date
stringlengths
24
24
title
stringlengths
0
176
short_title
stringlengths
10
69
content
stringlengths
0
19.7k
2023-01-11T11:01:33.000Z
මැතිවරණයට රජය මැදිහත්වීමට දරන උත්සාහය ගැන නීතිඥ සංගම‌ය කනස්සල්ලෙන්
නීතිඥ සංගමයෙන් නිවේදනයක්
COLOMBO ( News 1st ) - පළාත් පාලන මැතිවරණයට රජය මැදිහත්වීමට දරන උත්සාහය පිළිබඳව දැඩි ලෙස කනස්සල්ලට පත්වන බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය පෙන්වා දෙන්නේ පළාත් පාලන මැතිවරණයේ අපේක්ෂකයින්ගේ තැන්පතු භාර නොගැනීමට රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු , පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යාංශ ලේකම්වරයා ගත් තීරණය ගැන ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ දැඩි අවධානය යොමුව ඇති බවයි. මේ ආකාරයෙන් ජනතාවට තම නියෝජිතයින් පත් කර ගැනීමට ඇති ස්වෛරි අයිතිය ක්‍රියාත්මක කිරීම වැළැක්වීමට ගන්නා උත්සහයන් , බාධා කිරීම් මෙරට නීතියේ ආධිපත්‍යට හා ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහිව බලවත් ප්‍රහාරයක් බව නීතිඥ සංගමය පෙන්වා දෙයි. කොමිෂන් සභාවේ ස්වාධීන කාර්යයන්ට හා ජනතාවගේ ඡන්ද බලය ක්‍රියාත්මක කිරීමට බාධාවන කිසිදු පියවරක් ගැනීමෙන් ජනාධිපතිවරයා හා රජය වැළකි සිටිය යුතු බව ද ශ්‍රී ලංකා නීතිඥ සංගමය අවධාරණය කරයි.
2023-01-11T10:39:04.000Z
පේරු ජනපතිනිය,අගමැතිනිය ඇතුළු සිව් දෙනෙකුට ජන සංහාර චෝදනා
පේරු ජනපතිනියට ජන සංහාර චෝදනා
COLOMBO ( News 1st ) - පේරු රාජ්‍යයේ ජනාධිපතිවරිය, අග්‍රාමාත්‍යවරයා ඇතුළු රාජ්‍ය බලධාරීන් සිව් දෙනෙකුට එරෙහිව ජන සංහාර චෝදනා එල්ල වී තිබේ. ඒ ඊයේ (10) ආරක්ෂක අංශ සහ විරෝධතාකරුවන් අතර ඇතිවූ ගැටුම්වලින් පුද්ගලයින් 18 දෙනෙකු මිය යාමත් සමග ය. මේ හේතුවෙන් එරට නීති පද්ධතිය මගින් මෙම රාජ්‍ය බලධාරීන් සිව් දෙනාට එරෙහිව විමර්ශන ආරම්භ කර ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. ඊයේ (10) විරෝධතාකරුවන් හූලියාකා නගරයේ ගුවන්තොටුපොළට අනවසරයෙන් ඇතුළුවීමට උත්සහ කිරීමේදී ගැටුම් උත්සන්න වී තිබේ. එහිදී රජය විසින් සිය ආරක්ෂක අංශ සිදුකළ ප්‍රහාර සාධාරණීකරණය කර තිබුණ ද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ කාර්යාලය පවසා ඇත්තේ මේ පිළිබඳව අපක්ෂපාතී පරීක්ෂණයක් සිදු කළ යුතු බවයි.
2023-01-11T10:31:18.000Z
පොදු රාජ්‍ය මණ්ඩලයීය පාර්ලිමේන්තු සංගමයේ මහලේකම් දිවයිනට..
පොදු රද මඬුලු පාර්ලිමේන්තු සංගම් ප්‍රධානී දිවයිනට
COLOMBO ( News 1st ) - පොදු රාජ්‍ය මණ්ඩලයීය පාර්ලිමේන්තු සංගමයේ මහලේකම් ස්ටීවන් ට්විග් මහතා අද (11) අලුයම දිවයිනට පැමිණියේ ය. ඔහු කටුනායක ගුවන්තොටුපොළේ දී පිළිගනු ලැබුවේ, පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කාරක සභා සභාපති අංගජන් රාමනාදන් මහතා සහ සහකාර මහ‍ ලේකම් ටිකිරි ජයතිලක යන මහත්වරුන් විසිනි. පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ මහලේකම්වරයා ජනාධිපතිවරයා, අගමැතිවරයා, කතානායකවරයා, සභානායකවරයා, විපක්ෂ නායකවරයා, විදේශ අමාත්‍යවරයා ඇතුළු අමාත්‍යවරුන් මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ද හමුවීමට සැලසුම්කර තිබේ. මීට අමතරව ඔහු සංවිධාන නියෝජිතයින් ද හමුවී සාකච්ඡා කිරීමට නියමිත බව පාර්ලිමේන්තු සන්නිවේදන ඒකකය පැවසීය. ස්ටීවන් ට්විග් මහතා පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ 8 වැනි මහලේකම්වරයායි.
2023-01-11T09:44:41.000Z
හිටපු අගමැති මහින්දට රට යන්න අවසර ලැබෙයි
මහින්ද රාජපක්ෂට රට යන්න අවසරයි
COLOMBO (News 1st) - හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතාට ලබන 20 වැනිදා සිට 31 වෙනිදා දක්වා දින 10 ක කාලයකට විදේශගත වීමට කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (11) අවසර දුන්නේ ය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේ මහින්ද රාජපක්ෂ මහතාට කොන්දේසි දෙකකට යටත්ව විදේශගත වීමට නීතිපතිවරයා අනුමැතිය ලබාදී ඇති බවයි. මහින්ද රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, දේශබන්දු තෙන්නකෝන් ඇතුළු 17 දෙනෙකුට පසුගිය මැයි දොළොස් වෙනිදා කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විදෙස් ගමන් තහනමක් පනවනු ලැබී ය. ඒ , පසුගිය මැයි 9 වැනිදා අරලියගහ මන්දිරයට රැස්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ක්‍රියාකාරීන් ඇතුළු පිරිසක් ගාලුමෝදර අරගල භූමියේ රැස්ව සිටි අරගලකරුවන්ට පොලු මුගුරුවලින් අමානුෂීය ලෙස පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙනි.
2023-01-11T08:20:21.000Z
ලක්ෂ 200ක් අල්ලස් ගත් හිටපු ජනාධිපති කාර්යය මණ්ඩල ප්‍රධානීන්ගේ දඬුවම ශ්‍රේෂ්ඨාධිකරණය තහවුරු කරයි
කුසුම්දාස හා පියදාසගේ අභියාචානා ප්‍රතික්ෂේපයි
COLOMBO (News 1st) - හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී අචාර්ය කුසුම්දාස මහානාම හා රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පියදාස දිසානායක යන මහත්වරුන් විසින් ගොනුකර තිබු අභියාචානා පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය අද (11) ප්‍රතික්ෂේප කර තිබේ. ඔවුන් මෙම පෙත්සම ගොනු කළේ, රුපියල් ලක්ෂ 200ක අල්ලසක් ලබාගැනීම ඇතුළු අධිචෝදනා 24 කට වරදකරු කර තමන්ට පළමු ස්ථිර ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නියම කළ බරපතළ වැඩ සහිත සිරදඬුවම් ඇතුළු දණ්ඩන නියෝගයන් අහෝසිකර තමන් නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලමිනි. පෙත්සම ප්‍රතික්ෂේප කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේ, මහාධිකරණය පළමු ස්ථිර ත්‍රිපුද්ගල මාහාධිකරණය එම විත්තිකරුවන් දෙදෙනා ට ලබාදී තිබු දඬුවම් නියෝගයන් ස්ථිර කර ක්‍රියාත්මක කිරීමටයි. කන්තලේ සීනි සමාගම සතුව තිබු ගොඩැනැගිලි සහ යකඩ පවරාදීමට අනුමැතිය ලබාදීම සඳහා 2018 වර්ෂයේ පෙබරවාරි 27 වැනි දා කොළඹ ටාජ්සමුද්‍රා හෝටල් රථගාලේදී ශ්‍රී ලංකා සුගර් පෞද්ගලික සමාගමේ ප්‍රධානීයාගෙන් එම අල්ලස ලබාගත් අවස්ථාවේදී අල්ලස් හෝ දුෂණ විමර්ෂණ කොමිෂන් සභාවෙන් එම විත්තිකරුවන් දෙදෙනාව අත්අඩංගුවට ගෙන තිබුණි. ඔවුනට එරෙහිව අල්ලස් හෝ දුෂණ විමර්ෂණ කොමිෂණ් සභාව විසින් පවරා තිබු නඩුව විභාග කළ සම්පත් අබේකෝන්, සම්පත් විජේරත්න හා චම්පා ජානකි රාජරත්න යන පළමු ස්ථිර ත්‍රීපුද්ගල විනිසරුමඩුල්ල පළමු විත්තිකාර කුසුම්දාස මහානාම මහතාට බරපතළ වැඩ සහිත වසර 20 ක සිරදඩුවම් හා රුපියල් 65000 ක දඩයක් ද අල්ලස් ලෙස ලබාගත් මුදලේ වටිනාකම වන රුපියල් කෝටි දෙකක වන්දිය රජයට ගෙවන ලෙසට ද නියම කර තිබුණි. එම නඩුවේ දෙවන විත්තිකාර රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පියදාස දිසානායක මහතාට බරපතළ වැඩ සහිත වසර 12 ක සිරදඬුවම් හා රුපියල් 65,000 ක දඩයක් ගෙවීමට ද නියම කොට තිබුණි. එම දණ්ඩන නියෝගයන්වලට එරෙහිව ඔවුන් විසින් ගොනුකර තිබු අභියාචානා පෙත්සම සම්බන්ධ විභාගය පිළිබඳව විභාගය අවසන් කිරීමෙන් අනතුරුව අද දින විජිත් මළල්ගොඩ, පි. පද්මන් සූරසේන, ඒ.ටි.බි දෙහිදෙණිය, එස් තුරෙයිරාජා හා යසන්ත කෝදාගොඩ යන පංචපුද්ගල විනිසුරුමඩුල්ල විසින් එම තීන්දුව අදි දින ලබාදෙනු ලැබීය. එහිදී විනිසුරු මඩුල්ල විශේෂයෙන් විවෘත අධිකරණය හමුවේදී පෙන්වා දුන්නේ, රාජ්‍ය සේවයේ නිරත මෙවැනි නිලධාරීන් නිසා රාජ්‍ය සේවය පිරිහීමට ලක්වන බවයි. ඔවුන් රාජ්‍ය සේවයේ ඔවුන් රාජ්‍ය සේවයේ ඉහළ තනතුරුවලට පත්වන පුද්ගලයින් ඉතා යහපත් සෙසු රාජ්‍ය නිලධාරීන්ට පුර්වාදර්ශයක් ලබාදිය හැකි නිර්දෝශී හා අවංක ගුණගරුක සහ දුෂණයෙන් තොර නිලධාරීන් විය යුතු බව එහිදී විවෘත අධිකරණය හමුවේදී විනිසුරුමඩුල්ල පෙන්වා දුන්නේ ය. නීතිපතිවරයා වෙනුවෙන් නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා පැමිණිල්ල මෙහෙයවනු ලැබීය.
2023-01-11T08:05:14.000Z
ජාතික රූපවාහිනියට බලහත්කාරයෙන් ඇතුළු වූ තවත් සැකකරුවෙක් අත්අඩංගුවට
රූපවාහිනියට බලෙන් ඇතුළු වූ තවත් අයෙක් අත්අඩංගුවට
COLOMBO (News 1st) - ජාතික රූපවාහිනියට බලහත්කාරයෙන් ඇතුළු වී එහි විකාශන කටයුතු නැවැත්වීමට උත්සාහ කළ සිද්ධියේ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, කුරුඳුවත්ත පොලීසිය කළ වැටලීමකිනි. අත්අඩංගුවට පත්ව ඇත්තේ 44 හැවිරිදි මහනුවර ජලාශය පාර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් ය. සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර සැකකරුවන් 5 ක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇති බව පොලීසිය පැවසීය.
2023-01-11T06:04:16.000Z
ලෙල්ලමේ බෝට්ටුවලට ගිනි තැබු සැකකරුවන් සොයා පොලිස් විමර්ශන
බෝට්ටු ගිනි තැබීම: සැකකරුවන් සොයා විමර්ශන
COLOMBO (News 1st) - කොළඹ, මෝදර ලෙල්ලමේ නවතා තිබූ ධීවර බෝට්ටු 7 විනාශ වී ඇත්තේ කිසියම් පිරිසක් ගිනි තැබීමෙන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දුව මහතා පවසයි. ඔහු සඳහන් කළේ, ගිනි තැබීමට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ආරම්භ කර ඇති බවය. අද අලුයම 1.30 ට පමණ මෙම ගිනි තැබීම සිදුව ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය. ගින්න මැඩ පැවැත්වූයේ, කොළඹ මහ නගර සභාවේ ගිනි නිවීමේ ඒකකය මැදිහත්වයි.
2023-01-11T03:25:41.000Z
පමා වූ විශ්‍රාම වැටුප අද එයි ද?
පමා වූ විශ්‍රාම වැටුප අද එයි ද?
COLOMBO (News 1st) - මේ මාසයේ විශ්‍රාම වැටුප් ගෙවීමට අදාළ මුදල් අද බැංකු ගිණුම් වෙත මුදා හරින බව මුදල් අමාත්‍යංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා පවසයි. ඔහු පැවසුවේ, භාණ්ඩාගාරයේ මූල්‍ය තත්ත්වය හේතුවෙන් මුදල් බැංකු වෙත මුදා හැරීම ප්‍රමාද වූ බවයි. විශ්‍රාම වැටුප් සඳහා මාසිකව රුපියල් බිලියන 26 ක් පමණ වැයවන බව ද ලේකම්වරයා ප්‍රකාශ කළේ ය. විශ්‍රාම වැටුප් ගෙවීම සඳහා ඊයේ ඇතැම් බැංකු වෙත මුදල් නොලැබීම හේතුවෙන් විශ්‍රාමිකයෝ රැසක් දැඩි පීඩාවට පත්වූහ. මේ අතර මුදල් අමාත්‍යංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා පැවසුවේ, රාජ්‍ය සේවක වැටුප් ගෙවීමට හා සමෘද්ධි ඇතුළු රජයේ සහනාධාර සඳහා අවශ්‍ය මුදල් ද නිශ්චිත දිනවල නිකුත් කිරීමට හැකි සෑම උත්සාහයක් ම ගන්නා බවයි. මේ අතර මුදල් රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, රාජ්‍ය සේවක වැටුප් හෝ සමෘද්ධි ඇතුළු සුබසාධන දීමනා ගෙවීම සම්බන්ධයෙන් අනියත බියක් ඇති කරගත යුතු නැති බවයි.
2023-01-11T02:37:12.000Z
හොඳ ඉනිමක් ක්‍රීඩා කරන්න පුළුවන් වුණේ, පිතිකරුවෙක් විදියට මූලික පියවර සාර්ථකව අනුගමනය කළ නිසයි - දසුන් ශානක
අපේ පන්දු යවන්නන්ට හොඳින් පන්දු යැවීමට හැකිවුණේ නෑ
COLOMBO (News 1st) - ඉන්දියාවට එරෙහිව ශතකයක් රැස් කිරීමට හැකිවූයේ පිතිකරුවෙකු ලෙස මූලික පියවර සාර්ථකව අනුගමනය කළ නිසා බව ශ්‍රී ලංකා නායක දසුන් ශානක පවසයි. දසුන් ශානක මේ බව පැවුසවේ, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ගුවහාටිහීදී ඊයේ (10) පැවැති එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් පසු මාධ්‍යට අදහස් දක්වමිනි. "ඉන්දීය පිතිකරුවන් හොඳ ආරම්භයක් එක්ක හොඳ තරගයක් ලබා දුන්නා. අපේ පන්දු යවන්නන්ට ඔවුන්ට හොඳින් පන්දු යැවීමට හැකිවුණේ නැහැ. නමුත් ඉන්දීය පන්දු යවන්නන් ස්වින්ග් එකත් එක්ක හොඳින් පන්දු යැව්වා. අපේ පන්දු යවන්නන්ට සැලසුම් තිබුණා. නමුත් ඒවා සාර්ථක කරගන්න බැරිවුණා. මම පිතිකරුවෙක් විදියට මූලික පියවර සාර්ථකව අනුගමනය කළා. ඒ නිසා තමයි හොඳ ඉනිමක් ක්‍රීඩා කරන්න පුළුවන් වුණේ." ඊයේ තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 373ක් රැස් කළේ ය. විරාත් කෝලි සිය 45 වැනි ශතකය ලබා ගනිමින් රැස් කළ ලකුණු සංඛ්‍යාව 113කි. ශ්‍රී ලංකා පිළිතුරු ඉනිමේ නවවැනි කඩුල්ලට නොබිදුණු ලකුණු 100ක සබඳතාවක් ගොඩනැගීමට නායක දසුන් ශානක සහ කසුන් රාජිත සමත් විය. එක්දින තරගයක නවවැනි කඩුල්ල වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දෙදෙනකු ගොඩනැගූ දෙවැනි ඉහළම සබඳතාවය ද එයයි. දසුන් ශානක ලකුණු 98ක් රැස් කරගෙන සිටියදී ඉන්දීය පන්දු යවන ක්‍රීඩක මොහොමඩ් ෂාමි ඔහුව මෑන්කාඩ් ක්‍රමයට දවා ගැනීමට උත්සහ කළේ ය. නමුත් ඉන්දීය නායක රෝහිත් ශර්මා එම දවාගැනීම ඉල්ලා අස් කරගනිමින් දසුන්ට කඩුල්ලේ රැඳී සිටීමට අවස්ථාව ලබා දුන්නේ ක්‍රීඩාවේ මහත්මා ගුණය ආරක්ෂාකර ගනිමිනි. ඒ අනුව නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ දසුන් ශානක ඊයේ රැස් කළේ සිය දෙවැනි එක්දින ශතකයයි. ඔහු නොදැවී රැස් කළ ලකුණු 108ට හතරේ පහර 12ක් සහ හයේ පහර 3ක් ඇතුළත් ය. තරගයේ ජයග්‍රහණය සම්පූර්ණයෙන්ම ඉන්දීය කණ්ඩායමට හිමිවී තිබුණ ද දසුන් ශානක ඉනිමේ අවසන් පන්දුවත් දැවැන්ත හයේ පහරක් බවට පත් කරමින් ශ්‍රී ලංකා ලකුණු පුවරුව ගෞරවාන්විත ලකුණු 306ක් දක්වා ඉහළට ගෙන ගියේ ය. මේ දිනවල ඉන්දීය මාධ්‍ය සහ ක්‍රීඩා ලෝලීන් ශ්‍රී ලංකා නායක දසුන් ශානක හඳුන්වන්නේ 'නිගම්බු නේලර්' යන නාමයෙනි.
2023-01-11T02:26:59.000Z
බ්‍රසීල මහජන ආරක්ෂක ප්‍රධානියා අත්අඩංගුවට ගන්නැයි, අධිකරණයෙන් නියෝග..
බ්‍රසීලයේ ඇන්ඩර්සන් ටොරස් අත්අඩංගුවට ගැනීමට නියෝග
COLOMBO (News 1st) - බ්‍රසීලයේ හිටපු මහජන ආරක්ෂක ප්‍රධානී, ඇන්ඩර්සන් ටොරස් අත්අඩංගුවට ගන්නා ලෙස එරට අධිකරණ නියෝග කර තිබේ. ඒ පසුගිය ඉරිදා හිටපු ජනාධිපති ජෙයාර් බෝල්සොනාරෝගේ මැතිවරණ පරාජය ප්‍රතික්ෂේප කරමින් එරට ජනාධිපති මන්දිරය සහ ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු ගොඩනැගිලි කිහිපයකට විරෝධතාකරුවන් කඩා වැදීමේ සිදුවීම සම්බන්ධයෙනි. ඇන්ඩර්සන් ටොරස්, ජෙයාර් බෝල්සොනාරෝගේ රජයේ අධිකරණ අමාත්‍යවරයා ලෙස ද කටයුතු කළේ ය. පසුව ඔහු ජනාධිපති ලූලා ද සිල්වාගේ මහජන ආරක්ෂක ප්‍රධානී ලෙස පත්විය. එරට බලධාරීන් චෝදනා කළේ, ඇන්ඩර්සන් ටොරස් සිතා මතා මෙම කලහකාරී තත්ත්වය ඇතිවීමට ඉඩ දුන් බවයි. නමුත් ඔහුට එරෙහි චෝදනා තවමත් නිශ්චිත වශයෙන් දක්වා නොමැත. සිද්ධිය වූ අවස්ථාවේ ඇන්ඩර්සන් ටොරස් සිය පවුලේ සාමාජිකයින් සමග අමෙරිකාවේ නිවාඩුවකට ගොස් සිටි බව වාර්තා වේ. සිදුවීමෙන් අනතුරුව ඔහුව මහජන ආරක්ෂක ප්‍රධානී ධුරයෙන් ඉවත් කර ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් වේ. මීට අමතරව එරට මිලිටරි පොලිසියේ, හිටපු අණදෙන නිලධාරියා ඇතුළු විරෝධතාවයට සම්බන්ධ පුද්ගලයින් 1500ක් පමණ අත්අඩංගුවට ගෙන තිබේ.
2023-01-11T02:19:41.000Z
පොළොන්නරුව ඓතිහාසික කවුඩාගල ආරණ්‍ය සේනාසනයේ ඉපැරණි දාගැබක කළ කැණීමකින් ශිලාමය කරඬු 4 ක් හමුවේ..
දාගැබක කළ කැණීමකින් ශිලාමය කරඬු 4 ක් හමුවේ..
COLOMBO (News 1st) - පොළොන්නරුව ඓතිහාසික කවුඩාගල ආරණ්‍ය සේනාසනයේ ඉපැරණි දාගැබක කළ කැණීමකින් ශිලාමය කරඬු 4 ක් හමුවී තිබේ. පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ජ්‍යේෂ්ඨ මහාචාර්ය අනුර මනතුංග මහතා පැවසුවේ, එම කරඬු මේ වනවිට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ තැන්පත් කර ඇති බවයි. ලබන 17 වැනිදා එම කරඬු විවෘත කරන බව ද ඔහු ප්‍රකාශ කළේ ය. මේ අතර ඓතිහාසික කවුඩාගල ආරණ්‍ය සේනාසනාධිපති පූජ්‍ය දේවගල පංඥාසීහ හිමියන් සඳහන් කළේ, ක්‍රිස්තු පූර්ව 2-3ත් අතර සියවස්වලට අයත් බව කියන නටබුන් වූ එම දාගැබේ කැණීම්වලින් පළිඟු කරඬු රැසක් ද හමුවූ බවයි. මීට අමතරව පබළු වර්ග රැසක් ද හමුවූ බව උන්වහන්සේ ප්‍රකාශ කළහ.
