date
stringlengths 24
24
| title
stringlengths 0
176
| short_title
stringlengths 10
69
| content
stringlengths 0
19.7k
|
---|---|---|---|
2022-11-28T06:36:24.000Z | ඩයනාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කරන්නැයි ගොනුකර තිබූ රීට් ආඥා පෙත්සම විභාගයට ගැනීමට අවසර.. | ඩයනා ඇතුළු 15 කට නොතීසි.. | COLOMBO ( News 1 st ) - රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කරන්නැයි ඉල්ලා ගොනුකර තිබූ රීට් ආඥා පෙත්සම විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද(28) අවසර ලබා දුන්නේය. පෙත්සමෙන් වගඋත්තරකරුවන් ලෙස නම්කර ඇත්තේ රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ, මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්, ආගමන විගමන පාලකවරයා, මැතිවරණ කොමිසමේ සභාපතිවරයා, පාර්ලිමේන්තු මහලේකම්වරයා, නීතිපතිවරයා ඇතුළු 15 දෙනෙකි. අභියාචනාධිකරණයට කරුණු දක්වන්නැයි දන්වා ඔවුන්ට නොතීසි යැවීමට ද සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන විනිසුරු මඬුල්ල අද නියෝග කළහ. පෙත්සම් විභාගය ලබන මස 12 වැනිදා ආරම්භ කිරීමට දින නියම කෙරුණ අතර ඩයනා ගමගේ මහත්මියගේ පුරවැසිභාවයට අදාළ සියලු ලේඛන වහාම ඉදිරිපත් කරන්නැයි ද, අභියාචනාධිකරණය ආගමන විගමන පාලකවරයාට නියෝග කළේ ය. බ්‍රිතාන්‍ය පුරවැසියෙකු වන ඩයනා ගමගේ මහත්මිය පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුරයක් දැරීමට නුසුදුසු අයෙකු ලෙස නිගමනය කරන ලෙසත්, පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කරන ලෙසත් ඉල්ලමින් පෙත්සම ගොනුකර තිබුණේ ඔසඳ ලක්මාල් හේරත් මහතායි. |
2022-11-28T06:14:38.000Z | මහව සිට යාපනය දක්වා දුම්රිය ධාවනය මාස 5කට අත්හිටුවීමට පියවර.. | මහව යාපනය දුම්රිය ධාවනය තාවකාලිකව අත්හිටුවයි | COLOMBO ( News 1 st ) - මහව සිට යාපනය දක්වා දුම්රිය ධාවනය මාස 5ක කාලයකට අත්හිටුවීමට තීරණය කළ බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. ඒ, දුම්රිය මාර්ගයේ අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් බව අමාත්‍යවරයා කියා සිටියේය. ඒ අනුව 2023 ජනවාරි 15 වැනිදා සිට මෙය ක්‍රියාත්මක බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය. |
2022-11-28T03:35:54.000Z | චීනයේ COVID විරෝධතා හමුවේ ජාත්‍යන්තර වෙළෙඳපොළේ බොරතෙල් මිල පහළට.. | ජාත්‍යන්තර වෙළෙඳපොළේ බොරතෙල් මිල පහළට.. | COLOMBO ( News 1 st ) – ජාත්‍යන්තර වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 2කට වැඩි අගයකින් පහත වැටී ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි. ඒ , චීනයේ COVID විරෝධතා හමුවේ ය. ඒ අනුව බ්‍රිතාන්‍ය වෙළෙඳපොළේ බැරලයක මිල $81.47 දක්වා පහළ ගොස් තිබේ. |
2022-11-28T01:32:23.000Z | රාජ්‍ය සේවකයින්ට ආසන්නම සේවා ස්ථානයට මාරුවීම් ලබා දීමේ සූදානමක්.. | රාජ්‍ය සේවකයින්ට ආසන්නම සේවා ස්ථානයට මාරුවීම්? | COLOMBO ( News 1 st ) - රාජ්‍ය සේවකයින්ට ආසන්නම සේවා ස්ථානයට මාරුවීම් ලබාදීමේ විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව, ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කර තිබේ. පවතින ආර්ථික ගැටලු සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන තිබේ. අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කළේ, අදාළ පාර්ශව සමග ඒ සම්බන්ධයෙන් සාකච්ඡා වට කිහිපයක් පැවැත්වූ බවය. |
2022-11-28T01:30:48.000Z | රජයේ සහනාධාර ලබා ගැනීමට යොමු කළ අයැදුම්පත් අධ්‍යනය ඇරඹේ.. | රජයේ සහනාධාර අප්‍රේල් මාසයේ සිට.. | COLOMBO ( News 1 st ) - රජයේ සහනාධාර ලබා ගැනීම සඳහා යොමුකර තිබූ අයදුම්පත් ලක්ෂ 34 ක් පිළිබඳව සමීපව අධ්‍යයනය කරමින් ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍යාංශය සඳහන් කර තිබේ. රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කළේ, සුදුසුම පුද්ගලයින් පමණක් තෝරාගෙන ලබන වසරේ අප්‍රේල් මාසයේ සිට එම සහනාධාරය ලබාදෙන බවයි. මේ වනවිට ලබාදෙන රජයේ සහනාධාර ද, ලබන අප්‍රේල් මාසය දක්වා අඛණ්ඩව ක්‍රියාත්මක බව, මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කළේ ය. |
2022-11-28T01:28:28.000Z | ධීවර ප්‍රජාවට විශ්‍රාම වැටුපක් හඳුන්වා දීමට පියවර.. | ධීවර ප්‍රජාවට විශ්‍රාම වැටුපක් හඳුන්වා දීමට පියවර. | COLOMBO (News 1st) – ධීවර ප්‍රජාව සඳහා විශ්‍රාම වැටුපක් හඳුන්වා දීමට පියවර ගෙන ඇතැයි ධීවර දෙපාර්තමේන්තුව පවසයි. එහි අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා සඳහන් කළේ, කෘෂි රක්ෂණ මණ්ඩලය හරහා එම විශ්‍රාම වැටුප් ක්‍රමවේදය ක්‍රියාත්මක කෙරෙන බවයි. |
2022-11-28T01:23:55.000Z | රාජ්‍ය ආයතනවල උත්සව වියදම් අත්හිටුවමින් චක්‍රලේඛයක් | රාජ්‍ය ආයතනවල උත්සව වියදම් කපා හැරේ | COLOMBO ( News 1 st ) - රාජ්‍ය ආයතන විවිධ උත්සව සඳහා දරන වියදම් අත්හිටුවමින් චක්‍රලේඛයක් නිකුත් කර තිබේ. මෙම චක්‍රලේඛය නිකුත් කර ඇත්තේ මුදල් ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ ලේකම්, මහින්ද සිරිවර්ධන මහතා විසිනි. පවතින සීමාකාරී මූල්‍ය අවකාශය තුළ රාජ්‍ය අයතන සිය විෂය පථයට අදාළ උත්සව මෙන්ම වෙනත් බාහිර උත්සව සඳහා අරමුදල් වැය කිරීම අත්හිටුවීමට, පසුගිය ජුනි මස 13 වැනිදා අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ. එහෙත්, අදාළ නියමයන්ට පටහැනිව තවදුරටත් එවැනි වියදම් දරන්නේ යැයි වාර්තා වන බව, මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශය පෙන්වා දෙන අතර මුදල් අමාත්‍යංශ ලේකම්වරයා යළි අවධාරණය කරන්නේ සියලු අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, රාජ්‍ය සංස්ථා, සමාගම්, ව්‍යවස්ථාපිත මණ්ඩල, රාජ්‍ය ව්‍යවසායන්, පළාත් සභා, පළාත් පාලන ආයතන සහ රාජ්‍ය බැංකු විසින් සිදුකරන විවෘත කිරීම්, රාජකාරී භාර ගැනීම හා විශ්‍රාම ගැනීමට අදාළ උත්සව, සුහද හමුවීම්, ප්‍රිය සම්භාෂණ ඇතුළු සියලුම ආකාරයේ උත්සව පැවැත්වීම වෙනුවෙන් රජයේ හෝ ස්වකීය ආයතනවල ඉපැයීම් භාවිත කරමින් දරන වියදම් නතර කළයුතු බවය. |
2022-11-28T01:23:11.000Z | යාල වනෝද්‍යානයට අයත් කොටසක් එළිපෙහෙළි කිරීම ගැන වනජීවී අමාත්‍යාංශයෙන් විමර්ශනයක්.. | යාල වනෝද්‍යානයේ කොටසක් එළි කිරීම ගැන විමර්ශනයක්.. | COLOMBO (News 1st) – යාල වනෝද්‍යානයට අයත් ගල්ආර ප්‍රේරණ කලාපය, කිසියම් පිරිසක් එළිපෙහෙළි කිරීම සම්බන්ධයෙන් සොයා බැලීමට නිලධාරී කණ්ඩායමක්, අද එම ප්‍රදේශය බලා පිටත්ව යන බව, වනජීවි හා වන සංරක්ෂණ අමාත්‍යාංශය පවසයි. ඒ, අදාළ සිද්ධිය පිළිබඳ විමර්ශන වාර්තාවක් ලබා දෙන්නැයි වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා, අමාත්‍යාංශ ලේකම් චන්ද්‍රා හේරත් මහත්මියට දුන් උපදෙස් මතයි. අදාළ සිද්ධියට වගකිවයුතු සහ රාජකාරී වගකීම් පැහැර හැර ඇති නිලධාරීන්ට එරෙහිව දැඩි විනයානූකූල පියවර ගන්නා බව, චන්ද්‍රා හේරත් මහත්මිය සඳහන් කළා ය. |
2022-11-28T01:21:26.000Z | කොරෝනා මර්දන රෙගුලාසිවලට එරෙහිව චීන විරෝධතා තවත් උග්‍ර අතට. | හිස එසැවූ කොරෝනාවෙන් චීනය උණුසුම්.. | COLOMBO ( News 1 st ) - දැඩි කොරෝනා රෙගුලාසිවලට එරෙහිව චීනයේ ක්‍රියාත්මක විරෝධතා උත්සන්න වී තිබේ. දෙවන දිනටත් විරෝධතා පැවැත්වුණේ ෂැංහයි නුවර කේන්ද්‍ර කරගනිමිනි. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, දහස් සංඛ්‍යාත පිරිසක් වීදි බැස, නව කොරෝනා රෙගුලාසි ඉවත් කරන්නැයි ඉල්ලමින් විරෝධතාවයේ නිරත වන බවයි. බොහෝ පිරිසක් සිය විරෝධය පළ කිරීමට කිසිවක් නොලියූ හිස් කඩදාසි රැගෙන විත් ඇති අතර තවත් පිරිසක් පවසන්නේ ජනාධිපති ෂී ජිං පිං ධූරයෙන් ඉල්ලා අස්විය යුතු බවය. කොරෝනා ආසාදිතයින් යළිත් වරක් වාර්තා ගත ලෙස ඉහළ යාම හේතුවෙන් චීන රජය රෙගුලාසි දැඩි කිරීමට පියවර ගෙන ඇති අතර පැය 24 ක් තුළ පමණක් එරටින් ආසාදිතයින් 3,700 ක් පමණ හඳුනා ගෙන තිබේ. ඒ අනුව චීනයේ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 3 ලක්ෂ 7802 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර එරටින් වාර්තා වන මරණ සංඛ්‍යාව, 5233කි. |
2022-11-28T01:18:20.000Z | ගෙවුණු දවස උණුසුම් කළ පුවත් | ගෙවුණු දවස උණුසුම් කළ පුවත් | දේශීය පුවත් 1..ආහාර මිල උද්ධමනයෙන් ශ්‍රී ලංකාව 6 වැනි තැනට: පළමු තැන සිම්බාබ්වේ – අපේ රට ලෝකයේ වැඩිම ආහාර මිල උද්ධමනය ඇති රටවල් අතර 6 වැනි ස්ථානයට පැමිණ ඇති බව ලෝක බැංකුව නිකුත් කළ නවතම වාර්තාවක දැක්වේ. 2.බන්ධනාගාරගත රැඳවියන්ගේ ධාරිතාවය දෙගුණයකින් ඉහළට... - ඇතැම් බන්ධනාගාරවල රැඳවියන්ගේ ධාරිතාව 300%කින් පමණ ඉහළ ගොස් ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර තිබේ. 3.ඉන්දියාවේ රෝ ඔත්තු සේවා ප්‍රධානියා බැසිල් රාජපක්ෂත් හමු වූ බවට මාධ්‍ය අනාවරණයක් – ඉන්දියාවේ බාහිර ඔත්තු ඒජන්සිය වන රෝ හෙවත් පර්යේෂණ සහ විශ්ලේෂණ අංශයේ ප්‍රධානී සමන්ත් කුමාර් ගොයෙල් මහතා පසුගිය සතියේ මෙරට ඉහළ පෙළේ නායකයින් හමුවී ඇතැයි අද(27) මාධ්‍ය වාර්තා කර තිබේ. 4.දෙසැම්බර් 01 වැනිදා සිට ගෘහස්ථ ගෑස් සිලින්ඩර ලක්ෂයක් දෛනිකව වෙළෙඳපොළට.. – දෙසැම්බර් 01 වැනිදා සිට ගෘහස්ථ ගෑස් සිලින්ඩර ලක්ෂයක් දෛනිකව වෙළෙඳපොළට මුදාහරින බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි. 5.ශිෂ්‍යත්වය සහ උ/පෙළ විභාගයේ දින නියම කෙරේ.. – 2022 පහ වසර ශිෂ්‍යත්ව විභාගය දෙසැම්බර් 18 වැනි ඉරිදා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. විදෙස් පුවත් 1.තායිවාන ජනපතිනිය පක්ෂ නායකත්වය අත්හරී.. – තායිවාන ජනාධිපතිනි සායි ඉං වෙන්, පාලක ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රගතිශීලී පක්ෂ නායකත්වයෙන් ඉල්ලා අස්වී තිබේ. ක්‍රීඩා පුවත් 1.ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්ථාන දෙවන එක්දින තරගය වැස්සට සේදෙයි.. – ශ්‍රී ලංකාව සහ සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අතර දෙවැනි එක්දින තරගය ඊයේ (27) තීරණයකින් තොරව අවසන් විය. |
2022-11-27T16:49:08.000Z | ශ්‍රී ලංකා - ඇෆ්ගනිස්ථාන දෙවන එක්දින තරගය වැස්සට සේදෙයි.. | දෙවන එක්දින තරගය වැස්සට සේදෙයි.. | COLOMBO ( News 1 st ) - ශ්‍රී ලංකාව සහ සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අතර දෙවැනි එක්දින තරගය අද තීරණයකින් තොරව අවසන් විය. ඒ තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවීම හේතුවෙනි. තරගය පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්විය. කාසියේ වාසිය හිමි කරගෙන පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සියලුදෙනා දැවී රැස් කරගත් ලකුණු සංඛ්‍යාව 228කි. ඇෆ්ගනිස්ථානය වෙනුවෙන් ඉනිම ආරම්භ කළේ, රහ්මනුල්ලා ගුර්බාස් සමගින් ඊබ්‍රහීම් සද්රාන්. සද්රන් ලකුණු 10යි. දෙවැනි කඩුල්ල වෙනුවෙන් එක්වූ රහ්මනුල්ලා ගුර්බාස් සහ රහ්මට් ෂාහ් ලකුණු 113ක සබදතාවයක් ගොඩනැගූ අතර ගුර්බාස් ලකුණු 68ක් රැස් කළේය. රහ්මට් ෂාහ් ලකුණු 58යි. කසුන් රාජිත ලකුණු 31ට කඩුලු 03ක් බිඳ දැමූ අතර මහීෂ් තීක්ෂණ සහ ලහිරු කුමාර අතරේ කඩුලු 02 බැගින් බෙදී ගියේය. ලකුණු 229ක ඉලක්කයක් හිමිවූ ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළේ සුපුරුදු පරිදි කුසල් මෙන්ඩිස් සමගින් පැතුම් නිස්සංක. ශ්‍රී ලංකාව කිසිවෙකු නොදැවී ලකුණු 10ක් රැස්කරගෙන සිටියදී තරගයට වර්ෂාවෙන් බාධා එල්ල විය. |
2022-11-27T16:34:43.000Z | ආහාර මිල උද්ධමනයෙන් ශ්‍රී ලංකාව 6 වැනි තැනට: පළමු තැන සිම්බාබ්වේ | ආහාර මිල උද්ධමනයෙන් ශ්‍රී ලංකාව 6 වැනි තැනට | COLOMBO ( News 1 st ) - අපේ රට ලෝකයේ වැඩිම ආහාර මිල උද්ධමනය ඇති රටවල් අතර 6 වැනි ස්ථානයට පැමිණ ඇති බව ලෝක බැංකුව නිකුත් කළ නවතම වාර්තාවක දැක්වේ. ලෝක බැංකු වාර්තාවට අනුව ශ්‍රී ලංකාවේ ආහාර උද්ධමනය 86% ක් වන අතර මෙම වාර්තාවට අනුව ලෝකයේ වැඩිම ආහාර උද්ධමනයක් සහිත රට වන්නේ සිම්බාබ්වේ රාජ්‍යයයි. එහි ආහාර උද්ධමන වේගය 321%කි. ලෙබනන්, වෙනිසියුලාව, තුර්කිය සහ ආජන්ටිනාව පිළිවෙළින් ලෝක ආහාර උද්ධමන සටහනේ 2වැනි, 3වැනි, 4වැනි සහ 5වැනි ස්ථානවල පසුවේ. මෙම සමීක්ෂණයට අනුව ඉරානය සහ රුවන්ඩාව යන රටවල් ද සිටින්නේ ශ්‍රී ලාංකාවට වඩා හොඳ ආහාර මිල පවතින ඛාණ්ඩයේය. |
