date
stringlengths
24
24
title
stringlengths
0
176
short_title
stringlengths
10
69
content
stringlengths
0
19.7k
2022-12-10T01:23:47.000Z
මිනිස් ජාවාරම විමර්ශනයට CID ඇතුළු විශේෂ කණ්ඩායමක් අද ඩුබායි හා ඕමානයට..
මිනිස් ජාවාරම විමර්ශනයට කණ්ඩායමක් ඩුබායි හා ඕමානයට
COLOMBO (News 1 st ) - මිනිස් ජාවාරම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශනය සඳහා විශේෂ කණ්ඩයමක් අද(10) ඕමාන් හා ඩුබායි බලා පිටත්ව යන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි. එහි මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ගාමිණි සෙනරත් යාපා මහතා පැවසුවේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ කාර්යාංශයේ නිලධාරීන් 6 දෙනෙකු එම කණ්ඩායමට ඇතුළත් බවයි මේ වනවිට සංචාරක වීසා මත ගොස් දුෂ්කරතාවට පත්වූ කාන්තාවන් 30 දෙනෙකු ඕමානයේ සුරක්ෂා නිවස්නයේද 60කට ආසන්න පිරිසක් ඩුබායිහි සුරක්ෂා නිවස්නයේද රැඳි සිටින බව ඔහු පැවසුවේ ය. ගාමිණි සෙනරත් යාපා මහතා පැවසුවේ, එලෙස රැඳී සිටින කාන්තාවන් දිවයිනට ගෙන්වා ගැනීම කඩිනම් කිරීම පිටත්ව යන කණ්ඩායමේ තවත් අරමුණක් බවයි.
2022-12-09T14:39:29.000Z
ජනවාරි සිට ලක්ෂයට වැඩි ආදායම් මත 6% - 36% දක්වා බදු
ජනවාරි සිට ලක්ෂයට වැඩි ආදායම් මත 6% - 36%දක්වා බදු
COLOMBO (News 1st) - රුපියල් ලක්ෂයට වැඩි මාසික අදායම් මත 6 % සිට 36 % දක්වා බදු අය කිරීම ජනවාරි මාසයේ සිට සිදු කිරීමට පාර්ලිමේන්තුව අද (09) අනුමැතිය ලබා දී තිබේ. ඒ, දේශීය අදායම් බදු සංශෝධන පනත් කෙටුම්පත සම්මත කරමිනි. දේශීය ආදායම් බදු සංශෝධන පනත් කෙටුම්පත අද (09) සම්මත වුණේ සංශෝධන සහිතවයි. පනතට පක්ෂව ඡන්ද 79 ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 36 කි. දේශීය ආදායම් බදු පනත සංශෝධනය කිරීම තුළ ආදායම් බදු වෙනස් වෙන්නේ කෙසේ ද? මාසික ආදයම රුපියල් ලක්ෂයක් දක්වා නව සංශෝධන තුළින් බද්දෙන් නිදහස් කර තිබේ. නමුත් ලක්ෂය ඉක්මවන ආදායම් මත 6 % සිට 36 % දක්වා ආදායම් කාණ්ඩ 6 ක් යටතේ බදු අය කිරීමට යෝජිතයි. ඒ අනුව මසකට රුපියල් 350,000 ක අදායමක් ලබන අයෙකු අදාළ බදු කාණ්ඩ 6 ටම යටත්වන අතර ඔහු මසකට ගෙවිය යුතු බද්ද රුපියල් 52,500 ක් වනු ඇති.
2022-12-09T14:15:54.000Z
නාවික හමුදාව අභිමානවත් 72 වන සංවත්සරය සමරයි
නාවික හමුදාව අභිමානවත් 72 වන සංවත්සරය සමරයි
COLOMBO (News 1st) - දේශයේ පළමු ආරක්ෂක වළල්ල, ශ්‍රී ලංකා නාවික හමුදාව අද (09) 72 වන සංවත්සරය සමරයි. අභිමානවත් සංවත්සර සැමරුම වෙනුවෙන් නාවික හමුදාව දේශයේ නාවික බලය ජනතාවට දැකබලා ගැනීමට සලස්වා තිබේ. නෞකා ප්‍රදර්ශනය පැවැත්වෙන්නේ, කොළඹ ගාලු මුවදොරට සමීප මුහුදේය. නාවික හමුදාව සතු ගැඹුරු මුහුදු ආවේක්ෂණ නෞකා වන ගජබාහු, විජයබාහු සහ සිදුරළ නෞකා ප්‍රදර්ශනයට එක්කර තිබුණි. සමුදුර, සුරනිමල, නන්දිමිත්‍ර සහ මිහිකත නෞකා ද අද ගාලු මුවදොරට සමීප මුහුදේ ප්‍රදර්ශනය කෙරුණි. 'සිලෝන් රෝයල් නේවී' ලෙස නාවික හමුදාව ඇරඹුණේ 1950 දෙසැම්බර් 9 වැනි දායි. 1972 ශ්‍රී ලංකා ජනරජ ව්‍යවස්ථාවත් සමග 'සිලෝන් රෝයල් නේවී' ශ්‍රී ලංකා නාවික හමුදාව බවට පත්විය. දැඩි කැපවීමත්, නවීන උපාය මාර්ගත් සමග 30 වසරක ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීමේදී නාවික හමුදාව ඉටුකළ මෙහෙය අද්විතීයයි. මෙරට සාගර කලාපය හරහා සිදුවන මහා පරිමාන මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීම සඳහා ද නාවික හමුදාව 24 පැයම සීරුවෙනි. වර්ග කිලෝමීටර 65,610 ක භූමි ප්‍රමාණයක මුහුදු සැතපුම් 200 ක් පුරා නාවික හමුදා අණසක පැතිරී ඇත්තේ, මිලියන 20 කට අධික ජීවිත සුරක්ෂිත කිරීමේ ඒකායන පරමාර්ථය පෙරදැරිවයි.
2022-12-09T12:29:07.000Z
දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත සංශෝධන සහිතව සම්මතයි
දේශීය ආදායම් සංශෝධන පනත සංශෝධන සහිතව සම්මතයි
COLOMBO (News 1st) - දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේදී සම්මත වී තිබේ. ඒ අනුව පක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 79 ක් වන අතර විපක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 36 කි.
2022-12-09T12:20:02.000Z
එකතු කළ අගය මත බදු සංශෝධන පනත් කෙටුම්පත සංශෝධන සහිතව සම්මත වෙයි
VAT බදු පනත සංශෝධන සහිතව සම්මතයි
COLOMBO (News 1st) - එකතු කළ අගය මත (VAT) බදු සංශෝධන පනත් කෙටුම්පත සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේදී සම්මත වී තිබේ. ඒ අනුව පක්ෂව ඡන්ද සංඛ්‍යාව 82 වන අතර විපක්ෂව ඡන්ද 41 ක් ලැබී ඇත.
2022-12-09T11:20:27.000Z
ගෝඨාගෝගමට පහර දීමට එරෙහි පෙත්සම් 05ක් විභාගයට අවසර.... මහින්ද ඇතුළු පිරිසකටත් නොතිසි..
ගෝඨාගෝගමට පහරදීමට එරෙහි පෙත්සම් 05ක් විභාගයට අවසර
COLOMBO ( News 1 st ) – පසුගිය මැයි 09 වැනිදා අරලියගහ මන්දිරයට රැස්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ක්‍රියාකාරීන් ඇතුළු පිරිසක් ගෝඨාගෝගම අරගල භූමියට කඩා වැදී සාමකාමි අයුරින් විරෝධතාවයක නිරතවී සිටි අරගලකරුවන්ට පොලු මුගුරුවලින් අමානුෂික ලෙස පහර දීමට එරෙහිව ගොනු කර තිබූ මුලික අයිතිවාසිකම් පෙත්සම් 5ක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද(09) අවසර දුන්නේ ය. පෙත්සම් ගොනුකර තිබුණේ, එම පහරදීමෙන් බරපතළ ලෙස තුවාල ලැබූ ළහිරු චානක ඇතුළු අරගල කරුවන් පිරිසකි. එම පෙත්සම් අද කැඳවනු ලැබුවේ විජිත් මලල්ගොඩ,ජනක් ද සිල්වා යන විනිසුරු මඩුල්ල හමුවේයි. එම පෙත්සම් විභාගය ලබන වසරේ ජූ‍‍නි මස 22 වැනිදා ආරම්භ කිරිමටද විනිසුරු මඩුල්ල දින නියම කෙරිණ. පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ,පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ, හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ,රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත ,පොලිස්පති චන්දන වික්‍රමරත්න , බස්නාහිර පළාතභාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු පිරිසකට ඒ සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස දන්වා නොතීසි යැවීමට ද නියෝග කර තිබේ. පෙත්සම්කරුවන් වෙනුවෙන් නීතිඥ පුලස්ති හේවාමාන්න මහතා ඇතුළු නීතිඥ මණ්ඩලයක් පෙනි සිටි අතර නීතිපතිවරයා වෙනුවෙන් රජයේ අධිනීතිඥ සවින්ද්‍රවික්‍රම මහතා පෙනී සිටියේ ය.
2022-12-09T11:02:53.000Z
ශිෂ්‍යත්ව විභාගයේ උපකාරක පන්ති 14 මැදියම් රැයෙන් පසු තහනම්
ශිෂ්‍යත්ව උපකාරක පන්ති 14 වැනිදායින් අවසන්..
COLOMBO ( News 1 st ) – ලබන 14 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට ශිෂ්‍යත්ව විභාගයට අදාළ උපකාරක පන්ති පැවැත්වීම තහනම් බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ , ලබන 18 වැනිදා පැවැත්වෙන 5 වන ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අවසන් වනතුරු එම තහනම ක්‍රියාත්මක බවයි. ඒ අනුව ලබන 14 වැනිදා මධ්‍යම රාත්‍රි 12.00 සිට ශිෂ්‍යත්ව විභාගයට අදාළ සියලු සම්මන්ත්‍රණ , දේශන , වැඩමුළු පැවැත්වීම සහ විභාගය සඳහා අනුමාන ප්‍රශ්න ඇතුළත් ප්‍රශ්න මුද්‍රණය කිරීම සහ ඒවා බෙදාහැරීම ද තහනම් වනු ඇති. එමෙන්ම විභාග ප්‍රශ්න පත්‍රවල ප්‍රශ්න ලබාදෙන බවට හෝ ඒ හා සමාන ප්‍රශ්න ලබාදෙන බවට පෝස්ටර් , බැනර්, අත් පත්‍රිකා, විද්‍යුත් මාධ්‍ය හෝ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ කිරීම ද සම්පූර්ණයෙන් තහනම් බව විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩි ධර්මසේන මහතා සඳහන් කළේ ය.
2022-12-09T09:08:05.000Z
වායුගෝලයේ ගුණාත්මකබව ක්‍රමයෙන් හොඳ අතට... කෙසේවෙතත් එළිමහනේ ගැවසීමෙන් වළකින්නැයි උපදෙස්
වායුගෝලයේ ගුණාත්මකබව ක්‍රමයෙන් හොඳ අතට...
COLOMBO ( News 1 st ) - වායුගෝලයේ ගුණාත්මක බව අද (09) දිනයේ සාමාන්‍ය තත්ත්වයට පත්වනු ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි. එහි වායු දූෂණ කළමනාකරණ ඒකකයේ ප්‍රධාන විද්‍යාඥ , සරත් ප්‍රේමසිරි මහතා ප්‍රකාශ කළේ සුළං ප්‍රවාහයේ වෙනසත් සමග මෙම තත්ත්වය සාමාන්‍යකරණය වෙමින් ඇති බවයි. ඊයේ( 08 ) දිනයේ දිවයිනේ ප්‍රදේශ රැසක වායු ගුණාත්මක දර්ශකය 150 - 200 ත් අතර අගයත් දක්වා ඉහළ ගිය බව ද ඔහු ප්‍රකාශ කළේ ය. එසේම සුළං දිශාව වෙනස් වී ඇති බවත් ඊයේ දිනට සාපේක්ෂව වායු දූෂණ මට්ටම අවම වී ඇති බවත් සෑම අයෙකුම මුව ආවරණයක් පැළඳීම යහපත් බව ද ඔහු ප්‍රකාශ කළේ ය. මෙරට වායුගෝලයේ ගුණාත්මක තත්වය මේ වනවිට ක්‍රමයෙන් යථා තත්තවයට පත් වෙමින් ඇතැයි පරිසර අමාත්‍යාංශයේ ලේකම්, විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි. ඔහු ප්‍රකාශ කළේ, කෙසේ වෙතත් තවදුරටත් වායු ගෝලයේ දූවිලි අංශු ප්‍රමාණය නිසි ප්‍රමිතියට වඩා ඉහළ අගයක් ගන්නා බවයි. එසේම වායු ගුණාත්මක දර්ශක අගය 0 -50 දක්වා අගයකට පත්වීම වැදගත් බවත් ඒ හේතුවෙන් ව්‍යායාම කිරීම් ආදී කටයුතුවලට එළිමහනට නොයන ලෙස ඔහු ජනතාවට දැනුම් දෙනු ලබයි. තවද නිදන්ගත රෝග සහිත පිරිස්,ගර්භණී මව්වරුන් ආදී සෑම අයෙකුම මේ තත්ත්වය යටතේ සැළකිල්ලෙන් ක්‍රියා කරන ලෙස ද ඔහු අවධාරණය කළේ ය. විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසුවේ, වායු ගෝලයේ ගුණාත්මකභාවය පරීක්ෂා කිරීම සඳහා මේ වනවිට විශේෂ වැඩපිළිවෙළක් සකස් කර ඇති බවයි.
2022-12-09T08:59:29.000Z
බදු පනතේ අහිතකර කොන්දේසි වහා ඉවත් කරන ලෙස බල කරමින් විරෝධතාවක්....
බදු පනතේ අහිතකර කොන්දේසි ඉවත් කරන්නැයි ඉල්ලීමක්
COLOMBO ( News 1 st ) - රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුලු වෘත්තිකයින් එක්ව අද (09 ) උදෑසන විරෝධතාවක් සංවිධානය කර තිබුණි. බත්තරමුල්ල පොල්දූව මංසන්ධිය අසළදී පැවැති මෙම විරෝධතාවයේ දී වැඩකරන ජනතාව සූරා කන බදු පනතේ අහිතකර කොන්දේසි වහා ඉවත් කරන ලෙස බල කෙරුණි. මෙම විරෝධතාවට ලංකා විදුලි බල මණ්ඩල ඉංජිනේරු සංගමය, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, ලංකා බැංකු සේවක සංගමය හා විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය ඇතුළු වෘත්තිකයෝ පිරිසක් එක්ව සිටියහ. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා අදහස් පළ කරමින් කියා සිටියේ මේ බදු සංශෝධන රටට හිතැති ,සාමාන්‍ය ජනතාවට හිතැති වෘත්තිකයින්ට රට තුළ රැඳී සිටීමේ මානසිකත්වය ඇති කෙරෙන බදු සංශෝධන විය යුතු බවයි. එය පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 225 සතු වගකීමක් බව ද ඔහු ප්‍රකාශ කළේ ය. ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ සභාපති, සභාපති නිහාල් වීරරත්න මහතා එහිදි අදහස් පළ කරමින් ප්‍රකාශ කළේ රටේ 4 දෙනෙක් සිටින පවුලකට අවම වශයෙන් 52,000 ත් වැය වන බවත් උද්ධමනය හේතුවෙන් පෙර වසරට සාපේක්ෂව වැටුපෙහි වටිනාකම පහත බැස ඇති බවද ප්‍රකාශ කළේ ය. එසේම ලංකා බැංකු සේවක සංගමයේ ලේකම් රංජන් සේනානායක මහතා සහ විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය නදීෂ සිල්වා මහතා ද මෙහිදී අදහස් පළ කළහ.
2022-12-09T07:30:56.000Z
උඩුගමදී පහරදී පුද්ගලයෙකු ඝාතනය කෙරේ
උඩුගමදී පහරදී පුද්ගලයෙකු ඝාතනය කෙරේ
COLOMBO ( News 1 st ) - ගාල්ල උඩුගම, ගෝනදෙණිය ප්‍රදේශයේ දී පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ. පොලීසිය සඳහන් කළේ ඊයේ (08) රාත්‍රී කාලයේ දී පුද්ගලයින් කිහිපදෙනෙකු එම පුද්ගලයාට ඔහුගේ ගෙවත්ත තුළදී පහරදී ඇති බවයි. පහරදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා උඩුගම රෝහලට ඇතුළත් කිරිමෙන් පසුව මියගොස් තිබෙන අතර මියගොස් ඇත්තේ 34 හැවිරිදි ගෝණදෙනිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. පහරදුන් සැකකරුවන් හඳුනාගෙන තිබෙන තිබේ. මේ අතර මන්නාරම පේසාලේ ප්‍රදේශයේ දී අතුරුමාර්ගයක තුවාල සහිතව වැටී සිටි පුද්ගලයෙකු රෝහල් ගතකිරිමෙන් පසුව මියගොස් තිබේ. පොලීසිය සඳහන් කළේ තුවාල ලැබු පුද්ගලයා මන්නාරම රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදි මියගොස් ඇති බවයි. මියගොස් ඇත්තේ 33 හැවිරිදි අංක 08 පේසාලේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
2022-12-09T07:27:08.000Z
දිවයිනේ ශීත කාලගුණය තවදුරටත් ....'මැන්ඩවුස්' අද තමිල්නාඩු යයි
'මැන්ඩවුස්' අද(09) තමිල්නාඩු යයි
COLOMBO ( News 1 st ) - දිවයින පුරා ශීත කාලගුණය තවදුරටත් අපේක්ෂා කරන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ස්ථාපිතවී ඇති මැන්ඩවුස් සුළි කුණාටුවේ බලපෑමෙන් මෙරටට හමා එන සුළං ප්‍රවාහ හේතුවෙනි. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා ප්‍රකාශ කළේ, සුළි කුණාටුව අද (09) තමිල්නාඩුවට ඇතුළු වනු ඇති බවයි. මේ අතර මැන්ඩවුස් සුළි කුණාටුව හේතුවෙන් දිවයින පුරා ඇති වූ දැඩි සුළං සහ වැසි නිසා ප්‍රදේශ රැසක ජනතාව පීඩාවට පත්ව සිටී. පස්සර ප්‍රදේශයේ මාර්ග කිහිපයක් අද (09) පෙරවරුවේ අවහිර වී තිබුණ අතර අප වාර්තාකරු ප්‍රකාශ කළේ, මඩොල්සිම - පස්සර මාර්ගය සහ පස්සර - ලුණුගල යන මාර්ග එලෙස අවහිර වි ඇති බවයි. මේ අතර නුවරඑළිය වලපනේ , කුරුපනාවල ප්‍රදේශයේ නිවාස 10 කට පමණ දැඩි සුළඟින් හානි සිදුව තිබේ. වැලිමඩ ඌව පරණගම ප්‍රදේශයේ නිවාස 45 කට පමණ දැඩි සුළඟින් හානි සිදුව තිබුණ අතර ඇති වූ අධික වර්ෂාපතනයත් සමග රාජාංගනය ජලාශය ද වාන් දැමීම ආරම්භ වි තිබේ.
2022-12-09T07:09:28.000Z
සහල් ආනයනය නතර කිරීමේ තීරණයක්...
සහල් ආනයනය නතර කිරීමේ තීරණයක්...
COLOMBO ( News 1 st ) - සහල් ආනයනය නතර කිරීමට ජනාධිපතිවරයා උපදෙස් දුන් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. ඔහු ප්‍රකාශ කළේ තමන් කළ ඉල්ලීමකට අනුව ජනාධිපතිවරයා මෙම තීරණය ගත් බවයි. ඒ අනුව ඊට අදාළ ගැසට් නිවේදනය ඉදිරි දින කිහිපයේදී නිකුත් කරනු ඇති බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේ ය. මේ වනවිට යළ කන්නයේ සහල් නිෂ්පාදන වෙළඳපොලට ලැබෙමින් පවතින අතර දේශීය සහල් සඳහා නිසි මිලක් නොලැබීමට ආනයනික සහල් හේතුවී ඇති බව පසුගිය කාලයේ සහල් මෝල් හිමියෝ ප්‍රකාශ කළහ.
