date
stringlengths 24
24
| title
stringlengths 0
176
| short_title
stringlengths 10
69
| content
stringlengths 0
19.7k
|
---|---|---|---|
2018-12-12T04:05:26.000Z | රනිල්ට අගමැති ලෙස කටයුතු කිරීමට විශ්වාසය ඇති බවට යෝජනාව සම්මතයි | රනිල්ට විශ්වාසය ඇති බවට යෝජනාව සම්මතයි | COLOMBO (News 1st) : රනිල් වික්‍රමසිංහ මහතාට අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කිරීමට පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිම වශයෙන් ඇති බවට වූ යෝජනාව සම්මත විය. ඊට පක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 117කි. දෙමළ ජාතික සන්ධානය යෝජනාවට පක්ෂව ඡන්දය ලබා දුන්නේ ය. කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පස්වරු 1.00 ට අද පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ කෙරිණ. ඉන් අනතුරුව වික්‍රමසිංහ මහතාට බහුතර විශ්වාසය ඇති බවට වූ යෝජනාව ඉදිරිපත් කරනු ලැබුවේ, සජිත් ප්‍රේමදාස මහතා විසිනි. මංගල සමරවීර මහතා යෝජනාව ස්ථිර කළ අතර ඉන් අනතුරුව තවත් මන්ත්‍රීවරු කිහිපදෙනෙකු අදහස් පළ කිරීමෙන් අනතුරුව ඡන්ද විමසීම පැවැත්විණ. එහිදී එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රිවරු හා දෙමළ ජාතික සන්ධානය යෝජනාවට පක්ෂව ඡන්දය භාවිත කළහ. ජනතා විමුක්ති පෙරමුණ ඡන්දය දීමෙන් වැළකි සිටියේ ය. එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී කණ්ඩායම අදත් පාර්ලිමේන්තු රැස්වීමට නොපැමිණි අතර පෙරවරුවේ පැවති පක්ෂ නායක රැස්වීමටද සහභාගී නොවී ය. පාර්ලිමේන්තුව ලබන 18 වන දා පස්වරු 1.00 දක්වා කල් තැබිණ. මේ අතර රනිල් වික්‍රමසිංහ මහතාට අග්‍රාමාත්‍යවරයා වශයෙන් ක්‍රියා කිරීමට පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිමයෙන් ඇති බවට ඉදිරිපත් කරන ලද යෝජනාව පාර්ලිමේන්තුවේදී යථා පරිදි සම්මත කරන ලද බව කතානායකවරයා ජනාධිපතිවරයා වෙත ලිඛිතව දන්වා යවා තිබේ. කතානායක මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ , පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවලට අනුකූලව විවාද කිරීමෙන් අනතුරුව විද්‍යුත් ඡන්ද සටහන් කිරීමේ ඡන්ද භාවිතයෙන් මන්ත්‍රිවරුන් 117 දෙනෙකුගේ බහුතර ඡන්දයෙන් එම යෝජනාව සම්මත කර ගත් බවයි. |
2018-12-12T02:12:41.000Z | එජාපෙ අගමැතිවරයකු පත් කිරීමට සහයවීම සඳහා දෙමළ ජාතික සන්ධානයෙන් කොන්දේසි | එජාපෙ අගමැතිවරයකු පත් කිරීමට කොන්දේසි | COLOMBO (News 1st) - එක්සත් ජාතික පෙරමුණේ අගමැතිවරයකු පත් කිරීම සඳහා සහායවීමේදී කරුණු කිහිපයක් සම්බන්ධයෙන් ලිඛිත එකඟතාවක් ඉල්ලා ඇතැයි දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි ධර්මලිංගම් සිද්ධාර්ථන් මහතා පවසයි. |
2018-12-12T01:25:00.000Z | අමාත්‍ය මණ්ඩලයේ කටයුතු අත්හිටුවන නියෝගයක් ඉල්ලා ගොනු කළ පෙත්සම් විභාගය ලබන මාසයට කල් යයි | අමාත්‍ය ධූර අභියෝගයට ලක් කළ පෙත්සම් විභාගය කල්යයි | COLOMBO (News 1st) - අග්‍රමාත්‍ය ධුරය සහ අමාත්‍ය ධුර අභියෝගයට ලක්කරමින් රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු මන්ත්‍රීවරු 122 දෙදෙනෙකු ගොනු කළ පෙත්සම වැඩිදුර විභාග කිරීම ලබන මස 16, 17, 18 දක්වා කල් තැබිණ. ඒ අභියාචනාධිකරණ විනිසුරු පී.පද්මසුරසේන සහ අර්ජුණ ඔබේසේකර යන ද්විපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම යළි කැඳවූ අවස්ථාවේදියි. මීට පෙර මෙම පෙත්සම සලකා බලමින් අභියාචනාධිකරණය අග්‍රාමාත්‍යවරයාට හා අමාත්‍ය මණ්ඩලයට සිය තනතුරුවල කටයුතු කිරීම වලක්වමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේ ය. එහිදි පෙත්සම්කාර පාර්ශවය විසින් මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු වග උත්තරකරුවන්ට නොතිසි නිකුත් කිරිමේදි ශ්‍රේෂ්ඨාධිකරණයේ රිතින් අනුව කටයුතු කර නොමැති බැවින් රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ පෙත්සම්කරුවන් විසින් ඉදිරිපත් කොට ඇති පෙත්සම් ප්‍රතික්ෂේප කරන ලෙස මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ගාමිණි මාරපම මහතා ඇතුළු නීතිඥවරු අද අධිකරණයෙන් ඉල්ලා සිටියහ. කෙසේ නමුත් අධිකරණය එය ප්‍රතික්ෂේප කළේ ය. මේ අතර මහින්ද රාජපක්ෂ මහතාට සහ අමාත්‍ය මණ්ඩලයට එම ධුර දැරීම අත්හිටුවමින් අභියාචනාධිකරණය නිකුත් කළ අතුරු තහනම් නියෝගය බල රහිත කරන්නැයි, ඉල්ලා මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු වගඋත්තරකරුවන් 49 දෙනෙකු ගොනු කළ, අභියාචනා පෙත්සම් සලකා බැලීම ලබන සිකුරාදා දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද තීරණය කළේ ය. අභියාචනා පෙත්සම් අද කැඳවනු ලැබුවේ ප්‍රියන්ත ජයවර්ධන, ප්‍රසන්න ජයවර්ධන සහ එල්.ටි.බි.දෙහිදෙණිය යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේයි. පෙත්සම් අද දිනයේදීම සලකා බලන්නැයි මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය. මෙහිදි රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් ඊට විරෝධය පළ කරමින් කියා සිටියේ මේ සඳහා පෙනී සිටීමට වගඋත්තරකාර පාර්ශවයට නොතිසි ලැබි නොමැති බවයි. ඒ අනුව අභියාචනා පෙත්සම් සලකා බැලීම ලබන සිකුරාදා දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේ ය. |
2018-12-12T00:58:33.000Z | පාර්ලිමේන්තුවේ ඇති වූ ගැටුම් සොයා බැලීමට පත් කළ කමිටුව රැස් වෙයි | ගැටුම්කාරී සිද්ධිය සෙවීමට පත් කළ කමිටුව රැස් වෙයි | COLOMBO (News 1st) - පාර්ලිමේන්තුවේ ඇති වූ ගැටුම්කාරී සිද්ධීන් සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ කමිටුව අද ප්‍රථමවරට රැස් විය. ඒ, එම කමිටුවේ සභාපති නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතාගේ ප්‍රධානත්වයෙනි. මේ අතර අද පාර්ලිමේන්තුව අද පස්වරු 1.00 ට රැස්වීමට නියමිත වේ. |
2018-12-12T00:39:54.000Z | 2019 IPL ක්‍රීඩක වෙන්දේසියේ මාලිංග සහ මැතිව්ස් ඉහළ කාණ්ඩයට | IPL වෙන්දේසියේ මාලිංග සහ මැතිව්ස් ඉහළ කාණ්ඩයට | ලබන වසරේ පැවැත්වෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලිය සඳහා වන ක්‍රීඩක වෙන්දේසියේදී ක්‍රීඩකයින් කාණ්ඩගතව ඇති අයුරු මේ වන විට ප්‍රකාශයට පත් ව තිබේ. ලබන වසරේ ඉන්දීය ප්‍රිමියර් ලීග් පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලිය එළඹෙන මාර්තු මස 29 වන දා පැවැත්වෙනු ඇති. ශ්‍රී ලංකාවේ ලසිත් මාලිංග සහ ඇන්ජෙලෝ මැතිව්ස් එහි කාණ්ඩගත ව ඇත්තේ ඉහළම කාණ්ඩය හෙවත් ඉන්දීය රුපියල් කෝටි දෙකේ කාණ්ඩයටවීම විශේෂත්වයක් වනු ඇත. අදාළ කාණ්ඩයට තව ත් ක්‍රීඩකයින් 7 දෙනෙකු ඇතුළත් වේ. ඒ අනුව ඔවුන්ට ලංසු ඉදිරිපත් කිරීමේ අවම මුදල් ප්‍රමණය විය යුත්තේ ඉන්දීය රුපියල් කෝටි දෙකක්. ඊට අමතරව කුසල් ජනිත් පෙරේරා ඉන්දීය රුපියල් ලක්ෂ 75 කාණ්ඩයටත්, තිසර පෙරේරා, ජීවන් මෙන්ඩිස්, දසුන් ශානක සහ ඉසුරු උදාන ඉන්දීය රුපියල් ලක්ෂ 50 කාණ්ඩයටත් අයත් ය. ලබන 18 වන දා පැවැත්වෙන ක්‍රීඩක වෙන්දේසිය සඳහා ක්‍රීඩකයින් 1003 දෙනෙකු ලියාපදිංචි වී තිබූ අතර ඊට විදෙස් ක්‍රීඩකයින් 232 ක් ඇතුළත්ව තිබුණි. එම ක්‍රීඩකයින් අතරට ඇතුළත්ව සිටි ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සංඛ්‍යාව 28 ක්. කෙසේ වෙතත් මේ වන විට අදළ වෙන්දේසිය සඳහා ඉදිරිපත්වීමට සුදුසුකම් ලබා ඇත්තේ ක්‍රීඩකයින් 346 දෙනෙකු පමණි. ඊට ඉන්දීය ක්‍රීඩකයින් 226 දෙනෙකු ඇතුළත් වේ. |
2018-12-11T23:04:13.000Z | වතු කම්කරුවන්ගේ වැඩ වර්ජනය අවසන් | වතු කම්කරුවන්ගේ වැඩ වර්ජනය අවසන් | COLOMBO (News 1st) - සිය දෛනික මූලික වැටුප රුපියල් 1000 ක් දක්වා වැඩි කරන ලෙස ඉල්ලා වතු කම්කරුවන් ආරම්භ කළ වැඩ වර්ජනය අත්හිටුවා තිබේ. ඒ, ලංකා කම්කරු කොංග්‍රසයේ නියෝජිතයින් හා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර ඊයේ රාත්‍රියේ පැවැති සාකච්ඡාවකින් අනතුරුවයි. දින 08 ක් පුරා ක්‍රියාත්මක වූ වැඩ වර්ජයෙන් වතු ක්ෂේත්‍රයේ කටයුතු රැසක් අඩාල වූ අතර කම්කරුවන්ගේ වැටුප් ගැටලුව කඩිනමින් විසඳන බවට ජනාධිපතිතුමා පොරොන්දුවීමත් සමග වර්ජනය අවසන් කළ බව ලංකා කම්කරු කොංග්‍රසයේ උපනායක එස්. අරුල් සාමි මහතා පැවසුවේ ය. |
2018-12-11T22:50:02.000Z | ප්‍රවීණ ගායන ශිල්පී උපාලි කන්නන්ගර අභාවප්‍රාප්ත වෙයි | ගායන ශිල්පී උපාලි කන්නන්ගර අභාවප්‍රාප්ත වෙයි | COLOMBO (News 1st) - ප්‍රවීණ ගායන ශිල්පී උපාලි කන්නන්ගර මහතා මීට ටික වේලාවකට පෙර අභාවප්‍රාප්ත විය. ඒ, කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදීයි. මිය යන විට 67 වන වියේ පසු වූ ඒ මහතා සංගීත ලෝකයට අවතීර්ණ වන්නේ ගිටාර් වාදන ශිල්පියෙකු ලෙසයි. ඉන් අනතුරුව රසික හදවත් තුළ සදා මතකයේ රැඳෙන ගීත රැසක් ගායනා කළ ඔහු දශක ගණනාවක් තිස්සේම ප්‍රසංග වේදිකාවට නැතිවම බැරි ගායකයෙකු විණි. පාරට කිට්ටුව, ගෙලේ රන් මාල දා හැඩ වී, දුම්බර මිටියාවත පැත්තේ, ඉවසිල්ලක් නෑ දකින තුරා ආදී ගීත රැසක් ඔහු රසිකයින්ට දායාද කළේ ය. |
2018-12-11T22:40:39.000Z | කණු මතින් දිවෙන මෙරට ප්‍රථම විදුලි දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් 2022දී අවසන් | මෙරට ප්‍රථම විදුලි දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් ඇරඹේ | COLOMBO (News 1st) - කණු මතින් දිවෙන මෙරට ප්‍රථම විද්‍යුත් දුම්රිය මාර්ගය කොළඹ කොටුවේ සිට කොට්ටාව මාලපල්ල දක්වා ඉදි කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. කැලණි වැලි දුම්රිය මාර්ගය වැටී ඇති ප්‍රදේශය ඔස්සේ එය ඉදි කෙරෙනු ඇති. දැනට කැබිනට් අනුමැතිය ලැබී ඇති මෙම විද්‍යුත් දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් 2022 වසරේදී අවසන් කිරීමට නියමිතයි. ඒ සඳහා ආසියානු සංවර්ධන බැංකුවේ ආධාර මත වැය කරන මුදල අමෙරිකානු ඩොලර් බිලියනයක්. දුම්රිය සාමාන්‍යාධිකාරි ඩිලන්ත ප්‍රනාන්දු මහතා පැවසුවේ, ද්විත්ව මාර්ගයක් ලෙස ඉදි කෙරෙන මෙම මාර්ගයේ සෑම විනාඩි 05 කට වරක්ම දුම්රියක් ධාවනය කිරීමට සැලසුම් කර ඇති බවයි. පළමු අදියරේ ඉදිකරීම් සඳහා ඒ ආශ්‍රිතව පදිංචි පවුල් 1000 කට වැඩි සංඛ්‍යාවක් ඉවත් කර විකල්ප ස්ථානවල පදිංචි කිරීමට නියමිත වනු ඇති. මෙම විද්‍යුත් දුම්රිය මාර්ගයේ දෙවැනි අදියර කොට්ටාවේ සිට පාදුක්ක දක්වාත් තෙවැනි අදියර පාදුක්කේ සිට අවිස්සාවේල්ල දක්වාත් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා පැවසුවේ ය. මෙම මාර්ගයේ දුම්රියෙන් ගමන් ගන්නේ සාමාන්‍ය මගී ජනතාවගෙන් 10% ක් පමණයි. විද්‍යුත් දුම්රිය මාර්ගය ඉදි කිරීමෙන් පසු එම මාර්ගයේ දුම්රියෙන් ගමන් ගන්නා මගීන් සංඛ්‍යාව 60% ක් දක්වා ඉහළ නැංවෙනු ඇති බව දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා පැවසුවේ ය. |
2018-12-11T22:15:10.000Z | බන්ධනාගාරයෙන් පළාගිය සුනිල් ශාන්ත නැමති සැකකරු මීමුරේදී අත්අඩංගුවට | සුනිල් ශාන්ත මීමුරේදී අත්අඩංගුවට | COLOMBO (News 1st) - කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටියදී පළාගිය සුනිල් ශාන්ත නැමති මත්ද්‍රව්‍ය ජාවාරම්කරු මාතලේ මීමුරේ ගම්මානයේ සැඟව සිටියදී අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, පොලිස් සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසයේ සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් එක් ව කළ මෙහෙයුමකදීයි. පොලීසිය සඳහන් කළේ, සැකකරු සමග සිටි ඔහුගේ දියණිය සහ සැඟව සිටීමට ආධාර අනුබල දුන් යුවලක් ද ප්‍රශ්න කිරීම සඳහා තම භාරයට ගත් බවයි. පසුගිය මස 07 වැනි දා සැකකරු කෑගල්ල බන්ධනාගාරයේ සිට කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයට රැගෙන ඒමෙන් අනතුරුව පළාගොස් තිබුණි. සුනිල් ශාන්ත නැමති මෙම සැකකරු මත්ද්‍රව්‍ය ජාවාරම් චෝදනා ඇතුළු නඩු 10 කට අදාළ සැකකරුවෙකි. ඔහු මේ වනවිට කොළඹට රැගෙනවිත් ඇති අතර පළාගිය ආකාරය පිළිඳව ප්‍රශ්න කිරීම් ආරම්භ කර ඇති බව පොලීසිය සඳහන් කළේ ය. |
2018-12-11T22:02:19.000Z | සා/පෙළ විභාගය අවසන්වීමමෙන් පසු සාමකාමීව විසිර යන්න - විභාග කොමසාරිස්ගෙන් අපේක්ෂකයින්ට අවවාදයක් | විභාග කොමසාරිස්ගෙන් අපේක්ෂකයින්ට අවවාදයක්..! | COLOMBO (News 1st) - අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ අවසන් දිනය වන අද විභාගය අවසන්වීමෙන් අනතුරුව සාමකාමීව විසිර යන ලෙස විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා සියලු අපේක්ෂකයින්ගෙන් ඉල්ලීමක් කර සිටි. නිවේදනයක් නිකුත් කරමින් විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ, විභාගය අවසන්වීමෙන් අනතුරුව විභාග මධ්‍යස්ථානයේදී හෝ එම පරිශ්‍ර තුළදී පොදු දේපොළවලට අලාභහානි සිදු කිරීම විභාග පනත යටතේ දැඩි දඬුවම් ලැබිය හැකි වරදක් බවයි. එමෙන්ම විභාගය අවසන්වීමෙන් අනතුරුව කලහකාරී ලෙස හැසිරෙන අපේක්ෂකයින් සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ශාලාධිපතිවරුන් වෙත උපදෙස් ලබාදී ඇති බව ද විභාග කොමසාරිස් ජනරාල්වරයා නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් විය. මේ පිළිබඳව සියලු පොලිස් ස්ථාන දැනුවත් කර ඇති අතර ඒ අනුව විභාග මධ්‍යස්ථාන අවට ජංගම පොලිස් මුර සංචාර යෙදවීමට ද පියවර ගෙන ඇති බව විභාග කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කළේ ය. මේ සම්බන්ධයෙන් පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛාවේ 011 2 78 42 08 , 011 2 78 45 37 යන දුරකතන අංකවලට හෝ ක්ෂණික ඇමතුම් අංක 1911 සහ පොලිස් මූලස්ථානයේ හදිසි ඇමතුම් අංකය වන 119 ඔස්සේ වැඩිදුර තොරතුරු ලබාගත හැකි බව ද එම නිවේදනයේ සඳහන් වේ. මේ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසුවේ, සියලු විභාග මධ්‍යස්ථාන ආශ්‍රිතව පසුගිය තුන්වැනි දා සිට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බවයි. ඒ ආශ්‍රිතව ජංගම මුර සංචාරක සේවා ද ක්‍රියාත්මක බව පොලිස් මධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය. |
2018-12-11T20:22:15.000Z | නරේන්ද්‍ර මෝදිට ලබන වසර ඉතා දුෂ්කර වසරක් වනු ඇතැයි රාහුල් ගාන්ධිගෙන් ප්‍රකාශයක්..! | මෝදිට ලබන වසර දුෂ්කර වසරක් වනු ඇතැයි ගාන්ධි කියයි | ලබන වසර ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට ඉතා දුෂ්කර වසරක් වනු ඇතැයි ඉන්දීය කොංග්‍රස් පක්ෂ සභාපති රාහුල් ගාන්ධි පවසයි. රාහුල් ගාන්ධි මේ බව ප්‍රකාශ කළේ, මධ්‍ය ප්‍රදේශ, රාජස්ථාන් සහ චතිස්ගාර් ප්‍රාන්ත සභා මැතිවරණ ප්‍රතිඵලවලින් කොංග්‍රස් පක්ෂය, පාලක භාරතීය ජනතා පක්ෂය අභිභවමින් පෙරමුණ ගත් පසුබිමකදීය. මෙම ප්‍රතිඵල නිකුත් කිරීම ඊයේ ආරම්භ විය. මෙය ලබන වසරේ පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණය, භාරතීය ජනතා පක්ෂයට පහසු කාර්යක් නොවනු ඇති බව කියාපාන සාධකයක් බව ද රාහුල් ගාන්ධි වැඩිදුරටත් කියා සිටියේ ය. නරේන්ද්‍ර මෝදිගේ පාලනයෙන් ජනතාව අසතුටට පත් ව ඇතැයි පැවසූ රාහුල් ගාන්ධි, අග්‍රාමාත්‍යවරයා දූෂණයට එරෙහිව සටන් කරනු ඇතැයි සිතා ඔහුව තෝරා පත්කරගත් ජනතාව දැන් අග්‍රාමාත්‍යවරයා ද දූෂිත අයකු යැයි සිතන තත්ත්වයට පත් ව ඇතැයි ද ප්‍රකාශ කර තිබේ. මේ අතර අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සඳහන් කළේ, ජයග්‍රහණය සහ පරාජය ජීවිතයේ කොටසක් බවයි. මේ හමුවේ පෙරටත් වඩා කැපවී රටේ සංවර්ධනය සහ රටවැසියන්ට සේවය කිරීමට යොමුවන බව ද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ ය. මධ්‍ය ප්‍රදේශ්, රාජස්ථාන් සහ චතිස්ගාර් ප්‍රාන්ත මැතිවරණවලින් ලබාගත් ජයග්‍රහණ වෙනුවෙන් කොංග්‍රස් පක්ෂයට සුබ පතන බව ද අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි වැඩිදුරටත් කියා සිටි. ප්‍රාන්ත පහක පැවති මෙම ප්‍රාන්ත සභා මැතිවරණයේ තෙලංඟානා ප්‍රාන්තයේ ආසන බහුතරයක් දිනා ගැනීමට තෙලංඟානා රාෂ්ට්‍ර සමිති පක්ෂය සමත් වූ අතර මිසො ජාතික පෙරමුණ මිසොරාම් ප්‍රාන්තයේ වැඩි ආසන ගණනක් දිනා ගැනීමට සමත් විය. |