2022-11-27T16:32:08.000Z | ඉන්දියාවේ රෝ ඔත්තු සේවා ප්‍රධානියා බැසිල් රාජපක්ෂත් හමු වූ බවට මාධ්‍ය අනාවරණයක් | රෝ ඔත්තු සේවා ප්‍රධානියා බැසිල් හමුවුණාද? | COLOMBO ( News 1 st ) - ඉන්දියාවේ බාහිර ඔත්තු ඒජන්සිය වන රෝ හෙවත් පර්යේෂණ සහ විශ්ලේෂණ අංශයේ ප්‍රධානී සමන්ත් කුමාර් ගොයෙල් මහතා පසුගිය සතියේ මෙරට ඉහළ පෙළේ නායකයින් හමුවී ඇතැයි අද(27) මාධ්‍ය වාර්තා කර තිබේ. සන්ඩේ ටයිම්ස් පුවත්පත සඳහන් කළේ, පසුගිය සඳුදා රජයේ නායකයන් සමඟ සාකච්ඡා සඳහා ඉන්දීය ඉහළ පෙළේ බුද්ධි නිලධාරියා කොළඹට පැමිණ සිටි බවයි. ඉන්දියාවේ බාහිර ඔත්තු ඒජන්සිය වන පර්යේෂණ සහ විශ්ලේෂණ අංශයේ ප්‍රධානී සමන්ත් කුමාර් ගොයෙල් මහතා පුළුල් පරාසයක සාකච්ඡා සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වූ බව ද එම වාර්තාවේ සඳහන්. මේ සාකච්ඡාවට ජනාධිපතිවරයාගේ, ජ්‍යෙෂ්ඨ ජාතික ආරක්ෂක උපදේශක සාගල රත්නායක සහ ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ එක්ව සිටි බව ද මේ වාර්තාවේ සඳහන්ව ඇති අතර ගොයෙල් මහතා 2019 ජුනි මාසයේදී RAW ඔත්තු සේවයේ ප්‍රධානියා ලෙස වැඩ භාර ගත්තේය. සිය සංචාරය අතරතුර බැසිල් රාජපක්ෂ සමග සංචාරයට පැමිණි ඉහළ පෙළේ බුද්ධි අංශ නිලධාරියා වෙනම හමුවක් ද පැවැත්වූ බව ද මෙම වාර්තාවේ සඳහන්ව තිබේ. පසුගිය සමයේ ශ්‍රී ලංකාවෙන් බැහැරව සිටි බැසිල් රාජපක්ෂ මහතා පසුගිය ඉරිදා නැවත කොළඹට පැමිණි අතර ඉන්දියානු ඔත්තු සේවා ප්‍රධානියා සමග හමුව පැවැත්වී ඇත්තේ ඊට පසුදින එනම් සඳුදා දිනයේදීය. |
2022-11-27T16:12:53.000Z | බන්ධනාගාරගත රැඳවියන්ගේ ධාරිතාවය දෙගුණයකින් ඉහළට... | බන්ධනාගාරගත රැඳවියන්ගේ ධාරිතාවය දෙගුණයකින් ඉහළට... | COLOMBO ( News 1 st ) - බන්ධනාගාරවල රැඳවියන්ගේ ධාරිතාවය 300%කින් ඉහළට: මෙතරම් පිරිසක් බන්ධනාගාරගත කළත් රටේ අපරාධ අඩුවී ඇද්ද? රටේ අපරාධ හා බන්ධනාගාර තුළ තදබදය.. ඇතැම් බන්ධනාගාරවල රැඳවියන්ගේ ධාරිතාව 300%කින් පමණ ඉහළ ගොස් ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර තිබේ. මේ වනවිට බන්ධනාගාර ගතව සිටින සමස්ත රැඳවියන් සංඛ්‍යාව 26,000 කි. ඒ අතරින් 10,000 සිරකරුවන් වන අතර අනෙක් 16,000 සැකකරුවන් වේ. 2021 වසරේ බන්ධනාගාරගත වූ රැඳවියන්ගේ 74%ක් බන්ධනාගාරගතව ඇත්තේ මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් වන අතර එම සංඛ්‍යාව 13,300කි. මෙරට බන්ධනාගාර තුළ රැඳවිය හැකි රැඳවියන් ප්‍රමාණය 13,200 ක් පමණ වන වේ. ඒ අනුව බන්ධනාගාරගතව සිටින රැඳවියන්ගේ ධාරිතාව දෙගුණයකින් ඉහළ ගොස් ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර තිබේ. 🔺 Flashback.. පසුගිය මැයි මාසයේ 31 වැනිදා කොළඹ කොටුවේදී අධිකරණයේ පෙනී සිටීමට ගිය දෙදෙනෙකුට එල්ල කළ වෙඩි ප්‍රහාරයෙන් පසුව මේ දක්වා ගතවූ කාලය තුළ වෙඩි තබා සිදුකළ ඝාතන ගණන 40කට අධිකය. වෙඩි තැබීමේ සිද්ධීන් 32 කට වඩා වාර්තා වී ඇති අතර තුවාල ලැබූ පුද්ගලයින් ගණන 20කට අධික වන අතර පසුගිය ජුනි 01වැනිදා සිට මේ දක්වා දකුණු පළාත තුළ පමණක් වෙඩි තැබීමේ සිද්ධි 18 ක් වාර්තා වී ඇති අතර මිය ගිය ගණන 15 කි. |
2022-11-27T16:10:22.000Z | ශිෂ්‍යත්වය සහ උ/පෙළ විභාගයේ දින නියම කෙරේ.. | ශිෂ්‍යත්වය සහ උ/පෙළ විභාගයේ දින නියම කෙරේ.. | COLOMBO ( News 1 st ) - 2022 පහ වසර ශිෂ්‍යත්ව විභාගය දෙසැම්බර් 18 වැනි ඉරිදා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. ඉදිරියේදී පැවැත්වෙන විභාග සම්බන්ධ දින පිළිබඳව දැනුම්දෙමින් විභාග කොමසාරිස් ජනරාල්වරයා මේ බව පැහැදිලි කළේ ය. එසේම අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ලබන වසරේ 2023 ජනවාරි 01 සිට පෙබරවාරී 17 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය. |
2022-11-27T09:47:34.000Z | දෙසැම්බර් 01 වැනිදා සිට ගෘහස්ථ ගෑස් සිලින්ඩර ලක්ෂයක් දෛනිකව වෙළෙඳපොළට.. | ගෑස් නිකුත් කිරීම ගැන දැනුම්දීමක් | COLOMBO ( News 1 st ) - දෙසැම්බර් 01 වැනිදා සිට ගෘහස්ථ ගෑස් සිලින්ඩර ලක්ෂයක් දෛනිකව වෙළෙඳපොළට මුදාහරින බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම සමාගම සඳහන් කළේ, හෙට(28) සහ අනිද්දා(29) දිනවල ගෘහස්ථ ගෑස් සිලින්ඩර 40,000 බැගින් නිකුත් කරන බවය. අද දිනයේ ගෑස් නිකුත් කරන්නේ කර්මාන්ත ශාලා, ප්‍රධාන හෝටල් සහ අත්‍යාවශ්‍ය සේවා සඳහා පමණක් බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි. ගෑස් මෙට්‍රික් ටොන් 4,000ක තොගයක් රැගත් නෞකාවක් දෙසැම්බර් 30 වැනිදා දිවයිනට ළඟාවීමට නියමිත බව ලිට්‍රෝ සමාගම ප්‍රකාශ කළ අතර ඒ අනුව උත්සව සමයට සරිලන පිරිදි ගෑස් ඇණවුම් කර ඇති බව ද ලිට්‍රෝ සමාගම වැඩිදුරටත් අවධාරණය කළේ ය. |
2022-11-27T09:45:45.000Z | තායිවාන ජනපතිනිය පක්ෂ නායකත්වය අත්හරී.. | තායිවාන ජනපතිනිය පක්ෂ නායකත්වය අත්හරී.. | COLOMBO ( News 1 st ) - තායිවාන ජනාධිපතිනි සායි ඉං වෙන්, පාලක ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රගතිශීලී පක්ෂ නායකත්වයෙන් ඉල්ලා අස්වී තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, තායිවානයේ පැවති පළාත් පාලන මැතිවරණයේදී එම පක්ෂය පහළ ඡන්ද ප්‍රතිශතයක් ලබා ගැනීම හේතුවෙන් ජනාධිපතිනිය එම තීරණය ගෙන ඇති බවයි. එරට ප්‍රධාන වීපක්ෂය වන ක්වෝමින්ටැන්ග් පක්ෂය තායිපේ අගනුවර ඇතුළුව ප්‍රධාන නගර කිහිපයක ජයග්‍රහණය තහවුරු කරගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබේ. |
2022-11-27T09:41:57.000Z | ගැටුමක් හේතුවෙන් රුහුණු ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ සිසුන් පිරිසක් රෝහලේ.. | රුහුණු අධ්‍යාපන විද්‍යා පීඨයේ ගැටුමක්.. | COLOMBO ( News 1 st ) - රුහුණු ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ සිසුන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් 12 දෙනෙකු තුවාල ලබා තිබේ. පොලීසිය සඳහන් කළේ, අවසන් වසර සිසුන් සහ දෙවැනි වසර සිසුන් අතර ඇතිවූ ගැටුමකදී එම පිරිස තුවාල ලබා ඇති බවය. තුවාල ලැබූ සිසුන්, කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරික්ෂණ ක්‍රියාත්මකයි. |
2022-11-27T04:23:17.000Z | ප්‍රබල ආර්ජන්ටිනාව මෙක්සිකෝව පරදවයි.. | ප්‍රබල ආර්ජන්ටිනාව මෙක්සිකෝව පරදවයි.. | COLOMBO (News 1st) - 2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ මෙක්සිකෝවට එරෙහිව පැවති තරගය ප්‍රබල ආර්ජන්ටිනා කණ්ඩායම ජය ගත්තේය. ඒ, ගෝල 2 ට 0ක් ලෙසය. කටාර්හී ලුසේල් ක්‍රීඩාංගණයේදී තරගය පැවැත්විය. 2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ නිල දේශීය විකාශන අයිතිය හිමි TV 1 නාලිකාව ඔස්සේ සියලු තරග සජීව ලෙස ඔබට නැරඹිය හැකියි. |
2022-11-27T04:20:31.000Z | ඩෙන්මාර්කයට එරෙහිව ලෝක ශූර ප්‍රංශයට ගෝල 2-1ක ජයක්.. | ඩෙන්මාර්කයට එරෙහිව ප්‍රංශයට ජය | COLOMBO (News 1st) - 2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ඩෙන්මාර්කයට එරෙහි තරගය ලෝක ශූර ප්‍රංශය ගෝල 2ට 1ක් ලෙස ජය ගත්තේ ය. කටාර්හී නයින් සෙවන් ෆෝ ක්‍රීඩාංගණයේදී තරගය පැවැත්විය. 2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ නිල දේශීය විකාශන අයිතිය හිමි TV 1 නාලිකාව ඔස්සේ සියලු තරග සජීව ලෙස ඔබට නැරඹිය හැකියි. |
2022-11-27T04:05:20.000Z | ශ්‍රී ලංකාවට එරෙහිව ඉතිහාසයේ පළමු වරට ඇෆ්ගනිස්ථානය එක්දින තරගාවලියක් ජය ගනිවිද? | ශ්‍රී ලංකා-ඇෆ්ගනිස්ථාන තීරණාත්මක තරගය අද | COLOMBO (News 1st) - ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර තීරණාත්මක දෙවන එක්දින ක්‍රිකට් තරගය අද(27) මහනුවර, පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. තරගය මෙරට වේලාවෙන් පස්වරු 2.30ට ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ. දෙරට අතර පැවති පළමු තරගය, ඇෆ්ගනිස්ථානය ජය ගත්තේ ය. ඒ අනුව තරග 3කින් සමන්විත එක්දින තරගාවලිය තරග 1-0ක් ලෙස ඇෆ්ගනිස්ථානය මේ වනවිට ඉදිරියෙන් සිටී. තරගාවලියේ පරාජයෙන් බේරිම සඳහා ශ්‍රී ලංකාව අද තරගය අනිවාර්යෙන්ම ජයගත යුතු වේ. යම් හෙයකින් අද තරගය ඇෆ්ගනිස්ථානය ජය ගතහොත්, ශ්‍රී ලංකා කණ්ඩායමක් ටෙස්ට් වරම්වත් නොලද ඇෆ්ගනිස්ථානය ඉදිරියේ එක්දින තරගාවලියක් පරාජයට පත් වූ පළමු අවස්ථාව ලෙස ඉතිහාසගත වනු ඇති. |
2022-11-27T03:51:45.000Z | චීනයේ කොරෝනා නීති දැඩි කිරීමට එරෙහි විරෝධතා උග්‍ර අතට.. | චීනයේ විරෝධතා උග්‍ර අතට.. | COLOMBO (News 1st) - චීනයේ කොරෝනා නීති දැඩි කිරීමට එරෙහිව පැවැත්වෙන විරෝධතා උත්සන්න වී තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මහල් නිවාස සංකීර්ණයක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 10 දෙනෙකු මියයාමෙන් පසු විරෝධතා ආරම්භ වූ බවයි. පනවා ඇති දැඩි සංචරණ සීමා හේතුවෙන් ගින්න හටගත් අවස්ථාවේ පිටවීමට නොහැකිවීම හේතුවෙන් අදාළ පුද්ගලයින් මියගිය බව විරෝධතාකරුවන් සඳහන් කළ අතර ලොක්ඩවුන් කිරීම් ඉවත් කරන්නැයි විරෝධතාකරුවන් ඉල්ලා සිටී. විරෝධතාකරුවන් පෙන්වා දෙන්නේ රෝගීන් වාර්තා වීම ඉහළ මට්ටමකට පැමිණීම හේතුවෙන් කොවිඩ් මැඩලීම සඳහා දැඩි ප්‍රතිපත්තියක් පවත්වාගෙන යාම ඵල රහිත බවය. |
2022-11-27T03:43:06.000Z | චීනය පරිත්‍යාග කළ ඩීසල් තොගය අමාත්‍යාංශය වෙත නිල වශයෙන් භාර දීම අද.. | චීනය දුන් ඩීසල් අමාත්‍යාංශය වෙත භාරදීම අද | COLOMBO (News 1st) - මෙරට ධීවර සහ කෘෂිකාර්මික ප්‍රජාවට නොමිලේ ලබා දීම සඳහා චීනය පරිත්‍යාග කළ ඩීසල් තොගය අදාළ අමාත්‍යාංශය වෙත නිල වශයෙන් භාර දීම අද(27) පෙරවරු 10.00ට වරාය පරිශ්‍රයේදී සිදුකිරීමට නියමිතය. චීනය පරිත්‍යාග කළ ඩීසල් ලීටර් මිලියන 10.6 ක් රැගත් නෞකාවක් ඊයේ(26) කොළඹ වරායට සේන්දු විය. කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේ, එම ඩීසල් තොගයෙන් ලීටර් මිලියන 06ක පමණ ප්‍රමාණයක් සිය අමාත්‍යාංශයට හිමිවන බවය. එම ඩීසල් තොගය හෙක්ටයාරයකට ලීටර් 20ක් වන සේ ගොවීන් අතර බෙදා දීමට සැලසුම් කර තිබේ. මේ අතර අදාළ ඩීසල් තොගයෙන් ධීවර ප්‍රජාවට ලබා දෙන ප්‍රමාණය ලීටර් මිලියන 3.79 කි. ධීවර අමාත්‍යාංශය සඳහන් කළේ තෝරාගත් ඩීසල් භාවිත කරන සුළු පරිමාණ කුඩා යාත්‍රාවලට ධීවර වරාය හරහා අදාළ ඩීසල් බෙදා දීමට පියවර ගන්නා බවය. මේ අතර ධීවර අමාත්‍යාංශය සඳහන් කළේ, භූමිතෙල් භාවිත කරන ධීවර ප්‍රජාව වෙනුවෙන් ද යම් සහනදායි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට පියවර ගනිමින් ඇති බවය. |
2022-11-27T03:26:00.000Z | කිරිපිටි ආනයනය 50%කින් පහළට | කිරිපිටි ආනයනය 50%කින් පහළට | COLOMBO (News 1st) - කිරිපිටි ආනයනය 50%කින් පහළ ගොස් ඇතැයි වෙළෙඳ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශය පවසයි. අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පැවසුවේ ඩොලර් ගැටලුව ඇතුළු කරුණු රැසක් ඊට හේතු වී ඇති බවය. කිරිපිටි ආනයනය සඳහා ආනයනකරුවන්ට යම් ඩොලර් ප්‍රමාණයක් ලබාදීමට කටයුතු කරමින් ඇතැයි ද අමාත්‍යවරයා පැවසුවේය. |
2022-11-27T03:13:46.000Z | ආනයනික කිරිපිටි කිලෝ ලක්ෂ 4ක් නිදහස් කර ගැනීමට නොහැකිව කොළඹ වරායේ සිරවෙලා - කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය | ආනයනික කිරිපිටි කිලෝ ලක්ෂ 4ක් කොළඹ වරායේ | COLOMBO (News 1st) - මෙරටට ආනයනය කළ කිරිපිටි කිලෝ ලක්ෂ 04ක් නිදහස් කර ගැනීමට නොහැකිව කොළඹ වරායේ සිරවී ඇතැයි කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය චෝදනා කරයි. එම සංගමයේ සාමාජික ලක්ෂ්මන් වීරසූරිය මහතා සඳහන් කළේ, ඉන් කිරිපිටි කිලෝ ලක්ෂයක් කල් ඉකුත්වීමට ආසන්න බවය. නමුත් ආනයනික කිරිපිටි තොගයක් රේගුවෙන් නිදහස් කිරීම ප්‍රමාද කරන බවට එල්ලවන චෝදනා ප්‍රතික්ෂේප කරන බව, ශ්‍රී ලංකා රේගුව පවසයි. එහි මාධ්‍ය ප්‍රකාශක සුදත්ත සිල්වා මහතා සඳහන් කළේ සිද්ධියට අදාළ ආයතනය සම්බන්ධයෙන් විදේශ විනිමය නීතීවිරෝධීව රටින් පිට කිරීම පිළිබඳව මාස දෙකකට පෙර ආරම්භ කරන ලද විමර්ශනයක් මේ වනවිට ක්‍රියාත්මක බවයි. විමර්ශන කඩාකප්පල් කිරීමේ අරමුණින් අදාළ පාර්ශ්වයන් අසත්‍ය ප්‍රකාශ සිදුකරන බව ද රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය. |
2022-11-27T02:15:54.000Z | අධ්‍යයන කාල සීමාව ඉක්මවූ පසු සරසවි තුළ රැඳී සිටින සිසුන්ට එරෙහිව පියවර ගන්නැයි සියලු උපකුලපතිවරුන්ට උපදෙස් | සරසවි සිසුන් ගැන දැනුම්දීමක්.. | COLOMBO (News 1st) - සමස්ත ශිෂ්‍ය ධාරිතාවයෙන් 5%ක් පමණ සිය අධ්‍යයන කාල සීමාව ඉක්මවූ පසු විශ්වවිද්‍යාල තුළ රැඳී සිටින බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි. එමෙන්ම එහි සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පැවසුවේ එය සම්පූර්ණයෙන්ම නීතීවිරෝධී ක්‍රියාවක් බවය. ඒ අනුව, එවැනි සිසුන්ට එරෙහිව අවශ්‍ය පියවර ගන්නැයි, සියලු උපකුලපතිවරුන්ට උපදෙස් දුන් බවත්, සම්පත් අමරතුංග මහතා ප්‍රකාශ කළේ ය. |
2022-11-27T02:09:05.000Z | පැරණි ක්‍රමයට මැතිවරණය පැවැත්වීමට පක්ෂ රැසක එකඟතාව.. | පැරණි ක්‍රමයට මැතිවරණය පැවැත්වීමට පක්ෂ රැසක එකඟතාව | COLOMBO (News 1st) - පැරණි ක්‍රමයට මැතිවරණය පැවැත්වීමට පක්ෂ රැසක එකඟතාව පලවී ඇතැයි පළාත් සභා හා පලාත් පාලන රාජ්‍ය අමාත්‍යාංශය පවසයි. රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පැවසුවේ ඉදිරියේදී සියලු දේශපාලන පක්ෂ කැඳවා ඒ සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කරන බවයි. |
