date
stringlengths
24
24
title
stringlengths
0
176
short_title
stringlengths
10
69
content
stringlengths
0
19.7k
2023-01-25T01:38:12.000Z
උ/පෙළ සමයේ විදුලි කප්පාදුව පිළිබඳ හේතු විමසීමට බලධාරීන් මානව හිමිකම් කොමිසම හමුවට
විදුලි කප්පාදුව:හේතු අහන්න බලධාරීන් කොමිසමට
COLOMBO (News 1st) - අද (25) දිනයේ පැය 2 යි විනාඩි 20 ක විදුලි කප්පාදුවක් දිවයිනේ කලාප වශයෙන් සිදු කෙරෙන බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි. ඒ අනුව දිවා කාලයේ පැයක් හා රාත්‍රී කාලයේ පැයයි විනාඩි 20 ක් විදුලිය කප්පාදු කෙරෙනු ඇති. විදුලි බල මණ්ඩලය එලෙස විදුලිය කප්පාදු කරන්නේ, උසස් පෙළ සමයේ විදුලිය කප්පාදුව නතර කරන්නැයි පාර්ශව ගණනාවක් දිගින් දිගටම ඉල්ලීම් කරන පසුබිමකය. මේ අතර උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාවේ විදුලිය විසන්ධි කිරීම වැළැක්වීමට දුන් උපදෙස් ක්‍රියාත්මක නොකිරීම පිළිබඳව විමර්ශනයක් ආරම්භ කිරීමට මානව හිමිකම් කොමිෂන් සභාව තීරණය කර තිබේ. ඒ සඳහා කරුණු විමසීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයාට හා මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයාට අද පෙරවරු 10.30 ට කොමිසම හමුවේ පෙනී සිටින්නැයි දැනුම් දුන් බව මානව හිමිකම් කොමිසම ඊයේ නිවේදනය කළේ ය. එහි දැක්වෙන්නේ, පසුගිය 23 වැනි දා මේ සම්බන්ධයෙන් කළ ඉල්ලීමට කිසිදු පියවරක් ගෙන නොමැති බව කොමිසම නිරීක්ෂණය කර ඇති බවයි.
2023-01-25T01:32:54.000Z
ගම්පොළ බැංකුවක මුදල් තැන්පත් යන්ත්‍රයක් කොල්ල කයි
ගම්පොළ බැංකුවක මුදල් තැන්පත් යන්ත්‍රයක් කොල්ල කයි
COLOMBO (News 1st) - අයුද සන්නද්ධ පිරිසක් ගම්පොළ නගරයේ පෞද්ගලික බැංකුවක ස්වයංක්‍රීය ගනුදෙනු ඒකකයේ මුදල් තැන්පත් යන්ත්‍රය කොල්ල කා පළා ගොස් තිබේ. පොලීසිය සඳහන් කළේ, අද (25) අලුයම වෑන් රථයකින් පැමිණ බැංකුවේ ආරක්ෂක නිලධාරියා බිය ගන්වා මෙම කොල්ලය සිදු කර ඇති බවයි. කොල්ල කෑ මුදල කොපමණ ද යන්න මෙතෙක් ගණන් බලා නැත. සිද්ධිය සම්බන්ධයෙන් ගම්පොළ පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.
2023-01-25T01:23:22.000Z
මුජිබර් අස්වීමෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරයට ෆවුසිගේ නම ගැසට් කෙරේ
මුජිබර් වෙනුවට ෆවුසි පාර්ලිමේන්තුවට
COLOMBO (News 1st) - මුජිබර් රහුමාන් මහතා ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා ඒ. එච්. එම් ෆවුසි මහතාගේ නම ගැසට් මගින් ප්‍රකාශයට පත් කර තිබේ. ඒ, මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනයකිනි. කොළඹ මහ නගර සභාවේ සමගි ජන බලවේගයේ නගාරාධිපති ධුර අපේක්ෂකත්වයට ඉදිරිපත් වීම සඳහා මුජිබර් රහුමාන් මහතා පසුගිය දා සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්විය. 2020 වසරේ පැවති මහ මැතිවරණයෙන් සමගි ජන බලවේගයෙන් කොළඹ දිස්ත්‍රික්කයට තරග කළ ඒ. එච්. එම් ෆවුසි මහතා ලබා ගත් මනාප සංඛ්‍යාව 48701 කි.
2023-01-25T00:18:00.000Z
ගෙවුණු දිනය උණුසුම් කළ පුවත්
ගෙවුණු දිනය උණුසුම් කළ පුවත්
1. මුජිබර් රහුමාන්ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් - ඇප මුදල් භාර නොගන්නැයි, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්, නීල් බණ්ඩාර හපුහින්න නිකුත් කළ චක්‍රලේඛයෙන් තම මූලික අයිතිවාසිකම් කඩ වූ බවට නිගමනය කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ. 2. රියැදුරෙක් බෝතලයකින් පහර දී කොන්දොස්තර ඝාතනය කරයි - මොනරාගල සිට කටුනායක දක්වා පැමිණි ලංගම බස් රථයක, රියැදුරු කළ පහරදීමකින් එම බස් රථයේ කොන්දොස්තරවරයා මියගොස් තිබේ. 3. ණය පොලී අනුපාත ඉහළ දැමීමට මහජන බැංකුව ගත් තීරණය තාවකාලිකව අත්හිටුවයි - මහජන බැංකුව ණය පොලී අනුපාත 15.5% දක්වා ඉහළ දැමීමට ගත් තීරණය තාවකාලිකව අත්හිටුවා තිබේ. 4. විදුලි බිල වැඩි කරන කැබිනට් තීරණය බලරහිත කරන්නැයි ඉල්ලා අභියාචනාධිකරණයට පෙත්සමක් - ජනවාරි මස 01 වැනිදා සිට විදුලි බිල්පත් ගාස්තු ඉහළ දැමීමට කැබිනට් මණ්ඩලය ගත් තීරණය බල රහිත කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට රීට් ආඥා පෙත්සමක් ගොනු කළේ ය. 5. නිතීඥවරුන්ට එරෙහිව කෙසෙල්වත්ත පොලිසිය ගොනු කළ බී වාර්තාව ඉල්ලා අස්කරගනී - පසුගිය 18 වැනිදා කොළඹ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිටදී නිතීඥවරුන් පිරිසක් කළ විරෝධතාවය සම්බන්ධයෙන් කොළඹ කෙසෙල්වත්ත පොලිසිය අධීකරණයට ගොනු කර තිබු බී වාර්තාව අද ඉල්ලා අස් කර ගැනිණ.
2023-01-24T13:40:51.000Z
මුජිබර් රහුමාන්ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්
මුජිබර්ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්
COLOMBO ( News 1st ) - ඇප මුදල් භාර නොගන්නැයි, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්, නීල් බණ්ඩාර හපුහින්න නිකුත් කළ චක්‍රලේඛයෙන් තම මූලික අයිතිවාසිකම් කඩ වූ බවට නිගමනය කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට අද (24) පෙත්සමක් ඉදිරිපත් කර තිබේ. ඒ, සමගි ජන බලවේගයේ, කොළඹ නගරාධිපති අපේක්ෂක මුජිබර් රහුමාන් මහතා විසිනි. පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස, කැබිනට් මණ්ඩලයේ ලේකම්වරයා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න, කැබිනට් මණ්ඩලය, නීතිපතිවරයා, සහ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු කොමසාරිස්වරුන් ප්‍රමුඛ 35 දෙනෙකු නම් කොට තිබෙන අතර මැතිවරණයක් පැවැත්වීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව සැලසුම් කොට තිබිය දී නීල් බණ්ඩාර හපුහින්න මහතා නිකුත් කළ එම චක්‍රලේඛනය නිසා තමන්ගේ පමණක් නොව පුරවැසියන්ගේ ද මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බව අදාළ පෙත්සමේ සඳහන් ය. ඒ සඳහා රුපියල් මිලියන 100 ක වන්දියක් අය කර දෙන ලෙසත්, පෙත්සම්කාර මුජිබර් රහුමාන් මහතා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.
2023-01-24T12:07:44.000Z
රියැදුරෙක් බෝතලයකින් පහර දී කොන්දොස්තර ඝාතනය කරයි
රියැදුරෙක් බෝතලයකින් පහර දී කොන්දොස්තර ඝාතනය කරයි
COLOMBO ( News 1st ) - මොනරාගල සිට කටුනායක දක්වා පැමිණි ලංගම බස් රථයක, රියැදුරු කළ පහරදීමකින් එම බස් රථයේ කොන්දොස්තරවරයා මියගොස් තිබේ. පොලීසිය සඳහන් කළේ, ඊයේ (23) රාත්‍රියේ රියැදුරු සහ කොන්දොස්තරවරයා බස් රථය කටුනායක විහාරස්ථානයක නවතා තබා ඇති බවයි. ඊයේ (23 ) රාත්‍රියේ ඔවුන් දෙදෙනා තවත් පුද්ගලයෙකු සමග මත්පැන් පානය කර ඇති අතර, එහිදී ඇති වූ බහින් බස්වීමකින් අනතුරුව රියැදුරු කොන්දොස්තරවරයාට බෝතලයකින් පහර දී ඇති බව පොලීසිය ප්‍රකාශ කළේ ය. බෝතල් ප්‍රහාරයෙන් තුවාල ලැබූ අනුර පවන් කුමාර නැමැති 38 හැවිරිදි කොන්දොස්තරවරයා කටුනායක පොලීසිය වෙත පැමිණ, පැමිණිල්ලක් කර මීගමුව මහරෝහල වෙත ප්‍රතිකාර සඳහා ඇතුළත් වී ඇති අතර මීගමුව මහරෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කොන්දොස්තරවරයා අද (24) උදෑසන ජීවිතක්ෂයට පත් වී ඇති බව පොලීසිය සඳහන් කළේ ය. පහරදීම සිදු කළ 36 හැවිරිදි බස් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන තිබේ.
2023-01-24T11:34:10.000Z
ණය පොලී අනුපාත ඉහළ දැමීමට මහජන බැංකුව ගත් තීරණය තාවකාලිකව අත්හිටුවයි
පොලී අනුපාත ඉහළ දැමීම මහජන බැංකුව අත්හිටුවයි
COLOMBO ( News 1st ) - මහජන බැංකුව ණය පොලී අනුපාත 15.5% දක්වා ඉහළ දැමීමට ගත් තීරණය තාවකාලිකව අත්හිටුවා තිබේ. වෙළදපොළ පොලී අනුපාත ඉහළ යාමට සාපේක්ෂව දැනට නිකුත් කර ඇති ණය සඳහා 15.5% දක්වා පොලී අනුපාත ඉහළ දැමීමට මහජන බැංකුව තීරණය කරනු ලැබුවේ, පසුගිය 30 වැනිදායි. ජාතික ඉතිරිකිරීමේ බැංකුව පසුගිය 20 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ඔවුන් මේ වන විට නිකුත් කර ඇති ණය සඳහා වන පොලී අනුපාත 15% ක උපරිමයක් දක්වා ඉහළ දැමීමට පියවර ගෙන තිබූ අතර එහිදි විශේෂත්වය වූයේ, ස්ථාවර පොලී අනුපාත යටතේ නිකුත් කර තිබු ණය පහසුකම්වල පවා පොලීය ඉහළ දමා තිබීමයි.
2023-01-24T08:45:45.000Z
විදුලි බිල වැඩි කරන කැබිනට් තීරණය බලරහිත කරන්නැයි ඉල්ලා අභියාචනාධිකරණයට පෙත්සමක්
බිල වැඩි කරන තීරණය බලරහිත කරන්නැයි ඉල්ලා පෙත්සමක්
COLOMBO (News 1st) - ජනවාරි මස 01 වැනිදා සිට විදුලි බිල්පත් ගාස්තු ඉහළ දැමීමට කැබිනට් මණ්ඩලය ගත් තීරණය බල රහිත කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට අද රීට් ආඥා පෙත්සමක් ගොනු කළේ ය. ඒ, විදුලි පාරිභෝගිකයින්ගේ සංගමය, එහි ලේකම් සංජීව ධම්මික, පරිසර යුක්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ හේමන්ත විතානගේ හා පරිසර යුක්ති කේන්ද්‍රය ඇතුළු සංවිධාන සහ පුද්ගලයින් පිරිසක් විසිනි. පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා, ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය, කැබිනට් මණ්ඩලයේ සියලු සාමාජිකයින් ඇතුලු පිරිසක් නම් කොට තිබේ. මේ අවස්ථාවේ විදුලි බිල යළි ඉහළ නොදමන ලෙසට මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් නිර්දේශ කර තිබියදී එම නිර්දේශ නොතකා කැබිනට් මණ්ඩලය එම තීරණය ගෙන ඇති බව පෙත්සමෙන් පෙන්වා දී තිබේ. එම තීරණය නීතීවිරෝධී බවත්, ස්වාධින කොමිෂන් සභාවක් වන මහජන උපයෝගීතා කොමිෂන් සභාවට එලෙස බලකිරීමේ බලයක් වගඋත්තරකරුවන්ට නොමැති බවත්, පෙත්සමේ සඳහන් ය. එබැවින් හදිසි කරුණක් ලෙස සලකා මෙම පෙත්සම ලබන 27 වනදා විවෘත අධිකරණය හමුවේදී කැඳවීමට අවසර ලබා දෙන ලෙස පෙත්සම්කරුවන් අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබේ.
2023-01-24T08:06:16.000Z
නිතීඥවරුන්ට එරෙහිව කෙසෙල්වත්ත පොලිසිය ගොනු කළ බී වාර්තාව ඉල්ලා අස්කරගනී
කෙසෙල්වත්ත පොලිසිය බී වාර්තාව ඉල්ලා අස්කරගනී
COLOMBO (News 1st) - පසුගිය 18 වැනිදා කොළඹ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිටදී නිතීඥවරුන් පිරිසක් කළ විරෝධතාවය සම්බන්ධයෙන් කොළඹ කෙසෙල්වත්ත පොලිසිය අධීකරණයට ගොනු කර තිබු බී වාර්තාව අද ඉල්ලා අස් කර ගැනිණ. නිතීඥවරුන් පිරිස එදින විරෝධතාවයේ නිරත වුනේ, නිතීපති දෙපාර්තමේන්තුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් තරංගා මහවත්ත මහත්මියට අයුතු බලපෑම් සිදුකළේ, යැයි පවසමිනි. ඊට සහභාගී වූ නිතීඥවරුන් තුන්දෙනෙකු ඇතුළු පිරිසකට එරෙහිව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට හමුවේ බී වාර්තාව ගොනු කර තිබිණ. එම වාර්තාව සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා පොලිසියට නියම කර තිබුණේ, ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් කර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසයි. කෙසේ වෙතත්, එම පැමිණිල්ල අද කැඳවූ අවස්ථාවේදී කෙසෙල්වත්ත පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේ, අදාළ වාර්තාව සම්බන්ධ වැඩිදුර පියවර නොගෙන ඉල්ලා අස්කරගැනීමට අවසර පතන බවයි. ඊට ඉඩ දෙමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අදාළ නඩු කටයුත්ත අවසන් කළේ ය.
2023-01-24T07:43:00.000Z
ආනන්ද පාලිත සහ සංජීව ධම්මික රක්ෂිත බන්ධනාගාරයට
ආනන්ද පාලිත සහ සංජීව ධම්මික රක්ෂිත බන්ධනාගාරයට
COLOMBO (News 1st) - අත්අඩංගුවට ගත් සමගි ඒකාබද්ධ වෘත්තිය සමිති බලවේගයේ මාධ්‍ය ප්‍රකාශක ආනන්ද පාලිත සහ විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික ලබන 26 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. සාපරාධි බලහත්කාරය පෑම යන චෝදනා මත ඔවුන් ඊයේ රාත්‍රියේ කොල්ලුපිටියේදී අත්අඩංගුවට ගෙන තිබිණ. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, මහජන උපයෝගීතා කොමිසමේ සාමාජික මොහාන් සමරනායක මහතාට තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔවුන්ට චෝදනාව එල්ල වී ඇති බවයි.
2023-01-24T07:24:44.000Z
දෛනික විදුලි කප්පාදුව පැය 2කට සීමා කෙරේ
දෛනික විදුලි කප්පාදුව පැය 2කට සීමා කෙරේ
COLOMBO (News 1st) - මෙතෙක් පැය 2 යි විනාඩි 20 ක් වූ දෛනික විදුලිය කප්පාදුව පැය 2 ක් දක්වා සීමා කිරීමට විදුලිබල මණ්ඩලය තීරණය කර තිබේ. කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද ප්‍රකාශ කළේ, මේ පිළිබඳව විෂය භාර අමාත්‍ය කංචන විජේසේකර මහතා කැබිනට් මණ්ඩලයට දැනුම් දුන් බවයි. කැබිනට් ප්‍රකාශකවරයා පැවුසවේ, උසස් පෙළ විභාගය හේතුවෙන් එලෙස දෛනික විදුලිය කප්පාදුව පැය 2කට සීමා කරන බවත්, එය පස්වරු 4 න් පසු සිදුකරනු ඇති බවත් ය.
2023-01-24T06:52:49.000Z
මිලේනියම් සිටි නඩුවේ විත්තිකාර හිටපු සහකාර පොලිස් අධිකාරීවරයා කොට නිදහස් කරන්නැයි, කළ ඉල්ලීම අධිකරණය ඉවත දමයි
මිලේනියම් සිටි නඩුව ගැන අධිකරණ තීරණය
COLOMBO (News 1st) - මිලේනියම් සිටි ඇතුළු හමුදා බුද්ධි අංශ නිවස්න වැටලීමේ සිද්ධියට අදාළ නඩුවේ විත්තිකාර හිටපු සහකාර පොලිස් අධිකාරී කුලසිරි උඩුගම්පල මහතා සාක්ෂි කැඳවීමකින් තොරව නිදොස් කොට නිදහස් කරන්නැයි, කළ ඉල්ලීම කොළඹ මහාධිකරණය අද ප්‍රතික්ෂේප කළේ ය. ඒ, නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැදිගේ මහතා හමුවේ කැඳවූ අවස්ථාවේදීයි. 2002 ජනවාරි පළමුවෙනිදා සහ 2002 සැප්තැම්බර් මස 3 වනදා අතර කාලය අතරතුරදි කොළඹ අතුරුගිරිය, මහනුවර සහ කඩුගන්නාවේදී හමුදා බුද්ධි අංශ නිලධාරින් අත්අඩංගුවට ගෙන යුධ රහස් හෙළිකිරීම, ඔවුන් භාවිත කළ යුද උපකරණ අත්අඩංගුවට ගෙන ඡායාරුපගත කිරීම සහ වීඩියෝගත කිරීම ඇතුළු චෝදනා යටතේ නඩුව පවරා තිබිණ. විත්තිකාර හිටපු සහකාර පොලිස් අධිකාරිවරයා අදාළ චෝදනාවලින් නිදහස් කරන ලෙස නිතීඥයා කළ ඉල්ලීම සම්බන්ධයෙන් නියෝගය නිකුත් කරමින් විනිසුරුවරයා පෙන්වා දුන්නේ,, පැමිණිල්ල විසින් අධිකරණය හමුවේ ඉදිරිපත් කරන ලද සාක්ෂිය අනුව විත්තියේ සාක්ෂි කැදවා නඩුව තවදුරටත් පවත්වාගෙන යාමට තම අධිකරණය තිරණය කර ඇති බවයි. ඒ අනුව විත්තියේ සාක්ෂි කැඳවීමට නඩුව ලබන 21 වන දින යළි කැඳවීමට දින නියම කළ විනිසුරුවරයා විත්තියේ සාක්ෂි ලැයිස්තුව එදිනට පෙර අධිකරණයට ඉදිරිපත් කරන්නැයි ද නියෝග කළේ ය.
2023-01-24T05:50:14.000Z
විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්නට වසර 4 ක සිරදඬුවම්
විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්නට වසර 4 ක සිරදඬුවම්
COLOMBO (News 1st) - විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්නට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වසර 4 ක බරපතළ වැඩ සහිත සිරදඬුවම් සහ රුපියල් ලක්ෂ 3ක දඩයක් නියම වී තිබේ. ඒ, අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වැරදිකරු වීම හේතුවෙනි.
