date
stringlengths 24
24
| title
stringlengths 0
176
| short_title
stringlengths 10
69
| content
stringlengths 0
19.7k
|
---|---|---|---|
2018-11-26T05:55:25.000Z | ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ හිටපු සභාපති ප්‍රදීප් කාරියවසම්ට වසර 05 ක අත්හිටවු සිරදඬුවමක් | ප්‍රදීප් කාරියවසම්ට වසර 05 ක අත්හිටවු සිරදඬුවමක් | COLOMBO (News 1st) - ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ හිටපු සභාපති ප්‍රදීප් කාරියවසම් මහතාට අද වසර 05 ක අත්හිටවු සිරදඬුවමක් හා රුපියල් ලක්ෂ 03 ක දඩයක් නියම කර තිබේ. ඒ, රජයට අලාභයක් සිදු වන බව දැන දැනම ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ මුදල් යොදවා ද ෆිනෑන්ස් සමාගමේ කොටස් ලක්ෂ 78 ක් මිලදි ගැනීම ඇතුළු චෝදනා 04 කට අධිකරණය හමුවේ වරදකරුවීම හේතුවෙනි. කොළඹ පූර්වගාමී ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා මොහුට එම දඬුවම් නියම කර ඇත. 2012 මාර්තු 01 සිට මැයි 30 අතර කාලය තුළ එම අක්‍රමිකතා සිදු කළ බවට ප්‍රදීප් කාරියවසම් මහතාට එරෙහිව චෝදනා ගොනු කර තිබුණි. |
2018-11-26T05:30:56.000Z | ශ්‍රී ලංකාව පැරදු එංගලන්තයට විශිෂ්ඨ ජයක් | ශ්‍රී ලංකාව පැරදු එංගලන්තයට විශිෂ්ඨ ජයක්... | ශ්‍රී ලංකාව සමග පැවති ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය එංගලන්තය තරග 3 ට 0 ක පූර්ණ ජයග්‍රහණයක් අත් කරගෙන තිබේ. ඒ, කොළඹ එස්. එස්. සී පිටියේ පැවැති තෙවන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය ලකුණු 42 කින් ජය ගනිමිනි. ජයග්‍රහණය සඳහා ලකුණු 327 ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට දෙවැනි ඉනිමේදී සියලු දෙනා දැවී රැස් කර ගැනීමට හැකි වූයේ ලකුණු 284 ක් පමණි. |
2018-11-26T04:50:18.000Z | පාර්ලිමේන්තුව විසුරුවීම පිළිබඳ පෙත්සම් විභාගයට 07 දෙනෙකුගෙන් යුත් විනිසුරු මඩුල්ලක් | පාර්ලිමේන්තුව විසුරුවීම ගැන පෙත්සම් විභාගය | COLOMBO (News 1st) - පාර්ලිමේන්තුව විසුරුවා හැරීම අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සම් විභාග කිරීම සඳහා අගවිනිසුරු නලීන් පෙරේරා මහතා 07 දෙනෙකුගෙන් සමන්විත පූර්ණ විනිසුරු මඩුල්ලක් පත් කර තිබේ. එම විනිසුරු මඩුල්ල වන්නේ, අගවිනිසුරු නලීන් පෙරේරා, බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෲ, ප්‍රියන්ත ජයවර්ධන, ප්‍රසන්න ජයවර්ධන, විජිත් මලල්ගොඩ සහ මූර්තු ප්‍රනාන්දු යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ය. මෙම පෙත්සම් සඳහා අතරමැදි පාර්ශවකරුවන් ලෙස ඉදිරිපත් වූ උදය ගම්මන්පිල මහතා ඇතුළු 5 දෙනෙකු කළ ඉල්ලීම අනුව අගවිනිසුරුවරයා මෙම පූර්ණ විනිසුරු මඩුල්ල පත් කර ඇත. පෙත්සම් විභාගය ලබන මස 04 වැනි දා ආරම්භ කිරීමට නියමිත වේ. |
2018-11-26T04:19:43.000Z | සා/පෙළ උපකාරක පන්ති හෙට මැදියම් රැයෙන් පසු තහනම් | සා/පෙළ උපකාරක පන්ති හෙට මැදියම් රැයෙන් පසු තහනම් | COLOMBO (News 1st) - අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අදාළව උපකාරක පන්ති සංවිධානය කිරීම, එම පන්ති මෙහෙයවීම, විෂයානුබද්ධ දේශන සම්මන්ත්‍රණ හා වැඩමුළු පැවැත්වීම හෙට මධ්‍යම රාත්‍රියෙන් පසු සම්පූර්ණයෙන් තහනම් බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, සාමාන්‍ය පෙළ විභාගය සඳහා අනුමාන ප්‍රශ්න පත්‍ර ඇතුළත් ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කිරීම, ඒවා බෙදා හැරීම, විභාග ප්‍රශ්න පත්‍රවල ප්‍රශ්න ලබා දෙන බවට හෝ ඒ හා සමාන ප්‍රශ්න ලබා දෙන බවට පෝස්ටර්, බැනර්, අත්පත්‍රිකා විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍ය මගින් ප්‍රසිද්ධ කිරීම හෝ එවැනි දේ ළඟ තබා ගැනීම සම්පූර්ණයෙන් තහනම් බවයි. යම් අයෙක් හෝ ආයතනයක් හෝ පාර්ශවයක් මෙම නියෝග යම් ආකාරයකින් හෝ කඩ කරන්නේ නම් ළඟම ඇති පොලිස් ස්ථානයට හෝ පොලිස් මූලස්ථානයට නැතිනම් විභාග දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන ලෙස විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. ඒ පිළිබඳ පැමිණිලි, විභාග දෙපාර්මේන්තුවේ 1911 හෝ 0112 278 42 08 හෝ 0112 278 45 37 යන දුරකතන අංකවලට දැනුම් දිය හැකියි. අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය ලබන 03 වන දා ආරම්භ වන අතර එය ලබන 12 වැනි දා දක්වා පැවැත්වෙනු ඇති. |
2018-11-26T02:09:47.000Z | බැසිල්ට එරෙහි 'දිවිනැගුම' නඩුව කල්යයි | බැසිල්ට එරෙහි 'දිවිනැගුම' නඩුව කල්යයි | COLOMBO (News 1st) : හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට එරෙහි නඩු විභාගය ලබන වසරේ මාර්තු 15 වනදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණ විනිසුරු රත්නප්‍රිය ගුරුසිංහ මහතා අද නියෝග කළේ ය. බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු 04 දෙනෙකුට එරෙහිව මෙම නඩුව විභාග වන්නේ, පසුගිය ජනාධිපතිවරණ සමයේදී දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් රුපියල් මිලියන 2991ක් වැය කර දිවිනැගුම ප්‍රතිලාභලභීන් අතර සෙවිලි තහඬු බෙදා හැරීම ඇතුළු චෝදනා සම්බන්ධයෙනි. පැමිණිල්ල මෙහෙයවන නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතා විශේෂ මහාධිකරණය හමුවේ විභාග වන වෙනත් නඩු විභාගයකට පෙනී සිටින බවින් මෙම නඩු විභාගය කල් දමන ලෙස නීතිපතිවරයා මහාධිකරණයෙන් ඉල්ලා තිබිණ. ඒ අනුව නඩු විභාගය ලබන වසරේ මාර්තු 15 වන දා දක්වා කල් තැබීමට මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේ ය. නඩුවේ සෙසු විත්තිකරුවන් වන්නේ, කිත්සිරි රණවක, බන්දුල තිලකසිරි සහ වෛද්‍ය නිහාල් ජයතිලක යන මහත්වරුන් ය. |
2018-11-26T01:30:17.000Z | මාතර පිහි ඇණුමේ සැකකාර සිසුවා අධිකරණයට භාරවෙයි | මාතර සිසුවා ඝාතනයේ සැකකරු අධිකරණයට භාරවෙයි | COLOMBO (News 1st) : මාතර, ඇලවේල්ල පාරේ උපකාරක පංතියක් අසලදී පිහියකින් ඇන සිසුවෙකු ඝාතනය කිරිමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු අධිකරණයට භාර වීමෙන් අනතුරව ලබන මස 3 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ. 17 හැවිරිදි ප්‍රධාන සැකකරු ජාතූන් කංකානම්ගේ සිතිජ සෞන්දර්ය නමැති අයෙකි. අද පෙරවරුවේ ඔහු මාතර අතිරේක මහෙස්ත්‍රාත් අධිකරණයට භාර වීමෙන් අනතුරුව මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ ය. ප්‍රධාන සැකකරුගෙන් ප්‍රකාශයක් ලබා ගැනිම සඳහා අධිකරණය පොලීසියට අවසර ලබා දී තිබේ. මේ අතර එම ඝාතන සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවෙකු මාතර පොලිස් අධිකාරි කාර්යාලයට අද දහවල් භාර වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය. කුෂාන් නම්නජිත් සමරසිංහ දිසානායක නමැති එම සැකකරුද 17 හැවිරිදි වියේ පසුවේ. ඝාතනයෙන් පසු සැකකරුවන් ප්‍රදේශයෙන් පලාගොස් තිබූ අතර අපරාධය සිදු කිරීම සඳහා ඔවුන් පැමිණි යතුරුපැදිය මාතර නගරයේ තිබීයදී ඊයේ පස්වරුවේ සොයා ගැනිණ. පසුගිය 24 වන දා පස්වරුවේ සිදුවූ පිහි ඇනුමෙන් තුවාල ලැබූ මාහේන, තිහගොඩ පදිංචි 19 හැවිරිදි රසිඳු ගිම්හාන සිසුවා ජීවිතක්ෂයට පත්වූයේ, රෝහල්ගත කිරීමෙන් අනතුරුවයි. සිද්ධියෙන් තුවාල ලබා රෝහල්ගත කර සිටි එක් සිසුවෙකු ඊයේ රෝහලෙන් පිටව ගොස් තිබිණ. මූලික පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී ඇත්තේ, ප්‍රධාන සැකකරුගේ පෙම්වතියට, මියගිය රසිඳුගේ සහෝදරයා බැණ වැදීමත් සමග දෙපාර්ශවය අතර අවස්ථා කිහිපයකදී ගැටුම් සිදුව ඇති බවයි. එහි ප්‍රතිඵලයක් ලෙස මෙම පිහිඇණුම සිදුව තිබිණ. https://www.youtube.com/watch?v=jXI9SI9rHkc |
2018-11-26T00:54:22.000Z | රනිල් ඇතුළු 122ක් ගොනු කළ පෙත්සම සලකා බැලීමට තීරණය කෙරේ | රනිල් ඇතුළු මන්ත්‍රීන් 122ක් ගොනු කළ පෙත්සම කැඳවයි | COLOMBO (News 1st) : වත්මන් අග්‍රාමාත්‍යවරයාට හා අමාත්‍ය මණ්ඩලයට අගමැති ධුරය හා අමාත්‍ය ධුර දැරීමට නිත්‍යානුකූල බලයක් නොමැති බව බව නිගමනය කරන්නැයි, ඉල්ලා ගොනු කර ඇති පෙත්සම සලකා බැලීම සඳහා ලබන 30 සහ 03 වන දා කැඳවීමට අභියාචනාධිකරණය අද තීරණය කළේ ය. පෙත්සම ගොනු කර ඇත්තේ, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ඇතුළු මන්ත්‍රීවරුන් 122කි. අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ හා කැබිනට් මණ්ඩලය ඇතුළු 49 දෙනෙකු පෙත්සමෙන් වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබේ. අද දින පෙත්සම කැඳවනු ලැබුවේ, අභියාචනාධිකරණ සභාපති විනිසුරු පී. පද්මන් සූරසේන සහ අර්ජුණ ඔබේසේකර යන විනිසුරු මඬුල්ල හමුවේයි. |
2018-11-26T00:39:31.000Z | ඌවේ සෞඛ්‍ය සේවකයින් සියලු දෙනා වර්ජනයක් අරඹයි | ඌවේ සෞඛ්‍ය සේවකයින් සියලු දෙනා වර්ජනයක් අරඹයි | COLOMBO (News 1st) : ඌව පළාතේ වෛද්‍යවරු ඇතුළු සියලුම සෞඛ්‍ය සේවකයින් වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ. ඔවුන් මෙම වර්ජනය ආරම්භ කර ඇත්තේ, පවතින අතිකාල ගැටලුවකට විසඳුම් ඉල්ලමිනි. ඌව පළාත් හෙද, පරිපූරක, අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ පෙරමුණේ සභාපත ඒ, රත්නායක මහතා පැවසුවේ සියලුම පළාත් රෝහල්වල මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක බවයි. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ දියතලාව රෝහල් ශාඛාවේ ලේකම් වෛද්‍ය එච්.එම්.එච්.සී. බණ්ඩාර මහතා පැවසුවේ සිය අතිකාල ගැටලුවට විසඳුම් ලබාදීමට බලාධාරින් අපොහොසත්ව ඇති බවයි. |
2018-11-26T00:32:51.000Z | වාද්දුව ඇතුළු ප්‍රදේශ කිහිපයකට පැය 15ක ජල කප්පාදුවක් | වාද්දුවට පැය 15ක ජල කප්පාදුවක් | COLOMBO (News 1st) : හෙට පෙරවරු 8.30 සිට රාත්‍රී 11.30 දක්වා පැය 15ක කාලයක් වාද්දුව ඇතුළු ප්‍රදේශ කිහිපයක ජල සැපයුම තාවකාලිකව අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය පවසයි. ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය සඳහන් කළේ, ලංකා විදුලි බල මණ්ඩලයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් කෙත්හේන ජල පවිත්‍රාගාරයට සපයන විදුලි බලය අත්හිටුවීම එයට හේතු වී ඇති බවයි. ඒ අනුව වාද්දුව ,වස්කඩුව ,පොතුපිටිය , කළුතර දකුණ ,කළුතර උතුර , කටුකුරුන්ද ,නාගොඩ ,පයාගල ,පිලමිනාවත්ත , බොම්බුවල, මග්ගොන ,බේරුවල ,කලුවාමෝදර ,මොරගල්ල , අලුත්ගම ,දර්ගා නගරය සහ බෙන්තොට යන ප්‍රදේශයන්හි හෙට පෙරවරු 8.30 සිට රාත්‍රි 11.30 දක්වා පැය 15ක කාලයක් ජල සැපයුම අත්හිටුවනු ඇති. |
2018-11-25T22:53:41.000Z | දේශපාලන අර්බූද මැද කොළඹදී සත්‍යග්‍රහ දෙකක් | දේශපාලන අර්බූද මැද කොළඹදී සත්‍යග්‍රහ දෙකක් | COLOMBO (News 1st) : මතුව ඇති දේශපාලන අර්බුදය මූලික කරගනමින් කොළඹදී මේ වනවිට සත්‍යග්‍රහ දෙකක් පැවැත්වේ. ජාතික සිසුජන ව්‍යාපාරය විහාරමහාදේවි උද්‍යානය අසලදී ඊයේ අඛණ්ඩ සත්‍යග්‍රයක් ආරම්භ කළේ ය. ඒ ඇතිව ඇති දේශපාලන අර්බුදය විසඳීම සඳහා මැතිවරණයකට යොමුවන ලෙස බලකරමිනි. මේ අතර ප්‍රජාතන්ත්‍රවාදය රැක ගැනීමට පෙළ ගැසෙමු යන තේමාවෙන් කොළඹ මහනගර සභාව ඉදිරිපිට පසුගිය 21 වන දා ආරම්භ කළ අඛණ්ඩ සත්‍යග්‍රහය අද 6 වන දිනටත් ක්‍රියාත්මකයි. |
2018-11-25T21:37:12.000Z | "අපි බොහොම ඉවසීමෙන් කටයුතු කළා.." | "අපි බොහොම ඉවසීමෙන් කටයුතු කළා.." | ශ්‍රී ලංකාවට එරෙහි තුන්වැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේදී තම කණ්ඩායම මේ වන විට හොඳ තත්ත්වයක සිටින බවට එංගලන්ත ක්‍රිකට් උපනායක ජෝස් බට්ලර් පවසයි. ශ්‍රී ලංකා - එංගලන්ත තුන්වැනි සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය අද සිව්වැනි දිනටත් කොළඹ එස්.එස්.සී. පිටියේදී පැවැත්වේ. ලකුණු 327ක ඉලක්කයක් හඹා යන ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ දිනය අවසන් වන විට කඩුලු 6ක් අතැතිව ලකුණු 274ක් පසු පසින් සිටී. තරගයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් අදහස් දැක්වූ එංගලන්ත ක්‍රිකට් උප නායක ජෝස් බට්ලර්... එය අපේ කණ්ඩායම ලබා ගත්ත ලොකු ජයග්‍රහණයක් කියලා කියන්න පුළුවන්. අපි මේ තරගය හොඳ තත්ත්වයකට ගෙනාවා. කියලා මං හිතනවා. අපේ පැත්තෙන් කණ්ඩායම පිළිබඳව කතා කළොත් අපිට මේ තත්ත්වයට එන්න අවශ්‍ය වුණා. පන්දුව යොදාගෙන මේ ආකාරයෙන් තරගයේ පීඩනයක් ඇති කරන්න අපි බොහෝම ඉවසීමෙන් කටයුතු කළා තරගය අද දිනයේත් සිරස TV සහ TV1 නාලිකා ඔස්සේ සජීව ලෙස විකාශය කිරීම සියලු කටයුතු සූදානම්. |
2018-11-25T21:28:17.000Z | නායයාම් අනතුරු ඇඟවීම තවදුරටත් | නායයාම් අනතුරු ඇඟවීම තවදුරටත් | COLOMBO (News 1st) : කෑගල්ල, රත්නපුර, කළුතර සහ කොළඹ දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිකුත් කළ නායයාම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනය අඛණ්ඩව ක්‍රියාත්මක වේ. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සදහන් කළේ, ඒ අනුව කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට දැරණියගල දෙහිඕවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ජනතාවත් රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට හා ඇහැලියගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ජනතාවත් නායයාම් පිළිබඳව අවධානයෙන් පසුවිය යුතු බවයි. කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල සහ ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ජනතාවත් කොළඹ දිස්ත්‍රික්කයේ පාදුක්ක සහ සීතාවක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ජනතාවත් නායයෑම් පිළිබදව වඩාත් අවධානයෙන් පසුවිය යුතු බව ඔහු වැඩිදුරටත් පැවසී ය. මේ අතර අද සවස 2න් පමණ පසුව මධ්‍යම, සබරගමුව, ඌව බස්නාහිර සහ දකුණු පලාත්වල ඇතැම් ස්ථානවලට වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමෙන්තුව සඳහන් කළේ ය. |
2018-11-25T21:21:10.000Z | වරෙන්තුකරුවන් 179ක් පොලිස් දැලේ | වරෙන්තුකරුවන් 179ක් පොලිස් දැලේ | COLOMBO (News 1st): බස්නාහිර පළාත උතුරු දිසාව තුළ සිදු කළ මෙහෙයුමකින් වරෙන්තුකරුවන් 179 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ, පෙරේදා සවස 4 සිට ඊයේ සවස 4 දක්වා කාලය තුළ ගම්පහ, මීගමුව සහ කැලණිය යන පොලිස් කොට්ඨාස ආවරණය වන පරිදි මෙම මෙහෙයුම ක්‍රියාත්මක වූ බවයි. එහිදී අධිකරණය මග හරිමින් සිටි විවෘත වරෙන්තුකරුවන් 127 දෙනෙකු හා වරෙන්තුකරුවන් 52කු අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළේ ය. එම පිරිස අද ගම්පහ, මීගමුව, අත්තනගල්ල, පූගොඩ හා වත්තල යන මහේස්ත්‍රාත් අධිකරණයන් වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. |