2022-11-26T16:59:55.000Z | සෞදි අරාබියට එරෙහිව පෝලන්තයට ගෝල 2 - 0 ජයක්.. | සෞදියට එරෙහි ජය පෝලන්තයට | COLOMBO ( News 1 st ) - 2022 පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ සෞදි අරාබියට එරෙහි තරගය පෝලන්තය ජය ගත්තේය. පළමු අර්ධයේ 39වන මිනිත්තුවේදී පෝලන්තය පළමු ගෝලය රැස් කළේය. දෙවැනි අර්ධයේ යළි ක්‍රියාත්මක වන පෝලන්ත ක්‍රීඩකයින් දෙවැනි ගෝලය රැස් කළේ 82 වැනි මිනිත්තුවේදී. සෞදි ක්‍රීඩකයින්ට තරගය පුරා ගෝල රැස් කිරීමට නොහැකි වූ අතර ඒ අනුව පෝලන්තය තරගය ජය ගත්තේ ගෝල 2ට 0 ක් ලෙසය. |
2022-11-26T16:24:10.000Z | අදානි සමූහයේ වරාය ව්‍යාපෘතියකට දකුණු ඉන්දීය ධීවර ප්‍රජාවේ දැඩි විරෝධය: ගල්මුල් ප්‍රහාරයකුත් එල්ල වෙයි | අදානිට ඉන්දීය ධීවරයින්ගේ දැඩි විරෝධයක් | COLOMBO ( News 1 st ) - අදානි සමූහ ව්‍යාපාරය ඩොලර් මිලියන 900ක මුදලක් වැයකරමින් දකුණු ඉන්දීය කේරළ ප්‍රාන්තයේ ඉදිකරන වරාය ව්‍යාපෘතිය අතරමග නවතා දැමීමට සිදුව තිබේ. දකුණු ඉන්දීය ධීවර ප්‍රජාවේ දැඩි විරෝධය හමුවේ මෙම තත්ත්වය හටගෙන තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ , ආගමික නායකයින් සහ ප්‍රදේශවාසීන් ව්‍යාපෘති භුමියට ඇතුළු වීම අවහිර කරමින් එහි රැඳී සිටීම නිසා "විසින්ජම්" ලෙස නම් කර ඇති මෙම වරායේ වැඩකටයුතු පසුගිය මාස 03ක කාලයක් පුරා ඇනහිට තිබුණ අතර අධිකරණ නියෝගයක් මත අද( 26 ) ව්‍යාපෘතිය නැවත ආරම්භ කිරීමට අදානි සමාගම උත්සහ කළත්, විරෝධතාකරුවන් එයට ඉඩ ලබා නොදුන් බවය. එසේම විදෙස් මාධ්‍ය වාර්තා කළේ , වරාය කරා පැමිණි ට්‍රක් රථවලට විරෝධතාකරුවන් ගල්මුල් ප්‍රහාරයක් එල්ල කිරීමත් සමග එම රථවලට ආපසු හැරී යාමට සිදුවූ බවය. මේ ව්‍යාපෘතිය හේතුවෙන් කේරළ වෙරළ තීරයේ මුහුදු ඛාදනයට ලක්වන බවට පලවන වාර්තා අදානි සමූහ ව්‍යාපාරය ප්‍රතික්ෂේප කර ඇති අතර ඔවුන් පවසන්නේ ව්‍යාපෘතිය එරට නීතිවලට සම්පුර්ණයෙන්ම අනුකූල බවය. |
2022-11-26T16:18:44.000Z | බ්‍රිතාන්‍යයෙන් ශ්‍රී ලංකා ධීවරයින්ගේ ආහාර හා පෝෂණ සුරක්ෂිතතාවය වෙනුවෙන් පරිත්‍යාගයක්.. | බ්‍රිතාන්‍යයෙන් පරිත්‍යාගයක් | COLOMBO (News 1st ) - ශ්‍රී ලංකාවේ ධීවරයින්ගේ ආහාර හා පෝෂණ සුරක්ෂිතතාවය තහවුරු කිරීම සඳහා පවුම් 880,000ක පරිත්‍යාගයක් ලබාදීමට බ්‍රිතාන්‍ය රජය තීරණය කර තිබේ. මෙම ව්‍යාපෘතියේ සම්පත්දායකයින් ලෙස කටයුතු කරනු ලබන්නේ, බ්‍රිතාන්‍ය මහා කොමසාරිස් කාර්යාලය සහ එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයයි. ධීවර හා ජලජ සම්පත් අමාත්‍යංශය ප්‍රකාශ කළේ තංගල්ල, මීගමුව, කොළඹ, කළුතර, ගාල්ල, මාතර, පුත්තලම, හලාවත සහ මන්නාරම යන ප්‍රදේශවල ධීවර ප්‍රජාවට මේ තුළින් ප්‍රතිලාභ ලැබෙන බවය. |
2022-11-26T16:14:02.000Z | කැරට් 22ට වැඩි රන් භාණ්ඩ පැළඳ ගුවන් මගින් පැමිණීම අත්හිටුවයි.. | ගුවන් මගීන්ට විශේෂ දැනුම්දීමක්.. | COLOMBO (News 1 st ) - ආනයන අපනයන පාලක ජනරාල්ගේ අවසරයකින් තොරව කැරට් 22ට වැඩි රන් භාණ්ඩ පැළඳ ගුවන් මගින් පැමිණීම අත්හිටුවා තිබේ. අනවශ්‍ය ලෙස රන් භාණ්ඩ පැළඳ ගුවන් මගින් පැමිණෙන ජාවාරම්කරුවන් පිළිබඳ තොරතුරු වාර්තාවීම මීට හේතුවයි. මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කළේ, එවැනි පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවය. ගුවන් මගින් පැමිණෙන පුද්ගලයින්ගේ රන් භාණ්ඩවල තත්ත්වය සහ ප්‍රමාණයන් පිළිබඳව සොයා බැලීමට විශේෂ තාක්ෂණික ක්‍රමවේදයන් භාවිතා කිරිමට ද රේගු නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති අතර මුදල් අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, ගුවන් මගින්ට පැළඳ පැමිණිය හැකි රන් භාණ්ඩවල ප්‍රමිතියක් හෝ සීමාවක් නොමැති නිසා , දෛනිකව රත්‍රං කිලෝ ග්‍රෑම් 50ක් පමණ ජාවාරම්කරුවන් විසින් මෙරටට රැගෙන එන බවය. ඇතැම් ජාවාරම්කරුවන් දෛනිකව ආසන්න රටවල් වෙත ගුවන් මගින් ගොස් කැරට් 24 රන් පළඳනා ලෙස සකස් කර ගනිමින් මෙරටට පැමිණෙන බවට තොරතුරු අනාවරණය වී තිබේ. එමගින් මාසයකට රටට අහිමිවන විදේශ විනිමය ප්‍රමාණය ඩොලර් මිලියන 30 කි. මේ පිළිබදව වාර්තාවක් රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාට ලබා දී තිබේ. |
2022-11-26T15:58:29.000Z | ඉහළ කාර්යය සාධනය සඳහා වූ ජාතික ක්‍රීඩා වැඩසටහන යටතේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මුදල් ත්‍යාග.. | ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මුදල් ත්‍යාග.. | COLOMBO ( News 1 st ) - ඉහළ කාර්යය සාධනය සඳහා වූ ජාතික ක්‍රීඩා වැඩසටහන යටතේ තේරී පත්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මූල්‍ය ප්‍රදානයට අදාළ ගිවිසුම් අත්සන් කිරීමේ වැඩසටහනක් ක්‍රීඩා අමාත්‍යංශයේදී පැවැත්විය. ඉහළ දක්ෂතා දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ක්‍රීඩා සංවර්ධනය සහ දිරිගැන්වීම වෙනුවෙන් මෙම මූල්‍ය ප්‍රදානය ලබාදුන් අතර මසකට රුපියල් ලක්ෂ 50ක මුදලක් ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් වැය කිරීමට නියමිතය. එමගින් ප්‍රතිලාභ ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන් සංඛ්‍යාව 178කි. |
2022-11-26T15:55:57.000Z | දිවයිනේ ප්‍රදේශ රැසක දේපොළ කොල්ල කෑ සැකකරුවන් 9ක් පොලිස් භාරයට.. | ගෙවල් බිඳුම්: 9ක් පොලිස් දැලේ... | COLOMBO (News1 st ) - දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදුවු දේපොළ කොල්ලකෑම් සම්බන්ධයෙන් සැකකරුවන් 9 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය ප්‍රකාශ කළේ, අපරාධ නිවාරණ මෙහෙයුම් රාජකාරියේ යෙදී සිටි බස්නාහිර පළාත් උතුර, අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරකට අනුව කිරිබත්ගොඩ, ග්‍රෑන්ඩ්පාස් ඇතුළු ප්‍රදේශවල දේපොළ කොල්ලකෑම් සම්බන්ධයෙන් සැකකරුවන් 6 දෙනෙකු අත් අඩංගුවට ගෙන ඇති බවයි. බස්නාහිර දකුණ, අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ විමර්ශනයකදී මිරිහානේ නිවසක රුපියල් ලක්ෂ 12 ක් වටිනා භාණ්ඩ කොල්ල කෑ සැකකරුවන් දෙදෙනෙකු අත් අඩංගුවට ගෙන තිබේ. පොලීසිය ප්‍රකාශ කළේ වැලිකඩ ප්‍රදේශයේ නිවසකින් උත්සව භාණ්ඩ කොල්ල කෑ 36 හැවිරිදි සැකකරුවෙකු අත් අඩංගුවට ගෙන ඇති අතර අදාළ සැකකරු අද(26) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවය. |
2022-11-26T15:43:16.000Z | විදෙස් සිසුන් සංක්‍රමණය සීමා කිරීමට බ්‍රිතාන්‍ය සැරසෙයි | විදෙස් සිසුන්ට බ්‍රිතාන්‍යයෙන් සිමා.. | COLOMBO ( News1 st ) - සිය රටට පැමිණෙන විදේශීය සිසුන් සංඛ්‍යාව සීමා කිරීම කෙරෙහි බ්‍රිතාන්‍යයේ අවධානය යොමුව තිබේ. විදෙස් වාර්තා සඳහන් කළේ, සිදුවන සංක්‍රමණ අවම කිරීමේ අරමුණින්, අග්‍රාමාත්‍ය රිෂි සුනක් මේ පිළිබඳව අවධානය යොමු කර ඇති බවයි. ගුණාත්මක බවින් පහළ උපාධි සඳහා සිසුන් පැමිණීම මෙහිදී සීමා කිරීමට නියමිත අතර, යැපෙන්නන් පැමිණීම ද සීමා කිරීමට අග්‍රාමාත්‍යවරයා සූදානම් වේ. කෙසේ වෙතත්, ගුණාත්මක බවින් අඩු උපාධි මොනවාද යන්න මෙතෙක් පැහැදිලි කිරීමක් සිදුකොට නොමැති අතර බ්‍රිතාන්‍යයට 2021 වසර තුළ සංක්‍රමණිකයින් 173,000ක් පැමිණ තිබේ. එය මේ වසරේ පන් ලක්ෂ හාරදහසක් දක්වා ඉහළ ගොස් තිබෙන අතර එය පෙර හා සැසදීමේදී තුන්ලක්ෂ තිස්එක් දහසක වැඩිවීමක් බව, විදෙස් වාර්තා සඳහන් කර තිබේ |
2022-11-26T15:12:15.000Z | ප්‍රජාතන්ත්‍රවාදයට අභියෝග කරන්නේනම්, ලක්ෂ ගණනින් ජනතාව පෙළ ගැස්වීමට සූදානම් - විපක්ෂ නායක | ප්‍රජාතන්ත්‍රවාදයට තහංචි දාන්න බෑ.. | COLOMBO ( News 1 st ) - ප්‍රජාතන්ත්‍රවාදයට අභියෝග කරන්නේනම්, ජනතාව ලක්ෂ ගණනින් පෙළ ගැස්වීමට සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. ඔහු ඒ බව සඳහන් කළේ සමගි ජන බලවේගයේ, මාවනැල්ල ආසන බල මණ්ඩල රැස්වීමට එක් වෙමිනි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, පක්ෂ ක්‍රියාකාරීන් ඇතුළු විශාල පිරිසක් සමගි ජන බලවේගයේ මාවනැල්ල ආසන බල මණ්ඩල රැස්වීමට එක්ව සිටියහ. |
2022-11-26T14:58:19.000Z | පොලිස් නිලධාරීන් පැමිණිලි විභාගයේදී අනුගමනය කළයුතු නෛතික ක්‍රියාපටිපාටියක් හඳුන්වාදීමට පියවර ගන්න - ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පොලිස්පතිට නියෝගයක් | ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පොලිස්පතිට නියෝගයක් | COLOMBO ( News 1 st ) - පොලිස් නිලධාරීන් පැමිණිල්ලක් විභාග කිරීමේදී අනුගමනය කළයුතු නෛතික ක්‍රියාපටිපාටියක් හඳුන්වාදීමට පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය පොලිස්පතිවරයාට නියෝගයක් නිකුත් කර තිබේ. ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය ලබා දී තිබෙන්නේ 2021 වර්ෂයේ නොවැම්බර් මාසයේදී, බොරලැස්ගමුව පොලිස් ස්ථානයේදී නීතිඥවරයෙකු තම සේවාදායකයා වෙනුවෙන් පෙනී සිටිමට පැමිණි විට ඇයට තර්ජනය කර ඇගේ සේවාදායකයා වෙනුවෙන් පෙනි සිටීමට ඉඩ ලබා නොදීමට එරෙහිව ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සමක අතුරු නියෝගයක් නිකුත් කරමිනි. පෙත්සම්කාරිය පවසන අන්දමට පැමිණිල්ල පොලීසිය විභාගයට ගන්නා අවස්ථාවේදී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කේ.එස්.කේ. රූපසිංහ මහතා ඇයට එම ස්ථානයෙන් පිටව යන ලෙස අණකර තිබෙන අතර එම අණ පිලිපැදීම ප්‍රතික්ෂේප කළ පෙත්සම්කාරිය එම පොලිස් නිලධාරියාට පවසා ඇත්තේ, තම සේවාදායකයා වෙනුවෙන් පෙනී සිටිමට අයිතියක් ඇති බවය. එවිට ඇයට තර්ජනය කරමින් ඇයව අත්අඩංගුවට ගන්නැයි බව පැවසු ජ්‍යෙෂ්ඨ පොලිස් අධීකාරිවරයා පොලිස් ස්ථානයේ සිටි අනෙකුත් නිලධාරීන්ට ඇගේ දුරකතනය සිය භාරයට ගන්නා ලෙස අණ කර තිබේ. පොලිස් ස්ථානයේදී, සිදුවු සංවාදයේ ලිඛිත පිටපතක් පෙත්සම්කාරිය විසින් ඉදිරිපත් කර තිබුණේ පොලිස් ස්ථානයේදී තමාට මෙම සිදුවීම සිදුවන අවස්ථාවේ ඇගේ දුරකතන ඔස්සේ පටිගත කරන ලැබු හඬපටයක් අනුසාරයෙනි. පෙත්සම සලකා බැලු ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු නියෝගයක් නිකුත් කරමින් පොලිස්පතිවරයාට නියෝග කළේ පැමිණිලි විභාග කිරීමේදී පොලීසිය අනුගමනය කළ යුතු නෛතික ක්‍රියාපටිපාටිය හඳුන්වාදීමට පියවර ගන්නා ලෙසත්, එම ක්‍රියා පටිපාටිය තුළ පැමිණිල්ලට සහභාගි වන සියලුම පාර්ශ්වයන්ට නීතිඥ සහාය ලබා ගැනීමේ අයිතියත් නීතිඥවරුන්ට ඔවුන්ගේ සේවාදායකයන් වෙනුවෙන් කරුණු ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසාදීමට ප්‍රතිපාදන දිය යුතු බවය. ශ්‍රේෂ්ඨාධිකරණය තවදුරටත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා සම්බන්ධ මෙම සිද්ධිය පිළිබඳව අපක්ෂපාති පරීක්ෂණයක් සිදුකර අධිකරණයට කරුණු වාර්තාකරන ලෙස ද නියෝග කළේ ය. |
2022-11-26T14:55:39.000Z | වලලිය ගමේ ජනතාවගේ මුවගට සිනහවක් ගෙනා මනුස්සකම | මුවගට සිනහවක් ගෙනා මනුස්සකම | COLOMBO ( News 1 st ) - රටේ පවතින අර්බුද මැද ජනතාව දිනෙන් දින පීඩාවට පත්ව සිටී. ප්‍රශ්නවලට විසඳුම් අරගෙන ගම්මැද්ද නොනැවතී ක්‍රියාත්මක වෙන්නේ, ජනතාව වෙනුවෙනි. වසර ගණනක් පානීය ජල ගැටළුවකට මුහුණ දී සිටි කුරුණෑගල, අඹන්පොල වලලිය ගමේ ජනතාවට අද(26) ගම්මැද්දෙන්, නව ජල ව්‍යාපෘතියක් ලබා දුන් අතර වලලිය, ගම්මානයට පානීය ජල ව්‍යාපෘතියක් ලබා දෙන්න ගම්මැද්ද මුල පුරන්නේ, ගම්මානයේ පවුල් 300 ක පමණ පිරසකට වගේම, වලලිය මහා විද්‍යාලයේ සිසුදරුවන් 400 කට පමණ පානීය ජල ගටළුව තදින්ම දැනිලා තිබුණු පසුබිමකයි. අද (26 ) , වලලිය ගමේ ජනතාවගේ මුවගට සිනහවක් එක්ක කරන්න, ගම්මැද්දට හැකි වූ අතර නව පානීය ජල ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කෙරුණේ මහා සංඝරත්නය ඇතුළු ප්‍රදේශයේ බොහෝ දෙනෙකුගේ සහභාගීත්වයෙනි. https://fb.watch/h1Wk8oQy0B/ |
2022-11-26T14:44:17.000Z | දූෂණය සහ මර්දනයට එරෙහි මහනුවර විරෝධයට පොලීසියෙන් බාධා | මර්දනයට එරෙහි විරෝධයට පොලීසියෙන් බාධා | COLOMBO ( News 1 st ) - සමාජවාදී තරුණ සංගමය සංවිධානය කළ විරෝධතාවක් මහනුවර නගරයේදී අද ( 26 ) පැවැත්වුණ අතර පොදු දේපොළ විකිණීම, මර්දනය ඇතුළු කරුණු ගණනාවක් මුල්කර ගනිමින් මෙම විරෝධතාවය සංවිධානය කර තිබුණි. විරෝධතා ව්‍යාපාරය නම්කර තිබුණේ " මේක නෙවෙයි ජීවිතේ - ජීවිතය දිනන අරගලයට සෙට් වෙමු" යන මැයෙනි. මහනුවර නගරයේ ඇති ජෝර්ජ් ඊ. සිල්වා උද්‍යානය ඉදිරිපිට රැස්ව සිටි සමාජවාදී තරුණ සංගමයේ සාමාජිකයන් හා ජනතාව පැයකට ආසන්න කාලයක් එම ස්ථානයේ විරෝධතාවයේ නියැලුණු අතර පසුව පිරිස මාර්ගයේ පාගමනක් යෑම සඳහා සූදානම් වූවත් පොලිස් නිලධාරීන් විසින් පිරිස නැවැත්වීමට පියවර ගෙන තිබුණි. |
2022-11-26T14:37:10.000Z | චීනයෙන් පරිත්‍යාග කළ ඩීසල් රැගත් නැව කොළඹ වරායට | චීනයෙන් පරිත්‍යාග කළ ඩීසල් | COLOMBO ( News 1 st ) - චීනය පරිත්‍යාග කළ ඩීසල් තොගයක් රැගත් සුපර් ඊස්ටර්න් තෙල් නෞකාව කොළඹ වරායට සේන්දු වී තිබේ. එම නෞකාවේ ඩීසල් ලීටර් මිලියන 10.6 ක් ගබඩා කර ඇත. මෙම ඩීසල් තොගය චීනය මෙරටට පරිත්‍යාග කර ඇත්තේ ගොවීන් සහ ධීවරයින් සඳහා බෙදා දීමටයි. නෞකාවේ ඇති ඩීසල් ගොඩබෑම ආරම්භ කර ඇති අතර එය විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශයට භාර දෙන බව කොළඹ චීන තානාපති කාර්යාලය නිකුත් කළ ට්විටර් පණිවුඩයක දැක්වේ. |
