date
stringlengths 24
24
| title
stringlengths 0
176
| short_title
stringlengths 10
69
| content
stringlengths 0
19.7k
|
---|---|---|---|
2018-11-15T00:54:18.000Z | පාර්ලිමේන්තුව 21 වන දා දක්වා කල් තබයි | පාර්ලිමේන්තුව 21 වන දා දක්වා කල් තබයි | COLOMBO (News 1st) - පාර්ලිමේන්තුව ලබන 21 වන දා දක්වා කල් තබා තිබේ. අප පාර්ලිමේන්තු වාර්තාකරු පැවසුවේ, පක්ෂ නායකයින්ගේ රැස්වීමකින් පසු මෙම තීරණයට එළැඹි බව ය. |
2018-11-15T00:36:58.000Z | කථානායකගෙන් ජනපතිට පිළිතුරු ලිපියක් | කථානායකගෙන් ජනපතිට පිළිතුරු ලිපියක් | COLOMBO (News 1st) - ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ කථානායක කරු ජයසූරිය මහතා වෙත යොමු කළ ලිපියට අදාළව පිළිතුරු ලිපියක් කථානායකවරයා විසින් යොමු කර තිබේ. එම ලිපිය මගින් කථානායකවරයා දැනුම් දෙන්නේ, නොවැම්බර් 26 වන දා ජනාධිපතිවරයා ගත් ක්‍රියාමාර්ගය හේතුවෙන් රට දැඩි අස්ථාවර භාවයකට පත් වෙමින් පවතින බව ය. ජන ජීවිතය, සංචාරකයින්ගේ පැමිණීම හා ජාත්‍යන්තරය තුළ ශ්‍රී ලංකාව ලබා තිබූ කීර්තිනාමය මෙන්ම ජනාධිපතිවරයාගේ ගෞරවය ද ශීඝ්‍රයෙන් පිරිහෙමින් පවතින බව කථානායකවරයා පෙන්වා දෙයි. පවතින අර්බුදය හේතුවෙන් ව්‍යවස්ථාදායකය හා විධායකය අතර අනවශ්‍ය ගැටුමක් නිර්මාණය වී ඇති බව ද සිය ලිපිය මගින් කථානායකවරයා පවසයි. කථානායකවරයා සිය ලිපිය මගින් ඉල්ලා සිටින්නේ, පාර්ලිමේන්තුවේ බහුතර මතයට කන් දී මෙම අර්බුදය විසඳා ගැනීමට කටයුතු කරන ලෙස ය. ජනාධිපතිවරයා ඊයේ කථානායකවරයාට යොමු කළ ලිපියේ සඳහන් ව්‍යවස්ථාමය හා අනෙකුත් කරුණු පැහැදිලි කරමින් නීති විශාරදයින්ගේ උපදෙස් ඇතිව පිළිතුරු ලිපියක් එවීමට අපේක්ෂා කරන බව ද කථානායක කරු ජයසූරිය මහතා සිය ලිපිය මගින් දැනුම් දෙයි. මේ අතර කථානායක කරු ජයසූරිය මහතා වැඩිදුරටත් පවසන්නේ, අද උදෑසන 8.30ට ජනාධිපතිවරයාව හමුවීමට නියමිතව තිබුණ ද ලිපියේ සඳහන් ආකල්පය නිරීක්ෂණය කරන විට එවන් හමුවීමක් ඵල රහිත බව පක්ෂ නායකයින්ගේ අදහස වූ බව ය. |
2018-11-14T23:58:07.000Z | අගමැතිකම මට ලොකු නැහැ - මහින්ද රාජපක්ෂ | අගමැතිකම මට ලොකු නැහැ - මහින්ද රාජපක්ෂ | COLOMBO (News 1st) - අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මීට සුළු වේලාවකට පෙර පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කළේ ය. මෙහිදී පාර්ලිමේන්තුව අමතමින් අග්‍රාමාත්‍යවරයා පැවසුවේ, පැවති ආණ්ඩුවට රටේ ප්‍රශ්න විසඳා ගැනීමට නොහැකි වීම හේතුවෙන් ජනාධිපතිවරයා විසින් තමාට අගමැති ධූරය භාර ගන්නා ලෙස ඇරයුම් කළ බව ය. අග්‍රාමාත්‍යවරයා සිය ප්‍රකාශයේදී අවධාරණය කළේ, පසුගිය ආණ්ඩුව මැතිවරණ කල් දමමින් නිසි වේලාවට මැතිවරණ පැවැත්වීමට අසමත් වූ බව ය. එමෙන්ම අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය පහත වැටීම, මහ බැංකු බැඳුම්කර මගඩිය ආදී සිදු වීම් නිසා එන්න එන්නම රටේ ආර්ථිකය කඩා වැටුණු බව අග්‍රාමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේ ය. අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ඊයේ පාර්ලිමේන්තුවේදී සම්මත කර ගනු ලැබූ විශ්වාසභංග යෝජනාව පිළිබඳව අදහස් දැක්වූ මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කළේ, ශබ්දයෙන් විශ්වාසභංග යෝජනා සම්මත කර ගත නොහැකි බව ය. පාර්ලිමේන්තුව තුළ තිබෙන මෙම අර්බුදය විසඳ ගැනීමට ජනතාවට අවස්ථාව ලබා දෙමින් මහ මැතිවරණයකට යාම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සියලු දේශපාලන පක්ෂවලට මෙහිදී ආරාධනා කළේ ය. අගමැතිකම් ජනාධිපතිකම් තමා කර ඇති බවත් අගමැතිකම ලොකු නැහැ යනුවෙන් මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී අවධාරණය කළේ ය. සිය විශේෂ ප්‍රකාශය අවසන් කරමින් මහින්ද රාජපක්ෂ මහතා පැවසුවේ, පක්ෂය සහ බටහිර යාළුවන් වෙනුවෙන් කථානායකවරයා පෙනී සිටීම ගැන කණගාටු වන බව ය. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ විශේෂ ප්‍රකාශයෙන් පසු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා නැගිට අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රකාශය විශ්වාසයක් නැති බවට යෝජනාවක් ගෙන ආ අතර එය සම්මත කර ගැනීමට කථානායකවරයා ඡන්දයක් කැඳවීමට යාමේදී පාර්ලිමේන්තුව තුළ කළහකාරී තත්ත්වයක් ඇති විය. |
2018-11-14T21:40:21.000Z | පවතින දේශපාලන අර්බුදය විසඳීමට නීත්‍යානුකූල මැතිවරණයකට යා යුතුයි - ටිල්වින් සිල්වා | "දේශපාලන අර්බුදය විසඳීමට මැතිවරණයකට යා යුතුයි" | COLOMBO (News 1st) - පවතින දේශපාලන අර්බුදය විසඳීමට නම් නීත්‍යානුකූල මැතිවරණයකට යා යුතු බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි. ඊයේ පැවති මාධ්‍ය හමුවකදී එහි ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පැවසුවේ, පවතින දේශපාලන අර්බුදය විසඳගත යුතු වන්නේ මැතිවරණයක් හරහා නම් එය නීත්‍යානුකූලව සිදු කරන ලෙස තමන් පාර්ලිමේන්තුවෙන් ඉල්ලා සිටින බව ය. |
2018-11-14T21:29:48.000Z | ගජ සුළි කුණාටුවේ බලපෑමෙන් යාපනයට ප්‍රහාරාත්මක සුළං සමග තද වැසි | ගජ සුළි කුණාටුවේ බලපෑමෙන් යාපනයට තද සුළං හා වැසි | COLOMBO (News 1st) - ගජ සුළි කුණාටුව අද සවස් කාලයේ දිවයිනේ උතුරු වෙරළ තීරය අසළින් ගමන් කර තමිල්නාඩු වෙරළට කඩා වදිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එහි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ මලින්ද මිල්ලන්ගොඩ මහතා පැවසුවේ, සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් යාපනය අර්ධද්වීපය හරහා පැයට කිලෝමීටර් 100ක පමණ තද සුළං ඇති විය හැකි බව ය. මීට අමතරව මිලීමීටර් 150ක පමණ තද වැසි ඇති විය හැකි බව ද ඔහු සඳහන් කළේ ය. අද සවස් කාලයේදී උතුර සහ උතුරුමැද පළාත්වලත් පුත්තලම සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් වැසි සහ සුළං තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, යාපනය අර්ධද්වීපයේ ඇතැම් ප්‍රදේශ සඳහා මිලිමීටර් 150ක පමණ තද වැසි ඇති විය හැකි බව ය. ගජ සුළි කුණාටුව හේතුවෙන් උතුරු මුහුදු ප්‍රදේශවල සුළං වේගය ඉහළ යා හැකි බව ද ඔහු පැවසුවේ ය. |
2018-11-14T20:18:37.000Z | ගාමිණි සෙනරත් ඇතුළු විත්තිකරුවන් 4 දෙනාට එරෙහි නඩුව අද සිට දිනපතා විභාගයට ගැනේ | ගාමිණි සෙනරත්ට එරෙහි නඩුව අද සිට දිනපතා විභාගයට | COLOMBO (News 1st) - හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණි සෙනරත් මහතා ඇතුළු විත්තිකරුවන් 4 දෙනාට එරෙහිව පවරා ඇති නඩුව අද සිට දිනපතා විභාගයට ගැනීමට විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල තීරණය කර තිබේ. සම්පත් අබේකෝන්, සම්පත් විජේරත්න සහ චම්පා ජානකී රාජරත්න යන විනිසුරු මඩුල්ල එම තීරණය ගනු ලැබුවේ, අදාළ නඩුව ඊයේ කැඳවූ අවස්ථාවේදී ය. ලිට්රෝ ගෑස් සමාගමට අයත් රුපියල් මිලියන 500ක මුදලක් අවභාවිත කිරීම ඇතුළු චෝදනා යටතේ විත්තිකරුවන්ට මෙම නඩුව පවරා තිබේ. එම නඩුවේ 4 වන සාක්ෂිකරු ලෙස නම් කොට ඇති ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතාට අද පෙරවරු 9.00 ට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස වහාම දන්වා යැවීමට ද විනිසුරු මඩුල්ල නියෝග කළේ ය. එම නඩුව ඊයේ දින කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුසිත් මුදලිගේ මහතා කළ ඉල්ලීම සලකා බැලූ විනිසුරු මඩුල්ල එම නියෝගය කළේ ය. |
2018-11-14T20:04:39.000Z | ගෙවුණු දවස උණුසුම් කළ පුවත්… | ගෙවුණු දවස උණුසුම් කළ පුවත්… | COLOMBO (News 1st) 1. විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කර කළ යුතු ආකාරය හා එය සම්මත කර ගැනීමට ක්‍රියා කළ යුතු පටිපාටිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සහ ස්ථාවර නියෝගවල සඳහන්ව ඇති නමුත් ඒ සියල්ල නොසලකා කථානායකවරයා ක්‍රියා කර ඇති බව ජනාධිපතිවරයා ලිපියකින් කථානායකවරයාට දැනුම් දෙයි. 2. අගමැතිවරයෙකු පත් කරමින් ජනාධිපතිවරයා ගැසට් නිවේදනයක් නිකුත් කරන තුරු වත්මන් අග්‍රාමාත්‍යවරයා ධූරය දරණු ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය මහින්ද සමරසිංහ පවසයි. 3. අමාත්‍ය වසන්ත සේනානායක මහතා සිය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වන බව පවසයි. 4. කන්කසන්තුරේට කිලෝමීටර් 650 ක් දුරින් පවතින ‘ගජ’ සුළි කුණාටුව චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 5. ශ්‍රීලංකන් ගුවන් සමගාමේ නව සභාපතිවරයා ලෙස ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයේ ලේකම් ජී.එස්. විතානගේ මහතා පත් කර තිබේ. විදෙස් පුවත් 6. වසර 25කින් පසු අඟහරු ග්‍රහයා මත මිනිසුන්ට පා තැබිය හැකි වනු ඇතැයි නාසා ආයතනයේ විද්‍යාඥයෝ අනාවැකි පළ කරති. |
2018-11-14T19:50:53.000Z | අගමැති මහින්දගෙන් විශේෂ ප්‍රකාශයක් | අගමැති මහින්දගෙන් විශේෂ ප්‍රකාශයක් | COLOMBO (News 1st) - අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත බව අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසයි. ඔහු ඒ බව පැවසුවේ, අග්‍රාමාත්‍ය කාර්යාලයේ ඊයේ පස්වරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි. මේ අතර එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන පක්ෂ නායකයින් හා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර හමුවක් අද උදෑසන පැවැත්වෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. |
2018-11-14T11:57:11.000Z | කථානායකවරයාගේ ලිපියට ජනපතිගෙන් පිළිතුරු | කථානායකවරයාගේ ලිපියට ජනපතිගෙන් පිළිතුරු | COLOMBO (News 1st) : කථානායක කරු ජයසූරිය මහතා විසින් තමන් වෙත යොමු කරන යොමු කරන ලද ලිපියට ජනාධිපතිවරයා පිළිතුරු ලිපියක් යොමු කර තිබේ. ජනාධිපතිවරයා ඉන් පෙන්වා දෙන්නේ පාර්ලිමේන්තුව සම්බන්ධයෙන් නීතය ඉදිරියේදී විනිශ්චයට භාජන වී ඇති අවස්ථාවක කථානායකවරයා ගත් ක්‍රියාමාර්ගය එකී නඩුවේ හරයට අගතිදායක බවයි. විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කර කළයුතු ආකාරය හා එය සම්මත කර ගැනීමට ක්‍රියා කළ යුතු පටිපාටිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සහ ස්ථාවර නියෝගවල සඳහන්ව ඇති නමුත් ඒ සියල්ල නොසලකා කථානායකවරයා ක්‍රියා කර ඇති බව ජනාධිපතිවරයා සිය ලිපියෙන් වැඩිදුරටත් පෙන්වා දී තිබේ. මීට අමතරව පාර්ලිමේන්තුව විසින් නිසි ලෙස සහතික නොකළ අත්සන් ලේඛනයක් මා වෙත යොමු කරමින් අදාළ යෝජනාව සම්මතවූ බවට කරුණු තහවුරු කිරීමට කථානායක ගත් උත්සාහය ගැන තමා කනගාටුව ප්‍රකාශ කරන බවද ජනාධිපතිවරයා සඳහන් කරයි. තමා විසින් නිකුත් කළ ගැසට් නිවේදනයේ ව්‍යවස්ථානුකූල බව නිර්ණය කිරීමට පාර්ලිමේනතුව වෙර දැරීම ව්‍යවස්ථාව අර්ථ නිරූපනය කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පැවරුණු තනි හා අනන්‍ය බලය අතික්‍රමණය කිරීමක් බව ද ජනාධිපතිවරයා සිය ලිපියෙන් පෙන්වා දෙයි ඒ අනුව කථානයක විසින් යොමු කරන ලද ලිපියේ සඳහන් යෝජනා තමා තරයේ ප්‍රතික්ෂේප කරන බවත් එම ක්‍රියා මාර්ග ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට එකග තීරණයන් බව ත් ජනාධිපතිවරයා තවදුරටත් පෙන්වාදී තිබේ. ජනපති කථානායක වෙත යොමු කළ ලිපිය පහතින්... |
2018-11-14T05:36:55.000Z | 'ගජ' තවත් දරුණු වන ලකුණු... | 'ගජ' තවත් දරුණු වන ලකුණු... | COLOMBO (News 1st) : කන්කසන්තුරේට කිලෝමීටර් 650 ක් දුරින් පවතින 'ගජ' සුළි කුණාටුව චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, හෙට සවස් කාලයේ එය උතුරු වෙරළ තීරය ආසන්නයෙන් ගමන් කර තමිල්ණාඩු වෙරළට ගමන් කරනු ඇති බවයි. මෙම සුළිකුණාටු පද්ධතියේ බලපෑම හේතුවෙන් උතුර, සහ උතුරු මැද පළාත්වලත්, පුත්තලම, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලට අද සවස් කාලයේ සහ හෙට වැසි සහ සුළං තත්ත්වයේ වැඩවීමක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. හෙට දිනයේ යාපනය අර්ධද්වීපය හරහා පැයට කිලොමිටර් 80-90 ත් දක්වා ඉතා තද සුළං ඇතිවිය හැකි අතර පැයට කිලෝමිටර් 100 දක්වා වන ප්‍රහාරත්මක සුළං ඇතිවිය හැකි වේ. යාපනය අර්ධද්විපයට පැයට කිලෝමිටර් 150 ක පමණ ඉතා තද වැසි ඇතිවිය හැකි අතර උතුරු පළාතේ සෙසු ප්‍රදේශවලට මිලිමීටර් 100 ක පමණ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ලබන 16 වන දා දක්වා මුලතිව් සිට කන්කසන්තුරය හරහා මන්නාරම දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල පැයට කිලෝමිටර් 80-90 දක්වා තද සුළං සමග විටින් විට පැයට කිලෝමිටර් 110 ක ප්‍රහාරාත්මක සුළං බලාපොරොත්තු වේ. මේ හේතුවෙන් එම මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය. |
2018-11-14T05:18:15.000Z | විශ්වාසභංගයේ පිටපතක් ජනපතිට යවන බව කථානායක මාධ්‍ය ඒකකය කියයි | විශ්වාසභංගයේ පිටපතක් ජනපතිට | COLOMBO (News 1st) : කථානායක කරූ ජයසුරිය මහතා විසින් විශ්වාසභංග යෝජනාවේ පිටපතක් හා ඊට අදාළ සභාවේ තීරණය ජනාධිපතිවරයා වෙත යොමු කරනු ලැබීමට නියමිත බව කථානායක මාධ්‍ය ඒකකය පවසයි. ඒ අනුව ජනාධිපතිවරයා විසින් පසුගිය දා පත් කරන ලද අග්‍රාමාත්‍යවරයා සහ කැබිනට් මණ්ඩලය ව්‍යවස්ථා විරෝධී බවට සඳහන් මන්ත්‍රිවරුන් 122 කුගේ අත්සන් තබන ලද ලිපියේ පිටපතක් ද ඒ සමග ජනාධිපතිවරයා වෙත යොමු කිරීමට නියමිතයි. කථානායකවරයා විසින් මෙම ලේඛන ව්‍යවස්ථානුකූලව ඉදිරි පියවර ගැනීම සඳහා ජනාධිපතිවරයා වෙත යොමු කිරීමට අවශ්‍ය පියවර ගනු ඇති බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ය. කථානායක මාධ්‍ය ඒකකය පවසන්නේ ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද 2095/50 දරණ ගැසට් නිවේදනය ප්‍රකාරව පාර්ලිමේන්තුව අද පෙරවරු 10 ට රැස් වූ බවයි. කථානායකවරයා විසින් දවසේ සාමාන්‍ය කටයුතු අනුව නිවේදන ඉදිරිපත් කිරීමෙන් පසු දෙමළ සන්ධාන මන්ත්‍රි එම්. ඒ. සුමන්තිරන් මහතා ස්ථාවර නියෝග අත්හිටුවා ඉදිරි කටයුතු කරගෙන යාමට යෝජනාවක් ඉදිරිපත් කළ බව ද කථානායක මාධ්‍ය ඒකකය පැවසී ය. ඉන් අනතුරුව ජනතා විමුක්ති පෙරමුණු මන්ත්‍රීවරුන් වන අනුර කුමාර දිසානායක සහ විජිත හේරත් යන මහත්වරුන් රජයට එරෙහි විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කරන ලද අතර ඒ පිළිබඳ අද දිනයේම සභාවේ මතය විමසිය යුතු බව ඔවුන් යෝජනා කර තිබේ. කථානායක මාධ්‍ය ඒකකය නිවේදනය කළේ, එම අවස්ථාවේ විපක්ෂයෙන් බෙදීමක් ඉල්ලා සිටි අතර බෙදීම් සීනුව නාද කිරීමෙන් පසු කථානායකවරයා විසින් ඡන්ද විමසීමට නියෝග කළ බවයි. එහිදී විශ්වාසභංග යෝජනාවට පක්ෂව බහුතර ඡන්දය ප්‍රකාශ කළ අතර ඒ අනුව එම විශ්වාසභංග යෝජනාව බහුතරයෙන් සම්මත වූ බවට කථානායකවරයා සභාවට නිවේදනය කර තිබේ. අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා හෙට පෙරවරු 10 දක්වා සභාව කල් තැබිය යුතු බවට කරන ලද යෝජනාවට සභාවේ අනුමැතිය හිමි වු බව ද කථානායක මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනයේ සඳහන් ය. |
2018-11-14T04:21:59.000Z | ''අගමැතිවරයෙකු පත් කරන තුරු වත්මන් අගමැති ධුරය දරනු ඇති'' - මහින්ද සමරසිංහ | "නව අගමැති පත් කරන තුරු අගමැති ධුරය දරනු ඇති" | COLOMBO (News 1st) : අගමැතිවරයෙකු පත් කරමින් ජනාධිපතිවරයා ගැසට් නිවේදනයක් නිකුත් කරන තුරු වත්මන් අග්‍රාමාත්‍යවරයා ධුරය දරනු ඇතැයි, කැබිනට් ප්‍රකාශක අමාත්‍ය මහින්ද සමරසිංහ පවසයි. මහින්ද සමරසිංහ සහ දයාසිරි ජයසේකරගේ ප්‍රධානත්වයෙන් කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව මේ වනවිට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැත්වේ. එහිදී අදහස් දක්වමින් මහින්ද සමරසිංහ මහතා පැවසුවේ, ජනාධිපතිවරයා ව්‍යවස්ථාවට අනුකූලවට කටයුතු කරන බවයි. නීතියට පටහැනි කිසිවක් ජනාධිපතිවරයා සිදු නොකරන බව ද මහින්ද සමරසිංහ මහතා සඳහන් කළේ ය. |
