date
stringlengths 24
24
| title
stringlengths 0
176
| short_title
stringlengths 10
69
| content
stringlengths 0
19.7k
|
---|---|---|---|
2018-11-08T08:58:15.000Z | වත්මන් අර්බුදය ගැන අධිකරණය හමුවට යාම රනිල් වික්‍රමසිංහ බැහැර කරයි | අධිකරණය හමුවට යාම රනිල් වික්‍රමසිංහ බැහැර කරයි | (News 1st) - වත්මන් අර්බුදය සම්බන්ධයෙන් අධිකරණය හමුවට යාම එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා බැහැර කර ඇතැයි ද හින්දු පුවත්පත වාර්තා කළේ ය. ද හින්දු පුවත්පත සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දී ඇත්තේ, උත්තරීතර අධිකරණ බලය ඇත්තේ පාර්ලිමේන්තුවට බව ය. එම නිසා අධිකරණය හමුවට ගිය ද මෙම ගැටලුව යළිත් පාර්ලිමේන්තුවටම යොමු කරනු ඇතැයි වික්‍රමසිංහ මහතා පෙන්වා දෙයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග තමන් වැඩ කිරීමට කැමැත්තෙන් සිටින බවත් ඒ සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් නොමැති බවත් ඔහු හින්දු පුවත්පත සමග කළ සාකච්ඡාවේ සඳහන් ය. පුද්ගලික ප්‍රශ්න ව්‍යවස්ථාවට අදාළ නොවන බව පෙන්වා දෙන ඔහු සඳහන් කරන්නේ ජනාධිපතිතුමා සමග තමන්ට වැඩ කළ හැකි ද යන ප්‍රශ්නය ජනාධිපතිතුමාට යොමු කළ යුතු බව ය. පාර්ලිමේන්තුව නැවත කැඳවීම සුබවාදී දෙයක් බව පවසන වික්‍රමසිංහ මහතා තමන්ට බහුතරය පෙන්විය හැකි බවට විශ්වාස යැයි සඳහන් කර තිබේ. |
2018-11-08T06:57:57.000Z | විග්නේෂ්වරන් ඉලංගෙයි තමිල් අරසු පක්ෂයෙන් ඉවත් වෙයි | විග්නේෂ්වරන් ඉලංගෙයි තමිල් අරසු පක්ෂයෙන් ඉවත් වෙයි | COLOMBO (News 1st) - තමන් තවදුරටත් ඉලංගෙයි තමිල් අරසු පක්ෂය සමග කටයුතු නොකරන බව උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් මහතා දැනුම් දී තිබේ. නිව්ස්ෆස්ට් වෙත මේ බව තහවුරු කළේ, එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා මහතා ය. සී.වී. විග්නේෂ්වරන් මහතා ලිපියකින් තමාට මේ බව දැනුම් දුන් බව ද සේනාධිරාජා මහතා සඳහන් කළේ ය. |
2018-11-08T07:36:26.000Z | සර්කාර් වාර්තා බිඳ දමයි | සර්කාර් වාර්තා බිඳ දමයි | (News 1st) - සුපිරි දකුණු ඉන්දීය නළු විජේ රඟන සර්කාර් චිත්‍රපටය තිරගත කිරීම් ආරම්භ කළ දිනයේදීම ඉන්දීය රුපියල් කෝටි 30 ඉක්මවා මුදල් ඉපැයීමට සමත්ව තිබේ. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, ලොව පුරා සිනමාහල් 3000කට වැඩි සංඛ්‍යාවක තිරගත කෙරුණු මෙම චිත්‍රපටයට ඉන්දීය මෙන්ම විදේශික ප්‍රේක්ෂකයින්ගෙන් ද ඉතා ඉහළ ප්‍රතිචාර හිමිව ඇති බව ය. මේ අනුව සර්කාර් චිත්‍රපටය, බාහුබලී 2 චිත්‍රපටය තිරගත කිරීම් ඇරඹි දිනයේදී තැබූ ආදායම් වාර්තාව බිඳ හෙලූ බව ද සඳහන් ය. |
2018-11-08T05:15:14.000Z | මගීන්ට බැණ වැදුණු රියැදුරුගේ දුම්රිය ධාවනය අත්හිටුවයි | මගීන්ට බැණ වැදුණු දුම්රිය රියැදුරුට වැඩ වරදියි | COLOMBO (News 1st) - මගීන්ට අශෝභන ලෙස බැණ වැදුණු රියැදුරෙකුගේ දුම්රිය ධාවනය අත්හිටුවා තිබේ. දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කළේ, පරීක්ෂණ අවසන් වන තුරු මෙම පියවර ගත් බවයි. ඊයේ පස්වරුවේ කොළඹ කොටුවේ සිට හලාවත දක්වා ගමන් කළ අංක 424 දරණ කාර්යාල දුම්රියේ මගීන් කිහිප දෙනෙකු එන්ජින් මැදිරියට නංවා ගෙන අනෙක් මගීන් ඊට ගොඩවීමට උත්සහ දැරීමේදී රියදුරු ඔවුන්ට පරුෂ වචනයෙන් බැණ වදින වීඩියෝවක් සමාජ මාධ්‍යයට එක්කර තිබිණි. අදාළ සිද්ධිය පිළිබඳව පරීක්ෂණ ආරම්භ වී ඇත්තේ එම වීඩියෝව පදනම් කර ගනිමිනි. අංක 424 දුම්රියට පෙර, හලාවත සිට කොටුව බලා ධාවනය වීමට නියමිතව තිබූ අංක 422 දරණ දුම්රිය ඊයේ ධාවනය වී නොතිබේ. මේ හේතුවෙන් අංක 424 දුම්රියේ ගමන් කිරීමට ප්‍රමාණය ඉක්මවූ මගීන් පිරිසක් සිටීමත් සමග ඔවුන් එන්ජින් මැදිරියට නංවා ගත් බව මූලික පරීක්ෂණවලදී රියැදුරු ප්‍රකාශ කර ඇතැයි දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා සඳහන් කළේ ය. තමා බැණ වැදීමට පෙර මගියෙකු තමාට බැණ වැදුණු බවත්, එම කොටස වීඩියෝවේ නොමැති බවත් රියැදුරු ප්‍රකාශ කර තිබේ. පවතින නීතිය අනුව දුම්රිය එන්ජින් මැදිරියට රියැදුරු හැර කිසිදු බාහිර පාර්ශවයක් නංවා ගැනීම තහනම් ය. කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධයෙන් දුම්රිය ගමනා ගමන අධිකාරීවරයාගේ ප්‍රධානත්වයෙන් පූර්ණ පරීක්ෂණයක් ක්‍රියාත්මක බව දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කළේ ය. |
2018-11-08T03:27:46.000Z | එස්. බී. දිසානායක ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ධූරයට පත් කෙරේ | එස්. බී.දිසානායක ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ධූරයට | COLOMBO (News 1st) - අමාත්‍ය එස්. බී. දිසානායක මහතා ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායකවරයා ලෙස පත් කර තිබේ. එස්. බී. දිසානායක මහතා හෙට පෙරවරු 7.30 ට පාර්ලිමේන්තුවේ පිහිටි ආණ්ඩු පක්ෂ ප්‍රධාන කාර්යාලයේදී සිය ධූරයේ වැඩ භාර ගැනීමට නියමිතය. මීට අමතරව ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරක ධූරය ද හොබවනු ඇත. |
2018-11-07T23:28:35.000Z | තව ත් කැබිනට් අමාත්‍යවරුන් කිහිපදෙනෙකු දිවුරුම් දෙති | තවත් කැබිනට් අමාත්‍යවරු කිහිපදෙනෙකු දිවුරුම් දෙති | තව ත් කැබිනට් අමාත්‍යවරුන් කිහිපදෙනෙකු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේදී දිවුරුම්දී තිබේ. 1. බන්දුල ගුණවර්ධන - ජාත්‍යන්තර වෙළෙඳ සහ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙයි 2. සුසිල් ප්‍රේම්ජයන්ත - රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු සහ අධිකරණ අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙයි 3. ලක්ෂ්මන් වසන්ත පෙරේරා - ජාත්‍යන්තර වෙළෙඳ සහ ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙයි 4. එස්. එම්. චන්ද්‍රසේන - සමාජ සවිබල ගැන්වීම රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙයි 5. සාලින්ද දිසානායක - දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙයි 6. සී. බී. රත්නායක - ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙයි 7. අනුර ප්‍රියදර්ශන යාපා - රාජ්‍ය මුදල් ඇමතිවරයා ලෙස දිවුරුම් දෙයි |