2022-11-26T12:45:49.000Z | FIFA තරග බිමේදී ටියුනීසියාවට එරෙහිව ඔස්ට්‍රේලියාවට ගෝල 1-0 ජයක් | ටියුනීසියාවට එරෙහිව ඔස්ට්‍රේලියාවට ගෝල 1-0 ජයක් | COLOMBO (News 1st) - 2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ටියුනීසියාවට එරෙහි තරගය ඔස්ට්‍රේලියාව අද (26) ජය ගත්තේ ය. තරගාවලියේ D කාණ්ඩයේ තරගයක් වූ මෙය පැවැත්වුණේ කටාර්හි අල් ජනූබ් ක්‍රීඩාංගණයේදීයි. පළමු අර්ධයේ 23 වන මිනිත්තුවේදී මිචෙල් ඩියුක් එම ගෝලයට හිමිකම් කියූ අතර එම අර්ධය නිමාව දුටුවේ ගෝල 1ට 0ක් ලෙස ඔස්ට්‍රේලියාව පෙරමුණ ගනිමිනි. දෙවැනි අර්ධයේදී කණ්ඩායම් දෙකටම ගෝල රැස් කිරීමට හැකි වූයේ නැත. ඒ අනුව ඔස්ට්‍රේලියාව ගෝල 1ට 0ක් තරගය ජය ගත්තේ ය. |
2022-11-26T10:01:01.000Z | නේමාර්ට පාපන්දු ලෝක කුසලානයේ තරග 02ක් අහිමි වෙයි | නේමාර්ට ලෝක කුසලානයේ තරග 02ක් අහිමි වෙයි | COLOMBO (News 1st) - බ්‍රසීල සුපිරි පාපන්දු ක්‍රීඩක නේමාර්ට ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ඉදිරි තරග දෙක අහිමි වී තිබේ. ඒ, සර්බියාවට එරෙහිව පැවති තරගයේදී ආබාධයකට ලක්වීම හේතුවෙනි. 2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ බ්‍රසීලය හා සර්බියාව අතර තරගයේදී නේමාර් මෙලෙස ආබාධයකට ලක්විය. එම තරගයේදී කිහිපවතාවක්ම නේමාර් ගැටීම්වලට ලක්වන අයුරු දැක ගැනීමට ලැබුණු අතර තරගයෙන් පසු ඔහුගේ දකුණු පාදය දැඩි ලෙස ඉදිමීමට ලක්වී තිබුණි. බ්‍රසීල කණ්ඩායමේ වෛද්‍යවරයා සඳහන් කර තිබුණේ, සිදු කළ MRI පරීක්ෂණයෙන් ඔහුගේ වළලුකර ආබාධයකට ලක්ව ඇති බව හඳුනාගත් බවයි. ඒ අනුව නේමාර්ට බ්‍රසීලය මීළඟට මුහුණ දෙන ස්විට්සර්ලන්ත සහ කැමරූන් තරගවලට ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වනු ඇති. |
2022-11-26T00:41:58.000Z | මෙරට පක්ෂි විශේෂ 81ක් වඳවී යාමේ තර්ජනයක.. | මෙරට පක්ෂි විශේෂ 81ක් වඳවී යාමේ තර්ජනයක.. | COLOMBO (News 1st) – මෙරට කුරුළු විශේෂ අතුරින් 81ක් වඳවී යාමේ තර්ජනයට ලක්ව ඇතැයි ජෛව විවිධත්ව ලේකම් කාර්යාලය පවසයි. එහි අධ්‍යක්ෂ පද්මා අබේකෝන් මහත්මිය සඳහන් කළේ, 2021 රතු දත්ත පොතට අදාලව දීප ව්‍යාප්තව කරන ලද සමීක්ෂණයේදී එම තොරතුරු අනාවරණ වූ බවයි. දැඩි ලෙස තර්ජනයට ලක්වූ 19ක් හා තර්ජනයට ලක්වූ 48 ක් හා තර්ජනයට ලක් වීමේ ප්‍රවණතාවය සහිත14 ක් ලෙස විවිධ අවස්ථා පවතින බවයි. මේ අතර , තර්ජනයට ආසන්න කුරුළු විශේෂ 32 ක් සිටී. එහිදී කුරුළු විශේෂ 244ක් අධ්‍යයනයට ලක්කර බවත්, කුරුළු විශේෂ තර්ජනයට ලක්වීමට හේතු සලකා බැලීමේදී ඔවුන්ගේ වාසභූමිවලට තර්ජන එල්ල වන බව ඇය පැහැදිලි කළා ය. අධ්‍යක්ෂකවරිය සඳහන් කළේ , මිනිසා විසින් සිදුකරනු ලබන කාරණා මත එම වාසභූමිවලට තර්ජන එල්ලවන බවත්, ඒ අනුව කූඩු සාදා ගැනීමට, බිත්තර දැමීමට ස්ථාන නොමැති බවත් , කසළ බැහැර කිරීමේ නිසි ක්‍රමවේදයක් නොමැති නිසා කසළ ආහාරයට ගැනීමෙන් එම රසායනික ද්‍රව්‍ය නිසා කුරුල්ලන් වඳවී යාමට ලක් වන බවත් ය. මේ නිසා මිනිසා අතින් සිදු කරනු ලබන ක්‍රියාවලින් වැළකී සිටීමට කටයුතු කරන ලෙස පද්මා අබේකෝන් මහත්මිය ජනතාවගෙන් ඉල්ලා සිටී. විශේෂයෙන්ම එම වාසභූමි ඇති ස්ථාන එළි පෙහෙළි කිරීම ,ගිනි තැබීම් ආදියෙන් වැළකී සිටින ලෙස ඇය අවධාරණය කළා ය. |
2022-11-26T03:37:13.000Z | ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහළට.. | ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහළට.. | COLOMBO (News 1st) - ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහළ ගොස් තිබේ. ඒ අනුව, බ්‍රිතාන්‍ය බ්‍රෙන්ට් වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල සටහන් වූයේ, අමෙරිකානු ඩොලර් 83 යි සත 63 ක් ලෙසය. ඊට සාපේක්ෂව අමෙරිකානු වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 76 යි සත 28 ක් ලෙස දැක්විය. |
2022-11-26T03:36:19.000Z | අයවැය තුන්වන වර කියවීමේ විවාදය අදත්.. | අයවැය තුන්වන වර කියවීමේ විවාදය අදත්.. | COLOMBO (News 1st) – අයවැය තුන්වන වර කියවීමේ විවාදය අද(26) 4 වැනි දිනටත් පාර්ලිමේන්තුවේදී පැවැත්වෙයි. ඊයේ (25) දිනයේ පැවැත්වුණේ විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශයේ වැය ශීර්ෂය විවාදයයි. |
2022-11-26T03:23:01.000Z | උතුරු කොරියාව සමග එක්ව කටයුතු කිරිමට සූදානම් - චීන ජනපතිගෙන් ලිපියක් | උ. කොරියාව සමග කටයුතු කිරිමට සූදානම් | COLOMBO (News 1st) - උතුරු කොරියාව සමග එක්ව කටයුතු කිරිමට තමන් සූදානම් බව චීනය පවසයි. චීන ජනාධිපති ෂී ජින්පින්, උතුරු කොරියානු නායකයාට ලිපියක් යොමු කරමින් අවධාරණය කර ඇත්තේ, කලාපීය සහ ගෝලීය සාමය, ස්ථාවරත්වය සහ සමෘද්ධිය සඳහා එක්ව කටයුතු කිරීමට සුදානම් බවය. කෙසේ වෙතත්, මෑත කාලයේ උතුරු කොරියාව සිදුකළ මිසයිල අත්හදා බැලීම් සම්බන්ධයෙන් මෙහිදී සඳහන් කර නොමැති බව ද, විදෙස් වාර්තා පෙන්වා දෙයි. අමෙරිකාව සහ දකුණු කොරියාව සිදුකළ ඒකාබද්ධ යුධ අභ්‍යාසවලින් පසු කොරියානු අර්ධද්වීපය ආශ්‍රීතව දැඩි ආතතියක් නිර්මාණය වී තිබේ. |
2022-11-26T03:09:53.000Z | ඕමාන් හා ඩුබායිහී අතරමං වී සිටින ශ්‍රී ලාංකික කතුන් 140ක් කඩිනමින් දිවයිනට ගෙන්වීමට පියවර | විදේශ රැකියා ආයතන 13ක බලපත්‍ර අවලංගුයි | COLOMBO (News 1st) - සංචාරක වීසා මත රැකියා සඳහා ගොස් ඕමානයේ හා ඩුබායිහී අතරමංවී සිටින ශ්‍රී ලාංකික කාන්තාවන් 140 දෙනෙකු කඩිනමින් දිවයිනට ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු මේ වනවිට ආරම්භ කර ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි. එහි මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ගාමිණී සෙනරත් මහතා පැවසුවේ ඔවුන්ට එරෙහිව නීතිමය ගැටළු පවතී නම් එම තත්ත්වය නිරාකරණය කර ගැනීමෙන් අනතුරුව ඔවුන් දිවයිනට ගෙන්වා ගන්නා බවය. මේ අතර වහාම ක්‍රියාත්මක වන පරිදි විදේශ රැකියා නියෝජිත ආයතන 13ක් සඳහා ලබාදුන් බලපත්‍රය අවලංගු කර ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි. විදේශ රැකියා සඳහා තැනැත්තන් බඳවා ගැනීම හා යොමුකිරීම සඳහා කාර්යාංශයේ ලියාපදිංචි බලපත්‍රයක් තිබීම අනිවාර්යයි. විදේශ සේවා නියුක්ති කර්යාංශය පැවසුවේ සේවා ගිවිසුම් කඩවීම් සම්බන්ධයෙන් පුද්ගලයින් කරන ලද පැමිණිලි අනුව, විසඳුම් ලබාදීම සඳහා ඉදිරිපත් නොවූ රැකියා නියෝජිතායතනයන්, කාර්යාංශය සමඟ ඇති කර ගන්නා ලද ගිවිසුම් කඩ කිරීමද සිදුකර ඇති බැවින් එයට අදාළව අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගත් බවය. අධිකරණයෙන් වරදකරුවන් වීම හා අධිකරණය මගහැරීමට ද අදාල ආයතනයන්හි හිමිකරුවන් කටයුතු කිරීම හේතුවෙන් ඔවුන්ට ලබාදී තිබූ කාර්යාංශ බලපත්‍රය වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කිරීමට කටයුතු කළ බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි. |
2022-11-26T03:09:27.000Z | මෙරට මත්පැන් භාවිතය පහළට.. | මෙරට මත්පැන් භාවිතය පහළට.. | COLOMBO (News 1st) – මෙරට මත්පැන් භාවිතය 30%කින් පහළ ගොස් ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, කෙසේ වෙතත් නීත්‍යානුකූල මත්පැන් නිෂ්පාදනය 11% කින් ඉහළ ගොස් ඇති බවය. නීත්‍යානුකූල නොවන මත්පැන්, වෙළෙඳපොළට පැමිණීම අඩුවී ඇතැයි ද රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ ය. |
2022-11-26T01:26:01.000Z | මෙරට ඇඹුල් කෙසෙල් අපනයනය අද සිට: පළමු ඇඹුල් කෙසෙල් තොගය ඩුබායි වෙත.. | මෙරට ඇඹුල් කෙසෙල් අපනයනය අද සිට | COLOMBO (News 1st) – මෙරට ඇඹුල් කෙසෙල් අපනයනය අද (26)සිට ආරම්භ කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. ඒ අනුව, පළමු ඇඹුල් කෙසෙල් තොගය අද(26) ඩුබායි බලා රැගෙන යාමට නියමිතය. කෘෂිකර්ම අමාත්‍යාංශය පැවසුවේ, කෘෂි නවීකරණ ව්‍යාපෘතිය යටතේ රාජාංගනය ප්‍රදේශයේ අක්කර 500ක වගා කර තිබෙන ඇඹුල් කෙසෙල් වගාවේ අස්වැන්න එලෙස අපනයනය කෙරෙන බවය. ඩුබායි රාජ්‍ය වෙත අද අපනයනය කෙරෙන ඇඹුල් කෙසෙල් තොගය කිලෝග්‍රෑම් 12,500 කි. මින් ඉදිරියට සෑම සතියකම සෙනසුරාදා දිනයේ ශ්‍රී ලංකා ඇඹුල් කෙසෙල් ඩුබායි වෙළෙඳපොළට අපනයනය කිරීමට කටයුතු යොදා ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේ ය. එමගින් සතිපතා ඩොලර් 10,000 ක ආදායමක් මෙරටට උපයා ගැනීමට අපේක්ෂිතය. |
2022-11-26T01:20:29.000Z | 2021 O/L ප්‍රතිඵල සහතික ලබන සඳුදා සිට.. | 2021 O/L ප්‍රතිඵල සහතික ලබන සඳුදා සිට.. | COLOMBO (News 1st) – 2021 අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට අදාළ ප්‍රතිඵල සහතික ලබන සඳුදා සිට ලබා ගත හැකි බව විභාග කොමසරිස් ජනරාල් එල්.එම්.ඩී.ධර්මසේන මහතා පවසයි. විභාග කොමසාරිස්වරයා පැවසුවේ, ඒ සඳහා මාර්ගගත ක්‍රමය (Online) ඔස්සේ පහසුකම් සලසා ඇති බවය. |
2022-11-26T01:19:00.000Z | ගෙවුණු දවස උණුසුම් කළ පුවත් | ගෙවුණු දවස උණුසුම් කළ පුවත් | දේශීය පුවත් 1. 2021 සා/පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කෙරේ – 2021 අ.පො.ස සා/පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කෙරේ. 2.කවුරු මේ රටේ ආණ්ඩු කරත් විදුලි බිල නැවත සංශෝධනය කරන්න වෙනවා – ඇමති කංචන – විදුලි බිල නැවත වැඩි කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. 3.වසන්ත සහ සිරිධම්ම හිමිගේ තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු කටයුතු අවසන් – නීතිඥ ක්‍රිෂාන්ත පුංචිහේවා – වසන්ත මුදලිගේ මහතා සහ පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමියන් සම්බන්ධයෙන් තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ විභාගය වන නඩුව හේමන්ත පුෂ්පකුමාර මහතා හමුවේ ඊයේ (25) නැවත කැඳවනු ලැබීය. 4.මහල් නිවාස සංකීර්ණයකින් බිළිඳෙකු බිමට දමා ඝාතනය කළ ඥාතියෙකු අත්අඩංගුවට - ග්‍රෑන්ඩ්පාස් සමගි පුර මහල් නිවාස සංකීර්ණයේ තුන්වැලි මහලෙන් බිළිදෙකු බිමට දමා ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඥාතියෙකු අත්අඩංගුවට ගෙන තිබේ. 5.දෙසැම්බර් 01 සිට වීසා හා අනෙකුත් ගාස්තු සංශෝධනය වෙන්නේ මෙහෙමයි – දෙසැම්බර් 01 වැනි දා දින සිට ක්‍රියාත්මක වන පරිදි වීසා ගාස්තු සංශෝධනය කර තිබේ. විදෙස් පුවත් 1.මැලේසියා නව අගමැති වැඩ අරඹයි– මැලේසියා නව අග්‍රාමාත්‍ය අන්වර් ඊබ්‍රහිම් සිය ධුරයේ රාජකාරි ආරම්භ කළේ ය. ක්‍රීඩා පුවත් 1. ඇෆ්ගනිස්ථානය ඉදිරියේ ශ්‍රී ලංකාවට ලකුණු 60ක දැවැන්ත පරාජයක් .. – ශ්‍රී ලංකාවට එරෙහි පළමු එක්දින ක්‍රිකට් තරගය ඇෆ්ගනිස්ථානය ලකුණු 60කින් ඊයේ (25) ජය ගත්තේ ය. |
2022-11-26T01:18:30.000Z | පාසල් ළමුන් අතර අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට - අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය | පාසල් ළමුන් අතර අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට.. | COLOMBO (News 1st) – පාසල් ළමුන් අතර අයිස් මත්ද්‍රව්‍ය භාවිතය සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි අන්තරායකර, ඖෂධ පාලක ජාතික මණ්ඩලය පවසයි. එහි සභාපති ශාක්‍ය නානායක්කාර මහතා පැවසුවේ, දෙමව්පියන් දරුවන්ගේ කටයුතු සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කළ යුතුව ඇති බවයි. දරුවන් ඇසුරු කරන පුද්ගලයින්, ඔවුන්ගේ ගමන් බිමන් මෙන්ම දරුවන්ගේ හැසිරීමේ රටා පිළිබඳව ද දෙමව්පියන් විශේෂ අවධානයක් යොමු කළ යුතු බව ඔහු සඳහන් කළේ ය. |
2022-11-25T16:38:21.000Z | ඇෆ්ගනිස්ථානය ඉදිරියේ ශ්‍රී ලංකාවට ලකුණු 60ක දැවැන්ත පරාජයක් .. | ඇෆ්ගනිස්ථානයට ජය.. | COLOMBO (News 1st) - ශ්‍රී ලංකාවට එරෙහි පළමු එක්දින ක්‍රිකට් තරගය ඇෆ්ගනිස්ථානය ලකුණු 60කින් අද(25) ජය ගත්තේ ය. කාසියේ වාසිය හිමි කරගෙන පළමුවෙන් පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්ථාන ක්‍රීඩකයින් නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 294කි. ලකුණු 295 ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 38ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කර ගැනීමට හැකිවූයේ ලකුණු 234ක් පමණි. |
2022-11-25T15:41:51.000Z | සත්කාරක කටාර් පිල සෙනගාල් කණ්ඩායම ඉදිරියේ පරදී.. | කටාර් පිල යළිත් පරදී.. | COLOMBO (News 1st) - 2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සත්කාරක කටාර් කණ්ඩායමට එරෙහි තරගය සෙනගාල් කණ්ඩායමට ජයග්‍රහණය හිමි විය. මෙය කටාර් පිල මෙම ලෝක කුසලානයේ ලැබූ දෙවන පරාජය වේ. මෙම තරගය කටාර්හී අල් තුමාමා ක්‍රීඩාංගණයේදී පැවැත්වුණු අතර 41000කට අධික ප්‍රේක්ෂක පිරිසක් ඉදිරියේ පැවැති තරගයේ ගෝල රැස් කිරීම ආරම්භ කළේ සෙනගාල් කණ්ඩායමයි. බූලායේ ඩියා, තරගයේ 41වන මිනිත්තුවේදී සෙනගාල් කණ්ඩායම වෙනුවෙන් සිය පළමු ගෝලය වාර්තා කළේ ය. ෆමාරා ඩීඩු සෙනගාල් වෙනුවෙන් දෙවන ගෝලය වාර්තා කළේ තරගයේ 48වන මිනිත්තුවේදීය. දෙවන අර්ධයේ 33වන මිනිත්තුවේ ක්‍රියාත්මක වූ සත්කාරක කටාර් කණ්ඩායමේ මොහොමඩ් මුන්ටාරි සිය පළමු ගෝලය වාර්තා කළේ කටාර් කණ්ඩායමේ බලාපොරොත්තු ඉහළ නංවමිනි. එය කටාර් කණ්ඩායම තරගාවලියේ වාර්තා කළ පළමු ගෝලයයි. තරගයේ උණුසුම තවත් වැඩි කරමින් සෙනගාල් කණ්ඩායමේ තුන්වන ගෝලය වාර්තා කිරීමට ශේක් ඩීන්ග් සමත් විය. ඒ අනුව තරගයේ නියමිත කාලය අවසානයේ ගෝල 3ට 1ක් ලෙස සෙනගාල් කණ්ඩායම තරගය ජය හිමි කර ගත්තේ ය. |