2018-11-14T02:14:52.000Z | ශ්‍රීලංකන් නව සභාපති ලෙස ජී.එස්. විතානගේ පත් කෙරේ | ශ්‍රීලංකන් නව සභාපති ලෙස ජී.එස්. විතානගේ පත් කෙරේ | COLOMBO (News 1st) - ශ්‍රීලංකන් ගුවන් සමගාමේ නව සභාපතිවරයා ලෙස ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයේ ලේකම් ජී.එස්. විතානගේ මහතා පත් කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යංශය පැවසුවේ, අමාත්‍යංශ ලේකම් එස්.ආර්. ආටිගල මහතා විසින් මෙම පත් කිරීම කර ඇති බව ය. ඊයේ දිනයේදී ශ්‍රීලංකන් ගුවන් සමාගමේ නව සභාපතිවරයා ලෙස කපිල චන්ද්‍රසේන මහතා පත් කළේ ය. එහෙත් ඔහු ඉල්ලා අස් වී ඇති බවට වාර්තා වේ. කපිල චන්ද්‍රසේන මහතා සභාපති ධූරයට පත් කෙරුණේ, ශ්‍රීලංකන් ගුවන් සමාගමේ සභාපති රංජිත් ප්‍රනාන්දු මහතා ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ ධූරය සඳහා ය. |
2018-11-14T02:08:22.000Z | කථානායකගේ මතය කුමක් ද? | කථානායකගේ මතය කුමක් ද? | COLOMBO (News 1st) - ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද 2095/50 දරණ 2018 නොවැම්බර් 04 දිනැති අති විශේෂ ගැසට් නිවේදනය ප්‍රකාරව අද දින පෙරවරු 10.00 ට පාර්ලිමේන්තුව රැස් විය. කථානායකවරයා දවසේ සාමාන්‍ය කටයුතු අනුව නිවේදන ඉදිරිපත් කිරීමෙන් පසු ද්‍රවිඩ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා විසින් ස්ථාවර නියෝග අත්හිටුවා ඉදිරි කටයුතු කර ගෙන යාමට යෝජනා කළේ ය. ඒ පිළිබඳව සභාවේ අනුමැතිය ලබා ගැනීම සඳහා ඡන්ද විමසීමක් යෝජනා කෙරුණු අතර එහිදී බහුතරයේ එකඟත්වයෙන් ස්ථාවර නියෝග අත්හිටුවන ලැබුවේ ය. ඉන් අනතුරුව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා රජයට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් සභාවට ඉදිරිපත් කළ අතර ඒ පිළිබඳව සභාවේ මතය අද දිනම විමසිය යුතු බවට ඔවුහු යෝජනා කළහ. එම අවස්ථාවේදී විපක්ෂයෙන් බෙදීමක් ඉල්ලා සිටි අතර බෙදුම් සීනුව නාද කිරීමෙන් පසු කථානායකතුමා ඡන්ද විමසීමට නියෝග කළේ ය. එහිදී විශ්වාසභංග යෝජනාවට පක්ෂව බහුතරය ඡන්දය ප්‍රකාශ කළ අතර ඒ අනුව එම විශ්වාසභංග යෝජනාව බහුතරයෙන් සම්මත වූ බවට කථානායකවරයා සභාව වෙත නිවේදනය කළේ ය. ඉන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා හෙට පෙ.ව 10.00 දක්වා සභාව කල් තැබිය යුතු බවට යෝජනා කළේ ය. ඒ අනුව එම යෝජනාවට අනුමැතිය හිමි විය. මේ අතර අද දින භාර දෙන ලද විශ්වාසභංග යෝජනාවේ පිටපතක් සහ ඊට අදාළ සභාවේ තීරණය ද, ජනාධිපතිවරයා පසුගියදා පත් කරන ලද අග්‍රාමාත්‍යවරයා සහ කැබිනට් මණ්ඩලය ව්‍යවස්ථා විරෝධී බවට සඳහන් මන්ත්‍රීවරු 122 දෙනෙකුගේ අත්සන් තබන ලද ලිපියේ පිටපතක් ද ව්‍යවස්ථානුකූලව ඉදිරි පියවර ගැනීම සඳහා ජනාධිපතිවරයා වෙත දන්වා යැවීමට කථානායකවරයා පියවර ගනු ඇති බව කථානායක කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. |
2018-11-14T00:30:42.000Z | වසන්ත සේනානායක යළි එ.ජා.ප.යට සහය දක්වයි | වසන්ත සේනානායක යළි එ.ජා.ප.යට සහය දක්වයි | COLOMBO (News 1st) - අමාත්‍ය වසන්ත සේනානායක මහතා සිය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වන බව පවසයි. ඔහු මේ බව පැවසුවේ, පාර්ලිමේන්තු රැස්වීමෙන් පසු මාධ්‍ය අමතමිනි. වත්මන් ආණ්ඩුව තුළ බහුතරය නොමැති නිසා ඔහු මෙම තීරණයට එළැඹි බව වැඩිදුරටත් පැවසුවේ ය. වසන්ත සේනානායක මහතා පැවසුවේ, ජනාධිපතිවරයාට සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාර දෙන අතර යළි එක්සත් ජාතික පක්ෂයට සිය සහයෝගය ලබා දෙන බව ය. |
2018-11-13T22:18:26.000Z | ආණ්ඩුවට බහුතරය නොමැති බව කථානායක කියයි | ආණ්ඩුවට බහුතරය නොමැති බව කථානායක කියයි | COLOMBO (News 1st) Update 10.28AM - වත්මන් ආණ්ඩුවට බහුතරය නොමැති බව කථානායක කරු ජයසූරිය මහතා පවසයි: පාර්ලිමේන්තුව හෙට උදෑසන 10 දක්වා කල් තැබේ. 10.22AM - අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව කථානායක කරු ජයසූරිය මහතා පිළිගනී. 10.20AM - කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සභා වාරය ඇරඹේ. 9.25AM - ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ජනතා විමුක්ති පෙරමුණ කථානායකවරයාට භාර දෙයි. 9.20AM - හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට පැමිණෙයි. ----------------------------------------------------------------------------------------------------------------------------------------- කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති විශේෂ පක්ෂ නායක රැස්වීම මීට සුළු වේලවකට පෙර අවසන් විය. අනතුරුව පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රය සැකසීම සභාවට පැවරිණි. මේ අනුව පාර්ලිමේන්තුව ආරම්භ වීමට සියල්ල මේ වන විට සූදානම් වී ඇති අතර අග්‍රාමත්‍ය මහින්ද රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සහ අමාත්‍ය ෆයිසර් මුස්තෆා යන මහත්වරුන් පාර්ලිමේන්තුවට පැමිණ තිබේ. |
2018-11-13T20:10:39.000Z | වසර 25කින් පසු අඟහරු මත මිනිසුන්ට පා තැබිය හැකි බවට අනාවැකි | වසර 25කින් පසු අඟහරු මත පා තැබිය හැකි බවට අනාවැකි | (News 1st) - වසර 25කින් පසු අඟහරු ග්‍රහයා මත මිනිසුන්ට පා තැබිය හැකි වනු ඇතැයි නාසා ආයතනයේ විද්‍යාඥයෝ අනාවැකි පළ කරති. කෙසේ වෙතත් ඔවුන් පෙන්වා දෙන්නේ, ඒ සඳහා සුදුසු පරිසරයක් අඟහරු ග්‍රහයා මත ඇති කිරීමට තාක්ෂණික සහ වෛද්‍යමය බාධක ගණනාවක් ජය ගත යුතු බව ය. විශ්වයේ මාරාන්තික කිරණ, ඇස් අන්ධ භාවයට පත් වීමේ අවදානම, අස්ථි දිරා යාම මෙලෙස ගගනගාමීන් අඟහරු මත පා තැබීමට පෙර ජය ගත යුතු අභියෝග අතරට අයත් ය. මෙම ගැටලු විසඳීමට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන තමන් සතු බව ද නාසා ආයතනයේ හිටපු ගගනගාමී ටොම් ජෝන්ස් සඳහන් කළේ ය. වත්මන් රොකට් තාක්ෂණය මත අඟහරු වෙත ළඟා වීමට ගගනගාමියෙකුට ගත වන කාලය මාස 9කි. මේ වන විට නාසා ආයතනය අඟහරු වෙත ඉන්සයිට් නමැති රොබෝ අභ්‍යවකාශ යානයක් යවා ඇති අතර එය ලබන 26 වන දින අඟහරු වෙත ළඟා වීමට නියමිත ය. මෙහි අරමුණ අඟහරු ග්‍රහයාගේ අභ්‍යන්තර තත්ත්වය පිළිබඳව මිනිසාගේ දැනුම පුළුල් කිරීම ය. 2020 වසරේදී නාසා ආයතනය රෝවර් යානයක් අඟහරු ග්‍රහයා වෙත යැවීමට නියමිත අතර එහි අරමුණ වන්නේ, අඟහරු ග්‍රහයා මත ජීවීන්ගේ පැවැත්මට සුදුසු පරිසරයක් ඇතිදැයි සොයා බැලීම ය. මේ අතර අයර්ලන්ත වෙරළට ඉහළ අහසෙන් හඳුනා නොගත් පියාඹන වස්තූන් දුටු බව ගුවන් නියමුවන් කිහිප දෙනෙක් වාර්තා කළහ. අයර්ලන්ත ගුවන් බලධාරීන් සඳහන් කළේ, එළිය විහිදුවමින් ඉතා වේගයෙන් චලනය වූ බවට වාර්තා වූ මෙම අද්භූත යානා පිළිබඳ විමර්ශන අරඹා ඇති බව ය. එම අවස්ථාවේ ඒ ආශ්‍රිත ප්‍රදේශයේ කිසිදු හමුදා අභ්‍යාසයක් නොපැවැත්වුණු බව ද විදෙස් මාධ්‍ය වාර්තා තහවුරු කළේ ය. මෙය පිටසක්වල ජීවීන්ගේ ආගමනයක් ද නැතහොත් කිසියම් කුමන්ත්‍රණයක්දැයි සමාජ වෙබ් අඩවිවල කතාබහට ලක් විය. |
2018-11-13T19:55:02.000Z | ගෙවුණු දවස උණුසුම් කළ පුවත්… | ගෙවුණු දවස උණුසුම් කළ පුවත්… | COLOMBO (News 1st) 1. පාර්ලිමේන්තුව අද පෙරවරු 10.00ට කැඳවීමට කථානායක කරු ජයසූරිය මහතා තීරණය කර තිබේ. 2. රට තුළ පවතින සාමකාමී වාතාවරණය අඛණ්ඩව පවත්වාගෙන යන ලෙස ත්‍රිවිධ හමුදාපතිවරුන්ට සහ පොලිස්පතිවරයාට ජනාධිපතිවරයා උපදෙස් ලබා දී තිබේ. 3. අද පෙරවරු 8.30ට පක්ෂ නායක රැස්වීමක් කැඳවා තිබේ. 4. පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපතිතුමා නිකුත් කළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම ලබන දෙසැම්බර් 07 වන දා දක්වා බලපැවැත්වෙන පරිදි වළක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේ ය. 5. ශ්‍රීලංකන් ගුවන් සේවා සමාගමේ සභාපති රංජිත් ප්‍රනාන්දු මහතා ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ. 6. ශ්‍රීලංකන් ගුවන් සමාගමේ නව සභාපතිවරයා ලෙස කපිල චන්ද්‍රසේන මහතා පත් කරයි. විදෙස් පුවත් 7. බංග්ලාදේශ මහ මැතිවරණය සතියකින් කල් දැමීම පිළිබඳ එකඟ නොවන බව එරට විපක්ෂ දේශපාලන පක්ෂ අවධාරණය කරයි. ක්‍රීඩා පුවත් 8. මුදලට තරග පාවා දීම් සම්බන්ධයෙන්, ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක දිල්හාර ලොකුහෙට්ටිගේට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය චෝදනා ගොනු කර තිබේ. |
2018-11-13T19:46:18.000Z | පාර්ලිමේන්තුව කැඳවීම අද උදෑසන 10.00ට | පාර්ලිමේන්තුව කැඳවීම අද උදෑසන 10.00ට | COLOMBO (News 1st) - පාර්ලිමේන්තුව අද පෙරවරු 10.00ට කැඳවීමට කථානායක කරු ජයසූරිය මහතා තීරණය කර තිබේ. කථානායක මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ, ජනාධිපතිතුමා 2018 නොවැම්බර් මස 04 වැනි දින අංක 2095/50 දරණ ගැසට් නිවේදනය ප්‍රකාරව පාර්ලිමේන්තුව අද රැස් කිරීමට කථානායකවරයා දැනුම් දෙන බව ය. නිවේදනයක් නිකුත් කරමින් කථානායක කරු ජයසූරිය මහතා පෙන්වා දෙන්නේ, දින ගණනාවක් තිස්සෙ පැවති දේශපාලන අස්ථාවර භාවය අවසන් කරමින් ජාතික වැදගත්කම සලකා ඊට අප්‍රමාදව සිය අවධානය යොමු කරමින් සුදුසු තීරණයක් ලබා දීමෙන් අපගේ උත්තරීතර අධිකණය කළ කැප කිරීම පිළිබඳව සතුටු වීමේ අවස්ථාව ජනතාවට හිමිව ඇති බව ය. දින කිහිපය පුරා අත්දුඩු සිදුවීම් පිළිබඳව නොසැලී ජනතා නියෝජිතයින් කෙරෙහි මා තබා ඇති විශ්වාසය පිළිබඳව සියලු ජන කොටස් ද සුබවාදී අපේක්ෂාවන් තබනු ඇතැයි විශ්වාස කරන බව ද එම නිවේදනයේ සඳහන් ය. සියලු ජන කොටස් මෙන්ම වගකීම් දරණ පාර්ශවයන් සාමකාමී හා ගෞරවණීය ආකාරයෙන් කටයුතු කර ජනතා ප්‍රකෝප කිරීම් හා ජන ජීවිතය අස්ථාවර කිරීම්වලින් වැළකී කටයුතු කළ යුතු බව අවධාරණය කරන අතර ලක්වැසි සියලු ජන කොටස් අධිකරණයේ හා පාර්ලිමේන්තුවේ තීරණ මත පිහිටා කටයුතු කරනු ඇතැයි විශ්වාස කරන බව ද කථානායක කරු ජයසූරිය මහතා නිකුත් කළ නිවේදනයේ සඳහන් ය. මේ අතර කථානායක කරු ජයසූරිය මහතා අද පෙරවරු 8.30ට පක්ෂ නායක රැස්වීමක් කැඳවා තිබේ. |
2018-11-13T11:38:34.000Z | මුදලට තරග පාවා දීම සම්බන්ධයෙන් හිටපු ක්‍රිකට් ක්‍රීඩක දිල්හාර ලොකුහෙට්ටිගේට ICCය චෝදනා ගොනු කරයි | දිල්හාර ලොකුහෙට්ටිගේට ICCය චෝදනා ගොනු කරයි | (News 1st) - මුදලට තරග පාවා දීම් සම්බන්ධයෙන්, ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක දිල්හාර ලොකුහෙට්ටිගේට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය චෝදනා ගොනු කර තිබේ. ඒ, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති පන්දුවාර 10 ලීග් ක්‍රිකට් තරගාවලියකට අදාළව ය. නිවේදනයක් නිකුත් කරමින් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය අද නිවේදනය කළේ, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ක්‍රිකට් ආචාර ධර්ම උල්ලංඝනය කළ බවට දුෂණ චෝදනා ගොනු කර ඇති බව ය. අදාළ චෝදනාවලට පිළිතුරු සැපයීම සඳහා දිල්හාර ලොකුහෙට්ටිගේට අද සිට දින 14 ක් ලබා දී තිබේ. අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ නීති හා රෙගුලාසි උල්ලංඝනය කිරීමේ කරුණු තුනක් යටතේ ඔහුට චෝදනා එල්ල කර තිබේ. 2.1.1 වගන්තිය - අන්තර්ජාතික ක්‍රිකට් තරගයක ප්‍රතිඵලය, ප්‍රගතිය, ක්‍රියාවකින් හෝ වෙනත් අංගයක් අනිසි ලෙස බලපෑම් කිරීම හෝ අනුගත කිරීම හෝ ඊට උත්සාහ දැරීම. 2.1.4 වන වගන්තිය - ක්‍රිකට් කවුන්සිලයේ නීති සංග්‍රහය උල්ලංඝනය කිරීම සඳහා ක්‍රීඩකයින්ගෙන් සෘජු ලෙස ඉල්ලා සිටීම, පෙළඹවීම හෝ දිරිගැන්වීම. 2.4.4 වගන්තිය - නීති සංග්‍රහය යටතේ දූෂිත ක්‍රියාවන්හි නිරත වීමට ලැබුණු කවර හෝ ප්‍රවේශයන් හෝ ඇරයුම් පිළිබඳ අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්දන ඒකකය වෙත නිරාවරණය කිරීමට අසමත් වීම. |
2018-11-13T11:19:47.000Z | රට තුළ පවතින සාමකාමී වාතාවරණය අඛණ්ඩව පවත්වාගෙන යන්න - ආරක්ෂක අංශවලට ජනපතිගෙන් උපදෙස් | "රටේ සාමකාමී වාතාවරණය පවත්වාගෙන යන්න" | COLOMBO (News 1st) - ජාතික ආරක්ෂක කවුන්සිලය මීට ටික වේලාවකට පෙර ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් රැස් විය. මෙහිදී රටේ පවතින ආරක්ෂක තත්ත්වය පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා වී තිබේ. රට තුළ පවතින සාමකාමී වාතාවරණය අඛණ්ඩව පවත්වාගෙන යන ලෙස ත්‍රිවිධ හමුදාපතිවරුන්ට සහ පොලිස්පතිවරයාට මෙහිදී ජනාධිපතිවරයා උපදෙස් ලබා දී තිබේ. |
2018-11-13T09:33:21.000Z | පාර්ලිමේන්තුව හෙට කැඳවයි | පාර්ලිමේන්තුව හෙට කැඳවයි | COLOMBO (News 1st) - පාර්ලිමේන්තුව හෙට පෙරවරු 10.00ට කැඳවීමට කථානායක කරු ජයසූරිය මහතා තීරණය කර තිබේ. කථානායක මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ, ජනාධිපතිතුමා 2018 නොවැම්බර් මස 04 වැනි දින අංක 2095/50 දරණ ගැසට් නිවෙදනය ප්‍රකාරව පාර්ලිමේන්තුව හෙට රැස් කිරීමට කථානායකවරයා දැනුම් දෙන බව ය. ඒ සඳහා සහභාගී වන ලෙස පාර්ලිමේන්තුවේ සියලු මන්ත්‍රීවරුන්ට කථානායකවරයා දැනුම් දෙන බව ද අදාළ නිවේදනයේ සඳහන් ය. මේ අතර කථානායක කරු ජයසූරිය මහතා හෙට පෙරවරු 8.30 ට පක්ෂ නායක රැස්වීමක් කැඳවා තිබේ. කථානායක කාර්යාලය පැවසුවේ, ඒ සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ නියෝජිතයින්ට දැනුවත් කර ඇති බව ය. පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපතිතුමා නිකුත් කළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම ලබන දෙසැම්බර් 07 වැනිදා දක්වා බලපැවැත්වෙන පරිදි වළක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද පස්වරුවේ ලබා දුන් අතුරු තහනම් නියෝගයෙන් අනතුරුව ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව මෙම හමුවේදී සාකච්ඡා කර තීරණයට එළැඹෙනු ඇති. |
2018-11-13T08:15:30.000Z | පක්ෂ නායක රැස්වීමක් හෙට කැඳවයි | පක්ෂ නායක රැස්වීමක් හෙට කැඳවයි | COLOMBO (News 1st) - හෙට පෙරවරු 8.30ට පක්ෂ නායක රැස්වීමක් කැඳවා තිබේ. කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී මෙම පක්ෂ නායක රැස්වීම කැඳවා තිබේ. |
2018-11-13T07:33:41.000Z | පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් නිවේදනය අත්හිටුවමින් අතුරු තහනම් නියෝගයක් | ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක් | COLOMBO (News 1st) - පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපතිතුමා නිකුත් කළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම ලබන දෙසැම්බර් 07 වන දා දක්වා බලපැවැත්වෙන පරිදි වළක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේ ය. ඒ, ජනාධිපතිතුමාගේ ගැසට් නිවේදනය අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් කර තිබූ පෙත්සම් 12ක් සලකා බැලීමෙන් පසුව ය. එම පෙත්සම් විභාගයට ගැනීමට අවසර නොදී ප්‍රතික්ෂේප කරන ලෙස නීතිපතිවරයා මෙන්ම එම පෙත්සම්වලට අතරමැදි පාර්ශව ලෙස ඉදිරිපත් වූ මහාචාර්ය ජී.එල්. පීරිස්, උදය ගම්මන්පිල මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් අගවිනිසුරුවරයා ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඒකමතිකව අදාළ නියෝගය නිකුත් කළේ ය. අදාළ පෙත්සම් සම්බන්ධයෙන් විභාගය දෙසැම්බර් මස 04 , 05 හා 06 යන දිනවල පැවැත්වීමට ද ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කළේ ය. එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, සමස්ත ලංකා මහජන කොංග්‍රසය, ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය හා නීතිඥවරුන් ඇතුළු පාර්ශව 12 ක් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව පෙත්සම් ඉදිරිපත් කළේ ය. එම පෙත්සම් සලකා බැලීම ඊයේ පස්වරු 2.00ට අගවිනිසුරු නලීන් පෙරේරා, ප්‍රියන්ත ජයවර්ධන හා ප්‍රසන්න ජයවර්ධන යන විනිසුරු මඩුල්ල හමුවේ ආරම්භ විය. එම සියලු පෙත්සම් විභාගය ඊයේ පස්වරු 5.30ට පමණ අවසන් කළේ ය. අද පෙත්සම් විභාගය යළි ආරම්භ කෙරුණේ, පෙරවරු 10.05ට ය. එහිදී නීතිපති ජයන්ත ජයසූරිය මහතා පැය එකහමාරකට ආසන්න කාලයක් කරුණු ඉදිරිපත් කළේ ය. ඔහු අවධාරණය කරමින් කියා සිටියේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33/2 අනු ව්‍යවස්ථාව හා 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ 70/5 අනු ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය ජනාධිපතිවරයා සතු බැවින් ජනාධිපතිවරයාගේ එකී ගැසට් නිවේදනය නීත්‍යානුකූල ක්‍රියාදාමයක් බව ය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33/2 අනු ව්‍යවස්ථාව අනුව ජනාධිපතිතුමා විසින් නිකුත් කළ නියෝගයක් අභියෝගයට ලක් කරමින් මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කිරීමේ නීතිමය අයිතියක් එහිදී නොමැති බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙන්වා දුන්නේ ය. ජනාධිපතිවරයාගේ එකී ගැසට් නිවේදනයට සහය දක්වමින් අතරමැදි පාර්ශවයන් ලෙස සම්බන්ධ වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස්, අමාත්‍ය උදය ගම්මන්පිල, මහාචාර්ය චන්න ජයසුමන, නීතිඥ ප්‍රේමනාත් දොලවත්ත ඇතුළු පාර්ශවකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයෝ ද නීතිපතිවරයා කළ කරුණු දැක්වීමට සහය පළ කරමින් කරුණු දැක්වූහ. පෙත්සම් සම්බන්ධ විභාගය අද පස්වරු 3.30 ට අවසන් කළ විනිසුරු මඩුල්ල ඒ සම්බන්ධ නියෝගය පස්වරු 6.00ට පමණ ලබා දුන්නේ ය. |