2018-11-07T20:22:23.000Z | උතුරු - නැගෙනහිර පළාත්වලට මිලිමීටර් 150 ඉක්ම වූ වැසි | උතුරු - නැගෙනහිර පළාත්වලට තද වැසි... | COLOMBO (News 1st) - උතුරු සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 150 ට වැඩි වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඊට අමතරව සෙසු ප්‍රදේශවලට මිලිමීටර් 100 ඉක්මවූ වැසි අපේක්ෂා කළ හැකි බවයි. ගිගුරුම් සහිත වැසි ඇතිවනවිට ප්‍රදේශයේ තාවකාලික තද සුළං ඇතිවිය හැකි අතර අකුණු මගින් සිදුවන අනතුරුව අවම කර ගැනීමට පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටි. මේ අතර දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 50 - 60 ත් දක්වා වැඩිවිය හැකි අතර එම මුහුදු ප්‍රදේශ රළු විය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ. ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවේදී සුළඟේ වේගය ක්ෂණිකව පැයට කිලෝමීටර් 70 - 80 ක් පමණ ඉහළ යා හැකි බව ද එහි වැඩිදුරටත් දැක්වෙනු ඇති. |
2018-11-07T20:00:41.000Z | අමෙරිකානු නීතිපති ධූරයෙන් පහ කෙරේ | අමෙරිකානු නීතිපති ධූරයෙන් පහ කෙරේ | අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එරට නීතිපති ජෙෆ් සෙෂන්ස් ධූරයෙන් පහ කර තිබේ. ඒ, අමෙරිකානු මධ්‍යවාර මැතිවරණයෙන් රිපබ්ලිකන් පක්ෂයට නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බහුතර බලය අහිමිවී දිනකට පසුය. මේ සම්බන්ධයෙන් පැවති මාධ්‍ය සාකච්ජාවකදී මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න කිරීම් හමුවේ නොසන්සුන් වූ ජනපති ට්‍රම්ප් මාධ්‍යවේදීන්ට දැඩි වාග් ප්‍රහාර එල්ල කර තිබේ. මාධ්‍ය ඇමතූ ජනපති ට්‍රම්ප්, යටිතල පහසුකම්, වෙළෙඳාම සහ සෞඛ්‍යය ආදී ක්ෂේත්‍ර සම්බන්ධයෙන් ඩිමොක්‍රැටික් පක්ෂය සමග එක් ව කටයුතු කිරීමට කැමැත්ත පළ කළේ ය. නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බහුතරය බලය හිමිකරගත් ඩිමොක්‍රැටික් පක්ෂය තර්ජනාත්මකව ඇමතූ ජනාධිපතිවරයා කියා සිටියේ, තම පරිපාලනය පිළිබඳ විමර්ශන පැවැත්වීමට ප්‍රයත්න දැරුවහොත් ඊට එරෙහිව සටන් කරන බවයි. මුල් අවධියේ ජනපති ට්‍රම්ප්ගේ ආධාරකරුවකු වූ එරට නීතිපතිවරයා, 2016 වසරේ අමෙරිකානු ජනාධිපතිවරණයට රුසියානු මැදිහත්වීම සම්බන්ධයෙන් පැවැති විමර්ශනයේදී ධවල මන්දිරය මගහැර සිය ඇඟබේරා ගැනීමෙන් පසු, ජනපති ට්‍රම්ප්ගේ දැඩි විවේචනයට ලක් විය. ජෙෆ් සෙෂන්ස් එලෙස රුසියානු මැදිහත්වීම සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශනවලට සහභාගිවීම ප්‍රතික්ෂේප කරන බව දැනසිටියේ නම් තමන් වෙන අයකු නීතිපති තනතුරට පත් කරන බව ඉකුත් වසරේ ජුලි මාසයේදී ජනපති ට්‍රම්ප් පවසා තිබේ. ජනපති ට්‍රම්ප් සඳහන් කළේ, අමෙරිකානු ජනාධිපතිවරණයේ රුසියානු මැදිහත්වීම සම්බන්ධයෙන් කෙරෙන පරීක්ෂණ විවේචනය කළ සිය කාර්යමණ්ඩල ප්‍රධානී මැතිව් විටේකර්, තාවකාලිකව අමෙරිකානු නීතිපති ධූරයට පත් කරන බවයි. ජෙෆ් සෙෂන්ස් සිය ඉල්ලා අස්වීමේ ලිපියෙන් ජනාධිපතිවරයාගේ ඉල්ලීම මත තමන් ඉල්ලා අස්වන බව සඳහන් කළේ, එම තීරණය ජනපති ට්‍රම්ප්ගේ අවශ්‍යතාවයට අනුව සිදුවුවක් බව පැහැදිලි කරමිනි. මින්පසු අමෙරිකානු ජනාධිපතිවරණයට රුසියාව මැදිහත්වීම සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශනයේ විශේෂ නීති උපදේශක මුලර් ව ධූරයෙන් ඉවත් කිරීමට හෝ එම විමර්ශන අවසන් කිරීමට ජනපති ට්‍රම්ප් පත්කිරීමට නියමිත නව නීතිපතිවරයාට හැකිවනු ඇති. මේ අතර නීතිපතිවරයා ඉවත් කිරීම සම්බන්ධයෙන් දැඩි කෝපයට පත් ව සිටින ඩිමොක්‍රැටික් පාක්ෂිකයන් පවසන්නේ, නව නීතිපති ධූරයට පත්කිරීමට නියමිත පුද්ගලයා අමෙරිකානු සෙනෙට් සභාව මගින් තහවුරු කර නොමැති බවයි. මෙමගින් ජනපති ට්‍රම්ප්ට සැඟවීමට යමක් ඇතැයි හෙළිවන බව ද ඩිමොක්‍රැටික් පක්ෂයේ සෙනෙට් සභා ප්‍රධානියා ප්‍රකාශ කළේ ය. |
2018-11-07T19:41:08.000Z | පාසල් සිසුන්ට වවුචර් වෙනුවට යළි ත් නිල ඇඳුම් ලබාදීමට සැරසෙයි | පාසල් සිසුන්ට වවුචර් වෙනුවට යළි ත් නිල ඇඳුම් | COLOMBO (News 1st) - පාසල් සිසුන්ට වවුචර් වෙනුවට යළි ත් නිල ඇඳුම් රෙදි ලබාදීම පිළිබඳ අධ්‍යයනයක් ආරම්භ කර ඇති බව අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. එහි ලේකම් පත්මසිරි ජයමාන්න මහතා සඳහන් කළේ, වවුචර් ක්‍රමය වෙනස් කොට සිසුන්ට යළි ත් නිල ඇඳුම් රෙදි ලබා දෙන ලෙස ලැබුණු ඉල්ලීම් රැසක් සලකා බැලීමෙන් අනතුරුව මේ පියවර ගත් බවයි. අධ්‍යයනය සඳහා අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකු පත් කර ඇති බව ද ඔහු පැවසුවේය. ලේකම්වරයා සඳහන් කළේ, කඩිනමින් අදාළ තීරණ ලබාදෙන ලෙස ඔවුන්ට උපදෙස් දී ඇති බවයි. මේ මාසය තුළ පාසල් සිසුන්ට ලබන වසරට අදාළ නිල ඇඳුම් වවුචර්පත් හෝ රෙදි ලබාදිය යුතුව තිබේ. ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාර්ලිං මහතා සඳහන් කළේ, පසුගිය වසර තුන තුළ අවස්ථා ගණනකදී නිල ඇඳුම් රෙදි ලබා දෙන ලෙස කළ ඉල්ලීම් මේ අවස්ථාවේදී හෝ ඉටු කරන ලෙසයි. |
2018-11-07T19:17:42.000Z | ග්‍රෑන්ඩ්පාස් වෙඩි තැබීම සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් | ග්‍රෑන්ඩ්පාස් වෙඩි තැබීම ගැන පුළුල් පරීක්ෂණයක් | COLOMBO (News 1st) - කොළඹ ග්‍රෑන්ඩ්පාස් පරාක්‍රම මාවත ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකුට තුවාල සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණ ආරම්භ කර ඇති බව පොලීසිය පවසයි. පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කළේ, කොළඹ අපරාධ කොට්ඨාසය හා පොලිස් විශේෂ කාර්ය බලකාය එක් ව පරීක්ෂණ ක්‍රියාත්මක බවයි. ඊයේ රාත්‍රි 7.50 ට පමණ සිදු වූ වෙඩි තැබීමෙන් මෝටර් රථයකින් ගමන් කළ පුද්ගලයෙකු තුවාල ලබා ජාතික රෝහලට ඇතුළත් කෙරුණි. තුවාල ලැබුවේ 34 හැවිරිදි දෙමටගොඩ ඥානවිමල මාවත ප්‍රදේශයේ පදිංචි ප්‍රදේශයේ පදිංචිකරුවෙක්ය. |
2018-11-07T19:01:34.000Z | ගෙවුණු දවස උණුසුම් කළ පුවත්… | ගෙවුණු දවස උණුසුම් කළ පුවත්… | 1. තව ත් කැබිනට් අමාත්‍යවරුන් තිදෙනෙකු දිවුරුම් දෙති: කැබිනට් අමාත්‍යවරුන් තිදෙනෙකු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේදී ඊයේ දිවුරුම්දී තිබේ. 2. නව ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි ලෙස එච්.එම්.පී. හිටිසේකර පත් කෙරේ: නව ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි ලෙස එච්. එම්. පී. හිටිසේකර මහතා පත්කර තිබේ. ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ, ඊයේ ජනාධිපතිතුමා අතින් ඒ මහතා සිය පත්වීම් ලිපිය ලබාගත් බවයි. 3. පාර්ලිමේන්තුව කැඳවන දිනයේ ස්ථාවර ආණ්ඩුවක් පිහිටුවීම පිළිබඳ බහුතර මතය විමසිය යුතුයි – කථානායක: ලබන 14 වැනි දා පාර්ලිමේන්තුව රැස්වීමෙන් පසු ස්ථාවර නියෝග අත්හිටුවා ස්ථාවර රජයක් පිහිටුවීමට ඇති හැකියාව පිළිබඳ බහුතර මතය ප්‍රකාශ කිරීමට අවස්ථාව සැලසිය යුතු බව කථානායක කරූ ජයසුරිය මහතා පවසයි. 4. DIG නාලක ද සිල්වා යළි රිමාන්ඩ්: පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය භාර හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා ලබන 21 වැනි දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත තිබේ. 5. බස් ගාස්තු 2% කින් පහළට: බස් ගාස්තු අද මධ්‍යම රාත්‍රියේ සිට 2% කින් පහළ දැමීමට ජතික ගමනාගමන කොමිසම තීරණය කර තිබේ. කෙසේ වෙතත් අවම බස් ගාස්තුව වන රුපියල් 12.00 ගාස්තුව වෙනසක් සිදු නොවේ. 6. පොලිස් දෙපාර්තමේන්තුව කටයුතු කරන්නේ ජනපතිගේ නියෝග මත පමණයි – පොලිස්පති: පොලිස් දෙපාර්තමේන්තුව කටයුතු කරන්නේ ජනාධිපතිතුමාගේ නිශ්චිත උපදෙස් හා නියෝග මත පමණක් බව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පවසයි. දවසේ සිත්තම... |
