date
stringlengths
24
24
title
stringlengths
0
176
short_title
stringlengths
10
69
content
stringlengths
0
19.7k
2018-12-01T20:37:36.000Z
එ.ජා.ප.යේ යුක්තියේ යාත්‍රාව අද මහියංගනයට
යුක්තියේ යාත්‍රාව අද මහියංගනයට...
COLOMBO (News 1st) - එක්සත් ජාතික පක්ෂය කොළඹින් ආරම්භ කළ යුක්තියේ යාත්‍රාව රථ පෙළපාලිය අද කතරගම ඔස්සේ මහියංගනයට ළඟාවීමට නියමිතයි. යුක්තියේ යාත්‍රාව අද ගමන් ආරම්භ කරනු ඇත්තේ වැව්රුකන්නල රජමහා විහාරය අසළිනි. ප්‍රජාතන්ත්‍රවාදය සුරකිමු යන්න තේමා කරගනිමින්, යුක්තියේ යාත්‍රාව රථ පෙළපාලිය ඊයේ පෙරවරුවේ කොළඹ මහ නගර සභාව ඉදිරිපිටින් ආරම්භ වූ අතර මොරටුව, කළුතර, අලුත්ගම, අම්බලන්ගොඩ, ගාල්ල පසුකරමින් රථ පෙළපාලිය ඊයේ රාත්‍රියේ මාතර නගරයට ළඟා විය. එහිදී පිරිස ජන හමුවකට ද එක්විණි.
2018-12-01T20:24:44.000Z
අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක්
අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක්
COLOMBO (News 1st) - අස්ථාවර වී ඇති ප්‍රජාතන්ත්‍රවාදී රටක් නැවත ස්ථාවර කිරීමට ඇති එකම මෙවලම මහ මැතිවරණය බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි. මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් ඔහු මේ බව ප්‍රකාශ කළේ ය.
2018-12-01T20:17:40.000Z
ජනපති හා එක්සත් ජාතික පෙරමුණේ නියෝජිතයින් අතර තව ත් සාකච්ඡාවක්
ජනපති අද එක්සත් ජාතික පෙරමුණේ නියෝජිතයින් හමුවෙයි
COLOMBO (News 1st) - ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ එක්සත් ජාතික පෙරමුණු නියොජිතයින් අතර හමුවක් අද පස්වරුවේ පැවැත්වීමට නියමිත වේ. ඒ, ජනාධිපති කාර්යාලයේදීයි. එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි රවී කරුණානායක මහතා සඳහන් කළේ, පෙරේදා රාත්‍රියේ ජනාධිපතිතුමා සමග සාකච්ඡා කළ නියෝජිත කණ්ඩායම අද දිනයේ සාකච්ඡා සඳහා සහභාගි වන බවයි. පෙරේදා සාකච්ඡාවේදී ඇතිකර ගත් එකඟතාවයන් පිළිබඳව අද පැවැත්වෙන සකාච්ඡාවේදී ගැඹුරින් සලකා බැලීමට නියමිත අතර ඉන් අනතුරුව පවතින දේශපාලන අර්බුදයට විසඳුමක් ලබා ගැනීමට හැකිවනු ඇතැයි එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයෙකු නිව්ස්ෆස්ට් කළ විමසීමකදී පැවසුවේ ය.
2018-12-01T20:01:35.000Z
වැටුප් නොලැබීම හේතුවෙන් සෞදියේ රැකියා සඳහා ගිය ශ්‍රී ලාංකිකයින් පිරිසකට පීඩා
සෞදියේ රැකියා සඳහා ගිය ලාංකිකයින් පිරිසකට පීඩා
COLOMBO (News 1st) - මාස 06 ක් පුරා වැටුප් නොලැබීම හේතුවෙන් සෞදි අරාබියේ රැකියා සඳහා ගිය ශ්‍රී ලංකිකයින් පිරිසක් දුෂ්කරතාවයට පත් ව සිටි. ඔවුන් පැවසූවේ, මේ හේතුවෙන් තම අඹු දරුවන් මෙන්ම ඥාතින් ද දැඩි පීඩාවට පත් ව සිටින බවයි. සෞදි අරාබියේ ජේ. එන්. පී නැමති පෞද්ගලික ඉදිකිරීම් ආයතනයක සේවය කරන මෙම පිරිස පවසන්නේ රජය මැදිහත්ව තමන්ට මෙම ස්ථානයෙන් අයවිය යුතු මුදල් ලබාදී දිවයිනට පැමිණීමට පහසුකම් සලස්වන ලෙසය. මේ පිළිබඳව සෞදි අරාබියේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් අප විමසීමකදී ඔවුන් පැවසූවේ, ගැටලුව සම්බන්ධයෙන් සෞදි කම්කරු අමාත්‍යංශය දැනුවත් කර ඇති බවයි. ඔවුන් සමග සාකච්ඡා කර මෙම ගැටලුව කඩිනමින් විසඳීමට කටයුතු කරන බව ද එම නිලධාරියා ප්‍රකාශ කළේ ය.
2018-12-01T19:41:29.000Z
සුරක්ෂා රක්ෂණාවරණය ලබන වසර සඳහාත් දීර්ඝ කිරීමට කැබිනට් පත්‍රිකාවක්
සුරක්ෂා රක්ෂණාවරණය දීර්ඝ කෙරේ
COLOMBO (News 1st) - පාසල් සිසුන් සඳහා ලබාදෙන සුරක්ෂා රක්ෂණාවරණය ලබන වසර සඳහාත් දීර්ඝ කිරීමට කැබිනට් පත්‍රිකාවක් යොමු කර ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. එහි අතිරේක ලේකම් එම්. එම්. රත්නායක මහතා සඳහන් කළේ, ඒ සඳහා අනුමැතිය ලැබුණු පසු බාධාවකින් තොරව රක්ෂණාවරණයේ ප්‍රතිලාභ සිසුන්ට ලබාදිය හැකි බවයි. සුරක්ෂා රක්ෂාණවරණයේ වලංගු කාලය පසුගිය මස 30 වැනි දායින් අවසන් විය. ඒ අනුව රක්ෂණාවරණයේ ප්‍රතිලාභ ගෙවීමේ ගැටලු මතුවිය හැකි බවට ගුරු සංගම් චෝදනා කරති. කෙසේ වෙතත් අමාත්‍යංශය සඳහන් කළේ, රක්ෂණාවරණය සඳහා ලබන වසරේ පාසල්වල පළමු ශ්‍රේණියට ඇතුළත්වන ළමයින්ගෙන් ද අයැදුම්පත් භාර ගන්නා ලෙස විදුහල්පතිවරුන්ට උපදෙස් ලබාදී ඇති බවය.
2018-12-01T19:24:54.000Z
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
දේශිය පුවත් 1. පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වන ලෙස ඉල්ලා අත්සන් පනස් ලක්ෂයක පෙත්සමක්: කඩිනමින් පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන ලෙස ඉල්ලා අත්සන් පනස් ලක්ෂයක පෙත්සමකට අත්සන් තැබීම පැවිදි හඬ සංවිධානයේ මෙහෙය වීමෙනි සිදු කෙරිණි. 2. ජනාධිපති ළඟදීම තීන්දුවක් ගනීවි – ආර්. සම්බන්ධන්: ඊයේ රාත්‍රියේ දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම හා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්විය. 3. වව්නතිව්හිදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට: මඩකලපුව, වව්නතිව් පොලිස් මුරපොළක සේවය කළ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු කිලිනොච්චියේදී අත්අඩංගුවට ගෙන තිබේ. 4. ත්‍රිරෝද රථ ගාස්තු පහළ දමයි: ත්‍රිරෝද රථ ගාස්තු හෙට මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 10කින් පහළ දමා තිබේ. 5. උඩවලව වනෝද්‍යානයේ ඇතෙකු වෙඩි තබා ඝාතනය කෙරේ: උඩවලව වනෝද්‍යානයේ උඩවලව ජලාශයට ආසන්න ප්‍රදේශයේදී ඇතෙකු වෙඩි තබා ඝාතනය කර තිබේ. 6. එක්සත් ජාතික පෙරමුණ සංවිධාන කළ යුක්තියේ යාත්‍රාව ගමන් අරඹයි: ජනතා අයිතිවාසිකම් සුරකින ලෙසට බල කරමින් එක්සත් ජාතික පෙරමුණ සංවිධාන කළ රථ පෙළපාලියක් කොළඹ මහ නගර සභාව ඉදිරිපිටින් ගමන් ආරම්භ කර තිබේ. විදෙස් පුවත් 7. අමෙරිකානු හිටපු ජනපති ජෝර්ජ්. එච්. ඩබ්ලිව්. බුෂ් අභාවප්‍රාප්ත වෙයි: අමෙරිකාවේ 41 වැනි ජනාධිපතිවරයා වූ ජොර්ජ් එච්. ඩබ්ලිව්. බුෂ් අභාවප්‍රාප්ත විය.
2018-11-30T22:00:38.000Z
Y FM සිය 13 වන උපන් දිනය සමරයි
Y FM සිය 13 වන උපන් දිනය සමරයි
COLOMBO (News 1st) - මෙරට ගුවන් විදුලි ක්ෂේත්‍රයේ තාරුණ්‍යයේ එකම ගුවන් විදුලි නාලිකාව වූ Y FM සිය 13 වන උපන් දිනය අද සමරයි. මෙරට තාරුණ්‍යයට නැවුම් අත්දැකීම් ලබා දෙමින් පෙරළිකාර ගුණාත්මක හා පිරිපුන් ගුවන් විදුලි කලාවක් ඇති කිරීම මූලික පරමාර්ථය කර ගනිමින් Y FM ආරම්භ කෙරුණේ 2005 වසරේ අද වැනි දිනකයි. එතැන් සිට සෑම ඉසව්වක් ඔස්සේම තාරුණ්‍යයේ හද ගැස්ම හඳුනාගත් Y FM කෙටි කාලයක් තුළ තාරුණ්‍යයේ හද ගත් එකම ගුවන් විදුලි නාලිකාව බවට පත් විය. FM. 92.7 න් මුළු දිවයිනම ආවරණය කරන Y FM අද සිය උපන් දිනය සැමරුවේ මෙලෙසිනි.
2018-12-01T10:16:09.000Z
හතුරුසිංහ හා සමරවීර සිය වගකීම් නිසි ලෙස ඉටු කර තිබේ ද?
හතුරුසිංහ හා සමරවීර වගකීම් නිසි ලෙස ඉටු කර තිබේ ද?
COLOMBO (News 1st) - ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු වන තිලාන් සමරවීර සහ ප්‍රධාන පුහුණුකරු වන චන්දික හතුරුසිංහ මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමග එක්ව මේ වන විට වසරකට ආසන්න කාලයක් ගත වේ. නමුත් එම කාලය තුළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දක්ෂතා පිළිබඳව මෙරට ක්‍රීඩා ලොලීන්ට සෑහීමකට පත් විය හැකි ද? ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන තිලාන් සමරවීර මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ අංශය භාර පුහුණුකරු ධූරයට පත් වූයේ, පසුගිය වසරේ නොවැම්බර් මස 4 වැනිදා ය. පසුගිය වසරේ දෙසැම්බර් මස 8 වැනිදා චන්දික හතුරුසිංහ මහතා ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධූරයට පත්විය. නමුත් 2018 වසරේ මේ දක්වා ශ්‍රී ලංකාවේ කිසිදු ක්‍රීඩකයෙකුට එක්දින පිටිය තුළ ශතකයක් වාර්තා කිරීමට අවස්ථාවක් හිමිව නොමැත. තිලාන් සමරවීර මහතා වැඩ භාර ගැනීමට පෙර ලකුණු ලබා ගැනීමේ සමාන්‍ය 48.14% ක්ව තිබූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩකයෙකු වන උපුල් තරංගගේ ලකුණු ලබා ගැනීමේ සමාන්‍ය 25.33% දක්වා අඩු වී තිබේ. 2017 වසරේ තිලාන් සමරවීර මහතා වැඩ භාර ගැනීමට පෙර ලකුණු ලබා ගැනීමේ සමාන්‍ය 63.66% ක්ව ක්‍රීඩා කළ ඇන්ජලෝ මැතිව්ස්ගේ ලකුණු ලබා ගැනීමේ සමාන්‍ය මේ වන විට 52.50% ක් ලෙස අඩු වී තිබේ. චන්දික හතුරුසිංහ මහතා හා තිලාන් සමරවීර මහතා ප්‍රකාශ කරන පරිදි ශ්‍රී ලංකා කණ්ඩායමේ අනාගතය ලෙස සැලකෙන කුසල් මෙන්ඩිස්ගේ පිතිකරණ සමාන්‍ය 27.95% සිට 17.69% ක් දක්වා අඩු වූයේ කෙසේ ද? පසුගිය කාලවකවානුවේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ සමාන්‍ය පිළිගත හැකි මට්ටමකින් වැඩී වී ඇත්තේ, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල්ගේ පමණි. චන්දික හතුරුසිංහ මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධූරයේ වැඩ භාර ගත් පසු මේ දක්වා එක්දින ක්‍රිකට් තරග 20කට ක්‍රීඩා කර ඇති ශ්‍රී ලංකා කණ්ඩායමට ඉන් ජය ගැනීමට හැකි වී ඇත්තේ තරග 7ක් පමණි. ටෙස්ට් පිටියේ යම් කිසි හෝ දක්ෂතාවන් ප්‍රදර්ශනය කර ගෙන සිටි ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම ද මේ වසරේදී මුහුණ දුන් තරග 10 න් ජය ගැනීමට සමත් වුණේ තරග 4ක් පමණි. පන්දුවාර 20 යි 20 තරග 11 කට ක්‍රීඩා කර ඇති ශ්‍රී ලංකා කණ්ඩායමට චන්දික හතුරුසිංහ මහතා ප්‍රධාන පුහුණුකරු ධූරයේ වැඩ භාර ගත් පසු ජය ගැනීමට හැකි වී ඇත්තේ තරග 4 ක් පමණි. චන්දික හතුරුසිංහ හා තිලාන් සමරවීර මහතාණෙනි, ක්‍රිකට් යනු මහත්වරුන්ගේ ක්‍රීඩාවකි. අප සියලු දෙනා ජය මෙන්ම පරාජය ද එකලෙස භාර ගත යුතුයි. නමුත් චන්දික හතුරුසිංහ මහතා ප්‍රධාන පුහුණුකරු ධූරයට පැමිණීමෙන් පසු හා තිලාන් සමරවීර පිතිකරණ පුහුණුකරු ධූරයට පැමිණීමෙන් පසු ශ්‍රී ලංකා කණ්ඩායම ලැබූ ජයග්‍රහණවලට වඩා ඇත්තේ පරාජයන් ය. එබැවින් ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම වේතනයකට හිමිකම් කියන ක්‍රිකට් පුහුණුකරු වන චන්දික හතුරුසිංහ මහතා හා ලාංකේය ක්‍රිකට් වංශ කතාවේ පුරුකක් වන තිලාන් සමරවීර මහතා සිය වගීකම් නිසි ලෙස ඉටුකර ඇත්දැයි ආපසු හැරී බැලිය යුතු කාලය එළැඹ ඇතැයි ක්‍රීඩා ලෝලීන් විමසන කාලය එළැඹ ඇත.
2018-11-30T23:00:42.000Z
ශ්‍රව්‍යාබාධිත පන්දුවාර 20යි 20 ලෝක ක්‍රිකට් ශූරයින් දිවයිනට
20යි 20 ලෝක ක්‍රිකට් ශූරයින් දිවයිනට
COLOMBO (News 1st) - 2018 ශ්‍රව්‍යාබාධිත පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායම අද උදෑසන දිවයිනට පැමිණියේ ය. පළමු වරට පැවති ශ්‍රව්‍යාබාධිත පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඉන්දියාවේ සත්කාරකත්වයෙන් පැවැත්විණි. ශ්‍රී ලංකා කණ්ඩායම එහි ශූරතාව දිනා ගත්තේ, අවසන් මහා තරගයේදී ඉන්දියාව ලකුණු 36කින් පරාජය කරමිනි. ඔවුන් පිළිගැනීමේ උත්සවයක් අද කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ විශේෂ අමුත්තන් පිළිගැනීමේ පර්යන්තයේදී පැවැත්විණි. 1996 ලෝක කුසලාන ක්‍රිකට් ශූරතාව සහ 2014 පන්දුවාර 20යි 20 ලෝක ක්‍රිකට් කිරුළ ජය ගැනීමෙන් අනතුරුව ශ්‍රී ලංකාව ලෝක මට්ටමින් ලැබූ ජයග්‍රහණයක් ලෙස මෙය ඉතිහාසයට එක් වේ.
2018-12-01T09:50:16.000Z
පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වන ලෙස ඉල්ලා අත්සන් පනස් ලක්ෂයක පෙත්සමක්
අත්සන් පනස් ලක්ෂයක පෙත්සමක්
COLOMBO (News 1st) - කඩිනමින් පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන ලෙස ඉල්ලා අත්සන් පනස් ලක්ෂයක පෙත්සමකට අත්සන් තැබීම අද සිදු කෙරිණි. ඒ, පැවිදි හඬ සංවිධානයේ මෙහෙය වීමෙනි. මෙලෙස අත්සන් පනස් ලක්ෂයක පෙත්සමට අත්සන් තැබීම අද පෙරවරුවේ ආරම්භ කෙරුණේ, දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලයේදී පැවති ආගමික වතාවත්වලින් අනතුරුව ය. දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලය ඉදිරිපිටදී ද අත්සන් පනස් ලක්ෂයක පෙත්සමට අත්සන් තැබුණු අතර ඊට විශාල පිරිසක් එක්වූහ. කඩිනමින් පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන ලෙස ඉල්ලමින් මාතර බෝ සමිඳුන් අභියසදී ද පෙත්සමට අත්සන් තැබිණි. මේ අතර සීනිගම දේවාලයේදී පැවති ආගමික වතාවත්වලින් අනතුරුව අත්සන් පනස් ලක්ෂයේ පෙත්සමට අත්සන් කෙරුණු අතර විශාල පිරිසක් ඊට එක්ව සිටියහ.
2018-12-01T09:23:49.000Z
ජනාධිපති ළඟදීම තීන්දුවක් ගනීවි - ආර්. සම්බන්ධන්
ජනාධිපති ළඟදීම තීන්දුවක් ගනීවි - ආර්. සම්බන්ධන්
COLOMBO (News 1st) - රට තුළ මතුව ඇති ව්‍යාකූල දේශපාලන තත්ත්වය පිළිබඳව තවත් තීරණාත්මක සාකච්ඡා දෙකක් ඊයේ රාත්‍රියේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. පසුගිය බ්‍රහස්පතින්දා කථානායක කරු ජයසූරිය මහතා හා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර පැවති සාකච්ඡාවේදී ඇති වූ එකඟතාවයන්ට අනුව ඊයේ රාත්‍රියේ දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම හා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි. රාත්‍රී 7.30 ට පමණ ජනාධිපති කාර්යාලයේදී ආරම්භ වූ එම සාකච්ඡාව අවසන් වූයේ රාත්‍රී 8.30ට පමණ ය. මෙම සාකච්ඡාව අවසන් වනවාත් සමගම එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයින් කිහිප දෙනෙකු ඇතුළු නියෝජිතයින් පිරිසක් ජනාධිපති කාර්යාලයට පැමිණි අතර ඔවුන් හා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර පැය දෙකකට ආසන්න කාලයක් සාකච්ඡා පැවැත්විණි.
2018-12-01T09:14:48.000Z
දේශපාලනඥයින් ඉදිරියේ මහාචාර්ය කොටපිටියේ රාහුල හිමි කියූ කතාව....
දේශපාලනඥයින් ඉදිරියේ කොටපිටියේ රාහුල හිමි කිළ කතාව
COLOMBO (News 1st) - ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව කුමක් වුවද රටේ ජනතාවගේ තීරණය විමසීම වඩාත් වැදගත් බව කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක අතිපූජ්‍ය මහාචාර්ය කොටපිටියේ රාහුල හිමියන් පවසයි. උන්වහන්සේ මේ අදහස් පළ කළේ, අද බණ්ඩාරගම පැවති ආගමික වැඩසටහනකට එක්වෙමිනි. ශ්‍යාමෝපාලි වංශික මහා නිකායේ කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ දකුණු අමෙරිකාවේ ප්‍රධාන සංඝනායක පදවියෙන් පිදුම් ලැබූ පුජ්‍ය පොල්වත්තේ පඤ්ඤානන්ද හිමි පිළිගැනීමේ උත්සවය අද බණ්ඩාගාරගම මිල්ලනිය ශ්‍රී දේවරක්ෂිතාරාම විහාරස්ථානයේදී පැවැත්විණි. මේ අවස්ථාවට කථානායක කරු ජයසූරිය මහතා ඇතුළු දේශපාලනඥයින් පිරිසක් එක්ව සිටියහ.
2018-12-01T05:34:14.000Z
හිමිනමකට පහර දුන් මහරගම නාගරික මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට
හිමිනමකට පහර දුන් නාගරික මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට
COLOMBO (News 1st) - මහරගම ප්‍රදේශයේ විහාරස්ථානයක හිමිනමකට පහර දුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් මහරගම නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, ඔහු ඇතුළු පිරිසක් ඊයේ පස්වරුවේ අදාළ හිමි නම හා තවත් හිමිනමක් වැඩ විසූ කුටියකට ඇතුළු වී එහි තිබූ භාණ්ඩ පිටතට ඇද දමා මෙම පහර දීම කර ඇති බව ය. තුවාල ලැබූ හිමිනම ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කර තිබේ. අත්අඩංගුවට ගත් නාගරික මන්ත්‍රීවරයා අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.
2018-12-01T05:15:28.000Z
වව්නතිව්හිදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට
පොලිස් නිලධාරීන් දෙදෙනාගේ ඝාතනය: අයෙක් අත්අඩංගුවට
COLOMBO (News 1st) - මඩකලපුව, වව්නතිව් පොලිස් මුරපොළක සේවය කළ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු කිලිනොච්චියේදී අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, රාසනායගම් සර්වානන්දම් නමැති 48 හැවිරිදි සැකකරු කිලිනොච්චිය පොලීසිය විසින් කිලිනොච්චිය වට්ටකච්චිය ප්‍රදේශයේ අත්අඩංගුවට ගත් බව ය. ඔහු කිලිනොච්චිය, හඩ්සන් පාර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, අත්අඩංගුවට ගත් සැකකරු මෙම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දීමට නියමිත බව ය. විමර්ශන සිදු කිරීම සඳහා පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ඇතුළු විශේෂ කණ්ඩායමක් මඩකලපුව, වව්නතිව් ප්‍රදේශය බලා ඊයේ පිටත්ව ගියේ ය. මිය ගිය එම පොලිස් නිලධාරීන් දෙදෙනා 35 හැවිරිදි සහ 28 හැවිරිදි පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකි. ඔවුන් ගාල්ල උඩුගම සහ කල්මුණේ ප්‍රදේශවල පදිංචිකරුවන් ය.