2023-01-24T04:16:58.000Z
රාජ්‍ය සේවක වැටුප් හෙට දිනයේ ගෙවීමට හැකි සෑම පියවරක් ම ගන්නවා - මුදල් අමාත්‍යාංශය
රාජ්‍ය සේවක වැටුප් හෙට ගෙවීමට පියවර ගන්නවා
COLOMBO (News 1st) - රාජ්‍ය සේවකයින්ට හෙට (25) දිනය තුළ වැටුප් ගෙවීමට හැකි සෑම පියවරක් ම ගන්නා බව මුදල් අමාත්‍යාංශය පවසයි. අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, ඊට අවශ්‍ය කටයුතු මේ වනවිට සූදානම් කරමින් ඇති බවයි. රජයේ විධායක සහ විධායක නොවන සියලු සේවකයින් වෙනුවෙන් එලෙස වැටුප් ගෙවීමට කටයුතු කරන බව එම නිලධාරියා පැවසුවේ ය. මේ අතර රජයේ විදයම් කළමනාකරණය කර ගැනීම සඳහා රජයේ විධායක නිලධාරීන්ගේ වැටුප දින කිහිපයකට පසුව ගෙවීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය පසුගිය දා හිමි විය. රජයේ විධායක නොවන නිලධාරීන්ගේ වැටුප නියමිත දිනට ගෙවීමට තීරණය කර ඇති බව ද කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පසුගිය දා ප්‍රකාශ කළේ ය .
2023-01-24T03:54:55.000Z
සැන්ෆ්‍රැන්සිස්කෝ නුවර වෙඩි තැබීම් දෙකකින් පුද්ගලයින් 7ක් මරුට
සැන්ෆ්‍රැන්සිස්කෝවෙඩි තැබීම්වලින් 7ක් මරුට
COLOMBO (News 1st) - ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ සැන්ෆ්‍රැන්සිස්කෝ නුවර ගොවිපළවල් ආශ්‍රිතව සිදු වූ වෙඩි තැබීම් දෙකකින් පුද්ගලයින් 07 දෙනෙකු මියගොස් තිබේ. ලොස් ඇන්ජලීස්හි පුද්ගලයන් 11 දෙනෙකු ඝාතනය කර පැය 48 ක් ගතවීමටත් පෙර මෙම වෙඩි තැබීම වාර්තා වීම විශේෂත්වයකි. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, ඝාතනයට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි. ප්‍රහාරය එල්ල කර ඇත්තේ 67 හැවිරිදි ෂාඕ චුන්ලි නම් ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවට හඳුනා ගෙන තිබේ.
2023-01-24T03:52:35.000Z
නාකොටික් භාරයේ සිටි සැකකරු මියයාම: ඉදිරි විමර්ශන විශේෂ විමර්ශන ඒකකයට
නාකොටික් භාරයේ සිටි සැකකරු මියයාම:විශේෂ විමර්ශනයක්
COLOMBO (News 1st) - පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ අත්අඩංගුවේ සිටියදී සැකකරුවෙකු මිය යාමේ සිද්ධිය පිළිබඳ පරීක්ෂණ පොලිස්පතිවරයා විසින් පොලිස් මූලස්ථානයේ විශේෂ විමර්ශන ඒකකයට භාර දෙනු ලැබ තිබේ. පසුගිය දා නාරාහේන්පිට වෘත්තීය පුහුණු අධිකාරියේ සේවකයෙකු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් ලද තොරතුරක් මත අත්අඩංගුවට ගෙන තිබිණ. එදිනම රාත්‍රියේ ඔහු යම්කිසි සිදුවීමකින් පසුව ජාතික රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් ඇතැයි පොලීසිය පැවසීය. මියගිය පුද්ගලයාගේ ඥාතීන් සඳහන් කළේ, පොලීසිය කළ පහර දීමෙන් ඔහු මිය ගොස් ඇති බවයි.
2023-01-24T03:28:40.000Z
ඉල්ලා ඇති විදුලි ගාස්තු සංශෝධනයට මහජන උපයෝගිතා කොමිසමේ ඒකමතික එකඟතාව
විදුලි ගාස්තු සංශෝධනයට කොමිසම එකඟවෙයි
COLOMBO (News 1st) - 2009 විදුලිබල පනතට අනුව ඉල්ලා ඇති විදුලි ගාස්තු සංශෝධනයට මහජන උපයෝගිතා කොමිසමේ ඒකමතික එකඟතාව පළ කර තිබේ. එහි සභාපති ජනක රත්නායක මහතා පැවසුවේ, කැබිනට් මණ්ඩලය අනුමත කර ඇති විදුලි බිල සංශෝධනයේ සෙසු කරුණු සම්බන්ධයෙන් නීති උපදෙස් ලබා ගැනීමට කටයුතු කරන බවයි. එම තීරණ සිය කොමිසමේ සියලු සාමාජිකයින්ගේ ඒකමතික තීරණයක් බව සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය. විදුලිය බිල 65 % - 70% ත් අතර අගයකින් ඉහළ දැමීමට පසුගිය දා කැබිනට් මණ්ඩලය තීරණය කළේ ය. ඒ, ජනවාරි පළමු වැනි දා සිට ක්‍රියාත්මක කරන ලෙස දන්වමිනි. කෙසේ වෙතත් මහජන උපයෝගිතා කොමිෂන් සභාව දිගින් දිගටම අවධාරණය කළේ, එලෙස විදුලි ගාස්තු සංශෝධනයට අවසර දිය නොහැකි බවයි. එහෙත්, විදුලි බල පනතේ දක්වා ඇති පරිදි විදුලි බිල සංශෝධනය කිරීමට අදාළ ගණනය කිරීම් කරන බව මහජන උපයෝගීතා කොමිසම ප්‍රකාශ කළේ ය.
2023-01-24T03:03:58.000Z
රබර් ෂීට් මිලදී ගැනීම යළි සීමා වෙයි
රබර් ෂීට් මිලදී ගැනීම යළි සීමා වෙයි
COLOMBO (News 1st) - රබර් ෂිට් මිලදී ගැනීම නැවත සීමා කර ඇති බව රබර් දෙපාර්තමේන්තුව සඳහන් කරයි. එහි අධ්‍යක්ෂ සුසන්ත සිරිවර්ධන මහතා සඳහන් කළේ, අපනයනික රබර් ෂිට් සීමා වීම මෙම තත්ත්වයට හේතු වී ඇති බවයි. එහිදී ආර්ථික අර්බුදය හා දේශීය ටයර් නිෂ්පාදනය සීමා වීම තුළින් මෙම අර්බුදය උග්‍ර වි ඇති බව ඔහු සඳහන් කළේ ය. තවදුරටත් ඔහු පෙන්වා දුන්නේ, ලෝක වෙළෙඳපොළේ රබර් මිල වැඩි වීම මත ඉදිරියේදී රබර් මිල ඉහළ යා හැකි බවයි.
2023-01-24T02:45:20.000Z
මෙරට විරැකියාව ඉහළට - මිනිස් බල හා රැකියා දෙපාර්තුමේන්තුව
මෙරට විරැකියාව ඉහළට
COLOMBO (News 1st) - මෙරට විරැකියාව ඉහළ ගොස් ඇති බව මිනිස් බල හා රැකියා දෙපාර්තුමේන්තුව පවසයි. එහි අධ්‍යක්ෂ සිසිර කුමාර මහතා සඳහන් කළේ, මෙරට රැකියා විරහිත පුද්ගලයින් හාරලක්ෂ පනස් දහසක් හඳුනාගෙන ඇති බවයි. ඔවුන් රැකියාගත කිරීමට මේ වනවිට සැලසුමක් ක්‍රියාත්මක බව සඳහන් වේ.
2023-01-24T02:44:12.000Z
පුංචි ඡන්දෙට මුදල් දිය හැකි ද නොහැකි දැයි විමසමින් කොමිසමෙන් මුදල් අමාත්‍යාංශයට ලිපියක්
මැතිවරණ කොමිසමෙන් මුදල් අමාත්‍යාංශයට ලිපියක්
COLOMBO (News 1st) - පළාත් පාලන මැතිවරණයට අවශ්‍ය මුදල් දිය හැකිද නැද්ද යන්න දන්වන්නැයි, මැතිවරණ කොමිසම මුදල් අමාත්‍යාංශයට ලිපියක් යොමු කර තිබේ. මැතිවරණ කොමිසම පැවසුවේ, මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් කරුණු විමසමින්, මැතිවරණ කොමිසමේ සභාපතිවරයා එම ලිපිය යොමු කර ඇති බවයි. එළැඹෙන පළාත් පාලන මැතිවරණයට වැයවන මුදල රුපියල් බිලියන 10 ක් බවට ගණන් බලා තිබේ. මැතිවරණ කොමිසම සඳහන් කළේ, එම මුදල් ප්‍රමාණය ලබා දිය හැකි ද නැද්ද යන්න කරුණු සහිතව දන්වන්නැයි, අදාළ ලිපියෙන් ඉල්ලා ඇති බවයි. මේ අතර, පළාත් පාලන මැතිවරණයට තරග කිරීමට නියමිත සියලු දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් අද ජාතික මැතිවරණ කොමිෂන් සභාව වෙත කැඳවා තිබේ. පළාත් පාලන මැතිවරණ දිනය ප්‍රකාශයට පත් කිරිමෙන් අනතුරුව මැතිවරණ කොමිසම දේශපාලන පක්ෂ හමුවන පළමු අවස්ථාව මෙයයි. එහිදි ඉදිරි මැතිවරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ සහ ස්වාධින කණ්ඩායම් දැනුවත් කරනු ඇති.
2023-01-24T01:11:00.000Z
ඉදිරි වැඩකටයුතු ගැන සාකච්ඡා කරන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව හෙට රැස්වෙයි
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව හෙට රැස්වෙයි
COLOMBO (News 1st) - ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ රැස්වීමක් හෙට (25) පෙරවරු 9.30 ට පැවැත්වීමට නියමිතව තිබේ. කතානායක මහින්දයාපා අබේවර්ධන මහතා සඳහන් කළේ, සභාව පත් කිරීමෙන් අනතුරුව පළමු වතාවට හෙට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව රැස්වෙන බවයි. ඉදිරි වැඩකටයුතු සිදු කරන ආකාරය පිළිබඳව එහිදී සාකච්ඡා කිරීමට නියමිත බව ද කතානායකවරයා පැවසීය. කතානායකවරයා, ආග්‍රාමාත්‍යවරයා සහ පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයාගේ එකඟතාවයෙන් යුතුව කතානායකවරයා විසින් ඉදිරිපත් කරන ලද නාමයෝජනා අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නොවන පුද්ගලයින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සමාජිකයින් ලෙස පත්කිරීම පසුගිය සතියේ ජනාධිපතිවරයා විසින් සිදු කෙරුණි. ඒ අනුව ආචාර්ය ප්‍රතාප් රාමානුජම්, වෛද්‍ය දිල්කුෂි අනුලා විජේසුන්දර, අචාර්ය වැලිගම විදාන ආරච්චිගේ දිනේෂා සමරරත්න යන මහත්ම මහත්මින් ඒ සඳහා පත් කර තිබේ.
2023-01-24T01:03:25.000Z
පුංචි ඡන්දයට සැරසෙන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් අද මැතිවරණ කොමිසම හමුවට
සියලු පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් අද මැතිවරණ කොමිසමට
COLOMBO (News 1st) - පළාත් පාලන මැතිවරණයට තරග කිරීමට නියමිත සියලු දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් අද (24) ජාතික මැතිවරණ කොමිෂන් සභාව වෙත කැඳවා තිබේ. පළාත් පාලන මැතිවරණ දිනය ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව මැතිවරණ කොමිසම දේශපාලන පක්ෂ හමුවන පළමු අවස්ථාව මෙයයි. එහිදී ඉදිරි මැතිවරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් දැනුවත් කරනු ඇති. මේ අතර උසස් පෙළ අපේක්ෂකයින්ට බාධාවක් ඇති නොවන පරිදි මැතිවරණ ප්‍රචාරණ කටයුතුවල නිරත වන්නැයි ජාතික මැතිවරණ කොමිෂන් සභාව, මැතිවරණ අපේක්ෂකයින්ට දැනුම් දෙනු ඇත. එහි සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා පැවසුවේ, මැතිවරණ නීති කඩකිරීමෙන් තොරව සියලු පාර්ශ්ව කටයුතු කළ යුතු බවයි. පළාත් පාලන මැතිවරණය මාර්තු 9 වැනි දා පැවැත්වීමට දින නියම කර තිබේ. මේ අතර පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද අයැදුම්පත් භාර ගැනීම ඊයේ අවසන් විය. මැතිවරණ කොමිසමේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පැවසුවේ, කොමිසමට ලැබුණු අයැදුම්පත්‍ කඩිනමින් අදාළ මැතිවරණ කාර්යාලය වෙත යොමු කිරීමට පියවර ගන්නා බවයි.
2023-01-24T00:53:13.000Z
අත්අඩංගුවට ගත් ආනන්ද පාලිත සහ ධම්මික සංජීව අද අධිකරණයට
ආනන්ද පාලිත සහ ධම්මික සංජීව අද අධිකරණයට
COLOMBO (News 1st) - සමගි ඒකාබද්ධ වෘත්තිය සමිති බලවේගයේ මාධ්‍ය ප්‍රකාශක ආනන්ද පාලිත මහතා සහ විදුලි බලය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් ධම්මික සංජීව යන මහත්වරුන් අද (24) අධිකරණයට ඉදිරිපත් කරන බව පොලීසිය පවසයි. පොලීසිය පැවසුවේ, ඔවුන් ඊයේ (23) රාත්‍රියේ කොල්ලුපිටියේදී අත්අඩංගුවට ගත් බවයි. සාපරාධි බලහත්කාරය පෑම යන චෝදනා ඔවුන් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දුව මහතා සඳහන් කළේ ය. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, මහජන උපයෝගීතා කොමිසමේ සාමාජික මොහාන් සමරනායක මහතාට තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔවුන්ට මෙම චෝදනාව එල්ල වී ඇති බවයි.
2023-01-24T00:30:01.000Z
ගෙවුණු දිනය උණුසුම් කළ පුවත්
ගෙවුණු දිනය උණුසුම් කළ පුවත්
1. ආනන්ද පාලිත හා සංජීව ධම්මික කොල්ලුපිටියේදී අත්අඩංගුවට - සමගි ඒකාබද්ධ වෘත්තිය සමිති බලවේගයේ මාධ්‍ය ප්‍රකාශක ආනන්ද පාලිත සහ විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික අත්අඩංගුවට ගෙන තිබේ. 2. සෙල්වකුමාරි සත්‍යලීලාට අභියාචනාධිකරණයෙන් මරණ දඬුවම - 2004 වසරේ ජූලි මස 07 වැනිදා කොල්ලුපිටියේ දී එවකට අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ ඩග්ලස් දේවානන්ද මහතාගේ කාර්යාලයේදී බෝම්බයක් පුපුරුවාගෙන පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඇතුළු සිව් දෙනෙකු ඝාතනය කිරීමට ජයරාණි නමැති බෝම්බකාරියට ආධාර අනුබල දීමේ චෝදනාවට වරදකාරිය කර මහාධිකරණය විසින් වසර දෙකක සිරදඬුවම් නියම කර එය වසර 15 කට අත්හිටුවා තිබූ සෙල්වකුමාරි සත්‍යලීලා නමැත්තියට අභියාචනාධිකරණය ඊයේ (23) මරණීය දණ්ඩනය නියම කළේ ය. 3. දිනේෂ් ශාෆ්ටර්ගේ මරණය: මූලික මහේස්ත්‍රාත් පරීක්ෂණය තෙවන දිනටත් - ප්‍රකට ව්‍යාපාරික දිනේෂ් ශාෆ්ටර් මහතාගේ මරණය සම්බන්ධයෙන් මූලික මහේස්ත්‍රාත් පරීක්ෂණය ඊයේ (23) තෙවන දිනටත් පැවැත්විණි. 4. හිටපු ජනපතිගේ මෛත්‍රීගේ අභියාචනා පෙත්සම විභාගයට පූර්ණ විනිසුරු මඩුල්ලක් පත් කරන්නැයි පැමිණිලිකාර පාර්ශ්වයෙන් ඉල්ලීමක් - පාස්කු ප්‍රහාර මාලාව වළක්වා නොගැනීමට එරෙහිව තමන්ට එරෙහිව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනුකර ඇති පෞද්ගලික නඩුව අභියෝගයට ලක් කරමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ගොනුකර ඇති අභියාචනා පෙත්සම විභාග කිරීම සඳහා පූර්ණ විනිසුරු මඩුල්ලක් පත්කරන්නැයි පැමිණිලිකාර සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමන් අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියේ ය. 5. ICC නම් කළ 2022- T20 ක්‍රිකට් කණ්ඩායමට ශ්‍රී ලංකාවෙන් වනිඳු හසරංග - වනිඳු හසරංග අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් 2022 වසර සඳහා නම් කළ පන්දුවාර 20යි 20 ක්‍රිකට් කණ්ඩායමට ඇතුළත්ව තිබේ.
2023-01-23T18:02:53.000Z
ආනන්ද පාලිත හා සංජීව ධම්මික කොල්ලුපිටියේදී අත්අඩංගුවට
ආනන්ද පාලිත හා සංජීව ධම්මික අත්අඩංගුවට
COLOMBO (News 1st) - සමගි ඒකාබද්ධ වෘත්තිය සමිති බලවේගයේ මාධ්‍ය ප්‍රකාශක ආනන්ද පාලිත සහ විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසූවේ ඔවුන් දෙදෙනා කොල්ලුපිටියේදී අත්අඩංගුවට ගත් බවයි.
2023-01-23T16:54:47.000Z
සෙල්වකුමාරි සත්‍යලීලාට අභියාචනාධිකරණයෙන් මරණ දඬුවම...
සත්‍යලීලාට මරණ දඬුවම...
COLOMBO (News 1st) - 2004 වසරේ ජූලි මස 07 වැනිදා කොල්ලුපිටියේ දී එවකට අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ ඩග්ලස් දේවානන්ද මහතාගේ කාර්යාලයේදී බෝම්බයක් පුපුරුවාගෙන පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඇතුළු සිව් දෙනෙකු ඝාතනය කිරීමට ජයරාණි නමැති බෝම්බකාරියට ආධාර අනුබල දීමේ චෝදනාවට වරදකාරිය කර මහාධිකරණය විසින් වසර දෙකක සිරදඬුවම් නියම කර එය වසර 15 කට අත්හිටුවා තිබූ සෙල්වකුමාරි සත්‍යලීලා නමැත්තියට අභියාචනාධිකරණය අද(23) මරණීය දණ්ඩනය නියම කළේ ය. එම සැකකාරිය අත්අඩංගුවට ගැනීමට වහාම වරෙන්තු නිකුත් කරන ලෙසට ද සම්පත් අබේකෝන්, පී. කුමාරරත්නම් යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල මහාධිකරණයට නියෝග කළේ ය. මහාධිකරණය විසින් ලබාදෙනු ලැබූ පෙර කී දණ්ඩන නියෝගයට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබූ අභියාචනාවක් සලකා බැලූ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල එම දඬුවම් නියම කරනු ලැබීය.
2023-01-23T16:32:22.000Z
දිනේෂ් ශාෆ්ටර්ගේ මරණය: මූලික මහේස්ත්‍රාත් පරීක්ෂණය තෙවන දිනටත්
ශාෆ්ටර්ගේ මරණය: මහේස්ත්‍රාත් පරීක්ෂණය තෙවන දිනටත්
COLOMBO (News 1st) - ප්‍රකට ව්‍යාපාරික දිනේෂ් ශාෆ්ටර් මහතාගේ මරණය සම්බන්ධයෙන් මූලික මහේස්ත්‍රාත් පරීක්ෂණය අද(23) තෙවන දිනටත් පැවැත්විණි. ඒ, කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මියගේ නිල මැදිරියේ දීය. අභාවප්‍රාප්ත දිනේෂ් ශාෆ්ටර් මහතාගේ පවුලේ සමාජිකයින්ගේ ඉල්ලීමක් මත මෙම සාක්ෂි ලබාගැනීම අතිරේක මහේස්ත්‍රාත් නිල මැදිරියේදී සිදුකරයි. ඒ අනුව අප වාර්තාකරු ප්‍රකාශ කළේ අද දිනේෂ් ශාෆ්ටර් මහතාගේ බාල සහෝදරයා පැයකට ආසන්න කාලයක් සාක්ෂි ලබා දුන් බවයි. එම විමර්ශන කටයුතු භාර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියාගේ සාක්ෂි සටහන් කර ගැනීම සඳහා නඩුව ලබන 08 වැනිදා යළි කැදවීමට අතිරේක මහේස්ත්‍රාත්වරිය අද නියෝග කළා ය.