2022-12-09T06:40:43.000Z
ඩයනාගෙන් පෙත්සමක්... සජිත් හා රංජිත් මද්දුමබණ්ඩාරට අධිකරණයේ පෙනී සිටින්නැයි නොතීසි
ඩයනාගෙන් පෙත්සමක්: සජිත් හා මද්දුමබණ්ඩාරට නොතීසි
COLOMBO ( News 1 st ) – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ රංජිත් මද්දුමබණ්ඩාර යන මහත්වරුන් සමගි ජනබලවේගයේ සාමාජිකත්වය හා තනතුරු දැරීම පක්ෂයේ ව්‍යවස්ථාව අනුව නීත්‍යනුකූල නොවන බව ප්‍රකාශ කරමින් ඩයනා ගමගේ මන්ත්‍රීවරිය ගොනුකළ පෙත්සමකට අදාළව ලබන ජනවාරි 25 වනදා අධිකරණයේ පෙනී සිටින්නැයි ඔවුන් දෙදෙනාට කොළඹ ප්‍රධාන දිසා විනිසුරුවරිය අද නොතීසි නිකුත් කළේ ය. ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා මහතා මගින් කොළඹ දිසා අධිකරණය හමුවේ ගොනු කළ පෙත්සමකින් ඩයනා ගමගේ මන්ත්‍රීවරිය පෙන්වාදී ඇත්තේ සජිත් ප්‍රේමදාස හා රංජිත් මද්දුමබණ්ඩාර යන මහත්වරුන් තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයින් බවයි. එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්වරයාගේ දිවුරුම් ප්‍රකාශයක්, රංජිත් මද්දුම බණ්ඩාර මහතා පක්ෂයේ විනය ක්‍රියාමාර්ග අභියෝගයට ලක්කළ අධිකරණ ක්‍රියාවලිය ඇතුළු සාක්ෂි කිහිපයක් ද ඇය මීට අදාළව සාක්ෂි ලෙස ගොනුකර තිබේ. මන්ත්‍රීවරිය පවසන්නේ සමගි ජලබලවේගය පක්ෂයේ ව්‍යවස්ථාවේ තුන්වන පරිච්ඡේදයේ තුන තුන වගන්තිය අනුව පක්ෂයේ සාමාජිකයෙකු වෙනත් පක්ෂයක සාමාජිකත්වය දරන්නේ නම් එනයින්ම සමගි ජනබලවේගයේ සාමාජිකත්වය අහෝසි වන බවයි. මේ අනුව සජිත් ප්‍රේමදාස හා රංජිත් මද්දුමබණ්ඩාර යන මහත්වරුන් පක්ෂයේ සාමාජිකත්වය දැරීමත් නායක හා මහලේකම් තනතුරු දැරීමත් නීත්‍යනුකුල නොවන බවට නියෝගයක් ඉල්ලා සිටින ඩයනා ගමගේ මහත්මිය සිය පෙත්සමේ සඳහන් කර ඇත්තේ එය විභාග කරන තෙක් තනතුරු දැරීම අත්හිටුවමින් වාරණ නියෝගයක් නිකුත් කරන ලෙසයි. පෙත්සම අද කොළඹ දිසා අධිකරණය හමුවේ සලකා බැලීමෙන් පසුව සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස, මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර යන මහත්වරුන්ට ලබන ජනවාරි 25 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි නොතීසි නිකුත් කෙරිණ.
2022-12-09T05:16:45.000Z
රක්ෂිතයක ගංජා වගා කළ 05ක් STF අත්අඩංගුවට...
රක්ෂිතයක ගංජා වගා කළ 05ක් STF අත්අඩංගුවට...
COLOMBO ( News 1 st ) - පානම, විහාරපොකුණ රක්ෂිතයේ ගංජා වගාකළ පුද්ගලයින් 05 දෙනෙකු පොලිස් විශේෂකාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ. පොලිස් විශේෂකාර්ය බලකාය සඳහන් කළේ, සැකකරුවන් අක්කර 3 ක භූමි ප්‍රදේශයක මෙම ගංජා හේන පවත්වාගෙන ගොස් ඇති බවයි. අත්අඩංගුවට පත්වූවන් වයස අවුරුදු 32 හා 62 අතර වයස්වල පසුවන්නන් ය. සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා පානම පොලිසියට භාරදී තිබේ. මේ අතර තලවාකැලේ ප්‍රදේශයේ පාසලක් අසලදී මාවා නැමති මත්ද්‍රව්‍ය අලෙවි කරමින් සිටි සැකකරුවෙකු ද පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබෙන අතර විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ 46 හැවිරිදි සැකකරු පාසල් සිසුන් ඉලක්ක කර මෙම මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකර ඇති බවයි.
2022-12-09T04:10:34.000Z
2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ තරග අද (09)ඇරඹේ..
FIFA අර්ධ අවසන් පූර්ව වටය අද (09)සිට ඇරඹේ
COLOMBO ( News 1 st ) - 2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අර්ධ අවසන් පුර්ව වටයේ තරග අද(09) ආරම්භ වීමට නියමිතයි. එහි පළමු තරගය පැවැත්වෙන්නේ ක්‍රොඒෂියාව සහ බ්‍රසීලය අතරයි. තරගය දෝහාහි එඩියුකේෂන් සිටි ක්‍රීඩාංගණයේදී අද (09) රාත්‍රී 8.30ට ආරම්භ වේ. අර්ධ අවසන් පූර්ව වටයේ දෙවන තරගය නෙදර්ලන්තය සහ ආජන්ටිනාව අතර මෙරට වේලාවෙන් හෙට අලුයම 12.30ට පැවැත්වෙන අතර අර්ධ අවසන් පුර්ව වටයට සුදුසුකම් ලැබූ කණ්ඩායම් සංඛ්‍යාව 8 කි. ඔබට මෙම තරග සියල්ල ටි.වී.වන් නාළිකාව ඔස්සේ නැරඹීමට හැකියි.
2022-12-09T03:26:16.000Z
'අලුත් පොතක් සතුටු හිතක් 'වෙනුවෙන් අපිත් එක්ක එකතු වෙන්න
අලුත් පොතක් සතුටු හිතක්..
COLOMBO ( News 1 st ) - නත්තල සමරමින් දිවයින පුරා සිටින දූ දරුවන්ට අලුත් පාසල් වාරය සඳහා පොත්පත් ඇතුළු උපකරණ පරිත්‍යාග කරන්න අපිත් එක්ක එකතු වෙන්න ඔබටත් දැන් අවස්ථාව උදා වී තිබේ. ඒ 'අලුත් පොතක් සතුටු හිතක් ' සිරස ශක්ති පොත් යාත්‍රාව වැඩසටහන යටතේයි. ඔබගේ පරිත්‍යාග භාර ගැනීම සඳහා ස්ථාන කිහිපයක පහසුකම් සලසා තිබේ. ඒ අනුව 01. කොළඹ 02 කැපිටල් මහරාජා සමූහයේ ප්‍රධාන කාර්යාලය 02. දෙපානම මැදිරි සංකීර්ණය 03. රත්මලාන ස්ටයින් මැදිරි සංකීර්ණය 04. කොළඹ එචලන් චතුරස්‍ර පරිශ්‍රය‍ට ඔබේ පරිත්‍යාග භාරදිය හැකියි.
2022-12-09T02:01:22.000Z
දිවයින පුරා ශීත කාලගුණ තවදුරටත් - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව
දිවයින පුරා ශීත කාලගුණය තවදුරටත්
COLOMBO ( News 1 st ) - දිවයින පුරා ශීත කාලගුණය තවදුරටත් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ස්ථාපිත මැන්ඩවුස් සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් මෙරටට හමා එන සුළං ප්‍රවාහ හේතුවෙනි. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා ප්‍රකාශ කළේ, සුළි කුණාටුව අද(09) තමිල්නාඩුවට ඇතුළුවනු ඇති බවයි. දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළං වේගය තවදුරටත් ඉහළ මට්ටමක පවතින බව ද ඔහු ප්‍රකාශ කළේ ය.
2022-12-09T01:59:16.000Z
වායුගෝලයේ දූවිලි අංශු අඩුවෙයි...
වායුගෝලයේ දූවිලි අංශු අඩුවෙයි...
COLOMBO ( News 1 st ) - වායු දූෂණ මටට්ම 75 % කින් පමණ අවම වෙයි - NBRO වායුගෝලයේ ගුණාත්මකබව අද (09) දිනයේ සාමාන්‍ය තත්ත්වයට පත්වනු ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි. එහි වායු දූෂණ කළමනාකාරණ ඒකකයේ ප්‍රධාන විද්‍යාඥ, සරත් ප්‍රේමසිරි මහතා ප්‍රකාශ කළේ, බෙංගාල බොක්ක අවට අඩු පීඩන තත්ත්වය නිසා ඇති වූ වාසුලියේ සුළං දිශාව වෙනස් වීමත් සමග මෙම තත්ත්වය සාමාන්‍යකරණය වෙමින් ඇති බවයි. ඊයේ(08) දිනයේ දිවයිනේ ප්‍රදේශ රැසක වායු ගුණාත්මක දර්ශකය 150 - 200 ත් අතර අගයක් දක්වා ඉහළ ගිය බව ද ඔහු ප්‍රකාශ කළේ ය. එසේම ඊයේ දිනට සාපේක්ෂව මේ වනවිට වායු දූෂණ මටට්ම 75 % කින් පමණ අවම වී ඇති බවත් ඔහු ප්‍රකාශ කළේ ය.
2022-12-09T01:39:50.000Z
පුංචි ඡන්දයට රු. බිලියන 10ක වැය ඇස්තමේන්තුවක්
පුංචි ඡන්දයට රු. බිලියන 10ක වැය ඇස්තමේන්තුවක්
COLOMBO ( News 1 st ) - පලාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා රුපියල් බිලියන 10 ක් වැයවනු ඇතැයි අපේක්ෂා කරන බව මැතිවරණ කොමිසම පවසයි. එහි කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේ එම වැය ඇස්තමේන්තුවට මෙවර අයවැයෙන් අනුමැතිය හිමිවී ඇති බවයි. මේ අතර පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළ ගැසට් නිවේදනය මේ මස අවසන් සතියේදී නිකුත් කරන බව මැතිවරණ කොමිසම ඊයේ(08) නිවේදනය කළ අතර මැතිවරණ කොමිසම සඳහන් කළේ ඒ සඳහා 2022 ඡන්ද හිමි නාම ලේඛනය පළාත් පාලන ආයතන මට්ටමින් සකස් කිරීම අවසන් කර ඇති බවයි. ඒ අනුව පළාත් පාලන ආයතන 341 ක් සඳහා ඡන්ද හිමි නාම ලේඛන සකස් කළ බව මැතිවරණ කොමිසම පැවසීය.
2022-12-09T01:08:03.000Z
ගෙවුණු දිනය උණුසුම් කළ පුවත්
ගෙවුණු දිනය උණුසුම් කළ පුවත්
COLOMBO (News 1 st ) -දේශීය පුවත් 1.පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ නාමයෝජනා කැඳවීමේ දැන්වීම දෙසැම්බර් අවසන් සතියේ. පළාත් පාලන ආයතන ඡන්ද වීමසීමේ නාමයෝජනා කැඳවීමේ දැන්වීම් දෙසැම්බර් මස අවසන් සතියේ ප්‍රකාශයට පත් කිරීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබේ. 2.පවතින කාලගුණික තත්ත්වය හේතුවෙන් අද(09) පාසල් වැසේ. පවතින කාලගුණික තත්ත්වය හේතුවෙන් සියලුම පාසල්වලට අද (09) විශේෂ නිවාඩු දිනයක් ප්‍රකාශයට පත්කර තිබේ. 3.ප්‍රදේශ රැසකට ශීත කාලගුණ තත්ත්වයක්. දිවයින හරහා හමායන සුළං ප්‍රවාහ හේතුවෙන් ප්‍රදේශ රැසකට ශීත කාලගුණ තත්ත්වයක් ඇති වී තිබේ. 4.කොළඹ ඇතුළු ප්‍රදේශ රැසකට සෙනසුරාදා(10) වැනිදා පැය 10ක ජල කප්පාදුවක් කොළඹ මහ නගර සභා බල ප්‍රදේශ ඇතුළු මහ නගර සභා බල ප්‍රදේශ කිහිපයකට ලබන සෙනසුරාදා ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ප්‍රකාශ කර තිබේ. 5.2023 අයවැය වැඩි ඡන්දයෙන් සම්මත වෙයි. ලබන වසර සඳහා ඉදිරිපත් කළ අයවැය සංශෝධන සහිතව ඊයේ (08) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත විය. 6.‘සේනා’ මඩින්න එන ''ටෙලිනෝමස් රීමස් '' බඩඉරිඟු වගාව ආශ්‍රිතව ව්‍යාප්ත වන සේනා දළඹුවා මර්දනයට පරපෝෂිතයෙකු හඳුනාගෙන තිබේ. 7.ගායන ශිල්පී නුවන් ගුණවර්ධන අභාවප්‍රාප්ත වෙයි. ප්‍රවීණ ගායන ශිල්පී නුවන් ගුණවර්ධන අභාවප්‍රාප්ත වී තිබේ. විදෙස් පුවත් 1.කෘෂි ආහාර අපනයනයෙන් ජපානයට වාර්තාගත ආදායමක් ජපානය සිය කෘෂිකාර්මික නිෂ්පාදන අපනයනය මගින් ඉතිහාසයේ ඉහළම වාර්ෂික ආදායම ලැබීමට සුදානම් වන බව වාර්තා වේ. ක්‍රීඩා පුවත් 1.ගෝල් ග්ලැඩියේටර්ස්ට එරෙහිව කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායමට කඩුලු 5 ක ජයක් 2022 ලංකා ප්‍රිමියර් ලීග් පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමට එරෙහි තරගය කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම කඩුලු 5 කින් ජය ගත්තේ ය. 2.වසර 7කට පසු ඉන්දියාවට එරෙහිව බංග්ලාදේශයෙන් තවත් එක්දින තරගාවලි ජයක්.. ඉන්දියාවට එරෙහි දෙවන එක්දින ක්‍රිකට් තරගයත් ලකුණු 5 කින් ජය ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් විය. 3.LPL: දඹුල්ල අවුරාට එරෙහි තරගයේ ජය කළම්බෝ ස්ටාර්ස්ට 2022 ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දඹුල්ල අවුරා කණ්ඩායමට එරෙහි තරගය කළම්බෝ ස්ටාර්ස් කණ්ඩායම ලකුණු 9කින් ජය ගෙන තිබේ.
2022-12-08T17:08:05.000Z
ගායන ශිල්පී නුවන් ගුණවර්ධන අභාවප්‍රාප්ත වේ..
ගායන ශිල්පී නුවන් ගුණවර්ධන අභාවප්‍රාප්ත වේ..
COLOMBO (News 1 st ) - ප්‍රවීණ ගායන ශිල්පී නුවන් ගුණවර්ධන අභාවප්‍රාප්ත වී තිබේ.
2022-12-08T16:45:12.000Z
ප්‍රදේශ රැසකට ශීත කාලගුණ තත්ත්වයක්.
ප්‍රදේශ රැසකට ශීත කාලගුණ තත්ත්වයක්.
COLOMBO (News 1 st ) - දිවයින හරහා හමායන සුළං ප්‍රවාහ හේතුවෙන් ප්‍රදේශ රැසකට ශීත කාලගුණ තත්ත්වයක් ඇති වී තිබේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ දිවයින හරහා හමායන සුළං ප්‍රවාහ හේතුවෙන් මෙම තත්ත්වය මතු වී ඇති බවයි
2022-12-08T16:35:09.000Z
පවතින කාලගුණික තත්ත්වය හේතුවෙන් හෙට(09) පාසල් වැසේ.
කාලගුණික තත්ත්වය හේතුවෙන් හෙට(09) පාසල් වැසේ.
COLOMBO ( News 1 st ) - පවතින කාලගුණික තත්ත්වය හේතුවෙන් සියලුම පාසල්වලට හෙට(09) විශේෂ නිවාඩු දිනයක් ප්‍රකාශයට පත්කර තිබේ අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කළේ, රජයේ හා රජයේ ආධාර ලබන සියලු පාසල් මේ අනුව වසා තැබෙන බවයි. මේ අතර රජයේ තීරණයට අනුගත වෙමින් කතෝලික පාසල් සඳහා ද හෙට( 09 ) විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබේ.
2022-12-08T15:21:46.000Z
කොළඹ ඇතුළු ප්‍රදේශ රැසකට සෙනසුරාදා පැය 10ක ජල කප්පාදුවක්
කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්
COLOMBO ( News 1 st ) - කොළඹ මහ නගර සභා බල ප්‍රදේශ ඇතුළු මහ නගර සභා බල ප්‍රදේශ කිහිපයකට ලබන සෙනසුරාදා ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. ඒ අනුව එදින උදැසන 10 සිට රාත්‍රී 8 දක්වා ජල කප්පාදුව සිදු කෙරෙන ප්‍රදේශ මෙසේයි. කොළඹ මහ නගර සභා බල ප්‍රදේශය දෙහිවල,ගල්කිස්ස මහ නගර සභා බල ප්‍රදේශය කෝට්ටේ සහ කඩුවෙල මහ නගර සභා බල ප්‍රදේශය මහරගම නගර සභා බල ප්‍රදේශය බොරලැස්ගමුව නගර සභා බල ප්‍රදේශය හා කොළොන්නාව නගර සභා බල ප්‍රදේශය කොටිකාවත්ත ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය මුල්ලේරියාව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය රත්මලාන හා කටුබැද්ද යන ප්‍රදේශවලටත් මෙමගින් බලපෑමක් සිදුවනු ඇති. මෙම ජල සැපයුම අත්හිටුවනු ලබන්නේ අඹතලේ ජල පොම්පාගාරයට ජලය සැපයෙන විදුලි බල සැපයුමෙහි අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙනි.
2022-12-08T14:06:17.000Z
2023 අයවැය වැඩි ඡන්දයෙන් සම්මත වෙයි.
2023 අයවැය වැඩි ඡන්දයෙන් සම්මත වෙයි.
COLOMBO ( News 1 st ) - ලබන වසර සඳහා ඉදිරිපත් කළ අයවැය සංශෝධන සහිතව අද(08) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත විය. අයවැයට පක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 123 ක් වන අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 80 ක් පමණයි. සී.වී විග්නේෂ්වරන් හා එම්.වේලුකුමාර් යන මන්ත්‍රීවරු ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියහ.