2022-11-25T14:03:53.000Z | කවුරු මේ රටේ ආණ්ඩු කරත් විදුලි බිල නැවත සංශෝධනය කරන්න වෙනවා - ඇමති කංචන | විදුලි බිල යළි වැඩි වෙයි ද? | COLOMBO (News 1st) - විදුලි බිල නැවත වැඩි කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා වැඩිදුරටත් පැවසුවේ, ඉන්ධන මිල පිළිබඳව තීන්දු තීරණ නොගැනීම නිසා පාඩු පිට පාඩු ලබන බවත් ඒ හේතුවෙන් විදුලි බිල නැවත වතාවක් සංශෝධනය කළ යුතු බවයි. විදුලිබල හා බලශක්ති අමාත්‍ය, කංචන විජේසේකර මහතා, කවුරු මේ රටේ ජනාධිපතිවරයා බවට පත් වුණත්. කවුරු මේ රටේ මුදල් ඇමතිවරයා බවට පත් කළත්. කවුරු මේ රටේ ආණ්ඩු කළත්. මේ විදුලි බිල නැවත වතාවක් සංශෝධනය කරන් නැතුව යන්න පුළුවන් කමක් නෑ. උපකල්පනය කරලා තියෙන්නේ ලබන අවුරුද්ද මේ අවුරුද්දවගේ වර්ෂාපතනයක් අපිට ලැබෙන්නේ නෑ කියලා. අපි අඛණ්ඩව පැය 24ට අපි විදුලිය ලබා දෙනවා නම් විදුලි බල මණ්ඩලය ගන්න කරලා තියෙනවා සාමාන්‍යයෙන් ඒකකයට රුපියල් 56යි සත 90ක් වැය වෙනවා. අය කර ගන්නේ දැන් තියෙන විදිහට රුපියල් 29යි. 27යි සත 10ක පාඩුවක් තියෙනවා. ඉන්ධන ටික ගන්න ඕනේ. ගල් අඟුරු ටික ගන්න ඕනේ. දැවි තෙල් ටික ගන්න ඕනේ. ඒවා කවුරුවත් ඇවිල්ලා ණයට දෙන්නේ නෑ. මේක කරන්න නම් නැවත වතාවත් සංශෝධනයක් යන්න වෙනවා.ඉන්ධන මිල පිළිබඳව තීන්දු තීරණ නොගැනීම නිසා පාඩු පිට පාඩු ලැබුවා. |
2022-11-25T13:43:47.000Z | ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොෂාන් ඩයස්ට සහ සහකාර පොලිස් අධිකාරි නලින් දිල්රුක්ට ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ තරිඳු ජයවර්ධන පැවරූ නඩුව නිෂ්ප්‍රභ වෙයි | තරිඳු පැවරූ නඩුවක් නිෂ්ප්‍රභයි | COLOMBO (News 1st) - කොළඹ මධ්‍යම කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොෂාන් ඩයස්, සහකාර පොලිස් අධිකාරි නලින් දිල්රුක් යන මහත්වරුන්ට තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති තරිඳු ජයවර්ධන මහතා විසින් පවරා තිබූ පෞද්ගලික නඩුව කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා අද (25) නිෂ්ප්‍රභ කර තිබේ. මෙම නඩුව ගොනුකර තිබුණේ, පසුගිය ඔක්තෝබර් 10 වැනිදා ගාලු මුවදොර පිටියේ සිට කොළඹ අලුත්කඩේ නීතිඥ කාර්යාල දෙසට ගමන් කළ සාමකාමී පාගමනක් මෙම නිලධාරීන්ගේ මැදිහත්වීම මත ඉදිරියට ගමන් කිරීම වැළැක්වීම අභියෝගයට ලක්කරමිනි. නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ අධිනීතිඥ ශවේන්ද්‍ර වික්‍රම මහතා දැක්වූ මූලික විරෝධතාවය පිළිගත් මහේස්ත්‍රාත්වරයා නඩුව ඉදිරියට පවත්වාගෙනයාමට අවසරදීම නිශ්ප්‍රභ කළේ ය. |
2022-11-25T13:31:11.000Z | වේල්සය පැරදු ඉරානයට ගෝල 2-0ක ජයක් | වේල්සය පැරදු ඉරානයට ජය | COLOMBO (News 1st) - 2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ වේල්සයට එරෙහි තරගය ඉරානය ජය ගත්තේය. තරගාවලියේ B කාණ්ඩයේ තරගයක් වූ මෙය පැවැත්වුණේ කටාර්හි අහමඩ් බින් අලී ක්‍රීඩාංගණයේදීයි. තරගය ආරම්භයේ සිටම කණ්ඩායම් දෙක අතර ඉතා උණුසුම් තරගයක් දක්නට ලැබුණි. කෙසේ නමුත් පළමු අර්ධය අවසන් වනවිට කණ්ඩායම් දෙකටම ගෝල රැස් කිරීමට හැකි වුයේ නැත. දෙවන අර්ධයේ තරගය තවත් උණුසුම් විය. තරගයේ ගෝල වාර්තා කිරීම ආරම්භ කළේ ඉරානයයි. ඒ අනුව ඉරානය දෙවන අර්ධයේ දී ගෝල 2ක් වාර්තා කළ අතර වේල්සයට ගෝල රැස් කිරීමට හැකි වුණේ නැත. ඒ අනුව ඉරානය තරගය ජය ගත්තේ ගෝල 2ට 0ක් ලෙසය. |
2022-11-25T13:29:05.000Z | වසන්ත සහ සිරිධම්ම හිමිගේ තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු කටයුතු අවසන් - නීතිඥ ක්‍රිෂාන්ත පුංචිහේවා | වසන්ත සහ සිරිධම්ම හිමි ගැන දැනුම්දීමක් | COLOMBO (News 1st) - වසන්ත මුදලිගේ මහතා සහ පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමියන් සම්බන්ධයෙන් තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ විභාගය වන නඩුව හේමන්ත පුෂ්පකුමාර මහතා හමුවේ අද (25) නැවත කැඳවනු ලැබීය. මීට පෙර නඩු වාර කිහිපයකදී සාක්ෂි සම්පිණ්ඩන වාර්තා ඉදිරිපත් කරන ලෙස කළ නියෝගය අනුව අද ත්‍රස්ත විමර්ශන නිලධාරීන් ඒවා අධිකරණයට ඉදිරිපත් කර තිබේ. නීතිඥ ක්‍රිෂාන්ත පුංචිහේවා, අද දින නඩුව කැඳවූ අවස්ථාවේදී තංගල්ල අධිකරණයේ වසන්ත මුදලිගේ සහ අනිත් හිමිනම වෙනුවෙන් තිබුණු නඩු කටයුතු මෙහි අවසන් කරා. ඒ සම්බන්ධව සම්පූර්ණ පරීක්ෂණ වාර්තාවක් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර බවට ටී.අයි.ඩී. නිලධාරීන් අධිකරණයට දැනුම් දුන්නා. ඒ අනුව මෙහි නඩුව අවසන් කරා. |
2022-11-25T10:49:53.000Z | 2021 සා/පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කෙරේ | 2021 සා/පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කෙරේ | COLOMBO (News 1st) - Update: 2021 අ.පො.ස සා/පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කෙරේ. ------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------ 2021 අ.පො.ස සා/පෙළ විභාගයේ ප්‍රතිඵල අද (25) නිකුත් කර කෙරේ. www.doenets.lk වෙත පිවිසීමෙන් ප්‍රතිඵල ලබා ගත හැකියි. පසුගිය මැයි 23 වැනි දා සිට ජුනි 01 වැනි දා දක්වා එම විභාගය පැවැත් විය. |
2022-11-25T10:26:21.000Z | මහල් නිවාස සංකීර්ණයකින් බිළිඳෙකු බිමට දමා ඝාතනය කළ ඥාතියෙකු අත්අඩංගුවට | මහල් නිවාස සංකීර්ණයකින් බිළිඳෙකු බිමට දැමූ අය කොටු | COLOMBO (News 1st) - ග්‍රෑන්ඩ්පාස් සමගි පුර මහල් නිවාස සංකීර්ණයේ තුන්වැලි මහලෙන් බිළිදෙකු බිමට දමා ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඥාතියෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, අවුරුදු එකහාමාරක දරුවෙකු නිවාස සංකීර්ණයේ 03 වැනි මහලින් බිමට දමා ඇති බවයි. අත්අඩංගුවට ගනු ලැබූ බිළිඳාගේ මවගේ සහෝදරයා අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් ග්‍රෑන්ඩ්පාස් පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි. |
2022-11-25T09:49:39.000Z | දෙසැම්බර් 01 සිට වීසා හා අනෙකුත් ගාස්තු සංශෝධනය වෙන්නේ මෙහෙමයි | වීසා හා අනෙකුත් ගාස්තුවල සංශෝධනයක් | COLOMBO (News 1st) - දෙසැම්බර් 01 වැනි දා දින සිට ක්‍රියාත්මක වන පරිදි වීසා ගාස්තු සංශෝධනය කර තිබේ. ඒ, 2023 අයවැය යෝජනාවකට අනුවයි. ඒ අනුව ද්විත්ව පුරවැසිභාවය සඳහා වන නව ගාස්තුව අමෙරිකන් ඩොලර් 2,000 කි. ද්විත්ව පුරවැසිභාවය හිමිවන අයැදුම්කරුවෙකුගේ වයස අවුරුදු 22 ට අඩු දරුවෙකු සඳහා වන ගාස්තුව ඩොලර් 500 කි. පුරවැසි පනත යටතේ නිකුත් කරනු ලබන සහතිකවල පිටපත් නිකුත් කිරීමේ ගාස්තුව රුපියල් 2,000ක් දක්වා ඉහළ නංවා තිබේ. එහි වත්මන් ගාස්තුව රුපියල් 1150 කි. සංශෝධිත වීසා හා අනෙකුත් ගාස්තු පරිදි සංශෝධනය කර ඇත. |
2022-11-25T08:11:14.000Z | මැලේසියා නව අගමැති වැඩ අරඹයි | මැලේසියා නව අගමැති වැඩ අරඹයි | COLOMBO ( News 1 st ) - මැලේසියා නව අග්‍රාමාත්‍ය අන්වර් ඊබ්‍රහිම් සිය ධුරයේ රාජකාරි ආරම්භ කළේ ය. ධුරයේ රාජකාරි අරඹමින් අග්‍රාමාත්‍යවරයා පැවසුවේ, බහුවාර්ගික, බහුආගමික අග්නිදිග ආසියානු ජාතියේ සියලු දෙනා ඇතුළත් රජයකට නායකත්වය දෙන බවට පොරොන්දු වන බවයි. මලයාසියානු රජ ඉදිරියේ දිවුරුම් දුන් අන්වර් ඊබ්‍රහිම්, අගනුවර අග්‍රාමාත්‍ය කාර්යාලයේදී සිය රාජකාරි ආරම්භ කළේ ය. පසුගිය සතියේ පැවැත්වුණු මහ මැතිවරණයේදී ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාම සරල බහුතරය දිනා ගැනීමට අසමත් වීම නිසා අග්‍රාමාත්‍යවරයා පත් කිරීමේ වගකීම පැවරුනේ මලයාසියානු රජු වන සුල්තාන් අබ්දුල්ලාටයි. ඒ අනුව රජු විසින් අපේක්ෂකයන් වූ, හිටපු අගමැති මුහයිද්දීන් යසීන් සහ හිටපු විපක්ෂ නායක අන්වර් ඉබ්‍රාහිම් අතුරින්, අන්වර් ඉබ්‍රාහිම් නව අග්‍රාමාත්‍යවරයා ලෙස නම් කිරීමට පියවර ගැනිණ. |
2022-11-25T07:48:31.000Z | සති අන්තයේ පැය දෙකක විදුලි කප්පාදුවක් | සති අන්තයේ පැය දෙකක විදුලි කප්පාදුවක් | COLOMBO ( News 1 st ) - නොවැම්බර් 26 සහ 27 යන දින දෙකේදී පැය 2 ක විදුලි කප්පාදුවක් සඳහා මහජන උපයෝගීතා කොමිසම අවසර ලබා දී තිබේ. ඒ අනුව A -W කාණ්ඩවලට දිවා කාලයේ පැය 1 ක් සහ රාත්‍රී කාලයේ පැය 1ක් ලෙස විදුලි කප්පාදුව සිදුවෙනු ඇති. |
2022-11-25T07:11:51.000Z | අගමැති ධුරය ඉල්ලා ලියුම් ලිව්වේ නෑ - විපක්ෂ නායක | ජනපතිගේ ප්‍රකාශයට විපක්ෂ නායකගෙන් පිළිතුරු | COLOMBO ( News 1 st ) - තමා ජනතාවාදී කොන්දේසි 4 ක් ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යොමු කළත්, අගමැති ධුරය සඳහා ඉල්ලීම් ඉදිරිපත් නොකළ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි . විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් තමන් අගමැතිකම ඉල්ලා සිටි බවට ජනාධිපතිවරයා ඊයේ (24) පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමිනි. |
2022-11-25T06:50:33.000Z | එක්ස්ප්‍රස් පර්ල් නැවේ කපිතාන් ඇතුළු 05 දෙනෙකුට අධිචෝදනා | එක්ස්ප්‍රස් පර්ල් නැවේ කපිතාන් ඇතුළු 05කට අධිචෝදනා | COLOMBO ( News 1 st ) - පසුගිය වසරේ මැයි 20 වැනිදා ශ්‍රී ලංකා මුහුදු සීමාවේදී ගිනි ගැනීමට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ කපිතාන්වරයා, එම නැව් සමාගම හිමි මෙරට දේශීය නියෝජිතවරයා ඇතුළු විත්තිකරුවන් 5 දෙනෙකුට එරෙහිව කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා ඉදිරියේ අද අධිචෝදනා භාර දුන්නේ ය. සමුද්‍රීය දූෂණ වැළැක්වීමේ පනත යටතේ වැරදි සිදු කළේ යැයි චෝදනා කරමින් අධිචෝදනා 8 ක් යටතේ විත්තිකරුවන් පස් දෙනා ඇතුළු විත්තිකරුවන් 8 කුට එරෙහිව නීතිපතිවරයා විසින් එම නඩුව පවරා තිබිණ. අද දිනයේ අධිකරණය හමුවේ පෙනී සිටි විත්තිකරුවන් 5 දෙනාට අමතරව අධිකරණය හමුවේ පෙනී නොසිටි විත්තිකරුවන් තිදෙනාට ලබන 12 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි නොතීසි යැවීමට ද මහාධිකරණය විනිසුරුවරයා නියෝග කළේ ය. අද දින අධිකරණය හමුවේ පෙනී සිටි විත්තිකරුවන් පස් දෙනාට විදේශගත විම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කළ මහාධිකරණ විනිසුරුවරයා ඔවුන් රුපියල් ලක්ෂ 10 බැගින් වන ශරීර ඇප මත මුදා හැරීමට ද නියෝග කෙරිණ. |
2022-11-25T05:30:31.000Z | ජා - ඇල දී හෝටල් හිමිකරුවෙකු ඝාතනය කෙරේ... | ජා - ඇල දී හෝටල් හිමිකරුවෙකු මරුට... | COLOMBO ( News 1 st ) - ජා - ඇල හෝටල් හිමිකරුවෙකු සිය හෝටලය තුළ දී තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දුව මහතා ප්‍රකාශ කළේ, ඊයේ (24) රාත්‍රියේදී මෙම ඝාතනය සිදුකර ඇති බවයි. පොලීසිය ප්‍රකාශ කරන්නේ, එම අවස්ථාවේ දී හෝටල් හිමිකරුගේ බිරිඳ ද සිට ඇති බවයි. සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරික්ෂණ ක්‍රියාත්මක කර තිබේ. |
2022-11-25T04:51:57.000Z | යාල වනෝද්‍යානයේ 06 වැනි කලාපය අද (25) සිට විවෘතයි... | යාල භූමි ප්‍රදේශය පුළුල් වෙයි... | COLOMBO ( News 1 st ) - ලුණුගම්වෙහෙර වනෝද්‍යානය, යාල වනෝද්‍යානයේ 6 වැනි කලාපය ලෙස අද විවෘත කිරීමට නියමිතයි. ඒ අනුව යාල වනෝද්‍යානයේ භූමි ප්‍රදේශය හෙක්ටෙයාර් එක් ලක්ෂ 25,070 ක් දක්වා ඉහළ යනු ඇති. වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ, ඌව පළාත් සහකාර අධ්‍යක්ෂ ඩබ්ලිව්.ඒ.ඒ.ඩී.ඉන්ද්‍රජිත් මහතා ප්‍රකාශ කළේ, යාල වනෝද්‍යානයට පවතින දැඩි සංචාරක ආරක්ෂණය කළමනාකරණය කිරීම සඳහා මෙම පියවර ගත් බවයි. යාල 6 වැනි කලාපයට හෙක්ටෙයාර් 27,185 ක් ඇතුළත් වන අතර ඩබ්ලිව්.ඒ.ඒ.ඩී.ඉන්ද්‍රජිත් මහතා ප්‍රකාශ කළේ ජලචර පක්ෂීන් රැසක් මෙම කොටසේදී සංචාරයින්ට දැක බලා ගැනීමට අවස්ථාව උදා වන බවයි. වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ අදාළ කොටසේ වැව් කිහිපයක්ද අලුත්වැඩියා කර පක්ෂීන් වෙනුවෙන් වෙන් කර ඇති බවයි. |
2022-11-25T04:50:16.000Z | ප්‍රබල බ්‍රසීලය ගෝල 2-0ක් ලෙස සර්බියාව පරාජය කෙරේ.. | සර්බියාවට එරෙහිව බ්‍රසීලයට ජය.. | COLOMBO (News 1st) - 2022 පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ සර්බියා කණ්ඩායමට එරෙහි තරගය බ්‍රසීලය ජය ගැනීමට සමත් විය. 80,000කට අධික ප්‍රේක්ෂක සහභාගීත්වයෙන්, කටාර්හී ලුසේල් ක්‍රීඩාංගණයේදී මෙම තරගය පැවැත්විය. ආරම්භයේ සිටම උණුසුම් මුහුණුවරක් ගත් තරගයේ පළමු අර්ධයේදී කණ්ඩායම් දෙකටම ගෝල රැස් කිරීමට නොහැකි විය. කෙසේ වෙතත් දෙවන අර්ධයේදී තරගය සිය අතට ගත් බ්‍රසීල ක්‍රීඩකයින් සිය පළමු ගෝලය 62 විනාඩියේදී රැස් කළේ ය. නැවත වරක් 73 වන විනාඩියේදී ක්‍රියාත්මක වූ බ්‍රසීල ක්‍රීඩක, රිචාලිසන් බ්‍රසීල දෙවන ගෝලය රැස් කළේ, කණ්ඩායම ජයග්‍රහණය වෙත රැගෙන යමිනි. ඒ අනුව ගෝල 2ට 0ක් ලෙස බ්‍රසීලය තරගය ජය ගත්තේ ය. |
