date
stringlengths 24
24
| title
stringlengths 0
176
| short_title
stringlengths 10
69
| content
stringlengths 0
19.7k
|
---|---|---|---|
2018-12-23T21:36:16.000Z | සිරස නත්තල් කලාපය සාර්ථකව අවසන් | සිරස නත්තල් කලාපය සාර්ථකව අවසන් | COLOMBO (News 1st) : කොළඹ 2 බ්‍රේබෘක් පෙදෙසේ පුරා දින තුනක් පැවති සිරස නත්තල් කලාපය ඊයේ මධ්‍යම රාත්‍රියෙන් සාර්ථකව අවසන් විය. ඊයේ පස්වරුවේ සිට මධ්‍යම රාත්‍රිය දක්වා ම නත්තල් කලාපයේ සිරි අසිරිය විඳ ගැනීම සඳහා දහස් සංඛ්‍යාත පිරිසක් සිරස මූලස්ථාන පරිශ්‍රයට පැමිණියහ. වතිකානයේ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන්ගේ සුරතින් ආශිර්වාද ලත් මරිමවුන්ගේ දේව ප්‍රතිමාව වන්දනාමාන කිරීමට ඊයේ දිනයේත් විශාල පිරිසක් සිරස නත්තල් කලාපයට පැමිණියහ. කුඩා දරුවන් වෙනුවෙන් විශේෂ විනෝදජනක ක්‍රීඩා රැසක් ද සංවිධානය කර තිබූ අතර ඒ අතරින් හිමලන්තයට කුඩා දරුවන්ගේ දැඩි ආකර්ෂණයක් හිමි වීම විශේෂත්වයකි. |
2018-12-23T20:27:52.000Z | ඉන්දුනීසියාවට යළිත් සුනාමි බියක්...? | ඉන්දුනීසියාවට යළිත් සුනාමි බියක්...? | COLOMBO (News 1st) : ඉන්දුනීසියාවේ අනාක් ක්‍රැකටෝ ගිනිකන්ද යළිත් වරක් විදාරණය වීම හමුවේ නැවතත් සුනාමි තත්ත්වයක් හටගනු ඇතැයි බිය පළවී තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මේ හේතුවෙන් ඉන්දුනීසියා වෙරළබඩ ජනතාවට වෙරළින් ඈත්ව ආරක්ෂිත ස්ථාන කරා යන ලෙස එරට ආපදා කළමනාකරණ බලධාරීන් දැනුම් දී ඇති බවයි. ඊයේ ඉන්දුනීසියාවේ ජාවා සහ සුමාත්‍රා දූපත්වල වෙරළබඩ නගරවලට කඩාවැදුණු සුනාමි රළ හමුවේ පුද්ගලයන් 222 කු මියගොස් 843 කු තුවාල ලැබීය. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඉකුත් සිකුරාදා අනාක් ක්‍රැකටෝ ගිනිකන්ද විදාරණය වීමෙන් මුහුදු පතුලේ ඇතිවූ නායයාම් මෙම හදිසි සුනාමි තත්ත්වයට හේතුවී ඇති බවයි. ඊයේ ද අනාක් ක්‍රැකටෝ ගිනිකන්දෙන් අළු සහ දුමාරය ඉහළ අහසට විදිනු දර්ශනය විය. 1927 වසරේ ක්‍රැකටෝවා ගිනිකඳු පිපිරීමෙන් හටගත් අනාක් ක්‍රැකටෝ ගිනිකන්දේ සක්‍රිය භාවය ඉකුත් මාස කිහිපය තුළ වර්ධනය විය. ඊයේ හටගත් සුනාමියේදී ඉන්දුනීසියාවේ අනතුරු ඇඟවීමේ සංඥා ක්‍රියානො කළ බව මීට පෙර වාර්තා වූ නමුත් ඉන්දුනීසියා බලධාරීන් පවසන්නේ ඇතැම් ප්‍රදේශවල මෙම අනතුරු ඇඟවීමේ නලා ක්‍රියාත්මක වී ඇති බවයි. |
2018-12-23T20:14:26.000Z | ගෙවුණු දවස උණුසුම් කළ පුවත්… | ගෙවුණු දවස උණුසුම් කළ පුවත්… | දේශීය පුවත්... 1. ශ්‍රී ලංකාවට සුනාමි අවදානමක් නැහැ – කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව : ඉන්දුනීසියාවේ ජාවා සහ සුමාත්‍රා දුපත් අතර සුන්දා සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව ඇති සුනාමියෙන් ශ්‍රී ලංකාවට කිසිදු බලපෑමක් නොමැති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඊයේ මහජනතාවට දැනුම් දුන්නේ ය. 2. වසරේ ගත වූ කාලය තුළ බීමත් රියැදුරන් 90,000 ක් අත්අඩංගුවට : වසරේ ගත වූ කාලය තුළ බීමත් රියැදුරන් 90,000 ආසන්න පිරිසක් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය ඊයේ පැවසී ය. 3. නව දේශපාලන පක්ෂය පිහිටුවීමට එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයේ මූලික අනුමැතිය : එක්සත් ජාතික පෙරමුණේ මූලිකත්වයෙන් ගොඩනගන නව සන්ධානය පිළිබඳ අවසන් තීරණය ලබන 27 වන දා රැස්වන කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේදී ගන්නා බව එක්සත් ජාතික පක්ෂය ඊයේ පැවසී ය. 4. අපේක්ෂා රෝහලට සියලු ඖෂධ සපයන්නැයි, ඇමති රාජිතගෙන් උපදෙස් : මහරගම අපේක්ෂා රෝහලට අවශ්‍ය සියලුම ඖෂධ, හෙට දිනය වන විට ලබාදීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කරන්නැයි, සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අදාළ අංශවලට උපදෙස් ලබා දී තිබේ. 5. තමා පොහොට්ටුවේ සාමාජිකත්වය ලබා නොගත් බව මහින්ද කියයි : තමන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සාමාජිකත්වය ලබා නොගත් බවත් අයදුම්පත පමණක් යොමු කළ බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි. 6. 44 000ක් පීඩාවට පත් කළ උතුරේ ගංවතුර : ධාරාණිපාත වර්ෂාවත් සමග උතුරු පළාතට බලපා ඇති ගංවතුරින් තවදුරටත් පුද්ගලයින් 8500ක් ආරක්ෂිත ස්ථාන 52ක රඳවා ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. විදෙස් පුවත්... 1. ඉන්දුනීසියාවට සුනාමියක්:මියගිය ගණන 222ක් දක්වා ඉහළට : දෙසැම්බර් 26 කියද්දී අපිට මතක් වෙන්නේ ශ්‍රී ලංකාවේ ද ජිවිත රැසක් බිලිගත් 2004 ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපත්වල ඇති වූ සුනාමි කම්පනය... |
2018-12-23T19:56:30.000Z | මහ වැස්සෙන් උතුරේ වැසියන් 54,819කට පිඩා... | මහ වැස්සෙන් උතුරේ වැසියන් 54,819කට පිඩා... | COLOMBO (News 1st) : ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ උතුරු පළාතේ දිස්ත්‍රික් ලේකම්වරුන් ඇතුළු එම ප්‍රදේශවල රාජ්‍ය නිලධාරීන් අතර විශේෂ සාකච්ඡාවක් අද පැවැත්වේ. ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ, උතුරු පළාතේ ගංවතුරින් විපතට පත්වූවන් සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීමට මෙම හමුව කැඳවා ඇති බවයි. උතුරු පළාතේ ගංවතුරින් අවතැන්වූවන් සඳහා අවශ්‍ය කඩිනම් සහන මේ වන විට ගෙන ඇති අතර සහන කටයුතු සඳහා ත්‍රිවිධ හමුදාවේ ද සහය ලබාගෙන තිබේ. ධාරාණිපාත වර්ෂාවත් සමග උතුරු පළාතට බලපා ඇති ගංවතුරින් තවදුරටත් පුද්ගලයින් 8500 ක් ආරක්ෂිත ස්ථාන 52 ක රඳවා ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. එහි සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ, ඇදහැළුණු අධික වර්ෂාව හේතුවෙන් මුලතිව්, කිලිනොච්චිය සහ යාපනය දිස්ත්‍රික්කවල පුද්ගලයින් 44,000 පීඩාවට පත්වූ බවයි. මුලතිව් ප්‍රදේශයේ කඳවුරු 28 ක් තුළ පවුල් 1619 ක සාමාජිකයින් රඳවා ඇති අතර, කිලිනොච්චි ප්‍රදේශයේ කඳවුරු 26ක පවුල් 1394 ක සාමාජිකයන් රඳවා ඇති බව ද සඳහන් ය. |
2018-12-23T19:31:46.000Z | ශ්‍රීලනිප ආසන සංවිධායකවරු කොළඹට කැඳවයි | ශ්‍රීලනිප ආසන සංවිධායකවරු කොළඹට කැඳවයි | COLOMBO (News 1st) : පක්ෂ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග විශේෂ සාකච්ඡාවක් සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලු ආසන සංවිධායකවරුන් අද කොළඹට කැඳවා තිබේ. පක්ෂ මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පැවසුවේ ජනාධිපති මන්දිරයේදී උදෑසන 9.30 ට එම හමුව පැවැත්වෙනු ඇති බවයි. ආසන සංවිධායකවරුන් ඇතුළු 300ක පමණ පිරිසක් ඊට සහභාගී වනු ඇති බවට අපේක්ෂා කරන බව ද මහලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේ ය. |
2018-12-23T08:07:54.000Z | 44 000ක් පීඩාවට පත් කළ උතුරේ ගංවතුර | 44 000ක් පීඩාවට පත් කළ උතුරේ ගංවතුර | COLOMBO (News 1st) : ධාරාණිපාත වර්ෂාවත් සමග උතුරු පළාතට බලපා ඇති ගංවතුරින් තවදුරටත් පුද්ගලයින් 8500ක් ආරක්ෂිත ස්ථාන 52ක රඳවා ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. එහි සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ, ඇදහැළුණු අධික වර්ෂාව හේතුවෙන් මුලතිව්, කිලිනොච්චිය සහ යාපනය දිස්ත්‍රික්කවල පුද්ගලයින් 44,000 පීඩාවට පත්වූ බවයි. ඊයේ රාත්‍රී සිට වැසි තත්ත්ව ක්‍රමයෙන් අඩුවෙමින් පවතින අතර උතුරු පළාතේ දිස්ත්‍රික්ක කිහිපයකට විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය. පෙරේදා සිට ඊයේ රාත්‍රිය දක්වා ඇදහැළුණු වැසි හේතුවෙන් ඇති වූ ජල ගැලීම් හේතුවෙන් කිලිනොච්චි දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 19841 දෙනෙකු තවදුරටත් කඳවුරු 28ක රඳවා තිබේ. අද දවස පුරා සැළකිය යුතු වර්ෂාවක් ඇද නොහැලුණ ද, කිලිනොච්චි පන්නන්කන්ඩි, මුරසුමෝටෙයි, අයියන් කෝවි කණ්ඩාවලෛයි සහ පරන්තන් ඇතුළු ප්‍රදේශ කිහිපයක තවමත් ජල ගැලීම් තත්ත්වයක් පවතින බව අප වාර්තාකරුවෝ සඳහන් කරති. ඇදහැළුණු තද වැසි හේතුවෙන් මුලතිව් දිස්ත්‍රික්කයේ පවුල් 6254කට අයත් පුද්ගලයින් 19,858 දෙනෙකු පීඩාවට පත්ව ඇති අතර ඉන් 4253 දෙනෙකු කඳවුරු 28ක තවදුරටත් රඳවා ඇතැයි, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ ය. මේ අතර ඇදහැළුණු වැස සමග ඉරණමඩු, රාජාංගනය අංගමුව සහ දැදුරුඔය ජලාශවල වාන් දොරටු තවදුරටත් විවෘත කර ඇති අතර පහත් බිම්වල ජනතාව අවධානයේ පසුවන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන ඉල්ලීමක් කරයි. මහනුවර නගරයේ සිට මහවැලි ගඟට ගලා බසින මැද ඇළ පිටාර ගැලීම නිසා ඊයේ රාත්‍රියේ සුදුහුම්පළ ප්‍රදේශයේ නිවාස කිහිපයක් ජලයෙන් යටවිය. මේ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් පරිදි උතුරු පළාතේ ගංවතුරෙන් අවතැන්වූවන් සඳහා පහසුකම් සපයාදීම ආරම්භ කර තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, ගංවතුර තර්ජනය පහව යන තෙක් එම ප්‍රදේශවල සියලු වැසියන් වෙත අවශ්‍ය පහසුකම් නොපමාව සලසන ලෙස ජනාධිපතිවරයා උපදෙස් ලබාදුන් බවයි. උතුරු පළාත් ආණ්ඩුකාරවරයා, දිස්ත්‍රික් ලේකම්වරුන්, ත්‍රිවිධ හමුදාව සහ ආපදා කළමනාකරන මධ්‍යස්ථානය එක්ව මෙම සහන වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙසට ද ජනාධිපතිවරයා අවධාරණය කර තිබෙන බව එම නිවේදනයේ සඳහන් ය. |
2018-12-23T07:12:33.000Z | උඩ දියළුමේදී Selfie ගැනීමට ගොස් තරුණයෙක් මරුට | උඩ දියළුමේදී Selfie ගැනීමට ගොස් තරුණයෙක් මරුට | COLOMBO (News 1st) : කොස්ලන්ද උඩ දියළුම ප්‍රදේශයේදි,සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට ගිය තරුණයෙකු වතුර පිරුණු වළකට වැටීමෙන් අද පස්වරුවේ ජීවිතක්ෂයට පත්විය. පොලීසිය පැවසුවේ, විදේශිකයින් දෙදෙනෙකු හා මාර්ගෝපදේශකයෙකු සමග සංචාරයකට පැමිණි අදාළ තරුණයා පය ලිස්සා යාමෙන් අනතුරට මුහුණ පා ඇති බවයි. ඔහු, ඇල්ල කැටවනපතන ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි අසංක මධුෂාන් නමැති තරුණයෙකි. පය ලිස්සා ගොස් වැටීමෙන් අනතුර සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේ ය. |
2018-12-23T07:01:38.000Z | තමා පොහොට්ටුවේ සාමාජිකත්වය ලබා නොගත් බව මහින්ද කියයි | තමා පොහොට්ටුවේ සාමාජිකත්වය නොගත් බව මහින්ද කියයි | COLOMBO (news 1st) : තමන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සාමාජිකත්වය ලබා නොගත් බවත් අයදුම්පත පමණක් යොමු කළ බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ඔහු මේ බව කියා සිටියේ, අද සති අන්ත පුවත්පතක් වෙත විශේෂ සාකච්ඡාවක් ලබා දෙමිනි. අදාළ පුවත්පත් සාකච්ඡාවේදී පොහොට්ටුවේ සාමාජිකත්වය පිළිබඳව හා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් රාජපක්ෂ මහතාගෙන් විමසීම් කර තිබිණ. මහින්ද රාජපක්ෂ මහතා පවසා ඇත්තේ, තමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යාවජීව සමාජිකයෙකු ලෙස කටයුතු කරන බවයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ,අනුශාසකවරයෙක් ලෙස තමන් කටයුතු කරන බව මහින්ද රාජපක්ෂ මහතා එම පුවත්පත් සාකච්ඡාවේදී පවසා තිබේ. |
2018-12-23T04:06:40.000Z | අපේක්ෂා රෝහලට සියලු ඖෂධ සපයන්නැයි, ඇමති රාජිතගෙන් උපදෙස් | අපේක්ෂා රෝහලට සියලු ඖෂධ සපයන්නැයි, ඇමතිගෙන් උපදෙස් | COLOMBO (News 1st) : මහරගම අපේක්ෂා රෝහලට අවශ්‍ය සියලුම ඖෂධ, හෙට දිනය වන විට ලබාදීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කරන්නැයි, සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අදාළ අංශවලට උපදෙස් ලබා දී තිබේ. හිඟ ඖෂධ කිහිපයක් ගුවන් මගීන් ගෙන්වීමට ද අමාත්‍යවරයා උපදෙස් දුන් බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ ය. දිවයින පුරා රෝහල්වල පවතින ඖෂධ හිඟය පිළිබඳ සොයා බැලීම සඳහා වූ විශේෂ සාකච්ඡාවකදී සෞඛ්‍ය අමාත්‍යවරයා මෙම උපදෙස් දී තිබේ. මහරගම අපේකෂා රෝහලේ නේවාසිකව සහ බාහිරව ප්‍රතිකාර ලබන රෝගින් සඳහා අත්‍යවශ්‍යය ඖෂධ වර්ග 5 ක හිඟයක් ඇති බව විශේෂඥ වෛද්‍යවරුන් පෙන්වාදී ඇතැයි, සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ ය. ඖෂධ හිඟය හේතුවෙන් රෝගින් ඇතුළත් කර ගැනීම ද පසුගිය 21 දා සිට තාවකාලිකව අත්හිටුවා තිබේ. අවශ්‍ය ඖෂධ වර්ග 5 හෙට වනවිට මහරගම අපේකෂා රෝහලට කඩිනමින් ලබාදෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා වෛද්‍ය සැපයුම් අංශයට සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථා නිලධාරීන්ට එහිදී උපදෙස් ලබාදුන් බව ද සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ ය. මේ අතර පිළිකා ඖෂධ කඩිනමින් ලබා දීමට අපොහොසත් වන සැපයුම්කරුවන් අසාදුගත කරන ලෙස ද සෞඛ්‍ය අමාත්‍යවරයා නිලධාරින්ට උපදෙස් ලබාදී තිබේ. වෛද්‍ය සැපයුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යකෂ ජෙනරාල් ලාල් පනාපිටිය මහතා පෙන්වාදී ඇත්තේ , මහරගම අපේකෂා රෝහලේ ප්‍රතිකාර ලබන රෝගීන්ට අවශ්‍ය තවත් ඖෂධ වර්ග 7ක හිඟයක් පවතින බවයි. තව ද දිවයින පුරා රෝහල්වල තවත් ඖෂධ වර්ග 71 ක හිඟයක් පවතින බව වෛද්‍ය ලාල් පනාපිටිය මහතා පෙන්වා දී ඇති අතර එම ඖෂධ වර්ග 71 කඩිනමින් මිලදී ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා උපදෙස් ලබාදුන් බව සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් පැවසී ය. |
2018-12-23T03:07:06.000Z | සංවිධානාත්මක අපරාධකරුවෙක් හංවැල්ලේදී STF භාරයට | සංවිධානාත්මක අපරාධකරුවෙක් හංවැල්ලේදී STF භාරයට | COLOMBO (News 1st) - සංවිධානාත්මක අපරාධකරුවෙකු බව කියන සිසිර කුමාර නොහොත් 'බුලා' නැමති සැකකරු හංවැල්ලේදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගනු ලැබිණි. පොලීසිය සඳහන් කළේ, අද උදෑසන කළ මෙහෙයුමකින් සැකකරු අත්අඩංගුවට ගත් බවයි. සැකකරු හංවැල්ල ප්‍රදේශයේ කප්පම් ගැනීම් ගණනාවකට සම්බන්ධ ඌරුජුවා නැමති සංවිධානාත්මක අපරාධකරුගේ ප්‍රධාන ගෝලයකු බව තහවුරු වී ඇතැයි පොලීසිය සඳහන් කළේ ය. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරු සන්තකයේ තිබී අත්බෝම්බයක් සහ හෙරෝයින් ග්‍රෑම් 2 ක් ද සොයා ගත් බව පොලීසිය සඳහන් කළේ ය. වැඩිදුර විමර්ශන සඳහා සැකකරු කොළඹ සංවිධානාත්මක අපරාධ කොට්ඨාසයට භාරදී ඇත. |
2018-12-23T01:34:28.000Z | Update : වොක්ෂෝල් වීදියේ ගින්න මැඩ පවත්වයි: නිවීම් සේවා නිලධාරියෙකු රෝහලට | වොක්ෂෝල් වීදියේ ගින්න මැඩ පවත්වයි | COLOMBO (News 1st) : කොළඹ වොක්ෂෝල් වීදියේ ලී බඩු ගබඩාවක හටගත් ගින්න පාලනය කර තිබේ. කොළඹ ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ගින්න මැඩ පැවැත්වීම සඳහා ගිය ගිනි නිවීම් සේවා නිලධාරියෙකු ශ්වසන අපහසුතාවක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයට ඇතුළත් කළ බවයි. ගින්න මැඩ පැවැත්වීම සඳහා සේවා රථ 10 ක් යොදා ගැනිණ. ඒ සඳහා ගුවන් හමුදාවේ සහය ලබා ගත් බව කොළඹ ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව පැවසී ය. අද පෙරවරු 11 .30 ට පමණ හටගත් මෙම ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත. .............................................................................................................. COLOMBO (News 1st) - කොළඹ වොක්ස්ෂෝල් වීදියේ ලී බඩු ගබඩාවක ගින්නක් හටගෙන තිබේ. කොළඹ ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, සේවා රථ 10 ක් පිටත් කර හැර ඇති බවයි. අද පෙරවරු 11 .30 ට පමණ ගින්න වාර්තා වී ඇත. මේ වනවිට ගින්න මැඩපැවැත්වීම සඳහා කටයුතු කරමින් සිටින බව ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය. |