2018-11-07T10:57:48.000Z | නව ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි ලෙස එච්.එම්.පී. හිටිසේකර පත් කෙරේ | පී. හිටිසේකර ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි ධූරයට | COLOMBO (News 1st) - නව ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි ලෙස එච්. එම්. පී. හිටිසේකර මහතා පත්කර තිබේ. ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ, අද පස්වරුවේ ජනාධිපතිතුමා අතින් ඒ මහතා සිය පත්වීම් ලිපිය ලබාගත් බවයි. රාජ්‍ය ආයතනය රැසක සේවය කර ඇති එච්. එම්. පී හිටිසේකර මහතා මෙරට ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියෙකි. |
2018-11-07T08:52:04.000Z | තව ත් කැබිනට් අමාත්‍යවරුන් තිදෙනෙකු දිවුරුම් දෙති | තව ත් කැබිනට් අමාත්‍යවරුන් තිදෙනෙකු දිවුරුම් දෙති | COLOMBO (News 1st) - තව ත් කැබිනට් අමාත්‍යවරුන් තිදෙනෙකු මීට ටික වේලාවකට පෙර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේදී දිවුරුම්දී තිබේ. ඒ, ජනාධිපති කාර්යාලයේදීයි. ඒ අනූව චමල් රාජපක්ෂ මහතා දිවුරුම් දුන්නේ, සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යවරයා ලෙසයි. පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඛනිජ තෙල් සම්පත් රාජ්‍ය අමාත්‍යවරිය ලෙස දිවුරුම් දුන්නා ය. එස්. බී. දිසානායක මහතා දිවුරුම් දුන්නේ, මහාමාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍යවරයා ලෙසයි. |
2018-11-07T08:09:51.000Z | පාර්ලිමේන්තුව කැඳවන දිනයේ ස්ථාවර ආණ්ඩුවක් පිහිටුවීම පිළිබඳ බහුතර මතය විමසිය යුතුයි - කථානායක | කථානායකගෙන් දැනුම්දීමක්...! | COLOMBO (News 1st) - ලබන 14 වැනි දා පාර්ලිමේන්තුව රැස්වීමෙන් පසු ස්ථාවර නියෝග අත්හිටුවා ස්ථාවර රජයක් පිහිටුවීමට ඇති හැකියාව පිළිබඳ බහුතර මතය ප්‍රකාශ කිරීමට අවස්ථාව සැලසිය යුතු බව කථානායක කරූ ජයසුරිය මහතා පවසයි. කථානායක මාධ්‍ය අංශය මේ බව සඳහන් කළේ, ලබන 14 වන දින පාර්ලිමේන්තුවේ න්‍යායපත්‍රය පිළිබඳව තීරණය කිරීම සඳහා අද පස්වරුවේ පැවති පක්ෂ නියෝජිතයන්ගේ නිල නොවන හමුවෙන් අනතුරුව නිවේදනයක් නිකුත් කරමිනි. එදින න්‍යාය පත්‍රය පිළිබඳව රජයේ ස්ථාවරය වී ඇත්තේ, පාර්ලිමේන්තු මහලේකම්වරයා විසින් ජනාධිපතිතුමන්ගේ කැඳවීමේ නියෝගය සභාව වෙත කියවීමෙන් පසු දවසේ වැඩකටයුතු අවසන්කර එදිනට සභාව කල්තැබිය යුතු බවටයි. අනෙකුත් පක්ෂ නියෝජිතයන් එම මතයට ප්‍රතිවිරුද්ධ අදහසක් දැරූ අතර එම පාර්ශවය විසින් පෙන්වාදෙන ලද්දේ එදිනට නියමිත වැඩකටයුතුවලට අමතරව ස්ථාවර රජයක් පිළිබඳව බහුතරයේ මතය පාර්ලිමේන්තුව තුළ විමසා බැලිය යුතු බවයි. දෙපාර්ශවයටම සවන්දුන් කථානායකවරයා ස්වකීය ස්ථාවරය ප්‍රකාශයට පත් කරමින් මෙහිදී පවසා ඇත්තේ, මන්ත්‍රීවරුන් 116 දෙනෙකු විසින් ලිඛිතව මින් පෙරද තමා වෙත ලබා දී ඇති පාර්ලිමේන්තුවේ බහුතරයේ මතයට අනුව කටයුතු කරමින් එදිනම සාමාන්‍ය කටයුතු නිමවීමෙන් අනතුරුව ස්ථාවර නියෝග අත්හිටුවා ස්ථාවර රජයක් පිහිටුවීමට අති හැකියාව පිළිබඳව බහුතර මතය ප්‍රකාශකිරීමට අවස්ථාව සැලසිය යුතු බවයි. |
2018-11-07T07:52:13.000Z | කථානායක සහ පක්ෂ නියෝජිතයින් අතර සාකච්ඡාවක් | කථානායක සහ පක්ෂ නියෝජිතයින් අතර සාකච්ඡාවක් | COLOMBO (News 1st) - කථානායක කරූ ජයසූරිය මහතා සහ පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ නියෝජිතයින් අතර හමුවක් අද පස්වරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත් විය. කථානායක මාධ්‍ය ඒකකය සඳහන් කළේ, ලබන 14 වැනි දා පාර්ලිමේන්තුව කැඳවිමට ජනාධිපතිතුමා නිකුත් කළ ගැසට් නිවේදනයත් සමග ඒ සඳහා කටයුතු කිරීම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා මෙම පක්ෂ නායක රැස්වීම කැඳවූ බවයි. මේ අතර ලබන 14 වැනි දා ආරම්භ වන පාර්ලිමේන්තු සැසිවාරයේ ආසන පැනවීමේ කටයුතු ලබන 12 වැනි දා සිදු කරන බව පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පවසයි. ඔහු පැවසුවේ, නව අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා පත් කරමින් ජනාධිපතිතුමා නිකුත් කළ ගැසට් නිවේදනය ප්‍රකාරව ආසන පනවන බවය. ඒ සඳහා කථානායකවරයාගේ උපදෙස් ලබා ගන්නා බව ද ඔහු සඳහන් කළේ ය. |
2018-11-07T06:58:27.000Z | එංගලන්තයට එරෙහි පළමු ටෙස්ට් තරගයේ ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 203 කට සීමාවෙයි | ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 203 කට සීමාවෙයි | ශ්‍රී ලංකා - එංගලන්ත පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද දෙවැනි දිනටත් පැවැත් විණි. අද දිනය සඳහා තරගය නරත කරන විට දෙවැනි ඉනිම ක්‍රීඩා කරන එංගලන්ත කණ්ඩායම කිසිවෙකු නොදැවී රැස් කර ගෙන සිටින ලකුණු සංඛ්‍යාව 38 ක් ය. දෙවැනි දිනය සඳහා තරගය අද ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි එංගලන්තය කඩුලු 8 ක් දැවී ලකුණු 321 ක් රැස් කරගෙන සිටියේ ය. බෙන් ෆෝක්ස් සිය මංගල ටෙස්ට් ශතකය අද වාර්තා කළේ ය. දිල්රුවන් පෙරේරා ලකුණු 75 ට කඩුලු 5 ක් දවා ගත්තේ ය. එංගලන්ත කණ්ඩායම පළමු ඉනිමට සියලු දොනා දැවී ලකුණු 342 ක් රැස් කර තිබේ. දිමුත් කරුණාරත්න සහ කෞෂාල් සිල්වා ශ්‍රී ලංකා පළමු ඉනිම ආරම්භ කළේ ය. දිමුත් කරුණාරත්න ලකුණු 4 කට දැවී ගියේ ය. කුසල් මෙන්ඩිස් ලකුණු 19 ක් රැස් කළ අතර නායක දිනේෂ් චන්දිමාල් ලකුණු 33 ක් රැස් කර තිබේ. ටෙස්ට් දිවියේ 30 වැනි අර්ධ ශතකය වාර්තා කළ ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 52 ක් රැස් කර ඇත. සිය අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයට සහභාගී වන රංගන හේරත් පන්දුවට පහරදීමට පැමිණෙන අවස්ථාවේදී එංගලන්ත ක්‍රීඩකයින්ගෙන් උණුසුම් පිළිගැනීමක් හිමි විය. රංගන හේරත් නොදැවී ලකුණු 14 යි. මොයින් අලී ලකුණු 66 ට කඩුලු 4 ක් දවා ගත්තේ ය. ශ්‍රී ලංකා කණ්ඩායම අද පළමු ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 203 ක් රැස් කර තිබේ. දිනය නිමා වන විට දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි එංගලන්ත කණ්ඩායම කඩුලු 10 ක් අතැතිව ඉදිරියෙන් සිටින ලකුණු සංඛ්‍යාව 177 කි. |