2022-12-08T13:53:15.000Z
LPL: දඹුල්ල අවුරාට එරෙහි තරගයේ ජය කළම්බෝ ස්ටාර්ස්ට
LPL: දඹුල්ල අවුරාට එරෙහි තරගයේ ජය කළම්බෝ ස්ටාර්ස්ට
COLOMBO ( News 1 st ) - 2022 ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දඹුල්ල අවුරා කණ්ඩායමට එරෙහි තරගය කළම්බෝ ස්ටාර්ස් කණ්ඩායම ලකුණු 9කින් ජය ගෙන තිබේ. තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් කළම්බෝ ස්ටාර්ස් ක්‍රීඩකයන් පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 165ක්. ආරම්භක පිතිකරු නිරෝෂන් දික්වැල්ල ලකුණු 62ක් රැස් කළා. ළහිරු කුමාර ලකුණු 36ට කඩුලු 4යි. පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි දඹුල්ල අවුරා ක්‍රීඩකයන්ට පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී රැස් කිරීමට හැකි වුණේ ලකුණු 156ක් පමණයි. නායක දසුන් ශානක නොදැවී ලකුණු 31 යි. සුරංග ලක්මාල් ලකුණු 35ට කඩුලු 2ක් දවා ගැනීමට සමත් විය. තරගයේ වීරයා නිරෝෂන් දික්වැල්ල
2022-12-08T13:18:04.000Z
කෘෂි ආහාර අපනයනයෙන් ජපානයට වාර්තාගත ආදායමක්
කෘෂි ආහාර අපනයනයෙන් ජපානයට වාර්තාගත ආදායමක්
COLOMBO ( News 1 st ) - ජපානය සිය කෘෂිකාර්මික නිෂ්පාදන අපනයනය මගින් ඉතිහාසයේ ඉහළම වාර්ෂික ආදායම ලැබීමට සුදානම් වන බව වාර්තා වේ. ජපාන මාධ්‍ය වාර්තා කළේ, මෙම වසර ආරම්භයේ සිට මේ දක්වා කෘෂි ආහාර අපනයනය තුළින් ජපන් යෙන් ට්‍රිලියන 1.12 කට අධික ආදායමක් එරට උපයා ඇති බවයි. වාර්ෂික කෘෂි ආහාර අපනයන ආදායම යෙන් ට්‍රිලියන 1 ඉක්මවූ දෙවන අවස්ථාව මෙය වන අතර එම ආදායම ගිය වසරට සාපේක්ෂව 15% ක වර්ධනයක් ලබා ඇති බව සඳහන්. එරට බලධාරීන් සඳහන් කළේ , කොවිඩ් වසංගතය නැවත උත්සන්න වන කාල සීමාවක මෙම අපනයන ආදායම් වාර්තාව පිහිටුවීම විශේෂත්වයක් බවයි.
2022-12-08T12:58:52.000Z
අධික සුළං නිසා පස්සර - ඇල්ල මාර්ගය තාවකාලිකව වසා දැමේ
පස්සර - ඇල්ල මාර්ගය තාවකාලිකව වසා දැමේ
COLOMBO ( News 1 st ) - අධික සුළං තත්ත්වය හේතුවෙන් පස්සර - ඇල්ල මාර්ගය තාවකාලිකව වසා දමා තිබේ. බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ , සහකාර අධ්‍යක්ෂ රංජිත් අලහකෝන් මහතා ප්‍රකාශ කළේ කොටුවේතැන්න සහ කලබ් මංසන්ධිය අතර කොටස ගස් කඩා වැටිම හේතුවෙන් අද(08) උදෑසන වසා දැමු බවයි. ඊට අමතරව ලුණුගල සහ පස්සර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශවල අධික සුළං තත්ත්වයක් මේ වනවිට පවතින බවද රංජිත් අලහකෝන් මහතා ප්‍රකාශ කළේ ය.
2022-12-08T11:14:49.000Z
පාසල් ළමුන්ට විකුණන්න ගෙනා මත්පෙති සමග අයෙක් අත්අඩංගුවට
මත්පෙති සමග තරුණයෙක් අත්අඩංගුවට
COLOMBO ( News 1 st ) - මත්ද්‍රව්‍ය හා මත්පෙති තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ, කළුතර දොඩම්ගොඩ පහන්වත්ත ප්‍රදේශයේදී අයිස් වර්ගයේ මත්ද්‍රව්‍ය හා මත්පෙති තොගයක් සමග එම සැකකරු අත්අඩංගුවට ගත් බවයි. 26 හැවිරිදි සැකකරුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී පාසල් ළමුන් සඳහා අලෙවි කිරීමට ඒවා කොළඹ සිට රැගෙන ආ බවට අනාවරණ වී තිබේ.
2022-12-08T11:09:36.000Z
'සේනා' මඩින්න එන 'ටෙලිනෝමස් රීමස් '
'සේනා' මඩින්න පරපෝෂිතයෙක්
COLOMBO ( News 1 st ) - බඩඉරිඟු වගාව ආශ්‍රිතව ව්‍යාප්ත වන සේනා දළඹුවා මර්දනයට පරපෝෂිතයෙකු හඳුනාගෙන තිබේ. මෙම පරපෝෂිතයා හඳුනාගෙන ඇත්තේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වසර තුනක සිට කළ පර්යේෂණවලින් පසුවයි. "ටෙලිනෝමස් රීමස් " නමැති එම පරපෝෂිතයා ස්වාභාවික පරිසරයේ වර්ධනය වන්නෙකි. මෙම පරපෝෂිතයා සේනා දළඹු බිත්තර විනාශ කරන අතර එමගින් දළඹුවාගේ ව්‍යාප්තියට බලපෑම් ඇති කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පෙන්වා දී තිබේ. සේනා දළඹු හානිය මර්දනයට රසායනික ද්‍රව්‍ය යොදා ගැනීමෙන් වළකින ලෙස ද කෘෂිකර්ම අමාත්‍යාංය ගොවි ජනතාවට දැනුම් දී තිබේ.
2022-12-08T04:34:53.000Z
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ නාමයෝජනා කැඳවීමේ දැන්වීම දෙසැම්බර් අවසන් සතියේ..
පළාත් පාලන ඡන්දය ගැන නිවේදනයක්..
COLOMBO (News 1st) – පළාත් පාලන ආයතන ඡන්ද වීමසීමේ නාමයෝජනා කැඳවීමේ දැන්වීම් දෙසැම්බර් මස අවසන් සතියේ ප්‍රකාශයට පත් කිරීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබේ. පළාත් පාලන ඡන්ද විමසීමේ පනතට අනුව මාර්තු මස 20 වැනිදා මැතිවරණය පැවැත්වීමට නම්, ජනවාරි මස 05 වැනිදාට පෙර ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කළ යුතුයි. එබැවින් ඉදිරි මැතිවරණ පැවැත්වීම සම්බන්ධයෙන් මේ වන විට සාකච්ඡා වට කිහිපයක් පවත්තා ඇති අතර, ඉදිරි දිනවලදීත් ඊට අදාළ සාකච්ඡා පැවැත්වීමට නියමිත බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.
2022-12-08T08:24:39.000Z
පාර්ලිමේන්තුව එකඟ නම්, ආර්ථික අපරාධ ගැන සෙවීමට කාරක සභාවක් පත් කිරීමට සූදානම් - ජනපති
ආර්ථික අපරාධ ගැන සෙවීමට කාරක සභාවක්
COLOMBO (News 1st) - පාර්ලිමේන්තුව එකඟ වන්නේ නම් ආර්ථික අපරාධ පිළිබඳ සොයා බැලීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කිරීමට සූදානම් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව පැවසුවේ, අද (08) පාර්ලිමේන්තුවේදී ය.
2022-12-08T05:29:13.000Z
'මැන් ඩුවොස්' බලපෑමෙන් උතුරු, නැගෙනහිර ඇතුළු ප්‍රදේශවලට ධාරාණිපාත වැසි
උතුරු, නැගෙනහිර ඇතුළු ප්‍රදේශවලට ධාරාණිපාත වැසි
COLOMBO (News 1st) - මන්නාරම සිට කන්කසන්තුරය, ත්‍රිකුණාමලය සහ මඩකලපුව හරහා පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවලින් වැළකී සිටින්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි. එම දෙපාර්තමේන්තුව තද සුළං සහ රළු මුහුද පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් ධීවර හා නාවුක ප්‍රජාවට දැනුම් දෙන්නේ, නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශවලට ද නැවත දැනුම් දෙන තුරු යාත්‍රා නොකරන ලෙසයි. ඒ, ගිනිකොන දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති ගැඹුරු පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී ඇති බැවිනි. එම සුළි කුණාටුව 'මැන් ඩුවොස්' ලෙස නම් කර තිබේ. 'මැන් ඩුවොස්' සුළි කුණාටුවේ බලපෑමෙන් උතුරු පළාතේ සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ට වැඩි තද වැසි ඇතිවිය ඇති විය හැකියි.
2022-12-07T21:37:32.000Z
වසර 7කට පසු ඉන්දියාවට එරෙහිව බංග්ලාදේශයෙන් තවත් එක්දින තරගාවලි ජයක්..
ඉන්දියාවට එරෙහි එක්දින තරගාවලියේ ජය බංග්ලාදේශයට
COLOMBO (News 1st) - ඉන්දියාවට එරෙහි දෙවන එක්දින ක්‍රිකට් තරගයත් ලකුණු 5 කින් ජය ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් විය. ඒ අනුව, තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය තරග 2-0ක් ලෙස තවත් තරගයක් ඉතිරිව තිබියදීම ජය ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් විය. මෙය බංග්ලාදේශ කණ්ඩායමක් ඉන්දියාවට එරෙහිව එක්දින තරගාවලියක ජය වාර්තා කළ දෙවන අවස්ථාව වේ. බංග්ලාදේශ කණ්ඩායමක් ඉන්දියාවට එරෙහිව පළමු වරට එක්දින ක්‍රිකට් තරගාවලියක ජය වාර්තා කරනු ලැබුවේ වර්ෂ 2015දීය. ඒ තරග 2-1ක් ලෙසය. ඊයේ පැවති තරගයේ පළමුව පන්දුවට පහර දුන් බංග්ලාදේශ කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 271 ක් ලබා ගැනීමට සමත් විය. මෙහෙන්දි හසන් නොදැවී ලකුණු 100ක් වාර්තා කළේය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායමට නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුලු 9ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 266ක් පමණි. විරාට් කෝලිට ලබාගත හැකි වූයේ ලකුණු 5ක් පමණි. දෙරට අතර තුන්වන සහ අවසන් එක්දින තරගය ලබන 10 වැනිදා පැවැත්වීමට නියමිතය.
2022-12-08T02:45:37.000Z
ගෝල් ග්ලැඩියේටර්ස්ට එරෙහිව කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායමට කඩුලු 5 ක ජයක්
කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායමට කඩුලු 5 ක ජයක්
COLOMBO (News 1st) - 2022 ලංකා ප්‍රිමියර් ලීග් පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමට එරෙහි තරගය කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම කඩුලු 5 කින් ජය ගත්තේ ය. කාසිය වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 8ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 121 කි. ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ පළමු කඩුලු 5 දැවී ගියේ ලකුණු 28කදීයි. ග්ලැඩියේටර්ස් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ මොවින් සුබසිංහ ලකුණු 40යි. කාලෝස් බැරැත්වේට් කඩුලු 4ක් දවා ගත්තේ ය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායමේ ඉනිම ආරම්භ කළේ, පැතුම් නිස්සංක සහ ඇන්ඩ්‍ර ෆෙලෙචර් ය. ඔවුන් දෙදෙනාගේ සබඳතාව ලකුණු 30කට සීමා විය. කැන්ඩි ෆැල්කන්ස් ඉනිමේ ලකුණු 73ක් වනවිට කඩුලු 3ක් බිඳ වැටුණ ද පිටියේ ස්ථාවර වූ කමින්දු මෙන්ඩිස් තම කණ්ඩායම ජයග්‍රහණය වෙත රැගෙන ගියේ ය. ඒ, පන්දු 34කින් ලකුණු 44ක් ලබා ගනිමිනි. නුවන් ප්‍රදීප් කඩුලු 2ක් දවා ගත්තේ ය. කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම තරගය ජය ගත්තේ, පන්දුවාර 15කදී කඩුලු 5ක් පමණක් දැවී සිටියදීයි. කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම 2022 ලංකා ප්‍රිමියර් ලීග් පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අඛණ්ඩව ලැබූ දෙවන ජයග්‍රහණය මෙය වේ.
2022-12-08T02:27:17.000Z
අද (8) ත් රටපුරා විරෝධතා දිනයක්
අද (8) ත් රටපුරා විරෝධතා දිනයක්
COLOMBO (News 1st) - වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකතුව අදත් (08) විරෝධතා දිනයක් ක්‍රියාත්මක කිරීමට සූදානමින් සිටී. එම සන්ධානය ප්‍රකාශ කළේ, විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන රාජ්‍ය සහ පෞද්ගලික අංශ සේවකයින් මෙම විරෝධතා දිනයට සමගාමීව විවිධ වෘත්තිය ක්‍රියාමාර්ගවලට අවතීරණ වනු ඇති බවයි. වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකතුවේ සමකැඳවුම්කරු රංජන් සේනානායක මහතා පැවසුවේ, ජනතාව පීඩාවට පත් කරන අයවැය යෝජනාවලට විරෝධය පළ කරමින් එලෙස රටේ විවිධ ස්ථානවල සිට ආයතනවල සේවකයින් විරෝධයට සහභාගීවන බවයි. තවත් ආයතන කෑම පැය තුළ තම සේවා ස්ථානය ඉදිරිපිට හා තෝරාගත් ස්ථානවලත් ඒ තමන්ගේ විරෝධතාවය දක්වනු ඇති.
2022-12-08T02:17:45.000Z
අයවැය තුන්වැනිවර කියවීමේ ඡන්ද විමසීම අද
අයවැය තුන්වැනිවර කියවීමේ ඡන්ද විමසීම අද
COLOMBO (News 1st) - 2023 අයවැය විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ තීරණාත්මක අවසන් ඡන්ද විමසීම හෙවත් අයවැය තෙවැනි වර කියවීමේ ඡන්දය අද (08) පැවැත්වේ. ඒ, රාත්‍රී 7.00 ට පාර්ලිමේන්තුවේදීයි. අදත් පෙරවරු 9.30 සිට රාත්‍රී 7.00 දක්වා පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතයි. පසුගිය 14 වැනි දා අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබු අතර ඉන් අනතුරුව මාසයකට ආසන්න කාලයක් අයවැය යෝජනා සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් විවාදයට එක්වෙමින් අදහස් පළ කිරීම හා යෝජනා ඉදිරිපත් කිරීම සිදු කරනු ලැබීය.
2022-12-08T01:58:14.000Z
කොළඹ ඇතුළු ප්‍රධාන නගර කිහිපයක වායු දූෂණය ඉහළට
ප්‍රධාන නගර කිහිපයක වායු දූෂණය ඉහළට
COLOMBO (News 1st) - කොළඹ නගරය සහ ප්‍රධාන නගර කිහිපයක වායු දූෂණය තවදුරටත් ඉහළ ගොස් තිබේ. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ, මේ වනවිට දිවයිනේ ප්‍රදේශ රැසක වායු ගුණාත්මක දර්ශකය 150 ත් 200 ත් අතර අගයක පවතින බවයි. එය සෞඛ්‍යට අහිතකර මට්ටමක් ලෙස සැළකේ. වායූ දූෂණ අවස්ථාවකදී ස්වසන ආබාධ සහිත රෝගීන්, කුඩා දරුවන්, වයෝවෘධ වැඩිහිටියන්, ගැබිණි මව්වරුන් අනුගමනය කළ යුතු පියවර මොනවා ද? හැකි තාක් එළිමහනට නොගොස් නිවෙස් තුළ සිටීම වැදගත් එමගින් විෂ වායු, විෂ දූවිලි අංශුවල ආග්‍රහණය අවම කරගත හැකි අතර එළිමහනේ ව්‍යායාම කිරීම සිදු කරන්නේ නම් හැකි තාක් එයින් වැළකිසිටීම වැදගත් බව හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහලේ ශ්වසනය රෝග විශේෂඥ වෛද්‍ය දමිත් රෝද්‍රිගෝ මහතා පැවසීය. තව ද නිවසින් බැහැරව යන අවස්ථාවන්හි මුඛ ආවරණයක් පැළඳීම මගින් විෂ වායුන් හා විෂ දුම ආග්‍රහණය අවම කරගත හැකිවේ. ශ්වසනය රෝග විශේෂඥ වෛද්‍ය දමිත් රෝද්‍රිගෝ මහතා වැඩිදුරටත් පැවසුවේ, නිවෙස් හා රැකියා ස්ථාන මනා ලෙස වාතාශ්‍රය ලැබෙන සේ තබා ගැනීම මගින් වායු දූෂණයේ ඇති අහිතකර ප්‍රතිවිපාකවලින් ආරක්ෂා විය හැකි බවයි.
2022-12-08T00:27:55.000Z
ගෙවුණු දිනය උණුසුම් කළ පුවත්
ගෙවුණු දිනය උණුසුම් කළ පුවත්
1. ජනවාරි සිට කඩදාසි රහිත විදුලි බිල්පත් සහ රිසිට්පත් – ඇමති කංචන - ලබන ජනවාරි මාසසේ සිට සියලුම විදුලි පාරිභෝගිකයන්ට කඩදාසි රහිත බිල්පත් සහ රිසිට්පත් හඳුන්වා දෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. 2. උතුර නැගෙනහිරින් මුහුදු ගිය ධීවරයින් වහා ගොඩබිමට හෝ ආරක්ෂිත ස්ථානවෙත යන්නැයි දැනුම් දීමක් - මන්නාරම සිට කන්කස්තුරය, ත්‍රිකුණාමලය සහ මඩකළපුව හා පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශවලට නැවත දැනුම් දෙන තුරු යාත්‍රා නොකරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර හා නාවික ප්‍රජාවට දැනුම් දී තිබේ. 3. චීනයෙන් පරිත්‍යාග කළ තවත් ඖෂධ සහ වෛද්‍ය උපකරණ තොගයක් මෙරටට - චීනයෙන් පරිත්‍යාග කළ තවත් අත්‍යාවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය උපකරණ තොගයක් මෙරටට ළඟා වී තිබේ. 4. විදුලි බිල ඉහළ දැමීම ගැන මහජන උපයෝගීතා කොමිසමෙන් ප්‍රකාශයක් - දේශපාලඥයින් ජනතාව බිය ගන්වමින්, විදුලි බිල ඉහළ දැමීමට කටයුතු කරමින් සිටින බව, මහජන උපයෝගීතා කොමිසම පවසයි. 5. විදෙස් රටවල සිට එන පුද්ගලයින්ට පනවා තිබූ කොවිඩ් නීති කිහිපයක් අහෝසියි - විදේශ රටවල සිට මෙරටට පැමිණෙන පුද්ගලයින්ට පනවා තිබූ කොවිඩ් නීති කිහිපයක් සංශෝධනය කර තිබේ.
2022-12-07T12:17:52.000Z
ජනවාරි සිට කඩදාසි රහිත විදුලි බිල්පත් සහ රිසිට්පත් - ඇමති කංචන
ජනවාරි සිට කඩදාසි රහිත විදුලි බිල්පත් සහ රිසිට්පත්
COLOMBO (News 1st) - ලබන ජනවාරි මාසසේ සිට සියලුම විදුලි පාරිභෝගිකයන්ට කඩදාසි රහිත බිල්පත් සහ රිසිට්පත් හඳුන්වා දෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින්, ඔහු පැවසුවේ වීදි ලාම්පු සවි කිරීම සහ ක්‍රියාත්මක කිරීම නියාමනය කරන බවයි. විදුලි බල මණ්ඩලයට බාහිරව සිදු කිරීමට ඇති කාර්යයන් දැනට සිටින කාර්ය මණ්ඩල යොදා ගෙන සිදුකිරීමටත් දැනට කළ නොහැකි කාර්යන් ප්‍රාදේශීය සභාවල සහයෙන් සිදු කිරීමටත් තීරණය කර ඇතැයි අදාළ ට්විටර් පණිවුඩයේ වැඩිදුරටත් සඳහන් වේ.
2022-12-07T12:15:37.000Z
උතුර නැගෙනහිරින් මුහුදු ගිය ධීවරයින් වහා ගොඩබිමට හෝ ආරක්ෂිත ස්ථානවෙත යන්නැයි දැනුම් දීමක්
ධීවර ප්‍රජාවට දැනුම් දීමක්...
COLOMBO (News 1st) - මන්නාරම සිට කන්කස්තුරය, ත්‍රිකුණාමලය සහ මඩකළපුව හා පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශවලට නැවත දැනුම් දෙන තුරු යාත්‍රා නොකරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර හා නාවික ප්‍රජාවට දැනුම් දී තිබේ. ඒ ,ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති, ගැඹුරු පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය විය හැකි බැවිනි. මන්නාරම සිට කන්කස්තුරය, ත්‍රිකුණාමලය සහ මඩකලපුව හා පොතුවිල් දක්වා වූ මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 80 දක්වා වැඩිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. මේ වන විට, උතුරු නැගෙනහිර මුහුදු ප්‍රදේශවල ධීවර කටුයුතුවල යෙදී සිටින පිරිසට වහාම ගොඩබිමට හෝ ආරක්ෂිත ස්ථානයක් වෙත පැමිණෙන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩි දුරටත් දැනුම් දී සිටී. මේ අතර හෙට (08) දිනයේදී උතුරු පළාතේ සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි, තද වැසි ඇති වීමේ හැකියාවක් ඇත. උතුරු , උතුරුමැද සහ නැගෙනහිර පළාත්වලට විටින් විට පැයට කිලෝමීටර් 50 සිට 60 පමණ දක්වා තද සුළං ද ඇති විය හැකි බව කාලගුණ අනාවැකියේ සඳහන් ය.