2018-12-01T04:56:56.000Z
ත්‍රිරෝද රථ ගාස්තු පහළ දමයි
ත්‍රිරෝද රථ ගාස්තු පහළ දමයි
COLOMBO (News 1st) - ත්‍රිරෝද රථ ගාස්තු හෙට මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 10කින් පහළ දමා තිබේ. ලංකා ස්වයං රැකියා වෘත්තිකයින්ගේ ජාතික ත්‍රිරෝද රථ සම්මේලනයේ සභාපති සුනිල් ජයවර්ධන මහතා සඳහන් කළේ, ඒ අනුව පළමු කිලෝමීටරය සඳහා අය කළ ගාස්තුව රුපියල් 60 සිට රුපියල් 50 දක්වා අඩු කළ බව ය. ඉන්ධන මිල කිහිප වරක් අඩුවීම හේතුවෙන් එහි වාසිය පාරිභෝගිකයින්ට ලබා දීම තම සම්මේලනයේ අරමුණ බව ද ඔහු පැවසුවේ ය. ඔහු වැඩිදුරටත් පැවසුවේ, හෙට මධ්‍යම රාත්‍රියෙන් පසු ත්‍රිරෝද ගාස්තු මිල පහළ නොදමන රියැදුරන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස පාරිභෝගික කටයුතු අධිකාරියෙන් ලබන සඳුදා ඉල්ලීමක් කරන බව ය.
2018-12-01T02:05:08.000Z
එක්සත් ජාතික පෙරමුණ සංවිධාන කළ යුක්තියේ යාත්‍රාව ගමන් අරඹයි
යුක්තියේ යාත්‍රාව ගමන් අරඹයි
COLOMBO (News 1st) - ජනතා අයිතිවාසිකම් සුරකින ලෙසට බල කරමින් එක්සත් ජාතික පෙරමුණ සංවිධාන කළ රථ පෙළපාලියක් කොළඹ මහ නගර සභාව ඉදිරිපිටින් අද ගමන් ආරම්භ කළේ ය. මෙය නම් කර තිබුණේ, යුක්තියේ යාත්‍රාව ලෙසයි. අද පෙරවරු 7.30ට පමණ කොළඹ මහ නගර සභාව ඉදිරිපිටින් මෙම රථ පෙළපාලිය ගමන් ආරම්භ කළේ, ආගමික වතාවත්වලින් අනතුරුව ය. එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා සහ එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ. යුක්තියේ යාත්‍රාව රථ පෙළපාලිය නිදහස් චතුරස්‍රය ඔස්සේ බම්බලපිටිය, වැල්ලවත්ත, දෙහිවල පසු කරමින් මොරටුවට ළඟා විය. පසුව රථ පෙළපාලිය පානදුර පසු කරමින් කළුතරට ළඟා වූ අතර එහිදී රථ පෙළපාලියට එක්වූවෝ කළුතර බෝ සමිදුන්ගේ ආශිර්වාද ලබා ගත්හ. පසුව පිරිස කළුතර නගරයේදී ජන හමුවකට ද එක්විය. යුක්තියේ යාත්‍රා රථ පෙළ බේරුවල, අලුත්ගම නගර පසු කරමින් අම්බලන්ගොඩ නගරයට ළඟා වන විට හිමි වූයේ ඉහළ පිළිගැනීමකි. ජනතා අයිතිවාසිකම් සුරකින ලෙසට බල කරමින් එක්සත් ජාතික පෙරමුණ සංවිධාන කළ රථ පෙළපාලිය අද පස්වරුවේ සීනිගම දේවාලයට ළඟා වූ අතර එහිදී පිරිස දේව කන්නලව්වක ද නිරත වූහ. ගාල්ල මාතර පසු කරමින් යුක්තියේ යාත්‍රාව රථ පෙළපාලිය මේ වනවිට අද ගමනාන්තය වන දෙවිනුවර විෂ්ණු දේවාලයට පැමිණෙමින් තිබේ. රථ පෙළපාලිය හෙට කතරගම ඔස්සේ මහියංගනයට ළඟා වීමට නියමිත ය.
2018-12-01T00:49:22.000Z
හතුරුසිංහ ශ්‍රී ලංකා කණ්ඩායම අත්නොහැර යන බව කියයි
හතුරුසිංහ ශ්‍රී ලංකා කණ්ඩායම අත්නොහැර යන බව කියයි
COLOMBO (News 1st) - තමා බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු ලෙස පත්වීම සඳහා අයැදුම්පත් යොමු කර ඇති බවට පළ වන වාර්තා අසත්‍ය බවට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දන්වා තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරන්නේ, තමා බටහිර ඉන්දීය කොදෙව් ක‍්‍රිකට් කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු ලෙස පත්වීම සඳහා අයැදුම්පත් යොමු කර ඇති බවට පළ වන වාර්තා චන්දික හතුරුසිංහ මහතා ප‍්‍රතික්ෂේප කරන බවයි. එම වාර්තා අසත්‍ය බවට ඔහු ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට දැනුම් දී ඇතැයි ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වනු ඇත. ඒ අනුව ඉදිරියේදී ද ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම සමග කටයුතු කිරීමට තමා සූදානම් බව චන්දික හතුරුසිංහ මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දන්වා තිබේ. ශ්‍රී ලංකා වත්මන් ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා බටහිර ඉන්දිය කොදෙව් ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස අයැදුම් කර ඇති බව ක්‍රිකට් ඒජ් වෙබ් අඩවිය පසුගිය දා වාර්තාකර තිබුණි.
2018-12-01T00:25:07.000Z
අමෙරිකානු හිටපු ජනපති ජෝර්ජ්. එච්. ඩබ්ලිව්. බුෂ් අභාවප්‍රාප්ත වෙයි
ජෝර්ජ්. එච්. ඩබ්ලිව්. බුෂ් අභාවප්‍රාප්ත වෙයි
අමෙරිකාවේ 41 වැනි ජනාධිපතිවරයා වූ ජොර්ජ් එච්. ඩබ්ලිව්. බුෂ් අභාවප්‍රාප්ත විය. අභාවප්‍රාප්ත වන විට ඔහුගේ වයස අවුරුදු 94 කි. ඔහුගේ පුත්‍රයා වූ ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ් ද අමෙරිකාවේ 43 වැනි ජනාධිපතිවරයා ලෙස ජනපති ධූරය දරනු ලැබීය. ජොර්ජ්. එච්. ඩබ්ලිව් බුෂ් අමෙරිකානු ජනාධිපති ධූරය දැරූ අවසන් දෙවන ලෝක යුද විරුවා ලෙස සැලකෙනු ඇති.
2018-11-30T23:33:00.000Z
පොලිස් නිලධාරීන් 2891 දෙනෙකුට උසස්වීම්
පොලිස් නිලධාරීන් 2891 දෙනෙකුට උසස්වීම්
COLOMBO (News 1st) - පොලිස් නිලධාරීන් 2891 දෙනෙකු විවිධ තනතුරුවලට උසස් කර තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, පසුගිය සති කිහිපයේ පැවති සම්මුඛ පරීක්ෂණවලින් අනතුරුව මෙම පිරිසට උසස්වීම් ලබාදුන් බවයි. ඒ අනුව පොලිස් කොස්තාපල්වරුන් 1783 දෙනෙකු පොලිස් සැරයන් තනතුරට උසස් කර ඇත. සැරයන් ධූරයට උසස් කළ පිරිස අතර පොලිස් කොස්තාපල්වරියන් 334 දෙනෙකු ද වේ. පොලිස් සැරයන් තනතුරේ සිට උපපොලිස් පරීක්ෂක තනතුර දක්වා උසස් කර ඇති නිලධාරීන් සංඛ්‍යාව 553 කි. ඒ අතර සැරයන්වරියන් 76 දෙනෙකු වන බව පොලිස් මූලස්ථානය සඳහන් කළේ ය. නිවේදයක් නිකුත් කරමින් පොලිස් මූලස්ථානය පැවසුවේ, පොලිස් කොස්තාපල් රියැදුරු තනතුරේ සිට පොලිස් සැරයන් රියැදුරු තනතුර සඳහා නිලධාරීන් 124 දෙනෙකු උසස් කර ඇති අතර සැරයන් රියැදුරු තනතුරේ සිට උපපොලිස් පරීක්ෂක ප්‍රවාහන රියැදුරු තනතුර දක්වා නිලධාරීන් 21 දෙනෙකු උසස් කර ඇති බවයි.
2018-11-30T23:09:20.000Z
උඩවලව වනෝද්‍යානයේ ඇතෙකු වෙඩි තබා ඝාතනය කෙරේ
උඩවලවේ ඇතෙකු වෙඩි පහරින් මරුට
COLOMBO (News 1st) - උඩවලව වනෝද්‍යානයේ උඩවලව ජලාශයට ආසන්න ප්‍රදේශයේදී ඇතෙකු වෙඩි තබා ඝාතනය කර තිබේ. වනජීවි අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර මහතා සඳහන් කළේ, අද අලුයම මෙම ඝාතනය කර ඇති බවයි. ඝාතනයට ලක් ව ඇත්තේ අවරුදු 10 - 15 අතර වයසේ පසුවන ඇතෙකි. ඇතාගේ සිරුර පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය අද පැවැත්වීමට නියමිත වේ. වෙඩි තැබූ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමග ඒකබද්ධව පරීක්ෂණ ක්‍රියාත්මක බව වනජීවි අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේ ය.
2018-11-30T22:27:40.000Z
"ගුවන්තොටුපොළේ ඉදිකිරීම් නිසි කලට නිම නොකළ හොත් දැඩි ක්‍රියාමාර්ග ගන්නවා" - නිමල් සිරිපාල ද සිල්වා
ගුවන්තොටුපොළේ කොන්ත්‍රාත්කරුවන්ට රතු එළියක්
COLOMBO (News 1st) - කටුනායක බණ්ඩාරනායක ජාන්‍යන්තර ගුවන්තොටුපොළේ නව ගුවන් යානා අංගනයේ හා මගී පර්යන්තවල ඉදිකිරීම් නිසි කලට නිම නොකළ හොත් කොන්ත්‍රාත්කරුවන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි. ඔහු මේ බව සඳහන් කළේ, නව ඉදිකිරිම් ප්‍රමාදවීම පිළිබඳව සොයා බැලීම සඳහා ගුවන්තොටුපොළේ කළ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමිනි. නව ගුවන් යානා අංගනය ඉදිකිරීමත් සමග දැනට නවතා තැබිය හැකි ගුවන් යානා සංඛ්‍යාව 24 සිට 49 දක්වා ඉහළ යන අතර මේ හේතුවෙන් ගුවන්ගත වන යානාවලට හා ගොඩබස්වන යානාවලට අනවශ්‍ය තදබදයන්ට මුහුණදීමට සිදු නොවන බව ද ප්‍රවාහන අමාත්‍යංශය සඳහන් කළේ ය. ජයිකා ආධාර යටතේ මේ සඳහා වැය කෙරෙන මුදල රුපියල් මිලියන 6000 කි. ගුවන්තොටුපොළේ ඊයේ නිරීක්ෂණ චාරිකාවට එක්වෙමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, ලබන වසරේ ඔක්තෝබර් මාසයට පෙර නව ඉදිකිරීම් නිම කළ යුතු බවයි.
2018-11-30T21:24:07.000Z
G 20 සමුළුව අතරතුර ත්‍රෛයි පාර්ශවික සකච්ඡාවක්
G 20 සමුළුව අතරතුර ත්‍රෛයි පාර්ශවික සකච්ඡාවක්
ඉන්දිය, ජපන් සහ අමෙරිකානු රාජ්‍ය නායකයින් ත්‍රෛයි පාර්ශවිය සාකච්ජාවක නිරතවී තිබේ. ඒ, ආර්ජන්ටනාවේ බුවර්නොස් අයර්ස් නුවරදි පැවැත්වෙන ජී 20 සමුළුව අතරතුරයි. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, දිගු කාලයකට පසුව ජපන් අග්‍රාමාත්‍ය ෂින් ෂෝ අබේ, අමෙරිකානු ජනාධිපති ඩොනල් ට්‍රම්ප් සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මෙලෙස හමුවී ඇති බවයි. ලෝක සාමය, ආර්ථික නවිකරණය, නිදහස් සහ විවෘත වෙළෙඳ ගිවිසුම් ඇති කර ගැනීම සහ ඉන්දු පැසිෆික් හවුල්කාරිත්වයක් ඇති කර ගැනීම ආදි ක්ෂේත්‍ර පිළිබඳව මෙහිදී අවධානය යොමු කර ඇති බව සඳහන් වේ. මෙම හමුව සම්බන්ධයෙන් අදහස් පළ කරමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සඳහන් කර ඇත්තේ, ජාතින් අතර සමෘද්ධිය සහ හවුල්කාරිත්වය ඇති කර ගැනීමට මෙම හමුව ආරම්භයක් වූ බවය. ‍ඉන්දීය, අමෙරිකානු සහ ජපන් රාජ්‍ය නායකයින් අතර මෙම හමුව ගොඩනැගෙමින් පවතින ලෝක දේශපාලන වාතාවරණයේ තව ත් එක් පැතිකඩක් නිරුපණය කරන බව දේශපාලන විචාරකයින් මත පළ කළහ.
2018-11-30T20:48:27.000Z
විදේශීය චින්තනයන්ට වැඩ කරන ඇතැම් දේශපාලඥයින් රට පාවාදීමට උත්සහා කරන බවට ජනපතිගෙන් ප්‍රකාශයක්
රට පාවාදීමට ඇතැම් දේශපාලඥයින් උත්සහා කරනවා
COLOMBO (News 1st) - විදේශීය චින්තනයන්ට හා න්‍යාය පත්‍රවලට වැඩ කරන පිරිස් නැවතත් රට පාවාදීමට ඇතැම් දේශපාලඥයින් උත්සහා කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ජනාධිපතිතුමා මේ බව පැවසුවේ, ඌව වෙල්ලස්ස නිදහස් අරගලයට වසර 200 ක් සපිරීමේ ජාතික සැමරුම් උත්සවයයට ඊයේ එක්වෙමිනි. කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී ඊයේ පස්වරුවේ උත්සවය පැවැත් විය. අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ හා මැති ඇමතිවරුන් අතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූ අතර 1818 ඌව වෙල්ලස්ස සටන පිළිබඳ ලියැවුනු ග්‍රන්ථ දෙකක් ද මෙහිදී ජනාධිපතිතුමාට පිළිගන්වා තිබේ.
2018-11-30T20:28:23.000Z
ඉන්ධන මිල පහළ යාමත් සමග බස් ගාස්තු අඩු කිරීමට සාකච්ඡා
බස් ගාස්තු අඩු වෙයි ද?
COLOMBO (News 1st) - ඉන්ධන මිල යළි ත් පහළ දැමීමත් සමග බස් ගාස්තු අඩු කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට බස් සංගම් සමග සාකච්ඡා කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි. එහි සභාපති එම්. ඒ. පි. හේමචන්ද්‍ර මහතා සඳහන් කළේ, පසුගිය මස පළමුවැනිදා ඩීසල් මිල රුපියල් 07 කින් පහළ දැමූ අතර පසුගිය 15 වැනි දා ඩිසල් මිල රුපියල් 05 කින් අඩු කිරීමට රජය පියවර ගත් බවයි. ඊයේ මධ්‍යම රාත්‍රියේ ද ඩීසල් හා පෙට්‍රල් මිල රුපියල් 5.00 කින් අඩු කිරීමට රජය කටයුතු කළ බව ඔහු පැවසුවේය. එවැනි තත්ත්වයක් යටතේ මසක් ඇතුළත ඩීසල් මිල මේ වනවිට රුපියල් 17 කින් පහළ ගොස් ඇත. සභාපතිවරයා පෙන්වා දෙන්නේ, බස් ගාස්තු සංශෝධනයකට රුපියල් 14 කින් ඩීසල් ලීටරයක මිල වෙනස්වීම ප්‍රමාණවත් බවයි. එහෙත් පසුගිය මස පළමුවැනිදා රුපියල් 07 කින් ඩීසල් මිල අඩුකළ පසුව සුළු වශයෙන් බස් ගාස්තු අඩුවීමක් කළ බව ද ඔහු පැවසුවේය. එහෙත් පවතින තත්ත්වය යටතේ නිශ්චිතවම බස් ගාස්තු පහළ දැමීමේ අවශ්‍යතාවක් ඇති බව ද ඔහු පෙන්වා දෙයි. මේ පිළිබඳව සියලු පෞද්ගලික බස් සංගම් සමග සාකච්ඡා කර ලබන සතියේ තීරණයකට එළඹෙන බව සභාපතිවරයා ප්‍රකාශ කර තිබේ. මේ අතර ඉන්ධන මිල අඩුවීමත් සමග බස් ගාස්තු අඩු කරන්නේ ද යන්න පිළිබඳව අප පෞද්ගලික බස් සංගම් කිහිපයක නියෝජිතයින්ගෙන් විමසා සිටියේ ය. ඔවුන් කියා සිටියේ, ඒ පිළිබඳව සාකච්ඡා කළ යුතු බවයි.
2018-11-30T20:12:21.000Z
මෙරට HIV ආසාධිතයින් සංඛ්‍යාව ඉහළට
මෙරට HIV ආසාධිතයින් සංඛ්‍යාව ඉහළට
COLOMBO (News 1st) - මෙරට HIV අසාධිතයින් වාර්තාවීම ඉහළ ගොස් තිබේ. ජාතික ලිංගාශ්‍රිත හා එඩ්ස් මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජී. විරංසිහ මහතා සඳහන් කළේ, මේ වසරේ ඔක්තෝබර් මාසය අවසන් වනවිට HIV අසාධිතයින් 310 ක් වාර්තා වූ බවයි. පසුගිය වසරේ වාර්තා වී ඇත්තේ HIV අසාධිතයින් 285 ක් පමණි. මේ අතර ඒඩ්ස් අවසන් කිරීම සඳහා 'ඔබට HIV ඇත්දැයි තහවුරු කිරීමට රුධිර පරීක්ෂාවක් කර ගන්න' යන තේමාවෙන් මෙවර ලෝක ඒඩ්ස් දිනය අද ලොව පුරා සැමරෙනු ඇත. ඒ වෙනුවෙන් වූ පාගමනක් අද පෙරවරුවේ කොළඹ මහ නගර සභාව ඉදිරිපිටින් ආරම්භ වී බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව දක්වා ගමන් කිරීමට නියමිත වේ.
2018-11-30T19:57:01.000Z
පළතුරු බීම නිෂ්පාදකයින්ට අගමැතිගෙන් බදු සහන
පළතුරු බීම නිෂ්පාදකයින්ට අගමැතිගෙන් බදු සහන
COLOMBO (News 1st) - පළතුරු බීම නිෂ්පාදනයේදී සීනි ග්‍රෑම් එකක් මත පනවා තිබූ ශත 50 ක බද්ද ශත 30 ක් දක්වා අඩු කිරීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් ලබාදී තිබේ. ඒ, පළතුරු බීම හා බිස්කට් නිෂ්පාදකයින් පිරිසක් සමග ඊයේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවති සාකච්ඡාවකදීයි. මීට අමතරව කාබනික බීම වර්ග සඳහා සීනි ග්‍රෑම් 06 ක් දක්වා ත් පළතුරු බීම වර්ග සඳහා සීනි ග්‍රෑම් 09 ක් දක්වා ත් බදුවලින් නිදහස් කිරීමට මෙම සාකච්ඡාවේදී අග්‍රාමාත්‍යවරයා මුදල් අමාත්‍යංශ නිලධාරීන්ට උපදෙස් දුන් බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය සඳහන් කළේ ය. මෙහිදී අග්‍රාමාත්‍යවරයා පවසා ඇත්තේ, දේශීය අයෝජන ප්‍රවර්ධනය කිරීමේ කටයුත්ත ගැටලුවකින් තොරව නැවත ක්‍රියාත්මක කරන බවයි.
2018-11-30T19:29:07.000Z
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
දේශීය පුවත් 1. “පවතින දේශපාලන අර්බුදය විසඳ ගන්නවා” – ජනපති: පවතින දේශපාලන අර්බුදය විසඳා ගන්නා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. 2. දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු ජනපති හමුවෙයි: දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු පිරිසක් ජනපති හමුවීමට ජනාධිපති කාර්යාලයට පැමිණ තිබේ. 3. පාර්ලිමේන්තුවේදී මහින්ද රනිල් හමුවෙයි: අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හා හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර සාකච්ඡාවක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී සිදු විය. 4. වව්නතිව් පොලිස් නිලධාරීන්ගේ මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ඇරඹේ: මාර්ග බාධකයක සේවය කළ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු වෙඩි වැදී මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කිරීම සඳහා පොලිස්පතිවරයා ඇතුළු විශේෂ කණ්ඩායමක් මඩකලපුව, වව්නතිව් බලා පිටත්ව ගොස් ඇත. 5. සියලුම වර්ගවල පෙට්‍රල් සහ ඩීසල් අද සිට පහළට: සියලුම වර්ගවල පෙට්‍රල් සහ ඩීසල් මිල ගණන් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 5.00 කින් අඩුකර තිබේ. 6. ආණ්ඩුවට එරෙහිව ගෙන ආ තව ත් යෝජනාවක් ඡන්ද 122කින් සම්මතයි: අමාත්‍යවරු, රාජ්‍ය අමාත්‍යවරු හා නියෝජ්‍ය අමාත්‍යවරුන් වෙනුවෙන් ජනරජයේ මුදල් කිසිදු ලේකම්වරයෙකුට අනුමත කළ නොහැකි බවට වන යෝජනාවක් ඡන්ද 122 කින් පාර්ලිමේන්තුවේදී සම්මත විය. විදෙස් පුවත් 7. ට්‍රම්ප්, පුටින් හමුවීම හදිසියේ අවලංගු කරයි: අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්, රුසියානු ජනපති ව්ලැදිමීර් පුටින් හමුවීමට තිබූ සැලසුම හදිසියේ අවලංගු කර තිබේ.