2022-11-25T03:37:05.000Z | ශ්‍රී ලංකා - ඇෆ්ගනිස්ථාන එක්දින සටන අද ඇරඹේ.. | ශ්‍රී ලංකා-ඇෆ්ගනිස්ථාන එක්දින සටන අද ඇරඹේ | COLOMBO (News 1st) - ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය අද ආරම්භ වෙයි. තරගාවලිය සියලු තරග දිවා/රාත්‍රී තරගය ලෙස මහනුවර, පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ. ඒ අනුව පළමු තරගය අද සවස 2.30ට ආරම්භ වීමට නියමිතය. ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර එක්දින තරග 4ක් මීට පෙර පවත්වා ඇත. ඉන් තරග 03ක ජය ශ්‍රී ලංකාව වාර්තා කර ඇති අතර ඇෆ්ගනිස්ථානය එක් තරගයක් ජය ගෙන සිටී. |
2022-11-25T02:30:47.000Z | දුම්රිය දෙපාර්තමේන්තු හිඟ සේවක පුරප්පාඩුව තවදුරටත්... | දුම්රිය කාලසටහන්වල සංශෝධනයක් | COLOMBO ( News 1 st ) - සිය දෙපාර්තමේන්තුවේ හිඟ සේවක පුරප්පාඩු පිරවීමට මෙතෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැතැයි, දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. සේවක අවශ්‍යතා සම්පුර්ණ කිරීම සඳහා රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතිය ඉල්ලා ඇතැත්, ඊට මෙතෙක් අනුමැතිය ලැබී නොමැතිවීම හේතුවෙන්, විශ්‍රාමිකයින් යළි සේවයට කැඳවා ගැනීම ගැටලුවක් වී තිබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කර තිබේ. දුම්රිය දෙපාර්තමේන්තුව පෙන්වා දී ඇත්තේ, දුම්රිය සේවය අඛණ්ඩව පවත්වාගෙන යාම වෙනුවෙන් විශ්‍රාමික පුහුණුව ලත් තාක්ෂණික ශිල්පීන්, රියදුරන් සහ නියාමකයින් ඇතුළු පිරිස් බඳවා ගැනීමට රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතිය මීට පෙර ඉල්ලා සිටි බවයි. ඊට මෙතෙක් අනුමැතිය ලැබී නොමැති අතර එම තත්ත්වය තුළ දුම්රිය සේවය අඛණ්ඩව පවත්වාගෙන යාමට බාධා එල්ල වෙමින් ඇතැයි ද, එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය. දැනට දුම්රිය දෙපාර්තමේන්තුවේ 8,000 කට අධික සේවක හිඟයක් වාර්තා වන අතර සියලු මාර්ගවල දුම්රිය කාලසටහන් සංශෝධනයට පියවර ගෙන තිබේ. අඛණ්ඩව වාර්තා වන දුම්රිය ප්‍රමාදය අවම කිරීම වෙනුවෙන් එම සංශෝධන සිදු කිරීමට නියමිතයි. දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ, සංශෝධිත නව කාලසටහන් ඉදිරි සතිය තුළ ප්‍රකාශයට පත්කරන බවයි. |
2022-11-25T02:21:53.000Z | පුත්තලම මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා.... | පුත්තලම දුම්රිය මාර්ගයේ ප්‍රමාදයක්... | COLOMBO ( News 1 st ) - පුත්තලම මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් හටගෙන තිබේ. ලුණුවිල හා නාත්තන්ඩිය අතර දුම්රියක් කාර්මික දෝෂයකට ලක්විම හේතුවෙන් මෙම දුම්රිය ප්‍රමාදය ඇති වී තිබේ. හලාවත සිට කොළඹ බලා ධාවනය වන දුම්රියක් අද(25) අළුයම මෙලෙස කාර්මික දෝෂයකට ලක්ව තිබේ. |
2022-11-25T02:11:08.000Z | ගුරුවරියන්ගේ ඇඳුම පිළිබඳ මෙතෙක් ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන නැහැ - අධ්‍යාපන අමාතයාංශය | ගුරු ඇඳුමේ වෙනසක් නැහැ... | COLOMBO ( News 1 st ) - පාසල් ගුරුවරියන්ගේ ඇඳුම සම්බන්ධයෙන් මෙතෙක් ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන නැතැයි, අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. අමාත්‍යාංශ ලේකම්, නිහාල් රණසිංහ මහතා ප්‍රකාශ කළේ, ඒ සම්බන්ධයෙන් මේ වන විට සාකච්ඡා කරමින් ඇති බවයි. තමන් කැමති ඇඳුමකින් ගුරුවරියන් පාසල් වෙත පැමිණීම සම්බන්ධයෙන් සොයා බලමින් ඇති බවත් කෙසේ වෙතත් පෙර පැවති ක්‍රමවේදයන්ට යටත්ව පාසල් ගුරුවරුන් පාසල් වෙත පැමිණිය යුතුව ඇති බවත් ඔහු අවධාරණය කළේ ය. එම කරුණු මත පදනම්ව ඉදිරි ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වන බව ද ලේකම්වරයා ප්‍රකාශ කළේ ය. |
2022-11-25T02:09:41.000Z | පාපන්දු ලෝක කුසලානය උණුසුම් කරන තවත් තරග 4ක් අද | FIFA ලෝක කුසලානයේ තවත් තරග 4ක් අද | COLOMBO ( News 1st) - පාපන්දු ලෝක කුසලාන තරග කාලසටහනට අනුව අද (25) දිනයේදී A සහ B කාණ්ඩවලට අයත් කණ්ඩායම් තරග බිමට එක්වේ. දිනයේ පළමු තරගය ලෙස, වේල්සය සහ ඉරානය කටාර්හි අල් රයාන් ක්‍රීඩාංගණයේදී තරගවදිනු ඇති. මේ අතර අද දිනයේ දෙවැනි තරගය පැවැත්වෙන්නේ, සත්කාරක කටාර් රාජ්‍ය සහ සෙනගාලය අතරයි. නෙදර්ලන්තය සහ ඉක්වදෝරය අතර A කාණ්ඩයේ තරගය,කලීෆා අන්තර්ජාතික ක්‍රීඩාංගණයේදී පැවැත් වේ. අද දිනයට නියමිත අවසන් තරගය ලෙස B කාණ්ඩයේ පෙරමුණේ පසුවන එංගලන්තය සහ එහි තුන්වැනි ස්ථානයේ පසුවන අමෙරිකාව තරගයට එක්වනු ඇත. තරගාවලියේ සියලු තරග TV 1 නාලිකාව ඔස්සේ ඔබට නැරඹිය හැකිය. |
2022-11-25T01:53:31.000Z | ඝානාවට එරෙහි ප්‍රබල පෘතුගාලයට ජය.. | ඝානාවට එරෙහි ප්‍රබල පෘතුගාලයට ජය.. | COLOMBO (News 1st) - 2022 පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ ඝානා කණ්ඩායමට එරෙහිව පැවැති තරගය පෘතුගාලය ජය ගත්තේ ය. ඒ ගෝල, 3-2ක් ලෙසය. 42,000කට අධික ප්‍රේක්ෂක සහභාගීත්වයෙන් මෙම තරගය පැවැත් වූයේ දෝහා පිටියේදී යි. පළමු අර්ධයේදී කණ්ඩායම් දෙකටම ගෝල රැස් කිරීමට නොහැකි විය. 65 වැනි මිනිත්තුවේදී පෘතුගාලයේ සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රෙනාල්ඩෝ දඬුවම් පහරක් සාර්ථකකර ගැනීමත් සමග පෘතුගාල කණ්ඩායමේ සිය ජයග්‍රාහී ගමන ආරම්භ කිරීමට සමත් විය. එම ගෝලයත් සමගින් ක්‍රිස්ටියානෝ රෙනාල්ඩෝ වාර්තා පොත් අතරට එක් වූයේ, ලෝක කුසලාන පාපන්දු තරගාවලි 5කදී ගෝල වාර්තා කළ ලොව පළමු පාපන්දු ක්‍රීඩකයා බවට පත් වෙමිනි තරගයේ 73 වැනි මිනිත්තුවේදී ඝානා කණ්ඩායම සසිය ප්‍රථම ගෝලය වාර්තා කිරීමට සමත් විය. 78 වැනි මිනිත්තුවේ දී නැවත ක්‍රියාත්මක වූ පෘතුගාල ක්‍රීඩකයන් සිය දෙවැනි ගෝලය වාර්තා කිරීමට සමත් විය. තරගයේ 80 වන මිනිත්තුවේ දී රාෆාඑල් ලියෝ පෘතුගාලය වෙනුවෙන් තෙවැනි ගෝලය වාර්තා කළේ ය. කෙසේ වෙතත් ඝානා කණ්ඩායම තරගයේ ජයග්‍රාහණය සඳහා ප්‍රබල උත්සහයක් ගත්තේ, 89 වන මිනිත්තුවේ ගෝලයක් වාර්තා කර ගනිමිනි. කෙසේ වෙතත් එය ඝානා කණ්ඩායමේ ජයග්‍රාහණයට ප්‍රමාණවත් වූයේ නැත. |
2022-11-25T01:01:18.000Z | ගෙවුණු දිනය උණුසුම් කළ පුවත් | ගෙවුණු දිනය උණුසුම් කළ පුවත් | COLOMBO (News 1st) - දේශීය පුවත් 01. ශ්‍රී ලංකාව හිඟා කන රටක් බවට පත් කිරීමට සුදානම් නැහැ.. – ජනපති ශ්‍රී ලංකාව හිඟාකන රටක් බවට පත් කිරීමට තමන් කිසිලෙසක සූදානම් නොමැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. 02.සිරිධම්ම හිමියන් සහ වසන්ත මුදලිගේ ත්‍රස්තවාදී අරගලකරුවන් බව පැහැදිලියි – ටිරාන් අලස් පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමියන් සහ වසන්ත මුදලිගේ ත්‍රස්තවාදී අරගලකරුවන් බව මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් මහතා ඊයේ (24) පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය. 03.ආරක්ෂක අමාත්‍යාංශයේ වැය ශීර්ෂය වැඩි ඡන්දයෙන් සම්මතයි.. ආරක්ෂක අමාත්‍යාංශය, මහජන ආරක්ෂක අමාත්‍යාංශය සහ තාක්ෂණ අමාත්‍යාංශවලට අයත් වැය ශීර්ෂ සංශෝධන සහිතව සම්මත විය. 04.දුමින්දට ජනාධිපති සමාවදීම ගැන කරුණු දක්වන්නැයි, හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂට නොතීසි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වා මහතාට ජනාධිපති පොදු සමාව ලබාදීම සම්බන්ධයෙන් ලබන 15 ට පෙර අධිකරණයට කරුණු දක්වන ලෙස දන්වා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත නොතීසි යැවීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ නියෝග කළේ ය. 05.ටයිල් ඇතුළු භාණ්ඩ කිහිපයක ආනයන සීමා ලිහිල් කරමින් ගැසට් නිවේදනයක්.. භාණ්ඩ වර්ග කිහිපයක ආනයන සීමා ලිහිල් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. විදෙස් පුවත් 01.මැලේසියාවේ හිටපු විපක්ෂ නායක අන්වර් ඉබ්‍රාහිම් අගමැති ධුරයට... මැලේසියාවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස අන්වර් ඉබ්‍රාහිම් පත් කර තිබේ ක්‍රීඩා පුවත් 01.භානුක රහිතව ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ... ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය අද (25 ) ආරම්භ වීමට නියමිතයි. 02 පකිස්ථාන තරගාවලියේදී තරග පාවාදීමක් සිදු වුණා ද? පරීක්ෂණයක් ඉල්ලා ක්‍රිකට් ආයතනයෙන් ICC ලොක්කෙකුට ආරාධනා ඉකුත් පකිස්ථාන ක්‍රිකට් සංචාරයේ තරග පාවාදීමක් සිදු වූ බවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විසින් කර ඇති චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ(ICC) දූෂණ විරෝධී ඒකකයේ සාමාන්‍යාධිකාරි ඇලෙක්ස් මාෂල්ට ආරාධනා කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව තීරණය කර තිබේ. |
2022-11-24T16:46:03.000Z | උරුගුවේ සහ දකුණු කොරියාව අතර තරගය ජය පරාජයෙන් තොරව අවසන්.. | උරුගුවේ, ද.කොරියා තරගය ජය පැරදුමෙන් තොරයි | COLOMBO (News 1 st ) - 2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ උරුගුවේ කණ්ඩායම සහ දකුණු කොරියාව අතර තරගය ජය පරාජයෙන් තොරව අද(24) අවසන් විය. තරගාවලියේ H කාණ්ඩයේ තරගයක් වූ මෙය දෝහා හි ඉඩියුකේෂන් සිටි ක්‍රීඩාංගනයේදී පැවැත් වුණු අතර උරුගුවේ කණ්ඩායම මෙහෙයවූයේ සිය අවසන් පාපන්දු ලෝක කුසලානය සඳහා සහභාගී වන ලුවිස් සුවාරිස්. මේ අතර සුපිරි ක්‍රීඩක සොන්ග් මිංග් දකුණු කොරියා කණ්ඩායම මෙහෙයවිය. උරුගුවේ කණ්ඩායම පාපන්දු ලෝක ශ්‍රේණිගත කිරීම්හි 14 වන ස්ථානයේ රැදී සිටින අතර දකුණු කොරියාව එහි පසුවන්නේ 28 වන ස්ථානයේයි. නියමිත කාලය අවසානයේ කණ්ඩායම් දෙකටම කිසිදු ගෝලයක් රැස් කිරීමට නොහැකි වූ අතර ඒ අනුව උරුගුවේ කණ්ඩායමට එරෙහිව පැවති තරගය ජය පරාජයෙන් තොරව අවසන් කර ගැනීමට දකුණු කොරියාව සමත් විය. |
2022-11-24T16:31:04.000Z | සිරිධම්ම හිමියන් සහ වසන්ත මුදලිගේ ත්‍රස්තවාදී අරගලකරුවන් බව පැහැදිලියි - ටිරාන් අලස් | සිරිධම්ම හිමි,වසන්ත ත්‍රස්තවාදී අරගලකරුවන් | COLOMBO (News 1 st ) - පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමියන් සහ වසන්ත මුදලිගේ ත්‍රස්තවාදී අරගලකරුවන් බව මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් මහතා අද(24) පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය. ඔහු වැඩිදුරටත් සඳහන් කළේ දැනට සිදුකරමින් ඇති විමර්ශනවලින් මේ බව පැහැදිලි වන බවය. |
2022-11-24T15:29:13.000Z | ආරක්ෂක අමාත්‍යාංශයේ වැය ශීර්ෂය වැඩි ඡන්දයෙන් සම්මතයි.. | ආරක්ෂක අමාත්‍යාංශයේ වැය ශීර්ෂය සම්මතයි.. | COLOMBO ( News 1 st ) - ආරක්ෂක අමාත්‍යාංශය, මහජන ආරක්ෂක අමාත්‍යාංශය සහ තාක්ෂණ අමාත්‍යාංශවලට අයත් වැය ශීර්ෂ සංශෝධන සහිතව සම්මත විය. ආරක්ෂක අමාත්‍යාංශයේ වැය ශිර්ෂයට අදාළව විපක්ෂය ඡන්දය විමසීමක් ඉල්ලා සිටි අතර, ඒ අනුව පැවති ඡන්ද විමසීමෙන් ඊට පක්ෂව ඡන්ද 91 ක් ද විපක්ෂව ඡන්ද 10 ක් ද හිමි වී තිබේ. විපක්ෂව ඡන්දය ලබා දුන්නේ දෙමළ ජාතික සන්ධානය සහ දෙමළ ජනතා පෙරමුණේ මන්ත්‍රීවරුන් පමණි. අනෙකුත් මන්ත්‍රීවරුන් ඡන්දය විමසන අවස්ථාවේදී සභාවේ රැඳි නොසිටියේය. |
2022-11-24T15:05:04.000Z | ටයිල් ඇතුළු භාණ්ඩ කිහිපයක ආනයන සීමා ලිහිල් කරමින් ගැසට් නිවේදනයක්.. | භාණ්ඩ කිහිපයක ආනයන සීමා ලිහිල් කෙරේ | COLOMBO ( News 1 st ) - භාණ්ඩ වර්ග කිහිපයක ආනයන සීමා ලිහිල් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව විලවුන් වර්ග සහ වායු සමීකරණ ඇතුළු භාණ්ඩ වර්ග කිහිපයක ආනයන සීමා මෙසේ ඉවත් කර තිබේ. එම ගැසට් නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ සුවඳ විලවුන් වර්ග හා ටයිල්වල ආනයන සීමාද ලිහිල් කර ඇති බවය. |
2022-11-24T14:03:03.000Z | ඕමාන මිනිස් ජාවාරමට සම්බන්ධ බවට සැක තානාපති කාර්යාල නිලධාරියාගේ රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍රය අවලංගුයි.. | තානාපති කාර්යාල නිලධාරියා මෙරටට කැඳවීමට නියෝග | COLOMBO ( News 1 st ) - ඕමාන මිනිස් ජාවාරමට සම්බන්ධ බව කියන තානාපති කාර්යාල නිලධාරියාගේ රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍රය අවලංගු කර තිබේ. විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි සහ මාධ්‍ය ප්‍රකාශක ගාමිණි සෙනරත් යාපා මහතා සඳහන් කළේ, ඔහු සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍රයක් ලබාගෙන මෙරටට පැමිණිය යුතු බවයි. කාන්තාවන්ට ලිංගික අතවර කළ බවට චෝදනා එල්ල වී සිටින ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තෙවැනි ලේකම්වරයා ලෙස කටයුතු කළ ඊ. කුෂාන් නැමැත්තාගේ සේවය මේ වනවිට අත්හිටුවා තිබෙන අතර ඔහු කඩිනමින් මෙරටට එවන ලෙස ඕමාන තානාපති කාර්යාලට දැනුම් දී ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේය. |