2018-11-13T04:53:31.000Z | කපිල චන්ද්‍රසේන ශ්‍රීලංකන් ගුවන් සමාගමේ සභාපති ධූරයට | කපිල චන්ද්‍රසේන SriLankan සභාපති ධූරයට | COLOMBO (News 1st) - ශ්‍රීලංකන් ගුවන් සමාගමේ නව සභාපතිවරයා ලෙස කපිල චන්ද්‍රසේන මහතා පත් කර තිබේ. ඔහු මීට පෙර ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කළේ ය. කපිල චන්ද්‍රසේන මහතා නව සභාපති ධූරයට පත් කෙරුණේ, ශ්‍රීලංකන් ගුවන් සමාගමේ සභාපති රංජිත් ප්‍රනාන්දු මහතා ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ ධූරය සඳහා ය. |
2018-11-13T04:45:28.000Z | පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් නිවේදනයට අතුරු තහනම් නියෝගයක් | පාර්ලිමේන්තුව විසුරුවීම:ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව.. | COLOMBO (News 1st) Update: 6.00PM - පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් නිවේදනය අත්හිටුවමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරයි. 5.53PM - විනිසුරු මඩුල්ල අසුන් ගනී. 5.23PM - අධිකරණ පරිශ්‍රයේ ආරක්ෂාව දැඩි කෙරේ. 5.20PM - ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව දැන ගැනීම සඳහා විශාල පිරිසක් අධිකරණ පරිශ්‍රයට රැස් වෙති. 5.15PM - පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව ඉදිපත් වූ පෙත්සම් සලකා බලමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව තවත් ස්වල්ප මොහොතකින් ලබා දීමට නියමිත ය. ----------------------------------------------------------------------------------------------------------------------------------------- 3.30 PM - පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපතිතුමා නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු කර පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නීති විරෝධි යැයි ප්‍රකාශයට පත් කරන්නැයි ඉල්ලා ඉදිරිපත් වූ පෙත්සම් සලකා බැලීම අවසන් කර තිබේ. අප අධිකරණ වාර්තාකරු පැවසුවේ, මේ සම්බන්ධයෙන් වන ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව අද පස්වරු 5.00ට ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව ය. අද දෙවන දිනයටත් පෙත්සම් සලකා බැලීම සිදු කළේ, අගවිනිසුරුවරයා ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේදී ය. මේ අතර නීතිපතිවරයා මේ සම්බන්ධයෙන් අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කරුණු දැක්වුවේ ය. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව පෙත්සම් 12 ක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත්ව තිබිණි. |
2018-11-13T02:37:26.000Z | ශ්‍රීලංකන් සභාපතිවරයා ඉල්ලා අස්වෙයි | ශ්‍රීලංකන් සභාපතිවරයා ඉල්ලා අස්වෙයි | COLOMBO (News 1st) : ශ්‍රීලංකන් ගුවන් සේවා සමාගමේ සභාපති රංජිත් ප්‍රනාන්දු මහතා ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. එහි මහජන සම්බන්ධතා කළමනාකරු දීපාල් පෙරේරා මහතා සඳහන් කළේ, රංජිත් ප්‍රනාන්දු ඉල්ලා අස්වන බවට වූ ලිපිය මේ වන විට භාර දී ඇති බවයි. ඉල්ලා අස්වීමට හේතුවක් එහි සඳහන් කර නොමැති බව ද ඔහු ප්‍රකාශ කළේ ය. |
2018-11-13T00:54:09.000Z | පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් ව්‍යවස්ථාව උල්ලංඝණය වී නැහැ - නීතිපති | නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කරුණු කියයි | COLOMBO (News 1st) : පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණනය කිරීමක් නොවන බව නීතිපති ජයන්ත ජයසුරිය මහතා ශ්‍රේෂ්ඨාධිකරණට පෙන්වා දී තිබේ. ඒ, අදාළ ගැසට් නිවේදනය අවලංගු කරන්නැයි ඉල්ලා ඉදිරිපත් වූ පෙත්සම් සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ කරුණු දැක්වීම සිදුකරමිනි. නීතිපතිවරයා තම කරුණු දැක්වීම ආරම්භ කර ඇත්තේ, පෙරවරු 10 ට පමණ ය. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව පෙත්සම් 12 ක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිත්වු අතර හිටපු විපක්ෂ නායක ආර්.සම්බන්ධන් මහතා ඉදිරිපත් කළ පෙත්සම පළමුව සලකා බැලිණ. එහිදී ඔහු වෙනුවෙන් කරුණු දැක්වුයේ නීතිඥ එස්. කනගේෂ්වරන් මහතායි. නීතිඥවරයා පෙන්වා දුන්නේ පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රීවරුන් ඉල්ලීමක් කළ හොත් පමණක් මිස පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට බලයක් 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව ජනාධිපතිවරයාට නොමැති බවයි. එසේ නොකොට තම අභිමතය පරිදි පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ජනමතය නොසලකා හැරීමක් බව පෙන්වා දුන් ජනාධිපති නිතිඥවරයා සඳහන් කළේ, ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ගත් තීරණය ජනතා පරිමාධිපත්‍යට එල්ල කළ අතුල් පහරක් බවයි. පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්තකින් තොරව වසර හතර හමාරකට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය 19 වන සංශෝධනයේ 70 (1) ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයාට අහිමි කර ඇති බවත් ඒ බව නොසලකා කටයුතු කිරීම පාර්ලිමේන්තුව පමණක් නොව සමස්ත සමාජය ම අරාජික කිරිමක් බව ද දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නිතිඥ එස්.කනගේෂ්වරන් මහතා අධිකරණයට පෙන්වා දුන්නේ ය. දෙවැනි පෙත්සම්කාර එක්සත් ජාතික පක්ෂයේ සභාපති කබීර් හෂිම් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ තිලක් මාරපන මහතා ද ජනාධිපති නිතිඥ එස්.කනගේෂ්වරන් මහතාගේ කරුණු දැක්වීම අනුමත කරමින් විනිසුරු මඩුල්ල හමුවේ කරුණු දැක්වීය. ජනතා විමුක්ති, පෙරමුණ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, සමස්ත ලංකා මහජන කොංග්‍රසය ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ නියෝජනය කරමින්, රවුෆ් හකීම්, රිෂාඩ් බදුයුර්දීන්, මනෝ ගනේෂන්, අනුර කුමාර දිසානායක යන මහත්වරුන් මෙන්ම විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ අධ්‍යක්ෂ පාක්‍යසෝති සරවනමුත්තු, නීතිඥ අරුණ ලක්සිරි , නීතිඥ ලාල් විජේනායක, නීතිඥ ජී. සී. ජේ. පෙරේරා, නීතිඥ ඉන්දික ගාල්ලගේ ඇතුළු පිරිසක් ද පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව පෙත්සම් ගොනු කර තිබේ. ජාතික මැතිවරණ කොමිසමේ සමාජික රත්නජිව හූල් මහතාද පාර්ලිමේන්තුව විසුරුවා හැරිමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කළේ ය. මීට අමතරව රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පිඨයේ මහාචාර්ය චන්න ජයසුමන මහතා අතරමැදි පාර්ශ්වයක් ලෙස පෙත්සමක් ඉදිරිපත් කර තිබේ. සියලු පෙත්සම් විභාග කෙරෙන්නේ අගවිනිසුරු නලින් පෙරේරා , ප්‍රසන්න ජයවර්ධන සහ ප්‍රියන්ත ජයවර්ධන යන විනිසුරු මඩුල්ල හමුවේයි. |
2018-11-12T23:31:43.000Z | ශ්‍රීලනිප රැස්වීම කල්යයි | ශ්‍රීලනිප රැස්වීම කල්යයි | COLOMBO (News 1st) : ජනාධිපතිවරයා සහ නිදහස් පක්ෂ ආසන සහ දිස්ත්‍රික් සංවිධායකවරු අතර අද පැවැත්වීමට නියමිතව තිබූ රැස්වීම කල් දමා තිබේ. නිදහස් පක්ෂ මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සඳහන් කළේ, ජනාධිපතිවරයා අද පස්වරුවේ කැබිනට් රැස්විමට සහභාගිවීම හේතුවෙන් එම රැස්වීම කල් දමා ඇත බවයි. ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට මුහුණ දීම සඳහා ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලු දිස්ත්‍රික් හා ආසන සංවිධායකවරු 341 දෙනෙකු අද කොළඹට කැඳවා තිබිණ. මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පැවසුවේ ඉදිරි දිනකදී එම රැස්වීම පැවැත්වෙනු ඇති බවයි. |
2018-11-12T23:21:18.000Z | බංගලි මැතිවරණය නිසා විපක්ෂය කනස්සල්ලෙන් | බංගලි මැතිවරණය නිසා විපක්ෂය කනස්සල්ලෙන් | බංග්ලාදේශ මහ මැතිවරණය සතියකින් කල් දැමීම පිළිබඳ එකඟ නොවන බව එරට විපක්ෂ දේශපාලන පක්ෂ අවධාරණය කරයි. විපක්ෂ ප්‍රධානීන් අවධාරණය කළේ, මහ මැතිවරණය මාසයකින් කල් දමන ලෙසට මීට පෙර තමන් මැතිවරණ කොමිසමෙන් තමන් ඉල්ලා සිටි බවයි. කෙසේවෙතත් බංග්ලාදේශ මහ මැතිවරණය දෙසැම්බර් 30 වන දා පැවැත්වීමට ඊයේ එරට මැතිවරණ කොමසාරිස් නුරූල් හූදා තීරණය කළේ ය. මීට පෙර මහ මැතිවරණය පැවැත්වීමට නියමිතව තිබුණේ දෙසැම්බර් 23 වැනිදායි. විපක්ෂ කණ්ඩායම් මෙලෙස මැතිවරණය කල් දමන ලෙස ඉල්ලා සිටියේ, ඒ සදහා සූදානම් වීමට කාලය අවශ්‍ය බව පවසමිනි. විපක්ෂ කණ්ඩායම් පවසන්නේ නත්තල් සමය තුළ මහ මැතිවරණය පැවැත්වීම හේතුවෙන්, ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂකයින් පවා එම කාලය තුල බංග්ලාදේශයට නොපැමිණෙනු ඇති බවයි. මේ අතර බංග්ලාදේශ මහ මැතිවරණය සදහා අපේක්ෂකයින්ගේ නාම යෝජනා භාර ගැනීමේ දිනය ද නොවැම්බර් 28 වැනිදා දක්වා කල් දමා ඇතැයි විදෙස් වාර්තා අනාවරණ කළේ ය. |
2018-11-12T20:27:45.000Z | හිටපු මැති, මන්ත්‍රීන්ගේ ආරක්ෂාව අඩු කිරීමට තවමත් නියෝග නැහැ - පොලීසිය | හිටපු මැති,මන්ත්‍රීන්ගේ ආරක්ෂාව අඩුකිරීමට නියෝග නෑ | COLOMBO (News 1st) : හිටපු අමාත්‍යවරුන්, නියෝජ්‍ය සහ රාජ්‍ය අමාත්‍යවරන්ගේ සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව අඩු කිරීම සම්බන්ධයෙන් මෙතෙක් නියෝග ලැබී නැතැයි, පොලීසිය පවසයි. ඇමති ආරක්ෂාව භාර කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කෙළේ, පොලිස්පති නියෝගය ලද විගස හිටපු අමාත්‍යවරුන්, නියෝජ්‍ය, රාජ්‍ය අමාත්‍යවරුන්ගේ සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සඳහා යොදවා සිටින සියලු පොලිස් නිලධාරීන් ඉවත් කිරිමට පියවර ගන්නා බවයි. මේ වන විට හිටපු අමාත්‍යවරුන් සඳහා පොලිස් ඇමති ආරක්ෂක නිලධාරීන් 7 දෙනෙකු බැගින් ලබා දී ඇති අතර, හිටපු නියෝජ්‍ය සහ රාජ්‍ය අමාත්‍යවරුන් සඳහා ද, පොලිස් ඇමති ආරක්ෂක නිලධාරීන් 7 දෙනෙකු බැගින් යොදවා ඇතැයි, ඔහු ප්‍රකාශ කළේ ය. ඇමති ආරක්ෂාව භාර කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා පොලිස් නිලධාරීන් දෙදෙනා බැගින් ආරක්ෂාවට යොදවා ඇති බවයි. පසුගිය 9 වනදා මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබීය. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟ වත්මන් කැබිනට් අමාත්‍යවරුන්ගේ හැර සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවට යොදවා සිටින පොලිස් නිලධාරීන් ඉවත් විය යුතු වේ. මේ අතර හිටපු අමාත්‍යවරුන්, නියෝජ්‍ය සහ රාජ්‍ය අමාත්‍යවරුන්ට ලබා දී ඇති සියලු රජයේ වාහන සහ නිල නිවාස වහා ම භාර දිය යුතු බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පවසයි. එහි ලේකම් ජේ. ජේ. රත්නසිරි මහතා සඳහන් කළේ, ඒ පිළිබඳ ඒ ඒ අමාත්‍යාංශ ලේකම්වරුන් විසින්, ඒ ඒ අමාත්‍යවරුන්, රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් වෙත ලිඛිතව දැනුම් දිය යුතු බවයි. ඒ අනුව, තවදුරටත් අමාත්‍යාංශ සතු රජයේ වාහන සහ නිල නිවාස වහා ම ඒ ඒ අමාත්‍යාංශ ලේකම්වරුන් වෙත භාර දිය යුතුව ඇතැයි ද ඔහු ප්‍රකාශ කළේ ය. එසේ රජයේ වාහන සහ නිල නිවාස වහා ම භාර නොදෙන හිටපු අමාත්‍යවරුන්, රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ක්‍රියාකරන බව ද රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය සඳහන් කළේ ය. අමාත්‍යාංශ ලේකම් ජේ. ජේ. රත්නසිරි මහතා පැවසුවේ, හිටපු අමාත්‍යවරුන්, රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්ට සහ ඔවුන්ගේ කාර්ය මණ්ඩල සඳහා වාහන 8 බැගින් නිකුත් කර ඇති බවයි. |
2018-11-12T20:17:31.000Z | ගෙවුණු දවස උණුසුම් කළ පුවත්… | ගෙවුණු දවස උණුසුම් කළ පුවත්… | COLOMBO (News 1st) දේශීය පුවත්... 1. මහ මැතිවරණයට අදාළ ගැසට් නිවේදනය නිකුත් කෙරේ: 2019 පාර්ලිමේන්තු මැතිවරණයේදී තෝරා පත් කර ගැනීමට නියමිත මන්ත්‍රීවරුන් සංඛ්‍යාව, නාම යෝජනා පත්‍රයට ඇතුළත් විය යුතු අපේක්ෂකයින් සංඛ්‍යාව සහ තැන්පත් කළ යුතු ඇප මුදල් සම්බන්ධව මැතිවරණ කොමිසමේ නිවේදන ඇතුළත් ගැසට් නිවේදනය ප්‍රකාශයට පත්කර තිබේ. 2.පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව පෙත්සම් විභාගය ඇරඹේ : පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපතිතුමා නිතුක් කළ ගැසට් නිවේදනය අවලංගු කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීම මේ වන විට ආරම්භවී තිබේ. 3. හිටපු ඇමති අර්ජුනගේ ආරක්ෂක නිලධාරියා තවදුරටත් රිමාන්ඩ් : දෙමටගොඩ පිහිටි ඛනිජ තෙල් අමාත්‍යාංශයේ පසුගිය දා සිදු වූ වෙඩි තැබීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ ආරක්ෂක නිලධාරියා ලබන 15 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. 5. මාධ්‍යවේදීන්ට සිදුවු අපහසුතාව ගැන හර්ෂණ රාජකරුණා කනගාටුව පළකරයි : ඊයේ ගංගාරාම පරිශ්‍රයේ පැවති සත්‍යග්‍රහයක් අතරතුර News 1st මාධ්‍යවේදීන්ට සිදුවු අපහසුතාව පිළිබඳව තමන් කනගාටුව පළ කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පවසයි. විදෙස් පුවත්.... 1. කැලිෆෝනියාවේ ලැව්ගිනි තවදුරටත් පැතිරෙයි : අමෙරිකාවේ කැලිෆෝනියාහි ලැව්ගිනි පැතිරයාම තවදුරටත් උග්‍ර වී තිබේ. |
2018-11-12T19:54:27.000Z | ශ්‍රීලනිප ආසන සංවිධායකවරුන් කොළඹට කැඳවයි | ශ්‍රීලනිප ආසන සංවිධායකවරුන් කොළඹට කැඳවයි | COLOMBO (News1st) : ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලුම ආසන සහ දිස්ත්‍රික් සංවිධායකවරුන් අද කොළඹට කැඳවා තිබේ. නිදහස් පක්ෂ මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සඳහන් කළේ, ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට මුහුණ දීම සඳහා ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් එහිදී වැඩි අවධානයක් යොමු කරන බවයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී එම විශේෂ හමුව අද පස්වරු 4.00ට පැවැත්වෙන බව ද ඔහු සඳහන් කළේ ය. |
