date
stringlengths
24
24
title
stringlengths
0
176
short_title
stringlengths
10
69
content
stringlengths
0
19.7k
2020-10-19T04:49:34.000Z
ගලේවෙලදී දියේ ගිලී දරුවන් තිදෙනෙකු මරුට
ගලේවෙලදී දියේ ගිලී දරුවන් තිදෙනෙකු මරුට
COLOMBO (News 1st) – ගලේවෙල, රන්මැඬියාව, කොස්පොත ඇලේ වතුර වලක ගිලීමෙන් දරුවන් තිදෙනෙකු මියගොස් තිබේ. පොලීසිය සඳහන් කළේ, වයස අවුරුදු 12 සහ 15 ක ගැහැණු දරුවන් දෙදෙනෙකු හා අවුරුදු 7 පිරිමි දරුවෙකු එලෙස මියගොස් ඇති බවයි. ඔවුන් අද උදෑසන දියනෑමට ගිය අවස්ථාවේ මෙම අනතුරට මුහුණ පා තිබේ. දරුවන්ගේ මළ සිරුරු ගලේවෙල රෝහලේ තැන්පත් කර ඇති බව පොලීසිය සඳහන් කළේ ය. ඔවුන් එම ප්‍රදේශයේම පදිංචිකරුවන් ය.
2020-10-19T04:00:58.000Z
බදියුදීන්ට සැඟව සිටීමට රැකවරණය දුන් වෛද්‍යවරියක ඇතුළු 07 දෙනෙකු අත්අඩංගුවට
බදියුදීන්ට රැකවරණය දුන් 07ක් අත්අඩංගුවට
COLOMBO (News 1st): පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාට සැඟව සිටීමට රැකවරණය දීම සම්බන්ධයෙන් වෛද්‍යවරියක ඇතුළු 07 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ, හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ට සැඟව සිටීමට ආධාර අනුබල දුන් තව ත් පිරිසක් අත්අඩංගුවට ගැනීමට නියමිත බවය. ඔහු මේ බව පැවසුවේ පොලිස් මූලස්ථානයේදී අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.
2020-10-19T02:31:12.000Z
කොරෝනා නිසා පීඩාවට පත් ව්‍යාපාර:ණය අයදුම්පත් 61,907ක් අනුමත කෙරේ
Covid-19: ණය අයැදුම්පත් 61,907 ක් සඳහා මුදල්
COLOMBO (News 1st) : Covid-19 වසංගතයෙන් පීඩාවට පත් වූ ව්‍යාපාර විසින් එවන ලද ණය අයැදුම්පත් 61,907 ක් සඳහා රුපියල් බිලියන 178 ක් අනුමත කර ඇතැයි ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි. ඒ, ප්‍රතිලාභීන් 45,582 ක් සඳහා ය. කොරෝනා වසංගතය හේතුවෙන් පීඩාවට පත් ස්වයං රැකියා හා තනි පුද්ගල ව්‍යාපාර ද ඇතුළුව සියලු ව්‍යාපාර මෙම ණය යෝජනා ක්‍රමවල ප්‍රතිලාභීන් බව මහ බැංකුව පවසයි. මහ බැංකුව සඳහන් කළේ, පීඩාවට පත් ව්‍යාපාර විසින් කරන ලද ඉල්ලීම් සැලකිල්ලට ගෙන මුලින් අපේක්ෂිත රුපියල් බිලියන 150 සීමාව පිළිබඳ නොසලකා අයැඳුම්පත් භාර ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් තීරණය කළ බවයි. ඒ අනුව පීඩාවට පත් වූ ව්‍යාපාර විසින් ඉදිරිපත් කරනු ලැබු සියලුම අයැදුම්පත් සඳහා මෙම ණය යෝජනා ක්‍රමය යටතේ සහන සැලසෙනු ඇති. ණය යෝජනා ක්‍රමයේ පළමු අදියර 2020 අප්‍රේල මස 01වැනි දින ක්‍රියාත්මක කෙරුණු අතර දෙවන හා තුන්වන අදියර දෙකම 2020 ජුලි මස 01 වැනි සිට බලාත්මක වන පරිදි හඳුන්වා දී ඇති බව මහ බැංකුව පවසයි. එහි වාර්ෂික පොලී අනුපාතය 4 % කි.
2020-10-19T00:45:01.000Z
20 ගැන විවාදය කල් දාන්න - විපක්ෂය කතානායකගෙන් ඉල්ලයි
20 ගැන විවාදය කල් දාන්න-විපක්ෂය කතානායකගෙන් ඉල්ලයි
COLOMBO (News 1st): මේ සතියේ පැවැත්වීමට නියමිතය 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ විවාදය කල් දැමීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කතානායකවරයාගෙන් ඉල්ලා තිබේ. කතානායකවරයා වෙත ලිපියක් යොමු කරමින් ඔහු පෙන්වා දෙන්නේ රජය ප්‍රමාද වී හෝ ගැසට් කරන ලද රෙගුලාසි අනුව මෙම විවාදය පවත්වන්නේ නම් දුරස්ථභාවය ආරක්ෂා කරගත යුතු බවයි. පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් අසුන් ගන්නා ආකාරය රජයේ රෙගුලාසිවලට පරස්පර බවත්, රැස්වීම් පැවැත්වීම සීමා කර ඇති අවස්ථාව පාර්ලිමේන්තුව පැවැත්වීමද එම නීතිරිතිවලට පටහැනි බවද විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා පෙන්වා දෙනවා. ඔහු කතානායකවරයා වෙත යැවු ලිපියෙන් විමසා ඇත්තේ නීති සම්පාදන කරන ස්ථානයම නීති උල්ලංඝනය කරන්නේ නම් රටට දෙන ආදර්ශය කුමක්ද යන්න පිළිබදවයි.
2020-10-19T00:05:39.000Z
හෙරොයින් ජාවාරමේ යෙදුණු ජේලර්වරයෙකු දැලේ
හෙරොයින් ජාවාරමේ යෙදුණු ජේලර්වරයෙකු දැලේ
COLOMBO (News 1st) – හෙරොයින් ජාවාරමේ යෙදුණු බන්ධනාගාර ජේලර්වරයෙකු පුත්තලම සේනපුදුඉරිප්පු ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් කළ මෙහෙයුමකින් ය. 32 හැවිරිදි සැකකරු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 40 යි මිලිග්‍රෑම් 870 ක් සොයාගෙන තිබේ. ඒ පිළිබඳව බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් කළ විමසීමකදී එහි නිලධාරියෙකු පැවසුවේ කළුතර බන්ධනාගාරයට අනුයුක්තව සේවය කළ අදාළ නිලධාරියා වැඩ තහනමට ලක්ව සිටින අයෙකු බවයි.
2020-10-18T23:23:16.000Z
පිටිගල වෙඩි තැබීමක්..
පිටිගල වෙඩි තැබීමක්..
COLOMBO (News 1st) – ගාල්ල , පිටිගල, ගොඩමුණේ ප්‍රදේශයේදී සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයකු තුවාල ලබා තිබේ. පොලීසිය සඳහන් කළේ, ඊයේ රාත්‍රී දෙදෙනෙකු අතර ඇති වූ ගැටුමකදී මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි. තුවාල ලබා ඇත්තේ 45 හැවිරිදි ගොඩමුණේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔහු මේ වනවිට කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබයි. සැකකරු ද තුවාල ලබා ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ක්‍රියාත්මක බව ඇල්පිටිය පොලීසිය පැවසුවේ ය.
2020-10-18T23:09:46.000Z
නිරෝධායන වූ 205 දෙනෙකු අද නිවෙස් වෙත..
නිරෝධායන වූ 205 දෙනෙකු අද නිවෙස් වෙත..
COLOMBO (News 1st) – නිරෝධායන මධ්‍යස්ථානවල රඳවා සිටි තවත් පුද්ගලයින් 205 දෙනෙකු අද සිය නිවෙස් කරා පිටත්ව යාමට නියමිතය. COVID-19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ, ඒ අතර රාජගිරිය ආයුර්වේද නිරෝධායන මධ්‍යස්ථානයේ රඳවා සිටි 37දෙනෙකු ද වන බවයි. මේ වනවිට පුද්ගලයින් 54,328 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර නිවෙස් වෙත පිටත්ව ගොස් ඇති බව ද එම මධ්‍යස්ථානය සඳහන් කළේ ය. ත්‍රිවිධ හමුදාව මගින් පාලනය වන මධ්‍යස්ථාන 83 ක පුද්ගලයින් 9287 දෙනෙකු තවදුරටත් නිරෝධායනය වන බව ද COVID-19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිකුත් කළ නිවේදනයේ සඳහන් ය. මේ අතර ජපානයේ රැඳී සිටි පුද්ගලයින් 10 දෙනෙකු අද උදෑසන ගුවන් මගින් දිවයිනට පැමිණියේ ය. ඔවුන් නිරෝධායනය සඳහා යොමු කළ බව යුද හමුදාව සඳහන් කළේ ය.
2020-10-18T22:44:03.000Z
අගමැති ඉම්රාන් ඛාන්ට ඉල්ලා අස්වන්නැයි පකිස්ථානයේ විරෝධතා
පකිස්ථාන අගමැතිට අස්වන්නැයි විරෝධතා
COLOMBO (News 1st) – පකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට ඉල්ලා අස්වන්නැයි බල කරමින් දහස් සංඛ්‍යාත පිරිසක් වීදි බැස විරෝධතාවයේ නිරත වේ. කරච්චි නුවරට රැස්වූ දහස් සංඛ්‍යාත විපක්ෂ ආධාරකරුවන් චෝදනා කළේ, අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ රජය රට අස්ථාවර කර ඇති බවයි. පකිස්ථානයේ ප්‍රබල විපක්ෂ කණ්ඩායම් 9 ක් මෙම විරෝධතාවල මූලිකත්වය ගෙන කටයුතු කරයි. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, පකිස්ථාන හිටපු අග්‍රාමාත්‍ය නවාස් ෂරීෆ්ගේ දියණිය වන මර්යාම් නවාස් ද මෙම විරෝධතාවල පෙරමුණ ගෙන කටයුතු කරන බවයි. ඇය චෝදනා කළේ, රටේ ජනතාවගේ රැකියා අහිමි කළ අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ප්‍රමුඛ රජය දැන් ජනතාවගේ ආහාර වේල පවා අහිමි වන තත්ත්වයකට රට පත් කර ඇති බවයි. තරුණ පරම්පරාව සිය අනාගතය පිළිබඳව කලකිරී ඇති බවත් ගොවීන් හාමතේ නිවෙස්වල දුක් විදින බවත් අනෙකුත් විපක්ෂ කණ්ඩායම්වල චෝදනා වේ. කොරෝනා ගෝලීය වසංගත තත්ත්වය ව්‍යාප්ත වීමට පෙර සිටම පකිස්ථාන ආර්ථිකය පහත වැටෙමින් පවතින බවට විපක්ෂ කණ්ඩායම් දිගින් දිගටම අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ප්‍රමුඛ රජයට චෝදනා කළේ ය.
2020-10-18T22:27:35.000Z
බස් සහ දුම්රියේ ආදායම් පහළට
බස් සහ දුම්රියේ ආදායම් පහළට
COLOMBO (News 1st) – කොරෝනා ව්‍යාප්තිය හමුවේ දුම්රිය හා බස් රථවල ගමන් ගන්නා සංඛ්‍යාව සීඝ්‍රයෙන් අඩුවී ඇති බව ප්‍රවාහන බලධාරීන් පවසයි. දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කළේ, දුම්රිය දෙපාර්තමේන්තුවේ දෛනික ආදායම රුපියල් ලක්ෂ 190 සිට රුපියල් ලක්ෂ 140 ක් දක්වා අඩුවී ඇති බවයි. මගීන් නොමැති වීම හේතුවෙන් ඇතැම් දුරගමන් සේවා දුම්රිය අවලංගු කිරීමට සිදුව ඇති බවද ඔහු පැවසුවේ ය. මේ අතර ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ඒ.එච් පණ්ඩුක මහතා සඳහන් කළේ, සිය දෛනික ආදායම මිලියන 74ත් මිලියන 80ත් අතර තිබූ ආදායම මේ වනවිට මිලියන 44 දක්වා පහළ ගොස් ඇති බවයි. පසුගිය 07 වනදා සිට මේ දක්වා කාලය තුළ රුපියල් මිලියන 210 ක අලාභයක් ගමනාගමන මණ්ඩලයට සිදුව ඇතැයි ද නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා පැවසුවේ ය. ආදායම පහළ වැටීමෙන් දැඩි අර්බුදයකට පත්ව ඇත්තේ පෞද්ගලික බස් රථ සේවකයින් ය. ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේ, පවතින තත්ත්වය යටතේ තම ආදායම පහළ වැටී ඇති බවයි.
2020-10-18T21:59:24.000Z
නැවත දැනුම් දෙනතුරු රාජ්‍ය ආයතනවල මහජන දින නැහැ
නැවත දැනුම් දෙනතුරු රාජ්‍ය ආයතනවල මහජන දින නැහැ
COLOMBO (News 1st) – රාජ්‍ය හා පෞද්ගලික කාර්යාලවලට යාම අත්‍යවශ්‍ය සේවාවන්ට පමණක් සීමා කරන්නැයි සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කළේ, මේ දිනවල කොරෝනා ව්‍යාප්තියත් සමග පුද්ගලයින් එක්රැස්වන ස්ථානවලට යාම හැකිතාත් අවම කළ යුතු බවයි. මේ අතර රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාළන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ රත්නසිරි මහතා පැවසුවේ, රාජ්‍ය ආයතනවල කටයුතු අත්‍යවශ්‍ය සේවාවන්ට පමණක් සීමා කර ජනතාව එක්රැස්වීම අවම කරන ලෙස උපදෙස් දී ඇති බවයි. නැවත දැනුම් දෙනතුරු රාජ්‍ය ආයතනවල මහජන දින නොපවත්වන බවද අමාත්‍යාංශය සඳහන් කළේ ය.
2020-10-18T21:34:54.000Z
මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 5538ක් දක්වා ඉහළට
මිනුවන්ගොඩ පොකුරින් ඊයේ ආසාදිතයින් 61ක්
COLOMBO (News 1st) – මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 5538 දක්වා ඉහළ ගියේ ය. ඒ අතරට මිනුවන්ගොඩ පොකුරෙන් ඊයේ හඳුනාගත් කොරෝනා ආසාදිතයින් 61 ක්ද ඇතුළත් ය. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ, මේ අනුව මිනුවන්ගොඩ කොරෝනා පොකුරේ ආසාදිතයින් සංඛ්‍යාව 2075 දක්වා ඉහළ ගිය බවයි. ජපානයේ සිට පැමිණ නිරෝධායනය මධ්‍යස්ථානයක සිටි දෙදෙනෙකුටද කොරෝනා ආසාදනය වී ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය. වෛරසය ආසාදිතව ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 2122 කි. ඊයේ දිනයේ කොරෝනා ආසාදිතයින් 8 දෙනෙකු සුවය ලැබුවේ ය. ඒ සමග මෙරට සුවය ලැබු කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 3402 කි.
2020-10-18T21:14:49.000Z
ඉහළ යන කොරෝනා ආසාදිතයින්ට ප්‍රතිකාර කිරීමට ප්‍රාදේශීය රෝහල්
කොරෝනා ආසාදිතයින් වෙනුවෙන් ප්‍රාදේශීය රෝහල්
COLOMBO (News 1st) – කොරෝනා ආසාදිතයින් වාර්තා වීම ඉහළයාමත් සමග ඔවුන්ට ප්‍රතිකාර කිරීම සඳහා ප්‍රාදේශීය මට්ටමේ රෝහල් යොදා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කළේ, එම රෝහල්වල පහසුකම් සකස් කිරීම මේ වනවිට ආරම්භ කර ඇති බවයි. දැනට රෝහල් 19 ක කොරෝනා ආසාදිතයින් ප්‍රතිකාර ලබන බව ද ඔහු පැවසුවේ ය. වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසුවේ , වාර්තා වන සෑම කොරෝනා ආසාදිතයෙකු සඳහාම ප්‍රතිකාර ලබා දීමට රෝහල් පහසුකම් රජය විසින් සකස් කරන බවයි. ඒ පිළිබඳ අනියත බියක් ඇතිකර නොගන්නා ලෙස ද නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ජනතාවට දැනුම් දෙයි.
2020-10-18T20:29:32.000Z
මතුගම හුදෙකලා කළ ගම්මානවල උසස් පෙළ අපෙක්ෂකයින්ට වෙනම විභාග ශාලා
හුදෙකලා ගම්මාන: උ/පෙ අපෙක්ෂකයින්ට වෙනම විභාග ශාලා
COLOMBO (News 1st) – මතුගම අවට හුදකලා කර ඇති ග්‍රාම නිලධාරී වසම් තුනෙහි උසස් පෙළ විභාග අපේක්ෂකයින්ට විශේෂ විභාග මධ්‍යස්ථානවල විභාගයට පෙනී සිටීමට අවස්ථාව සැලසීමට අධ්‍යාපන බලධාරීන් පියවර ගෙන තිබේ. මතුගම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ලාල් දිසානායක මහතා සඳහන් කළේ , ඒ අනුව තමන් පෙනී සිටි විභාග මධ්‍යස්ථානවලම වෙනම පරිශ්‍ර ඔවුන් සඳහා වෙන්කර ඇති බවයි. මතුගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ඕවිටිගල , බදුගම සහ බදුගම නව ජනපදය යන ග්‍රාම නිලධාරී වසම් ඊයේ පස්වරුවේ සිට නැවත දැනුම් දෙනතුරු හුදකලා ප්‍රදේශ බවට පත් කෙරිණි. ඒ , එම ප්‍රදේශයෙන් කොරොනා රෝගීන් වාර්තාවීම ඉහළයාම හේතුවෙන් ය. ලාල් දිසානායක මහතා පැවසුවේ අදාළ ප්‍රදේශ හරහා මතුගම විභාග මධයස්ථානවලට පැමිණෙන සිසුන් සඳහා ද පහසුකම් සකස් කර ඇති බවයි.
2020-10-18T19:38:16.000Z
රිෂාඩ් බදියුදීන් CID අත්අඩංගුවට
රිෂාඩ් බදියුදීන් CID අත්අඩංගුවට
COLOMBO (News 1st) – හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව(CID) මගින් අද(19) උදෑසන අත්අඩංගුවට ගෙන තිබේ. ඒ , දෙහිවල ප්‍රදේශයේදීයෙදී ය. පසුගිය මහ මැතිවරණ සමයේ පුත්තලමේ සිට මන්නාරමට අවතැන් වූ පුද්ගලයින් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ප්‍රවාහනය කිරීම නිසා රාජ්‍ය මුදල් අවභාවිතය හා පොදු දේපොළ පනත යටතේ ගැනෙන වැරදි සිදු කළ බවට ඔහුට චෝදනා එල්ල වී තිබේ.
2020-10-18T11:45:01.000Z
ලාංකික සම්භවයක් ඇති කාන්තාවක් නවසීලන්ත පාර්ලිමේන්තුවට
නවසීලන්ත පාර්ලිමේන්තුවට ගිය ලාංකික කත..
COLOMBO (News 1st) - ශ්‍රී ලාංකික සම්භවයක් ඇති කාන්තාවක් මෙවර නවසීලන්ත පාර්ලිමේන්තුවට සුදුසුකම් ලබා තිබේ. ඇය නමින් වනුෂි වෝල්ටර්ස්. වනුෂිගේ ශ්‍රී ලාංකික පසුබිම පදනම් වන්නේ යාපනයේ මානිප්පායි ප්‍රදේශයටයි. නීතිඥ වනුෂි වොල්ටර්ස් 1932 මෙරට ව්‍යවස්ථාදායකය නියෝජනය කළ පළමු තාන්තාව වන නේසම් සරවනමුත්තු මහත්මියගේ මී මිනිපිරියකි. ජසින්ඩා ආර්ඩන් අග්‍රාමාත්‍යවරියගේ කම්කරු පක්ෂය නියෝජනය කරමින් ඇයට මෙම අවස්ථාව උදා විය. වනුෂි මෙලෙස නවසීලන්ත පාර්ලිමේන්තුවේ අසුනක් දිනා ගැනීමට සමත් වුණේ නවසීලන්තයේ වයඹදිග ඕක්ලන්ඩ්හී අපර් හාබර් ප්‍රදේශය ජයගැනීමත් සමගිනි. ජාතික අපේක්ෂකයෙකු ලෙස මෙම මැතිවරණයට ඉදිරිපත් වූ හිටපු තාක්ෂණික විධායක ප්‍රධානියෙකු මෙන්ම හැමිල්ටන්හී ක්‍රිකට් ක්‍රීඩකයෙකු වූ ජේක් බෙසන්ට්ව පරාජය කරමින්, එහිදී වනුෂි මනාප 14,142ක් ලබාගත් අතර බෙසන්ට්ට ලබාගත හැකිවූයේ මනාප 12, 727ක් පමණි. වනුෂි වෘත්තීයෙන් මානව හිමිකම් පිළිබඳ නීතිවේදිනියක වන අතර මානව හිමිකම් කොමිසමේද සාමාජිකාවකි. මෙවර මැතිවරණයෙන් නවසීලන්ත පාර්ලිමේන්තුවේ ආසන 64 ක බලය තහවුරු කර ගැනීමට වනුෂී නියෝජනය කරන, අග්‍රාමාත්‍ය ජසින්ඩා ආර්ඩන් ගේනායකත්වයෙන් යුත් මධ්‍ය වාමාංශික කම්කරු පක්ෂය සමත් විය.