2022-11-24T13:47:47.000Z | භානුක රහිතව ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ... | භානුක රහිතව ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ... | COLOMBO ( News 1 st ) ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය හෙට (25 ) ආරම්භ වීමට නියමිතයි. තරගාවලිය සඳහා 16 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතය අද (24) නම් කෙරුණ අතර දසුන් ශානක මෙහෙයවන කණ්ඩායමට ධනංජය ලක්ෂාන් කැඳවා තිබේ. මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ අද දිනයේ නම් කළ සංචිතයට ඇතුළත් භානුක රාජපක්ෂ සිදු කළ ඉල්ලීමකට අනුව ඔහුව සංචිතයෙන් නිදහස් කළ බවයි. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක දසුන් ශානක අදහස් දක්වමින් සඳහන් කළේ ඔවුන් සති එක හමාරක සිට පුහුණු වීම් සිදු කරන බවත් ක්‍රීඩකයින් සියළු දෙනා තමන්ගේ රිද්මයට පැමිණ සිටින බවයි. ඩිල්ෂාන් මධුශංක සම්පූර්ණයෙන් සුව වීමට තව පොඩි කාලයක් ගතවන බවත්, දුෂ්මන්ත කණ්ඩායමේ නොමැති වීම විශාල පාඩුවක් බවත් සඳහන් කළ ඔහු වැඩිදුරටත් සඳහන් කළේ කිසිම කණ්ඩායමක් අවතක්සේරු කිරීමට නොහැකි බවයි. ඇෆ්ගනිස්තාන කණ්ඩායම මේ වන විට හොඳ ස්ථානයක සිටින බවත් ඔවුන් සමග ක්‍රීඩා කරද්දී අභියෝගයක් බවද ඔහු සඳහන් කළේය. තරගාවලියේ පළමු තරගය හෙට (25 ) පස්වරු 2.30ට පල්ලෙකැළේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ. |
2022-11-24T13:33:33.000Z | කැමරූන් කණ්ඩායමට එරෙහිව ස්විට්සර්ලන්තයට ජය.. | කැමරූන් කණ්ඩායමට එරෙහි ජය ස්විට්සර්ලන්තයට | COLOMBO ( News 1 st ) – 2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ කැමරූන් කණ්ඩායමට එරෙහි තරගය ස්විට්සර්ලන්තය අද(24) ජය ගත්තේ ය. G කාණ්ඩයේ මූලික වටයේ තරගයක් වූ මෙය කටාර්හි අල් ජැනොවුබ් ක්‍රීඩාංගණයේදී පැවැත්විණ. 39,000කට අධික ප්‍රේක්ෂක පිරිසක් ඉදිරියේ පැවැති තරගය ආරම්භයට පෙර ප්‍රවීණ කැමරූන් පාපන්දු ක්‍රීඩක රොජර් මිලාට අන්තර් ජාතික පාපන්දු සම්මේලනය විශේෂ උපහාර සම්මානයක් ප්‍රධානය කළේ ය. තරගයේ පළමු අර්ධයේදී දෙපිලම ගෝල රැස් කිරීමට උත්සාහ කළද එය සාර්ථක වූයේ නැහැ. කෙසේ නමුත් දෙවැනි අර්ධය ආරම්භ වී මිනිත්තු 3කට පසුව ක්‍රියාත්මක වූ ස්විට්සර්ලන්ත ක්‍රීඩක බ්‍රීල් එම්බෝලෝ තරගයේ පළමු ගෝලය රැස් කළේ ය. කැමරූන් කණ්ඩායමට දෙවැනි අර්ධයේදී ද ගෝල රැස් කිරීමට නොහැකි වීම නිසා තරගය අවසන් වූයේ ගෝල 1ට 0ක් ලෙස ස්විට්සර්ලන්තයට ජය හිමිකර දෙමින් ය. මේ අතර, අද පෘතුගාලය සහ ඝානාව අතර තරගය මෙරට වේලාවෙන් රාත්‍රී 9.30ට ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ. සුපිරි පෘතුගාල ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ද මෙම තරගයට සහභාගී වීමට නියමිතය. ඔහු බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්ව සිටින්නේ යුරෝපා පාපන්දු සම්මේලනය මගින් ඔහුට අන්තර් සමාජ තරග 2ක් තහනම් කිරීම හේතුවෙන් ය. |
2022-11-24T11:58:41.000Z | ජනතාව මුලාකොට මෘදුකාංගයක් හරහා මුදල් තැන්පත් කර ගත් චීන ජාතිකයින් ඇතුළු 8ක් රිමාන්ඩ්.. | මෘදුකාංගයකින් මුදල් තැන්පත් කරවා ගත් 8ක් රිමාන්ඩ් | COLOMBO ( News 1 st ) – ස්පෝර්ට් ජෙන් නමැති පරිගණක මෘදුකාංගයක් හඳුන්වා දී ප්‍රතිලාභ ලබාදෙන බවට මහජනයා මුලාකොට එම මෘදුකාංගය හරහා මුදල් තැන්පත් කරවා ගැනීම සම්බන්ධයෙන් පවරා ඇති නඩුවේ චීන ජාතිකයින් දෙදෙනෙකු ඇතුළු සැකකරුවන් 8 දෙනෙකු ලබන 08 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා අද(24) නියෝග කළේ ය. එම නඩුවේ පළමු සැකකරු වන ශ්‍යාමල් කීර්තිබණ්ඩාර නමැත්තා මීට වසර කිහිපයකට පෙර කුලී නිවසක ජීවත් වූ අයෙකු බවත්,ඔහු මේ වනවිට රුපියල් කෝටි ගණනාවක් වටිනා දේපළවල හිමිකාරිත්වය දරන බවත්, සෙසු සැකකරුවන් සුපිරි නිවාස සංකීර්ණවලින් නිවාස හා වෙනත් දේපල මිලදී ගෙන ඇති බවත්,පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ අධිනීතීඥ හංස අබේරත්න මහතා අධිකරණයට පෙන්වා දුන්නේ ය. මේ වනවිට අනාවරණය වී ඇති තොරතුරු අනුව ඉතා සංවිධානාත්මකව රටපුරා එක් ජාලය ක්‍රියාත්මක කර ඇති සැකකරුවන් රුපියල් මිලියන 15කට අධික මුදලක් වංචා කර ඇතැයිද රජයේ අධිනීතීඥවරයා අධිකරණයට පෙන්වා දුන්නේ ය. |
2022-11-24T11:57:14.000Z | ඉන්ෆ්ලුවෙන්සා හා සමාන රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇතැයි, සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි.. | සෞඛ්‍ය අංශවලින් දැනුම්දීමක් | COLOMBO ( News 1 st ) - රට පුරා ඉන්ෆ්ලුවෙන්සා හා සමාන රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇතැයි, සෞඛ්‍ය අංශ අනතුරු අඟවා තිබේ. නියෝජ්‍ය සෞඛ්‍යය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කළේ, මේ සම්බන්ධයෙන් ජනතාව දැඩිව අවධානය යොමු කළ යුතු බවයි. ඔහු සඳහන් කරන්නේ පවතින කාලගුණ තත්ත්වයන් හා ජනතාවගේ හැසීරීම් රටාව මත මෙම තත්වයේ ඉහළ පහළ යාමක් දක්නට ලැබෙන බවයි. එසේම වැඩිහිටියන්ට, ඉතා කුඩා දරුවන්ට හා විවිධ රෝගවලින් පෙළෙන අයට, ගර්භණි මව්වරුන්ට සේම ඖෂධ හේතුවෙන් ශරීර ප්‍රතිශක්තිය හීන වූ අයට සහ පිළිකා වැනි දිගු කාලීන රෝගවලට ප්‍රතිකාර ගන්නා අයට මෙයින් සංකූලතා ඇති විය හැකියි. අනවශ්‍යය ලෙස බිය නොවන ලෙසත් රෝග ලක්ෂණ පහළ වුණොත් දරා ගැන්මට අපහසු නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වන ලෙස ද ඔහු පවසයි. රෝගයෙන් ආරක්ෂා වීමට ගතයුතු ක්‍රියාමාර්ග ලෙස කොවිඩ් රෝගයට අදාළ ව අනුගමනය කළ සෞඛ්‍ය පුරුදු නිරතුරුව අනුගමනය කරන ලෙසද වැඩි දුරටත් අදහස් දක්වමින් එතුමා සඳහන් කළේය. |
2022-11-24T10:47:26.000Z | මැලේසියාවේ හිටපු විපක්ෂ නායක අන්වර් ඉබ්‍රාහිම් අගමැති ධුරයට..... | අන්වර් ඉබ්‍රාහිම් මැලේසියාවේ අගමැති ධුරයට... | COLOMBO ( News 1 st ) - මැලේසියාවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස අන්වර් ඉබ්‍රාහිම් පත් කර තිබේ. පසුගිය සතියේ පැවැත්වුණු මහ මැතිවරණයේදී ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාම සරල බහුතරය දිනා ගැනීමට අසමත් වීම හේතුවෙන් අග්‍රාමාත්‍යවරයා පත් කිරීමේ වගකීම පැවරුනේ මැලේසියානු රජු වන සුල්තාන් අබ්දුල්ලා වෙතයි. ඒ අනුව මැලේසියානු රජු අපේක්ෂකයන් වූ, හිටපු අගමැති මුහයිද්දීන් යසීන් සහ හිටපු විපක්ෂ නායක අන්වර් ඉබ්‍රාහිම් අතුරින්, අන්වර් ඉබ්‍රාහිම් නව අග්‍රාමාත්‍යවරයා ලෙස නම් කර තිබේ. ඔහු අද(24) පස්වරුවේ මැලේසියාවේ නව අගමැතිවරයා ලෙස දිවූරුම් දීමට නියමිතයි. |
2022-11-24T10:31:43.000Z | පොල්පිතිගමදී තියුණු ආයුධයකින් පහරදි කාන්තාව ඝාතනය කෙරේ.... | පොල්පිතිගමදී කාන්තාවක් ඝාතනය කෙරේ.. | COLOMBO ( News 1 st ) - කුරුණෑගල පොල්පිතිගමදී තියුණු ආයුධයකින් පහරදි කාන්තාවක ඝාතනය කර තිබේ. පොලිසිය සඳහන් කළේ, පවුල් ආරවුලක් දුර දිග යෑම මෙම ඝාතනයට හේතු වී ඇති බවයි. අදාළ කාන්තාවගේ ස්වාමිපුරුෂයා මෙම ඝාතනය සිදු කරන්නට ඇතැයි පොලිසිය සැක පළ කරන අතර සැකකරු ප්‍රදේශයෙන් පලා ගොස් තිබේ. අදාළ සැකකරු අත්අඩංගුවට ගැනීමට විමර්ශන ක්‍රියාත්මක කර ඇත. 32 හැවිදිරි අදාළ කාන්තාව සිය දරුවා පාසලට රැගෙන ගොස් ආපසු එමින් සිටියදී පොල්පිතිගම, යාපහුව මාර්ගයේ දී ඝාතනය ලක් වී තිබේ. මේ අතර යටියන්තොට, කොට්ටමලේ ප්‍රදේශයේ දී ද සැකකටයුතු ලෙස මිය ගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමුව තිබේ. මළ සිරුරෙහි දකුණු අත වන සතුන් සපා කා ඇති අතර , පපුවේ දකුණු පස තුවාලයක් නිරීක්ෂණය වන බව ද පොලිසිය සඳහන් කරයි. මේ අතර පමුණුගම, බිම්පදුර වෙරල තීරයේ තිබි පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමුව තිබේ. මිය ගිය පුද්ගලයාගේ අන්‍යතාව මෙතෙක් හෙළිවි නොමැත. කැළණි ගගේ තිබියදී තවත් නාඳුනන පිරිමි මළ සිරුරක් හමුව ඇති අතර මෘත ශරීරය කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ. මේ අතර ගල්හිටිනක්ද ප්‍රදේශයේ කුඩා ඇල මාර්ගයක තිබි බිළිඳු කළලයක් හමුවීම සම්බන්ධයෙන් කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇති අතර 22 හැවිදිරි අදාළ කාන්තාව ගලහිටිකන්ද ප්‍රදේශයේ පදිංචිකාරිණියක් වන අතර ඇය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 28 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කෙරිණ. |
2022-11-24T10:16:40.000Z | උමා ඔයේ හා මා දොළ ඇළේ ගිලීමෙන් දෙදෙනෙක් අතුරුදන්.... | පුද්ගලයින් දෙදෙනෙක් දියේ ගිලී අතුරුදන්... | COLOMBO ( News 1 st ) - කොස්ලන්ද උමා ඔයේ සහ හල්දුම්මුල්ල, ඇල්ලෙවල මා දොළ ගඟේ දිය නාමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු දියේ ගිලි අතුරුදන්වී තිබේ. පොලිසිය සඳහන් කරන්නේ උමා ඔය ජලාශයේ දිය නාමින් සිටියදී 50 හැවිදිරි ඌවමාවලෙගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු මෙසේ අනතුරට ලක්ව ඇති බවයි. අතුරුදන්වු පුද්ගලයා සොයා නාවික හමුදාව, ආපදා කළමනාකරණ ඒකකය හා කොස්ලන්ද පොලිසිය මෙහෙයුම් ආරම්භ කර තිබේ. මේ අතර මා දොළ ගඟේ ගිලීමෙන් අතුරුදන්ව ඇත්තේ 49 හැවිදිරි හල්දුම්මුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු තවත් පිරිසක් සමග ඊයේ (23) දිය නාමින් සිටි අවස්ථාවේදී එම අනතුරට ලක්ව තිබේ. පොලිසිය සඳහන් කරන්නේ අතුරුදන්වු පුද්ගලයා සොයා මෙහෙයුම් ක්‍රියාත්මක බවයි. |
2022-11-24T09:35:14.000Z | ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණයට ණය හිමියන් ඉක්මන් ප්‍රතිචාරයක් නොදැක්වුවොත් මිලියන ගණනකගේ ජීවිත අවදානමකට ලක්විය හැකියි. - හියුමන් රයිට්ස් වොච් | හියුමන් රයිට්ස් වොච් සංවිධානයෙන් නිවේදනයක්.. | COLOMBO ( News 1 st ) - ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ණය හිමියන් ඉක්මන් ප්‍රතිචාරයක් නොදැක්වුව හොත් මිලියන ගණනාවක ජීවිත අවදානමකට ලක්විය හැකි බව හියුමන් රයිට්ස් වොච් සංවිධානය සඳහන් කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් එම සංවිධානයේ ආර්ථික විශේෂඥයින් ප්‍රකාශ කරන්නේ, ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කර ගැනීමට ණය ප්‍රතිව්‍යුහ ගත කිරීම සඳහා ණය හිමියන් එකඟතාව පළ කළ යුතු බවයි. එමගින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ අනෙකුත් ජාත්‍යන්තර සංවිධානවල සහය ශ්‍රී ලංකාවට ලබා ගත හැකි බව හියුමන් රයිට්ස් වොච් සංවිධානය පෙන්වා දී ඇත. මෙම නිවේදනයෙන් හියුමන් රයිට්ස් වොච් සංවිධානය පෙන්වා දෙන්නේ, ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ණය හිමියන් වන චීනය, ජපානය හා ඉන්දියාව කඩිනමින් ණය ප්‍රතිව්‍යුග ගත කිරීමට සහය දක්වමින් ආර්ථික අර්බුදයෙන් මතුවන මානව හිමිකම් කඩවීම් වහා අවම කළ යුතු බවයි. ශ්‍රී ලාංකීය ජනතාවගේ ආර්ථික හා සමාජීය අයිතීන් ආරක්ෂා කිරීම සඳහා ආරක්ෂක පියවර ගැනීමට කඩිනමින් අවශ්‍ය අරමුදල් ලබා දීමට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සිය ක්‍රියාපටිපාටිය භාවිත කළ යුතු බව ද මෙම නිවේදනයෙන් හියුමන් රයිට්ස් වොච් සංවිධානයේ ආර්ථික විශේෂඥයින් පෙන්වා දී තිබේ. |
2022-11-24T06:52:23.000Z | දුමින්දට ජනාධිපති සමාවදීම ගැන කරුණු දක්වන්නැයි, හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂට නොතීසි | හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂට නොතීසි | COLOMBO (News 1st) - හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වා මහතාට ජනාධිපති පොදු සමාව ලබාදීම සම්බන්ධයෙන් ලබන 15 ට පෙර අධිකරණයට කරුණු දක්වන ලෙස දන්වා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත නොතීසි යැවීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළේ ය. මහාධිකරණය විසින් මරණ දඬුවම නියම කරනු ලැබූ ආර්. දුමින්ද සිල්වා මහතාගේ මරණ දඬුවම ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් ද ඒකමතිකව අනුමත කොට තිබියදීත් ජනාධිපති පොදු සමාවක් මත ඔහු මුදා හැරීමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ගත් තීරණය අභියෝගයට ලක් කරමින් භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ බිරිඳ, දියණිය සහ තවත් නීතිඥවරයෙකු විසින් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් තුනක් අද යසන්ත කෝදාගොඩ සහ මුර්දු ප්‍රනාන්දු යන විනිසුරු මඩුල්ල හමුවේ කැඳවීය. විනිසුරු මඩුල්ල නියෝග කළේ, එම පෙත්සම් සම්බන්ධයෙන් වැඩිදුර සලකා බැලීම ලබන දෙසැම්බර් 16 වැනි දින දක්වා කල් තැබීමටයි. |
2022-11-24T06:07:06.000Z | හිටපු මහ බැංකු අධිපති කබ්රාල්ට තවදුරටත් රට ගමන් තහනම් | කබ්රාල්ට තවදුරටත් රට ගමන් තහනම් | COLOMBO (News 1st) - හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට පැනවු විදෙස් ගමන් තහනම තවදුරටත් දීර්ඝ කර තිබේ. අධිකරණය නියෝග කර ඇත්තේ, අදාළ තහනම දෙසැම්බර් 15 දක්වා දීර්ඝ කිරීමටයි. ඒ , කීර්ති තෙන්නකෝන් මහතා ගොනු කළ පෞද්ගලික පැමිණිල්ලක් සම්බන්ධ නඩුවක් අද කැඳවූ අවස්ථාවේදියි. පසුගිය මස 26 වැනිදා නඩුව කැඳවූ අවස්ථාවේ හිටපු මහ බැංකු අධිපතිවරයාට පනවා තිබූ විදෙස් ගමන් තහනම අද ( 24) දින දක්වා තවදුරටත් දිර්ඝ කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා නියෝග කළේ ය. රට මෙවන් ආර්ථික අගාධයකට ඇද දැමීමට හේතු පාදකවුයේ අජිත් නිවාඩ් කබ්රාල් මහතා මහ බැංකු අධිපතිවරයා ලෙස කටයුතු කරමින් සිටියදී ගත් තීන්දු තීරණ නිසා බැවින් ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නැයි කීර්ති තෙන්නකෝන් මහතා සිය පැමිණිල්ල මඟින් ඉල්ලා තිබිණ. |