2022-12-07T12:02:53.000Z
ආසියානු ක්ලැසික් සවි එසවීමේ ශූරතාවලියේදී රන්සිළුට රන් පදක්කමක්
ශ්‍රී ලංකාව රනින් සැරසූ රන්සිළු ජයතිලක
COLOMBO (News 1st) - 2022 ආසියානු ක්ලැසික් සවි එසවීමේ ශූරතාවලියේදී, ශ්‍රී ලංකාවේ රන්සිළු ජයතිලකට රන් පදක්කමක් හිමි විය. ශ්‍රී ලංකාවේ රන්සිළු ජයතිලක අද (07) සහභාගී වූයේ, එහි කිලෝ ග්‍රෑම් 120 විවෘත බර පන්තියේ තරගය සඳහායි. එහිදී ඔහු එම ඉසව්වේ රන් පදක්කම දිනා ගත්තේ, ඩෙඩ්ලිෆ්ට් ක්‍රමයට කිලෝ ග්‍රෑම් 320ක බරක් ඔසවමිනි. එම ඉසව්වේ රිදී පදක්කම කුවේට් රාජ්‍යට හිමි වූ අතර ජපානයට ලෝකඩ පදක්කම හිමි විය. 2022 ආසියානු ක්ලැසික් සවි එසවීමේ ශූරතාවලිය ඩුබායිහිදී පැවැත්වේ.
2022-12-07T07:22:43.000Z
චීනයෙන් පරිත්‍යාග කළ තවත් ඖෂධ සහ වෛද්‍ය උපකරණ තොගයක් මෙරටට..
චීනයෙන් පරිත්‍යාග කළ තවත් ඖෂධ තොගයක් මෙරටට..
COLOMBO (News 1st) - චීනයෙන් පරිත්‍යාග කළ තවත් අත්‍යාවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය උපකරණ තොගයක් මෙරටට ළඟා වී තිබේ. එහි වටිනාකම අමෙරිකානු ඩොලර් 5,151,904ක් වේ. සෞඛ්‍ය අමාත්‍යංශයේ ජාත්‍යන්තර ඖෂධ ප්‍රදානයන් පිලිබඳ සම්බන්ධීකාරක වෛද්‍ය අන්වර් හම්දානි මහතා පැවසුවේ මෙරටට ලබා දෙන මානුෂීය ආධාර වැඩසටහනේ දෙවැනි අදියරේ දෙවැනි කොටස ලෙස මෙම ඖෂධ තොගය මෙරටට ලැබුණු බවයි. මෙම ඖෂධ තොගය මෙරට චීන නියෝජ්‍ය තානාපතිවරයා විසින් අද නිල වශයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයට භාරදීමට සැලසුම්කර ඇති බවද ඔහු ප්‍රකාශ කළේ ය.
2022-12-07T06:45:12.000Z
විදුලි බිල ඉහළ දැමීම ගැන මහජන උපයෝගීතා කොමිසමෙන් ප්‍රකාශයක්
විදුලි බිල ගැන මහජන උපයෝගීතා කොමිසමෙන්
COLOMBO (News 1st) - දේශපාලඥයින් ජනතාව බිය ගන්වමින්, විදුලි බිල ඉහළ දැමීමට කටයුතු කරමින් සිටින බව, මහජන උපයෝගීතා කොමිසම පවසයි. එහි සභාපති ජනක රත්නායක මහතා සඳහන් කළේ, දේශපාලඥයින් සිදුකරන එවැනි බිය වැද්දීම් වලට ජනතාවට හසුවිය යුතු නැති බවයි.
2022-12-07T02:46:34.000Z
මූල්‍ය වංචාවකට වරදකරු වූ ආර්ජන්ටිනා උපජනපතිනියට වසර 6 ක සිර දඬුවම්
ආර්ජන්ටිනා උපජනපතිනියට වසර 6 ක සිර දඬුවම්
COLOMBO (News 1st) - ආර්ජන්ටිනාවේ උපජනාධිපතිනි, ක්‍රිස්ටිනා ෆර්නැන්ඩස්ට මූල්‍ය වංචා චෝදනාවක් මත වසර 6 ක සිර දඬුවම් නියම වී තිබේ. අමෙරිකානු ඩොලර් බිලියනයක වංචාවකට වරදකරු වූ ඇයට ජීවිතාන්තය දක්වා රාජ්‍ය ආයතනයක නිලධරයක් දැරීම ද තහනම් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය. 2007 වර්ෂයේ සිට දෙවතාවක් ඇය එරට ජනාධිපති ධුරය දැරූ අතර ඇගේ ස්වාමි පුරුෂයා ද ආර්ජන්ටිනාවේ හිටපු ජනාධිපතිවරයෙකි. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, හිටපු ජනාධිපතිවරුන්ට හිමිවන වරප්‍රසාද හේතුවෙන් ඇය සිරගත වීම සිදු නොවනු ඇති බවයි. ආර්ජන්ටිනාවේ උපජනාධිපතිවරයෙකු ධුරයේ සිටියදී අපරාධයකට වරදකරු වූ පළමු අවස්ථාවද මෙයයි.
2022-12-07T02:37:04.000Z
විදෙස් රටවල සිට එන පුද්ගලයින්ට පනවා තිබූ කොවිඩ් නීති කිහිපයක් අහෝසියි
කොවිඩ් නීති කිහිපයක් ලිහිල් කෙරේ
COLOMBO (News 1st) - විදේශ රටවල සිට මෙරටට පැමිණෙන පුද්ගලයින්ට පනවා තිබූ කොවිඩ් නීති කිහිපයක් සංශෝධනය කර තිබේ. සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේ, කොවිඩ් වසංගතය පැතිරීම වැළැක්වීම සඳහා 2022 වසරේ අප්‍රේල් මාසයේදී පැන වූ නීති කිහිපයක් ඒ අනුව අහෝසි වන බවයි. මෙරටට ගුවන් මගින් හෝ වරායකින් පැමිණෙන පුද්ගලයින් කොවිඩ් ආසාදනයට එරෙහි එන්නත් කාඩ්පත ඉදිරිපත් කිරීම මින් ඉදිරියට අනිවාර්ය නොවන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අත්සනින් නිකුත් කළ එම නිවේදනයේ දැක්වේ. මීට අමතරව, රටට ඇතුළුවීමට පෙර ඉදිරිපත් කළ යුතුව තිබූ කොවිඩ් අසාදිතයෙකු නොවන බවට කළ පරීක්ෂණ වාර්තාව ද මින්පසු ඉදිරිපත් කිරීමට අවශ්‍ය නොවන බව අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් ය. එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ, මෙරටට පැමිණි පුද්ගලයෙකු රටට ඇතුළුවීමෙන් පසුව කොවිඩ් අසාදිත යැයි තහවුරු වුවහොත්, එම පුද්ගලයා සිය පෞද්ගලික වියදමෙන් දින 7 ක් නිරෝධායනය විය යුතු බවයි.
2022-12-07T02:16:14.000Z
කේරළයේ අදානි වරායට එරෙහි විරෝධතා නවතී
කේරළයේ අදානි වරායට එරෙහි විරෝධතා නවතී
News 1st - අදානි සමූහ ව්‍යාපාරය විසින් ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ ඉදිකරන වරායට එරෙහිව එරට ධීවර ප්‍රජාව පැවැත් වූ විරෝධතා අවසන් කර තිබේ. ඒ, ඉන්දීය රජය සමග එළැඹි එකඟතාවයකට අනුවයි. ආගමික නායකයින් සහ ප්‍රදේශවාසීන් ව්‍යාපෘති භූමියට ඇතුළු වීම අවහිර කරමින් එහි රැඳී සිටීම නිසා වරායේ වැඩකටයුතු පසුගිය මාස හතරක කාලයක් තිස්සේ ඇණහිට තිබුණි. පසුගිය දිනවල අවස්ථා කිහිපයකදී ඉන්දීය බලධාරීන් හා විරෝධතාකරුවන් අතර ඇති වූ ගැටුම්වලින් පුද්ගලයන් 100 දෙනෙකු පමණ තුවාල ලැබූ බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය. වරාය අවට වෙරළ ඛාදනය වීම සහ ප්‍රදේශවාසීන්ගේ ජීවනෝපායට බලපෑම් ඇති වීම වරාය ව්‍යාපෘතියට එරෙහි මෙම විරෝධතාවයට හේතු ලෙස දැක්වුණි. නමුත් වරාය නියෝජිතයින් පවසා ඇත්තේ, එහි ඉදිකිරීමේ කටයුතු සියලුම නීතිරීතිවලට අනුකූල බවයි.
2022-12-07T01:43:24.000Z
උඳුවප් පුර පසළොස්වක පොහොය අදයි.. ශ්‍රී පාද වන්දනා සමය අදින් ඇරඹෙයි...
උඳුවප් පුර පසළොස්වක පොහොය අදයි..
COLOMBO (News 1st) - ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදු වූ උඳුවප් පුර පසළොස්වක පොහොය අදට (07) යෙදී තිබේ. සංඝමිත්තා මහා රහත් තෙරණිය ඇතුළු දූත පිරිස ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව ද රැගෙන මෙරටට වැඩම කළේ, අද වැනි පොහෝ දිනකදීයි. බුදුහිමියන්ට සෙවණ දුන් ජය ශ්‍රී මහ බෝධියේ අංකුරයක් මෙරටට වැඩම කරවන්නැයි එවක රට පාලනය දේවානම්පියතිස්ස රජතුමා ඉන්දියාවේ ධර්මාශෝක රජතුමාගෙන් ඉල්ලීමක් කළේ ය. මිහිඳු හිමි අනුමැතිය ලැබූ සංඝමිත්තා තෙරණිය ප්‍රමුඛ පිරිස ජයශ්‍රී මහ බෝ සමිඳුන්ගේ දක්ෂිණ ශාඛා අංකුරය ලක්දිවට වැඩම කරවුයේ ඒ අනුවයි. එයින් ඇති වූ ශ්‍රී ලංකාවේ බෞද්ධාගමික පුනර්ජීවනය රට පුරා පැතිර ගියේ ය. අනුලා දේවිය ඇතුළු පන්සියයක් කාන්තාවන් ලක්දිව මෙහෙණිසස්න අරඹමින් පැවිදි දිවියට එළඹුණු උඳුවප් පොහෝ දිනය කාන්තා පරපුරේ වටිනාකම නිතැතින්ම සිහිපත් කෙරෙන දිනයකි. මේ අතර සිරිපා වන්දනා සමය අදින් ආරම්භ වේ. සිරිපා සමය එළඹෙන වෙසක් පුර පසළොස්වක පොහෝ දිනයෙන් අවසන් වීමට නියමිතයි.
2022-12-07T01:39:41.000Z
ස්විට්සර්ලන්තය පරදමින් පෘතුගාලය අර්ධ අවසන් පූර්ව වටයට..
ස්විට්සර්ලන්තයට එරෙහිව පෘතුගාලයට ප්‍රබල ජයක්..
COLOMBO (News 1st) - 2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම්, ලැබීමට පෘතුගාලය සමත්විය. ඒ ස්විට්සර්ලන්තය ගෝල 6ට 1ක් ලෙස පරාජය කරමිනි. කටාර්හි ලුසෙයිල් ක්‍රීඩාංගණයේදී පැවැති තරගයේ ආරම්භයේ සිටම වැඩි අණසක පතුරවන්නට සමත් වුණේ ප්‍රබල පෘතුගාලයයි. ගෝල රැස් කිරීම ආරම්භ කරමින් පෘතුගාලයේ ගොන්සාලෝ රාමෝස්, තරගයේ 17වැනි මිනිත්තුවේදී පළමු ගෝලය රැස් කළේ ය. පෘතුගාලය වෙනුවෙන් නිකලස් පෙප් තවත් ගෝලයක් රැස් කරනු ලැබුවේ පළමු අර්ධයේ 51වැනි මිනිත්තුවේදීයි. පළමු අර්ධයේදී ස්විට්සර්ලන්තයට ගෝල රැස් කිරීමට නොහැකි වූ අතර එම අර්ධය නිමාව දුටුවේ ගෝල 2ට 0ක් ලෙස පෘතුගාලය පෙරමුණ ගනිමිනි. දෙවැනි අර්ධයේදීත් ස්විට්සර්ලන්තයෙන් තරගය තවත් ඈත් කරමින් ගොන්සාලෝ රාමෝස් නැවත වතාවක් ක්‍රියාත්මක විය. ඒ එම අර්ධය ආරම්භ වී මිනිත්තු 6කට පසු රැස් කළ මීළඟ ගෝලය සමගයි. තරගයේ 55 වැනි මිනිත්තුවේදී රෆායල් ගෙරෙයිරෝ පෘතුගාලයේ ගෝල සටහනට සිව්වැනි ගෝලයත් එක් කළ අතර පෘතුගාලය ගෝල 4ක් රැස් කරගෙන ප්‍රබල තත්ත්වයක පසුවෙද්දී ස්විට්සර්ලන්තය වෙනුවෙන් පළමු ගෝලය රැස් කිරීමට සමත් වූයේ මැනුවෙල් අකන්ජි විසිනි. තරගයේ 58වැනි මිනිත්තුවේදී එලෙස සටහන් වුණේ ඔවුන්ගේ එකම ගෝලයයි. 67වැනි මිනිත්තුවේදී පෘතුගාලය වෙනුවෙන් 5වැනි ගෝලයත් ගෝල සටහනට එක් කරන්නට සමත් වූයේ ගොන්සාලෝ රාමෝස් ය. නියමිත කාලය අවසානයේ ලැබුණු අතිරේක කාලයේදී රෆායෙල් ලෙයෝ පෘතුගාලයේ 6වැනි ගෝලයත් රැස් කළේ ය. ඒ අනුව තරගය අවසන් වුණේ ගෝල 6ට 1ක් ලෙස පෘතුගාලයට විශිෂ්ට ජයක් හිමිකරදෙමිනි.
2022-12-07T01:19:42.000Z
'සේනා' බඩ ඉරිඟු ගොවි බිමත් ආක්‍රමණය කරයි
'සේනා' යළිත් ගොවි බිමට
COLOMBO (News 1st) - අනුරාධපුර ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයක බඩ ඉරිඟු වගාවට සේනා දළඹුවාගෙන් බලපෑම් එල්ල වී ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි. එහි බඩ ඉරිඟු භෝග නායක ප්‍රධාන කෘෂි විද්‍යාඥ අචාර්ය බුද්ධික අබේසිංහ මහතා ප්‍රකාශ කළේ, එය ආර්ථික හානිදායක මට්ටමකට මෙතෙක් පැමිණ නොමැති බවයි. ආචාර්ය බුද්ධික අබේසිංහ මහතා ප්‍රකාශ කළේ, සේනා දළඹු හානිය පාලනය සඳහා ඒකාබද්ධ පළිබෝධ පාලන ක්‍රමවේදය යොදා ගන්නා ලෙස ගොවීන්ට උපදෙස් දී ඇති බවයි.
2022-12-07T01:15:40.000Z
බොරතෙල් නැතිව වැසුණු සපුගස්කන්ද යළි වැඩ අරඹන්න ලෑස්තියි
සපුගස්කන්ද යළි වැඩ අරඹන්න ලෑස්තියි
COLOMBO (News 1st) - ලබන 15 වැනි දා සිට සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුවේ කටයුතු යළි ආරම්භ කිරීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සැළසුම් කර තිබේ. අමාත්‍යාංශය සඳහන් කළේ, මේ වනවිට බොරතෙල් නෞකා දෙකක තොග ගොඩ බා ඇති බවයි. ඒ අනුව මෙරටට ලැබී ඇති බොරතෙල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් ලක්ෂ දෙකකි. තවත් බොරතෙල් නෞකාවක් ඉදිරි දින කිහිපයේදී මෙරටට ළඟා වනු ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ය. මීට පෙර අවස්ථා කිහිපයකදී පිරිපහදුවේ කටයුතු තාවකාලිකව අත්හිටවුයේ, ඉන්ධන පිරිපහදුවට අවශ්‍ය බොරතෙල් නොමැති වීමෙනි.
2022-12-06T12:35:41.000Z
LPL පළමු තරගයේ ජය ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට..
LPL පළමු තරගයේ ජය ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට
News 1st - ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ ජය වාර්තා කරන්නට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම අද සමත් විය. ඒ එල්.පී.එල් පිටියේ අඛණ්ඩව දෙවතාවක් අනුශූරයන් වූ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම පරාජය කරමිනි. හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වුණු තරගයේ කාසියේ වාසිය දිනූ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කළේ ය. ඒ අනුව පළමුව පන්දුවට පහරදුන් ජැෆ්නා කිංග්ස් කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 5ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 137කි. ෂොයිබ් මලික් සහ දුනිත් වෙල්ලාලගේ ලකුණු 30 බැගින් රැස් කළ අතර පන්දු යැවීමේදී ඉෆ්තිකාර් අහමඩ් ලකුණු 8ට කඩුළු 2ක් බිඳ හෙළීමට සමත් විය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ග්ලැඩියේටස් ක්‍රීඩකයින්ට සියලු දෙනා දැවී රැස් කිරීමට හැකිවූයේ ලකුණු 113ක් පමණි. නායක කුසල් මෙන්ඩිස් ලකුණු 51ක් ලබාගත්තේ ය. ජැෆ්නා කිංග්ස් කණ්ඩායම තරගය ජය ගත්තේ ලකුණු 24කිනි.
2022-12-07T00:23:55.000Z
ගෙවුණු දිනය උණුසුම් කළ පුවත්
ගෙවුණු දිනය උණුසුම් කළ පුවත්
1. පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමියන්ට සහ වසන්ත මුදලිගේට ඇප - අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු පුජ්‍ය ගල්වැව සිරිධම්ම හිමියන් සහ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ මහතා රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇපයක් මත මුදා හැරීමට කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (06) නියෝග කර තිබේ. 2. ජාත්‍යන්තර සංවර්ධන සංගමයෙන් සහනදායී මූල්‍ය පහසුකම් ගන්න ශ්‍රී ලංකාවට ඇති සුදුසුකම්වලට ලෝක බැංකුවේ අනුමැතිය – ජනාධිපති - ආර්ථිකය ස්ථාවර කිරීමට සහ ජීවනෝපාය ආරක්‍ෂා කිරීමට උදව් කිරීම සඳහා ජාත්‍යන්තර සංවර්ධන සංගමයෙන් (IDA) සහනදායී මූල්‍ය පහසුකම් ලබා ගැනීමට, ශ්‍රී ලංකාවට ඇති සුදුසුකම් ලෝක බැංකුව අනුමත කළ බව ජනාධිපති මාධ්‍ය අංශය ඊයේ (06) නිවේදනය කළේ ය. 3. ඔක්තොම්බර් මාසයේ වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම පහළට - ඔක්තොම්බර් මාසයේදී මෙරට වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම සියයට 11 දශම 9 කින් පහළ ගොස් තිබේ. 4. චීනය ශ්‍රී ලංකාව පිළිබඳ ධනාත්මක මතයක - පවතින අර්බුදකාරී ආර්ථික තත්ත්වය හමුවේ, දුෂ්කරතා සහ අභියෝගයන්ට මුහුණ දීමේ දී, ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් තම රට ඉහළ වැදගත්කමක් ලබා දෙන බව චීනය පවසයි. 5. අලුත් පොතක් සතුටු හිතක් සිරස – ශක්ති පොත් යාත්‍රාව වැඩ අරඹයි.. - අලුත් පොතක් සතුටු හිතක් සිරස – ශක්ති පොත් යාත්‍රාව ඊයේ (06) ඇරඹිනි. ඒ අපේ රටේ අනාගතය භාර ගන්න ඉන්න අනාගත පරපුර වෙනුවෙනි.