2023-01-11T01:44:50.000Z
මෝදර ලෙල්ලමේ නවතා තිබූ ධීවර බෝට්ටු 7 ක ගින්නක්
මෝදර ලෙල්ලමේ නවතා තිබූ ධීවර බෝට්ටු 7 ක ගින්නක්
COLOMBO (News 1st) - කොළඹ මෝදර, ලෙල්ලමේ නවතා තිබූ ධීවර බෝට්ටු 7 ක් ගින්නකින් විනාශ වී තිබේ. පොලීසිය පැවසුවේ, අද අලුයම ගින්න හටගෙන ඇති බවයි. කොළඹ මහ නගර සභාවේ ගිනි නිවීමේ ඒකකය මැදිහත්ව ගින්න නිවා දමා තිබේ. ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ක්‍රියාත්මකයි.
2023-01-11T01:34:26.000Z
නිදහස් පක්ෂය ඇතුළු පාර්ශව කිහිපයක නව සන්ධානය අද එළිදකී
'නිදහස් ජනතා සන්ධානය' අද එළිදකී
COLOMBO (News 1st) - ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, නිදහස ජනතා සභාව සහ උත්තර ලංකා සභාගය එක්ව පළාත් පාලන මැතිවරණයේ දී තරග කිරීම සඳහා පිහිටුවන නව සන්ධානය අද (11) එළි දැක්වේ. ඒ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදීයි. එම සන්ධානය නිදහස් ජනතා සන්ධානය ලෙස නම් කර ඇත. නව සන්ධානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීයෙකු සඳහන් කළේ, හෙලිකොප්ටරය ඡන්ද ලකුණෙන් ඉදිරි පළාත් පාලන මැතිවරණයට කණ්ඩායම් ඉදිරිපත් කරන බවයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ඩලස් අලහප්පෙරුම මහතාගේ ඇතුළු නිදහස ජනතා සභාව, විමල් වීරවංශ මහතා සභාපතීත්වය දරන උත්තර ලංකා සභාගය මෙන්ම අනුර ප්‍රියදර්ශන යාපා මන්ත්‍රීවරයාගේ නායකත්වයෙන් යුත් පිරිස ඇතුළු ආදී පක්ෂ නව සන්ධානය නියෝජනය කරනු ඇති. නව සන්ධානය නියෝජනය කරන පක්ෂවල සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 38 කට අධිකය.
2023-01-11T01:15:15.000Z
මැතිවරණයට අදාළව ඇප මුදල් භාර නොගන්නැයි දිස්ත්‍රික් ලේකම්වරුන්ට කළ නියෝගය යළි කැඳවයි
ඇප මුදල් භාර නොගන්නැයි කළ නියෝගය යළි කැඳවයි
COLOMBO (News 1st) - පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව අපේක්ෂක ඇප මුදල් භාර ගැනීමෙන් වළකින්නැයි සියලු දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත තමන් සිදු කළ නියෝගය ආපසු කැඳවූ බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න මහතා පවසයි. නිව්ස්ෆස්ට් කළ විමසීමකදී ඔහු පැවසුවේ, අදාළ නියෝගයේ පවතින තාක්ෂණික දෝෂයක් හේතුවෙන් එය ආපසු කැඳවූ බවයි. රාජ්‍ය පරිපාලන ලේකම්වරයා ඊයේ (10) අදාළ නියෝගය නිකුත් කළේ ය. කෙසේ වෙතත් ඊයේ දිනයේ මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීවරුන් නියෝග කළේ, ඇප මුදල් භාර ගැනීම සිදු කළ යුතු බවයි. පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥා පනතෙන් මැතිවරණ කොමිෂන් සභාව වෙත පැවරී ඇති බලතල අනුව දිස්ත්‍රික් ලේකම්වරුන් එක් එක් දිස්ත්‍රික්කයේ තේරීම් භාර නිලධාරීවරයා ලෙස පත්කර ඇති බැවින් අදාළ ඇප මුදල් භාර ගත යුතු බව එම උපදෙස් නිකුත් කරමින් මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා පැවසීය. මේ අතර මැතිවරණ කොමිෂන් සභාව ද අද (11) පෙරවරුවේ රැස්වන අතර එහිදී මේ සම්බන්ධයෙන් ඊයේ ඇති වූ තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීමට නියමිතය.
2023-01-11T01:02:54.000Z
පක්ෂ ලේකම්වරු අද මැතිවරණ කොමිසමට කැඳවයි
පක්ෂ ලේකම්වරු අද මැතිවරණ කොමිසමට කැඳවයි
COLOMBO (News 1st) - ලියාපදිංචි දේශපාලන පක්ෂ ලේකම්වරුන් අද (11) මැතිවරණ කොමිසමට කැඳවා තිබේ. ඒ, 2023 පළාත් පාලන මැතිවරණයේ ඉදිරි කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහායි. අද පෙරවරුවේ පැවැත්වෙන මෙම සාකච්ඡාවට මැතිවරණ නිරීක්ෂකයින් ද කැඳවා ඇත. මේ වනවිට මෙරට ලියාපදිංචි පක්ෂ සංඛ්‍යාව 86 කි.
2023-01-11T00:50:41.000Z
ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මේ මාසය තුළ නිකුත් කිරීමට සැලසුම් - විභාග දෙපාර්තමේන්තුව
ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මේ මාසය තුළ
COLOMBO (News 1st) - 5 වැනි ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මේ මාසය තුළ නිකුත් කිරීමට සැලසුම් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ, මේ වනවිට විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් අවසන් අදියරට ළඟා වී ඇති බවය. ඉදිරි දින දෙක තුළ එම කටයුතු අවසන් කිරීමට හැකි බව ද දෙපාර්තමේන්තුව පැවසීය. පසුගිය දෙසැම්බර් 18 වැනි දා පැවති ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි සිසුන් සංඛ්‍යාව 334,698 කි.
2023-01-11T00:17:58.000Z
ගෙවුණු දිනය උණුසුම් කළ පුවත්
ගෙවුණු දිනය උණුසුම් කළ පුවත්
1. මහින්ද රාජපක්ෂ, ගෝඨාභය ඇතුළු ලාංකිකයින් 4කට කැනඩාවෙන් සම්බාධක - හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, මාණ්ඩලික සැරයන් සුනිල් රත්නායක සහ ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි යන අයට සිය රටට ඇතුළු වීම වළක්වමින් කැනඩාව සම්බාධක පනවා තිබේ. 2. භාණ්ඩාගාරය දරුණු මුල්‍ය අර්බුදයක, ජනපති ඇමති මණ්ඩලයට දැනුම් දෙයි - මේ වනවිට භාණ්ඩාගාරය දරුණු මූල්‍ය අර්බුදයකට මුහුණ දී ඇතැයි ජනාධිපතිවරයා අමාත්‍ය මණ්ඩලය වෙත දැනුම්දුන් බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. 3. ඉන්දීය බිත්තර නිර්දේශ කළ නොහැකියි - සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව - භාණ්ඩාගාරය දරුණු මූල්‍ය අර්බුදයකට මුහුණ දී ඇතැයි ආණ්ඩුව පවසද්දී පිටරටින් බිත්තර ගෙන්වීම සඳහා මේ වනවිට තීරණය කර තිබේ. 4. දිනේශ් ශාෆ්ටර්ගේ අභිරහස් මරණය..මූලික මහේස්ත්‍රාත් පරීක්ෂණය දෙවන දිනටත් - අභිරහස් ලෙස මියගිය ප්‍රකට ව්‍යාපාරික දිනේෂ් ශාෆ්ටර් මහතාගේ මරණය සම්බන්ධයෙන් වූ මූලික මහේස්ත්‍රාත් පරික්ෂණය ඊයේ (10) දෙවන දිනටත් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවනු ලැබීය. 5. එජාපය සහ පොහොට්ටුව මැතිවරණයට එක්ව තරග කිරීමට තීරණය කරයි - ඉදිරි පළාත් පාලන මැතිවරණයේද එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ එක්ව තරග කිරිමට තීරණය කර තිබේ.
2023-01-10T17:20:30.000Z
මහින්ද රාජපක්ෂ, ගෝඨාභය ඇතුළු ලාංකිකයින් 4කට කැනඩාවෙන් සම්බාධක..
ගෝඨා මහින්ද ඇතුළු 4කට කැනඩාවෙන් සම්බාධක..
COLOMBO (News 1st) - හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, මාණ්ඩලික සැරයන් සුනිල් රත්නායක සහ ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි යන අයට සිය රටට ඇතුළු වීම වළක්වමින් කැනඩාව සම්බාධක පනවා තිබේ. එරට නිල රාජ්‍ය වෙබ් අඩවිය සඳහන් කළේ 1983 සිට 2009 වසර දක්වා පැවති සිවිල් යුද්ධයේදී සැලසුම් සහගතව මානව අයිතිවාසිකම් උල්ලංඝණය කිරීම හේතුවෙන් මෙම සම්බාධක පැනවීම සිදුකර ඇති බවයි. ඒ අනුව, කැනඩාවේ තිබෙන මෙම පුද්ගලයින්ට අයත් සියලුම වත්කම් තහනම් වන අතර ඔවුන්ට කවර ආකාරයක් යටතේ හෝ කැනඩාවට ඇතුළු වීමද තහනම් වනු ඇත. රොයිටර් පුවත් සේවය වාර්තා කළේ, පසුගිය දශක හතර තුළ, සන්නද්ධ ගැටුම්, ආර්ථික හා දේශපාලන අස්ථාවරත්වය සහ මානව හිමිකම් බරපතළ ලෙස උල්ලංඝණය කිරීම් හේතුවෙන් ශ්‍රී ලංකාවේ ජනතාව විශාල වශයෙන් පීඩාවට පත්ව ඇති බවත්, ජාත්‍යන්තර නීතිය උල්ලංඝණය කරන්නන්ට එරෙහිව අද කැනඩව දැඩි තීරණාත්මක ක්‍රියාමාර්ගයක් ගෙන ඇති බවත් මේ පිළිබඳව අදහස් දක්වමින් කැනේඩියානු විදේශ අමාත්‍ය මෙලනි ජොලි ප්‍රකාශ කළ බවයි.
2023-01-10T16:49:07.000Z
ශ්‍රී ලංකාවට එරෙහිව පළමු එක්දින තරගයේදී ඉන්දියාවට ලකුණු 67ක ජයක්..
ශ්‍රී ලංකාවට එරෙහිව ඉන්දියාවට ලකුණු 67ක ජයක්..
COLOMBO (News 1st) - ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහි පළමු එක්දින තරගය ඉන්දීය කණ්ඩායම අද(10) ලකුණු 67කින් ජයගැනීමට සමත් විය. කෙසේ නමුත් නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ දසුන් ශානක ශතකයක් රැස් කළේ ය. ගුවහාටිහිදී පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායමේ ආරම්භක කඩුල්ලට නායක රෝහිත් ශර්මා සමග ශුබිමන් ගිල් ලකුණු 143ක සබඳතාවක් එක් කළේ, ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට දැඩි පීඩනයක් එල්ල කරමිනි. ශුබ්මන් ගිල් ලකුණු 70ක් රැස් කළ අතර රෝහිත් ශර්මා ලකුණු 83කට දැවී ගියේ ඩිල්ශාන් මදුශංකගේ මංගල එක් දින කඩුල්ල ලෙසයි. විරාත් කෝලි 45 වැනි එක් දින ශතකය අද ලබා ගත්තේ ය. 374ක දැවැන්ත ඉලක්කයකින් පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් පෙළ කඩුලු 3 බිඳ වැටුනේ ලකුණු 64කදීයි. පැතුම් නිස්සංක ලකුණු 72ක් සහ ධනංජය ද සිල්වා ලකුණු 47ක් ලෙස රැස් කළහ. පිතිකරුවන් රැසක් අඩු ලකුණු සංඛ්‍යාවකට පිටියෙන් ඉවත් වෙද්දී හුදකලා සටනක නිරත වූ දසුන් ශානක අද දිනයේදී කසුන් රාජිත සමග 9 වැනි කඩුල්ලට ලකුණු 100ක නොබිඳුණු සබඳතාවක් ගොඩනැගුවේ ය. එක්දින තරගයක නවවැනි කඩුල්ල වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දෙදෙනකු ගොඩනැගූ දෙවැනි ඉහළම සබඳතාවයද එයයි. නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ දසුන් ශානක අද රැස් කළේ සිය දෙවැනි එක්දින ශතකයයි. ඔහු නොදැවී රැස් කළ ලකුණු 108ට හතරේ පහර 12ක් සහ හයේ පහර 3ක් ඇතුළත් විය. තරගයේ ජයග්‍රහණය සම්පූර්ණයෙන්ම ඉන්දීය කණ්ඩායමට හිමිවී තිබුණද දසුන් ශානක ඉනිමේ අවසන් පන්දුවත් දැවැන්ත හයේ පහරක් බවට පත් කරමින් ශ්‍රී ලංකා ලකුණු පුවරුව 306ක් දක්වා ඉහළට ගෙන ගියේ ය.
2023-01-10T14:00:52.000Z
භාණ්ඩාගාරය දරුණු මුල්‍ය අර්බුදයක, ජනපති ඇමති මණ්ඩලයට දැනුම් දෙයි..
"රාජ්‍ය සේවක වැටුප් ගැන බයවෙන්න එපා"
COLOMBO (News 1st) - මේ වනවිට භාණ්ඩාගාරය දරුණු මූල්‍ය අර්බුදයකට මුහුණ දී ඇතැයි ජනාධිපතිවරයා අමාත්‍ය මණ්ඩලය වෙත දැනුම්දුන් බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් බන්දුල ගුණවර්ධන මහතා අවධාරණය කළේ ජනවාරි සහ පෙබරවාරි මාසවල රාජ්‍ය සේවක වැටුප් ගෙවීම සඳහා දැඩි ගැටලුකාරී තත්ත්වයක් මතුව ඇති බවයි. සුබසාධන ගෙවීම් පිළිබඳව කැබිනට් ප්‍රකාශකවරයා එලෙස අදහස් පළ කළ ද රාජ්‍ය සේවක වැටුප් හෝ සමෘද්ධි ඇතුළු සුබසාධන දීමනා ගෙවීම සම්බන්ධයෙන් අනියත බියක් ඇති කරගත යුතු නැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි. නිවේදනයක් නිකුත් කරමින් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පවසන්නේ රජයේ ආදායම් වියදම් කළමනාකරණයේදී රාජ්‍ය සේවක වැටුප්, විශ්‍රාම වැටුප් සහ සුබසාධන දීමනා වෙනුවෙන් ප්‍රමුඛතාවය ලබාදෙන බවය. එමෙන්ම මේ වන විට රජයෙන් යම් යම් ව්‍යාපෘති වෙනුවෙන් ගෙවීමට ඇති බිල්පත් පියවීම සඳහා ක්‍රමවත් හා අදියරයන් වශයෙන් වැඩපිළිවෙළක සැකසීම පිළිබඳව අදාළ අමාත්‍යංශය සමග සාකච්ඡා සිදුකරමින් සිටින රාජ්‍ය අමාත්‍යවරයා අදාළ නිවේදනයෙන් පෙන්වා දෙයි. කෙසේ වෙතත් අද(10) පෙරවරුවේ විශ්‍රාම වැටුප් ලබා ගැනීමට පැමිණි විශ්‍රාමිකයින් දැඩි අපහසුතාවයට පත්විය. ඒ විශ්‍රාම වැටුප් ගෙවීම සඳහා බැර වන මුදල් ඇතැම් බැංකු සඳහා අද දහවල් වන තෙක් නොලැබීම හේතුවෙනි.
2023-01-10T13:13:46.000Z
ඉන්දීය බිත්තර නිර්දේශ කළ නොහැකියි - සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව
පිටරටින් බිත්තර ගෙන එයිද?
COLOMBO (News 1st) - භාණ්ඩාගාරය දරුණු මූල්‍ය අර්බුදයකට මුහුණ දී ඇතැයි ආණ්ඩුව පවසද්දී පිටරටින් බිත්තර ගෙන්වීම සඳහා මේ වනවිට තීරණය කර තිබේ. කුකුළු ගොවීන් සුරැකීමේ සංවිධාන එකුමුතුව අද(10) ප්‍රශ්න කළේ, ඡන්දයක් පැවැත්වීමට මුදල් නැති ආණ්ඩුවට බිත්තර ආනයනයට ඩොලර් තිබේද යන්නයි. මේ අතර අද උදෑසන ටී.වී. වන් නාලිකාවේ විකාශය වූ නැගිටිමු ශ්‍රී ලංකා වැඩසටහනට එක්වෙමින් සත්ත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය වෛද්‍ය හේමාලි කොතලාවල මහත්මිය අනාවරණය කළේ අසල්වැසි ඉන්දියාවේ පවතින කුරුළු උණ හේතුවෙන් එරටින් බිත්තර ආනයනය කිරීමට නොහැකි බවයි.
2023-01-10T12:33:21.000Z
දිනේශ් ශාෆ්ටර්ගේ අභිරහස් මරණය..මූලික මහේස්ත්‍ර පරීක්ෂණය දෙවන දිනටත්
දිනේෂ් ශාෆ්ටර්ගේ අභිරහස් මරණය..
COLOMBO (News 1st) - අභිරහස් ලෙස මියගිය ප්‍රකට ව්‍යාපාරික දිනේෂ් ශාෆ්ටර් මහතාගේ මරණය සම්බන්ධයෙන් වූ මූලික මහේස්ත්‍රාත් පරික්ෂණය අද(10) දෙවන දිනටත් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවනු ලැබීය. ඒ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මියගේ නිළ මැදිරියේදී ය. දිනේෂ් ශාෆ්ටර් මහතාගේ පවුලේ සාමාජිකයින්ගේ ඉල්ලීමක් හේතුවෙන් මීට පෙර අවස්ථාවේද සාක්ෂි සටහන් කර ගැණුනේ නිල මැදිරිය තුළ ය. මේ හේතුවෙන් එම කටයුතු වාර්තාකිරීමට මාධ්‍යවේදීන්ට අවස්ථාවක් ලැබුණේ නැත. කෙසේවෙතත් අද දිනයේ දිනේෂ් ශාෆ්ටර් මහතාගේ සොහොයුරකුගෙන් විනාඩි 45ක පමණ කාලයක් සාක්ෂි සටහන් කර ගැනිම සිදු කර ඇති බව අප වාර්තාකරු ප්‍රකාශ කළේ ය. වැඩිදුර සාක්ෂි විභාගය ලබන 13වැනිදා දක්වා කල්දැමීමට අතිරේක මහේස්ත්‍රාත්වරිය නියෝග කර තිබේ. ප්‍රකට ව්‍යාපාරික දිනේෂ් ශාෆ්ටර් මහතා බොරැල්ල පොදු සුසාන භූමිය තුළ ගෙල සිරවන අයුරින් සහ දෙඅත් බැඳ දමා තිබියදී සොයා ගැනුනේ පසුගිය මස 15 වැනිදා ය. ඔහුව එම අවස්ථාවේ කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණද දිවි ගලවා ගැනීමට හැකි වූයේ නැත. දිනේෂ් ශාෆ්ටර් මහතාගේ මරණය සිදුව මාසයකට ආසන්න කාලයක් ගතව තිබුණත්, තවමත් සැකකරුවෙක් හදුනා ගැනීමට නොහැකිව ඇති බව පොලිසිය ප්‍රකාශ කළේ ය.
2023-01-10T12:09:26.000Z
T20 ලෝක කුසලානයට ගිය කණ්ඩායමට මොකද වුණේ,වාර්තාව ඇමතිට
20-20 ලෝක කුසලාන තරගාවලියේ දී මොකද වුණේ ?
COLOMBO (News 1st) - 20යි 20 ලෝක කුසලාන සඳහා සහභාගි වූ, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සහභාගීත්වය සහ එයට අදාළ සිදුවීම් සම්බන්ධව සොයා බැලීම සඳහා පත්කළ විමර්ශන කමිටුවේ වාර්තාව අද (10) අමාත්‍යවරයාට භාර දී තිබේ. 2022.10.16 සිට 2022.11.13 වන දින දක්වා ඕස්ට්‍රේලියාවේ පැවැත් වූ 20 යි 20යි ලෝක ශූරතාව සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සහභාගීත්වය සහ මීට අදාළ සිදුවීම් සම්බන්ධව විමර්ශනය කිරීම ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් මෙම කමිටුව පත් කළේ ය. සාමාජිකයින් 5 දෙනෙකුගෙන් සමන්විත විමර්ශන කමිටුවේ ප්‍රධානීත්වය දැරුවේ ,විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධන මහත්මියයි. අදාළ විමර්ශන කමිටුව විසින් 20 යි 20යි ලෝක ශූරතාවය අතරතුරදී සිදුවූ සිදුවීම් සම්බන්ධයෙන් මාසයකට වැඩි කාලයක් විමර්ශන කටයුතු සිදු කළේ ය. අරමුදල් අවභාවිතය, සමාජ මාධ්‍යයේ බලපෑම, ආගමික නිකාය බලපෑම, ඇතුළු ප්‍රධාන කාරණා කිහිපයක් පිළිබඳව මෙම කමිටු වාර්තාවේ විශේෂයෙන් සඳහන් කර ඇති බව වාර්තා වේ.
2023-01-10T10:14:16.000Z
පුංචි ඡන්දෙට ස්වාධීන කණ්ඩායම් 10ක්, පක්ෂ 4ක් ඇප මුදල් තියයි
ස්වාධීන කණ්ඩායම් 10ක්, පක්ෂ 4ක් ඇප මුදල් තියයි
COLOMBO (News 1st) - ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා ස්වාධීන කණ්ඩායම් 10ක් සහ දේශපාලන පක්ෂ 4ක් ඇප මුදල් තැන්පත් කර තිබේ. මැතිවරණ කොමිසම පැවසුවේ, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ කොළඹ, කුරුණෑගල සහ පුත්තලම දිස්ත්‍රික්කයේ සියලුම් පලාත් පලාන ආයතන සඳහා ඇප මුදල් තැන්පත් කර ඇති බවයි. ජාතික ජන බලවේගය හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියලුම පලාත් පාලන ආයතන සඳහා මේ වන විට ඇප මුදල් තැන්පත් කර තිබේ. මැතිවරණ කොමිසම පැවසුවේ, මීට අමතරව ගම්පහ කොළඹ, ගාල්ල, බදුල්ල, අම්පාර, කුරුණෑගල ඇතුළු දිස්ත්‍රික්ක සඳහා ස්වාධීන කණ්ඩායම් 10 ක් ද මේ වන විට ඇප මුදල් තැන්පත් කර ඇති බවයි.
2023-01-10T09:41:02.000Z
රු. කෝටි 100 කට විකුණන්න හැදූ මැණික් ගල් ඔබ්බ වූ චෛත්‍යක්
මැණික් ගල් ඔබ්බ වූ චෛත්‍යක්
COLOMBO (News 1st) - රුපියල් කෝටි 100 කට අළෙවි කිරීමට සූදානම් කර තිබූ නිධානයකින් ගත් මැණික් ගල් ඔබ්බන ලද චෛත්‍යක් වේයන්ගොඩ ප්‍රදේශයේදී පොලිස් විශේෂකාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ. පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ, සිද්ධිය සම්බන්ධයෙන් කෝන්ගල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බවයි. වේයන්ගොඩ, යටගම ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී පොලිස් විශේෂකාර්ය බලකාය එම චෛත්‍ය සොයා ගෙන තිබේ.