2018-11-12T19:47:05.000Z | පාර්ලිමේන්තුව විසිරවීමට එරෙහි පෙත්සම් ගැන කරුණු දැක්වීමට නීතිපති අද ශ්‍රේෂ්ඨාධිකරණයට | නීතිපති අද ශ්‍රේෂ්ඨාධිකරණයට | COLOMBO (News 1st) : පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු කර පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නීතිවිරෝධි යැයි ප්‍රකාශයට පත් කරන්නැයි, ඉල්ලා ඉදිරිපත් වූ පෙත්සම් විභාගය අද දෙවන දිනටත් පැවැත්වේ. News 1st අධිකරණ වාර්තාකරු පැවසුවේ, නීතිපතිවරයා මේ සම්බන්ධයෙන් අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ, කරුණු දැක්වීමට නියමිතව ඇති බවයි. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව පෙත්සම් 13 ක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත්වූ අතර හිටපු විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා ඉදිරිපත් කළ පෙත්සම පළමුව සලකා බැලිණ. එහිදි ඔහු වෙනුවෙන් කරුණු දැක්වූයේ නීතිඥ එස්. කනගේෂ්වරන් මහතා පැවසුවේ පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රීවරුන් ඉල්ලීමක් කළ හොත් පමණක් මිස පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලයක් 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව ජනාධිපතිවරයාට නොමැති බවයි. එසේ නොකර තම අභිමතය පරිදි පාර්ලිමේන්තුව විසුරුවා හැරිම ජනමතය නොසලකා හැරීමක් බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේ, ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ගත් තිරණය ජනතා පරිමාධිපත්‍යට එල්ල කළ අතුල් පහරක් බවයි. පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්තකින් තොරව වසර හතර හමාරකට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හැරිමේ බලය 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 (1) ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයාට අහිමිකර ඇති බවත් ඒ බව නොසලකා කටයුතු කිරීම පාර්ලිමේන්තුව පමණක් නොව සමස්ත සමාජයේ ම අරාජික කිරීමක් බව ද දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා වෙනුවෙන් පෙනි සිටි ජනාධිපති නීතිඥ එස්. කනගේෂ්වරන් මහතා අධිකරණයට පෙන්වා දුන්නේ ය. දෙවැනි පෙත්සම්කාර එක්සත් ජාතික පක්ෂ සභාපති කබීර් හෂිම් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නිතිඥ තිලක් මාරපන මහතා ද ජනාධිපති නිතිඥ එස්. කනගේෂ්වරන් මහතාගේ කරුණු දැක්වීම අනුමත කරමින් විනිසුරු මඩුල්ල හමුවේ කරුණු දැක්වීය. ජනතා විමුක්ති, පෙරමුණ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, සමස්ත ලංකා මහජන කොංග්‍රසය ප්‍රජාතන්ත්‍රවාදි ජනතා පෙරමුණ නියෝජනය කරමින්, රවුෆ් හකීම්, රිෂාඩ් බදුයුර්දීන්, මනෝ ගනේෂන්, අනුර කුමාර දිසානායක යන මහත්වරුන් මෙන්ම විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ අධ්‍යක්ෂ පාක්‍යසෝති සරවනමුත්තු නිතිඥ අරුණ ලක්සිරි , නිතිඥ ලාල් විජේනායක, නිතිඥ ජී. සී. ජේ. පෙරේරා, නීතිඥ ඉන්දික ගාල්ලගේ ඇතුළු පිරිසක් ද පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව පෙත්සම් ගොනු කර තිබේ. මීට අමතරව ජාතික මැතිවරණ කොමිසමේ සමාජික රත්නජිව හූල් මහතා ද පාර්ලිමේන්තුව විසුරුවා හැරිමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කළේ ය. |
2018-11-12T07:25:15.000Z | මහ මැතිවරණයට අදාළ ගැසට් නිවේදනය නිකුත් කෙරේ | මහ මැතිවරණයට අදාළ ගැසට් නිවේදනය නිකුත් කෙරේ | COLOMBO (News 1st) - 2019 පාර්ලිමේන්තු මැතිවරණයේදී තෝරා පත් කර ගැනීමට නියමිත මන්ත්‍රීවරුන් සංඛ්‍යාව, නාම යෝජනා පත්‍රයට ඇතුළත් විය යුතු අපේක්ෂකයින් සංඛ්‍යාව සහ තැන්පත් කළ යුතු ඇප මුදල් සම්බන්ධව මැතිවරණ කොමිසමේ නිවේදන ඇතුළත් ගැසට් නිවේදනය ප්‍රකාශයට පත්කර තිබේ. ඒ අනුව කොළඹ මැතිවරණ කොට්ඨාසයෙන් පාර්ලිමේන්තුවට තෝරා පත් කරගත යුතු මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 19 කි. ගම්පහ මැතිවරණ කොට්ඨාසයෙන් මන්ත්‍රීවරුන් 18 දෙනෙකු මෙන් ම කළුතර මැතිවරණ කොට්ඨාසයෙන් මන්ත්‍රීවරුන් 10 ක් මහනුවර මැතිවරණ කොට්ඨාසයෙන් මන්ත්‍රීවරුන් 12 ක් මාතලේ මැතිවරණ කොට්ඨාසයෙන් මන්ත්‍රීවරුන් 05 ක් වශයෙන් තෝරා පත්කරගත යුතු බව රජය විසින් නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනයේ සඳහන් විය. එහි වැඩිදුරටත් දැක්වෙන්නේ, නුවරඑළිය මැතිවරණ කොට්ඨාසයෙන් මන්ත්‍රීවරුන් 08 ක් ගාල්ලෙන් 10 ක් මාතර හම්බන්තොට සහ යාපනය යන මැතිවරණ කොට්ඨාසවලින් මන්ත්‍රීවරුන් 07 බැගින් පාර්ලිමේන්තුවට තෝරා පත්කරගත යුතු බවයි. වන්නි මැතිවරණ කොට්ඨාසයෙන් තෝරා පත්කරගත යුතු මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 06 ක් වන අතර මඩකලපුව දිගාමඩුල්ල ත්‍රිකුණාමලය කුරුණෑගල පුත්තලම හා අනුරාධපුරය මැතිවරණ කොට්ඨාසවලින් පිළිවෙලින් මන්ත්‍රීවරුන් 05, 07, 04, 15, 08, 09 වශයෙන් මන්ත්‍රීවරුන් තෝරා පත්කරගත යුතු බව ද අදාල ගැසට් නිවේදනයේ සඳහන් විය. මේ අතර පොළොන්නරුව මැතිවරණ කොට්ඨාසයෙන් මන්ත්‍රීවරුන් 05 ක් බදුල්ලෙන් 08 ක් මොණරාගලින් 06 ක් රත්නපුරයෙන් 11 හා කෑගල්ල මැතිවරණ කොට්ඨාසයෙන් මන්ත්‍රීවරුන් 09 පාර්ලිමේන්තුවට තෝරා පත්කරගත යුතු බව අදාල නිවේදනයේ සඳහන් වේ. |
2018-11-12T06:53:28.000Z | ජනපති මහවැලි අධිකාරියේ සහ මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ හදිසි නිරීක්ෂණ චාරිකාවක | ජනපති මහවැලි අධිකාරියේ නිරීක්ෂණ චාරිකාවක | COLOMBO (News 1st) - ජනාධිපතිතුමා අද මහවැලි අධිකාරියේ සහ ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ හදිසි නිරීක්ෂණ චාරිකාවක නිරත විය. අද පෙරවරුවේ මහවැලි අධිකාරියට පැමිණි ජනාධිපතිවරයා එහි කටයුතු සොයා බැලුවේය. මේ අතර ජනාධිපතිතුමා මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක, මහවැලි අධිකාරියේ නව අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඩී.එම්.එස්. දිසානායක යන මහත්වරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමග සාකච්ඡාවට එක් විණි. එහිදි කඩිනම් මහවැලි යෝජනා ක‍්‍රමය යටතේ මෙරට ඉදිවන අවසන් මහවැලි යෝජනා ක‍්‍රමය වන මොරගහකන්ද කළු ගඟ වාරි ව්‍යාපෘතියේ කළු ගඟ ජලාශයේ ජල පිරවුම් කටයුතු මේ වන විට ප‍්‍රශස්ත මට්ටමක පවතින බව මහවැලි අධිකාරියේ නිලධාරීන් පෙන්වා දෙති. පවතින වැසි සමයත් සමග එළඹෙන ජනවාරි මාසය වන විට ජලාශය සම්පූර්ණයෙන්ම ජලයෙන් පිරි යනු ඇතැයි ද ඔවුන් එහිදී පෙන්වා දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් විය. මිරිදිය මත්ස්‍ය කර්මාන්තය, විදුලිබල, සංචාරක කර්මාන්තය වැනි අතුරු කර්මාන්ත ද මොරගහකන්ද – කළු ගඟ වාරි ව්‍යාපෘතිය යටතේ මේ වන විට ආරම්භ වී ඇති බව මෙහිදී අනාවරණ විණි. ලග්ගල නව නගරයේ සංවර්ධන ක්‍රියාදාමයන් ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම පාරිසරික කාර්මික උද්‍යානය, සුවිශේෂ පරිසර කලාප ව්‍යාපෘතිය සහ වගා ව්‍යාපෘතින්හි ප‍්‍රගතිය පිළිබඳව ද මෙහිදී ජනාධිපතිතුමා නිලධාරීන්ගෙන් කරුණු විමසූ බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ ය. මහවැලි කලාපවල ඉඩම් නිදහස් කිරීමේ කටයුතු පිළිබඳව ද ජනාධිපතිතුමා අවධානය යොමු කළ අතර කඩිනමින් එම කටයුතු අවසන් කිරීමේ අවශ්‍යතාව ද නිලධාරීන්ට පෙන්වා දී තිබේ. අනතුරුව ජනාධිපතිතුමා කොළඹ, ගාලූ පාරේ පිහිටි ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය වෙත පැමිණ එහි කටයුතු නිරීක්ෂණය කරමින් කාර්ය මණ්ඩලය සමග සුහද කතා බහක නිරත විය. සේවා ලබා ගැනීමට පැමිණෙන ජනතාවගේ කටයුතු කඩිනමින් ඉටුකර දෙමින් ප‍්‍රශස්ත මහජන සේවාවක් සැපයීමේ වැදගත්කම ජනාධිපතිතුමා එහිදී නිලධාරීන්ට අවධාරණය කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදයක සඳහන් විය. ඉන් අනතුරුව ජනාධිපති කාර්යාලයේ පිළිගැනීමේ ස්ථානයේ වෙත පැමිණි ජනාධිපතිතුමා එහි කටයුතු ද නිරීක්ෂණය කළේ ය. ජනාධිපති කාර්යාලය වෙත පැමිණෙන අමුත්තන් රැඳී සිටින ස්ථානයේ පහසුකම් ද ජනාධිපතිතුමා නිරීක්ෂණය කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ ය. |
2018-11-12T06:33:43.000Z | පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහි පෙත්සම් විභාගය හෙටට කල්යයි | පාර්. විසිරවීමට එරෙහි පෙත්සම් විභාගය හෙටට කල්යයි | COLOMBO (News 1st) - පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපතිතුමා නිතුක් කළ ගැසට් නිවේදනය අවලංගු කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් අගවිනිසුරුවරයා ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේදී අදට විභාග කර අවසන් වී තිබේ. නීතිපති කරුණු දැක්වීම හෙට පෙරවරු 10.00 ආරම්භ කිරීමට නියමිත බව අප අධිකරණ වාර්තාකරු සඳහන් කළේ ය. |
2018-11-12T05:25:25.000Z | සරසවි සිසු විරෝධතාවක් හේතුවෙන් කොළඹ රථවාහන තදබදයක් | සරසවි සිසු විරෝධතාවක් හේතුවෙන් කොළඹ රථවාහන තදබදයක් | COLOMBO (News 1st) - සරසවි සිසුන්ගේ විරෝධතාවක් හේතුවෙන් කොළඹ පුරහල ආශ්‍රිතව දැඩි රථවාහන තදබදයක් හට ගෙන තිබේ. අප වාර්තාකරු සඳහන් කළේ, වෝඩ් පෙදෙස සම්පුර්ණයෙන්ම අවහිර වී ඇති බවයි. කැලණිය විශ්වවිද්‍යාල සිසුන් විසින් මෙම විරෝධතාවය පවත්වනු ඇත. විශ්වවිද්‍යාලය තුළ පවතින ආචාර්ය පුරප්පාඩු පියවීම, විෂය සමගාමි සහ බාහිර ක්‍රියාකාරකම් සඳහා ප්‍රතිපාදන වෙන් කිරීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කර ගනිමින් මෙම විරෝධතාවය පවත්වනු ලැබේ. |
2018-11-12T05:13:43.000Z | හිටපු ඇමති අර්ජුනගේ ආරක්ෂක නිලධාරියා තවදුරටත් රිමාන්ඩ් | අර්ජුනගේ ආරක්ෂක නිලධාරියා තවදුරටත් රිමාන්ඩ් | COLOMBO (News 1st) - දෙමටගොඩ පිහිටි ඛනිජ තෙල් අමාත්‍යාංශයේ පසුගිය දා සිදු වූ වෙඩි තැබීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ ආරක්ෂක නිලධාරියා ලබන 15 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. ඒ, ඔහු අද කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි. අද දිනයේදී සැකකාර ආරක්ෂක නිලධාරියා හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කළ අතර එහිදි සාක්ෂිකරුවන් තිදෙනෙකුගෙන් දෙදෙනෙකු ඔහු හඳුනා ගත්තේය. වෙඩි වැදීමෙන් තුවාල ලැබු තව ත් සාක්ෂිකරුවෙකු කොළඹ ජාතික රෝහලේ තවදුරටත් ප්‍රතිකාර ලබනු ඇත. ඔහු ලබන 15 වැනි දා අධිකරණය හමුවේ පෙනී සිටිමට නියමිත අතර එදින සැකකරු වැඩිදුර පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමට නියමිතයි. අර්ජුන රණතුංග මහතාගේ ආරක්ෂක නිලධාරියා සිදු කළ වෙඩි තැබීමෙන් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලැබු අතර එක් පුද්ගලයෙකු මිය ගියේ ය. |
2018-11-12T04:01:53.000Z | පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව පෙත්සම් විභාගය ඇරඹේ | පාර්ලිමේන්තුව විසිරවීමට එරෙහි පෙත්සම් විභාගය ඇරඹේ | COLOMBO (News 1st) - පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපතිතුමා නිතුක් කළ ගැසට් නිවේදනය අවලංගු කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීම මේ වන විට ආරම්භවී තිබේ. ඒ, අගවිනිසුරුවරයා ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේදීයි. පාර්ලිමෙන්තුව විසුරුවා හැරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට මේ වන විට පෙත්සම් 12 ක් ඉදිරිපත්ව ඇත. අප අධිකරණ වාර්තාකරු ප්‍රකාශ කළේ, දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් කිහිපයක් විසින් එම පෙත්සම් ඉදිරිපත් කර ඇති බවයි. ඒ අනුව එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, සමස්ත ලංකා මහජන කොංග්‍රසය, ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ සහ ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු පක්ෂ ගණනාවක් පෙත්සම් ගොනු කර ඇත. පෙත්සම් විභාගයට පෙනී සිටිම සඳහා නීතිපතිවරයා ද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට පැමිණ සිටින බව අප වාර්තාකරු පැවසුවේ ය. |
2018-11-12T01:36:20.000Z | මාධ්‍යවේදීන්ට සිදුවු අපහසුතාව ගැන හර්ෂණ රාජකරුණා කනගාටුව පළකරයි | හර්ෂණ රාජකරුණා කනගාටුව පළකරයි | COLOMBO (News 1st) : ඊයේ ගංගාරාම පරිශ්‍රයේ පැවති සත්‍යග්‍රහයක් අතරතුර News 1st මාධ්‍යවේදීන්ට සිදුවු අපහසුතාව පිළිබඳව තමන් කනගාටුව පළ කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පවසයි. "අපේ රටේ ප්‍රජාතන්තවාදයට එරෙහිව ගත්තු ක්‍රියාමාර්ගයත් එක්ක එක්සත් ජාතික පක්ෂයේ තරුණ වෘත්තියවේදිනුත් වෙනත් සංවිධාන ගණනාවක් එකතුවෙලා විරෝධතාවක් පැවැත්වුවා. ඒ අවස්ථාවට පැමිණි නිවේදකයාව අපහසුතාවක ලක්වුණා කියලා මට දැනගන්න ලැබුනා විශේෂයෙන්ම සිරස මාධ්‍ය කවදත් සාධාරණ වෙනුවෙන් ප්‍රජාතන්තවාදය වෙනුවෙන් විශාල සහයෝගයක් ලබාදුන්නා. ඒ අවස්ථාවට පැමිණි මාධ්‍යවේදියාට කණගාටුව ප්‍රකාශ කරනවා අපහසුතාවට පත්වුණා නම්" එක්සත් ජාතික පක්ෂයට සහයෝගය පළ කරන තරුණ වෘත්තියවේදීන් පිරිසක් ඊයේ රාත්‍රියේ කොළඹ ගංගාරාම බේරේ වැව පරිශ්‍රයේ නිහඬ සත්‍යග්‍රහයක නිරත වූහ. එම අවස්ථාව ආවරණය කිරීමට ගිය News 1st මාධ්‍යවේදීන්ගේ රාජකාරියට බාධාකරමින් ඔවුන් අපහසුතාවට පත්වන ලෙස විරෝධතාවයේ නිරත පිරිසක් කටයුතු කළහ. |
2018-11-12T00:04:18.000Z | හෙරොයින් ජාවාරම්කරුට තැබූ වෙඩිල්ලෙන් නිලධාරියෙකුට තුවාල | සැකකරුට තැබූ වෙඩිල්ලෙන් නිලධාරියෙකුට ම තුවාල | COLOMBO (News 1st) : හෙරොයින් ග්‍රෑම් 101ක් සමග සැකකරුවන් 6 දෙනෙකු කුලියාපිටිය, මිගහකොටුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරීන් පිරිසක් ඊයේ රාත්‍රියේ කළ වැටලීමකදීයි. අත්අඩංගුවට පත් සැකකරුවන් අතර ජාවාරම්කරුවන් තිදෙනෙකු හා තවත් සැකකරුවන් තිදෙදෙනෙකු වන බව පොලීසිය සඳහන් කළේ ය. සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට යාමේදී එක් සැකකරුවෙකු පලා යෑමට තැත් කර තිබේ. එහීදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරියෙකු සැකකරු පසුපස ලුහුබැඳ ගොස් ඇතිබව පොලීසිය සඳහන් කළේ ය. මෙහිදී සෙසු පොලිස් නිලධාරීන්, සැකකරුට වෙඩි තබා ඔහු අත්අඩංගුවට ගෙන තිබේ. වෙඩි තැබීමෙන්, සැකකරු පසුපස ලුහුබැඳ ගිය පොලිස් සැරයන්වරයෙකු සුළු තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි පොලීසිය සඳහන් කළේ ය. සොයාගත් හෙරොයින් තොගයේ වටිනාකම රුපියල් මිලියනයකට අධික වන අතර හෙරොයින් ප්‍රවාහනය සඳහා යොදා ගත් මෝටර් රථය ද පොලීසිය භාරයට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර, දින 07ක රැඳවුම් භාරයේ තබා ගැනීමට, පොලීසිය පියවර ගෙන තිබේ. |
2018-11-11T23:43:27.000Z | ශ්‍රී ලනිප සංවිධායකවරු හෙට කොළඹට කැඳවයි | ශ්‍රී ලනිප සංවිධායකවරු හෙට කොළඹට කැඳවයි | COLOMBO (News 1st) : ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලු ම ආසන සහ දිස්ත්‍රික් සංවිධායකවරුන් හෙට කොළඹට කැඳවා තිබේ. නිදහස් පක්ෂ මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සඳහන් කළේ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදි පැවැත්වෙන විශේෂ රැස්විමක් සඳහා එම කැඳවීම සිදු කර ඇති ඇති බවයි. නිදහස් පක්ෂයේ ආසන සහ දිස්ත්‍රික් සංවිධායකවරුන් 341 දෙනෙකු එ සඳහා දැනුවත් කර ඇතැයි, ද ලේකම්වරයා සඳහන් කළේ ය. |
2018-11-11T22:55:53.000Z | පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් 11 ක් | පාර්ලිමේන්තුව විසිරවීමට එරෙහිව පෙත්සම් 11ක් | COLOMBO (News 1st) : පාර්ලිමෙන්තුව විසුරුවා හැරිමට එරෙහිව ශ්‍රේෂ්ථාධිකරණයට මේ වන විට පෙත්සම් 11 ක් ඉදිරිපත් කර තිබේ. අප අධිකරණ වාර්තාකරු ප්‍රකාශ කළේ, දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් කිහිපයක් විසින් එම පෙත්සම් ඉදිරිපත් කරනු ලැබ ඇති බවයි. ඒ අනුව එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් එහි සභාපති කබිර් හෂිම් පෙත්සමක් ගොනු කර තිබේ. අප අධිකරණ වාර්තාකරු සඳහන් කළේ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රාවුෆ් හකිම් මහතා විසින් ද පාර්ලිමෙන්තුව විසුරුවා හැරීමට එරෙහිව පෙත්සමක් ගොනු කර ඇති බවයි. සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක රිෂාඩ් බදුර්දින් මහතා විසින් ද පෙත්සමක් ගොනු කරනු ලැබ ඇතැයි අප අධිකරණ වාර්තාකරු සඳහන් කළේ ය. ප්‍රජාතන්ත්‍රවාදි ජනතා පෙරමුණේ නායක මනෝ ගනේෂන් මහතා එක් පෙත්සමක් ගොනු කර ඇති අතර ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා තවත් පෙත්සමක් ගොනු කර තිබේ. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා දෙමළ ජාතික සන්ධානය වෙනුවෙන් පෙත්සමක් ගොනු කර තිබේ. මීට අමතරව ලාල් විජේනායක, නීතීඥ අනුර ලක්සිරි, ජී.සී.ටී පෙරේරා, ආර් .ඒ .එස්. බී. පෙරේරා සහ ජාතික ප්‍රතිපත්ති කේන්ද්‍රය විසින් ද තවත් පෙත්සම් 5ක් පාර්ලිමෙන්තුව විසුරුවා හැරීමට එරෙහිව ශ්‍රෙෂ්ථාධිකරණය වෙත ගොනු කර ඇතැයි අප අධිකරණ වාර්තාකරු සඳහන් කළේ ය. |