2022-12-06T17:44:22.000Z
ජාත්‍යන්තර සංවර්ධන සංගමයෙන් සහනදායී මූල්‍ය පහසුකම් ගන්න ශ්‍රී ලංකාවට ඇති සුදුසුකම්වලට ලෝක බැංකුවේ අනුමැතිය - ජනාධිපති
ලෝක බැංකුවේ අනුමැතියක් ගැන නිවේදනයක්
COLOMBO (News 1st) - ආර්ථිකය ස්ථාවර කිරීමට සහ ජීවනෝපාය ආරක්‍ෂා කිරීමට උදව් කිරීම සඳහා ජාත්‍යන්තර සංවර්ධන සංගමයෙන් (IDA) සහනදායී මූල්‍ය පහසුකම් ලබා ගැනීමට, ශ්‍රී ලංකාවට ඇති සුදුසුකම් ලෝක බැංකුව අනුමත කළ බව ජනාධිපති මාධ්‍ය අංශය අද (06) නිවේදනය කළේ ය. මෙරටට පැමිණි ලෝක බැංකුවේ උප සභාපති මාර්ටින් රයිසර් මහතා ඇතුලු බහු පාර්ශ්වික ණයදෙන ආයතන සමග ජනාධිපතිවරයා අද කොළඹදී දීර්ඝ වට මේස සාකච්ඡාවක් පවත්වා ඇත. ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ, ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ශ්‍රී ලංකාවට බහුපාර්ශ්වික මූල්‍ය ආයතනවල සහාය ඇති සම්බන්ධීකරණ ආධාර වැඩසටහනක් අවශ්‍ය බව එහිදී තීරණය කළ බවයි. මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහිදී “ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම සහ වර්ධනය කිරීම ඇතුළත් දීර්ඝකාලීන සංවර්ධන දැක්ම" බහු පාර්ශ්වික ණය දෙන ආයතන නියෝජිතයින්ට ඉදිරිපත් කර තිබේ. මෙම සාකච්ඡාවට, ලෝක බැංකුවේ උප සභාපති මාර්ටින් රයිසර්, ආසියානු සංවර්ධන බැංකුවේ උප සභාපති ෂික්සින් චෙන්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර්, ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවේ, ආචාර්ය උර්ජිත් පටෙල් යන මහත්වරුන් ඇතුලු පිරිසක් එක්ව සිටියේ ය.
2022-12-06T17:14:54.000Z
ඔක්තොම්බර් මාසයේ වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම පහළට
වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම පහළට
COLOMBO (News 1st) - ඔක්තොම්බර් මාසයේදී මෙරට වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම සියයට 11 දශම 9 කින් පහළ ගොස් තිබේ. 2021 ඔක්තොම්බර් මාසයේදී ඇමරිකානු ඩොලර් මිලියන 1,192 ක් වූ, මෙරට වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම මේ වසරේ ඔක්තොම්බර් මාසයේදී ඩොලර් මිලියන 1,051 දක්වා පහළ ගොස් ඇතැයි මහ බැංකුව අද (06) නිකුත් කළ වාර්තාවේ සඳහන් වේ. ඇඟලුම් අපනයනට සියයට 12.9 කින් පහළ ගොස් ඇති අතර ආහාර, බීම වර්ග හා දුම්කොළ අපනයන ආදායම් සියයට 51.3 කින් පහළ ගොස් ඇත.
2022-12-06T16:46:32.000Z
චීනය ශ්‍රී ලංකාව පිළිබඳ ධනාත්මක මතයක
චීනය ශ්‍රී ලංකාව පිළිබඳ ධනාත්මක මතයක
COLOMBO (News 1st) පවතින අර්බුදකාරී ආර්ථික තත්ත්වය හමුවේ, දුෂ්කරතා සහ අභියෝගයන්ට මුහුණ දීමේ දී, ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් තම රට ඉහළ වැදගත්කමක් ලබා දෙන බව චීනය පවසයි. චීන විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක, මාඕ නින්ග් මහත්මිය ඊයේ (05) පැවති සාකච්ඡාවකදී පවසා ඇත්තේ, චීනය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ අනෙකුත් ජාත්‍යන්තර ආර්ථික හා මූල්‍ය ආයතන සමග දිගුකාලීන මෙන්ම උසස් මට්ටමේ සහයෝගීතාවයක් පවත්වාගෙන යන බවයි. ආර්ථික අර්බුධය නිසි ලෙස විසඳීම සඳහා ශ්‍රී ලංකාව සමග කටයුතු කිරීමට මූල්‍ය ආයතනවලට සහාය වන බවද, චීන විදේශ කටයුතු අමාත්‍යංශයේ ප්‍රකාශකවරිය සඳහන් කළා ය. ශ්‍රී ලංකාවට ණය දුන් රටවල් සහ ජාත්‍යන්තර මූල්‍ය ආයතනය චීනය සමග කටයුතු කරනු ඇතැයි ඔවුන්ගේ අපේක්ෂාව වී තිබේ.
2022-12-06T16:43:13.000Z
අලුත් පොතක් සතුටු හිතක් සිරස - ශක්ති පොත් යාත්‍රාව වැඩ අරඹයි..
අලුත් පොතක් සතුටු හිතක් සිරස - ශක්ති පොත් යාත්‍රාව
COLOMBO (News 1st) අලුත් පොතක් සතුටු හිතක් සිරස - ශක්ති පොත් යාත්‍රාව අද (06) ඇරඹිනි. ඒ අපේ රටේ අනාගතය භාර ගන්න ඉන්න අනාගත පරපුර වෙනුවෙනි. රටේ අනාගතය භාර ගැනීම සඳහා බලා සිටින දරුවන්ගේ අනාගතය වෙනුවෙන් යම් කිසි දෙයක් සිදුකළ යුතුයි යන වගකීම අතැතිව, සිරස මාධ්‍ය ජාලය අද 'අලුත් පොතක් සතුටු හිතක් සිරස ශක්ති පොත් යාත්‍රාව' දියත් කළේ ය. එහි සමාරම්භය සනිටුවහන් වූයේ , අද දහවල් කැපිටල් මහරාජ සමූහ ප්‍රධාන කාර්යාලයේ දීයි. වැඩ සටහන සඳහා සර්වආගමික නායකයින් ඇතුළු පිරිසක් සහභාගී විය. මෙහිදි සංකේතාත්මකව පරිත්‍යාගශිලින් 'සිරස ශක්ති පොත් යාත්‍රාව' වෙත පාසල් උපකරණ පරිත්‍යාග කළේ ය. ඊට දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් පැමිණි පාසල් දරුවන්, එල් බී ෆිනෑන්ස් ආයතනය, සීමාසහිත මෝතා කන්ෆැක්ෂනරී වර්කස් පුද්ගලික සමාගම හා කොළඹ මෙට්‍රොපොලිටන් රොට්‍රැක්ට් සංගමය එක්ව සිටියහ. අද (06) සිට ලබන 24 වැනිදා දක්වා සිරස - ශක්ති පොත් යාත්‍රාවට ,අභ්‍යාස පොත් / චිත්‍ර පොත් / පැන්සල් / පැස්ටල් / අඩිරූල් සහ පාට පැන්සල් ගෙනවිත් භාර දීමට පරිත්‍යාගශීලී ඔබටද හැකියාව ඇත. 01. කොළඹ 02 කැපිටල් මහරාජා සමූහයේ ප්‍රධාන කාර්යාලය 03. දෙපානම මැදිරි සංකීර්ණය 04. රත්මලාන ස්ටයින් මැදිරි සංකීර්ණය 02. කොළඹ එචලන් චතුරස්‍ර පරිශ්‍රය‍ යන ස්ථානවලට ඔබේ පරිත්‍යාගයන් බලාදිය හැක. මීට අමතරව කතෝලික සභාව, ලංකා සභාව හා මෙතොදිස්ත සභාවත් සිරස ශක්ති පොත් යාත්‍රාව සමග එක්ව සිටී. ඔවුන්ද එම සභා යටතේ තිබෙන පාසල්වල දුවා දරුවන්ගේ පරිත්‍යාග එකතු කරලබා දීමට සූදානම්ව ඇත. කොළඹ එචලන් පරිශ්‍රයේ පොත් භාර ගැනීම අද පස්වරුවේ ආරම්භ විය. ඔබ බලාදේන පොත් පත්, ලිපිද්‍රව්‍ය නත්තල් සතියේදී ඒවා අවශ්‍යම කරන දරුවන් අතටම ගෙනගොස් දීමට 'සිරස ශක්ති පොත් යාත්‍රාව' සූදානමින් ඇත.
2022-12-06T12:37:26.000Z
තිළිණි ප්‍රියමාලිගේ නීතිඥවරයාගෙන් මානව හිමිකම් කොමිසමට ලිපියකින් පැමිණිල්ලක්
ප්‍රියමාලිගේ නීතිඥයාගෙන් මානව හිමිකම් පැමිණිල්ලක්
(මෙම ලිපිය තුළ වැඩිහිටියන්ට පමණක් පරිශීලනයට යෝග්‍ය කරුණු අන්තර්ගත බව කරුණාවෙන් සලකන්න) COLOMBO (News 1st) - මුදල් වංචාවක් සම්බන්ධයෙන් මේ වනවිට රක්ෂිත බන්ධනාගර ගතකර සිටින තිළිණි ප්‍රියමාලි නැමැත්තියගේ නීතිඥවරයා ලිපියක් මගින් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් කර තිබේ. ඒ, බන්ධනාගරය තුළදී තම සේවාදායිකාවට සිදු වූ බවට කියන සිදුවීම් කිහිපයක් සම්බන්ධයෙනි. තිළිණි ප්‍රියමාලිගේ නීතිඥවරයා විසින් මානව හිමිකම් කොමිසම වෙත යොමුකළ ලිපිය මෙසේය.
2022-12-06T09:08:56.000Z
පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමියන්ට සහ වසන්ත මුදලිගේට ඇප
පූජ්‍ය සිරිධම්ම හිමියන්ට සහ මුදලිගේට ඇප
COLOMBO (News 1st) - අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු පුජ්‍ය ගල්වැව සිරිධම්ම හිමියන් සහ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ මහතා රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇපයක් මත මුදා හැරීමට කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය අද (06) නියෝග කර තිබේ. පුජ්‍ය ගල්වැව සිරිධම්ම හිමියන් අද හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කළත් උන්වහන්සේ හඳුනා ගැනීමට පොලිස් නිලධාරීන් දෙදෙනොට හැකිවුණේ නැත. වසන්ත මුදලිගේ සහ පුජ්‍ය ගල්වැව සිරිධම්ම හිමියන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ සාලිය පීරිස්, කමල් විජේසිරි ඇතුළු නීතිඥ මණ්ඩලයක් අද අධිකරණය හමුවේ පෙනී සිටියේ ය. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ වසන්ත මුදලිගේ සහ පුජ්‍ය ගල්වැව සිරිධම්ම හිමියන් දින 89 ක කාලයක් රඳවා තබා ගෙන සිටි අතර පසුගිය නොවැම්බර් 17 වැනි දා ඔවුන් අධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණි. පසුගිය නොවැම්බර් 23 වැනිදා පුජ්‍ය ගල්වැව සිරිධම්ම හිමියන්ට කොළඹ අතිරෙක මහේස්ත්‍රාත්වරිය ඇප නියම කල අතර අනතුරුව වෙනත් නඩුවක් සඳහා කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේ ය. ඒ, පසුගිය මැයි මාසයේදී ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවක් පවත්වමින් කලහාකාරි ලෙස හැසිරීම, පොලිස් නිලධාරින්ගේ රාජකාරියට බාධා කිරීම, රජයේ දේපොළවලට හානී කිරීම යන චෝදනා සම්බන්ධයෙනි. කෙසේවෙතත් අද පැවති හඳුනා ගැනීමේ පෙරට්ටුවේදී උන්වහන්සේ හඳුනා ගැනීමට පොලිස් නිලධාරීන්ට නොහැකි වූ අතර සැකකාර සිරිධම්ම හිමි සහ වසන්ත මුදලිගේ ශරීර ඇප මත මුදා හැරීමට කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ ය. කෙසේවෙතත් වෙනත් නඩුවක් සම්බන්ධයෙන් වසන්ත මුදලිගේ ලබන 12 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර සිටි. නඩුව ලබන වසරේ අප්‍රේල් 25 වැනි දා යළි කැඳවීමට නියමිතයි.
2022-12-06T05:27:40.000Z
විදුලි බිල වැඩි නොකරන්නේ නම්, පැය 6ක 8ක විදුලි කප්පාදුවක් - ඇමති කංචන
ගාස්තු වැඩිවීමක් නැත්නම්, පැය 6ක විදුලි කප්පාදුවක්
COLOMBO (News 1st) - විදුලි බිල වැඩි නොකරන්නේ නම්, ලබන වසරේ දිනකට පැය 6 ක 8 ක පමණ විදුලි කප්පාදුවක් ක්‍රියාත්මක කිරීමට සිදු වන බව අමාත්‍ය කංචන විජේසේකර පවසයි. ඔහු ඒ බව කියා සිටියේ අද (06) පාර්ලිමේන්තුවේදීයි.
2022-12-06T04:47:38.000Z
රජයේ සේවකයින් අවු. 60 න් අනිවාර්ය විශ්‍රාම යැවීම ගැසට් මගින් ප්‍රකාශයට පත් කරයි
විශ්‍රාම වයස අවු. 60 ක් කරමින් ගැසට් නිවේදනයක්
COLOMBO (News 1st) - සියලුම සිවිල් රාජ්‍ය නිලධාරීන් වයස අවුරුදු 60 සම්පූර්ණ වූ විට අනිවාර්යයෙන්ම සේවයෙන් විශ්‍රාම ගතයුතු බවට වන නියෝගය ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත්කර තිබේ. අදාළ ගැසට් පත්‍රය ඊයේ (05) දිනයේ ප්‍රකාශයට පත්කර ඇත්තේ, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ අත්සනින් යුතුවයි. සියලුම සිවිල් රාජ්‍ය නිලධාරීන් වයස අවුරුදු 60 සම්පූර්ණ වූ විට අනිවාර්යයෙන්ම සේවයෙන් විශ්‍රාමගතයුතු බවට වන නියෝගය ලබන වසරේ ජනවාරි මස පළමුවන දින සිට බලාත්මක වේ. 55 හැවිරිදි වයස පිරුණු විට හෝ ඉන් පසුව හෝ ආණ්ඩුවේ ඕනෑම සේවකයෙකුට ආණ්ඩුවේ සේවයෙන් විශ්‍රාම ගැනීමට හැකිවන අතර නියම බලධාරියෙකු විසින් සේවයේ රඳවා ගැනීමට තීරණය කළහොත් මිස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් හෝ වෙනත් නීතියක් මගින් අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයස නිශ්චිතව තීරණය කර ඇති නිලධාරීන් හැර සියලුම රාජ්‍ය නිලධාරීන් ඒ අනුව අවුරුදු 60න් අනිවාර්යෙන්ම විශ්‍රාම යා යුතුයි. විශ්‍රාම වැටුප් ව්‍යවස්ථා සංග්‍රහයේ 17 වන වගන්තිය සම්පූර්ණයෙන් ඉවත් කර අදාළ නියෝගය ආදේශ කරමින් එය සංශෝධනය කර එම නව ගැසට් පත්‍රය ප්‍රකාශයට පත්කර ඇත.
2022-12-06T04:26:51.000Z
ක්‍රොඒෂියාව හා බ්‍රසීලය ලෝක කුසලාන පාපන්දු සටනේ අර්ධ අවසන් පූර්ව වටයට
ක්‍රොඒෂියාව හා බ්‍රසීලය අර්ධ අවසන් පූර්ව වටයට
News 1st - ක්‍රොඒෂියාව 2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගෙන තිබේ. ඒ, ජපානයට එරෙහිව පැවති තරගය දඬුවම් පහර 3ට 1ක් ලෙස ජය ගැනීමත් සමගයි. කටාර්හී අල් ජනොවුබ් ක්‍රීඩාංගණයේ පැවති තරගයේ පළමු අර්ධයේදී ගෝල 1ට 0ක් ලෙස පෙරමුණ ගැනීමට ජපානය සමත් විය. දෙවන අර්ධයේදී ක්‍රොඒෂියාව ගෝලයක් රැස් කළ අතර එම අර්ධයේදී ජපානයට ගෝල රැස් කිරීමට හැකි වූයේ නැත. තරගයේ නියමිත කාලය අවසන් වුණේ ගෝල 1ට 1ක් ලෙස කණ්ඩායම් දෙකම සම තත්ත්වයේ පසු වෙමිනි. තරගයේ ජයග්‍රහණය තීරණය කිරීමට දඬුවම් පහර ලබාදීමට විනිසුරුවරු තීරණය කළහ. ඒ අනුව ක්‍රොඒෂියාව දඬුවම් පහර 3ට 1ක් ලෙස තරගය ජය ගෙන තිබේ. මේ අතර ප්‍රබල බ්‍රසීල කණ්ඩායම ද 2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තේ ය. ඒ දකුණු කොරියාවට එරෙහිව පැවති තරගය ගෝල 4ට 1ක් ලෙස ජය ගැනීමත් සමගයි. මෙම තරගය කටාර්හී නයින් සෙවන් ෆෝ ක්‍රීඩාංගණයේදී පැවැත්විය. ආරම්භයේ සිටම විශිෂ්ට තරගකාරීත්වයක් ලබා දුන් බ්‍රසීල කණ්ඩායම පළමු අර්ධයේ පෙරමුණ ගත්තේ ගෝල 4ට 0ක් ලෙසයි. දෙවන අර්ධයේදී දකුණු කොරියාව ගෝලයක් රැස් කළ අතර එම අර්ධයේදී බ්‍රසීල කණ්ඩායමට ගෝල රැස් කිරීමට හැකි වුයේ නැත. ඒ අනුව තරගයේ නියමිත කාලය අවසානයේ ගෝල 4ට 1ක් ලෙස ප්‍රබල බ්‍රසීල කණ්ඩායම තරගය ජය ගත්තේ ය. 2022 ලෝක කුලසාල පාපන්දු තරගාවලියේ සියලු තරග අදත් TV1 නාලිකාව තුළින් ඔබට සජීවීව නැරඹිය හැකියි.
2022-12-06T04:05:19.000Z
සංචාරක වීසා මත ශ්‍රමිකයින් මැලේසියාවට රැගෙන යාමේ ජාවාරමක්
ශ්‍රමිකයින් මැලේසියාවට රැගෙන යාමේ ජාවාරමක්
COLOMBO (News 1st) - සංචාරක වීසා මත මෙරට ශ්‍රමිකයින් මැලේසියාවට රැගෙන යාමේ සංවිධානාත්මක කණ්ඩායමක් පිළිබඳව තොරතුරු අනාවරණය වී තිබේ. විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ගාමිණි සෙනරත් යාපා මහතා සඳහන් කළේ, එම සිද්ධියට අදාළව පුද්ගලයින් 29 දෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බවයි. විදේශ රැකියා ලබාදෙන බව පවසා මුදල් ලබා ගන්නා තැරැව්කරුවන්ට නොරැවටෙන ලෙස විදේශ සේවා නියුක්ති කාර්යාංශය ජනතාවට දැනුම් දෙයි.
2022-12-06T03:29:01.000Z
'අලුත් පොතක් සතුටු හිතක්' සිරස - ශක්ති පොත් යාත්‍රාවට ඔබත් දායක වන්න...
සිරස - ශක්ති පොත් යාත්‍රාවට ඔබත් දායක වන්න...