2018-11-30T11:15:05.000Z
Inside Sports 2018 සිල්ක් සම්මානයෙන් පිදුම් ලබයි
Inside Sports 2018 සිල්ක් සම්මානයෙන් පිදුම් ලබයි
COLOMBO (News 1st) - Sports1st නිෂ්පාදනය කරන Inside Sports වැඩසටහන අද පැවැති 2018 සිල්ක් සම්මාන උළෙලෙදී සම්මානයට පාත්‍ර විය. ඒ, වසරේ විශිෂ්ඨතම ක්‍රීඩා වැඩසටහන ලෙසයි. සිව්වැනි වරට සිල්ක් සම්මාන උළෙල අද පස්වරුවේ බණ්ඩාරනායන අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රන ශාලාවේදී පැවැත් විය. මෙහිදී තරගකාරී මාධ්‍ය ආයතන රැසක් අභිබවමින් වසරේ විශිෂ්ඨතම ක්‍රීඩා වැඩසටහනට හිමි සම්මානය Inside Sports වැඩසටහනට හිමි වූ අතර සම්මානය ලබා ගත්තේ Sports1st කළමනාකරු මංජු තේනුවරයි. මේ අතර ක්‍රීඩාව දිරිගැන්වීම සඳහා සිනමාවෙන් දැක් වූ දායකත්වයට MTV චැනල් පෞද්ගලික සමාගම නිෂ්පාදනය කළ උදුම්බරා චිත්‍රපටය සම්මානයට පාත්‍ර විණි. සම්මානය ලබා ගත්තේ, චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ කේ. එස්. චමන්ත්රාජ් මහතායි. ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ මාධ්‍යවේදීන් රැසක් මෙම සම්මාන උළෙලේදී ඇගයිමට ලක් කෙරුණි.
2018-11-30T08:52:55.000Z
"පවතින දේශපාලන අර්බුදය විසඳ ගන්නවා" - ජනපති
"පවතින දේශපාලන අර්බුදය විසඳ ගන්නවා" - ජනපති
COLOMBO (News 1st) - පවතින දේශපාලන අර්බුදය විසඳා ගන්නා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේ, කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී සමෘද්ධි නිලධාරීන් පිරිසකට ස්ථිර පත්වීමේ ලබාදීමේ අවස්ථාවට එක්වෙමිනි.
2018-11-30T08:32:21.000Z
දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු ජනපති හමුවෙයි
දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු ජනපති හමුවෙයි
COLOMBO (News 1st) - දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු පිරිසක් මේ වනවිට ජනපති හමුවීමට පැමිණ තිබේ. එ, ජනාධිපති කාර්යාලයටයි.
2018-11-30T07:33:07.000Z
පාර්ලිමේන්තුවේදී මහින්ද රනිල් හමුවෙයි
පාර්ලිමේන්තුවේදී මහින්ද රනිල් හමුවෙයි
COLOMBO (News 1st) - අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හා හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර මිනිත්තු කිහිපයක සාකච්ඡාවක් අද පාර්ලිමේන්තු සංකීර්ණයේදී සිදු විය. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද පෙරවරුවේ පාර්ලිමේන්තු කමිටු කාමරයේ පැවති රැස්වීමෙන් අනතුරුව පිටව යන අවස්ථාවේදී මෙම හමුව සිදු ව තිබේ.
2018-11-30T06:52:17.000Z
ශ්‍රව්‍යාබාධිත ක්‍රිකට් ලෝක කුසලානය ශ්‍රී ලංකාවට
ශ්‍රව්‍යාබාධිත ක්‍රිකට් ලෝක කුසලානය ශ්‍රී ලංකාවට
COLOMBO (News 1st) - ශ්‍රී ලංකාව පළමු වරට පැවැති ශ්‍රව්‍යාබාධිත පන්දුවාර 20 යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව අද දිනා ගෙන තිබේ. ශ්‍රව්‍යාබාධිත පන්දුවාර 20 යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඉන්දියාවේදී පැවැත් විය. එහි අවසන් මහා තරගය අද පැවැත් වුණේ, සත්කාර ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතරයි. පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ශ්‍රව්‍යාබාධිත කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 9 ක් දැවී ලකුණු 145 ක් රැස් කළේ ය. එම ඉලක්කය හඹා ගිය ඉන්දීය ශ්‍රව්‍යාබාධිත කණ්ඩායමට පන්දුවාර 17 යි පන්දු 5 ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කර ගැනීමට හැකි වුණේ ලකුණු 109 ක් පමණි. ඒ අනුව ලකුණු 36 කින් අවසන් තරග ජය ගත් ශ්‍රී ලංකා කණ්ඩායම ශ්‍රව්‍යාබාධිත පන්දුවාර 20 යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව අද දිනා ගත්තේ ය.
2018-11-30T06:30:46.000Z
බිරිඳට පිහියෙන් ඇණ සැමියා ගඟට පැන සියදිවි නසා ගනී
බිරිඳට පිහියෙන් ඇණ සැමියා ගඟට පනී
COLOMBO (news 1st) - දිගන ඔරුතොට ගඟසිරිගම ප්‍රදේශයේ පුද්ගලයෙක් සිය බිරිඳට පිහියකින් ඇන වික්ටෝරියා ජලාශයට පැන සියදිවි හානි කරගෙන ඇත. මෙලෙස මියගෙස් ඇත්තේ 39 හැවිරිදි පුද්ගලයෙකි. පවුල් ආරවුල්ක්මත සිය 37 හැවිරිදි බිරිඳට මොහු පිහියකින් ඇණ ජලාශයට පැන ඇත්තේ ඊයේ උදෑසනයි. නාවික හමුදාව කළ මෙහෙයුකින් අනතුරුව අද උදෑසන මළ සිරුර සොයාගෙන තිබේ. අප වාර්තාකරු පැවසුවේ, ඔවුන් දරුවන් දෙදෙනෙකුගේ දෙමාපියන් බවයි. දරුවන් දෙදෙනා 16 සහ 12 වැනි වියේ පසුවන පිරිමි දරුවන්ය. පිහිපහරට ලක් වූ කාන්තාව මේ වන විට බරපතළ තුවාල ලබා මහනුවර මහරෝහලේ ප්‍රතිකාර ලබනු ඇති. සිද්ධිය සම්බන්ධයෙන් තෙල්දෙණිය පොලීසියේ මූලිකත්වයෙන් විමර්ශන ක්‍රියාත්මක වේ.
2018-11-30T06:02:13.000Z
වව්නතිව් පොලිස් නිලධාරීන්ගේ මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ඇරඹේ
වව්නතිව් වෙඩි තැබීම සම්බන්ධයෙන් විමර්ශන ඇරඹේ
COLOMBO (News 1st) - මාර්ග බාධකයක සේවය කළ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු වෙඩි වැදී මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කිරීම සඳහා පොලිස්පතිවරයා ඇතුළු විශේෂ කණ්ඩායමක් මඩකලපුව, වව්නතිව් බලා පිටත්ව ගොස් තිබේ. පොලීසිය සඳහන් කළේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සහ පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා ද එම කණ්ඩායමට ඇතුළත් බවයි. ඊට අමතරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තව ත් නිලධාරීන් පිරිසක් ද ඊට අයත් වේ. අදාළ නිලධාරීන් දෙදෙනා ඊයේ පස්වරු 6.00 පමණ සිට වව්නතිව් ප්‍රදේශයේ මාර්ග බාධකයක රාජකාරියේ නිරතව සිටියහ. පසුව අද උදෑසන එම ස්ථානයේ තිබී ඔවුන්ගේ මළ සිරුරු සොයාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය. මිය ගොස් ඇත්තේ ගාල්ල උඩුගම සහ කල්මුණේ ප්‍රදේශවල පදිංචි 35 හැවිරිදි සහ 28 හැවිරිදි පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකි. මරණවලට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
2018-11-30T04:26:13.000Z
සියලුම වර්ගවල පෙට්‍රල් සහ ඩීසල් අද මධ්‍යම රාත්‍රියේ සිට පහළට
පෙට්‍රල් සහ ඩීසල් මිල ගණන් යළි ත් පහළට
COLOMBO (News 1st) - සියලුම වර්ගවල පෙට්‍රල් සහ ඩීසල් මිල ගණන් අද මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 5.00 කින් අඩුකර තිබේ. ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය ගාමිණි ලොකුගේ මේ බව සඳහන් කළේ, දැන් පැවැත්වෙන ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි. ඒ අනුව ඔක්ටේන් 92 පෙට‍්‍රල් ලීටරයක නව මිල රුපියල් 135.00 ක් ද ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 159.00 ක් වනු ඇති. ලංකා ඔටෝ ඩීසල් ලීටරයක නව මිල රුපියල් 106.00 ක් වේ. ලංකා සුපිරි ඩීසල් ලීටරයක නව මිල 131.00 කි. භූමිතෙල් මිල ගණන් වෙනසක් නොවන බව අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා සඳහන් කළේ ය.
2018-11-30T04:32:24.000Z
අම්පාරේ සිසු ගැටුමක්, තිදෙනෙකු අත්අඩංගුවට
අම්පාරෙත් සිසු ගැටුමක්...
COLOMBO (News 1st) - අම්පාර උහන ප්‍රදේශයේ පාසලක ගැටුමකට සම්බන්ධ සිසුන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, පාසල පැවැත්වෙන කාලසීමාව තුළදී ගැටුම හටගෙන ඇති බවයි. අත්අඩංගුවට ගත් සිසුන් සතුව තිබී බයිසිකල් චේන් කිහිපයක් ද සොයා ගෙන ඇතැයි පොලීසිය සඳහන් කළේ ය. ඔවුන් අම්පාර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත වේ.
2018-11-30T03:18:32.000Z
නාමල්ට එරෙහි නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය ලබන අප්‍රේල් 3 දක්වා කල් තැබේ
නාමල්ට එරෙහි නඩුවේ සාක්ෂි විභාගය ලබන අප්‍රේල් 3
COLOMBO (News 1st) - පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු 5 දෙනෙකුට සහ ගවර්ස් කෝපරේට් සර්විසස් සමාගමට එරෙහිව නීතිපතිවරයා විසින් පවරා ඇති නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය ලබන අප්‍රේල් 3 දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා අද නියෝග කළේ ය. පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂි ලබා දීම සඳහා අද අධිකරණය හමුවේ පෙනී සිටි පැමිණිල්ලේ සාක්ෂිකරුවන්ට එදින යළි අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට ද මහාධිකරණ විනිසුරුවරයා එහිදී දැනුම් දුන්නේ ය. නාමල් රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් 5 දෙනා අද අධිකරණය හමුවේ පෙනී සිටියහ. නීතිපතිවරයා මෙම නඩුව පවරා ඇත්තේ, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට අයත් ගවර්ස් කෝපරේට් සර්විසස් සමාගම වෙනත් සමාගමක් සමග සිදු කළ ගනුදෙනුවකදී අයුතු ලෙස රුපියල් මිලියන 30ක මුදලක් උපයා ගැනීම ඇතුළු අධි චෝදනා යටතේ ය.
2018-11-30T01:24:27.000Z
ආණ්ඩුවට එරෙහිව ගෙන ආ තවත් යෝජනාවක් ඡන්ද 122කින් සම්මතයි
ආණ්ඩුවට එරෙහිව තවත් යෝජනාවක් සම්මත වෙයි
COLOMBO (News 1st) - අමාත්‍යවරු, රාජ්‍ය අමාත්‍යවරු හා නියෝජ්‍ය අමාත්‍යවරුන් වෙනුවෙන් ජනරජයේ මුදල් කිසිදු ලේකම්වරයෙකුට අනුමත කළ නොහැකි බවට වන යෝජනාවක් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය. පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ඉදිරිපත් කළ යෝජනාව ස්ථිර කළේ, පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතායි. ඒ අනුව එම යෝජනාව ඡන්ද 122කින් සම්මත විය. මේ අතර අදත් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු සභාව වර්ජනය කළහ. සභාවාරය පැවැත්වෙන අතරතුර ඔවුන් පාර්ලිමේන්තුවේදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවා තිබිණි. මේ අතර එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන දේශපාලන පක්ෂ සහ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් අද පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී සාකච්ඡා කිරීමට නියමිත ය.
2018-11-29T22:52:52.000Z
වව්නතිව්හිදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ මළ සිරුරු සොයා ගැනේ
පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ සිරුරු සොයා ගැනේ
COLOMBO (News 1st) - මඩකලපුව වව්නතිව් ප්‍රදේශයේදී සැක කටයුතු ලෙස මිය ගිය පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ මළ සිරුරු සොයා ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, ඔවුන් ඊයේ රාත්‍රීයේ වව්නතිව් ප්‍රදේශයේ මාර්ග බාධක රාජකාරීවල නිරතව සිටි බව ය. අද උදෑසන අදාළ මාර්ග බාධකය අසළ තිබී මළ සිරුරු සොයා ගත් බව පොලීසිය සඳහන් කළේ ය. මිය ගිය දෙදෙනාම පොලිස් කොස්තාපල්වරුන් ය. මිය යාමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
2018-11-29T22:25:55.000Z
අරලගංවිල ඉසෙඩ් ඩී ඇළට කැබ් රථයක් පෙරළීමෙන් පුද්ගලයෙකු මරුට
ඉසෙඩ් ඩී ඇළට කැබ් රථයක් පෙරළීමෙන් පුද්ගලයෙකු මරුට
COLOMBO (News 1st) - අරලගංවිල මැදගම 5 කණුව, ඉසෙඩ් ඩී ඇළට කැබ් රථයක් පෙරළීමෙන් පුද්ගලයෙකු මිය ගොස් තිබේ. පොලීසිය සඳහන් කළේ, තවත් පුද්ගලයින් සිටී ද යන්න සම්බන්ධයෙන් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක බව ය. කිමිදුම්කරුවන් යොදා ගනිමින් අදාළ මෙහෙයුම් ක්‍රියාත්මක බව ද පොලීසිය සඳහන් කළේ ය.
2018-11-29T20:18:40.000Z
ට්‍රම්ප්, පුටින් හමුවීම හදිසියේ අවලංගු කරයි
ට්‍රම්ප්, පුටින් හමුවීම හදිසියේ අවලංගු කරයි
COLOMBO (News 1st) - අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්, රුසියානු ජනපති ව්ලැදිමීර් පුටින් හමුවීමට තිබූ සැලසුම හදිසියේ අවලංගු කර තිබේ. අද ආජන්ටිනාවේ බුවනෝස් ඒයර්ස් නුවරදී ඇරඹෙන 13 වැනි ජී 20 නායකයින්ගේ සමුළුවට සමගාමීව මෙම හමුව පැවැත්වීමට නායකයින් දෙපළ මීට පෙර සැලසුම් කර තිබිණි. පසුගියදා යුක්රේන නාවික නැව් 03ක් සමග කාර්ය මණ්ඩල සාමාජිකයින් 23 දෙනෙකු රුසියාව සිය භාරයට ගැනීමත් සමග දෙරට අතර හටගෙන තිබෙන නොසන්සුන්කාරී තත්ත්වයට විරෝධය පළ කරමින් ට්‍රම්ප් මේ බව ප්‍රකාශ කර තිබේ. ක්‍රයිමියා අර්ධද්වීපය ආසන්න මුහුදු කලාපයේදී අදාළ යුක්රේන නැව් රුසියානු භාරයට ගැනුනේ එම මුහුදු කලාපයට නීති විරෝධීව ඇතුළු වී ඇති බවට ප්‍රකාශ කරමිනි. එහිදී රුසියානු වෙරළ ආරක්ෂක නැව් අදාළ යුක්රේන නැව් වෙත ප්‍රහාර එල්ල කර ඇතැයි ද විදෙස් වාර්තා පසුගියදා අනාවරණය කළේ ය. මෙම තත්ත්වයත් සමගම ඉකුත් 28 වැනිදා යුක්රේන ජනපති පෙට්‍රෝ පෙරෝෂෙන්කෝගේ ඉල්ලීමකට අනුව යුක්රේනයේ, රුසියානු දේශසීමාවට ආසන්න ප්‍රදේශවලට හමුදා නීතිය පැනවූ අතර එය දින 30ක් බලපැවැත්වෙනු ඇති.
2018-11-29T20:09:46.000Z
අමාත්‍ය දීමනා කප්පාදු කිරීමේ යෝජනාවක් අද පාර්ලිමේන්තුවට
අමාත්‍ය දීමනා කප්පාදු කිරීමේ යෝජනාවක්
COLOMBO (News 1st) - පාර්ලිමේන්තුව අද පෙරවරු 10.30ට කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වේ. අප පාර්ලිමේන්තු වාර්තාකරු පැවසුවේ, අද පාර්ලිමේන්තුවේදී අමාත්‍ය දීමනා කප්පාදු කිරීමට අදාළ යෝජනාවක් විවාදයට ගැනීමට නියමිත බව ය. මෙම යෝජනාව පූර්ණ යෝජනාවක් ලෙස එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ පිරිසක් විසින් පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට පසුගියදා භාර දී තිබේ.
2018-11-29T19:57:06.000Z
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
COLOMBO (News 1st) 1. එක්සත් ජාතික පෙරමුණේ මූලිකත්වයෙන් යුත් රජයක් යළි පිහිටුවීම සඳහා තම පූර්ණ සහය ලබා දෙන බව දෙමළ ජාතික සන්ධානය ජනාධිපතිතුමාට දැනුම් දී තිබේ. 2. වසීම් තජුඩීන්ගේ මරණය සිදු වී ඇත්තේ මාරක රිය අනතුරකින් නොව මිනීමැරුමකින් බවට අධිකරණය විසින් නිගමනය කර ඇති බව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාරගේ මහතා ඊයේ පෙන්වා දුන්නේ ය. 3. අද පස්වරුවේ විපක්ෂ නායකවරයා සහ එක්සත් ජාතික පෙරමුණේ නායකයින් හමුවී සාකච්ඡා කිරීමට ජනාධිපතිතුමා එකඟ වී ඇතැයි කථානායක කාර්යාලය ඊයේ පස්වරුවේ නිවේදනය කළේ ය. 4. පවතින අර්බුදය ජනාධිපතිවරයා සමග සාකච්ඡා කර විසඳීමට පියවර ගන්නා ලෙස අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ඊයේ කථානායකවරයාගෙන් ඉල්ලා සිටියේ ය. 5. යාපනයේ සිට කොළඹ දක්වා ධාවනය වූ සුඛෝපභෝගී බස් රථයක් ඕලන්ද ඇළට පෙරළීමෙන් කාන්තාවන් 3 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. ක්‍රීඩා පුවත් 6. ශ්‍රී ලංකා වත්මන් ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස අයැදුම් කර ඇති බව ක්‍රිකට් එජ් වෙබ් අඩවිය වාර්තා කර තිබේ.
2018-11-29T19:42:26.000Z
මොරගහකන්ද ජලාශ්‍රයේ වාන් දොරටු විවෘත කිරීම අද ජනපති ප්‍රධානත්වයෙන්
මොරගහකන්ද ජලාශ්‍රයේ වාන් දොරටු විවෘත කිරීම අද
COLOMBO (News 1st) - මොරගහකන්ද ජලාශ්‍රයේ වාන් දොරටු අද විවෘත කිරීමට නියමිතව තිබේ. මොරගහකන්ද ව්‍යාපෘති සම්බන්ධීකරණ නිලධාරී පී.ජී. දයානන්ද මහතා සඳහන් කළේ, ජල මට්ටම මේ වන විට උපරිම ධාරිතාවට ළඟා වී ඇති බව ය. මොරගහකන්ද ජලාශ්‍රයේ වාන් දොරටු විවෘත කිරීමේ අවස්ථාවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක්වීමට නියමිතව තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, ජනාධිපතිතුමා අද පෙරවරුවේ මොරගහකන්ද ජලාශ්‍ර ව්‍යාපෘති පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වීමට නියමිත බව ය. කඩිනම් මහවැලි යෝජනා ක්‍රමය යටතේ මෙරට ඉදිකෙරුණු අවසන් වාරි යෝජනා ක්‍රමය වන මොරගහකන්ද ජලාශ්‍ර ව්‍යාපෘතියේ ඉදිකිරීම් ආරම්භ කෙරුණේ 2007 වසරේදී ය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මග පෙන්වීම යටතේ 2015 වසරේ සිට ව්‍යාපෘතියේ කටයුතු නව ජවයකින් ඉදිරියට ක්‍රියාත්මක කෙරුණු අතර කොන්ක්‍රීට් වේල්ලක්, පස් වේල්ලක් සහ කළු ගල් පිර වූ වේලි තුනක් සහිත මෙරට ඇති එකම ජලාශ්‍රය මොරගහකන්ද ජලාශ්‍රයයි. මොරගහකන්ද ජලාශ්‍රයේ රන් දියවර මුදා හැරීම පසුගිය ජනවාරි මස 08 වැනිදා ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි.
2018-11-29T11:35:32.000Z
තෙල් මිල විෂමතා ඉවත් කර සමාන මිලක් ඇති කිරීමට අගමැතිගෙන් විෂය භාර ඇමතිට උපදෙස්
තෙල් මිල විෂමතාව ඉවත් කරන්නැයි අගමැතිගෙන් උපදෙස්
COLOMBO (News 1st) - තෙල් මිල විෂමතා ඉවත් කර සමාන මිලක් ඇති කිරීමට කටයුතු කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විෂය භාර අමාත්‍යවරයාට උපදෙස් ලබා දී තිබේ. අග්‍රාමාත්‍යවරයා මේ උපදෙස් ලබා දුන්නේ, ඉන්දීය තෙල් සමාගමට අයත් තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ නියෝජිතයින් සමග අද පෙරවරුවේ අග්‍රමාත්‍ය කාර්යාලයේ පැවති හමුවකදී ය. මේ අවස්ථාවට ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා සහ ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ යන මහත්වරු ද එක්ව සිටියහ. මේ අතර අග්‍රාමාත්‍යවරයා සහ වතු කම්කරු සංගම් නියෝජිතයින්, වතු හාම්පුතුන් අතර සාකච්ජාවක් ද අද පැවැත්විණි. එහිදී අග්‍රාමාත්‍යවරයා පවසා ඇත්තේ, දෛනික වැටුප වැඩි කර ගැනීම පිළිබඳව වතු කම්කරුවන් ගෙන යන අරගලය සම්බන්ධයෙන් සාකච්ඡා කොට තීරණයක් ගෙන 3 වන දා වන විට තමන්ට දැනුම් දෙන ලෙස ය. මේ අවස්ථාවට කන්ද උඩරට නව ගම්මාන හා යටිතල පහසුකම් අමාත්‍ය ආරුමුගන් තොණ්ඩමන් මහතා ඇතුළු පිරිසක් ද එක්ව සිටියහ.