2018-11-25T20:44:36.000Z | පානදුරේ ගින්නෙන් වෙළෙඳසල් 3ක් විනාශයි | පානදුරේ ගින්නෙන් වෙළෙඳසල් 3ක් විනාශයි | COLOMBO (News 1st) : පානදුර, කෙලින් වීදියේ වෙළෙඳසලක හටගත් ගින්නක් පැතිරී යාමෙන් තවත් වෙළෙඳසල් තුනක් විනාශවි තිබේ. පොලීසිය පැවසුවේ, ඊයේ රාත්‍රී 8.30 ට පමණ ගින්න හටගෙන ඇති අතර කළුතර, හොරණ, මොරටුව ගිනි නිවිම් රථ යොදා ගනිමින් ගින්න මැඩපැවැත්වීමට පියවර ගත් බවයි. ජීවිත හානි හෝ තුවාලකරුවන් වාර්තාවී නොමැති අතර සිදුවූ අලාභය සම්බන්ධයෙන් මෙතෙක් තක්සේරු කර නොමැත. |
2018-11-25T19:34:13.000Z | ගෙවුණු දවස උණුසුම් කළ පුවත්… | ගෙවුණු දවස උණුසුම් කළ පුවත්… | COLOMBO (News 1st) : දේශීය පුවත්... 1. අග්‍රාමාත්‍යවරයාගෙන් විශේෂ ප්‍රකාශයක්... : රට ගොඩ ගැනීමට ඇති අවසන් අවස්ථාව මෙය බව ත් රට නැවතත් නිවැරදි මාවතට ගෙන ඒමට එක්වන ලෙසත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉල්ලා සිටී. 2. මාතර සිසු ඝාතනයේ ඝාතකයා සෙවීමට පොලිස් කණ්ඩාම් 5ක් : මාතර, ඇලවේල්ල පාරේ උපකාරක පන්තියක් අසලදී 19 හැවිරිදි සිසුවෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් සොයා පොලිස් කණ්ඩායම් 5ක් මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබේ. 3. රනිල් කිසිදිනක අගමැති ධුරයට පත් නොකරන බව ජනපති අවධාරණය කරයි: තම ජීවිත කාලය තුළ රනිල් වික්‍රමසිංහ මහතා නැවත අගමැති ධුරයට පත් නොකරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද මෙරට සිටින විදේශීය මාධ්‍ය ආයතනවල වාර්තාකරුවන් අමතමින් අවධාරණය කර තිබේ. 4. පොලිස්පති CIDය හමුවට : ප්‍රභූ ඝාතන සැලැස්මකට අදාළව සිදුවන පරීක්ෂණයක් වෙනුවෙන් ප්‍රකාශයක් ලබා දීමට පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා ඊයේ පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියේ ය. 5. මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ සුනිල් ශාන්ත බන්ධනාගාරයෙන් පළායාම පිළිබඳ කරුණු හෙළිවෙයි : මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ සුනිල් ශාන්ත නැමති සැකකරු පළාගොස් ඇත්තේ කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේදී බව මූලික විමර්ශනවලදී අනාවරණ වී තිබේ. විදෙස් පුවත්... 1. Brexit ක්‍රියාවලියට යුරෝපා සංගම් නායකයින්ගේ අනුමැතිය: බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් වීම හෙවත් බ්‍රෙක්සිට් ක්‍රියාවලියට, යුරෝපා කවුන්සිලයේ නිර්දේශ ඉදිරිපත්ව තිබේ. ක්‍රීඩා පුවත්... 2. අසන්ත ද මෙල්ගේ සභාපතිත්වයෙන් නව ක්‍රිකට් තේරීම් කමිටුවක් : හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක අසන්ත ද මෙල්ගේ සභාපතීත්වයෙන් නව ක්‍රිකට් තේරීම් කමිටුව පත් කර තිබේ. |
2018-11-25T08:19:34.000Z | අසන්ත ද මෙල්ගේ සභාපතිත්වයෙන් නව ක්‍රිකට් තේරීම් කමිටුවක් | අසන්ත ද මෙල්ගේ සභාපතිත්වයෙන් නව තේරීම් කමිටුවක් | COLOMBO (News 1st) : හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක අසන්ත ද මෙල්ගේ සභාපතීත්වයෙන් නව ක්‍රිකට් තේරීම් කමිටුව පත් කර තිබේ. කමිටුවේ සෙසු සාමාජිකයින් වන්නේ, බ්‍රෙන්ඩන් කුරුප්පු, හේමන්ත වික්‍රමරත්න, සහ චමින්ද මෙන්ඩිස් යන මහත්වරුන් ය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ, එළඹෙන නවසීලන්ත තරග සංචාරය සඳහා කණ්ඩායම තේරීම , නව තේරීම් කමිටුවට පැවරෙන පළමු කාර්ය වනු ඇති බවයි. |
2018-11-25T08:33:15.000Z | අග්‍රාමාත්‍යවරයාගෙන් විශේෂ ප්‍රකාශයක්... | අග්‍රාමාත්‍යවරයාගෙන් විශේෂ ප්‍රකාශයක්... | COLOMBO (News 1st) : රට ගොඩ ගැනීමට ඇති අවසන් අවස්ථාව මෙය බව ත් රට නැවතත් නිවැරදි මාවතට ගෙන ඒමට එක්වන ලෙසත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉල්ලා සිටී. අග්‍රාමාත්‍යවරයා මෙම ඉල්ලීම සිදු කළේ, රටේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි. පසුගිය දා අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමෙන් පසු අන්තර්කාලීන රජය යටතේ ජනතාවට සහන කිහිපයක් ලබා දුන් බව ද අග්‍රාමාත්‍යවරයා සිය ප්‍රකාශය තුළින් සිහිපත් කර ඇත. https://www.youtube.com/watch?v=fBgW-BF8_AQ |
2018-11-25T07:23:17.000Z | මාතර සිසු ඝාතනයේ ඝාතකයා සෙවීමට පොලිස් කණ්ඩාම් 5ක් | මාතර සිසු ඝාතනයට ඝාතකයින් ආ යතුරුපැදිය හමුවෙයි | COLOMBO (News 1st) : මාතර, ඇලවේල්ල පාරේ උපකාරක පන්තියක් අසලදී 19 හැවිරිදි සිසුවෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් සොයා පොලිස් කණ්ඩායම් 5ක් මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබේ. පොලිසීය සඳහන් කළේ, සිද්ධියට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු හඳුනාගෙන ඇති බවයි. පොලීසිය පැවසුවේ, සැකකරුවන් ප්‍රදේශයෙන් පලාගොස් ඇති බවයි. මේ අතර අපරාධය සිදු කිරීම සඳහා සැකකරුවන් පැමිණි යතුරුපැදිය මාතර නගරයේ තිබී අද පස්වරුවේ සොයා ගෙන තිබේ. ඊයේ පස්වරුවේ සිදුවූ පිහි ඇනුමෙන් තුවාල ලැබූ මාහේන, තිහගොඩ පදිංචි 19 හැවිරිදි රසිඳු ගිම්හාන සිසුවා ජීවිතක්ෂයට පත්වූයේ, රෝහල්ගත කිරීමෙන් අනතුරුවයි. සිද්ධියෙන් තුවාල ලබා රෝහල්ගත කර සිටි සිසුවෙකු අද රෝහලෙන් පිටව ගිය බව රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ ය. මූලික පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී ඇත්තේ, ප්‍රධාන සැකකරුගේ පෙම්වතියට, මියගිය රසිඳුගේ සහෝදරයා බැණ වැදීමත් සමග දෙපාර්ශවය අතර අවස්ථා කිහිපයකදී ගැටුම් සිදුව ඇති බවයි. එහි ප්‍රතිඵලයක් ලෙස ඊයේ පස්වරුවේ මෙම පිහිඇණුම සිදුව තිබිණ. |
2018-11-25T06:52:49.000Z | රනිල් කිසිදිනක අගමැති ධුරයට පත් නොකරන බව ජනපති අවධාරණය කරයි | රනිල් අගමැති ධුරයට පත් නොකරන බව ජනපති අවධාරණය කරයි | COLOMBO (News 1st) : තම ජීවිත කාලය තුළ රනිල් වික්‍රමසිංහ මහතා නැවත අගමැති ධුරයට පත් නොකරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද මෙරට සිටින විදේශීය මාධ්‍ය ආයතනවල වාර්තාකරුවන් අමතමින් අවධාරණය කර තිබේ. ජනාධිපතිවරයා පවසා ඇත්තේ, එක්සත් ජාතික පක්ෂයට බහුතරය තිබුණ ද රනිල් වික්‍රමසිංහ මහතා තමන් ඉදිරියට රැගෙන නොඑන ලෙස ඔවුන්ට පවසා ඇති බවයි. රනිල් වික්‍රමසිංහ මහතා, ඔක්තෝබර් 26 වැනි දින ධුරයෙන් ඉවත් කළේ, ඉතාම දුෂිත වීම හේතුවෙන් බව ජනාධිපතිතුමා ඉතා හැඟීම් බරව ප්‍රකාශ කළ බව ප්‍රංශ පුවත් සේවය වාර්තා කළේ ය. ප්‍රංශ පුවත් සේවය සඳහන් කළේ, පාර්ලිමේන්තුවේ බහුතරය ඇති තනි විශාලතම පක්ෂයේ නායකයා අගමැති ධුරයට පත් කළ යුතු නොවේ දැයි මාධ්‍ය වේදීන් මෙහිදී ජනාධිපතිවරයාගෙන් විමසා ඇති බවයි. ඊට පිළිතුරු දෙමින් ජනාධිපතිවරයා පවසා ඇත්තේ, තමා සම්ප්‍රදාය අනුව එහිදී කටයුතු කරන බවයි. තමන් අගමැති ධුරයට පත් කරන තැනැත්තා ජනාධිපතිවරයා සමග වැඩ කළ හැකි අයෙකු විය යුතු වීම සම්ප්‍රදාය බව ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී තිබේ. ජනාධිපතිවරයා පවසා ඇත්තේ, තමන්ට රනිල් වික්‍රමසිංහ මහතා සමග වැඩ කළ නොහැකි අතර, බහුතරය ඇත්නම් එක්සත් ජාතික පක්ෂයට වෙනත් අයෙකු රැගෙන පැමිණිය හැකි බවයි. මේ අතර රනිල් වික්‍රමසිංහ මහතා යටතේ සිදුවු මහා පරිමාණ වංචා දුෂණ ගැන තමන්ට තොරතුරු ලැබී ඇති බවත්, ඒ පිළිබඳව සෙවීමට ජනාධිපති කොමිසමක් පත්කර විමර්ශනයක් කරන බවත්, ජනාධිපතිවරයා විදෙස් මාධ්‍යවේදීන් හමුවේ පවසා තිබේ. https://www.youtube.com/watch?v=b07afuThywY |
2018-11-25T05:53:48.000Z | පොලිස්පති CIDය හමුවට | පොලිස්පති CIDය හමුවට | COLOMBO (News 1st) : ප්‍රභූ ඝාතන සැලැස්මකට අදාළව සිදුවන පරීක්ෂණයක් වෙනුවෙන් ප්‍රකාශයක් ලබා දීමට පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියේ ය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ, උදෑසන 7.30ට පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා ප්‍රකාශයක් ලබා දීමට පැමිණි බවයි. පැය 3 හමාරකට ආසන්න කාලයක් සිය ප්‍රකාශය ලබාදීමෙන් පසු පොලිස්පතිවරයා පෙරවරු 11.00 ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටව ගොස් තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ දැනුම්දීමකට අනුව පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා අද එහි පෙනී සිටියේ ය. දුෂණ විරෝධි බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර නමැත්තා ප්‍රභූ ඝාතනයක් සම්බන්ධයෙන්, පසුගිය දා කළ හෙළිදරව්වට අදාළව පොලිස්පතිවරයාගෙන් එම ප්‍රකාශය ලබා ගෙන ඇතැයි, පොලිසිය සඳහන් කළේ ය. පොලිස්පති, පුජිත් ජයසුන්දර, දුෂණ විරෝධි බලකාය, මෙහෙයුම් අධ්‍යක්ෂ , නාමල් කුමාර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව |
2018-11-25T04:39:19.000Z | Brexit ක්‍රියාවලියට යුරෝපා සංගම් නායකයින්ගේ අනුමැතිය | Brexit ක්‍රියාවලියට යුරෝපා සංගම් නායක අනුමැතිය | COLOMBO (News 1st) : බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් වීම හෙවත් බ්‍රෙක්සිට් ක්‍රියාවලියට, යුරෝපා කවුන්සිලයේ නිර්දේශ ඉදිරිපත්ව තිබේ. එහි සභාපති ඩොනල්ඩ් ටක්ස් සඳහන් කළේ, බ්‍රිතානයේ අනාගතය තීරණය කෙරෙන ලේඛන තමාට ලැබී ඇති බවයි. අද පැවැත්වෙන සමුළුවට සහභාගී වීම සඳහා බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය තෙරේසා මේ, බෙල්ජියමේ බ්‍රසල්ස් නුවරට පැමිණ තිබේ. සමුළුව අද පෙරවරුවේ ආරම්භ වන්නේ යුරෝපා සංගමයේ සාමාජිකත්වය දරන රටවල් 28 ක රාජ්‍ය නායකයින්ගේ සහභාගිත්වයෙනි. සමුළුව ආරම්භයට පෙර බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය තෙරේසා මේ, ලෝක නායකයින් කිහිපදෙනෙකු සමග ද සාකච්ඡා කර ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ ය. කෙසේ වෙතත් අද පැවැත්වෙන සමුළුවේදී බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් වීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගනු ඇති. ඊට අදාළ ගිවිසුමට බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය තෙරේසා මේ, අද අත්සන් තබනු ඇතැයි ද විදෙස් මාධ්‍ය සඳහන් කළේ ය. බ්‍රිතාන්‍ය, යුරෝපා සංගමයෙන් ඉවත් වීමට නියමිතව ඇත්තේ 2019 වසරේ මාර්තු 29 වැනිදා සිටයි. බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් වීම හෙවත් බ්‍රෙක්සිට් ක්‍රියාවලිය සඳහා පැවති ජනමත විචාරණය ජයග්‍රහණය කළේ 51.9% ඡන්ද සංඛ්‍යාවකිනි. මෙම ක්‍රියාවලිය හරහා බ්‍රිතාන්‍යයට නව යුගයක් උදාවනු ඇතැයි අග්‍රාමාත්‍ය තෙරේසා මේ සඳහන් කළේ ය. |
2018-11-25T04:14:48.000Z | ජ්‍යෙෂ්ඨ හා නි. පොලිස්පතිවරුන්ට ජනපතිගෙන් කැඳවීමක් | ජ්‍යෙෂ්ඨ හා නි. පොලිස්පතිවරුන්ට ජනපතිගෙන් කැඳවීමක් | COLOMBO (News 1st) : සියලුම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් හා නියෝජ්‍ය පොලිස්පතිවරුන් හෙට පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳවා තිබේ. පොලිස් මූලස්ථානය සඳහන් කළේ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන රැස්වීමක් සඳහා එලෙස කැඳවා ඇති බවයි. සියලු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට සහ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට ඒ සඳහා සහභාගී වන්නැයි, පොලිස්පතිවරයා විසින් දැනුම් දී ඇතැයි ද පොලිස් මූලස්ථානය සඳහන් කළේ ය. |
2018-11-25T02:14:04.000Z | ඔස්ට්‍රේලියාව සිව්වන වරටත් 20 යි 20 ලෝක කුසලාන කිරුළ දිනා ගනී | 20 යි 20 ලෝක කුසලාන කිරුළ ඔස්ට්‍රේලියාවට | ඔස්ට්‍රේලියාව සිව්වැනි වරටත් පන්දුවාර 20 යි 20 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් කිරුළ දිනා ගෙන තිබේ. ඒ, එංගලන්තය පරාජය කරමිනි. පන්දුවාර 20 යි 20 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය ඇන්ටිගුවාහි ශ්‍රීමත් විවියන් රිචර්ඩ්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්විය. තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලැබුවේ එංගලන්තය සහ අවස්ථා තුනකදී ලෝක කිරුළ දිනූ ඔස්ට්‍රේලියාවයි. තරගයේ කාසියේ වාසිය දිනූ එංගලන්ත කාන්තා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කර තිබේ. ඒ අනුව පන්දුවාර 19යි පන්දු 4 කදී එංගලන්ත කාන්තා කණ්ඩායම සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 105 කි. ආරම්භක පිතිකරු ඩැනියෙල් වොට් ලකුණු 43 යි. නායක හීදර් නයිට් ලකුණු 25ක් රැස් කළා ය. ඔස්ට්‍රේලියා කණ්ඩායමේ දක්ෂ පන්දු යැවීම අබියස එංගලන්ත ක්‍රීඩිකාවන් 8 දෙනෙකුට ලකුණු 10 සීමාව පසු කිරීමට හැකි වූයේ නැත. ආෂ්ලි ගාඩ්නර් ලකුණු 22 ට කඩුලු 3ක් දවා ගෙන තිබේ. ඔස්ට්‍රේලියා කාන්තා කණ්ඩායම තරගය ජය ගත්තේ පන්දුවාර 15 යි එක් පන්දුවක් අවසානයේදී කඩුලු 2 ක් දැවී සිටියදීයි. ඇලීසා හීලි ලකුණු 22ක් රැස් කළාය. නායක මෙග් ලැනින් සහ ආෂ්ලි ගාඩ්නර් ඔස්ට්‍රේලියා කාන්තා කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියාය. ආෂ්ලි ගාඩ්නර් ලකුණු නොදැවී ලකුණු 33 යි. නායක මෙග් ලැනින් නොදැවී ලකුණු 28ක් රැස් කර තිබේ. තරගයේ වීරයා ආෂ්ලි ගාඩ්නර්. තරගාවලියේ වීරයා ඔස්ට්‍රේලියාවේ ඇලීසා හීලි. 2010, 2012 සහ 2014 යන වසරවලදීද පන්දුවාර 20 යි 20 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය ජය ගත්තේ ඔස්ට්‍රේලියාවයි. |
2018-11-25T01:36:12.000Z | විදේශිකයින් වෙනුවෙන් දකුණේ පංචකර්ම ප්‍රතිකාර සේවා මධ්‍යස්ථානයක් ඇරඹේ | විදේශිකයින්ට පංචකර්ම ප්‍රතිකාර සේවා මධ්‍යස්ථානයක් | COLOMBO (News 1st) - විදේශිකයින් සඳහා පංචකර්ම ප්‍රතිකාර සේවා මධ්‍යස්ථාන ආරම්භ කරන බව දකුණු පළාත් සභාව පවසයි. මේ යටතේ නව රැකියා අවස්ථා උත්පාදනය වනු ඇති. ඊට අමතරව දකුණු පළාතේ ප්‍රධාන ආයුර්වේද රෝහල්වල ගෙවන වාට්ටු ආරම්භ කිරීම, හරිතාගාර ඇති කිරීම, පාරම්පරික වෛද්‍ය ක්‍රම සංරක්ෂණය මෙන්ම නව මධ්‍යම බෙහෙත් ශාලා ආරම්භ කරන බව දකුණු පළාත් සභාව සඳහන් කළේ ය. ඒ සඳහා වෙන්කර ඇති මුදල රුපියල් මිලියන 85 කි. |
2018-11-25T00:39:32.000Z | ශ්‍රී.ල.නි.ප. මධ්‍යම කාරක සභාව හෙට රැස්වෙයි | ශ්‍රී.ල.නි.ප. මධ්‍යම කාරක සභාව හෙට රැස්වෙයි | COLOMBO (News 1st) - ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව හෙට පස්වරුවේ රැස්වීමට නියමිත වේ. ඒ, පක්ෂ නායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙනි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සඳහන් කළේ, පක්ෂයේ ඉදිරි සංවිධාන කටයුතු සහ පුරප්පාඩු සහිත ආසන සංවිධායකධූරයන් පිළිබඳ එහිදී අවධානය යොමු කිරීමට සැලසුම් කර ඇති බවයි. |
2018-11-25T00:24:09.000Z | අගමැති මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් බැහැ දකී | අගමැති අද මහනුවරට... | COLOMBO (News 1st) - අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද පෙරවරුවේ ශ්‍රී දළදා සමිඳුන් වැඳපුදා ගෙන තිබේ. |
