) අලුයම ස්වර්ගස්ථ වනවිට වයස අවුරුදු 90 කි. මෙරට ආගමික සහජීවනය වෙනුවෙන් නිරන්තරයෙන් පෙනී සිටි ඔස්ලවල්ඩ් ගෝමිස් හිමිපාණන්, සාහිත්‍ය කේෂත්‍රයේ උන්නතිය වෙනුවෙන් ද සුවිශේෂී මෙහෙවරක නිරත විය. |
2023-02-03T01:16:12.000Z | පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්දය ලබන 22, 23 හා ,24 | පුංචි ඡන්දයේ තැපැල් ඡන්දය ලබන 22, 23 හා ,24.. | COLOMBO ( News 1st ) – පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම ලබන 22, 23 හා 24 යන දිනවල සිදු කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේ, තැපැල් ඡන්ද පත්‍රිකා අඩංගු රක්ෂිත පැකට් තැපෑලට භාර දීම ලබන 15 වැනිදා සිදු කෙරෙන බවයි. මේ අතර, නිල ඡන්ද දැන්වීම් කාඩ්පත් තැපෑලට භාරදීම ලබන 19 වැනිදා සිදු කෙරෙන බවද ඔහු ප්‍රකාශ කළේ ය. පළාත් පාලන මැතිවරණය මාර්තු 9 වැනිදා පැවැත්වීමට අදාල ගැසට් නිවේදනයද පසුගියදා නිකුත් කළේ ය. |
2023-02-03T00:36:44.000Z | ගෙවුණු දිනය උණුසුම් කළ පුවත් | ගෙවුණු දිනය උණුසුම් කළ පුවත් | දේශීය පුවත් 1.සමගි ජන බලවේගයේ මැතිවරණ ප්‍රචාරණ හා ප්‍රවර්ධන ලේකම් ධුරය සුජීවට – හිටපු අමාත්‍ය සුජිව සේනසිංහට නව ධුරයන් දෙකක් පිරිනැමීමට සමගි ජනබලවේගය තීරණය කර තිබේ. 2.ශ්‍රී ලංකාවට ණය සහතිකය ලබාදීමට පැරිස් සමාජයේ සාමාජිකත්වය හිමි රටවල් සූදානමින්– ශ්‍රී ලංකාවට ණය සහතිකය ලබාදීමට ඇති පැරිස් සමාජයේ සාමාජිකත්වය හිමි රටවල් සූදානම් බව රොයිටර්ස් පුවත් සේවය ඊයේ (02) වාර්තා කර තිබේ. 3.වසන්තට දුන් අධිකරණ නියෝගය සම්බන්ධයෙන් අභියාචනයක් කිරීමට පොලීසිය සැරසෙයි – වසන්ත මුදලිගේ නිදහස් කිරීමට අදාළව අධිකරණය ලබා දුන් නියෝගය සම්බන්ධව අභියාචනයක් ඉදිරිපත් කිරීමට පොලීසිය නීතිපතිවරයා වෙත ඉල්ලීමක් ඉදිරිපත් කර තිබේ. 4.උතුරේ ඉඩම් අක්කර 108 ක් නිදහස් කිරීමට ජනාධිපතිගෙන් උපදෙස් – ආරක්ෂක අංශ භාරයේ තිබු උතුරේ ඉඩම් අක්කර 108 ක් නිදහස් කිරීමට ජනාධිපතිවරයා උපදෙස් ලබාදී තිබේ. 5.ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රිමාන්ඩ් කර සිටි රැඳවියන් 2කට ජනපති විශේෂ සමාව – ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි රැඳවියන් දෙදෙනකු ජනාධිපති විශේෂ සමාව යටතේ නිදහස් කර තිබේ. 6.සජබ සුමේධ කුරුණෑගල මහ නගර සභාවේ නගරාධිපති ධුරයට - කුරුණෑගල මහ නගර සභාවේ නව නගරාධිපතිවරයා ලෙස සමගි ජන බලවේගයෙන් සුමේධ අරුණ ශාන්ත මහතා ඊයේ (02) වැඩි ඡන්දයෙන් තේරි පත්විය. විදෙස් පුවත් 1. අදානි ලොව ධනවත්ම පුද්ගල ලැයිස්තුවේ තෙවැනි ස්ථානයේ සිට දහතුන දක්වා පහළට – අදානි සමූහ ව්‍යාපාරයේ වෙළඳපොළ වටිනාකම ඩොලර් බිලියන 100කින් පහත වැටී තිබේ. |
2023-02-02T16:36:50.000Z | සමගි ජන බලවේගයේ මැතිවරණ ප්‍රචාරණ හා ප්‍රවර්ධන ලේකම් ධුරය සුජීවට | සජබෙන් සුජීවට අළුත් තනතුරු දෙකක් | COLOMBO ( News 1st ) - හිටපු අමාත්‍ය සුජිව සේනසිංහට නව ධුරයන් දෙකක් පිරිනැමීමට සමගි ජනබලවේගය තීරණය කර තිබේ. ඒ අනුව සමගි ජන බලවේගයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ධුරය සහ මැතිවරණ ප්‍රචාරක හා ප්‍රවර්ධන ලේකම් ධුරය සුජීව සේනසිංහ මහතාට හිමි වී තිබේ. |
2023-02-02T14:58:19.000Z | වසන්තට දුන් අධිකරණ නියෝගය සම්බන්ධයෙන් අභියාචනයක් කිරීමට පොලීසිය සැරසෙයි | වසන්තගේ නඩුවට පොලිසීයෙන් අභියාචනයක් | COLOMBO ( News 1st ) - වසන්ත මුදලිගේ නිදහස් කිරීමට අදාළව අධිකරණය ලබා දුන් නියෝගය සම්බන්ධව අභියාචනයක් ඉදිරිපත් කිරීමට පොලීසිය නීතිපතිවරයා වෙත ඉල්ලීමක් ඉදිරිපත් කර තිබේ. අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ මහතා අත්අඩංගුවට ගෙන දින 167කට පසු ඊයේ (01) ඇප හිමි වූ අතර ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ චෝදනා වලින් නිදහස් කිරීමට, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා පෙරේදා නියෝග කළේ ය. එහිදී මහේස්ත්‍රාත්වරයා අවධාරණය කළේ , මුදලිගේ මහතා හෝ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සාමාජිකයින් කිසිදු ආකාරයකින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ගැනෙන වැරදි සිදුකළ බවට සාක්ෂි නොමැති බවයි. |
2023-02-02T14:11:25.000Z | ශ්‍රී ලංකාවට ණය සහතිකය ලබාදීමට පැරිස් සමාජයේ සාමාජිකත්වය හිමි රටවල් සූදානමින් | පැරිස් සමාජයෙන් ශ්‍රී ලංකාවට කොළ එළියක් | COLOMBO ( News 1st ) - ශ්‍රී ලංකාවට ණය සහතිකය ලබාදීමට ඇති පැරිස් සමාජයේ සාමාජිකත්වය හිමි රටවල් සූදානම් බව රොයිටර්ස් පුවත් සේවය අද (02) වාර්තා කර තිබේ. ශ්‍රී ලංකාව මුහුණ දී ඇති විදේශ ණය අර්බුධයෙන් මිදිම සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විස්තිරණ ණය පහසුකමක් ලබා ගැනීමට අදාළව පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ දී මාණ්ඩලික මට්‍ටමේ එකඟතාවයකට පැමිණියේ ය. මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ප්‍රකාශ කළේ, ඊට අදාළ ණය වාරික ලබා ගැනීමට නම් මෙරට විදේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලින් සිදු කොට ඒ සම්බන්ධයෙන් ණය හිමියන්ගෙන් සහතිකයක් ලබා දෙන ලෙසයි. මේ අනුව ද්වි පාර්ශ්වික ණය හිමියන් වන චීනය , ඉන්දියාව සමග ශ්‍රී ලංකාව මේ වනවිට යම් එකඟතාවන්ට පැමිණ තිබෙන අතර ශ්‍රී ලංකාව ණය ලබාගෙන ඇති ජපානය ඇතුළු රටවල් කිහිපයකින් සමන්විත පැරිස් ක්ලබ් ණය හිමියන්ගේ සමාජයේ ප්‍රතිචාරය මෙතෙක් නිල වශයෙන් ලැබී නොමැත. |
2023-02-02T13:11:36.000Z | සුසන්තිකා ජයසිංහට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ උපදේශක තනතුරක් | සුසන්තිකාට කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ තනතුරක් | COLOMBO ( News 1st ) - ඔලිම්පික් පදක්කම්ලාභී සුපිරි ධාවනශූරී සුසන්තිකා ජයසිංහ මහත්මිය ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ උපදේශක තනතුරකට පත් කර තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයක දැක්වුණේ, 'කාන්තා ක්‍රිකට් උපදේශනය සහ සංවර්ධනය පිළිබඳ උපදේශක' තනතුරට ඇය පත් කළ බවයි. තමාට ලැබුණු, මෙම නව අභියෝගය පිළිබඳව සතුටට පත්වන බවත්, යොවුන් ක්‍රීඩිකාවන්ට ඉදිරියට පැමිණීම සඳහා තම උපරිම දායකත්වය ලබා දෙන බවත් සුසන්තිකා ජයසිංහ මහත්මිය පවසා තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ වැඩි දුරටත් දැක්වෙන්නේ, මෙම වසරේ පෙබරවාරි 01 වැනිදා සිට අදාළ පත්වීම බලාත්මක බවයි. |
2023-02-02T12:19:01.000Z | අදානි ලොව ධනවත්ම පුද්ගල ලැයිස්තුවේ තෙවැනි ස්ථානයේ සිට දහතුන දක්වා පහළට | අදානි සමූහ ව්‍යාපාරයට මූල්‍ය චෝදනා | COLOMBO ( News 1st ) - අදානි සමූහ ව්‍යාපාරයේ වෙළඳපොළ වටිනාකම ඩොලර් බිලියන 100කින් පහත වැටී තිබේ. ඒ ඔවුන්ට එල්ල වී ඇති මූල්‍ය වංචා චෝදනා හේතුවෙනි. පසුගිය සතියේ පර්යේෂණ ආයතනයක් විසින් ප්‍රකාශයට පත් කරන ලද වර්තාවක, අදානි සමූහ ව්‍යාපාරය සිදුකලා යැයි සැක කෙරෙන ගිණුම්කරණ වංචා සහ මුදල් විශුද්ධිකරණය පිළිබඳ තොරතුරු හෙළි කිරීමත් සමග එම ව්‍යාපාරයේ වෙළඳපොළ වටිනාකම දරුණු ලෙස පහත වැටුණි. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, අදානි සමූහ ව්‍යාපාරයේ සභාපති ගෞතම් අදානිගේ පෞද්ගලික වත්කම් වලට ද මෙම මූල්‍ය වංචා චෝදනා දැඩි බලපැමක් එල්ල කර බවයි. චෝදනා එල්ල වී දින කිහිපයක් ඇතුළත ඔහු ලොව ධනවත්ම පුද්ගලයින්ගේ ලැයිස්තුවේ තෙවැනි ස්ථානයේ සිට දහතුන් වැනි ස්ථානය දක්වා පහත වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා වල සඳහන් ය. |