COLOMBO (News 1st) – අලුත් පොතක් සතුටු හිතක් සිරස - ශක්ති පොත් යාත්‍රාව අද (06) නිල වශයෙන් ආරම්භ කිරීමට නියමිතව තිබේ. ළඟ එන නත්තලේදී රට වටේම ඉන්න පුංචි දුවා දරුවන්ට අලුත් පාසල් වාරය සඳහා පොත් පත් ඇතුළු උපකරණ පරිත්‍යාග කරන්න අපිත් එක්ක එකතු වෙන්න ඔබට මෙහිදී අවස්ථාව උදා වනු ඇති. ලබන 24 වැනිදා දක්වා අලුත් පොතක් සතුටු හිතක් සිරස - ශක්ති පොත් යාත්‍රාවට දායක වන්න ඔබටත් හැකියි. මේ පිළිබඳව කරුණු පැහැදිලි කරමින් සීමාසහිත කැපිටල් මහරාජා සමූහයේ විධායක සමූහ අධ්‍යක්ෂ ශෙවාන් ඩැනියෙල් මහතා පැවසුවේ, සුපුරුදු පරිදි ක්‍රියාත්මක කරන සිරස - ශක්ති නත්තල් කලාපය වෙනුවට මෙවර මෙම කර්තව්‍ය හරහා රටේ දුවා දරුවන්ට යම් පිහිටක් වීමට බලාපොරොත්තු වන බවයි.
2022-12-06T02:09:12.000Z
දිළිඳු පවුල්වල පුද්ගලයින් මුලා කර වකුගඩු ජාවාරම් කළ සැකකරුවෙකු CCD අත්අඩංගුවට
වකුගඩු ජාවාරම්වලට සම්බන්ධ සැකකරුවෙකු CCD අත්අඩංගුව
COLOMBO (News 1st) – වකුගඩු ජාවාරම්වලට සම්බන්ධ තැරැව්කරුවෙකු කොළඹ අපරාධ කොට්ඨාසය අත්අඩංගුවට ගෙන තිබේ. නීති විරෝධිව දිළිඳු පවුල්වල පුද්ගලයින් මුලා කරමින් මුදල් ලබා දෙන බව පවසා ප්‍රධාන පෙළේ රෝහලක් තුළදී වකුගඩු ලබාගැනීම සිදුකර මුදල් ලබා නොදීමක් සම්බන්ධව පුද්ගලයන් 04 දෙනෙකු සහ කාන්තාවක් විසින් බොරැල්ල පොලි කරන ලද පැමිණිලිවලට අදාළව කොළඹ අපරාධ කොට්ඨාසයේ ඊයේ මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ. පොලිසිය පැවුසවේ, කොළඹ අපරාධ කොට්ඨාසය වෙත ඉදිරිපත් වීමෙන් පසු අත්අඩංගුවට ගෙන ඇති මෙම සැකකරු වයස අවුරුදු 41 ක් වන කජිමාවත්ත, කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි. සැකකරු වකුගඩු මුදලට ලබා දෙන පුද්ගලයා හා ලබා ගන්නා පාර්ශවය අතර සම්බන්ධීකරණ කටයුතු සිදුකරමින් කැරුව්කකරුවෙකු ලෙස කටයුතු කර ඇති බවත්, මොහු තැරැව් ගාස්තුවලට අමතරව වකුගඩුව ලබා දෙන පුද්ගලයාට ලබා දීමට අනෙක් පාර්ශවය විසින් ලබා දෙන මුදල්වලින් කොටසක් වංචා කර ඇති බවට අනාවරවණය වී ඇත. සැකකරු අද අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
2022-12-06T01:04:24.000Z
පලාලි ගුවන්තොටුපොළේ ගුවන් ගමන් ලබන 12 සිට ඇරඹේ
පලාලි ගුවන්තොටුපොළේ ගුවන් ගමන් ලබන 12 සිට ඇරඹේ
COLOMBO (News 1st) - යාපනය, පලාලි ගුවන්තොටුපොළේ සිට ඉන්දියාවේ චෙන්නායි දක්වා ගුවන් ගමන් ලබන 12 සිට ආරම්භ කරන බව සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසයි. සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස මහතා සඳහන් කළේ, සතියකට ගමන්වාර 4 ක් ක්‍රියාත්මක කරන බවයි. සැළසුම්කර ඇත්තේ චෙන්නායි සිට පාලාලි ගුවන්තොටුපොළට පෙරවරු 10.50 ට ගුවන් යානයක් ළඟා වීමට නියමිත අතර පලාලි ගුවන්තොටුපොළේ සිට පෙරවරු 11.50 ට ගුවන් යානය නැවත චෙන්නායි දක්වා පිටත්වීමටයි.
2022-12-06T00:43:19.000Z
බණ්ඩ් පොහොර ගොවි බිමට... තවත් යූරියා නැවක් සේන්දු වෙයි
බණ්ඩ් පොහොර ගොවි බිමට...
COLOMBO (News 1st) - මෙරටට රැගෙන එනු ලැබූ බන්ඩි පොහොර අද (06) සිට ගොවීන්ට බෙදා දෙන බව පොහොර ලේකම් කාර්යාලය පවසයි. එහි අධ්‍යක්ෂ චන්දන ලොකුලියන මහතා සඳහන් කළේ, හෙක්ටයාරයකට බණ්ඩි පොහොර කිලෝග්‍රෑම් 50 ක් ලබාදෙන බවයි. මේ අතර තව ත් යුරියා පොහොර නෞකාවක් ඊයේ (05) රාත්‍රියේ මෙරටට ළඟා විය. එම නෞකාවේ ඇති යූරියා පොහොර ප්‍රමාණය මෙට්ට්‍රික් ටොන් 25,000 කි. පෙරේදා දිනයේදී ද යූරියා පොහොර මෙට්ට්‍රික් ටොන් 25,000 ක් රැගත් නෞකාවක් මෙරටට ළඟා වූ අතර ඒ සමග යූරියා පොහොර මෙට්ට්‍රික් ටොන් 35,000 මෙරටට රැගෙන විත් ඇතැයි පොහොර ලේකම් කාර්යාලය ප්‍රකාශ කළේ ය.
2022-12-06T00:41:09.000Z
සුළි කුණාටු අවදානමක්... මුහුදු නොයන්නැයි ධීවරයින්ට අනතුරු ඇඟවීම්...
ධීවරයින් සඳහා යළි අවවාදාත්මක නිවේදනයක්
COLOMBO (News 1st) - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (06) පස්වරු 03 දක්වා බලපැවැත්වෙන පරිදි ධීවරයින් සඳහා යළි අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. එහි දැක්වෙන්නේ, ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ යළි දැනුම් දෙන තුරු ධීවර හා නාවුක කටයුතු නොකරන ලෙසයි. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ, දැනට මෙම මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවල නිරත පිරිස කඩිනමින් ගොඩබිමට හෝ ආරක්ෂිත ස්ථානයක් වෙත යාත්‍රා කළ යුතු බවය. මන්නාරම සිට කන්කසන්තුරය, ත්‍රිකුණාමලය සහ මඩකලපුව හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශ සහ ගිනිකොණ දිග සහ නිරිත දිග බෙංගාල බොක්ක යන කලාපවල සුළඟේ වේගය පැයට කිලෝමීටර 80 සිට 90දක්වා ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දකුණු අන්දමන් මුහුදු ප්‍රදේශ සහ ඊට යාබද ගිනිකොණ දිග බෙංගාල බොක්ක ආශ්‍රිතව පවතින අඩු පීඩන කලාපය අද (06) වනවිට පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීම මීට හේතුවයි. එම පීඩන අවපාතය බටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් ශ්‍රී ලංකාවේ උතුරු වෙරළට ආසන්නව ගමන් කරමින් ක්‍රමයෙන් සුළි කුණාටුවක් බවට වර්ධනය වන බව ද කාලගුණ නිවේදනයේ සඳහන් වේ. එලෙස වර්ධනය වන සුළි කුණාටුව නිරිත දිග බෙංගාල බොක්ක හරහා ලබන 08 වැනි දා වනවිට තමිල්නාඩු වෙරළ තීරයට ළඟාවනු ඇති බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය. මේ අතර කාලගුණ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා සඳහන් කළේ, දිවයිනේ උතුරු, උතුරුමැද නැගෙනහිර පළාත්වල ලබන 6 හා 7 දිනයන්වලදී කඩින් කඩ වර්ෂාව ඇතිවීමේ හැකියාවක් පවතින බවයි.
2022-12-06T00:26:10.000Z
ගෙවුණු දිනය උණුසුම් කළ පුවත්
ගෙවුණු දිනය උණුසුම් කළ පුවත්
1. ත්‍රීරෝද රථයක් ප්‍රපාතයකට පෙරළෙයි: දෙදෙනෙකු මරුට: දෙබත්ගම ප්‍රදේශයේ ඊයේ පස්වරුවේ සිදු වූ රිය අනතුරකින් ත්‍රීරෝද රථයක ගමන් ගත් පුද්ගලයින් 4 දෙනෙකු අනතුරට ලක්ව දෙදෙනෙකු එම ස්ථානයේදී ජීවිතක්ෂයට පත්විය. 2. ලංගම සභාපතිට වහා ඉල්ලා අස්වන්නැයි ඇමති බන්දුලගෙන් දැනුම් දීමක්: ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක මහතාට වහාම එම ධූරයෙන් ඉල්ලා අස්වන්නැයි, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් දැනුම් දී තිබේ. 3. සුදු ඩීසල් මිල පහළට: ඊයේ (05) මධ්‍යම රාත්‍රියේ සිට සුදු ඩීසල් ලීරයක මිල රුපියල් 10 කින් පහළ දැමීමට තීරණය කර තිබේ. 4. ලිට්‍රෝ ගෑස් මිල ඉහළට: මිල සූත්‍රයට අනුව ලිට්‍රෝ ගෑස් මිල ඊයේ (05) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දමා ඇති බව ලිට්‍රෝ සමාගම නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 5. සුඛෝපභෝගී අසමාරා ක්වෙස්ට් නෞකාව හම්බන්තොටට: සුඛෝපභෝගී අසමාරා ක්වෙස්ට් නෞකාව ඊයේ (05) පෙරවරුවේ හම්බන්තොට වරායට සේන්දු විය.
2022-12-05T16:45:01.000Z
ත්‍රීරෝද රථයක් ප්‍රපාතයකට පෙරළෙයි: දෙදෙනෙකු මරුට..
ත්‍රීරෝද රථයක් ප්‍රපාතයකට පෙරළෙයි: දෙදෙනෙකු මරුට..
COLOMBO (News 1st) - දෙබත්ගම ප්‍රදේශයේ අද පස්වරුවේ සිදුවූ රිය අනතුරකින් ත්‍රීරෝද රථයක ගමන් ගත් පුද්ගලයින් 4 දෙනෙකු අනතුරට ලක්ව දෙදෙනෙකු එම ස්ථානයේදී ජීවිතක්ෂයට පත්විය. අනතුරෙන් අඩි 50 කට පමණ ප්‍රපාතයකට පෙරළුණු ත්‍රීරෝද රථයේ සිටි අනෙක් දෙදෙනා මේ වනවිට මාවනැල්ල මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී. ඒ අනුව දිවයිනේ ගෙවුණු පැය 24 තුළ සිදුවු රිය අනතුරුවලින් පුද්ගලයින් 6 දෙනෙකු මියගොස් 24 දෙනෙකු තුවාල ලබා තිබේ.
2022-12-05T16:42:23.000Z
ලංගම සභාපතිට වහා ඉල්ලා අස්වන්නැයි ඇමති බන්දුලගෙන් දැනුම් දීමක්..
ලංගම සභාපතිට වහා ඉල්ලා අස්වන්නැයි දැනුම් දීමක්..
COLOMBO (News 1st) - ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක මහතාට වහාම එම ධූරයෙන් ඉල්ලා අස්වන්නැයි, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් දැනුම් දී තිබේ. නිවේදනයක් නිකුත් කරමින් ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශය සඳහන් කළේ, අමාත්‍යවරයාට පැවරී ඇති බලතල ප්‍රකාරව මෙම දැනුම්දීම සිදුකර ඇති බවයි. රජයේ ප්‍රතිපත්තිමය තීරණ මත ජනතාවට පහසුකම් සැලසීම හා ප්‍රවාහන සේවය නගා සිටුවීමට හා කාර්යක්ෂම කිරීමට ගනු ලබන ක්‍රියාමාර්ගවලට අවනත නොවීම හේතුවෙන් ඔහුට ඉල්ලා අස්වන්නැයි දැනුම් දුන් බව අදාළ නිවේදනයේ සදහන් වේ. අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලබන තීන්දු තීරණ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් හිතාමතාම ක්‍රියාත්මක නොකිරීම මෙම ඉවත් කිරීම සඳහා ආසන්නතම හේතුව බව එම නිවේදනයෙන් පෙන්වා දෙයි. අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ, ඒ අනුව, කිංස්ලි රණවක මහතා දැරූ ලංගම සභාපති ධූරයෙන් මෙන්ම ලං.ග.ම. අධ්‍යක්ෂ මණ්ඩලයෙන් ද ඉල්ලා අස්වන්නැයි ඔහුට දැනුම් දී ඇති බවයි.
2022-12-05T01:14:44.000Z
සුඛෝපභෝගී අසමාරා ක්වෙස්ට් නෞකාව හම්බන්තොටට
සුඛෝපභෝගී අසමාරා ක්වෙස්ට් නෞකාව හම්බන්තොටට
COLOMBO (News 1st) - සුඛෝපභෝගී අසමාරා ක්වෙස්ට් නෞකාව අද (05) පෙරවරුවේ හම්බන්තොට වරායට සේන්දු විය. ඒ, සංචාරකයින් 454ක් සහ කාර්යය මණ්ඩල සාමාජිකයින් 402කු සමගය. පෙරේදා (03) ලංකාවට පැමිණි සුඛෝපභෝගී අසමාරා ක්වෙස්ට් නෞකාව, හම්බන්තොට වරායට පැමිණි දෙවන මගී ප්‍රවාහන නෞකාවයි. නෞකාව දිගින් මීටර 181 ක් සහ පළලින් මීටර 25.4 ක් වේ අසමාරා ක්වෙස්ට් නෞකාව ශ්‍රී ලංකාවට පැමිණියේ ඉන්දියාවේ කොචින් වරායේ සිටයි. නෞකාවේ සිටින සංචාරකයින් අද (05) යාල ජාතික වනෝද්‍යානය සහ හම්බන්තොට නගරයේ සංචාරක ආකර්ශනය දිනූ ස්ථාන ගණනාවක සංචාරය කරනු ලැබීය.
2022-12-05T13:53:00.000Z
සුදු ඩීසල් මිල පහළට
සුදු ඩීසල් මිල පහළට
COLOMBO (News 1st) - අද (05) මධ්‍යම රාත්‍රියේ සිට සුදු ඩීසල් ලීරයක මිල රුපියල් 10 කින් පහළ දැමීමට තීරණය කර තිබේ. ඒ අනුව, රුපියල් 430ක්ව පැවති, සුදු ඩීසල් ලීටරයක නව මිල රුපියල් 420ක් දක්වා පහළ බසිනු ඇති. මේ අතර ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මිල අඩු කිරීමට සාපේක්ෂව, ඉන්දියන් ඔයිල් සමාගම ද ඩීසල් ලීටරයක මිල රුපියල් 10 කින් අඩු කර ඇත.
2022-12-05T11:07:52.000Z
ලිට්‍රෝ ගෑස් මිල ඉහළට..
ලිට්‍රෝ ගෑස් මිල ඉහළට..
COLOMBO (News 1st) - මිල සූත්‍රයට අනුව ලිට්‍රෝ ගෑස් මිල අද(05) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දමා ඇති බව ලිට්‍රෝ සමාගම නිවේදනයක් නිකුත් කරමින් පවසයි. ඒ අනුව 12.5Kg සිලින්ඩරයක් රුපියල් 250කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රු 4,610කි. 5Kg සිලින්ඩරයක් රුපියල් 100කින් ඉහළ දමා ඇත. ඒ අනුව එහි නව මිල රුපියල් 1,850කි. 2.3Kg සිලින්ඩරයක් රුපියල් 45කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 860ක් වේ.
2022-12-05T04:38:00.000Z
කිලිනොච්චියේදී බස් රථයක් පෙරළී මගීන් 22කට තුවාලයි
කිලිනොච්චියේදී බස් රථයක් අනතුරට
COLOMBO ( News 1 st ) - අද(05) අලුයම 4.40 ට පමණ කොළඹ සිට යාපනය බලා ධාවනය වූ බස් රථයක් කිලිනොච්චිය 248 කණුව ප්‍රදේශයේදී අනතුරට ලක් වී තිබේ. පොලීසිය පැවසුවේ, අනතුරින් පුද්ගලයින් 22 දෙනෙකු තුවාල ලබා ඇති බවයි. කිලිනොච්චිය ප්‍රදේශයේ දී බස් රථය පෙරළී යාමෙන් අනතුර සිදුව ඇති අතර අනතුර සිදුවන අවස්ථාවේ පුද්ගලයින් 32 දෙනෙකු එහි ගමන් කරමින් සිට ඇත. අප වාර්තාකරු සඳහන් කළේ තුවාල ලැබූවන් අතර අවුරුදු එක හමාරක පිරිමි දරුවකු ද සිටින බවයි. තුවාල ලැබූ පිරිස කිලිනොච්චිය රෝහලට ඇතුළත් කර ඇති අතර කිලිනොච්චිය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කර තිබේ.
2022-12-05T04:29:37.000Z
ගම්පහ පාසලක ආපනශාලාවක තිබී මත්ද්‍රව්‍ය හා මත්පෙති සොයා ගනී
ගම්පහ පාසලක ආපනශාලාවක මත්ද්‍රව්‍ය හා මත්පෙති
COLOMBO ( News 1 st ) - ගම්පහ,මල්වතුහිරිපිටිය ප්‍රදේශයේ පාසලක ආපනශාලාවක තිබී මත්ද්‍රව්‍ය හා මත්පෙති තොගයක් සොයා ගෙන තිබේ. පොලිසිය පැවසුවේ, අදාළ ආපනශාලවේ තිබී අයිස් මත්ද්‍රව්‍ය පැකට් 7ක් සහ මත්පෙති 38ක් සොයා ගත් බවයි. ගම්පහ මල්වතු හිරිපිටිය ප්‍රදේශයේ පාසලක ආපන ශාලාවක තිබී අයිස් මත්ද්‍රව්‍ය සහ මත්පෙති කිහිපයක් සොයා ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක , ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දුව මහතා පැවසුවේ අයිස් මත්ද්‍රව්‍ය පැකට් 7 ක් සහ මත්පෙති 38 ක් ආපනශාලා පරිශ්‍රයෙන් සොයාගත් බවයි. සිද්ධිය සම්බන්ධයෙන් ආපන ශාලාව පවත්වාගෙන ගිය 42 හැවිරිදි කාන්තාවක් පොලිස් භාරයට ගෙන ඇති තිබේ. මේ අතර පාසල් ළමුන් ඉලක්ක කරගනිමින් මත්පෙති ජාවාරමේ නිරත වූ පුද්ගලයින් දෙදෙනෙකු විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ. ඔවුන් සතුව තිබී සොයා ගෙන ඇති මත්පෙති සංඛ්‍යාව 400 කට අධික වේ.
2022-12-05T03:01:33.000Z
කැලණියේ පෞද්ගලික කර්මාන්තශාලාවක ගින්නක්..
කැලණියේ පෞද්ගලික කර්මාන්තශාලාවක ගින්නක්..
COLOMBO (News 1st) – කැලණිය, ගල්බොරැල්ල ප්‍රදේශයේ පෞද්ගලික කර්මාන්තශාලාවක ගින්නක් හට ගෙන තිබේ. පොලිසිය පැවසුවේ ගින්න නිවීම සඳහා රථ 6ක් යොදවා ඇති බවයි.