2018-11-25T00:06:05.000Z | හඳුනානොගත් මෘත ශරීර හේතුවෙන් රෝහල් කටයුතුවලට බාධා | හඳුනානොගත් මෘත ශරීර හේතුවෙන් රෝහල් කටයුතුවලට බාධා | COLOMBO (News 1st) - හඳුනානොගත් මෘත ශරීර හේතුවෙන් රෝහල් මෘත ශරීරාගාරවල කටයුතුවලට බාධා මතු වෙමින් ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, එම සිරුරු සම්බන්ධයෙන් සිදුවන පොලිස් පරීක්ෂණවල ප්‍රමාදය හේතුවෙන් සිරුරු මෘත ශරීරාගාර තුළ දිගුකාලයක් තැබීමට සිදු ව ඇති බවය. මේ හේතුවෙන් රෝහල් කටයුතුවලට සහ මෘත ශරීරාගාරවල ඇති ශීතකරණවල ධාරිතාව අධිකවීම වැනි කරුණු හේතුවෙන් ගැටලු මතු වෙමින් ඇතැයි ඔහු පැවසුවේ ය. එම ජ්‍යෙෂ්ඨ නිලධාරියා පැවසුවේ, පවතින තත්ත්වය පිළිබඳ අවධානය යොමු කර එවැනි මෘත ශරීර සම්බන්ධයෙන් සිදුවන විමර්ශන කඩිනමින් අවසන් කරන්නැයි ඉල්ලා පොලිස් ස්ථානාධිපතිවරුන්ට ලිඛිතව දැනුම් දෙන බවයි. මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතාගෙන් නිව්ස්ෆස්ට් විමසීමක් කළේ ය. ඔහු පැවසුවේ, මෘත ශරීර පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ සිදු කිරීමට ඥාතීන් ඉදිරිපත් නොවීමෙන් එම කටයුතු ප්‍රමාද වන බවය. හඳුනානොගත් මෘත ශරීරවල ඥාතීන් හඳුනාගැනීමට විමර්ශන ක්‍රියාත්මක කරන බව ද ඔහු පැවසුවේ ය. මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, මේ පිළිබඳ රෝහල් බලධාරීන් සමග සාකච්ඡා කර කඩිනම් විසඳුමකට පැමිණිමට කටයුතු කරන බවයි. |
2018-11-24T22:00:11.000Z | මහනුවර - පදියපැලැල්ල මාර්ගයේ රථ වාහන ධාවනය ඇණහිටී | මහනුවර - පදියපැලැල්ල මාර්ගයේ රථ වාහන ධාවනය ඇණහිටී | COLOMBO (News 1st) - ගල් පෙරලීමක් හේතුවෙන් මහනුවර - පදියපැලැල්ල ප්‍රධාන මාර්ගයේ රථ වාහන ධාවනයට ඇණහිට තිබේ. පොලීසිය සඳහන් කළේ, මාර්ගය යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බවයි. |
2018-11-24T21:47:15.000Z | බ්‍රිතාන්‍යයේ ඉරණම තීන්දු කෙරෙන බ්‍රෙක්සිට් ගිවිසුම පිළිබඳ අවසන් තීන්දුව අද | බ්‍රෙක්සිට් ගිවිසුම පිළිබඳ අවසන් තීන්දුව අද | බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත්වීම හෙවත් බ්‍රෙක්සිට් ක්‍රියාවලියට යුරෝපා කවුන්සිලයේ නිර්දේශ ඉදිරිපත්ව තිබේ. එහි සභාපති ඩොනල්ඩ් ටක්ස් සඳහන් කළේ, බ්‍රිතානයේ අනාගතය තීරණය කෙරෙන ලේඛන තමාට ලැබී ඇති බවයි. අද පැවැත්වෙන සමුළුවට සහභාගීවීම සඳහා බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය තෙරේසා මේ, බෙල්ජියමේ බ්‍රසල්ස් නුවරට පැමිණ ඇත. සමුළුව අද පෙරවරුවේ ආරම්භ වන්නේ යුරෝපා සංගමයේ සාමාජිකත්වය දරන රටවල් 28 ක රාජ්‍ය නායකයින්ගේ සහභාගිත්වයෙනි. සමුළුව ආරම්භයට පෙර බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය තෙරේසා මේ, ලෝක නායකයින් කිහිපදෙනෙකු සමග ද සාකච්ඡා කර ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ ය. කෙසේ වෙතත් අද පැවැත්වෙන සමුළුවේදී බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත්වීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගනු ඇති. ඊට අදාළ ගිවිසුමට බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය තෙරේසා මේ අද අත්සන් තබනු ඇතැයි ද විදෙස් මාධ්‍ය සඳහන් කළේ ය. බ්‍රිතාන්‍ය, යුරෝපා සංගමයෙන් ඉවත්වීමට නියමිතව ඇත්තේ 2019 වසරේ මාර්තු 29 වැනි දා සිටයි. බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත්වීම හෙවත් බ්‍රෙක්සිට් ක්‍රියාවලිය සඳහා පැවති ජනමතවිචාරණය ජයග්‍රහණය කළේ 51.9% ඡන්ද සංඛ්‍යාවකිනි. මෙම ක්‍රියාවලිය හරහා බ්‍රිතාන්‍යයට නව යුගයක් උදාවනු ඇතැයි අග්‍රාමාත්‍ය තෙරේසා මේ සඳහන් කළා ය. |
2018-11-24T21:08:25.000Z | මදුරු කීට ඝනත්වය සීඝ්‍රයෙන් ඉහළට | මදුරු කීට ඝනත්වය සීඝ්‍රයෙන් ඉහළට | COLOMBO (News 1st) - පවතින වැසි තත්ත්වය සමග මදුරු කීට ඝනත්වය සීඝ්‍රයෙන් ඉහළ යමින් ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමයේ සභාපති නජිත් සුමනසේන මහතා ප්‍රකාශ කළේ, මේ වන විට බිටෝ දර්ශකය 20 ඉක්මවා ගොස් ඇති බවයි. වාර්තා වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ද ඉහළ යමින් ඇති බව ඔහු සඳහන් කළේ ය. |
2018-11-24T21:01:01.000Z | පාර්ලිමේන්තුවේ වූ කලහකාරී හැසිරීම් විමර්ශනයට පොලීසිය නීතිපති උපදෙස් ඉල්ලයි...! | පාර්. වූ කලහකාරී සිදුවීම විමර්ශනයට නීතිපති උපදෙස් | COLOMBO (News 1st) - පාර්ලිමේන්තුවේ ඇති වූ කලහකාරී සිදුවීම් සම්බන්ධයෙන් විමර්ශන සිදු කිරීමට නීතිපතිවරයාගේ උපදෙස් ලබා ගන්නා බව පොලීසිය පවසයි. ඒ සම්බන්ධයෙන් මේ වනවිට ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 5 කි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධීකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, ඉන් පැමිණිලි හතරක් වැලිකඩ පොලීසියට ලැබී ඇති බවයි. පොලිස් මූලස්ථානයට ලැබුණු තව ත් පැමිණිල්ලක් පොලිස්පතිවරයා විසින් විමර්ශන සඳහා වැලිකඩ පොලීසියට යොමු කර ඇත. පැමිණිලි ඉදිරිපත් කර ඇත්තේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විජිත හේරත්, ඉන්දික අනුරුද්ධ සහ ආශු මාරසිංහ යන මහත්වරුන් මෙන් ම අපේ නිදහස් පෙරමුණේ නායක විමල් ගීගනගේ මහතා විසිනි. පැමිණිලි විමර්ශනයට කථානායකවරයා සිය අනුමැතිය ලබා දී ඇතැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධීකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ ය. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, ඇති වූ කලහාකාරී සිදුවීම්වලට අදාළව පාර්ලිමේන්තුවේ ආරක්ෂිත කැමරා දර්ශන ද ලැබී ඇති බවයි. ලද පැමිණිලි සහ ආරක්ෂිත කැමරා දර්ශන උපයෝගී කරගනිමින් විමර්ශන සිදු කෙරෙන්නේ, අපරාධ චෝදනා යටතේ බව ද ඔහු පැවසීය. මන්ත්‍රී ගැටුම් අතරතුර හානි වූ පාර්ලිමේන්තු දේපොළ තක්සේරු කිරීම තවදුරටත් සිදුවන බව පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු නිව්ස්ෆස්ට් වෙත සඳහන් කළේ ය. පෙරේදා කල් තැබුණු පාර්ලිමේන්තුව ලබන 27 වන දා පස්වරු 1.00 ට යළි රැස්වීමට නියමිත වේ. |
2018-11-24T20:43:20.000Z | මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ සුනිල් ශාන්ත බන්ධනාගාරයෙන් පළායාම පිළිබඳ කරුණු හෙළිවෙයි | සුනිල් ශාන්ත බන්ධනාගාරයෙන් පළායාම පිළිබඳ හෙළිවෙයි | COLOMBO (News 1st) - මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ සුනිල් ශාන්ත නැමති සැකකරු පළාගොස් ඇත්තේ කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේදී බව මූලික විමර්ශනවලදී අනාවරණ වී තිබේ. බන්ධනාගාර අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, සැකකරු කෑගල්ල බන්ධනාගාරයේ සිට කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයට රැගෙන ඒමෙන් අනතුරුව පළාගොස් ඇති බවයි. සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර නිලධාරීන් 10 දෙනෙකුගෙන් පමණ ප්‍රකාශ ලබා ගෙන ඇත. බන්ධනාගාරයෙන් පළාගිය සැකකරු බෝට්ටු මගින් වෙනත් රටකට පළායාමේ සැලසුමක් පවතින බවට තොරතුරු අනාවරණය වී ඇතැයි ද ඔහු සඳහන් කළේ ය. ඔහු පැවසුවේ ඒ සම්බන්ධයෙන් ධීවර දෙපාර්තමේන්තුවේ සියලු කාර්යාල දැනුම්වත් කර ඇති බවයි. මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව සිදු කරන විමර්ශනවල වාර්තා ලැබීමෙන් පසු ඉදිරි කටයුතු ආරම්භ කරන බව ද බන්ධනාගාර අමාත්‍යාංශය පැවසීය. සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයට බන්ධනාගාර අමාත්‍යංශයේ නිලධාරී කණ්ඩායමක් පත් කිරීමට ද නියමිතයි. බන්ධනාගාර දෙපාර්තමේන්තුව සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ද ඉදිරිපත් කර තිබේ. මෙම පළා යාම සිදු ව ඇත්තේ පසුගිය 07 වැනි දායි. එහෙත් ඒ පිළිබඳ බන්ධනාගාර දෙපාර්තමේන්තුවට තොරතුරු වාර්තා වූයේ පසුගිය 10 වැනි දා බව ද තුෂාර උපුල්දෙනිය මහතා සඳහන් කළේ ය. සිද්ධිය පිළිබඳ බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් ද පරීක්ෂණයක් ක්‍රියාත්මක වන්නේ සහකාර බන්ධනාගාර අධිකාරිවරයෙකුගේ මූලිකත්වයෙනි. සුනිල් ශාන්ත නැමත්තා මත්ද්‍රව්‍ය ජාවාරම් චෝදනා ඇතුළු නඩු 10 ක සැකකරුවෙකි. |
2018-11-24T20:18:50.000Z | වැඩි මිලට පොහොර අළෙවි කළ වෙළෙඳුන් 100 දෙනෙකු අත්අඩංගුවට | වැඩි මිලට පොහොර අළෙවි කළ වෙළෙඳුන් පිරිසක් මාට්ටු | COLOMBO (News 1st) - වැඩි මිලට පොහොර අළෙවි කළ වෙළෙඳුන් 100 දෙනෙකු පමණ අත්අඩංගුවට ගෙන තිබේ. ජාතික පොහොර ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ අජිත් පුෂ්පකුමාර මහතා සඳහන් කළේ, පොහොර ලේකම් කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂවරුන්, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය, පොලීසිය සහ සංවර්ධන නිලධාරීන් ඇතුළු කණ්ඩායම් කළ වැටලීම්වලදී එම පිරිස අත්අඩංගුවට ගත් බවයි. |
2018-11-24T19:59:04.000Z | මාතර පාසල් සිසුවාගේ ඝාතනයට සම්බන්ධ සැකකරු සොයා පොලිස් කණ්ඩායම් තුනක් | මාතර පාසල් සිසුවාගේ ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණ ඇරඹේ | COLOMBO (News 1st) - මාතර, ඇලවේල්ල පාරේ උපකාරක පන්තියක් අසළදී 19 හැවිරිදි සිසුවෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් තුනක් ඔස්සේ පරීක්ෂණ ආරම්භ කර තිබේ. පොලීසිය සඳහන් කළේ, සිද්ධියට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු හඳුනාගෙන ඇති බවයි. සැකකරුවන් ප්‍රදේශයෙන් පළාගොස් ඇතැයි ද පොලීසිය පවසයි. ඊයේ පස්වරුවේ සිදු වූ පිහි ඇනුමෙන් තුවාල ලැබූ 19 හැවිරිදි රසිදු ගිම්හාන නමැති සිසුවා මියගියේ රෝහල්ගත කිරීමෙන් අනතුරුවය. ඔහු මාතර, මාහේන, තිහගොඩ පදිංචිකරුවෙකි. පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදු කිරීමට නියමිත බව පොලීසිය සඳහන් කළේ ය. සිද්ධියෙන් තුවාල ලැබු තව ත් සිසුවෙකු මාතර රෝහලේ තවදුරටත් ප්‍රතිකාර ලබනු ඇති. මූලික පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී ඇත්තේ, ප්‍රධාන සැකකරුගේ පෙම්වතියට මියගිය රසිදුගේ සහෝදරයා බැණ වැදීමත් සමග දෙපාර්ශවය අතර අවස්ථා කිහිපයකදී ගැටුම් සිදු ව ඇති බවයි. එහි ප්‍රතිඵලයක් ලෙස ඊයේ පස්වරුවේ මෙම පිහි ඇනුම සිදු විය. |
2018-11-24T19:39:19.000Z | ගෙවුණු දවස උණුසුම් කළ පුවත්… | ගෙවුණු දවස උණුසුම් කළ පුවත්… | දේශීය පුවත් 1. මාතර උපකාරක පන්තියක් අසළදී සිදු වූ පිහි ඇනුමකින් සිසුවෙකු මරුට: මාතර ඇලවේල්ල පාරේ උපකාරක පන්තියක් අසළ සිදු වූ පිහි ඇනුමකින් 19 හැවිරිදි සිසුවෙකු මිය ගියේ ය. පොලීසිය සඳහන් කළේ, සිද්ධියෙන් තුවාල ලැබූ තව ත් සිසුවෙකු මාතර රෝහලේ ප්‍රතිකාර ලබන බවයි. 2. තජූඩීන් ඝාතනයේ සැකකරුවන්ට එරෙහිව CID ය, අධිකරණය හමුවේ චෝදනා ගොනු කරයි: අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව රගර් ක්‍රීඩක වසීම් තජූඩීන් ඝාතනයේ සැකකරුවන්ට එරෙහිව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ චෝදනා ගොනු කර ඇති බව සිලෝන් ටුඩේ පුවත්පත වාර්තා කර තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම චෝදනා පත්‍ර ගොනු කරනු ලැබුවේ, මීට පෙර පැවති නඩු වාරයකදී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින් ලබා දුන් නියෝගයකට අනුව ය. 3. අපි ඡන්දයකට යන්න භය නැහැ – රනිල් වික්‍රමසිංහ: ආණ්ඩුවට එරෙහිව එක්සත් ජාතික පක්ෂය සංවිධාන කරන විරෝධතා රැළි මාලාවේ සමාරම්භක රැළිය මහනුවරදී පැවැත්විණි. ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් යුක්තියේ ජන හඬ යන්න තේමා කර ගනිමින් මෙම රැළිය පැවැත්වුණේ, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි. 4. ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට: වෛද්‍යවරයෙකුට පහරදීමේ චෝදනා මත ඇඹිලිපිටිය ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. විදෙස් පුවත් 5. II ලෝක යුධ සමයේ 36,000 ක් ඝාතනය කළ 95 හැවිරිදි ජර්මන් ජාතිකයෙකුට චෝදනා ගොනු කෙරේ: දෙවන ලෝක යුධ සමයේ නාසි කඳවුරුවල රඳවා සිටි සිරකරුවන් 36,000 ක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් ජර්මන් ජාතික ආරක්ෂක අංශ සාමාජිකයකුට එරෙහිව නඩු පැවරීමට එරට අධිකරණයක් පියවර ගෙන තිබේ. |
2018-11-24T09:26:18.000Z | ශ්‍රී ලංකාවට එරෙහිව එංගලන්තය ලකුණු 99ක් ඉදිරියෙන් | ශ්‍රී ලංකාවට එරෙහිව එංගලන්තය ලකුණු 99ක් ඉදිරියෙන් | COLOMBO (News 1st) - එංගලන්ත - ශ්‍රී ලංකා 3 වන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය අද දෙවැනි දිනටත් කොළඹ එස්.එස්.සී පිටියේදී පැවැත්විණි. තරගය නතර කරන විට දෙවැනි ඉනිම ක්‍රීඩා කරන එංගලන්ත කණ්ඩායම ශ්‍රී ලංකාවට වඩා ඉදිරියෙන් සිටින්නේ ලකුණු 99 කිනි. තරගය අද ආරම්භ කෙරුණේ, පළමු ඉනිම සඳහා එංගලන්තය කඩුලු 7ක් දැවී ලකුණු 312 ක් රැස් කර සිටියදී ය. ලකුණු 24ක් තුළ එංගලන්තයේ අවසන් කඩුලු 3 බිඳ වැටිණි. ඔවුන් පළමු ඉනිමට සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 336කි. ලක්ෂාන් සඳකැන් ලකුණු 95ට කඩුලු 5 යි. ශ්‍රී ලංකා පළමු ඉනිම ආරම්භ කළේ, ධනුෂ්ක ගුණතිලක සහ දිමුත් කරුණාරත්න. ගුණතිලක ලකුණු 18 කට දැවී ගියේ ය. දිමුත් කරුණාරත්න සමග එක් වූ ධනංජය ද සිල්වා දෙවැනි කඩුල්ලට ලකුණු 142ක සබඳතාවක් ගොඩ නැගුවේ ය. 5 වැනි ටෙස්ට් අර්ධ ශතකය වාර්තා කළ ධනංජය ලකුණු 73 යි. 20 වැනි ටෙස්ට් අර්ධ ශතකය වාර්තා කළ දිමුත් කරුණාරත්න ලකුණු 83 කට දැවී ගියේ ය. කෙසේ වෙතත් ශ්‍රී ලංකා මැද පෙළ පිතිකරුවන්ට සාර්ථක වීමට එංගලන්ත පන්දු යවන්නන්ගෙන් අවස්ථාවක් නොලැබිණි. ශ්‍රී ලංකා කණ්ඩායමට පළමු ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වුණේ, ලකුණු 240 ක් පමණි. පිතිකරුවන් 5 දෙනෙකුම දැවි ගියේ ලකුණු 6ට අඩුවෙනි. ආඩිල් රශීඩ් ලකුණු 49 ට කඩුලු 5 යි. අද තරගය නතර කරන විට දෙවැනි ඉනිම සඳහා එංගලන්ත කණ්ඩායම කිසිවෙකු නොදැවී රැස් කර ගෙන සිටි ලකුණු සංඛ්‍යාව 3කි. |
2018-11-24T09:11:31.000Z | තජූඩීන් ඝාතනයේ සැකකරුවන්ට එරෙහිව CIDය, අධිකරණය හමුවේ චෝදනා ගොනු කරයි | තජූඩීන් ඝාතනයේ සැකකරුවන්ට එරෙහිව චෝදනා ගොනු කෙරේ | COLOMBO (News 1st) - අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව රගර් ක්‍රීඩක වසීම් තජූඩීන් ඝාතනයේ සැකකරුවන්ට එරෙහිව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ චෝදනා ගොනු කර ඇති බව සිලෝන් ටුඩේ පුවත්පත වාර්තා කළේ ය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම චෝදනා පත්‍ර ගොනු කරනු ලැබුවේ, මීට පෙර පැවති නඩු වාරයකදී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින් ලබා දුන් නියෝගයකට අනුව ය. නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යාවා ඇති එම නඩුව පිළිබඳ වාර්තාවේ සඳහන් වන්නේ, නාරාහේන්පිට පොලිස් ස්ථායේ අපරධාන පරීක්ෂණ අංශයේ හිටපු ස්ථානාධිපති සුමිත් පෙරේරා හා හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක දණ්ඩ නීත සංග්‍රහයේ 198 සහ 215 වෙනි වගන්තිය යටතේ වැරදි සිදු කර ඇති බව ය. කොළඹ හිටපු අධිකරණ වෛද්‍ය නිලධාරී ආනන්ද සමරසේකර දණ්ඩ නීති සංග්‍රහයේ 198 වගන්තිය යටතේ වරදක් සිදු කර ඇති බව ද නීතිපතිවරයා අදාළ වාර්තාවේ තවදුරටත් සඳහන් කර තිබේ. මේ අතර දවස දේශපාලන වැඩසටහනට එක්වෙමින් අසාද් සාලි මහතා ද තජූඩීන් ඝාතනය සම්බන්ධයෙන් අදහස් පළ කළේ ය. |