2023-02-02T11:35:03.000Z | ජනපති රනිල් මල්වතු, අස්ගිරි මහ නාහිමිවරුන් බැහැදකී | ජනපති රනිල් මල්වතු, අස්ගිරි මහ නාහිමිවරුන් බැහැදකී | COLOMBO ( News 1st ) - ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (02) සියම් මහා නිකායේ මල්වතු සහ අස්ගිරි පාර්ශ්වයේ මහානාහිමිවරුන් බැහැදුටුවේ ය. ඒ අද (02) පෙරවරුවේ මල්වතු සහ අස්ගිරි මහා විහාරවලදී ය. අද (02) පෙරවරුවේ මල්වතු මහාවිහාරයට පැමිණි ජනාධිපතිවරයා අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහනාහිමියන් බැහැදැක ආශීර්වාද ලබාගත්තේ ය. මල්වතු පාර්ශ්වයේ, ප්‍රධාන ලේඛකාධිකාරී ආචාර්ය පහමුණේ ශ්‍රී සුමංගල හිමියන් නිකුත් කළ නිවේදනයක දැක්වුණේ, ජනතාව මුහුණ දී සිටින දැඩි ආර්ථික දුෂ්කරතාව, විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම, දැනට ක්‍රියාත්මක රාජ්‍ය බදු ප්‍රතිපත්තිය, 13 වන සංශෝධනය හා මහනුවර නගර සංවර්ධනය පිළිබඳව මහනාහිමියන් ජනාධිපතිවරයාගේ අවධානය යොමු කළ බවයි. දැනට ක්‍රියාත්මක රාජ්‍ය බදු ප්‍රතිපත්තිය හේතුවෙන් ජනතාව දැඩි ආර්ථික දුෂ්කරතාවන්ට මුහුණ දී සිටින බවත්, ඉතා ඉක්මනින් ඒ සම්බන්ධයෙන් ජනතා හිතවාදී සහනශීලී ක්‍රමවේදයක් ක්‍රියාත්මක කළ යුතු බවත්, සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ මහානාහිමියන් මෙහිදී ජනාධිපතිවරයාට පෙන්වා දී තිබේ. අනතුරුව ජනාධිපතිවරයා සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මහානායක, අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමියන් බැහැ දුටුවේය. මේ අතර 75 වන ජාතික නිදහස් දිනය වෙනුවෙන් තැපැල් දෙපාර්තමේන්තුව නිකුත් කළ සමරු මුද්දරය සහ මහ බැංකුව නිකුත් කළ විශේෂ සමරු කාසිය ජනාධිපතිවරයාට පිළිගැන්වීම අද (02) පෙරවරුවේ දී සිදුවුණේ මහනුවර ජනාධිපති මන්දිරයේදීය. |
2023-02-02T11:16:11.000Z | ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රිමාන්ඩ් කර සිටි රැඳවියන් 2කට ජනපති විශේෂ සමාව | PTA යටතේ රිමාන්ඩ් කර සිටි රැඳවියන් 2කට නිදහස | COLOMBO ( News 1st ) - ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි රැඳවියන් දෙදෙනකු ජනාධිපති විශේෂ සමාව යටතේ නිදහස් කර තිබේ. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, චන්දන ඒකනායක මහතා පැවසුවේ කොළඹ මැගසින් බන්ධනාගාරයේ මොවුන් රඳවා සිටි බවයි. මේ අතරින් එක් අයෙකුට වව්නියාව මහාධිකරණය මගින් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කර තිබූ අතර අනෙක් පුද්ගලයාට නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය මගින් මාස 6ක සිරදඬුවම් නියම කර තිබුණි. |
2023-02-02T11:10:56.000Z | පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සඳහා ලෝක බැංකුවෙන් අප්‍රිකානු රටවල් 4 කට අරමුදල් | අප්‍රිකානු රටවල් 4 කට ලෝක බැංකුවෙන් අරමුදල් | COLOMBO ( News 1st ) - පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සඳහා ලෝක බැංකුවෙන් අප්‍රිකානු රටවල් 4 කට අමෙරිකානු ඩොලර් මිලියන 311ක අරමුදල් ලබා දීමට තීරණය කර තිබේ. ඒ අනුව සියෙරා ලියොන්, ලයිබීරියාව, ටෝගෝ සහ චැඩ් යන රටවල විදුලිය බෙදා හැරීම සහ සම්ප්‍රේෂණ පිළිබඳ ව්‍යාපෘති සඳහා මෙම අරමුදල් යෙදවීමට නියමිතයි. මෙම අරමුදල්, බලශක්තිය සඳහා අධික පිරිවැයක් දැරීමට සිදුවන බටහිර හා මධ්‍යම අප්‍රිකානු රටවල බලශක්ති විප්ලවයක් ඇති කරනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් ය. |
2023-02-02T11:07:46.000Z | අබිරහස් ලෙස මියගිය කෝටිපති ව්‍යාපරිකයකුගේ මළ සිරුරක් පිහිනුම් තටාකයක.. | අබිරහස් ලෙස මියගිය ව්‍යාපාරිකයකුගේ මළ සිරුරක්... | COLOMBO (News 1st) - පැලවත්ත ප්‍රදේශයේ ඉදිවෙමින් පවතින නිවසක පිහිනුම් තටාකයක තිබී මියගිය ව්‍යාපාරිකයෙකුගේ මළ සිරුරක් සොයාගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතීඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේ, අද පස්වරුවේ එම මළ සිරුර සොයා ගත් බවයි. මියගොස් ඇත්තේ, නිමි ඇඳුම් ව්‍යාපාරයක් පවත්වාගෙන යන 50 හැවිරිදි ව්‍යාපාරිකයෙකි. එම ව්‍යාපාරිකයාගේ ඉදිවෙමින් පවතින නිවසේ උඩු මහලේ පිහිනුම් තටාකයේ තිබී මළ සිරුර සොයා ගෙන තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් තලංගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර තිබේ. |
2023-02-02T09:59:02.000Z | උතුරේ ඉඩම් අක්කර 108 ක් නිදහස් කිරීමට ජනාධිපතිගෙන් උපදෙස් | උතුරේ ඉඩම් අක්කර 108 ක් නිදහස් කෙරේ | COLOMBO (News 1st) - ආරක්ෂක අංශ භාරයේ තිබු උතුරේ ඉඩම් අක්කර 108 ක් නිදහස් කිරීමට ජනාධිපතිවරයා උපදෙස් ලබාදී තිබේ. එම ඉඩම් පවුල් 197 ක් වෙත හෙට (03) දිනයේ බෙදාදීමට නියමිතයි. ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළේ, 75 වන නිදහස් දිනයට සමගාමීව මෙම ඉඩම් නිදහස් කිරීමට පියවර ගෙන ඇති බවයි. |
2023-02-02T07:02:23.000Z | සජබ සුමේධ කුරුණෑගල මහ නගර සභාවේ නගරාධිපති ධුරයට | සජබ සුමේධ කුරුණෑගල මහ නගර සභාවේ නගරාධිපති ධුරයට | News 1st - කුරුණෑගල මහ නගර සභාවේ නව නගරාධිපතිවරයා ලෙස සමගි ජන බලවේගයෙන් සුමේධ අරුණ ශාන්ත මහතා අද වැඩි ඡන්දයෙන් තේරි පත්විය. නගරාධපති තනතුර සඳහා සුමේධ අරුණ ශාන්ත මහතා සමග විපක්ෂ නායක විජයානන්ද වෙඩිසිංහ මහතා තරග කළේ ය. එහිදි සුමේධ අරුණ ශාන්ත මහතා ඡන්ද 10 ලබා ගත් අතර විපක්ෂ නායක විජයානන්ද වෙඩිසිංහ මහතා ලබා ගත්තේ ඡන්ද 06 ක් පමණි. පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමාන ආසන දිසා ගැනීම තුළ තුන්ණ්ඩු ඇදිමෙන් නගරාධිපතිවරයා ලෙස තුෂාර සංජීව මහතා තෙරීපත්විය. මෙවර අයවැය දෙවරක් පරාජය වීම හේතුුවෙන් ඔහු එම තනතුරින් නෙරපා හැරීමට පළාත් ආණ්ඩුකාරවරයා පියවර ගත්තේ ය. ඒ අනුව නව නගාරාධිපතිවරයකු පත්කරගැනීම වෙනුවෙන් අද ඡන්ද විමසීම පැවැත්විය. |
2023-02-02T06:55:15.000Z | 13 වන සංශෝධනය කිසිසේත් බලාත්මක නොකළ යුතුයි... මහනාහිමිවරුන්ගෙන් ජනපතිට ලිපියක් | 13 බලාත්මක නොකළ යුතුයි. මහනාහිමිවරුන්ගෙන් ලිපියක් | COLOMBO (News 1st) - රටේ ස්වාධීනත්වය , භෞමික අඛණ්ඩතාව හා ජාතික ආරක්ෂා පිළිබඳ බරපතළ ගැටලු නිර්මාණය කරන 13 වන ව්‍යවස්ථා සංශෝධනය කිසිසේත් බලාත්මක නොකළ යුතු බව ත්‍රෛනිකායික මහා සංඝරත්නය ජනාධිපතිවරයාට ලිපියක් යොමු කරමින් අවධාරණය කරයි. උන්වහන්සේ පෙන්වා දෙන්නේ 13 වන ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ වහයෙන් ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා සිදුකල ප්‍රකාශය රට තුළ දැඩි ව්‍යාකූලත්වයක් නිර්මානය කර ඇති බවයි. ඉඩම් හා පොලිස් බලතල , පෞරාණික , ඓතිහාසික ස්මාරක වාර්තා හා ආගමික සමිති නියාමනය ඇතුළු බලතල ක්‍රියාත්මක කිරීම පළාත් සභා වෙත බලය ලබාදීම රට තුළ බෙදුම්වාදය තවදුරටත් ක්‍රියාත්මක කිරීමට ඉඩ ප්‍රස්ථාව විවර කරන්නක් බව ත්‍රෛනිකායික මහා නාහිමිවරුන් ජනාධිපතිවරයාට යොමුකළ ලිපියේ සඳහන් ය. මහා නාහිමිවරුන් අවධාරණය කරන්නේ මීට පෙර ජනාධිපතිධූරය දැරු පුද්ගලයින් විසින් 13 වන ව්‍යවස්ථා සංශෝදනය පූර්ණ වශයෙන් බලාත්මක කිරීමෙන් වැලකී සිටියේ රට තුල ඇති විය හැකි ව්‍යාකූලත්වයන් හා එහි අනර්ථකාරී බව අවබෝධකරගත් නිසා බවයි. ජනතා පරමාධිපත්‍ය්‍ය ආරක්ෂා කිරීමේ වගකීමෙන් බැඳී සිටින විධායක ජනාධිපතිවරයා මධ්‍යම රජයේ ස්වාධිපත්‍ය බිඳ වැටීමට හේතුවන මෙවැනි ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාත්මක කිරීමට කටයුතු කිරීම දැඩි මහජන අප්‍රසාදයට හේතුවක් බව උන් වහන්සේ අවධාරණය කරති. ත්‍රෛනිකායික මහාන නාහිමිවරුන් අවධාරනය කරන්නේ රට තුළ පවත්නා ආර්ථික අර්බුදය හමුවේ කලාපීය හා ගෝලීය බලවතුන්ගේ සහයෝගය ලබා ගැනීම සඳහා යම් කොන්දේ සදහා එකග වීමට බලපෑම් එල්ල වූවද , රටේ භෞමික අඛණ්ඩතාවය හා ස්වාධීනත්වය අනතුරෙහි හෙළන මෙවැනි යෝජනාවන් ප්‍රතික්ෂේප කිරීමට කටයුතු කළ යුතු බවයි. |