2023-01-23T15:39:31.000Z
හිටපු ජනපතිගේ මෛත්‍රීගේ අභියාචනා පෙත්සම විභාගයට පූර්ණ විනිසුරු මඩුල්ලක් පත් කරන්නැයි පැමිණිලිකාර පාර්ශ්වයෙන් ඉල්ලීමක්
මෛත්‍රීගේ අභියාචනා පෙත්සම: පැමිණිල්ලෙන් ඉල්ලීමක්
COLOMBO (News 1st) - පාස්කු ප්‍රහාර මාලාව වළක්වා නොගැනීමට එරෙහිව තමන්ට එරෙහිව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනුකර ඇති පෞද්ගලික නඩුව අභියෝගයට ලක් කරමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ගොනුකර ඇති අභියාචනා පෙත්සම විභාග කිරීම සඳහා පූර්ණ විනිසුරු මඩුල්ලක් පත්කරන්නැයි පැමිණිලිකාර සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමන් අද(23) අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියේ ය. ඒ තමා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතීඥ රියෙන්සි අර්සකුලරත්න මහතා මගිනි. අදාළ ඉල්ලීම සම්බන්ධයෙන් සිය අධිකරණයේ නියෝගය ලබන 26 වැනිදා නිකුත් කරන බව සෝභිත රාජකරුණා හා ධම්මික ගනේපොල යන විනිසුරු මඩුල්ල අද තීරණය කළේ ය. පැමිණිල්ලේ මේ ඉල්ලීමට තමන් විරුද්ධ වන බව මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් පෙනීසිටි ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතීඥ ෆයිසර් මුස්තාපා මහතා අධිකරණයට පෙන්වා දුන්නේ ය. 2019 අප්‍රේල් 21 වැනිදා කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයට එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාරවලින් පාදයක් අහිමි වූ පුද්ගලයෙකු සහ සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා විසින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට අදාළ පෞද්ගලික නඩුව ගොනුකර තිබේ.
2023-01-23T11:08:43.000Z
ICC නම් කළ 2022- T20 ක්‍රිකට් කණ්ඩායමට ශ්‍රී ලංකාවෙන් වනිඳු හසරංග
ICC T20 ක්‍රිකට් කණ්ඩායමට ශ්‍රී ලංකාවෙන් වනිඳු
COLOMBO ( News 1st ) – වනිඳු හසරංග අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් 2022 වසර සඳහා නම් කළ පන්දුවාර 20යි 20 ක්‍රිකට් කණ්ඩායමට ඇතුළත්ව තිබේ. 2022 වසර තුළ පන්දුවාර 20යි 20 ක්‍රිකට් පිටියේ දැක් වු දක්ෂතා මත ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් වසරේ පන්දුවාර 20යි 20 කණ්ඩායම ප්‍රකාශයට පත් කළ අතර ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංගට ද එම කණ්ඩායමේ ස්ථානයක් හිමිව තිබේ. ඔහු පන්දුවාර 20යි 20 පිටියේ තරග 55කදී කඩුලු 89ක් දවාගෙන ඇති අතර මැදපෙළ පිතිකරුවෙකු ලෙස රැස් කරගෙන සිටින ලකුණු සංඛ්‍යාව 503 කි. 2022 වසර සඳහා නම් කළ කණ්ඩායමේ නායකත්වය එංගලන්තයේ ජොස් බට්ලර්ට හිමිව ඇති අතර පකිස්ථානයේ මොහොමඩ් රිස්වාන්, ඉන්දීය කණ්ඩායමේ විරාත් කෝලි ඇතුළු සුපිරි ක්‍රීඩකයෝ ද ඊට ඇතුළත්ව සිටිති.
2023-01-23T09:19:43.000Z
රැඳවියන් 4 ක් උසස් පෙළ ලියයි.... මරණ දඬුවම නියමවූ රැඳවියෙකුත් ඒ අතර
රැඳවියන් 4 දෙනෙක් උසස් පෙළ ලියයි
COLOMBO ( News 1st ) – බන්ධනාගාරගත රැඳවියන් සිව්දෙනෙකු මෙවර උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින බව, බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. ඒ අතර මරණ දඬුවම නියමවූ රැඳවියෙක් ද සිටී. කලා විෂය ධාරාව යටතේ ඔවුන් විභාගයට පෙනී සිටින්නේ නව මැගසින් බන්ධනාගාරයේ ස්ථාපිත විභාග මධ්‍යස්ථානයේදීයි. මීට අමතරව යාපනය බන්ධනාගාරයේ රඳවා ඇති සැකකරුවෙකු ද, පිටතින් අයදුම්කළ අපේක්ෂකයෙකු ලෙස මෙවර විභාගයට පෙනී සිටින බව, බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය. ඒ, චාවකච්චේරිය ප්‍රදේශයේ පිහිටි විභාග මධ්‍යස්ථානයකදියී.
2023-01-23T08:34:06.000Z
නිදහස් උත්සවය පැවැත්වීමට සූදානම්වන ආකාරය සොයා බැලීමට හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු පිරිසක් ගාලුමුවදොරට
හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු පිරිසක් ගාලුමුවදොරට
COLOMBO ( News 1st ) - රුපියල් මිලියන 200 ක් වියදම් කරමින් නිදහස් උත්සවය පැවැත්වීමට සූදානම්වන ආකාරය සොයා බැලීමට හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු පිරිසක් අද (23) ගාලුමුවදොරට පැමිණියහ. සමගි වනිතා බලවේගයේ ජාතික සංවිධායක, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු පිරිස ගාලුමුවදොර පිටිය අසළ දී නිදහස් සැමරුම වෙනුවෙන් ඉදිවෙන ඉදිකිරීම් වලට කලු පටි බැඳ විරෝධය පළ කළහ. මේ අතර විරෝධතාව පැවැත්වෙන ස්ථානයට පැමිණි පොලීසිය විරෝධතාකරුවන්ට ඉවත් වන ලෙස දැනුම් දුන් අතර පොලීසියේ බාධා කිරීම් හමුවේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු විරෝධතාකරුවන් මාර්ගයේ අනෙක් පසට ගොස් විරෝධතාවය පළ කළහ.
2023-01-23T08:27:41.000Z
චීන දුන් ඩීසල් තොගය බෙදන්න රු. මිලියන 122 ක් පමණ වැය වේවි - මහින්ද අමරවීර -
චීන දුන් ඩීසල් බෙදන්න රු.මිලියන 122ක් පමණ වැය වේවි
COLOMBO (News 1st) – චීන රජය විසින් මෙරට වී ගොවීන් සඳහා ලබා දුන් ඩීසල් තොගය බෙදාහැරීමට රුපියල් මිලියන 122 ක් පමණ වැය වෙතැයි අපේක්ෂා කරන බව, කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. අමාත්‍යවරයා පැවසුවේ, අදාළ ඩීසල් තොගය ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මගින් බවුසර් මගින් දිවයින පුරා බෙදා හරින බවයි. අක්කර භාගයේ සිට අක්කර දෙකහමාරක් දක්වා වී වගාවේ නිරත සෑම ගොවියෙකුටම වගා කරන ප්‍රමාණය අනුව ඉන්ධන නොමිලේ ලබාදෙයි. ඒ අනුව අක්කර දෙකහමාරක් හෙවත් හෙක්ටයාරයක් වගා කරන ගොවියෙකුට හිමි වන ඉන්ධන ප්‍රමාණය, ලීටර් 15 කි.
2023-01-23T06:10:27.000Z
විදුලි සැර වැදී පුද්ගලයෙකු මරුට..
විදුලි සැර වැදී පුද්ගලයෙකු මරුට..
COLOMBO ( News 1st ) – මහව, උක්වත්තේගම ප්‍රදේශයේදී විදුලි සැර වැදී පුද්ගලයෙකු මියගොස් තිබේ. ඒ, කුකුළු ගොවිපොළක අටවා තිබූ අනවසර විදුලි රැහැනක ගැටීමෙන් ය. මියගොස් ඇත්තේ, මැදගම පදිංචි 57 හැවිරිදි පුද්ගලයෙකි. සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.
2023-01-23T02:56:45.000Z
ආනයනය කිරීමට නියමිත විදුලි යතුරුපැදි ලියාපදිංචියට අදාළ රෙගුලාසි සැකසීමට කමිටුවක්
විදුලි යතුරුපැදි ලියාපදිංචියට රෙගුලාසි
COLOMBO ( News 1st ) – ආනයනය කිරීමට නියමිත විදුලි යතුරුපැදි ලියාපදිංචියට අදාළ රෙගුලාසි සැකසීම සඳහා කමිටුවක් පත්කර ඇතැයි, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි. මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්, නිශාන්ත අනුරුද්ධ මහතා සඳහන් කළේ මේ වන විට එම කමිටුව ඊට අදාළ කටයුතු ආරම්භ කර ඇති බවයි. මෝටර් රථ ප්‍රවාහන පනත සංශෝධනය කර ඇති බවත් ඒ අනුව මෙම විදුලි වාහන ලියාපදිංචිය සඳහා කැබිනට් අනුමැතිය හිමි වී ඇති බව ද ඔහු ප්‍රකාශ කළේ ය.
2023-01-23T02:42:07.000Z
සමුද්‍රදේවී පීලි පනී... මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයි
සමුද්‍රදේවී කළුතරදී පීලි පනී
COLOMBO ( News 1st ) - සමුද්‍රදේවී සීඝ්‍රගාමී දුම්රිය කළුතර දුම්රිය ස්ථානය ආසන්නයේදී පීලි පැනීමකට ලක්ව තිබේ. දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මේ හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනය ප්‍රමාද විය හැකි බවයි.
2023-01-23T01:53:29.000Z
අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ සිදුවූ වෙඩි තැබීමට සම්බන්ධ වෙඩික්කරු ජීවිතක්ෂයට
කැලිෆෝනියාවේ වෙඩි තැබීමට සම්බන්ධ පුද්ගලයා මරුට..
COLOMBO ( News 1st ) - අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ සිදුවූ වෙඩි තැබීමට සම්බන්ධ වෙඩික්කරු ජීවිතක්ෂයට පත්ව තිබේ. එරට ආරක්ෂක අංශ උපුටා දක්වමින් විදෙස් වාර්තා පැවසුවේ, සැකකරු වෙඩි තබාගෙන සිය දිවි හානි කර ගෙන ඇති බවයි. ඔහු වයස අවුරුදු 30 - 50 ත් අතර වයසේ පසුවන ආසියානු සම්භවයක් සහිත පුද්ගලයෙකු බවට, මේ වන විට අනාවරණ වී තිබේ. වෑන් රථයකින් පැමිණි සැකකරු කළ වෙඩි තැබීමෙන් පුද්ගලයින් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර ඒ අතරට කාන්තාවන් පස් දෙනෙකු ඇතුළත් ය. වෙඩි තැබීමෙන් තවත් 10 දෙනෙකු තුවාල ලැබූ අතර චීන අලුත් අවුරුද්ද සැමරීම වෙනුවෙන් දහස් ගණනක් ජනතාව කැලිෆෝනියා ප්‍රාන්තයේ මොන්ටරේ නගරයට රැස්ව සිටි අවස්ථාවක ව්‍යාපාරික ස්ථානයක් ආසන්නයේ මෙම වෙඩි තැබීම සිදුවිය.
2023-01-23T01:48:11.000Z
විදේශ අමාත්‍ය අලිසබ්‍රී මහතා නිල සංචාරයක් සඳහා අද සෞදි අරාබියට
විදෙස් ඇමති,අලිසබ්‍රී නිල සංචාරයකට සෞදි අරාබියට
COLOMBO ( News 1st ) - විදේශ අමාත්‍ය ජනාධිපති නීතීඥ, අලිසබ්‍රී මහතා නිල සංචාරයක් සඳහා අද (23 ) සෞදි අරාබිය බලා පිටත්ව යාමට නියමිතයි. ඒ, සෞදි විදේශ අමාත්‍යවරයාගේ ආරාධනයකට අනුවයි. එරට රැඳී සිටින කාලය තුළ විදේශ අමාත්‍යවරයා ඉස්ලාමීය සංවර්ධන බැංකුව, ඉස්ලාමීය සහයෝගිතා සංවිධානය සහ ගල්ෆ් සහයෝගිතා කවුන්සිලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙන්ම මක්කම හා මදීනාව යන නගරවල ආණ්ඩුකාරවරුන් හමු වී සාකච්ඡා කිරීමට නියමිතව තිබේ. විදේශ අමාත්‍යවරයාගේ සෞදි සංචාරය අවසන් වන්නේ ලබන 27 වැනිදායි.
2023-01-23T01:29:36.000Z
රජයේ රෝහල්වල කනිෂ්ඨ කාර්ය මණ්ඩලය වර්ජනයක..
රජයේ රෝහල්වල කනිෂ්ඨ කාර්ය මණ්ඩලය වර්ජනයක..
COLOMBO (News 1st) – දිවයින පුරා රෝහල්වල කනිෂ්ඨ කාර්ය මණ්ඩලය අද(23) වැඩවර්ජනයක නිරත වෙයි. ඒ, ඖෂධ හිඟය ඇතුළු ගැටලු කිහිපයක් මුල් කරගනිමින් ය. උදෑසන 8.00ට ආරම්භ වන වර්ජනය මධ්‍යහන 12.00 න් අවසන් වීමට නියමිතයි.
2023-01-23T01:19:51.000Z
2022 උසස් පෙළ විභාගය අද ඇරඹෙයි..
2022 උසස් පෙළ විභාගය අද ඇරඹෙයි..
COLOMBO (News 1st) – 2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අද (23) ආරම්භ වේ. පාසල් අයැදුම්කරුවන් 278,196 ක් සහ පෞද්ගලික අයැදුම්කරුවන් 53,513 ක් මෙවර විභාගය සඳහා පෙනී සිටීමට නියමිත ය. දිවයින පුරා ස්ථාපිත විභාග මධ්‍යස්ථාන සංඛ්‍යාව 2200 ක් වන අතර අද (23) ආරම්භ වන උසස් පෙළ විභාගය පෙබරවාරි 17 වැනිදා අවසන්වීමට නියමිත බව, විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා ප්‍රකාශ කළේ ය. විභාග කොමසාරිස් ජනරාල්වරයා සිසුන්ට දැනුම් දෙන්නේ,කල්වේලා ඇතිව විභාග මධ්‍යස්ථානයට පැමිණෙන ලෙස ය. මේ අතර විභාගය වෙනුවෙන් අද (23) සිට විශේෂ ප්‍රවාහන වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක වන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්, නිලාන් මිරැන්ඩා මහතා ප්‍රකාශ කළේ,සිසු සැරිය සේවාව මේ සඳහා යොදා ගන්නා බව ය. එසේම ,අමතර ගමන්වාර 16 ක් අද (23 )සිට ක්‍රියාත්මක බව, දුම්රිය නියෝජ්‍ය ගමනාගමන අධිකාරි එන්.ජේ. ඉඳිපොලගේ මහතා ප්‍රකාශ කළේ, මෙම දුම්රිය සේවාවන් උදෑසන 7.00 සිට සවස 5.00 අතර කාල සීමාවේ දී නියමිත වේලාවට ධාවනය කිරීමට පියවර ගන්නා බවය. විභාගය වෙනුවෙන් පොලිස් නිලධාරින් 1625 දෙනෙකු යොදවා ඇතැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේ ය. තවද උසස් පෙළ අපේක්ෂකයින්ට බාධාවක් ඇති නොවන පරිදි මැතිවරණ ප්‍රචාරණ කටයුතුවල නිරත වන්නැයි ජාතික මැතිවරණ කොමිෂන් සභාව, මැතිවරණ අපේක්ෂකයින්ට දැනුම් දී තිබේ. එහි සභාපති, නීතිඥ නිමල් පුංචිහේවා මහතා පැවසුවේ, මැතිවරණ නීති උල්ලංඝණය නොවන ආකාරයෙන් සියලු පාර්ශ්ව කටයුතු කළයුතු බවයි. මේ අතර උසස් පෙළ විභාග කාලසීමාවේත්, දෛනික විදුලිය කප්පාදුවේ වෙනසක් කළ නොහැකි බව, ලංකා විදුලි බල මණ්ඩලය ප්‍රකාශ කර තිබේ. එම මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, ඒ සම්බන්ධයෙන් මහජන උපයෝගීතා කොමිසමට ලිඛිතව කරුණු වාර්තා කර ඇති බවයි. විදුලිය නිෂ්පාදනයට අධික පිරිවැයක් දැරීමට සිදුවීමත්, ඊට ප්‍රමාණවත් මුදල් නොමැතිවීමත් මත, එම දැනුම් දීම කර ඇතැයි, ඔහු සඳහන් කළේ ය. මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසන්නේ, උසස් පෙළ විභාගය අතරතුර විදුලි කප්පාදුව අවම කිරීමට සිදුකළ යෝජනාව ප්‍රතික්ෂේප කිරීමට, කිසිදු හේතුවෙක් නොමැති බවයි. ඔහු වැඩිදුරටත් අවධාරණය කරන්නේ, තමන් සමග පවතින පෞද්ගලික ආරවුල් හේතුවෙන් අහිංසක පාසල් දරුවන් පීඩාවට පත් නොකරන ලෙසයි.
2023-01-23T01:10:57.000Z
තැපැල් ඡන්ද අයැදුම්පත් භාරගැනීම අදින් අවසන්..
තැපැල් ඡන්ද අයැදුම්පත් භාරගැනීම අදින් අවසන්..
COLOMBO (News 1st) – මෙවර පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද අයැදුම්පත් භාර ගැනීම අදින්(23) අවසන් වෙයි. මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ , අදත් ඡන්ද දායකයින්ට තැපැල් ඡන්ද අයැදුම් කිරීමේ අවස්ථාව පවතින බවයි. ඒ සඳහා තමන් පදිංචි ප්‍රදේශයේ ළඟම පිහිටි මැතිවරණ කාර්යාලයට තැපැල් අයැදුම්පතක් භාරදිය හැකියි. දිවයිනේ ඕනෑම ප්‍රදේශයක පදිංචි තැපැල් ඡන්ද අයැදුම්කරුවෙකුට, සිය අයැදුම්පත්‍රය රාජගිරියේ පිහිටි ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ ප්‍රධාන කාර්යලය වෙත අද ලබාදිය හැකි ය. මැතිවරණ කොමිසමේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පැවසුවේ, එලෙස ලැබෙන අයැදුම්පත්‍, කඩිනමින් අදාළ මැතිවරණ කාර්යාලය වෙත යොමුකිරීමට පියවර ගන්නා බවයි. මේ අතර , පළාත් පාලන මැතිවරණයට තරග කිරීමට නියමිත සියලු දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් හෙට ජාතික මැතිවරණ කොමිෂන් සභාව වෙත කැඳවා තිබේ. පළාත් පාලන මැතිවරණ දිනය ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව මැතිවරණ කොමිසම දේශපාලන පක්ෂ හමුවන පළමු අවස්ථාව එයයි. එහිදී ඉදිරි මැතිවරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් දැනුවත් කරනු ඇති.
2023-01-23T01:08:31.000Z
අවුරුදු 15 ට අඩු ළමුන් අතර ලාදුරු ව්‍යාප්තිය ඉහළට..
අවුරුදු 15 ට අඩු ළමුන් අතර ලාදුරු ව්‍යාප්තිය ඉහළට.
COLOMBO (News 1st) – වයස අවුරුදු 15ට අඩු ළමුන් අතර ලාදුරු රෝගය ව්‍යාප්තවීම ඉහළ ගොස් ඇතැයි ජාතික ලාදුරු මර්දන ව්‍යාපාරය පවසයි. විශේෂඥ වෛද්‍ය ඉන්දිකා කරවිට මහත්මිය පැවසුවේ, පසුගිය වසරේ වාර්තාවී ඇති ලාදුරු රෝගීන් අතරින් 10% ක්, වයස අවුරුදු 15 ට අඩු ළමුන් වන බවයි.