2018-11-24T08:59:56.000Z | අපි ඡන්දයකට යන්න භය නැහැ - රනිල් වික්‍රමසිංහ | අපි ඡන්දයකට යන්න භය නැහැ - රනිල් වික්‍රමසිංහ | COLOMBO (News 1st) - ආණ්ඩුවට එරෙහිව එක්සත් ජාතික පක්ෂය සංවිධාන කරන විරෝධතා රැළි මාලාවේ සමාරම්භක රැළිය අද මහනුවරදී පැවැත්විණි. ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් යුක්තියේ ජන හඬ යන්න තේමා කර ගනිමින් මෙම රැළිය පැවැත්වුණේ, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි. මහනුවර නගර මධ්‍යයේ පැවති රැළිය සඳහා මහනුවර ඇඩ්මන් සිල්වා ක්‍රිඩාංගණයෙන්, අම්පිටිය දෙසින් සහ කටුගස්තොට දෙසින් ආරම්භ වුණු පාගමන් 3කින් පිරිස පැමිණියහ. අනතුරුව රැළිය ආරම්භ වුණේ, එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන දේශපාලන පක්ෂ නායකයින් සහ සිවිල් සංවිධාන නියෝජිතයින් රැසකගේ සහභාගීත්වයෙනි. |
2018-11-24T05:52:44.000Z | රත්න ශ්‍රී විජේසිංහයන්ගේ හා ඔහුගේ දියණියගේ ග්‍රන්ථ 6 ක් ලබන 13 වැනි දා දොරට වඩී... | ඇවිත් යන්න... | COLOMBO (News 1st) - ප්‍රවීණ සාහිත්‍යවේදී රත්න ශ්‍රී විජේසිංහ මහතා සහ ඔහුගේ දියණිය වන සම්මානි විජේසිංහ මහත්මිය විසින් රචිත ග්‍රන්ථ 6 ක් දෙසැම්බර් 13 වැනි දා පස්වරු 3.00 ට ජනගතවීමට නියමිත වේ. ඒ, කොළඹ මහවැලි කේන්ද්‍රයේ පැවැත්වෙන උත්සවයකදීයි. ඒ අනූව රත්න ශ්‍රී විජේසිංහ මහතා විසින් රචිත වීනක හා රෝස කුමාරි සහ රන් තැටියට ගී සින්දු ළමා ගී සරණිය ඇතුළු ග්‍රන්ථ 3 ක් එදිනට එළිදැක්වෙනු ඇති. සම්මානි විජේසිංහ මහත්මිය විසින් රචිත නඩු ගාස්තුව, හොල්මන් ගෙදර සහ දුවකගේ මතක යන ග්‍රන්ථ ද එහිදී එළිදැක්වීමට නියමිත වේ. මහාචාර්ය සමන් චන්ද්‍ර රණසිංහ සහ ප්‍රවීණ ලේඛිකා සුමිත්‍රා රාහුබද්ධ යන මහත්ම මහත්මීන් එහි ප්‍රධාන දෙසුම් පවත්වනු ඇති. ප්‍රවීණ රංගන ශිල්පී අමින්ත වීරසිංහ මහතා පූරක ලෙස කටයුතු කරන ග්‍රන්ථ ජනගත කිරීමේ උළෙලට ඕනෑම අයෙකුට නොමිලේ සහභාගී විය හැකිය. |
2018-11-24T05:14:58.000Z | මාතර උපකාරක පන්තියක් අසළදී සිදු වූ පිහි ඇනුමකින් සිසුවෙකු මරුට | මාතරදී පිහි ඇනුමකින් සිසුවෙකු මරුට | COLOMBO (News 1st) - මාතර ඇලවේල්ල පාරේ උපකාරක පන්තියක් අසළ සිදු වූ පිහි ඇනුමකින් 19 හැවිරිදි සිසුවෙකු මිය ගියේ ය. පොලීසිය සඳහන් කළේ, සිද්ධියෙන් තුවාල ලැබූ තවත් සිසුවෙකු මාතර රෝහලේ ප්‍රතිකාර ලබන බව ය. අද පස්වරුවේ එම උපකාරක පන්තිය ආසන්නයේදී සිසුන් පිරිසක් අතර ඇති වූ ගැටුමක් අතරතුර පිහි ඇනුම සිදුව ඇතැයි පොලීසිය සඳහන් කළේ ය. පිහි ඇනුමෙන් තුවාල ලැබූ 19 හැවිරිදි සිසුවා මාතර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් තිබේ. රසිදු ගිම්හාන නම් එම සිසුවා මාතර ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක 13 වසරේ ඉගෙනුම ලැබූ අයෙකි. ඔහු මාතර, මාහේන, තිහගොඩ පදිංචිකරුවෙකි. සිද්ධිය සම්බන්ධයෙන් මාතර පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ. |
2018-11-24T05:03:41.000Z | මාගන්දනමුල්ලදී තරුණියක ගෙල සිර කර ඝාතනය කරයි | මාගන්දනමුල්ලදී තරුණියක ගෙල සිර කර ඝාතනය කරයි | COLOMBO (New 1st) - මොණරාගල, මාගන්දනමුල්ල ප්‍රදේශයේදී තරුණියක ගෙල සිර කර ඝාතනය කර තිබේ. පොලීසිය සඳහන් කළේ, ඝාතනය සම්බන්ධයෙන් ඇයගේ පෙම්වතා සැක කරන බව ය. ඝාතනයට ලක්ව ඇත්තේ, මාගන්දනමුල්ල පදිංචි 22 හැවිරිදි තරුණියකි. ඝාතනය සම්බන්ධයෙන් සැකකාර පෙම්වතා අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය සඳහන් කළේ ය. |
2018-11-24T01:35:22.000Z | කෘෂිකර්මාන්ත ව්‍යවසායකයින් වසර 5 කට ආදායම් බදුවලින් නිදහස් | කෘෂි ව්‍යවසායකයින්ට වසර 5 කට සහනයක් | COLOMBO (News 1st) - සුළු හා මධ්‍ය පරිමාණ කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රයේ ව්‍යවසායකයන් වසර 5 ක කාලයක් සඳහා ආදායම් බදුවලින් නිදහස් කිරීමට රජය තීරණය කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් මුදල් අමාත්‍යාංශය පැවසූවේ, කෘෂිකාර්මික භාණ්ඩ යොදා ගනිමින් සැකසුම් කටයුතුවල නිරතවීමෙන් ලබන ලාභය මත අය කරන බදු අනුපාතය ද 28% සිට 14% දක්වා අඩු කිරීමට තීරණය කර ඇති බවයි. මීට අමතරව කුඩා ව්‍යාපාර කටයුතුවල නිරත ව්‍යවසායකයින්ගේ ආර්ථික සේවා ගාස්තුවට අදාළ ආදායම් සීමාව කාර්තුවකට රුපියල් මිලියන 12.5 සිට මිලියන 50 දක්වා ඉහළ නැංවීමට ද යෝජනා කර ඇති බවද මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ ය. |
2018-11-24T01:10:02.000Z | 'යුක්තියේ ජන හඬ' අද මහනුවරදී | 'යුක්තියේ ජන හඬ' අද මහනුවරදී | COLOMBO (News 1st) - ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් යුක්තියේ ජන හඬ මැයෙන් ජන රැලිය මේ වන විට මහනුවර නගරයේදී පැවැත්වේ. එය සංවිධානය කර ඇත්තේ, එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සිවිල් සංවිධාන කිහිපයක් ඒකාබද්ධවයි. එම රැලියේදී පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ද අදහස් දක්වා ඇත. |
2018-11-24T00:38:00.000Z | අද කොළඹ ප්‍රදේශ රැසකට පැය 18 ක් ජල කප්පාදුවක් | අද කොළඹ ප්‍රදේශ රැසකට පැය 18 ක් ජල කප්පාදුවක් | COLOMBO (News 1st) - කොළඹ ප්‍රදේශ රැසකට අද පෙරවරු 8.00 සිට පැය 18 ක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි. මේ අනුව දෙහිවල - ගල්කිස්ස, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ හා කඩුවෙල මහනගර සභා බල ප්‍රදේශ මහරගම, බොරලැස්ගමුව ඇතුළු ප්‍රදේශවලට ද ජල සැපයුම අත්හිටුවනු ඇති. ඊට අමතරව කොලොන්නාව නගර සභා බල ප්‍රදේශය, කොටිකාවත්ත - මුල්ලේරියා ප්‍රාදේශිය සභා බල ප්‍රදේශය සහ රත්මලාන හා සොයිසාපුර නිවාස සංකීර්ණය ආශ්‍රිත ප්‍රදේශයට ද ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සඳහන් කළේ ය. අඹතලේ ජල පවිත්‍රාගාරයේ අත්‍යවශ්‍ය වාර්ෂික නඩත්තු කටයුත්තක් මීට හේතු වී තිබේ. |
2018-11-24T00:29:06.000Z | තබ්බෝව ඇතුළු ජලාශ 12 ක වාන් දොරටු විවෘත කෙරේ | තබ්බෝව ඇතුළු ජලාශ 12 ක වාන් දොරටු විවෘත කෙරේ | COLOMBO (News 1st) - පවතින අධික වර්ෂාවත් සමග තබ්බෝව ඇතුළු ජලාශ 12 ක වාන් දොරටු තවදුරටත් විවෘත කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. එහි අධ්‍යක්ෂ වසන්ත බණ්ඩාර පළුගස්වැව මහතා සඳහන් කළේ, වාරි මාර්ග දෙපාර්තමේන්තුව මගින් පාලනය කරන අනුරාධපුරය, හම්බන්තොට සහ මඩකලපුව දිස්ත්‍රික්කවල පිහිටි ජලාශවල වාන් දොරටු මෙලෙස විවෘත කර ඇති බවයි. ඒ අනුව නුවරවැව, මහවිලච්චිය, රාජාංගනය, මහකනදරාව, බදගිරිය ජලාශවල වාන් දොරටු විවෘත කර ඇත. දෙබරවැව, මව්ආර, මුරුතවෙල, තිස්ස වැව, වීරවිල, දැදුරුඔයේ වාන් දොරටු මේ වන විට විවෘත කර ඇති බව වසන්ත බණ්ඩාර පළුගස්වැව මහතා සඳහන් කළේ ය. මෙම ජලාශවල පහළ ප්‍රදේශවල ජීවත්වන ජනතාවට බලපෑමක් නොවන ලෙස ජලාශවල වාන් දොරටු විවෘත කර ඇති බව ඔහු වැඩිදුරටත් පැවසුවේ ය. |
2018-11-23T23:48:24.000Z | ජාතික බොක්සිං ශූරතාවලියේ ජය ස්ලිම්ලයින් සහ යුනිචෙලා හිමි කර ගනී | MAS 93 වැනි ජාතික බොක්සිං ශූරතාවලිය ජය ගනී | MAS ස්ලිම්ලයින් බොක්සිං සමාජය 93 වැනි ජාතික බොක්සිං ශූරතාවලියේ පිරිමි අංශයේ ජය වාර්තා කර තිබේ. එහි කාන්තා අංශයේ ජය වාර්තා කළේ, MAS යුනිචෙලා ක්‍රීඩා සමාජයයි. ශ්‍රී ලංකා ආධුනික බොක්සිං සංගමය සංවිධානය කළ 93 වැනි ජාතික බොක්සිං ශූරතාවලිය කොළඹ රාජකීය විදුහල් ගෘහස්ථ බොක්සිං ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. බර පන්ති 10 කින් තරග පැවැති එහි විනිශ්චය කටයුතු සඳහා විදෙස් විනිසුරුවන් සිව්දෙනෙකු ද මෙවර එක් ව සිටීම විශේෂත්වයක් වනු ඇත. කිලෝග්‍රෑම් 64 බර පන්තියෙන් තරග කළ යුද හමුදා බොක්සිං සමාජයේ සජීව මදුරංග දක්ෂතම ප්‍රහාරකයා ලෙස සම්මාන දිනූ අතර දක්ෂතම පරාජිතයා එම බර පන්තියෙන්ම තරග කළ පොලිස් ක්‍රීඩා සමාජයේ ධනංජය වීරසිංහයි. මේ අතර පොලිස් ක්‍රීඩා සමාජයේ රශ්මිකා ශෙහානි දක්ෂතම පරාජිත ක්‍රීඩිකාව ලෙස සම්මාන දිනා ගනිද්දී MAS යුනිචෙලා ක්‍රීඩා සමාජයේ නදීකා පුෂ්පකුමාරි දක්ෂතම ප්‍රහාරක ක්‍රීඩිකාව ලෙස සම්මාන දිනා ගත්තා ය. යුද හමුදා බොක්සිං සමාජය තරගාවලියේ පිරිමි සහ කාන්තා අංශ දෙකේම අනුශූරතාවයට හිමිකම් කීවේ ය. MAS යුනිචෙලා ක්‍රීඩා සමාජය කාන්තා අංශයේ ශූරතාව දිනා ගත්තේ රන් පදක්කම් 4 ක් සහ රිදී පදක්කම් 4 ක් ද සමගිනි. පිරිමි අංශයේ ශූරතාව දිනූ MAS ස්ලිම්ලයින් බොක්සිං සමාජය රන් පදක්කම් 4 කට සහ රිදී පදක්කමකට හිමිකම් කීවේය. |
2018-11-23T22:01:59.000Z | ලීග් රග්බි තරගාවලියේ නාවිකයන් පැරදු හැව්ලොක් කණ්ඩායමට ජය | නාවිකයන් පැරදු හැව්ලොක් කණ්ඩායමට ජයක් | COLOMBO (News 1st) - අන්තර් සමාජ චැම්පියන්ස් ලීග් රග්බි තරගාවලියේ හැව්ලොක් කණ්ඩායම සමග පැවැති තරගයෙන් නාවික හමුදා කණ්ඩායම පරාජය විය. මෙම තරගය කොළඹ හැව්ලොක් පිටියේදී විදුලි ආලෝකය මධ්‍යයේ පැවැත්විණි. තරගාවලියේ තෙවැනි සතියට අදාළ තරගයක් වූ මෙය ආරම්භයේ සිටම ඉදිරියෙන් සිටියේ සත්කාරක හැව්ලොක් කණ්ඩායමයි. ඔවුන් ලකුණු 12 ට 6 ක් ලෙස පළමු අර්ධයේ පෙරමුණ ගත්තේ ය. දෙවැනි අර්ධයේදී නාවික හමුදාව ලකුණු අතරට පිවිසියේ ලකුණු 12 ක් රැස් කරමිනි. එම අර්ධයේදී හැව්ලොක් කණ්ඩායමට රැස් කිරීමට හැකි වූයේ ලකුණු 10 ක් පමණි. කෙසේ නමුත් පළමු අර්ධයේදී ලකුණු 6 ක් ඉදිරියෙන් සිටීම හේතුවෙන් ලකුණු 22 ට 18 ක් ලෙස හැව්ලොක් කණ්ඩායම ජය ගත්තේ ය. උත්සාහක දිනුම් 3 ක්, ප්‍රවර්ථන 2 ක් සහ දඬුවම් පහරක්, හැව්ලොක් කණ්ඩායම රැස් කළ ලකුණු 22 ට ඇතුලත් වේ. |
2018-11-23T21:42:52.000Z | ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට | ඇඹිලිපිටිය ප්‍රා. සභාවේ මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට | COLOMBO (News 1st) - වෛද්‍යවරයෙකුට පහරදීමේ චෝදනා මත ඇඹිලිපිටිය ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ, ඇඹිලිපිටිය රෝහලේ වෛද්‍යවරයෙකුට පහරදීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී ජයවීර මාතරආරච්චි මහතාව අත්අඩංගුවට ගත් බවයි. අත්අඩංගුවට ගැනුණු මන්ත්‍රීවරයා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත වේ. |
2018-11-23T21:15:43.000Z | II ලෝක යුධ සමයේ 36,000 ක් ඝාතනය කළ 95 හැවිරිදි ජර්මන් ජාතිකයෙකුට චෝදනා ගොනු කෙරේ | II ලෝක යුධ සමයේ ඝාතනයන් කළ ජර්මන් ජාතිකයෙකුට නඩු | දෙවන ලෝක යුධ සමයේ නාසි කඳවුරුවල රඳවා සිටි සිරකරුවන් 36,000 ක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් ජර්මන් ජාතික ආරක්ෂක අංශ සාමාජිකයකුට එරෙහිව නඩු පැවරීමට එරට අධිකරණයක් පියවර ගෙන තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මෙ වන විට 95 වන වියේ පසුවන හාන්ස් එච් නැමැති හිටපු ජර්මානු ජාතික ආරක්ෂක නිලධාරියකුට එරෙහිව මෙලෙස නඩු පවරා ඇති බවයි. 1939 - 1945 අතර කාලයේ දෙවන ලෝක යුධ සමයේ ඔස්ට්‍රියාව ආශ්‍රිතව පිහිටා තිබු මවුත්තවුසන් සිරි කඳවුර ආශ්‍රිතව රඳවා සිටි සිරකරුවන් පිරිසක් මෙලෙස ඝාතනය කර ඇති බව සඳහන් විය. අදාළ කාලසිමාව තුළ කඳවුරේ ආරක්ෂක නිලධාරියෙකු ලෙස සේවය කළ මෙම පුද්ගලයාගේ මෙහෙයවීමෙන් සිරකරුවන් 36,223 ක් පමණ ඝාතනය වී ඇතැයි සැක කරන බව එරට නීති අංශ අධිකරණයට කරුණු ගොනු කර ඇත. වෙඩි තැබීම්, විෂ වායු ආඝාණයට සැලැස්වීම, විෂ සහිත එන්නත් ලබාදීම සහ කුසගින්නනේ තැබීම වැනි අමානුෂික ක්‍රමවේද මගින් මෙම පිරිස ඝාතනය කර ඇති බවට ඔහුට එරෙහිව චෝදනා ගොනු කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. |
2018-11-23T20:43:48.000Z | අධික වර්ෂාවත් සමග නාවලපිටිය හා හැටන් නගරවල ජලයෙන් යටවෙයි | නාවලපිටිය හා හැටන් නගර ජලයෙන් යටවෙයි | COLOMBO (News 1st) - අධික වර්ෂාවත් සමග ඊයේ රාත්‍රියේ නවලපිටිය හා හැටන් නගර ජලයෙන් යටවිය. අප වාර්තාකරු සඳහන් කළේ, මේ හේතුවෙන් වාහන ධාවනයට දැඩි බාධා ඇති වූ බවයි. මේ අතර බස්නාහිර මධ්‍යම සබරගමුව හා වයඹ පළාත්වලටත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්වලටත් අද දිනයේ මිලිමීටර් 100 ක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ බුද්ධික බන්දුරත්න මහතා ප්‍රකාශ කළේ, දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේ ගිගුරුම් සිහිත වැසි ඇතිවිය හැකි බවයි. මඩකලපුව සිට ත්‍රිකුණාමලය සහ කන්කසන්තුරේ හරහා මන්නාරම දක්වා මුහුදු ප්‍රදේශවල සුළං වේගය පැයට කිලෝමීටර් 70 - 80 ත් අතර අගයක් දක්වා ඉහළ යා හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ය. |
2018-11-23T20:18:02.000Z | උ /පෙළ පිළිතුරු පත්‍ර ඇගයීමේ දීමනා මෙතෙක් ලබාදී නැති බවට ගුරු සංගමයෙන් චෝදනා | ලංකා ගුරු සංගමයෙන් චෝදනාවක්...! | COLOMBO (News 1st) - 2018 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමට සහභාගී වූ ගුරුවරුන්ට හා නිලධාරීන්ට මෙතෙක් ඊට අදාළ දීමනා ගෙවා නොමැති බව ලංකා ගුරු සංගමය පවසයි. එහි ලේකම් මහින්ද ජයසිංහ මහතා සඳහන් කළේ, මේ පිළිබඳව විභාග කොමසාරිස්වරයා වෙත ලිපියක් යොමු කරමින් සිහි කැඳවූ බවය. මාස තුනකට වැඩි කාලයක් ප්‍රමාද කර ඇති මෙම දීමනා නොගෙවීම හේතුවෙන් ඊට සහභාගී වූ ගුරුවරුන් දැඩි දුෂ්කරතාවට පත් ව ඇති බව ද ඔහු සඳහන් කළේ ය. විභාග කොමසාරිස් ජනරාල් සනත් බී පූජිත මහතාගෙන් අප කළ විමසීමකදී ඔහු කියා සිටියේ මේ දිනවල එම දීමනා ගෙවීමේ කටයුතු සිදු කරන බවයි. නොවැම්බර් මස 30 වන දින වන විට එම දීමනා ගෙවා අවසන් කරන බව ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය. |
2018-11-23T20:00:27.000Z | බේරුවලින් මුහුදු ගිය ධීවරයෙකු සැකකටයුතු ලෙස අතුරුදන්... | බේරුවලින් මුහුදු ගිය ධීවරයෙකු අතුරුදන්... | COLOMBO (News 1st) - බේරුවල, බුබුලවත්ත ප්‍රදේශයෙන් මුහුදු ගිය ධීවරයෙකු අතුරුදන්ව තිබේ. එලෙස අතුරුදන්ව ඇත්තේ සුබපැතුම් 4 නැමැති බහුදින යාත්‍රාවෙන් පසුගිය මස 15 වැනි දා ධීවරයින් 6 දෙනෙක සමග මුහුදු ගිය 18 හැවිරිදි තරුණයෙකි. එම තරුණයාගේ පියා සඳහන් කළේ, තාරුක අරවින්ද ද සිල්වා නැමැති තම පුත්‍රයා මුහුදට වැටී ඇති බවට වෙනත් යාත්‍රාවක් මාර්ගයෙන් දැනගන්නට ලැබි ඇති බවයි. මේ වන විට සුබපැතුම් 4 ධීවර යාත්‍රාව ගොඩබිම බලා යාත්‍රා කරමින් ඇති බවත් එහි තම පුත්‍රයා එහි නොවන බවත් පියා සඳහන් කළේ ය. නිව්ස්ෆස්ට් කළ විමසුමකදී පොලීසිය පැවසුවේ ඒ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බවයි. |