2023-02-02T06:16:50.000Z | මානව හිමිකම් කොමිසමේ පෙත්සම සලකා බලා අවසන් වන තුරු විදුලි කප්පාදුවක් නැහැ... - මණ්ඩලෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ප්‍රතිඥාවක් | පෙත්සම සලකා බලා අවසන් වන තුරු විදුලි කප්පාදුවක් නෑ | COLOMBO (News 1st) - ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කර ඇති පෙත්සම සලකා බැලීම අවසන් කරන තුරු විදුලිය විසන්ධි කිරීමක් සිදු නොකරන බවට ලංකා විදුලි බල මණ්ඩලය අද (02) ශ්‍රේෂ්ඨාධිකරණයට ප්‍රතිඥාවක් ලබා දී තිබේ. මෙවර උසස් පෙළ විභාගය අවසන් වන තුරු කිසිදු ආකාරයකින් විදුලිය විසන්ධි කිරීමක් සිදු නොකරන ලෙසට තමත් ලබාදී තිබු තීන්දුව උල්ලංඝණය කරමින් විදුලිබල බලධාරීන් කටයුතු කිරීමට එරෙහිව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ශ්‍රේෂ්ඨාධිකරණයට මෙම පෙත්සම ගොනු කළේ ය. ලංකා විදුලි බල මණ්ඩලය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උදිත ඉහලහේවා මහතා එම පොරොන්දුව ලබා දෙමින් අධිකරණයට පෙන්වා දුන්නේ, මේ වන විටත් ලංකා විදුලිබල මණ්ඩලය සැලසුම් කල පරිදි කිසිදු ආකාරයකින් විදුලිය විසන්ධි කිරීමක් එම කාලය තුළ සිදු නොකරන බවයි. ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් ගොනු කර තිබූ එම අධිකරණයට අපහාස කිරීමේ නඩුව පී. පද්මන් සුරසේන, යසන්ත කෝදාගොඩ, ශිරාන් ගුණරත්න යන විනිසුරු මඩුල්ල හමුවේ අද කැඳවනු ලැබීය. |
2023-02-02T01:04:20.000Z | අමෙරිකාවේ සංචාරයකට ජෝ බයිඩන්ගෙන් ඉන්දීය අගමැතිට ආරාධනා | ජෝ බයිඩන්ගෙන් මෝදිට ඇරයුමක් | News 1st - අමෙරිකාවේ සංචාරයකට පැමිණෙන්නැයි ජනාධිපති ජෝ බයිඩන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට ආරාධනා කර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, දෙරටේම බලධාරීන් මෙම හමුව පිළිගෙන ඇති අතර ඒ සඳහා දිනයක් වෙන්කිරීම පිළිබඳව අවධානය යොමු කර ඇති බවයි. මේ වසරේ G 20 සමුළුව ඇතුළු ගෝලීය මට්ටමේ කාර්යයන් බොහෝමයක ප්‍රධානත්වය දැරීමට ඉන්දියාව සූදානමින් සිටි. දේශපාලන විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ, එවැනි පසුබිමක් තුළ අමෙරිකානු ජනාධිපතිවරයාගේ මෙම ආරාධනය සුවිශේෂී බවයි. |
2023-02-02T00:58:17.000Z | පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ විශේෂ රැස්වීමක් හෙට | පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීමක් | COLOMBO (News 1st) - පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ විශේෂ රැස්වීමක් හෙට (03) දිනයේ පැවැත්වීමට නියමිත වේ. කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සඳහන් කළේ, එම රැස්වීම හෙට පස්වරු 2.00 ට පැවැත්වෙන බවයි. පාර්ලිමේන්තුව මේ වනවිට වාර අවසාන කර ඇත. |
2023-02-02T00:53:19.000Z | සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 4 ක මිල අඩු කෙරේ | සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 4 ක මිල අඩු කෙරේ | COLOMBO (News 1st) - අද (02) සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 4 ක මිල අඩු කර තිබේ. ඒ අනුව වියළි මිරිස් කිලෝග්‍රෑමයක නව මිල රුපියල් 1,675 ක් වන අතර ලොකු ලූණු කිලෝග්‍රෑමයක නව මිල රුපියල් 165 කි. රතු කැකුළු සහල් කිලෝග්‍රෑමයක නව මිල රුපියල් 169 ක්. පාන් පිටි කිලෝග්‍රෑමයක් අද සිට රුපියල් 230 කට සතොස හරහා මිලදී ගැනීමට පාරිභෝගික ජනතාවට අවස්ථාව හිමිවනු ඇති. |
2023-02-02T00:41:23.000Z | පළාත් 4 කට මිලිමීටර් 100 ට වැඩි තද වැසි, නිරිතදිග බෙංගාල බොක්කේ ධීවර කටයුතු එපා - කාලගුණයෙන් අනාවැකි | පළාත් 4 කට මිලිමීටර් 100 ට වැඩි තද වැසි | COLOMBO (News 1st) - නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය නැගෙනහිර වෙරළ දෙසින් ශ්‍රී ලංකාවට ඇතුළ් වී ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මේ හේතුවෙන් උතුරු, උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත්වලට මෙන්ම පුත්තලම දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ට වැඩි තද වැසි ඇති විය හැකියි. මේ අතර ඉදිරි පැය 24 තුළ නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ධීවර හා නාවුක කටයුතුවලින් වළකින්නැයි ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව එම ප්‍රජාවට දැනුම් දෙනු ඇත. |
2023-02-02T00:36:40.000Z | රජයේ වියදම් කළමනාකරණය සම්බන්ධයෙන් චක්‍රලේඛයක් | පුනරාවර්ථන වියදම් 6% කින් කපා හරිමින් චක්‍රලේඛයක් | COLOMBO (News 1st) - 2023 වසර සඳහා වෙන් කර ඇති පුනරාවර්ථන වියදම් 6% කින් කපා හැරීම හා රජයේ වියදම් කළමනාකරණය සම්බන්ධ චක්‍රලේඛයක් නිකුත් කර තිබේ. ඒ, මුදල් ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය විසිනි. මේ වසර සඳහා ඇස්තමේන්තුගත රජයේ දළ ආදායම රැස් කිරීම සම්බන්ධයෙන් උද්ගතව ඇති දැඩි දුෂ්කරතා මත ඇතිවිය හැකි අහිතකර ප්‍රතිවිපාක අවම කිරීමේ අරමුණින් පුනරාවර්ථන වියදම් 6% කින් කපා හැරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇතැයි එහි සඳහන් වේ. ඒ අනුව සියලුම අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තුවල වැටුප් හා වේතන, වෛද්‍ය සැපයුම්, බදු කුලි සහ පළාත් පාලන ආයතන බදු, විශ්‍රාමික ප්‍රතිලාභ, දෙස් විදෙස් ණය සඳහා පොලී ගෙවීම්, භාණ්ඩාගාර බිල්පත් සහ භාණ්ඩාගාර බැඳුම්කර මත වට්ටම්, අත්‍යවශ්‍ය සුබ සාධන ගෙවීම් සහ ව්‍යවස්ථාපිත හෝ ගිවිසුම්ගත බැඳීම් සඳහා අයවැයෙන් වෙන් කරන ලද ප්‍රතිපාදන හැර අනෙකුත් සියලුම පුනරාවර්ථන වියදම් සඳහා වූ ප්‍රතිපාදනවල එකතුවෙන් 6% කට සමාන ප්‍රතිපාදන අවම වශයෙන් කපා හැරිය යුතුයි. දුෂ්කර ආර්ථික වතාවරණය හමුවේ පීඩාවට පත් පුද්ගලයින් සඳහා සහන සැලසීම, සමෘද්ධි, වැඩිහිටි, වකුගඩු රෝගීන් සඳහා දීමනා සහ ආබාධ සහිත පුද්ගලයින් සඳහා දීමනා, ගර්භනි මව්වරුන් සඳහා පෝෂණ ආහාර පැකේජය, පෙර පාසැල් ළමුන් සඳහා උදෑසන ආහාරය, උග්‍ර මන්දපෝෂණයෙන් පෙලෙන දරුවන්ට පෝෂණ වැඩසටහන ඇතුළු පාසල් සඳහා වන සුබ සාධන වැඩසටහන් සඳහා මෙම චක්‍රලේඛය බලපාන්නේ නැත. |
2023-02-02T00:15:23.000Z | ගෙවුණු දිනය උණුසුම් කළ පුවත් | ගෙවුණු දිනය උණුසුම් කළ පුවත් | 1. ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 30කින් ඉහළට - ඊයේ (01) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල වැඩි කර තිබේ. 2. මේ වසර අවසන් වනවිට ආර්ථිකය යහපත් වේවි - ජනපති - මේ වසර අවසන් වන විට රටේ ආර්ථිකය යහපත් තත්ත්වයට පත්වනු ඇතැයි, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. 3. පොදු රාජ්‍ය මණ්ඩලයේ මහ ලේකම්, පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් දිවයිනට - පොදු රාජ්‍ය මණ්ඩලයේ මහ ලේකම් පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් මහත්මිය ඊයේ (01) පස්වරුවේ දිවයිනට පැමිණියා ය. 4. උසස් පෙළ විභාගය අවසන් වන තුරු විදුලිය කප්පාදුවක් සිදු නොකරන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා මූලික අයිතිවාසිකම් පෙත්සමක් - උසස් පෙළ විභාගය අවසන් වන තුරු විදුලිය කප්පාදුවක් සිදු නොකරන ලෙස බලධාරීන්ට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ලංකා ගුරු සංගමයේ ලේකම්, ජෝසප් ස්ටාලින් මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට ඊයේ (01) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේ ය. 5. කැලණි සරසවිය අසල අන්තරේ විරෝධතාවට ජල ප්‍රහාර - අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩල විරෝධතාවක් විසුරුවා හැරීමට පොලිසිය මීට සුළු වේලාවකට පෙර ජල ප්‍රහාර එල්ල කළේ ය. |