2018-12-23T00:36:33.000Z | බන්ධනාගාර රැඳවියෙකු ගෙල වැලලාගෙන මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන | ගෙල වැලලාගෙන මියගිය රැඳවියා පිළිබඳ විමර්ශන ඇරඹේ | COLOMBO (News 1st) - කුරුවිට බන්ධානාගරයේ සිටි රැඳවියකු ගෙල වැලලාගෙන මිය යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ. පොලීසිය සඳහන් කළේ, වැලලාගෙන බරපතළ තත්ත්වයේ පසු වූ එම රැඳවියා රත්නපුර රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇති බවය. මියගොස් ඇත්තේ, රුවන්වැල්ල පොලමුල්ල, ලිපිනයේ පදිංචිකරුවෙකි. ඔහුගේ ශරීරය රත්නපුර රෝහලේ තැන්පත් කර ඇති අතර කුරුවිට පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කෙරෙනු ඇති. |
2018-12-23T00:00:27.000Z | කැකුන්දෙණිය දොළ රක්ෂිතයේ නිදන් හැරූ 6 දෙනෙකු අත්අඩංගුවට | කැකුන්දෙණියේ නිදන් හැරූ 6 දෙනෙකු අත්අඩංගුවට | COLOMBO (News 1st) - ඌරුබොක්ක - කැකුන්දෙණිය දොළ රක්ෂිතයේ පුරා වස්තු කැනීම් කළ සැකකරුවන් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, සැකකරුවන් සමග නිදන් හැරීමට යොදාගත් උපකරණ ද සිය භාරයට ගත් බවයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් මොරවක, වීරකැටිය, කැකුන්දෙණිය, ඌරුබොක්ක ප්‍රදේශවල පදිංචිකරුවන් වේ. ඔවුන් අද මොරවක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. |
2018-12-22T23:20:00.000Z | ආසියානු චිත්‍රපට උළෙල හෙට ඇරඹෙයි | ආසියානු චිත්‍රපට උළෙල හෙට ඇරඹෙයි | ආසියානු චිත්‍රපට උළෙල හෙට ඉන්දියාවේදී ඇරඹීමට නියමිත වේ. හෙට සිට දින 6 ක් පුරා පැවැත්වෙන මෙම චිත්‍රපට උළෙලේදී ආසියාවේ රටවල් 10 ක් නියෝජනය කරමින් චිත්‍රපට 40 ක් ප්‍රදර්ශනය කෙරෙනු ඇති. ඒ අනුව හෙටින් ඇරඹෙන ආසියානු චිත්‍රපට උළෙලේ ආරම්භක චිත්‍රපටය, කරීම් ඕස් අධ්‍යක්ෂණය කළ සේර් නැමති තුර්කි චිත්‍රපටයයි. ආසියානු පුද්ගලයන්ගේ සංස්කෘතිය සහ ජීවන රටාව පදනම් කරගත් සිනමා නිර්මාණ වෙත ආසියානු සිනමා උළෙලේදී අවධානය යොමු කෙරෙනු ඇත. |
2018-12-22T21:04:33.000Z | නව දේශපාලන පක්ෂය පිහිටුවීමට එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයේ මූලික අනුමැතිය | නව සන්ධානය පිළිබඳ අවසන් තීරණය ලබන 27 වන දා | COLOMBO (News 1st) - එක්සත් ජාතික පෙරමුණේ මූලිකත්වයෙන් ගොඩනගන නව සන්ධානය පිළිබඳ අවසන් තීරණය ලබන 27 වන දා රැස්වන කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේදී ගන්නා බව එක්සත් ජාතික පක්ෂය පවසයි. එහි මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කළේ, පසුගිය සිකුරාදා රැස් වූ පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලය විසින් ඊට අවශ්‍ය මූලික අනුමැතිය ලබා දුන් බවයි. |
2018-12-22T20:54:47.000Z | ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායකවරු හෙට කොළඹට | ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායකවරු හෙට කොළඹට | COLOMBO (News 1st) - එක්සත් ජනතා නිදහස් සන්ධාන සංවිධායක කමිටුව හෙට පෙරවරුවේ රැස්වීමට නියමිත වේ. පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේ, පක්ෂ සභාපති, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී රැස්වීම පැවැත්වෙන බවයි. මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරුන්ගේ රැස්වීමක් හෙට පැවැත්විමට නියමිත ය. පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේ, එහිදී පක්ෂ ප්‍රතිසංවිධානය සහ ඉදිරි වැඩපිළිවෙළ සම්බන්ධයෙන් අවධානය යොමු කරන බවයි. |
2018-12-22T20:33:17.000Z | සා / පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම අදින් ඇරඹේ | සා / පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම අදින් ඇරඹේ | COLOMBO (News 1st) - අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගයීමේ පළමු අදියර අද ආරම්භ වේ. විභාග කොමසාරිස් ජනරාල් සනත්. බි. පූජිත මහතා සඳහන් කළේ, මධ්‍යස්ථාන 108 කදී පැවැත්වෙන උත්තර පත්‍ර ඇගයීමේ පළමු අදියර ලබන පළමුවැනිදා දක්වා පැවැත්වෙන බවයි. සාමාන්‍ය පෙළ උත්තර පත්‍ර ඇගයීමේ දෙවන අදියර ජනවාරි 08 වන දා සිට ජනවාරි 17 වන දා දක්වා ක්‍රියාත්මක බව ඔහු සඳහන් කළේ ය. |
2018-12-22T20:19:44.000Z | වසරේ ගත වූ කාලය තුළ බීමත් රියැදුරන් 90,000 ක් අත්අඩංගුවට | වසර තුළ බීමත් රියැදුරන් 90,000 ක් අත්අඩංගුවට | COLOMBO (News 1st) - වසරේ ගත වූ කාලය තුළ බීමත් රියැදුරන් 90,000 ආසන්න පිරිසක් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පවසයි. පොලිස් අධිකාරි ඉන්දික හපුගොඩ මහතා සඳහන් කළේ, එය ගිය වසරට සාපේක්ෂව 15,000 ක වැඩිවීමක් බවයි. දෛනිකව බීමත් රියැදුරන් 400 - 450 අතර පිරිසක් අත්අඩංගුවට ගන්නා බව ඔහු සඳහන් කළේ ය. ඔහු පැවසුවේ, කොළඹ නගරයෙන් පමණක් දෛනිකව බීමත් රියැදුරන් 50 දෙනෙකු පමණ අත්අඩංගුවට පත්වන බවය. මේ අතර උත්සව සමයේ බීමත්ව රිය ධාවනය ඇතුළු මාර්ග නීති කඩ කරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබේ. එය ලබන 15 වන දා දක්වා ක්‍රියාත්මක වනු ඇති. උත්සව සමයේ කොළඹ ආශ්‍රිත ප්‍රදේශවල ආරක්ෂාවට පොලිස් නිලධාරීන් 1000 ක් යොදවා ඇතැයි ද ඉන්දික හපුගොඩ මහතා සඳහන් කළේ ය. |
2018-12-22T20:05:35.000Z | ශ්‍රී ලංකාවට සුනාමි අවදානමක් නැහැ - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව | ශ්‍රී ලංකාවට සුනාමි අවදානමක් නැහැ | COLOMBO (News 1st) - ඉන්දුනීසියාවේ ජාවා සහ සුමාත්‍රා දුපත් අතර සුන්දා සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව ඇති සුනාමියෙන් ශ්‍රී ලංකාවට කිසිදු බලපෑමක් නොමැති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා සඳහන් කළේ, ඒ පිළිබඳව අනිසි බියක් ඇති කර ගත යුතු නැති බවයි. [audio wav="https://www.newsfirst.lk/sinhala/wp-content/uploads/2018/12/12-23-TSUNAMI-ATHLA-KARUNANAYAKE.wav"][/audio] |
2018-12-22T19:52:11.000Z | ඉන්දුනීසියාවට සුනාමියක්:මියගිය ගණන 222ක් දක්වා ඉහළට | ඉන්දුනීසියාවට සුනාමියක්, පුද්ගලයින් 222ක් මරුට | COLOMBO (News 1st): දෙසැම්බර් 26 කියද්දී අපිට මතක් වෙන්නේ ශ්‍රී ලංකාවේ ද ජිවිත රැසක් බිලිගත් 2004 ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපත්වල ඇති වූ සුනාමි කම්පනය... වසර 14කට පසු අද දෙසැම්බර් මාසේ 23 වැනි දා... යළිත් ඉන්දුනීසියාවෙන් සූනාමි ව්‍යවසනයක් ඊයේ රාත්‍රීයේ වාර්තා වූයේ ජීවිත 222ක් බිලි ගනිමිනි. ඉන් ශ්‍රී ලංකාවට කිසිදු බලපෑමක් නැතැයි කාලගුණ බලධාරිහු සඳහන් කළහ. ඉන්දුනිසියානු වේලාවෙන් ඊයේ රාත්‍රි 9.30ට පමණ ඉන්දුනීසියාව යළිත් මෙලෙස සුනාමි ව්‍යසනයකට මුහුණ පෑවේ ය. එරට වාර්තාවල දැක්වෙන්නේ අදාළ සුනාමි තත්ත්වයට පෙර සුනාමි රළ පිළිබඳ කිසිදු පූර්ව අනතුරු ඇඟවීමක් ක්‍රියාත්මක වී නොමැති බවයි. ඒ, හේතුවෙන් මියගිය පුද්ගලයන් සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බව එරට වාර්තාවල සඳහන් ය. ඊයේ රාත්‍රී ඉන්දුනීසියාවේ ජාවා මුහුදු තීරයේ සුපිරි ඉන්දුනීසියානු පොප් ගායක කණ්ඩායමක් සංදර්ශනයක් ඉදිරිපත් කරමින් නත්තල් අසිරියේ සතුට සමරමින් සිටි ඔවුන්ගේ සතුට ද සුනාමිය බිලි විය. එහි සිටි කුඩා දරුවන් ඇතුළු ප්‍රේක්ෂකයින් රැසක් ද මිය ගිය ලැයිස්තුවට ඇතුළත් වෙද්දී, ගායක කණ්ඩායමේ සාමාජිකයන් දෙදෙනෙකු ද ඊට ඇතුළත් වූහ. අතුරුදන්වූවන් අතරට ගායක කණ්ඩායමේ තවත් තිදෙනෙක් ඇතුළත් වෙති. එම ගායක කණ්ඩායමේ සමාජිකයෙකු ඉන්ස්ටග්‍රෑම් සමාජ වෙබ් අඩවිය වෙත හැඬූ කඳුලින් ප්‍රකාශ කළේ, අතුරුදන් වූවන් අතර සිය බිරිඳ ද සිටින බවයි. විනාශ වූ සුන්බුන්වලින් මාර්ග අවහිර වීම හේතුවෙන් සහන කණ්ඩායම්වලට අදාළ ප්‍රදේශවලට ළඟා වීම දුෂ්කර වී ඇති අතර, මියගිය හා අතුරුදන් සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකියි. අනාක් ක්‍රැකටෝ ගිනිකන් ද විධාරණය වීමත් සමග මුහුදු පත්ලේ ඇති වු ප්‍රබල කම්පනයන් මෙලෙස සුනාමියක් ඇතිවීමට හේතූ වන්නට ඇතැයි, ඉන්දුනිසියානු කාලගුණ බලධාරිහු පෙන්වා දෙති. ජාවා සහ සුමාත්‍රා දූපත් අතර පිහිටි ක්‍රැකටෝ ගිනිකන් ද ඉකුත් සිකුරාදා විධාරණය වීමෙන් මීටර් 400 ක් ඉහළ අහසට දූවිලි විද ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් ය. 1883 වසරේදී ක්‍රැකටෝ ගිනිකන්ද විධාරණය වීමෙන් හටගත් සුනාමියෙන් 36000 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්වූහ. __________________________________________________________________ Update (5.53 PM) : ගිනිකඳු විදාරණය වීමක් සමග ඉන්දුනීසියාවේ ජාවා සහ සුමාත්‍රා දූපත් ආශ්‍රිත සුන්දා සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව ඇතිවූ සුනාමියෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව, 222 ක දක්වා ඉහළ ගොස් තිබේ. තවත් පුද්ගලයින් 28 දෙනෙකු අතුරුදන්වී ඇති අතර පුද්ගලයින් 843 දෙනෙකුට තුවාල සිදුව තිබේ. -------------------------------------------------------------------------------------------------------------------------- Update (1.00 P.M) - ඉන්දුනීසියාවේ ජාවා සහ සුමාත්‍රා දූපත් ආශ්‍රිත සුන්දා සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව ඇති වූ සුනාමියෙන් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 168 දක්වා ඉහළට තව ත් 745 දෙනෙකුට තුවාල ----------------------------------------------------------------------------------------------------------------------------------------- Update (8.00 A.M ) - ඉන්දුනීසියාවේ සුන්දා සමුද්‍ර තීරය ආශ්‍රිතව හටගත් සුනාමියෙන් මියගිය පුද්ගලයන් සංඛ්‍යාව 43 ක් දක්වා ඉහළ ගොස් තිබේ. ----------------------------------------------------------------------------------------------------------------------------------------- ඉන්දුනීසියාවේ සුන්දා සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව හටගත් සුනාමි තත්ත්වයකින් පුද්ගලයින් 20 දෙනෙකු ජීවිතක්ෂයට පත් ව තිබේ. මෙම සුනාමියෙන් තව ත් පුද්ගලයන් 165 දෙනෙකු තුවාල ලැබූහ. සුනාමි තත්ත්වයෙන් ඉන්දුනීසියාවේ ගොඩනැගිලි රැසකට හානි සිදු විය. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඉන්දුනීසියාවේ ක්‍රකටෝවා ගිනි කන්ද පිපිරීමෙන් පසුව මුහුදු පතුලේ හටගත් නායයාම් හේතුවෙන් මෙම සුනාමි තත්ත්වය හටගෙන ඇති බවට සැකපළවන බවයි. සුනාමි රළ හටගැනීමට හේතුව එම ගිනි කඳු පිපිරීම දැයි සොයා පරීක්ෂණ පැවැත්වෙන බව ද ඉන්දුනීසියා බලධාරීන් සඳහන් කළහ. ජාවා මුහුද සහ ඉන්දීය සාගරය සම්බන්ධ කෙරෙන ජාවා සහ සුමාත්‍රා දූපත් අතර සුන්දා සමුද්‍ර සන්ධිය පිහිටා තිබේ. ඉන්දුනීසියා භූ විද්‍යා ඒජන්සිය සඳහන් කළේ, ඉකුත් සිකුරාදා විනාඩි දෙකකුත් තත්පර 12 ක කාලයකට ක්‍රකටෝවා ගිනිකන්ද විධාරණය වූ බවයි. ඉන් එම ගිනිකන්දෙන් මීටර් 400 ක් ඉහළ අහසට අළු විසි වී ඇත. ඉකුත් සැප්තැම්බර් මාසයේදී ඉන්දුනීසියාවේ සුලාවේසි දූපත ආශ්‍රිතව හටගත් භූ චලනයක් හමුවේ හටගත් සුනාමියකින් පුද්ගලයන් 2000 කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත් විණි. |
2018-12-22T19:32:13.000Z | ගෙවුණු දවස උණුසුම් කළ පුවත්… | ගෙවුණු දවස උණුසුම් කළ පුවත්… | දේශීය පුවත් 1. මහ වැසි හේතුවෙන් උතුරු පළාතේ 5000 ක් අවතැන්, 9000කට පීඩා: පවතින අධික වර්ෂාව හේතුවෙන් මුලතිව් හා කිලිනොච්චි දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 9 කට දැඩි බලපෑම් එල්ල වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. එහි සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ, පුද්ගලයින් 5775 දෙනෙකු අවතැන් වී ඇති බව ය. 2. අකාර්යක්ෂම රාජ්‍ය සේවකයින්ට දඬුවම් කිරීමට නීතියක්: අකාර්යක්ෂම රාජ්‍ය සේවකයින්ට එරෙහිව දඬුවම් කිරීමට නීතියක් ක්‍රියාත්මක කිරීම සඳහා ක්‍රමවේදයක් සකසන බව රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසයි. 3. ගලබොඩ ඔයේ දිය නෑමට ගිය දෙදෙනෙකු දියේ ගිලී මරුට: නාවලපිටිය, ගලබොඩ ඔයේ දිය නෑමට ගිය පුද්ගලයින් දෙදෙනෙකු දියේ ගිලීමෙන් මිය ගොස් තිබේ. 4. බස් ගාස්තු අඩු කිරීමේ සාකච්ඡාවක් ලබන සඳුදා: ඉන්ධන මිල අවස්ථා කිහිපයකදී පහළ දැමීමට සාපේක්ෂව බස් ගාස්තු අඩු කිරීමේ සාකච්ඡාවක් ලබන සඳුදා මුදල් අමාත්‍යංශයේදී පැවැත්වේ. 5. නිල ඇඳුම් වවුචරයේ වලංගු කාලය දීර්ඝ කෙරේ: පාසල් නිල ඇඳුම් වවුචර්වල වලංගු කාලය ලබන පෙබරවාරි 28 වන දා දක්වා දීර්ඝ කිරීමට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා උපදෙස් දී තිබේ. විදෙස් පුවත් 6. චීනය පර්යේෂණ චන්ද්‍රිකාවක් කක්ෂගත කරයි: අත්හදා බැලීමකින් අනතුරුව චීනය පර්යේෂණ චන්ද්‍රිකාවක් කක්ෂගත කර තිබේ. |
2018-12-22T11:20:13.000Z | තෙල් මිල පහළ ගිය ද, පීඩා විඳි ඛණිජ තෙල් පාරිභෝගිකයින්... | ඉන්ධන මිල පහළ ගිය ද, පීඩා විඳි පාරිභෝගිකයින්... | COLOMBO (News 1st) - පසුගිය මාස කිහිපය තුළ රටේ වැඩියෙන්ම කතා බහ වුණ මාතෘකා අතර ඉන්ධන මිලත් එක් මාතෘකාවක්... යළි ඉන්ධන මිල සූත්‍රය ක්‍රියාත්මක කරමින් ඉන්ධන මිල ඊයේ යළි පහත දැමිණි. එහි ප්‍රතිලාභ මහජනතාවට ලැබෙන්නේ කෙසේ ද? පසුගිය ඔක්තෝබර් මස 26 වන දා සිට මේ දක්වා ඉන්ධන මිල පහත දැමුණු අවස්ථා ගණන 04කි. යළිත් ඉන්ධන මිල සූත්‍රය ක්‍රියාත්මක කිරීමට රජය ගත් තීන්දුවත් සමග ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඔක්ටේන් 92 සහ 95 වර්ගයේ ප්‍රෙටල් ලීටරයක් රුපියල් 10කින් අඩු වූ අතර නව මිල පිළිවෙලින් රුපියල් 125ක් හා 149ක් වේ. මිල සූත්‍රයට අනුව රුපියල් 106ක්ව පැවති ලංකා ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 101 දක්වා පහළ දමා තිබේ. රුපියල් 131ක්ව පැවති සුපර් ඩීසල් ලීටරයක මිල ද රුපියල් 10කින් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට පහළ ගිය අතර සුපර් ඩීසල් ලීටරයක නව මිල වන්නේ රුපියල් 121කි. කෙසේ වෙතත් අද පස්වරුව වන විටත් ප්‍රදේශ කිහිපයකම ඉන්ධන පිරවුම්හල්වල පෙට්‍රල් අලෙවිය සිදු නොවූ බව අප වාර්තාකරුවෝ සඳහන් කළහ. මේ අතර ගෙවුණු මාස එකහමාරක කාලය තුළ අවස්ථා 4කදී ඉන්ධන මිල අඩු වුවත් මහජනතාවට සෘජුවම බලපාන බස් ගාස්තුව නම් මෙතෙක් අඩුවී නොමැත. මේ සම්බන්ධයෙන් පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගම්වලින් ද අපි විමසීමක් කළෙමු. මෙහිදී ලංකා පෞද්ගලික බස් සමාගම් සමිති සම්මේලනයේ ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා පැවසුවේ ලබන සතියේ මුල් දින කිහිපය තුළ බස් ගාස්තුව 5%කින් අඩු කිරීමට බලාපොරොත්තු වන බව ය. සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමයේ සභාපති මල්ශ්‍රී සිල්වා මහතා පැවසුවේ, ජනවාරි මාසයේ සිය පාසල් වෑන් රථ ප්‍රවාහන ගාස්තු අඩු කිරීමට තීරණය කර ඇති බව ය. ඔහු වැඩිදුරටත් පැවසුවේ, රථ වාහන අමතර කොටස් අඩු කිරීමට පියවර ගන්නේ නම් වැඩි මුදලකින් ප්‍රවාහන ගාස්තු අඩු කළ හැකි බව ය. නිව්ස්ෆස්ට් කළ විමසීමකදී ජාතික ඒකාබද්ධ ත්‍රිරෝද රථ රියැදුරන්ගේ හා කර්මාන්තකරුවන්ගේ සමිතිය පැවසුවේ, හෙට දින විධායක සභාව රැස්වීමෙන් පසු ත්‍රිරෝද රථ ගාස්තු අඩු කිරීම පිළිබඳව තීරණය කරන බව ය. ඉන්ධන මිල ඉහළ දැමීමත් සමග ආපන ශාලා මිල ගණන් ද ඉහළ දැමීමට ආපන ශාලා හිමියන්ගේ සංගමය පසුගිය අවස්ථාවලදී කටයුතු කළේ ය. නව මිල සංශෝධනය පිළිබඳව ඔවුන්ගේ ප්‍රතිචාරය ද අප විමසූ අතර එම සංගමයේ ජාතික සංවිධායක අසේල සම්පත් මහතා පැවසුවේ, ගෑස් මිල අඩු කළ හොත් පමණක් ආහාරවල මිල ගණන් අඩු කරන බව ය. |