2018-11-23T19:47:58.000Z | විවේචකයින්ට ජනපතිගෙන් අභියෝගයක්... | විවේචකයින්ට ජනපතිගෙන් අභියෝගයක්... | COLOMBO (News 1st) - රටේ පවතින වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව හා තමන්ට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ ප්‍රතිචාර දැක්විය. ඒ, මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ ජනාධිපති රජත ජයන්ති සම්මාන ප්‍රදානෝත්සවයට එක්වෙමිනි. එහිදී ජනාධිපතිතුමා කියා සිටියේ රනිල් සමග අසාර්ථක දේශපාලන දීගය යනුවත් කෘතියක් එළිදැක්වීමට ද අපේක්ෂා කරන බවයි. තමා දේශපාලනයේ උඩුගම් බලා පිහිනන්නේ මාතෘ භූමියේ හෙට දවස වෙනුවෙන් බව ද ජනාධිපතිතුමා සඳහන් කළේ ය. |
2018-11-23T19:31:45.000Z | ගෙවුණු දවස උණුසුම් කළ පුවත්… | ගෙවුණු දවස උණුසුම් කළ පුවත්… | 1. කථානායකගේ තීරණයට 121 දෙනෙක් පක්ෂ වෙති: පාර්ලිමේන්තුව ඊයේ පෙරවරු 10.30ට කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය. කථානායකවරයා පාර්ලිමේන්තුව ආරම්භයේදී තේරීම් කාරක සභාව සඳහා පත් කරනු ලැබූ නියෝජිතයින්ගේ නම් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය. 2. දැරියන් දෙදෙනෙක් බිලිගත් මාපාකඩ වන අලි ප්‍රහාරය: අවුරුදු ගණනක් මහිංගනයේ ජනතාව අලිවැටක් ඉල්ලා සිටියත් තවමත් එය ලබාදීමට අසමත්වී තිබේ. එහි ප්‍රතිඵලය වූයේ කුඩා දැරියන් දෙදෙනෙකුට ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවීමයි. 3. සා.පෙළ විභාගයේ උපකාරක පන්ති ලබන 27 වැනි දා සිට තහනම්: අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ උපකාරක පන්ති, සම්මන්ත්‍රණ, වැඩමුළු ඇතුළු සියලු කටයුතු ලබන 27 වැනි දා මධ්‍යම රාත්‍රියේ සිට තහනම් බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. 4. කොළඹ ඇතුළු ප්‍රදේශ රැසකට පැය 18 ක ජල කප්පාදුවක්: කොළඹ ඇතුළු ප්‍රදේශ රැසකට අද පෙරවරු 8.00 සිට පැය 18 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි. 5. ඝාතන කුමන්ත්‍රණ චෝදනාවකට මාලදිවයින් අත්අඩංගුවේ සිටි ලහිරු මදුෂංක දිවයිනට: ඝාතන කුමන්ත්‍රණ චෝදනාවකට මාලදිවයින් අත්අඩංගුවේ සිට නිදහස ලැබූ ලහිරු මදුෂංක දිවයිනට පැමිණ තිබේ. මාලදිවයිනේ හිටපු ජනාධිපතිවරයෙකු ඝාතන කුමන්ත්‍රණ වරදට බන්ධනාගාරගත කර සිටි ශ්‍රී ලාංකික තරුණයා ඊයේ දින නිදහස් කර ඇත. 6. රුපියල අදත් අවප්‍රමාණය වෙයි: අමෙරිකානු ඩොලරයක් ඊයේ රුපියල් 180.00 සීමාව ඉක්මවා ඉහළ ගොස් තිබේ. අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය දිගින් දිගටම අවප්‍රමාණය වෙමින් ඇත. ශ්‍රී ලංකා මහබැංකුව ප්‍රකාශයට පත් කරන විනිමය අනුපාතය අනුව අද අමෙරිකානු ඩොලර් ඒකක විකුණුම් මිල රුපියල් 180.66 ක් දක්වා ඉහළ ගියේ ය. දවසේ සිත්තම... |
2018-11-23T08:05:23.000Z | රුපියල අදත් අවප්‍රමාණය වෙයි | රුපියල අදත් අවප්‍රමාණය වෙයි | අමෙරිකානු ඩොලරයක් අද රුපියල් 180.00 සීමාව ඉක්මවා ඉහළ ගොස් තිබේ. අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය දිගින් දිගටම අවප්‍රමාණය වෙමින් ඇත. ශ්‍රී ලංකා මහබැංකුව ප්‍රකාශයට පත් කරන විනිමය අනුපාතය අනුව අද අමෙරිකානු ඩොලර් එකක විකුණුම් මිල රුපියල් 180.66 ක් දක්වා ඉහළ ගියේ ය. එහි ගැණුම් මිල දැක්වුනේ රුපියල් 176.72 ක් ලෙසයි. ගෙවුණු මාසය තුළදී පමණක් ඩොලරයක මිල රුපියල් 8 කින් හෙවත් 4.55% කින් ඉහළ ගොස් තිබේ. මේ වසර ආරම්භයේ සිට මේ දක්වා කාලය තුළ රුපියල අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව 18% කින් අවප්‍රමාණයවී බව මහබැංකු දත්ත විශ්ලේෂණයේදී දැකිය හැකියි. |
2018-11-23T08:28:28.000Z | දැරියන් දෙදෙනෙක් බිලිගත් මාපාකඩ වන අලි ප්‍රහාරය.... | අකාලයේ අහිමිවන මේ ජීවිතවලට වගකියන්නේ කවු ද? | COLOMBO (News 1st) - අවුරුදු ගණනක් මහිංගනයේ ජනතාව අලිවැටක් ඉල්ලා සිටියත් තවමත් එය ලබාදීමට අසමත්වී තිබේ. එහි ප්‍රතිඵලය වූයේ ඊයේ රාත්‍රියේත් කුඩා දැරියන් දෙදෙනෙකුට ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවීමයි. දශක ගණනාවක සිට මෙරට පාලකයින්ට ස්ථිර පිළියමක් ලබාදීමට නොහැකි වූ වන අලි උවදුරෙන් ඊයේ රාත්‍රියේත් තව ත් දරුවන් දෙදෙනෙකුගේ ජීවිත බිලිවිණි. මහියංගන, මාපාකඩ වන අලි ප්‍රශ්නය ගැන අප එදා පෙන්වා දුන්නත් අද මේ මොහොත වනවිටත් ජීවිත සුරක්ෂිත කර ගන්නට නොහැකිවී ඇත. මාපාකඩ රෝහණ ගම්මානයේ පිහිටි මේ නිවසට ඊයේ රාත්‍රියේ වන අලි පැමිණියේ වගා කිරීමට ගෙනා බිත්තර වී තොගයක් ඉලක්ක කරගෙනයි. නිවස හිමි රමේෂ් තම දියණියන් සිව්දෙනා සහ මව හැර ගිය ඥාති දියණියකට ද මේ කුඩා නිවසේ රැකවරණ ලබාදී තිබුණි. පාසැල් වාර විභාගය නිසා දියණියන් වේලාසනින්ම නින්දට ගොස් සිටි අතර වන අලියා නිවසට පහර දුන්නේ ඔවුන් තද නින්දේ පසුවෙද්දීය. බිත්තර වී ගබඩාකර තිබූ ස්ථානයෙන් නිවසේ බිත්තිය බිඳ වන අලි නිවසට ඇතුළුවෙත්ම මේ මවට කළ හැකි වූයේ සිය දිණියන් ද සමගින් නිවසින් පළා යාමයි. එහෙත්... 11 හැවිරිදි උම්මු රසියා සහ 8 හැවිරිදි ෆාතිමා රිස්කාන් වන අලියාගේ ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්විණි. පුංචි රසියාගේ මව ඔවුන් හැරගොස් බොහෝ කලක්ගත වන අතර ඇගේ පියා සිටින්නේ ද විදේශ ගතවයි. මහියංගනය මැදඔය දඹගොල්ල පගරගම්මන රෝහණ මාපාකඩ මෙම ගම්මාන කිහිපයේ පසුගිය 7 වෙනි දා සිට වන අලි විනාශකර ඇති නිවාස ගණන 32 කි. ගම්වැසියන් අද 20 කණුව ප්‍රදේශයෙන් මහියංගන - බදුල්ල මාර්ගය අවහිර කමින් කියා සිටියේ දිගින් දිගටම විවිධ පොරොන්දු ලබා දුන්නත් තවමත් ප්‍රශ්නය විසඳා ගැනීමට නොහැකිවී ඇති බවයි. උද්ඝෝෂකයින් මාර්ගය අවහිර කිරීමත් සමග පැමිණි වනජීවි නිලධාරීන් වන අලියා අල්ලා වෙනත් ප්‍රදේශයකට ගෙනගොස් දමන බව ප්‍රකාශ කළේ ය. වන අලි ප්‍රහාරයෙන් මිය ගිය දැරියන් දෙදෙනගේ අවසන් කටයුතු අද පස්වරුවේ සිදු කරනු ලැබිණි. අකාලයේ අහිමිවන මේ ජීවිතවලට වගකියන්නේ කවු ද? |
2018-11-23T07:16:20.000Z | සා.පෙළ විභාගයේ උපකාරක පන්ති ලබන 27 වැනි දා සිට තහනම් | සා.පෙළ උපකාරක පන්ති ලබන 27 වැනි දා සිට තහනම් | COLOMBO (News 1st) - අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ උපකාරක පන්ති, සම්මන්ත්‍රණ, වැඩමුළු ඇතුළු සියලු කටයුතු ලබන 27 වැනි දා මධ්‍යම රාත්‍රියේ සිට තහනම් බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. විභාග කොමසාරිස් ජනරාල් සනත් බී. පුජිත මහතා සඳහන් කළේ, සාමාන්‍ය පෙළ විභාගය ලබන මස 03 වැනි දා ආරම්භ වන බවයි. එය ලබන 12 වැනි දායින් අවසන් වනු ඇති. විභාග මධ්‍යස්ථාන 4661 කදී මෙවර විභාගය පැවැත්වෙනු ඇත. සාමාන්‍ය පෙළ විභාගයට මෙවර පෙනී සිටින අපේක්ෂකයින් සංඛ්‍යාව 656,641 කි. මේ අතර අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය විෂයන්වල ප්‍රායෝගික පරීක්ෂණ ලබන 25 වන දායින් අවසන් වන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් බී. පුජිත මහතා සඳහන් කළේ ය. |
2018-11-23T06:22:12.000Z | බදුරලියේ බිළිඳෙකු යතුරුපැදියකට බිලිවෙයි (CCTV) | බදුරලියේ බිළිඳෙකු යතුරුපැදියකට බිලිවෙයි (CCTV) | COLOMBO (News 1st) - අපරික්ෂාකාරි යතුරුපැදි ධාවනය නිසා බදුරලිය, අස්කෙළිවත්ත ප්‍රදේශයේදී වයස අවුරුදු එකහමාරක් වයසැති බිළිඳෙකු ජීවිතක්ෂයට පත් ව තිබේ. බදුරලිය, අස්කෙළියවත්ත ප්‍රදේශයේ අවුරුදු එකහමාරක් වයසැති මෙම බිළිඳා පසුගිය දා මෙම අනතුරට මුහුණදී ඇත. ප්‍රදේශවාසින් පැවසුවේ, කුමාර්රාජ් ලක්ෂාන් වන මෙම බිළිඳා සිය අසල්වැසියෙකු සමග මෝල්කාව බදුරලිය මාර්ගය මාරුවීමේදී මෙලෙස යතුරු පැදියක ගැටී ඇති බවයි. බිළිඳා බදුරලිය රෝහලට ඇතුලත් කිරීමෙන් පසු කළුතර නාගොඩ සහ කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට මාරු කළ පසු ඊයේ උදෑසන මියගොස් ඇත. අප වාර්තාකරු පැවසුවේ, බිළිඳා අනතුරුට ලක්වන අවස්ථාවේ අසල පිහිටි වෙළෙඳසැලක සවිකර තිබු CCTV කැමරාවක අනතුර සටහන්ව තිබු බවයි. යතුරුපැදිකරු පළාගොස් ඇති අතර බදුරලිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ඇත. |
2018-11-23T05:41:05.000Z | කටුනායක මාර්ග කිහිපයක පෞද්ගලික බස් වර්ජනයක් | කටුනායක පෞද්ගලික බස් වර්ජනයක් | COLOMBO (News 1st) - ගුවන්තොටුපොළ - මීගමුව පෞද්ගලික බස් රථ රියැදුරෙකුට පහරදීමකට විරෝධය පළ කරමින් මාර්ග අංක 187 ගුවන්තොටුපොළ - කොටුව ඇතුළු මාර්ග කිහිපයක පෞද්ගලික බස් රථ සේවකයින් වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ. සමස්ත ලංකා බස් රථ ධාවකයින්ගේ සමිති සම්මේලනයේ ගම්පහ දිස්ත්‍රික් සභාපති ලැම්බට් මදුරගේ මහතා සඳහන් කළේ, ඊයේ සිදු කළ මෙම පහරදීමෙන් තුවාල ලැබු රියැදුරා මේ වනවිට මීගමුව රෝහලේ ප්‍රතිකාර ලබන බවයි. ඔහුට පහරදී ඇත්තේ, සුඛෝපබෝගී බස් රථ හිමිකරුවෙකු බව සභාපතිවරයා සඳහන් කළේ ය. ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස බල කරමින් අද උදෑසන සිට මාර්ග අංක 145 -1 ගුවන්තොටුපොළ - වේයන්ගොඩ, මාර්ග අංක 270 ගුවන්තොටුපොළ - ගම්පහ, මාර්ග අංක 240/3 ගුවන්තොටුපොළ - මීගමුව සහ මාර්ග අංක 788 කටුනායක - රද්දොළුගම යන මාර්ගවල සේවකයින් බස් රථ ධාවනයෙන් ඉවත් වී ඇති බව ලැම්බට් මදුරගේ මහතා පැවසීය. මේ පිළිබඳව කටුනායක පොලීසියෙන් කළ විමසීමකදී එහි නිලධාරියෙකු පැවසුවේ, පහරදීමට සම්බන්ධ බස් රථ හිමිකරු සිය බස් රථය ද රැගෙන ප්‍රදේශයෙන් පළා ගොස් ඇති බවයි. පොලීසිය සඳහන් කළේ, ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ක්‍රියාත්මක බවයි. |
2018-11-23T04:50:32.000Z | කොළඹ ඇතුළු ප්‍රදේශ රැසකට හෙට පැය 18 ක ජල කප්පාදුවක් | කොළඹ ප්‍රදේශ රැසකට පැය 18 ක ජල කප්පාදුවක් | COLOMBO (News 1st) - කොළඹ ඇතුළු ප්‍රදේශ රැසකට හෙට පෙරවරු 8.00 සිට පැය 18 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි. මේ යටතේ දෙහිවල - ගල්කිස්ස, කෝට්ටේ, කඩුවෙල මහනගර සභා බල ප්‍රදේශ මහරගම, බොරලැස්ගමුව ඇතුළු ප්‍රදේශවලටද ජල සැපයුම අත්හිටුවනු ඇති. ඊට අමතරව කොලොන්නාව නගර සභා බල ප්‍රදේශය කොටිකාවත්ත - මුල්ලේරියා ප්‍රාදේශිය සභා බල ප්‍රදේශ සහ රත්මලාන හා සොයිසාපුර නිවාස සංකීර්ණය ආශ්‍රිත ප්‍රදේශයට ද ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සඳහන් කළේ ය. අඹතලේ ජල පවිත්‍රාගාරයේ අත්‍යවශ්‍ය වාර්ෂික නඩත්තු කටයුත්තක් මීට හේතු වී තිබේ. |
2018-11-23T04:34:49.000Z | හදුන්ගමුව වැවේ ගිලී හමුදා සෙබළෙකු මරුට | හදුන්ගමුව වැවේ ගිලී හමුදා සෙබළෙකු මරුට | COLOMBO (News 1st) - විල්ගමුව හදුන්ගමුව වැවේ ගිලී පුද්ගලයෙකු මියගොස් තිබේ. පොලීසිය සඳහන් කළේ, දිය නෑමට ගිය අවස්ථාවේ ඔහු එම අනතුරට මුහුණපා ඇති බවයි. මියගොස් ඇත්තේ 35 හැවිරිදි කඹුරුගමුවේ පදිංචි චාවකච්චේරිය හමුදා කඳවුරට අනුයුක්තව සේවය කරන සෙබළෙක් ය. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ. |
2018-11-23T01:28:31.000Z | කථානායකගේ තීරණයට 121 දෙනෙක් පක්ෂ වෙති | කථානායකගේ තීරණයට 121 දෙනෙක් පක්ෂ වෙති | COLOMBO (News 1st) - පාර්ලිමේන්තුව අද පෙරවරු 10.30ට කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය. කථානායකවරයා පාර්ලිමේන්තුව ආරම්භයේදී තේරීම් කාරක සභාව සඳහා පත් කරනු ලැබූ නියෝජිතයින්ගේ නම් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය. කථානායකවරයා ඉදිරිපත් කළ ලැයිස්තුවට පහත පරිදි වේ. එක්සත් ජනතා නිදහස් සන්ධානය දිනේෂ් ගුණවර්ධන මහතා එස්.බී. දිසානායක මහතා නිමල් සිරිපාල ද සිල්වා මහතා මහින්ද සමරසිංහ මහතා විමල් වීරවංශ මහතා එක්සත් ජාතික පෙරමුණ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා රවුෆ් හකීම් මහතා රිෂාඩ් බදියුදීන් මහතා මනෝ ගනේෂන් මහතා පාඨලී චම්පික රණවක මහතා දෙමළ ජාතික සන්ධානය මාවෙයි සේනාධිරාජා මහතා ජනතා විමුක්ති පෙරමුණ විජිත හේරත් මහතා කථානායකවරයා තේරීම් කාරක සභාවට පත් කළ නියෝජිතයින්ගේ නම් ඉදිරිපත් කිරීමෙන් පසුව ආණ්ඩු පක්ෂයට වැඩි නියෝජිතයින් පිරිසක් ලබා දිය යුතු බවට පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ ය. පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පැවසුවේ, බහුතරයක් නොමැති නිසාත් ආණ්ඩුවක් නොමැති නිසාත් එලෙස වැඩි නියෝජිතයින් පිරිසක් එක්සත් ජනතා නිදහස් සන්ධානයට ලබා දිය නොහැකි බව ය. තේරීම් කාරක සභාව සඳහා නමින් ඡන්ද විමසීමක් ලබා දෙන ලෙසට අනුර කුමාර දිසානායක මහතා කථානායකවරයාගෙන් ඉල්ලා සිටියේ ය. කථානායකවරයා සම්බන්ධයෙන් ද ගැටලු ඇත්නම් ඔහුට එරෙහිව ද ඡන්ද විමසීමක් පැවැත්වීමට අනුර කුමාර දිසානායක මහතා මෙහිදී යෝජනා කළේ ය. අනතුරුව විමල් වීරවංශ මහතා ආණ්ඩු පක්ෂය පාර්ලිමේන්තු සභාව වර්ජනය කරන බවට ප්‍රකාශ කිරීමත් සමග ආණ්ඩු පක්ෂයේ සියලු මන්ත්‍රීවරු සභා ගර්භයෙන් පිටතට පැමිණියහ. පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ද නමින් ඡන්ද විමසීමක් පවත්වන ලෙස ඉල්ලීමක් කළේ ය. ඒ අනුව කථානායකවරයා විසින් ඉලෙක්ට්‍රොනික ක්‍රමයට ඡන්ද විමසීම සිදු කළේ, ආණ්ඩු පක්ෂය සභාවේ නොමැති පසුබිමකදී ය. තේරීම් කාරක සභාවට නියෝජිතයින් පත් කරමින් කථානායකවරයා ඉදිරිපත් කළ නම් ලැයිස්තුවට පක්ෂව ඡන්ද 121ක් ලැබුණු අතර විපක්ෂය ලැබුණු ඡන්ද සංඛ්‍යාව 0කි. පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා කල් තැබීමේ යෝජනාව ඉදිරිපත් කළේ ය. ලබන 27 සහ 29 යන දෙදින පාර්ලිමේන්තුව යළි කැඳවීමට නියමිත ය. |
2018-11-22T21:35:08.000Z | පාර්ලිමේන්තුව අද කුමන මුහුණුවරක් ගනියි ද? | පාර්ලිමේන්තුව අද කුමන මුහුණුවරක් ගනියි ද? | COLOMBO (News 1st) - පාර්ලිමේන්තුව අද පෙරවරු 10.30 ට රැස්වේ. ඊට පෙර පෙරවරු 9.30ට පක්ෂ නායක රැස්වීමක් ද පැවැත්වීමට නියමිත ය. මේ අතර කථානායකවරයා සභාපතිත්වය දරණ කාරක සභාවට දේශපාලන පක්ෂ නියෝජිතයින් 12 දෙනෙකු පත් කළ යුතුයි. ඒ අනුව ආණ්ඩු පක්ෂය පෙරේදා (21) පස්වරුවේ සිය නියෝජිතයින් 7 දෙනා නම් කර පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට යොමු කර තිබිණි. ජනතා විමුක්ති පෙරමුණ ද සිය නියෝජිතයින් ලෙස විජිත හේරත් සහ වෛද්‍ය නලින්ද ජයතිස්ස යන මන්ත්‍රීවරුන් මේ වන විට නම් කර අවසන් ය. එක්සත් ජාතික පෙරමුණ ද නියෝජිතයින් 5 දෙනෙකු ඊයේ රාත්‍රියේ රැස් වූ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී නම් කර තිබේ. ඒ සමග මේ වන විට නියෝජිතයින් 14 දෙනෙකුගේ නම් තේරීම් කාරක සභාවට යෝජනා වී ඇති අතර දෙමළ ජාතික සන්ධානය තේරීම් කාරක සභා නියෝජනය පිළිබඳව සිය ස්ථාවරයන් මෙතෙක් ප්‍රකාශ කර නොමැත. මේ අතර අදත් පාර්ලිමේන්තුවේ මහජන ගැලරිය සහ විශේෂ ආරාධිත මෙන්ම ආරාධිත ගැලරිය ද වසා දැමෙනු ඇති. |