2018-11-07T06:03:09.000Z | දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ මන්ත්‍රීවරුන් ජනපති හමුවෙයි | දෙමළ ප්‍රගතිශීලී සන්ධානය ජනපති හමුවෙයි | COLOMBO (News 1st) - දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ මන්ත්‍රීවරුන් අද පෙරවරුවේ ජනාධිපතිතුමා හමුවී තිබේ. ජනාධිපතිතුමාගේ නිල නිවසේ පැවති හමුවට පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන්, පලනි දිගම්බරන්, රාධා ක්‍රිෂ්ණන්, වේලු කුමාර්, මයිල්වාහනම් තිලකරාජ් හා අරවින්ද කුමාර් යන මන්ත්‍රීවරුන් එක් ව සිටියහ. ජනාධිපතිතුමා කළ ඉල්ලීමක් අනුව දෙමළ ප්‍රගතිශීලී සන්ධානය මෙම සාකච්ජාව පැමිණි බව ඊට එක්වූ මන්ත්‍රීවරුන් ප්‍රකාශ කළහ. මේ අතර විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා ප්‍රමුඛ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් පිරිසක් ද අද පෙරවරුවේ ජනාධිපතිතුමා හමුවිණි. ජනාධිපති කාර්යාලයේ පැවති එම රැස්වීමට විපක්ෂ නායකවරයාට අමතරව එම්. ඒ. සුමන්දිරම්, සෙල්වම් අඩෙක්කලනාදන්, ධර්මලිංගම් සිද්ධාර්ථන් යන මහත්වරුන් ද එක් ව සිටියහ. |
2018-11-07T05:15:42.000Z | හෙට මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු 2% කින් පහළට | හෙට මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු 2% කින් පහළට | COLOMBO (News 1st) - බස් ගාස්තු හෙට මධ්‍යම රාත්‍රියේ සිට 2% කින් පහළ දැමීමට ජතික ගමනාගමන කොමිසම තීරණය කර තිබේ. ඒ, පෞද්ගලික බස් හිමියන්ගේ සංගම් නියෝජිතයින් සමග අද දහවල් ගමනාගමන කොමිසමේ පැවති සාකච්ඡාවකදීයි. ඩීසල් ලීටරයක මිල පසුගිය පළමුවැනිදා සිට රුපියල් 7 කින් පහළ දැමීමත් සමග බස් සංගම් පැවසුවේ, එහි වාසිය පාරිභෝගික ජනතාවට ලබාදීමට සූදානම් බවයි. ඒ අනුව අදාළ සාකච්ඡා අද පැවැත් විය. කෙසේ වෙතත් අවම බස් ගාස්තුව වන රුපියල් 12.00 ගාස්තුව වෙනසක් සිදු නොවේ. මෙම සාකච්ඡාවට සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සමිති සම්මේලනයේ නියෝජිතයින් ද සහභාගි විය. |
2018-11-07T04:58:27.000Z | DIG නාලක ද සිල්වා යළි රිමාන්ඩ් | DIG නාලක ද සිල්වා යළි රිමාන්ඩ් | COLOMBO (News 1st) - පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය භාර හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා ලබන 21 වැනි දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත තිබේ. ඒ, ජනපති ඝාතන සැලැස්ම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකාර නියෝජ්‍ය පොලිස්පතිවරයා අද පස්වරුවේ කොටුව මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි. වැඩ තහනමට ලක් ව සිටින පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා පසුගිය 25 වැනි දා රාත්‍රියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබිණි. |
2018-11-07T03:15:39.000Z | දිනේෂ් හා පියසේන ගමගේ වැඩ භාර ගනී | දිනේෂ් හා පියසේන ගමගේ වැඩ භාර ගනී | COLOMBO (News 1st) නව ආණ්ඩුවේ දිවුරුම් දුන් අමාත්‍යවරුන් දෙදෙනෙකු අද සිය අමාත්‍යංශවල වැඩ භාර ගත්හ. දිනේෂ් ගුණවර්ධන මහතා අද බස්නාහිර හා මහ නගර සංවර්ධන අමාත්‍යවරයා ලෙස වැඩ භාර ගත්තේ ය. ඒ, බස්නාහිර හා මහ නගර සංවර්ධන අමාත්‍යංශයේදී ය. පියසේන ගමගේ මහතා තරුණ, කාන්තා හා ළමා කටුයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස එම අමාත්‍යංශයේදී අද වැඩ භාර ගනු ලැබුවේ ය. මෙම අවස්ථාවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද එක්ව සිටියේ ය. |
2018-11-07T02:16:43.000Z | පොලිස් දෙපාර්තමේන්තුව කටයුතු කරන්නේ ජනපතිගේ නියෝග මත පමණයි - පොලිස්පති | "පොලීසිය කටයුතු කරන්නේ ජනපතිගේ නියෝග මත පමණයි" | COLOMBO (News 1st) - පොලිස් දෙපාර්තමේන්තුව කටයුතු කරන්නේ ජනාධිපතිතුමාගේ නිශ්චිත උපදෙස් හා නියෝග මත පමණක් බව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පවසයි. පොලිස් මූලස්ථානයේ පැවැත්වෙන මාධ්‍ය හමුවකදී පොලිස්පතිවරයා කියා සිටියේ, නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යවරයා ලෙස ජනාධිපතිතුමා කටයුතු කරන බව ය. ඒ අනුව ජනාධිපතිතුමා නිකුත් කර ඇති ගැසට් නිවේදනයට අනුකූලව පොලීසිය කටයුතු කරන බව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා කියා සිටියේ ය. ඔහු පැවසුවේ, ඊයේ රංජිත් මද්දුමබණ්ඩාර මහතා පොලිස් මූලස්ථානයට යොමු කළ ලිපිය වලංගු නොවන බව ය. |
2018-11-07T01:11:50.000Z | අභියෝග භාර ගැනීමට භය වෙන්නේ නැහැ - සජිත් ප්‍රේමදාස | අභියෝග භාර ගැනීමට භය වෙන්නේ නැහැ - සජිත් ප්‍රේමදාස | COLOMBO (News 1st) - යහපාලන ආණ්ඩුව තුළ අර්බුදයක් ඇති වූ අවස්ථාවලදී එය මුල් කර ගෙන පුද්ගලික ප්‍රතිලාභ ලබා ගැනීමට තමා කටයුතු නොකළ බව හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා පවසයි. සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ, දැන් පැවැත්වෙන මාධ්‍ය සාකච්ඡාවකදී ය. අභියෝග භාර ගැනීමට බිය නොවන බව සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී අවධාරණය කළේ ය. |
2018-11-07T00:24:32.000Z | ගුරුගොඩ ඔයේ දිය නෑමට ගිය පාසල් සිසුවෙකු අතුරුදන් | ගුරුගොඩ ඔයේ දිය නෑමට ගිය පාසල් සිසුවෙකු අතුරුදන් | COLOMBO (News 1st) - බුලත්කොහුපිටිය මොරොන්තොට හාල්මැස්ස මාර්ගයේ ගුරුගොඩ ඔයේ දිය නෑමට ගිය පාසල් සිසුවෙකු දියේ ගිලී අතුරුදන්ව තිබේ. පොලීසිය සඳහන් කළේ, තවත් සිසුන් 3 දෙනෙකු සමග දිය නාමින් සිටියදී ඊයේ පස්වරුවේ ඔහු මෙම අනතුරට ලක්ව ඇති බව ය. එලෙස අතුරුදන්ව ඇත්තේ, 17 හැවිරිදි වරකාපොළ ඇත්නාවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔහු සොයා මේ වන විට නාවික හමුදා කිමිදුම් කණ්ඩායම් මෙහෙයුම් ආරම්භ කර තිබේ. |
2018-11-07T00:09:15.000Z | පක්ෂ නායකයින්ගේ හමුවක් අද පස්වරුවේ | පක්ෂ නායකයින්ගේ හමුවක් අද පස්වරුවේ | COLOMBO (News 1st) - කථානායක කරු ජයසූරිය මහතා සහ පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ නායකයින්ගේ හමුවක් අද පස්වරුවේ පැවැත්වේ. ඒ, පාර්ලිමේන්තු සංකීර්ණයේදී ය. කථානායක මාධ්‍ය ඒකකය සඳහන් කළේ, ලබන 14 වන දා පාර්ලිමේන්තුව කැඳවීමට ජනාධිපතිතුමා නිකුත් කළ ගැසට් නිවේදනයත් සමග ඒ සඳහා කටයුතු කිරීම පිළිබඳ සාකච්ඡා කිරීමට මෙම පක්ෂ නායක රැස්වීම කැඳවා ඇති බව ය. මේ අතර ලබන 14 වන දා ආරම්භ වන පාර්ලිමේන්තු සැසිවාරයේ ආසන පැනවීමේ කටයුතු ලබන 12 වන දා සිදු කරන බව පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පවසයි. නව අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා පත් කරමින් ජනාධිපතිතුමා නිකුත් කළ ගැසට් නිවේදනය ප්‍රකාරව ආසන පනවන බව ද ඔහු පැවසුවේ ය. නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සඳහන් කළේ, ඒ සදහා කථානායකවරයාගේ උපදෙස් ලබා ගන්නා බව ය. |