2018-12-22T10:02:00.000Z | රටම සරසන සිරස නත්තල් කලාපයට ජන ගඟක්... | රටම සරසන සිරස නත්තල් කලාපයට ජන ගඟක්... | COLOMBO (News 1st) - සාමයේ පණිවුඩය සමග උදාවන අසිරිමත් නත්තලට ඇත්තේ තව දින 3ක් පමණි. ඒ නිමිත්තෙන් සංවිධාන කරන රටම සරසන සිරස නත්තල් කලාපය අද පස්වරුවේ දෙවැනි දිනටත් ජනතාව වෙනුවෙන් විවෘත කෙරිණි. කොළඹ 2 බේබෘෘක් පෙදෙසේ පිහිටි සිරස ප්‍රධාන කාර්යාලය අවට කලාපයේ සිරස නත්තල් කලාපය ඉදිකර තිබේ. එය දෙවැනි දිනටත් ජනතාව වෙනුවෙන් විවෘත කිරීම අද පස්වරුවේ සිදු කෙරුණේ, ලංකා සභාවේ කොළඹ රදගුරු අතිඋතුම් දිලෝරාජ් කනගසබේ හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙනි. රෝමයේ වතිකානයේදී ෆ්‍රැන්සිස් ශුද්ධෝත්තම හිමිපාණන් ආශිර්වාද ගැන්වූ දේව මාතා පිළිරුව දැක බලා ගැනීමට අදත් බැතිමතුන් විශාල පිරිසක් සිරස නත්තල් කලාපයට පැමිණියහ. දැවැන්ත නත්තල් ගසක් ද මෙවරත් සිරස නත්තල් කලාපයේ ඉදිකර ඇති අතර කුඩා දරුවන් වෙනුවෙන්ම වෙන්වූ විශේෂාංග රැසකින් ද නත්තල් කලාපය සමන්විත ය. |
2018-12-22T09:52:30.000Z | මහ වැසි හේතුවෙන් උතුරු පළාතේ 5000ක් අවතැන්: 9000කට පීඩා | මහ වැසි හේතුවෙන් උතුරු පළාතේ 5000ක් අවතැන් | COLOMBO (News 1st) - පවතින අධික වර්ෂාව හේතුවෙන් මුලතිව් හා කිලිනොච්චි දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 9කට දැඩි බලපෑම් එල්ල වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. එහි සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ, මේ වන විට පුද්ගලයින් 5775 දෙනෙකු අවතැන් වී ඇති බව ය. පීඩාවට පත් සංඛ්‍යාව 9000කට අධික ය. පවතින වර්ෂාවත් සමග මාර්ග කිහිපයක ගමනා ගමන කටයුතු ද ඇණහිට තිබේ. මේ අතර පවතින ජල ගැලීම් තත්ත්වය හේතුවෙන් මුලතිව් හා ඉරණමඩු ඇතුළු ප්‍රදේශ සඳහා නාවික හමුදා කණ්ඩායම් යොදවා තිබේ. නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් දිනේෂ් බණ්ඩාර මහතා සඳහන් කළේ, නාවික සෙබළුන් 100කට ආසන්න පිරිසක් කණ්ඩායම් 9 ක් ලෙස යොදවා ඇති බව ය. නාවික හමුදා කණ්ඩායම් සඳහා ඩිංගි යාත්‍රා 9ක් ද එම ප්‍රදේශවලට ලබා දී ඇතැයි මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය. මේ අතර උතුරු, නැගෙනහිර සහ උතුරුමැද පළාත්වලට තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇති විය හැකි බව ය. |
2018-12-22T09:41:55.000Z | ජනපති ඇමති හර්ෂට කියපු දේ... | ජනපති ඇමති හර්ෂට කියපු දේ... | COLOMBO (News 1st) - පොදු සැපයුම් හා ආර්ථික ප්‍රතිසංස්කරණ කැබිනට් නොවන අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අද කෝට්ටේ ආසනයේ සිදු කරන සංවර්ධන ව්‍යාපෘති නිරීක්ෂණය කිරීමට එක් විය. ප්‍රශ්නය - ඇමතිතුමණි, අමාත්‍ය ධූර දෙන්නේ මන්ත්‍රීවරු සතුටු කරන්න ද? යන එක නවත්තන්න ද ? අමාත්‍ය ධූරත් වැඩි වෙලා තියෙනවා. හර්ෂ ද සිල්වා - කැබිනට් නොවන අමාත්‍ය පොදු සැපයුම් හා ආර්ථික ප්‍රතිසංස්කරණ "මම විස්වාස කරනවා 30ක කැබ්නට් මණ්ඩලයක් තියා ගත යුතුයි කියලා. මම ඒක පක්ෂය ඇතුළේ කතා කරා. කණ්ඩායම ඇතුළේ කතා කළා. පාර්ලිමේන්තුව ඇතුළේත් කතා කළා. ඒ නිසා අපිට 113 අවශ්‍ය පුද්ගලයෝ මේ තියෙන නීති රාමුව ඇතුළේ අපිත් එක්ක ඇවිල්ලා වාඩි වෙනවා නම් අපිට ප්‍රශ්නයක් නෑ. ඒ කට්ටිය කැබිනට් එකට යවනවා නම් ඉන්න අය ඉල්ලා අස් වෙලා ඒ අය කැබ්නට් එකට යාපුවාවේ. මට ජීවිතේ පළමු වතාවට ඇමතිකමක් හම්බ වෙලා තියෙනවා. ඒකෙ කැබිනට් කියන කෑල්ල නෑ. ඉන්ඩිපෙන්ඩන්ට් චාන්ස්. මම ඇහුවා මොකක්ද මේකේ තියෙන වෙනස කියලා. එතකොට කිව්වා වෙනසක් නැහැ කැබිනට් එකට යන්න අවශ්‍ය වෙන්නේ තමන්ගේ කැබිනට් පෙපර් එකක් දාන දවසට තමයි කියලා. එහෙම නැත්නම් ප්‍රී කැබිනට් මීටින් එකක් තියලා කලින් දවසේ සියලුම කැබිනට් පත්‍රිකා සාකච්ඡා කරගෙන එනවා කියලා." ප්‍රශ්නය - දැන් ජනාධිපතිතුමන්ලා ඔබතුමන්ලා දාපු ලිස්ට් එක අඩු කරලා තියෙනවා. එහෙම නැත්තම් කිහිප දෙනෙකුට දෙන්න බෑ කියලා ප්‍රකාශ කරලා තියෙනවා. ඔබතුමා ඒක දකින්නේ මොන විදියට ද? පිළිතුර - "මම දන්නේ නැහැ. මං ගියාම ජනාධිපතිතුමා කිව්වා තෙරුවන් සරණයි මේ වැඩේ ඔබතුමාට ඉතා හොඳට කර ගෙන යන්න ආශිර්වාද කරනවා කියලා. මම දන්නේ නැහැ අනිත් කට්ටියට මොනවා කිවුවද කියලා. මට නම් එහෙම කිව්වා." ප්‍රශ්නය - අපි දකිනවා නම් ලිස්ට් එකක් ජනාධිපතිතුමා කැපුවා කියනවා. පිළිතුර - "අනේ මම දන්නෙ නැහැ. අගමැතිතුමා කිව්වා මාධ්‍යයෙන් සමහර මාධ්‍යයෙන් කියපු කතාවක් කියලා. බලමුකෝ මම දන්නේ නැහැ ඒ ගැන." |
2018-12-22T06:53:56.000Z | අකාර්යක්ෂම රාජ්‍ය සේවකයින්ට දඬුවම් කිරීමට නීතියක් | අකාර්යක්ෂම රාජ්‍ය සේවකයින්ට එරෙහිව ක්‍රියාමාර්ග | COLOMBO (News 1st) - අකාර්යක්ෂම රාජ්‍ය සේවකයින්ට එරෙහිව දඬුවම් කිරීමට නීතියක් ක්‍රියාත්මක කිරීම සඳහා ක්‍රමවේදයක් සකසන බව රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසයි. ඔහු මේ බව පැවසුවේ, ඊයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි. |
2018-12-22T06:02:59.000Z | ගලබොඩ ඔයේ දිය නෑමට ගිය දෙදෙනෙකු දියේ ගිලී මරුට | ගලබොඩ ඔයේ දිය නෑමට ගිය දෙදෙනෙකු දියේ ගිලී මරුට | COLOMBO (News 1st) - නාවලපිටිය, ගලබොඩ ඔයේ දිය නෑමට ගිය පුද්ගලයින් දෙදෙනෙකු දියේ ගිලීමෙන් මිය ගොස් තිබේ. පොලීසිය සඳහන් කළේ, ඥාති පිරිසක් සමග ඔවුන් අද පෙරවරුවේ දිය නෑමට ගිය අවස්ථාවේ මෙම අනතුරට ලක්ව ඇති බව ය. මිය ගොස් ඇත්තේ 13 සහ 42 හැවිරිදි හැටන් හිජිරාපුර පදිංචිකරුවන් දෙදෙනෙකි. ඔවුන්ගේ සිරුරු නාවලපිටිය මූලික රෝහලේ තැන්පත් කර තිබේ. |
2018-12-22T05:10:20.000Z | මුන්දලම කලපුවට ඉස්සන් පැටව් ලක්ෂ 13ක් මුදා හරී | මුන්දලම කලපුවට ඉස්සන් පැටව් ලක්ෂ 13ක් මුදා හරී | COLOMBO (News 1st) - පුත්තලම, මුන්දලම කලපුවේ ප්‍රථම වරට ඉස්සන් බෝ කිරීමේ ව්‍යාපෘතියක් ධීවර දෙපාර්තමේන්තුව ආරම්හ කර තිබේ. එම දෙපාර්තමේන්තුව පැවසුවේ, මේ යටතේ මුන්දලම කලපුවට ඉස්සන් පැටව් ලක්ෂ 13ක සංඛ්‍යාවක් මුදා හැරි බව ය. මුන්දලම කලපුවට අයත් කුඩිරිප්පුව, සමිදුගම, කට්ටකඩුව, පනිච්චිවිල්ලුව, පුනපිටිය, ආඩිමුනේ, උඩප්පුව යන ප්‍රදේශවල ධීවර සමිතිවල සාමාජිකයින්ට මෙම ව්‍යාපෘතිය මගින් සෙත සැලසෙනු ඇති. |
2018-12-22T04:36:52.000Z | හෙරොයින් පැකට් 2000ක් සමග තිදෙනෙකු වාද්දගොඩදී අත්අඩංගුවට | හෙරොයින් පැකට් 2000ක් සමග තිදෙනෙකු අත්අඩංගුවට | COLOMBO (News 1st) - හෙරොයින් පැකට් 2000ක් සමග කාන්තාවක ඇතුළු සැකකරුවන් 3 දෙනෙකු කළුතර, වාද්දගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, ඔවුන් සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 50ක් සොයා ගත් අතර එහි වටිනාකම රුපියල් ලක්ෂ 6ක් පමණ වන බව ය. මෙම ජාවාරම කොළඹ මැගසින් බන්ධනාගාරයේ රැඳවියෙකු මෙහෙයවා ඇති බවට සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇතැයි පොලීසිය සඳහන් කළේ ය. පොලීසිය පැවසුවේ, මොවුන් වාද්දගොඩ ප්‍රදේශයේ කුලී නිවාසයකට පැමිණ ඇත්තේ මීට සති කිහිපයකට පෙර බව ය. අත්අඩංගුවට ගත් සැකකරුවන් 22, 29 සහ 28 හැවිරිදි රත්මලාන සහ බිබිල යන ප්‍රදේශවල පදිංචිකරුවන් ය. ඔවුන් අද කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය. |
2018-12-22T03:12:52.000Z | යුද හමුදාව සහ CR & FC කණ්ඩායම් අතර ප්‍රබල සටනක්.. | යුද හමුදාව සහ CR & FC කණ්ඩායම් අතර ප්‍රබල සටනක්.. | COLOMBO (News 1st) : 2018 අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ පළමු වටයේ අවසන් තරගය ලෙස CR & FC කණ්ඩායම හා ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායම අතර පැවති තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය. තරගය රත්මලාන ගුවන් හමුදා ක්‍රීඩාංගණයේදී පැවැත්විණ. ආරම්භයේ සිටම උණුසුම් මුහුණුවරක් ගත් තරගයේ පළමු අර්ධයේ සිටම කණ්ඩායම් දෙක ම ආක්‍රමණශිලී ක්‍රීඩා විලාසයක් අනුගමනය කළේ ය. කෙසේ වෙතත් තරගයේ පළමු අර්ධය අවසානයේ ලකුණු 14 ට 12 ක් ලෙස පෙරමුණ හිමිකර ගත්තේ ශ්‍රී ලංකා යුධ හමුදා කණ්ඩායමයි. යුධ හමුදා ක්‍රීඩකයෝ උත්සහක දිනුම් 2ක් හා ප්‍රවර්ථන දෙකක් මගින් යුද හමුදා ක්‍රීඩකයෝ සිය ලකුණු 14 රැස් කළ අතර සී. ආර්. ක්‍රීඩකයෝ උත්සහක දිනුම් 2 ක් හා ප්‍රවර්ථනයක් මගින් සිය ලකුණු 12 රැස් කළහ. තරගයේ දෙවන අර්ධය ද උණුසුම් මුහුනුවරක් ගත්තේ ය. තරගයේ දෙවන අර්ධයේද සී. ආර්. ක්‍රීඩකින් උත්සහක දිනුම් 2 ක් හා ප්‍රවර්ථනයක් මගින් සිය කණ්ඩායමට තවත් ලකුණූ 12 ක් එකතු තර ගත් අතර ප්‍රතිවාදී යුධ හමුදා ක්‍රීඩකයින් උත්සහක දිනුමක් , ප්‍රවර්ථනයක් හා දඩුවම් පහරක් මගින් ලකුණු 10 ක් තම ප්‍රධාන ලකුණූ පුවරුවට එකතු කර ගත්තේ ය. ඒ අනුව තරගයේ නියමිත කාලය අවසන් වුනේ දෙපිළම ලකුණු 24 බැගින් ලබාගෙන සම තත්වයේ පසුවෙමින් සිටියදීයී. |
2018-12-22T02:19:41.000Z | චීනය පර්යේෂණ චන්ද්‍රිකාවක් කක්ෂගත කරයි | චීනය පර්යේෂණ චන්ද්‍රිකාවක් කක්ෂගත කරයි | COLOMBO (News 1st) : අත්හදා බැලීමකින් අනතුරුව චීනය පර්යේෂණ චන්ද්‍රිකාවක් කක්ෂගත කර තිබේ. අන්තර්ජාල සම්බන්ධතාවය වැඩිදියුණු කිරීමේ අරමුණින් ක්‍රියාත්මක කළ හොන්ජුන් පර්යේෂණ මාලාවේ අත්හදා බැලීමක ප්‍රතිඵලයක් වශයෙන් දියත් කළ මෙම චන්ද්‍රිකාව හොන්ජුන් ව්‍යාපෘතියේ පළමු චන්ද්‍රිකාව වීම විශේෂත්වයකි. 2020 අවසානය වන විට හොන්ජුන් ව්‍යාපෘතිය මගින් තවත් අත්හදා බැලීම් 4 ක් දියත් කිරීමට සූදානම් බව එරට බලධාරීහු පවසති. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මෙම ව්‍යාපෘතිය මගින් සන්නිවේදන කටයුතු පහසුකරගැනීමට විද්‍යාඥයින් බලාපොරොත්තු වන බවයි. |
2018-12-22T00:20:00.000Z | සිරස නත්තල් කලාපය අදත් පස්වරු 5 සිට විවෘතයි | සිරස නත්තල් කලාපය අදත් පස්වරු 5 සිට විවෘතයි | COLOMBO (News 1st) : අසිරිමත් නත්තලේ සිරි අසිරි ඔබට තිළිණ කරමින් කොළඹ 2 බ්‍රේබෘක් පෙදෙසෙ පිහිටි සිරස ප්‍රධාන කාර්යාලයීය පරිශ්‍රයේදී පැවැත්වෙන සිරස නත්තල් කලාපයේ දෙවැනි දිනය අදයි. නත්තල් කලාපය අදත් පස්වරු 5 සිට ජනතාව වෙනුවෙන් විවෘත කෙරේ. කොළඹ 02 බේබෲක් පෙදෙස, සිරස ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේ ඉදි කර ඇති නත්තල් කලාපය ඊයේ නිල වශයෙන් ආරම්භ කෙරුණේ කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙනි. නත්තල් කැරොල් ප්‍රසංග සහ ගීතිකා සංදර්ශනවලින් ද සිරස නත්තල් කලාපය සමන්විතයි. දරුවන් වෙනුවෙන් වෙන්වූ කොටසේ පිහිටි හිම කුටියට සිරස නත්තල් කලාපයේ තවත් සුවිශේෂී ස්ථානයක් හිමවේ. මීට අමතරව නවීන විදුලි අලෝක පද්ධතියකින් සහ සුවිසල් නත්තල් ගසකින් සිරස නත්තල් කලාපය විචිත්‍රවත් වේ. මේ අතර කොළඹ කොටුව, එචලන් චතුරශ්‍රයේ පැවැත්වෙත නත්තල් කලාපයේ සිරි අසිරිය විඳ ගැනීමට අදත් ජනතාවට අවස්ථාව උදාවේ. නිවුස්ෆස්ට් සංවිධානය කරන ස්පැල්ෂ් වෙළඳ සැණකෙලිය හා ප්‍රදර්ශනය ද ඊයේ මහනුවර කැන්ඩි සිටි සෙන්ටර්හිදී ආරම්භ විය. එය ලබන 26 වනදා දක්වා පැවැත්වෙනු ඇති. |
2018-12-21T23:33:00.000Z | මැගසින් බන්ධනාගාරයේ රැඳවියෙක් අත්අඩංගුවට | මැගසින් බන්ධනාගාරයේ රැඳවියෙක් අත්අඩංගුවට | COLOMBO (News 1st) : මැගසින් බන්ධනාගාරය තුළ කළ මෙහෙයුමකදී හොරොයින් සන්තකයේ තබා ගෙන සිටි රැඳවියෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු සතුව තිබී සොයා ගෙන ඇති, හෙරොයින් ප්‍රමාණය ග්‍රැම් 4 මිලිග්‍රෑම් 690කි. අත්අඩංගුවට ගත් සැකකරු 32 හැවිරිදි ග්‍රැන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලීසිය පැවසී ය. ඔහු රක්ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ ද හෙරොයින් ග්‍රැම් 04 ක් සමග අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. මේ අතර බොරැල්ල රුහුණුකලා මාවතේ සිදුකළ වැටලීමකදී හෙරොයින් ග්‍රැම් 5 යි මිලිග්‍රැම් 700 ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. 26 හැවිරිදි සැකකරුවෙකු බොරැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලීසිය පැවසී ය. |
2018-12-21T22:20:09.000Z | මුලතිව් දිස්ත්‍රික්කයට ජල ගැලීම්... | මුලතිව් දිස්ත්‍රික්කයට ජල ගැලීම්... | COLOMBO (News 1st) : පවතින අධික වර්ෂාව හේතුවෙන් මුලතිව් දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක ජල ගැලීම් තත්ත්වයක් වාර්තා වන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. එහි සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ, ඔඩ්ඩුසාඩන් ,ඔරුවක්කායි සහ මාන්කුලම් ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශවල පවුල් 180 කට අධික සංඛ්‍යාවක් මේ වන විට ආරක්ෂිත ස්ථානවල රඳවා ඇති බවයි. අධික වර්ෂාවත් සමග ඉරණමඩු ජලාශයේ වාන් දොරටු ද විවෘත කර තිබේ. ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ, විල්පත්තුව මන්නාරම මාර්ගයේ වැසි ජලයට හසුව බස් රථයක සිරවූ පිරිසක් අද අලුයම මුදා ගත් බවයි. ත්‍රිවිධ හමුදාවේ මැදිහත්වීමෙන් බස් රථයේ සිටි 70 කට අධික පිරිසක් එලෙස මුදා ගත් බව ද ඔහු සඳහන් කළේ ය. ජල ගැලීම් තත්ත්වය හේතුවෙන් පුත්තමල - මන්නාරම ප්‍රධාන මාර්ගය එළුවන්කුලම ප්‍රදේශයෙන් මේ වන විට තාවකාලිකව වසා දමා ඇති බව ප්‍රදීප් කොඩිප්පිලි මහතා වැඩිදුරටත් පැවසී ය. මේ අතර උතුර -නැගෙනහිර සහ උතුරුමැද පළාත්වලත් පුත්තලම දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ය. |
2018-12-21T20:52:24.000Z | ගොඩගම, පින්නදූව හා කඩවත පිටවුම් අසල රථවාහන තදබදයක් | ගොඩගම, පින්නදූව හා කඩවත පිටවුම් අසල රථවාහන තදබදයක් | COLOMBO (News 1st) : දක්ෂීණ අධිවේගී මාර්ගයේ මාතර ගොඩගම, ගාල්ල පින්නදූව හා කඩවත පිටවුම් දොරටු අසල මේ වනවිට රථ වාහන තදබදයක් පවතින බව වාර්තා වේ. මාර්ග සංවර්ධන අධිකාරියේ අධිවේගී මාර්ග නඩත්තු හා කළමනාකරණ ඒකකයේ අධ්‍යක්ෂ එස්. ඕපනායක සඳහන් කළේ, එම ස්ථානවල සියලු පිටවීමේ දොරටු විවෘත කර මේ වන විට වාහනවලට කඩිනමින් පිටවිම සඳහා පහසුකම් සලසා ඇති බවයි. එහෙත් රියැදුරන් දී ඇති උපදෙස් පිළි නොපැද තම වාහනය පිටවීමේ දොරටු අසලදී වෙනත් මන්තීරුවලට යොමු කිරිම හේතුවෙන් මෙම තදබදය උග්‍ර වී ඇති බව ඔහු පැවසී ය. |
