date
stringlengths
24
24
title
stringlengths
0
176
short_title
stringlengths
10
69
content
stringlengths
0
19.7k
2018-11-21T00:40:12.000Z
සෞදි අරාබිය ගැන ජනපති ට්‍රම්ප්ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
සෞදිය ගැන ට්‍රම්ප්ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
(News 1st) - මාධ්‍යවේදී ජමාල් ඛෂෝගි ඝාතනය පිළිබඳව සෞදි අරාබියේ ඔටුන්න හිමි කුමරු දැන සිටින්නට ඇති වුවත් එරට සමග ස්ථාවර සබඳතා පවත්වා ගැනීමට අපේක්ෂා කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් නිකුත් කළේ ය. ප්‍රකාශයක් නිකුත් කරමින් ජනපති ට්‍රම්ප් සඳහන් කළේ, ජමාල් ඛෂෝගි ඝාතනයට අදාළ සියලු කරුණු කෙදිනකවත් දැනගත නොහැකි වනු ඇති බව ය. ජමාල් ඛෂෝගි ඝාතනය හමුවේ සෞදි අරාබියට එරෙහිව දැඩි සම්බාධක පනවන ලෙසට අමෙරිකානු මන්ත්‍රීවරුන්ගෙන් දැඩි බලපෑම් එල්ලවීම මධ්‍යයේ ජනපති ට්‍රම්ප් මේ බව පැවසීම විශේෂත්වයකි. සිය තීරණය සාධාරණීකරණය කරමින් අමෙරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ, අඥානයන් ලෙස සෞදි අරාබිය සමග පවතින වෙළෙඳ ගනුදෙනු අවලංගු කළ හොත් රුසියාව සහ චීනය ඉන් වාසි අත් කර ගනු ඇති බව ය. ජමාල් ඛෂෝගි ඝාතනය හමුවේ සෞදි අරාබිය සම්බන්ධයෙන් ගන්නා පිළිවෙත් පිළිබඳව ජනපති ට්‍රම්ප් මෙතෙක් අනුගමනය කළේ දෙබිඩි පිළිවෙතකි. ජනපති ට්‍රම්ප් සෞදි අරාබිය පිළිබඳව සිය තීරණය මෙලෙස ප්‍රකාශයට පත් කළේ, ජමාල් ඛෂෝගි ඝාතනය සෞදි අරාබියේ ඔටුන්න හිමි කුමරුගේ අණ මත සිදු කර ඇතැයි අමෙරිකානු මධ්‍යම බුද්ධි අංශය පවසා ඇති පසුබිමකදී ය. මානව හිමිකම් කඩ කිරීම සම්බන්ධයෙන් සෞදි අරාබියට එරෙහිව පියවර නොගැනීම හමුවේ ඩිමොක්‍රටික් සහ රිපබ්ලිකන් පක්ෂ දෙකේම මන්ත්‍රීවරුන්ගේ දැඩි දෝෂ දර්ශනයට ද ජනපති ට්‍රම්ප් ලක් විය.
2018-11-21T00:01:22.000Z
පහළ යාන් ඔය ව්‍යාපෘතිය නිසා ජලයෙන් යට වන තවත් ගම්මානයක්
යාන් ඔය ව්‍යාපෘතිය නිසා ජලයෙන් යටවන තවත් ගම්මානයක්
COLOMBO (News 1st) - පහළ යාන් ඔය ව්‍යාපෘතිය පසුගිය වසර කිහිපය පුරාම මහත් මත බේදයට ලක්වූවකි නමුත් අද වන විට එහි ජලය පිරවීමේ කටයුතු සිදු වෙමින් පවතියි. යාන් ඔය ව්‍යාපෘතිය ආරම්භයේ සිටම එහි බලපෑම එල්ලවන ප්‍රදේශයේ ජනතාවගෙන් ඊට එල්ල වුණේ දැඩි විරෝධයකි. මේ හේතුවෙන් ජලාශ්‍රයේ බැම්මේ ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමට ද අපේක්ෂිත කාලයට වඩා වැඩි කාලයක් ගත කිරීමට එහි ඉදිකිරීම් සමාගමට සිදු විය. මෙම ගැටලුව පදනම් කර ගනිමින් නිව්ස්ෆස්ට් ගම්මැද්ද ප්‍රාදේශීය මණ්ඩපයක් පැවැත් වූයේ, එවක වාරිමාර්ග අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහතාගේ ප්‍රධානත්වයෙනි. එහිදී ගම්වාසීන් මතු කළ ප්‍රධාන ගැටලුවක් වූයේ, අපේක්ෂිත ප්‍රමාණයට වඩා වැඩි ප්‍රදේශයක් ජලයෙන් යට වීමේ අවදානම සහ වන අලි ගැටලුවයි. එදා ගම්වැසියන් මතු කළ ගැටලුවේ යථාර්ථය අද වන විට මැනවින පසක්වී අවසන්. යාන් ඔය ජලාශ්‍රයේ ඉදිකිරීම් කටයුතු හේතුවෙන් ව්‍යාපෘතිය ආරම්භයේදීම ගම්මාන කිහිපයක් ජලයෙන් යටවන බව අනතුරු ඇඟවීම් සිදු කළේ ය. ඒ මහසොරොව්වැව, හාපිටියාව, පඹුරු ගස්වැව, දික්වැව, කුඹුක්වැව, පෙත්තෑව, පුහුදිවුල, අලියාකඩ, වාගොල්ලාකඩ යන ගම්මානයි. එම ගම්මානවල ජනතාවට වන්දි මුදල් ලබා දී එම ප්‍රදේශයෙන් ඉවත් කෙරිණි. යාන් ඔය ජලාශ්‍රයේ ඉදිකිරීම් අවසන් වුවද මේ දිනවල ඇද හැළෙන අධික වර්ෂාපතනයත් සමග ජලාශ්‍රයේ ජල මට්ටම වැඩිවී මුලින් අවදානම් කලාප ලෙස හඳනා නොගත් ප්‍රදේශ ද ජලයෙන් යට වෙමින් තිබේ. මාවතවැව ගම ඇතුළු ගම්මාන කිහිපයක ජනතාවට මේ හේතුවෙන් අත්විඳින්නට සිදුව ඇත්තේ, දැඩි දුෂ්කර තත්ත්වයකට ය. පවුල් 80ක් පමණ ජීවත් වන මාවතවැව ගම්මානයේ පවුල් 30කට පමණ වන්දි ලබා දී ඉවත් කෙරුණ ද සෙසු පවුල්වලට එලෙස වන්දි ලබා දී එම ස්ථානයෙන් ඉවත් කිරීමේ කිසිදු වැඩපිළිවෙළක් මෙතෙක් ක්‍රියාත්මක වී නොමැත.
2018-11-20T20:25:38.000Z
නිරිත දිග බෙංගාල බොක්කේ පවතින අඩු පීඩන තත්ත්වය හේතුවෙන් උතුරු පළාතට තද වැසි
උතුරු පළාතට තද වැසි
COLOMBO (News 1st) - නිරිත දිග බෙංගාල බොක්කේ පවතින අඩු පීඩන කලාපය හේතුවෙන් උතුරු පළාතට අද දිනයේ මිලිමීටර් 100ක තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එහි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ කසුන් පැස්කුවෙල් මහතා සඳහන් කළේ, මෙම පද්ධතියේ බලපෑමෙන් දිවයිනේ වැසි තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කරන බව ය. පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මුලතිව් සිට කන්කසන්තුරේ හරහා මන්නාරම දක්වා මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතු කිරීමෙන් වළකින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවරයින්ට දැනුම් දෙයි.
2018-11-20T19:54:14.000Z
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
COLOMBO (News 1st) 1. බස්නාහිර පළාත් සභාවේ අයවැය ලේඛනය සභාවට ඉදිරිපත් කළ අවස්ථාවේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු සභාවේ ඇති පරිගණකයකින් අසභ්‍ය දර්ශන නැරඹීම සම්බන්ධයෙන් ප්‍රධාන අමාත්‍යවරයා විමර්ශනයක් ආරම්භ කර තිබේ. 2. ලොව බලසම්පන්නම කාන්තාවන් 100 දෙනාගේ ලැයිස්තුවට ශ්‍රී ලාංකික කාන්තාවක් ඇතුළත් වෙයි 3. දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම ඊයේ විදෙස් තානාපතිවරුන් සමග සාකච්ඡාවක නිරත විය. 4. රනිල් වික්‍රමසිංහ මහතාට පාර්ලිමේන්තු බහුතරය පෙන්වමින් මන්ත්‍රීවරු 117 දෙනෙකුගේ දිවුරුම් ප්‍රකාශ ජනාධිපතිවරයා වෙත භාර දීමට බලාපොරොත්තු වන බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක නවීන් දිසානායක මහතා පවසයි. 5. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතාට මීගමුව කොට්ඨාසයට ලබා දුන් ස්ථාන මාරුව අවලංගු කිරීමට පොලිස්පතිවරයා නියෝග කර තිබේ. විදෙස් පුවත් 6. ලොව පුරා Facebook සහ Instagram සමාජ ජාල වෙබ් අඩවි බිඳ වැටෙයි. 7. අමෙරිකාවේ චිකාගෝ නුවර රෝහලක් තුළ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. ක්‍රීඩා පුවත් 8. එංගලන්තයට එරෙහි 3 වන ටෙස්ට් ක්‍රිකට් තරගය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමේ අකිල ධනංජය වෙනුවට දඟ පන්දු යවන ක්‍රීඩක නිශාන් පීරිස් කැඳවා තිබේ.
2018-11-20T19:42:37.000Z
රාජ්‍ය සේවක වැටුප් සමාලෝචන කොමිසමේ වාර්තාව ඉදිරි සතියේ ජනපතිට
රාජ්‍ය සේවක වැටුප් සමාලෝචන වාර්තාව ඉදිරි සතියේ
COLOMBO (News 1st) - රාජ්‍ය සේවයේ වැටුප් සමාලෝචනය කර නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපතිතුමා පත් කළ කොමිසමේ වාර්තාව ඉදිරි සතිය තුළ ජනාධිපතිතුමාට භාර දෙන බව එහි සභාපති එස්. රනුක්ගේ මහතා පවසයි. ඔහු සඳහන් කළේ, එහි වාර්තාව මේ වන විට සකස් කර අවසන් බව ය. රාජ්‍ය සේවයේ වැටුප් විෂමතාවන් පිළිබඳව දැනුම් දෙන ලෙස වෘත්තීය සමිති වෙත කරන ලද ඉල්ලීම් අනුව වෘත්තීය සමිති 800කට ආසන්න සංඛ්‍යාවක් ඒ සඳහා අදහස් ඉදිරිපත් කළ බව සභාපතිවරයා සඳහන් කළේ ය. ඒ අනුව වෘත්තීය සමිති 50කින් පමණ අදාළ යෝජනා සම්බන්ධයෙන් අදහස් විමසීම සිදු කර තිබේ. එස්. රනුක්ගේ මහතා සඳහන් කළේ දුම්රිය, තැපැල් ඇතුළු සේවාවන් මෙන්ම අධ්‍යාපන, උසස් අධ්‍යාපන ආදී ක්ෂේත්‍ර ඇතුළු දීප ව්‍යප්ත සේවාවල වැටුප් විෂමතාවන් පිළිබඳව කොමිසම ගැඹුරු අධ්‍යයනයක නිරත වූ බව ය. ඒ අනුව අදාළ වැටුප් විෂමතාවන් තුරන් කිරීමට නිර්දේශ කිහිපයක් කොමිසමේ වාර්තාවෙන් ජනාධිපතිතුමාට ඉදිරිපත් කෙරෙනු ඇති. රාජ්‍ය සේවයේ වැටුප් හා දීමනා සම්බන්ධයෙන් දැනට ක්‍රියාත්මක චක‍්‍රලේඛ හා විධිවිධාන කෙරෙහි අවධානය යොමු කරමින් රාජ්‍ය අංශයේ වැටුප් ආශ්‍රිත ගැටලු හෝ විෂමතා ඇත්නම් ඒවා විසඳීමට නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් මෙම කමිටුව පත් කළේ ය. ඒ, ඉකුත් අගෝස්තු මස 14 වන දා අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ගනු ලැබූ තීරණයකට අනුව ය. එස්. රනුක්ගේ මහතා ඇතුළු සාමාජිකයින් 15 දෙනෙකු කොමිසමට ඇතුළත් ය.
2018-11-20T11:34:19.000Z
ලොව බලසම්පන්නම කාන්තාවන් 100 දෙනාගේ ලැයිස්තුවට ශ්‍රී ලාංකික කාන්තාවක් ඇතුළත් වෙයි
ලොව බලසම්පන්නම කාන්තාවන් අතරට ලාංකික කාන්තාවක්
(News 1st) - ලොව සිටින වඩාත් ම බලසම්පන්න සහ සමාජයට වඩාත්ම බලපෑම් එල්ල කළ හැකි කාන්තාවන් 100 දෙනාගේ ලේඛනයක් ජාත්‍යන්තර බීබීසී මාධ්‍ය ආයතනය විසින් සකස් කර තිබේ. මෙම ලොව බලසම්පන්නම කාන්තාවන් 100 දෙනාගේ ලැයිස්තුවට ශ්‍රී ලාංකික කාන්තාවක් ද ඇතුළත් ය. ඒ, සුප්‍රකට සාගර විද්‍යාඥ ආචාර්ය ආශා දි වොස්. ඇය මෙම ශ්‍රේණිගත කිරීම්වල 23 වන ස්ථානය හිමි කර ගෙන තිබේ. මෙම ජාත්‍යන්තර ලැයිස්තුවට ලොව පුරා රටවල් 60ක වයස අවුරුදු 15 ත් 94 ත් අතර කාන්තාවන් ඇතුළත් ය. මෙහි ප්‍රථම ස්ථානයට පත්ව ඇත්තේ, නයිජීරියාවේ අභිසොයේ අජායි අකිනොෆොර්ලාන් ය. දෙවන ස්ථානය බහරේනයේ එස්රා අල ශාෆෙයි විසින් ද, 3 වන ස්ථානය රුසියාවේ ස්වෙත්ලානා ඇලෙක්සීවා විසින් ද හිමි කර ගෙන තිබේ. ආචාර්ය ආශා දී වොස් සාගර ක්ෂීරපායින් පිළිබඳව ආචාර්ය උපාධිය ලැබූ ප්‍රථම ශ්‍රී ලාංකික පුරවැසියා වන අතර අධ්‍යයන සහ සාගර ක්‍රියාකාරකම් නිසාම ඇය ලෝක ආර්ථික සමුළුවේදී තරුණ ලෝක නායකයෙකු ලෙස ගෞරවයට ද පාත්‍ර වේ. ශ්‍රී ලංකාව අවට ඉන්දියානු සාගරයේ වාසය කරන යෝද නීල තල්මසුන් පිළිබඳව ආචාර්ය දී වොස් විසින් කරන ලද අධ්‍යයනයන් ජාත්‍යන්තර අවධානය දිනා ගෙන තිබේ. ඇය දිනෙන් දිනම ශ්‍රී ලංකාව අභිමානයට පත් කරමින් සිටින අතර සාගර ජීවීන් සහ පරිසර පද්ධතීන් පිළිබඳව ඇය විසින් කරන ලද මෙහෙය මෙරට අනාගත පරම්පරාව පවා අමන්දානන්දයට පත් කරාවි.
2018-11-20T11:10:22.000Z
දෙමළ ජාතික සන්ධානය හා විදෙස් තානාපතිවරු අතර හමුවක්
දෙමළ ජාතික සන්ධානය හා විදෙස් තානාපතිවරු අතර හමුවක්
COLOMBO (News 1st) - දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම අද විදෙස් තානාපතිවරුන් සමග සාකච්ඡාවක නිරත විය. මෙම හමුව සිදු වූයේ, විපක්ෂ නායක කාර්යාලයේදී ය. පැය 2කට ආසන්න කාලයක් පැවති මෙම හමුවට රටවල් 15ක පමණ තානාපතිවරු එක්ව සිටියහ. හමුවෙන් අනතුරුව දෙමළ ජාතික සන්ධානය මාධ්‍ය හමුවක් කැඳවා තිබිණි.
2018-11-20T11:00:22.000Z
රනිල්ට බහුතරය ඇති බව පෙන්වමින් ජනපතිට දිවුරුම් ප්‍රකාශ දීමට එ.ජා.ප.ය සැරසෙයි
ජනපතිට දිවුරුම් ප්‍රකාශ දීමට එජාපය සැරසෙයි
COLOMBO (News 1st) - රනිල් වික්‍රමසිංහ මහතාට පාර්ලිමේන්තු බහුතරය පෙන්වමින් මන්ත්‍රීවරු 117 දෙනෙකුගේ දිවුරුම් ප්‍රකාශ ජනාධිපතිවරයා වෙත භාර දීමට බලාපොරොත්තු වන බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක නවීන් දිසානායක මහතා පවසයි. නවීන් දිසානායක මහතා මෙම අදහස් පළ කළේ, අද රාමඤ්ඤ මහා නිකායේ මහා නායක අතිපූජ්‍ය නාපානේ ප්‍රේමසිරි මහ නාහිමියන් බැහැ දුටු අවස්ථාවෙන් පසුව ය. නවීන් දිසානායක මහතා ඇතුළු එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කණ්ඩායමක් මහ නාහිමි බැහැ දැක රටේ පවතින දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් උන්වහන්සේ දැනුවත් කළේ ය.
2018-11-20T09:42:46.000Z
ජනවාරි 1 සිට රාජ්‍ය මුදල් පරිහරණය ගැටලුවක් - මංගල සමරවීර කියයි
"ජනවාරි 1 සිට රාජ්‍ය මුදල් පරිහරණය ගැටලුවක්"
COLOMBO (News 1st) - වත්මන් දේශපාලන තත්ත්වය තුළ රටේ කටයුතු පවත්වාගෙන යාම සඳහා මුදල් වැය කිරීම පිළිබඳව සංවාදාත්මක තත්ත්වයක් ඇති වී තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා පැවසුවේ, මේ වසරේ දෙසැම්බර් 31 වනදාට ප්‍රථම රජය අතුරු සම්මත ගිණුමක් හෝ අයවැයක් ඉදිරිපත් නොකළහොත් 2019 ජනවාරි පළමු වනදා සිට රාජ්‍ය ක්‍රියාවලිය අක්‍රීය වන බව ය. ඒකාබද්ධ අරමුදලේ තිබෙන මුදල් ලබා ගැනීමට නම් නීත්‍යානුකූල මුදල් ඇමතිවරයෙකු සිටිය යුතු බව මංගල සමරවීර මහතා පෙන්වා දෙයි. මංගල සමරවීර මහතා සඳහන් කළේ, වත්මන් ආණ්ඩුවට බහුතරයක් නොමැති නිසා අයවැයක් සම්මත කර ගැනීමට නොහැකි බව ය. මේ අතර ලබන වසරේ ජනවාරි 10 වනදා අමෙරිකානු ඩොලර් බිලියනයක ණයක් ගෙවිය යුතු බව මංගල සමරවීර මහතා පවසයි. ණය ගෙවීම්වලදී ඉදිරි සති කිහිපයේදී මහා අර්බුදයකට මුහුණ දීමට සිදු වනු ඇති බව ඔහු වැඩිදුරටත් පෙන්වා දෙයි.
2018-11-20T09:21:39.000Z
බස්නාහිර පළාත් සභාවේ අයවැය අතරතුර අසභ්‍ය දර්ශන නැරඹූ මන්ත්‍රීවරු මෙන්න...
බස්නාහිර ප. සභාවේ අසභ්‍ය දර්ශන නැරඹූ මන්ත්‍රීවරු..
COLOMBO (News 1st) - බස්නාහිර පළාත් සභාවේ අයවැය ලේඛනය ඊයේ සභාවට ඉදිරිපත් කළ අවස්ථාවේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු සභාවේ ඇති පරිගණකයකින් අසභ්‍ය දර්ශන නැරඹීම සම්බන්ධයෙන් ප්‍රධාන අමාත්‍යවරයා විමර්ශනයක් ආරම්භ කර තිබේ. රුපියල් බිලියන හය හමාරකට අධික මුදලක් වියදම් කර බත්තරමුල්ල, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවතේ ඉදිකළ බස්නාහිර පළාත් සභාවේ නව ගොඩනැගිල්ලේ ප්‍රථම සභා රැස්වීම ඊයේ පැවැත්විණි. අති නවීන අංගවලින් සමන්විත මෙම ගොඩනැගිල්ලේ සභා ශාලාව තුළ මන්ත්‍රීවරුන්ට වෙනම ඉන්ටර්නෙට් පහසුකම්, නවීන පරිගණකයක් පවා ලබා දී තිබේ. රුපියල් 640,000 බැගින් පුටු 150ක් මිලදී ගැනීමට සූදානම් වූයේ ද මෙම ගොඩනැගිල්ලට ය. ලබන වසර සඳහා අයවැය ලේඛනය ඉදිරිපත් කිරීම ඊයේ පළාත් සභාවේ ප්‍රධාන කාර්ය බවට පත් වී තිබිණි. ප්‍රධාන අමාත්‍යවරයා අයවැය ඉදිරිපත් කරන අවස්ථාවේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් 3 දෙනෙකු අසභ්‍ය දර්ශන නරඹමින් සිටිනු දැක ගත හැකි විය. මෙසේ දර්ශන නරඹමින් සිටි ස්ථානයේ රැඳී සිටියේ ගුණසිරි ජයනාත්, සුමිත් සොයිසා සහ කීර්ති කාරියවසම් යන සන්ධාන මන්ත්‍රීවරුන් තිදෙනායි. 2012 වසරේදී ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ මෙවැනි සිද්ධියක් වාර්තා විය. එහිදී අසභ්‍ය දර්ශන නරඹා තිබුණේ, ප්‍රාන්තයේ සමූපකාර අමාත්‍ය ලක්ෂ්මන් සවේදී, කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සී.සී. පටේල් සහ එම පළාතේ වරාය, විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය ක්‍රිෂ්ණා පලේමාර් යන තිදෙනා ය. ඔවුන් තමන්ගේ පෞද්ගලික ජංගම දුරකතනවලින් සභාව තුළ සිටියදී මෙම අසභ්‍ය දර්ශන නරඹා තිබිණි. මොවුන්ට ප්‍රබල ජනතා විරෝධයක් එල්ල වූ අතර විරෝධය හමුවේ තිදෙනාටම ඉල්ලා අස්වීමට සිදු විය.