2018-11-22T21:21:54.000Z | දැරියන් දෙදෙනෙකුට දිවි අහිමි කළ වන අලි පහර දීම | දැරියන් දෙදෙනෙකුට දිවි අහිමි කළ වන අලි පහර දීම | COLOMBO (News 1st) - මහියංගනය මාපාකඩවැව ප්‍රදේශයේදී වන අලි පහර දීමකින් 9 හැවිරිදි සහ 11 හැවිරිදි දැරියන් දෙදෙනෙකු මිය ගොස් තිබේ. පොලීසිය පැවසුවේ, ඊයේ රාත්‍රී 11.50ට පමණ වන අලියෙකු ඔවුන්ගේ නිවසේ බිත්තියක් කඩා දමා ඇති බව ය. එම සිද්ධියෙන් පසු නිවසින් පිටතට පැමිණි අවස්ථාවේදී වන අලියා කළ පහර දීමෙන් දැරියන් මිය ගොස් තිබිණි. මිය ගොස් ඇත්තේ, මොහොමඩ් ස්මයිල් රමිස් සහ අන්වර් උන්ම රාසියා නමැති දැරියන් දෙදෙනෙකි. |
2018-11-22T21:07:03.000Z | මීරිගම ප්‍රාර්ථනා බෝධිය අසළින් හමු වූ දින 7ක් වයසැති බිළින්දිය | මීරිගම ප්‍රාර්ථනා බෝධිය අසළින් හමු වූ බිළින්දිය | COLOMBO (News 1st) - දින 7ක් වයසැති බිළින්දියක් ඊයේ මීරිගම ප්‍රාර්ථනා බෝධිය අසළ දමා ගොස් තිබියදී පොලීසිය විසින් සොයා ගනු ලැබී ය. මීරිගම ප්‍රාර්ථනා බෝධිය සමීපයේ බිළිඳු ඇඳුම් අසුරණ කූඩයක සිටයදී කුඩා බිළින්දිය පොලීසියට හමු විය. ඒ, 119 පොලිස් හදිසි ඇමතුම් ඒකකයට ලද තොරතුරකට අනුව ය. පොලීසියේ මැදිහත් වීමෙන් බිළිඳිය මීරිගම මූලික රෝහලට ඇතුළත් කළේ ය. රෝහල් ආරංචි මාර්ග පැවසුවේ, බිළිඳියගේ දකුණු කනෙහි සුළු සීරීම් තුවාල දක්නට ඇති බව ය. මේ වන විට බිළිඳිය වැඩිදුර ප්‍රතිකාර සඳහා ගම්පහ දිස්ත්‍රික් රෝහලට මාරු කර යවා තිබේ. මීරිගම ප්‍රාර්ථනා බෝධිය අසළ CCTV දර්ශන උපයෝගී කර ගනිමින් බිළිඳිය පිළිබඳ වැඩිදුර විමර්ශන පොලීසිය ආරම්භ කර තිබේ. |
2018-11-22T20:06:30.000Z | ගෙවුණු දවස උණුසුම් කළ පුවත්… | ගෙවුණු දවස උණුසුම් කළ පුවත්… | COLOMBO (News 1st) 1. ණය ආපසු ගෙවීමේ කිසිදු ගැටලුවක් නොමැති බව ජාතික ආර්ථික සභාවේ ලේකම්වරයා කියයි. 2. තේරීම් කාරක සභාවට එක්සත් ජාතික පෙරමුණ නියෝජිතයින් 5 දෙනෙකු නම් කරයි. 3. කෘෂිකාර්මික ආදායම, ආදායම් බදුවලින් නිදහස් කිරීමට රජය තීරණය කර තිබේ. 4. ශ්‍රේෂ්ඨාධිකරණය සහ අනෙකුත් අධිකරණවල විභාග වන නඩු සම්බන්ධව නිසි පරිදි කරුණු නොදැන අදහස් දැක්වීමෙන් වැළකී සිටින්නැයි එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එම පක්ෂයේ සියලු මන්ත්‍රීවරුන්ට දන්වා තිබේ. 5. නඩු 10 සැකකරුවෙකු කෑගල්ල බන්ධනාගාරයෙන් පැන යයි. විදෙස් පුවත් 6. අමෙරිකානු අගවිනිසුරු ජෝන් රොබර්ට්ස් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ක්‍රියා කලාපය හෙළා දැක තිබේ. ක්‍රීඩා පුවත් 7. ඉන්දීය – ඔස්ට්‍රේලියා පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ඩක්වර්ත් හා ලුවිස් න්‍යාය මත ලකුණු 4 කින් ජය ගැනීමට සත්කාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම සමත් විය. |
2018-11-22T19:48:49.000Z | ඝාතන කුමන්ත්‍රණ චෝදනාවකට මාලදිවයින් අත්අඩංගුවේ සිටි ලහිරු මදුෂංක දිවයිනට | මාලදිවයින් අත්අඩංගුවේ සිටි ලහිරු මදුෂංක දිවයිනට | COLOMBO (News 1st) - ඝාතන කුමන්ත්‍රණ චෝදනාවකට මාලදිවයින් අත්අඩංගුවේ සිට නිදහස ලැබූ ලහිරු මදුෂංක දිවයිනට පැමිණ තිබේ. මාලදිවයිනේ හිටපු ජනාධිපතිවරයෙකු ඝාතන කුමන්ත්‍රණ වරදට බන්ධනාගාරගත කර සිටි ශ්‍රී ලාංකික තරුණයා ඊයේ දින නිදහස් කර තිබේ. 30 හැවිරිදි ලහිරු මධුෂංක වසර තුනක සිර දඬුවම් ලැබූ බව වාර්තා වේ. |
2018-11-22T11:17:21.000Z | තේරීම් කාරක සභාවට එ.ජා.ප. නියෝජිතයිනුත් නම් කරයි | තේරීම් කාරක සභාවට එ.ජා.ප. නියෝජිතයිනුත් නම් කරයි | COLOMBO (News 1st) - පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට නියෝජිතයින් නම් කිරීම සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුකාරී තත්ත්වය හේතුවෙන් හෙට පාර්ලිමේන්තුව පිළිබඳව වැඩි අවධානයක් යොමුව තිබේ. පසුගිය 19 වන දා අවසන් වරට රැස්වූ පාර්ලිමේන්තු සභාවාරය මිනිත්තු කිහිපයකට සීමා වූයේ, එදින පක්ෂ නායක රැස්වීමේදී පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව පත් කිරීමට ගත් තීන්දුව සියලු පක්ෂ වෙත දැනුම් දෙමිනුයි. ඊට හේතු වූයේ, පාර්ලිමේන්තුවේ කටයුතු ගැටලුවකින් තොරව පවත්වාගෙන යාම සඳහා මෙම කමිටුව පත් කර ගැනීම ප්‍රධාන සාධකයක් බවට පත්ව තිබීම හේතුවෙනි. නමුත් පාර්ලිමේන්තුවේ බහුතර නියෝජනය සම්බන්ධයෙන් මතුව ඇති විවාදාත්මක තත්ත්වයක් හේතුවෙන් අදාළ කාරක සභාව පත් කිරීම මේ වන විට ගැටලුකාරී තත්ත්වයකට පත්ව තිබේ. කථානායකවරයා සභාපතිත්වය දරණ කාරක සභාවට දේශපාලන පක්ෂ නියෝජිතයින් 12 දෙනෙකු පත් කළ යුතුයි. ඒ අනුව ආණ්ඩු පක්ෂය ඊයේ පස්වරුවේ සිය නියෝජිතයින් 7 දෙනා නම් කර පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට යොමු කර තිබිණි. එම 7 දෙනා වන්නේ දිනේෂ් ගුණවර්ධන, එස්.බී. දිසානායක, නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද සමරසිංහ, විමල් වීරවංශ, තිලංග සුමතිපාල, උදය ගම්මන්පිල යන මහත්වරුන්. ජනතා විමුක්ති පෙරමුණ ද සිය නියෝජිතයින් ලෙස විජිත හේරත් සහ වෛද්‍ය නලින්ද ජයතිස්ස යන මන්ත්‍රීවරුන් මේ වන විට නම් කර අවසන් ය. මේ අතර එක්සත් ජාතික පෙරමුණ ද නියෝජිතයින් 5 දෙනෙකු අද රාත්‍රියේ රැස් වූ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී නම් කර තිබේ. එම 5 දෙනා වන්නේ ලක්ෂ්මන් කිරිඇල්ල, රවුෆ් හකීම්, මනෝ ගනේෂන්, පාඨලී චම්පික රණවක හා රිෂාඩ් බදියුදීන් යන මහත්වරුන් ය. ඒ සමග මේ වන විට නියෝජිතයින් 14 දෙනෙකුගේ නම් තේරීම් කාරක සභාවට යෝජනා වී ඇති අතර දෙමළ ජාතික සන්ධානය තේරීම් කාරක සභා නියෝජනය පිළිබඳව සිය ස්ථාවරයන් මෙතෙක් ප්‍රකාශ කර නොමැත. අප පාර්ලිමේන්තු වාර්තාකරු සඳහන් කළේ, ඔවුන් ද මන්ත්‍රීවරුන් දෙදෙනෙකු යෝජනා කිරීමට සූදානමින් සිටින බව ය. ඒ අනුව පවතින තත්ත්වය හමුවේ තේරීම් කාරක සභාවේ කථානායකවරයා හැර දැනට 12කට සීමා වී ඇති මන්ත්‍රී නියෝජනය ඉහළ දැමීමට සිදු වනු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේ ය. මේ අතර හෙට දිනයේ පාර්ලිමේන්තුවේ මහජන ගැලරිය සහ තානාපතිවරුන්ට කථානායක විශේෂ ආරාධිත ගැලරියත් වසා දැමීමට තීරණය කර තිබේ. වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා නිව්ස්ෆස්ට් කළ විමසීමකදී සඳහන් කළේ, පාර්ලිමේන්තු සංකීර්ණයම ඔවුන්ට තහනම් ප්‍රදේශයක් වනු ඇති බව ය. හෙට පෙරවරු 10.30ට පාර්ලිමේන්තුව රැස්වීමට පෙර කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නායක රැස්වීමක් ද පැවැත්වීමට නියමිත බව අප පාර්ලිමේන්තු වාර්තාකරු සඳහන් කළේ ය. |
2018-11-22T10:57:20.000Z | කෘෂිකාර්මික ආදායම්, ආදායම් බද්දෙන් නිදහස් කිරීමට තීන්දුවක් | කෘෂිකාර්මික ආදායම්, ආදායම් බද්දෙන් නිදහස් කෙරේ | COLOMBO (News 1st) - කෘෂිකාර්මික ආදායම, ආදායම් බදුවලින් නිදහස් කිරීමට රජය තීරණය කර තිබේ. අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේ, එය මෙම සතිය තුළ ක්‍රියාත්මක කිරීමට නියමිත බව ය. අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේ, රජයේ නව තීන්දුව අනුව කෘෂි නිෂ්පාදන සඳහා පසුගිය රජය පනවා තිබූ 14%ක බද්ද සම්පූර්ණයෙන් ඉවත් කිරීමට පියවර ගන්නා බව ය. ඊට අමතරව ආදායම මත පනවා තිබූ 0.5%ක බද්ද ද තවදුරටත් අඩු කිරීමට තීරණය කර තිබේ. කෘෂිකර්මාන්තය නගා සිටුවීම සඳහා මෙලෙස බදු අඩු කිරීමට රජය තීරණය කර ඇති බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිව්ස්ෆස්ට් කළ විමසීමකදී සඳහන් කළේ ය. |
2018-11-22T10:25:17.000Z | අනුරාධපුර රන්ගිරි උල්පත් ආරණ්‍ය සේනාසනයට ගම්මැද්දෙන් පානීය ජල පහසුකම් ලබා දුන් වගයි | ගම්මැද්දෙන් තවත් ව්‍යාපෘතියක් ජන සතු කළ වගයි... | COLOMBO (News 1st) - ජන ගැටලු සොයමින් ඒවාට තිරසර විසඳුම් සොයා යන ගම්මැද්ද වැඩ දහසේ තවත් එක් ව්‍යාපෘතියක් අද අනුරාධපුරයේදී ක්‍රියාත්මක කළේ ය. අනුරාධපුර හොරොව්පතාන, රන්ගිරි උල්පත් ආරණ්‍ය සේනාසනය බෞද්ධ මෙන්ම අන්‍යාගමික සැදැහැවතුන් ද ඉතා ගෞරවයෙන් යුතුව වන්දනා කරන ආගමික ස්ථානයකි. නමුත් ආරණ්‍ය සේනාසනයේ වැඩවසන ස්වාමීන් වහන්සේලාට මෙන්ම ආගමික කටයුතු සඳහා ආරණ්‍ය සේනාසනයට පැමිණෙන ජනතාවට පානීය ජලය පමණක් නොව අවම පහසුකම්වත් නොමැති වීම ගැටලුවක් විය. ජලය රැගෙන ඒමට සිදුව තිබුණේ, සේනාසනයේ සිට කිලෝමීටරයක් පමණ දුරකිනි. ගම්මැද්ද මහ ලේකම් කාර්යාලයෙන් කරන ලද ඉල්ලීමකට අනුව ඉල් පුර පසළොස්වක පොහෝ දිනය මේ විශේෂ කාර්යය සඳහා වෙන් කර ගැනිණි. සේනාසනයට ජල නළ පද්ධතියක් ඇතුළු පහසුකම් රැසක් සැපයීම අද සිදු කෙරුණේ, හෘද රෝග විශේෂඥ වෛද්‍ය ප්‍රකාශ් ප්‍රියදර්ශන්, නිලංකා ගුණතිලක හා ටෙක්ලා ගුණතිලක යන මහත්ම මහත්මීන්ගේ අනුග්‍රහයෙනි. |
2018-11-22T10:15:10.000Z | නිසි පරිදි කරුණු නොදැන අදහස් දැක්වීමෙන් වළකින්නැයි රනිල් වික්‍රමසිංහ මන්ත්‍රීවරුන්ට දන්වයි | "නිසි පරිදි කරුණු නොදැන අදහස් දැක්වීමෙන් වළකින්න" | COLOMBO (News 1st) - ශ්‍රේෂ්ඨාධිකරණය සහ අනෙකුත් අධිකරණවල විභාග වන නඩු සම්බන්ධව නිසි පරිදි කරුණු නොදැන අදහස් දැක්වීමෙන් වැළකී සිටින්නැයි එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එම පක්ෂයේ සියලු මන්ත්‍රීවරුන්ට දන්වා තිබේ. එක්සත් ජාතික පක්ෂයේ මධ්‍යම කාර්යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, පසුගිය දිනවල පැවති මාධ්‍ය සාකච්ඡාවලදී හා වෙනත් වැඩසටහන්වලදී එ.ජා.ප. මන්ත්‍රීවරුන් දක්වා ඇති අදහස් සැලකිල්ලට ගනිමින් මෙම දැනුම් දීම කර ඇති බව ය. විෂයානුබද්ධ කරුණු පිළිබඳ අදහස් දැක්වීමේදී වගකීමෙන් හා දැනුවත් භාවයෙන් අදහස් දැක්වීම කළ යුතු බව ද විෂය පිළිබඳ ප්‍රාමාණික දැනුවත් බවක් නොමැති අවස්ථාවන්හිදී අදහස් දැක්වීමෙන් වැළකී සිටිය යුතු බව ද රනිල් වික්‍රමසිංහ මහතා අදාළ මන්ත්‍රීවරුන්ට මෙහිදී අවධාරණය කර තිබේ. |
2018-11-22T10:09:09.000Z | චෝදනාවලට ලක් වූ පුද්ගලයින්ටම යළි තනතුරු දෙන්නේ ඇයි? | චෝදනාවලට ලක්වූ පුද්ගලයින්ටම යළි තනතුරු දෙන්නේ ඇයි? | COLOMBO (News 1st) - ලබන වසරේ ජනවාරි සිට මාස 4ක කාලයක් සඳහා අතුරු සම්මත ගිණුමක් සකස් කිරීමට ඊයේ කැබිනට් අනුමැතිය ලැබී තිබූ අතර එය නීති කෙටුම්පත් අංශ වෙත යැවීමට පියවර ගෙන තිබේ. ඒ සම්බන්ධයෙන් සහ රටේ වත්මන් තත්ත්වය පිළිබඳව අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අදහස් පළ විය. මෙම මාධ්‍ය හමුවේදී චෝදනාවලට ලක් වූ නිලධාරීන්ට යළි තනතුරු ලබා දෙන්නේ ඇයි දැයි මාධ්‍යවේදීහු විමසා සිටියහ. ඊට පිළිතුරු ලබා දෙමින් අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පැවසුවේ, ජනාධිපති ලේකම්වරයා විසින් එවනු ලැබූ චක්‍රලේඛයට අනුව මෙම පත් කිරීම් සිදු කර ඇති බව ය. මූල්‍ය අපරාධ චෝදනා එල්ල වී ඇප මත මුදා හැර සිටින ආචාර්ය නාලක ගොඩහේවා මහතා රක්ෂණ සංස්ථාවේ සභාපති ධූරයට පත් කිරීම පිළිබඳව අපි ඊයේත් ප්‍රශ්න කළෙමු. ඔහු ශ්‍රී ලංකා විනිමය සුරැකුම්පත් කොමිෂන් සභාවේ සභාපති ලෙස කටයුතු කළ සමයේ ඇතැම් සමාගම්වල කොටස් මිල සැක සහිත ලෙස සීඝ්‍රයෙන් ඉහළ යාම හා ඒ හා බැඳුණු පම්පින් ඇන්ඩ් ඩම්පින් ලෙස හැඳින්වුණ කුප්‍රකට කොටස් වෙළෙඳපොළ වංචා සිදු වූ බව කවුරුත් දන්නා කරුණකි. 2012 අගෝස්තු 27 වන දා ඩේලි මිරර් පුවත්පත වාර්තා කළ කරුණුවලට අනුව කොටස් වෙළෙඳපොළ අයථා ගනුදෙනු සම්බන්ධයෙන් පසුව චෝදනා එල්ල වූ සිට්රස් ලෙෂර් සමාගමට අනුබද්ධ වස්කඩුව බීච් රෙසෝට් සමාගමේ 10 වන හා 16 වන විශාලතම කොටස්කරු ලෙස ගොඩහේවා මහතා කටයුතු කර තිබේ. ඔහු තවත් ප්‍රශ්නගත සමාගමක් වූ කලම්බු ලෑන්ඩ් ඇන්ඩ් ඩිවලොප්මන්ට් සමාගමේ ද 7 වන විශාලතම කොටස්කරුවායි. දිලිත් ජයවීර සහ වරුණි අමුණගම යන මහත්ම මහත්මීන් සම්බන්ධ දිවැස ෆයිනෑන්ස් සමාගමේ ද සභාපතිවරයා ලෙස ආචාර්ය නාලක ගොඩහේවා මහතා කටයුතු කර ඇතැයි ඩේලි මිරර් වාර්තාවේ සඳහන් විය. කුප්‍රකට ක්‍රිෂ් ගනුදෙනුවට සම්බන්ධ වෙමින් රාජපක්ෂ පවුලේ සමාජිකයෙකුට විශාල මුදල් ප්‍රමාණයක් ලබා ගැනීමේ අතරමැදියෙකු වීම පිළිබඳව ද ඔහුට චෝදනා එල්ල වී තිබේ. පසුගිය කාලයේ අනාවරණය වූයේ, ලංකා හොස්පිටල්ස් සමාගමේ කොටස්වලින් 29% ක් විකුණා දැමීමේ ප්‍රශ්න ගත ගනුදෙනුවට ද ඔහු සම්බන්ධ බව ය. 2015 රාජපක්ෂ පාලනය බිඳ වැටීමෙන් අනතුරුව ගොඩහේවා මහතා පිළිබඳ විමර්ශන ආරම්භ වූ අතර විනිමය සුරැකුම්පත් කොමිෂන් සභාවේ මුදල් අවභාවිතය පිළිබඳව පරීක්ෂණයක් සිදු විය. ඒ තරුණ පිරිස් අතර කොටස් වෙළෙදපොළ අයෝජනය ප්‍රචලිත කිරිමේ වැඩපිළිවෙළකට වෙන් කර තිබූ මුදල් නාමල් රාජපක්ෂ මහතාගේ ඉල්ලීමක් මත වෙනත් කාර්යක් සඳහා මුදා හැරීම සම්බන්ධයෙනි. මෙම කරුණු සම්බන්ධයෙන් ගොඩහේවා මහතාට නඩු කිහිපයක් ද ගොනු වී තිබෙන අතර දැනට ඔහු සිටින්නේ ඇපමත මුදාහැරි සැකකරුවෙකු ලෙස ය. ආචාර්ය නාලක ගොඩහේවා මහතාගේ පත් කිරීමට සමාන තවත් කුප්‍රකට පත් කිරීමක් පසුගිය දිනවල සිදු කෙරිණි. ඒ, චෝදනා රැසක් එල්ල වී තිබූ කපිල චන්ද්‍රසේන මහතා ශ්‍රීලංකන් ගුවන් සේවයේ සභාපති ධූරයට පත් කිරීමයි. ඒ සම්බන්ධයෙන් මතු වූ බරපතල ජනතා අප්‍රසාදය හමුවේ තනතුරින් ඉල්ලා අස්වීමට චන්ද්‍රසේන මහතා පියවර ගත්තේ ය. චෝදනාවලට ලක්වූවන් යළි යළිත් ඉහළ තනතුරුවලට පත් කිරීමෙන් අපේක්ෂා කරන්නේ කුමක් ද? |
2018-11-22T09:46:48.000Z | ණය ආපසු ගෙවීමේ කිසිදු ගැටලුවක් නැහැ - ජාතික ආර්ථික සභාවේ ලේකම්වරයා කියයි | "ණය ආපසු ගෙවීමේ කිසිදු ගැටලුවක් නැහැ" | COLOMBO (News 1st) - රටේ ආර්ථික තත්ත්වය පිළිබඳව අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට පැමිණි ජාතික ආර්ථික සභාවේ ලේකම් මහාචාර්ය ලලිත් සමරකෝන් මහතා කරුණු පැහැදිලි කළේ ය. මහාචාර්ය ලලිත් සමරකෝන් සහ මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි යන මහත්වරුන් මේ සතියේ කැබිනට් රැස්වීමට සහභාගී වී රටේ ආර්ථික තත්ත්වය පිළිබඳව කරුණු පැහැදිලි කර තිබේ. සමරකෝන් මහතා කියා සිටියේ, රටේ ආර්ථිකයේ වත්මන් තත්ත්වය කෙටි කාලයක් තුළ ඇති වූ දෙයක් නොවන බව ය. 2015 සිට මේ දක්වා කාල සීමාවේ රටේ ආර්ථිකයට ප්‍රබල බලපෑම් එල්ල කළ සිදුවීම් ගණනාවක් වාර්තා විය. මහ බැංකුවේ බැඳුම්කර වංචාව නිසා සිදු වූ පාඩුව තවමත් නිශ්චිතව ගණන් බැලීමට නොහැකි වී තිබෙන අතර ආර්ථික විශේෂඥයින්ගේ මතය එහි බලපෑමෙන් වෙළෙඳපොළේ පොළී අනුපාත පමණක් 3%කින් පමණ වැඩි වූ බව ය. මේ වංචාව නිසා සේවක අර්ථ සාධක අරමුදල ඇතුළු පොදු අරමුදල්වලට ද බරපතල පාඩු සිදු වූ අතර ආයෝජන විශ්වාසය ද අභියෝගයට ලක් විය. ජාතික ගුවන් සේවය ලෙස ශ්‍රීලංකන් ගුවන් සමාගම 2016 සහ 2017 මූල්‍ය වර්ෂයේ පමණක් ලැබූ පාඩුව රුපියල් බිලියන 28.2කි. ගත වූ වසර කිහිපය තුළම සමාගම ලැබූ පාඩුව ද එක්වූයේ රටේ ණය බරට ය. මධ්‍යම අධිවේගී මාර්ගය ඇතුළු ඇතැම් ආයෝජන ව්‍යාපෘති සඳහා වැඩි පොළියකට වාණිජ ණය ලබා ගැනීමට ගත් ක්‍රියාමාර්ග ද සෘජුව රටේ ආර්ථිකයට බලපෑම් ඇති කර තිබේ. පසුගිය ජුලි මාසය වන විට මූඩීස් ණය ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාව B මට්ටමේ සිට B1 දක්වා පහළ දැමීමට පියවර ගැනුණේ ද මේ පසුබිම තුළ ය. දැන් යළිත් B1 සිට B2 දක්වා ශ්‍රී ලංකාව ණය ශ්‍රේණිගත කිරීම්වල පහළ දමා තිබේ. ජාතික ආර්ථික සභාවේ ලේකම්වරයා පෙන්වා දෙන්නේ, ආර්ථිකයේ සියලු කරුණු මෙම පහළ දැමීමේදී විධිමත් ලෙස සැලකිල්ලට ගෙන නොමැති බව ය. කෙසේ වෙතත් ණය ආපසු ගෙවීමේ අභියෝගයකට රට මුහුණ දී නැතැයි ඔහු අවධාරණය කළේ ය. |