2018-11-11T22:21:17.000Z | කැලිෆෝනියාවේ ලැව්ගිනි තවදුරටත් පැතිරෙයි | කැලිෆෝනියාවේ ලැව්ගිනි තවදුරටත් පැතිරෙයි | අමෙරිකාවේ කැලිෆෝනියාහි ලැව්ගිනි පැතිරයාම තවදුරටත් උග්‍ර වී තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, සුළඟේ වේගය වර්ධනය වීමත් සමග පැතිරයාම වේගවත් වූ ගින්න නිවීම, ගිනි නිවන හමුදා භටයන්ට දුෂ්කර කාර්යයක්ව ඇති බවයි. මේ වන විට කැලිෆෝනියාවේ ලැව්ගිනිවලින් පුද්ගලයන් 25 දෙනෙකු මියගොස් ඇති අතර ඉන් 23 දෙනෙකුම පැරඩයිස් නගරයේ වැසියන් ය. ප්‍රාන්තයේ පැතිරයන ගින්නෙන් දිවි ගලවා ගැනීම සඳහා දෙලක්ෂ පනස්දහසක පමණ පුද්ගලයන් පිරිසකට සිය නිවෙස් අතහැර පලායාමට සිදුව තිබේ. |
2018-11-11T20:10:12.000Z | පෑලියගොඩ අන්තර් හුවමාරුව-කැලණි පාලම අතර කොටසක් තාවකාලිකව වැසේ | පෑලියගොඩ හුවමාරුව-කැලණි පාලම අතර කොටසක් වැසේ | COLOMBO (News 1st) : කොළඹ කටුනායක අධිවේගි මාර්ගයේ පෑලියගොඩ අන්තර් හුවමාරුව හා කැලණි පාලම අතර කොටසක් නැවත දැනුම් දෙනතුරු තාවකාලිකව වසා තැබීමට මාර්ග සංවර්ධන අධිකාරිය තීරණය කර තිබේ. ඒ යෝජිත නව කැලණි පාලමේ ඉදිකිරීම් කටයුතු හේතුවෙනි. ඒ අනුව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට කොළඹ නුවර මාර්ගයේ, ඒ එක කොටස සහ කොළඹ පුත්තලම මාර්ගයේ ඒ තුන කොටසේ සිට අධිවේගී මාර්ගය හරහා කොළඹ දෙසට ගමන් ගන්නා වාහන පෑලියගොඩ හුවමාරුවෙන් ඇතුළුවීම තාවකාලිකව නතර කර තිබේ. පොලීසිය පැවසුවේ කොළඹ සිට කැලණි පාලම ඔස්සේ අධිවේගී මාර්ගය හරහා පෑලියගොඩ හුවමාරුවෙන් කොළඹ නුවර මාර්ගයට සහ කොළඹ පුත්තලම මාර්ගයට පිටවීම ද තාවකාලිකව නතරකර ඇති බවයි. කෙසේ වෙතත් කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා වාහන සඳහා කිසිදු අවහිරයක් නොමැති බව ද පොලීසිය සඳහන් කළේ ය. |
2018-11-11T19:16:04.000Z | ගෙවුණු දවස උණුසුම් කළ පුවත්… | ගෙවුණු දවස උණුසුම් කළ පුවත්… | COLOMBO (News 1st) දේශීය පුවත්... 1. අගමැති මහින්ද රාජපක්ෂ පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගනී : අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් ඊයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගත්හ. 2. ලෝකාන්තයෙන් වැටුණු කාන්තාවගේ සිරුර නන්පේරියල් වතුයායේ : හෝටන්තැන්න, ලෝකන්තයෙන් වැටුණු විදේශීය කාන්තාවගේ මළ සිරුර බළංගොඩ, නන්පේරියල් වතුයායේ තිබී සොයා ගෙන තිබේ. 3. ඝාතන සැකකරුවන් දෙදෙනෙක් රත්නපුරේදී අත්අඩංගුවට : මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් අවශ්‍යව සිටි සැකකරුවන් දෙදෙනෙකු රත්නපුර පොම්පකැලේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. 4. හිටපු කතානායක කරු ජයසූරියගෙන් නිවේදනයක් : කරු ජයසූරිය මහතා හිටපු කතානායකවරයා ලෙස ඊයේ පස්වරුවේ ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කළේ ය. 5. ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක් :මැතිවරණය ප්‍රකාශයට පත් කර තිබියදී, ජනාධිපති, අගමැති, ඇමති මණ්ඩලයේ සාමාජිකයන් හැර පැවති රජයේ හෝ වත්මන් රජයේ කිසියම් කෙනෙකු තවදුරටත් රාජ්‍ය දේපළ අවභාවිත කරන්නේ නම් නීතිය ක්‍රියාත්මක කිරීමට සිදුවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. විදෙස් පුවත්.... 1. විශ්වය රුධිරයෙන් තෙත් කළ පළමු ලෝක යුද්ධයට වසර 100යි : විශ්වය රුධිරයෙන් තෙත් කළ පළමු ලෝක යුද්ධය සමාප්ත වී ඊයේ දිනට වසර 100ක් සපිරේ ක්‍රීඩා පුවත්... 1. අකිල ධනංජයගේ පන්දු යැවීමේ ඉරියව්ව සැකසහිත බව ICCය කියයි : ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජයගේ පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත බව අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය පවසයි. 2. චන්දිමාල් ආබාධයක් : නායකත්වය සුරංගට: ආබාධයකට ලක් වූ ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාලට එංගලන්තය සමග පැවැතිවෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ ඉදිරි තරග අහිමි වී තිබේ |
2018-11-11T11:39:57.000Z | සියලු දේ තවදුරටත් හෙළි කිරීමට අපව පොළඹවන්නට එපා...! | සියලු දේ තවදුරටත් හෙළි කිරීමට අපව පොළඹවන්නට එපා... | COLOMBO (News 1st) : එක්සත් ජාතික පාක්ෂිකයින් පිරිසක් අද රාත්‍රියේ ගංගාරාම බේරේවැව ආසන්නයේ සිට ඉටි පන්දම් දල්වා සත්‍රයග්‍රහයක නිරතවිය. මෙලෙස සත්‍යග්‍රහය පැවැත්වුණේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ඇතුළු පසුගිය දින කිහිපයේ රට තුළ ඇතිවු දේශපාලන වෙනස්කම් ව්‍යවස්ථාවට අනුකූල නොවන බව විරෝධය පළ කරමිනි. මෙම අවස්ථාවට එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇතුළු පිරිසක් ද එක්ව සිටියහ. අපගේ රාත්‍රී 7 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අතරතුර එම ස්ථානයේ සිටි අප වාර්තාකරු මෙම නිහඩ විරෝධතාවය ආවරණය කිරිමට ගොස් සිටි අවස්ථාවේදී එම ස්ථානයේ සිටි ඇතැම් නිහඬ විරෝධතාකරුවන් අපගේ වාර්තාකරුවන්හට අපහස වන ආකාරයෙන් බැණ වැදී තිබේ. මෙම විරෝධතාවය නිහඬ විරෝධතාවක් ලෙස සංවිධාන කළ ද මෙසේ අප්‍රසන්න සිදුවීමක්ද සිදු වූ බව අපට කනගාටුවෙන් වුවද වාර්තා කිරිමට සිදු වේ. අපට දැන ගන්නට ලැබුනේ මෙය එක්සත් ජාතික පක්ෂයේ තරුණ වෘත්තීය වේදින්ගේ සංගමය සංවිධාන කළ නිහඬ විරෝධතාවක් බවයි. අපි එය එලෙසම වාර්තා කළෙමු . මෙම සිද්ධිය සිදු වන්නේ අප මෙම නිහඬ විරෝධතාව වෙනුවෙන් ගුවන් කාලය වෙන් කර මෙ සජීවීව විකාශය කළ පසුබිමකදීයි. අප , අපගේ වාර්තාකරුවන්ව මෙලෙස හිංසනයට ලක් කළ පුද්ගලයින්ට මහ බැංකු බැඳුම්කර වංචාව , මධ්‍යම අධිවේගී මාර්ගය පිළිබඳ වංචාව , ශ්‍රී ලංකන් ගුවන් සේවය ඇතුළුව රටතුල සිදු කළ මහා පරිමාණ වංචා මතක් කර දිමට කැමත්තෙමු. මෙවැනි අවස්ථාවක මෙම වංචාවන්ට වගකිවයුතු පුද්ගලයින් පිළිබඳව රට හමුවේ හෙළි කරනවාට කැමති ද යන ප්‍රශ්නය මෙම පුද්ගලයින්ගෙන් ඔවුන්ගේ විමසා සිටිමු. ඒ සියල්ල තවදුරටත් හෙළි කිරිමට අපට පොළඹවන්නට එපා...! |
2018-11-11T10:08:42.000Z | ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක් | ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක් | COLOMBO (News 1st) :මැතිවරණය ප්‍රකාශයට පත් කර තිබියදී, ජනාධිපති, අගමැති, ඇමති මණ්ඩලයේ සාමාජිකයන් හැර පැවති රජයේ හෝ වත්මන් රජයේ කිසියම් කෙනෙකු තවදුරටත් රාජ්‍ය දේපළ අවභාවිත කරන්නේ නම් නීතිය ක්‍රියාත්මක කිරීමට සිදුවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ විශේෂ ප්‍රකාශයක් සිදුකරමිනි. එම විශේෂ ප්‍රකාශය මගින් ගුණවත් සමාජයක් සහිත රාජ්‍ය පාලනයක් සඳහා සියලු දෙනාගේ සහය ඉල්ලා සිටින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ජනාධිපතිවරයාගේ සම්පූර්ණ ප්‍රකාශය පහතින්... https://www.youtube.com/watch?v=ZMu9VszKuIk |
2018-11-11T08:43:39.000Z | හිටපු කතානායක කරු ජයසූරියගෙන් නිවේදනයක් | හිටපු කතානායක කරු ජයසූරියගෙන් නිවේදනයක් | COLOMBO (News 1st) : කරු ජයසූරිය මහතා හිටපු කතානායකවරයා ලෙස අද පස්වරුවේ ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කළේ ය. හිටපු කතානායක කරු ජයසූරිය මහතා නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ, මහජනතාව තමන් නියෝජනය කිරීම සඳහා තෝරා පත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අයිතිය බලෙන් පැහැර ගැනීම පාර්ලිමේන්තුවේ භාරකරු ලෙස ගතවූ දෙසතිය තුළ තමා විමසිල්ලෙන් නිරීක්ෂණය කළ බවයි. තමන්ගේ ක්‍රියාකාරකම් පිළිබඳව කිසිදු පැකිළීමකින් තොර කවර ආකාරයේ වුව ප්‍රතිවිපාකයට මුහුණ දීමට තමන් සූදානම් බව ද හිටපු කතානායකවරයා නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ය. |
2018-11-11T08:20:23.000Z | ඝාතන සැකකරුවන් දෙදෙනෙක් රත්නපුරේදී අත්අඩංගුවට | ඝාතන සැකකරුවන් දෙදෙනෙක් රත්නපුරේදී අත්අඩංගුවට | COLOMBO (News 1st) : මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් අවශ්‍යව සිටි සැකකරුවන් දෙදෙනෙකු රත්නපුර පොම්පකැලේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, පසුගිය මස 28 වැනි දින හංවැල්ල ප්‍රදේශයේදී පුද්ගලයකු වෙඩි තබා, කපා කොටා ඝාතනය කිරීමට අදාළව එම සැකකරුවන් ඊයේ රාත්‍රීයේ අත්අඩංගුවට ගත් බවයි. අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 24 සහ 19 යන වයස්වල පසුවන රණාල ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකි. ඔවුන් සන්තකයේ තිබී කඩු තුනක් සහ ත්‍රී රෝද රථයක් පොලිස් භාරයට ගෙන තිබේ. දැනට බන්ධාගාරගතව සිටින දිනෙත් මෙනල් මාලඹුගේ නෙහොත් ඌරු ජුවා නමැති සංවිධානාත්මක අපරාධකරු ඝාතනය මෙහෙයෙවා ඇතැයි පොලිසිය සඳහන් කළේ ය. |
2018-11-11T07:21:23.000Z | පිළියන්දලදී රේස් ගිය යතුරුපැදිකරුවන් 32 රිමාන්ඩ් | පිළියන්දලදී රේස් ගිය යතුරුපැදිකරුවන් 32 රිමාන්ඩ් | COLOMBO (News 1st) : පිළියන්දල, ජාලියගොඩ- කැස්බෑව විකල්ප මාර්ගයේ අනතුරුදායක ලෙස යතුරුපැදි ධාවනය කිරීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගත් සැකකරුවන් 32 නා හෙට දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. ඒ සැකකරුවන් අද පස්වරුවේ, කැස්බෑව වැඩබලන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. ඊයේ රාත්‍රී 11 ත් අද අලුයම 3 ත් අතර කාලයේ සිදුකළ වැටලීමකදී මොවුන් අත්අඩංගුවට ගැණින. පොලීසිය සඳහන් කළේ, යතුරු පැදි 14 ක් සිය භාරයට ගත් බවයි. අත්අඩංගුවට ගත් පුද්ගලයින් වයස අවුරුදු 19 ත් 30 ත් අතර වයස්වල පසුවන්නන් ය. |
2018-11-11T06:39:32.000Z | අකිල ධනංජයගේ පන්දු යැවීමේ ඉරියව්ව සැකසහිත බව ICCය කියයි | අකිල ධනංජයගේ පන්දු යැවීමේ ඉරියව්ව සැකසහිතයි - ICC | COLOMBO (News 1st) : ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජයගේ පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත බව අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය ප්‍රකාශ කළේ, අකිල ධනංජයගේ පන්දු යැවීමේ ඉරියව්ව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකාරීත්වය දැනුවත් කර ඇති බවයි. දින 14 ක් ඇතුළත් ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව පිළිබඳව පරීක්ෂණයක් සිදු කිරීමට නියමිත බව අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිල අද නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ය. |
2018-11-11T04:48:51.000Z | චන්දිමාල් ආබාධයකට ලක්වෙයි: නායකත්වය සුරංගට | චන්දිමාල් ආබාධයකට ලක්වෙයි: නායකත්වය සුරංගට | COLOMBO (News 1st) : ආබාධයකට ලක් වූ ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාලට එංගලන්තය සමග පැවැතිවෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ ඉදිරි තරග අහිමි වී තිබේ. නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ, ආබාධයකට ලක් වූ ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල් සති දෙකක් කාලයක් තරග බිමෙන් ඉවත් වන බවයි. චන්දිමාල්ගෙන් පුරප්පාඩු වන ස්ථානය සඳහා චරිත් අසලංක කණ්ඩායමට කැඳවා ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ වැඩි දුරටත් සඳහන් ය. |
2018-11-11T04:46:48.000Z | චරිත් ක්‍රිකට් කළමනාකාර ධුරයෙන් ඉල්ලා අස්වෙයි | චරිත් ක්‍රිකට් කළමනාකාර ධුරයෙන් ඉල්ලා අස්වෙයි | COLOMBO (News 1st) : ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු ලෙස කටයුතු කළ චරිත් සේනානායක මහතා එම ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ. ඒ බව නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තහවුරු කළේ ය. වහා ම ක්‍රියාත්මක වන පරිදි කණ්ඩායම් කළමනාකර ධූරයට ජෙරී වව්ටර්ස් මහතා පත් කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ වැඩි දුරටත් සඳහන් ය. |
2018-11-11T03:48:34.000Z | ලෝකාන්තයෙන් වැටුණු කාන්තාවගේ සිරුර නන්පේරියල් වතුයායේ | ලෝකාන්තයෙන් වැටුණු කාන්තාවගේ සිරුර හමුවෙයි | COLOMBO (News 1st) : හෝටන්තැන්න, ලෝකන්තයෙන් වැටුණු විදේශීය කාන්තාවගේ මළ සිරුර බළංගොඩ, නන්පේරියල් වතුයායේ තිබී සොයා ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, අද පෙරවරුවේ සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට ගිය අවස්ථාවේ ඇය මෙම අනතුරට ලක්ව ඇති බවයි. 35 හැවිරිදි එම කාන්තාව ජර්මන් ජාතික කාන්තාවකි. අද උදෑසන 7.05 පමණ ලෝකාන්තයෙන් වැටුණු එම කාන්තාව සොයා පට්ටිපොල, සමනලවැව , බලංගොඩ පොලිසි හා යුද හමුදාව, පොලිස් විශේෂ කාර්ය බලකාය, ගුවන් හමුදාව සහ වනජීවි නිලධාරීන් එක්ව මෙහෙයුමක් ක්‍රියාත්මක කළේ ය. |
2018-11-11T03:31:07.000Z | ''රට තුළ කිසිදු ගෑස් හිඟයක් නැහැ'' | ''රට තුළ කිසිදු ගෑස් හිඟයක් නැහැ'' | COLOMBO (News 1st) : රට තුළ කිසිදු ගෑස් හිඟයක් නොමැති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි. එම අධිකාරියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, ඒ සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි මත ගෑස් සමාගම්වලින් කළ විමසීම් වලදී හිඟයක් නොමැති බවට සමාගම් විසින් තහවුරු කරනු ලැබූ බවයි. ගෑස් හිඟයක් ඇති බවට පළවන වාර්තා අසත්‍ය බව ද එම නිලධාරියා තහවුරු කළේ ය. ඔහු පැවසුවේ, ගෑස් හිඟයක් ඇති බවට තොරතුරු වාර්තා වූ ප්‍රදේශ වෙත බෙදා හැරීම් කඩිනම් කරන්නැයි, ඒ ඒ සමාගම් වෙත උපදෙස් දුන් බවයි. ගෑස් හිඟයක් මවා පාමින්, තොග සැඟවීම් කරනු ලබන අලෙවිසල් හිමියන් සොයා දීපව්‍යාප්ත වැටලීම් ක්‍රියාත්මක කිරිමට උපදෙස් දුන් බව ඔහු පැවසී ය. එවැනි අක්‍රමිකතා කරන අලෙවිසැල්හිමියන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි. |
2018-11-11T01:13:23.000Z | අගමැති මහින්ද රාජපක්ෂ පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගනී | අගමැති මහින්ද පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගනී | COLOMBO (News 1st) - අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් මීට ටික වේලාවකට පෙර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගත්හ. ඒ, කොළඹ විජේරාම මාවතේ පිහිටි මහින්ද රාජපක්ෂ මහතාගේ නිවසේදී ය. එම අවස්ථාවට පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ. |
2018-11-10T22:00:10.000Z | අපරාධ රැසකට සම්බන්ධ 3 දෙනෙකු කටුබැද්දේදී අත්අඩංගුවට | අපරාධ රැසකට සම්බන්ධ 3 දෙනෙක් කටුබැද්දේදී කොටුවෙති | COLOMBO (News 1st) - අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවන් 3 දෙනෙකු කටුබැද්ද ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයට භාර දී තිබේ. පොලීසිය සඳහන් කළේ, සැකකරුවන් මහගම නවතා තිබෙන ත්‍රිරෝද රථ සහ යතුරු පැදි සොරකම් කර ඒවා උපයෝගී කර ගනිමින් රන් මාල කොල්ල කෑම් සහ දේපළ සොරා ගැනීම් සිදු කර ඇති බව ය. ගල්කිස්ස, පිළියන්දල, මොරටුව, පානදුර, කළුතර සහ අලුත්ගම ප්‍රදේශවල කොල්ල කෑම් සිදු කර ඇති බව ඔවුන්ගෙන් සිදු කළ මූලික ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී තිබේ. කොල්ල කන ලද ත්‍රිරෝද රථයක් හා යතුරු පැදියක් ද සැකකරුවන් සන්තකයේ තිබී පොලිස් භාරයට ගැනිණි. සැකකරුවන් 24, 26 සහ 28 හැවිරිදි ගල්කිස්ස සහ මොරටුව ප්‍රදේශවල පදිංචිකරුවන් 3 දෙනෙකි. ඔවුන් අද ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය. |