2018-11-20T09:07:36.000Z
Facebook සහ Instagram බිඳ වැටෙයි
Facebook සහ Instagram බිඳ වැටෙයි
COLOMBO (News 1st) - ලොව පුරා Facebook සහ Instagram සමාජ ජාල වෙබ් අඩවිවල බිඳ වැටීමක් වාර්තා වේ. මේ සම්බන්ධයෙන් විදෙස් මාධ්‍ය ද වාර්තා කර තිබේ. ඇතැම් Facebook සහ Instagram භාවිත කරන්නන් පවසන්නේ, Facebook සහ Instagram භාවිත කිරීමේදී අපහසුතා ඇති වී තිබෙන බව ය. මේ අතර ෆේස්බුක් මැසෙන්ජර් ඇප්ලිකේෂණය ද බිඳ වැටී තිබේ. ශ්‍රී ලංකාව ද මෙම ගැටලුවට මුහුණ දී සිටින අතර මෙරට මිලියන 6ක පිරිසක් මෙම සමාජ වෙබ් අඩවි භාවිතා කරයි. වඩාත් ජනප්‍රිය සමාජ වෙබ් අඩවි වන Facebook සහ Instagram මෙලෙස බිඳ වැටීම නිසා ලොව පුරා මේ පිළිබඳව කතා බහක් ඇතිව තිබේ.
2018-11-20T08:41:58.000Z
මොකක් ද මේ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව?
මොකක් ද මේ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව?
COLOMBO (News 1st) - පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභාව සඳහා සාමාජිකයින් පත් කිරීම මේ වන විට සංවාදයට ලක්වී ඇති කරුණක්. සිකුරාදා පාර්ලිමේන්තුවේ කටයුතු ගැටලුවකින් තොරව පවත්වාගෙන යාම සඳහා මෙම කමිටුව පත් කර ගැනීම ප්‍රධාන සාධකයක් බවට පත් වී තිබේ. මොකක් ද මේ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව? පාර්ලිමේන්තුවේ සැසිවාරය අත්හිටුවීමට ජනාධිපතිවරයා පසුගිය ඔක්තෝබර් 27 වන දින ගත් ක්‍රියාමාර්ගයත් සමග පාර්ලිමේන්තුවේ එතෙක් පැවති සියලු ම කාරක සභා අහෝසි විය. පාර්ලිමේන්තු කටයුතු, ස්ථාවර නියෝග, වරප්‍රසාද, ව්‍යවස්ථාදායක, රාජ්‍ය ගිණුම් සහ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභා ඇතුළු ආංශික අධීක්ෂණ සහ උපදේශක කාරක සභාවල සංයුතිය, සාමාජික සංඛ්‍යාව, ඒවායේ කර්තව්‍ය සහ ඝණ පූරණය තීරණය කරන්නේ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ය. ඒ සම්බන්ධව සිය මතය හැකි පමණ ඉක්මනින් පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සහ කාරක සභාවල සේවය කිරීම සඳහා මන්ත‍්‍රීවරුන් නම් කිරීම ද මෙම කාරක සභාව විසින් සිදු කරනු ලබයි තේරීම් කාරක සභාවේ සභාපති ධූරය දරන්නේ කථානායකවරයායි. දේශපාලන පක්ෂවල නායකයින් හෝ ඔවුන්ගේ නියෝජිතයින් ද ඇතුළත්ව මන්ත‍්‍රීවරු 12 දෙනෙකු එහි සාමාජිකයින් ලෙස පත් කළ යුතු වේ. මේ වන විට එක්සත් ජනතා නිදහස් සන්ධානය පවසන්නේ, තමන් ආණ්ඩු පක්ෂය බැවින් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ බහුතර සාමාජිකයින් තම පාර්ශවය නියෝජනය කළ යුතු බව ය. ඊට එක්සත් ජාතික පක්ෂය විරෝධය පළ කර තිබේ. සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා පැවසුවේ, සිකුරාදාට පෙර සාමාජිකයින්ගේ නම් කථානායකවරයාට දන්වන බව ය. හෙට කථානායකවරයා සමග සාකච්ඡා කර තම සාමාජිකයින් නම් කරන බව එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා සඳහන් කළේ ය. ඔහු පැවසුවේ, ආණ්ඩුව නියෝජනය කරන කණ්ඩායම කවුරුන් ද යන්න අදාළ සාකච්ඡාවේදී කථානායකවරයාගෙන් පැහැදිලි කර ගන්නා බව ය. ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි විජිත හේරත් සහ වෛද්‍ය නලින්ද ජයතිස්ස යන මන්ත්‍රීවරුන් තේරීම් කාරක සභාවට නම් කර තිබේ.
2018-11-20T08:00:27.000Z
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වාගේ ස්ථාන මාරුව අවලංගු කෙරේ
නිශාන්ත සිල්වාගේ ස්ථාන මාරුව අවලංගු කෙරේ
COLOMBO (News 1st) - අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතාට මීගමුව කොට්ඨාසයට ලබා දුන් ස්ථාන මාරුව අවලංගු කිරීමට පොලිස්පතිවරයා නියෝග කර තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේ, අද පෙරවරුවේ පොලිස්පතිවරයා මෙම ස්ථාන මාරුව අවලංගු කළ බව ය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල කෑම් විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතාට මීගමුව කොට්ඨාසයට ස්ථාන මාරු කිරීමේ ලිපිය පසුගිය 18 වන දා නිකුත් කර තිබිණි. ඒ සම්බන්ධයෙන් පොලිස්පතිවරයා කළ කරුණු විමසීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඩී.ඩබ්ලිව්.ආර්.බී. සෙනෙවිරත්න මහතා දීර්ඝ පැහැදිලි කිරීමක් යොමු කර තිබිණි. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා එහි පෙන්වා දී තිබුණේ, මෙම පොලිස් පරීක්ෂකවරයා වසර 20ක පමණ සේවා කාලය තුළ අපරාධ විමර්ශනයේදී සුවිශේෂී දක්ෂතා ප්‍රකට කළ කීර්තිමත් නිලධාරියෙකු බව ය. මේ අතර සිය ස්ථාන මාරුව සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතා ජාතික පොලිස් කොමිසමට ද කරුණු වාර්තා කර තිබිණි. ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය , කීත් නොයාර් සහ උපාලි තෙන්නකෝන් යන මහත්වරුන්ට පහර දීම ඇතුළු මාධ්‍යවේදීන්ට එරෙහිව එල්ල වූ ප්‍රහාර පිළිබඳව විමර්ශන වැඩි ප්‍රමාණයක් සිදු කළේ, මෙම නිලධාරියා ප්‍රමුඛ කණ්ඩායමකි. ඔහුට ලබා දුන් ස්ථාන මාරුව සම්බන්ධයෙන් නැවත සලකා බැලීමේ වැදගත්කම පෙන්වා දෙමින් ලසන්ත වික්‍රමතුංග මහතාගේ දියණිය අහිම්සා වික්‍රමතුංග මෙනෙවිය ජනාධිපතිතුමාට ද ලිපියක් යවා තිබේ. ජාත්‍යන්තර ජනමාධ්‍යවේදීන්ගේ සම්මේලනය ද මේ සම්බන්ධයෙන් අවධානය යොමු කර නිවේදනයක් නිකුත් කළේ ය. මෙම ලිපි හුවමාරු වීම් අතරවාරයේ පොලිස්පතිවරයා අදාළ ස්ථාන මාරුව අවලංගු කිරීමට පියවර ගත්තේ ය.
2018-11-20T05:20:52.000Z
සා/පෙළ අයැදුම් පත්වල ගැටලු ඇත්නම් 1911 අමතන්න - විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි
සා/පෙළ අයැදුම් පත්වල ගැටලු ඇත්නම් 1911 අමතන්න
COLOMBO (News 1st) - මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ගේ විභාග ප්‍රවේශ පත්‍රවල යම් ගැටලුවක් ඇත්නම් ඒ පිළිබඳව 1911 යන දුරකතන අංකයට දැනුම් දෙන ලෙස විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. විභාග කොමසාරිස් ජනරාල් සනත් බී. පූජිත මහතා සඳහන් කළේ, පසුගිය සිකුරාදා දින සියලු අයැදුම්කරුවන්ගේ විභාග ප්‍රවේශ පත්‍ර තැපෑලට යොමු කළ බව ය. පාසල් අයැදුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍ර පාසල් වෙත ලබා දී ඇති අතර පෞද්ගලික අයැදුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍ර ඔවුන්ගේ ලිපිනයන් වෙත යොමු කර ඇති බව ද කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ ය. ඉදිරි දින කිහිපය තුළ පෞද්ගලික අයැදුම්කරුවන්ගේ විභාග ප්‍රවේශ පත්‍ර විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියෙන් ද ලබා ගත හැකි ය. මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා සිසුන් 656,641 දෙනෙකු අයැදුම් කර තිබේ. සාමාන්‍ය පෙළ විභාගය දෙසැම්බර් 3 වන දින ආරම්භ වන අතර එය දෙසැම්බර් 12 වන දින දක්වා පැවැත්වීමට නියමිත ය.
2018-11-20T04:50:47.000Z
කිරින්දට නාවික සැතපුම් 40ක පමණ දුරින් ධීවර යාත්‍රාවක් නෞකාවක ගැටෙයි
ධීවර යාත්‍රාවක් නෞකාවක ගැටෙයි
COLOMBO (News 1st) - කිරින්දට නාවික සැතපුම් 40ක පමණ දුරින් ධීවර යාත්‍රාවක් නෞකාවක ගැටීමෙන් ධීවරයින් 5 දෙනෙකු තුවාල ලබා ඇතැයි ධීවර දෙපාර්තමේන්තුව පවසයි. එහි සෝදිසි මෙහෙයුම් ඒකකයේ අධ්‍යක්ෂ පද්මප්‍රිය තිසේරා මහතා සඳහන් කළේ, අද අලුයම 1.30ට පමණ අනතුර සිදුව ඇති බව ය. අනතුරට ලක්ව ඇත්තේ, පසුගිය 18 වන දා කුඩාවැල්ල ධීවර වරායෙන් මුහුදු ගිය සදෙව් 1 ධීවර යාත්‍රාවයි. කෙසේ වෙතත් තුවාල ලැබූ ධිවරයින් 5 දෙනා ඒ අසළ තිබූ මධූෂ 2 නමැති ධීවර යාත්‍රාව මගින් බේරා ගෙන ඇතැයි පද්මප්‍රිය තිසේරා මහතා පැවසුවේ ය. ඔහු සඳහන් කළේ, අනතුරට ලක් වූ සදෙව් 1 නමැති ධීවර යාත්‍රාව මේ වන විට මුහුදු බත් වෙමින් පවතින බව ය. අනතුරට ලක් වූ ධීවරයින් 5 දෙනා නැවත ගොඩබිමට රැගෙන ඒම සඳහා නාවික හමුදාවේ යාත්‍රාවක් පිටත් කර ඇතැයි පද්මප්‍රිය තිසේරා මහතා ප්‍රකාශ කළේ ය.
2018-11-20T01:06:56.000Z
අකිල ධනංජය වෙනුවට නිෂාන් පීරිස්
අකිල ධනංජය වෙනුවට නිෂාන් පීරිස්
COLOMBO (News 1st) : එංගලන්තයට එරෙහි තුන්වැනි ටෙස්ට් ක්‍රිකට් තරගය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමේ අකිල ධනංජය වෙනුවට දඟ පන්දු යවන ක්‍රීඩක නිශාන් පීරිස් කැඳවා තිබේ. පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත බවට චෝදනා එල්ල වීම හේතුවෙන් ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජය ලබන සිකුරාදා ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන්හිදී පරීක්ෂණයකට ඉදිරිපත් වීමට නියමිතව තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ, අකිල ධනංජය අද රාත්‍රියේදී ඔස්ට්‍රේලියාව බලා පිටත්වීමට නියමිත බවයි. ඒ අනුව ඔහු වෙනුවට නවක ක්‍රීඩක නිශාන් පීරිස් ශ්‍රී ලංකා කණ්ඩායමට කැඳවන බවට අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ. ශ්‍රී ලංකා - එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ තුන්වැනි සහ අවසන් තරගය ලබන සිකුරාදා කොළඹ එස්.එස්.සී. පිටියේදී ආරම්භ වීමට නියමිතයි.
2018-11-20T00:26:42.000Z
ස්මිත් ඇතුළු ක්‍රීඩකයින්ට පැනවූ තහනම තවදුරටත්
ස්මිත් ඇතුළු ක්‍රීඩකයින්ට පැනවූ තහනම තවදුරටත්
News 1st : තරග තහනමකට ලක්ව සිටින ඔස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක ස්ටීවන් ස්මිත් ඇතුළු ක්‍රීඩකයින්ට පනවා තිබූ තරග තහනම එලෙසම ක්‍රියාත්මක කිරීමට ඔස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ. දකුණු අප්‍රිකා තරග සංචාරයේදී පන්දුව පළුදු කිරීමේ වරද හේතුවෙන් ඔස්ට්‍රේලියා ක්‍රිකට් ක්‍රීඩක කැමරන් බැන්ක්‍රොෆ්ට්, හිටපු නායක ස්ටීවන් ස්මිත් සහ හිටපු උප නායක ඩේවිඩ් වෝනර්ට එරට ක්‍රිකට් ආයතනය මගින් තරග තහනමක් පැනවීය. ඒ, කැමරන්ට් මාස 9ක් මෙන්ම ස්මිත් සහ වෝනර්ට වසරක කාලයක් ලෙසයි. කෙසේ නමුත් මෙම තහනම සදහා ඔස්ට්‍රේලියා ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ සංගමය මගින් එරට ක්‍රිකට් ආයතනයට අභියාචනයක් යොමු කළේ ය. නවතම විදෙස් වාර්තා පවසන්නේ මෙම තහනම එලෙසම ක්‍රියාත්මක කිරීමට ඔස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇති බවයි. ඒ අනුව මෙම තහනම අවසන් වන තෙක් ඔවුන්ට එරට අන්තර් සමාජ ක්‍රිකට් තරග සදහා එක්වීමේ අවස්ථාව ද හිමි නොවේ.
2018-11-19T23:44:34.000Z
ගාලු මුහුදු වෙරළේදී ධීවරයින් තිදෙනෙකුට අකුණු සැරවදී
මුහුදු වෙරළේදී ධීවරයින් තිදෙනෙකුට අකුණු සැරවදී
COLOMBO (News 1st) : ගාල්ල, මස්කඩවැල්ලේ සිටි ධීවරයින් තිදෙනෙකුට අකුණු සැර වැදි කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබේ. අප වාර්තාකරු පැවසුවේ, ඊයේ රාත්‍රි ගාල්ලට ගිඟුරුම් සහිත ධාරණිපාත වැසි ඇද හැළුණ අතර එම අවස්ථාවේ මෙම ධීවරයින් තිදෙනා මුහුදු වෙරළේ, සිටියදී මෙම අනතුරට මුහුණපා ඇති බවයි. අනතුරට පත්වන අවස්ථාවේදී එක් අයෙකු ජංගම දුරකතනයෙන් ඇමතුමක් ගනිමින් සිට ඇතැයි ද අප වාර්තාකරු පැවසී ය.
2018-11-19T22:46:00.000Z
බළංගොඩ මාරක රිය අනතුරක්
බළංගොඩ මාරක රිය අනතුරක්
COLOMBO (News 1st) : කොළඹ - බදුල්ල ප්‍රධාන මාර්ගයේ බළංගොඩ ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ. පොලීසිය පැවසුවේ, යතුරු පැදියක් පෞද්ගලික බස් රථයක ගැටීමෙන් ඊයේ රාත්‍රී 9.15 ට පමණ අනතුර සිදුව ඇති බවයි. අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇතැයි, පොලීසිය සඳහන් කළේ ය. මේ අතර පේදුරුතුඩුව - යාපනය ප්‍රධාන මාර්ගයේ මරතඩි ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් 84 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් විය.
2018-11-19T22:24:34.000Z
චිකාගෝ නුවර රෝහලක් තුළ වෙඩි තැබීමක්
චිකාගෝ නුවර රෝහලක් තුළ වෙඩි තැබීමක්
News 1st : අමෙරිකාවේ චිකාගෝ නුවර රෝහලක් තුළ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. විදෙස් වාර්තා අනාවරණ කළේ, ඒ අතර පොලිස් නිලධාරියෙකු ද වන බවයි. පොලිසිය එල්ල කළ ප්‍රතිප්‍රහාරවලින් වෙඩි තැබූ පුද්ගලයා ද තුවාල ලබා ඇති අතර ඔහු 32 හැවිරිදි අයෙකු බවට හඳුනාගෙන තිබේ.
2018-11-19T20:01:09.000Z
තේරීම් කාරක සභාවට ආණ්ඩු පක්ෂ නියෝජිතයින් පත් කිරීම අද
තේරීම් කාරක සභාවට නියෝජිතයින් පත් කිරීම අද
COLOMBO (News 1st) : පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව සඳහා ආණ්ඩු පක්ෂ නියෝජිතයින් පත් කිරීම අද සිදුකරන බව එක්සත් ජනතා නිදහස් සංධානය පවසයි. පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා ඒ බව සඳහන් කළේ, ජනාධිපති මෙත්‍රීපාල සිරිසේන මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හා ආණ්ඩු පක්ෂ මැතිඇමතිවරුන් අතර ඊයේ රාත්‍රියේ ජනාධිපති නිල නිවසේ පැවැති හමුවෙන් පසු මාධ්‍යයට අදහස් දක්වමිනි. මේ අතර පාර්ලිමේන්තුව නියෝජනය කරන අනෙක් පක්ෂවලින් ද, තේරීම් කාරක සභාව සඳහා නියෝජිතයින් නම් කිරීමෙන් පසු තේරීම් කාරක සභාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට නියමිතව තිබේ. පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කෙළ්, කථානායකවරාය විසින් එම කාරක සභාව පාර්ලිමේන්තුවට ප්‍රකාශ කරනු ඇති බවයි. ලබන සිකුරාදා එම කාරක සභාව කථානායකවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇතැයි ද, ඔහු සඳහන් කළේ ය. තේරීම් කාරක සභාව යනු ආංශික අධික්ෂණ කාරක සභාවල සහ අමාත්‍යංශ උපදේශන කාරක සභාවල සංයුතිය සාමාජික සංඛ්‍යාව කර්තව්‍ය සහ ඝන පුර්ණය තීරණය කිරීම වෙනුවෙන් පත්කරන විශේෂ කාර්යයන් සඳහා වන කාරක සභාවකි. කථානායකතුමාගේ සභාපතිත්වයෙන් සෙසු සමාජිකයින් 12 දෙනෙකු සහිතව පත්කරන මෙම කාරක සභාව මගින් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව ඇතුළු කාරක සභා 12 ක පත්කිරීම් සිදුකෙරෙයි. මෙම කාරක සභා අතරට පොදු ව්‍යාපාර කාරක සභාව සහ රාජ්‍ය ගිණුම් කාරක සභාව ද ඇතුළත් ය. ඊයේ පස්වරුවේ පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේ නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා සඳහන් කළේ, තේරීම් කාරක සභාව සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ නියෝජනයවන පරිදි නියෝජිතයින් නම් කර, හැකි ඉක්මනින් පාර්ලිමේන්තුවේ මහලේකම් වෙත එවන ලෙසයි.