2020-10-18T08:18:27.000Z
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කෙටුම්පත් කිරීමට ආණ්ඩුව මහජනතාවගෙන් අදහස් ඉල්ලයි
නව ව්‍යවස්ථාව කෙටුම්පත් කරන්න ජනතා අදහස් ඉල්ලයි
COLOMBO (News 1st) - නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කෙටුම්පත් කිරීමට අදාළව අධිකරණ අමාත්‍යාංශය මහජනතාවගෙන් අදහස් හා යෝජනා ඉල්ලා තිබේ. අධිකරණ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ, නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කෙටුම්පත් කිරීමට අදාළව ඕනෑම යෝජනාවක් ඉදිරිපත් කිරීමට ඒ සඳහා කැමති ඕනෑම පුද්ගලයෙකුට හැකියාව ඇති බවය. එම යෝජනා සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන ඕනෑම භාෂාවකින් නොවැම්බර් 30 වැනි දින හෝ ඊට පෙර මීට අදාළව පත් කළ විශේෂඥ කමිටුවේ ලේකම් වෙත ඉදිරිපත් කළ හැකිය. මාතෘකා 12 ක් යටතේ යෝජනා ඉදිරිපත් කළ යුතු වේ. 1) රාජ්‍යයේ ස්වභාවය 2) මූලික අයිතිවාසිකම් 3) භාෂාව 4) රාජ්‍ය ප්‍රතිපත්තිය මෙහෙයවීමේ මුලධර්ම සහ මූලික යුතුකම් 5) විධායකය 6) ව්‍යවස්ථාදායකය 7) ජනමත විචාරණය, ඡන්ද බලය සහ මැතිවරණ 8) විමධ්‍යගතකරණය, බලය බෙදාහැරීම 9) අධිකරණය 10) රාජ්‍ය මූල්‍ය 11) මහජන ආරක්ෂාව 12) ඉහත සඳහන් නොකළ වෙනත් උනන්දුවක් දක්වන ක්ෂේත්‍රයක් ඉදිරිපත් කිරීම් හැකි තරම් සංක්ෂිප්තව ඉදිරිපත් කළ හොත් කමිටුව එය අගය කරන බව ද එම නිවේදනයේ දැක්වේ. ඉදිරිපත් කිරීම් ලියාපදිංචි තැපෑලෙන් එවිය හැකි අතර පහත විද්‍යුත් ලිපිනයට ද එවිය හැකිය. [email protected]
2020-10-18T07:51:53.000Z
මතුගම ගම් 3 ක් Lockdown - යුද හමුදාපති
මතුගම ගම් 3 ක් Lockdown - යුද හමුදාපති
COLOMBO (News 1st) - කොරෝනා ආසාදිතයින් වාර්තාවීමත් සමග මතුගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගම්මාන 3 ක් හුදකලා කළ බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඔහු සඳහන් කළේ, ඕවිටිගල, බදුගම සහ බදුගම නව ජනපදය එලෙස හුදකලා කළ බවය.
2020-10-18T09:04:24.000Z
මෝදි හා දෙමළ ජාතික සන්ධානය අතර සාකච්ඡාවකට සැලසුම්?
මෝදි හා TNA අතර සාකච්ඡාවකට සැලසුම්?
COLOMBO (News 1st) - ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සහ දෙමළ ජාතික සන්ධානය(TNA) අතර සාකච්ඡාවක් පැවැත්වීමට කටයුතු සූදානම් වෙමින් පවති. දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා පවසන්නේ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සමග සාකච්ඡා සඳහා දැනටමත් එරටින් ඉල්ලීමක් කර ඇති බවය. එවැනි සාකච්ඡාවකට කටයුතු සම්පාදනය කරන ලෙස ඉන්දීය අග්‍රාමාත්‍යවරයා, අදාළ බලධාරීන්ට උපදෙස් දී ඇති බව ද සම්බන්ධන් මහතා අප කළ විමසීමකදී ප්‍රකාශ කළේ ය. ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස්වරයා පසුගිය අගෝස්තු මස 21 වැනි දා දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයින් පිරිසක් හමුවිය. සැප්තැම්බර් 26 වැනි දා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර වීඩියෝ සාකච්ඡාවක් ද පැවැත්විණි. එහිදී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ඉල්ලා සිටියේ, 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කළ යුතු බවය.
2020-10-18T08:37:21.000Z
'විකාරි' 2020 ස්ක්‍රීම්ෆෙස්ට් චිත්‍රපට උළෙලේ හොඳම කෙටි චිත්‍රපටය ලෙස සම්මාන දිනා ගනී
'විකාරි' ස්ක්‍රීම්ෆෙස්ට් චිත්‍රපට උළෙලේදී සම්මානයට
COLOMBO (News 1st) - සඳුන් සෙනෙවිරත්න මහතා විසින් නිෂ්පාදය කළ 'විකාරි' කෙටි චිත්‍රපටය 2020 ස්ක්‍රීම්ෆෙස්ට් ත්‍රාසජනක චිත්‍රපට උළෙලේ හොඳම කෙටි චිත්‍රපටය ලෙස සම්මානයට පාත්‍ර විය. ස්ක්‍රීම්ෆෙස්ට් චිත්‍රපට උළෙල මෙවරත් පැවැත්වුණේ අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවරදීය. චිත්‍රපට උළෙලේ තිරගත වූ පළමු ශ්‍රී ලාංකික චිත්‍රපටය වූයේ ද 'විකාරි' චිත්‍රපටයයි. එම චිත්‍රපටයට රංගනයෙන් දායකත්වය ලබාදෙන්නේ අශාන් ඩයස්, බිම්සරා ප්‍රේමරත්න සහ බ්‍රිතාන්‍ය රංගන ශිල්පී රිචඩ් ඩී රොබට්ස්. විද්‍යා ප්‍රබන්ධ කෙටි චිත්‍රපටයක් ලෙස නිපදවුණු 'විකාරි' චිත්‍රපටය තුළින් කියැවෙන්නේ ලොව පුරා එකම ආකාරයෙන් විකෘති සහිතව ඉපදුනු දරුවන් සහ ඒ හේතුවෙන් ඇති වන බිය පිළිබඳවයි. චිත්‍රපටය නුදුරේදීම අන්තර්ජාලයට මුදාහැරීමට නියමිතය. 'විකාරි' කෙටි චිත්‍රපටය මීට පෙර ප්‍රදර්ශනය වූ ලොව විශිෂ්ට ගණයේ නිර්මාණ ලෙස සැලකෙන පැරනෝමල් ඇක්ටිවිටි සහ ද ග්‍රජ් වැනි චිත්‍රපට හා සමාන කොට සැලකේ.
2020-10-18T05:55:32.000Z
මිනුවන්ගොඩ පොකුරේ තව ත් ආශ්‍රිතයින් 22 කට කොරෝනා
මිනුවන්ගොඩ පොකුරේ තව ත් ආශ්‍රිතයින් 22 කට කොරෝනා
COLOMBO (News 1st) - මිනුවන්ගොඩ කොරෝනා පොකුරෙන් තව ත් ආසාදිතයින් 22 ක් අද හඳුනා ගෙන තිබේ. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ, ඒ අනුව එම පොකුර ආශ්‍රිතව ආසාදතයින් සංඛ්‍යාව 2036 ක් දක්වා ඉහළ ගිය බවයි. අද හඳුනා ගැනුණු ආසාදිතයින් විසි දෙදෙනාම මිනුවන්ගොඩ ඇඟළුම් කම්හල් සේවකයින්ගේ ආශ්‍රිතයින් වේ. මේ සමග මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 5497 ක් දක්වා ඉහළ ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය පැවසීය. වෛරසය ආසාදිතව රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 2081 කි. අද පස්වරුවේ තව ත් කොරෝනා ආසාදිතයින් 8 දෙනෙකු සුවය ලබා තිබේ. ඒ සමග මෙරට සුවය ලැබු සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 3403 කි.
2020-10-18T04:28:41.000Z
අගමැති සහ ආණ්ඩුවේ මන්ත්‍රීවරු 20 ගැන කළ සාකච්ඡාව අවසන්
20 ගැන සාකච්ඡාව අවසන්
COLOMBO (News 1st) – 20 වැනි ව්‍යවස්ථා කෙටුම්පතට සංශෝධන ගෙන ඒම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගේ රැස්වීම අද පස්වරුවේ අවසන් විය. රැස්වීම පැවැත්වුණේ විජේරාම නිල නිවසේදීය. 20 වන ව්‍යවස්ථා සංශෝධනය දෙවන වර කියවීම ලබන 21 සහ 22 යන දිනවලදී විවාදයට ගැනීමට නියමිතය. =================== COLOMBO (News 1st) / 3.30PM – ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම අද(18) පස්වරුවේ රැස්වීමට නියමිතය. ඒ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී බව වාර්තා වේ. අග්‍රාමාත්‍ය මාධ්‍ය හා සන්නිවේදන අධ්‍යක්ෂ ජනරාල් විජයානන්ද හේරත් මහතා සඳහන් කළේ, මෙම රැස්වීමේදී 20 වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් සාකච්ඡා කරන බවයි. 20 වන ව්‍යවස්ථා සංශෝධනය දෙවන වර කියවීම ලබන 21 සහ 22 යන දිනවලදී විවාදයට ගැනීමට නියමිතය.
2020-10-18T02:16:25.000Z
මන්නාරමේ මෙහෙයුමකින් කේරළ ගංජා තොගයක් සොයා ගනී
කේරළ ගංජා තොගයක් මන්නාරමෙන්
COLOMBO (News 1st) – මන්නාරම, ඕළුතුඩුවයි ප්‍රදේශයේදී කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 200ක් සොයා ගෙන ඇතැයි පොලීසිය සඳහන් කරයි. නාවික හමුදාව හා පොලීසිය ක්‍රියාත්මක කළ මෙහෙයුමකින් එම ගංජා තොගය සොයාගත් බව පොලීසිය පවසයි.
2020-10-18T00:38:34.000Z
ගම්පහ පීඩාවට පවුල්වලට රු. 5000 ගෙවීමට මුදල් වෙන් කෙරේ
ගම්පහ පීඩාවට පවුල්වලට රු. 5000 ක්
COLOMBO (News 1st) – නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක ගම්පහ දිස්ත්‍රික්කයේ පීඩාවට පත් පවුල් සඳහා රුපියල් 5000 බැගින් ගෙවීම අනිද්දා (20) සිට ආරම්භ කරන බව මුදල් අමාත්‍යාංශය පවසයි. එහි ලේකම් එස්.ආර්. ආටිගල මහතා සඳහන් කළේ , ඒ සඳහා රුපියල් මිලියන 400 ක් වෙන් කර ඇති බවයි. දිස්ත්‍රික්කයේ පවුල් 75,000 කට එම සහනය ලබාදීමට නියමිතය. පසුගිය 14 වැනිදා ගම්පහ දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත් මහතා මුදල් අමාත්‍යාංශයෙන් කළ ඉල්ලීමකට අනුව මෙම දීමනාව ලබාදෙනු ඇති.
2020-10-17T23:40:07.000Z
උ/පෙ විභාග වංචාවකට උපකාර කළ පරීක්ෂකවරයකු වාද්දූවේදී පොලිස් භාරයට
විභාග වංචාවකට උදව් කළ පරීක්ෂකවරයකු පොලිස් භාරයට
COLOMBO (News 1st) – වාද්දූව ප්‍රදේශයේ උසස් පෙළ විභාග මධ්‍යස්ථානයක සිසුවෙකුගේ ප්‍රශ්න පත්‍රයකට පිළිතුරු ලියූ බව කියන විභාග පරීක්ෂකවරයෙකු පොලිස් භාරයට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, ශාලාධිපතිවරයාගේ පැමිණිල්ලක් අනුව ඔහු සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක බවයි. මේ අතර කළුතර , කොළඹ , ගම්පහ සහ මීගමුව ප්‍රදේශවල උසස් පෙළ විභාග මධ්‍යස්ථානවලින් විභාග වංචා හා අක්‍රමිකතා සම්බන්ධයෙන් පැමිණිලි ලැබී ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් සනත් බී. පූජිත මහතා සඳහන් කළේ ය. ඔහු ප්‍රකාශ කළේ, එම සිද්ධින්ට අදාළව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර ඇති බවයි. විභාග වංචා වැළැක්වීමට දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව විභාග කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේ ය. සෑම විභාග මධ්‍යස්ථානයක වංචා සහ අක්‍රමිකතා සෙවීමට සහකාර ශාලාධිපතිවරයකු පත් කර තිබේ. විභාග වංචාවල යෙදෙන සිසුන්ගේ ප්‍රතිඵල අත්හිටුවා ඔවුන් සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක කරන අතර අක්‍රමිකතාවලට සම්බන්ධවන පරික්ෂකයින්ට එරෙහිව ද දැඩිව නීතිය ක්‍රියාත්මක කරන විභාග කොමසාරිස් ජනරාල් සනත් බී. පුජිත මහතා අවධාරණය කළේ ය.
2020-10-17T22:15:58.000Z
අසර්බයිජානය මානූෂීය සටන් විරාමයක් උල්ලංඝණය කළ බවට ආර්මේනියාවෙන් චෝදනා
සටන් විරාමය උල්ලංඝණය කළ අසර්බයිජානයට චෝදනා
COLOMBO (News 1st) – අසර්බයිජානය මානූෂීය සටන් විරාමයක් උල්ලංඝණය කළ බවට ආර්මේනියාව චෝදනා කර තිබේ. නගොර්නෝ - කර්බක් කලාපයේ එරට වේලාවෙන් ඊයේ මධ්‍යම රාත්‍රීයේදී මෙම සටන් විරාමය ආරම්භ කිරීමට ගිවිසුම්ගත වී තිබුණි. නමුත් ආර්මේනියානු ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රකාශිකාවක් පැවසුවේ, අසර්බයිජානය එම කාලසීමාව තුළ රොකට් සහ ෂෙල් ප්‍රහාර එල්ල කරමින් සටන් විරාමය බිඳ දැමූ බවයි. කෙසේ වෙතත් මෙම චෝදනාවලට අසර්බයිජානය මෙතෙක් ප්‍රතිචාර දක්වා නැහැ.
2020-10-17T22:11:42.000Z
කුලියාපිටිය රෝහලේ වෛද්‍යවරුන් 14 ක් ඇතුළුව 53 ක් නිරෝධායනයට
කුලියාපිටිය රෝහලේ වෛද්‍යවරුන් 14 ක් නිරෝධායනයට
COLOMBO (News 1st) – කොරෝනා ආසාදනය වූ කාන්තාවක් රෝහලින් හඳුනා ගැනීමත් සමග කුලියාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් 14 දෙනෙකු ඇතුළු කාර්යය මණ්ඩලය 53 ක් නිරෝධායනයට යොමු කර තිබේ. එම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රභාත් වේරවත්ත මහතා සඳහන් කළේ , අදාළ කාන්තාව කොළඹ IDH රෝහලට මාරු කර යවා ඇති බවයි. අත්‍යවශ්‍ය සේවාවකට හැර රෝහලට පැමිණීමෙන් වළකින්නැයි ඔහු ප්‍රදේශයේ ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
2020-10-17T21:56:58.000Z
නිරෝධායන ඇඳිරි නීතිය කැඩූ 53 දෙනෙකු කොටු
නිරෝධායන ඇඳිරි නීතිය කැඩූ 53 දෙනෙකු කොටු
COLOMBO (News 1st) – නිරෝධායන ඇඳිරි නීතිය කඩ කළ පුද්ගලයින් 53 දෙනෙකු ගෙවුණු පැය 24 තුළ අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.
2020-10-17T18:43:20.000Z
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
දේශීය පුවත් 1. 20 පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේදී ජනමත විචාරණයකට තුඩු දෙන සංශෝධන ඉදිරිපත් කරන්නේ නැහැ – අධිකරණ අමාත්‍යාංශය – 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේදී ජනමත විචාරණයකට තුඩු දෙන සංශෝධන ඉදිරිපත් නොකරන බව අධිකරණ අමාත්‍යාංශය පවසයි. 2. මෙරටින් පිටව යන ගුවන් මගීන්ට PCR පරීක්ෂණය අනිවාර්ය කෙරේ - මෙරටින් පිටව යන ගුවන් මගීන්ට පැය 72 ක් ඇතුළත PCR පරීක්ෂණය සිදු කිරීම අනිවාර්ය කර තිබේ. 3. මිනුවන්ගොඩ කොරෝනා පොකුර 2,000 ඉක්මවයි – මිනුවන්ගොඩ කොරෝනා පොකුරේ ආසාදිත සංඛ්‍යාව 2,000 ඉක්මවා ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. 4. නිරෝධායනය වන දරුවෝ විභාග ශාලාවලට ඇවිල්ලා තියෙනවා – ලංකා ගුරු සංගමය – කොරෝනා වසංගතයත් සමග උසස් පෙළ විභාගයට අදාළව මතුව ඇති ප්‍රායෝගික ගැටලු කිහිපයක් පිළිබඳව ලංකා ගුරු සංගමය ඊයේ කරුණු පැහැදිලි කර තිබේ. 5. මහජනතාවට තැපෑල, දුරකතන හා විද්‍යුත් තැපෑල ඔස්සේ ජනාධිපති කාර්යාලය හා සම්බන්ධවීමට අවස්ථාව – පවතින කොරෝනා ව්‍යාප්තිය හමුවේ ජනාධිපති කාර්යාලයේ සේවා සඳහා තැපෑලෙන් දුරකතනයෙන් හා විද්‍යුත් තැපැල් සේවය ඔස්සේ මහජන ඉල්ලීම්වලට ප්‍රතිචාර දැක්වීමට සැලසුම් කර ඇති බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි. 6. මලල්ගොඩ කමිටුවේ වාර්තාව වෙනස් කළ හැකි යැයි මා පැවසු බවට එල්ලවන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරනවා – හිටපු ජනපති මෛත්‍රීපාල – අප්‍රේල් 21 ප්‍රහාරය විමර්ශනය කිරීමට තමා පත්කළ මලල්ගොඩ කමිටුවේ වාර්තාව වෙනස් කළ හැකි යැයි තමා පැවසු බවට එල්ලවන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ කියා සිටියේ ය
2020-10-17T20:48:30.000Z
පූගොඩ පොලිස් අත්අඩංගුවේ සිටි සැකකරුවෙකු මිය යාම: සැරයන්වරයෙකු හා පිටස්තර 07 දෙනෙකු අත්අඩංගුවට
අත්අඩංගුවේ සිටි අයෙකු මිය යාම: සැරයන්වරයෙකු දැලේ
COLOMBO (News 1st) – පූගොඩ පොලිස් අත්අඩංගුවේ සිටි සැකකරුවෙකු මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් සැරයන්වරයෙක් සහ පිටස්තර පුද්ගලයින් 07 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.
2020-10-17T20:39:14.000Z
අප්‍රේල් 21 ප්‍රහාරය පිටුපස ඇති රහසිගත සිදුවීම් ඉදිරියේදී හෙළි කරනවා - හිටපු පොලිස්පති පූජිත් ජනපති කොමිසමේදී කියයි
අප්‍රේල් 21 ප්‍රහාරයේ රහස් ඉදිරියේදී හෙළි කරනවා
COLOMBO (News 1st) – අප්‍රේල් 21 ප්‍රහාරය පිටුපස රහසිගත සිදුවීම් රැසක් තිබෙන බවත්, ඒවා ඉදිරියේදීත් හෙළි කරන බවත් අප්‍රේල් 21 ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම් හමුවේ ඊයේ 12 වැනි දිනටත් සාක්ෂි ලබා දෙමින් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ප්‍රකාශ කළේ ය. ශ්‍රී ලංකා පොලීසිය ඉමහත් දුෂ්කර තත්වයන් යටතේ රාජකාරි සිදු කරන නමුත් ඔවුන්ගේ රාජකාරියට බාධා පැමිණෙන අවස්ථා කිහිපයක් ඇතැයි පූජිත් ජයසුන්දර මහතා පෙන්වා දුන්නේ ය. විදේශ මුදල්, දේශපාලනය , තමන්ට තොරතුරු ලබා දුන් පුද්ගලයන්ගේ පාවාදීම් , විවිධ පර්යේෂණ වෙනත් මගකට යොමුවීම් සහ වෙනත් අභිරහස් හේතූන් ඒ අතර වන බව ඔහු කියා සිටියේ ය. එමෙන්ම බොළඳ හේතුන් මත තමාව ජාතික ආරක්ෂක කවුන්සිලයෙන් නෙරපා දැමූ බව ද තමා වෙනුවෙන් කවුන්සිලයට ගෙන්වූ නිලධාරියා හට තමන්ට තොරතුරු ලබා නොදෙන තත්ත්වයකට එවක බලධාරීන් කටයුතු කළ බව ද සාක්ෂි ලබා දෙමින් හිටපු පොලිස්පතිවරයා පැවසුවේ ය. මේ අවාසනාවන්ත සිදුවීමෙන් පසු හුදෙක් පොලිස්පති පමණක් ප්‍රහාරයට වග කිව යුතු යැයි කියා නිගමනය කර කොමිසම තමාගෙන් ප්‍රශ්න කරන්නේ දැයි පූජිත් ජයසුන්දර එක් අවස්ථාවකදී කොමිසමෙන් විමසුවේ ය. අප්‍රේල් මස 19 වනදා තම නිවසට පොලිස් විශේෂ කාර්යාංශය මගින් මෙන්ම රාජ්‍ය බුද්ධි සේවාව මගින් වාර්තා දෙකක් ලැබුණු බව හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා කොමිසම හමුවේ අනාවරණ කළේ ය. අප්‍රේල් 16 වැනිදා කාත්තන්කුඩිය , පාලම්කුඩා ප්‍රදේශයේ සිදුවූ බයිසිකල් බෝම්බ පිපිරීම සහරාන්ගේ පෙරහුරුවක් බව දන්වා ඇති අතර පිපිරීමට ලක්වූ යතුරු පැදියේ චැසි අංකය අනුව පරීක්ෂණ සිදු කර අදාළ යතුරුපැදිය හිමි පුද්ගලයා සොයා අදාළ සිදුවීමට සම්බන්ධ සැකකරුවන් ලුහුබැඳීමට උපදෙස් දී ඇතැයි රාජ්‍ය බුද්ධි සේවාව ලබා දුන් වාර්තා සඳහන්ව තිබුණු බව පූජිත් ජයසුන්දර මහතා කොමිසම හමුවේ පිළිගත්තේ ය. එලෙස සැකකරුවන් ලුහුබැඳීමට බුද්ධි සේවය ලබාදුන් වාර්තාවේ දක්වා ඇත්තේ, 2019 අප්‍රේල් මස 4 වනදා ශ්‍රී ලංකාවට ත්‍රස්ථ ප්‍රහාරයක් එල්ලවිය හැකි යැයි ලැබුණු විදෙස් බුද්ධි තොරතුර සනාථ කරගැනීම වෙනුවෙන් බව කොමිසමේදී හෙළිවුණි. කොමිසම හමුවේ අනාවරණය වූයේ, පූජිත් ජයසුන්දර මහතා රාජ්‍ය බුද්ධි සේවය , යතුරුපැදි පිපිරීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයා වෙත නිකුත් කළ වාර්තාව සම්බන්ධයෙන් පියවර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මැයි 5 වනදාට ප්‍රගති වාර්තාවක් ලබා දෙන මෙන් නියෝග කොට යවා ඇත්තේ 21 ප්‍රහාරය සිදුවීමෙන් පසුව තම කාර්යාලයට ගොස් සිටි අවස්ථාවක බවයි.
2020-10-17T20:34:44.000Z
රාජිත , පාඨලී , අර්ජුන ඇතුළු පිරිසකට දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනපති කොමිසමෙන් නොතීසි
රාජිත, පාඨලී , අර්ජුන ඇතුළු පිරිසකට නොතීසි
COLOMBO (News 1st) – හිටපු අමාත්‍යවරුන් වන රාජිත සේනාරත්න , පාඨලී චම්පික රණවක , අර්ජුන රණතුංග සහ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක යන මහත්වරුන් ඇතුළු පිරිසකට ලබන 21 වැනිදා දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින්නැයි දන්වා නොතීසි නිකුත් කෙරිණි. ඒ , ප්‍රධාන පොලිස් පරීක්ෂක තිස්ස පිලපිටිය මහතා කොමිසමට කළ පැමිණිල්ලකට ආදාළවයි. මීට අමතරව හිටපු නාවික හමුදාපති අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා සහ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ හිටපූ අධ්‍යක්ෂ ජනරාල් ජනාධිපති නීතිඥ දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය ඇතුළු පිරිසකට ද එදිනම කොමිසම හමුවේ පෙනී සිටින්නැයි දන්වා නොතිසි නිකුත් කෙරිණි. ඇවන්ගාඩ් හෙවත් සමුද්‍රීය ආරක්ෂාව සම්බන්ධයෙන් කළ විමර්ශනයේදී හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට කෙසේ හෝ නඩු පැවරීමට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ බලපෑම් කළ බව ප්‍රධාන පොලිස් පරීක්ෂක තිස්ස පිලපිටිය මහතා ප්‍රකාශ කළේ ය. ඔහු සඳහන් කළේ, ඇවන්ගාඩ් හෙවත් පාවෙන අවි ගබඩාව සම්බන්ධයෙන් 2015 වසරේදී තමා සහ ප්‍රධාන පොලිස් පරීක්ෂක මල්ලිකාරච්චි නැමැත්තා මූලික විමර්ශන කළ බවයි. අදාළ විමර්ශනයේදී පුද්ගලයින් 200 දෙනෙකුට ආසන්න පිරිසකගෙන් ප්‍රකාශ සටහන් කර ගත් අතර ගෝඨාභය රාජපක්ෂ , මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු සහ ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති යන මහත්වරුන් ඇතුළු පිරිසට එරෙහිව නඩු පැවරීමට තරම් ප්‍රබල සාක්ෂි අණාවරණය නොවූ බව පිලපිටිය මහතා සඳහන් කළේ ය. නීතිපති දෙපාර්තමේන්තුව ද ඒ පිළිබඳව දැනුම්දී තිබියදීත් ගෝඨාභය රාජපක්ෂ මහතාව ප්‍රකාශයක් සටහන් කර ගැනීමට අල්ලස් කොමිසමට කැඳවූ බව ප්‍රධාන පොලිස් පරීක්ෂක තිස්ස පිලපිටිය මහතා වැඩිදුරටත් සඳහන් කළේ ය. ඔහු පැවසුවේ , රාජපක්ෂ මහතාගෙන් ප්‍රකාශ සටහන් කර ගන්නා ස්ථානයේ CCTV කැමරා පද්ධති සවි කරමින් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය සහ කොමිසමේ තවත් උසස් නිලධාරියෙකු වෙනත් ස්ථානයක සිට එය නිරීක්ෂණය කළ බවයි. ඉන් නොනැවතුණු එම නිලධාරීන් ගෝඨාභය රාජපක්ෂගෙන් විමසිය යුතු ප්‍රශ්න ඇතුළත් කොළ කෑලි කිහිපයක් විමර්ශන නිලධාරීන් අතට පත් කර එම නිලධාරීන්ද මානසික වශයෙන් පීඩාවට ලක් කළ බව පිලපිටිය මහතා සඳහන් කළේ ය. කොමිසම විමසා සිටියේ අදාළ කොළ කෑලිවල ඇතුළත් ප්‍රශ්න මොනවා ද යන්නයි. "විමර්ශනයට කිසිසේත් අදාළ නොවන ප්‍රශ්න එහි ඇතුළත්ව තිබුණා " සාක්ෂිකරු ප්‍රකාශ කළේ ය. අනතුරුව ඇවන්ගාඩ් විමර්ශනය වෙනත් නිලධාරින් දෙදෙනෙකු අතරට පත්කරමින් ගෝඨාභය රාජපක්ෂ , පාලිත ප්‍රනාන්දු , නිශ්ශංක සේනාධිපති යන මහත්වරුන් ඇතුළු පිරිසට එරෙහිව නඩු පවරා ඇතැයි ප්‍රධාන පොලිස් පරීක්ෂක තිස්ස පිලපිටිය මහතා සඳහන් කළේ ය.
2020-10-17T21:03:37.000Z
සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කරන්න - ශ්‍රී ලංකා වාප්පු සේවා සංගමය රේගු අධ්‍යක්ෂකගෙන් ඉල්ලයි
වාප්පු සේවා සංගමයෙන් ඉල්ලීමක්
COLOMBO (News 1st) – රේගු නිෂ්කාශන කටයුතවල නිරතවන තම සාමාජිකයින්ගේ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කරන ලෙස ශ්‍රී ලංකා වාප්පු සේවා සංගමය රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ඉල්ලීමක් කරයි. නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය පවසන්නේ , නිෂ්කාශන ලියවිලි භාරදීමට තම නියෝජිතයින් හා ලිපිකරුවන් දිගු පෝලිම්වල පැය ගණනාවක් රැඳී සිටින බවයි. පවතින කොරෝනා ව්‍යාප්තිය හමුවේ සෞඛ්‍ය නිර්දේශ ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් තමන් අවදානමකට ලක් වී ඇති බව ලංකා වාප්පු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් ඩී.අයි ආබ්ඩීන් මහතා සඳහන් කළේ ය. මේ පිළිබදව ශ්‍රී ලංකා රේගුවෙන් විමසීම එහි මාධ්‍ය ප්‍රකාශකවරයා සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළ ද ඔහු ප්‍රතිචාර දැක්වූයේ නැහැ.
2020-10-17T20:04:04.000Z
ඉදිරි මාස දෙක තුළ වැසි රහිත කාලගුණයක්
ඉදිරි මාස දෙක තුළ වැසි රහිත කාලගුණයක්
COLOMBO (News 1st) – ඉදිරි මාස දෙකක කාලය තුළ දිවයින ආශ්‍රිත වැසි රහිත කාලගුණ තත්ත්වයක් අපෙක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එහි අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා සඳහන් කළේ , ගෝලීය වශයෙන් කාලගුණයේ පවතින සංසිද්ධියක් වන ලානිනා තත්ත්වයක් මීට හේතු වී ඇති බවයි.
2020-10-17T19:33:17.000Z
නවක වෛද්‍යවරුන් 1117 දෙනෙකුට පත්වීම්
නවක වෛද්‍යවරුන් 1117 දෙනෙකුට පත්වීම්
COLOMBO (News 1st) – නවක වෛද්‍යවරුන් 1,117 දෙනෙකුට සීමාවාසික පත්වීම් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ, Online ක්‍රමවේදය ඔස්සේ පිළිවෙළ කළ එම පත්වීම්ලාභීන්ගේ නාම ලේඛනය සෞඛ්‍ය අමාත්‍යාංශ වෙබ් අඩවියේ පළ කර ඇති බවයි. ඔවුන් ලබන 20 වැනිදා සේවා ස්ථාන වෙත වාර්තා කළ යුතු බව වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා දැනුම් දෙයි.
2020-10-17T20:23:04.000Z
නඩුවක් නිසා සරසවි කඩයිම් ලකුණු නිකුත් කිරීම නීතිපති උපදෙස් මත
සරසවි කඩයිම් ලකුණු නිකුත් කිරීම නීතිපති උපදෙස් මත
COLOMBO (News 1st) – 2019 උසස් පෙළ විභාග ප්‍රතිඵල මත විශ්වවිද්‍යාලවලට බඳවා ගැනීමේ කඩඉම් ලකුණු මේ වනවිට සකස් කර ඇති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම පවසයි. එහි උප සභාපති මහචාර්ය ජනිතා ලියනගේ මහත්මිය සඳහන් කළේ , ඊට අදාළව පවතින නඩුවක් හේතුවෙන් එම ලකුණු නිකුත් කිරීමට නොහැකි වී ඇති බවයි. නීතිපති උපදෙස් අනුව නඩුවට අදාළ ඉදිරි පියවර ගැනීමෙන් අනතුරුව කඩඉම් ලකුණු නිකුත් කරන බව ඇය පැවසුවා ය. මෙවර විශ්වවිද්‍යාල සඳහා 40,000 කට ආසන්න සිසුන් සංඛ්‍යාවක් බඳවා ගැනීමට සැලසුම් කර තිබේ.
2020-10-17T10:41:49.000Z
20 පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේදී ජනමත විචාරණයකට තුඩු දෙන සංශෝධන ඉදිරිපත් කරන්නේ නැහැ - අධිකරණ අමාත්‍යාංශය
20 ගැන අධිකරණ අමාත්‍යංශයෙන් දැනුම්දීමක්
COLOMBO (News 1st) - 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේදී ජනමත විචාරණයකට තුඩු දෙන සංශෝධන ඉදිරිපත් නොකරන බව අධිකරණ අමාත්‍යාංශය පවසයි. අධිකරණ අමාත්‍යාංශය පවසන්නේ, 21 වැනි දා ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට දැනුම් දීමෙන් පසු ඊට අදාළව කටයුතු කරන බවය. ආණ්ඩුව යෝජනා කර ඇති සංශෝධනයන් මේ වනවිට ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර ඇති නිසා අදාළ සංශෝධනයන්හි වෙනසක් සිදු වන්නේ නම් මන්ත්‍රීවරුන්ගේ එකඟතාව මත එය සිදුවන බව අධිකරණ අමාත්‍යාංශය පැවසීය. එමෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදෙන තීන්දුවලට අනුව අදාළ සංශෝධනයන් සිදු කරන බව ද අධිකරණ අමාත්‍යාංශය සඳහන් කළේය.
2020-10-17T09:54:10.000Z
මලල්ගොඩ කමිටුවේ වාර්තාව වෙනස් කළ හැකි යැයි මා පැවසු බවට එල්ලවන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරනවා - හිටපු ජනපති මෛත්‍රීපාල
මලල්ගොඩ කමිටු වාර්තාව වෙනස් කරන්න උපදෙස් දුන්නේ නෑ
COLOMBO (News 1st) - අප්‍රේල් 21 ප්‍රහාරය විමර්ශනය කිරීමට තමා පත්කළ මලල්ගොඩ කමිටුවේ වාර්තාව වෙනස් කළ හැකි යැයි තමා පැවසු බවට එල්ලවන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද කියා සිටියේ ය. ඔහු එසේ පැවසුවේ, ප්‍රහාරය සම්බන්ධයෙන් විමසා බලන ජනාධිපති කොමිසම හමුවේ සිව්වැනි දිනටත් සාක්ෂි දෙමිනි. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකුගේ ප්‍රධානත්වයෙන් පත්කළ කමිටුවක වාර්තාවක් එලෙස වෙනස් කිරීමට තරම් තමා පහත් අමනෝඥ තත්ත්වයකට පත් නොවන බව මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවේ ය. ඔහු පැවසුවේ, කමිටුව පත් කිරීමේදී සම්පූර්ණ කාර්ය භාරය ඉටු කළේ එවක ජනාධිපති ලේකම් උදය සෙනෙවිරත්න මහතා බවයි. මේ අතර අන්තවාදය සම්බන්ධයෙන් බුද්ධි අංශ වෙතින් ලැබී තිබුණු වාර්තා අනුව එය වැළැක්වීම සඳහා තමා අවශ්‍ය උපදෙස් හා නියෝග දුන් බවට ලිඛිත සාක්ෂි ඉදිරිපත් කිරීමට මේ අවස්ථාවේ හැකියාවක් නොමැති බවත් එම සාකච්ඡාවලට අදාළ ලේඛන ජනාධිපති ලේකම් කාර්යාලයේ ඇතැයි අනුමාන කරන බවත් හිටපු ජනාධිපතිවරයා පැවසුවේ ය. හිටපු ආරක්ෂක ඇමතිවරයා ලෙසත්, නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යවරයා ලෙසත් විධායක ජනාධිපතිවරයා ලෙසත් ඔබතුමා දෙන ලද උපදෙස් හා නියෝග ක්‍රියාත්මක වී නැත්දැයි අතිරේක සොලිසිටර් ජනරාල්වරිය විමසුවාය. හිටපු ජනාධිපතිවරයා පැවසුවේ, තමා උපදෙස් හා නියෝග ලබාදී තිබුණත් පහළ සිටින නිලධාරීන් ඒවා නිසි පරිදි ක්‍රියාත්මක කර නොමැති බවක් පෙනෙන්නට ඇති බවය. ඒවා ක්‍රියාත්මකවීම ගැන නිසි පරිදි පසුවිපරමක් සිදුව නොමැති බව පෙනෙන්නට තිබෙනවා නේදැයි අතිරේක සොලිසිටර් ජනරාල්වරිය විමසුවාය. ඔහුගේ පිළිතුර වූයේ ''මම නිසි පරිදි උපදෙස් දීලා තිබෙන්නේ. පහළ නිලධාරීන් ඒවා ක්‍රියාත්මක නොකිරීමේ ප්‍රශ්නයක් තිබෙන්නේ. එසේ ක්‍රියාත්මක වූවා නම් මෙවැනි තත්ත්වයකට මුහුණ දෙන්න වෙන්නේ නැහැ."යන්නයි. ජනාධිපතිවරයා ලෙස සිය පාලන කාලය තුළ පැවති අර්බුදකාරී දේශපාලන වාතාවරණය මත නිසි උපදෙස් නොලැබීම නිසා අන්තවාදීන්ට බෝම්බ පිපිරවීමට හැකිව ඇති බවට යෝජනා කිරීම නිවැරදි දැයි කොමිසම විමසුවේ ය. හිටපු ජනාධිපතිවරයාගෙන් සාක්ෂි විමසීම අද අවසන් කෙරුණු අතර හරස් ප්‍රශ්න විමසීම ලබන 22 වැනි දා පස්වරු 4.00ට ආරම්භ කිරීමට නියමිය.
2020-10-17T08:40:51.000Z
මිනුවන්ගොඩ කොරෝනා පොකුර 2,000 ඉක්මවයි
මිනුවන්ගොඩ කොරෝනා පොකුර 2,000 ඉක්මවයි
COLOMBO (News 1st) - මිනුවන්ගොඩ කොරෝනා පොකුරේ ආසාදිත සංඛ්‍යාව 2,000 ඉක්මවා ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව මේ වනවිට වාර්තා වන මුළු කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2014 කි. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ, අද දිනයේ වාර්තා වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 115 ක් බවයි.
2020-10-17T08:31:07.000Z
800 චිත්‍රපටියට පළ කර ඇති විරෝධයට මුරලි ප්‍රතිචාර දක්වයි
800 චිත්‍රපටියට පළ කළ විරෝධයට මුරලිගේ ප්‍රතිචාරය
COLOMBO (News 1st) - මෙරටින් බිහි වූ විශිෂ්ට ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන මුත්තයියා මුරලිදරන් මහතාගේ ජීවිත කතාව පාදක කර ගනිමින් නිර්මාණය කෙරෙන දෙමළ චිත්‍රපටය සම්බන්ධයෙන් අද වනවිට විවිධ කතා බහ ඇති වී තිබේ. දකුණු ඉන්දියානු කලාකරුවන් පිරිසක් චිත්‍රපටයට විරෝධය පළ කර ඇති අතර මුත්තයියා මුරලිදරන් මහතා නිවේදනයක් නිකුත් කර තිබෙන්නේ ඊට ප්‍රතිචාර දක්වමිනි. 800 ලෙස නම් කර ඇති මෙම චිත්‍රපටයේ මුරලිදරන්ගේ චරිතය රඟ දක්වන්නේ දකුණු ඉන්දියානු සුපිරි නළුවෙකු වන විජේයි සේතුපති. ඔහු රඟපෑමෙන් ඉවත් විය යුතු බවට දකුණු ඉන්දියානු කලාකරුවන් පිරිසක් විරෝධය පළ කර තිබේ. මුරලිදරන් මහතා ශ්‍රී ලංකාවේ දේශපාලනඥයින්ට සහය දක් වූ අයෙකු බවත් ඔහුට දෙමළ ජාතිය පිළිබඳ හැඟීමක් නොමැති බවත් දකුණු ඉන්දියානු කලාකරුවන් පිරිස ප්‍රකාශ කර ඇත. මුරලිදරන් මහතා සිය නිවේදනය නිකුත් කර තිබෙන්නේ පවතින ආන්දෝලනාත්මක තත්ත්වය අවසන් කිරීමේ බලාපොරොත්තුවෙනි. තමා මෙම ස්ථානයට පැමිණියේ විශාල බාධක රැසක් මැද බවත්, ක්‍රීඩාව තුළ මෙන්ම පෞද්ගලික ජීවිතය තුළ ද බාධකවලට එකලෙස මුහුණ දී ඇති බවත් ඔහුගේ නිවේදනයේ දැක්වේ. චිත්‍රපටය නිෂ්පාදනය කිරීමට තමා හමුවට පැමිණි පළමු අවස්ථාවේදී තමා වැඩි කැමැත්තක් නොදැක්වු බව පවසන ඔහු සඳහන් කර ඇත්තේ මුරලිදරන් නමැති පුද්ගලයා බිහිකළ ලෝක වාර්තා ඔහුට පමණක් අයත් දේ නොවන බවයි. එම වාර්තා පසුපස සිය මවුපියන්, ගුරුවරුන්, පුහුණුකරුවන්, එක්ව ක්‍රීඩා කළ ක්‍රීඩකයින් සිටින බැවින් ඔවුන්ට ද එහි ස්ථානයක් ලැබිය යුතුය යන අදහස ඇතිව තමා චිත්‍රපටයට කැමැත්ත පළ කළ බව ද නිවේදනයේ සඳහන් ය. ශ්‍රී ලංකාවේ තේ වතු අශ්‍රිතව කුලී රැකියා කළ පුද්ගලයින් ලෙස තම පවුලේ සාමාජිකයින් ජීවන ගමන ආරම්භ කළ බවත් වසර 30 කට වැඩි කාලයක් පැවති යුද්ධයෙන් පළමුව පීඩාවට පත් වුණේ ඉන්දියානු සංක්‍රමණිකයින් වන වතු කම්කරු දෙමළ ජනතාව බවත් මුරලිදරන් මහතාගේ නිවේදනයේ සඳහන් ය. ශ්‍රී ලංකාවේ 70 දශකයේදී දෙමළ ජනතාවට එරෙහිව ඇති වූ සිදුවීම්, ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරකම්, ඉන් පසු ඇති වූ බෝම්බ ප්‍රහාර වැනි දේවල්වලින් අප දැඩි ලෙස තමන් පීඩාවට පත් වූ බව ද මුරලිදරන් මහතා පෙන්වා දී තිබේ. ඔහු පවසා ඇත්තේ, තමාට වයස අවුරුදු 7 ක්ව තිබියදී තම පියාට තුවාල සිදු කළ අතර ඥාතීන් කිහිපදෙනෙකු අහිමි වී ජීවන වෘත්තිය කරගත නොහැකිව පාරට වැටුණු අවස්ථා බොහොමයක් තිබු බව ද මුරලිදරන් මහතාගේ නිවේදනයේ සඳහන්වේ. එබැවින්, යුද්ධයෙන් ඇති වූ පීඩාව හා වේදනාව තමා හොඳින් දන්නා බව ද මුරලිදරන් මහතා පවසයි. තම ජීවන ගමන සිදු වූයේ වසර 30 ක් පුරා යුද්ධයක් පැවැති ශ්‍රී ලංකාවේ බව පෙන්වා දෙන මුත්තයියා මුරලිදරන් මහතා සඳහන් කර ඇත්තේ, එවැනි අවස්ථාවක ක්‍රිකට් කණ්ඩායමට තේරී වාර්තා පිහිටුවීමට සමත් වීම 800 චිත්‍රපටයෙන් නිරූපණය වන බවයි.
2020-10-17T07:48:15.000Z
නිරෝධායනය වන දරුවෝ විභාග ශාලාවලට ඇවිල්ලා තියෙනවා - ලංකා ගුරු සංගමය
"A/L විභාගය ගැන තීරණයක් ගන්නවා"
COLOMBO (News 1st) - කොරෝනා වසංගතයත් සමග උසස් පෙළ විභාගයට අදාළව මතුව ඇති ප්‍රායෝගික ගැටලු කිහිපයක් පිළිබඳව ලංකා ගුරු සංගමය අද කරුණු පැහැදිලි කර තිබේ. ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා, මතුවෙලා තියෙන ප්‍රශ්නයක් තමයි නිරෝධායනය ලක්වන දරුවෝ විභාග ශාලාවලට ඇවිල්ලා තියෙනවා. ඒ ළමයි සම්බන්ධයෙන් අපි කටයුතු කරනවා. ඒක ප්‍රශ්නයක් නැහැ. නමුත් මේ ළමයි විභාග ශාලාවෙන් එළියට එද්දී ඇතැම් අවස්ථාවල මේ ළමයි අනිත් ළමයි එක්ක මුසු වෙනවා. මේවා සම්බන්ධයෙන් වැඩපිළිවෙලක් ඕනේ. මහජන සෞඛ්‍ය පරීක්ෂක විභාග ශාලා සම්බන්ධයෙන් හරි නිරීක්ෂණයකට ලක් කරන්න ඕනේ. මේ විභාග මධ්‍යස්ථානවල සනීපාරක්ෂක ක්‍රියාමාර්ග සඳහා ලබාදීලා තියෙන්නේ දවස් 22 ටම රුපියල් 1000/=. ඒ රුපියල් 1000/= මොකක්ද කරන්න පුළුවන්? අද වෙනකම් මේ මුදල වැඩි කිරීම සම්බන්ධයෙන් පියවරක් අරගෙන නැහැ. ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා, අපි තව දවස් දෙක තුනක් ඇතුළත තීරණයක් ගන්නවා මේ විභාගය මේ විදිහට පවත්වාගෙන යන්න පුළුවන් ද බැරිද කියලා. එහෙම වුණොත් අපි විභාග රාජකාරිවලින් ගුරුවරු සහ විදුහල්පතිවරු ඉවත් කරගන්න තීරණය කරනවා. ගුරුවරු ළමයින්ට තියෙන දයාව නිසා තමයි මේ විභාගය මේ අනතුරුදායක තත්ත්වය යටතේ පවත්වාගෙන යන්නේ. මේක වැරදි විදිහට පාවිච්චි කරන්න එපා කියලා අපි ආණ්ඩුවට කියනවා. https://www.facebook.com/NewsfirstSL/videos/382084122932417/
2020-10-17T07:26:50.000Z
මාධ්‍යවේදියාට කොරෝනා ආසාදිත නොමැති බව තහවුරු වෙයි
මාධ්‍යවේදියාට කොරෝනා නැහැ
COLOMBO (News 1st) - කොරෝනා ආසාදිත බවට තහවුරු කළ මාධ්‍යවේදියාට සිදු කළ දෙවැනි පී.සී.ආර් පරීක්ෂණයෙන් ඔහු ආසාදිතයෙකු නොවන බව තහවුරු වී තිබේ. ඉකුත් 13 වැනි දා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත් වූ මාධ්‍ය හමුවට සහභාගී වූ මාධ්‍යවේදියෙකු කොවිඩ් ආසාදනයට ලක් ව ඇතැයි සැකකරන බවත් ඒ සම්බන්ධව තවදුරටත් පරීක්ෂණ කරන බවත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඊයේ නිවේදනය කළේ ය.
2020-10-17T07:02:47.000Z
මිනුවන්ගොඩ කොරෝනා පොකුර 1972 දක්වා ඉහළට
මිනුවන්ගොඩ කොරෝනා පොකුරෙන් තව ත් 73 ක්
COLOMBO (News 1st) - මිනුවන්ගොඩ කොරෝනා පොකුරෙන් තව ත් ආසාදිතයින් 73 දෙනෙකු අද හඳුනා ගෙන තිබේ. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ, නිරෝධායන මධ්‍යස්ථානවල රඳවා සිටින බ්‍රැන්ඩික්ස් ආයතනයේ කාර්ය මණ්ඩලයේ ආශ්‍රිතයින් දෙදෙනෙකු මෙන්ම ඔවුන්ගේ ආශ්‍රිතයින් 71 දෙනෙකු එලෙස හඳුනා ගැනුණු බවයි. ඒ අනුව මිනුවන්ගොඩ කොරෝනා පොකුරේ සංඛ්‍යාව 1972 ක් දක්වා ඉහළ ගොස් තිබේ. අද වනවිට මෙරටින් හඳුනාගෙන ඇති ආසාදිතයින් සංඛ්‍යාව 5427 කි. ආසාදිතයින් 2019 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි.
2020-10-17T06:51:13.000Z
'පොඩි ලැසී'ගේ ගිනි අවියක් සහ මෝටර් රථයක් CID භාරයට
'පොඩි ලැසී'ගේ ගිනි අවියක් සහ මෝටර් රථයක් CID භාරයට
COLOMBO (News 1st) - අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයේ (CID)සිටින ජනිත් මධුසංඛ නොහොත් 'පොඩි ලැසී'ගෙන් ප්‍රශ්න කිරීමේදී ගිනි අවියක් සහ අපරාධක් සඳහා යොදා ගැනීමට සැලසුම් කළ මෝටර් රථයක් හා ලොරියක් සොයා ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
2020-10-17T05:36:20.000Z
කොළඹ නැව් තටාංගනයේ සේවකයෙකුටත් කොරෝනා
කොළඹ නැව් තටාංගනයේ සේවකයෙකුටත් කොරෝනා
COLOMBO (News 1st) - ගාල්ල, කිතුලන්පිටිය ප්‍රදේශයේ පුද්ගලයෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ. දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චන්දිම සිරිතුංග මහතා සඳහන් කළේ, ඔහු කොළඹ නැව් තටාංගනයේ සේවය කරන පුද්ගලයෙකු බවයි. ඔහුගේ බිරිඳ, දරුවන් දෙදෙනා ඇතුළු ආශ්‍රිතයින් කිහිපදෙනෙකු පී.සී.ආර් පරීක්ෂණ සඳහා යොමු කිරීමට පියවර ගෙන ඇති බව ද වෛද්‍යවරයා පැවසීය. මේ වනවිට මාතර සහ තිස්සමහාරාමයේ පුද්ගලයින් දෙදෙනෙකුට ද කොරෝනා ආසාදනය වී ඇති අතර පළාතේ 1500 කට අධික පිරිසක් නිරෝධායනය සඳහා යොමු කර ඇති බව දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා සඳහන් කළේ ය.
2020-10-17T05:22:43.000Z
මහජනතාවට තැපෑල, දුරකතන හා විද්‍යුත් තැපෑල ඔස්සේ ජනාධිපති කාර්යාලය හා සම්බන්ධවීමට අවස්ථාව
මහජනතාවට ජනාධිපති කාර්යාලය හා සම්බන්ධවීමට අවස්ථාව
COLOMBO (News 1st) - පවතින කොරෝනා ව්‍යාප්තිය හමුවේ ජනාධිපති කාර්යාලයේ සේවා සඳහා තැපෑලෙන් දුරකතනයෙන් හා විද්‍යුත් තැපැල් සේවය ඔස්සේ මහජන ඉල්ලීම්වලට ප්‍රතිචාර දැක්වීමට සැලසුම් කර ඇති බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි. ඒ අනුව ජනාධිපති කාර්යාලයේ මහජන සම්බන්ධතා අංශය 011 4 354 550 / 011 2 354 550 යන දුරකතන අංක ඔස්සේත් ඔම්බුස්මන් කාර්යාලය 011 2 338 073 යන දුරකතන අංකය ඔස්සේත් සම්බන්ධ කරගත හැකිය. ජනාධිපති අරමුදල සඳහා 011 2 354 354 අමතා 4800 සහ 4814 යන දිගු අංක අමතන ලෙස ද ජනාධිපති මාධ්‍ය අංශය දැනුම් දෙයි. ජනාධිපති කාර්යාලය නිකුත් කළ නිවේදනය පහත පරිදී වේ....
2020-10-17T04:35:06.000Z
ඕමන්තේදී තියුණු ආයුධයකින් පහර දී දෙදෙනෙකු ඝාතනය කෙරේ
ඝාතනයකින් කෙළවර වූ පෞද්ගලික ආරවුල...
COLOMBO (News 1st) - ඕමන්ත, මානික්කවලව්ව ඉලුප්පයිකුලම් ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනය කර තිබේ. පොලීසිය පැවසුවේ, පහරදීමෙන් තුවාල ලැබූ තවත් අයෙකු බරපතල තත්ත්වයෙන් වව්නියාව රෝහලේ ප්‍රතිකාර ලබන බවය. අද උදෑසන පොලීසියට ලැබුණු නිර්නාමික දුරකතන අමතුමක් අනුව කළ පරීක්ෂාවකදී නිවසක් තුළ තිබී මෙම මළ සිරුරු සොයාගත් බව පොලීසිය පැවසීය. සැකකරු වව්නියාව පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර පෞද්ගලික ආරවුලක් මත ඝාතන සිදු ව ඇතැයි පරීක්ෂණවලදි හෙළිව තිබේ. මිය ගිය පුද්ගලයින් අවුරුදු 34 හා 42 යන වයස්වල පසුවන්නන් ය.
2020-10-17T04:31:00.000Z
රඹුක්කන Lockdown ගම්මාන 5ක් යළි විවෘත කෙරේ
රඹුක්කන Lockdown ගම්මාන 5ක් යළි විවෘත කෙරේ
COLOMBO (News 1st) : කොරෝනා ආසාදිතයින් හමුවීමත් සමග කෑගල්ල දිස්ත්‍රික්කයේ රඹුක්කන ආශ්‍රිත ගම්මාන 5 කට පැනවූ සංචරණ සීමා ඉවත් කර තිබේ. කෑගල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ පද්මකුමාර් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ, රඹුක්කන , සමන්තාගම ප්‍රදේශය තවදුරටත් හුදකලා කර ඇති බවයි. මේ අතර කටුනායක ආයෝජන කලාපයේ පුද්ගලයින් 170 දෙනෙකුට මේ වනවිට කොරෝනා ආසාදනය වී ඇති බව දැනට සිදුකළ PCR පරීක්ෂණවලදී තහවුරු වී තිබේ.
2020-10-17T04:10:20.000Z
සති අන්තයේ ගමන් බිමන් සීමා කරන්න - යුද හමුදාපතිගෙන් ඉල්ලීමක්
සති අන්තයේ ගමන් බිමන් සීමා කරන්න
COLOMBO (News 1st) : සති අන්තයේ සංචරණය සීමා කරමින් කොරෝනා ව්‍යාප්තිය පාලනයට සහය වන ලෙස යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. ඔහු ප්‍රකාශ කළේ, ඇඳිරි නීතිය පනවා නොමැති ප්‍රදේශ වලින්ද කොරෝනා ආසාදිතයින් හමුවීම හේතුවෙන් ජනතාව වඩාත් සැලකිලිමත් විය යුතු බවයි. යුද හමුදාපතිවරයා ප්‍රකාශ කළේ, මිනුවන්ගොඩ කොරෝනා පොකුරෙන් ආසාදිතයින් 110 දෙනෙකු ඊයේ(16) දිනයේ වාර්තා වූ බවයි. මේ අතර මේ වනවිට මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 5354 කි. ඉන් 1956 දෙනෙකු මේ වනවිට රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටී. මෙරට කොරෝනා ආසාදිතව සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 3385 කි.
2020-10-17T04:13:51.000Z
දිවයිනේ සියලුම සත්වෝද්‍යාන තාවකාලිකව වැසේ
දිවයිනේ සියලුම සත්වෝද්‍යාන තාවකාලිකව වැසේ
COLOMBO (News 1st) - දිවයිනේ සියලුම සත්වෝද්‍යාන නැවත දැනුම් දෙන තුරු තාවකාලිකව වසා දමා තිබේ.
2020-10-17T04:40:12.000Z
මෙරටින් පිටව යන ගුවන් මගීන්ට PCR පරීක්ෂණය අනිවාර්ය කෙරේ
මෙරටින් යන ගුවන් මගීන්ට PCR පරීක්ෂණ අනිවාර්යයි
COLOMBO (News 1st) : මෙරටින් පිටව යන ගුවන් මගීන්ට පැය 72 ක් ඇතුළත PCR පරීක්ෂණය සිදු කිරීම අනිවාර්ය කර තිබේ. ගුවන්තොටුපොළ හා ගුවන් සේවා අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ , හෙට පස්වරු 6.00 සිට අදාළ තීරණය බලාත්මක වන බවයි. සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිර්දේශ කරන ලද රෝහල්වලින් එම PCR පරීක්ෂණය සිදුකර ගත යුතු බව ද එම අධිකාරිය සඳහන් කළේ ය.
2020-10-17T02:22:33.000Z
රුපියල් කෝටි 10 ක හෙරොයින් කොටිකාවත්තේදී අල්ලයි..
කොටිකාවත්තෙන් රු. කෝටි 10 ක හෙරොයින්..
COLOMBO (News 1st) : රුපියල් කෝටි 10ක වටිනාකමක් යුත් හෙරොයින් තොගයක් කොටිකාවත්ත ප්‍රදේශයෙන් සොයාගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා සඳහන් කළේ, එහි ප්‍රමාණය කිලෝග්‍රෑම් 10ක් බවයි. දැනට කොළඹ අපරාධ කොට්ඨාසය භාරයේ පසුවන ප්‍රබල පාතාල කල්ලි නායක මාකඳුරේ මධුෂ් නැමැත්තාගෙන් ප්‍රශ්න කිරීමේදී ඔහු පවසා ඇත්තේ අපරාධ කොට්ඨාසය භාරයේම පසුවන මොහොමඩ් සුහයිර් නැමැත්තා සඟවා තැබූ හෙරොයින් තොගයක් පවතින බවයි. ඒ අනුව ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීමේදී මෙම හෙරෝයින් තොගය අද අලුයම සොයා ගත් බව නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේ ය.
2020-10-17T02:04:34.000Z
රඟහල අඩ අඳුරේම තබා, දිවි රඟ මඬලින් නික්ම ගිය රතු හැට්ටකාරිය..
දිවි රඟ මඬලින් නික්ම ගිය රතු හැට්ටකාරිය..
COLOMBO (News 1st) : ලාංකීය වේදිකාවේ රතුහැට්ටකාරිය හෙවත් අනුලා බුලත්සිංහල යනු , සිංහල වේදිකාවේ ස්ත්‍රී හඬ පෞරුෂය යැයි හැඳින්වීම වරදක් නොවේ. අපූර්ව ඉහළ ස්වර පරාසයන්හි තම හඬ මෙහෙයවීමට ඈ සතුව තිබූ හැකියාව ඊට එක් හේතුවකි. වේදිකා, ටෙලිනාට්‍ය සහ සිනමා නිළියක මෙන්ම ගායිකාවක ලෙසින් ද අනුලා බුලත්සිංහල මෙරට ප්‍රේක්ෂක සිත් සතන් ඇද බැඳ ගන්නේ ඈ සතුව පැවති විරල ගණයේ කුසලතා නිසා ය. එක් චරිතයකට සීමා නොවී චරිතාංග නිළියක ලෙස වේදිකාවේ විවිධ චරිත නිරූපනයට ඇය දැක්වූ දක්ෂතාවය විචාරක ඇගයීමට පාත්‍ර විය. සිය සැමියා වූ ලූෂන් බුලත්සිංහලයන්ගේ 'රතු හැට්ටකාරී' සහ 'තාරාවෝ ඉගිලෙති', දයානන්ද ගුණවර්ධනගේ 'මධුර ජවනිකා ' වැනි නාට්‍යයන්හිත්, 'ගම්පෙරළිය', ජැක්සන් ඇන්තනිගේ 'ඇසළ කළුවර' වැනි ටෙලි නාට්‍යයන්හිත් ඇය රංගනයෙන් රංගන පෞරුෂය ප්‍රතිභාපන්න ය. "රතු හැට්ටකාරී" වේදිකා නාට්‍යයේ රතු හැට්ටකාරිය ලෙසින් ඈ ගැයූ "දීකිරි දීකිරි...." නම් ගීතය අදටත් ජනප්‍රියයි. විජේරත්න වරකාගොඩ සමගින් "රඟහල දැන් ඇත අඬ අඳුරේ.." ගීතය ගයමින් ඇය අතිශය ජනාදරයට පත් වූවාය. ඇය සිනමාවේ ද මනරම් මතක රැසක් ඉතිරි කළා ය. "මහින්දාගමනය" හා "අසන්ධිමිත්තා" ඇගේ රංගන කෞෂල්‍යයෙන් හැඩ වූ චිත්‍රපට අතර විය. ප්‍රකට ගේය පද රචකයෙකු මෙන්ම නාට්‍යවේදියෙකු වන ලූෂන් බුලත්සිංහලයන්ගේ ආදරණීය බිරිඳ වන ඇය ජනප්‍රිය ගායක හර්ෂ බුලත්සිංහලයගේ හා ඉන්ද්‍රචාපා බුලත්සිංහලගේ මෑණියන් ය. ඇය පසුගිය දිනක රාජ්‍ය නාට්‍ය උළෙලේ ජීවිතේ එක් වරක් පමණක් පිදෙන ගෞරව සම්මානයෙන් ද පිදුම් ලබන්නී ය. දිවි රඟ මඬලින් ඔබ බැස ගිය ද වේදිකාවේ, පුංචි තිරයේ හා සිනමාවේ ඔබ ඉතිරි කළ මතකයන් මෙරට ප්‍රේක්ෂක හදවත් තුළ සඳා රැදී පවතිනු ඇති. රතු හැට්ටකාරියනි, ඔබව නිවන් සුව.....!
2020-10-17T01:48:51.000Z
හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන සිව්වන දිනටත් ජනපති කොමිසම හමුවට
මෛත්‍රීපාල සිරිසේන ජනපති කොමිසම හමුවට
COLOMBO (News 1st) : හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අප්‍රේල් 21 ප්‍රහාරය පිළිබඳ විමර්ශන කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදීම මේ වනවිට ආරම්භ කර තිබේ. හිටපු ජනාධිපතිවරයා අද සාක්ෂි ලබා දෙන්නේ සිව්වන දිනටයි. මීට අමතරව හිටපු පොලිස්පති පුජිත් ජයසුන්දර මහතාද කොමිසම හමුවේ අද සාක්ෂි ලබාදීමට නියමිතව තිබේ. මේ වනවිට කොමිසම හමුවේ සාක්ෂි ලබාදී ඇති පුද්ගලයින් සංඛ්‍යාව 331 කි.
2020-10-17T00:53:52.000Z
හික්කඩුව පොලිස් අත්අඩංගුවේ සිටි කාන්තාවක් රෝගාතුර වී මියයයි: පිරිසක් පොලීසිය ඉදිරිපිට විරෝධතාවක
අත්අඩංගුවේ සිටි කාන්තාවක් මිය යයි?
COLOMBO (News 1st) : හික්කඩුව පොලීසිය ඉදිරිපිටට පැමිණි පිරිසක් ඊයේ විරෝධතාවක නිරත විය. ඒ, පසුගියදා හික්කඩුව පොලීසිය විසින් හෙරොයින් ජාවාරමේ නිරත වීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් කාන්තාවක් මියයාම හේතුවෙනි. අත්අඩංගුවට පත් කාන්තාව කිසියම් රෝග ත්ත්වයක් හේතුවෙන් ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ. හික්කඩුව පොලීසිය ඉදිරිපිටට පැමිණි පිරිස චෝදනා කළේ පොලීසිය තුළදී වූ පහරදීමක් හේතුවෙන් අදාළ කාන්තාව මියගිය බවය. මෙලෙස මිය ගොස් තිබෙන්නේ 51 හැවිරිදි දෙදරු මවකි. අනතුරුව හික්කඩුව පොලිස් ස්ථානාධිපතිවරයා විරෝධතාව පැවති ස්ථානයට පැමිණ ඔවුන් සමග සාකච්ඡා කිරීමෙන් පසු විරෝධතාකරුවන් විසිර ගිය බව අප වාර්තාකරු සඳහන් කළේය. පොලීසිය පැවසුවේ, මරණයට නිශ්චිත හේතුව අද දිනයේ පැවැත්වෙන පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනාවරණය කර ගැනීමට හැකිවනු ඇති බවය.
2020-10-16T23:04:03.000Z
පැය 24ක් තුළ නිරෝධායන ඇඳිරි නීතිය කඩ කළ 36ක් කොටු
නිරෝධායන ඇඳිරි නීතිය කඩ කළ 36ක් කොටු
COLOMBO (News 1st) : නිරෝධායනය ඇඳිරි නීතිය කඩ කළ පුද්ගලයින් 36 දෙනෙකු පසුගිය පැය 24 තුළ අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ, ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් වසම් 19 ක තවදුරටත් ඇඳිරි නීතිය ක්‍රියාත්මක බවයි. නිරෝධායන ඇඳිරි නීතිය කඩ කළ පුද්ගලයින් 203 දෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගත් බව ද ඔහු ප්‍රකාශ කළේ ය.
2020-10-16T21:37:52.000Z
ජනතා ප්‍රශ්නවලට විසඳුම් සොයන්න කමිටු 4ක්
ජනතා ප්‍රශ්නවලට විසඳුම් සොයන්න කමිටු 4ක්
COLOMBO (News 1st) : දරිද්‍රතාව තුරන් කිරීම පිළිබඳ ජාත්‍යන්තර දිනය අදට යෙදී තිබේ. 1992 පළමුවරට එම දිනය ප්‍රකාශයට පත් කළ අතර දිළිඳු බවට ගොදුරු වී ඇති ලෝක ජනතාවගේ දරිද්‍රතා ගැටලු අවම කිරීම සඳහා අවදානය යොමු කිරීම එම දිනය ප්‍රකාශයට පත් කිරීමේ අරමුණයි. මේ අතර නිවේදනයක් නිකුත් කරන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසුවේ, රටේ දරිද්‍රතාව අඩුවන පරිදි සියලු අංශයන්හි සංවර්ධන පැතිකඩයන් නව මාවතක් ඔස්සේ රැගෙනයාමට කටයුතු කරන බවයි. දේශීය නිෂ්පාදන නගා සිටුවීම , රැකියා ලක්ෂයේ වැඩපිළිවෙළ හා කර්මාන්ත හා සේවා අංශය නගා සිටුවීම මේ යටතේ සිදු කෙරෙන බවද අග්‍රාමාත්‍යවරයා නිකුත් කළ නිවේදනයේ සඳහන් ය. මේ අතර අමාත්‍යවරුන් කමිටු ලෙස සංවිධානගත වී ජනතා ප්‍රශ්න විසදීමට මැදිහත් වීම කෙරෙහි අවදානය යොමු වී ඇති බව ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය පවසයි. ඒ අනුව සමාජ යටිතල පහසුකම් හා සංවර්ධන කමිටුව ජීවනෝපාය සංවර්ධන කමිටුව දේශීය නිශ්පාදන කර්මාන්ත වැඩි දියුණු කිරීමේ සංවර්ධන කමිටුව ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන කමිටුව ලෙස අදාළ වැඩසටහන් සෑම දිස්ත්‍රික්කයකම ක්‍රියාත්මක වීමට නියමිතයි.
2020-10-16T21:05:23.000Z
CIDයට නව අධ්‍යක්ෂවරයෙක්: ඉහළ පොලිස් නිලධාරීන් පිරිසකට මාරුවීම්
CIDයට නව අධ්‍යක්ෂවරයෙක් 
COLOMBO (News 1st) : අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂවරයා ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිශාන්ත ද සොයිසා මහතා පත් කර තිබේ. පොලිස් මූලස්ථානය සඳහන් කළේ, එහි අධ්‍යක්ෂ ධුරය දැරූ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඒ.ආර්.පී.ජේ. ද අල්විස් මහතා ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා ලෙස ස්ථාන මාරු කර ඇති බවයි. මීට අමතරව ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ටී.ජී.එන්.ඩබ්ලිව්.ඩී තල්දූව මහතා අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා ලෙස ස්ථාන මාරු කර තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ආර් .ඒ . ඩී කුමාරි මහත්මිය ස්ථාන මාරු කර ඇත්තේ ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරිය ලෙසය. සහකාර පොලිස් අධිකාරී එච්.කේ.ආර් ප්‍රනාන්දු මහතා විශේෂ කාර්ය බලකායේ සිට රාජ්‍ය බුද්ධි සේවාවට ස්ථාන මාරු කර ඇති අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කළ වැඩබලන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.ජි. ඒ. කේ පියසේකර මහතා සංචාරක කොට්ඨාශයේ අධ්‍යක්ෂවරයා ලෙස ස්ථාන මාරු කර තිබේ. පොලිස් මූලස්ථානය සඳහන් කළේ, ඒ අනුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් 8 දෙනෙකු හා සහකාර පොලිස් අධිකාරීවරුන් 4 දෙනෙකු සේවා අවශ්‍යතාව මත වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු කර ඇති බවයි. ඒ අතර වැඩබලන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ආර්.ඒ.ආර්.එන් රාජපක්ෂ මහතා ද වේ. ඔහු ජනාධිපති කාර්යාලයේ විශේෂ කාර්ය හා පාරිසරිස කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා ලෙස පත් කර තිබේ. මේ අතර නියෝජ්‍ය පොලිස්පති එම්.එන් සිසිර කුමාර මහතා කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත් කර තිබේ. මීට අමතරව නියෝජ්‍ය පොලිස්පති එල්.පි.එස්.පී සඳුන්ගහවත්ත මහතා සංචාරක දිශාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙසත්, කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ ඩී.ආර්.එස්.ආර් නාගහමුල්ල මහතා රත්නපුර දිශාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙසත් ස්ථාන මාරු කර තිබේ. ස්ථාන මාරු කළ නියෝජ්‍ය පොලිස්පතිවරුන් සංඛ්‍යාව 5 කි. පොලිස් මූලස්ථානය සඳහන් කළේ, තවත් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 18 දෙනෙකු ද සේවා අවශ්‍යතා මත ස්ථාන මාරු කර ඇති බවයි. ස්ථාන මාරුවිම් පිළිබඳ සම්පූර්ණ විස්තරය..
2020-10-16T21:47:03.000Z
නඩු ප්‍රමාදය වැළැක්වීමට විසඳුම් සොයන්න කමිටු 5ක්
නඩු ප්‍රමාදය වැළැක්වීමට විසඳුම් සොයන්න කමිටු 5ක්
COLOMBO (News 1st) : අධිකරණවල නඩු ප්‍රමාදය වැළැක්වීමේ හා අධිකරණ ක්‍ෂෙත්‍රයේ උන්තිය සම්බන්ධයෙන් විසඳුම් සෙවීම සඳහා ජ්‍යෙෂ්ඨ නීතීඥවරුන්ගෙන් සැදුම්ලත් කමිටු 5 ක් පත් කර තිබේ. කැබිනට් මණ්ඩල යෝජනාවක් අනුව මෙම කමිටු පත් කර ඇත්තේ අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා විසින් ය. මෙම විද්වත් කමිටු 5 මගින් අධිකරණ ක්‍ෂෙත්‍රයේ පවතින ගැටළු සඳහා වසර 3 ක් තුළ විසඳුම් ලබාදීමට නියමිතයි. ඒ අනුව අධිකරණ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ කමිටුවේ ජ්‍යෙෂ්ඨ උපදේශක වශයෙන් ජනාධිපති නීතිඥ යු.ආර්.ද සිල්වා මහතා පත් කර තිබේ. අපරාධ නීති ප්‍රතිසංස්කරණ කිරීමේ කමිටුවේ ප්‍රධානියා වශයෙන් ජනාධිපති නීතිඥ ශවේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පත් කර ඇති අතර අධිකරණ පද්ධතිය ඩිජිටල්කරණය කිරීමේ හා ස්වයංක්‍රිය කිරීමේ කමිටුවේ ප්‍රධානියා වශයෙන් ජනාධිපති නීතිඥ නවීන් මාරපන මහතා පත් කර තිබේ. වාණිජ නීති ප්‍රතිසංස්කරණ කමිටුවේ ප්‍රධානියා වශයෙන් පත් කර ඇත්තේ නීතිඥ කෞශල්‍ය නවරත්න මහතා ය. සිවිල් නීති ප්‍රතිසංස්කරණය කිරීමේ කමිටුවේ ප්‍රධානියා වශයෙන් නීතිඥ ලසිත් කණුවනආරච්චි මහතා පත් කර තිබේ.
2020-10-16T19:29:43.000Z
මොරටුවට පැය 12 ක ජල කප්පාදුවක්
මොරටුවට පැය 12 ක ජල කප්පාදුවක්
COLOMBO (News 1st) : අද (17) රාත්‍රී 8.00 සිට ඉරිදා උදෑසන 8 දක්වා මොරටුව මහ නගර සභා බල ප්‍රදේශයට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලා පවාහන මණ්ඩලය දැනුම් දෙයි. එම මණ්ඩලය සඳහන් කළේ, සොයිසාපුර මහල් නිවාස සංකීර්ණයට ජල සැපයුම අඛණ්ඩව සැපයෙන බවයි. මෝදර සහ එගොඩඋයන ප්‍රදේශවලට අඩු පීඩනයක් යටතේ, එම කාල සීමාවේ ජලය සැපයෙන බව ජල සම්පාදන මණ්ඩලය සඳහන් කළේ ය.
2020-10-16T20:57:27.000Z
විදෙස්ගත ලාංකිකයින් යළි දිවයිනට ගෙන්වා ගැනීම ලබන සතියේ සිට
විදෙස්ගත ලාංකිකයින් ගෙන්වා ගැනීම ලබන සතියේ සිට
COLOMBO (News 1st) : කොරෝනා හේතුවෙන් විදේශ රටවල සිරවී සිටින පුද්ගලයින් ලබන සතියේ සිට යළි මෙරටට රැගෙන ඒමට විදේශ කටයුතු අමාත්‍යාංශය සැලසුම් කර තිබේ. අමාත්‍යාංශ්‍යය සඳහන් කළේ, දිවයිනේ කොරෝනා ව්‍යාප්තියත් සමග මේ වනවිට එම කටයුතු තාවකාලිකව අත්හිටුවා ඇති බවයි ගුවන් භාණ්ඩ රැගත් ගුවන් යානා මගින් දැනට විදේශ රටවල සිටින පුද්ගලයින් විටින් විට මෙරටට රැගෙන ඒමට පියවර ගෙන තිබේ. අසනීප තත්ත්වයෙන් සිටින පුද්ගලයින් ද මෙරටට රැගෙන එන බව විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරියෙකු සඳහන් කළේ ය. එම නිලධාරියා සඳහන් කළේ, ඊට අමතරව මෙරට භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානා රටවල් 10 අගනුවර 19 ක් කරා පියාසර කරන බවයි. මේ වනවිට විදේශ රටවල සිරවී සිටින පුද්ගලයින් 54,000 ක් මෙරටට රැගෙන ඒමට නියමිතව තිබේ. විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ, රටවල් 122 කට අයත් පුද්ගලයින් 43,550 ක් මේ වනවිට මෙරටට රැගෙන විත් ඇති බවයි
2020-10-16T20:33:45.000Z
ගම්පහ දිස්ත්‍රික්කය: මේ දක්වා කළ PCR වලින් කොරෝනා ආසාදිතයින් 1485 ක්..
ගම්පහ තුළ කොරෝනා ආසාදිතයින් 1485 ක්
COLOMBO (News 1st) : ගම්පහ දිස්ත්‍රික්කයේ මේ වනවිට සිදු කරන ලද PCR පරීක්ෂණවලින් 1485 දෙනෙකුට කොරෝනා ආසාදිත බවට තහවුරු වී තිබේ. ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ මිගාර ඈපා මහතා සඳහන් ක‌ළේ, මේ වනවිට PCR පරීක්ෂණ 19416ක් ගම්පහ දිස්ත්‍රික්කයේ සිදු කර ඇති බවයි. ගම්පහ දිස්ත්‍රික්කයේ නිදහස් වෙළෙඳ කලාපවල නිරන්තරයෙන් PCR පරීක්ෂණ සිදුකරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වරයා සදහන් කළේ ය.
2020-10-16T20:21:10.000Z
ජින්තුපිටිය කොරෝනා ආසාදිතයින්ගේ ආශ්‍රිතයින්ට අද PCR පරීක්ෂණ
ජින්තුපිටිය ආසාදිතයින්ගේ ආශ්‍රිතයින්ට අද PCR
COLOMBO (News 1st) : කොළඹ, ජින්තුපිටිය ප්‍රදේශයෙන් සොයා ගත් කොරෝනා ආසාදිතයින්ගේ පළමු පෙළ ආශ්‍රිතයින්ට අද දිනයේ PCR පරීක්ෂණ සිදු කරන බව කොළඹ මහ නගර සභාවේ වසංගත රෝග විද්‍යාඥ දිනුකා ගුරුගේ මහත්මිය පැවසුවාය. ඇය සඳහන් කළේ, අද දිනයේ PCR පරීක්ෂණ 100 ක් සිදුකිරීමට අපේක්ෂා කරන බවයි මෙම සතිය පුරාම අහඹු ලෙස සාම්පල් ලබාගැනීම් සිදු කර PCR පරීක්ෂණ සිදු කළ බව ද වසංගත රෝග වෛද්‍යවරිය සඳහන් කළාය. කොළඹ මහ නගර සභාවේ සේවකයින්ගෙන් ඊයේ දිනයේ ලබාගත් PCR පරීක්ෂණවල වාර්තා ලැබීමට තිබෙන බව ඇය ප්‍රකාශ කළාය. කොළඹ මහ නගර සභාවට අනුබද්ධ මරදානේ පිහිටි පුණ්‍යාධාර දෙපාර්තමේන්තුවේ නිලධාරිනියකට කොරෝනා ආසාදිත බව තහවුරු වීමත් සමග කොළඹ මහ නගර සභා ගොඩනැගිල්ලට සහ මරදානේ පිහිටි නගර සභාවට අයත් ගොඩනැගිල්ලකට ජනතාවට ඇතුළු වීම සති 02 කට මේ වනවිට සීමා කර තිබේ.
2020-10-16T20:08:28.000Z
නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල වෙළඳසැල් යළි වැසේ..
නිරෝධායන ඇඳිරි නීතිය: වෙළඳසැල් යළි වැසේ..
COLOMBO (News 1st) : නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති සියලු ප්‍රදේශවල ආහාර ද්‍රව්‍ය අලෙවි සැල් අද අද(17) සිට යළි වසා දමන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. ඔහු ප්‍රකාශ කළේ, ඇඳිරි නීතිය නොමැති ප්‍රදේශවල වුවද සංචරණය සීමා කරමින් කොරෝනා වෛරස් ව්‍යාප්තිය පාලනය සඳහා සහය ලබා දෙන ලෙසයි.
2020-10-16T19:12:03.000Z
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
දේශීය පුවත් 1. “බල වියරුව උදෙසා ගෙන එන්නට වෙහෙසෙන 20ට වඩා තිරසාර නවීන සෞඛ්‍ය පනතක් සම්මත කර ගැනීම වැදගත්” – විපක්ෂ නායක : විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කළේ, බල වියරුව උදෙසා ගෙන එන්නට වෙහෙසෙන 20 වැනි සංශෝධනයට වඩා තිරසාර නවීන සෞඛ්‍ය පනතක් සම්මත කර ගැනීම වැදගත් බවයි. 2. කොවිඩ් පළමු රැල්ල මර්දනය කළ ගෞරවය අහිමි වෙමින් යනවා – ජාතික සංවිධාන එකමුතුවෙන් ජනපතිට ලිපියක් : ජාතික සංවිධාන එකමුතුව, කොවිඩ් වසංගතයේ දෙවැනි රැල්ල පාලනය කිරීමට අදාළව දක්නට ලැබෙන බරපතල තත්ත්වයන් පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවධානය යොමු කර තිබේ. 3. මාධ්‍යවේදියෙකුටත් කොරෝනා ආසාදිතද? : ඉකුත් 13 වැනිදා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වූ මාධ්‍ය හමුවට සහභාගී වූ මාධ්‍යවේදියෙකු කොවිඩ් ආසාදනයට ලක්ව ඇතැයි සැක කරන බවත් ඒ හා සම්බන්ධව තවදුරටත් පරීක්ෂණ සිදුකරන බවත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඊයේ (16) නිවේදනය කළේය. 4. හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවා ඇතුළු මහජන සේවා ලබන 23 දක්වා අත්හිටුවයි : පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ, එක්දින සේවාව ඇතුළු මහජන සේවාවන් ලබන 23 වැනිදා දක්වා අත්හිටුවා තිබේ. 5. 20 දෙවනි වර කියවීම ලබන 21 සහ 22 : 20 ව්‍යවස්ථා සංශෝධන පනත් කොටුම්පතට අදාළ දෙවන වර කියවීමේ විවාදය ලබන 21 සහ 22 වනදා පැවැත්වීමට නියමිතව තිබේ. විදෙස් පුවත් 1. ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනතුරු ඇඟවීමක් : යුරෝපයේ කොරෝනා ආසාදිතයන් වාර්තාගත ලෙස ඉහළ යාම ඉතා අවදානම් සහගත තත්ත්වයක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
2020-10-16T11:42:54.000Z
රිෂාඩ් බදියුදීන්ට දුරකතන ඇමතුම් ගත්තැයි සජිත්ගෙන් CIDය ප්‍රශ්න කරයි
සජිත්ගෙන් CIDය ප්‍රශ්න කරයි
COLOMBO (News 1st) - රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීමේ විමර්ශනය ද තවමත් ක්‍රියාත්මක වේ. ඔහු තවමත් අත්අඩංගුවට ගැනීමට නොහැකි වී ඇති අතර අද(16) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) කණ්ඩායමක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නිවසට පැමිණියේය. මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කළ විපක්ෂ නායක මාධ්‍ය අංශය සඳහන් කළේ, රිෂාඩ් බදියුදීන් මහතා සහ විපක්ෂ නායකවරයා අතර දුරකතන ඇමතුමක් ඇති වූයේ ඇයිදැයි අපරාධ පරීක්ෂණ නිලධාරීන් එහිදී විමසා ඇති බවයි. සිය මන්ත්‍රීවරුන් සමග සාකච්ඡා කිරීම, ඔවුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීම විපක්ෂ නායකයා සතු කාර්‍යභාරයක් මෙන්ම වගකීමක් බව සිහිපත් කරන විපක්ෂ නායක මාධ්‍ය අංශය සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂ නායකයා ලෙස සිය වගකීම අකුරටම ඉටු කර ඇතිබව අවධාරණය කර තිබේ. විපක්ෂ නායක මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ රිෂාඩ් බදියුදීන් මහතා අත්අඩංගුවට ගැනීමට විශේෂ පොලිස් කණ්ඩායම් 6 ක් යොදවා ඇති බව පවසා දින 2ක් ගතවී ඇතත් එය සිදු නොවීමෙන් ආණ්ඩුව සහමුලින්ම තිර පිටපතකට කටයුතු කරන බව පෙනී යන බවයි.
2020-10-16T11:31:51.000Z
"බල වියරුව උදෙසා ගෙන එන්නට වෙහෙසෙන 20ට වඩා තිරසාර නවීන සෞඛ්‍ය පනතක් සම්මත කර ගැනීම වැදගත්" - විපක්ෂ නායක
20ට වඩා තිරසාර සෞඛ්‍ය පනතක් සම්මත කර ගැනීම වැදගත්
COLOMBO (News 1st) - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කළේ, බල වියරුව උදෙසා ගෙන එන්නට වෙහෙසෙන 20වැනි සංශෝධනයට වඩා තිරසාර නවීන සෞඛ්‍ය පනතක් සම්මත කර ගැනීම වැදගත් බවයි. බරපතල පීඩාවකට ලක්ව තිබෙන ජනතාවගේ ජීවිත සුරක්ෂිත කිරීම වෙනුවට සිය බල අරගලය සුරක්ෂිත කර ගැනීමට ආණ්ඩුව වෙහෙසෙමින් සිටින බව ඔහු පෙන්වා දෙයි. විපක්ෂ නායකවරයා පවසන්නේ, ජන ජීවිත සුරක්ෂිත කිරීම වෙනුවෙන් ආණ්ඩුව පෙනී සිටිනු ඇතැයි විශ්වාස කළ ජනතාව වත්මන් ආණ්ඩුවට තුනෙන් දෙකකට ආසන්න සුවිශාල ජන වරමක් ලබා දුන් බවයි. නමුත් ඊට ආණ්ඩුව ලබා දෙන ප්‍රතිචාරය වන්නේ ඉතා වේගයෙන් ප්‍රජාතන්ත්‍ර විරෝධී ඒකාධිපති ගමනකට යොමුවීම බවයි.
2020-10-16T08:55:38.000Z
මයික් පොම්පියෝ මෙරටට පැමිණෙයිද?
මයික් පොම්පියෝ මෙරටට පැමිණෙයිද?
COLOMBO (News 1st): අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතාගේ ශ්‍රී ලංකා සංචාරයක සූදානමක් ගැන මේ දිනවල විවිධ තොරතුරු වාර්තා වේ. අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා සහ ආරක්ෂක ලේකම් මාර්ක් එක්ස්පර් ඔක්තෝම්බර් 26 සහ 27 ඉන්දියාවට පැමිණීමට සැලසුම් කර තිබේ. ඔවුන් ඉන්දියාවට පැමිණෙන්නේ, ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්.ජෙයශංකර් හා ආරක්ෂක අමාත්‍ය රංජිත් සිං සමග ද්වීපාර්ශ්වික සාකච්ඡා වටයක් සඳහායි. "ටූ ප්ලස් ටූ" (2+2) ලෙස නම්කර ඇති මේ සාකච්ඡා වටයේදී විශේෂයෙන්ම ඉන්දු - පැසිෆික් ප්‍රතිපත්ති පිළිබඳව තීරණතාමක සාකච්ඡාවටයක් පැවැත්වීමට නියමිතව තිබේ. ඉන්දීය සාගරයට බාධාවකින් තොර නිදහස් පිවිසුමක් පැවතිය යුතු බව ඇමරිකානු ස්ථාවරයයි. පසුගියදා ටෝකියෝ නුවරදී හමුවූ ඉන්දු, ඇමරිකා, ජපාන හා ඕස්ට්‍රේලියා විදේශ අමාත්‍යවරුන් මේ පිළිබඳව සිය ක්‍රියාමාර්ග පුළුල් ලෙස සාකච්ඡා කළේය. ඉන්දු - අමෙරිකා සාකච්ඡා වටය පැවැත්වීමට සැලසුම් කර ඇත්තේ සිව් දෙනාගේ සාකච්ඡා වටයෙන් පසුවයි. ඉන්දීය සංචාරය අතරතුර පැය කිහිපයකට අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා මෙරටට පැමිණීමට බොහෝදුරට ඉඩ ඇතැයි පුවත්පත් පසුගියදා වාර්තා කළේ, විදේශ ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා උපුටා දක්වමිනි. කොළඹ අමෙරිකානු තානාපති කාර්යාලය අප කළ විමසීමකදී පැවසුවේ රාජ්‍ය ලේකම්වරයාගේ පැමිණීම නිල වශයෙන් මෙතෙක් තහවුරු කර නොමැති බවයි. මීට පෙර පසුගිය වසරේ ජුනි මාසයේ මෙරටට පැමිණීමට මයික් පොම්පියෝ මහතා සැලසුම් කළත් MCC හා සෝෆා ගිවිසුම් සම්බන්ධයෙන් දැඩි විරෝධතා මතුවූ පසුබිමක එය අවලංගු කෙරිණි. පසුව මහාචාර්ය ලලිතසිරි ගුණරුවන් මහතාගේ ප්‍රධානත්වයෙන් පත්කළ කමිටුව දැනට කෙටුම්පත්කර ඇති MCC ගිවිසුම ව්‍යවස්ථාවට පටහැනි බවත් එහි බරපතල කරුණු රැසක් ඇති බවත් ජනාධිපතිවරයාට නිර්දේශ කළේය. මේ වනවිට පාර්ශව ගණනාවක් පෙන්වා දෙන්නේ ඉඩම් නීති ප්‍රතිසංස්කරණ හා පොදු ප්‍රවාහනය වැඩිදියුණු කිරීම සඳහා දැනට ඉදිරිපත්කර ඇති MCC කෙටුම්පත වෙනුවට විදුලිය, අධ්‍යාපන ඇතුළු වෙනත් ව්‍යපෘති කෙරෙහි අවධානය යොමුව ඇති බවක් පෙනෙන්නට ඇති බවයි. මහ මැතිවරණයෙන් පසුව අමාත්‍ය මණ්ඩලය පත්කළ වහාම කොළඹ අමෙරිකානු තානාපති අලෙයිනා බී. ටෙප්ලිට්ස් මහත්මිය අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් හා විදුලි බල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම යන මහත්වරුන් හමුවිය. මේ සාකච්ඡාවලින් පසුව ප්‍රකාශ වූයේ අධ්‍යාපන හා විදුලිබල ක්ෂේත්‍ර වැඩි දියුණු කිරීමට ඇමරිකාව සහයවීමට සූදානම් බවයි. අමෙරිකානු හමුදා සාමාජිකයින්ට මෙරටට ඇතුළුවීමට, රැඳී සිටීමට හා නිදහසේ සංචරණය කිරීමටත් ඉඩ ලැබෙන සෝෆා ගිවිසුම පිළිබඳවත් පසුගිය කාලයේ දැඩි විවේචන එල්ල විය. අමෙරිකානු තානාපතිනිය මීට මාස කිහිපයකට පෙර ඒ පිළිබඳව කළ පැහැදිලි කිරීමකදී ප්‍රකාශ කර තිබුණේ මෙය අමෙරිකානු හමුදා රට ඇතුලේ රැඳී සිටිමින් නිදහසේ සැරිසරන පහසුකම් දෙන ගිවිසුමක් නොවන බවයි. විසිටින් ෆෝසස් ඇග්රීමන්ට් ලෙස ඇය එය හදුන්වා දුන්නාය. අවශ්‍ය අවස්ථාවල ශ්‍රී ලංකාවට ගොඩබැසීමත් පිටව යාමත් මේ මගින් සිදුකිරීමට යෝජිතය. කෙසේවෙතත් මේ ගිවිසුම් දෙක පිළිබඳව බරපතල සංවාදයක් රටේ පවතිද්දී අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයාගේ සංචාරය ගැන කරුණු අනාවරණය වෙමින් තිබේ.
2020-10-16T09:15:39.000Z
කොවිඩ් පළමු රැල්ල මර්දනය කළ ගෞරවය අහිමි වෙමින් යනවා - ජාතික සංවිධාන එකමුතුවෙන් ජනපතිට ලිපියක්
කොවිඩ් සම්බන්ධයෙන් ජනපතිට ලිපියක්..
COLOMBO (News 1st): ජාතික සංවිධාන එකමුතුව, කොවිඩ් වසංගතයේ දෙවැනි රැල්ල පාලනය කිරීමට අදාළව දක්නට ලැබෙන බරපතල තත්ත්වයන් පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවධානය යොමු කර තිබේ. ඔවුන් ජනාධිපතිවරයාට යැවූ ලිපියක දැක්වුණේ ඇතැම් කාරණා හේතුවෙන් කොවිඩ් පළමු රැල්ල සාර්ථකව මැඩලීම මගින් ජනාධිපතිතුමා ප්‍රමුඛ රජය දිනාගත් මහජන ප්‍රසාදය හා ගෞරවය අහිමි වී යන බවය. මේ වනවිට සමාජයේ සංවාදයට ලක්වෙමින් ඇති එවැනි කරුණු ආශ්‍රිතව විධිමත් පරීක්ෂණයක් සිදු කරන ලෙස ජාතික සංවිධාන එකමුතුව ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටී. ඔවුන් පවසන්නේ යම් පාර්ශවයන් විසින් කඩාකප්පල්කාරී ක්‍රියාවන් හෝ රජයට එරෙහිව කුමන්ත්‍රණකාරී ක්‍රියාවක නිරත වී ඇත්නම් ඔවුන් හෙළිදරව් කර නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙසය.
2020-10-16T11:13:41.000Z
මාධ්‍යවේදියෙකුටත් කොරෝනා ආසාදිතද?
මාධ්‍යවේදියෙකුටත් කොරෝනා ආසාදිතද?
COLOMBO (News 1st): ඉකුත් 13 වැනිදා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වූ මාධ්‍ය හමුවට සහභාගී වූ මාධ්‍යවේදියෙකු කොවිඩ් ආසාදනයට ලක්ව ඇතැයි සැක කරන බවත් ඒ හා සම්බන්ධව තවදුරටත් පරීක්ෂණ සිදුකරන බවත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව අද(16) නිවේදනය කළේය. එහි සඳහන් වූයේ අදාළ මාධ්‍ය හමුවට සහභාගී වූ සියලුම මාධ්‍යවේදීන්ගේ තොරතුරු රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සෞඛ්‍ය අංශ වෙත ලබා දී ඇති බවයි. 13 වැනිදා ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වුණේ සතියේ කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවයි. කෙහෙළිය රඹුක්වැල්ල හා රමේෂ් පතිරණ යන සම කැබිනට් ප්‍රකාශකවරුන් හා රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල්වරයාත් මෙම මාධ්‍ය හමුවට සහභාගිවී සිටියේය. කොවිඩ් වසංගතයත් සමග කොළඹ නගරය ආශ්‍රිත තත්ත්වය? කොළඹ මහ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරුන් ඇතුළු සේවක මණ්ඩලයේ 130 දෙනෙකුගේ PCR පරීක්ෂණ අද පෙරවරුවේ සිදුකෙරුණි. ඒ, කොළඹ මහ නගර සභාවේ පුණ්‍යාධාර දෙපාර්තමේන්තුවේ නිලධාරිනියක් කොරෝනා ආසාදිත බව තහවුරු වීමත් සමගිනි. කොවිඩ් ආසාදිතයෙකුගේ සමීපතමයෙකු පැමිණීම නිසා කොළඹ මැනිං වෙළඳපොළේ වෙළඳසැල් කිහිපයක් තවදුරටත් වසා තිබේ. රත්මලාන, රතුකුරුස නිවාස සංකීර්ණයේ 63 හැවිරිදි කාන්තාවකට ද කොරෝනා ආසාදිත බව තහවුරුවීමත් සමග පවුල් 10 ක පුද්ගලයින් 34 දෙනෙකු අද ස්වයං නිරෝධායනයට යොමු කෙරිණි. අදාළ නිවාස සංකීර්ණය ද අද පෙරවරුවේ විෂබීජහරණය කරනු ලැබිණි. මේ වනවිට කෑගල්ල දිස්ත්‍රික්කයෙන් වාර්තාවන කොරෝනා ආසාදිතයන් ගණන 15කි. 636 දෙනෙකු ස්වයං නිරෝධායනයට ලක්කර තිබේ. මීරිගම විවිධ සේවා සමූපකාරයේ නිලධාරියෙකුට කොරෝනා ආසාදිත බව තහවුරු වීමත් සමග ඊයේ(15) පස්වරුවේ මීරිගම සමුපාකාරය වසා දැමුණි. උදරාබාධයක් හේතුවෙන් පොළොන්නරුව රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් වූ කාන්තාවකට ද කොරෝනා ආසාදිත බව අද තහවුරු විය. මේ හේතුවෙන් පොළොන්නරුව රෝහලේ 22 වැනි වාට්ටුවට රෝගීන් ඇතුළත් කර ගැනීම තාවකාලිකව අත්හිටුවා තිබේ.
2020-10-16T06:27:43.000Z
හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවා ඇතුළු මහජන සේවා ලබන 23 දක්වා අත්හිටුවයි
හැඳුනුම්පත් එක්දින සේවය 23 දක්වා අත්හිටුවයි
COLOMBO ( News 1st ) : පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ, එක්දින සේවාව ඇතුළු මහජන සේවාවන් ලබන 23 වැනිදා දක්වා අත්හිටුවා තිබේ. පසුගිය 12 වැනිදා එම දෙපාර්තමේන්තුවේ සියලු සේවා 16 වැනිදා තෙක් අත්හිටුවා තිබුණි. ඒ, කොරෝනා වසංගත තත්ත්වය සැලකිල්ලට ගනිමිනි.
2020-10-16T04:40:54.000Z
තවත් කොරෝනා ආසාදිතයින් 61 දෙනෙකු හඳුනා ගනී
තවත් කොරෝනා ආසාදිතයින් 61 දෙනෙකු හඳුනා ගනී
COLOMBO (News 1st ) – තවත් කොරෝනා ආසාදිතයින් 61 දෙනෙකු හඳුනා ගෙන ඇතැයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි. ඔවුන්ගෙන් 03 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවලින් වන අතර 58 දෙනෙකු ආශ්‍රිතයින් බව යුද හමුදාපතිවරයා පවසයි.
2020-10-16T04:39:39.000Z
20 දෙවනි වර කියවීම ලබන 21 සහ 22
20 දෙවනි වර කියවීම ලබන 21 සහ 22
COLOMBO (News 1st) : 20 ව්‍යවස්ථා සංශෝධන පනත් කොටුම්පතට අදාළ දෙවන වර කියවීමේ විවාදය ලබන 21 සහ 22 වනදා පැවැත්වීමට නියමිතව තිබේ. පාර්ලිමේන්තු නියෝජ්‍ය මහ ලේකම් නීල් ඉද්දවෙල මහතා පැවසුවේ, උදෑසන 10.00 සිට රාත්‍රී 7.30 දක්වා විවාදය පැවැත්වෙන බවයි. මේ සම්බන්ධයෙන් අදහස් පළ කරමින්, ජනතා විමුක්ති පෙරමුණු නායක අනුර කුමාර දිසානායක මහතා පැවසුවේ, අදාළ විවාදය දින තුනක් පවත්වන්නැයි, විපක්ෂය ඉල්ලා සිටි බවයි. https://www.youtube.com/watch?v=iD0bRz3tPz8&feature=youtu.be
2020-10-16T03:56:55.000Z
ඉදිරිපත් කර ඇති 20 ගැන නැවත සිතා බලන්න - මහා සංඝරත්නයෙන් ජනපතිට ලිපියක්
මහා සංඝරත්නයෙන් ජනපතිට ලිපියක්
COLOMBO (News 1st) : ජනතාවගේ ආදරය දිනාගත් මහින්ද රාජපක්ෂ අගමැතිවරයාගේ බලතල යෝජිත 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් හීනවන බව වත්මන් ආණ්ඩුව බලයට පත් කිරීම උදෙසා සුවිශේෂී කාර්යය භාරයක් ඉටුකළ හිමිවරුන් හත් නමක් ජනාධිපතිවරයාට දැනුම් දී තිබේ. ජනාධිපතිවරයාට යැවූ ලිපියකින් උන්වහන්සේ අවධාරණය කර ඇත්තේ, 20න් නීතියේ පාලනයක් නොමැති අස්ථාවර රාජ්‍ය යාන්ත්‍රණයක් බිහිවීමට බොහෝ ඉඩකඩ ඇති බවයි. පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි, පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි, පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි මාහාචර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි, පූජ්‍ය මල්වානේ චදන්දරතන හිමි හා පූජ්‍ය කපුගොල්ලෑවේ ආනන්දකිත්ති හිමියන්ගේ අත්සනින් මේ ලිපිය ජනාධිපතිවරයාට යවා තිබේ. එහි සඳහන් වන්නේ අත්තනෝමතික ලෙස විධායකය මෙහෙයවිය හැකි, ව්‍යවස්ථාදායකය හා අධිකරණය තම අණසකට යටත් කරන්නට තරම් බලයක් සහිත ජනාධිපතිවරයකු හා දුබල අමාත්‍ය මණ්ඩලයක් විසිවෙනි සංශෝධනය හරහා බිහිවන බවයි. ජනාධිපති ධූරය දරන්නා විසින් කරන ව්‍යවස්ථා විරෝධී ක්‍රියාවන් අධිකරණය හමුවේ අභියෝග කිරීමේ අයිතිය ද ඒ මගින් ජනතාවට අහිමි කර ඇති බව එම ලිපියේ සඳහන් වේ. යෝජිත සංශෝධනයෙන් නීතියේ පාලනයක් නොමැති අස්ථාවර රාජ්‍ය යාන්ත්‍රණයක් බිහි වීමට බොහෝ ඉඩකඩ පවතින බව උන්වහන්සේ අනතුරු අඟවා තිබේ. ජාතික සංවිධාන ඇතුළු දේශප්‍රේමී ජනතාව නියෝජනය කරමින් යැවූ බව සඳහන් ලිපියේ ඇතුළත් තවත් කරුණු කිහිපයක් පහත පරිදි වේ. "20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සකසා තිබෙන්නේ ජනාධිපතිවරයාගේ ජයග්‍රහණය පසුපස සිටි ජාතික බලවේග හා ජනතා අපේක්ෂා සම්පූර්ණයෙන්ම නොසලකා හරිමිනි. ව්‍යවස්ථා කෙටුම්පතක් සකස් කිරීමට අවම දැනුමක් වත් නැත්තෙකුගේ කර්තෘත්වයක් පෙන්වන මෙම කෙටුම්පත දැනටමත් ජනතාවගේ අප්‍රසාදයට ලක්වී තිබේ. මේ නිසා අප සැකකරන්නේ මෙය ජනාධිපතිවරයාත් ආණ්ඩුවත් කෙරෙහි ජනතාව තබා ඇති විශ්වාසය පළුඳු කිරීමේ කූට අරමුණින් යුතුව හෝ රටත් ජාතියත් පාවාදීමට ක්‍රියා කරන කුමන්ත්‍රණකරුවන්ගේ අදිසි හස්තයක් මෙම ක්‍රියාදාමය පිටුපස ඇති බවටයි. හදිසි පනත් කෙටුම්පත් ගෙන ඒම සඳහා ප්‍රතිපාදනය, අමාත්‍ය මණ්ඩලය නියෝජ්‍ය අමාත්‍යවරුන් හා කැබිනට් නොවන ඇමතිවරුන් හා ඔවුන්ගේ ලේකම්වරුන් විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් දේශය තුළ වෙනම රාජ්‍යයක් ඇති නොකරන බවට පොරොන්දු වෙමින් ලබාදිය යුතු ප්‍රතිඥාව ඉවත් කිරීම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පත්වීම සඳහා පනවා ඇති ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ බාධක ඉවත් කිරීම යන කරුණු ඉවත්විය යුතුයි. බලවත් විදේශ රටවලට පක්ෂපාතීවන හා විදේශ රටවල දරු පවුල් පුරවැසිභාවය ලබා රැඳී සිටින තැනැත්තන් අපගේ නීති සම්පාදකයින් කිරීම භයානකයි. එවැනන් අප රටට හිතවත්ව හා පක්ෂපාතීව කටයුතු කරතැයි සහතික විය නොහැකියි. ඒ නිසා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් පමණක් නොව ඕනෑම උසස් තනතුරක් දැරීම ද්විත්ව පුරවැසියන්ට තහනම් කළ යුතුව තිබේ. විගණකාධිපතිවරයාගේ විෂය පථයෙන් ජනාධිපති ලේකම් කාර්යාලය, අගමැති ලේකම් කාර්යාලය, හා රජය විසින් 50% කොටස් දරන සමාගම් ඉවත් කිරීම, මැතිවරණ කොමිෂන් සභාව විසින් හා නීතිය මගින් පනවන විධිවිධාන උල්ලංඝනය කරන තැනැත්තන්ට එරෙහිව අධිකරණමය ක්‍රියාමාර්ග ගැනීමට ඇති හැකියාව ද මේ සංශෝධනයෙන් ඉවත් කළ යුතුයි. අසීමිත අමාත්‍යවරුන් සංඛ්‍යාවක් පත් කිරීමට තිබෙන අවකාශය ප්‍රයෝජනයට ගෙන සුළු අන්තවාදී පක්ෂවලට බහුතර ජනතාවගේ ඡන්දයෙන් පත් කරන ආණ්ඩු සමග කේවල් කිරීමට අවස්ථාව ලැබෙනු ඇති. රිෂාඩ් බදියුදීන් හිටපු අමාත්‍යවරයා වැනි පිරිස් මේ වන විටත් ආණ්ඩුවත් සමඟ සමීපව කටයුතු කිරීමට පටන් ගෙන තිබෙන්නේ අනාගතයේදී මෙවැනි සංශෝධනවල වාසිය ලබා ගැනීමේ යටි අරමුණින්ද? " පූජ්‍ය බෙංගමුවේ නායක හිමියන් ඇතුළු ස්වාමීන් වහන්සේ යැවූ ලිපියේ අවධාරණය කර ඇත්තේ ආණ්ඩුව පත්වීමේදී ජනතාවට දුන් පොරොන්දුව අලුත් ව්‍යවස්ථාවක් බවයි. එම නිසා මේ වන විට රට තුළ ආන්දෝලනයට ලක්ව තිබෙන විසිවන සංශෝධනය ඉදිරිපත් කර තිබෙන ආකාරයෙන් සම්මත කර ගැනීම පිළිබඳව නැවත සිතා බලන ලෙස උන්වහන්සේ ජනාධිපතිවරයාට දැනුම් දී තිබේ. https://www.youtube.com/watch?v=I9gpBDSB7vU
2020-10-16T03:24:19.000Z
රියාජ්ගේ පෙත්සම සලකා බැලීම සඳහා 20 කැඳවයි
රියාජ්ගේ පෙත්සම සලකා බැලීම සඳහා 20 කැඳවයි
COLOMBO (News 1st) : තම නැවත අත්අඩංගුවට ගැනීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ සොහොයුරු රියාජ් බදියුදීන් ගොනුකර ඇති පෙත්සම සලකා බැලීම සඳහා ලබන 20 වැනිදා කැඳවීමට අභියාචනාධිකරණය අද නියම කළේ ය. ඒ එම පෙත්සම මහින්ද සමයවර්ධන හා අර්ජුණ ඔබේසේකර යන විනිසුරු මඩුල්ල හමුවේ අද කැඳ වූ අවස්ථාවේදියි. පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම්කර තිබූ කිසිවෙකු අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් වගඋත්තරකරුවන්ට නැවත නොතීසි යවන ලෙසට විනිසුරු මඩුල්ල පේතසම්කාර පාර්ශවයට නියෝග කළේ ය. වැඩබලන පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර අධ්‍යක්ෂකවරයා හා එහි නියෝජ්‍ය පොලිස්පතිවරයා ඇතුළු 7 දෙනෙකු පෙත්සමෙන් වගඋත්තකරුවන් ලෙස නම්කර තිබේ. මේ අතර රියාජ් බදියුදීන් අධිකරණයෙන් ඉල්ලා ඇත පරිදි ඔහු අත්අඩංගුවට ගැනීම වළකන නියෝගයක් නිකුත් නොකරන ලෙස ඉල්ලා අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වෙනුවෙන් සෙත්සරණ අධ්‍යක්ෂ නිශාන්ත ලෝරන්ස් රාමනායක පියතුමා ද අභියාචනාධිකරණයට අද අතරමැදි පෙත්සමක් ගොනු කළේ ය. අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් රියාජ් බදියුදීන් මහතාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට ඉදිරිපත් කරීමකින් තොරව නිදහස් කිරීම නීතිවිරෝධී බවට නිගමනය කරනා ලෙස පෙත්සමින් ඉල්ලා තිබේ. ඔහු සම්බන්ධයෙන් නැවත මුල සිට විභාගයක් ආරම්භ කරන ලෙසට වැඩබලන පොලිස්පතිවරයා ඇතුළු වගඋත්තරකරුවන්ට නියෝගයක් කරනා ලෙසත් එම අතරමැදි පෙත්සම මගින් ලෝරන්ස් රාමනායක පියතුමන් අධිකරණයෙන් ඉල්ලා තිබේ.
2020-10-16T03:10:14.000Z
ප්‍රවීණ කලා ශිල්පිනි අනුලා බුලත්සිංහල අභාවප්‍රාප්ත වෙයි
අනුලා බුලත්සිංහල මහත්මිය අභාවප්‍රාප්ත වෙයි
COLOMBO (News 1st) : ප්‍රවීණ කලා ශිල්පි අනුලා බුලත්සිංහල මහත්මිය අද අභාවප්ප්‍රාප්ත විය. ඒ ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි. අභාවප්ප්‍රාප්ත වන විට ඇගේ වයස අවුරුදු 73කි. රතු හැට්ටකාරි, තාරාවෝ ඉගිළෙති, මධුර ජවනිකා, කු‍වේණි, මහාසාර, ලෙඩෙක් නැති ලෙඩක්, චරිත දෙකක් වැනි වේදිකා නාට්‍යවලදී ද, නිල් දිය යහන, ගෝල් වැනි සිනමාපවලට ඇය සිය රංගන දායකත්වය ලබා දී තිබේ. මෑතකදී අසන්ධිමිත්තා සිනමාපටයට ද ඈ රංගනයෙන් දායක වූවා ය. දී කිරි දී කිරි, නෙයිනගේ සූදුව, රඟහල දැන් ඇත අඬ ඇඳුරේ, පන්සල පාමුල, බුදුන් වඳින මේ දෑතින්, සුදු ඔසරිය ඇඳලා ගීතවලට ඇය සිය ගායන දායකත්වය ලබා දුන්නා ය. මෙවර රාජ්‍ය නාට්‍ය උලෙළේදී ජීවිතයේ එක්වරක් පමණක් පිදෙන නාට්‍යකීර්ති සම්මානය ද අනුලා බුලත්සිංහල මහත්මියට පිරිනැමී ය. අභාවප්ප්‍රාප්ත අනුලා බුලත්සිංහල මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදුකෙරෙන දිනය පසුවට දැනු ම්දෙන බව පවුලේ ඥාතීහු ප්‍රකාශ කළහ.
2020-10-16T00:02:06.000Z
මහනුවරදී සෝපානයක් කඩා වැටී පුද්ගලයින් දෙදෙනකු ජීවිතක්ෂයට
මහනුවරදී සෝපානයක් කඩා වැටී දෙදෙනකු මරුට
COLOMBO (News 1st) : මහනුවර, ලේවැල්ල ප්‍රදේශයේදී විදුලි සෝපානයක් කඩා වැටීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ. පොලීසිය සඳහන් කළේ, ගොඩනැගිලි ද්‍රව්‍ය රැගෙන ගිය විදුලි සෝපානයක කේබලයක් කැඩි යාමෙන් අනතුර සිදුව ඇති බවයි. අනතුරින් එක් අයෙකු එම ස්ථානයේම මිය ගිය අතර අනෙක් පුද්ගලයා මහනුවර ජාතික රෝහළට ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් තිබේ. අනතුරින් මිය ගොස් ඇත්තේ, අවුරුදු 55 ක් සහ 57ක් වයසැති පුද්ගලයින් දෙදෙනෙකි.
2020-10-15T23:53:07.000Z
නිරෝධායන ඇඳිරි නීතිය කැඩූ 25ක් අත්අඩංගුවට
නිරෝධායන ඇඳිරි නීතිය කැඩූ 25ක් අත්අඩංගුවට
COLOMBO (News 1st) : පසුගිය පැය 24 ක කාලය තුළ නිරෝධායන ඇඳිරි නීතිය කඩ කළ පුද්ගලයින් 25 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහණ මහතා සඳහන් කළේ, වාහන 40 ක් පොලිස් භාරයට ගෙන ඇති බවයි.
2020-10-15T23:42:40.000Z
යෝෂිත රාජපක්ෂ අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී ධුරයට
අගමැතිගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා යෝෂිත
COLOMBO (News 1st) : මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවන පුත් යොෂිත රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානි තනතුරට පත් කර තිබේ. එම පත්වීම සිදුකරනු ලැබ ඇත්තේ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසිනි. යෝෂිත රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නාවික හමුදාවේ නිලධාරියෙකි.
2020-10-15T23:30:38.000Z
ඔස්ට්‍රේලියාවේ සිට පුද්ගලයින් 12ක් දිවයිනට
ඔස්ට්‍රේලියාවේ සිට පුද්ගලයින් 12ක් දිවයිනට
COLOMBO (News 1st) : ඔස්ට්‍රේලිවේ සිඩ්නි නුවර සිට අද උදෑසන පුද්ගලයින් 12 දෙනෙකු දිවයිනට පැමිණ තිබේ. කොවිඩ් 19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ, පැමිණි පුද්ගලයින් සියලු දෙනා ත්‍රිවිද හමුදාව විසින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළ නිරෝධායන කටයුතු සඳහා යොමු කිරීමට පියවර ගෙන ඇති බවයි. අද දින ත්‍රිවිද හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළින් පුද්ගලයින් 397 දෙනෙකු තම නිරෝධායන කටයුතු අවසන් කර නිවෙස් වෙත පිටත්ව යාමට නියමිතව තිබේ. එමෙන්ම අද දිනය වන විට පුද්ගලයින් 53,011 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර තම නිවෙස් වෙත පිටත්ව ගොස් තිබේ. ත්‍රිවිද හමුදාව විසින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 84ක් තුළ පුද්ගලයින් 9556 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටින බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ ය. මේ අතර ඊයේ දිනය වන විට PCR පරීක්ෂණ 365,859 ක් සිදුකර තිබේ.
2020-10-15T22:32:00.000Z
''ලබන 17 තෙක් ධීවර කටයුතු අනතුරුදායකයි'' කාලගුණෙන් දැනුම්දීමක්
ධීවරයින්ට කාලගුණෙන් දැනුම්දීමක්
COLOMBO (News 1st) : හම්බන්තොට සිට පොතුවිල් දක්වා සහ පුත්තලමේ සිට මන්නාරම හරහා කන්කසන්තුරේ දක්වා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමිටර් 60 ත් 70 දක්වා වැඩි විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු හෝ ඉතා රළු වන හෙයින් ලබන 17 වන දා උදැසන දක්වා එම මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවල යෙදීම අනතුරුදායක බවයි. කන්කසන්තුරේ සිට මුලතිව් හරහා ත්‍රිකුණාමලය දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමිටර් 50 ත් 60 ත් දක්වා වැඩි විය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, දිවයින වටා ඇති සෙසු මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය ද 50 ත් 55 ත් දක්වා වැඩි වන අතර එම ප්‍රදේශ තරමක් රළු විය හැකි බවයි.
2020-10-15T21:44:14.000Z
බන්ධනාගාර රැඳවියන්ට පවුලේ ඥාතීන්ට Call ගන්න අවස්ථාවක්
රැඳවියන්ට පවුලේ ඥාතීන් ඇමතීමට විනාඩි 3ක්
COLOMBO (News 1st) : බන්ධනාගාර රැඳවියන්ට සිය පවුලේ ඥාතීන් සමග දුරකථනයෙන් සම්බන්ධ වීමට අද සිට අවස්ථාව ​සලසා දෙන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. බන්ධනාගාර කොමසාරිස් පාලන චන්දන ඒකනායක මහතා සඳහන් කළේ, පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන රැඳවියන්ට මානසික සහනයක් ලබාදීමේ අරමුණෙන් මෙම පියවර ගත් බවයි. ඒ අනුව විනාඩි 3ක කාලයක් පවුලේ සාමාජිකයින් සමග තොරතුරු හුවමාරු කර ගැනීමට රැඳවියන්ට අවස්ථාව හිමි වේ. පවතින කොවිඩ් වංසගත තත්ත්වය පහව යන තුරු මෙම අවස්ථාව ලබා දෙනු ඇති.
2020-10-15T20:52:39.000Z
ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනතුරු ඇඟවීමක්
ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනතුරු ඇඟවීමක්
COLOMBO (News 1st) : යුරෝපයේ කොරෝනා ආසාදිතයන් වාර්තාගත ලෙස ඉහළ යාම ඉතා අවදානම් සහගත තත්ත්වයක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. එම සංවිධානයේ යුරෝපා කලාප ප්‍රධානී හෑන්ස් ක්ලූග් සඳහන් කළේ, කෙසේ වෙතත් පවතින තත්ත්වය ඉකුත් අප්‍රේල් මාසයට වඩා යහපත් බවයි . නමුත් වෛරස් ව්‍යාප්තිය මර්දනයට පැනවූ රෙගුලාසි ලිහිල් කළ හොත් 2021 වසර වනවිට කොරෝනා ආසාදනයෙන් යුරෝපයෙන් වාර්තා වන මරණ ඉකුත් අප්‍රේල් මාසයට වඩා හතර පස් ගුණයකින් ඉහළ යනු ඇතැයි ද ඔහු අනතුරු ඇඟවී ය. මේ අතර ප්‍රංශයේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබේ. ඒ ඉකුත් පැය 24 තුළ එරටින් නව ආසාදිතයන් 30 621 ක් වාර්තාවීමත් සමගයි. මේ හමුවේ ජීවිත රැකගැනීමට දැඩි සීමා පැනවිය යුතු බවට ලෝක සෞඛ්‍ය සංවිධානය යුරෝපයට අනතුරු ඇඟවී ය. ප්‍රංශයට අමතරව බ්‍රිතාන්‍යය, ඉතාලිය , පෝලන්තය සහ ජර්මනියෙන් ද කොරෝනා ආසාදිතයන් වාර්තාවීම ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබේ. යුරෝපයෙන් දෛනිකව වාර්තාවන නව කොරෝනා මරණ සංඛ්‍යාව ද මේ වනවිට 1000 ඉක්මවන බව සඳහන් ය.
2020-10-15T20:28:29.000Z
CIDය හිටපු ඇමති රිෂාඩ්ගේ බිරිඳගෙන් ප්‍රකාශයක් ලබා ගනී
CIDය රිෂාඩ්ගේ බිරිඳගෙන් ප්‍රකාශයක් ලබා ගනී
COLOMBO (News 1st) : හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ බිරිඳගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් සටහන් කරන ගෙන තිබේ. ඒ රිෂාඩ් බදියුදීන් මහතාගේ කොළඹ පිහිටි නිවසේ දියි. ඊයේ සවස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් රිෂාඩ් බදියුදීන් මහතාගේ කොළඹ - 7, බෞද්ධාලෝක මාවතේ පිහිටි නිවස පරීක්ෂාවට ලක්වීමෙන් පසු එම ප්‍රකාශය ලබා ගෙන තිබේ. මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රි රිෂාඩ් බදියුදීන් අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායම් හයක් තවදුරටත් ක්‍රියාත්මකයි.
2020-10-15T19:25:14.000Z
මිනුවන්ගොඩ පොකුරේ ආසාදිතයින් ගණන 1789ක් දක්වා ඉහළට
මිනුවන්ගොඩ පොකුරේ ආසාදිතයින් ගණන 1789ක් දක්වා ඉහළට
COLOMBO (News 1st) : මිනුවන්ගොඩ පොකුරට අයත් සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 1789 ක් දක්වා ඉහළ ගියේ ය. ඒ ඊයේ හඳුනා ගත් නව ආසාදිතයින් 68 දෙනාත් සමගයි. ඉන් 22 ක් නිරෝධායන මධ්‍යස්ථානවල සිටින ආශ්‍රීතයින් හෝ කාර්යය මණ්ඩල සාමාජිකයින් ය. සෙසු ආසාදිතයින් 46 දෙනා ඔවුන්ගේ ආශ්‍රිතයින් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය. මීට අමතරව ඊයේ තවත් කොරෝනා ආසාදිතයින් 06 දෙනෙකු හඳුනා ගැනිණ. ඉන් දෙදෙනෙක් විදේශයන්හි සිට පැමිණි නාවිකයින් වන අතර, එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සිට පැමිණි තිදෙනෙක් ද, ඒ අතර වෙති. මෙරටින් වාර්තාවන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යව මේ වන විට 5244 දක්වා ඉහළ ගොස් තිබේ. සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ, කොරෝනා ආසාදිතයින් 1851 දෙනෙකු මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි.
2020-10-15T12:01:29.000Z
නව නිරෝධායන නීති ඇතුළත් අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කෙරේ
නව නිරෝධායන නීති ඇතුළත් විශේෂ ගැසට් පත්‍රයක්
COLOMBO (News 1st) - සමාජ දුරස්ථභාවය තබා ගැනීම, මුව ආවරණ පැළඳීම ඇතුළු සෞඛ්‍ය රෙගුලාසි ඇතුළත් අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ. නව ගැසට් පත්‍රයට ඇතුළත් නීති අතරට, කොරෝනා සම්බන්ධයෙන් වන රෝගි ප්‍රදේශයක් තුළ, පොදු ස්ථානයක සිටින තැනැත්තෙකුම හෝ වෙනත් තැනැත්තෙකු සමග සමීපස්ථවීමට හැකියාව ඇති වෙනත් යම් ස්ථානයක සිටින සෑම තැනැත්තෙකුම, *සෑම අවස්ථාකදීම මුව වැස්මක් පැළඳ සිටිය යුතු ය. *තැනැත්තන් දෙදෙනෙකු අතර, මීටර එකකට නොඅඩු සමාජ දුරස්ථභාවයක් පවත්වාගෙන යා යුතු ය. *සේවා ස්ථානවලට සහ ව්‍යාපාරික ස්ථානවලට ඇතුළුවන සෑම තැනැත්තෙකුම සෑම අවස්ථාවකදීම මුව ආවරණයක් පැළඳ සිටීම. *දෙදෙනෙකු අතර මීටරයකට නොඅඩු සමාජ දුරස්ථභාවයක් පවත්වාගෙන යාම. සේවා ස්ථානයට ඇතුළු වීමට පෙරාතුව සෑම තැනැත්තෙකුගේම ශරීර උෂ්ණත්වය මැන බැලීම. *විෂබීජ නාශක දියර සමගින් ප්‍රමාණවත් පරිදි දෑත් සේදීමේ පහසුකම සැලසීම. *ඇතුළුවන සෑම තැනැත්තෙකුගේම නම, හැඳුනුම්පත් අංකය සහ සම්බන්ධකර ගත හැකි තොරතුරු පිළිබඳ විස්තර ඇතුළත් ලේඛනයක් පවත්වාගෙන යාම. සේවා ස්ථානවල උපරිම සේවා නියුක්තයන් සංඛ්‍යාව සහ වෙනත් තැනැත්තන් සංඛ්‍යාව ඉක්මවන සංඛ්‍යාවක් තබා නොගැනීම. ඇතුළත් ය. රෝගී ප්‍රදේශයක අත්‍යවශ්‍ය සේවාවක් හෝ වෙනත් යම් සේවාවක් සපයනු ලබන යම් සුපිරි වෙළදසැලක , වෙළදසැලක , බිහි වෙළද පොලක හෝ වෙනත් යම් ව්‍යාපාරික ස්ථානයක අයිතිකරු හෝ එහි කාර්යභාර යම් තැනැත්තෙකු විසින් නිසි බලධරයා විසින් වරකට එකී පරිශ්‍රය තුළ සිටිය හැකි බවට අවසර දී ඇති උපරිම තැනැත්තන් සංඛ්‍යාව නොඉක්මවිය යුතු ය. එවැනි පරිශ්‍රයක් වෙත ඇතුළුවන සෑම තැනැත්තෙකුම සෑම අවස්ථාවකම මුව වැස්මක් පැළඳ සිටින බවට සහතික විය යුතු බව, තැනැත්තන් දෙදෙනෙකු අතර මීටර් එකකට නොඅඩු සමාජ දුරස්ථභාවයක් පවත්වාගෙන යාම එවැනි ස්ථානයකට ඇතුළු වන තැනැත්තන් ඇතුළුවීමට පෙරාතුව සෑම තැනැත්තෙකුගේම ශරීර උෂ්ණත්වය මැන බැලීම. විෂබීජ නාශක දියර සමගින් ප්‍රමාණවත් පරිදි දෑත් සේදීමේ පහසුකම සැලසීම. සහ නිසි බලධරයා විසින් රෝග වැළැක්වීමේ පියවර වලට අනුකූලව ක්‍රියාකරනු ලැබිය යුතු වීම යන නව නීතිවලින් සමන්විතයි.