2018-11-10T21:53:03.000Z | රු. ලක්ෂ 42ක් වටිනා රන් බිස්කට් සමග ගුවන්තොටුපොළ සේවකයෙකු අත්අඩංගුවට | ලක්ෂ 42ක රන් බිස්කට් සමග අයෙක් අත්අඩංගුවට | COLOMBO (News 1st) - රුපියල් ලක්ෂ 42කට අධික වටිනා කමින් යුත් රන් බිස්කට් සමග ගුවන්තොටුපොළ සේවකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. රේගු නියෝජ්‍ය අධ්‍යක්ෂ විපුල මිනුවන්පිටිය මහතා සඳහන් කළේ, ඔහු සතුව තිබී රන් බිස්කට් 6ක් සහ රන් කැබලි 3ක් අත්අඩංගුවට ගත් බව ය. රන් බිස්කට් රාජසන්තක කර තිබේ. සැකකරු රුපියල් ලක්ෂයක දඩයක් මත මුදා හැර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක ය. |
2018-11-10T20:31:21.000Z | විශ්වය රුධිරයෙන් තෙත් කළ පළමු ලෝක යුද්ධයට වසර 100ක් සපිරේ | පළමු ලෝක යුද්ධයට වසර 100ක් සපිරේ | (News 1st) - විශ්වය රුධිරයෙන් තෙත් කළ පළමු ලෝක යුද්ධය සමාප්ත වී අදට වසර 100ක් සපිරේ. ඒ නිමිත්තෙන් වූ ප්‍රධාන සැමරුම් උළෙල අද ප්‍රංශයේ පැරිස් නුවරදී පැවැත්වෙන්නේ, ලෝක නායකයින් රැසකගේ ප්‍රධානත්වයෙනි. ප්‍රංශ ජනාධිපති එම්මෑනුවෙල් මැක්‍රෝන්, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්, ජර්මන් චාන්සලර් ඇන්ගෙලා මර්කල් ඇතුළු ලෝක නායකයින් 20කට අධික සංඛ්‍යාවක් ඊට සහභාගී වීමට නියමිත ය. ප්‍රබල ජාතිවාදී ප්‍රතිපත්තියක් අනුගමනය කරන අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙම සැමරුමට සහභාගී නොවන බව දැනුම් දී ඇත්තේ අයහපත් කාලගුණ තත්ත්වය ඊට හේතුවක් ලෙස දක්වමිනි. 3 වැනි ලෝක යුද්ධයක් ඇති නොවීමට සියලු ලෝකවාසීන් කැප විය යුතු බව සැමරුම සඳහා ප්‍රංශයට පැමිණි ලෝක නායකයෝ අවධාරණය කළහ. ප්‍රංශ ජනාධිපතිවරයා පැවසුවේ, පළමු ලෝක යුද්ධයක් ඇති වීමට හේතු වූ කරුණු පිළිබඳව ප්‍රතිවිපරමක් කර, එවැන්නක් යළි ඇති නොවීමට සියලු ලෝකවාසීන් කැප විය යුතු බව ය. ලෝකය සාමයේ නිජබිමක් කිරීමට අවශ්‍ය සියලු දේ වෙනුවෙන් කැප වන බව ජර්මන් චාන්සලර් ඇන්ගෙලා මර්කල් සඳහන් කළා ය. ප්‍රංශය, ලෝක නායකයින්ගේ ප්‍රධානත්වයෙන් පළමු ලෝක යුද්ධයේ සමාප්තිය සමරද්දී, බ්‍රිතාන්‍ය ඒ වෙනුවෙන් සැමරුම් ප්‍රසංගයක් සංවිධාන කර තිබිණි. දෙවැනි එළිසබෙත් රැජිණ ඇතුළු බ්‍රිතාන්‍ය රජ පවුලේ සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් එම ප්‍රසංගය පැවැත්වුණේ, ලන්ඩන් නුවර රාජකීය ඇල්බට් ශාලාවේදී ය. යුද සෙබළුන් සහ සිවිල් වැසියන් මිලියන 15 ඉක්මවූ සංඛ්‍යාවකට දිවි අහිමි කළ පළමු ලෝක යුද්ධයේ පළමු වෙඩි මුරය තබන්නේ සර්බියාව සහ ඔස්ට්‍රියාවයි. මෙම රටවලට මිත්‍ර පාර්ශවික රටවල් යුද්ධයේ පාර්ශවකරුවන් වීමත් සමග ලෝකවාසීන්ගේ හදවත් භීතියේ සෙවනැලිවලින් වැසී ගියේ ය. 1914 ජුලි 28 වන දා ඇරඹි පළමු ලෝක යුද්ධයේදී සර්බියාවේ සහයට ප්‍රංශය සහ රුසියාව එක්වෙද්දී ඔස්ට්‍රියාවේ සහයට ජර්මනිය එක් විය. පළමු ලෝක මහා සංග්‍රාමය සියලු රටවලට සෘජුව මෙන්ම වක්‍රව බලපෑම් කරන තත්ත්වයකට පත් වූයේ, බ්‍රිතාන්‍ය සහ අමෙරිකාව ඊට මැදිහත් වීමත් සමග ය. වසර 4කුත් මාස 3ක් අඛණ්ඩව යුද වැදීමෙන් අනතුරුව පළමු ලෝක යුද්ධය නිමාවට පත් වූයේ, ලෝකයට නව යුධෝපකරණ මෙන්ම යුද උපක්‍රම රැසක් ද තිළිණ කරමිනි. ක්ලෝරීන් යොදා ගනිමින් ලෝකයට පළමු වරට විෂ රසායනික ප්‍රහාර හඳුන්වා දීම සිදු වන්නේ ද පළමු ලෝක යුද්ධයේදී ය. ලොව මහා බලවතා වීමට අවශ්‍ය ශක්තිය අමෙරිකාවට ලැබීම, පැරණි නගරවල නම් වෙනස් වීම, රුසියාවේ ඒකාධිපති සාර්වරයාට එරෙහිව බොල්ෂෙවික් විප්ලවය සිදු වීම, යුරෝපයේ පැවති ඒකාධිපති රාජ්‍ය බිඳ වැටී ජාතිකත්වය මත පදනම් වූ නව රාජ්‍ය බිහි වීම සහ ලෝක සාමය හා ප්‍රජාතන්ත්‍රවාදය රැක ගැනීම සඳහා ජාතීන්ගේ සංගමය පිහිටුවා ගැනීම පළමු ලෝක යුද්ධය අපට ඉතිරි කළ දායාද වේ. |
2018-11-10T20:16:21.000Z | ඖෂධ හිඟයක් ඇති නොවීමට තාවකාලික ප්‍රසම්පාදන මණ්ඩලයක් පත් කෙරේ | ඖෂධ හිඟයක් ඇති නොවීමට ප්‍රසම්පාදන මණ්ඩලයක් | COLOMBO (News 1st) - ඖෂධ හිඟය මග හරවා ගැනීම සඳහා තාවකාලික ප්‍රසම්පාදන මණ්ඩලයක් පත් කළ බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. එහි වෛද්‍ය සැපයුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ලාල් පනාපිටිය මහතා සඳහන් කළේ, රට තුළ ඖෂධ හිඟයක් ඇති බවට අසත්‍ය තොරතුරු ප්‍රචාරය වෙමින් පවතින බව ය. එහෙත් මේ වන විට කිසිදු ඖෂධ හිඟයක් නොමැති බව ඔහු අවධාරණය කළේ ය. |
2018-11-10T19:46:15.000Z | ගෙවුණු දවස උණුසුම් කළ පුවත්… | ගෙවුණු දවස උණුසුම් කළ පුවත්… | COLOMBO (News 1st) 1. පාර්ලිමේන්තු ඡන්ද විමසීම 2019 ජනවාරි 5 වන දා පැවැත්වීමට තීරණය කර තිබේ. 2. පාර්ලිමේන්තු මැතිවරණය සඳහා මැතිවරණ කොමිෂන් සභාව සූදානම් බව එහි සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි. 3. වසර 6කට පසු ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ සේවකයින්ගේ වැටුප් වැඩි කර තිබේ. 4. අහුංගල්ල, පතිරාජ පෙදෙසේ ලී මෝලක් තුළ පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබේ. 5. බලංගොඩ පහන්කුඩාවල ප්‍රදේශයේ දිය නෑමට ගිය සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුන් 3 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. විදෙස් පුවත් 6. අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තය ආශ්‍රිතව හටගත් ලැව් ගිනි හේතුවෙන් පුද්ගලයින් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත් විය. |
2018-11-10T19:36:03.000Z | පවතින දේශපාලන වාතාවරණය හමුවේ රාජ්‍ය ආයතන 6කට විශේෂ ආරක්ෂාවක් | රාජ්‍ය ආයතන 6කට විශේෂ ආරක්ෂාවක් | COLOMBO (News 1st) - රට තුළ පවතින දේශපාලන වාතාවරණය හමුවේ රාජ්‍ය ආයතන 6කට විශේෂ ආරක්ෂාවක් ලබා දී තිබේ. පොලිස් විශේෂ කාර්ය බලකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, ඒ අනුව ලේක්හවුස්, ජාතික රූපවාහිනිය, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව සහ ස්වාධීන රූපවාහිනී යන මාධ්‍ය ආයතනවලට විශේෂ ආරක්ෂාවක් යොදවා ඇති බව ය. ඊට අමතරව නීතිපති දෙපාර්තමේන්තුවට හා රජයේ මුද්‍රණාලයට ද පොලිස් විශේෂ කාර්ය බලකා ආරක්ෂාව ලබා දී තිබේ. එම ආයතනවල ආරක්ෂාව පිළිබඳව සොයා බැලීමට විශේෂ කණ්ඩායම් දෙකක් යොදවා ඇතැයි ද එම ජ්‍යෙෂ්ඨ නිලධාරියා ප්‍රකාශ කළේ ය. |
2018-11-10T08:35:52.000Z | කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අනතුරු ඇඟවීමක් | කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අනතුරු ඇඟවීමක් | COLOMBO (News 1st) : ඉදිරි පැය 48 තුළ මධ්‍යම හා ගිණිකොන දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශවල ධීවර මෙන්ම නාවික කටයුතුවලින් ඉවත් වන ලෙස කාලගුණ දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ. ඊට හේතු වී ඇත්තේ අන්දමන් මුහුදු ප්‍රදේශයේ පැවති අඩු පීඩන කලාපය පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමයි. මේ අනුව හෙට පස්වරුවේ හෝ රාත්‍රීයේදී එය සුළි කුණාටුවක් බවට වර්ධනය වීමේ හැකියාවක් ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. අනිද්දා සිට බටහිර, මධ්‍යම සහ නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමිටර් 100 ත් 110 ත් දක්වා ඉහළ යා හැකි බවට එම දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි. අදාළ කාල සීමාවේ ඉතා දළ රළ ඇතිවිය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ ය. |
2018-11-10T07:43:51.000Z | වසර 6කට පසු ලංගම සේවකයින්ට වැටුප් වැඩිවීමක් | වසර 6කට පසු ලංගම සේවකයින්ට වැටුප් වැඩිවීමක් | COLOMBO (News 1st) : වසර 6 කට පසු ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ සේවකයින්ගේ වැටුප් වැඩිකර තිබේ. ප්‍රවාහන අමාත්‍යාංශය සඳහන් කළේ, ඒ අනුව රියැදුරු, කොන්දොස්තර, කාර්මික, කම්කරු හා ආරක්ෂක යන බිම්ගත ශ්‍රේණිවල නියුතු බිම්ගත සේවකයින්ගේ මුලික වැටුප රුපියල් 14,250 සිට රුපියල් 25,550 ක් දක්වා වැඩි කර ඇති බවයි. 6/2006 චක්‍රලේඛයට අනුව මෙම වැටුප් වැඩි කිරීම සිදුකර තිබේ. මේ පිළිබඳව අවස්ථා කිහිපයකදීම මීට පෙර මුදල් අමාත්‍යාංශය සමග සාකච්ඡා කර තිබුණ ද, ලංගම මූල්‍ය තත්ත්වය යහපත් නොවීම හේතුවෙන් ඒ සඳහා අවසර හිමිනොවීය . එහෙත් නව මූල්‍ය පරිපාලන ක්‍රියාදාමය සහ අවම සේවක සංඛ්‍යාවක් තුළින් වැඩි සේවාවක් සපයා ආදායම ඉහළ නැංවීම තුළින් වැටුප් කිරීමට හැකියාව ලැබුණු බව ප්‍රවාහන අමාත්‍යාංශය සඳහන් කළේ ය. වැටුප් වැඩි කිරීම සංකේතවත් කරමින් ලංගම සේවකයින් පිරිසකට අද පෙරවරුවේ ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල සිල්වා මහතා අදාළ ලේඛන භාරදුන්නේ ය. |
2018-11-10T09:28:27.000Z | මැතිවරණ කොමිසම පාර්ලිමේන්තු ඡන්ද විමසීමට සූදානම්... | මැතිවරණ කොමිසම පාර්ලිමේන්තු ඡන්ද විමසීමට සූදානම් | COLOMBO (News 1st) : පාර්ලිමේන්තු මැතිවරණය සඳහා මැතිවරණ කොමිෂන් සභාව සූදානම් බව එහි සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි. අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබී ය. එහි දැක්වෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 වැනි ව්‍යවස්ථාවේ 2 - ඈ අනු ව්‍යවස්ථාව හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 62 වැනි ව්‍යවස්ථාවේ දෙවන අනු ව්‍යවස්ථාව සමග කියවිය යුතු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වැනි ව්‍යවස්ථාවේ 5 වැනි අනු ව්‍යවස්ථාව යටතේ ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව පාර්ලිමේන්තුව විසුරුවා හරින බවයි. පාර්ලිමේන්තු ඡන්ද විමසීම 2019 ජනවාරි මස 5 වන දා සිදු කිරීමටත් ඒ සඳහා නාම යෝජනා භාරගැනීම මේ වසරේ නොවැම්බර් මස 19 වන දා සිට 26 වැනිදා දහවල් 12 දක්වා සිදුකිරීමටත් ගැසට් නිවේදනය මගින් ජනාධිපතිවරයාමා නියම කර තිබේ. ඒ අනුව අභිනව පාර්ලිමේන්තුව රැස් වන්නේ 2019 ජනවාරි මස 17 වැනිදායි. ජනාධිපතිවරයා අදාළ ගැසට් නිවේදනය නිකුත් කළේ, රජයේ මුද්‍රණාලය ආරක්ෂක අමාත්‍යංශය යටතට පවරා ගැනීමෙන් අනතුරුවයි. ගැසට් නිවේදනය නිකුත් කරන අවස්ථාවේදී එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුම රජයේ මුද්‍රණාල පරිශ්‍රයට පැමිණියහ. මේ අතර අද පස්වරුවේ එක්සත් ජාතික පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් හමුවීමෙන් අනතුරුව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා මාධ්‍යයට අදහස් පළ කළහ. මේ අතර ඊයේ රාත්‍රීයේ තවත් කැබිනට් අමාත්‍යවරුන් 7 දෙනෙක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ. ඒ අනුව මේ වන විට දිවුරුම් දී ඇති කැබිනට් අමාත්‍යවරු ගණන 21කි. මේ අතර ඊයේ පස්වරුවේ අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින් රජයේ මුද්‍රණාලය ආරක්ෂක අමාත්‍යංශය යටතට පවරා ගැනිණ. |
2018-11-10T03:48:40.000Z | අහුංගල්ලේ පුද්ගල ඝාතනයක්... | අහුංගල්ලේ පුද්ගල ඝාතනයක්... | COLOMBO (News 1st) : අහුංගල්ල, පතිරාජ පෙදෙසේ ලී මෝලක් තුළ පුද්ගලයකු තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබේ. ඝාතනයට ලක්ව ඇත්තේ 87 හැවිරිදි , ඌරගස්මංහන්දිය පදිංචිකරුවෙකි. මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසුව මෘත ශරීරය ඇල්පිටිය රෝහලේ තැන්පත් කර තිබේ. පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිතයි. සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන ආරම්භ කර ඇතැයි පොලීසිය සඳහන් කළේ ය. |
2018-11-10T03:02:21.000Z | බලංගොඩ පහන්කුඩාවල දිය නෑමට ගිය සබරගමුව සරසවියේ සිසුන් 3 දෙනෙකු මරුට | බලංගොඩ පහන්කුඩාවල දිය නෑමට ගිය 3 දෙනෙකු මරුට | COLOMBO (News 1st) - බලංගොඩ පහන්කුඩාවල ප්‍රදේශයේ දිය නෑමට ගිය සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුන් 3 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. පොලීසිය සඳහන් කළේ, අද උදැසන 10.30 ට පමණ සිසුන් පිරිසක් දිය නෑමට ගිය අවස්ථාවේදී 3 දෙනෙකු දියේ ගිළී ඇති බව ය. ප්‍රදේශවාසීන් විසින් ඔවුන් බේරාගෙන බලංගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් තිබේ. මිය ගොස් ඇත්තේ 24 සහ 25 හැවිරිදි යාපනය ප්‍රදේශයේ පදිංචිකරුවන් 3 දෙනෙකි. ඔවුන් සබරගමුව විශ්වවිද්‍යාලයේ 3 වන වසරේ ඉගෙනුම ලැබූ සිසුන් බව පොලීසිය සඳහන් කළේ ය. |
2018-11-10T01:15:03.000Z | අයහපත් කාලගුණයෙන් පීඩාවට පත් සංඛ්‍යාව 49000 ඉක්මවයි | අයහපත් කාලගුණයෙන් 49000කට පීඩා | COLOMBO (News 1st) - දිවයිනට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් වූ පුද්ගලයින් සංඛ්‍යාව 49000 ඉක්මවා ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. එම මධ්‍යස්ථානය පැවසුවේ, පවුල් 14000ක් ඒ අතර වන බව ය. අර්ධ වශයෙන් හානි වී ඇති නිවාස සංඛ්‍යාව 300 ඉක්මවා ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ ය. මේ අතර කැලණි ගගේ සහ කළු ගගේ ජල මට්ටම ඉහළ ගොස් ඇති අතර ඒ පිළිබඳව ජනතාවට සැලකිලිමත් වන්නැයි ද ඔහු දැනුම් දෙයි. ගත වූ පැය කිහිපය තුළ වැඩිම වර්ෂාපතනය මඩකලපුව මයිලම්බේලි ප්‍රදේශයට ලැබී තිබේ. එම අගය මිලිමීටර් 70.4කි. රත්මලානට මිලිමීටර් 43.1 ක වර්ෂාපතනයක් ද අරලගංවිල ප්‍රදේශයට මිලිමීටර් 43ක වර්ෂාපතනයක් ද ලැබී ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය. මේ අතර බස්නාහිර, දකුණු, සබරගමුව හා මධ්‍යම පළාත්වලට අද දිනයේත් වැසි හො ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ ශානිකා පියුමලි දිසානායක මෙනවිය පැවසුවේ, වැසි සමග තද සුළං ද ඇති විය හැකි බව ය. ගිගුරුම් සහිත වැසි ඇති වන විට මුහුදු ප්‍රදේශවල සුළං වේගය පැයට කිලෝමීටර් 70 ත් 80 ත් අතර අගයක් දක්වා ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය. |
2018-11-10T00:46:40.000Z | අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ නිලධාරීන් 8කට ස්ථාන මාරු | අගුණකොළපැලැස්ස බන්ධනාගාර නිලධාරීන් 8කට ස්ථාන මාරු | COLOMBO (News 1st) - අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රාජකාරියේ නියුතු බන්ධනාගාර නිලධාරීන් 08 දෙනෙකුට ස්ථාන මාරු ලබා දී තිබේ. බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, පසුගියදා අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් විරෝධතාවක නිරත වීමට අදාළව සිදු කළ විමර්ශනවලින් පසු එම නිලධාරීන් සඳහා ස්ථාන මාරුවීම් ලබා දී ඇති බව ය. බන්ධනාගාර බුද්ධි අංශ විසින් එම විමර්ශන ක්‍රියාත්මක කළ බව ද බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ ය. |
2018-11-09T22:04:45.000Z | කොළඹ ප්‍රදේශ කිහිපයකට අද පස්වරු 4 දක්වා ජලය කැපේ | කොළඹ ප්‍රදේශ කිහිපයකට අද පස්වරු 4 දක්වා ජලය කැපේ | COLOMBO (News 1st) - අඹතලේ ජල පවිත්‍රාගාරයේ සිට දෙහිවල දක්වා ජලය රැගෙන යන නළ මාර්ගයේ හදිසි අලුත්වැඩියාවක් හේතුවෙන් කොළඹ ප්‍රදේශ කිහිපයකට අද පස්වරු 4.00 දක්වා ජල සැපයුම අත්හිටුවා තිබේ. ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පැවසුවේ, ඒ අනුව දෙහිවල - ගල්කිස්ස මහ නගර සභා බල ප්‍රදේශය, රත්මලාන, සොයිසාපුර, කොළඹ 06, මුල්ලේරියාව, පැලවත්ත ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවා ඇති බව ය. කොළඹ 04 සහ 05 ප්‍රදේශවලට අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙනු ඇති. |