2023-01-10T08:01:33.000Z
එජාපය සහ පොහොට්ටුව මැතිවරණයට එක්ව තරග කිරීමට තීරණය කරයි
එජාපයයි පොහොට්ටුවයි ඉදිරි ඡන්දෙට එකට එක්වෙයි
COLOMBO (News 1st) - ඉදිරි පළාත් පාලන මැතිවරණයේද එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ එක්ව තරග කිරිමට තීරණය කර තිබේ. මෙම තීරණය ගනූ ලැබුවේ, අද(10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවැති සාකච්ඡාවකින් අනතුරුවයි. ඉදිරි පළාත් පාලන මැතිවරණය ඉලක්ක කර ගනිමින් නව සන්ධානයක් බිහි කිරිමත්, පොදු ලකුණක් යටතේ තරග කිරිම ඇතුළු කරුණු පිළිබඳව පොදු එකඟතාවක් ඇති කර ගැනීම පිළිබඳවත් මෙම සාකච්ඡාවේදීයී අවධානය යොමුව තිබේ. මෙම රැස්වීම සඳහා තෝරාගත් දිස්ත්‍රික්ක 5ක සංවිධායකවරුන් ඇතුළු පිරිස් පැමිණ සිට ඇති අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහ එක්සත් ජාතික පක්ෂ නියෝජිතයෝ පිරිසක් ද පැමිණ සිටියහ.
2023-01-10T07:35:20.000Z
වී වගාව ආශ්‍රිත දිලිර රෝග පාලනයට වහාම පියවර ගන්නැයි, ඇමතිගෙන් උපදෙස්
කෘෂිකර්ම ඇමතිගෙන් නිලධාරීන්ට උපදෙසක්
COLOMBO (News 1st) - වී වගාව ආශ්‍රිතව පැතිරයමින් තිබෙන දිලිර රෝග පාලනයට වහාම පියවර ගන්නැයි, කෘෂිකර්ම අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් දී තිබේ. අමාත්‍යංශය සඳහන් ක‍ළේ , රෝග පාලනයට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ලබා දීමට රජය සූදානම් බවයි. දිස්ත්‍රික්ක හතරක පමණ වී වගාව ආශ්‍රිතව මෙ වන විට කහ පුල්ලි රෝගය, කීඩෑ උවදුර සහ වටපණු රෝගය ඇතුළු රෝග ව්‍යාප්තිය දක්නට ඇතැයි අමාත්‍යංශය සඳහන් කළේ ය. කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම් ගුණදාස සමරසිංහ මහතා පැවසුවේ, මේ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා කෘෂිකර්ම අමාත්‍යංශයේ විශේෂ නිලධාරීන් කණ්ඩායමක් අදාළ දිස්ත්‍රික්ක වෙත මේ වන විට පිටත් කර ඇති බවයි. රෝග පාලනය සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සහ නිර්දේශ කරනු ලබන කෘමි නාශක පිළිබඳවත් අදාළ කණ්ඩායම් ගොවි ජනතාව දැනුවත් කරනු ඇතැයි, ලේකම්වරයා පැවසී ය. මේ අතර වී වගාව ආශ්‍රිතව පැතිරී යන මෙම රෝග තත්ත්ව පාලනය සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ජා කිරීමට වහාම සියලු පාර්ශව කැඳවන්නැයි අමාත්‍යවරයා උපදෙස් දී තිබේ.
2023-01-10T07:05:15.000Z
සමාජ මාධ්‍ය ක්‍රියාකාරී සේපාල් අමරසිංහ යළි රිමාන්ඩ්
සේපාල් අමරසිංහ යළි රිමාන්ඩ්
COLOMBO (News 1st) - සමාජ මාධ්‍ය ක්‍රියාකාරී සේපාල් අමරසිංහ ලබන 17 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. සමාජ මාධ්‍ය ක්‍රියාකාරි සේපාල අමරසිංහ ලබන 17 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද නියෝග කළේ ය. ශ්‍රී දළඳා වහන්සේට සහ බුදු දහමට නිගරු වන ආකාරයෙන් ප්‍රකාශ කිරීමේ චෝදනාව යටතේ ඔහු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණය හමුවේ පෙන්වා දුන්නේ සැකකරු චේතනාන්විතව ශ්‍රී දළඳා වහන්සේට හෝ බුදු දහමට නිගරු වන ආකාරයෙන් එකී ප්‍රකාශ සිදු කර නොමැති බවයි. නීතිඥයින් සැකකරු වෙනුවෙන් කළ ඇප ඉල්ලීම සම්බන්ධයෙන් තීරණය ලබන 17 වැනිදා ලබාදෙන බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද ප්‍රකාශ කළේ ය. සේපාල් අමරසිංහ පසුගිය 05 වැනිදා පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් ගනු ලැබුවේ, සිය යූටියුබ් චැනලය හරහා දළඳා වහන්සේට අපහාසාත්මක ප්‍රකාශයක් සිදුකිරීමේ චෝදනාව මතයි.
2023-01-10T03:48:40.000Z
ශ්‍රී ලංකා - ඉන්දීය එක් දින ක්‍රිකට් තරගාවලිය අද ඇරඹේ
ශ්‍රී ලංකා - ඉන්දීය එක් දින තරගාවලිය අද ඇරඹේ
COLOMBO (News 1st) - ශ්‍රී ලංකාව සහ සත්කාරක ඉන්දීය කණ්ඩායම අතර එක් දින ක්‍රිකට් තරගාවලිය අද (10) ආරම්භ වේ. දෙරට අතර එක් දින තරගාවලියට තරග 3 ක් ඇතුළත් අතර පළමු තරගය ගුවහාටිහිදී අද පැවැත්වෙනු ඇත. පන්දුවාර 20යි 20 සංචිතයට ඇතුළත් නොවූ නිත්‍ය නායක රෝහිත් ශර්මා, විරාත් කෝලි, ලෝකේශ් රාහුල්, මොහොමඩ් ශාමි, ශ්‍රෙයාස් අයියර් වැනි ප්‍රබල ක්‍රීඩකයින් කිහිපදෙනෙක්ම ඉන්දීය එක්දින සංචිතයට ඇතුළත් වේ. දෙරට අතර මේ දක්වා පවත්වා ඇති එක් දින තරග 162න් ඉන්දියාව තරග 93ක් ජයගෙන ඇති අතර එක් තරගයක් ලකුණු සමවීමෙන් අවසන් විය. ශ්‍රී ලංකාව තරග 57ක් ජයගෙන ඇති අතර තරග 11ක් අවසන් වූයේ තීරණයකින් තොරවයි. මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් වරට සහභාගී වූ එක් දින තරග 10 න් තරග 6ක් ජය ගෙන සිටි. අද තරගය මෙරට වේලාවෙන් පස්වරු 1.30 ට ආරම්භ කිරීමට නියමිතය.
2023-01-10T03:11:19.000Z
ගංජත් එක්ක ඇල්ලූ මොනරාගල SSPගේ රියැදුරුගේ සේවය අත්හිටුවයි
මොනරාගල SSPගේ රියැදුරුගේ සේවය අත්හිටුවයි
COLOMBO (News 1st) - අත්අඩංගුවට ගත් මොනරාගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ රියැදුරුගේ සේවය අත්හිටුවා තිබේ. ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ, ගංජා සමග අත්අඩංගුවට ගත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ සේවය අත්හිටුවීමට අවශ්‍ය නිර්දේශ ප්‍රදේශය භාර නියෝජය පොලිස්පතිවරයා පොලිස්පතිවරයා වෙත යොමු කර ඇති බවයි. අත්අඩංගුවට ගැනුණු මොනරාගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා ඇතුළු 6 දෙනා ලබන 13 වැනි දා දක්වා රඳවා තබා විමර්ශනය කිරීමට අධිකරණයෙන් ඊයේ (09) අවසර හිමිවිය. ඒ, අදාළ සැකකරුවන් ඊයේ පස්වරුවේ මොනාරාගල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. නිදන් හාරන පිරිසක් පිළිබඳ පොලිස් විශේෂ කාර්ය බලකායට ලද තොරතුරක් අනුව පෙරේරා දහවල් ජීප් රථයක් නවතා කළ පරීක්ෂාවේදී එම ජීප් රථයේ සිටියදී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා, ඔහුගේ රියැදුරු සහ තවත් පුද්ගලයින් හතර දෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගනු ලැබිණ. නිදන් හෑරීම සඳහා පොළොව පරීක්ෂා කරන උපකරණයක් ද සියඹලාණ්ඩුව ප්‍රදේශයේ නිවසක සඟවා තිබියදී පොලිස් විශේෂකාර්ය බලකාය පසුව සොයා ගත්තේ ය. ඒ අනුව පොලිස් විශේෂකාර්ය බලකා නිලධාරීන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ නිල නිවසේ සිවිලිමේ සඟවා තිබු ගංජා පැළ තොගයක් ද නිවස පරීක්ෂා කිරීමේදී සොයා ගත් බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවසීය. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේ, ගංජා පැළ 650 ක් ඔවුන් සන්තකයේ තිබී සොයා ගත් බවයි. සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කර තිබේ. ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා ඇතුළු පිරිස මේ වනවිට රඳවා ඇත්තේ, පස්සර පොලිස්ථානයේයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ මුලිකත්වයෙන් කණ්ඩායමක් මේ වනවිටත් පරීක්ෂණ ආරම්භ කර ඇත.
2023-01-10T02:45:39.000Z
මාර්තු වන විට IMF ණය පහසුකම් ලබා ගැනීමට හැකිවෙයි - මුදල් රාජ්‍ය ඇමති
IMF ණය මාර්තු ලැබෙයි ද?
COLOMBO (News 1st) - මාර්තු මාසය වනවිට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ණය පහසුකම් ලබා ගැනීමට හැකි වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශේහාන් සේමසිංහ මහතා පවසයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ, ඒ තුළින් රටේ ආර්ථිකය යථා තත්ත්වයට පත්කිරීමට හැකි වනු ඇති බවයි.
2023-01-10T02:34:53.000Z
ඉන්දුනීසියාවේ ප්‍රබල භූ කම්පනයක්: ශ්‍රී ලංකාවට කිසිදු බලපෑමක් නැහැ
ඉන්දුනීසියාවේ ප්‍රබල භූ කම්පනයක්
COLOMBO (News 1st) - ඉන්දුනීසියාවේ, ටැනිම්බාර් දූපත්වලට ඔබ්බෙන් වූ ප්‍රදේශයේ මැග්නිටියුට් ඒකක 7.6 ක ප්‍රබල භූ කම්පනයක් සිදුව තිබේ. රොයිටර් පුවත් සේවය වාර්තා කළේ, එරට වේලාවෙන් අද (10) අලුයම 2.47ට පමණ භූ කම්පනය සිදුව ඇති බවයි. භූ කම්පනයේ ප්‍රබලත්වය හේතුවෙන් සුනාමි අනතුරු ඇඟවීම්ක් ද නිකුත් කිරීමට ඉන්දුනීසියානු ආපදා ඒජන්සිය පියවර ගත්තේ ය. කෙසේ වෙතත් මුහුදු මට්ටමේ සැළකිය යුතු වෙනසක් වාර්තා නොවූ බැවින් මේ වනවිට එම සුනාමි අනතුරු ඇඟවීම ඉවත් කර ඇතැයි ද සඳහන් ය. භූමිකම්පාවෙන් පසු කම්පන හතරක් වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය. එය උතුරු ඔස්ට්‍රේලියාවේ සමහර ප්‍රදේශවලට ද දැනී තිබේ. විදෙස් වාර්තා පැවසුවේ, භූ කම්පනයෙන් එරට ගොඩනැගිලිවලට හානි සිදුවී ඇති බවයි. තවමත් භූමිකම්පාවේ බලපෑමේ සම්පූර්ණ ප්‍රමාණය පරීක්ෂා කරමින් සිටින බව ද ඉන්දුනීසියානු ආපදා ඒජන්සිය වාර්තා කළේ ය. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට කිසිදු බලපෑමක් නොමැති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ ය.
2023-01-10T01:11:34.000Z
ඉන්දියාවෙන් බිත්තර ආනයනයට පියවර: බෙදා හෑරීම පෞද්ගලික අංශයට - වෙළෙඳ ඇමති
ඉන්දියාවෙන් බිත්තර ආනයනයට පියවර
COLOMBO (News 1st) - බිත්තර ආනයනය කිරීම සඳහා නැවත වරක් කැබිනට් අනුමැතිය ඊයේ (09) හිමි විය. වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා සඳහන් කළේ, තමා ඉදිරිපත් කළ කැබිනට් පත්ත්‍රිකාවට අනුමැතිය ලැබුණු බවයි. ඒ අනුව මෙම සතිය අවසන් වීමට පෙර ඉන්දියාවෙන් බිත්තර ආනයනය කිරීමට පියවර ගන්නා බව අමාත්‍යවරයා පැවසීය. ඔහු සඳහන් කළේ, බිත්තර බෙදා හෑරීම පෞද්ගලික අංශයට ලබාදෙන බවයි. ලංකා සතොස මගින් ද බිත්තර අළෙවි කිරීම සිදු කිරීමට නියමිතය.
2023-01-10T01:02:40.000Z
විදුලි ගාස්තු වැඩි කිරීමක් සිදු කරන්නේ නැහැ - මහජන උපයෝගීතා කොමිසමේ සභාපති
විදුලි ගාස්තු වැඩි කිරීමක් සිදු කරන්නේ නැහැ
COLOMBO (News 1st) - විදුලි ගාස්තු වැඩි කිරීමක් සිදු නොකරන බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසයි. ජනක රත්නායක මහතා ඒ බව සඳහන් කළේ, විදුලි ගාස්තු වැඩි කිරීමට පියවර ගන්නේ ද යන්න පිළිබඳව නිව්ස්ෆස්ට් කළ විමසීමකට පිළිතුරු වශයෙනි. විදුලිය ගාස්තු වැඩි කිරීමට අදාළව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවට ඊයේ (09) අනුමැතිය ලැබුණු බව රජයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු පැවසීය. ඔහු සඳහන් කළේ, පෙබරවාරි 15 වන දා වනවිට සමාලෝචනය කිරීමේ පදනම මත මේ අනුමැතිය ලබාදී ඇති බවයි. එම සමාලෝචනයෙන් පසුව විදුලි ගාස්තු නැවත අඩුවීමට ද ඉඩ ඇතැයි එම ප්‍රකාශකයා කියා සිටියේ ය. මේ අතර විදුලි ගාස්තු සංශෝධනයට අදාළව යෝජනාවලියක් තමන්ට ඊයේ පස්වරුවේ ලැබුණු බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය.
2023-01-10T00:55:30.000Z
ඉදිරි පැය 48 තුළ නව සන්ධානයක් බිහි කරනවා - නිදහස ජනතා සභාව
ඉදිරි පැය 48 තුළ නව සන්ධානයක් බිහි කරනවා
COLOMBO (News 1st) - උත්තරලංකා සභාගය, නිදහස ජනතා සභාව, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශීක පෙරමුණ ඇතුළු පක්ෂ කීපයක් අතර විශේෂ හමුවක් පැවැත්විය. ඒ, ඊයේ (09) රාත්‍රියේ කොළඹ පිහිටි ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂ මූලස්ථානයේදී යි. මේ අතර ඉදිරි පැය 48 තුළ නව සන්ධානයක් බිහි කරන බව නිදහස ජනතා සභාව පවසයි.
2023-01-10T00:42:11.000Z
පොහොට්ටුව සහ එජාපය අතර තීරණාත්මක හමුවක් අද
පොහොට්ටුව සහ එජාපය අතර තීරණාත්මක හමුවක් අද
COLOMBO (News 1st) - ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය අතර තීරණාත්මක හමුවක් අද (10) පැවැත්වේ. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයකු සඳහන් කළේ, අද‌ පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම සාකච්ජාව පැවැත්වෙන බවයි. මෙහිදී ඉදිරි පළාත් පාලන මැතිවරණය ඉලක්ක කර ගනිමින් නව සන්ධානයක් බිහි කිරීමත්, පොදු ලකුණක් යටතේ තරග කිරීම ඇතුළු කරුණු පිළිබඳව පොදු එකඟතාවක් ඇති කර ගැනීමට නියමිතව ඇති බව සඳහන් ය. නිව්ස්ෆස්ට් කළ විමසීමකදී එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා සඳහන් කළේ, අද පැවැත්වෙන සාකච්ජාව සඳහා තමන් සමග නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා සහභාගී වන බවයි. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ වෙනුවෙන් අද පැවැත්වෙන සාකච්ජාව සඳහා පක්ෂ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම්, රෝහිත අබේගුණවර්ධන, මහින්දානන්ද අලුත්ගමගේ සහ සංජිව එදිරිමාන්න යන මන්ත්‍රීවරුන් සහභාගිවීමට නියමිතව ඇතැයි වාර්තා වේ. එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අතර පසුගිය ඉරිදා ද සාකච්ජාවක් පැවැත්විය.
2023-01-10T00:24:08.000Z
ගෙවුණු දිනය උණුසුම් කළ පුවත්
ගෙවුණු දිනය උණුසුම් කළ පුවත්
1. අයිස් කිලෝ 2ක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට - අයිස් මත්ද්‍රව්‍ය සමග පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. 2. ආර්ථික ආගාධයට රට ඇද දැමීම..හිටපු ජනපති, අගමැති ප්‍රමුඛ 39කට එරෙහි මූලික අයිතිවාසිකම් පෙත්සම් අධිකරණය සලකා බලයි - රට ආර්ථික ආගාධයකට ඇද දැමීමට හේතු වූ තීන්දු තීරණ ගත් හිටපු ජනපති, අගමැති, මුදල් ඇමති ඇතුළු 39දෙනෙකු වගඋත්තරකරුවන් කරමින් ගොණු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලී ය. 3. රූපවාහිනී සංස්ථාවට කඩා වැදීම..කාලිංග ඈපාගේ දුරකතනය ලබා දෙන්නැයි පොලීසිය කළ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කෙරේ - අරගල සමයේ පිරිසක් රූපවාහිනී සංස්ථාවට කඩා වැදීමේ චෝදනාවට අදාළ නඩුවේ පස්වැනි සැකකරු කාලිංග ඈපා සෙනවිරත්න මහතාගේ ජංගම දුරකතනය ලබාදෙන්නැයි කුරුඳුවත්ත පොලීසීය කළ ඉල්ලීමක්, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ප්‍රතික්ෂේප කළේ ය. 4. වගඋත්තරකාර පාර්ශ්වයේ නීතීඥවරු නොමැති වීමෙන් සීනි බදු වංචාවේ නඩුව කල් යයි - වගඋත්තරකාර පාර්ශ්වයේ නීතීඥවරුන් පෙනී නොසිටීම නිසා සීනි බදු වංචාවට අදාළව ගොනුකළ මූලික අයිතිවාසිකම් නඩුව ලබන මැයි 6වැනිදා දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේ ය. 5. පුංචි ඡන්දය නවත්තන්නැයි ඉල්ලූ රීට් ආඥා පෙත්සමට එරෙහිව අතරමැදි පෙත්සම් 03ක් - පළාත් පාලන ඡන්දය පැවැත්වීමට අදාළ සියලු කටයුතු අත්හිටුවන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට යොමුකර ඇති රීට් ආඥා පෙත්සම විභාගයට ගැනිමෙන් තොරව ප්‍රතික්ෂේප කරන්නැයි ඉල්ලා අතරමැදි පෙත්සම් තුනක් ගොනු කෙරිණි.
2023-01-09T16:30:34.000Z
අයිස් කිලෝ 2ක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
අයිස් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
COLOMBO (News 1st) - අයිස් මත්ද්‍රව්‍ය සමග පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. ඒ කල්පිටිය ප්‍රදේශයේදීය. සැකකරුවන් සන්තකයේ තිබූ අයිස් මත්ද්‍රව්‍ය ප්‍රමාණය කිලෝ 2කි.
2023-01-09T15:44:43.000Z
ආර්ථික ආගාධයට රට ඇද දැමීම..හිටපු ජනපති, අගමැති ප්‍රමුඛ 39කට එරෙහි මූලික අයිතිවාසිකම් පෙත්සම් අධිකරණය සලකා බලයි..
ආර්ථික ආගාධයට රට ඇද දැමීම.. පෙත්සම් සලකා බලයි
COLOMBO (News 1st) - රට ආර්ථික ආගාධයකට ඇද දැමීමට හේතු වූ තීන්දු තීරණ ගත් හිටපු ජනපති, අගමැති, මුදල් ඇමති ඇතුළු 39දෙනෙකු වගඋත්තරකරුවන් කරමින් ගොණු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් අද(09) සලකා බැලී ය. එහිදී අගවිනිසුරුවරයා ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ල නියෝග කළේ මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලය නියෝජනය කළ ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතාට සහ රාණි ජයමහ මහත්මියට අධිකරණයේ පෙනී සිටින්නැයි නැවත නොතීසි නිකුත් කරන ලෙසය. ඔවුන් දෙදෙනාට අධිකරණයේ පෙනී සිටින්නැයි නොතීසි නිකුත් කර තිබුනත් ඔවුන් අද අධිකරණයේ පෙනී සිටියේ නැත. පෙත්සම් සලකා බැලීම මාර්තු 20වැනිදා දක්වා කල් තැබීය. ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ හිටපු සභාපතිවරයකු වන චන්ද්‍රා ජයරත්න, පිහිනුම් ශූර ජුලියන් බෝලින්, විවෘත විශ්වවිද්‍යාලයේ ආචාර්ය මහිම් මෙන්ඩිස් යන මහත්වරුන් සහ ට්‍රාන්ස්පෙරන්සි ඉන්ටනැෂනල් ආයතනය මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනුකර තිබේ.
2023-01-09T15:37:43.000Z
රූපවාහිනී සංස්ථාවට කඩා වැදීම..කාලිංග ඈපාගේ දුරකතනය ලබා දෙන්නැයි පොලීසිය කළ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කෙරේ..
කාලිංගගේ දුරකතනය..පොලීසියේ ඉල්ලීම ප්‍රතික්ෂේපයි
COLOMBO (News 1st) - අරගල සමයේ පිරිසක් රූපවාහිනී සංස්ථාවට කඩා වැදීමේ චෝදනාවට අදාළ නඩුවේ පස්වැනි සැකකරු කාලිංග ඈපා සෙනවිරත්න මහතාගේ ජංගම දුරකතනය ලබාදෙන්නැයි කුරුඳුවත්ත පොලීසීය කළ ඉල්ලීමක්, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද(09) ප්‍රතික්ෂේප කළේ ය. පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේ සැකකරුගේ ජංගම දුරකතනය අරගලය සම්බන්ධයෙන් සිදුකරන වෙනත් විමර්ශනයක් සඳහා ලබාදෙන්නැයි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ඉල්ලා ඇති බැවින් ඒ සඳහා සැකකරුට නියෝගයක් කරන ලෙසය. රූපවාහිනී සංස්ථාවට ඇතුලුවීමේ නඩුවට අදාළ විමර්ශන සිදුකරන්නේ කුරුඳුවත්ත පොලිසීය නම්, වෙනත් විමර්ශන අංශයකට සැකකරුගේ ජංගම දුරකතනය ලබාදීමට නියෝගයක් කිරීමේ කිසිදු අවශ්‍යතාවක් නොමැති බව ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා පෙන්වා දුනි. ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා කියා සිටියේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට අවශ්‍ය නම් එම ඉල්ලීම ඔවුන් විසින් කල යුතු බවය. නඩුවේ තවත් සැකකරුවකු වන ධානීෂ් අලී මහතාගේ ජංගම දුරකතනය පොලීසිය විසින් ලබාගෙන මාස හයකට ආසන්න කාලයක් ගතවී ඇතත් එය ආපසු ලබානොදීම නිසා සැකකරුගේ එදිනෙදා කටයුතු වලට දැඩි බාධාවක් වී ඇතැයි ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අද අධීකරණයට පෙන්වා දුන්නේ ය. නඩුව මාර්තු 24 වැනිදා යළි කැඳවීමට නියමිතය.