2023-02-01T16:25:08.000Z | ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 30කින් ඉහළට | ඔක්ටේන් 92 පෙට්‍රල් මිල ඉහළට | COLOMBO (News 1st) - අද (01) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල වැඩි කර තිබේ. ඒ රුපියල් 30 කිනි. ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 400 වනු ඇත. සෙසු ඉන්ධන වර්ගවල මිලෙහි සංශෝදනයක් සිදු නොවන බව ලංකා ඛණිජ තෙල් නිතිගත සංස්ථාව නිවේදනය කළේ ය. |
2023-02-01T16:00:24.000Z | මේ වසර අවසන් වනවිට ආර්ථිකය යහපත් වේවි - ජනපති | මේ වසර අවසන් වනවිට ආර්ථිකය යහපත් වේවි - ජනපති | COLOMBO (News 1st) - මේ වසර අවසන් වන විට රටේ ආර්ථිකය යහපත් තත්ත්වයට පත්වනු ඇතැයි, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, ත්‍රිවිධ හමුදා ජ්‍යේෂ්ඨ නිලධාරීන් 77 දෙනෙකුට විශිෂ්ඨ සේවා විභූෂණ සම්මාන ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක් වෙමිනි. 2019 , 2020 , 2021 වර්ෂවලට අදාළව යුධ හමුදා නිලධාරීන් 53 දෙනෙක් , නාවික හමුදා නිලධාරීන් 17 දෙනෙක් හා ගුවන් හමුදා නිලධාරීන් 7 දෙනෙක් වෙනුවෙන් මෙහිදී පදක්කම් ප්‍රදානය කෙරුණි. |
2023-02-01T15:57:51.000Z | පොදු රාජ්‍ය මණ්ඩලයේ මහ ලේකම් ,පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් දිවයිනට | පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් දිවයිනට | COLOMBO (News 1st) - පොදු රාජ්‍ය මණ්ඩලයේ මහ ලේකම් ,පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් මහත්මිය අද (01) පස්වරුවේ දිවයිනට පැමිණියා ය. කටුනායක ගුවන් තොටුපළේ , කාර්යභාර කළමණාකාරවරයා සඳහන් කළේ, ඇය සමග තවත් නියෝජිතයින් 03 දෙනෙකු දිවයිනට පැමිණි බවයි. ඔවුන් පිළිගැනීම සඳහා විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය, තාරක බාලසූරිය මහතා ඇතුළු ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් කටුනායක ගුවන් තොටුපළට පැමිණ සිටි බව අප වාර්තාකරු සඳහන් කළේ ය. |
2023-02-01T13:27:57.000Z | උසස් පෙළ විභාගය අවසන් වන තුරු විදුලිය කප්පාදුවක් සිදු නොකරන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා මූලික අයිතිවාසිකම් පෙත්සමක් | විභාග සමයේ විදුලි කප්පාදුව එපා,අධිකරණයට පෙත්සමක් | COLOMBO (News 1st) - උසස් පෙළ විභාගය අවසන් වන තුරු විදුලිය කප්පාදුවක් සිදු නොකරන ලෙස , බලධාරීන්ට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා , ලංකා ගුරු සංගමයේ ලේකම්, ජෝසප් ස්ටාලින් මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට අද (01) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේ ය. ඒ , නීතීඥ ඩී.පී කෞෂල්‍යා සමරවීර මහත්මිය මගිනි. විදුලි බල හා බලශක්ති අමාත්‍යංශයේ ලේකම්වරයා , විෂයභාර අමාත්‍යවරයා , විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා , විභාග කොමසාරිස් ජනරාල්වරයා , නීතිපතිවරයා ඇතුළු පිරිසක්, මෙහි වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබේ. මේ අතර ඇතිකරගත් එකඟතා කඩ කරමින් උසස් පෙළ විභාග සමයේදී විදුලිය කප්පාදු කිරීමට එරෙහිව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ද විදුලි බල මණ්ඩලයට එරෙහිව අධිකරණයට කරුණු වාර්තා කළේ ය. |
2023-02-01T10:24:41.000Z | කැලණි සරසවිය අසල අන්තරේ විරෝධතාවට ජල ප්‍රහාර | කැලණි සරසවිය අසල අන්තරේ විරෝධතාවට ජල ප්‍රහාර | COLOMBO (News 1st) - අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩල විරෝධතාවක් විසුරුවා හැරීමට පොලිසිය මීට සුළු වේලාවකට පෙර ජල ප්‍රහාර එල්ල කළේ ය. ඒ , කැලණිය විශ්වවිද්‍යාලය අසලදීයි. අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ සිසුන් අද පස්වරුවේ කැලණිය විශ්වවිද්‍යාලය අසලින් මෙම විරෝධතාව ආරම්භ කළේ, අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සිරගත කර තැබීමට විරෝධය පළ කරමිනි. |
2023-02-01T09:38:07.000Z | රටට අවශ්‍ය බෙහෙත් ගේන්න, රට යන්න ඇමති කෙහෙළියට අවසර හිමිවෙයි.. | කෙහෙළියගේ විදෙස්ගමන් තහනම තාවකාලිකව ඉවතට | COLOMBO (News 1st) - සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට විදේශගත වීමට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා අද (01) අවසර ලබා දුන්නේ ය. ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යවරයාට ලබන 21 වැනිදා සිට මැයි 20 වැනිදා දක්වා විදෙස් ගත වීමට අවසර හිමිවනු ඇත. මෙරටට අවශ්‍ය ඖෂධ මිලදී ගැනීමේ කටයුතු සඳහා සිය සේවාදායකයා විදේශගත වන බව අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරයා අධිකරණයට කරුණු වාර්තා කළේ ය. නීතිඥවරයා වැඩිදුරටත් අධිකරණයට පෙන්වා දී ඇත්තේ,අමාත්‍යවරයාට ඒ සඳහා අවසර හිමි නොවන්නේ නම් රටට අවශ්‍ය ඖෂධ ලබාදීමේ බලවත් ගැටලු පවතින බවයි. එම කරුණු දැක්වීම සලකා බැලූ විනිසුරුවරයා විත්තිකරුට පනවා තිබූ විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කළේ ය. 2015 ජනාධිපතිවරණ සමයේදී ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට අවශ්‍යතාවයක් නොමැතිව තිබියදීත් , එම සංස්ථාවට අයත් රුපියල් නව ලක්ෂ අනූ දහසක් වැය කර GI බට 600ක් මිලදී ගෙන රජයට පාඩුවක් සිදු කිරීම ඇතුළු අධිචෝදනා යටතේ කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු 03 දෙනෙකුට එරෙහිව නඩුව අද කැඳවූ අවස්ථාවේදී මහාධිකරණ විනිසුරුවරයා මෙම නියෝගය කළේ ය. මෙහි පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය ලබන මාර්තු 14 යළි කැඳවීමට නියමිතයි. |
2023-02-01T09:23:27.000Z | අමෙරිකානු රාජ්‍ය උප ලේකම්වරිය ජනපති හමුවෙයි | වික්ටෝරියා නූලන්ඩ් හා ජනපති අතර හමුවක් | COLOMBO (News 1st) - මෙරට නිල සංචාරයක නිරත දේශපාලන කටයුතු පිළිබඳ අමෙරිකානු රාජ්‍ය උප ලේකම් වික්ටෝරියා නූලන්ඩ් මහත්මිය අද පෙරවරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවිය. ඒ ජනාධිපති කාර්යාලයේදීයි. මෙහිදී ජනාධිපතිවරයා රට මුහුණ දී ඇති මේ දුෂ්කර මෙහොතේ ඇමරිකානු රජය දක්වන සහයෝගයට ස්තුතිය පළ කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ය. වික්ටෝරියා නූලන්ඩ් මහත්මිය මෙහිදී පෙන්වා දී ඇත්තේ ශ්‍රී ලංකාව යථා තත්ත්වයට පත් කීරම සඳහා තම රජයේ සහය අඛණ්ඩව ලබා දෙන බවයි. වික්ටෝරියා නූලන්ඩ් මහත්මිය ඊයේ රාත්‍රි දිවයිනට පැමිණියා ය. මේ අතර පොදු රාජ්‍ය මණ්ඩලයීය මහ ලේකම් පැට්‍රීෂීයා ස්කොට්ලන්ඩ් මහත්මිය ද අද පස්වරුවේ දිවයිනට පැමිණීමට නියමිතයි. |