2018-11-06T22:26:00.000Z | හෙරොයින් කිලෝග්‍රෑම් 2කට අධික ප්‍රමාණයක් සමග සැකකරුවෙකු කොච්චිකඩේදී අත්අඩංගුවට | හෙරොයින් සමග සැකකරුවෙකු කොච්චිකඩේදී අත්අඩංගුවට | COLOMBO (News 1st) - හෙරොයින් කිලෝග්‍රෑම් 2 යි ග්‍රෑම් 60ක් සමග සැකකරුවෙකු කොච්චිකඩේ තක්කියා පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, මීගමුව කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය ඒකකයේ නිලධාරීන් පිරිසක් කළ වැටලීමකදී ය. සැකකරු සතුව තිබී සොයා ගෙන ඇති හෙරොයින් තොගයේ වටිනාකම රුපියල් මිලියන 20කට අධික ය. 51 හැවිරිදි සැකකරු මීගමුව කඩොල්කැළේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මේ අතර හෙරොයින් ජාවාරමට සම්බන්ධ තවත් සැකකරුවන් 3 දෙනෙකු දිවයිනේ විවිධ ප්‍රදේශවල කළ මෙහෙයුම්වලදී අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. බොරැල්ල පුවලිංගම් ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 2යි මිලිග්‍රෑම් 740ක් සමග 39 හැවිරිදි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු සන්තකයේ තිබී මිලිමීටර් 9 වර්ගයේ ජීව උණ්ඩ 51ක් සොයා ගත් බව පොලීසිය සඳහන් කළේ ය. බොරැල්ල සින්න දූපත ප්‍රදේශයේදී ද තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු සතුව තීබී සොයා ගෙන ඇති හෙරොයින් ප්‍රමාණය ග්‍රෑම් 7යි මිලිග්‍රෑම් 700කි. හොරොයින් ග්‍රෑම් 22ක් සමග මාරවිල බස් නැවතුම්පොළ අසළදී ද සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර 40 හැවිරිදි ඔහු මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය. |
2018-11-06T21:59:08.000Z | වැඩිම ශතක ලාභී ක්‍රීඩකයා ලෙස රෝහිත් ශර්මා වාර්තා අතරට | වැඩිම ශතක ලාභී ක්‍රීඩකයා ලෙස ශර්මා වාර්තා අතරට | (News 1st) - පන්දුවාර 20යි 20 ක්‍රිකට් අංශයේ වැඩිම ශතක ලාභී ක්‍රීඩකයා ලෙස ඉන්දියාවේ රෝහිත් ශර්මා වාර්තා අතරට එක් විය. ඒ, බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැති දෙවැනි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයේදී ය. ඉන්දියා - බටහිර ඉන්දීය කොදෙව් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය ලක්නව්හිදී ඊයේ පැවැත්විණි. මෙම තරගයේදී ඉන්දීය කණ්ඩායම මෙහෙයවූයේ රෝහිත් ශර්මා ය. තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් ශර්මා සහ ශිකර් ධවාන් සාර්ථක ආරම්භයක් ලබා දුන්හ. ඔවුන් දෙදෙනා අතර පළමු කඩුල්ලේ සබඳතාව ලකුණු 123කි. ධවාන් පන්දු 41කින් 4 පහර 3ක් ද සමගින් ලකුණු 43ක් රැස් කළේ ය. වේගවත් පිතිහරඹයක නිරත වූ රෝහිත් ශර්මා පන්දු 61කින් ලකුණු 111යි. 4 පහර 8කින් සහ 6 පහර 7කින් ඔහුගේ ඉනිම වර්ණවත් විය. ඒ අනුව ශර්මා ඉතිහාසයට එක් වූයේ, පන්දුවාර 20යි 20 අංශයේ වැඩිම ශතක සංඛ්‍යාවක් වාර්තා කළ ක්‍රීඩකයා ලෙස ය. එමෙන් ම පන්දුවාර 20යි 20 අංශයේ වැඩිම ශතක සංඛ්‍යාවක් රැස් කළ නායකයා ලෙස ද ශර්මා වාර්තා අතරට එක් විය. පන්දුවාර 20 අවසානයේදී ඉන්දීය කණ්ඩායම කඩුලු 2කට රැස් කළ ලකුණු සංඛ්‍යාව 195කි. පිළිතුරු ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ මුල් පෙළ කඩුලු 7 ලකුණු 81කදී බිඳ වැටිණි. ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ඩැරන් බ්‍රාවෝ ලකුණු 23යි. කීමෝ පෝල් ලකුණු 20ක් රැස් කළේ ය. බුවනේස්වර් කුමාර්, ඛලීල් අහමඩ්, ජස්ප්‍රිට් බුම්රාහ් සහ කුල්දීප් යාදෙව් අතර කඩුලු 2 බැගින් බෙදී ගියහ. බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම තරගයේ නියමිත පන්දුවාර 20 අවසන් වන විට කඩුලු 9ක් දැවී රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 124කි. ඉන්දීය කණ්ඩායම මේ වන විට තරග 2ට 0ක් ලෙස තරගාවලියේ ජය තහවුරු කරගෙන සිටියි. |
2018-11-06T20:30:05.000Z | බස් ගාස්තු අඩු වන ලකුණු | බස් ගාස්තු අඩු වන ලකුණු | COLOMBO (News 1st) - ඩීසල් මිල පහළ දැමීමත් සමග බස් ගාස්තු අඩු කිරීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමේ සාකච්ඡාවක් අද පැවැත්වේ. ඒ, ජාතික ගමනා ගමන කොමිෂන් සභාව හා බස් සංගම් නියෝජිතයින් අතර ය. ජාතික ගමනා ගමන කොමිසමේ සභාපති එම්.ඒ.පී. හේමචන්ද්‍ර මහතා සඳහන් කළේ, අද පැවැත්වෙන සාකච්ඡාවලින් අනතුරුව එළැඹෙන තීරණය කැබිනට් මණ්ඩලයට වාර්තා කරන බව ය. මේ සම්බන්ධයෙන් සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සමිති සම්මේලනයෙන් නිව්ස්ෆස්ට් කළ විමසීමකදී එහි ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා පැවසුවේ, 2%කින් බස් ගාස්තු පහළ දැමීමට තම සංගමය තීරණය කර ඇති බව ය. පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතාගෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ, ඩීසල් මිල පහළ යාමෙන් වූ වාසිය පාරිභෝගිකයාට ලබා දීමට තම සංගමය කිසිදු විරෝධයක් නොදක්වන බව ය. |
2018-11-06T20:20:09.000Z | නව අගමැතිට සහය පළ කරන බවට පළ වන වාර්තා අසත්‍යයි - රවුෆ් හකීම් | "නව අගමැතිට සහය පළ කරන බවට පළ වන වාර්තා අසත්‍යයි" | COLOMBO (News 1st) - තමන් හා තම පක්ෂය නව අග්‍රාමාත්‍යවරයාට සහය පළ කර ඇති බවට පළ වන වාර්තා ප්‍රතික්ෂේප කරන බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා පවසයි. ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔහු පැවසුවේ, නව අග්‍රාමාත්‍යවරයා බහුතරය තහවුරු කරන තෙක් එම දිවුරුම් දීම ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිපත්තිවලට එරෙහි යන මතයේ තමන් තවදුරටත් රැඳී සිටින බව ය. |
2018-11-06T20:09:10.000Z | ගෙවුණු දවස උණුසුම් කළ පුවත්… | ගෙවුණු දවස උණුසුම් කළ පුවත්… | COLOMBO (News 1st) 1. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා නියෝජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වී රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කර තිබේ. 2. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා සමග සාකච්ඡා කර තිබේ. 3. දින 10 ක් තුළ හලාවත මහා රෝහලේදී බිළිඳු දරුවන් තිදෙනෙකු හා මවක මිය ගොස් තිබේ. 4. ශ්‍රී ලංකාවේ අමරිකානු තානාපති ඇලෙයිනා බී. ටිප්ලිට්ස් මහත්මිය ඊයේ කථානායකවරයා හමු වීය. 5. රටේ පවතින වත්මන් අර්බුදය විසඳා ගැනීම සඳහා පාර්ලිමේන්තුව කඩිනමින් රැස්වනු ඇතැයි, අපේක්ෂා කරන බව පොදු රාජ්‍ය මණ්ඩලය පවසයි. විදෙස් පුවත් 6. අමෙරිකානු මධ්‍ය වාර මැතිවරණයේ ඡන්ද විමසීම ඊයේ මෙරට වේලාවෙන් පස්වරු 5.30ට ඇරඹිණි. ක්‍රීඩා පුවත් 7. අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය ක්‍රීඩා කරන රංගනගෙන් තව ත් වාර්තාවක් |