2023-01-09T15:26:38.000Z
වගඋත්තරකාර පාර්ශ්වයේ නීතීඥවරු නොමැති වීමෙන් සීනි බදු වංචාවේ නඩුව කල් යයි..
සීනි බදු වංචාවේ නඩුව කල් යයි..
COLOMBO (News 1st) - වගඋත්තරකාර පාර්ශ්වයේ නීතීඥවරුන් පෙනී නොසිටීම නිසා සීනි බදු වංචාවට අදාළව ගොනුකළ මූලික අයිතිවාසිකම් නඩුව ලබන මැයි 6වැනිදා දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද(09) නියෝග කළේ ය. සීනි ආනයනය කළ සමාගම ඇතුළු පාර්ශ්වකරුවන් 12දෙනෙකු වගඋත්තරකරුවන් කරමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා විසින් ගොනු කර තිබූ පෙත්සම එල්. ටී. බී. දෙහිදෙණිය සහ ශිරාන් ගුණරත්න යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අද කැදවනු ලැබීය. වගඋත්තරකාර පාර්ශ්වය නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතීඥවරුන් දෙදෙනෙකු පෞද්ගලික අපහසුතාවයක් මත අද දින අධිකරණය හමුවේ පෙනී නොසිටින බැවින් පෙත්සම් සලකා බැලීම කල්තබන ලෙස වගඋත්තරකාර පාර්ශ්වය නියෝජනය කළ කනිෂ්ඨ නිතීඥවරයෙකු අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.
2023-01-09T15:15:26.000Z
පුංචි ඡන්දය නවත්තන්නැයි ඉල්ලූ රීට් ආඥා පෙත්සමට එරෙහිව අතරමැදි පෙත්සම් 03ක්..
පුංචි ඡන්දය..අතරමැදි පෙත්සම් 03ක්..
COLOMBO (News 1st) - පළාත් පාලන ඡන්දය පැවැත්වීමට අදාළ සියලු කටයුතු අත්හිටුවන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට යොමුකර ඇති රීට් ආඥා පෙත්සම විභාගයට ගැනිමෙන් තොරව ප්‍රතික්ෂේප කරන්නැයි ඉල්ලා අද(09) අතරමැදි පෙත්සම් තුනක් ගොනු කෙරිණි. පළාත් පාලන මැතිවරණය පැවැත්වීම අත්හිහිටුවමින් මැතිවරණ කොමිෂන් සභාව ඇතුළු බළදාරීන්ට නියෝගයක් කරන්නැයි ඉල්ලා විශ්‍රාමික යුධ හමුදා කර්නල් ඩබ්ලිව්. එම්. ආර්. විජේසුන්දර මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට රීට් ආඥා පෙත්සමක් ගොනු කළේ ය. එය විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙස ඉල්ලා නීතිඥ සුනිල් වටගල සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර හා ආචාර්ය විශාකේෂ චන්ද්‍රසේකරන් යන මහත්වරුන් අද(09) ශ්‍රේෂ්ඨාධිකරණයට අතරමැදි පෙත්සම් ගොනු කර ඉල්ලා සිටියේ ය. එම පෙත්සම්වලින් පෙන්වාදී ඇත්තේ, මැතිවරණ කොමිසන් සභාව මැතිවරණය පැවැත්වීමට තීරණය කර ඒ සඳහා නාමයෝජනා කැඳවා තිබියදී ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ එය වළක්වන ලෙස ඉල්ලීම රටේ ජනතාව සතු සර්ව ජන අයිතියට එල්ල කළ බලවත් පහරක් බවය.
2023-01-09T15:03:46.000Z
බ්‍රසීලයේ ඇති වී තිබෙන තත්ත්වය ගැන ජනපතිගේ කණස්සල්ල ..
බ්‍රසීලයේ ඇතිව තිබෙන තත්ත්වය ගැන ජනපතිගේ කණස්සල්ල
COLOMBO (News 1st) - බ්‍රසීලයේ, බ්‍රසීලියා නගරයේ ඇතිවී තිබෙන ප්‍රචණ්ඩත්වය පිළිබඳව දැඩි ලෙස කණස්සල්ලට පත්ව සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා කියා සිටියේ, ශ්‍රී ලංකාවේත් මීට ටික කලකට පෙර ඇතැම් කණ්ඩායම් ව්‍යවස්ථා විරෝධී අන්දමින් ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයන් පෙරලා දැමීමට උත්සාහ ගත් බවය. මෙවැනි ක්‍රියාමාර්ග තරයේ හෙලා දකින අතර මේ අවස්ථාවේදී බ්‍රසීල ජනාධිපතිවරයා, රජය හා ජනතාව සමග සිටින බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඔහු අවධාරණය කරන්නේ, සියලුම ජන කොට්ඨාස ප්‍රජාතන්ත්‍රවාදය හා ඊට අනුබද්ධ ආයතනවලට අනිවාර්යෙන් ගරු කළ යුතු බවය. දින කිහිපයකට පෙර බ්‍රසීලයේ හිටපු ජනාධිපති ජයිල් බොල්සනාරෝගේ ආධාරකරුවන් බ්‍රසීලියා නගරයේ දැවැන්ත විරෝධතා මාලාවක් ආරම්භ කළේ ජනාධිපති ලූලාද සිල්වාට විරුද්ධව ය. ජනාධිපති ලූලාද සිල්වා ධූරයේ දිවුරුම්දී සතියක් ගතවීමටත් පෙර මේ විරෝධතා ආරම්භ වූ අතර බොල්සනාරෝගේ මැතිවරණ පරාජය පිළිගත නොහැකි බව පවසන ඔහුගේ ආධාරකරුවන් ජයග්‍රහණය තම අපේක්ෂයාගෙන් උදුරාගත බවට චෝදනා කරයි. ඔවුන් අවධාරණය කරන්නේ බොල්සනාරෝ නැවත බලයේ පිහිටුවීම සඳහා හමුදා මැදිහත්වීමක් අවශ්‍ය බවය. හිටපු ජනාධිපතිවරයාගේ ආධාරකරුවන් ඊයේ(08) දිනය වනවිට බ්‍රසීලියා නගරයේ පිහිටි ජනාධිපති මන්දිරය, පාර්ලිමේන්තු සංකීර්ණය හා උපරිමාධිකරණ සංකීර්ණයටද ඇතුළුවී තිබුණි. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, බ්‍රසීල හමුදාව හා පොලීසිය මේ වනවිට පිරිස විසුරුවා හැර විරෝධතාකරුවන් අත්පත් කරගත් ස්ථාන යළි රජයේ පාලනය යටතට ගෙන ඇති බවයි. මේ විරෝධතාකරුවන් නියෝ පැසිස්ට්වාදීන් ලෙස හදුන්වන ජනාධිපති ලූලාද සිල්වා ඔවුන්ට අනිවාර්යෙන් දඬුවම් දිය යුතු බවද ප්‍රකාශ කර තිබේ. දූෂණ චෝදනා එල්ලවූ වත්මන් ජනාධිපතිවරයා මෙවර ජනාධිපතිවරණය ජය ගැනීමට පෙර වසර දෙකක සිර දඬුවමක්ද නියමව සිටියේ ය. හිටපු ජනාධිපති බොල්සනාරෝට ද චෝදනා එල්ලවන්නේ ඥාතීන්ට විශේෂ වාසි හා වරප්‍රසාද ලබාදීම පිළිබඳව ය.
2023-01-09T13:21:59.000Z
විදුලි ගාස්තු වැඩි කිරීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය
විදුලිබිල වැඩි කිරීමට කැබිනටි අනුමැතිය
COLOMBO (News 1st) - විදුලි ගාස්තු වැඩි කිරීමට අදාළව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවට අද(09) අනුමැතිය ලැබුණු බව රජයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු පැවසුවේ ය. ඔහු සඳහන් කළේ පෙබරවාරි 15 වැනිදා වනවිට සමාලෝචනය කිරීමේ පදනම මත මේ අනුමැතිය ලබා දී ඇති බවය. එම සමාලෝචනයෙන් පසුව විදුලි ගාස්තු නැවත අඩුවීමට ද ඉඩ ඇතැයි එම ප්‍රකාශකයා සඳහන් කළේය. මේ අතර විදුලි ගාස්තු සංශෝධනයට අදාළව යෝජනාවලියක් තමන්ට අද(09) පස්වරුවේ ලැබුණු බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසුවේ ය.
2023-01-09T12:15:18.000Z
ගාල්ලේ ATM යන්ත්‍රවල මුදල් කොල්ල කෑ සිද්ධියට පොලිස් පරීක්ෂකවරයෙකුත් CID අත්අඩංගුවට..
ATM සල්ලි කොල්ලයට පොලිස් පරීක්ෂකවරයෙකුත් කොටු
COLOMBO (News 1st) - ගාල්⁣ලේ ප්‍රදේශ කිහිපයක ATM යන්ත්‍රවලින්, මුදල් කොල්ලකෑමේ සිද්ධිය සම්බන්ධයෙන් කළුතර, මීගහතැන්න පොලීසියට අනියුක්ත පොලිස් පරීක්ෂකවරයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ. මීට පෙර මේ සම්බන්ධයෙන් බල්ගේරියානු ජාතිකයින් දෙදෙනෙකු ඇතුළු සැකකරුවන් පස්දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත් විය. ඒ, අදාළ සිදුවීම සම්බන්ධයෙන් පොලිස් පරිගණක අපරාධ කොට්ඨාසය ක්‍රියාත්මක කළ විමර්ශනවලදීය. ගල්කිස්සේ සහ මීගමුවේ පදිංචි සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු ඊයේ (08) අත්අඩංගුවට ගෙන තිබුණේ, හැව්ලොක් ප්‍රදේශයේදීය. ඔවුන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී ඊට සම්බන්ධ බල්ගේරියානු ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන තිබුණේ වැල්ලවත්තේදීය. අදාළ කොල්ලයට සම්බන්ධ බල්ගේරියානු ජාතික ප්‍රධාන සැකකරු රටින් පළා යාමට සූදානමින් සිටින බවට ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී තිබේ. ඒ ඔස්සේ කළ විමර්ශනවලදී කටුනායක ගුවන් තොටුපොළෙන් පලා යාමට උත්සාහ කළ අවස්ථාවේදී ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගත් බව, පොලිස් පරිගණක අපරාධ කොට්ඨාසය සඳහන් කළේ ය. අදාළ කොල්ලය සඳහා යොදාගත් වාහනය සහ රියැදුරු පිටිගලදී අත්අඩංගුවට ගැනිණි. සැකකරුවන්, බද්දේගම, හික්කඩුව සහ කරාපිටිය ප්‍රදේශවල පිහිටි ATM යන්ත්‍රවලින් රුපියල් ලක්ෂ 57, ලක්ෂ 48 ක් සහ ලක්ෂ දෙකහාමාරක් වශයෙන් මුදල් සොරාගෙන තිබුණි. අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
2023-01-09T11:03:27.000Z
චීනයේ තුන්වැනි තැනට වැඩිම ජනගහනයක් සිටින පළාතේ 89% කට කොවිඩ් - විදෙස් මාධ්‍ය
චීනයේ යළි හිස ඔසවන කොවිඩ් මාරයා
COLOMBO ( News 1st ) - අළු යට සැඟව තිබූ ගිනි පුපුරු මෙන් මාරාන්තික කොරෝනා වසංගතයේ නැගී සිටීම් එහි තිඹිරි ගෙය ලෙස සැලකෙන චීනය දෙසින් යළි කන වැකෙන්නට පටන් ගෙන තිබේ. ඒ චීනයේ තුන්වැනි තැනට වැඩිම ජනගහනයක් ජීවත් වන හනාන් ප්‍රාන්ත වැසියන්ගෙන් 90%කටම කොවිඩ් ආසාදනය වී ඇතැයි, තහවුරු වීමත් සමගයි. හෙනන් ප්‍රාන්ත සෞඛ්‍ය කොමිසමේ අධ්‍යක්ෂ කැන් කොන්ෂෙන් ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් ප්‍රකාශ කර ඇත්තේ, පසුගිය ජනවාරි 6 වැනිදා වනවිට පළාතේ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 89.0% ඉක්මවා සිටි බවයි. මිලියන 99.4ක ජනගහනයක් වෙසෙන එහි මිලියන 88.5කට පමණ මේ වනවිට කොවිඩ් ආසාදනය වී ඇති බවට ද සංඛ්‍යා ලේඛන උපුටා දක්වමින් විදේස මාධ්‍ය වාර්තා කර තිබේ. චීනය කොවිඩ් මාරයාට තිත තැබීමේ අරමුණින් වසර කිහිපයක් තිස්සේ ක්‍රියාත්මකවුවත් ආර්ථීකයට මරු පහරක් වූ කොවිඩ් සීමා ලිහිල් කිරීමට, නිරෝධායන සහ කොවිඩ් පරීක්ෂණ සඳහා තිත තැබීමට පසුගිය මාසයේ ගත් තීරණයෙන් පසුව මෙලෙස චීනයේ කොවිඩ් ආසාදිතයින්ගේ වැඩිවීමක් දක්නට ලැබීම විශේෂත්වයකි. මේ අතර ඉරිදා සියලුම ජාත්‍යන්තර ​සංචාරකයින්ගේ පැමිණීම් සඳහා අනිවාර්ය නිරෝධායනය ඉවත් කර අර්ධ ස්වයං පාලන දකුණු හොංකොං නගරය සමග එහි දේශසීමා ද විවෘත කිරීමට චීනය තීරණය කළේ ය. කෙසේ වෙතත් මේ මස අගදී චීනය අලුත් අවුරුද්ද සමරන විට කොවිඩ් ආසාදිතයින් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන අතර, මිලියන ගණනක් නගරවල සිට ගම්බද ප්‍රදේශවලට සිය ඥාතීන් බැලීමට පැමිණෙනු ඇතැයි ද අපේක්ෂා කෙරේ. පසුගිය සතියේ නිල දත්ත පෙන්වා දී තිුබණේ, දෙසැම්බර් මස මුලදී කොවිඩ් සීමා ලිහිල් කිරීමෙන් පසු චීනයේ පුද්ගලයින් 120,000කට පමණ කොවිඩ් ආසාදනය වී ඇති බවත් ඉන් 30 දෙනෙකු මිය ගොස් ඇති බවත් ය. කෙසේ චීනයේ මෙම කොවිඩ් මරණ සම්බන්ධයෙන් වන දත්ත පිළිබඳ ඇත්තේ, මතභේදාත්මක තත්ත්වයකි.
2023-01-09T09:00:49.000Z
ATM යන්ත්‍රවල මුදල් කොල්ල කා රටින් පනින්න හැදූ බල්ගේරියානු ජාතිකයින් අත්අඩංගුවට
ATM යන්ත්‍රවලින් මුදල් කොල්ලකෑ විදේශිකයින්...
COLOMBO (News 1st) – ගාල්ල ප්‍රදේශයේ ස්ථාන කිහිපයක ATM යන්ත්‍ර හැක්කර, මුදල් කොල්ලකෑමේ සිදුවීම සම්බන්ධයෙන් බල්ගේරියානු ජාතිකයින් දෙදෙනෙකු ඇතුළු සැකකරුවන් පස්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, අදාළ සිදුවීම සම්බන්ධයෙන් පොලිස් පරිගණක අපරාධ කොට්ඨාසය ක්‍රියාත්මක කළ විමර්ශනවලදීයී. ගල්කිස්සේ සහ මීගමුවේ පදිංචි සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු ඊයේ අත්අඩංගුවට ගෙන තිබුණේ, හැව්ලොක් ප්‍රදේශයේදීයි. ඔවුන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී ඊට සම්බන්ධ බල්ගේරියානු ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන තිබුණේ වැල්ලවත්තේදීයී. අදාළ කොල්ලයට සම්බන්ධ බල්ගේරියානු ජාතික ප්‍රධාන සැකකරු රටින් පළා යාමට සූදානමින් සිටින බවට ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී තිබේ. ඒ ඔස්සේ කළ විමර්ශනවලදී කටුනායක ගුවන් තොටුපළෙන් පළායාමට උත්සහ කළ අවස්ථාවේදී ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගත් බව, පොලිස් පරිගණක අපරාධ කොට්ඨාසය සඳහන් කළේ ය. අදාළ කොල්ලය සඳහා යොදාගත් වාහනය සහ රියදුරු පිටිගලදී අත්අඩංගුවට ගැනිණ. සැකකරුවන්, බද්දේගම, හික්කඩුව සහ කරාපිටිය ප්‍රදේශවල පිහිටි ATM යන්ත්‍රවලින් රුපියල් ලක්ෂ 57, ලක්ෂ 48 ක් සහ ලක්ෂ දෙකහාමාරක් වශයෙන් මුදල් සොරාගෙන තිබිණ. අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
2023-01-09T08:19:10.000Z
නවසීලන්තය සහ පකිස්ථානය අතර එක් දින ක්‍රිකට් තරගාවලිය අද ඇරඹෙයි..
නවසීලන්තය සහ පකිස්ථානය අතර තරගය අද
COLOMBO ( News 1st ) - සංචාරක නවසීලන්තය සහ පකිස්ථානය අතර තරග තුනකින් සමන්විත එක් දින ක්‍රිකට් තරගාවලිය අද ( 09 ) ආරම්භ වීමට නියමිතය. නවසීලන්ත කණ්ඩායමේ පකිස්ථාන තරග සංචාරය ආරම්භ කරමින් පැවැති තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය අවසන් වුණේ ජය පරාජයෙන් තොරවය. අද (09) පළමු එක් දින ක්‍රිකට් තරගය කරච්චිහී දී පැවැත්වේ. නවසීලන්ත කණ්ඩායම කේන් විලියම්සන් මෙහෙයවන අතර ෆින් ඇලන් , ඩෙවෝන කොන්වේ , ඩැරල් මිචෙල් , ටොම් ලෙතම් , ගේලෙන් පිලිප්ස් , ටිම් සව්ති , ලුකී ෆගසන් වැනි ප්‍රබල ක්‍රීඩකයන් සංචිතයට ඇතුළත් වන අතර මැට් හෙන්රි ආබාධයක් හේතුවෙන් සංචිතයෙන් ඉවත් කර තිබේ. ඒ වෙනුවට ඩාක් බේර්ස්වල් කණ්ඩායමට නම් කර තිබේ. පකිස්ථාන නායකත්වය බාබර් අසාම් දරණ අතර ෂාන් මසුඩ් නව උප නායකයා ලෙස කටයුතු කරනු ඇති. එමාමුල් හක් , ෆකර් සමාන් , හාරිස් සොහෙල් , මොහොමඩ් රිස්වාන් හාරිස් , රාවුෆ් , නසීම් ෂා වැනි ප්‍රබල ක්‍රීඩකයන් පකිස්ථාන සංචිතයට ඇතුළත් ය. අද (09) තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 3.00 ට ආරම්භ වනු ඇති.
2023-01-09T08:14:34.000Z
අභිජනනය කරන ලද බිත්තර ලක්ෂ 2 ක් ආනයනය කිරීමේ තීරණයක්..
අභිජනනය කළ බිත්තර ආනයනයට පියවර
COLOMBO ( News 1st ) - බිත්තර නිෂ්පාදනයට අවශ්‍ය මව් සතුන් හිඟය අවම කරලීමට අභිජනනය කරන ලද බිත්තර ලක්ෂ 2ක් ආනයනය කිරීමට තීරණ කර තිබේ. රටේ වාර්ෂික බිත්තර අවශ්‍යතාවය මිලියන 2990 ක් වන අතර මාසිකව බිත්තර අවශ්‍යතාවය මිලියන 249-250 ක් වන අතර මේ වනවිට එය මිලියන 30 දක්වා පහත වැටී තිබේ. මෙම තත්ත්වයට හේතුව ලෙස බිත්තර නිෂ්පාදකයින් පෙන්වා දෙන්නේ, සත්ත්ව ආහාර හිඟය මෙන්ම වාර්ෂිකව අවශ්‍ය වන මව්සතුන් ආනයනය අවම වී තිබීමයි. සෑම වර්ෂයකම මව් සතුන් 80,000 බැගින් ආනයනය කළ ද පසුගිය වර්ෂය තුළ එම ප්‍රමාණය 40,000 දක්වා පහළ වැටී ඇති අතර මව් සතුන් ආනයනය කළ හොත්, බිත්තර නිෂ්පාදනය මාස 11කින් පමණ ප්‍රමාද විය හැකි බැවින් ඊට විකල්පයක් වශයෙන් අභිජනනය කරන ලද බිත්තර ලක්ෂ දෙකක් ආනයනය කිරීමට පියවර ගන්නා ලෙස කෘෂිකර්ම වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම අමාත්‍යාංශයේ පශු සම්පත් අංශයට උපදෙස් දී තිබේ. මේ වන විටත් අභිජනනය කරන ලද බිත්තර ආනයනය කිරීම ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට හා පුද්ගලික අංශයේ ආයතන සඳහා පැවරීමට පියවර ගෙන ඇතැයි ද සඳහන් ය.
2023-01-09T07:43:30.000Z
'කහ පුල්ලි'බත සරි කරන ගොයම වනසයි ද?
'කහ පුල්ලි'බත සරි කරන ගොයම වනසයි ද?
COLOMBO ( News 1st ) - වී වගාව ආශ්‍රීතව පැතිර යන කහපුල්ලි රෝගය පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අද (09) පස්වරුවේ පැවැත්වේ. ඒ, කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ සහ කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ප්‍රධානත්වයෙනි. කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ මහතා ප්‍රකාශ කළේ අනුරාධපුර, පොළොන්නරුව, අම්පාර, හම්බන්තොට සහ රත්නපුර දිස්ත්‍රික්කවල වී වගාව ආශ්‍රීතව එය වාර්තාවන බව ය. කහපුල්ලි රෝග ව්‍යාප්තිය පාලනය සඳහා කඩිනම් වැඩපිළිවෙළක් සකස් කිරීමේ අරමුණින් සාකච්ඡාව පැවැත්වීමට නියමිතව ඇති අතර කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරී කණ්ඩායමක් ක්ෂේත්‍ර පරීක්ෂාවක් ආරම්භ කර ඇතැයි ද ලේකම්වරයා ප්‍රකාශ කළේ ය.
2023-01-09T07:21:04.000Z
ධීවරයින් පිරිසක් විසුරුවා හරින්න හම්බන්තොටදී අහසට වෙඩි
ධීවරයින් විසුරුවා හරින්න අහසට වෙඩි
COLOMBO (News 1st) – හම්බන්තොට වෙරළාරක්ෂක දෙපාර්තමේන්තු කාර්යාලයේදී දෙපිරිසක් අතර ඇතිවූ ආරවුලක් සමතයකට පත් කිරීම සඳහා නාවික හමුදාව අහසට වෙඩි තබා තිබේ. පොලීසිය සඳහන් කළේ හම්බන්තොට මුහුදේදී ධීවර බෝට්ටු දෙකක් අනතුරට පත්වීමට අදාළ සිදුවීමක් මුල් කරගනිමින් අද උදෑසන හම්බන්තොට වෙරළ ආරක්ෂක කාර්යාලයේ නිලධාරීන් හා ධීවරයින් අතර බහින්බස්වීමක් සිදුව ඇති බවයි. එය දුරදිගගොස් ගැටුමක් බවට පරිවර්තනය වී ඇති අතර පිරිස විසුරුවා හැරීම සඳහා නාවික හමුදාව අහසට වෙඩි තබා තිබේ.