2018-11-19T19:56:27.000Z
හානියේ අලාභය මන්ත්‍රීන්ගෙන් අයකර ගැනීමට අවධානය
හානියේ අලාභය මන්ත්‍රීන්ගෙන් අයකර ගැනීමට අවධානය
COLOMBO (News 1st) : පාර්ලිමේන්තුවේ ඇතිවූ කළහාකාරී සිදුවීම්වලදී පාර්ලිමේන්තු දේපළවලට සිදුවු හානියේ අලාභය එම ක්‍රියාවලට වගකිව යුතු මන්ත්‍රීවරුන්ගෙන් අයකර ගැනීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ අවධානය යොමුව තිබේ. නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා සඳහන් කළේ, ඒ සම්බන්ධයෙන් මේ වන විට සාකච්ඡා ආරම්භ කර ඇති බවයි. පාර්ලිමේන්තුවේ දේපළවලට සිදු වු හානි තක්සේරු කිරීම මේ වන විට ආරම්භ කර ඇතැයි, නියෝජ්‍ය කතානායකවරයා ප්‍රකාශ කළේ ය. ඔහු සඳහන් කළේ, ඒ සඳහා පාර්ලිමේන්තු ඉංජිනේරු අංශයේ විශේෂ කණ්ඩායමක් ඒ සඳහා යොමු කර ඇති බවයි. පසුගිය දින කිහිපයේ පාර්ලිමේන්තු සභාගර්භයේ ඇතිවු කළහාකාරී සිදුවීම් සහ එම ක්‍රියාවලට සම්බන්ධ මන්ත්‍රීවරුන් පිළිබඳව පාර්ලිමේන්තු කැමරා දර්ශන උපයෝගී කරගනිමින්, කථානායකවරයා විසින් පරීක්ෂණයක් ආරම්භ කිරිමට ද නියමිත බව ද ඔහු පැවසී ය. මේ අතර පාර්ලිමේන්තු ආචාර ධර්මවලට පටහැනිව ක්‍රියා කිරීම සම්බන්ධයෙන්, ඒ ඒ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට ද පියවර ගන්නා බව ද නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා පවසයි. ඔහු සඳහන් කළේ, පවතින තත්ත්වය යථාතත්ත්වයට පත්වීමෙන් පසු ඒ පිළිබඳව කටයුතු කරන බවයි. පසුගිය දින කිහිපයේ පාර්ලිමේන්තුවේ ඇති වූ කළහකාරී තත්ත්වයන් හේතුවෙන් සෙංකෝලය තැන්පත් කරන ස්ථානයට හා පාර්ලිමේන්තුවේ මයික්‍රෆෝන කිහිපයකට හානි සිදුව ඇතිවු අතර ඒවා යළි ඊයේ පාර්ලිමේන්තුව රැස්වීමට පෙර යථාතත්ත්වයට පත් කෙරිණ.
2018-11-19T19:41:51.000Z
පළාත් රැසකට අද මහ වැසි..
පළාත් රැසකට අද මහ වැසි..
COLOMBO (News 1st) : උතුර, නැගෙනහිර, මධ්‍යම, සබරගමුව සහ ඌව යන පළාත්වල ඇතැම් ස්ථානවලට අද දිනයේ මිලිමීටර් 150 ඉක්ම වූ වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ බුද්ධික බන්දුරත්න මහතා පැවසුවේ සෙසු ප්‍රදේශවලට මිලිමීටර් 100 ඉක්මවු වැසි අපේක්ෂා කරන බවයි. මුලතිව් සිට කන්කසන්තුරය හරහා මන්නාරම දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල අද සහ හෙට දිනවල ධීවර කටයුතුවලින් වැළකී සිටින්නැයි ධීවර දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. එහි සෝදිසි මෙහෙයුම් අංශයේ සහකාර අධ්‍යක්ෂ පද්මප්‍රිය තිසේරා මහතා සඳහන් කළේ, මේ වන විට එම ප්‍රදේශ ආශ්‍රිතව ධීවර කටයුතු සඳහා පිටත්ව ගිය සියලු යාත්‍රා ගොඩබිම වෙත කැඳවා ඇති බවයි.ෙ මේ අතර ගාල්ල ප්‍රදේශයට ඊයේ පස්වරුවේ සිට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් මාර්ග සහ පහත්බිම් රැසක් ජලයෙන් යට වී තිබේ. අප වාර්තාකරු පැවසුවේ හිරිඹුර, බෙලිගහ, කහදූවවත්ත, රිච්මන්ඩ් කන්ද, කරාපිටිය යන මාර්ග මෙලෙස ජලයන් යටවූ බවයි. මේ වන විටත් ගාල්ල ප්‍රදේශයට වර්ෂා තත්ත්වය පවතින බව ද අප වාර්තාකරු පැවසී ය.
2018-11-19T19:38:09.000Z
ඉස්ලාම් බැතිමත්හු නබි නායකතුමන්ගේ ජන්ම දිනය හරසරින් සමරති
නබි නායකතුමාගේ ජන්ම දිනය අදයි
COLOMBO (News 1st) : ඉස්ලාම් ආගමික නායක නබිනායක තුමාගේ ජන්ම දිනය අදට යෙදී තිබේ. ආමිනා තුමියට හා අබ්දුල්ලා යන අයට දාව උපන් මුහම්මද් හෙවත් නබිනායක තුමාගේ උපත සිදුවූයේ ක්‍රිස්තු වර්ෂ 571 දී සෞදි අරාබියේ මක්කම නගරයේදීයි. කුඩා කල නිසි අධ්‍යාපනයක් නොලද ඔහු තරුණ වියේදී එඩේර ජීවිතයක් ගත කළ අතර පසුව ව්‍යාපාරිකයෙකු ලෙස විවිධ ප්‍රදේශවල සංචාරය කළේ ය. අන් අය අතර විශ්වාස ගොඩ නගාගත් එතුමන් අල් අමීන් හෙවත් විශ්වාසවන්තයා යන නාමයෙන් ද ප්‍රචලිත විය. මුහම්මද් නබිතුමන් සුවිශේෂි කරුණු මත අන් අය අතර ප්‍රචලිත වූ අතර ඉස්ලාම් දහම ලොවපුරා ව්‍යාප්ත කරමින් ඔහුට හතලිස් වැනි වියේදී අල්ලා දෙවියන්ගේ පණිවුඩකරුවීමේ වරම ලැබිණ. අනතුරුව අරාබිකරයේ ප්‍රජාව නිවරදි මගට යොමු කිරීමට කටයුතු කළ එතුමන් වසර 23ක් තිස්සේ දෙවිදුන්ගෙන් ලැබුණු මෙහෙවර ඉටු කළේ ය. මේ අතර ස්වකීය ජීවිතය පුරා එතුමා සුරැකි ගුණාංග, මිනිසත් බව වෙනුවෙන් කල කැපකිරීම් එකිනෙකා අතර භේදය හා වෛරය වගාදිගාවූ මෙකල අප සියල්ලන්ගේ පරමාදර්ශයට යෝග්‍ය බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ජනාධිපතිවරයා ඒ බව පැවසුවේ අදට යෙදී තිබෙන නබිතුමාගේ උපන් දිනය වෙනුවෙන් සුබපැතුම් පණිවුඩයක් නිකුත් කරමිනි. ජනාධිපතිවරයා එම පණිවුඩයෙන් වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ, සියලු සත්ත්වයන්ට ආදරය දැක්වීමේ නබිතුමානන්ගේ දර්ශනය, අප සැම දෙනාගේම දෛනික ජීවිතයේ ක්‍රියාවන්ට මාර්ගෝපදේශකත්වය සැපයීමට හේතුවේවා..! යන්නයි. ලෝකයේ ඉස්ලාමිය රටවල් ජාත්‍යන්තර සංවිධාන තුළ ශ්‍රී ලංකාවට කොන්දේසි විරහිතව සහයෝගය දක්වා ඇතැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි. අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ අපට ලබාදුන් ඒ අන්තර් ජාතික සහයෝගයට කෘතඥතාව ප්‍රකාශ කරන බවයි.
2018-11-19T19:20:48.000Z
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
දේශීය පුවත්... 1. ජනපති හා අගමැති අතර විශේෂ සාකච්ඡාවක් : ජනාධිපති මෙත්‍රීපාල සිරිසේන මහතා හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් අද රාත්‍රියේ ජනාධිපති නිල නිවසේදී පැවැත්විය. 2. අගමැති ලේකම්ට මූල්‍ය පාලන බලතළ නැහැ... එ.ජා.පයෙන් යෝජනාවක් : අග්‍රාමාත්‍ය ලේකම්වරයාට ජනරජයේ මුදල් පරිහරණය කිරීමට බලයක් නොමැති බවට පූර්ණ යෝජනාවක් අද පස්වරුවේ කථානායකවරයා වෙත භාර දී තිබේ. 3. බෝපේ, පෝද්දල ප්‍රාදේශීය සභාව උණුසුම් වෙයි : ගාල්ල, බෝපේ පෝද්දල ප්‍රාදේශීය සභාවේ අද උණුසුම් තත්ත්වයක් ඇති විය. පෝද්දල ප්‍රාදේශීය සභාවේ බලය හිමිව ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණටයි. 4. හෙට සහ අනිද්දා මුහුදු යෑමෙන් වළකින්නැයි ධීවරයින්ට උපදෙස් : දකුණු බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ මධ්‍යම කොටසෙහි අඩු පීඩන කලාපයක් වර්ධනය වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එය ඉදිරි පැය 24 තුළ පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී බස්නාහිර දෙසට ගමන් කරනු ඇති බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ ය. 5. මිනිත්තු 10න් පාර්ලිමේන්තුව අවසන් : අද පස්වරු 1.00ට කැඳවූ පාර්ලිමේන්තුව ලබන 23 වන දා දක්වා කල් තැබී ය. නියෝජ්‍ය කතානායකවරයා සඳහන් කළේ, පාර්ලිමේන්තුව යළි ලබන 23 වන දා උදෑසන 10.30ට කැඳවන බවයි. 6. පාර්ලිමේන්තුව තුළ සාමකාමීව කටයුතු කිරීම ගැන ජනපතිගෙන් පක්ෂ නායකයින්ට ස්තූතිය...! : පාර්ලිමේන්තුව තුළදී අද දින සාමකාමීව කටයුතු කිරීම සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දේශපාලන පක්ෂ නායකයින්ට සහ සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ස්තූතිය පළ කර තිබේ. විදෙස් පුවත්.... 1. චීන – මාලදිවයින් නිදහස් වෙළෙඳ ගිවිසුමෙන් මාලදිවයින ඉවත්වීමට සැරසෙයි : චීනය සමග අත්සන් කර ඇති නිදහස් වෙළෙඳ ගිවිසුමෙන් ඉවත්වීමට මාලදිවයින් නව රජය සැලසුම් කරන බව මාලදිවයින් පාලක ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක මොහොමඩ් නෂීඩ් පවසයි.
2018-11-19T11:38:10.000Z
ජනපති හා අගමැති අතර විශේෂ සාකච්ඡාවක්
ජනපති හා අගමැති අතර විශේෂ සාකච්ඡාවක්
COLOMBO (News 1st) - ජනාධිපති මෙත්‍රීපාල සිරිසේන මහතා හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් අද රාත්‍රියේ ජනාධිපති නිල නිවසේදී පැවැත්විය. පැයකට අධික කාලයක් පැවති මෙම සාකච්ඡාව සඳහා ජනාධිපතිවරයා හා අග්‍රාමාත්‍යවරයාට අමතරව ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මැති ඇමතිවරුන් කිහිප දෙනෙකුද එක්විණි.
2018-11-19T10:36:36.000Z
අගමැති ලේකම්ට මූල්‍ය පාලන බලතළ නැහැ... එ.ජා.පයෙන් යෝජනාවක්
එ.ජා.පයෙන් කථානායකට යෝජනාවක්...!
COLOMBO (News 1st) - අග්‍රාමාත්‍ය ලේකම්වරයාට ජනරජයේ මුදල් පරිහරණය කිරීමට බලයක් නොමැති බවට පුර්ණ යෝජනාවක් අද පස්වරුවේ කථානායකවරයා වෙත භාරදී තිබේ. කථානායක කාර්යාලය සඳහන් කළේ නවීන් දිසානායක, රවී කරුණනායක, නාලක කොළොන්නගේ, කාවින්ද ජයවර්ධන, හෙක්ටර් අප්පුහාමි සහ චතුර සේනාරත්න යන මහත්වරුන්ගේ අත්සනින් එම යෝජනාව භාරදුන් බවයි. අදාළ යෝජනාව ලබන 29 වන දා විභාගයට ගැනීමට තීරණය කර ඇතැයි කථානායක කාර්යාලය සඳහන් කළේ ය. නිවේදනයක් නිකුත් කරමින් කථානායක කාර්යාලය සඳහන් කළේ, පසුගිය දිනවල පාර්ලිමේන්තුවේ ඇති වූ සිද්ධි පිළිබඳ කණගාටුවට පත් වන බවත් එවැනි අශෝභන තත්ත්වයන් යළි ඇති නොවීමට වග බලා ගැනිම සෑම පාර්ශවයකම යුතුකමක් බවත් කථානායකවරයා පක්ෂ නායක රැස්වීමේදී අවධාරණය කළ බවයි. පාර්ලිමේන්තුවේ සියලුම විනය කඩ කිරීම් පිළිබඳව වහාම පරීක්ෂා කර පියවර ගැනීමට දැනටමත් අදාළ අංශ වෙතින් වාර්තාවක් කැඳවා ඇතැයි කථානායකවරයා සඳහන් කර ඇත.
2018-11-19T10:30:39.000Z
රට තුළ පවතින අයහපත් දේශපාලන වතාවාරණයෙන් මිදීමට නම් ඉතා ඉක්මනින් මැතිවරණයකට යා යුතුයි..!
"ඉතා ඉක්මනින් මැතිවරණයකට යා යුතුයි..!"
COLOMBO (News 1st) - රටේ පෙර නොතිබූ ආකාරයට රට දේශපාලන වශයෙන් බෙදී ඇතැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මිලින්ද මොරගොඩ මහතා අද නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ. ඔහු නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ, මේ තත්ත්වය කඩිනමින් සමථයකට පත් කිරීමට අවශ්‍ය පියවරගත යුතු බවයි. මිලින්ද මොරගොඩ මහතා සිය නිවේදනයෙන් පෙන්වා දෙන්නේ, රට තුළ පවතින අයහපත් දේශපාලන වතාවාරණයෙන් මිදීමට නම් ඉතා ඉක්මනින් මැතිවරණයකට යා යුතුව පවතින බවයි. පවතින තත්ත්වය හමුවේ මැතිවරණයක් පැවැත්විය යුත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් තෝරා ගන්නා මධ්‍යස්ථ අග්‍රාමාත්‍යවරයෙකු හා භාරකාර ආණ්ඩුවක් යටතේ බව ද ඔහු සිය නිවේදනයෙන් පෙන්වා දෙයි. එසේ, මධ්‍යස්ථ අග්‍රාමාත්‍යවරයෙක් පත්කර ගැනීමට නොහැකි නම් ඒ වෙනුවට සමාජය පිළිගත් පුද්ගලයෙකු මෙම තනතුරට පත් කර ගත යුතු බව ද මිලින්ද මොරගොඩ මහතා පෙන්වාදී තිබේ. ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ජාතික ලැයිස්තුවෙන් එවන් පුද්ගලයෙකු පාර්ලිමේන්තුවට පත් කර ගැනීමේ හැකියාව පවතින බවයි.
2018-11-19T07:00:42.000Z
චීන - මාලදිවයින් නිදහස් වෙළෙඳ ගිවිසුමෙන් මාලදිවයින ඉවත්වීමට සැරසෙයි
චීන නිදහස් වෙළෙඳ ගිවිසුමෙන් මාලදිවයින ඉවත් වෙයි
චීනය සමග අත්සන් කර ඇති නිදහස් වෙළෙඳ ගිවිසුමෙන් ඉවත්වීමට මාලදිවයින් නව රජය සැලසුම් කරන බව මාලදිවයින් පාලක ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක මොහොමඩ් නෂීඩ් පවසයි. රොයිටර් පුවත් සේවය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, ලොව කුඩා රාජ්‍යයක් ලොව දෙවන විශාලතම ආර්ථිකය හිමි චීනය සමග එවැනි වෙළෙඳ ගිවිසුමකට එළැඹීම අත්වැරදීමක් බවයි. මොහොමඩ් නෂීඩ් මාලදිවයිනේ හිටපු ජනාධිපතිවරයෙකු මෙන් ම වත්මන් ජනපති ඊබ්‍රහිම් මොහොමඩ් සෝලීගේ උපදේශකවරයෙකි. මොහොමඩ නෂීඩ් කියා සිටියේ, චීනය හා මාලදිවයින අතර වෙළෙඳ පරතරය ඉතා ඉහළ බවයි. චීනය තම රටෙන් කිසිවක් මිලදී නොගන්නා බැවින් මෙය එක් පාර්ශවයකට පමණක් ක්‍රියාත්මක වන ගිවිසුමක් බව නෂීඩ් කියා සිටියේ ය. මාලදිවයින් නව ජනපති මොහොමඩ් සෝලි පසුගිය සෙනසුරාදා ධූරයේ දිවුරුම් දුන් අතර ඔහු කියා සිටියේ, මාහා භාණ්ඩාගාරය කොල්ල කා ඇති බවයි. චීනය ණයකරුවන්ට ණයවීම හමුවේ රට ආර්ථික දුෂ්කරතාවකට මුහුණපා ඇති බව ඔහු කියා සිටියේ ය. මාලදිවයින හා චීනය අතර මෙම නිදහස් වෙළෙඳ ගිවිසුමට අත්සන් තැබුණේ එරට හිටපු ජනපති අබ්දුල්ලා යාමීන් පසුගිය දෙසැම්බර් මාසයේ චීනයේ කළ සංචාරය තුළදීයි. අනතුරුව මසක් තුළ අදාළ වෙළෙඳ ගිවිසුම පාර්ලිමේන්තුව තුළ අනුමත වූයේ විපක්ෂයේ විරෝධතා මධ්‍යයේ ය. පිටු 1000 න් සමන්විත මෙම වෙළෙඳ ගිවිසුම පාර්ලිමේන්තුව තුළ පැයකටත් අඩු කාලයකින් අනුමත වූයේ කිසිදු විවාදයකින් තොරවයි.
2018-11-19T06:30:28.000Z
බෝපේ, පෝද්දල ප්‍රාදේශීය සභාව උණුසුම් වෙයි
බෝපේ පෝද්දල ප්‍රාදේශීය සභාව උණුසුම් වෙයි
COLOMBO (News 1st) - ගාල්ල, බෝපේ පෝද්දල ප්‍රාදේශීය සභාවේ අද උණුසුම් තත්ත්වයක් ඇති විය. පෝද්දල ප්‍රාදේශීය සභාවේ බලය හිමිව ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණටයි. නමුත් අද සභාපතිවරයාගේ පුටුවේ එක්සත් ජාතික පක්ෂ නායක ප්‍රේමලාල් අබේසිංහ මහතා අසුන් ගත් අතර ඔහුගේ කණ්ඩායම අද සභාවාරයට පැමිණියේ කළු පැහැති ඇඳුම්වලින් සැරසී වීම විශේෂත්වයකි. ඔවුන් පැවසුවේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් තිදෙනෙක් එක්සත් ජාතික පක්ෂයට සහාය දක්වන අතර ඔවුන්ට සභාවේ බහුතරය පවතින බවයි. එම ස්ථානයට පැමිණි ප්‍රාදේශීය සභාවේ සභාපති දිල්රුක් එස්. අබේකෝන් මහතා ඇතුළු කණ්ඩායම සභාපති අසුනේ අසුන්ගත් එක්සත් ජාතික පක්ෂ නායකතුමාව ඔසවාගෙන සභාවෙන් පිටතට රැගෙන ගියේ ය. පසුව සභාපතිවරයා තීරණය කළේ, සභාව පැයක කාලයක් කල් තැබීමටයි. මේ අතරතුර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් සභාව තුළදී අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ උපන්දිනය ද සැමරූහ. නැවත සභාව රැස්වුවත් දෙපිරිස අතර උණුසුම් වාද විවාද මධ්‍යයේ සභාව පැවැත්වූ බව අප වාර්තාකරු පැවසුවේ ය.
2018-11-19T06:06:40.000Z
හෙට සහ අනිද්දා මුහුදු යෑමෙන් වළකින්නැයි ධීවරයින්ට උපදෙස්...
මුහුදු යෑමෙන් වළකින්නැයි ධීවරයින්ට උපදෙස්...
COLOMBO (News 1st) - දකුණු බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ මධ්‍යම කොටසෙහි අඩු පීඩන කලාපයක් වර්ධනය වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එය ඉදිරි පැය 24 තුළ පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී බස්නාහිර දෙසට ගමන් කරනු ඇති බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ ය. මේ හේතුවෙන් මුලතිව් සිට කන්කසන්තුරය හරහා මන්නාරම දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල හෙට සහ අනිද්දා දිනවල ධීවර කටයුතුවලින් වැළකී සිටින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර සහ නාවික ප්‍රජාවට උපදෙස් ලබාදී තිබේ. මේ අතර දිවයින පුරා වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කළ හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේය.
2018-11-19T05:40:58.000Z
"පාර්ලිමේන්තුවේදී එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නවා" - ගාමිණි ජයවික්‍රම
"එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නවා"
COLOMBO (News 1st) - තමන්ට පාර්ලිමේන්තුවේදී එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා අද අරලියගහ මන්දිරයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ප්‍රකාශ කර තිබේ.
2018-11-19T05:12:10.000Z
පාර්ලිමේන්තුව තුළ සාමකාමීව කටයුතු කිරීම ගැන ජනපතිගෙන් පක්ෂ නායකයින්ට ස්තූතිය...!
පාර්. සාමකාමීව කටයුතු කිරීම ගැන ජනපතිගේ ස්තූතිය..!