2018-11-06T19:51:56.000Z | මහින්ද රාජපක්ෂ අගමැති ලෙස පත් කිරීම ව්‍යවස්ථා විරෝධී නැහැ - නෙස්බි සාමි කියයි | මහින්ද අගමැති ලෙස පත් කිරීම ව්‍යවස්ථා විරෝධී නැහැ | (News 1st) - මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කිරීම ව්‍යවස්ථා විරෝධී නොමැති බව බ්‍රිතාන්‍ය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නෙස්බි සාමිවරයා පවසයි. ඒ, ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දක්වමිනි. මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කිරීම ව්‍යවස්ථා විරෝධී යැයි එම පාර්ලිමේන්තුවේම මන්ත්‍රීවරයෙකු වන ශ්‍රීමත් හියුගෝ ස්වයර් කරන ලද ප්‍රකාශය පිළිබඳව තමාගේ කිසිදු සතුටක් නොමැති බව ද ඔහු ප්‍රකාශ කළේ ය. නෙස්බි සාමිවරයා පැවසුවේ, රටක තීන්දු තීරණ ව්‍යවස්ථාවට අනුකූල ද නැද්ද යන්න ප්‍රකාශ කිරීමට විදේශිකයින්ට අයිතියක් නොමැති බව ය. |
2018-11-06T07:38:30.000Z | අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය ක්‍රීඩා කරන රංගනගෙන් තව ත් වාර්තාවක් | රංගන හේරත්ගෙන් තව ත් වාර්තාවක් | ශ්‍රී ලංකා - එංගලන්ත පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ විය. අද තරගය නරත කරන විට පළමු ඉනිම ක්‍රීඩා කරන එංගලන්ත කණ්ඩායම කඩුලු 8 ක් දැවී රැස් කර ගෙන සිටි ලකුණු සංඛ්‍යාව 321 කි. ලොව සාර්ථකම වමත් ටෙස්ට් පන්දු යවන්නා වන රංගන හේරත් සහභාගී වන අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය මෙය වේ. තරගයේ කාසියේ වාසිය දිනූ එංගලන්ත ක්‍රිකට් නායක ජෝ රූට් පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේ ය. ටෙස්ට් තරග 92 කදී ඉනිම 168 ක් තුළ කඩුලු 430 ක් දවා ගනිමින් වමතින් දඟ පන්දු යවන ක්‍රීඩකයින් අතර වැඩිම කඩුලු ලාභියා වන රංගන හේරත් පිටියට පැමිණියේ සිය සහෝදර ක්‍රීඩකයින්ගේ ගෞරවය මධ්‍යයේයි. රෝරි බර්න්ස් සහ බෙන් ෆෝක්ස් අද ටෙස්ට් වරම් දිනා ගත්තේ ය. එංගලන්ත ඉනිම ආරම්භ කළේ, රෝරි බර්න්ස් සහ කෙයිටන් ජෙනිංග්ස්. බර්න්ස් ලකුණු 9 කට පිටියෙන් ඉවත් විය. රංගන හේරත් හමුවේ නායක ජෝ රූට් ලකුණු 35 කට පිටියෙන් දැවී ගියේ ය. රංගන ගාල්ල ජාත්‍යන්තර ක්‍රීකට් ක්‍රීඩාංගණයේදී දවා ගත් සියවැනි කඩුල්ල එයයි. ඒ අනුව එක් ක්‍රීඩාංගණයකදී ටෙස්ට් කඩුලු සියයක් දවා ගත් ලොව තුන්වැනි ක්‍රීඩකයා ලෙස රංගන වාර්තා අතරට එක් විය. ජොස් බට්ලර් ලකුණු 38 යි. බෙන් ෆෝක්ස් අද මංගල අර්ධ ශතකය වාර්තා කර තිබේ. දිල්රුවන් පෙරේරා ලකුණු 70 කට කඩුලු 4 ක් දවා ගත් අතර සුරංග ලක්මාල් ලකුණු 57 ට කඩුලු 2 ක් දවා ගත්තේ ය. |
2018-11-06T10:38:45.000Z | ජනපති හා විපක්ෂ නායක අතර සාකච්ඡා | ජනපති හා විපක්ෂ නායක අතර සාකච්ඡා | COLOMBO (News 1st) - ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා සමග සාකච්ඡා කර තිබේ. ජනාධිපති මන්දිරයේ ඊයේ පස්වරුවේ පැවති දීපාවලී උත්සවයට ජනාධිපතිතුමාගේ ඇරයුමින් දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන්, ඊ.පී.ඩී.පී නායක ඩග්ලස් දේවානන්ද, අංගජන් රාමනාදන් යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගි විය. මෙම උත්සවයට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ද සහභාගිවී සිටියේ ය. විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා ජනාධිපතිතුමා හමුවී තිබුනේ මෙම උත්සවයෙන් අනතුරුවයි. |
2018-11-06T06:30:55.000Z | දින 10 ක් තුළ හලාවත මහා රෝහලෙන් බිළිඳු මරණ තුනක් | දින 10 ක් තුළ හලාවත මහා රෝහලෙන් බිළිඳු මරණ තුනක් | COLOMBO (News 1st) - දින 10 ක් තුළ හලාවත මහා රෝහලේදී බිළිඳු දරුවන් තිදෙනෙකු හා මවක් මිය ගොස් තිබේ. රෝහලෙන් පළමු මරණ වාර්තා වුයේ, පසුගිය මස 28 වන දා මවක් සහ ඇයගේ බිළිඳිය මිය යෑමත් සමගිනි. දින 10 ක් වැනි කෙටි කාලයක් තුළ මාතෘ හා ළදරු මරණ වාර්තාවීම පිළිබඳ වහා පරීක්ෂණයක් සිදු කරන්නැයි මියගිය අයගේ ඥාතීන් බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර ඇත. සිද්ධිය සම්බන්ධයෙන් හලාවත මහා රෝහලේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය ලලිත් පොද්දල්ගොඩ මහතාගෙන් නිව්ස්ෆස්ට් විමසීමක් කළේ ය. ඔහු පැවසුවේ, දින 10 ක් තුළ බිළිඳු දරුවන් තිදෙනෙකු හා මවක් මියයෑම පිළිබඳ දැනටමත් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි. මෙම මරණ ස්වාභාවික හේතුමත සිදුවුයේ ද විෂ බීජ ආසාධනයකින් සිදු වුයේ ද නැතහොත් කාර්යය මණ්ඩලයේ නොසැලකිලිමත්කම නිසා සිදු වුවක් ද යන්න පරීක්ෂණ ක්‍රියාත්මක බව වෛද්‍ය ලලිත් පොද්දල්ගොඩ මහතා පැවසීය. |
2018-11-06T06:13:01.000Z | දිස්ත්‍රික්ක කිහිපයකට නාය යෑමේ පුර්ව අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ | ප්‍රදේශ කිහිපයකට නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ | COLOMBO (News 1st) - රත්නපුර, මහනුවර, නුවරඑළිය සහ මාතලේ දිස්ත්‍රික්වල ප්‍රදේශ කිහිපයක් සඳහා නාය යෑමේ පුර්ව අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි. එහි නාය යෑම් පිළිබඳ අධ්‍යයන අංශයේ වැඩබලන අධ්‍යක්ෂ ආචාර්ය ගාමිණි ජයතිස්ස මහතා සඳහන් කළේ, ඒ පිළිබඳ ජනතාව විමසිලිමත් විය යුතු බවයි. |
2018-11-06T05:43:39.000Z | රට තුළ සාමය සහ සංහිඳියාව ගොඩනැගීමට කටයුතු කරනවා - ජනපති | රට තුළ සාමය සහ සංහිඳියාව ගොඩනැගීමට කටයුතු කරනවා | COLOMBO (News 1st) - රට තුළ ස්ථිර සාමය සහ සංහිඳියාව ගොඩනැගීම වෙනුවෙන්ගත යුතු සෑම පියවරක්ම ගන්නා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේ, ඊයේ පස්වරුවේ ජනාධිපති මන්දිරයේ පැවති විශේෂ දීපවාලි උත්සවයට එක් වෙමිනි. රටේ ජීවත්වන සෑම කෙනෙකුටම යුක්තිය සහ සාධාරණය ඉටුවිය යුතු බව ජනාධිපතිතුමා එහිදී පැවසුවේ ය. සංස්කෘතික අංග රැසකින් සමන්විත වූ මෙම උත්සවයට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, විපක්ෂනායක ආර්. සම්බන්ධන්, අමාත්‍ය ඩග්ලස් දේවානන්ද ඇතුළු මැති ඇමතිවරු රැසක් තානාපතිවරුන් සහ හින්දු බැතිමතුන් ඇතුළු විශාල පිරිසක් එක් ව සිටි බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ ය. |
2018-11-06T05:27:29.000Z | ප්‍රධාන ජලාශ 16 ක වාන් දොරටු විවෘත කෙරේ | ප්‍රධාන ජලාශ 16 ක වාන් දොරටු විවෘත කෙරේ | COLOMBO (News 1st) - වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පවතින ප්‍රධාන ජලාශ 16 ක වාන් දොරටු විවෘත කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. එහි අධ්‍යක්ෂ වසන්ත බණ්ඩාර පළුගස්වැව මහතා සඳහන් කළේ, මහකනදරාවැව, මහවිලච්චිය, රාජංගනය, තබ්බෝව, දැදුරුඔය, පරාක්‍රම සමුද්‍රය ඇතුළු ජලාශ රැසක වාන් දොරටු විවෘත කර ඇති බවයි. ඒ ආශ්‍රිත ප්‍රදේශවල ජනතාව මේ පිළිබඳ විමසිලිමත් වන්නැයි යුතු බව ඔහු දැනුම් දෙයි. |