2023-01-09T06:57:23.000Z
රටේ අනාගත පරපුරට ලස්සන රටක් උදාකර දෙන්න එංගලන්තය අලුත් තීරණයක් ගනී
එංගලන්තය අලුත් තහංචියකට සැරසෙයි
COLOMBO (News 1st) – එක් වරක් පමණක් භාවිත කර ඉවත දමනු ලබන ප්ලාසිටික් හැදි , ගෑරුප්පු, පිඟන් ආදියෙහි භාවිතය තහනම් කිරීමට එංගලන්තය තීරණය කර තිබේ. එරට පාරිසරික ලේකම් තෙරේස් කොෆී උපුටා දක්වමින්, විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, රටේ අනාගත පරපුරට ස්වාභාවික පරිසරය රැක දීමේ අරමුණින් එංගලන්ත රජය මෙම තීරණය ගෙන ඇති බවයි. ස්කොට්ලන්තයේ සහ වේල්සයේ මේ වනවිටත් ක්‍රියාත්මක මෙම තහනම එංගලන්තය තුළ ක්‍රියාත්මක වන්නේ, කවදා සිට ද යන්න මෙතෙක් ප්‍රකාශයට පත්ව නොමැත. සංඛ්‍යා ලේඛනවලට අනුව එක් වරක් පමණක් භාවිත කරන පිගන් බිලියන 1.1 ක් සහ බිලියන 4කට වැඩි හැඳි ගෑරුප්පු සංඛ්‍යාවක් එංගලන්තය තුළ වාර්ෂිකව පරිසරයට මුදා හැරෙන බවත් පහසුවෙන් දීරාපත් නොවන මෙම ප්ලාස්ටික් අපද්‍රව්‍ය වසර ගණනාවක් තිස්සේ, කසල ගොඩවල ගොඩ ගැසී පවතී. පාරිසරික ලේකම්වරිය වැඩිදුරටත් පවසන්නේ, මෙම තහනම ක්‍රියාත්මක වීමත් සමග ප්ලාස්ටික පිගන් වැනි උපකරණ ඉවත දැමීමෙන් සිදු වන පරිසර දූෂණය වළක්වා ගත හැකි බවත් එය අනාගත පරපුර සඳහා ස්වාභාවික පරිසරය ආරක්ෂා කර දීමට උපකාරි වනු ඇති බවයි. කෙසේ වෙතත් 2020 වසරේ සිට ප්ලාස්ටික් ස්ට්‍රෝස්, කොට්න් බඩ්ස් වැනි එංගන්තය තුළ භාවිතය තහනම් වේ.
2023-01-09T04:39:59.000Z
දිවයින පුරා රෝහල්වල කනිෂ්ඨ සේවකයෝ වැඩ වර්ජනයක් අරඹති
රෝහල් කනිෂ්ඨ සෞඛ්‍ය සේවකයන් වැඩ වර්ජනයක
COLOMBO (News 1st) – දිවයින පුරා රජයේ රෝහල්වල කනිෂ්ඨ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ. ශ්‍රී ලංකා නිදහස් සෞඛ්‍ය සේවා සංගමයේ භාණ්ඩාගාරික සුසිත් අරුණසිරි මහතා පැවසුවේ, ආර්ථික ගැටලු ඇතුළු කරුණු තුනක් මුල් කර ගනිමින් වැඩ වර්ජනයට ක්‍රියාත්මක බවයි. වැඩ වර්ජනයක් පැවැතිය ද අත්‍යවශ්‍ය ප්‍රතිකාර සේවා සඳහා සහය දක්වන බව ඔහු සඳහන් කළේ ය.
2023-01-09T02:48:03.000Z
මොනරාගල SSP ගංජත් එක්ක අල්ලයි
මොනරාගල SSP ගංජත් එක්ක අල්ලයි
COLOMBO ( News 1st ) - ගංජා පැළ තොගයක් සමග මොනරාගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ, පොලිස් විශේෂ කාර්ය බලකා සාමාජිකයින් විසිනි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේ ගංජා පැළ 350 ක් ඔහු සන්තකයේ තිබී ඇති බවයි. ඒ පිළිබඳ සොයා බැලීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු කණ්ඩායමක් පිටත්ව ගොස් ඇතැයි ද පොලිසීය සඳහන් කළේ ය.
2023-01-09T02:20:22.000Z
රත්‍රං මිල යළි ඉහළට..
රත්‍රං මිල යළි ඉහළට..
COLOMBO (News 1st) – ලෝක වෙළෙඳපොලේ රත්‍රං මිල යළි ඉහළ ගොස් තිබේ. ඒ අනුව අද රන් අවුන්සයක මිල සටහන් වුයේ, අමෙරිකානු ඩොලර් 1868.65ක් ලෙසයි. පසුගියදා රන් අවුන්සයක මිල අමෙරිකානු ඩොලර් 1852.20ක් ලෙස දැක්විණ.
2023-01-09T01:46:19.000Z
විදුලි බිල සංශෝධනයට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවනු ඇතැයි විශ්වාස කරනවා - විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය
විදුලි බිල සංශෝධනයට අනුමැතිය හිමි වෙයිද?
COLOMBO ( News 1st ) – විදුලි බිල සංශෝධනය සඳහා ඉදිරිපත් කර ඇති යෝජනාවට අද(09) කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වනු ඇතැයි විශ්වාසය පළකරන බව, විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි. අමාත්‍යාංශය සඳහන් කළේ, පසුගිය සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාව සඳහා අමාත්‍යවරුන්ගේ අදහස් ඉදිරිපත් කිරීම වෙනුවෙන් සතියක් ලබාදී ඇති බවයි. අද එම අදහස් සලකා බැලීමෙන් අනතුරුව විදුලි බිල සංශෝධනය සඳහා කැබිනට් අනුමැතිය හිමිවනු ඇතැයි විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය සඳහන් කළේ ය. ලංකා විදුලි බල මණ්ඩලය සඳහන් කළේ, අපේක්ෂිත පරිදි විදුලි බිල වැඩි කිරිමට අවස්ථාව හිමි වන්නේ නම් සහ ගල් අඟුරු හා ඉන්ධන බලාගාර සදහා නිසි පරිදි යෙදවුම් ලැබෙන්නේ නම්, ඉදිරි කාලසීමාව තුළ කප්පාදුවකින් තොරව විදුලිය සැපයුම දීමට හැකි වෙතැයි අපේක්ෂා කරන බවයි.
2023-01-09T01:40:00.000Z
හිටපු ජනපති ජෙයාර්ගේ ආධාරකරුවෝ බ්‍රසීල ජනපති මැදුර හා ශ්‍රේෂ්ඨාධිකරණය වටලති
දේශපාලන ආධාරකරුවෝ බ්‍රසීල ජනපති මැදුර වටලති
COLOMBO ( News 1st ) - බ්‍රසීලයේ හිටපු ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝගේ ආධාරකරුවන් එරට ජනාධිපති මන්දිරය සහ ශ්‍රේෂ්ඨාධිකරණය වටලා තිබේ. බ්‍රසීල පාපන්දු කමිසවලින් සැරසුනු පිරිස කොඩි අතැතිව මන්දිරයට ඇතුලු වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළ අතර එලෙස විරෝධතා ආරම්භ වූයේ, හිටපු ජනාධිපතිවරයෙකු වන ලූලා ද සිල්වා යළි බ්‍රසීල ජනපති ධුරයට පත්වී සතියකට පසුව ය . විරෝධතාකරුවන් පලවා හැරීමට පොලීසිය කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර තිබේ. ජනාධිපති ලුලා ද සිල්වා පවසන්නේ, විරෝධතාකරුවන්ට එරෙහිව දැඩි දඬුවම් ලබාදෙන බව ය. ‍ රජයේ ගොඩනැගිලි පිහිටි ප්‍රධාන මාර්ග ඇතුළු ස්ථාන, පැය 24 ක් වසා තබන්නැයි ද ජනාධිපතිවරයා නියෝග කර තිබේ. කෙසේ වෙතත්, විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ විරෝධතාකරුවන් අත්පත් කරගත් ,ජනාධිපති මන්දිරය සහ එරට ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු රජයේ ගොඩනැගිලි මේ වනවිට පොලීසිය විසින් අත්පත් කරගනු ලැබ ඇති බව ය. එසේම විරෝධතාකරුවන් 170 දෙනෙකු පමණ පොලීසිය අත්අඩංගුවට ගෙන ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
2023-01-09T01:26:59.000Z
චීනයෙන් ලබාදුන් ඩීසල් විශේෂ වවුචරයක් මගින් Online ක්‍රමයට නිකුත් කිරීමේ වැඩපිළිවෙළ අදින්(09) ආරම්භ වෙයි.
චීනයෙන් දුන් ඩීසල් අද සිට ගොවීන්ට..
COLOMBO ( News 1st ) – චීන රජය මෙරට ගොවීන් සඳහා පරිත්‍යාග කළ ඩීසල් තොගය, විශේෂ වවුචරයක් මගින් Online ක්‍රමයට නිකුත් කිරීමේ වැඩපිළිවෙළ අදින්(09) ආරම්භ වෙයි. ඒ, කෘෂිකර්ම අමාත්‍යාංශයේදී අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් ය. වැඩපිළිවෙළ යටතේ අක්කර බාගයේ සිට හෙක්ටෙයාර් 02 දක්වා වී වගා කරන ගොවීන්ට අස්වනු නෙළීම සඳහා නොමිලයේ ඉන්ධන ලබාදෙයි. ඒ යටතේ හෙක්ටයාරයක් සඳහා ඩීසල් ලීටර් 15ක් ලබාදීමට නියමිතයි. ජනාධිපතිවරයා කරන ලද ඉල්ලීමකට අනුව ඩීසල් ලීටර් මිලියන 10.06 ක් චීනය රජය මෙරටට පරිත්‍යාග කළේ ය. ඉන්, ලීටර මිලියන 6.98 ක් වෙන් කෙරුණේ කෘෂිකාර්මික කටයුතු සඳහායි. ඉතිරි ඩීසල් තොගය, ධීවර කටයුතු සඳහා වෙන් කෙරිණ.
2023-01-09T01:22:50.000Z
ශ්‍රී ලංකා - තායිලන්ත වෙළෙඳ ගිවිසුම පිළිබඳ තුන්වැනි වටයේ සාකච්ඡා අදින් ඇරඹෙයි.
තායිලන්ත රජයේ නියෝජිත කණ්ඩායමක් දිවයිනට..
COLOMBO ( News 1st ) – ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර යෝජිත නිදහස් වෙළෙඳ ගිවිසුමට අදාළ තුන්වැනි වටයේ සාකච්ඡා අද(09) කොළඹදී ආරම්භ වෙයි. ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ , එහිදී භාණ්ඩ වෙළඳාම, සේවා වෙළඳාම, ආයෝජන සහ ආර්ථික සහයෝගීතාව යන ක්ෂේත්‍ර පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරන බවයි. ඒ සඳහා සහභාගිවීමට තායිලන්ත රජයේ නියෝජිත කණ්ඩායමක් ඊයේ දිවයිනට පැමිණියේ ය. තායිලන්ත වෙළෙඳ සාකච්ඡා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අවුරමන් සුප්තාවිතුම් මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායමට නියෝජිතයන් 26 දෙනෙකු ඇතුළත් ය. සාකච්ඡාවට ජනාධිපති කාර්යාලය යටතේ ක්‍රියාත්මක වන ජාතික වෙළෙඳ සාකච්ඡා කමිටුවේ සාමාජිකයින් ද සහභාගී වෙයි. ඊට අමතරව විදේශ කටයුතු අමාත්‍යාංශය, වෙළඳ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශය, මුදල් අමාත්‍යාංශයේ වෙළෙඳ හා ආයෝජන කටයුතු දෙපාර්තමේන්තුව හා වාණිජ දෙපාර්තමේන්තුව යන ආයතනවල නියෝජිතයන් ද ඊට ඇතුළත් ය. ශ්‍රී ලංකා - තායිලන්ත නිදහස් වෙළඳ ගිවිසුම 2024 පළමු කාර්තුවේදී ක්‍රියාත්මක කිරීම, රජයේ අපේක්ෂාවයි.
2023-01-09T01:19:15.000Z
පොහොට්ටුව හා එ.ජා.ප.ය ඒකාබද්ධව කටයුතු කිරීමේ සූදානමක
පොහොට්ටුව හා එ.ජා.පය අතර එකඟතාවක්
COLOMBO ( News 1st ) - ඉදිරියේදී ඒකාබද්ධව කටයුතු කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂය සමග එකඟතාවට පැමිණ ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිවේදනය කර තිබේ. එහි මාධ්‍ය ප්‍රකාශක, පාර්ලිමේන්තු මන්ත්‍රී සංජිව එදිරිමාන්න මහතා පැවසුවේ, ඒ සම්බන්ධයෙන් පැවති සාකච්ඡා සතුටුදායක මට්ටමින් අවසන් වු බව ය. නව ලංකා නිදහස් පක්ෂය මෙවර මැතිවරණයට තනිව තරග කරන බව, එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පැවසීය. ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ, පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරන පාඨලී චම්පික රණවක මහතා ද සිය පක්ෂය සමග සිටින බව ය. ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා පුළුල් සන්ධානයකින් තරග කිරීම පිළිබඳව සාකච්ඡා කළ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසයි. පක්ෂ මධ්‍යම කාරක සභාව රැස්වීමෙන් පසු අදහස් පළ කළ හිටපු පළාත් සභා මන්ත්‍රී හෙක්ටර් බෙත්මගේ මහතා ප්‍රකාශ කළේ,ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සමගි සන්ධානයක් ලෙස මෙම පළාත් පාලන මැතිවරණයට තරග කරන බව ය.
2023-01-09T00:57:16.000Z
ගෙවුණු දිනය උණුසුම් කළ පුවත්
ගෙවුණු දිනය උණුසුම් කළ පුවත්
දේශීය පුවත් 1.අයවැයෙන් වෙන් කළ රුපියල් බිලියන 10ක මුදල පළාත් පාලන මැතිවරණයට ප්‍රමාණවත් – මැතිවරණ කොමසාරිස් ජනරාල් – පළාත් පාලන මැතිවරණය ප්‍රකාශයට පත්කිරීමත් සමග මේ වනවිට දේශපාලන පක්ෂ සිය අපේක්ෂකයින් වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කරමින් ඡන්දයට ලහි ලහියේ සූදානම් වෙමින් සිටියි. 2.සුරාබදු දෙපාර්තමේන්තු ඉතිහාසයේ වැඩිම ආදායම 2022 වසරේදී – සුරාබදු දෙපාර්තමේන්තු ඉතිහාසයේ වැඩිම ආදායම 2022 වසරේදී උපයා තිබේ . 3. විදුලි බිල සංශෝධනයට හෙට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවනු ඇතැයි විශ්වාස කරනවා – විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය – විදුලිබිල සංශෝධනය සඳහා ඉදිරිපත් කර ඇති යෝජනාවට අද (09) කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වනු ඇතැයි විශ්වාසය පළකරන බව, විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි. 4. අමාත්‍යාංශ , දෙපාර්තමේන්තු ඇතුළු රාජ්‍ය ආයතන භාවිත කරන වාහන සම්බන්ධයෙන් විමර්ශනයක් ඇරඹෙයි – අමාත්‍යාංශ , දෙපාර්තමේන්තු ඇතුළු රාජ්‍ය ආයතන භාවිත කරන වාහන සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කරන බව ජාතික විගණන කාර්යාලය පවසයි. 5.ජාතික මැතිවරණ කොමිසම සහ මැතිවරණ නිරීක්ෂණ සංවිධාන අතර හමුවක් ලබන බදාදා – ජාතික මැතිවරණ කොමිසම සහ මැතිවරණ නිරීක්ෂණ සංවිධාන අතර හමුවක් ලබන බදාදා පැවැත් වීමට නියමිත ය. විදෙස් පුවත් 1. චීනය විදේශිකයින් සඳහා පැනවූ නිරෝධායන නීති ලිහිල් කරයි – චීනයට පැමිණෙන විදේශිකයින් සඳහා පනවා තිබූ අනිවාර්ය නිරෝධායනය ඊයේ (08) සිට අහෝසි කිරීමට එරට බලධාරීන් පියවර ගෙන තිබේ.
2023-01-08T16:26:11.000Z
අයවැයෙන් වෙන් කළ රුපියල් බිලියන 10ක මුදල පළාත් පාලන මැතිවරණයට ප්‍රමාණවත් - මැතිවරණ කොමසාරිස් ජනරාල්
පුංචි ඡන්දෙට රු. බිලියන 10ක මුදල ප්‍රමාණවත්...
COLOMBO (News 1st) - පළාත් පාලන මැතිවරණය ප්‍රකාශයට පත්කිරීමත් සමග මේ වනවිට දේශපාලන පක්ෂ සිය අපේක්ෂකයින් වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කරමින් ඡන්දයට ලහි ලහියේ සූදානම් වෙමින් සිටියි. මේ අතර මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසන්නේ පළාත් පාලන මැතිවරණයට වෙන්කළ රුපියල් බිලියන 10ක මුදල මැතිවරණය පැවැත්වීමට හොඳටම ප්‍රමාණවත් බවය. තවදුරටත් අදහස් දැක්වූ මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා, "බිලියන 10ක මුදල් ප්‍රමාණය ඇතිවෙයි කියන ප්‍රමාණය තියෙනවා. සමහර විට ඊට වඩා අඩු ප්‍රමාණයකින් ගියවර බිලියන 08ක් කියපු වියදම තමා කොවිඩ් 19 තත්ත්වයක් තුළ අපි බිලියන 5.8කින් අපි අවසන් කරගත්තා. ඒ අනුව අපි විශ්වාස කරනවා අපි ඉල්ලපු ඇස්තමේන්තුගත මුදල හා ඉන් පහළ ප්‍රමාණයකදි මේ කටයුතු අවසන් කරගන්න පුලවන් කියලා. බිලියන 9.3ක ප්‍රමාණයක් තමා අපි ඉල්ලුවේ. මුලින්ම අපි ඉල්ලුවේ බිලියන 11 ක්. නමුත් අපි ඇස්තමේන්තුගත මුදල 9.3 ක්. අයවැයෙන් අපිට බිලියන් 10ක් වෙන් කරලා තියෙනවා"
2023-01-08T08:53:42.000Z
සුරාබදු දෙපාර්තමේන්තු ඉතිහාසයේ වැඩිම ආදායම 2022 වසරේදී
සුරාබදු දෙපාර්තමේන්තු ඉතිහාසයේ වැඩිම ආදායම 2022දී
COLOMBO ( News 1st ) - සුරාබදු දෙපාර්තමේන්තු ඉතිහාසයේ වැඩිම ආදායම 2022 වසරේදී උපයා තිබේ . එලෙස ඉපැයූ ආදායම රුපියල් බිලියන 170ක් වන අතර සුරාබදු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා සඳහන් කළේ, මේ වසරේ ඉලක්කගත ආදායම රුපියල් බිලියන 217 ක් බව ය. ගෙවුණු වසරේ වැඩිම ආදායමක් සුරාබදු දෙපාර්තමේන්තුව වාර්තා කර ඇත්තේ සේවක පුරප්පාඩු 200 ක් පමණ පැවති පසුබිමක වීම විශේෂත්වයකි. මේ අතර දේශීයව නිෂ්පාදිත මත්පැන් සඳහා ප්‍රමිති සහතික ලබා දීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබේ. ඒ අනුව මේ වන විට වෙළඳපොළේ ඇති මත්පැන් වර්ග රැසකට අදාළ ප්‍රමිති සහතික ලබා දී ඇතැයි කපිල කුමාරසිංහ මහතා පැවසීය.
2023-01-08T06:06:51.000Z
චීනය විදේශිකයින් සඳහා පැනවූ නිරෝධායන නීති ලිහිල් කරයි
චීනයේ ලිහිල් වූ නිරෝධායන රෙගුලාසී..
COLOMBO (News 1st ) - චීනයට පැමිණෙන විදේශිකයින් සඳහා පනවා තිබූ අනිවාර්ය නිරෝධායනය අද(08) සිට අහෝසි කිරීමට එරට බලධාරීන් පියවර ගෙන තිබේ. ඒ, විදෙස් සංචාරකයින් සඳහා 2020 වසරේ සිට පනවා තිබූ අඛණ්ඩ නිරෝධායන රෙගුලාසි අවසන් කරමිනි. පසුගිය මාසයේදී ශුන්‍ය කොවිඩ් ප්‍රතිපත්තිය චීන රජය විසින් අහෝසි කිරීමත් සමග බොහොමයක් කොවිඩ් රෙගුලාසි ලිහිල් කරනු ලැබුවේ, එරට තුළ ඇතිවූ මහජන විරෝධතා හමුවේ ය. කෙසේවෙතත් ලෝකයේ ප්‍රධාන රටවල් රැසක් මේ වනවිට චීනයේ සිට පැමිණෙන සංචාරකයින් සඳහා කොවිඩ් පරීක්ෂණ වාර්තා අනිවාර්ය කර තිබේ.
2023-01-08T06:03:11.000Z
ජනපති ලබන සතියේ ඉන්දියාවට..
ජනපති ලබන සතියේ ඉන්දියාවට..
COLOMBO ( News 1st ) - ඉන්දියාව සත්කාරකත්වය දරන "වොයිස් ඔෆ් ග්ලෝබල් සවුත් සමිට්" සඳහා ශ්‍රී ලංකා ජනාධිපතිවරයා, බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා මහත්මිය ඇතුළු රාජ්‍ය නායකයින් 20 දෙනෙකු සහභාගීවීමට නියමිතය. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන 12 සහ 13 යන දෙදින මෙම සමුළුව පැවැත්වීමට නියමිතය. ඒ සඳහා අසල්වැසි රටවල නායකයින් හැරුණු විට ඇන්ගෝලියා, ඝානා, නයිජීරියා, මොසැම්බික් හා සෙනගල් යන අප්‍රිකානු රටවල නායකයින්, ආසියානු සාමාජිකත්වය දරන තායිලන්ත, කාම්බෝජය සහ වියට්නාමය යන රටවල නායකයින් මෙන්ම උස්බෙකිස්ථානය, මොංගෝලියාව, එක්සත් අරාබි එමීර් සහ පැපුවා නිව්ගිනියා යන රටවල නායකයින් සහභාගීවීමට නියමිත බව ද වාර්තා වේ. මේ අතර ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය, ආචාර්ය එස්. ජයශංකර් මහතා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීමට නියමිත බව, හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත වාර්තා කර තිබේ. එම පුවත්පත වාර්තා කරන්නේ සංචාරය සිදුකරන දින වකවානු පිළිබඳව මෙතෙක් අවසන් තීරණයකට එළඹ නොමැති බව ය. ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා මෙරටට පැමිණියහොත්, දෙරට අතර ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබදව වැඩිදුරටත් සාකච්ඡා කිරීමට අවධානය යොමුවනු ඇතැයි හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත වැඩිදුරටත් වාර්තා කර තිබේ.