2018-11-09T20:15:55.000Z | කැලිෆෝනියාවේ ලැව් ගිනි: 5 දෙනෙකු මරුට | කැලිෆෝනියාවේ ලැව් ගිනි: 5 දෙනෙකු මරුට | (News 1st) - අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තය ආශ්‍රිතව හටගත් ලැව් ගිනි හේතුවෙන් පුද්ගලයින් 5 දෙනෙකු මිය ගොස් තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ලැව් ගින්නේ බලපැම හේතුවෙන් තවත් පුද්ගලයින් 150000ක් පමණ ප්‍රදේශයෙන් ඉවත් කර ඇති බව ය. ඊයේ උදෑසන වන විට වර්ග සැතපුම් 110ක පමණ ප්‍රමාණයක් ලැව් ගිනි හේතුවෙන් විනාශ වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේ ය. පවතින අධික සුළං හේතුවෙන් ලෝස් ඇන්ජලිස් නගරයේ අධිවේගී මාර්ග ආශ්‍රිතව ගින්න වේගයෙන් පැතිර යමින් ඇති අතර මේ හේතුවෙන් මාලිබු වෙරළබඩ නගරයට දැඩි බලපැම් එල්ල වී තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මැත කාලීනව අමෙරිකාව ආශ්‍රිතව ඇති වූ ප්‍රබලතම ලැව් ගින්න ලෙස මෙය හැඳින්විය හැකි බව ය. |
2018-11-09T19:56:27.000Z | හෙරොයින් ජාවාරමේ නිරත සැකකරුවෙකු කෙසෙල්වත්තේ නිවසක සැඟව සිටියදී කොටුවෙයි | හෙරොයින් ජාවාරමේ නිරත සැකකරුවෙකු කොටුවෙයි | COLOMBO (News 1st) - හෙරොයින් ජාවාරමේ නිරත සැකකරුවෙකු කොළඹ කෙසෙල්වත්ත ශාන්ත සෙබස්තියන් වීදියේ නිවසක සැඟව සිටියදී අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගත් සැකකරු සතුව තිබී සොයා ගත් හෙරොයින් ප්‍රමාණය ග්‍රෑම් 34 යි මිලිග්‍රැම් 530කි. 26 හැවිරිදි සැකකරු කොළඹ 12 ඩයස් පෙදෙසේ පදිංචිකරුවෙකි. ඔහු අද මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිත ය. |
2018-11-09T19:51:12.000Z | පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් දෙදෙනෙකු රණාලේදී අත්අඩංගුවට | පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් දෙදෙනෙකු අත්අඩංගුවට | COLOMBO (News 1st) - හංවැල්ල, ජල්තර මහා විද්‍යාලයේ ක්‍රීඩා පිටියේදී පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, රණාල නවකන්ද පාර ප්‍රදේශයේදී ඊයේ රාත්‍රියේ ඔවුන් අත්අඩංගුවට ගත් බව ය. එලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ, 16 හැවිරිදි සහ 19 හැවිරිදි තරුණයින් දෙදෙනෙකි. සැකකරුවන් ගමන් ගත් යතුරු පැදිය ද පොලීසිය භාරයට ගෙන තිබේ. පසුගිය මස 28 වන දා එලෙස ඝාතනයට ලක් වූයේ, හංවැල්ල ඇඹුල්ගම සමගි මාවත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. අත්අඩංගුවට ගත් සැකකරුවන් හෝමාගම මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිත ය. |
2018-11-09T19:45:18.000Z | ගෙවුණු දවස උණුසුම් කළ පුවත්… | ගෙවුණු දවස උණුසුම් කළ පුවත්… | COLOMBO (News 1st) 1. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් නිවේදනයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ අත්සන් කර තිබේ. 2. රජයේ මුද්‍රණාලය ආරක්ෂක අමාත්‍යංශය යටතට පවරා තිබේ. 3. පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට ජනාධිපතිවාරයා ගත් තීරණයට අදාළව අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට කටයුතු කිරීම හේතුවෙන් රජයේ මුද්‍රණාලය අසල කලබලකාරී තත්ත්වයක් මතු විය. 4. තවත් අමාත්‍යවරුන් 7 දෙනෙක් ඊයේ ජනාධිපති නිල නිවසේදී දිවුරුම් දුන්හ. 5. හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට දෙසැම්බර් 14 වැනි දා සිට ජනවාරි 14 වැනි දා දක්වා විදෙස් ගතවීමට කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඊයේ අවසර ලබා දී තිබේ. විදෙස් පුවත් 6. 12 දෙනෙකුට මරු කැඳවූ අමෙරිකාවේ කැලිෆෝනියාහි රාත්‍රී සාමාජ ශාලාවක සිදු වූ වෙඩි තැබීමට සම්බන්ධ සැකකරු හඳුනාගෙන තිබේ. ක්‍රීඩා පුවත් 7. ගාල්ලේදී ශ්‍රී ලංකාවට එරෙහිව පැවැති පළමු ටෙස්ට් තරගය එක් දිනක් ඉතිරිව තිබියදී ජය ගැනීමට එංගලන්ත කණ්ඩායම ඊයේ සමත් විය. |
2018-11-09T19:33:28.000Z | ජනපති පාර්ලිමේන්තුව විසුරුවා හරියි: මහ මැතිවරණය ජනවාරි 5 | මහ මැතිවරණය ජනවාරි 5 | COLOMBO (News 1st) - ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබී ය. ඒ, අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගිනි. එහි දැක්වෙන්නේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 වන ව්‍යවස්ථාවේ දෙක - ඈ අනු ව්‍යවස්ථාව හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 62 වන ව්‍යවස්ථාවේ දෙවන අනු ව්‍යවස්ථාව සමග කියවිය යුතු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වන ව්‍යවස්ථාවේ 5 වැනි අනු ව්‍යවස්ථාව යටතේ ජනාධිපතිතුමාට පැවරී ඇති බලතල අනුව පාර්ලිමේන්තුව විසුරුවා හරින බව ය. ඒ අනුව අභිනව පාර්ලිමේන්තුව 2019 ජනවාරි මස 17 වන දා කැඳවීමට ද ජනාධිපතිවරයා නියම කර තිබේ. පාර්ලිමේන්තු ඡන්ද විමසීම 2019 ජනවාරි මස 5 වන දින සිදු කිරීමටත් ඒ සඳහා නාම යෝජනා භාර ගැනීම මේ වසරේ නොවැම්බර් මස 19 වන දා සිට 26 වන දා දහවල් 12.00 දක්වා සිදු කිරීමටත් ගැසට් නිවේදනය මගින් ජනාධිපතිවරයා නියම කර තිබේ. ජනාධිපතිතුමා අදාළ ගැසට් නිවේදනය නිකුත් කළේ, රජයේ මුද්‍රණාලය ආරක්ෂක අමාත්‍යංශය යටතට පවරා ගැනීමෙන් අනතුරුව ය. |
2018-11-09T11:57:56.000Z | රජයේ මුද්‍රණාලය කාර්ය බහුලයි - විශේෂ ආරක්ෂාවක් | රජයේ මුද්‍රණාලය කාර්ය බහුලයි - විශේෂ ආරක්ෂාවක් | පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට ජනාධිපතිවාරයා ගත් තීරණයට අදාළව අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට කටයුතු කිරීම හේතුවෙන් රජයේ මුද්‍රණාලය අසල කලබලකාරී තත්ත්වයක් මතුව තිබේ. අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා විසින් පැවසූ ආකාරයට ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසිරුවා හැරීම සඳහා අති විශේෂ ගැසට් පත්‍රයට අත්සන් තබා තිබේ. ඒ අනුව, මේවනවිට රජයේ මුද්‍රණාලය අවට කලබල කාරී තත්ත්වයක් මතුව තිබේ. අද පස්වරුවේ රජයේ මුද්‍රණාලය රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශය යටතට පත් කරන ලදී. |
2018-11-09T11:30:58.000Z | පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් නිවේදනයට ජනපති අත්සන් තබයි | පාර්ලිමේන්තුව විසුරුවා හැරේ | COLOMBO (News 1st) - පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් නිවේදනයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මීට ටික වේලාවකට පෙර අත්සන් කර තිබේ. අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මේ බව තහවුරු කළේ ය. |
2018-11-09T09:40:14.000Z | රජයේ මුද්‍රණාලය ආරක්ෂක අමාත්‍යංශය යටතට | රජයේ මුද්‍රණාලය ආරක්ෂක අමාත්‍යංශය යටතට | COLOMBO (News 1st) - රජයේ මුද්‍රණාලය ආරක්ෂක අමාත්‍යංශය යටතට පවරා තිබේ. ගැසට් නිවේදනයක් නිකුත් කරමින් රජයේ මුද්‍රණාලය මෙලෙස ආරක්ෂක අමාත්‍යංශය යටතට පවරා තිබේ. |
2018-11-09T09:22:08.000Z | බදියුදීන් හා හකීම් අතර හමුවක් | බදියුදීන් හා හකීම් අතර හමුවක් | COLOMBO (News 1st) - සමස්ත ලංකා මහජන කොංග්‍රස් නායක රිෂාඩ් බදියුදීන් සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් නායක රවුෆ් හකීම් යන මහත්වරුන් අතර විශේෂ හමුවක් සිදු වී තිබේ. සිය ට්විටර් ගිණුමේ විශේෂ සටහනක් තබමින් සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක රිෂාඩ් බදියුදීන් මහතා සඳහන් කළේ, එම අවස්ථාවට මුස්ලිම් කොංග්‍රසයේ පාර්ලිමේන්තු කණ්ඩායම ද එක් වූ බව ය. පක්ෂ දෙකේ මන්ත්‍රීවරු මේ දිනවල උම්රා වන්දනාව සඳහා මක්කම නගරයට ගොස් සිටිති. |
2018-11-09T09:13:45.000Z | නව දේශපාලන වෙනසත් සමග රුසියාව සමග සබඳතා ශක්තිමත් කර ගත හැකියි - රුසියාවේ ශ්‍රී ලංකා තානාපති | "රුසියාව සමග සබඳතා ශක්තිමත් කර ගත හැකියි" | COLOMBO (News 1st) - ඇති වුණු දේශපාලන වෙනසත් සමගම ශ්‍රී ලංකාවත් රුසියාවත් අතර ද්වීපාර්ශවික සබඳතාවලට පැවති බාධා ඉවත් වනු ඇතැයි රුසියාවේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය දයාන් ජයතිලක මහතා පවසයි. ඔහු ප්‍රකාශ කළේ, රාජ්‍යයන් දෙකටම ද්වීපාර්ශවික සම්බන්ධතා වැඩි දියුණු කරමින් ඉක්මනින්ම ගිවිසුම් රැසකට එළැඹීමේ හැකියාව ලැබෙනු ඇති බව ය. මෙම අවස්ථාවේ පමණක් නොව ඉතිහාසයේ කවර අවස්ථාවකවත් රුසියාව ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතුවලට අත පොවමින්, කළ යුතු දේ පිළිබඳව උපදෙස් නොදුන් රටක් ලෙස කෘතගුණ පූර්වකව ශ්‍රී ලාංකිකයින් විසින් සිහිපත් කරනු ලබන බව රුසියානු රජයේ නිලධාරීන් පිරිසක් හමු වූ අවස්ථාවේ තානාපති ආචාර්ය දයාන් ජයතිලක මහතා ප්‍රකාශ කර තිබේ. රුසියාව සැම විටම ශ්‍රී ලංකාවේ ජාතික නිදහස, ස්වෛරී භාවය, භෞමික අඛණ්ඩතාවය ගරු කළ බව ද තානාපතිවරයා සිහිපත් කළේ ය. ඔහු කියා සිටියේ, ලොව අනෙකුත් රටවල් මහජන ඡන්දයෙන් පත් වුණු නියෝජිතයින්ගේ මතයට ගරු කළ යුතු බවක් ප්‍රකාශ කරමින් සිටින බව ය. රටේ ඉහළ ම ජන මතයක් ලබා ගත් නියෝජිතයා වන විධායක ජනාධිපතිවරයා පත් වන්නේ මුළු රටේම ජනතාවගේ ඡන්දයෙන් බවත්, එය 50%කට වඩා වැඩි ඡන්ද ප්‍රතිශතයක් බවත් ඔවුන්ට අමතක වී ඇතැයි තානාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය. |
2018-11-09T05:46:15.000Z | අමිහිරි පරාජයක් සමගින් රංගනගේ රංගනය අවසන් වෙයි. | අමිහිරි පරාජයක් සමගින් රංගනගේ රංගනය අවසන් වෙයි | ගාල්ලේ දී ශ්‍රී ලංකාවට එරෙහිව පැවැති පළමු ටෙස්ට් තරගය එක් දිනක් ඉතිරිව තිබියදී ජය ගැනීමට එංගලන්ත කණ්ඩායම අද සමත් විය. ලකුණු 462 ක ඉලක්කය හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායමට දෙවැනි ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී රැස්කළ හැකි වූයේ ලකුණු 250 ක් පමණි. ඇන්ජලෝ මැතිව්ස් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වෙමින් ලකුණු 53 ක් රැස්කළ අතර, කුසල් මෙන්ඩිස් ලකුණු 45 ක් රැස්කරද්දී, කෞෂාල් සිල්වා හා ඩිල්රුවන් පෙරේරා ලකුණු 30 බැගින් රැස්කිරීමට සමත්විය. තරගයේ ලකුණු සාරංශය එංගලන්තය පළමු ඉනිම 342 ( බෙන් ෆෝක්ස් 107, ඩිල්රුවන් පෙරේරා 75/5) දෙවැනි ඉනිම 322/6 (ජෙනිං 146, බෙන් ස්ටොක්ස් 62); ශ්‍රී ලංකාව පළමු ඉනිම 203 ( මැතිව්ස් ඇන්ජලෝ 52) දෙවැනි ඉනිම 250 (ඇන්ජලෝ මැතිව්ස් 53) මෙතෙක් ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ඨතම දඟ පන්දු යවන්නා වූ රංගන හේරත්ගේ අවසන් තරගයට සුභදායී ප්‍රථීඵලයක් ලබා දීමට පිතිකරුවන් අපොහොසත් විය. රංගන ටෙස්ට් දිවිය තුළ තරග 93 ක් තුළ කඩුලු 433 ක් දවා ගනිමින් තම ක්‍රීඩා දිවිය අද අවසන් කළේ ක්‍රීඩා ලෝලීන්ගේ හා ප්‍රථිවාදී ක්‍රීඩකයන්ගේ ද ආදරය සමගිනි. ගාල්ලේ දී ටෙස්ට් දිවිය ඇරඹූ රංගනගේ සමුගැනීම වෙනුවෙන් හිටපු ක්‍රීඩකයන් රැසක්ම අද තරගය නැරඹීමට පැමිණ සිටීම ද විශේෂත්යක් විය. රංගන හේරත් ටෙස්ට් තරගවලදී වැඩිම කඩුලු ලාභීන් අතර අට වැනි ක්‍රීඩකයා ලෙස වාර්තා අතරට එක් ව සිටින අතර, වමත් පන්දුයවන්නන් අතර පසුවන්නේ පළමු ස්ථානයේ යි. රංගන හේරත්ගේ ක්‍රීඩා දිවියේ දී දවාගත් කඩුලු සංඛ්‍යාවන් තරග කඩුලු කඩුලු 5 බැගින් කඩුලු 10 බැගින් ටෙස්ට් 93 433 34 9 එක්දින 71 74 0 0 පන්දුවාර 20-20 17 18 1 0 [gallery columns="2" size="medium" ids="160417,160416"] https://www.newsfirst.lk/sinhala/2018/11/09/%e0%b7%81%e0%b7%8a%e2%80%8d%e0%b6%bb%e0%b7%93-%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f%e0%b7%80%e0%b6%a7-%e0%b6%91%e0%b6%bb%e0%b7%99%e0%b7%84%e0%b7%92%e0%b7%80-%e0%b6%91%e0%b6%82%e0%b6%9c%e0%b6%bd-4/ |
2018-11-09T09:39:55.000Z | තවත් අමාත්‍යවරුන් 7 දෙනෙක් දිවුරුම් දෙති | තවත් අමාත්‍යවරුන් 7 දෙනෙක් දිවුරුම් දෙති | COLOMBO (News 1st) - තවත් අමාත්‍යවරුන් 7 දෙනෙක් අද ජනාධිපති නිල නිවසේදී දිවුරුම් දුන්හ. ඒ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේදී ය. ඒ අනුව දිවුරුම් දුන් අමාත්‍යවරුන් පහත පරිදි වේ. උදය ගම්මන්පිල මහතා - බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍ය සී.බී. රත්නායක මහතා - තැපැල් සහ විදුලි සංදේශ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා - වෙළෙඳ, පාරිභෝගික කටයුතු හා ක්‍රිස්තියානි කටයුතු අමාත්‍ය එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතා - නාගරික සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා - වැවිලි කර්මාන්ත අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා - කම්කරු, විදේශ රැකියා සහ ඛනිජ තෙල් සම්පත් අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන මහතා - කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය |
2018-11-09T05:25:03.000Z | ශ්‍රී ලංකාවට එරෙහිව එංගලන්තයට ලකුණු 211ක ජයක් | ශ්‍රී ලංකාවට එරෙහිව එංගලන්තයට ලකුණු 211ක ජයක් | COLOMBO (News 1st) - ශ්‍රී ලංකාව සමග පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය එංගලන්තය ලකුණු 211කින් මීට ටික වේලාවකට පෙර ජය ගත්තේ ය. ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති තරගයේ ජයග්‍රහණය සඳහා ලකුණු 462ක ඉලක්කයක් කරා හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට සියලු කඩුලු දැවී රැස් කර ගැනීමට හැකි වුණේ ලකුණු 250ක් පමණි. ලොව සාර්ථකම වමත් ටෙස්ට් පන්දු යවන්නා වන රංගන හේරත් සහභාගී වූ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය මෙයයි. https://www.newsfirst.lk/sinhala/2018/11/09/%e0%b6%85%e0%b6%b8%e0%b7%92%e0%b7%84%e0%b7%92%e0%b6%bb%e0%b7%92-%e0%b6%b4%e0%b6%bb%e0%b7%8f%e0%b6%a2%e0%b6%ba%e0%b6%9a%e0%b7%8a-%e0%b7%83%e0%b6%b8%e0%b6%9c%e0%b7%92%e0%b7%92%e0%b7%92%e0%b6%b1%e0%b7%8a/ |
2018-11-09T20:02:52.000Z | පෑලියගොඩ අන්තර් හුවමාරුවේ කොටසක් අද සිට තාවකාලිකව වසා දැමේ | පෑලියගොඩ අන්තර් හුවමාරුවේ කොටසක් වසා දැමේ | COLOMBO (News 1st) - කටුනායක අධිවේගී මාර්ගයට නව කැලණි පාලම සම්බන්ධ කිරීමේ ඉදිකිරීම් හේතුවෙන් පෑලියගොඩ අන්තර් හුවමාරුවේ කොටසක් අද සිට තාවකාලිකව වසා තැබේ. මාර්ග සංවර්ධන අධිකාරියේ අධිවේගී මාර්ග නඩත්තු හා කළමනාකරණ ඒකකයේ අධ්‍යක්ෂ එස්. ඕපනායක මහතා සඳහන් කළේ, ඒ වෙනුවට අධිවේගී මාර්ගයට ප්‍රවේශ වීම සඳහා එම ස්ථානයෙන්ම විකල්ප මාර්ගයක් හඳුන්වා දී ඇති බව ය. ඉදිකිරීම් අවසන් වනතුරු රියැදුරන් එම විකල්ප මාර්ගය ඔස්සේ අධිවේගී මාර්ගයට ප්‍රවේශ විය යුතු බව ද ඔහු සඳහන් කළේ ය. |
2018-11-09T01:56:11.000Z | ගෝඨාභය රාජපක්ෂට මසකට විදෙස් ගතවීමට අවසර | ගෝඨාභය රාජපක්ෂට මසකට විදෙස් ගතවීමට අවසර | COLOMBO (News 1st) - හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට දෙසැම්බර් 14 වැනි දා සිට ජනවාරි 14 වැනි දා දක්වා විදෙස් ගතවීමට කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල අද අවසර ලබා දී තිබේ. ඒ, ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් සිල්වා මහතා කළ ඉල්ලීම සළකා බලමිනි. මේ වන විට අධිකරණය භාරයේ ඇති විත්තිකාර ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විදේශ ගමන් බලපත්‍රය ඔහුට ලබාදීමට ද නියෝග කළ විනිසුරු මඬුල්ල, විදේශ ගමන් තහනම අදාළ කාලසීමාව සඳහා තාවකාලිකව ඉවත් කළ බව ආගමන විගමන පාලකවරයාට දැනුම් දෙන්නැයි ද නියෝග කළේ ය. මැදමූලන ඩී. ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීම සඳහා ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවට අයත් රුපියල් තුන්කෝටි 39 ලක්ෂයක මුදලක් අවභාවිතය සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු 7 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා මෙම නඩුව පවරා තිබේ. නඩුව ලබන 27 වැනි දා යළි කැඳවීමට නියමිතය. |