2018-12-21T20:40:24.000Z | බස් ගාස්තු අඩු කිරීමේ සාකච්ඡාවක් ලබන සඳුදා | බස් ගාස්තු අඩු කිරීමේ සාකච්ඡාවක් ලබන සඳුදා | COLOMBO (News 1st) : බස් ගාස්තු අඩු කිරීමේ සාකච්ඡාවක් ලබන සඳුදා මුදල් අමාත්‍යංශයේදී පැවැත්වේ. ඒ ඉන්ධන මිල අවස්ථා කිහිපයකදී පහළ දැමීමට සාපේක්ෂවයි. ඩීසල් ලීටරයක මිල රුපියල් 5 කින් හා පෙට්‍රල් ලීරයක මිල රුපියල් 10 කින් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට අඩු කිරීමට රජය පියවර ගත්තේ ය. මේ අතර අයි.ඕ.සී. සමාගම ද ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඩීසල් ලීටරයක මිල රුපියල් 5 කින් හා පෙට්‍රල් ලීරයක මිල රුපියල් 10 කින් අඩු කර තිබේ. මීට පෙර ද අවස්ථා තුනකදී ඩීසල් මිල පහළ දැමුණු අතර ඒ අනුව පසුගිය මස පළමු වන දා ඩීසල් මිල රුපියල් 07 කින් පහළ දැමූ අතර පසුගිය මස 15 වන දා ඩිසල් මිල රුපියල් 5කින් අඩු කිරීමට රජය පියවර ගත්තේ ය. පසුගිය මස 30 වන දා මධ්‍යම රාත්‍රියේ ද ඩීසල් හා පෙට්‍රල් මිල රුපියල් 5කින් අඩු කිරීමට රජය කටයුතු කළේ ය. මේ අතර පෞද්ගලික බස් සංගම් නියෝජිතයින් පැවසුවේ, එම සාකච්ඡාවේදි බස් ගාස්තු අඩු කරන ප්‍රතිශතය පිළිබඳව එකඟතාවයකට එළඹිය හැකි බවයි. මේ අතර මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, ඉන්ධන මිල අඩුවීමේ වාසිය පාරිභෝගික ජනතාවට සැලසීම සඳහා මගී ප්‍රවාහන, ත්‍රිරෝද රථ ප්‍රවාහන, පාසල් ළමුන් ප්‍රවාහන ආදී ක්ෂේත්‍රයන්හි ද අඩු කළ යුතු යැයි රජය අපේක්ෂා කරන බවයි. ප්‍රවාහන ක්ෂේත්‍රයට අදාළ නියාමන ආයතනයන් ඊට අදාළ පියවර ගනු ඇතැයි අපේක්ෂා කරන බව ද මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය නිකත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ය. |
2018-12-21T19:46:12.000Z | නිල ඇඳුම් වවුචරයේ වලංගු කාලය දීර්ඝ කෙරේ | නිල ඇඳුම් වවුචරයේ වලංගු කාලය දීර්ඝ කෙරේ | COLOMBO (News 1st) : පාසල් නිල ඇඳුම් වවුචර්වල වලංගු කාලය ලබන පෙබරවාරි 28 වන දා දක්වා දීර්ඝ කිරීමට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා උපදෙස් දී තිබේ. ඒ, අමාත්‍යංශයේ නිලධාරීන් සමග පැවති සාකච්ඡාවකදීයි. එසේම පාසල් නිවාඩුව අවසන් වීමට පෙර නිල ඇඳුම් වව්චර් පාසල් වෙත යොමුකිරීමට ද අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේ ය. පාසල් දරුවන් සඳහා නොවැම්බර් මස පස්වන දින වන විට නිල ඇඳුම් වවුචර් පත් ලබාදීමට නියමිතව තිබූ බව ද අමාත්‍යවරයා මෙහිදී සිහිපත් කළේ ය. ලබන 31 වැනිදායින් වවුචර් පත්වල නිල කාලය අවසන් වීමට නියමිතව තිබිණ. |
2018-12-21T19:39:36.000Z | සිරිපා වන්දනා සමය අදින් ඇරඹේ | සිරිපා වන්දනා සමය අදින් ඇරඹේ | COLOMBO (News 1st) : වසරේ අවසන් පොහෝ දිනය වන උඳුවප් පොහෝ දිනය අදයි. ඒ නිමිත්තෙන් සෑම වෙහෙර විහාරස්ථානයකම විවිධ පිංකම් පැවැත්වේ. මේ අතර සිරිපා වන්දනා සමය ද අදින් ආරම්භ වේ. ඒ වෙනුවෙන් පැල්මඩුල්ල ගල්පොත්තාවල රජමහා විහාරස්ථානයේ තැන්පත් කර ඇති දේවාභරණ සහිත කරඩුව ඇතුළු පූජා භාණ්ඩ අද අලුයම අලංකාර පෙරහැරකින් සිරිපා මළුව වෙත වැඩම කරවනු ලැබී ය. අද සිට ලබන වෙසක් පුන් පොහෝ දිනය දක්වා සිරිපා වන්දනා සමය ක්‍රියාත්මකයි. |
2018-12-21T10:41:50.000Z | සිරස නත්තල් කලාපය ඇරඹේ | සිරස නත්තල් කලාපය ඇරඹේ | COLOMBO (News 1st) - සාමයේ පණිවුඩය සමග උදාවන අසිරිමත් නත්තල අර්ථ ගන්වමින් රටම සරසන සිරස නත්තල් කලාපය අද පස්වරුවේ ආරම්භ විය. සිව් වන වරටත් අභිමානවත්ව සංවිධාන කරන සිරස නත්තල් කලාපය ඉරිදා දක්වා පැවැත්වේ. කොළඹ 02 බේබෘෘක් පෙදෙස, සිරස ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේ මෙම නත්තල් කලාපය අද ආරම්භ වුණේ, කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙනි. කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ජේසු බිලිදා ගවලෙනෙහි තැන්පත් කිරීමෙන් අනතුරුව උත්සවය ආරම්භ විය. සිරස නත්තල් කලාපයේ රෝමයේ වතිකානයේ ෆ්‍රැන්සිස් ශුද්ධෝත්තම හිමිපාණන් විසින් ආශිර්වාද ගැන්වූ දේව මාතා ප්‍රතිමාව දැක බලා ගැනීමට ජනතාවට අවස්ථාව උදාවේ. නත්තල් කැරොල් ප්‍රසංග සහ ගීතිකා සංදර්ශන ද ආරම්භ වූයේ රාත්‍රී 7ට ය. සිරස නත්තල් කලාපයේ දරුවන් වෙනුවෙන් වෙන් වූ සුවිශේෂී ස්ථානයක් වන්නේ හිම කුටියටයි. දරුවන්ගේ දැනුම හා විනෝදය වෙනුවෙන් එහිදී විවිධ ක්‍රියාකාරකම් රැසක් තිබේ. මීට අමතරව විදුලි අලෝක පද්ධතියකින් සහ සුවිසල් නත්තල් ගසකින් සිරස නත්තල් කලාපය විචිත්‍රවත් වේ. අදින් ඇරඹෙන නත්තල් කලාපය ලබන 23 වන දා දක්වා සිරස මූලස්ථාන පරිශ්‍රය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වේ. |
2018-12-21T09:25:22.000Z | අමාත්‍යංශ 30ක් සඳහා නව ලේකම්වරු පත් කෙරේ | අමාත්‍යංශ 30ක් සඳහා නව ලේකම්වරු පත් කෙරේ | COLOMBO (News 1st) - අමාත්‍යංශ 30ක් සඳහා නව ලේකම්වරු පත් කර තිබේ. පත්වීම් ලිපි ප්‍රදානය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් අද පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු විය. ඒ අනුව ආරක්ෂක අමාත්‍යංශයේ නව ලේකම්වරයා වන්නේ, එහි හිටපු ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතායි. ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන හා උතුරු පළාත් සංවර්ධන වෘත්තීය පුහුණු, නිපුණතා සංවර්ධන, යෞවන කටයුතු අමාත්‍යංශයේ නව ලේකම්වරයා ලෙස වී. සිවඥානසෝති මහතා පත් කර තිබේ. අධ්‍යාපන අමාත්‍යංශයේ නව ලේකම්වරයා වන්නේ, පත්මසිරි ජයමාන්න මහතා ය. එස්.එම්. මොහොමඩ් මහත්මිය තැපැල් සේවා සහ මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරිය ලෙසත් ආර්.එම්. ඩී.බී. මීගස්මුල්ල මහතා අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙසත් ජනාධිපතිතුමා අතින් පත් වීම් ලබා ගත්තේ ය. රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍යංශයේ නව ලේකම්වරයා ලෙස ජේ.ජේ. රත්නසිරි මහතා පත් කර ඇති අතර, විදුලිබල බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍යංශයේ නව ලේකම්වරයා වන්නේ, ආචාර්ය සුරේන් බටගොඩ මහතා ය. එල්.පී. ජයම්පති මහතා ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයේ නව ලේකම්වරයා වන අතර මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශයේ නව ලේකම්වරයා ලෙස නිහාල් රූපසිංහ මහතා පත් කර තිබේ. කමල් පද්මසිරි මහතා පත් කර ඇත්තේ, අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ නව ලේකම්වරයා ලෙසයි. විදේශ කටයුතු අමාත්‍යංශයේ නව ලේකම්වරයා ලෙස රවීනාත ආරියසිංහ මහතා පත් කර ඇති අතර නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ නව ලේකම්වරයා ලෙස පත් කර ඇත්තේ, කේ.පී. බර්නාඩ් වසන්ත සිල්වා මහතා ය. ජේ.ඒ. රංජිත් මහතා වැවිලි කර්මාන්ත අමාත්‍යංශයේ නව ලේකම්වරයා ලෙසත්, ඒ.පී.ජී. කිත්සිරි මහතා බුද්ධ ශාසන හා වයඹ සංවර්ධන අමාත්‍යංශයේ නව ලේකම්වරයා ලෙසත් පත් කර තිබේ. කාන්තා හා ළමා කටයුතු සහ වියළි කලාප සංවර්ධන අමාත්‍යංශයේ නව ලේකම්වරිය ලෙස එල්.ඩී. සේනානායක මහත්මිය පත් කර තිබේ. මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යංශයේ නව ලේකම්වරයා වන්නේ අනුර දිසානායක මහතායි. කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍යංශයේ නව ලේකම්වරයා ලෙස පී. සුරේෂ් මහතා පත් කර ඇති අතර ගාමිණි සෙනෙවිරත්න මහතා පත් කර ඇත්තේ කම්කරු, වෘත්තීය සමිති සබඳතා සහ සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස ය. කර්මාන්ත හා වාණිජ කටයුතු දිගු කාලීන අවතැන් වූ පුද්ගලයින්, නැවත පදිංචි කිරීම සහ සමුපකාර සංවර්ධන අමාත්‍යංශයේ නව ලේකම්වරයා ලෙස කේ.ඩී.එන්.ආර්. අශෝක මහතා පත් කර තිබේ. කේ.ඩී. එස්. රුවන් චන්ද්‍ර මහතා පත් කර ඇත්තේ කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග හා ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙසයි. |
2018-12-21T08:51:39.000Z | කැබිනට් නොවන, රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරුන් කිහිප දෙනෙක් ජනපති ඉදිරියේ දිවුරුම් දෙති | රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරු දිවුරුම් දෙති | COLOMBO (News 1st) - කැබිනට් නොවන, රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරුන් කිහිප දෙනෙක් මීට සුළු වේලාවකට පෙර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ. එලෙස දිවුරුම් දුන් කැබිනට් නොවන, රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරුන් පහත පරිදි වේ. |
2018-12-21T08:14:50.000Z | බැඳුම්කර වංචාවට අදාළ පරීක්ෂණ කඩිනම් කිරීමට ජනපති ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකදී තීරණයක් | බැඳුම්කර වංචාවට අදාළ පරීක්ෂණ කඩිනම් කිරීමට තීරණයක් | COLOMBO (News 1st) - මහ බැංකු බැඳුම්කර වංචාවට අදාළ පරීක්ෂණ කඩිනම් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවති සාකච්ඡාවකදී තීරණය කර තිබේ. එහිදී තීරණය වී ඇත්තේ, මේ සම්බන්ධයෙන් නියමිත කාල රාමුවක් තුළ නඩු පැවරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමට ය. එමෙන් ම වෝහාරික විගණනය ප්‍රමාදයකින් තොරව ආරම්භ කිරීමට ද මෙම සාකච්ඡාවේදී තීරණය වී තිබේ. මේ සම්බන්ධයෙන් ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඉදිරියේදී සෑම මසකම ප්‍රගති සමාලෝචන රැස්වීමක් පැවැත්වෙනු ඇති. ජනාධිපතිතුමා සමග අද පැවති රැස්වීමේදී අනාවරණය වී ඇත්තේ, මහ බැංකු බැඳුම්කර වංචාව පිළිබඳ නඩුවට අදාළ පනත් සංශෝධනයේදී පාර්ලිමේන්තුවේ ආංශික කමිටුව බාධා පමුණුවා ඇති බව ය. හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා අත්අඩංගුවට ගැනීම සඳහා ශ්‍රී ලංකා රජය සිංගප්පූරු රජයට දන්වා ඇති නමුත්, සිංගප්පූරු රජය මේ සම්බන්ධයෙන් නිසි පියවර ගෙන නොමැති බව ද අද සාකච්ඡාවේදී අනාවරණය වී තිබේ. |
2018-12-21T06:08:35.000Z | ජ.වි.පෙ. අතුරු සම්මත ගිණුමට විරුද්ධ වෙයි | ජ.වි.පෙ. අතුරු සම්මත ගිණුමට විරුද්ධ වෙයි | අතුරු සම්මත ගිණුම සම්මත කරගැනීම වෙනුවෙන් පැවැති විවාදයේ දී, තමන් විරුද්ධව ඊට ඡන්දය ප්‍රකාශ කරන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය. ඔහු පෙන්වා දුන්නේ, මාස 4 ක් වැනි කෙටි කාලයකට, වෙන් කරන මුදල් සම්බන්ධයෙන් එකඟ විය නොහැකි බවයි. විවාදයට එක් වු ජනතා විමුක්ති පෙරමුණු මන්ත්‍රී බිමල් රත්නායක මහතා ප්‍රකාශ කළේ භාණ්ඩ මිල ඉහළ ගොස් තිබුණේ ව්‍යවස්ථා කුමන්ත්‍රණයට පෙර සිටම බවයි. ඒ අනුව එක්සත් ජාතික පක්ෂයට ඉන් මිදීමට නොහැකි බව ද බිමල් රත්නායක මහතා සඳහන් කළේ ය. ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයින් සියලු දෙනා අතුරු සම්මත ගිණුමට විරුද්ධව තම ඡන්දය ප්‍රකාශ කළහ. |
2018-12-21T05:00:49.000Z | "ආණ්ඩුවේ හොඳ දේට සහාය දෙනවා." - මහින්ද අමරවීර | "ආණ්ඩුවේ හොඳ දේට සහාය දෙනවා." - මහින්ද අමරවීර | රජය සිදුකරන යහපත් වැඩ සදහා සහාය ලබාදෙන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්ද අමරවීර මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. මන්ත්‍රිවරයා මේ බව සදහන් කළේ මාස 4 ක් සදහා පැවති අතුරු සම්මත ගිණුමේ විවාදයට එක්වෙමින්. පසුගිය කාලය තුළ පාර්ලිමේන්තුවේදී අමිහිරි අත්දැකීම් රැසකට මුහුණදීමට සිදුවු බව ද ඔහු සදහන් කළේය. මහබැංකු බැදුම්කර සිද්ධිය සම්බන්ධයෙන් ජනතාව තුල කළකිරීමක් ඇති බව පෙන්වා දුන් මන්ත්‍රිවරයා සදහන් කළේ එවැනි දේවල් යළි ඇති නොවීමට වගබලා ගන්නා ලෙසය. |
2018-12-21T05:20:52.000Z | අතුරු සම්මත ගිණුම වැඩි ඡන්දයෙන් සම්මත වෙයි | අතුරු සම්මත ගිණුම වැඩි චන්දයෙන් සම්මත වෙයි. | අයවැයක් සම්මත නොවී ඇති වටපිටාවක ලබන වසරේ පළමු මාස 4 සඳහා වන අතුරු සම්මත ගිණුම අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. ඒ සඳහා වූ ඡන්ද විමසීමේ දී, පක්ෂව ඡන්ද 102 ක් හිමි වූ අතර, ජනතා විමුක්ති පෙරමුණ විරුද්ධව ඡන්දය භාවිත කළේය. විරුද්ධව හිමි වූ චන්ද සංඛ්‍යාව 6 කි. එක්සත් ජාතික නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බහුතරය ඡන්දය දීමෙන් වැළකී සිටියේය. ද්‍රවිඩ ජාතික සන්ධානය ද පක්ෂව ඡන්දය භාවිතා කළේය. මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් අද ඉදිරිපත් කළ ගිණුමේ රජයේ වියදම් වෙනුවෙන් රුපියල් බිලියන 1765ක් වැය කිරීමට යෝජනා කර තිබිණ. ඉන් රුපියල් බිලියන 970ක් වෙන් වන්නේ, ණය පොළී සහ වාරික ගෙවීම සඳහාය. මේ අතර අතුරු සම්මත ගිණුමේ ඡන්ද විමසීමෙන් පසුව ජනවාරි මස 08 වැනිදා පස්වරු 1 දක්වා පාර්ලිමේන්තුව කල් තැබිණ. |
2018-12-20T23:23:17.000Z | නිදන් හෑරූ හත් දෙනෙකු මොරවැව දී අත් අඩංගුවට පත්වේ. | නිදන් හෑරූ 7 ක් මොරවැව දී අත් අඩංගුවට පත්වේ. | නිදන් ගැනීමේ අරමුණින් කැනීම් කළ සැකකරුවන් හත් දෙනෙකු ත්‍රිකුණාමලය මොරවැව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ පොලිසිය සඳහන් කලේ, නොච්චිකුලම ආඩියාගල රක්ෂිතයේ නිදන් ගැනීම සඳහා කැනීම් කරමින් සිටියදී සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි. සැකකරුවන් සන්තකයේ තිබී හැමර් යන්ත්‍රයක්, වෑන් රථයක්, විදුලි ඩෙටනේටරයක්, ජංගම දුරකථන ඇතුළු කැනීම් උපකරණ පොලිසිය භාරයට ගෙන තිබේ. ඔවුන් 61, 60, 42, 36, 48, 58, සහ 39 යන වයස්වන පසුවන මහදිවුල්වැව, දෙහිඕවිට, කෙසෙලේවත්ත සහ දොඩංගොඩ යන ප්‍රදේශ වල පදිංචිකරුවන් ය. |
2018-12-21T03:22:26.000Z | වීසා නොමැති විදේශිකයන් දෙදෙනෙකු වැලිගමදී අත්අඩංගුවට | වීසා නොමැති විදේශිකයන් දෙදෙනෙකු අත්අඩංගුවට | ආගමන විගමන නීතී උල්ලංඝනය කරමින්, වීසා නොමැතිව මෙරට රැදී සිටි විදේශියකයින් දෙදෙනෙකු වැලිගමදී අත්අඩංගුවට ගෙන තිබේ. පොලිසිය ලද තොරතුරක් මත මෙම අත් අඩංගුවට ගැනීම සිදුකර තිබේ. මෙම සැකකරුවන් 22 සහ 27 හැවිරිදි වියේ පසුවන පාකිස්ථාන සහ ඊජිප්තු ජාතිකයින්වේ. මොවුන් අද මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත බව ද පොලිසිය සඳහන් කරයි. |
2018-12-21T00:14:22.000Z | කේරළ ගංජා තොගයක් සමග හමුදා මේජර්වරයෙකු අත්අඩංගුවට | කේරළ ගංජා තොගයක් සමග හමුදා මේජර්වරයෙකු අත්අඩංගුවට | COLOMBO (News 1st) - අනුරාධපුර කූබිච්චංකුලම් වැව අසළදී කේරළ ගංජා තොගයක් ප්‍රවාහනය කරමින් සිටි හිටපු යුධ හමුදා මේජර්වරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, අනුරාධපුර අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත කළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගත් බව ය. සැකකරු සන්තකයේ තිබී කේරළ ගංජා කිලෝග්‍රෑම් 8යි මිලිග්‍රෑම් 220ක් සහ මෝටර් රථයක් ද පොලීසිය භාරයට ගෙන තිබේ. සැකකරු 45 හැවිරිදි අනුරාධපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔහු අද අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය. |
2018-12-20T23:51:37.000Z | ඉන්ධන මිල පහත දමයි | ඉන්ධන මිල පහත දමයි | COLOMBO (News 1st) - ඉන්ධන මිල අද මධ්‍යම රාත්‍රියේ සිට පහත දමා තිබේ. නව මිල ගණන් පිළිබඳව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මීට ටික වේලාවකට පෙර පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කළේ ය. ඒ අනුව ඔක්ටේන් 92 සහ 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 10කින් පහත දමා තිබේ. සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 10කින් පහත දමා ඇති අතර ඔටෝ ඩීසල් ලීටරයක් පහත දමා ඇත්තේ, රුපියල් 5කිනි. ඔක්ටේන් 92 නව මිල - රු.125 ඔක්ටේන් 95 නව මිල - රු.149 ඔටෝ ඩීසල් නව මිල - රු.101 සුපිරි ඩීසල් නව මිල - රු.121 |
2018-12-20T23:30:48.000Z | පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීවට ස්ථාන මාරුවක් | පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීවට ස්ථාන මාරුවක් | COLOMBO (News 1st) - පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සේවය කළ පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානය වෙත ස්ථාන මාරු කර තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, සේවා අවශ්‍යතාව මත මෙම ස්ථාන මාරුව සිදු කර ඇති බව ය. අද සිට ක්‍රියාත්මක වන පරිදි මෙම ස්ථාන මාරුව ක්‍රියාත්මක බව ද රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළේ ය. |