COLOMBO (News 1st) - පාර්ලිමේන්තුව තුළදී අද දින සාමකාමීව කටයුතු කිරීම සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දේශපාලන පක්ෂ නායකයින්ට සහ සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ස්තූතිය පළ කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, ඊයේ දිනයේ පැවති සර්ව පාක්ෂික හමුවේදී ජනාධිපතිතුමා විසින් ලබා දෙන ලද මාර්ගෝපදේශයන් නිවැරදි ලෙස අනුගමනය කිරීමට පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ එකඟත්වය පළ කිරීම පිළිබඳව ජනාධිපතිතුමා සිය බලවත් ප්‍රසාදය පළ කරන බවයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව ජනාධිපතිතුමා විසින් නව අග්‍රාමාත්‍යවරයෙකු සහ නව කැබිනට් මණ්ඩලයක් පත් කිරීමෙන් පසු ඇතැම් පාර්ශවයන් පාර්ලිමේන්තුව තුළ මතු කරන ලද අර්බුද පිළිබඳ ජනාධිපතිතුමා අවධානය යොමු කර ඇති බව ද ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
2018-11-19T02:23:36.000Z
මිනිත්තු 10න් පාර්ලිමේන්තුව අවසන්
පාර්ලිමේන්තුව ලබන 23 තෙක් කල් තැබේ
COLOMBO (News 1st) : අද පස්වරු 1.00ට කැඳවූ පාර්ලිමේන්තුව ලබන 23 වන දා දක්වා කල් තැබී ය. නියෝජ්‍ය කතානායකවරයා සඳහන් කළේ, පාර්ලිමේන්තුව යළි ලබන 23 වන දා උදෑසන 10.30ට කැඳවන බවයි. අද පස්වරු 1ට රැස් වූ පාර්ලිමේන්තුව පැවතුණේ විනාඩි 10ක පමණ කෙටි කාලයක් පමණි. මෙලෙස පාර්ලිමේන්තුව කල් තබා ඇත්තේ පක්ෂ නායක රැස්වීමේදී ගත් තීන්දුවක් අනුවයි. ඒ අනුව අද පැවති රැස්වීමේදී එළැඹි තීරණය පරිදි තේරීම් කාරක සභාවක් පත් කිරීමට තීරණය වූ බවත් ඒ අනුව පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ නියෝජනය වන පරිදි ඒ සඳහා මන්ත්‍රීවරුන්ගේ නම් පාර්ලිමේන්තු මහ ලේකම්වරයා වෙත එවන ලෙස ද දැනුම් දී ඇත. අප පාර්ලිමේන්තු වාර්තාකරුවන් සඳහන් කළේ, පුළුල් ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වූ බව ත් අද දිනයේ ජනමාධ්‍යවේදීන් දැඩි පරීක්ෂාවකට ලක් කළ බව ත් ය.
2018-11-19T00:07:28.000Z
අක්මීමන පුතෙක් මව් පිය දෙපළ ඝාතනය කරයි
අක්මීමන පුතෙක් මව් පිය දෙපළ ඝාතනය කරයි
COLOMBO (News 1st): ගාල්ල අක්මීමන විජයානන්ද මාවතේ , නිවසක් පිටුපස මළ සිරුරු දෙකක් ඇති බවට සැක පිට ප්‍රදේශවාසින් පොලිස් හදිසි ඇමතුම් අශයට දැනුම් දී තිබිණ. ඒ අනුව ක්‍රියාත්මක වූ අක්මීමන පොලිසියේ නිලධාරීන් ඊයේ රාත්‍රීයේ සිදු කළ සෝදිසි මෙහෙයුමකදී මෙම මළ සිරුරු සොයා ගැනීමට නොහැකිව ඇත. නැවත අද උදෑසන කළ සෝදිසි කිරීම්වලදී නිවස පිටුපස සඟවා තිබියදී මළ සිරුර දෙකක් හමුවී ඇත. මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 51ක කාන්තාවක් සහ 61 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. මෙම අඹු සැමි යුවළ නිවසේ තනිවම වාසය කර ඇති අතර , ඔවුන්ගේ 31 හැවිරිදි පුත්‍රයා යාබද නිවසක වාසය කර තිබේ. මෙම මරණ සම්බන්ධයෙන් 31 හැවිරිදි පුත්‍රයා අත්අඩංගුවට ගෙන තිබේ.
2018-11-18T23:26:19.000Z
පේරු හිටපු ජනපති උරුගුවේ දේශපාලන රැකවරණ පතයි
පේරු හිටපු ජනපති උරුගුවේ දේශපාලන රැකවරණ පතයි
COLOMBO (News 1st) : පේරු රාජ්‍යයේ හිටපු ජනාධිපති ඇලන් ගාසියා උරුගුවේ තානාපති කාර්යාලයේ දේශපාලන රැකවරණ පතා තිබේ. ඒ , අල්ලස් සහ දූෂණ චෝදනා එල්ල වූ හිටපු පේරු ජනාධිපතිවරයාට රටින් පිටවීම තහනම් කිරීමට එරට අධිකරණයක් පියවර ගැනීමෙන් පසුවයි. පේරු රාජ්‍යයේ ලීමා අගනුවර උමං දුම්රිය මාර්ගයක් ඉදිකිරීමේ රජයේ කොන්ත්‍රාත්තුවක් ,බ්‍රසීල ඉදිකිරීම් ක්ෂේත්‍රයේ දැවැන්තයකුට ලබා දී ඒ සඳහා අල්ලස් ලබාගැනීම ඇලන් ගාසියා ට එරෙහි චෝදනාවයි. කෙසේ වෙතත් මෙය තමන්ට එරෙහි දේශපාලන කුමන්ත්‍රණයක් බව පවසන හිටපු පේරු ජනාධිපතිවරයා මෙම චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කළේ ය. කෙසේ වෙතත් පේරු හිටපු ජනාධිපතිවරයාට දේශපාලන රැකවරණ ලබාදෙනවා ද යන්න උරුගුවේ රාජ්‍යය මෙතෙක් තහවුරු කර නොමැත.
2018-11-18T22:52:37.000Z
 මල්වානේ කුණු ගොඩක බිළිඳු මළසිරුරක්
 මල්වානේ කුණු ගොඩක බිළිඳු මළසිරුරක්
COLOMBO (News 1st) : බියගම, මල්වාන ප්‍රදේශයේදී මාස 6 ක් පමණ වයසැති බිළිඳු මළ සිරුරක් සොයා ගෙන තිබේ. පොලීසිය පැවසුවේ, නිවසක් අසල කුණු ගොඩක වැලි යට සඟවා තිබියදී එම මළ සිරුර සොයා ගත් බවයි. බිළිඳාගේ මව්පියන් කවුරුන් ද යන්න මෙතෙක් අනාවරණය වී නැති අතර පොලීසිය පැවසුවේ ඒ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බවයි.
2018-11-18T20:31:31.000Z
පාර්ලිමේන්තුව අද ත් 1කට රැස්වෙයි...
පාර්ලිමේන්තුව අද ත් 1කට රැස්වෙයි...
COLOMBO (News 1st) : පාර්ලිමේන්තුව අද පස්වරු 1.00ට යළි රැස්වීමට නියමිතයි. පසුගිය සිකුරාදා පාර්ලිමේන්තුවේ ඇතිවූ කළහකාරි තත්ත්වය හේතුවෙන් අද දිනය දක්වා පාර්ලිමේන්තුව කල් තැබීමට කථානායකවරයා පියවර ගත්තේ ය. මේ අතර පසුගිය දිනවල පාර්ලිමේන්තුවේදී විනය කඩ කරමින් ක්‍රියා කළ මන්ත්‍රීවරුන්ට එරෙහිව ගත හැකි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සොයා බැලීමට කථානායක කරු ජයසූරිය මහතා ස්වාධීන කමිටුවක් පත් කිරීමට පියවර ගෙන තිබේ. අද උදෑසන පාර්ලිමේන්තු සංකීරණය තුළදී ආණ්ඩු පක්ෂයේ මන්‍ත්‍රී කණ්ඩායම විශේෂ සාකච්ඡා පැවැත්වීමට නියමිතව ඇති බව අප පාර්ලිමේන්තු වාර්තාකරු පැවසී ය. මීට අමතරව එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු අනෙකුත් පක්ෂවල මන්ත්‍රී කණ්ඩායම් ද පාර්ලිමේන්තු සංකීරණය තුළදී විශේෂ සාකච්ඡා පැවැත්වීමට නියමිතව ඇත. පාර්ලිමේන්තු වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්නදු මහතා පැවසුවේ, අද දිනයේ පාර්ලිමේන්තු සභා ගර්භය තුළත් ඉන් පිටතත් ආරක්ෂක විධිවිධාන තර කිරීමට පියවර ගන්නා බවයි. මේ අතර පාර්ලිමේන්තුව තුළ ගැටුම්වලින් තොරව සාමකාමීව කටයුතු කිරීමට ඊයේ පැවති සර්ව පාක්ෂික හමුවේදී එකඟතාවකට පැමිණි බව ජනාධිපති මාධ්‍ය අංශය ඊයේ නිවේදනය කළේ ය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය 17 වන දා රාත්‍රී කළ දැනුම් දීමට අනුව සර්ව පාක්ෂික හමුව සඳහා ඊයේ පස්වරුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක ආර්.සම්බන්ධන් යන මහත්වරුන් ඇතුළු පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ රැසක නියෝජිතයෝ ජනාධිපති කාර්යාලයට පැමිණ සිටියහ. ඒ සඳහා කතානායක කරු ජයසූරිය මහතාට ආරාධනා කර තිබුණ ද, කතානායකවරයා එම හමුවට සහභාගී නොවූ අතර ජනතා විමුක්ති පෙරමුණ තමන් සර්ව පාක්ෂික හමුවට සහභාගී නොවන බව ජනාධිපතිවරයාට දන්වා තිබිණ. පැය 2කට ආසන්න කාලයක් පැවති සර්ව පාක්ෂික හමුවේදී, ජනාධිපතිවරයා සියලු දෙනාගෙන් ඉල්ලා ඇත්තේ, ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව පිළිබඳව තමාට තීරණයක් ගැනීමට නම්, මන්ත්‍රීවරුන්ගේ නමින් හෝ ඉලෙක්ට්‍රොනික ක්‍රමය භාවිතයෙන් ඡන්ද ගණනය කිරිම අත්‍යවශ්‍ය බවයි. එය තමාට, ජනතාවට මෙන්ම අන්තර්ජාතිකව ද පිළිගත හැකි ක්‍රමයක් බව ද ජනාධිපතිවරයා පෙන්වා දී තිබේ. රජයක් වෙනස් කිරීම වැනි ප්‍රබල කාරණා පිළිබඳව තීරණයක් ගැනීමේදී ස්ථාවර නියෝගවල සඳහන්ව තිබුණත්, මන්ත්‍රීවරුන්ගේ හඬ අනුව ඡන්දයක් පැවැත්වීම කාලෝචිත නොවන අතර එහි විනිවිදභාවයක් නොමැති බව ද ජනාධිපතිවරයා මෙහිදි පෙන්වා දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ය. කෙසේ වෙතත් අප පාර්ලිමේන්තු වාර්තාකරු පැවසුවේ, අද දිනයේ ද පාර්ලිමේන්තුව තුළ කුමන තත්ත්වයක් අද්ගත වේ ද යන්න අවිනිශ්චිත බවයි.
2018-11-18T20:18:34.000Z
ඉදිරි දිනවල පළාත් රැසකට තද වැසි...
ඉදිරි දිනවල පළාත් රැසකට තද වැසි...
COLOMBO (News 1st) : දිවයින ආසන්න පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් ඉදිරි දිනවල පළාත් රැසකට මිලිමීටර් 150 ඉක්මවූ වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, තද වැසි සහ ගිඟුරුම් සහිත වැසි පිළිබඳව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කරමින් උතුර, මධ්‍යම, සබරගමුව සහ ඌව යන පළාත්වලට එලෙස තද වැසි ඇතිවිය හැකි බවයි. සෙසු ප්‍රදේශවලට ද මිලිමිටර් 100 ක පමණ වැසි ඇතිවිය හැකි බව ද එම නිවේදනයේ සඳහන් ය. ගිඟුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු සහ පැයට කිලෝමීටර් 70 ක 80 ක පමණ කෙටි කාලින තද සුළං ද ඇතිවීමේ හැකියාව ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
2018-11-18T10:05:37.000Z
අර්බූදය විසඳීමේ වගකීම ජනතාවට භාර දෙන්න... - සර්ව ආගමික නායකයින්ගෙන් ඉල්ලීමක්
අර්බූදය විසඳීමේ වගකීම ජනතාවට භාර දෙන්න...
COLOMBO (News 1st) : රටේ උද්ගතව ඇති වත්මන් දේශපාලන අර්බූදය සමථයකට පත් කිරීමේ වගකීම රටේ ජනතාවට භාර දිය යුතු බව සර්ව ආගමික නායකයෝ පෙන්වා දෙති. සියලු ආගම් නියෝජනය කරමින් ආගමික නායකයින්ගේ ප්‍රධානත්වයෙන් අද කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මේ බව ප්‍රකාශ විය. එහිදී අදහස් දැක්වමින් පූජ්‍ය කොටුගොඩ ධම්මාවාස නා හිමියන් ජනාධිපතිවරයා සහ අනෙකුත් පක්ෂ නායකයින්ගෙන් ඉල්ලා සිටියේ, ප්‍රජාතන්ත්‍රවාදයේ තීරණාත්මක සාධකය මැතිවරණයකට ගොස් ජනතාවට මෙම අර්බූදය විසඳීමට අවස්ථාව සලසා දෙන ලෙසයි. තව ද උන්වහන්සේ උද්ගතව ඇති තත්ත්වය සම්බන්ධයෙන් දැඩි කනස්සල්ලකින් පසු වන එහිදී ප්‍රකාශ කළහ. "අපිටවත් කනගාටුයි රටේ ජනාධිපතිතමා රටේ අගමැතිතුමාගෙයි රටේ පක්ෂනායකතුමාගෙයි කථානායකතුමාගැන මේ වගේ වැදගත් ප්‍ර‍‍බූවරුන් පිලිබදව අපිට දකින්නට ලැබෙන දේවල් දැක්කහම ආගමික නායකවරු වශයෙන් ඇත්තවශයෙන්ම ඉන්න බැරි කැක්කුමක් ඇතිවෙනවා. පහුගිය ටිකේ වෙච්චදේවල් දැක්කානේ කියන්න තරම් පිළිකුල් ඒ නිසා අපි කියන්නේ ගරු ජනාධිපතිතුමාටත් මේ නායකවරුන්ගෙන් ඉල්ලුම් කරන්නේ එකතුවෙලා සාකච්ඡාවක් කරලා මහජනතාවට මේක භාර දෙන්න. ඒක තමයි ඡන්ද විමසීමක් කිරීම එතකොට මහජනතාවට මේ දෙපක්ෂයේම මන්ත්‍රීවරුන්ට පැහැදිලි කරන්න පුලුවන් අවශ්‍ය වුනොත් කරුනු ඒ ජනතාව දෙන තීරණය තමයි ප්‍ර‍ජාතන්තවාදය කියන්නේ" කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදීනල් රංජිත් හිමිපාණන් ද මෙම ප්‍රවෘත්ති සාකඡාවට එක්ව සිටි අතර උන්වහන්සේ එහිදී පැවසුවේ, උද්ගතව ඇති අර්බූදය නුදුරු අනාගතයේදී ම විසඳනු ඇතැයි, අපේක්ෂා කරන බවයි. "බලාපොරොත්තුවෙනවා නුදුරු අනාගතයේදීම හැකි ඉක්මනින් ජනාධිපතිතුමා දැන් අගමැතිධුරය සදහා ප්‍ර‍්ණයක් මතුවෙලා ඉන්න දෙපල ඒ වගේම කථානායකුතාම සමග හමුවී ආගමික නායකත්වයෙන් සාකච්ඡා කරන්නට එකම තැනකදී සාකච්ඡා කරන්නට අවස්ථාවක් ලැබෙයි කියලා අපි බලාපොරොත්තුවෙන් ඉන්නවා.." පූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර නා හිමියන් මෙහිදී අවධාරණය කර සිටියේ, උද්ගතව ඇති තත්ත්වය සාමකාමී ජනතාවක් ජීවත් වන අප රටට නොගැළපෙන බව ත් උද්ගතව ඇති තත්ත්වය කඩිනමින් වෙනස් විය යුතු බවත් ය. මෙම මාධ්‍ය හමුවට එක්ව සිටි එම්.එෆ්.එම්.හරූත් මව්ලවිතුමා ජනපති ඇතුළු සියලු නායකයින්ගෙන් ඉල්ලා සිටියේ, ව්‍යවස්ථානුකුලවත් නීත්‍යනුකූලවත් යහපත් පාලනයක් බිහි කිරීම සඳහා සෑම කෙනෙකුම කැපවී ක්‍රියාකරන ලෙසයි. "ජනාධිපතිතුමා ඇතුලු පක්ෂ නායකයින් ඒ වගේම ආණ්ඩුව විපක්ෂය ඇතුලු සියලුම මැති ඇමතිවරුන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටිනනේ මේ රට තුළ අද පවත්නා වු මේ ප්‍ර‍ශ්නය නිම කරමින් ව්‍යවස්ථානුකුලවත් නිත්‍යානුකුලවත් තිබෙන්නා වු යහපත් පාලනයක් බිහි කිරීම සදහා සෑම කෙනෙක්ම කැපවී ක්‍රියාකරන ලෙසයි"
2018-11-18T09:39:12.000Z
"පාර්ලිමේන්තුවේ සමකාමීව හැසිරෙන බවට පක්ෂ එකඟ වුණා" - ජනපති
"පාර්ලිමේන්තුවේ සමකාමීව හැසිරෙන බවට පක්ෂ එකඟ වුණා"
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග පවැති හමුවේදී හෙට දිනයේ පාර්ලිමේන්තු කටයුතු සාමකාමීව සිදු කිරීමට සියලු පක්ෂ එකඟ වී තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ, මීට ටික වේලාවකට පෙර අවසන් වූ සර්ව පාක්ෂික හමුවේදී ඊට සහභාගී වූ පක්ෂ නායකයින් මෙම එකඟත්වය පළ කළ බවයි. විශ්වාස භංගය පිළිබඳ තමාට තීරණයක් ගැනීමට නම් එය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නමින් හෝ ඉලෙක්ට්‍රෝනික ක්‍රමය භාවිතයෙන් ඡන්දය ගණනනය කළ යුතු බව ත් එය රටෙ ජනතාව මෙන්ම අන්තර්ජාතිකව වඩාත් පිළිගත හැකි ක්‍රමය බවද ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ය. කෙසේ වෙතත් අද පස්වරුවේ පැවති මෙම සමුළුවට ජනතා විමුක්ති පෙරමුණ සහභාගී නොවී ය. ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනය පහතින්..
2018-11-18T09:05:28.000Z
සර්ව පාක්ෂික හමුව එකඟතාවකින් තොරව අවසන්
සර්ව පාක්ෂික හමුව එකඟතාවකින් තොරව අවසන්
COLOMBO (News 1st) : ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති සර්ව පාක්ෂික හමුව මීට ටික වේලාවකට පෙර අවසන් විය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්රමසිංහ යන මහත්වරු ද මෙම හමුවට සහභාගී වූහ. එක්සත් ජනතා නිදහස් සන්ධානය සහ ඊට සම්බන්ධ පක්ෂ එහිදී පවසා ඇත්තේ, විශ්වාස භංග යෝජනාව නිවැරදි පාර්ලිමේන්තුවේ නිවැරදි ක්‍රියා පටිපාටියට ඉදිරිපත් කළ යුතුව ඇති බවයි. කෙසේ වෙතත් එක්සත් ජාතික පෙරමුණ අවධාරණය කර සිටියේ, විශ්වාස භංග යෝජනාවක් ගෙන ඒමේ ක්‍රමවේද දෙකක් පවතින බව ත් ඉන් එක් ක්‍රමවේදයක් යටතේ එය ඉදිරිපත් කර ඇති බවත් ය. මේ අතර එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්රී අජිත් පී. පෙරේරා මහතා ප්රකාශ කළේ, එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්රීවරුන් බහුතරයක් සිටින බව ඔප්පු කිරීම සඳහා දිවුරුම් ප්රකාශ 113 ක් ඉදිරිපත් කිරීමට සූදානම් බවය. ජනපති හමුවෙන් පසු මාධ්‍යට අදහස් දක්වමින් එක්සත් ජාතික පක්ෂ මන්ත්රීවරුන් පැවසුවේ, හෙට දිනයේ පක්ෂය විසින් හෙට පාර්ලිමේන්තුවට තෙවන වරටත් විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කරන බව ය.
2018-11-18T06:15:09.000Z
ජනපති ප්‍රධානත්වයෙන් සර්ව ක්ෂික හමුව ඇරඹෙයි
ජනපති ප්‍රධානත්වයෙන් පාක්ෂික හමුව ඇරඹෙයි
COLOMBO (News 1st) : ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සර්ව පාක්ෂික හමුව ආරම්භ වී තිබේ. අප වාර්තාකරු පැවසුවේ, මහින්ද රාජපක්ෂ සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ද හමුව සඳහා ජනාධිපති කාර්යාලයට පැමිණ සිටින බවයි. කෙසේ වෙතත් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම හමුවට සහභාගී නොවන බව කථානායක කරූ ජයසුරිය සහ ජනතා විමුක්ති පෙරමුණ අද දහවල් නිවේදනය කළේ ය. ජනාධිපතිතුමා මෙම හමුව කැදවා ඇත්තේ පාර්ලිමේන්තුව තුළ පසුගිය දිනවල ඇතිවු දේශපාලන නොසන්සුන්තාව සහ ගැටුම්කාරී තත්ත්වය අවසන් කර, පාර්ලිමේන්තුවේ කටයුතු යහපත්ව පවත්වාගෙන යාමට සියලු දේශපාලන පක්ෂ අතර, එකඟතාවක් ඇති කර ගැනීමේ අරමුණිනි.