2023-02-01T08:07:59.000Z | 2021ට වඩා 2022 දී මෙරට දූෂණය ඉහළට.... ට්‍රාන්ස්පේරන්සි නවතම වාර්තාවක් හෙළි කරයි | මෙරට දූෂණය තවත් ඉහළට-ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂල් | COLOMBO (News 1st) - 2021 වසරට වඩා 2022 වසරේ ශ්‍රී ලංකාවේ දූෂණය ඉහළ ගොස් ඇතැයි, ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් සංවිධානය සිය නවතම වාර්තාවකින් අනාවරණය කර තිබේ. රාජ්‍ය අංශයේ දූෂිත ක්‍රියාකාරකම් පදනම් කරගනිමින් ඔවුන් නිකුත් කළ දූෂණ සංජානන දර්ශකය අනුව රටවල් 180 ක් අතරින් ශ්‍රී ලංකාව සිටින්නේ 101 වන ස්ථානයේයි. ලෝක බැංකුව, ලෝක ආර්ථික සමුළුව, පෞද්ගලික අවදානම් සහ උපදේශන සමාගම්, බුද්ධි මණ්ඩල සහ වෙනත් පාර්ශ්ව ඇතුළු බාහිර මූලාශ්‍ර 13 කින් ලබා ගත් දත්ත අනුසාරයෙන් දූෂණ සංජානන දර්ශකය ගණනය කිරීම් සිදු කරයි. මීට අමතරව විශේෂඥ අදහස් සහ ව්‍යාපාර ප්‍රජාවගෙන් ලබාගත් සමීක්ෂණ දත්ත ද මෙම ගණනය කිරීම්වලට යොදා ගන්නා අතර දූෂණ සංජානන දර්ශක පරිමාණය, ලකුණු 0 බෙහෙවින් දූෂිත අගය වන අතර 100 ඉතා පිරිසිදු අගයයි. මෙම අගයන් දෙක අතර රටවල් ශ්‍රේණිගත කිරීම සිදුවේ. 2022 වසරේ ශ්‍රී ලංකාව ලබාගෙන ඇති දූෂණ සංජානන දර්ශක අගය 36 කි. එය 2021 වසරට වටා ඒකක එකක අඩුවීමකි. ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ආයතනය පෙන්වා දෙන්නේ ඉතිහාසයේ වාර්තා කළ තිබූ අවම අගය වන 36 පසුගිය 2022 වර්ෂයේදී වාර්තා කර තිබීම කනගාටුදායක තත්ත්වයක් බවයි. දූෂණයට එරෙහිව රාජ්‍යයන් කටයුතු කරන බවට ප්‍රකාශ කර ඇති නමුත් ඒ සඳහා නිශ්චිත ක්‍රියාමාර්ග ගෙන ඇත්තේ අවම රටවල් ප්‍රමාණයක් බව ද ඔවුහු පෙන්වා දෙති.. ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ආයතනය පවසන්නේ, රටේ ආර්ථිකයට සහ පුරවැසියන්ගේ ජීවන තත්ත්වය මත අහිතකර ලෙස බලපා ඇති දූෂිත චෞර තන්ත්‍රය සහ පවත්නා ක්‍රමය වෙනස් කිරීමට අවශ්‍ය ක්‍රියා මාර්ග නොගැනීමත් සමග සිවිල් සමාජය මර්දනය කිරීම තුළින් දූෂණය මැඩලීමට දේශපාලන කැමැත්තක් නොමැති බව පිළිඹිබු වීම යන හේතු මත ශ්‍රී ලංකාව ද මෙම ගණයට අයත් වන බවයි. පසුගිය වසරේ රට පුරා ව්‍යප්තවූ ජන අරගලයක නිරත වූ ශ්‍රී ලාංකිකයන්, දූෂණය සහ දුර්වල ආණ්ඩුකරණය මගින් රටේ ආර්ථිකය සහ ඔවුන්ගේ එදිනෙදා ජීවිතය කෙරෙහි ඇති කරන දැඩි බලපෑම තේරුම් ගනිමින් සිටින බව ද ඔවුන් නිකුත් කළ දූෂණ සංජානන දර්ශක වාර්තාවේ සඳහන් ය. ජාතියේ බංකොළොත්භාවයට වගකිව යුතු අයට එරෙහිව විරෝධය දක්වමින්, දූෂණ විරෝධී ප්‍රතිසංස්කරණ ඉල්ලා සිටි ආකාරය රජය සිහි තබාගත යුතු බවද ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර් නැෂනල් ආයතනය අවධාරණය කරයි. කඩා වැටී ඇති ආර්ථිකය යළි පණ ගැන්වීමට රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය පතා ඇති අතර ඒ සඳහා මූල්‍ය විනිවිදභාවය, රාජ්‍ය මූල්‍ය කළමනාකරණය සහ ශක්තිමත් දූෂණ විරෝධී නීතිමය රාමුව වැඩිදියුණු කිරීම තුළින් දූෂණ අවදානම් අවම කිරීමේ අවශ්‍යතාව ද ඇති බව ඔවුන්ගේ අදහසයි. 2022 දූෂණ සංජානන දර්ශකය අනුව ඩෙන්මාර්කය, පින්ලන්තය සහ නවසීලන්තය දර්ශකයෙහි ඉහළින්ම සිටින අතර දූෂිත රටවල් අතර ඉදිරියෙන්ම සිටින්නේ දකුණු සුඩානය, සිරියාව සහ සෝමාලියාවයි. |
2023-02-01T07:53:49.000Z | අතිවිශාල මුදලක් වැය කර අභිමානවත් ලෙස නිදහස සැමරීම හාස්‍යජනකයි - වෛද්‍ය වෘත්තිකයන්ගේ සංවිධානය | වෛද්‍ය වෘත්තිකයන්ගේ සංවිධානයෙන් නිවේදනයක් | COLOMBO (News 1st) - සියලු අංශයන්ගෙන් රට කඩා වැටී ඇති මොහොතක අතිවිශාල මුදලක් වැය කරමින් අභිමානවත් ලෙස නිදහස සැමරීම සැබවින්ම හාස්‍යජනක බව ක්‍රමවේද වෙනසක් සඳහා වන වෛද්‍ය වෘත්තිකයන්ගේ සංවිධානය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් අවධාරණය කරන්නේ අභිමානවත් උළෙලක පළමු පුද්ගලයා ලෙස එක් වරක් හෝ පෙනී සිටීමට රටේ නායකයාට ඇති ආශාව හැරුණු කොට මෙවන් තීරණයක් සාධාරණීකරණය කිරීමට වෙන යම් වූ උපකල්පනයක් නොමැති බවයි. මෙවන් උළෙලක් නොපවැත්වුව හොත් රට ආර්ථික වශයෙන් අසාර්ථක බවට ලෝකයා සිතන බව , රටේ නායකයා මෙන්ම ඔහු වටා සිටින ගෝල බාලයින් පවසන්නේ, රටේ ජනතාවගේ බුද්ධිය අවතක්සේරු කරමින් බව ද මෙම නිවේදනයේ සඳහන් ය. අදාළ නිවේදනයෙන් ඔවුන් අවධාරණය කරන්නේ , කුසට අහරක්, ලෙඩට බෙහෙතක් නොමැතිව දැඩි අසීරු තත්ත්වයකට ගොදුරු වී සිටින ජනතාවක් සිටින මොහොතක අධික වියදම් ඇස්තමේන්තුවක් දරමින් මෙවැනි උත්සවයක් සැමරීම සුදුසුදැයි තීරණය කිරීම සඳහා සාමාන්‍ය දැනීමක් පමණක් තිබීම ප්‍රමාණවත් බවයි. පාලකයන්ට විරෝධය පළ කිරීමට ජනතාවට ඇති අවස්ථාවක් ලෙස තමන්ට සුදුසු පාලකයන් පත් කර ගැනීමට ප්‍රකාශිත මැතිවරණය පවා මග හැරීමට පාලකයන් සියලු උපක්‍රම යොදමින් ඇතැයි ක්‍රමවේද වෙනසක් සඳහා වෛද්‍ය වෘත්තිකයන්ගේ සංවිධානය පෙන්වා දෙයි. ඔවුන් මෙම නිවේදනයෙන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ, නිදහස ලැබී වසර 75ක් ගතවී ඇති නමුත් මේ මෙහොතේ රටේ සෑම අංශයකම ඇති වී තිබෙන පීඩාකාරී තත්ත්වය හමුවේ කායික,මානසික,සමාජ හා දේශපාලන යනාදී සියලු අංශවලින් අතෘප්තිමත් අසහනකාරී සහ නොසන්සුන් තත්ත්වයකට මෙරට ජනතාව ගොදුරු වී ඇති බවයි. |
2023-02-01T07:11:41.000Z | නඩු තුනකට අදාළව අන්තරේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇප මත මුදාහැරේ | වසන්ත මුදලිගේ ඇප මත මුදා හැරේ | COLOMBO (News 1st) – අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේට එරෙහිව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩු තුනකින් ඇප හිමිවී තිබේ. මේ අතර අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ත්‍රස්ත්‍රවාදය වැළැක්වීමේ පනත යටතේ වූ නඩුවෙන් ද ඊයේ නිදහස් කෙරිණ. කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (31) එම නියෝගය නිකුත් කළේ ය. අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ , ත්‍රස්තවාදය වැළැක්වීමේ පණත යටතේ ගැනෙන වැරදි සිදුකළේ, යැයි චෝදනා කරමින් හදිසි නීතිය යටතේ අත්අඩංගුවට ගෙන දින 89 ක් රඳවා තබා ගැනීමෙන් අනතුරුව පසුගිය නොවැම්බර් 21 වැනිදා සිට ඊයේ දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර සිටියේ ය. |
2023-02-01T05:46:37.000Z | රටේ ආර්ථිකය නීතියේ ආධිපත්‍යය බිඳ වැටී ඇති මොහොතක සැමරීමට ඇති අභිමානවත් නිදහස කුමක් ද? - කතෝලික සභාව ප්‍රශ්න කරයි | සැමරීමට ඇති අභිමානවත් නිදහස කුමක් ද? | COLOMBO (News 1st) - රටේ ආර්ථිකය, නීතියේ ආධිපත්‍යය බිඳ වැටී ඇති මොහොතක සැමරීමට ඇති අභිමානවත් නිදහස කුමක්දැයි කතෝලික සභාව ප්‍රශ්න කර තිබේ. අද කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කතෝලික සභාවේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී පියතුමන් සඳහන් කළේ, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වරදක් කර ඇති බව පිළි නොගැනීම හේතුවෙන් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඔහුට සමාව ඉල්ලීමට අයිතියක් නොමැති බවයි. |
2023-02-01T03:14:14.000Z | න්‍යෂ්ටික අවි පාලනය ගැන ගිවිසුමක් රුසියාව උල්ලංඝණය කළ බවට අමෙරිකාවෙන් චෝදනා... | රුසියාවට අමෙරිකාවෙන් චෝදනාවක් | News 1st - රුසියාව සහ අමෙරිකාව අතර ඇති න්‍යෂ්ටික අවි පාලනය පිළිබඳ ගිවිසුමක් රුසියාව උල්ලංඝණය කර ඇති බවට අමෙරිකාව චෝදනා කරයි. දෙවන ලෝක යුද්ධයෙන් පසු ඇරඹුණු සීතල යුද්ධය අවසන් වීමත් සමග න්‍යෂ්ටික අවි භාවිත කිරීම පාලනය කිරීම සම්බන්ධයෙන් 1991දී රුසියාව සහ අමෙරිකාව ද්විපාර්ශ්වික ගිවිසුමකට එළැඹුණි. මෙම ගිවිසුම හරහා අමෙරිකාවට සහ රුසියාවට යෙදවිය හැකි න්‍යෂ්ටික අවි සංඛ්‍යාව සහ ඒවා බෙදා හැරීමට ගොඩබිම් සහ සබ්මැරීන පදනම් කරගත් යානා යෙදවීම සීමා කෙරේ. ස්ටාර්ට් ලෙස හැඳින්වුණු මෙම ගිවිසුම 2021 වසරේදී තවත් වසර 5ක් සඳහා දීර්ඝ කළේ ය. නමුත් අමෙරිකාව චෝදනා කරන්නේ, ගිවිසුමට අනුව සිදු කළ යුතු පරීක්ෂණ කටයුතු සඳහා පහසුකම් සැලසීම රුසියාව ප්‍රතික්ෂේප කරන බවයි. |