2022-12-05T02:54:34.000Z
පොල්ගහවෙල සහ අලව්ව දුම්රිය ස්ථාන අතර සංඥා පද්ධතියේ දෝෂයක්
අද (05)ත් ප්‍රමාද වන දුම්රිය
COLOMBO ( News 1 st ) - ප්‍රධාන මාර්ගයේ පොල්ගහවෙල සහ අලව්ව දුම්රිය ස්ථාන අතර සංඥා පද්ධතියේ දෝෂයක් හේතුවෙන් දුම්රිය ධාවනය ප්‍රමාදවී තිබේ. පාලක මැදිරිය ප්‍රකාශ කළේ එම දෝෂය යථා තත්ත්වයට පත්කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බවයි.
2022-12-05T01:53:10.000Z
සෙවණගල සහ පැල්වත්ත සීනි කර්මාන්ත ශාලා සේවකයින් තවදුරටත් වර්ජනයේ
සීනි කර්මාන්ත ශාලා සේවකයින් වර්ජනයේ
COLOMBO ( News 1 st ) – සෙවණගල සහ පැල්වත්ත සීනි කර්මාන්ත ශාලා සේවකයින් ආරම්භ කළ වැඩවර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක වෙයි. එම සේවකයින් පසුගිය සිකුරාදා සිට වැඩ වර්ජනයකට අවතීර්ණ වූයේ එම සීනි කර්මාන්ත ශාලාවල සභාපතිවරයා ලෙස කටයුතු කළ ජනක නිමලචන්ද්‍ර මහතා වෙනුවට වැඩ බලන සභාපතිවරයෙකු පත් කිරීමට ගෙන ඇති තීරණයට එරෙහිවයි. ගැටලුවට ලිඛිත විසඳුමක් ලැබෙන තුරු සිය වැඩ වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක බව ප්‍රගතිශීලී සේවක සංගමයේ ලේකම් සිසිර කුමාර මහතා සඳහන් කළේ ය. ඔහු පැවසුවේ, සිය වැඩ වර්ජනය හේතුවෙන් සීනි කර්මාන්ත ශාලාවල නඩත්තු කටයුතු ද ඇණහිට ඇති බවයි.
2022-12-05T01:48:46.000Z
ප්‍රංශය ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට
FIFA : ප්‍රංශය අර්ධ අවසන් පූර්ව වටයට
COLOMBO ( News 1 st ) - වත්මන් ලෝකශූර ප්‍රංශය 2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අර්ධ අවසන් පුර්ව වටයට සුදුසුකම් ලබා ගත්තේ ය. කටාර්හී අල් තුමාමා ක්‍රීඩාංගණයේදී පැවති තරගයේ පළමු අර්ධයේදී ප්‍රබල ප්‍රංශ කණ්ඩායම තරගයේ පෙරමුණ ගත්තේ ගෝල 1 - 0ක් ලෙසයි. තරගයේ දෙවන අර්ධයේ දී ප්‍රංශය ගෝල 2ක් රැස් කළ අතර පෝලන්තය එම අර්ධයේදී ගෝලයක් රැස් කිරීමට සමත් විය. ඒ අනුව ගෝල 3 - 1ක් ලෙස ප්‍රංශය තරගය ජය හිමිකර ගතේ ය. මේ අතර සෙනගාල් රාජ්‍ය පරදවමින් අර්ධ අවසන් පූර්ව වටයේ සිය ස්ථානය තහවුරු කර ගැනීමට එංගලන්තය සමත් විය. කටාර්හී අල් බයිට් ක්‍රීඩාංගණයේ පැවති තරගයේ පළමු අර්ධයේදී ගෝල 2 - 0ක් ලෙස එංගලන්ත කණ්ඩායම තරගයේ පෙරමුණ ගැනීමට සමත් විය. දෙවන අර්ධයේදී එංගලන්තය තවත් ගෝලයක් රැස් කළ අතර සෙනගාල් කණ්ඩායමට එම අර්ධයේදී ද ගෝල රැස් කිරීමට නොහැකි වූ අතර ඒ අනුව ගෝල 3 - 0ක් ලෙස ප්‍රබල එංගලන්ත කණ්ඩායම තරගය ජය ගැනීමට සමත් විය. 2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සියලු තරග TV -1 නාලිකාව ඔස්සේ ඔබට සජීව ලෙස නැරඹිය හැකියි.
2022-12-05T01:44:19.000Z
අමෙරිකාවේ දේශගුණ සැලසුම ආක්‍රමණශීලියි - යුරෝපා සංගමය
අමෙරිකාවේ දේශගුණ සැලසුම ආක්‍රමණශීලියි
COLOMBO ( News 1 st ) - අමෙරිකාවේ දේශගුණ සැලැස්මේ ඇතැම් විකෘති කිරීම් සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් ක්‍රියා කළ යුතු බව යුරෝපා සංගමය පවසයි. එහි සභාපතිනිය ප්‍රකාශ කරන්නේ,අමෙරිකාව ඉදිරිපත් කළ ඩොලර් බිලියන 430 ක දේශගුණික සැලැස්මේ වෙනස් විය යුතු තැන් කිහිපයක්ම පවතින බවයි . ඊට අදාළ නීති යුරෝපා සංගමය විසින් සකස් කළ යුතු බවද ඇය අවධාරණය කර තිබේ. යුරෝපා සංගමය අවධාරණය කරන්නේ , දේශගුණ අර්බුදයට මුහුණ දීම සඳහා සකස් කරන ලද සැලැස්ම ඉතා ආක්‍රමණශීලී සැලැස්මක් බවයි . මෙම සැලැස්ම හරහා විදුලි මෝටර් රථ මිලදී ගැනීම, තාප පොම්ප භාවිතය මෙන්ම විදුලි උඳුන් මඟින් ආහාර පිසීම දිරිගන්වා තිබේ.
2022-12-05T01:39:23.000Z
දිස්ත්‍රික්ක 5 කට තවදුරටත් නායයෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම්
අදත් දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි තත්වයක්..
COLOMBO ( News 1 st ) - දිස්ත්‍රික්ක 5 කට පැනවු නායයෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනය තවදුරටත් ක්‍රියාත්මක වේ. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ප්‍රකාශ කළේ, කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයටත්, ගාල්ල දිස්ත්‍රික්කයේ නාගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයටත්, කළුතර දිස්ත්‍රික්කයේ ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයටත් එම අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර ඇති බවයි. කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට සහ වරකාපොළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත්, රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර සහ ඇලපාත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයටත් එම නායයෑම් පිළිබඳ අනතුරු ඇඟවීම් නිවේදනය බලාත්මක වේ. මේ අතර අද(05) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. උතුර, නැගෙනහිර සහ උතුරු මැද පළාත්වල ද වැසි වාර කිහිපයක් ඇති විය හැකියි. සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් ,මහනුවර , නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මිලිමීටර් 75 ට වැඩි තරමක තද වැසි ඇති වන බව කාලගුණ නිවේදනයේ සඳහන් ය. ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.
2022-12-05T01:36:39.000Z
තෙවැනි පාසල් වාරය අදින් ඇරඹේ..
තෙවැනි පාසල් වාරය අදින් ඇරඹේ..
COLOMBO (News 1 st ) - රජයේ හා රජයේ අනුමත සියලු පාසල්වල තුන්වැනි වාරය අද(05) ආරම්භ වන අතර දෙවන පාසල් වාරය පසුගිය සිකුරාදා අවසන් විය. මේ අතර නත්තල වෙනුවෙන් ලබන 22 වැනිදා පාසල්වලට නිවාඩු ලබාදෙන අතර යළිත් පාසල් ආරම්භ වන්නේ ජනවාරි 2 වැනිදායි. යළිත් වරක් අ.පො.ස. උසස්පෙළ විභාගය සඳහා ජනවාරි 20 වැනිදා පාසල්වලට නිවාඩු ලබාදෙන අතර පෙබරවාරි 20 වැනිදා යළිත් පාසල් ආරම්භ වනු ඇති. පාසල්වල තෙවැනි පාසල් වාරය මාර්තු 24 වැනිදායින් අවසන් වීමට නියමිතයි. මේ අතර 2022 වර්ෂයේ අතරමැද පන්ති සඳහා සිසුන් ඇතුළත් කිරීම අද(05) සිට අත්හිටුවා තිබේ. අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ 2023 වර්ෂයේ අතරමැද පන්ති සඳහා සිසුන් ඇතුළත් කරනු ලබන්නේ, 2022 වර්ෂයේ තෙවන පාසල් වාරය අවසන් වන 2023 මාර්තු මස 24 දිනට පසුව බවයි. අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කරනු ලබන චක්‍රලේඛ අනුව පමණක් ඒ සම්බන්ධයෙන් කටයුතු කරන බවද, අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කරන අතර සාමාන්‍ය පෙළ ප්‍රතිඵල මත උසස් පෙළ හැදෑරීම සඳහා අයදුම් කිරීමේ දී උසස් පෙළ විෂය ධාරාව නොමැති පාසල්වල සිසුන්, තමන් හදාරන විෂය ධාරාව ඇති පාසල් සඳහා ඉල්ලුම්පත්‍ර අදාළ පාසලටම යොමු කළ යුතු බවද අධ්‍යාපන අමාත්‍යංශය ප්‍රකාශ කර තිබේ.
2022-12-05T01:20:07.000Z
රත්‍රං මිල ඉහළ නගී
රත්‍රං මිල ඉහළ නගී
COLOMBO ( News 1 st ) – ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිල තරමක් ඉහළ ගොස් තිබේ. ඒ අනුව රන් අවුන්සයක මිල සටහන් වුයේ, අමෙරිකානු ඩොලර් 1,800 ක් ලෙසයි. පසුගියදා රන් අවුන්සයක මිල දැක්වුණේ, ඩොලර් 1753ක් ලෙසයි.
2022-12-05T01:16:46.000Z
අද (5) සිට දුම්රිය කාලසටහනේ සංශෝධනයක් - දුම්රිය දෙපාර්තමේන්තුව
අද සිට දුම්රිය කාලසටහනේ සංශෝධනයක්
COLOMBO ( News 1 st ) – අද(05) සිට දුම්රිය කාලසටහන් සංශෝධනය වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, අදියර කිහිපයක් වශයෙන් දුම්රිය කාලසටහන සංශෝධනය වන බවයි. ඒ අනුව, මිනිත්තු 5 ත් - 10 ත් අතර කාලයකින් සියලු දුම්රිය ගමන් වාර සංශෝධනය වනු ඇති. දුම්රිය සේවයේ පවතින අර්බුදකාරී තත්ත්වය හේතුවෙන්, දිගින් දිගටම දුම්රිය ප්‍රමාද වීම් වාර්තා වීම හමුවේ, නව කාලසටහන් සකස් කිරීමට පියවර ගත් බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
2022-12-04T16:09:25.000Z
ඉන්දුනීසියාවේ සෙමෙරු ගිනි කන්ද විදාරණය වෙයි.. ජනතාව ආරක්ෂිත ස්ථාන වෙත
ඉන්දුනීසියාවේ සෙමෙරු ගිනි කන්ද විදාරණය වෙයි..
COLOMBO (News 1st) - ඉන්දුනීසියාවේ සෙමෙරු ගිනි කන්ද විදාරණය වීමෙන් අළු සහිත දුමාරය අහසට නිකුත් වෙයි. ජාවා දිවයිනේ ඇතැම් ප්‍රදේශ වලින් ජනතාව 2,000 කට ආසන්න පිරිසක් ඉවත් කිරීමේ කටයුතු ආරම්භ කර තිබේ. සෙමෙරු ගිනි කන්ද පුපුරා යාමෙන් පසුව, ඉන්දුනීසියාවේ ආපදා අවම කිරීමේ ඒජන්සිය(BNPB) ඉරිදා(03) පැවසුවේ පුද්ගලයින් 1,979 දෙනෙකු ආරක්ෂිත ස්ථාන 11කට ගෙන ගොස් ඇති අතර බලධාරීන් නිවැසියන්ට මුහුණු ආවරණ බෙදා හැර ඇති බවයි. කිසිදු හානියක් පිළිබඳ වාර්තා නොමැති අතර ඉන්දුනීසියාවේ ප්‍රවාහන අමාත්‍යාංශය පැවසුවේ ගුවන් ගමන්වලට කිසිදු බලපෑමක් නොමැති නමුත් සුපරීක්ෂාකාරීව කටයුතු කිරීම සඳහා කලාපීය ගුවන් තොටුපළ දෙකකට දැනුම් දී ඇති බවයි. "අද උදෑසන සිට බොහෝ මාර්ග වසා දමා ඇති අතර දැන් ගිනි කඳු අළු වැසි ඇද හැලෙන අතර එය කන්දේ දර්ශනය ආවරණය කර ඇත" යනුවෙන් ප්‍රජා ස්වේච්ඡා සේවක Bayu Deny Alfianto ගිනි කන්ද අසල සිට දුරකථනයෙන් රොයිටර් වෙත පැවසීය. ජකර්තා අගනුවරට ගිනිකොන දෙසින් කිලෝමීටර් 640ක් (සැතපුම් 400ක්) පමණ දුරින් පිහිටි සෙමෙරු කන්ද අසල වෙසෙන වැසියන්ට ගිනි කන්දෙන් කිලෝමීටර 8ක් (සැතපුම් 4.9ක්) ඇතුළත කිසිදු ක්‍රියාකාරකමක් සිදු නොකරන ලෙසත් ගංගා ඉවුරෙන් ඈත්ව සිටින ලෙසත් පෙර දින BNPB අනතුරු අඟවා තිබුණි.
2022-12-04T15:42:06.000Z
විදෙස් ප්‍රේෂණ සඳහා බදු පනවා නැහැ.. මහ බැංකුවෙන් නිවේදනයක්
විදෙස් ප්‍රේෂණ සඳහා බදු පනවා නැහැ..
COLOMBO (News 1st) – විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් එවන විදේශ මුදල් බලහත්කාරයෙන් රුපියල්වලට පරිවර්තනය කරන බවට පැතිර යන ප්‍රචාර සම්බන්ධයෙන් අද(05) ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කළේ ය. එහි දැක්වෙන්නේ, විදෙස් රැකියාවල නිරතව සිටින පුද්ගලයින් මෙරටට එවන විදේශ විනිමය ප්‍රේෂණ මත කිසිදු බදු පැනවීමක් සිදුකර නොමැති බවයි. මෙරටට එවන විදේශ විනිමය ප්‍රේෂණ විදේශීය ව්‍යවහාර මුදල් වශයෙන්ම තම බැංකු ගිණුම්වල තබා ගැනීම හෝ රුපියල් බවට පරිවර්තනය කිරීම සේවා නියුක්තිකයන්ගේ අභිමතය පරිදි සිදුකළ හැකි බවත් මහ බැංකුව පවසයි. මහ බැංකුව අවධාරණය කළේ , විදෙස් රැකියාවල නිරත පුද්ගලයින්ට දැනට ලබා දී ඇති විවිධ දිරි දීමනා කිසිදු වෙනසකින් තොරව අඛණ්ඩව ක්‍රියාත්මක බවයි.
2022-12-04T14:18:26.000Z
බංග්ලාදේශය ඉදිරියේ ඉන්දියාවට අමිහිරි පරාජයක්
බංග්ලාදේශය ඉදිරියේ ඉන්දියාවට අමිහිරි පරාජයක්
COLOMBO (News 1st) - ඉන්දියාවට එරෙහි පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් බංග්ලාදේශයට කඩුලු 01ක තියුණු ජයක් අද(04) හිමිවිය. මීර්පූර් හිදී පැවති තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායමට පන්දුවාර 41යි එක් පන්දුවකදී සියලුදෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 186 ක් පමණි. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශය පන්දුවාර 46 ක් අවසානයේ දී කඩුලු 9ක් පමණක් දැවී තිබියදී ජයග්‍රාහී ඉලක්කය පසු කිරීමට සමත් විය. ඒ අනුව තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය තරග 1ට 0ක් ලෙස බංග්ලාදේශ කණ්ඩායම මේ වනවිට ඉදිරියෙන් සිටී.
2022-12-04T13:53:38.000Z
III වන චාර්ල්ස් රජුට පළඳන බ්‍රිතාන්‍ය රාජකීය කිරුළ වෙනස් වෙයි..
III වන චාල්ස් රජුට පළඳන රාජකීය කිරුළේ වෙනසක්
COLOMBO (News 1st) - දෙවන එලිසබෙත් රැජිණ පැළඳි රාජකීය කිරුළ නවීකරණය කිරීමට තීරණය කර ඇතැයි බකිංහැම් මාලිගාව නිවේදනය කරයි. ඒ, III වන චාල්ස් රජුගේ රාජාභිෂේකය වෙනුවෙන් ය. බකිංහැම් මාලිගාව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ, රාජාභිෂේකය වෙනුවෙන් කිරුළ ලන්ඩන් කුළුණෙන් ඉවතට ගෙන නවීකරණ කටයුතු ආරම්භ කර ඇති බවයි. 1952දී දෙවන එලිසබෙත් රැජිණගේ රාජාභිෂේකයේදී මෙම කිරුළ ඇයට පැළඳිණි. මැණික්, ඇමතීස්ට්, නිල් මැණික්, ගාර්නට්, තෝපස් සහ ටුවර්මැලයින් වලින් ඔබ්බවන ලද එය 1661දී දෙවන චාර්ල්ස් රජු වෙනුවෙන් සාදන ලදී. එය පැළඳීමට බර වැඩි නිසා වසර සිය ගණනක් තිස්සේ ඔටුන්න රැගෙන ගියේ රාජාභිෂේක පෙරහැරවල පමණි. 1911දී පස්වන ජෝර්ජ් රජුගේ රාජාභිෂේකය සඳහා එය සැහැල්ලු වන පරිදි වෙනස් කරන ලද නමුත්, තවමත් බර කිලෝග්‍රෑම් 2.23 (රාත්තල් පහකට ආසන්න)කි. මෙම රාජාභිෂේකය එළැඹෙන වසරේ මැයි මස පැවැත්වීමට තීරණය කර ඇති අතර ඒ, දෙවන එළිසබෙත් රැජිණගේ අභාවයෙන් මාස 08කට පසුව යි. II එළිසබෙත් රැජිණගේ රාජාභිෂේකය පැය 3ක පමණ කාලයක් පැවතුණ ද , III වන චාර්ල්ස් රජුගේ රාජාභිෂේකය පැයක පමණ කාලයකට තුළ සිදු කිරීමට අපේක්ෂා කරන බව බකිංහැම් මාලිගාව නිකුත් කළ නිවේදනයේ සඳහන් ය. රාජාභිෂේකයට සහභාගී වන අමුත්තන්ගේ සංඛ්‍යාවද සීමා කර ඇති අතර, චාරිත්‍ර ගණනාවක් සිදු නොකෙරෙනු ඇති. රාජාභිෂේකයෙන් පසු කිරුළ නැවතත් ලන්ඩන් කුළුණේ තැන්පත් කිරීමට නියමිතය.
2022-12-04T13:48:54.000Z
හෙට පැය 2යි මිනිත්තු 20ක විදුලි කප්පාදුවක්..
හෙට පැය 2යි මිනිත්තු 20ක විදුලි කප්පාදුවක්..
COLOMBO (News 1st) - හෙට(05) පැය 2 යි මිනිත්තු 20 ක දෛනික විදුලි කප්පාදුවකට අනුමැතිය දී ඇති බව මහජන උපයෝගීතා කොමිසම පවසයි. ඒ අනුව , A -W කාණ්ඩවලට , දිවා කාලයේ පැය 1 සහ රාත්‍රියේ පැය 1.20 ක් ලෙස විදුලි කප්පාදුව සිදු වනු ඇති.
2022-12-04T06:09:41.000Z
ලොවක් හැඬ වූ සප්ත කන්‍යා ඛේදවාචකයට වසර 48යි..
ලොවක් හැඬ වූ සප්ත කන්‍යා ඛේදවාචකයට වසර 48යි..