2023-01-23T00:11:05.000Z
ගෙවුණු දිනය උණුසුම් කළ පුවත්
ගෙවුණු දිනය උණුසුම් කළ පුවත්
දේශීය පුවත් 1. ශ්‍රී ලංකාවේ ණය ආපසු ගෙවීම වසර 2කට අත්හිටුවන්න චීනයෙන් සහතිකයක්... – ජනතාව ගැන නොතකා ගත් තීරණවලින් ඇතිවූ ආර්ථීක අර්බුධයෙන් ඇද වැටුනු රට දැන් ජාත්‍යන්තර භූදේශපාලනයේ ගොදුරක් බවට පත්වෙමින් ඇති බව විද්වතුන් පෙන්වා දෙන කරුණකි. 2.CARAT 2023 ද්වීපාර්ශ්වික අභ්‍යාසයේ මැරීන් අභ්‍යාසය මුල්ලිකුලම්හිදී ඇරඹේ..– 2023 වර්ෂයේ අමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවේ ශාන්තිකර නෞකා සමූහය විසින් පවත්වනු ලබන CARAT 2023 ද්වීපාර්ශ්වික අභ්‍යාසයේ මැරීන් අභ්‍යාසය පසුගිය දා (21) දිනයේදී මුල්ලිකුලම් හීදී ආරම්භ විය. 3.අන්තර් ජාතික පාපන්දු සම්මේලනයෙන් ශ්‍රී ලංකාවට වාරණයක්.. – අන්තර්ජාතික පාපන්දු සම්මේලනය මගින් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය නැවත දැනුම් දෙනතුරු අත්හිටුවා තිබේ. 4.රදැල්ල මාරක රිය අනතුර: බස් රියැදුරු රිමාන්ඩ්..– නානුඔය, රදැල්ල සිදුවු රිය අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බස් රථ රියැදුරු පෙබරවාරි 01 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. 5.අනිද්දා සිට නුවර පාරේ වරකාපොළ – අඹේපුස්ස අතර කොටසේ වාහන ධාවනය එක් මංතීරුවකට සීමා කෙරේ..– හෙට (24)සිට පෙබරවාරි පළමු වැනිදා දක්වා මහනුවර මාර්ගයේ වරකාපොළ – අඹේපුස්ස අතර කොටසේ වාහන ධාවනය එක් මංතීරුවකට සීමා කර තිබේ. 6.ස්වාධීන කොමිෂන් සභා සඳහා සාමාජිකයින් පත් කිරීමේ අරමුණින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව මෙම සතියේ දී රැස්වෙයි.. – ස්වාධීන කොමිෂන් සභා සඳහා සාමාජිකයින් පත් කිරීමේ අරමුණින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව මෙම සතියේ දී රැස්වීමට නියමිතය. විදෙස් පුවත් 1.අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ වෙඩි තැබීමකින් 9ක් මරුට – අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 09 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
2023-01-22T16:17:47.000Z
අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ වෙඩි තැබීමකින් 9ක් මරුට
අමෙරිකාවේ වෙඩි තැබීමකින් 9ක් මරුට
COLOMBO (News 1st) - අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 09 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. චන්ද්‍ර අලුත් අවුරුද්ද සැමරීම සඳහා දහස් ගණනක් ජනතාව නගරයේ මොන්ටරේ උද්‍යානයට රැස්ව සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය. නමුත් වෙඩි තැබීම කවුරුන් ඉලක්ක කරගනිමින් සිදු වූයේ දැයි මෙතෙක් අනාවරණය වී නොමැත.
2023-01-22T16:05:08.000Z
ශ්‍රී ලංකාවේ ණය ආපසු ගෙවීම වසර 2කට අත්හිටුවන්න චීනයෙන් සහතිකයක්...
චීනයේ ණය පියවීමට වසර දෙකක සහන කාලයක්...
COLOMBO (News 1st) - ජනතාව ගැන නොතකා ගත් තීරණවලින් ඇතිවූ ආර්ථීක අර්බුධයෙන් ඇද වැටුනු රට දැන් ජාත්‍යන්තර භූදේශපාලනයේ ගොදුරක් බවට පත්වෙමින් ඇති බව විද්වතුන් පෙන්වා දෙන කරුණකි. ඇතිවූ ආර්ථික අසරණකම නිසා දැන් අපි රට රටවලින් ආධාර උපකාර යදින තත්ත්වයට පත්වී තිබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යටතේ ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ වැඩපිළිවෙළට අදාලව ශ්‍රී ලංකාව චීනයෙන් ඉල්ලා සිටි ණය සහන සහතිකයට චීනය ඊයේ ප්‍රතිචාර දක්වා ඇති බව සන්ඩේටයිම්ස් පුවත්පත වාර්තා කරයි. චීනය පවසන්නේ ශ්‍රී ලංකාව එරටින් ලබාගෙන ඇති ණය නැවත පියවීම සඳහා වසර දෙකක සහන කාලයක් ලබාදීම කෙටි කාලීන පිළියමක් ලෙස යෝජනා කරන බවත්, ශ්‍රී ලංකාවට ණය ලබා දී ඇති අනෙක් පාර්ශවයන් එකතු වී කෙටි කාලීන හා දිගු කාලීන ණය සහතිකයක් ලබා දිය යුතු බවය. ඊට අනුව චිනය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලටද ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යූහගතකරණ ක්‍රියාවලිය ඉදිරියට රැගෙන යන ලෙස යෝජනා කර තිබේ. මෙය ශ්‍රී ලංකාවට චීනයෙන් ලැබිය යුතු අවසන් ණය සහතිකයද ? අදහස් දැක්වූ ඇඩ්වොකාටා ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී දනනාත් ප්‍රනාන්දු මහතා, "මේක අවසාන එකද එහෙමත් නැතිනම් එතනින් එහාට තවත් අපිට කේවල් කිරීමක් කරන්න අවශ්‍ය ද කියලා අපිට තාම තීරණයය කර ගන්න අමාරුයි. අවසාන ලිපිය සහ ශ්‍රී ලංකාව සහ චීනය රජයේ අතර ඒ තියෙන එකඟතාව අනුව තමයි ඒක තීරණය වෙන්නේ. මම හිතන්නේ අනිවාර්යෙන්ම අපිට අවශ්‍යනම් යම්තාක්දුරකට කේවල් කිරීමට හැකියාවක් තියෙනවා." චීනයෙන් ලබා දී ඇති වසර දෙකක ණය සහන කාලය ප්‍රමාණවත්ද ? අදහස් දැක්වූ ඇඩ්වොකාටා ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී දනනාත් ප්‍රනාන්දු මහතා, "මේ ලිපිය සත්‍ය නම් වසර දෙකක කාලයක් ප්‍රමාණවත්ද කියන එක අපිට බලන්න වෙන්නේ අන්තර ජාතික මූල්‍ය අරමුදලේ හැදැරීමක් තියෙනවා ණය ස්ථාවර භාවය පිළිබඳව. ඒකට අනුකූලව තමයි අපිට බලාගන්න වෙන්නේ මේ තරම ප්‍රමාණවත්ද කියලා. බැලූ බැල්මට නම් මට පෙන්නේ මේක ප්‍රමාණවත් මදි"
2023-01-22T15:46:37.000Z
CARAT 2023 ද්වීපාර්ශ්වික අභ්‍යාසයේ මැරීන් අභ්‍යාසය මුල්ලිකුලම්හිදී ඇරඹේ..
CARAT 2023 මැරීන් අභ්‍යාසය ඇරඹේ..
COLOMBO (News 1st) - 2023 වර්ෂයේ අමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවේ ශාන්තිකර නෞකා සමූහය විසින් පවත්වනු ලබන CARAT 2023 ද්වීපාර්ශ්වික අභ්‍යාසයේ මැරීන් අභ්‍යාසය ඊයේ(21) දිනයේදී මුල්ලිකුලම් හීදී ආරම්භ විය. ශ්‍රී ලංකා නාවික නෞකා භරණ ආයතනයේ අණදෙන නිලධාරී කපිතාන් සංජීව කොඩිකාරගේ සහ අමෙරිකා එක්සත් ජනපද හතරවන මැරීන් බලඝණයේ, දෙවන බලඇණියේ අණදෙන නිලධාරී, කපිතාන් ශාන් මන්ඩ්‍රයාර් වන නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙනි. මේ අතර එහි මානුෂිය ආධාර සහ ආපදා සහන අභ්‍යාසයක් අද වයඹ නාවික විධානයේ මුල්ලිකුලම් වෙරළ කේන්ද්‍රකර ගිනිමින් පැවැත්විය. CARAT– 2023 ද්වීපාර්ශ්වික අභ්‍යාසයේ ගොඩබිම් අදියර ආරම්භ කරමින්, සංග්‍රාමික අවස්ථාවකදී තුවාලකරුවන් සඳහා පහසුකම් සැලසීම, සංග්‍රාමික අවස්ථාවකදී ජීවිත බේරාගැනීම, කැළෑබද සටන් සහ නගරබද භූමියක හමුදා මෙහෙයුම් හා මුදවා ගැනීමේ මෙහෙයුම් පිළිබඳව එකාබද්ධ පුහුණු අභ්‍යාස ඊයේ දිනයේදි පැවැත්විණි. අද ක්‍රියාත්මක මානුෂීය සහ ආපදා සහන අභ්‍යාසය යටතේ ආපදා අවස්ථාවකදී මහ ජනතාවට සහන සැළසීම සඳහා මානුෂිය ආධාර රැගත් රථ සහ පිරිස් ගොඩබිමට රැගෙන ඒම අමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවේ ලැන්ඩින් ක්‍රාෆ්ට් එයාර් කෘස් වර්ගයේ යාත්‍රා දෙකක් මගින් සිදු කළ අතර එවැනි අභ්‍යාසයකදී අවශ්‍ය න්‍යායාත්මක හා ප්‍රායෝගික දැනුම ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත ලබාදීම ද මෙහිදී සිදු කෙරුණි. මෙම අවස්ථාවට වයඹ නාවික විධානයේ අඥාපති රියර් අද්මිරාල් නිශාන්ත පීරිස් මහතා ඇතලු ඉහළ නිලධාරීන් පිරිසක් එක්විය.
2023-01-22T15:42:36.000Z
අන්තර් ජාතික පාපන්දු සම්මේලනයෙන් ශ්‍රී ලංකාවට වාරණයක්..
පාපන්දු සම්මේලනයෙන් ශ්‍රී ලංකාවට වාරණයක්..
COLOMBO (News 1st) - අන්තර්ජාතික පාපන්දු සම්මේලනය මගින් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය නැවත දැනුම් දෙනතුරු අත්හිටුවා තිබේ. අන්තර්ජාතික පාපන්දු සම්මේලනය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ 2023 ජනවාරි 21 වැනිදා සිට නැවත දැනුම්දෙන තුරු පනවා ඇති මෙම අත්හිටුවීම හේතුවෙන් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සියලුම සාමාජික අයිතිවාසිකම් අහිමි වන බවය. ඒ අනුව අදාල අත්හිටුවීම ඉවත් කරන තුරු ශ්‍රී ලංකා පාපන්දු සම්මේලන නියෝජිතයින්ට සහ මෙරට අන්තර් සමාජ කණ්ඩායම්වලට තවදුරටත් ජාත්‍යන්තර තරගවලට සහභාගීවීමට අයිතියක් නැති බවට එම නිවේදනයේ දැක්වේ. ශ්‍රී ලංකා පාපන්දු සම්මේලන සාමාජිකයන්ට හෝ නිලධාරීන්ට, අන්තර් ජාතික පාපන්දු සම්මේලන හෝ ආසියානු පාපන්දු සම්මේලනයේ කිසිදු සංවර්ධන වැඩසටහනකට, පාඨමාලාවකට හෝ පුහුණුවකට සම්බන්ධ විය නොහැකි බවද එහි සඳහන් වේ. එමෙන්ම මෙම අත්හිටුවීම පවතින කාලය තුළ ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය සමග කිසිදු ක්‍රීඩා සබඳතාවයක් ඇති කර නොගන්නා ලෙස අන්තර් ජාතික පාපන්දු සම්මේලනය සිය සාමාජිකයන්ට දැනුම් දී තිබේ.
2023-01-22T12:25:44.000Z
අනිද්දා සිට නුවර පාරේ වරකාපොළ - අඹේපුස්ස අතර කොටසේ වාහන ධාවනය එක් මංතීරුවකට සීමා කෙරේ..
නුවර යන රියැදුරන්ට පොලිසියෙන් දැනුම්දීමක්..
COLOMBO ( News 1st ) – අනිද්දා (24)සිට පෙබරවාරි පළමු වැනිදා දක්වා මහනුවර මාර්ගයේ වරකාපොළ - අඹේපුස්ස අතර කොටසේ වාහන ධාවනය එක් මංතීරුවකට සීමා කර තිබේ. පොලීසිය සඳහන් කළේ, කාපට් ඇතිරීමට නියමිත බැවින් එලෙස ධාවනය සීමා වන බවයි. එමෙන්ම එම කාල සීමාවේ මෙම මාර්ගයේ දැඩි රථ වාහන තදබදයක් ඇති විය හැකි බැවින්, විකල්ප මාර්ග භාවිත කරන ලෙස ද පොලීසිය මහජනතාවට දැනුම් දෙයි. ඒ අනුව මහනුවර සිට කොළඹ දෙසට ගමන් ගන්නා වාහන මාවනැල්ල - රඹුක්කන මාර්ගයේ පැමිණ කුරුණෑගල දක්වා ගමන් කර මීරිගම හරහා පස්යාලට හන්දියට පිවිස හෝ කෑගල්ලට පැමිණ පොල්ගහවෙල , අලව්ව මීරිගම හරහා පස්යාල හන්දියට පිවිස කොළඹ දෙසට ගමන් කල හැකි ය. කොළඹ සිය මහනුවර දෙසට ගමන් කිරීමේදී පස්යාල හන්දියෙන් මීරිගම හරහා කුරුණෑගලට පැමිණ මහනුවර දෙමට ගමන් කළ හැකි බව පොලීසිය සඳහන් කළේ ය.
2023-01-22T11:25:54.000Z
රදැල්ල මාරක රිය අනතුර: බස් රියැදුරු රිමාන්ඩ්..
රදැල්ල රිය අනතුරේ බස් රියැදුරු රිමාන්ඩ්..
COLOMBO ( News 1st ) – නානුඔය, රදැල්ල සිදුවු රිය අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බස් රථ රියැදුරු පෙබරවාරි 01 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. ඒ, ඔහු අද නුවරඑළිය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. පෙරේදා රාත්‍රියේ නුවරඑළියේ සිට කොළඹට පැමිණෙමින් තිබූ බස් රථය, දික්ඔයේ සිට නුවරඑළිය බලා ගමන් ගත් වෑන් රථයක හා පසුපසින් පැමිණි ත්‍රිරෝද රථයක ගැටී අසළ ප්‍රපාතයට ඇදීගොස් මෙම අනතුර සිදුවිය. පොලීසිය සඳහන් කළේ, අනතුරින් ළමුන් ඇතුළු පුද්ගලයින් 7 දෙනෙකු මියගිය අතර තුවාල ලැබු පුද්ගලයින් 3 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබන බවයි. මේ අතර, නානුඔය , රදැල්ල හරස් මාර්ගයේ බර වාහන ධාවනය තවදුරටත් තහනම් වන බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබොඩ මහතා පැවසුවේ ය. ඔහු සඳහන් කළේ , මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ මහතා ද අනතුර වූ මාර්ගය අද(22) නිරීක්ෂණය කිරීමට නියමිත බවයි.
2023-01-22T11:19:54.000Z
ආලවඩන යන තේරුම බෝසත් කම සකි
ආලවඩන යන තේරුම බෝසත් කම සකි
COLOMBO ( News 1st ) – “ආලවඩන අකුරු පහේ තේරවිල්ල සකි රෑට නිදන තනි පැඳුරේ නැති හීනෙකි සකි. ආලේ බිඳුණ දා කුමකට කදුළු හෙළනු සකි ආලවඩන යන තේරුම බෝසත් කම සකි“ සාහිත්‍යය කන්නද කියලා අහපු යුගයකින් පස්සේ ඇති වුණු බරපතලම ඛේදවාචකයක් පසුගියදා කොළඹ සරසවි පරිශ්‍රය ආශ්‍රිතව වාර්තා වුණා. කතාවට ප්‍රවිශ්ඨයක් ගන්න හුලවාලි චිත්‍රපටයේ පද පෙළක් සඳහන් කරන්නම්. ප්‍රේමයට දෙන නිර්වචන පුද්ගලානුබද්ධයි. කෙනෙකුට ප්‍රේමය කියන්නේ පරිත්‍යාගයක්. තව කෙනෙකුට අයිති කර ගැනීමක්. තවත් කෙනෙකුට බලා සිටීමක්. අත්හැරීමක්. ප්‍රතික්ෂේප වීමක්. ඒත්... ආදරය, ප්‍රේමය කියන්නේ පරාර්ථකාමී පරිත්‍යාගයක් මිස ආත්මාර්ථකාමී ඉල්ලීමක් නෙමෙයි. නොලැබෙන කොට වියරු වැටීමකුත් නෙමෙයි. මුලින් සඳහන් කරපු ගී පද ඇතුළේ ආදරේ ගැන හරි අපූරු තේරුමක් තියෙනවා. ප්‍රේමය කියන්නෙම අත්හැරීමක් කියල. ප්‍රතික්ෂේපවීම්, අත්හැරීම් දරාගන්න බැරි නම් එතන ප්‍රේමයක් නෑ. මනුස්සයෙකුට සාර්ථකත්වය කරා ළඟා වෙන්න යහපත් පුද්ගල සබඳතා කියන්නේ අත්‍යවශ්‍ය කාරණයක්. ප්‍රේමය ඕනෑම මනුස්සයෙකුගේ ජීවිතයේ සාර්ථකත්වයට සෘජුවම බලපානවා. නමුත් ඇතැම් කාරණා නිසා ජීවිත අසාර්ථකත්වයටත් බලපාන්නේ ප්‍රේමයමයි. කොළඹ සරසවියේ එකත්, එහෙම සිද්ධියක්. ඒ සිදුවීමත් එක්ක සමාජයට ලබා දෙන පණිවිඩයයි ඉතා වැදගත් වෙන්නෙ. දරුවන්ට පොඩි කාලේ ඉඳලම උගන්වන්න ඕන දිනන්න විතරක්ම නෙමෙයි. පරදින්න, ප්‍රතික්ෂේප වෙන්න, අහිමි වීමක් දරාගන්න දරුවෙකුට පුරුදු කරන්න ඕන. අන්න එතකොට විභාගයක් ෆේල් වුණාම හෝ, තමන්ගේ පාට්නර් දාලා ගියාම හෝ ජීවිතේ නැති කරගන්න හිතෙන්නේ නෑ. තව ජීවිතයක් නැති කරන්න හිතෙන්නෙත් නෑ. දරුවෙකුට හොඳ අධ්‍යාපනයක් ලබා දෙන එකේ වරදක් නෑ. හැබැයි ඒ අතරම සංවේදී හදවතක් සහිත දරුවෙක් නිර්මාණය කරන්න. මොකද වටිනාම දේ තමයි ජීවිතේ. දුකත් එක්ක ජීවිතේ ජයගත්ත මිනිස්සු ඕන තරම් ඉන්නවා. සරත්චන්ද්‍රයන් මනමේ ලිව්වේ තමන්ගේ බිරිඳ තමන් දාලා ගිය දුක තුනී කරගන්නලු. සිංහබාහු ලිව්වේ තමන්ගේ දියණිය තමන් දාලා ගිය දුක තුනී කරගන්නලු. විරහව වචනවලට පෙරළපු මිනිස්සු ප්‍රසිද්ධ ගායක ගායිකාවෝ වුණා. ඒකපාර්ශ්වීය ප්‍රේමයක් ගැන කියවෙන අමරසිරි පීරිස් ගයන "මගේ පුංචි රෝසමලේ" ගීතය .. "මගේ පුංචි නවාතැනේ ඇවිදින් සැරිසරනවනම් ආසයි මං කවුළු පියන් ඇරල තියන්න තරහක් නෑ නෑවිත් ඉන්න" ඉතිං, කුමරියනි තරහක් නෑ නැවිත් ඉන්න ආදරේ කියන්නෙ හිමි කරගැනීමම නෙමෙයි.. එහෙම හිතන්න හයියක් එන්නෙ, පිහිය වෙනුවට පෑන අතට ගත්ත මිනිස්සුන්ට..ගෑණුන්ට.. බූට් එක මැරෙන්න නෙමෙයි ගොඩයන්න පොයින්ට් එකක් කරගන්න. එතනයි ජීවිතේ දිනන්නේ. ආදරේ කියන්නේ ජීවිතේ සක්සස් කරගන්න කරන බිස්නස් එකේ පාර්ට් ටයිම් ජොබ් එකක් විතරයි ප්‍රතික්ෂේප වීමක් , අත්හැර දැමීමක් නිසා බලෙන් හරි අයිති කරගැනීම, නැත්නම් මරාගෙන මැරෙන එක ප්‍රේමය නෙවෙයි. Relationships Break up වෙලා ලේවලින් පළි ගන්න තැන දක්වා දුර යනවා නම් දෙකක් නෑ, ඒක උමතුවක්. වදනකින්වත් නොරිදවන ප්‍රේමයක් යනු, ජීවිතය මත සදාතනිකව ගැයෙන සෙත් කවියක්. මම ඔබගෙන් අහන්නෙ එකම එක ප්‍රශ්නයක්. ප්‍රේමය යනු ප්‍රේමය ම මිස අන් කවරක්ද ?
2023-01-22T10:10:31.000Z
තියුණු ආයුධයකින් පහර දී පුත්‍රයෙකු සිය පියා ඝාතනය කරයි
ආයුධයකින් පහර දී පුත්‍රයෙකු සිය පියා ඝාතනය කරයි
COLOMBO (News 1st) - මිනුවන්ගොඩ, වෑගොව්ව ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී පුතු විසින් සිය පියා ඝාතනය කර තිබේ. පොලීසිය සඳහන් කළේ, 82 හැවිරිදි පුද්ගලයෙකු එලෙස ඝාතනයට ලක්ව ඇති බවයි. පුද්ගලික ආරවුලක් දුරදිග යෑම ඝාතනයට හේතු වී තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් සැකකාර පුත්‍රයා අත්අඩංගුවට ගෙන ඇති අතර මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය අද(22) සිදු කිරීමට නියමිත ය.