2023-01-08T05:58:31.000Z
කොළොම්බියානු ගුවන් සේවයට අයත් යානයක මළ සිරුරු දෙකක්
කොළොම්බියානු යානයක මළ සිරුරු දෙකක්
COLOMBO ( News 1st ) - කොළොම්බියානු ගුවන් සේවයට අයත් යානයක බහාලුම් කලාපයේ තිබී පුද්ගල මළ සිරුරු 02ක් සොයාගෙන තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, කොළොම්බියාවේ බොගෝටා නගරයේ ගුවන්තොටුපොළ බලධාරීන් එම මළ සිරුරු සොයාගත් බව ය. මියගිය පුද්ගලයින්ගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු කරගෙන නොමැති අතර ඔවුන් වයස අවුරුදු 15 - 20ත් අතර වයසේ පසුවන්නන් බව කොළොම්බියානු බලධාරීන් වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.
2023-01-08T04:11:42.000Z
විදුලි බිල සංශෝධනයට හෙට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවනු ඇතැයි විශ්වාස කරනවා - විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය
විදුලිබිල සංශෝධනයට කැබිනට් අනුමැතිය හිමිවෙයි ද?
COLOMBO ( News 1st ) - විදුලිබිල සංශෝධනය සඳහා ඉදිරිපත් කර ඇති යෝජනාවට හෙට (09) කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වනු ඇතැයි විශ්වාසය පළකරන බව, විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි. අමාත්‍යාංශය ප්‍රකාශ කළේ, පසුගිය සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාව සඳහා අමාත්‍යවරුන්ගේ අදහස් ඉදිරිපත් කිරීම වෙනුවෙන් සතියක් ලබාදී ඇති බව ය. හෙට (09) එම අදහස් සළකා බැලීමෙන් අනතුරුව විදුලිබිල සංශෝධනය සඳහා කැබිනට් අනුමැතිය හිමිවනු ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පැවසීය. ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කළේ, අපේක්ෂිත පරිදි විදුලි බිල වැඩි කිරීමට අවස්ථාව හිමි වන්නේ නම් සහ ගල් අඟුරු හා ඉන්ධන බලාගාර සඳහා නිසි පරිදි යෙදවුම් ලැබෙන්නේ නම්, ඉදිරි කාලසීමාව තුළ කප්පාදුවකින් තොරව විදුලිය සැපයුම ලබා දීමට හැකි වෙතැයි අපේක්ෂා කරන බව ය. මේ අතර ගාස්තු සශෝධනය සම්බන්ධයෙන් සිය උපදෙස් මාලාව කැබිනට් මණ්ඩලය වෙත යොමු කර ඇතැයි මහජන උපයෝගිතා කොමිසම පවසයි. එහි සභාපති ජනක රත්නායක මහතා ප්‍රකාශ කළේ, විදුලිබිල වැඩි කිරීම සඳහා බලශක්ති අමාත්‍යාංශය ඉදිරිපත් කළ යෝජනාව සඳහා අනුමැතිය දීමට පෙර සිය කොමිසම යොමු කළ උපදෙස් මාලාවේ ඇතුළත් දත්ත කෙරෙහි අවධානය යොමු කරන්නැයි කැබිනට් මණ්ඩලයෙන් ඉල්ලා සිටි බව ය. විදුලිබිල වැඩිකිරීමට විරෝධය පළ කරමින් අද (08) පස්වරුවේ විදුලි පහන් නිවා දමා සාමකාමී විරෝධතාවයක නියැලෙන්නැයි ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් ජනතාවගෙන් ඉල්ලීමක් සිදුකර තිබේ.
2023-01-08T02:48:58.000Z
ජාතික මැතිවරණ කොමිසම සහ මැතිවරණ නිරීක්ෂණ සංවිධාන අතර හමුවක් ලබන බදාදා
මැතිවරණ කොමිසම හා නිරීක්ෂකයින් අතර හමුවක් බදාදා..
COLOMBO ( News 1st ) - ජාතික මැතිවරණ කොමිසම සහ මැතිවරණ නිරීක්ෂණ සංවිධාන අතර හමුවක් ලබන බදාදා පැවැත් වීමට නියමිත ය. පැ‍ෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ, රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ, මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව නිරීක්ෂණ සංවිධාන සහ කොමිසම අතර පැවැත්වෙන පළමු හමුව එය වන බව ය. එහිදී මැතිවරණ නීතිය, මැතිවරණ පවත්වන ආකාරය පිළිබඳව සහ ගැසට් නිවේදන පිළිබඳව සාකච්ජා කෙරෙනු ඇති. මේ අතර පළාත් පාලන මැතිවරණය කල් දැමීමට එරෙහිව ඉදිරි දින කිහිපය ඇතුළත අධිකරණ ක්‍රියාමාර්ග වලට අවතීර්ණ වීමට මැතිවරණ නිරීක්ෂණ සංවිධාන තීරණය කර තිබේ. පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ, රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ, පළාත් පාලන මැතිවරණය පැවැත්වීම වෙනුවෙන් සිදුකරනු ලබන සියලු සංවිධාන කටයුතු බලරහිත කරමින්, රීට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා පෙත්සම්කරුවෙකු ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කර ඇති පෙත්සම සඳහා අතරමැදි පෙත්සම්කරුවන් ලෙස නිරීක්ෂණ සංවිධාන ඉදිරිපත් වන බව ය.
2023-01-08T02:10:36.000Z
ආණ්ඩුවට සම්බන්ධ සියලු පාර්ශ්ව සමග එක්ව ඉදිරි පළාත් පාලන මැතිවරණයට මුහුණදීමට සුදානම් - එක්සත් ජාතික පක්ෂය
එ.ජා.ප ය හා පොහොට්ටුව අතර අද සාකච්ඡාවක්..
COLOMBO ( News 1st ) - ආණ්ඩුවට සම්බන්ධ සියලු පාර්ශ්ව සමග එක්ව ඉදිරි පළාත් පාලන මැතිවරණයට මුහුණදීමට සුදානම් බව, එක්සත් ජාතික පක්ෂය පවසයි. පක්ෂ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා සඳහන් කළේ ,ඒ පිළිබඳව සාකච්ඡාවක් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ප්‍රධානීන් සමග අද (08) පැවැත්විමට නියමිතව ඇති බව ය. සාකච්ජාව සඳහා එක්සත් ජාතික පක්ෂ මහලේකම්වරයා, සභාපතිවරයා සහ ජාතික සංවිධායකවරයා ඇතුළු කණ්ඩායමක් සහභාගි වීමට නියමිතව ඇතැයි පාලිත රංගෙබණ්ඩාර මහතා ප්‍රකාශ කළේ ය. ඒ සම්බන්ධයෙන් නිවුස්ෆස්ට්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් විමසිමක් කළ අතර එහි ජ්‍යෙෂ්ඨයෙකු පැවසුවේ, පළාත් පාලන මැතිවරණය පිළිබඳව එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධානින් සමග අද (08) විශේෂ සාකච්ජාවක් පැවැත්වෙන බව ය. එහිදි ඉදිරි පළාත් පාලන මැතිවරණය ඉලක්ක කර ගනිමින් නව සන්ධානයක් බිහි කිරිම පිළිබදව අවධානය යොමු කරන බව, ඔහු ප්‍රකාශ කළේ ය. මේ අතර ඉදිරි පළාත් පාලන මැතිවරණයේදි උතුරු පළාතේ ඇතැම් පළාත් පාලන ආයතන සඳහා ඩග්ලස් දේවානන්දා මහතාගේ නායකත්වයෙන් යුත්, ඊලම් ජනතා ප්‍රජාතන්තවාදි පක්ෂයේ විණාව ලකුණින් තරග කිරීමට දැනට සැලසුම් කර ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පැවසීය. එම පක්ෂය ප්‍රකාශ කළේ නැගෙනහිර පළාතේ ඇතැම් පළාත් පාලන ආයතන සඳහා සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් ‍මහතාගේ නායකත්වයෙන් යුත් තමිල් මක්කල් විඩුදලෛප් පුළිකල් පක්ෂයේ බෝට්ටුව ලකුණින් තරග කිරීමට සැලසුම් කර ඇති බව ය. දකුණේ සියලු දිස්ත්‍රික්ක වලට පොහොට්ටුව ලකුණින් ඉදිරිපත් වීමට දැනට සැලසුම් කර ඇතත්, එක්සත් ජාතික පක්ෂය සමග පැවැත්වෙන සාකච්ඡාවෙන් අනතුරුව, ඉදිරිපත් වන ලකුණ පිළිබඳ අවසන් තීරණයක් ගන්නා බව, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පැවසීය. මේ අතර දිවයිනේ සියලු පළාත් පාලන ආයතන සඳහා දුරකතනය ලකුණෙන් තරග වැදීමට සිය පක්ෂය මේ වන විට තීරණය කර ඇතැයි සමගි ජන බලවේගය පවසයි. එහි මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් මද්දුම බණ්ඩාර මහතා සඳහන් කළේ, දමිල ප්‍රගතිශිලි පෙරමුණ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය , සමස්ත ලංකා මහජන කොංග්‍රසය ඇතුළු සමගි ජන සන්ධානයේ හවුල්කාර පක්ෂ සමග එක්ව මෙවර මැතිවරණයට ඉදිරිපත් වන බව ය. ඊට අමතරව ඩලස් අලහප්පෙරුම පාර්ශවය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු සෙසු පක්ෂ සමග ද, මැතිවරණය ඉලක්ක කර ගනිමින් සාකච්ජා ආරම්භ කර ඇතැයි රංජිත් මද්දුම බණ්ඩාර මහතා ප්‍රකාශ කළේ ය. ඔහු පැවසුවේ, මැතිවරණය ඉලක්ක කර ගනිමින් සියලු දිස්ත්‍රික්කවල ඡන්දපොළ නියෝජිතයින් වෙනුවෙන් විශේෂ වැඩමුළු මාලාවක් සංවිධානය කර ඇති බව ය. මේ අතර සිය මන්ත්‍රි කණ්ඩායමේ හමුවක් අද (08) පැවැත්වෙන බව නිදහස ජනතා සභාව නියෝජනය කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පැවසීය. ඒ, නව සන්ධානයක් බිහි කිරිම වෙනුවෙන් විවිධ දේශපාලන පක්ෂ සමග සිදුකළ සාකච්ජා සම්න්ධයෙන් සාමාලෝචනයක් කිරීමේ අරමුණෙනි. පළාත් පාලන මැතිවරණය සඳහා වෙනම තරග කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරුවලින් ඉවත් කරන ලද අමාත්‍ය මහින්ද අමරවීර ඇතුළු කණ්ඩායම තීරණය කර තිබේ. එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ, ඉදිරි පළාත් පාලන මැතිවරණයේදි තම කණ්ඩායම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හෝ වෙනත් කිසිදු පක්ෂයක සලකුණක් යටතේ තරග නොකරන බව ය. අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රමුඛ 9දෙනෙකුගෙන් යුත් ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ තනතුරු අහිමි කළ කණ්ඩායම ඒ පිළිබඳ එකගතාවයකට පැමිණි බව ද ඔහු ප්‍රකාශ කළේ ය. ඒ අනුව තම අනන්‍යතාව රැකෙන පරිදි පළාත් පාලන මැතිවරණය සඳහා කණ්ඩායමක් ඉදිරිපත් කරන බව, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරුවලින් ඉවත් කළ පාර්ශවය පැවසීය. මේ අතර ඉදිරි පළාත් පාලන මැතිවරණයට තරග වැදීමට සිය පක්ෂය තීරණය කර ඇතැයි පෙරටුගාමි සමාජවාදි පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා ප්‍රකාශ කළේ ය.
2023-01-08T01:55:10.000Z
නොරොච්චෝලේ අක්‍රිය කර තිබූ ජනන යන්ත්‍රය අද සිට යළිත් සක්‍රීය කෙරේ..
නොරොච්චෝලේ ජනන යන්ත්‍රය යළිත් සක්‍රීයයි...
COLOMBO ( News 1st ) - නොරොච්චෝලේ බලාගාරයේ අක්‍රීය කර තිබූ ජනන යන්ත්‍රය අද (08) සිට යළිත් සක්‍රීය කරන බව, ලංකා විදුලිබල මණ්ඩලය පවසයි. එහි අතිරේක සාමාන්‍යාධීකාරි ධම්මික නවරත්න මහතා ප්‍රකාශ කළේ නඩත්තු කටයුතු සඳහා අක්‍රිය කර තිබූ පළමු ජනන යන්ත්‍රය මේ වන විට පණ ගන්වමින් ඇති බව ය. ඉදිරි දින දෙක ඇතුළත එහි ධාරිතාව ජාතික පද්ධතියට එක් කළ හැකි වනු ඇතැයි ද ලංකා විදුලිබල මණ්ඩලය සදහන් කළ අතර පසුගිය 22 වැනිදා මධ්‍යම රාත්‍රියේ නොරොච්චෝලේ බලාගාරයේ එක් ජනන යන්ත්‍රයක් අක්‍රීය කළේ නඩත්තු කටයුත්තක් සිදු කරන බව පවසමිනි. ඒ හේතුවෙන් ජාතික පද්ධතියට අහිමි වූ විදුලි ධාරිතාව, මෙගාවොට් 300 කි.
2023-01-08T01:49:30.000Z
අමාත්‍යාංශ , දෙපාර්තමේන්තු ඇතුළු රාජ්‍ය ආයතන භාවිත කරන වාහන සම්බන්ධයෙන් විමර්ශනයක් ඇරඹෙයි
රාජ්‍ය ආයතන භාවිත කරන වාහන සම්බන්ධයෙන් විමර්ශනයක්
COLOMBO ( News 1st ) - අමාත්‍යාංශ , දෙපාර්තමේන්තු ඇතුළු රාජ්‍ය ආයතන භාවිත කරන වාහන සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කරන බව ජාතික විගණන කාර්යාලය පවසයි. විගණකාධිපති ඩබ්ලිව්.පී.සී.වික්‍රමරත්න මහතා සඳහන් කළේ, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුවේ සහය ද ඒ සඳහා ලබා ගැනීමට අපේක්ෂා කරන බව ය. ලේඛනගත කර ඇති පරිදි අදාළ වාහන රජයේ ආයතන සතුව තිබෙනවාද?, එම වාහන නිසි කාර්යක්ෂමතාවයෙන් යුක්තව යොදාගෙන ඇද්ද ?යන්න පිළිබඳව විමර්ශනයේදි සළකා බලන බව, විගණකාධිපතිවරයා ප්‍රකාශ කළේ ය. ජාතික විගණන කාර්යාලය සඳහන් කළේ, අමාත්‍යාංශ සහ දෙපාර්තමේන්තු ඇතුළු රාජ්‍ය ආයතන මට්ටමින් වෙන් වෙන්ව විර්ශනය ක්‍රියාත්මක කිරිමට නියමිත බව ය.
2023-01-08T00:52:00.000Z
ගෙවුණු දිනය උණුසුම් කළ පුවත්
ගෙවුණු දිනය උණුසුම් කළ පුවත්
COLOMBO (News 1st) - දේශීය පුවත් 01.සමාජ මාධ්‍ය නියාමනයට පනතක් හදන්න ජනපති සැරසෙයි.. ඊයේ (07) සතිඅන්ත පුවත්පත් වාර්තා කළේ, පළාත් පාලන ඡන්දයක් ජනතාව බලාපොරොත්තු නොවන බව ජනාධිපතිවරයා පැවසූ බවයි. 02.ආණ්ඩුව ඡන්දයකට බිය වී ඡන්දය කල් දැමීමට උපක්‍රම යොදනවා - රංජිත් මද්දුම බණ්ඩාර ඉදිරියේ දී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ නියෝජිතයින් කිහිපදෙනෙකු ඊයේ (07) අදහස් පළ කළහ. 03.පක්ෂ ලේකම්වරු 11 වැනිදා මැතිවරණ කොමිෂන් සභාවට ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ රැස්වීමක්, හෙට (09) පැවැත්වීමට නියමිතව තිබේ. 04.අලුත උපන් බිළිඳිය ඝාතනය කර වැසිකිළි වළකට දැමු මවක් අත්අඩංගුවට අලුත උපන් බිළිඳිය ඝාතනය කර වැසිකිළි වළකට දැමු මවක් අත්අඩංගුවට ගෙන තිබේ. 05.2022 උ/පෙළ උපකාර පන්ති, සම්මන්ත්‍රණ, දේශන සහ වැඩමුළු 17වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට තහනම්.. 2022 උසස් පෙළ විභාගයට අදාළ උපකාර පන්ති, සම්මන්ත්‍රණ, දේශන සහ වැඩමුළු ලබන 17වැනිදා මධ්‍යම රාත්‍රී 12.00 සිට තහනම් කර තිබේ. විදෙස් පුවත් 01.අමෙරිකාවේ 6 හැවිරිදි දරුවෙක් පන්ති කාමරයේදී ගුරුවරියකට වෙඩි තියයි.. 06 හැවිරිදි දරුවෙකු සිය ගුරුවරියට වෙඩි තැබීමේ පුවතක් අමෙරිකාවෙන් වාර්තා වෙයි. 02.බෝම්බ තර්ජනයක් නිසා ජපාන මගී ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි බෝම්බ තර්ජනයක් හේතුවෙන් ජපාන මගී ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වා තිබේ. ක්‍රීඩා පුවත් 01.ශ්‍රී ලංකාවට ලකුණු 91ක දැවැන්ත පරාජයක්: 20/20 තරගාවලි⁣යේ ජය ඉන්දියාවට ශ්‍රී ලංකාව සමග පැවැති තරග 3කින් සමන්විත පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය, තරග 2 - 1 ක් ලෙස ජය ගැනීමට සත්කාරක ඉන්දීය කණ්ඩායම සමත් විය.
2023-01-07T16:49:43.000Z
ශ්‍රී ලංකාවට ලකුණු 91ක දැවැන්ත පරාජයක්: 20/20 තරගාවලි⁣යේ ජය ඉන්දියාවට
විස්සයි විස්ස තරගාවලියේ ජය ඉන්දියාවට
COLOMBO (News 1st) - සංචාරක ශ්‍රී ලංකාවට එරෙහි තරග තුනකින් යුත් පන්දුවාර 20-20 තරගාවලිය තරග 2 -1ක් ලෙස ඉන්දියාව ජය ගත්තේ ය. අවසන් පන්දුවාර 20 -20 තරගය පැවැත්වූයේ රාජ්කෝට් පිටියේ දීයි. තරගයේ කාසිය වාසිය හිමිකරගත් ඉන්දීය නායක හර්දික් පාන්ඩයා පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේ ය. ඒ අනුව පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායමේ, පළමු කඩුලු 2 ලකුණු 52කදී බිඳ වැටිණි. අනතුරුව පිටියේ එක් වූ සූර්යකුමාර් යාදේව් සහ ශුබ්මන් ගිල් තුන්වන කඩුල්ලට ලකුණූ 111ක සබඳතාවක් ගොඩ නැගීමට සමත් විය. ප්‍රවේගකාරී පිතිහරඹයක නිරත වූ සූර්යකුමාර් යාදේව් පන්දු 51 දී නොදැවී ලකුණු 112ක් රැස් කළේ ය. ඔහුගේ ඉනිම 6 පහර 9කින් සහ හතරේ පහර 7කින් වර්ණවත් විය. මෙම ශතකයත් සමග යාදෙව් 20 -20 පිටිය තුළ වැඩිම ශතක රැස් කළ ක්‍රීඩකයන් අතර දෙවන ස්ථානයේ රැඳී සිටින්නේ ශතක තුනක් රැස් කර ගනිමිනි. ශුබ්මන් ගිල් ලකුණු 46 යි. ඩිල්ෂාන් මදුෂංක කඩුලු 2 දවා ගත්තේ ය. ඒ අනුව ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 5ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 228කි. ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුල්ල වෙනුවෙන් කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිශ්ශංක ලකුණූ 44ක සබඳතාවක් ගොඩ නැගීමට සමත් විය. ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුලු 5 ලකුණු 96 කදී දැවී ගියේ ය. නායක දසුන් ශානක ලකුණු 23 යි. ඉන්දියාව වෙනුවෙන් අර්ෂදීප් සින්ග් කඩුලු 3ක් දවා ගත්තේ ය. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු වාර 16යි පන්දු 5ක් අවසානයයේ සියලු දෙනා දැරී රැස් කිරීමට සමත් වූයේ, ලකුණු 137 ක් පමණි. දෙරට අතර තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය ලබන 10 වැනිදා ආරම්භ වීමට නියමිත ය.
2023-01-07T15:49:41.000Z
ආණ්ඩුව ඡන්දයකට බිය වී ඡන්දය කල් දැමීමට උපක්‍රම යොදනවා - රංජිත් මද්දුම බණ්ඩාර
ආණ්ඩුව ඡන්දයට බයයි..
COLOMBO ( News 1st ) - ඉදිරියේ දී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ නියෝජිතයින් කිහිපදෙනෙකු අද (07) අදහස් පළ කළහ. ඒ සම්බන්ධයෙන් අදහස් පල කරමින් සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා අදහස් පළ කරමින් කියා සිටියේ, ආණ්ඩුව ඡන්දයකට බිය වී ඡන්දය කල් දැමීමට නොයෙක් උපක්‍රම යොදවමින් සිටින බව ය. කෙසේ වෙතත් අධිකරණය මෙම මැතිවරණය සම්බන්ධයෙන් නිසි තීන්දුවක් ලබාදෙනු ඇති බවත් ඔහු ප්‍රකාශ කළේ ය. තවද, ඉදිරියේ දී පැවැත් වීමට නියමිත මැතිවරණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා අදහස් දක්වමින් කියා සිටියේ, රජය වෙත සැපයිම් හා ඉදිකිරිම් කළ කණ්ඩායම් වෙත ගෙවීමට නොපියවු බිල්පත් බිලියන ගණනක් පවතින නමුත්,අදාළ පියවීම් සියල්ල පසෙකලා අමාත්‍යාංශයක් ලෙස මැතිවරණයට අවතීර්ණ වීමට සිදුවන බවය. වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේ, රටේ ආර්ථිකය ක්‍රමවත්ව යථාවත් වීමට අවශ්‍ය පුර්ණ වැඩසටහන මේ වන විට ක්‍රියාත්මක වෙමින් ඇති බවත් එතනින් බැහැර වුවහොත් මේ ඇතිවන ස්ථායීකරණයට හා ජනතා බලාපොරොත්තු වලට කිසියම් බාධාවක් ඇති විය හැකි බවද ඔහු පැවසීය.