2018-11-22T06:09:06.000Z | ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන්වල අඩු වීමක් | ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන්වල අඩු වීමක් | (News 1st) - ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් ඊයේ දිනයට සාපේක්ෂව තරමක් පහළ ගොස් තිබේ. අමෙරිකාවේ බොරතෙල් නිෂ්පාදනය වාර්තාගත ලෙස ඉහළ යාම ඊට හේතුව ය. ඒ අනුව බ්‍රිතාන්‍ය බ්‍රෙන්ට් වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල සටහන් වූයේ, අමෙරිකානු ඩොලර් 63.28ක් ලෙස ය. ඊට සාපේක්ෂව අමෙරිකානු වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක් ඩොලර් 53.38ක මිලකට අලෙවි කෙරේ. මේ වන විට අමෙරිකාව දෛනිකව බොරතෙල් බැරල් මිලියන 11.7 ක් නිෂ්පාදනය කරන අතර එය වාර්තාගත අගයකි. |
2018-11-22T05:01:53.000Z | මෙරට හා විදෙස් පළාත් පාලන ආයතන අතර ගිවිසුමකට එළැඹීමට කැබිනට් අනුමැතිය | පළාත් පාලන ආයතන අතර ගිවිසුමකට එළැඹීමට අනුමැතිය | COLOMBO (News 1st) - මෙරට පළාත් පාලන ආයතන සහ විදේශීය රටවල පළාත් පාලන ආයතන අතර ගිවිසුමකට එළැඹීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. ඒ, පළාත් සභා පළාත් පාලන සහ ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තෆා මහතා ඉදිරිපත් කළ යෝජනාවකට අනුව ය. මේ යටතේ එවැනි වැඩසටහන් සඳහා ලැබී ඇති ඉල්ලීම් සලකා බලා අවශ්‍ය ඉදිරි පියවර ගැනීමට කමිටුවක් ද පත් කෙරෙනු ඇති. ඒ, සියලු අමාත්‍යංශ හා ආයතන නියෝජනය වන ආකාරයෙනි. |
2018-11-22T02:53:17.000Z | අමෙරිකානු අගවිනිසුරු ට්‍රම්ප්ගේ ක්‍රියා කලාපය හෙළාදකී | අමෙරිකානු අගවිනිසුරුවරයා ජනපති ට්‍රම්ප් හෙළාදකී | අමෙරිකානු අගවිනිසුරු ජෝන් රොබර්ට්ස් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ක්‍රියා කලාපය හෙළා දැක තිබේ. ඒ , අමෙරිකානු ජනාධිපතිවරයා අධිකරණය තීන්දුවක් විවේචනය කිරීමත් සමගයි . අනවසර සංක්‍රමණිකයන්ට එරෙහිව ඔහු ඉදිරිපත් කළ නීතියක් තාවකාලිකව අත්හිටුවමින් ෆෙඩරල් විනිසුරුවරයකු දුන් තීන්දුව එලෙස ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විවේචනයට ලක්විය. අදාළ තීන්දුව ලබාදුන් විනිසුරුවරයා , හිටපු ජනාධිපති බැරක් ඔබාමාට පක්ෂපාතී අයකු බව ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේ ය. අමෙරිකානු අගවිනිසුරුවරයා ජනාධිපති ට්‍රම්ප්ගේ ක්‍රියාවක් හෙළා දුටු ප්‍රථම අවස්ථාව මෙයයි . |
2018-11-22T00:41:31.000Z | රුපියල තවදුරටත් අවප්‍රමාණය වෙයි | රුපියල තවදුරටත් අවප්‍රමාණය වෙයි | COLOMBO (News 1st) : රුපියල තවදුරටත් අවප්‍රමාණය වෙමින් අමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 179යි ශත 4ක් දක්වා ඉහළ ගොස් තිබේ. මේවන විට කටුනායක ගුවන් තොටුපොළේ බැංකුවල ඩොලරයක විකුණුම් මිල දැක්වුණේ රුපියල් 180 ශත 48ක් ලෙසයි. ඊයේ අමරිකානු ඩොලර් එකක විකුණුම් මිල රුපියල් 179 ක් විය. ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල දැක්වුනේ 175 ශත 11 ක් ලෙසයි. |
2018-11-22T00:36:37.000Z | නඩු 10 සැකකරුවෙක් කෑගලු බන්ධනාගාරයෙන් පැනයයි | නඩු 10 සැකකරුවෙක් කෑගලු බන්ධනාගාරයෙන් පැන යයි | COLOMBO (News 1st) : කෑගල්ල රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටි සැකකරුවෙකු පළායාමේ සිද්ධියක් සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව පුළුල් පරික්ෂණයක් ආරම්භ කර තිබේ. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණිය මහතා සඳහන් කළේ, අදාළ සැකකරු කැගල්ල බන්ධනාගාරයේ සිට කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයට ගෙනවිත් ඉන් කළුතර බන්ධනාගාරයට මාරු කිරීමට සැලසුම් කර තිබූ බවයි. කෙසේ වෙතත් එම අතරවාරයේ ඔහු පළා ගොස් ඇති බවට සැකකරන බව තුෂාර උපුල්දෙණිය මහතා ප්‍රකාශ කළේ ය. මෙම සැකකරු කුමන ස්ථානයෙන් පළා ගියේ ද යන්න පිළිබඳ නිශ්චිතව අනාවරණය වී නොමත. පසුගිය 07 වන දා සිදුවූ මෙම පළා යාම පිළිබඳ තොරතුරු වාර්තා වි ඇත්තේ පසුගිය 10 වැනිදායි. මෙම පළායාමට බන්ධානාගාර නිලධාරීන්ගේ සම්බන්ධයක් ඇත් ද යන්න පිළිබඳ පරීක්ෂණවලදී විශේෂ අවධානය යොමු කරන බව ද බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසී ය. පරීක්ෂණ ක්‍රියාත්මක වන්නේ සහකාර බන්ධනාගාර අධිකාරිවරයෙකුගේ මූලිකත්වයෙනි. එලෙස පළාගොස් ඇත්තේ නඩු 10 සැකකරුවෙකු වන සුනිල් ශාන්ත නමැත්තෙක් බව ද බන්ධනාගාර දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ය. |
2018-11-22T00:25:05.000Z | මොරගහකන්දේ ජල මට්ටම ඉහළ නගී | මොරගහකන්දේ ජල මට්ටම ඉහළ නගී | COLOMBO (News 1st) : මොරගහකන්ද ජලාශයේ ජල ධාරිතාව එහි සමස්ත ධාරිතාවෙන් 90% ක් දක්වා ඉහළ ගොස් තිබේ. ජලාශය කාර්යභාර ඉංජිනේරු පී. එස්.බණ්ඩාර මහතා සඳහන් කළේ, මේ වනවිට ඝන මීටර් මිලියන 504.5 ක ජල ධාරිතාවක් ජලාශයේ පවතින බවයි. ජාලාධාර ප්‍රදේශවලට තවදුරටත් වැසි ඇද හැළෙන බැවින් මෙය තවදුරටත් ඉහළ යා හැකි බව ඔහු සඳහන් කළේ ය. මේ අතර පවතින වර්ෂාවත් සමග වාරිමාර්ග දේපාර්තමේන්තුවට අයත් ජලාශ 72 හි ධාරිතාව 65% ක් දක්වා ඉහළ ගොස් ඇති අතර මහවැලි පද්ධතියට අයත් ජලාශවල ධාරිතාව ද එහි අපරිම මට්ටමේ පවතින බව එම අධිකාරිය සඳහන් කළේ ය. |
2018-11-21T23:14:04.000Z | ලක්ෂ 36ක අයිස් මත්ද්‍රව්‍ය තොගයක් කටුනායකදී අත්අඩංගුවට | ලක්ෂ 36ක අයිස් මත්ද්‍රව්‍ය කටුනායකදී අත්අඩංගුවට | COLOMBO (News 1st) : රුපියල් ලක්ෂ 36 ක් වටිනා අයිස් නමැති මත්ද්‍රව්‍ය ග්‍රෑම් 300 ක් සමග පුද්ගලයෙකු කටුනායක ගුවන් තොටුපොළේදි පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ අත්අඩංගුවට පත්ව තිබේ. චෙන්නායි සිට ඊයේ රාත්‍රි මෙරටට පැමිණි සැකකරුගේ යට ඇඳුම්වල සූක්ෂම ලෙස සඟවා එම මත්ද්‍රව්‍ය මෙරටට රැගෙන ඒමට තැත්කර ඇති බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සඳහන් කළේ ය. 2017 වර්ෂයේදී ද නිතී විරෝධි ලෙස දුම්වැටි තොගයක් සමග අත්අඩංගුවට පත්ව ඇති පුද්ගලයෙකු වන ඔහු දිගු කලක සිට මත්ද්‍රව්‍ය ජාවාරම් කර ඇති බවට පොලීසිය සැකපළ කරයි. අත්අඩංගුවට ගත් සැකකරු අද දින මීගමුව මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කර දින 7 ක රැඳවුම් නියෝග ලබා ගැනීමට බලාපොරොත්තු වන බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පැවසී ය. |
2018-11-21T22:44:39.000Z | මල්ලිඅප්පුවෙන් නුවරඑළිය - තලවාකැලේ පාර අවහිරයි | මල්ලිඅප්පුවෙන් නුවරඑළිය - තලවාකැලේ පාර අවහිරයි | COLOMBO (News 1st) : ගසක් කඩා වැටීම හේතුවෙන් නුවරඑළිය - තලවාකැලේ ප්‍රධාන මාර්ගය මල්ලිඅප්පුව ප්‍රදේශයෙන් අවහිර වී තිබේ. පොලීසිය සඳහන් කළේ, මේ හේතුවෙන් එම මාර්ගයේ ගමන් ගන්නා රියැදුරන් විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි. කඩා වැටුණු ගස ඉවත් කිරිම මේ වන විට ආරම්භ කර ඇති අතර රථ වාහන ධාවනය යථා තත්වයට පත් කිරීම සඳහා තවත් පැය 02 ක පමණ කාලයක් ගත වනු ඇති බව පොලීසිය සඳහන් කළේ ය. |
2018-11-21T21:08:30.000Z | මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ IP රංගජීව යළි සේවයේ පිහිටුවයි | IP රංගජීව යළි සේවයේ පිහිටුවයි | COLOMBO (News 1st) : පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ හිටපු පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව මහතා යළි සේවයේ පිහිටුවා තිබේ. පොලිස් මාධ්‍ය ඒකකය පැවසුවේ, පොලිස්පතිවරයාගේ නියමයෙන් ඊයේ සිට බලපැවැත්වෙන පරිදි ඔහු යළි සේවයේ පිහිටුවා ඇති බවයි. 2012 වසරේදී වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි සිරකරුවන් සහ සැකකරුවන් 27 දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ චෝදනා යටතේ නියෝමාල් රංගජීව මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටියේ ය. රංගජීව මහතා අභියාචනාධිකරණයට ගොනු කළ ඇප අයදුම්පතක් සලකා බැලීමෙන් අනතුරුව රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔහු මුදා හැරීමට අභියාචනාධිකරණය නියෝග කළේ, පසුගිය සැප්තැම්බර් මස 27 වනදායි. තමන් යළි සේවයේ පිහිටුවන ලෙසට රංගජීව මහතා පසුගිය 19 වැනි දින පොලිස්පති සහන මැදිරියට අභියාචනයක් ඉදිරිපත් කර තිබූ අතර එම අභියාචනය පොලිස්පතිවරයා පරීක්ෂා කර මෙම පියවර ගත් බව ද පොලිස් මාධ්‍ය ඒකකය පැවසී ය. |
2018-11-21T20:14:06.000Z | ඉන්දීය - ඔස්ට්‍රේලියා 20යි 20 පළමු ජය ඕස්ට්‍රේලියාවට | ඉන්දීය-ඔස්ට්‍රේලියා 20යි 20 පළමු ජය ඔස්ට්‍රේලියාවට | COLOMBO (News1st) : ඉන්දීය - ඔස්ට්‍රේලියා පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ඩක්වර්ත් හා ලුවිස් න්‍යාය මත ලකුණු 4 කින් ජය ගැනීමට සත්කාරක ඕස්ට්‍රේලියා කණ්ඩායම සමත් විය. ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් හීදී පැවති තරගය අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ පන්දුවාර 17කට සීමා විය. තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දීය නායකයාගේ ආරාධනාවෙන් පළමුවෙන් පන්දුවට පහර දුන් ඕස්ට්‍රේලියා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවාසානයේ කඩුලු 4 ක් දැවී රැස් කරගත් ලකුණු සංඛ්‍යාව 158කි. ආරම්භක පිතිකරු නායක එරෝන් ෆින්ච් ලකුණු 27 ක් රැස් කළේ ය. ක්‍රිස් ලීන් පන්දු 20 කදී ලකුණු 37 යි. ඔහුගේ ඉණිමට එක් හතරේ පහරක් සහා හයේ පහර 4 ක් ඇතුළත් ය. අනතුරුව පිටියේ ස්ථාවර වූ ග්ලේන් මැක්ස්වෙල් සහ මාර්කස් ස්ටොයිනිස් එක්ව ඔස්ට්‍රේලියා ඉණිමේ සිව්වන කඩුල්ල වෙනුවෙන් ගොඩනැගු ලකුණු සබඳතාව ලකුණු 78 කි. ග්ලේන් මැක්ස්වෙල් පන්දු 24ක දී හයේ පහර 4ක් සමගින් ලකුණු 46ක් ලබා රැස් කළේ ය. නොදැවී කඩුල්ලේ රැඳී සිටි මාක් ස්ටොයිනිස් පන්දු 19 කදී ලකුණු 33 ක් රැස් කළේ ය. පන්දු යැවීමේදී කුල්දීප් යාදේව් කඩුළු 2 ක් දවා ගත් අතර ජස්ප්‍රිට් බුම්රා හා කලීල් අහමඩ් අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියේ ය. අනතුරුව පිළිතුරු ඉණිම හඹා යාමට පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ ලබා ගත්තේ කඩුලු 7ක් දැවී ලකුණු 169ක් පමණි. නමුත් ඒ වන විට ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව ජයග්‍රහණය සඳහා ඔවුන්ගේ ඉලක්කය වී තිබුණේ ලකුණු 174කි. ආරම්භක පිතිකරු ශිකර් ධාවාන් සිය නවවන 20 යි 20 අර්ධ ශතකය වාර්තා කරමින් ලකුණු 76 ක් රැස් කළේ ය. රිශාබ් පාන්ට් ලකුණූ 20 ක් රැස් කළ අතර දිනේෂ් කාර්තික් ලකුණු 30 යි. ඉන්දීය ඉනිමේ අවසන් පන්දු වාරයේ දී ජයග්‍රහණය සඳහා ඔවුන්ට ලකුණු 13 ක් අවශ්‍ය විය. ඒ වන විට ඉන්දියාව සතුව තවත් කඩුලු 5ක් ඉතිරිව තිබුණ අතර ඉන්දීය පිතිකරු බලඇණියට එය ඉතා ලෙහෙසි ඉලක්කයක් වූව ද මාර්කස් ස්ටොනිස් පිට පිට පන්දු දෙකක දී කඩුලු දෙකක් දවා ගනිමින් ඔවුන්ට පීඩනයක් එල්ල කිරීමට සමත්වීම විශේෂත්වයකි. ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ඇඩම් සම්පා ලකුණු 22කට කඩුලු දෙකක් දවා ගත් අතර ඔහු තරගයේ වීරයා ලෙසින් නම් කෙරිණ. |
2018-11-21T19:40:31.000Z | ඉල් පුර පසළොස්වක පොහෝ දිනය අදයි | ඉල් පුර පසළොස්වක පොහෝ දිනය අදයි | COLOMBO (News 1st) : බුදුරජාණන් වහන්සේගේ අනුශාසනා පරිදි රහතන් වහන්සේ සැට නමක්, ලෝ සතුන්ගේ හිත සුව පිණිස, ධර්ම ප්‍රචාරයේ යෙදුණු ඉල් පුර පසලොස්වක පොහෝ දිනය අදයි. අවබෝධ කර ගත් ධර්මය ලෝක සත්වයාගේ හිතසුව පිණිස දේශනා කරන්නැයි වදාරා, බුදුරජාණන් වහන්සේ රහතන් වහන්සේ සැට නමක් ගම් නියම් ගම්වෙත පිටත්කර හැරියේ අද වැනි පුර පසළොස්වක පොහෝ දිනකදීයි. උරුවෙල් දනව්වේදී බුදුරජාණන් වහන්සේ තුන්බෑ ජටිලයින් ඇතුළු පිරිසට ධර්මය දේශනා කළේ ද ඉල් පුර පොහෝ දිනක බව ශාසන ඉතිහාසයේ සඳහන් ය. මෛත්‍රී බෝධි සත්ත්වයන් ගෞතම බුදුරජාණන් වහන්සේගෙන් නියත විවරණ ලැබීම ද අද වැනි පොහෝ දිනක සිදු වු අසිරිමත් සිද්ධියකි. වප් පොහෝ දින පෙරවස් පවාරණය කළ උපසපන් භික්ෂූන්ට කඨින චීවර පූජා කිරීමේ චීවර මාසය නිමාවන්නේද ඉල් පුර පසළොස්වක පොහෝ දිනයෙනි. එමෙන්ම පසු වස් සමාදන් වූ උපසපන් භික්ෂූන් ඉල් පොහෝ දිනයේදී වස් පවාරණය කරයි. |
2018-11-21T19:36:04.000Z | ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් වූ සත්‍යග්‍රහය අද ත්.... | ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් වූ සත්‍යග්‍රහය අද ත්... | COLOMBO (News 1st) : ප්‍රජාතන්ත්‍රවාදය රැකගැනීමට පෙළ ගැසෙමු යන තේමාවෙන් කොළඹ මහනගර සභාව ඉදිරිපිට ඊයේ ආරම්භ කළ අඛණ්ඩ සත්‍යග්‍රහය අද ත් ක්‍රියාත්මක වේ. මෙම සත්‍යග්‍රහය ආරම්භ කරනු ලැබුවේ, සිවිල් සංවිධාන හා එක්සත් ජාතික පෙරමුණට සම්බන්ධ වෘත්තීය සමිති එකමුතුව විසිනි. |
2018-11-21T19:27:06.000Z | ගෙවුණු දවස උණුසුම් කළ පුවත්… | ගෙවුණු දවස උණුසුම් කළ පුවත්… | COLOMBO (News 1st) දේශීය පුවත්... 1. “මම තවමත් එජාපයේ...” : තමන් තවමත් එක්සත් ජාතික පක්ෂය සමග කටයුතු කරන බව, එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතා පවසයි. 2. පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට ආණ්ඩුවෙන් නම් 7ක් : පාර්ලිමේන්තු කටයුතු සම්බන්ධයෙන් විවාදාත්මක තත්ත්වයක් මතුවූ තේරීම් කාරක සභාව සඳහා තමන් සාමාජිකයින් 7 දෙනෙකු නම් කළ බව සභා නායක දිනේෂ් ගුණවර්ධන මහතා කථානායකවරයාට දන්වා තිබේ. 3. මහජනතාවට ත්, කථානායක ආරාධිතයින්ට ත් ලබන 23 ගැලරිය වැසේ : පාර්ලිමේන්තු රැස්වීම පැවැත්වෙන ලබන 23 වන දා ,මහජන ගැලරිය සහ කථානායක විශේෂ ආරාධිත ගැලරිය වසා දැමීමට තීරණය කර තිබේ. 4. ඇලෝසියස් – පාලිසේන යළි රිමාන්ඩ් : පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු වන අර්ජුන් ඇලෝසියස් සහ එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි කසුන් පාලිසේන යන මහත්වරුන් ලබන 29 වන දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ. 5. වසන්ත සේනානායක කැබිනට් රැස්වීමට එයි : පාර්ලිමේන්තුව හා බහුතරය පිළිබඳ වාද විවාද මැද ඊයේ දිනයේත් සතියේ කැබිනට් මණ්ඩල හමුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය. 6. මිණිබිරිය යොදා ගනිමින් හෙරොයින් ජාවාරම් කළ මිත්තණිය අත්අඩංගුවට : සිය 6 හැවිරිදි මිණිබිරිය යොදා ගනිමින් හෙරොයින් ජාවාරමේ නිරත වූ මිත්තණියක් ඇතුළු සැකකාරියන් දෙදෙනෙකු අම්බලන්ගොඩ වෙරළ තීරයේදී අත්අඩංගුවට ගෙන තිබේ. විදෙස් පුවත්... 1. සෞදි අරාබිය ගැන ජනපති ට්‍රම්ප්ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් : මාධ්‍යවේදී ජමාල් ඛෂෝගි ඝාතනය පිළිබඳව සෞදි අරාබියේ ඔටුන්න හිමි කුමරු දැන සිටින්නට ඇති වුවත් එරට සමග ස්ථාවර සබඳතා පවත්වා ගැනීමට අපේක්ෂා කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් නිකුත් කළේ ය. |