2018-12-11T19:54:17.000Z | ජාතික හැඳුනුම්පත සඳහා ඡායාරූප ලබා ගැනීමට නව ක්‍රමවේදයක් | ජාතික හැඳුනුම්පත්වලට ඡායාරූප ගැනීමේ නව ක්‍රමවේදයක් | COLOMBO (News 1st) - ජාතික හැඳුනුම්පත සඳහා ඡායාරූප ලබා ගැනීමේ නව ක්‍රමවේදයක් හඳුන්වාදීමට පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. ඒ, ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයේ ප්‍රමිතියට අනුකූලවයි. පළමු අදියර බස්නාහිර හා සබරගමුව පළාත්වලින් ලබන 17 වන ආරම්භ කරන බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය. මෙම ක්‍රමවේදයට අනුව ඡායාරූපයේ දෘඩ පිටපතක් එසේ නොමැතිනම් හාඩ් කොපියක් ඉල්ලුම්කරු වෙත ලබා නොදෙන අතර ඡායාරූපයේ අංකය යන්ත්‍රානුසාරයෙන් කියවිය හැකි QR කේතය සහිත ඉල්ලුම්කරුගේ ඡායාරූපය මුද්‍රණය කරන ලද ලදුපතක් ඡායාරූපාගාරය විසින් ඉල්ලුම්කරු වෙත නිකුත් කරන බව බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය. ඉල්ලුම්කරු විසින් එම ලදුපත සිය අයැදුම්පත සමග ග්‍රාමනිලධාරී වෙත ඉදිරිපත් කළ යුතුයි. මෙහිදී පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව යටතේ ලියාපදිංචි වී ඇති ඡායාරූප ශාලා මගින් පමණක් ඡායාරූප ලබා ගැනීමට කටයුතු කළ යුතු බව ද එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් විය. |
2018-12-11T19:41:08.000Z | සිංගප්පූරු - ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුමේ ඉදිරි කටයුතු තාවකාලිකව අත්හිටුවයි | සිංගප්පූරු ගිවිසුමේ ඉදිරි කටයුතු අත්හිටුවයි | COLOMBO (News 1st) - සිංගප්පූරු - ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුමේ ඉදිරි කටයුතු ක්‍රියාත්මක කිරීම තාවකාලිකව අත්හිටුවා තිබේ. ජාත්‍යන්තර වෙළෙඳ හා අයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශයේ ලේකම් එස්. ටී. කොඩිකාර මහතා සඳහන් කළේ, ගිවිසුම සම්බන්ධයෙන් සොයා බැලීමට ජනාධිපතිතුමා පත් කළ කමිටුවේ නිර්දේශ ලැබෙන තෙක් හා ගිවිසුමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පවරා ඇති පෙත්සම් විභාගය අවසන් වන තෙක් එම අත්හිටුවීම සිදු කළ බවයි. ශ්‍රී ලංකා - සිංගප්පුරු නිදහස් වෙළෙඳ ගිවිසුම පිළිබඳව අධ්‍යනය කර වාර්තා කිරීම සඳහා පත් කළ විද්වත් කමිටුවේ, වාර්තාව පෙරේදා ජනාධිපතිතුමා වෙත භාර දුන්නේ ය. අමාත්‍යංශ ලේකම්වරයා පැවසුවේ, එම වාර්තාව ඉදිරි සතිය තුළ අමාත්‍යංශයට ලැබෙනු ඇති බවයි. මහාචාර්ය ඩබ්ලිව්. ඩි. ලක්ෂ්මන් මහතා ඇතුළු කමිටු සාමාජිකයින් විසින් සකස් කළ වාර්තාව මගින් ඉදිරිපත් කර ඇති නිර්දේශ පිළිබඳව වාර්තාව ලැබුණු පසු පුළුල් ලෙස අධ්‍යයනය කරන බව ද ලේකම්වරයා ප්‍රකාශ කළේ ය. මේ අතර සිංගප්පූරු - ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් 09 ක් ඉදිරිපත්ව ඇති අතර එම පෙත්සම් විභාග කිරීම මේ වනවිට සිදු කෙරෙනු ඇති. සිංගප්පූරු - ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම ක්‍රියාත්මකවීමට නියමිතව තිබුනේ පසුගිය මැයි මස පළමු වැනිදා සිටයි. මෙම ගිවිසුමට අත්සන් තැබීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය මලික් සමරවික්‍රම මහතාට පාර්ශව රැසකින් චෝදනා එල්ල වූ අතර එම පාර්ශව චෝදනා කළේ, මෙමගින් මෙරට ආර්ථිකයට දැඩි බලපෑම් එල්ල විය හැකි බවයි. |
2018-12-11T19:19:25.000Z | ගෙවුණු දවස උණුසුම් කළ පුවත්… | ගෙවුණු දවස උණුසුම් කළ පුවත්… | දේශීය පුවත් 1. ප්‍රශ්න පත්‍ර මොණරාගලට රැගෙන යාමෙන් අම්පාරේ සාමාන්‍ය පෙළ සිසු පිරිසක් දැඩි අසීරුතාවට: සාමාන්‍ය පෙළ විභාගයේ ඊයේ පැවති සෞන්දර්ය විෂයන්ට මුහුණදීමට සූදානම්ව සිටි අම්පාර දිස්ත්‍රික්කයේ පාසල් කිහිපයක දරුවන්ට අනපේක්ෂිත අත්දැකීමකට මුහුණ දීමට සිදු විය. ඒ, නියමිත වේලාවට ප්‍රශ්න පත්‍ර විභාග මධ්‍යස්ථානවලට නොලැබීම හේතුවෙනි. 2. සබරගමුවේ රැකියා දීමේ සිද්ධියකට මන්ත්‍රීවරුන්ගෙන් විරෝධය: පළාත් සභාව විසුරුවා හැර තිබියදීත් සබරගමුව පළාතේ රැකියා ලබා දීමේ සිද්ධියකට විරෝධය පළ විය. 3. ශ්‍රී ලංකා – සිංගප්පූරු ගිවිසුම ගැන වහා තීරණයක් ගන්නැයි පාර්ශව ගණනාවක් ජනපතිගෙන් ඉල්ලයි: ශ්‍රී ලංකා – සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුම සම්බන්ධයෙන් වහා තීරණයක් ගන්නැයි පාර්ශව ගණනාවක් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියි. 4. ජනපති හා හිටපු ජනපති ගැන සමන් රත්නප්‍රිය කළ ප්‍රකාශයක් ගැන පොලිස් පරීක්ෂණ: පුරවැසි බලය සංවිධානයේ නියෝජිතයෙකු වන සමන් රත්නප්‍රිය මහතා මාධ්‍ය හමුවකදී කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි. 5. නැති වූ ජංගම දුරකතන ගැන පැමිණිලි කිරීමට වෙබ් අඩවියක්: නැති වූ හා සොරකම් කරන ලද ජංගම දුරකතන පිළිබඳ පැමිණිලි කිරීම සඳහා පොලිස්පති නියමයෙන් පොලිස් මූලස්ථානය විශේෂ වෙබ් අඩවියක් අද හඳුන්වා දුන්නේ ය. 6. හිරුණිකාට එරෙහි නඩු විභාගයට දින නියමවෙයි: දෙමටගොඩදී තරුණයෙකු පැහැරගෙන යාම සහ ඊට ආධාර අනුබල ලබාදීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් අධිචෝදනා ලැබ සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එරෙහි නඩුව ලබන වසරේ මාර්තු 12 හා 10 දිනයන්හිදී විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය දින නියම කළේ ය. විදෙස් පුවත් 7. ඉන්දීය ප්‍රාන්ත මැතිවරණ ප්‍රතිඵල: කොංග්‍රස් පක්ෂය ඉදිරියෙන්: ඉන්දියාවේ ප්‍රාන්ත මැතිවරණයේ ප්‍රාන්ත තුනක මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵලවලට අනුව කොංග්‍රස් පක්ෂය ඉදිරියෙන් සිටී. |
2018-12-11T18:56:37.000Z | සන්ධාන මන්ත්‍රීවරුන් නොමැතිව පාර්ලිමේන්තුව අද පස්වරුවේ යළි රැස්වෙයි | පාර්ලිමේන්තුව අද ත් පස්වරු 1.00 ට රැස්වෙයි | COLOMBO (News 1st) - පාර්ලිමේන්තුව අද පස්වරු 1.00 ට රැස්වෙයි. ඒ, කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙනි. පාර්ලිමේන්තු වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවසුවේ, මහජන ගැලරිය, විශේෂ ආරාධිත ගැලරිය සහ ආරාධිත ගැලරිය අද දිනයේදීත් වසා තැබෙන බවයි. මේ අතර පාර්ලිමේන්තු සංකීර්ණය ආශ්‍රිතව අද ත් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව ඔහු සඳහන් කළේ ය. නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ, න්‍යාය පත්‍රයට අනුව රනිල් වික්‍රමසිංහ මහතාට විශ්වාසය පළ කිරීමේ යෝජනාවක් ගෙන ඒමට නියමිත බවයි. මේ අතර පාර්ලිමේන්තුවේ ඇති වූ ගැටුම්කාරී සිද්ධින් සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ කමිටුව අද ප්‍රථමවරට රැස් වෙනු ඇත. |
2018-12-11T11:36:08.000Z | ජනාභිමානී සම්මාන උළෙලේදී නිව්ස්ෆස්ට් හා සිරස සම්මානයට | ජනාභිමානී සම්මාන උළෙලේදී News 1st හා සිරස සම්මානයට | COLOMBO (News 1st) - ජනාභිමානී ගෞරව ප්‍රණාම සම්මාන උළෙල අද කොළඹදී අති උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. ශ්‍රී ලාංකේය කලා ක්ෂේත්‍රයට මෙන්ම ජනමාධ්‍ය ක්ෂේත්‍රයට මෙහෙවරක් කළ කලාකරුවන්, නිර්මාණකරුවන් රැසක් මෙහිදී ජනාභිමානී ගෞරව ප්‍රණාම සම්මානයන්ගෙන් පිදුම් ලැබූහ. රූපවාහිනී හා ගුවන් විදුලි නිවේදිකාවක ලෙස හා සමාජ උපදේශිකාවක ලෙස කළ මෙහෙය අගයමින් නිව්ස්ෆස්ට්හි බර්නඩීන් ජයසිංහ ද මෙහිදී ජනාභිමානී ගෞරව ප්‍රණාම සම්මානයෙන් පිදුම් ලැබුවා ය. වරදත්ත අරවින්ද මෙහිදී සම්මානයෙන් පිදුම් ලැබුවේ, විසි වසරක් තුළ සිරස රූපවාහිනිය ඔස්සේ විවිධ වැඩසටහන් අධ්‍යක්ෂණය කරමින් දැක්වූ විශිෂ්ටත්වය අගයමිනි. හෙළ සිනමාව වෙනුවෙන් දශක තුනක් මුළුල්ලේ සිදු කළ සේවය අගයමින් සිරස රූපවාහිනියේ ප්‍රදීප් මහේෂ් ලියනගේ මෙහිදී ගෞරව සම්මානයෙන් පිදුම් ලැබුවේ ය. |
2018-12-11T10:31:52.000Z | ප්‍රශ්න පත්‍ර මොණරාගලට රැගෙන යාමෙන් අම්පාරේ සාමාන්‍ය පෙළ සිසු පිරිසක් දැඩි අසීරුතාවට | අම්පාරේ සිසුන් මුහුණ දුන් අනපේක්ෂිත විභාග අත්දැකීම | COLOMBO (News 1st) - අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ අද පැවති සෞන්දර්ය විෂයන්ට මුහුණ දීමට සූදානම්ව සිටි අම්පාර දිස්ත්‍රික්කයේ පාසල් කිහිපයක දරුවන්ට අනපේක්ෂිත අත්දැකීමකට මුහුණ දීමට සිදු විය. ඒ, නියමිත වේලාවට ප්‍රශ්න පත්‍ර විභාග මධ්‍යස්ථානවලට නොලැබීම හේතුවෙනි. පසුව කළ සොයා බැලීමේදී අනාවරණය වූයේ, අම්පාර දිස්ත්‍රික්කයට රැගෙන යා යුතු ප්‍රශ්න පත්‍ර කට්ටල කිහිපයක් මොණරාගලට රැගෙන යාම හේතුවෙන් මෙම ගැටලුව නිර්මාණය වී ඇති බව ය. මීට වගකිව යුත්තේ කවුද.? දරුවන්ට ඒ හරහා සිදු වූ අසාධාරණයට ලැබෙන සහනය කුමක් ද? |
2018-12-11T09:47:39.000Z | සබරගමුවේ රැකියා දීමේ සිද්ධියකට මන්ත්‍රීවරුන්ගෙන් විරෝධය | සබරගමුවේ රැකියා දීමට මන්ත්‍රීවරුන්ගෙන් විරෝධය | COLOMBO (News 1st) - පළාත් සභාව විසුරුවා හැර තිබියදීත් සබරගමුව පළාතේ රැකියා ලබා දීමේ සිද්ධියකට අද විරෝධය පළ විය. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු හා පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරුන් පිරිසක් අද පෙරවරුවේ සබරගමුව පළාත් සභාවට පැමිණියේ පළාත් නිලධාරීන් විසින් නීති රීති උල්ලංඝනය කරමින් නව රැකියා ලබා දීම වහා නවතා දමන්නැයි ඉල්ලමිනි. ආණ්ඩුකාරවරිය එම අවස්ථාවේ කාර්යාලයේ නොසිටි අතර පිරිස නිලධාරීන්ට සංදේශයක් භාර දී ඉල්ලා සිටියේ මෙම කටයුත්ත වහා නවතා දමන ලෙස ය. මේ සම්බන්ධයෙන් කළ විමසීමේදී සබරගමු පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකනායක මහත්මිය පැවසුවේ, නීත්‍යානුකූලව දේශපාලන පක්ෂ භේදයකින් තොරව මෙම පත් වීම් ලබා දීම සිදු කරන බව ය. |
2018-12-11T09:27:04.000Z | ජනපති හා හිටපු ජනපති ගැන සමන් රත්නප්‍රිය කළ ප්‍රකාශයක් ගැන පොලිස් පරීක්ෂණ | සමන් රත්නප්‍රිය කළ ප්‍රකාශයක් ගැන පොලිස් පරීක්ෂණ | COLOMBO (News 1st) - පුරවැසි බලය සංවිධානයේ නියෝජිතයෙකු වන සමන් රත්නප්‍රිය මහතා මාධ්‍ය හමුවකදී කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මූලස්ථානය සඳහන් කළේ, රට තුළ අරගලයක් නිර්මාණය වන අන්දමේ සහ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන අන්දමේ ප්‍රකාශයක් සමන් රත්නප්‍රිය මහතා කර ඇතැයි පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් උපුල් නිශාන්ත මහතා කළ පැමිණිල්ලකට අනුව එම විමර්ශනය ක්‍රියාත්මක බව ය. පසුගිය 06 වන දා පැවති මාධ්‍ය හමුවකදී සමන් රත්නප්‍රිය මහතා එම ප්‍රකාශය කළ බව උපුල් නිශාන්ත මහතා පොලිස් මූලස්ථානයට කරන ලද පැමිණිල්ලේ සඳහන් ය. ඒ අනුව අදාළ පැමිණිල්ල පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් පොලිස් මූලස්ථානයේ විශේෂ විමර්ශන ඒකකය වෙත යොමු කර තිබේ. අද දින එම ඒකකය මගින් පැමිණිලිකරුගේ දීර්ඝ ප්‍රකාශයක් සහ තවත් ප්‍රකාශ කිහිපයක් සටහන් කර ගැනීමෙන් අනතුරුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය. ඒ, සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳව ජාත්‍යන්තර සම්මුති පනත හා දණ්ඩ නීති සංග්‍රහය යටතේ ය. |
2018-12-11T09:07:50.000Z | ශ්‍රී ලංකා - සිංගප්පූරු ගිවිසුම ගැන වහා තීරණයක් ගන්නැයි පාර්ශව ගණනාවක් ජනපතිගෙන් ඉල්ලයි | සිංගප්පූරු ගිවිසුම ගැන වහා තීරණයක් ගන්නැයි ඉල්ලීම් | COLOMBO (News 1st) - ශ්‍රී ලංකා - සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුම සම්බන්ධයෙන් වහා තීරණයක් ගන්නැයි පාර්ශව ගණනාවක් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියි. ශ්‍රී ලංකා - සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුම පිළිබඳව අධ්‍යයනය කර වාර්තා කිරීම සඳහා මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මහතාගේ සභාපතිත්වයෙන් පත් කළ කමිටුවේ වාර්තාව ඊයේ ජනාධිපතිතුමාට භාර දී තිබිණි. අදාළ වාර්තාවේ දැක්වෙන්නේ, ගිවිසුමේ නීත්‍යානුකූල නොවන කරුණු ඇතුළත් බව ය. දෝෂ සහිතව එය සකස් කර ඇති බවත්, ශ්‍රී ලංකාවට අවාසි සහගත කරුණු අන්තර්ගත බවත් වාර්තාවේ සඳහන් ය. කමිටුව නිර්දේශ කර ඇත්තේ, එම කරුණු නැවත සලකා බැලීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ය. |
2018-12-11T07:42:15.000Z | කීත් නොයාර් පැහැරගෙන ගොස් පහර දීමේ සිද්ධිය: පරීක්ෂණ අවසන් බව CIDය අධිකරණයට දැනුම් දෙයි | කීත් නොයාර් පැහැර ගැනීමේ සිද්ධිය: පරීක්ෂණ අවසන් | COLOMBO (News 1st) - මාධ්‍යවේදි කීත් නොයාර් මහතා පැහැර ගෙන ගොස් පහර දීමේ සිද්ධියට සම්බන්ධ පරීක්ෂණ කටයුතු අවසන් කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද අධිකරණයට දැනුම් දුන්නේ ය. ඒ, ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම වීරසිංහ මෙනෙවිය හමුවේ නඩුව අද කැඳවූ අවස්ථාවේදී ය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරුණු ඉදිරිපත් කරමින් කියා සිටියේ, මේ පිළිබඳව පරීක්ෂණ කටයුතු අවසන් කර ඇති අතර වැඩිදුර උපදෙස් සඳහා උදෘත නීතිපතිවරයාට යොමු කර ඇති බව ය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැර සිටින හිටපු බුද්ධි අංශ අධ්‍යක්ෂ මේජර් ජනරාල් අමල් කරුණාසේකර මහතා ඇතුළු බුද්ධි අංශ නිලධාරීන් 07 දෙනා අද අධිකරණය හමුවේ පෙනී සිටියහ. නඩුව ලබන වසරේ ජුනි 11 වන දා යළි කැඳවීමට මහේස්ත්‍රාත්වරිය එහිදී නියෝග කළා ය. |
2018-12-11T06:19:18.000Z | ලක්බිම මාධ්‍යවේදී සම්පත් ලක්මාල් ඝාතනය: යුද හමුදා සෙබළ චින්තක වර්ණ කුමාර රිමාන්ඩ් | සම්පත් ලක්මාල් ඝාතනය:චින්තක වර්ණ කුමාර රිමාන්ඩ් | COLOMBO (News 1st) - ලක්බිම මාධ්‍යවේදී සම්පත් ලක්මාල් ද සිල්වා 2006 වසරේ ජුලි මස 02 වන දින වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් යුද හමුදා ගැමුණු රෙජිමේන්තුවේ හමුදා සෙබළ චින්තක වර්ණ කුමාර මහතා ලබන 20 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි. ඒ, සැකකරු අත්අඩංගුවට ගෙන අද ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම වීරසිංහ මහත්මිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ය. සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු වන යුද හමුදාවේ ගැමුණු රෙජිමේන්තුවේ එවකට ලුතිනන්වරයෙකු වන නිරෝෂන් ඇන්තනි නමැති සැකකරු විදේශගත වී ඇති බව අපාරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේ ය. ඒ අනුව එම සැකකරු විදේශගතව ආපසු එන විට අත්අඩංගුවට ගැනීමට හැකි වන සේ ආගමන විගමන පාලක ජනරාල්වරයාට රඳවා ගැනීමේ නියෝගයක් නිකුත් කළේ ය. තව ද එම සැකකරුට වරෙන්තුවක් නිකුත් කළ අධිකරණය, ඔහු අත්අඩංගුවට ගෙන වහාම අධිකරණය හමුවට ඉදිරිපත් කිරීම සඳහා ජාත්‍යන්තර පොලීසියේ සහය ලබා ගන්නා ලෙස ආපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර සිටියේ ය. 2006 වසරේ ජුලි මස 02 වන දා දෙහිවල, ජයවර්ධන පෙදෙසේදී මාධ්‍යවේදී සම්පත් ලක්මාල් සිල්වා මහතාගේ සිරුර සොයා ගනු ලැබී ය. නඩුව ලබන 20 වන දා යළි කැඳවීමට නියමිත ය. |