2018-12-20T22:16:09.000Z | කොදෙව්වන්ට එරෙහිව බංග්ලාදේශයට ලකුණු 36ක ජයක් | කොදෙව්වන්ට එරෙහිව බංග්ලාදේශයට ලකුණු 36ක ජයක් | COLOMBO (News 1st) - බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවති දෙවන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයෙන් සත්කාරක බංග්ලාදේශය ලකුණු 36ක ජයක් වාර්තා කළේ ය. තරගය බංග්ලාදේශයේ ඩකා නුවරදී පැවැත්විණි. පළමුවෙන් පන්දුවට පහර දුන් බංග්ලාදේශය කඩුලු 4කට රැස් කළ ලකුණු සංඛ්‍යාව 211ක්. ආරම්භක පිතිකරු තමීම් ඉක්බාල් ලකුණු 15යි. ලිටන් ඩාස් ලකුණු 60ක් රැස් කළේ පන්දු 34කිනි. ඊට 4 පහර 6ක් සහ 6 පහර 4ක් ඇතුළත් විය. සෞම්‍යා සර්කර් ලකුණු 32යි. නායක ශකීබ් අල් හසන් නොදැවී ලකුණු 42ක් රැස් කර ගෙන සිටියේ ය. වේග පන්දු යවන ක්‍රීඩක ෂෙල්ඩන් කොට්රෙල් ලකුණු 38ට කඩුලු 2ක් දවා ගත්තේ ය. බටහිර ඉන්දීය කොදෙව් පිළිතුරු ඉනිමේ මුල් පෙළ කඩුලු 3 බිඳ වැටුණේ ලකුණු 62කදී ය. ශායි හෝප් ලකුණු 62ක් රැස් කළේ ය. රොව්මන් පවෙල් ලකුණු 50යි. බටහිර ඉන්දීය කොදෙව් පිතිකරුවන් 6 දෙනෙකුටම ලකුණු 10 සීමාව පසු කිරීමට නොහැකි විය. ඒ අනුව පන්දුවාර 19යි පන්දු 2කදී එම කණ්ඩායමේ සියලු දෙනා ලකුණු 175කට දැවී ගියහ. බංග්ලාදේශ නායක ශකීබ් අල් හසන් ලකුණු 20ට කඩුලු 5යි. ඒ අනුව තරග 3කින් සමන්විත තරගාවලිය දෙපිළම තරගය බැගින් ජය ගෙන සම තත්ත්වයේ පසු වේ. |
2018-12-20T22:01:31.000Z | සිරස නත්තල් කලාපය අද ඇරඹේ | සිරස නත්තල් කලාපය අද ඇරඹේ | COLOMBO (News 1st) - අසිරිමත් නත්තලේ සිරි අසිරි ඔබට තිළිණ කරමින් සිරස නත්තල් කලාපය කොළඹ 02 බේබෘෘක් පෙදෙසේ පිහිටි කොළඹ ප්‍රධාන කාර්යාලයීය පරිශ්‍රයේදී අද පස්වරුවේ සිට ආරම්භ වීමට නියමිත ය. මෙවර නත්තල් කලාපය පැවැත්වෙන්නේ 4 වන වරටයි. අද ආරම්භ වන නත්තල් කලාපය එළැඹෙන 23 වන දා දක්වා, පස්වරු 5.00 සිට ජනතාව වෙනුවෙන් විවෘතව පවතී. රෝමයේ වතිකානයේදී ෆ්‍රැන්සිස් ශුද්ධෝත්තම හිමිපාණන් විසින් ආශිර්වාද ගැන්වූ දේව මාතා ප්‍රතිමාව දැක බලා ගැනීමට මෙවරත් සිරස නත්තල් කලාපයේදී බැතිමතුන්ට අවස්ථාව හිමි වේ. දැවැන්ත නත්තල් ගසක් ද මෙවරත් සිරස නත්තල් කලාපයේ ඉදිකර තිබේ. කුඩා දරුවන් වෙනුවෙන්ම වෙන් වූ විශේෂාංග රැසක් ද නත්තල කලාපයට අයත් ය. හිමලන්තය, මැජික් සංදර්ශන දැක බලා ගැනීමට මෙන්ම නත්තල් කැරොල් ගී රස විඳීමටත් මෙවරත් සිරස නත්තල් කලාපයේදී අවස්ථාව හිමිව ඇති අතර දිනපතා පැවැත්වෙන සංගීත සංදර්ශන විචිත්‍රවත් වන්නේ දිවයිනේ ජනප්‍රිය ගායක ගායිකාවන්ගේ සහභාගීත්වයෙනි. මේ අතර නිව්ස්ෆස්ට් ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයන් සජීවීව විකාශය කරන ආකාරය දැක බලා ගැනීමට ද සිරස නත්තල් කලාපයේදී ඔබට අවස්ථාව උදාකර දී තිබේ. |
2018-12-20T20:35:44.000Z | අමෙරිකානු ආරක්ෂක ලේකම් ඉල්ලා අස්වෙයි | අමෙරිකානු ආරක්ෂක ලේකම් ඉල්ලා අස්වෙයි | (News 1st) - අමෙරිකානු ආරක්ෂක ලේකම් ජේම්ස් මැටිස් සිය ධූරයෙන් ඉල්ලා අස් වී තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත සිය ඉල්ලා අස්වීමේ ලිපිය යොමු කරමින් ඔහු මේ බව දැනුම් දී ඇති බව ය. එමගින් ජේම්ස් මැටිස් සඳහන් කර ඇත්තේ, ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති සහ අදහස්වලට ගැලපෙන ආරක්ෂක ලේකම්වරයෙකු පත් කර ගැනීමට ඉඩ ලබා දෙමින් තමන් ඉල්ලා අස් වන බව ය. මේ වන විට අයි.එස්. ත්‍රස්ත්‍රවාදීන් පරාජය කර ඇති බැවින් සිරියාවෙන් අමෙරිකානු සෙබලුන් ඉවත් කර ගන්නා බව අමෙරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කර දිනක් ඇතුළත අමෙරිකානු ආරක්ෂක ලේකම්වරයා ඉවත් වීම විශේෂත්වයක් බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය. කෙසේ වෙතත් සිය නිල ට්විටර් ගිණුමේ මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමෙරිකානු ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ, ලබන පෙබරවාරි අවසානයේ සිට ආරක්ෂක ලේකම්වරයාගේ ඉල්ලා අස්වීම බලාත්මක වන බව ය. ගත වූ කාලය තුළ සිය පරිපාලන කටයුතු සඳහා ආරක්ෂක ලේකම්වරයා ලෙස ජේම්ස් මැටිස් ලබා දුන් සහයෝගය ද අමෙරිකානු ජනාධිපතිවරයා ඇගයීමට ලක් කර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, අමෙරිකානු ජනාධිපතිවරයා සහ ආරක්ෂක ලේකම්වරයා අතර ඇති වූ මත ගැටුම් මෙම ඉල්ලා අස්වීමට හේතු වී ඇති බව ය. |
2018-12-20T20:22:38.000Z | පක්ෂයෙන් ඉවත්ව ගිය මන්ත්‍රීන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නවා - ශ්‍රී.ල.නි.ප. මහ ලේකම් | ශ්‍රී.ල.නි.ප.යට පිටුපෑ මන්ත්‍රීන්ට වැඩ වරදින ලකුණු | COLOMBO (News 1st) - පක්ෂයෙන් ඉවත්ව ගිය මන්ත්‍රීවරුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසයි. නිදහස් පක්ෂයේ මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සඳහන් කළේ, ඒ සඳහා විනය කමිටුවක් පත් කරන බව ය. පක්ෂයෙන් ඉවත් වූ මන්ත්‍රීවරුන්ට එරෙහිව ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ අවසන් තීරණය ඉදිරි සති දෙක ඇතුළත රැස්වන මධ්‍යම කාරක සභාවේදී ගන්නා බව ද ලේකම්වරයා පැවසුවේ ය. ඔහු සඳහන් කළේ, එම මන්ත්‍රීවරුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නැයි පසුගියදා රැස්වූ මධ්‍යම කාරක සභාවේදී ප්‍රතිපත්තිමය තීරණයක් ගත් බව ය. ඒ අනුව පක්ෂ මධ්‍යම කාරක සභාවේ තීරණය මත ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව ලේකම්වරයා පැවසුවේ ය. පසුගිය 18 වන දා පාර්ලිමේන්තු රැස්වීම අතරතුර එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කළ මන්ත්‍රීවරුන් 3 දෙනෙක් ආණ්ඩු පක්ෂයට එක්වූහ. විජිත් විජයමුණි සොයිසා , ලක්ෂ්මන් සෙනෙවිරත්න සහ ඉන්දික බණ්ඩාරනායක යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එලෙස ආණ්ඩු පක්ෂයේ අසුන් ගත් අයයි. |
2018-12-20T20:11:10.000Z | ලබන වසරේ පළමු මාස 4 සඳහා වන අතුරු සම්මත ගිණුම අද පාර්ලිමේන්තුවට | අතුරු සම්මත ගිණුම අද පාර්ලිමේන්තුවට | COLOMBO (News 1st) - ලබන වසරේ පළමු මාස 4 සඳහා වන අතුරු සම්මත ගිණුම අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ය. ඒ, මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසිනි. ඒ අනුව ලබන වසරේ පළමු මාස 04 සඳහා රජයේ වියදම් වෙනුවෙන් රුපියල් බිලියන 1765ක් වැය කිරීමට යෝජනා කර තිබේ. ඉන් රුපියල් බිලියන 970ක් වෙන් වන්නේ, ණය පොළී සහ වාරික ගෙවීම සඳහායි. මෙම ප්‍රමාණය ලබන වසරේ මුල් මාස හතරේ වියදම්වලින් 55%කි. නවතා දමා තිබූ සියලු සංවර්ධන සහ සුබ සාධන ව්‍යාපෘති යළි ඇරඹීමට අතුරු සම්මත ගිණුමෙන් මුදල් වෙන් කර ඇතැයි මුදල් අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ය. නව පාසල් වාරය ඇරඹීමත් සමග ලක්ෂ 40කට අධික පාසල් සිසුන්ට නිල ඇඳුම් සඳහා වවුචර් පත් ලබා දීමට ද සැලසුම් කර තිබේ. |
2018-12-20T19:52:07.000Z | ගෙවුණු දවස උණුසුම් කළ පුවත්… | ගෙවුණු දවස උණුසුම් කළ පුවත්… | COLOMBO (News 1st) 1. මාස 4ක් සඳහා රජයේ වියදම් සඳහා අතුරු සම්මත ගිණුමක් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ඊයේ පත් වූ අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ. 2. පුද්ගලයෙකුට පහර දීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා ඇතුළු සැකකරුවන් 4 දෙනෙකු ලබන මස පළමු වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. 3. මාස 10ක් තුළ වසර 10ක වැඩ සිදු කරන බව නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි. 4. නැවත වරක් ඉන්ධන මිල සූත්‍රය ක්‍රියාත්මක කරන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි. 5. එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ආණ්ඩුවට එක් වූ කිසිදු මන්ත්‍රීවරයෙකුට ඊයේ කැබිනට අමාත්‍ය ධූර හිමි නොවී ය. 6. පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු වන අර්ජුන් ඇලෝසියස් සහ එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පාලිසේන යන මහත්වරු වෙනුවෙන් කළ ඇප ඉල්ලීම සම්බන්ධ නියෝගය ලබන පළමු වන දා නිකුත් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඊයේ තීරණය කළා ය. 7. අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ආරම්භ කළ විරෝධතා පා ගමනක් විසුරුවා හැරීමට පොලීසිය ජල සහ කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කරයි. 8. රුපියල් 50000ක අල්ලසක් ලබා ගත් පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ ස්ථානාධිපතිවරයා ලබන මස 2 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි. විදෙස් පුවත් 9. සිරියාවෙන් අමෙරිකානු සෙබළුන් ඉවත් කර ගන්නා බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. ක්‍රීඩා පුවත් 10. ඇන්ජලෝ මැතිව්ස් සහ කුසල් මෙන්ඩිස්ගේ දක්ෂ පිතිහරඹය තමන්ට අභියෝගයක් වූ බවට නවසීලන්ත ක්‍රිකට් නායක කේන් විලියම්සන් පවසයි. |
2018-12-20T19:35:49.000Z | අමාත්‍යංශ සඳහා නව ලේකම්වරු පත් කිරීම අද | අමාත්‍යංශ සඳහා නව ලේකම්වරු පත් කිරීම අද | COLOMBO (News 1st) - අමාත්‍යංශ සඳහා නව ලේකම්වරු පත් කිරීම අද සිදු කිරීමට නියමිත ය. අමාත්‍යංශ සඳහා ඇතුළත් වූ නව විෂය පථයන් පිළිබඳව සිදුවන අධ්‍යයනවලින් පසුව එම පත් කිරීම් සිදු කිරීමට නියමිත ය. මේ අතර මේ වන විට අකර්මන්‍ය වී ඇති රාජ්‍ය සේවය යළි ස්ථාපිත කිරීම සඳහා කඩිනම් වැඩපිළිවෙළක් ආරම්භ කරන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය පවසයි. අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා පැවසුවේ, ඒ සඳහා අවශ්‍ය චක්‍රලේඛ නිකුත් කිරීමට පියවර ගෙන ඇති බව ය. නව අමාත්‍යංශ ලේකම්වරු පත් කිරීමත් සමග ඒ ඒ අමාත්‍යංශවල කටයුතු කාර්යක්ෂම කිරීමට හැකි වන බව ද ඔහු ප්‍රකාශ කළේ ය. |
2018-12-20T11:33:24.000Z | ශ්‍රීලංකන් ගුවන් සේවයේ අක්‍රමිකතා පිළිබඳව තවත් හෙළිදරව්වක් | ශ්‍රීලංකන් අක්‍රමිකතා පිළිබඳව තවත් හෙළිදරව්වක් | COLOMBO (News 1st) - ශ්‍රීලංකන් සහ මිහින් ගුවන් සේවයේ සිදු වූ දූෂණ අක්‍රමිකතා සෙවීමේ ජනාධිපති කොමිෂන් සභාව හමුවේ අද ශ්‍රීලංකන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන මූල්‍ය නිලධාරී ඒ.එස්. චන්ද්‍රසේකර මහතා සාක්ෂි ලබා දුන්නේ ය. එහිදී හෙළිදරව් වූයේ, 2011 වසරේදී චන්ද්‍රසේකර මහතා විසින් ශ්‍රීලංකන් ගුවන් සේවය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ඉදිරිපත් කරන ලද යෝජනාවලිය ඉහළ කලමනාකාරිත්වය විසින් නොතකා හැර ඇති බව ය. නමුත් පසුව අප්‍රකට ගුවන් සේවා උපදේශන සමාගමක් වූ ඉන්ටර් විස්ටාස් නම් වූ සමාගමක් විසින් ඉදිරිපත් කළ ව්‍යාපාර ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලැස්ම සඳහා අනුමැතිය ලැබී ඇති අතර එය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය වුණු මුදල් ප්‍රමාණය ඩොලර් මිලියන 500ක් බව ද හෙළිදරව් විය. |
2018-12-20T11:27:43.000Z | සිරස නත්තල් කලාපය හෙට ඇරඹේ | සිරස නත්තල් කලාපය හෙට ඇරඹේ | COLOMBO (News 1st) - අසිරිමත් නත්තලේ සිරි අසිරි ඔබට තිළිණ කරමින් සිරස නත්තල් කලාපය කොළඹ 02 බේබෘෘක් පෙදෙසේ පිහිටි කොළඹ ප්‍රධාන කාර්යාලයීය පරිශ්‍රයේදී හෙට පස්වරුවේ ආරම්භ වීමට නියමිත ය. මෙවර නත්තල් කලාපය පැවැත්වෙන්නේ 4 වන වරටයි. හෙට ආරම්භ වන නත්තල් කලාපය එළැඹෙන 23 වන දා දක්වා පස්වරු 5.00 සිට ජනතාව වෙනුවෙන් විවෘතව පවතී. රෝමයේ වතිකානයේදී ෆ්‍රැන්සිස් ශුද්ධෝත්තම හිමිපාණන් විසින් ආශිර්වාද ගැන්වූ දේව මාතා ප්‍රතිමාව දැක බලා ගැනීමට මෙවරත් සිරස නත්තල් කලාපයේදී බැතිමතුන්ට අවස්ථාව හිමි වෙයි. දැවැන්ත නත්තල් ගසක් ද මෙවරත් සිරස නත්තල් කලාපයේ ඉදිකර තිබේ. කුඩා දරුවන් වෙනුවෙන්ම වෙන් වූ විශේෂාංග රැසක් ද නත්තල කලාපයට අයත් ය. හිමලන්තය, මැජික් සංදර්ශන දැක බලා ගැනීමට මෙන්ම නත්තල් කැරොල් ගී රස විඳීමටත් මෙවරත් සිරස නත්තල් කලාපයේදී අවස්ථාව හිමිව ඇති අතර දිනපතා පැවැත්වෙන සංගීත සංදර්ශන විචිත්‍රවත් වන්නේ දිවයිනේ ජනප්‍රිය ගායක ගායිකාවන්ගේ සහභාගීත්වයෙනි. මේ අතර නිව්ස්ෆස්ට් ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයන් සජීවීව විකාශය කරන ආකාරය දැක බලා ගැනීමට ද සිරස නත්තල් කලාපයේදී ඔබට අවස්ථාව උදාකර දී තිබේ. |
2018-12-20T10:04:55.000Z | පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා ඇතුළු 4ක් රක්ෂිත බන්ධනාගාරගත කෙරේ | රංජිත් සොයිසා ඇතුළු 4ක් රක්ෂිත බන්ධනාගාරගත කෙරේ | COLOMBO (News 1st) - පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා ඇතුළු සැකකරුවන් 4 දෙනෙකු ලබන මස පළමු වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. ඒ, පසුගිය 16 වන දා ගොඩකවෙල නගරයේදී පුද්ගලයෙකුට පහර දීම සම්බන්ධයෙන් ඔවුන් අද ගොඩකවෙල පොලිස් ස්ථානයට පැමිණි අවස්ථාවේදී ය. අත්අඩංගුවට ගත් රංජිත් සොයිසා මහතා ඇතුළු සැකකරුවන් පැල්මඩුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. |
2018-12-20T09:57:15.000Z | මාස 10ක් තුළ වසර 10ක වැඩ කිරීමට ඇමති සජිත් සැරසෙයි | මාස 10ක් තුළ වසර 10ක වැඩ කිරීමට ඇමති සජිත් සැරසෙයි | COLOMBO (News 1st) - නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා කෙටි කාලයක් තුළ ජනතාව වෙනුවෙන් විශාල වැඩ කොටසක් ඉටු කිරීමට ඇති සිය කැපවීම අද අවධාරණය කළේ ය. දිවුරුම් දීමෙන් පසුව සජිත් ප්‍රේමදාස මහතා පළමුව පැමිණියේ ඔහුගේ අමාත්‍යංශයට ය. ආගමික වතාවත්වලින් පසුව රාජකාරී ආරම්භ කළ අමාත්‍යවරයාගේ පළමු කටයුත්ත වූයේ, ජාත්‍යන්තර කීර්තියක් අත්කර දුන් කායවර්ධන ශූර ලූෂන් පුෂ්පරාජ් මහතාට පුද්ගලික ධානපතියෙකුගෙන් ලද රුපියල් ලක්ෂ 10ක මුදලක් පරිත්‍යාග කිරීමයි. තම අමාත්‍යංශය පැය 24ම වැඩ කරන අමාත්‍යංශයක් බවට පත් කරන බව මාධ්‍ය අමතමින් සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේ ය. අමාත්‍යවරයා සිය අමාත්‍යංශයේ නිලධාරීන් සමග පැවසුවේ, මාස 10ක් තුළ අවුරුදු 10ක වැඩ කටයුතු කිරීමට සූදානම් වන ලෙස ය. |
2018-12-20T06:40:43.000Z | ආණ්ඩුවට පිටුපෑ මන්ත්‍රීන්ට කැබිනට් ඇමති ධූර අහිමි වෙයි | ආණ්ඩුවට පිටුපෑ මන්ත්‍රීන්ට ඇමති ධූර අහිමි වෙයි | COLOMBO (News 1st) - එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ආණ්ඩුවට එක් වූ කිසිදු මන්ත්‍රීවරයෙකුට අද කැබිනට අමාත්‍ය ධූර හිමි නොවී ය. එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුවට සහය දීම සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් එක් වූ පිරිස 6කි. ඒ, විජිත් විජයමුණි සොයිසා, ඒ.එච්.එම්. ෆවුසි, පියසේන ගමගේ, මනූෂ නානායක්කාර, ඉන්දික බණ්ඩාරනායක සහ ලක්ෂ්මන් සෙනෙවිරත්න යන මහත්වරුන් ය. මේ අද පැවති උත්සවයේදී අදහස් පළ කළ විජිත් විජයමුනි සොයිසා මහතා මේ අතර පක්ෂ මාරු කිරීම සම්බන්ධයෙන් පසුගිය කාලයේ සමාජයේ වැඩි අවධානයක් යොමු වූ වසන්ත සේනානායක, වඩිවෙල් සුරේෂ් සහ විජයදාස රාජපක්ෂ යන මහත්වරුන්ට ද අද අමාත්‍ය ධූර හිමි නොවී ය. |