2023-02-01T02:41:28.000Z | නිරිතදිග බෙංගාල බොක්කේ පීඩන අවපාතය නැගෙනහිර වෙරළ තීරයට ළඟාවෙයි | පීඩන අවපාතය අද නැගෙනහිර වෙරළට | COLOMBO (News 1st) - නිරිතදිග බෙංගාල බොක්ක ආශ්‍රිත පීඩන අවපාතය අද (01) පෙරවරුවේ මෙරට නැගෙනහිර වෙරළ තීරයට ළඟා වනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මේ හේතුවෙන් උතුර, උතුරු-මැද, වයඹ සහ නැගෙනහිර පළාත්වලට මිලිමීටර් 150 ක පමණ ඉතා තද වැසි ඇතිවිය හැකි බවය. උතුර, උතුරු-මැද, නැගෙනහිර, වයඹ සහ මධ්‍යම පළාත්වල පැයට කිලෝමීටර් 50 - 60 ත් දක්වා තද සුළං ඇතිවිය හැකි අතර දිවයිනේ සෙසු ප්‍රදේශවලද තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ අනාවැකියේ සඳහන් වේ. මේ අතර පීඩන අවපාතයේ බලපෑමෙන් ගිනිකොනදිග සහ නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශ ඉතා රළු වන අතර හෙට දිනය තෙක් එම මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතු සඳහා පිටත්ව නොයන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර හා නාවික ප්‍රජාවට දැනුම් දෙයි. |
2023-02-01T01:51:37.000Z | ශ්‍රී ලංකාව පිළිබඳ ජගත් මානව හිමිකම් කවුන්සිල සමාලෝචන වාර්තාව අද එළිදකී | මෙරට මානව හිමිකම් තත්ත්වය ගැන වාර්තාවක් එළිදකී | COLOMBO (News 1st) - එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳව සකස් කළ විශ්වකාලාන්තර සමාලෝචන වාර්තාව අද (01) එළි දැක්වේ. විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා සඳහන් කළේ, ජිනීවා නුවරදී මෙම වාර්තාව එළි දැක්වෙන බවයි. 2017 සිට මේ දක්වා මෙරට මානව හිමිකම් ප්‍රවර්ධනය සම්බන්ධයෙන් රජය ගෙන ඇති පියවර පිළිබඳව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ නිරීක්ෂණ මෙම වාර්තාවට ඇතුළත් ය. අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, මෙරට මානව හිමිකම් ප්‍රවර්ධනය සම්බන්ධයෙන් ලක් රජය ස්වේච්ඡාවෙන් එකඟ වූ කරුණු මෙන්ම මානව හිමිනම් කවුන්සිලය ලබා දී ඇති උපමාන ක්‍රියාත්මක වී ඇති ආකාරය සම්බන්ධයෙන් ද අද එළිදැක්වෙන වාර්තාවේ කරුණු ඇතුළත් බවයි. වාර්තාව එළිදැක්වෙන අවස්ථාවේදී මෙරට වෙනුවෙන් කරුණු දැක්වීමට නිලධාරීන් පිරිසක් මේ වනවිට ජිනීවා වෙත ගොස් ඇත. ඊට විදේශ අමාත්‍යාංශය, අධිකරණ අමාත්‍යාංශය, ජනාධිපති කාර්යාලය හා නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් ඇතුළත් වේ. |
2023-02-01T01:31:43.000Z | අද විදුලි කප්පාදුව ගැන මෙතෙක් තීරණයක් ගෙන නැහැ - විදුලිබල මණ්ඩලය | අද විදුලිය කැපෙයි ද? | COLOMBO (News 1swt) - අද (01) දිනයේ විදුලි කප්පාදුව සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි. එහි සභාපති නලින්ද ඉලංගකෝන් මහතා පැවසුවේ, විදුලි උත්පාදනය සඳහා අතිරේක ජලය මුදා හැරීම සම්බන්ධයෙන් මහවැලි ජල කළමනාකරණ ලේකම් කාර්යාලයෙන් ලබාදෙන තහවුරු කිරීම මත එම තීරණයට එළඹෙන බවයි. විදුලි උත්පාදනය සඳහා අතිරේක ජලය මුදා හැරීම හේතුවෙන් ඊයේ (31) හා පෙරේදා (30) දිනයේ විදුලිය කප්පාදුව සිදු කෙරුණේ නැත. |
2023-02-01T01:03:47.000Z | ස්වාධීන කොමිෂන් සභා සඳහා සාමාජිකයින් පත්කිරීමට අදාළ අයැදුම්පත් කැඳවීම අද සිට | ස්වාධීන කොමිෂන් සභා සඳහා අයැදුම්පත් කැඳවේ | COLOMBO (News 1st) - ස්වාධීන කොමිෂන් සභා සඳහා සාමාජිකයින් පත්කිරීමට අදාළ අයැදුම්පත් කැඳවීම අද (01) ආරම්භ කෙරේ. ලබන 15 වැනි දා තෙක් අයැදුම්පත් භාර ගැනෙනු ඇති. ව්‍යවස්ථාදායක සභාව පැවසුවේ, ජාතික මැතිවරණ කොමිෂන් සභාව, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව, අධිකරණ සේවා කොමිෂන් සභාව, ජාතික පොලිස් කොමිසම, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම, ප්‍රසම්පාදන කොමිසම, ජාතික විගණන කොමිසම, රාජ්‍ය සේවා කොමිසම ඇතුළු කොමිෂන් සභා සඳහා එලෙස නව සාමාජිකයින් බඳවා ගන්නා බවයි. ස්වාධීන කොමිෂන් සභාවල නිල කාලය 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත වීමත් සමග අවසන් විය. |
2023-02-01T00:50:33.000Z | පළාත් පාලන කොමසාරිස්වරු මැතිවරණ කොමිසමෙන් කළ ඉල්ලීම | පළාත් පාලන කොමසාරිස්වරු කළ ඉල්ලීම | COLOMBO (News 1st) - පළාත් පාලන ආයතන විසුරුවා හැර ස්වාධීන මැතිවරණයක් පැවැත්වීමට පහසුකම් සලසන්නැයි පළාත් පාලන කොමසාරිස්වරුන් මැතිවරණ කොමිසමේ නිලධාරීන්ගෙන් ඉල්ලීමක් කර තිබේ. ඔවුන් ඒ බව පවසා ඇත්තේ, මැතිවරණ කොමිසම රාජ්‍ය නිලධාරීන් ඊයේ (31) මැතිවරණ කොමිසමට කැඳ වූ අවස්ථාවේදීය. පළාත් පාලන ආයතන විසුරුවා නොහැරීමෙන් එහි දේපොළ නීති විරෝධි භාවිතය වැළැක්වීම සඳහා දැඩි වෙහෙසක් දැරීමට තමන්ට සිදු ව ඇති බව එහිදී පළාත් පාලන කොමසාරිස්වරුන් මැතිවරණ කොමිසමට පෙන්වා දී ඇත. මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවේ, එම ඉල්ලීම පළාත් පාලන විෂය භාර අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කරන ලෙස කොමිසම ඉල්ලා සිටි බවයි. මේ අතර පළාත් පාලන මැතිවරණයට අදාළව නිකුත් කර ඇති චක්‍රලේඛ ප්‍රකාරව රාජ්‍ය දේපොළ අවභාවිතය වැළැක්වීමට සෑම පියවරක්ම ගැනීමේ අවශ්‍යතාව කොමිසම ඊයේ කැඳ වූ රාජ්‍ය නිලධාරීන්ට දැනුම් දුන් බව ද සමන් ශ්‍රී රත්නායක මහතා ප්‍රකාශ කළේ ය. ඊයේ පැවැත් වූ රැස්වීමට අමාත්‍යාංශවල අතිරේක ලේකම්වරුන්, රජයේ ව්‍යවස්ථාපිත මණ්ඩලවල විධායක නිලධාරීන්, පළාත් පාලන කොමසාරිස්වරුන් ඇතුළු පිරිසක් සභභාගි වුණි. |
2023-02-01T00:40:06.000Z | අධික බදු බරට එරෙහිව අද සිට විරෝධතා මාසයක් - සෞඛ්‍ය වෘත්තීය සමිති සම්මේලනය කියයි | අධික බදු බරට එරෙහිව අද සිට විරෝධතා මාසයක් | COLOMBO (News 1st) - අද (01) සිට ලබන 28 දක්වා අඛණ්ඩ විරෝධතා මාසයක් ක්‍රියාත්මක කිරීමට සමස්ත ලංකා සෞඛ්‍ය වෘත්තීය සමිති සම්මේලනය තීරණය කර තිබේ. සමස්ත ලංකා සෞඛ්‍ය වෘත්තීය සමිති සම්මේලනයේ සභාපති සමන්ත කෝරලේආරච්චි මහතා පවැසුවේ, බදු ඉහළ දැමීමත් සමග ජීවන වියදම ඉහළ යාම මෙන්ම ඖෂධ හිඟයට විරෝධය පළ කරමින් මෙම විරෝධතා මාසය ක්‍රියාත්මක වන බවයි. ඒ අනුව සෑම රෝහලක් ඉදිරිපිටම දහවල් කෑම පැයේ විරෝධතා පැවැත්වීමට සැලසුම් කර ඇති බව ද ඔහු ප්‍රකාශ කළේ ය. මේ අතර අසාධාරණ බදු අය කිරීම හා ආර්ථික ගැටලු හේතුවෙන් වෛද්‍යවරුන් ඉංජිනේරුවරුන් ඇතුළු වෘත්තිකයින් රැසක් රට හැරයමින් සිටින බව වෘත්තීයවේදීන් පවසයි. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ, පසුගිය වසර ආරම්භයේ සිට මේ දක්වා වෛද්‍යවරු 1000 කට ආසන්න පිරිසක් විදේශ රැකියා සඳහා යොමු වී ඇති බවය. විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවරු 50 කට අධික සංඛ්‍යවක් පසුගිය වසරේ විදේශ රැකියා සඳහා යොමු වී ඇති බව විදුලි ඉංජිනේරුවරුන්ගේ සංගමයේ සමලේකම් ඉසුරු කස්තුරිරත්න මහතා පැවසීය. |
2023-02-01T00:27:49.000Z | මාර්තු 09 පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කෙරේ | පුංචි ඡන්දයේ ගැසට් නිවේදනය නිකුත් කෙරේ | COLOMBO (News 1st) - පළාත් පාලන ඡන්ද විමසීම මාර්තු මස 09 වැනි දා උදෑසන 7.00 සිට පස්වරු 4.00 දක්වා පැවැත්වෙන බව ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කර තිබේ. දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන් විසින් මෙම අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ, පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥා පනතේ 38/1/ඇ උපවගන්තිය ප්‍රකාරවයි. මැතිවරණ දිස්ත්‍රික් 24 ක තේරීම් භාර නිලධාරීන් විසින් පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව ගැසට් නිවේදන 24 ක් නිකුත් කර ඇත. |