2018-11-09T01:44:27.000Z | වැව් බැම්මක් කැඩී යාමෙන් කොටුවී සිටි පුද්ගලයින් 6 දෙනෙකුගේ දිවි බේරා ගැනේ | ජල පහරකට හසු වූ 6 දෙනෙකුගේ දිවි බේරා ගැනේ | COLOMBO (News 1st) - මුලතිව්, මුහුදුබඩපත්තුව, කුමුලමුනෙයි ප්‍රදේශයේ නිත්තගයිකුලම් වැව් බැම්ම කැඩී යාමෙන් ජල පහරකට මැදිව සිටි පුද්ගලයින් 6 දෙනෙකු බේරාගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, ඊයේ පස්වරුවේ වැව් බැම්ම කැඩී යාමත් සමග මෙම පුද්ගලයින් අතුරුදන් බවට ප්‍රදේශවාසීන් පැමිණිලි කළ බවයි. පසුව ඔවුන් ජල පහරකට මැදිව සිටින බව පොලීසිට තහවුරු කරගෙන ඇත. ඒ අනූව අනුරාධපුර ගුවන් හමුදා කඳවුරේ නිලධාරීන් 6 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක්, MI 17 වර්ගයේ ගුවන් යානයකින් ගොස් අද උදෑසන පිරිස බේරාගත් බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව සඳහන් කළේ ය. මේ අතර පවතින අධික වර්ෂාවත් සමග මුලතිව් දිස්ත්‍රික්කයේ පහත්බිම් රැසක් වැසි ජලයෙන් යටවී ඇත. ඒ අතරට කොමළමුනෛ, මුරිප්පු , වට්ටුවාකල්, මුල්ලේවෛක්කාල් යන ප්‍රදේශ ඇතුළත්ය. |
2018-11-09T01:19:56.000Z | පාර්ලිමේන්තුවට බහුතරය පෙන්වීමට අවස්ථාවක් දිය යුතුයි - යුරෝපා සංගමයෙන් නිවේදනයක් | යුරෝපා සංගමයෙන් නිවේදනයක්...! | COLOMBO (News 1st) - පාර්ලිමේන්තුවට බහුතරය පෙන්වීමට අවස්ථාවක් දිය යුතු බව යුරෝපා සංගමය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය සඳහන් කළේ, කොළඹ යුරෝපා සංගමයේ මෙහෙයුම් ප්‍රධානීන්ගේ එකඟතාව මත මෙම නිවේදනය නිකුත් කරන බවයි. යුරෝපා සංගමයේ තානාපතිවරයා, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, නෙදර්ලන්තය සහ රුමේනියාව යන රටවල තානාපතිවරුන් මෙන් ම එක්සත් රාජධානියේ මහකොමසාරිස්වරයා ද පාර්ලිමේන්තුව කැඳවීම සම්බන්ධයෙන් අවධානය යොමුකර ඇතැයි එම නිවේදනයේ සඳහන් වේ. පාර්ලිමේන්තුව කැඳවීම ප්‍රමාද කිරීම ගැටලු රැසකට හේතුවනු ඇතැයි ද යුරෝපා සංගමය එම නිවේදනයෙන් වැඩිදුරටත් පෙන්වා දෙනු ඇත. |
2018-11-09T01:00:28.000Z | පොලිස් දෙපාර්තමේන්තුව ආරක්ෂක අමාත්‍යංශය යටතට | පොලිස් දෙපාර්තමේන්තුව ආරක්ෂක අමාත්‍යංශය යටතට | COLOMBO (News 1st) - නීතිය හා සාමය අමාත්‍යංශය යටතේ පැවති පොලිස් දෙපාර්තමේන්තුව නව රජය යටතේ ආරක්ෂක අමාත්‍යංශය යටතට පත් කර තිබේ. නව අමාත්‍යවරුන්ගේ විෂයන් ඇතුළත් ගැසට් නිවේදනය මේ වන විට නිකුත් කර ඇති අතර එම ගැසට් නිවේදනයට අනූව ත්‍රිවිධ හමුදාව, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව, ජාතික ශිෂ්‍ය බට බලකාය, වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව සහ ජාතික මාධ්‍ය මධ්‍යස්ථානය ඇතුළු ආයතන 17 ක් ආරක්ෂක අමාත්‍යංශයට අයත් ය. ආරක්ෂක අමාතය ධූරය දරන්නේ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතායි. ශ්‍රී ලංකා මහ බැංකුව, සියලු රාජ්‍ය බැංකු හා ඒවා යටතේ ඇති සමාගම් සහ මහජන උපයෝගීතා කොමිසන් සභාවට ද මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍ය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා යටතට පත් කර තිබේ. පසුගිය රජය සමයේ ශ්‍රී ලංකා මහ බැංකුව ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යවරයා යටතට පත් කර තිබූ අතර රාජ්‍ය බැංකු පැවතියේ රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යවරයා යටතේය. මීට පෙර රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යවරයා යටතේ පැවති ශ්‍රීලංකන් සහ මිහින් ලංකා සමාගම් ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා යටතට පත් කර ඇත. |
2018-11-09T00:25:13.000Z | විමල් වීරවංශට නැවතත් නිවාස හා සමාජ සුබසාධන අමාත්‍ය ධූරය | විමල් වීරවංශ නැවතත් නිවාස අමාත්‍ය ධූරයට | COLOMBO (News 1st) - නිවාස හා සමාජ සුබසාධන අමාත්‍යවරයා ලෙස විමල් වීරවංශ මහතා මීට ටික වේලාවකට පෙර දිවුරුම් දුන්නේ ය. ඒ, ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේදීයි. මේ අතර පොලිස් දෙපාර්තමේන්තුව ආරක්ෂ අමාත්‍යංශය යටතට පත් කර තිබේ. |
2018-11-08T20:40:33.000Z | කැලිෆෝනියාවේ සමාජ ශාලාවක 12 කට මරු කැඳවූ පුද්ගලයා හඳුනා ගැනේ | කැලිෆෝනියාවේ 12 කට මරු කැඳවූ පුද්ගලයා හඳුනා ගැනේ | 12 දෙනෙකුට මරු කැඳවූ අමෙරිකාවේ කැලිෆෝනියාහි රාත්‍රී සාමාජ ශාලාවක සිදු වූ වෙඩි තැබීමට සම්බන්ධ සැකකරු හඳුනාගෙන තිබේ. විදෙස් වාර්තා අනාවරණ කළේ, ඔහු අමෙරිකානු නාවික හමුදාවේ හිටපු සාමාජිකයෙකු බවයි. 28 හැවිරිදි ඩේවිඩ් ලෝන්ග් නැමැති ඔහු ඊයේ පොලීසිය එල්ල කළ ප්‍රතිප්‍රහාරවලින් මිය ගියේ ය. විදෙස් මාධ්‍ය සඳහන් කළේ, රාත්‍රී සමාජ ශාලාවට කඩා වැදුණු ඔහු එහි සිටි පිරිසට විවෘතව වෙඩි තබා ඇති බවයි. ප්‍රහාරවලින් තුවාල ලැබූ සංඛ්‍යාව 10 කි. වෙඩි තැබීම සිදුවන විට රාත්‍රී සමාජ ශාලාව තුල 200 ට ආසන්න පිරිසක් සිටියහ. අමෙරිකානු ආරක්ෂක අංශ පැවසූවේ, අදාළ පුද්ගලයා මානසික ව්‍යාකූල තත්ත්වයකින් පෙළෙමින් සිටි බවට විමර්ශනවලදී හෙළි වූ බවයි. |
2018-11-08T20:15:51.000Z | බෙංගාල බොක්කේ අඩු පීඩන තත්ත්වය නිසා මුහුදු යාමෙන් වළකින්නැයි ධීවරයින්ට උපදෙස් | මුහුදු යාමෙන් වළකින්නැයි ධීවරයින්ට උපදෙස් | COLOMBO (News 1st) - බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය හේතුවෙන් ධීවර කටයුතු සඳහා එම ප්‍රදේශ වෙත යාමෙන් වළකින්නැයි ධීවර දෙපාර්තමේන්තුව ධීවරයින්ට උපදෙස් දී තිබේ. ධීවර දෙපාර්තමේන්තුවේ සෝදිසි මෙහෙයුම් අංශයේ සහකාර අධ්‍යක්ෂ පද්මප්‍රිය තිසේරා මහතා සඳහන් කළේ, දිවයින වටා සෙසු මුහුදු ප්‍රදේශ භාවිතයේදී ද වඩාත් විමසිලිමත් විය යුතු බවට සියලු ධීවරයින්ට දැනුම් දී ඇති බවයි. ගත වූ මාස කිහිපය තුළ සිදු වූ අනපේක්ෂිත සිදුවීම් හේතුවෙන් ධීවරයින් 9 දෙනෙකු මියගොස් 20 දෙනෙකු අතුරුදන්ව ඇතැයි ධීවර දෙපාර්තමේන්තුව පවසා තිබේ. එහි සෝදිසි මෙහෙයුම් අංශයේ සහකාර අධ්‍යක්ෂ පද්මප්‍රිය තිසේරා මහතා සඳහන් කළේ, වසරේ මේ දක්වා කාලය තුළ යාත්‍රා 77 කට අධික සංඛ්‍යාවක් කාර්මික දෝෂවලටද ලක් ව ඇති බවයි. ධීවර යාත්‍රා තුනක් පෙරළීමෙන් අනතුරු සිදු ව ඇතැයි ද ඔහු පැවසුවේ ය. ගිනි ගැනීම්වලින් ද එක් යාත්‍රාවක් විනාශ වී තිබේ. |
2018-11-08T20:01:07.000Z | ගංගා කිහිපයක ජල මට්ටම ඉහළට: දිස්ත්‍රික්ක 5 කට නාය යාමේ අනතුරු ඇඟවීම් | දිස්ත්‍රික්ක 5 කට නාය යාමේ අනතුරු ඇඟවීම්..! | COLOMBO (News 1st) - පවතින අධික වැසි තත්ත්වයත් සමග කළු, නිල්වලා ගංඟා සහ අත්තනගලු ඔයේ ජල මට්ටම ඉහළ ගොස් ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. එහි ජල විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මාලා අලවතුවල මහත්මිය සඳහන් කළේ, ගංඟා දෙපස පහත්බිම්වල ජීවත් වන ජනතාව ඒ පිළිබඳ විමසිලිමත් විය යුතු බවය. පවතින තද වැසි තත්ත්වයත් සමග රන්ටැඹේ, රන්දෙනිගල ඇතුලු ජලාශ රැසක් තවදුරටත් වාන් මට්ටමේ පවති. අද රාත්‍රි 9.00 දක්වා දිස්ත්‍රික්ක 5 කට නාය යාමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ භූ විද්‍යාඥ වසන්ත සේනාධීර මහතා සඳහන් කළේ, නුවරඑළිය, මාතලේ, රත්නපුර, කෑගල්ල සහ කළුතර දිස්ත්‍රික්කවලට එම නිවේදන නිකුත් කර ඇති බවයි. නුවරඑළිය දිස්ත්‍රික්කයේ හඟුරන්කෙත, වලපනේ ප්‍රදේශවලටත්, මාතලේ දිස්ත්‍රික්කයේ යටවත්ත, උකුවෙල, රත්තොට සහ අඹන්ගඟකෝරලේ ප්‍රදේශ සඳහාත් අනතුරු ඇඟවීම් ක්‍රියාත්මකවේ. කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල, මතුගම, ඉංගිරිය සහ අගලවත්ත යන ප්‍රදේශ සඳහා අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත. කෑගල්ල දිස්ත්‍රික්කයේ අරනායක ප්‍රදේශයටත්, රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන සහ අයගම ප්‍රදේශ සඳහාත් නාය යාමේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කළ බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ප්‍රකාශ කළේ ය. මේ අතර අධික වර්ෂාවත් සමග ඇති වූ ජල ගැලීම් හේතුවෙන්, උතුරු පළාතේ පවුල් 407 ක් ආරක්ෂිත ස්ථාන කරා යොමු කර ඇතැයි ආපදා කලමනාකරණ අමාත්‍යාංශය පවසයි. එහි ලේකම් ඉංජිනේරු සිසිර කුමාර මහතා සඳහන් කළේ, කිලිනොච්චි කරච්චි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ද පවුල් 228 ක පුද්ගලයින් 800 කට අධික පිරිසක් ආරක්ෂිත ස්ථාන දෙකක රඳවා ඇති බවය. මුලතිව් දිස්ත්‍රික්කයේ ඔඩ්ඩුසුඩාන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 179 කට ද ඉන් බලපෑම් එල්ල වී ඇත. ඒ අනූව පුද්ගලයින් 500 කට අධික පිරිසක් ආරක්ෂිත ස්ථාන කරා යොමුකර ඇතැයි සිසිර කුමාර මහතා සඳහන් කළේ ය. |
2018-11-08T19:40:15.000Z | අද සිට බස් ගාස්තු 2% කින් පහළට | අද සිට බස් ගාස්තු අඩු වෙයි | COLOMBO (News 1st) - බස් ගාස්තු ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට 2% පහළ දමා තිබේ. ජාතික ගමනාගමන කොමිසන් සභාවේ සභාපති එම්. ඒ. පී හේමචන්ද්‍ර මහතා ප්‍රකාශ කළේ, මේ යටතේ සාමාන්‍ය සහ අර්ධ සුඛෝපභෝගී බස් ගාස්තු පමණක් සංශෝධනය වන බවයි. එහෙත් අධිවේගී මාර්ග බස් ගාස්තු සහ සුඛෝපභෝගී බස් ගාස්තුවල වෙනසක් වන්නේ නැත. අද සිට ක්‍රියාත්මක නව ගාස්තු සංශෝධනය අනූව රුපියල් 12, 15, 20, 34 සහ රුපියල් 41 යන ගාස්තුවල කිසිදු වෙනසක් සිදු නොවේ. රුපියල් 25, 30 සහ 39 ක් ලෙස පැවති ගාස්තු මෙන්ම රුපියල් 44 සිට රුපියල් 67 දක්වා ගාස්තු රුපියලකින් පහළ දමා ඇත. ඊට අමතරව රුපියල් 72, 75 හා රුපියල් 86 ක් ලෙස මෙතෙක් අය කළ ගාස්තු ද පහළ දමා ඇත්තේ රුපියලකිනි. රුපියල් 78, 81 සහ රුපියල් 84 ක් ලෙස පැවති බස් ගාස්තු රුපියල් 2 කින් අඩු කර තිබේ. රුපියල් 89 සිට රුපියල් 114 දක්වා වූ ගාස්තු පහළ දමා ඇත්තේ ද රුපියල් දෙකකිනි. මේ අතර ගමනාගමන කොමිසන් සභාවේ ගාස්තු අඩු කිරීමට සාපේක්ෂව ලංකා ගමනාගමන මණ්ඩලය ද බස් ගාස්තු අඩු කර තිබේ. එම මණ්ඩලය සඳහන් කළේ, අධිවේගී මාර්ග සහ සුඛෝපභෝගී සේවා හැර අනෙකුත් බස් ගාස්තු මිල ගණන් 2 % කින් පහත දැමීමට පියවර ගෙන ඇති බවය. |
2018-11-08T19:30:13.000Z | රාජ්‍ය සේවය යළි කාර්යක්ෂම කිරීමට ජනපති සහ අගමැති ප්‍රධානත්වයෙන් අද විශේෂ සාකච්ඡාවක් | ජනපති සහ අගමැති අද විශේෂ සාකච්ඡාවක | COLOMBO (News 1st) - පවතින දේශපාලන වාතාවරණයත් සමග මන්දගාමී වී ඇති රාජ්‍ය සේවය කාර්යක්ෂම කිරීම සම්බන්ධයෙන් අද විශේෂ සාකච්ඡාවක් පැවැත්වේ. ඒ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු සහ අධිකරණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙනි. රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු සහ අධිකරණ අමාත්‍යංශයේ ලේකම් ජේ. ජේ. රත්නසිරි මහතා සඳහන් කළේ, රාජ්‍ය සේවය කාර්යක්ෂම කිරීම සඳහා අවශ්‍ය සැලසුම් සකස් කිරීම එම සාකච්ඡාවේ අරමුණ බවයි. සේවක කාර්යක්ෂමතාව ඉහළ නැංවීම පිළිබඳ රාජ්‍ය ආයතන ප්‍රධානීන් ඇතුළු සියලු නිලධාරීන් දැනුම්වත් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇතැයි ද ලේකම්වරයා සඳහන් කළේ ය. ඉදිරියේදී ඊට අදාළ චක්‍රලේඛන නිකුත් කෙරෙනු ඇති. |
2018-11-08T19:05:44.000Z | ගෙවුණු දවස උණුසුම් කළ පුවත්… | ගෙවුණු දවස උණුසුම් කළ පුවත්… | දේශිය පුවත් 1. ශ්‍රී.ල.නි.ප. මධ්‍යම කාරක සභාව රැස්වෙයි: ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමස්ත ලංකා මධ්‍යම කාරක සභාව ඊයේ බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයේදී පැවැත්විණි. ඒ, එම පක්ෂයේ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙනි. 2. බදු අභියාචනා කොමිෂන් සභාව යළි සක්‍රීය කරයි: අක්‍රීයව පැවති බදු අභියාචනා කොමිෂන් සභාව යළි සක්‍රීය කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් මුදල් අමාත්‍යංශය සඳහන් කළේ, මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කොමිසමට නව සාමාජිකයින් පත් කර ඇති බව ය. 3. ගාලුමුවදොරින් ඇරඹි එ.ජා.ප.යේ විරෝධතා රථ පෙළපාලිය: එක්සත් ජාතික පක්ෂය ඊයේ විරෝධතා රථ පෙළපාලියක නිරත විය. ඒ, නව අග්‍රාමාත්‍යවරයාට විරෝධය පළ කරමින් සහ පාර්ලිමේන්තුව වහා කැඳවන ලෙස ඉල්ලමිනි. 4. විග්නේෂ්වරන් ඉලංගෙයි තමිල් අරසු පක්ෂයෙන් ඉවත් වෙයි: තමන් තවදුරටත් ඉලංගෙයි තමිල් අරසු පක්ෂය සමග කටයුතු නොකරන බව උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් මහතා දැනුම් දී තිබේ. 5. තව ත් කැබිනට් අමාත්‍යවරුන් කිහිපදෙනෙකු දිවුරුම් දෙති: තව ත් කැබිනට් අමාත්‍යවරුන් 7 දෙනෙකු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේදී දිවුරුම්දී තිබේ. 6. පාසල් සිසුන්ට වවුචර් වෙනුවට යළි ත් නිල ඇඳුම් ලබාදීමට සැරසෙයි: පාසල් සිසුන්ට වවුචර් වෙනුවට යළි ත් නිල ඇඳුම් රෙදි ලබාදීම පිළිබඳ අධ්‍යයනයක් ආරම්භ කර ඇති බව අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. එහි ලේකම් පත්මසිරි ජයමාන්න මහතා සඳහන් කළේ, වවුචර් ක්‍රමය වෙනස් කොට සිසුන්ට යළි ත් නිල ඇඳුම් රෙදි ලබා දෙන ලෙස ලැබුණු ඉල්ලීම් රැසක් සලකා බැලීමෙන් අනතුරුව මේ පියවර ගත් බවයි. විදෙස් පුවත් 7. අමෙරිකානු නීතිපති ධූරයෙන් පහ කෙරේ: අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එරට නීතිපති ජෙෆ් සෙෂන්ස් ධූරයෙන් පහ කර තිබේ. ඒ, අමෙරිකානු මධ්‍යවාර මැතිවරණයෙන් රිපබ්ලිකන් පක්ෂයට නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බහුතර බලය අහිමිවී දිනකට පසුය. දවසේ සිත්තම... |
2018-11-08T11:10:45.000Z | ශ්‍රී.ල.නි.ප. මධ්‍යම කාරක සභාව රැස්වෙයි | ශ්‍රී.ල.නි.ප. මධ්‍යම කාරක සභාව රැස්වෙයි | COLOMBO (News 1st) - ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමස්ත ලංකා මධ්‍යම කාරක සභාව අද බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයේදී පැවැත්විණි. ඒ, එම පක්ෂයේ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙනි. අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කළ එම පක්ෂයේ මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පැවසුවේ, මෙහිදී මධ්‍යම කාරක සභාවට ඉහළින් නව දේශපාලන මණ්ඩලයක් පිහිටුවීමට තීරණය කළ බව ය. ජනමත විචාරණයකට හා මහ මැතිවරණයකට නොයන බව මෙහිදී ජනාධිපතිවරයා පැවසූ බව ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම්වරයා පැවසුවේ ය. |
2018-11-08T10:49:20.000Z | බදු අභියාචනා කොමිෂන් සභාව යළි සක්‍රීය කරයි | බදු අභියාචනා කොමිෂන් සභාව යළි සක්‍රීය කරයි | COLOMBO (News 1st) - අක්‍රීයව පැවති බදු අභියාචනා කොමිෂන් සභාව යළි සක්‍රීය කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් මුදල් අමාත්‍යංශය සඳහන් කළේ, මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කොමිසමට නව සාමාජිකයින් පත් කර ඇති බව ය. බදු අභියාචනා කොමිෂන් සභාවේ සභාපති ධූරයට හෙක්ටර් යාපා මහතා පත් කර ඇති බව මුදල් අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් ය. විනිසුරු සුනිල් රාජපක්ෂ සහ හිටපු විගණකාධිපතිවරයෙකු වන එස්. ස්වර්ණජෝති යන මහත්වරුන් කොමිසමේ සෙසු සාමාජිකයින් වේ. දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා හෝ රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා සමග බදු ගෙවන්නෙකුට පවතින යම් ආරවුලක් වේ නම් එය විසඳා ගැනීමට බදු අභියාචනා කොමිෂන් සභාව මගින් අවස්ථාව උදා වේ. |
2018-11-08T09:50:26.000Z | ගාලුමුවදොරින් ඇරඹි එ.ජා.ප.යේ විරෝධතා රථ පෙළපාලිය | ගාලුමුවදොරින් ඇරඹි එ.ජා.ප.යේ විරෝධතා රථ පෙළපාලිය | COLOMBO (News 1st) - එක්සත් ජාතික පක්ෂය අද විරෝධතා රථ පෙළපාලියක නිරත විය. ඒ, නව අග්‍රාමාත්‍යවරයාට විරෝධය පළ කරමින් සහ පාර්ලිමේන්තුව වහා කැඳවන ලෙස ඉල්ලමිනි. ගාලුමුවදොරින් ගමන් ඇරඹි එක්සත් ජාතික පක්ෂ විරෝධතා රථ පෙළපාලිය නිදහස් චතුරස්‍රය දක්වා ගමන් කළේ ය. ගාලුමුවදොරින් කොල්ලුපිටිය දෙසට පැමිණි රථ පෙළපාලිය අරලියගහ මන්දිරය ඉදිරිපිටින් ගමන් කළේ, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින්ගේ ආචාරය මධ්‍යයේ ය. විරෝධතා රථ පෙළ ගමන් අවසන් කළේ, කොළඹ මහ නගර සභා පරිශ්‍රය අසළින් නිදහස් චතුරස්‍රය වෙත ගමන් කරමිනි. එහිදී දිවංගත අග්‍රාමාත්‍ය ඩී.එස්. සේනානායක මහතාගේ පිළිරුවට එක්සත් ජාතික පක්ෂ නායකයෝ පුෂ්පෝපහාර පුද කළහ. |
Subsets and Splits
No saved queries yet
Save your SQL queries to embed, download, and access them later. Queries will appear here once saved.