2018-12-11T05:19:31.000Z | රනිල් වික්‍රමසිංහ පා. මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කිරීම වළක්වන්නැයි ඉල්ලා අභියාචනාධිකරණයට පෙත්සමක් | රනිල්ට එරෙහිව අභියාචනාධිකරණයට පෙත්සමක් | COLOMBO (News 1st) - පෞද්ගලික සමාගමක කොටස්කරුවෙකු ලෙස කටයුතු කරමින් රාජ්‍ය ආයතන සමග ගිවිසුම්ගත ගනුදෙනුවල නිරත වීම නිසා රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කිරීම වළක්වමින් කෝ වොරෙන්ටෝ රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනු කෙරිණි. අද පස්වරුවේ මෙම පෙත්සම ගොනු කළේ, කොළඹ නාගරික මන්ත්‍රිනී ශර්මිලා ගෝනවල මහත්මියයි. රනිල් වික්‍රමසිංහ මහතා ලේක්හවුස් ප්‍රින්ටර්ස් ඇන්ඩ් පබ්ලිෂර්ස් සමූහයේ කොටස් හිමිකරුවෙකු වන බවත් 2014 සිට 2018 දක්වා සමාගමේ වාර්ෂික වාර්තාවලට අනුව ඔහු සමාගමේ 9 වන විශාලතම කොටස් හිමියා ලෙස සඳහන්ව ඇති බවත් පෙත්සමේ දක්වා තිබේ. මෙම සමාගම පාර්ලිමේන්තු පනත් මගින් රජයේ ආයතන ලෙස ස්ථාපිත කළ ලංකා බැංකුව, මහජන බැංකුව හා ජාතික ඉතිරි කිරීමේ බැංකුවට චෙක් පොත්, සේවක හැඳුනුම්පත්, ක්‍රෙඩිට් හා ඩෙබිට් කාඩ්පත් මුද්‍රණය කර තිබේ. වගඋත්තරකාර රනිල් වික්‍රමසිංහ මහතා 2014 වසරේ සිට 2018 දක්වා පෞද්ගලිකවම මෙම කොන්ත්‍රාත්තුවලින් ලාභාංශ ලබා ඇතැයි ෂර්මිලා ගෝනවල මහත්මිය ගොනු කළ පෙත්සමේ සඳහන් ය. එහි සඳහන් වන්නේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 91 1(ඉ) වගන්තිය අනුව රනිල් වික්‍රමසිංහ මහතාට තවදුරටත් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය දැරිය නොහැකි බව ය. පෙත්සම විභාග කර මේ සම්බන්ධයෙන් කෝ වොරෙන්ටෝ ආඥාවක් පනවන්නැයි ඉල්ලා සිටින පෙත්සම්කාරිය තම පෙත්සම් විභාගය අවසන් වන තෙක් රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයේ කටයුතු කිරීම වළක්වන අතුරු නියෝගයක් ලබා දෙන ලෙස ද ඉල්ලීමක් කර තිබේ. රනිල් වික්‍රමසිංහ, අකිල විරාජ් කාරියවසම් සහ පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක යන මහත්වරුන් ඇතුළු 5 දෙනෙකු මෙම පෙත්සමෙන් වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබේ. |
2018-12-11T03:29:20.000Z | 2019 ලෝක ශූරයින්ට පිරිනමන ශූරතා කුසලානය ඉන්දියාවට | 2019 ලෝක ශූරයින්ට පිරිනමන ශූරතා කුසලානය ඉන්දියාවට | 2019 වසරේ පැවැත්වෙන ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරයින්ට පිරිනමන ශූරතා කුසලානය ඉන්දියාවේ මුම්බායි නුවරට රැගෙනවිත් තිබේ. 2019 ලෝක ක්‍රිකට් ශුරයින්ට පිරිනමන කුසලානය ලොව වටා ගෙන යාමේ චාරිකාව පසුගිය අගෝස්තු මසදීයී ආරම්භ විය. එම චාරිකාව ඇරඹුණේ, ඩුබායිහි පිහිටි අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රධාන මූලස්ථානයේදීයී. ඉතිහාසයේ පළමු වරට ක්‍රිකට් ලෝක කුසලානයට ක්‍රීඩා නොකරන රටවල් සඳහා ද මෙවර ලෝක කුසලානය ප්‍රදර්ශනය කිරීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය තීරණය කීරීම විශේෂත්වයකි. ඒ අනුව නේපාලය, අමෙරිකාව, ජර්මනිය ඇතුළු රටවල් 11 කට ලෝක කුසලානය මෙවර රැගෙන යාමට නියමිතයි. 2019 වසරේ පැවැත්වෙන ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරයින්ට පිරිනමන ශූරතා කුසලානය ඉන්දියාවේ මුම්බායි නුවරට රැගෙන ආ අතර ඉන්දියාවේ විශාල ක්‍රිකට් ප්‍රේක්ෂකයින් පිරිසක් එය නැරඹීමට පැමින සිටියහ. මෙවර ලෝක කුසලානය රටවල් 21 ක පිහිටි නගර 60ක ප්‍රදර්ශනය කරීමට කටයුතු සූදානම් කර තිබේ. ඊට අමතරව පාසල් ක්‍රිකට් ලෝලීන්ගේ නිවාස, විශ්වවිද්‍යාල ඇතුළු විවිධ ස්ථානවල මෙවර ලෝක කුසලානය ප්‍රදර්ශනය කිරීමට නියමිතයි. ඉන්දියාවට පැමිණි චාරිකාව පසුව නවසීලන්තය, ඔස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව, කෙන්යාව, රුවන්ඩා, නයිජීරියාව, ප්‍රංශය, බෙල්ජියම, නෙදර්ලන්තය, හා ජර්මනියට ගමන් කිරීමට සැලසුම් කර තිබේ. ලෝක කුසලානය රැගත් කණ්ඩායම ලබන වසරේ පෙබරවාරි 19 වනදා මහා බ්‍රිතාන්‍යට පැමිණිමෙන් පසු ලෝක කුසලානය රැගත් සංචාරය අවසන් වේ. |
2018-12-11T03:19:26.000Z | ඉන්දීය ප්‍රාන්ත මැතිවරණ ප්‍රතිඵල: කොංග්‍රස් පක්ෂය ඉදිරියෙන් | ඉන්දීය ඡන්ද ප්‍රතිඵල අනුව කොංග්‍රසය පෙරමුණේ | ඉන්දියාවේ ප්‍රාන්ත මැතිවරණයේ ප්‍රාන්ත තුනක මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵලවලට අනුව කොංග්‍රස් පක්ෂය ඉදිරියෙන් සිටී. ඒ මධ්‍ය ප්‍රදේශ් ,රාජස්ථාන් සහ චැටිස්ගා ප්‍රාන්තවලයි. ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කළේ, භාරතීය ජනතා පක්ෂය සහ කොංග්‍රස් පක්ෂය අතර තියුණු තරගයක් පවතින බවයි. කෙසේ වෙතත් මෙය භාරතීය ජනතා පක්ෂයට තාවකාලික පසුබෑමක් වනු ඇති බව විචාරකයෝ පවසති. ඉන්දියාවේ පාර්ලිමේන්තු මැතිවරණය ලබන වසර මුලදී පැවැත්වීමට නියමිතයි. |
2018-12-11T02:22:23.000Z | හිරුණිකාට එරෙහි නඩු විභාගයට දින නියමවෙයි | හිරුණිකාට එරෙහි නඩු විභාගයට දින නියමවෙයි | COLOMBO (News 1st) : දෙමටගොඩදී තරුණයෙකු පැහැරගෙන යාම සහ ඊට ආධාර අනුබල ලබාදීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් අධිචෝදනා ලැබ සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේම්චන්ද්‍ර මහත්මියට එරෙහි නඩුව ලබන වසරේ මාර්තු 12 හා 10 දිනයන්හිදී විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය අද දින නියම කළේ ය. ඒ මහාධිකරණ විනිසුරු ශශී මහේන්ද්‍රන් මහතා හමුවේ, අද එම නඩුව කැඳවූ අවස්ථාවේදීයි. එහිදී නඩුවේ පළමු සාක්ෂිකරුට එදිනට අධිකරණය හමුවේ පෙනී සිටන ලෙසට අවවාද කෙරිණ. නඩුවේ දෙවැනි හා හත් වැනි සාක්ෂිකරුවන්ට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි යැවීමට ද මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේ ය. මෙම නඩුවට අදාළව මීට පෙර විත්තිකරුවන් 09 කු චෝදනාවන්ට වරද පිළිගත් අතර ඔවුන්ට දඩ සහ වන්දි ගෙවීමට අධිකරණය නියෝග කළේ ය. |
2018-12-11T02:15:04.000Z | නැති වූ ජංගම දුරකථන ගැන පැමිණිලි කිරීමට වෙබ් අඩවියක් | නැතිවූ දුරකථන ගැන පැමිණිලි කිරීමට වෙබ් අඩවියක් | COLOMBO (News 1st) : නැති වූ හා සොරකම් කරන ලද ජංගම දුරකථන පිළිබඳ පැමිණිලි කිරීම සඳහා පොලිස්පති නියමයෙන් පොලිස් මූලස්ථානය අද විශේෂ වෙබ් අඩවියක් අද හඳුන්වා දුන්නේ ය. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යේෂඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේ, www.ineed.police.lk වෙබ් අඩවියට පිවිසීමෙන් මේ පිළිබඳ පැමිණිලි ඉදිරිපත් කළ හැකි බවයි. [audio mp3="https://www.newsfirst.lk/sinhala/wp-content/uploads/2018/12/12-11-RUWAN-GUNASEKARA-online-audio-converter.com_.mp3"][/audio] |
2018-12-11T00:52:10.000Z | ආරාධිත ගැලරි වසා පාර්ලිමේන්තුව හෙටත් 1කට රැස්වෙයි | ආරාධිත ගැලරි වසා පාර්ලිමේන්තුව හෙටත් 1කට රැස්වෙයි | COLOMBO (News 1st) : කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව හෙට පස්වරු 1.00 ට යළි රැස් වීමට නියමිතයි. පාර්ලිමේන්තු වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවසුවේ, මහජන ගැලරිය, විශේෂ ආරාධිත ගැලරිය සහ ආරාධිත ගැලරිය හෙට දිනයේදීත් වසා තැබෙන බවයි. මේ අතර පාර්ලිමේන්තු සංකිර්ණය ආශ්‍රිතව හෙට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව ද ඔහු සඳහන් කළේ ය. නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් සඳහන් කළේ, න්‍යාය පත්‍රයට අනුව හෙට රනිල් වික්‍රමසිංහ මහතාට විශ්වාසය පළ කිරීමේ යෝජනාවක් ගෙන ඒමට නියමිත බවයි. මේ අතර පාර්ලිමේන්තුවේ ඇති වූ ගැටුම්කාරී සිද්ධීන් සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ කමිටුව හෙට ප්‍රථම වරට රැස් වේ. එම කමිටුවේ සභාපති නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා පැවසුවේ, පාර්ලිමේන්තුවේ ඇති වූ ගැටුම්කාරි තත්ත්වයට අදාළ CCTV දර්ශන කමිටුව වෙත මේ වනවිට ලැබී ඇති බවයි. ගැටුම් හේතුවෙන් පාර්ලිමේන්තු දේපළවලට සිදුවූ අලාභානි පිළිබඳ තක්සේරුවක් ද කමිටුව හමුවට ලැබී ඇතැයි ඔහු පැවසී ය. මේ අතර පාර්ලිමේන්තු ගැටුම පිළිබඳ විමර්ශනය කරන පොලිස් ප්‍රධානියෙකු හෙට කමිටුව හමුවට කැඳවන බව ද නියෝජ්‍ය කතානායකවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය. |
2018-12-11T00:41:28.000Z | සා/පෙළ විභාග වංචා කළ 5 දෙනෙක් අත්අඩංගුවට | සා/පෙළ විභාග වංචා කළ 5 දෙනෙක් අත්අඩංගුවට | COLOMBO (News 1st) : මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ ගණිතය විෂය සඳහා විභාග අපේක්ෂකයා වෙනුවට විභාගයට පෙනී සිටීමේ චෝදනා මත සැකකරුවන් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඉන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත්තේ, මාතර, තිහගොඩ ප්‍රදේශයේදී ය. පොලීසිය පැවසුවේ මාතර, තිහගොඩ පුහුල්වැල්ල ප්‍රදේශයේ පාසලකදී 24 හැවිරිදි අපේක්ෂකයෙකු වෙනුවෙන් 25 හැවිරිදි පුද්ගලයෙකු විභාගයට පෙනී සිට ඇති බවයි. ඒ අනුව අදාළ අපේක්ෂකයා සහ ඔහු වෙනුවෙන් පෙනී සිටි පුද්ගලය ද පොලිස් අත්අඩංගුවට පත්ව ඇත. මේ අතර තණමල්විල බෝදාගම ප්‍රදේශයේ පාසලකදී ගණිතය විෂය සඳහා අපේක්ෂයා වෙනුවෙන් පෙනී සිටි සැකකරුවෙකු හා එම අපේක්ෂකයා පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ. අපේක්ෂකයා 40 වන වියේ පසුවන අතර අපේක්ෂකයා වෙනුවෙන් පෙනී සිටි පුද්ගලයා 45 වන වියේ පසුවේ. මේ අතර ගණිතය විෂය සඳහා විභාග අපේක්ෂකයා වෙනුවෙන් පෙනී සිටි සැකකරුවෙකු කල්මුණේ, සයින්දමරදු 3 ප්‍රදේශයේ පාසලකදී අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු 19 හැවිරිදි එම ප්‍රදේශයේ ම පදිංචිකරුවෙකි. |
2018-12-10T23:04:55.000Z | හක්මන මන්ත්‍රී ඝාතනය: සැකකාරියක ඇතුළු සිව් දෙනෙක් අත්අඩංගුවට | හක්මන මන්ත්‍රී ඝාතනය:සැකකාරියක ඇතුළු 4ක් අත්අඩංගුව | COLOMBO (News 1st) : කැඹිලියපොළ ප්‍රදේශයේදී පසුගිය දා හක්මන ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් ති දෙනෙකු හා සැකකාරියක අත්අඩංගුවට ගෙන තිබේ. මාතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් මොවුන් අත්අඩංගුවට ගෙන ඇති අතර ඝාතනයට යොදාගත් යතුරු පැදි දෙකක් ද පොලිස් භාරයට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ, සැකකරුවන් අද දෙයියන්දර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි. හක්මන, බෙලිඅත්ත මාර්ගයේ කැඹිලියපොළ ප්‍රදේශයේ දී පසුගිය මස 04 වැනිදා එල්.එච්. ශාන්ත නමැති අදාළ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා වෙඩි තබා ඝාතනය කර තිබිණ. 53 හැවිරිදි මන්ත්‍රීවරයා හක්මන, නරවැල්පිට ප්‍රදේශයේ පදිංචි අයෙකි. |
2018-12-10T22:07:00.000Z | හෙරොයින් සමග සැකකරුවෙකු අත්අඩංගුවට | හෙරොයින් සමග සැකකරුවෙකු අත්අඩංගුවට | COLOMBO (News 1st) : මෝදර පොලීසිය විසින් හෙරොයින් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගනු ලැබ තිබේ. පොලීසිය පැවසුවේ, අදාළ සැකකරු හෙරොයින් ග්‍රෑම් 11 යි මිලිග්‍රෑම් 800 ක් සමග මෝදර, පන්සල පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවයි. 40 හැවිරිදි සැකකරු එම ප්‍රදේශයේම පදිංචිකරුවෙකි. ඔහු අද මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. |
2018-12-10T20:24:34.000Z | ගෙවුණු දවස උණුසුම් කළ පුවත්… | ගෙවුණු දවස උණුසුම් කළ පුවත්… | COLOMBO (News 1st) : දේශිය පුවත් 1. දඹර අමිල හිමි ගොනු කළ පෙත්සම් සලකා බැලීම ජනවාරි 7 වනි දා : පූජ්‍ය දඹර අමිල හිමියන් සහ තවත් පාර්ශවකරුවෙකු අභියාචනාධිකරණය හමුවට ඉදිරිපත් කර ඇති පෙත්සම් සලකා බැලීම ලබන මස 07 කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ. 2. මධ්‍යම පළාත් හිටපු ඇමති තිලිණ බණ්ඩාර පක්ෂය මාරුකරයි : මධ්‍යම පළාත් හිටපු අමාත්‍ය තිලිණ බණ්ඩාර තෙන්නකෝන් මහතා එක්සත් ජාතික පක්ෂයේ සමාජිකත්වය ලබා ගත්තේ ය. 3. මට්ටක්කුලියේ වෙඩි තැබීමක්: 6 දෙනෙකුට තුවාල : කොළඹ මට්ටක්කුලිය ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ලයින් 6 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ. 4. කථානායකවරයාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් : කථානායක කරු ජයසූරිය මහතාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිමකම් පෙත්සමක් ගොනු කර තිබේ. 5. රත්නපුර, තෙප්පනාවේ ද්විත්ව ඝාතනයක් : රත්නපුර, තෙප්පනාව ගොරක ඇළ මාර්ගයේදී තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනය කර තිබේ. විදෙස් පුවත්... 1. ඛශෝග්ජි ඝාතනය: තුර්කි ජනපතිගේ ඉල්ලීම සෞදිය ඉවත දමයි :මාධ්‍යවේදී ජමාල් ඛශෝග්ජි ඝාතනයට සම්බන්ධ පුද්ගලයන් පිටුවහල් කරන ලෙස තුර්කි ජනාධිපති රිසෙප් තයීප් අර්ඩොගන් කළ ඉල්ලීම ,සෞදි අරාබිය ප්‍රතික්ෂේප කර තිබේ. ක්‍රීඩා පුවත්... 1. අකිල ධනංජයගේ පන්දු යැවීමේ ඉරියව්ව නීති විරෝධි බව ක්‍රිකට් කවුන්සිලය කියයි : ශ්‍රී ලංකා දඟ පන්දු යවන යොවුන් ක්‍රීඩක අකිල ධනංජයගේ පන්දු යැවීමේ ඉරියව්ව නීති විරෝධි බව අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය අද නිවේදනය කර තිබේ. |
2018-12-10T19:25:37.000Z | දුම්මලසූරිය පොලිස් අත්අඩංගුවේදී සැකකරුවෙකු මියයයි | දුම්මලසූරිය පොලිස් අත්අඩංගුවේදී සැකකරුවෙකු මියයයි | COLOMBO (News 1st) : නීතිවිරෝධී මත්පැන් වැටලීමක් සම්බන්ධයෙන් දුම්මලසූරිය පොලිසියේ අත්අඩංගුවට පත් වූ සැකකරුවෙකු මියගොස් තිබේ. පොලීය පැවසුවේ, උඩුබද්ධාව ප්‍රදේශයේ පදිංචි අදාළ සැකකරු ඊයේ පස්වරුවේ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු යතුරු පැදියකින් දුම්මලසූරිය පොලීසියට රැගෙන එමින් සිටියදී ඔහුට ක්ලාන්ත තත්ත්වයක් හටගෙන ඇති බවයි. එහදී සැකකරු කුලියාපිටිය රෝහලට ඇතුළත් කර ඇති අතර අනතුරුව ඔහු මියගොස් ඇතැයි පොලීසිය පැවසී ය. මියගොස් ඇත්තේ 48 හැවිරිදි උඩුබද්ධාව, මහආර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි. පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදු කිරීමට නියමිතයි. |