2023-01-22T10:06:48.000Z
A/L සිසුන්ට බාධාවක් නොවන පරිදි මැතිවරණ ප්‍රචාරණ කටයුතුවල නිරතවන්න - මැතිවරණ කොමිසමේ සභාපතිගෙන් අපේක්ෂකයින්ට දැනුම්දීමක්..
මැතිවරණ කොමිසමේ සභාපතිගෙන් දැනුම්දීමක්..
COLOMBO (News 1st) - උසස් පෙළ අපේක්ෂකයින්ට බාධාවක් ඇති නොවන පරිදි මැතිවරණ ප්‍රචාරණ කටයුතුවල නිරත වන්නැයි ජාතික මැතිවරණ කොමිෂන් සභාව, මැතිවරණ අපේක්ෂකයින්ට දැනුම් දෙයි. එහි සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා පැවසුවේ, මැතිවරණ නීති කඩකිරීමෙන් තොරව සියලු පාර්ශ්ව කටයුතු කළයුතු බවයි. පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන දිනය කොමිසමේ සියලු සාමාජිකයින්ගේ එකඟතාවට අනුව ප්‍රකාශයට පත්කළ බව ද ඔහු පැවසුවේ ය. පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන්නේ, මාර්තු 9 වැනිදායි.
2023-01-22T09:58:14.000Z
අවලංගු කෙරුණු දුම්රිය ගමන් වාර කිහිපයක් උ/පෙළ විභාග සමයේ යළි ධාවනයට
අවලංගු කෙරුණු දුම්රිය A/L වෙනුවෙන් යළි ධාවනයේ..
COLOMBO (News 1st) - අවලංගු කෙරුණු දුම්රිය ගමන් වාර උසස් පෙළ විභාග සමයේ යළි ධාවනයට පියවර ගෙන ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඒ අනුව උදෑසන 7.00 සිට සවස 5.00 දක්වා කාලයේ අවලංගු කෙරුණු දුම්රිය ගමන් වාර යළි ධාවනයට එක් කෙරෙනු ඇති.
2023-01-22T08:34:34.000Z
සඳට ගිය දෙවැනියා සිය 93 වැනි උපන් දිනය දා සිව්වැනි වරටත් යුග දිවියට..
සඳට ගිය දෙවැනියා සිව්වැනි වරටත් යුග දිවියට..
COLOMBO (News 1st) - අමෙරිකාවේ හිටපු ගගනගාමියෙකු ලෙස සේවය කළ Buzz Aldrin සිය 93 වැනි උපන් දිනය දවසේ සිව්වැනි වරටත් විවාහ ගිවිස ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. 1969 දී ලොව ප්‍රකට සඳ ගමන ඇපලෝ 11 මෙහෙයුමේදී නීල් ආම්ස්ට්‍රෝන්ට පසුව අණදෙන නිලධරයා ලෙස සඳ මත පා තැබූ දෙවැන්නා ලෙස ද Buzz Aldrin ඉතිහාසගත විය. සඳ ගමනට සහභාගී වූ සිව්දෙනා අතරින් ජීවතුන් අතර සිටින එකම පුද්ගලයා මොහු පමණක් වීමද විශේෂත්වයකි. ඔහු සිය විවාහය පිළිබඳ ඡායාරූප සමාජ මාධ්‍යය වෙත මුදා හරිමින් දන්වා තිබුණේ, ජීවත්ව සිටින පියාසර විශිෂ්ඨයින් අතුරින් තමා සිය දිගු කාලීන ප්‍රේමවන්තිය වන Anca Faur සමග අතිනත ගත් බවයි. ඔහු අතිනත ගත් Anca Faur ආචාර්ය උපාධියක් හිමි රසායන ඉංජිනේරුවරියක් වන අතර ඇය මේ වන විට 63 වැනි වියේ පසුවෙයි. 1969 දී සිදු වූ ඇපලෝ 11 සඳ ගමන සම්බන්ධ මෙහෙයුම හේතුවෙන්, ලොව ජනාදරයට පාත්‍ර වූ Buzz Aldrin සහ නීල් ආම්ස්ට්‍රෝන්ගේ සඳ මත ප්‍රථම වරට පා තැබීමේ ඓතිහාසික මොහොත එකල ලොව පුරා මිලියන 600ක ජනතාවක් රූපවාහිනය ඔස්සේ නැරඹූ අසිරිමත් අවස්ථාවක් ලෙස සැළකිය හැකියි.
2023-01-22T06:59:13.000Z
නීතිඥවරුන් කිහිප දෙනෙකුට එරෙහිව බී වාර්තාවක් ඉදිරිපත් කිරීම ගැන පොලිස්පති වාර්තාවක් කැඳවයි..
බී වාර්තාව ගැන පොලිස්පති වාර්තාවක් කැඳවයි..
COLOMBO (News 1st) - නීතීඥවරුන් පිරිසක් සම්බන්ධයෙන් කෙසෙල්වත්ත පොලිස් ස්ථානය මගින් අධිකරණයට බී වාර්තාවක් ඉදිරිපත් කිරීම පිළිබඳව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේනයක් නිකුත් කර තිබේ. පොලිස්පතිවරයාගේ හෝ පොලිස් මූලස්ථානයේ නීති කොට්ඨාසයේ දැනුමකින් තොරව, නීතීඥවරු කිහිප දෙනෙකුට එරෙහිව කෙසෙල්වත්ත පොලිස් ස්ථානය මගින් අධිකරණයට බී වාර්තාවක් ඉදිරිපත් කිරීමට ක්‍රියා කිරීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයා විසින් බස්නාහිර පළාත භාර, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතියවරයාගෙන් වාර්තාවක් කැඳවීමට කටයුතු කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.
2023-01-22T05:34:03.000Z
රදැල්ල බිහිසුණු අනතුරින් මියගිය එකම පවුලේ පස්දෙනා රටක් හඬවමින් අවසන් ගමන් යයි
රදැල්ල අනතුරින් මියගිය එකම පවුලේ පස්දෙනා අවසන් ගමන
COLOMBO ( News 1st ) - නානුඔය, රදැල්ල කෙටි මාර්ගයේ සිදු වූ අනතුරින් ජීවිතක්ෂයට පත් වූ එකම පවුලේ පස් දෙනාගේ අවසන් කටයුතු අද ( 22) අලුයම සිදු කෙරිණි. දික්ඔය ජුම්මා මුස්ලිම් පල්ලියේ සුසාන භූමියේ දී ආගමික වතාවත්වලින් අනතුරුව අවසන් කටයුතු සිදු කෙරුණු අතර මිය ගිය අය අතරට 07 හැවිරිදි හා 11 හැවිරිදි දැරියන් දෙදෙනෙක් ද, 14 හැවිරිදි පිරිමි දරුවෙක් හා 42 හැවිරිදි කාන්තාවක් මෙන්ම 54 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් අයත් ය. සිද්ධියට අදාළ බස් රථයේ රියදුරු මේ වනවිට නානුඔය පොලිස් අත්අඩංගුවේ පසුවන අතර අද (22) දින නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.
2023-01-22T05:18:44.000Z
ස්වාධීන කොමිෂන් සභා සඳහා සාමාජිකයින් පත් කිරීමේ අරමුණින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව මෙම සතියේ දී රැස්වෙයි..
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව මෙම සතියේ දී රැස්වෙයි..
COLOMBO (News 1st) - ස්වාධීන කොමිෂන් සභා සඳහා සාමාජිකයින් පත් කිරීමේ අරමුණින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව මෙම සතියේ දී රැස්වීමට නියමිතය. එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, සිවිල් නියෝජිතයින් තිදෙනා පත් කිරීමත් සමග ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට පූර්ණ සභාවක් ලෙස රැස්වීමේ හැකියාව පවතින බව ය. ඒ අනුව ප්‍රමාද වී ඇති ස්වාධීන කොමිෂන් සභා සඳහා සභාපතිවරුන් සහ සාමාජිකයින් පත් කිරීම කඩිනමින් සිදු කරන බව, එම ප්‍රකාශකයා සඳහන් කළේ ය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවේ සිවිල් නියෝජිතයන් ලෙස, ආචාර්ය ප්‍රතාප් රාමනුජම්, වෛද්‍ය දිල්කුෂි අනුලා විජේසුන්දර සහ ආචාර්ය දිනේෂා සමරරත්න යන මහත්ම මහත්මීන් පත් කිරීමට පසුගියදා පාර්ලිමේන්තු අනුමැතිය හිමිවිය.
2023-01-22T04:06:51.000Z
ස්පාඤ්ඤ අගමැතිට ඉල්ලා අස්වෙන්නැයි බල කරමින් දැවැන්ත විරෝධතා..
ස්පාඤ්ඤ අගමැතිට එරෙහිව විරෝධතා..
COLOMBO (News 1st) - ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් අගනුවර කේන්ද්‍ර කර ගනිමින් දැවැන්ත විරෝධතාවක් ආරම්භ වී තිබේ. ඒ, එරට අග්‍රාමාත්‍ය පෙඩ්රෝ සැන්චේස්ට ඉල්ලා අස්වන්නැයි බල කරමිනි. විරෝධතාකරුවන් චෝදනා කරන්නේ, එරට අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ සමාජවාදී රජය, ව්‍යවස්ථාව හෑල්ලුවට ලක් කරන බවට ය. අග්‍රාමාත්‍යයවරයා ද්‍රෝහියෙක් යැයි ලියූ සටන් පාඨ සහ ස්පාඤ්ඤ ධජ අතැතිව එරට ජනතාව විරෝධතාවට එක්ව සිටියහ. 30,000 කට අධික පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන විරෝධතා සඳහා එරට කොන්සර්වේටිව් විපක්ෂය, මධ්‍ය-දක්ෂිණාංශික පක්ෂය ඇතුළු දේශපාලනික කණ්ඩායම් රැසක් ද එක්ව තිබේ.
2023-01-22T04:02:21.000Z
දිස්ත්‍රික්ක කිහිපයකට තද වැසි - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව
දිස්ත්‍රික්ක කිහිපයකට තද වැසි..
COLOMBO (News 1st) - ඌව සහ නැගෙනහිර පළාත්වලත්, හම්බන්තොට සහ පොළොන්නරුව දිස්ත්‍රික්ක වලටත් මිලිමීටර 75 ක පමණ තරමක තද වැසි ඇති විය හැකි බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයින පුරා බොහෝ ප්‍රදේශවල අහස වළාකුලින් බරව පැවතිය හැකි අතර ප්‍රදේශ රැසක සීත කාලගුණික තත්ත්වයක් පැවතිය හැකි බව ද, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය. එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙන්නේ, අකුණු අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ය.
2023-01-22T03:54:57.000Z
2022 උසස් පෙළ විභාගය හෙට ඇරඹේ..
2022 උසස් පෙළ විභාගය හෙට ඇරඹේ..
COLOMBO (News 1st) - 2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය හෙට (23) ආරම්භ වීමට නියමිතය. පාසල් අයැදුම්කරුවන් 278,196 ක් සහ පෞද්ගලික අයැදුම්කරුවන් 53,513 ක් මෙවර විභාගය සඳහා පෙනී සිටීමට නියමිත අතර දිවයින පුරා ස්ථාපිත විභාග මධ්‍යස්ථාන සංඛ්‍යාව 2200 කි. හෙට (23) ආරම්භ වන උසස් පෙළ විභාගය අවසන් වන්නේ පෙබරවාරි 17 වැනිදායි.
2023-01-22T03:53:01.000Z
කුරුණෑගල නගරාධිපති ධුරයෙන් නෙරපා හරිමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක්..
කුරුණෑගල නගරාධිපති ධුරයෙන් නෙරපයි..
COLOMBO (News 1st) - කුරුණෑගල මහ නගර සභාවේ නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතා ධුරයෙන් නෙරපා හරිමින්, අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ, වයඹ පළාත් ආණ්ඩුකාර අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතා විසිනි. 2023 වසරට අදාළ කුරුණෑගල මහ නගර සභා අය වැය පරාජයට පත්වීම, ඊට හේතුවයි. ඒ අනූව 2022 දෙසැම්බර් 31 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි කුරුණෑගල නගරාධිපති ධුරය පුරප්පාඩු වූවා සේ සළකන බව, අදාළ ගැසට් නිවේදනයේ සඳහන් වේ. නගරාධිපති ධුරය පුරප්පාඩු වූ දින සිට, එම තනතුරේ බලතල හා කාර්යයන් ක්‍රියාත්මක කිරීමේ බලය, නියෝජ්‍ය නගරාධිපතිවරයා වෙත පවරා ඇත.
2023-01-22T03:36:31.000Z
විපක්ෂයේ සාමාජිකයින් නම් නොකිරීම හේතුවෙන් ආංශික අධීක්ෂණ කාරක සභා පිහිටුවීම ප්‍රමාදයි - පාර්ලිමේන්තුව
ආංශික අධීක්ෂණ කාරක සභා පිහිටුවීම ප්‍රමාදයි
COLOMBO (News 1st) - විපක්ෂය, සිය සාමාජිකයින් නම් නොකිරීම හමුවේ ආංශීක අධීක්ෂණ කාරක සභා පිහිටුවීම ප්‍රමාද වී ඇතැයි පාර්ලිමේන්තුව පවසයි. එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, ආණ්ඩු පක්ෂය ආංශික අධීක්ෂණ කාරක සභා සඳහා වන සාමාජික මන්ත්‍රී ලැයිස්තුව යොමු කර ඇති බව ය. ආංශික අධීක්ෂණ කාරක සභා 17ක් ස්ථාපිත කිරීමට පසුගියදා පාර්ලිමේන්තු අනුමැතිය හිමිවිය. නව කාරක සභාවල සභාපති ධූර තම මන්ත්‍රීවරුන්ට හිමි විය යුතු බවට විපක්ෂය කළ ඉල්ලීමට ආණ්ඩු පක්ෂයේ එකඟතාව හිමි නොවූ අතර ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ පරස්පර මත හේතුවෙන් කාරක සභා පිහිටුවීම තවදුරටත් ප්‍රමාද වනු ඇතැයි සඳහන්. මේ අතර පාර්ලිමේන්තුව සඳහන් කළේ, ආංශික අධීක්ෂණ කාරක සභා සඳහා තරුණ නියෝජිතයින් තෝරා ගැනීම සඳහා කළ කැඳවීමේදී අයැදුම්පත් 600කට අධික සංඛ්‍යාවක් ලැබී ඇති බව ය. සෑම කාරක සභාවකටම තරුණ නියෝජිතයින් පස් දෙනෙකු පත් කිරීමට, පාර්ලිමේන්තු අනුමැතිය හිමි විය.
2023-01-22T02:44:39.000Z
පළාත් පාලන මැතිවරණයේ නාමයෝජනා ලබා දීම ඊයේ දහවල් 12.00න් අවසන් විය.
පළාත් පාලන මැතිවරණයේ ප්‍රතික්ෂේප වූ නාමයෝජනා..
COLOMBO (News 1st) - 2023 පළාත් පාලන මැතිවරණයේ නාමයෝජනා සඳහා විරෝධතා දැක්වීමට පැය එක හමාරක කාලයක් ලබාදී තිබුණි. දිස්ත්‍රික් මට්ටමින් නාමයෝජනා පිළිගැනීම් හා ප්‍රතික්ෂේප වීම් නිවේදනය කෙරුනේ ඉන් අනතුරුව ය. ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ, හෝමාගම සහා සීතාවක ප්‍රාදේශීය සභා සඳහා ඉදරිපත් කළ නාමයෝජනා පමණක් කිසිදු ගැටලුවකින් තොරව පිළිගෙන තිබුණි. නව ලංකා නිදහස් පක්ෂය කොළඹ මහ නගර සභාවට සහ මොරටුව මහා නගර සභාවට ඉදිරිපත් කළ නාමයෝජනා ප්‍රතික්ෂේප විය. කොළඹ දිස්ත්‍රික්කය සඳහා ඇප මුදල් තැන්පත් කළ ,ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කොළඹ මහා නගර සභාවට, දෙහිවල - ගල්කිස්ස මහ නගර සභාවට සහ කොළොන්නාව නගර සභාවට නාම යෝජනා ඉදිරිපත් කර නොතිබුණි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ද කඩුවෙල මහ නගර සභාවට ඇප මුදල් තැන්පත් කළත්, නාමයෝජනා භාර නොදීමට කටයුතු කළ අතර මාතර දිස්ත්‍රික්කයේ පිළිගත් දේශපාලන පක්ෂ දෙකක සහ ස්වාධින කණ්ඩායම් දෙකක නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප විය. හම්බන්තොට දිස්ත්‍රික්කයේ ද, පිළිගත් දේශපාලන පක්ෂයක සහ ස්වාධින කණ්ඩායමක නාමයෝජනා ප්‍රතික්ෂේප වූ අතර නිදහස් ජනතා පෙරමුණ තණමල්විල ප්‍රාදේශීය සභාව සඳහා ලබාදුන් නාමයෝජනා පත්‍රය ද ප්‍රතික්ෂේප වී තිබේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බෝපේ, පෝද්දල සහ අක්මීමන ප්‍රාදේශීය සභා සඳහා ඉදිරිපත් කළ නාමයෝජනා ද ප්‍රතික්ෂේප වී තිබේ.
2023-01-22T02:26:10.000Z
ප්‍රදේශ රැසක වායු ගුණාත්මකභාවය පහළට - ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය
ප්‍රදේශ රැසක වායු ගුණාත්මකභාවය පහළට
COLOMBO (News 1st) - දිවයිනේ ප්‍රදේශ රැසක වායු ගුණාත්මකභාවය පහළ ගොස් ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි. එහි වායු දූෂණ කළමනාකරණ ඒකකයේ ප්‍රධාන විද්‍යාඥ, සරත් ප්‍රේමසිරි මහතා ප්‍රකාශ කළේ, ඊසාන දිග මෝසම් සුළගත් සමග දුවිලි අංශු ව්‍යාප්තිය ඉහළ යාම, ඊට හේතු වී ඇති බව ය. මේ හේතුවෙන් ශ්වසන රෝග වලින් පෙළෙන්නන්, අවුරුදු 05 අඩු දරුවන් මෙන්ම, නිධන්ගත රෝගීන්, ගර්භණී මව්වරුන් ඇතුළු පිරිස් දැඩි අවධානයෙන් පසුවිය යුතු වන අතර ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිවේදනය කළේ, ඉදිරි දින කිහිපයේ මෙම තත්ත්වය ක්‍රමයෙන් සාමාන්‍ය අතට හැරෙනු ඇතැයි අපේක්ෂා කරන බව ය.
2023-01-22T02:09:46.000Z
පළාත් පාලන මැතිවරණයට තරග කරන දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් ජාතික මැතිවරණ කොමිෂන් සභාව හමුවට කැඳවීමට පියවර..
ඡන්දෙට තරග කරන පක්ෂ මැතිවරණ කොමිසමට
COLOMBO (News 1st) - පළාත් පාලන මැතිවරණයට තරග කිරීමට නියමිත සියලු දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් කැඳවීමට ජාතික මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබේ. කොමිසම සඳහන් කළේ, ලබන අඟහරුවාදා පෙරවරුවේ එම කැඳවීම කර ඇති බව ය. පළාත් පාලන මැතිවරණ දිනය ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව මැතිවරණ කොමිසම දේශපාලන පක්ෂ හමුවන පළමු අවස්ථාව මෙයයි. එහිදී ඉදිරි මැතිවරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ සහ ස්වාධින කණ්ඩායම් දැනුවත් කිරීමට නියමිත ය. මැතිවරණ ක්‍රියාවලිය පිළිබඳව සාකච්ජා කිරීමට කොමිසමේ විශේෂ හමුවක් ද ඉදිරි දින කිහිපයේ පැවැත්වීමට සැලසුම් කර තිබේ. මේ අතර ඡන්ද පත්‍රිකා සැකසීමේ කටයුතු අද (22) දිනයේ දී ආරම්භ වීමට නියමිතය. ඒ, අදාළ පළාත් පාලන ආයතන සඳහා නියමිත පරිදි නාමයෝජනා භාරදුන් දේශපාලන පක්ෂ සහ ස්වාධින කණ්ඩායම් අනුව ය. ඒ අනුව ඡන්ද විමසීම පැවැත්වීමට නියමිත පළාත් පාලන ආයතන 340 සඳහා වෙන් වෙන්ව ඡන්ද පත්‍රිකා සැලසුම් කෙරෙන බව, මැතිවරණ කොමිසම සඳහන් කළේ ය. එලෙස සැලසුම් කරන ජන්ද පත්‍රිකා මුද්‍රණය සඳහා කඩිනමින් රජයේ මුද්‍රණාලය වෙත යොමු කිරීමට නියමිතය.