2022-11-24T04:08:39.000Z | පකිස්ථාන තරගාවලියේදී තරග පාවාදීමක් සිදු වුණා ද? පරීක්ෂණයක් ඉල්ලා ක්‍රිකට් ආයතනයෙන් ICC ලොක්කෙකුට ආරාධනා | තරග පාවාදීම් ගැන සොයන්නැයි ICCයෙන් ඉල්ලයි | COLOMBO (News 1st) - ඉකුත් පකිස්ථාන ක්‍රිකට් සංචාරයේ තරග පාවාදීමක් සිදු වූ බවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විසින් කර ඇති චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ(ICC) දූෂණ විරෝධී ඒකකයේ සාමාන්‍යාධිකාරි ඇලෙක්ස් මාෂල්ට ආරාධනා කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව තීරණය කර තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ, අදාල මන්ත්‍රීවරයාගේ චෝදනාවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් සහ එහි පාර්ශ්වකරුවන්ගේ කීර්තිනාමයට හානි සිදු වූ බවය. |
2022-11-24T03:04:15.000Z | ස්විට්සර්ලන්තය - කැමරූන්, උරුගුවේ - ද. කොරියාව, පෘතුගාලය - ඝානා හා බ්‍රසීල - සර්බියා කණ්ඩායම් අද FIFA ලෝක කුසලාන තරග බිමට | කණ්ඩායම් 4 ක් අද FIFA ලෝක කුසලාන තරග බිමට | COLOMBO (News 1st) - 2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ තවත් තරග 4ක් අද (24) පැවැත්වේ. අද (24) පළමු තරගය ලෙස පැවැත්වෙන්නේ, ස්විට්සර්ලන්තය සහ කැමරූන් කණ්ඩායම් අතර තරගයයි. අද දිනයේ දෙවන තරගය උරුගුවේ කණ්ඩායම සහ දකුණු කොරියාව අතර පැවැත්වීමට නියමිතය. තුන්වන තරගය පෘතුගාලය සහ ඝානා කණ්ඩායම් අතර පැවැත්වෙනු ඇති. බ්‍රසීලය මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සහභාගී වන පළමු තරගය සර්බියාවට එරෙහිව අද මධ්‍යම රාත්‍රියේ පැවැත්වෙන්නේ ලුසේලි ක්‍රීඩාංගණයේදීය. 2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ තරග සියල්ලම ඔබ වෙත ගෙන ඒමට ''චැම්පියන්ස් නෙට්වර්ක්" සූදානම්. ශ්‍රී ලංකාවේ ක්‍රීඩාව, දැනුම සහ විනෝදය වෙනුවෙන් වෙන්වූ එකම නාලිකාව වන TV1 2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ නිල දේශීය විකාශන අයිතිය හිමි නාලිකාවයි. තරගාවලියේ සියලු තරග TV1 නාලිකාව ඔස්සේ ඔබට නැරඹිය හැකිය. |
2022-11-24T02:59:01.000Z | ස්පාඤ්ඤය ඉදිරියේ කොස්ටරිකා රාජ්‍යට ගෝල 7-0ක අමතක නොවන පරාජයක් | කොස්ටරිකාවට එරෙහිව ස්පාඤ්ඤයට පහසු ජයක් | News 1st - 2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ E කාණ්ඩය යටතේ පැවති තරගයකින් කොස්ටරිකා රාජ්‍යට එරෙහිව ගෝල 7 - 0 ක් ලෙස පහසු ජයක් ලැබීමට ස්පාඤ්ඤය සමත් විය. තරගය පැවැත් වුණේ, කටාර්හී අල් තුමාමා ක්‍රීඩාංගණයේදීය. ස්පාඤ්ඤය කණ්ඩායම තරගයේ ආරම්භයේ සිටම ආක්‍රමණශීලි තරග රටාවක නිරත වෙමින් කොස්ටරිකා කණ්ඩායමට ප්‍රබල අභියෝගයක් එල්ල කළේ ය. ඔල්මෝ ස්පාඤ්ඤය කණ්ඩායමේ ගෝල දඩයම ඇරඹුවේ 11 වන විනාඩියේදී පළමු ගෝලය වාර්තා කරමිනි. ස්පාඤ්ඤය කණ්ඩායම වෙනුවෙන් දෙවන ගෝලය රැස් කළේ අසෙන්සියෝ. ඒ, තරගයේ 21 විනාඩියේදීය. තරගයට විශිෂ්ට ආරම්භයක් ලබා ගත් ස්පාඤ්ඤය කණ්ඩායම 31 විනාඩියේදී තුන්වන ගෝලය ද වාර්තා කර ගත්තේ ය. පළමු අර්ධය නිමා වනවිට ස්පාඤ්ඤය කණ්ඩායම රැස් කර ගෙන සිටි ගෝල සංඛ්‍යාව 3කි. දෙවන අර්ධයේ ද පිටිය තුළ තම අණසක පැතිර වූ ස්පාඤ්ඤය කණ්ඩායම එම අර්ධයේදී ගෝල 4ක් රැස් කළේ ය. ස්පාඤ්ඤය වෙනුවෙන් ටොරේ ගෝල 2යි. විශිෂ්ට ක්‍රීඩා විලාශයක් පෙන් වූ ස්පාඤ්ඤය ක්‍රීඩකයින් තරගය අවසන් කළේ, ගෝල 7 ට 0 ක් ලෙස කොස්ටරිකාවට අමතක නොවන පරාජයක් අත්තර දෙමිනි. |
2022-11-24T02:48:54.000Z | අයවැය තෙවන වර කියවීමේ විවාදය අද දෙවන දිනටත් | අයවැය තෙවන වර කියවීමේ විවාදය අද දෙවන දිනටත් | COLOMBO (News 1st) - අයවැය තුන්වන වර කියවීමේ විවාදය අද (24) දෙවන දිනටත් පාර්ලිමේන්තුවේදී පැවැත්වේ. ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍ය කාර්යාලය, අමාත්‍ය මණ්ඩලය කාර්යාල, ස්වාධීන කොමිෂන් සභා, පාර්ලිමේන්තුව, උපරිමාධිකරණ විනිශ්චයකාරවරුන් සඳහා වන වැය ශීර්ෂ ඊයේ (23) ඡන්ද විමසිමකින් තොරව පාර්ලිමේන්තුවේදී සම්මත කෙරුණි. |
2022-11-24T02:39:59.000Z | 'ඉන්දියන් ඕෂන් රීම්' සමුළුව අද බංග්ලාදේශයේදී | 'ඉන්දියන් ඕෂන් රීම්' සමුළුව අද බංග්ලාදේශයේදී | COLOMBO (News 1st) - ඉන්දියානු සාගරයට මායිම් වූ රටවල සංවිධානයේ අමාත්‍ය මණ්ඩල හමුව අද (24) බංග්ලාදේශයේදී පැවැත්වේ. ඉන්දියන් ඕෂන් රීම් ලෙස හැඳින්වෙන මෙම සංවිධානයට ශ්‍රී ලංකාව ඇතුළු කලාපයේ රටවල් 23 ක් ඇතුළත් ය. මෙවර සමුළුවේ සත්කාරකත්වය දරන්නේ බංගලාදේශයයි. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා ඇතුළු දූත පිරිසක් ඊයේ (23) දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ. අමාත්‍යවරයා සාමාජික රටවල නියෝජිතයින් සමග ද්වීපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට ද නියමිතය. සමුළුවේ සභාපතීත්වය 2023 වර්ෂයේදී ශ්‍රී ලංකාවට හිමිවනු ඇති. |
2022-11-24T02:19:29.000Z | විද්‍යාපීඨ බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ ප්‍රමාදයි - විද්‍යාපීඨ අපේක්ෂකයින්ගෙන් චෝදනා | විද්‍යාපීඨ බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ ප්‍රමාදයි | COLOMBO (News 1st) - 2019 / 2020 උසස් පෙළ ප්‍රතිඵල මත විද්‍යාපීඨ බඳවා ගැනීම සඳහා වූ ගැසට් පත්‍රය නිකුත් වී මාස 3 ක් පමණ ගතව ඇතත් මෙතෙක් බඳවා ගැනීම් සඳහා සම්මුඛ පරීක්ෂණ පවත්වා නොමැති බවට විද්‍යාපීඨ අපේක්ෂකයින් චෝදනා කරති. ඔවුන් සඳහන් කළේ, බඳවා ගැනීම් හෝ ඉදිරි කිසිදු ක්‍රියාමාර්ගයක් සම්බන්ධයෙන් මෙතෙක් ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයෙන් තමන්ව දැනුවත් කර නොමැති බවයි. අප මේ පිළිබඳව අධ්‍යාපන අමාත්‍යංශයේ ගුරු අධ්‍යාපනය පිළිබඳ ප්‍රධාන කොමසාරිස් රංජිත් චන්ද්‍රසේකර මහතාගෙන් විමසීමක් කළේ ය. ඔහු සඳහන් කළේ, ජාතික විද්‍යාපීඨ බඳවා ගැනීම් සඳහා වන සම්මුඛ පරීක්ෂණ දෙසැම්බර් දෙවන සතියේ සිට පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි. |
2022-11-24T01:54:41.000Z | කාන්තාවන්ට ලිංගික අතවර කළා යැයි චෝදනා එල්ල වන නිලධාරියා දිවයිනට එවන්නැයි, ඕමාන තානාපති කාර්යාලයට දැනුම්දීමක් | චෝදනා එල්ල වී ඇති කුෂාන් නමැත්තා දිවයිනට එවන්න | COLOMBO (News 1st) - ඕමානයේදී කාන්තාවන්ට ලිංගික අතවර කළ බවට චෝදනා එල්ල වී සිටින ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ හිටපු තෙවැනි ලේකම් ඊ. කුෂාන් නමැත්තා මෙරටට එවීමට අවශ්‍ය කටයුතු කඩිනමින් සිදු කරන්නැයි ඕමාන තානාපති කාර්යාලට දැනුම් දී ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි. එහි මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ගාමිණි සෙනරත් යාපා මහතා සඳහන් කළේ, අදාළ පුද්ගලයා මෙරටට එවන දිනයක් පිළිබඳව ඕමාන තානාපති කාර්යාලයෙන් මෙතෙක් දැනුම් දීමක් කර නොමැති බවයි. අදාළ පුද්ගලයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට ඉදිරිපත් කරන ලෙස පොලීසිය විදේශ සේවා නියුක්ති කාර්යාංශයට ලිඛිත දැනුම් දීමක් ද කර තිබේ. මේ අතර ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ හිටපු තෙවැනි ලේකම්වරයා කාන්තාවන්ට බලපෑම් කරන බවට ඕමානයේ සුරක්ෂා නිවස්නයේ සිටි කාන්තාවක් මෙරට බලධාරීන් වෙත එවූ බව පැවසෙන ලිපියක් ද අප වෙත ලැබී තිබේ. පිටු 5 කින් සමන්විත එම ලිපියේ සඳහන් වන්නේ, ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ හිටපු තෙවැනි ලේකම්වරයා දිගින් දිගටම ශ්‍රී ලාංකික කාන්තාවන්ට ලිංගික අතවර කර ඇති බවයි. මෙම ලිපිය යොමු කළ කාන්තාව සම්බන්ධයෙන් ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ හිටපු තෙවැනි ලේකම් ඊ. කුෂාන් නමැත්තා ප්‍රකාශයක් කර තිබේ. මේ අතර සංචාරක වීසා මත ඕමානයට සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ගොස් මෙරටට පැමිණීමේ අපේක්ෂාවෙන් සිටින පිරිසක් යළි ගෙන්වා ගැනීම සඳහා විෂය භාර අමාත්‍යවරයා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය හිමි වූ බව ද විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ගාමිණි සෙනරත් යාපා මහතා වැඩිදුරටත් පැවසීය. |
2022-11-24T00:40:20.000Z | ශ්‍රී ලංකාව හිඟා කන රටක් බවට පත් කිරීමට සුදානම් නැහැ.. - ජනපති | ලංකාව හිඟා කන රටක් බවට පත් කිරීමට සූදානම් නැහැ | COLOMBO (News 1st) - ශ්‍රී ලංකාව හිඟාකන රටක් බවට පත් කිරීමට තමන් කිසිලෙසක සූදානම් නොමැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, දිවංගත අමාත්‍ය ලලිත් ඇතුලත්මුදලි මහතාගේ 86 වැනි ජන්ම දින සැමරුම් උත්සවයට ඊයේ (23) එක් වෙමිනි. ශ්‍රී ලාංකියින් ලෙස අප ස්ව උත්සාහයෙන් නැගීසිටිය යුතු බවත් මෙවර අයවැයෙන් ඒ සඳහා අවශ්‍ය වැඩපිළිවෙළ ඉදිරිපත් කර ඇති බවත් ජනාධිපතිවරයා කියා සිටියේ ය. පශ්චාත් උපාධි පාඨමාලා හැදෑරීමට හැකි විශ්වවිද්‍යාලයක් ලලිත් ඇතුලත්මුදලි මහතා නමින් ඉදිරියේදී මෙරට ස්ථාපනය කිරීමට කටයුතු කරන බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය. |
2022-11-24T00:34:44.000Z | ගෙවුණු දිනය උණුසුම් කළ පුවත් | ගෙවුණු දිනය උණුසුම් කළ පුවත් | 1. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 20කට අධික සංඛ්‍යාවක ඩෙංගු මදුරු කීට ගණත්වය ඉහළට - සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 20 කට අධික සංඛ්‍යාවක තවදුරටත් ඩෙංගු මදුරු කීට ගණත්වය ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරින්ගේ සංගමය සඳහන් කර තිබේ. 2. පහසු ඇඳුමින් පාසල් ආ ගුරුවරියන් ගැන වාර්තාවක් කැඳවයි – අධ්‍යාපන අමාත්‍යාංශය - පාසල් ගුරුවරියන් කිහිප දෙනෙකු සාරිය හා ඔසරිය වෙනුවට වෙනත් ඇඳුම්වලින් සැරසි පාසල්වලට පැමිණීමේ සිද්ධිය සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවා ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කර ඇත. 3. ගාල්ල බන්ධනාගාරයෙන් සිරකරුවෙක් පලා යයි - ගාල්ල බන්ධනාගාරයේ රඳවා සිටි සිරකරුවෙකු පෙරේදා (22) රාත්‍රියේ බන්ධනාගාරයෙන් පලාගොස් තිබේ. 4. ඉන්දීය රෝ ඔත්තු සේවා ප්‍රධානියා හොර රහසේ ලංකාවට ආවාද? - ඉන්දීය රෝ ඔත්තු සේවයේ ප්‍රධානී සමන්ත් ගොයෙලේ මහතා පසුගිය දිනක රහසිගත සංචාරයක් සඳහා කොළඹට පැමිණ ඇතැයි යාපනයේ පළවන කාලෙයි කදිර් පුවත්පත ඊයේ (23) අනාවරණය කර තිබේ. 5. පාර්ලිමේන්තුවට වගකියන අල්ලස් හා දූෂණ පිළිබඳ ස්වාධීන විමර්ශන කොමිෂන් සභාවක් පිහිටුවීමට අවධානය - පාර්ලිමේන්තුවට වගකියන අල්ලස් හා දූෂණ පිළිබඳ ස්වාධීන විමර්ශන කොමිෂන් සභාවක් පිහිටුවීම හා දුෂණ විරෝධී පනත් කෙටුම්පත පිළිබඳව, අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබද අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදි අවධානය යොමුව තිබේ. |
2022-11-23T17:04:58.000Z | සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 20කට අධික සංඛ්‍යාවක ඩෙංගු මදුරු කීට ගණත්වය ඉහළට.. | ඩෙංගු මදුරු කීට ගණත්වය ඉහළට.. | COLOMBO ( News 1st ) -සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 20 කට අධික සංඛ්‍යාවක තවදුරටත් ඩෙංගු මදුරු කීට ගණත්වය ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරින්ගේ සංගමය සඳහන් කර තිබේ. සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරින්ගේ සංගමයේ සභාපති නජිත් සුමනසේන මහතා සඳහන් කළේ, බස්නාහිර පළාතේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස රැසක්ද ඒ අතර වන බවය. ඔහු පෙන්වා දෙන්නේ මේ පිළිබඳව ජනතාව දැඩි විමසිලිමත් විය යුතු බවය. |
2022-11-23T17:03:13.000Z | පහසු ඇඳුමින් පාසල් ආ ගුරුවරියන් ගැන වාර්තාවක් කැඳවයි - අධ්‍යාපන අමාත්‍යාංශය | පහසු ඇඳුමින් පාසල් ආ ගුරුවරියන් ගැන විමර්ශනයක් | COLOMBO ( News 1 st ) - පාසල් ගුරුවරියන් කිහිප දෙනෙකු සාරිය හා ඔසරිය වෙනුවට වෙනත් ඇඳුම්වලින් සැරසි පාසල්වලට පැමිණීමේ සිද්ධිය සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවා ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කර ඇත. එහි උසස් නිලධාරියෙකු සඳහන් කළේ, ගුරු වෘත්තියේ ගෞරවය ආරක්ෂා වන අන්දමින් සාම්ප්‍රදායිකව ගුරුවරියන් හා ගුරුවරුන් පාසල් පැමිණීමේදි අඳින ලද පිළිවෙළ මෙම ගුරුවරියන් විසින් මග හැරියේ ඇයිද යන්න මෙහිදි සොයා බලන බවය. ඒ සම්බන්ධයෙන් වහාම වාර්තාවක් ලබා දෙන ලෙස අදාළ පාසල්වල විදුහල්පතිවරුන්ට හා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට උපදෙස් ලබාදුන් බව ද අමාත්‍යාංශ නිලධාරියා ප්‍රකාශ කළේය. ඔහු සඳහන් කළේ, සිසුන් ඉදිරියේ ගුරු භූමිකාවේ ගෞරවය ආරක්ෂා වන අයුරින් කටයුතු කිරීමට සෑම ගුරුවරයෙකුට වගකීමක් පවතින බවත් එසේ තිබියදී තමන්ට රිසි ඇඳුමකින් සැරසී පාසල් පැමිණීමට හැකියාවක් නොමැති බව ද අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කර තිබේ. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.