2018-12-10T19:15:54.000Z | පූවරසන්කුලම් ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට | පූවරසන්කුලම් ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට | COLOMBO (News 1st) : වව්නියාව, පූවරසන්කුලම් පොලීසියේ ස්ථානාධිපතිවරයා පොලිස් විශේෂ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ. ඒ, ඔහු 2010 වසරේ කිරිබත්ගොඩ පොලීසියේ ස්ථානාධිපතිවරයාව සිටි සමයේ සිදු කර ඇති බව කියන පුද්ගල පහරදීමක් සම්බන්ධයෙනි. ඊයේ රාත්‍රී මොහු අත්අඩංගුවට ගෙන ඇත්තේ, අසනීප තත්ත්වයක් හේතුවෙන් කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි. අදාළ පුද්ගලයා කෘර ලෙස වධ හිංසාවට ලක්කර මෙම පහරදීම සිදු කර ඇති බවට අදාළ ස්ථානාධිපතිවරයාට චෝදනා එල්ල වී තිබේ. පහරදීම සම්බන්ධයෙන් මහර අධිකරණයේ පොලිස් ස්ථානාධිපතිවරයාට එරෙහිව නඩුවක් විභාග වෙමින් පවතින බව ද පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කළේ ය. |
2018-12-10T09:36:44.000Z | අකිල ධනංජයගේ පන්දු යැවීමේ ඉරියව්ව නීති විරෝධි බව ක්‍රිකට් කවුන්සිලය කියයි | අකිලට ජාත්‍යන්තර තරගවලදී පන්දු යැවීම තහනම් | COLOMBO (News 1st) - ශ්‍රී ලංකා දඟ පන්දු යවන යොවුන් ක්‍රීඩක අකිල ධනංජයගේ පන්දු යැවීමේ ඉරියව්ව නීති විරෝධි බව අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය අද නිවේදනය කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් එම කවුන්සිලය අද ප්‍රකාශ කළේ, වහාම ක්‍රියාත්මක වන පරිදි ඔහුට ජාත්‍යන්තර තරගවලදී පන්දු යැවීමේ තහනමක් පනවා ඇති බවයි. පසුගිය දා නිමාවට පත් වූ එංගලන්ත තරග සංචාරයේ ගාල්ලේ පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත බව තරග තීරකවරුන් විසින් අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයට වාර්තා කළේ ය. ඒ අනුව 14 ක් ඇතුළත් ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව පිළිබඳව පරීක්ෂණයක් සිදු කිරීමට අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය පියවර ගත්තේ ය. අකිල ධනංජය පන්දු යැවීමේ ඉරියව්ව පිළිබඳව ඔස්ට්‍රේලියාවේදී පරීක්ෂණයකට මුහුණ දුන්නේ ය. අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය අද නිවේදනය කළේ, අකිල ධනංජයගේ පන්දු යැවීමේ ඉරියව්ව නීති විරෝධි බව ස්වාධීන තක්සේරුවකින් සනාථවී ඇති බැවින් වහාම ක්‍රියාත්මක වන පරිදි ජාත්‍යන්තර පිටියේ පන්දු යැවීම අත්හිටුවන බවයි. |
2018-12-10T09:13:57.000Z | YES FM අද සිය 25 වැනි සංවත්සරය සමරයි | YES FM අද සිය 25 වැනි සංවත්සරය සමරයි | COLOMBO (News 1st) - ශ්‍රී ලංකාවේ අංක එකේ ජනප්‍රියතම ඉංග්‍රීසි ගුවන් විදුලි නාලිකාව වන YES FM අද සිය 25 වැනි සංවත්සරය සමරයි. ශ්‍රී ලංකා ගුවන් විදුලි වංශ කතාවේ නව යුගයක් සනිටුහන් කරමින් YES FM තම විකාශන කටයුතු ආරම්භ කරන්නේ 1993 දෙසැම්බර් 10 වැනි දා උදෑසන 6.00 ට ය. ශ්‍රී ලංකාවට නව ගුවන් විදුලි සංකල්ප මෙන්ම ඉහළ ගුණාත්මක ශ්‍රවණ තත්ත්වයක් හඳුන්වා දුන් YES FM ජාත්‍යන්තර කීර්තියට පත් වෙන්ගා බෝයිස්, මයිකල් ලර්න්ස් ටු රොක්, මයිකල් බෝල්ටන් වැනි සුප්‍රක්‍රට ජාත්‍යන්තර තරු මෙරටට ගෙන එන්නට ද දායක විය. YES FM අද තම උපන් දිනය සැමරුවේ කොළඹ කොටුව එචලන් චතුරඝ්‍රයේ නත්තල් කලාපයෙදීයි. |
2018-12-10T06:16:20.000Z | මරණීය දණ්ඩනය ලබා දිය යුතු පුද්ගලයින්ගේ වාර්තා ප්‍රමාද කිරීම ගැන පරීක්ෂණයක් කරන බව ජනපති කියයි | මරණ දඬුවම හිමි අයගේ වාර්තා ප්‍රමාදය ගැන පරීක්ෂණ | COLOMBO (News 1st) - මරණීය දණ්ඩනය ලබාදිය යුතු පුද්ගලයින් පිළිබඳ වාර්තා කැඳවීමේදී එම ලිපි ලේඛන ඉදිරිපත් කිරීමට අදාළ අයතන නිසි පරිදි කටයුතු නොකිරීම හේතුවෙන් තීන්දු ක්‍රියාවට නැංවීම ප්‍රමාද වී ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ජනාධිතිතුමා මේ අදහස් පළ කළේ, මත්ද්‍රව්‍ය ජාවාරම මර්දනය සහ අපරාධ අවම කිරීමට අදාළ නීති සංශෝධනය කිරීම පිළිබඳව ජනාධිපති කාර්යාලයේ අද පෙරවරුවේ පැවැති සාකච්ඡාවකට එක් වෙමිනි. අදාළ ලිපි ලේඛන ප්‍රමාද කිරීම සම්බන්ධයෙන් ඉදිරියේදී පරීක්ෂණයක් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බව ද ජනාධිපතිතුමා මෙහිදී ප්‍රකාශ කළේ ය. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, මෙම සාකච්ඡාවේදී බන්ධනාගාරවල ආරක්ෂාව සඳහා විශේෂ කාර්ය බලකායේ සහය ලබා ගැනීම, වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් බුස්ස බන්ධනාගාරයේ වෙත මාරු කිරීම, විෂ මත්ද්‍රව්‍ය ආඥා පනත, සහ සුරා බදු ආඥා පනත ආදි පනත් සංශෝධනය ආදි කරුණු සම්බන්ධයෙන් අවධානය යොමු වූ බවයි. මත්ද්‍රව්‍ය අළෙවිය සඳහා බලපත්‍ර ලබාදී තිබියදිත් ඒවා ප්‍රදර්ශනය නොකිරීම සහ ඉදිරිපත් නොකිරීම වරදක් සේ සලකා නීතිය ක්‍රියාත්මක කිරීමට අදාළ නීති සංශෝධනය කිරීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු වි ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ය. නීතිපති ජයන්ත ජයසූරිය, ජනාධිපති ලේකම් උදය ආර්. සෙනවිරත්න, ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, පොලිස්පති පූජිත් ජයසුන්දර ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාව සඳහා එක් ව සිටියහ. |
2018-12-10T05:38:09.000Z | කෝටි හතරක ගජමුතු සමග සිව්දෙනෙකු අත්අඩංගුවට | කෝටි හතරක ගජමුතු සමග සිව්දෙනෙකු අත්අඩංගුවට | COLOMBO (News 1st) - කෝටි හතරකට අධික ගජමුතු සමග පුද්ගලයින් සිව්දෙනෙකු මහනුවර ස්ථාන දෙකකදී අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, මහනුවර කොට්ඨාස දූෂණ මර්දන අංශයේ පොලිස් උපාය දූත කණ්ඩායමක් යොදවා සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි. මහනුවර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉදිරිපිටදී පුද්ගලයින් තිදනෙක් ගජමුතු 8 ක් සමග අත්අඩංගුවට ගෙන ඇති අතර මහනුරව වැව අසළදී තව ත් පුද්ගලයකු ගජමුතු තුනක් සමග අත්අඩංගුවට ගෙන ඇත. සැකකරුවන් පොළොන්නරුව, මොණරාගල, අම්පාර, බදුල්ල ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලීසිය සඳහන් කළේ ය. සැකකරුවන් අද දින මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත වේ. |
2018-12-10T05:04:06.000Z | හොරණ - කොළඹ මාර්ගයේ බස් වර්ජනයක් | හොරණ - කොළඹ මාර්ගයේ බස් වර්ජනයක් | COLOMBO (News 1st) - මාර්ග අංක 120 හොරණ - කොළඹ මාර්ගයේ සුඛෝපභෝගී බස් රථ හිමියන් අද දින බස් ධාවනයනේ ඉවත්වී තිබේ. සමස්ත ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේ, ලංගම සුඛෝපභෝගී බස් රථයක් උදෑසන කාලයේ සහ පස්වරුවේ ධාවනයට ආදේශ කිරීමට විරෝධය පළ කරමින් මෙම බස් රථ රියැදුරන් බස් ධාවනයේ ඉවත්ව ඇති බවයි. මේ සම්බන්ධයෙන් ප්‍රවාහන අධිකාරිය දැනුවත් කර ඇතැයි ද සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය. අද පෙරවරුවේ සිට ආරම්භ කර ඇති බස් රථ වර්ජනය මේ වනවිටත් පැවැත්වෙනු ඇති. |
2018-12-10T04:47:59.000Z | මට්ටක්කුලියේ වෙඩි තැබීමක්: 6 දෙනෙකුට තුවාල | මට්ටක්කුලියේ වෙඩි තැබීමක්... | COLOMBO (News 1st) - කොළඹ මට්ටක්කුලිය ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ලයින් 6 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, තුවාල ලැබූවන් අතර කාන්තාවක් ද වන බවයි. යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු ත්‍රිරෝද රථයක යමින් සිටි පිරිසකට මෙලෙස වෙඩි තබා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය. සැකකරුවන් පිළිබඳ මෙතෙක් අනාවරණය වී නොමැත. |
2018-12-10T04:21:35.000Z | පේරාදෙණියේදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කෙරේ | පේරාදෙණියේ පුද්ගල ඝාතනයක්... | COLOMBO (News 1st) - පේරාදෙණිය, උඩ පේරාදෙණිය ස්ප්‍රින් හීල්වත්ත ප්‍රදේශයේදී ඊයේ පස්වරුවේ තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයකු ඝාතනය කර තිබේ. පොලීසිය සඳහන් කළේ, ලද තොරතුරක් මත මෘත ශරීරය සොයා ගත් බවයි. මියගොස් ඇත්තේ 27 හැවිරිදි මහනුවර දංගොල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඝාතනයට සම්බන්ධ සැකකරුවන් දෙදෙනා මියගිය පුද්ගලයාගේ ඥාති සහෝදරයන් ලෙස හඳුනාගෙන ඇති අතර 25 හැවිරිදි ඔවුන් එම ප්‍රදේශයේම පදිංචිකරුවන් ය. සැකකරුවන් අද මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත වේ. |
2018-12-10T04:13:03.000Z | දඹර අමිල හිමි ගොනු කළ පෙත්සම් සලකා බැලීම ජනවාරි 7 වනි දා | දඹර අමිල හිමි ගොනු කළ පෙත්සම් සලකා බැලීම ජනවාරි 7 | COLOMBO (News 1st) - පූජ්‍ය දඹර අමිල හිමියන් සහ තව ත් පාර්ශවකරුවෙකු අභියාචනාධිකරණය හමුවට ඉදිරිපත් කර ඇති පෙත්සම් සලකා බැලීම ලබන මස 07 කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද තීරණය කර තිබේ. මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධූරයට පත් කිරීම නීති විරෝධී බවට හා රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉවත් කිරීම සහ කැබිනට් මණ්ඩලය ඉවත් කිරීම නීති විරෝධී බවට නිගමනය කරන්නැයි ඉල්ලා මෙම පෙත්සම් ගොනු කර ඇත. අද දින මෙම පෙත්සම් කැඳවනු ලැබුවේ, සිසිර ද අබෲ, බුවනෙක අළුවිහාරේ සහ මූර්තු ප්‍රනාන්දු යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේයි. |
2018-12-10T03:53:42.000Z | හඳුනාගත් සැකකරුවන් අධිකරණයට ගෙන යාමේදී පොලිස් ආරක්ෂාව ලබා ගන්නැයි, උපදෙස් | ඇතැම් සැකකරුවන් අධිකරණයට ගෙනයාමේදී පොලිස් ආරක්ෂාව | COLOMBO (News 1st) : හඳුනාගත් සැකකරුවන් අධිකරණ වෙත ගෙන යාමේදී පොලිස් ආරක්ෂාව ලබා ගැනීමට කටයුතු කරන ලෙස බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට උපදෙස් ලබා දී තිබේ. බන්ධනාගාර අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීයෙකු සඳහන් කළේ, බන්ධනාගාර නිලධාරීන් මගින් ලබා දෙන ආරක්ෂාව ප්‍රමාණවත් නොවන බවට හැඟී යන්නේ නම්, ඒ ඒ පොලිස් වසම් ආශ්‍රීත ආරක්ෂාවට පොලිස් නිලධාරීන් ලබා ගැනීමට එමගින් කටයුතු කළ හැකි බවයි. ඒ සම්බන්ධයෙන් මේ වන විට පොලිස්පතිවරයා දැනුම්වත් කර ඇතැයි ද, එම නිලධාරීයා ප්‍රකාශ කළේ ය. ඔහු පැවසුවේ, ප්‍රබල මත්ද්‍රව්‍ය ජවාරම්කරුවෙකු ඉලක්ක කර බන්ධනාගාර බස් රථයකට ප්‍රහාරයක් එල්ල කිරිමේ සුදානමක් ඇති බවට බන්ධනාගාර බුද්ධි අංශ වෙත තොරතුරු ලැබී ඇති බවයි. එම තත්ත්වය සැලකිල්ලට ගෙන මෙම පියවර ගත් බව ද, එම නිලධාරීයා සඳහන් කළේ ය. |
2018-12-10T01:32:02.000Z | නවසීලන්ත සංචාරයේ ශ්‍රී ලංකාව සහභාගීවූ පුහුණු තරගය ජයපරාජයෙන් තොරව අවසන් | පුහුණු තරගය ජයපරාජයෙන් තොරව අවසන් | නවසීලන්තයේ සංචාරයේ නිරත ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගීව පළමු පුහුණු තුන්දින ක්‍රිකට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය. අද දෙවැනි ඉන්ිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු පහක් පමණක් දැවී ලකුණු 320 ක් රැස්කරගෙන සිටිය දී ඉනිම අත්හිටුවා ප්‍රතිවාදී නවසීලන්ත ක්‍රිකට් ආයතන කණ්ඩායම දිනය අවසානයේ සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු දෙකක් දැවී රැස්කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 139 ක්. ධනුෂ්ක ගුණතිලක ලකුණු 83 ක් හා කුසල් මෙන්ඩිස් ලකුණු 72 ක් ශ්‍රී ලංකා දෙවැනි ඉනිම වෙනුවෙන් රැස්කළ අතර, ලහිරු තිරිමාන්න ලකුණු 45 ක් ද නිරෝෂන් දික්වැල්ල ලකුණු 43 ක් රැස් කළේය. ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිමට කඩුලු 9 ක් දැවී ලකුණු 210 ක් රැස්කළේ සියලු කිරීමට සමත් විය. ලකුණු 104 කට කඩුලු 9 ක් දැවී සිටි ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 210 ක් වැනි ගෞරවණීය ලකුණු සංඛ්‍යාවක් වෙත රැගෙන යාමට ඇන්ජලෝ මැතිව්ස් හා අවසන් පිතිකරු ලෙස පිටියට පිවිසි ලහිරු කුමාර සමත් විය. ඇන්ජලෝ නොදැවී ලකුණු 128 ක් රැස්කළ අතර, පන්දු 48 ක් තුළ නොදැවී ලකුණු 10 ක් රැස්කිරීමට සමත්විය. පිළිතුරු ලෙස පළමු ඉනිමට නවසීලන්ත ක්‍රිකට් ආයතන කණ්ඩායම කඩුලු 8 ක් දැවී ලකුණු 270 ක් රැස්කර සිටිය දී ඉනිම අත්හිටු වීය. |
2018-12-09T23:21:32.000Z | මධ්‍යම පළාත් හිටපු ඇමති තිලිණ බණ්ඩාර පක්ෂය මාරුකරයි | මධ්‍යම පළාත් හිටපු ඇමති තිලිණ බණ්ඩාර එජාපයට | COLOMBO (News 1st) : මධ්‍යම පළාත් හිටපු අමාත්‍ය තිලිණ බණ්ඩාර තෙන්නකෝන් මහතා අද එක්සත් ජාතික පක්ෂයේ සමාජිකත්වය ලබා ගත්තේ ය. ඒ, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා හමුවී සාකච්ඡා කිරීමෙන් අනතුරුවයි. තිළිණ බණ්ඩාර තෙන්නකෝන් මහතා 2017 මැයි මාසයේදී මධ්‍යම පළාත් ක්‍රීඩා, යෞවන කටයුතු, වනිතා, ග්‍රාම සංවර්ධන හා කර්මාන්ත පිළිබඳ අමාත්‍යවරයා ලෙස කටයුතු කරනු ලැබී ය. තිළිණ බණ්ඩාර තෙන්නකෝන් මහතා හිටපු අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ වැඩිමහල් සහෝදරයාගේ පුත්‍රයා ද වේ. |
2018-12-09T23:12:40.000Z | කථානායකවරයාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් | කථානායකවරයාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් | COLOMBO (News 1st) : කථානායක කරු ජයසූරිය මහතාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිමකම් පෙත්සමක් ගොනු කර තිබේ. නීතිඥ අරුණ ලක්සිරි මහතා විසින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කර තිබිණ. ඒ පාර්ලිමේන්තුව විසුරුවා හරිමින්, නිකුත් කළ ගැසට් නිවේදනය සම්බන්ධයෙන් අතුරු තහනම් නියෝගයක් පනවා තිබියදී පාර්ලිමේන්තුව කැඳවා අධිකරණයට අපහාස කර ඇතැයි පවසමිනි. එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස, කථානායක කරු ජයසූරිය, ජනාධිපතිවරයා වෙනුවෙන් නීතිපතිවරයා, නීතිපතිවරයා, මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා සහ සමාජිකයින් නම් කර තිබේ. |
2018-12-09T23:04:30.000Z | නැගෙනහිර, ඌව, මධ්‍යම සහ උතුරුමැදට ඉදිරියේදී වැසි | නැගෙනහිර, ඌව, මධ්‍යම සහ උතුරුමැදට ඉදිරියේදී වැසි | COLOMBO (News 1st) : බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩුපීඩන කලාපය තවදුරටත් දිවයිනට ගිනිකොණ දෙසින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, නැගෙනහිර, ඌව, මධ්‍යම සහ උතුරුමැද පළාතේ ඇතැම් ස්ථානවලට වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි. දිවයින හරහා විටින් විට පැයට කිලෝමීටර් 40 දක්වා වන තරමක තද සුළං ඇති විය හැකි බව ද, එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය. මේ අතර, හම්බන්තොට සිට පොතුවිල් හරහා මඩකලපුව දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු මුහුදු ප්‍රදේශවල තද වැසි සහ සුළං වේගය ක්ෂණිකව පැයට කිලෝමීටර් 70ත් 80ත් දක්වා ඉහළ යාමට හැකියාව ඇතැයි ද, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. |
2018-12-09T22:18:37.000Z | අහංගම මාරක අනතුරක් | අහංගම මාරක අනතුරක් | COLOMBO (News 1st) : අහංගම, හාතපැලෑන ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් දෙදෙනෙකු මියගොස් තිබේ. පොලීසිය සඳහන් කළේ, මාතර සිට පොළොන්නරුව දක්වා ධාවනය වූ බස් රථයක් හා ත්‍රිරෝද රථයක් එකිනෙක ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි. අද අලුයම 12.05ට පමණ සිදුවූ අනතුරින් ත්‍රිරෝද රථයේ රියැදුරා සහ පිටුපස ගමන් කළ අයෙකු මියගොස් තිබේ. ඔවුන් 20 සහ 18 හැවිරිදි අහංගම මැලියගොඩ සහ මිදිගම පදිංචිකරුවන් ය. අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියැදුරා අත්අඩංගුවට ගත් බව පොලීසිය ප්‍රකාශ කළේ ය. |