2018-11-29T11:28:38.000Z
තජුඩීන්ගේ මරණය ඝාතනයක් බව අධිකරණය හෙළි කරයි
තජුඩීන්ගේ මරණය ඝාතනයක් බව අධිකරණය හෙළි කරයි
COLOMBO (News 1st) - රගර් ක්‍රීඩක වසීම් තජුඩීන් ඝාතන සිද්ධියට සම්බන්ධ සැබෑ සැකකරුවන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාරගේ මහතා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේ ය. අතිරේක මහේස්ත්‍රාත්වරයා පෙන්වා දුන්නේ, එම මරණය සිදුවී ඇත්තේ මාරක රිය අනතුරකින් නොව මිනීමැරුමකින් බවට තම අධිකරණය විසින් මේ වන විටත් නිගමනය කර ඇති බව ය. මේ වන විට අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවන් වන හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක, පොලිස් පරීක්ෂක සුමිත් ධම්මික පෙරේරා සහ කොළඹ හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී මහාචාර්ය ආනන්ද සමරසේකර යන මහත්වරුන්ට එරෙහිව ඉදිරිපත් වී ඇත්තේ, එකී ඝාතනයට සම්බන්ධ තොරතුර වසන් කිරීම හා ව්‍යාජ ලේඛන සකස් කිරීම යන චෝදනා බව මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේ ය. එම නිසා මෙම ඝාතනයේ සැබෑ සැකකරුවන් කවුරුන්දැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් විමසා සිටි අතිරේක මහේස්ත්‍රාත්වරයා ඔවුන් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කළේ ය. එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි සහකාර පොලිස් අධිකාරී ඉන්දික ලොකුහෙට්ටිගේ මහතා කරුණු දක්වමින් කියා සිටියේ, 2012 වසරේදී සිදු වූ එම ඝාතනය සම්බන්ධයෙන් මේ වන විට 1200 කට ආසන්න පිරිසකගෙන් ප්‍රකාශ සටහන් කර ගෙන ඇති බව ය. දුරකතන ඇමතුම් ලක්ෂ 22 කට ආසන්න ප්‍රමාණයක් විශ්ලේෂණය කර ඇති බව ද ඔහු අධිකරණය හමුවේ කියා සිටියේ ය. මෙම ඝාතනය සිදු වන අවස්ථාවේදී මරණයට ලක් වූ තැනැත්තා භාවිත කළ ජංගම දුරකතනය සම්බන්ධයෙන් වෝහාරික විද්‍යා වාර්තාව පිටු 172 ක් වන බව ද පෙන්වා දුන් සහකාර පොලිස් අධිකාරීවරයා එම ඝාතනය සිදු වූ දින වසීම් තජුඩීන් මහතා පසුපසින් හැව්ලොක් පාරේ සිට හඹා ගිය බවට සැලකෙන වාහනයේ ගමන් කළ පුද්ගලයෙකු ඇඳ සිටි ටීෂර්ට් එකේ අංකයක් සහ නමක් සටහන් වී ඇති බැවින් සී.සී.ටී.වී. වාර්තා අනුව ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කරන බව පෙන්වා දුන්නේ ය. සහකාර පොලිස් අධිකාරීවරයා කියා සිටියේ, නාසා ආයතනය මගින් චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ ඡායාරූප හා වීඩියෝ දර්ශන ලබා ගෙන එම ඝාතනය සිදු වූ දින අදාළ වේලාව තුළ ඝාතනය සිදු වු ප්‍රදේශයෙන් ගමන් කළ වාහන හා පුද්ගලයින් සම්බන්ධයෙන් තොරතුරු ලබා ගෙන විමර්ශන කෙරෙන බව ය.
2018-11-29T11:12:05.000Z
විපක්ෂ නායක හා එක්සත් ජාතික පෙරමුණේ නායකයින් හමු වී සාකච්ඡා කිරීමට ජනපති එකඟ වෙයි
වි. නායක හා එ.ජා.පෙ නායකයින් හමු වීමට ජනපති එකඟ වේ
COLOMBO (News 1st) - හෙට පස්වරුවේ විපක්ෂ නායකවරයා සහ එක්සත් ජාතික පෙරමුණේ නායකයින් හමුවී සාකච්ඡා කිරීමට ජනාධිපතිතුමා එකඟ වී ඇතැයි කථානායක කාර්යාලය අද පස්වරුවේ නිවේදනය කළේ ය. අද පස්වරු 3.30ට කථානායක කරු ජයසූරිය මහතා ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමු විය. කථානායක කාර්යාලය සඳහන් කළේ, අද පාර්ලිමේන්තුවේදී පාර්ශව ගණනාවක් පළ කළ අදහස් සැලකිල්ලට ගනිමින් මෙම හමුව සිදු වූ බව ය. සෑම අංශයකින්ම රට තුළ අස්ථාවර තත්ත්වයක් ඇති වෙමින් පවතින බවත්, රුපියල තවදුරටත් අවප්‍රමාණය වීම, ආයෝජන හා සංචාරක ක්ෂේත්‍රවල බිඳ වැටීම රටට තවදුරටත් දරා ගැනීමට අපහසු බැවින් ඉක්මන් විසඳුමක් ලබා දීමේ අවශ්‍යතාව කථානායකවරයා මෙහිදී පෙන්වා දී තිබේ. කථානායක කාර්යාලය නිවේදනය කළේ, කථානායකවරයා පෙන්වා දුන් කරුණු පිළිබඳව ජනාධිපතිතුමාගෙන් යහපත් ප්‍රතිචාරයක් පළ වූ බව ය. විසඳුමකට එළැඹීම සඳහා කථානායකවරයා ඉටු කරමින් සිටින කාර්යභාරය ද ජනාධිපතිතුමා මෙහිදී ඇගයීමට ලක් කර තිබේ.
2018-11-29T10:46:20.000Z
හතුරුසිංහ කොදෙව් ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධූරයට?
හතුරුසිංහ කොදෙව් ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු ධූරයට?
(News 1st) - ශ්‍රී ලංකා වත්මන් ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස අයැදුම් කර ඇති බව ක්‍රිකට් එජ් වෙබ් අඩවිය වාර්තා කර තිබේ. වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු වන චන්දික හතුරුසිං යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම මෙතෙක් ප්‍රගතියක් නොලැබීම තුළ ඔහු පිළිබඳව පසුගිය දිනවල විවේචන එල්ල විය. මේ පිළිබඳව දත්ත හා තොරතුරු සමගින් පසුගිය දින කිහිපයේදී ද අපි තොරතුරු වාර්තා කළෙමු. ක්‍රිකට් එජ් වෙබ් අඩවිය වාර්තා කරන පරිදි චන්දික හතුරුසිංහ මහතා කොදෙව් ක්‍රිකට් පුහුණුකරු තනතුරු සඳහා අයැදුම් කර ඇත්නම් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හා ඔහු අතර පවතින ගිවිසුමේ වලංගු භාවය සම්බන්ධයෙන් ගැටලුවක් පැන නගියි. යම් කිසි අයුරකින් වත්මන් ක්‍රිකට් පරිපාලනය සමග තමා හට කටයුතු කිරීමට නොහැකි බව පවසමින් චන්දික හතුරුසිංහ මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් හැර යාමේ තීරණයකට එළැඹියොත් එහිදී තම ගිවිසුමට අනුව වන්දි මුදලක් ඉල්ලා සිටීමේ හැකියාවක් පවතී. නමුත් මෙම ප්‍රවෘත්තිය අනාවරණය වීමෙන් පසු අදාළ අයැදුම් කිරීම ඔහු විසින් සිදු කර ඇත්නම් එම අවස්ථාව ඔහුට අහිමි වනු ඇති. ඔහු හා ඇති කර ගත් ගිවිසුම පිළිබඳව කරුණු දන්නා ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධානීන්ගේ වගකීම වන්නේ, අදාළ තත්ත්වය පිළිබඳව සොයා බලා කරුණු වාර්තා කිරීමයි. කොදෙව් ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු ලෙස චන්දික හතුරුසිංහ මහතා අයැදුම් කර ඇත්නම් ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ගන්නා ක්‍රියා මාර්ගය මොනවාද? ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විගණනයට යටත් ආයතනයක් හෙයින් ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරුට හිමි සියලු ගෙවීම් හා දීමනා සම්බන්ධයෙන් වන වගකීමෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන්ට මග හැර සිටිය හැකි ද ?
2018-11-29T09:44:57.000Z
මතු වෙලා තියෙන ගැටලුව ජනපති සමග සාකච්ඡා කර විසඳන්න - ඇමති විජයදාස කථානායකගෙන් ඉල්ලයි
"අර්බුදය ජනපති සමග සාකච්ඡා කර විසඳන්න"
COLOMBO (News 1st) - කථානායකවරයා අද ජනාධිපතිවරයා හමුවීමට පෙර පාර්ලිමේන්තු රැස්වීමට සහභාගී වූ අතර අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා එහිදී ඔහුගෙන් ඉල්ලීමක් කළේ ය. විජයදාස රාජපක්ෂ මහතා එහිදී පැවසුවේ, පවතින අර්බුදය ජනාධිපතිවරයා සමග සාකච්ඡා කර විසඳීමට පියවර ගන්නා ලෙස ය.
2018-11-29T06:58:41.000Z
සුඛෝපභෝගී බස් රථයක් ඕලන්ද ඇළට පෙරළීමෙන් 3 දෙනෙකු මරුට
බස් රථයක් ඕලන්ද ඇළට පෙරළීමෙන් 3 දෙනෙකු මරුට
COLOMBO (News 1st) - නාත්තණ්ඩිය, වලහපිටිය ප්‍රදේශයේදී අද පස්වරුවේ සිදු වූ රිය අනතුරකින් කාන්තාවන් 3 දෙනෙකු මිය ගොස් තවත් 19 දෙනෙකු තුවාල ලබා තිබේ. පොලීසිය සඳහන් කළේ, යාපනයේ සිට කොළඹ දක්වා ධාවනය වූ සුඛෝපභෝගී බස් රථයක් ඕලන්ද ඇළට පෙරළී ඇති බව ය. අනතුරින් තුවාල ලැබූවෝ මාරවිල රෝහලේ ප්‍රතිකාර ලබති. මිය ගොස් ඇත්තේ, යාපනය ප්‍රදේශයේ පදිංචි කාන්තාවන් 3 දෙනෙකි.
2018-11-29T06:49:56.000Z
කථානායකවරයාගේ මැදිහත්වීම ජනපතිගේ ඇගයීමට
කථානායකවරයාගේ මැදිහත්වීම ජනපතිගේ ඇගයීමට
COLOMBO (News 1st) - කථානායක කරු ජයසූරිය මහතා සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර හමුවක් අද පස්වරුවේ පැවැත්විණි. ඒ, ජනාධිපති කාර්යාලයේදී ය. පවතින දේශපාලන තත්ත්වය සමථයකට පත් කිරීම සඳහා කථානායකවරයා සිදු කරන මැදිහත්වීම ජනාධිපතිතුමා ඇගයීමට ලක් කළ බව කථානායක කාර්යාලය සඳහන් කළේ ය. එම කාර්යාලය ප්‍රකාශ කළේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුම ජනාධිපතිතුමා හමු වී මේ පිළිබඳව සාකච්ඡා කරන්නැයි කථානායකවරයාට කළ ඉල්ලීමක් අනුව මෙම හමුව සිදු වූ බව ය.
2018-11-29T06:27:07.000Z
පුද්ගල ඝාතනයකට වරදකරු වූ 4 දෙනෙකුට මරණ දඬුවම
පුද්ගල ඝාතනයකට වරදකරු වූ 4 දෙනෙකුට මරණ දඬුවම
COLOMBO (News 1st) - පුද්ගලයෙකු ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරුවන් වූ 4 දෙනෙකුට කොළඹ මහාධිකරණය අද මරණ දඬුවම නියම කළේ ය. එලෙස දඬුවම් නියම වූයේ, 1996 වසරේ පෙබරවාරි මස 16 වන දින දෙපිරිසක් අතර ඇති වූ බහින් බස්වීමක් දුර දිග යාමෙන් පුද්ගලයෙකු අමානුෂික ලෙස ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විභාග වූ නඩුවක තීන්දුව ප්‍රකාශයට පත් කරමිනි. කොළඹ මහාධිකරණයේ පුර්වගාමී විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා මෙම මරණ දඬුවම නියම කළේ, මිරිහාන ප්‍රදේශයේම පදිංචි පුද්ගලයින් 4 දෙනෙකුට ය. මේ අතර හෙරොයින් ග්‍රෑම් 37 යි මිලිග්‍රෑම් 760ක් සන්තකයේ තබා ගැනීමේ චෝදනාවකට වරදකරු වූ පුද්ගලයෙකුට කොළඹ මහාධිකරණයේ පුර්වගාමී විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා අද මරණ දඬුවම නියම කළේ ය. 2013 අප්‍රේල් මස 10 වැනිදා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් මට්ටක්කුලිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඔහුට එරෙහිව මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර තිබිණි.
2018-11-29T05:38:11.000Z
ඒ.ජා.පෙ ආණ්ඩුවක් පිහිටුවීමට සහාය දෙනවා - ටී.එන්.ඒ. ජනපතිට දන්වයි
ඒ.ජා.පෙ ආණ්ඩුවක් පිහිටුවීමට ටී.එන්.ඒ. සහාය
එක්සත් ජාතික පෙරමුණේ මූලිකත්වයෙන් යුත් රජයක් යළි පිහිටුවීම සඳහා තම පූර්ණ සහය ලබා දෙන බව දෙමළ ජාතික සන්ධානය ජනාධිපතිතුමාට දැනුම් දී තිබේ. ඔවුන් මේ බව දන්වා ඇත්තේ, පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 14 දෙනෙකුගේ අත්සනින් ජනාධිපතිතුමා වෙත ලිපියක් යවමිනි. දෙමළ ජාතික සන්ධානය ඉල්ලා සිටින්නේ, පාර්ලිමේන්තුවේ බහුතරය ඇති එක්සත් ජාතික පෙරමුණේ අයෙකු ජනාධිපතිතුමාගේ කැමැත්ත අනුව අග්‍රාමාත්‍ය ධූරයට පත් කරන ලෙස ය. ඔක්තෝබර් 26 වැනිදා ජනාධිපතිවරයා ගත් තීරණයක් අනුව එක්සත් ජාතික පෙරමුණ ප්‍රමුඛ ආණ්ඩුව ඉවත් කර පොදුජන එක්සත් පෙරමුණේ ආණ්ඩුවක් පත් කළේය.
2018-11-29T04:42:34.000Z
කතානායකවරයා හා ජනපතිවරයා අතර හමුවක්
කතානායකවරයා හා ජනපතිවරයා අතර හමුවක්
කතානායක කරු ජයසූරිය මහතා හා ජනාධිපතිවරයා අතර හමුවක් අද පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වෙන බව කතානායක කාර්යාලය පවසයි. මේවනවිට පවතින දේශපාලන තත්ත්වය හා අද පාර්ලිමේන්තුවේ දී සිදුවූ සිදුවීම් සම්බන්ධයෙන් මෙහි දී දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමට නියමිතවේ. අග්‍රාමාත්‍ය ලේකම්වරයාට ජනරජයේ මුදල් භාවිත කිරීමේ බලය අහෝසි කිරීමේ යෝජනාව අද පාර්ලිමේන්තුවේ දී සම්මත විය. https://www.newsfirst.lk/sinhala/2018/11/29/%E0%B6%85%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA-%E0%B6%BD%E0%B7%9A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B6%A7-%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B6%BD/
2018-11-29T03:52:15.000Z
බහුතරයේ මතය ක්‍රියාත්මක කිරීම ප්‍රජාතන්ත්‍රවාදය නොවෙයි - මහින්ද දේශප්‍රිය
බහුතරයේ මතය ක්‍රියාත්මක කිරීම ප්‍රජාතන්ත්‍රවාදය ද?
ප්‍රජාතන්ත්‍රවාදය යනු, බොහෝ දෙනා සිතන ආකාරයෙන් බහුතර පිරිසගේ මතය ක්‍රියාත්මක කිරීම නොවන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අද ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී මාධ්‍ය හමුවේ පැවසීය. සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය යනු බහුතරයේ මතය සුළුතරයේ මතයට අගතියක් නොවන ලෙස ක්‍රියාත්මක කිරීම ලෙසද ඔහු පෙන්වා දුන්නේය. ඡන්ද ප්‍රකාශ කිරීමේ දී, පමණක් සෑම දෙනාම එකාවන්ව එකට එක්ව ක්‍රියා කළත් අනෙක් සෑම අවස්ථාවක දිම ජනතාව වෙන්ව කටයුතු කරන බව ද පවසයි. ඔහු එහිදී දැක්වූ අදහස පහතින් https://www.facebook.com/NewsfirstSL/videos/1297259167082402/
2018-11-29T02:59:50.000Z
ප්‍රජාතන්ත්‍රවාදයත් ඡන්දයත් ගැන ජනතාවගේ ආකල්පය වෙනස් වෙලා ද ? මැතිවරණ කොමිසමේ සභාපති අදහස් දක්වයි
ඡන්ද බලය ගැන ජනතාවගේ ආකල්පය වෙනස් වෙලා ද ?
මැතිවරණ පවත්වන ක්‍රමවේදය වෙනස් කිරීමට හා නව තාක්ෂණය හඳුන්වාදීමට ඇති බාධා සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශ්‍රපිය මහතා ප්‍රකාශයක් කළේය. ඉලෙක්ට්‍රොනික ක්‍රමයට චන්ද විමසීම සඳහා වන නීති වෙනස් කිරීමට ඇති හැකියාව සම්බන්ධයෙන් කළ විමසීමකදී ඔහු පෙන්වා දෙන්නේ, ජනතාවට මැතිවරණය හා ප්‍රජාතන්ත්‍රවාදයත් සම්බන්ධයෙන් ජනතාව අතර විශ්වාසයක් තිබේදැයි සැක සහිත බවයි. ඔහු දැක්වූ අදහස https://www.facebook.com/NewsfirstSL/videos/257667681573202
2018-11-29T01:43:43.000Z
අග්‍රාමාත්‍ය ලේකම්ට මුදල් භාවිත කිරීමේ බලය අහෝසි කරන යෝජනාව සම්මතයි
මුදල් භාවිත කිරීම පිළිබඳ යෝජනාව සම්මතයි - කථානායක
COLOMBO (News 1st) - අග්‍රාමාත්‍ය ලේකම්වරයාට ජනරජයේ මුදල් භාවිත කිරීමේ බලය අහෝසි කිරීමේ යෝජනාව සම්මත වූ බව කථානායක කරූ ජයසුරිය මහතා මීට ටික වේලාවකට පෙර නිවේදනය කර තිබේ. කථානායකවරයා ප්‍රකාශ කළේ, යෝජනාව සම්බන්ධයෙන් පැවති ඡන්ද විමසීමේදී ඊට පක්ෂව ඡන්ද 123 ක් ලැබුණු බවයි. විපක්ෂව කිසිදු ඡන්දයක් ලැබී තිබුණේ නැත. මෙම යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ, පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතායි. ආණ්ඩු පක්ෂය අද උදෑසන පැවති පක්ෂ නායක රැස්වීම සහ පාර්ලිමේන්තු රැස්වීම වර්ජනය කර තිබේ.
2018-11-29T00:39:52.000Z
පොලිස් අධිකාරීවරුන් හා සහකාර පොලිස් අධිකාරීවරුන් පිරිසකට ස්ථාන මාරු
පොලිස් අධිකාරීවරුන් 06 දෙනෙකුට ස්ථාන මාරු
COLOMBO (News 1st) - වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් අධිකාරීවරුන් සහ සහකාර පොලිස් අධිකාරීවරුන් 44 දෙනකු ස්ථාන මාරු කර තිබේ. පොලිස් මූලස්ථානය සඳහන් කළේ, ඒ අතර පොලිස් අධිකාරිවරුන් 6 දෙනෙකු වන බවයි. ජාතික පොලිස් කොමිෂන් සභාවෙන් ලැබුණු අනුමැතිය අනුව මෙම ස්ථානමාරුවීම් කළ බව පොලිස් මූලස්ථානය පැවසුවේ ය. මීට පෙර මේ ආකාරයටම පොලිස් අධිකාරීවරුන් සහ සහකාර පොලිස් අධිකාරීවරුන් 50 කට ආසන්න සංඛ්‍යාවක් පොලිස්පතිවරයා විසින් ස්ථාන මාරු කරනු ලැබූ අතර ජාතික පොලිස් කොමිෂන් සභාව එම ස්ථාන මාරු අත්හිටවනු ලැබුවේ ය.
2018-11-28T23:51:29.000Z
පාර්ලිමේන්තු සැසිය ඇරඹෙයි: අද යෝජනාව නීත්‍යානූකූලයි - කතානායක කරු ජයසූරිය.
අද යෝජනාව නීත්‍යානූකූලයි - කතානායක කරු ජයසූරිය
ජනරජයේ අරමුදල් වලින් කවර හෝ වියදම් අනුමත කිරීමට අග්‍රාමාත්‍ය ලේකම්වරයාට කිසිදු බලයක් නොමැති බවට වන යෝජනාව ගෙන ඒම ව්‍යවස්ථානු කූල බව කතානායකවරයා අද පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ කරමින් පැවසුවේය. ඒ අනුව ඒ යෝජනාව ගෙන ඒමට අවස්ථාව ලබා දුන්නේය. රවි කරුණානායක මහතා එම යෝජනාව ගෙන එමින්, ප්‍රකාශ කළේ මුදල් සම්බන්ධයෙන් තීරණ තීන්දු ගැනීටම් සම්පූර්ණ බලය ඇත්තේ පාර්ලිමේන්තුවට බවයි. එම යෝජනාව නවීන් දිසානායක මහතා සම්මත කිරීමෙන් පසුව විවාදය ආරම්භ විය. සජීවී විඩියෝව https://www.facebook.com/NewsfirstSL/videos/1953309791455048/?__xts__%5B0%5D=68.ARAgiHzlXMvVg18OYR9QWQ4EuNp4Ro093LvBhMrSI10ILDAfXSYjgYMtpwcFQcX7JTYud1mrCBIIp0rq7-VjgSxKW-0v0AqC1JtitLbqmWEgjZczaoohBC_VU_lyptaRXKYbyfTBWavkXsmfWzy_YoSJSVJp5tANLpopew8ASp942I54R1npGUeeP1UmjXyscwt_aGEex-BpwmW_F_RuQmVDuOhS0WnYB522GL9IAnLlwKPxhLDMBrbMF_iFbsq1GTgekAccvpwaWvusBd2rdRqyhwq9mweVqiFWOSkdpGALRDAgWA3LYln8t4ie2wr8YGXgg4OlxGQjSqp27facNTg1tzTRVAYy6U8&__tn__=-R
2018-11-28T23:20:11.000Z
මුදල් පිළිබඳ යෝජනාවක් ගෙන ඒම නීති විරෝධී - එස් බී දිසානායක හා බන්දුල ගුණවර්ධන කියයි
මුදල් පිළිබඳ යෝජනාවක් ගෙන ඒම නීති විරෝධී
අද රැස්වන පාර්ලිමේන්තුවට මුදල් පිළිබඳ යෝජනාවක් ගෙන ඒමට එක්සත් ජාතික පෙරමුණ ප්‍රමුඛ පිරිස උත්සාහ දැරීම ව්‍යවස්ථාව උල්ලංගණය කිරීමක් බව අණ්ඩු පක්ෂය පවසයි. ආග්‍රාමාත්‍ය කාර්යාලයේ වියදම් කපා හැරීම සම්බන්ධයෙන් යෝජනාවක් අද එක්සත් ජාතික පෙරමුණ ප්‍රමුණ මන්ත්‍රී පිරිස විසින් ගෙන ඒමට නියමිතය. ඒ අනුව ඔවුන් අද පාර්ලිමේන්තුවේ දී පැවැති පක්ෂ නායක හමුවද වර්ජනය කර ඇති බව වාර්තා වේ. අදාල වීඩියෝව https://www.facebook.com/NewsfirstSL/videos/277527942953012/
2018-11-28T22:59:12.000Z
ආණ්ඩු පක්ෂය පාර්ලිමේන්තු පක්ෂ රැස්වීම වර්ජනය කරයි
ආණ්ඩු පක්ෂය පාර්ලිමේන්තු පක්ෂ රැස්වීම වර්ජනය කරයි
COLOMBO (News 1st) - ආණ්ඩු පක්ෂ නියෝජිතයින්ගේ සහභාගීත්වයකින් තොරව පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීම අවසන් විය. අද පෙරවරු 9.00 ට පමණ පක්ෂ නායක රැස්වීම ආරම්භ වූයේ කථානායක කරූ ජයසූරිය මහාතාගේ ප්‍රධානත්වයෙනි. මේ අතර පාර්ලිමේන්තු සභා වාරය අද පෙරවරු 10.30 ට ආරම්භවීමට නියමිත වේ.