2018-12-20T05:57:25.000Z | ඇලෝසියස්ගේ හා පාලිසේනගේ ඇප ඉල්ලීම සම්බන්ධ නියෝගය ලබන පළමු වන දා | ඇලෝසියස්ගේ හා පාලිසේනගේ ඇප ඉල්ලීම සම්බන්ධ නියෝගය | COLOMBO (News 1st) - පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු වන අර්ජුන් ඇලෝසියස් සහ එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පාලිසේන යන මහත්වරු වෙනුවෙන් කළ ඇප ඉල්ලීම සම්බන්ධ නියෝගය ලබන පළමු වන දා නිකුත් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද තීරණය කළා ය. එම සැකකරුවන්ට ඇප ලබා නොදෙන ලෙසට නීතිපතිවරයා විසින් ලිඛිත විරෝධතාවක් අධිකරණය හමුවට ඉදිරිපත් කරනු ලැබුවේ ය. සැකකරුවන් දෙදෙනාම බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබූ අතර ඔවුන් යළි ලබන පළමු වන දා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට මහේස්ත්‍රාත්වරිය බන්ධනාගාර නිලධාරීන්ට නියෝග කළා ය. |
2018-12-20T05:35:56.000Z | සරසවි සිසු විරෝධතා පා ගමනට පොලීසියෙන් ජල හා කඳුළු ගෑස් ප්‍රහාර | සරසවි සිසු විරෝධතා පා ගමනට පොලීසියෙන් ජල ප්‍රහාර | COLOMBO (News 1st) - අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ආරම්භ කළ විරෝධතා පා ගමනක් විසුරුවා හැරීමට පොලීසියෙන් ජල සහ කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබේ. ඒ, කොටුව දුම්රිය ස්ථානය අසළදී ය. අද පස්වරුවේ මරදාන ටෙක්නිකල් මංසන්ධියෙන් සිසුන් මෙම විරෝධතා පා ගමන ආරම්භ කළේ, විශ්වවිද්‍යාල කිහිපයක පවතින ගැටලුවලට විසඳුම් ලබා දෙන ලෙස ඉල්ලමිනි. |
2018-12-20T05:12:12.000Z | අල්ලස් ගත් පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ ස්ථානාධිපති රිමාන්ඩ් | පො. ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ ස්ථානාධිපති රිමාන්ඩ් | COLOMBO (News 1st) - රුපියල් 50000ක අල්ලසක් ලබා ගත් පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ ස්ථානාධිපතිවරයා ලබන මස 2 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි. ඒ, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවට සැකකරු අද ඉදිරිපත් කළ අවස්ථාවේදී ය. වැඩ තහනමට ලක් වූ නිලධාරියෙකුගෙන් අල්ලස් මුදල් ලබා ගැනීමේදී ඔහු ඊයේ අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගනු ලැබී ය. ඒ, පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානය තුළදී ය. |
2018-12-20T04:37:15.000Z | අතුරු සම්මත ගිණුමක් හෙට පාර්ලිමේන්තුවට - මංගල සමරවීර කියයි | "අතුරු සම්මත ගිණුමක් හෙට පාර්ලිමේන්තුවට" | COLOMBO (News 1st) - මාස 4ක් සඳහා රජයේ වියදම් සඳහා අතුරු සම්මත ගිණුමක් හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අද පත් වූ අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ. ලබන වසරේ පළමු මාස 04 සඳහා රජයේ වියදම් වෙනුවෙන් රුපියල් බිලියන 1765ක් වැය කිරීමට යෝජනා කර තිබේ. ඉන් රුපියල් බිලියන 970ක් වෙන් වන්නේ, ණය පොළී සහ වාරික ගෙවීම සඳහායි. මෙම ප්‍රමාණය ලබන වසරේ මුල් මාස හතරේ වියදම්වලින් 55%කි. නවතා දමා තිබූ සියලු සංවර්ධන සහ සුබ සාධන ව්‍යාපෘති යළි ඇරඹීමට අතුරු සම්මත ගිණුමෙන් මුදල් වෙන් කර ඇතැයි මුදල් අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ය. නව පාසල් වාරය ඇරඹීමත් සමග ලක්ෂ 40කට අධික පාසල් සිසුන්ට නිල ඇඳුම් සඳහා වවුචර් පත් ලබා දීමට ද සැලසුම් කර තිබේ. |
2018-12-20T01:23:43.000Z | තෙල් මිල සුත්‍රය නැවතත් | තෙල් මිල සුත්‍රය නැවතත් | COLOMBO (News 1st) - නැවත වරක් ඉන්ධන මිල සුත්‍රය ක්‍රියාත්මක කරන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි. ඔහු මේ බව පැවසුවේ, මුදල් අමාත්‍යාංශයේ අද පැවති සාකච්ඡාවකදී ය. |
2018-12-20T00:32:24.000Z | මහ මැතිවරණයෙන් තේරීපත් වූ සන්ධාන මන්ත්‍රීවරුන් එලෙසම කටයුතු කරන බවට මහින්ද අමරවීරගෙන් කථානායකට ලිපියක්..! | මහින්ද අමරවීරගෙන් කථානායකට ලිපියක්..! | COLOMBO (News 1st) - පසුගිය මහ මැතිවරණයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් පාර්ලිමේන්තුවට තේරීපත් වූ මන්ත්‍රීවරුන් තවදුරටත් එලෙසම කටයුතු කරන බව එහි මහ ලේකම් මහින්ද අමරවීර මහතා කථානායකවරයා වෙත ලිපියක් යොමු කරමින් පවසයි. මහින්ද අමරවීර මහතා පැවසුවේ, 2015 අගෝස්තු 17 වැනි දා පැවති මහ මැතිවරණයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තේරී පත් වූ මන්ත්‍රීවරුන් තවදුරටත් සන්ධානයේ සාමාජිකයින් ලෙස කටයුතු කරන බව එම ලිපියෙන් කථානායකරයා වෙත දැනුම් දුන් බවය. අදාළ ලිපිය අද පෙරවරුවේ කථානායකවරයා වෙත භාරදුන් බව ද ඔහු ප්‍රකාශ කළේ ය. |
2018-12-20T00:14:19.000Z | 29 දෙනෙකුගෙන් යුත් නව කැබිනට් මණ්ඩලය ජනපති ඉදිරියේ දිවුරුම් දෙයි | නව කැබිනට් මණ්ඩලය ජනපති ඉදිරියේ දිවුරුම් දෙයි | COLOMBO (News 1st) - නව කැබිනට් මණ්ඩලය අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී දිවුරුම් දුන්නේ ය. ඒ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේදී යි. මේ අනුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ - ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචිකිරීම් හා පුනරුත්තාපන ,උතුරු පළාත් සංවර්ධන, වෘත්තීය පුහුණු, නිපුනතා සංවර්ධන හා යෞවන කටයුතු අමත්‍යවරයා ලෙසයි. සජිත් ප්‍රේමදාස - නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා ලෙසයි. ජෝන් අමරතුංග - සංචාරක සංවර්ධන, වනජීවී හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේ ය. ගාමිණි ජයවික්‍රම පෙරේරා - බුද්ධ ශාසන හා වයඹ සංවර්ධන අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේ ය. මංගල සමරවීර - මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා ය. ලක්ෂ්මන් කිරිඇල්ල - රාජ්‍ය ව්‍යාපාර, කන්ද උඩරට උරුමය හා මහනුවර සංවර්ධන අමාත්‍යවරය යි. රාවුෆ් හකීම් - නගර සැලසුම්, ජල සම්පාදන හා උසස් අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේ ය. තිලක් මාරපන - විදේශ කටයුතු අමාත්‍යවරයා රාජිත සේනාරත්න - සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේ ය. රවි කරුණානායක - විදුලි බල, බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේ ය. වජිර අබේවර්ධන - අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේ ය. රිෂාඩ් බදියුදීන් - කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීනව අවතැන් වූ පුද්ගලයින් නැවත පදිංචි කිරීම් සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය. පාඨලී චම්පික - මහ නගර හා බස්නාහිර සංවර්ධන අමත්‍ය නවීන් දිසානායක - නව රජයේ වැවිලි කර්මාන්ත අමාත්‍ය පී. හැරිසන් - කෘෂීකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරි මාර්ග හා ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් - මහාමාර්ග හා මාර්ග සංවර්ධන, ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර - රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක - ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා අර්ජුන රණතුංග - ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය පලනි දිගම්බරම් - කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍යවරයා චන්ද්‍රාණි බණ්ඩාර මහත්මිය - කාන්තා හා ළමා කටයුතු සහ වියලි කලාප සංවර්ධන අමාත්‍ය තලතා අතුකෝරල - අධිකරණ හා බන්ධනගාර ප්‍රතිංස්කරණ අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් - අධ්‍යාපන අමාත්‍ය අබ්දුල් හලීම් මොහොමඩ් හසීම් - තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය සාගල රත්නායක - වරාය හා නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය හරීන් ප්‍රනාන්දු - විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම්, විදේශ රැකියා සහ ක්‍රීඩා අමාත්‍ය මනෝ ගනේෂන් - ජාතික ඒකාබද්ධතා,රාජ්‍ය භාෂා, සමාජ ප්‍රගති හා හින්දු ආගමික කටයුතු අමාත්‍ය දයා ගමගේ - කම්කරු ,වෘත්තීය සමිති සබදතා හා සමාජ සවිබල ගැන්වීම් අමාත්‍ය මලික් සමරවික්‍රම - සංවර්ධන උපාය මාර්ග, ජාත්‍යන්තර වෙළෙඳ හා විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය |
2018-12-19T22:21:36.000Z | නව පාසල් වාරයට පෙර සියලු පාසල්වල ඩෙංගු මර්දන වැඩසටහන් පවත්වන්නැයි උපදෙස් | ලබන වසරට පෙර සියලු පාසල්වල ඩෙංගු මර්දන වැඩසටහනක් | COLOMBO (News 1st) - නව පාසල් වාරය ආරම්භවීමට පෙර සියලුම පාසල් සහ අධ්‍යාපන ආයතන තුළ මදුරුවන් බෝ විය හැකි ස්ථාන විනාශ කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය සැලසුම් කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යංශය පැවසුවේ, එළඹෙන 30 සහ 31 දෙදින ඒ සඳහා අවශ්‍ය කටයුතු කරන ලෙස සියලුම විදුහල්පතිවරුන්, ඇතුළු පළාත් අධ්‍යාපන බලධාරීන් දැනුවත් කළ බවයි. ඩෙංගු යළි හිස එසවීමේ අවදානමක් පවතින බැවින් දෙමාපියන් හා එක් ව 2019 නව පාසල් වාරයට පෙර පාසල් පරිශ්‍ර පිරිසිදු කරන ලෙස විදුහල්පතිවරුන්ට මේ වන විටත් දැනුවත් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. මේ අතර බස්නාහිර පළාතේ මදුරු කීටයින් සහිත ස්ථාන 1302 ක් හඳුනාගෙන ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේ ය. ඒ, ජාතික ඩෙංගු මර්දන ඒකකය දින දෙකක් තුළ කළ මෙහෙයුමකිනි. හඳුනාගත් ස්ථාන අතර 26% ක් පාසල් පරිශ්‍ර බව ද සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ ය. පරිශ්‍රවලින් 34% ක් ආගමික ස්ථානවන අතර ඊට අයත් ඉදිකිරීම් පරිශ්‍ර සංඛ්‍යාව 49.6% ක්. ජාතික ඩෙංගු මර්දන ඒකකය දින දෙකක් තුළ මෙම මෙහෙයුම දියත් කර තිබුණේ ජනාධිපති කාර්ය සාධක බලකායේ ද සහයෙනි. එම මෙහෙයුමේදී පරිශ්‍ර 57657 ක් නිරීක්ෂණයට ලක් විය. |
2018-12-19T20:23:58.000Z | සිරියාවෙන් තම සෙබළුන් ඉවත් කර ගන්නා බවට අමෙරිකානු ජනපතිගෙන් ප්‍රකාශයක්...! | සිරියාවෙන් අමෙරිකානු සෙබළුන් ඉවත් කිරීමට පියවර | සිරියාවෙන් අමෙරිකානු සෙබළුන් ඉවත් කරගන්නා බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. අමෙරිකානු ජනාධිපතිවරයා සඳහන් කළේ, මේ වනවිට අයි. එස් ත්‍රස්තවාදීන් පරාජය කර ඇති බැවින් මෙම පියවර ගන්නා බවය. මෙහෙයුමේ මීළඟ අදියරට යොමුවන බව පෙන්ටගනය කියා සිටි නමුත් ඒ කුමක්දැයි නිසි ලෙස පැහැදිලි කර නොමැත. මේ වනවිට අමෙරිකානු සෙබළුන් ඊසාන දිග සිරියාවේ වැඩි කොටසක් අයි. එස් ත්‍රස්තවාදීන්ගෙන් මුදා ගෙන ඇති නමුත් ඇතැම් ප්‍රදේශවල තවමත් අයි. එස් ත්‍රස්තවාදීන් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් වේ. |
2018-12-19T20:09:35.000Z | මැතිව්ස් - මෙන්ඩිස් පිතිහරඹය තමන්ට අභියෝගයක් වූ බව නවසීලන්ත ක්‍රිකට් නායකයා කියයි | මැතිව්ස් - මෙන්ඩිස් පිතිහරඹය නවසීලන්තට අභියෝගයක් | ඇන්ජලෝ මැතිව්ස් සහ කුසල් මෙන්ඩිස්ගේ දක්ෂ පිතිහරඹය තමන්ට අභියෝගයක් වූ බවට නවසීලන්ත ක්‍රිකට් නායක කේන් විලියම්සන් පවසයි. ඔහු මේ බව පැවසුවේ, දෙරට අතර අවසන් වූ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය පිළිබඳව අදහස් දක්වමිනි. ශ්‍රී ලංකා - නවසීලන්ත පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ජය පරාජයෙන් තොරව ඊයේ අවසන් විය. එහි පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව රැස් කළ ලකුණු 282 ට පිළිතුරු ලෙස නවසීලන්තය ලකුණු 578 ක් රැස් කළේ ය. ප්‍රබල තත්ත්වයක සිටි නවසීලන්තයට තරගය ජය ගැනීමට තිබූ අවස්ථාව අහිමි වූයේ ඇන්ජලෝ මැතිව්ස් සහ කුසල් මෙන්ඩිස් ශ්‍රී ලංකා දෙවැනි ඉනිමේ සිව්වැනි කඩුල්ලට ගොඩනැගු ලකුණු 274 ක නොබිඳුනු සබඳතාවයි. වසර 10 කට පසුව පළමු වරට ටෙස්ට් තරගයක දිනක් පුරා පිටියේ රැඳි සිටි පිතිකරු යුගල මෙන්ම ටෙස්ට් ඉනිමකදී නවසීලන්තයට එරෙහිව වාර්තා කළ හොඳම ශ්‍රී ලංකා පිතිකරු සබඳතාව සටහන් කිරීමට ද ඔවුන් දෙදෙනා සමත් විය. නවසීලන්ත නායක කේන් විලියම්සන් පවසන්නේ, මැතිව්ස්ගෙන් සහ මෙන්ඩිස්ගෙන් තම පන්දු යවන්නන්ට කිසිදු අවස්ථාවක් හිමි නොවූ බවයි. ඔවුන් දෙදෙනා අතර වූ සබඳතාව බිඳ දැමීම සඳහා සැලසුම් කිහිපයක්ම ක්‍රියාත්මක කළ ද එය අසාර්ථක වූ බවට විලියම්සන් සඳහන් කළේ ය. විනයකින් යුතුව සහ ආකර්ශනීය ලෙස මැතිව්ස් සහ මෙන්ඩිස් ක්‍රීඩා කළ බව පවසන විලියම්සන් සඳහන් කළේ, දෙරට අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය ජය ගැනීමට තමන් සූදානම් බවයි. දෙරට අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය ලබන 26 වැනි දා ක්‍රයිස්චර්ච්හිදී ආරම්භවීමට නියමිත වේ. |
2018-12-19T19:28:42.000Z | හලාවත ගින්නකින් වෙළෙඳසැල් 9 කට හානි | හලාවත නගරයේ ගින්නක්: වෙළෙඳසැල් 9 කට හානි | COLOMBO (News 1st) - අද අලුයම ඇති වූ ගින්නකින් හලාවත නගරයේ වෙළෙඳසැල් 9 ක් සම්පුර්ණයෙන්ම විනාශ වී තිබේ. හලාවත නගරයේ පදික වෙළෙඳ සංකීර්ණයක මෙම ගින්න හටගෙන ඇත. ගින්න හටගෙන සුළු මොහොතකින් හලාවත පොලීසිය මැදිහත්ව හලාවත නගර සභාවේ ගිනි නිවන ඒකකය කැඳවා ගින්න මැඩපැවැත්වීමට කටයුතු කර ඇති අතර පැයකට ආසන්න කාලයක් තුළ ගින්න සම්පුර්ණයෙන්ම මැඩපැවැත්වීමට කටයුතු කළ බව අප වාර්තාකරු පැවසුවේ ය. ළඟ එන නත්තල වෙනුවෙන් මෙම වෙළෙඳසැල්වල භාණ්ඩ පුරවා තිබී ඇති අතර ඒවා මුළුමනින්ම විනාශ වී ඇති බව අප වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළේ ය. |
2018-12-19T19:17:50.000Z | කථානායක හා පක්ෂ නායකයින් අතර අද විශේෂ සාකච්ඡාවක් | කථානායක හා පක්ෂ නායකයින් අතර විශේෂ සාකච්ඡාවක් | COLOMBO (News 1st) - පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂ නායකයින් හා කථානායක කරූ ජයසූරිය මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද පැවැත්වේ. පාර්ලිමේන්තුවේ කාරක සභා, කමිටු සහ වෙනත් පත් කිරීම් සම්බන්ධයෙන් මෙම සාකච්ඡාවේදී අවධානය යොමු කෙරෙනු ඇත. පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් නීල් ඉද්දවෙල මහතා පැවසුවේ, පෙරවරු 11.00 ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වෙන එම සාකච්ඡාව සඳහා සියලු පක්ෂවල නියෝජිතයින්ට දැනුම් දුන් බවයි. මේ අතර පාර්ලිමේන්තුව හෙට පෙරවරු 10.30 යළි රැස්වීමට නියමිතව තිබේ. |
2018-12-19T19:04:58.000Z | නව කැබිනට් මණ්ඩලය අද පෙරවරුවේ දිවුරුම් දෙයි | නව කැබිනට් මණ්ඩලය අද පෙරවරුවේ දිවුරුම් දෙයි | COLOMBO (News 1st) - නව කැබිනට් මණ්ඩලය අද පෙරවරුවේ දිවුරුම් දීමට නියමිත වේ. ඒ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේදී ය. එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී දයා ගමගේ මහතා ප්‍රකාශ කළේ, අමැතිවරුන් 30 කට ආසන්න සංඛ්‍යාවක් අද දිවුරුම් දෙන බවයි. දයා ගමගේ මහතා සඳහන් කළේ, නව රජයේ අතුරු සම්මත ගිණුම සිකුරාදා දිනයේ පාර්ලිමේන්තු අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති බවය. |