2018-12-09T22:00:01.000Z | පොහොට්ටුවට සහය දෙන නායකයෝ අද ජනපති හමුවෙති | පොහොට්ටුවට සහය දෙන නායකයෝ අද ජනපති හමුවෙති | COLOMBO (News 1st) : ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට සහය පළ කරන සියලු පක්ෂවල නායකයින් අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවීමට නියමිතව තිබේ. නිවුස්ෆස්ට් කළ විමසීමකදී පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා සඳහන් කළේ, දහවල් 12ට ජනාධිපති කාර්යාලයේදී එම හමුව පැවැත්වෙන බවයි. ජනාධිපතිවරයා සමග පැවැත්වෙන එම හමුවට පෙර පොදුජන පෙරමුණට සහය පළ කරන පක්ෂ නායකයින්, හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර සාකච්ඡාවක් උදෑසන 8ට ආරම්භ විය. ඒ මහින්ද රාජපක්ෂ මහතාගේ විජේරාමේ පිහිටි නිළ නිවසේදීයි. පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා සඳහන් කළේ, ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ලැබීමෙන් පසු ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග සහ ඉදිරි මැතිවරණ සඳහා මුහුණ දිය යුතු ආකාරය පිළිබඳ මෙම සාකච්ඡාවලදී වැඩි අවධානයක් යොමු කරන බවයි. |
2018-12-09T21:34:52.000Z | රත්නපුර, තෙප්පනාවේ ද්විත්ව ඝාතනයක් | රත්නපුර, තෙප්පනාවේ ද්විත්ව ඝාතනයක් | COLOMBO (news 1st) : රත්නපුර, තෙප්පනාව ගොරක ඇළ මාර්ගයේදී තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනය කර තිබේ. පොලීසිය සඳහන් කළේ, ඊයේ රාත්‍රී 9ත් 10ත් අතර කාලයේදී මෙම පහරදීම සිදුව ඇති බවයි. පහරදීමෙන් තුවාල ලැබූ තිදෙනෙකු රත්නපුර රෝහලට ඇතුළත් කර ඇති අතර, එහිදී දෙදෙනෙකු මියගොස් තිබේ. පොලීසිය පැවසුවේ, තුවාල ලැබූ අයෙකු රත්නපුර රෝහලේ ප්‍රතිකාර ලබන බවයි. මියගොස් ඇත්තේ, 35 සහ 34 හැවිරිදි ගොරක ඇළ දොඩම්පේ ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙකි. ඝාතකයින් අත්අඩංගුවට ගැනීම සඳහා රත්නපුර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ අධික්ෂණය යටතේ, විමර්ශන ක්‍රියාත්මක බව පොලීසිය පැවසී ය. |
2018-12-09T21:03:15.000Z | ගෙවුණු දවස උණුසුම් කළ පුවත්… | ගෙවුණු දවස උණුසුම් කළ පුවත්… | COLOMBO (News 1st) : දේශිය පුවත් 1. තිදෙනකුට මරු කැඳවූ ගල්කිස්ස අනතුරේ රියැදුරු රිමාන්ඩ් : ගල්කිස්ස සහ රත්මලාන ප්‍රදේශවල ඊයේ අලුයම සිදුවූ රිය අනතුරුවලට සම්බන්ධ සැකකාර රියදුරා ලබන 20 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. 2. ‘ඡන්දයට පෙර එජාපයේ වෙනසක් අවශ්‍යයි’-SLMC : ඉදිරි මැතිවරණයකට පෙර එක්සත් ජාතික පක්ෂයේ වෙනසක් සිදු විය යුතු බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් මහතා පවසයි. 3. අගමැති ලේකම් ඇතුළු 5ක් වරප්‍රසාද කමිටුව හමුවට කැඳවන්න – එජාපය : අග්‍රාමාත්‍ය ලේකම්වරයා ඇතුළු රාජ්‍ය නිලධාරින් පස්දෙනෙකු පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවට හා මූල්‍ය කමිටුවට කැඳවන ලෙස ඉල්ලා එක්සත් ජාතික පක්ෂය කතානායකවරයාට යෝජනාවක් භාර දී තිබේ. 4. බේරුවල නිවසකින් ප්‍රභූ ආරක්ෂක අවියක් ඇතුළු ගිනිඅවි 8ක් සොයාගනී : කළුතර කොට්ඨාස නීතිය බල ගැන්වීමේ ඒකකය බේරුවල දීනගොඩ ප්‍රදේශයේ නිවසක් වැටලීමෙන් මිනිවුෂු වර්ගයේ ප්‍රභූ ආරක්ෂක ගිනි අවියක් ඇතුළු ගිනි අවි 8ක් සොයා ගෙන තිබේ. 5. තනි පුද්ගලයකුගේ පාලනයක් රටට අවශ්‍ය වන්නේ නැහැ” – ජනපති : අධිකරණ ක්‍රියාමාර්ග අනුව යමින් ඉදිරි කටයුතු කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. 6. නාමල් කුමාරගේ ජංගම දුරකතනය රැගෙන CID නිලධාරීන් කණ්ඩායමක් හොංකොං රාජ්‍යයට : දූෂණ විරෝධි බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර භාවිත කළ ජංගම දුරකතනයේ දත්ත පරීක්ෂා කිරීමට හොංකොං දේශයට යවා තිබේ. විදෙස් පුවත්.. 1. ලෝක රූ රැජිණ කිරුළ මෙක්සිකෝවට : 2018 ලෝක රූ රැජිණ කිරුළ මෙක්සිකෝ ජාතික නිරූපණ ශිල්පිනියක වන වෙනෙසා ඩි යෝන්ට හිමි විය. 26 හැවිරිදි ඇය ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ උපාධිධාරිනියකි. |
2018-12-09T20:27:21.000Z | අධිකරණ තීන්දුවෙන් පසු ඇමතිවරුන්ගේ සියලු ගෙවීම් නවතා දමයි | අධිකරණ තීන්දුවෙන් පසු ඇමතිවරුන්ගේ ගෙවීම් නවතී | COLOMBO (News 1st) : කැබිනට් මණ්ඩලය අත්හිටුවමින් අභියාචනාධිකරණය නිකුත් කරන ලද අතුරු නියෝගය අනුව අමාත්‍යවරුන්ට සහ ඔවුන්ගේ පෞද්ගලික කාර්ය මණ්ඩලවලට ගෙවන සියලු ගෙවීම් තාවකාලිකව නවතා දැමීමට පියවර ගෙන තිබේ. අග්‍රාමාත්‍ය ලේකම් එස්. අමරසේකර මහතා සඳහන් කළේ, ඒ අනුව, අමාත්‍යවරුන්ට ගෙවන සියලු ගෙවීම් දුරකතන සහ ඉන්ධන දීමනා ඇතුළු සියලු දීමනා මෙන්ම පෞද්ගලික කාර්ය මණ්ඩලවලට ගෙවන ලද වේතන යනාදි සියලු ගෙවීම් අභියාචානාධිකරණ තීන්දුවෙන් පසු තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන ඇති බවයි. මේ අතර අමාත්‍යවරුන්ගේ බලතල ඉවත්වීමත් සමග සියලු කටයුතු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් මත පමණක් සිදුකරන්නැයි සියලු අමාත්‍යාංශ ලේකම්වරුන් වෙත දන්වා ඇතැයි ද, ඔහු සඳහන් කළේ ය. ලේකම්වරයා පැවසුවේ, කැබිනට් මණ්ඩල අනුමැතිය අවශ්‍ය අවස්ථාවල එම අනුමැතිය ලබා ගැනීමට නොහැකි වීම හේතුවෙන් ගැටලුකාරී තත්ත්වයන් ඇතැම් විට නිර්මාණය විය හැකි බවයි. ඒ හේතුවෙන්, ඒ ඒ අමාත්‍යාංශ යටතේ ආරම්භ කිරීමට නියමිතව නව ව්‍යාපෘති ප්‍රමාද වීම සිදුවෙමින් ඇතැයි ද ඔහු සඳහන් කළේ ය. මේ අතර පවතින දේශපාලන වතාවරණය හමුවේ රාජ්‍ය සේවයේ එදිනෙදා කටයුතු කරගෙන යාම සම්බන්ධයෙන් කළ විමසීමකදී අග්‍රාමාත්‍ය ලේකම් එස්. අමරසේකර මහතා පැවසුවේ, රාජ්‍ය සේවය අඛණ්ඩව පවත්වාගෙන යාමේ හැකියාව පවතින බවයි. කිසිදු බාධාවකින් තොරව කටයුතු කිරීමට සියලු ආයතනවලට අවශ්‍ය උපදෙස් නිකුත් කර ඇතැයි ද, ඔහු පවසි. ලේකම්වරයා සඳහන් කළේ, ප්‍රසම්පාදන ක්‍රියාවලිය යටතේ සිදුවන කටයුතුවලදී ඒ ඒ ආයතන මට්ටමින් අනුමත කළ නොහැකි, කැබිනට් අනුමැතිය හිමිවිය යුතු ප්‍රසම්පාදන අනුමැතිය සඳහා ජනාධිපතිවරයා වෙත යොමු කිරීමට අවශ්‍යතාව අනුව ක්‍රියාකරන බවයි. මේ අතර තවදුරටත් සියලු අමාත්‍යාංශ වෙත පොලිස් විශේෂ කාර්ය බලකා ආරක්ෂාව සපයා ඇතැයි ද, අග්‍රාමාත්‍ය ලේකම් එස්. අමරසේකර මහතා පැවසී ය. |
2018-12-09T19:54:34.000Z | බේරුවල මුහුදේදී වැටලූ හෙරොයින් ජාවාරම ගැන තවත් තොරතුරු හෙළිවෙයි | බේරුවලින් හමුවූ හෙරොයින් ජාවාරමේ සුලමුල හෙළිවෙයි | COLOMBO (News 1st) : බේරුවල මුහුදේදී හෙරොයින් තොගයක් සොයා ගැනීමට සම්බන්ධ ජාවාරම පාකිස්ථානය සහ මාලදිවයිනේ සිට මෙහෙයවා ඇතැයි විමර්ශනවලදී අනාවරණය වී තිබේ. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සඳහන් කළේ, රටින් පළා ගොස් සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු විසින් ජාවාරම මෙහෙයවා ඇති බවට අනාවරණ වී ඇති බවයි. සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් පස් දෙනෙකු හඳුනාගෙන ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීමට මෙහෙයුම් ක්‍රියාත්මක බව පොලීසිය සඳහන් කළේ ය. මේ අතර ගනුදෙනු සඳහා චන්ද්‍රිකා දුරකථනයක් භාවිත කර ඇතැයි ද අනාවරණය වී තිබේ. ඒ පිළිබඳ මේ වන විට විමර්ශන ආරම්භ කර ඇති අතර දුරකතන සංවාද සම්බන්ධයෙන් මෙරට දුරකථන සමාගම් කිහිපයකින් ද තොරතුරු ලබා ගත් බව ද පොලීසිය සඳහන් කළේ ය. සිද්ධියට සම්බන්ධ සැකකරුවන්ගේ බැංකු ගිණුම් පරීක්ෂාවකට ලක් කිරීමට ද නියමිත ය. මේ අතර, 44 හැවිරිදි මොරගල්ල, බේරුවල පදිංචිකරුවෙකු හෙරොයින් තොගය ප්‍රවාහනය කළ ට්‍රෝලර් යාත්‍රාවේ හිමිකරු වන අතර ඔහු පසුගිය 7 වනදා දහවල් අත්අඩංගුවට ගැනිණ. සැකකරු සන්තකයේ තිබී රුපියල් ලක්ෂ 15 ක මුදලක් සොයාගෙන ඇති අතර ඔහු එම මුදල ලබාගෙන ඇත්තේ යටියන්තොට ප්‍රදේශයේ බැංකුවක සිය පෞද්ගලික ගිණුමකිනි. ඔහු අධිකරණයට ඉදිරිපත් කර දින 7ක රැඳවුම් නියෝග ලබාගත් බව පොලීසිය පවසයි. හෙරොයින් කිලෝග්‍රෑම් 231 යි ග්‍රෑම් 54 ක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනුණේ පසුගිය 5 වනදා රාත්‍රියේයි. ඒවායේ වටිනාකම රුපියල් මිලියන 2778 කට අධික වේ. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය, මෙහෙයුම දියත් කර තිබුණේ පොලිස් විශේෂ කාර්ය බලකායේ සහ නාවික හමුදාවෙන් සහයෙනි. |
2018-12-09T19:36:45.000Z | නීති කැඩූ වෙළඳුන් 1500කට නඩු | නීති කැඩූ වෙළඳුන් 1500කට නඩු | COLOMBO (News 1st) : පාරිභෝගික නිතී උල්ලංඝනය කළ වෙළඳුන් 1500කට එරෙහිව නඩු පැවරූ බව, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි. එම අධිකාරිය සඳහන් කළේ, උත්සව සමය ඉලක්ක කරගනිමින් පසුගිය 15 වනදා සිට ක්‍රියාත්මක වැටලීම්වලදී මෙම නඩු පැවරීම් සිදු කළ බවයි. එම කාල සීමාව තුළ පරික්ෂාවට ලක්කර ඇති වෙළදසල් සංඛ්‍යාව 1800 ඉක්මවයි. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පැවසුවේ, උත්සව සමය වෙනුවෙන් ක්‍රියාත්මක මෙම විශේෂ වැඩසටහන ජනවාරි 15 වනදා තෙක් ක්‍රියාත්මක බවයි. ඒ සඳහා දිස්ත්‍රික් මට්ටමින් විශේෂ කණ්ඩායම් යොමු කර තිබේ. වැටලීම්වලදී කල් ඉකුත් වූ ආහාර අලෙවි, භාණ්ඩවල මිල ගණන් ඇතුළු සටහන් විය යුතු කරුණු අඩංගු නොවීම පිළිබඳ වැඩි අවධානයක් යොමු කරන බව ද එම අධිකාරිය පවසයි. මේ අතර පානීය ජල බෝතල් සඳහා නියම කළ නව මිල ගණන් ඉක්මවා අලෙවි කරන වෙළඳුන්ට එරෙහිව දැඩි නිතීමය ක්‍රියාමාර්ග ගන්නා බව ද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි. එම අධිකාරිය සඳහන් කළේ, සැප්තැම්බර් 28 වන දා අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින් නව මිල ගණන් නියම කළ බවයි. ඒ අනුව, මිලි ලීටර් 350 සිට මිලි ලීටර් 499 දක්වා වන පානීය ජල බෝතලයක උපරිම සිල්ලර මිල රුපියල් 26ක් වනු ඇති. මිලිලීටර් 500 සිට මිලිලීටර් 749 දක්වා ජල බෝතලයක මිල රුපියල් 35 ක් ලෙස නියම කර තිබේ. නිකුත් කර ඇති ඇතිවිශේෂ ගැසට් පත්‍රයට අනුව මිලිලීටර් 750 සිට මිලිලීටර් 999 දක්වා ජල බෝතලයක නව මිල රුපියල් 40 ක් වන අතර, ලීටර් 1 සිට ලීටර් 1.49 දක්වා ජල බෝතලයක උපරිම සිල්ලර මිල රුපියල් 70 ලෙස නියම කෙරිණ. ලීටර් 1.5 සිට ලීටර් 4.99 ක් දක්වා පානීය ජල බෝතලයක් අලෙවි කළ හැකි උපරිම සිල්ලර මිල රුපියල් 70ක් වනු ඇති. පාර්භෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් නිකුත් කර ඇති අතිවිශේෂ ගැසට් නිවේදනයට අනුව ලීටර් 5 සිට ලීටර් 6.99 ක් දක්වා වන ජල බෝතලයක උපරිම සිල්ලර මිල රුපියල් 150කි. ලීටර් 7 සිට අනෙකුත් සියලු පානීය ජල බෝතල් අලෙවි කළ හැක්කේ, රුපියල් 170 මිලකටයි. |
2018-12-09T19:28:13.000Z | ඛශෝග්ජි ඝාතනය: තුර්කි ජනපතිගේ ඉල්ලීම සෞදිය ඉවත දමයි | තුර්කි ජනපතිගේ ඉල්ලීම සෞදිය ඉවත දමයි | මාධ්‍යවේදී ජමාල් ඛශෝග්ජි ඝාතනයට සම්බන්ධ පුද්ගලයන් පිටුවහල් කරන ලෙස තුර්කි ජනාධිපති රිසෙප් තයීප් අර්ඩොගන් කළ ඉල්ලීම ,සෞදි අරාබිය ප්‍රතික්ෂේප කර තිබේ. සෞදි අරාබි විදේශ අමාත්‍ය ඇඩෙල් අල් ජූබියර් සඳහන් කළේ, සිය පුරවැසියන් එලෙස පිටුවහල් නොකරන බවයි. ජමාල් ඛශෝග්ජි ඝාතනයට සම්බන්ධ පුද්ගලයන් 11 දෙනා පිටුවහල් කරන ලෙස තුර්කි ජනාධිපතිවරයා සෞදි අරාබියෙන් ඉල්ලා සිටියේ මීට සතියකට පෙරයි. එම පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කිරීමට ද තුර්කි අධිකරණයක් ඉකුත් බදාදා පියවර ගත්තේ ය. එලෙස තුර්කිය වරෙන්තු නිකුත් කළ පුද්ගලයන් අතරට සෞදි බුද්ධි අංශ ප්‍රධානී අහමඩ් අල් අස්සිරි සහ හිටපු සෞදි රාජකීය උපදේශක සෞද් අල් ඛටානි ද අයත් වෙති. ඉකුත් ඔක්තෝබර් මස 2 දින තුර්කියේ සෞදි අරාබි කොන්සල් කාර්යාලයේදී සිදුවූ ඛශෝග්ජි ඝාතනයට සම්බන්ධ බවට පුද්ගලයන් 11 දෙනෙකුට චෝදනා ගොනු කිරීමට සෞදි අරාබිය පියවර ගත් නමුත් ඊට සෞදි අරාබියේ ඔටුන්න හිමි කුමරු සම්බන්ධ බවට එල්ලවන චෝදනා අඛණ්ඩව ප්‍රතික්ෂේප කළේ ය. |
2018-12-09T10:55:14.000Z | තිදෙනකුට මරු කැඳවූ ගල්කිස්ස අනතුරේ රියැදුරු රිමාන්ඩ් | ගල්කිස්ස මාරක අනතුරේ බීමත් රියැදුරු රිමාන්ඩ් | COLOMBO (News 1st) : ගල්කිස්ස සහ රත්මලාන ප්‍රදේශවල අද අලුයම සිදුවූ රිය අනතුරුවලට සම්බන්ධ සැකකාර රියදුරා ලබන 20 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. එම ප්‍රදේශවල සිදුවූ අනතුරු දෙකකින් පුද්ගලයින් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. පොලීසිය සඳහන් කළේ, ඉන් පස්දෙනෙකු තුවාල ලැබූ බවයි. ඔවුන් ප්‍රථිකාර සඳහා කළුබෝවිල රෝහලට ඇතුළත් කර තිබේ. ඉන් එක් අනතුරක් සිදුව තිබුණේ රත්මලාන ඉන්ධන පිරවුම් අසලදී මෝටර් රථ දෙකක් සහ යතුරු පැදි දෙකක් එකිනෙක ගැටීමෙනි. එහිදී දෙදෙනෙකු මියගොස් තවත් 4 දෙනෙක් තුවාල ලැබුහ. ගල්කිස්ස අධිකරණ සංකිර්ණය ආසන්නයේදී සිදුවූ අනෙක් අනතුරින් පුද්ගලයකු මියගොස් තවත් අයෙකු තුවාල ලැබී ය. අනතුර සිදුකර රක්ෂිත බන්ධනාගාරගත කළ සැකකාර රියදුරා ද තුවාල ලබා ප්‍රථිකාර සදහා කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා ජාතික රෝහලට මාරු කර යවා තිබේ. සැකකාර රියදුරා අනතුරු සිදුකරන අවස්ථාවේ බීමතින් සිට ඇති බව පරික්ෂණවලදී අනාවරණය වී ඇතැයි පොලීසිය පැවසී ය. https://www.youtube.com/watch?v=Pmd7bqqA2kw |
2018-12-09T10:47:13.000Z | උඩරට මැණිකේ හීල්ඔයේදී පීලිපනී | උඩරට මැණිකේ හීල්ඔයේදී පීලිපනී | COLOMBO (News 1st) : කොළඹ සිට බදුල්ල දක්වා ධාවනය වන දුම්රියන් බණ්ඩාරවෙල දුම්රිය ස්ථානය දක්වා සීමා කර ඇතැයි, දුම්රිය පාලක මැදිරිය පවසයි. ඒ උඩරට මැණිකේ දුම්රිය බණ්ඩාරවෙල ,හීල්ඔය ප්‍රදේශයේදී අද පස්වරුවේ පීලි පැනීමකට ලක් වීම හේතුවෙනි. දුම්රිය මාර්ගයේ පීලිගත කිරීම් මේ වන විට ආරම්භ කර ඇති බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ ය. කෙසේ වෙතත් පීලිගත කිරිම් අවසන් කිරීමට නොහැකි වුවහොත් බදුල්ලේ සිට කොළඹට ධාවනය වීමට නියමිත රාත්‍රි තැපැල් දුම්රිය අවලංගු කිරිමට හෝ ප්‍රමාද විය හැකි බව දුම්රිය පාලක මැදිරිය වැඩිදුරටත් පැවසී ය. |
2018-12-09T08:03:41.000Z | දෙණියායේ අනතුරකින් අයෙකු මියගොස් තවත් 6කට තුවාලයි | දෙණියායේ අනතුරකින් අයෙකු මියගොස් තවත් 6කට තුවාලයි | COLOMBO (News 1st) : දෙණියාය ප්‍රදේශයේ වතුයායකදී අද සවස කැබ් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් කාන්තාවක මිය ගොස් තවත් 6 දෙනෙකු තුවාල ලැබී ය. පොලීසිය සඳහන් කළේ , එක ම පවුලේ සමාජිකයින් පිරිසක් අනතුරට මුහුණ පා ඇති බවයි. කැබ් රථය අඩි 300ක පමණ ප්‍රපාතයකට පෙරළී ඇති අතර මිය ගොස් ඇත්තේ, 50 හැවිරිදි කාන්තාවකි. තුවාල ලැබූවන් ප්‍රථිකාර සඳහා දෙණියය රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය පැවසී ය. දෙණියාය ප්‍රදේශයේ විනෝද චාරිකාවක් පැමිණි ගාල්ල උඩුගම ප්‍රදේශයේ පදිංචි පිරිසක් මෙලෙස අනතුරට මුහුණ පා තිබේ. |