2018-11-28T22:02:25.000Z
වී අළෙවි මණ්ලයෙන් අද සිට වෙළෙඳපොළට සහල්
වී අළෙවි මණ්ලයෙන් අද සිට වෙළෙඳපොළට සහල්
COLOMBO (News 1st) - වී අළෙවි මණ්ඩලය ප්‍රථම වරට සහල් වෙළෙඳපොළට නිකුත් කිරීම අද සිදු කෙරෙනු ඇති. පී. එම්. ඩී සහල් ලෙස නිකුත් කෙරෙන මෙම සහල් ලක් සතෙස සමූපකාර හා වරලත් වෙළෙඳසැල් මගින් ලබාගත හැකියි. වී අළෙවි මණ්ඩලයේ සභාපති උපාලි මොහොට්ටි මහතා සඳහන් කළේ, පළමු අදියරේදී වී මෙට්‍රික් ටොන් 4,000 ක් සහල් බවට පත් කර වෙළෙඳපොළට නිකුත් කරන බවයි. ඒ අනුව කැකුළු සහල් කිලෝග්‍රෑමයක් රුපියල් 83.00 කටත් නාඩු සහල් කිලෝග්‍රෑමයක් රුපියල් 85.00 ක මිලකටත් පාරිභෝගික ජනතාවට ලබාදීමට සැලසුම් කර ඇති බව සභාපතිවරයා ප්‍රකාශ කළේ ය.
2018-11-28T20:34:35.000Z
අද ත් දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි
අද ත් දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි
COLOMBO (News 1st) - සබරගමුව, මධ්‍යම, බස්නාහිර හා දකුණු පළාත්වලට අද ත් මිලිමීටර් 75 ක පමණ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපර්තමේන්තුව පවසයි. කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ කසුන් පැසුකුවෙල් මහතා සඳහන් කළේ, ඇතැම් ප්‍රදේශවල උදෑසන කාලයේ මීදුම් තත්ත්වයක් ද වාර්තාවිය හැකි බවයි. හම්බන්තොට සිට මඩකලපුව ත්‍රිකුණාමලය සහ කන්කන්සන්තුරය හරහා මන්නාරම දක්වා මුහුදු ප්‍රදේශවල සුළං වේගය ඉහළ යා හැකි බව ද ඔහු පැවසුවේ ය. මේ අතර කොළඹ ඇතුළු ප්‍රදේශ රැසකට ඊයේ රාත්‍රියේ දැඩි වැසි ඇද හැලුණි. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ, ඊයේ පස්වරුවේ පැය 3 ක් ඇතුළත කොළඹට මිලිමීටර් 125.8 ක වර්ෂාවත් ඇද හැලුණු බවයි. අදාළ කාලය තුළ කටුනායකට ලැබුණු වර්ෂාපතනය මිලිමීටර් 103.2 කි. කෑගල්ලට ද මිලිමීටර් 113 ක වර්ෂාපතනයක් ලැබී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ ය.
2018-11-28T20:04:30.000Z
මැක්කන් නිසා ත්‍රිකුණාමලය උසස් බාලිකා විද්‍යාලය තාවකාලිකව වසා දැමේ
මැක්කන් නිසා පාසලක් සතියක් පුරා වසා දැමේ
COLOMBO (News 1st) - මැක්කන් උවදුරක් හේතුවෙන් ත්‍රිකුණාමලය උසස් බාලිකා විද්‍යාලය සතියක් පුරා තාවකාලිකව වසා දැමීමට සිදු ව තිබේ. දෙමාපියන් පැවසූවේ, සතියක කාලයක සිට පාසල වසා දැමීම හේතුවෙන් පාසල් විභාග පැවැත්වීම ද ප්‍රමාදවී ඇති බවයි. මැක්කන් උවදුර අවසන් නොවීම හේතුවෙන් විභාග කටයුතු සිදු කෙරුනේ වෙනත් පාසල් දෙකක සහ උපකාරක පන්තියකදීය. ගුරුවරුන්ගේ හා අධ්‍යාපන බලධාරීන්ගේ දැනුම්දීම මත මහජන සෞඛ්‍ය නිලධාරීන් පාසලට පැමිණි විවිධ ක්‍රියා මාර්ග ගත්ත ද මේ දක්වා කෘමි උවදුර අවසන් වී නැතැයි දෙමාපියන් පවසති. ඔවුන් ඉල්ලා සිටින්නේ, පාසල තුළ පැතිර ඇති මෙම කෘමි උවදුර පාලනය කර තම දරුවන්ගේ ජීවිත ආරක්ෂා කිරීමට කටයුතු යොදන ලෙසයි. මේ අතර නැගෙනහිර පළාත් අධ්‍යාපන ලේකම්වරයා සහ මහජන සෞඛ්‍ය බලධරීන් ඇතුළු පිරිසක් ත්‍රිකුණාමලය උසස් බාලිකා විද්‍යාලයට පැමිණ කෘමියා මර්දනය කිරීමට පියවර ගෙන ඇත. අනතුරුව ත්‍රිකුණාමලය මහජන සෞඛ්‍ය පරීක්ෂණ කාර්යාලයෙන් කෘමි මර්දන දියරක් පාසලට ඉසින ලෙස ලබාදී තිබේ.
2018-11-28T19:47:14.000Z
ලබන වසරේ පෙබරවාරි මාසයට පෙර පාසල් නිල ඇඳුම් රෙදි ලබාදීමට පියවර
පෙබරවාරියට පෙර පාසල් නිල ඇඳුම් රෙදි ලබාදීමට පියවර
COLOMBO (News 1st) - ලබන වසරේ පෙබරවාරි මාසය අවසන්වීමට පෙර සියලු පාසල් සිසුන්ට නිල ඇඳුම් රෙදි ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යංශය සඳහන් කළේ, පසුගිය සමයේ ක්‍රියාත්මක වූ නිල ඇඳුම් තිළිණ පත් වෙනුවට යළි ත් පාසල් සිසුන්ට නිල ඇඳුම් රෙදි ලබාදීමට පසුගිය 22 වැනි දා රැස් වූ කැබිනට් මණ්ඩලයේදී තීරණය කළ බවයි. ඒ අනුව නිල ඇඳුම් රෙදි ලබාදීමට අදාළ ප්‍රසම්පාදන ක්‍රියාවලිය මේ වනවිට ආරම්භ කර ඇත. අමාත්‍යංශය පෙන්වා දෙන්නේ, නිල ඇඳුම් තිළිණ පත් ලබාදීමේ ක්‍රමවේදය හේතුවෙන් රජයට රුපියල් මිලියන 550 කට අධික මුදලක් අතිරේකව වැය කිරීමට සිදු වූ බවයි. මීට අමතරව දේශීය නිෂ්පාදකයින්ගෙන් නිල ඇඳුම් රෙදි මිලදී ගැනීම නවත්වා තිළිණ පත් ලබාදීම හේතුවෙන් රුපියල් මිලියන 1000 කට අධික ප්‍රමාණය විදේශ විනිමය ප්‍රමාණයක් වැය කිරීමට සිදුවූවා සේම දේශීය කර්මාන්තකරුවන්ට ගැටලු රැසකට මුහුණදීමට සිදූ වූ බව ද අධ්‍යාපන අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ය. මේ අතර හිටපු අමාත්‍යවරයාගේ ඡායාරූපයක් හා පණිවුඩයක් පෙළ පොත්වල සඳහන් වුවද දැනට මුද්‍රණය කර ඇති පෙළ පොත් රඳවා ගැනීමකීන් තොරව සිසුන්ට ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍යංශය පැවසුවේ ය. නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යංශය පැවසුවේ, මේ වනවිට විට ලබන වසරට අදාළ පෙළ පොත්වලින් 87% ක් පාසල්වලට බෙදා හැර ඇති බවයි. ඉතිරි 13 % අද හා හෙට පාසල් වෙත බෙදා හැරීමට සැලසුම් කර ඇති බව ද අමාත්‍යංශය ප්‍රකාශ කර තිබේ. 2019 වසරට අදාළ පෙළ පොත් මිලියන 39.4 ක් මුද්‍රණය කර ඇති බව ද අධ්‍යාපන අමාත්‍යංශය ප්‍රකාශය කළේ ය.
2018-11-28T19:26:36.000Z
පාර්ලිමේන්තුව අද ත් පෙරවරු 10.30 ට රැස්වෙයි
පාර්ලිමේන්තුව අද ත් පෙරවරු 10.30 ට රැස්වෙයි
COLOMBO (News 1st) - පාර්ලිමේන්තුව අද පෙරවරු 10. 30 ට රැස්වීමට නියමිතව තිබේ. ඒ, කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙනි. අද ත් පාර්ලිමේන්තුවේ මහජන ගැලරිය සහ විශේෂ ආරාධිත මෙන් ම ආරාධිත ගැලරිය ද වසා දමන බව පාර්ලිමේන්තු වේත්‍රධාරී කාර්යාලය පැවසුවේ ය. මාධ්‍යවේදීන් සඳහා වන ගැලරිය පමණක් අද දිනයේදීත් විවෘතව පවතින බව පාර්ලිමේන්තවේ නියෝජ්‍ය මහලේකම් නීල් ඉද්දවෙල මහතා සඳහන් කළේ ය. ඔහු වැඩිදුරටත් පැවසුවේ, අවශ්‍ය පරිදි පාර්ලිමේන්තු පරිශ්‍රයට අද දිනයේදීත් පොලිස් ආරක්ෂාව ලබාදීමට කටයුතු කර ඇති බවයි. මේ අතර අද පෙරවරු 9.00 ට පාර්ලිමේන්තු පරිශ්‍රෙය්දී පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමට ආණ්ඩු පක්ෂයට ආරාධනා ලැබී ඇති බව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා නිව්ස්ෆස්ට් විමසීමකදී සඳහන් කළේ ය. නමුත් එම රැස්වීමට සහ අද පාර්ලිමේන්තු සැසිය සඳහා සහභාගී වනවා ද නැද්ද යන්න සම්බන්ධයෙන් අවසන් තීරණය, අද උදෑසන රැස්වන ආණ්ඩුවේ මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමේදී ගන්නා බව ඔහු පවසයි. ඒ අනුව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම අද උදෑසන 8.30 ට පාර්ලිමේන්තු පරිශ්‍රෙය්දී රැස්වීමට නියමිතවේ. මේ අතර අග්‍රාමාත්‍ය ලේකම්වරයාට රජයේ මුදල් පරිහරණය කිරීමට කිසිදු බලයක් නොමැති බවට වූ යෝජනාව අද පාර්ලිමේන්තුවේදී ඡන්ද විමසීමකට ලක් කිරීමට සූදානම් බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ගයත්න කරුණාතිලක මහතා සඳහන් කළේ ය. එම යෝජනාව එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී රවී කරුණානයක මහතා ඇතුළු මන්ත්‍රී කණ්ඩායමක් පසුගිය 19 වැනි දා කථානායකවරයාට භාර දුන්නේ ය.
2018-11-28T19:16:17.000Z
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
දේශීය පුවත් 1. රාජ්‍ය සේවා වැටුප් සමාලෝචන කොමිෂන් වාර්තාව ජනපතිට: රාජ්‍ය සේවයේ වැටුප් සමාලෝචනය කර නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පත් කරන ලද විශේෂ ජනාධිපති කොමිසමේ වාර්තාව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත භාර දී තිබේ. 2. මාතර පිහිඇණුමේ තෙවන සැකකරුත් රිමාන්ඩ්: මාතර, ඇලවේල්ල පාරේ උපකාරක පංතියක් අසලදී පිහියකින් ඇන සිසුවෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තෙවන සැකකරු වන 17 හැවිරිදි තුනුරු විමුක්ති ජයවීර ලබන මස 3 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි. ඒ, සැකකරු මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. 3. අතුරු සම්මත ගිණුමට කැබිනට් අනුමැතිය: ලබන වසරේ මුල් මාස 4 සඳහා සකස් කළ අතුරු සම්මත ගිණුමට කැබිනට් අනුමැතිය හිමි වී තිබේ. සමකැබිනට් ප්‍රකාශක අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පැවසුවේ, රජයේ වියදම් වෙනුවෙන් රුපියල් බිලියන 1735 ක මුදලක් වෙන් කර ඇති බවයි. 4. අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න රක්ෂිත බන්ධනාගාරයට: තරුණයින් 11 දෙනෙකු පැහැර ගෙන ගොස් අතුරුදන් කිරීමට සම්බන්ධ නාවික හමුදාවේ හිටපු ලුතිනන් කර්මාන්ඩර් ප්‍රසාද් චන්දන හෙට්ටිආරච්චි නමැත්තාට අධිකරණය මහහැර සිටීමට ආධාර කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් ආරක්ෂක මණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ලබන මස 05 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි. විදෙස් පුවත් 5. ගෝලීය උණුසුම ඉහළ යාම වැළැක්වීමට දරණ ප්‍රයත්න අසාර්ථකයි – එක්සත් ජාතීන් පෙන්වා දෙයි: ගෝලීය උණුසුම ඉහළ යාම වැළැක්වීමට ලොව දරණ ප්‍රයත්න අසාර්ථක වෙමින් පවතින බවට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නවතම වාර්තාවක් පෙන්වා දෙයි. ඒ, 2017 වසරේදී වායුගෝලයට මුසු වූ කාබන්ඩයොක්සයිඩ් වායු ප්‍රමාණය වාර්තාගත ලෙස ටොන් බිලියන 53.5ක් දක්වා ඉහළ යාමෙන් පසුව ය.
2018-11-28T07:27:46.000Z
රාජ්‍ය සේවා වැටුප් සමාලෝචන කොමිෂන් වාර්තාව ජනපතිට
රාජ්‍ය සේවා වැටුප් සමාලෝචන කොමිෂන් වාර්තාව ජනපතිට
COLOMBO (News 1st) : රාජ්‍ය සේවයේ වැටුප් සමාලෝචනය කර නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පත් කරන ලද විශේෂ ජනාධිපති කොමිසමේ වාර්තාව අද පෙරවරුවේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත භාර දී තිබේ. කොමිසමේ සභාපති එස්. රනුක්ගේ මහතා ජනාධිපතිවරයා වෙත වාර්තාව පිළිගැන්වූ වූ අතර එහි සෙසු සාමාජිකයෝ ද එම අවස්ථාවට සහභාගීව සිටියහ. රාජ්‍ය සේවයේ වැටුප් හා දීමනා සම්බන්ධයෙන් දැනට ක්‍රියාත්මක චක්‍රලේඛ හා විධිවිධාන කෙරෙහි අවධානය යොමු කරමින් රාජ්‍ය අංශයේ වැටුප් ආශ්‍රිත ගැටලු හෝ විෂමතා ඇත්නම් ඒවා විසඳීමට නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා මෙම කොමිසම පත් කරනු ලැබී ය. ඒ පසුගිය අගෝස්තු මස 14 වන දා අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ගනු ලැබු තීරණයකට අනුවයි. එස් රනුක්ගේ මහතා සභාපතිවරයා ද , එච්. ජී. සුමනසිංහ මහතා ලේකම්වරයා වශයෙන් කටයුතු කරන මෙම කොමිසමේ සාමාජිකයින් සංඛ්‍යාව 15කි.
2018-11-28T07:20:03.000Z
මාතර පිහිඇණුමේ තෙවන සැකකරුත් රිමාන්ඩ්
මාතර පිහිඇණුමේ තෙවන සැකකරුත් රිමාන්ඩ්
COLOMBO (News 1st) : මාතර, ඇලවේල්ල පාරේ උපකාරක පංතියක් අසලදී පිහියකින් ඇන සිසුවෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තෙවන සැකකරු වන 17 හැවිරිදි තුනුරු විමුක්ති ජයවීර ලබන මස 3 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ. ඒ සැකකරු අද මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. සිද්ධියේ ප්‍රධාන සැකකරු වන 17 හැවිරිදි ජාතූන් කන්කානම්ගේ සිතිජ සෞන්දර්ය පෙරේදා අධිකරණයට භාර වීමෙන් අනතුරව ලබන මස 3 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ. මෙම සිද්ධියට අදාළ දෙවන සැකකරු වන 17 හැවිරිදි කුෂාන් නම්නජිත් සමරසිංහ දිසානායක නැමති සිසුවා ද අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන මස 3 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර සිටී.
2018-11-28T06:59:19.000Z
අතුරු සම්මත ගිණුමට කැබිනට් අනුමැතිය
අතුරු සම්මත ගිණුමට කැබිනට් අනුමැතිය
COLOMBO (News 1st) : ලබන වසරේ මුල් මාස 4 සඳහා සකස් කළ අතුරු සම්මත ගිණුමට කැබිනට් අනුමැතිය හිමි වී තිබේ. සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පැවසුවේ, රජයේ වියදම් වෙනුවෙන් රුපියල් බිලියන 1735 ක මුදලක් වෙන් කර ඇති බවයි. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ඔහු මේ අදහස් පළ කළේ ය. https://www.facebook.com/NewsfirstSL/videos/1676913229076423/
2018-11-28T00:55:21.000Z
වදුරඹ ප්‍රදේශයේ නිවසක ඇති වූ ගින්නකින් පුද්ගලයෙකු මරුට
වදුරඹ නිවසක ඇති වූ ගින්නකින් පුද්ගලයෙකු මරුට
COLOMBO (News 1st) - ගාල්ල වදුරඹ ප්‍රදේශයේ නිවසක ඇති වූ ගින්නකින් පුද්ගලයෙකු මිය ගොස් තිබේ. අප වාර්තාකරු පැවසුවේ, ගින්නෙන් ඉහළ ලේල්වල වවුලගල ප්‍රදේශයේ කු‍ඩා නිවසක විසූ පුද්ගලයෙකු මිය ගොස් ඇති බව ය. අද අලුයම සිදු වූ මෙම ගින්නෙන් වයස අවුරුදු 90ක පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත. වදුරඹ පොලීසිය මේ වන විට පරීක්ෂණ ආරම්භ කර තිබේ.
2018-11-28T00:36:31.000Z
රුපියල තවදුරටත් කඩා වැටෙයි
රුපියල තවදුරටත් කඩා වැටෙයි
COLOMBO (News 1st) - මහ බැංකුව නිකුත් කළ විනිමය අනුපාත අගයන්වලට අනුව අද අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය තවදුරටත් අවප්‍රමාණය වී තිබේ. ඒ අනුව අද අමෙරිකානු ඩොලර් එකක විකුණුම් මිල දැක්වුණේ රුපියල් 182.27 ක් ලෙස ය. බ්‍රිතාන්‍ය ස්ටර්ලිං පවුමක විකුණුම් මිල රුපියල් 233.53 ක් ලෙස දැක්විණි. යුරෝ එකක විකුණුම් මිල දැක්වුණේ රුපියල් 207.20 ක් ලෙස ය.
2018-11-27T23:09:51.000Z
මාවතගමදී වෑන් රථයක් කරනම් ගසයි: අයෙක් මරුට
මාවතගමදී වෑන් රථයක් කරනම් ගසයි: අයෙක් මරුට
COLOMBO (News 1st) - මාවතගම කර්මාන්තපුර මන්සන්ධියේදි වෑන් රථයක් වේගය පාලනය කර ගැනීමට නොහැකිව පෙරළී යාමෙන් පුද්ගලයෙකු මිය ගොස් තවත් 08 දෙනෙකු තුවාල ලබා තිබේ. ඉන් මිය ගොස් ඇත්තේ, 45 හැවිරිදි වාරියපොළ බණ්ඩාර කොස්වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. තුවාල ලැබූවෝ කුරුණෑගල රෝහලේ ප්‍රතිකාර ලබති. ඊයේ රාත්‍රියේ සිදු වූ අනතුරෙන් වෑන් රථය පැදවූ පුද්ගලයා ද තුවාල ලබා ඇති බව පොලීසිය සඳහන් කළේ ය.