COLOMBO (News 1st) - මාර්ටින් එයාර් ගුවන් සේවයට අයත්, M. C ඩොනල් ඩග්ලස් DC 8 ගුවන් යානය, ඉන්දුනීසියාවේ සුරබෙයා ගුවන්තොටුපොළින් ගුවනට නැගුණේ, සෞදි අරාබිය දක්වා පියාසර කිරීමේ බලාපොරොත්තුව ඇතිවයි. සෞදි අරාබියේ, ජෙඩා ගුවන්තොටුපොළ යානය ගොඩ බැස්වීමට නියමිත වූ ගමනාන්තය විය. හජ් වන්දනාවේ යෑමේ බලාපොරොත්තුවෙන් සිටි මගීන් 182 සහ කාර්යය මණ්ඩල සාමාජිකයින් 9 දෙනෙකු ඇතුළුව 191 දෙනෙකු මෙම ගුවන් ගමන සඳහා එක්ව සිටියේ ය. සෞදි අරාබිය දක්වා යන ගමනේදී , කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ යානයේ එක් නවාතැන් පොළක් වී තිබුණි. මීට වසර 48ක‍ට පෙර එනම්, 1974 දෙසැම්බර් 04 වැනි දින M. C ඩොනල් ඩග්ලස් DC 8 ගුවන් යානය නොසිතූ මොහොතක රාත්‍රී 10.10 පමණ සප්ත කන්‍යා කඳු පන්තියේ ගැටුණි. සිද්ධිය ඇසින් දුටුවන් පැවසුවේ, පහළින් ගමන් ගත් ගුවන් යානයක් කඳු පන්තියේ ගැටී ගිනිගත් වූ බවය. අනතුරින් ගුවන් යානයේ ගමන්ගත්, සියලු දෙනා ජීවිතක්ෂයට පත්වූ අතර, යානයේ සිටි 191 දෙනාගේ සිරුරුවලින් හඳුනා ගත හැකි වූයේ එක් ගුවන් සේවිකාවකගේ දේහය පමණි. යානය සප්ත කන්‍යා කඳු පන්තියේ ගැටෙන අවස්ථාවේදී, එහි ප්‍රධාන නියමුවා ලෙස කටයුතු කර තිබුණේ, එවකට 52 හැවිරිදි වියේ පසුවූ හෙන්රික් ලම්වේ නැමති ගුවන් නියමුවෙකි. නෙදර්ලන්ත ජාතකයෙතු වූ ඔහු ගුවන් පැය 26,770 ගුවනේ ගතකළ පලපුරුදු ගුවන් නියමුවෙකු ද විය. කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් ලබා දුන් උපදෙස් නිවැරදිව ශ්‍රවණය නොවීම හේතුවෙන් යානය සප්ත කන්‍යා කඳු පන්තියේ ගැටී ඇතැයි පසුව හෙළිදරව් විය. අනතුර සම්බන්ධයෙන් 1975 වසරේදී , මෙරට ප්‍රවාහන අමාත්‍යාංශයේ, මහජන ගුවන් කටයුතු දෙපාර්තමේන්තුව වාර්තාවක් ඉදිරිපත් කළේ ය. අනතුරින් පසුව ගුවන් කාර්යය මණ්ඩලයේ සාමාජිකයින්ගේ නම සහිත පුවරුවක් ස්ථාපිත කරනු ලැබිණි. තවද මගීන්ගේ සිරුරු කොටස් මිහිදන් කර නිර්මාණය කරන ලද තවත් ස්මාරකයක් සප්ත කන්‍යා කඳු පන්තිය පේන මානයේ ස්ථාපිත කර ඇත. M. C ඩොනල් ඩග්ලස් DC 8 ගුවන් යානය සප්ත කන්‍යා කදුපන්තියේ ගැටීම, එතෙක් මෙතෙක් ශ්‍රී ලංකා ඉතිහාසයේ සිදුවූ භයානකම ගුවන් අනතුර ලෙස හැඳින්විය හැකියි.
2022-12-04T05:02:26.000Z
ඔස්ට්‍රේලියාව පරාජය කළ ප්‍රබල ආර්ජන්ටිනාව ලෝක කුසලානයේ අර්ධ අවසන් පූර්ව වටයට
ආර්ජන්ටිනාව ලෝක කුසලානයේ අර්ධ අවසන් පූර්ව වටයට
COLOMBO (News 1st) - ලියනොල් මෙසී ප්‍රධාන ආර්ජන්ටිනා කණ්ඩායම 2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ, අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට සමත් විය. ඒ, ඔස්ට්‍රේලියා කණ්ඩායමට එරෙහිව පැවති තරගය, ගෝල 2 ට 1 ක් ලෙස ජය ගනිමිනි. කටාර් හී අහමඩ් බින් අලී ක්‍රීඩාංගණයේ පැවැති තරගය සඳහා 45,000කට අධික ප්‍රේක්ෂක පිරිසක් සහභාගී වී සිටිය හ. සුපිරි පාපන්දු ක්‍රීඩක ලියනොල් මෙසී, සිය කණ්ඩායම වෙනුවෙන් පළමු ‌‌‌ගෝලය රැස් කළේ ය. තරගයේ පළමු අර්ධය නිමා වූයේ, ගෝල 1ට 0 ලෙස ආර්ජන්ටිනා කණ්ඩායමට තරගයේ වැඩි වාසි අතරකර දෙමින් ය. තරගයේ දෙවන අර්ධයේ, 57 විනාඩියේදී නැවත වරක් ක්‍රියාත්මක වූ ආර්ජන්ටිනාව සිය දෙවැනි ගෝලය වාර්තා කිරීමට සමත් විය . ඔස්ට්‍රේලියා කණ්ඩායම තරගයේ 77 වන විනාඩියේදී ගෝලයක් වාර්තා කළත්, එය තරගයේ ජයග්‍රහණය සඳහා ප්‍රමාණවත් නොවීය . ඒ අනුව ආර්ජන්ටිනාව ගෝල 2 ට 1 ක් ලෙස තරගය ජය ගත්තේ අර්ධ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ද ලබා ගනිමිනි.
2022-12-04T04:50:47.000Z
2022 පාපන්දු ලෝක කුසලානයේ අර්ධ අවසන් පුර්ව වටයට පිවිසි පළමු රට බවට නෙදර්ලන්තය පත්වෙයි
FIFA තරග බිමේදී නෙදර්ලන්තය අර්ධ අවසන් පුර්ව වටයට
COLOMBO ( News 1 st ) - 2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සුපිරි 16 දෙනාගේ වටයේ පළමු තරගය අමෙරිකා කණ්ඩායම පරාජය කරමින් ජය ගැන්මට නෙදර්ලන්තය සමත් විය. කටාර්හි කලීෆා ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැති තරගය ආරම්භයේ සිටම උණුසුම් මුහුණුවරක් ගත් අතර ගෝල රැස් කිරීම ආරම්භ කළේ නෙදර්ලන්තයයි. තරගයේ 10වන විනාඩියේදී මෙම්ෆිස් ඩිපේ නෙදර්ලන්තය වෙනුවෙන් පළමු ගෝලය වාර්තා කළේ ය. පළමු අර්ධය අවසානයේ ලැබූ අතිරේක කාලයේ පළමු මිනිත්තුවේදී නැවතත් ක්‍රියාත්මක වන නෙදර්ලන්තය දෙවන ගෝලය වාර්තා කළ අතර එම ගෝලයට හිමිකම් කීවේ ඩේලි බ්ලින්ඩ්. ඒ අනුව පළමු අර්ධය නිමා වුණේ ගෝල 2 ට 0 ක් ලෙසයි. දෙවන අර්ධයේ 76 වන විනාඩියේදී අමෙරිකා කණ්ඩායම ගෝලයක් රැස් කළ අතර අමෙරිකාව වෙනුවෙන් එම ගෝලය වාර්තා කළේ හාජි රයිටි. දෙවන අර්ධයේ 81 විනාඩියේදී ක්‍රියාත්මක වු නෙදර්ලන්තය තවත් ගෝලයක් වාර්තා කළ අතර එම ගෝලයත් සමඟින් තරගයේ අවසන් ප්‍රතිඵලය දැක්වුනේ ගෝල 3 - 1ක් ලෙසයි. මෙම ජයත් සමගින් 2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අර්ධ අවසන් පුර්ව වටයට පිවිසි පළමු රට බවට නෙදර්ලන්තය පත් විය.
2022-12-04T04:12:35.000Z
මහ කන්නයට අවශ්‍ය බන්ඩි පොහොර බෙදා දීම හෙට සිට
මහ කන්නයට අවශ්‍ය බන්ඩි පොහොර බෙදා දීම හෙට සිට
COLOMBO ( News 1 st ) - මහ කන්නයට අවශ්‍ය බන්ඩි පොහොර බෙදා දීම හෙට(05) සිට ආරම්භ කරන බව කොමර්ෂල් පොහොර සමාගම පවසයි. එහි සභාපති ජගත් පෙරේරා මහතා ප්‍රකාශ කළේ බන්ඩි පොහොර මෙට්‍රික් ටොන් 41,876 ක් මෙවර බෙදා හරින බවයි. ඊයේ(03) ලැබුණු යූරියා පොහොර මෙට්‍රික් ටොන් 16,500ක තොගය බෙදා හැර ඇතැයි ද කොමර්ෂල් පොහොර සමාගමේ සභාපති ජගත් පෙරේරා මහතා ප්‍රකාශ කළේ ය. දිස්ත්‍රික්ක 25 සඳහා යූරියා මෙට්‍රික් ටොන් 54,000 ක් මේවන විටත් බෙදා හැර ඇති බවත් , එසේම අනුරාධපුර හා ත්‍රිකුණාමල දිස්ත්‍රික්ක සඳහා මෙට්‍රික් ටොන් 1000 ක් අද දිනයේ බෙදා හැරි බවත් ඔහු ප්‍රකාශ කළේ ය. ලක් පොහොර සමාගම හා කොමර්ෂල් පොහොර සමාගම් මඟින් ඉදිරි සතියේදී යූරියා පොහොර මෙට්‍රික් ටොන් 16,500 ක බෙදා හැරීම් සිදු කිරීමට නියමිතයි.
2022-12-04T04:03:12.000Z
ලබන වසරේදි 5G ලැබෙයිද ?
ලබන වසරේදි 5G ලැබෙයිද ?
COLOMBO ( News 1 st ) - ලබන වසරේදි 5G තාක්ෂණයට අදාළ වාණිජ කටයුතු ආරම්භ කිරීම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කරන බව, විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසයි. කොමිෂන් සභාවේ නිලධාරින් ඒ බව පවසා ඇත්තේ, පසුගියදා පැවති තාක්ෂණ කටයුතු පිළිබඳ අමාත්‍යාංශය උපදේශක කාරක සභාවේදීයි. අන්තර්ජාල සැපයුම් සමාගම්වලට 5G තාක්ෂණය සඳහා අවසර ලබා දීම පිළිබදව ද එහිදී සාකච්ඡාකර තිබේ.
2022-12-04T03:55:53.000Z
දරුවන් වෙනුවෙන් සෞඛ්‍ය අංශ දෙමාපියන්ගෙන් විශේෂ ඉල්ලීමක් කරයි
ළමුන් අතර මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට
COLOMBO (News 1 st ) - ළමුන්ගේ අසාමාන්‍ය හැසිරීම් සම්බන්ධයෙන් දෙමව්පියන් විශේෂ අවධානයක් යොමුකළ යුතුව ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය ප්‍රකාශ කර තිබේ. නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, වෛද්‍ය ජී.විජේසූරිය මහතා පෙන්වා දෙන්නේ ළමුන් අතර මත්ද්‍රව්‍ය භාවිතය ඉහළ ගොස් ඇති බවයි. ඔහු පෙන්වා දෙන්නේ පාසල් ආශ්‍රිතව මත්ද්‍රව්‍ය අලෙවි කිරීම් වාර්තාවන බවත් දරුවන් මේ කෙරෙහි යොමු වීමක් ද හඳුනා ගෙන ඇති බවයි. මේ හේතුවෙන් දරුවාගේ හැසීරිම් රටාවන් පිළිබඳ අවධානය යොමු කරන ලෙසත් , දරුවන්ගේ නිදිබර ස්වභාවයන් හෝ වෙනදාට වඩා වෙනස් දිනචර්යාවන් පවතී නම් ඒ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරන ලෙසත් ඔහු දෙමාපියන්ට අවධාරණය කර තිබේ. අන්තර්ජාලය ද සිදුවන මෙවැනි ක්‍රියාකාරකම් කෙරෙහි අවධානයෙන් පසුවන ලෙසද නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, වෛද්‍ය ජී.විජේසුරිය මහතා පෙන්වා දී තිබේ.
2022-12-04T03:51:11.000Z
ජර්මනියේ බලශක්ති සැපයුම්කරුවන්ට බලශක්ති මිල ඉහළ නැංවීමට තහනමක්
ජර්මනියේ බලශක්ති සැපයුම්කරුවන්ට තහනමක්
COLOMBO ( News 1 st ) - ජර්මානු බලශක්ති සැපයුම්කරුවන්ට ලබන වසරේදී බලශක්ති මිල ඉහළ නැංවීම තහනම් කිරීමට සැලසුම් කර ඇතැයි ජර්මානු රජය පවසයි. ජර්මානු රජය ප්‍රකාශ කරන්නේ එරට ජනතාවගේ පහසුව උදෙසා එම තීරණය ගෙන ඇති බවයි. ඒ අනුව අත්‍යවශ්‍යම අවස්ථාවකදී පමණක් බලශක්ති මිල සංශෝධනය සඳහා අවසර ලබා දීමට නියමිතව තිබේ. කුටුම්භ සහ ව්‍යාපාර සඳහා ඉහළ යන ගෑස් සහ විදුලි බිල්පත් පාලනය කිරීමේ කඩිනම් ක්‍රියාවලියට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී ඇතැයි ද එරට බලධාරීන් පෙන්වා දී තිබේ.
2022-12-04T03:43:04.000Z
සංචාරක ආකර්ෂණය සහිත සෑම මුහුදු තීරයකටම පොලිස් කණ්ඩායමක් ස්ථාන ගතකරන බව, සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේ ය.
සංචාරකයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් නව app එකක්
COLOMBO ( News 1 st ) - ලබන වසරේදී සංචාරකයින් ලක්ෂ 15 මෙරටට ගෙන්වා ගැනීම රජයේ සැලසුම බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය. අමාත්‍යවරයා ප්‍රකාශ කළේ මෙරටට පැමිණෙන සංචාරකයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් නව ජංගම යෙදවුමක්ද හඳුන්වා දීමට කටයුතු කරන බවයි. එය ලබන ජනවාරි මාසයේ දී භාවිතයට ගැනීමට නියමිතයි. මෙම යෙදවුම මඟින් සංචාරකයින්ගේ කැමැත්ත පරිදි ඔවුන් සිටිනා ස්ථානය පිරික්සීමට අවසර ලබාගැනීමට ද නියමිතයි. ඒ තුළින් ඔවුන් අතරමං වුවහොත් හෝ යම් ආරක්ෂිත පියවරයක් ගැනීමට අවශ්‍ය වුවහොත් ඒ හරහා පියවර ගත හැකි බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
2022-12-04T02:06:48.000Z
හඳුනා නොගත් ග්ලූකෝමා රෝගීන් විශාල සංඛ්‍යාවක්
සමාජය තුළින් ග්ලූකෝමා රෝගීන් වාර්තා වීම ඉහළට
COLOMBO ( News 1 st ) - හඳුනා නොගත් ග්ලූකෝමා රෝගීන් විශාල සංඛ්‍යාවක් සමාජයේ සිටින බව, අක්ෂි රෝග විශේෂඥයින් පවසති. අක්ෂි රෝග විශේෂඥ වෛද්‍ය දිල්රුවනි ආරියසිංහ මහත්මිය ප්‍රකාශ කළේ මුල් අවස්ථාවේ රෝග ලක්ෂණ නොපෙන්වන බවයි. ග්ලූකෝමා රෝගයෙන් අන්ධභාවය ඇති වූවහොත් නැවත යථා තත්ත්වයට පත්කිරීමට නොහැකි බවත් මෙහිදී පවතින්නේ අන්ධභාවය වළක්වා ගත හැකි ක්‍රම පමණක් බවත් ඇය ප්‍රකාශ කළා ය. ඇය වැඩිදුරටත් පැවසුවේ ග්ලූකෝමා රෝගීන් මුල් අවස්ථාවේදීම හඳුනා ගත යුතු බවයි. මේ වන විටත් සමාජය තුළ හඳුනා නොගත් රෝගීන් සිටින බවත්, හඳුනා ගත් රෝගීන්ද විශාල සංඛ්‍යාවක් සිටින බවත් ඇය ප්‍රකාශ කළා ය. එසේම දියවැඩියා රෝගීන්ට ග්ලූකෝමා තත්ත්වය ඇතිවීමේ වැඩි අවදානමක් ඇති බවත් නියොවැස්ත්‍රෝ ග්ලූකෝමා යන දරුණු තත්වය ද ඇති වීමේ වැඩි ඉඩක් ඇති හෙයින් දියවැඩියා රෝගීන් වසරකට වරක් අක්ෂී පරීක්ෂාවකට යොමුවන ලෙසත් ඇය වැඩිදුරටත් සඳහන් කළා ය.
2022-12-04T00:45:11.000Z
ගෙවුණු දිනය උණුසුම් කළ පුවත්
ගෙවුණු දිනය උණුසුම් කළ පුවත්
COLOMBO (News 1st) - දේශීය පුවත් 01.මේ දවස්වල පැතිරෙන වෛරස් රෝගය කුමක් ද? මේ දිනවල ගමේ ඩිස්පෙන්සරිය ඉස්පිරිතාලෙ OPD එකේ, කැස්ස හෙම්බිරිස්සාව, උණ, ඇඟපත වේදනාව, වැනි රෝග ලක්ෂණ සහිත රෝගීන්ගේ වැඩිවීමක් දැක ගත හැකියි. 02.අවිගත් පිරිසක් පොලිස් පරීක්ෂකවරයෙකුගේ නිවසක් කොල්ලකයි.. අවිගත් පිරිසක් අලුත්ගම බොන්දුපිටියේ පිහිටි පොලිස් නිලධාරීයෙකුගේ නිවසක් කොල්ල කා තිබේ. 03.විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින්ගේ සුබසාධනය වෙනුවෙන් නව වැඩපිළිවෙළක් – ජනපති විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින්ගේ සුබසාධනය වෙනුවෙන් නව වැඩපිළිවෙළක් සකස් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (03) ප්‍රකාශ කර තිබේ. 04.සරසවි කඩඉම් ලකුණු ගැන අභියාචනා ඉදිරිපත් කිරීමට සිසුන්ට මසක කාලයක්... 2021 උසස් පෙළ ප්‍රතිඵල මත නිකුත් කළ විශ්වවිද්‍යාල කඩඉම් ලකුණු සම්බන්ධයෙන් අභියාචනා ඉදිරිපත් කිරීමට සිසුන්ට මාසයක කාලයක් ලබාදෙන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි. 05.භුමිතෙල් බවුසර් 87ක් ගොවීන් වෙනුවෙන් ඊයේ නිකුත් කෙරේ.. – ජනාධිපති අධ්‍යක්ෂක දිස්ත්‍රික්ක 7ක ගොවීන් සඳහා පැවැති භුමිතෙල් හිඟය මගහැරී ගොස් ඇතැයි ප්‍රජා කටයුතු පිළිබඳව ජනාධිපති අධ්‍යක්ෂ ජනරාල් කීර්ති තෙන්නකෝන් මහතා පවසයි. විදෙස් පුවත් 01.හිට්ලර් යක්ෂයෙක් – හිට්ලර් පාලනය ගැන අමෙරිකානු ජනපතිගෙන් ප්‍රකාශයක් ඇඩොල්ෆ් හිට්ලර් කියන්නේ මේ ලොකේ හිටපු අමානූෂීය ඒකාධිපති පාලකයෙකි. ක්‍රීඩා පුවත් 01.නෙදර්ලන්තය හමුවේ අමෙරිකාවට ගෝල 3ට 1ක දරුණු පරාජයක්. 2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සුපිරි 16 දෙනාගේ වටයේ පළමු තරගය අමෙරිකා කණ්ඩායම පරාජය කරමින් ගෝල 3 ට 1 ක් ලෙස නෙදර්ලන්තය ජය ගත්තේ ය.