2018-12-09T07:14:02.000Z | 'ඡන්දයට පෙර එජාපයේ වෙනසක් අවශ්‍යයි'-SLMC | 'ඡන්දයට පෙර එජාපයේ වෙනසක් අවශ්‍යයි'-SLMC | COLOMBO (News 1st) : ඉදිරි මැතිවරණයකට පෙර එක්සත් ජාතික පක්ෂයේ වෙනසක් සිදු විය යුතු බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් මහතා පවසයි. ''ජනාධිපති මැතිවරණයක් ආවම පොදු අපේක්ෂකතුමෙක් පිළිබඳව අපි සාකච්ඡා කරනවා. ඒ පොදු අපේක්ෂක මෙවර එක්සත් ජාතික පක්ෂයේ තරුණ කෙනෙක් මෙවර ඉදිරිපත් කරලා ඒ හරහා සිදු වෙන්න ඕනෙ කියන බලපෑම අපි කරනවා'' හකීම් මහතා මුස්ලිම් කොංග්‍රසයේ කුරුණෑගල දිස්ත්‍රික් කෘත්‍යාධිකාරී මණ්ඩල කමිටු රැස්වීම අවසානයේ මාධ්‍යවේදීන් ඇසු ප්‍රශ්න කිහිපයකට පිළිතුරු දෙමින් මෙම අදහස් පළ කළේ ය. එකී වෙනස හරහා රටේ ජනතාවට නවමු බලපොරොත්තුවක් ලබා දිය යුතු බව ද ඔහු එහිදී අවධාරණය කර සිටියේ ය. ''අපි නම් කියන්නෙ එන මැතිවරණයෙදි යම් ව්‍යුහාත්මක වෙනසක් ඇති කරලා අලුත් බලාපොරොත්තුවක් මේ රටේ ජනතාවට ලබා දෙන්න ඕනෙ. විශේෂයෙන්ම දීප ව්‍යාප්ත මැතිවරණයකට යද්දි. හැබැයි ඒක පාර්ලිමේන්තු මැතිවරණය වෙන්න පුළුවන්, ජනාධිපති මැතිවරණය වෙන්න පුළුවන්'' https://www.youtube.com/watch?v=1LA_5rA0-1U |
2018-12-09T06:28:54.000Z | අගමැති ලේකම් ඇතුළු 5ක් වරප්‍රසාද කමිටුව හමුවට කැඳවන්න - එජාපය | අගමැති ලේකම් වරප්‍රසාද කමිටුව හමුවට කැඳවන්න-එජාපය | COLOMBO (News 1st) : අග්‍රාමාත්‍ය ලේකම්වරයා ඇතුළු රාජ්‍ය නිලධාරින් පස්දෙනෙකු පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවට හා මූල්‍ය කමිටුවට කැඳවන ලෙස ඉල්ලා එක්සත් ජාතික පක්ෂය කතානායකවරයාට යෝජනාවක් භාර දී තිබේ. අග්‍රාමාත්‍ය ලේකම් එස්.අමරසේකර, මුදල් අමාත්‍යංශ ලේකම් එස්.ආර්.ආටිගල, යන මහත්වරුන් ඇතුළු නිලධාරින් 5 දෙනෙකු මෙලෙස කැඳවන ලෙස ඉල්ලා ඇති අදාළ යෝජනාවට අත්සන් තබා ඇත්තේ පාඨලී චම්පික රණවක මහතා ඇතුළු එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් සය දෙනෙකි. |
2018-12-09T06:11:31.000Z | බේරුවල නිවසකින් ප්‍රභූ ආරක්ෂක අවියක් ඇතුළු ගිනිඅවි 8ක් සොයාගනී | බේරුවලින් ප්‍රභූ ආරක්ෂක අවියක් හා අවි 7ක් සොයාගනී | COLOMBO (News 1st) : කළුතර කොට්ඨාස නීතිය බල ගැන්වීමේ ඒකකය බේරුවල දීනගොඩ ප්‍රදේශයේ නිවසක් වැටලීමෙන් මිනිවුෂු වර්ගයේ ප්‍රභූ ආරක්ෂක ගිනි අවියක් ඇතුළු ගිනි අවි 8ක් සොයා ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කළේ, උණ්ඩ 800 කට අධික තොගයක් ද අදාළ නිවසේ තිබි සොයා ගත් බවයි. ප්‍රභූ ආරක්ෂක ගිනි අවියට අමතරව ෂොට් ගන් 6 ක්, මිලිමීටර් 2.5 වර්ගයේ ගිනි අවියක් දුනු විඳින වර්ගයේ අවියක් සොයා ගත් බව පොලීසිය පැවසී ය. බදුරලිය ලත්පදුර ප්‍රදේශයේදී සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව කළ පරීක්ෂාවකදී මෙම ගිනි අවි සහ උණ්ඩ තොගය සොයා ගත් බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ ය. |
2018-12-09T04:40:47.000Z | ත්‍රිකුණමාලයේ ළිඳක් තුළ බිළිඳු මළ සිරුරක් | ත්‍රිකුණමාලයේ ළිඳක් තුළ බිළිඳු මළ සිරුරක් | COLOMBO (News 1st) : ත්‍රිකුණාමලය, පූමරතඩිච්චේනෙයි ප්‍රදේශයේදී දින 13ක් වයසැති බිළිදෙකු ළිඳකට දමා ඝාතනය කර තිබේ. පොලීසිය සඳහන් කළේ, ඊයේ පස්වරුවේ මේ සම්බන්ධයෙන් පොලීසියට ලද තොරතරක් මත මෙම බිළිඳු මළ සිරුර සොයා ගත් බවයි. සිද්ධිය සම්බන්ධයෙන් අසල්වාසීන්ගෙන් ලද තොරතුරු මත බිළිඳාගේ දෙමාපියන් අත්අඩංගුවට ගෙන තිබේ. බිළිඳාගේ මෘත දේහය ත්‍රිකුණාමලය රෝහලේ තැන්පත් ඇතැයි පොලීසිය පැවසී ය. |
2018-12-09T03:02:11.000Z | නාමල් කුමාරගේ ජංගම දුරකතනය රැගෙන CID නිලධාරීන් කණ්ඩායමක් හොංකොං රාජ්‍යයට | නාමල්ගේ දුරකතනය රැගෙන කණ්ඩායමක් හොංකොං රාජ්‍යයට | COLOMBO (News 1st) - දූෂණ විරෝධි බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර භාවිත කළ ජංගම දුරකතනයේ දත්ත පරීක්ෂා කිරීමට හොංකොං දේශයට යවා තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, අදාළ ජංගම දුරකතනය රැගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරීවරයෙකු ඇතුළු නිලධාරීන් දෙදෙනෙක් හා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරියකු ඊයේ රාත්‍රියේ හොංකොං දේශය බලා පිටව ගිය බවය. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හා හිටපු ආරක්ෂ ලේකම් ගෝඨභය රාජපක්ෂ මහතා ඝතනය කිරීමේ කුමන්ත්‍රණයක් පැවති බවට දූෂණ විරෝධි බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර පසුගියා ද හෙළිදරව්වක් කළේ ය. එම පරීක්ෂණවලට අදාළව අධිකරණ නියෝග මත දූෂණ විරෝධි බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර මහතා භාවිත කළ ජංගම දුරකතනයේ මකා දමා ඇතැයි පැවසෙන දත්ත පිළිබඳව පරීක්ෂා කිරීමට මෙලෙස ඊයේ රාත්‍රියේ අදාල ජංගම දුරකතනට හොංකොං දේශ වෙත රුගෙන ගොස් තිබේ. අදළ පරීක්ෂණය සිදු කිරීමෙන් අනතුරුව එහි වාර්තා ද රුගෙන මෙම නිලධාරීන් ඉදිරියේදී දිවයිනට පැමිණිමට නියමිතයි. |
2018-12-09T01:18:28.000Z | "තනි පුද්ගලයකුගේ පාලනයක් රටට අවශ්‍ය වන්නේ නැහැ" - ජනපති | "තනි පුද්ගලයකුගේ පාලනයක් රටට අවශ්‍ය වන්නේ නැහැ" | COLOMBO (News 1st) - අධිකරණ ක්‍රියාමාර්ග අනුව යමින් ඉදිරි කටයුතු කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. තව ද තනි පුද්ගලයකුගේ පාලනයක් රටට අවශ්‍ය නොමැති බවත් ජනාධිපතිතුමා එහිදී සඳහන් කළේ ය. ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේ, අද පෙරවරුවේ පොලොන්නරුව ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමිනි. https://www.youtube.com/watch?v=x8cbYDxGPyM |
2018-12-09T01:00:57.000Z | වනජීවි නිලධාරීන් පිරිසක් ගමන්ගත් කැබ් රථයකට වෙඩි ප්‍රහාරයක් | වනජීවි නිලධාරීන් ගිය කැබ් රථයකට වෙඩි ප්‍රහාරයක් | COLOMBO (News 1st) - බූන්දල වනජීවි කාර්යාලයේ නිලධාරීන් පිරිසක් ගමන්ගත් කැබ් රථයට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබේ. වනජීවි දෙපාර්තමේන්තුව සඳහන් කළේ, බුන්දල රක්ෂිතයේ ලේවාය ආසන්න අතුරු මාර්ගයකදී ඊයේ රාත්‍රි 10.00 ට පමණ එම වෙඩි ප්‍රහාරය එල්ල වූ බවයි. වෙඩි ප්‍රහාරයෙන් කිසිවෙකුටත් අනතුරක් වී නැත. කැබ් රථයට වෙඩි තබන ලද අවස්ථාවේ එහි නිලධාරීන් සිව්දෙනෙකු සිටියහ. අනවසරයෙන් බූන්දල ජාතික උද්‍යාන රක්ෂිතයේ දඩයමේ පැමිණි දෙදෙනෙකු මෙලෙස වෙඩි තැබීම සිදුකළ බව අනාවරණය වී තිබේ. වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවකු අත්අඩංගුවට ගෙන හම්බන්තොට පොලීසියට භාරදී ඇති අතර අනෙක් සැකකරු පළගොස් ඇති බව ද එම නිලධාරියා සඳහන් කළේ ය. සැකකරුවන් හම්බන්තොට වැලිගත්ත ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ. |
2018-12-09T00:40:01.000Z | ඉදිරි වසර සඳහා බාධාවකින් තොරව මුදල් නිකුත් කළ හැකියි - මුදල් අමාත්‍යාංශය | ඉදිරි වසරට බාධාවකින් තොරව මුදල් නිකුත් කළ හැකියි | COLOMBO (News 1st) - ඉදිරි වසර සඳහා බාධාවකින් තොරව මුදල් නිකුත් කිරීමට හැකියාව පවතින බව මුදල් අමාත්‍යාංශය පවසයි. එහි ලේකම්. එස්. ආර්. ආටිගල මහතා පැවසුවේ, නීතිමය ප්‍රතිපාදනවලට යටත්ව මාස තුනක් සඳහා මුදල් නිකුත් කිරීමට හැකියාව පවතින බවය. ආයතන මට්ටමින් එදිනෙදා කටයුතු පවත්වාගෙන යාම සඳහා එලෙස මුදල් වෙන් කිරීමට කටයුතු කරන බව ද ඔහු ප්‍රකාශ කළේ ය. ලේකම්වරයා පැවසුවේ, පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ නියෝගය ක්‍රියාත්මක වන්නේ නම් වියදම් සඳහා මුදල් නිකුත් කිරීමට ජනාධිපතිතුමා මගින් අතුරු සම්මත ගිණුමක් යටතේ අවස්ථාව හිමිවන බවය. ඒ අනුව, එම අතුරු සම්මත ගිණුම මාස 3 ක කාලයකට බලපැවැත්වෙනු ඇති. එසේ නොවී මේ වන විට කැබිනට් අනුමැතිය හිමි ව ඇති අතුරු සම්මත ගිණුම සඳහා පාර්ලිමේන්තු අනුමැතිය හිමි වන්නේ නම් මාස 4ක කාලයක් සඳහා එය වලංගු වන බව ද ඔහු පැවසීය. එස්. ආර්. ආටිගල මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ, දැනට ක්‍රියාත්මක ව්‍යාපෘති ඉදිරියට කරගෙන යාමට මුදල් ලබාදීමට කිසිදු බාධාවක් නොමැති බවයි. |
2018-12-08T23:31:52.000Z | 2018 ලෝක රූ රැජිණ කිරුළ මෙක්සිකෝවට | 2018 ලෝක රූ රැජිණ කිරුළ මෙක්සිකෝවට | 2018 ලෝක රූ රැජිණ කිරුළ මෙක්සිකෝ ජාතික නිරූපණ ශිල්පිනියක වන වෙනෙසා ඩි යෝන්ට හිමි විය. 26 හැවිරිදි ඇය ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ උපාධිධාරිනියකි. නිරූපිකාවකට අමතරව ස්වේඡා සේවිකාවක ලෙස ද කටයුතු කරන ඇය මෙක්සිකෝවේ ප්‍රබල සාමාජ සේවිකාවක් වනු ඇත. මෙවර ලෝක රූ රැජිණ තරගාවලිය පැවැත්වුණේ 68 වැනි වරටයි. |
2018-12-08T21:16:54.000Z | ජනපති ට්‍රම්ප් සමග මත ගැටුම් මැද ජෝන් කෙලී කාර්ය මණ්ඩල ප්‍රධානී ධූරයට සමු දෙයි | ජෝන් කෙලී ධවල මන්දිරයට සමු දෙයි...! | ධවල මන්දිර කාර්ය මණ්ඩල ප්‍රධානී ජෝන් කෙලී මෙම වසර අවසානයේ සිය ධූරයෙන් ඉවත් වන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිල වශයෙන් නිවේදනය කර තිබේ. ජෝන් කෙලී ඉල්ලා අස්වන බවට මීට පෙර මාධ්‍ය වාර්තා පළ වුව ද ධවල මන්දිරය එය තහවුරු කළේ නැත. එහෙත් ඔහු ඉල්ලා අස්වන බව අමෙරිකානු ජනාධිපතිවරයා නිල වශයෙන් නිවේදනය කළේ, ඔහුගේ සේවය ද ඇගයීමට ලක් කරමිනි. ජෝන් කෙලී පළමුව අමෙරිකාවේ අභ්‍යන්තර ආරක්ෂක ලේකම්වරයා ලෙස කටයුතු කළේ ය. පසුව ඔහු කාර්ය මණ්ඩල ප්‍රධානී ධූරයට පත්වුණේ, එවකට ධවල මන්දිර කාර්ය මණ්ඩල ප්‍රධානී ලෙස කටයුතු කළ රෙයින්ස් ප්‍රීබස් ඉල්ලා අස්වීමත් සමගයි. කෙසේ වෙතත් ජෝන් කෙලී සිය ධූර කාලය තුළ ආන්දෝලනාත්මක තීන්දු රැසක් ගනු ලැබුවේ ය. එහෙත් පසුව අමෙරිකානු ජනාධිපතිවරයා සමග මත ගැටුම් ඇතිවූයේ දෙදෙනා පරස්පර අදහස් දැරීම හේතුවෙන් බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. ජෝන් කෙලී, අමෙරිකානු ජනපතිගේ ක්‍රියාකලාපය හේතුවෙන් දැඩි පීඩනයකට ලක් ව සිටි බව ද විදෙස් මාධ්‍ය පවසයි. කෙසේ වෙතත් ජෝන් කෙලී ඉල්ලා අස්වන බව නිල වශයෙන් නිවේදනය කරමින් ජනපති ට්‍රම්ප් සඳහන් කළේ, ඔහු වසර දෙකක කාලයක් කළ සේවයට තමා ගරු කරන බවයි. |
2018-12-08T20:57:50.000Z | ගල්කිස්සේ රිය අනතුරු දෙකකින් පුද්ගලයින් තිදෙනෙකු මරුට: 5දෙනෙකුට තුවාල | ගාලු පාරේ රිය අනතුරු දෙකකින් තිදෙනෙකු ජීවිතක්ෂයට | COLOMBO (News 1st) - ගල්කිස්ස සහ රත්මලාන ප්‍රදේශවල අද අලුයම සිදු වූ රිය අනතුරු දෙකකින් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තිබේ. පොලීසිය සඳහන් කළේ, ඉන් 5 දෙනෙකු තුවාල ලබා ඇති බවයි. ඔවුන් කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුලත් කර ඇත. ඉන් එක් අනතුරක් සිදු ව තිබුණේ රත්මලාන ඉන්ධන පිරවුම් අසළදී මෝටර් රථ දෙකක් සහ යතුරු පැදි දෙකක් එකිනෙක ගැටීමෙනි. පොලීසිය පැවසුවේ, ගාල්ල සිට කොළඹ දෙසට සහ ඊට ප්‍රතිවිරුද්ධ දිශාවට මෝටර් රථ ධාවනය වී ඇති බවයි. එහිදී දෙදෙනෙකු මියගොස් තව ත් 4 දෙනෙකු තුවාල ලැබූහ. ගල්කිස්ස අධිකරණ සංකීර්ණය ආසන්නයේදී සිදු වූ අනෙක් අනතුරින් පුද්ගලයකු මියගොස් තව ත් අයෙකු තුවාල ලබා තිබේ. අනතුරුවලින් මියගිය සහ තුවාල ලැබුවන්ගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නොමැත. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි. |
2018-12-08T20:43:27.000Z | ශ්‍රී ලංකා නාවික හමුදාවේ 68 වන සංවත්සරයට නිව්ස්ෆස්ට් වෙතින් සුබපැතුම්..! | ශ්‍රී ලංකා නාවික හමුදාවේ 68 වන සංවත්සරය අද යි | COLOMBO (News 1st) - ශ්‍රී ලංකා නාවික හමුදාවේ 68 වන සංවත්සරය අදට යෙදී තිබේ. ඒ වෙනුවෙන් ආගමික, සමාජ සුබසාධන වැඩසටහන් රැසක් ක්‍රියාත්මක බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් දිනේෂ් බණ්ඩාර මහතා සඳහන් කළේ ය. ඒ නිමිත්තෙන් ඓතිහාසික දළදා සමිඳුන් අභියසදී අද විශේෂ ආගමික වතාවත් පැවැත්වීමට ද නියමිත වනු ඇත. 68 වන සංවත්සරයට සමගාමීව පසුගිය දා අනුරාධපුරය ඓතිහාසික ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස නාවික ධජයන්ට සෙත්පැතීමේ ධජ පූජාව සහ කප්රුක් පූජාවක් පැවැත් විය. ඒ නිමිත්තෙන් සර්ව ආගමික වැඩ සටහන් රැසක් ද සංවිධානය කර තිබුණි. ශ්‍රී ලංකා නාවික හමුදාව ලක්බිමේ ආරක්ෂාව වෙනුවෙන් අනගිභවනීය මෙහෙවරක නිරත වන්නේ රට වට බැදි රන් වැට යන තේමාව පෙරටු කර ගනිමිනි. 1937 දී සිලෝන් නාවික ස්වේච්ඡා බලකාය ආරම්භ කළේ, දෙවන ලෝක යුද්ධයේ අවසානයත් සමගයි. බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේ මෙරට ස්ථිර නාවික හමුදාවක් පිහිටුවීමේ මූලික අඩිතාලම සැකසුණි. ඒ අනුව 1950 වසරේ අද වැනි දිනක නාවික පනත් නීතිගත කරමින් සිලෝන් රාජකීය නාවික හමුදාව පිහිටවනු ලැබුවේය. අනතුරුව 1972 දී හඳුන්වා දුන් ශ්‍රී ලංකා සමාජවාදී ජනරජ ව්‍යවස්ථාව යටතේ සිලෝන් රාජකීය නාවික හමුදාව යන නම ඉවත් කර ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව ලෙස එම නාමය වෙනස් විය. ශ්‍රී ලංකා නාවික හමුදාවේ පළමු නාවික හමුදාපතිවරයා වුයේ රියර් අද්මිරාල් ඩි.වි. හර්ටර් මහතායි. 30 වසරක බිහිසුණු ත්‍රස්තවාදයෙන් රට මුදා ගැනීමට දියඹේ සිට මෙහෙයුම්වල නිරත වූ නාවික සෙබලුන් දහස් ගණනක් මව්බිමට සාමය උදාකරලීම වෙනුවෙන් දිවි පුදා තිබේ. 68 වසරක නාවික හමුදා ඉතිහාසය තුළ එම විරුවන්ගේ නාමය ලියවී ඇත්තේ රන් අකුරිනි. ශ්‍රී ලංකා නාවික හමුදාවේ 68 වන සංවත්සරයට නිව්ස්ෆස්ට් වෙතින් සුබපැතුම්..! |
2018-12-08T20:30:43.000Z | සා/පෙළ විභාග අක්‍රමිකතා පිළිබඳ දෛනිකව පැමිණිලි | සා/පෙළ විභාග අක්‍රමිකතා පිළිබඳ දෛනිකව පැමිණිලි | COLOMBO (News 1st) - අධ්‍යයන පොදු සහතික පත්‍ර සමාන්‍ය පෙළ විභාග අක්‍රමිකතා සම්බන්ධයෙන් මේ වනවිට පැමිණිලි 50 ක් ලැබී ඇතැයි විභාග දෙපාර්තමේන්තුව පවසයි. විභාග කොමසාරිස් ජනරාල් සනත්. බී. පූජිත මහතා සඳහන් කළේ, දෛනිකව පැමිණිලි 3 - 4 ක් ලැබෙන බවයි. දිවයිනේ හඳුනාගත් විභාග මධ්‍යස්ථාන 3000 කට අධික සංඛ්‍යාවක් සඳහා අතිරේක ශාලාධිපතිවරුන් යොදවා ඇතැයි ද විභාග කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේ ය. මේ අතර ජංගම දුරකතනය භාවිත කර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සැපයීමේ චෝදනාවට ලක් වූ සිසුවා සහ එම සිසුවාට දුරකතනය මගින් පිළිතුරු එවු ගුරුවරිය පිළිබඳ විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ. විභාග කොමසාරිස් ජනරාල් සනත්. බී. පූජිත මහතා සඳහන් කළේ, ඒ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයට ද කරුණු වාර්තා කර ඇති බවයි. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ද නිව්ස්ෆස්ට් විමසීමක් කළේ ය. එහි අතිරේක ලේකම් එම්. එම් රත්නායක මහතා සඳහන් කළේ, ඒ පිළිබඳ පරීක්ෂණයට විනය මණ්ඩලයක් පත් කරන බවයි. අදාළ ගුරුවරිය කැඳවා ඒ පිළිබඳ පරීක්ෂණ සිදු කරන බව ද ඔහු ප්‍රකාශ කළේ ය. |
2018-12-08T20:22:20.000Z | අනුරාධපුරේ පොලිස් නිල නිවසකට අත්බෝම්බ ප්‍රහාරයක්: කිසිවෙකුටත් හානියක් නැහැ... | අනුරාධපුරේ පොලිස් නිල නිවසකට අත්බෝම්බ ප්‍රහාරයක් | COLOMBO (News 1st) - අනුරාධපුර පොලිස්ථානයට අයත් පොලිස් නිවස්නයකට අද අලුයම අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල වී තිබේ. පොලීසිය පැවසුවේ, පොලිස් කොස්තාපල්වරියක් සහ ඇගේ 2 හැවිරිදි දරුවා සිටින නිවස තුළ මෙම අත්බෝම්බ ප්‍රහාරය එල්ල වී ඇති බවයි. නිවසේ ජනෙල් කවුළුවකින් අත්බෝම්බය එල්ල කර ඇති බව පොලීසිය සඳහන් කළේ ය. අත්බෝම්බය පුපුරා ගොස් ඇතත් ඉන් කිසිවෙකුටත් අනතුරක් සිදු වී නොමැත. සිද්ධිය සම්බන්ධ සැකකරු මෙතෙක් හෙළි වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කෙරෙනු ඇති. |