2023-01-07T14:56:42.000Z
පළාත් පාලන ඡන්ද විමසීම කල් දැමීමකින් තොරව නිසි වේලාවට පැවැත්විය යුතුයි - මැතිවරණ නිරීක්ෂණ සංවිධාන
පළාත් පාලන ඡන්දය කල් දැමීමට ඉඩක් නැහැ
COLOMBO ( News 1st ) - පළාත් පාලන ජන්ද විමසීම කල් දැමීමකින් තොරව නිසි වේලාවට පැවැත්විය යුතු බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන අවධාරණය කර තිබේ. ඔවුන් මෙම අදහස් පළ කළේ, ජනාධිපතිවරයා මැතිවරණ කොමිසම කැඳවීමේ සිදුවීම පදනම් කරගනිමිනි. මැතිවරණ නිරීක්ෂණ සංවිධාන 6 ක් මෙම මාධ්‍ය හමුව නියෝජනය කළහ. මෙහිදී අදහස් දක්වමින් පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා ප්‍රකාශ කළේ,සියලුම දෙනා මැතිවරණය පැවැත්විය යුතුයි කියන ස්ථාවරත්වයෙ සිටින බවයි. එසේම මැතිවරණ කොමිෂන් සභාව මෙම මැතිවරණය සම්බන්ධයෙන් බෙදුණු තැනක සිටිනවා යැයි කියන කරුණ පිළිබඳව ආණ්ඩු පාර්ශ්වයෙනුත්, මාධ්‍ය පාර්ශ්වයෙනුත් ප්‍රකාශ නිකුත් වී ඇති බවත් මෙතෙක් පැමිණි මැතිවරණ ක්‍රියාවලිය නීත්‍යානුකූල නොවන බවට සමාජ මතයක් නිර්මාණය කිරීමේ උත්සහයක් බවතින බවත් ඔහු පැවසීය. ජනාධිපතිවරයා අවස්ථා 2කදී මැතිවරණ කොමිෂන් සභාව කැඳවා ඇති බවත් රාජ්‍ය නායකයා ලෙස කොමිෂන් සභාවක් කැඳවීමට අයිතියත් ඇතත්, මැතිවරණයක් ප්‍රකාශයට පත් කර ඇති මොහොතක මැතිවරණය පිළිබඳ ආණ්ඩුවේ එකඟතාවයක් නොමැති බව පෙන්නුම් කරමින් තිබෙන මොහොතක ජනාධිපතිවරයා රාජ්‍ය නායකයා ලෙස මැතිවරණ කොමිසන් සභාව කැඳවා මැතිවරණය පිළිබඳව ප්‍රශ්න කිරීම ප්‍රජාතන්ත්‍රවාදී නොවන බවත්, නීත්‍යානුකූල නොවන බවත් ඔහු අවධාරණය කළේ ය. අදාළ ක්‍රියාව හේතුවෙන් මුළුමනින් ම මැතිවරණ කොමිෂන් සභාවේ ස්වාධීනභාවයට එල්ල කරන පහරක් ලෙස නිරීක්ෂණ සංවිධාන ලෙස ඔවුන් මෙම ක්‍රියාව දකින බවද ඔහු පැවසීය. කැෆේ සංවිධානයේ නීති අධ්‍යක්ෂ ,නීතිඥ හරේන්ද්‍ර බානගල මහතා අදහස් දක්වමින් ප්‍රකාශ කළේ,මැතිවරණය කල් තැබීමට ඔවුන්ට කිසිදු දේශපාලනික සමාජීය හෝ ආර්ථික වපසරියක් නිර්මාණය වී නොමැති බවය.
2023-01-07T14:50:51.000Z
ආර්ථික අර්බුදයත් සමග රූපලාවන්‍ය ක්ෂේත්‍රය බිඳ වැටෙයි ද?..
රූපලාවන්‍ය ක්ෂේත්‍රය බිඳ වැටෙයි ද?
COLOMBO ( News 1st ) - දූෂණය , නොහැකියාව,අක්‍රමිකතා නිසා අපේ රටේ ආර්ථීකය විනාශ විය. ආර්ථික අපරාධ අපේ රට මෙම තත්ත්වයට පත් වීමට ප්‍රධාන හේතුව බව එක්සත් ජාතීන්ගේ සංවිධානයත් ප්‍රකාශ කර තිබේ. බලය ඇති පිරිස් සිදුකළ මෙම ආර්ථික අපරාධ නිසා දුක්විඳින්නේ විවිධ ක්ෂේත්‍රවල නිරත රටේ සාමාන්‍ය පුරවැසියන් ය. සිනහව, සුන්දරත්වය, සතුට වෙනුවෙන් මහත් සේවයක් කරන රූපලාවන්‍ය ක්ෂේත්‍රයත් එවැනි අර්බුදයකට ලක් වූ ක්ෂේත්‍රයක්ව තිබේ. මෙම අනාවරණය ඔවුන් මුහුණ දෙන තත්ත්වය පිළිබඳව ය. රූපලාවන්‍ය ක්ෂේත්‍රය අපේ රටේ ගම්නගර සිසාරා පැතිරී ගොස් ඇති පුළුල් ක්ෂේත්‍රයකි. ගමේ කොන්ඩා කපන තැන් සිට ඉතා දියුණු තාක්ෂණයෙන් හා ශිල්පීය දැනුමක් සහිතව ක්‍රියාත්මක රූපලාවන්‍යාගාර දක්වා මෙම ක්ෂේත්‍රය විසිරී තිබේ. ආර්ථීක අර්බුදයත් සමග රුපියලේ අගය බිඳවැටීමත් ආනයන සීමා පැනවූ භාණ්ඩ වර්ග අතරට රූපලාවන්‍ය ක්ෂේත්‍රයට අයත් භාණ්ඩ හා උපකරණ වර්ග රැසක් අයත් වීමත් නිසා දැන් මෙම ක්ෂේත්‍රය අර්බුධයකට ලක්වී තිබේ. රටේ ප්‍රධාන වාණිජ නගරය වන කොළඹ කේන්ද්‍ර කරගත් බස්නාහිර පළාත රූපලාවන්‍ය ක්ෂේත්‍රය මනාව සංවිධානාත්මකව ක්‍රියාත්මක වූ පළාතක් වන අතර ආර්ථික අර්බුදයේ වේදනාකාරී අත්දැකීම් ඔවුන්ටත් පොදුය. රූපලාවණ්‍ය ක්ෂේත්‍රය වඩාත් වෘත්තීයමය භාවයක් අත්පත් කරගත්තේ ඒ හා බැඳුණු පාඨමාලා නිසාවෙන් වූ අතර මෙම පාඨමාලා ජාතික වෘත්තීය නිපුණතා සහතිකයේ ප්‍රමිතියෙන් පවා ප්‍රමිති ගත විය. එමගින් දේශීය මෙන්ම විදේශීය රැකියා අවස්ථා වෙත නව පරපුරට අවස්ථාව හිමි වූවද නමුත් වර්තමානයේ දී මෙම අභ්‍යාස ආයතන ද දැඩි ගැටලුකාරී තත්වයයකට පත් වී තිබේ. කාගෙත් සිත් සතුටු කළ සමාජයට බරක් නොවී පැවතුණු මෙම රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ බොහෝ දෙනක් දැන් සිටින්නේ සඟවා ගත් කඳුළු සමගය. ඒ ඔවුන් කළ වරදක් හේතුවෙන් නොවේ. ආර්ථීක ඝාතනයක් ඇතිකරමින් සුළු පිරිසක් කළ වරදක් නිසාවෙනි.
2023-01-07T14:05:34.000Z
සමාජ මාධ්‍ය නියාමනයට පනතක් හදන්න ජනපති සැරසෙයි..
සමාජ මාධ්‍ය නියාමනයට පනතක් හදන්න ජනපති සැරසෙයි..
COLOMBO ( News 1st ) - අද(07) සතිඅන්ත පුවත්පත් වාර්තා කළේ, පළාත් පාලන ඡන්දයක් ජනතාව බලාපොරොත්තු නොවන බව ජනාධිපතිවරයා පැවසූ බවයි. තෝරාගත් මාධ්‍යවේදීන් පිරිසක් හමුවූ අවස්ථාවේ ජනාධිපතිවරයා මේ පිළිබඳව පැවසූ බව අදාළ පුවත්පත වාර්තා කළේ ය. එම වාර්තාවේ සඳහන් වන්නේ තමන් පළාත් පාලන ඡන්ද කටයුතුවලට සහභාගී නොවන බව නැවතත් මෙහිදී ජනාධිපතිවරයා පැවසූ බවයි. අදාළ වාර්තාවට අනුව මේ පළාත් පාලන ඡන්දය පිළිබඳව සලකා බැලිය යුත්තේ, අධිකරණයේ තීන්දුව ද මත බවද මෙහිදී ජනාධිපතිවරයා පවසා තිබේ. මේ අතර , සිංගප්පූරුවේ පවතින සමාජ මාධ්‍ය නීති පදනම් කරගෙන මෙරට සමාජ මාධ්‍ය නියාමනය කිරීම සම්බන්ධයෙන් පනතක් සම්පාදනය කළ යුතු බව ද ජනාධිපතිවරයා මෙහිදී පවසා තිබුණි.
2023-01-07T12:35:35.000Z
අමෙරිකාවේ 6 හැවිරිදි දරුවෙක් පන්ති කාමරයේදී ගුරුවරියකට වෙඩි තියයි..
6 හැවිරිදි දරුවෙකුගෙන් ගුරුවරියකට වෙඩි
COLOMBO ( News 1st ) - 06 හැවිරිදි දරුවෙකු සිය ගුරුවරියට වෙඩි තැබීමේ පුවතක් අමෙරිකාවෙන් වාර්තා වෙයි. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, අමෙරිකාවේ වර්ජිනියා ප්‍රාන්තයේ ප්‍රාථමික පාසලක පළමු ශ්‍රේණියේ පන්ති කාමරයක් තුළ ඇති වූ ආරවුලක් දුරදිග ගොස් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති බවය. වෙඩි ප්‍රහාරයට ලක්වූ 30 හැවිරිදි ගුරුවරිය මේ වනවිට රෝහලගතව ප්‍රතිකාර ලබන අතර, විමර්ශන නිලධාරීන් සඳහන් කරන්නේ, මෙය අහඹු අනතුරක් නොවන බව ය. වෙඩි ප්‍රහාරය එල්ල කළ 06 හැවිරිදි දරුවා මේ වනවිට පොලිස් භාරයට ගෙන තිබේ නමුත්, සිද්ධියෙන් පන්ති කාමරයේ සිටි සිසුන්ට අනතුරක් සිදුවී නොමැත. කෙසේ නමුත් මෙම දරුවාට අදාළ දරුවා ගිනි අවියක් ලැබුණේ කෙසේ ද යන්න පිළිබඳව මෙතෙක් අනාවරණය වී නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
2023-01-07T11:37:47.000Z
අලුත උපන් බිළිඳිය ඝාතනය කර වැසිකිළි වළකට දැමු මවක් අත්අඩංගුවට
බිළිඳියක ඝාතනය කළ මවක් අත්අඩංගුවට
COLOMBO ( News 1st ) - අලුත උපන් බිළිඳිය ඝාතනය කර වැසිකිළි වළකට දැමු මවක් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, තෙරිපැහැ ප්‍රදේශයේදී ය. උදරයේ තදබල වේදනාවක් ඇති බව කියමින් මෙම කාන්තාව තෙරිපැහැ රජයේ රෝහලට ඇතුළත් වී නේවාසිකව ප්‍රතිකාර ලබන අතරතුර රෝහලින් පැන ගොස් ඇතැයි සඳහන් ය. පසුව රෝහල සිදුකළ පැමිණිල්ලක් අනුව තෙරිපැහැ පොලීසිය පුළුල් විමර්ශන ආරම්භ කර ඇති අතර අදාළ කාන්තාව සිය සහෝදරියගේ නිවසේ සිටිය දී පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, නිවස වැඩිදුර සෝදිසි කිරිමේදී අලුත උපන් බිළිදියකගේ මළ සිරුර වැසිකිළි වළෙහි තිබී සොයාගත් බව ය.
2023-01-07T11:28:31.000Z
පක්ෂ ලේකම්වරු 11 වැනිදා මැතිවරණ කොමිෂන් සභාවට
පක්ෂ ලේකම්වරු 11 වැනිදා මැතිවරණ කොමිෂන් සභාවට
COLOMBO ( News 1st ) - ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ රැස්වීමක්, අනිද්දා(09) පැවැත්වීමට නියමිතව තිබේ. එම කොමිසමේ සාමාජිකයෙකු පැවසුවේ,පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළව කොමිසමේ කාර්යභාරය සහ ඉදිරි කටයුතු සාකච්ඡා කිරීම වෙනුවෙන් එම රැස්වීම පැවැත්වෙන බව ය. එසේම සියලු පක්ෂ ලේකම්වරු ලබන 11 වැනිදා මැතිවරණ කොමිෂන් සභාවට කැඳවා තිබේ. මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේ, ප්‍රකාශිත පළාත් පාලන මැතිවරණයේ නාම යෝජනා භාර ගැනීම,අනෙකුත් ලියකියවිලි සහ මැතිවරණයට අදාළ සෙසු උපදෙස් ලබාදීම වෙනුවෙන් පක්ෂ ලේකම්වරු කොමිසම හමුවට කැඳවා ඇති බව ය. 11 වැනිදා උදෑසන 10.00ට අදාළ සාකච්ඡාව පැවැත්වෙනු ඇති.
2023-01-07T11:22:49.000Z
බෝම්බ තර්ජනයක් නිසා ජපාන මගී ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි
ජපාන මගී ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි
COLOMBO ( News 1st ) - බෝම්බ තර්ජනයක් හේතුවෙන් ජපාන මගී ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වා තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, නරීටා ගුවන්තොටුපොළේ සිට ෆුකුඕකා ගුවන්තොටුපොළ දක්වා ගමන් කරමින් තිබූ යානයක් වෙනත් ගුවන්තොටුපොළකට ගොඩබස්වා ඇති බව ය. ගුවන් යානයේ භාණ්ඩ ප්‍රවාහන කොටසේ කිලෝ 100ක බෝම්බයක් පවතින බවට නරීටා ගුවන්තොටුපොළට ලැබුණු ඇමතුමකට අනුව මගීන් ඉන් ඉවත් කර තිබේ. මගීන් ඉවත් කිරීමට යාමේදී පස්දෙනෙකු තුවාල ලබා ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය. කෙසේ වෙතත් සැක කටයුතු කිසිවක් මෙතෙක් හමුවී නොමැත.
2023-01-07T08:21:07.000Z
පුංචි ඡන්දයට එජාපය සමග එක්වීමට කැමති පක්ෂ සමග අනිද්දා සිට සාකච්ඡා.. - එජාප මහ ලේකම්
පුංචි ඡන්දය ගැන එජාපයෙන් දැනුම් දීමක්..
COLOMBO (News 1st) - ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂය සමග එක්ව වැඩ කිරීමට කැමැත්ත පලකර ඇති පක්ෂ හා කණ්ඩායම් සමග අනිද්දා සිට සාකච්ඡා ආරම්භ කරන බව එක්සත් ජාතික පක්ෂය පවසයි. එහි මහලේකම් පාලිත රංගේබණ්ඩාර මහතා ප්‍රකාශ කළේ, මැතිවරණය සඳහා අපේක්ෂකයින්ගෙන් අයැදුම්පත් කැඳවීම මේ වනවිට ආරම්භ කර ඇති බවය. පළාත් පාලන මැතිවරණය සඳහා වෙනම තරග කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරුවලින් ඉවත් කරන ලද අමාත්‍ය මහින්ද අමරවීර ඇතුළු කණ්ඩායම තීරණය කර තිබේ. එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ, ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී තම කණ්ඩායම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හෝ වෙනත් කිසිදු පක්ෂයක සලකුණක් යටතේ තරග නොකරන බවය. අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රමුඛ 9 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරු අහිමි කළ කණ්ඩායම මේ පිළිබඳ එකඟතාවයකට පැමිණි බව ද ඔහු ප්‍රකාශ කළේ ය. තම අනන්‍යතාව රැකෙන පරිදි පළාත් පාලන මැතිවරණය සඳහා ඒ අනුව කණ්ඩායමක් ඉදිරිපත් කරන බව ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරුවලින් ඉවත් කළ පාර්ශ්වය පවසයි. අමාත්‍ය තනතුරු භාරගත් බව පවසමින් නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර, දුමින්ද දිසානායක, චාමර සම්පත් දසනායක ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 09 දෙනෙකු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තමන් දැරූ තනතුරුවලින් පසුගියදා ඉවත් කෙරිණි. මේ අතර මෙවර පළාත් පාලන මැතිවරණයට වාමාංශික සන්ධානයක් ලෙස තරග කරන බව, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසයි. පුළුල් ජාතික පෙරමුණක් යටතේ පළාත් පාලන මැතිවරණයට තරග කරන බව, උත්තර ලංකා සභාගය පවසයි. එහි ජාතික විධායක සභික පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ මහතා පැවසුවේ, ඒ සම්බන්ධයෙන් පක්ෂ කිහිපයක් සමග මේ වන විට සාකච්ඡා කරමින් සිටින බවය.
2023-01-07T08:06:24.000Z
අඩු අදායම්ලාභී වැඩිහිටියන්ට නව රක්ෂණ ආවරණයක්
අඩු අදායම්ලාභී වැඩිහිටියන්ට නව රක්ෂණ ආවරණයක්
COLOMBO (News 1st) - අඩු අදායම්ලාභී වැඩිහිටියන් සඳහා නව රක්ෂණ ආවරණයක් ක්‍රියාත්මක කිරීමට ජාතික වැඩිහිටි ලේකම් කාර්යාලය පියවර ගෙන තිබේ. එහි අධ්‍යක්ෂ කපිල ලැනරෝල් මහතා සඳහන් කළේ, ඒ සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් මේ වනවිට අයදුම්පත් භාර ගැනීම ආරම්භ කර ඇති බවය. මෙම රක්ෂණ ආවරණ වාරිකයෙන් අඩක් රජය විසින් දරන බව ද ඔහු ප්‍රකාශ කළේය.
2023-01-07T06:49:26.000Z
2022 උ/පෙළ උපකාර පන්ති, සම්මන්ත්‍රණ, දේශන සහ වැඩමුළු 17වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට තහනම්..
2022උ/පෙළ උපකාර පන්ති 17මධ්‍යම රාත්‍රියේ සිට තහනම්
COLOMBO (News 1st) - 2022 උසස් පෙළ විභාගයට අදාළ උපකාර පන්ති, සම්මන්ත්‍රණ, දේශන සහ වැඩමුළු ලබන 17වැනිදා මධ්‍යම රාත්‍රී 12.00 සිට තහනම් කර තිබේ. විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසුවේ, විභාගය අවසන් වනතුරු එම තහනම ක්‍රියාත්මක බවය. 2022 උසස් පෙළ විභාගය ලබන 23 වැනිදා සිට පෙබරවාරි 17 වැනිදා දක්වා පැවැත්වේ. මේ අතර, විභාගය පැවැත්වීමට සතියකට පෙර සිට දෛනික විදුලිය කප්පාදුව සිදුනොකරන්නැයි, ලංකා විදුලි බල මණ්ඩලයෙන් ඉල්ලීමක් කිරීමට කටයුතු කරන බව, විභාග දෙපාර්තමේන්තුව පවසයි. විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ, සිසුන්ගේ අවශ්‍යතා සැලකිල්ලට ගෙන එම පියවර ගන්නා බවය. විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ දෛනික විදුලිය කප්පාදුවක් සිදුනොකරන්නැයි, දැනටමත් ඉල්ලා ඇතැයිද, ඔහු ප්‍රකාශ කළේ ය. මේ සම්බන්ධයෙන් නිව්ස්ෆස්ට් ලංකා විදුලි බල මණ්ඩලයෙන් විමසීමක් කළේ ය. එහි සාමාන්‍යාධිකාරි රොහාන් සෙනවිරත්න මහතා පැවසුවේ, විභාගයට පෙර දෛනික විදුලිය කප්පාදුව සිදුනොකරන්නැයි මෙතෙක් ඉල්ලිමක් ලැබී නොමැති බවය. එවැනි ඉල්ලීමක් ලද හොත් අවශ්‍ය අධ්‍යන සිදුකර ඉදිරි තීරණ ගන්නා බවද, ඔහු පැවසුවේ ය.
2023-01-07T03:45:18.000Z
අමෙරිකාවේ, කැලිෆෝනියා ප්‍රාන්තයේ උතුරු ප්‍රදේශයේ ප්‍රබල සුළි කුණාටුවක්...
කැලිෆෝනියා ප්‍රාන්තයේ උතුරු ප්‍රදේශයේ ප්‍රබල සුළි
COLOMBO (News 1st) - අමෙරිකාවේ, කැලිෆෝනියා ප්‍රාන්තයේ උතුරු ප්‍රදේශයේ ප්‍රබල සුළි කුණාටුවක් හටගෙන තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඒ හේතුවෙන් මේ වනවිට පුද්ගලයින් තිදෙනෙකු මියගොස් ඇති බවයි. සුළි කුණාටුව සමග ඇති වූ වර්ෂාපතනයන් සහ ගංවතුර තත්ත්වයන් හේතුවෙන් ප්‍රාන්තයේ නිවාස රැසකට ද හානි සිදු වී තිබේ. එමෙන්ම 97,000කට අධික නිවාස සහ ව්‍යාපාර ස්ථාන සංඛ්‍යාවකට මේ වනවිට විදුලිය ඇණහිට ඇති බවද විදෙස් වාර්තාවල සඳහන් වේ. එරට කාලගුණ බලධාරීන් පවසන්නේ පවතින කුණාටු තත්ත්වය තවදුරටත් වර්ධනය විය හැකි බවයි.
2023-01-07T03:39:28.000Z
2021 උසස් පෙළ සමත් 42,000කට අධික සිසුන් පිරිසක් විශ්වවිද්‍යාලවල ලියාපදිංචි වෙයි
සිසුන් 42,000ක් සරසවිවල ලියාපදිංචි වෙයි
COLOMBO (News 1st) - 2021 උසස් පෙළ සමත් සිසුන් 42,000කට අධික පිරිසක් විවිධ පාඨමාලා සඳහා විශ්වවිද්‍යාලවල ලියාපදිංචි වී ඇතැයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි. එහි සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පැවසුවේ පසුගිය 20වැනිදා ආරම්භ වූ ලියාපදිංචි කිරීමේ කටයුතු පසුගිය 30වැනිදා අවසන්වූ බවයි. නැවත සමීක්ෂණ ප්‍රතිඵල මෙතෙක් නිකුත්ව නොමැති බවත් එම ප්‍රතිඵල මත තවත් සිසුන් 5000ක් පමණ බඳවා ගන්නා බවත් මහාචාර්යවරයා සඳහන් කළේ ය.
2023-01-07T03:32:59.000Z
අදත් දුම්රිය ගමන් වාර 05ක් අවලංගු කෙරේ..
අදත් දුම්රිය ගමන් වාර 05ක් අවලංගු කෙරේ..
COLOMBO (News 1st) - අදත්(07) දුම්රිය ගමන් වාර 05ක් අවලංගු කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, පවතින සේවක හිඟය හේතුවෙන් මෙලෙස දුම්රිය ගමන් වාර අවලංගු කිරීමට හේතු වී ඇති බවය. හලාවත මාර්ගය, ප්‍රධාන මාර්ගය හා කැලණිවැලි මාර්ගයේ ධාවනය වන දුම්රිය 05ක් එලෙස අවලංගු කර තිබේ. පසුගිය දින කිහිපයේම දෛනිකව දුම්රිය ගමන්වාර අවලංගු කිරීමට සිදුවුණේ පවතින සේවක හිඟය හේතුවෙනි. මේ හේතුවෙන් කාර්යාලීය සේවකයින් ඇතුළු දුම්රිය මගීන් රැසක් දැඩි පීඩාවට පත් විය.