2023-01-21T19:35:23.000Z
ගෙවුණු දිනය උණුසුම් කළ පුවත්
ගෙවුණු දිනය උණුසුම් කළ පුවත්
COLOMBO (News 1st) - දේශීය පුවත් 01. රාජගිරියේ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා මරුට.. රාජගිරිය - බුත්ගමුව පාරේ සිදුවූ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා මියගොස් තිබේ. 02.ජයශංකර්ගේ සංචාරය: තෙල් ටැංකිත් ඇතුළත්ව ත්‍රිකුණාමලය මූලික කරගත් බලශක්ති කේන්ද්‍රස්ථානයක් ස්ථාපිත කිරීමට අවධානය - අලි සබ්‍රි ත්‍රිකුණාමලය මූලික කරගත් බලශක්ති කේන්ද්‍රස්ථානයක් ස්ථාපිත කිරීම පිළිබඳ ඉන්දිය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා සමග පැවැති සාකච්ඡාවේදී වැඩි අවධානය යොමු වූ බව විදේශ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා පවසයි. 03.පළාත් පාලන මැතිවරණය මාර්තු 09 වැනි දා - ජාතික මැතිවරණ කොමිසම පළාත් පාලන මැතිවරණය මාර්තු 9 වැනි දා පැවැත්වීමට දින නියම කර තිබේ. 04.උ/පෙළ විභාග කාලසීමාවේදීත් දෛනික විදුලිය කප්පාදුවේ වෙනසක් කළ නොහැකියි - ලංවිම උසස් පෙළ කාලසීමාවේත් දෛනික විදුලිය කප්පාදුවේ වෙනසක් කළ නොහැකි බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි. 05.ශිරන්ති රාජපක්ෂ ටෙහෙරානයේ ජාත්‍යන්තර කාන්තා සමුළුවකට සහභාගී වෙයි.. ලොව සාර්ථකත්වය සඳහා බලපෑමක් ඇති කිරීමට හැකි කාන්තාවන් සඳහා වූ පළමු ජාත්‍යන්තර සම්මේලනය පෙරේදා (20) ටෙහෙරානයේදී පැවැත්විණි. විදෙස් පුවත් 01.ආසන පටි නොමැතිව ගිය බ්‍රිතාන්‍ය අගමැතිට පොලීසියෙන් දඩ.. ආසන පටි පැළඳ නොගෙන මෝටර් රථයක ගමන් කිරීම සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය අගමැති රිෂී සුනක්ට එරට පොලිසිය විසින් දඩයක් නිකුත් කර ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් ක‌‌ළේ ය. 02.පේරු රාජ්‍යයේ ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ යළි තීව්‍ර වෙයි පේරු රාජ්‍යයේ ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ යළි තීව්‍ර වී තිබේ. ක්‍රීඩා පුවත් 01නවසීලන්තයට එරෙහි එක්දින තරගාවලි⁣යේ ජය ඉන්දියාවට ඉන්දියාව සහ නවසීලන්තය අතර පැවති දෙවන එක්දින තරගය, කඩුලු 8කින් ජය ගැනීමට සත්කාරක ඉන්දියාව ඊයේ සමත් විය.
2023-01-21T16:45:21.000Z
නවසීලන්තයට එරෙහි එක්දින තරගාවලි⁣යේ ජය ඉන්දියාවට
නවසීලන්තය පරදවමින් ඉන්දියාවට ජය..
COLOMBO (News 1st) - ඉන්දියාව සහ නවසීලන්තය අතර පැවති දෙවන එක්දින තරගය, කඩුලු 8කින් ජය ගැනීමට සත්කාරක ඉන්දියාව අද සමත් විය. තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් නවසීලන්තයට පන්දුවාර 34යි පන්දු 8ක් අවසානයේ සියලුදෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 108ක් පමණි. ලකුණු 109ක පහසු ඉලක්කයක් හඹාගිය ඉන්දියාව පන්දුවාර 20යි එක් පන්දුවක් අවසානයේ කඩුලු 2ක් පමණක් දැවී තිබියදී ජයග්‍රාහී ඉලක්කය පසු කිරීමට සමත් විය. ලකුණු 18කට කඩුලු 3ක් දවාගත් මොහොමඩ් ශාමි තරගයේ වීරයා බවට පත්විය. ඒ අනුව තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය තවත් තරගයක් ඉතිරිව තිබියදීම තරග 2-0ක් ලෙස ජය ගැනීමට ඉන්දියාව සමත් විය.
2023-01-21T16:28:27.000Z
රදැල්ල මාරක අනතුර සිදු වූයේ කෙසේද?
රදැල්ල මාරක අනතුර සිදු වූයේ කෙසේද?
COLOMBO (News 1st) - නානුඔය රදැල්ල රිය අනතුරෙන් තුවාල ලබා රෝහල්ගත කළ 43 කු අද(19) දහවල් පිටව ගිය බව නුවරඑළිය රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය මහේන්ද්‍ර සේනානායක මහතා පවසයි. ඔහු සඳහන් කළේ තවත් 6 කු කොළඹ ජාතික රෝහලට මාරු කර යැවූ බවය. තවත් 4 කු රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බව ද ඔහු ප්‍රකාශ කළේ ය. කෙසේවෙතත් බස් රථ අනතුරින් පසු නානුඔය රදැල්ල කෙටි මාර්ගයේ බර වාහන ධාවනය තාවකාලිකව අත්හිටුවා තිබේ. ඊයේ රාත්‍රී සිදුවූ මෙම අනතුරින් හත්දෙනෙකුට ජීවිත අහිමිවිය. මෙසේ ජීවිත අහිමිවුණේ පාසල් සිසුන් රැගත් බස්රථයේ ගැටුණු වෑන් රථයේ ගමන් ගත් පුද්ගලයින් 6 දෙනකුට සහ ත්‍රීරෝදරථ රියැදුරකුට ය. බස් රථයේ හැපී අනතුරට ලක්වූ වෑන්රථය ගමන් කරමින් තිබුණේ දික්ඔය සිට නුවර එළිය දක්වාය. එහි සහෝදරයින් දෙදෙනෙකුගේ පවුල්වල සාමාජිකයින් ගමන් කරමින් සිට තිබුණි. ඔවුන් නුවරඑළිය බලායමින් සිටියේ රෝගීවූ ඥාතියෙකුගේ සුවදුක් බැලීම සඳහා ය. අනතුරින් හැටන් දික්ඔය පදිංචි 55 හැවිරිදි අබ්දුල් රහීන්, ඔහුගේ බිරිඳ වන 45 හැවිරිදි ආයිෂා ෆාතිමා, ඔවුන්ගේ දියණියන් වන, 13 හැවිරිදි ෆාතිමා මරියම් සහ 8 හැවරිදි ෆාතිමා නබීහාට ජීවිත අහිමිවිය. බරපතළ තුවාල ලැබූ එම පවුලේ අනෙක් දැරිය මේ වනවිට නුවරඑළිය මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රථිකාර ලබයි. ඇය මෙවර උසස්පෙළ විභාගය සඳහා සූදානම්ව සිටි සිසුවියකි. ඔවුන් සමග අනතුරට ලක්වුණු අබ්දුල් රහීන්ගේ සොහොයුරාගේ පුත්‍රයෙකු වන 14 හැවිරිදි අහමඩ් සාහීන්ට ද ජීවිතය අහිමිවිය. හැටන් ශාන්ත ජෝන් බොස්කෝ විද්‍යාලයේ ඉගෙනුම ලැබූ සාහීන්, පාපන්දු සහ අත්පන්දු ක්‍රීඩාවට විශේෂ දස්කම් පෑ දරුවෙකි. අනතුරට පත් වෑන් රථයේ රියදුරු වන දික්ඔය කුඩාගම පදිංචි, වයස අවුරුදු 25 ක් වන, නේසරාජ් පිල්ලේ ද ජීවිතක්ෂයට පත්විය. මෙම බස්රථය සමග තවත් බස් රථ 6ක් අධ්‍යාපන චාරිකාවට ගොස් තිබුණි. නුවරඑළියේ සිට කොළඹට පැමිණෙමින් තිබූ බස් රථය, දික්ඔයේ සිට නුවරඑළිය බලා ගමන් ගත් වෑන් රථයක හා පසුපසින් පැමිණි ත්‍රීරෝද රථයක ගැටී අසළ ප්‍රපාතයට ඇදී ගොස් තිබුණි. මෙම ස්ථානය අනතුරු බහුලව සිදුවන ස්ථානයක් බවට හඳුනාගෙන ඇති අතර පසුගිය දින කිහිපය තුළත් මාරාන්තික රිය අනතුරු කිහිපයක්ම සිදුවූ ස්ථානයකි. බස් රථය අනතුරට පත් වන විට, කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ 11 වැනි වසරේ සිසුන් 42 ක්, ගුරුවරුන් සහ මවුපියන් ඇතුළු 53 දෙනෙක් හිඳ තිබේ. මීටර් 50 ක පමණ ප්‍රපාතයට ඇදීගිය, බස්රථයේ සිටි සිසුන් මෙන්ම වෑන් රථය සහ ත්‍රීරෝද රථයේ පැමිණි පිරිස් රෝහල් ගත කළේ ආරක්ෂක අංශවල සහ ප්‍රදේශවාසීන්ගේ සහය ඇතිවය. සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිතීඥ නිහාල් තල්දූව මහතා "මෙම බස්රථය පදවපු රියදුරා හොරණ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 62ක පමණ පුද්ගලයෙක්. දැනට ස්ථිර හේතුව මොකද්ද කියලා මොන කාරණය නිසාද මේ අනතුර සිදු වන්නේ කියලා අනාවරණය කරගන්න බැ. බස්රථයේ රියදුරත් මේ වන විට තුවාල ලබලා ඔහු දැන් ප්‍රතිකාර ලබනවා නුවර එළිය රෝහලේ ඒවගේම වැන් රථයේ රියදුරා මියගොස් තිබෙනවා. බැලු බැල්මට පෙනි යන තත්ත්වයක් තියනවා බස් රථයේ යම් කිසි නොසැලකිල්ලක් තිබෙනවා. නමුත් එය ස්ථිරව කියන්න බැ. මොන හේතුවක් නිසාද කාර්මික දෝශයක්ද ? නැත්තම් වෙනත් හේතුවක් නිසා වෙච්ච දෙයක්ද පැහැදිලිව තවදුරටත් විමර්ශන නිලදාරින් විසින් නිගමනය කරලා නැ. ඒ වගේම විමර්ශන වලදි අනාවරණය විමක් වෙලා නැ."
2023-01-21T15:59:51.000Z
ශිරන්ති රාජපක්ෂ ටෙහෙරානයේ ජාත්‍යන්තර කාන්තා සමුළුවකට සහභාගී වෙයි..
ශිරන්ති රාජපක්ෂ ටෙහෙරානයේ සමුළුවකට
COLOMBO (News 1st) - ලොව සාර්ථකත්වය සඳහා බලපෑමක් ඇති කිරීමට හැකි කාන්තාවන් සඳහා වූ පළමු ජාත්‍යන්තර සම්මේලනය ඊයේ(20) ටෙහෙරානයේදී පැවැත්විණි. මෙම අවස්ථාවට හිටපු ජනාධිපති බිරිඳ ශිරන්ති රාජපක්ෂ මහත්මියද සහභාගී විය. බුර්කිනා ෆාසෝ, කිර්ගිස්තානය, සර්බියාව, ගිනියා, නයිජීරියාව, සිරියාව, ටර්ක්මෙනිස්තානය සහ ශ්‍රී ලංකාව යන රටවල රාජ්‍ය නායකයින්ගේ බිරින්දෑවරුන්, අමාත්‍යවරුන්, උප ජනාධිපතිවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු කාන්තා නියෝජිතයින් මේ අවස්ථාව සඳහා එක්විය. මෙහිදී සාර්ථක ඉරාන කාන්තාවන්ගේ ජයග්‍රහණ එළිදැක්විමක්ද සිදු කෙරුණි. මෙහිදී ඉලෙක්ට්‍රොනික උපකරණ, වෛද්‍ය උපකරණ, නව තාක්‍ෂණය, නවෝත්පාදන සහ ගෘහ ව්‍යාපාර වැනි විවිධ ක්ෂේත්‍රවල ඉරාන කාන්තා ව්‍යවසායකයින්ගේ ජයග්‍රහණ ඇගයීමට ලක්විය. ලොව සාර්ථකත්වයට බලපෑම් ඇති කිරීමට හැකි කාන්තාවන් අගය කිරීම, ඔවුන්ට සහයෝගය දැක්වීම සහ ඔවුන්ගේ වර්ධනයට උපකාර කිරීම සහ ඔවුන්ගේ නිර්මාණශීලිත්වය සහ අදහස් ප්‍රවර්ධනය කිරීම මෙම සම්මේලනයේ අරමුණ වේ.
2023-01-21T15:10:13.000Z
ජයශංකර්ගේ සංචාරය: තෙල් ටැංකිත් ඇතුළත්ව ත්‍රිකුණාමලය මූලික කරගත් බලශක්ති කේන්ද්‍රස්ථානයක් ස්ථාපිත කිරීමට අවධානය - අලි සබ්‍රි
ත්‍රිකුණාමලයේ බලශක්ති කේන්ද්‍රස්ථානයක්..
COLOMBO (News 1st) - ත්‍රිකුණාමලය මූලික කරගත් බලශක්ති කේන්ද්‍රස්ථානයක් ස්ථාපිත කිරීම පිළිබඳ ඉන්දිය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා සමග පැවැති සාකච්ඡාවේදී වැඩි අවධානය යොමු වූ බව විදේශ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා පවසයි. දෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතාගේ මෙරට සංචාරයේදී දෙරට අතර දේශපාලන, ආර්ථික හා සමාජීය ක්ෂේත්‍ර පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබේ. සාකච්ඡාවලදී මූලික අවධානයක් යොමුවූ කරුණූ මොනවාද ? ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මූලික කර ගත් බලශක්ති කේන්ද්‍රස්ථානයක් ස්ථාපනය කිරීම පිළිබඳව මෙහිදී වැඩි අවාධනයක් යොමූ වූ බව විදේශ අමාත්‍ය අලි සබ්‍රි මහතා අප කළ විමසීමකදී සඳහන් කළේ ය. මෙම ව්‍යාපෘතියට ත්‍රිකුණාමලය තෙල් ටැංකි අයත්ද? විදේශ කටයුතු අමාත්‍යවරයාට අනුව එම ව්‍යාපෘතියට ත්‍රිකුණාමලය තෙල් ටැංකි පර්යන්තය ඇතුළත් බව ඔහු සඳහන් කළේ ය. නමුත් මේ පිළිබඳ කිසිදු ගිවිසුම් ගතවීමක් මේ වනතෙක් සිදුකර නොමැති බව අලි සබ්‍රි මහතා අවධාරණය කළේ ය. මේ අතර ආචාර්ය එස්. ජයශංකර් මහතා රේඛීය අමාත්‍යවරුන් කිහිපදෙනෙකු සහභාගී වන විශේෂ හමුවක් අතරතුර විවිධ ක්ෂේත්‍ර සම්බන්ධයෙන් පුළුල් සාකච්ඡා කළ බව විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය පවසයි. අප කළ විමසීමකදී ඔහු වැඩිදුරටක් අවධාරණය කළේ අදාළ සාකච්ඡාවලදී ත්‍රිකුණාමලය බලශක්ති අපනයන මධ්‍යස්ථානයක් බවට පත් කළ යුතු බවට යෝජනා කරමින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා එහිදී විශේෂ අවධානය යොමු කළ බවයි. ඉන්දීය මාධ්‍ය කියන්නේ මොනවාද? ඉන්දීය විදේශ අමාත්‍යවරයාගේ නිල සංචාරය පිළිබඳව ඉන්දීය මාධ්‍යද තොරතුරු රැසක් වාර්තා කර තිබේ. දැඩි ආර්ථික අර්බුදයක සිටින ශ්‍රී ලංකාව තුළ විශාල ආයෝජන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා ඉන්දියාව පොරොන්දු වී ඇති බව ද හින්දු වාර්තා කර තිබේ. අදාළ සාකච්ඡාවලදී ශ්‍රී ලංකාවේ උතුරු ප්‍රදේශයේ ඇති දූපත් 03ක පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා වන අවබෝධතා ගිවිසුම් වලට එළඹීම පිළිබඳව මෙම සංචාරයේදී සාක්ච්ඡා කර ඇති බව හින්දු වාර්තාවේ සඳහන් වේ. මේ අතර ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා අතර පැවැති සාකච්ඡාවලින් අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා සමග සාකච්ඡා කර තිබේ. ජනාධිපතිවරයා සහ ආර්. සම්බන්ධන් මහතා අතර සාකච්ඡා වුණේ මොනවාද? ආර්. සම්බන්ධන් මහතා නිවුස්ෆස්ට් වෙත සඳහන් කළේ, මෙහිදි 13වැනි ව්‍යවස්ථා සංශෝධනය මුළුමනින්ම ක්‍රියාත්මක කිරීම සහ ඉඩම් නිදහස් කිරීම පිළිබඳ සාකච්ඡා වූ බවය. මේ අතර එස්. ජයශංකර් මහතා ඊයේ පැවති ඒකාබද්ධ මාධ්‍ය හමුවේදී ද අවධාණය කළේ 13වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කිරීමත් පළාත් සභා ඡන්දය හැකි ඉක්මනින් පැවැත්වීමත් ඉතා වැදගත් බවය.
2023-01-21T12:53:44.000Z
UPDATE: රාජගිරියේ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා මරුට..
රාජගිරියේ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා මරුට
COLOMBO (News 1st) - රාජගිරිය - බුත්ගමුව පාරේ සිදුවූ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා මියගොස් තිබේ. පොලිසිය සඳහන් කළේ, මෙලෙස මියගොස් ඇත්තේ 56 හැවිරිදි වියේ පසුවන පුද්ගලයෙකු බවයි. යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව පොලීසිය පවසයි.
2023-01-21T12:24:56.000Z
රාජගිරියේ වෙඩි තැබීමක් පුද්ගලයෙකුට තුවාල..
රාජගිරියේ වෙඩි තැබීමක් පුද්ගලයෙකුට තුවාල..
COLOMBO (News 1st) - රාජගිරිය - බුත්ගමුව පාරේ මහනියර ප්‍රදේශයේදී වෙඩි තැබීමක් සිදුවී තිබේ. පොලීසිය සඳහන් කළේ, යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි. වෙඩි වැදීමෙන් පුද්ගලයෙක් තුවාල ලබා ඇති බව පොලීසිය පවසයි.
2023-01-21T12:19:19.000Z
මැතිවරණය ප්‍රචණ්ඩත්වයෙන් තොර මැතිවරණයක් බවට පත් කිරීමට සියලු දෙනා සහය දිය යුතුයි - පැෆ්රල් සංවිධානය
ප්‍රචණ්ඩත්වයෙන් තොර ඡන්දයකට සියල්ල සහය දිය යුතුයි
COLOMBO (News 1st) - පළාත් පාලන මැතිවරණය ප්‍රචණ්ඩත්වයෙන් තොර මැතිවරණයක් බවට පත් කිරීමට සියලු පාර්ශ්වයන් මැතිවරණ කොමිෂන් සභාවට සහයෝගය ලබා දිය යුතු බව පැෆ්රල් සංවිධානය පවසයි. එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා මේ අදහස් පළ කළේ, අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
2023-01-21T09:59:45.000Z
පළාත් පාලන මැතිවරණය මාර්තු 09 වැනි දා - ජාතික මැතිවරණ කොමිසම
පළාත් පාලන මැතිවරණය මාර්තු 09 වැනි දා
COLOMBO (News 1st) - පළාත් පාලන මැතිවරණය මාර්තු 9 වැනි දා පැවැත්වීමට දින නියම කර තිබේ. ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සහ කොමිසමේ සමාජිකයින් දෙදෙනෙකු එය තහවුරු කළේ ය. පළාත් පාලන මැතිවරණයට අදාළව නාමයෝජනා භාරගැනීම අද (21) දහවල් 12.00 ට අවසන් වූ අතර පිළිගත් දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් රැසක් මැතිවරණය සඳහා නාමයෝජනා භාරදුන්නේ ය.
2023-01-21T09:39:19.000Z
උ/පෙළ විභාග කාලසීමාවේදීත් දෛනික විදුලිය කප්පාදුවේ වෙනසක් කළ නොහැකියි - ලංවිම
උ/පෙළ කාලයේත් විදුලි කප්පාදුවේ වෙනසක් කරන්න බෑ
COLOMBO (News 1st) - උසස් පෙළ කාලසීමාවේත් දෛනික විදුලිය කප්පාදුවේ වෙනසක් කළ නොහැකි බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි. එම මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් සඳහන් කළේ, ඒ සම්බන්ධයෙන් තම සභාපතිවරයා විසින් මහජන උපයෝගීතා කොමිසමට ලිඛිතව කරුණු වාර්තා කර ඇති බවය. විදුලිය නිෂ්පාදනයට අධික පිරිවැයක් දැරීමට සිදුවීමත්, ඊට ප්‍රමාණවත් මුදල් නොමැතිවීමත් මත එම දැනුම් දීම සිදුකර ඇතැයි ඔහු පැවසුවේ ය. එම නිලධාරියා අනාවරණ කළේ, මුදල් නොගෙවීම හමුවේ විදුලිය නිෂ්පාදනයට අවශ්‍ය ඉන්ධන ලබා දීම, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ප්‍රතික්ෂේප කර ඇති බවයි. කෙසේ වෙතත් මහජන උපයෝගීතා කොමිසම විදුලි බල මණ්ඩලයට නිර්දේශ කළේ, අදාළ කාලසීමාවේ දෛනික විදුලිය කප්පාදුව රාත්‍රී 7.00 න් පසු සිදු නොකරන ලෙසයි.