2018-11-21T11:05:21.000Z | රූපවාහිනී කලා සම්මාන උළෙලේදී News 1st,සිරස, ශක්ති හා TV1 සම්මාන රැසකින් පිදුම් ලබයි | රාජ්‍ය රූපවාහිනී කලා සම්මාන උළෙල නෙළුම් පොකුණේදී | COLOMBO (News 1st) : 2018 රාජ්‍ය රූපවාහිනී කලා සම්මාන උළෙලේදී News 1st, සිරස TV හා ශක්ති TV සම්මාන රැසකින් පිදුම් ලැබීය. සම්මාන උළෙල මේ වනවිට නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රගහලේදී පැවැත්වේ. 2018 රාජ්‍ය රූපවාහිනී කලා සම්මාන උළෙල අද පස්වරුවේ ආරම්භ වුණේ, සම්මානනීය චිත්‍රපට අධ්‍යක්ෂිකා සුමිත්‍රා පිරිස් මහත්මියගේ ප්‍රධානත්වයෙනි. එහිදී හොඳ ම සංස්කෘතික වැඩසටහන දෙමළ මාධ්‍යයට හිමි සම්මානය News 1st හි ආර්. ගෝකුල්නාත් දිනා ගත්තේ ය. වසරේ හොඳ ම බහුවිධ කැමරා නිෂ්පාදනයට හිමි සම්මානයෙන් පිදුම් ලැබුවේ සිරස TV ඔස්සේ විකාශය වූ පෙන්ටතලන් ප්‍රශ්න විචාරාත්මක වැඩසහටන වෙනුවෙන් සිරස TVහි පුලිදු මිස්සකයි. සිරස ටීවී ලෝක ජල දිනය වෙනුවෙන් නිර්මාණය කළ පූර්ව ප්‍රචාරක පටය වසරේ විශිෂ්ටතම පුර්ව ප්‍රචාරක පටය ලෙස සම්මාන දීනා ගත්තේ ය. වසරේ විශිෂ්ටතම රූපවාහිනි දෘෂ්‍ය සංකලනය වෙනුවෙන් සිරස TVහි විකාශය වූ ජුනියර් සුපර්ස්ටාර් සම්මානයට පාත්‍ර විය. වසරේ ප්‍රශස්තම සජීවිකරණය වෙනුවෙන් මෙවර රූපවාහිනි කලා රාජ්‍ය සම්මාන උළෙලේ සම්මාන දිනා ගැනීමට TV1 හි දිනේෂ් නයනජිත් චන්ද්‍රසේන සමත්විය. සමාජ වගකීම සහිත දැන්වීම සඳහා වූ සම්මානය ශක්ති TVහි ගුඩ්මෝනින් ශ්‍රී ලංකා වැඩසටහනට හිමිවිය. |
2018-11-21T10:03:35.000Z | "මම තවමත් එජාපයේ..." | "මම තවමත් එජාපයේ..." | COLOMBO (News 1st): තමන් තවමත් එක්සත් ජාතික පක්ෂය සමග කටයුතු කරන බව, එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතා පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ, අමාත්‍ය එස්. බී. දිසානායක මහතා කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් නිවුස් ෆස්ට් කළ විමසීමකට ප්‍රතිචාර දක්වමිනි. අද පෙරවරුවේ අමාත්‍ය එස්. බී. දිසානායක මහතා ප්‍රකාශ කළේ, වඩිවේල් සුරේෂ් මහතා, වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ධුරයේ වැඩ ආරම්භ කර ඇති බවයි. එමෙන්ම වසන්ත සේනානායක මහතා අද පැවති කැබිනට් රැස්වීමට සහභාගී වූ බව ද එස්. බී. දිසානායක මහතා ප්‍රකාශ කළේ ය. |
2018-11-21T09:06:58.000Z | කතානායකවරයාගෙන් නිවේදනයක් | කතානායකවරයාගෙන් නිවේදනයක් | COLOMBO (News 1st) : මන්ත්‍රීවරුන් 122 ලිඛිතව වත්මන් පාලනයට අභියෝග කර ඇති බැවින් කථානායකවරයා වශයෙන් පාර්ලිමේන්තුවේ බහුතර මතයට කන්දීම පැහැර හැරිය නොහැකි වගකීමක් බව කරු ජයසූරිය මහතා පවසයි. නිවේදනයක් නිකුත් කරමින් ඔහු පෙන්වා දෙන්නේ, එය පක්ෂග්‍රාහී වීමක් ලෙස හඳුන්වාදෙමින් පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතත් සිදුකරන පහත් අන්දමේ පරිභව කිරීම් හා විරෝධතා තවදුරටත් නිෂ්ඵල වනු ඇති බවයි. පාර්ලිමේන්තුව තුළ බහුතර මන්ත්‍රී පිරිසකගේ සහය වර්තමාන පාලනයට ඇති බව පැහැදිලි ලෙස ඔප්පුකිරීම උද්ඝෝෂ සහ, විරෝධතාවලට වඩා ඵලදායක වනු ඇතැයි කථානායකවරයා පෙන්වා දෙයි. |
2018-11-21T08:54:06.000Z | පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට ආණ්ඩුවෙන් නම් 7ක් | පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට ආණ්ඩුවෙන් නම් 7ක් | COLOMBO (News 1st) : පාර්ලිමේන්තු කටයුතු සම්බන්ධයෙන් විවාදාත්මක තත්ත්වයක් මතුවූ තේරීම් කාරක සභාව සඳහා තමන් සාමාජිකයින් 7 දෙනෙකු නම් කළ බව සභා නායක දිනේෂ් ගුණවර්ධන මහතා කථානායකවරයාට දන්වා තිබේ. මේ සඳහා නම් කර ඇත්තේ දිනේෂ් ගුණවර්ධන. එස්.බී. දිසානායක, නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද සමරසිංහ, විමල් වීරවංශ, තිලංග සුමතිපාල හා උදය ගම්මන්පිල යන මහත්වරුන් ය. මීට පෙර 2004 මහ මැතිවරණයෙන් පසුවත් 2015 ජනාධිපතිවරණයෙන් පසුවත් සුළුතර ආණ්ඩු පැවති බවත් එම අවස්ථාවේ තේරීම් කාරක සභාවේ බහුතර සාමාජිකයින් ආණ්ඩු පක්ෂයට ලබාදුන් බවත් දිනේෂ් ගුණවර්ධන මහතා කථානායකවරයාට යැවූ ලිපියේ සිහිපත් කර තිබේ. එහි දැක්වෙන්නේ ඒ අනුව ආණ්ඩු පක්ෂය ලෙස තමන් බහුතර සාමාජික ගණනක් නම් කළ බවයි. කාරක සභාවේ සාමාජික ගණන 12 දෙනෙකු ඉක්මවා යා යුතු යැයි තීරණය කරන්නේ නම් ඒ බව දැනුම් දෙන ලෙසත් එවිට අමතර සාමාජිකයින් නම් කළ හැකි බවත් ගුණවර්ධන මහතා කථානායකවරයාට දන්වා තිබේ. |
2018-11-21T07:11:44.000Z | මහජනතාවට ත්, කථානායක ආරාධිතයින්ට ත් ලබන 23 ගැලරිය වැසේ | මහජනතාවටත්, කථානායක ආරාධිතයින්ටත් 23 ගැලරිය වැසේ | COLOMBO (News 1st) : පාර්ලිමේන්තු රැස්වීම පැවැත්වෙන ලබන 23 වන දා ,මහජන ගැලරිය සහ කථානායක විශේෂ ආරාධිත ගැලරිය වසා දැමීමට තීරණය කර තිබේ. වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා නිවුස්ෆස්ට් කළ විමසිමකදී සඳහන් කළේ, මහජනතාවට සහ තානාපතිවරුන්ට පාර්ලිමේන්තු සංකීර්ණයම තහනම් ප්‍රදේශයක් වනු ඇති බවයි. මාධ්‍යවේදීන් සඳහා එදිනට සාමාන්‍ය පරිදි සියලු අවස්ථාවන් ලබාදෙන බව ඔහු ප්‍රකාශ කළේ ය. ලබන සිකුරාදා පෙරවරු 10.30 ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතයි. මේ අතර පසුගිය දා පර්ලිමේන්තුව රැස් වූ අවස්ථා කිහිපයකදී සභාවේ ඇති වූ නොසන්සුන්තාව හේතුවෙන් සිදුව ඇති අලාභ හානි තක්සේරු කිරීම අද ආරම්භ කෙරිණ. ඒ අද පස්වරුවේ රක්ෂණ නිලධාරීන් පැමිණිමෙන් පසුවයි. ඇති වු ගැටුම් සහගත තත්ත්වය සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලි මත වැලිකඩ පොලිසියේ නිලධාරීන් ද පැමිණ පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි, වේත්‍රධාරීවරයා පැවසී ය. |
2018-11-21T06:48:35.000Z | හෙට පස්වරු 2න් පසු ගිඟුරුම් සහිත වැසි | හෙට පස්වරු 2න් පසු ගිඟුරුම් සහිත වැසි | COLOMBO (News 1st) : දිවයිනේ බොහෝ පළාත්වලට හෙට පස්වරු 2 න් පසු වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, නැගෙනහිර, ඌව පළාත්වලටත්, හම්බන්තොට දිස්ත්‍රික්කයටත් හෙට උදෑසන කාලයේ වැසි ඇතිවිය හැකි බවයි. අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි. |
2018-11-21T06:40:06.000Z | Facebook හරහා මුදල් වංචා කළ තරුණයෙක් අත්අඩංගුවට | Facebook හරහා මුදල් වංචා කළ තරුණයෙක් අත්අඩංගුවට | COLOMBO (News 1st) : ජංගම දුරකථන ලබාදෙන බව පවසා Facebook හරහා මුදල් වංචා කළ තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, මීගමුව, ජා-ඇල, කොළඹ ඇතුළු ප්‍රදේශ රැසක පුද්ගලයින්ට මුදල් වංචා කර ඇති සිදුකළ පරීක්ෂණවලදී අනාවරණය වී ඇති බවයි. අත්අඩංගුවට ගෙන ඇත්තේ 21 හැවිරිදි මිගමුව පදිංචිකරුවෙකි. මීගමූව අපරාධ විමර්ශන අංශයට ලද පැමිණිල්ලක් මත සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ. |
2018-11-21T05:35:09.000Z | කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයකට පැය 18ක ජල කප්පාදුවක් | කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයකට පැය 18ක ජල කප්පාදුවක් | COLOMBO (News 1st) : කොළඹ ඇතුළු ප්‍රදේශ රැසකට ලබන සෙනසුරාදා පෙරවරු 8 සිට පැය 18 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි. මේ යටතේ දෙහිවල - ගල්කිස්ස, කෝට්ටේ, කඩුවෙල මහනගර සභා බල ප්‍රදේශ මහරගම, බොරැලැස්ගමුව ඇතුළු ප්‍රදේශවලට ද ජල සැපයුම අත්හිටුවනු ඇති. ඊට අමතරව කොලොන්නාව නගර සභා බල ප්‍රදේශය, කොටිකාවත්ත - මුල්ලේරියා ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ සහ රත්මලාන හා සොයිසාපුර නිවාස සංකීර්ණය ආශ්‍රිත ප්‍රදේශයට ද ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සඳහන් කළේ ය. අඹතලේ ජල පවිත්‍රාගාරයේ අත්‍යවශ්‍ය වාර්ෂික නඩත්තු කටයුත්තක් මීට හේතු වී තිබේ. |
2018-11-21T05:20:33.000Z | ඇලෝසියස් - පාලිසේන යළි රිමාන්ඩ් | ඇලෝසියස් - පාලිසේන යළි රිමාන්ඩ් | COLOMBO (News 1st) : පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු වන අර්ජුන් ඇලෝසියස් සහ එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි කසුන් පාලිසේන යන මහත්වරුන් ලබන 29 වන දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ. ඒ සැකකරුවන් කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. ශ්‍රී ලංකා මහබැංකු බැඳුම්කර සිද්ධියේදී අයථා ලෙස මුදල් උපයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන ඔවුන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටී. එම සැකකරුවන් දෙදෙනා වෙනුවෙන් ඇප ඉල්ලීමක් මේ වනවිටත් සිදු කර ඇති බැවින්, ඒ සම්බන්ධයෙන් වාචිකව කරුණු දැක්වීමට අපේක්ෂා කරන බව සැකකරුවන්ගේ නීතිඥවරු අධිකරණයට අද දැනුම් දුන්හ. එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ලක්මිණි ගිරිහාගම මෙනවිය අධිකරණයට පෙන්වා දුන්නේ ඔවුන්ගේ ඇප ඉල්ලීම ශ්‍රේෂ්ඨාධිකරණය මේ වනවිට ප්‍රතික්ෂේප කර ඇති බැවින් ඔවුන්ට ඇප දීමේ නීතිමය බලයක් මහේස්ත්‍රාත් අධිකරණයට නොමැති බවයි. |
2018-11-21T03:33:24.000Z | රුපියල තවදුරටත් කඩා වැටෙයි | රුපියල තවදුරටත් කඩා වැටෙයි | COLOMBO (News 1st) - මහ බැංකුව නිකුත් කළ විනිමය අනුපාත අගයන්වලට අනුව අද දින අමෙරිකානු ඩොලරයේ විකුණුම් මිල දැක්වුණේ රුපියල් 179.04ක් ලෙස ය. බ්‍රිතාන්‍ය ස්ටර්ලිං පවුමක විකුණුම් මිල රුපියල් 229.04 ක් ලෙස දැක්විණි. යුරෝ එකක විකුණුම් මිල දැක්වුණේ, රුපියල් 203.28ක් ලෙස ය. |
2018-11-21T03:25:55.000Z | මිරිස් කුඩු ප්‍රහාරය ගැන ගාමිණි ජයවික්‍රමගෙන් පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් | මිරිස් කුඩු ප්‍රහාරය ගැන පැමිණිල්ලක් | COLOMBO (News 1st) - පාර්ලිමේන්තුවේදී මිරිස් කුඩු ප්‍රහාරයක් එල්ල් කිරීමට එරෙහිව පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා අද පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කළේ ය. |
2018-11-21T03:17:30.000Z | ධූරයෙන් ඉල්ලා අස්වන බව කියූ වසන්ත සේනානායක කැබිනට් රැස්වීමට සහභාගී වෙයි | වසන්ත සේනානායක කැබිනට් රැස්වීමට සහභාගී වෙයි | COLOMBO (News 1st) - පාර්ලිමේන්තුව හා බහුතරය පිළිබඳ වාද විවාද මැද අදත් සතියේ කැබිනට් මණ්ඩල හමුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය. නව කැබිනට් මණ්ඩලය අද රැස්වූයේ දෙවන වරටයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් ඇතුළු අමාත්‍යවරුන්ගේ සහභාගීත්වයෙන් සතියේ කැබිනට් මණ්ඩල හමුව අද පෙරවරුවේ පැවැත්වුණේ ජනාධිපති කාර්යාලයේදීයි. සිය ධුරයෙන් ඉල්ලා අස්වන බව පවසමින් පසුගිය දා එක්සත් ජාතික පක්ෂයට සහය පළ කළ සංචාරක හා වනජීවි අමාත්‍ය වසන්ත සේනානායක මහතා ද අද පැවති කැබිනට් රැස්වීමට සහභාගී වූ බව අමාත්‍ය එස්. බී. දිසානායක මහතා පැවසී ය. මේ අතර අද පැවති උත්සවයේදී බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේ, අතුරු සම්මත ගිණුමක් සැකසීම සඳහා මුදල් අමාත්‍යවරයා කැබිනට් අනුමැතිය ලබාගත් බවයි. බදු පැහැර හරින්නන්ගේ මුදල් ආයෝජනය සඳහා යොමුකරවීමට සහන ලබාදෙන බව ද අමාත්‍යවරයා මෙහිදී පැවසී ය. |
2018-11-21T02:34:03.000Z | පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට පක්ෂ කිහිපයක නියෝජිතයින් නම් කිරීම අද | තේරීම් කාරක සභාවට නියෝජිතයින් නම් කිරීම අද | COLOMBO (News 1st) - පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව සඳහා ආණ්ඩු පක්ෂ නියෝජිතයින් පත් කිරීම අද සිදු කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධානය පවසයි. අමාත්‍ය එස්.බී. දිසානායක මහතා සඳහන් කළේ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හා ආණ්ඩු පක්ෂ මැති ඇමතිවරුන් අතර සාකච්ඡා කිරීමෙන් අනතුරුව එම නම් කථානායක කාර්යාලය වෙත භාර දෙන බව ය. තම පක්ෂයෙන් තේරීම් කාරක සභාවට පත් කරන සාමාජිකයින් පිළිබඳව අද දිනයේදී කථානායකවරයාට දැනුම් දෙන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේ ය. මේ අතර එක්සත් ජාතික පක්ෂයෙන් ද තේරීම් කාරක සභාව සඳහා නියෝජිතයින් අද දිනයේදී පත් කිරීමට නියමිත ය. පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, සියලු පක්ෂවල නියෝජිතයින්ගේ නම් ලැබුණු පසු කථානායකවරාය විසින් එම කාරක සභාව පාර්ලිමේන්තුවට ප්‍රකාශ කරනු ඇති බව ය. ලබන සිකුරාදා එම කාරක සභාව කථානායකවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇතැයි ද ඔහු සඳහන් කළේ ය. තේරීම් කාරක සභාව යනු ආංශික අධික්ෂණ කාරක සභාවල සහ අමාත්‍යංශ උපදේශන කාරක සභාවල සංයුතිය, සාමාජික සංඛ්‍යාව, කර්තව්‍ය සහ ඝණ පූර්ණය තීරණය කිරීම වෙනුවෙන් පත් කරන විශේෂ කාර්යන් සඳහා වන කාරක සභාවකි. කථානායකතුමාගේ සභාපතිත්වයෙන් සෙසු සාමාජිකයින් 12 දෙනෙකු සහිතව පත් කරන මෙම කාරක සභාව මගින් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව ඇතුළු කාරක සභා 12ක පත් කිරීම් සිදු කෙරේ. මෙම කාරක සභා අතරට පොදු ව්‍යාපාර කාරක සභාව සහ රාජ්‍ය ගිණුම් කාරක සභාව ද ඇතුළත් ය. |
2018-11-21T01:31:48.000Z | මිණිබිරිය යොදා ගනිමින් හෙරොයින් ජාවාරම් කළ කාන්තාවක ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට | මිණිබිරිය යොදා හෙරොයින් ජාවාරම් කළ 3ක් අත්අඩංගුවට | COLOMBO (News 1st) - සිය 6 හැවිරිදි මිණිබිරිය යොදා ගනිමින් හෙරොයින් ජාවාරමේ නිරත වූ මිත්තණියක් ඇතුළු සැකකාරියන් දෙදෙනෙකු අම්බලන්ගොඩ වෙරළ තීරයේදී අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ, ලද තොරතුරක් මත සැකකාරියන් ත්‍රිරෝද රථයක යමින් සිටියදී ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගත් බව ය. සැකකාරියන් සතුව තිබී සොයා ගෙන ඇති හෙරොයින් ප්‍රමාණය ග්‍රෑම් 4යි මිලිග්‍රෑම් 365කි. සැකකාරියගේ අවුරුදු 06ක් වයසැති මිණිබිරියගේ යට ඇඳුමේ සඟවා තිබී හෙරොයින් පැකට් 8ක් ද පොලිස් භාරයට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් කාන්තාවන් 38 හා 40 හැවිරිදි අම්බලන්ගොඩ පටබැඳිමුල්ල ප්‍රදේශයේ පදිංචිකාරියන් දෙදෙනෙකි. ත්‍රිරෝද රථය පැදවූ රියැදුරා ද පොලිස් භාරයට ගෙන ඇති අතර සැකකාරියන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය. |
Subsets and Splits
No saved queries yet
Save your SQL queries to embed, download, and access them later. Queries will appear here once saved.