2023-02-01T00:18:36.000Z | ගෙවුණු දිනය උණුසුම් කළ පුවත් | ගෙවුණු දිනය උණුසුම් කළ පුවත් | 1. මහජන උපයෝගීතා කොමිසමෙන් ඒකමතික තීරණයක් - අතීතයට බලපාන ආකාරයට ගාස්තු සංශෝධනය කිරීමට අනුමැතිය නොදීමට මහජන උපයෝගීතා කොමිසම ඒකමතිකව තීරණය කර තිබේ. 2. 2022 සා/පෙළ විභාගයට අයැදුම්පත් කැඳවීම හෙට සිට ඇරඹේ.. - 2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අයැදුම්පත් කැඳවීම අද (01) සිට ඇරඹීමට නියමිත ය. 3. ගල්කිස්සේදී ව්‍යාපාරිකයෙකු ඝාතනය කෙරේ.. - ගල්කිස්ස, සෙරම් පාරේදී තියුණු ආයුධයකින් පහර දී ව්‍යාපාරිකයෙකු ඝාතනය කර තිබේ. 4. රජය ජාත්‍යන්තර මානව හිමිකම් අයිතීන් උල්ලංඝණය කරනවා: නිව්ස්ෆස්ට් මාධ්‍යවේදීන්ට පහරදීම ගැනත් චෝදනා..- මානව හිමිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මේලනයෙන් වාර්තාවක් - ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර මානව හිමිකම් අයිතීන් හා නීති උල්ලංඝණය කරන බවට මානව හිමිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මේලනයේ නවතම වාර්තාවෙන් චෝදනා කර තිබේ. 5. බංග්ලාදේශයට IMF ණය පහසුකමේ පළමු වාරිකය මුදා හැරේ - ශ්‍රී ලංකාවට පසුව කාර්යය මණ්ඩල එකඟතාව ඇතිකරගත් බංග්ලාදේශයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඊයේ (31) විස්තීරණ ණය පහසුකමේ පළමු වාරිකය මුදා හැරියේ ය. |
2023-01-31T16:37:28.000Z | මහජන උපයෝගීතා කොමිසමෙන් ඒකමතික තීරණයක් | මහජන උපයෝගීතා කොමිසමෙන් ඒකමතික තීරණයක් | COLOMBO ( News 1st ) - අතීතයට බලපාන ආකාරයට ගාස්තු සංශෝධනය කිරීමට අනුමැතිය නොදීමට මහජන උපයෝගීතා කොමිසම ඒකමතිකව තීරණය කර තිබේ. |
2023-01-31T16:25:30.000Z | 2022 සා/පෙළ විභාගයට අයැදුම්පත් කැඳවීම හෙට සිට ඇරඹේ.. | සා/පෙළට අයැදුම්පත් කැඳවීම Online හරහා පමණයි | COLOMBO ( News 1st ) - 2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අයැදුම්පත් කැඳවීම හෙට (01) සිට ඇරඹීමට නියමිත ය. අයැදුම්පත් කැඳවීම හෙට (01) සිට ලබන 28 වැනිදා දක්වා ක්‍රියාත්මක බව විභාග කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කළේය. මෙම අයැදුම්පත් කැඳවීම ඔන්ලයින් ක්‍රමයට පමණක් සිදු කෙරෙන බව ද විභාග කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් අවධාරණය කළේය. |
2023-01-31T15:37:50.000Z | ගල්කිස්සේදී ව්‍යාපාරිකයෙකු ඝාතනය කෙරේ.. | ගල්කිස්සේදී ව්‍යාපාරිකයෙකු ඝාතනය කෙරේ.. | COLOMBO ( News 1st ) - ගල්කිස්ස, සෙරම් පාරේදී තියුණු ආයුධයකින් පහර දී , ව්‍යාපාරිකයෙකු ඝාතනය කර තිබේ. පොලීසිය සඳහන් කළේ, පුද්ගලික ආරවුලක් මත අද (31) පස්වරුවේ මෙම ඝාතනය සිදු කර ඇති බව ය. ඝාතනයට ලක් වූ පුද්ගලයා සිය ඥාති සහෝදරයෙකු සමග මත්පැන් පානය කර ඇති අතර එහි දී දෙදෙනා අතර ආරවුලක් හටගෙන ඇතැයි පොලීසිය අනාවරණය කරගෙන තිබේ. පොලීසිය වැඩිදුරටත් ප්‍රකාශ කළේ , අදාළ ව්‍යාපාරිකයා ගල්කිස්ස, සේරම් පාරේ නිවසක තනිව වාසය කර ඇති බව ය. ඝාතනය සිදුකළ සැකකරු ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර , ඔහු අත්අඩංගුවට ගැනීමට විමර්ශන ක්‍රියාත්මක ය. |
2023-01-31T15:13:11.000Z | රජය ජාත්‍යන්තර මානව හිමිකම් අයිතීන් උල්ලංඝණය කරනවා: නිව්ස්ෆස්ට් මාධ්‍යවේදීන්ට පහරදීම ගැනත් චෝදනා..- මානව හිමිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මේලනයෙන් වාර්තාවක් | මානව හිමිකම් නවතම වාර්තාවෙන් ලංකාවට චෝදනා | COLOMBO ( News 1st ) - ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර මානව හිමිකම් අයිතීන් හා නීති උල්ලංඝණය කරන බවට මානව හිමිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මේලනයේ නවතම වාර්තාවෙන් චෝදනා කර තිබේ. එහි සඳහන් වන්නේ, අරගලය මර්දනය කරමින් ක්‍රමෝපායික ලෙස මර්දනය රට තුළ දියත් කර ඇති බව ය. මානව හිමිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මේලනයට රටවල් 116 ක සංවිධාන 188 ක් ඇතුළත් වන අතර එහි මහලේකම්, අදිලූර් රහමන් ඛාන් මහතාගේ අත්සනින් නිකුත් කළ වාර්තාවේ සඳහන් වන්නේ හදිසි නීතිය පනවා හමුදා යොදා නැවත අරගල ඇතිවීමට ඉඩ නොතබන බවට ජනාධිපතිවරයා මෑතක දී කළ ප්‍රකාශය ඉතා බරපතල ප්‍රකාශයක් බව ය. ශ්‍රී ලංකාවේ විරෝධතාකරුවන්ගේ අයිතීන් වත්මන් රජය කෙතරම් දුරට ආරක්ෂා කරන්නේදැයි ජාත්‍යාන්තර ප්‍රජාව අවධානයෙන් සිටිය යුතු බව ද එම වාර්තාවේ සඳහන් ය. ජූලි 09 වැනිදා එවක අග්‍රාමාත්‍ය ධුරයේ කටයුතු කළ රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවස අසළ දී නිව්ස්ෆස්ට් මාධ්‍යවේදීන් 8 දෙනාට එල්ල කළ ප්‍රහාරය ද මෙම වාර්තාවේ දැඩි ලෙස හෙළා දැක තිබෙන අතර එහි සඳහන් වන්නේ, පහරකෑමට ලක්වූ පළමු මාධ්‍යවේදීන් සිව්දෙනා නිව්ස්ෆස්ට් ලාංඡනය සහිත ටී ෂර්ට් කැපී පෙනෙන ලෙස ඇඳ සිටි බව ය. ඔවුන් රජය විසින් පිළිගත් මාධ්‍ය හැඳුනුම්පත ද අතැතිව රාජකාරියේ නිරතව සිටිය දී ප්‍රහාරයට ලක්වූ බව එහි සඳහන් කර තිබෙන අතර එම මාධ්‍යවේදීන් සිව්දෙනා බේරා ගැනීමට ගිය තවත් මාධ්‍යවේදීන් සිව්දෙනෙකුට ද ඒ අයුරින්ම පහරදීම බරපතල තත්ත්වයක් බව මානව හිමිකම් පිළිබඳ ජාත්‍යාන්තර සම්මේලනය නිකුත් කළ වාර්තාවේ සඳහන් කර තිබේ. දිගින් දිගටම විරෝධතා මර්දනය කිරීමට ජීව උණ්ඩ, කඳුළු ගෑස් සහ ජල ප්‍රහාරක රථ යෙදවීම තවත් බරපතල තත්ත්වයක් බව සිහිපත් කරන එම සංවිධානය අවධාරණය කරන්නේ, බලධාරීන් අනවශ්‍ය ලෙස මහජන රැස්වීම් වලට සීමා පැනවීම, හදිසි නීති රෙගුලාසි යොදාගෙන නීතිය අවභාවිත කිරීම හා මතභේදාත්මක ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යොදා ගැනීම ද බරපතල තත්ත්වයක් බව ය. ඔවුන් මෙම නිවේදනය නිකුත් කර ඇත්තේ, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ දී හෙට (01) ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳව විශ්ව කාලාන්තර සමාලෝචන වාර්තාව ඉදිරිපත් කිරීමට නියමිතව තිබියදී ය. |
2023-01-31T15:09:01.000Z | බංග්ලාදේශයට IMF ණය පහසුකමේ පළමු වාරිකය මුදා හැරේ.. | බංග්ලාදේශයට IMF ණය පහසුකම හිමිවෙයි | COLOMBO ( News 1st ) - ශ්‍රී ලංකාවට පසුව කාර්යය මණ්ඩල එකඟතාව ඇතිකරගත් බංග්ලාදේශයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අද (31) විස්තීරණ ණය පහසුකමේ පළමු වාරිකය මුදා හැරියේ ය. ශ්‍රී ලංකාව කාර්යය මණ්ඩල එකඟතාව ඇතිකරගත්තේ, පසුගිය වසරේ සැප්තැම්බර් 01 වැනිදා වූ අතර බංග්ලාදේශය පසුගිය වසරේ නොවැම්බර් 09 වැනිදා එම එකඟතාව ඇතිකරගෙන තිබුණි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අද (31) නිවේදනය කළේ, බංග්ලාදේශයට අමෙරිකානු ඩොලර් බිලියන 4.7 ක ණය මුදල ලබාදීමට විධායක කමිටුව අනුමැතිය ලබා දී ඇති අතර ඒ අනුව ඩොලර් මිලියන 476 ක පළමු වාරිකය මුදාහැරීමට පියවර ගත් බවයි. |