2023-01-21T09:18:10.000Z
ආසන පටි නොමැතිව ගිය බ්‍රිතාන්‍ය අගමැතිට පොලීසියෙන් දඩ..
ආසන පටි නොමැතිව ගිය බ්‍රිතාන්‍ය අගමැතිට දඩ..
COLOMBO (News 1st) - ආසන පටි පැළඳ නොගෙන මෝටර් රථයක ගමන් කිරීම සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය අගමැති රිෂී සුනක්ට එරට පොලිසිය විසින් දඩයක් නිකුත් කර ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් ක‌‌ළේ ය. අග්‍රාමාත්‍යවරයා සිය මෝටර් රථයේ පිටුපස අසුනේ ආසන පටි පැළඳ නොගෙන ගමන් කරමින් සිටි වීඩියෝවක් සමාජ මාධ්‍ය මුදා හැර තිබේ. එහිදී ඔහු ආසන පටි නොපැළඳ සිටි බවට හෙළිව ඇත. අගමැතිවරයා කළ වරද පිළිබඳව එරට තුළ විශාල කතිකාවතක් ඇති වන්නට විය. මේ අතර, විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත්තේ, අගමැතිවරයා සිය වරද සම්පූර්ණයෙන්ම පිළිගන්නා බවයි. Lancashire පොලීසිය සඳහන් කර ඇත්තේ, ආසන පටි නොපැළඳ ගමන් කරන්නා වූ වීඩියෝවක් පිළිබඳව සොයා බැලීමෙන් පසු, මෙම දඩය නිකුත් කර ඇති බව ය. බ්‍රිතාන්‍ය තුළ ආසන පටි නොපැළඳ වාහනයේ ගමන් කරන පුද්ගලයෙකුට බ්‍රිතාන්‍ය පවුම් 500ක දඩයක් ගෙවීමට සිදුවන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. රිෂී සුනක්ට රජයේ නිලතල දරමින් සිටියදී පොලිසිය විසින් ඔහුට දඩ නියම කළ දෙවැනි අවස්ථාව මෙයයි. 2022 අගෝස්තු මාසයේදී ද එවකට මුදල් ඇමතිවරයාව සිටි රිෂි සුනක්ට පොලිසිය විසින් දඩ නියම කළේ ය.
2023-01-21T08:37:03.000Z
පේරු රාජ්‍යයේ ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ යළි තීව්‍ර වෙයි
පේරු රාජ්‍යයේ ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ යළි තීව්‍ර වෙයි
COLOMBO ( News 1st ) - පේරු රාජ්‍යයේ ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ යළි තීව්‍ර වී තිබේ. 1500කට අධික විරෝධතාකරුවන් පිරිසක් පැමිණ එරට පොලිස් ස්ථානකට පහර දී ඇති අතර පුද්ගලයින් 50කට අධික පිරිසක් තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. ලීසා නගරයේ ඉපැරණි ගොඩනැගිල්ලක් ද විරෝධතා අතරතුර ගිනිගෙන තිබේ.
2023-01-21T07:54:33.000Z
ඇඟලුම් සේවකයින් රැගත් බස් රථයක් පෙරළීමෙන් 20කට තුවාලයි
ඇඟලුම් සේවකයින් රැගත් බස් රථයක් පෙරළෙයි
COLOMBO ( News 1st ) - පන්විල ප්‍රදේශයේ ඇඟලුම් කම්හලක සේවකයින් පිරිසක් රැගත් බස් රථයක් පෙරළී යාමෙන් පුද්ගලයින් 20 දෙනෙකු තුවාල ලබා තිබේ. පොලීසිය සඳහන් කළේ, උනගල සිට මඩොල්කැළේ හරහා පන්විල දෙසට ධාවනය වූ බස් රථයක් රියැදුරුට පාලනය කර ගැනීමට නොහැකිව ඊයේ (20) පස්වරුවේ පෙරළීයාමෙන් අනතුර සිදුව ඇති බව ය. තුවාලකරුවන් අතරට කාන්තාවන් 16 දෙනෙකු ඇතුළත් වන අතර බරපතල තත්ත්වයේ පසු වූ 08 දෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා මහනුවර මහ රෝහලට මාරුකර යවා තිබේ. අනතුර සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක ය.
2023-01-21T07:04:07.000Z
හෙරොයින් ප්‍රවාහනය කළ දෙදෙනෙක් STF අත්අඩංගුවට
හෙරොයින් සමග දෙදෙනෙක් STF අත්අඩංගුවට
COLOMBO ( News 1st ) -හෙරොයින් කිලෝග්‍රෑම් 01යි ග්‍රෑම් 254 ක් වෑන් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු රාජගිරිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කරනු ලැබ තිබේ. සැකකරුවන් සතුව තිබී, හෙරොයින් ජාවාරමෙන් උපයා ගත් බව කියන රුපියල් 147,000ක මුදලක් ද පොලිස් භාරයට ගෙන ඇති අතර එලෙස අත්අඩංගුවට පත්වූයේ, පුත්තලම හා මට්ටක්කුලිය ප්‍රදේශවල පදිංචි 39 හා 48 හැවිරිදි සැකකරුවන් දෙදෙනෙකි. පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ, මෙම ජාවාරමට අනුබල දුන් 41 හැවිරිදි පන්නිපිටිය, ඇරැව්වල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු ද අත්අඩංගුවට ගත් බව ය. සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට භාර දී තිබේ.
2023-01-21T07:00:51.000Z
විද්‍යා පීඨ ඩිප්ලෝමාධාරීන් 8,000ක් ගුරු සේවයට..
විද්‍යා පීඨ ඩිප්ලෝමාධාරීන් 8,000ක් ගුරු සේවයට..
COLOMBO ( News 1st ) – විද්‍යා පීඨ ඩිප්ලෝමාව අවසන් කළ 8,000ක් ගුරු සේවයට බඳවා ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ. අමාත්‍යාංශය සඳහන් කළේ, ඔවුන් දිවයිනේ පුරප්පාඩු පවතින පාසල් වෙත අනියුක්ත කරන බවයි. විද්‍යාව, ගණිතය සහ ඉංග්‍රිසි යන විෂයන්ට අදාලව පාසල් රැසක පුරප්පාඩු පවතින බවද අමාත්‍යාංශය පැවසුවේ ය. ලබන පාසල් වාරයට පෙර මෙම පිරිස ගුරු සේවයට බඳවා ගැනෙනු ඇති. ඒ සඳහා මැතිවරණ කොමිසමේ ද අනුමැතිය ලබාගත් බව අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේ ය.
2023-01-21T06:45:52.000Z
සිමෙන්ති ප්‍රවාහනය කළ රථයක් ගලේවෙල නගරයේ දී පෙරළෙයි..
සිමෙන්ති ප්‍රවාහනය කළ රථයක් ගලේවෙල දී පෙරළෙයි..
COLOMBO ( News 1st ) - සිමෙන්ති ප්‍රවාහනය කළ රථයක් ගලේවෙල නගරයේ දී පෙරළීමෙන් අද ( 21 ) අලුයම අනතුරක් සිදුවී තිබේ. එහි රියැදුරු තුවාල ලබා රෝහල්ගත කර තිබෙන අතර අද (21) අලුයම 6.00ට පමණ දඹුල්ල - කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ ගලේවෙල නගරයේ දී මෙම අනතුර සිදුවිය. පොලීසිය පැවසුවේ, රථයේ වේගය පාලනය කරගත නොහැකිව පාලමක ගැටී මාර්ගය හරහා පෙරළී ඇති බව ය. මෙලෙස අනතුරට ලක්වුණේ, ත්‍රිකුණාමලයේ සිට පුත්තලමට සිමෙන්ති ප්‍රවාහනය කළ රථයකි.
2023-01-21T06:33:34.000Z
පළාත් පාලන මැතිවරණයේ නාමයෝජනා භාර ගැනීම අවසන්...
නාමයෝජනා භාර ගැනීම අවසන්...
COLOMBO ( News 1st ) – පළාත් පාලන මැතිවරණයේ නාමයෝජනා භාර ගැනීම අවසන් වූ බව මැතිවරණ කොමිසම සඳහන් කරයි. මේ අතර, මැතිවරණ දිනය ප්‍රකාශයට පත් කිරීම අද (21) පස්වරුවේ ප්‍රකාශයට පත් කෙරෙනු ඇති..
2023-01-21T05:38:03.000Z
නානුඔය අනතුර සිදුවූ නුවරඑළිය - රදැල්ල කෙටි මාර්ගයේ බර වාහන ධාවනය තාවකාලිකව තහනම් කෙරේ
රදැල්ල කෙටි මාර්ගයේ බර වාහන ධාවනය තාවකාලිකව තහනම්
COLOMBO ( News 1st ) - රදැල්ල කෙටි මාර්ගයේ බර වාහන ධාවනය තාවකාලිකව තහනම් කර තිබේ. නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්වරයා නිවේදනය කර ඇත්තේ, නානුඔය අනතුර සිදුවූ නුවරඑළිය - රදැල්ල කෙටි මාර්ගයේ බර වාහන ධාවනය මෙලෙස තාවකාලිකව තහනම් කර ඇති බව ය. මෙම මාර්ගයේ දී ඊයේ රාත්‍රියේ කොළඹ, තර්ස්ටර් විද්‍යාලයේ සිසුන් පිරිසක් රැගත් බස් රථයක්, වෑන් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටීමෙන් සිදු වූ අනතුරක් සිදු වූ අතර ඒ හේතුවෙන් 07 දෙනෙකු ජීවිතක්ෂයට පත් විය. මියගිය පුද්ගලයින් අතර අවුරුදු 13 ක පිරිමි දරුවෙක් සහ අවුරුදු 8 හා 12 යන වයස්වල පසුවන ගැහැණු දරුවන් දෙදෙනෙකු ද වේ. මියගිය සෙසු පුද්ගලයින් අවුරුදු 26, 27, 43 යන වයස්වල පසුවන්නන් ය. පොලීසිය සඳහන් කළේ, මියගිය පුද්ගලයින් හැටන් සහ නානුඹය පදිංචිකරුවන් බවයි. අදාළ රිය අනතුරින් තුවාල ලැබූ 53 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර නුවරඑළිය මහ රෝහලේ අධ්‍යක්ෂ, වෛද්‍ය මහේන්ද්‍ර සෙනවිරත්න මහතා සඳහන් කළේ, එක් සිසුවෙක් දැඩි සත්කාර ඒකකයේ (ICU) ප්‍රතිකාර ලබන බව ය.
2023-01-21T04:44:56.000Z
රඹුක්කන ද්විත්ව ඝාතනයේ සැකකරුවන්ට නවාතැන් දුන් අයෙකු අත්අඩංගුවට..
රඹුක්කන ඝාතනය: සැකකරුවන්ට නවාතැන් දුන් අයෙකු කොටු.
COLOMBO (News 1st) – රඹුක්කන, හූරියමාළුව ප්‍රදේශයේදී තරුණයින් දෙදෙනෙකු ඝාතනය කර වළ දැමීමේ සිද්ධියේ සැකකරුවන්ට නවාතැන් දුන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, ඔහු කෑගල්ල පොලිස් ස්ථානයට ඉදිරිපත්වීමෙන් අනතුරුව අත්අඩංගුවට ගත් බවයි. අදාළ පුද්ගලයා සැකකරුවන්ට පුත්තලම ප්‍රදේශයේ නිවසක රැකවරණය ලබාදී ඇති බව තොරතුරු අනාවරණ වී තිබේ. මෙම ඝාතන සම්බන්ධයෙන් මේ වනවිට ප්‍රධාන සැකකරු ඇතුළු සැකකරුන් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය සඳහන් කළේ ය. සැකකරුවන්ගෙන් රැඳවුම් නියෝග මත ප්‍රශ්න කිරීම මේ වනවිට ආරම්භ කර තිබේ. පොලිසිය පැවසුවේ, අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් ඇතිවූ ගැටලුවක් මත මෙම ඝාතන සිදුව ඇති බව පරීක්ෂණවලදී හෙළිවූ බවයි.
2023-01-21T04:22:17.000Z
විදෙස් රැකියා දෙන බව පවසා ලක්ෂ 41ක් වංචා කළ අයෙකු අත්අඩංගුවට..
විදෙස් රැකියා දෙන බව පවසා මුදල් වංචා කළ අයෙකු කොටු
COLOMBO (News 1st) – ඩුබායි, ඕමාන් හා රුමේනියා යන රටවල රැකියා දෙන බව පවසා රුපියල් ලක්ෂ 41කට අධික මුදලක් වංචා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලිසිය පැවසුවේ, ලද පැමිණිලි කිහිපයක් මත කළ විමර්ශනවලින් පසු සැකකරු ඒකල ප්‍රදේශයේදී අත් අඩංගුවට ගත් බවයි. එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, 46 හැවිරිදි පුද්ගලයෙකි. ඔහු අද අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
2023-01-21T03:48:45.000Z
ලක්ෂ 26ක් වටිනා කැබ් රථයක් කොල්ලකෑ තිදෙනෙකු අත්අඩංගුවට..
කැබ් රථයක් කොල්ලකෑ තිදෙනෙකු අත්අඩංගුවට..
COLOMBO (News 1st) – පලෙයි, පෙරියපලෙයි ප්‍රදේශයේදී රුපියල් ලක්ෂ 26ක් පමණ වටිනා කැබ් රථයක් කොල්ලකෑ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලිසිය පැවසුවේ, අදාල කැබ් රථය පුද්ගලයින් තිදෙනෙකු සමග යාපනයේ සිට පලෙයි දෙසට ගමන් කරමින් සිටියදී පෙරියපලෙයි හන්දියේදී පුද්ගලයින් තිදෙනෙකු මාර්ගය හරස් කර කැබ් රථයේ ගමන අවහිර කර ඇති බවයි. පසුව ඔවුන් රියැදුරු ඇතුළු කැබ් රථයේ ගමන් ගත් පුද්ගලයින් ඉවතට ඇද දමා කැබ් රථය කොල්ලකා වවුනියාව දෙසට පලාගොස් තිබේ. පොලිසිය පැවසුවේ, අලිමංකඩ මාර්ග බාධකයේ රාජකාරියේ යෙදී සිටි නිලධාරින් දැනුවත් කර එම රථය නැවැත්වීමට උත්සාහ කළද එය නොනවත්වා ඔවුන් පලාගොස් ඇති බවයි. කෙසේ වෙතත් පසුපස හඹාගිය පොලිස් නිලධාරින් කැබ් රථය හා ත්‍රීරෝද රථය අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය සඳහන් කළේ ය. එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, මාන්කුලම්, පුවරසන්කුලම යන ප්‍රදේශවල පදිංචි 25, 30 හා 34 යන වයස්වල පසුවන පුද්ගලයින් තිදෙනෙකි. ඔවුන් අද කිලිනොච්චි මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
2023-01-21T01:50:07.000Z
උසස් පෙළ විභාගයේ ප්‍රශ්න පත්‍ර සම්බන්ධීකරණ මධ්‍යස්ථාන වෙත බෙදාහැරීම අද ඇරඹේ..
A/L ප්‍රශ්න පත්‍ර සම්බන්ධීකරණ මධ්‍යස්ථාන වෙත...
COLOMBO (News 1st) – 2022 උසස් පෙළ විභාගයේ ප්‍රශ්න පත්‍ර සම්බන්ධීකරණ මධ්‍යස්ථාන වෙත බෙදාහැරීම අද (21) ආරම්භ කරන බව, විභාග දෙපාර්තමේන්තුව පවසයි. විභාග කොමසාරිස් ජනරාල් අමිත ජයසුන්දර මහතා සඳහන් කළේ, පළමු දින 6 සඳහා අවශ්‍ය ප්‍රශ්න පත්‍ර එලෙස බෙදාහරින බවයි. විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය කාර්ය මණ්ඩල සූදානම් කර ඇතැයි ද විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ ය. 2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ලබන 23 වැනිදා ආරම්භ වෙයි.
2023-01-21T01:40:00.000Z
නාම යෝජනා භාරදීමෙන් පසු පෙළපාලි යාමෙන් වළකින්න - මැතිවරණ නිරීක්ෂකයින් දේශපාලන පක්ෂවලින් ඉල්ලයි..
පෙළපාලී යාමෙන් වළකින්න - මැතිවරණ නිරීක්ෂණ සංවිධාන
COLOMBO ( News 1st ) - නාම යෝජනා භාරදීමෙන් පසු පෙළපාලි යාමෙන් වළකින්නැයි මැතිවරණ නිරීක්ෂකයින් දේශපාලන පක්ෂවලින් ඉල්ලා සිටියි. පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ, රෝහණ හෙට්ටිආරච්චි මහතා ප්‍රකාශ කළේ,නිදහස් හා සාමකාමී මැතිවරණයක් වෙනුවෙන් මෙන්ම ජනතාවට පීඩා නොවන ලෙසත්,මැතිවරණ නීති උල්ලංඝණය නොවන ලෙසත් ක්‍රියා කරන මෙන් තම සංවිධානය සියලුම දේශපාලන පක්ෂ වලින් ඉල්ලා සිටින බව ය. එමෙන්ම ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ හා මැතිවරණ අධ්‍යයන ආයතනයේ විධායක අධ්‍යක්ෂ මංජුල ගජනායක මහතා ද මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රකාශ කළේ,සියලු දෙනා මෙම මැතිවරණය සාමකාමීව පවත්වා ගැනීමට සහය දක්වන ලෙසත්.රථ පෙළපාලි මෙන්ම සාමාන්‍ය ජන ජීවිතයට බාධා වන ආකාරයේ ක්‍රියාවන්ගෙන් වැළකී සිටීම වැදගත් බව ද අවධාරණය කළේ ය.
2023-01-21T01:19:03.000Z
පළාත් පාලන මැතිවරණයට නාම යෝජනා භාර ගැනීම අද දහවල් 12.00න් අවසන්
නාම යෝජනා භාර ගැනීම අද දහවල් 12.00න් අවසන්
COLOMBO ( News 1st ) - පළාත් පාලන මැතිවරණයට අදාළ නාම යෝජනා භාර ගැනීම අද (21) දහවල් 12.00න් අවසන් වීමට නියමිතය. මැතිවරණයට ඇප මුදල් තැන්පත් කිරීම ද ඊයේ (20) දහවල් 12.00න් අවසන් විය. පළාත් පාලන ආයතන රැසක් සඳහා අදත් නාම යෝජනා භාර දෙන බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පැවසීය. සිය පක්ෂය පළාත් පාලන ආයතන 340 සඳහා ම සිය පක්ෂය නාම යෝජනා භාර දීමට අපේක්ෂා කරන බවද ඔහු පැවසීය. එසේම අද (21) දිනයේ දී පළාත් පාලන ආයතන රැසකට නාමයෝජනා භාරදෙන බව, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක සංජීව එදිරිමාන්න මහතා ද ප්‍රකාශ කළේ ය. එක්සත් ජාතික පක්ෂ මහලේකම්, පාලිත රංගේබණ්ඩාර මහතා සඳහන් කළේ සිය පක්ෂය ද පළාත් පාලන ආයතන රැසක් සඳහා අද (21) දිනයේ දී නාම යෝජනා භාරදෙන බවයි. මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ද අද (21) දිනයේ දී නාම යෝජනා භාර දීමට සූදානම් බව එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක, වීරකුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේ ය. පළාත් පාලන ආයතන සියයකට අධික සංඛ්‍යාවක් වෙනුවෙන් නාම යෝජනා භාරදෙන බව, පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා ද ප්‍රකාශ කළ අතර නිදහස් ජනතා පෙරමුණ මේ වන විටත් ආයතන රැසක් සඳහා නාම යෝජනා භාර දී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ මහතා සඳහන් කළේ ය. ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රි විජිත හේරත් මහතා පැවසූවේ සිය පක්ෂය කොළඹ, ගම්පහ, ගාල්ල ඇතුළු මහ නගර සභා කිහිපයක් සඳහා අද (21) දිනයේ දී නාම යෝජනා භාරදෙන බව ය. මේ අතර පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද අයැදුම්පත් භාර ගැනීම ලබන 23 වැනිදායින් අවසන් වීමට නියමිතය.
2023-01-21T01:15:36.000Z
හෙළ සිනමාවේ කිවිඳියගේ අවසන් කටයුතු අද පස්වරුවේ රාජ්‍ය ගෞරව සහිතව...