2018-11-27T22:40:50.000Z
ගෝලීය උණුසුම ඉහළ යාම වැළැක්වීමට දරණ ප්‍රයත්න අසාර්ථකයි - එක්සත් ජාතීන් පෙන්වා දෙයි
ගෝලීය උණුසුම ගැන එක්සත් ජාතීන්ගෙන් වාර්තාවක්
(News 1st) - ගෝලීය උණුසුම ඉහළ යාම වැළැක්වීමට ලොව දරණ ප්‍රයත්න අසාර්ථක වෙමින් පවතින බවට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නවතම වාර්තාවක් පෙන්වා දෙයි. ඒ, 2017 වසරේදී වායුගෝලයට මුසු වූ කාබන්ඩයොක්සයිඩ් වායු ප්‍රමාණය වාර්තාගත ලෙස ටොන් බිලියන 53.5ක් දක්වා ඉහළ යාමෙන් පසුව ය. මෙලෙස වායුගෝලයට මුසු වූ කාබන්ඩයොක්සයිඩ් වායු ප්‍රමාණය ඉහළ ගොස් ඇත්තේ, වසර 4කට පසුව බව ද එම වාර්තාවේ සඳහන් ය. එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කළ එම වාර්තාවට අනුව කාබන්ඩයොක්සයිඩ් වායුව, වායුගෝලයට මුසුවීම වැළැක්වීමේ ප්‍රයත්න අසාර්ථක වීමට හේතුවී ඇත්තේ ගෝලීය ආර්ථික වර්ධනයයි. මේ අනුව 2020 වසර වන විට පැරිස් දේශගුණ එකඟතාවයේ අරමුණු සහ ඉලක්ක ඉටු කර ගැනීමට අපොහොසත් වනු ඇතැයි ද එම වාර්තාව පෙන්වා දෙයි. එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව ලොව ගෝලීය උණුසුමේ සාමාන්‍ය අගය සෙලිසියස් අංශක 1.5ක මට්ටමේ පවත්වා ගැනීමට නම් වසර 2030 වන විට ගෝලීය කාබන්ඩයොක්සයිඩ් වායු විමෝචනය අදට වඩා 55%කින් අවම කර ගත යුතු වේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, පවතින තත්ත්වය අනුව මෙම සියවස අවසන් වන විට ගෝලීය උෂ්ණත්වයේ සාමාන්‍ය අගය සෙල්සියස් අංශක 3.2කින් ඉහළ යනු ඇති බව ය. මෙලෙස ගෝලීය උණුසුම ඉහළ යාමට මුල්ව ඇත්තේ සෞදි අරාබිය, ආර්ජන්ටිනාව, ඔස්ට්‍රේලියාව, කැනඩාව, යුරෝපා සංගමයට අයත් රටවල්, දකුණු කොරියාව, අමෙරිකාව සහ දකුණු අප්‍රිකාව යන රටවල ක්‍රියාකාරකම් ය. පෝලන්තයේදී දේශගුණය පිළිබද එක්සත් ජාතීන්ගේ ප්‍රධාන සමුළුවක් පැවැත්වීමට නියමිතව තිබියදී එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙම වාර්තාව නිකුත් කළේ ය.
2018-11-28T05:28:20.000Z
Update: අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න රක්ෂිත බන්ධනාගාරයට.
අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න රක්ෂිත බන්ධනාගාරයට
COLOMBO (News 1st) : 4.30 pm ආරක්ෂක මණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ලබන මස 05 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ. ඒ ඔහු අද කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා හමුවට ඉදිරිපත් වු අවස්ථාවේදීයි. ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට භාරවීම සඳහා අද පෙරවරුවේ අධිකරණ පරිශ්‍රයට පැමිණියේ ය. ඒ තරුණයින් 11 දෙනෙකු පැහැර ගෙන ගොස් අතුරුදන් කිරීමට සම්බන්ධ නාවික හමුදාවේ හිටපු ලුතිනන් කර්මාන්ඩර් ප්‍රසාද් චන්දන හෙට්ටිආරච්චි නමැත්තාට අධිකරණය මහහැර සිටීමට ආධාර කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙනි. කොටුව මහේස්ත්‍රත් අධිකරණ පරිශ්‍රයයේ අද පොලිස් විශේෂ කාර්ය බලකාය සහ යුද හමුදා දැඩි ආරක්ෂක රැකවල් යොදා තිබිණ. පෙරවරුවේ සිදුකළ කරුණු දැක්වීමෙන් අනතුරුව දිවා ආහාරය සඳහා අධිකරණ කටයුතු කල් තැබී ය. එම අවස්ථාවේ අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අධිකරණ පරිශ්‍රයෙන් පිටව ගිය පසුව සිවිල් ඇදුමින් සැරසී සිටි කිහිපදෙනෙකු මාධ්‍යට බාධා කළැයි මාධ්‍යවේදීහු දැඩි ලෙස අප්‍රසාදය පළ කළහ. අනතුරුව මාධ්‍යවේදීන්ට පහරදුන් බවට චෝදනා නැගුන පුද්ගලයා පොලිස්භාරයට පත්විය. https://www.youtube.com/watch?v=5qXdJieaKW0 පෙරවරුවේ සිය නිල ඇදුමින් පැමිණි ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානිවරයා පස්වරුවේ පැමිණියේ සිවිල් ඇඳුමිනි. ඉදිරිපත් වු කරුණු අනුව අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාට ඇප ලබාදීමෙන් ඉදිරි විමර්ශනවලට බාධාවක් සිදුවිය හැකි බව අධිකරණයට පෙනී යන බැවින් ඇප ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කළේ ය. මහේස්ත්‍රාත්වරයා පෙන්වා දුන්නේ අධිකරණය විසින් දෙවරක් කරන ලද නියෝගය අනුව සැකකාර නිලධාරියා අත්අඩංගුවට ගැනීමට විමර්ශන සිදු කරමින් තිබියදී ඔහු අධිකරණයට භාර වී ඇති නමුත් ඉදිරිපත් වන කරුණු අනුව ඔහුට ඇප ලබාදීය නොහැකි බවයි. එසේවුව හොත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් පමණක් නොව 2008 වසරේදී තරුණයන් ඇතුලු 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට ද බාධා ඇතිවිය හැකි බව මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේ ය. එම නඩුවේ ප්‍රධාන සාක්ෂිකරුවෙකු වන ලුතිනන් කමාන්ඩර් ගලගමගේ ලක්සිරි නමැත්තාට මෙම සැකකරු සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා විසින් පසුගිය 25 වැනිදා නාවික හමුදා මූලස්ථානය තුළදී පිස්තෝලයක් එල්ල කර තර්ජනය එල්ල කිරීම සම්බන්ධයෙන් ද වහා ම විමර්ශනයක් කරන ලෙස අධිකරණය අද කොටුව පොලිසියේ ස්ථානාධිපතිවරයාට නියෝග කළේ ය. 9.00 am ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා මීට ටික වේලාවකට පෙර කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට භාර වීම සඳහා අධිකරණ පරිශ්‍රයට පැමිණියේ ය. ඒ, තරුණයින් 11 දෙනෙකු පැහැර ගෙන ගොස් අතුරුදන් කිරීමට සම්බන්ධ නාවික හමුදාවේ හිටපු ලුතිනන් කමාන්ඩර් ප්‍රසාද් චන්දන හෙට්ටිආරච්චි නමැත්තාට අධිකරණය මහහැර සිටීමට ආධාර කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙනි.
2018-11-27T19:57:30.000Z
ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 65 දෙනෙකු පොලිස් අධිකාරී තනතුරට උසස් කෙරේ
පොලිස් පරීක්ෂකවරුන් 65ක් පොලිස් අධිකාරී තනතුරට
COLOMBO (News 1st) - ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 65 දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි සහකාර පොලිස් අධිකාරීවරුන් ලෙස උසස් කර තිබේ. පොලිස් මූලස්ථානය සඳහන් කළේ, පොලිස් කොමිෂන් සභාවේ නිර්දේශ මත එම උසස් වීම් ලබා දුන් බව ය. මෙම පිරිසෙන් 48 දෙනෙකු ශ්‍රේෂ්ඨාධිකරණයේ පැවති නඩුවකදී ඇති වූ එකඟතාවක් මත සහකාර පොලිස් අධිකාරී නිලයට උසස් කර තිබේ. තවත් 17 දෙනෙකු 2014 සහකාර පොලිස් අධිකාරී සම්මුඛ පරීක්ෂණයෙන් ලබා ගත් ලකුණු අනුව පත් කළ බව පොලිස් මූලස්ථානය පැවසුවේ ය. 2018 ජුලි 10 වන දා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම උසස්වීම් කර ඇත්තේ වසර දෙකක වැඩ බලන කාලයකට යටත්ව ය.
2018-11-27T19:47:15.000Z
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
COLOMBO (News 1st) 1. අර්ජුන් ඇලෝසියස් සහ කොළඹ නගරාධිපතිනී රෝසි සේනානායක මහත්මිය අතර සිදු වූ මුදල් ගනුදෙනු පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණේ වසන්ත සමරසිංහ මහතා හෙළිදරව්වක් කළේ ය. 2. මහ බැංකු බැඳුම්කර වාර්තාවේ පිටපත් භාෂා තුනෙන්ම සති 2ක් ඇතුළත නිකුත් කරන ලෙසට ජනාධිපතිතුමා අදාළ අංශවලට උපදෙස් දුන් බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි ඩලස් අලහප්පෙරුම මහතා පවසයි. 3. ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත පළමු මිසයිලය සහ මල්ටිබැරල් රොකට් විදිනය මහජන ප්‍ර‍දර්ශනයට අද ඉදිරිපත් කිරීමට නියමිත ය. 4. මාතර ඇලවේල්ල පාරේ උපකාරක පන්තියක් අසළදී සිදු වූ පිහි ඇණුමකින් මිය ගිය රසිදු ගිම්හාන්ගේ අවසන් කටයුතු ඊයේ පස්වරුවේ සිදු කෙරිණි. 5. කොට්ටාව, රුක්මල්ගම අධිවේගී මාර්ග ගුවන් පාලම ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය සමග ඇති වූ වෙඩි හුවමාරුවකින් සංවිධානාත්මක අපරාධකරුවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. විදෙස් පුවත් 6. අමරිකාවේ නාසා ආයතනය අඟහරු ග්‍රහයා වෙත යැවූ නාසා ඉන්සයිට් රොබෝ යානය සාර්ථකව ගොඩබස්වනු ලැබීය. 7. අයර්ලන්තයේ ජොනී සෙක්ස්ටන් 2018 වසරේ රග්බී ක්‍රීඩකායට හිමි සම්මානය හිමි කර ගත්තේ ය.
2018-11-27T19:36:04.000Z
පොලිස්පතිට එරෙහිව විමර්ශනයක්
පොලිස්පතිට එරෙහිව විමර්ශනයක්
COLOMBO (News 1st) - ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඊයේ කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවා තිබිණි. එහිදී පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා සම්බන්ධයෙන් අදහස් පළ විය. මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා මෙහිදී පැවසුවේ, පොලිස්පතිවරයාට එරෙහිව විමර්ශනයක් සිදු කරන බව ය. පොලිස්පතිවරයාට එල්ල වන විවිධ චෝදනා සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් විමසූ අවස්ථාවේදී අමාත්‍යවරයා මේ බව පැවසූ අතර ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා සම්බන්ධයෙන්ද ඉදිරියේදී නීත්‍යානුකූලව පියවර ගන්නා බව ද වැඩිදුරටත් සඳහන් කළේ ය.
2018-11-27T11:28:29.000Z
සිසු ගැටුමක බිල්ල වූ මාතර රසිදු ගිම්හාන් කඳුළු මධ්‍යයේ අවසන් ගමන් යයි...
මාතර රසිදු ගිම්හාන් කඳුළු මධ්‍යයේ අවසන් ගමන් යයි..
COLOMBO (News 1st) - මාතර ඇලවේල්ල පාරේ උපකාරක පන්තියක් අසළදී සිදු වූ පිහි ඇණුමකින් මිය ගිය රසිදු ගිම්හාන්ගේ අවසන් කටයුතු අද පස්වරුවේ සිදු කෙරිණි. මේ අතර සිද්ධියට අදාළව තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ, අද උදැසන 6.20ට පමණ මාතර‍ කොට්ඨාස බුද්ධි අංශ නිලධාරීන් කණ්ඩායමක් විසින් මාතර නගරයේදී සැකකරුව අත්අඩංගුවට ගෙන ඇති බව ය. 17 හැවිරිදි ඔහු මාතර, වල්ගම පදිංචිකරුවෙකි. සැකකරු, ඝාතනය සඳහා පැමිණි යතුරු පැදිය පැදවූ අය බවට විමර්ශනවලදී අනාවරණය වී තිබේ. ඝාතනයට සම්බන්ධ ප්‍රධාන සැකකරු ඊයේ අධිකරණයට භාර වීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු අතර තවත් සැකකරුවෙකු ඊයේ දහවල් මාතර පොලිස් අධිකාරී කාර්යාලයට භාර විය. ඔවුහු ද 17 හැවිරිදි වියේ පසු වූහ.
2018-11-27T11:08:40.000Z
මහ බැංකුව නව කාසි කිහිපයක් නිකුත් කරයි
මහ බැංකුව නව කාසි කිහිපයක් නිකුත් කරයි
COLOMBO (News 1st) - ශ්‍රී ලංකා මහ බැංකුව මෙරට සංසරණය සඳහා අද නව කාසි කිහිපයක් නිකුත් කළේ ය. රුපියල, රුපියල් 02, රුපියල් 05 හා රුපියල් 10 යන කාසි වර්ග හතරකින් යුත් නව කාසි කාණ්ඩය දෙසැම්බර් මස 03 වන දා සිට වාණිජ බැංකු හරහා සංසරණයට නිකුත් කෙරෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ ය. ලෝහාලෝපිත කාසිවලට වඩා වැඩි කල් පැවැත්මක් ඇති මළ නොබැඳෙන වානේවලින් මෙම නව කාසි නිෂ්පාදනය කර තිබේ. කාසිවල විෂ්කම්භය හා ඝනකම ද කාසියේ වටිනාකම සමග වැඩි වන අනුපිළිවෙළට වෙනස් කර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ ය. මෙහි පළමු කාසි ඇසුරුම අද මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා විසින් අග්‍රාමාත්‍ය හා මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත නිල වශයෙන් පිළිගැන්වූයේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී ය.
2018-11-27T09:45:29.000Z
මෙරට නිෂ්පාදිත පළමු මිසයිලය සහ මල්ටිබැරල් රොකට් විදිනය හෙට මහජන ප්‍ර‍දර්ශනයට...
මෙරට නිෂ්පාදිත පළමු මිසයිලය හෙට මහජන ප්‍ර‍දර්ශනයට
COLOMBO (News 1st) - ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත පළමු මිසයිලය සහ මල්ටිබැරල් රොකට් විදිනය මහජන ප්‍ර‍දර්ශනයට හෙට ඉදිරිපත් කිරීමට නියමිත ය. ශ්‍රී ලංකා යුද හමුදාවේ සංඥා බලකායේ 75 වන සංවත්සරයට සමගාමීව බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍ර‍ණ ශාලා පරිශ්‍රයේ පැවැත්වෙන ප්‍ර‍දර්ශනයේදී මෙම හඳුන්වා දීම සිදු කෙරේ. හෙට උදෑසන 9.00ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම ප්‍රදර්ශනය ආරම්භ කෙරෙන අතර, ඊට එක්වන ඔබටත් ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත මෙම පළමු මිසයිලය සහ මල්ටිබැරල් රොකට් විදිනය ඇතුළු තවත් නවීන යුදෝපකරණ රැසක් දැක බලා ගැනීමේ හැකියාව හිමි වේ.
2018-11-27T09:36:49.000Z
ජනාධිපතිතුමාට මං එක්ක වැඩ කරන්න බැරි නම් ඒක කාට හරි කියන්න තිබුණා - රනිල් වික්‍රමසිංහ
"මං එක්ක වැඩ කරන්න බැරි නම් කියන්න තිබුණා"
COLOMBO (News 1st) - එක්සත් ජාතික පෙරමුණේ යුක්තියේ ජන හඬ රැළි මාලාවේ දෙවන රැළිය අද කළුතරදී පැවැත්විණි. රැළිය පැවැත්වුණේ, එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ, නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් ඇතුළු පක්ෂ නායකයින්ගේ සහභාගීත්වයෙනි. කළුතර නගරය දෙපසින් පාගමන් දෙකකින් පැමිණි ජනතාව රැළියට එක් විය.
2018-11-27T09:29:22.000Z
ඇලෝසියස් හා රෝසි සේනානායක කළ ගනුදෙනු ගැන වසන්ත සමරසිංහ හෙළි කරයි
ඇලෝසියස් හා රෝසි සේනානායක කළ ගනුදෙනු
COLOMBO (News 1st) - අර්ජුන් ඇලෝසියස් සහ කොළඹ නගරාධිපතිනී රෝසි සේනානායක මහත්මිය අතර සිදු වූ මුදල් ගනුදෙනු පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණේ වසන්ත සමරසිංහ මහතා හෙළිදරව්වක් කළේ ය. ඔහු මෙම හෙළිදරව්ව සිදු කළේ, දුම්රිය තාක්ෂණ ශිල්පී සංගමයේ 10 වන වාර්ෂික සමුලුව අමතමිනි.
2018-11-13T05:13:54.000Z
ඔබත් මේ පිළිබඳව දැනුවත් ද?
ඔබත් මේ පිළිබඳව දැනුවත් ද?