2018-12-08T20:00:57.000Z | "ජලය අපතේ යාම පාලනය කරන්නේ නම් ගාස්තු ඉහළ දැමිමේ අවශ්‍යතාවක් නැහැ" - විගණන වාර්තාව හෙළිකරයි | ජල ගාස්තු ඉහළ යයි ද? | COLOMBO (News 1st) - ජලය අපතේ යාම පාලනය කරන්නේ නම් ජල ගාස්තු ඉහළ දැමීමේ කිසිදු අවශ්‍යතාවක් නැතැයි විගණකාධිපති දෙපාර්තමේන්තුව පවසයි. විගණකාධිපති ගාමිණි විජේසිංහ මහතා ප්‍රකාශ කළේ, ජල ගාස්තු ඉහළ නැංවීම කෙරෙහි ඇති වූ සූදානමත් සමග කළ විගණන පරීක්ෂාවේදී ඒ බව තහවුරු වූ බවයි. ව්‍යාපෘති සඳහා අවශ්‍ය පිරිවැයට වඩා වැඩි පිරිවැයක් ඇස්තමේන්තු කර ව්‍යාපෘති කිරීම තුළින් ද ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලය පාඩු ලබමින් ඇතැයි විගණකාධිපති ගාමිණි විජේසිංහ මහතා ප්‍රකාශ කළේ ය. |
2018-12-08T19:37:42.000Z | මාස 6 ක් තුළ දියේ ගිලීමෙන් 349 දෙනෙකු මරුට | මාස 6 ක් තුළ දියේ ගිලීමෙන් 349 දෙනෙකු මරුට | COLOMBO (News 1st) - පවතින වර්ෂාවත් සමග ජලාශ, වැව් සහ ගංගා භාවිතයේදී විමසිලිමත් වන්නැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවට දැනුම් දෙයි. එහි සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ, පාසල් නිවාඩු සමයේ චාරිකා සඳහා ගොස් අනාරක්ෂිත ස්ථානවලින් දියනෑමෙන් වැළකිය යුතු බවයි. දෛනිකව දියේ ගිලීම් හේතුවෙන්, මරණ 3 - 5ත් අතර සංඛ්‍යාවක් වාර්තා වන බව ද ඔහු සඳහන් කළේ ය. මේ අතර ගත වූ පළමු මාස 6 ක කාලය තුළ පමණක් පුද්ගලයින් 349 දෙනෙකු දියේ ගිලීමෙන් මියගොස් ඇත. පොලීසිය සඳහන් කළේ, ඉන් 291දෙනෙකු පිරිමි පුද්ගලයින් වන බවයි. දියේ ගිලීම් හේතුවෙන් මියගොස් ඇති කාන්තාවන් සංඛ්‍යාව 58 කි. මහවැලි ගඟේ දිය නෑමට ගොස් අතුරුදන් වූ තරුණයාගේ සිරුර ඊයේ රාත්‍රියේ සොයා ගැණුනි. ඔහු නාවලපිටිය, පල්ලේගම පදිංචි 20 හැවිරිදි තරුණයෙක් ය. එහිදි මියගිය තරුණයා ඇතුළු තිදෙනෙක් සැඩ පහරට හසු වී ගසා ගෙන ගොස් ඇති අතර තරුණියක් හා තරුණයෙකු ප්‍රදේශවාසින් විසින් බේරාගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, මියගිය තරුණයාගේ සිරුර ගඟට බැස ඇති ස්ථානයේ සිට මීටර් 50 ක් පමණ පහළින් වූ ගැඹුරුවලක තිබී සොයාගත් බවයි. |
2018-12-08T19:22:56.000Z | ගෙවුණු දවස උණුසුම් කළ පුවත්… | ගෙවුණු දවස උණුසුම් කළ පුවත්… | දේශිය පුවත් 1. පොදු ජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නව සන්ධානයකට, නායකත්වය මහින්ද රාජපක්ෂට: ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක් ව නව සන්ධානයක් පිහිටුවීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේදී තීරණය කර තිබේ. 2. ඉදිරි මැතිවරණයට මර්වින් සිල්වා එක්සත් ජාතික පක්ෂයෙන්: ඉදිරි මැතිවරණයේදී තමා එක්සත් ජාතික පක්ෂයෙන් තරගවදින බව හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා පවසයි. 3. මන්නාරම සමූහ මිනී වළේ කැණීම් අතරතුර හමුවූ පා බැඳි පුද්ගලයෙකුගේ ඇටසැකිල්ල පිළිබඳව පළ වන වාර්තා නිශ්චිතවම කිව නොහැකියි: – මන්නාරම සමූහ මිනී වළේ කැණීම් අතරතුර හමු වූ ඇටසැකිලි කාබන් කාල නීර්ණය කිරීම සඳහා අමෙරිකාවේ ෆ්ලෝරීඩාහි පිහිටි ඩීටා ඇනලිටික්ස් ආයතනය වෙත යොමු කිරීමට තීරණය කර ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි. 4. ඉදිරි වසර 4 තුළ ශ්‍රී ලංකාව ගෙවිය යුතු ණය ප්‍රමාණය ඩොලර් බිලියන 15ක්: ඉදිරි වසර 4 තුළ ශ්‍රී ලංකාව ගෙවිය යුතු ණය ප්‍රමාණය ඩොලර් බිලියන 15ක් බවට වාර්තා වේ. 5. රනිල් වික්‍රමසිංහ අරලියගහ මන්දිරයේ රැඳී සිටින්නේ කාගේ අනුමැතියෙන් ද?: මන්ත්‍රී බිමල් රත්නායක මහතා පැවසුවේ, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අරලියගහ මන්දිරයේ රැඳී සිටින්නේ මහින්ද රාජපක්ෂ මහතාගේ අනුමැතියෙන් බව ය. විදෙස් පුවත් 6. සඳ ගවේෂණයට චීනයෙන් ප්‍රථම වරට රොබෝ යානයක්: සඳේ අවදානම් ප්‍රදේශ ගවේෂණය සඳහා ප්‍රථම වරට රෝබෝ යානයක් උපයෝගි කර ගැනීමට චීනය සූදානම් වෙයි. |
2018-12-08T11:32:32.000Z | ඉදිරි මැතිවරණයට මර්වින් සිල්වා එක්සත් ජාතික පක්ෂයෙන්... | ඉදිරි මැතිවරණයට මර්වින් එක්සත් ජාතික පක්ෂයෙන්... | COLOMBO (News 1st) - ඉදිරි මැතිවරණයේදී තමා එක්සත් ජාතික පක්ෂයෙන් තරගවදින බව හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා පවසයි. ඔහු මේ බව සඳහන් කළේ අද මහනුවරදී ය. |
2018-12-08T11:06:52.000Z | මන්නාරම සමූහ මිනී වළේ කැණීම් අතරතුර හමුවූ පා බැඳි පුද්ගලයෙකුගේ ඇටසැකිල්ල පිළිබඳව පළ වන වාර්තා නිශ්චිතවම කිව නොහැකියි - වෛද්‍ය සමින්ද රාජපක්ෂ | ආන්දෝලනයට තුඩු දුන් පා බැඳි පුද්ගලයෙකුගේ ඇටසැකිල්ල | COLOMBO (News 1st) - මන්නාරම සමූහ මිනී වළේ කැණීම් අතරතුර හමු වූ ඇටසැකිලි කාබන් කාල නීර්ණය කිරීම සඳහා අමෙරිකාවේ ෆ්ලෝරීඩාහි පිහිටි ඩීටා ඇනලිටික්ස් ආයතනය වෙත යොමු කිරීමට තීරණය කර ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි. මන්නාරම සමූහ මිනී වළේ ප්‍රධන විමර්ශන නිලධාරී විශේෂඥ වෛද්‍ය සමින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේ, කැණීම් අතරතුර හමු වූ පා බැඳි පුද්ගලයෙකුගේ ඇටසැකිල්ල පිළිබඳව පළ වන වාර්තා නිශ්චිතවම ප්‍රකාශ කළ නොහැකි බවත් ,එලෙස බැඳ ඇත්තේ කුමණ ද්‍රව්‍යක් භාවිත කර ද නැතහොත් මොනයම් ඝණ කොටසක් යොදා දැයි පරීක්ෂා කිරීම සඳහා මෙම අස්ථි කොටස් ලබන ජනවාරි මස අමෙරිකාවේ ෆ්ලෝරීඩා වෙත යැවීමට තීරණය කර ඇති බවත් ය. මෙහි ඉදිරි ඩී.එන්.ඒ. පරීක්ෂණ කුටයුතු සඳහා අදාළ මූල්‍යමය ප්‍රතිපාදන ලබා දීමට අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලය ඉදිරිපත්ව තිබෙන බව ද මන්නාරම සමූහ මිනී වළේ ප්‍රධන විමර්ශන නිලධාරී සමින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේ ය. ඔහු සඳහන් කළේ, ඩී.එන්.ඒ. පරීක්ෂණ සඳහා මූල්‍ය ගැටලු පවතින බව අසත්‍ය බව ය. ඒ සඳහා යොමු වීමට පෙර කාබන් කාල නීර්ණය සිදු කළ යුතුයි. දින 112ක් සිදු කළ කැණිම්වලින් සොයා ගත් අස්ථි කොටස් 266න් 260ක් ඉන් ඉවත් කර මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණ භූමියේ විශේෂ පොලිස් ආරක්ෂාවක් යටතේ තැන්පත් කර ඇති බව ද අධිකරණ වෛද්‍ය නිලධාරියා සඳහන් කළේ ය. මෙම ස්ථානයේ කැණීම් ආරම්භ කෙරුණේ, පසුගිය මාර්තු මාසයේදී මන්නාරම සතොස ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ආරම්භ කිරීම සඳහා පොළොව කැණීමේදී අස්ථි කොටසක් සොයා ගැනීමත් සමග ය. |
2018-12-08T10:13:15.000Z | ඉදිරි වසර 4 තුළ ශ්‍රී ලංකාව ගෙවිය යුතු ණය ප්‍රමාණය ඩොලර් බිලියන 15ක් | ඉදිරි වසර 4 තුළ ගෙවිය යුතු ණය ඩොලර් බිලියන 15ක් | COLOMBO (News 1st) - ඉදිරි වසර 4 තුළ ශ්‍රී ලංකාව ගෙවිය යුතු ණය ප්‍රමාණය ඩොලර් බිලියන 15ක් බවට වාර්තා වේ. මෙවැනි විශාල ණය මුදලක් ගෙවීමට ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් ද ? පසුගිය සතිය වාර්තා වන්නේ විදෙස් ආයෝජකයින් වැඩිම මුදල් ප්‍රමාණයක් මෙරටින් ඉවත් කර ගත් සතිය ලෙසයි. පසුගිය සතිය තුළ විදෙස් ආයෝජකයින් කොටස් වෙළෙඳපොළෙන් ඉවත් කර ගත් මුදල් ප්‍රමාණය රුපියල් මිලියන 929කි. විදෙස් ආයෝජකයින් රජයේ බැඳුම්කරවලින් ඉවත් කර ගත් මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 17කි. මෙවැනි තත්ත්වයක් තුළ විදේශ ණය ගෙවීමට ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් ද? |
2018-12-08T09:45:40.000Z | පාර්ලිමේන්තුවේ වුණ සිදුවීම්වලට කථානායක වගකියන්න ඕන - මහින්ද රාජපක්ෂ | "පාර්ලිමේන්තුවේ සිදුවීම්වලට කථානායක වගකියන්න ඕන" | COLOMBO (News 1st) - මහින්ද රාජපක්ෂ මහතා අද උදෑසන කොට්ටාව රුක්මල්ගම ශ්‍රී ධර්මවිජයාවලෝක මහා විහාරයට ගොස් ආශිර්වාද ලබා ගත්තේ ය. අද පෙරවරුවේ මහින්ද රාජපක්ෂ මහතා කොට්ටාව රුක්මල්ගම ශ්‍රී ධර්මවිජයාවලෝක මහා විහාරයට පැමිණියේ ය. අනතුරුව ශ්‍යාමෝපාලි මහා නිකායේ ශ්‍රී ජයවර්ධනපුර පාර්ශවයේ කල්‍යාණි සාමග්‍රී සංඝ සභාවේ අති පූජ්‍ය මහා නායක ඉත්තෑපානේ ධම්මාලංකාර නායක ස්වාමීන් වහන්සේ බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේ ය. එහිදී ඉත්තෑපානේ ධම්මාලංකාර හිමියන් මහින්ද රාජපක්ෂ මහතා හමුවේ පැවසුවේ, පසුගිය දිනවල පාර්ලිමේන්තුවේ සිදු වූ සිදුවීම් අනුමත කළ නොහැකි බව ය. ඊට පිළිතුරු දෙමින් මහින්ද රාජපක්ෂ මහතා පැවසුවේ, පාර්ලිමේන්තුවේ සිදු වූ සිදුවීම්වලට කථානායකවරයා මූලිකව වගකිව යුතු බව ය. මේ අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගාමිණි ලොකුගේ, තිලංග සුමතිපාල, සුසිල් ප්‍රේමජයන්ත, බන්දුල ගුණවර්ධන ඇතුළු පිරිසක් එක්ව සිටියහ. අනතුරුව මහින්ද රාජපක්ෂ මහතා පිළියන්දල ස්වාරපල ශ්‍රී බුද්ධාලෝක විහාරයේ වැඩවසන ශ්‍යාමෝපාලි මහා නිකායේ ඌව ශ්‍යාමවාංෂික පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය අඹේවල පඤ්ඤාසාර නායක ස්වාමීන් වහන්සේ බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේ ය. |
2018-12-08T09:16:46.000Z | මහ බැංකු බැඳුම්කර වාර්තාවේ තවත් තොරතුරු නොබෝ දිනකින් එළියට | බැඳුම්කර වාර්තාවේ තවත් තොරතුරු නොබෝ දිනකින් එළියට | COLOMBO (News 1st) - මහ බැංකු බැඳුම්කර වාර්තාවේ සම්පූර්ණ වාර්තාව තව නොබෝ දිනකින් එළිදක්වන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සඳහන් කරයි. ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ, අද පස්වරුවේ පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි. |
2018-12-08T09:26:07.000Z | හංසිනි කවින්දි සිරස ලක්ෂපති වැඩසටහනේ මිලියන දෙකේ ත්‍යාගය දිනා ගනී | හංසිනි කවින්දි මිලියන දෙකේ ත්‍යාගය දිනා ගනී | COLOMBO (News 1st) - සිරස ලක්ෂපති වැඩසටහනේ මිලියන දෙකේ ත්‍යාග මුදල දිනා ගැනීමට මීට ටික වේලාවකට පෙර රත්ගම හංසිනි කවින්දි සමත් විය. සිරස ලක්ෂපති 7 වන අදියරේදී රුපියල් මිලියන දෙකේ ත්‍යාග මුදලට හිමිකම් කියූ පළමු තරගකාරිය ඇය වීම විශේෂත්වයකි. |
2018-12-08T08:23:08.000Z | රනිල් වික්‍රමසිංහ අරලියගහ මන්දිරයේ රැඳී සිටින්නේ කාගේ අනුමැතියෙන් ද? - බිමල් රත්නායක හෙළි කරයි | රනිල් අරලියගහ මන්දිරයේ සිටින්නේ කාගේ අනුමැතියෙන්ද? | COLOMBO (News 1st) - ජනතා විමුක්ති පෙරමුණ අද කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවා තිබිණි. එහිදී මාධ්‍යයට අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා පැවසුවේ, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අරලියගහ මන්දිරයේ රැඳී සිටින්නේ මහින්ද රාජපක්ෂ මහතාගේ අනුමැතියෙන් බව ය. අගමැතිපොරයට ජනතා විමුක්ති පෙරමුණ මැදිහත් නොවන බවත් ආණ්ඩු හදා ගැනීම බහුතරය තියෙන අයගේ කාර්යයක් බවත් මෙහිදී බිමල් රත්නායක මහතා අවධාරණය කළේ ය. |
2018-12-08T04:59:51.000Z | බදුල්ල රෝහල ආසන්නයේ මාර්ගයකින් ඝාතනය කරනු ලබූ පුද්ගලයෙකුගේ මළ සිරුරක් සොයා ගනී | බදුල්ල රෝහල ආසන්නයේ මාර්ගයකින් මළ සිරුරක් සොයා ගනී | COLOMBO (News 1st) - බදුල්ල රෝහල ආසන්නයේ මාර්ගයක ඝාතනය කරන ලද පුද්ගලයෙකුගේ මළ සිරුරක් සොයා ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, පුද්ගලයෙකුගේ මළ සිරුරක් මාර්ගයක් ආසන්නයේ ඇති බවට පොලීසියට තොරතුරක් ලැබුණු බව ය. මේ වන විට එම පුද්ගලයාගේ සිරුර බදුල්ල රෝහලේ තැන්පත් කර තිබේ. ඔහු 35 හැවිරිදි පුද්ගලයෙකි. |
2018-12-08T01:53:48.000Z | ස්ටීව් රික්සන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු ලෙස පත් කෙරේ | ස්ටීව්ට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තනතුරක් | COLOMBO (News 1st) - හිටපු ඔස්ට්‍රේලියා ක්‍රිකට් ක්‍රීඩක ස්ටීව් රික්සන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු ලෙස පත් කර තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ දැක්වූයේ, ඔහු ලබන 24 වැනි දා ශ්‍රී ලංකා කණ්ඩායම සමග එක්වීමට නියමිත බවයි. ඔහු ලබන වසරේ පැවැත්වීමට නියමිත 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය දක්වා ශ්‍රී ලංකා කණ්ඩායම සමග කටයුතු කිරීමට නියමිත බව ක්‍රිකට් ක්‍රිකට් ආයතනය අද නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක් විය. |
2018-12-08T01:31:20.000Z | වතු කම්කරුවන් පිරිසක් හතරවන දිනටත් වැඩ වර්ජනයක | වතු කම්කරුවන් පිරිසක් හතරවන දිනටත් වැඩ වර්ජනයක | COLOMBO (News 1st) - දෙණියාය - අකුරැස්ස ප්‍රධාන මාර්ගයේ දෙනියාය වත්ත ඉදිරිපිටදී වතු කම්කරුවන් පිරිසක් අද පෙරවරුවේ විරෝධතාවක නිරත විය. ඒ, තම දෛනික මූලික වැටුප රුපියල් 1000 ක් දක්වා වැඩි කරන්නැයි බල කරමිනි. වතු කම්මකරුවන් පැවසුවේ, වැටුප් වැඩි කරන්නැයි බල කරමින් දින 04 ක සිට අඛණ්ඩ වැඩ වර්ජනයක් ද ක්‍රියාත්මක බවයි. අප වාර්තාකරුවන් සඳහන් කළේ, මාතර, දෙබරලිය සහ එන්සල්වත්ත ඉදිරිපිට වතු කම්කරුවන් පිරිසක් ද සිය දෛනික මූලික වැටුප වැඩි කරන ලෙස බල කරමින් අද පෙරවරුවේ විරෝධතාවයේ නිරත වූ බවයි. මේ අතර වතු කම්කරුවන් ආරම්භ කර ඇති වැඩ වර්ජනය හේතුවෙන් මේ වන විට බෙහෝ වතුවල සේවා අඩාලවී ඇති බව අප වාර්තාකරුවන් පැවසුවේ ය. |
2018-12-08T00:13:58.000Z | විදේශිය ගිනි අවියක් සහ යතුරු පැදියක් පොලිස් භාරයට | විදේශිය ගිනි අවියක් සහ යතුරු පැදියක් පොලිස් භාරයට | COLOMBO (News 1st) - උඩුගම, කොතලාවල මාර්ගයේ සිදු කළ මෙහෙයුමකදී විදේශිය රටක නිෂ්පාදිත ගිනි අවියක් සහ යතුරු පැදියක් පොලීසිය භාරයට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, කොතලාවල මාර්ග බාධකයේ ඊයේ රාත්‍රියේදී යතුරු පැදියක් පරීක්ෂා කිරීමට යාමේදී එහි සිටි පුද්ගලයින් පළා ගොස් ඇති බවයි. පසුව යතුරු පැදිය පරීක්ෂා කිරීමේදී ගිනි අවිය සොයා ගෙන ඇත. පළාගිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මක බව ද පොලීසිය පැවසුවේ ය. |
2018-12-07T23:21:58.000Z | හෙරොයින් ජාවාරමේ නිරත තිදෙනෙක් පොලීසියට කොටුවෙති | හෙරොයින් ජාවාරමේ නිරත තිදෙනෙක් පොලීසියට කොටුවෙති | COLOMBO (News 1st) - හෙරොයින් ජාවාරමේ නිරත සැකකරුවන් තිදෙනෙකු දිවයිනේ විවිධ ප්‍රදේශවල කළ මෙහෙයුම්වලදී අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන් සතුව තිබි සොයා ගෙන ඇති හෙරොයින් ප්‍රමාණය ග්‍රෑම් 564 කට අධිකයි. පොලීසිය සඳහන් කළේ, කැලණිය, පෑලියගොඩ, පානදුර ප්‍රදේශවලදී එම සැකකරුවන් අත්අඩංගුවටට ගත් බවයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් අද අධිකරණයට ඉදිරිපත් කරන බව පොලීසිය සඳහන් කළේ ය. |
2018-12-07T23:00:49.000Z | ශිෂ්‍යත්ව විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල ලබන සතියේ නිකුත් කෙරේ | ශිෂ්‍යත්ව විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල ලබන සතියේ | COLOMBO (News 1st) - මෙවර 5 වැනි ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල ලබන සතියේ නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. විභාග කොමසාරිස් ජනරාල් සනත්. බි. පූජිත මහතා සඳහන් කළේ, එම ප්‍රතිඵල අධ්‍යාපන අමාත්‍යංශයට හා පාසල්වලට යොමු කරන බවයි. මෙවර 5 වැනි ශ්‍රේණියේ ශිෂ්‍යත්ව ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා ඉදිරිපත් කළ අයැදුම්පත් සංඛ්‍යාව 20,000 කට අධිකයි. |