2018-12-19T18:54:06.000Z | ගෙවුණු දවස උණුසුම් කළ පුවත්… | ගෙවුණු දවස උණුසුම් කළ පුවත්… | දේශීය පුවත් 1. ශ්‍රීලංකන් හා මිහින් ලංකා ජනපති කොමිෂන්වල කාලය දිගුවෙයි: ශ්‍රීලංකන් සහ මිහින් ලංකා සමාගම්වල සිදු වූ බව කියන අක්‍රමිකතා පිළිබඳ සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිසමේ නිල කාලය පෙබරවාරි මස 15 වන දා දක්වා දීර්ඝ කර තිබේ. 2. විපක්ෂ නායකවරයා ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳපුදා ගනී: විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ඊයේ උදෑසන අනුරාධපුරයේ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදාගත්තේ ය. 3. මි. 9 ක රන් මාල සමග සැකකරුවෙකු රේගු භාරයට: රුපියල් මිලියන 9 ක් වටිනා රන් මාල තොගයක් සමග සැකකරුවෙකු කටුනායක ගුවන් තොටුපොළේදී රේගු භාරයට ගෙන තිබේ. 4. නි. පොලිස්පති නාලක ද සිල්වා යළි රිමාන්ඩ්: ප්‍රභූ ඝාතන සැලැස්මක් සම්බන්ධයෙන් CID අත්අඩංගුවට පත් පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා සහ ඉන්දීය ජාතික මර්සලී තෝමස් යන සැකකරුවන් ලබන 2 වන දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි. 5. පාර්ලිමේන්තුවේ ඇති වූ ගැටුම් සම්බන්ධ සියලු දර්ශන අද නැරඹීමේ තීරණයක්: පාර්ලිමේන්තුවේ පසුගියදා සිදු වූ ගැටුම්කාරී තත්ත්වය පිළිබඳ සියලු වීඩියෝ දර්ශන අද දිනයේ නැරඹීමට ඒ පිළිබඳ සොයා බැලීමට පත් කළ කමිටුව තීරණය කර තිබේ. 6. පරෙවි දූපත ජාතික උද්‍යානය තාවකාලිකව වසා දැමේ: නිලාවේලි මුහුදේ මේ දිනවල පවතින රළු ස්වභාවය හේතුවෙන් පරෙවි දූපත ජාතික උද්‍යානය තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. විදෙස් පුවත් 7. ට්‍රම්ප්ගේ පුණ්‍යායතන පදනම වසා දැමීමේ සූදානමක්: අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මතභේදයට තුඩු දුන් පුණ්‍යායතන පදනම වසා දැමීමට සූදානම් වන බව නිව් යෝර්ක් ප්‍රාන්ත නීතිපතිවරයා නිවේදනය කළේ ය. |
2018-12-19T09:17:29.000Z | ශ්‍රීලංකන් හා මිහින් ලංකා ජනපති කොමිෂන්වල කාලය දිගුවෙයි | ශ්‍රීලංකන් ජනපති කොමිසමේ කාලය දිගුවෙයි | COLOMBO (News 1st) : ශ්‍රීලංකන් සහ මිහින් ලංකා සමාගම්වල සිදු වූ බව කියන අක්‍රමිකතා පිළිබඳ සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිසමේ නිල කාලය දීර්ඝ කර තිබේ. අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී කොමිසමේ සාමාජිකයන් හමු වූ ජනාධිපතිවරයා පරීක්ෂණ කටයුතුවල ප්‍රගතිය විමසා බැලීමෙන් පසුව මෙම තීරණය ගෙන තිබේ. 2006 වසරේ ජනවාරි පළමු වනදා සිට 2018 වසරේ ජනවාරි 31 වන දා දක්වා කාල පරිච්ඡේදය තුළ අදාළ සමාගම්වල සිදුවූ බව කියන අක්‍රමිකතා පිළිබඳව සොයා බැලීමට ජනාධිපතිවරයා විසින් මෙම කොමිසම පත්කළේ ය. මේ වසරේ පෙබරවාරි 14 වන දා සිට ක්‍රියාත්මක කොමිසමේ නිල කාලය දෙසැම්බර් 31 වන දා අවසන්වීමට නියමිතයි. ජනාධිපතිවරයා විසින් එම නිල කාලය පෙබරවාරි මස 15 වන දා දක්වා දීර්ඝ කිරීමට තීරණය කර තිබේ. |
2018-12-19T07:12:17.000Z | විපක්ෂ නායකවරයා ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳපුදා ගනී | විපක්ෂ නායක ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳපුදා ගනී | COLOMBO (News 1st) : විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අද උදෑසන අනුරාධපුරයේ සංචාරයක නිරත විය. අනුරාධපුරයට පැමිණි මහින්ද රාජපක්ෂ මහතා පළමුවෙන් අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමියන් බැහැදුටුවේ ය. අනතුරුව රාජපක්ෂ මහතා ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදාගත්තේ ය. |
2018-12-19T05:41:42.000Z | මි. 9ක රන් මාල සමග සැකකරුවෙකු රේගු භාරයට | මි. 9ක රන් මාල සමග සැකකරුවෙකු රේගු භාරයට | COLOMBO (News 1st) : රුපියල් මිලියන 9 ක් වටිනා රන් මාල තොගයක් සමග සැකකරුවෙකු කටුනායක ගුවන් තොටුපොළේදී රේගු භාරයට ගෙන තිබේ. සහකාර රේගු අධ්‍යක්ෂ විපුල මිනුවන්පිටිය මහතා සඳහන් කළේ, එහි බර ග්‍රෑම් 1198 ක් බවයි. ඉන්දියාවේ චෙන්නායි නුවර සිට අද අලුයම මෙම සැකකරු පැමිණ තිබේ. මෙම රන් මාල අඩක් නිම කරන ලද අතර රේගු විමර්ශන ක්‍රියාත්මක බව ඔහු සඳහන් කළේ ය. |
2018-12-19T05:32:25.000Z | නි. පොලිස්පති නාලක ද සිල්වා යළි රිමාන්ඩ් | නි. පොලිස්පති නාලක ද සිල්වා යළි රිමාන්ඩ් | COLOMBO (News 1st) : ප්‍රභූ ඝාතන සැලැස්මක් සම්බන්ධයෙන් CID අත්අඩංගුවට පත් පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා සහ ඉන්දීය ජාතික මර්සලී තෝමස් යන සැකකරුවන් ලබන 2 වන දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ. ඒ සැකකරු කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු ප්‍රභූ ඝාතන කුමන්ත්‍රණය සම්බන්ධයෙන් සැකපිට මොවුන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ. මෙහිදී මහේස්ත්‍රාත්වරයා කියා සිටියේ නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතාට ත්‍රස්ත වැළැක්වීමේ තාවකාලික විධිවිධාන පනතේ 7 (2) වගන්තිය යටතේ චෝදනා එල්ල වී ඇති බැවින් ඔහුට ඇප ලබාදීමට මෙම අධිකරණයට බලයක් නොමැති බවයි. ඒ අනුව නඩු විභාගය අවසන් වන තෙක් ඔහු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහේස්ත්‍රාත්වරයා තීරණය කළේ ය. මේ අතර ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතන කුමන්ත්‍රණය සම්බන්ධයෙන් තොරතුරු හෙළි කළ නාමල් කුමාර මහතාගේ ජංගම දුරකථනයෙන් මකා දමන ලද හඬ පට කිහිපයක් සොයගෙන තිබේ. ඒ අදාළ දුරකථනය පරීක්ෂාව සඳහා හොංකොං බලා රැගෙන ගිය නිලධාරීන් පිරිසක් විසිනි. ඒ අනුව සොයාගත් හඬපට ඇතුළත් Pen Drive සහ අදාළ විශේෂඥවරුන්ගේ වාර්තාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට භාර දෙනු ලැබ තිබේ. පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් ඔවුන් භාරයේ ඇති අදාළ හඬ පට සහ අදාළ වාර්තාවේ පිටපත් ආශ්‍රයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන බවයි. |
2018-12-19T03:32:56.000Z | IPL වෙන්දේසියේදී ලාංකික ක්‍රීඩකයින් අතරින් අලෙවි වූ එකම ක්‍රීඩකයා බවට මාලිංග පත් වෙයි | මාලිංග ඉන්දීය රු. කෝටි 2කට අලෙවි වෙයි | COLOMBO (News 1st) - එළැඹෙන 2019 වසරේ පැවැත්වෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියට අදාළ වූ ක්‍රීඩක වෙන්දේසියට ඉදිරිපත් වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අතරින් අලෙවි වූ එකම ක්‍රීඩකයා බවට පත් වීමට වත්මන් එක්දින සහ පන්දුවාර 20යි 20 කණ්ඩායම්වල නායකත්වයට පත් ලසිත් මාලිංග සමත් විය. අදාළ වෙන්දේසියේදී ඉන්දීය රුපියල් කෝටි 2ක ලංසුව යටතේ ඉදිරිපත් වූ මාලිංගව මෙතෙක් කලක් ඔහු ක්‍රීඩා කරන ලද මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම විසින් මිලදී ගත්තේ ය. මූලික මුදල වූ රුපියල් කෝටි 2 යටතේ ලංසුව ආරම්භ වීමත් සමග මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම විසින් මාලිංගගේ ලංසුව අනුමත කළ අතර අනතුරුව වෙනත් කණ්ඩායමක් ලංසු ඉදිරිපත් කිරීමට නොපෙළඹීම මත ඉදිරිපත් වූ මුදලටම මාලිංගව මිලදී ගැනීමට මුම්බායි කළමනාකාරිත්වයට හැකි වීම කැපී පෙනුන කරුණකි. ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය ඇරඹි 2008 වසරේ සිටම මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම නියෝජනය කරන ලද ලසිත් මාලිංග, ආරම්භයේ සිටම එකම කණ්ඩායමක් නියෝජනය කරනු ලබන ක්‍රීඩකයින් අතලොස්සට අයත් වන ක්‍රීඩකයෙකු වේ. අයි.පී.එල්. ඉතිහාසයේ වැඩිම කඩුලු ලාභියාගේ වාර්තාවට ද හිමිකම් කියන මාලිංගව අවසන් වසරේ පැවති තරගාවලියේදී කණ්ඩායමට ක්‍රීඩා කරන ලද ක්‍රීඩකයින්ගේ ලැයිස්තුවට ඇතුළත් නොවුණ ද පන්දු යවන්නෙකු වශයෙන් මාලිංග සතු වන උපක්‍රමශීලී භාවයෙහි වටිනාකම දත් මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමේ කළමනාකාරිත්වය පන්දු යැවීමේ විශේෂ පුහුණුකරුවෙකු ලෙසින් තබා ගැනීමට පියවර ගැනීම විශේෂත්වයකි. මාලිංගට අමතරව මෙම වෙන්දේසිය සඳහා ශ්‍රී ලංකාවෙන් ඇන්ජලෝ මැතිව්ස් සහ කුසල් පෙරේරාගේ නම් ලංසුවට ඉදිරිපත් වූ නමුත් ඔවුන් මිලදී ගැනීම සඳහා කිසිම කණ්ඩායමක් ඉදිරිපත් නොවීය. මෙහිදී මැතිව්ස් ඉන්දීය රුපියල් කෝටි 2ක මූලික ලංසුව යටතේ ද, කුසල් පෙරේරා ඉන්දීය රුපියල් ලක්ෂ 75ක මූලික ලංසුව යටතේ ද ඉදිරිපත් විය. අදාළ වෙන්දේසියේ මූලික වටය යටතේ නවසීලන්තයෙන් ඉදිරිපත් වූ බ්‍රෙන්ඩන් මැකලම්, මාටින් ගප්ටිල්, කොරේ ඇන්ඩර්සන් සහ ලුක් රොන්කි ද, ඔස්ට්‍රේලියාව නියෝජනය කරමින් ඉදිරිපත් වූ ඇඩම් සම්පා, උස්මාන් කවාජා සහ ෂෝන් මාෂ් ද, එංගලන්තය නියෝජනය කරමින් ක්‍රිස් ජෝර්ඩ්න්, ක්‍රිස් වෝක්ස් සහ ඇලෙක්ස් හේල්ස් ද, ඉන්දියාව නියෝජනය කරමින් ඉදිරිපත් වූ යුවරාජ් සිං සහ චෙටේෂ්වර පුජාරා ද, දකුණු අප්‍රිකාව නියෝජනය කරමින් හෂීම් අම්ලා සහ රීසා හෙන්රිකස්, ජේසන් හෝල්ඩර් සහ මුෂ්ෆිකර් රහීම් ද අලෙවි නොවූ ක්‍රීඩකයින් බවට පත් විණි. කෙසේ වෙතත් තෙවන වටයේදී මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම විසින් යුවරාජ් සිංව ද සන්රයිස් හයිද්‍රාබාද් පිළ වෙනුවෙන් නවසීලන්ත පිතිකරු මාටින් ගප්ටිල්ව ද ඉන්දීය රුපියල් කෝටිය බැගින් මිලදී ගත්තේ ය. මෙවර අයි.පී.එල්. තරගාවලියට ක්‍රීඩා කිරීමේ බලාපොරොත්තුවෙන් ලොව පුරා විසිරී සිටින ක්‍රීඩකයින් 1003 දෙනෙකු ලියාපදිංචි වී තිබුණ ද ජායිපුර්හිදී ඊයේ පැවති ලංසුව වෙනුවෙන් ඉන් තෝරාගත් ක්‍රීඩකයින් 351 දෙනෙක් ඉදිරිපත් වී සිටියහ. මෙම වෙන්දේසියේ ප්‍රථමයෙන්ම අලෙවි වූ ක්‍රීඩකයා බවට පත් වූයේ හනුමා විහාරී වන අතර ඔහු ඉන්දීය මුදලින් රුපියල් කෝටි 2කට දිල්ලි කැපටිල්ස් පිළ විසින් මිලදී ගත්තේ ය. |
2018-12-19T03:03:36.000Z | පාර්ලිමේන්තුවේ ඇති වූ ගැටුම් සම්බන්ධ සියලු දර්ශන හෙට නැරඹීමේ තීරණයක් | පාර්ලිමේන්තුවේ ඇති වූ ගැටුම්: දර්ශන නැරඹීම හෙට | COLOMBO (News 1st) - පාර්ලිමේන්තුවේ පසුගියදා සිදු වූ ගැටුම්කාරී තත්ත්වය පිළිබඳ සියලු වීඩියෝ දර්ශන හෙට දිනයේ නැරඹීමට ඒ පිළිබඳ සොයා බැලීමට පත් කළ කමිටුව තීරණය කර තිබේ. එහි සභාපති නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා සඳහන් කළේ, පාර්ලිමේන්තු සභා ගර්භයේ කැමරා පද්ධතියේ සටහන් වූ දර්ශන මෙන්ම රූපවාහිනී මාධ්‍ය තුළින් හා සමාජ මාධ්‍ය ජාල මගින් පළ වූ දර්ශන ද මෙහිදී නැරඹීමට නියමිත බව ය. ඉන් අනතුරුව අදාළ ගැටුම්කාරී තත්ත්වයට මූලිකත්වය ගත් මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් හඳුනා ගැනීමට හැකිවනු ඇති බව ද ආනන්ද කුමාරසිරි මහතා පැවසුවේ ය. මේ අතර පාර්ලිමේන්තුවේ කලහකාරී තත්ත්වය පැවති අවස්ථාවේදී සභාගර්භයේ දේපළවලට සිදු වූ හානිය ද මේ වන විට තක්සේරු කර තිබේ. නියෝජ්‍ය කථානායකවරයා පැවසුවේ, එය රුපියල් 330,000ක් ලෙසට ගණන් බලා ඇති බව ය. ඊට සම්බන්ධ පිරිස් හඳුනා ගැනීම සහ ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට පොලීසිය මගින් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව ද නියෝජ්‍ය කථානායකවරයා පැවසුවේ ය. |
2018-12-19T01:57:21.000Z | රඹුක්කන පොලිස් ස්ථානයේ සිර මැදිරියෙන් සැකකරුවන් 5 දෙනෙක් පළා යති | රඹුක්කන පොලිස් සිර මැදිරියෙන් 5ක් පළා යති | COLOMBO (News 1st) - රඹුක්කන පොලිස් ස්ථානයේ සිර මැදිරියක් තුළ රඳවා සිටි සැකකරුවන් 5 දෙනෙකු ඊයේ රාත්‍රියේ ඉන් පළා ගොස් තිබේ. පොලීසිය සඳහන් කළේ, අදාළ සැකකරුවන් හෙරොයින් ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් ඊයේ පස්වරුවේ කුඩාගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව ය. මත්ද්‍රව්‍ය අලෙවි කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තවත් සැකකරුවෙකුට ඇප ලබා දීමට ඔහු ඉවතට ගැනීමට යාමේදී අසළ සිටි පොලිස් නිලධාරියා තල්ලු කරමින් අදාළ සැකකරුවන් සිර මැදිරියෙන් පළා ගොස් ඇතැයි පොලීසිය පැවසුවේ ය. පළා ගිය සැකකරුවන් සොයා පොලීසිය පුළුල් මෙහෙයුමක් ආරම්භ කර තිබේ. |
2018-12-19T01:08:07.000Z | වසර 12කට පසු ශ්‍රී ලංකා කණ්ඩායම නවසීලන්තයේදී ටෙස්ට් තරගයක් ජය පරාජයෙන් තොරව අවසන් කරයි | SL vs NZ: ජය පරාජයෙන් තොරව තරගය අවසන් | COLOMBO (News 1st) - තරග දෙකකින් සමන්විත ශ්‍රී ලංකා - නවසීලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ජය පරාජයෙන් තොරව නිමාවට පත් විය. ජය පරාජයෙන් තොරව තරගය අවසන් කරන විට සිය දෙවන ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 3ක් දැවී රැස් කර ගෙන සිටි ලකුණු සංඛ්‍යාව 287ක්. අද උදෑසන ක්‍රීඩාංගණයට බලපෑ වර්ෂාපතනය හේතුවෙන් තරගය ආරම්භ වීම පැයකට අධික කාලයක් ප්‍රමාද වූ අතර තරගය අතරවාරයේ ඇදහැළුන වර්ෂාව හේතුවෙන් තරගය ජය පරාජයෙන් තොරව අවසන් කිරීමට විනිසුරුවෝ තීරණය කළහ. අද දිනය සඳහා තරගය ආරම්භ කරන විට ඉනිමක පරාජයෙන් බේරීමට සිය දෙවන ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකා කන්ඩායම පන්දුවාර 102ක් අවසානයේ කඩුලු 3ක් දැවී රැස් කර ගෙන සිටි ලකුණු සංඛ්‍යාව 259ක්. ඇන්ජලෝ මැතිව්ස් සිය 9 වන ටෙස්ට් ශතකය වාර්තා කරමින් තරගය ජය පරාජයෙන් තොරව අවසන් කරන විට ලකුණු 120ක් රැස් කළේ ය. කුසල් මෙන්ඩිස් සිය 6 වන ටෙස්ට් ශතකය වාර්තා කරමින් නොදැවී රැස් කර ගෙන සිටි ලකුණු සංඛ්‍යාව 141කි. කුසල් මෙන්ඩිස් හා ඇන්ජලෝ මැතිව්ස් යන දෙදෙනාම නවසීලන්තයට එරෙහිව වාර්තා කළ පළමු ශතකය මෙය වන අතර නවසීලන්තයට එරෙහිව වාර්තා කළ වැඩිම ලකුණු සංඛ්‍යාව ද මෙයයි. නවසීලන්තයට එරෙහිව ශ්‍රී ලංකා පිතිකරුවන් දෙපළක් ඕනෑම කඩුල්ලක් වෙනුවෙන් ගොඩනැගූ ඉහළම ලකුණු සබඳතාවට මැතිව්ස් හා කුසල් මෙන්ඩිස් හිමිකම් කීවේ අද තරගය අවසන් කරන විට ශ්‍රී ලංකා ඉනිමේ සිව්වන කඩුල්ලට ලකුණු 274ක සබඳතාවක් ගොඩනගා ගනිමිනි. මීට පෙර එම වාර්තාවට හිමිකම් කීවේ 1994 වසරේදී අසංක ගුරුසිංහ හා හෂාන් තිලකරත්න ගොඩනැගූ ලකුණු 192 ක සබඳතාවයි. තව ද කුසල් හා මැතිව්ස් සිව්වන කඩුල්ල වෙනුවෙන් ශ්‍රී ලංකා පිතිකරුවන් දෙපළක් ගොඩනැගූ දෙවන ඉහළම සබඳතාවට ද හිමිකම් කියයි. ශ්‍රී ලංකා පිතිකරුවන් යුගළයක් වාර්තා කළ 34 වන ටෙස්ට් ද්විත්ව ශතක සබඳතාව මෙය වන අතර ආසියාවෙන් පිටත වාර්තා කළ 7 වන ද්විත්ව ශතක සබඳතාව ද මෙයයි. ශ්‍රී ලංකා කණ්ඩායම නවසීලන්තයේදී ටෙස්ට් තරගයක් ජය පරාජයෙන් තොරව අවසන් කළේ, වසර 12කට පසු වීම විශේෂත්වයකි. අවසන් වරට 2006 වසරේදී නවසීලන්තයේදී ශ්‍රී ලංකාව ටෙස්ට් තරගයක් ජය පරාජයෙන් තොරව අවසන් කළේ ය. කාසියේ වාසිය ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 282ක් රැස් කළ අතර ඊට පිළිතුරු ලෙස සිය පළමු ඉනිම ක්‍රීඩා කළ සත්කාරක නවසීලන්ත ක්‍රීඩකයින් සියලු දෙනා දැවී ලකුණු 578ක් රැස් කළේ ය. අනතුරුව ලකුණු 296ක පළමු ඉනිමේ අවාසියක් සහිතව සිය දෙවන ඉනිම දියත් කිරීම වෙනුවෙන් පිටියට පිවිසි ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් යුගළය වන දිමුත් කරුණාරත්න හා ධනුෂ්ක ගුණතිලක යන දෙදෙනාම පිළිවෙළින් ලකුණු 10කට හා ලකුණු 3කට දවා ගැනීමට නවසීලන්ත වේගපන්දු යවන්නෝ සමත් වූහ. ඉන් අනතුරුව පිටියට පැමිණි ධනංජය ද සිල්වා හට ද ලකුණු රැස් කිරීමට නොහැකි විය. තරගාවලියේ දෙවන තරගය එළැඹෙන 26 වන දා ක්‍රයිස්චර්ච්හිදී පැවැත්වීමට නියමිත ය. |