COLOMBO (News 1st) - විදුලිබල කර්මාන්තයේ නියාමන ආයතනය වන ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් විදුලි පේනු හා කෙවෙනි සඳහා ජාතික ප්‍රමිතියක් ක්‍රියාවට නගා ඇත. ජාතික ප්‍රමිතිය ලෙස කොටු හැඩයේ කූරු සහ සිදුරු සහිත (ජී වර්ගය ලෙස හඳුන්වන) ඇම්පියර් 13 නේ විදුලි පේනු සහ කෙවෙනි ජාතික ප්‍රමිතිය වශයෙන් හදුන්වා දී ඇත. මේ වන විට විවිධාකාරයේ විදුලි පේනු වර්ග 60කට අධික සංඛ්‍යාවක් ද කෙවෙනි වර්ග 3ක් ද භාවිතා වේ. නව ප්‍රමිතිය ක්‍රියාවට නැගීමෙන් පසුව ඒවා වෙනුවට තනි වර්ගයක් ලෙස ජී වර්ගයේ කෙවෙනි හා පේනු භාවිත කිරීමට නියමිතය. නව ප්‍රමිතිය 2016 අගෝස්තු 16 වන දා සිට බලාත්මක වේ. දැනට භාවිතාවේ පවතින අභ්‍යන්තර රැහැන් පද්ධති සහ ඒවායේ විදුලි කෙවෙනි වෙනස් කිරීමට අවශ්‍ය නොවන අතර නව රැහැන් පද්ධති සකස් කිරීමේදී ජී කාණ්ඩයේ විදුලි පේනු සහ කෙවෙනි භාවිතා කළ යුතු වේ. එම කෙවෙනි සඳහා වර්ග මිලිමීටර් 2.5 රැහැන්(වයර්) හෙවත් 7/0.67 රැහැන් වර්ගය පමණක් නිර්දේශ කර ඇත. මෙම ප්‍රමිතිය සකස් කිරීමට පෙර ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව ඒ සඳහා පුළුල් මහජන අදහස් විමසීමක් පවත්වන ලදී. විදුලි පාරිභෝගිකයින්, විදුලි පේනු සහ කෙවෙනි නිෂ්පාදකයින්, ආනයනකරුවන්, බලශක්ති ක්ෂේත්‍රයේ විශේෂඥයින් ඇතුළු සියලු ම පාර්ශ්වකරුවන්ගේ අදහස් හා යෝජනා සැලකිල්ලට ගෙන ජාතික එකඟතාවක් ඇතිව මෙම ප්‍රමිතිය ක්‍රියාවට නැගීමට පියවර ගැනීම විශේෂත්වයකි. විදුලි පේනු සහ කෙවෙනි සඳහා හඳුන්වා දුන් ප්‍රමිතිය ක්‍රියාවට නැගුනේ පහත කාල සටහනට අනුව ය. • 2016 අගෝස්තු 16 වන දින සිට විදුලි පේනු සහ කෙවෙනි සඳහා ජාතික ප්‍රමිතිය බලාත්මක විය. • 2016 අගෝස්තු 16 දින ජී කාණ්ඩයට අයත් නොවන විදුලි පේනු සහ කෙවෙනි නිෂ්පාදනය, ආනයනය සහ අලෙවිය සඳහා සහන කාලයක් ක්‍රියාත්මක විය. • 2017 අගෝස්තු 16 දින සිට ජී කාණ්ඩයට අයත් නොවන හෙවත් ජාතික ප්‍රමිතියෙන් තොර විවිධ වර්ගයේ විදුලි පේනු සහ කෙවෙනි ආනයනය තහනම් කෙරිණි. • 2019/01/01 වන දින සිට ජී වර්ගයේ (13 A) නොවන විදුලි පේනු (ප්ලග් ටොප්) සහිත විදුලි උපකරණ අලෙවිය තහනම් කෙරේ. ජී වර්ගයේ පේනුවල විලායකයක් (ෆියුස්) ද පවතී. එය ආරක්ෂාව තවදුරටත් තහවුරු කරයි නව ප්‍රමිතිය නිසා, දැනට නිවසේ සවිකර ඇති කෙවෙනි වෙනස් කළ යුතු ද? අවශ්‍ය නැත. දැනට නිවසේ ඇති ඇම්පියර් 5 (රවුම් කූරු) කෙවෙනි ඒවායේ ආයු කාලය නිමාවන තුරු ඒ අයුරින්ම භාවිතයට කිසිදු තහනමක් නැත. නිවසේ ඇති රැහැන් පද්ධතිය නව ප්‍රමිතියට අනුකුලව වෙනස් කළ යුතු ද? නැත. නමුත්, තම විදුලි පද්ධතිය සුදුසුකම් ලත් විදුලි කාර්මිකයෙකු ලවා පරීක්ෂා කරවා ගැනීම වැදගත් වේ. මෙමගින්, සෑම පද්ධතියක්ම නිසි පරිපථ කඩනයක් (MCB) හෝ විලයකයකින් (Fuse) ආරක්ෂා වී ඇති බව තහවුරු කර ගත හැකිය. නිවසේ දැනට භාවිතා කරන විදුලි උපකරණවල ඇති පේනු වෙනස් කළ යුතු ද? නැත. ඔබට ඒවා භාවිතා කළ හැකිය. 2019 ජනවාරි 1 වන දා සිට වෙළෙඳපොළෙහි විකිණීමට ඇත්තේ හතරැස් කූරු සහිත පේනු සහ කෙවෙනි පමණි. දැනට භාවිතා කරන ඇම්පියර් 5 (රවුම් කූරු) පේනු සහිත විදුලි උපකරණයක් ඇම්පියර් 13 කෙවෙනියට සම්බන්ධ කර ගැනීමට පරිවර්තකයක් (adaptor) අවශ්‍ය වේ. මේ සඳහා නියමිත ප්‍රමිතියට අනුකුල පරිවර්තක (adaptor) වෙළෙඳපොළෙන් මිලදී ගත හැකි ය. නව විදුලි උපකරණයක් මිලදී ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු මොනවාද? කූරු දෙකක් සහිත පේනු හෝ රවුම් කූරු සහිත පේනු ඇති විදුලි උපකරණ මිලදී ගැනීමෙන් වළකින්න. ඒවාට ගැළපෙන කෙවෙනි තව වසර කිහිපයකට පසු භාවිතයේ නොමැති වනු ඇත. එපමණක් නොව, 2019 ජනවාරි 1 වනදායින් පසුව එවැනි විදුලි උපකරණ විකිණීම නීතියෙන් තහනම් වේ. වායු සමීකරණයක් ඇම්පියර් 13 කෙවෙනියකට සම්බන්ධ කළ හැකි ද? 18,000 btu/ h දක්වා ධාරිතාවයකින් යුත් වායු සමීකරණ සඳහා ඇම්පියර් 13 පේනු සහ කෙවෙනි භාවිතා කළ හැකිය. ඊට වැඩි ධාරිතාවයක් සහිත වායු සමීකරණ සඳහා විබෙදුම් පෙට්ටියේ (distribution board) සිට වෙනම පරිපථයක් යොදාගත යුතුය. මේ සඳහා ශ්‍රී ලංකා ප්‍රමිති සලකුණ (SLS) සහිත විලායකයක් (fused) ඇති සම්බන්ධක ඒකකයක් (connection unit) හෝ ද්විධ්‍රැව ස්විචයක් (double pole switch) භාවිතා කළ හැකි ය. ඇම්පියර් 13 කෙවෙනියක් ඇම්පියර් 5 කෙවෙනි සඳහා සෑදු රැහැන් පරිපථයකට (circuit) සවි කිරීම ආරක්ෂිත ද? ඔබ හරි. එය ආරක්‍ෂිත නොවේ. මේ සඳහා ඉතා ඉක්මණින් විශේෂ කෙවෙනියක් (ඇම්පියර් 13 කෙවෙනියට පිටතින් සමාන) වෙළෙඳපොළට නිකුත් වීමට නියමිත ය. මෙම කෙවෙනිය සාමාන්‍ය ඇම්පියර් 13 කෙවෙනිවලින් වෙන් කර හඳුනා ගැනීමට “6A Max” ලෙස සලකුණු කර ඇත. කෙදිනක හෝ ඔබේ නිවසේ නැවත විදුලි රැහැන් ඇදීමක් (rewiring) සිදු වන තුරු මෙම කෙවෙනිය ඇම්පියර් 13 කෙවෙනියට සමාන වුවත් එයට බෙදාහැරිය හැක්කේ ඇම්පියර් 6ක් පමණි. ට්‍රැවල් ඇඩප්ටර්, යුනිවර්සල් සොකට් සහ ෂේවර් සොකට් භාවිතා කළ හැකි ද? සංචාරකයින් ට්‍රැවල් ඇඩප්ටර් භාවිතා කරයි. තවද, සංචාරක හෝටල් සඳහා යුනිවර්සල් සොකට් සහ ෂේවර් සොකට් අවශ්‍ය වේ. සංචාරක හෝටල් වැනි විශේෂිත අවස්ථාවල භාවිතය සඳහා පමණක් ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුවේ අනුමැතිය මත විශේෂ ආනයන බලපත්‍රයක් මගින් මේවා ආනයනයට අවස්ථාව සලසා ඇත. කෙසේ වුවද, 2019 ජනවාරි 1 වන දා සිට මේවා වෙළෙඳපොළෙහි විකිණීම තහනම් වේ. 2019 ජනවාරි 1 වන දායින් පසු ඇම්පියර් 13 හතරැස් කූරු පේනුව හැර වෙනත් වර්ගවල පේනු සහිත ඉතිරි වී ඇති විදුලි උපකරණ තොග විකිණිය හැකි ද? නොහැක. 2019 ජනවාරි 1 වන දායින් පසු ඉතිරි වී ඇති විදුලි උපකරණ පාරිභෝගිකයින්ට විකිණීමට පෙර ඒවායේ ඇති පේනු ඉවත් කර ඇම්පියර් 13 හතරැස් කූරු සහිත පේනු සම්බන්ධ කළ යුතුය. කූරු 2ක් හෝ රවුම් කූරු සහිත පේනු ඇති විදුලි උපකරණ විකිණීම පාරිභෝගික කටයුතු අධිකාරිය මගින් තහනම් කර ඇත. අපරික්ෂාකාරී විදුලි පරිහරනය මරු කැඳවයි. අන්තරාකාරීබව නොදැන අපරික්ෂාකාරීව විදුලිය පරිහරනය ඉතා භයානක වේ. ඔස්ට්‍රේලියාව වැනි දියුණු රටක, වසරකට සිදුවන විදුලි මරන සංඛ්‍යාව 20කි. තවද ඉංදියාව වැනි දියුණු වෙමින් පවතින රටක වසරකට සිඳුවන විදුලි මරන ප්‍රමාණය 10,000 කට ආසන්න ප්‍රමාණයක් වේ. ශ්‍රී ලංකාවතුල වසරකට සිදුවන විදුලි මරණ ප්‍රමානය 100 කට ආසන්න වේ. සංවර්ධිත රටක් හා සසඳනවිට ශ්‍රී ලංකාව තුල සිඳුවන විදුලි මරන සංඛ්‍යාව තවදුරටත් අඩු කරගත හැකි බව පැහැදිලිවේ. ශ්‍රී ලංකාවේ 2008 වසරේ සිට 2017 දක්වා වාර්ෂිකව වාර්තාවූ විදුලි මරණ සංඛ්‍යාවන් පහත පරිදි වේ. මේ පිළිබඳ වාර්තාවක් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව මගින් ප්‍රකාශයට පත් කර ඇත. නීති විරෝධී ලෙස විදුලිය ඇදීම් 1A- නීති විරෝධී ලෙස (හොරෙන්) විදුලි රැහැන් මගින් විදුලිය ලබා ගැනීම. 1C- සතුන් දඩයම් කිරීමට, වගා ආරක්ෂා කිරීමට අදින අනාරක්ෂිත නීති විරෝධී විදුලි රැහැන් හේතුවෙන් අනාරක්ෂිත පරිසරයක වැඩ කිරීම 2A- පළුදු වූ, කැඩුණු විදුලි උපකරණ භාවිතය 2B- නිවසින් පිටතට අනාරක්ෂිත ලෙස අදින ලද විදුලි රැහැන් 2C- බිම පතිත වී ඇති විදුලි රැහැන් ඇල්ලීම 2D- ගොඩනැගිලි රැහැන් (වයරින්) කිරීමේදී ප්‍රමිතියකින් තොරව අනාරක්ෂිත ලෙස සිදු කිරීම අත්වැරදීම් සහ නොසැලිකිලිමත්කම නිසා සිදුවූ අනතුරු 3A- විදුලි රැහැන් ආශ්‍රිතව ක්‍රියාකාරකම් නිවසේ සිදු කරන ලද කුඩා ප්‍රමාණයේ අලුත්වැඩියා කටයුතු විදුලි උපකරණ සම්බන්ධ කිරීමෙදී සහ විසන්ධි කිරීම සේවා සපයන ආයතන මගින් ආරක්ෂණ ක්‍රියාපටිපාටි නිසි පරිදි අනුගමනය කර නොතිබීම විදුලිය මගින් සිදු වන ජීවිත හානි අවම කර ගමු නීති විරෝධීව (හොරෙන්) විදුලිය ලබා ගැනීම දුටුවහොත් ළඟම වූ පොලිස් ස්ථානයට, විදුලිබල මණ්ඩලයට, ලෙකෝ ආයතනයට හෝ ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව වෙත දැනුම් දීම. ඔබේ දරුවා දැනුවත් කර විදුලි රැහැන් ආශ්‍රිත ක්‍රියාකාරකම්වලින් ඈත් කර තබා ගැනීමට වග බලා ගන්න. මසකට වරක්වත් ට්‍රිප් ස්විඡයේ ටෙස්ට් බොත්තම ඔබා එය නිසි පරිදි ක්‍රියා කරනවා දැයි පරීක්ෂා කර බැලීම. නිසි පළපුරුද්දක් සහ වෘත්තීය නිපුණතාවකින් යුත් විදුලි කාර්මිකයෙකුගේ සේවය ලබා ගැනීම. ප්‍රමිතියට අයත් විදුලි උපාංග, විදුලි උපකරණ සහ කොටු හැඩයේ විදුලි පේනු සහ කෙවෙනි හැම විටම භාවිත කරන්න. ශ්‍රී ලංකාව තුළ සිදු වන විදුලි අනතුරු අතර පසුගිය වසරේ ඉහළින්ම වාර්තා වන්නේ නීති විරෝධී ලෙස විදුලිය ලබා ගැනීම මගින් සිදුවී ඇති ජීවිත හානි වේ. ගිය වසරේ මේ ආකාරයට මිය ගිය සංඛ්‍යාව 40 කට ආසන්න වේ. නීති විරෝධීව (වංචනිකව) විදුලිය ලබා ගැනීම දණ්ඩ නීති සංග්‍රහයේ 298 වගන්තිය යටතේ දඬුවම් ලැබෙන වරදක් වන අතර, මෙවැනි අවස්ථාවක යමෙකුට විදුලිය වැදී අනතුරක් සිදු වුවහොත් එය නොසැලකිලිමත් කමින් සිදු කරනලද මනුෂ්‍ය ඝාතනයක් ලෙස සැලකේ. ඊට අමතරව 2017 වසරේ දත්ත විශ්ලේෂණයට අනුව වැඩි මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇති තවත් නීති විරෝධී ක්‍රියාවක් වන්නේ සතුන් දඩයම් කිරීමට සහ වගා ආරක්ෂාවට විදුලි රැහැන් ඇදීම නිසා ඒවායේ ගැටී සිදු වූ මරණයි. මෙම නීතී විරෝධී ක්‍රියාව නිසා බොහො විට අනතුරට පත්වන්නේ මෙම මර උගුල් ඇති බව නොදත් කුඩා දරුවන්ය. ඔබේ වගකීම වන්නේ මෙවන්නක් දුටුවහොත් වහාම ළඟම වූ පොලිස් ස්ථානයට, විදුලිබල මණ්ඩලයට, ලෙකෝ ආයතනයට හෝ ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව වෙත දැනුම් දීමයි. තව ද විදුලි අනතුරුවලට ලක් වන අය අතර බහුලව කුඩා දරුවන් වාර්තා වීම ඛේදනීය තත්තවයක්. විශේෂයෙන් මෙවැනි නිවාඩු කාල සීමාවන් තුළදී දරුවන් එළිමහනේ ක්‍රීඩා කරන විට විදුලි රැහැන් අසළ ක්‍රීඩා කිරීමෙන් වැළැක්වීම වැඩිහිටි ඔබගේ වගකීමයි. සරුංගල් යැවීමේදී විදුලි රැහැන් අනතුරුවලින් දරුවන් මිය ගිය අවස්ථා ගණනාවක් වාර්තා වී ඇත. එමෙන් ම විදුලි රැහැන් ආශ්‍රිත ගස්වල වූ ඵල කැඩීමට යාමේදී (කෙකි, ගසට නැග ) සිදු වූ අනතුරු බොහොමයක් වාර්තා වී ඇත. හැකි පමණ ඔබේ දරුවා දැනුවත් කර මෙවැනි ක්‍රියාකාරකම්වලින් ඈත් කර තබා ගැනීමට වග බලාගන්න. ශ්‍රී ලංකාව තුළ සිදු වන ගෘහාශ්‍රිත විදුලි අනතුරු බොහොමයක් සිදු වන්නේ නිවසේ විදුලි පද්ධතියේ අනිවාර්ය කොටසක් වන ට්‍රිප් ස්විචය සවිකර නොතිබීම, සවිකර ඇති ට්‍රිප් ස්විචය ක්‍රියා නොකිරීම හෝ නිවසක විදුලි පද්ධතියකට සුදුසු මිලි ඇම්පියර් 30 සංවේදීතාවකට වඩා වැඩි සංවේධීතාවක් සහිත ට්‍රිප් ස්විච නිවාසවල සවි කර තිබීමයි. ශ්‍රී ලංකාව තුළ සිදු වන ගෘහාශ්‍රිත විදුලි මරණ ප්‍රමාණය ඉහළ යාමට හේතු මොනවා ද? ශ්‍රී ලංකාව තුළ විදුලිබල කර්මාන්තය නියාමන ආයතනය වන ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ පරීක්ෂණ අංශයේ අධ්‍යක්ෂ නිලන්ත සපුමානගේ මහතාගේ අදහස් ශ්‍රී ලංකාව තුළ සිදු වන විදුලි මරණවලට ප්‍රධානම හේතු කිහිපයක් තියෙනවා. එයින් ප්‍රධානතම හේතුව නිවසේ විදුලි පද්ධතියේ වැදගත්ම අංගය වන ට්‍රිප් ස්විචය නොමැති වීමයි. අප සිදු කළ සමීක්ෂණ හා නිරීක්ෂණ අනුව වසරකට සිදු වන ගෘහාශ්‍රිත විදුලි මරණවලින් 50% කින් අඩු කර ගැනීමට නිසි පරිදි ක්‍රියාකරන ට්‍රිප් ස්විචයකට හැකියාව තිබේ. සමහර නිවාසවල විදුලි පද්ධතියට ට්‍රිප් ස්විචය සවිකර නොමැත. මෙය විදුලි කාර්මීකරණය පිළිබඳ නිසි දැනුමක් නැති විදුලි කාර්මිකයින් අතින් සිදුවන බරපතළ වරදක්. මීට අමතරව සුදුසුකම් නොලත් විදුලි කාර්මිකයෙකු ලවා නිවස රැහැන්ගත කර ගැනීම ඉතාම අන්තරාදායක කාරණයක්. නිසි ආරක්ෂක ක්‍රමවේද ගැන අවබෝධයක් නැති විදුලි කාර්මිකයින් මිලි ඇම්පියර් 30ට වඩා වැඩි සංවෙදීතාවක් ඇති නිවසකට නුසුදුසු ට්‍රිප් ස්විච් නිවසට සවි කරයි. මේ අවස්ථාවක විදුලි කාන්දුවක් සිදු වුවත් ට්‍රිප් සිවිචය ක්‍රියාත්මක නොවේ. ඔබේ වගකීම වන්නේ නිසි පළපුරුද්දක් සහ වෘතීය නිපුණතාවක් ඇති විදුලි කාර්මිකයෙකු ලවා නිවස රැහැන්ගත කර ගැනීමයි. තවත් හේතුවක් තමයි සවි කළ ට්‍රිප් ස්විචය නිසි පරිදි ක්‍රියා නොකිරීමයි. ඔබ නිවස තැනීමේදී සවි කරන ට්‍රිප් ස්විචය කාලයත් සමග අක්‍රීය වීමේ හැකියාවක් පවතියි. මේ නිසා ඔබ කළ යුත්තේ මසකට වරක්වත් ට්‍රිප් ස්විචයේ ටෙස්ට් බොත්තම ඔබා එය නිසි පරිදි ක්‍රියා කරනවාදැයි පරීක්ෂා කර බැලීමයි. ගෘහාශ්‍රිතව සිදු වන අනතුරුවලට තවත් එක හේතුවක් තමයි ප්‍රමිතියෙන් තොර විදුලි උපාංග නිවාසවල භාවිතය. මේවා අතරට විදුලි දිගු (Extensions), කැට (Multi Plugs), අඩු ප්‍රමිතියෙන් යුත් පේනු (Plugs) හා කෙවෙනි (Socket). ශ්‍රී ලංකාවේ සිදු වන ගිනි ගැනීම් අනතුරු බොහොමයක් සිදු වන්නේ මෙවැනි ප්‍රමිතියෙන් තොර උපාංග නිසා සිදු වන විදුලි කාන්දුවීම් මුල් කර ගෙනය. ගෘහාශ්‍රිත විදුලි අනතුරු වැළැක්වීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව විශේෂ ක්‍රියාමාර්ග ගෙන ඇත. ඒවා පහත පරිදි වේ 1. විදුලි පේනු සහ කෙවෙනි සඳහා ජාතික ප්‍රමිතියක් ක්‍රියාවට නැංවීම 2. විදුලි කාර්මිකයන් බලපත්‍රකරන යාන්ත්‍රණය හඳුන්වා දීම 3. විදුලිබල සේවා සපයන ආයතනවල සේවකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට ආරක්ෂණ සහ තාක්ෂණ කළමනාකරණ සැලැස්මක් හඳුන්වා දීම
2018-11-27T04:47:25.000Z
බැඳුම්කර වාර්තාවේ පිටපත් භාෂා තුනෙන්ම සති 2ක් ඇතුළත
බැඳුම්කර වාර්තාවේ පිටපත් භාෂා තුනෙන්ම සති 2ක් තුළ
COLOMBO (News 1st) - මහ බැංකු බැඳුම්කර වාර්තාවේ පිටපත් භාෂා තුනෙන්ම සති 2ක් ඇතුළත නිකුත් කරන ලෙසට ජනාධිපතිතුමා අදාළ අංශවලට උපදෙස් දුන් බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි ඩලස් අලහප්පෙරුම මහතා පවසයි. ඔහු මේ බව කියා සිටියේ, අද පස්වරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති එක්සත් ජනතා නිදහස් සන්ධාන මාධ්‍ය හමුවේදී ය.
2018-11-27T02:31:55.000Z
කතානායක ක්‍රියාකලාපයට විරෝධය පළ කරමින් පාර්ලිමේන්තුව වර්ජනය කළා - නිමල් සිරිපාල
කතානායකට විරෝධය පළ කරමින් පාර්ලිමේන්තුව වර්ජනය කළා
COLOMBO (News 1st) : පාර්ලිමේන්තුව වර්ජනය කළ එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු කණ්ඩායම මේ වන විට පාර්ලිමේන්තු පරිශ්‍රයේ රැස්වීමක් පැවැත්වේ. එහිදී නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසා ඇත්තේ, කථානායකවරයාගේ නිත්‍යනුකූල නොවන වැඩපිළිවෙලට විරෝධය පළකරමින් අද පාර්ලිමේන්තුව වර්ජනය කළ බවයි. මේ අතර ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගේ අත්සනින් යුතු ලිපියක් යොමු කරමින් කතානායකවරයාගෙන් ඉල්ලා සිටින්නේ, පසුගි 14 වන දා 15, 16, 19 සහ 23 වන දිනයන්හි පාර්ලිමේන්තු කටයුතු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට, ස්ථාවර නියෝග හා පාර්ලිමේන්තු සම්ප්‍රදායට අනුව සිදු නොවූ බවයි. ඒ අනුව පාර්ලිමේන්තු හැන්සාඩ් වාර්තා පිළිගත නොහැකි බවත් ඒ අනුව එකී වාර්තා ප්‍රසිද්ධ කිරීම නතර කරන ලෙසත් ය.
2018-11-27T02:17:01.000Z
ආණ්ඩු පක්ෂය පාර්ලිමේන්තුව වර්ජනය කරයි
ආණ්ඩු පක්ෂය පාර්ලිමේන්තුව වර්ජනය කරයි
COLOMBO (News 1st) : කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරු 1.00ට පාර්ලිමේන්තුව රැස්විය. කෙසේ වෙතත් ආණ්ඩු පක්ෂයේ කිසිදු මන්ත්‍රීවරුයෙකු අද දිනයේ පාර්ලිමේන්තු සැසියට සහභාගී වී නොමැත.
2018-11-27T02:11:26.000Z
ගෝඨාභය ඇතුළු 7 කට එරෙහි නඩුව කල්යයි
ගෝඨාභය ඇතුළු 7 කට එරෙහි නඩුව කල්යයි
COLOMBO (News 1st) : ඩී.ඒ. රාජපක්ෂ කෞතුකාගරය ඉදිකිරීමේදී රුපියල් තුන්කෝටි 39 ලක්ෂයකට අධික රාජ්‍ය මුදල් අවභාවිතය සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු 07 දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුව ලබන මස 04 වැනිදා දක්වා කල්බිණ. අද දින නඩුව කැඳවනු ලැබුවේ, විශේෂ මහාධිකරණයේ සම්පත් අබේකෝන්, සම්පත් විජේරත්න සහ චම්පා ජානකී රාජරත්න යන මහත්ම මහත්මියගෙන් සමන්විත ත්‍රීපුද්ගල විනිසුරු මඬුල්ල හමුවෙයි. පැමිණිල්ල විසින් ඉල්ලා ඇති ලේඛන ලබන 30 වන දා හෝ ඊට පෙර ලබා දෙන ලෙස අධිකරණය අද රාජ්‍ය හා පෞද්ගලික බැංකු කිපයකට සහ ඉඩම් ගොඩකිරීමේ සංස්ථාවේ ප්‍රධාන නීති නිලධාරිණියට නියෝග කළේ ය. නීතිපතිවරයා වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටි, නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දීලීප පීරිස් මහතා කියා සිටියේ නඩුවට අදාල ලියකියවිලිවලින් 80%ක්ම මේවන විට විත්ති පාර්ශවය වෙත ලබා ඇති බවයි.
2018-11-27T00:08:46.000Z
අක්කරෙයිපත්තුවේ වෙඩි වැදීමකින් දෙදෙනකුට තුවාල
අක්කරෙයිපත්තුවේ වෙඩි වැදීමකින් දෙදෙනකුට තුවාල
COLOMBO (News 1st) : අක්කරෙයිපත්තුව ප්‍රදේශයේදී පොලිස් නිලධාරියෙකු අතින් අත්වැරදීමකින් ගිනි අවිය ක්‍රියාත්මක වීමෙන් අද අලුයම පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබේ. පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කළේ, අක්කරෙයිපත්තුව පොලිසිය ඊයේ රාත්‍රියේ විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇති බවයි. එම මෙහෙයුම අතරතුර හිස් ආවරණ නොමැතිව පැමිණි යතුරු පැදියක් නතර කරන ලෙසට පොලිසිය අණ කර ඇති අතර එහිදි යතුරුපැදිකරුවන් යතුරු හරවා නැවත ගමන් ගැනීමට තැත්කර තිබේ. එහිදි පොලිස් නිලධාරියෙකු සිය ගිනි අවිය අත්වැරදිමකින් ක්‍රියාත්මක වීමෙන් යතුරු පැදියේ සිටි පුද්ගලයින් දෙදෙනා තුවාල ලබා රෝහල්ගතකර ඇතැයි පොලීසිය සඳහන් කළේ ය. තුවාල ලැබූ පුද්ගලයින් දෙදෙනා අක්කරෙයිපත්තුව රෝහලට ඇතුළත් කර තිබේ.