2018-11-18T02:13:45.000Z
සර්ව පාක්ෂික හමුවට සහභාගී නොවන බව ජ.වි.පෙ කියයි
සර්ව පාක්ෂික හමුවට සහභාගී නොවන බව ජ.වි.පෙ කියයි
COLOMBO (News 1st) - ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ පැවැත්වෙන සර්ව පාක්ෂික හමුවට සහභාගී නොවන බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි. නිව්ස්ෆස්ට් කළ විමසීමකදී පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා ඒ බව තහවුරු කළේ ය. පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂවල සහභාගීත්වයෙන් අද පස්වරු 5.00 ට සර්ව පාක්ෂික හමුව පැවැත්වෙන්නේ ජනාධිපති කාර්යාලයේදීයි. ජනාධිපතිතුමා මෙම හමුව කැඳවා ඇත්තේ පාර්ලිමේන්තුව තුළ පසුගිය දිනවල ඇතිවූ දේශපාලන නොසන්සුන්තාව සහ ගැටුම්කාරී තත්ත්වය අවසන් කර පාර්ලිමේන්තුවේ කටයුතු යහපත්ව පවත්වාගෙන යාමට සියලු දේශපාලන පක්ෂ අතර එකඟතාවක් ඇති කර ගැනීමේ අරමුණිනි.
2018-11-18T01:45:11.000Z
බිරිඳ මැරූ සැමියාට වැඩවරදී
බිරිඳ මැරූ සැමියාට වැඩවරදී
COLOMBO (News 1st) - කළුතර පාලම අසල මල් අළෙවිසැලක් තුළ කාන්තාවක් තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබේ. පොලීසිය සඳහන් කළේ, බරපතළ තත්ත්වයේ පසු වූ ඇය නාගොඩ රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇති බවයි. මියගොස් ඇත්තේ 43 හැවිරිදි දකුණු කළුතර පදිංචිකාරියකි. ඇයගේ සැමියා මෙම ඝාතනය කර ඇති බවට සිදුකළ විමර්ශවලදි කරුණු ආනවරණය විය. සැකකරු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය සඳහන් කළේ ය.
2018-11-18T00:40:40.000Z
BREAKING : "සර්ව පාක්ෂික හමුවට එන්නේ නැහැ..." - කථානායක
"සර්ව පාක්ෂික හමුවට එන්නේ නැහැ..." - කථානායක
COLOMBO (News 1st) - පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ නායකයින්ගේ සහභාගීත්වයෙන් අද පස්වරුවේ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත සර්ව පාක්ෂික හමුවට කථානායක කරූ ජයසුරිය මහතා සහභාගී නොවන බව වාර්තා වේ. කථානායක කාර්යාලය ඒ බව නිව්ස්ෆස්ට් කළ විමසීමකදී දැනුම් දුන්නේ ය. මෙහිදී වැඩිදුරටත් කථානායක කාර්යාලය දැනුම් දුන්නේ, පක්ෂ නායක හමුවේදී ගනු ලබන තීරණ කථානායකවරයා වෙත දැනුම් දුන් පසුව ඒ අනුව කටයුතු කරන බවයි. පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ නායකයින්ට අමතරව කථානායක කරූ ජයසුරිය මහතාට ද ජනාධිපතිවරයා සමග පැවැත්වෙන සාකච්ඡාවට සහභාගී වන ලෙස ආරාධනා කළ බව ජනාධිපති මාධ්‍ය අංශය ඊයේ නිකුත් කළ නිවේදනයේ දැක්විය. ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සර්ව පාක්ෂික හමුව අද සවස 5.00 ට ජනාධිපති කාර්යාලයේදී පැවැත්වීමට නියමිත වේ.
2018-11-18T00:26:15.000Z
දිස්ත්‍රික්ක කිහිපයකට නාය යෑමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ
දිස්ත්‍රික්ක 3කට නාය යෑමේ පූර්ව අනතුරු ඇඟවීමක්..!
COLOMBO (News 1st) - පවතින වර්ෂාවත් සමග මහනුවර, නුවරඑළිය සහ කුරුණෑගල යන දිස්ත්‍රික්කවලට අද රාත්‍රි 8.00 දක්වා නාය යෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කළ බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි. එහි නාය යෑම් අධ්‍යයන අංශයේ වැඩ බලන අධ්‍යක්ෂ ආචාර්ය ගාමිණි ජයතිස්ස මහතා සඳහන් කළේ, මහනුවර දිස්ත්‍රික්කයේ තුම්පනේ සහ පහත හේවාහැට ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසවලට මෙම පූර්ව නාය යෑම් අනතුරු ඇඟවීම් නිකුත් කළ බවයි. ඊට අමතරව නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයත්, කුරුණෑගල දිස්ත්‍රික්කයේ මල්ලවල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයටත් මෙම පූර්ව නාය යෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කළ බව ගාමිණි තිස්ස මහතා සඳහන් කළේ ය. මේ අතර දිවයින පුරා වැසි තත්ත්වයේ වැඩිවීමක් අද සිට අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඇතැම් පළාත්වලට මිලිමීටර් 100 වැඩි තද වැසි ඇතිවිය හැකි බවයි.
2018-11-18T00:04:11.000Z
ශ්‍රී ලංකාවට එරෙහි දෙවන ටෙස්ට් තරගයේ ජය එංගලන්තයට
ශ්‍රී ලංකාවට එරෙහි දෙවන ටෙස්ට් තරගයේ ජය එංගලන්තයට
ශ්‍රී ලංකාව සමග පැවැති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය එංගලන්තය අද ලකුණු 57 කින් ජය ගෙන තිබේ. මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී මෙම තරගය පැවැත් විණි. පළමු ඉනිම ක්‍රීඩා කළ එංගලන්ත කණ්ඩායම සියල්ලන් දැවී ලකුණු 290 ක් රැස් කළ අතර ශ්‍රී ලංකාව ඊට පිළිතුරු ලෙස පළමු ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 336 යි. අනතුරුව දෙවැනි ඉනිම ක්‍රීඩා කළ එංගලන්ත කණ්ඩායමට සියලු දෙනා දැවී ලකුණු 346 ක් රැස් කළේ ය. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය සඳහා හිමිවූ ඉලක්කය ලකුණු 301 කි. තරගය අද පස් වැනි දිනයට ආරම්භ කරන විට දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 7 ක් දැවී ලකුණු 226 ක් රැස් කර ගෙන සිටියේ ය. ශ්‍රී ලංකා කණ්ඩායමට අද සියලු දෙනා දැවී රැස් කර ගැනීමට හැකි වුයේ ලකුණු 243 ක් පමණි.
2018-11-17T22:37:27.000Z
'පිහූ' දිනක් තුළ ලක්ෂ 45 ක ආදායමක්
'පිහූ' දිනක් තුළ ලක්ෂ 45 ක ආදායමක්
විනෝද් කපාරීගේ පිහූ සිනමා පටය තිරගතවීම් ආරම්භ කර දිනක් ඇතුළත ඉන්දීය රුපියල් ලක්ෂ 45 ක ආදායමක් උපයා තිබේ. මෙම සිනමා පටය නිර්මාණය වී ඇත්තේ කුඩා දැරියකගේ ජීවන චර්යාවන් ඇසුරිනි. එහි පිහූ නමැති චරිතය නිරූපණය කරන දැරියගේ සැබෑ නම පිහූවීම ද විශේෂත්වයකි. මෙම සිනමා පටය සිනමා කේෂත්‍රයට විශේෂ වන්නේ එක් චරිතයක් වටා පමණක් එය නිර්මාණය වීම හේතුවෙන් ය. මීට පෙර එක් චරිතයක් සහිත බොලිවුඩ් සිනමා පටයක් නිර්මාණය වූයේ 1964 වසරේදීයි. සුනිල් දත් අධ්‍යක්ෂණය කළ එම සිනමා පටය නම්කර තිබුණේ යාදෙයින් ලෙසයි.
2018-11-17T21:43:02.000Z
කරන්දෙණියේ සිසුවෙකු දිය රකුසාට බිලිවෙයි
කරන්දෙණියේ සිසුවෙකු දිය රකුසාට බිලිවෙයි
COLOMBO (News 1st) - කරන්දෙණිය, රන්දෙණිගම වැවේ දිය නෑමට ගිය පාසල් සිසුවෙකු දියේ ගිලී මියගොස් තිබේ. මියගොස් ඇත්තේ 16 හැවිරිදි කරන්දෙණිය පදිංචිකරුවෙකි. මෘත ශරීරය බොරකන්ද රෝහලේ තැන්පත් කර ඇත. මේ අතර බුලත්කොහුපිටිය, රංගල්ල නලගන ඇල්ල නැරඹීමට ගිය තරුණයෙකු ජලයට වැටීමෙන් අතුරුදන්ව ඇත. අතුරුදන් වූ පුද්ගලයා සොයා පොලීසිය සහ ප්‍රදේශවාසීන් එක් ව මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබේ. එලෙස අතුරුදන්ව ඇත්තේ 22 හැවිරිදි ගොමාඩුව, යටියන්තොට පදිංචිකරුවෙකි.
2018-11-17T20:54:10.000Z
රුපියල් ලක්ෂ 250 ක හෙරොයින් සමග පුද්ගලයෙකු කොටහේනේදී අත්අඩංගුවට
ලක්ෂ 250 ක හෙරොයින් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
COLOMBO (News 1st) - රුපියල් ලක්ෂ 250 ක් වටිනා හෙරොයින් තොගයක් සමග සැකකරුවෙකු කොටහේනේදී අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, එහි බර කිලෝග්‍රෑම් 2 යි ග්‍රෑම් 79 ක් බවයි.
2018-11-17T20:48:07.000Z
ඉන්ධන බදු ඉහළ දැමීමට එරෙහිව ප්‍රංශයේ විරෝධතා
ඉන්ධන බදු ඉහළ දැමීමට එරෙහිව ප්‍රංශයේ විරෝධතා
ඉන්ධන බදු ඉහළ දැමීමට එරෙහිව ප්‍රංශයේ ක්‍රියාත්මක විරෝධතා අතරතුර පුද්ගලයෙකු මියගොස් තව ත් 200 කට අධික පිරිසක් තුවාල ලබා තිබේ. ඊයේ උදෑසන සිට ප්‍රංශයේ ප්‍රධාන නගර කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක විරෝධතාවට එක් ව සිටි සංඛ්‍යාව දෙලක්ෂ 80000 කි. එය නම්කර තිබුණේ කහ කමිසකරුවන්ගේ විරෝධතාව ලෙසයි. මාර්ගවල ටයර් පුළුස්සමින් ඔවුන් අඛණ්ඩ විරෝධතාවල නිරත වන්නේ ඉන්ධන බදු පහත හෙළන්නැයි ආණ්ඩුවට බල කරමින්ය. පහළ පන්තියේ මිනිසුන්ගේ ඉල්ලීම් තමා ප්‍රතික්ෂේප කරන බව විරෝධතාකරුවන්ට චෝදනා කරමින් ප්‍රංශ ජනාධිපති එම්මෑනුවෙල් මැක්‍රොන් සඳහන් කළේ ය.
2018-11-17T20:35:07.000Z
මොරටුවේ නිවාස දෙකක ගින්නක්
මොරටුවේ නිවාස දෙකක ගින්නක්
COLOMBO (News 1st) - මොරටුව, සදහම් මාවතේ නිවාස දෙකක ගින්නක් හටගෙන තිබේ. මොරටුව ගිනි නිවීම් ඒකකය සඳහන් කළේ, ගින්න මැඩපැවැත්වීම සඳහා සේවා රථ 03 ක් යොමු කර ඇති බවයි. අද අලුයම හටගත් ගින්න මේ වනවිට පාලනය කර ඇත. ගින්නට හේතුව විදුලි කාන්දුවක් බවට සැක පළ කරයි.
2018-11-17T20:27:30.000Z
'ගජ' සුළි කුණාටුවේ බලපෑමෙන් යාපනයේ නිවාස 1000 කට හානි
'ගජ' සුළි කුණාටුවේ බලපෑමෙන් නිවාස 1000 කට හානි
COLOMBO (News 1st) - ගජ සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් යාපනය දිස්ත්‍රික්කයේ නිවාස 1000 කට අධික සංඛ්‍යාවකට හානි සිදු ව ඇතැයි ආපදා කළමනාකරණ අමාත්‍යංශය පවසයි. එහි සහන සේවා අධ්‍යක්ෂ චමින්ද පතිරාජ මහතා සඳහන් කළේ, ඉන් නිවාස 89 ක් පුර්ණ නිවාස හානි ලෙස වාර්තා වී ඇති බවයි. නිවාස 978 කට අර්ධ හානි සිදු ව තිබේ. ගජ සුළි කුණාටුවේ බලපෑම් හේතුවෙන්, යාපනය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 15 කට බලපෑම් එල්ල වී ඇතැයි ද සහන සේවා අධ්‍යක්ෂ චමින්ද පතිරාජ මහතා සඳහන් කළේ ය. එහි පවුල් 1504 ක පුද්ගලයින් 5570 දෙනෙකු පීඩාවට පත් ව සිටි. මේ අතර අවතැන් වූ පවුල් 14 ක පුද්ගලයින් 45 දෙනෙකු මේ වන විට සහන කඳවුරු දෙකක රඳවා ඇතැයි ආපදා කළමනාකරණ අමාත්‍යාංශය පැවසුවේ ය. එහි සහන සේවා අධ්‍යක්ෂ චමින්ද පතිරාජ මහතා සඳහන් කළේ, හානි වූ නිවාස ලාභීන් සඳහා මූලික අත්තිකාරම ලෙස රුපියල් දස දහසක මුදලක් ලබාදීම මේ වන විට ආරම්භ කර ඇති බවයි. හානි වූ නිවාස තක්සේරු කිරීම හෙට සිට ආරම්භ කෙරෙනු ඇති. සහන කටයුතු විධිමත් කිරීම සඳහා විශේෂ කණ්ඩායමක් යොමු කර ඇති බව ද චමින්ද පතිරාජ මහතා පැවසුවේ ය.
2018-11-17T20:07:26.000Z
පාර්ලිමේන්තුවේ වූ ගැටුම් සම්බන්ධයෙන් 06 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කර ගැනේ
සභා ගර්භයේ වූ සිදුවීම ගැන ප්‍රකාශ සටහන් කිරීම ඇරඹේ
COLOMBO (News 1st) - පාර්ලිමේන්තුවේ ඇතිවූ කළහාකාරි සිදුවීම් සම්බන්ධයෙන් මේ වන විට 6 දෙනෙකුගෙන් පමණ ප්‍රකාශ සටහන් කර ගෙන තිබේ. පොලීසිය ප්‍රකාශ කළේ, විමර්ශනය සඳහා විශේෂ කණ්ඩායමක් යොමු කර ඇති බවයි. පසුගිය සිකුරාදා පාර්ලිමේන්තු සභාගර්භයේ ඇතිවූ කළහාකාරී සිදුවීමත් සමග තුවාල ලැබු පොලිස් නිලධාරීන්ගේ වෛද්‍ය වාර්තා ලබා ගැනීමට ද පියවර ගෙන ඇති බව පොලීසිය පැවසුවේ ය. ඒ අනුව මේ වන විට නිලධාරීන් 5 දෙනෙකුගේ පමණ වෛද්‍ය වාර්තා ලබාගෙන තිබේ. පාර්ලිමේන්තුවේ ඇතිවූ කළහාකාරී සිදුවීම්වලදී පොලිස් නිලධාරීන් 12 දෙනෙකු පමණ සුළු තුවාල ලැබූහ. මේ අතර මන්ත්‍රීවරුන්ගේ වෛද්‍ය වාර්තා ලබා ගැනීම ඇතුළු ඉදිරි විමර්ශන සඳහා කථානායකවරයාගේ අවසරය ලබා ගැනීමට පියවර ගන්නා බව ද පොලීසිය ප්‍රකාශ ප්‍රකාශ කර තිබේ. පාර්ලිමේන්තු සභා ගර්භයට තියුණු ආයුධ රැගෙන ඒම සම්බන්ධයෙන් ද විශේෂ විමර්ශන ක්‍රියාත්මක බව පොලීසිය පවසයි. ඒ පාර්ලිමේන්තුවේ ආරක්ෂිත කැමරා දර්ශන උපයෝගී කර ගනිමිනි.
2018-11-17T19:35:21.000Z
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
දේශීය පුවත් 1. ලක්ෂ්මන් කිරිඇල්ලගෙන් ආණ්ඩු පක්ෂයට අභියෝගයක්: බහුතරය ඇති බව පෙන්වීමට ඉදිරි සතිය තුළ පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙන එන්නැයි ආණ්ඩුවට අභියෝග කරන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි. 2. මහජන සේවාවන් දුර්වලවීමට ඉඩ නොතබන ලෙසට ජනපතිගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්: රාජ්‍ය අංශයේ කටයුතු සහ මහජන සේවාවන් කිසිදු අවස්ථාවක දුර්වලවීමට ඉඩ නොතබන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට උපදෙස් ලබා දී තිබේ. ජනාධිපතිතුමා මෙහිදී කියා සිටියේ, රට තුළ පවතින දේශපාලන ගැටලුකාරී තත්ත්වය ඉදිරියේදී නිරාකරණය වනු ඇති බවයි. 3. කැලණිවැලි මාර්ගයට නව දුම්රියක්: නවීකරණය කරන ලද මැදිරි 5 කින් යුත් දුම්රියක් කැලණිවැලි මාර්ගයේ ධාවනයට එක් කර තිබේ. 4. අගමැති හා සන්ධාන මන්ත්‍රීවරුන් අතර සාකච්ඡාවක්: අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හා එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී කණ්ඩායම අතර ඊයේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී සාකච්ඡාවක් පවත්වා තිබේ. 5. “පාර්ලිමේන්තුවට මිරිස් කුඩු ගෙනල්ලා නැහැ” – එස්. බී. කියයි: පාර්ලිමේන්තුවේදී සන්ධාන මන්ත්‍රීවරුන් විසින් පොලිස් නිලධාරීන්ට සහ මන්ත්‍රීවරුන්ට මිරිස් කුඩු මිශ්‍ර ජල ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් ඇමති එස්. බී. දිසානායක මාධ්‍යට ප්‍රකාශයක් කර තිබේ. විදෙස් පුවත් 6. මාලදිවයින් නව ජනපති දිවුරුම් දෙයි: මාලදිවයින් නව ජනාධිපතිවරයා ලෙස ඊබ්‍රාහිම් මෝහොමඩ් සෝලි ඊයේ දිවුරුම්දී තිබේ.
2018-11-17T19:15:49.000Z
අද ජනපති ප්‍රධානත්වයෙන් සර්ව පාක්ෂික හමුවක්
අද ජනපති ප්‍රධානත්වයෙන් සර්ව පාක්ෂික හමුවක්
COLOMBO (News 1st) - පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂවල සහභාගීත්වයෙන් අද සර්ව පාක්ෂික හමුවක් පැවැත්වේ. ඒ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙනි. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, අද පස්වරු 5.00 ට ජනාධිපති කාර්යාලයේදී එම හමුව පැවැත්වීමට නියමිත බවයි. ජනාධිපතිතුමා මෙම හමුව කැඳවා ඇත්තේ පාර්ලිමේන්තුව තුළ පසුගිය දිනවල ඇතිවූ දේශපාලන නොසන්සුන්තාව සහ ගැටුම්කාරී තත්ත්වය අවසන් කර පාර්ලිමේන්තුවේ කටයුතු යහපත්ව පවත්වාගෙන යාමට සියලු දේශපාලන පක්ෂ අතර එකඟතාවක් ඇති කර ගැනීමේ අරමුණිනි. පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ නායකයන්ට සහ කථානායක කරූ ජයසුරිය මහතාට ඒ සඳහා පැමිණෙන්නැයි ආරාධනා කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ය.
2018-11-17T07:37:48.000Z
දෙවන ටෙස්ට් තරගය ජය ගැනීමට කඩුලු 3 ක් ඇතැතිව සිටින ශ්‍රී ලංකාවට ලකුණු 75 ක ඉලක්කයක්
කඩුලු 3 ක් ඇතැතිව ශ්‍රී ලංකාවට ලකුණු 75 ක ඉලක්කයක්
ශ්‍රී ලංකා - එංගලන්ත දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය අද සිව්වැනි දිනටත් මහනුවර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත් විය. අද දිනය සඳහා තරගය නතර කරන විට ලකුණු 301 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 3 ක් අතැතිව පසුපසින් සිටින ලකුණු සංඛ්‍යාව 75 කි. සිව් වැනි දිනයට තරගය අද ආරම්භ කරන විට දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි එංගලන්ත කණ්ඩායම කඩුලු 9 ක් දැවී රැස් කර ගෙන සිටි ලකුණු සංඛ්‍යාව 324 කි. එංගලන්ත ක්‍රීඩකයින් දෙවැනි ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 346 ක් රැස් කළේ ය. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය සඳහා හිමි වූ ඉලක්කය ලකුණු 301 ක්. 19 වැනි ටෙස්ට් අර්ධ ශතකය වාර්තා කළ දිමුත් කරුණාරත්න ලකුණු 57 යි. ඇන්ජලෝ මැතිව්ස් ටෙස්ට් දිවියේ 32 වැනි අර්ධ ශතකය වාර්තා කරමින් ලකුණු 88 ක් රැස් කළේ ය. ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 7 ක් දැවී ලකුණු 226 ක් රැස් කර ගෙන සිටියදී තරගයට වර්ශාවෙන් බාධා එල්ල විණි.