හෙළ සිනමාවේ කිවිඳියගේ අවසන් කටයුතු අද..
COLOMBO (News 1st) – මෙරට ප්‍රථම වෘත්තීයම චිත්‍රපට අධ්‍යක්ෂවරිය වන අභාවප්‍රාප්ත, කලාකීර්ති, ආචාර්ය සුමිත්‍රා පීරිස් මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද(21) පස්වරුවේ සිදු කෙරේ. ඒ, පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව කොළඹ නිදහස් චතුරශ්‍රයේදී ය. දේහය අද පස්වරු 2.00 දක්වා මහජන ගෞරව සඳහා තිඹිරිගස්යාය , ගවර්ස් පටුමගේ පිහිටි එතුමියගේ සොහොයුරියගේ නිවසේ තැන්පත් කර තිබේ. ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ සංදේශය සිනමා පටයේ සහය අධ්‍යක්ෂවරිය ලෙස සිනමා කේෂත්‍රයට අවතීර්ණ වූ සුමිත්‍රා පීරිස් මහත්මිය ලන්ඩන් සිනමා පාසලට ඇතුළත් වූ මෙරට ප්‍රථම කාන්තාවයි. මෙරට ප්‍රථම සිනමා සංස්කරණ ශිල්පිනිය ද වන ඇය, 1978 වසරේ ගැහැණු ළමයි සිනමා පටය හෙළ සිනමාවට දායාද කරන්නේ මෙරට ප්‍රථම වෘත්තීයමය චිත්‍රපට අධ්‍යක්ෂවරියට හිමි වාර්තාවට ද හිමිකම් කියමින් ය. ඇය හෙළ සිනමාවට දායාද කළ සිනමා පට ගණන 10 කි. සිනමාවේ රිදී රේඛා මතු කිරීමට සිය ජීවිතය කැප කළ සුමිත්‍රා පීරිස් මහත්මිය පෙරේදා උදෑසන අභාවප්‍රාප්ත වනවිට 88 වන වියෙහි පසුවිය.
2023-01-21T01:10:38.000Z
නානුඔය මාරක රිය අනතුරින් තුවාල ලැබූ 53ක් තවදුරටත් රෝහලේ
නානුඔය අනතුරින් තුවාල ලැබූ 53ක් තවදුරටත් රෝහලේ..
COLOMBO (News 1st) – හැටන් - නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ රදැල්ල ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරින් තුවාල ලැබූ 53 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි. නුවරඑළිය මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය මහේන්ද්‍ර සෙනවිරත්න මහතා සඳහන් කළේ, එක් සිසුවෙක් දැඩි සත්කාර ඒකකයේ (ICU) ප්‍රතිකාර ලබන බවයි. කොළඹ, තර්ස්ටර් විද්‍යාලයේ සිසුන් පිරිසක් රැගත් බස් රථයක්, වෑන් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටීමෙන් එම අනතුර සිදුවුණේ ඊයේ රාත්‍රියේ ය. එහිදී පුද්ගලයින් 7 දෙනෙකු මිය ගියේ ය. මියගිය පුද්ගලයින් අතර අවුරුදු 13 ක පිරිමි දරුවෙක් සහ අවුරුදු 8 හා 12 යන වයස්වල පසුවන ගැහැණු දරුවන් දෙදෙනෙකු ද වේ. මියගිය සෙසු පුද්ගලයින් අවුරුදු 26, 27, 43 යන වයස්වල පසුවන්නන් ය. පොලීසිය සඳහන් කළේ, මියගිය පුද්ගලයින් හැටන් සහ නානුඹය පදිංචිකරුවන් බවයි.
2023-01-21T01:05:58.000Z
ගෙවුණ දිනය උණුසුම් කළ පුවත්
ගෙවුණ දිනය උණුසුම් කළ පුවත්
දේශීය පුවත් 1. නුවරඑළියේ බස් රථ අනතුරින් 7ක් මරුට: 57 කට තුවාල: පාසල් සිසුන්ට ජීවිත අවදානමක් නෑ – කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ දරුවන් පිරිසක් රැගත් බස් රථයක් නානු ඔය රදැල්ල හරස් මාර්ගයේදී වෑන් රථයක හා ත්‍රීරෝද රථයක ගැටීමෙන් සිදු වූ අනතුරින් 07 දෙනෙකු මියගොස් 57 දෙනෙකුට අධික පිරිසක් නුවරඑළිය රෝහලට ඇතුළත් කර තිබේ. 2.බිත්තරවලට පාලන මිලක් – බිත්තර සඳහා පාලන මිලක් පනවන බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි. 3.නිල සංචාරය නිම කරමින් ඉන්දීය විදේශ ඇමති දිවයිනෙන් පිටව යයි– නිල සංචාරය නිම කරමින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ. 4.අහංගම තරුණයාගේ ඝාතනයට සැකපිට කාන්තාවක් අත්අඩංගුවට– අහංගම, මිදිගම ප්‍රදේශයේදි තියුණු ආයුධවලින් පහරදී තරුණයෙකු ඝාතනය කිරිමට සම්බන්ධ කාන්තාවක අත්අඩංගුවට ගෙන තිබේ. 5.කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 9 ක ජල කප්පාදුවක්– කොළඹ ප්‍රදේශ කිහිපයකට අද (21) උදෑසන 11.00 සිට රාත්‍රී 8.00 දක්වා පැය 9ක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. 6.මුජිබුර් රහුමාන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙයි– මුජිබුර් රහුමාන් මහතා අද පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්විය. විදෙස් පුවත් 1.නිව්යෝර්ක් වැසියන්ට කොරෝනා නිසා ගෙවන්න බැරි වුණ විදුලි,ගෑස් හිඟ මුදල් කපා හැරේ – කොරෝනා වසංගතය හේතුවෙන් අමෙරිකාවේ නිව්යෝක් ප්‍රාන්තයේ ගෙවීමට අපොහොසත් වූ ඩොලර් මිලියන 672ක් වටිනා විදුලි සහ ගෑස් බිල්පත්වල හිඟ මුදල් කපා හැරීමට නිව්යෝක් බලධාරීන් තීරණය කර තිබේ.
2023-01-21T00:24:38.000Z
විභාග කාලසීමාවේ විදුලිය කප්පාදුව රාත්‍රී 7 පසුව සිදු කරන්න එපා - උපයෝගීතා කොමිසමෙන් නිර්දේශ
විදුලිය කප්පාදුව ගැන කොමිසමෙන් නිර්දේශයක්
COLOMBO (News 1st) – උසස් පෙළ විභාග කාලසීමාවේ දෛනික විදුලිය කප්පාදුව රාත්‍රී 7 .00 න් පසුව සිදු නොකරන්නැයි, මහජන උපයෝගීතා කොමිසමෙන් නිර්දේශ කර තිබේ.
2023-01-20T15:26:24.000Z
නුවරඑළියේ බස් රථ අනතුරින් 7ක් මරුට: 57 කට තුවාල: පාසල් සිසුන්ට ජීවිත අවදානමක් නෑ
නුවරඑළියේ බස් රථ අනතුරින් 7ක් මරුට
COLOMBO (News 1st) - කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ දරුවන් පිරිසක් රැගත් බස් රථයක් නානු ඔය රදැල්ල හරස් මාර්ගයේදී වෑන් රථයක හා ත්‍රීරෝද රථයක ගැටීමෙන් සිදු වූ අනතුරින් 07 දෙනෙකු මියගොස් 57 දෙනෙකුට අධික පිරිසක් නුවරඑළිය රෝහලට ඇතුළත් කර තිබේ. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ, අනතුරින් මියගොස් ඇත්තේ වෑන් රථයේ ගමන් ගත් 7 දෙනෙකු බවයි. බස්රථයේ සිටි සිසු පිරිසට ජීවිත අවදානමක් නොමැති බව ද එම මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ ය.
2023-01-20T14:26:11.000Z
කොළඹ සිට අධ්‍යාපන චාරිකාවක් ගිය පාසල් දරුවන් රැගත් බස් රථයක් නුවරඑළියේදී ප්‍රපාතයකට පෙරළෙයි
පාසල් දරුවන් රැගත් බස් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි
Update : බස් රථ අනතුරෙන් පාසල් සිසුන් 41 දෙනෙකු රෝහල්ගත කර තිබුණත් ඔවුන්ට ජීවිත අවදානමක් නැහැ. මියගොස් ඇත්තේ,බස් රථයේ ගැටුණු වෑන් රථයේ හා ත්‍රිරෝද රථයක සිටි පුද්ගලයින් 7 දෙනෙක්. - ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය https://www.youtube.com/live/JvFLLu1OAo0?feature=share Update : නුවරඑළිය රදැල්ලේදී සිදූ වු බස් රථ අනතුරින් 07 දෙනෙකු මියගොස් තිබේ. නුවරඑළිය රෝහල් අධ්‍යක්ෂවරයා පැවසුවේ, 30 දෙනෙකුට තුවාල සිදුව ඇති බවයි. ======================================================================================================= COLOMBO (News 1st) - කොළඹ සිට අධ්‍යාපන චාරිකාවක ගිය කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ පාසල් දරුවන් පිරිසක් රැගත් බස් රථයක් නුවරඑළිය රඳැල්ල කෙටි මාර්ගයේදී ප්‍රපාතයකට පෙරළී තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා පවසන්නේ, වෑන් රථයක ගැටීමෙන් පසුව බස් රථය ප්‍රපාතයට පෙරළී ඇති බවයි. අනතුරින් තුවාල ලැබූ පිරිස් මේ වනවිට නුවරඑළිය රෝහලට ඇතුළත් කරමින් ඇතැයි ඔහු වැඩිදුරටත් පැවසීය.
2023-01-20T12:19:05.000Z
නිල සංචාරය නිම කරමින් ඉන්දීය විදේශ ඇමති දිවයිනෙන් පිටව යයි
ඉන්දීය විදේශ ඇමති දිවයිනෙන් පිටව යයි
COLOMBO (News 1st) - නිල සංචාරය නිම කරමින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ. ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා අද (20) පෙරවරුවේ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ද හමුවිය. අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළේ, “ද්වීපාර්ශ්වික සබඳතා, ඒකාබද්ධ ව්‍යාපෘති සහ ශ්‍රී ලංකාවට ලබාදෙන ඉන්දියානු සහය” පිළිබඳව එහිදී අවධානය යොමු වූ බවයි. ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර යෝජිත විදුලි ජාල සම්බන්ධතාව පිළිබඳව ද මෙහිදී අදහස් හුවමාරු වී තිබේ. අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය සඳහන් කළේ, පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ ආයෝජන සිදුකරන ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මෙහිදී ඉල්ලා සිටි බවයි. ‍ සුළං සහ හිරු රශ්මිය බහුලව පවතින රටක් බැවින් එවැනි පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සඳහා විශාල හැකියාවක් ඇතැයි මෙහිදී ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ජයශංකර් මහතා ප්‍රකාශ කර තිබේ. ඔහු අග්‍රාමාත්‍යවරයාට දැනුම්දී ඇත්තේ, කොළඹ සිට අවිස්සාවේල්ල දක්වා කැලණිවැලි දුම්රිය මාර්ගය වැඩිදියුණු කිරීම සඳහා ද රාජ්‍ය - පෞද්ගලික හවුල්කාරිත්වක් ලෙස යෝජිත ව්‍යාපෘතිය සම්බන්ධයෙන් සළකා බැලීමට සූදානම් බවයි. මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා අතර හමුවක් ද අද කොළඹදී සිදු විය. විපක්ෂ නායක කාර්යාලය නිවේදනය කළේ, එහිදී ද්වීපාර්ශවික වශයෙන් වැදගත් වන කරුණු රැසක් පිළිබඳව සාකච්ඡා කළ බවයි. ශ්‍රී ලංකාවේ සමස්ත ජනතාවගේ සුබ සිද්ධිය උදෙසා ඉන්දීය රජයේ සහයෝගය අඛණ්ඩව ලබා දෙන ලෙස විපක්ෂ නායකවරයා එහිදී ඉන්දීය විදේශ අමාත්‍යවරයාගෙන් ඉල්ලා තිබේ. ඉන්දීය විදේශ අමාත්‍යවරයා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද හමුවිය. ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මහින්ද රාජපක්ෂ මහතා පැවසුවේ, අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු රැසක් එහිදී සාකච්ඡා කළ බවයි. මේ අතර දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන මන්ත්‍රීවරුන් ද අද ඉන්දීය විදේශ අමාත්‍යවරයා හමුවිය. ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ, මෙරටට ගෙන් වූ බස් රථ කිහිපයක් සංකේතාත්මකව ලබාදීමේ වැඩසටනක් ද ඉන්දීය විදේශ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් කොළඹදී සිදු කෙරුණි. ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ, මේ වසර තුළ බස් රථ 600 ක් මෙරටට ගෙන්වීමට නියමිතයි.
2023-01-20T11:11:58.000Z
බිත්තරවලට පාලන මිලක්
බිත්තරවලට පාලන මිලක්
COLOMBO (News 1st) - බිත්තර සඳහා පාලන මිලක් පනවන බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි. ඒ අනුව සුදු බිත්තර සඳහා රු. 44 ක පාලන මිලක් සහ රතු බිත්තර සඳහා රු. 46 ක පාලන මිලක් පනවා ඇත.
2023-01-20T10:39:26.000Z
කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 9 ක ජල කප්පාදුවක්
කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 9 ක ජල කප්පාදුවක්
COLOMBO (News 1st) - කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට (21) උදෑසන 11.00 සිට රාත්‍රී 8.00 දක්වා පැය 9ක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. ඒ අනුව කොළඹ, දෙහිවල ගල්කිස්ස, කෝට්ටේ, කඩුවෙල, මහරගම, බොරලැස්ගමුව, කොළොන්නාව, කොටිකාවත්ත, මුල්ලේරියාව, රත්මලාන සහ කටුබැද්ද යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇති. විදුලිබල මණ්ඩලය විසින් සිදුකරනු ලබන අත්‍යවශ්‍ය නවීකරණ කටයුත්තක් හේතුවෙන් අඹතලේ ජල පොම්පාගාරය වෙත සපයන විදුලිය විසන්ධිවීම මීට හේතු වී තිබේ.
2023-01-20T09:43:13.000Z
හැකි සෑම අයුරකින්ම ශ්‍රී ලංකාවට සහය වීමට සූදානම්... ඉන්දිය විදේශ ඇමති අගමැතිට කියයි
ශ්‍රී ලංකාවට සහය වීමට ඉන්දියාව සූදානම්
COLOMBO ( News 1st ) - ශ්‍රී ලංකාවේ ඉදිරි කටයුතු සාර්ථක කරගැනීම සඳහා හැකි සෑම ආකාරයකින්ම ශ්‍රී ලංකාවට සහය වන බවට ඉන්දිය විදේශ අමාත්‍ය ජයශංකර් මහතා පවසයි. අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය පැවසුවේ, ද්වීපාර්ශ්වික සබඳතා, ඒකාබද්ධ ව්‍යාපෘති සහ ශ්‍රී ලංකාවට ලබාදෙන ඉන්දියානු සහාය' පිළිබඳ අරලියගහ මන්දිරයේදී අද පැවති සාකච්ඡාවේදී ඉන්දිය විදේශ අමාත්‍යවරයා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මේ බව සඳහන් කළ බවයි. ශ්‍රී ලංකාව මෙම ආර්ථික අර්බුදයෙන් ඉක්මනින් ගොඩඑනු ඇතැයි, ඉන්දියාව විශ්වාස කරන බව ද ඉන්දීය විදේශ අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පවසා ඇත. පසුගිය වසරේ ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය ආරම්භ වූ අවස්ථාවේදී ණය ප්‍රතිසංවිධානය කිරීම සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 4 ක් ලබාදීම සහ විශ්වාසවන්ත සහ සමීප මිතුරෙකු ලෙස අඛණ්ඩව ලබා දෙන ආධාර සහ සහයෝගය පිළිබඳවත් ඉන්දියාවට ස්තුතිය පළ කර ඇති අග්‍රාමාත්‍යවරයා යෝජිත ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් (IMF) පැකේජයට ඉන්දියාව පූර්ණ සහයෝගය ලබා දෙන බවට ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට සහතික වීම පිළිබඳව ද ඉන්දියාවට සිය ස්තූතිය පළ කර ඇත. ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර යෝජිත විදුලි ජාල සම්බන්ධතාව පිළිබඳව අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා පවසා ඇත්තේ, පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ ඉන්දීය ආයෝජන සිදුකරන ලෙසයි. පොදු ප්‍රවාහනය වැඩිදියුණු කිරීම සඳහා වූ ඉන්දීය ණය ක්‍රමය යටතේ සහාය බලාපොරොත්තු වන බව මෙම සාකච්ඡාවට සහභාගී වූ ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසා ඇත. එහිදී ඉන්දීය අමාත්‍යවරයා පවසා ඇත්තේ, කොළඹ සිට අවිස්සාවේල්ල දක්වා කැලණිවැලි දුම්රිය මාර්ගය වැඩිදියුණු කිරීම සඳහා රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වය යටතේ යෝජිත හවුලකාරිත්ව ව්‍යාපෘතිය පිළිබඳව සලකා බැලීමට තමන් සුදානම් බවයි. අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය පැවසුවේ, මෙම අවස්ථාවට අමාත්‍යවරුන් වන සුසිල් ප්‍රේමජයන්ත, බන්දුල ගුණවර්ධන, රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය, පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, අතිරේක ලේකම් මහින්ද ගුණරත්න යන මහත්වරුන් ද එක්ව සිටි බවයි.
2023-01-20T08:10:07.000Z
අහංගම තරුණයාගේ ඝාතනයට සැකපිට කාන්තාවක් අත්අඩංගුවට
අහංගම තරුණයාගේ ඝාතනයට කාන්තාවක් අත්අඩංගුවට
COLOMBO ( News 1st ) - අහංගම, මිදිගම ප්‍රදේශයේදි තියුණු ආයුධවලින් පහරදී තරුණයෙකු ඝාතනය කිරිමට සම්බන්ධ කාන්තාවක අත්අඩංගුවට ගෙන තිබේ. සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇත්තේ, පොලිස් විශේෂකාර්ය බලකායේ කණ්ඩායමක් විසිනි. පොලිස් විශේෂකාර්ය බලකාය සඳහන් කළේ, අදාළ කාන්තාව දුරකතන ඇමතුමක් ලබාදී තරුණයා මිදිගම ප්‍රදේශයට ගෙන්වා ගෙන ඝාතනය සිදු කර ඇති බවයි. ඝාතනය කෙරුණු තරුණයා අදාළ කාන්තාවත් සමග ප්‍රේම සම්බන්ධතාවක් පවත්වා ඇති බවට ද තොරතුරු අනාවරණ වී තිබේ. මහරගම ප්‍රදේශයේ සැඟව සිටියදි හෙරෝයින් ගෑම් 15 ක් සමග එම කාන්තාව අත්අඩංගුවට ගෙන මාතර තිහගොඩ පොලිසියට භාර දුන් බව පොලිසිය පැවසී ය. පසුගිය 11 වැනිදා එලෙස ඝාතනයට ලක්වුණේ වයස අවුරුදු 24 ක තරුණයෙකි.
2023-01-20T08:04:26.000Z
පුංචි ඡන්දයේ ඇප භාර ගැනීම දහවල් 12න් අවසන්...නාමයෝජනා භාර ගැනීම හෙටින් අවසන්
පුංචි ඡන්දයට ඇප භාර ගැනීම දහවල් 12න් අවසන්...
COLOMBO ( News 1st ) - පළාත් පාලන මැතිවරණයේ ඇප මුදල් භාර ගැනීම අද දහවල් 12 ට අවසන් විය. මැතිවරණ කොමිසම පැවසුවේ, මේ වන විට දේශපාලන පක්ෂ මෙන්ම ස්වාධීන කණ්ඩායම් රැසක් ඇප මුදල් තැන්පත් කර ඇති බවයි. මේ අතර පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ නාම යෝජනා භාර ගැනීමද හෙට දහවල් 12 න් අවසන් වේ. පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම ලබන 23 වැනිදා අවසන් වන බවද මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කළේ ය. අදත් දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් කිහිපයක් ඇප මුදල් තැන්පත් කිරීම හා නාමයෝජනා භාර දීම සිදු කළේ ය. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ කළුතර දිස්ත්‍රීක්කයේ පළාත් පාලන ආයනත සඳහා නාම යෝජනා භාර දීම ද අද සිදු කළේ ය. ඒ අනුව කළුතර දිස්ත්‍රීක්කයේ නගර සභා දෙකක් සහ ප්‍රාදේශීය සභා 6 වශයෙන් පළාත් පාලන ආයතන 08 කට නාම යෝජනා භාර දුන්නේ ය. මේ අවස්ථාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ.