text
stringlengths 501
405k
| source
stringclasses 1
value |
---|---|
වර්ෂ 2022 ක්වූ October 06 වැනිදා Thursday
මුලින්ම ප්රවෘත්ති ප්‍රකාශයකට ඉදිරිපත් වුණාට පරීක්ෂණයෙන් අසමත්
”වේලාව දහවල් 12.45යි. මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවයි. මෙන්න ප්රවෘත්ති. ප්‍රකාශය චිත්‍රා කුමාරි කළුබෝවිල විසින්.” මේ වැකිය කියවන විටම ඔබට ඒ හඬ ඇසෙනවා වැනි හැඟීමක් මතු වනු නියතය. අඩසිය වසකට ආසන්න කාලයක් පුරා නර්ථනය, රංගනය, ගායනය ආදි විවිධ හැකියාවන් ඔස්සේ කලා ක්ෂේත්රයේ විවිධ පැතිකඩ ඔස්සේ පැමිණි ඇය අවසානයේ විශේෂිත, ජනප්‍රිය චරිතයක් බවට පත් වූයේ නිවේදනයෙනි. ගුවන්විදුලි රාජ්‍ය සම්මාන උලෙළේ හොඳම ප්රවෘත්ති නිවේදිකාව ලෙස තෙවරක් නොකඩවා සම්මානයට පාත්‍ර වීමෙන් වාර්තාවක් පිහිටුවීම පිළිබඳ ඇය අපට දැන් වූ පසු මෙසේ පිළිසඳරකට යොමු වුණෙමු. මේ චිත්‍රා කුමාරි කළුබෝවිල නම් ජ්‍යෙෂ්ඨ නිවේදිකාවගේ මෙතෙක් ගමනේ මංසලකුණු කීපයකි.
”අපි හිටියේ මරදානේ ටවර් හෝල් රඟහල ඉදිරිපිට. අපේ වහලේ සිදුරුවලින් උදේට හිරු එළිය ගෙට වැටෙනවා. ?ට සඳ එළිය එබෙනවා. වහිනකොට වැහි බින්දු ගේ තුළට බේරෙනවා. බිත්ති වෙනුවට තිබුණේ ඉටිරෙදි. හැබැයි අපේ අම්මා (ශීලා සරත්කුමාරිහාමි හෙට්ටිආරච්චි) අප්පච්චි (සිමියොන් කළුබෝවිල) අපි වෙනුවෙන් බොහෝ දුක් වින්දා කැප වුණා. අම්මා නුවර. ඔවුන් අපව යොමු කළේ කොළඹ ආනන්ද බාලිකා විදුහලට සහ මරදාන අභයසිංහාරාමයේ ශ්‍රී සංඝරාජ දහම් පාසලට. මට පාලි භාෂාව ඉගැන්නුවේ පූජ්‍ය පණ්ඩිත වෙළේගම්මැද්දේ විමලජෝති ස්වාමීන් වහන්සේ. සීලක්කන්ද ස්වාමීන්වහන්සේට කියලා අපට බුද්ධගජ්ජය, සකස්කඩය වැනි පොත් කියෙව්වා. අම්මාට කළ නොහැකි දෙයක් නෑ. වහල හදන්නත් පුළුවන්, සිමෙන්ති වැඩත් පුළුවන්, කෑම උයන්නත් පුළුවන්, මැහුම් ගෙතුම්, ගී ගයන්න, සර්පිනාව වයන්න ආදියත් පුළුවන්. හරි කාරුණිකයි. ඒ වගේම හරිම උගත්, බුද්ධිමත්. අප්පච්චීටත් හොඳට සින්දු කියන්න පුළුවන්. අපි කුඩා කාලේ සමහරදාට හවසට මමයි නෙළුම් නංගියි, ලලිත් සහ සංගීත් මල්ලිලායි ගෙදර පවුලේ පැදුරු පාටි දානවා. ඉතින් අපව කුඩා කාලේ සිටම ගුවන්විදුලි ළමා මණ්ඩපයට යොමු කරලා, වැඩසටහන් ඉවරවෙලා අප එනතුරු අම්මා එළියේ ටැටිං ගොතමින් ඉන්නවා.”
ඇය කීවේ මවු පියන්, විශේෂයෙන් මව වෙනුවෙන් උපන් අසීමිත සෙනෙහස වචනවලට පෙරළාගත නොහැකි තරම් හැඟීම්බරවය.
”1960 දශකයේ අගභාගයෙන් පසු අපි ළමා මණ්ඩපයේ ගීත ගැයුවා, බෝසත් ළමා ළපැටියෝ, හඳමාමා වැඩසටහන්වලට සම්බන්ධ වුණා, කටහඬ පරීක්ෂණවලින් සමත් වුණා. ළමා සංගීත සන්ධ්‍යාවේ ළමා ගී ගැයුවා.
මම කුඩා කාලෙ ඉඳන් එක එක රැකියා ගැන හීන මැවුවා. පොලිස් කාන්තාවක්, ගුරුවරියක්, නීතිඥවරියක්, ගුවන් සේවිකාවක් වගේ ක්ෂේත්‍ර දිගේ ඒ හීන වෙනස් වෙමින් ගියා. තිබුණු ආර්ථික දුෂ්කරතා නිසා වෙනත් තරුණියන්ට ඇති තුරුණු වියේ සිතුවිලිවලට වඩා වෙනස් අභිලාෂයන් තිබුණේ. උසස් අධ්‍යාපනයට යොමු වෙනවාටත් වඩා මේ ගංගාවෙන් එගොඩ වෙලා මඩ ගොහොරුවෙන් මතුවන නෙළුම් මල් වගේ පිපෙන්නෙ කොහොමද? අම්මා අප්පච්චීට රජ සැප නැතත් පුළුවන් විදිහට සලකන්නේ කොහොමද? කියන සිතිවිල්ලයි මට තිබුණේ. මම බුදු හිමියන්ගේ ජීවිතය බෙහෙවින් අධ්‍යයනය කළා. තනිව බුදු වෙනවාට වඩා අනෙක් අයටත් මඟ කියා දෙමින් ගිය ගමන දෙස බලා මගේ ජිවිතය හදාගෙන පවුලේ අයටත් උදවු කරන්න ඕනෙ වුණා. හැබැයි මම කුඩා කාලේ හරි බයයි. බෙලූමක්, රතිඤ්ඤයක් පිපිරුණත්, ගෙරෙව්වත් බයයි, අඬනවා. හැබැයි පසුකාලීනව මම මගේ ආරක්ෂාව උදෙසාම නිර්භයව ඉදිරියට යන්න පුරුදු වුණා.”
ඇය පවසන්නේ සිනාමුසු වතිනි.
”මම ගුරුවරියගේ සිහිනය සැබෑ කරගෙන අර්ධකාලීන නැටුම් ගුරුවරියක් වශයෙන් මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහලේ සහ වාද්දුව රෝමානු කතෝලික මිශ්‍ර පාසලේ සේවයට බැඳුණා. එහිදී සංගීතය උගන්වන්නත් මට සිදුවුණා. ඒ ඒ අංශවල පාසල් තරගවලින් අපේ පාසලේ දරුවන්ට ජය ලබා දෙන්න මට හැකි වුණා. මමත් නෙළුම් නංගිත් යම් මට්ටමකට සංගීතය ඉගෙන ගත්තේ ආචාර්ය දයාරත්න රණතුංග ගුරුතුමාගෙන්. පාසලේදී අපට නැටුම් ඉගැන්නුවේ ධර්මසිරි ගමගේ මහත්මාගේ බිරිඳ සීතා ගමගේ මිස්. නන්දා පී. වික්‍රමසිංහ මහත්මිය සංගීතය ඉගැන්නුවේ. මම ඉගැන්වූ පාසල් දෙකේම හිටියේ ධීවර ජනතාවගේ සහ ලී මුදලාලිලාගේ දරුවන්. ඇති නැති පරතරය මම හොඳින් දුටු නිසා, මගේ ජීවිතයේ අත්දැකීම්වලට ඒ අයගේ අත්දැකීම් සමාන නිසා මම ඒ දරුවන්ට බෙහෙවින් ආදරය කළා. මම මුලින්ම ගුරුවරියක් ලෙස යද්දි ගුවන්විදුලියේ සිටි කුසුම් පීරිස්, සුජාතා ගුණවර්ධන අක්කලා තමයි මට සාරියක්වත් තෑගි කළේ. ” ඇයගේ මුහුණේ කෘතඥ පූර්වක හැඟීමකි.
”මට නිවේදිකාවක් වීමේ හීනයක් නම් තිබුණේ නැහැ. හැබැයි කලා ක්ෂේත්රයේ සිටිය යුතු බවට හැඟීමක් අම්මා අපට ඇති කළා. උගතුන්, බුද්ධිමතුන්, කලා ක්ෂේත්රයේ ප්‍රවීණයන් ඇසුරු කරන්න අපව පෙලඹුවා. ආචාර්ය ඊ. ඩබ්ලිව්. අදිකාරම් වැනි උගතුන් අපේ ළමා වැඩසටහන්වලට සහභාගී වුණා. අපේ ජ්‍යෙෂ්ඨ නිවේදක නිවේදිකාවන් අපට මුණ ගැහෙන්න අවස්ථාව උදා වුණේ ඒ උනන්දු කිරීම මත අප කටයුතු කළ නිසා. සරස්වතී මණ්ඩපය වැනි වැඩසටහන්වලදි අපට ප්‍රතිභාසම්පන්න පිරිස ඇසුරු කරන්න අවස්ථාව ලැබුණා.
ඒ නිසා මටත් කලා ක්ෂේත්රයේ කොතැනක හෝ රැඳී සිටින්න අවශ්‍ය වූ නිසා වේදිකා නාට්‍යවල ප්‍රධාන සහ උප ප්‍රධාන චරිත කළා. මුලින්ම බී. සිරිතුංග පෙරේරා මහතාගේ ගිනි කඳු නාට්‍යයේ තමයි මම ප්‍රධාන චරිතයක් කළේ. දයානන්ද ගුණවර්ධනයන්ගේ ගජමන් පුවත, දයා වයමන්ගේ අම්මයි පුතයි, ඬේෂන් අමරසිංහගේ කිරිගරුඬ වැනි 12ක පමණ රඟපෑවා. ජර්මන් ජාතික මහාචාර්ය නෝබර්ට් ජේ. මයර් අධ්‍යක්ෂණය කළ අනේ අබ්ලික් නාට්‍යයේ මමයි, නෙළුම් නංගීයි, කමල් අද්දරආරච්චි, ජයන්ත චන්ද්‍රසිරි වැනි අය සමඟ රඟපාන්න අවස්ථාව ලැබුණා. එහිදී ලැබුණු ආශ්වාස ප්‍රශ්වාස සහ ශාරීරික අභ්‍යාස, හඬ පුහුණුව වැනි දේ අපට නිවේදිකාවන් ලෙස කටයුතු කිරීමේදී බොහෝ වැදගත් වුණා. එයට අපව තෝරා ගැනීම වෙනුවෙන් මහාචාර්ය තිස්ස කාරියවසම්, ළමා හා යොවුන් නාට්‍ය ආයතනයේ ගාමිණී විජේසූරිය ගුරුවරුන් මතක් කළ යුතුයි. මගේ සේයා රූ ආදිය පත්තරවල පළ වෙනවා ඒ කාලේ හරි ජනප්‍රිය වෙන්න පටන් ගත්තා. ඒත් රංගනය පිළිබඳ ඉහළට හදාරන්න රාජ්‍ය මට්ටමේ තක්සලාවක් අපට නොතිබුණු නිසා අපට ඒ පැත්තෙන් ඉහළට යන්න සහ වෘත්තීය මට්ටමක් ඇති කරගන්න බැරි වීම අදටත් පවතින ප්‍රශ්නයක්. මම ඒ අතර ගුවන්විදුලි නාට්‍ය, සහන නිවේදන කටයුතු කරනවා. හවස 6.00 සිට 11.15 වනතුරු අපි මැදිරියේ රාජකාරි කරනවා. පසුදා පාසල් යන්නත් ඕනේ. එය ‘කට්ටක්’ නම් මම අදටත් කට්ට කනවා. (සිනාසෙයි) අපේ හීන සැබෑ කරගන්න නම් මට රැකියාවක් අවශ්‍ය වුණා.”
කල්පනාවක නිමග්නව සිටි ඇය යළිත් කතාව අරඹයි.
”අනෙක් සිහින බොඳ වෙද්දි මම කවදාවත් නොහිතපු සිහිනයක් සැබෑ වුණා. නැටුම් ගුරුවරියක් සහ ගුවන්විදුලි නිවේදිකාවක් යන භූමිකා දෙක කරමින් ඉන්න අතර මට ඒ දෙකින් එකක් තෝරා ගැනීමට අවස්ථාව ආවා. කුසුම් පීරිස් මහත්මියට ස්තුති වන්න මගේ කන මිරිකලා එතුමියම ඉල්ලූම්පත සකස් කරලා තමයි මම සහන නිවේදිකාවක් බවට පත් වුණේ. නැටුම් ගුරුවරියක් ලෙස සහ නිවේදිකාවක් ලෙස ස්ථිර පත්වීම් සඳහා ලියුම් දෙකම මට ලැබුණේ එකවර. ඉතින් මම අම්මාගෙන් ඇහුවා මොකද කරන්නේ කියලා. ඇය කීවා ‘පුතේ දැන් ඔයාට ප්‍රාදේශීය ශිෂ්‍ය පිරිසක් ඉන්නවා. දිස්ත්‍රික් ජයග්‍රහණ පාසලට ලබා දීලා තිබෙනවා. දැන් ඔයා රටට ලෝකයට යන්න ඕනෙ.‘ කීවා. අම්මා කොච්චර දුර දකින්න ඇත්ද? ඒ තමයි මගේ හඬ ගැන ඇති වුණු විශ්වාසය.” ඇය මවට දක්වන ගෞරවාදරය යළිත් මතුව එයි.
”ප්‍රසංග වේදිකාවට මගේ දායකත්වය ලැබුණෙත් අහඹු රසවත් සිදුවීමකින්. මම නිවේදනය කළ එක්තරා දැන්වීමක අයිතිකරුවෙක් සංගීත ප්‍රසංගයක් කරනවා කියලා එහි නිවේදන කටයුතුවලට මට ආරාධනා කළා. ඒත් මම ඒ වෙද්දි ප්‍රසංග වේදිකාවල නිවේදනය කර නැති නිසා බෑ කියලා තරයේ ප්‍රතික්ෂේප කළා. පසුව ඔහු කීවා අඩුම තරමේ ඔහුගේ වෙළෙඳ දැන්වීම පමණක් එහි නිවේදනය කරන්න කියලා. එය මට බැහැ කියන්න බෑ. මම ලියලා අවුරුද්දක් පුරා මම නිවේදනය කළ වෙළෙඳ දැන්වීම මට කටපාඩම් නිසා. ඉතින් ෆෝචූන්ස් වාදක කණ්ඩායම සමඟ හේමසිරි හල්පිට මහත්මා ඉදිරිපත් කළ වැඩසටහනේ මමත් ගිහින් පැත්තක ඉඳගෙන හිටියා. වෙළෙඳ දැන්වීම නිවේදනය කරන්න අවස්ථාව ලැබුණාම එය කටපාඩමින්ම කළා. විශාරද නීලා වික්‍රමසිංහ මහත්මියගේ ගීත කීපයක් හල්පිට අයියා නිවේදනය කළා. රසිකයන් වන් මෝ කියමින් තවත් ගීත ඉල්ලනවා. ඉන් පසු එකපාරටම ඔහු කීවා ඔව් අප ඇයව යළි කැඳවන්න සූදානම්. ඒ සඳහා නිවේදන කටයුතුවලට වඩාත් සුදුසු චිත්‍රා කුමාරි කළුබෝවිලට මම ඒ සඳහා ආරාධනා කරනවා කියලා. මිනිස්සු කමෝන් චිත්‍රා ගගා කෑගහන්න ගත්තා. මගේ බඩ පපුව දැවිල්ලයි වගේ. ඒත් මොනවා කරන්නද? ඒ අතර ස්ටැන්ලි පීරිස් මහත්මයා සැක්සෆෝනයෙන් පපර බෑන්ඞ් එකක් ගහන්න ගත්තා මාව උනන්දු කරන්න. මම තක්කු මුක්කු නැතුව ගියා මොනවද කියන්නේ කියලා. හැබැයි ගුවන්විදුලියේ පුස්තකාලය තමයි මට ඒ මොහොතේ තක්සලාවක් වගේ පිහිට වුණේ. නීලා අක්කා සී. ද ඇස්. කුලතිලක මහත්මයාගේ ගුවන්විදුලි පර්යේෂණ ගීවලින් ආ බව සහ කළුදිය දහර චිත්‍රපටයේ මාස්ටර් සර් ගීයට ඒ වෙද්දි සම්මාන ගෙන තිබුණු බව මට මතක් වුණා. ඒ ටික වචනවලට පෙරළා කීවා. නීලා අක්කා ආදරෙන් ස්තූති කර ගී ගයන්න ගත්තා. හල්පිට අයියයි, ස්ටැන්ලි අයියායි ඉඟිබිඟි කරගන්නවා දැක්කේ ඊට පස්සේ. මම ඔරවාගෙන ගියා තරහට. ඔවුන් කීවා ඔය වචන ආවේ හොඳට අපට රැව්වාට කියලා. ඒ දෙන්නා කතා වෙලා තමයි පපරෙ වාදනය කළේ මට. ඊළඟට ආවේ ජෝතිපාල මහත්මයා. ගීත හතරකට හල්පිට අයියා නිවේදනය කරලා කියනවා. හැම තිස්සෙම මම නිවේදනය කරලා හරියන්නේ නෑ. ඔබ බලනවා ඇති මේ වගේ නිවේදිකාවක් සිටියදී මම පමණක් නිවේදන කටයුතු කරන්නේ ඇයි කියලා. ජෝතිව නැවත වේදිකාවට කැඳවීමට සඳහා මම චිත්‍රා කුමාරි කළුබෝවිලට ආරාධනා කරනවා. පළමු තරම් මගේ ඇඟ ගැහෙන්න ගත්තේ නෑ. මම කීවා ”කවදාවත් නොමියෙන, නොමැරෙන අමරණීය අසහාය ගී හඬ කාගෙද කීවොත් කුමක්ද ඔබ කියන්නේ.” කියලා කියාගෙන ගියා. ජෝති අයියා මයික්‍රෆෝනය අරගෙන බර හඬින් කීවා ”අපේ චූටි චිත්‍රා නංගි හරි ලස්සනට එනවුන්ස් කළා. මම ඔයාට සුබ පතනවා. ගහන්න චිත්‍රා නංගිට හොඳ අත්පොළසන් පාරක්” කියලා මගේ ඔළුව අතගාලා ආශීර්වාද කළා. එදා ඉඳන් මම ප්‍රසංග වේදිකාවේ නිවේදිකාවක් වුණා.” ඇය පවසන්නේ මේ මොහොතේද දැනෙන තිගැස්මක් සමඟිනි.
”කාන්තාවන්ට අභියෝග ආවාම පස්සට යන්න හොඳ නෑ. ඒවාට මුහුණ දෙන තරමට තමයි අපට පන්නරය ලැබෙන්නේ. ඒ වගේම තමන්ගේ විෂයය පිළිබඳව සහ රට තොට පිළිබඳ ඇසූ පිරූ තැන් තිබීම නිවේදන කටයුත්තට අත්‍යවශ්‍යයි. නීල් වර්ණකුලසූරිය සහ නෙල්සන් වාස් තමයි මුලින්ම විදේශීය ප්‍රසංග වේදිකාවක මට අවස්ථාව දුන්නේ කුවේට් රාජ්‍යයේ සංගීත ප්‍රසංගයක් සඳහා. ඉන්පසු මම රටවල් ගණනාවක සංචාරය කළා.”
යළිත් ඇය අතීතයේ මංපෙත් ඔස්සේ ඇවිද යයි.
”මම මුලින්ම ප්රවෘත්ති ප්‍රකාශයකට ඉදිරිපත් වුණාම ඉස්පිල්ලක්වත් නොවැරැදී කීවාට පරීක්ෂණයෙන් අසමත්. සති දෙකකින් පමණ මම ඇහුවා ආරියසේන මිල්ලවිතානාච්චි මහත්මාගෙන් ඇයි මම කිසි වැරැද්දක් නොකර අසමත් වුණේ කියලා. ඔහු එච්. එම්. ගුණසේකර මහත්මයාගේ කාමරයට එක්කගෙන ගියා. ඔහු මට කීවා ‘අනේ පුතේ ඔයා හොඳටම ප්රවෘත්ති කීවා. කිසිම වරදක් නෑ. හැබැයි පුතේ ඔයාගේ එකම නුසුදුසුකම තාම පුංචි වැඩියි. ඔයාගෙ කටහඬ තවම ප්‍රවෘත්තිවලට බර මදි. තව අවුරුදු පහකින් තියෙන පරීක්ෂණයට ඔයා ඉදිරිපත් වෙන්න. එතකල් අනෙක් වැඩසටහන් ඔයා කරනවානේ.‘ කීවා. අවුරුදු පහකට පස්සේ කාන්තාවන්ගෙන් වැඩිම ලකුණු අරගෙන මම ඒ පරීක්ෂණය සමත් වුණා.
දවසක් දිවා ගී වැඩසටහන අවසන් කරමින් සිටියදී කවදාවත් නැතිව මරණ දැන්වීම් 12ක් ඇවිත් තිබුණා. මම ඒ ගැනත් අවධානය යොමු කරගෙන දිවා ගී නිම කරලා තේමා වාදනයත් දාලා ප්‍රධාන ප්රවෘත්ති විකාශය බලාපොරොත්තු වන්න කියලා වැඩසටහන නිමා කළා. එය වෙනත් මැදිරියක කෙරෙන්නෙ. එකපාරටම සංස්කාරකවරියක් වන ජයන්ති මුතුකුමාරණ අක්කා මගේ මැදිරියේ දොර වේගයෙන් ඇරගෙන ඇවිත් ‘අනේ නංගි මේක කියන්න‘ කියලා කොළ වගයක් මගෙ අතට දීලා ගියා. බලද්දි ප්රවෘත්ති පිටපත. නිවේදකයා ඇවිත් නෑ. මම ප්රවෘත්තියක්වත් දැකලත් නෑ. අර සීතල කාමරේ මගේ ඉහෙන් කනින් දාඩිය දානවා. මගේ හිතෙන් මම කියනවා ‘මට පුළුවන් මට පුළුවන්‘ කියලා. හැබැයි බඩ ඇතුළෙන් ගැහෙනවා. මුලින්ම ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහත්මයාගේ ප්‍රවෘත්තියක්. සංස්කරණය ගැන කියලා. මගේ නමත් කියනවාද නැද්ද කියලා හිතලා ඒ්ත් කිව්වා. මම බලද්දි බීම් එකේ කට්ටිය මැජික් වගේ මගේ දිහා බලන් ඉන්නවා. මම ඒ දිහා නොබලා ප්‍රවෘත්තිය කීවා. ජයන්ත රෝහණ අයියා තමයි මට ඔබ මේ සවන්දෙමින් සිටින්නේ දිවා ප්රවෘත්ති ප්‍රකාශයටයි කියලා ‘ස්ටේෂන් කියන්න‘ සංඥාව දුන්නේ. එදා මට මිල්ලවිතාන මහත්තයා ඇතුළු පිරිස හරියට ප්‍රශංසා කළා. මාව කෙළින්ම තේවිස් ගුරුගේ සභාපතිතුමා ළඟට ගෙනිච්චාම ඔහු මට කීවා බොහොම හොඳයි කියලා. එදා ප්රවෘත්ති කියන්න නියමිත පේ‍්‍රම කීර්ති අයියා ජාතික රූපවාහිනියේ පිකටින් එකක ඉඳලා වෙලාව අමතක වෙලා. පස්සේ ඇවිත් මට ස්තුති කළා. ගුවන්විදුලිය බේරාගත්තා කියලා”. ඇය අතීත සැමරුම් රැසක් සමඟ තෙත් වුණු දෑසින්ම මුත් සිනාවකින් යුතුව පැවසුවාය. ඉන් පසු ඇගේ හඬ බැ?රුම් ස්වරූපයක් ගති.
”තිස් වසරක යුද්ධය පවතිද්දි මමයි, නෙළුම් නංගියි යාපනයේ ගියේ ගුවන් විදුලි සංස්ථාවෙන් කෙරෙන සජීවී වැඩසටහන්වලට නල්ලූර් කන්දසාමි කෝවිල අසල ඉඳගෙන. යාපනයේ සේවයේ පළමුවැනි සිංහල නිවේදිකාව ලෙස මම සේවය කළේ 1994 වසරේ මාර්තු 8 අන්තර්ජාතික කාන්තා දිනය දවසේ. අපි පැය 14ක් පුරා ගියේ ඊපීඞීපී නැවක. ඉන්දියාවේ භූමි මායිම පෙනෙමින් එහෙම ගියේ හෙලිකොප්ටර්වල ගියොත් මිසයිලවලට හසුවෙයි කියා අවදානමක් තිබුණ නිසා. සිහ ශක්ති සංගීත කණ්ඩායම සමඟ. සේන වික්‍රමආරච්චි නිවේදක මහත්මයා එහි සේවය කළා. රණ බිමෙන් නිවහනට සහ සන්ධ්‍යා සේවයෙන් වෙනම වැඩසටහන්වලිනුත් අප කතා කළා. සංඝමිත්තා තෙරණිය ගොඩබට මාදගල් ප්‍රදේශය අප සියැසින් දුටුවා. එය විශේෂිතයි. ජෙනරල් සුසන්ත මෙන්ඩිස් මහත්මාගේ ආරාධනයෙන් වසර 12ක් වසා තිබූ නල්ලූර් කෝවිල විවෘත කර යාපනයේ දෙමළ ජනතාවට වැඳපුදා ගන්න අවස්ථාවේ සජීව විස්තර ප්‍රචාරය මගේ ජීවිතේ කවදාවත් අමතක නොවන බිහිසුණු වගේම සුන්දර ගමනක්. පසුව මම වසරකට සැරයක් දෙමසක් එහි සේවයට සඳහා ගියා. බංකර්වල ඉන්න රණවිරුවන් අපේ වාහනය නවත්වා අපව බලන්න ඕනෙ කියලා කියනවා. කෑම ලෑස්ති කරගෙන හිටියා අපට දෙන්න. බංකර්වල පවා යන්න අවස්ථාව ලැබුණා. ජෙනරල් ලැරී විජේරත්න සමඟ පේදුරු තුඩුව පිළිබඳ වැඩසටහන් කළා. තල් අරණේ චාරිකා වැඩසටහන මගේ සංකල්පයක් අනුව ඇති කළේ. අපි ඊළඟ සතියේ යන ස්ථානය ගැන දැනුම් දුන්නාම ඒ ස්ථානවල සෙබළ සෙබළියන් ගීත ගයන්න, කුඩා නාට්‍ය කොටස් රඟපාන්න සූදානමින් සිටියා. ඒ අත්දැකීම් හරිම සුන්දරයි. ඒත් රණවිරු ¥පුතුන් වින්ද දුක දුටුවාම හරිම සංවේදියි. ගුවන් විදුලි නිවේදිකා ගමන ගැන හැරී බැලූවාම බැලූමක් පිපිරුවත් හැඬුව මම ද ඒ යුදබිමේ බෝම්බ මැදින් ගොස් වැඩසටහන් කළේ කියලා හිතෙන වෙලාවල් තිබෙනවා. අපට හිතුවොත් කරන්න බැරි දෙයක් නෑ. අවශ්‍ය වන්නේ ආත්ම ශක්තිය, උත්සාහය සහ කැපවීමයි. කුමන ක්ෂේත්රයක වුණත් එක රැයින් ජනප්‍රිය වෙන්න දෙයක් කළොත් එය අසාර්ථකයි. අප අපේ ආයතනයට, ක්ෂේත්රයට කරන සේවය හා කැපවීම අනුව රට අප ගැන තීරණය කරනවා. ඒ දේවල්වලට මට නිසි සැලකුම් ලැබුණේ නැති අවස්ථා තිබුණා. ඒත් අපි බෞද්ධයෝ හැටියට ඒ දේවල්වලට සැලෙන්නේ නෑ. අනෙක් ආගම් කර්තෘවරුන්වත් අපට වෛර කරන්න උගන්වලා නෑ.”
ඇයගේ වාර්තාගත සම්මාන පිළිබඳ කතාවට එළැඹෙන්නට වේලාවයි.
”ගුවන්විදුලි රාජ්‍ය සම්මාන උලෙළ ආරම්භ කළේ එවක සංස්කෘතික අධ්‍යක්ෂවරිය අනූෂා ගෝකුල මහත්මියයි. මේ වන විට එය පවත්වාගෙන යන්නේ වත්මන් අධ්‍යක්ෂිකා තරණි අනෝජා මහත්මිය. 2017,2019,2020 වසරවල මේ තරගය පැවැත්වුණා. 2018 වසරේ එය නොවැළැක්විය හැකි හේතුවක් නිසා පැවැත්වුණේ නෑ. ඒ පැවැත්වුණු වසර තුනේම විශිෂ්ටම ප්රවෘත්ති නිවේදිකාව වීමේ වාසනාව මට උදා වුණා. 2017 සම්මානය ලබන විට මට මගේ අතීතය සිතුවම් පටයක් සේ මැවී පෙනෙන්න ගත්තා. සිංහල වෙළෙඳ සේවයේ අධ්‍යක්ෂවරිය ලෙස විශ්‍රාම ගිය පසුවයි 2019 සහ 20 වසර දෙකේ සම්මාන මම ලැබුවේ. මේ සම්මාන ත්‍රිත්වය එක අතකින් වාර්තාවක්. මීට පෙර කිසිම නිවේදිකාවක් එවැනි වාර්තාවක් තබා නැහැ. මගෙන් පසු ගුවන්විදුලියේ නිවේදක ඥානින්ද පෙරේරාට ඒ අවස්ථාව උදාවුණා. මීට පෙරත් මෙවැනි තරගවලින් මම ජයග්‍රහණය ලබා තිබෙනවා.” නිහතමානී ආඩම්බරයකින් ඇය පැවසුවාය.
”මගේ ගනුදෙනුව තිබෙන්නේ ශ්රාවකයා සමඟයි. ගුවන් විදුලියේ ප්රවෘත්ති ප්‍රකාශය විශේෂයි. මොකද එය ශ්‍රව්‍ය මාධ්‍යයක් පමණයි. වචනය ගිලිහුණු පසු ඇදලා ගන්න බෑ. ඒ නිසා සෑම වචනයක්ම ශ්රාවකයාට අවබෝධ වන අයුරින් නිවැරැදි උච්ජාරණය, මහප්‍රාණ යෙදීම, වාක්‍යයක අර්ථය නිවැරැදිව ගම්‍ය වන අයුරින් පද බෙදීම ඇතිව ප්‍රකාශ කළ යුතුයි. රූප මාධ්‍යයේදී මෙය වෙනස්. නිවේදකයා පවසන දේහි රූපය පෙනෙන නිසා පේ්රක්ෂකයාගේ අවධානය වැඩි වශයෙන් යොමු වන්නේ රූපයට. එහි නිවේදනය පහසුයි කියා නොවේ මම කියන්නේ. එහෙත් ගුවන්විදුලියේ සහ රූපවාහිනියේ ප්රවෘත්ති ප්‍රකාශ වෙනස්.
දක්ෂතාවය ජනප්‍රියත්වයට අමතරව අප තුළ නිහතමානීකම තිබිය යුතුයි. මට හොඳින් හිනා වෙන අය සමඟ ඇඳුරුවත් නැතත් මම හිනාවෙනවා. මුදලට ගන්න බැරි එකම දේ සිනාව. සමහර විට අප නොදන්නවාට අපව අඳුනන ගැහැනු පිරිමි අය වෙන්න පුළුවන් ඒ. හැබැයි වැරැදි ලෙස මා දිහා බැලූවොත් යම් කෙනෙක් මම ඔරවනවා. (සිනාසෙමින්) අපේ ආත්ම ගෞරවය රැකගන්න කාන්තාවක් තුළ ඒ අභිමානය තිබිය යුතුයි. අපේ ඇතැම් ජ්‍යෙෂ්ඨයන් තුළ නිහතමානී ගුණ තිබුණත් අද අලූත් පරපුරේ බොහෝ දෙනා තුළ ඒ නිහතමානීකම නැහැ. අපි කවදා හෝ යන්න ඇවිත් ඉන්න බව කුඩා කාලේ සිටම දරුවන්ට ඉගැන්විය යුතුයි. අපේ අම්මා අපි හතරදෙනාට කීවේ සහජීවනයෙන් සිටිය යුතු බවයි. සමාජයේ අනෙක් අයට උදවු කළ යුතු බවයි.”
ඇය වර්තමානය සහ අතීතය අතර දෝලනය වෙමින් නිවේදිකාවකගේ භූමිකාව පිළිබඳ කියන්නට වූවාය.
”මම ගෝල්ඩන් වොයිස් මීඩියා ඇකඩමිය මඟින් නිවේදක නිවේදිකාවන් පුහුණු කරමින් සිටියා. විශ්වවිද්‍යාලවලින් වුවත් බොහෝවිට න්‍යායාත්මක කරුණු හැර ප්‍රායෝගික දැනුම ලැබෙන්නේ අඩුවෙන්. ඒ නිසා ඔවුන්ටත් නිවේදන කටයුතුවලට කැමැත්තෙන් සිටින පිරිසටයි පවත්වාගෙන ගියේ. කොරෝනා සමයත් සමඟ ඒ කටයුතු අඩාළ වුණා. මගේ ස්වාමි පුරුෂයා චන්දන පුෂ්ප කුමාර පත්තප්පෙරුම ජාතික ගුවන්විදුලියේ ඉංජිනේරු අංශයේ ජ්‍යෙෂ්ඨ කාර්යභාර නිලධාරී ලෙසයි කටයුතු කළේ. යාපනයේ අපි සේවය කරද්දිත් ඔහුගේ සහාය මට හොඳින්ම ලැබුණා. අද තාක්ෂණය ඉදිරියට ගොසින්. තනිවමයි සියල්ල කරන්න වන්නේ. එය මටත් පුළුවන්. හැබැයි එය සන්නිවේදකයාට තිබෙන නිදහසට තරමක් බාධයි කියලත් හිතෙනවා.
අපි ගුවන්විදුලියට එන කාලේ අපේ ජ්‍යෙෂ්ඨයන්ට තිබුණේ අඩු වේගී රිද්මයක්. මට හිතුණා එය තරමක් මධ්‍ය ලයකට ගේන්න ඕනෙ කියලා. එනිසා ඒ රිද්මය, ශෛලිය වෙනස් කළ නිවේදිකාවක් මම. මේ වෘත්තිය යුගයෙන් යුගයට අභියෝගාත්මක වන දෙයක්. අලූත් පරපුර දක්ෂයි. ජනප්‍රිය වීම මූලික නොකර තමන් කරන දේ හරියට කරන්න. මම අධ්යක්ෂ ලෙස ඉද්දි ගයන ගැයුම් කණ්ඩායම් ගී පර්යේෂණාත්මක වැඩසටහන මඟින් ගුවන්විදුලියට විශාල ආදායමක් ලබා දුන්නා. එය මම මැදිරි නිවේදිකාවක් ලෙස කටයුතු කරන අතර කළ පර්යේෂණ කටයුත්තකින් කරන ලද්දක්. වෙළෙඳ සේවයේ විසපස් වෙනි සංවත්සරයට වෙළෙඳ සේවයෙන් බිහි වූ විසිපස් දෙනකු සහභාගී කරගෙන සංගීතාංජලී ප්‍රසංගය කරමින් හන්දියේ ගෙදර සහ මුවන්පැළැස්ස වැඩසටහන්වලින් කෙටි නාට්‍ය රඟදැක්වූවා. එය කළෙත් විශාල අභියෝග රැසක් මධ්‍යයේ. ප්‍රසංගය කළේ ගුවන්විදුලියෙන් වියදම් නොකර ගුවන්විදුලියට ලාභයක් ලබා ගැනීමටයි.”
මේ සියලූ අත්දැකීම් සමඟ ඇගේ ගමන පිළිබඳ ඇයගේ විශ්ලේෂණය සමඟ අපේ කතාව නිමකරන්නට මොහොත උදා විය.
”මම විශ්වය සමඟ අනුගත කෙනෙක්. අපට එයින් විශාල ශක්තියක් ලැබෙනවා. අභියෝග ජයගන්න අපට විශ්ව ශක්තිය වැදගත් වනවා. මම දෙවරක් මාරයා පැර¥ කෙනෙක්. ආඝාතය නිසා මගේ හිසේ පිපිරුණු නහරය ශල්‍ය කර්මයට පරීක්ෂා කරද්දි ඉබේම පෑහිලා තිබුණා. වෛද්‍යවරු කීවේ මෙය විශ්වකර්ම වැඩක් කියලා. මගේ පෞද්ගලික ජීවිතයේ වගේම රාජකාරී ජීවිතයේත් හැමදාම මුහුණ දුන්නේ අභියෝගවලට. ඒ නිසා මම හිතනවා මම ඉපදිලා ඉන්නේ අභියෝගවලට මුහුණ දෙන්නම තමයි කියලායි.”
ඡායාරූප- නිශ්ශංක විජේරත්න | hplt_2 |
කොවිඩ්-19 වෛරසය ආසාධිතව වීම හේතුවෙන් මිය යන තැනැත්තන්ගේ මෘත දේහයන් ආදාහනය කළ යුතු බවත් එලෙස කළ යුතු අකාරයත් පිළිබඳ අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
අංක 2170/8 දරන එම අතිවිශේෂ ගැසට් නිවේදනය මගින් නිරෝධායන පනත යටතේ විධිවිධාන පනවා තිබෙනවා. සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කරනු ලබන විධාන වලට අනුව ආදාහනය සිදු කළ යුතු බවයි එහි දැක්වෙන්නේ.
නිසි බලධරයා විසින් අනුමත කරන ලද සුසාන භූමියක හෝ ස්ථානයක ඒ බලධරයාගේ අධීක්ෂණය යටතේ සෙල්සියස් අංශක 800 සිට 1200ක් දක්වා වු උෂ්ණත්වයක් සහිතව විනාඩි 45 සිට පැයක් දක්වා කාලයක් දේහය සම්පූර්ණයෙන් දැවී යන තෙක් ආදාහනය සිදු කළ යුතු බවද මෙම ගැසට් නිවේදනයේ සඳහන්.
මිය ගිය තැනැත්තාගේ මෘත දේහය නිසි බලධරයා විසින් නම් කරන ලද ආදාහන කටයුතු භාරගෙන සිටින තැනැත්තන් හැර වෙනත් කිසිවෙකුට භාර නොදිය යුතු බවටද මින් දක්වා තිබෙනවා.
මෘත දේහය හසුරුවනු ලබන තැනැත්තන්ගේ ඇදුම සහ නැවත භාවිත කල නොහැකි පෞද්ගලික ආරක්ෂණ උපාංග ආදාහන අවස්ථාවේදී මීනි පෙට්ටිය සමග පුලූස්සා දැමිය යුතු බවද එම නිවේදනයේ සඳහන්. | hplt_2 |
ජනාධිපති නීතීඥ සහ හිටපු සොලිස්ටර් ජනරාල් රියන්සි අර්ශකුලරත්න ට එරෙහිව අධිකරණයට බාධා කිරීමට යටතේ චෝදනා ගොනුකරන ලෙස ගාල්ල මහාධිකරණයේ විනිසුරු හිරිඹුරේගම අද පොලීසියට නියෝග නිකුතකර ඇත.
ලංකා ඉතිහාසයේ හිටපු අතිරේක සොලිස්ටර් ජනරාල්වරයෙකුට එරෙහිව මෙසේ චෝදනා ගොනුවූ ප්‍රථම අවස්ථාව ලෙස මෙය නම් කලහැක.
රියන්සි අර්ශකුලරත්න මහතා අද (30) ගාල්ල මහාධිකරණයේ නඩු කටයුත්තක් සඳහා සහභාගීවෙමින් සිටි අතරතුර සිය ජංගම දුරකතනය නාදවුණ අතර. සාමාන්‍ය පුරවැසියෙකුගේ දුරකතනය එලෙස නාදවූ වහාම ක්‍රියාත්මක වන පරිද්දෙන්ම ගාල්ල මහාධිකරණ විනිසුරුවරයා එය උසාවියේ කටයුතු වලට බාධාවක් ලෙස අධිිකරණ සංවිධාන පනතේ 18 වැනි වගන්තිය අනුව හඳුන්වා නීතීඥ අර්ශකුලරත්නට එරෙහිව චෝදනා ගොනු කරන ලෙස පොලීසියට නියෝග ලබාදුනි.
සාමාන්‍ය පුරවැසියෙකුට වර්තමානය වන විට අධිිකරණය තුලට දුරකතන රැගෙනයා නොහැකි අතර නීතීඥයන්ගේ කාර්යයන්හි පහසුව තකා එම අවසර ලබාදී ඇත. එවන් වටපිටාවක හිටපු අතිරේක සොලිස්ටර් ජනරාල්වරයෙක් අතින් මෙවන් වරදක් සිදුවීම ඉතා බරපතල තත්ත්වයකි.
කෙසේ වෙතත් මේ මොහොතේ පොලීසිය සමග උණුසුම් වචන හුවමාරුවක් ඇතිකරගත් අර්ශකුලරත්න මහතා පවසා ඇත්තේ තමන් මූලික අයිතිවාසිකම් නඩුවක් පවරන බවයි.
නමුත් මෙය අධිකරණයේ කටයුතු වලට සිදුකරන ලද බාධාවක් සහ උසාවියට සිදුකරන ලද නිගරුවක් සේ සලකා නීතිමය පියවර ගැනීමට සූදානම්ව ඇත.
(දයා නෙත්තසිංහ) | hplt_2 |
පැංචා තමා අපේ ගෙදරට ආපු පළවෙනි පූසා. පැංචාගෙ අම්මා එයාව අපේ ගෙදර මැද මිදුලේ වෙරළු ගහ ගාව ගෙනත් දාලා හිටියේ. මායි සුදු අම්මයි මැජික් බලනවා වාගෙ එයා ගාවට ගිහින් බලන කොට ජිල් බෝල ඇස් දෙකයි රෝස කටයි උල් කරගෙන පුංචියට පුංචියේ එයා අපි දිහා බලා උන්නා.
ඒ හරියට ම අවුරුදු හයකට ඉස්සර..!!
ඉපදිලා මාස දෙක තුනක් යන තුරු එයාට මැද මිදුලේ ඉඳන් ගේ ඇතුළට හුරු වෙන්න ටිකක් අමාරු වුණා. එක වැහි දවසක තමා එයා මුලින් ම ගෙදරට ගොඩ වැදුණේ. තාම මට මතකයි ගෙයි පිටිපස්සේ තිබුණ ටයර් එකක් ඇතුළේ ගුලි වෙලා බය පිරිච්ච ඇස්වලින් අපි දිහා බලන් උන්නු හැටි. පැංචා ගැන මගේ හිතේ මුලින් ම ආදරයක් ඉපදුණේ ඒ දවසෙයි..
ඒත් පැංචා ගේ ඇතුළට එනවට වැහි දැරිවිගේ අම්මා ඒ තරම් කැමැත්තක් තිබුණේ නෑ. වැහි දැරිවි පුංචි කාලෙ ඉඳලා තිබුණ බරපතළ සෙම් අමාරුව නිසා ගෙදර පූසෝ බල්ලෝ නොහදන්න කියලා වෛද්‍ය උපදෙස් ලැබිලා තිබීම තමා ඒ අකැමැත්තට හේතු වුණේ. ඒත් වැහි දැරිවිගේත් සුදු අම්මාගේත් බලවත් ඉල්ලීම පිට පැංචා ව නවත්වගන්න අම්මා කැමති වුණා. ඒත් එක කොන්දේසියක් තිබුණා. ඒ වැහි දැරිවිට පූසාව ඇල්ලීම - සිපගැනීම සහ කාමරයට ගැනීම යන කාරණා සියල්ල තහනම් කියන කොන්දේසිය.
ඉතින් හැමදාමත් මං පැංචාට ආදරේ කළේ දුර ඉඳන්. ඒත් ළඟ තියාගෙන ආදරේ කළාට වැඩි ගැඹුරු ආදරයක් මගේ හිතේ පැංචා ගැනත්, ඉන් පස්සෙ අපේ ගෙදර පදිංචියට ආව පැංචියෝ දෙන්නා ගැනත් තිබුණා.
ඒත් කාමරේට එන්නෙපා කියලා අම්මා දාපු කොන්දේසිය තේරුම් ගන්න පැංචාට බැරි වුණා. මං නැගිටින්න පරක්කු වෙච්ච දවසට පැංචා කාමරේට ඇවිල්ලා මගෙ ඇඳ ගාව වාඩි වෙලා අතින් ගහමින් මාව ඇහැරවනවා. එක දවසක් මේ කම්මැලි කෙල්ලව ඇහැරවන්න බැරි ම තැන පැංචා නෙට් එකේ අත පටලවලා කකුල හූරලා තිබුණා. ඒක නම් කෙළවර වුණේ වැහි දැරිවිට පිටගැස්ම එන්නතත් විදලයි. තාත්තා එදා පැංචා ගැන කේන්ති ගත්තත් කල් ගත වෙද්දි පැංචාගෙ බහුබූත විකාර වැඩවලට තාත්තාත් පුරුදු වුණා.
මගේ පුංචි අම්මා, එයාගෙයි මගෙයි දෙන්නාගෙම සුදු අම්මා ගැන එයාට තිබුණා මහා විසාල ආදරයක්. සමහර දවසට සුදු අම්මාගෙ ඇඳට පැනලා එයාට තුරුළු වෙලා නිදාගන්නත්, සුදුඅම්මා පුටුවක වාඩි වෙලා හිටියොත් පුටු ඇන්ද දිගේ නැගලා ඇවිත් උරහිස් වටේ අත් දෙක යවලා පිටිපස්සෙන් සුදුඅම්මාව බදාගන්නත් පැංචා පුරුදු වෙලා හිටියා.
කාලයත් එක්ක පැංචා ටිකෙන් ටික ලොකු වුණා. අවුරුද්දක් විතර පිරිලා එයා පළාතේ ම ඉන්න කඩවසම් ම පූසා වුණාට පස්සෙ එයාව ගෙදර තියාගන්න හරි ම අපහසු වුණා. අවට හැම ගෙදරක ම පැංචාට පෙම්වතියෝ උන්නා. ඒ හින්දා ගෙදර එන එක ටික ටික අඩු වුණත් අඩු ම තරමෙ සතියකට සැරයක්වත් ගෙදරට ඇවිල්ලා හැම කාමරේක ම ඇවිදලා රවුමක් ගහලා එන්න පැංචා කවදාවත් අමතක කළේ නෑ. ඉස්සර වගේ පිච්ච වැල උඩ නැගගෙන විකාර කරන්නත්, කඩදාසි බෝලවලින් අපි එක්ක සෙල්ලම් කරන්නත් කම්මැලි වුණාට ගෙදර එන හැම දවසක ම එයා අපි ගාවට ඇවිත් සද්දෙ නෑහෙන්න කතා කරලා ගියා.
මං මේ ජීවිත කාලෙදි දැක්ක වැදගත් ම පූසා තමයි පැංචා. එයා කවදාවත් හොරෙන් කෑවේ නෑ. කොයි තරම් ආස කෑමක් වුණත්-හොරෙන් කන්න පුළුවන්කම තියෙද්දිත් කිසිම දවසක ඒ වගේ වැඩ එයා ළඟ තිබුණේ නෑ. පොල් ගාන කොට ළඟට ඇවිල්ලා හිරමණේ වටේ කැරකුණා මිසක කිසිම දවසක හිරමණේ ඉව කළේවත් නෑ. අසනීපයක් වුණත් ළඟට ඇවිල්ලා මූණ දිහා බලාගෙන සද්දේ නෑහෙන්න ඇඬුවා මිස පැංචා කවදාවත් අපිට කරදරයක් කරපු පූසෙක් නෙමෙයි..
ඒ වගේ ම පැංචා ගාව තිබුණේ සමහරක් මිනිස්සු ගාවවත් නැති තරම් යහපත් ගතිගුණ. ලේඩීස් ෆස්ට් කියන තියරිය ඉතාම වගකීමෙන් පිළිපැදපු පූසෙක් තමා පැංචා. කට්ටියට ම එකට කන්න දෙද්දී පූසියෝ දෙන්නා කාලා ඉවර වෙන තුරු පැංචා කවදාවත් කෑම කෑවේ නෑ. මං දන්න සමහර ගෙවල්වල පිරිමි අය කාලා ඉවර වුණාට පස්සෙ ඉතුරු වෙන ටිකයි ගැහැණු අය කන්නෙ. එහෙම පිරිමි දැක්කාම මට පැංචා ව මතක් වෙන එක ඇත්තටම වළක්වන්න බැහැ.
ඔව්.. ඇත්තට ම පැංචා හරි ම වැදගත් මහත්මයෙක්. මහත්මා ගතිගුණ තිබුණ පූසෙක්. සංසාරයේ කොහේ හරි අත් වැරැද්දකින් මනුසත් භාවය මග හැරුණු..!
************************
මේ ඊයේ පෙරේදා දවසක පැංචා මගේ සපත්තු දෙකක් උඩ නිදාගන උන්නා. ඒත් වෙනදා විදියට නෙවෙයි. එයාගෙ සිරුර අප්‍රාණික වෙලා. හුස්ම ගන්නෙත් හය්යෙන්.
ඉඳලා හිටලා ලෙඩ වෙලා, තුවාල හදාගෙන අසනීප වෙන පැංචාව සනීප කරන ඩොක්ටර්ස්ලා දෙන්නා ම හිටියේ නැහැ. බලාගෙන ඉන්න බය හිතුණ නිසා සුදු අම්මයි මායි ඉක්මණට ම පැංචා ව අරගෙන ළඟ ම තිබුණ සත්ත්ව රෝහලකට ගියා. ඉන්ජෙක්ෂන්ස් කීපයක් එක්ක - පූසාට සේලයින් දුන්නත් ඒ වෛද්‍යවරයා ඒ් ටික කළේ කිසිම කරුණාවකින් නෙමෙයි. කැනියුලා එක ගහපු අත පැංචා වේදනාවෙන් හංගාගනිද්දි ඒ වෛද්‍යවරයා සතාට රිද්දවමින් අත ඇදලා අරගෙන සේලයින් දුන්නා. සත්තුන්ට බෙහෙත් කිරීම මිනිස්සුන්ට බෙහෙත් කිරීමටත් වඩා කරුණාවකින් කරන්න ඕන වග, සත්තු කියන්නේ කතා කරන්න බැරි - තමන්ගෙ වේදනාව ප්‍රකාශ කරන්න බැරි අසරණ ජීවි කොට්ටාසයක් වග ඒ වෛද්‍යවරයා ඇතැම් විට ඉගෙන ගෙන නැති ව ඇති. අසනීපෙක දී අනිත් වෛද්‍යවරියත්, වෛද්‍යවරයාත් පූසන්ට සේලයින් දෙන්නෙ උන් ව අත ගගා - හුරතල් කරමින්. කැනියුලා එක ගහපු අත සේලයින් දීලා ඉවර වෙන තුරු ඔවුන් දෙන්නා අත ගානවා. කිසිම දවසක පැංචා ඔවුන් සේලයින් දෙද්දි දඟලලා නැහැ. ඒත් එදා පැංචා ව අර වෛද්‍යවරයා ගාවට ගෙන ගිය එකෙන් මං සත්ත්ව කරුණාව ගැන විසාල පාඩමක් ඉගෙනගත්තා.
ඉන් පස්සේ අපේ හුරුපුරුදු වෛද්‍යවරයෙක් ගාවට පැංචා ව අරන් යන්න පුළුවන් වුණා. වෙනදාට කූඩයක දාලා මිසක පැංචා ව අරගෙන යන්න බැහැ. වාහනේට දාගත්ත ගමන් එයා වාහනෙන් පැනලා දුවන්න හදනවා. ඒත් එදා එයා සුදුඅම්මාගෙ අතේ ගුලි වෙලා - ඇබින්දක්වත් දඟලන්නේ නැතුව ගිය විදිය මට කවදාවත් ම අමතක වෙන්නේ නැති වෙයි.
"ඔච්චර හොඳ වෙන්නෙපා පැංචෝ. එතකොට ඔයා පැංචා නෙමේ වගේ. ටිකක් දඟට ඉන්න කොට තමා පැංචා ගතිය තියෙන්නෙ."
එහෙම කිව්වට පැංචා ඒක ඇහුවේ නෑ. කවදාවත් නැති විදියට සන්සුන් ව සුදු අම්මාට තුරුලු වෙලා ඉස්පිරිතාලෙ ගියා.
ගියපු ගමන් පැංචා ව සැත්කම් මේසේ උඩින් තියලා ඩොක්ටර් අක්කා එයා ව පරීක්ෂා කළා. පැංචාට වැළඳිලා තියෙන්නෙ මේ දවස්වල රට පුරා ම පූසන්ට - බල්ලන්ට වැළඳිලා තියෙන උණ රෝගය. ඒ රෝගයෙන් යාලු මිත්‍රයන් කීප දෙනෙක්ගෙම හුරතල්ලු අවසන් ගමන් ගිය බව මතක් වෙලා පැංචාව අල්ලන් හිටපු මගේ අත වෙව්ලන්න පටන් ගත්තා. ඒත් ඩොක්ටර් අක්කා පැංචාව ආදරෙන් අත ගගා එයාට සේලයින් දෙද්දී එයාට ආපහු පණ ආවා. ඉන්පස්සේ ඉන්ජෙක්ෂන් ගහලා, බොන්න බෙහෙතුත් ලියා දුන්නාට පස්සෙ එයාට දියර ජාති බොන්න දීලා ආදරෙන් බලාගන්න කියපු ඩොක්ටර්ගේ ස්වරය වැහි දැරිවිට ඇහුණේ අනතුරු ඇඟවීමක් වගෙයි..
සේලයින් බලේට වෙන්න ඇති, පැංචා දවසක් හොඳින් ම උන්නා. ඒත් ආයෙත් ඊළඟ දවසෙදි නපුරු උණ රෝගය පැංචා ව තදබල විදියට දුර්වල කළා. ඒත් ඒ තරම් දුර්වලව ඉද්දිත් ගේ ඇතුළ අපිරිසිදු වෙනවට පැංචා කැමති වුණේ නෑ. වුවමනාවක් වුණ ගමන් අමාරුවෙන් වැටි වැටී එයා එළියට යන්න උත්සාහ කරන අන්දම තමයි අපි හැමෝටම දරාගන්න අපහසු ම දර්ශනය වුණේ. එයා මිදුල කියලා හිතාගෙන සිමෙන්ති පොළොව හාරන්න උත්සාහ කරන විදිය බලාගෙන ඉන්න බැරුව එක පාරක් වැහි දැරිවිට කෑ ගහලා ඇඬුණා. ඉන් පස්සෙ පැංචා.. ඔයා හාරන්න එපා.අපි අයින් කරන්නම් කියලා කිව්වාම ඒක තේරුණා වාගෙ එයා පැත්තකට ගිහින් මුල්ලක නිදියාගත්තා.
ඉන් පස්සෙ ආයෙ බය වීම්.. ඇමතීම්.. තත්පර පහක් තුළ සැරසීම්.. වෙනදට තොරතෝංචියක් නැතුව මොනවා හරි කතා කරන සුදුඅම්මාත් වැසි දැරියත් නිහඬ ව.. පැංචාත් එක්ක ත්‍රීරෝද රියක් ඇතුළෙ..
"මට බොරු කියන්න බෑ. බලාපොරොත්තු තියාගන්නෙපා. දැන් එන්ඩ් ස්ටේජ් එක ඇවිල්ලා තියෙන්නෙ.."
එදා ඩොක්ටර් අය්යාගෙ වචන මට ඇහුණේ ඈත ලෝකෙකින් වගේ. පැංචාගෙ වෛද්‍ය වාර්තා පොත ඉල්ලගන්න මං දිහාට හැරුණු ඔහු මගෙ ඇස්වල තිබුණු කඳුළු දැකලා කියන්න ගියපු කතාව ආපහු ගිලගත්තා.
"දවස් පහකින් එයා වැඩේ අල්ලගත්තොත් එක්කන් එන්න නංගි."
ඒත් ඔහු එහෙම කිව්වෙ බොරුවට වග මං ඒ මොහොතෙත් දැනං හිටියා. කෙනෙක්ගේ හිත හදන්න කියන බොරුවක තිත්ත ස්වරයයි ඔහුගේ කටහඬේ තිබුණේ.
ලේසියෙන් කඳුළක් එන්නෙ නැති වැහි දැරිවිගේ ඇස්වලින් එන මග දිගට කඳුළු කඩා හැලුණා.
අද උදේ වෙද්දි වෙට් අය්යා දුන්න දවස් පහෙන් එක දවසක් ගෙවිලා ඉවරයි. උදා වෙන්නේ දෙවෙනි දවස. පැංචාගෙ අසරණ මුහුණ දැක දැක බලාපොරොත්තු තියාගන්න බැහැ කියලා දැනෙද්දිත් මං මෝඩයෙක් වගේ පැංචා ජීවත් වේවි කියන බලාපොරොත්තුවේ එල්ලිලා ම හිටියා. අද එයාට එළිමහන් තැනක ඉන්න ලොකු වුවමනාවක් තිබුණා. ඉතින් එයාව එළිමහනේ තියාගෙන - ඒ ළඟින් ම පුටුවක් තියාගෙන මැස්සෝ එළවමින් මං එයාට තනි රැක්කා. හවස් යාමේ පැංචාට බෙහෙතක් අරන් එන්න තාත්තා එක්ක එළියට බහින මොහොතෙත් එයාව තනියම ගෙදර දාලා යන්න මහ බයක් වගේ එකක් මගෙ හිත කොණක තිබුණා.
ආපහු එද්දී අම්මා පැංචා ව ගේ ඇතුළට අරගෙන එයා ව පුංචි බබෙක් වගේ රෙද්දකින් ඔතලා තිබුණා. දවස් පහක් තිස්සේ ඇස් ඇරගෙන ම උන්නු පැංචා ඒ වෙද්දිත් උන්නේ ඇස් ඇරගෙන. උදේ ඔළුව උස්සලා කිරි පීරිසිය ම බීපු පැංචා ඒ වෙද්දි ඔළුව උස්සලා වතුර චුට්ටක්වත් බොන්න බැරි තත්වෙකයි හිටියේ. ඒත් සුදු අම්මා සිරින්ජරයකින් එයාට වතුරත් බෙහෙතුත් පෙව්වා. ඒ වෙලාවට පැංචා සුදු අම්මා දිහා බැලුවේ පුදුමාකාර කෘතඥතා පූර්වක බැල්මකින්.
ටිකෙන් ටික රෑ බෝ වෙද්දී එයා හුඟාක් දුර්වල වුණා. ඉන්න තැනින් නැගිටලා යන්න බැරි තරමට. අසනීපේ හැදිච්ච දවසේ ඉඳලා ම පියෙව්වේ නැති මලානික ඇස් දෙකින් එයා ගෙදර හැමෝම දිහා ආදරෙන් බලා උන්නා. මිය යන්න අඩ හෝරාවකට විතර කලින් මං එයා ගාවට ගිහින් අන්තිම වතාවට එයා එක්ක කතා කළා. එයාට තේරුණත් නොතේරුණත් මං අවුරුදු හයක් තිස්සේ එයත් එක්ක ගොඩක් දේවල් කතා කරලා තියෙනවා. ඒ වගේ ම ඒ කතා කරපු දේවල්වලින් ඇතැම් දේවල් එයාට තේරුණ වගත් මං දන්නවා.
*****************
ඇටමැස්සා පොතේ අන්තිමේ ආතර් කියන වචන ටික ඔබට මතක ඇති..
"එවිට මම ජීවත් වුවත් මිය ගියත් වාසනාවන්ත මැස්සෙක්මි.."
ඒ ටික තරමක් වෙනස් කරලා මං පැංචාට මෙහෙම කිව්වා..
"උඹ ජීවත් වුණත් මිය ගියත් ඉතා යහපත් පූසෙක්...!!" | hplt_2 |
මොහොමඩ් හෆීස් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දෙයි
පාකිස්තාන තුන් ඉරියව් ක්‍රීඩක මොහොමඩ් හෆීස් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දීමට තීරණය කර තිබෙනවා.
වසර 18ක ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට ඔහු සමු දුන් නමුත්, ඉදිරියටත් ඔහු 20යි 20 ලීග් තරග (T20 franchise cricket) සදහා ක්‍රීඩා කිරීමට නියමිතයි.
ඒ අනුව 2003 වසරේ දී ජාත්‍යන්තර වරම් දිනා ගත් මොහොමඩ් හෆීස් ක්‍රීඩා කළ අවසන් ජාත්‍යන්තර තරගය වන්නේ පසුගිය නොවැම්බර් මාසයේ දී නිමා වූ 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඔස්ට්‍රේලියාවට එරෙහි අවසන් පූර්ව තරගයයි.
ඔහු ජාත්‍යන්තර පිටියේ දී ටෙස්ට් තරග 55ක්, එක්දින තරග 218 ක් හා 20යි 20 ජාත්‍යන්තර තරග 119 ක් ක්‍රීඩා කළ අතර, එහිදී තරග රටා ත්‍රිත්වයේ දී ම රැස් කළ ලකුණු සංඛ්‍යාව 12,780 ක්.
මීට පෙර 2018 වසරේ දෙසැම්බර් මාසයේ දී මොහොමඩ් හෆීස් ටෙස්ට් ක්‍රිකට් පිටියට සමු දීමට පියවර ගත්තා.
පාකිස්තාන කණ්ඩායමේ නායකත්වය ද දරා ඇති ඔහු 2012 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටය දක්වා පාකිස්තානය රැගෙන යාමට සමත් වුණා. | hplt_2 |
Description
අපගේ ජීවිතය, පරිසරය සහ ප්රභවය පිළිබ යථා අවබෝධයක් ලබා ගැනීමටත්, අපේ උන්නතිය සඳහාත්, රසායන විද්‍යාව අත්‍යවශ්‍යම වන බැවින්, එය නූතන මානව දැනුමේ ඉතාමත් වැදගත් කොටසක් වී තිබේ. රසායන විද්‍යාව ක්‍රමවත්ව අධ්‍යයනය කිරීමේ දී, ප්‍රධාන පදනම් ලෙස උපයෝගී වන මූලධර්ම අතරින් පළමුවෙන් ශිෂ්‍යයිනට අවශ්‍ය වන මූලධර්ම කිහිපයක් මේ පොතෙන් ඉදිරිපත් කෙරෙයි.
මේ පොත සමස්තයක් ලෙස ප්‍රධාන වශයෙන් උසස් පෙළ ශිෂ්‍යයන් වෙත යොමු කර ඇත. එසේ වුවත් මෙහි මුල් පරිච්ඡේදය සාමාන්‍ය පෙළ ශිෂ්‍යයන්ට ශීඝ්‍ර පුණරීක්ෂණ පාඩමක් වනු නිසැක ය. ඉතිරි පරිච්ඡේදවල ඇතැම් කොටස් ද සාමන්‍ය පෙළ ශිෂ්‍යයිනට ප්‍රයෝජනවත් වනු ඇත. විශ්වවිද්‍යාලයයේ පළමු වසරේ කරනු ලබන රසායන විද්‍යා අධ්‍යයනයට සාර්ථක මුලපිරීමක් ද මෙමගින් ලැබේ.
අයනීකරණ ශක්ති ප්‍රස්තාර, ස්කන්ධ භේද දර්ශකය, වළා කුටීරය, බුබුළු කුටීරය, සිග්මා හා පයි බන්ධන, බෝන්-හේබර් චක්‍ර, අණුවල හැඩ, ජීවීන්ගේ පැවැත්ම හා ජලය, ලෝහ තුළ ඇති බන්ධන, එන්තැල්පි රූපසටහන්, එන්ට්රපිය, යෝජ්‍ය ශක්තිය, විකිරණශීලතාවෙන් ගන්නා ප්‍රයෝජන, ගයිගර් මුලර් – ගණකය, පරමාණු බෝම්බය, ප්‍රයෝජනවත් න්‍යෂ්ටික ශක්තිය ලබා ගැනීම යනාදිය මේ පොතෙහි සාකච්ඡා කර ඇත්තේ ය. | hplt_2 |
Description
මෙය උසස් පෙළ තාක්ෂණවේදය සඳහා විද්‍යාව 2017 සිට ක්‍රියාත්මක නව විෂය නිර්දේශය සම්පූර්ණයෙන්ම ආවරණය වන පරිදි සිද්ධාන්ත ඇතුළත් කොට තැනූ මෘදුකාංගයකි.
01. වර්ගඵලය හා පරිමාව.
02. විවිධ මිනුම් සඳහා යෝග්‍ය මිනුම් ඒකක සහ මිනුම් උපකරණ භාවිතය.
03. පයිතගරස් සම්බන්ධතාව භාවිතයෙන් පහසුවෙන් ගැටලු විසඳීම.
04. සෛලීය සංවිධානයක් සහිත ජීවීන් තාක්ෂණය සඳහා උපයෝගී කර ගැනීම.
05. බලය සහ එහි ආචරණ පිළිබඳ දැනුම එදිනෙදා ජීවිත අවශ්‍යතා සඳහා යොදා ගැනීම.
06. කාර්ය ශක්තිය සහ ජවය.
07. එදිනෙදා ජීවිතයේ කාර්ය ත්‍රිකෝණමිතික අනුපාත භාවිතයෙන් පහසු කිරීම.
08. භ්‍රමණ චලිතය හා සම්බන්ධ දැනුම ප්‍රායෝගික අවශ්‍යතා සඳහා යොදා ගැනීම.
09. විදුලි උපකරණ නඩත්තු කිරීම සහ පරිපථ සැලසුම් කිරීම.
10. තාපය පිළිබඳ දැනුම එදිනෙදා කටයුතු සහ විද්‍යාත්මක කටයුතු සඳහා යොදා ගැනීම.
11. තාප රසායනය හා සම්බන්ධ මූලික සංකල්ප ගවේෂණය කිරීම.
12. චාලක රසායන විද්‍යාවේ මූලික සංකල්ප භාවිතයෙන් ප්‍රතික්‍රියා සීඝ්‍රතාව පාලනය කිරීම.
13. කාබනික සංයෝග ජෛවාණුවල ව්‍යුහය, වැදගත්කම හා භාවිතය.
14. විවිධ කර්මාන්ත සඳහා භාවිත වන බහු අවයවික පිළිබඳව විමර්ශනය කිරීම.
15. පදාර්ථයේ යාන්ත්‍රික ගුණ පිළිබඳ දැනුම.
16.නිශ්චල සහ චලිත වන තරල පිළිබඳ දැනුම.
17. ශ්‍රී ලංකාවේ රසායනික කර්මාන්ත.
18. ස්වභාව නිෂ්පාදන සහ ඒවායේ නිස්සාරණ විධි.
19. කාටීසියානු ඛණ්ඩාංක තලය ඇසුරෙන් ඒකජ ශ්‍රිතය හා වර්ගජ ශ්‍රිතය විමර්ශනය කිරීම.
20. විස්තරාත්මක සංඛ්‍යානයේ අර්ථය විශ්ලේෂණය කිරීම.
21. පරිගණක පද්ධතියක් සහ උපාංග ඵලදායී ලෙස භාවිත කිරීම.
22. පරිගණක මෙහෙයුම් පද්ධතිය සමග ඵලදායී ලෙස කටයුතු කිරීම.
23. එදිනෙදා දිවියේ ගැටලු නිරාකරණය කර ගැනීම සඳහා යෙදුම් මෘදුකාංග භාවිත කිරීම.
24. තොරතුරු ලබා ගැනීම සහ සන්නිවේදනය සඳහා ඵලදායී ලෙස අන්තර්ජාලය භාවිත කිරීම.
25. පාරිසරික විද්‍යාව.
වින්ඩොස් 7, වින්ඩෝස් 8 හෝ වින්ඩොස් 10 යන මෙහෙයුම් පද්ධතිවල මෙය ක්‍රියා කරවිය හැකි ය. | hplt_2 |
මාලි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායීතාව ඇති කිරීමේ මෙහෙයුම් මූලස්ථානය හෙවත් “මිනුස්මා” ආඥාපතිවරයා ශ්‍රී ලංකා භට පිරිස් හමුවීමට පැමිණ මෙම අගැයීම සිදු කර තිබෙනවා.
ශ්‍රී ලංකා යුද හමුදා සංග්‍රාමික ප්‍රවාහන කණ්ඩායම ඉහළ වෘත්තීමය නිපුනත්වයකින් හා අත්දැකීම්වලින් සමන්විතව 2017 වසරේ සිට මාලි රාජ්‍යයේ රථ වාහන ආරක්ෂක රාජකාරීවල යෙදී සිටිනවා. පසුගියදා එරට ගාඕ සිට කිඩාල් ප්‍රදේශය දක්වා භට කාර්ය සම්පාදන රථ පෙළක් ගමන් කරන අතරතුර ශ්‍රී ලංකා භට පිරිස් විසින් පුපුරනද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් යොදා සකස් කරන ලද බෝම්බ දෙකක් මාර්ගය අසළ තිබී හඳුනා ගනු ලැබුවා.
සිදුවීමට ඉඩ තිබූ විශාල පිපිරීමක් වලක්වාලමින් එම පිපිරුම් උපාංග නිශ්ක්‍රීය කිරීමට 12 වැනි ශ්‍රී ලංකා ඉංජිනේරු බලකාය එහිදී සමත් වුණා. මිනුස්මා මූලස්ථාන ආඥාපති ලුතිතන් ජෙනරල් කොරනේලිස් ජොහාන්ස් මත්තිසේන් විසින් එම බලකායේ මේජර් ඩී. එම්. ඩී. සෙනෙවිරත්න වෙත ඇගයීම් පදක්කමක් ද ප්‍රධානය කර තිබෙනවා. එරට පරීක්ෂා කිරීම් සහ හඳුනා ගැනීමේ ක්‍රියාන්විත සඳහා වග කිව යුතු නිලධාරියා ලෙස, මිනුස්මා මෙහෙයුම් මූලස්ථානයේ ආඥාපතිවරයා විසින් ශ්‍රී ලංකා සංග්‍රාමික ප්‍රවාහන කණ්ඩායමේ සුපරීක්ෂාකාරී බව, අවධානය, කඩිසරබව හා කළමනාකාරීත්වය පිළිබඳ අගැයීමට ලක් කරනු ලැබුවා. ඉකුත් මාස කිහිපය තුළ මාලි රාජ්‍යයේ ගෝත්‍රික ත්‍රස්තවාදී කණ්ඩායම් එක්සත් ජාතීන්ගේ රාජකාරිවල නිරත හමුදා භට පිරිස් ඉලක්ක කර ඔවුන්ගේ ප්රචන්ඩ ක්‍රියා තීව්ර කර තිබෙනවා. එම තත්වය එරට එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරී සඳහා යොදවා ඇති සියලුම රටවල භට පිරිස් වෙත ප්‍රබල තර්ජනයක් බවට පත්ව ඇති බවයි, යුද හමුදාව පවසන්නේ. | hplt_2 |
ප්‍රතිපත්තිමය පොලී අනුපාතික
නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය
නිත්‍ය පහසුකම් යටතේ මහ බැංකුව හා වාණිජ බැංකු අතර කෙරෙන ප්‍රති මිලදී ගැනුම් ගනුදෙනුවලදී අදාළ වන දෛනික පොලී අනුපාතිකය.
නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය
නිත්‍ය පහසුකම් යටතේ මහ බැංකුව හා වාණිජ බැංකු අතර කෙරෙන ප්‍රති විකුණුම් ගනුදෙනු වලදි අදාළ වන දෛනික පොලී අනුපාතිකය.
බැංකු අනුපාතිකය
වාණිජ බැංකුවල තාවකාලික ද්‍රවශීලතා අරමුණු ඉටුකර ගනු වස් මහ බැංකුව අත්තිකාරම් ප්රදානය කිරීමේ දී ඒ ස ඳහා පැනවෙන පොලී අනුපාතිකය.
ව්‍යවස්ථාපිත සංචිත අවශ්‍යතා
වාණිජ බැංකු විසින් තම රුපියල් තැන්පතු වගකීම්වලින් මහ බැංකුවෙහි තැන්පතුවක් ලෙස පවත්වාගෙන යා යුතු ප්‍රමාණය. | hplt_2 |
අද බොහෝදෙනා පීඩා විදින ගැටළු බොහොමයකට ප්රත්යක්ෂ ගුණ දෙන ඉහළ ඖෂධීය ගුණයෙන් යුක්ත ශාකයක් තමයි ගැට තුඹ පැලෑටිය. අද බොහෝදෙනෙක්ට අමතකව ගියත් එදා පැරණි ගැමියා නිරන්තරයෙන් ආහාරය සඳහා වගේම ප්‍රතිකාර සඳහාත් මේ අපූරු ශාකය භාවිතා කළා. ඉතින් ඉබේ වැවෙන මහත් ගුණදායක ඔසු පැල අතුරින් ගැට තුඹවලට ඉතා විශේෂ ස්ථානයක් හිමිවෙන්නේ එහි රසවත් බව සහ එහි සතු විස්මිත ගුණ සමූහය නිසාමයි. ඉතින් අද අපි ඔබට කියන්නට යන්නේ ව්‍යංජනයක් විදියට වගේම ඔසු පැලයක් විදියත් ඉතා ඉහළ වටිනාකමක් හිමි කරගන්නා මේ ගැට තුඹ ශාකය පිළිබඳවයි.
මේ පැලෑටිය ගෙවත්තේ වගේම කුඹුරු අයිනේ දකින්නට ලැබෙන සුදු පාට සුවඳ මලක් හට ගන්නා ශාකයක්. මේ පැලෑටීයේ කඳේ සහ පත්‍රවල බූව ස්වභාවයක් දකින්නට පුළුවන්. මේ පැලෑටියේ විශේෂ ලක්ෂණයක් තමයි කදේ තියෙන සෑම නැම්මක් ලගම ගැටිත්තක් ඒ සෑම ගැටිත්තක් ලගම මලකුත් දකින්නට ලැබීම. මේ ගැට තුඹ ශාකය හා සමාන ලක්ෂණ දකින්නට ලැබෙන බොහෝදෙනෙකුට පැටලිලි සහගත තත්ත්වයක් ඇති කරන අනෙක් පැලෑටිය වන්නේ පත්පාඩගම්. පත්පාඩගම් ශාකයේ පත්‍ර ගැට තුඹ ශාකයේ පත්රවලට වඩා කුඩා අතර පත්පාඩගම පැලෑටියත් ගැට තුඹ ශාකයට වඩා ප්‍රමාණයෙන් කුඩා වෙනවා. මේ නිස ගැටතුඹ ශාකය නිවැරදිව හඳුනා ගැනීම වැදගත්. මේ ගැට තුඹ ශාකය පඳුරක් ලෙස ඉහළට වර්ධනය වන ශාකයක්. වාර්ෂික පැලෑටියක් වන මෙහි උස සෙන්ටිමීටර 30-60 පමණ වෙනවා.
අතීත ගැමි ජනතාව එළකිරි ඉතා පහසුවෙන් ජීර්ණය වීම සඳහා වගේම එහි සෙම ගතිය සමනය කරගන්නටත් උදරාබාධ සුවකර ගැනීම සඳහාත් එළකිරි උණු කරන විට ගැට තුඹ මුල් කිහිපයක් තලා දාන්නට පුරුදු වෙලා හිටියා. එය එළකිරිවල අඩංගු මේදය හොඳින් දහනය කරන්නටත් උපකාරී වෙනවා.ඒ වගේම මේ ගැට තුඹ ශාකයේ කොළ කලවම් මැල්ලුම් සඳහා වගේම කොළ කැඳ සඳහාත් භාවිතා කරනවා. මේ කොළ කැඳ සඳහා ගැට තුඹ කොළ වගේම මොනර කුටුම්බියත් මිශ්‍ර කරනු ලබනවා.එය ඉතාම ගුණවත් රෝග බොහොමයකටම සුව සලසන දිව ඔසුවක්.ඒ වගේම මේ ගැට තුඹ ශාකයම තේ මෙන් සකසා පානය කරන්නටත් පුළුවන්. ඒ හැරුණාම ගැට තුඹ ව්‍යංජනයත් ඉතා රසවත් වගේම ගුණවත් ආහාරයක්. නිතර ගන්නා ආහාරවලට වෙනසක් එකතු ගන්නට අපූරු ආහාරයක් වන මේ ගැටතුඹ ව්‍යංජනය සකස් කර ගන්නා ආකාරය දැන ගැනීම වැදගත්.
අවශ්‍ය ද්‍රව්‍ය
- ගැටතුඹ ලපටි දඩු සමඟ කඩාගත් කොළ මිටක්
- රතු ළූණු මිටක්
- අමු මිරිස්
- කුරුඳු පොත්තක්
- මිරිස් කුඩු
- කහ කුඩු
- තුනපහ කුඩු
- ලුණු
- පොල් කිරි කෝප්පයක්
සාදා ගන්නා ආකාරය තරමක් විශාල කෑලිවලට කපාගත් ගැටතුඹ කොළවලට උණු ජලය එකතු කර මද වේලාවක් තම්බා ගන්න. පසුව තුනපහ ආදී ද්‍රව්‍ය සියල්ලම එයට දමා දී කිරිවලින් තම්බා ගෙන පොල් කිරි එකතු කර හොඳින් පස්සවා ගන්න. මේ ව්‍යංජනය ලොකු කුඩා බොහෝදෙනා ප්‍රිය කරන රසයකින් යුක්ත ගුණයෙන් ඉහළ ආහාරයක්.
ගැට තුඹ ශාකයේ ගුණ
- හෘදයට හිතකරයි
- දියවැඩියා රෝගීන්ට ගුණදායකයි
- උදරාබාධ සඳහා ගුණදෙයි
- සෙම නසයි
- අහිතකර කොලෙස්ටරෝල් මට්ටම් පාලනය කරයි
- ඇදුම රෝගය සඳහා ගුණදායකයි
- බඩ පිපීම හා බඩ බුරුලෙන් යාමට ගුණදායකයි
- සිරුරේ බර අඩු කරයි
- අක්මා රෝග සඳහා ගුණදායකයි
- ආහාර ජීර්ණ පද්ධතිය ආශ්රිත රෝග සුවකරයි
- සෙම් ප්රතිෂ්යාවට සහ කැස්සට ගුණදායකයි
- රුධිරය පිරිසිදු කරයි
- විෂහරණය කරයි (පිස්සු බලු විෂ, ගෝනුසු විෂ )
- පණු රෝග නසාලයි
- සෙංගමාලය සඳහා ගුණදායකයි
- උදුගොව්වන් කෑම, හිසරදය, ආහාර අරුචිය, කුසගිනි මදිකම, කරකැවිල්ල,සමේ රෝග, තුවාල, නාසයේ මස් දලු සඳහා සිදු කරන ප්‍රතිකාරවලදී මේ ශාකයේ පාංචාංගයම භාවිතා කරයි.
ගැට තුඹ ශාකය සතු ඖෂධීය භාවිතයන්
- සෙම්ප්රතිෂ්යාව ගැට තුඹ ,මල් මිටවල් 2 ක් ගෙන වතුර අඩු කෝප්ප 2 ½ ක් දමා තම්බා පානය කිරීම සුදුසුයි.
- බඩ බුරුලෙන් යාම සඳහා ගැට තුඹ ගස් 3 ක් පමණ ගෙන හොඳින් සෝදා කොටා කෙසෙල් කොළයක දවටා උණු අළු පල්ලේ දමා තම්බා ගෙන නිවුණු පසුව යුෂ මිරිකා මී පැණි දමා පානය කිරීම සුදුසුයි.
- උදරාබාධ හා බඩ පිපුම සඳහා ගැට තුඹ සම්පූර්ණ ශාකයම සුදු ලූණු ,ඉඟුරු ගම්මිරිස් කුරුඳු ආදිය එකතු කර සාදා ගත හැකි තැම්බුම් හොද්ද ඉතාම ගුණදායකයි. ගැට තුඹ සම්පූර්ණ ශාකයම පවනේ වියළා සූදුරු සමඟ මිශ්‍ර කර තේ මෙන් පානය කිරීම මගින් ද උදරාබාධ සුවකර ගන්නට පුළුවන්. ගැට තුඹ මල් සහ බෙලි මල් මිට බැගින් ගෙන තම්බා පානය කිරීම ගුණදායකයි.
- කුඩා දරුවන්ට ඇතිවන මව් කිරි නොදිරවීම හා බඩ පුරවා දැමීම සඳහා මව් කිරි ටිකකට ගැට තුඹ යුෂ තේ හැන්දක් එකතු කර ලබාදීමට එදා මව්වරුන් කටයුතු කළා. එයින් දරුවාගේ මේ අපහසුතා ඉතා ඉක්මනින් දුරු කරගන්නට එය උපකාරී වුණා.
- දරු ප්‍රසූතියෙන් පසුව මවකගේ වේදනාවන් හා අපහසුතා සමනය සඳහා හා වෙනත් සමේ රෝග සඳහා මේ ගැට තුඹ ශාක තම්බා ගත් වතුරෙන් ඇඟ සේදීම ගුණදායකයි.
- සමේ රෝග සඳහා ගැට තුඹ කොළ මිටක්, අමු කහ කෑල්ලක් දමා කොටා මිරිකා ගත් යුෂ මදක් රත්කර ආලේප කිරීමෙන් සහනයක් ලබාගන්නට පුළුවන්.
- ගෝනුසු සත්ත්ව ආදී විශ නැසීමට තම්බා ගත් ගැට තුඹ ශාකයේ ජලය පානය කිරීමෙන් සිරුරේ ඇති විෂ ඉවත් කරයි.
- උදුගොව්වා කෑම සඳහා ගැටතුඹ කොළ, දුම්කොළ සමඟ අඹරා හුණු දමා ඒ ස්ථානවල ආලේප කිරීම සුදුසුයි.
- සෙම්ප්රතිෂ්යා උණට ගැට තුඹ ශාකයේ පංචාංගය තම්බා පානය කිරීම සුදුසුයි.
මේ ගැට තුඹ ඔසු පැලෑටිය ඔබේ ආහාරවේලටත් රසවත් ගුණවත් ආහාරයක් ලෙස වගේම විවිධ ලෙඩ රෝග සඳහා අත් බෙහෙත් සකසා ගන්නටත් භාවිතයට ගන්නට පුළුවන්. නමුත් දිනපතා මේ ආහාරය භාවිතයට ගැනීමෙන් විවිධ අහිතකර තත්ත්වයන් ඇතිවිය හැකි නිසා සතියකට 2-3 වතාවක් ගැට තුඹ ව්‍යංජනයක් ලෙස හෝ කැඳ ලෙස ආහාරයට එකතු කරගන්නට ඔබට පුළුවන්. | hplt_2 |
ජමාල් මරා දමන ලදී !
තුර්කියේ සෞදි කොන්සල් කාර්යාලයේදී ඇති වූ ගැටුමකින් පසු සෞදි මාධ්‍යවේදී ජමාල් ඛෂෝගී ජීවිතක්ෂයට පත් වූ බව සෞදි අරාබියේ රාජ්‍ය රූපවාහිනී සේවය කියා සිටී.
Jamal Khashoggi case: Saudi Arabia says journalist killed in fight
රූපවාහිනී නාලිකාව මේ බැව් කියා සිටියේ සෞදි රජය නිකුත් කළ ප්‍රකාශයක් උපුටා දක්වමිනි.
තම දික්කසාදයට අදාළ ලියකියවිලි ලබාගැනීම සඳහා පසුගිය දෙවැනිදා තුර්කියේ ඉස්තාන්බුල් නුවර සෞදි කොන්සල් කාර්යාලයට ගිය මාධ්‍යවේදී ජමාල් ගැන මෙතෙක් කිසිදු තොරතුරක් වාර්තා නොවිණ. සෞදි බලධාරීන් වරක් කියා සිටියේ ජමාල් සිය රාජකාරී කටයුත්ත නිමකර කොන්සල් කාර්යාලයෙන් බැහැරට නික්මුණු බවකි. කොන්සල් කාර්යාලය අභ්‍යන්තරයට පිවිසි ජමාල් ඛෂෝගී ඉන් බැහැර වූ බවට කිසිදු සාක්ෂියක් නොතිබිණ. ලොව බලවත් රාජ්‍යය, ව්‍යාපාරික ප්‍රජාව, මාධ්‍ය සංවිධාන, අන්තර්ජාතික මට්ටමේ මූල්‍ය ආයතන ආදිය ජමාල්ගේ අතුරුදන් වීම සම්බන්ධයෙන් සෞදි රජය දෙසට ඇඟිල්ල දිගු කරන්නට පටන් ගත්තේය. මෙතෙක් ඒ සම්බන්ධයෙන් හරියාකාර පිළිතුරක් දීම මඟ හැර සිටි සෞදි බලධාරීහු ජමාල් ජීවිතක්ෂයට පත් වූ බව රාජ්‍යය රූපවාහිනී සේවාව හරහා ප්‍රචාරය කිරීමට පළමුවරට කටයුතු කළහ.
සිද්ධියට සම්බන්ධ යැයි කියන දෙදෙනකු ඔවුන් දැරූ තනතුරුවලින් පහ කළ බවත් පුවතින් කියැවිණ. මෙසේ සේවයෙන් පහ කර තිබෙන්නේ සෞදි බුද්ධි අංශ සේවාවෙහි උප ප්‍රධානී මේජර් ජෙනරාල් අහ්මද් අල් – අස්සිරි සහ මොහම්මද් බින් සල්මාන් කුමරුගේ ජ්‍යෙෂ්ඨ උපදේශක සවුද් අල් – ඛහ්ටානි යන දෙදෙනායි. සවුද් අල් – ඛහ්ටානි සෞදි රාජකීය අධිකරණයේ කැපී පෙනෙන චරිතයක් බව මාධ්‍ය වාර්තාවල සඳහන් වේ. යේමනය සම්බන්ධයෙන් සෞදි මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස මේජර් ජෙනරාල් අහ්මද් අල් – අස්සිරි කටයුතු කරමින් සිට ඇත.
මේ අතර, සෞදි බුද්ධි අංශ සේවාව ප්‍රතිසංස්කරණය කිරීම සඳහා අමාත්‍යවරුන්ගෙන් සැදුම්ලත් කමිටුවක් පත් කිරීමටත් මොහම්මඩ් සල්මාන් කුමරු නියෝග කර තිබේ. එම කමිටුවේ ප්‍රධානියා ලෙස මොහම්මද් සල්මාන් කුමරු ක්‍රියා කිරීමට නියමිත බව සඳහන් වේ. මේ තොරතුරු මාධ්‍ය මඟින් අනාවරණය කෙරුණේ මොහම්මද් සල්මාන් කුමරු තුර්කි ජනාධිපති රෙසේප් තය්යිප් එර්ඩොගන් සමඟ දුරකතන මාර්ගයෙන් සාකච්ඡාවක නියැලීමෙන් ස්වල්ප වෙලාවකට පසුවය.
සෞදි බලධාරීන්ගේ ප්‍රකාශය නිකුත්වීමෙන් පසු ඇමෙරිකාවේ ධවල මන්දිරය ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ ජමාල් ඛෂෝගීගේ මරණය සම්බන්ධයෙන් ඇමෙරිකාව දැඩි ලෙස ශෝකයට පත්වන බවකි.
සිදු වූයේ යැයි කියා සෞදිය ප්‍රකාශ කරන දෙය පිළිගත නොහැකි බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රුම්ප් පවසයි. වටමේස සාකච්ඡාවකට එක්වෙමින් ට්‍රුම්ප් ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසුවේ අදාළ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම ඉතා වැදගත් සහ පළමු පියවර යැයි කියාය. සිද්ධිය සම්බන්ධයෙන් ඉක්මනින් ක්‍රියාත්මක වීම අවශ්‍යය බවත් සෞදියට එරෙහිව පැනවෙන සම්බාධක විකල්පයක් බවත් ට්‍රුම්ප් එහිදී පෙන්වා දී තිබිණ.
මාධ්‍යවේදී ජමාල් ඛෂෝගී, තුර්කියේ සෞදි කොන්සල් කාර්යාලය අභ්‍යන්තරයේදී ඝාතනය වී ඇතැයි කියා ස්ථිර ලෙස පළමුවෙන්ම ප්‍රකාශ කළේ තුර්කි බලධාරීන්ය. කොන්සල් කාර්යාලය අභ්‍යන්තරයට පිවිස මඳ වෙලාවකට පසු ජමාල්ගේ කෑගැසීම් හඬ ඇසී ඇත. එම හඬ ඇතුළත් හඬ පටිගතවීමක් තුර්කි බලධාරීන් අතට පත්ව තිබිණ. එහි අඩංගු තොරතුරු අනුව ජමාල් දැඩි ලෙස වධ හිංසනයන්ට ලක්ව ඇති බව තුර්කි බලධාරීහු අනාවරණය කළහ. ජමාල් ජීවතුන් අතර සිටියදීම ඔහුගේ අතැඟිලි කපා දමන්නට හෝ ශරීරය කොටස්වලට වෙන් කරන්නට හෝ ඇති බවත්, කිසියම් විෂක් ශරීරගත කර අනතුරව ඔහුව සදහටම නිහඬ කරන්නට ඇති බවත් තුර්කිය කියා සිටියේය. එසේ වුවත් ජමාල්ගේ දේහය හෝ දේහ කොටස් හෝ කොතැනක වීද යන්න ගැන පැහැදිලි සාක්ෂියක් නොතිබිණ. නම සඳහන් නොකළ තුර්කි නිළධාරියකු අවසානයේදී පැවසුවේ ජමාල්ගේ දේහය හෝ දේහ කොටස් හෝ තුර්කියේ ඉස්තාන්බුල් නුවර බෙල්ග්‍රේඩ් වනාන්තරයට හෝ වගා බිමකට හෝ විසිකර දමන්නට ඇති කියාය.
සෞදි අරාබිය මේ වනවිට ප්‍රකාශයට පත් කර ඇති තොරතුරු මත පදනම් වෙමින් මාධ්‍ය ආයතන මෙන්ම වෙනත් ක්ෂේත්රවල බලධාරීහු ද නොයෙක් ආකාරයේ මත ඉදිරිපත් කරමින් සිටිති. සෞදිය දැන් ක්‍රියාකරමින් සිටින්නේ ජමාල් ඛෂෝගීගේ මරණය සෞදි අරාබිය කලින් සැලසුම් නොකරන ලද්දක් බව ලෝකයට ඇඟවීමටයැයි කියා එම මතධාරීහු පවසන්නෝ ය . | hplt_2 |
රුසියාව රාජ්‍ය ත්රස්තවාදයට නීතිමය පිළිගැනීම ලබා දෙන බවට සෙලෙන්ස්කි ගෙන් චෝදනා!
රුසියාව රාජ්‍ය ත්‍රස්තවාදය ක්‍රියාත්මක කරන බවට යුක්රේන ජනපති වොලොදිමිර් සෙලෙන්ස්කි චෝදනා කරයි.
මීට හේතුව වී තිබෙන්නේ, ඉකුත් දිනක රුසියානු සිරකඳවුරක සිටි සිරකරුවන් රැසක් මරණයට පත්ව තිබීමයි.
මෙම සිරකරුවන්ගේ මරණ ඝාතන බවත්, ඒ අනුව රුසියාව රාජ්‍ය අන්‍රග්‍රහය ලද ත්‍රස්තවාදය නීත්‍යානුකූලව ම ප්‍රවර්ධනය කරන බවත් චෝදනා කරන යුක්රේන ජනපති එක්සත් ජනපදය ඇතුළු ලෝක බලවතුන් ගෙන් ඉල්ලා සිටින්නේ රුසියාව තුළ රාජ්‍ය ත්‍රස්තවාදය ක්‍රියාත්මක වන බවට පිළි ගන්නා ලෙසයි.
ඒ අනුව, රුසියාවට එරෙහිව කටයුතු කරන ලෙස ද සෙලෙන්ස්කි යුක්රේන ජනාධිපතිවරයා ලෝක බලවතුන්ගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටී. | hplt_2 |
මේක මහා ලොකු දෙයක් නෙවෙයි.
ඔයාගෙ තාත්තාගෙ නම වෙන්නෙ “අබු පැරකුම්”.
ඒ වගේම ඔයාගෙ පුතා “බින් පැරකුම්” එහෙම නැත්නම් son of parakum කියන එක තමයි ඒකෙ තේරුම. Osama Bin Laden හැදුනෙත් එහෙම්මම තමයි.
දුව නම් “බින්ත් පැරකුම්” ඒ කියන්නෙ daughter of parakum.
මේ ක්‍රමය එන්නෙ පෙළපත සහ පියා කවුද කියන එක හොයාගන්න. ඒක තමයි ඉස්ලාම් නීතිය (islamic sharia)
ඒකට හේතු වෙන්නෙ, ළමයෙක් දස මසක් මව තම කුසේ දරන් ඉන්න එක වෙන අයගෙන් හන්ගන්න අමාරුයි. හැබැයි පියා සම්බන්ද වෙන්නෙ අදාල කාර්යය කරන අවස්තාවෙදි පමණයි. ඉතින් තම පියා කවුද කියන යන වගත් මේ ක්‍රමයට නම් දාන්න හේතු වුනා.
මුස්ලිම් අයට මේක මැජික් නෙවෙයි.
ඉස්ලාම් ත්‍රස්ත නායකයන්ගේ නම්වලට ‘අබු’ එකතු වුණේ කොහොමද?
අප්‍රේල් 21දා ත්‍රස්ත ප්‍රහාරවලට සම්බන්ධ ශ්‍රී ලාංකික ත්‍රස්ත කල්ලියේ අය විසින් භාවිතා කරන ලද සංවිධාන නම්වල අබු යන යෙදුම තිබෙනවා. උදාහරණයක් ලෙස සවුදි අරාබියේදී අත්අඩංගුවට ගෙන ජුනි 9දා ශ්‍රී ලංකාවට රැගෙන ආ මොහොමඩ් මිල්හාන් නමැත්තා පාවිච්චි කර තිබෙන්නේ අබු සීලන් යන සංවිධාන නමයි. සහරාන් හෂීම්ල අබු උබායිදා ලෙස නම් කරගෙන තිබුණා.
අයිඑස් සංවිධානයේ නායකයා පාවිච්චි කරන නම අබු බකර් අල් බග්දාදි යි. අබු සායිෆ් නම් වන ත්‍රස්ත සංවිධානයක් පිලිපීනයේ තිබෙනවා.
මොකක් ද මේ අබු කියන අරාබි වචනෙ තේරුම? එහි අරුත තමයි පියා යන්න. එහි තිබෙන ගෞරවාන්විත අර්ථය නිසා පියතුමා, පීතෘවරයා වැනි අදහසකින් තමයි අබු කියන නම පාවිච්චි කරන්නෙ.
වැඩිමහල් පුතාට අබු කියන නම සමග තමන්ගේ නම තැබීමේ චාරිත්‍රයක් පලස්තීන, ඉරාක වැනි සමාජවල ජනයා අතර තිබෙනවා. ඒ අනුව, මොහොමඩ්ගේ වැඩිමහල් පුත්‍රයා අබු මොහොමඩ්. එහෙත්, එහි අරුත මොහොමඩ්ගේ පියා යන්නයි. ඒ අනුව, ඒ නම ලැබූ පුද්ගලයාට උපදින පළමු පුත්‍රයාට මොහොමඩ් යයි නම තැබීමට ඔහු බැඳී සිටිනවා.
මෙම ව්‍යවහාරයට අන්වර්ථ නාමය යන අරුත දෙන කන්‍යා කියන වචනය ද භාවිතා වෙනවා. පැරණි ගෝත්‍රික ජනයා අතර යම් පුද්ගලයකුට නමින් ඇමතීම අයෝග්‍ය බවට අදහසක් තිබුණ නිසා මෙවැනි ව්‍යවහාරයක් පැමිණි බවත් විද්වත්තු කියනවා.
ඉස්ලාම් අන්තවාදීන් මේ අන්දමින් තම නම වෙනස් කරගැනීමට පෙළඹී තිබෙන්නේ එකී පැරණි ව්‍යවහාරයට අනුව බව පෙනෙනවා.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ එමිරේට හත අතරින් විශාලතම එමිරේටය හා අග නගරය වන අබු ඩාබි යන වචනයෙහි තේරුම ගැසල්ගේ පියා යන්නයි. ගැසල් යනු අං සහිත කුඩා ඇන්ටිලෝප් මුව වර්ගයක්.
Photo courtesy: http://engrave.in
1 thought on “ඉස්ලාම් ත්‍රස්ත නායකයන්ගේ නම්වලට ‘අබු’ එකතු වුණේ කොහොමද?”
-
මේක මහා ලොකු දෙයක් නෙවෙයි. | hplt_2 |
1 ජූලි 2017 වන දින නෙදර්ලන්තයේ කම්කරු නීතිය වෙනස් වේ. ඒ සමඟම සෞඛ්‍යය, ආරක්ෂාව සහ වැළැක්වීම සඳහා කොන්දේසි.
සේවා කොන්දේසි රැකියා සම්බන්ධතාවයේ වැදගත් සාධකයකි. එබැවින් සේවා යෝජකයන්ට සහ සේවකයින්ට පැහැදිලි ගිවිසුම් වලින් ප්රතිලාභ ලබාගත හැකිය. මේ මොහොතේ සෞඛ්‍ය හා ආරක්ෂණ සේවා, සමාගම් වෛද්‍යවරුන් සහ සේවා යෝජකයින් අතර විශාල විවිධ ගිවිසුම් ඇති අතර එමඟින් ප්‍රමාණවත් සැලකිල්ලක් නොලැබේ. මෙම තත්වයට එරෙහිව සටන් කිරීම සඳහා රජය මූලික කොන්ත්‍රාත්තුව හඳුන්වා දෙයි.
ස්ටැපෙන්ප්ලාන් ආර්බොසෝර්ග්
රජය «ස්ටැපෙන්ප්ලාන් ආර්බෝසෝර්ග් launch ද දියත් කරනු ඇත. මෙම සැලැස්ම මඟින් සමාගම තුළ සෞඛ්‍ය හා ආරක්ෂණ යෝජනා ක්‍රමය යහපත් ලෙස ක්‍රියාත්මක කළ යුතුය. සේවා යෝජකයාට පමණක් නොව, රැකියා උපදේශක හෝ කාර්ය මණ්ඩල නියෝජනය සහ බාහිර සෞඛ්‍ය හා ආරක්ෂණ සේවාව ද මෙම සැලැස්මේ කාර්යභාරයක් ඉටු කරනු ඇත.
නව ව්‍යවස්ථාවෙන් ඔබේ සංවිධානයට ඇතිවිය හැකි ප්‍රතිවිපාක මොනවාදැයි ඔබ සිතනවාද? 13 ජුනි 2017 වන දින සමාජ කටයුතු හා රැකියා අමාත්‍යාංශය විසින් ඩිජිටල් මෙවලම් කට්ටලය «කම්කරු නීතියේ වෙනස්කම්» ඉදිරිපත් කරන ලද අතර එහිදී ඔබට නීති සම්පාදනයේ වෙනස්කම් පිළිබඳ කරුණු පත්‍රිකා, ලේඛන සහ සජීවිකරණ සොයාගත හැකිය. | hplt_2 |
කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන විනෝද චාරිකාවේ රාත්‍රී බේබදු සවාරි
කාන්තා පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගය අද ඕස්ට්‍රේලියාවේදී පැවැත්වෙනවා. ඒ සත්කාරක ඕස්ට්‍රේලියා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතරයි. මෙම තරගාවලියට එක්වූ ශ්‍රී ලංකා කණ්ඩායම පළමු වටයෙන්ම දිවයිනට පැමිණියා. රටවල් 10 ක් තරග වැදුණු තරගාවලියේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කළේ A ඛාන්ඩයෙන්. ඔවුන් එක්වූ තරග 4 ක් පරාජය වූ අතර බංග්ලාදේශය සමග පැවති තරගය පමණක් ජය ගත්තා. ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකාව ලෙස චමරි අතපත්තු කටයුතු කළා.
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට මෙවන් ඉරණමක් අත්වීමට හේතු වී ඇත්තේ ඔවුන්ගේ අදක්ෂතාව නොවේ. කණ්ඩායම සමග ඕස්ට්‍රේලියාවට ගිය සහය කාර්ය මණ්ඩලය පිස්සු නැටීමට ක්‍රීඩිකාවක්ද බලෙන්ම එක්කර ගැනීම හේතුවෙන් බව lankasportsnews වෙත වාර්තා වනවා.
මෙම රාත්‍රී සාද සංවිධානය කිරීමට තරගයක් තිබූ බව තරගාවලියට එක්වූ නම සදහන් කළ නොහැකි ක්‍රීඩිකාවක් Lankasportsnews වෙබ් අඩවියට පැවසුවා. ඕස්ට්‍රේලියාවේ සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් නියෝජිත මලික් ක්ෂේවියර් සිය මිතුරන්ගේ සාද සදහා කල්තියා ආරාධනා කර තිබෙනවා. එම සාද බේබදු සාද වීම හේතුවෙන් ක්‍රීඩිකාවන්ට සිදුව ඇත්තේ නිලධාරීන් නැලි ගණන් බොනතුරු නිදිවර්ජිතව ගීත ගයමින් බයිට් එක ලෙස ලකා ගහගෙන සිටීමටයි. ජායාරූප ශිල්පියා ලෙස කණ්ඩායමට එක්ව සිටි යොහාන් ජයසිංහ මෙම රාත්‍රී සාදවලදී හොදම බේබද්දා වීමට සහය පුහුණුකරු මහේෂ් වීරසිංහට තියුණු තරගයකින් ලබාදුන් බව එම ක්‍රීඩිකාව වැඩිදුරටත් කියා සිටියා.
තරග පැවැත්වෙන දිනයට පෙර දිනයේදීත් මෙම රාත්‍රී සාද පැවැත්වීම හේතුවෙන් තරගයට නිසි ශරීරික හා මානසික යෝග්‍යතාවකින් පිවිසීමට ක්‍රීඩිකාවන්ට තිබූ අවස්ථාව අහිමිකර තිබෙනවා. මේ පිලිබද අවස්ථා කිහිපයකදී කණ්ඩායම් කළමනාකරු නිශාන්ත සිල්වාට පැමිණිලි කිරීමට ක්‍රීඩිකාවන් උත්සාහ කර තිබෙනවා. එහෙත් ඔහු විදේශිකයන් මෙන් ඉංග්‍රීසියෙන් පමණක් ක්‍රීඩිකාවන් සමග කථාකිරීම එම අවස්ථාවත් ඔවුන්ට අහිමිවූ බව සදහන්. ඉංග්‍රීසි භාෂාව හොදින් නොදැනීම හේතුවෙන් බොහෝ ක්‍රීඩිකාවන් මෙම කළමනාකරු මගඇර සිටීමටයි කටයුතු කට ඇත්තේ. බොරු සෝබනයට හැසිරෙන මෙවන් අය කණ්ඩායම් කළමනාකරු කිරීමෙන් ඉටුවන්නේ කාගේ අවශ්‍යතාවන්දැයි පවතින්නේ සැකයක්.
නිදිමරගාතේ ගිහින් මැච් ගහන්න පුලුවන්ද අයියේ. කට්ටිය ඩෝප් වෙලා කුදලන් එන රාජකාරියයි අපිට තිබුණේ. එපා උනා හලෝ. මුන් කොච්චර බිව්වත් වෙරිවෙන්නේ නැද්ද කියලත් හිතුන අනේ. මාර බීමක්නේ. අපිව කඩේ යවල එයාල ආතල් ගත්තා. අන්තිමට ඔක්කොටම බැනුම් අහන වෙන්නේ අමාරුවෙන් ග්‍රවුන්ඩ් එකට ගිහින් සෙල්ලම් කළ අපිට. දාල දෙනවකෝ හොද කතාවක් මේ ගැන. ආ මේ අයියේ. මේක දැම්මහම මම දෙන්නම් ක්‍රිකට් ලේකම්වරියන් වගේ ලිංගික සේවයට යොදවන ක්‍රීඩිකාවන්ගේ විස්තර. මාව බේරලා ඕනේ දෙයක්. මාවනම් මාට්ටු කරන්න එපා හලෝ. මම පව්නේ. සිනහවෙයි. (හඩපටය අවසන් )
එම හඩපටය ඇතුලත් නොකරන්නේ හඩ පරීක්ෂාවකින් තොරවම ඇයව කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නිලධාරීන්ට හදුනාගත හැකිවීම හේතුවෙන් බව සලකන්න. | hplt_2 |
මෘදුකාංග ඉංජිනේරු එරංග මහතා සකසන ලද Real Time Stock Update System එකෙහි නියමු ව්‍යාපෘතිය අද දින සිදු කරන ලද අතර එය ඉතාමත් සාර්ථකව සිදුවෙන ලදී.
මෙම පහසුකම නිසා පෝලිමේ සිටින ඕනෑම මොහොතක aradhanagroup.lk වෙබ් අඩවියෙන් ඔබට තොග තත්වය නිවැරදිව බලා ගත හැකි අතර ඒ අනුව පෝලිමේ රැඳී සිටීමේ ප්‍රතිපලයක් ඇද්ද නැද්ද යන වග ඔබටම තීරණය කළ හැක.
සාමාන්‍ය තොග මට්ටම අවසන් වන ප්‍රමාණය 500 ලෙස අප පැවසුවද සැබෑ මට්ටම ඊට වඩා යම් ප්‍රමාණයක් අවමව පවතී. මෙම ක්‍රියාපටිපාටිය නිසා සෑම විටම නිවැරදි තොගය ම දැකිය හැකි වේ.
මෙම යාන්ත්‍රණය ක්‍රියාත්මක වන්නේ පොම්ප තුළ සවිකර ඇති සෙන්සර් මගින් වන අතර තෙල් ගසන සෑම අවස්ථාවකම එම තොරතුරු මධ්‍ය පද්ධතියක් හරහා අදාල තොගයෙන් අඩුකර යෑම මගින් තොරතුරු ලබා දේ.
ඔබට බොහෝම ස්තුතියි.
@ආරාධනා fb | hplt_2 |
කොබෝල්ට්, ලිතියම්, නිකල්, තඹ, ඇලුමිනියම් වැනි ඉහළ ආර්ථික වටිනාකමක් ඇති පුනර්ජනනීය නොවන විශාල ප්‍රමාණයක් ඇත. එමඟින් බැටරි අපද්‍රව්‍ය දූෂණය අඩු කරනවා පමණක් නොව, කොබෝල්ට්, නිකල් වැනි ලෝහ සම්පත් අපතේ යාම වළක්වා ගත හැකිය. , ආදිය අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය කිරීමෙන් හෝ නුසුදුසු ලිතියම් අයන බැටරි.
Changzhou හි Ktkbofan Energy New Material Co. Ltd විද්‍යාලය සමඟ සහයෝගයෙන් කටයුතු කර ඇති අතර Jiangsu ගුරුවරුන් තාක්ෂණ විශ්ව විද්‍යාලය, Jiangsu දුර්ලභ ලෝහ ක්‍රියාවලි තාක්ෂණය සහ යෙදුම් ප්‍රධාන රසායනාගාරයේ සහාය මත පර්යේෂණ කණ්ඩායමක් ආරම්භ කර ඇත. එහි පර්යේෂණ මාතෘකාව අපද්‍රව්‍ය ලිතියම් අයන බැටරියෙන් වටිනා ලෝහ ප්‍රතිචක්‍රීකරණය කිරීමයි. වසර තුනක පර්යේෂණ හා සංවර්ධනයෙන් පසු, එය සංකීර්ණ නිෂ්පාදනය, දිගු ක්‍රියාවලිය, කාබනික ද්රාවකයෙන් පාරිසරික අනතුරු, තාක්ෂණික ක්‍රියාවලිය කෙටි කිරීම, බලශක්ති පරිභෝජනය අඩුවීම, ලෝහ ප්‍රතිචක්‍රීකරණ අනුපාතය වැඩි දියුණු කිරීම, සංශුද්ධතාවය සහ ප්‍රකෘතිමත් වීම වැනි ගැටළු විසඳා ඇත. ටොන් 8000 ක අපද්‍රව්‍ය ලිතියම් අයන බැටරි සම්පූර්ණයෙන්ම සංවෘත ප්‍රතිචක්‍රීකරණය සහ යෙදුම.
මෙම ව්‍යාපෘතිය ඝන අපද්‍රව්‍ය සම්පත් භාවිතයට අයත් වේ. තාක්ෂණික මූලධර්මය වන්නේ ලීච්, ද්‍රාවණ පිරිසිදු කිරීම සහ සාන්ද්‍රණය, ද්‍රාවක නිස්සාරණය යනාදිය ඇතුළුව හයිඩ්රොමෙටලර්ජිකල් නිස්සාරණය මගින් ෆෙරස් නොවන ලෝහ වෙන් කිරීම සහ ප්‍රතිචක්‍රීකරණය කිරීමයි. එය විද්‍යුත් ලෝහ විද්‍යාව (විද්‍යුත් විච්ඡේදනය) මගින් මූලද්‍රව්‍ය ලෝහ නිෂ්පාදනය නිෂ්පාදනය කරයි.
තාක්ෂණික පියවර වන්නේ: අපද්‍රව්‍ය ලිතියම් අයන බැටරිය මත ප්‍රථමයෙන් ප්‍රතිකාර කිරීම, විසර්ජනය කිරීම, විසුරුවා හැරීම, කඩා දැමීම සහ වර්ග කිරීම ඇතුළුව. ඉන්පසු ප්ලාස්ටික් විසුරුවා හැර යකඩ පිටත ප්‍රතිචක්‍රීකරණය කරන්න. ක්ෂාරීය කාන්දු වීම, අම්ල කාන්දු වීම සහ පිරිපහදු කිරීමෙන් පසු ඉලෙක්ට්‍රෝඩ ද්‍රව්‍ය නිස්සාරණය කරන්න.
නිස්සාරණය යනු කොබෝල්ට් සහ නිකල් වලින් තඹ වෙන් කරන ප්‍රධාන පියවරයි. එවිට තඹ ඉලෙක්ට්රෝඩෙපොසිෂන් ස්ලට් එකට දමා විද්‍යුත් තැන්පත් වූ තඹ නිෂ්පාදනය කරයි. කොබෝල්ට් සහ නිකල් නිස්සාරණය කිරීමෙන් පසු නැවත උපුටා ගන්න. ස්ඵටිකීකරණය වූ සාන්ද්‍රණයෙන් පසු අපට කොබෝල්ට් ලුණු සහ නිකල් ලුණු ලබා ගත හැකිය. නැතහොත් කොබෝල්ට් සහ නිකල් ඉලෙක්ට්රෝඩෙපොසිෂන් ස්ලට් එකට නිස්සාරණය කිරීමෙන් පසු විද්‍යුත් තැන්පත් කොබෝල්ට් සහ නිකල් නිෂ්පාදන සාදන්න.
විද්‍යුත් තැන්පත් කිරීමේ ක්‍රියාවලියේදී කොබෝල්ට්, තඹ සහ නිකල් ප්‍රතිසාධනය 99.98%, 99.95% සහ 99.2%~99.9% වේ. කොබෝල්ටස් සල්ෆේට් සහ නිකල් සල්ෆේට් නිෂ්පාදන දෙකම අදාළ ප්‍රමිතියට පැමිණ ඇත.
පරිමාණ-ප්‍රසාරණය සහ කාර්මිකකරණ පර්යේෂණ සිදු කර ප්රශස්ත පර්යේෂණ ජයග්‍රහණ මත සංවර්ධනය කරන්න, වාර්ෂිකව ටොන් 8000 කට වඩා වැඩි ප්‍රතිසාධනයක් සහිත අපද්‍රව්‍ය ලිතියම් අයන බැටරි සම්පූර්ණ සංවෘත පිරිසිදු නිෂ්පාදන මාර්ගයක් සකසන්න, කොබෝල්ට් ටොන් 1500, තඹ ටොන් 1200, නිකල් ටොන් 420 ප්‍රතිචක්‍රීකරණය කරන්න. සම්පූර්ණ වියදම යුවාන් මිලියන 400 ඉක්මවයි.
නිවසේ ජල ලෝහ විද්‍යාව නොමැති බව කියනු ලැබේ. විදේශ රටවල ද කලාතුරකින් දක්නට ලැබේ. සමහර විට අපට මෙම ක්‍රමය වඩාත් පුළුල් ලෙස භාවිතා කිරීමට උත්සාහ කළ හැකිය.
මෙම ජයග්‍රහණය ජාතික අපද්‍රව්‍ය සම්බන්ධයෙන් ප්රමුඛ කාර්යභාරයක් ඉටු කරයි Li ion බැටරිය ප්‍රතිචක්‍රීකරණය, සහ බලශක්ති ගබඩාව සාර්ථකව පරිපූරණය කරයි. අනෙකුත් බැටරි ව්‍යවසායන් හා සසඳන විට, එය පරිසර හිතකාමී, අඩු පිරිවැය සහ ඉහළ ලාභය ඇතුළත් පැහැදිලි වාසි ඇත.
අඩු බලශක්ති පරිභෝජනයක් ඇති නමුත් ඉහළ නිෂ්පාදන ප්‍රතිසාධනයක් ඇති ජල ලෝහ විද්‍යාව මගින් එයට තාක්ෂණික ක්‍රියාවලිය ඒකාබද්ධ කළ හැකිය. | hplt_2 |
අපි විවිධ අවස්ථාවලදී සමාජයත් එක්ක ගනුදෙනු කරනවා..සතුටු සාමිචිය,සාකච්චා,සුහද හමුවීම්,ගමන් බිමන්,සම්මේලන,රැස්වීම්, විවිධ උත්සව අවස්ථා වුනත් අපේ ජිවිතයේ අපට හමුවෙනවා.එකට ආහාර ගද්දි අපි කරන පුංචි පුංචි වැරදි නිසා අපි ගැන වැරදි ප්‍රතිරූපයක් මැවෙන්න පුළුවන්කමක් තියෙනවා.විශේෂයෙන්ම නිල මට්ටමින් කටයුතු කරද්දී අපිට විවිධ භෝජන සංග්‍රහයන් වලට සහභාගී වෙන්න සිදුවෙනවා… ඒවගේ වෙලාවට මෙන්න මේ table manners ගැන අවබෝධය අඩුවෙන එක ඒතරම් හොඳ දෙයක් නෙමේ..ඉතින් අපි කතාකරමු,දැනගනිමු table manners ගැන…කෑම මේසෙකදී කරන්න ඕනේ දේවල් වගේම කරන්න අනවශ්‍ය දේවල් වෙන වෙනම දක්වන්න මා මෙහිදී බලාපොරොත්තු වෙනවා..
ආහාර ගන්නා ආකාර දෙකක් තියෙනවා අපි මුලින් ඒ ගැන කතාකරමුකෝ…
1. යුරෝපා ක්‍රමය
මෙහිදී ගැරුප්පුව වම් අතටත්,පිහිය හෝ හැන්ද දකුනතටත් ගත යුතුයි.එක ගැරුප්පුවකට වඩා දකින්න ලැබෙනවානම් එළියෙන් තියෙන ගැරුප්පුව තමයි ඔබේ අතුරුපසට වෙන්වෙන්නේ..ඇතුලට වෙන්න තියෙන ගෑරුප්පුව තමයි ඔබේ ප්‍රධාන ආහාරයට වෙන්වෙන්නේ.කෑම කපන්න ඕනේ වුනොත් දකුනතට පිහිය අරගෙන දබර ඇඟිල්ල පිහියේ උඩ කොටසට වෙන්න තබා තදකරගෙන ආහාර කැබලි කරන්න.මේ ක්‍රමය ආහාර ගැනීමේ ආකාර දෙකේදීම අනුගමනය කරනවා.
යටිපැත්තට හරවා වමතින් ගෑරුප්පුව අල්ලගන්න.එහිදීත් දබර ඇඟිල්ල කෙලින් අල්ලගන්න ඕනේ.අතේ අනික් කොට ගෑරුප්පුවෙ පිටුපසට වෙන්න තබාගන්න.ආහාර පිහියෙන් කපද්දී ගෑරුප්පුවෙන් ආහාරය හෙමින් පසුපසට අදින්න.ගෑරුප්පුව යටි අතටම හරවාගෙන ආහාරය ලබාගන්න.ගාරුප්පුවේ දැති කොටස් වලින් සුළු ප්‍රමාණයක් කටට ඇතුල්වෙන්න තබාගන්න.
2. ඇමෙරිකානු ක්‍රමය
මෙහිදී ගෑරුප්පුව අල්ලන්නේ සම්පුර්ණ වමතේ ඇඟිලි සියල්ලම එකට සිටින ලෙසයි.යුරෝපා ක්‍රමය අනුව නම් දබර ඇඟිල්ල මඳක් ඉස්සරහට එනවනේ. ආහාර කපන විටදී පමණක් ඔබේ පිහිය දකුණට ගන්න.මෙහිදී ආහාර කපද්දී හැරෙන්න ගෑරුප්පුව තබාගත යුත්තේ ඔබේ දකුනතෙයි..ගෑරුප්පුව මුඛයට ලං කරද්දී ගෑරුප්පුව උඩු අතට හරවගන්න..
කෑම කන අතරේ ඔබට විවිධ ආහාර වලට යන්න අවශ්‍යයි නම් හැඳි ගෑරුප්පු හෝ ඔබ ආහාර ලබාගන්නා ටූල්ස් දෙක එකිනෙක ක්‍රොස් වෙන ලෙස තබන්න.
යුරෝපිය ක්‍රමයට අනුව-පිහිය මත හෝ හැන්ද මත ගෑරුප්පුව ක්‍රොස් වෙන ලෙස තබන්න.
ඇමෙරිකානු ක්‍රමයට අනුව නම් ගෑරුප්පුව උඩු අතට උල් කොටස උඩට සිටින විධියට පිඟානේ වම පසින් ටිකක් ඇලව තබන්න..පිහිය හෝ හැන්ද පිඟානේ දකුණු පස මදක් ඉහලට වෙන්න තබන්න.
ආහාරය ගෙන අවසන් නම් යුරෝපා ක්‍රමයට අනුව ගෑරුප්පුව සහ හැන්ද හෝ පිහිය එකලඟ යටි අතට තබන්න,ඇමෙරිකානු ක්‍රමයට අනුව නම් ගෑරුප්පුව සහ පිහිය හෝ හැන්ද එකලඟ තිබ්බත් තියන්න ඕනේ ගෑරුප්පුව උඩ අතටයි.
දැන් අපි කෑම මේසයේ කරන්න සුදුසු දේවල් ගැන මුලින් කතාකරමු…
- කෙලින් හොඳට වාඩිවෙන්න
- ප්‍රියමනාප කතාබහක යෙදෙන්න,ධනාත්මක දේවල් කියන්න
- ඔබේ උකුල මත නැප්කින් එක (සර්වියට්) එළාගන්න
- හැමකෙනෙක්ම වාඩිවෙලා ආහාර ගන්න සුදානම් වෙනතුරු සිටින්න
- සමහර ආහාර ගන්න අවස්ථාව වෙනස් වෙන්න පුළුවන්..විවිධ සංස්කෘතීන් තියෙන්න පුළුවන් නිසා.එහෙම අවස්ථාවක ඒ ගැන දන්නා කෙනෙක්ගෙන් අසා දැනගන්න එක වැදගත්
- මේසේ නැඟිටලා ව්‍යංජන බෙදාගන්න යන්නේ නැතිව ඒ අවශ්‍ය දේ ඔබ වෙතට එවන්න කියා මේසයේ ඉන්න අයගෙන්ම ඔබට අහන්න පුළුවන් (pass කරන්න )
- මුඛය තුල නොපෙනෙන සේ ආහාර හපන්න
- මස් කැබලි කරගන්න පිහිය හෝ ගැරුප්පුව භාවිතා කරන්න
- ආහාර ගන්න අතරවාරයේ කියන්න අවශ්‍ය දෙයක් තිබෙනවානම් සමාවෙන්න යැයි පවසා එය ප්‍රකාශ කරන්න අමතක කරන්න එපා.
- “ස්තුතියි,එපා” කියන දේ ඔබට ආහාර අනවශ්‍ය මොහොතේදී කියන්න පුරුදුවෙන්න
කරන්න සුදුසු නැති දේවල්…
- වල්පල් කතාකරන්න යන්න එපා
- මට දෙන්න මට දෙන්න කියා නොයෙක් දේවල් අන් අයට පෙර ඉල්ලන්න යන්න එපා..හැමවිටම සුහදශිලිව ඉඩදෙන්න
- නිතර නිතර කෑම ගන්න එපා
- ඕනෙවට වඩා පිඟාන පුරවගන්න එපා
- සද්දේ දාල කෑම ගිලින්න යන්න එපා.හොඳින් කෑම සපා ගිලින්න
- කටේ කෑම තියෙද්දී කතාකරන්න යන්න එපා
- කෑමත් එක්ක සෙල්ලම් කරන්න යන්න එපා.
- කෑම මේසයේදී සින්දු කියන්න,කෑගහන්න යන්න එපා
- ආහාර කැබලි කෑම මේසයේදී හෝ පුටුවේදී හෝ ඉහිරවන්න එපා
- ඔබ ආහාර ගෙන අවසන් වූ විට පිඟාන ඉදිරියට තල්ලු කරන්න එපා
මෙන්න මේ දේවල් ආහාර ගද්දි ඔබේ පිළිවෙලට එකතුකරගත්තොත් ඔබේ table manners වඩාත් හොඳ වේවි… | hplt_2 |
නිරෝගී ආහාර වේලක් ගැන හරිහැටි අවබෝධ කරගන්න, කතාකරන්න අද අපට බැරි වෙලා තියෙන්නේ ආහාර ගැන එකිනෙකට පටහැනි තොරතුරු ගොඩකින් හරි තොරතුරු තෝරා බේරා ගන්න අපට සිදුවෙලා තිබෙන නිසයි.නිදන්ගත් රෝග මෙන්ම වෙනත් රෝග වලින්ද වැලකි සිටීමට සෞඛ්‍යවත් ආහාර පිළියෙළ කිරීම යනු ගෘහණියක් විධියට ඔබ ගන්නා ඉතාම නිවැරදි තීරණයක්.නැවුම් අමුද්‍රව්‍ය,එළවලු සහ පලතුරු මෙන්ම නිසි ප්‍රමාණයෙන් කුළුබඩු යොදාගැනීමෙන් මේ නිරෝගී ආහාර වේලක් සකසා ගන්න ඔබට ලැබෙන හැකියාව හුඟක් වැඩියි.
වැඩිපුර පලතුරු එකතු කරන්න
නැවුම් පලතුරු වලින් විවිධ ආහාර සකසා ගැනීම එක ටිප් එකක්.මෙහිදී අපේ ගෘහණියන් කරන වැරද්දක් තිබෙනවා.එනම් පලතුරු සලාදයක් හදද්දී හෝ ජූස් එකක් හදද්දී හෝ ඔබ එයට සීනි එකතු කරන එක.පලතුරු වල ස්වභාවයෙන්ම සීනි අඩංගු වෙනවා.ඒවායේ අඩංගු සීනි ප්‍රමාණය කිසිසේත්ම ඔබේ සිරුරට අහිතකර නැහැ.ඒවගේම ඒවායේ සීනි අඩංගු වෙන්නේ සුක්රෝස් ලෙසින්.හුඟක් පැණි රස නොමැති වුවත් ඒ සීනි ප්‍රමාණය ඔබේ සිරුරට හොඳටම ඇති.ඒ නිසා සීනි එකතු කරන්න නම් එපා.ඔබට පුළුවන් නම් පලතුරු සලාදයක් හෝ ජූස් එකක් ඔබේ උදේ ආහාරය ලෙස සකස් කරගන්න….එය ඉතාම හොඳ ක්‍රියාවක්.
උදේම හිස්බඩ පළතුරක් ආහාරයට ගන්න එක සිරුර ශක්තිමත් මෙන්ම නැවුම් කරනවා.එමෙන්ම සිරුරේ පරිවෘතිය ක්‍රියාවලියට ඉන් ලැබෙන්නේ හොඳ පිටිවහලක්.
එළවලු අඩංගු ආහාර වැඩිපුර සකස් කරන්න
පුංචි දරුවන් එහෙම වැඩිය එළවලු කන්න ආස නැහැනේ.කටට රසට සැරට තියෙන මස් මාළු වගේදේවලට තමා හුඟක්ම කැමති නේද? ඒ පුරුදු වෙලා තියෙන හැටි වුනත් අම්මා කෙනෙක්,ගෘහණියක් ලෙස ඔබට පුළුවන් මේ ආකල්පය වෙනස් කරන්න.ඒ එළවලු වල ගුණයත් රැකගෙන රසට එළවලු කෑම හදලා.
එළවලු බටර් වල ගිල්වීම, තෙම්පරාදු කිරීම,විවිධ සත්ව මෙදයන් අඩංගු තෙල් වර්ග එකතු කිරීම ආදියෙන් සිදුවන්නේ අමතර කැලරි සිරුරට එක්වීම මිස පෝෂණයක් ලැබීම නොවෙයි.ඒ තුල ඔබට සෞඛ්‍යවත් ජීවන රටාවකට යාමට නොහැකියි.ඔලිව් ඔයිල් ස්වල්පයක් එකතු කරගනිමින් එළවලු තැම්බීම (steam) හෝ රෝස්ට් හෝ කරන්න හුරුවෙන්න.
ඒවගේම ආහාර පිළියෙළ කිරීමට සූරියකාන්ත තෙල්,ඔලිව් ආදී ශාක තෙල් යොදාගැනීමෙන් ආහාර වල රස වගේම ගුණ ත් වැඩිවනවා.ඒ විතරක් නෙමේ…ඕනෑවට වඩා එළවලු තැම්බීමේදිත් තෙම්පරාදු කිරීමේදීත් එළවලුවල ගුණය නැසී යනවා…එළවලු කපා සේදිමේදීත් එළවලුවල වර්ණක ඉවත් වීමෙන් විටමින් ආදිය ඉවත් විය හැකියි.මේ දේවල් ගැනත් ගෘහණියක ලෙස කල්පනාවට ගන්න.
කුඩා දරුවන් එලවලු කන්න අකමැති නම් ඔබට එළවලු යොදා කට්ලට් හදන්න පුළුවන්…තවද එළවලු යොදා රොටි හදන්න ත් පුළුවන්.සුප් වර්ග හදා දෙන්නත් පුළුවන්.
ප්‍රෝටීන නිසි ප්‍රමාණයෙන් තෝරාගන්න. ඔමේගා 3 මේද අම්ල අඩංගු ප්‍රෝටීන භාවිතයට හුරුවන්න. සැමන් ආදී ඔමේගා 3 අඩංගු ආහාර හෘද මාංශ පෙශින්ගේ මනා ක්‍රියාකාරිත්වයට බොහෝ පිටුවහලක් වනවා. බෝංචි ආදී එළවලු ත් බතට එකතු කරගත්තොත් ඔබට ප්‍රෝටීන් පහසුවෙන් ලබාගන්න හැකියාවක් තියෙනවා. මතක තියාගන්න මස් වුනත් ඔබ ලබාගන්න ඕනේ අත්ල ප්‍රමාණයට අඩු ප්‍රමාණයක් බව.ඒ නිසා පුළුවන් තරම් සරල ආහාර පිළියෙළ කරන්න හුරුවෙන්න.
කිරි ආහාර
කිරි ආහාර වලින් ලැබෙන කැල්සියම් සහ විටමින් වර්ග ද බොහෝ වැදගත් සංඝටක.එහෙත් බොහෝ කිරි ආහාර වලින් සෞඛ්‍යවත් මේද ලැබෙනවා අඩුයි.මේදය රහිත කිරි ආහාර භාවිතා කිරීම තුලින් ආහාර වුවත් පිළියෙළ කරගැනීම බුද්ධිමත් තීරණයක්.
විවිධ රසකාරක අඩංගු චීස් වර්ග ආහාරයකට එක් කරගන්න හිතනවා නම් ඊට කලින් හිතන්න දෙයක් තියෙනවා.ඒ තමයි ස්වභාවික රසකාරක යොදා චීස් අඩුවෙන් යොදාගෙනත් ඔබට ආහාර පිළියෙළ කල හැකියි කියන එක.
- කැනොලා තෙල්,ඔලිව් තෙල්,සූරියකාන්ත තෙල්,එළවලු තෙල් ආහාරය යොදාගැනීම
- සලාද වැනි ආහාර වැඩිපුර ගැනීම
- ගම්මිරිස්,දෙහි ආදිය ආහාරයට ගැනීමට පෙර සලාදයට එකතු කර ගැනීම
- ආහාරවලට (හොද්දට) ලුණු එකතු කරද්දී ආහාරය පිස අවසානයේ එකතුකිරීමට වගබලා ගැනීම
මේ වගේ පුංචි ටිප්ස් ඇති ඔබට රස වගේම ගුණත් රැකෙන ආකාරයෙන් ආහාර පිසින්න නේද? | hplt_2 |
සියම් මහ නිකායේ මල්වතු පාර්ශ්වයේ මහ නාහිමියන් ප්රමුඛ ගරුතර කාරක සංඝ සභාව විසින් නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාසට ශාසන දීපන අභිමානී ශ්‍රී ලංකා ජනරංජන ප්රදානය කිරීමට නියමිතය.
මාර්තු මස 31 වැනි ඉරිදා පස්වරුවේ මල්වතු මහා විහාර උපෝසථාගාරයේදී පැවැත්වෙන උත්සවයේදී අමාත්‍ය සජිත් ප්‍රේමදාස විසින් මෙතෙක් ඉටුකරන ලද අග්‍රගන්‍ය සේවාවන් ඇගයීම වස් මෙම ගෞරව නාම ප්රදානය සිදුකෙරේ.
මීට දින කිහිපයකට පෙර මල්වතු පාර්ශවය කතානායක කරූ ජයසූරියට ද ශාසන කීර්ති ශ්‍රී දේශාභිමානි විශේෂ ගෞරව සම්මානය ප්රදානය කිරීමට කටයුතු කළේය.
කතානායක කරූ ජයසූරිය මෙන්ම ඇමති සජිත් ප්‍රේමදාස ද එක්සත් ජාතික පෙරමුණු ජනාධිපති අපේක්ෂක ලැයිස්තුවේ ඉහළින්ම ඇති නම් වීම විශේෂත්වයකි. | hplt_2 |
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පළමු වතාවට සංවිධානය කරන කාන්තා යොවුන් (විස්සයි-20) ක්‍රිකට් තරගාවලිය හෙට (06 වැනිදා) දඹුල්ලේදී ආරම්භ වෙයි.
තරගාවලිය ආරම්භ කරමින් කොළඹ උතුර සහ කොළඹ දකුණ කණ්ඩායම් හෙට පෙරවරු 9.30 ටද, ගාල්ල සහ ගාල්ල (පිටත) කණ්ඩායම් පස්වරු 2.00 ටද තරග වැදීමට නියමිතය. මේ මස 14 වැනිදා දක්වා පැවැත්වෙන තරගාවලිය තරග 15 කින් සමන්විත වේ.
තරගාවලියේ සියලුම තරග රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ‘ජාතික දස්කම් මංපෙත’ වැඩසටහන අනුව, පාසල්, දිස්ත්‍රික් සහ පළාත් වශයෙන් මෙම ක්‍රීඩිකාවන් තෝරාගනු ලබන අතර මෙම තරගාවලිය සඳහාම නම්කරන ලද කණ්ඩායම් 6 ක් නියෝජනය කරමින්, ක්‍රීඩිකාවෝ 78 දෙනෙක් තරගාවලියට සහභාගි වෙති.
එම ක්‍රීඩිකාවන් කොළඹ දකුණ, කොළඹ උතුර, ගාල්ල, ගාල්ල (පිටත), මහනුවර සහ දඹුල්ල යන ආකාරයෙන් කණ්ඩායම් වලට බෙදා තිබේ.
ලබන වසරේ දකුණු අප්‍රිකාවේදී පැවැත්වීමට නියමිත කාන්තා යොවුන් ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කිරීම සඳහා අවශ්‍ය ක්‍රීඩිකාවන් හඳුනා ගැනීමට මෙම තරගාවලිය සංවිධනය කරනු ඇත. | hplt_2 |
කොරෝනා ගැන ව්‍යාජ පුවත් පැතිරවූ සිව් දෙනෙක් අත්අඩංගුවට
ජනවාරි 25 සිට 27 අතර කාලයේදී ෆේස්බුක් හා ට්විටර් හරහා වුහාන් කොරෝනා වෛරසය පිළිබඳ ව්‍යාජ තොරතුරු බෙදාහැරීම සම්බන්ධයෙන් සිව් දෙනෙකුට චෝදනා එල්ලවී තිබෙනවා.
මෙම සිව් දෙනා අතර ටියුෂන් ගුරුවරයෙක්, ෆාමසි සහායකයෙක් සහ 24 හැවිරිදි ශිෂ්‍යයෙක් වෙති.
මෙම චෝදනාවලට වරදකරුවන් වුවහොත් ඔවුන්ට වසරක් දක්වා සිරදඬුවම් සහ ඩොලර් 12,232 ක දඩයක් නියම වේ.
මැලේසියාව 2018 වසරේ පනවා ගත් Anti-Fake News Act 2018 යටතේ ව්‍යාජ පුවත් පැතිරවීම අපරාධ වරදක් බවට පත් කර ඇත.
මෙය අන්තර්ජාල නිදහස හා සමාජ මාධ්‍ය නිදහසට තර්ජනයක් සේ බොහෝ අය සලකන නමුත් ආණ්ඩුව පවසන්නේ මෙවැනි මතභේදාත්මක අවස්ථාවල ව්‍යාජ පුවත් පැතිරවීම දඬුවම් ලැබිය යුතු වරදක් බවයි. | hplt_2 |
EWA ජල ආරක්ෂිත බ්ලූටූත් ස්පීකර්
ඉක්මන් කරන්න! යන්තම් 26 අයිතම තොගයේ ඉතිරිව ඇත
ඔබේ කාර්යය කෙරෙහි අවධානය යොමු කිරීමට සංගීතය ඔබේ ගාමක බලවේගයද? එය ඔබට පැවරී ඇති කාර්යය සතුටින් ඉටු කරයිද?
ඔව් නම්, ඔබේ කන්වලට නිරන්තර සංගීත ප්‍රභවයක් අවශ්‍ය වේ. තවද ඔබට හොඳම ශබ්ද ගුණාත්මක භාවය ලබා දීම සඳහා මෙම EWA ජල ආරක්ෂිත බ්ලූටූත් ස්පීකරයට කිසිවක් සමීප නොවේ. එහි විශාලත්වය කුඩා වේ, එය ඔබේ අතේ පහසුවෙන් ඔතා ගත හැකිය. ඔබ වැඩ කරන අතරතුර ඔබේ පටියට ඇමිණීමට සහ සංගීතයට සවන් දීමට රැගෙන යන නඩුව සහ කොක්ක භාවිතා කරන්න. ඔබේ වටපිටාව ගැන ඔබව නොදැනුවත් කරන හෙඩ්ෆෝන් මෙන් නොව, මෙම ජල ආරක්ෂිත බ්ලූටූත් ස්පීකරය ඔබ අවට සිදුවන දේ ගැන ඔබව දැනුවත් නොකරයි.
ඔබට ලැබෙන දේ:
- සිත් ඇදගන්නා ශබ්දයේ ගුණාත්මකභාවය: ස්පීකරයේ ශබ්දයේ ගුණාත්මකභාවය එහි ප්‍රමාණය සමඟ වැරදි ලෙස තක්සේරු නොකරන්න. එය ඔබට ඔබේ සංගීතය උපරිමයෙන් රස විඳීමට ස්ඵටික පැහැදිලි සහ ඝෝෂාකාරී ශබ්දයක් ලබා දෙයි. එය සෑම අස්සක් මුල්ලක් නෑරම ශබ්දය විකාශනය කිරීම සඳහා බලගතු බාස් සහ කාමර පිරවීමේ ශබ්දය ලබා දෙයි.
- දිගු බැටරි ආයු කාලය: ජල ආරක්ෂිත බ්ලූටූත් ස්පීකර් සතුව 700mAh බැටරියක් ඇති අතර එය 8% පරිමාවකින් ක්‍රීඩා කරන විට ආසන්න වශයෙන් පැය 50 ක ක්‍රීඩා කාලය ලබා දෙයි. මනෝභාවය ඉහළ නැංවීම සඳහා සාදවල සහ රැස්වීම්වල කොටසක් වන්න.
- aux සම්බන්ධතා ගැටළුවක් නොමැත: ජංගම දුරකථනය සමඟ බ්ලූටූත් සම්බන්ධතාවය යනු ඔබට දුරකථනය සහ ස්පීකරය සම්බන්ධ කිරීමට aux කේබල් භාවිතා කිරීමට අවශ්‍ය නොවන බවයි. ඔබගේ දුරකථනය ස්පීකරයෙන් ඈත් වූවත් සංගීතයට බාධාවක් සිදු නොවේ. එබැවින් සාදයේ DJ වන අතරතුර නිදහසේ කාමරය වටා ගමන් කරන්න.
- අතේ ගෙන යා හැකි: ස්පීකරයේ කුඩා ප්‍රමාණය සහ සැහැල්ලු බර එය අතිශයින් අතේ ගෙන යා හැකි කරයි. ඔබට එය ව්‍යායාම් ශාලාව, වෙරළ විනෝද චාරිකා, බාබකියු සාද හෝ ඔබේ එළිමහන් වැඩ ප්‍රදේශ වෙත ගෙන යා හැකිය.
- වතුර කාන්දු: IPX7 ජල ආරක්ෂිත නඩුව සමඟ, ස්පීකර සම්පූර්ණයෙන්ම ජල ආරක්ෂිත වේ. ඒවාට හානි වීම ගැන කරදර නොවී තටාක සාදවලදී හෝ ස්නානය අසල ඒවා භාවිතා කරන්න.
- එක් බොත්තම් මෙහෙයුම: ස්පීකරයේ ඇති එකම බොත්තම වන්නේ On/off බොත්තමයි. සංගීතය වාදනය කිරීමට හෝ විරාම කිරීමට වරක් ඔබන්න, ඊළඟ ධාවන පථය වාදනය කිරීමට දෙවරක් හෝ පෙර ධාවන පථය වාදනය කිරීමට තුන් වරක් ඔබන්න.
අපේ වගකීම
අපි වෙළෙඳපොළේ හොඳම නිෂ්පාදන කිහිපයක් ලබා දෙන බවට අපට විශ්වාසයි. එම නිසා අපි දින 30 ක වගකීමක් ලබා දෙන්නෙමු.
ඔබේ මිලදී ගැනීම ගැන ඔබ සම්පුර්ණයෙන්ම තෘප්තිමත් වන බව සහතික කිරීමට අපි සෑම උත්සාහයක්ම දරන්නෙමු.
මාර්ගගත සාප්පු සවාරි දුෂ්කර විය හැකිය. යමක් මිල දී ගැනීමේ පරම අවදානම නැති බව ඔබ දැන ගැනීමට අපට අවශ්‍යය. ඔබ එයට අකමැති නම් අපි එය අපහසු නොවන්නෙමු.
අපි ඉදිරිපත් කරනවා විද්‍යුත් තැපෑල සහ ටිකට් සහාය 24 පැය දිනකට, සතියේ දින 7. ඔබට සහය අවශ්‍ය නම් කරුණාකර අප හා සම්බන්ධ වන්න. ඔබේ මිලදී ගැනීමේදී ඔබට කිසියම් ගැටළුවක් ඇත්නම් කරුණාකර පාරිභෝගික සේවය හා සම්බන්ධ වන්න. | hplt_2 |
ගැඹුරු සමාජ විග්‍රහයක් හරහා යමින් ප්‍රේමනීය කතාවස්තුවක් රස විදීමට ‘ප්‍රේමානිශංස’
චන්ද්‍රරත්න බණ්ඩාරයන්ගේ ප්‍රේමානිශංස මාස දෙකක කාලයක් ගෙන කියවා අවසන් කළෙමි. එක හුස්මට කියවන්න බැරි විය. එයට හේතුව මගේ දේශපාලන හැදෑරීමට ලක්වූ ඓතිහාසික සන්දර්භයක් සමග එය සම්බන්ධ කර තිබුන නිසාය.
පරම්පරා දෙකකට අයත් එකිනෙකට පරස්පර දේශපාලන හා සමාජ චින්තනයන් විසින් ඇති කරන ලද ගැටුමකට මැදිවූ ප්‍රේමයක් දේශසීමා සීමා ඉක්මවා යමින් විදේශීය ආගමික පරිසරයක එහි ආනිසංස භුක්ති විදින ආකාරය ප්රේමානිසංසයේ දී අපට දැක ගත හැකිය.
ලංකාවේ යටත්විජිත යුගයේ අරක්කු රේන්දය මගින් ගොඩ නැගෙන වෙළද ධනපති පන්තියේ සහ ඉංග්‍රීසි උගත් මැද පන්තියේ පැන නැගීම සිදුවූ ඓතිහාසික පසුබිම සිය විග්රහයට හසු කර ගන්නට අපේ රචකයා දරණ උත්සාහය ප්‍රශංසනීය සාර්ථකත්වයක් පෙන්නුම් කරයි.
එය ලංකාවේ යටත් විජිත යුගයේ පැන නැගුණ නව වෙළද පංතියේ පුහු වංශක්කාර පවුල්වාදය හා සමාජ බලය සමාන්තර කාලයේ උතුරේ නැගී ආ උගත් පංතියේ ලිබරල් මත වාදය සමග සසදමින් ප්රේමචාරිකාවක නිරතවන කතාවකි. එම සමාජ ස්ථර දෙක නියෝජනය කරන වර්තමාන පරපුරේ ආදරවන්තයන් අතර සිදුවන කතා බහ ප්‍රේමාලිංගන සහ මත ගැටුම් වර්තමාන යුගයේ දේශපාලන සන්දර්භයට සම්බන්ධ කිරීමට ද රචකයා උත්සාහ දරා ඇත.
දීර්ඝ ඓතිහාසික කාල පරිච්චේදයක් තුළට ඇතුල්වන අතර පරම්පරා අතර ගැටුමක් මෙන්ම පන්ති සහ සමාජ ස්ථර ඇති ගැටුම්ද කතාව තුළට ඇතුල් කිරීමට දරණ ලද උත්සාහය නිසා ප්රේමානිසංසය සාමාන්‍ය නවකතාවක් නොවේ. එය පාඨකයා යොමු කරන්නේ ගැඹුරු සමාජ විග්‍රහයක් හරහා යමින් ප්‍රේමනීය කතාවස්තුවක් රස විදීමටය. | hplt_2 |
‘ආපුටුංගෝ මාපුටුංගෝ’ කෘතිය හෙට (23) BMICH හිදී
හෙට (23) උදේ 10.00ට පොත් ප්‍රදර්ශන භූමිය තුළ ඔබත් ඉන්නවා නම් වටිනවා.
ආපුටුංගෝ මාපුටුංගෝ කෘතිය නිල වශයෙන් එළිදැක්වීමේ උත්සවය හෙට 23 වෙනිදා බණ්ඩාරනායක ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශන භූමියේ දී පැවැත් වෙනවා. මටත් ඒ උත්සවයට වේලාව නොවරදවා සහභාගි වෙන්න වෙලා තියෙනවා.
‘ආපුටුංගෝ මාපුටුංගෝ’ කෘතියේ තියෙන්නේ බෙහෙවින් රසවත් කතාවක්.
එය ඇයගේ කතාවයි. ජීවිතය විඳින්නට පුරුදු වූ සාමාන්‍ය ගැහැනියකගේ කතාව යි. සැර විදුහල්පතිවරයකුගේ දියණියක වශයෙන් ද, පිස්සු නටන කෙල්ලක ලෙසින් ද, උපාධි අපේක්ෂිකාවක් වශයෙන් ද, උසස් පෙළ පංතිවලට විද්‍යාව උගන්වන ගුරුවරියක වශයෙන් ද, ගුවන් විදුලියෙන්, රූපවාහිනියෙන් ඔබට රස කතා කියන ඔබ දන්නා හඳුනන කෙනකු විදියට මං ඇය ගැන කියන්නට කැමතියි.
පොතේ අන්තර්ගතය ගැන වැඩි යමක් ලියන්නට යන්නේ නෑ.
‘ආපුටුංගෝ මාපුටුංගෝ’ කියන්නේ මොකක්ද කියලා කුතුහලයක් ඇති නේ. ඒ ගැන පමණක් ලියන්නම්.
උපුටනය – ආපුටුංගෝ මාපුටුංගෝ කෘතියෙන් …
පක්ෂීන් ගැන කියන විට අපේ පොඩි නැන්දා, කුඩාවුන් නිදි ගන්වන්නට, වටු කිරිල්ලියක ගැන කී අපූරු කතා පුවත සිහිපත් වන්නේ නිතැතිනි.
ගල්පැල්මක් අතරට වැටුනු බිත්තරය බේරා ගන්නට ඇය අපමණ වෙහෙසක් දරන්නී ය. මිනිසුන් වන අප පමණක් නොව, සියලු සතුන් මෙලොවට ගැට ගසා තබන, ඒ සවිමත් යදම දරු සෙනෙහස යි.
බිත්තරය බේරා ගන්නට මහත් වැර වෑයමක් දරන වටු කිරිල්ලිය අනතුරුව ගල්වඩුවා සොයා යන්නී ය.
“ආපුටුංගෝ මාපුටුංගෝ
මොකදෑ බොල කිරිල්ලියේ
මෙහෙ ආවෙ?
“මට ආපුටුංගොත් එපා
මට මාපුටුංගොත් එපා
ගල්වඩු මාමේ,
මං ගලක් උඩ බිත්තරයක් දැම්මා.
ඒක ගල්පලහිල අස්සෙ ගියා.
ඒක ගන්ටයි මං ආවේ”
“අනේ බොල කිරිල්ලියේ
රටටත් ගමටත් තියෙන්නෙ ඔය ගල විතරයි!
ඒක නම් කඩන්ට බෑ”
ඉනික්බිති කිරිල්ලිය ටිගොල සොයා යන්නී ය. මේ ටිගොල් කටුවලට අප කියන්නේ තිබොල් කියා ය.’ තිබොල් කටු පොළොවට පතිත වූ විට, කටු තුනක් පොළොවට සමබර ව සිටින සේ, කනප්පුවක් සේ පා තුනකින් සිටගෙන, එක් කටුවක් උඩුහුරු කොටගෙන’ බලා සිටින්නේ’ කාගේ හෝ යටි පතුලක් ඉලක්ක කරමිනි.
“‘ආපුටුංගෝ මාපුටුංගෝ
මොකදෑ බොල කිරිල්ලියේ
මෙහෙ ආවෙ ?’ ටිගොල අසන්නේ ය
‘මට ආපුටුංගොත් එපා
මාපුටුංගොත් එපා
ගල්වඩු මාමේ,
මං ගලක් උඩ බිත්තරයක් දැම්මා.
ඒක ගල් පල හිල අස්සෙ ගියා.
ගල්වඩු මාමට ගල බිඳින්ට යි කීවා.
උන්දෑ බෑ කිව්වා.
උන්දෑ ගේ යටි පතුලේ ඇනීයන්””
මෙහි ‘ගල්පලහිල’ යනු ගල පැලී යාම නිසා ස්වාභාවිකව ඇතිවූ සිදුරක් විය හැක.
“අනේ බොල කිරිල්ලියේ
රටටත් ගමටත් ඉන්නෙ ඔය ගල්වඩු මාමා විතරයි!
ඒක කොරන්ඩ’ බෑ”
අම්මාවරු ලෙහෙසියෙන් අදහිරියට පත්වන්නේ නැත.
ඉතින් කිරිල්ලිය ගින්දර සොයා ගොස් ටිගොල’ පුච්චන්නට කියන්නී ය. ගින්දර ඊට අකමැති වන විට ගින්න නිවා දමන්නට වතුරට ආරාධනා කරන්නී ය. වතුර, ගිනි නිවන්නට අකමැති වන විට අලියාට, වතුර සියල්ල බී අහවර කරන්නට කියන්නී ය. අලියා ඊට අකමැති වන්නේ ය. සියල්ලන්ගේ උත්තරය වන්නේ මේ රටටත් ගමටත් ඇත්තේ එවැනි සම්පත්’ එකක් බව ය.
මේ දීර්ඝ සංවාදය අවසානයේ ඇයට පිහිට වන්නේ ඈ මෙන් ම කුඩා සතෙකි. ඇය ද මාතාවකි.
අලියාගේ හොඬ තුළට රිංගන්නට මී අම්මාගෙන් ඉල්ලා සිටි විට මී අම්මා’ ඊට එකඟ වන්නේ වටු කිරිලි අම්මාගේ දරුදුක වැටහෙන නිසා විය යුතු ය.
සොඬයේ රිංගා ගනිතැ’යි බියෙන් මී අම්මාට බියවන අලියා වතුර බොන්නට යන විට වතුර, ගින්දර නිවන්නට එකඟ වන්නේ ය. එහෙයින් ගින්දර, ටිගොල පුච්චන්නට කැමැත්ත පළ කරන්නේ ය. ටිගොල වඩු මාමාගේ පයේ ඇනෙන්නට යන්නේ ය. බියට පත්වන ගල්වඩු මාමා ගල පලා කුරුලු අම්මාට බිත්තරය රැගෙන දෙන්නේ ය.
හුදෙක් ලාභය පමණක් පතා, විශාල ගල් පර්වත වෙඩි බෙහෙත් ලා පුපුරුවා කුට්ටි කරන විට, “අනේ බොල කිරිල්ලියෙ, රටටත් ගමටත් තියෙන්නෙ ඔය ගල විතරයි” කියමින් එදවස ගල කැඩීම ප්‍රතික්ෂේප කළ ගල් වඩු මාමා සිහියට නැගෙන්නේ ය.
උපුටනය අවසන්.
මේ කෘතිය බිම තියන්නට හිතෙන්නේ නැති එකක්. | hplt_2 |
මිනිස්සු කුලකයක සාමාජිකයෝ වෙති. මිනිස්සු යනුවෙන් මෙහි දී පිරිමි මෙන් ම ගැහැණු ද සැලකෙති. මිනිස් කුලකයෙහි සාමාජිකයන් අවශේෂ සත්වයන්ගෙන් වෙන්කර හඳුනාගත හැකි ය. අවශ්‍ය නම් සියලු සත්වයන්ගේ කුලකය ගෙන මිනිස් කුලකය සත්ව කුලකයෙහි උපකුලකයක් ලෙස සෑලකිය හැකි ය. එමෙන් ම පිරිමින්ගේ කුලකය මිනිස් කුලකයෙහි උප කුලකයක් ලෙස සෑලකිය හැකි ය. ඒ කුමන ආකාරයකට සැලකුවත් යම් කුලකයක හෝ උප කුලකයක හෝ සාමාජිකයන්ගේ හෝ අවයවවල යම් පොදු බවක් දැකිය හැකි ය. සියළු මිනිසුන්ට පංචෙන්ද්‍රිය පොදු ය. ඇතැම් අයකුගේ ඉන්ද්‍රියක හෝ කිහිපයක හෝ අඩුපාඩුවක් තිබිය හැකි නමුදු එය මෙහි දී වැදගත් නො වේ.
එසේ පොදු බවක් තිබුණ ද ඒ ඒ මිනිස්සු අසමාන වෙති. මේ පොදු බව හා පොදු බවට අමතර ව ඇති විශේෂිත්වය තේරුම් ගැනීම වැදගත් ය. බටහිර විද්‍යාව රඳා පවතින්නේ පොදු බව මත ය. බටහිර විද්‍යාවෙහි අනෙක් දැනුම් පද්ධතීන්වල නොමැති විශේෂිත ක්‍රම වේදයක් හෙවත් ඊනියා විද්‍යාත්මක විධි ක්‍රමයක් නැත. එහි ඇත්තේ චින්තනමය වූ වෙනසකි. පහළොස්වැනි සියවසේ අගභාගයෙහි බටහිර බිහි වූ ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනයෙහි කුලකයක අවයවවල ඇති පොදු බව කෙරෙහි අවධානය දැක්විණි. මිනිසුන්ගේ කුලකයෙහි පොදු අවයවය මිනිසා ලෙස හැඳින්විණි. එමෙන් ම බල්ලන්ගේ කුලකයෙහි පොදු අවයවය බල්ලා ලෙස හැඳින්විණි. බල්ලා යනු අප දන්නා අසවල් බල්ලා (the dog) හෝ බල්ලකු (a dog) හෝ නො වේ. බල්ලා යනු පොදු බල්ලා ය. සිංහලයෙහි පොදු බල්ලා හැඳින්වීමට විශේෂිත වචනයක් නැත.
එයට හේතුව සිංහලයෙහි පොදු බල්ලා නො වීම ය. පොදු බල්ලා හැඳින්වීමට අවශ්‍ය වූ විට සිංහලයෝ බල්ලෝ යන බහුවචනය යොදා ගනිති. මෙය කලකට පෙර පැහැදිලි කර ඇති නමුත් එය නැවත වරක් සඳහන් කිරීමේ වරදක් ඇතැයි නො සිතමි. නැන්දලාගේ බල්ලා යනු අප දන්නා හඳුනන බල්ලෙකි. නැන්දලාගේ ගෙදර ගොස් බල්ලා බැඳ ඇත්දැයි අප අසන්නේ නැන්දලාගේ බල්ලා ගැන ය. ඉංගිරිසියෙන් නම් එහි දී අසන්නේ දන්නා විශේෂිත බල්ලා (the dog) ගැන ය. ඒ අප නොදන්නා බල්ලකු ගැන නො වේ. එහෙත් අප බල්ලෙක් දුව ගෙන ගියා යැයි කියන්නේ අප නොදන්නා බල්ලකු ගැන ය. එය ඉංගිරිසියෙන් නම් බල්ලෙක් (a dog) ලෙස කියැවෙයි.
එහෙත් ඉංගිරිසියෙහි ඒ දන්නා බල්ලා (the dog) හා නො දන්නා බල්ලා (a dog) හැර බල්ලා (dog) ද වෙයි. එහි බල්ලා යනුවෙන් කියැවෙන්නේ පොදු බල්ලා ය. මේ පොදු බල්ලාට සිංහලයෙහි, අඩුම තරමෙන් කලකට පෙර සිංහල සම්ප්රදායෙහි, වචනයක් නො තිබිණි. එවැනි ව්‍යවහාරයක් සිංහලයෙහි නො තිබිණි. සිංහල භාෂාවෙහි පොදු බල්ලා වෙනුවට යොදා ගැණුනේ බල්ලෝ යන බහුවචන ස්වරූපය ය. එහෙත් වත්මන් සිංහලයෙහි නම් ඒ ගැන තැකීමක් නොකර පොදු මිනිසා හැඳින්වීමට මිනිසා යන්නත් පොදු බල්ලා හැඳින්වීමට බල්ලා යන්නත් යොදාගනු දැකිය හැකි ය.
අද ඉංගිරිසියෙහි කියැවෙන දි ඉවොල්‍යුෂන් ඔෆ් මෑන් (The evolution of man) යන්න ඇතැම් විට මිනිසාගේ විකාශය යනුවෙන් පරිවර්තනය කෙරෙයි. එය වැරදි ය. එසේ පරිවර්තනය කරන්නෝ සිංහල සම්ප්රදාය නොදත් අය වෙති. එය එක්තරා රුපවාහිනී නාලිකාවක නෙක්ස්ට් චේන්ජ් (next change) යන්න මීළඟ වෙනස ලෙස පරිවර්තනය කිරීමට සමාන ය. ඒ අදහස් නොව වචන පරිවර්තනය කිරීමකි. ඉවොල්‍යුෂන් ඔෆ් මෑන් යන්න එක්කෝ මිනිස් විකාශය ලෙස පරිවර්තනය කෙරිය යුතු ය. එසේත් නැත්නම් මිනිසුන්ගේ විකාශය ලෙස පරිවර්තනය කෙරිය යුතු ය. මෙහි ඇති මෑන් යන්න පොදු මිනිසා හෙවත් වියුක්ත මිනිසා යනුවෙන් ඉංගිරිසියෙහි යෙදෙයි. එවැනි වියුක්ත යෙදුමක් සිංහලයෙහි නැත. සිංහලයෙහි මිනිසා යන්න යෙදෙන්නේ වියුක්ත ඊනියා පොදු මිනිසකු සඳහා නොව දන්නා මිනිසකු සඳහා ය. අප මිනිහ අමාරුකාරයා යැයි කියන්නේ වියුක්ත පොදු මිනිසකු ගැන නොව දන්නා මිනිසකු ගැන ය. ඉංගිරිසියෙහි නම් ඒ යෙදෙන්නේ ද මෑන් (the man) ලෙස ය.
පැරණි සම්ප්රදායෙහි නැති නිසා ම අප නව සම්ප්රදායක් ඇතිකර ගැනීම වැරදි දැයි කිසිවකු අසනු ඇත. නව සම්ප්රදාය ඇති කර ගැනීමේ වරදක් නැත. එහෙත් සම්ප්රදායක් ඇති කර ගැනීම යනු අනුකරණය නොවන බව තේරුම් ගත යුතු ය. ඉංගිරිසි බසෙහි පොදු මිනිසකු ඇත්තේ ඉංගිරිසින්ගේ චින්තනයෙහි වියුක්ත බවක් ඇති නිසා ය. එහෙත් වියුක්ත චින්තනයක් නොවන සිංහල බෞද්ධ චින්තනයෙහි වියුක්ත පොදු මිනිසකු ගැන කතා කරන මිනිසා යනුවෙන් ව්‍යවහාරයක් තිබිය නො හැකි ය. අද මිනිසාගේ විකාශය ගැන කතා කිරීමේ දී මිනිසා යන්න පොදු වියුක්ත මිනිසා ලෙස සලකන සිංහලයෝ කෙතෙක් වෙත් ද?
සිංහලයන් වියුක්ත චින්තනය යම් ප්‍රමාණයකට ලබා ගැනීම වරදක් යැයි නො කියමි. බටහිරයන්ගේ දැනුම් ආධිපත්‍යය බිඳීමේ දී වියුක්ත චින්තනය ද අවශ්‍ය වෙයි. අපට අපේ ප්‍රවාද ඇතිකරගත හැක්කේ යම් ප්‍රමාණයකට වුව ද වියුක්ත චින්තනය යොදා ගැනීමෙනි. අද දවසේ අපේ දැනුමක් නිර්මාණය කිරීමේ දී අප අනුගමනය කළ යුතු ක්‍රම තුනක් වෙයි. එයින් ප්‍රධාන එක නම් ආධ්‍යාත්මික ගුණ වගාවක් ඇති කරගෙන සෘජුව ම හෝ වෙනත් උසස් ආධ්‍යාත්මික තත්වයන් ලබාගත් අයගෙන් වක්‍රව හෝ දැනුම ලබාගැනීම ය. දෙවැන්න අපේ සංස්කෘතියෙහි දැනුම නිර්මාණය කිරීම ය. තුන්වැනුවට ඇත්තේ බටහිර දැනුම අපේ සංස්කෘතියට අවශ්‍ය හා අදාළ පරිදි අවශෝෂණය කිරීම ය. දෙවැනි හා තුන්වැනි ක්‍රම සඳහා යම් ප්‍රමාණයකට වුව ද වියුක්ත චින්තනයක් අපේ චින්තනයට එකතුකර ගත යුතු ය.
වියුක්ත චින්තනයක් එකතු කර ගැනීම ම නව සම්ප්රදායක් බිහිකර ගැනීමකි. වැඩි වශයෙන් ආධ්‍යාත්මික ව දැනුම ලබාගැනීමේ මාවතකට අප එළඹන තුරු අපට දෙවැනි හා තුන්වැනි ක්‍රමවලට දැනුම ලබාගැනීම අවශ්‍ය වන බැවින් වත්මන් යුගයෙහි යම් වියුක්ත චින්තනයකට අප හුරු විය යුතු ය. එසේ හුරුවීමකින් පසුව නමි මිනිසාගේ විකාශය ගැන කතාකිරීම ප්‍රශ්නයක් නො වේ. එතෙක් අප සිංහල සම්ප්‍රදායට අනුව බහුවචනයෙන් මිනිසුන්ගේ විකාශය ගැන කතාකළ යුතු ය. කෙසේ වෙතත් ඉංගිරිසියෙහි ඇති මෑන් (man) ද මෑන් (the man) හා අ මෑන් (a man) වෙනුවට අපට සිංහලයෙහි ඇත්තේ මිනිසා හා මිනිසකු යන වචන පමණ ය. මෑන් යන්න යෙදීමට සිදුවන අවස්ථාවල දී, එනම් වියුක්ත මිනිසා ගැන සඳහන් කිරීමට අවශ්‍ය වූ විට අපි මිනිසුන්ගේ ආදී වශයෙන් බහුවචන ස්වරූපය යොදා ගනිමු.
නව සම්ප්රදායක් ඇති කර ගැනීම යනු අනුකරණය නොවන බව පැහැදිලි විය යුතු ය. සිංහල සම්ප්රදාය ගැන දැනුමක් නොමැතිව නව සම්ප්රදාය ඇතිකර ගැනීම යෑමෙන් බසටත් ජාතියටත් සිදුවන්නේ අවැඩකි. මෙහි දී කිවයුතු වැදගත් කරුණක් වෙයි. සිංහල සම්ප්රදාය හරිහැටි නොදැන හෝ ඒ පිළිබඳ තැකීමක් නොකර හෝ ඊනියා නව සම්ප්රදාය ඇතිකර ගැනීමට වළිකන්නෝ බටහිර දැනුම ලබාගත් උගත්තු වෙති. ඔවුහු සිංහල සම්ප්රදාය දැන හෝ නොදැන හෝ පැත්තකට දමා බටහිර දැනුම සිංහලෙන් ප්‍රකාශ කිරීමට උත්සාහ කරති. ඔවුන්ට සිංහල සම්ප්රදාය නිරුත්සාහයෙන් ලැබෙන්නක් නො වේ. සාමාන්‍ය ව්‍යවහාරයෙන් කිවහොත් ඔවුන්ගේ ඇඟේ සිංහල සම්ප්රදාය නැත. තිබුණත් ඔවුහු එය බුද්ධියෙන් මග හරිති.
එහෙත් බටහිර උසස් අධ්‍යාපනයක් නොලද ගැමියයෝ එසේ නො වෙති. ඔවුහු සිංහල සම්ප්රදායෙහි ජීවත් වෙති. ඔවුන්ට ඒ සම්ප්රදායෙහි හිඳිමින් නව සම්ප්‍රදායන් වුව ද බිහිකර ගත හැකි ය. ඔවුන්ට සිංහල සම්ප්රදාය බුද්ධියෙන් මගහැරීමට නො හැකි ය. එයට හේතුව ඔවුන්ගේ බුද්ධිය බටහිර අධ්‍යාපනයෙන් කුරුවළු නො
වීම ය. ඔවුන්ට මිනිසාගේ ගති පැවතුම් යනුවෙන් යෙදුමක් නැත. ඔවුහු එක්කෝ මිනිස් ගති පැවතුම් ගැන කතා කරති. නැත්නම් මිනිසුන්ගේ ගති පැවතුම් ගැන සඳහන් කරති. මිනිසාගේ විකාශය ගැන කතා කිරීම අප සිතනවාට වඩා හානිකර ය.
මිනිසුන්ගේ කුලකයෙහි හෝ මිනිස් කුලකයෙහි හෝ සාමාජිකයෝ මිනිස්සු වෙති. කලින් සඳහන් කරන ලද ආකාරයට මිනිසුන්ගේ පංචෙන්ද්‍රිය සමාන ය. එබැවින් ඊනියා වියුක්ත හෙවත් පොදු මිනිසකු නිර්මාණය කිරීම ද අපහසු නො වේ. මේ වියුක්ත මිනිසා නිර්මාණය කිරීමේ දී බටහිරයෝ බොහෝ දේ නොසලකා හරිති. මිනිස්සු සාමාන්‍යයෙන් උසින් අසමාන වෙති. එහෙත් වියුක්ත මිනිසාගේ උස බටහිරයන්ට ප්‍රශ්නයක් නො වේ. බර ගැන ද කිව හැක්කේ එවැන්නකි. ඊනියා වියුක්ත මිනිසා නිර්මාණය කිරීමේ දී බටහිරයෝ උස, බර, හමේ පාට කෙස්වල ස්වභාවය ආදිය නො සලකති.
වියුක්ත මිනිසා යනු මිනිසුන්ගේ පොදු ලක්ෂණ සහිත ව නිර්මාණය කෙරුණු මිනිසෙකි. බටහිර විද්‍යාවේ දී අධ්‍යයනය කෙරෙන්නේ මේ ඊනියා පොදු මිනිසා ගැන ය. බටහිර සත්ත්ව විද්‍යාවේ දී පොදු සතුන් ගැන කතා කෙරෙයි. එහෙත් පසුගිය දශක කිහිපයක සිට බටහිර ඇතැම් උගතුන්ට එසේ පොදු මිනිසුන් ගැන කතා කිරීම ප්‍රශ්නයක් වී ඇත. බටහිර සත්ත්ව විද්‍යාඥයන් තවමත් ඊනියා පොදු සත්ත්වයන් ගැන කතා කරතත් මිනිසුන් ගැන අධ්‍යයන කිරීමේ දී පොදු මිනිසකු ගැන කතාකිරීම ප්‍රශ්නයක් වී ඇත. පොදු මිනිසා යන සංකල්පය බටහිර ක්‍රිස්තියානි නූතනත්වයට ලැබී ඇත්තේ යුරෝපීය වැඩවසම් ක්‍රමයෙනි. එය යුදෙවුවන්ගේ වියුක්ත චින්තනය හා සමග සම්බන්ධිත ය.
එහෙත් බටහිර නූතනත්වය වර්ධනය වීමේ දී පෞද්ගලිකත්වය වඩ වඩා ඉස්මතු වෙයි. ඒ සමග එක් පැත්තකින් පොදු බවට වඩා විශේෂිත බව ඉස්මතු වෙයි. බටහිර සමාජයීය විද්‍යාවන්හි මෙය ප්‍රශ්නයක් බවට පත්වෙයි. පෞද්ගලිකත්වය ඉස්මතු කරන සමාජයක ඊනියා පොදු මිනිසකු, සාධාරණ මිනිසකු, වියුක්ත මිනිසකු යන්න ප්‍රශ්නයක් වෙයි. බටහිර ස්වාභාවික විද්‍යාවන්හි දී ද ඒ ප්රශ්නය මිනිස් නිරීක්ෂකයන් සම්බන්ධයෙන් වෙයි. බටහිර සමාජයීය විද්‍යාවන්හි දී අධ්‍යයනය කෙරෙණුයේ මිනිසුන් ම බැවින් එහි දී ප්රශ්නය වඩාත් බැරෑරුම් වෙයි.
සියලු නිරීක්ෂකයන් එක හා සමාන යැයි සැලකීම වැරදි ය. සම්භාව්‍ය බටහිර විද්‍යාවෙහි දී පොදු නිරීක්ෂකයෙක් වෙයි. කවුරුන් නිරීක්ෂණය කළත් එකම ප්‍රතිඵලයක් ලැබෙන්නේ යැයි කීමේ දී පොදු නිරීක්ෂකයකු ගැන මෙන් ම පොදු නිරීක්ෂ්යයක් ගැන ද කියැවෙයි. කවුරුන් කුමක් නිරීක්ෂණය කළත් නිරීක්ෂකයා මෙන් ම නිරීක්ෂ්යය ද වියුක්ත ලෙස සැලකෙයි. ගැලීලියෝ පීසා නුවර ඇළවෙන කුළුණෙන් ස්කන්ධ අසමාන යකඩ බෝල දෙකක් එක්විට එක් උසකින් අත්හැරියත් අද කවුරුන් හෝ උස ගසකට නැග ස්කන්ධ අසමාන පොල් ගෙඩි දෙකක් එක්විට
එක් උසකින් අත්හැරියත් එකම දෙයක් නිරීක්ෂණය කෙරෙයි. ඒ ඒ අවස්ථාවේ දී වස්තු (පොල් ගෙඩි හෝ යකඩ බෝල හෝ) එක්විට පොළොවට වැටෙයි.
මෙහි දී නිරීක්ෂකයා කවුරුන් ද යන්නවත් නිරීක්ෂණය කෙරෙන්නේ පොල් ගෙඩි ද යකඩ බෝල ද යන්නවත් ප්‍රශ්නයක් නො වේ. නිරීක්ෂකයා මෙන් ම නිරීක්ෂ්යය ද වියුක්ත වෙයි. ඒ සියල්ල වියුක්ත වී ඊනියා වාස්තවික කරුණක් බවට පත් වී නිරීක්ෂකයා සිටියත් නැතත් එක්විට එක් උසකින් අත්හැරෙන වස්තු එක්විට පොළොවට වැටෙයි යනුවෙන් අවසානයේ දී ප්‍රකාශ වෙයි. ජීව විද්‍යාව වැනි වෙනත් බටහිර විද්‍යාවන්හි ද එලෙස ම වියුක්ත ප්‍රතිඵල ලෙස ඒ ඒ දෑ ප්‍රකාශ වෙයි. බටහිර නූතනත්වය විකාශයවත් ම අඩුම තරමින් කිහිප දෙනකු අතර මේ වාස්තවිකත්වය ප්‍රශ්න කිරීම්වලට භාජනය විය. | hplt_2 |
සතියේ දින පහේම රාත්‍රි 8.30ට ස්වර්ණවාහිනි නාලිකාවේ විකාශය වන පාරදිගේ ටෙලි නාට්‍ය මේ දින වල මෙසේ ගලා යනවා.බන්ටිගේ නිවසට නයෝමි පැමිණෙනවා.ඇය එන විට බන්ටිගේ මල්ලි…
බොරු වලට හසු වන නානායක්කාර
සතියේ දින වල රාත්‍රි 8.30ට ස්වර්ණවාහිනි නාලිකාවේ විකාශය වන පාරදිගේ ටෙලි නාට්‍ය මේ දින වල මෙසේ ගලා යනවා.සරනි රෙහාන් හට ඇමතුමක් ගන්නවා.ඉන්පසු ඇයට ඩිල්ෂානි කියා…
මිෂෙල්ගේ බොරු නානායක්කාර දැනගනීවිද
සතියේ දින පහේම රාත්‍රි 8.30ට ස්වර්ණවාහිනි නාලිකාවේ විකාශය වන පාරදිගේ ටෙලි නාට්‍ය මේ දින වල මෙසේ ගලා යනවා.මිෂෙල් හට මානවි ඇමතුමක් ගන්නවා.ඇය ඇමතුමක් ගන්නා බව…
සරනි රෙහාන් සමඟ විවාහවීම ප්‍රතික්ෂේප කරාවිද
සතියේ දින වල රාත්‍රි 8.30ට ස්වර්ණවාහිනි නාලිකාවේ විකාශය වන පාරදිගේ ටෙලිනාට්‍ය මේ දින වල ප්‍රේක්ෂක හදවත් සොරාගනිමින් මේ අයුරින් ගලා යනවා.රුක්ෂානා රෙහාන්ගේ නංගි වන…
සිකුරා හා ඩාලිං මීළඟට කුමක් කරාවිද
සතියේ දින වල රාත්‍රි 8.30ට ස්වර්ණවාහිනියේ විකාශය වන පාරදිගේ ටෙලි නාට්‍ය මේ දින වල මෙසේ ගලා යනවා. රෙහාන්ගේ නිවසට වත්සලා පැමිණෙනවා.ඉන්පසු සියලු දේ වත්සලා පවසනවා.තමා…
රෙහාන්ගේ නිවසට පැමිණෙන වත්සලා
සතියේ දින වල රාත්‍රි 8.30ට ස්වර්ණවාහිනියේ විකාශය වන පාරදිගේ ටෙලි නාට්‍ය මේ දින වල මෙසේ ගලා යනවා.තමා හට පහරදුන් නිසා ඩාලිං කෝපයෙන් කෑ ගසමින් සිටිනවා.එතැනට…
ආණ්‍යා බානුක හට ආදරය බව කියාවිද
සතියේ දින වල රාත්‍රි 8.30ට ස්වර්ණවාහිනියේ විකාශය වන පාර දිගේ ටෙලි නාට්‍ය පසුගිය දින වලදි මේ ආකාරයෙන් ගලා යනවා.සරනි ගැන හිතේ සැකයක් තියා ගනිමින් රෙහාන්ගේ…
රෙහාන්ගේ අම්මාහට බොරු හසුවේවිද
සතියේ දින වල රාත්‍රි 8.30ට ස්වර්ණවාහිනියේ විකාශය වන පාරදිගේ ටෙලිනාට්‍ය මේ දින වල මෙසේ ගලා යනවා.රෙහාන්ගේ නිවසෙන් ආ සරනි යහළුවන් සමඟ ඔවුන්ගේ නිවසට වී කතා…
බන්ඩාගේ මීළඟ වෑයම කුමක් වේවිද
සතියෙ දින වල රාත්‍රි 8.30ට ස්වරණවාහිනි නාලිකාවේ විකාශය වන පාරදිගේ ටෙලිනාට්‍ය මේ දින වල මෙසේ ගලා යනවා.ඩේමියන්ගේ මැරයන් ඔවුන් හට කුමක් හෝ කරයි කියා ජුඩා…
ආණ්‍යා හට සරනිගේ වෙනස තේරේවිද
සතියේ දින පහේම රාත්‍රි 8.30ට ස්වර්ණවාහිනියේ විකාශය වන පාර දිගේ ටෙලිනාට්‍ය මේ දින වල කාගේත් ආදරය දිනා ගනිමින් මෙසේ ගලා යනවා.ආණ්‍යාව වෑන් රථයකට දාගත් මැරයන්… | hplt_2 |
හිරු ටීවි නාළිකාවේ මේ දවස් වල විකශනය වන දිවිතුරා ටෙලිනාට්‍ය මේ දවස් වල ගොඩක්දෙනා අතරේ ජනප්‍රියයි. ඉතිං දිවිතුරා ටෙලිනාට්‍ය යේ මේ දවස් වල මොනවාද අලුත් විස්තර කියන දේ මේක බලන ප්‍රේක්ෂකයින් දන්නවා.
ඉතිං ඔන්න මේ වෙද්දී සමාධි කොළඹ ඉඳන් ගමට යන්න සූදානම් වෙමින් තමයි ඉන්නේ. ඉති ඔය අතරේ වින්ඩි සහ අගස්ති workshop එක තියෙන තැනට පැමිණෙනවා..ඇවිත් තරඟකරුවන් සමඟින් කතා බහ කරමින් සිටිනවා. එ අතරදී සමාධි එළියට වෙලා කවරුන් හො කෙනෙක් සමඟින් කතා බහ කරමින් සිටින විටදී අගස්ති එකපාරටම ඇය අසලින් යනවා…එය දුටු සමාධිගේ හිත ආයේමත් රිදෙනවා..ඔහු එදාත් සාමාධිව හඳුනා ගත්තේ නැ. ඇයට එත් සමඟ අතීතය සිහිවෙනවා… ඇය ඔහු යන දිහා දුකින් බලා සිටිනවා.
ඇය යලිත් ඊශාගේ කාමරය පැමිණ හඬමින් සිටිනවා ඊෂා දැක ඒ ඇයි ඇගෙන් විමසනවා.ඒ වේලාවේ අගස්ති තරන කියන දේයක් අදාළ කරගන්න එපා කියා ඊෂා සමාධිට පවසනවා. ඔය අතරේ උඳුල් එළියට වී ඊෂා ගැන කල්පනා කරමින් ඉන්න අවස්ථාවේ එතනට පැමිණෙන තරුපති ඔහුගේ හිත හදන්න උත්සහා ගන්නවා.එලෙස උදුල්ගේ හිත හදා තරුපති උදුල් සමඟ පංති කාමරය යනවා…
ඉතිං ඔන්න ඔය අතරේ තරඟකරුවන් සියලුදෙනා එක් තැනකට එක්රැස් කරගෙන තරඟයේ නීතිරිති ගැන වගෙම ගායකයෙක් වීමට අවශ්‍ය කරන දේවල් පිළිබඳ අගස්තිත්, වින්ඩිත් පැහැදිලි කරමින් සිටිනවා. ඒ වේලාවේ එතන ඊෂා සහ සමාධිත් සිටිනවා. ඉතිං ඔන්න ඊෂා පැත්තකට වෙලා ඉන්න අවස්ථාවක විෂාල් ඇය ළඟට පැමිණ ඇයත් සමගින් කතා බහ කරමින් සිටිනවා.ඉතිං ඇත්තටම විෂාල්ට ඊෂා ගැන කැමැත්තක් ඇතිවෙලා කියලා අපි හැමෝටම හිතෙනවා. මොකද ඔහු ඇය යන පස්සෙන්ම ඇය සමඟ යනවා.
ඔන්න මේ වේලාවේ ඊසා සමාධිත් සමඟින් ඇවිදගෙන එන විට ඔවුන්ගේ ඉස්සඑහට වින්ඩිව මුණ ගැහෙනවා. ඒ වේලාවේ ඇය ඊෂාගේ කට නම් හොඳට තියනවා කියා සමාධි සමඟින් පවසනවා. ඉතිං වින්ඩි මේ විදියට ඇයට එක එක දේවල් කියමින් ඇයව අපහසුතාවය පත් කරනවා. ඔන්න වින්ඩි පසුදින අගස්ති සමඟින් වජිරාගේ නිවසට පැමිණෙනවා. ඒ වින්ඩිගේ අම්මා සහ තාත්තාව අගස්තිට හඳුන්වා දීමටයි. ඉතිං අගස්තිගේ විස්තර ගැන වින්ඩිගේ අම්මයි තාත්තායි අසනවා. ඒ වේලාවේ වින්ඩිගේ අම්මා අගස්තිට ඔශුගේ අම්මා සහ තාත්තා සමඟින් විවහාය ගැන කතා කිරීමට පැමිණෙන්න කියා ඉල්ලීමක් කරනවා.
ඉතිං ඔනන් එදා රැ workshop එකේ ඉන්නක හැමොම එකතුවෙලා සිංදු කිය කිය රෑ නටමින් ඉන්න අතරදී ඊෂා පැත්තකට වෙලා එ දිහා ලබා සිටිනවා.විෂාල් ඒ වේලාවේ සැරින් සැරේ ඊෂා දෙස බලමින් සිටිනවා. ඔන්න මේ වේලාවේ ඊෂා ළඟට ගිය විෂාල් ඇයට නටන්න එන්න කියා අරාධනා කලත් ඇය පළමුසැරේ එයට අකමැති වෙනවා. ඉන්පසු විෂාල්ගේ බලකිරීම මත ඇය ඔහු සමඟින් නටනවා.
ඉතිං කොළඹ ගිහින් ගෙදර ආපු සමාධි ඇගේ මිතුරියක සමඟින් කොළඹදී අගස්තිව දැකපු බව පවසනවා. එදත් ඇයව අගස්ති හඳුනා නොගත් බව ඇය ඇගේ මිතුරිය සමඟින් පවසනවා.ඉතිං මේ වේලාවේ ඊෂා ඇගේ මිතුරිය සමඟින් කාමරයට පැමිණෙනවා. ඒ වේලාවේ විෂාල් ඊෂා දෙස බලනවා වැඩි කියා ඇය ඊෂා සමඟින් පවසද්දී ඊෂා ලැජ්ජාවෙන් වගේ එහෙම දෙයක් නති බව පවසනවා.. ඉතිං ඇතත්ටම ඊෂාගේ හිත විෂාල් ගැන කැමැත්තක් ඇතිවෙලාද? ඉතිං මේ වේලාවේදීම උඳුල්ගෙනුත් ඊෂාට කෝල් එකක් එනවා. ඒ වෙලේ ඔහු ඇයගේ සැප දුක විමසා තියනවාත් සමඟම ඊෂාගේ මිතුරිය ඇයට උඳුල් ඇගේ පෙම්වතා බව කියමින් විහිළු කරන්න පටන් ගන්නවා. ඉතිං ඔන්න පසුදා උදෑසන සමාධිට මඟදී තරුපතිව මුණ ගැසෙනවා. ඉතිං ඒ ආගිය තොරතුරු ගැන විමසන අතරදී තරුපති අගස්තිත් එදින පැමිණියාද කියා සමාධිගෙන් විමසනවා. ඒ වෙලේ සමාධි ඇවිත් සිටි බව පැවසුවා.
ඉතිං එදා දවසේ workshop එකප පටන් ගැනීමට සියදෙනාම එක තැනකට පැමිණ වාඩි වී සිටියා.එදා දවසේ ලංකාවේ ගායකයන් කිහිප දෙනෙකුත් ඇවිත් සිටියා. ඔන්න මේ වේලාවේ අගස්ති පුංචි ළමයි ඉනන් ළමා නිවාසයකට එනවා. ඔහු එනවා දැකපු ඒ පුංචි ළමයි ටික ඔහු වට කරගෙන සිටියා. ඒ වේලාවේ එතන සිටිය දරුවෙක් අගස්තිගේ ගීතයක් ගායනා කරනවා දැකපු අගස්ති හරිම සතුටින් ඔහුට අත්පුඩි ගසනවා. ඉතිං එතන සිටි සියලු දෙනාටම ඒ වෙලේ අගස්ති තෑගි ලබා දෙනවා. ඉතිං අගස්ති තමයි මේ ළමා නිවාසයේ සිටින සෑම දරුවෙක්ගේම වියදම් දරන්නේ.
ඉතිං ඔන්න වින්ඩි අගස්ති කතා බහා කරමින් ඉනන් අවස්ථාවේ වින්ඩි නැවත වතාවක් ඔවුන්ගේ විවාහ ඉක්මනින් කරමු කියා අගස්තිට පවසනවා. ඒ වේලාවේ අගස්ති විාහය තව ටික කාලයක් කල් දමු කියා වින්ඩිගෙන් ඉල්ලීම් කරනවා. ඔනන් මේ වේලාවේ විෂාල් දකුණින් පැමිණි පිරිසක් සමගින් වලියක් දගන්නවා. ඒ වේලාවේ ඔහු එහි සිටි තරුණයින් සමඟ රණ්ඩු වී ගහ ගන්නවා. ඒ වේලාවේ එතනට පැමිණෙන සමීර ඔවුන් දෙගොල්ලන්ටම බැන වැදි රණ්ඩුවක ඉතාමත් අමාරුවෙන් නවත්වා ගන්නවා,
ඉතිං ඔන්න සමාධි ඇගේ මිතුරිය නිලු සමඟින් එළියට වී කතා කරමින් සිටන විටදී ඇයට තරු ගැන විස්තර කතා කරමින් සිටිනවා. එ වේලාවේ තරුපතිට අකමැති වෙනන්ට කිසි කෙනෙකුට හේතුවක් නැති බව සමාධිට ඇය සිනාසෙමින් පවසනවා. ඒ වේලාවේ ලැජ්ජවෙන් වගේ නිලු දෙස බැලු සමාධි එතනින් පිට වෙනවා. ඉතිං ඔන්න ඔය අතරේ ඊෂා ඇගේ යහළුවන් කිහිපදෙනෙක් සමඟින් පිය ගුණ ගැන කියැවෙන ගීතයක් ගායනා කරමින් සිටියදී එ අසළට අගස්තිත් පැමිණෙනවා. ඔහු ඒ වේලාවේ ටික දුරක් ගොස් නැවත වතාවක් හැරී ඊෂා දෙස බලනවා.. ඉතිං අගස්තිට ඒ අවස්ථාවේ ඊෂා ගැන දුකක් ඇතිවෙලාද?
ඉතිං ඔන්න පහුවදා උදැසන අගස්ති workshop එකට එනවා. ඇවිත් එතන සිටි තරඟකරුවන් සහ තරඟකාරිනියන් සමඟින් තරඟය ගැන කතා කරමිනක් සිටින අතරේ එතන සිටි තරඟකරුවන් කිහිපදෙනකුට ගීතයක් ගායනා කරන්න කියා අගස්ති ඉල්ලීම් කරනවා. ඒ වේලාවේ විෂාල්ටත් ඔහු ගීතයක් ගායනා කරන්න කියනවා. අවසාන වශයෙන් ඔහු ඊෂා දෙස බලමින් වෙනත් කෙනෙක්ට ගීතය ගායනා කරන්න අරාධනා කරන විට ඇගේ හිත රිදෙනවා.. ඉතිං ඉන්පසු ඊෂා ඇග් යහළුවත් සමඟින් කතා කරමින් එළියට එද්දී විෂාල් එනවා දැකපු ඊෂාගේ යළුවා ඇයට විෂාල්ගෙන් බේරීමක් නැති බව පවසා ඊෂාට විහිළු කරනවා. ඉතිං ඊෂා ඇතත්ටම විෂාල්ට ලං වෙයිද? ඇයටත් ඔහු කෙරෙහි ළඟදීම කැමැත්තක් ඇතිවෙයිද?
ජනනි තරුෂිකා | hplt_2 |
මේ දින වල සතියේ දින පහේම දෙරණ නාලිකාවේ විකාශය වූ මුතු අහු ටෙලි නාට්‍ය අවසන් දින කීපය අවසන් කොටස් කීපය නිමාකර අවසන් වූවා.සියලු දෙනාගෙම ආදරය දිනාගත් මෙම කතාව සියල්ලන්ගෙම සිත් කම්පාකරමින් නිමා වූවා.අවසන් කොටස් කීපය මෙසේ ගලාගෙන ගියා.ගුසේ කිසිදු අයෙකුට සොංගුල් බැලීමට දෙන්නේ නෑ.එයට සියලු දෙනා දුකින් පසු තැවෙමින් කල්පනා කරමින් සිටිනවා.මේ අතර යහළුවන් පාරේ මාල වලලු විකිණීමට සුදානම් වෙනවා.මේ අතර මෙරාල් පාරේ සිංදු කියනවා.ඇගේ ගීතය අසා සිටින එහි ප්‍රසිද්ධ සමාජ ශාලාවක අයිතිකුරු ඇයට එයට පැමිණ සිංදු කියන ලෙස කියනවා.මේ අතර නෙරිමන් මැඩම් දැරියන් හමු වීමට එනවා.ඇය පිරිමි අයෙකු සමඟ විවාහ වූ බවත් ඔහු සමඟ ඇය යන බවත් පවසා ඇය හට දැරියන් හට උදව් කිරීමට නොහැකි වූ බැවින් නෙරිමන් මැඩම් හට ඇති ගොඩනැගිල්ල දැරියන් හට දෙනවා.ඉන්පසු එහි ඔවුන් සොංගුල්ගේ නමින් අනාථ නිවාසයක් සාදා කුඩා දරුවන් රැකබලාගන්නවා..ඒ ආකාරයට වසර පහකට පසු සියලු දෙනාම පැමිණ සිටින්නේ එව්ලිල්ගේ විවාහ උත්සවයටයි.මෙහිදි විවාහ උත්සවයේ වැඩ කටයුතු කරමින් සිටන තැනට මෙරට් පැමිණෙනවා.
ඒ වන විටත් ඔහු වෙනත් අයෙකු සමඟ විවාහ වී සිටිනවා.මේ අතර මෙරාල් වෙත පැමිණෙන මෙරට් ඔහුට සමාවන බවත් තිබු යහළුකම නැති වී නොමැති බවත් පවසනවා.කදර් සෙම්රේ මෙරාල් සහ එව්ලිල් උත්සවය සඳහා ඇඳ සිටින්නේ සෙම්රේ නිර්මාණය කළ ඇඳුම් බව පවසනවා.එතැනට පැමිණෙන සර්කන් සෙම්රේ ඉතා ලස්සන බව පවසනවා.මේ අතර එතැනට පැමිණෙන එව්ලිල් දෙස සියලු දෙනාම බලනවා.ඇය ඉතාමත් ලස්සා මනමාලියක් ලෙස හැඩවී පැමිණියා.මේ අතර ගුසේ සොංගුල් සහ ගුසේගේ අම්මා කෑම ගනිමින් සිටිනවා.ඉන්පසු එතැනදි ගුසේගේ අම්මා විවාහ උත්සවයට යනවාද කියා විමසනවා.ඉන්පසු ඔහු එහි නොයන බව කියනවා.ඉන්පසු ගුසේ එදින කිරීමට ඇති වැඩ නිවසේ සිට කරන බව පවසා සොංගුල් සමඟ ගුසේ නිවසේ නතර වෙනවා.මේ අතර සොංගුල් ගුසේගේ පරිගණකය තුල තිබි සොංගුල්ගේ වීඩියෝ එකක් සොයාගන්නවා.එය සොංගුල් මියයාමට පෙර ගුසේ හා යහළුවන් හට තැබු වීඩියෝවක්.එහි සොංගුල් ඇය මිය ගියහොත් වෙනත් විවාහයක් සිදු කරගන්නා බවත්,දුව ගැන සිතන්න කියාත් පවසනවා.ගුසේ එය බලා හඩා වැටෙනවා.මේ අතර එව්ලිල් සහ පිරිස විවාහය ගිවිස ගැනීම සඳහා අලි එනතුරු බලා සිටිනවා.ඉන්පසු සර්කන් විවාහ රෙජිස්ටාර්ගෙන් තවත් එක් දෙවැනි මනමාලයෙක් නැති බව පවසා ඔහුගේ කාලය නාස්ති කරනවා.
මේ අතර අලි දුවගෙන එතැනට පැමිණෙනවා.මේ අතර මටත් දෙවැනි මනමාලයෙක් වීමට උවමනා බව කියමින් ගුසේ සහ සොංගුල් පැමිණෙනවා.මෙය දකින සියලු දෙන ඉතාම සතුටින් බලා සිටිනවා.ඉන්පසු අලිගේ සහ එව්ලිල්ගේ විවාහ සිදු වනවා.ඉන්අනතුරුව ගුසේ සියලු දෙනාටම පෙන්වීමට දෙයක් ඇති බව පවසා සොංගුල් තබා ඇති වීඩියෝ එක පෙන්වනවා.එහිදි ඇය සියලු දෙනාටම තමාගේ දුව බලාගන්න කියා පවසනවා.එය බලන සියලු දෙනා හඩා වැටෙනවා.ඉන්පසු එතැනට පැමිණෙන නසාන් මැඩම් ඔවුන් එතැනින් ගෙන යනවා.ඉන්පසු සියලු දෙනා ප්‍රිතියෙන් නටනවා.මේ අතර මෙටින් සහ බුස්රා පෙන්වනවා.ගුසේ මෙටින් ගැන අසන විට ටොප්රැක් සර් මෙටින් පංතියේ පළවෙනි බවත් බුස්රා වෛද්‍යවරියක් වීමට ඉගෙන ගන්නා බව පවසනවා.මේ අතර ඩෙෆ්නේ බොහෝ වෙනස් වී ඇත්තේ ඇගේ පෙම්වතා නිසායි.පසුව කදර් සෙම්රේ මෙරාල් සහ එව්ලිල් කතා බහ කරමින් සිටිනවා.මේ අතර ඔවුන් සොංගුල් වද මතක් කරනවා…ජීවිතේ සතුටින් ප්‍රශ්න වලට මුහුණ දියයුතු බව ඇය පවසනවා.අනතුරුව කතාව අවසන එව්ලිල් මෙරාල් කදර් සහ සෙම්රේ පුංචි සොංගුල් සමඟ සතුටින් සිටින අයුරු පෙන්වනවා.ඇයව ඉතාමත් ආදරෙන් ඔවුන් බලාගන්නවා.මේ අතර මිය ගිය සොංගුල් ඈතට වී තමන්ගේ දුව සහ යහළුවන් දෙන බලා සිටිමින් සිනා සෙනවා.ඉතාමත් ලස්සන මෙම මුතු අහුර ටෙලි නාට්‍ය අවසන මෙසේ සිදු විය. | hplt_2 |
ඔන්න මගේන් තවත් අලුත් වැඩක්. සිංහල කෘතිම බුද්ධියක්. යුනිකෝඩ් වලින් තමා වැඩ කරන්නෙ.
මම හිතන්නෙ ලංකාවෙ පලමුවැනි සිංහල චැට්බොට් තමා මේක. ශුවර් නෑ.
FyRa , මගෙ පරන ඉන්ග්‍රීසි කෘතිම බුද්ධියට වඩා මේක ගොඩක් සංකීර්ණයි.
තාම ටෙස්ටින් තත්වෙ තියෙන්නෙ. ඒ නිසා බග්ස් හෙමත් ඇති. මේකෙ සාකච්චා රෙකෝඩ් වෙනවා. කම්මැලි නැති අය මට ඒක එවන්න [ [email protected] ].ඒක මට මේකෙ වැඩිදියුනු කිරීම් වලට ගොඩාක් උදව් වෙනවා.
මම හිතනවා ඔයාල මේකෙන් සතුටු වෙයි කියලා.
450 KB | RAR | mediafire
link :- http://www.mediafire.com/?f2e6a605g58sjpm | hplt_2 |
‘ඕනෑම රටක සංවර්ධන කාර්යයේදී තරුණයා කියන්නේ කිසි ලෙසකත් නොසලකා හැරිය නොහැකි පිරිසක්. මොකද රටක අනාගත පැවැත්ම ඔවුන්ගේ කරමත රඳා පවතිනවා. තරුණයා කියන්නේ එතරම්ම වැදගත් පුද්ගලයෙක් වුණත් අපිට අදටත් විශාල ගැටලුවක් තිබෙනවා මේ රටේ සංවර්ධන කාර්යයට තරුණ දායකත්වය සහ තරුණයා කියන සම්පත කොතෙක්දුරට භාවිතයට ගන්නවාද කියන කාරණය සම්බන්ධයෙන්. ඒ ගැටලුවට පිළිතුරු හොයද්දී අපි විශේෂයෙන් කතා කළයුතු දෙයක් තමයි මේ ගැටලුවේ දැනට පවතින පසුබිම මොන වගේද කියන කාරණය. මේ පවතින අධ්‍යාපන රටාවට පවතින ප්‍රබල චෝදනාවක් තමයි අධික තරගකාරීත්වය සහ ක්රමයේ පවතින දුර්වලතාවන් නිසා පාසල් හැරයන්නන් ප්‍රමාණය වැඩිවෙමින් පවතිනවා යන්න. ඊට සමගාමීව විභාග ක්‍රමයේදී උසස් අධ්‍යාපනය ලැබීමට සුදුසුකම් නොලබන කණ්ඩායම් වෙනුවෙන් පවතින විකල්ප මොනවාද, පාසල් හැරයන දරුවන්ගේ අනාගතය නිර්මාණය කරදෙන්න අපිට ප්‍රතිපත්ති සහ ආයතනගත වැඩසටහන් ප්‍රමාණවත්ද කියන දේවල් සම්බන්ධයෙනුත් නැවත නැවත සිතන්නට සිදුවෙලා තියෙනවා.
තරුණයා කියන්නේ ස්වාධීනත්වය බලාපොරොත්තු වන සහ තමන්ටම ආවේණික වුණු ජීවන රටාවක් නිර්මාණය කරගන්න රුචිකත්වයක් දක්වන කණ්ඩායමක්. ඒ සෑම කරුණක්ම හා බැඳුණු ජීවන විලාසිතාවකුත් ඔවුන් සතුව දකින්නට ලැබෙනවා. තරුණ ප්‍රජාව තමන්ගේ ජීවන විලාසිතාව සකස් කරගන්නේ කුඩා කාලයේ සිටම ඔවුන් වටා පවතින පරිසරය පදනම් කරගෙන. මේ ආකාරයට නිසි ලෙස සමාජානුයෝජනය වුණු තරුණ පිරිස් තමන්ගේ අවස්ථාවන් හඳුනාගෙන ඉදිරියට යන්න සමත් වෙනවා. නමුත් තවමත් අපේ රටේ නිසි සමාජානුයෝජනයක් නොලද තරුණ කණ්ඩායම් සැලකිය යුතු ප්‍රමාණයක් මේ අවට සමාජයේ අපිට නිරන්තරයෙන් දකින්න ලැබෙනවා. එම පිරිස් කල්ලි හදාගෙන වෙනම උප සංස්කෘතියක් නිරිමාණය කරගන්නවා. මෙ‘ම උප සංස්කෘතිය අපේ රටේ පමණක් නෙවෙයි දියුණු ලෝකයේ රටවලත් දකින්නට ලැබෙනවා. කල්ලි ගැසීම කියන්නේ සමාජයේ පොදු ධර්මතාවක්. තරුණ කල්ලි සමාජ ප්‍රශ්නයක් බවට පත්වෙන්නේ එම කල්ලිවල ක්‍රියාකාරකම් සහ අරමුණු අනුව.
මේ සඳහා අපේ සමාජයෙන්ම ගන්න පුළුවන් නිදර්ශකයක් තමයි වීදි දරුවන් කියන්නේ. වීදි දරුවන්ගෙන් බහුතරයක් ඔවුන් හැදී වැඩෙන සමාජ පරිසරයේ බලපෑම් එක්ක තරුණ වියට එළඹීමෙන් පසුව කණ්ඩායම් වශයෙන් එකතුවෙලා විවිධ සමාජ විරෝධී ක්‍රියාකාරකම්වලට සම්බන්ධවෙන්න තියෙන ඉඩකඩ ඉතාමත් වැඩියි. මේ තරුණ කල්ලි අපිට නාගරික සමාජයේ පමණක් නෙවෙයි ග්‍රාමීය සමාජවලත් අද වෙනකොට සැලකිය යුතු ප්‍රමාණයකින් දකින්නට ලැබෙනවා. ග්‍රාමීය ප්‍රදේශවල දකින්නට ලැබෙන තරුණ කණ්ඩායම් බොහෝ අවස්ථාවල ත්‍රිරෝද රථ සංස්කෘතියත් සමග බද්ධවෙලා ගමේ කැපී පෙනෙන කණ්ඩායමක් විදියට කටයුතු කරනවා. ඒ සඳහා ඔවුන් උපක්‍රම විදියට භාවිතා කරන්නේ ගමේ පොදු කටයුතුවලදී එහි මූලිකත්වය ගෙන ක්‍රියාකිරීම, යම් යම් උත්සව කටයුතු සංවිධානය ඔවුන් මූලිකත්වය ගෙන සිදුකිරීම, අසාධාරණයක් සිදුවුණු අවස්ථාවක ඒ සඳහා මැදිහත්වීම ආදී ක්‍රියාකාරකම්. ග්‍රාමීය තරුණ කල්ලි අතින් සිදුවන සමාජ විරෝධී මැදිහත් වීම ඉතාමත් අඩුයි මොකද ග්‍රාමීය පරිසරයක සිටින අයගේ අනන්‍යතාව විවෘත වීම නිසා ඔවුගේ චර්යාවන් සම්බන්ධයෙන් යම් යම් පාලනයන් තිබෙනවා.
නමුත් නාගරික සමාජයක දකින්නට ලැබෙන තරුණ කල්ලිවල එවැනි පාලනයක් නැහැ. එම තරුණයන්ගේ අනන්‍යතාව විවෘත නැහැ. සමහර අයගේ දෙමවුපියන් කවුද කියලා ඔවුන්වත් දන්නේ නැහැ. මේ කල්ලිවල සංයුතිය ගත්තොත් මේ අතර සිටිනවා බන්ධනාගාරගත වූ පිරිස්, නීතියත් සමග ගැටෙන පිරිස්, අවිධිමත් නිවාස ආශ්‍රිතව හැදී වැඩුනු හෝ වීදි දරුවන් ලෙස ජීවිතය ගත කරපු පිරිස්, මත්ද්‍රව්‍ය වෙළඳාමට සම්බන්ධ හෝ මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වූ පිරිස්, රාත්‍රී සමාජ ශාලාවල ජීවිතයට ඇබ්බැහි වූ පිරිස් යනාදී කණ්ඩායම්. භයානකම තත්ත්වයන් තමයි විවිධ සංවිධානාත්මක අපරාධවල මහ මොළකරුවන් තමන්ගේ අපරාධ වල අතරමැදියන් විදියට මේ තරුණ කණ්ඩායම් යොදා ගැනීම. උදාහරණයක් විදියට අද දකින්නට ලැබෙන මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්වලදී ජාවාරම්කරුවන් විසින් මේ තරුණයන්ව බෙදාහරින්නන් සහ ප්‍රවාහනය කරන්නන් විදියට භාවිත කිරීම පෙන්වා දෙන්න පුළුවන්. ඔවුන් කල්ලි නිර්මාණය කරගන්නේ ඔවුගේ ආරක්ෂාවට. මේ තරුණයන්ට අනාගතය සඳහා විශාල බලාපොරොත්තු නැහැ. ඔවුන් බලාපොරොත්තු වෙන්නේ ඔවුන් හුරුවී සිටින කෙටි කාලීන සහ දෛනික රසාස්වාදයන් පිනවා ගැනීමට සුදුසු ක්ෂණික සහ පහසු මුදල් උපයාගැනීමේ ක්‍රමවේදයන් පමණයි. මේ තත්ත්වයට දිගු කාලීනව හුරුවූ කණ්ඩායම් එයින් ගලවා ගැනීම පහසු කාර්යයක් නොවෙයි. ඊට හේතුව තමයි නාගරික සමාජයන්වලඅවස්ථාවන් ඕනෑ තරම් තිබෙනවා අයථා ක්‍රමවලින් මුදල් උපයාගැනීමට. මේ සමාජ ගැටලුව ශ්‍රී ලංකාවට පමණක් පොදු වුණු ගැටලුවක් නොවෙයි සංවර්ධිත රටවලට පවා මේ ගැටලුව සැලකිය යුතු මට්ටමකට අහිතකර තත්ත්වයන් නිර්මාණය කර තිබෙනවා.
ශ්‍රී ලංකාවේ සෑම ප්රදේශයකටම ආවේණිකව ඒ ඒ ප්‍රාදේශීය අනන්යතාෙවන් යුතු තරුණ කල්ලි දැකගන්න ලැබෙනවා. මේ තරුණ කල්ලිවලට නායකයෙක් ඉන්නවා. කල්ලිවල නායකත්වය තීරණය වෙන්නේ ඔහු කොතරම් වතාවක් බන්ධනාගාරගතවෙලා, අපරාධවලට සම්බන්ධවෙලා අත්දැකීම් ලබා තිබෙනවාද, ඔහුට කොතරම් පාතාලය වැනි පිරිස් සමග සම්බන්ධතා තිබෙනවාද කියන සාධක මත. කණ්ඩායමේ සියලුදෙනා අතරේ අන්‍යෝන්‍ය බැඳියාවක්, විශ්වාසවන්තභාවයක් තිබෙනවා. ඔවුන් එක්වෙලා ඉන්නේ සමජාතීය අදහස් සහිතවයි. ඔවුන්ගේ කණ්ඩායම ක්‍රියාත්මක වන ප්‍රදේශයේ පාලනය තිබෙන්නෙත් ඔවුන් අතේ. ඒ වගේම එම ප්‍රදේශවල සිදුවන යම් යම් අපරාධවලට මේ පිරිස්වල සම්බන්ධතා තදින් දකින්නට ලැබෙනවා සහ ඒවායේ අතරමැදියන් විදිහට කටයුතු කරනවා. උදාහරණයක් සලකලා බැලුවොත් පැහැදිලිවම දකිනට ලැබෙන කාරණයක් තමයි කොළඹ නගරය තුළ මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදිවලට අත්අඩංගුවට පත් වන තරුණයන්ගෙන් වැඩිදෙනෙක් මේ කල්ලිවලට සම්බන්ධ පිරිස්. තවත් භයානක තත්ත්වයක් වෙන්නේ මේ තරුණ කණ්ඩායම් දේශපාලඥයන්ට විශාල සම්පතක් සහ ඔවුන් අතකොළු බවට පත් වීම.
කොළඹ නගරය ආශ්‍රිතව දකින්නට ලැබෙන තරුණ කල්ලිවල බහුතරයක් දෙනාට කොළඹ නගරයට සෘජු අයිතියක් නැහැ. බොහෝදෙනෙක් පිට පළාත්වලින් රැකියාවක් බලාපොරොත්තුවෙන් එහෙමත් නැත්නම් පදිංචියට හෝ වීදි දරුවන් විදියට පැමිණි පිරිස්. මේ තරුණ කල්ලි විවිධ පොදු කටයුතුවලට මූලිකත්වයගෙන කටයුතු කරනවා එහි ප්‍රධානම අරමුණ වෙන්නේ තමන්ගේ බල පුළුවන්කාරකම පෙන්නුම් කිරීම. මේ පිරිස්වලට නාගරික සමාජය තුළ පැවැත්ම තිබෙන්නේ මුදල් හා ප්රචණ්ඩත්වය මත. ඒ වගේම සැලකිය යුතු පිරිසක් අඩු වයස් විවාහවලට සහ අනියම් සම්බන්ධතාවලට යොමුවී සිටිනවා.
මෙම සමාජ විරෝධී තරුණ කල්ලි කියන සමාජ ප්රශ්නය නිර්මාණය වීම කෙරෙහි දේශපාලනයේ සෘජු වගකීමක් තිබෙනවා. මෙතනදී දේශපාලනය කියලා අදහස් කෙරෙන්නේ පක්ෂ දේශපාලනය පමණක් නෙවෙයි. පාලනාධිකාරිය විසින් ගනුලබන තීන්දු තීරණ, සමාජයේ විවිධ ජන කණ්ඩායම් සම්බන්ධයෙන් ක්‍රියාත්මක කරන ප්රතිපත්තීන්වල දුර්වලතා, දේශපාලඥයන් පෞද්ගලිකව තමන්ගේ පැවැත්ම තහවුරු කරගැනීම සඳහා මේ පිරිස් යොදාගැනීම යනාදියත් මේ සඳහා බලපානු ලබනවා. මේ රටේ තිබෙන සෑම සමාජ ප්‍රශ්නයක්ම සලකා බැලුවොත් අපි විසින්ම සිදුකරන කුමන හෝ වරදක් ඊට හේතු සාධකයක් බවට පත්වෙලා තිබෙනවා. අපේ රටේ අධ්‍යාපන ක්‍රමවේදය සම්බන්ධයෙන්, පාසල් අධ්‍යාපනය හැරයන්නන් සම්බන්ධයෙන් ප්‍රශ්න තිබෙනවා. මේ අධ්‍යයනයට ලක්වුණු තරුණයන්ගෙන් අතිබහුතරය සාමාන්‍ය පෙළ වෙනකම්වත් අධ්‍යාපනය ලබලා නැහැ. තවදුරටත් සලකා බැලුවොත් දුප්පත්කම තවත් ප්‍රබල හේතුවක් වෙනවා. දුප්පත්කම නිසා නිසි අධ්‍යාපනයක් ලැබීමේ අයිතිය මේ දරුවන්ට නොලැබී ගොස් තිබෙනවා. මෙවැනි කණ්ඩායම් මගින් අර්ථගැන්වෙන්නේ තමන්ගේ මූලික අවශ්‍යතාවන්වත් නිසි ආකාරයට සපුරාගැනීමට නොහැකි ජන කොටස් තවමත් අපේ ජන සමාජය තුළ සිටිනවා කියන කාරණය. මේ ඔස්සේ බිහිවන තරුණයන්ගේ අනාගතය සම්බන්ධයෙන් ගැටලු තිබෙනවා. ඒ නිසා මෙවැනි ජන කොටස් වෙනුවෙන් නිසි පරිදි ප්‍රතිපත්ති සම්පාදනයක් නොවීම පිටුපස පිළිකුල් සහගත දේශපාලනික කාරණාවන් තිබෙනවා.
ඒ වගේම මේවා රටට හා අපේ සමාජයට කුමන ආකාරයකින්ද බලපෑම් කරන්නේ යන්න නොදන්න නිසා අපේ ජනතාවත් මේ තත්ත්වයන් පිළිබඳ එතරම් සැලකීමක් කරන්නේ නැහැ. ඒ නිසා අපි සිතන්නට ඕන සමාජයේ සිටින තරුණ ප්‍රජාවෙන් සැලකිය යුතු පිරිසක් මත්ද්‍රව්‍ය ආදියට ඇබ්බැහි වී සිටිනවා නම් අපරාධවල නියුක්ත වී සිටිනවා නම් මෙය නිරායාසයෙන්ම ඒ ඒ ප්‍රදේශවලට පමණක් නෙවෙයි මුළු රටටම බලපවත්වන ගැටලුවක් වෙනවා. මෙවැනි සමාජ විරෝධී තරුණ කල්ලි නිර්මාණය වීම වළක්වන්න රජයක් කටයුතු කරනවා නම් ඔවුන්ගේ මූලිකම කාර්යභාරය විය යුත්තේ දුප්පත්කම පිටුදැකීම. ඒ වගේම විශේෂයෙන්ම මෙවැනි සමාජවල දරුවන්ටත් සමාන අධ්‍යාපන අයිතිවාසිකම් ලබාදීලා ඒවා තහවුරු කළ යුතුයි. මේ ජනතාවට තමන්ගේ මූලික අයිතිවාසිකම් හෝ ලබාදිය යුතුයි. රාජ්‍ය ආයතනවල සේවය කරන රාජ්‍ය නිලධාරීන්ටත් මේ කාර්යයේදී විශාල භූමිකාවක් පැවරෙනවා. උදාහරණයක් විදියට සාමාන්‍යයෙන් එක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක ක්ෂේත්‍ර නිලධාරීන් 40කටත් වැඩි සංඛ්‍යාවක් සිටිනවා. දරුවෙකුගේ උපතේ සිට මරණය දක්වාම ජනතාවට සේවය කරන්න බැඳී සිටින නිලධාරීන් ගණනාවක් මේවායේ සිටිනවා. නමුත් ඔවුන්ගේ වගකීම් නිසි ආකාරයට සිදුවනවාද කියලා විශාල ගැටලුවක් තිබෙනවා.
මේ අවිධිමත් නිවාස සංකීර්ණ ආශ්රිත ජනතාව වෙතත් සංවර්ධනය ගෙන යන්න අවශ්‍යයි. ඒ නිසා ඔවුන්ගේ භෞතික පරිසරයේ වෙනස් කිරීමක් සිදුකිරීම වැදගත් වෙනවා. ඒ තුළින් පාරිසරික සාධක වෙනස් කිරීම මගින් අපරාධ සිදුවීමට ඇති අවස්ථාවන් පාලනය කිරීමට හැකියාව පවතිනවා. ඒ වගේම ප්‍රතිපත්ති ක්‍රියාත්මක වීමේදී සමාජ සමානාත්මතාවෙත්, සම්පත් බෙදී යාමේත් ගැටලු සහගත තත්ත්වයන් දකින්නට ලැබෙනවා. අනෙක් අතින් විශාල භූමිකාවක් තිබෙන්නේ අධ්‍යාපන ක්ෂේත්රයට. අද බොහෝදෙනෙක් පිළිගන්න කාරණයක් තමයි කාලීන සමාජයට විෂය කාරණා එක්ක පමණක් බැඳුණු මේ අධ්‍යාපන ක්‍රමය නොගැළපෙන බව. ඒ නිසා මේ අධ්‍යාපන රටාව කුසලතා සංවර්ධනයත් ඉලක්ක කරගත යුතු වීම ඉතා වැදගත්. තවද රජය පැත්තෙන් මේ තරුණ දරුවන්ට වෘත්තීය සුදුසුකම් සපුරාගත හැකි අවස්ථා තව තවත් සුලභ කිරීමට සහ ඒවා දියුණු කිරීමට වගකීමක් තිබෙනවා. මවුපිය දූ දරු සබඳතාව වගේම ගුරු සිසු සබඳතාවත් මීටත් වඩා තහවුරු කිරීම සහ ශක්තිමත් කිරීම අවශ්‍යයි. එමගින් දරුවන් පවුලෙන් දුරස් වීම සහ පාසල් හැරයාම අවම කිරීමට හැකියාව පවතිනවා. ඒ වගේම නෛතික යාන්ත්‍රණයත් දඬුවම් ලබාදීම වගේම චරිත ශෝධනය කියන කාරණයත් ඉටුකරන තත්ත්වයට පත් කළ යුතුයි. ජනතාවගේ පැත්තෙන් සිදුවිය යුතු වෙනස්කම වෙන්නේ මෙවැනි ජන සමාජවල ජනතාව සහ මෙම ප්‍රදේශ අපරාධකාරී ස්වරූපයක් අර්ථගැන්වෙන ආකාරයෙන් ලේබල් කිරීම සහ එම සමාජවල ජනතාව වෙන්කොට දැක්වීම වහාම නැවැත්වීමයි.
අද වනවිට කොළඹ නගරය ඇතුළු නාගරික ප්‍රදේශවල සුලභ ලෙසින් දැකගත හැකි තරුණ කණ්ඩායම් බහුතරයක් සමාජ විරෝධී ක්‍රියාකාරකම් සඳහා යොමු වීමේ ප්‍රවණතාවක් දක්නට තිබේ. මෙම තත්ත්වයන් පිළිබඳව සහ එය වැළැක්වීම සඳහා අප සතුවන කාර්යභාරය පිළිබඳව “අද” පුවත්පතට (2017. 11. 22) ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ, මානව ශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා පිඨයේ , අපරාධ විද්‍යා අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය නේරන්ජි විජේවර්ධන මහත්මිය ඉදිරිපත් කළ විග්‍රහයෙන් උපුටා ගන්නා ලදී. | hplt_2 |
පාස්කු ප්‍රහාරයේ විත්තිකරුවන් 24 දෙනෙකුට අද අධිචෝදනා
පාස්කු ඉරිදා එල්ල කළ ත්‍රස්ත ප්‍රහාර වලට අදාළව නවුෆර් මව්ලවී ඇතුළු විත්තිකරුවන් 24 දෙනෙකුට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය අද අධිචෝදනා භාර දෙන ලදී .කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු දමිත් තොටවත්ත, විනිසුරු අමල් රණරාජා සහ විනිසුරු නවරත්න මාරසිංහ යන විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම නඩුව කැදවු අතර එය නොවැම්බර් මස 23 දා යළි කැඳවීමට නියෝග කළා.
බන්ධනාගාර භාරයේ සිටින විත්තිකරුවන් අද දින අධිකරණයට ඉදිරිපත් කිරීම හේතුවෙන් අධිකරණ සංකීර්ණය අවට ආරක්ෂාව දැඩි කර තිබුණා.
විත්තිකරුවන් 25දෙනා අතරින් එක් විත්තිකරුවකු පමණක් කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් අධිකරණයට ඉදිරිපත් නොකරන තිබුණා.
කතෝලික දේවස්ථාන හා සංචාරක හෝටල් ඉලක්ක කරගනිමින් 2019 වසරේදී අප්‍රේල් මස 21 දා එල්ල වූ බෝම්බ ප්‍රහාර අටක් සම්බන්ධයෙන් මෙම නඩු නීතිපතිවරයා විසින් ගොනු කළා.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය කුමන්ත්‍රණය කිරීම, ආධාර අනුබලදීම ඇතුළු චෝදනා 23,270 ක් නවුෆර් මව්ලවි,සජීඩ් මවුලවි, මොහොමඩ් මිල්හාන්, සාදික් අබ්දුල්ලා, ආදම් ලෙබ්බේ, අලියස් ගවුපර් මාමා, මොහොමඩ් සනස් දීන් සහ මොහොමඩ් රිස්වාන් ඇතුළු සැකකරුවන් 25 දෙනා වෙත එල්ල කළා.මේ වන විට ඔවුන් දෙදෙනාට අධිකරණය විසින් අධිචෝදනා පත්‍ර භාර දී තිබෙනවා.පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට ක්‍රියා නොකිරීම තුළින් සාපරාධී මිනීමැරුම් සිදු කළ බවට චෝදනා කරමින් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන්ට එරෙහිව දැනටමත් නීතිපතිවරයා විසින් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ වෙනම නඩු දෙකක් පවරා තිබෙනවා. | hplt_2 |
තවත් මස තුනක් ගත වූ විට රටවැසියන් රැසක් මිය යනු ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසයි. එම පක්ෂ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහින්ද අමරවීර මහතා මේ බව ස...
තවත් මස තුනක් ගත වූ විට රටවැසියන් රැසක් මිය යනු ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසයි.
එම පක්ෂ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහින්ද අමරවීර මහතා මේ බව සඳහන් කළේ අන්තර්ජාලය නාලිකාවක් සමග විශේෂ සාකච්ඡාවකට එක්වෙමිනි.
වර්තමානයේ මුහුණ දී ඇති තත්ත්වය සම්බන්ධයෙන් අවස්ථා ගණනාවක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් අනතුරු ඇඟවීම් සිදු කළ බවත් එම අනතුරු ඇඟවීම් කිසිවක් ගණන් නොගනිමින් තම පක්ෂයට අපහාස කරමින් පොදුජන පෙරමුණ ඒ පිරිස හැසිරුණු බවත් මහින්ද අමරවීර මහතා මෙහිදී අවධාරණය කර ඇත.
ආහාර සහ අත්‍යවශ්‍ය ඖෂධ හිඟකමින් ඉදිරියේදී විශාල පිරිසක් මිය යනු ඇති බව පෙන්වාදුන් අමරවීර මහතා මේ සඳහා ඇති එකම විසඳුම සර්ව පාක්ෂික පාලන ක්‍රමවේදයක් නිර්මාණය කිරීම බව අවධාරණය කරයි.
රාජපක්ෂ පාලනය විසින් විනිවිද ප්‍රසම්පාදනය ක්‍රියාවලියෙන් ගෙන් බැහැර දූෂිත ගනුදෙනු සිදු කළ අවස්ථා රැසක් ඇති බව සඳහන් කළ අමරවීර මහතා එම අවස්ථාවන් වලදී ඊට එරෙහිව හඬ නැගුවා නම් ඇතැම් විට අද තමන් ජීවතුන් අතර නොසිටින්නට ඉඩ තිබූ බවද පැවසීය.
රටේ අභ්‍යන්තර අර්බුදය නිරාකරණය කර ගැනීම සඳහා සර්වපාක්ෂික අන්තර්වාර පාලනයක් බිහි කිරීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ සහ සමගි ජන බලවේගය පක්ෂය අත්වැල් බැඳ නොගන්නේ නම් තම පක්ෂය ද පොදුජන පෙරමුණ ප්‍රමුඛය ආණ්ඩුව සමඟ කිසිදු එකඟතාවයකට නොපැමිණෙන බවද ඔහු මෙහිදී අවධාරණය කරයි | hplt_2 |
ආයුර්වේද වෛද්‍ය ක්රමයේ සාර්ථක ප්‍රතිකාර තුළින් මේ තත්ත්වය ඉක්මනින් සුව කළ හැකිය . ඒ සදහා ආසාදිත චර්මයේ බාහිරින් යෙදීමට ලේපන වර්ග, ඖෂධීය තෙල් වර්ග යනාදියත් ස්වාභාවික ආයුර්වේද ඖෂධ වර්ග අභ්‍යන්තර ශරීරයට අවශ්‍යතාව අනුවත් යෙදීමත් සිදුකරයි. එසේම රෝගයේ පැතිරීම අනුව ඖෂධීය ජලයෙන් නෑමට, ඉකිලි ප්‍රදේශය සේදීමට හෝ ඖෂධීය ජලයේ වාඩිවී සිටීමට ( අවගාහ ස්වේද ) රෝගියාට උපදෙස් ලබා දෙයි. එලෙස ඉකිලි කැසීම සමනය කිරීම සඳහා භාවිතා කළ හැකි ස්වභාවික පිළියම් ද පවතී.
1) ඇපල් සයිඩර් විනාකිරි – ඇපල් සයිඩර් විනාකිරි සතුව ප්‍රති-දිලීර සහ ප්‍රති-ක්ෂුද්‍ර ජීවී ගුණ ඇත . මෙම ගුණාංග ඉකිලි කැසීම පැතිරීම වැළැක්වීමට උපකාරී වන අතර එමඟින් එය සුව කිරීමට උපකාරී වේ.
අවශ්‍ය ද්‍රව්‍ය
- ඇපල් සයිඩර් විනාකිරි
- කපු බෝල
ඇපල් සයිඩර් විනාකිරි ජලය සමග තනුක කරන්න. තනුක කළ විනාකිරි තුළ කපු බෝලයක් පොඟවා ගන්න. බලපෑමට ලක් වූ ප්‍රදේශය මත කපු බෝලය තබා මෘදු ලෙස ආලේප කරන්න. පැය කිහිපයක් තබා බලපෑමට ලක් වූ ප්‍රදේශය ජලය භාවිතයෙන් හොඳින් සේදීම සිදු කරන්න. මෙය දිනකට දෙවතාවක් කිරීම ප්‍රමාණවත් ය.
2) සුදුළූණු – සුදුළූණු වල අජෝයින් සහ ඇලිසින් වැනි ජෛව ක්‍රියාකාරී සංයෝග අඩංගු වේ. ඒවායේ ආසාදනයට එරෙහිව සටන් කරන දිලීර නාශක ගුණ ඇති අතර ඉකිලි කැසීමේ රෝග ලක්ෂණ ද සමනය කළ හැකිය .
අවශ්‍ය ද්‍රව්‍ය
- සුදුළූණු බික් 4-5 ක්
- ඔලිව් තෙල් මිලි ලීටර් 100 ක්
සුදුළූණු බික් වල පොතු හැර ඒවා තලා ගන්න. සාස්පානකට ඔලිව් තෙල් මිලි ලීටර් 100 ක් දමා එය රත් වූ පසු එයට තලා දැමූ සුදුළූණු එකතු කරන්න. විනාඩි 3-5 ක් පමණ උණුසුම් කරන්න. තෙල් සිසිල් වූ පසු පෙරන්න. මෙම තෙල් කුෂ්ඨ සඳහා යොදන්න සහ එම ප්‍රදේශය ගෝස් එකකින් ආවරණය කරන්න. විනාඩි 15-20 ක් තබා ජලය භාවිතයෙන් හොඳින් සේදීම සිදු කරන්න. කුෂ්ඨ සුව වන තුරු මෙම පිළියම දිනකට දෙතුන් වතාවක් භාවිතා කළ හැකිය.
3) මී පැණි – මී පැණි යනු දිලීර ආසාදන සුව කිරීම සඳහා භාවිතා කරන පැරණිතම ස්වභාවික පිළියම් වලින් එකකි. ඉකිලි කැසීම නිසා ඇතිවන ආසාදනයට එරෙහිව සටන් කළ හැකි දිලීර නාශක ගුණ එහි ඇත.
අවශ්‍ය ද්‍රව්‍ය
- විෂබීජහරණය කළ කපු බෝලයක් හෝ ගෝස්
- මී පැණි මේස හැන්දක්
කපු බෝලය මී පැණි වල ගිල්වන්න. ආසාදිත ප්‍රදේශයට එය යොදන්න. මෙය දිනපතා කිහිප වතාවක් නැවත නැවත කරන්න, සෑම භාවිතයෙන්ම කපු බෝලය වෙනස් කරන්න. ඔබට මෙය දිනකට 3-4 වතාවක් නැවත නැවතත් කළ හැකිය.
4) ලැවෙන්ඩර් තෙල් – ලැවෙන්ඩර් තෙල් වල දිලීර නාශක ගුණ ඇත .මෙම ගුණාංග ඉකිලි කැසීම ඇති කරන ආසාදනය අවම කිරීමට උපකාරී වේ.
අවශ්‍ය ද්‍රව්‍ය
- විෂබීජහරණය කළ කපු බෝලයක් හෝ ගෝස්
- ලැවෙන්ඩර් තෙල් බිංදු 2-3 ක්
- පොල්තෙල් බිංදු 2-3 ක්
පොල්තෙල් බින්දු කිහිපයක් සමඟ ලැවෙන්ඩර් තෙල් බිංදු දෙක තුනක් මිශ්‍ර කර කපු බෝලය මිශ්‍රණයේ ගිල්වන්න. ආසාදිත ප්‍රදේශයට මිශ්‍රණය යොදන්න. ඔබ සෑම විටම නව කපු බෝලයක් භාවිතා කරන බව සහතික කර ගනිමින් දිනපතා කිහිප වතාවක් නැවත නැවත කරන්න. ඔබට මෙම පිළියම දිනකට 3-4 වතාවක් උත්සාහ කළ හැකිය.
5) කෝමාරිකා – කෝමාරිකා වල ඖෂධ නාශක සහ විෂබීජ නාශක ගුණ ඇත . මෙමගින් ඉකිලි කැසීම ඇති කරන දිලීර ආසාදනය වැළැක්විය හැකි අතර තවදුරටත් ආසාදනය වීම වැළැක්විය හැකිය .
අවශ්‍ය ද්‍රව්‍ය
- කෝමාරිකා ජෙල් තේ හැදි භාගයක්
කුෂ්ඨ ඇති ප්‍රදේශයට කෝමාරිකා ජෙල් ආලේප කරන්න. එය ටික වේලාවක් තබා වතුර භාවිතයෙන් සෝදා හරින්න. ඔබ මෙය දිනකට දෙවතාවක් පමණ භාවිතා කිරීම ප්‍රමාණවත් ය.
ඖෂධ ලබාදීමෙන් අනතුරුව රෝග සුවවීම සඳහා සති කිහිපයක් වුව ද ගතවිය හැකිය.
ඉකිලි කැසීමට ප්‍රතිකාර කිරීම සඳහා භාවිතා කරන ඖෂධ ප්‍රතිකාරය තරමක් සරල ය. එය කැසීම නිසා සංවේදන ඇති කරයි. මෙයට දිලීර නාශක ආලේපන, ස්ප්‍රේ හෝ දියර භාවිතය ඇතුළත් විය හැකිය.
ඇතැම් අවස්ථාවල මෙම ඖෂධ කුෂ්ඨය සුව නොකරයි. එහිදී වැඩි මාත්‍රාවක් සහිත දිලීර නාශක ඖෂධයක් ලබා ගැනීමට වෛද්‍ය උපදෙස් ලබා ගත යුතුය. ඉකිලි කැසීම බරපතල තත්වයක් නොවුන ද එය නියමිත කාලයට වඩා දිගු කාලයක් පවතී නම් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගත යුතුය. වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නා අතරතුර මේ සඳහා විවිධ ස්වභාවික පිළියම් ද භාවිතා කළ හැකිය.
ප්‍රතිකාර සාමාන්‍යයෙන් මාස 1-2 ක් පමණ සිදු කළ යුතුය. නිරන්තරයෙන් බාහිර සමට ප්‍රතිකාර සඳහා විශේෂ ජෙල් හෝ විලවුන් නියම කරයි. පොදුවේ clotrimazole, miconazole, terbinafine ඇතුළත් වන අතර දැවිල්ල සහිත steroidal විරෝධී ගිනි අවුලුවන ඖෂධ භාවිත අවස්ථා ද ඇත. සමහර විට මුඛ දිලීර නාශක ලෙස ශරීර අභ්‍යන්තරයට ඖෂධ ලබා දෙන අවස්ථා ද ඇත.
ඒ අනුව ඖෂධ ලබාගැනීමට අමතරව රෝගියාගේ ශරීරයේ නිරන්තර පිරිසුදු බව සහ භාවිතා කරන ඇඳුම් පැළඳුම්, කොට්ට උර, ඇද ඇතිරිලිවල පවා පිරිසිදු බව අනිවාර්යෙන් අවශ්‍ය වේ. | hplt_2 |
නින්ද කියන්නේ දවසේ අපට ලැබෙන හොඳම විවේකය වුණත් බොහෝ දෙනෙක් සුවදායි නින්දක් ලබන අය නොවෙයි. ජනගහනයෙන් 30% ක් පමණ දෙන නින්දන්ගත ඉන්සොම්නියාව හෙවත් නින්ද නොයාම නම් ගැටලුවෙන් පීඩා විඳින බව වාර්තාවන් පෙන්වාදෙනවා.ඒ වගේම වයසත් සමඟ බොහෝ අය අතරේ නිදි භාවිතයත් වැඩිවෙමින් ඇති බව අධ්‍යයන පෙන්වාදෙනවා.නිත්‍ය නිදන කාලසටහනක් අනුගමනය කළත් සුවදායි නින්දක් ලබන්නට නොහැකි ඇයි කියා ඔබ සිතෙන් වදවෙමින් ඉන්නවා නම්, බොහෝ විට ඊට හේතුව ඔබ කිසිලෙසකින් වත් නොසිතන දෙයක් වෙන්නට පුළුවන්.
ඔබේ නිදන රටාවට බාධාකාරී බලපෑම් ඇතිකළ හැකි ආකාරයේ දේවල් කිහිපයක් ගැනයි අද අප කතාකරන්නේ.
- සින්තටික් ඇඳ ඇතිරිලි,කොට්ට කවර භාවිතය
ස්වභාවික රෙදි අමුද්‍රව්‍ය වලින් මසා ඇති ඇඳ ඇතිරිලි,කොට්ට කවර සිරුරට හොඳ සිසිලක් සලසන අතර ශ්වසන හා වාතය විනිවිද ගමන් කිරීම පහසු කරයි.තෙතමනය හොඳින් උරාගනියි. සින්තටික් හෙවත් කෘතිම කෙඳි වලින් මැසූ ඒවායේ වාතය එහාමෙහා ගමන් කළ නොහැකි නිසා තාපය ඉවත් නොවී අවහිර වේ. මේ නිසා රාත්‍රී කාලයේ ඇඟට දැඩි රස්නයක් දැනීම හා දහඩිය දැමීම සිදුවිය හැකියි.ඇතැම් කෘතිම රෙදි අමුද්‍රව්‍ය සමට අපහසුතා ඇතිකළ හැකියි.
- සුවඳ තෙල් (essential oils) භාවිතය
ලැවෙන්ඩර් වැනි සගන්ධ තෙල් වර්ග ගත සිත සන්සුන් වීමට -සමනය වීමට ආධාර කලත් ඇතැම් ඒවායින් ලැබෙන්නේ ප්‍රතිවිරුද්ධ ප්‍රතිඵලයක් විය හැකියි.පැඟිරි සගන්ධ තෙල් ඔබව අවදියෙන් තබයි.සගන්ධ තෙල් වර්ග කොට්ට මෙට්ට ඇතිරිලි මත ස්ප්‍රේ කරනවානම් ඔබ මතකතබාගත යුතු දෙයක් තමයි ඇතැම් තෙල් වර්ග වලින් සම මත රසායනික පිලිස්සුම් ඇතිවිය හැකි බව.ඔබේ සිරුරේ හෝර්මෝන වලට ද යම් යම් බලපෑම් ඇතිවිය හැකියි.හෝර්මෝන අසමතුලිතවීම නින්ද බාධාකාරී වීමට හේතුවිය හැකියි.
- තයිරොයිඩ් ගැටලු
තයිරොයිඩ් ගැටලු වලින් පෙළෙන පුද්ගලයින් නිද්‍රා ඇප්නියාව (sleep apnea) හෙවත් නින්දෙන් හුස්ම හිරවී අවදිවීමේ ගැටලුවට ගොදුරුවීමේ ප්‍රවණතාව වැඩියි.නින්දෙන් නිතර නිතර අවදිවීම ඔබේ නින්ද අඩාල කරවයි.මේ නිසා පසුදා උදෑසන එම පුද්ගලයා අවදිවන්නේ නැවුම් ප්‍රාණවත් ලෙස නොව, දැඩි තෙහෙට්ටුවකිනි.තයිරොයිඩ් අකර්මන්‍යතා සිරුරේ සර්කැඩියානු රිද්මය අඩපණ වීමට පවා තුඩු දෙන හේතුවකි.
- මැග්නීසියම් ඌනතාව
මැග්නීසියම් යනු අපේ සිරුරට අත්‍යවශ්‍ය පෝෂකයකි. ඒවා පුද්ගලයාගේ නින්ද සම්බන්ධයෙන් ද බලපායි.අපේ සිරුරේ මේවා ඌනව පවතියි නම්, සැහැල්ලුබවක්-විවේකයක් අත්දැකීම ඉතා අසීරු වේ.මැග්නීසියම් මට්ටම් පහත බැසීම මාංශ පේශී ඇඹරීයාම හෝ රෙස්ට්ලස් ලෙග් සින්ඩ්‍රෝම් වැනි පීඩාකාරි පාද ආශ්රිත ගැටලු ඇතිවිය හැකියි.නින්ද නොමැතිකමින් පෙළෙන රෝගීන්ට ප්‍රතිකාරයේ කොටසක් ලෙසයි මැග්නීසියම් අතිරේක පෝෂක (සප්ලිමන්ට්) ලබාදීම සිදුකරන්නේ මේ නිසයි.
- ශාක පැළෑටි
නිදන කාමරය තුළ පැළෑටි බඳුන් තබාගැනීමේදි ප්‍රවේසම් විය යුතුයි.ඇතැම් විසිතුරු පැළ වර්ග මිනිසුන්ට විෂ සහිතයි.ඔබ ඇදුම රෝගයෙන් පෙළෙන්නේ නම්,ඔබට ආසාත්මිකතා ඇතිකරවන ඇතැම් පැළෑටි වලට නිරාවරණය වීමෙන් මෙම රෝග ලක්ෂණ උත්සන්න වීමට පවා ඉඩ තිබෙනවා.මෙම බඳුන් වල ඇති පසේ ඇති පුස් දිලීර හා බැක්ටීරියා නිසා ඔබට ඇතැම් ආකාරයේ හානිකර බලපෑම් ඇතිවන්නට ද පුළුවන්.එවැනි තත්වයන් ඔබේ නින්දේ ගුණාත්මක බව අඩුවීමට හේතුසාධක විය හැකියි.
- ‘රෙස්ට්ලස් ලෙග් සින්ඩ්‍රෝම්‘ (restless leg syndrome)
කකුල් වල පීඩාකාරී සංවේදනයන් ඇතිවීමත් සමඟ එම ගාත් චලනය කිරීමට දැඩි අවශ්‍යතාවක් මෙන් දැනීම මෙම සින්ඩ්‍රෝමයේ ලක්ෂණයකි.කකුල් වල දැනෙන පුපුරුගසන,ඇඹරෙන හෝ දැවිල්ල ගතිය මැඩපවත්වාගැනීමට බලෙන්ම නින්දෙන් අවදිවීමට සිදුවෙයි.අපහසුතාවන් විවිධ තීව්රතාවලින් හටගත හැකි අතර වසය අවුරුදු 50 සිමාවේ පසුවන්නන් අතර මෙය වඩාත් බහුලව හඳුනාගත හැකි තත්වයකි.මෙම සින්ඩ්‍රෝමය නින්ද කඩාකප්පල් වීමට හේතු සාධකයක් ලෙස ගෝ නින්ද අඩුකමේ අතුරුආබාධයක් ලෙස වුව ද මතුවිය හැකිය.
- හීටර් (වායුතාපක) දමා තිබියදී නින්දට යාම
රාත්‍රියේදි නින්දට සූදානම් කරවීමක් ලෙස අපේ ශරීර උෂ්ණත්වය පහත බැසීම සිදුවෙනවා.ඒ හරහා නිදාගන්න වේලාව බව අපේ සිරුරට සංඥාවක් කෙරෙනවා.නමුත් ඔබේ නිදන කාමරය තුළ හිටර් එකක් ක්‍රියාත්මක වෙමින් තිබේ නම්, ඔබේ සිරුරට මේ නින්දට කාලය බව නිසි ලෙස හඳුනාගැනීම අසීරු වෙන්නට පුළුවන්. ඊට අමතරව ,හීටර් වලින් කාබන් මොනොක්සයිඩ් වැඩි වශයෙන් නිපදවෙන නිසා ඒවායින් අපේ සෞඛ්‍ය කෙරෙහි විශාල තීරණාත්මක බලපෑමක් එල්ල වෙනවා. | hplt_2 |
මේ කතාව අතීත කතාවක්. මම ඉස්කෝලේ යන කාලේ. ඒ කාලේ MOBILE PHONE, WHATSAPP, FACEBOOK ඔය මුකුත්ම තිබුණේ නැති කාලයක්.
හැබැයි හරිම සුන්දරයි. ඒ කාලේ CALL එකක් ගන්නවා කියන එකත් හරි ලොකු දෙයක්. ලියුම් ලියලා පොත් අස්සේ දාලා එහා මෙහා වුණ ආදර කතා එමටයි.
කොච්චර බස් ආවත් SCHOOL BUS එකේම එල්ලිලා යන්න තිබුණ ඕනෙකම, තාම එහෙම්මයි. මගේ මුළු ජීවිතේම වෙනස් වුණේ A/L කරන කාලේ. මම ගෙව්වේ සැහැල්ලු ජීවිතයක්.තාමත් එහෙම තමයි. හැබැයි ඒ හැමදෙයක් එක්කම මාත් එක්කම මගේ අම්මා හිටියා. එක එක හැල හැප්පීම් එක්ක ජීවිතේ ගලාගෙන යනවා. ඒත් මම තාම හිතින් ජීවත් වෙන්නේ ඒ සුන්දර පාසල් කාලේ. ජීවිතේ ගොඩක් දේවල් සිද්ධවෙන්නේ එකපාරයි. ඉස්කෝලේ කාලෙත් එහෙමයි. ඒ මතකය අනික් හැමදේටම වඩා සුන්දරයි. ඇත්තමයි.
මම මෙහෙම කියන්නම්,
“සංසාර චාරිකා නිමවෙනා දින තෙක්ම…එනවාද මා එක්ක පදවන්න නෞකාව…”
මම ධරණි චාරිකා
ඉස්කෝලේ ඇරිලා බස් හෝල්ට් එකට එද්දිම දැක්කේ කුකුළා කූඩුවෙන් පැනලා ඇවිත් ඉන්නවා.
“අන්න අරූ කරමලේ දික් කරන් ඉන්නවා…” තේජා කිව්වා.
“අම්මපා මට ඕකගේ කරමලේ ගැලවිලා යන්න දෙන්න හිතයි….” මමත් තේජා වගේ දත්මිටි කන්න පුරුදු වෙලා.
මමයි තේජයි සුපුරුදු තැනටම ගිහින් හිටගත්තා. මම වටේ කැරකිලා බැලුවේ මගේ මල්සරා ඉන්නවද කියලා. ඌව මොකෙක්වත් උස්සලද මංදා උදේ බස් එකේ හිටියෙත් නෑ.
“අපූර්ව නෑනේ බන්. උදේ ආවෙත් නෑ…” මම තේජා එක්ක කිව්වේ බෙල්ල දික් කරගෙන අපූර්වගේ පංචස්කන්ධය ඇස් වලට අල්ලගන්න try කරන ගමන්.
“උඹයි අරුයි ගැලපෙනවා බන්. ඌත් කොරවක්කා වගේ බෙල්ල දික්කරන් නටනවා උඹ එනකල්. උඹ බෙල්ල දික් කරන් නටනවා අපූර්ව එනකල්…අනේ උඹලගේ නල්ලමලේ ලව්… ලව් නෙමෙයි මේවා මළ ඉලව්…” තේජා නාකි ආච්චියෙක් වගේ දොඩවනවා. මූ හීනෙනුත් මට බනිනවද මංදා.
තේජා මොකක් කිව්වත් මම ඇන්ටනාව කරකවන එක නතර කළේ නෑ. කොයි වෙලාවක හරි චැනල් එක අහුවෙයි කියලා මට හිතුනා.
“මූ frequency mode එක වෙනස් කරලද බන් චැනල් එක අහුවෙන්නේ නෑනේ….” මට හෙණම අප්සට්.
“ඌ වෙන වෑර්ලස් එහෙකට අහුවෙලා ඇති. මොකද frequency mode දෙකක් එකතැන තියෙන්න බෑනේ…” තේජා කියද්දිම අපූර්ව යාළුවෙක් එක්ක ආවා.
“ආවා සොයා ආදරේ…” මම තේජගේ කණට කරලා කිව්වා.
“පණුවා වගේ නටන්න එපා බන්…” තේජා සැරවුණා. අම්මට හපන් මෙයා.
අපූර්ව මාව දැක්කද නැද්ද කියලා මට ගාණක් නෑ. පොර නතර වුණේ අපේ ඉස්කෝලෙම කෙල්ලෙක් ළඟ. හැබැයි අපේ school bus එකේ නෙමෙයි.
“මේ මොකක්ද මේ සීන් එක..?” මම ටිකක් බලන් හිටියා.
“ගයනි එක්ක නේද අපූර්ව කියවන්නේ….?” තේජා ඇහුවා.
“හ්ම්ම්ම්…”
අපූර්ව කියව කියව ඉඳලා මං හිටපු පැත්තට එන්නේ නැතුව ආපහු හැරිලා ගියා.
“ඒ පාර මේ මොකක්ද මේ වෙන්නේ…? අනේ මංදා බන්…හිටිය විදියට හිටියා නම් එකක්….” අපූර්ව කරපු වැඩෙන් මං හොඳටම අප්සට් වුණා.
“හරි…හරි…උඹ මොකක්වත් කරගත්තේ නෑනේ…”
“උඹට තේරෙන්නෙ නෑ….” මට ඇඬෙන්න වගේ.
School Bus එක ආවම තේජා මාවත් ඇඳන් නැග්ගා. බස් එකේ පිටිපස්සේ සීට් එක හා ඒ අශ්‍රිත ප්‍රදේශය වෙන් වෙන්නේ බස් එකේ ඉන්න අණ්ඩපාලම කොල්ලෝ කෙල්ලෝ සෙට් එකට. ඒක නියම mix fruit salad එකක්. හැම ඉස්කෝලෙම එවුන් එතන ඉන්නවා. කොන්දොස්තර අන්කල් උන්ගේ සීසන් ඉල්ලන්න යන්නේ නෑ. ඉල්ලුවට වැඩකුත් නෑ. මැද හරියේ ඉන්නේ ඉගෙන ගන්න ඇප කැප වුණ සෙට් එක. දෙගොල්ලොම සෙට් වෙලා papers බලනවා. පාඩම් කරනවා. මෙලෝම රහක් නෑ ඒ area එක නම්. කෙල්ලෝ විතරක් නම් මදෑ. කොල්ලොත් ඉන්නවනේ අම්මපා.
බස් එකේ ඉස්සරහම…ඒක නිකන් පැරීසිය වගේ. Driver අයියගේ සීට් එක ළඟ අනික් පැත්තේ සීට් එකේ ඉන්නේ මාරදූතිකාවෝ තුන් දෙනා. මොකා බස් එකට නැග්ගත් උන් තුන්දෙනාගේ සීට් එකට එකෙක් යන්නේ නෑ. උන් නැති වුණත් යන්නේ නෑ. ඉස්කෝල තුනකින් සෙට් වෙලා ඉන්න ඒ ට්‍රිබල driving උගන්නන්නවා මං හිතන්නේ. Driver අයියත් CTB Driving School එකෙන් ලබා ගත්තට වඩා හොඳ දැනුමක් ලබා ගන්නවා උන් තුන්දෙනාගෙන්.
මමයි තේජයි නිකන් ඕපපාතිකයෝ දෙන්නෙක් වගේ. කොට්ඨාස තුනෙන් එහෙකටවත් අදාළ නෑ. පිටිපස්සේ සෙට් එකට සෙට් වුණත් වැරදිලාවත් මැද හෝ ඉදිරිපෙළට නම් යන්නේ නෑමයි. ඒවා දිරවන්නේ නෑ.
“ඈ බන් ආපෝ තේජෝ වායෝ….සිරාවටම මල්සරා කරපු වැඩේ මොකක්ද බන්…?” මම බස් එකේ කණුවකට හේත්තු වෙන ගමන් ඇහුවා.
ඒකි නම් අඟහරු ලෝකෙන් පාත් වුණ එකෙක් වගේ ඔහේ කල්පනා කරනවා. මම තේජගේ කොණ්ඩෙන් ඇද්දා.
“මොකක්ද බන් උඹට වෙලා තියෙන්නේ…? මද කිපිලා වගේ…” තේජට නහුතෙට ටිකාක් ළං වෙන්න තද වෙලා.
“අපූර්ව ඇයි බන් එරෙහෙම වැඩක් කළේ…?”
“ඒක අහගනින් උගෙන්. මං දන්නවද…?”
“පලයං යන්න. ගල් කිඹුලි….”
ඒ අස්සේ සූරියකාන්තා හෙවත් සචිනි මං ළඟට ආවා.
“ධරණි… මං මේ හොඳින් කියන්නේ. ඔයා විදුරංගගෙන් ඈත් වෙලා ඉන්න…එයාට exam….”
මේ මොකක්ද යකෝ මේ කඩන්පාත් වුණ මරාලේ….? මම වටපිට බැලුවා.
“දැන් කෝ විදුරංග….?” මම ඇහුවේ පේන තෙක් මානෙක උන්දැ හිටියේ නැති නිසා.
“ඇයි විදුරංග හොයන්නේ???” චමත්කා ඇස් දෙක පුංචි කරන් ඇහුවා.
“නෑ දැන් ටෝක් එක දුන්නේ ඈත් වෙලා ඉන්න කියලා. මං මේ බැලුවේ මට නොපෙනී ළඟ පාතක ඉන්නවද කියලා. මට එයාට ළං වෙන්නවත් ඈත් වෙන්නවත් ඕන නෑ…එයාට කියන්න මගෙන් ඈත් වෙලා ඉන්න කියලා. නැත්තන් ණයට සීනි කිරන එවුන්ට බත් කන්න වෙන්නේ දත් නැතුව එයාගෙන් දත් ඉල්ලගෙන…ගිහින් කියන්න….” මම සචිනිගේ මෙලෝ රහක් නැති ඇස් දෙක දිහා බලන් කිව්වා.
සචිනිගේ ඇස් වලින් ගිණි පිටවුණා.
“පරිස්සම් වෙලා ඉන්නවා….” වගේ එකක් ඒ ඇස් වලින් කියවුණා. මට පාන් ඉතිං.
“ධරණී….ඔයා දරුණු වෙලා….” මෙච්චර සීන් එකක් වුණාට පස්සේ තේජා කිව්ව විදියට මට හිනාගියා.
“මං තාම දරුණු වුණේ නෑ…” මං හිනාව එක්කම කිව්වා.
අපූර්ව කරපු වැඩේ හින්දත් මට තරහා ගිහින් හිටියේ. ඒක කොහොමත් චමත්කගේ පිටින් ගියා.
චික්…හිතට නම් කිසිම සැනසීමක් නෑ. කෙහෙල්මල් කොළු කේස්. ඔක්කොම පාවෙලා යන්න ඇරලා මං ආයේ මගේ සුපුරුදු track එකට වැටෙන්න හිතුවා.
“ලොකු පුතා… ඔයා මේ දවස් වල පාඩම් කරන්නේ නෑ….” හුටා…අම්මගේ මීටරේට අහුවුණාද ඒක.
“මං පාඩම් කරනවා….” මං නංඟිගේ කොණ්ඩේ ගොතන ගමන් කිව්වා.
“පොත දිහා බලන් ඉන්නවා කියන්නේ පාඩම් කරන එක නෙමෙයි කෙල්ල….”ගැලවීමක් නෑ වගේ.
“ලබන සතියේ Term Test අම්මා….” මළ මඟුලයි…ෂේප් වෙන්න කිව්වට ලබන සතියේ test එක නේද…????
“හරි…හරි…පාඩම් කළොත් ඔයාට ලොකූ…” අම්මා පොඩි warning එකක්ද මංදා දුන්නේ.
නංඟිව ඉස්කෝලෙට දාලා බස් හෝල්ට් එකට යද්දිම තේජා ආවා.
“ආ…සුදු චූටි…good morning මචං…” කාලේකට පස්සේ දැක්කා වගේ තේජා කෑගැහුවා. රෑ හීනෙන් මේකි මොනවා දැක්කද මංදා.
“උඹට තරම් නම් මට morning එක good නෑ…” මම කිව්වා.
“සිරා…මොකෝ වුණේ….?” තේජා වෙලාවකට හැසිරෙන්නේ මොංගල් බබෙක් වගේ. ගොඩක්ම එහෙම තමා. මට හිතාගන්න බැරි ඒකි කොහොමද පන්තියේ පළවෙනියා වෙන්නේ කියලා.
මම උදේ අම්මගේ warning seen එක කිව්වා.
“ටංටනා…ඒක නම් සුබ නෑ මගේ පුතේ…”
“ඔළුවත් එක්ක විකාර වෙලා බන්…සිරාවටම හිතුවොත් මට කොල්ලෙක් නෑ…ඒ වුණාට නැත්තෙත් නෑ වගේ නේ….”
“උඹේ මළ සමයං….” තේජා මාවත් ඇදන් school bus එකට නඟින ගමන් කිව්වා.
උදේ පාන්දරම Chemistry. Lab එකට එන්න කියලා මැඩම් පණිවිඩේ එවලා තිබුණා. අන්න ඒක නම් මරු place එක. අනාගත රසායනික විද්‍යාඥයින් බිහිවෙන තැන.
මම තේජා ඇතුළු සෙට් එක කලින්ම ගිහින් මැද table එකට සෙට් වෙනවා. ඒක මරු පොට් එක. මම ඉඳගන්නේ මේසේ side එකෙන්. හතර අතර කැරකෙන්න පුළුවන් එකම තැන.
“ලබන සතියේ term test….” මැඩම් ඉතිං උදේ පාන්දර ඕන්නැති එකක් කියනවනවා.
“මොනවද මැඩම් paper එකට එන්නේ…?” පෙට්ටි කිකිළි කොණ්ඩේ වන වන ඇහුවා.
“මං දන්නේ කොහොමද? මම නෙමෙයි paper එක හැදුවේ…?” මැඩම් දන්නෙම නෑ.
“ඔය කිව්වට මැඩම් දන්නවනේ…ඒවම එපා…. ඒවගේ ඒවා අපිට කියන්න..අපි කාටවත්ම කියන්නේ නෑ….” දිල්කා කියද්දි මැඩම්ට හිනාගියා.
“හනේ…හරි හොඳ ළමයි ටිකක්නේ…කෝ බලන්න අහිංසක කම…??” මැඩමුත් හිටපු ගමන් පිස්සු කියෝනවා.
මගේ පුරුද්ද තමයි lab එකේ table එකේ තියලා තියෙන chemical බෝතල් වලින් බිංදුව බිංදුව මේසේ උඩට දාලා බලන එක මොකද වෙන්නේ කියලා. එහෙම mix කරද්දි එක පාරම පොඩි දුමක් ආවා. ලොකූ case එකක් නෙමේ.
“ධරණි…lab එක ගිනි තියන්නද ළමයෝ යන්නේ…මොනවද ඔය කරන්නේ….?” අහන් මැඩම් ආවා. හරියට මම න්‍යෂ්ටික පිපිරීමක් කරන්න ලෑස්ති වුණා වගේ.
මම ඒක පිහදාන්න යද්දි,
“අල්ලන්න එපා ළමයෝ…ඔය කවුරු හරි ලාල්ට එන්න කියන්න…මේ ළමයා නම්…නැඟිටිනවා ඔතනින්….” මැඩම් ලාල්ව බිල්ලට දෙන්න යන්නේ.
“ලාල්… ඔය table එක පිහලා දාන්න…” ලාල්ගේ පංචස්කන්ධය දැකපු මැඩම් බෙරිහන් දුන්නා.
ලාල් ඇවිත් කිසි ගේමක් නැතුව ඒක පිහලා දැම්මා. මම ලාල් දිහා බලන් හිටියේ ඒ මිනිහා ඊළඟට දියවෙලා යයිද කියලා බලන්න. අවුලක් නෑ. කොහොමත් මිනිහගේ හැටියට හොඳම acid එකක් වැටුණත් ගාණක් නෑ. මිනිහා කෙලින් ඉන්නවා.
“එනවා ඉස්සරහ පේළියට…හැමදාම මොකක් හරි විනාසයක් කරනවා ලැබ් එකට ආවම…” මැඩම් අතීතය වමාරගෙන මට බනින්න ගත්තා. මං කල්පනා කළේ හැදුනු සංයෝගේ මොකක් වෙන්න ඇද්ද දුම් දාන්න තරම් කියලා.
මතු සම්බන්ධයි.
©නදීශානි බණ්ඩාර දොඩංගොල්ල | hplt_2 |
Friday, February 10, 2017
කරුණාසේන ජයලත් තනිස්කරණ ක්ෂිතිමය සින්ඩ්‍රෝමය හෙවත් Rape Trauma Syndrome (RTS) ගැන දැන සිටියේද ?
14 comments:
- AnonymousFebruary 10, 2017 at 10:11 PM
රුවන්, දැව භාවිතයට ගෙන තනන ලද කරත්ත රෝදයකට යකඩ පට්ටමක් ගහන කම්මල් කාරයෙක් ප්‍රසාරණය හෝ සංකෝචනය ගැන කිසිවක් නොදන්නාසේ මේ කිසිවක් නොදැන ජයලත් ඔහුගේ කෘති නිර්මාණය කලා වෙන්න බැරිද?ReplyDelete
ජයලත් මතක් කලාට රුවන් ට ස්තුතියි.Replies
///දැව භාවිතයට ගෙන තනන ලද කරත්ත රෝදයකට යකඩ පට්ටමක් ගහන කම්මල් කාරයෙක් ප්‍රසාරණය හෝ සංකෝචනය ගැන කිසිවක් නොදන්නාසේ///Delete
මේ කියමනට මමනම් එකඟ නැහැ, පරම්පරාවෙන් කම්මල් රැකියාව කරන බහුතරයකට ඔවුන් කරන කාර්යය ගැන හොඳ අවබෝධයක් තිබෙන බවයි මගේ අදහස...
ප්‍රසාරණය සංකෝචනය වැනි සුළු දෙයක්වත් දන්නේ නැතිය කියා ඔවුන්ව ලඝු කල නොහැකි බවයි මම සිතන්නේ...
ප්‍රසාරණය, සංකෝචනය වගේ ලොකු වචන නොදැන හිටියට, රත් කලාම ලොකු වෙනවා, වතුර දැම්මම ආයේ ඇකිලෙනවා කියලා ඔවුන් හොඳටම දැනන් හිටි බවනම් පේනවා.. හැබැයි කරුණාසේන ජයලත් "තනිස්කරණ ක්ෂිතමය සින්ඩ්‍රෝමය" ගැන නොදැන හිටියා වෙන්ඩත් පුලුවන්...Delete
///හැබැයි කරුණාසේන ජයලත් "තනිස්කරණ ක්ෂිතමය සින්ඩ්‍රෝමය" ගැන නොදැන හිටියා වෙන්ඩත් පුලුවන්... ///Delete
ඒක හරි, ඒවා අපි දන්නෙත් නැහැනේ... ;)
මගේ අදහස නම් ඔහු විද්‍යාත්මක වචන නොදැන සිටියත් අදාල ක්ෂිතිමය තත්වයන් යටතේ මිනිස් මනස තුල සිදුවන ක්‍රියාවලිය ගැන දැන සිටියා කියලයි. ඒ දැණුම සමාජයෙන් පොතපත කියවීමෙන් ලබා ගන්න ඇති. ඒ දැණුම උපයෝගී කරගෙන තමයි ඔහු මේ චරිත විකසනය කරන්නේDelete
අප අවට සිදුවෙන දේවල් පිලිබඳ ගැඹුරෙන් නොදන්නා අය වුනත් මූලික පදනම තේරුම් ගන්නවා. අත්දැකීමෙන් හෝ ගලාඑන තොරතුරු මතින්. ගොවියෙක් , වෙලෙන්දෙක්, රියදුරෙක් ඔය කාටත් පොදු කතාවක්. කම්මල් කරුවන්ගේ පරම්පරාවට මේ මූලික දැණුම හොඳින් තියෙන්න ඇති. මොකද ඔවුන් නිර්මාණ කරුවන්. රත්තරන් කරුවොත් එහෙමයි. හිතට අරන් ලිව්වේ, මොකද අපේ මුල් පරම්පරාත් රත්තරන් කරුවෝ,,ස්වර්ණ කරුවෝ :DDelete
සිද්ධාන්ත කියන්නේ තිබුන දේවල්.... ඒවට අර්ථකතනයක් දීම තමයි සිඳු වෙන්නේ...ReplyDelete
කරුණාසේන ජයලත් මතක් කිරීම ඉතාමත් වැදගත්.ReplyDelete
දොස්තර මහත්තයෝ..ReplyDelete
මෙහෙම සීන් එකක් ඇහුවාමයි...
මේ වගේ දේවල් ලියන එක නම් බොහොම වටිනවා..
I have read all books written by Mr Karunasena Jayalath. I was only 12 years when I read Golu Hadawatha. My view is he has expressed the human feelings and emotions so well and how the average person react to situations. After I became an adult I realized the deepness of his books though the themes were simple.ReplyDelete
We enjoyed books of KJ during the school days. Golu Hadawata and Gehenu Lamai are 2 of the books I have read.ReplyDelete | hplt_2 |
Main Logo
Saturday, 12 December 2020
බටහිර කොරකළ කොරෝනා
බටහිර කොරකළ කොරෝනා - එස් ජයසුන්දර
එස් ජයසුන්දර විසින් ලියන ලද මේ ලිපිය ඉඩ නොමැති වීම නිසා මෙවර කාලය කලාපයේ (2020 දෙසැම්බර්) පළ කිරීමට නොහැකි වුණා. ඒ ගැන කණගාටුව පළ කරන අතර එහි කාලීන බව සලකා එය මෙසේ පළ කරනවා. - නලින් ද සිල්වා
දෙයියන්ගෙ ලෙඩ අපට බෙහෙවින් හුරු පුරුදු වචනයකි. අපේ පැරැණ්නන් ඒ සඳහා කළ යුතු බේත් හේත් ද හොඳින් දැන සිටියහ. සමාජයක් ලෙස ද ඒ සඳහා සාමූහික වත් පිළිවෙත් ගනු ලැබිණි. නිවසෙහි සිටින්නේ දෙයියන්ගේ ලෙඩ වැළඳුනු එක අයෙක් පමණක්නම් උළුවස්සේ කොහොඹ අත්තක් එල්වා තැබිණි. එවිට නිවසෙහි දෙයියන්ගෙ ලෙඩ වැළඳුනු එක් පුද්ගලයෙක් සිටින බව ගම්මු දැන ගනිති. එම නිසා ඔවුන් එම නිවසට ඇතුළු නොවෙයි. එහෙත් ලෙඩාට අවශ්‍ය දේ තමන්ට හැකි අයුරින් ගෙනැවිත් නිවෙස ඉදිරිපිට තබා යෑම ගම්මුන් සිරිතයි. නිවැසියන්ගෙන් කීප දෙනෙකුටම රෝගය වැළඳී ඇත්නම් නිවස පිහිටි ඉඩමට ඇතුළු වන කඩුල්ලේ කොහොඹ අතු කිහිපයක් එල්ලා තැබීමට නිවැසියන් ක්‍රියා කරයි. එය පෙර පරිදිම ලෙඩුන් සංඛ්‍යාව පිළිබඳව ගම්මුන්ට පණිවිඩයකි. ඒ අනුව කඩුල්ල පැණීමෙන් වළකින ගම්මු තමන්ට හැකි දේ ගෙනැවිත් කඩුල්ල අසල එල්ලා තැබීමෙන් තමන්ට හැකි අයුරින් ලෙඩ වූ නිවැසියන්ට උපකාර කරති. ගමේ බොහෝ දෙනෙකුට මේ රෝගය වැළඳී ඇත්නම් ගමට පිවිසෙන ස්ථානයේ කොහොඹ අත්තක් එල්ලා තැබෙයි. එමඟින් ලබාදෙන පණිවිඩය තේරුම් ගන්නා අනෙකුත් ගම්මානවල ජනයා ඒ ගමට ඇතුළු වීමෙන් වැළකී තමුන්ට හැකි අයුරින් රෝගී වූ ගැමියන්ට උපකාර කරති. මෙම සන්නිවේදන ක්‍රමය මඟින් රෝගය පැතිරීම වළක්වා ගැනීම අපේ සිංහල බෞද්ධ සම්ප්‍රදායට ආගන්තුක නොවුණි. එපමණක් නොව, රෝගීහු ද එම ක්‍රමයට කිසිදු චකිතයකින් තොරව අනුගත වී සුවය ලබන තෙක් නිවෙස්වලට වී සිටියහ.
එහෙත් බටහිර දැනුම් ආධිපත්‍යය හමුවේ මෙම ක්‍රම අද තරුණ බාල කාහටත් ආගන්තුක පිළිවෙත් හැටියට පෙනෙනු ඇත. අපට තරම් නොවුනත් ආසියාතික රටවල් මෙම කොවිඩ්19 වසංගත තත්ත්වය පාලනය සඳහා හුදකලාකර තැබීමේ ක්‍රමය සාර්ථකව යොදා ගැණිනි. කොරෝනා රෝගය විශාල වශයෙන් පැතිරීමේ ආරම්භක නගරය ලෙස සැලකෙන චීනයේ වූහාන් නගරය ඇතුල්වීම් පිටවීම් දැඩි ලෙස පාලනය කරමින් ඉතා දැඩිව වෙන්කර තැබීමට පියවර ගැණිනි. ඔවුන් එමඟින් මුළු රටටම ව්‍යාප්ත වීමට ඉඩ නොතබා වසංගතය සාර්ථකව පාලනය කළහ. එමෙන්ම ලාඕසය, කාම්බෝජය, තායිලන්තය, වියට්නාමය ආදී ආසියාතික රටවල් ඉතා විශිෂ්ට අන්දමින් මෙම රෝගයේ ව්‍යාප්තිය පාලනය සිදුකර ඇත.
බටහිර රටවල කොරෝනා පාලන තත්වය කෙබඳුද?
ඉතාමත්ම අසාර්ථක බව අමුතුවෙන් පෙන්වාදිය යුතු නැත. මෙහි ඉතා ඛේදනීය තත්වය අහිමි වන ජීවිතයි. එය රටවලට කෙසේ දැනුනත් ජීවත්වන පවුලේ අන් අයට දැනෙන පාඩුව, අසරණ බව, වේදනාව මෙපමණයි කිව නොහැක.
බටහිර රටවල් ලොක් ඩවුන් කිරීමේ ක්‍රම යොදා ගත්තත් එය සාර්ථක නොවුණි. ඔවුන් සමාජ දුරස්ථභාවය කියමින් මීටරයක් දුරින් (එය දැන් මීටර් එකහමාර බවට පත්ව ඇත) එක් එක් පුද්ගලයා වෙන් කර තබන්නට උත්සාහ කළත් සමූහයක් ජීවත්වන ප්‍රදේශ හුදකලා කිරීමේ ක්‍රම හමුවේ අසමත්ය. බටහිර වෛද්‍ය විද්‍යාවට රෝග නිවාරණයට ප්‍රතිකාර නොමැත. එහෙත් රෝග ව්‍යාප්ති පාලනයට යොදා ගන්නා ජනප්‍රිය ක්‍රම තුන වන මීටරයකින් යුතු සමාජ දුරස්ථභාවය, මුව ආවරණ පැළඳීම, නිතර අත් සේදීම යන කරුණු පිළිබඳවත් පැහැදිලි එකඟතාවයක් නැත. නමුත් ඒවා ඒ අයුරින්ම එහාට මෙහාට දමමින් වංසෙ කාල්ගාමීන් තමන්ගේ තත්වෙ ආරක්ෂා කරගන්නට මෙරට බටහිර වෛද්‍යවරුන් උත්සහ කලත් බටහිර රටවල වෛද්‍යවරු බටහිර ක්‍රමයට පරික්ෂණාත්මකව මෙම වසංගත තත්වයට මුහුණ දීමට වෙහෙසෙති.
මුව ආවරණ පැලඳීම සම්බන්ධව පටැලවිල්ල මුල් කාලයේ විශේෂයෙන්ම බටහිර රටවල කොරෝනා ඉතා වේගයෙන් ව්‍යාප්තවීමට බෙහෙවින් ඉවහල් වන්නට ඇත. මෙරට සමහර වෛද්‍යවරු ප්‍රකාශ කර සිටියේ "ඔබ නිරෝගී පුද්ගලයකු නම් මුව ආවරණ පැළඳිය යුතු නැත" යන්නයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ මතයයි ඔවුන් එදා ඒ අයුරුන් ඉදිරිපත් කළේ. එහෙත් අප සමාජ මාධ්‍ය හරහා ගෙනගිය මතය වූයේ නිවසෙන් බැහැර යන සෑම අවස්ථාවකම මුව ආවරණ පැලඳීම රෝග ව්‍යාප්තිය පාලනයට බෙහෙවින් උපකාර වන බවයි. පසුව ඇමරිකා එක්සත් ජනපද මුව ආවරණ පැලඳීම අනිවාර්ය කළේය. ඉන් පසුව ලෝක සෞඛ්‍ය සංවිධානයත් තම මතය වෙනස් කරමින් මුව ආවරණ අනිවාර්ය යන්න ප්‍රකාශ කළේය. ඒ අනුව මෙරට බටහිර වෙදමහත්වරුත් ඒ අනුව කටයුතු කළෝය. ලෝක සෞඛ්‍ය සංවිධානයට ස්වාදීන මතයක් නොමැති බවත් ඒ එක්සත් රාජ්‍යයේ මතය අනුව වෙනස්වන බව තහවුරු වෙයි. මෙරට බටහිර වෛද්‍යවරු ලෝක සෞඛ්‍ය සංවිධානයේ දේශීය මාධ්‍ය ප්‍රකාශක තනතුර ඉතා හොඳින් අඩු නැතිවම ඉටු කරයි. ඔවුන්ට බටහිර ක්‍රමයට කොරෝනා වෛරසය සම්බන්ධ අබමල් රේණුවක තරම් එකතු කිරීමකවත් සිදුකර නොමැත. අඩුම ගානේ අබමල් රේණුවෙන් මෙම වෛරසය කීයෙන් පංගුවක්ද කියාවත් කියන්නට හැකි වුනානම්. අලුත් වෙන්නේම නැති අලුත්ගේට හොඳටම කරන්න පුළුවන් මිනිස්සු බිය වැදිදීමයි. එය නැවතීමේ ලකුණක්වත් නැතිව මුහුනෙන් බිය නිරූපනය කරමින් හොඳින් රඟපායි. මොවුන්ගේ අනෙක් කාර්යය වන්නෙ දේශීය වෙදමහතුන්ට මේ සඳහා මැදිහත්වන්නට ඉඩ නොතබා උදැල්ල දැමීමයි. කෙසේ නමුත් රෝග වලට ඔරොත්තුදීමේ හැකියාව ඉහල නැංවීමටත්, කොරෝනා රෝගීන් සඳහාත් ඖෂධ දුම් හට්ටි ආදිය මගින් කොවිඩ්19 වසංගතයට සාර්ථකව මුහුණ දීමටත් පාරම්පරික වෙදමහතුන් ඇතුළු දේශීය වෙද මහතුන්ට හැකි බව අපට පැහැදිලි ය.
කොවිඩ්19 වසංගතයේ ආරම්භය කුමක් වුව ද, එහි මහා පරිමාණ ව්‍යාප්තියක් දක්නට ලැබුනේ චීනයෙනි. එය කෙතරම් විශාල ව්‍යාප්තියක් වුව ද, පළමුවෙන්ම සාර්ථකව වසංගතය මැඩ පැවැත්වූවේ ද චීනයයි. එහි රහස කුමක්ද ?
එහි රහස වන්නේ චීනය නොබියව තම දේශීය වෛද්‍ය දැනුම කොවිඩ්19 වසංගතය මර්ධනය සඳහා සාර්ථකව යොදාගැනීමයි. චීනයේ ද බටහිර වෛද්‍ය ක්‍රමය ද ප්‍රචලිතය. එහෙත් චීනයේ රෝහල් තුළ බටහිර වෛද්‍ය ක්‍රමය මෙන්ම දේශීය වෛද්‍ය ක්‍රමය ද එක ලෙස යොදා ගැනෙයි. මෙරට වෛද්‍යවරු මෙන් චීන වෛද්‍යවරු එයට විරුද්ධ වී නොමැති බව පැහැදිලිය. විරෝධයක් දැක්වූ වෛද්‍යවරයෙකු දෙදෙනෙකු සිටිය හැකි වුව ද එය සැලකිය යුතු මට්ටමක තිබී නොමැති බව පැහැදිලිය. එහෙත් මෙරට...මෙහි බටහිර වෛද්‍යවරු බහුතරය දන්නා එකම දෙය දේශීය වෙදකමටත්, දේශීය වෛද්‍යවරුන්ට විරුද්ධවීමත්, ආඩපාලි කීමත් පමණි. ඒ අතර ඇතැම් බටහිර වෛද්‍යවරු හොරෙන් දුම් හට්ටිය අල්ලා, කොත්තමල්ලි, වෙනිවැල්ගැට බොති. රෝගීහු ද කොත්තමල්ලි, වෙනිවැල්ගැට බොමින්, දුම් හට්ටි අල්ලති. ඔවුහු ද සුව වෙති.
මේ කොරෝනා වෛරසය චීනයෙන් ඇරඹුන බව බොහෝ දෙනෙක් චෝදනා කළෝය. එයට චීන වෛරසය කියමින් චීනයට ඇඟිල්ල දිගු කරත් එහි පැතිරුණ වෛරසය B වර්ගයේ එකක් බව කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙන් කළ පරික්ෂණයක් මගින් පෙන්වා දී ඇත. මෙමගින් ඔවුන් ප්‍රකාශ කරන්නෙ ඇමරිකාවේ සහ ඕස්ට්‍රේලියාවේ ව්‍යාප්ත වූයේ A වර්ගයේ වෛරසයක් බවයි. එනම් ඇමරිකාවට සහ ඕස්ට්‍රේලියාවට චීනයේ පැතිරුණ B වර්ගය පැමිණ නැති බවත් ඇමරිකාවේ සහ ඕස්ට්‍රේලියාවේ ව්‍යාප්ත වුණු A වර්ගය චීනයේ පැතිරුණ B වර්ගයට පෙර ඇතිවූ එකක් බවත් පැහිදිලි වෙයි. එහෙත් ලෝකයේ ප්‍රධාන පෙලේ විශ්වවිද්‍යාලයකින් සිදුකළ ඒ පරික්ෂණ පිළිබඳ චෝදනා එල්ල වූ චීනයවත් ප්‍රසිද්ධියේ කතා කල බවක් පෙනෙන්නට නැත.
අප බටහිර ක්ෂණික කෑම රටාව කෙරෙහි තරමක් නැඹුරු වුවත්, රන්කිරි කටගෑම සහ රත කල්කෙන් ආරම්භවන රෝගවලට ඔරොත්තුදීමේ හැකියාව ඉහල නැංවීමේ අපේ ක්‍රම එදා තරම්ම නොවුනත් අද ද ක්‍රියාත්මක වෙයි. බටහිර ලෝකයා මේ රෝගයෙන් මියයෑම හමුවේ අපේ ශක්තියේ රහස ප්‍රතිශක්තිය ඉහළ නංවන ගුණයෙන් යුතු කුළු බඩු එදිනෙදා ආහාරයට එකතුකර ගැනීමත්, දුසිම් ගණනක් වන අල වර්ග, පලා වර්ග පාරිභෝජනයත්, අධ්‍යාත්මික ශක්තියත් බව අපට පසක් වෙයි. අපගේ සම්ප්‍රදායික ආහාර රටාවට තව තවත් සමීප වුවහොත් මෙම වසංගතය පාලනය කිරීම වැඩි ඈතක නොවන බව අපගේ විශ්වාසයයි. ඊට සමගාමීව අපගේ අධ්‍යාත්මය ශක්තිමත් කර ගැනීමට නිවැරදි සීලයේ පිහිටා භාවනා ආදි පිළිවෙත් පිරීම වැදගත්ය.
බටහිර විද්‍යාවේ අංගයක් වන විශ්ලේෂණය මගින් මෙම වෛරසයේ ස්භාවය, ප්‍රමාණය, සැකැස්ම, අන්තර්ගත කොටස්, ඒ වටා ලිපිඩ ආවරණයක් ඇති බවත් ආදී වශයෙන් විස්තර කරමින්, වෛරසය උෂ්ණත්වයට සහ අනෙකුත් පරිසර සාධක අනුව වෙනස් වන්නේ කෙසේද, ව්‍යාප්ත වන්නෙ කෙසේද ආදී මෙකී නොකී නොයෙකුත් දැනුම ඔවුනගේ ක්‍රමයට ලබාගෙන තිබුනත් මෙය ආසාදිත වූවන්ට ප්‍රතිකාර කිරීම හෝ ව්‍යාප්තිය පාලනය අසාර්තක වී තිබේ. එහෙත් විශ්ලේෂණය ඉතා අඩු දැනුම් පද්ධතියක් සහිත රටවල් මේ කිසිවක් නොදැන සිටියත් මේ වසංගතය බටහිරට වඩා සාර්ථකව පාලනයකර ඇත. සාමූහිකත්වයට මුල්තැන දුන්, විශ්ලේෂණය අඩු සංස්කෘතීන් තුල නූතනත්වයට පෙර පැවැති වසංගත තත්වයන් මීටත් වඩා සාර්ථකව පාලනය කර ඇති බව අපගේ විශ්වාසයයි. කෙසේ නමුත් කඩා වැටෙමින් තිබූ බටහිර විද්‍යාව කොරෝනාවෙන් ත්වරණයට ලක්කර ඇති බවත්, සම්ප්‍රදායික දේශීය දැනුම් පද්ධතියේ ශක්තිය තව තවත් තහවුරු වූ බවත් අපගේ හැඟීමයි.
එස්. ජයසුන්දර
Posted by Kalaya at 06:41 | hplt_2 |
මුල සිටම සූදු වෙබ් අඩවියක් නිර්මාණය කිරීමේ ආශාව ඔබට කවදා හෝ දැනී තිබේද? මෙන්න නියම මාර්ගෝපදේශය. බොහෝ පළපුරුදු කැසිනෝ ක්‍රීඩකයින් ඔවුන්ගේ ක්‍රීඩා දිවියේ යම් අවස්ථාවක සූදු වෙබ් අඩවියක් නිර්මාණය කිරීමට ආශාවක් ඇති කරයි. සියල්ලට පසු, හොඳම මාර්ගගත කැසිනෝ පමණ අයත් වන්නේ සහ ක්‍රියාත්මක වන්නේ වරක් මෙම කර්මාන්තයට සහභාගී වී සාර්ථක වූ පුද්ගලයින් විසිනි.
කණගාටුදායක ලෙස, දැවැන්ත ප්‍රාග්ධන අවශ්‍යතාවය ඔන්ලයින් කැසිනෝ ක්‍රියාකරුවෙකු වීමේ ඔබේ සිහිනයට බාධාවක් විය හැකිය. ඉතින්, අද, ඔබ ටික වේලාවක් කැසිනෝ ලේබලය සහ අනෙකුත් අත්‍යවශ්‍ය ඉඟි භාවිතයෙන් මෙම බාධක බිඳ දමන්නේ කෙසේදැයි ඉගෙන ගනු ඇත. කියවන්න!
සාමාන්‍යයෙන්, ඔන්ලයින් ක්‍රීඩා වේදිකාවක් ආරම්භ කිරීම අතිශයින් පීඩාකාරී සහ වේදනාකාරී වේ. ඔබට බලපත්‍ර ලේඛන කටයුතු සිදු කිරීම, කැසිනෝ පිටුවක් සැලසුම් කිරීම, මෘදුකාංග සැපයුම්කරුවන් තෝරා ගැනීම සහ යනාදිය අවශ්‍ය වේ. සූදු අඩවිය ක්‍රියාත්මක කිරීමට සහ ක්‍රියාත්මක කිරීමට ඔබට තුන්වන පාර්ශ්ව ගිවිසුම් කිහිපයකට ද ඇතුළු වීමට අවශ්‍ය වනු ඇත. වෙබ් අඩවිය සුමටව ක්‍රියාත්මක වන අතර ක්‍රීඩකයින් හරයට සෑහීමකට පත්වන බව සහතික කිරීමේ නඩත්තු කටයුතු ගැන සඳහන් කිරීම අවශ්‍ය නොවේ.
සමස්තයක් වශයෙන්, මුල සිටම සබැඳි ක්‍රීඩා වේදිකාවක් සැකසීමට මාස හයකට වඩා අඩු කාලයක් ගත විය නොහැක. වාසනාවකට මෙන්, සියල්ල ඔබගේ බැංකු ගිණුම, අධිකරණ බලය සහ කණ්ඩායම් විශේෂඥතාව මත රඳා පවතී. ඔබ නිවැරදිව සැලසුම් කරන්නේ නම්, මෙයට වඩා අඩු කාලයක් ගතවනු ඇත. නමුත් ඔබට සුදු ලේබල් සූදු මෘදුකාංග සමඟ සැලසුම් ආතතිය හරහා යාමට අවශ්‍ය නැත. අපි තවත් විස්තර කරමු!
White label මෘදුකාංගය යනු ආයතනයක් භාවිතා කරන සහ ලේබල් කරන හෝ එය තමන්ගේම ලෙස හංවඩු ගසන වැඩසටහනකි. එය වෛද්‍ය ක්ෂේත්රයේ නම්, ටික වේලාවක ලේබල් මෘදුකාංගය සාමාන්‍ය ඖෂධවලට සමාන වේ. වෙනත් වචන වලින් කිවහොත්, සමාගම විසින් සුදු ලේබල් මෘදුකාංගයක් බදු දී හෝ මිල දී ගෙන එය ඔවුන් විසින් සංවර්ධනය කරන ලද ලෙස නැවත ලේබල් කිරීමට පෙර මුල් වෙළඳ නාමය ඉවත් කරයි.
iGaming ලෝකයේ, සුදු ලේබල් කැසිනෝ සාමාන්‍යයෙන් ක්‍රීඩා මාතෘකා, බහු-වේදිකා සහාය, ගෙවීම් විසඳුම් සහ තවත් බොහෝ දේ සමඟ සම්පුර්ණයෙන්ම පටවනු ලැබේ. සම්පූර්ණ ඔන්ලයින් කැසිනෝවක් කරන සෑම දෙයක්ම එහි අඩංගු බව පවසන්න. එබැවින්, එය සූදු අඩවියේ පිහිටුවීමේ කාලය අපේක්ෂිත මාස 6 සිට පැය 24කට අඩු කරයි.
ඔබ වඩාත්ම පළපුරුදු මෘදුකාංග සංවර්ධකයින් කණ්ඩායමක් එක්රැස් කළද, සම්මානලාභී සූදු අඩවියක් තැනීමට ඔබට වසර නොවේ නම් මාස කිහිපයක් ගතවනු ඇත. කනගාටුවට කරුණක් නම්, ඔබ මුල සිටම සුමට කැසිනෝ අඩවියක් නිර්මාණය කරන විට බොහෝ ක්‍රීඩකයින්ට බලා සිටීමට ඉවසීමක් නැත. දැනට ඔන්ලයින් කැසිනෝ ලෝකයේ පවතින දැඩි තරඟයත් සමඟ එය වඩාත් නරක අතට හැරේ.
නමුත් සුදු ලේබල් කැසිනෝවක් සමඟින්, ඔබ වහාම සිත් ඇදගන්නාසුළු සහ විශාල ඔන්ලයින් කැසිනෝ වෙළඳපොළට කිමිදෙනු ඇති අතර ඔබ දාර සඳහා එහි සිටියාක් මෙන් ක්‍රියා කරයි. මෘදුකාංගය දැනටමත් පරීක්ෂා කර භාවිතයට සූදානම් බැවින්, ඔබට අවශ්‍ය වන්නේ එය ඉවත් කර නව ක්‍රීඩකයින් ආකර්ෂණය කර ගැනීමයි. හොඳම දෙය නම්, ඉතිරි කරගත් කාලය ඔබේ අලෙවිකරණ උපාය මාර්ග සඳහා ප්‍රයෝජනවත් විය හැකිය. සමස්තයක් වශයෙන්, සුදු ලේබල් කැසිනෝවක් දිගු හා වෙහෙසකර මෘදුකාංග සංවර්ධන චක්රයක ආතතිය ඔබට ඉතිරි කරයි.
මෘදුකාංග කළමනාකරණය සම්බන්ධයෙන් ගත් කල, මූලික කළමනාකරණ කාර්යයන් හැරුණු විට ඔබ කිසිවක් නොකරනු ඇත. බොහෝ විට, සුදු ලේබල් කැසිනෝ සැපයුම්කරු ඔබේ කැසිනෝවේ තාක්ෂණික අංශ භාරව සිටී. මෙයට ඇතුළත් වන්නේ:
පාරිභෝගික සහාය
ඔබේ ප්‍රදේශය අවට සූදු නීතිවලට බලපත්‍ර ලබා දීම සහ අනුකූල වීම
වැනි අඩවි පිරිනැමීම් යාවත්කාලීන කිරීම ක්‍රීඩා, ගෙවීමේ ක්‍රමවේද, ආරක්ෂාව, ක්‍රීඩා ඉසව්, ආදිය.
ඔබේ ව්‍යාපාරයේ සමස්ත කළමනාකරණය.
සුදු ලේබල් විසඳුමක් මිලදී ගැනීම ඇත්තෙන්ම ඔන්ලයින් කැසිනෝවක් දියත් කිරීමේ ඔබේ සිහිනය සාක්ෂාත් කර ගැනීම සඳහා විශිෂ්ට ආරම්භයකි. එය සූදු වෙබ් අඩවියක් පිහිටුවීමේ සාමාන්‍ය ක්‍රමයට වඩා ලාභදායී වන අතර කාලය ඉතිරි කරයි. සමස්තයක් වශයෙන්, සුදු ලේබල් කිරීම හොඳින් වියදම් කළ මුදල් බව ඔප්පු කිරීමට දහස් ගණනක් හේතු තිබේ. | hplt_2 |
Jul 11
යළිත් සමාජයට සීමා පැනවීමේ ඉඩක් ?
කොරෝනා ව්‍යාප්තියත් සමග පැනවූ දැඩි සීමා යළි පනවනවාද? නැද්ද යන්න සම්බන්ධයෙන් තීරණය වන්නේ ජනතාවගේ කි‍්‍රයාකලාපය මත බව පොලීසිය පවසනවා.
පොලිස් නීති දිශාව භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සදහන් කළේ ජනතාව තවදුරටත් සුපරික්ෂාකාරීව කටයුතු කිරීම අත්‍යවශ්‍ය බවයි.
කොරෝනා අවදානම තවමත් පහව ගොස් නොමැති බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා. නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ වැඩිදුරටත් සදහන් කළේ කොරෝනා ව්‍යාප්තිය පාලනයට ජනතාව දැක්වූ උනන්දුව මේ වනවිට අවම වී ඇති බවයි.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු සදහන් කළේ කොරෝනා වෛරසය සමාජය තුළ පැතිරීමේ ආකාර 4 ක් මේ වනවිට හදුනාගෙන ඇති බවයි.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම්වරයා කියාසිටියේ කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය සම්බන්ධයෙන් මේ වනවිට යළිත් අවදානම් තත්ත්වයක් මතුව ඇති බවයි. එබැවින් පී සී ආර් පරීක්ෂණ තවදුරටත් වැඩි කළ යුතු බව ඔහු සදහන් කළා.
මේ අතර කොරෝනා ආසාදිතයින් සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රචාර සිදුකරන තැනැත්තන්ට එරෙහිව දැඩිව නීතිය කි‍්‍රයාත්මක කරන බව පොලීසිය පවසනවා.
ඒ, කොරෝනා ආසාදිතයින් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් හමුවී ඇති බව සදහන් කරමින් විවිධ කටකතා සහ සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාර සංවිධානාත්මකව පතුරවන බවට තොරතුරු වාර්තාවීමත් සමගයි. එවැනි තොරතුරුවලට නොරැවටෙන ලෙසටයි පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න ජනතාවට දැනුම් දෙන්නේ රජය විසින් නිකුත් කරන නිල නිවේදන පමණක් විශ්වාස කරන ලෙසයි. | hplt_2 |
ලංකාවෙ බොහෝමයක් දෙනා ආසයි නළුවෙක් වෙන්න. සමහරුනං කැමති නෑ කැමරාවක් ලඟින්වත් යන්න. හැබැයි කොහොමවුනත් අපි මේ හදන්නෙ ආසාවන්ට ගරහන්න නෙමෙයි. කෝකටත් පූර්ව දැනුවත් කිරීම් කරලා තියෙන එක හොඳයිනෙ. ඉතිං අපි කියන්න යන්නෙ ලංකාවෙ නළුවෙක් වෙන එකේ අවාසි ටිකක්. මොකද හොඳට සල්ලි උපයන්න අවස්ථා තිබීම සහ නිළියන් ආශ්‍රය කරන්න ලැබීම කියන වාසිය ඇරුනම පිරිමියෙකුට කන්න වෙන අනිත් ඔක්කොම වගේ කටු නළුවෙකුට උරුමයි. වැල් වගේ ඇදෙන මෙගා ටෙලි, ප්‍රමෝෂන්, ටීවී ප්‍රෝග්‍රෑම් වගේ සල්ලි ආකර නළුවෙකුට විවෘත වුනත්, මේක අමු කට්ටක් කියල අපි කියන්නෙ ඉරිසියාවට නෙමෙයි මහත්තයො. මේක රුසියාව නෙමෙයි නිසා.
1. ආසා විදියෙ වෙඩිමක්
ලංකාවෙ මිනිස්සු ඇද කියන්න බලාගෙන ඉන්නෙ කාටවුනත්. ඕක තමුන්ගෙ ඉරිසියාවට ලක් වෙන වපසරියෙ කෙනෙකුට තවත් වැඩිපුර මුහුණ දෙන්න වෙන තත්ත්වයක්. නළුවෙක් කියන්නෙ ඉතිං කොහොමත් ගෑණුයි සල්ලියි නිසා ඉරිසියාවට ලක්වෙන චරිතයක්නෙ. ඉතිං නළුවෙකුට ආසා විදියෙ වෙඩිමක් ගන්න බෑ. හනිමුන් එකට බාලි ගියොත් මුංගෙ පෑලියාව. ඒ සල්ලිවලින් අසරණ ළමයින්ට පොත් අරං දෙන්න තිබ්බ නේද? ඒ සල්ලි වලින් අසරණ පවුල් කීයකට කන්න අරං දෙන්න තිබ්බද? ගගා ෆේස්බුක් එකේ නැහෙන ප්‍රජාවට මෙහෙම වෙඩිමක් ඉස්තරං. චන්දිමාල්ගෙ බර්ත්ඩේ පාටිය සාක්කි!
2. ෆෑන් ගර්ල්ස්ලගෙ කොල්ලො
කාටවත් වැරැද්දක් කරලා නැති. හොඳට රඟපාන, පෙනුමෙන් ලස්සන, කඩවසම්, දකින ඕනම මනුස්සයෙක් එක්ක හොඳින් කතාබහ කරන නළුවෙකුට ස්ත්‍රී ආකර්ෂණය හිමි වෙන එක පුදුමයක් නෙමෙයිනෙ. හැබැයි ඉතිං එහෙමයි කියලා අනිත් අතට හතුරො හැදෙන එකත් පුදුමයක් නෙමෙයි. ඇයි ඉතිං ඔය කැමති කෙල්ලොන්ගෙ කොල්ලොන්ට ඕවා බලං ඉන්න බැහැනෙ. ඉන්දියාවෙ වෙලා ෂාරුක් ඛාන්ටත් හෙණ ඉල්ලන පිරිමි ඉන්න රටේ ඕවා කවර කතාද? ගායකයෙක් වෙච්ච ශිහාන්ටත් කට්ටිය මහමගදි හූ කිවුවනෙ?
3. මොකෝ වෙන්නෙ?
මේක තමයි නළුවො මේ ලෝකෙ ආසා නැතිම ප්‍රශ්නෙ. ඉන්ඩස්ට්‍රියෙ තියෙන ලොකුම දෙබස් ආරම්භක ප්‍රකාශය මේක තමයි. නළුවො දෙන්නෙක් තියා මොකා හම්බුනත් එකිනෙකාගෙන් අහන්නෙ මොකෝ වෙන්නෙ කියල. නළුවොන්ට වැඩිපුරම සමීප මාධ්‍යවේදියොත් දැක්ක තැන අහන්නෙ මොකෝ වෙන්නෙ කියල. ඉතිං ඒවට උත්තර හැටියට මේ දවස්වල රාමායණේ මොණරට හඬ කවනවා, අයියන්ඩියේ නුඹ ඇවිදින් ගිය දවසේ ටෙලිනාට්ටියෙ කැණිමඩලට රඟපානවා, උත්තරීතර ප්‍රේමය ඔබයි චිත්‍රපටයේ දුෂ්ඨයාට රඟපානවා වගේ වැලක් කියන්න වෙනවා. පුදුම කරුමයක් ඒක.
4. කටකතා
නළුවෙකුට කටකතා හැදෙන්නෙ නැත්තං කාටද හැදෙන්නෙ මහත්තයො? ඔන්න මුලින්ම නිළියොන්ට ඈඳලා කටකතා හදනව. ඊටපස්සෙ සමාජයේ ප්‍රසිද්ධ වැඩිහිටි සල්ලිකාර ගෑණුන්ට ඈඳලා කටකතා හදනව. ඔය කටකතාවලින් බේරිලා හිටියොත් සමලිංගිකයෙක් කියලා කටකතා හදනවා. නිමක් නෑ කටකතානං ඉතිං. මේ ප්‍රශ්න අස්සෙ අපේ නළු උන්දැලා ඔය කතා කතාවලට උත්තර දෙන්න ෆේස්බුක් ලයිවු ඇවිල්ලත් නාගන්නවනෙ. ප්‍රශ්න ඉතිං!
5. සැපේ
අඩියක් ගහලා, ක්ලබ් එකකට ගිහිල්ලා, තමුන් කැමති කෙල්ලෙක් එක්ක ඉඳලා සැපේ වැටිලා ඉන්න තරමට සල්ලි තිබුනත් එහෙම ඉන්න නිදහසක් ලංකාවෙ නළුවෙකුට නෑ, ඔහොම අවස්ථාවක පින්තූරයක් ලැබුනොත් ෆේස්බුක් ඇඩ්මින්ලට ඒ තරං සැපක් නෑ තවත්. ඉතිං තමුන්ගෙ හිත ආසා කරන සැපේ ඉන්න නළුවෙකුට ඉඩක් නෑ. ඒ මදිවට ඉතිං ගොඩක් දෙනාට එහෙම ඉන්න වෙලාවකුත් නෑ. ඇයි ඉතිං උදේට ටෙලි, ඊටපස්සෙ හින්දි ටෙලිවලට වොයිස්, දවල්ට ප්‍රමෝෂන්, හවසට රෑ ෂූටින්, රෑට ටීවී ප්‍රෝග්‍රෑම්, ඒ අස්සෙ දවස් ගණං රට ෂෝ, අනික ඉක්මනට නාකි වෙන නිසා හම්බුකරගන්න තියෙන කාලෙ හම්බුකරගනිං කියල ගෑණිගෙ බර බරේ. ඉතිං නළුවෙකුට නෑ සැප ලෝකේ…
6. කෙටවිලි
අපේ උන්දැලට ඕනම මඩක් ඉතිං ඉස්තරංනෙ. ඒ නිසා කෙටවිලි වැඩියි. මේ කෙටවිලිවලට අහුවෙන බුවාලත් ඉන්නවනෙ. ඔන්න දැන් නදීමාල්ව ප්ලේන් එකෙන් බහිද්දි එයාපෝට් එකට ආවෙ නෑ කියල සාරංගට කේන්තියි. කේන්තියි කියල ඉතිං එයා නටනව ෆේස්බුක් එකේ සනුකලට බැනලා. එයා දන්නෙ නෑ නදීමාල් සනුකලට එන්න එපා කිවුවද කියලවත්. එයා නැටුවම පේජ් ඇඩ්මින්ලට වගේම යූටියුබ් විශ්වකර්ම බුවාලටත් ඊට වඩා දෙයක් නෑ. ඔවුව උස්ස උස්ස ගහනව ඉතිං මඩ. ඉරාජ් සන්නට වීඩියෝ හැදුවම ඇඩ්මින්ලගෙ පස්සෙ නිදියගෙන ඉන්න ඉත්තෑවො ඇහැරෙනව. පුදුම ලෝකයක් මචං මේක.
7. ස්වයං පාලන
පිරිමින්ට තමුන් කැමති ගෑණු ඉන්නවනෙ. සාමාන්‍ය පිරිමියෙකුට වඩා නළුවෙකුට එහෙම කෙනෙකුට කතා කරන්න තියෙන ඉඩ වැඩියි කියලනෙ අපිට හිතෙන්නෙ. ඇයි ඉතිං මොනව වුනත් නළුවෙක්නෙ. ඒ නිසා කෙල්ල වුනත් කතා කරන්න ඉඩ තියෙනවනෙ. හැබැයි ඉතිං එහෙම කියල රිස්ක් ගන්න බෑ. කෝල් එකක් දුන්නොත් රෙකෝඩ් කරයිද දන්නෑ. ෆේස්බුක් කිවුවොත් ස්ක්‍රීන්ෂොට් ගහයිද දන්නෑ. සෝෂල් මීඩියා එකේ කැමති කෙල්ලෙක් එක්ක සෙල්ෆියක් දාන්න බෑ. තමුන්ට නිදහසේ බීලා හිතට එන දේ කියන්න බෑ. ප්‍රශ්න ඉතිං! | hplt_2 |
ඔන්න අද අපි ඔයාලට ගෙනාවෙ අපේ අසල්වැසි රටේ එහෙම නැත්තන් ඉන්දියාවෙ උදවිය බොන්න පුරුදු වෙලා ඉන්න රසම රස පාන වර්ග ටිකක් ගැනයි. රස විතරක් නෙවෙයි මේ පානයන් වල සෑහෙන ගුණයනුත් තියෙනව. ඉතින් එහෙනම් බලමු අපි මේ රසවත් පාන වර්ග හදන හැටි.
1. මෝරු පානය
අවශ්‍ය ද්‍රව්‍ය
- මුදවපු කිරි කෝප්ප 1
- කූල් වතුර කෝප්ප 1 1/2
- කොත්තමල්ලි කොළ ටිකක්
- ඉඟුරු කෑල්ලක්
- සූදුරු තේ හැඳි 1/2
- ලුණු
- කරපිංචා කොළ ටිකක්
- අමුමිරිස් කරල් 2
තෙම්පරාදුව සඳහා
- අබ තේ හැඳි 5
- තෙල් තේ හැඳි 1
- කරපිංචා කොළ 10 – 12ක් පමණ
- මුදවපු කිරි ටික බෝල් එකකට දාලා අයිස් වතුර දාලා විනාඩි 5ක් හොඳට විස්ක් කරගන්න. මේ හැදෙන්නෙ බටර් මිල්ක් එකයි.
- ඉඟුරු හා අමුමිරිස් චොප්කරගෙන බටර් මිල්ක් එකට දාගන්න. කරපිංචා පොඩ්ඩක් ලියලා දාගන්න. සූදුරු ටික තලලා එකතු කරන්න. රස අනුව ලුණු දාලා කොත්තමල්ලි කොළ ටික දාගන්න.
- පෑන් එකකට තෙල් ටිකක් දාලා රත්වෙනකොට අබ ටික දාගන්න. අබ පුපුරන කොට කරපිංචා දාලා ෆ්‍රයි කරගන්න. මේ තෙම්පරාදුව බටර් මිල්ක් එකට උඩින් දාලා බොන්න හරිම රසයි.
2. මසාලා චායි
අවශ්‍ය ද්‍රව්‍ය
- කිරි කෝප්ප 1
- මිල්ක්මේඩ් තේ හැඳි 2
- වතුර කෝප්ප 1
- සීනි තේ හැඳි 4
- තේ කොළ තේ හැඳි 2
- තලාගත් ඉඟුරු කෑල්ලක්
- තලාගත් කරදමුංගු ඇට 2
- කුරුඳු පොතු කෑල්ලක්
- ගම්මිරිස් ඇට තුන හතරක්
- සාස්පානකට වතුර ටික දාලා උණු කරන්න. ටිකකින් කිරි හා මිල්ක්මේඩ් ටික දාගන්න. උතුරවගන්න එපා.
- රත්වේගෙන එනකොට කුරුඳු, කරදමුංගු, ඉඟුරු, ගම්මිරිස් සහ සීනි එකතු කරන්න.
- ගින්දර අඩු කරලා තේ කොළ ටික දාගන්න. ගින්දර හොඳටම අඩු කළාට කමක් නෑ.
- තේ කොළ තැම්බුනාම ආයෙ ගින්දර වැඩි කරන්න. උතුරගෙන එනකොට නැවත අඩු කරමින් තේ එක හොඳට උණුකරගන්න. දැන් මේ තේ එක පෙරලා කෝප්ප වලට දාගන්න.
3. මසාලා කෝපි
අවශ්‍ය ද්‍රව්‍ය
- කිරි කෝප්ප 1 1/2
- මිල්ක්මේඩ් තේ හැඳි 2
- සීනි තේ හැඳි 4
- වතුර කෝප්ප 1/2
- නෙස්කැෆේ තේ හැඳි 1
- කරදමුංගු ඇට 4
- කරාබු නැටි 2
- කුරුඳු පොතු කෑල්ලක්
- පෑන් එකකට වතුර දාලා රත්වෙනකොට කරදමුංගු, කරාබු නැටි හා කුරුඳු පොතු කෑල්ල දාගන්න. මද ගින්නෙ රත් කරගන්න.
- විනාඩි 3කින් විතර නෙස්කැෆේ ටික දාගන්න. හොඳට කලවම් කරලා විනාඩියකින් විතර ලිපෙන් බාගන්න.
- වෙනම පෑන් එකකට කිරි හා මිල්ක්මේඩ් දාලා රත්කරගන්න. මේක උතුරනකොට හදාගත්තු කෝපි මිශ්‍රණය දාගන්න. නටන්න දීලා, ලිපෙන් බාලා සීනි එකතු කරන්න. පෙරලා උණුවෙන්ම බොන්න.
4. රූහ් අෆ්සා
අවශ්‍ය ද්‍රව්‍ය
- රෝස් සිරප් මේස හැඳි 5
- අයිස් වතුර කෝප්ප 3
- කසකසා ඇට මේස හැඳි 3
- සීනි මේස හැඳි 2-3
- ලුණු රස අනුව
- අයිස් කැට
- කසකසා ඇට වලට වතුර දාලා පැය 1/2ක් තියන්න. ජග් එකකට අයිස් වතුර ටික දාලා රෝස් සිරප් දාගන්න. සීනි රස අනුව දාගන්න. ලුණු එකතු කරන්න.
- ඒකට පෙරා ගත්ත කසකසා ඇට එකතු කරන්න.
- ෆ්‍රිජ් එකේ තියලා කූල් කරගත්තු ග්ලාස් වලට මේ ශර්බට් එක දාලා, අයිස්කැට දාලා බොන්න ගන්න.
5. මැඩ්රාස් මසාලා ලැසී
අවශ්‍ය ද්‍රව්‍ය
- යෝගට් 2 හෝ මුදවපු කිරි
- අයිස්වතුර කෝප්ප 1/2
- අයිස්කැට කිහිපයක්
- ලුණු රස අනුව
- කොත්තමල්ලි කොළ ස්වල්පයක්
- කරදමුංගු කුඩු තේ හැඳි 1/2
තෙම්පරාදුව සඳහා
- එළවළු තෙල් මේස හැඳි 1
- කරපිංචා කොළ 15-20
- සූදුරු තේ හැඳි 1/2
- අබ ස්වල්පයක්
- බ්ලෙන්ඩර් එකට යෝගට් දාලා අයිස් වතුර දාගන්න. මේකට කරදමුංගු කුඩු සහ ලුණු දාලා විනාඩි 2ක් හොඳට බ්ලෙන්ඩ් කරගන්න.
- මේක ෆ්‍රිජ් එකේ තියලා කූල් කරගත්තු ග්ලාස් දෙකකට දාගන්න.
- පෑන් එකක් ලිපේ තියලා තෙල් ටිකක් දාගන්න. තෙල් රත්වෙනකොට අබ ටික දාගන්න. ටිකකින් සූදුරු, කරපිංචා ටික දාලා ෆ්‍රයි කරගන්න.
- මේ තෙම්පරාදුවේ තෙල් බේරලා අරන් ලැසී දාපු කෝප්ප වලට දාගන්න. උඩින් චොප්කරගත් කොත්තමල්ලි කොළ ටිකක් දාලා අයිස් කැට දාලා බොන්න ගන්න පුළුවන්. | hplt_2 |
අප රටේ ආගම් භේදයකින් තොරව සැදැහැවතුන්ගේ වැඩිම වන්දනාවට පාත්‍ර වන දාගැබ මෙය කිව්වොත් නිවැරදි..
අනුරපුරයෙ වැඩ හිඳිනා මහසෑය
ගැමුණු රජුන් ඉදි කල මහසෑය
ධාතු ද්‍රෝණයක් රැස් විහිදුවනා සෑය
අපිත් වඳිමු රුවන්වැලි මහසෑය
අපි අද බොහෝ දෙනෙක් නොදන්න කතා ටිකක් කියන්නයි යන්නේ..
රුවන්වැලි සෑය අතීතයේ “රුවන්මැලි සෑය” නමින් ද, මහාථූපය නමින් ද, ස්වර්ණමාලි මහ චෛත්‍යය නමින් ද හැඳින්වූ බවට ජනප්‍රවාද තියෙනවා...
ඊට හේතුව තමා..
දුටුගැමුණු රජ කාලයේ මෙම ථූපය ඉදිකිරීමට යන අවස්ථාවේ ඉදිකිරීමට නියමිත භූමියේ තෙලඹු ගසක් තිබිලා තියෙනවා..
පසුව එය කපා දැමීමට සිදු වුණ බවත්, එම ගසේ වැඩ සිටි දේවතාවියකට උපහාර පිණිස මෙය ස්වර්ණමාලි මහා චෛත්‍යය යන නම ලැබූ බව ජනප්‍රවාදවල සඳහන් වෙනවා.
ඒ වගේම එවකට රටේ ඉදිවූ විශාලම දාගැබ මෙය නිසා වංශකතාකරුවන් මේ දාගැබ මහා ථූපය නමින් ද හඳුන්වා තිබෙන බවයි සදහන් වෙන්නේ....
දේවානම්පියතිස්ස රජ දවස මෙරටට වැඩම වූ මහින්ද හිමියන් විසින් බුදුරදුන් උදෙසා මහා චෛත්‍යය ඉදිකළ යුතු ස්ථානය වශයෙන් මේ ස්ථානය නම් කළ බව මහාවංශයේ සඳහන් වෙනවා...
හැමෝම දන්න දෙයක් තමා දුටුගැමුනු රජු මේ රුවන්වැලි සෑය කරවූ බව නමුත් රජුට මෙහි වැඩ අවසන් කිරීමට හැකිවුනේ නැහැ.
රජුගේ මරණයෙන් පසු ඔහුගේ සහෝදර සද්ධාතිස්ස රජු දාගැබේ ගර්භයෙන් ඉහළ සිට වූ ඉතිරි වැඩ නිම කළ බව මහාවංශය සඳහන් වෙනවා...
ඇත් පවුර/සලපතල මළුව/දොරටු සතර/පොකුණූ හතර/පස් පිළිම ගෙය/මළුවේ රජ ප්‍රතිමා මෙහි වූ තවත් වටිනා සාධක ලෙස හදුනාගෙන තියෙනවා....
අනුරාධපුරයේ අටමස්ථාන අතුරින් එකක් වන මෙය වර්තමානය වන විට මහසෑයේ උස අඩි 338 ක්..
වට ප්‍රමාණය අඩි 942 ක්..අක්කර පහක පමණ හතරැස් මළුවක් තුළ චෛත්‍යය නිර්මාණය වී තිවෙනවා...
ද්‍රෝණයක් සර්වඥ ධාතුන් වහන්සේ වැඩ සිටින ස්වර්ණමාලි මහා සෑ රදුන් තව තවත් වැජඹේවා...
සයිංසු යස්මිං සුගතස්ස ධාතු�නිම්මාය රංසුජ්ජල බුද්ධ රූපං �සුවණ්ණමාලිනී පතීත නාමං �වන්දාමහං ථූපවරං මහග්ගං
බුදු සරණයි ☸️🙏 පින්තූර මුල්හිමිකරු සතුයි 📸🙏
උපුටා ගැනීමකි...
Subscribe to: Post Comments ( Atom ) | hplt_2 |
ගැහැණු ගතිය හරි පුදුමයි; කෝක කොතරම් දුන්නත් අනේ ඇති’යි කියන්නේ
නෑ–ආශාවන්ගෙන් කෙළවරක් නෑ. සැමියා මොනතරම් ශ්‍රේෂ්ඨයකු වුවත් හොයන්නෙ ම පිට
මිනිස්සුන්. අන්න ඒ නිසා ගැහැණුන්ය කියා හඳුන්වන්නේ තේරුම්ගත නො හැකි විෂ
බෝම්බවලට.”
ශීලාචාරකම ගෑවිලාවත් නැති අමුතු ම මාදිලියේ පිරිසක් තමා ගැහැණු ලෙස
හඳුන්වන්නේ. ඒකට මෙන්න හේතු:
තමන්ගේ සැමියා ගුණ වන්තයෙකි, ධන වන්තයෙකි, බල වන්තයෙකි, රුවැත්තෙකි,
බිරිඳට සැප දිය හැක්කෙකි යන සියලු කරුණුවලින් පරිපූර්ණ වුවත්, ශීලාදි ගුණයක් තබා
ඉන්න හිටින්න ගෙයක් දොරක් නැති මිනිසුන් කෙරෙහි ගැහැණු ඇළෙති–ගැළෙති. කවුද ඔය කියන
නරිච්චියෝ – මෙන්න මේ වගේ අය ඒකිලාට කටු අකුලක රිංගලා දපනවා තරම්, පිළිකන්නක
වැතිරෙනවා තරම් කන්දක ගල් ලෙනක ගල් දෙබොක්කාවක ඇලවෙනවා තරම් සතුටක් සැනසුමක් උඩු
වියන් බැඳි විල්ලුද ආස්තරණ එලූ සයනයක හෙවීමෙන් වත් ලැබෙන්නේ නැහැ.
ඔන්න ඔය කියාගෙන ආ තේ උඩිච්චිය ගම්පතියා ගේ පුතා මාතංග සමග
අනාචාරයේ යෙදෙමින් සිටියා. ඒ මොහොතේ ම ආවා අප්පා-ගම්පතියා. අර ස්ත්‍රිය මොක ද කළේ
කොල්ලා නැග්ඟුවා අටුවට. දැන් මහ උන්දැත් සමග තමා සමයම දෙන්නේ. දෙයියන්ට පෙනියන්කො,
පිටතට ගොස් සිටි නන්දනත් මේ මොහොතේ ම කඩා වැටුණේ නැතෑ ගෙදර. එවර මෙන්න බොලේ කියනවා
ගම්පතියා ට මෙහෙම අර තේ උඩිච්චි භාරතියා:
“රාළහාමි අන්න අර පොල්ල ගන්න අතට. ‘අහුවෙයන්කො මං බලා ගන්නම්’ කියමින්
වෙව්ල වෙව්ලා පිටවෙලා යන්න. ‘යනවකෝ මනුස්සයෝ කී දේ අහලා’ කියමින් ස්ත්‍රිය ද
සැරෙන් කතා කළා.”
ස්ත්‍රිය කී ලෙස ම මුදලිත් පොල්ලෙන් කණු බනුවලට තඩි බාමින් බැන
වදිමින් පුපුරමින් ගෙයින් පිට වූයේ වේසරමා වගේ. එම විපර්යාසය ඇස පුරා බලාසිටි
ගොපල්ලා–නන්දන ඇසුවා බිරිඳගෙන්:
“මොකෝ අර රාළ පුපුර පුපුරා යන්නේ පොල්ල වන වනා! සිද්ධ වුණේ
අහවල් එකක් ද? මොකට ද එයා මේ ගෙට කඩා වැදුණේ? කිය හල්ලකො බලන්න වෙච්ච හුටපටේ.”
“අනේ හැබෑට ම මෙහෙමත් අප්පලා ඉන්නවා නේ නොදකින් විතරක්. ඒ මනුස්සයාගේ
කෝට් බෑයේ තිබුණලු මසුරන් වගයක්. හෙව්වා හෙව්වා ගේ මුරුක්කාදියේ තිබුණේ නැතිලු. ඒ
මනුස්සයා ගෑණිව කොටුමස් කරන්න හදනව දැකල බයට පැන්නා කොල්ල ගෙදරින් එළියට. ඒක දැකපු
මහ මිනිහා හිතා ගත්තා ඉන්තේරුවෙන් ම මසුරන්වලට අනින්ට ඇත්තේ කොල්ල තමා කියලා පස්සේ
පැන්නුවා අල්ලන්ඩ. අනේ නැන්දෙ මාව බේරා ගන්න කියලා කොල්ලා රිංගුවා අපේ ගෙදරට. මොකෝ
ඉතින් පලයන්ට කියා එළවලා දාන්නයැ. මං ඌව නැංඟුවා අර තල අමු මෙනේරි කුරක්කන් දාලා
තියන අටුවට. අර මනුස්සයා ගේ අස්සක් මුල්ලක් නෑර හෙව්වා. මං ඒ වංගියේ කීවා ‘කොල්ල
ආව තමා, ඒත් ඒකා අන්න අර පිටිපස්සේ දොරෙන් පැනලා ගියා දැන් අල්ලා ගන්නට වෙන්නෙ උගෙ
නැට්ට’ කියල. තව ටිකෙන් රාළයා මාවත් කම්බස් කරනවා. ඔන්න ඕක තමා වෙච්ච සන්තෑසිය කී භාරතී
කොල්ලා අටුවෙන් බස්සවා ඔන්න මේ ඉන්නේ ‘අප්පා කියන දේ නාහන නොට්ටිගෙ පුතා’ යි දිනුම්
පදේත් ගැසුවා.
අහ ගන්නවා ඔය වගේ කරුණු කාරණා ගැන කියා ඇති නීති උපදේශ. ඒ තමා
උපායශීලීව කළ හැකි දේවල් ආයුධවලින් බලපරාක්රමයෙන් කරන්නට බැහැ. තමන්ගේ පැටවුන් කා
දමනවා කළු නයෙක්. පැටවුන්ගේ මව වන කැවිඩියට මෙය ඉවසන්නට නො හැකි දෙයක් වුණා. ඇයි
වරක් ද? දෙකක් ද? හත්වාරයක්. කල්පනා කළා නයා මරන්නෙ කොහොම ද කියලා. ඒකට යොදාගත්තේ
රන් නූලක්. ඉතින් නයා මළා!
“මොකක් කීවා කැවිඩියක් රන් නූලකින් නයෙකු මැරුවා! අදහන්ටත් බැහැනේ?”
“මොකෝ කරටක අදහන්ට බැරි, අහගන්නවා මෙන්න විස්තරේ” යි දමනක මෙසේ සිදුවීම හෙළි කළා. | hplt_2 |
එන්න නිවිතිගල ඇලපාත මහා විද්‍යාලයේ සිසුන්ට සහන සලසමු!
පළමු අදියර:
මේ සටහන ලියන මොහොත වන විට ඇලපාත මහා විද්‍යාලයේ සිසුන් 117 කට අවශ්‍ය පාසල් නිළ ඇදුම් (මසා නිම කළ) සහ අනෙකුත් අවශ්‍ය දෑ රත්නපුර CIB ශාඛාවෙන් සහ ශාඛාවලින් වලින් ලබා ගැනෙමින් පවතී. ඇලපාත මහා විද්‍යාලයේ සිසුවියන්ගේ මසා නිම කළ නිළ ඇදුම් අවශ්‍ය ප්‍රමාණයට රත්නපුර ශාඛාවේ නොතිබිමත් එම නිළ ඇදුමට සමාන නිළ ඇදුම් වෙනත් ආයතන වලින් සපයා ගැනීමට අපොහොසත් වීම තරමක අභියෝගයකි.
හෙට , එනම් සඳුදා දිනයේදි අදාල සිසුන් 117දෙනාටම නිළ ඇදුම් සාම්පල පාසල තුළදි ලබා දෙනු ඇත. CIB ආයතනයෙන් සැපයූ එම සාම්පල පාසල තුළදී ඇඳ පරීක්ෂා බැලීමෙන් පසුව අපට එම ඇඳුම් වල සුදුසු – නුසුදුසු භාවය තීරණය කළ හැකි වේ. ඒ අනුව අවසන් තීරණය ගනු ලබන අතර ඒ අනුව අප විසින් අවසන් ගෙවීම සිදු කරනු ලැබේ.
ප්‍රතිපත්තිමය තීරණයක් ලෙස අප නියෝජනය කරමින් කිසිම පාර්ශවයක් පාසල වෙත යනු නොලැබේ. කිසිදු උත්සවයක් සංවිධානය නොකරන බවත් ආධාර ලබා ගන්නා සිසුන් වේදිකාවකට නංවා ත්‍යාග සමග ඡායාරූප ලබා ගැනීම් ආදිය සිදු නොවේ. මෙවැනි කටයුතු වලින් දරුවන් අපහසුතාවයට පත් කිරීමට උවමනාවක් නැති අතර අප වෙනුවෙන් පාසලේ ඇදුරු මඩුල්ල සහ දෙමාපියන්ටත් සුලු වශයෙන් හෝ වගකීමක් , බරපැනක් නොදැරීමට වග බලාගන්නෙමු. එමෙන්ම මේ තීන්දුව හරහා අනවශ්‍ය ප්‍රවාහන වියදම් ව්ලින්ද වැලකී සිටීමට හැකි වේ.
කෙසේ නමුත් පාසල් විදුහල්පතිතුමා විසින් අදාල අධාර භාරගත් බවට අප වෙත ලබා දෙන තහවුරු කිරීමේ ලියැවිල්ල, සුපුරුදු පරිදි මෙම කටයුත්ත අවසානයේදි අප විසින් පල කරනු ලැබේ.
මුල්‍ය දායකත්වය සදහා අපගේ ගිණුම පහත දක්වා ඇති අතර ඩිජිටල් රිසිට්පතක් නිකුත් කිරීමට කරුණාකර සියලු මුදල් බැරකිරිම් වල පිටපතක් අපවෙත [email protected] සහ [email protected] ලිපින හරහා ලැබිමට සලසන්න.
ඔබ හට එවන් රිසිට් පතක අවශ්‍යතාවක් නැතැයි සිතීමට ඉඩ ඇත. නමුත් අපගේ අභ්‍යන්තර සැසඳීම් සහ විගණක කටයුතු සඳහා රිසිට් පතක් නිකුත් කිරීම අතිශය වැදගත් බැවින් ඒ සඳහා ඔබගේ අවධානය ද යොමු කරන ලෙස ඉල්ලා සිටිමු.
වැඩිදුර තොරතුරු සදහා,
- හර්ශණ විරසිංහ (+94 0716 811 256)
- ලක්ෂ්මන් තිලකරත්න (+94 076 7458267)
- ශ්රීශාණු ලොකුපතිරගේ (+1 970 227 5241)
රත්නපුර, නිවිතිගල ඇලපාත මහා විද්‍යාලයේ සිසුන් සදහා ලබා දිමට නියමිත දෑ වෙනුවෙන් රත්නපුර CIB ආයතනයෙන් අප වෙත ලැබුණු මිළ ගණන් පහත දැක්වේ. සිසුන්වෙත ඇඳ බැලිමට ලබා දෙන සාම්පල නැවත භාර ගැනීමේ ක්‍රම්වේදයක් එම ආයතනයේ නොමැති නිසා අදාල සාම්පල සදහාද ගෙවිම් සිදු කෙරෙන අතර එම සාම්පල සිසුන් වෙතම ලබා දිම සිදු වේ. තවමත් සහන කඳවුරු තුළ සිටින සිසුන් නිසි පරිදි පාසල වෙත පැමිණිම සිදු නොවේ. එනිසා මීට පෙර ලද තොරතුරු වලට අනුව නිළ ඇදුම් අවශ්‍ය සිසුන් 117 දෙනාට අමතරව තවත් සිසුන් පිළිබඳ නිසියාකාර දැනුම්දීමක් ලදහොත් එම සිසුන් සඳහා ද සහාය ලබා දෙන බව කරුණාවෙන් සලකන්න.
මෙම කාර්යය සාර්ථක කරගැනීම සඳහා අපට සහාය වු CIB රෙදිපිළි වෙළද ආයතනයේ කොළබ සහ රත්නපුර ශාඛාවන්ටද ඇලපාත මහා විද්‍යාලයේ විදුහල්පති ඇතුළු ගුරුමණ්ඩලයටද අපගේ ගෞරවණිය ස්තුතිය පුදකර සිටිමු.
දෙවන අදියර:
මෙම පළමු සද්කාර්යයෙන් අනතුරුව අකුරැස්්්ස ගොඩපිටිය කණිෂ්ට විද්‍යාලයේ 800ක පමණ සිසුන් පිරිසකට නිළ ඇදුම් අවශ්‍යව ඇති බැවින් එම සිසුන් සදහාද සහාය විමටද බලාපොරොත්තු වන්නෙමු. පාසල් ළමුන්ට අවශ්‍ය පොත්පත් සහ අනෙකුත් ලිපි ද්‍රව්‍ය ලබා දිම බොහෝ දෙනෙකු අතින් සිදු වුවද නිමි ඇදුම් සපයා දිම සංකීර්ණ කාර්යයක් නිසා අප එම කර්තව්‍යයේ නියැලිමට තිරණය කරන ලදි.
පසුගිය වසරේ අප සිදු කළ වැඩසටහන
පලි:
මෙම පාසලේම ගංවතුරෙන් විපතට පත් වූ දරුවන්ට සපත්තු ලබා දිමට සිංගප්පුරුවේ සිටින දුමින්ද විදානගම, ගයාන් දසනායක, සමිත් අතුකොරල, මානව රණසිංහ සහ මනෝජ් විමලරත්න සොයුරු කැළ කටයුතු කරන බැවින් ඔබට අවශ්‍ය නම් ඔවුන් සමග සම්බන්ධ වී එම කාරයයට වුවද දායක විය හැකිය | hplt_2 |
'තනිවයි උපන්නේ - තනිවයි මැරෙන්නේ' වුණත් අපි ජීවත් වෙන්නේ 'එගොඩහා යන්නෝ - මෙගොඩහා එන්නෝ' එක්ක. එහෙම ඉන්දදී 'මනරම් සිහිනෙකි මට පේනා' කියලයි හිතුවේ. ඒ හින්දම 'කාලා-බීලා සන්තොසින්නේ' ඉඳලා 'දුක-සැප නිති පෙරළේ' සත්‍යයට මුහුණ පෑවා, 'හිනැහී ජීවය සරු කරගන්න' අදිටනින්! ඒ අතරේදී කළ කී දේ, නොකර බැරිවුණු දේ වගේම කරන්නට යන දේවල් අට-එකට හින්දලා, සහෘද කැළක් එක්ක අකුරුවලින් බෙදාගන්න හදන අහිංසක වෑයමක්!
- වස් කවි කීම - පළමු කොටස
- වස් කවි කීම - දෙවෙනි කොටස
- වස් කවි කීම - තෙවෙනි කොටස
- නොදෙන්න හිටි රන් පදක්කම
- නීච කුමන්ත්‍රණේ
- මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -පළමු කොටස
- මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -දෙවෙනි කොටස
- තුම්පනේ, මාතර, බදුල්ලේ කියලා වෙනස්යැ
- නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... -පළමුවෙනි කොටස
- නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - දෙවෙනි කොටස
- නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - තෙවෙනි කොටස
- නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - හතරවෙනි කොටස
- අඟුල්මල් දහනය - පළමුවෙනි කොටස
- අඟුල්මල් දහනය - දෙවෙනි කොටස
- අඟුල්මල් දහනය - තෙවෙනි කොටස
- වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පළමුවෙනි කොටස
- වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දෙවෙනි කොටස
- වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - තෙවෙනි කොටස
- වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හතරවෙනි කොටස
- වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පස්වෙනි කොටස
- වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හයවෙනි කොටස
- වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හත්වෙනි කොටස
- වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - අටවෙනි කොටස
- වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - නවවෙනි කොටස
- වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහවෙනි කොටස
- වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - එකොළොස්වෙනි කොටස
- වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දොළොස්වෙනි කොටස
- වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහතුන්වෙනි කොටස
- වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහතරවෙනි කොටස
- වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පහළොස්වෙනි කොටස
- වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහසයවෙනි කොටස
- වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහත්වෙනි කොටස
- වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහඅටවෙනි කොටස
- වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහනවවෙනි කොටස
- වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - විසිවෙනි කොටස
- හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - පළමුවෙනි කොටස
- හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - දෙවෙනි කොටස
- හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - තෙවෙනි කොටස
- වීරයා ගෙදරද? - පළමුවෙනි කොටස
- වීරයා ගෙදරද? - දෙවෙනි කොටස
- වීරයා ගෙදරද? - තෙවෙනි කොටස
- වීරයා ගෙදරද? - සිව්වෙනි කොටස
- වීරයා ගෙදරද? - පස්වෙනි කොටස
- ගණිත ගැටේ - පළමුවෙනි කොටස
- ගණිත ගැටේ - දෙවෙනි කොටස
- ගණිත ගැටේ - තෙවෙනි කොටස
- ගණිත ගැටේ - සිව්වෙනි කොටස
- දෙපා අවසඟ පාපන්දු පිස්සා - පළමුවෙනි කොටස
- දෙපා අවසඟ පාපන්දු පිස්සා - දෙවෙනි කොටස
- දෙපා අවසඟ පාපන්දු පිස්සා - තෙවෙනි කොටස
- දෙපා අවසඟ පාපන්දු පිස්සා - සිව්වෙනි කොටස
- ශ්‍රී ලංකා not Vs England - පළමුවෙනි කොටස
- ශ්‍රී ලංකා not Vs England - දෙවෙනි කොටස
- ශ්‍රී ලංකා not Vs England - තෙවෙනි කොටස
- ශ්‍රී ලංකා not Vs England - සිව්වෙනි කොටස
- ශ්‍රී ලංකා not Vs England - පස්වෙනි කොටස
- ශ්‍රී ලංකා not Vs England - හයවෙනි කොටස
- ශ්‍රී ලංකා not Vs England -හත්වෙනි කොටස
- ශ්‍රී ලංකා not Vs England -අටවෙනි කොටස
- ශ්‍රී ලංකා not Vs England -නවවෙනි කොටස
- ශ්‍රී ලංකා not Vs England -දහවෙනි කොටස
- ශ්‍රී ලංකා not Vs England -එකොළොස්වෙනි කොටස
- ශ්‍රී ලංකා not Vs England -දොළොස්වෙනි කොටස
- ශ්‍රී ලංකා not Vs England -දහතුන්වෙනි කොටස
- JVP නිමල්ගෙ දානෙත් එපා! -පළමු කොටස
- JVP නිමල්ගෙ දානෙත් එපා! -දෙවෙනි කොටස
- JVP නිමල්ගෙ දානෙත් එපා! -තෙවෙනි කොටස
- චිත්තම්මා
- ආදර පූජාසනේ...- පළමුවෙනි කොටස
- ආදර පූජාසනේ...- දෙවෙනි කොටස
- ආදර පූජාසනේ...- තෙවෙනි කොටස
- ආදර පූජාසනේ...- සිව්වෙනි කොටස
- ආදර පූජාසනේ...- පස්වෙනි කොටස
- ආදර පූජාසනේ...- හයවෙනි කොටස
- ආදර පූජාසනේ...- හත්වෙනි කොටස
- ආදර පූජාසනේ...- අටවෙනි කොටස
- ආදර පූජාසනේ...- නවවෙනි කොටස
- ඇස් පෑදේවා! - පළමුවෙනි කොටස
- ඇස් පෑදේවා! - දෙවෙනි කොටස
- ඇස් පෑදේවා! - තෙවෙනි කොටස
- අන්දොස් මංගල්ලේ - පළමුවෙනි කොටස
- අන්දොස් මංගල්ලේ - දෙවෙනි කොටස
- අන්දොස් මංගල්ලේ - තෙවෙනි කොටස
- සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පළමුවෙනි කොටස
- සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - දෙවෙනි කොටස
- සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - තෙවෙනි කොටස
- සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - සිව්වෙනි කොටස
- සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පස්වෙනි කොටස
- ළඟට එන්නෙපා, මට කොරෝනා! - පළමුවෙනි කොටස
- ළඟට එන්නෙපා, මට කොරෝනා! - දෙවෙනි කොටස
- ළඟට එන්නෙපා, මට කොරෝනා! - තෙවෙනි කොටස
- පොඩි නිමල්ට ලොකු නිමල් මාමාගෙන්.....
- නොසොයමි නුඹව අම්මේ ආපහු නාව!
- දහතුනේ මාරකේ...Thirteen Lives
- අජාසත්ත - පළමු කොටස
- අජාසත්ත - දෙවෙනි කොටස
- අජාසත්ත - තෙවෙනි කොටස
- අජාසත්ත - හතරවෙනි කොටස
- අජාසත්ත - පස්වෙනි කොටස
- කෙලින් සනා - පළමු කොටස
- කෙලින් සනා - දෙවෙනි කොටස
- කෙලින් සනා - තෙවෙනි කොටස
- පේව්මන්ට් එකේ රජවී - පළමු කොටස
- පේව්මන්ට් එකේ රජවී - දෙවෙනි කොටස
- පේව්මන්ට් එකේ රජවී - තෙවෙනි කොටස
- පේව්මන්ට් එකේ රජවී - හතරවෙනි කොටස
- පේව්මන්ට් එකේ රජවී - පස්වෙනි කොටස
- පේව්මන්ට් එකේ රජවී - හයවෙනි කොටස
- පේව්මන්ට් එකේ රජවී - හත්වෙනි කොටස
- පේව්මන්ට් එකේ රජවී - අටවෙනි කොටස
- පේව්මන්ට් එකේ රජවී - නවවෙනි කොටස
- පේව්මන්ට් එකේ රජවී - දහවෙනි කොටස
- මඩ ගොහොරුවක පචවී - පළමුවෙනි කොටස
- මඩ ගොහොරුවක පචවී - දෙවෙනි කොටස
- මඩ ගොහොරුවක පචවී - තෙවෙනි කොටස
- මඩ ගොහොරුවක පචවී - හතරවෙනි කොටස
- මඩ ගොහොරුවක පචවී - පස්වෙනි කොටස
- මඩ ගොහොරුවක පචවී - හයවෙනි කොටස
- මඩ ගොහොරුවක පචවී - හත්වෙනි කොටස
- මඩ ගොහොරුවක පචවී - අටවෙනි කොටස
- මඩ ගොහොරුවක පචවී - නවවෙනි කොටස
- මඩ ගොහොරුවක පචවී - දහවෙනි කොටස
- ඉඳියාප්ප ගන්නවද? - පළමුවෙනි කොටස
- ඉඳියාප්ප ගන්නවද? - දෙවෙනි කොටස
- ඉඳියාප්ප ගන්නවාද? - තෙවෙනි කොටස
- ඉඳියාප්ප ගන්නවද? - හතරවෙනි කොටස
- දිව්‍ය අංගනි සේ මම සැරැසී - පළමුවෙනි කොටස
- දිව්‍ය අංගනි සේ මම සැරැසී - දෙවෙනි කොටස
- දිව්‍ය අංගනි සේ මම සැරැසී - තෙවෙනි කොටස
- දිව්‍ය අංගනි සේ මම සැරැසී - සිව්වෙනි කොටස
- දිව්‍ය අංගනි සේ මම සැරැසී - පස්වෙනි කොටස
- දිව්‍ය අංගනි සේ මම සැරැසී - හයවෙනි කොටස
- දිව්‍ය අංගනි සේ මම සැරැසී - හත්වෙනි කොටස
- දිව්‍ය අංගනි සේ මම සැරැසී - අටවෙනි කොටස
- දිව්‍ය අංගනි සේ මම සැරැසී - නවවෙනි කොටස
- දිව්‍ය අංගනි සේ මම සැරැසී - දහවෙනි කොටස
- දිව්‍ය අංගනි සේ මම සැරැසී - එකොළොස්වෙනි කොටස
- දිව්‍ය අංගනි සේ මම සැරැසී - දොළොස්වෙනි කොටස
- මෝස්තර එක්ක හත් වසරක් - පළමුවෙනි කොටස
- මෝස්තර එක්ක හත් වසරක්- දෙවෙනි කොටස
- මෝස්තර එක්ක හත් වසරක් - තෙවෙනි කොටස
- මෝස්තර එක්ක හත් වසරක් - සිව්වෙනි කොටස
- මෝස්තර එක්ක හත් වසරක් - පස්වෙනි කොටස
- මෝස්තර එක්ක හත් වසරක් - හයවෙනි කොටස
- මෝස්තර එක්ක හත් වසරක් - හත්වෙනි කොටස
- මෝස්තර එක්ක හත් වසරක් - අටවෙනි කොටස
- මෝස්තර එක්ක හත් වසරක් - නවවෙනි කොටස
- මෝස්තර එක්ක හත් වසරක් - දහවෙනි කොටස
- මෝස්තර එක්ක හත් වසරක් - එකොළොස්වෙනි කොටස
- මෝස්තර එක්ක හත් වසරක් -දොළොස්වෙනි කොටස
- මෝස්තර එක්ක හත් වසරක් -දහතුන්වෙනි කොටස
- මෝස්තර එක්ක හත් වසරක් -දාහතරවෙනි කොටස
- මෝස්තර එක්ක හත් වසරක් -පහළොස්වෙනි කොටස
- මෝස්තර එක්ක හත් වසරක් -දහසයවෙනි කොටස
- මෝස්තර එක්ක හත් වසරක් -දාහත්වෙනි කොටස
- මෝස්තර එක්ක හත් වසරක් -දහඅටවෙනි කොටස
- මෝස්තර එක්ක හත් වසරක් -දහනවවෙනි කොටස
- මෝස්තර එක්ක හත් වසරක් -විසිවෙනි කොටස
- මෝස්තර එක්ක හත් වසරක් -විසිඑක්වෙනි කොටස
- මෝස්තර එක්ක හත් වසරක් -විසිදෙවෙනි කොටස
- මෝස්තර එක්ක හත් වසරක් -විසිතුන්වෙනි කොටස
- මෝස්තර එක්ක හත් වසරක් -විසිහතරවෙනි කොටස/a>
- මෝස්තර එක්ක හත් වසරක් -විසිපස්වෙනි කොටස
- මෝස්තර එක්ක හත් වසරක් -විසිහයවෙනි කොටස
- මෝස්තර එක්ක හත් වසරක් -විසිහත්වෙනි කොටස
- මෝස්තර එක්ක හත් වසරක් -විසිඅටවෙනි කොටස
- මෝස්තර එක්ක හත් වසරක් -විසිනවවෙනි කොටස
- මෝස්තර එක්ක හත් වසරක් -තිස්වෙනි කොටස
- තණමල්විල කොල්ලගෙ යටිබඩ -පළමුවෙනි කොටස
- තණමල්විල කොල්ලගෙ යටිබඩ -දෙවෙනි කොටස
- තණමල්විල කොල්ලගෙ යටිබඩ -තෙවෙනි කොටස
- තණමල්විල කොල්ලගෙ යටිබඩ -සිව්වෙනි කොටස
- තණමල්විල කොල්ලගෙ යටිබඩ -පස්වෙනි කොටස
- තණමල්විල කොල්ලගෙ යටිබඩ -හයවෙනි කොටස
- කපුටු ගෙත්තම නං... -පළමුවෙනි කොටස
- කපුටු ගෙත්තම නං... -දෙවෙනි කොටස
- පතාගෙන ඇවිත්...- පළමුවෙනි කොටස
- පතාගෙන ඇවිත්...- දෙවෙනි කොටස
- පතාගෙන ඇවිත්...- තෙවෙනි කොටස
- පතාගෙන ඇවිත්...- සිව්වෙනි කොටස
- පතාගෙන ඇවිත්...- පස්වෙනි කොටස
- පතාගෙන ඇවිත්...- හයවෙනි කොටස
- පතාගෙන ඇවිත්...- හත්වෙනි කොටස
- පතාගෙන ඇවිත්...- අටවෙනි කොටස
- පතාගෙන ඇවිත්...- නවවෙනි කොටස
- පතාගෙන ඇවිත්...- දහවෙනි කොටස
- පතාගෙන ඇවිත්...- එකොළොස්වෙනි කොටස
- පතාගෙන ඇවිත්...- දොළොස්වෙනි කොටස
- පතාගෙන ඇවිත්...- දහතුන්වෙනි කොටස
- පතාගෙන ඇවිත්...- දාහතරවෙනි කොටස
- කෝච්චියේ හොර ගෙඩියා
- Brighton Marathon - දිව්වද හයියෙන්
- බ්‍රොයිලර් මනමේ! -පළමුවෙනි කොටස
- බ්‍රොයිලර් මනමේ! -දෙවෙනි කොටස
- ඒනං ඔයාට අපිව විස්වාස නෑ!
- ගස් නැති රටේ
- හොන මුත්තක්ද බලන්නේ?
- සුප්පා දේවිගෙ බඩේ මයිල් - පළමුවෙනි කොටස
- සුප්පා දේවිගෙ බඩේ මයිල් - දෙවෙනි කොටස
- සුප්පා දේවිගෙ බඩේ මයිල් - තෙවෙනි කොටස
- සුප්පා දේවිගෙ බඩේ මයිල් - සිව්වෙනි කොටස
- සුප්පා දේවිගෙ බඩේ මයිල් - පස්වෙනි කොටස
- සුප්පා දේවිගෙ බඩේ මයිල් - හයවෙනි කොටස
- සුප්පා දේවිගෙ බඩේ මයිල් - හත්වෙනි කොටස
- සුප්පා දේවිගෙ බඩේ මයිල් - අටවෙනි කොටස
- සුප්පා දේවිගෙ බඩේ මයිල් - නවවෙනි කොටස
- සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහවෙනි කොටස
- සුප්පා දේවිගෙ බඩේ මයිල් - එකොළොස්වෙනි කොටස
- සුප්පා දේවිගෙ බඩේ මයිල් - දොළොස්වෙනි කොටස
- සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහතුන්වෙනි කොටස
- මීන සංහාරය
- ගස්සලා යවමුද? -පළමුවෙනි කොටස
- ගස්සලා යවමුද? දෙවෙනි කොටස
- ගස්සලා යවමුද? තෙවෙනි කොටස
- ගස්සලා යවමුද? හතරවෙනි කොටස
- අකල් මරණෙකට හවුල් වී -පළමු කොටස
- අකල් මරණෙකට හවුල් වී -දෙවෙනි කොටස
- අනේ කුරුලු කූඩුවලට ගහන්නෙපා කැට කැබිලිති
- ආවොත් නොයා බැරිය! - පළමු කොටස
- ආවොත් නොයා බැරිය! - දෙවෙනි කොටස
- ආවොත් නොයා බැරිය! - තෙවෙනි කොටස
- මගේ චූස් - මටම චූස්
- මගෙන් මංගල යෝජනාවක්.....- පළමුවෙනි කොටස
- මගෙන් මංගල යෝජනාවක්.....- දෙවෙනි කොටස
- අනේ පාලි, තව චුට්ටක්....
- රේස්වලින් රේස් එකට පිම්මක් - පළමුවෙනි කොටස
- රේස්වලින් රේස් එකට පිම්මක් - දෙවෙනි කොටස
- රේස්වලින් රේස් එකට පිම්මක් - තෙවෙනි කොටස
- හයටත් කලින්........ - පළමුවෙනි කොටස
- හයටත් කලින්........ - දෙවෙනි කොටස
- හයටත් කලින්........ - තෙවෙනි කොටස
- දුකේ දුක හිතෙන කතන්දරේ - පළමුවෙනි කොටස
- දුකේ දුක හිතෙන කතන්දරේ - දෙවෙනි කොටස
- දුකේ දුක හිතෙන කතන්දරේ - තෙවෙනි කොටස
- දුකේ දුක හිතෙන කතන්දරේ - සිව්වෙනි කොටස
- දුකේ දුක හිතෙන කතන්දරේ - පස්වෙනි කොටස
- දුකේ දුක හිතෙන කතන්දරේ - හයවෙනි කොටස
- යකුන් බලන්නට ගිය යක්කු - පළමුවෙනි කොටස
- යකුන් බලන්නට ගිය යක්කු - දෙවෙනි කොටස
- යකුන් බලන්නට ගිය යක්කු - තෙවෙනි කොටස
- දුන්හිඳ අද්දර මාරකේ - පළමුවෙනි කොටස
- දුන්හිඳ අද්දර මාරකේ - දෙවෙනි කොටස
- දුන්හිඳ අද්දර මාරකේ - තෙවෙනි කොටස
- දුන්හිඳ අද්දර මාරකේ - සිව්වෙනි කොටස
- දුන්හිඳ අද්දර මාරකේ - පස්වෙනි කොටස
- දුන්හිඳ අද්දර මාරකේ - හයවෙනි කොටස
- දුන්හිඳ අද්දර මාරකේ - හත්වෙනි කොටස
- නෑනා නැතත් කල දවසක් ..... -පළමුවෙනි කොටස
- නෑනා නැතත් කල දවසක් ..... -දෙවෙනි කොටස
- කොරෝනා කොරපු; කොරන හරිය!-පළමුවෙනි කොටස
- කොරෝනා කොරපු; කොරන හරිය!-දෙවෙනි කොටස
- කොරෝනා කොරපු; කොරන හරිය!-තෙවෙනි කොටස
- කොරෝනා කොරපු; කොරන හරිය!-සිව්වෙනි කොටස
- කොරෝනා කොරපු; කොරන හරිය!-පස්වෙනි කොටස
- කොරෝනා කොරපු; කොරන හරිය!-හයවෙනි කොටස
- කොරෝනා කොරපු; කොරන හරිය!-හත්වෙනි කොටස
- කොරෝනා කොරපු; කොරන හරිය!-අටවෙනි කොටස
- මගෙ ඡන්දෙට මිලක් දියෝ!
- එකෙන්ම ඇති වුණා....
- දහතුනේදී...- පළමුවෙනි කොටස
- දහතුනේදී...- දෙවෙනි කොටස
- දහතුනේදී...- තෙවෙනි කොටස
- දහතුනේදී...- සිව්වෙනි කොටස
- දහතුනේදී...- පස්වෙනි කොටස
- දහතුනේදී...- හයවෙනි කොටස
- නීල බිඟු කැල
- නිල් බෘංගයන්ගේ වස වැරැද්දක්
- සමුදුරු මූර්තිය
- දහ බලු කතා වස්තුව- පළමුවැනි කොටස
- දහ බලු කතා වස්තුව- දෙවෙනි කොටස
- මගේ දෛවය මගේ රිස්සට...
- කූචු කුචයියෝ
- අපේ කුණු අපට එපාවී.... - පළමු කොටස
- අපේ කුණු අපට එපාවී.... - දෙවෙනි කොටස
- දියවිනි ඉනාව- පළමුවැනි කොටස
- දියවිනි ඉනාව- දෙවෙනි කොටස
- දියවිනි ඉනාව- තෙවෙනි කොටස
- දියවිනි ඉනාව- හතරවෙනි කොටස
- දියවිනි ඉනාව- පස්වෙනි කොටස
- සිඳු දකින සඳ - පළමුවෙනි කොටස
- සිඳු දකින සඳ - දෙවෙනි කොටස
- සිඳු දකින සඳ - තෙවෙනි කොටස
- රැජින COLOMBO එයි! - පළමුවෙනි කොටස
- රැජින COLOMBO එයි! - දෙවෙනි කොටස
- රැජින COLOMBO එයි! - තෙවෙනි කොටස
- අම්මගෙ රෙද්දෙ මමාස් - පළමුවෙනි කොටස
- අම්මගෙ රෙද්දෙ මමාස් - දෙවෙනි කොටස
- අම්මගෙ රෙද්දෙ මමාස් - තෙවෙනි කොටස
- විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - පළමුවෙනි කොටස
- විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - දෙවෙනි කොටස
- කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - පළමුවෙනි කොටස
- කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - දෙවෙනි කොටස
- කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - තෙවෙනි කොටස
- කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - හතරවෙනි කොටස
- පත්තෑයාට පෙත්තෙන් - පළමුවෙනි කොටස
- පත්තෑයාට පෙත්තෙන් - දෙවෙනි කොටස
- පත්තෑයාට පෙත්තෙන් -තෙවෙනි කොටස
- පත්තෑයාට පෙත්තෙන් - හතරවෙනි කොටස
- පත්තෑයාට පෙත්තෙන් - පස්වෙනි කොටස
- පත්තෑයාට පෙත්තෙන් -හයවෙනි කොටස
- පත්තෑයාට පෙත්තෙන් - හත්වෙනි කොටස
- මාතර තානායමේ අමු හෙලුවෙන්...- පළමුවෙනි කොටස
- මාතර තානායමේ අමු හෙලුවෙන්...- දෙවෙනි කොටස
- හරෝහරා - පළමුවෙනි කොටස
- හරෝහරා - දෙවෙනි කොටස
- හරෝහරා - තෙවෙනි කොටස
- හරෝහරා - සිව්වෙනි කොටස
- හරෝහරා - පස්වෙනි කොටස
- හරෝහරා - හයවෙනි කොටස
- හරෝහරා - හත්වෙනි කොටස
- හරෝහරා - අටවෙනි කොටස
- හරෝහරා - නවවෙනි කොටස
- හරෝහරා - දහවෙනි කොටස
- හරෝහරා - එකොළොස්වෙනි කොටස
- හරෝහරා - දොළොස්වෙනි කොටස
- හරෝහරා - දහතුන්වෙනි කොටස
- හරෝහරා - දාහතරවෙනි කොටස
- හරෝහරා - පහළොස්වෙනි කොටස
- හරෝහරා - දහසයවෙනි කොටස
- හරෝහරා - දාහත්වෙනි කොටස
- හරෝහරා - දහඅටවෙනි කොටස
- හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-පළමු කොටස
- හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-දෙවෙනි කොටස
- හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-තෙවෙනි කොටස
- දොළහ වෙද්දී.... පළමු කොටස
- දොළහ වෙද්දී.... දෙවෙනි කොටස
- දොළහ වෙද්දී.... තෙවෙනි කොටස
- දොළහ වෙද්දී.... සිව්වෙනි කොටස
- දොළහ වෙද්දී.... පස්වෙනි කොටස
- දොළහ වෙද්දී.... හයවෙනි කොටස
- මාරක හී පහර පළමුවෙනි කොටස
- මාරක හී පහර දෙවෙනි කොටස
- මාරක හී පහර තෙවෙනි කොටස
- මාරක හී පහර සිව්වෙනි කොටස
- මාරක හී පහර පස්වෙනි කොටස
- මාරක හී පහර හයවෙනි කොටස
- මාරක හී පහර හත්වෙනි කොටස
- මාරක හී පහර අටවෙනි කොටස
- මාරක හී පහර නවවෙනි කොටස
- රටටම බැඩ උලෙන දා - පළමුවෙනි කොටස
- රටටම බැඩ උලෙන දා - දෙවෙනි කොටස
- Un දොස් මංගල්ලේ -පළමුවෙනි කොටස
- Un දොස් මංගල්ලේ -දෙවෙනි කොටස
- ටිකිරි මාමට මනාලියෙක්
- මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - පළමු කොටස
- ඉරෙන් හඳෙන් - එළිය අරං...
- මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - දෙවෙනි කොටස
- මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - තෙවෙනි කොටස
- හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- පළමුවෙනි කොටස
- හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- දෙවෙනි කොටස
- හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- තෙවෙනි කොටස
- හෙනහුරු ගුණ්ඩු- බත්තලං....-සිව්වෙනි කොටස
- කියන්න කවි කර ආවේ මහතුනි....
- අවුරුදු දෙදොහක විත්ති
- උතුමාණෙනි, 200 Halla Ho සහ අරගලය
- සතුටේ ‘සතුට’ සොයන ගමන්....-පළමුවෙනි කොටස
- සතුටේ ‘සතුට’ සොයන ගමන්....-දෙවෙනි කොටස
- හරෝහරා! හතරවෙනි සැරේටත්... -පළමුවෙනි කොටස
- හරෝහරා! හතරවෙනි සැරේටත්... -දෙවෙනි කොටස
- හරෝහරා! හතරවෙනි සැරේටත්... -තෙවෙනි කොටස
- හරෝහරා! හතරවෙනි සැරේටත්... -සිව්වෙනි කොටස
- හරෝහරා! හතරවෙනි සැරේටත්... -පස්වෙනි කොටස
- සීයයි..!
- මරිසි මංගල්ලේ - පළමුවෙනි කොටස
- මරිසි මංගල්ලේ - දෙවෙනි කොටස
- සැවුළු සංහාරය - පළමුවෙනි කොටස
- සැවුළු සංහාරය - දෙවෙනි කොටස
- සැවුළු සංහාරය - තෙවෙනි කොටස
- සැවුළු සංහාරය - හතරවෙනි කොටස
- සැවුළු සංහාරය - පස්වෙනි කොටස
- සැවුළු සංහාරය - හයවෙනි කොටස
- සැවුළු සංහාරය - හත්වෙනි කොටස
- යාල රිලවුන් පැන්නූ පූරි කොළඹදී හිට් වෙයි! - පළමුවෙනි කොටස
- යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - දෙවෙනි කොටස
- යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - තෙවෙනි කොටස
- යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - සිව්වෙනි කොටස
- යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - පස්වෙනි කොටස
- දුකයි! අන්තිම දුකයි!! සත්තෙන්ම හිරිකිතයි!!!
- දිසානායකලගෙ ටිකිරි මොළේ - පළමුවෙනි කොටස
- දිසානායකලගෙ ටිකිරි මොළේ - දෙවෙනි කොටස
- Neil හඳට - Sunil කරඬුවට - waල්ල බිමට
- වීරයා පණ පිටින්...........
- Desert Rose, අරවින්ද හා reiki - පළමුවෙනි කොටස
- Desert Rose, අරවින්ද හා reiki - දෙවෙනි කොටස
- කොටවන කතන්දරේ
- ඒකත් මංගල මුත්තමං!
- බක්කරේගේ Pork දානය - පළමුවෙනි කොටස
- බක්කරේගේ Pork දානය - දෙවෙනි කොටස
- පණ බේරපු කිරිල්ලී - පළමුවෙනි කොටස
- පණ බේරපු කිරිල්ලී - දෙවෙනි කොටස
- පණ බේරපු කිරිල්ලී - තෙවෙනි කොටස
- යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පළමුවෙනි කොටස
- යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - දෙවෙනි කොටස
- යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - තෙවෙනි කොටස
- යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - සිව්වෙනි කොටස
- යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පස්වෙනි කොටස
- යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - හයවෙනි කොටස
- බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- පළමු කොටස
- බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- දෙවෙනි කොටස
- හැඟුම් දඩමීමාට වහංවී - පළමු කොටස
- හැඟුම් දඩමීමාට වහංවී - දෙවෙනි කොටස
- හැඟුම් දඩමීමාට වහංවී - තෙවෙනි කොටස
- හැඟුම් දඩමීමාට වහංවී - සිව්වෙනි කොටස
- හැඟුම් දඩමීමාට වහංවී - පස්වෙනි කොටස
- හැඟුම් දඩමීමාට වහංවී - හයවෙනි කොටස
- හැඟුම් දඩමීමාට වහංවී - හත්වෙනි කොටස
- ඩිංගෙන් Hong Kong හිරේ!-පළමු කොටස
- ඩිංගෙන් Hong Kong හිරේ!-දෙවෙනි කොටස
- ඩිංගෙන් Hong Kong හිරේ!-තෙවෙනි කොටස
- ඩිංගෙන් Hong Kong හිරේ!-සිව්වෙනි කොටස
- ඩිංගෙන් Hong Kong හිරේ!-පස්වෙනි කොටස
- ඩිංගෙන් Hong Kong හිරේ!-හයවෙනි කොටස
- ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පළමුවෙනි කොටස
- ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - දෙවෙනි කොටස
- ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - තෙවෙනි කොටස
- ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - සිව්වෙනි කොටස
- ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පස්වෙනි කොටස
- ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - හයවෙනි කොටස
- දාහතර වෙද්දී... - පළමුවෙනි කොටස
- දාහතර වෙද්දී... - දෙවෙනි කොටස
- දාහතර වෙද්දී... - තෙවෙනි කොටස
- දාහතර වෙද්දී... - සිව්වෙනි කොටස
- දාහතර වෙද්දී... - පස්වෙනි කොටස
- දාහතර වෙද්දී... - හයවෙනි කොටස
- දාහතර වෙද්දී... - හත්වෙනි කොටස
- දාහතර වෙද්දී... - අටවෙනි කොටස
- දාහතර වෙද්දී... - නවවෙනි කොටස
- දාහතර වෙද්දී... - දහවෙනි කොටස
- ප්‍රේමණීය චාරිකාවක් - පළමුවෙනි කොටස
- ප්‍රේමණීය චාරිකාවක් - දෙවෙනි කොටස
- පහළොවේදී...- පළමුවෙනි කොටස
- පහළොවේදී...- දෙවෙනි කොටස
- පහළොවේදී...- තෙවෙනි කොටස
- පහළොවේදී...- සිව්වෙනි කොටස
- පහළොවේදී...- පස්වෙනි කොටස
- පහළොවේදී...- හයවෙනි කොටස
- පහළොවේදී...- හත්වෙනි කොටස
- පහළොවේදී...- අටවෙනි කොටස
- පහළොවේදී...- නවවෙනි කොටස
- පහළොවේදී...- දහවෙනි කොටස
- පහළොවේදී...- එකොළොස්වෙනි කොටස
- නාමල් බේබිට නිදිගෙන්...
- පැය 69 - 1 = 68 ගෝඨා ගෝ ගමේ උපවාසය
- උපවාස කුටියේ, වතුරෙන් යැපුණු පැය 68 දී...
- උපවාසේ වෙන අස්සේ...- පළමුවෙනි කොටස
- උපවාසේ වෙන අස්සේ...- දෙවෙනි කොටස
- උපවාසේ වෙන අස්සේ...- තෙවෙනි කොටස
- උපවාසේ වෙන අස්සේ...- සිව්වෙනි කොටස
- උපවාසේ වෙන අස්සේ...- පස්වෙනි කොටස
- අසිරිමත්වූ දේකි - පළමුවෙනි කොටස
- අසිරිමත්වූ දේකි -දෙවෙනි කොටස
- අසිරිමත්වූ දේකි -තෙවෙනි කොටස
- අසිරිමත්වූ දේකි -සිව්වෙනි කොටස
- අසිරිමත්වූ දේකි -පස්වෙනි කොටස
- අසිරිමත්වූ දේකි -හයවෙනි කොටස
- අසිරිමත්වූ දේකි -හත්වෙනි කොටස
- අසිරිමත්වූ දේකි -අටවෙනි කොටස
- අසිරිමත්වූ දේකි -නවවෙනි කොටස
- අසිරිමත්වූ දේකි -දහවෙනි කොටස
- අසිරිමත්වූ දේකි -එකොළොස්වෙනි කොටස
- අසිරිමත්වූ දේකි -දොළොස්වෙනි කොටස
- අසිරිමත්වූ දේකි -දහතුන්වෙනි කොටස
- යුවති කිරිල්ලී -පළමුවෙනි කොටස
- යුවති කිරිල්ලී -දෙවෙනි කොටස
- යුවති කිරිල්ලී -තෙවෙනි කොටස
- යුවති කිරිල්ලී -සිව්වෙනි කොටස
- යුවති කිරිල්ලී -පස්වෙනි කොටස
- යුවති කිරිල්ලී -හයවෙනි කොටස
- යුවති කිරිල්ලී -හත්වෙනි කොටස
- යුවති කිරිල්ලී -අටවෙනි කොටස
- යුවති කිරිල්ලී -නවවෙනි කොටස
- යුවති කිරිල්ලී -දහවෙනි කොටස
- යුවති කිරිල්ලී -එකොළොස්වෙනි කොටස
- යුවති කිරිල්ලී -දොළොස්වෙනි කොටස
- යුවති කිරිල්ලී -දහතුන්වෙනි කොටස
- යුවති කිරිල්ලී -දාහතරවෙනි කොටස
- යුවති කිරිල්ලී -පහළොස්වෙනි කොටස
- යුවති කිරිල්ලී -දහසයවෙනි කොටස
- යුවති කිරිල්ලී -දාහත්වෙනි කොටස
- යුවති කිරිල්ලී -දහඅටවෙනි කොටස
- යුවති කිරිල්ලී -දහනවවෙනි කොටස
- යුවති කිරිල්ලී -විසිවෙනි කොටස
- යුවති කිරිල්ලී -විසිඑක්වෙනි කොටස
- යුවති කිරිල්ලී -විසිදෙවෙනි කොටස
- යුවති කිරිල්ලී -විසිතුන්වෙනි කොටස
- යුවති කිරිල්ලී -විසිහතරවෙනි කොටස
- යුවති කිරිල්ලී -විසිපස්වෙනි කොටස
- යුවති කිරිල්ලී -විසිහයවෙනි කොටස
- හිනා වෙන්න හිනා - පළමුවෙනි කොටස
- හිනා වෙන්න හිනා - දෙවෙනි කොටස
- හිනා වෙන්න හිනා - තෙවෙනි කොටස
- හිනා වෙන්න හිනා - සිව්වෙනි කොටස
- හිනා වෙන්න හිනා - පස්වෙනි කොටස
- හිනා වෙන්න හිනා - හයවෙනි කොටස
- හිනා වෙන්න හිනා - හත්වෙනි කොටස
- හිනා වෙන්න හිනා - අටවෙනි කොටස
- හිනා වෙන්න හිනා - නවවෙනි කොටස
- හිනා වෙන්න හිනා - දහවෙනි කොටස
- හිනා වෙන්න හිනා - එකොළොස්වෙනි කොටස
- හිනා වෙන්න හිනා - දොළොස්වෙනි කොටස
- හිනා වෙන්න හිනා - දහතුන්වෙනි කොටස
- හිනා වෙන්න හිනා - දාහතරවෙනි කොටස
- හිනා තවත් හිනා - පළමුවෙනි කොටස
- හිනා තවත් හිනා - දෙවෙනි කොටස
- හිනා තවත් හිනා - තෙවෙනි කොටස
- හිනා තවත් හිනා - සිව්වෙනි කොටස
- හිනා තවත් හිනා - පස්වෙනි කොටස
- හිනා තවත් හිනා - හයවෙනි කොටස
- හිනා තවත් හිනා - හත්වෙනි කොටස
- හිනා තවත් හිනා - අටවෙනි කොටස
- හිනා තවත් හිනා - නවවෙනි කොටස
- හිනා තවත් හිනා - දහවෙනි කොටස
- හිනා තවත් හිනා - එකොළොස්වෙනි කොටස
- හිනා තවත් හිනා - දොළොස්වෙනි කොටස
- ‘හොඳටම කරලා’, අපටම කෙළලා යන්නයි මුන්දැල සැරසෙන්නේ
- මැංචෝසන් චාරිකා - පළමුවෙනි කොටස
- මැංචෝසන් චාරිකා - දෙවෙනි කොටස
- මැංචෝසන් චාරිකා - තෙවෙනි කොටස
- මැංචෝසන් චාරිකා - සිව්වෙනි කොටස
- මැංචෝසන් චාරිකා - පස්වෙනි කොටස
- මැංචෝසන් චාරිකා - හයවෙනි කොටස
- මැංචෝසන් චාරිකා - හත්වෙනි කොටස
- මැංචෝසන් චාරිකා - අටවෙනි කොටස
- මැංචෝසන් චාරිකා - නවවෙනි කොටස
- මැංචෝසන් චාරිකා - දහවෙනි කොටස
- මැංචෝසන් චාරිකා - එකොළොස්වෙනි කොටස
- මැංචෝසන් චාරිකා - දොළොස්වෙනි කොටස
Sunday, December 22, 2019
පණ බේරපු කිරිල්ලී - දෙවෙනි කොටස
14 comments:
'පන බේරපු කිරිල්ලී' 'දෙවන කොටස' දැක්කාම තමයි මට තේරුනේ මම පළමුවෙනි කොටස කියවා නැති බව. ඒක නිසා 2 කියවන්න පෙර ආපසු ගිහින් 1 කියවලා ආවා.ReplyDelete
මල්වතු ඔයට ආරුවී ආරු කියලා කියන බව අහලා තිබුනාට අරිප්පු ගඟ හෝ මුසලි ආරු කියන බව දැනගත්තේ ඔයාගෙනුයි.
ඔහොම නාන්න ගිහින් ගිහිං මොකද උනේ කියලා ඊළඟ කොටසින් දැන ගනිමු.
ස්තුතියි.
සෑම්, එකේ සම්පූර්ණ ගෞරවය භූෂනටයි අයිති, වෙලාව තියේ නම් 'කදම්භ නදියේ......' කියවලා බලන්න.ReplyDeleteReplies
https://trisinhala.blogspot.com/2019/04/blog-post.htmlDelete
නෑවාම සනිපයට නින්ද යනවානේReplyDeleteReplies
හිට්ලරුත් හැමදාම නාන කෙනෙක්ව හිටියලු!Delete
පුදුම නෑමක්නෙ ඒක. ජල දූෂණයට මුල.ReplyDeleteReplies
ජාල දූෂණයක් නම් සිද්දවෙනවා තමයි. මගෙන් නම් එහෙම වෙන්නේ අඩුවෙන්, මොකද ඔය ෂැම්පු අරවා මේවා පාවිච්චියක් නැහැ. රසායන ද්‍රව්‍ය අඩුවෙන්ම තියෙන බේබි සබන් තමයි පාවිච්චි කරන්නෙත්, ඒ නිසා.Delete
කවුද කිව්ව සාරානන්ද පිරිවෙනේ පිලිමෙ හරියට අටම්පහුර මහත්තය මහණවුනොත් වගේ කියලReplyDeleteReplies
කට, කට Pra Jay මහත්තයෝ. කොලු උන්නාන්සේ කෙනෙකුට ඇහුනොත් ඒ අසරණයව මහණ කරවලාම තමයි පස්ස බලන්නේ. මහන මැෂින් හදන්නත් දන්නා කෙනා නිසා.Delete
ප්‍රා ජේ, සකල සිංහල බ්ලොග් කලාවට අධිපති, බ්ලොග් කරුවන්ගේ ශාන්තුවරයා වූ, අටම්පහියට, අටම්පහුරට, කැඩුනු මැෂින් වලට අරක් ගත්, බ්ලොග් වලට පිහිට වෙනවයි, සෝම පානෝත්සවයන්හි මුලසුන ගන්නවයි සුපසිදු අපගේ ගුරු දේවෝත්තම වු රාවණ රජ්ජුුරුවන්නේ හෙළ යක් පරපුරෙන් පැවතෙන අටම්තුමාට ගැරහීම හෙලා දකිමු.Delete
ලොකු, මගෙනුත් ලොකු වැරද්දක් වෙලා. ඔයාගේ කමෙන්ට එක කියවද්දියි දැක්කේ. හැමෝම මට සමාවෙන්න ඕනේ. 'ලොකු උන්නාන්සේ කෙනෙකුට' කියලා කොටද්දී k l අකුරු දෙක වැරදිලා loku වචනේ kolu වෙලා. සමාවෙන්න ඕනේ ලක්මාල්!Delete
ලොකු මල්ලිට අර ලිස්ට් එකේ වැදගත්ම එකක් අමතක වෙලා. "මහා කුණුහරුප චක්‍රවර්ති" කියන කෑල්ල...Delete
මේ මැත කාලයේ නෙලුව රම්බඩගල්ල විහාරයේ බුදු පිලිමයෙත් සිරසයි බෙල්ලයි ලොකුයි ඇග පොඩියි.ReplyDeleteReplies
හුඟක් තැන්වල පිළිම නෙලා තියෙන්නේ ශාස්ත්‍රය නොදන්නා අය වගෙයි, අසංග.Delete
පසුගිය මාසයේ වැඩිම පිවිසුම්
-
ප්‍රේමය කියන ප්‍රෙහේළිකාව හරියටම විසඳගන්න පුළුවන් වුණ කෙනෙක් නම්.... පුකේ ආදරේ , ( කෝ යකෝ හිත්වල ආදරේ...) ඒ ප්‍රශ්නේ අහලා තිබ්බේ මාතලන්. 20...
-
අදහනු මැනවි! අපේ විධුර නාටකයෙදී තරහ පිරිමහන්නට පූර්ණකයා විධුර පඬිතුමන්ව ඇත්තටම කරකවලා , පොළොවේ ගැහුවා වැනි දෙයක් මම එදා නොකළෙමි. නමුදු ...
-
නිඳි කුමරිය ඉන්නේ නිඳාගෙනය. (අපේ සමහර දේශපාලුවන් වගේ නිදි වැදිලා හෙම නොවේ!) කිසිවෙක් ඇයගේ නින්දට බාධා කරන්නේ නැත. ඒ එයින් ඇය කෝපයට පත් වෙතැය...
-
“ දේවාල මාමා ?” “ඇයි මාමේ... අර ම... ම...” “මර්වින්ද?” “අන්න හරි මාමේ. එයා තමා. ගිය සැරේ ඒ මාමා නියමෙට පූජාව තිබ්බා. මේ සැරෙත් අං දේවාල...
-
ඉතිං ඔහොම අප්‍රභංස, විලම්බීත, කෙරුවාවල් අස්සේ වුණත් අපි කියාගෙන ආව කතාවත් කියන්න ඕනි නෙව. හැබැයි දැන් නෙවෙයි. මේ posts මාලාවේ ඊළඟ; අවසාන කොට... | hplt_2 |
ඔහු!
අදටත් විඳවනවා..
අවුරුදු 3කට කලින් ඔහු ජීවිතේ අවාසනාවන්තම සිද්ධියට මූණ දුන්නා.
අනේ එදා එයා සීට් බෙල්ට් එක දාගෙන හිටියා නම්!
දැන් ඔහු ජීවත් වෙන්නෙ කිසිම හැඟීමක් දැනීක් දැනෙන්නෙ නැති ගානට.
ජීවිතේ මූලික අවශ්‍යතා ටික විතරක් ඉෂ්ට කරගෙන
පාරතොටේදී හම්බෙන කෙල්ලෙක් එක්ක කතාබහ කරලා, හාද වෙලා,
රැයක් ගත කරලා, එහෙමම එලවලා දානවා
සම්බන්ධකමක උපරිම කාලය, වරුවයි!
හිත කෑලි කෑලි වලට කැඩිලා ගිහින්
ඇය!
අදටත් ඇය දන්නෑ ඔහු ඇයව අතෑරලා ගියේ ඇයිද කියලා.
ඒ ගිහිනුත් කිසිම වගක් නෑ වගේ වෙන කෙනෙක් එක්ක ඉන්න අපූරුව!
ඒත් ඇය දැනටත් ඔහු පස්සෙන් යනවා අපහාස විඳ විඳ.
අවුරුද්දක් ගත වෙලා
අද ඇයගෙ උපන්දිනේ.
ගිය අවුරුද්ද වගේ නෙමෙ, මේ අවුරුද්දෙ ඇය තනියෙන්.
හිත කෑලි කෑලි වලට කැඩිලා ගිහින්
දෛවය!
දවසක් ඔහුවයි ඇයවයි මුණගස්සනවා.
ඒ ඇයි?
ඊට පස්සෙ මොකෝ වෙන්නෙ?
පුරා කොටස් 11 ඔස්සේ දිගහැරෙන මේ කතන්දරේ
කලින් කොටසින්:
සමීරා එක්ක නයි වෛරෙන් හිටියට වීර්ට එදා රෑම සමීරාට කෝල් කරන්න සිද්ධ වුණා. ඒ අනපේක්ෂිත විදිහට කඩාපාත් වෙච්ච මරාලයක් හින්දා. වීර් නිතරම ගෙදෙට්ට කෙල්ලෝ ගෙන්නගන්න නිසා අහල පහල අය මෙතන ගණිකා ජාවාරමක් වෙනවයි කියලා පොලිසිය ගෙන්නලා තිබ්බා. ඒ චෝදනාවෙන් ගැලවෙන්න හිතන් උදව් ඉල්ලන්න වීර් කාර්තික්ට කෝල් කරත්, ෆෝන් එක වැඩ නෑ. ඉතින් කරන්න දෙයක් නැතිකමට සමීරාට ගත්තා. සමීරා සහ පිරිස ඒ වෙලේ මලක් ගගහා නෙව හිටියේ, ඒපිටම ඇවිල්ලා එතන හෙන නාඩගමක් නැටුවා මතකයිනේ. කොහොමහරි අහලපහල අයගේ වැරදි වැටහීම දුරු කරලා පොලිසියවත් යවන්න කෙල්ලෝ ටික කටයුතු කරා. ඒ අස්සෙම නැතිවෙලා හිටිය කර්මාත් හම්බවුණා. කතාව තව දිග්ගස්සන්නේ නැතුව සමීරා ඔය අස්සේ වීර්ට කිව්වා ඔප්පු ටික අත්සන් කරලා දෙන්නම් කියලා. අන්තිමේදී දෙන්නාට දෙන්නා ගැන පොඩි පහන් හැගීමක් දැනුනා දැනුනා වගේ.
ඔප්පුව අත්සන් කරද්දී වීර් සමීරාට අවසන් උදව්ව වශයෙන් කාර්තික්ව මුණගස්සන්නම් කියලා පොරොන්දු වුණා. එහෙමයි කියලා දෙන්නම බාර් එකට ගියානේ කාර්තික්ව හම්බෙන්න. වීර්වයි සමීරාවයි එකට ඉන්නවා දැක්කම කාර්තික්ටත් මොකක්දෝ වගේ උනා දකින්න ඇතිනේ. කොහොමහරි සමීරා එදත් එතනින් පිටත් වුණේ හිත රිද්දගෙන. කාර්තික් එක්ක කතා කරන්න ඇවිත් ඒ වැඩේ කරගන්න උනෙත් නෑ. අවසානෙදි වීර් සමීරාව පරණ ගෙදරට එක්ක ගිහින් අලීනාගේ උපන්දිනේ සැමරුවා. සමීරාටත් මේක අලුත්ම අත්දැකීමක් උනා.
ඔය අතරේ කාර්තික්ගේ කල්පනාව තිබ්බේ වීර් සහ සමීරා සෙට් වෙලාදෝ කියලයි. හැමදේම සැකහැර දැනගන්න කාර්තික් සමීරාට එන්න කිව්වා ගෙදෙට්ට හම්බවෙන්න. සමීරා ආයේ බලාපොරොත්තු කන්දක් පොදී බැඳගෙන ගියා. ඔහේ කතාවක් දාගෙන ඉන්න අතරේ එතනට අනන්‍යා ආවානේ. බයවෙච්ච කාර්තික් සමීරාව අල්මාරියට දාලා අගුලු දැම්මා. අනන්‍යා ආවේ කාර්තික්ව ෆිල්ම් එකක් බලන්න එක්ක යන්න, සමීරාව එලියට ගන්න ඉඩක් නොතියාම කාර්තික්ට අනන්‍යා එක්ක එලියට යන්න වුණා. අලීනාගේ උපන්දින දවසේ වීර් අවුලෙන් හිටියේ. ෆෝන් එකත් ඕෆ් කරලා නිදි පෙති කීපයකුත් ගහලා නිදාගන්න හැදුවට නින්ද නම් නෑ ආවේ. ඔය අස්සේ ආදිල් ආවනේ වීර්ගේ සද්දයක් නැත්තේ ඇයි බලන්න. මිනිහගේ පෙරැත්තය පිට වීර් ෆෝන් එක ඔන් කරගත්තා. ඔය අතරෙයි කාර්තික්ගේ වොයිස්මේලුයි මිස්ඩ් කෝලුයි වීර් දැක්කේ. සමීරා අල්මාරිය අස්සේ හිර වෙලාය, පුළුවන් ඉක්මනට ගිහින් එයාව එලියට ගන්න කියලා කාර්තික් ආයාචනා කරලා තිබ්බා. වීර්ට එතකොටම මතක් වුණා සමීරාට ක්ලවුස්ටර්ෆෝබියාව නේද කියලා. පුළුවන් ඉක්මනට වීර් කාර්තික්ගේ ගෙදර ගිහින් සමීරාව එලියට ගත්තා. හැබැයි ඒ වෙද්දී සමීරා…
අද එතැන් සිට…. | hplt_2 |
Author : කෝෂලී කැකුලන්දල
Publisher : Samanthi Publishers
First Edition 2014
ISBN 978-955-0084-75-3
144 Pages
ශ්‍රී ලාංකීය නර්තන කලාව උඩරට, පහතරට සහ සබරගමු යන ප්‍රධාන නර්තන සම්ප්‍රදායන් ත්‍රිත්වයෙන් සමන්විත වෙයි. එම නර්තන සම්ප්‍රදායන් අතුරින් සබරගමු නර්තන සම්ප්රදාය පැරණිම සම්ප්රදාය ලෙස සලකනු ලැබේ. නමුත් එය ශ්‍රී ලාංකේකීය නර්තන කලාවේ මූලාරම්භය යැයි ඉන් අදහස් නොවේ. මේ හැරුණු කොට ශ්‍රී ලංකාවේ අනුරාධපුර, පොළොන්නරු, යාපහුව සහ ගම්පොළ වැනි රාජධානි සමයන්හි විහාරාරාම සහ වෙනත් ගොඩනැගිලි ආශ්‍රිතව නර්තන විලාශයන් දැක්වෙන කැටයම් සහ මූර්ති හමුවේ. ඊට අමතරව බ්රාහ්මී ශීලා ලේඛනවල නැටුම් ශ්‍රේණි පිළිබඳ සඳහන් වී ඇති අවස්ථා දක්නට ලැබේ. එසේම වංශකතා වැනි මූලාශ්‍ර ආශ්‍රිතව ද පැරණි ලක්දිව නර්තන කලාව පිළිබඳ විවිධ තොරතුරු සඳහන්ව තිබෙනු දැකිය හැකිය. මේ සෑම සාධකයකින්ම පැහැදිලි වන්නේ ශ්‍රී ලංකාවේ වසර දහස් ගණනකට පෙර පවා නර්තනය කලාවක් ලෙස පැවති බව ය. නමුත් මෙම පැරණි නර්තන කලාව පිළිබඳ අප දන්නා තොරතුරු අල්ප ය. එමනිසා මෙම කෘතියෙන් අපේක්ෂා කරනු ලැබුවේ මෙම පැරණි නර්තන කලාව පිළිබඳ විශ්ලේෂණාත්මක අධ්‍යයනයක් සිදු කිරීම යි. පැරණි ලක්දිව නර්තනය පිළිබඳ මෙතෙක් සිදුකර ඇති පර්යේෂණවලින් වෙනස් මඟක් ගනිමින් පුරාවිද්‍යාත්මක දෘෂ්ටියක් යටතේ අර්ථ නිරූපණය කිරීමට ගත් උත්සහයක් වශයෙන් මෙය පෙන්වා දිය හැකිය.
#LakdiwaParaniNarthanaKalawa #KoshaliKekulandala #SinhalaPoth | hplt_2 |
2017 සිට GunsBet ඔන්ලයින් ඔට්ටු ඇල්ලීමේ ප්‍රජාවක කොටසකි. එතැන් සිට, ඔවුන් ඔවුන්ගේ මාර්ගයෙන් සටන් කර වෙළඳපොලේ ඇති හොඳම eSports ඔට්ටු ඇල්ලීමේ වෙබ් අඩවියක් ලෙස කීර්තියක් ලබා ඇත.
Direx NV, Curacao හි නීති යටතේ ස්ථාපිත සහ ලියාපදිංචි සමාගමක් සහ එහි සම්පූර්ණ හිමිකාරීත්වය දරන Direx Limited, මෙම ඔට්ටු ඇල්ලීමේ අඩවිය ක්‍රියාත්මක කරයි. ඔවුන් Curacao සහ Netincom NV හි බලපත්‍ර ලබා ඇත
එහි තරඟකරුවන්ට සාපේක්ෂව එහි තාරුණ්‍යය හේතුවෙන් GunsBet හට එහි eSports පිරිනැමීම් වැඩිදියුණු කිරීමට බොහෝ දුර යා යුතුව ඇත.
කෙසේ වෙතත්, අනෙකුත් වැදගත්ම eSports ඔට්ටු ඇල්ලීමේ සමාගම් මෙන්, ඔවුන් ප්‍රධාන eSports ඔට්ටු ඇල්ලීමේ ක්‍රීඩා තුන කෙරෙහි අවධානය යොමු කිරීමට පටන් ගත්හ: Counter-Strike: Global Offensive, DotA 2, සහ League of Legends.
eSports නැරඹීමෙන් සහ ඔට්ටු ඇල්ලීමෙන් ඇතිවන උද්යෝගය හැරුණු විට, ක්‍රීඩාවේ වඩාත් ආකර්ෂණීය අංගයක් වන්නේ ඔබේ ජයග්‍රහණ උපයා ගැනීමයි. ඔබ ඔට්ටුව තබා, ත්‍යාගය අවදානමට ලක් කර, ඔබේ ගිණුමේ යහපත් මුදලක් රැස් කරගත් විට මුදල් ලබා ගැනීමට කාලයයි. බොහෝ නවක ක්‍රීඩකයින් GunsBet වෙතින් වහාම මුදල් ආපසු ගන්නේ කෙසේද යන්න ගැන සැලකිලිමත් වේ.
ඔට්ටු අල්ලන්නන් සහ ඔට්ටු අල්ලන්නන් ඔවුන්ගේ සූදුවෙන් උපරිම ප්‍රයෝජන ලබා ගැනීමට සබැඳි ඔට්ටු ඇල්ලීමේ අඩවි සඳහා ප්‍රසාද දීමනා විශිෂ්ට ක්රමයකි. GunsBet ප්‍රසාද දීමනා ටොන් ගණනක් තිබීම හොඳ දෙයකි, එයින් punters හට ඔවුන්ගේ මුදලට වඩා වැඩි ප්‍රමානයක් ලබා ගත හැකිය.
සම්මත පිළිගැනීමේ ප්‍රසාද දීමනාවක් ඇත, නමුත් GunsBet ඔබේ විවේක දින විනෝදාස්වාදය සඳහා යම් විවේකයක් ඔට්ටු ඇල්ලීම ආරම්භ කිරීමට සති අන්තයේ ප්‍රසාද දීමනා ලබා දීමට ඉන් ඔබ්බට යයි.
ඔබට GunsBet වෙබ් අඩවියට පිවිසීමට පෙර, ඔබ මුලින්ම ගිණුමක් සෑදිය යුතුය. විභව GunsBet භාවිතා කරන්නන්ගෙන් වඩාත් පොදු ප්‍රශ්නවලින් එකක් වන්නේ ලියාපදිංචි වන්නේ කෙසේද යන්නයි.
ඕනෑම ක්‍රීඩා ඔට්ටු ඇල්ලීමේ ක්‍රියාවලියේ ආරම්භක පියවර මෙයයි. තාක්ෂණය සරල වන අතර දඩයම් කරන්නන් සම්පූර්ණ කළ යුතු අදියර කිහිපයකින් පමණක් සමන්විත වේ.
ඔන්ලයින් කැසිනෝවක් තෝරාගැනීමේදී, මෙය ලබා දිය හැකි බොහෝ වාසි සහ ප්රතිලාභ නිසා එය ඔබේ දේශීය භාෂාවට සහාය දක්වන බවට වග බලා ගන්න.
ඔබට සැමවිටම Google පරිවර්තනය මත විශ්වාසය තැබිය නොහැක. ඔබ වැරදි තොරතුරු සහ ව්‍යාකූලත්වයට පත් විය හැකි අතර, ඔට්ටු දැමීමේ අවශ්‍යතා සපුරාලීම, පාරිභෝගික සේවා ග්‍රහණය කර ගැනීම, හෝ සියලුම නියමයන් සහ කොන්දේසි කියවීම කළ නොහැක. ඔබ ප්‍රවීණ භාෂාවකින් ක්‍රීඩා කිරීමට ඉඩ සලසන ඔන්ලයින් කැසිනෝවක් තෝරා ගැනීම අත්‍යවශ්‍ය වන්නේ එබැවිනි.
සිනිඳු අතුරු මුහුණතක් සහ හොඳින් ක්‍රියාත්මක කළ වයිල්ඩ් වෙස්ට් තේමාවක් සමඟින්, GunsBet ගෝලීය වශයෙන් සෑම තරාතිරමකම නවක ඔට්ටු අල්ලන්නන් සහ ප්‍රවීණ දඩයම්කරුවන් ආකර්ෂණය කර ගැනීම පුදුමයක් නොවේ.
කෙසේ වෙතත්, GunsBet බොහෝ ප්‍රදේශවලට එහි eSports ඔට්ටු ඇල්ලීමේ සේවාවන් ලබා දෙන විට පවා, විවිධ හේතූන් මත සමහර ප්‍රදේශ වලට වෙබ් අඩවිය භුක්ති විඳීමට නොහැකි විය හැකි බව දැන ගැනීමට සමහර punters අධෛර්යමත් විය හැකිය. තුවක්කුකරුවන් සහ සමාගම යන දෙඅංශයේම ආරක්ෂාව සහතික කිරීම සඳහා මෙම සීමාවන් ක්‍රියාත්මක කිරීමේදී GunsBet තරමක් දැඩි වේ.
Gunsbet මෝස්තරය අතීතය හා සම්බන්ධ විය හැක. කෙසේ වෙතත්, භාවිතා කරන තාක්ෂණය සම්බන්ධයෙන් එය එසේ නොවේ. බොහෝ ඔට්ටු අල්ලන්නන් ගමනේ දී ඔට්ටු අල්ලන්න කැමති නිසා, Gunsbet ජංගම-හිතකාමී වෙබ් අඩවියක් සහ විශේෂිත ස්මාර්ට්ෆෝන් යෙදුම් දෙකම ලබා දීමෙන් මෙය සිදු කර ඇත.
මෙය ක්‍රීඩකයින් අතර නිතර පවතින විශ්වාසයක් නොවූවත්, eSports ඔට්ටු ඇල්ලීමේ අඩවියේ ආධාරක අංශයs වෙනත් ඕනෑම දෙයක් මෙන් වැදගත් වේ. ඔබේ පැත්තේ කෙනෙකු සිටීම කෙනෙකුගේ ජීවිතයේ සැලකිය යුතු වෙනසක් ඇති කළ හැකිය. සූදු ක්ෂේත්රයේ මෙය වෙනස් වීමට හේතුවක් නැත.
GunsBet විසින් තම සාමාජිකයින්ට වසර පුරා පැය 24 පුරා සහය ලබාදීමට ගෙන ඇති මුලපිරීම ප්‍රශංසනීයයි. මෙම සේවාවට විමසීම් සහ ගැටළු සඳහා පැමිණිලි සහ ඉල්ලීම් සමඟ කටයුතු කළ හැකි අතර, ඔවුන් එය ඉක්මනින් හා කාර්යක්ෂමව සිදු කරනු ඇත.
GunsBet eSports ඔට්ටු අල්ලන්නන්ට ඔවුන්ගේ තැන්පතු විකල්ප ඇතුළුව ඔවුන්ගේ වෙබ් අඩවිය භාවිතා කිරීම සරල කරයි. ඔට්ටු අල්ලන්නන්ට විවිධ ආකාරවලින් GunsBet හි තැන්පතු කළ හැකිය. බොහෝ ක්‍රීඩකයින්ට පවතින ක්‍රම ඔවුන්ගේ භූගෝලීය පිහිටීම අනුව තීරණය වේ. එහි ප්‍රතිඵලයක් වශයෙන්, එක් රටක පවතින හෝ නොපවතින ක්‍රියා පටිපාටි වෙනත් කලාපයක ලබා ගත හැකි, සීමිත හෝ ප්‍රවේශ විය නොහැක.
GunsBet Casino එය Curacao රජයේ බලපත්‍රයක් යටතේ ක්‍රියාත්මක වන බැවින් එය නීත්‍යානුකූල සහ ආරක්ෂිත වේ. බලපත්‍රය ක්‍රීඩකයින් ආරක්ෂා කිරීම සඳහා කැසිනෝ ශාලාව අනුගමනය කළ යුතු අවශ්‍යතා නියම කරයි.
පහත දැක්වෙන්නේ eSports ඔට්ටුවක් තැබීමට පෙර GunsBet හි ගනුදෙනුකරුවන් විසින් නිතර අසනු ලබන ප්‍රශ්න කිහිපයකි. | hplt_2 |
In this week’s Ravaya column (in Sinhala), published on 30 September 2012, I discuss how to nurture a culture of innovation in Sri Lanka — a topic that I’ve been writing and talking about for over two decades.
On the eve of the first major national exhibition of inventions, I discuss the role of Sri Lanka Inventors’ Commission (SLIC), state agency mandated to promote innovation, and talk to its head, Deepal Sooriyaarachchi.
I revive a question first asked when Apple co-founder Steve Jobs departed one year ago: how do we nurture innovation in our kind of conformist and hierarchical societies don’t give mavericks a fleeting chance. Our cultures instead suppress individualism and iconoclasts. What is to be done?
ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසම සංවිධානය කරන ”සහසක් නිමැවුම්” ජාතික ප්‍රදර්ශනය සැප්තැම්බර් 30, ඔක්තෝබර් 1 හා 2 දිනවල කොළඹ BMICHහිදී පැවැත් වෙනවා. අපේ නව නිපැයුම්කරුවන්ගේ කුසලතා හා නිර්මාණ රටට කියා පෑම මේ ප්‍රදර්ශනයේ අරමුණයි.
නව නිපැයුම්කරුවන්ට අතහිත දීමට 1979දී මේ රාජ්‍ය ආයතනය බිහි කරන ලද්දේ දුරදක්නා දැක්මක් තිබූ අමාත්‍ය ලලිත් ඇතුලත්මුදලි විසින්. කොමසාරිස්වරයකුගේ ප්‍රධානත්වයෙන් සැදුම් ලත් එය දැනට තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වනවා. ආචාර්ය ඒ. එන්. එස්. කුලසිංහ හා ආචාර්ය රේ විජේවර්ධන වැනි කීර්තිමත් ලාංකික නව නිපැයුම්කරුවන් කලකට පෙර දැරූ කොමසාරිස් තනතුර දැන් හොබ වන්නේ අලෙවිකරණ ක්ෂෙත්රයේ විශේෂඥයකු වන දීපාල් සුරියාරච්චියි. පෞද්ගලික අංශයේ ප්‍රධාන විධායක තනතුරු දරා ඇති ඔහු මෙරට නව නිපැයුම්කරුවන්ට වෙළඳපොල ජය ගැනීමට අවශ්‍ය දැනුම හා අත්දැකීම් ඇති අයෙක්.
නව නිපැයුම් කොමිසම ගැන කලක් තිස්සේ අවධානයෙන් සිටින මට පෙනෙන්නේ එය පිහිට වූ 1979 අංක 53 දරණ පණතින් ලබා දී ඇති වරම හා බලතල කාලයෙන් කාලයට වෙනස් ලෙසින් ක්‍රියාත්මක කොට ඇති බවයි. විටෙක උද්‍යොගිශීලිවත්, තවත් විටෙක නිද්‍රාශීලීවත් සිටි මේ ආයතනය ගැන මෙරට නව නිපැයුම්කරුවන් තුළ එතරම් පැහැදීමක් නැති බව ඔවුන් සමඟ කථාබහ කිරීමෙන් මා දන්නවා.
විද්‍යා ලේඛකයකු ලෙස මාධ්‍ය හරහා නව නිපැයුම් ගැන ලිවීම මා දශක දෙකකට වැඩි කාලයක් කරන දෙයක්. නව නිපැයුම්කරුවන් හා ඔවුන්ගේ නව නිර්මාණ හඳුන්වා දෙන “මාලිමා” නම් ටෙලිවිෂන් වැඩසටහන් මාලාව මේ වසර මුල සිට මා රූපවාහිනී නාලිකාවෙන් ඉදිරිපත් කරනවා. 2009-10 කාලයේ සියත TV නාලිකාවෙන් “නවකම්” නම් වැඩසටහනෙන් ද මා එබන්දක් කළා. මේවා හරහා විවිධ වයස් මට්ටම්වල හා පසුබිම්වලට අයත් නව නිපැයුම්කරුවන් මුණ ගැසීමටත්, තොරතුරු විපරම් කිරීමටත් මට අවස්ථාව ලැබුණා.
පොදුවේ ගත් විට මෙරට නව නිපැයුම්කරුවන් දැඩි උද්යොගයෙන්, කැපවීමෙන් හා ඒකායන අරමුණින් ක්‍රියා කරන පිරිසක්. සිය පවුලේ, පාසලේ හෝ කාර්යාලයේ දිරි ගැන්වීමක් ලැබුණත් නැතත් ධෛර්යවන්තව සිය ගමන යන්නට සවිය ඔවුන්ට තිබෙනවා. එහෙත් මේ පිරිස තුළ අපේ ජන සමාජයේ ඇති පුද්ගල හා චරිතගතිවල විවිධත්වය එලෙසින් ම හමුවනවා.
ඇතැම් නව නිපැයුම්කරුවන් සංකල්පමය නව්‍යකරණයෙන් නොනැවතී ප්‍රායෝගිකව වෙළඳපොළ ජය ගන්නට වෙර දරන අතර තවත් සමහරු පසෙකට වී තමන්ගේ නව අදහස් හා නිපැයුම් රජය නැතිනම් වෙනත් පාර්ශවයක් මැදිහත්ව ප්‍රවර්ධනය කරන තුරු බලා සිටිනවා.
නව නිපැයුමක බුද්ධිමය දේපළ තහවුරු කැරෙන පේටන්ට් බලපත්‍රයක් ලබා ගැනීම මහත් උත්සාහයෙන් කළ යුතු, කල් ගත වන හා ශ්‍රමය වැය වන කටයුත්තක්. එය මා කිසිසේත් අවතක්සේරු කරන්නේ නැහැ. එහෙත් හැම උපාධිලාභියා ම සැබෑ උගතකු නොවන්නා සේ හැම පේටන්ට්ධාරියා ම සැබෑ නිපැයුම්කරුවකු වන්නේත් නැහැ. පේටන්ට් යනු නව නිපැයුමක එක්තරා අදියරක් පමණයි.
දීපාල් කියන්නේ “පේටන්ට් බලපත්‍රයක් හරියට ඉඩමක හෝ නිවසක ඔප්පුවක් වගෙයි. හිමිකම තහවුරු කිරිමටත්, යම් ගණුදෙනුවකටත් එය ඕනෑ කරනවා. ඔප්පුවක් මෙන් පේටන්ට් එකක් ද නිර්මාණයක සීමා හා මායිම් හුවා දක්වනවා. එහෙත් එතැනින් ඔබ්බට පේටන්ට් එකක් යනු ලියවිල්ලක් පමණයි. එයින් නිපැයුම්කරුවාට හා සමාජය වැඩක් වන්නේ එම නිර්මාණයෙන් ප්‍රයෝජනයක් ගත හැකි ලෙස වෙළඳපොලට ඒමෙන්.”වෙනත් වචනවලින් කිව හොත් පේටන්ට් එකක් හිස් ඉඩමක් හෝ පාලූ නිවසක් හෝ අයිති කර ගෙන සිටීමට සමානයි. දීපාල් තව දුරටත් පැහැදිලි කරන පරිදි: “බොහෝ දෙනා සිතන්නේ යම් සංකල්පයක් පේටන්ට් කළ පසු එය තව දුරටත් අන් අයට දියුණු කිරීමට ඉඩක් නැත කියායි. එය සැබෑවක් නොවෙයි. එමෙන් ම බුද්ධිමය අයිතිය තහවුරු කළ පසු නිපැයුමක් මුලාදර්ශය (prototype) මට්ටමට ගොඩ නැගිමේදී එම ක්ෂෙත්රයේ මේ දක්වා අන් අය කර ඇති දේ සොයා බැලීමත්, අන් අය පේටන්ට් කොට ඇති අදහස් පාදක කර ගනිමින් වඩාත් ඉදිරියට යාමත් ගත හැකි හොඳම පියවරයි.”
පේටන්ට් එකක් හෝ කිහිපයක් දැඩි ඇල්මෙන් හා ආඩම්බරයෙන් බදා ගෙන, එයින් ඔබබ්ට කිසිදු පියවරක් නොතැබූ හා එසේ නොවීම ගැන රජයට හා සමාජයට දොස් කියමින් සිටින නිපැයුම්කරුවන් ද විටින් විට මට හමු වනවා. මේ අය ගැන අනුකම්පා කරන අතර ඉතිහාසය පුරා ඔවුන් වැනි අය ඕනෑ තරම් සිටි බවත් සිහිපත් කළ යුතුයි.
අමෙරිකාවේ ජේටන්ට් කාර්යාලය 1790 සිට 2008 දක්වා කාලය තුළ පේටන්ට් මිලියන 8කට වඩා නිකුත් කර තිබෙනවා. ගෙවෙන හැම වසරක ම නිසි විමර්ශනවලින් පසු අළුත් පේටන්ට් 150,000ක් පමණ නිකුත් කරනවා. මේවා අතරින් නව භාණ්ඩ හෝ සේවා ලෙස වෙළඳපොලට ළඟා වන්නේ සීමිත සංඛ්‍යාවක් පමණයි.
පේටන්ට් කළ හැම නිපැයුමක් ම වෙළඳපොළට නොඑන්නට හේතු රැසක් තිබෙනවා. දැනට වෙළඳපොළේ හා පාරිභෝගිකයන් මුහුණ දෙන ගැටළුවක් විසඳීම අත්‍යවශ්‍යයි. එමෙන් ම එසේ විසඳන අතර එය භාවිතයට පහසු, සාධාරණ මිළ ඇති, මනා සේ බෙදා හැරෙන හා අලෙවිකරණය කැරෙන භාණ්ඩයක් හෝ සේවාවක් හෝ විය යුතුයි.
”නව්‍යකරණයේ වැදගත් ම ගුණාංගය නම් පාරිභෝගික අවශ්‍යතාවයන් හඳුනා ගෙන නිපැයුම් එ්වාට නිසි පරිදි අනුහුරු (adapt) කිරීමයි,” දීපාල් කියනවා.
පේටන්ට්වලට ඔබ්බෙන් තිබෙන ඊළඟ අභියෝග ජය ගැනීමේදී මෙරට නව නිපැයුම්කරුවන්ට මඟ පෙන්වීම හා ආයෝජකයන් සොයා දීම සඳහා නවනිපැයුම්කරුවන්ගේ කොමිසම ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) හා ශ්රීජයවර්ධනපුර සරසවියේ පශ්චාත් උපාධි කළමණාකරණ ආයතනය (PIM) සමඟ සහයෝගයෙන් ක්‍රියා කරනවා.
දිගු කලක් තිස්සේ නිලධාරිවාදය හා උගත්වාදය කරපින්නා ගත් කොමිසම, මෑතක පටන් නව නිපැයුම්කරුවන් කේන්ද්‍ර කොට ගෙන, ඔවුන්ට ගරුසරු ලෙසින් ආමන්ත්‍රණය කරමින්, සුහද මට්ටමකින් සිය අරමුණු සාක්ෂාත් කර ගන්නට තැත් කරන බව පෙනෙනවා. රාජ්‍ය ආයතනයක මෙවන් ආකල්පමය වෙනසක් කිරීම පහසු නැහැ.
මෙරට නව නිපැයුම් ක්ෂෙත්රයේ නිලධාරිවාදයට එහා යන උගත් අධිපතිවාදයක් ද තිබෙනවා. පොතේ උගතුන් හා සරසවි ඇදුරන් මේ ආයතනවලට පිවිසී තමන්ගේ පණ්ඩිතකම පෙන්වන්නට අහිංසක නව නිපැයුම්කරුවන්ට අසාධාරණ කොන්දේසි පැනවීමේ අවලස්සන සම්ප්රදායක් තිබෙනවා.
නව නිපැයුම්කරුවන් තම දෙපතුළට කැඳවන, ඔවුන්ගේ නවතම අදහස් විද්වත් ඇගැයීමට යයි කියා ලබා ගෙන තමන්ගේ පර්යේෂණ නිබන්ධනවලට ඒවා රහසේ ම ඇතුලූ කරන ඉංජිනේරුවන් හා විද්‍යාඥයන් ද මෙරට සිටිනවා. කොමිසම ටිකෙන් ටික නිලධාරිවාදය දුරු කරන අතරේ මෙරට උගතුන්ගේ දැඩි අධිපතිවාදයෙන් නව නිපැයුම්කරුවන් රැක ගන්නට ද යම් පියවර ගත යුතුයි.
ශ්‍රිමත් ආතර් සී. ක්ලාක්ගේ පෞද්ගලික කාර්යාලයේ මා සේවය කළ දශක දෙක තුළ ඔහු හමු වීමට විවිධාකාරයේ නව නිපැයුම්කරුවන් පැමිණියා. තමා කෙතරම් කාර්ය බහුල වුවත් නව නිපැයුම් හා සංකල්ප රැගෙන එන අයට විශේෂ සැළකිල්ලක් දැක්වීම ඔහුගේ සිරිත වුණා. ඒ බොහෝ අවස්ථාවල සන්නනිවේදනයෙන් හා පසුවිපරම්වලින් මා සම්බන්ධ වුණා.
පෞද්ගලික කාර්යාලයක ඇති සීමා තුළ දිය හැකි උපරිම දිරි ගැන්වීම, දැනුම හා ජාත්‍යන්තර සබඳතා ආදිය ලබා දීමෙන් අනතුරුව නිපැයුම්කරුවන් සමහරකු මොරටුවේ පිහිටුවා තිබෙන, ආතර් සී. ක්ලාක්ගේ නම දී ඇති (එහෙත් ක්ලාක් පරිපාලනයට කිසිසේත් මැදි නොවූ) රාජ්‍ය තාක්ෂණ ආයතනයට යොමු කරනු ලැබුවා. එබඳු අවස්ථාවල නව නිපැයුම්කරුවන්ගේ සමාජ තරාතිරම හා අධ්‍යාපන පසුබිම ක්ලාක්ට වැදගත් නොවූවත්, ඒ රාජ්‍ය ආයතනයේ ලොක්කන්ට එය මහ ලොකු සාධකයක් වූ සැටි මට සිහිවන විට තවමත් කම්පනයක් හට ගන්නවා.
ගතානුගතික නිලධාරීන්ට හා උඩඟු උගතුන්ට වඩා වෙනස් ආකල්ප දරණ වත්මන් කොමසාරිස්වරයා, නව නිපැයුම්කරුවන් හරියට කලාකරුවන් වැනි යයි පවසනවා.
”නව නිපැයුම්කරුවන් බහුතරයක් දෙනා තමන්ගේ කාලයට වඩා ඉදිරියෙන් සිටින, අමුතු ආකාරයට සිතන අය. එබඳු අය හඳුනාගෙන ඔවුන්ට නිසි ඇගැයීම හා දිරි ගැන්වීම දිය යුතුයි. ජාත්‍යන්තර ක්‍රීඩා තරඟාවලදී පදක්කම් දිනා ගෙන මෙරටට පැමිණෙන ක්‍රීඩකයන් උත්සවාකාරයෙන් ගුවන් තොටුපලේ පිළිගන්නා ලෙසින් ම නව නිපැයුම් තරඟවලදී සම්මාන දිනා සිය රට එන නිපැයුම්කරුවන්ටත් පිළි ගැනීමක් දිය යුතුයි,” ඔහු කියනවා.
නව නිපැයුම් කරන්නට උසස් අධ්‍යාපනය හා පශ්චාත් උපාධි තිබිය යුතුම ද?
දීපාල් කියන්නේ අසම්මත විදියට සිතීම අධ්‍යාපනය හා සෘජුව සම්බන්ධ නැති බවයි. සමහර නව නිපැයුම්වලට විද්‍යා හා තාක්ෂණික දැනුම ප්‍රයෝජනවත් වුවත් වැදගත් ම අවශ්‍යතාවය නම් විවෘත මනසකින් හා දැඩි කුතුහලයකින් හැම දෙයක් ම ප්‍රශ්න කිරීමේ හැකියාවයි. ඒත් ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමය බොහෝ විට කරන්නේ සිසුන්ගේ මේ හැකියාවන් මොට කිරීමයි!
ඇපල් සමාගමේ ආරම්භක, නිපැයුම්කරු ස්ටීව් ජොබ්ස් මීට වසරකට පෙර මිය ගිය අවස්ථාවේ (2011 ඔක්තෝබර් 16 කොලමින්) මා මතු කළ ප්රශ්නය වුයේත් එයයි. මා කී පරිදි: “බොහෝ ආසියානුවන්ට මෙන් ම ලාංකිකයන්ට ද තාක්ෂණ ක්ෂෙත්රයේ සහජ හැකියාවක් තිබෙනවා. එහෙත් ඒ විභවය දැගලිල්ලක්, දඩබ්බරකමක් හරහා අළුත් සංකල්පයක් හෝ නිපැයුමක් හෝ බවට පත් වන්නට පියවර ගණනාවක් පසු කළ යුතුයි. ස්ටීව් ජොබ්ස්ලා අපේ රටවල බිහි නොවන්නේ පහසුකම් හා ආයෝජන නැති නිසා පමණක් නොවෙයි. අසම්මතයට සිතන ‘විකාරකාරයන්ට’ අපේ සමාජවල ඉඩක් නොදෙන නිසා යයි මා තර්ක කරනවා…අළුත් දෙයක් හිතන, කියන හා අත්හදා බලන දරුවන් හා තරුණ තරුණියන් ඔවුන්ගේ පවුල්වලින්, පාසලෙන්, සරසවියෙන් හා ජන සමාජයේ අන් අයගෙන් දැඩි පීඩනයකට ලක් වනවා.”
නව නිපැයුම් සංකල්පයන් හට ගන්නේ පවත්නා තත්ත්වය එලෙසින් පිළි නොගන්නා, වඩා හොඳින් යම් යම් දේ කරන්නට ක්‍රම සොයා යන පුද්ගලයන් අතින්. ඕනෑ ම සමාජයක එබඳු අය ඉන්නේ ටික දෙනයි. රජයට හා විද්වත් ආයතනවලට හැක්කේ මේ දුර්ලභ මානව සම්පත් හඳුනාගෙන ඔවුන්ට නිසි පහසුකම්, මඟපෙන්වීම හා පිළිගැනීම ලබා දීම පමණයි. | hplt_2 |
සර්ප දූපතට ෆොස්පරස් බෝම්බ හෙළූ බවට යුක්රේනයෙන් රුසියාවට චෝදනා
ක්රිමියානු අර්ධද්වීපයේ සිට රුසියාව Su-30 ප්‍රහාරක ජෙට් යානා දෙකකින් ගිනි අවුලුවන පොස්පරස් උණ්ඩ යොදා ගනිමින් රුසියාව ප්‍රහාර එල්ල කළ බවට යුක්රේන හමුදාව චෝදනා කර තිබේ.
කළු මුහුදේ යුක්රේන වරායවලින් ආරක්ෂිත ධාන්‍ය අපනයන සංවිධානය කිරීමට රුසියාව එක්සත් ජාතීන්ගේ ප්රයත්නයන්ට බාධා නොකරන බව ප්‍රදර්ශනය කරමින් තමන් සර්ප දූපතින් ඉවත් වන බවට රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය විස්තර කරන ලදි. ඉන් දිනකට පසු ක්රිමියානු අර්ධද්වීපයේ සිට රුසියාව Su-30 ප්‍රහාරක ජෙට් යානා දෙකකින් ගිනි අවුලුවන ෆොස්පරස් උණ්ඩ යොදා ගනිමින් රුසියාව ප්‍රහාර එල්ල කළ බවට යුක්රේන හමුදාව චෝදනා කර තිබේ.
මෙම සර්ප දූපත ඩැනියුබ් ඩෙල්ටාවේ සිට කිලෝමීටර් 35ක් (සැතපුම් 22) පමණ දුරින් යුක්රේන වෙරළට ඔබ්බෙන් පිහිටා ඇති අතර යුද්ධය ආරම්භ වීමට පෙර යුක්රේන දේශසීමා මුරපොලක් ලෙස ක්‍රියාත්මක විය. යුක්රේන හමුදාවේ ප්‍රධානී Valeriy Zaluzhnyi සිකුරාදා Telegramහි සඳහන් කර තිබුණේ ”අද 18:00 ට පමණ රුසියානු ගුවන් හමුදාවේ Su-30 ගුවන් යානා Zmiinyi දූපතට දෙවරක් පොස්පරස් බෝම්බ සමඟ ප්‍රහාර එල්ල කළ බවයි.” යුක්රේන ප්‍රකාශය සමඟින් ඇති වීඩියෝ දර්ශනවලින් පෙන්නුම් කළේ ගුවන් යානයක් අවම වශයෙන් දෙවරක් දිවයිනට බෝම්බ හෙළන අයුරුයි.
ෆොස්රපස් අවි සිවිල් වැසියන්ට එරෙහිව භාවිතා කිරීම ජාත්‍යන්තර සම්මුතියක් යටතේ තහනම් කර ඇති නමුත් මිලිටරි ඉලක්ක සඳහා අවසර දී ඇත. යුක්රේනය ආක්‍රමණය කළ දා සිට අවස්ථා කිහිපයකදී මෙම ෆොස්පරස් බෝම්බ සිවිල් වැසියන් වෙත ඉලක්ක වූ බව යුක්රේනය චෝදනා කරන අතර රුසියාව එය ප්රතික්ෂප කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය අනාවරණය කර තිබේ.
සශිකලා මධුෂාණී_ | hplt_2 |
“ඔබ නෙළාගනු ලබන අස්වැන්න අනුව දිනයක සාර්ථකත්වය නොමනින්න එහෙත් සෑම දිනයකම ඔබ වපුරනු ලබන දේ පිළිබඳව සැලකිලිමත් වන්න” යැයි ආර්. එල්. ස්ටීවන්සන් සඳහන් කරයි. සැබැවින්ම අප අද නෙළාගනු ලබන්නේ ඊයේ වපුරනු ලැබූ දෙයෙහි අස්වැන්නයි. හෙටත් අස්වනු නෙළීම පිණිස අද අප වපුරන්නේ මොනවාද කියන එක ගැන ඉතා කල්පනාකාරී විය යුතුයි.
“අවසානයේ ඔබ ගත කළ අවුරුදු ගණනින් ඔබේ ජීවිතයේ සාර්ථකත්වය මනින්නේ නැහැ. ජීවිතයේ ගෙවී ගිය අවුරුදුවල ඔබ කළ කී දේ අනුව ඔබේ ජීවිතය ගොඩනැඟෙනවා” යැයි ඇමරිකා එක්සත් ජනපදයේ හිටපු ජනාධිපතිවරයකු වූ ඒබ්‍රහම් ලින්කන් සඳහන් කරයි. ඩේල් කාගනී පවසන පරිදි හොඳට හෝ නරකට ඔබ ඔබේ ඉඩම වගා කර ගත යුතුය. ජීවිතය නැමැති ගීතය ඔබ ඔබේම කුඩා වස්දඬුව සුසර කරගෙන වාදනය කළ යුතුය. ඒ ගැන රොබින් ෂර්මා ද මෙසේ කියයි.
“වෙහෙසී වැඩ කරන්න එය අනාගතයේ අස්වනු නෙළීම වෙනුවෙන් අද කරනු ලබන වැපිරීමකි. අප කරන වැඩ අපේ ජීවිතවලට අරුතක් ලබාදෙයි. අප කරන යහපත් වැඩ නිසා අපේම ස්වයං වටිනාකම වැඩි වේ. මේ මිහිතලය මත අපට උරුම තැන පසක් කර දෙන්නේ අප කරන වැඩයි. වැඩ කිරීම යනු අප අපටම දෙන උතුම් තෑග්ගකි.”
ඇතැමුන්ට වැඩ කිරීම ආස්වාදයක් නෙවෙයි කරදරයක්. එවැනි අය වැඩ කරන්න බයයි. වැඩක් ලැබෙන්නත් කලින් ඒ ගැන හිතලා බය වෙනවා. තැති ගන්නවා. ඒක අනියත බියක්. ඇයි ඔවුන් වැඩ කරන්න බය, වැඩ කිරීම නිසා තමාගේ ෙදා්ෂයක් අඩුපාඩුවක් අනෙක් අයට අනාවරණය වෙයි කියලා. නැතිනම් වැඩ කරන්න ගිහින් වැරදුණොත් ෙදා්ෂාරෝපණයට ලක්වේය කියන බය. එහෙමත් නැතිනම් වැඩේ වැරදුණොත් තමා ප්‍රතික්ෂේප වේය කියන බය. වැඩ කරන්න බය නැති අයට වැඩ කිරීම කියන්නේ ආස්වාදජනක දෙයක්. වැඩ කරන්න ගිහින් සිදුවන වැරදීම් ඔවුන්ට අගනා ඉගෙනුම් අවස්ථා ඔවුන් වැරදීම් තුළින් ඉගෙනගත හැකි ඉගෙනුම් උපාය ඥානය (Learning Sense) වර්ධනය කරගත් අය.
මේ ලෝකෙ තියෙන අමාරුම වැඩේ තමයි වැඩක් නොකර ඉන්න එක. මොකද වැඩ නොකර සිටීමෙන් අපේ වටිනාකම අවතක්සේරු වෙනවා. එයින් නව ඉගෙනුම් අවස්ථා මඟහැරී යනවා වැඩ නොකරන්නන් වෙනුවෙන් ලෝකය නතර වී බලා සිටින්නේ නැහැ. රැකියාවකදී නම් අප සිදුකරන රාජකාරිය හෙවත් වැඩ (Work itself) තමයි පළමුවැනි මෙන්ම ප්‍රබලම අභිප්‍රේරකය වන්නේ. අනෙක් සියලු ප්රතිලාභ අංක දෙක. රැකියාවේ තමා සිදුකරන වැඩ තුළින් අභිප්‍රේරණය වන සේවකයන්ගේ දිගුකාලීන කාර්යය සාධනය ඉහළ මට්ටමක පවතිනවා.
සමහරු වැඩ කරන්න බය වුණාට අනෙක් අය කරන වැඩවල ගෞරවය හොරකම් කරන්න හරි දක්ෂයි. ඒක එක්තරා විදිහක මානසික ආබාධයක් වශයෙනුත් වර්තමානයේ හ¾දුනා ගන්නවා තමන් වැඩ නොකර අනුන් කරන වැඩක ගෞරවය හොරකම් කරන්න හිතෙනවා. නම් ඒක චෞරෝන්මාදය කියන මානසික ආබාධයේම කොටසක්.
තවත් පිරිසක් ඉන්නවා කරන්න අර්ථාන්විත වැඩක් නැතත් එයාලා හරිම කාර්යබහුලයි. (Busy) කාර්යයබහුල බව කියන්නේ වැඩ වැඩියි කියන එක නෙවෙයි. ඇත්තටම එහි අදහස තියෙන වැඩ නිවැරදිව සැලසුම් කර ගන්න බැරිකම. එනිසා කාර්යබහුලයි කියන්නේ තියෙන වැඩ නිවැරදිව ප්‍රමුඛතාගත (Prioritize) කරගැනීමේ නොහැකියාව.
වැඩ නිවැරදිව ප්‍රමුඛතාගත කරමින් සැලසුම් කර ගැනීම සඳහා භාවිත කළ හැකි සරල පරිචයක් දක්වන්න පුළුවන්. එය පියවර පහකින් සමන්විතයි.
1. තමාට වටිනාකමක් ආරෝපණය වන වැඩ නිවැරදිව හ¾දුනා ගන්න (Identify the work).
2. පුද්ගල සහ වෘත්තීය සංවර්ධනයට ඉවහල් වන වැඩ පැහැදිලිව වර්ගීකරණය කර ගන්න (Classify the work).
3. හදිසි බව හා වැදගත් බව පදනම් කර ගනිමින් අදාළ වැඩ ප්‍රමුඛතාගත කරගන්න (Prioritize the work).
4. අදාළ කාර්යය සැලසුම් කරන්න (Plan the work). අවසාන මොහොත තෙක් බලා නොසිට ඊට අවශ්‍ය කාලය සහ සම්පත් සූදානම් කරගන්න. මූලික සැලැස්මට සමගාමීව විකල්ප සැලැස්මක්ද තබා ගන්න.
5. කිසිදු වැඩක් හුදකලාව ගෙන සැලසුම් කරන්න අමාරුයි. එනිසා අදාළ කාර්යය හා බැ¾දුණු අනෙක් කාර්යයන්ද සැලැසුම් කරගන්න. (Plan for the work). | hplt_2 |
මේ දවස්වල ටෙලිවිෂන් සීරීස් බලන ෆෑන්ස්ලගෙන් නිතර ඇහෙන දෙයක් තමයි “ස්ට්‍රෙන්ජර් තින්ග්ස් සීසන් හතර නම් මරේ මරු” කියලයි. ඔව්! කිව්වත් වගේම සීසන් හතර නම් පර්ෆෙක්ට්. නියමයි. “ස්ට්‍රෙන්ජර් තින්ග්ස්” කියන්නේ එතෙක් මෙතෙක් බිහිවුණු Science Fiction කැටගරි එකේ Tv Series අතරින් මාස්ටර්පීස් ටයිප් එකේ හොඳම Tv Series එකක් කියලයි බලපු සෑම ප්රේක්ෂකයෙක්ගෙන්ම ලැබෙන ප්‍රතිචාරය නම්. 2016 වසර ප්‍රථමවරට Netflix හරහා Originally streaming වුණු “ස්ට්‍රෙන්ජර් තින්ග්ස්” ටෙලිවිෂන් සීරීස් එක ලෝකය වටා ඉන්න මිලියන ගණනක Tv Series ෆෑන්ස්ලා හරිම උමතුවෙන් වගේ වැලඳගත්ත නිසාම සෑහෙන සුපර් හිට් එකක් බවට පත් වුණා.
ඇත්තටම කිව්වොත් “Stranger Things” කියන්නේ නෙට්ෆ්ලික්ස්ලට වාසනාව ෙදා්තින්ම අරන් ආපු කතා මාලාව කිව්වට වැරදි නැහැ. “Stranger Things” හතරවැනි සීසන් එක ගැන යමක් කියනවා නම් අනිකුත් Seasons වලට සාපේක්ෂව පෙර අත්නොවිඳි දැවැන්ත කුතුහලයක් සහිතව අති භයංකරත්වයෙන් නහවන Masterpiece Season එකක් විධියට නම් කරන්නට පුළුවන්. පළමුවැනි Episode එකෙන්ම නොමිලේම ලැබෙන කුතුහලය පිරිච්ච Horrific සැර එන්නත නම් සුළුපටු නැහැ. පළමුවැනි Episode එක ඉවරවනවාත් සමඟම නොනවත්වාම Episode නවය නිමවනතුරුම ලබාදෙන කුතුහලයේ නොතිත් ආශාව සංසිඳවන්නට නම් කොහෙත්ම ඉඩ ලබා දෙන්නේ නැහැ.
“ස්ට්‍රෙන්ජර් තින්ග්ස්” තුන්වැනි ඉඥචඵධද එක නිමාවට පත්වෙන්නේ ඇමරිකාවේ එක් ප්‍රාන්තයක් වූ ඉන්දියානා ප්‍රාන්තයේ පිහිටලා තියෙන හෝකින්ස් නගරය කණපිට පෙරළමින් කඩා වැදුණ පිටසක්වළ ප්‍රහාරය පරාජයට පත් කරමින්. මෙම පිටසක්වළ ප්‍රහාරය මැඬපවත්වන “ඉලෙවන්” ඇතුළු ඔහුගේ පාසල් සගයන් පිරිස විසින් හෝකින්ස් නගරයට නැවතත් සාමය උදාකර දුන්නා. හෝකින්ස් නගරයේ සාමකාමී ජීවිතයට විරාමයක් තබමින් හෝකින්ස් නගරයට එරෙහිව ගොඩනැඟෙන අඳුරු බලවේගයක් පිළිබඳ තොරතුරු “ස්ට්‍රෙන්ජර් තින්ග්ස්” Season 4 හරහා ගෙන එනු ලබනවා. ඉලෙවන්, ඩස්ටින් ඇතුළු දඟකාර කොලු රෑන දැන් ඉලන්දාරියන් බවට පත් වෙලා. ඔවුන් දැන් හෝකින්ස් නගරයේ සිටින තරුණ ප්‍රජාව නියෝජනය කරනවා. හෝකින්ස් නගරයට එරෙහිව එන මේ අඳුරු බලවේගයට එරෙහිව නැවතත් ඔවුන් සටන් වදිනවා ඇත.
කතා මාලාව පුරාවටම නරඹන්නාව ඇද බැඳ තබා ගන්නට යොදාගෙන තියෙන සිනමාත්මක (Cinematic) උපක්‍රම නම් විශිෂ්ටයි. Parallel විධියට විවිධාකාරයේ සිදුවීම් කීපයකින් සමන්විත වෙන කතාවේ ගලා යෑම විවිධ පැතිවලට යොමුවන නිසාම සීරිස් එක බෝරින්ග් වෙන්නේ නැහැ කොහොමටවත්ම. කතා මාලාව පුරාවටම පුදුමාකාර සජීවී බවක් තියෙන්නේ. ඇහැ කටේ දාගෙන බලන්න හිතෙන පුදුමාකාර වර්ණවත් බවක් (Colorful) තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි, කතා මාලාවේ චරිත සංවර්ධනය (Character Development) එක පවා සිදුකරලා තියෙන විදිය විශේෂයි සහ විශිෂ්ටයි. විශේෂයෙන් “ඉලෙවන්ගේ” චරිතය පිළිබඳ විස්තරාත්මක තොරතුරු රාශියක් අන්තර්ගත කරලා තියෙනවා. තාරුණ්‍ය හදවත් ඉලක්කගත කරමින් කතා මාලාව පෝෂණය කරන තිර රචනාවට දැඩි පැසසුම් හිමිවිය යුතුමයි. ස්ටීවන් ස්පීල්බර්ග්, ස්ටීවන් කින්ග්, ජේ.ජේ.එබ්රහම්ස්ගේ පරිකල්පනයන් එකම තැනකින් දැක බලාගන්නට ලැබුණු අවස්ථාවක් ලෙසිනුයි “Stranger things” නරඹන විට දැනුණේ සහ හැඟෙන්නේ නම්.
අනෙක් අතට සීරිස් එක පුරාවටම ඉලෙක්ට්‍රොනික් සංගීත පද මාලාවලින් ලබාදෙන කනට මිහිරි පසුබිම් සංගීතය (Background Score) නම් හදවතටම වදිනවා. Episode එකෙන් Episode එකට ලබාදෙන්නේ පුදුමාකාර රිද්මයක්. තිර රචනය ශක්තිමත් කරන ඇමරිකා එක්සත් ජනපදයේ අසූව දශකයේ Pop Culture එක පාදක කරගෙන තියෙන නිසාම පුදුමාකාර විධියට කතාව කෙරෙහි සිත් අලවන්නට සමත් වෙනවා. අසූව දශකයේ ඉලෙක්ට්‍රොනික පොප් සංගීතය, යාන වාහන, චිත්‍රකතා, චිත්‍රපට, චොපර් සයිකල්, කොණ්ඩ මෝස්තර, ඇ¾දුම් පැල¾දුම් විලාසිතා ආදී බොහෝමයක් දේවල් මඟින් ප්‍රබල අතීතකාමයක් වෙත “Stranger Things” නරඹන්නාව ගෙන යමින් කුල්මත් කරනවා. ඇත්තටම නූතනයට වඩා අතීතකාමය සැබැවින්ම රසවත්. ර්ණීතඤඥද චඨඥ යුගයට සරිලන පරිදි කතා මාලාව නරඹන්නාගේ දෙසවනේ එල්ලන්නේ අපූරු සංගීතයත් එක්කමයි.
IMDB ජාත්‍යන්තර සිනමා දර්ශකේ මීටරය 8.7/10 දක්වා ඉහළටම කරකවපු මේ කතා මාලාව කුණු තක්කාලි (Rotten Tomatos) විචාරකයන්ගේ 91% විචාරක ප්‍රතිචාරයක් හිමි කරගන්නට පුළුවන් වුණා කියන්නේ “ස්ට්‍රෙන්ජර් තින්ග්ස්” කියන්නේ එසේ මෙසේ කතා මාලාවක් නම් නෙමෙයි. ඒ විතරක් නෙවේ මේ “ස්ට්‍රෙන්ජර් තින්ග්ස්” සීසන් හතරේ හැම එපිසෝඩ් එකක්ම ඕඩියන්ස් එක රේට් කරලා තියෙනවා 8.5/10 වැඩි අගයක්. ඉතින් හිතාගන්න පුළුවන්නේ සීසන් හතරේ තරම. Netflix සමාගම වාර්තා කළේ, 2022 මැයි 30 වන විට, “Stranger Things ඉඥචඵධද 4” පැය මිලියන 287කට වඩා නරඹලා තියෙනවා.
“ස්ට්‍රෙන්ජර් තින්ග්ස්” සීසන් හතරේ තියෙන තවත් විශේෂත්වයක් වෙන්නේ, “Squid Game” නම් සුප්‍රකට කතා මාලාවට පසුව නිකුත් වී පළමු දින 28 තුළ පැය බිලියනයකට වඩා නැරඹූ දෙවැනි Netflix Tv Series එක බවට පත්වන්නට හැකි වීමයි. එය පළමු දින 28 තුළ පැය බිලියන 1.352 වැනි විශාල නරඹන්නන් ප්‍රමාණයක් කරා ළඟා වූ අතර, එය “Squid Game” ට පසු වැඩිම පිරිසක් නරඹන ලද දෙවැනි Tv Series එක බවට පත් වූ අතර මෙතෙක් වැඩිම පිරිසක් නැරඹූ Tv Series එක බවට පත් වුණා.
“ස්ට්‍රෙන්ජර් තින්ග්ස්” සීසන් හතර මෙවර සමන්විත වන්නේ Volume (වෙළුම්) දෙකක් වශයෙනි. කතාංගයන් හතකින් සමන්විත පළමු වෙළුම මැයි 27 වැනි දින Netflix හරහා නිකුත් කරන ලද අතර කතාංගයන් දෙකකින් සමන්විත දෙවන වෙළුම ජූලි 1 වැනි දින නිකුත් කරන ලදී. “ස්ට්‍රෙන්ජර් තින්ග්ස්” සීසන් හතර සුපුරුදු පරිදි නිෂ්පාදනය කරන්නේ එහි නිර්මාතෘවරුන් වන ඩෆර් බ්‍රදර්ස් සහ ෂෝන් ලෙවී, ඩෑන් කොහෙන්, ඉයන් විසිනි.
“ස්ට්‍රෙන්ජර් තින්ග්ස්” සීසන් හතර නිෂ්පාදනය කරන්න ගිය මුළු වියදම ඇමරිකානු ඩොලර් මිලියන 270ක් පමණ වූ අතර එය එක් කථාංගයකට දළ වශයෙන් ඩොලර් මිලියන 30ක් පමණ වැය වූ බව නිෂ්පාදන කණ්ඩායම පවසා තිබුණා. “ස්ට්‍රෙන්ජර් තින්ග්ස්” මීළඟ කතා සමය වෙත නිරායාසයෙන්ම ඇති කරන පිම්ම සහ තෙරපුම නම් අතිශය ඇබ්බැහිවන සුලුයි. “Stranger Things Season 4” ඇතුළේ තියෙන නිර්මාණශීලී රූප රචනාව සහ කුතුහලය පිරි කතා වින්‍යාසය නිසාම වසරේ විශිෂ්ටතම කතා මාලාව බව අවිවාදයෙන් යුතුව පිළිගන්නට සිදු වෙනවා සත්තයි.
මලින්ත විතානගේ | hplt_2 |
හිරු ටීවි නාළිකාවේ මේ දවස් වල විකශනය වන දිවිතුරා ටෙලිනාට්‍ය මේ දවස් වල ගොඩක්දෙනා අතරේ ජනප්‍රියයි. මේ ටෙලිනාට්‍ය ගීත ගායන තරඟයක් මුල්කොට ගනිමින් හැදුනු ටෙලිනාට්‍යක්. මේ ටෙලිනාට්‍යෙය් අපි ආදරය කරන ජනප්‍රිය ගායන ශිල්පින් දෙතුන් දෙනකුත් සිටීම ඇත්තෙන්ම විශේෂත්වයක්… එහි අපේ ජනප්‍රිය ගායකයෙක් වෙන හේක්ටර් ඩයස් සහ අතුළ අධිකාරීත් , චන්ද්‍රිකා සිරිවර්ධනත් රඟන්යෙන් දායක වෙනවා..මෙහි ප්‍රධාන චරිතයට පණ පොවන්නේ ඊෂා හෙවත් ශනුද්‍රි ප්‍රියසාද්.. ඇගේ අම්මා තමයි සමාධි හේවත් හිමාලි සයුරංගි. ඉතිං අගස්ති හේවත් හේක්ටර් ඩයස් කියන්නේ මේ ටෙලිනාට්‍ය තුළත් තරුණයින්ගේ අකාර්ෂණය ලබාගත් කෙනෙක්.. සමාධි හෙවත් හිමාලි කියන්නේත් හොඳින් සංගීතය ඉගෙන ගත්ත ලස්සනට සිංදු කියන්න පුළුවන් කෙනෙක්. මේ නාටයේ හැටියට… මෙහි සිටින තරුපති හෙවත් අතුළත් අගස්තිත් දෙදෙනාම සමාධිට ආදරය කරනවා… නමුත් සමාධිගේ හිතේ ආදරයක් ඇතිවෙන්නේ අගස්ති කෙරෙහි..සමාධි, අගස්ති, තරුපති කියන්නේ එකම සංගීත පන්තියේ ඉගෙන ගත්තු යහළුවෝ තුන්දෙනකේ. එක්දිනක මොවුන්ට සංගීත පංතියේ වැඩකටයුත්තක් සඳහා ඉන්දියාවේ යෑමට සිදුවෙනවා.. ඒ වෙද්දී සමාධි සහ අගස්ති කියන්නේ පෙම්වතුන්..ඉතිං එහිදි තමයි සමාධිට ඊෂාව ලබෙන්න එන්නේ..
ඉතිං ඊෂා කියන්නේ සමාධිගේත් අගස්තිගෙත් එකම දියණියයි..නමුත් මේ බව කිසිසෙත්ම අගස්ති දන්නේ නැහැ. අඩුම තරමින් සමාධිව දැකපු අවස්ථාවකවත් ඔහුට සමාධි කියන්නේ ඔහුගේ හිටිය පෙම්වතිය බවවත් මතකයට එන්නේ නැ.. එ වෙද්දී අගස්ති හැමෝම අතරේ නමක් හදාගත් තරුණයින්ගේ අකාර්ෂණ බොහෝ සේ දිනාගත් ජනප්‍රිය ගායකයෙක් වී හමරයි… එක් දවසකදී සමාධිගේ දුව ඊෂාට දැන ගන්නට ලැබෙනවා අගස්ති කියන්නේ ඊෂාගේ තාත්තා බව.. ඇය එවේල්ම rising stars කියන ගීතා ගායන තරඟාවලියට තරඟකාරිනියක් ලෙස ගොස් අගස්තියට සියළුදෙනා ඉස්සරහා බැන වදිනවා.. එ බැණ වදින එක එම නාලිකාවෙන් තේමිය කියන කෙනා පටිගත කරන්න කියා ඒහි සිටින කණ්ඩායමට පවසනවා… එත් සමඟම ඒ විඩියෝව සමාජ මාධ්‍ය පුරාම සැරිසරන්නට පටන් ගනන්වා… එය දැකීමත් සමඟ අගස්තිට තව තවත් ඊෂා කෙරෙහි ලොකු වෛරයක් ඇතිවෙනවා. නමුත් ඔහු දැනටත් දන්නේ නැහැ ඇය ඔහුගේ දියණිය බව… එ වේද්දී අගස්තිට අලුත් පෙම්වතියක් සිටියා එ තමයි වින්ඩි. වින්ඩි විදියට මේ නාට්‍යෙය් එ චරිතය නිරූපණ කරන්නේ නිලුෂි පවන්යා විසින්…
මේ ගායන තරඟයේ විනිශ්චකරුවන් විදියට අගස්ති, වින්ඩි සහ චන්ද්‍රිකා සිටින්නේ…ඉතිං මේ විඩියෝ එක සමාජ මාධයට යෑමෙන් පසු තේමියට අවශ්‍ය වෙනවා ඊෂාව මේ ගායන වැඩසටහනේ තරඟකාරිනියක් විදියට ඉිදිරියට ගෙන ය්නන. නමුත් එයට ඊෂාගේ අම්මා සහ සීයා කිසිසේත් ඉඩ දුන්නේ නැහැ.. මේ වේද්දී ඊෂා තරුපතිගේ සංගීත පන්තියට යමින් තමයි සිටියේ. නමුත් ඇය රයිසින් ස්ටාස් තරඟයට යෑමත් සමඟම තරුපතී ඊෂාව පන්තියෙන් අයින් කිරීමට තීරණය කලා… ඊෂා සැරින් සැරේ පැමිණ තරුපති සර්ට ඇත්ත පැහැදිලි කලත් ඔහු ඇයව පන්තියට අරගත්තේ නැහැ. ඊෂාගේ හොඳම යළුවා තමයි උඳුල්.. ඇය තමන්ගේ දුක හැමිටම උදුල් සමඟින් පැවසුවා.. නමුත් උඳුල්ට නම් ඊෂා කියනනෙ හොඳ යළුවෙක් නෙමෙයි.. මන්ද ඔහු ඊෂාට මහත්සේ ආදරය කරනවා.. නමුත් එය ඊෂාට ඔහු කියන්නේ නැහැ.
ඉතිං තාලය ගත වේද්දී රයිසින් ස්ටාර්ස් තාණ්ඩායම සැරින් සැරේ ඊෂාව හමුවීටම පැමිණ ඇය තරඟකරිනියක් ලෙස එයට සහභාගී වෙන්න කියා පවසනවා. ඉතිං එක දවසකදී ඊෂා ඒ ඉල්ලීමට කැමති වනවා. නමුත් ඇගේ අම්මා වන සමාධී සහ සීයාගෙන ඇයට කැමත්තක් ලැබුණේ නැහැ.නමුත් අවසානයේදී ඊෂා කෙසේ හෝ එයට ඔවුන් දෙදෙනාව කැමති කරවා ගන්නවා..ඉතිං ඇය මේ තරඟයට යාම නිසා ඇයව තරුපති පංතියේ අයින් කරත් ඇය සෑම දිනකම ගෝස් තරුපතිට ඇයව පංතියෙන් අයින් කරන්නට එපා යැයි පවසනවා..
ඉතිං මේ වෙද්දී ඇය රසියින් ස්ටාර්ස් තරඟයේ තරඟ කරන තරඟකාරිනියක්..ඉතිං ඇය සමාධිත් සමඟ මේ තරඟයට සහභාගි වීමට කොළඹට පැමිණෙනවා.. ඉතිං ඇය එදින ඇගේ පළමු ගායනය රියිසින් ස්ටාර්ස් වේදිකාව මත ගායනවා කරනවා.එදින ඇය වේදිකාවට පැමිණෙනවත් සමඟද අමුතු දෙයක් සිදු වනවා.. ඒ ඇය අගස්තිට බැණ වදින වීඩියෝව ඇය වේදිකාවට පැමිණෙවත් සමඟම සියලුදෙනාටම ඇසෙන්නට පෙනෙන්නට wall එකේ පෙන්නවා.. එය දැකීමත් සමඟ ඇය කලබලයට පත් වෙනවා.. අගස්තිත් ඒ අවස්ථාවේ නැවත වතාවක් අපහසුතාවයට පත් වෙනවා. නමුත් ඇය හිත ශක්තිමත් කරගෙන ඇය ගායනා කරන ගීතය ඉතාමත් ලස්සනට ගායනා කරනවා.. මේ අතර මේ වැඩසටහන නරඹන තරුපති ඇගේ ගෝලයන් වන උඳුන් සහ ඔහුගේ යළුවා සමඟින් පවසනවා ඊෂාව ගැලපෙන්නේ ඒ වගේ තැනකට කියා.. ඉතිං ගීතය අවසන් වීමේන් පසු ඇයට විනිශ්චමණ්ඩලයේ තීරණය ලබා ගැනීමට ඇය වේදිකාව මත රැදී සිටිනවා..ඉතිං පළමුව ඒ තීරණය ලබා දෙන්නේ විනිශ්චමණ්ඩලයේ සිටින විනිශ්චකාරියක් වන වජිරා විසිනි. ඇය එහිදී පවසනේනේ ඇගේ කටහඬ උපතින්ම ජානමයෙන්ම ලැබුණු කටහඬක් බවයි..ඉතිං ඇය ඊෂාව ඉදිරියට ගෙන යන්නට කැමැත්ත පළ කරනවා.. ඒත් සමඟම දෙවැනුම එම තීරණය ලබා දෙන්නේ අගස්ති. ඔහුගේ තීරණය වන්නේ ඇය මේ තරඟයෙන් ඉදිරියට නොයයුතුය කියලයි..ඉතිං අවසාන වශයෙන් වින්ඩිගේ තීරණය ලබා දේනනට යන අවස්ථාවේදී තේමීය ඇයට පවසනවා ඊෂාව තරගයෙන් ඉිදිරියට යැවිය යුතු බව.. එම බලපෑම මත වින්ඩිට එම තීරණයට එකඟ වී ඇයව ඉිදිරියට ගෙනයන්නට කැමති බව පවසන්නට සිදු වනවා.. ඒ අවස්ථාවේ අගස්ති ඉතාමත් කේන්තියෙන් වින්ඩි දෙස හැරෙනවා.. ඉතිං වින්ඩිගේ තීරණය සහ වජිරාගේ තීරණය මත ඇයට තරඟයෙන් ඉදිරියට යෑමේ වසනාව ලැබෙනවා.
ඉතිං මේ හේතුව නිසා අගස්ති වින්ඩි සමඟ තරහෙන් එයින් පිටත්ව යන්නට සූදානම් වනවිට අගස්තිගේ පසුපසින් වින්ඩි පැමිණෙනවා.. නමුත් ඔහු ඇය මහමඟ දමා යනවා… පසුවදා උදේ වින්ඩි අගස්ති ළගට පැමිණ පවසනවා එදා දවසේදී ඇයට කරන්නට කිසි දෙයක් නොතිබුනු නිසා තේමීයගේ බලපෑම මත එ තීරණය ඇයට ලබා දෙනනට සිදු වූ බව ඇය අගස්තියට පවසනවා.නමුත් අගස්ති දිගින් දිගටම පවසන්නේ ඔහුට ආදරයක් තිබුණා නම් ඔහුගේ පැත්ත ගත යුතුයි කියායි..
ඉතිං පසුවදා උදේ ආයෙමත් වතාවක් ඊෂා තරුපතිව හමුවන්නට සංගීත පන්තියට යනවා. එ අවස්ථාවේ තරුපති ඊෂා ලඟට ගිටාර් එකත් රැගෙනවිත් ඇය ගායනා කරපු ගීතයේ අවසානයේ මෙසේ ගායනා කලා නම් ලස්සනයි යැයි පැවසුවා.. ඇය ඒ අවස්ථාවේ පුදුමයට පත්වෙනවා..ඇයට අදහාගත නෙහෙැකිව එ දෙස බලා සිටිනවා. ඒසේ කියා තරුපති එතනින් පිට වෙනවා.
ඉතිං එක අවස්ථාවකදී අගස්ති හෝටලයකට වෙලා සිටින විට තරුණයන් දෙදෙනෙක් ඔහු ලඟට පැමිණ ඔහු සමඟින් කතාබහ කරනවා.. එ අවස්ථාවේ එහි සිටි එක් තරුණකු පවසනවා ඔහු එදා තරඟයේ සිටි ඊෂාට හොඳ රිටන් එකක් ලබා දුන්නේ කියා..ඒ අවස්ථාවේ අගස්තිට කෙන්ති ගොස් ඔවුන් අතර බහින්බස්වීමක් ඇති වනවා. ඒ අවස්ථාවේ අගස්ති එතන සිටි එක් තරණයකුට බැන වදිමින් පහර දෙනවා..එය දකින තවත් තරුණයකු මේ සිද්ධිය ජංගම දුරකථනයෙන් විඩීයෝ ගත කරගන්නවා..
මේ අතරදී ආයෙමත් සැරයක් ඊෂා තරුපති සොයාගෙන පැමිණෙනවා.. එ අවස්ථාවේ ඊෂා පනසන්නේ ඇයට පංතිය දාලා එකපාර යන්නට බැහැ කියයි.. ඇයට තරුපතිගේ උදව් අවශ්‍ය බව ඇය තරුපති ඉදිරියේ කියා සිටිනවා. එත් සමඟම ඔහු නවැතත් පවසන්නේ ඔහුට ඇයට පංතියට ගැනීමට නොහැකි බවයි.. නමුත් ඔහු කියනවා ඇය කැමති නම් පංතිය අවසන් වු පසු ඇයව train කරන්නට කැමති බව ඊෂා ඉදිරියේ තරුපති පවසනවා…ඇය ඉතාමත් සතුටින් එයට කැමති බව තරුපතිට පවසනවා. ඉිතං මේ අතරදී අගස්තිව සොයා අගස්ති සිටිනා හේටලය වෙත පොලිසිය පැමැණෙනවා…ඒ අවස්ථාවේ පොලිසිය අගස්තිට පවසන්නේ ඔහු තරුණයෙක්ට බරපතළ ලෙස පහරදීම හේතුවෙන් පැමිණිල්ලක් ලැබි ඇති බව පොලිසිය විසින් අගස්තිට පවසනවා.. පැමිණිල්ල ඉවත් කර ගැනීමට නම් එම තරුණයා විසින් ලක්ෂ 2ක මුදලක් ඉල්ලන බවද පොලිසිය පවසනවා..
ඉතිං එක දවසක අගස්ති වින්ඩි සමඟින් රෑ කෑමකට එළියට යනවා.. ඒ අවස්ථාවේ වින්ඩි අගස්ති ලගට මුදුවක්ද රැගෙන ගොස් ඇයව විවාහ කරගැනීමට කැමැතිද කියා ඔහුගෙන් විමසනවා.. අගස්ති ඒ අවස්ථවේ පුදුම වී සතුටින් කැමැත්ත ඇය වෙත ලබා දෙනවා.ඉතිං ඊටපසු දින අගස්තිව පුදුම කරවමින් වින්ඩි මල් කළබයක්ද රැගෙනවිත් ඔහුගේ උපන්දිනයට සුබ පතනවා..
ඉතිං මේ වෙද්දී තරුපති ඊෂාව තරඟයෙන් ඉිදිරියට යෑම සඳහා අවශ්‍ය මගපෙන්වීම කරනවා.. ඔහු ඇය ඊළඟ වටයේ ගායනා කල යුතු ගීතයත් තෝරා දී එය ඇයට පුරුදු කරවනවා..ඉතිං මේ අතර අගස්ති සහ වින්ඩි එකතරා වැඩසටහනකට සහභාගී වෙනවා.. ඒ අවස්ථාවේ ඔවුන් දෙපළගෙන් නිවේදිකාව විසින් ප්‍රශ්නයක් යොමු කරනවා.. එ තමයි ඔවුන් විවාහ වෙන්න සූදානම්ද කියන පැනය.. එ අවස්ථාවේ වින්ඩි එකලෙසම ඔවුන් විවාහ වීමට සූදනාම් බව පවසනවා.. නමුත් අගස්ති ඒ අවස්ථාවේ එයට හරිලෙස උත්තරයක් නොදී මද සිනාවකින් යුක්තව සිටිනවා.. මේ අවස්ථාවේම සමාධිත් රූපවාහිනිය ළඟටවිත් එම වැඩසටහන නරඹනවා.. ඉතිං මේ අවස්ථාවේ වින්ඩි ඔවුගේ ආදර කතාව ගැන විස්තර වැඩසටනේදී කියනවා.. සමාධි ඒ අවස්ථාවේ ඉතාමත් දුකින් කඳුලු ඇස් වල පුරාවාගෙන එ දිහා බලා සිටිනවා.. ඉතිං මේ වෙද්දී අගස්ති සහ වින්ඩි ඔවුගේ විවාහය සඳහා සූදනාම් වෙමින් සිටින්නේ… නමුත් විවාහය ඉක්මනින් සුදු කරන්නට අගස්තිගේ හිතේ නම් වැඩි කැමත්තක් නැති බව තමයි පෙනේන්නේ.. ඉතිං අගස්ති සහ වින්ඩි වාවහ වීමට සූදානම් බව දැනගත් තේමීය කියන්නේ විවාහ ටිකක් කල් දාන්න කියායි. එයට හේතුව විදියට ඔහු පසන්නේ රියිසින් ස්ටාර්ස් වැඩසටහන තව මාස දෙකකට වඩා තිබෙන බවයි. එය ඇසීමත් සමඟ කලබලයට පතු වුණු වින්ඩි තේමීය බැන වදිනවා.. ඉන්පසු අගස්ති සමඟද ඒ පිළිබඳ වින්ඩි වාද කරනවා.. නමුත් අගස්තිගෙත් කැමැත්ත තිබෙන්නේ විවාහය කල් දැමීමටයි..
ඉතිං නැවතත් ඊෂා සහ සමාධි රයිසින් සටාර්ස් ඊළඟ තරඟ වටය සඳහා කොළඹ යෑමට බස් නැවතුම්පොළට යනවා.. එ අවස්ථාවේ එතනට පැමිණෙන තරුණයන් දෙදෙනෙක් ඊෂාට සහ සමාධිට එක එක දේවල් කියනවා.. ඒ අවස්ථාවේ ඊෂා සහ සමාධි එතනින් පිට වෙන්න යද්දී එක සැරේටම ඊෂාව අතින් එක් තරණකු අල්ලාගනෙ ඇයට කරදර කරනවා.. ඒ අවස්ථාවේ එතනට පැමිණෙන තරුපති ඔවුන්ට හොඳටම පහරදී ඔවුන්ගෙන් සමාව ගන්න කියා පවසනවා..
මේ අතරේ ඉ ඔන්න ආයෙමත් වතාවක් අගස්ති තරුණයෙක්ට පහර දීපු සිද්දධිය මතුවෙනවා.. එදා ඔවුන් ලක්ෂ 2ක දුන් පසු එ විඩියෝ එක ඩිලිට් කරා කියලා කිව්වත් එහෙම කරලා තිබුනේ නැහැ. ඔහුට නැවතත් එම විඩියෝ එක තිබනෙ තරුණයාගෙන් දුරකථන ඇමතුමක් එනවා.. ඔවුන් ඒ අවස්ථාවේ විඩියෝ එක අයින් කරන්නට නම් ලක්ෂ 5ක් ලබා දෙන්න යැයි අගස්තිගෙන් ඉල්ලීම් කලා. නමුත් අගස්ති ඔහු ළඟ එතරම් මුදලක් නැති බව ඔවුන්ට පැවසුවා.. ඉන්පසු අගස්ති ඔවුන් හමුවීමට යනවා.. ඒ අවස්ථාවේ එම තරුණයා සල්ලි ටික දුන් පසු විඩීයෝ එක ඩිලිට් කරන්නම් කියා අගස්තිට බව පසනවා. එ අවස්ථාවේ එම තරුණයා විඩියෝ එක ඩිලිට් කරත් අගස්ති ඔහුට සල්ලි ලබා දෙන්නේ නැහැ. එ අවස්ථවේත් ඔවුන් දෙදෙනා අතරේ බහින්බස්වීමක් ඇති වී අගස්ති එම තරුණයටත් පහර දෙනු ලබනවා.. ඉන්පසු අගස්ති පහර දී එතින්න පිටත් වෙන්නට හැදුවත් එය එතරම් ලේසි වුනේ නැහැ. පොලිස් ජීප් රථය ඔහු පසු පස පැමිණ ඔහුගේ වාහනය ඉස්සර කර නැවැත්වුවා. ඉන්පසු අගස්තිට බැන වැදුන පොලසිය ඔවුන් සමඟ පොලිසියට යෑමට එන ලෙස අගස්තිට පැවසුවා.. ඉන්පසු අගස්තිව පොලිසියට ඔවුන් රැගෙන ගියා.
මේ අතරදී තේමීයට දුරකතණ ඇමතුමක් ලැබෙනවා අගස්තිව පොලිසිය අත්අඩංගුවට ගත් බවට. මේ අවස්ථාවේදී වින්ඩි සහ තේමීය කලබලයෙන් පොලිසියට පැමිණෙනවා.. ඒ අවස්ථාවේ තේමීය අගස්තියට ඔහු මොනවාහරි දෙයක් කරලා ඔහුව බේරා ගන්නම් යැයි පවසා එතනින් පිටවෙනවා. නමුත් වින්ඩි ඔහු ළඟට වී හඬමින් සිටිනවා. එතන සිටි පොලිස් නිලධාරීයා හමු වු තේමීය ඔහුගෙන් ඉල්ලා සිටිනනේ ඔහුගේ වැඩසටහනට අනිවාර්යෙන්ම අගස්තිව අවශ්‍ය බවයි. නමුත් එය ප්‍රතික්ෂේප කල පොලිස් නිළධාරියා වැඩිදුරටත් කියා සිටියේ ඔහුව ඔවුන්ට නිදහස් කිරීමට කොහොමටවත් නොහැකි බවයි.
කේසේ වුවත් වැඩසටහන කරගෙන යාමට අවශ්‍ය නිසා තේමීය ඔවුන්ට කළ හැකි වෙනත් උපක්‍රමයක් ගැන සිතුවා.. ඒ අවස්ථාවේ තේමීයට අදහසක් ආවා තරඟය තිබෙන්නේ කාන්තා දිනය දවසේදී නිසා එදින කාන්තාවන් තිදෙනෙක්ම විනිශ්චමණ්ලයේ තබනන්ට.. ඉතිං එදා තරඟය දවසේදී අගස්ති වෙනුවට එම අසුනේ වාඩි වුයේ ගායන ශිල්පීනි සුභානි හර්ෂණි.. මේ අවස්ථාවේදී අගස්ති සිටින තැනට පොලිස් නිලධාරියෙක් පැමිණ ඔහු නැතුව රයිසින් ස්ටාර් වැඩසටහන යනවා යැයි ඔහුට පවසනවා.. ඉති මේ වේද්දී රයිසින් ස්ටාර්ස් තරඟාවලිය ආරම්භ වී දැන් වෙද්දී දෙවැනි තරඟකරුවා තමයි වේදිකාවේ ගීතය ගායනා කරන්නේ. ඒ අවස්ථාවේ අගස්තිගේ ගීතයක් තමයි එම තරුණයා එහි ගායනා කරන්නේ.. එහ අවස්ථාවේ එම ගීතය අසමින් වින්ඩි ඉතා සංවේදී වුවා.. විනිශ්චමණ්ඩලයම එදා ඒ විෂාල් තියන තරුණයා විස්මයට පත් කලා. එ තරමට එ ගායනය මිහිරි…එදා විනිශ්චමණ්ඩලයේ සියලුදෙනාගේන්ම හොඳ ප්‍රතිචාර ඔහුට ලැබුනා.
වින්ඩි තමන්ගේ අදහස පවස්න්නට උත්සහා කලත් ඇයට එය පවසා ගැනීමට තරම් ශක්තියක් තිබුනේ නැහැ. ඇය කඳුළුපිරි දෙනෙතින් පැවසුවේ එම ගීතය හැදෙන අවස්ථාවේ ඇය අගස්ති සමඟින් සිටි බවයි.. ඉතිං ඔහුගෙන් පසුව ඊෂා තමයි වේදිකාවට පැමිණෙන්නේ.. ඉතිං එදිනත් වජිරාගෙන් ලැබුනේ ඇයට හොඳ ප්රතිචාරයකි.. සුභානිත් ඇයට එ විදියටම ඇගේ ගායනයට හොඳ ප්‍රතිචාරයක් ලබා දුන්නා.. එදිනත් වින්ඩිගේ අදහස ගැන අසිමේදී වින්ඩිට එදිනත් තේමීය බලපෑම් කලා ඇයට ඉදිරියට යවන්න කියා.. ඒ අවස්ථාවේ ඇය කෙලින්ම yes ලෙස පවසමින් ඇයව ඉදිරි වටය සඳහා රැගෙන ගියා. ඉතිං මේ වැඩසටහන ඉවර වුනාට පස්සේ විෂාල් ඊෂා ලඟට පැමිණ ඇය ඉතාමත් ලස්සනට ගීතය ගායනා කල බව පැවසුවා… ඒ අවස්ථාවේ ඔවුන් දෙදෙනාගේ ප්‍රථම හමුවීඹ සිදුවුනා. ඔවුන් දෙන්නට දෙන්නා හඳුනා ගත්තා.. ඉතිං අපට සිතෙන විදියට නම් විෂාල්ට ඊෂා ගැන හිතේ කැමැත්තක් ඇති වෙලා තියෙන්නේ..
මේ අතරදී නැවත වතාවක් අගස්ති ලඟට පැමිණෙන පොලිස් නිළධාරීයා ඊෂා ඊළඟ වටයට තේරුණ බව අගස්තිට පැවසුවා.. වින්ඩිත් ඇයට වෝඩ් කළ බව අගස්තිට පැවසීමත් සමඟ ඔහුට කේන්ති ගියා… ඉතිං එදිනම ඔහුගේ ලෝයර් පෙිලිසියට පැමිණ අගස්තිට ඇප දී ඔහුව බේරා ගත්තා..ඉතිං එදින අගස්ති නිදහස් වී කෙලින්ම ආවේ තේමීය සිටින තැනට ඔහුව සොයාගෙනයි.. එ අවස්ථාවේ තේමීය ටීනාත් සමඟින් කතා බහක යෙදෙමින් සිටියේ..එ අවස්ථාවේ එතනට පැමැණි අගස්ති කෙන්තියෙන් තේමීය පහරදීමට උත්සහා කලා..අගස්ති ඔහුට චෝදනා කලේ ඊසාව ඉදිරියට යැවීමට අවශ්‍ය වු නිසා ඔහුව හිරේ දැම්මා කියායි…ටීනා එයට මැදිහත්ව රණුඩුව බේරීමට මහත් උත්සහයක් දැරුවා.. ඉතිං අගස්ති ඉතා කෙන්තියෙන් එතනින් පිටව ගියා..
ඉන්පසු දවසේ අගස්ති සිටින කාමරයට වින්ඩි පැමිණෙන විට ඔහු සිටියේ නැහැ.. ඇය ඔහුට දුරකථන ඇමතුම් දුන්නත් ඒවාට උත්තර දුන්නේ නැහ. අවසානයේදී වින්ඩි තේමීයට දුරකථන ඇමතුමක් ලබා දී ඔහුට මේ බව පවසනවා.. අගස්ති ඒ වේද්දී ඔහුගේ සියළු දේවල් රැගෙන වෙනත් තැනක නැවතීම සඳහා පිටත් වෙලයි තිබුනේ.. තේමීය සහ වින්ඩ් අගස්තිගේ හිත මිතරන්ට කතා කර ඔහු ඉන්න තැනක් දන්නවා දැයි කියා විමසුවත් කිසි කෙනෙක් එය දැනගෙන සිටියේ නැහැ..තේමීය වින්ඩි සමඟ අගස්තිව සොයා ඔවුන් දන්නා හැම තැනකටම ගියත් ඔහුව සොයා ගැනීමට නොහැකි වුවා.. මේ අතරම වින්ඩිට ඇගේ අම්මාගෙන් ඇමතුමක් ලැබෙනවා..වින්ඩි අගස්ති සමඟින් විවාහා වෙනවා කියලා දැනගත් ඔවුන් කොළඹට එන බව පවසනවා… ඉතිං මේ වෙද්දී එ හේතුව නිසා වින්ඩි තවත් කලබලයට පත්වයි සිටින්නේ.
ඉතිං ඔන්න මේ වෙද්දී ඊෂා සමාධිට රයිසින් ස්ටාර්ස් එකේ සිටින අයට workshop එකක් සති දෙකක් එක දිගට තිබෙන බව පවසනවා…සමාධි ඒ අවස්ථාවේ ඇයව තිනව එ workshop එකට යවන්නේ නැති බව පවසනවා..මේ අවස්ථාවේ සමාධි සහ ඊෂා අතර බහින්බස්වීමක් සිදුවෙනවා. එවිට ඊෂා තරහින්න එතින් පිටව යනවා..
ඉතිං දවසේ වැඩකටයුතු අවසන් වී ගෙදර එන තේමීයට හිතපු නැති දෙයක් මෙන්න මේ වේලාවේ සිදුවෙනවා.. තේමීය කියන්නේ විවාහක කෙනෙක්. ඇය බිරිඳ විඳියට මෙ නාට්‍යයේ ඉන්නේ දූලීකා මරපනයි..ඉතිං ඔවුන් දෙනොට නිවුන් දරුවන් දෙදෙනෙක් මේ කතාවේ හැටියට සිටනවා.. තේමීය දරුවන් දෙනො සමඟ සෙල්ලම් කර කර ඉන්න අවස්ථාවේ දූලීකා වාහනයේ සීට් එකේ තිබුන කේස් කැල්ලක් රැගෙනවිත් තේමීයට පෙනවා අසනවා කෙස් ගස කාගෙද කියා.. එවිට තේමීයත් එ දිහා පුදුමයෙන් වගේ බලනවා.. ඉතිං මේ වේලාවේ දෙදෙනා අතර රණ්ඩු සරුවක් යනවා.. ඉතිං තේමියගේ බිරිඳ වන දිව්‍යා හිතනේනේ ඒ කෙස් ගස ඔහු වැඩ කරන තැන සිටින ටීනාගේ කියායි..
ඉතිං ඔන්න ඔය අතරේදී වජිරා මිස්ට වින්ඩිගෙන් දුරකථන ඇමතුමක් එනවා.. ඇය ඒ කතා කරන්නේ වජිරාගේ උදව්වක් ලබා ගැනීමටයි.. ඒ අවස්ථාවේ ඇය කියා සිටින්නේ ඇගේ අම්මයි තාත්තයි ඇයව බැලීමට කොළඹ එනවා කියායි.. ඉතිං ඔවුන්ට වජිරාගේ ගෙදර නැවතීමට ඉඩ දෙන්න පුළුවන්ද කියා වින්ඩි ඉල්ලීමක් කරනවා.. ඉතිං එ වේලාවේ වජිරා අකමැත්තෙන් වගේ එම ඉල්ලීමට කැමති වනවා…ඔය අතරේ අගස්ති ඔහු සිටන තැනට වෙලා රයිසින් ස්ටාර් වැඩසටහනේ ඊෂා ගායනා කරපු ගීතය අසනවා.. ඔහුට එක සැරේටම මොකක් හෝ මතක් වෙනවා… තරුපති අගස්ති කියන්නේ එ කාලේ හොඳම යාළුවෝ දෙන්නෙක්. ඉතිං මේ වේලාවේ අගස්තිට තරුපති ඒ ගීතයේ කොටසක් පන්තියේ ගායනවා කරපු හැටි මතක් වෙනවා.. ඉතිං මේ වේලාවේ අගස්ති කවුරුන් හෝ කෙනෙක්ට දුරකථන ඇමතුමක් ලබා දෙනවා.නමුත් එ ඇමතුම තාට දුන්නද කියා අප දන්නේ නැ…
ඉතිං ඔන්න මේ වේද්දී වින්ඩි වජිරාගේ ගෙදරට එනවා ඇගේ සියළු බඩු බාහිරාදියත් රැගෙන.. ඇය ඇගේ ලොකුවට ෆේම් කරලා තිබුණු පිංතුර හතරක් පහකුත් රැගෙන විත් වජිරාගේ ගෙදර බිත්තිවල ගහලා තිබුනු ඒ ලොකු පිංතුර ගලවමින් ඇගේ පිංතුර ටික බිත්තියේ එල්ලනවා.. ඒ ඇගේ දෙමාව්පියන්ට මේ නිවස ඇගේ කියලා පෙන්වීමට ඕනෑ නිසයි…නමුත් වජිරා නම් මේකට එච්චර කැමති වෙන්නේ නැ..
ඔන්න තේමීය මේ වේලාවේ අගස්තිට ඇමතුමක් ගන්නවා..එ අවස්ථාවේ තේමීය ඔහු ඉන්න තැන ගැන විමසුවත් ඔහු එයට උත්තරයක් නොදී ඔහු දිගින් දිගටම පවසන්නේ තේමීය ගහපු ප්ලෑන් එකක් කියලයි.. ඔහු ඒ වේලාවේ තේමීයට කියනවා ඊෂා කියන්නේ තරුපතිගේ ගෝලයෙක් බව. ඉතිං ඔන්න එදා දවසේත් වින්ඩි තේමීයත් සමඟින් අගස්තිව සොයන්න යනවා. නමුත් එදා දවසේත් ඔහු ඉන්න තැනක් ගැන තොරතුරක් දැන් ගන්න ලැබෙන්නේ නැ…
ඉතිං ඔන්න මේ වෙද්දී වින්ඩිගේ අම්මයි තාත්තායි ත්රීවිලරයකින් වජිරාගේ ගෙදරට එක්කගෙන එනවා… ඉතිං වින්ඩිගේ අම්මලා මේ ඇවිත් තියෙන්නේ අගස්තිව හමුබ වෙලා ඒ දෙන්නාගේ විවාහය ගැන කතා කරනන්යි. නමුත් වින්ඩිට මේ වෙනකන් අගස්ති ඉන්න තැන ගැන තොරතුරක් ලැබිලා නැහැ..
ඔන්න දැන් ඊෂා workshop එකට යන්න කලින් අවසන්වතාවට උඳුල්ව හමුබ වෙන්න එනවා… ඉතිං මේ වේලාවේ ඊෂා මේ තරඟේ ගැන විස්තර කියලා ඉක්මනටම ආයෙමත් එන්නමැ කියා පවසලා එතනින් පට වෙන්න හදනවා… එ වේලාවේ උඳුල් ඊෂා යන දිහා ගොඩක් දුකෙන් බලාගෙන සිටිනවා.. නැවතත් ඊෂාට ඔහු කතා කර පරිස්සමට ගිහින් එන්න කියා පවසනවා… ඊෂාත් මඟ හැරි හැරි උදුල් දෙස බලමින් එතනින් පිට වෙනවා….ඉතිං මේ workshop එකට යන ඊෂාට උඳුල්ව අමතක කර විෂාල් ගැන ඊෂාට කැමැත්තක් ඇතිවෙයිද? ඊෂාගේ අම්මා සමාධිට වු දේම ඊෂාට සිදුවෙයිද කියන කාරණය ගැන මේ කතාවට ආදරය කරන ප්‍රෙක්ෂකයන්ගේ හිතට ප්රාශ්නාර්ථයකි…
ඉතිං මේ වෙද්දී සමාධිත් ඊෂා සමඟින් workshop එක තියෙන තැන නැවතිලා තමයි සිටින්නේ.. ඉතිං මේ වේලාවේ සමාධියි ඊෂායි ඉන්න තැනට රේහානා කියලා කෙනෙක් ඇවිත් ඇයව හඳුන්වලා දීලා ඇය ඊෂාත් එක්ක එකට කාමරයේ සිටින කෙනා බව පවසනවා. ඉතිං ඔන්න මේ වේලාවේ අගස්ති වින්ඩි සමඟින් workshop එක තියෙන තැනට පැමිණෙමින් තමයි සිටින්නේ. එත් එක්කම සමාධිත් මේ වේලාවේ ගෙදර යන්න ලැස්ති වෙන ගමන් තමයි සිටින්නේ.
ජනනි තරුෂිකා | hplt_2 |
කටාර් ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙස ශ්‍රී ලංකාවේ උපත ලද කඩුලු රකින ක්‍රීඩක Rizlan Iqbar නිල වශයෙන් තෝරා ගෙන තිබුණා.
ශ්‍රී ලංකාවේ මහනුවර ප්‍රදේශයේ උපත ලැබූ Rizlan කටුගස්තොට සාන්ත අන්තෝනි විද්‍යාලයෙන් සිය පාසල් අධ්‍යාපනය හදාරා තිබෙන අතර ඔහු සිය පාසලේ පළමු පෙළ ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය ද දරා තිබීම විශේෂත්වයක්.
එමෙන්ම මහනුවර ක්‍රිකට් සංගමයේ හිටපු දක්ෂ ක්‍රීඩකයෙකු ද වන Rizlan පාසල් වියේ දී දැක්වූ දස්කම් නිසාවෙන් ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ සංචිතයට ද තෝරාගැනීමට සැලකූ බව වාර්තා වනවා.
පසුව කටාර් දේශය බලා පිටත් වූ ඔහු 2010 වසරේ සිට කටාර් හී දේශීය තරග නියෝජනය කිරීමෙන් අනතුරුව ඔහු දැක්වූ දස්කම් නිසාවෙන් 2017 වසරේ දී කටාර් කණ්ඩායම නියෝජනය කරමින් එක්දින වරම් සහ 2019 දී විස්සයි විස්ස වරම් දිනා ගැනීමට සමත් වුනා.
එමෙන්ම 2021 වසරේ පැවති විස්සයි විස්ස ලෝක කුසලානයේ ආසියානු සුදුසුකම් ලැබීමේ තරගාවලිය සඳහා ක්‍රීඩා කළ කටාර් කණ්ඩායමේ උප නායකයා ලෙස කටයුතු කළේ ද Rizlan.
ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.
⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com🎗
කටාර් ක්‍රිකට් නායකත්වය ශ්‍රී ලාංකිකයෙකුට
තවත් මෙවැනි තොරතුරු හා පුවත් දැනගැනීමට lankansports.comහා රැඳීසිටින්න..
සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න
ලියාපදිංචි වන්න
දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.
1XSL
ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.
පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න | hplt_2 |
ශ්‍රී ලංකා රුපියල ශක්තිමත් වෙයි
එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ශක්තිමත් වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව වාර්තා කරයි.
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරනු ලබන දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (31) දින එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 184.12 ක් සහ විකුණුම් මිල රු. 189.18 ක් ලෙසින් වාර්තා වී තිබේ.
මෙය පසුගිය දෙසැම්බර් 16 වන දිනෙන් පසු එක්සත් ජනපද ඩොලරයක් වෙනුවෙන් වාර්තා වූ අවම ගැනුම් සහ විකුණුම් මිල ගණන් වේ.
පසුගිය සතියේ දෙසැම්බර් 24 දින වන විට ඩොලරයක ගැනුම් මිල රු. 189.08 ක් හා විකුණුම් මිල රු. 194.66 ක් ලෙසින් වාර්තා වූ අතර එහිදී ශ්‍රී ලංකා මහ බැංකුව දේශීය විදේශ විනිමය වෙළඳපොළෙහි උච්ඡාවචනයන් පාලනය කිරීමට සුදුසු ක්‍රියාමාර්ග ගනු ලබන බව අවධාරණය කර සිටියේය. | hplt_2 |
SUP-P260G ඉහළ උෂ්ණත්ව වර්ගයේ ගිල්විය හැකි මට්ටමේ මීටරය
නිෂ්පාදන විස්තර
නිෂ්පාදන ටැග්
-
වාසි
සංයුක්ත හැඩය, නිවැරදි මිනුම්.ද්‍රව යාන්ත්‍ර විද්‍යාවට අනුව, සිලින්ඩරාකාර චාප හැඩය භාවිතා කිරීම, මිනුම් ස්ථායීතාවයට පිරික්සුම් සෙලවීමේ බලපෑම අඩු කිරීම සඳහා පරීක්ෂණය පහළට බලපෑම් කිරීමට ඵලදායී මාධ්‍ය වේ.
බහු ජල ආරක්ෂිත සහ දූවිලි ආරක්ෂිත.
පළමු ආරක්ෂිත ස්ථරය: 316L සංවේදක ප්‍රාචීරය, බාධාවකින් තොරව සම්බන්ධ කිරීම, ඊයම් සහ සංවේදකය ජල ආරක්ෂිත බව සහතික කිරීම සඳහා;
දෙවන ආරක්ෂිත ස්ථරය: පීඩන පයිප්ප සැලසුම් කිරීම, ආරක්ෂිත ස්ථරය සහ ඊයම් පේස්ට් ඇඳුම්, ජල ආරක්ෂිත, දූවිලි රහිත බව සහතික කිරීම;
තුන්වන ආරක්ෂිත ස්ථරය: 316L ද්‍රව්‍ය, බාධාවකින් තොරව සම්බන්ධ කිරීම, ඊයම් සහ පලිහ බාධාවකින් තොරව සම්බන්ධ කිරීම, සීමා සහිත, විනාශකාරී නොවන නිර්මාණය;
සිව්වන ආරක්ෂිත ස්ථරය: උසස් තත්ත්වයේ, නවීන පලිහක් ස්ථරයක්, ද්‍රව කාන්දුවක් අනාවරණය නොවන බව සහතික කිරීම සඳහා නවීන ජල ආරක්ෂිත තාක්ෂණය;
පස්වන ආරක්ෂිත ස්ථරය: 12mm නිර්භීත උසස් තත්ත්වයේ ජල ආරක්ෂිත රේඛාවක්, වසර 5 ක් දක්වා සේවා කාලය, ජලයේ දිගුකාලීන ගිල්වීම විඛාදනයට ලක් නොවේ, කල් පවතින, හානි නොවේ.
-
පිරිවිතර | hplt_2 |
සද රැස් පිරිලා මිදුල පුරා
කුමුදු මල් පොකුරු පිබිදෙනවා
වෙනදා නැති සුවදක් අද පිරිලා
චුටි නංගි හීනෙන් හිනැහෙනවා ....
පිණිබිදු අහසින් පහලට බැහැලා
තණබිම සුව යහනක් කරලා
කලාමැදිරි රෑනක් රෑ ඇවිදින්
චුටි නංගි සමගින් හිනැහෙනවා….
සද රැස් පිරිලා මිදුල පුරා……
කැවුම් සුවද කුස්සිය පුරවාලා
කෙසෙල් කැනේ සුවදට මුසුවී...
අකුරු කියන දා චුටි නංගිගේ
නැකතට ආසිරි සුවද ගෙනෙනවා
සද රැස් පිරිලා මිදුල පුරා……..
අනුරුද්ධ වැලිගමගේ
සේයාරූ - අන්තර්ජාලයෙන් Google Images
සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.
මගේ ලිපි අතර ඇති අකුරු වැරදි ගැන අදහස් දක්වන ඔබට ස්තුතියි. සිංහල භාෂාවෙන් ලිවීම සදහා මා භාවිතා කරන්නේ ගූගල් ආදාන මෙවලමයි. සමහර විටෙක මට අවශ්‍ය අකුරු සොයාගැනීමට අපහසු වීම ගැන මගේ කණගාටුව.
මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්මාණ එළිය කරාවි. | hplt_2 |
ඕෂදී හේවාමද්දුම කියලා කිවුවාම අපේ රටේ නොදන්නා කෙනෙක් නැහැ. ඉතින් අපේ රටේ ඉන්න දක්ෂ ජනප්‍රිය වගේම සුරූපී රංගන ශිල්පිනියක් විදිහට ඇයව හදුන්වලා දෙන්න පුළුවන්. කොහොම නමුත් මේ සුන්දර රංගන ශිල්පිනිය ගැන පහුගිය කාලයේ බොහෝ දෙනෙක් අතරේ කතා බහට ලක්වුණේ ඇය දේශපාලනයට පිවිසීම නිසයි. කොහොම නමුත් පහුගිය දවසක ඕෂදීගේ ලොකු පුතාගේ නමවෙනි උපන්දිනය යෙදිලා තිබුණා. ඉතින් ඕෂදී පුංචි පුතාගේ උපන්දිනය වෙනුවෙන් බොහොම අපූරු සුන්දර උපන්දින සාදයක් පවත්වලා තියනවා අපට දැකගන්න ලැබුණා.
ඉතින් ඒ වගේම මේ සුන්දර අවස්ථාව කැමරා කාචයට හසුකරගන්නත් ඔවුන් අමතක කරලා තිබුනේ නැහැ. ඒ වගේම ඕෂදී හේවාමද්දුම ඇයගේ පුතා වෙනුවෙන් ඇයගේ සමාජ මාධ්‍ය ජාලා ගිණුම් වලට ඉතාමත්ම සංවේදී සටහනක් එකතු කරමින් මෙන්න මේ විදිහටයි පවසලා තිබුනේ.
දැන් ඔයා අවුරුදු නමයක ඉලන්දාරියෙක්. අද ඊයේ වගේ ඔයා ඉපදුන දවස තාමත් මතකයි මට. ලොකු මිනිහෙක් නෙමෙයි, අනුන්ගේ දුක හදුනන හොඳ මිනිහෙක් වෙන්න කියලයි අම්මා හැමදාම ප්‍රාර්ථනා කරන්නේ. නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබෙන සුබම සුබ උපන්දිනයක් මගේ පුතා සස්නිත තිවේන් බුලත්සිංහලට කියලයි ඇය බොහොම ආදරණීය සටහනක් එකතු කරලා තිබුනේ.
ඉතින් ඒ වගේම තමයි මේ ආදරණීය පවුලේ හැමෝමත් එක්ක එකතු වෙලා මේ පුංචි පුතාගේ උපන්දිනය ජයටම සමරපු අපූරුව තමයි අපි මේ විදිහට ඔබ වෙත අරගෙන එන්නට හිතුවේ. ඒ වගේම මේ අපුරු අවස්ථාවේ මේ තරම් ලස්සනට ඔවුන්ව කැමරා කාචයට හසුකරගෙන තිබුනේ යසස් බුද්දික සේනාරත්න කියන ප්‍රවීණ ඡායාරූප ශිල්පියා විසිනුයි.
ඉතින් හැමෝමත් එක්ක එකතුවෙලා උපන්දිනය සමරපු සස්නිත පුංචි පුතාට අපිත් සුබම සුබ උපන්දිනයක් කියල හදවතින්ම ප්‍රාර්ථනා කරන ගමන් මේ ආදරණීය කැදැල්ලට හැමදාමත් මේ වගේම ආදරෙන් සතුටෙන් ඉන්න වාසනාව ලැබෙන්න කියලත් හදවතින්ම ප්‍රාර්ථනා කරමු. | hplt_2 |
මෙයට කලකට පෙර එක් රාත්‍රි කාලයක දයානන්ද ගුණවර්ධනයන් එවකට විසූ උඩුගම්පොළ නිවසට අනපේක්ෂිත ලෙස ගොඩ වැදීමට සිදු විය. එකල ගුවන් විදුලියේ සේවය කළ ගුණවර්ධනයන් අතපසුවීමකින් මැදිරියක යතුරු සාක්කුවේ දමාගෙන ගොස් තිබූ බැවින් රටේ හදිසි අවස්ථාවක් පැවති නිසා ආරක්ෂක අංශයට යතුරු පොදිය අත්‍යවශ්‍ය වූ බැවින් මිතුරෙකුගේ වාහනයකින් අපි ගුණවර්ධනයන් සොයා ගියෙමු.
රාත්‍රී භෝජනය ගෙන බුලත් විටක් සපමින් සරමක් පමණක් ඇඳ උඩුකය නිරාවරණයව විවේක සුවයෙන් පසුවූ ගුණවර්ධනයන්ට අපගේ පැමිණීම පුදුමයක් වුවා සේම ගුවන් විදුලියේ කොරිඩෝව දිගේ කඩවසමට කලිසම හා කමිසය ඇඳ, මනාව ඔප දමූ සපත්තුවල අඩි තැන්පත්ව තබමින්, හමුවන අය සමඟ ව්‍යක්ත ඉංග්‍රීසියෙන් කථා කරන ගුණවර්ධනයන් ගැමියකු ලෙස සිටි ආකාරය දැකීම අපටද පුදුමයක් විය.
අප යන විටත් ඔහු නොදැන යතුරු පොදිය හැඳි කලිසම් සාක්කුවේ ආරක්ෂා සහිත ව තිබුණි. සිද්ධිය ගැන මහත් සේ ලැජ්ජාවට පත් ගුණවර්ධනයෝ දැතින් මුහුණ වසාගෙන බිම බලාගෙන උන්හ. අපහසු තත්ත්වයට පත් වූ ඔහු අපට විඳීමට සිදුවූ හිරිහැරය ගැන එදා අවංකව ම දුක්වෙමින් සමාව ඉල්ලන්නට විය. කථාව වෙනතකට යොමු කළ යුතු බැවින් ඔහු ජීවත් වන උඩුගම්පොළ ගම්පියසේ නිසංසල භාවයත් සුන්දරත්වයත් ගැන සඳහන් කරත්ම නින්දෙන් පිබිදුණු අයෙකු සේ සිටි ඉරියව්ව වෙනස් කොට ඔහු දොඩමළු විය. උඩුගම්පොළ රාජධානියත්, සකලකලා වල්ලභ රජතුමා ගැනත්, මාදම්පේ තනිවැල්ලේ දේවාලය හා අශ්වයා බැඳි කෝවිල ගැනත් ඔහු කථා කෙළේ වක්කඩ කැඩු කලක ගලන දිය දහරක් මෙනි. ඊළඟ විනාඩි කිහිපය තුළ ඔහු මතකින් කිී පුරාණෝක්ති, ජනකථා හා ඓතිහාසික තොරතුරු සංග්‍රහ කොට තැබුවා නම් වටිනා ග්රන්ථයක් සම්පාදනය කිරීමට අවශ්‍ය මූලාශ්‍ර එහි විය.
දයානන්ද ගුණවර්ධන ජනකථා මෙන්ම ජන නාට්‍ය පිළිබඳ අධ්‍යයනයට හා පර්යේෂණයට කැප වූයේ එම විෂය ගැන ඔහු තුළ වූ ආශාව නිසාමය. ආනන්ද විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා පේරාදෙනිය විශ්වවිද්‍යාලයෙන් උපාධිය ලබා සිංහල ඉංග්‍රීසි ද්වි භාෂා උගතකු ලෙස ප්රකටව සිටි ගුණවර්ධනයන් නාට්‍ය අධ්‍යයනය පිණිස රටරටවල සැරිසරා විවිධ නාට්‍ය සම්ප්රදාය ගැන ඇතැඹුලක් සේ දත් අයෙකු බව අපි දනිමු. එහෙත් ඔහු ගැමියකු ලෙස සරල නිහතමානි දිවියක් ගත කෙළේය. එම සරල සුන්දර දිවිය මෙන්ම ඔහු නිර්මාණය කළ නාට්‍යය ද සරල විය. ඔහුගේ නාට්‍ය දෘෂ්ටිය හැඩ ගැසුනේ ජන විඥානය සමීප ලෙස හඳුනාගත් අයෙකු ලෙසත් ජන නාට්‍ය හා සාහිත්‍ය ගැන ඔහු තුළ වූ අවබෝධයත් මතය. ජන සාහිත්‍ය හා ජන නාට්‍ය මෙන්ම විවිධ නාට්‍ය සම්ප්‍රදායන් ගැන වූ ඔහුගේ පාණ්ඩිත්‍යය ආනන්ද ජවනිකා හා මධුර ජවනිකා වැනි නාට්‍යවල මුද්‍රිත පෙළ සඳහා ඔහු අතින් ලියවුණු පෙර හා පසු වදන්වලින් විශද වේ.
සරල නාට්‍ය ලෙස විචාරකයන් විසින් වගා කරන ලද ඔහුගේ නාට්‍ය අලුතෙන් ඇගයීමකට ලක් කිරීම කාලෝචිත වන්නේ එම සරල බව තුළ පවතින සුන්දරත්වය මෙන්ම ඔහුටම අනන්‍ය වූ නව නාට්‍ය සම්ප්රදායක් බිහි කිරීමට ඔහු කළ පර්යේෂණ සිංහල නාට්‍යයෙහිලා කිසිසේත් ම ලඝූකොට සැලකිය නොහැකි බැවිනි.
සොකරි, කෝලම්, සන්නි, පාලි, කංකාරි වැනි ජන සම්ප්‍රදායන්වල පවතින නාට්‍යමය ලක්ෂණ මෙන්ම ජනතාවට සෙත් ශාන්තියක් හා විනෝදාස්වාද මාර්ගයක් වශයෙන් ඒවායේ පවතින ශක්‍යතාව ගැන විමසා බලන කල ශ්‍රී ලාංකික නාට්‍ය කලාවේ අඩිතාලම ලෙස මෙම ජන සම්ප්රදායයන් භාවිතයට ගත යුතු බව හා ගත හැකි බව වටහා ගත් ලාංකික මහා නාට්‍යකරුවන් දෙදෙනා වූයේ මහාචාර්ය සරච්චන්ද්‍රයන් හා දයානන්ද ගුණවර්ධනයන්ය. මොවුන් දෙදෙනා අතරින් මහාචාර්ය සරච්චන්ද්‍රයන් ස්වකීය එලොව ගිහින් මෙලොව ආවා, රත්තරත්, කදා වළලූ. මහාසාර වැනි නාට්‍යවල දී ජන කථා හා ජාතක කථා තුළින් නව නාට්‍ය රචනා ශෛලියක් ගොඩනැගීමට උත්සාහ ගත් නමුදු ඔහු පසුව සංස්කෘත නාට්‍ය හා දක්ෂිණ භාරතීය නාට්‍ය ශෛලිය වෙත වැඩි නැඹුරුවක් පළ කෙළේ ය.
දයානන්ද ගුණවර්ධයන්ගේ භාෂා ශෛලීය මීට ඉඳුරා වෙනස් ය. ඔහුගේ උපමා උපමේය හා භාෂාලංකාර අතිශයින්ම දේශජ ය. නරිබෑනා නාට්‍යයේ ගමදුව ගයන ගීය සරල වුව ද කාව්යෝක්තින්ගෙන් අනූනය. ජන විඥානයේ නිදන්ව පවතින සරල සංඥා රූප යෙදීම නිසා ප්‍රේක්ෂකයා වහා වටහාගෙන විඳ ක්ෂණිකව ප්‍රතිචාර දැක්වීමට සමත් වේ
”ඇහැල මලින් ගස් පිරිලා
බලන්න හරි ලස්සනයි
අඹ රඹුටන් ජම්බු ඉදිල
අද හැම තැන හරි හැඩයි
දොඹ ගස් යට මල් හැලිලා
සුවඳක් හැම තැන දැනෙයි
වලි කුකුළන් හඬලන කොට
අහං ඉන්න හරි හිතයි
ගස්වල දලු නැලවෙන කොට
ඇඟට හරිම සීතලයි
ඉගිලෙන අර සමනලයින් අල්ලන්නට බැරි හැඩයි”
ඇහැල ගස, අඹ, රඹුටං, ජම්බු, දොඹ ගස්, වළි කුකුළා හා සමනළයින් වැනි සංඥා රූප දේශජ වන්නාක් මෙන්ම සංස්කෘත තත්සමය හෝ තත්භවය වෙනුවට ඔහු නිෂ්පන්නයට බරවීම නිසා ප්‍රේක්ෂකයා වෙත සංනිවේදනයෙහිලා ක්ෂණික වේ. විවිධ මට්ටම්වල ප්‍රේක්ෂක පිරිසක් වෙත සංනිවේදනය කිරීමෙහිලා සරල භාෂාවේ පවතින ව්‍යංජන ශක්තිය හීන යයි කිව නොහේ. නරිබෑනා නාට්‍යයේ නරියා ගයන මෙම ගීය විමසා බලනවිට රචකයා ග්‍රාම්‍ය නොවී, සරල එනමුත් ව්‍යංජනා ශක්තියෙන් අනූන බස් වහරක් මෙන්ම කාව්යෝක්තින් ද අපූරුවට භාවිතා කරන බව පෙනීයයි.
කුමටද සොබනියෙ කඳුළු සලන්නේ
හේතුව මම නොදනිම්
ගිරි හෙල් අරඹේ ඇති මගෙ නිවසට
මම ඔබ ගෙන යන්නම්
ඔබ හට හැම සැප එහි දෙන්නම්
හඳ පායන කල ගඟ බඩ ඉඳගෙන
ඔබෙ හිස පිරන්නම්
මල් පෙති විහිරුන සුදු වැලි මතුපිට
ඔබ ගෙන ඇවිදින්නම්
මම මගෙ ආදරෙ පෙන්වන්නම්
තණ අග දිළිසෙන පිනිකැට අරගෙන
ඔබෙ ඇඟ දෝවන්නම්
ඉර පායන විට පුබුදින මල් ගෙන
ඔබෙ හිස සරසන්නම්
කොමලියෙ ආදර බස් දෙන්නම්
‘සොබනිය’ ‘කොමලිය’ ‘මම මගේ ආදර පෙන්වන්නම්’ වැනි සරල යෙදුම් පවා ඔහු ග්‍රාම්‍ය නොවන ලෙස භාවිතා කරයි.
මැරේජ් ඔෆ් ෆිගාරෝ නැමැති ප්‍රංශ නාට්‍යයේ අනුවර්තනයක් වන ගුණවර්ධනයන්ගේ බක්මහ අකුණු නාට්‍යයේ පබුලිනාගේ මෙහි පහත දැක්වෙන ගායනයද අපගේ සංස්කෘතික විඥානය තුළ ප්‍රතික්‍රියා දැක්වීමට සමත් ය. මෙය සංඥා රූප හා ද්වනිතාර්ථවත් භාෂාවක් යොදා ගැනීම ගැන තවත් නිදසුනකි.
”කන්ද උඩින් හඳ පායන ලීලා
ලන්ද වෙලේ රුක් අත්තන පිපීලා
මන්ද කොහෝ හඬලනු හැංගිලා
එන්න තමා බක්මහ ළංවිලා
දුන්න බහක් හින්දා මම කැන්දා
යන්න කෙනෙක් නැත ආදරේ හන්දා
උන්නෙ මෙතෙක් නැකතක් එන සන්දා
ඉන්න එතෙක් ඉවසන්නද මන්දා”
මෙම කරුණු සලකා බලන කල සංවාද රචනයේ දී ජන වහර යොදා ගැනීමෙහි ලා ගුණවර්ධනයන් කළ අත්හදා බැලීම් යළි ඇගයීමකට ලක් කළ යුතු නොවන්නේද? සංස්කෘත නාට්‍යවල එන සංවාදවල දී රාජ රාජ මහාමාත්‍යාදීන් සංස්කෘතයෙන් ද ක්ෂුද්රයන් ප්රාකෘතයෙන් ද කථා කරන බව අපි දනිමු. එසේ කිරීමට හේතු වී ඇත්තේ නාට්‍යයක සංවාද මගින් විශ්වසනීය ලෙස චරිත නිරූපණය කරනු පිණිස ය. ගුණවර්ධනයෝ නරිබෑනා, ගජමන් පුවත, මධුර ජවනිකා, ආනන්ද ජවනිකා, ඉබිකට්ට, පිංගුත්තර ආදී ඔහුගේ සෑම නාට්‍යයකදීම පාහේ ජන වහර යොදා ගැනීමට පසුබට නොවුයේ ප්‍රේක්ෂකයා වෙත ක්ෂණික සංනිවේදනයක් සිදුවීම නාට්‍ය රසය ජනිත කිරීමෙහි ලා වැදගත් වන අතර ප්‍රේක්ෂක ප්‍රතිචාරය නාට්‍යයකට අත්‍යවශ්‍ය සාධකයක් බව වටහාගෙන තිබීම නිසා ය..
ගුණවර්ධනයන්ගේ නාට්‍යවල ආකෘතිය ගැන විමසා බැලීමේ දී එය සරල එනමුත් අතිශයින්ම නාට්‍යකාර බව කැටිකර ගත් සන්දර්භයකින් යුක්ත බව පෙනීි යයි. ඉබිකට්ට වැනි නාට්‍යයක දී ඔහුට “ බර්ටෝල්ට් බ්‍රෙෂ්ට්ගේ’ එපික් රංගයේ ආකෘතිය බලපා ඇත. අඩතිරය භාවිතා කිරීමෙන් වේදිකාවේ මායාව බිඳ දැමීමට ගුණවර්ධනයන් මෙහිදී උත්සාහ ගෙන ඇත. වෙස් මුහුණු හා කථකයකු භාවිතා කිරීම වැනි උපක්‍රම පෙරදිග නාට්‍යවලින් ආභාසය ලබා බ්‍රෙෂ්ට් උපයෝගී කරගත් බව දත් ගුණවර්ධනයන් වින්තනය අතින් ඔහුට සමිප වූවා නිසැක ය. ජසයා සහ ලෙන්චිනා නාට්‍යයේ පෙරවදනයෙහි ලා ගුණවර්ධනයන් ආකෘතිය ගැන සඳහන් කරන මෙම අදහස් ගැන බලන්න:
”ආකෘතිය වශයෙන් ගත් කල සමස්ත කෝලමෙහි, ගම්බද පෙරහැර හා සමගද ඇත්තේ විශාල සම්බන්ධයකි. කෝලමෙහි මුලින් දැක්වෙන්නේ විකට ජවනිකාය. මේවාට සම්බන්ධවන්නේ බෙහෙවින් එදිනෙදා චරිතයන්ය. ඔව්හු ස්ථානය පිළියෙළ කිරීමේ නියායෙන් එති. පෙරහැරෙහි ද මුලින්ම එන්නේ එබඳු චරිතයන්ය. කෝලමෙහිත් පෙරහැරෙහිත් මේ චරිතයෝ ප්‍රේක්ෂකයන් හා සම්බන්ධවීමට තැත් කරති. පෙරහැර මෙන්ම කෝලම අවසන් වන්නේද වැදගත් යමක් ප්‍රදර්ශනය කරවීමෙනි.”
ප්‍රේකෂකයාගේ රස නුසුකොට නාට්‍යමය ආකෘතිය රැකෙන සේ ජවනිකා පෙළ ගැසීමට ගුණවර්ධනයන් උත්සුක වූ අතර ඔහු කෝලම් සම්ප්‍රදායෙන් ආභාසය ලැබූ බව ඉහත උධෘතයෙන් පෙනී යයි.
ගුණවර්ධනයන්ගේ නාට්‍යවල කථා වින්‍යාසය සැකසීමේ ගුණය අතින් බලන කල ඔහු පැරණි නාට්‍යකරුවන් විසින් කතන්දරයක ස්වරූපයෙන් නාටකීය අවස්ථා මඟින් කථාවක් කීමේ ක්‍රමය අත්හරින බව පැහැදිලිව පෙනේ. ඒ වෙනුවට ඔහු නූතන නාට්‍යකරුවකු ලෙස චරිත ඉස්මතුවන සේ ජනකථාවක් හෝ පුරාවෘතයක් හෝ නාට්‍යමය අවස්ථා හා සිද්ධි මඟින් සැකසෙන කථා වින්‍යාසයකට ගොනු කරයි. තරිබෑනා නාට්‍යය උදාහරණ වශයෙන් ගෙන බැලුවහොත් ඔහු ජනකථා දෙකක් නාට්‍යයට පාදක කරගන්නා බව පෙනේ. සිවලා හා ගම දියණියගේ කථාව ඉන් එකකි. අනෙක උගුලකට අසුවුණු ගමරාළ කෙනෙක් නරියකුගේ උදව්වෙන් ඉන් ගැලවී ගොස් ඊට ප්‍රතිඋපකාර වශයෙන් නරියාට එළු පැටවුන් දෙදෙනකු තෑගි දීමට පොරොන්දු වී ආපසු ගමට අවුත් මල්ලක් තුළට බල්ලකු දමා නරියාට දීමේ කථාවයි. පළමු කථාව අනුව ගමදෝනි නරියකුට දෙන බව පවසා බැණවදින ගම හාමිනේගේ බස් අසා ඈ විවාහ වන දිනයේ ගම ගෙදරට අවුත් පොරොන්දුව ඉටු කරන ලෙස නරියා ඉල්ලා සිටී. ගමරාළ පොරොන්දු ප්‍රකාර ගම දෝනි පෝරුවෙන් බල්ලා නරියාට බාර දෙයි. මනමාලයා ද එය ඉවසා සිටී. පසුව නරියා බැලීමට යන ගමරාළ හා ගම මහගේට නරියාගෙන් සිතු පැතු ආහාර වර්ග ලැබෙන පෙට්ටියක් තෑගි වශයෙන් ලැබේ. මේ වනාහි ගැමියන්ගේ උදාරත්වය අතිශයෝක්තියට නැඟු ජන කථාවකි. එහෙත් ගුණවර්ධනයන් මෙම කථා දෙක සංකලනයෙන් නාට්යෝවිත අවස්ථා ඇසුරින් ස්වකිීය නිර්මාණය මඟින් නව අර්ථකථනයක් ඉදිරිපත් කරයි. නරිබෑනා නාට්‍යයේ දී පොරොන්දු ඉටු කරන ගමරාළ නරියාටත් වඩා සටකපට ලෙස හැසිරේ. උතුම් මනුෂ්‍ය චාරිත්‍රවල මුවාවෙන් තෑගිබෝග රැගෙන ගම දෝනි බැලීමට යන ගමරාළ දැවැද්ද වශයෙන් පෙට්ටියක දැමූ බල්ලෙකු දී නරියාගෙන් ගමදෝනි බේරා ගනී. මෙම අර්ථකථනය මඟින් ගුණවර්ධනයන් තිරිසනුන්ට වඩා උදාර යයි සම්මත මිනිසාගේ ඇතැම් චර්යාවන් නාට්‍යමය උත්ප්රාසයකට නඟා ප්‍රේක්ෂක මුවගට සදය සිනහවක් නංවයි.
නරියාගේ පරාජය ගැන සතුටු වී මිනිසාගේ සූක්ෂ්ම ඥානය ගැන උදම් වන ප්‍රේක්ෂකයා එම සිනහව තුළින්ම නරියා කෙරෙහි ඇතිවන දයානුකම්පාවෙන් කම්පිතව ඔහු නැඟු සිනහව ගැන නැවත සිතයි. ගුණවර්ධනයන් සරල ආකෘති මගින් නුතන නාට්‍යකරුවකු ලෙස චරිත නිර්මාණය කරනුයේ ඔහුටම ආවේනික සරල වින්දනයක් ලබාදීමේ රීතිය අනුගමනය කරමිනි.
නාට්‍යයක පෙළක් සාර්ථක වීමට අත්‍යවශ්‍යයෙන්ම වැදගත් වන්නාවූ සංවාද රචනයෙහිලා ඔහු ශුරයෙකි. එහිලා ඔහු ඇතැම් සංවාද කොටස් හා ගීත රචනයෙහි දී ජන නාට්‍ය හා ජන සාහිත්‍යයෙහි ආභාසය ලබයි. තරිබෑනා නාට්‍යයේ ගී හා සංවාද රචනයේ දී ඔහු රබන් පදවල සරල විලාශය හා තාල මේ සඳහා උපයෝගී කරගනී :
”තෙලෙන් බැද්දත් කොබෙයියා
කිරෙන් බැද්දත් කොබෙයියා
තෙලෙන් බැද්දත් කිරෙන් බැද්දත්
කොහොම බැද්දත් කොබෙයියා.”
ඉහත රබන් පදය ඇසුරින් ඔහු නරිබෑනා නාට්‍යයේ ගමමහගේ කෝපය පළ කරන මෙම ගීය නිර්මාණය කරයි !
”තෝව දෙනෙත් නරියටයි
තෝව ගන්නෙත් නරියෙකුයි
තෝව දෙන්නෙත්
තෝව ගන්නෙත්
කැලේ ඉන්නා නරියෙකුයි”
නාට්‍යයෙහි දී මෙම සරල රබන් පදය ඇසුරින් ගමමහගේ කෝපය පළ කරන නාට්‍යකරුවා නුතන බටහිර ඔපෙරාවක මෙන් කෝරස් හෙවත් ගායන වෘන්දය යොදා ගනිමින් ඇගේ කෝපය ප්‍රේක්ෂක දෙසවන්වල රාව ප්රතිරාව නංවන සේ ‘තෝව දෙන්නෙත් – තෝව ගන්නෙත් කැලේ ඉන්නා නරියෙකුයි‘ යන්න අත්වැල් ගායකයින් ලවා අවධාරණය කරයි.
සවුදම්වලින් ද ඔහු ගී රචනයෙහි ලා ආභාසය ලැබීය. “මොණරිඳු සව්දම” ඔහු උපයෝගි කරගන්නා ආකාරය විභාග කර බලමු.
”ඉර පායන කල මොණරිඳු දෙදෙනම ඉරට නැමී වඳිතෙයි
මොණරිත් මොණරත් පිල් විිදහාගෙන සූරිය රුකුද ගතෙයි
රුඳ රුඳ රුකුදං රුකුඳ ගතෙයි”
ගම දෝනිය තමන්ට හිමිවන පුවත ඇසීමෙන් පස්වනක් ප්‍රීතියට පත්වන නරියාට එම ප්‍රීතිය විඳදරා ගැනීමට තරම් උගේ සිරුර ප්‍රමාණවත් නොවේ යැයි ගැමි කථාකරුවා කියයි. මෙම අවස්ථාව වේදිකාව මත නිරූපණය කිරීම සඳහා ඉහත සඳහන් සව්දමේ රිද්මය උපයෝගී කරගන්නා ගුණවර්ධනයෝ නරියා ගම දෝනිට ගයන ගීය මෙසේ සකසා ගනිති.
“හඳ පායන කල ගඟබඩ ඉඳගෙන
ඔබෙ හිස පීරන්නම්
මල්පෙති විහිරුන සුදුවැලි මතුපිට
ඔබ ගෙන ඇවිදින්නම්
මම මගෙ ආදරෙ පෙන්වන්නම්”
සව්දමෙන් ආභාසය ලබන කතුවරයා නරියා හුදෙක් මෘගයෙකු නොව. තරුණියකු පතන ආදරය පිරිනැමීමට සමත් මුදු හදක් ඇත්තෙකු ලෙස නිරූපණය කිරීමට සරල ධ්වනිපූර්ණ බස්වහරකින් අපූරු කාව්‍යෝක්ති මාර්ගයෙන් එය ඉටු කරයි.
”හඳපාන”. “සුදුවැලි” ගැමි කතගේ මනසෙහි චමත්කාරය ජනනය කිරීමට සමත් ය. පෝයදාට පන්සල් යනවිට හාත්පස හඳපායා ඇති සැටි පන්සලේ බෝමළුවේ සුදු වැලි අතුරා ඇති සැටි වැනි විත්ත රූප එමගින් මැවේ. නාට්‍ය නරඹන ප්රේක්ෂකයාටද රුදුරු වනාන්තරයක වග වලසුන් හා නයි පොළංගු – මැද ලද බොළඳ තරුණිය නරියකු හා ගෙවීමට යන්නේ කුමන දිවියක් දැයි ඇතිවන කුකුස ක්ෂය වී යයි. නාට්‍යකරුවා ජන සාහිත්‍යයේ ආභාසයෙන්ද නූතන නාට්‍යකරුවකුගේ විඥානයෙන්ද මටසිලිටි බස් වහරකින් ද මෙම අවස්ථාවේ දී ප්‍රේක්ෂකයාගේ මනස හැඩ ගසයි. ප්‍රේක්ෂකයා තමන් ඉදිරියේ වේදිකාව මත මවා පාන චරිත හා සමාරෝපයට පත්වේ
ගුණවර්ධනයන්ගේ ගජමන් පුවත නාට්‍යය විභාග කර බැලුවද ශුරනාට්ය රචකයකු හා ශුර රංග ප්රෙයෝක්තෘ කෙනකු මෙන්ම සංවේදී සාහිත්‍යකරුවකු වශයෙන් ද ඔහු දක්වන ප්‍රතිභාව වටහා ගැනීම අපහසු නොවනු ඇත. ගජමන් නෝනාගේ කවිත්වය හා ප්‍රතිභාව ගැන ප්රශස්තියක් හෝ ඇගේ ජීවිතය ගැන හුදු වාර්තාවක් හෝ නොසපයන කතුවරයා ඇගේ කවිත්වය මතුවීමට පාදක වූ ගැටුම තුළින් අපූරු මිනිස් චරිතයක් නිර්මාණය කර පෙන්වයි. කාන්තා විමුක්තිය. සූරාකෑමට ලක්වූ ගැහැනිය වැනි ප්රචාරාත්මක ලේබල් තම නාට්‍යයේ පැත්තකටවත් වැද්ද නොගන්නා ගුණවර්ධනයෝ ස්වකීය ප්‍රතිභාව මගින් ඒ සියල්ල ද්වනිත කරයි. සැමියා මියගිය, සමාජ තහංචි මැද ආදරයකට මැදිවන. ඩොයිලි වැනි අධිකාරී බලය ඇති පාලකයෙකුගේ ඇසුර මැද හැමතින් ම තනිවුණු ගැහැනියකගේ සංකීර්ණ ආධ්‍යාත්මය නාට්‍යකරුවා අනුවේදනීය ලෙස චිත්රණය කරන්නේ අපූරු ප්රතිභාවයකිනි. ප්‍රේක්ෂකයාගේ ඇසට පෙනෙන දේ තුළින් හා කනට ඇසෙන දේ තුළින් වේදිකාව මත සියුම් අයුරින් අපූරු අත්දැකීමක් කියා පෑමට ගුණවර්ධනයන් ස්වකිය රචනා කුසලතාව මෙන්ම රංග කුසලතාව ද මැනවින් සංකලනය කරන්නේ ඔහුටම ආවේනික ශෛලිය මත පිහිටා ය.
නාට්‍ය පෙළ හා ආකෘතිය විසින් නිර්මාණය කරනු ලබන රංග රීතිය කාව්‍යාත්මක ලෙස වේදිකාව මත චමත්කාරය මැවෙන අයුරින්, නාට්‍ය අධ්‍යක්ෂණය කිරීමේ රුසියකු ලෙස දයානන්ද ගුණවර්ධනයන් සැලකිය හැකිය. එබැවින් නිෂ්පාදකවරයකු වශයෙන් ඔහුගේ කුසලතා ගැන සැකෙවින් විමසා බැලීම වටී.
දයානන්ද ගුණවර්ධනයන් ස්වකීය නාට්‍ය නිෂ්පාදනයෙහි දී රූපණයෙහි ලා අනුගමනය කළ රීතිය වූයේ නළුවා පසකට වී චරිතාවේශය සාක්ෂක්ෂාත් කරගැනීමේ ස්ටැනිස්ලාව්කි ක්‍රමය බව පැහැදිලි ය. ස්ටැනිස්ලාව්ස්කි සමඟ එකට වැඩ කිරීමේ අවස්ථාව ලද නියුමන් ජුබාල්ගේ වෙද හටන නාට්‍යයේ චරිතයක් නිරූපණය කළ ගුණවර්ධනයන් නාට්‍ය නිෂ්පාදන කාර්යයෙහිලා ස්ටැනිස්ලාව්කි ක්රමයේ ඇති වැදගත්කම මැනැවින් වටහා ගන්නට ඇත. එනමුත් ඔහු බටහිර ප්‍රචලිත ටැනිලාකි ක්‍රමය පමණක් නොව අපේ ජන නාට්‍ය හා යාතුකර්ම ආදීයෙහි එන විවිධ භූමිකා චරිතාවේෂය සාක්ෂාත් කරගන්නා ක්‍රම ගැනද අධ්‍යයනය කෙළේය. මෙම විෂය ගැන කථා කරන විට ගුණවර්ධනයෝ උදාහරණ රැසක් ගෙනහැර දැක්වීමට සමත් වූහ. අවධානය යොමුකර ගැනීමෙහි ලා ජන නාට්‍යකරුවා ස්වකිය පාත්‍ර වර්ගයා හසුරුවන ආකාරය ඔහු මැනවින් අධ්‍යයනය කොට තිබුණි. ජසයා හා ලෙංචිනා නාට්‍ය නිෂ්පාදනය කිරීමේ දී ඔහු ජන රංගයේ එන ප්‍රබල නිරූපණ ක්‍රම උපයෝගි කරගත්තේය. “චරිත නිරූපණයට බසින නළුවාට තමා නිරූපණය කරන චරිතයේ වෙස් ගැනීමට සිදුවේ. අභ්‍යන්තරික වශයෙන් ඔහු එම චරිතය අවබෝධ කරගෙන ඊට ඇතුළු වෙයි. බාහිර වශයෙන් ඔහු ඇඳුම් පැළදුම් වලින්, අංගරචනයෙන් නැතිනම් වෙස් මුහුණක් පැළදීමෙන් සැරසෙයි. ආදී
වනචාරී යුගයේ පටන් අද දක්වා රඟපෑම පිළිබඳ සත්‍යය මෙයයි. ”ජසයා හා ලෙංචිනා” නාට්‍යයේ මුද්‍රිත පෙළ සඳහා ලියා ඇති පෙරවදන කියවා බලන විට ස්ටැනිස්ලාව්ස්කි ක්‍රමය හා ජන නාට්‍ය රීතිය සංකලනය කළ බව පෙනේ. රංගය ප්‍රබල කිරීම සඳහා ජන නාට්‍යකරුවා වෙස්මුහුණු හා රංග උපක්‍රම භාවිතා කළ ආකාරය මැනැවින් හදාරා ඔහු ඉන් ආභාසය ලැබු බවද පෙනේ. ගුණවර්ධනයෝ අපේ සම්ප්රදායේ එන රූපණ විධික්රම අධ්‍යයනය කොට බටහිර සංකල්ප සමඟ සම්මිශ්රනය කිරීමෙන් ස්වකීය නිෂ්පාදන ප්‍රබල කිරීමට සමත් නිෂ්පාදන ක්‍රම උචිත ලෙස භාවිතා කළහ.
ගුණවර්ධනයන් ජන නාට්‍යයෙන් ආභාසය ලද්දේ ආංගික හා සාත්වික අභිනය පෑමෙහි ක්‍රමෝපාය ගැන පමණක් නොවේ. ආහාර්යාභිනයෙහිලා ඔහු ජන නාට්‍යවල භාවිතාවන වෙස් මුහුණු හා රංග වස්ත්‍රවලින් මනා ආභාසයක් ලැබී ය. ඔහුගේ සෑම නාට්‍යයකම රංගවස්ත්‍ර හා රංග භාණ්ඩ ඉතා විචිත්‍ර විය. තවද ඒවා ප්‍රබල දෘශ්‍ය රූප මැවිමට සමත් විය. ආනන්ද ජවනිකා හා මධුර ජවනිකා යන නාට්‍ය ද්වය පමණක් මෙම ශිල්පයෙහි ලා ඔහු නිපුණයෙකු බව ස්ඵුට කිරීමට ප්‍රමාණවත් වේ.
එහෙත් ඔහු රංග වස්ත්‍ර භාවිතයේ දී සාම්ප්‍රදායික ශිල්පය මත පමණක් පිහිටා කටයුතු නො කරයි. සමකාලීන නූතන නාට්‍යකරුවන් මවන මනෝවිද්‍යාත්මක සංකීර්ණතා ඉස්මතු වනුයේ මිනිස් චරිතය සැරසීමට පැරණි සම්ප්රදායේ රංග වස්තු එලෙසින්ම භාවිතා කිරීමේ අර්ථයක් නැති බව ඔහු මැනැවින් පසක් කරක්ගෙන සිටියේ ය. නූතන නාට්‍යකරුවාගේ දෘෂ්ටිය අනුව රංග වස්ත්‍ර හා රංග භාණ්ඩවල වර්ණ තෝරා ගැනීමටත් එම රංග වස්ත්‍රවල හා රංග භාණ්ඩවල සංකේතාත්මක අර්ථ කුළු ගැන්වීමටත් ඔහු ප්‍රවේශම් විය. ගජමන් පුවත වැනි නාට්‍යක දී ගජමන් නෝනා ජීවත් වූ යුගය ගැන පර්යේෂණාත්මක අධ්‍යනයෙන් පසුව එම යුගය මෙන්ම චරිතද ඉස්මතු වන සේ රංග වස්ත්‍ර නිර්මාණය කර ඇති සැටිත් අපට පෙනී යයි.
වේෂ නිරූපණය අතින් ද ඔහු චරිතයකට අනන්‍ය වූ ලක්ෂණ ඉස්මතු කිරීමට සමත් ශෛලියක් උපයෝගී කරගනී. එමඟින් නළුවාට හෝ නිළියට හෝ තමා නිරූපණය කරන චරිතයට ආවේෂය ලබා ගැනීම පහසු වෙයි. රංග වස්ත්‍ර හා වේෂ නිරූපණය එක් වූ කල එම චරිතයේ අභ්‍යන්තරයට හැර වූ කැටපත් සේ වේදිකාව මත එම භූමිකාව ප්‍රේක්ෂකයා වෙත දෘශ්‍ය සංඥා සම්ප්රේෂණෙයට සමත් වෙයි. නිෂ්පාදනයේ දී ඔහු ගීතය හා සංගීතය ද ඉතා උචිත ලෙස භාවිතයට ගනී. නූතන තාක්ෂණයේ සියලු හාස්කම් ප්‍රයෝජනයට නොගන්නා ඔහු රංගාලෝකය අවශ්‍ය භාවමය පරිසරය මැවීමට සියුම් ලෙස උපයෝගී කර ගනී. එසේ නළු නිළියන්ගේ සාත්විකාභිනය අවධාරණය වන සේ අවශ්‍ය තන්හි දී රංගාලෝකය ප්‍රදීප්ත ලෙස ඔහු භාවිතයට ගනිී. මෙම සියලු අංගවල සුසංයෝගයෙන් ඔහු අපූර්ව වූ පරිසරයක් මනෝභාවයක් හා රිද්මයක් නාට්‍යයේ සමස්තාර්ථයට සපයා දෙයි. ඖචිත්‍යය ඔහුගේ මිනුම් දණ්ඩයි, විචිත්රත්වය ඔහුගේ ලක්ෂණයයි. වේදිකාව මත අපූරු චමත්කාරයක් මැවීමට හැකිවීම ඔහුගේ ප්රතිභාවයි.
දයානන්ද ගුණවර්ධන නාට්‍යවේදියා ජීවත්ව සිටිය දී ඔහුගේ නිර්මාණ ගැන නිවැරැදි තක්සේරුවක් සිදු නොවීම ඔහු කළ පර්යේෂණ ඉදිරියට ගෙන යාමට දිරියක් නොදීමක් දැයි දැන් අපට සිතේ. එහෙත් රුදුරු මරු ඔහු මෙතරම් ඉක්මණින් අපගෙන් උඳුරා ගනිතියි කිසිවෙකු නොසිතු නිසා ඔහුගේ නිර්මාණ ඇගයීම පසුවට තබන්නට ඇත. ඔහු ජීවත්ව සිටියදී විශ්වවිද්‍යාල මෙන්ම නාට්‍ය පර්යේෂකයන් ඔහු සොයා ගියේය.
සිංහල කලා මණ්ඩලයේ , නාට්‍ය කලා අනුමණ්ඩලය විසින් ප්‍ර`කාශිත අභිනය සාර සංග්‍රහයේ දයානන්ද ගුණවර්ධන අනුසුමරණ කලාපයෙන් උපුටා ගැණුනි. පුවත්පතෙහි පළ කිරීම උදෙසා සුළු සංස්කරණයන්ට ලක් කළ බව සැලකුව මනාය.
(ඉතිරි කොටස ලබන කලාපයේ) | hplt_2 |
මෙම වසර අවසානය වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය අමෙරිකානු ඩොලර් බිලියන 2.9ක ණය අනුමත කරනු ඇතැයි ශ්‍රී ලංකාව අපේක්ෂා කරන බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරයි. (23) මාර්ගත ක්‍රමය ඔස්සේ ණය ප්‍රතිව්‍යුහගත කිරේම ...
රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇතිකරගත් ගිවිසුම සංවෙිදී තැන් ඇතැයි කියමින් සඟවන්නේ ඇයි දැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේ දී (21) ප්‍රශ්න කළේය. එම ගිවිසුම වහා ලබාදෙන්නැයිද ඒ ගැන පාර්ලිමේන්තු විවාදයක් කිරීමට බලාපොරොත්තු ...
ශ්‍රී ලංකාව ඇතුළු රටවල් බොහොමයක ණය තත්ත්වය තිරසර නොවන බවත් එම රටවල්වලට ණය බර දරා ගත නොහැකි තත්ත්වයක් මතුවෙමින් තිබෙන බවත් නෙදර්ලන්තයේ පැවැත්වෙන අප්‍රිකානු සමුළුව අමතමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමණාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජොර්ජීවා මහත්මිය ප්‍රකාශ ... | hplt_2 |
සුනිල් මාධව ප්‍රේමතිලක 2010 ජුලි මාසේ දවසක සිළුමිණ පත්තරේ 'ජීවිතය සුන්දරයි' තීරු ලිපියේ මෙසේ සටහන් කර තිබුනේය.
//තාත්තා මියගොස් ඉකුත් ජූලි 12 වැනිදාට අවුරුදු හතළිස් පහක් වෙනවා. අද ඊයේ වගේ. තාත්තා මට දුන් මනුස්සකම, පේ‍්‍රමය, ආදරය තවමත් මා ළඟ තියෙනවා. මගෙ ජීවිතයේ මට හමුවූ සුන්දරම මිනිසා ඔහුයි.
කැකුලාවල සර් ගැන පසුගිය සතියක මේ තීරුවේ ලියූ වචන කීපය නිසා කීප දෙනෙක් ම කතා කළා. මුලින්ම කතා කළේ මහාචාර්ය ජිනදාස දනන්සූරියයි.
“සුනිල්, කැකුලාවල සර් මියගොස් බොහෝ කාලයක් වෙනවා. ඔහුට උපහාර කිරීමට කැලණිය විශ්ව විද්‍යාලයේ ඔහු නමින් ශාලාවක් තියෙනවා. ඔයා කීවා වගේම හරිම සුන්දර මිනිහෙක්.”
රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ සේවය කරන ජිනසෝම වීරසූරිය නොදුටු හිතවතා එවූ ලිපිය දින කීපයකට පෙර ලැබුණා.
“අපි සංස්කෘත, පාලි ඉගෙන ගත්තේ එකට. එවකට ඔබ නේවාසිකාගාරයේ සිටි කාලයේත් මා දිනපතා ඔහු හමුවීමට ආවා.”
ඔහු ගැන මේ නොදුටු හිතවතා ඉංගිරිසි පුවත්පතකට ලියු ලිපියක් ද ඒ ලියමන සමඟ එවා තිබුණා.
“මගේ ජීවිතයේ ඔහු මට පෙර ගමන්කරුවකු වුණා. ඔහුගේ මරණයේදීත් මේ ජීවන කතරේ ඔහු මට පහන් කණුවක් සේ හරි මඟ පෙන්වනවා.
ඒ ලිපිය අතේ තබාගෙන මා වැහි පොද දෙස බලාගෙන හිටියා.
සැබැවින්ම තාත්තා මගේ ජීවිතයේ පහන් තරුවක් සේම අදත් ඔහු මට හරි මඟ පෙන්වනවා නේද?//
මේ ලියන්නට යන්නේ සුනිල් මාධව සඳහන් කර තිබු රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ ජිනසෝම වීරසුරිය කියන ඔහු නොදුටු හිතවතා ගැනයි. ජිනසෝම වීරසුරිය නම් හිතවතා ඔය කියන ලිපිය යැවීමට සුනිල් මාධවගේ ගෙදර ලිපිනය සොයා දෙන්නැයි මගෙන් කළ ඉල්ලීම මට විදිලි සැරයක් සේ යලි සිහියට ආවේ පහුගිය සෙනසුරාදා උදේ පාන්දරම මට ලැබුණු දුරකථන ඇමතුමක් නිසාය.
‘වීරසුරිය මහත්තයා නැති වෙලා' සිය ගුරු පියාණන් කෙනෙක් සේ ඔහුව සැලකු මගේ බිරිඳ සැල කර සිටියේය.
අවුරුදු පහළොවක් තිස්සේ අපි බොහෝ දෙනෙකුට තාත්තා කෙනෙක් වෙලා සිටි ආදරණීය මිනිසා මිය ගොසිනි. ඔහු මිය ගිය පුවත එක්වරම මට විශාල කම්පනයක් නොගෙනාවේ දෙසැම්බර් මාසයේ ඔහු බලන්නට ගිය විට ඉතාමත්ව අසාධ්‍යව සිටිනු දැක තිබු නිසාය.
එහෙත් ඔහු නැති වීම නිසා ජනිත වූ මහා හිස් බව ටිකෙන් ටික දැනෙන්නට පටන් ගත්තේ දවසක් දෙකක් යද්දීය. රාජගිරිය පැත්තෙන් යන විට ඔහුගේ කන්තෝරුවට ගොඩ වී හමු වන්නට මින් පසු ඉඩක් නැත. ඕනෑම ඉංග්‍රීසි සිංහල ලිපියක් , උපාධි නිබන්ධනයක් ඔහුට පෙන්වා හරි වැරදි හරි ගස්සා ගැනීමට තව දුරටත් ඉඩක් නැත. දුරකතයෙන් සතියකට දෙකකට වරක් කතා කර ඔහු හොයා ගත් අලුත් වචනයක් ගැන අසා සිටින්නට මින් ඉදිරියට පිනක් නැත .එහෙත් මා ළඟ සුරැකිව තිබෙන, කවදාවත් කියවා හමාර නොකළ ,වීරසුරිය මහතා ලියු පොත් කිහිපය ඉක්මනින් කියවා බැලීමේ නොතිත් ආශාව පමණක් ඉතිරි වී ඇත.
සමහරු පහන් කණු දකිති. පහන් කණු තනන්නා නොදකිති.සමහරුන් පහන් කණු මෙනි. ඔවුන් නික්ම ගිය පසු ආලෝකයද නැතිව යයි. ඒත් පහන් කණු නිර්මාණය කරන්නා නික්ම ගිය පසුද ඔහු තැනු පහන් කණු දිගින් දිගටම එලිය දෙයි. බොහෝ විට පහන් කණු නිමවන්නා සිටින්නේ අඳුරේය.
පෙරේදා චාම් අවමගුල් උත්සවයකින් පසු නික්ම ගිය ජිනසෝම වීරසුරිය කියන්නේද පහන් කණු තැනුවෙකි. ඔහු කිසිදා ප්‍රසිද්ධියට කැමති උනේම නැත. නිහඬව බරසාර සේවයක් සිංහල සාහිත්‍යයට හා භාෂාවට ඉටු කළේය.
මේ තරම් නිහඬව මේ තරම් විශාල සේවයක් යමෙකුට කරන්නට හැකිදැයි මට පුදුම සිතෙයි. ජිනසෝම වීරසුරිය තරම් අහිංසක, නිරහංකාර එහෙත් දහිරියවන්ත වෙනත් මනුස්සයෙක් මට සිහියට නගා ගන්නට අපහසුය.
රවීන්ද්‍රනාත් තාගෝර්ගේ ' චිත්‍රා' නාට්‍යය සිය කුළුඳුල් පරිවර්තනය ලෙස පළ කළ වීරසුරිය ඉන්පසු පොත් කිහිපයක් පරිවර්තනය කර ඇත. ඔහුගේ පරිවර්තන අතරින් සුවිශේෂ වන්නේ ආචාර්ය ආනන්ද ඩබ්. පී. ගුරුගේ විසින් රචිත අසෝක අධිරාජයාගේ ජීවන චරිතය Asoka a Definitive Biography කෘතියේ සිංහල පරිවර්තනයයි . එය 'ධර්මාශෝක සුනිශ්චිත ජීවන චරිතය' නමින් ගොඩගේ ප්රකාශනයක් ලෙස පළ විය.
සංස්කෘත භාෂාවේ ප්‍රාමාණික උගතෙකු වූ ඔහු පාලි හා වංග භාෂා පිළිබඳවද හදාරා ඇති බවට සාක්ෂි තිබේ.ජිනසෝම වීරසුරිය විසින් සිය ශාස්ත්‍රපති උපාධිය සඳහා 1968දී ලියන ලද ‘සංස්කෘත කෝෂ සාහිත්‍යය’ කෘතිය 1991දී ගොඩගේ පොතක් ලෙස එලි දුටුවේය.
ඔහු මෑත කාලයේ නියැලී සිටි ජාතික වශයෙන් වැදගත් වූ කාර්යය වුයේ නවීන තාක්ෂණික විෂයයන්ට සරිලන සිංහල පාරිභාෂිත පදමාලා නිර්මාණය කිරීමය. අවුරුදු අසුවත් පනින තුරු ශාස්ත්‍රීය සේවයේ යෙදුණු වීරසුරිය මහතා ඉසිඹුවක් ලද්දේ මීට දෙවසරකට පමණ පෙරදීය. හුදු හෙළ වදන්ම සොයන්නට යාම නිසා නවීන විෂය ක්ෂේත්රවලට ගැලපෙන සිංහල වචන තනන්නට බැරි බව ඔහු තේරුම් ගත්තේය. පරිගණක අංශයට හා ඉදිකිරීම් අංශයට අදාළ ඉංග්‍රීසි වචනවල සිංහල පද සෙවීම සඳහා ඔහු ගත් වෙහෙස ඉමහත්ය. භාෂාව සම්න්ධ ඔහුගේ අදහස් විප්ලවීය විය. නිරවුල්ව ලිවීමටත් නිරවුල්ව යමක් ප්‍රකාශ කිරීමටත් ඔහුට තිබුණු හැකියාව පුදුමාකාරය .
පළමු පංතියේ පරිපාලන නිලධාරියකුද වූ වීරසුරිය මහතා කලක් ඒකාබද්ධ සේවා අධ්යක්ෂ වරයා ලෙසද සේවය කළේය. පරිපාලන ක්ෂේත්රයේ අත්පොත වන ශ්‍රී ලංකා ආයතන සංග්‍රහයේ බොහෝ කොටස් සිංහලට නගා ඇත්තේ ඔහු විසින් බව අසන්නට ලැබිණි
අපි පේරාදෙණියට යන්නට වසර තිහකටත් පෙර එහි ගොස්, මාර්ස් ශාලාවේ අංක එක දරන කාමරයේ සිය පාසල් මිතුරු කැකුලාවල සමග ලැගුම් ගත් හැටි වීරසුරිය මහතා ලියා ඇත. මාතර රාහුල හා , කොළඹ ආනන්ද විදුහල්වල ඔහු දීප්තිමත් සිසුවෙක් උනේය.
සිය අවසන් කටයුතු සිදුවන දා ගුණ කතන කිසිවක් නැතිව ඉතා චාමෙට එය සිදු කරන ලෙස ඔහු ඉල්ලා තිබුණි. ඒත් සිය මිතුරා වෙනුවෙන් වචන දෙකක් හෝ කතා කරන්නට මහැදුරු කේ එන් ඕ ධර්මදාසයන් ඉදිරිපත් විය . ඔහුගේ කතාව නිමා වන විට අපුරු සිදු වීමක් දකින්නට ලැබිණි.
ඉතා ආයාචනාත්මකව ඉල්ලීමක් කළ එක්තරා මහතෙක් වීරසුරිය නම් පරිත්‍යාගශීලී මිනිසා ගැන කුඩා තොරතුරක් හෙළි කරන්නට අවසර ඉල්ලුවේය . ඒ 1997 වසරේදී රජයේ දුත පිරිසක් සමග ඇමෙරිකාවේ සංචාරයක් කිරීමට වීරසුරිය මහතාට ලැබුණු අවස්තාව ඔහු තමන්ට පරිත්‍යාග කළ බව කීවේය. ඒ තරම් පරිත්‍යාගශීලී මිනිසෙකු වූ වීරසුරිය මහතා සිය හිතවතාට විදේශ ගමනට අවශ්‍ය සියලු ලියකියවිලිද කඩිනමින් සකස් කර දුන්නේය.
අසනීපයෙන් ලෙඩ ඇඳට වැටෙන තුරු ඔහු ක්‍රියාශීලීව පොත පත කියෙව්වේය. ලිව්වේය. මිතුරන්ට උදව් කළේය. වයස අසුවෙදීත් ජැන්ඩියට ඇන්දේය.මනාව නඩත්තු කරන ලද කළුපාට මයිනර් කාරය පදවාගෙන ගමන් බිමන් ගියේය. ආදර්ශමත් ලෙස දරුවන් හදා ප්‍රීතිමත් ගෘහ ජීවිතයක්ද ගත කළේය. ඉතින් ඔහු බොහෝ දෙනාගේ රෝල් මොඩල් එකක් වුනු එක අහන්නත් දෙයක්ද ?
සුනිල් මාධව ඔහුගේ තාත්තා ගැන ලියා තිබු දේ මට වීරසුරිය තාත්තා ගැනද කියන්නට සිතේ .
ඔහුගේ සරල පරිපුර්ණ ජීවිත කතාව පහන් තරුවක් වී අපිට තව බොහෝ කලක් හරි මග පෙන්නුම් කරනු ඇත . | hplt_2 |
ඔලිම්පික් ගිය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සංගමයක්..February 23, 2017 at 2:24 am | lanka C news
ඔලිම්පික් තරගවලදී ශ්‍රී ලංකාව නියෝජනය කළ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සංගමයක් බිහිකිරීමේ මූලික සාකච්ඡාවක් සඳහා ජ්‍යෙෂ්ඨ ශ්‍රී ලංකා ඔලිම්පික් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ පිරිසක් සමාජ සවිබල ගැන්වීම් හා සුභසාධන අමාත්‍ය එස්.බී.දිසානායක මහතා මුණ ගැසුනහ.
1948 වසරේ සිට ඔලිම්පික් තරඟ වලදී ශ්‍රී ලංකාව නියෝජනය කළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 75 දෙනෙකු පමන මේ වන විට ජීවත්ව සිටින බවත් ඔවුන්ගේ හා අනාගත ඔලිම්පික් තරඟ වලට යන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සුභසාධනය වෙනුවෙන් කටයුතු කිරීම මෙම සංගමය බිහිකිරීමේ මූලික අරමුණක් බව මෙම අවස්ථාවට එක් වූ ප්‍රවීන කීඩක පිරිස අමාත්‍යවරයාට ප්‍රකාශ කළහ.
දැනට හඳුනාගෙන ඇති පරිදි ශ්‍රී ලංකාව නියෝජනය කළ ඔලිම්පික් ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතරත් බොහෝ පිරිසක් වැඩිහිටියන් වන අතර ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉදිරි ඔලිම්පික් තරඟ සඳහා සංචිත වලට තේරී ඇති තරුණ ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතරින් බොහෝ පිරිසක් ගම්බද අඩු ආදයම්ලාභී පවුල්වල දරුවන් බව මෙම සාකච්ඡාවට එක්වු ප්‍රවීණයන් සඳහන් කළ අතර මෙම වැඩිහිටි ඔලිම්පික් ක්‍රීඩකයන් හා තරුණ ක්‍රීඩකයන් ගේ සුභසාධනය සඳහා සමාජ සවිබල ගැන්වීම් හා සුබසාධන අමාත්‍යාංශයට මැදිහත් වන ලෙස ද මෙම ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෝ ඇමැතිවරයාගෙන් ඉල්ලා සිටියහ.
දමයන්ති දර්ශා, ජූලියන් බෝලින්, ශ්‍රියානි කුලවංස, සුගත් තිලකරත්න, රුවිනි අබේමාන්න, පුෂපමාලී රාමනායක, අනුරුද්ධ රත්නායක, යන ජ්‍යෙෂ්ඨ ශ්‍රී ලංකා ඔලිම්පික් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ මෙසේ අමාත්‍යවරයා මුන ගැසුනු ක්‍රීඩක පිරිස වෙති.
අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම්, හිටපු ප්‍රවීන මලල ක්‍රීඩකයෙකු හා පුහුණුකරුවකු වන සුනිල් ගුණවර්ධන මහතා මෙම අවස්ථාවට සම්බන්ධීකරණය කළේය.
ඡායාරූපයෙන් දැක්වෙන්නේ අමාත්‍යවරයා හා ජේෂ්ඨ ඔලිම්පික් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ මුණ ගැසුනු අවස්ථාවයි.
– සංජය දසනායක | hplt_2 |
රන් බිජු දමන කිකිළිය මරාගෙන කයි.. හම්බන්තොට වටිනාකම ඩොලර් ටි්රලියනයයි.. ඩොලර් බිලියනයකට චීනයට විකුණා දමයි..December 9, 2016 at 4:06 am | lanka C news
ඇමෙරිකානු ඩොලර් බිලියන 1000ක වටිනාකමින් යුත් අක්කර 4402ක් සමඟ හම්බන්තොට වරාය, චයිනා මර්චන්ට් හෝල්ඩිංග්ස් සමාගමට ඇමෙරිකන් ඩොලර් බිලියන 01ක පමණ මුදලකට විකුණා දැමීමට නියමිත බව ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අනාවරණය කරයි.
පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙසේ පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේ ද සඳහන් කළේය.
“පසුගිය ආණ්ඩුව විසින් හදපු හම්බන්තොට වරාය, අද වන විට මේ ආණ්ඩුව විසින් විකුණා දැමීමට සියලු කටයුතු සූදානම්කර තිබෙනවා. හම්බන්තොට වරාය ඉදිකිරීම සඳහා ශ්‍රී ලංකා රජය ලබාගත් ණය මුදල ඇමෙරිකන් ඩොලර් මිලියන 1339ක්. මීට අමතරව වරාය අධිකාරිය විසින් මේ වරාය ව්‍යාපෘතිය සඳහා අමෙරිකන් ඩොලර් මිලියන 160ක් යොදවා තිබෙනවා. ණය සඳහා ගෙවූ පොලියත් සමඟ හම්බන්තොට වරාය සඳහා ශ්‍රී ලංකා රජය විසින් වැය කළ මුළු මුදල ඇමෙරිකන් ඩොලර් මිලියන 1691ක් වෙනවා. එවැනි මුදලක් ආයෝජනය කරමින් ගොඩනඟන ලද හම්බන්තොට වරාය, ඉඩම් අක්කර 4402ක් සමඟ ‘චයිනා මර්චන්ට් හෝල්ඩිංග්ස්’(China Merchant Holdings) සමාගමට අද(08) දිනය තුළ විකුණා දැමීමට නියමිතව තිබෙනවා.
එහිදි ලාභාංශ බෙදෙන්නේ චයිනා මර්චන්ට් හෝල්ඩිංග්ස් සමාගමට 80%ක් සහ වරාය අධිකාරියට 20%ක් ලෙසටයි. මේ අනුව ඇමරිකන් ඩොලර් මිලියන 1080ක් මූලිකව ගෙවලා, අවුරුදු 99කට හම්බන්තොට වරාය තමන් සතුකර ගන්න චයිනා මර්චන්ට් හෝල්ඩිංග්ස් සමාගම අද කටයුතු කරනවා.
“වරාය ඇමති එකඟ නැහැ“
අපට ලැබී ඇති තොරතුරු අනුව මෙම විකුණා දැමීමට වරාය විෂයභාර ඇමතිවරයා සහ වරාය අධිකාරියේ සභාපතිවරයා ඇතුළු අධ්යක්ෂ මණ්ඩලය එකඟ වී නැහැ. අවසානයේ මේ ගනුදෙනුව පිළිබඳව කැබිනට් පත්‍රිකාවක් දමනවා ‘මේ හම්බන්තොට වරාය විකුණා දැමීමේ ගනුදෙනුවේ අත්සන් කිරීමේ බලය වරාය විෂය භාර අමාත්‍යාංශයේ ස්ථීර ලේකම්වරයාට පැවරිය යුතුයි’ කියලා. ඒ අනුව මේ හම්බන්තොට වරාය කුණුකොල්ලයට විකුණා දැමීමට හදන්නේ ඒ අමාත්‍යාංශ ලේකම්වරයායි. මේ ආණ්ඩුව කියන්නේ, ‘හදන්න ගත්තු ණය ගෙවීමටයි අපි හම්බන්තොට වරාය විකුණන්නේ‘ කියලයි. ඒක අමූලික බොරුවක්. මේ අය වරාය අධිකාරියට දැනටමත් දන්වලා තිබෙනවා, ‘හම්බන්තොට වරාය විකුණලා ලැබෙන මුදලින් හදන්න ගත්තු ණය ගෙවන්නෙ නැහැ, එමගින් කිරීමට වෙනත් වැඩ කටයුතු තිබෙනවා. ඔබ ආයතනය සාමාන්‍යයෙන් ගෙවාගෙන ගිය ආකාරයටම ඒ ණය පියවීමට කටයුතු කරන්න’ කියලා.
‘පාස්කරලිංගම්ගේ මල්වට්ටි වෙන්දේසිය’
මෙතෙක් 99 අවුරුද්දකට අපේ රටේ වරායක් තියා ජැටියක්වත් බදු දීලා නැහැ. සමහර ආයතනවලට ජැටියක් හදා ගැනීමට මුහුද බදු දී තිබෙන්නේ, ජැටිය හැදීමට ගත වන කාලයත් සමග අවුරුදු 35කටයි. ජැටියක් අවුරුදු 35කට එසේ බදු දෙද්දී මෙතැන අක්කර 4402ක් සමඟ හම්බන්තොට වරාය අවුරුදු 99කට බදු දෙනවා. පාස්කරලිංගම් තමයි මේ ගනුදෙනුවේ ප්‍රධාන මෙහෙයුම්කරු. ඒ කියන්නේ මේ ගනුදෙනුවේ පිටුපස සිටින්නේ අගමැතිවරයායි. පාස්කරලිංගම් මේ ගනුදෙනුව කරන්නේ පන්සලේ මල්වට්ටි වෙන්දේසියක් කරනවා වගෙයි. මේ ගනුදෙනුවට ඉදිරිපත් වුණා තවත් චීන සමගමක් වන ‘චයිනා හාබර් ඉංජිනේරින්‘ සමාගම. ඔවුන් යෝජනා කළා ‘අපට 65%ක් සහ ශ්‍රී ලංකා රජයට 35%ක් යන අනුපාතයට ලාභය බෙදමු. අපි මූලිකව ඇමරිකන් ඩොලර් මිලියන 740ක් ගෙවන්නම්‘ කියලා. එවිට ඒ සමාගමට පාස්කරලිංගම් කියනවා ‘ඔයගොල්ලන්ට 80 : 20 අනුපාතයට එකඟ වෙන්න බැරිද?‘ කියලා. චයිනා හාබර් ඉංජිනේරින් සමාගම ඊට පිළිතුරු වශයෙන් කියනවා, ‘අපට එකපාරටම ඒ ගැන කියන්න බැහැ‘ කියලා.
‘අනාගතයේදී කොළඹ වරායට අභියෝගයක්’
ඊට පසුව තමයි පාස්කරලිංගම් විසින් චයිනා මර්චන්ට් හෝල්ඩිංග්ස් සමාගම කැඳවන්නේ. ඔවුන් කියනවා ‘අපි ඔයාගේ 80:20 අනුපාතයට එකඟ වෙන්නම්. මූලිකව ඇමරිකන් ඩොලර් මිලියන 1080ක් ගෙවන්නම් ‘ කියලා. එතැන් එහාට, ‘මේ ගිවිසුමේ සඳහන් කරුණු මොනවාද?‘ කියලා කිසිවක් සොයා නොබලා පාස්කරලිංගම් තීරණය කරනවා, හම්බන්තොට වරාය චයිනා මර්චන්ට් හෝල්ඩිංග්ස් සමාගමට දෙන්න. ශ්‍රී ලංකා ඉතිහාසයේ කිසිම වරායක් අවුරුදු 99කට බදු දීලා නැහැ වගේම, මෙතැනදී හම්බන්තොට වරායේ සම්පූර්ණ මෙහෙයුම මෙම සමාගමට පවරා තිබෙනවා. සම්පූර්ණ මෙහෙයුම මේ සමාගමට දෙනවා කියන්නේ ‘අනාගතයේදී කොළඹ වරායට හම්බන්තොට වරායෙන් අභියෝගයක් එල්ල වෙනවා‘ කියන එකයි. කන්ටේනර් බෑමේ කටයුතු පවා හම්බන්තොට වරාය පටන්ගත්තොත් කොළඹ වරායට වැඩ නැති වෙනවා. එමගින් කොළඹ වරාය ආර්ථිකමය වශයෙන් බිඳ වැටෙනවා. ඒ කිසිත් නොසලකා තමයි හම්බන්තොට වරායේ මෙහෙයුම සම්පූර්ණයෙන් චීන සමාගමට ලබා දී ඇත්තේ.
‘ඉඩමේ වටිනාකම විතරක් බිලියන 1000ක්. විකුණන්නේ බිලියනයට’
මා කලින් සඳහන් කළ ‘65:35 අනුපාතයට අපි හම්බන්තොට වරාය ගන්නම්‘ කියපු චයිනා හාබර් ඉංජිනේරින් සමාගමේ යෝජනාව තමයි ශ්‍රී ලංකාවට වඩා හිතකර. වඩා හිතකර යෝජනාව පැත්තකට දාපු පාස්කරලිංගම් වඩා අහිතකර යෝජනාව තමයි තෝරාගත්තේ. අද ඉඩම් අක්කර 4402හි වටිනාකම විතරක් ගත්තත් ඇමෙරිකන් ඩොලර් බිලියන 1000කට වැඩියි. එහෙම සම්පතක් විකුණන්නෙත් ඇමෙරිකන් ඩොලර් බිලියන 01ක(මිලියන 1000ක) පමණ මුදලකට. ඒ නිසා අපට හිතාගන්න පුළුවන්, ‘මෙතැන මොනතරම් විශාල අතයට ගනුදෙනුවක් සිදු වෙන්න ඇද්ද?’ කියලා. ඒ විතරක් නොවෙයි මේ ගනුදෙනුවෙන් අඩුම තරමින් මම කලින් සඳහන් කළ ආකාරයට හම්බන්තොට වරාය හදන්න ගත් ණය මුදල පියවීමවත් සිදු කරන්නේ නැහැ.
‘හෙට දවසේ තීරණාත්මක ප්‍රධාන ජාත්‍යන්තර වරායක්’
හම්බන්තොට වරාය ව්‍යාපෘතියට තරම් මේ රටේ කිසිදු සංවර්ධන ව්‍යාපෘතියකට දේශපාලන වශයෙන් අපහාස සිදු වී නැහැ. මම ඔබට සිතියමක් පෙන්වන්නම්.(සිතියම පෙන්වමින්) ‘මේ තිබෙන්නේ දැනට තිබෙන මුහුදු මාර්ගය. මැලේසියාවේ සිට එන මුහුදු මාර්ගයේ තමයි හම්බන්තොට තිබෙන්නේ. දැන් චීන රජය තායිලන්තය හරහා ඇලක් කපනවා. ඒක කපලා ඉවර වුණාම චීනය බලාපොරොත්තු වෙනවා, සිංගප්පූරු, මැලේසියා වරායන් මඟ හැරලා මුහුදු මාර්ගයක් හදලා එහි ප්‍රධාන ජාත්‍යන්තර වරාය බවට හම්බන්තොට වරාය පත් කිරීමට. ඒ අනුව කෙටි කලකින් සිංගප්පූරු, මැලේසියන් වරායන් වෙනුවට තීරණාත්මක ප්‍රධාන ජාත්‍යන්තර වරාය බවට හම්බන්තොට වරාය පත් වෙනවා. ඒ නිසා අද මේ විදියට අමුඅමුවේ මරාගෙන කන්නේ රත්තරන් බිජු දමන කිකිළියක්. රටේ අනාගත පරපුරට විශාල ධනයක් උපදවා දෙන වටිනාම සම්පත තමයි මේ විදියට විකුණාගෙන කන්නේ. රාජ්‍ය සම්පත් කුණුකොල්ලයට විකුණාගෙන කන්න ආණ්ඩුවක් අවශ්‍ය නැහැ. ඒක ඕනෙම තක්කඩියකුට පුළුවන් දෙයක්. මේවා සහගහන අපරාධ.
‘රතු අලි පැටවුන්ගේ වෘත්තීය සමිතිත් නිහඬයි’
අපි වරාය විෂය භාර අමාත්‍යාංශයේ ලේකම්වරයාට කියනවා ‘මේ දූෂිත ගනුදෙනුවට අත්සන් කරන්න එපා!අත්සන් කළොත් මීළඟට හැදෙන ආණ්ඩුව විසින් නීත්‍යනුකූලව ස්ථාපිත කරන FCIDයේ පෝලිමේ ඉන්න පළමුවැනියා තමුන්නාන්සේ’ කියලත් අපි අවධාරණය කරනවා. මේකට අත්සන් කළොත් තමුන්නාන්සේට මේ රටේ මිනිස්සු ‘හදවත් ඇතුළෙන්’ පොල් ගසාවි. මේ සියල්ල විකුණන් කන කල්ලිය තමයි, ‘පාස්කරලිංගම්, චරිත රත්වත්තේ හා අර්ජුන මහේන්ද්‍රන්’ කියන්නේ. මේ අය තමයි අයුතු ලාභ ලබන්නේ, රටම වෙන්දේසියේ දමලා විකුණන්නේ. මේ කටයුතු පහසුකර ගන්න දැන් අලුත් පනත් කෙටුම්පතකුත් මේ ආණ්ඩුව විසින් ගෙන ඒමට නියමිතයි. අපි ඉදිරි මාධ්‍ය හමුවේදී ඒ පිළිබඳව ඔබ දැනුම්වත් කරන්නම්. නව ලිබරල්වාදය අනුව කටයුතු කරමින් මේ රටේ සියලු වටිනා සම්පත් විකුණාගෙන කෑමේ ගමනක් තමයි මේ ආණ්ඩුව අද යමින් සිටින්නේ. එසේ තිබියදී මේ ආණ්ඩුව බලයට ගෙන එන්න කඬේ ගියපු රතු අලිපැටවුන්ගේ වෘත්තීය සමිති අද හීන් කෙඳිරියක්වත් නඟන්නේ නැහැ. ඒක තමයි ඩීල් එක. මේ මහා සහගහන අපරාධය ඉදිරියේ නිහඬව ඉඳිමින් රතු අලිපැටව් ‘රාජපක්ෂ මුවහමට’ තාමත් තඩිබානවා. රතු අලිපැටියා පාර්ලිමේන්තුවේ විනාඩි 40ක් කථා කෙරුවා. ඉන් විනාඩි 39කදීම ‘රාජපක්ෂ මුවහමට’ තඩිබෑවා. එයා හිතාගෙන ඉන්නේ ‘තාමත් තිබෙන්නේ රාජපක්ෂ පාලනය’ කියලයි.
‘මේ තමයි වුණු වෙනස’
හම්බන්තොට වරාය චීනයට දෙන විට තවත් සැලසුමක් මේ ආණ්ඩුව හොරරහසේ ක්‍රියාත්මක කරනවා. ඒ අනුව කොළඹ වරායේ ‘ඊස්ට් කන්ටේනර් ටර්මිනල්’ එක ඉන්දියාවට විකුණනවා. මේකත් විකුණන්නේ කුණු කොල්ලයට. දැන් කැබිනට් පත්‍රිකාවක් දාලා තිබෙනවා, ඒ අනුව ‘ඊස්ට් කන්ටේනර් ටර්මිනල් එක’ ගන්න පුළුවන් වෙන්නේ මේ ඉන්දියානු සමාගමට පමණයි. ඉන්දියාව සතුටු කරන්න ඒ ටර්මිනල් එක දෙනවා. සල්ලි කීයක් හරි හොයා ගන්න ඕනෙ වුණාම චීනයට හම්බන්තොට වරාය දෙනවා. ත්‍රිකුණාමල වරායට අද ඇමෙරිකාව ඉව අල්ලනවා. අද මේ රට, මේ ආණ්ඩුවට බලයට එන්න උදව් කරපු ජාත්‍යන්තර මිතුරන්ට සිත් සේ පරිහරණය කරන්න වෙන්දේසියේ දමපු රටක් බවට පත් වෙලා තිබෙනවා. ඒක ඒක තමයි 2015 ජනවාරි 08 වැනිදා ‘වෙනස – වෙනස’ කියලා මේ මාතෘභූමියට උරුම කරලා දීපු වෙනස. ඒ වෙනසට කරගහපු තක්කඩි අද මේ කිසිවක් දිහා ඇහැක් ඇරලා බලන්නේ නැතිව හොරට නිදාගෙන ඉන්නවා”
අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ | hplt_2 |
අදුරු ආලෝකයට හොදම camera vivo ගෙන එයි
ස්මාර්ට් ජංගම දුරකථන වෙළඳ නාම දීර්ඝ කාලයක් තිස්සේ සිය වෙළඳ නාමය යටතේ දුරකථන වල එක් සුවිශේෂ අංගයක් විශේෂයෙන් ඉස්මතු කර පෙන්වීම සඳහා අවධානය යොමු කළේය. නමුත් මෙම තත්ත්වයන් දියුණු වෙමින් ඉදිරියට ගමන් කිරීමේදී ස්මාර්ට් ජංගම දුරකථන පිළිබඳව ගැනුම්කරුවන් වඩ වඩාත් දැනුවත්භාවයක් ලබා ගන්නා ලදී. ඒ අනුව processor, camera, display, material, පෙනුම සහ සිත්ගන්නා සුළු ස්වභාවය මෙන්ම දුරකථනයේ ක්‍රියාකාරිත්වය ඇතුළු විශේෂාංග රාශියක් පිළිබඳව ඔවුන්ට විවිධ ස්මාර්ට් ජංගම දුරකථන හරහා සංසන්දනාත්මක විශ්ලේෂණයක යෙදෙන්නට හැකියාව ලැබී ඇත. සමාජ මාධ්‍ය හරහා ඡායා රුප පල කිරීම සිය අනන්‍යතාවය ගොඩනගා ගැනීම සඳහා අත්‍යවශය අංගයක් බවට පත්වී තිබේ. මෙම නව ප්රවණතා සමග කටයුතු කිරීමට විශිෂ්ඨ ක්‍රියාකාරිත්වයක් සහිත පරිපුර්ණ ස්මාර්ට් ජංගම දුරකථනයක් සිය පරිශීලකයන්ට ආකර්ශනීය විශේෂාංග සමඟ විස්මිත camera පහසුකම් ලබා දෙයි.
ප්රමුඛ පෙළේ ජාත්‍යන්තර තාක්ෂණික සන්නාමයක් වන vivo විසින් ඔවුන්ගේ ප්‍රමුඛතම vivo V20 කාණ්ඩයෙන් V20 සහ V20 SE යන නව ස්මාර්ට් ජංගම දුරකථන මාදිලි දෙකක් හඳුන්වා දී ඇත. මෙම ස්මාර්ට් ජංගම දුරකථන දෙකම ඕනෑම දුර්වල ආලෝකකරණ තත්වයන් තුළ වුවත් pro-grade images ග්‍රහණය කර ගැනීමේ හැකියාවෙන් සමන්විතය. V20 44MP Eye Autofocus සහ 64MP Night Camera සමන්විත වන අතර V20SE 32MP Super Night Selfie සහ 48MP Rear Cameraවකින් සමන්විතය. මෙම V20 මාදිලිය ඡායාරුප වල ඉහළම clarity සහ focus කිරීමේ හැකියාවන්ගෙන් යුතු ගුණාත්මක සුපැහැදිලි ඡායා රූප ලබා දෙන best-in-class camera සහිතව නිපදවා ඇත.
vivo V20 දුරකථන මාදිලිය මගින් ස්මාර්ට් ජංගම දුරකථන ක්ෂේත්රයේ ප්‍රමුඛතම කැමරා තාක්ෂණය, අනාගත සැලසුම් සහ ප්‍රභල සමස්ත ක්රියාකාරීත්වයක් සහිත ස්මාර්ට් ජංගම දුරකථන ඉදිරිපත් කරනු ලබයි. ඔවුන් දිනෙන් දින නව්‍යකරණය වන තරුණ පරම්පරාවේ විලාසිතාවන් සහ බුද්ධිමත් පාරිභෝගිකයන්ගේ ජිවන රටාවට සරිලන පරිදි මෙම ස්මාර්ට් ජංගම දුරකථන උපායමාර්ගිකව වැඩි දියුණු කර ඇත.
පරිශීලකයාට උසස් ගුණාත්මක බවකින් යුතු ඡායා රූප සහ වීඩියෝ පහසුවෙන් ග්‍රහණය කර ගැනීමට හැකිවන පරිදි V20 හි අති නවීන කැමරාව Eye Autofocus, Super Night Selfie mode හැකියාවන් සහිතව ඔබ අතට පත් වේ. V20 SE විසින් Super Night Selfie mode, Multi-Style Portrait, AI Face Beauty සහ Professional Portrait ගුණාංගයන්ගෙන් සමන්විතව තිබේ. එසේම Aura Screen Light තාක්ෂණික මාදිලිය මගින් එයට තවත් වැඩි ආකර්ශනීය පෙනුමක්ද හිමිකර දී ඇත.
නිරන්තරයෙන් ගමනේ යෙදෙන පරිශීලකයන් වෙනුවෙන් ප්‍රබල පරිගණක මෙවලමක් අකාරයෙන් මෙම ජංගම දුරකථන දෙකම නිර්මාණය කර ඇත. V20 මාදිලියේ සුඛෝපභෝගී ultra-sleek සහ stylish වර්ණ සංයෝගය බුද්ධිමත් තරුණ පරම්පරාවේ වෙනස්වන ජිවන රටාවන් සමඟ එකින් ගැලපෙන ආකර්ශනීය බවක් ගෙන දෙන අතර උපාංගයේ ආකර්ශනීය බව සහ එහි ප්‍රභල ක්‍රියාකාරිත්වය ද ඊටම සරිලන ආකාරයෙන් මනාව ගලපා ඇත.
V20 ස්මාර්ට් ජංගම දුරකථනයට සිහින් හා ඉහළ වටිනාකමකින් යුතු පෙනුමක් ඇති අතර එය 7.38mm තරම් සිහින් බවකින් හා 171g සැහැල්ලු බරකින් යුතු වේ. නවෝත්පාදක ඉදිරිපස කැමරාවක් ඇති අතර Autofocus තාක්ෂණයට තියුණු සෙල්ෆි සඳහා චලනය වන වස්තූන් ග්‍රහණය කර ගැනීමේ හැකියාව ඇත. Super Night Mode සහිත 64MP rear cameraව මගින් සෑම රූගත කිරීමකදීම high-definition quality සහ standing extreme zooming පහසුකම් මගින් සුපැහැදිලි දසුන් ලබා දෙයි. විනාඩි 30 ක් තුළ 65% ක බැටරි ආරෝපණ හැකියාවකින් යුතු V20 හි 33W FlashCharge හැකියාව ද වේ.
V20 මාදිලියේ තවත් කැපී පෙනෙන හඳුන්වාදීමක් වන්නේ ඕනෑම මොහොතම ඕනෑම ස්ථානයක සිට studio quality ඡායා රූප ලබා ගත හැකි vivo V20 SE ස්මාර්ට් ජංගම දුරකථනයයි. V20 SE සිනිඳු හා ඉන්ද්‍රජාලික මෝස්තරයක් සහිත polymer වලින් නිපදවා ඇති සැහැල්ලු ත්‍රිමාණ හැඩයක් ගනී. එය එහි 32MP Super Night Selfie front camera සඳහා සුමට හා සුවපහසු නිමාවක් ලබා දෙයි. එමගින් ජීවිතයේ සෑම වටිනා මොහොතකම මතකයන් ග්‍රහණය කර ගැනීම සඳහා අවස්ථාව සලසයි. රාත්‍රියේ පවා මෙම තාක්ෂණය අඳුරු පැල්ලම් දීප්තිමත් කරන අතර වැඩි දීප්තිය, පැහැදිලිබවක් සහ සමබරතාවය රැකදෙයි. 48MP Multi-Scenario Photography rear camera, 33W FlashCharge එහි සිනිඳු ඉන්ද්‍රජාලික සැලසුම වැනි අමතර විශේෂාංග V20 SE ඔබේ අත්ල මතට ගෙනවිත් තිබේ.
V20 ස්මාට් ජංගම දුරකථන මාදිලියේ සිහින් පෙනුම, සැහැල්ලු බර සහ අද්විතීය වර්ණ මාලාව ප්‍රබල ලෙස පිළිබිඹු කරන්නේ පරිශීලකයින්ට වේගවත් ජීවන රටාවක් සහ සුඛෝපභෝගී හැඟීමක් අත්විඳීමට උපකාර කිරීමට vivo සතු කැමැත්තයි. ඒ සඳහා නිවැරදි දේ කිරීමේ බෙන්ෆෙන් දර්ශනය මගින් මෙහෙයවීම ලැබෙන අතර මෙරට තරුණ පාරිභෝගිකයින්ගේ උනන්දුව අධ්‍යයනය කිරීමෙන් සහ දේශීය පාරිභෝගිකයින්ගේ අවශ්‍යතාවන්ට වඩාත් ගැලපෙන විසඳුම් සැලසුම් කරමින් vivo සමාගම “More Local, More Global” ව්‍යාපාර උපායමාර්ගය අනුගමනය කරයි.
Photography, gaming, විනෝදාස්වාදය සහ ස්මාර්ට්ෆෝන් නිර්මාණයේ වෙනස්වන ප්රවණතා අධ්‍යයනය කිරීමෙන් අනතුරුව ස්මාර්ට්ෆෝන් භාවිතා කරන්නෙකුට අවශ්‍ය හොඳම දේ සැපයීම සඳහා V20 ස්මාර්ට් ජංගම දුරකථන මාලාව උපායමාර්ගිකව නිපදවා ඇත. V20 මාලාව ස්මාර්ට්ෆෝන් කර්මාන්තයේ නව මිණුම් දණ්ඩක් සකසා තිබෙන අතර V20 ශ්‍රේණියේ සාර්ථකත්වය ශ්‍රී ලාංකික වෙළෙඳපොළ කෙරෙහි ඇති දැඩි ග්‍රහණයේ ප්‍රබල පිළිබිඹුවක් වන අතර කලාපය තුළ ස්මාර්ට්ෆෝන් අලෙවිය නිරන්තරයෙන් ඉහළ යන බව නිරීක්ෂණය කර තිබේ. vivo V20 වැඩි දියුණු කළ පරිශීලක අත්දැකීම් සහිත තරුණ ගනුදෙනුකරුවන් සමඟ ඉහළ සම්බන්ධතාවයක් සහතික කර ඇත. vivo තාක්ෂණික නවෝත්පාදනයන්ගෙන් ඔබ්බට ගමන් කරමින් පරිශීලකයාගේ ජීවිතයේ අනිවාර්ය අංගයක් බවට පත්ව ඇත. එමඟින් සියලු කාර්යයන් පහසුවෙන් කිරීමට සහ ඔවුන්ගේ පෞරුෂත්වය හා විවිධාකාරයෙන් සම්බන්ධ වේ.
නවෝත්පාදනය සහ තාක්ෂණික නායකත්වය ලබා දීමට vivo නිරතුරුවම කටයුතු කරන අතර තාක්ෂණික ප්‍රමිති ගත කිරීමෙන් ඔබ්බට ගමන් කරමින් Mobile Technology ක්ෂේත්රයේ පෙරගමන්කරුවා බවට පත්වීමේ අරමුණින් කටයුතු කරයි. එම දර්ශනයේ හදවත නවොත්පාදනය වන අතර රට තුළ සහ ගෝලීය වශයෙන් තවත් සන්ධිස්ථාන රාශියක් සපුරාලීමට vivo බලාපොරොත්තු වේ. | hplt_2 |
#oscars
විල් ස්මිත් කළේ හුදෙක් පහර දීමක් නේ, එහි ඇති වරද කුමක් ද? යන්න ඔබට ඇසිය හැකියි. නමුත් ‘ආවේගයෙන්’ සාධාරණීකරණය වන පහර දීම පහර දීමක් වෙනුවට ගෙල සිරකිරීමක් වී විල් ස්මිත් ක්‍රිස් රොක්ගේ ගෙල සිර කර ක්‍රිස් රොක් වේදිකාව මත ම මියැදුනා නම්???... Read More
පසුගියදා පැවති ඔස්කාර් සම්මාන උළෙලේදී විල් ස්මිත්, නිවේදන කටයුතු භාරව සිටි ක්‍රිස් රොක් හට කම්මුල් පහරක් පිරිනැමීමේ ආදිනව බොහෝ දුර දිග ගියේය.... Read More
ඇකඩෙමියේ සාමාජිකත්වය ලබා ගැනීම ලෙහෙසි පහසු කාර්යයක් නොවේ. මේ සඳහා අවම වශයෙන් එහි සාමාජිකත්වය දරන පුද්ගලයන් දෙදෙනෙකුගෙන් වත් නාමයෝජනා ලබා තිබිය යුතු ය. ඒ අතර යම් සිනමා කෘතියකට රංගනයෙන් දායකත්වය ලබා දීමට අදාළව සම්මාන උළෙල සඳහා නාමයෝජනා ඉදිරිපත් වන්නේ නම්, එයින්ද ඇකඩෙමියේ සාමාජිකත්වය ලැබේ.... Read More
94 වැනි ඔස්කාර් සම්මාන උළෙල පසුගියදා ලොස් ඇන්ජලිස් හිදි පැවත්විනි.... Read More
ඔස්කාර් සම්මාන උළෙල මේ වනවිට ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නගරයේදී පැවැත්වෙනවා. සම්මාන උළෙල අතරතුර ඇති වූ සිදුවීමක් හේතුවෙන් මේ වනවිට ඔස්කාර් සම්මාන උළෙල පිළිබඳව ලොවපුරා කතාබහට ලක්ව තිබේ.... Read More
නොමැඩ්ලෑන්ඩ් සමඟින් පළමු වරට ආසියානු ජාතික කාන්තාවක් අධ්‍යක්ෂණය කළ චිත්‍රපටයක් හොඳම අධ්යක්ෂණයට හිමි ඔස්කාර් සම්මානයෙන් පිදුම් ලබයි!
93 වන ඔස්කාර් සම්මාන උළලේ හොඳම චිත්‍රපටය වශයෙන් මෙවර සම්මානයට පාත්‍ර වූයේ Chloé Zhao අධ්‍යක්ෂණය කල Nomadland චිත්‍රපටයයි.... Read More
ට්‍රම්ප් පවසා සිටියේ ඇමරිකාවට මෙතරම් ගැටලු ඇති කර ඇති දකුණු කොරියාවේ නිර්මාණය කෙරුණු චිත්‍රපටයක් වෙනුවෙන් මෙම සම්මානය ලබා දුන්නේ මන්ද යන්නයි.... Read More | hplt_2 |
ශ්‍රී ලංකාවේ දී වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව අප්‍රේල් 24 සිකුරාදා පස්වරු 8 වන විට 415 දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා පවසනවා. ඒ අප්‍රේල් 24 දිනය තුළ පමණක් දැනට නව ආසාදිතයින් 47 දෙනෙකු තහවුරු වීමත් සමගයි. එය ශ්‍රී ලංකාවේ දිනකදී හමුවූ වැඩිම ආසාදිතයින් ප්‍රමාණයයි.
අප්‍රේල් 24 වන වාර්තා වූ ආසාදිතයින් 48 දෙනාගෙන් 30 දෙනෙකු වැලිසර නාවික හමුදා කඳවුරෙන් වන අතර 5 දෙනෙකු නිවාඩු ලබා නිවෙස්වල(කුරුණෑගල පොල්ගහවෙල උඩපොළ ප්‍රදේශයෙන්, රත්නපුර හිදිල්ල කන්ද ප්‍රදේශයෙන්, කුරුණෑගල කීනියා පොළ ප්‍රදේශයෙන්, බදුල්ල ගිරාඳුරුකෝට්ටේ පහළ රත්කිඳ ප්‍රදේශයෙන්, මහනුවර දඹුල්ල අතබෝධි වැව ප්‍රදේශයෙන්) සිටි නාවික හමුදා සාමාජිකයින් වේ. තවත් 11 දෙනෙකු කොළඹ බණ්ඩාරනායක මාවත ප්‍රදේශයෙන් වාර්තා වී ඇති අතර අනෙක් ආසාදිතයා මරදාන ප්‍රදේශයේ පදිංච සොයිසා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින ගර්භණී කාන්තාවයි. ඒ අනුව මෙතෙක් ආසාදිත වී ඇති නාවික හමුදා සාමාජිකයින් ගණන 65ක් වේ.
ඒ අනුව අප්‍රේල් 24 පස්වරු 9 වන විට සුවය ලබා ඇති මුළු සංඛ්‍යාව 109ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. සමස්ථ ආසාදිතයින් අතුරින් 7 දෙනෙකුට දිවි අහිමි වී තිබෙනවා. සක්‍රීය ආසාදිතයින් ගණන 300ක් දක්වා ඉහළගොස් ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය කියා සිටිනවා. ඒ අනුව පළමු වතාවට ශ්‍රී ලංකාව තුළ සක්‍රීය ආසාදිතයින් ප්‍රමාණය 300 සීමාවට පැමිණ තිබෙනවා. වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින සැක සහිත රෝගීන් ගණන 183ක් බවද සඳහන් වේ. | hplt_2 |
අපි ඒක හදමු
පියවර 1
රතු පාට ජෙලි සහ කොළ පාට ජෙලි වෙන වෙන ම භාජන දෙකකට දමන්න. භාජන දෙක සම්පූර්ණයෙන් ම මිදෙන තෙක් ශීතකරණයේ තබන්න.
පියවර 2
ජෙලි මිදුණු පසු රතු හා කොළ ජෙලි කොටු හැඩයේ විශාල කුට්ටිවලට කපන්න. පසෙක තබන්න.
පියවර 3
විශාල භාජනයකට සීතල වතුර කෝප්ප 1/2 දමා ජෙලටින් මිනිත්තු 5ක් පෙඟෙන්නට හරින්න. එයට උණු වතුර කෝප්ප 1 1/2 එක් කර හොඳින් මිශ්‍ර කරන්න.MILKMAID එක් කර හොඳින් කලවම් වන තෙක් මිශ්‍ර කරන්න. මඳක් සිසිල් වන්නට හරින්න.
පියවර 4
අඟල් 7×4 දීසියක ප්ලාස්ටික් දවටනයක් එළන්න. ජෙලි කුට්ටිවලින් භාගයක් ඒ තුළට දමන්න. ජෙලි කුට්ටි වැසී යන තෙක් MILKMAID මිශ්‍රණය ඒ මතට වක්කරන්න. MILKMAID මඳක් මිදෙන තෙක් ශීතකරණයේ තබන්න.
පියවර 5
ඉතිරි ජෙලි කුට්ටි ඒ මතුපිටට දමා මතුපිට ජෙලි කුට්ටි මඳක් ඇලෙන තෙක් ඒවා වැසී යන පරිදි MILKMAID මිශ්‍රණය වක්කරන්න.
පියවර 6
සම්පූර්ණයෙන් මිදෙන තෙක් ශීතකරණයේ තබන්න. | hplt_2 |
සමාගම් දළ විශ්ලේෂණය
පිරිසිදු කිරීමේ නිෂ්පාදන නිෂ්පාදනය පිළිබඳ අපට වසර 13 ක පළපුරුද්දක් ඇත
අපගේ සමාගම 2008 දී ආරම්භ කරන ලද අතර, දැනටමත් වසර ගණනාවක් තිස්සේ පිරිසිදු කිරීමේ භාණ්ඩ නිෂ්පාදනය හා අපනයනය කර ඇත. අපි ලොව පුරා සිටින ගනුදෙනුකරුවන්ට පුළුල් හා විවිධ නිෂ්පාදන ලබා දෙන්නෙමු. අපගේ ප්‍රධාන නිෂ්පාදන වන්නේ ගෘහස්ථ හා නිවාස පිරිසිදු කිරීමේ නිෂ්පාදන ය.
අපේ නිෂ්පාදනය
අපගේ ප්‍රධාන නිෂ්පාදන වන්නේ ගෘහස්ථ හා නිවාස පිරිසිදු කිරීමේ නිෂ්පාදන ය. මොප්ස්, කවුළු පිරිසිදු කරන්නා, බුරුසුව, කොසු, ස්කෝරර්, බිම් මිරිකීම, මයික්‍රෝ ෆයිබර් රෙදි, විදුලි බුරුසු සහ වෙනත් පිරිසිදු කිරීමේ මොප් උපාංග ආදිය ඇතුළත් වේ. බිම, බිත්ති සහ ජනෙල් වීදුරු, මුළුතැන්ගෙයි පිරිසිදු කිරීම, වැසිකිළි පිරිසිදු කිරීම, පිරිසිදු කිරීමේ මෙවලම මෝටර් රථ සඳහා.
හොඳම විසඳුම ලබා දෙන්න
අපට අපගේම කර්මාන්තශාලා ඇති අතර ද්‍රව්‍යමය සැපයුම් සහ නිෂ්පාදනයේ සිට විකිණීම දක්වා වෘත්තීය නිෂ්පාදන පද්ධතියක් මෙන්ම වෘත්තීය පර්යේෂණ හා සංවර්ධන හා QC කණ්ඩායමක් ද පිහිටුවා ඇත. වෙළඳපල ප්රවණතා සමඟ අපි සැමවිටම යාවත්කාලීනව සිටිමු. වෙළඳපල අවශ්‍යතා සපුරාලීම සඳහා නව තාක්ෂණය හා සේවාව හඳුන්වා දීමට අපි සූදානම්.
ඔබට අවශ්‍ය පරිදි භාණ්ඩ නැව්ගත කිරීමට අපට කටයුතු කළ හැකිය, එනම්: ඇමසන් එෆ්බීඒ නැව්ගත කිරීම, මුහුදු භාණ්ඩ ප්‍රවාහනය, ගුවන් භාණ්ඩ ප්‍රවාහනය, දොරටුවෙන් බෙදා හැරීම. | hplt_2 |
දිමුත් කවුරුත් නොගිය ගමනක් යයි
එංගලන්තයත් සමඟ මෙරට දී පැවති ටෙස්ට් තරගාවලිය 3-0 ක් විදිහටත් නවසීලන්තයට එරෙහිව එරටදී පැවති ටෙස්ට් තරගාවලිය 1-0 ක් විදිහටත් ඔස්ට්රේගියාවේ දීත් ඒ විදිහටම 2-0 ක් විදිහටත් එක දිගට පැරදිලා ඒ පරාජයෙන් හෙම්බත්වෙලා හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අලුත් නායකයෙක්, අලුත් කණ්ඩායමක් එක්ක දකුණු අප්‍රිකාවට ගියේ අලුත් බලාපොරොත්තුත් එක්ක. නමුත් ලෝක ටෙස්ට් ශ්‍රේණි ගත කිරීම් වල දෙවන ස්ථානයේ හිටපු දකුණු අප්‍රිකාවට එරෙහිව තරගයක් ජය ගන්නවා කියන එකනම් ශ්‍රී ලංකා කණ්ඩායමට ටිකක් අමාරු ඉලක්කයක් වගේ තමයි පෙනුනෙ. මොකද ශ්‍රී ලංකාව මීට කලින් දකුණු අප්‍රිකාවේ දි දිනලා තිබුණෙ එකම එක ටෙස්ට් තරගයක් විතරයි. ඒ 2011 දි තිලකරත්න ඩිල්ෂාන්ගේ නායකත්වයෙන්.
ඒ වගේම 1889 දි ලෝකයේ තුන්වෙනි ක්‍රිකට් රාජ්‍ය විදිහට ගමන් අරම්භ කරපු දකුණු අප්‍රිකාවේ දී ටෙස්ට් තරගාවලියක් ජයග්‍රහණය කරලා තිබුණෙ එංගලන්තය සහ ඔස්ට්‍රේලියාව විතරයි.
කොහොම වුනත් ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය විසින් ලෝකයේ හොදම ටෙස්ට් ඉනිම විදිහට නම් කරපු කුසල් පෙරේරාගේ විශ්මය ජනක ප්‍රහාරය නිසා ශ්‍රී ලංකාව පළමු තරගය විශිෂ්ඨ විදිහට ජයග්‍රහණය කරනවා.
ජයග්‍රාහී මානසිකත්වයෙන් දෙවන තරගයට යන ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු අප්‍රිකා පළමු ලකුණු 222 කට සීමා කරමින් ජයග්‍රාහී මාවතට පිවිසෙනවා. නමුත් පළමු ඉනිමේදී ශ්‍රී ලංකා පිතිකරුවන්ට සාර්ථක වෙන්න දකුණු අප්‍රිකානු පන්දු යවන්නන් ඉඩ දෙන්නෙත් නෑ. ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 128 ට සීමා වෙනවා. තම පිතිකරුවන්ට එල්ල වූ පීඩනය තම ප්‍රතිවාදීන්ට ඒ විදිහටම යොමු කරපු සුරංග ලක්මාල් ප්රමුඛ ශ්‍රී ලංකා පන්දු බලඇණිය දකුණු අප්‍රිකා දෙවන ඉනිම ලකුණු 154 දී නවත්වන්නේ ශ්‍රී ලංකා ජයග්‍රහණයට ලකුණු 197 ක ඉලක්කයක් ලබා ගනිමින්. කුසල් මෙන්ඩිස්ගේ සහ ඕෂධ ප්‍රනාන්දුගේ පිත්තෙන් වාර්තා වන අර්ධ ශතක වලින් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 08 ක අතිවිශිෂ්ඨ ජයක් කරා කැදවාගෙන යනවා.
ඒත් එක්කම දකුණු අප්‍රිකාවේ දී ටෙස්ට් තරගාවලියක් ජයග්‍රහණය කළ පළමු ශ්‍රී ලංකා මෙන්ම ආසියානු නායකයා බවට දිමුත් කරුණාරත්න අමරණීය වාර්ථාවක් පිහිටුවවනවා.
මේ තරගාවලියෙ දී වැඩිම ලකුණු ලාභියා බවට පත්වෙන්නෙ ශ්‍රී ලංකාවේ කුසල් පෙරේරා. ඒ තරග දෙකක දී ඉනිම 03 ක් තුළ ලකුණු 224 ක් රැස් කර ගනිමින්. තරග දෙකකදී කඩුලු 12 ක් දවා ගත්ත විශ්ව ප්‍රනාන්දු තමයි වැඩිම කඩුලු ලාභියා.
ඒ වගේම මේ ජයග්‍රහණයේ දී කණ්ඩායමට අලුතින් ආපු ඕෂධ ප්‍රනාන්දු, කුසල් මෙන්ඩිස් සහ ධනංජය ද සිල්වා පිත්තෙන් දීපු දායකත්වයත් කසුන් රාජිත, ලසිත් ඇඹුල්දෙනිය සහ සුරංග ලක්මාල් පන්දුවෙන් දීපු දායකත්වයත් අමතක කරන්න බෑ.
විශේෂ වාර්තා
- මෙම ජයග්‍රහණයත් සමග ශ්‍රී ලංකාව දකුණු අප්‍රිකාවේ දී ටෙස්ට් තරගාවලියක් ජයග්‍රහණය කළ පළමු ආසියානු කණ්ඩායම බවට පත්වුණා. මීට පෙර ආසියානු කණ්ඩායම් 21 වතාවක් දකුණු අප්‍රිකාවේ සංචාරය කර ඇති අතර අවස්ථා 19 දීම හිමි වූයේ පරාජයයි. අවස්ථා දෙකකදී තරගාවලි ජයපරාජයෙන් තොරව අවසන් කරගැනීමට සමත් වී තිබෙනවා. මේ ශ්‍රී ලංකාවේ 06 වන දකුණු අප්‍රිකානු සංචාරයයි.
- මෙම තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයන් 11 දෙනාගේ සමස්ථ තරග අත්දැකීම තරග 242 කි. ඊට සාපේක්ෂව දකුණු අප්‍රිකාවේ 555 කි. ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ නමට ඉදිරියෙන් ලියැවී තිබූ ශතක ගණන 21කි. දකුණු අප්‍රිකාවේ හෂීම් අම්ලාට පමණක් ශතක 28 කි. ශ්‍රී ලංකා පන්දු යවන්නන් විසින් ඉනිමක කඩුලු 05 බැගින් දවා ගැනීම් 04කට හිමිකම් කියද්දී දකුණු අප්‍රිකානු පන්දු යවන්නන්ට එවැනි අවස්ථා 56කි.
- පසුගිය වසර 06 තුළදී කාසියේ වාසිය පරාජය වී, පළමුව පන්දු රැක තරගයක් ජයග්‍රහණය කළ එකම කණ්ඩායම ශ්‍රී ලංකාවයි. ශ්‍රී ලංකාව පසුගිය වසරේදී බටහිර ඉන්දීය කොදෙව් දූපත් හිදීත් මේ දස්කම කළා.
- මේ පරාජය ලැබීමට පෙර දකුණු අප්‍රිකාව තම රටේ දී පිට පිට ටෙස්ට් තරගාවලි 07 ක් ජයග්‍රහණය කර තිබුණා. අවසන් වරට ඔවුන් පරාජය වී තිබුණේ 2015-16 දී එංගලන්තය සමඟ පැවති තරගාවලියයි.
- දකුණු අප්‍රිකාව කඩුලු 08 කින් හෝ ඊට වැඩි ගණනකින් තරගයක් පරාජය වූයේ 1994 වසරට පසුවයි.
- ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් ඉනිම 10 ට වඩා ක්‍රීඩා කළ පිතිකරුවන් අතරින් සිව්වන ඉනිමේ දී හොදම සාමාන්‍යයට හිමිකම් කීමට කුසල් මෙන්ඩිස් සමත් විය. දැන් ඔහුගේ සිව්වන ඉනිමේ සාමාන්‍යය 52.33 කි. ඒ ඉනිම 15 දී අර්ධ ශතක 05 ක් සහ ශතකයක් සමඟින්.
- කුසල් මෙන්ඩිස් සහ ඕෂධ ප්‍රනාන්දු අතර ඇති වූ ලකුණු 163 ක නොබිදුණු සබදතාවය, ලකුණු හඹා යෑම සඳහා ශ්‍රී ලංකා පිතිකරුවන් දෙදෙනෙක් අතර ඇති වූ දෙවන හොදම සබඳතාවය යි. පළමු ස්ථානයේ තිබෙන්නේ අරවින්ද ද සිල්වා සහ අර්ජුන රණතුංග විසින් 1998 දී කොළඹ දී සිම්බාබ්වේට එරෙහිව 06 වන කඩුල්ලට පිහිටු වූ ලකුණු 189 ක සබඳතාවයයි. | hplt_2 |
“වර්තමාන භික්ෂුන් වහන්සේලා භික්ෂුවකගේ කාර්යභාරය අමතක කරලා”
මහනෙළුබෑවේ අනුරුද්ධ හිමි
අද වෙනකොට රටේ දේශපාලන ක්‍රියාකාරිත්වය තුළ භික්ෂුන් වහස්සේලාගේ විශාල මැදිහත්වීමක් දකින්න තියෙනවා. එය ඔබවහන්සේ දකින්නෙ කොහොමද?
ඒක ඇත්ත. අද ශ්‍රී ලංකාවේ බහුතරයක් භික්ෂුන් වහන්සේලාගේ දේශපාලනයට විශාල මැදිහත් වීමක් දකින්න තියෙනවා. හැබැයි ඒ අයගෙනුත් බහුතරයක් තමන් දේශපාලනයක නිරත වෙලා ඉන්නවා කියලා දන්නේ නෑ වගේම දකින්නේ නෑ. ඔවුන්ගේ එම දේශපාලනය ජාතිවාදී, ආගම්වාදී හා අවස්ථාවාදී දේශපාලනයක් කියලා තමයි මට හිතෙන්නේ. එම දේශපාලන ක්‍රියාකාරකම්වලට පණපොවන මූලිකයෝ විතරයි ඔවුන් කරන්නේ දේශපාලනයක් කියලා දන්නේ. ඒ වගේම මෙම ක්‍රියාදාමය එකක් වගේ පෙනුණාට මට පෙනෙනවා මේකෙන් එකිනෙකා මේ ප්‍රවාහය එකිනෙකා සතුකරගන්න යත්න දැරීමක්. ගලගොඩ අත්තේ හාමුදුරුවෝ මේ ජාතිවාදී, ආගම්වාදී ජනතා නැඟිටීම තමාගේ ගැලවුම්කරුවන්ට වාසිසහගත ලෙසින් යොදාගන්නට මහන්සි ගන්නවා. එසේම අතුරලියේ ස්වාමීන් වහන්සේ තමන්ට අහිමි වෙච්ච නායකත්වය නැවත ලබා ගැනීම සදහා පෙරුම් පුරනවා. ඇතැම් විටක මේ ජාතිවාදී, ආගම්වාදී, අන්තවාදී බලවේග අවස්ථාවාදීව ප්‍රයෝජනයට අරගෙන එයා ලොකු ගමනක් යන්න උත්සාහ කරනවා වෙන්නත් පුළුවන්. මේ වන විට ප්‍රධාන දේශපාලන පක්ෂ කෙරෙහි ජනතා විශ්වාසය බිදවැටිලා තියෙන්නේ. රට අවුරුදු 71ක සාපයෙන් ගලවා ගන්න සූදානම් විය යුතු මොහොතක රතන හාමුදුරුවෝ ඇතුළු ඇතැම් භික්ෂුන් අවස්ථාවාදී ධනපති පැලැන්තියේ පිල්ලියක් දෝ කියලත් මට හිතෙනවා. හැබැයි, ඔය කියන එකක්වත් රටේ ඉන්න බහුතර භික්ෂුන් වහන්සේ දන්නේ නෑ. ඔවුන් අදහන්නේ සිංහල බෞද්ධ පමණක් වෙච්ච මනඃකල්පිත රාජ්‍යයක් පිළිබඳවයි.
බුදු දහම තුළ වෛරය සහ ප්රචණ්ඩත්වය ප්‍රතික්ෂේප කරනවා. ඒත් වර්තමානයේ ඇතැම් භික්ෂුන් වහන්සේලා වෛරී ප්‍රකාශ සිදු කරමින් සිටින බව පෙනෙන්න තියෙනවා. මේක තේරුම් ගන්නෙ කොහොමද?
ශ්‍රී ලංකාවේ තිඛෙන ආගම් දහම් අතර බුදු දහම තරම් අවිහිංසක ආගමක් වෙන නෑ. බුදුදහමේ මූලිකම කාරණාවක් නේ මෛත්‍රිය කියන්නෙ. සිව් බඹ විහරණ කියලා මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා කියලා හතරක් ගැන කියනවා නේ. ඒවා තරම් සමාජයක ශ්‍රේෂ්ඨත්වය ගොඩනඟන්න උදවු වන වෙනත් දහමක් නෑ. ඒකයි ඒවාට බ්‍රහ්ම විහරණ කිව්වේ. බ්‍රහ්ම කියන්නේ අති උසස් කියන එකයි. එම පදයෙන් හැඳින්වූවාම ඊට ඉහළින් වෙන එකක් නෑ. එබඳු උතුම් සාරධර්ම අගයන බුදුදහමට අනුව ඔබ කියපු වෛරය ප්රචණ්ඩත්වය එතැනින්ම ප්‍රතික්ෂේප වෙනවා. ”නහි වේරෙන වේරානි සම්මන්තීධ කුදාචනං – අවේරේනච සම්මන්ති ඒස ධම්මෝ සනන්තනෝ….” වෛරයෙන් වෛරය කිසිදාක සන්සිෙඳන්නේ නැති බවත්, අවෛරයෙන්ම වෛරය සංසිඳවන බවත් එය සනාතනික දහමක් බවත් බුදුහාමුරුවෝ පිළිගත්තා. ඒක අපි පිළිගන්නේ නැති නම් අපි කවු ද….? අපි කොහොම ද කියන්නේ අපි බුද්ධ ශ්‍රාවකයෝ කියලා….? වර්තමානයේ භික්ෂුන් වහන්සේලා ආගම්වාදී, ජාතිවාදී දෘෂ්ටිගතව භික්ෂුවගේ කාර්යභාරය හා ශ්‍රමණ ස්වරූපය අමතක කරලා. එහි දී භික්ෂුන් වහන්සේට ඓතිහාසිකව සමාජමය වශයෙන් ගොඩනැගුණු තත්ත්වය හා පැවරුණු කාර්යභාරය වරදවා තේරුම්ගෙන තියෙන බවක් පෙනෙනවා. ඇතැම් භික්ෂුන් වහන්සේලාගේ ක්‍රියාකලාපයන් හා වෛරී ප්‍රකාශන නිසාම සමස්ත භික්ෂු සමාජය හෑල්ලුවට ලක්වෙමින් තියෙනවා බුද්ධිමතුන් අතර. ජාතිවාදී, ආගම්වාදී රැල්ලේ ඉන්න අයට නම් ඔය වෛරී ප්‍රකාශ හරි වගේ පේනවා ඇති. ඒ නිසා ඔවුන් ඒවාට හුරේ දානවා. එතකොට ඒ කථිකයන් හෝ ඊනියා නායකයන් තව තවත් වල්මත් වෙනවා. ඒකයි මේ වෙන්නෙ. මේ තත්ත්වය මෙසේ දිගින් දිගට ආගම්වාදී, ජාතිවාදී රැල්ලේ ජයග්රහණයන් ලෙස තහවුරු වීම තුළින් මහ භයානක තත්ත්වයක් තමයි ඇති වන්නේ. එහෙම වුණොත්, සහජීවනය හීනයක් විතරයි.
මේ තත්ත්වය සමනය කර ගන්න මුස්ලිම් සමාජය සහ දේශපාලන නායකයන් ප්‍රමාණවත් මැදිහත් වීමක් කරනවා කියල ඔබවහන්සේ හිතනවද?
මේ ඇති වෙලා තියෙන එකිනෙකා කෙරෙහි අවිශ්වාසය, භීතිය හා ඒ තුළින් ගොඩනැගුණු ආවේගාත්මක අසහනකාරී තත්ත්වය අමූලික කාරණාවක් නොවෙයි නේ. පාස්කු ඉරිදා ප්‍රහාරයත් සමග එය අන්තවාදී කණ්ඩායමක ක්‍රියාවක් බව තහවුරු කරවන්න හා තහවුරු කර ගන්න බැරිවුණ බවක් තමයි මේ කියැවෙන්නේ. මුස්ලිම් ප්‍රජාවට නායකත්වය සපයන පූජක පක්ෂය හා දේශපාලන නායකයන් ඔවුන්ගේ කාර්යභාරය හෘදය සාක්ෂියට එකඟව කළා කියලා සෑහීමකට පත් වෙන්න බෑ. ඒක ලොකු වගකීමකින් ඔවුන් ගත්තේ නැති බවයි පෙනුණේ. ඇතැම් මුස්ලිම් නායකයන් සමාජය තුළ මතු වෙන ප්‍රශ්න සමච්චලයට ගත් බවක් අපි දැක්කා. ඔවුන්ට ඕන වුණේ නෑ මේ ප්‍රශ්නයට මුල් වුණු අන්තවාදීන් වෙන් කරලා පහර දෙන්න. ඔවුන්ගේ ප්‍රකාශ අන්තවාදීන්ට උඩගෙඩි දෙන ප්‍රකාශ බවයි හැගුණේ. ඔවුන්ගේ ක්‍රියාකාරකම් ජන මනස ගිනි දල්වන්නට ඇතැම් විට සමත් වුණා.
තවමත් ඔවුන් නියම ක්‍රමවේදයකට ඇවිත් නෑ කියලයි හිතෙන්නේ. මොකද දේශපාලකයන් තුන් දෙනෙක් ඉවත් කිරීමට බලපෑම් එන විටම සිය කැමැත්තෙන් පරීක්ෂණ නිමාවන තෙක් ඔවුන් තනතුරු අතහැරියා නම්, ඔවුන් පිළිබඳ විශ්වාසයක් ගොඩනැෙඟන්න තිබුණා. එසේ නොකොට බලපෑම් දැඩි වන තෙක්ම සිට සියලූදෙනා තනතුරුවලින් ඉවත් වීම තව තවත් ඔවුන්ගේ ජාතිවාදී ස්වභාවය කුළුගැන්වෙනවා. එය බිඳුණු සිත් නිවන්න උදවු වන්නේ නැහැ. වාර්ගිකයන් අතර බිය, සැකය හා අවිශ්වාසය තව තවත් වැඩි වෙන බවක් මිස සංහිඳියාවක් තහවුරු වන්නේ නැහැ. මුස්ලිම් සාමාන්‍ය ප්‍රජාවට සංහිඳියාව වුවමනා වුවත්, ඔවුන්ගේ නායකයන්ට ඒ පිළිබඳ වගකීමක් ඇති බවක් නම් පේන්න නෑ නේ.
රටේ දේශපාලකයනුත් මේ ප්රතිවිරෝධතා තම තමන්ගේ න්‍යාය පත්‍ර අනුව කළමනාකරණය කරමින් සිටින බවක් පේන්න තිඛෙනවා. එවැනි තත්ත්වයක් තුළ රටේ අනාගතයට එය මොන විදිහට බලපානු ඇති කියල ද ඔබ වහන්සේ හිතන්නෙ?
දේශපාලකයෝ තම තමන්ගේ න්‍යාය පත්රවලට අනුව මේ ආගම්වාදී හා ජාතිවාදී රැල්ල හසුරුවන නිසා තමයි, මේ තරම් මෙය දුර දිග ගිහින් තියෙන්නේ. ඥානසාර හාමුදුරුවෝ නිදහස් කරන්නෙත්, රිෂාඩ්ට එරෙහි විශ්වාසභංගය ගෙනෙන්නෙත්, රතන හාමුදුරුවෝ උපවාස කරන්නෙත්, එකිනෙකාගේ බල තණ්හාවට හදා ගත් තම තමන්ගේ න්‍යාය පත්රවලට අනුව කටයුතු කිරීමම තමයි, අවස්ථාවාදීව මේ ජාතිවාදී, ආගම්වාදී අන්තයන් පෝෂණය කරමින් කරන මේ සූදුව රටේ අනාගතයක් ගැන හිතලා කරන එකක් නෙවෙයි. එකිනෙකාගේ තියෙන බල පොරය තමයි මේකෙනුත් මේ පෙනෙන්නේ. රටේ බිහිවන්න ඉන්න දරුවන්ගේ අනාගතය තමයි මොවුන් මේ බිල්ලට දීලා තියෙන්නේ. අනාගතයේ මීටත් වඩා ගෝත්රවාදී ප්‍රජාවක් බිහි කරමින් එකිනෙකා කුලල් කා ගන්නා මහා යුද බිමක සාපයක් උරුම කරවන බවක් තමයි ඉඟි කරන්නේ.
මේ තත්ත්වයට මුහුණ දෙන්න කරන්න ඕනෑ මොනවද?
විශාල වැඩකොටසක් කරන්න තියෙනවා. ජාතික සමගිය හදන්න නම් එකිනෙකාගේ ජාතිකත්වය අමතක කරවන්න ඕනේ. ජාතිකත්වය කුළුගැන්වෙන ඉඩ ප්රස්ථා අවුරන්න ඕනේ. රටේ තියෙන්නේම ජාතිකත්වය ඉස්මතු කරවන ඒවාම නේ. ජාතිකත්වය අමතක වෙන්න නම්, එක් එක් ජාතිකයන්ට වෙන් වෙන් වශයෙන් ඛෙදල දීලා තියෙන ඒවා පොදුවේ දෙන්න ඕනේ. සැමට සම අයිතිවාසිකම් ලැඛෙන පොදු ක්‍රම හදන්න ඕනේ. අධ්‍යාපනය හා නීතිය සැමට සම ලෙස සැලැකෙන තත්ත්වයකට ගෙන ආ යුතුයි. ජාතිකත්වයන් හා ආගම් පදනම් කර ගත් රජයේ පාසල් ක්‍රමය ඉවත් කළ යුතුයි. ඕනෑ ම පාසලකට ඕනෑ ම සිසු සිසුවියකට ඇතුළත් වීමේ හා ඉගෙන ගැනීමේ අයිතිය තහවුරු කරන පාසල් පද්ධතියක් ඇති කළ යුතුයි. එසේම නීතිය ජාතිකත්වයන් මත හෝ ප්රාදේශිකත්වයන් මත පදනම් නොවිය යුතුයි. මේ සියල්ල කර ගත හැක්කේ රටට හිතැති පාලනයක් පත් කර ගැනීමෙන් පමණයි. අවුරුදු 71ක්ම පිළිතුරු දීගන්න බැරිවුණු පාලකයන්ට මේ ඇතිවන හා ඇත ිකරවන තත්ත්වයන්ට පිළිතුරු දිය නොහැකි බව පැහැදිලිවම පෙනෙනවා නේ. ඒ නිසා ම මේ ජාතිකවාදී, ආගම්වාදී අන්තවාදීන්ට උඩගෙඩි දෙමින් ඔවුන් මතින් ගොඩ යන්න මාන බලන පාලකයන්ගෙන් රටට ජනතාවට මොන සෙතක් ද….?
චතුර දිසානායක | hplt_2 |
“සල්ලි හොයන්න ගස් කපලා, අන්තිමට ගස් නැති වුනාම සල්ලි ආහාරයට ගන්න පුලුවන්ද….?”
ලෝකයේම මිනිසුන් ජීවත් කරවනු ලබන්නේ පරිසරය සහ මහපොළොව බවත්, මිනිසෙකු මිය යෑමෙන් පසු මහපොළොවට ගෞරව කිරීම සහ දානය පිණිස මළ සිරුර භූමදානය කළත් වර්තමානයේ එම සිරුර පුළුස්සා වා තලයට විස බීජ එක් කරන සමාජයක් උදාවී ඇතැයි ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තෝ පැවසූහ.
‘රකිමු සොබා’ නමින් කොස් පැළ දස දහසක් රෝපණය කිරීමේ උත්සවයක් දඹුල්ල ඉබ්බන්කටුව Rancrisp නැමති පෞද්ගලික ආයතනය විසින් ආරම්භ කළ අතර එහි විශේෂ ආරාධිත අමුත්තා ලෙස සහභාගී වෙමින් ඊයේ (26) පැවැති උත්සවයකදී ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලා ඇත්තෝ එසේ සඳහන් කළහ.
ලෝක පරිසර දිනය නිමිත්තෙන් පැවැත්වෙන උත්සවවලට තමන් ද සහභාගී වී තිබෙන බවත් එම උත්සව විශාල මුදල් වියදම් කර අවසානයේ දී කිසිදු ප්‍රතිඵලයක් නොමැති උත්සව බවද හෙතෙම සඳහන් කළ අතර ගංවතුර ගැලීම නායයෑම අකුණු ගැසීම ආදී ස්වාභාවික විපත් වලදී සෑම රජයක්ම සිදුකරනු ලබන්නේ විපතට පත් ජනතාවට ආධාර ලබා දීම විනා ඒවා ඇතිවෙන හේතුවට ප්‍රතිකාර නොකිරීම ඉවත් එහීදී කියා සිටියේය.
වැඩිදුරටත් අදහස් දැක්වූ වන්නිල ඇත්තෝ මෙසේද කීහ….
“එදා විදේශිකයන් පැමිණ මේ රටේ කිතුල් ගස ගංජා ගස විනාශ කළා වගේම මේ රටට දැවැන්ත පරිසරයට සතා සිවුපාවට මිනිස්සුන්ට මහපොළොවට සහයෝගයක් ලබා දුන් මී ගස ද විනාශ කළා. මේ රටේ මිනිසුන්ගේ ආසාවයි තණ්හාවයි තරගයයි නිසා මහා පරිසර විනාශයක් සිදු වෙනවා. එය නැවතුණේ නැත්නම් සියලු දෙනාට විශාල ගැටලුවකට මුහුණ දෙන්නට සිදු වෙනවා. රටේ ජීවත්වෙන සෑම අයෙකුම පරිසරයට ණය ගැතියි. ඉපදුණ දවසේ ඉඳලා මියයන දක්වාම මිනිසුන් ජීවත් කරවන්නේ පරිසරය නමුත් එය බොහෝ දෙනකුට අමතක වෙලා.
අම්මලා, තාත්තල ජීවත්වෙන්න උදව් කරන එකට වගේම හුස්ම ගැනීම සඳහා පරිසරය ගහකොළ විශාල දායකත්වයක් ලබාදෙනවා. පරිසරයට ණය ගෙවන්න ඇත්තේ ක්‍රම දෙකයි. පළමු කාණය මිය ගිය පසු මළ සිරුර භූමදානය කළ යුතුයි. භූම දානය යන වචනයේ තේරුම බවට පත්වෙන්නේ තමාට ජීවත්වීමට උදව් කළ මහපොළොව ගහකොළට දිරා යන සිරුර මිහිදන් කර එහි සාරෙන් ගහකොළට වැඩෙන්නට දානය දෙන්න ඕනි කියන එක. නමුත් වර්තමානයේදී එය ද සිදු නොකර බොහෝ දෙනෙකු මියගිය පසු මළ සිරුර පුළුස්සා වාතලයට විෂ වායුවක් එනකු කරනවා.
දෙවැනි කාරණාව බවට පත් වෙන්නේ ජීවත්ව සිටින කාලයේ මහපොළොවට පරිසරයට ගහක් කොළක් සිටුවීමයි. පරිසරයේ ගස් කොළන් කපා දමා මුදල් හම්බ කර අවසානයේදී හුස්ම ගන්නට නොහැකි වුණොත්….? ආහාර නැති වුනොත්, මුදල් ආහාර බවට ගන්න පුළුවන්ද?”
ඌරුවරිගෙ වන්නිල ඇත්තන් අතින් ජනතාවට නොමිලේ කොස් පැළ බෙදා දීම සහ කොස් පැළ සිටුවීමේ වැඩසටහනක් ද සිදු කෙරිණි. මෙම කොස් පැල සිටුවීමෙන් පසු එහි පසු විපරමක් ලෙස තාක්ෂණය තාක්ෂණික වශයෙන් මාසෙන් මාසයට එහි වැඩීම පිළිබඳව දත්ත එක්රැස් කිරීම ද මෙම ආයතනය මගින්ම සිදු කෙරෙනු ඇත. | hplt_2 |
අපරාධ රැසක් විමර්ශනය කරන ‘ශානි’ රහස් පොලිසියෙන් ඉවත් කරයි
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර එම තනතුරින් ඉවත් කර ගාල්ල නියෝජ්‍ය පොලිස්පතිගේ පුද්ගලික සහකාර ලෙස පත් කිරීමට ජාතික පොලිස් කොමිෂන් සභාව ඊයේ(21) තීරණය කළ බව එහි ආරංචි මාර්ග කියයි.
පොලිස් කොමිෂන් සභාව ගත් එම තීරණය ඊයේ(21) සවස්වරුවේම පොලිස් කොමිෂන් සභාවේ ලේකම් අත්සන් තැබූ අතර එය අද පස්වරුවේම පොලිස් මූලස්ථානයට ද යොමු කළ බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.
අබේසේකර ඉවත් කිරීමෙන් ඇතිවූ පුරප්පාඩුවට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩබ්ලිව් තිලකරත්න පත් කර තිබේ.
රෝයල් පාර්ක් ඝාතනය, අඟුලාන ද්විත්ව මිනී මැරුම, උඩතලවින්න ඝාතනය, මොහොමඩ් සියාම් ඝාතනය, කෝටි දෙකේ මංකොල්ලය, ටවුන්හෝල් බෝම්බය ඇතුළු සුප්‍රසිද්ධ පරීක්ෂණ රැසක් මෙහෙයවූ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකරගේ විමර්ශනවල ප්‍රතිඵලයක් ලෙස නියෝජ්‍ය පොලිස්පතිවරයකුට පවා මරණ දඩුවම හිමි වී තිබේ.
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැර ගැනීම, සන්ඩේලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනය, මාධ්‍යවේදී කීත් නොයාර්ට සහ රිවිර හිටපු කර්තෘ උපාලි තෙන්නකෝන්ට පහර දීම මෙන්ම රතුපස්වල නිරායුධ සිවිල් වැසියන්ට වෙඩි තබා තිදෙනකු ඝාතනය කිරීම ඇතුළු සංවේදී විමර්ශන රැසක් මේ වන විට ඔහුගේ අධීක්ෂණය යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් විමර්ශනය කෙරෙමින් තිබුණි. රතුපස්වල සිදුවීමට පමණක් මේ වන විට මහාධිකරණයේ අධිචෝදනා ගොනු කර තිබේ.
පසුගිය කාලේ දැඩි ආන්දෝලනයක් ඇති කළ රගර් ක්‍රීඩක වසීම් තාජුදීන් ඝාතනය, බැඳුම්කර ගනුදෙනුව, විද්‍යා දැරියගේ ප්‍රධාන ඝාතකයාට රැකවරණය ලබා දීම වැනි තවත් විමර්ශන රැසක් ශානි අබේසේකරගේ අධීක්ෂණයෙන් සිදු වෙමින් තිබුණි.
මෑතකදී සිදුවූ පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන සිදු කර තිබුනේද ශානි අබේසේකර යටතේය.
මෙම හදිසි ස්ථාන මාරුව සිදු කරනු ලැබුවේ එම සංවේදී විමර්ශන අවුල් කිරීමට යැයි සැක සහිත බවට පොලිස් අභ්‍යන්තරයේ මේ වන විට කතාබහක් ඇතිවී තිබේ.
ශානි අබේසේකර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ලෙස පත් කිරීමට පොලිස් කොමිෂන් සභාව තීරණය කරනු ලැබ ඔහු එම තනතුරට පත් කරනු ලැබුවේ 2017 සැප්තැම්බර් හත් වැනිදාය. රහස් පොලිස් අධ්යක්ෂ ලෙස කටයුතු කළ සුදත් නාගහමුල්ල නියෝජ්‍ය පොලිස්පති ධුරයට උසස් කිරීමෙන් පසුව ඇතිවූ පුරප්පාඩු මත ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් එම පත්වීම කරනු ලැබීය. | hplt_2 |
පොලිස්පතිට වග නොකියන ඍජුව තමන්ට වග කියන පොලිස් කොට්ඨාශයක් පිහිටුවා හිට්ලර්ට අදින්නා හාදයා Mister Clean ය. ජනපතිටත් නොදන්වා එය පිහිට වූ හාදයා හාදයා Mister Clean ය.
තමන්ට අවනත නොවන තම දේශපාලන ගමනට බාධාවන් වන සියලු දෙනා කුමන හෝ චෝදනාවක් එල්ල කර කුදලා ගෙන ඒමට එකී පොලීසියට අණ කරන හාදයා Mister Clean ය. තමන්ගේ බෙදුම්වාදී සිංහල විරෝධි දේශපාලන න්‍යාය පත්‍රයට එරෙහිව එදා මෙදා තුර මතු වූ සියලු බලවේග පසුපස සිටින්නාගේ ගෙදර උන්දෑගෙන් ද පළිගැනීම සඳහා හැඳුනුම්පතේ සිදුව ඇති වරදක් අල්ලා ගෙන හඹා යන හාදයා Mister Clean ය.
කෝප් වාර්තාවෙන් වැඩි ම චෝදනා එල්ල වූ හාදයාට මුදල් ඇමතිකම ලබා දෙන හාදයා Mister Clean ය. උදෑසන අධිකරයේ චූදිතයෙකු ලෙස සිට හවසට පාර්ලිමේන්තු පැමිණ අයවැය ඉදිරිපත් කරන මුදල් ඇමති පත් කළ හාදයා Mister Clean ය.
නෙළුම් කොළේ මත පේපර් ප්ලේට් එකක් තබා නෙළුම් කොළේ කිරිබත් කන හාදයා Mister Clean ය. සිංහල අලුත් අවුරුදු මේසයට ටයිකෝට් ඇඳ එන හාදයා Mister Clean ය. තොප්පිගල කැලයක් බව සොයා ගත් හාදයා Mister Clean ය. පස් දීම නිසා පස්දුන් රට යන නම සැදුනු බව සොයා ගත් හාදයා Mister Clean ය. වංචාව, දූෂණය, නාස්තිය සංඝ නායක ධුර බව සොයා ගෙන බුදු දහමට නින්දා කළ හාදයා Mister Clean ය.
නැඟෙනහිර ගොස් මහින්ද සිංහලයින්ගේ වීරයා බව පවසා ජාතිවාදය වපුරන හාදයා Mister Clean ය. 1505 පරංගි මේ රටට කඩා පැන කැලණි විහාර ඇතුළු වෙහෙර විහාර ගිනිබත් කොට, භික්ෂූන් ඇතුළු ලාංකිකයින් සමූල ඝාතනය කරමින් මහා සංහාරයක් කර වසර 500ක් පිරීම පෘතුගාල අගමැති මෙ රටට කැඳවා සැමරීමට සැලසුම් කළ හාදයා Mister Clean ය.
1815 සුද්දාට රට පාවා දීමට විශාලතම කාර්යභාරයක් කොට සුද්දාගෙන් මුදලි තනතුරු ඇතුළු නේක සම්පත් දිනා ගත් තම්බි මුදියන්සේගේ පරපුරට නෑකම් කියන හාදයා Mister Clean ය. 1978 මේ රට පාදඩ බටහිර ධනවාදයේ තිප්පොළක් කළ තම්බි මුදියන්සේගේ මී මුනුබුරෙකු වන ජේ.ආර්. උතුමාගේ බෑනා වන හාදයා Mister Clean ය. කොටි වෙනුවෙන් පෙනී සිටි ක්‍රිස්තියානි පල්ලියේ පූජක මාමාගේ බෑණා වන හාදයා Mister Clean ය.
කිසිදා ජනතා අකමැත්ත නිසා මැතිවරණයෙන් පරාජය නොවූ එහෙත් අනෙක් පක්ෂයේ කිසි යම් වරදක් නිසා ම මැතිවරණ 29ක් පරාජය වූ හාදයා Mister Clean ය. චන්ද්‍රිකා දිනුවේ හොර ඡන්ද නිසා බවත් මහින්ද දිනුවේ කොටි නිසා බවත් කියන හාදයා Mister Clean ය. 30 වෙනි පරාජය වෙනුවෙන් සැදී පැහැදී සිටින හාදයා Mister Clean ය. | hplt_2 |
ඔවුන්ට අනුව මහින්ද යනු ආසියාතික අගතීන් සහිත ජාතිවාදී වැඩවසම් නායකයෙකි. නමුත් රනිල් යනු ජාතිවාදයෙන් තොර ඉදිරිගාමී ලිබරල් ධනේශ්වර නායකයෙකි. ඔහු කිසිසේත්ම සමාජවාදියකු නොවුනද පසුගාමී ආසියාතික අගතීන්ට වඩා ලිබරල් ධනවාදය ඉදිරිගාමී හා සමාජවාදයට ආසන්න එකකි. ඒ නිසා වඩා ප්රගතිශීලී හා නූතනවාදී ක්‍රියාමාර්ගය වන්නේ රනිල්ට සහය දීමය.
මේ වාමාංශිකයන් නානා මාදිලියේ වචන පටලවමින් විවිධ ස්වරූපයෙන් කියන ඕනෑම කතාවක මූලික සාරාංශය මෙවැන්නකි. තමන්ගේ මනෝ ලෝක තුළ පමණක් ක්‍රියාත්මක වන සමාජ සංවර්ධන සිද්ධාන්තවලට අනුව ඔවුන් ප්රශ්නය විග්රහ කර ගන්නේ එසේය. මේ අපූරු විග්රහයට අනුව නූතන දියුණු ධනේශ්වරය ආගම්වාදයෙන් හා ජාතිවාදයෙන් තොර එකක් බවද ඔවුහු විශ්වාස කරති. අනෙක් අතින් ඊනියා ලිබරල් ශිෂ්ඨත්වයේ අශිෂ්ට ඇතුළාන්තයද ඔවුන්ට මෙහිදී අමතකය. ඔවුන්ගේ සමාජ සංවර්ධන තර්කය මොන තරම් පුස්සක්ද යන්න පෙන්වා දිය හැකි බොහෝ කාරණා ඇතත් මේ ලිපියෙන් මා අපේක්ෂා කළේ එවැන්නක් නොවේ. මෙහි අරමුණ වන්නේ වැඩවසම්වාදය හෝ ලිබරල්වාදය ගැන ඔවුන්ගේ තර්කවලට අනුවම කල්පනා කළත් රනිල් වික්‍රමසිංහ ඔවුන් කියන ආකාරයේ වීරයෙකු නොවන්නේ කෙසේද යන්න පෙන්වාදීමය.
කියන කතා
මේ පිරිස සෘජුව හෝ වක්‍රව පවසන ආකාරයට රනිල් නියම ලිබරල් ධනේශ්වර නායකයෙකි. ආර්ථික කළමණාකරණය ගැන හොඳ හැකියාවක් ඇති උගතෙකි. දූෂිත හා අයථා ක්‍රියාවලින් තොර පිරිසිදු මහත්මයෙකි. බාල දේශපාලන සෙල්ලම්වලින් තොර ප්රජාතන්ත්රවාදී වටිනාකම් අගයන දක්ෂ දේශපාලඥයෙකි. ඔහු ජාතිවාදයෙන් තොරය. සුළු ජාතීන්ගේ අයිතීන්ට ගරු කරයි. හොඳ රාජ්‍ය තාන්ත්‍රිකයෙකි. ඒ නිසාම අන්තර් ජාතික ප්‍රජාව සමඟ සහයෝගයෙන් නව සියවසට ගැලපෙන ඉදිරි ගමනක් යාමට නම් අපට රනිල් වැනි නායකයකු වුවමනාය. මේ ආදී වශයෙන් ඔවුන් රනිල් ගැන කියන කතා බොහෝය. එවැනි අදහස් දරන විකල්ප ගෝත්‍රිකයන් පිරිසක් මෙවර තම සියලු වෙස් මුහුනු ගලවා තබා රනිල් දිනවීම වෙනුවෙන් පැහැදිලිව පෙනී සිටිති. මොවුන්ගේ මේ කතාවල වලංගුභාවය වටහා ගැනීමට නම් ඒවා රනිල්ගේ සැබෑ දේශපාලන ජීවිතය සමඟ ගලපා බැලිය යුතුය. එවිට අපට දැකගත හැකි වන්නේ කුමක්ද?
ඇත්ත කතාව
රනිල් තම දේශපාලනය ආරම්භ කරනුයේ 1977 සිට දාහත් වසරක් මේ රට පාලනය කළ මෙරට ඉතිහාසයේ බිහිවූ දූෂිතම හා මර්දනකාරීම ආණ්ඩුවේ ඇමතිවරයෙකු වශයෙනි. රාජ්‍ය දුරාචාරය, කළු සල්ලි හා මැර බලය ආදී දෑ මෙරට දේශපාලනයේ නිත්‍ය අංගෝපාංග බවට පත්කළ ජේ.ආර් ජයවර්ධන නැමති විනාශකාරී නායකයා නෑ කමින් පමණක් නොව දේශපාලන වශයෙන්ද රනිල්ට බොහෝ සමීප පුද්ගලයෙකි. ඒ අනුව 17 වසරක සාපයේ සාමූහික වගකීම රනිල්ට අදාල වනවා සේම ඔහු පෞද්ගලිකවද ඒ පාලනයට අදාල අයථා ක්‍රියා සඳහා නොමඳව දායක වූ අයෙකි. ඔහු එකල විශ්ව විද්‍යාලවල ඇතිවූ අරගල පාලනය කිරීම සඳහා මැදිහත් වූ අයෙක් වන අතර ඒ සඳහා බාහිර මැර පිරිස් යොදාගැනීම සාමාන්‍ය දෙයක් බවට පත්ව තිබිණි. ජයවර්ධන ආණ්ඩුවේ නිල මැරයා වූ ගෝනවල සුනිල්, රනිල්ගේ සමීප හිතවතකු වූ අතර ස්ත්‍රී දූෂණය නිසා ලත් සිර දඬුවමින් ගෝනවල සුනිල් නිදහස් කර ගැනීම සඳහා තම මාමා පොළඹවාගෙන තිබුණේද රනිල් විසිනි. එසේම ඔහු ඇමති බලතල අයථා ලෙස භාවිතා කරමින් බටලන්දේ වධකාගාරයක් පවත්වා ගෙන ගිය අතර ඊට අදාලව පසු කළෙක පත්කළ බටලන්ද කොමිසම මඟින් රනිල්ගේ ප්‍රජා අයිතියද අහෝසි කොට තිබේ. බටලන්ද කොමිසමේ වාර්තාව යනු රනිල්ගේ ප්රජාතන්ත්රවාදී වටිනාකම්වල තරම ගැන වාමාංශිකයන්ට බොහෝ කරුණු උගත හැකි වැදගත් ලියවිල්ලකි.
විශම මිනිසා
අනෙක් අතට රනිල් යනු බෙහෙවින් අසමතුලිත හා බිදුණු පෞර්ෂයක් ඇති පුද්ගලයෙකි. නිල උගත්කම් ඔහුට තිබුණද පියවි සිහිය අතින් ඔහු මන්ද මානසික තත්ත්වයක පසුවන්නෙක් වැනිය. 2005 ජනාධිපතිවරණයේදී ඔහු රටේම විහිළුවට ලක්වූයේ මැතිවරණ වේදිකාවලදී දිගින් දිගටම තම කතාවල එන අති සරල තොරතුරු පටලවා ගැනීම හේතුවෙනි. රනිල්ගේ බොහෝ හැසිරීම් අන්‍යයන් තුළ හාස්‍යය ඉපදවීමට සමත්ය. ඔහුගේ ලිංගික රුචිකත්වය කෙබන්දක්ද යන්න ප්‍රසිද්ධ රහසක් වන අතර ඔහු විවාහ වූයේද කලවයස ඉකුත් වූ පසුවය. එම විවාහය බොහෝ විට නාමමාත්රික එකක් වීමට ඉඩ ඇති අතර දරුවන් ලැබීමේ වාසනාවද ඔහුට හිමිව නැත. මේ නිසාම දරුවන් දෙමාපියන් අතර, සැමියන් හා බිරින්දෑවරුන් අතර ඇති මිනිස් සම්බන්ධතාවල ගැඹුර හෝ එහි ඇති සූක්ෂමතාවන්ට රනිල්ගේ මනස අසංවේදීය. බටලන්ද වදකාගාරයේදී සිරකරුවන්ට පමුුණුවන සාහසික වද හිංසා ඇසෙන පෙනෙන සීමාවක තම නිවස පිහිටුවා ගැනීමට රනිල් පෙළඹෙන්නට ඇත්තේ කුමක් නිසාද? මේවා හුදු ඔහුගේ පෞද්ගලික ජීවිතයට අදාල කාරණා යැයි යමකු කිව හැකි වුවද පෞද්ගලික ජීවිතයේ විශමතා දේශපාලනය කෙරේද දරුණු ලෙස බලපාන බව අප විසින් අමතක කළ යුතු නොවේ. තමන්ගේ සිරුර තමන් විසින්ම කපා ගනිමින් ඒ ලේ දැක සතුටුවන මත්ලෝලියකු සේ ඉතා පහසුවෙන් මේ රට පිළිබඳ අතිශය සාහසික තීන්දු ගැනීමට රනිල් වික්‍රමසිංහට හැකිවීම පිටුපස ඇති සියුම් කාරණා මොනවාදැයි මෙහිදී අවධානයට ගත යුතුව තිබේ.
ආර්ථික කළමණාකරණය
මීළඟට ආර්ථික කළමණාකරණය අතින් රනිල් සැලකිය හැක්කේ කිසිම ආකාරයක දක්ෂ ලිබරල් නායකයකු ලෙස නොව සෑම අතින්ම අතිශය අදක්ෂ හා බෙහෙවින් විනාශකාරී නායකයෙකු වශයෙනි. 2002- 2004 යුගයේදී ඔහු පෙරට ගත් ආර්ථික වැඩපිළිවෙල යනු තමන්ගේ මව ගණිකා මඩමකට විකුණා ඒ මුදලින් සූදු කෙලින පවුකාර පුත්‍රයෙකු ගැන අතිශෝක්ති කතාවක් අපට සිහිගන්වන්නකි. කිසිදු ලිබරල් සිද්ධාන්තයකට අනුව හෝ සාධාරණීකරණය කළ නොහැකි ආකාරයේ ස්වයං විනාශකාරී වසල පෞද්ගලීකරණ ප්‍රතිපත්තියක් රනිල් අනුගමනය කළ අතර ඒ ප්‍රතිපත්තිය තුළ පවා ඔහු හැසිරෙන ලද්දේ සාර්ථක පුද්ගලයෙකු ලෙස නොව සියල්ල පටලවා ගත් අසාර්ථක පුද්ගලයෙකු වශයෙනි. රනිල්ගේ අසංස්කෘතික විශම මනසද මේ හැසිරීමට පිටුබලය සපයා තිබූ අතර දූෂණ අක්‍රමිකතා ආදියද මේ සියලූ අවුල් මැද නිරුපද්‍රිතව සිදුවී තිබිණි. ජනවාරි අට වෙනිදායින් පසු ගෙවී ගිය හයමාසයක කාලයද ඔහුගේ මෙම අසාර්ථකත්වයේ කදිම පිළිඹිබුවක් වන අතර මීට අදාල නිශ්චිත තොරතුරු මා විසින් ලියන ලද වෙනත් ලිපිවල ඇතුළත් කර තිබේ.
ජාතිවාදය
රනිල්ට කළ හැකි මීළඟ ලොකුම විහිළුව වන්නේ රනිල් ජාතිවාදයෙන් තොර යැයි වාම නිවටයන් කියන කතාවය. රනිල් යනු මෙරට වැඩිපුරම ජාතිවාදය පෝශණය කළ පක්ෂයේ වත්මන් නායකයා වනවා පමණක් නොව පෞද්ගලිකව ඊට සැපයූ දායකත්වය අතින් සියලූ එජාප නායකයන් ඉක්මවා සිටින්නෙකි. මෙරට ජාතිවාදයේ සාහසිකම ප්රකාශණය වූ දෙමළ බෙදුම්වාදයට හා සාහසිකම ප්රකාශනයක් වීමට නියමිත මුස්ලිම් අන්තවාදය සමඟ රනිල්ට ඇත්තේ නොබිඳිය හැකි සහජීවන සම්බන්ධයකි. ඔහු මේ මොහොතේ ඊළාම් සිතියම සහිතව උතුරේ මැතිවරණ ප්රචාරක කටයුතුවල නිරතවන්නේ මැතිවරණය නිමාවන තුරු හෝ තම ජාතිවාදී හෙළුව සඟවා ගැනීමට ඔහුට නොහැකි නිසාය. රනිල්ටම හරියන වාමාංශික ඇබිත්ත පිරිසක් ඔහුට සිටින බැවින්, ජාතිවාදී පදනමින් රට බෙදීම ජාතිවාදයක් ලෙස නොදකින මේ නිවට වාමාංශිකයෝ ඊට එරෙහි වීම ජාතිවාදය වැපිරීමක් බව පවසති. රනිල් යනු ජාතිවාදයට හා බෙදුම්වාදයට පමණක් නොව ඒ මත පදනම් වූ ත්රස්තවාදයට පවා අසීමිත වරප්‍රසාද හා රාජ්‍ය අනුග්‍රහය සැපයූ අයකු වන අතර ඒ සා නිවට ලෙස ත්‍රස්ත සංවිධානයක් ඉදිරියේ රට දණ ගැස්වූ නායකයකු ලෝකයේ තව සිටී දැයි සොයා බැලිය යුතුය. මේ පිළිබඳ නිශ්චිත තොරතුරු යම් ප්‍රමාණයක් රනිල්ගේ 2002-2004 සාමය ගැන මා විසින් රචිත පහත ලිපියේ ඇතුළත් කර තිබේ.
තවත් කරුණු
රනිල්ගේ රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා යනු හතරට නැමීම සහ දණ ගැසීමට සීමා වන ඒවා වෙයි. රනිල් තම දේශපාලන උපාය ඥානයේ තරම අපට පෙන්වා දෙන්නේ දිගින් දිගටම මැතිවරණ විසිනමයක් පරාජයට පත්ව තම පාක්ෂිකයන්ගේ හා එජාප හිතවාදී බලවේගවල වැඩිම වෛරයට පාත්රවූ නායකයා වශයෙන් ඉතිහාසයට එක්වෙමිනි. ඔහුගේ උපාය ඥානයෙන් ඔහු ලත් එකම ප්‍රයෝජනය වන්නේ සියලූ කැරලි මැද පවා මෙතෙක් කල් පක්ෂ නායකත්වය බේරාගැනීමට ඔහු සමත් වීමය. ඔහුගේ ප්රජාතන්ත්රවාදයේ හා යහපාලනයේ තරම පසුගිය මාස හය තුළම අප ඉදිරියේ වැගිරෙන්නට පටන්ගෙන ඇත්තේ ජනබලයකින් තොර පළමු පික්පොකට් අගමැතිවරයා සහ මෙරට ලොකුම මූල්‍ය වංචාව පිළිබඳ තවත් වාර්තා දෙකක් ලංකා ඉතිහාසයට එකතු කරමිනි. යහපාලනයේ කොන්දේසි කඩකළ තවත් සිදුවීම් දහස්ගණනක් මේ මාස හය තුළ වාර්තා කිරීමට රනිල් සමත්ව ඇත්තේ මහ මැතිවරණය පසුවන තුරු ව්‍යාජ ලෙස හෝ යහපාලනය රඟදැක්වීමට තමන්ට ඇති නොහැකියාව මැනවින් විදහා දක්වමිනි. මා මෙහි සඳහන් කරන මූලික කාරණාවලට අදාල නිශ්චිත සිදුවීම් මොනවාදැයි මේ ලිපියේ ඉදිරිපත් කර නැතත් ඒ නිශ්චිත සිදුවීම් තොරතුරු දෙස බලන අයෙකුට තත්ත්වය මා මෙහි සංක්ෂිප්තව කියන තරමටත් වඩා බෙහෙවින් බරපතල බව පෙනීයනු නොඅනුමානය.
ඇබිත්තයන්ගේ ඛේදවාචකය
ඒ අනුව රනිල්ගේ භූමිකාව සාධාරණීකරණය කිරීමට ලිබරල්වාදයෙන් තියා කිසිදු වාදයකින් තර්ක සොයාගැනීම කළ හැක්කක් නොවේ. ඔහු කිසිම ආකාරයක දියුණු ලිබරල් නායකයෙක් නොව පවත්නා පාදඩ දේශපාලනයේ සියලූ කැලිකසල යහමින් සිරුරේ තවරාගත් ලුම්පන් සූදුකාරයකු වැනි ඉතා දුප්පත් අසාර්ථක නායකයෙකි. විශම හා අසංස්කෘතික මනසින් යුත් මේ පුද්ගලයාට රට පිළිබඳ ඕනෑම විනාශකාරී තීන්දුවක් ගැනීම ඉතා ලේසියෙන් කළ හැකිය. ජාතිවාදයෙන් පමණක් නොව ඒ මත පදනම් වූ මිනීමරු ත්‍රස්තවාදයෙන්ද හොඳහැටි තෙම්පරාදු වී ඇති මේ නායකයාගේ මනස කිසිදු සාහසික ක්‍රියාවක් හමුවේ පවා ප්‍රතික්‍රියා නොදක්වන්නකි. සටන් විරාමයක නාමයෙන් ත්‍රස්ත කල්ලියක් හමුවේ මුළු රටම දණගස්වා රාජ්‍ය අනුග්‍රහය යටතේ දින දින ගලා යන ලේ ගංගාව දෙස තෘප්තියෙන් බලා සිටිය හැකි මිනිසකුගේ විකෘති ඇතුළාන්තය අප විසින් වටහා ගත යුත්තේ කෙසේද?
අද රනිල් වික්රමසිංහව ලී ක්වාන් යූ කෙනෙකු කිරීමට උත්සාහ ගන්නා ඔහුගේ වාමාංශික ඇබිත්තයන්ගෙන් මේවාට පිළිතුරු බලාපොරොත්තු වීම කළ යුත්තක් නොවේ. ඒ වාමාංශිකයන්ගේ ඛේදවාචකය වෙනම විග්රහ කරගත යුතු ප්රශ්නයකි. රටේ වාසනාව වන්නේ මේ ඇබිත්තයන්ට කිසිදු ජනබලයක් නොමැති වීම හේතුවෙන් ඔවුන්ගේ ලිබරල් ප්රජාතන්ත්රවාදී වීරයාව විසිනම වතාවක් පරාජය කොට, බලය ගත් අවස්ථාවල පවා ඔහුගේ ගමන අතරමග අඩාල කිරීමට මේ රටට ආදරය කරන බලවේග සමත් වීමය. කලක සිට ජනතා විමුක්ති පෙරමුණද තම අතීතයට පිටුපා රනිල්ට ඇබිත්තකම් කිරීමේ රාජකාරිය බාරගෙන තිබේ. ඔවුන්ටද ඒ පිළිබඳ කෘතගුණ සැලකීමට මෙවර මැතිවරණය ඉවහල් කරගත යුතු බව අවසාන වශයෙන් සටහන් කරමි.
ඉසුරු ප්‍රසංග | hplt_2 |
වඩාත් පොදුවේ “ප්‍රඥා පාරමිතා” ලෙස හැඳින්වෙන බලවත් වූ වෙන්කොට සැලකීමේ දැනුවත්භාවය වූකලි පාරමිතා සයෙන් අවසන් පාරමිතාව වේ. එමගින් බුද්ධත්වයට පත්වී අන් සියල්ලන් වෙතද පූර්ණ වශයෙන් ප්‍රයෝජන සැලසීම පිණිස අප දත යුතු සියලු දේහි ස්වභාවය හා සියුම් විස්තරද විග්රහ කරමින් නිවැරදිව හා සහතික ලෙසම වෙන්කොට දකින්නෙමු. නිවැරදි වැටහීම පවත්වා ගන්නාවූ බලවත් වූ වෙන්කොට දැක්මේ දැනුවත්භාවය නම් වූ මෙය කොටස් තුනකට බෙදේ.
- ගැඹුරුම සංසිද්ධිය - අර්ථමය කාණ්ඩයක් මගින් සංකල්පීය වශයෙන් හෝ ප්රකටව දිස්වන ආකාරයෙන් අසංකල්පීයව හෝ කවටහා ගනු ලබන, සියලු සංසිද්ධීන් තුළ ස්වයං සක්ථාපිත ස්වභාවයක් නොමැත්තේය යන යථාර්ථයේ සැබෑ ස්වභාවය.
- මතුපිටින් පෙනෙන සංකල්පීය සංසිද්ධි - අතින් සිදු කරන කලා හා ශිල්ප, වෛද්‍ය කර්මය, භාෂා හා ව්‍යාකරණ, තර්ක ශාස්ත්‍රය හා යථාර්ථාවබෝධයේ අදියරයන් හා ඒවා සාක්ෂාත් කරගත් විධික්රම හා ලක්ෂණයන් විශේෂ කොටගෙන සම්පූර්ණ බෞද්ධ දේශනා පිළිබඳ අභ්‍යන්තර දැනුම.
- සියලු සීමිත, දුක් විඳින සත්ත්වයන් වෙත ප්‍රයෝජන සලසන ආකාරය - බලවත් ආචාර ධාර්මික ස්වයං විනය, නොපසුබස්නා උත්සාහය හා චිත්ත ස්ථාවරත්වය ආශ්‍රිතවද සාකච්ඡා කෙරෙන උපකාර කළ යුතුවන පුද්ගලයන් වර්ග 11.
ප්‍රඥා පරිපූර්ණත්වයත් සමගින්, පහත සඳහන් සාධක නිවැරදිව හා තීරණාත්මකව වෙන්කොට දකින්නෙමු:
- සාක්ෂාත් කරගැනීමට අරමුණු කරන ධනාත්මක අභිමතාර්ථ
- ඒවා සාක්ෂාත් කරගැනීමේ ප්‍රයෝජන
- ඒවා සාක්ෂාත් කර නොගැනීමෙන් ඉස්මතුවන අවාසි
- මෙම අරමුණු සාක්ෂාත් කරගැනීම සඳහා වන වඩාත් ඵලදායී විධික්රම
- එම ක්‍රම පිළිබඳ නිසි පිළිවෙත් පුරන ආකාරය
- එම පිළිවෙත් පූරණයට උත්සාහ කරන විටදී ඉස්මතු විය හැකි බාධක
- මෙම බාධක වළකාලන හෝ මැඩ පවත්වන ආකාරයන්
බලවත් වූ වෙන්කොට දැකීමේ දැනුවත්භාවයෙන් ඉස්මතුවන නිවැරදි වැටහීමක් නොමැත්තේ නම් අපගේ බෞද්ධ විධික්රම පිළිබඳ පිළිවෙත් අන්ධ වූ, ඉලක්කය පිළිබඳ නිශ්චිතභාවයක් නොමැතිව, එම අරමුණ පවත්වාගන්නේ මන්ද හා එය සාක්ෂාත් කරගන්නා ආකාරය සහ සාක්ෂාත් කරගත් පසු එම සාර්ථකත්වයෙන් කුමක් සිදු කරන්නේද යන කරුණු පිළිබඳ නොදැන පුරනු ලබන පිළිවෙතක් වේ. ආත්මාර්ථකාමී, අඥාන අභිප්රායන් පවත්නේ නම් අපගේ පිළිවෙත් දූෂණය වන අතර, කැළඹිලිකාරී භාවයන් හා ආකල්ප මගින් ඒවා අපිරිසිදු කෙරෙන අතරම එමගින් යම් සාර්ථකත්වයක් අත්පත් කරගැනීමේ ඉඩකඩක් පවත්නේ නම් එයට හානි පමුණුවනු ඇත.
ත්‍යාගශීලිත්වය, ආචාර ධාර්මික ස්වයං විනය, ඉවසීම, නොපසුබස්නා උත්සාහය හා මානසික ස්ථාවරත්වය හෙවත් සමාධිය යන සෙසු බලවත් ආකල්ප පහ නිවැරදිව ක්‍රියාත්මක කිරීම සඳහා බලවත් වූ වෙන්කොට දැකීමේ දැනුවත්භාවයක් අත්‍යවශ්‍ය වේ. මෙකී ප්‍රඥා පාරමිතාව සහිත විටදී, අපි පහත කරුණු නිවැරදිව හා තීරණාත්මකව වෙන්කොට දකින්නෙමු.
- කිසිදු උඩඟුකමක් හෝ ඇල්මක් සහ පසුතැවීමකින් තොරව අන්‍යයන් හට අවශ්‍ය වන දෙය ලබාදීමේ හැකියාව ලැබෙන පරිදි දන් දීමට සුදුසු වන්නේ හා නොවන්නේ කවරක්ද හා කා හටද සහ, තවද, අප, දේවල් ලබාදෙන පුද්ගලයා හා අප විසින් ලබාදෙන දෙය සම්බන්ධ ශූන්‍යතාවය.
- අපටම හා සෙස්සන්ටද ප්‍රයෝජනවත් වනුයේ හා හානිකර වනුයේ කවරක්ද යන්න හා අප විසින් ශුද්ධ ලෙසම අපගේ ආත්මාර්ථකාමී අරමුණු උදෙසා නොව අන්‍යයන් වෙත ප්‍රයෝජන සැලසීමේ අරමුණින්ම ආචාර ධාර්මික ස්වයං විනයෙහි නියුක්ත වන සන්සුන්, උපේක්ෂා සහගත නිර්වාණ මට්ටමක පසුවීමේ පවත්නා ගැටළු හා සංසාරයේ පවත්නා දුක්.
- උපකාර කිරීම සඳහා අප විසින් දරනු ලබන උත්සාහයන් කෙරෙහි අන් අයගේ සෘණාත්මක හා එදිරිවාදී ප්රතිචාරයන් හා ධර්ම පිළිවෙත් පිරීමේදී මුහුණ පෑමට සිදුවන සියලු දුෂ්කරතා කෝප වීමකින් තොරව විඳ දාරගැනීමට හැකිවනු පිණිස නොඉවසීමේ පවත්නා දෝෂයන් හා ඉවසීමේ පවත්නා ප්‍රයෝජන.
- කුසීත වීමකින් තොරව හෝ අධෛර්යයට පත් වී අතරමැද කටයුතු නවතාලීමකින් තොරව නොපසුබස්නා උත්සාහයේන පිළිවෙත් පුරන අයුරින් අප ආධ්‍යාත්මික අරමුණු වෙනුවෙන් ඉලක්කයක් පිහිටුවන්නේ මන්ද හා අප පුරන පිළිවෙත් මගින් ඒවා ළඟාකර දෙන ආකාරය.
- යථාර්ථයේ සැබෑ ස්වභාවය මත අවධානය යොමු වූ චිත්ත ස්ථාවරත්වයක් සහිත සමාධිය මගින් අප වෙත විමුක්තිය හා බුද්ධත්වය ළඟා කර දෙන පරිදි යථාර්ථය කවරක්ද හා පැවැත්ම සිදුවිය නොහැකි ආකාරයන් පිළිබඳ චිත්ත ප්රක්ෂේපණය කවරක්ද යන්න. තවද, අපගේ අරමුණ පිළිබඳ වෙන්කොට දැකීමේ දැනුවත්භාවයද සහිතව, භාවනාවේදී අත්පත් කරගත් යම් ශාන්ත හා ප්‍රීතිමත් ස්වභාවයත් හෙවත් මට්ටමක් මගින් අන්‍යයන් වෙත උපකාර කිරීමේ අපගේ අරමුණින් සිත විසිර යාමට අවකාශ නොසලසන්නෙමු.
දස පාරමිතා
බලවත් ආකල්ප දහයක් ලැයිස්තුගත කෙරෙන විටදී, අවසන් ආකල්ප සතර බලවත් ලෙස වෙන්කොට දැකීමට අදාළ බෙදීම් වේ:
- විධික්රම සම්බන්ධ බලවත් කුසලතාවය - ධර්ම දේශනා සත්‍ය සේ අත්දකිනු පිණිස තමා තුළට විහිදෙන පරිදි යොමු කරනු ලබන හා සෙසු අයට විමුක්තිය හා බුද්ධත්වය සාක්ෂාත් කරගැනීමට හැකිවන පරිදි බාහිරට විහිදෙන පරිදි යොමු කරනු ලබන, වඩාත් ඵලදායී හා සුදුසු ක්‍රමවලට අදාළ විශේෂ වෙන්කොට සැලකීමේ දැනුවත්භාවය.
- බලවත් අපේක්ෂාමය යැදුම - අපගේ සමස්ත ජීවිත කාලය තුළ බෝධිචිත්ත අරමුණින් වෙන් නොවීම හා කිසිදු ඛන්ඩනයකින් තොරව සදාකල් සිය කටයුතු කරගෙන යාම සඳහා අන් අයට ප්රතිලාභ සැලසීමේ අපගේ කටයුතු ලෙස එන අප අපේක්ෂා කරන දෙයට අදාළ විශේෂ වෙන්කොට සැලකීමේ දැනුවත්භාවයයි.
- බලවත් සවිබල ගැන්වීම - අපගේ බලවත් වූ වෙන්කොට දැකීමේ දැනුවත්භාවය පුළුල් කරමින් ඇල්ම වැනි එයට ප්‍රතිරෝධී බලවේගයන් විසින් එය සිඳ දැමීමට අවකාශ නොදීම සඳහා යොදාගනු ලබන, විශ්ලේෂණය හා ස්ථාවරත්ව භාවනාව මගින් අත්පත් කරගනු ලබන විශේෂ වූ වෙන්කොට දැකීමෙ දැනුවත්භාවය.
- බලවත් ගැඹුරු දැනුවත්භාවය - සියල්ල හා සම්බන්ධ මතුපිට හා ගැඹුරුම සත්‍යයන් එක් වරම වටහා ගැනීමට හැකිවනු පිණිස සියලු සංසිද්ධීන්හි ශූන්‍යතාවය පිළබඳ නිවැරදි වැටහීම හා පූර්ණ වශයෙන් ඒකාබද්ධ වනු පිණිස යොදාගනු ලබන විශේෂ වෙන්කොට දැකීමේ දැනුවත්භාවයයි.
සාරාංශය
බලවත් වූ වෙන්කොට දැකීමේ දැනුවත්භාවය තුළින්, අප විසින් ක්‍රියාවෙහි යොදවන ඕනෑම පිළිවෙතක ප්‍රයෝජන හා එම පිළිවෙත මගින් මැඩ පවත්වනු ලබන දෙය සමගින් නොකඩවා ජීවත් වීමේ දෝෂයන් පැහැදිලිව හා තීරණාත්මක ලෙස වෙන්කොට දකින්නෙමු. මෙම දැඩි වැටහීම හා හඳුනාගැනීම මගින් ලබන උපකාරය හේතුකොට හා ආදරය, කරුණාව හා බෝධිචිත්ත ඉලක්කය මගින් ලබන ශක්තිය මත පදනම්ව, අප විසින් සිදු කරන ඕනෑම ධර්ම පිළිවෙත් පූරණයක් බුද්ධත්වය සාක්ෂාත් කරගැනීම හා හැකිතාක් දුරට අන් සියල්ලන් වෙතද ප්‍රයෝජන සැලසීමේ හැකියාව සඳහා ඵලදායී වේ. | hplt_2 |
මම අවුරුදු 20කට කලින්…මසිනගුඩි කියන ගමේ ප්‍රධාන කොස්තාපල්වරයෙක් විදියට වැඩ කළා
එතකොට කාටවත් හීනෙන්වත් හිතන්න බැරි භයානක සිදුවීමක් වෙලා තියෙනවා
කාලි කියන 15 හැවිරිදි ළමයෙක්
වෙනත් ළමයි වගේ සෙල්ලම් කරන්න උනන්දුවක් නොදක්වා
නිතරම තනිවම ඉන්න පුරුදු වෙලා හිටියා
ඒත් එයාට වෙනත් දෙයක් ගැන වැඩි උනන්දුවක් තිබුණා
ඒ උනන්දුව දවසින් දවස වැඩි වෙමින් තිබුණා
දවසක් එයාගෙ තාත්තටත් නොදැනෙන්න
ගෙදර තියෙන බඳුනක යමක් සඟවාගෙන හිටියා
මොනවද හංගගෙන ඉන්නෙ කියල අහල ඒක ඇරල බලපු එයාගෙ තාත්තට
හිසකෙස් පොකුරක් වගේ හිසකෙස් වගයක් තියෙනවා දැක්කා
බයට පත්වුණ ඔහු මොනවද මේ කියල අහද්දි
එයා හිනාවෙලා මගේ යාළුවෝ කියල, කියල තියෙනව
ඊට පස්සෙ එයාගෙ අතේ ලේ පැල්ලමක් දැක්ක එයාගෙ තාත්තා
කොහෙද ? ඔයාගෙ යාළුවෝ පෙන්නන්න කියල අහල තියෙනව
ඊට පස්සෙ කාලි එයාගෙ තාත්තා ඝන වනාන්තරයකට එක්කගෙන ගිහින්
එතන කැඩිල සුන්බුන් වුණ ගොඩනැගිල්ලක් පිටුපසට අරන් යනව
වයස අවුරුදු 12 ත් 14 ත් අතර ගැහැණු ළමයින් දෙදෙනෙකු අමානුෂික ලෙස ඝාතනය කර
ශරීර කොටස් විකෘති වෙලා ගිහින් තියෙනව දැක්කා
මොකද්ද වුණේ කියල තේරුම් ගන්න බැරුව ආපහු පුතා දිහා හැරෙනකොට
මිනීමරපු මූහුණක ඉරියව්වක් වත් නැතිව හිනා වෙමින් හිටියා
කම්පනයට පත් වුණ එයාගෙ තාත්තා
තමන්ගේ පුතාගේ මානසිකවය අස්ථායී බව තේරුම් ගත්තා
ඒත්, තමන්ගේ එකම පුතා නැතිකරගන්න බෑ කියල හිතාගෙන
ඒ දැරියන් දෙදෙනාගේ මළ සිරුරු වළක සැගවූවා
මේක කැලයට පැමිණි දර කපන්නෙකු දැකල ගමේ අයට කිව්වට පස්සේ
මුළු ගමම ඇවිල්ලා කාලිගේ පියාගෙන් ප්‍රශ්න කරා
තම පුතාගේ ජීවිතය විනාශ වෙන්න බෑ කියල හිතපු එයා, තමන්ම වරද බාරගෙන
මුළු ගමම කාලිගේ ඉදිරිපිටම තාත්තට ගහල මැරුවා
අවුරුද්දකට පස්සේ ඒ ස්ථානයට සංචාරකයින් ලෙස පැමිණි දැරියන් 3 දෙනෙකු අතුරුදන් වෙලා
මුළු ගමම රෑ පුරාම ඔවුන්ව කැලේ පුරා පීරමින් හෙව්වා
ඒත් එයාලව අතුරුදහන් වුණේ වෙලා නෙමෙයි … කාලි තමා ඔවුන්ව පැහැර ගත්තේ
ගැහැණු ළමයින් දෙදෙනෙකු ඝාතනය කරල තියෙනව
ඒත් වාසනාවකට එක් ගැහැණු ළමයෙක් බේරිලා ඇවිල්ලා සිද්දවුණ දේවල් අපිට කිව්වා
එයාව අත්අඩංගුවට අරගෙන පොලිස් ජිප් එකක අරගෙන යනකොට
එයාට පහරදෙන්න මුළු ගමම පස්සෙන් පන්නගෙන ආවා
ඒ වෙනකොට එයා ජීප් එකේ මන් ඉස්සරහම වාඩිවෙලා හිනාවෙවි හිටිය හැටි මට අද වගේ මතකයි
ආයුබෝවන් යාළුවනේ එක ළග උපසිරැසි දෙකක් බාරගත්ත නිසා මේ චිත්‍රපටය පොඩ්ඩක් දෙන්න පරක්කු වුණා. ඔන්න ඉතින් මේක නම් මම ආසම වර්ගීකරණය යටතේ Action, Drama, Triller, IMDb අගයත් 6.3ක් වගේ ඉහල අගයක් අරගෙන තියෙනවා. ගූගල් පරිශීලකයන්ගේත් 91% කැමැත්ත පල වෙලා තියෙන 2022 ජූලි මස 01 වෙනි දින තිරගත වීම ආරම්භ කරන ලද පැය 2 කුත් විනාඩි 15ක් පුරා දිවෙන Arulnithi, Avantika Mishra, Avantika Mishra, රංගන දායකත්වයෙන් හැඩගැන්වුණ කුතුහලයෙන් පිරුණ චිත්‍රපටයක්. කතාව ගැන විස්තරයක් කරන්න යන්නෙ නෑ, මොකද දැනටමත් පරක්කුවෙලා තියෙන්නෙ, ඝන වනාන්තරයක් මැද්දේ තියෙන D-Block කියන කොලේජ් එකේ ගැහැණු ළමුන් ඉලක්ක කරගෙන සිදුවෙන මිනී මැරුම් වල සුළමුල හොයාගෙන යන කතාවක් තමයි පදනම් වෙලා තියෙන්නෙ. ඒ මිනී මැරුම් වනයේ සිටින දිවියෙක් විසින් සිදු කරන්න දරන උත්සාහය කොතෙක් දුරට සාර්ථක වෙයිද ? අපි බලමු.
හැමෝටම තෙරුවන් සරණයි.
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි HQ HDRip පිටපත් සඳහා අදාළ වේ.
5757 downloads
Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2017-09-04
SUB-MAKER RATING BY ADMINS
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි. | hplt_2 |
වායු දූෂණය හේතුවෙන් අකල් මරණ මිලියන 6.5 ක් පමණ ලොව පුර සිදුවෙන් අතර ඇස්තමේන්තු කර ඇත. මෙම අගය 2050 වන විට දෙගුණයකට වඩා වැඩි වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
ශ්‍රී ලංකාව වාතයේ ගුණාත්මක බව අතින් රටවල් 118ක් අතරින් 58 වැනි ස්ථානයේ පසුවේ. චැඩ්, පකිස්ථානය, ටජිකිස්තානය සහ ඉන්දියාවට පසුව බංග්ලාදේශයේ ලෝකයේ නරකම වායු ගුණාත්මක භාවය ඇත.
වාහන විමෝචනය, කාබනික අපද්‍රව්‍ය දහනය, කෘෂිකාර්මික කර්මාන්තයේ නිෂ්පාදන සහ ඛනිජ තෙල් පිරිපහදු කිරීම ශ්‍රී ලංකාවේ වාතයේ ගුණාත්මක භාවයට බලපායි.
ශ්‍රී ලංකාවේ බොහෝ වාහන පැරණි ඒවා වන අතර විමෝචන පාලනය පිළිබඳ වත්මන් රෙගුලාසි සම්මත නොකරයි. වායු දූෂණය ප්‍රධාන වශයෙන් නාගරික ප්‍රදේශවල සංකේන්ද්‍රණය වී ඇති අතර නාගරික වායු දූෂණයෙන් 60% කට වඩා වැඩි ප්‍රමාණයක් වාහන විමෝචනය නිසා සිදු වේ.
වායු දූෂණයේ අනෙකුත් ප්‍රධාන ප්‍රභවයන් වන්නේ කාර්මික ක්‍රියාකාරකම්, පතල් කැණීම්, ගල් අඟුරු සහ ඩීසල් බලාගාර, ගෘහස්ථ ක්‍රියාකාරකම්, කෘෂිකාර්මික අපද්‍රව්‍ය පිළිස්සීම සහ ගොවිතැන කපා දැමීමයි.
වායු දූෂණය ශාක පරිණාමයේ ක්‍රියාවලියට බලපාන්නේ ඒවායේ පත්‍රවල ඇති දූවිලි තැන්පතු හරහා ප්‍රභාසංශ්ලේෂණය වැළැක්වීම මගින් වාතය පිරිසිදු කිරීම වළක්වයි.
වායු දූෂණය ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම සහ දේශගුණික විපර්යාස සඳහා ප්‍රධාන දායකත්වයක් සපයයි. වාතයේ ඇති කාබන් ඩයොක්සයිඩ් විශාල ප්‍රමාණය හරිතාගාර වායූන් සඳහා ප්‍රධාන හේතුවක් වන අතර එය පෘථිවියේ පිටතට යන ශක්තිය උගුලට හසු කර, වායුගෝලයේ තාපය රඳවා ගනී.
දූෂණයේ කුඩා, නොපෙනෙන අංශු මිනිස් පෙනහළු, රුධිර ප්‍රවාහ සහ සිරුරු තුළට ගැඹුරට විනිවිද යයි. ආඝාත, නිදන්ගත ශ්වසන රෝග සහ පෙනහළු පිළිකා වලින් සිදුවන මරණවලින් තුනෙන් එකකට මෙන්ම හෘදයාබාධවලින් සිදුවන මරණවලින් හතරෙන් එකකටද මෙම දූෂක ද්‍රව්‍ය වගකිව යුතුය. සූර්යාලෝකයේ විවිධ දූෂක ද්‍රව්‍යවල අන්තර්ක්‍රියා වලින් නිපදවන බිම් මට්ටමේ ඕසෝන් ඇදුම සහ නිදන්ගත ශ්වසන රෝග සඳහා හේතුවකි. කෙටිකාලීන දේශගුණ දූෂකයන් සෞඛ්‍ය බලපෑම් හා ග්‍රහලෝකයේ උනුසුම් වීම හා සම්බන්ධ වන අතර දින කිහිපයක් හෝ දශක කිහිපයක් දක්වා වායුගෝලයේ පවතී.
බ්‍රිතාන්‍යයන් පිටව යන විට අපට වනාන්තරවලින් සියයට 80ක් තිබුණා. දැන් එය සියයට 17 ක් දක්වා ඵල බස ඇත.
මහනුවර සහ කොළඹ වායු දූෂණය කෙතරම් ඉහළ යාමේ හේතුවෙන් පාසල් සිසුන් ශ්වසන රෝග සහ පෙනහළු රෝගවලට ගොදුරු වී සිටිති . කඳුවලින් වටවී තිබියදීත්, මහනුවර නගරයේ වායු සංසරණය නිසියාකාරව සිදු නොවන ප්‍රදේශයක පිහිටා තිබීම නිසා දිවයිනේ වායු දූෂණය වැඩිම නගර බවට පත්ව ඇත.
ලෝක පිරිසිදු වායු ගෝල සඳහාවූ ජාත්‍යන්තර වායු ගෝල දිනය සැප්තැම්බර් හත්වෙනිදාට යෙදී තිබේ. | hplt_2 |
නැගෙනහිර පර්යන්තය නොදී බටහිර පර්යන්තය ඉන්දියාවට!
ඉන්දියාව ඇතුළු රටවල් කිහිපයක අධිකරණවල අදානි සමාගමට එරෙහිව නඩු විභාග වෙමින් පවතින බවත් , එවන් සමාගමකට අපේ රටේ කොළඹ වරායේ නැගෙනහිර පරියන්තය ලබාදිමට රජය කටයුතු කරමින් සිටින බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පා.ම වෛද්‍යය නලින්ද ජයතිස්ස මහතා පැවසිය.
නලින්ද ජයතිස්ස මහතා ඒ බැව් කියා සිටියේ සොරි කවුද දිනුම් යන මැයෙන් ජනතා විමුක්ති පෙරමුණ විසින් සංවිධානය කර තිබු (31) දින ගිනිගත්හේන සමුපකාර ශාලාවේ පැවති සම්මන්ත්‍රණයක් අමතමිණි.
මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු නලින්ද ජයතිස්ස මහතා කියා සිටියේ නැගෙනහිර පරියන්තය ලබා නොදෙන බවට රජය ප්‍රකාශ කර බටහිර පරියන්තය ඉන්දියානු සමාගමට ලබාදිමේ සුදානමක් ඇති බවයි.
ඉන්දියාවෙන් පරිත්‍යාග කරන ලද කොවිඩ් මර්ධන එන්නත එන්නත් කරගෙන එම එන්නතට නිර්වින්ධනය නොවි රටේ සම්පත් විකිණිමට එරෙහිව පෙල ගැසිය යුතු බවයි නලින්ද ජයතිස්ස මහතා කියා සිටියේ.
මේ රටේ බහුතර ජනතාවක් එක් වි රට රැකිමට රජයක් පිහිටුවා ගත් බවත්, එම රජය විසින් මේ රටේ ජාතික සම්පත් විදේශිකයන්ට අලෙවි කිරිමට කටයුතු කරන බවත්, එම ඉඩම් රැකි ගැනිමට මේ රටේ ජනතාව එක්විය යුතු බවයි නලින්ද ජයතිස්ස මහතා කියා සිටින්නේ.
මෙම සම්මන්ත්‍රණය ජනතා විමුක්ති පෙරමුණේ නුවරඑලිය දිස්ත්‍රික් සංවිධායක මංජුල සුරවිර මහතා විසින් සංවිධානය කර තිබුණි. | hplt_2 |
මිකී මවුස් නොදන්න කෙනෙක් ඉන්න පුළුවන් ද මේ ලෝකෙ. මිකී ට මේ මාසෙ 18වෙනිදට අවුරුදු 90ක්.
1928 නොවැම්බර් 18 වෙනිදා දවසකදි තමයි Steamboat Willie කියන කාර්ටූන් වැඩ සටහනින් මිකී මවුස් ජනතාව අතරට ආවේ.Walt Disney සහ Ub Iwerks තමයි වෝල්ට් ඩිස්නි සමාගම වෙනුවෙන් මිකී මවුස් නිර්මාණය කරන ලැබූවෙ.රතුපාට කලිසමත් කහපාට විශාල පාවහන් දෙපලත් සුදුපාට අත් වැසුමුත් මිකී මවුස් ගේ කැපී පෙනන විලාසිතාවයි.
මිකී ව ලෝකප්රසිද්ධවන්න ඔහුට හඩ කවපු අයත් ප්‍රබල හේතුවක් වුනා. මේ තමයි මිකී ට හඩ කවපු අය.
Walt Disney (1928–1966),Carl W. Stalling (1929),Clarence Nash (1934),Jimmy MacDonald (1947–1977),Wayne Allwine (1977–2009)[1],Les Perkins (1986–1987) Bret Iwan (2009–present),Chris Diamantopoulos (2013–present).
එයාගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ් මිනී මවුස් (Minnie Mouse) යාලුවො පිරිසකුත් ඉන්නවා ඒ ප්ලූටෝ(Pluto,) ඩොනල්ඩ් ඩක්(Donald Duck ) සහ ගූෆි(Goofy).
මේ සියල්ල නිර්මාණය වූයේ මිනිස් මනසිනි. නිර්මාණ කරුවාට වඩා අද ලෝකයක් වසගවී සිටින්නේ මේ කාර්ටූන් චරිතය වෙතය. මිකී විටෙක පේ්රක්ෂකයන් හඩවයි. විටෙක සිනහා සයුරේ ගිල්වයි.
මිකී තවක් වසර ගණනාවක් පරම්පරා ගණනාවක් යනතුරු ලෝකයේ බොහෝ දෙනාගේ ආදරය දිනාගනු නිසැකය.
ලොව වටා මිකී මවුස් රසිකයින් සහ වෝලට් ඩිස්නි සමාගමද එකතුව මිකී මවුස් ගේ 90වැනි උපන්දිනය උත්කර්ෂවත් අන්දමින් සැමරීමට නියමිතය | hplt_2 |
ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2019 පෙබරවාරි මාසයට සාපේක්ෂව මාර්තු මාසයේ දී දර්ශකාංක 16.3කින් ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ සංඛ්‍යාන දෙපාර්තමේන්තුව කියයි. ඒ අනුව 2019 පෙබරවාරි මාසයේ දර්ශක 50.6 ක පැවැති ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය මාර්තුු මාසයේ දී දර්ශක 66.9 දක්වා වර්ධනය වී ඇත.
2019 පෙබරවාරි මාසයට සාපේක්ෂව මාර්තු මාසයේදී නිෂ්පාදන ක්‍රියාකාරකම් වේගයෙන් වර්ධනය වීම මේ සඳහා හේතු වී ඇත.
නිෂ්පාදන අංශයේ ක්‍රියාකාරකම්වල ඉහළ යාමක් පෙන්නුම් කරමින් නිෂ්පාදන අංශයේ ගැනුම්කරුවන්ගේ දර්ශකය මාස 46ක් තුළ වාර්තා කළ ඉහළම අගයට ළඟා විය. උත්සව සමයේ පවතින ඉල්ලූමත් සමග, විශේෂයෙන් ආහාර සහ පාන වර්ග නිෂ්පාදන අංශයේ නව ඇණවුම්වල දක්නට ලැබුණු වර්ධනය මාර්තු මාසය තුළ දී ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය ඉහළ යාමට ප්‍රධාන වශයෙන් හේතු විය.
මෙම දර්ශකාංකය තුළ අන්තර්ගත, නව ඇණවුම් දර්ශකාංකය 2019 පෙබරවාරි මස පැවැති අගය වූ දර්ශකාංක 48.5 සිට 75.8 දක්වා ද, නිෂ්පාදන 48.0 සිට 74.2 දක්වා ද, සේවා නියුක්තිය 53.0 සිට 57.1 දක්වා ද, ගැනුම් තොගය 54.0 සිට 64.6 දක්වා ද, ඇණවුමක් සැපයීමට සැපයුම්කරුවන්ට ගත වන කාලය 53.5 සිට 51.5 දක්වා ද අඩු වී ඇත.
මේ අනුව ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකයෙහි සියලූම උප දර්ශක, කඩඉම් මට්ටම ලෙස ගැනෙන දර්ශක අගය වන 50.0ට වඩා වැඩි අගයක් වාර්තා කළ අතර 2019 පෙබරවාරි මාසයට සාපේක්ෂව 2019 මාර්තු මාසයේදී නිෂ්පාදන ක්‍රියාකාරකම් වේගයෙන් වාර්තා වූ බව ඉන් පෙන්නුම් කරයි.
2019 මාර්තු මාසයේදී සේවා අංශය ද වැඩි වේගයකින් වර්ධනය වූ අතර 2019 පෙබරවාරි මාසයට සාපේක්ෂව නව ව්‍යාපාර, ව්‍යාපාර ක්‍රියාකාරකම්, සහ සේවා නියුක්තියෙහි වැඩි වේගයකින් සිදු වූ වර්ධනය ඊට හේතු විය. ව්‍යාපාර ක්‍රියාකාරකම් උප දර්ශකයෙහි සාමාන්‍යයෙන් සිදුවන ඍතුමය ඉහළ යාම හේතුවෙන් 2019 මාර්තු මාසයේදී තෙමසකට පසු ඉහළම අගය වාර්තා කළ අතර එය එම කාලය තුළ දී සේවා අංශය තුළ සිදු වූ වර්ධනයට සැලකිය යුතු ලෙස දායක විය.
අලූත් අවුරුදු උත්සව සමය හේතුවෙන් ප්‍රධාන වශයෙන් තොග සහ සිල්ලර වෙළෙඳාම සහ ප්‍රවාහන යන අංශවල ව්‍යාපාර ක්‍රියාකාරකම්වල වර්ධනයක් දැකිය හැකි විය. බොහෝ ප්‍රතිචාර දක්වන්නන් කල් යල් බැලීම හේතුවෙන් සේවා සපයන්නන්ගේ ඉදිරි මාස තුන පිළිබඳ ව්‍යාපාර අපේක්ෂා 2019 මාර්තු මාසයේ දී තව දුරටත් පහළ ගියේය.
තව ද, එළඹෙන මාස කිහිපය විදේශ සංචාරකයින් අඩු වශයෙන් මෙරටට පැමිණෙන කාලයක් වීම හේතුවෙන් නවාතැන් සහ ආහාර පාන සැපයීමේ සේවා සහ අනෙකුත් පුද්ගලික සේවා යන උප අංශවල ව්‍යාපාර ක්‍රියාකාරකම් පහළ යාමක් අපේක්ෂා කෙරේ.
ඒ අනුව ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකයෙහි 2019 පෙබරවාරි මස 53.0ක පැවැති දර්ශකාංකය 2019 මාර්තු මස 56.3 දක්වා වර්ධන වී ඇත.
එහි උප දර්ශක වන නව ව්‍යපාර උප දර්ශකය 55.3 සිට 57.9 දක්වා ද, ව්‍යාපාර ක්‍රියාකාරකම් 54.7 සිට 63.5 දක්වා ද, සේවා නියුක්තිය 51.1 සිට 51.7 දක්වා ද, නිම කිරීමට නියමිත කාර්යයන් 43.3 සිට 48.1 දක්වා ද ඉහළ ගොස් ඇති අතර, අපේක්ෂිත ඉදිරි ව්‍යාපාර ක්‍රියාකාරකම් පමණක් 60.5 සිට 60.1 දක්වා ද පහළ ගොස් ඇත.
ඉන්ධන මිල ගණන් සුළු වශයෙන් ඉහළ යාම හේතුවෙන් සේවා අංශයේ අය කරන මිල ගණන් 2019 මාර්තු මාසයේ අඩු වේගයකින් ඉහළ ගිය ද අපේක්ෂිත වැටුප් වර්ධක සහ උත්සව සමයේ ලබා දෙන දිරි දීමනා හේතුවෙන් සේවා අංශයේ අපේක්ෂිත ශ්‍රම පිරිවැය වැඩි වේගයකින් ඉහළ ගොස් ඇත.
ගෝලීය ප්රවණතා : නිෂ්පාදන අංශයෙහි ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය
ගෝලීය ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2019 පෙබරවාරි මාසයේදී වාර්තා කළ අගය නොවෙනස්ව පවතිමින් 2019 මාර්තු මාසයේ දී ද දර්ශකාංක 50.6 දර්ශක අගය ම වාර්තා කරන ලදි.
2019 මාර්තු මාසයේදී එක්සත් ජනපදය, යුරෝපා සංගම් කලාපය සහ ඉන්දියාව නිෂ්පාදන අංශයෙහි ගැනුම් කළමනාකරුවන්ගේ අඩුවීමක් පෙන්නුම් කළ අතර එක්සත් රාජධානිය, චීනය, සිංගප්පූරුව සහ රුසියාවේ වර්ධනයක් පෙන්නුම් කළේය.
සේවා අංශය : සේවා අංශයෙහි ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකයෙහි වේගවත් වර්ධනයක් පෙන්නුම් කරමින්, ගෝලීය සේවා අංශයෙහි ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2019 පෙබරවාරි මාසයේදී වාර්තා වූ 53.3 සිට මාර්තු මස 53.7 දක්වා ඉහළ ගියේය. පසුගිය මාස 116 තුළ ගෝලීය සේවා නිමැයුමෙහි වර්ධනයක් එමගින් පෙන්නුම් කරයි.
ජපානය, චීනය, ඉන්දියාව සහ ඇමෙරිකා එක්සත් ජනපදය යන රටවල සේවා අංශයෙහි ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය මගින් එම රටවල සේවා අංශය 2019 පෙබරවාරි මාසයට සාපේක්ෂව මාර්තු මාසයේදී වර්ධනය වූ බව පෙන්නුම් කළ අතර මහා බි්රතාන්යයෙහි පහළ යාමක් වාර්තා විය.
සටහන – තීක්ෂණ වෙළෙන්එගොඩ | hplt_2 |
පසුගිය පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ එජාප නායක, හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ, දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් ඇතුළු දේශපාලන නායකයින් 07 දෙනකු විසින් අත්සන් කරන ලද කරුණු 10කින් යුත් ඒකාබද්ධ ප්‍රකාශයක් අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යොමු කළා.
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ නියෝගය ආපසු නොකැදවන්නේ නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ බලතල අනුව, විසුරුවා ඇති පාර්ලිමේන්තුව යළි කැදවීමට හෝ කටයුතු කරන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවත් එසේ පාර්ලිමේන්තුව යළි කැදවීමෙන් පසු රටේ දැනට පවතින තත්ත්වය සමනයවීමෙන් පසු සුදුසු අවස්ථාවකදී යළි පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට හැකි වනු ඇතැයි ද ඔවුන් සිය ප්‍රකාශයෙහි දක්වා තිබෙනවා.
එම නිවේදනය සම්පූර්ණයෙන් පහත පළ වෙනවා. | hplt_2 |
මහ මැතිවරණයෙන් පසු පාර්ලිමේන්තුව රැස්වන අවස්ථාවේදී සෞඛ්යාරක්ෂිත ක්‍රමවේදයන්ට අනුගත වෙමින් සැසිවාර පැවැත්වීමට ගතයුතු ක්‍රියාමාර්ග පිළිබද සාකච්ඡා කර උපදෙස් ලබා දීම සදහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් පාර්ලිමේන්තුවට එවීමට කටයුතු කරන බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය.
ඒ මහතා මේ බව පැවසුවේ පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක, නියෝජ්‍ය මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීල් ඉද්දවෙල යන මහත්වරුන් ඇතුළු පාර්ලිමේන්තුවේ දෙපාර්තමේන්තු ප්‍රධානීන් පිරිසක් අද පෙරවරුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේදී හමුවූ අවස්ථාවේදීය.
පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු ඉතා කඩිනමින් පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව ඇති බැවින් අභිනව පාර්ලිමේන්තුවේ කටයුතු සෞඛ්‍යාරක්ෂිතව පැවැත්වීමට අදාළව ගතයුතු ක්‍රියාමාර්ග පිළිබද සාකච්ඡා කිරීම සදහා මෙම හමුව පැවැත්විණි.
මෙහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පැවසුවේ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අනුව පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු පාර්ලිමේන්තුව රැස්වන ප්‍රථම දිනයේදී නව කථානායකවරයා තෝරාපත්කර ගැනීම සහ නව මන්ත්‍රීවරුන් දිවුරුම්දීම සදහා සියලුම මන්ත්‍රීවරුන් සභාගර්භය තුළ සිටීම අත්‍යාවශ්‍ය වන බවයි. අනතුරුව ඉදිරි රැස්වීම් පැවැත්විය යුතු ආකාරය මන්ත්‍රීවරුන්ට තීරණය කළ හැකි බවද මහලේකම්වරයා පැවසීය.
එබැවින් පළමු පාර්ලිමේන්තු රැස්වීමේ සිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙන්ම පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයද සෞඛ්‍යාරක්ෂිතව කටයුතු කළ යුතු බැවින් ඒ සදහා සෞඛ්‍ය බලධාරීන්ගෙන් නිසි උපදෙස් ලබා ගැනීම ඉතා අත්‍යාවශ්‍ය බවද දසනායක මහතා මෙහිදී පැවසීය.
මේවන විට සමාජ දුරස්ථභාවය, දෑත් පවිත්‍ර කිරීම,ශරීර උෂ්ණත්වය මැන බැලීම ඇතුළු සියලු සෞඛ්යාරක්ෂිත ක්‍රමවේදයන්ට අනුකූලව පාර්ලිමේන්තු පරිශ්‍රය තුළ සියලු කටයුතු සිදු කරන බවත් කාර්ය මණ්ඩල දැනුවත් කිරීම් ඇතුළු රැස්වීම් සියල්ලක්ම පාහේ ඔන්ලයින් ක්‍රමයට පවත්වන බවත් ඒ මහතා පැවසීය.
මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසා සිටියේ මේවන විට ශ්‍රී ලංකාවේ කොවිඩ් වෛරසය ඉතා හොදින් පාලනය වී තිබුණද විදේශ රටවල සිට මෙරටට පැමිණෙන තැනැත්තන්ගෙන් වෛරසය රටතුළට පැමිණ ව්‍යප්තවීමේ අවධානම පහව ගොස් නොමැති බැවින් ඉදිරියටත් සෞඛ්යාරක්ෂිත ක්‍රමවේද අනිවාර්යෙන්ම අනුගමනය කළ යුතු බවයි.
මේ අනුව ඉදිරි දිනකදී නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය ලක්ෂ්මන් ගම්ලත් ඇතුළු කණ්ඩායමක් පැමිණ පාර්ලිමේන්තුවේ සභාගර්භය ,කාරක සභා ශාලා, ආපන ශාලා ඇතුළු අනෙකුත් ස්ථාන නිරීක්ෂණයෙන් පසු අදාළ සෞඛ්යාරක්ෂිත උපදෙස් ලබා දීමට අපේක්ෂා කරන බව ද හෙතෙම වැඩිදුරටත් සදහන් කළේය.
කොවිඩ් 19 තත්ත්වය පාලනයට අදාල මාර්ගෝපදේශ සහිත පොත් කට්ටල පාර්ලිමේන්තුව වෙත ප්රදානය කිරීමද මෙහිදී සිදුවිය. | hplt_2 |
පුළුල් කරන ලද දැල, එහි භාවිතයන් අනුව උස් උන්නතාංශ වේදිකාවන්, යාන්ත්‍රික ආරක්ෂිත ආවරණ, අධිවේගී වැට, දුම්රිය වැටවල්, අත්තිවාරම් බෑවුම් ආරක්ෂාව, අභ්‍යන්තර අලංකරණය, සිවිලිම් සිවිලිම්, යන්ත්‍රෝපකරණ නිෂ්පාදනය, ඉදිකිරීම් යන්ත්‍රෝපකරණ වැනි විවිධ වර්ග වලට බෙදිය හැකිය. ආරක්ෂාව, වහල වත් කිරීම, බිත්ති කපරාරු කිරීම, කාර් කොටස්, වාහන කර්මාන්ත ශාලා වැඩමුළු වල වැඩ කරන වේදිකා, නැව් තැනීම හා අළුත්වැඩියා කිරීම, ඉදිකිරීම් ව්‍යාපෘති, කෙත්වතු වැටවල්, ඊසානදිග ධාන්‍යාගාර, පලංචිය වැනි දේ.
බෑවුම් ආරක්ෂාව පුළුල් කරන ලද ලෝහ දැල: පිහිය 100 ක් දිගැති ලෝහ දැලක්, මි.මී. 1.0-2.0 ක පමණ ඝණකම, ලක්ෂණ: අඩු බර, අධික ආතන්‍ය ශක්තිය, පහසු ඉදිකිරීම්, අඩු මිල, ක්‍රියාකාරිත්වය: අත්තිවාරමේ වළේ පැති පවුරේ ස්ථීරභාවය ශක්තිමත් කළ හැකිය , සහ අත්තිවාරම සහතික කිරීම අවට හා භූගත ඉදිකිරීම් සේවකයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීම
(2) පලංචිය පුළුල් කරන ලද ලෝහ දැල: පිහිය 80 ඝණකමකින් යුත් ලෝහ දැලක්, එනම් මිලිමීටර් 4 ක් දිගැති ලෝහ දැලක්, විශේෂාංග: ලිස්සන්නේ නැති, ඇඳීමට ඔරොත්තු දෙන, විශාල දරණ ධාරිතාව, ඉහළ ආතන්‍ය ශක්තිය සහ නැවත නැවත භාවිතා කළ හැකිය. කර්තව්‍යය: පලංචිය පුළුල් කළ ලෝහ දැලක් මඟින් ඉහළ උන්නතාංශ සේවකයින්ට අනපේක්ෂිත ආරක්ෂක සිදුවීම් වළක්වා ගත හැකිය.
(3) ආරක්ෂක වැට සඳහා පුළුල් කළ වානේ දැලක්: එය දියමන්ති හැඩැති පුළුල් කරන ලද වානේ දැලක් භාවිතා කරයි, පුළුල් කළ වයර් දැලෙහි තණතීරුව 50x100 මි.මී., thickness ණකම 3-4 මි.මී., සහ මලකඩ හා විඛාදනය වැළැක්වීම සඳහා මතුපිට පීවීසී ආලේප කර ඇත. එය පීවීසී ආලේපිත පුළුල් කළ දැලක් ලෙසද හැඳින්වේ. විශේෂාංග: දැඩි බලපෑම් ප්‍රතිරෝධය, වාතාශ්‍රය, ආලෝක සම්ප්‍රේෂණය, එය නැගීම පහසු නොවන අතර ලස්සන පෙනුමක් ඇත. කර්තව්‍යය: සොරකම් කිරීම සහ නීති විරෝධී ක්‍රියාවන් වැළැක්වීම සඳහා වානේ දැල් වැට විවිධ ස්ථාන වල වැටක් ලෙස භාවිතා කළ හැකිය.
(4) වටකුරු සිදුරු සහිත ලෝහ දැලක්: සිදුරු සහිත ලෝහ දැලක්, විවරය: 5-30 මි.මී., සිදුරු දුර: 5-20 මි.මී., ක්‍රියාකාරිත්වය: යාන්ත්‍රික උපකරණ සඳහා ආරක්ෂිත ආවරණයක් ලෙස වටකුරු සිදුරු සහිත දැලක්, කාර්ය මණ්ඩලයේ අත් ඵලදායීව වළක්වා ගත හැකිය, ඇඟිලි, ඇඳුම් පැළඳුම්, හිස, පාද සහ අනෙකුත් කොටස් උපකරණ සමඟ සම්බන්ධ වීමෙන් සිදුවන අනතුරු.
(5) මල නොබැඳෙන වානේ 304 පුළුල් කළ ලෝහ දැලක්: එය දියමන්ති හැඩැති සිදුරු හැඩය ගනී, විවරය සහ ඝණකම පරිශීලකයාට අනුව සැකසීමට හා නිෂ්පාදනය කිරීමට හැකිය, ලක්ෂණ: අධික උෂ්ණත්ව ප්‍රතිරෝධය, ශක්තිමත් අම්ලය, ශක්තිමත් ක්ෂාර, ශක්තිමත් විඛාදන ප්‍රතිරෝධය, ක්‍රියාකාරිත්වය: රසායනික කම්හල් වල උපකරණ වේදිකාවන් සඳහා භාවිතා කරන අතර අධික කර්මාන්ත දූෂිත ප්‍රදේශ, යාන්ත්‍රික ආරක්ෂාව, පෙරීම වැනි ප්‍රබල නිෂ්පාදන ලක්ෂණ මඟින් පුළුල් කරන ලද ලෝහ දැලේ සේවා කාලය වැඩි කළ හැකිය.
(6) සිවිලිම පුළුල් කරන ලද දැල: 1.0x5.0mm ඝන විරෝධී දැලක්, ලක්ෂණ: ශබ්ද අවශෝෂණය, අඩු බර, ලස්සන, සරල ඉදිකිරීම්, දෛනික නඩත්තු කිරීම, ක්‍රියාකාරිත්වය: සිවිලිම පුළුල් කරන ලද ලෝහ දැලක් විශාල සම්මන්ත්රණ ශාලා, සිනමා ශාලා වල භාවිතා වේ කැරෝකී ශාලා, හෝටල්, දුම්රිය ප්‍රවේශ පත්‍ර ශාලා, වේදිකාව සහ අනෙකුත් සිවිලිම්.
පශ්චාත් වේලාව: ජූලි 23-2021 | hplt_2 |
ඒ පාර මොකක්ද මේ ...?
මේක මේ බ්ලොග් කළාවේ උන්නතිය වෙනුවෙන්, යහපත් සිතිවිල්ලෙන් පටන් ගත්ත වැඩක්, වැඩේ පටන් ගන්න ඉස්සරත් වැඩේ සාර්ථකයි කියලා හිතෙනවා. නමුත්, ඒක දිගටම ගෙනියන එක තමයි අපි කාගෙත් යුතුකම.
එතකොට මොකාද මේක කරන්නේ..?
මෙහෙම අහලා තිබුනේ මාරයා. ඇත්තටම ඒක ප්‍රශ්නයක් නේන්නම්. මේ අදහස මුලින්ම ඉදිරිපත් කළේ නලියට. මොකෝ මේ වගේ දේකට, බ්ලොග් වලින් විතරක් ප්‍රචාරය දීලා වැඩක් නෑ. ඊට පස්සේ කතා කලේ වෙද මහත්තයට, ඒ... වැඩිදුර උපදේශයක් එහෙම ගන්න ඕන නිසා. තවත් කීප දෙනෙකුටම කතා කලා. ඔවුන් හැමෝම වැඩේට සහයෝගය දක්වන්න එක පයින්. නලියයි මායි ඇඩ්මින්. වෙද මහත්තයා උපසේන. අනිත් අයගෙත් උදව් අනිවාර්යයෙන් බලාපොරොත්තු වෙනවා. | hplt_2 |
මීට මාස කිහිපයකට පෙර OnePlus 6 වෙළඳපොළට පැමිණියේය. එය ජාත්‍යන්තර වෙළඳපොලේ විශාල සාර්ථකත්වයක් ලබා ඇති චීන වෙළඳ නාමයේ නව ඉහළ පෙළේ ය. සුපුරුදු පරිදි, සමාගම එහි වැඩි දියුණු කළ අනුවාදයක් මත වැඩ කරමින් සිටී. අපි කතා කරන්නේ OnePlus 6T ගැන වන අතර එය දැනටමත් අප වෙත පැමිණෙන්නේ එහි දියත් කිරීමේ දිනය විය හැක්කේ අවම වශයෙන් තාවකාලිකව ය.
මෙම OnePlus 6T මාස කිහිපයකට පෙර දියත් කළ දුරකථනයට සමාන අනුවාදයක් වනු ඇත. සමහර වැඩිදියුණු කිරීම් අපේක්ෂා කෙරේ, නමුත් මේ වන විට මෙම වැඩිදියුණු කිරීම් සිදු කරන්නේ කුමන අංශවල දැයි නොදනී.
මෙම දුරකථනය ඔක්තෝම්බර් මාසයේදී වෙළඳපොළට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. එබැවින් නිෂ්පාදකයාගේ එක් එක් මාදිලි දෙක දියත් කිරීම අතර මාස පහක් ගත වනු ඇත. තරමක් කෙටි කාලයක් වන අතර එය දුරකථන දෙකේ විකුණුම් කෙරෙහි බලපායි.
එසේම OnePlus 6T මිල ඉහළ නැංවීමක් සමඟ පැමිණෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. නමුත් තහවුරු කිරීමට නොහැකි විය සමහර මාධ්‍ය කියා සිටින්නේ දුරකථනයට ඩොලර් 550 ක් වැය වන බවයි. එය වසන්තයේ දියත් කළ මුල් මාදිලියට සාපේක්ෂව ඩොලර් 20 ක සුළු මිල වැඩි වීමකි. මෙම නඩුවේ සුළු වෙනසක්.
සෑම වසරක් පාසාම එහි මාදිලි මිල ඉහළ යන නිසා වෙළඳ නාමයට නින්දා කරනු ලැබේ. එම නිසා වෙළඳපොළට ඒ සියල්ල හොඳින් නොලැබෙනු ඇත මෙම OnePlus 6T සඳහා සැලසුම් කිරීමට නියමිත මිල වැඩි කිරීම. මෙම මිල වැඩි කිරීම අවසාන නම්.
මෙම මොහොතේ දී මෙම OnePlus 6T හි හඳුන්වා දීමට යන වෙනස්කම් නොදනී. පසුගිය වසරේ මාදිලියේ නිර්මාණ වැඩිදියුණු කිරීම් සහ තවත් විශේෂාංග කිහිපයක් තිබුණි. නමුත් වෙනස්කම් අධික නොවීය. එමනිසා, මේ වසරේදී අපි එක් ආකෘතියකින් තවත් ආකෘතියකට විප්ලවීය වෙනසක් අපේක්ෂා නොකරන බව පෙනේ. | hplt_2 |
National Casino හි වෙබ් අඩවිය TechSolutions (CY) Group Limited (reg.number HE 377018) විසින් කළමනාකරණය කර ක්‍රියාත්මක කරනු ලබන අතර එය බිල්පත් නියෝජිතයෙකු ලෙස සයිප්‍රසයේ Nicosia හි Parthenonos 5, Flat 103, 2020 හි ලියාපදිංචි කාර්යාලයක් ඇති අතර TechSolut Group විසින් බලපත්‍රයක් ලෙස ක්‍රියාත්මක වේ. Abraham Mendez Chumaceiro Boulevard 50, Curaçao හි ලිපිනය සහිත (8048/JAZ2017-067). Kahnawake බලපත්‍රය අංක 00867 2021 මැයි 19 වන දින නිකුත් කරන ලදී. මෙය කැසිනෝව ආරක්ෂිත සහ ආරක්ෂිත බවට පැහැදිලි සලකුණකි.
ජාතික කැසිනෝ ක්‍රීඩකයින්ට කැසිනෝ ක්‍රියාකාරකම්වලට සහභාගී වීමට ඉඩ දීම සඳහා ක්‍රීඩකයන්ගේ පුද්ගලික දත්ත සැකසීමට නීතිමය බැඳීමක් ඇත. ක්‍රීඩකයින් කැසිනෝවේ රහස්‍යතා ප්‍රතිපත්තිය පිළිගත යුතු අතර, කැසිනෝව විසින් මෙම ප්‍රතිපත්තියට වරින් වර වෙනස් කිරීම් සිදු කළ හැක.
කැසිනෝ ශාලාවට එක් එක් ක්‍රීඩකයාගෙන් පුද්ගලික තොරතුරු රැස් කිරීමට අවශ්‍ය වන අතර ඔවුන් ඒවා පහත ආකාරයට භාවිතා කරයි:
ක්‍රීඩකයාගේ අනුදැනුමකින් තොරව කැසිනෝ ශාලාව කිසිදු පුද්ගලික තොරතුරක් රැස් නොකරනු ඇත. වංචා වැළැක්වීමේ සමාගම් වැනි සේවා සපයන්නන්ගෙන් කැසිනෝව නීත්‍යානුකූලව ඇතැම් තොරතුරු ලබා ගත හැකිය.
ජාතික කැසිනෝ ක්‍රීඩකයින්ට කිසිදු දත්තයක් සොරකම් නොකිරීමට ආරක්ෂිත සූදු සේවාවක් සපයන අතර, එම හේතුව නිසා ඔවුන් එවැනි ආරක්ෂාවක් සැපයීම සඳහා නවතම තාක්ෂණික ජයග්‍රහණ භාවිතා කරයි.
කැසිනෝව 128-bit SSL භාවිතා කරයි, එය බොහෝ නීතිමය සහ මූල්‍ය ආයතනවල භාවිතා කරන තාක්ෂණයයි.
ඊටත් වඩා, ජාතික කැසිනෝ වෙබ් අඩවියේ ඕනෑම ආකාරයක මූල්‍ය වංචාවක් වැළැක්වීම සඳහා වංචා-විරෝධී ශිල්පීය ක්‍රම භාවිතා කරයි. | hplt_2 |
පරමාධිපත්‍යයට බලපෑම් කරන වගන්ති නෑ : ජීඑස්පී සහනය ගැන ඇමැති කෙහෙළිය...
(නිලුක සඳුන් පද්මසිරි) ජීඑස්පී ප්ලස් සහනය ලබාදීම හෝ කප්පාදු කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කිරීම මත මෙන්ම ත්‍රස්තවාදී සංවිධාන සමග සමගි සන්ධානයට එළැඹීම හෝ ගිවිසුම් ගතවීම...
කොරෝනා පාලනය සංසන්දනයෙන් ජනාධිපති මාධ්‍ය අංශය ජනතාව නොමග යවයි?
කොරෝනා පාලනය පිළිබඳව ලෝකයේ ධනවත්ම රටවල් 10 සමග සසඳා බැලීමේදී ශ්‍රී ලංකාවේ තත්ත්වය පෙන්නුම් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය දත්ත වගුවක් සහ නිවේදනයක් ඊයේ (07)...
සාගරයේ හෙට දවස වෙනුවෙන් පියවර රැසක් ගත්තා – අගමැතිගේ නිවේදනය අභියෝගයට...
කොළඹ වරාය ආසන්න මුහුදේදී අනතුරට පත් නෞකාවෙන් සිදු වූ හානිය වන්දි මුදලක් මගින් තක්සේරු කළ නොහැකි බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා කියයි. ඒ තුළින් මෙරට...
ඇමැති කෙහෙළිය කිව්වේ බොරු – ස්පුට්නික් එක් මාත්‍රාවක් ගැන ලංකාවේ විශේෂඥ...
(නිලූක සඳුන් පද්මසිරි) ස්පුට්නික් එන්නතේ එක් මාත්‍රාවක් පමණක් ප්‍රමාණවත් බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා දිගින් දිගටම ප්‍රකාශ කළේය. ඔහු ඒ...
හමුදාපතිගේ බොරුවේ පදනම පැහැදිලි නෑ : අපි කියන්න ඕන හැමතැනටම කියලා...
(නිලූක සඳුන් පද්මසිරි) රට වහන ලෙස හෝ ඒ හා සම්බන්ධ තීරණ වෛද්‍ය සංගම් මාධ්‍ය හමුවේ පැවසුවද, එම යෝජනා ජනාධිපතිවරයාට හෝ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ කාර්යසාධක බලකායට...
FBI වාර්තාව මෙන්න – නවුෆර් මවුලවි ගැන ඇමැති වීරසේකර කියන්නේ ඇත්තම...
(නිලූක සඳුන් පද්මසිරි) නවුෆර් මවුලවි පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන චරිතය බව ඇමෙරිකානු ෆෙඩරල් විමර්ශන කාර්යාංශය (FBI) සනාථ කර ඇතැයි ද, ඔහු ප්‍රහාරයේ මහ මොළකරු භූමිකාව රඟපා...
එන්නත් මිශ්‍ර කිරීමට විශේෂඥ අනුමැතිය නෑ – පර්යේෂණ පමණයි : ගම්මන්පිලගේ බොරුවේ ඇත්ත...
(නිලූක සඳුන් පද්මසිරි) කොරෝනා මර්දන එන්නත් වර්ග දෙකක් මිශ්‍ර කර එන්නත්කරණය කිරීමේ ගැටළුවක් නොමැති බවට සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක උදය ගම්මන්පිල මහතා පසුගිය 11 වැනිදා...
‘සම්බන්ධයක් නෑ : ඔබ හරි’ – ජනපතිගේ දුරකතන සංවාදය ගැන ලෝක...
(නිලූක සඳුන් පද්මසිරි) චීන සයිනොෆාම් එන්නතට ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමැතිය ලබාදුන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා කළ ඉල්ලීමක් අනුව බවට ජනාධිපතිවරයාගේ මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක මහතා සිය...
‘අප වෙනුවෙන් ඔබ තවමත් ඉදිරිපත් වී නෑ’ : කාදිනල් හිමියන් හඳ...
(තරිඳු ජයවර්ධන) 'පාස්කු ඉරුදින ප්‍රහාරයට යුක්තිය ඉටුවීම ප්‍රමාද වන විට එය රටේම ප්‍රශ්නයක් සේ සලකා ඊට ප්‍රමුඛත්වය දී අප වෙනුවෙන් ප්‍රබල හඬක් නැගීමට ඔබ තවමත්...
ව්‍යාජ තොරතුරු පැතිරවූ අලි සබ්රි අත්අඩංගුවට නොගන්නේ ඇයි?
හැමදේටම අයිතිකාරයන් ඉන්න ලංකාවේ, නීතියේ වර්තමාන අයිතිකාරයා වන්නේ අලි සබ්රි ඇමැතිවරයා ය. තමන්ගේ පාලන කාලයේ සියල්ලන්ට සමානව නීතිය ක්‍රියාත්මක කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ... | hplt_2 |
ඔබ මුදල් අපහසුතාවයකින් පෙලෙයි. ඔබට ණයක් ලබාගැනීමට අවැසිය. ඒ සඳහා ඔබ සතුව විකල්ප තුනක් පවතී.
1) පසු ගිය දශකය පුරාම ණය ලබාදුන් පුද්ගලයා
2) මීටකලින් ඔබට ගිනිපොලියට ණය ලබාදී වංචා කර අසුවී ගමෙන් පන්නන ලද පුද්ගලයා
3) ණය ලබා දී පුරුද්දක් නොමැති නමුත් ඉහත (2)ගිනි පොලී කාරයාගේ ගජ මිත්‍රයෙකු ලෙසට සැලකෙන ඔහුව රැක ගැනීමට වක්‍රව සහය දෙන ගිනිපොලි කරුවාගේ මුදලින් දිවි ගෙවන පුද්ගලයා
ඔබට විකල්ප තිබීමට පුලුවන. නමුත් ඔබ තෝරා ගත යුත්තේ "හොඳම" විකල්පය මිස ඔබව රවටන විකල්පයක් නොවේ. ඔබව රැවටූ ගිනි පොලීකරුවා වෙනුවට ඒ ගිනිපොලී කරුවා රැකගැනීමට කටයුතු කරන, ඒ ගිනිපොලී කරුවාගෙ මුදල් මත යැපෙන හොර රහසේ ගිනිපොලී කරුවා සමග බාල් නටන පුද්ගලයාගෙන් ඔබ ණය ගන්නේනම් ඔබ තරම් මුග්ධයෙක් තවත් සිටීද?
ඔබේ කතාව නිමි
වත්මන් දේශපාලන තත්වය දෙස බැලීමේදී උක්තාකාරයේ සංසිද්ධියක් අපට පැහැදිලිව දැකගන්නට ලැබී ඇත. එනම් එක්සත් ජනතා නිදහස් සංධානයට එරෙහිව කටයුතු කරන එක්සත් ජාතික පක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණ දැකීමෙනි.
බැලූ බැල්මට ඔබට එකිනෙකට වෙනස් මාවත් ඔස්සේ යන පක්ෂ දෙකක් ලෙස එජාපය හා ජවිපෙ පෙනීමට ඉඩ ඇත. නමුත් මේ දේශපාලන පක්ෂ දෙකෙහි ඇති සබඳතාව අද වනවිට දේශපාලන විඥ්ඥානයක් සහිත ඕනෑම පුද්ගලයෙකුට රහසක් නොවේ. එජාපය යනු පසුගිය 30 වසර ඇතුලත රටට ද්‍රොහී කම් කල රට වැනසීමට කටයුතු කල රට බෙදීමට කටයුතු කල පක්ෂයකි. හැට දහසක් තරුණයන් මරා දමමින් රාජ්‍ය ආයතන විකුනා කමින්, රට පුරා පාතාලය මගින් ස්ව ආධිපත්‍යය පතුරවමින් කටයුතු කල පක්ෂයකි. ඒ නිසා ඒ පක්ෂයේ කුප්‍රකට කම ගැන කතාකිරීම කාලය අපතේ යැවීමකි.
ජනතා විමුක්ති පෙරමුනේ ගමන්මග පිලිබඳ කතිකා ඇති බැවින් ඒ පිලිබඳ ඉතිහාසයේ සිට සරලව විමසා බලමු
ජනතා විමුක්ති පෙරමුණ යනු "අධිරාජ්‍යවිරෝධී අරගලය ඔස්සේ සමාජවාදය" යන සංකල්පය පෙරදැඩිව ගමන්ගත් පක්ෂයකි. කුමන විවේචන ඇතත් රෝහණ විජේවීර සහෝදරයා ශ්‍රී ලංකාවට ඇති අධිරාජ්‍යවිරෝධී බලපෑම හොඳින් දුටු, ඒ මත තම පක්ෂය ගොඩ නැගූ අයෙකි. අනෙක් වමේ ව්‍යාපාර වලින් ජවිපේ වෙන් වන ප්‍රධාන කාරනය වන්නේ දේශප්‍රේමයයි. රටේ ඒකීයභාවය වෙනුවෙන් ජවිපේ කොන්දේසි විරහිතව පෙනීසිටි යුගයක් ද විය. ඒ වෙනුවෙන් ජවිපේ එදා තම දිවි පරදුවට තබා කටයුතු කරන ලදී. 60,000ක් තරුණ තරුණියන් ව එජාප අන්ඩුව විසින් සෙත්සිරිපාය, මත්තෙගොඩ,බටලන්ද ආදි වධකාගාරයන්ට ගෙන ගොස් දස වධ දී අමු අමුවේ මරා දමනු ලැබුඒ මේ 88/89 භීෂණ සමයේදීයි. අත් අඩංගුවට ගත් රෝහණ විජේවීර සහෝදරයාගෙන් අවි බිම තබා යටත් වෙන ලෙස ප්‍රකාශයක් සටහන් කොටගෙන ඔහුව බොරැල්ල කනත්තට ගෙන ගොස් දසවධ දී වෙඩි තබා පණ අදින සිරුර ටයර් සෑයකින් වසාලූයේද එසමයෙහි එජාප ආන්ඩුව මගිනි.
මෙසේ මර්ධනයට ලක්වූ ජවිපේ නිදහස් පක්ෂය මූලික කරගත් පොදුජන එක්සත් පෙරමුණ කාලකාල වකවාණුවේ නැවත තම දේශපාලන ගමන ඇරඹූහ. ස්ථානෝචිතව ද තම ප්‍රධාන සතුරා වන අධිරාජ්‍යවාදය හඳුනාගනිමින් ද ඔවුන් ගෙනගිය සටන රටේ ජනතාව සිත්ගත්තේය. දේශ්ප්‍රේමියෝ ජවිපේ වටා එක්වූහ.
2004 මහ මැතිවරණය ජවිපේ ප්‍රජාත්‍රන්ත්‍රවාදීව ගත් ඉහලම ජයග්‍රහණය විය. එක්සත් ජනතා නිදහස් සංධානයෙන් මැතිවරණ සටනට බට ජවිපෙ ආසන 39ක් ලබා ගැනීමට සමත් විය. මහින්ද රාජපක්ෂ ජනාධිපති කිරීමෙහි ලා ප්‍රධාන ජනබලමුලු රොදගැන්වීම සිදුකරන ලද්දේත් ජවිපෙ විසිනි.
2005න් පසු ජවිපේ හැසිරීම කෙමෙන් කෙමෙන් වෙනස් වන්නට විය.
මෙතෙක් කල් සිට ලැබුනු බලයත් සමග තමන්ගේ නායකයා වන රෝහණ විජේවීර පෙන්වන ලද දේශප්‍රේමය පිලිබඳ කාරනා ජවිපේ ශබ්දකෝශයෙන් ගිලිහෙන්නට විය. තමා වටා සිටි දේශප්‍රේමී කඳවුරු වලට කොකම්පාන්නට විය. ජාතිකවාදි ව පෙලගැසුනු ජවිපේම නායකයින්ව හා සමාජ බුද්ධිමතුන්ව කොන්කරන්නට විය.
මිනීමරු අමන කොටි ත්රස්තවාදීන්ගේ පරාජය ඇස් ඉදිරිපිට පෙනෙන මොහොතක හුදෙක්ම තමාගේ බල අරමුණු වස් වැඩවර්ජන සංවිධානය කරන්නට විය.
අවසානයේ සියල්ල පුපුරා යන්නේ ජවිපෙ පර්ලිමේන්තු කණ්ඩායම් නායකයා වන විමල් වීරවංශ ඇතුලු 11 දෙනෙකු පක්ෂය හැරයාමත් සමගයි. ඉන්පසුව ජවිපෙ අධිරාජ්‍යවිරෝධී තම මූලෝපායන් හා අභිමත ඉවත දමා අධිරාජ්‍යවාදි ගැත්තන් සමග කෙලිදෙලින් යහන් ගතවන්නට විය. තම සාමජිකයින් සිය දහස් ගණනක් මරා වධ බන්ධනයන්ට ලක්කිරීමට අණ දෙන ලද රනිල් වික්‍රමසිංහ හා එක්ව ඒකීය රාජ්‍යය රැකගැනීමට වෙර දරන ලද මහින්ද රාජපක්ෂ පරාජය කිරීමට කුප්‍රකට උත්සාහයක් දරන ලද අතර ජනතාව විසින් එය ප්‍රතික්ෂේප කරනු ලැබුවේ මහ මැතිවරණයේදී කලින් 39ක්ව තිබූ ආසන 3 කට අඩු කරවමිනි.
එතැන් පටන් ජවිපේ මූලෝපායන් අධිරාජ්‍යගැති වූ අතර මේ තත්වය නායකයාට පවා පාලනය කරගත නොහැකි වූ බව එකල නායකයා වූ සෝමවංශ අමරසිංහ මහතාට අවසානයේදී හෙලි කිරීමට සිදුවිය. අධිරාජ්‍යවාදයේ ග්රහනයට රටේ ප්‍රභලතම සමාජවාදි පක්ෂය පවා හසුවීම ඉතා දුක්ඛිත තත්වයක් වූ අතර අවසානය වනවිට ඇමරිකාවේ ශ්‍රී ලාංකික කුක්කා වන එජාපයේ කුක්කා බවට පත්වීමට ජනතා විමුක්ති පෙරමුණට සිදුවිය.වත්මන වනවිට පක්ෂය හසුරවන 4 දෙනාගේ කල්ලිය පිලිබඳව සෝමවංශ මහතා හෙලි කොට අවසානය. තමා ජවිපෙට මුදල් ආධාර කල බව එජාපය විසින් ද ප්‍රසිද්ධියේ පවසා ඇත.දැන් එම පක්ෂයේ පාවා දෙන්නට වස්ත්‍රයක් හැඳ සිටීමට හැකියාවක් නැති වුවද, එජාපයේ පිහිටෙන් ඔවුන් ජනයා මුලා කරමින් රංගනයේ යෙදෙනු දක්නට ලැබේ. කෙසේ හෝ අවසානයේ එජාපයෙන් ගිලිහෙන ඡන්ද සංධානයෙන් උදුරාගෙන එජාප+ජවිපෙ+ දෙමළ සංධාන ජාතික ආන්ඩුවක පිහිට පැතීමට මේ වෙනවිටත් කුමන්ත්රන දියත් වී අවසන්ය. රට හමුවේ ඇති මේ අභියෝගය ඔබ හඳුනා ගතයුතුව ඇත. නැතහොත් සිදුවන ඓතිහාසික වරදට ඔබේ දරුවන්ගේ ලෙයින් පවා වන්දිගෙවීමට සිදු වනු ඇත.
ජවිපේ එදා සහ අද වෙනස ඔබේ අවධානයට යොමු කල යුතුය
ජවිපෙ එදා අධිරාජ්‍යවාදීන්ගේ මූලෝපායන්,උපක්‍රම ගැන කතා කලහ. අද අධිරාජ්‍යවාදය පිලිබඳ ඔවුන්ට මතකයක් නැත
එදා ජවිපෙ ඒකීය රාජ්‍ය සංකල්පය නොමැතිව සංධාන මැතිවරණ ප්‍රකාශයකට පවා අත්සන් නොකලහ. අද ඔවුන්ගේම මැතිවරණ ප්‍රකාශයෙන් ඒකීය භාවය හැලී ගොසිනි.
වෙනදා ජවිපෙ වටා එක්වූයේ රණවිරුවන් හට ගෞරව කල, සංස්කෘතියට සභ්‍යත්වයට ගරුකල දේශහිතෛශී ජාතික ව්‍යාපාරය වැනි ජාතික බලවේගයි. අද ජවිපෙ වටා සිටින්නේ ගණිකා වෘත්තිය නීතිගත කිරීමට කැසකවන, සංස්කෘතිය සභ්‍යත්වය පසෙක තබා සමලිංගිකත්වය කරපින්නා ගත් යුධවිරුවන් "අටපාස් නැති මෝඩයින්" යැයි හඳුන්වන "අලුත් පරපුර" ලෙස මුහුනු දමාගත් සංස්කෘතික ඝාතක පැරණි "X" කණ්ඩායම් ය
එදා ජවිපෙ වෙනුවෙන් නඩු වලට පෙනී සිටියේ රටේ ඒකීයභාවය වෙනුවෙන් දිවි හිමියෙන් කැපවූ එස් එල් ගුණසේකර වැනි දේශමාමක නීතීඥවරුන් ය. අද ජවිපෙ වෙනුවෙන් පෙනී සිටින්නේ ඩොලර් ෆ්රැන්ක් ක්‍රෝන උදෙසා තම මෑනියත් වුවද ගණිකා වෘත්තියේ යොදවන ජේ සී වැලිඅමුණ වැනි පාදඩ එන්ජීඕ බත් බැලයින් ය
එදා ජවිපෙ මුලසුන හොබවන ලද්දේ ගුණදාස අමරසේකර වැනි ජාතිකවාදි ප්‍රාඥයන්ය. අද ජවිපෙ මුලසුන හොබවන්නේ සංගීත සංදර්ශන වල කාන්තාවන් නිරුවතින් නැටවූ සුනිල් පෙරේරා වැනි ඇමරිකන්වාදියෝය.
මෙලෙස ජවිපෙ එදා සහ අද තත්වය සන්සන්දනය කලහොත් ඔබට ජවිපෙ වත්මන් දේශපාලන මන්දබුද්ධිකභාවයත් මුලෝපායන්ගේ පාවාදීමත් ජනතාව රැවටීමත් සක්සුදක් සේ හඳුනාගත හැකිය.
මේ කරුණු දැක දැක යම් කෙනෙක් ජවිපෙට ඡන්දය ප්‍රකාශ කරයි ද එක්කෝ ඒ එකසත් ජාතික පක්ෂයට ඡන්දය දීමට ලැජ්ජාවෙන් සිටින එජාප සාමාජිකයෙකි. නැත්නම් කැපුවත් රතු මානසිකත්වයෙන් සිටින කාඩර්වරයෙකි
ඔබ සැබෑ ජවිපෙ සාමාජිකයෙක්නම් ඔබ කලයුත්තේ රෝහණ විජේවීර සහෝදරයා ඔබට පෙන්වන ලද මාර්ගය අවබෝධකොටගෙන සැබෑ අධිරාජ්‍යවිරෝධී කන්ඩායම වෙත ඔබේ ඡන්දය ලබාදීමයි. හුදෙක් වෙනසක් වශයෙන් ජවිපෙ කරා ඔබේ විශ්වාසයක් ඇතිනම් මේ ඔබට ඒ විශ්වාසය අලුයම ලූ කෙලපිඩක් මෙන් ඉවත් කිරීමට කාලයයි..!
ගිනිගන්නා ඡන්ද භූමියෙහි ඔබේ ඡන්දය ජවිපෙ බළල් අතින් එජාපයට බා ගැනීමට කැසකවන මේ අවස්ථාව ඔබ හඳුනාගත යුතුව ඇත. නැතහොත් ඔබ පසුපස එන හැටදහසක් වූ ඒ ජාතික විමුක්ති අරගලය වෙනුවෙන් දිවිපිදූ තරුණ තරුණියන්ගේ ආත්ම වලින් ඔබට නිදහසක් නැතිවනු ඇත. ඔබ මියගිය පසු ඔවුන් ඔබේ සොහොන් වලට පවා සාප කරනු ඇත !!
සතුරා හඳුනාගනිමු ! රටේ ඒකීයබව, නොපෙනෙනා සින්තටික් වචන වෙනුවෙන් පාවා නොදෙමු !
මාතෘ භූමියට ජයවේවා! ලක් මාතාව යෙහෙන් දිගුකල් රැකේවා !!
~ඉසුරු රන්දෙනිකුමාර~
යුතුකම සංවාද කවය | hplt_2 |
ජනවාරි 8 වනදා තමන් සමරන්නේ වෙන කිසිවක් නොව මෙරට බිහිවූ ශක්තිමත්ම සිංහල බෞද්ධ පාලනය බිඳ වැට්ටවීම බවත් දැන් සිංහලයා වෙනුවෙන් පෙනී සිටින සිංහල ජාතිකවාදී දේශපාලනයේ මළගම සිදුවී අවසන් බවත් නිර්මාල් රංජිත් දේවසිරි මහතා පවසයි. තම ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ "උදාන වාක්‍ය" පළ කර තිබේ.
ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය සංවිධානයේ ක්‍රියාකාරිකයෙකු ලෙස ජනවාරි 8 සිරිසේනගේ ජයග්‍රහනය වෙනුවෙන් වෙහෙසවූවෙකි.
යහපාලන ආණ්ඩුව යැයි තමන් මේ ආණ්ඩුවට නොකියන බව අද පවසන මේ කුහක උගතා එදා (විශේෂයෙන් ජනාධිපතිවරණ සමයේ) මාධ්‍යය වල කියා සිටියේ සිරිසේන අවශ්‍ය වන්නේ යහපාලනය ගෙන ඒමට බව මිස සිංහල බෞද්ධ ජාතිකත්වය පැරදවීමට කියා නොවේ. අපි එදාද මේ කුහකයන්ට අවැසි යහපාලනයක් නැති බවත් මොවුන්ට ඕනා එකම දෙය ඔවුන්ගේ නිධන්ගත රෝගය වන සිංහලත්වය සහ බෞද්ධත්වය හා සමඟ ඇති බද්ධ වෛරය පිරිමසා ගැනීම පමණක් බවත් දැන සිටියෙමු. යුතුකම සංවාද කවයේ අපි දිගින් දිගටම කියා සිටියේ මේ පාපී දුෂ්ඨ කුහකයන්ගේ සිංහල බෞද්ධ වෛරය නැමැති ටොපිය ඔතා තිබෙන යහපාලනය නමැති ව්‍යාජ දවටනයට නොරැවටෙන ලෙසයි. මෙලෙස සිංහල බෞද්ධ ජාතිකත්වයට වෛර කරන උන් එවැන්නන් බවට පත්වන්නේ කුමන කාරණයක් නිසාද යන්න ගැන පරීක්ෂණ පැවැත්විය යුතුය. මෙවැන්නන් සියල්ලන්ම පාහේ බිහි වන්නේ කලා විෂයන් හදාරන්නන් අතරින් වීමද සුවිශේෂි ලෙස සැලකිල්ලට ලක් කළ යුතු කරුණක් වන අතර වර්තමානය වන විට බොහෝ විටම සිංහල බෞද්ධ ජාතිකවාදී ක්‍රියාකාරීන් බිහි වන්නේ විද්‍යා ගණිත විෂයන් හදාරන අය අතරින් වීමද කැපී පෙනෙන ලක්ෂණයකි (භික්ෂූන් වහන්සේලා හැර). මෙසේ වීමට ගැඹුරු සමාජයීය කාරණා බලපානවා විය හැකිය.
රටේත් සියළු ජාතීන්ගේත් අවාසනාවට සිංහලයන්ගෙන් කොටසක් විශේෂයෙන්ම අත්දැකීම් අඩු බාල පරපුර යහපාලනය නමින් යමක් ඇතිවෙතැයි විශ්වාස කළේය. නිර්මාල් වැනි කුහකයන් විසින් රවටනු ලැබුනු සිංහලයන්ට සිංහලත්වයට එරෙහි වීමේ වුවමනාවක් තිබුනේ නැත. අද නිර්මාල්ලාගේ අරමුණ සාක්ෂාත් වී ඇත. සිංහලයන් පරාජය වී ඇත. සිංහලයන්ගේ පරාජය යනු සිංහලයන්ගේ පමණක් පරාජයක් නොවේ. එය සියළු ජාතීන්ගේ පරාජයකි. සිංහලයන් පරදවා ඇති කළ හැකි සංහිදියාවක් නැත. දැන් සිදුවෙමින් පවතින්නේ සංහිදියාවේ නාමයෙන්ම සංහිදියාව නැති කිරීමයි.
සිංහලයා පැරැද්දවූ සිරිසේනගේ ජයග්‍රහණය ගැන එයට කර ගැසූ සිංහල වෙස් ගත් තක්කඩියන් කියන්නේ කුමක්ද? ඒ තක්කඩියන් නිර්මාල්ලා පවසන මේ "ජාතිකවාදයේ මලගමට" අදද දවුල් බෙර ගැසීමෙන් සහය වෙමින් සිටිනවා නොවේද? එසේම සිංහලයන් පැරදවීමට පාවිච්චි කළ සිරිසේනගේ වර්ෂ පූර්ණය නිමිත්තෙන් මෙරට අතීත රජ දරුවන් අහසින් පැමිණ "නුඹ අපේ මිනිසෙක්" කියනා කල්හි නිර්මාල් වැන්නන් ගෙයි සාලේ පෙරලී පෙරලී සිනාසෙනවා විය යුතුය.
නිර්මාල් දේවසිරි මහතාගේ සම්පූර්ණ ෆේස්බුක් සටහන >>
"ජනවාරි 8" මා සමරන උරුමය කුමක්ද?
- නිර්මාල් රංජිත් දේවසිරි--- අදට 2015 ජනාධිපතිවරණයට වසරකි. ඒ වෙනුවෙන් ආණ්ඩුව රාජ්‍ය මට්ටමෙන් සැමරුම් උත්සව සංවිධානය කර ඇත. මටත් ඒ සදහා ආරාධනා ලැබී තිබේ. ඒවාට සහභාගී නොවීමට මම තීරණය කළෙමි. (මා ඒ වෙනුවෙන් පළ කෙරෙන ලිපි එකතුවට ලිපියක් පමණක් ලීවෙමි. ලිපි එකතුව සංස්කරණය කරනු ලබන්නේද රාජපක්ෂ තන්ත්රයේ ප්‍රකට ආරක්ෂකයෙකු වූ මගේ මිත්‍රයෙක් වීමද උත්ප්රාස ජනකය.) ඒ ඔවුන් සමරන දේ හා මා සමරණ දේ අතර වෙනසක් ඇති නිසාය. මා සමරන්නේ පශ්චාත්-යටත්විජිත ලංකාවේ පැවැති ශක්තිමත්ම සිංහල-බෞද්ධ හෙජමොනික පාලන තන්ත්රයේ බිද වැටීමයි. ව්‍යාජ රැඩිකල් වාමාංශිකයින් මොනවා කීවද එය ඉතා තීරණාත්මක දේශපාලන සංසිද්ධියකි.
--- රාජපක්ෂ තන්ත්රයේ මෙම බිදවැටීම කොතරම් තීරණාත්මකද යන්න රාජපක්ෂ තන්ත්රයට සෙවන දුන් සිංහල-බෞද්ධ ජාතිකවාදයේ දෘෂ්ටිවාදී කේන්ද්‍රයේ සිටින පිරිස් වලට මෙම පරාජය ක්ෂතිමය අත්දැකීමක් වී ඇති ආකාරයෙන් පෙනේ. ("යුතුකම සංවාද කුළකය" නමින් ගොනුවී ඇති පිරිස්වල කතිකාව පරීක්ෂා කිරීම මෙහිදී වැදගත්ය.) රාජපක්ෂ පරාජය කොට සිරිසේන ජයග්‍රණය කලේ ලක්ෂ 62 ට 57ක් වශයෙනි. මෙහි තීරණාත්මක බව තේරුම් ගත යුත්තේ ජනාධිපතිවරණය සම්බන්ධව ඊට පෙර රාජපක්ෂ කදවුර තුළ පැවැති තක්සේරුව දෙස බැලීමෙනි.
--- මහාචාර්ය නලින් ද සිල්වා ප්‍රකාශ කලේ සිරිසේන ෆොන්සේකා තරම්වත් ඡන්ද ගන්නේ නැති බවයි. දකුණේ ජනයා සිංහල-ජාතිකවාදයට පිටින් සංවිධානය කීරීමට ඇති හැකියාව ඓතිහාසික වශයෙන් අවසන්ව ඇතැයි ඔවුහු තීරණාත්මක ලෙස විශ්වාස කළහ. සිදුවුනේ කුමක්ද යන්න පිළිබදව තවමත් ඔවුන්ට තක්සේරුවක් නැත. ඔවුන්ට අනුව එය බටහිර හා ඉන්දීය තානාපති කාර්යාල වල කුමන්ත්රණයකි.
--- දැන් සිංහල-ජාතිකවාදයේ දේශපාලන මදුසමය අවසන්ය. තම පුතුන්ගේ දේශපාලන අනාගතය හා පවුලේ පැවැත්ම වෙනුවෙන් මහින්ද රාජපක්ෂ ද සිංහල ජාතිය පාවාදීමට බොහෝ දුරට ආසන්න බව මගේ මේ මොහොතේ තක්සේරුවයි. කොහොමත් ඔහු කළේ වැල යන අතට මැස්ස ගැසීමයි. ගුණදාස අමරසේකරට දැන් ඊළග ගැලවුම්කරුවා (Messiah) එනතුරු "ගමනක මුල" නැවත ලිවීම ආරම්භ කිරීමට පුලුවන. ඒ සදහා මම ඔහුට චිර ජීවනය ප්‍රාර්ථනා කරමි. අව්‍යාජ සිංහල ජාතිකවාදීන් ගේ ලේ රත් කරමින් දැන් "සිංහ ලේ" විවෘතවම කරළියට පැමිණ ඇත. සිංහල ජාතිකවාදය (හෙගලියානු අර්ථයෙන්) එහි දයලෙක්තික වර්ධනයේ තීරණාත්මක අවසානයට පැමිණ ස්ව්යං-විනාශය කරා ගමන් කරමින් සිටී. "සිංහ ලේ" ව්‍යාපාරය ඒ අවමගුල් පෙරහැරේ මිනී බෑන්ඩ් එකයි (ජාත්‍යන්තරවාදීනි!!! කරුණාකර ඔවුන්ට බාධා නොකරන්න!!!). “අව්‍යාජ" සිංහල ජාතිකවාදීන් මෘත කලේබරය පසුපස විලාප තියමින් ගමන් කිරීම අපට දැකිය හැක.
--- ඊනියා යහපාලන ආණ්ඩුවේ (මම මේ ආණ්ඩුව සදහා යහපාලන ආණුඩුව යන වචනය භාවිතා නොකරන බව සලකන්න) පළමු වසර සැමරීමට මට කිසිදු වුවමනාවක් නැත. මා සම්බන්ධ වන්නේ ජනවාරි 8 සිදුවූ වැදගත් දේශපාලන විපර්යාසය පසුපස පැවැති පොදු අභිලාෂ ඉදිරියට ගෙනයාමේ අරගලයකටයි.
ජනාධිපතිවරණ සමයේ යහපාලන වෙස් ගෙන සිටි නිර්මාල්ලා ඊට මාස හය හතකට පෙර තම 'පොදු අපේක්ෂක මෙහෙයුමේ' අරමුණ පැහැදිලි කළ විරල අවස්ථාවක් පිළිබඳ සටහනක් පහත සබැඳියෙන් >>
‘අපි මාදුළුවාගේ හිමි ජනාධිපතිවරණෙට ගේන්නේ සිංහලයා පරද්දන්නයි’ – නිර්මාල් රංජිත්ගේ ඌරු මාලු තියරිය
මේ තක්කඩියන් ජනාධිපතිවරණ සමයේ තමන්ගේ මේ දුෂ්ඨ අරමුණ යට ගසා ව්‍යාජ 'යහපාලන' වේශයක් ගත් හැටි සිහි කරගන්න. මොවුන්ට ඕනකර තිබූ යහපාලන ඉටි ගෙඩියක් නැති බවත් අවශ්‍යව තිබුණේ සිංහල බෞද්ධයාට යම් දේශපාලන බලයක් තිබුණිනම් එයද අහෝසි කර දමා රට බෙදා දෙමළ ජාතිවාදය පිනවීම බව තවමත් නොතේරෙන තොත්ත බබාලා වෙත්ද?
-යටියන ප්‍රදීප් කුමාර
යුතුකම සංවාද කවය
www.yuthukama.com
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.
(Like us on facebook)
https://www.facebook.com/yuthukama | hplt_2 |
සත්කාරක බංගලාදේශය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ පළමු තරගයේ බංගලාදේශ පිල මුහුණ දෙන පළමු ඉනිම මේ වනවිට චිතගොං හිදී පැවත්වෙන අතර දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට බංගලාදේශය කිසිවකු නොදැවී ලකුණු 157 රැස් කර ඇත.
මහමුදුල් හසන් ලකුණු ලකුණු 58ක් සහ තමීම් ඉක්බාල් ලකුණු 89 රැස් කර තිබේ.
තරගයේ කාසියේ වාසිය දිනා ප්රථමයේ පන්දුවට දුන් ශ්‍රී ලංකා පිල ලකුණු 397ක් රැස් කළේය.
ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 199 ක්ද, දිනේෂ් චන්දිමාල් ලකුණු 66 ක් සහ කුසල් මෙන්ඩිස් ලකුණු 55 රැස් කළේය.
එමෙන්ම ඕෂධ ප්‍රනාන්දු ලකුණු 36 ක් ශ්‍රී ලංකා පිල වෙනුවෙන් රැස් කළ අතර නායක දිමුත් කරුණාරත්නට රැස් කළ හැකි වූයේ ලකුණු 9 ක් පමණි.
බංගලාදේශය වෙනුවෙන් විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වුණු නයීම් හසන් කඩුලු 6 ක් දවා ගත් අතර ශකීබ් අල් හසන් කඩුලු 3ක් බිඳ හෙලූහ.
තරගය 15 වැනිදා ඇරඹුණු අතර අද ක්‍රියාත්මක වෙන්නේ තරගයේ තෙවැනි දිනයයි.
සබැඳි පුවත්
ඇන්ජිගේ දිවිත්ව ශතකය ලකුණෙන් ගිළිහෙයි | hplt_2 |
ශ්‍රී ලංකා ක්‍රිකට් හි ඛෙත්තාරාම අධි තාක්ෂණික මධ්‍යස්ථානයේ ප්‍රධානියා ලෙස ඕස්ට්‍රේලියානු ජාතික ටිම් මැකක්ස්කිල් මහතා පත් කර ඇත.
මීට පෙර ඔහු එහි දේශීය අංශය භාරව කටයුතු කළ අතර ජෙරොම් ජයරත්න මහතා ජාත්‍යන්තර අංශය භාරව කටයුතු කළේය.
ජෙරොම් ජයරත්න මහතා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරි ලෙස පත් කර ඇත.
ඉදිරියේදී අධි තාක්ෂණික මධ්‍යස්ථානයේ හා එහි පුහුණුකරුවන්ගේ වෙනස් කම් රැසක් සිදුවනු ඇතැයි වාර්තා වේ.
පසුගිය දිනවල දැනට සිටින පුහුණුකරුවන් හා අලුතින් අයැදුම් කර ඇති පුහුණුකරුවන් සඳහා සූම් තාක්ෂණය ඔස්සේ සම්මුඛ පරීක්ෂණ පවත්වා ඇත. | hplt_2 |
මෙම ශීත visit තුව නැරඹීමට සුවපහසු කිල්ඩෙයා ෆයර්සයිඩ් 5 ක්
බියර්, ආහාර සහ ගොරවන ගින්නක් - මෙම ශීත ඍතුවේ දී කුකුළා උණුසුම් කිරීමට ඔබට තවත් අවශ්‍ය වන්නේ කුමක්ද?
පිටත සීතල වූ විට විවෘත ගින්නකින් විවේක ගැනීම පරිපූර්ණ ශීත සවාරිය පිළිබඳ අපගේ අදහසයි, එබැවින් අපි ඔබ උත්සාහ කළ යුතු යැයි සිතන කිල්ඩෙයාර් හි ඇති සුවපහසුම ෆයර්සයිඩ් පහක් වට කර ඇත.
සුවපහසු සෝෆා මත විවේක ගන්න සහ ඇවිලෙන ගින්නක උණුසුම විඳිමින් - මෙම මනරම් ගින්දර ඔබේ නිවසින් බැහැර නිවසක් මෙන් සලකන්නැයි කෑගසයි.
කේ ක්ලබ්
Instagram හි මෙම පෝස්ටය බලන්න
Co Kildare හි ඇති සුවපහසුම ෆයර්සයිඩ් මෙයද? කේ ක්ලබ් නත්තල සමරන ආකාරය සහ ගින්දරේ විවේකී සැන්දෑවක් රසකැවිලි සහිත වයින් වීදුරුවක් හෝ උණු චොකලට් වීදුරුවක් සමඟ අහසට නැඟෙන්නේ කෙසේදැයි දැන ගන්න.
කිලෂී
Instagram හි මෙම පෝස්ටය බලන්න
ඒ ගින්දරෙන් එන උණුහුම නිකම්ම දැනෙන්නෙ නැද්ද? සවස් වරුවේ උත්සව තේ පානය සඳහා ගැහැණු ළමයින් එක්රැස් කරන්න සහ ඉදිරියෙන් අල්ලා ගන්න කිලාෂීගේ සුවපහසු ගින්නක්. පරිපූර්ණ නත්තල් සන්ධ්‍යාව ගත කළා!
Brennan's Kilteel Inn
බ්රෙනන්ස් කිල්ටීල් තානායම එම අවසාන සුවපහසු අයර්ලන්ත පබ් හැඟී තිබේද සහ උත්සව දෙසැම්බර් සන්ධ්‍යාවක - ඔබට තවත් අවශ්‍ය වන්නේ කුමක්ද? පයින්ට් එකකට යන්න, ඔබට තවත් පහක් සිටීමට අවශ්‍ය වනු ඇත. අයර්ලන්ත ජනප්‍රිය වැඩසටහනක් වන 'බ්ලඩ්' හි රූගත කිරීම් සඳහා භාවිතා කිරීම සහ ජේන් සේමූර් රඟන 'හැරී වයිල්ඩ්' ඉදිරියේදී නිකුත් කිරීම හේතුවෙන් කිල්ටේල් හි බ්‍රෙනන් හුරුපුරුදු විය හැකිය.
හාර්ට්ස්
Instagram හි මෙම පෝස්ටය බලන්න
දෙසට යන්න හාර්ට්ස් ගින්නෙන් සුහදව සිටින ඕනෑම අයෙකු ඔවුන්ගේ සහෝදර පබ් එකේ බීර සාදන ලද ඔවුන්ගේ සුවිශේෂී මෙනුව භුක්ති විඳින්න පිනි බිඳු තානායම. හාර්ට්ස් මෙනුව සෘතුමය බව, ප්රභවය, නවෝත්පාදනය කෙරෙහි අවධානය යොමු කරන අතර එය ඔවුන්ගේ ඕට් මස් සහ උත්සව සමයේ ප්‍රියතම එකක් වන චොක්ලට් සුදුමැලි අල සමඟ ඔවුන්ගේ බීම වල ද දැක ගත හැකිය.
බාබර්ස්ටවුන් කාසල්
Instagram හි මෙම පෝස්ටය බලන්න
ගින්නෙන් සුවපහසුයි බාබර්ස්ටවුන් කාසල්13 වන සියවසේ ඉදිකරන ලද ලස්සන රටක නිවසක්. මෙම මාලිගාවේ වායුගෝලය අසමසම එකක් වන අතර, අමතක නොවන නත්තල් අල්ලා ගැනීමක් විවෘත ගින්නක් වටා ඇති බාබර්ස්ටවුන් කාසල් හි දක්නට ලැබෙන බව අපි සහතික කරමු. | hplt_2 |
ඇඩම් ස්මිත්ගේ අදිසි හස්තය
නිදහස් වෙළඳපොල රසිකයන් වෙතින් ඇඩම් ස්මිත් උස්සා තමන්ගේ කඳවුරට දමා ගැනීමට සමාජ ප්රජාතන්ත්රවාදීන් යැයි කියාගත්තවුන් උත්සාහයක් ගත්තේ 2011 දී ය. එමා රොත්ස්චයිල්ඩ් නම් කේම්බ්‍රිජ් අර්ථ ශාස්ත්‍ර ඉතිහාසඥවරිය සහ බ්‍රිතාන්‍යයේ කම්කරු පක්ෂ නායක ගෝර්ඩන් බ්‍රවුන්, ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ දේශපාලන මහාචාර්ය ඉයෙන් මැක්ලීන් සහ චිකාගෝ හි ඉලිනොයි විශ්ව විද්‍යාලයේ දර්ශන මහාචාර්ය සැමුවෙල් ෆ්ලයිචකර් යනාදීන් ඊට උත්සාහ කළ අය අතර සිටියහ.
ඇඩම් ස්මිත් ‘රැඩිකල් සාමානාත්මතාවාදියෙක්’ යැයි ඔවුන් කියති. ආර්ථික ලිබරල්වාදය අනුමත කරන ස්මිත් වෙළඳපොල අසාර්ථකත්වය අගයන ලද්දෙක් වූවා යැයි ඔවුන් කියති. “මිනිස් සමානාත්මතාවය” සහ “සාධාරණ බෙදාහැරීම” වෙනුවෙන් “රුදුරු නිදහස් වෙළඳපොල ධනවාදය” ස්මිත් විසින් ප්‍රතික්ෂේප කරන ලද්දේ යැයි ඔවුන් කියති.
ඇඩම් ස්මිත් යනු කුලිය ඉල්ලන ඉඩම් අයිතිකරුවන්ගේ, ඒකාධිකාර වෙළෙන්ඳන්ගේ, සහකාරීව වානිජ සැලසුම් හදන ව්‍යාපාරිකයන්ගේ මිතුරෙක් නොවනවා යැයි ද ඔවුන් කියති. රජයේ අධීක්ෂණය යටතේ නොමිලේ බෙදන අධ්‍යාපනය, විසල් පරිමාණයේ මහජන කටයුතු, ගිනි පොලි නීති, ප්රගතිශීලි බදු පමණක් නොව නිදහස් වෙළඳාමට සීමා දැමීම වෙනුවෙන් ද ඇඩම් ස්මිත් පෙනී සිටියා යැයි ද කියති.
ඔව්, ඔවුන් මේ කියන්නේ ස්කොට් ජාතික දාර්ශනිකයා වූ අප සියල්ලන්ම දන්නා ‘ජාතීන්ගේ ධනය’ පොත ලියූ ඒ ඇඩම් ස්මිත් ගැනම තමයි!!!
ඉතින් සුප්‍රසිද්ධ ඒ ‘අදිසි හස්තය’ නම් ස්මිත්ගේ අදහස ගැන මොවුන් කුමක් කියත් ද?
අයෙක් තම ස්වාර්ථය සොයා යද්දී, [සෑම ඒකීය පුද්ගලයෙක්ම] විසින් සමාජයේ එය ප්‍රවර්ධනය කිරීමට අත දෙන්නා වූව?
ලුඩ්විග් වොන් මීසස් සිට නිදහස් වෙළඳපොල වෙනුවෙන් පෙනී සිටින අර්ථ ශාස්ත්‍රඥයන් බාධක නොමැති වෙළඳපොල ගැන වූ බලවත් සංකේතයක් හැටියට මෙතෙක් සලකා තිබෙන්න?
ඇඩම් ස්මිත් විසින්ම “ස්වභාවික නිදහසේ ක්‍රමය” යැයි හැඳින්වූව?
මේ නව අර්ථකතනයන් සපයනවුන් ස්මිත්ගේ ‘අදිසි හස්තය’ යන්න “නිකමට ලියූ, උපහාසාත්මක වූ” සඳහනක් යැයි දක්වමින් ස්මිත් ඊට වැඩියෙන් පක්ෂපාතී වූයේ “උදව්කරන අතක්” වෙනුවෙන් යැයි කියති. ‘ආචාර ධර්ම මනෝභාවයන්ගේ න්‍යාය’ (1759) සහ ‘ජාතීන්ගේ ධනය’ (1776) යන නම් වලින් ස්මිත් ලියූ ප්‍රධාන කෘති ද්විත්වයේම “අදිසි හස්තය” සඳහන් වී ඇත්තේ එක වතාවක් බැගින් පමණක් යැයි ද ඔවුන් උලුප්පා දක්වති.
ඒ ගැන කොතරම් අඩුවෙන් ස්මිත් කියා ඇත්තේ ද කිව්වොත් 19 වැනි සියවසේ ඇඩම් ස්මිත්ගේ අදහස් පිළිබඳ සංවාදයන්හි මේ සඳහන ගැන කතාබහක් ඇති වූයේ ඉතා කලාතුරකිනි. ජාතීන්ගේ ධනය කෘතියේ වසර ශතකයේ අනුස්මරණය සඳහා 1876 දී උත්සව පැවැත්වෙද්දී ද ඒ ගැන කිසිත් අවධානයක් එල්ල වූයේ නැත. විසිවැනි සියවස පටන්ගෙන කාලයක් යනතුරු ද, “අදිසි හස්තය” යන්න විෂය අනුක්රමණිකා සංලේඛයක් හැටියට කිසිම විෂයයකට එකතු වූයේ නැත. නූතන පුස්තකාල සංස්කරණයට මැක්ස් ලර්නර් නැමැත්තා එය සූචියක් (index) එකතු කරන ලද්දේ 1937 දී ය. ඉතින් පැහැදිලිවම විසිවැනි සියවස තෙක් අදිසි හස්තය යන්න පාඩුවේ ඉන්න දෙන්න (laissez faire) හි ජනප්‍රිය සංකේතයක් නොවීය.
ඉතින් ඉහත සඳහන් කළ සමාජ ප්රජාතන්ත්රවාදීන් ඇඩම් ස්මිත්ගේ මනෝභාවයන් නිවැරදිව තක්සේරු කර ඇත් ද?
ඔහු ‘ස්වභාවික නිදහසේ ක්‍රමය’ යැයි හැඳින්වූවට ඒ රූපක වාක්‍යය (metaphor) කේන්ද්‍රීය වූවක් ද නැත්නම් එය අද්දරකින් තිබුනක් හෙවත් උපාන්තික වූවක් ද?
මිල්ටන් ෆ්‍රීඩ්මන් මේ අදිසි හස්තය සංකේතය යනු සහයෝගීතාවයෙන්, ස්ව රෙගුලාසිකරණයෙන් “අපේ ආහාර, අපේ වස්ත්‍ර, අපේ නිවාස නිෂ්පාදනයට … මැදිහත්වීමක් නොමැතිව මඟපෙන්වීමක් ගෙනෙන වෙළඳපොලේ බලය” ගැන කියා පාන “තීක්ෂණ බුද්ධියක්” ලෙස හඳුන්වයි. අර්ථ ශාස්ත්‍රඥ ජෝර්ජ් ස්ටීග්ලර් ස්මිත්ගේ ජාතීන්ගේ ධනය කෘතියේ වැඩියෙන්ම වටිනා වූව හැටියටත් “සියළු අර්ථ ශාස්ත්‍රයන්ගේ වැඩියෙන්ම වැදගත් ස්වාධීන ප්රස්තුතය” හැටියටත් අදිසි හස්තය සලකයි.
අර්ථ ශාස්ත්‍රඥ ගැවින් කෙනඩි ඔහු ලියන ලද මුල් රචනාවල දී අදිසි හස්තය යනු ස්මිත් විසින් පසුව සිතූවක් පමණක් යැයි ද, සීමිත අගයකින් යුතු “නිකමට කියූ රූපක වාක්‍යයක්” යැයි ද කියා ඇත. අර්ථ ශාස්ත්‍ර ඉතිහාසඥ එමා රොත්ස්චයිල්ඩ්ට අනුව “ස්මිත් අදිසි හස්තය එතරම් ඉහළින් සැලකුවේ නැතැයි මම සඳහන් කරන්නට කැමැත්තෙමි … එය ඔහුගේ න්‍යායට වැදගත් නොවූ ස්මිත්-නොවූ’ අදහසකි,” යැයි ද එය ‘මඳක් ironic විහිළුවකට’ වඩා වැඩි වූවක් නොවේ යැයි කියයි.
කවුද නිවැරදි?
මේ විවාදයට වැදගත් රසවත් සොයාගැනීමක් ඉදිරිපත් කරන්නේ ජෝර්ජ් මේසන් විශ්ව විද්‍යාලයේ අර්ථ ශාස්ත්‍ර මහාචාර්ය ඩැනියෙල් ක්ලයින් විසිනි. අපේ ඩෙලවෙයාර් ප්‍රාන්තයේ බැස්ටියාට් සංගමයේ රැස්වීමකට අපි මහාචාර්ය ක්ලයින් ගෙන්වා ගෙන ඇත්තෙමු. ඔහු ඇඩම් ස්මිත් ගැන කළ දේශනයට සවන් දීමටත් එය අවසානයේ දී ඔහු වෙතින් ප්‍රශ්න අහන්නට තරම් මම වාසනාවන්ත වූ බව මෙහි දී සඳහන් කළ යුතුමයි.
සැන්ටා ක්ලාරා විශ්ව විද්‍යාලයේ දේශපාලන දාර්ශනිකයෙක් වන පීටර් මිනොවිට්ස් ‘අදිසි හස්තය’ සඳහන් වාක්‍ය්‍ය ස්මිත්ගේ පොත් දෙකේ මැද්දක පැවතේ යැයි කියන ලද්දක් ඇසී ක්ලයින් විසින් ගවේෂණයක් පටන් ගත්තේය. මේසන් විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධි අපේක්ෂක බ්‍රැන්ඩන් ලූකාස්ගේ සහායෙන් ඔහු සිය ගවේෂණ තව දුරටත් ගෙන ගියේය. ස්මිත් විසින් “සිය ග්රන්ථයන් මැද්දෙහි ‘අදිසි හස්තයකින් මඟ පෙන්වීමක් ලැබීම’ ගැන සඳහන දැඩි අරමුණකින් යුතුව තබන ලද්දක්” යැයි ද ඒ සංකල්පය “ස්මිත්ගේ චින්තනයේ විශේෂ සහ ධනාත්මක වැදගත්කමකින්” යුතු යැයි ද 2011 මාර්තු මාසයේ දී Ecnomics Affairs නම් ශාස්ත්‍රීය සඟරාවෙන් ක්ලයින් හා ලූකාස් වාර්තා කළහ.
ක්ලයින් සහ ලූකාස් ඔවුන්ගේ පරිපූර්ණ තොරතුරු නොමැතිව එළඹුන නිගමන මූලික කරුණු දෙකක් මත පදනම් කරගනිති. පළමුවෙන්ම, ඒ රූපක වාක්‍යය පවතින ස්ථානයයි. “අදිසි හස්තයකින් මඟ පෙන්වීමක් ලැබීම” (led by an invisible hand) යන එකම සඳහන ‘ජාතීන්ගේ ධනයේ’ පළමු හා දෙවැනි සංස්කරණ දෙකේ හරි මැද්දෙන්ම වගේ ලියා තිබීමයි. එය මැද්දෙන් ඉවතට ගිහින් ඇත්තේ පසු සංස්කරණ වල දී සූචිය සහ අනෙකුත් කරුණු එකතු කරන ලද බැවිනි.
එසේම නැවතත් ‘සදාචාර මනෝභාවයන්ගේ න්‍යායේ’ අවසන් සංස්කරණයේ ද එය නැවතත් ‘හරියටම මැද්දේ’ දිස්වෙයි. 1759 පළමු සංස්කරණයේ හරි මැද්දේ පැවතුනේ නැතැයි ඔවුන් පිළිගනිති. පොතේ මැද එය ලියා තැබීම මුලින් ඔහුගේ අරමුණක් නොවුනා යැයි ද ..[එහෙත් පසුව] 1776 වෙද්දී, ස්මිත් විසින් එහි කේන්ද්‍රීය බව ගැන උනන්දු වී ඇතැයි” ද ක්ලයින් හා ලූකාස් දක්වති. ස්මිත් විසින් ‘අදිසි හස්තය’ යන්න පොතේ මැද්දට ළං කර ගන්නට, පළමුවෙන් භාෂාවන්ගේ සම්භවය ගැන වැදගත් රචනාවක් එකතු කිරීමෙන් සහ අවසානයේ පළමු සංස්කරණයට බොහෝ පරිශෝධනයන් කිරීමෙන් ද උත්සුක වූවා යැයි ඔවුන් පෙන්වා දෙති.
දෙවැනිව, ඔවුන් දක්වන්නේ, ඉතිහාසඥයෙක් හා ආචාර ධර්ම දාර්ශනිකයෙක් හැටියට ඇඩම් ස්මිත් වාස්තු විද්‍යාවේ, සාහිත්‍යයේ, විද්‍යාවේ සහ දර්ශනයේ මැද තත්වය (middleness) වැදගත්කමක් ගැන නිතර අදහස් දක්වා ඇති බවයි. උදාහරණ වශයෙන්:
* ඇරිස්ටෝටල්ගේ ස්වර්ණමය මධ්‍යපථය, “එකිනෙකට විරුද්ධ දුරාචාරයන් මැද්දේ” යම් සද්ගුණයක් පැවතීමේ අදහස ගැන ස්මිත් යම් පාක්ෂික බවකින් ලියා ඇත. එනම්, බියගුළුබව (cowardice) සහ අවදානම් නොතැකීමේ (recklessness) යන අන්ත දෙක මැද්දේ නිර්භීත බවේ ප්‍රධාන සද්ගුණය ඇතැයි කීම.
* තාරකා විද්‍යාව සහ පුරාතන භෞතික විද්‍යා ගැන ස්මිත් ලියූ රචනාවන්හි, ඔහු නිව්ටෝනියානු මධ්‍යම බලවේගයන් සහ වාර පරිභ්‍රමණයන් ගැන ලියා ඇත.
* වාග් කෞශල්‍ය පිළිබඳ ස්මිත් කළ දේශන වලින් ක්ලයින් සොයා ගත්තේ, තුසිඩිඩීස් නම් වූ ග්‍රීක කිවිඳාගේ කවි ස්මිත් අගයන ලද බවයි. කවියේ මැද්දේ තබා ඇති වචනයක් දෙකක් ගැන ඉතා වෙහෙසක් ගත්තා යැයි තුසිඩිඩීස් නිතර කියන ලද්දකි.
ක්ලයින්ට හා ලූකාස්ට අනුව අදිසි හස්තය යනු ස්මිත්ගේ “ස්වභාවික නිදහසේ ක්‍රමය” ගැන ප්‍රධාන තේමාව නියෝජනය කරන්නයි. ඒ නිසාම එය ඔහුගේ කෘතීන් හි මැද්දේ දකින්නට ලැබෙන්නයි. මේ සොයා ගැනීම, එය සත්ය්ය නම්, අදිසි හස්තය උපාන්තික වූවක් නොව ඇඩම් ස්මිත්ගේ දර්ශනයේ කේන්ද්‍රයයි.
ක්ලයින් හා ලූකාස්ගේ ලැයිස්තුව නීතිඥයෙක් විසින් පරිවේෂණීය සාක්ෂි යැයි හඳුන්වනු ඇත. නැත්නම් මේ දෙදෙනා කියන විදියට එය ‘උපස්ථිතිවාදී” (impressionistic) වෙයි. එම ලැයිස්තුව සම්පූර්ණයෙන් ගනිද්දී එය එක්කෝ සුවිශේෂී සොයාගැනීමකි නැත්නම් කෙනඩි කියන විදියට ‘අපූරු සම්පාතයකි.
ස්මිත් ගැන හදාරන විශේෂඥයන් කිහිප දෙනෙක් ක්ලයින් හා ලූකාස්ගේ සොයාගැනීම් ප්‍රිය කරති. අදිසි හස්තය නිකමට දැක්වූ රූපක වාක්ය්යක් හැටියට දැක සිටි කෙනඩි දැන් මෙය දැඩි අරමුණකින් යුතුව හරි මැද්දට ගෙන යන්නට ගත්තාය කියන උපන්‍යාසය වැඩියෙන් නිවැරදි වීමට හැකියාව පිළිගනියි. සෙන්ට් ඇන්ඩෲස් විශ්ව විද්‍යාලයේ ඇඩම් ස්මිත් ගැන විශේෂඥයෙක් වූ ක්‍රේග් ස්මිත් “මේ ගැන ඍජු සාක්ෂි නොමැති නිසා’ තවමත් සැකයෙන් පසුවෙයි. ස්මිත් විසින් දැඩි උවමනාවකින්ම සිය දර්ශනයේ ප්‍රියතම සංකේතය සැඟවූවාය යන්න “මට පේන්නේ … ස්මිත්-නොවන විලාසයක්,” යැයි ඔහු කියයි. සාමාන්‍යයෙන් ස්මිත් කරන ‘සුමට සරල හා දක්ෂ ලෙසකින්’ අදහස් දැක්වීමට පටහැනි යැයි ඔහු කියයි. “අදිසි හස්තය” යන කෙටි වහර ඔහුගේ කෘතීන් මැද තැබීම සරල නොවිය හැකියි, ඒත් එය සුමට හා දක්ෂ නොවන්නේ ද?
ඒ ගැන ස්මිත් කළ පාපෝච්චාරණයක් ගැන වාර්තාවක් නැති නිසා අපි මේ ගැන සත්‍යය කිසිදා දැන නොගන්නෙමු. වාසනාවට ස්මිත්ගේ දර්ශනයේ කේන්ද්‍රය කුමක්දැයි හඳුනාගන්නට ‘අදිසි හස්තය’ පොතේ මැද පැවතීම සාධකයක් හැටියට තබාගන්නට අවශ්‍ය නොවේ.
ජාතීන්ගේ ධනය සහ සදාචාර මනෝභාවයන්ගේ න්‍යාය යන පොත්වල පරිච්ඡේද ගණනාවක් තුලින් ‘අදිසි හස්තය’ තේමාව තව තවත් විස්තර කෙරේ. ඒකීය පුද්ගලයන් ස්වාර්ථය පිණිස කටයුතු කරද්දී එයින් මහජනතාව නොදැනුවත්වම යහපත සාක්ෂාත් කරගන්නා අදහස, එහෙමත් නැත්නම් ඒකීය පුද්ගලයන්ගේ හැදියාවන් ගැන සීමා පැනවීම් නැති කරද්දී “ඔවුන්ගේ තත්වයන් වැඩියෙන් හොඳ වීම” සමාජය පැවතියාට වඩා යහපත්වීම යනාදිය විස්තරාත්මකව කියවත හැකියි. වෙළඳ බාධක, රජය විසින් පිරිනමන වරප්‍රසාද, රැකියා රෙගුලාසි යනාදිය අයින් කිරීම වෙනුවෙන් ස්මිත් නැවත නැවතත් තහවුරු කරන ලද අදහස් වූහ.
සදාචාර මනෝභාවයන්ගේ න්‍යාය හි ස්මිත් මෙසේ ලියයි:
සැලසුම් හදන මිනිසා … ඔහු හිතන්නේ චෙස් ලෑල්ලක විවිධ ඉත්තන් හසුරුවන අතකින් සේ විශිෂ්ට සමාජයක විවිධ සාමාජිකයන් හසුරුවන්නට ඔහුට හැකි යැයි කියාය. චෙස් ලෑල්ලේ විවිධ ඉත්තන්ට අතෙන් ගෙනෙන සෙලවීම හැරෙන්නට වෙනත් චලන සිද්ධාන්තයක් නොමැති බව ඔහු නොසලකා හරියි. එහෙත් මිනිස් සමාජයේ ඒ දැවැන්ත චෙස් ලෑල්ලේ නම් සියළු ඉත්තන්ට තමන්ගේම වූ චලන සිද්ධාන්තයක් ඇත. එය නීති සම්පාදකය විසින් කරන්නට අදහස් කරන්නෙන් සහමුලින් වෙනස් වූවකි. ඒ සිද්ධාන්ත දෙක මුණගැසී එකම පැත්තක් වෙතට යන්නේ ද, මිනිස් සමාජයේ සෙල්ලම පහසුවෙන් සහ සුසංයෝගයකින් සිද්ධ වෙයි. එය සතුටු හා සාර්ථක වීමට බොහෝ සෙයින් ඉඩ ඇත. ඒවා දෙපැත්තට ඇදී යන්නේ හෝ වෙනස් වෙන්නේ ද, එතකොට සෙල්ලම දොම්නස් ලෙසකින් සිද්ධ වෙයි. එවිට සමාජයක් හැම තිස්සේම ඉහළ මට්ටමක පෙරළියකින් පවතී.
ස්මිත්ගේ තර්කය සංසන්දනාත්මකය. ක්ලයින් කියන්නේ නිදහස් මූලධර්මය පිළිපැදීම එය නොකරනවාට වඩා හොඳින් ප්‍රතිඵල ගෙනෙන බවයි. කෙනත් ඇරෝ, ජෝසෆ් ස්ටිග්ලීස්, ෆ්රෑන්ක් හාන් වැනි අය දුර්ලභ ශ්‍රේෂ්ඨත්වයක් හැටියට අදිසි හස්තය හඳුන්වා ස්මිත් විකෘති කරති. මුග්ධත්වය, අනුවණ ක්‍රියා, දේශපාලන බලයෙන් කරත හැකි යැයි සිතන දේවල්, දේශපාලන පරිසරවේදයේ දූෂණය හා ව්‍යාධිය ගැන කරුණු ස්මිත් ඇසුරින් දක්වන්නට යෑම අනවශ්‍ය වූවකි. නිදහස් මූලධර්මය යනු ආචාර ධාර්මික, සංස්කෘතික හා දේශපාලන නාභීය ලක්ෂ්‍යයක් හැටියට ස්මිත් දකියි. මැදිහත්වීම් වලින් පිරුණු දරුණු මුලාවක් වෙනුවට නිදහස් මූලධර්මය යනු වටිනා සහ වැඩක් ගත හැකි මූල ධර්මයක් යැයි ස්මිත් දකියි.
ඉංග්‍රීසියෙන් කියවන්න කැමති අයට මෙයට පාදක කරගත් FEE සටහන Adam Smith Reveals His (Invisible) Hand මෙතැනින් කියවන්නට හැකියි. | hplt_2 |
Pretty Boy’ යනු තරුණ හිරිහැරයට ලක් වූ යෞවනයෙකු වන ෂෝන් ඔහුගේ ලිංගිකත්වය සහ උසස් පාසලේ දුෂ්කරතා සමඟ පොරබදමින් සිටින වයස්ගත කතාවකි.
Related Articles
Mystro (2021) Sinhala Subtitles | Upasiresi.com
මම අන්ධ කෙනෙක්… අවුරුදු 14 ඉඳන්ම. හැමෝම දන්නවා අන්ධ කෙනෙක් වෙන එක කොච්චර අමාරු වැඩක්ද කියලා. අපි වගේ අයට දවල් රෑ දෙකම එකයි. මගේ ලෝකය හරි වෙනස්. මගේ එකම බලාපොරොත්තුව සංගීතඥයෙක් වෙන එක. ඕක තමයි මම හැමෝටම කියන්නෙ. හැබැයි මම තව ටික වෙනස්. කවුරුවත්ම නොදන්න රහසක්. මම අන්ධ කෙනෙක් වගේ රඟපානවා විතරයි. මට ඇත්තටම පේනවා. […]
Shark Night (2011) Sinhala Subtitles | මෝරුන්ට මැදි වූ නිවාඩුව [සිංහල උපසිරසි]
කතාව ගැන කියනව නම් කැම්පස් එකක යාළුවො සෙට් එකක් යනවා ක්‍රොස්බි කියලා විලක් මැද තියෙන දූපතක නිවාඩුවක් ගත කරන්න. එයාලා විලේ සර්ෆින් කරන්න ගිය වෙලාවේ සර්ෆින් කර කර හිටපු මලික්ට මෝරෙක් පහර දෙනවා. මෝරා මලික්ගෙ අත කඩාගන්නවා. ඊටපස්සෙ කට්ටිය මලික්ගෙ අත ආපහු සැත්කමකින් සවි කරන්න හිතාගෙන තුන් දෙනෙක් යනවා බෝට්ටුවේ මලික් එක්ක අතත් අරගෙන රෝහලක් […]
Luca (2021) Sinhala Subtitles | Upasiresi.com
කතාව ගැන කිව්වොත්, ලුකා කියන්නේ මුහුදු පතුලේ ජිවත් වෙන ළමෙක්, ඔවුන්ට අනුව ගොඩබිම ඉන්නේ රාක්ෂයෝ. ගොඩබිම ඉන්න මිනිස්සුන්ට අනුව මුහුදේ ඉන්නේ මුහුදු රාක්ෂයෝ. මුහුදු රාක්ෂයෝ, ගොඩබිම් රාක්ෂයෙක් දැක්ක ගමන් කරන්නේ හැන්ගෙන එක. හැබැයි මනුස්සයෙක් මුහුදු රාක්ෂයෙක්ව දැකපු ගමන් කරන්නේ ඌව මරන්න හදන එක. ඔහොම තත්වයක් තියෙනකොට ලුකා කියන මුහුදු රාක්ෂයට මේ ගොඩබිම ජීවින් ගැන පුදුම […] | hplt_2 |
අපගේ එදිනෙදා ජීවිතයේදී, සාමාන්‍යයෙන් අයි ෂැඩෝ වේශ නිරූපණය කෙරෙහි දැකිය හැකි ආන්තික සංසිද්ධි දෙකක් තිබේ. එක් වර්ගයක පුද්ගලයන් අයි ෂැඩෝ ආලේප කරන විට ඇහි පිහාටු මත විවිධ වර්ණ ගොඩ ගසයි. කෙසේ වෙතත්, අනෙක් වර්ගයේ පුද්ගලයින් වේශ නිරූපණය කිරීම ඉතා අපහසු යැයි සිතමින් කිසිදු අක්ෂි සෙවනක් තීන්ත ආලේප නොකරයි.
ඇත්ත වශයෙන්ම සාමාන්‍ය එදිනෙදා මේකප් එකක් ව්‍යුහයෙන් බරයි සහ ලා පාටයි. ඒ නිසා අපි ඔබේ ඇස් හැඩය අනුව විවිධ අයි ෂැඩෝ මෝස්තර නිර්මාණය කළ යුතුයි. ඔබේ ඇස් දීප්තිමත් වන පරිදි සුදුසු අක්ෂි සෙවන තීන්ත ආලේප කරන ආකාරය මම ඔබට කියා දෙන්නම්.
දෛනික අක්ෂි මේකප් සඳහා, අපට සාමාන්‍යයෙන් අයි ෂැඩෝ වර්ග 4ක් අවශ්‍ය වේ: මූලික වර්ණය, සංක්‍රාන්ති වර්ණය, අඳුරු සෙවන සහ දිලිසෙන වර්ණය, වේශ නිරූපණය ආරම්භ කරන්නන්ට ඉක්මනින් අයි ෂැඩෝ යෙදීම සඳහා සුදුසු වේ.
මූලික වර්ණය සාමාන්‍යයෙන් විශාල ප්‍රදේශයක් සඳහා භාවිතා කරන සමේ වර්ණයට සමාන සැහැල්ලු වර්ණයකි;
සංක්‍රාන්ති වර්ණය මූලික වර්ණයට වඩා ටිකක් අඳුරු වන අතර අක්ෂි සෙවනේ ප්‍රධාන වර්ණය වේ;
අඳුරු සෙවනැල්ල සම්පූර්ණ වේශ නිරූපණය ආලෝකයේ සිට අඳුර දක්වා වඩාත් ස්ථරයක් ලෙස පෙනෙනු ඇත.
දිලිසෙන වර්ණය සාමාන්‍යයෙන් දේශීය දීප්තිය සඳහා භාවිතා කරන මුතු සිහින් දිලිසෙන වර්ණයකි.
ඔබ දිනපතා මේක්අප් සහ පාටි මේක්අප් යන දෙකම යෙදීමට කැමති වේශ නිරූපණ ලෝලියෙක් නම් අයි ෂැඩෝ පැලට් එකක් තෝරා ගැනීම වඩා හොඳය. Banffee තනි වර්ණ, වර්ණ 4, වර්ණ 9, වර්ණ 12 සහ වර්ණ 16 සහිත අයිෂැඩෝ පැලට් සපයයි. ඔබට Banffee හි ඔබගේම අයි ෂැඩෝ palette අභිරුචිකරණය කළ හැකි අතර අපි ඔබට හොඳම සේවාව ලබා දෙන්නෙමු.
හේයි, අපි සම්බන්ධව සිටිමු!
ඔබට අපගේ නිෂ්පාදන හෝ සේවා පිළිබඳව කිසියම් ප්‍රශ්නයක් ඇත්නම්, පාරිභෝගික සේවා කණ්ඩායම වෙත සම්බන්ධ වීමට නිදහස් වන්න. | hplt_2 |
දේශීය පළමු පෙළ තරග ඉතිහාසයේදී පිතිකරුවෙකු රැස් කළ වැඩිම ලකුණු ප්‍රමාණය වාර්තා කිරිමට දිනේෂ් චන්දිමාල් අද සමත්වුණා.
යුධ හමුදා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන දිනේෂ් චන්දිමාල් විසින් සැරසන්ස් කණ්ඩායමට එරෙහිව නොදැවී ලකුණු 354ක් රැස් කරගනු ලැබුවා.
චන්දිමාල් ගේ මෙම ඉනිමට පන්දු 391ක් වැයවූ අතර එහිදී ඔහු හතරේ පහරවල් 33ක් හා හයේ පහරවල් 09ක් එල්ල කරනු ලැබුවා.
මෙහිදී ශ්‍රී ලංකා යුධ හමුදා කණ්ඩායම සිය පළමු ඉණිම කඩුලු 8ක් දැවී ලකුණු 642ක් ලබා සිටියදී අත්හිටුවීමට පියවර ගත්තා.
පළමු ඉණිම සඳහා පිතිකරණයට පිවිසි සැරසන්ස් කණ්ඩායම මේ වන විට එක් කඩුල්ලක් දැවී ලකුණු 18ක් ලබා ගෙන සිටියි.
මෙම පුවත හේතුවෙන් යම් පාර්ශවයකට අගතියක් සිදුව ඇත්නම්, ඒ ඕනෑම පාර්ශවයකට පිළිතුරු ලබාදීමට ඇති අයිතිය අපි පිළිගනිමු. [email protected] / [email protected] | hplt_2 |
ඔබ කුලී සේවා සැපයුම්කරුවෙකු (rental service provider) සොයමින් සිටින්නේ නම් ikman යනු එම අවශ්‍යතාව ඉටුකර ගැනීම සඳහා කදිම ස්ථානයයි. වෙඩින් එකට වාහනයක් හොයනවද ? ව්‍යාපාරික වැඩ සඳහා වාහනයක් ද ? ඕනෑම අවස්ථාවකට ගැළපෙන ඕනෑම වර්ගයේ වාහනයක් ikman හරහා rent කරන්න. 1000කට අධික දැන්වීම් අතුරින් ඔබේ සිහින වාහනය තෝරාගන්න.
ikman සිය සියලුම පාරිභෝගිකයින් සඳහා හොඳම වාසි රැසක් ලබා දෙයි. ikman වෙතින් ඔබට මාදිලි රැසක් රථ වාහන හොඳම මිලට මිලදී ගැනීමේ හැකියාව හිමිවේ. ඔබගේ අවශ්‍යතාවට ගැලපෙන වාහනය තෝරාගැනීමට අනුමතලත් පෞද්ගලික විකුණුම්කරුවකු හෝ බලයලත් නියෝජිතයකු සමඟ සාකච්ඡා කරන්න. ශ්‍රී ලංකාව තුළ ඕනෑම ප්‍රදේශයකින් ඔබට අවශ්‍ය වාහනය rent කරන්න ikman හරහා අවස්ථාව හිමිවේ. | hplt_2 |
Sep 08
පොලිස් නිළ සුනඛ වෙන්දේසිය නවතී
මින් ඉදිරියට පොලිස් නිළ සුනඛ වෙන්දේසි නතර කිරීමට තීරණය කර තිබෙනවා.
ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න විසින් වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න වෙත ඊට අදාළ උපදෙස් ලබාදී ඇති බවටයි වාර්තා වන්නේ.
පොලිස් නිල සුනඛ කොට්ඨාශයට අයත් සේවයෙන් ඉවත් කළ සුනඛයින් වෙන්දේසියක් පසුගිය මස 15 වන දා මහනුවර දී පැවැත්වුණා.
එහිදී වයස අවුරුදු 10 ඉක්ම වූ නිල සුනඛයින් 25 දෙනෙකු වෙන්දේසි වී තිබුණා.
එහිදී සමාජ මාධ්‍යයේ ඒ පිළිබදව කතාබහට ලක්වූ අතර, ඊට දැඩි විරෝධයක් ද එල්ල වුණා.
කෙසේ වෙතත්, මින් ඉදිරියට එලෙස සේවයෙන් ඉවත් කළ සුනඛයින් වෙන්දේසි නොකරන ලෙසටත් එම සතුන්ට සුදුසු පරිදි පහසුකම් ලබාදී පොලිස් නිළ සුනඛ කොට්ඨාශය විසින් රැක බලා ගැනීම සිදුකළ යුතු බවට ද ආරක්ෂක ලේකම්වරයා විසින් වැඩබලන පොලිස්පතිවරයා වෙත උපදෙස් ලබාදී තිබෙනවා. | hplt_2 |
ඉලෙක්ට්‍රොනික ප්‍රචාරණ දෙපාර්තමේන්තුව
Staff of the Department
ක්‍රියාකාරකම්
අධ්‍යාපන ශ්‍රව්‍ය හා දෘශ්‍ය වැඩසටහන් නිෂ්පාදනය කරයි
ගුරු අධ්‍යාපන වැඩසටහන් සඳහා ශ්‍රව්‍ය හා දෘශ්‍ය මෙවලම් සකසයි.
ශ්‍රව්‍ය දෘශ්‍ය මෙවලම් හා ශ්‍රව්‍ය දෘශ්‍ය වැඩසටහන් බිහිකරමින් අධ්‍යාපන අමාත්‍යාංශයට දායකත්වයක් ලබා දෙයි
අලෙවි කිරීම සඳහා අධ්‍යාපනික දෘශ්‍ය සංයුක්ත තැටි සහ ඩී. වී. ඩී. නැවත සකසයි.
මිළදී ගැනීම සඳහා දෘශ්‍ය සංයුක්ත තැටි හා ඩී. වී. ඩී. තැටි නැවත සකසයි.( අධ්‍යාපනික ශ්‍රව්‍ය හා දෘශ්‍ය තැටි එම පාඨමාලාවලට අනුකූල ව සැකසේ.)
විවිධ විෂය ක්ෂේත්රයන් සඳහා පිටපත් රචකයන් ලෙස ගුරුවරුන් පුහුණු කරයි. | hplt_2 |
Subsets and Splits