2018-11-17T07:13:26.000Z
ලක්ෂ්මන් කිරිඇල්ලගෙන් ආණ්ඩු පක්ෂයට අභියෝගයක්
ලක්ෂ්මන් කිරිඇල්ලගෙන් ආණ්ඩු පක්ෂයට අභියෝගයක්
COLOMBO (News 1st) - බහුතරය ඇති බව පෙන්වීමට ඉදිරි සතිය තුළ පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙන එන්නැයි ආණ්ඩුවට අභියෝග කරන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි. ඔහු මේ බව කියා සිටියේ අද කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.
2018-11-17T07:01:45.000Z
මහජන සේවාවන් දුර්වලවීමට ඉඩ නොතබන ලෙසට ජනපතිගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්
ජනපතිගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්
COLOMBO (News 1st) - රාජ්‍ය අංශයේ කටයුතු සහ මහජන සේවාවන් කිසිදු අවස්ථාවක දුර්වලවීමට ඉඩ නොතබන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට උපදෙස් ලබා දී තිබේ. ඒ, අමාත්‍යාංශ ලේකම්වරුන්, දිස්ත්‍රික් ලේකම්වරුන් සහ ප්‍රධාන ලේකම්වරුන් ඇතුලු රාජ්‍ය ආයතන ප්‍රධානීන් සමග ජනාධිපති කාර්යාලයේ අද පැවති විශේෂ සාකච්ඡාවකදීයි. ජනාධිපතිතුමා මෙහිදී කියා සිටියේ රට තුළ පවතින දේශපාලන ගැටලුකාරී තත්ත්වය ඉදිරියේදී නිරාකරණය වනු ඇති බවයි. එතෙක් රාජ්‍ය ව්‍යුහයේ කටයුතු සහ මහජන සේවාවන් ශක්තිමත්ව ඉදිරියට ගෙනයාම රාජ්‍ය නිලධාරීන්ගේ වගකීම බව ද ජනාධිපතිතුමා මෙහිදී අවධාරණය කළේ ය. සියලු රාජ්‍ය නිලධාරීන් අපක්ෂපාතීව සහ මධ්‍යස්ථව ඉදිරියට සිය වගකීම් ඉටු කරනු ඇතැයි විශ්වාසය පළ කළ ජනාධිපතිතුමා මෙතෙක් ඒ සම්බන්ධයෙන් කිසිදු රාජ්‍ය නිලධාරියෙකුට පැමිණිලි ඉදිරිපත් නොවීම පිළිබඳව සිය සතුට පළ කර සිටි. වරාය, විදුලිය, ඛනිජ තෙල්, සෞඛ්‍ය සේවා සහ ආහාර ඇතුලු අත්‍යවශ්‍ය සේවා කිසිදු ගැටලුකාරී තත්ත්වයකින් තොරව ඉදිරියට පවත්වාගෙන යාමේ අවශ්‍යතාවය ද මෙහිදී ජනාධිපතිතුමා අවධාරණය කළේ ය. ජනාධිපතිතුමා මෙහිදී අවධාරණය කළේ, අද දවසේගත යුතු තීන්දු තීරණ නියමිත පරිදි නොගතහොත් තව ත් මාස තුන හතරකින් රටක් වශයෙන් ගැටලු රැසකට මුහුණදීමට සිදුවනු ඇති බවයි.
2018-11-17T05:51:26.000Z
මෙවර සා/පෙළ අපේක්ෂකයින්ගෙන් 95% කට ජාතික හැඳුනුම්පත් සකස් කර අවසන්
මෙවර සා/පෙළ අයැදුම්කරුවන්ට විශේෂ දැනුම්දීමක්...!
COLOMBO (News 1st) - මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින අපේක්ෂකයින්ගෙන් 95% කට ජාතික හැඳුනුම්පත් සකස් කර අවසන් බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසයි. එහි කොමසාරිස් ජෙනරාල් වියානි ගුණතිලක මහතා සඳහන් කළේ, මේ වනවිට හැඳුනුම්පත් තුන්ලක්ෂ අනුපන් දහසක් සකස් කර ඇති බවය. ඉන් තුන් ලක්ෂ අනු දෙදහසක් බෙදා හැර ඇති බව ද ඔහු සඳහන් කළේ ය. කිසියම් සිසුවෙකු ඉදිරිපත් කළ අයැදුම්පතෙහි අඩු පාඩු සම්පුර්ණ කිරීමට දන්වා ඇත්නම් හෝ මෙතෙක් ජාතික හැඳුනුම්පත් ලබා නොගත් සාමාන්‍ය පෙළ අයැදුම්කරුවෙක් සිටී නම් කඩිනමින් අවශ්‍ය ලිපි පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට යොමු කරන ලෙස කොමසාරිස් ජනරාල්වරයා ඉල්ලා සිටියේ ය. මෙවර ජාතික හැඳුනුම්පත් ලබා ගැනීමට ඉදිරිපත් වී ඇති පාසල් අපේක්ෂකයින් සංඛ්‍යාව ඉහළ ගොස් ඇතැයි පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසයි. ඒ, ජාතික හැඳුනුම්පත් ලබා ගන්නා අයැදුම්කරුවන්ගේ අවම වයස් සීමාව අවුරුදු 16 සිට අවුරුදු 15 දක්වා අඩු කිරීම හේතුවෙනි. පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක මහතා සඳහන් කළේ, මෙම වසරේ සාමාන්‍ය පෙළ විභාගයට හැඳුනුම්පත් නිකුත් කිරීම වෙනුවෙන් විශේෂ දින වෙන් නොකරන බවයි. ඒ පාසල් අපේක්ෂකයින් සඳහා ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීම මේ වසරේ ඉතා සාර්ථකව අවසන් අදියරට පැමිණ තිබීම හේතුවෙන් ය.
2018-11-16T20:30:15.000Z
"පාර්ලිමේන්තුවට මිරිස් කුඩු ගෙනල්ලා නැහැ" - එස්. බී. කියයි
"පාර්ලිමේන්තුවට මිරිස් කුඩු ගෙනල්ලා නැහැ"
COLOMBO (News 1st) - ඊයේ දිනයේ පාර්ලිමේන්තුවේදී සන්ධාන මන්ත්‍රීවරුන් විසින් පොලිස් නිලධාරීන්ට සහ මන්ත්‍රීවරුන්ට මිරිස් කුඩු මිශ්‍ර ජල ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් ඇමති එස්. බී. දිසානායක මාධ්‍යට ප්‍රකාශයක් කර තිබේ. එහිදී ඔවු පැවසූවේ ඊයේ පාර්ලිමේන්තුවේදී එසේ මිරිස් කුඩු ප්‍රහාරයන් එල්ල නොකළ බවත් එය අසත්‍යක් බවයි. කෙසේ නමුත් ඊයේ පාර්ලිමේන්තුවට පැමිණි සෙසු මන්ත්‍රීවරුන් පැවසූවේ මෙවන් අදහසක්....
2018-11-17T04:12:41.000Z
ගීත නිසා උසාවි යන්න එපා.... ප්‍රවීණ ගායන ශිල්පිනී ලතා වල්පොල
ගීත නිසා උසාවි යන්න එපා....
COLOMBO (News 1st) - නවකයින් තම ගීත ගායනා කිරීමට එරෙහිව අධිකරණයට නොයා යුතු බව ප්‍රවීණ ගායන ශිල්පිනී ලතා වල්පොල මහත්මිය පවසයි. නිව්ස්ෆස්ට් සමග සංවාදයකට එක්වෙමින් ඇය සඳහන් කළේ, මුල් ගායකයා ගීතය වෙනුවෙන් ලබාගත් ජයප්‍රියත්වය කිසිවෙකුටත් ලබාගත නොහැකි බවයි. නවකයින් ගායනා කරන සියලු ගීත තමා රස විඳින බව ද ඇය පැවසුවාය. ඉදිරියේදී සිය ගීත නිර්මාණය කිහිපයක් රසිකයින් වෙනුවෙන් තිළිණ කිරීමට සුදානම් බව ප්‍රවීණ ගායන ශිල්පිනී ලතා වල්පොල මහත්මිය සඳහන් කළාය.
2018-11-17T03:19:01.000Z
කැලණිවැලි මාර්ගයට නව දුම්රියක්
කැලණිවැලි මාර්ගයට නව දුම්රියක්
COLOMBO (News 1st) - නවීකරණය කරන ලද මැදිරි 5 කින් යුත් දුම්රියක් අද සිට කැලණිවැලි මාර්ගයේ ධාවනයට එක් කර තිබේ. ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය සඳහන් කළේ, එම දුම්රිය අද පස්වරු 4.00 ට කොළඹ කොටුවේ සිට අවිස්සාවේල්ල බලා ධාවනයවීමට නියමිත බවයි. දුම්රිය මැදිරි නවීකරණයට වැය වී ඇති මුදල රුපියල් මිලියන 70 කි.
2018-11-17T01:27:51.000Z
අගමැති හා සන්ධාන මන්ත්‍රීවරුන් අතර සාකච්ඡාවක්
අගමැති හා සන්ධාන මන්ත්‍රීවරුන් අතර සාකච්ඡාවක්
COLOMBO (News 1st) - අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හා එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී කණ්ඩායම අතර සාකච්ඡාවක් මේවනවිට පැවැත්වේ. ඒ, අග්‍රාමාත්‍ය කාර්යාලයේදීයි. පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙලිය රඹුක්වැල්ල මහතා සඳහන් කළේ, උද්ගතව ඇති දේශපාලන අර්බුදය පිළිබඳව සාකච්ඡා කිරීමට මෙම සකාච්ඡාව පැවැත්වෙන බවයි.
2018-11-17T01:15:38.000Z
CH පැරදු හැව්ලොක් කණ්ඩායමට මූලික වටයේ රග්බි ජයක්
හැව්ලොක් කණ්ඩායමට මූලික වටයේ රග්බි ජයක්
COLOMBO (News 1st) - අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ CH & FC කණ්ඩායම සමග පැවැති තරගයෙන් හැව්ලොක් කණ්ඩායම ජය ගෙන තිබේ. හැව්ලොක් - CH & FC කණ්ඩායම් අතර තරගය කොළඹ හැව්ලොක් පිටියේදී පැවත්විය. රාත්‍රි තරගයක් වූ මෙහි ආරම්භයේදී වැඩි දක්ෂතා දැක්වූයේ CH & FC කණ්ඩායමයි. ඔවුන් ලකුණු 16ට 13ක් ලෙස එම අර්ධයේදී පෙරමුණ ගෙන තිබේ. කෙසේ නමුත් තියුණු තරගයකින් අනතුරුව දෙවැනි අර්ධයේදී ලකුණු අතරට පිවිසීමට සත්කාරක හැව්ලොක් ක්‍රීඩකයින් සමත් විය. ඒ අනුව හැව්ලොක් ක්‍රීඩකයින් දෙවැනි අර්ධයේදී තව ත් ලකුණු 17 ක් රැස් කළ අතර ප්‍රතිවාදී CH & FC කණ්ඩායමට රැස් කිරීමට හැකි වුයේ ලකුණු 13 ක් පමණි. තරගය අවසන් වූයේ ලකුණු 30 ට 29 ක් ලෙස හැව්ලොක් කණ්ඩායමට ජය හිමිකර දෙමින් ය. උත්සාහක දිනුම් 4 ක් ප්‍රවර්ථන 2 ක් සහ දඬුවම් පහර 2 ක් මගින් හැව්ලොක් කණ්ඩායම සිය ලකුණු 30 රැස් කර තිබේ.
2018-11-17T00:49:12.000Z
අඟුණුකොළපැලැස්සේ රැඳවියෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණ ඇරඹේ
රැඳවියෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණ
COLOMBO (News 1st) - මරණීය දණ්ඩනය නියම කර බන්ධනාගාරගත කර සිටි රැඳවියෙකු ඝාතනය කිරීම පිළිබඳ පරීක්ෂණ ආරම්භ කර ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, ඊයේ දහවල් සිදු වූ මෙම ඝාතනය පහරදීමකින් සිදු කළ බවත් එය එම බන්ධනාගාරයේම මරණීය දණ්ඩනය නියම වී ඇති වෙනත් සිරකරුවන් දෙදෙනෙකු විසින් සිදුකර ඇති බවත් ය. මෙලෙස ඝාතනය වී ඇත්තේ හෝකන්දර ප්‍රදේශයේදී පුද්ගලයන් 06 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටි පුද්ගලයෙකු බව පොලීසිය සඳහන් කර තිබේ. ඔහු හෝකන්දර උතුර ප්‍රදේශයේ පදිංචි සංජීව නොහොත් උක්කුවා නැමැති 39 හැවිරිදි සිරකරුවෙක්ය. ඝාතනය සිදු කළ සිරකරුවන් දෙදෙනා මේ වන විට වෙන වෙනම සිර මැදිරි දෙකක් තුළ රඳවා ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පොලීසිය සහ බන්ධනාගාර අධිකාරිය විසින් සිදු කරනු ලැබේ.
2018-11-17T00:00:01.000Z
රුපියල් ලක්ෂ 12 කට අධික මත්පෙති තොගයක් සමග තිදෙනෙකු අත්අඩංගුවට
ලක්ෂ 12 කට අධික මත්පෙති සමග තිදෙනෙකු අත්අඩංගුවට
COLOMBO (News 1st) - රුපියල් ලක්ෂ 12 කට අධික වටිනාකමකින් යුත් මත්පෙති තොගයක් සමග සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන් සතුව තිබී සොයා ගෙන ඇති ඇපල් මත්පෙති සංඛ්‍යාව 4000 කට අධිකයි. එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 22, 48 හා 37 හැවිරිදි රාගම හා කොටුගොඩ ප්‍රදේශවල පදිංචිකරුවන් තිදෙනෙක් ය. සැකකරුවන් අද මිනුවන්ගොඩ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත වේ.
2018-11-16T23:47:12.000Z
අද රාත්‍රියේ රාගම සහ ජාඇල අතර දුම්රිය ධාවනය සීමා කෙරේ
රාගම සහ ජාඇල අතර දුම්රිය ධාවනය සීමා කෙරේ...
COLOMBO (News 1st) - අද රාත්‍රි 10.00 සිට හෙට මධ්‍යම රාත්‍රි 12.00 දක්වා පුත්තලම මාර්ගයේ රාගම සහ ජාඇල අතර දුම්රිය ධාවනය සිදු නොකරන බව දුම්රිය පාලක මැදිරිය පවසයි. ඒ, රාගම සහ ජාඇල අතර දුම්රිය මාර්ගයේ දෙපස සිදු කරන අත්‍යවශ්‍ය ජල නඩත්තු ව්‍යාපෘතියක් හේතුවෙන් ය. දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ, අදාළ කාලය තුළ ජාඇල සහ පුත්තලම අතර පමණක් දුම්රිය ධාවනය සිදු කරන බවයි.
2018-11-16T21:06:35.000Z
රුපියල් මිලියන 43 ක් වටිනා රත්‍රං තොගයක් ගෙනා සිංගප්පුරු ජාතිකයෙකු කොටුවෙයි
රත්‍රං තොගයක් ගෙනා සිංගප්පුරු ජාතිකයා කොටුවෙයි
COLOMBO (News 1st) - රුපියල් මිලියන 43 කට අධික වටිනාකමින් යුත් රත්‍රං තොගයක් නීති විරෝධීව මෙරටට රැගෙන ආ විදේශිකයෙකු කටුනායක ගුවන්තොටුපොළ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. අද අලුයම එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, සිංගප්පුරුවේ සිට පැමිණි සිංගප්පුරු ජාතිකයෙකි. සැකකරු සන්තකයේ තිබී රත්‍රං කිලෝග්‍රෑම් 7 යි ග්‍රෑම් 200 ක් සොයා ගත් බව පොලීසිය සඳහන් කළේ ය. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සඳහන් කළේ, රත්‍රං තොගය සහ සැකකරු වැඩිදුර විමර්ශන සඳහා රේගුව වෙත භාරදුන් බවයි.
2018-11-16T20:55:26.000Z
මාලදිවයින් නව ජනපති අද දිවුරුම් දෙයි
මාලදිවයින් නව ජනපති අද දිවුරුම් දෙයි
මාලදිවයින් නව ජනාධිපතිවරයා ලෙස ඊබ්‍රාහිම් මෝහොමඩ් සෝලි අද දිවුරුම් දීමට නියමිතව තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මාලේ නුවර ජාතික පාපාන්දු ක්‍රීඩාංගණයේ සංවිධානය කර ඇති විශේෂ උත්සවයකදී නව ජනාධිපතිවරයාගේ දිවුරුම්දීම සිදුවන බවයි. මාලදිවයින් නව ජනාධිපති ඊබ්‍ර්රාහිම් මොහෝමඩ් සෝලිගේ දිවුරුම් දීමේ උත්සවය සඳහා විශේෂ ආරාධිතයෙකු ලෙස ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහභාගි වනු ඇති බව ඉන්දිය මාධ්‍ය අද වාර්තා කළේ ය. මීට අමතරව චීනය නියෝජනය කරමින් එරට සංචාරක අමාත්‍ය ලුඕ ෂුංග්ද ඊට සහභාගිවීමට නියමිත වේ. පසුගිය සැප්තැම්බර් 23 වන දා පැවැති මාලදිවයින් ජනාධිපතිවරණයෙන් එරට පාලන බලය හෙබවූ අබ්දුල්ලා යමින් පරාජය කරමින් විපක්ෂ පොදු අපේක්ෂක ඊබ්‍ර්හිම් මොහොමඩ් සෝලි ජයග්‍රහණය හිමිකර ගත්තේ ය. මෙවර ජනාධිපතිවරණයේදී හිටපු ජනාධිපති අබ්දුල්ලා යාමීන්ට චීනයේ සහය හිමිවූ බවත්, විපක්ෂ අපේක්ෂක ඊබ්‍රහිම් මොහොමඩ් සොලිට ඉන්දියාවේ සහාය හිමිවූ බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
2018-11-16T20:40:48.000Z
දිවයින් පුරා යළි ත් වැසි තත්ත්වයේ වැඩිවීමක්
දිවයින් පුරා යළි ත් වැසි තත්ත්වයේ වැඩිවීමක්
COLOMBO (News 1st) - දිවයිනේ වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ කසුන් පැස්කුවෙල් මහතා පැවසුවේ, අද දිනයේත් මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ඉක්මවූ වැසි අපේක්ෂා කරන බවයි. මේ අතර අයහපත් කාලගුණය හේතුවෙන් යාපනය දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 2793 දෙනෙකු පීඩාවට පත් ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. එහි සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසුවේ, ඒ අතර පවුල් 770 ක් වන බවය. උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා පැවසුවේ ග්‍රාම සේවක වාර්තා අනුව පීඩාවට පත් පිරිස සඳහා සහන සළසන බවයි.
2018-11-16T20:13:32.000Z
වත්මන් පාර්ලිමේන්තුව පිළිබඳ අගමැති මහින්දගේ අදහස....
"බලහත්කාරයෙන් තමා පළවා හරින්න බැහැ" - අගමැති
COLOMBO (News 1st) - බලහත්කාරයෙන් තමා පළවා හැරීමට නොහැකි බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි. අග්‍රාමාත්‍යවරයා ඒ බව පැවසුවේ, ඊයේ පස්වරුවේ වීරකැටිය කසාගල පුරාණ විහාරයේ පැවති උත්සවයකට සහභාගී වෙමිනි. මේ අතර අග්‍රාමාත්‍යවරයාට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ගෙනවිත් එය නීත්‍යානුකූලව සම්මත කර ගැනීමට නම් පාර්ලිමේන්තුව අනුගමනය කළ ක්‍රියාමාර්ග 12 ක් සඳහන් කරමින් අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කර තිබේ. එම නිවේදනයේ දැක්වෙන්නේ 2018 අප්‍රේල් මාසයේදී හිටපු අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ගෙන ආ විශ්වාසභංගය ඉදිරිපත් කළ ආකාරයටම එම විශ්වාසභංගය ඉදිරිපත් කළ යුතුව ඇති බවයි.