2018-12-19T00:09:19.000Z | කාල නීර්ණය සඳහා මන්නාරම සමූහ මිනී වළෙන් සාම්පල ලබා ගැනීම ඇරඹේ | මන්නාරම සමූහ මිනී වළෙන් සාම්පල ලබා ගැනීම ඇරඹේ | COLOMBO (News 1st) - කාල නීර්ණය සඳහා අමෙරිකාවට යැවීමට මන්නාරම සමූහ මිනී වළෙන් සාම්පල ලබා ගැනීම ආරම්භ කර තිබේ. ඒ, මන්නාරම මහේස්ත්‍රාත්වරයාගේ අධීක්ෂණය යටතේ ය. ඊයේ දිනයේදී සාම්පල තුනක් ලබා ගැනීම සිදු කෙරුණේ, කැනීම් භාර විශේෂඥ අධිකරණ වෛද්‍ය සමින්ද රාජපක්ෂ හා ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙනි. මෙම අවස්ථාවට අතුරුදන් වූවන්ගේ සංවිධානයේ ඥාතීන් පිරිසක් හා අතුරුදන් වූවන් පිළිබඳ ලේකම් කාර්යාලයේ නියෝජිතයෙකු ද සහභාගී විය. ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව මහතා ප්‍රකාශ කළේ, සමූහ මිනී වළෙන් තවත් සාම්පල තුනක් ලබා ගැනීමට නියමිත බව ය. අදාළ සාම්පල කාල නිර්ණය සඳහා අමෙරිකාවේ බීටා ඇනලයිසිස් ආයතනය වෙත යැවීමට සැලසුම් කර තිබේ. මේ අතර පසුගිය මැයි මාසයේ සිට මේ දක්වා ක්‍රියාත්මක කැණීම්වලදී මන්නාරම සමූහ මිනී වළෙන් මිනිස් ඇට සැකිලි 279 ක් සොයා ගෙන ඇති බව මහචාර්ය රාජ් සෝමදේව මහතා පැවසුවේ ය. මන්නාරම සතොස ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා බිම් සකස් කිරීමේදී මිනිස් අස්ථි කොටස් කිහිපයක් හමුවීමත් සමග අධිකරණ නියෝග මත මෙම කැණීම් ආරම්භ කෙරිණි. |
2018-12-18T23:35:20.000Z | ට්‍රම්ප්ගේ පුණ්‍යායතන පදනම වසා දැමීමේ සූදානමක් | ට්‍රම්ප්ගේ පුණ්‍යායතන පදනම වසා දැමීමේ සූදානමක් | COLOMBO (News 1st) - අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මතභේදයට තුඩු දුන් පුණ්‍යායතන පදනම වසා දැමීමට සූදානම් වන බව නිව් යෝර්ක් ප්‍රාන්ත නීතිපතිවරයා නිවේදනය කළේ ය. ඒ, අමෙරිකානු ජනාධිපතිවරයා සහ ඔහුගේ වැඩිමහල් දරුවන් 3 දෙනා එම පදනමේ ආධාර මුදල් අවභාවිත කළ බවට නිව් යෝර්ක් ප්‍රාන්ත නීතිපතිවරයා චෝදනා එල්ල කිරීමෙන් පසුව ය. කෙසේ වෙතත් නිව් යෝර්ක් ප්‍රාන්ත නීතිපතිවරයා, මෙම කරුණ දේශපාලනීකරණය කිරීමට ප්‍රයත්න දරණ බව ජනපති ට්‍රම්ප්ගේ පුණ්‍යායතන පදනමේ නීතිඥවරයා චෝදනා කළේ ය. |
2018-12-18T23:12:22.000Z | පරෙවි දූපත ජාතික උද්‍යානය තාවකාලිකව වසා දැමේ | පරෙවි දූපත ජාතික උද්‍යානය තාවකාලිකව වසා දැමේ | COLOMBO (News 1st) - නිලාවේලි මුහුදේ මේ දිනවල පවතින රළු ස්වභාවය හේතුවෙන් පරෙවි දූපත ජාතික උද්‍යානය තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. ඒ, සංචාරකයින්ගේ ආරක්ෂාව සඳහායි. මුහුදේ රළු ස්වභාවය තවත් දින කිහිපයක් පවතිනු ඇති බවට අනුමාන කරයි. මුහුදු ප්‍රදේශ සාමාන්‍ය තත්ත්වයට පත් වූ වහාම වනෝද්‍යානය යළිත් විවෘත කරන බව ද වනජීවී දෙපාර්තමේන්තුව පැවසුවේ ය. |
2018-12-18T20:22:29.000Z | පහේ හපනුන්ගේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කරයි | පහේ හපනුන්ගේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කරයි | COLOMBO (News 1st) - 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර නැවත සමීක්ෂණ ප්‍රතිඵල ඉන්ටර්නෙට් වෙත යොමු කර තිබේ. විභාග කොමසාරිස් ජනරාල් සනත් බී. පූජිත මහතා පැවසුවේ, www.doenets.lk වෙබ් අඩවියේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල පළ කර ඇති බව ය. ශිෂ්‍යත්ව ප්‍රතිඵල නැවත සමීක්ෂණයෙන් පසුව වෙනස්කම් සිදුව ඇත්නම් පමණක් ඒවා එම වෙබ් අඩවියේ පළ කර තිබෙන අතර වෙනස්කමක් සිදුව නොමැති ප්‍රතිඵල වෙබ් අඩවියේ පළ කර නොමැති බව ද විභාග කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කළේ ය. ප්‍රතිඵල නැවත සමීක්ෂණය කිරීමට ඉල්ලුම් කර ඇති සියලු අපේක්ෂකයින්ගේ ප්‍රතිඵල විදුහල්පතිවරුන් වෙත තැපෑලෙන් යැවීමට නියමිත ය. මෙවර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා ඉදිරිපත් වූ ඉල්ලුම්පත් සංඛ්‍යාව 21000කි. එහෙත් ප්‍රතිඵල වෙනස් වී ඇත්තේ ඉන් 200 දෙනෙකුගේ පමණක් බව ද විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ ය. |
2018-12-18T20:11:23.000Z | බෙලිඅත්තේ සහ සීදුවේ වෙඩි තැබීම්: දෙදෙනෙකුට තුවාල | බෙලිඅත්තේ සහ සීදුවේ වෙඩි තැබීම්: දෙදෙනෙකුට තුවාල | COLOMBO (News 1st) - බෙලිඅත්ත සහ සීදුව ප්‍රදේශවල සිදු වූ වෙඩි තැබීම් දෙකකින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබේ. පොලීසිය පැවසුවේ, බෙලිඅත්ත ගැටමාන්න කොස්ගස්හන්දිය ප්‍රදේශයේදී මාර්ගයේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු ඊයේ රාත්‍රියේ වෙඩි තබා පළා ගොස් ඇති බව ය. ඉන් තුවාල ලබා ඇත්තේ, 24 හැවිරිදි බෙලිඅත්ත මහහීල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔහු හත්බෝධිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා තංගල්ල රෝහලට මාරු කර යවා තිබේ. මේ අතර සීදුව ලියනගේමුල්ල ප්‍රදේශයේ පිහිටි සමාජ ශාලාවක අද අලුයම සිදු වූ වෙඩි තැබිමකින් පුද්ගලයෙකු තුවාල ලැබුවේ ය. පොලීසිය පැවසුවේ, සමාජ ශාලාවට පැමිණි පිරිසක් හා එහි සේවකයෙකු අතර ඇති වූ බහින්බස්වීමක් දුර දිග යාමෙන් අද අලුයම මෙම වෙඩි තැබීම සිදුව ඇති බව ය. ඉන් තුවාල ලබා ඇත්තේ, 34 හැවිරිදි සීදුව රද්දොලුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. වෙඩි තැබීම සමාජ ශාලාවේ හිමිකරු විසින් සිදු කර ඇති බවට අනාවරණය වී ඇති අතර ඔහු මේ වන විට ප්‍රදේශයෙන් පළා ගොස් ඇතැයි පොලීසිය සඳහන් කළේ ය. |
2018-12-18T20:00:10.000Z | ගෙවුණු දවස උණුසුම් කළ පුවත්… | ගෙවුණු දවස උණුසුම් කළ පුවත්… | COLOMBO (News 1st) 1. ආණ්ඩුවට එක්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ට අමාත්‍ය ධූර ලබා නොදීමට ජනපති තීරණය කරයි. 2. ශ්‍රීලංකන් ගුවන් සමාගම රාජ්‍ය බැංකු දෙකකට රුපියල් බිලියන 5කට අධික මුදලක් ණය වී අතැයි ශ්‍රීලංකන් එයාර්ලයින් සහ මිහින් ලංකා සමාගමේ මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් විභාග කෙරෙන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ අනාවරණය විය. 3. ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල ගණන් අඛණ්ඩව 3 වන වරටත් පහළ ගොස් තිබේ. 4. ඉන්දික බණ්ඩාරනායක, ලක්ෂ්මන් සෙනෙවිරත්න, විජිත් විජයමුණි සොයිසා, පියසේන ගමගේ පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ අසුන් ගනිති. විදෙස් පුවත් 5. බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂ නායක ජෙරමි කෝබින් එරට අග්‍රාමාත්‍ය තෙරේසා මේට එරෙහිව විශ්වාසභංගයක් ඉදිරිපත් කර තිබේ. ක්‍රීඩා පුවත් 6. මැතිව්ස් හා මෙන්ඩිස් එක්ව ශ්‍රී ලංකා දෙවන ඉනිම ගොඩගනිති |
2018-12-18T19:47:20.000Z | නව කැබිනට් මණ්ඩලය අද දිවුරුම් දීමේ සූදානමක් | නව කැබිනට් මණ්ඩලය අද දිවුරුම් දීමේ සූදානමක් | COLOMBO (News 1st) - නව රජයේ කැබිනට් මණ්ඩලය අද පස්වරුවේ ජනාධිපතිතුමා ඉදිරියේ දිවුරුම් දීමට නියමිතව තිබේ. මේ අතර පාර්ලිමේන්තුව අදත් පස්වරු 1.30ට කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වේ. ඒ, කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන්. අප පාර්ලිමේන්තු වාර්තාකරු පැවසුවේ, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සම්බන්ධයෙන් වන යෝජනාව අදත් විවාදයට ගැනීමට නියමිත බව ය. මේ අතර පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයට විපක්ෂය නියෝජනය කරන තවත් මන්ත්‍රීවරුන් ලබා ගැනීම පිළිබඳ සාකච්ඡාවක් ඊයේ රාත්‍රියේ සිදුව ඇති බව අප පාර්ලිමේන්තු වාර්තාකරු පැවසුවේ ය. ඒ අනුව විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු අද දිනයේත් ආණ්ඩු පක්ෂයට එක් වීමට නියමිතව ඇති බව ආණ්ඩු පක්ෂය විශ්වාසය පළ කරයි. |
2018-12-18T11:22:49.000Z | පක්ෂයට පිටුපෑ මන්ත්‍රීන්ට ඇමතිකම් නොදෙන්න ජනපතිගෙන් තීන්දුවක් | "පක්ෂයට පිටුපෑ මන්ත්‍රීන්ට ඇමතිකම් නැහැ" | COLOMBO (News 1st) - ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව අද රාත්‍රියේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් විය. ජනාධිපති කාර්යාලයේදී රැස්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමේදී අද පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ අසුන්ගත් විජිත් විජයමුණි සොයිසා, ඉන්දික බණ්ඩාරනායක හා ලක්ෂ්මන් සෙනවිරත්න යන මහත්වරුන් පිළිබඳව සාකච්ඡාවට බඳුන් වී තිබේ. මාධ්‍ය වෙත අදහස් දක්වමින් ශ්‍රී ලංකා නිදහස් තරුණ පෙරමුණේ මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා සඳහන් කළේ, ආණ්ඩුවට එක්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ට අමාත්‍ය ධූර ලබා නොදීමට ජනාධිපතිවරයා තීරණය කළ බව ය. අදාළ තීරණයට මධ්‍යම කාරක සභාවේ ද අනුමැතිය ලැබී තිබේ. |
2018-12-18T09:54:12.000Z | ශ්‍රීලංකන් ගුවන් සමාගම රාජ්‍ය බැංකු 2කට බිලියන 5කට අධික මුදලක් ණය වෙයි | ශ්‍රීලංකන් සමාගම රාජ්‍ය බැංකු 2කට බි. 5ක් ණය වෙයි | COLOMBO (News 1st) - ශ්‍රීලංකන් ගුවන් සමාගම රාජ්‍ය බැංකු දෙකකට රුපියල් බිලියන 5කට අධික මුදලක් ණය වී අතැයි අද ශ්‍රීලංකන් එයාර්ලයින් සහ මිහින් ලංකා සමාගමේ මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් විභාග කෙරෙන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ අනාවරණය විය. ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව අද රැස්වූ අවස්ථාවේ සාක්ෂි ලබා දුන් ශ්‍රීලංකන් ගුවන් තාක්ෂණික සේවා ඉංජිනේරු අසිත ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේ, 2017 මාර්තු 15 වන දා වන විට නැවත භාර දිය යුතු ගුවන් යානයක් මාස 6ක් ප්‍රමාද වී ලබා දීම හේතුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 3.5කට අධික මුදලක් එනම් රුපියල බිලියන 5.3කට අධික මුදලක් ගෙවීමට සිදුව ඇති බව ය. දෙවැනි සාක්ෂිකරු වන මිහින් ලංකා සමාගමේ ඈවරකරු සුදත් කුමාර මහතා කොමිසම හමුවේ අනාවරණය කළේ, මේ වසරේ ජනවාරි 15 වන දා වන විට මිහින් ලංකා සමාගම රාජ්‍ය බැංකු වන ලංකා බැංකුව සහ මහජන බැංකුවට දළ වශයෙන් රුපියල් බිලියන 5කට අධික මුදලක් ගෙවිය යුතු බව ය. එමෙන් ම ඊ.ටී.එෆ්. අරමුදලට රුපියල් 136647ක මුදලක් සහ කම්කරු කොමසාරිස්වරයා වෙත එක්කෝටි 67 ලක්ෂ හැට දෙදහස් 307ක මුදලක් ගෙවිය යුතු බව ද එහිදී අණාවරණය විය. |
2018-12-18T09:44:18.000Z | මම වල් ඇමති, පුෂ්පයා පොල් ඇමති, සුමේධ කිහිලිකරු ඇමති - විජිත් විජයමුණි | මම වල් ඇමති - විජිත් විජයමුණි | COLOMBO (News 1st) - එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කළ මන්ත්‍රීවරුන් 3 දෙනෙක් අද පාර්ලිමේන්තු රැස්වීම අතරවාරයේ ආණ්ඩු පක්ෂයට එක්වූහ. විජිත් විජයමුණි සොයිසා, ලක්ෂ්මන් සෙනවිරත්න සහ ඉන්දික බන්ඩාරණායක යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පාර්ලිමේන්තු සභාව හරහා ගමන් කර ආණ්ඩු පක්ෂයේ අසුන් ගත්හ. ආණ්ඩුවට එක්වෙමින් විජිත් විජයමුණි සොයිසා මහතා එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් හමුවේ පැවසුවේ, තමා එ.ජා.ප.යට එක් නොවූ බව ය. ඔහු පැවසුවේ, ස්ථාවර දේශපාලනයක් ඇති කිරීමට තමා ආණ්ඩුවට එක් වූ බව ය. |
2018-12-18T09:13:36.000Z | තනතුරු එච්චර ගණන් ගත යුතු දේවල් නෙමේ - මහින්ද රාජපක්ෂ | "තනතුරු එච්චර ගණන් ගත යුතු දේවල් නෙමේ" | COLOMBO (News 1st) - පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගැනීම හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉවත් කළ යුතු යැයි කෙරෙන ප්‍රකාශ සම්බන්ධයෙන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ප්‍රතිචාර දැක්වීය. ඔහු පැවසුවේ, තනතුරු එතරම් ගණන් ගත නොගත යුතු බව ය. |
2018-12-18T04:51:15.000Z | ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල යළිත් පහළට | ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල යළිත් පහළට | (News 1st) - ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල ගණන් අඛණ්ඩව 3 වන වරටත් පහළ ගොස් තිබේ. ඒ අනුව බ්‍රිතාන්‍ය බ්‍රෙන්ට් වෙළෙඳපොළේ බොර තෙල් මිල ඊයේ දිනයට සාපේක්ෂව ඩොලරයකින් පහළ ගොස් ඇති අතර බ්‍රෙන්ට් වෙළෙඳපොළේ බොර තෙල් බැරලයක මිල සටහන් වූයේ, අමෙරිකානු ඩොලර් 58.62ක් ලෙස ය. ඊට සාපේක්ෂව අමෙරිකානු වෙළෙඳපොළේ බොර තෙල් මිල ද 2%කට ආසන්න ප්‍රතිශතයකින් පහත වැටුණු අතර එම වෙළෙඳපොළේ බොර තෙල් බැරලයක් ඩොලර් 48.97ක මිලකට අලෙවි කෙරේ. ඉකුත් ඔක්තෝබර් මාසයේ සිට මේ දක්වා කාලය තුළ ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල ගණන් 30%කට වඩා වැඩි ප්‍රතිශතයකින් පහත වැටී ඇතැයි ද වෙළෙඳපොළ විශ්ලේෂකයෝ සඳහන් කළහ. |
2018-12-18T04:41:16.000Z | දුම්රියක් පීළි පැනීමෙන් උඩරට මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් | උඩරට මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් | COLOMBO (News 1st) - ඉහළ වටවල සහ රොසැල්ල අතර දුම්රියක් පීළි පැනීම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් හටගෙන ඇතැයි දුම්රිය පාලක මැදිරිය පවසයි. අද පස්වරු 1.45ට පමණ පීළි පැනීමට ලක්ව ඇත්තේ, අලුත්ගම සිට බණ්ඩාරවෙල දක්වා ධාවනය වූ විශේෂ දුම්රියකි. මේ හේතුවෙන් පොඩි මැණිකේ දුම්රිය රොසැල්ල දුම්රිය ස්ථානයේත්, කොළඹින් ධාවනය වූ තවත් දුම්රියක් ගලබොඩ දුම්රිය ස්ථානය ආසන්නයේත් නවතා ඇතැයි දුම්රිය පාලක මැදිරිය පැවසුවේ ය. එහි සිටින මගීන් බස් රථ මගින් ගමනාන්තය දක්වා රැගෙන යාමට පියවර ගෙන ඇතැයි පාලක මැදිරිය සඳහන් කළේ ය. මේ වන විට දුම්රිය පීළිගත කිරීම් ආරම්භ කර ඇති අතර කඩිනමින් දුම්රිය මාර්ගය යථා තත්ත්වයට පත් කිරීමට හැකි වෙතැයි අපේක්ෂා කරන බව ද දුම්රිය පාලක මැදිරිය වැඩිදුරටත් පැවසුවේ ය. |
2018-12-18T02:56:38.000Z | විපක්ෂ නායකකම මහින්දට: විජයමුණි ඇතුළු 4ක් ආණ්ඩුවේ අසුන් ගනිති | විජයමුණි ඇතුළු 4ක් ආණ්ඩුවේ අසුන් ගනිති | COLOMBO (News 1st) : කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද දහවල් 1.00ට පාර්ලිමේන්තුව රැස්විය. පාර්ලිමේන්තුව රැස්වීමෙන් අනතුරුව කථානායකවරයා විපක්ෂ නායක, සභානායක, අණ්ඩුවේ ප්‍රධාන සංවිධායක සහ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක තනතුරු සඳහා වන නම් ප්‍රකාශයට පත් කළේ ය. ඒ අනුව විපක්ෂ නායක ලෙස මහින්ද රාජපක්ෂ මහතා, සභානායක ලෙස ලක්ෂ්මන් කිරිඇල්ලගේ නමත් ආණ්ඩුවේ ප්‍රධාන සංවිධායක ලෙස ගයන්ත කරුණාතිලක මහතාගේ නම සහ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස මහින්ද අමරවීර මහතාගේ නම් ප්‍රකාශයට පත් කළේ ය. මේ අතර ඉන්දික බණ්ඩාරනායක, ලක්ෂ්මන් සෙනෙවිරත්න, විජිත් විජයමුණි සොයිසා, පියසේන ගමගේ පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ අසුන් ගත්හ. |
2018-12-18T01:43:51.000Z | විපක්ෂ නායක ධුරයට මහින්දගේ නම යෝජනාවෙයි | විපක්ෂ නායක ධුරයට මහින්දගේ නම යෝජනාවෙයි | COLOMBO (News 1st) : එක්සත් ජනතා නිදහස් සන්ධාන පක්ෂ නායකයින් සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර හමුවක් අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණ. එහිදි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නම විපක්ෂ නායක ධුරයට යෝජනා වී තිබේ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද මෙම සාකච්ඡාව සඳහා සහභාගී වූ බව අප වාර්තාකරු පැවසී ය. |
2018-12-18T00:37:40.000Z | ඇලෝසියස්, පාලිසේන යළි රිමාන්ඩ් | ඇලෝසියස්, පාලිසේන යළි රිමාන්ඩ් | COLOMBO (News 1st) : පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පාලිසේන යන මහත්වරුන් ලබන මස පළමු වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ. ඒ සැකකරුවන් අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි. මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සැකපිට ඔවුන් අත්අඩංගුවට ගනු ලැබී ය. |
Subsets and Splits