2018-12-07T22:29:02.000Z | සඳ ගවේෂණයට චීනයෙන් ප්‍රථම වරට රොබෝ යානයක් | සඳ ගවේෂණයට චීනයෙන් ප්‍රථම වරට රොබෝ යානයක් | සඳේ අවදානම් ප්‍රදේශ ගවේෂණය සඳහා ප්‍රථම වරට රෝබෝ යානයක් උපයෝගි කර ගැනීමට චීනය සූදානම් වෙයි. චේන්ජ් ෆෝ ලෙස හැඳින්වෙන මෙම මෙහෙයුම තුළින් සඳ ගවේෂණයේදී මෙතෙක් අවධානය යොමු නොවු අවදානම් සහ දුෂ්කර ප්‍රදේශ ගවේෂණය කිරීමේ අරමුනිණි. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, චීනයේ ෂිජැන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් අභ්‍යවකාශගත කෙරුණු මාච් ත්‍රි බි අභ්‍යාවකාශ යානය මගින් මෙම රොබෝ අභ්‍යවකාශ කර ඇති බවයි. එය ලබන ජනවාරි වන විට සඳ මත පතිත වනු ඇති බවට උපකල්පනය කර තිබේ. මෙමගින් සඳේ පාෂාණ සහ පාංශු කොටස් තවදුරටත් ගවේෂණය කිරීමට අපේක්ෂිතයි. චීනය මීට පෙර 2013 වසරේදී ද චේන්ජ් ත්‍රි නමින් සඳ ගවේශනය සඳහා මෙහෙයුමක් දියත් කළේ ය. |
2018-12-07T20:50:45.000Z | වන අලි දුම්රියේ ගැටීම වැළැක්වීමට SMS සේවාවක් | වන අලි දුම්රියේ ගැටීම වැළැක්වීමට SMS සේවාවක් | COLOMBO (News 1st) - දුම්රිය මාර්ග අසළ වන අලි ගැවසෙනවා ද යන්න කෙටි පණිවුඩ මගින් රියැදුරන් දැනුවත් කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබේ. අනිද්දා සිට එය ක්‍රියාත්මකයි. වන අලි දුම්රියේ ගැටී මියයාම වැළැකීමට නිර්දේශ ඉදිරිපත් කිරීමට පත් කළ කමිටුවේ යෝජනා ක්‍රියාත්මක කරන තෙක් නව වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවෙනු ඇති. එම කමිටුවේ සාමාජික ඉංජිනේරු ඉරෝෂ් පෙරේරා මහතා ප්‍රකාශ කළේ, අදාළ කෙටි පණිවුඩ ජාලය සම්බන්ධීකරණය සඳහා පැය 24 පුරා ක්‍රියාත්මක මෙහෙයුම් මධ්‍යස්ථානයක් ද පිහිටුවන බවයි. මීට අමතරව අදාළ කමිටුවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා මෙහෙයුම් කාර්යාලයක් ස්ථාපිත කිරීම සඳහා කැබිනට් අනුමැතියට යෝජනාවක් යොමු කර ඇති බව ද ඉරෝෂ් පෙරේරා මහතා ප්‍රකාශ කළේ ය. ඔහු පැවසුවේ, කමිටු නිර්දේශ කිහිපයක් ක්‍රියාත්මක කිරීම මේ වනවිටත් ආරම්භ කර ඇති බවයි. |
2018-12-07T20:34:48.000Z | වන ඝනත්වය ඉහළ නැංවීම සඳහා ඉඩම් හඳුනා ගැනීම ඇරඹෙයි | වන ඝනත්වය ඉහළ නැංවීමට පියවර | COLOMBO (News 1st) - දිවයිනේ වන ඝනත්වය ඉහළ නැංවීම සඳහා සුදුසු ඉඩම් හඳුනා ගැනීම ආරම්භ කර ඇති බව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. වන සංරක්ෂණ ජනරාල් අනුර සතුරුසිංහ මහතා ප්‍රකාශ කළේ, දිවයිනේ වන ගහනය 2030 වසර වන විට 32% ක් දක්වා ඉහළ නැංවීමට රජය සැලසුම් කර ඇති බවයි. දැනට මෙරට වන ගහනය 29.7% කි. නව වන වගාව සඳහා ඉඩම් හෙක්ටෙයාර් දෙලක්ෂයක් පමණ අවශ්‍ය බවට හඳුනාගෙන ඇති බව ඔහු ප්‍රකාශ කළේ ය. ඒ අනුව අදාළ ඉඩම් ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස මට්ටමින් හඳුනා ගැනීම මේ වනවිට ආරම්භ කර ඇති බව අනුර සතුරුසිංහ මහතා ප්‍රකාශ කළේ ය. හඳුනාගත් ඉඩම්වල වන වගාව සිදු කෙරෙන ආකාරය සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බව ද ඔහු ප්‍රකාශ කළේ ය. |
2018-12-07T20:22:02.000Z | බලංගොඩ විභාග වංචාවක් කළ සිසුවාගේ විභාග අපේක්ෂකත්වය අහෝසියි... | විභාග වංචා කළ සිසුවාගේ විභාග අපේක්ෂකත්වය අහෝසියි | COLOMBO (News 1st ) - ජංගම දුරකතනය භාවිත කර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සැපයීමේ චෝදනාවට ලක් වූ සිසුවාගේ විභාග අපේක්ෂකත්වය අත්හිටුවීමට විභාග දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. විභාග කොමසාරිස් ජනරාල් සනත්. බී. පූජිත මහතා සඳහන් කළේ, විභාග පනත යටතේ ඔහුට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවයි. මේ අතර අදාළ සිසුවාට දුරකතනය මගින් පිළිතුරු සැපයූ බව කියන ගුරුවරියගේ සේවය අත්හිටුවා විනය පරීක්ෂණයක් ක්‍රියාත්මක කරන බව සබරගමුව පළත් අධ්‍යපාන අමාත්‍යංශය ප්‍රකාශ කළේ ය. සාමාන්‍ය පෙළ විභාගයේ පෙරේදා පැවති ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රයට මුහුණ දුන් බලංගොඩ ප්‍රදේශයේ පාසලක මෙම සැකකාර අයැදුම්කරු වෙනත් පාසලක විභාග රාජකාරි යෙදී සිටි එම ගුරුවරිය සමග දුරකතන ඔස්සේ පණිවිඩ හුවමාරු කරගනිමින්, විභාගයට මුහුණ දෙමින් සිටියදී අත්අඩංගුවට පත් විය. අත්අඩංගුවට ගත් සිසුවා සහ ගුරුවරිය ඊයේ බලංගොඩ මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැරුණි. නඩුව ලබන වසරේ පෙබරවාරි 7 වැනි දා දක්වා කල් තැබු මහේස්ත්‍රාත්වරයා අදාළ දුරකතනවල දත්ත එදිනට අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පොලීසියට දැනුම් දුන්නේ ය. |
2018-12-07T20:08:29.000Z | වසරේ ගත වූ කාලය තුළ විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 222 දෙදෙනෙකු මරුට | වසර තුළ විදෙස්ගත ලාංකික ශ්‍රමිකයින් 222 ක් මරුට... | COLOMBO (News 1st) - විදේශ රැකියා සඳහා ගිය ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 222 දෙදෙනෙකු වසරේ මේ දක්වා කාලය තුළ මියගොස් ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි. එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි මාධව දේශප්‍රිය මහතා සඳහන් කළේ, ඉන් වැඩිම පිරිසක් සෞදි අරාබියේදී ජීවිතක්ෂයට පත් ව ඇති බවය. එම සංඛ්‍යාව 70 කි. කුවේට් හා කටාර් රාජ්‍යයේ ද ශ්‍රී ලාංකිකයින් වැඩි පිරිසක් මියගිය රටවල් අතරට අයත් වේ. නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයා ප්‍රකාශ කළේ, ඝාතනය කිරීම්, රිය අනතුරු, හදිසි අනතුරු, සියදිවි නසා ගැනීම් මෙන් ම විවිධ ලෙඩ රෝග හේතුවෙන් මෙම පිරිස මිය ගොස් ඇති බවයි. ඔවුන් වෙනුවෙන් අදාළ රටවල රැකියා ඒජන්තවරුන් සම්බන්ධ කර ගනිමින් වන්දි ලබාදීමට පියවර ගෙන ඇති අතර විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වූ පිරිස වෙනුවෙන් රුපියල් ලක්ෂ 05 ක උපරිමයකට යටත්ව වන්දි ලබාදීමට පියවර ගත් බව ද නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයා පැවසුවේ ය. මේ අතර විදේශවලදී සිදු වූ විවිධ අනතුරු හා වද හිංසා හේතුවෙන් තව ත් ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් පිරිසක් ආබාධිත තත්ත්වයට පත් ව ඇති බව ද විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ ය. |
2018-12-07T19:48:21.000Z | පොදු ජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නව සන්ධානයකට, නායකත්වය මහින්ද රාජපක්ෂට | පොදු ජන පෙරමුණ හා ශ්‍රීලනිප නව සන්ධානයකට | COLOMBO (News 1st) - ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක් ව නව සන්ධානයක් පිහිටුවීමට තීරණය කර තිබේ. ඒ, ඊයේ රාත්‍රි රැස් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේදී ය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් රාත්‍රි 7.00 ට පමණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව ආරම්භ විය. එය පැවැත්වුණේ ජනාධිපති නිල නිවසේදීයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව රැස්වීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් පළ කළ එහි මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පැවසූවේ, එක් ව හදන නව සන්ධානයේ නායකත්වය මහින්ද රාජපක්ෂට මහතාට ලබා දෙන බවයි. [audio wav="https://www.newsfirst.lk/sinhala/wp-content/uploads/2018/12/12-08-ROHANA-LAKSHMAN-PIYADASA-.wav"][/audio] |
2018-12-07T19:29:22.000Z | ගෙවුණු දවස උණුසුම් කළ පුවත්… | ගෙවුණු දවස උණුසුම් කළ පුවත්… | දේශීය පුවත් 1. පාර්ලිමේන්තුව විසුරුවීම අත්හිටවූ අතුරු තහනම් නියෝගය 10 තෙක් දීර්ඝ කෙරේ: පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ අතුරු තහනම් නියෝගය ලබන 10 වන දා දක්වා දීර්ඝ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ. 2. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව රැස්වෙයි: ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව අද පස්වරුවේ ජනාධිපති නිල නිවසේදී රැස් විය. 3. හමාස් සංවිධානය හෙළා දැකීමේ යෝජනාවට ශ්‍රී ලංකාව ඡන්දය දීමෙන් වැළකෙයි: අමෙරිකාව විසින් ඉදිරිපත් කළ හමාස් සංවිධානය හෙළා දැකීමේ යෝජනාව එක්සත් ජාතීන්ගේ සංවිධාන මහා සැසිවාරයේදී ප්‍රතික්ෂේප වී තිබේ. 4. එ.ජා.ප.ය බැඳුම්කර මගඩියට සම්බන්ධ නැහැ – වජිර අබේවර්ධන: 2015 නව රජය පිහිටුවා දින 50ක් තුළ මහ බැංකු වංචාව සිදු කෙරී ඇති බව ජනාධිපතිවරයා කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පැවසූවේ, බැඳුම්කර විමර්ශන ජනාධිපති කොමිෂන් සභා වාර්තාව මගින් රනිල් වික්‍රමසිංහ මහතා හෝ එක්සත් ජාතික පක්ෂය ඊට සම්බන්ධයක් නොමැති බව හෙළි වී ඇති බව ය. 5. ගාමිණි සෙනරත්ට විදෙස්ගත වීමට විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයෙන් අවසර: ජනාධිපති කාර්ය මණ්ඩල හිටපු ප්‍රධානී ගාමිණි සෙනරත් මහතාට වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා මෙම මස 15 වන දින සිට 31 වන දින දක්වා සිංගප්පූරුවට සහ තායිලන්තයට යාමට විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයෙන් අද අවසර ලබා දුන්නේ ය. 6. ප්‍රතිසංස්කරණය කළ ඉරණමඩු ජලාශ්‍රය ජනපති අතින් ජනතා අයිතියට: ප්‍රතිසංස්කරණය කළ ඉරණමඩු ජලාශ්‍රය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් අද පෙරවරුවේ ජනතා අයිතියට පත් කර තිබේ. 7. කළහකාරී සිදුවීම් හේතුවෙන් පාර්ලිමේන්තුවට රු. 260,000ක අලාභයක්: පාර්ලිමේන්තුවේ ඇති වූ කළහකාරී සිදුවීම් හේතුවෙන් පාර්ලිමේන්තුවේ දේපළවලට රුපියල් 260,000ක පමණ අලාභයක් සිදු ව ඇති බවට තක්සේරු කර තිබේ. විදෙස් පුවත් 8. අයිෆල් කුළුන වසා දැමේ: කහ කමිසකරුවන්ගේ රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ හේතුවෙන් ප්‍රංශයේ අයිෆල් කුළුන අද වසා දැමීමට තීරණය කර තිබේ. |
2018-12-07T11:31:47.000Z | ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව රැස්වෙයි | ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව රැස්වෙයි | COLOMBO (News 1st) - ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව අද පස්වරුවේ ජනාධිපති නිල නිවසේදී රැස් විය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරු 7.00 ට පමණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව ආරම්භ විය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවට එක්වූවන් මාධ්‍යයට පළ කළේ මෙවන් අදහසක්. |
2018-12-07T11:00:57.000Z | හමාස් සංවිධානය හෙළා දැකීමේ යෝජනාවට ශ්‍රී ලංකාව ඡන්දය දීමෙන් වැළකෙයි | හමාස් සංවිධානය හෙළා දැකීමේ යෝජනාව ඉවතට | (News 1st) - අමෙරිකාව විසින් ඉදිරිපත් කළ හමාස් සංවිධානය හෙළා දැකීමේ යෝජනාව, එක්සත් ජාතීන්ගේ සංවිධාන මහා සැසිවාරයේදී ප්‍රතික්ෂේප වී තිබේ. හමාස් සංවිධානය හෙළා දැකීමේ යෝජනාව සම්මත වීමට ඊයේ දිනයේදී පැවැත්වූ රැස්වීමේදී 2/3 ක ඡන්දයක් ලැබිය යුතුව තිබිණි. එහෙත් රටවල් 86ක් යෝජනාවට පක්ෂව ද, රටවල් 57ක් විපක්ෂව ද සහ රටවල් 33ක් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටීම හමුවේ අදාළ යෝජනාව සම්මත නොවීය. විදෙස් වාර්තා පැවසුවේ, එලෙස ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටි රටවල් අතරට ශ්‍රී ලංකාව, ඉන්දියාව, ඇෆ්ගනිස්ථානය, කෙන්යාව, නේපාලය, පිලිපීනය සහ තායිලන්තය ඇතුළත් වන බව ය. මෙලෙස අදාළ යෝජනාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ඡන්දය භාවිත කිරීමෙන් වැළකී සිටීම පිළිබඳව නිව්ස්ෆස්ට් විදේශ කටයුතු අමාත්‍යංශයෙන් විමසා සිටි අතර මෙතෙක් ඊට කිසිදු ප්‍රතිචාරයක් ලැබී නොමැත. |
2018-12-07T10:44:43.000Z | හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් ප්‍රදේශ රැසකට අද රාත්‍රී 10.00 සිට ජලය කැපේ | ප්‍රදේශ රැසකට අද රාත්‍රී 10.00 සිට ජලය කැපේ | COLOMBO (News 1st) - හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද රාත්‍රී 10.00 සිට හෙට උදෑසන 8.00 තෙක් ගම්පහ, මහර ඇතුළු ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. ඒ අනුව මහර, බියගම, ගම්පහ යන ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවලට, ජා-ඇළ ප්‍රාදේශීය සභා හා නගර සභා බල ප්‍රදේශය ,වත්තල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය හා කටාන ප්‍රදේශීය සභා බල ප්‍රදේශයට අදාළ කාලය තුළ ජල සැපයුම අත්හිටවනු ඇති. බියගම ජල පවිත්‍රාගාරයේ හදිසි බිඳ වැටීමක් මෙම ජල කප්පාදුවට හේතුවයි. |
2018-12-07T09:58:14.000Z | එ.ජා.ප.ය බැඳුම්කර මගඩියට සම්බන්ධ නැහැ - වජිර අබේවර්ධන | "එ.ජා.ප.ය බැඳුම්කර මගඩියට සම්බන්ධ නැහැ" | COLOMBO (News 1st) - 2015 නව රජය පිහිටුවා දින 50ක් තුළ මහ බැංකු වංචාව සිදු කෙරී ඇති බව ජනාධිපතිවරයා කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පළ කළ අදහසක් ඊයේ දි අයිලන්ඩ් පුවත්පත වාර්තා කර තිබිණි. වජිර අබේවර්ධන මන්ත්‍රීවරයා පවසන්නේ, බැඳුම්කර විමර්ශන ජනාධිපති කොමිෂන් සභා වාර්තාව මගින් රනිල් වික්‍රමසිංහ මහතා හෝ එක්සත් ජාතික පක්ෂය ඊට සම්බන්ධයක් නොමැති බව හෙළි වී ඇති බව ය. වජිර අබේවර්ධන මහතාගේ එම ප්‍රකාශයේ සත්‍යතාව ඔහුගේ ක්‍රියා කලාපය අනුව රටේ ජනතාවට පිළිගත හැකි ද? (හේතු අංක 01) ඇවන්ගාඩ් සිද්ධිය සම්බන්ධව චෝදනා එල්ල වූ එවකට ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම්වරියක වූ දමයන්ති ජයරත්න මහත්මිය දිගින් දිගටම ආරක්ෂා කිරීම. ඇය අදටත් ආගිය අතක් නොමැත. (හේතු අංක 02) ඉකුත් රජය සමයේ චෝදනා රැසක් එල්ල වූ අනූෂ පැල්පිට මහතා දිගින් දිගටම ආරක්ෂා කිරීම. (හේතු අංක 03) මහින්ද රාජපක්ෂ රජය සමයේ සිදු කළ ඉදිකිරීම්වලට අදාළව තම හිතවත් කොන්ත්‍රාත්කරුවෙකුට මුදල් ගෙවන ලෙස ඉල්ලා අගමැති උපදේශකයෙකුට ලිපියක් යැවීම. මුලින් එවැනි ලිපියක් යොමු නොකළ බව පැවසූ අමාත්‍යවරයා පසුව එවැනි ලිපියක් යොමු කළ බව පිළිගත්තේ ය. මෙවැනි පසුබිමක් ඇති අයෙකු කරන ප්‍රකාශ රටේ ජනතාව පිළිගනියි ද? |
2018-12-07T08:19:52.000Z | පෙත්සම් විභාගය අවසන්: අතුරු තහනම, ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුව දෙන තෙක් ක්‍රියාත්මකයි | අතුරු තහනම,තීන්දුව දෙන තෙක් ක්‍රියාත්මකයි | COLOMBO (News 1st) - ජනාධිපතිතුමා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කළ ගැසට් නිවේදනය අත්හිටුවමින් නිකුත් කළ අතුරු තහනම් නියෝගය, තීන්දුව ප්‍රකාශයට පත් කරන තෙක් ක්‍රියාත්මක බවට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේ ය. ඒ, අගවිනිසුරුවරයා ප්‍රමුඛ සත් පුද්ගල විනිසුරු මඩුල්ල විසිනි. පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කළ ගැසට් නිවේදනය අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් කළ පෙත්සම් විභාගය ද අද අවසන් කෙරිණි. |
Subsets and Splits