2018-11-06T02:56:47.000Z | පොදු රාජ්‍ය මණ්ඩලයීය මහලේකම්ගෙන් නිවේදනයක් | පොදු රාජ්‍ය මණ්ඩලයීය මහලේකම්ගෙන් නිවේදනයක් | COLOMBO (News 1st) : රටේ පවතින වත්මන් අර්බුදය විසඳා ගැනීම සඳහා පාර්ලිමේන්තුව කඩිනමින් රැස්වනු ඇතැයි, අපේක්ෂා කරන බව පොදු රාජ්‍ය මණ්ඩලය පවසයි. ලබන 14 වනදා පාර්ලිමේන්තුව නැවත කැඳවීම සඳහා ජනාධිපතිවරයා ගෙන ඇති තීරණයට ප්‍රතිචාර දක්වමින් පොදු රාජ්‍ය මණ්ඩලයීය මහලේකම් , පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් මහත්මිය නිවේදනයක් මගින් මේ බව සඳහන් කළේ ය. අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ, රටේ ව්‍යවස්ථාව සහ නීතියේ ආධිපත්‍ය සුරැකීම උදෙසා දේශපාලන නායකයින් හා ජනතාව අතර කථිකාව දිරිගැන්විය යුතු බවයි. ශ්‍රී ලංකා රජයට හා ජනතාවට අවශ්‍ය නම් සහය වීමට පොදු රාජ්‍ය මණ්ඩලය හා අනෙකුත් ජාතයන්තර හවුල් කරුවන් සුදානම් බව ද, පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් මහත්මිය සිය නිවේදනයේ සඳහන් කර තිබේ. |
2018-11-06T01:01:07.000Z | අමෙරිකානු තානාපතිනිය කථානායක හමුවෙයි | අමෙරිකානු තානාපතිනිය කථානායක හමුවෙයි | COLOMBO (News 1st) : ශ්‍රී ලංකාවේ අමරිකානු තානාපති ඇලෙයිනා බී. ටිප්ලිට්ස් මහත්මිය අද උදෑසන කථානායකවරයා හමුවී තිබේ. අමරිකානු තානාපති කාර්යාලය නිකුත් කළ ට්විටර් පණිවුඩයක දැක්වෙන්නේ, පවතින දේශපාලන අර්බුදය නිරාකරණය කර ගැනීම සඳහා පාර්ලිමේන්තුව වහා කැඳවීමේ වැදගත්කම පිළිබඳව සාකච්ඡා කිරීමට තානාපතිනිය කථානායකවරයා හමුවූ බවයි. ඡන්දයෙන් තේරීපත් වූ නියෝජිතයින්ට අවශ්‍ය ආකාරයට කටයුතු කිරීමට ඉඩ සලසමින් ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී ආයතනවලට ජනතාවට සේවය කිරීමට ඉඩ දිය යුතු බව තානාපතිනි කාර්යාලයේ ට්විටර් පණිවිඩයේ සඳහන් ය. Met Speaker of Parliament Hon. Karu Jayasuriya @KaruOnline to discuss the importance of Parliament reconvening to put an end to this political crisis. These democratic institutions should serve the people of #SriLanka; let the elected representatives have their say. pic.twitter.com/KDS0kutr8r — USAmbSLM (@USAmbSLM) November 6, 2018 |
2018-11-06T00:20:11.000Z | නි. අමාත්‍ය මනූෂ නානායක්කාර ඉල්ලා අස්වෙයි | නි. අමාත්‍ය මනූෂ නානයක්කාර ඉල්ලා අස්වෙයි | COLOMBO (News 1st) : එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා නියෝජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වී රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කර තිබේ. මාධ්‍යයට ප්‍රකාශයක් කරමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ, ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම සඳහා තමා ඉදිරියට කටයුතු කරන බවයි. නව රජයේ කම්කරු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස මනූෂ නානායක්කාර මහතා පසුගිය 01 වැනි දා දිවුරුම් දුන්නේ ය. නමුත් අද ජනාධිපතිතුමාවෙත ලිපියක් යවමින් ඔහු දැනුම්දී ඇත්තේ, ධූරයෙන් ඉල්ලා අස්වන බවයි. නව පාර්ශවයට හිමි බහුතරය පෙන්වීමට හැකිවන තෙක් පාර්ලිමේන්තුවේ පෙර පැවති තත්ත්වය පිළිගැනීමට සිදුවන බවට කථානායකවරයා දරන ස්ථාවරයට තමන් ද එකඟ වන බව එම ලිපියේ සඳහන් විය. එබැවින් තමන්ට ව්‍යාවස්ථානුකූල නොවන ධූරයක කටයුතු කිරීමට නොහැකි බව නානායක්කාර පවසා තිබේ. ඔහු ජනාධිපතිතුමාට යැවූ ලිපියේ සඳහන් වන්නේ, කථානායකවරයාගේ ස්ථාවරය පිළිගන්නා තමන් රනිල් වික්‍රමසිංහ මහතා ද පාර්ලිමේන්තුවේ බහුතරය ඇති නිලඅග්‍රාමාත්‍යවරයා ලෙස පිළිගැනීමට සිදුවන බවයි. ධූරයෙන් ඉල්ලා අස්වන බව දැනුම්දීමෙන් පසුව මනූෂ නානායක්කාර මහතා අරලියගහ මන්දිරයට පැමිණ රනිල් වික්‍රමසිංහ මහතා හමුවී තිබුණි. |
2018-11-05T22:38:01.000Z | නැගෙනහිර, වයඹ, උතුර, උතුරුමැද හා මධ්‍යම පළාත්වලට අද ත් වැසි | අද ත් පළාත් කිහිපයකට තද වැසි | COLOMBO (News 1st) : දිවයින ආසන්නයේ පවතින අඩු පීඩන තත්ත්වයේ බලපෑම හේතුවෙන් දැනට පවතින වැසි තත්ත්වය සහ අහස වලාකුළින් බර ස්වභාවය දිවයිනේ සහ දිවයින අවට මුහුදු ප්‍රදේශවල තවදුරටත් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව වැඩිදුරත් පැවසුවේ, දිවයිනේ නැගෙනහිර, වයඹ, උතුර, උතුරුමැද හා මධ්‍යම පළාත්වලට අද මිලිමීටර් 150 ඉක්මවූ තද වැසි ඇති විය බවයි. එහි වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා පැවසුවේ දිවයින උතුරු අර්ධය හරහා තරමක් තද සුළං ද බලාපොරොත්තුවිය හැකි බවයි. |
2018-11-05T22:28:40.000Z | අමෙරිකානු මධ්‍ය වාර මැතිවරණ ඡන්ද විමසීම අද | අමෙරිකානු මධ්‍ය වාර මැතිවරණ ඡන්ද විමසීම අද | අමෙරිකානු මධ්‍ය වාර මැතිවරණයේ ඡන්ද විමසීම අද මෙරට වේලාවෙන් පස්වරු 5.30ට ඇරඹීමට නියමිතයි. ජන්ද විමසීම පැය 12 ක කාලයක් පැවැත්වෙනු ඇති. මෙවර මැතිවරණයේ මේ වනවිටත්, මිලියන 31 කට වැඩි පිරිසක් පූර්ව ජන්ද ප්‍රකාශ කිරීම්වලදී ඡන්දය ප්‍රකාශ කර ඇති අතර අද තවත් මිලියන ගණනක් ජන්දය ප්‍රකාශ කිරීමට නියමිතයි. මෙම මැතිවරණය ජනාධිපති ට්‍රම්ප්ගේ ධූර කාලයේ මුල් වසර දෙක සම්බන්ධයෙන් පැවැත්වෙන ජනමත විචාරණයක් ලෙස සැලකෙයි. සාමාන්‍යයෙන් මධ්‍ය වාර මැතිවරණයකට ජන්ද දායකයන්ගේ සහභාගීත්වය අඩු වුවත් මැතිවරණ නිරීක්ෂකයන් පෙන්වා දෙන්නේ, මෙවර ඡන්ද දායකයන් රැසක් සිය ඡන්දය භාවිත කිරීමට දැඩි උනන්දුවක් දක්වන බවයි. මෙම මැතිවරණයේදී අමෙරිකානු නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ආසන 435 සඳහා ද සෙනෙට් සභාවේ ආසන 35 ක් සඳහා ද ආණ්ඩුකාර තනතුරු 39 ක් සඳහා ද නියෝජිතයන් තෝරා පත් කර ගනු ඇති. මැතිවරණ මත විමසුම් පෙන්වා දෙන්නේ මෙවර මැතිවරණයේදී ඩිමොක්‍රටික් පාක්ෂිකයන්ට කොංග්‍රසයේ පහළ මන්ත්‍රණ සභාවේ වැඩි ආසන සංඛ්‍යාවක් හිමි කරගැනීමට අවස්ථාව හිමි වනු ඇති බවයි . කෙසේ වෙතත් සෙනෙට් සභාවේ පාලනය රිපබ්ලිකන් පාක්ෂිකයන් සතු වනු ඇතැයි ද එම මත විමසුම්වල වැඩිදුරටත් සඳහන් ය . මේ වනවිට ජනපති ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් පක්ෂයට , අමෙරිකානු සෙනෙට් සභාවේ මෙන්ම නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේද බහුතර බලය හිමි අතර එම බලය අහිමිවුවහොත් අමෙරිකාවේ ප්‍රබලතම දේශපාලන ප්‍රතිපත්ති පිළිබඳ තීරණ ගැනීමේදී ඔවුන්ට දුෂ්කරතාවන්ට මුහුණපෑමට සිදුවනු ඇති. |