2023-01-07T03:27:47.000Z
මිරිස්සේදී හෙරොයින් සමග අත්අඩංගුවට ගත් සැකකරුවන් දින 07ක් රඳවා තබා ගැනීමට අධිකරණයෙන් අවසර
හෙරොයින් සමග අත්අඩංගුවට සැකකරුවන්ට රැඳවුම් නියෝග
COLOMBO (News 1st) - මිරිස්ස ධීවර වරාය ආසන්නයේදී හෙරොයින් සමග අත්අඩංගුවට ගත් සැකකරුවන් දින 07ක කාලයක් රඳවා තබා ගැනීමට අධිකරණය අවසර ලබා දී තිබේ. ඒ, අදාළ සැකකරු ඊයේ(06) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. සැකකරුවන් සන්තකයේ තිබී ශ්‍රී ලංකා නාවික හමුදාව භාරයට පත් හෙරොයින් තොගයේ බර කිලෝග්‍රෑම් 23 කට අධික වේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් 05දෙනා අවුරුදු 33ත් 42ත් අතර වයස්වල පසුවන මිරිස්ස, කඹුරුගමුව හා පිටිගල ප්‍රදේශවල පදිංචිකරුවන් ය. ඒ සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.
2023-01-07T03:22:57.000Z
T20 ශූරතාවය කාටද? ඉන්දු - ශ්‍රී ලංකා තීරණාත්මක අවසන් 20යි 20 සටන අද..
ඉන්දු - ශ්‍රී ලංකා තීරණාත්මක අවසන් 20යි 20 සටන අද.
COLOMBO (News 1st) - සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර අවසන් පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගය අද(07) පැවැත් වෙයි. තරගය රාජ්කෝට්හිදී පැවැත්වීමට නියමිතය. තරග තුනකින් සමන්විත තරගාවලියේ කණ්ඩායම් දෙකම එක් තරගය බැගින් ජයගෙන සම තත්ත්වයේ පසුවේ. පළමු පන්දුවාර විස්සයි විස්ස තරගය ඉන්දියාව ලකුණු 2කින් ජය ගත් අතර, පුනේහිදී පැවැති දෙවන තරගය ලකුණු 16කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. ඒ අනුව තරගාවලිය ජය ගැනීමට නම් කණ්ඩායම් දෙකටම අද තරගය ජය ගැනීම අතිශය වැදගත් වේ. ඉන්දීය කණ්ඩායමේ වෙනස්කම් පිළිබදව මේ වන තෙක් වාර්තා වන්නේ නැත. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, ශ්‍රී ලංකා කණ්ඩායමේ භානුක රාජපක්ෂ වෙනුවට සදීර සමරවික්‍රම අද තරගයට ක්‍රීඩා කිරීමට ඉඩ ඇති බවයි. තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රී 07.00ට ආරම්භ වීමට නියමිතව තිබේ.
2023-01-07T03:13:57.000Z
වාමාංශික සන්ධානයක් ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පළාත් පාලන මැතිවරණයට
වාමාංශික සන්ධානයක් ලෙස ශ්‍රීලනිපය මැතිවරණයට
COLOMBO (News 1st) - මෙවර පළාත් පාලන මැතිවරණයට වාමාංශික සන්ධානයක් ලෙස තරග කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසයි. පක්ෂයේ නියෝජ්‍ය ලේකම් සරත් ඒකනායක මහතා පැවසුවේ, මේ වනවිට ප්‍රධානපෙළේ පක්ෂ 6 ක් සමග සාකච්ඡා කරමින් සිටින බවයි. පුළුල් ජාතික පෙරමුණක් යටතේ පළාත් පාලන මැතිවරණයට තරග කරන බව උත්තර ලංකා සභාගය පවසයි. එහි ජාතික විධායක සභික පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ මහතා පැවසුවේ, ඒ සම්බන්ධයෙන් පක්ෂ කිහිපයක් සමග මේ වනවිට සාකච්ඡා කරමින් සිටින බවය.
2023-01-07T03:03:54.000Z
කොළඹ 07 ඇතුළු ප්‍රදේශ රැසකට අද පැය 18 ක ජල කප්පාදුවක්
කොළඹ ප්‍රදේශ රැසකට පැය 18 ක ජල කප්පාදුවක්
COLOMBO (News 1st) - අද (07) රාත්‍රී 10.00 සිට හෙට පස්වරු 4.00 දක්වා පැය 18 ක කාලයක් කොළඹ ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවන බව ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි. ඒ අනුව කොළඹ 01, 02, 03, 04, 07, 09, 10, 11 යන ප්‍රදේශවලට එම කාලය තුළ ජල සැපයුම අත්හිටුවනු ඇති. මාලිගාකන්ද ජලාශය වෙත ජලය සැපයෙන සම්ප්‍රේෂණ ජල නල පද්ධතියට අදාළව සිදු කරනු ලබන අත්‍යවශ්‍ය වැඩිදියුණු කිරීමක් මීට හේතු වී තිබේ.
2023-01-07T02:15:47.000Z
දහම් පාසල් ගුරුවරුන් 3200 කට සාම විනිසුරු පදවි
දහම් පාසල් ගුරුවරුන් 3200 කට සාම විනිසුරු පදවි
COLOMBO (News 1st) - දහම් පාසල් ගුරුවරුන්ට සාම විනිසුරු තනතුරු ලබාදීමට අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. දහම් පාසල් ගුරු සේවයේ වසර 10 කට අධික කාලයක් සම්පුර්ණ වුවන්ට මෙම තනතුරු ලබා දෙනු ඇති. අමාත්‍යාංශය පැවසුවේ, දහම් පාසල් ගුරුවරුන් 3200 කට එම තනතුරු පිරිනැමීමට පියවර ගෙන ඇති බවයි. ලබන 13 වැනි දා ඊට අදාළ උත්සවය පැවැත්වීමට නියමිතව තිබුණ ද එය අවලංගු කර පත්වීම් ලිපිය තැපෑලෙන් ඔවුන් වෙත යොමු කිරීමට පියවර ගන්නා බව ද අධිකරණ අමාත්‍යාංශය සඳහන් කළේ ය.
2023-01-07T02:05:59.000Z
පුනරුත්ථාපන පනත සංශෝධනයට පියවර - අමාත්‍ය අනුරාධ ජයරත්න
පුනරුත්ථාපන පනත සංශෝධනයට පියවර
COLOMBO (News 1st) - පුනරුත්ථාපන පනත සංශෝධනයට පියවර ගන්නා බව අධිකරණ හා බන්ධනාගාර කටයුතු රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා පවසයි. අමාත්‍යවරයා සඳහන් කළේ, නව සංශෝධන ලබන 19 වැනි දා සිදු කිරීමට නියමිත බවය. දැනට පුද්ගලයෙකු පුනරුත්ථාපන මධ්‍යස්ථානයකට යොමු කෙරෙන්නේ අධිකරණ නියෝගයක් යටතේයි. පනත සංශෝධනය කිරීමෙන් පසු ඕනෑම පුද්ගලයෙකුට ස්වේච්ඡාවෙන් පුනරුත්ථාපන මධ්‍යස්ථානයකට යොමුවිය හැකි බව ඔහු සඳහන් කළේ ය.
2023-01-07T02:03:03.000Z
තවත් ගල් අඟුරු මෙට්‍රික් ටොන් 60,000ක් රැගත් නෞකාවක් අද දිවයිනට..
තවත් ගල් අඟුරු රැගත් නෞකාවක් අද දිවයිනට..
COLOMBO (News 1st) - තවත් ගල් අඟුරු රැගත් නෞකාවක් අද(07) පස්වරුවේ දිවයිනට ළඟාවන බව, ලංකා ගල් අඟුරු සමාගම පවසයි. එහි සාමාන්‍යාධිකාරී නාමල් හේවගේ මහතා සඳහන් කළේ එහි ගල් අඟුරු මෙට්‍රික් ටොන් 60000ක් අඩංගු වන බවයි. දකුණු අප්‍රිකාවේ සිට නෞකාව මෙරටට යාත්‍රා කරමින් පවතියි. මේ අතර ඊයේ දිවයිනට ළඟා වූ මෙට්‍රික් ටොන් හැටදහසක් රැගත් නෞකාවේ තොග ගොඩබෑමේ කටයුතු මේ වන විට සිදුවේ. ලංකා ගල් අඟුරු සමාගම පැවසුවේ එය අවසන් කිරීම සඳහා තවත් දින 3ක් පමණ ගතවනු ඇති බවයි.
2023-01-07T01:08:02.000Z
මත්ද්‍රව්‍ය භාවිතයෙන් වසරකට මෙරට පුද්ගලයින් 40,000 ක් මියයන බවට අනාවරණයක්
මත්ද්‍රව්‍ය නිසා වසරකට 40,000ක් මියයන බවට හෙළිවෙයි
COLOMBO (News 1st) - මත්ද්‍රව්‍ය භාවිතය හේතුවෙන් වාර්ෂිකව මෙරට පුද්ගලයින් 40,000 කට ආසන්න පිරිසක් මියයන බව අනාවරණ වී තිබේ. දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති වෛද්‍ය සමාධි රාජපක්ෂ මහතා පැවසුවේ, දුම්වැටි හේතුවෙන් 20,000 ක්, මත්පැන් හේතුවෙන් 18,000 ක් හා වෙනත් මත්ද්‍රව්‍ය භාවිතය හේතුවෙන් 10,000 ක් පමණ මියයන බවයි. පසුගිය වසරේදී නීති විරෝධී මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 20,000 ක් පමණ අත්අඩංගුවට ගෙන ඇතැයි ද ඔහු පැවසුවේ ය.
2023-01-07T00:44:26.000Z
ගෙවුණ දිනය උණුසුම් පුවත්..
ගෙවුණ දිනය උණුසුම් පුවත්..
1. ජනපති හදිසියේ මැතිවරණ කොමිසම කැඳවූයේ ඇයි? - ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජාතික මැතිවරණ කොමිසමේ සාමාජිකයින් හදිසියේ කැඳවා සාකච්ඡාවක් පවත්වා තිබේ. 2. අද පැමිණි නෞකාවෙන් ගල් අඟුරු තොග ගොඩබෑම ඇරඹෙයි - තවත් ගල් අඟුරු රැගත් නෞකාවක් අද (07) පස්වරුවේ දිවයිනට ළඟාවන බව ලංකා ගල් අඟුරු සමාගම පවසයි. 3. සමාජ මාධ්‍ය ක්‍රියාකාරී සේපාල් අමරසිංහ රිමාන්ඩ් - සමාජ මාධ්‍ය ක්‍රියාකාරී සේපාල් අමරසිංහ මහතා ලබන 10 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කළේ ය. 4. රන්ජන් මඩුගල්ලේගේ පියා අභාවප්‍රාප්ත වෙයි - පාර්ලිමේන්තු කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම්වරයෙකු වශයෙන් කටයුතු කළ ලයනල් මඩුගල්ලේ මහතා අභාවප්‍රාප්ත වී තිබේ. 5. ලාෆ්ස් ගෑස් මිල අඩු කෙරේ - ලාෆ්ස් සමාගම ගෑස් මිල අඩු කිරීමට පියවර ගෙන තිබේ.
2023-01-06T15:55:10.000Z
ජනපති හදිසියේ මැතිවරණ කොමිසම කැඳවූයේ ඇයි?
ජනපති හදිසියේ මැතිවරණ කොමිසම කැඳවූයේ ඇයි?
COLOMBO (News 1st) - ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, ජාතික මැතිවරණ කොමිසමේ සාමාජිකයින් හදිසියේ කැඳවා සාකච්ඡාවක් පවත්වා තිබේ. ඒ, ජනාධිපති ලේකම් කාර්යාලයේදී ය. මැතිවරණ කොමිසමේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු පැවසුවේ ජනාධිපතිවරයාගෙන් ලද ආරාධනාවකට අනුව මෙම හමුව සිදුවූ බවයි. එම සාකච්ඡාවට නීතිපතිවරයා ද සහභාගීවී තිබේ. මැතිවරණ කොමිසමේ සාමාජිකයින් එහිදී ජනාධිපතිවරයාට පෙන්වා දී තිබෙන්නේ ව්‍යවස්ථාමය හෝ අධිකරණමය ක්‍රියාමාර්ගයකින් හැර පළාත් පාලන මැතිවරණය වැළැක්වීමේ හැකියාවක් නොමැති බවයි. එහිදී මැතිවරණ කොමිසමේ නිලධාරීන් විසින් මැතිවරණය පැවැත්වීමට අදාල ඉදිරි කටයුතු පිළිබඳව ජනාධිපතිවරයා වෙත දන්වා තිබේ.
2023-01-06T15:22:10.000Z
දෙපානම සිරස මැදිරි සංකීර්ණයට එල්ල වූ ප්‍රහාරයට වසර 14යි..
සිරසට පහරදී අදට වසර 14යි..
COLOMBO (News 1st) - ඔබේත් අපේත් ජනතාවගේත් තොරතුරු දැනගැනීමේ අයිතිය නැති වුවහොත් අපේ නිදහස නැති වේ. ඒ නිදහස නැතිවීමේ වාසිය ලැබෙන්නේ බලය ඇති හස්තයන්ට ය. එවිට ඔවුන්ට හැමදාම මිනිස්සු රවට්ටමින් තමන්ට රිසි දේ සිදු කරන්න හැකියාව ලැබේ. ජනමාධ්‍යයක පරම යුතුකම වෙන්නේ සත්‍ය වාර්තා කිරීම ය. එසේ නොමැතිව ආණ්ඩුව ආරක්ෂා කිරීම හෝ දේශපාලඥයින් ආරක්ෂාකිරීම හෝ නොවේ. මීට අවුරුදු 14කට කළින් ජනතාව වෙනුවෙන් කරන මේ පරම යුතුකමට මරු පහරක් එල්ල විය. අද තරුණ තරුණියන් බොහෝ දෙනෙකුට මේ සිද්ධිය මතක නැතිව ඇති. නමුත් අපට එදා මෙන්ම අදත් මතකයි. එදා ජනතාව සතු තොරතුරු දැන ගැනීමේ අයිතියට මාරාන්තික ප්‍රහාරයක් එල්ල කරමින් දෙපානම සිරස මැදිරි සංකීර්ණයට පහරදී, අදට වසර 14 කි. තවමත්, අපරාධකරුවන් නිදැල්ලේ... 2009 ජනවාරි මාසයේ අද වැනි දවසක ආයුධ සන්නද්ධ මැර කල්ලියක් සිරස මාධ්‍ය ජාලයේ, දෙපානම මැදිරි සංකීර්ණයට මේ නිර්ලජ්ජිත ප්‍රහාරය එල්ල කළේ මුළු ලෝකයේම අවධානය යොමු කරවමිනි. මේ ප්‍රහාරය එල්ල කරන්නට කළින්ම අප, සැක කටයුතු හැසිරීම් ගැනත් එල්ලවී ඇති තර්ජන පිළිබඳවත් පැහැදිලිවම නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන් දැනුවත් කර තිබුණි. එදා අලුයම 2:10ට මැදිරි සංකීර්ණයට කඩා වැදුණු සන්නද්ධ මැර කණ්ඩායම, ආරක්ෂක අංශයට පහර දුන්නේ ය. මැරයින්ගේ ඉලක්කය වූයේ ජනතාවට තොරතුරු සපයන අපේ මාධ්‍ය ජාලයේ අති නවීන පරිගණක පද්ධතියක් සහිතව නවීකරණය කර තිබුණු ප්‍රධාන පාලක මැදිරියයි. දුටු දුටු සියල්ල වනසමින් කඩා වැදුණු මැරයින් මැදිරි සංකීර්ණය මුළුමනින්ම විනාශ කළේ ය. ඔවුන් පැන ගියේ අධිබල ක්ලේමෝ බෝම්බද අටවමිනි. ප්‍රහාරයෙන් පසුව, රස පරීක්ෂකවරයාගේ විමර්ශනවලදී 8kgක ක්ලේමෝ බෝම්බයක් සුන්බුන් අතර තිබී සොයාගන්නට හැකි විය. බෝම්බ ගසා ගිනි තබා අප නිහඬ කිරීම ප්‍රහාරය මෙහෙයවූවන්ගේ අරමුණ වුවත්, පැය කිහිපයක් ඇතුළත යළිත් සියලු නාලිකා ක්‍රියාත්මක කිරීමට අපි සමත්වූයෙමු. වහ වහා දෙපානමට පැමිණ දැඩි පිළිකුලෙන් යුතුව මේ අපරාධය හෙළා දුටු ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතා, හරියටම දින දෙකකට පසුව එනම් 2009 ජනවාරි 08වැනිදා මහමගදී ඝාතනය කෙරුණි. දෙපානම මැර ප්‍රහාරය දෙස් විදෙස් විවිධ පාර්ශ්ව පිළිකුලෙන් යුතුව හෙළා දුටුවේ, ජනතාව වෙනුවෙන් සත්‍යය හෙළි කරන මාධ්‍ය ජාලයක් නිහඬ කිරීමට දැරූ ලැජ්ජාසහගත උත්සාහයක් බව පවසමිනි. මේ අපරාධය සැලසුම් කළවුන් මෙන්ම ප්‍රහාරය දියත් කළවුන් තවමත් නිදැල්ලේ සිටී. ඔවුන් නිදැල්ලේ සිටියත් ඔවුන් හෘදසාක්ෂිය තුළ ඔවුන් වරදකරුවන් වේ. කොතැනින් බේරුණත් කිසිවිටෙක තමන්ට කර්මයෙන් බේරෙන්න බැරි බව ඔවුන් දනී. එදා මෙන් අදත්.. අප සිටින්නේ ජනතාව සමගයි. එය හෙටත් එසේම බව ඔවුන් හොඳින් දන්නා කරුණකි. අපි ජනතාව සමග සිටිනවා වගේම ජනතාවත් අප සමග හැමදාමත් ඉන්නේ ඒ නිසාවෙනි. සත්‍යයේ සටහන..බුද්ධියේ විමසුමට
2023-01-06T14:40:09.000Z
ගම්මැද්දෙන් නව වසරේ නව නිවසක්..
ගම්මැද්දෙන් නව වසරේ නව නිවසක්..
COLOMBO (News 1st) - මේ මොහොතේ රට මුහුණ දෙන ආර්ථික තත්ත්වයත් සමග සියලුදෙනා සිටින්නේ ප්‍රශ්න ගණනාවකට මැදිවෙමිනි. එවැනි මිනිස්සු අතරින් තවත් එක පවුලකට ශක්තියක් වෙන්න අපට හැකිවිය. මේ දේ කරන්න ගම්මැද්දට හැකිවූයේ තවත් කෙනෙකුගේ දුකකදී කම්පාවෙන හදවත් ඇති අපේ රටේ ජනතාව නිසාමය. දරුවන් දෙදෙනෙකු සමග තනිවුනු ශ්‍රියානි ජිවත් වන්නේ සීගිරිය ප්‍රදේශයේ යි. හදිසි අනතුරක් නිසා ශ්‍රියානිගේ සැමියා, ඔවුන්ගේ පවුලට අහිමිවී වසර දෙකකට වැඩි කාලයක් ගත වී ඇත. නිසි පිළිසරණක් නොමැතිව කුඩා කටුමැටි ගෙයක දිවි ගෙවූ මේ දුප්පත් පවුල ගැන අපි නිවුස්ෆස්ට් ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයක කියූ අතර, එසැනින් ශ්‍රියානි ඇතුළු දරුවන් දෙදෙනාට පිළිසරණක් වන්නට කැමති අපේම ජනතාව අපත් සමග එකතු විය. අමෙරිකාවේ, කැලිෆෝනියා ප්‍රාන්තයේ, පදිංචි ඉශානි මසිලින් මහත්මියගේ මැදිහත්වීමෙන් ශ්‍රියානි වෙනුවෙන් තැනූ ලස්සන කැදැල්ල අද(06) සුභ මොහොතින් ශ්‍රියානිටත් දරු දෙදෙනාටත් ලබා දිම සිදුවිය. ඉශානි මසිලින් මහත්මිය සිය මව සහ පියාණන් වන පුෂ්පා වීරසේකර මහත්මිය සහ ඇන්ටන් වීරසේකර මහතා සිහිපත් කරමින් මෙම සත්කාරය සඳහා ගම්මැද්ද සමග අත්වැල් බැද ගත්තා ය. මේ අවස්ථාවට මොරගොඩ, මූකලාන ශ්‍රී සුගත අභිනවාරාම විහාරාධිපති පූජ්‍ය කොස්ගහහින්නේ ජිනානන්ද හිමි, සීගිරිය පුරාණ ගල්ලෙන් විහාරස්ථානාධිපති හිමයන්, දඹුල්ල ප්‍රාදේශීය ලේකම් පියල් ජයසූරිය, සීගිරිය පොලිස් ස්ථානයේ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක උපාලි කොබ්බෑකඩුව මහතා, සීගිරිය මයිලැත්තෑව ග්‍රාම නිලධාරී එච්. එම්. නුවන් හේරත් මහතා, ගම්මැද්ද ජාතික සංවිධායක කෙනෙත් වීරක්කොඩි මහතා සහා දිමුතු මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානයේ ගුරු භවතුන් මෙන්ම දරු දැරියෝද එක්ව සිටියහ. මෙම ව්‍යාපෘතිය සාර්ථක කරගැනීම සඳහා දඹුල්ල ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ ප්‍රධාන ඉංජිනේරු මහතා ඇතුළු ස්ථාන භාර නිලධාරීවරුන්ගෙන් මෙන්ම දඹුල්ල විදුලිබල මණ්ඩලයේ කාර්යමණ්ඩලයෙන් ලැබුණ සහයද මෙහිදී ප්‍රශංසනීයව සිහිපත් කළ යුතුය. ශ්‍රියානි ඇතුළු මේ අහිංසක දරුවන් දෙදෙනාට හිසට සෙවනක් දෙන්න හැකි වූයේ ගම්මැද්ද සමග අත්වැල් බැදගත් ඔබ නිසාම ය.
2023-01-06T12:16:33.000Z
අද පැමිණි නෞකාවෙන් ගල් අඟුරු තොග ගොඩබෑම ඇරඹෙයි: තවත් ගල් අඟුරු නැවක් හෙට දිවයිනට
ගල් අඟුරු ගොඩබෑම ඇරඹෙයි
COLOMBO (News 1st) - තවත් ගල් අඟුරු රැගත් නෞකාවක් හෙට (07) පස්වරුවේ දිවයිනට ළඟාවන බව ලංකා ගල් අඟුරු සමාගම පවසයි. එහි සාමාන්‍යාධිකාරී නාමල් හේවගේ මහතා සඳහන් කළේ, එහි ගල් අඟුරු මෙට්‍රික් ටොන් 60,000 ක් අඩංගු වන බවයි. දකුණු අප්‍රිකාවේ සිට නෞකාව මෙරටට යාත්‍රා කරමින් පවති. මේ අතර අද උදෑසන දිවයිනට ළඟා වූ ගල් අඟුරු මෙට්‍රික් ටොන් 60,000 ක් රැගත් නෞකාවේ තොග ගොඩබෑම මේ වනවිට ආරම්භ වී තිබේ. ලංකා ගල් අඟුරු සමාගම පැවසුවේ, එය අවසන් කිරීම සඳහා තවත් දින 4 ක් පමණ ගතවනු ඇති බවයි. නොරොච්චෝලේ ලක්විජය ගල් අඟුරු බලාගාරයේ විදුලිය නිෂ්පාදනය සඳහා ගල් අඟුරු ප්‍රමාණවත් වන්නේ ලබන 8 වැනි දා දක්වා පමණි.