2018-11-26T23:59:07.000Z
'InSight' සාර්ථකව අඟහරු මත ගොඩබසී
'InSight' සාර්ථකව අඟහරු මත ගොඩබසී
COLOMBO (News 1st) : අමරිකාවේ නාසා ආයතනය අඟහරු ග්‍රහයා වෙත යැවූ නාසා ඉන්සයිට් රොබෝ යානය සාර්ථකව ගොඩබස්වනු ලැබීය. යානය ගොඩබස්වා මිනිත්තු කිහිපයක් ඇතුළත අඟහරු ග්‍රහයා මතුපිට ඡායාරූප එවීමට ඉන්සයිට් රොබෝ යානය සමත් විය. අඟහරු මතුපිටට සාර්ථකව ගොඩබස්වන ලද මෙම යානය අඟහරු ග්‍රහයාගේ භූ අභ්‍යන්තරය අධ්‍යනය කිරීම සඳහා අඟහරු වෙත ගොඩබස්වන ලද පළමු රොබෝ යානයයි. මාස 6 ක අභ්‍යවකාශ චාරිකාවකින් පසු අඟහරු වෙත ළඟා වූ ඉන්සයිට් රොබෝව රැගත් යානය පෘථිවියේ සිට ගමන්කර ඇති දුර කිලෝමීටර් මිලියන 548කි. පසුගිය මැයි මාසයේදී කැලිෆෝනියාවෙන් අභ්‍යවකාශගත කළ මෙම ඉන්සයිට් මෙහෙයුම සඳහා අමෙරිකාව වැය කළ මුදල ඩොලර් බිලියනයකට ආසන්නයි. මෙතෙක් අභිරහසක්ව පැවති අඟහරු ග්‍රහයාගේ නිර්මාණය වීම, පැවැත්ම ඇතුළු කරුණු පිළිබඳව ඉන්සයිට් රොබෝව මගින් අධ්‍යනය කරනු ඇති. අගහරු වෙත මිනිසුන් යැවීමේ මෙහෙයුම්වලට පෙර ක්‍රියාත්මක කෙරෙන මෙම ඉන්සයිට් අභ්‍යවකාශ මෙහෙයුමට අමතරව 2020 වසරේදී රෝවර් යානාවක් අඟහරු වෙත ගොඩබැස්වීමට නාසා ආයතනය සැලසුම් කර තිබේ. ඉන්සයිට් රොබෝ යානය සාර්ථකව අඟහරු වෙත ගොඩබස්වන ලද 8 වැනි අභ්‍යවකාශ යානයයි. එම සියලු යානා අඟහරු වෙත ගොඩබස්වනු ලැබුවේ, නාසා ආයතනය වීම විශේෂත්වයකි. ඉන්සයිට් රොබෝ යානය අඟහරු වායුගෝලයට ඇතුළු වූයේ පැයට කිලෝමීටර් 19,795 ක වේගයකිනි. මිනිත්තු 07 ක් තුළ එය අඟහරු පෘෂ්ඨය මතට ගොඩබැස්වීම සඳහා පැයට සැතපුම් 70 දක්වා වේගය අඩාල කරනු ලැබුවේ දැවැන්ත පැරෂූටයක ආධාරයෙනි.
2018-11-26T23:12:04.000Z
"එළවළු ආනයනය කිරීමේ කිසිදු සූදානමක් නැහැ"- කෘෂිකර්ම ඇමති
"එළවළු ආනයනය කිරීමේ කිසිදු සූදානමක් නැහැ"
COLOMBO (News 1st): එළවළු ආනයනය කිරීමේ කිසිදු සූදානමක් නොමැති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේ, වර්ෂාවත් සමග ඵලදාව පහත වැටීම හේතුවෙන් මේ දිනවල එළවළු මිල ඉහළ යමින් ඇති බවයි. මෙම තත්ත්වය ලබන මාසය වන විට යථා තත්ත්වයට පත්වනු ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේ ය. වැසි සමයේ එළවළු වගාවන් ආරක්ෂා කර ගැනීම සඳහා නව ක්‍රමවේද පිළිබඳ අධ්‍යනයක් ආරම්භ කර ඇතැයි ද අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේ ය. මේ අතර දෛනිකව එළවළු මිල ගණන් ඉහළ යමින් ඇතැයි පිටකොටුව මැනිං වෙළඳපොළේ වෙළඳ සංගමය පවසයි. එහි සභාපති ගාමිණී හඳුන්ගේ මහතා පැවසුවේ, කැරට්, මාළුමිරිස් කිලෝග්‍රෑමයක මිල රුපියල් 300 ඉක්මවා ගොස් ඇති බවයි. අමු මිරිස් කිලෝග්‍රෑමයක් රුපියල් 500ත් 550ත් අතර මිලකට අලෙවි කෙරෙන බව ද ඔහු සඳහන් කළේ ය.
2018-11-26T21:08:46.000Z
මාතර පිහි ඇණුමේ තුන්වන සැකකරුත් අත්අඩංගුවට
මාතර පිහි ඇණුමේ තුන්වන සැකකකරුත් අත්අඩංගුවට
COLOMBO (News 1st) : මාතර, ඇලවේල්ල පාරේ උපකාරක පංතියක් අසලදී පිහියකින් ඇණ සිසුවෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ, අද උදැසන 6.20 ට පමණ මාතර‍ කොට්ඨාස බුද්ධි අංශ නිලධාරීන් කණ්ඩායමක් විසින් මාතර නගරයේදී සැකකරු අත්අඩංගුවට ගනු ලැබ ඇති බවයි. තුනුරු විමුක්ති ජයවීර නමැති 17 හැවිරිදි ඔහු මාතර, වල්ගම පදිංචිකරුවෙකි. සැකකරු, ඝාතනය සඳහා පැමිණි යතුරු පැදිය පැදවූ අය බවට විමර්ශනවලදී අනාවරණය වී තිබේ. මේ අතර පිහි ඇනුමෙන් මියගිය 19 හැවිරිදි රසිඳු ගිම්හාන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ මාතරදී සිදු කිරීමට නියමිතයි. මාතර පිහි ඇණුමේ සැකකාර සිසුවා අධිකරණයට භාරවෙයි
2018-11-26T20:27:12.000Z
වසරේ රග්බි ක්‍රීඩකායට හිමි සම්මානය ජොනීට
වසරේ රග්බි ක්‍රීඩකායට හිමි සම්මානය ජොනීට
COLOMBO (News 1st) : අයර්ලන්තයේ ජොනී සෙක්ස්ටන් 2018 වසරේ රග්බි ක්‍රීඩකායට හිමි සම්මානය හිමිකර ගත්තේ ය. ඔහු වාර්තා අතරට එක්වුණේ, එම සම්මානය 2001 වසරෙන් පසුව හිමිකර ගත් පළමු අයර්ලන්ත ජාතිකයා ලෙසයි. ලොව පුරා සිටින දක්ෂ රග්බි ක්‍රීඩක ක්‍රීඩිකාවන්, පුහුණුකරුවන් හා කණ්ඩායම් ඇගයීම සඳහා ලෝක රග්බි සම්මේලනය විසින් පවත්වන ලබන වාර්ෂික සම්මාන උළෙල මොනාකෝ හීදී පැවැත්විණ. එහිදී වසරේ රග්බි ක්‍රීඩකයාට හිමි සම්මානය හිමිකර ගත්තේ අයර්ලන්තයේ ජොකි සෙක්ස්ටන් විසිනි. 2001 වසරෙන් පසුව වසරේ රග්බි ක්‍රීඩකායට හිමි සම්මානය හිමිකරගත් පළමු අයර්ලන්ත රග්බි ක්‍රීඩකයා ද ඔහු ය. වසරේ රග්බි ක්‍රීඩකයාට හිමි සම්මානය සඳහා සෙක්ස්ටන්ට අමතරව දකුණු අප්‍රිකාවේ රග්බි ක්‍රීඩකයින් වන මැල්කම් මාක්ස් හා ෆෆ් ඩ ක්ලක් නිර්දේශ වී සිටියහ. කෙසේ වෙතත් වසරේ රග්බි ක්‍රීඩකයාට හිමි සම්මානය නවසීලන්ත ක්‍රීඩකයින්ගෙන් ගිලිහුණේ, වසර 7 කට පසුව වීම ද විශේෂත්වයකි. අයර්ලන්ත ජාතික රග්බි කණ්ඩායමේ පුහුණුකරු ජෝ ශ්මිඩ් වසරේ රග්බි පුහුණූකරුට හිමි සම්මානය දිනා ගත්තේ ය. මීළඟ රග්බි ලෝක කුසලානයෙන් පසුව ඔහු අයර්ලන්ත කණ්ඩායමේ පුහුණුකරු ධූරයෙන් ඉවත් වන බව පසුගිය දා නිවේදනය කළ අතරඉන් පසුව මෙම සම්මානය ඔහුට හිමිවීම ද විශේෂත්වයකි. නවසීලන්තයේ ජසී ට්‍රේමියුලීයා වසරේ රග්බි ක්‍රීඩිකාවට හිමි සම්මානය හිමිකර ගත්තෙ ය. මෙවර සය සමාජික රග්බි ලෝක ශුරතාවලිය දිනා ගත් අයර්ලන්ත කණ්ඩායම වසරේ රග්බි කණ්ඩායමට හිමි සම්මානය හිමිකර ගත්තේ ය.
2018-11-26T20:09:23.000Z
පාර්ලිමේන්තුව අද ත් 1කට රැස්වෙයි
පාර්ලිමේන්තුව අද ත් 1කට රැස්වෙයි
COLOMBO (News 1st) : පාර්ලිමේන්තුව අද පස්වරු 1.00ට රැස්වීමට නියමිතව තිබේ. අදත් පාර්ලිමේන්තුවේ මහජන ගැලරිය සහ විශේෂ ආරාධිත මෙන්ම ආරාධිත ගැලරිය ද වසා දැමෙනු ඇති. අද පාර්ලිමේන්තුව සඳහා සිය පාර්ලිමේන්තු කණ්ඩායම සහභාගී වනවා ද නැද්ද යන්න පිළිබඳ මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බව එක්සත් ජනතා නිදහස් සන්ධානය පවසයි. සන්ධාන මන්ත්‍රී චන්දිම වීරක්කොඩි පැවසුවේ, ආණ්ඩු පක්ෂ කණ්ඩායම් රැස්වීමෙන් පසු ඉදිරි ක්‍රියා මාර්ග තීරණය කරන බවයි. කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණ අද සැසිවාරයට සහභාගී වීමට නියමිතව ඇත. මේ අතර, පසුගියදා පාර්ලිමේන්තුවේ ඇතිවු කළහාකාරී සිදුවීම් සම්බන්ධයෙන්, පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල සමාජිකයින් ඇතුළු නිලධාරීන් 20දෙනෙකුගෙන් පමණ ප්‍රකාශ ලබා ගත් බව පොලීසිය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධීකාරි රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළේ, පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකු ද ඒ අතර සිටින බවයි. කළහාකාරී සිදුවීම්වලට අදාළ ආරක්ෂිත කැමරා දර්ශන පිළිබඳ විමර්ශන කටයුතු මේ දිනවල සිදුකරමින් ඇතැයි ද ඔහු ප්‍රකාශ කළේ ය. මේ අතර අදත් පාර්ලිමේන්තුවේ ආරක්ෂාව සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය යෙදවීමට පියවර ගෙන තිබේ. එහි ජ්‍යෙෂ්ඨ නිලධාරීයෙකු සඳහන් කළේ, අවශ්‍යතාව අනුව යෙදවීමට විශේෂ කණ්ඩායම් කිහිපයක් ද සුදානම් කර ඇති බවයි.
2018-11-26T19:55:30.000Z
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
COLOMBO (News 1st) : දේශීය පුවත්... 1. ඌවේ සෞඛ්‍ය සේවකයින් සියලු දෙනා වර්ජනයක් අරඹයි: ඌව පළාතේ වෛද්‍යවරු ඇතුළු සියලුම සෞඛ්‍ය සේවකයින් ඊයේ වැඩ වර්ජනයක නිරත විය. 2. රනිල් ඇතුළු 122ක් ගොනු කළ පෙත්සම සලකා බැලීමට තීරණය කෙරේ : වත්මන් අග්‍රාමාත්‍යවරයාට හා අමාත්‍ය මණ්ඩලයට අගමැති ධුරය හා අමාත්‍ය ධුර දැරීමට නිත්‍යානුකූල බලයක් නොමැති බව බව නිගමනය කරන්නැයි, ඉල්ලා ගොනු කර ඇති පෙත්සම සලකා බැලීම සඳහා ලබන 30 සහ 03 වන දා කැඳවීමට අභියාචනාධිකරණය ඊයේ තීරණය කළේ ය. 3. මාතර පිහි ඇණුමේ සැකකාර සිසුවා අධිකරණයට භාරවෙයි: මාතර, ඇලවේල්ල පාරේ උපකාරක පංතියක් අසලදී පිහියකින් ඇන සිසුවෙකු ඝාතනය කිරිමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු අධිකරණයට භාර වීමෙන් අනතුරව ලබන මස 3 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ. 4. පාර්ලිමේන්තුව විසුරුවීම පිළිබඳ පෙත්සම් විභාගයට 07 දෙනෙකුගෙන් යුත් විනිසුරු මඩුල්ලක් : පාර්ලිමේන්තුව විසුරුවා හැරීම අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සම් විභාග කිරීම සඳහා අගවිනිසුරු නලීන් පෙරේරා මහතා 07 දෙනෙකුගෙන් සමන්විත පූර්ණ විනිසුරු මඩුල්ලක් පත් කර තිබේ. 5. ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ හිටපු සභාපතිට වසර 05 ක අත්හිටවු සිරදඬුවමක් : ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ හිටපු සභාපති ප්‍රදීප් කාරියවසම් මහතාට අද වසර 05 ක අත්හිටවු සිරදඬුවමක් හා රුපියල් ලක්ෂ 03 ක දඩයක් නියම කළේ ය. 6. "වංචා දූෂණ සම්බන්ධයෙන් ජනපති ද සමවගකීම භාරගත යුතුයි" - කබීර් හෂීම් : ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ විදෙස් මාධ්‍යවේදීන් අමතමින් කළ ප්‍රකාශය පිළිබඳව එක්සත් ජාතික පක්ෂයේ සභාපති කබීර් හෂීම් මහතා ප්‍රතිචාර දක්වා තිබේ. ක්‍රීඩා පුවත්.... 1. ශ්‍රී ලංකාව පැරදු එංගලන්තයට විශිෂ්ට ජයක් : ශ්‍රී ලංකාව සමග පැවති ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය එංගලන්තය තරග 3 ට 0 ක පූර්ණ ජයග්‍රහණයක් අත් කරගෙන තිබේ.
2018-11-26T19:34:27.000Z
දුම්රිය රියැදුරුවරු ඉන්ධන ප්‍රවාහනයෙන් ඉවත් වෙති
දුම්රිය රියැදුරුවරු ඉන්ධන ප්‍රවාහනයෙන් ඉවත් වෙති
COLOMBO (News 1st ) : දුම්රිය රියැදුරුවරු තවදුරටත් ඉන්ධන ප්‍රවාහන දුම්රිය ධාවනයෙන් ඉවත්ව සිටිති. ඔවුන් ඊයේ පස්වරුවේ සිට ඉන්ධන ප්‍රවාහන දුම්රිය ධාවනයෙන් ඉවත්ව සිටින්නේ, පිරිසක් එල්ල කළ පහරදීමට විරෝධය පළ කරමිනි. දුම්රිය රියැදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා ප්‍රකාශ කළේ, තම ඉල්ලීම් සඳහා බලධාරීන්ගේ අවධානය යොමු වන තුරු වර්ජනයේ නිරත වන බවයි. එහි ආරක්ෂක අධීකාරි අනුර ප්‍රේමරත්න මහතා සඳහන් කළේ, දුම්රියේ ආරක්ෂාව සඳහා මේ වන විට ආරක්ෂක නිලධාරීන් යොදවා ඇති බවයි. ඒ සඳහා පොලීසියේ සහය ඉල්ලා ඇතැයි ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය. මේ අතර, දුම්රියට පහරදීම සම්බන්ධයෙන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි. පොලීසිය සඳහන් කළේ, සැකකරුවන් අද අලුත්කඩේ අංක 2 අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි. දුම්රිය ආරක්ෂාව සඳහා විශේෂ කණ්ඩායමක් පැය 24 පුරා යෙදවීමට පියවර ගෙන ඇතැයි, ද පොලීසිය ප්‍රකාශ කළේ ය. කොලොන්නාව හා ඔරුගොඩවත්ත අතර ධාවනය වෙමින් තිබු ඉන්ධන ප්‍රවාහනය කරන දුම්රිය එංජිමක් නවතා ප්‍රදේශ වාසින් විසින් දුම්රිය රියැදුරට සහ සහයකට පහර දීමත් සමග ඊයේ පස්වරුවේ මෙම වර්ජනය ආරම්භ කෙරිණ.
2018-11-26T19:15:44.000Z
'හබරකඩ වසන්ත', 'මීගොඩ උපුල්' STF සමග වෙඩි හුවමාරුවකින් මරුට
හබරකඩ වසන්ත, මීගොඩ උපුල් වෙඩි හුවමාරුවකින් මරුට
COLOMBO (News 1st) : කොට්ටාව, රුක්මල්ගම අධිවේගී මාර්ග ගුවන් පාලම ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය සමග ඇතිවූ වෙඩි හුවමාරුවකින් සංවිධානාත්මක අපරාධකරුවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළේ, සංවිධානාත්මක අපරාධකරුවන් දෙදෙනෙකු වන 'හබරකඩ වසන්ත' සහ 'මීගොඩ උපුල්' එලෙස මිය ගොස් ඇති බවයි. සංවිධානාත්මක අපරාධකරුවන් දෙදෙනෙකු සැරිසරන බවට ඊයේ රාත්‍රී ලද තොරතුරක් අනුව, එහි ගිය පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ට අපරාධකරුවන් විසින් වෙඩි තැබීමක් සිදු කර තිබේ. එහිදී විශේෂ කාර්ය බලකාය එල්ල කළ ප්‍රතිප්‍රහාර හමුවේ වෙඩි වැඳී තුවාල ලැබු අපරාධකරුවන් හෝමාගම රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇතැයි, පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසී ය. හබරකඩ වසන්ත නමැත්තා, පසුගියදා මාතර ස්වර්ණාභරණ අලෙවිසැල කොල්ලකෑමේ සිද්ධිය ප්‍රධාන සැකකරුවෙකු වන බව ද පොලීසිය ප්‍රකාශ කළේ ය.
2018-11-26T09:48:04.000Z
"සිදු වූ වංචා දූෂණ සම්බන්ධයෙන් ජනපති ද සමවගකීම භාරගත යුතුයි" - කබීර් හෂීම්
ජනාධිපති ප්‍රකාශයට කබීර් හෂීම්ගෙන් ප්‍රතිචාරයක්..
COLOMBO (News 1st) - ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ විදෙස් මාධ්‍යවේදීන් අමතමින් කළ ප්‍රකාශය පිළිබඳව එක්සත් ජාතික පක්ෂයේ සභාපති කබීර් හෂීම් මහතා ප්‍රතිචාර දක්වා තිබේ. නිවේදනයක් නිකුත් කරමින් කබීර් හෂීම් මහතා පැවසූවේ, පසුගිය ආණ්ඩුව කිසිසේත් රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුවක් නොවන බවයි. මෛත්‍රීපාල සිරිසේන මහතා ජාතික ආණ්ඩුවේ ප්‍රධානියා පමණක් නොව එවක රජයේ තීරණ ගැනුණු කැබිනට් මණ්ඩලයේ ද නායකයා බැවින් ඉකුත් වසර 3 හමාරක පමණ කාලය තුළ සිදුවුවා යැයි කියන වංචා දූෂණ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ද සමවගකීමක් භාරගත යුතු බව කබීර් හෂීම් මහතා පවසයි. අදාළ දූෂණ වංචා සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට ජනාධිපති කොමිසමක් පත් කිරීම සම්බන්ධයෙන් ස්තූතිය පළ කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සිය නිවේදනයෙන් දක්වා ඇත්තේ එම කොමිසම මගින් ජනාධිපතිවරයා සම්බන්ධයෙන් ද පරීක්ෂණ පැවැත්විය යුතු බවයි. රනිල් වික්‍රමසිංහ මහතාට පාර්ලිමේන්තුවේ බහුතරය හිමිවුව ද ඔහුව ජීවිතාන්තය තෙක් යළි ත් අග්‍රාමාත්‍ය ධූරයට පත් නොකිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් ද කබීර් හෂීම් මන්ත්‍රීවරයා සිය නිවේදනයෙන් අවධානයට යොමුකර ඇත. එහි දැක්වෙන්නේ ජනාධිපතිවරයාගේ අදාළ ප්‍රකාශය පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය උල්ලංඝණය කිරීමක් බවයි. ජනාධිපතිවරයා ව්‍යවස්ථානුකූල විධිවිධාන ක්‍රියා කළ යුතු බවත් සිය පෞද්ගලික ද්වේෂයන් පිරිමසා ගැනීම වෙනුවෙන් ව්‍යවස්ථාව භාවිත නොකළ යුතු බවත් ඔහු පෙන්වා දෙයි. මෛත්‍රීපාල සිරිසේන මහතා ජීවිතාන්තය දක්වා ජනාධිපති ධූරයට පත්කර නොගත් බවත් තව ත් මාස 12 කින් පමණ ඔහුගේ ධූර කාලය අවසන් වන බවත් එකසත් ජාතික පක්ෂයේ සභාපති කබීර් හෂීම් මහතා සිය නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.
2018-11-26T06:36:12.000Z
වෛද්‍ය පාලිත අබේකෝන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ නව සභාපති ලෙස පත් කෙරේ
ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට නව සභාපති කෙනෙක් පත් කෙරේ
COLOMBO (News 1st) - වෛද්‍ය පාලිත අබේකෝන් මහතා ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ නව සභාපතිවරයා වශයෙන් පත් කර තිබේ. එම පත්වීම වසර 05 ක කාලයක් සඳහා බල පැවැත්වෙනු ඇති.
2018-11-26T06:08:29.000Z
ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 181 ඉක්මවයි
ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 181 ඉක්මවයි
COLOMBO (News 1st) - මහ බැංකුව නිකුත් කළ විනිමය අනුපාත අගයන්වලට අනුව අද අමෙරිකානු ඩොලරයේ අගය තවදුරටත් අවප්‍රමාණය වී තිබේ. ඒ අනුව අද අමෙරිකානු ඩොලර් එකක විකුණුම් මිල දැක්වුණේ රුපියල් 181.51 ක් ලෙසයි. බ්‍රිතාන්‍ය ස්ටර්ලිං පවුමක විකුණුම් මිල රුපියල් 233.72 ක් ලෙස දැක්විණි. යුරෝ එකක විකුණුම් මිල දැක්වුණේ රුපියල් 207.10 ක් ලෙසයි.