2023-01-31T15:05:00.000Z | ජූලි 09 වැනිදා පහරදීම: නිව්ස්ෆස්ට් මාධ්‍යවේදීන් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට.. | News 1st මාධ්‍යවේදීන්ගේ පෙත්සම් විභාගයට | COLOMBO ( News 1st ) - පසුගිය වසරේ ජූලි 09 වැනිදා සිදුකළ පහරදීමට අදාළව MTV චැනල් පුද්ගලික සමාගමේ මාධ්‍යවේදීන් 8 දෙනෙකු ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම් අද (31) ශ්‍රේෂ්ඨාධිකරණයේ දී සලකා බැලුණි. පහරකෑමට ලක්වූ සරසි පීරිස්, වරුණ සම්පත්, ජනිත මෙන්ඩිස්, ටී. සින්දුජන්, ඉමේෂ් සදර්ලන්ඩ්, ඩබ්ලිව්.වීරකෝන්, කේ.චන්ද්‍රන් හා ලහිරු මදුශංකආරච්චි යන මාධ්‍යවේදීන් මෙම පෙත්සම් ගොනුකර තිබේ. මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් අද (31) විමසා බැලුණේ, බුවනෙක අලුවිහාරේ, එස්. තුරෙයිරාජා සහ මහින්ද සමයවර්ධන යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ ය. එහිදී රජයේ නීතිඥවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේ, නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් කනිෂ්කා ද සිල්වා මහත්මියගේ උපදෙස් මත තමන් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටින බව ය. මීට අමතරව 01 සිට 04 දක්වා වගඋත්තරකරුවන් වෙනුවෙන් ද පෙනී සිටින බව රජයේ නීතිඥවරයා දැනුම් දුන් අතර 01 සිට 04 දක්වා වගඋත්තරකරුවන් වන්නේ පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොමේෂ් ලියනගේ යන මහත්වරුන් ය. රජයේ නීතිඥවරයා පැවසුවේ, පොලිස්පතිවරයා ඇතුළු එම වගඋත්තරකරුවන් වෙනුවෙන් මූලික විරෝධතා ගොනුකර ඇති බව ය. මූලික අයිතිවාසිකම් පෙත්සම්වල 05 වගඋත්තරකරු වන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිසාම් ජමාල්ඩීන් මහතා වෙනුවෙන් පෙනී සිටින්නේ ජනාධිපති නීතිඥ රොනල්ඩ් පෙරේරා මහතා ය. එහිදී 05 වගඋත්තරකරු වෙනුවෙන් මූලික විරෝධතා ගොනුකරන බව ජනාධිපති නීතිඥවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේ ය. මේ අතර මාධ්‍යවේදීන් 8 දෙනා ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම්වල 06 සහ 07 වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇති පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනා වෙනුවෙන් නීතිඥ දුෂිත් ජෝන්දාසන් මහතා පෙනී සිටි අතර ඔහු විවෘත අධිකරණයේදී ගොනුකළ විරෝධතා අද (31) පෙත්සම්කරුවන්ට ලබා දුන්නේ ය. පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ, උදිත ඉගලහේවා මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කියා සිටියේ 01 සිට 05 දක්වා වගඋත්තරකරුවන් ගොනුකළ මූලික විරෝධතාවලට ප්‍රතිවිරෝධතා දැනටමත් ගොනුකර ඇති බව ය. සෙසු වගඋත්තරකරුවන් ගොනු කළ විරෝධතාවලට ප්‍රතිවිරෝධතා ගොනු කිරීමේ අයිතිය ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා මහතා රඳවා තබා ගත් අතර මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් ජුලි මස 26 වැනිදා කරුණු තහවුරු කිරීමට නැවත කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේ ය. නීතිඥ චාරික වනිගබදුගේ මහතාගේ උපදෙස් මත මියුරු ඉගලහේවා, එන්.කේ අශෝක්බරන්, දමිත් කරුණාරත්න, නෙරන්ජන් අරුල්ප්‍රගාසම් යන නීතිඥවරුන් සමග ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා මහතා පෙත්සම් ගොනුකළ මාධ්‍යවේදීන් 8 දෙනා වෙනුවෙන් පෙනී සිටියහ. |
2023-01-31T13:16:09.000Z | රජයේ වියදම් තවදුරටත් සීමා කර ගත යුතුයි - ජනපති | රජයේ වියදම් තවදුරටත් සීමා කර ගත යුතුයි - ජනපති | COLOMBO ( News 1st ) - රජයේ වියදම් තවදුරටත් සීමා කර ගත යුතු බව , ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කැබිනට් මණ්ඩලයට දැනුම් දී තිබේ. කැබිනට් මණ්ඩලයට සටහනක් යොමු කරමින් ජනාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ මෙම මාසයේ රජයේ ආදායම , වියදමට වඩා බෙහෙවින් පහළ මට්ටමක පවතින බව ය. ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ,රාජ්‍ය සේවක වැටුප් , විශ්‍රාම වැටුප් , සුබසාධනය , ඖෂධ සහ ණය ගෙවීම හැර අනෙකුත් සියලුම වියදම් දැරීමට මේ මොහොතේ මහා භාණ්ඩාගාරයට අපහසු වී ඇති බව , ජනාධිපතිවරයා පෙන්වා දී ඇති බව ය. බදු සංශෝධන මගින් උපයා ගැනීමට සැලසුම් කර ඇති ආදායම ලැබෙන තෙක් , රජයේ වියදම් තවදුරටත් කප්පාදු කිරීමට හෝ කල් දැමීමට සිදුවන බව ද , ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයට යොමු කළ සටහනෙහි සඳහන් ය. ඒ සඳහා ප්‍රමුඛතා නිර්ණායකයන් මහා භාණ්ඩාගාරය විසින් සකස් කරන බවත් , එතෙක් සුළු වියදම් සඳහා වෙන් කෙරෙන මුදල් නිදහස් කිරීම සීමා කෙරෙන බවත් , ජනාධිපතිවරයා සඳහන් කර තිබේ. රාජ්‍ය ආයතන සඳහා ණය පදනම මත භාණ්ඩ හා සේවා ලබා ගැනීමෙන් වැළකිය යුතු අතර , එය කඩ කරන ඕනෑම නිලධාරියෙකු එම වියදම් සඳහා පුද්ගලිකව වගකිව යුතු බවත් ජනාධිපතිවරයා අවධාරණය කර ඇති බව ද සදහන් ය. |
2023-01-31T13:01:00.000Z | අනුරුද්ධ බණ්ඩාරගේ මුලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට | අනුරුද්ධගේ පෙත්සම විභාගයට අවසර | COLOMBO (News 1st ) - 'ගෝඨා ගෝ හෝම්' වැකිය අන්තර්ජාලයට මුදා හැරියේ යැයි චෝදනා කරමින්, තමාව අත්අඩංගුවට ගැනීම අභියෝගයට ලක් කරමින්, සමාජ ක්‍රියාකාරිකයෙකු වන අනුරුද්ධ බණ්ඩාර මහතා ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමට, ශ්‍රේෂ්ඨාධිකරණය අද (31) අවසර ලබා දුන්නේ ය. එම පෙත්සම අද (31) කැඳවනු ලැබුවේ, වසන්ත කෝදාගොඩ හා අර්ජුන ඔබේසේකර යන විනිසුරු මඩුල්ල හමුවේදී ය. මෙහි වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත්තේ, පොලිස්පතිවරයා, බස්නාහිර පළාත භාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකොන් හා නීතිපතිවරයා ඇතුළු 12 දෙනෙකි. විනිසුරු මඩුල්ල එහිදී නිගමනය කළේ, එම අත්අඩංගුවට ගැනීමෙන් පෙත්සම්කරුට ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හිමිකර දී ඇති අදහස් දැක්වීමට ඇති අයිතිය, නීතී විරෝධී ලෙස අත්අඩංගුවට ගැනීමෙන් වැළකී සිටිමට ඇති අයිතිය හා සමානාත්මතාවේ අයිතිය, බැලු බැල්මට උල්ලංඝණය වී ඇති බව ය. ඒ, නීතිඥ තනුක නන්දසිරි සමග පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් යන මහත්වරුන් කළ කරුණු දැක්වීම සළකා බලමින් වන අතර වගඋත්තරකරුවන්ගෙන් රුපියල් ලක්ෂ 100ක වන්දියක් අය කර දෙන ලෙස ද මෙම පෙත්සමෙන් ඉල්ලා තිබේ. |
2023-01-31T10:57:13.000Z | '' සේවාදායකයා ප්‍රසිද්ධියේ සමාව ගන්න සූදානම්...'' සේපාල් අමරසිංහගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි | සේපාල අමරසිංහ යළි රක්ෂිත බන්ධනාගාරයට.. | COLOMBO (News 1st) – සමාජ මාධ්‍ය ක්‍රියාකාරි සේපාල අමරසිංහ ලබන 14 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. ඒ , ඔහුට එරෙහි නඩුවක් අද (31) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා හමුවේ කැඳ වූ අවස්ථාවේදියි. YouTube නාලිකාවකට මුදාහළ වීඩියෝවක් මගින් ශ්‍රී දළඳා වහන්සේට සහ බුදු දහමට අපහාස සිදු කළේ, යැයි සේපාල අමරසිංහට චෝදනා එල්ල වී තිබේ. සැකකරු ලබන 10 වැනිදා හඬ පරීක්ෂණයක් සඳහා රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කරන ලෙසට ද ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා බන්ධනාගාර නිලධාරින්ට නියෝග කළේ ය. එම වීඩියෝ පටය අන්තර්ජාලයට නිකුත් කිරීම මගින් බුදු දහමට හෝ ශ්‍රී දළඳා වහන්සේට කිසිදු අපහාස කිරීමක් අපේක්ෂා නොකළ බවත් , යම් කිසි අපහාසයක් සිදුවුයේ නම් ප්‍රසිද්ධියේ මහා සංඝරත්නයෙන් සහ සමස්ත බෞද්ධ ජනතාවගෙන් සමාව ගැනීමට සුදානම් බවත්, සේපාල අමරසිංහ වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතීඥ දර්ශන කුරුප්පු මහතා අද (31) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේ ය. දර්ශන කුරුප්පු මහතා වැඩිදුරටත් අධිකරණය හමුවේ කියා සිටියේ , තමන් ඒ බව දන්වමින් තෛනිකායික මහානායක ස්වාමින් වහන්සේ වෙත ලිඛිතව දැනුම් දුන් බවයි. ඇප මත මුදා හැරීමෙන් අනතුරුව පළමු අවස්ථාවේදීම සිය සේවාදායකයා ප්‍රසිද්ධියේ සමාව ගැනීමට සූදානම් බව ද , නීතිඥ දර්ශන කුරුප්පු මහතා කියා සිටියේ ය. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.