2018-11-16T19:58:38.000Z
ළඟදීම ආණ්ඩුවක් හදන බව එ.ජා.ප මන්ත්‍රී අජිත්. පී. පෙරේරා කියයි
"ළඟදීම ආණ්ඩුවක් හදනවා" - අජිත්. පී. පෙරේරා
COLOMBO (News 1st) - ඉතා ඉක්මනින් ආණ්ඩුවක් පිහිටුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත්. පී. පෙරේරා මහතා සඳහන් කළේ ය. ඔහු ඒ බව පැවසුවේ, ඊයේ පස්වරුවේ අරලියගය මන්දිරයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
2018-11-16T19:48:40.000Z
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
දේශීය පුවත් 1. රනිල් වික්‍රමසිංහව යළි අගමැති ධූරයට පත් කරන්නේ නැහැ – ජනපති ශ්‍රී.ල.නි.ප මන්ත්‍රී කණ්ඩායමට කියයි: කවර හේතුවක් නිසාවත් රනිල් වික්‍රමසිංහ මහතාව නැවතත් අගමැති ධූරයට පත් නොකරන බව ජනාධිපතිතුමා ප්‍රකාශ කළ බව ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා මාධ්‍ය වෙත පවසා සිටියේ ය. 2. පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ගෙන් පහරදීම් - පොලිස් නිලධාරීන්ටත් මිරිස් කුඩු මිශ්‍ර ජල ප්‍රහාරයක්: පාර්ලිමේන්තුව ඊයේ පස්වරු 1.30 ට රැස්වීමට නියමිතව තිබිණි. නමුත් ඊට පෙර කථානායක අසුනේ අරුන්දික ප්‍රනාන්දු මන්ත්‍රීවරයා අසුන් ගත් අතර එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරු ඒ වටා රැස්වී විරෝධතාවක් ආරම්භ කළහ. පසුව සන්ධාන මන්ත්‍රීවරුන් විසින් පොලිස් නිලධාරීන්ට ද පහරදීම් කළ අතර මිරිස් කුඩු මිශ්‍ර ජල ප්‍රහාරයක් ද එල්ල කළේ ය. 3. තර්ජන, ගර්ජන හමුවේ වුවද ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීමට දිවි හිමියෙන් කැප වෙනවා – කථානායක: කවර තර්ජන, ගර්ජන, බාධා කිරීම් හමුවේ වුවද පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීමට දිවි හිමියෙන් කැපවන බව කථානායක කරූ ජයසූරිය මහතා පවසයි. 4. කිසිදු හේතුවක් මත පාර්ලිමේන්තුව විසුරුවා හැරීම හෝ සැසිවාරය කල් තැබීමක් සිදු නොකරන බව ජනපති කියයි: පාර්ලිමේන්තුවේ වර්තමාන සැසිවාරය කුමන හේතුවක් නිසා හෝ අවසන් කිරීමට කටයුතු නොකරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. 5. මහින්ද රාජපක්ෂට එරෙහිව විශ්වාසභංග යෝජනාව අදත් සම්මත කර ගනී: ඔක්තෝබර් 26 වන දා හෝ ඉන් පසුව හෝ පත් කළ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ කැබිනට් මණ්ඩලය කෙරෙහි විශ්වාසයක් නොමැති බවට වූ යෝජනාවක් ඊයේ පාර්ලිමේන්තුවේදී සම්මත කර ගැනිණි. 6. මල්වතු මහ නාහිමිගෙන් ජනපතිට ලිපියක්, ස්ථිර ආණ්ඩුවක් පිහිටුවීමේ අවශ්‍යතාව අවධාරණය කරයි: පවතින දැඩි අර්බුදකාරී තත්ත්වය හමුවේ පාර්ලිමේන්තුව රැස්කර කඩිනම් තීරණයක් ගන්නැයි මල්වතු පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහ නාහිමියන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ. විදෙස් පුවත් 7. තෙරේසා මේට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමේ සූදානමක්: බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය තෙරේසා මේ ට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට කන්සවේටිව් පක්ෂය සූදානම් වේ.
2018-11-16T10:54:35.000Z
රනිල් වික්‍රමසිංහව යළි අගමැති ධූරයට පත් කරන්නේ නැහැ - ජනපති ශ්‍රී.ල.නි.ප මන්ත්‍රී කණ්ඩායමට කියයි
"රනිල්ව යළි අගමැති ධූරයට පත් කරන්නේ නැහැ"
COLOMBO (News 1st) - කවර හේතුවක් නිසාවත් රනිල් වික්‍රමසිංහ මහතාව නැවතත් අගමැති ධූරයට පත් නොකරන බව ජනාධිපතිතුමා ප්‍රකාශ කළ බව ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා මීට ටික වේලාවකට පෙර මාධ්‍ය වෙත පවසා සිටියේ ය. ඔහු ඒ බව සඳහන් කළේ, ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැති සාකච්ඡාවෙන් අනතුරුව ය. රනිල් වික්‍රමසිංහ මහතාව නැවතත් අගමැති ධූරයට පත් නොකරන බවට එම සාකච්ඡාවේදී ජනාධිපතිතුමා මන්ත්‍රී කණ්ඩායමට සහතික වූ බව ද ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා වැඩිදුරටත් සඳහන් කළේ ය.
2018-11-16T10:37:37.000Z
පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ගෙන් පහර දීම්: පොලිස් නිලධාරීන්ටත් මිරිස් කුඩු මිශ්‍ර ජල ප්‍රහාරයක්
ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ගෙන් පහර දීම්
COLOMBO (News 1st) - පාර්ලිමේන්තුව අද පස්වරු 1.30ට රැස්වීමට නියමිතව තිබිණි. නමුත් ඊට පෙර කථානායක අසුනේ අරුන්දික ප්‍රනාන්දු මන්ත්‍රීවරයා අසුන් ගත් අතර එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරු ඒ වටා රැස්වී විරෝධතාවක් ආරම්භ කළහ. ඔවුන් කියා සිටියේ, ඊයේ හැසිරීම සම්බන්ධයෙන් පාලිත තෙවරප්පෙරුම මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගත යුතු බව ය. සන්ධාන මන්ත්‍රීවරුන්ගේ විරෝධය නිසා නියමිත වේලාවට පාර්ලිමේන්තුව ආරම්භ කිරීමට නොහැකි විය. විරෝධතාව පැවැත්වෙන අතර පස්වරු 2.00ට පමණ හෙලිකොප්ටර් යානයක් ද පාර්ලිමේන්තු පරිශ්‍රයට පැමිණියේ ය. පස්වරු 2.15 ට පමණ කථානායක කරු ජයසූරිය මහතා සහ සෙංකෝලය රැගත් වේත්‍රධාරීවරයා ආණ්ඩු පක්ෂය දෙසින් පාර්ලිමේන්තු සභාවට පැමිණියේ පොලිස් ආරක්ෂාව ඇතිව ය. සන්ධාන මන්ත්‍රීවරුන් විසින් පොලිස් නිලධාරීන්ට ද පහර දීම් කළ අතර මිරිස් කුඩු මිශ්‍ර ජල ප්‍රහාරයක් ද එල්ල කළේ ය. විරෝධය අතරතුර ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාවක් නැවතත් සම්මත කර ගෙන තිබේ. රැස්වීම අවසන් වී පැය කිහිපයක් යන තෙක් මන්ත්‍රීවරු සභාවේ රැස්ව සිටියහ. සන්ධාන මන්ත්‍රීවරුන්ගේ පහර දීම් හමුවේ තුවාල ලැබූ පොලිස් නිලධාරීන් 6 දෙනෙකු අද පස්වරුව වන විට පාර්ලිමේන්තු සංකීර්ණයේ ඇති වෛද්‍ය ඒකකයෙන් ප්‍රතිකාර ලබා ගෙන තිබිණි. අප පාර්ලිමේන්තු වාර්තාකරුවන් පැවසුවේ, මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු ද වෛද්‍ය මධ්‍යස්ථානයෙන් ප්‍රතිකාර ලැබූ බව ය. ඊයේ පාර්ලිමේන්තුවේ ඇති වූ තත්ත්වය සැලකිල්ලට ගෙන අද දෙවන මහළේ මන්ත්‍රී පිවිසුමේදී සියලු ම මන්ත්‍රීවරුන් පූර්ණ පරීක්ෂාවකට ලක් කර තිබේ. පාර්ලිමේන්තුවේ වේත්‍රධාරීවරයා පැවසුවේ, කථානායකවරයාගේ අවසරය මත අද මෙම පියවර ගෙන තිබූ බව ය.
2018-11-16T10:03:04.000Z
තර්ජන, ගර්ජන හමුවේ වුවද ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීමට දිවි හිමියෙන් කැප වෙනවා - කථානායක
ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීමට දිවි හිමියෙන් කැප වෙනවා
COLOMBO (News 1st) - කවර තර්ජන, ගර්ජන, බාධා කිරීම් හමුවේ වුවද පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීමට දිවි හිමියෙන් කැපවන බව කථානායක කරු ජයසූරිය මහතා පවසයි. නිවේදනයක් නිකුත් කරමින් කථානායක මාධ්‍ය ඒකකය පවසන්නේ, මාතෘ භූමියට ආදරය කරන, වගකිව යුතු පුරවැසියන් ලෙස සාමකාමීව කටයුතු කරන ලෙස තමන් රටේ සියලු ජනතාවගෙන් ඉල්ලා සිටින බව ය.
2018-11-16T09:56:48.000Z
කිසිදු හේතුවක් මත පාර්ලිමේන්තුව විසුරුවා හැරීම හෝ සැසිවාරය කල් තැබීමක් සිදු නොකරන බව ජනපති කියයි
පාර්ලිමේන්තුව විසුරුවන්නේ නැහැ - ජනපති කියයි
COLOMBO (News 1st) - පාර්ලිමේන්තුවේ වර්තමාන සැසිවාරය කුමන හේතුවක් නිසා හෝ අවසන් කිරීමට කටයුතු නොකරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. අද පස්වරුවේ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිතුමා සියලු ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටියේ, ප්‍රජාතන්ත්‍රවාදය හා පාර්ලිමේන්තු සම්ප්‍රදායන් ආරක්ෂා කරන ලෙස ය.
2018-11-16T07:23:51.000Z
මහින්ද රාජපක්ෂට එරෙහිව විශ්වාසභංග යෝජනාව අදත් සම්මත කර ගනී
මහින්දට එරෙහිව විශ්වාසභංගය අදත් සම්මත කර ගනී
COLOMBO (News 1st) - ඔක්තෝබර් 26 වන දා හෝ ඉන් පසුව හෝ පත් කළ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ කැබිනට් මණ්ඩලය කෙරෙහි විශ්වාසයක් නොමැති බවට වූ යෝජනාවක් අද පාර්ලිමේන්තුවේදී සම්මත කර ගැනිණි. ඒ, මීට පෙර ඉදිරිපත් වු විශ්වාසභංග යෝජනාවේ පළමු වගන්තිය ඉවත් කරමින්. එම පළමු වගන්තියේ සඳහන් වූයේ, ජනාධිපතිතුමා විසින් අමාත්‍ය මණ්ඩලය විසුරුවා හරිමින් නිකුත් කළ ගැසට් නිවේදනය , රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉවත් කිරීමේ ගැසට් නිවේදනය හා මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධූරයට පත් කිරීමේ ගැසට් නිවේදනයයි.
2018-11-16T06:16:58.000Z
නව අගමැතිවරයෙකු සහ කැබිනට් මණ්ඩලයක් ගැසට් කිරීමට කාලය හරි - හර්ෂ ද සිල්වා
"නව අගමැතිවරයෙකු සහ රජයක් පත් කිරීමට කාලය හරි"
COLOMBO (News 1st) - අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විශ්වාසභංගය පරාජයට පත් වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසයි. පාර්ලිමේන්තුවේ ඇති වූ ගැටුමෙන් පසුව එක්සත් ජාතික පක්ෂය ඇතුළු හවුල්කාර පක්ෂ අතර පාර්ලිමේන්තු සංකීර්ණයේ කමිටු කාමරයක් තුළ පැවති සාකච්ඡාවෙන් අනතුරුව මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ ය. අද පැවති විශ්වාසභංග යෝජනාව සඳහා වූ ඡන්ද විමසීම පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවලට අනුව පැවති බව ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මෙහිදී සඳහන් කළේ ය. වැඩිදුරටත් අදහස් දක්වමින් හර්ෂ ද සිල්වා මහතා පැවසුවේ, නව අගමැතිවරයෙකු සහ කැබිනට් මණ්ඩලයක් ගැසට් කිරීමට සුදුසු කාලය මෙය බව ය.
2018-11-16T03:14:54.000Z
පාර්ලිමේන්තුව අදත් උණුසුම්
පාර්ලිමේන්තුව අදත් උණුසුම්...
COLOMBO (News 1st) - පාර්ලිමේන්තුව අද පස්වරු 1.30 ට ඇරඹීමට නියමිත වූව ද මේ වන තුරු පාර්ලිමේන්තු කටයුතු නිල වශයෙන් ආරම්භ කර නැත. මේ වන විට පාර්ලිමේන්තු සභාවේ කථානායක පුටුවේ මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු අසුන් ගෙන සිටි. ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක් මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම අත්අඩංගුවට ගන්නැයි ඉල්ලා විරෝධතාවයක යෙදෙනු ඇත.
2018-11-16T01:18:02.000Z
මල්වතු මහ නාහිමිගෙන් ජනපතිට ලිපියක්: ස්ථිර ආණ්ඩුවක් පිහිටුවීමේ අවශ්‍යතාව අවධාරණය කරයි
මල්වතු මහ නාහිමිගෙන් ජනපතිට ලිපියක්
COLOMBO (News 1st) - පවතින දැඩි අර්බුදකාරී තත්ත්වය හමුවේ පාර්ලිමේන්තුව රැස්කර කඩිනම් තීරණයක් ගන්නැයි මල්වතු පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහ නාහිමියන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ. ඒ, ජනාධිපතිතුමා වෙත ලිපියක් යොමු කරමිනි. උන්වහන්සේ පවසන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානූකූලව දේශපාලනික සදාචාරාත්මකභාවය ආරක්ෂා කරමින් සුදුසු පියවරක් ගැනීමට හැකි වෙතැයි විශ්වාස කරන බවයි. නව අගමැතිවරයෙකු හා කැබිනට් මණ්ඩලයක් පත් කිරීම පිළිබඳ පක්ෂ, විපක්ෂ පිරිස් හා විවිධ දේශපාලනික මත දරන කණ්ඩායම් මෙන්ම දෙස් - විදෙස් දෙපාර්ශවය ද මේ වන විට රට පත් ව ඇති දේශපාලනික අරාජිකත්වය පිළිබඳ විවිධ මත දරන බව ද මල්වතු මහ නාහිමියන් එම ලිපියෙන් පෙන්වා දී ඇත. උන්වහන්සේ පෙන්වා දෙන්නේ රාජ්‍ය ආයතන, කාර්යාල, දෙපාර්තමේන්තු ආදි සියලු ස්ථාන මෙන් ම සාමාන්‍ය ජන ජීවිතයට බලපාන රාජ්‍ය ක්‍රමවේදය සම්පූර්ණයෙන්ම බිඳවැටී ඇති බවයි. එවැනි තත්ත්වයකදී රටේ පළමු පුරවැසියා ලෙස දේශපාලන සුජාතභාවයන් සුරක්ෂිත කිරීමේ වගකීම නිසිලෙස පවත්වාගැනීම ජනාධිපතිතුමාගේ කාර්යයක් බව ද අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහ නාහිමියන් පවසයි. උන්වහන්සේ අවධාරණය කරන්නේ, පාර්ලිමේන්තු සම්ප්‍රදාය හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලව දේශපාලනික සදාචාරයන් සංරක්ෂණය කරමින් ස්ථිර ආණ්ඩුවක් පිහිටුවීම සඳහා කටයුතු කිරීමෙන්, රටේ දැනට පවතින දැඩි අර්බුදකාරී තත්ත්වය සමනය කර ජනතාවගේ අභිවෘද්ධිය සුරක්ෂිත තිරසර රටක් ඇති කළ යුතු බවයි. ඒ තුළින් රටේ සියලු අංශයන්ගේ බිඳ වැටීම නතර කර, පොදු ජනතාවගේ අභිවෘද්ධිය සහ යහ පැවැත්මත් රටේ සාමකාමී සහජීවනයත් ආරක්ෂා කරගත හැකි බව අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල හිමියන් ජනාධිපතිතුමාට යොමුකළ ලිපියේ වැඩිදුරටත් සඳහන් වේ.
2018-11-16T00:43:38.000Z
වැලිගමදී 7 හැවිරිදි දැරියක් ලොරියකට බිලිවෙයි
වැලිගමදී 7 හැවිරිදි දැරියක් ලොරියකට බිලිවෙයි
COLOMBO (News 1st) - අකුරැස්ස - වැලිගම මාර්ගයේ දෙණිපිටිය මදුරාගොඩ ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් 7 හැවිරිදි දැරියක් එම ස්ථානයේම මිය ගොස් තිබේ. පොලීසිය සඳහන් කළේ, පදික දැරිය ලොරි රථයක ගැටීමෙන් මියගොස් ඇති බවයි. මෙලෙස මිය ගියේ වැලිගම කණිෂ්ඨ විද්‍යාලයේ පළමු ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි දැරියකි. ඊයේ පස්වරුවේ ෆයිල් කවරයක් මිලට ගැනීම සඳහා වෙළෙඳසැලට ගිය අවස්ථාවේ ඇය මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණ පැවාය. අනතුරින් පසු ප්‍රදේශවාසීන් ලොරි රථයට හානිකර තිබේ. අනතුර සිදු කළ ලොරි රථයේ රියැදුරු එම ස්ථානයෙන් පළාගොස් ඇති අතර පසුව ඔහු වැලිගම පොලීසියට භාරවී ඇත. අනතුර හේතුවෙන් වැලිගම - අකුරැස්ස මාර්ගයේ පැය තුනක පමණ කාලයක ගමනාගමන කටයුතුවලට බලපෑම් එල්ල වූ බව අප වාර්තාකරු සඳහන් කළේ ය.
2018-11-15T23:40:44.000Z
'ගජ' සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් උතුරු පළාතේ සියලු පාසල්වලට අද නිවාඩු
උතුරු පළාතේ සියලු පාසල්වලට අද නිවාඩු
COLOMBO (News 1st) - ගජ සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් උතුරු පළාතේ සියලු පාසල්වලට අද නිවාඩු ලබාදී තිබේ. උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලය සඳහන් කළේ, ඒ පිළිබඳව විදුහල්පතිවරුන්ට දැනුම් දී ඇති බවයි. ගජ සුළි කුණාටුව අද අලුයම තමිල්නාඩු සහ පුදුචේරි වෙරළ තීරයෙන් ඉන්දියාවට ඇතුළු විය. ඉදිරි පැය 6 තුළ එය දුර්වල වෙමින් බටහිර දෙසට ගමන් කරනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එහි බලපෑමෙන් උතුර, උතුරු මැද පළාත්වලටත්, පුත්තලම සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලටත් උදෑසන කාලයේ තද වැසි සහ සුළං අපේක්ෂා කළ හැකියි. යාපනය අර්ධ ද්වීපයට සහ කිලිනොච්චිය දිස්ත්‍රික්කයට මිලිමීටර 150 ට වැඩි ඉතා තද වැසි ඇති විය හැකි වනු ඇත.
2018-11-15T22:02:38.000Z
'ගජ' සුළි කුණාටුව ඉන්දියාවට ඇතුළු වෙයි - උතුරු වෙරළාසන්න තාවකාලික පදිංචිකරුවන් ආරක්ෂිත ස්ථාන වෙතට
'ගජ' සුළි කුණාටුව ඉන්දියාවට ඇතුළු වෙයි
COLOMBO (News 1st) - ත්‍රිකුණාමලය සිට කන්කසන්තුරය දක්වා සහ මන්නාරම හරහා පුත්තලම දක්වා මුහුදු ප්‍රදේශවල ධීවර හා නාවික කටයුතුවලින් ඉවත් වන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. ඒ, නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ගජ සුළි කුණාටුව හේතුවෙනි. සුළි කුණාටුව, අද අලුයම තමිල්නාඩු සහ පුදුචේරි වෙරළ තීරයෙන් ඉන්දියාවට ඇතුළු විය. ඉදිරි පැය 6 තුළ එය දුර්වල වෙමින් බටහිර දෙසට ගමන් කරනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එහි බලපෑමෙන් උතුර, උතුරු මැද පළාත් වලටත්, පුත්තලම සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලටත් උදෑසන කාලයේ තද වැසි සහ සුළං අපේක්ෂා කළ හැකියි. යාපනය අර්ධ ද්වීපයට සහ කිලිනොච්චිය දිස්ත්‍රික්කයට මිලිමීටර 150 ට වැඩි ඉතා තද වැසි ඇති විය හැකි වේ. මේ අතර උතුරු වෙරළ ආසන්න තාවකාලික පදිංචිකරුවන් ආරක්ෂිත ස්ථාන කරා යොමුකර ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ ය.
2018-11-15T20:23:15.000Z
තෙරේසා මේට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමේ සූදානමක්
තෙරේසා මේට එරෙහිව විශ්වාසභංග යෝජනාවක්..!
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය තෙරේසා මේ ට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට කන්සවේටිව් පක්ෂය සූදානම් වේ. රොයිටර් පුවත් සේවය අනාවරණ කළේ, මේ වන විටත් ඇය නියෝජනය කරන කන්සවේටිව් පක්ෂයේ බ්‍රේක්සිට් ක්‍රියාවලියට පක්ෂපාතී මන්ත්‍රීවරුන් ඒ සඳහා අවශ්‍ය ලිපි යොමු කර ඇති බවයි. බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත්වීමේ ක්‍රියාවලිය හෙවත් බ්‍රෙක්සිට් ක්‍රියාවලියේ ප්‍රධාන නිලතල හෙබවූ කිහිපදෙනෙකු ඉවත්වීමත් සමග මෙම තත්ත්වය උද්ගතවී තිබේ. ඒ අනුව මේ වනවිටත් බ්‍රෙක්සිට් ක්‍රියාවලියට අදාළව ලේකම් ධූරය දැරූ ඩොමිනික් රාබ් සහ බ්‍රිතාන්‍ය කම්කරු හා විශ්‍රාම වැටුප් අමාත්‍ය එස්දර් මැක්වී ඇතුළු අමාත්‍යවරුන් 04 දෙනෙකු සිය ධූරවලින් ඉල්ලා අස්වී අවසන් ය. කෙසේවෙතත් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය තෙරේසා මේ පැවසුවේ, යුරෝපා සංගමයෙන් වෙන්වීමට අදාළ බ්‍රෙක්සිට් ක්‍රියාවලිය සාර්ථක කර ගැනීමට තමන් හැකි සෑම අයුරින්ම කටයුතු කරන බවයි. මේ අතර බ්‍රෙක්සිට් ගිවිසුමට අදාළ කෙටුම්පත් එකඟතාවය සඳහා පාර්ලිමේන්තු අනුමැතිය පසුගිය දා හිමි වූ අතර ගිවිසුමට අනුව බ්‍රිතාන්‍යය ලබන වසරේ මාර්තු 29 වැනි දින යුරෝපා සංගමයෙන් ඉවත්වීමට නියමිත වේ.