2020-10-15T11:06:51.000Z
තවත් කොරෝනා ආසාදිතයින් 19 දෙනෙකු හඳුනා ගනී
තවත් කොරෝනා ආසාදිතයින් 19ක්
COLOMBO (News 1st ) – තවත් කොරෝනා ආසාදිතයින් 19 දෙනෙකු හඳුනා ගෙන ඇතැයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි. ඔවුන්ගෙන් 09 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවලින් වන අතර 10 දෙනෙකු ආශ්‍රිතයින් බව යුද හමුදාපතිවරයා පවසයි.
2020-10-15T11:05:49.000Z
නිරෝධායන ඇඳිරි නීතිය පැනවූ ප්‍රදේශවල ආහාර වෙළඳසැල් සහ ෆාමසි හෙට පැය 14ක් විවෘත කිරීමට අවසර
නිරෝධායන ඇඳිරි නීතිය: ආහාර වෙළඳසැල්,ෆාමසි පැය 14ක්
COLOMBO( (News 1st) - නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති සියලු ප්‍රදේශයන්හි ආහාර ද්‍රව්‍ය අලෙවි කරන වෙළඳසැල් සහ ඖෂධසැල් හෙට(16) උදෑසන 8.00 සිට රාත්‍රී 10.00 දක්වා විවෘත කිරීමට අවසර දී තිබෙන බව පොලීසිය පවසයි.
2020-10-15T07:28:37.000Z
නීති විරෝධී පරිසර විනාශයන් වැටලීමට වෙනම ඒකකයක්
නීති විරෝධී පරිසර විනාශයන් වැටලීමට වෙනම ඒකකයක්
COLOMBO (News 1st) - නීති විරෝධී පරිසර විනාශයන් වැටලීම සඳහා වෙනම ඒකකයක් ස්ථාපිත කිරීමට පරිසර අමාත්‍යාංශය තීරණය කර තිබේ. පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ, හමුදාවේ හා පොලීසියේ ඉහළ නිලධාරීන් දෙදෙනෙකුගේ ප්‍රධානත්වයෙන් මෙම ඒකකය පිහිටුවීමට නියමිත බවයි. සිදුවන පරිසර විනාශයන් ක්ෂණිකව වැටලීම සඳහා එම ඒකකය හරහා හැකිවනු ඇතැයි අමාත්‍යවරයා පැවසුවේය. පරිසරයට සිදුවන හානිය පිළිබදව දැනුවත් කිරීම සදහා ද ක්ෂණික දුරකථන ඇමතුම් අංක කිහිපයක් හදුන්වා දී ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය. 1991 දුරකතන අංකය පරිසර අමාත්‍යාංශයේ ක්ෂණික ඇමතුම් අංකය වන අතර මධ්‍යම පරිසර අධිකාරිය 1981 දුරකතන අංකය ද හඳුන්වා දී තිබේ. මීට අමතරව භූ විද්‍යා හා පතල් කාර්යාංශය 1921 දුරකතන අංකය ද හඳුන්වා දී තිබේ.
2020-10-15T06:31:39.000Z
නව නිරෝධායන නීති ඇතුලත් විශේෂ ගැසට් පත්‍රයක්
නව නිරෝධායන නීති ඇතුළත් විශේෂ ගැසට් පත්‍රයක්
COLOMBO (News 1st) -නව නිරෝධායන නීති ඇතුළත් විශේෂ ගැසට් පත්‍රයට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අත්සන් යොදා තිබේ. නව ගැසට් පත්‍රය තුළ පහත සඳහන් නීති ඇතුළත් වේ. 🔺සේවා ස්ථානවලට සහ ව්‍යාපාරික ස්ථානවලට ඇතුල්වන සෑම තැනැත්තෙකුම සෑම අවස්ථාවකදීම මුව ආවරණයක් පැළඳ සිටීම. 🔺දෙදෙනෙකු අතර මීටරයකට නොඅඩු සමාජ දුරස්ථභාවයක් පවත්වාගෙන යාම. 🔺සේවා ස්ථානයට ඇතුල්වීමට පෙරාතුව සෑම තැනැත්තෙකුගේම ශරීර උෂ්ණත්වය මැන බැලීම. 🔺විෂබීජ නාශක දියර සමගින් ප්‍රමාණවත් පරිදි දෑත් සේදීමේ පහසුකම සැලසීම. 🔺ඇතුල්වන සෑම තැනැත්තෙකුගේම නම, හැඳුනුම්පත් අංකය සහ සම්බන්ධකර ගත හැකි තොරතුරු පිළිබඳ විස්තර ඇතුළත් ලේඛනයක් පවත්වාගෙන යාම. 🔺සේවා ස්ථානවල උපරිම සේවා නියුක්තයන් සංඛ්‍යාව සහ වෙනත් තැනැත්තන් සංඛ්‍යාව ඉක්මවන සංඛ්‍යාවක් තබා නොගැනීම.
2020-10-15T05:50:27.000Z
කොරෝනා නිසා ලබන 31 දක්වා සියලුම සිනමා ශාලා වැසේ
ලබන 31 දක්වා සියලුම සිනමා ශාලා වැසේ
COLOMBO (News 1st) - ඔක්තෝම්බර් 31 වැනි දිනතෙක් සියලුම සිනමා ශාලා තාවකාලිකව වසා තැබීමට තීරණය කර තිබේ. දැනට රට තුළ පවතින කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ලබා දී ඇති උපදෙස් අනුව මෙම තීරණය ගෙන ඇති බව ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති ජයන්ත ධර්මදාස මහතා සඳහන් කළේය.
2020-10-15T04:09:31.000Z
මිනුවන්ගොඩ පොකුරෙන් තවත් කොරෝනා ආසාදිතයින් 49ක්...
තවත් 49 දෙනෙකුට කොරෝනා
COLOMBO (News 1st ) –මිනුවන්ගොඩ පොකුරෙන් තවත් කොරෝනා ආසාදිතයින් 49 දෙනෙකු හදුනාගෙන තිබේ. යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ, ඉන් 13 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවලින් සොයා ගත් බවයි. සෙසු අසාදිතයින් 36 දෙනා ඔවුන්ගේ ආශ්‍රිතයින් වේ. මෙරටින් වාර්තාවන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව මේ වන විට 5219 දක්වා ඉහළ ගොස් තිබේ. සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ, කොරෝනා ආසාදිතයින් 1826 දෙනෙකු මේ වන විට රෝහල් ගතව ප්‍රතිකාර ලබන බවයි.
2020-10-15T04:05:17.000Z
ජාතික රෝහලේ සායනවලට එන‍ රෝගීන් සීමා කෙරේ
ජාතික රෝහලේ සායනවලට එන‍ රෝගීන් සීමා කෙරේ
COLOMBO (News 1st) : පවතින කොරෝනා අවදානම පාලනය කිරීම සඳහා ජාතික රෝහලේ සායනවලට පැමිණෙන රෝගීන් සීමා කර තිබේ. එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ චන්දන ගජනායක පැවසුවේ, රෝහලේ තදබදය අවම කිරීමට අවශ්‍ය වෙන නිසා සායනවලට රෝගීන් පැමිණීම අවශ්‍ය නොවන අවස්ථාවන්වලදී නිවෙස්වලටම ඖෂධ යැවීමේ වැඩපිළිවෙළක් යොදන බවයි. මීට අමතරව ජාතික රෝහලේ සායනික කාඩ් පත ඉදිරිපත් කර අදාළ ප්‍රාදේශීය රෝහලේ බෙහෙත් ශාලාවෙන් ද ඖෂධ ලබා ගත හැකියි. තව ද රෝහල තුළට රෝගීන් බැලීමට එන ජනතාව සීමා කර ඇති බව ද නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.
2020-10-15T03:31:50.000Z
ජාත්‍යන්තර සුදු සැරයටි දිනය අදයි
ජාත්‍යන්තර සුදු සැරයටි දිනය අදයි
COLOMBO (News 1st) : ලෝකය පුරා විසිරී සිටින දෘශ්‍යාබාධිත ප්‍ර‍ජාව වෙනුවෙන් අවධානය යොමු කිරීම සඳහා වන ජාත්‍යන්තර සුදු සැරයටි දිනය අදට යෙදි තිබේ. දෘශ්‍යාබාධිතයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා 1930 වසරේදී , ඇමරිකාව විසින් සුදු සැරයටිය හඳුන්වා දී තිබේ. පෙන්සිල්වේනියාවේ ආරෝග්‍ය ශාලාවක සේවය කළ වෛද්‍ය රිචඩ් හුවර් මහතා මෙහිදී පුරෝගාමී මෙහෙවරක් ඉටු කළේ ය. කෙටි කලකින් ඇමරිකාවේ ජනප්‍රිය වූ සුදු සැරයටිය පසුකාලීනව යුරෝපය පුරාද ප්‍ර‍චලිත විය. ඒ අනුව 1942 වසරේදි මුලින්ම සුදු සැරයටි දිනය ප්‍ර‍කාශයට පත් කළේ ය. අදට යෙදී ඇති ජාත්‍යන්තර සුදු සැරයටි දිනය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා දෘශ්‍යාධාධිත සුබසාධක සංගමය පවසන්නේ තමන් මුහුණ දෙන ගැටලු ගණනාවක් ඇති බැවින් ඒ ගැන බලධාරීන්ගේ අවධානය යොමු විය යුතු බවයි.
2020-10-15T01:57:07.000Z
කුරුණෑගල පැරණි ගොඩනැගිල්ල ඉදිරිපිට උණුසුම් තත්ත්වයක්
කුරුණෑගල පැරණි ගොඩනැගිල්ල ඉදිරිපිට උණුසුම් තත්ත්වය
COLOMBO (News 1st) : පසුගිය දා ආන්දෝලනයක් ඇති කරමින් කඩා දැමුණු කුරුණෑගල පැරණි ගොඩනැගිල්ල ඉදිරිපිට අද උදෑසන උණුසුම් තත්ත්වයක් ඇති විය. අද පෙරවරුවේ ජනතා විමුක්ති පෙරමුණේ නාමල් කරුණාරත්න මහතා සහ මහා සංඝරත්නය එම ස්ථානය නිරීක්ෂණය කිරීමට නියමිතව තිබිණ. එහෙත්, පොලීසිය එය වළක්වන නියෝගයක් ලබාගෙන තිබුණේ කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයෙනි. කරුණාරත්න මහතා ඇතුළු පිරිස එහි පැමිණීමෙන් අනතුරුව පොලීසිය විසින් එම අධිකරණ නියෝගය ඔහුට ලබා දුන්නේ ය. එම ස්ථානයට පැමිණ සිටි කුරුණෑගල නගරාධිපතිවරයාට සහය පළ කරන පිරිසක් නාමල් කරුණාරත්න මහතා ඇතුළු පිරිසට ඉවත්ව යන ලෙස දන්වමින් ඝෝෂා කළහ. අනතුරුව පොලීසියේ මැදිහත්වීම සහ, නගරාධිපතිවරයාට සහය පළ කළ කණ්ඩායමේ විරෝධය හමුවේ නාමල් කරුණාරත්න මහතා ඇතුළු පිරිස එම ස්ථානයෙන් ඉවත්ව ගියහ. මෙම ගොඩනැගිල්ල කඩා දමා අදට මාස තුනකි. https://www.facebook.com/NewsfirstSL/videos/1767627430093130/
2020-10-15T01:45:21.000Z
විශ්වවිද්‍යාල විද්‍යාගාර තුළ ත් PCR පරීක්ෂණ කිරීමට පියවර
විශ්වවිද්‍යාල විද්‍යාගාර තුළ ත් PCR පරීක්ෂණ
COLOMBO (News 1st) : විශ්වවිද්‍යාල කිහිපයක විද්‍යාගාර තුළ ද PCR පරීක්ෂණ සිදුකිරීමට පියවර ගෙන ඇතැයි, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම පවසයි. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සඳහන් කළේ, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා කළ ලිඛිත ඉල්ලීමකට අනුව, එම පියවර ගත් බවයි. එම ඉල්ලීම සියලු විශ්වවිද්‍යාලවල උප කුලපතිවරුන්ට දැනුම් දීමෙන් පසු ඔවුන් සියලු දෙනා ඊට සිය කැමැත්ත පළ කර ඇති බව ද අමරතුංග මහතා ප්‍රකාශ කළේ ය. ඒ අනුව, අද සිට ශ්‍රී ජයවර්ධනපුර, අග්නිදිග, කොළඹ, සහ යාපනය විශ්වවිද්‍යාලවලදී PCR පරීක්ෂණ සිදුකිරිමට නියමිතයි. සාම්පල ලද විගස පරික්ෂණ සිදුකිරිමට සියලු කටයුතු සුදානම් බව ද මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සඳහන් කළේ ය.
2020-10-15T01:04:16.000Z
හිටපු ඇමති රිෂාඩ්ගෙන් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක්
හිටපු ඇමති රිෂාඩ්ගෙන් රිට් පෙත්සමක්
COLOMBO (News 1st) : හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා අභියාචනාධිකරණයට රිට් ආඥා පෙත්සමක් ගොනුකර තිබේ. ඒ තමන් අත්අඩංගුවට ගැනීම වළක්වමින් තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලමිනි. ඉකුත් ජනාධිපතිවරණය දින පුත්තලම ප්‍රදේශයේ ස්ථාපිත අවතැන් කඳවුරුවල රඳවා සිටි අවතැන්වූවන් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා මන්නාරම ප්‍රදේශයට රැගෙන යාම සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයාට චෝදනා එල්ල වී තිබේ. වැඩ බලන පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ඇතුළු පොලිස් නිලධාරීන් 7 දෙනෙකු පෙත්සමේ වග උත්තරකරුවෝ වෙති. පුත්තලම ප්‍රදේශයේ අවතැන් කඳවුරුවල රඳවා සිටින දොළොස් දහසකට ආසන්න ඡන්ද දායකයන්ට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පසුගිය ජනාධිපතිවරණය පැවති දින ඔවුන්ගේ ස්ථිර පදිංචි ප්‍රදේශවලට රැගෙන යාමට පියවර ගනු ලැබුවේ, ඒ සඳහා එවකට මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කළ මංගල සමරවීර මහතාගේ අනුමැතිය ලැබීමෙන් පසුව බවත් පෙත්සම්කරු සිය පෙත්සම මගින් අභියාචනාධිකරණයට පෙන්වා දී තිබේ. නීතිඥ ‍ගෞරි පවරාසා මහත්මිය මගින් ගොනු කළ සිය පෙත්සමෙන් ඔහු ඉල්ලා ඇත්තේ, නීතිපතිවරයාගේ උපදෙස් මත තමන් අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දරන උත්සාහය යුක්ති සහගත නොවන බවයි. සිය පෙත්සම විභාගයට ගෙන අවසන් තීන්දුවක් ලබාදෙන තෙක් තමා අත්අඩංගුවට ගැනීම වළක්වන අතුරු තහනම් නියෝගයක් වගඋත්තරකරුවන්ට නිකුත් කරන ලෙස රිෂාඩ් බදීයුදීන් මහතා වැඩිදුරටත් ඉල්ලා තිබේ.
2020-10-15T00:39:07.000Z
පානදුර උතුර OICගේ ජීප් රථය යතුරුපැදියක ගැටෙයි
පානදුර උතුර OIC රිය අනතුරක
COLOMBO (News 1st) : රිය අනතුරකින් තුවාල ලැබූ පානදුර උතුර පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු තරුණයින් දෙදෙනෙකු රෝහල්ගත කර තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති, නිතීඥ අජිත් රෝහණ මහතා සඳහන් කළේ, පොලිස් ස්ථානාධිපතිවරයා ගමන්ගත් ජීප් රථයේ යතුරුපැදියක් ගැටිමෙන් අනතුර සිදුව ඇති බවයි. ඊයේ රාත්‍රි 12.30 ට පමණ එම රිය අනතුර සිදුව තිබේ. කොළඹ ජාතික රෝහලේ ප්‍රකාශිකාවක සඳහන් කළේ, තුවාල ලැබූ තිදෙනාම හදිසි අනතුරු අංශයට ඇතුළත් කර ඇති බවයි. පොලිස් ස්ථානාධිපතිගේ දෙපාවලට තුවාල සිදුව ඇති බවත්, තරුණයින් දෙදෙනා දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කර ඇති බවත් ජාතික රෝහලේ ප්‍රකාශිකාව සඳහන් කළේ ය.
2020-10-15T00:14:48.000Z
''අවශ්‍ය වුණොත් තවත් අමතර රෝහල් 10 ක් සූදානම්''
මිනුවන්ගොඩ පොකුරේ කිසිවෙක් ICU නැහැ
COLOMBO (News 1st) : මෙරට කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා අමතර රෝහල් 10 ක් සූදානම් කර ඇතැයි, සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. එහි මාධ්‍ය ප්‍රකාශක, වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා පැවසුවේ, දැනට රෝහල් 14 ක 2400 ඉක්ම වූ අඳන් සංඛ්‍යාවක් කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා වෙන් කර ඇති බවයි. ඊට අමතරව දැඩි සත්කාර එක්කවල ඇඳන් 146 ක් කොරෝනා රෝගීන් වෙනුවෙන් වෙන් කර ඇති බව ද ජයරුවන් බණ්ඩාර මහතා වැඩිදුරටත් සඳහන් කළේ ය. කෙසේ වෙතත් මිනුවන්ගොඩ කොරෝනා පොකුරින් හමු වූ කිසිදු කොරෝනා ආසාදිතයෙකු මේ දක්වා දැඩි සත්කාර ඒකකවලට ඇතුළත් කර නොමැත.
2020-10-14T23:04:21.000Z
කාලගුණෙන් අවවාදාත්මක නිවේදනයක්
කාලගුණෙන් අවවාදාත්මක නිවේදනයක්
COLOMBO (News 1st) : තද සුළං සහ මුහුද රළුවීම් පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. මෙහි දැක්වෙන්නේ හම්බන්තොට සිට පොතුවිල් දක්වා සහ පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරේ දක්වා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝ මීටර් 60 ත් 70 ත් දක්වා ඉහළ යා හැකි බවයි. එම මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවල නිරත වීම අවදානම් සහගත බව ද එම දෙපාර්ථමේන්තුව දැනුම් දෙයි. එහි දැක්වෙන්නේ කන්කසන්තුරේ සිට මුලතිවු හරහා ත්‍රීකුණාමලය දක්වා සහ පුත්තලමේ සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැ.කි 50 ත් 60 ත් දක්වා ඉහළ යා හැකි බවයි. සෙසු මුහුදු ප්‍රදේශවල ද සුළං වේගය පැ.කි 50 ත් 55 ත් දක්වා ඉහළ යා හැකි බැවින් නාවුක හා ධීවර ප්‍රජාව දැඩි අවධානයෙන් කටයුතු කළ යුතු බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. මේ අතර ඊයේ රාත්‍රියේ පැවති තද සුළං සමග වරකාපොළ ප්‍රදේශයේ එළිපන්ගමුව නෙළුන්දෙණිය මහ තුංතොට යන ප්‍රදේශවල නිවාස 7 කට හානි සිදුව තිබේ. ඉන් එක් නිවාසයකට පූර්ණ හානි සිදුව තිබේ.
2020-10-14T09:29:22.000Z
පසුගිය වසරට සාපෙක්ෂව වී නිෂ්පාදනය 9.7% කින් ඉහළට
පසුගිය වසරට සාපෙක්ෂව වී නිෂ්පාදනය 9.7% කින් ඉහළට
COLOMBO (News 1st) : කොරෝනා වසංගතය හමුවේ වුව ද මේ වසරේ වාර්තාගත -වී- අස්වැන්නක් ලැබී ඇතැයි, රජය පවසයි. රජයේ නිල සංඛ්‍යා ලේඛනවල දැක්වෙන්නේ, 2019 වසරට සාපෙක්ෂව මේ වසරේ වී නිෂ්පාදනය 9.7% කින් ඉහළ ගොස් ඇති බවයි. ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව 2020 වසරේ මෙරට වී නිෂ්පාදනය මෙට්‍රික් ටොන් මිලියන 5037ක් වේ. එය 2019 වසරට සාපේක්ෂව 9.7%ක ඉහළ යාමකි. 2018 වසරට සාපේක්ෂව සැලකූ විට මෙම වැඩිවීම 28.2% ක් වේ. මේ වසරේ වී අස්වැන්න 2017 වසරට සාපේක්ෂව 111%කින් ඉහළ ගොස් ඇති අතර එය එම වසරට සාපෙක්ෂව නිෂ්පාදනය දෙගුණ වීමකි. බැසිල් රාජපක්ෂ මහතාගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්යය සාධක බලකාය මගින් සෞභ්‍යා අහාර නිෂ්පාදන වැඩපිළිවෙළ අධීක්ෂණය කරමින් ක්‍රියාත්මක වේ.