2018-11-15T20:08:23.000Z
IOC සමාගමත් පෙට්‍රල් හා ඩීසල් මිල පහත දමයි
IOC සමාගමත් පෙට්‍රල් හා ඩීසල් මිල පහත දමයි
COLOMBO (News 1st) - ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන මිල පහළ දැමීමට සාපේක්ෂව IOC සමාගම ද ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පෙට්‍රල් සහ ඩීසල් මිල පහළ දමා තිබේ. ඒ අනූව ඔටෝ ඩීසල් ලීටරයක මිල පහළ දමා ඇත්තේ රුපියල් 7 කිනි. IOC සමාගම සුපර් ඩීසල් ලීටරයක මිල ද රුපියල් 5 කින් පහළ දමා ඇත. ඔක්ටේන් 92 වර්ගයේ සහ ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 5 කින් පහළ දමා ඇතැයි IOC සමාගම ප්‍රකාශ කළේ ය. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ද ඊයේ මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි පෙට්‍රල් සහ ඩීසල් මිල පහත දැමුවේ ය. ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා සඳහන් කළේ, මේ යටතේ ඔක්ටේන් 92 සහ 95 වර්ගයේ පෙට්‍රල්, ඔටෝ ඩීසල් මෙන් ම සුපිරි ඩීසල් ලීටරයක මිල ද රුපියල් 5 කින් පහත දමන බවයි. ඒ අනූව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 140 ක් වනු ඇති. මිල පහත දැමීමත් සමග ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 164 ක් වනු ඇත. ඔටෝ ඩීසල් ලීටරයක නව මිල රුපියල් 111 කි. මේ යටතේ සුපර් ඩීසල් ලීටරයක මිල ද රුපියල් 136 ක් දක්වා පහළ දමා තිබ්.
2018-11-15T19:59:43.000Z
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
දේශීය පුවත් 1. බහුතරය නියමානුකූලව පෙන්වන්න - ජනපති පක්ෂ නායකයින්ට දන්වයි: කථානායකවරයා, එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන දේශපාලන පක්ෂ හා දෙමළ ජාතික සංධානයේ නියෝජිත පිරිසක් ඊයේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවිය. එහිදී පාර්ලිමේන්තුවේ බහුතරය තමන් සතු වන බව එම පක්ෂ නායකයන් ජනාධිපතිතුමාට පෙන්වා දුන් බව ජනාධිපති මාධ්‍ය අංශයේ නිකුත් කළ නිවේදනයක් නිකුත් කරමින් පවසයි. එම බහුතරය නියමානුකූලව පෙන්වා සිටින ලෙස ජනාධිපතිවරයා ඔවුන්ට දැනුම් දී තිබේ. 2. පෙට්‍රල් හා ඩීසල් මිල පහළට: ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පෙට්‍රල් සහ ඩීසල් මිල පහත දමා තිබේ. ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා සඳහන් කළේ, මේ යටතේ ඔක්ටේන් 92 සහ 95 වර්ගයේ පෙට්‍රල්, ඔටෝ ඩීසල් මෙන්ම සුපිරි ඩීසල් ලීටරයක මිල ද රුපියල් 5 කින් පහත දමන බවයි. 3. එක්සත් ජාතික පෙරමුණෙන් විරෝධතා රැළියක්: අග්‍රාමාත්‍යවරයාට හා පවතින ආණ්ඩුවට විරෝධතාව දැක්වීම සඳහා එක්සත් ජාතික පක්ෂය විසින් විරෝධතා රැළියක් ඊයේ පැවැත්විය. 4. කථානායකගෙන් ජනපතිට පිළිතුරු ලිපියක්: ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ කථානායක කරූ ජයසූරිය මහතා වෙත යොමු කළ ලිපියට අදාළව පිළිතුරු ලිපියක් කථානායකවරයා විසින් ජනපතිට යවා තිබේ. 5. අගමැතිකම මට ලොකු නැහැ – මහින්ද රාජපක්ෂ: අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කළේ ය. මෙහිදී පාර්ලිමේන්තුව අමතමින් අග්‍රාමාත්‍යවරයා පැවසුවේ, පැවති ආණ්ඩුවට රටේ ප්‍රශ්න විසඳා ගැනීමට නොහැකිවීම හේතුවෙන් ජනාධිපතිවරයා විසින් තමාට අගමැති ධූරය භාර ගන්නා ලෙස ඇරයුම් කළ බවයි. විදෙස් පුවත් 6. වසර 25කින් පසු අඟහරු මත මිනිසුන්ට පා තැබිය හැකි බවට අනාවැකි: වසර 25කින් පසු අඟහරු ග්‍රහයා මත මිනිසුන්ට පා තැබිය හැකි වනු ඇතැයි නාසා ආයතනයේ විද්‍යාඥයෝ අනාවැකි පළ කරති. කෙසේ වෙතත් ඔවුන් පෙන්වා දෙන්නේ, ඒ සඳහා සුදුසු පරිසරයක් අඟහරු ග්‍රහයා මත ඇති කිරීමට තාක්ෂණික සහ වෛද්‍යමය බාධක ගණනාවක් ජය ගත යුතු බව ය.
2018-11-15T19:26:49.000Z
රට තුළ නීතිය හා සාමය ආරක්ෂා කිරීමට සියලු ක්‍රියාමාර්ග ගන්නැයි පොලිස්පතිගෙන් උපදෙස්
පොලිස්පතිගෙන් පොලිස් නිලධාරීන්ට උපදෙස්..!
COLOMBO (News 1st) - රට තුළ නීතිය හා සාමය ආරක්ෂා කිරීමට සියලු ක්‍රියාමාර්ග ගන්නැයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් ඇතුළු සියලු පොලිස් නිලධාරීන්ට පොලිස්පතිවරයා විසින් උපදෙස් දී තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළේ, පවතින දේශපාලන ව්‍යාකූලතාව මත පොලිස්පතිවරයා විසින් එම උපදෙස් ලබා දී ඇති බවයි. මේ වන විට දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් සුළු සිදුවීම් කිහිපයක් පමණක් වාර්තා වන බව ද ඔහු සඳහන් කළේ ය.
2018-11-15T19:35:28.000Z
සභා ගර්භයට ආයුධ ගෙන ඒමේ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක්
සභා ගර්භයට ආයුධ ගෙන ඒම සම්බන්ධයෙන් විමර්ශන ඇරඹේ
COLOMBO (News 1st) - පාර්ලිමේන්තු සභා ගර්භයට තියුණු ආයුධ රැගෙන ආවා යැයි පැවසෙන සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇතැයි පොලීසිය පවසයි. පාර්ලිමේන්තු ආරක්ෂාව භාර පොලිස් කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, පාර්ලිමේන්තු ආරක්ෂක කැමරා උපයෝගී කර ගනිමින් විමර්ශන ක්‍රියාත්මක බවය. පොලිස් කණ්ඩායම් කිහිපයක් ඔස්සේ විමර්ශන සිදු වනු ඇති. ඊයේ පාර්ලිමේන්තුවේ පැවති ගැටුම් අතරතුර මන්ත්‍රීවරුන් දෙදෙනෙකු සතුව තියුණු ආයුධ පැවති බවට පැමිණිලි ලැබී ඇතැයි ද පොලීසිය සඳහන් කළේ ය. මේ අනූව මන්ත්‍රීවරුන් ඇතුළු පාර්ලිමේන්තුවට ඇතුළුවන පුද්ගලයින් පරීක්ෂා කිරීමේ වැඩපිළිවෙළ අද සිට තර කරන බව ද පාර්ලිමේන්තු ආරක්ෂාව භාර පොලිස් කොට්ඨාසය පවසා තිබේ. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් කථානායකවරයා ද විශේෂ අධ්‍යයනයක් ආරම්භ කර ඇත්තේ පාර්ලිමේන්තුවේ නිල කැමරා දර්ශන උපයෝගී කර ගනිමිනි. පාර්ලිමේන්තු සභා ගර්භය තුළට මන්ත්‍රීවරුන්ගේ පෞද්ගලික ගිනි අවි හෝ ආයුධය රැගෙන යාම නීතියෙන් තහනම් වේ.
2018-11-15T18:51:44.000Z
කල් තැබුණු පාර්ලිමේන්තුව අද යළි රැස්වෙයි
පාර්ලිමේන්තුව අද යළි රැස්වෙයි
COLOMBO (News 1st) - පාර්ලිම්න්තුව අද පස්වරු 1.30 ට රැස්වීමට නියමිතව තිබේ. පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, ඊට පෙර කථානායකවරයා විසින් පක්ෂ නායක හමුවක් කැඳවීමට නියමිත බවයි. එම පක්ෂ නායක හමුව උදෑසන 11.30 ට පැවැත්වීමට නියමිත බව ද ඔහු සඳහන් කළේ ය.
2018-11-15T10:48:24.000Z
බහුතරය නියමානුකූලව පෙන්වන්න.., ජනපති පක්ෂ නායකයින්ට දන්වයි
බහුතරය නියමානුකූලව පෙන්වන්න - ජනපති
COLOMBO (News 1st) : කථානායකවරයා, එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන දේශපාලන පක්ෂ හා දෙමළ ජාතික සංධානයේ නියෝජිත පිරිසක් අද පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදීයී ජනාධීපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවිය. එහිදී පාර්ලිමේන්තුවේ බහුතරය තමන් සතු වන බව එම පක්ෂ නායකයන් ජනාධිපතිතුමාට පෙන්වා දුන් බව ජනාධිපති මාධ්‍ය අංශයේ නිකුත් කළ නිවේදනයක් නිකුත් කරමින් පවසයි. එම බහුතරය නියමානුකූලව පෙන්වා සිටින ලෙස ජනාධිපතිවරයා ඔවුන්ට දැනුම් දී තිබේ. ඒ අනුව, ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යෝජනාව නැවත හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර, මන්ත්‍රීවරුන්ගේ නමින් ඡන්ද විමසීමක් පවත්වන ලෙස ජනාධිපතිවරයා පක්ෂ නියෝජිතයින්ට දැනුම් දී තිබේ. ඉන් අනතුරුව ඒ සඳහා ව්‍යවස්ථානුකූලව කටයුතු කිරිමට පියවර ගන්නා බවද, ජනාධිපතිතුමා එහිදි සඳහන් කළේ ය. මේම සාකච්ජාව සඳහා කථානායක කරුජයසුරිය , විපක්ෂනායක ආර් සම්බන්ධන් හා එක්සත් ජාතික පක්ෂය , ජනතා විමුක්ති පෙරමුණ ඇතුලු පක්ෂ නියොජනය කරමින් පක්ෂ නියෝජිතයන් එක්ව සිටියහ.
2018-11-15T06:47:49.000Z
කෝටියක කුඩුත් එක්ක දෙදෙනෙක් කඩුවෙලදී කොටු
කෝටියක කුඩුත් එක්ක දෙදෙනෙක් කඩුවෙලදී කොටු
COLOMBO (News 1st) : රුපියල් කෝටියකට අධික වටිනාකමින් යුත් හෙරොයින් තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු කඩුවෙල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, එහි බර කිලෝග්‍රෑම් එකයි ග්‍රෑම් 57ක් බවයි. පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරින්ට ලද තොරතුරක් මත කඩුවෙලදී අද උදෑසන මෝටර් රථයක් පරීක්ෂා කිරිමේදී මෙම කුඩු තොගය සොයා ගෙන තිබේ. එම තොගයේ සම්පූර්ණ වටිනාකම රුපියල් ලක්ෂ එකසිය විසිහයකි. 27 සහ 36 හැවිරිදි සැකකරුවන් කඩුවෙල සහ කතරගම ප්‍රදේශවල පදිංචිකරුවන් ය. ඔවුන් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර දින 7 ක රැඳවුම් නියෝග ලබා ගැනීමට කටයුතු කරන බව පොලීසිය පැවසී ය.
2018-11-15T06:09:45.000Z
මන්නාරම සිට කන්සන්තුරේ දක්වා ජනතාවට වෙරළ තීරය භාවිතයෙන් වළකින්නැයි, දැනුම්දීමක්
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයෙන් දැනුම්දීමක්
COLOMBO (News 1st) : මන්නාරම සිට කන්සන්තුරේ දක්වා වෙරළාසන්න ජීවත්වන ජනතාවට වෙරළ කලාපවලින් ඉවත්ව සිටින ලෙසත් වෙරළ තීරය භාවිත කිරීමෙන් වළකින ලෙසත් ආපදා කළමානාකරණ මධ්‍යස්ථානය දැනුම් දී සිටි. මන්නාරම සිට කන්සන්තුරේ දක්වා වෙරළාසන්න ජීවත්වන ජනතාවට වෙරළ කලාපවලින් ඉවත්ව සිටින ලෙසත් වෙරළ තීරය භාවිත කිරීමෙන් වළකින ලෙසත් ආපදා කළමානාකරණ මධ්‍යස්ථානය දැනුම් දී සිටි. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ, ගජ සුළි කුණාටුවේ බලපෑමෙන් අදාළ ප්‍රදේශයේ වරළාසන්න පහත්බිම් මුහුදු ජලයෙන් යට වීමේ අවදානයක් පවතින බවයි. ගජ සුළි කුණාටුව මේ වනවිට කන්කසන්තුරේට කිලෝ මීටර් 325ක් දුරින් මධ්‍යම බෙංගාල බොක්කේ සක්‍රියව පවතින බව ත් ඒ අනුව යාපනය හා අවට ප්‍රදේශවලට පැයට කිලෝමීටර් 150 ඉක්ම වූ ප්‍රහාරාත්මක තද සුළං ඇති විය හැකි බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය. සහකාර අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සඳහන් කළේ, ගජ සුළි කුණාටුවේ බලපෑමෙන් මන්නාරම, පුත්තලම, ත්‍රිකුණාමලය, අනුරාධපුරය, පොළොන්නරුව, කිලිනොච්චිය, වව්නියාව හා මුලතිව් දිස්ත්‍රික්කවලට පැයට කිලෝමීටර් 80ක් දක්වා තද සුළං ඇති විය හැකි බවයි. තද සුළඟින් ඇති වන අනතුරුවලින් ආරක්ෂා වන ලෙසත් යාපනය අර්ධද්වීපයේ ප්‍රජාව ධීවර හා නාවික කටයුතුවලින් ඉවත්ව සිටින ලෙසත් එම මධ්‍යස්ථානය වැඩිදුරටත් අවධාරණය කර සිටී. [audio mp3="https://www.newsfirst.lk/sinhala/wp-content/uploads/2018/11/recording-20181115-161913-online-audio-converter.com_-1.mp3"][/audio]
2018-11-15T03:07:05.000Z
එක්සත් ජාතික පෙරමුණෙන් විරෝධතා රැළියක්
එක්සත් ජාතික පෙරමුණෙන් විරෝධතා රැළියක්
අග්‍රාමාත්‍යවරයාට හා පවතින ආණ්ඩුවට විරෝධතාව දැක්වීම සඳහා එක්සත් ජාතික පක්ෂය විසින් විරෝධතා රැළියක් සංවිධානය කර තිබේ. කොළඹ ලිප්ටන් වටරවුම පරිශ්‍රයේ දී මෙය පැවැත්වෙන්නේ එක්සත් ජාතික පක්ෂය හා ඊට සහාය දක්වන සංවිධාන මෙන්ම පක්ෂවල ද සහභාගීත්වයෙනි. [gallery ids="161656,161647,161646,161643,161644,161645"]
2018-11-15T04:54:09.000Z
අද මැදියම් රැයේ සිට පෙට්‍රල් හා ඩීසල් මිල පහළට
අද මැදියම් රැයේ සිට පෙට්‍රල් හා ඩීසල් මිල පහළට
COLOMBO (News 1st) : අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පෙට්‍රල් සහ ඩීසල් මිල පහත දමා තිබේ. ඛණිජ තෙල් සම්පත් සංවර්ධණ අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා සඳහන් කළේ, මේ යටතේ ඔක්ටේන් 92 සහ 95 වර්ගයේ පෙට්‍රල්, ඔටෝ ඩීසල් මෙන්ම සුපිරි ඩීසල් ලීටරයක මිල ද රුපියල් 5 කින් පහත දමන බවයි. ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 140 ක් වනු ඇති. මිල පහත දැමීමත් සමඟ අද මධ්‍යම රාත්‍රියේ සිට ඔක්ටේන් 95 වර්ගයේ පෙට්ට්‍රල් ලීටරයක නව මිල රුපියල් 167 ක් වේ. ඔටෝ ඩීසල් ලීටරයක නව මිල රුපියල් 111 කි.
2018-11-15T05:00:00.000Z
කොළඹ ලිප්ටන් වටරවුම අවට දැඩි රථ වාහන තදබදයක්
කොළඹ ලිප්ටන් වටරවුම අවට දැඩි රථ වාහන තදබදයක්
COLOMBO (News 1st) : කොළඹ 7, ලිප්ටන් වට රවුම අසල එක්සත් ජාතික පක්ෂයේ විරෝධතාවක් මේ වන විට පැවැත්වේ. අද පස්වරුවේ ආරම්භ වූ මෙම විරෝධතාව හේතුවෙන් මේ වනවිට කොළඹ පුරහල ආශ්‍රිතව දැඩි රථවාහන තදබදයක් හටගෙන ඇතැයි, අප වාර්තාකරු සඳහන් කළේ ය. https://www.newsfirst.lk/sinhala/2018/11/15/%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B7%83%E0%B6%AD%E0%B7%8A-%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A-%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B6%B8%E0%B7%94%E0%B6%AB%E0%B7%99%E0%B6%B1%E0%B7%8A-%E0%B7%80/
2018-11-15T02:05:16.000Z
පාර්ලිමේන්තුව හෙට රැස්වීමට තීරණය කෙරේ
පාර්ලිමේන්තුව හෙට රැස්වීමට තීරණය කෙරේ
COLOMBO (News 1st) - පාර්ලිමේන්තුව හෙට පස්වරු 1.30ට රැස්වීමට තීරණය කර තිබේ. මීට ටික වේලාවකට පෙර පැවති පක්ෂ නායක රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබේ. මේ අතර පාර්ලිමේන්තුවේ ඇති වූ කළහකාරී සිදු වීමෙන් පසු පැවති පක්ෂ නායක රැස්වීමේදී පාර්ලිමේන්තුව ලබන 21 වන දා දක්වා කල් තැබිණි.
2018-11-15T01:46:04.000Z
MIM ප්‍රථම ඩිප්ලෝමා ප්‍රදානෝත්සවය අති උත්කර්ෂවත් ලෙස ස්ටයින් මැදිරියේදී
MIM ප්‍රථම ඩිප්ලෝමා ප්‍රදානෝත්සවය Stein මැදිරියේදී
COLOMBO (News 1st) - මෙරට පෞද්ගලික මාධ්‍ය ක්ෂේත්‍රයේ දැවැන්තයාට හිමිකම් කියන කැපිටල් මහරාජා සංවිධානයේ තවත් එක් ප්‍රබල ක්ෂේත්‍රයක සමාරම්භය සනිටුහන් කරමින් ඇරඹි Maharaja Institute of Managementහි ප්‍රථම ඩිප්ලෝමා ප්‍රදානෝත්සවය අද උදෑසන අති උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි. ඒ, රත්මලාන ස්ටයින් මැදිරි සංකීර්ණයේදී ය. උත්සවය ආරම්භ වුණේ, විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උප කුලපති මහාචාර්ය උපුල් බී. දිසානායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙනි. මෙම අවස්ථාව සඳහා කැපිටල් මහරාජා සංවිධානයේ සමූහ අධ්‍යක්ෂවරුන් වන නිමල් කුක්, ඒෂනී මුදලිගේ, ශාන් වීරසේකර, අනුරාධ ජයසිංහ, සුරංග ජයලත්, ෂෙවාන් ඩැනියල්, ශාන්ති බගිරදන් මහත්මිය, මහරාජා සංවිධානයේ සමාගම්හි ප්‍රධානීන් වන සුසාර දිනාල්, අනිල් ද සිල්වා, සමන් පෙරේරා, ලක්ෂ්මි ජයසිංහ, චන්දන සූරියබණ්ඩාර, බාලේන්ද්‍රන් කාන්දිපන්, අධ්‍යක්ෂවරුන් වන අශෝක ඩයස්, තාරක මොහොට්ටි සහ සරත් බුද්ධදාස යන මහත්ම මහත්මීහු ද එක් වූහ. https://www.youtube.com/watch?v=GF41SAQb1NM