2018-11-05T22:16:05.000Z | ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී දෙදෙනෙක් මරුට | ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී දෙදෙනෙක් මරුට | COLOMBO (News 1st) : උඩුපුස්සැල්ලාව, ගල්කොටුව ගරුඩගල ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තවත් තිදෙනෙකු තුවාල ලබා තිබේ. එලෙස මියගොස් ඇත්තේ, කහතඩිඅරාව, මාස්පන්න ප්‍රදේශයේ පදිංචි 28 හා 48 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙක්. උඩුපුස්සැල්ලාව, ගල්කොටුව ගරුඬගල ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් තවත් තිදෙනෙකු තුවාල ලබා තිබේ. පොලීසිය පැවසුවේ රාගල සිට කොටඹ දෙසට ධාවනය වූ ත්‍රිරෝද රථයක් මතට ඊයේ රාත්‍රියේ එලෙස ගසක් කඩා වැටී ඇති අතර එහි ගමන් කළ පුද්ගලයින් 5 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කිරීමේදී දෙදෙනෙකු මියගොස් ඇති බවයි. එලෙස මියගොස් ඇත්තේ, කහතඩිඅරාව, මාස්පන්න ප්‍රදේශයේ පදිංචි 28 හා 48 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙකි. |
2018-11-05T20:43:16.000Z | ශ්‍රී ලංකා - එංගලන්ත පළමු ටෙස්ට් තරගය අද ගාල්ලේදී | ශ්‍රී ලංකා - එංගලන්ත පළමු ටෙස්ට් තරගය අද ගාල්ලේදී | COLOMBO (News 1st) : ශ්‍රී ලංකා - එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද ආරම්භ වේ. මේ අතර සුපිරි දග පන්දු යවන ක්‍රීඩක රංගන හේරත් මෙම තරගයෙන් අනතුරුව ජාත්‍යන්තර තරග බිමට සමුදීමට නියමිතයි. ටෙස්ට් තරග 92කදී ඉනිම 168ක් තුළ කඩුලු 430ක් දවාගෙන සිටින රංගන හේරත්, ලොව වැඩිම කඩුලුලාභී වමතින් දඟ පන්දු යවන ක්‍රීඩකයා වේ. ටෙස්ට් වරම් ලද ගාලු පිටියෙන්ම ටෙස්ට් පිටියට සමුදෙන රංගන පවසන්නේ, කඩුලු 400 සීමාව පසු කළ ලොව පළමු වමතින් දග පන්දු යවන ක්‍රීඩකයා ලෙස වාර්තා අතරට එක්වීම තම ක්‍රිකට් ජීවිතයේ ලැබූ විශාල ජයග්‍රහණයක් බවයි. ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකාව සහ එංගලන්තය ටෙස්ට් තරග 4කට සහභාගී වී ඇති අතර දෙපිළම තරග දෙක බැගින් ජයගෙන තිබේ. තම ආයතන විනය නීති කඩ කිරීම හේතුවෙන් වේග පන්දු යවන ක්‍රීඩක ලහිරු කුමාර වෙනුවට දුෂ්මන්ත චමීර කණ්ඩායමට කැඳ වූ බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ නිවේදනයක් නිකුත් කළා. හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස් ද අද තරගය සඳහා සහභාගීවීමට නියමිතයි. වසරකට පසුව කඩුලු රකින ක්‍රීඩක කෞශාල් සිල්වාට ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම නියෝජනය කිරීමේ අවස්ථාව හිමිව තිබේ. මේ අතර සමබර කණ්ඩායමක් තමන් සතු බවත්, අද ආරම්භ වන ටෙස්ට් තරගාවලිය සඳහා තමන් සූදානම් බවත් එංගලන්ත ක්‍රිකට් නායක ජෝ රූට් පවසයි. එංගලන්ත කණ්ඩායම ශ්‍රී ලංකාවේදී ටෙස්ට් ක්‍රිකට් තරගාවලියක් සඳහා සහභාගී වන්නේ වසර 8 කට පසුවයි. උදෑසන 10ට ආරම්භ වීමට නියමිත අද තරගයේ සියලු සජීවී තොරතුරු සිරස TV සහ TV 1 නාලිකා ඔස්සේ විකාශය කිරීමට කටයුතු යොදා තිබේ. |
2018-11-05T20:34:10.000Z | ගෙවුණු දවස උණුසුම් කළ පුවත්… | ගෙවුණු දවස උණුසුම් කළ පුවත්… | COLOMBO (News 1st) : දේශීය පුවත්.... 1. දිනේෂ් ගුණවර්ධන සභානායක ධූරයේ වැඩ අරඹයි : පාර්ලිමේන්තුවේ නව සභානායකවරයා ලෙස අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද රාජකාරි ආරම්භ කර තිබේ. 2. හේෂාන් විතානගේට හා පාලිත තෙවරප්පෙරුමට ඇප : එක්සක් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පාලිත තෙවරප්පෙරුම සහ හේෂා විතානගේ යන මහත්වරුන්ට රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදා හැරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ. 3. කථානායකවරයාගෙන් විශේෂ නිවේදනයක් : බහුතරය පෙන්වීමට හැකිවන තෙක් පෙර පැවති තත්ත්වය පිළිගැනීමට සිදුවන බව කථානායක කරූ ජයසූරිය මහතා අද පෙරවරුවේ නිවේදනය කර තිබේ. කථානායකවරයා පැවසූවේ, පාර්ලිමේන්තුවේ ඇති කළ වෙනස්වීම් සියල්ල ව්‍යවස්ථාවට සහ සම්ප්‍රදායට විරුද්ධව සිදු කර ඇති බවත් පෙර පැවති තත්ත්වය පිළිගන්නා ලෙසත් බහුතරය ඉල්ලා ඇති නිසා මෙම තීරණය ගත් බවයි. 4. ජන මහිමය රැළිය ඇරඹෙයි : අණ්ඩුවට සහය පළකිරීමේ ජන මහිමය – ජන රැළිය ඊයේ පාර්ලිමේන්තුව අසළදී පැවැත්විණ. විදෙස් පුවත්... 1. අම්බති රයිදු පළමු පෙළ ක්‍රිකට් තරගවලින් සමු ගනී..: ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රහාරාත්මක පිතිකරු අම්බති රයිදු පළමු පෙළ ක්‍රිකට් තරගවලින් සමු ගැනීමට තීරණය කර තිබේ. |
2018-11-05T19:58:10.000Z | බන්ධනාගාර 3ක CCTV කැමරා සවි කිරීමට පියවර | බන්ධනාගාර 3ක CCTV කැමරා සවි කිරීමට පියවර | COLOMBO (News 1st) : බන්ධනාගාර තුනක් වෙත ආරක්ෂිත කැමරා සවි කිරීමට පියවර ගන්නා බව බන්ධනාගාර අමාත්‍යාංශය පවයි. එහි ජේෂ්ඨ සහකාර ලේකම් බන්දුල ජයසිංහ මහතා සඳහන් කළේ, ඒ අනුව කොළඹ මැගසින්, රිමාන්ඩ් සහ වැලිකඩ බන්ධනාගාර සඳහා ආරක්ෂිත කැමරා සවි කරන බවයි. කැමරා සවි කිරීම සඳහා නිශ්චිත ස්ථාන මේ වන විට හඳුනාගෙන අවසන් බව ද ඔහු ප්‍රකාශ කළේ ය. ඔහු සඳහන් කළේ, බන්ධනාගාර ආශ්‍රිතව සිදුවන නීතිවිරෝධී ක්‍රියා ඉහළ යාමත් සමග මෙම පියවර ගත් බවයි. මේ වසර අවසන් වීමට පෙර කැමරා සවි කිරිමේ කටයුතු නිම කිරීමට බන්ධනාගාර අමාත්‍යාංශය සැලසුම් කර තිබේ. ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් බන්දුල ජයසිංහ මහතා සඳහන් කළේ, නීතිවිරෝධී ක්‍රියා මැඩලීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය එම බන්ධනාගාර වෙත අනියුක්ත කිරීම තවදුරටත් ප්‍රමාද කිරීමට ද සිදුව ඇති බවයි. එම නිලධාරීන් සඳහා ප්‍රමාණවත් පහසුකම් ලබා දීමට කාලය ගතවීම හමුවේ එම තත්ත්වය නිර්මානය වී ඇතැයි ද, ඔහු පැවසී ය. කෙසේ වෙතත්, මෙම බන්ධනාගාර සම්බන්ධයෙන් බන්ධනාගාර බුද්ධි අංශය නිරන්තර අවධානයෙන් සිටින බව ද ලේකම්වරයා පැවසී ය. |
2018-11-05T19:20:22.000Z | තෙල් සංස්ථා මූලස්ථාන වෙඩි තැබීම ගැන ප‍්‍රකාශ සටහන් කරගනී | තෙල් සංස්ථා මූලස්ථාන වෙඩිතැබීම: විමර්ශන තවදුරටත් | COLOMBO (News 1st): දෙමටගොඩ පිහිටි ඛනිජ තෙල් අමාත්‍යාංශයේ පසුගිය දා සිදුවූ වෙඩි තැබීම සම්බන්ධයෙන්, මේ වනවිට පුද්ගලයන් 20 ට අධික පිරිසකගෙන් ප‍්‍රකාශ සටහන් කරගෙන ඇති බව කොළඹ අපරාධ කොට්ඨාසය පවසයි. එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, ප‍්‍රකාශ සටහන් කරගත් පිරිස අතර තෙල් සංස්ථා ආරක්ෂක නිලධාරීන්, පොලිස් නිලධාරීන්, සේවකයින් කිහිප දෙනෙකු ද වන බවයි. මෙම සිද්ධිය සම්බන්ධයෙන්, CCTV දර්ශන මගින් පරීක්ෂණ පවත්වන බව ද එම නිලධාරියා ප්‍රකාශ කළේ ය. ඔහු පැවසුවේ, ඒ සඳහා කණ්ඩායම් කිහිපයක් යොදවා ඇති බවයි. පසුගිය 28 වනදා පස්වරුවේ, ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ දෙමටගොඩ මූලස්ථාන පරිශ්‍රයේ සිදුවූ වෙඩි තැබීමෙන් තිදෙනෙකු තුවාල ලබා ජාතික රෝහලට ඇතුළත් කෙරිණ. ඉන් බරපතළ තත්ත්වයේ සිටි එක් අයෙක් එහිදී ජීවිතක්ෂයට පත්විය. 28 වන දා පස්වරුවේ, අර්ජුණ රණතුංග මන්ත්‍රීවරයා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මූලස්ථාන පරිශ්‍රයට පැමිණි අවස්ථාවේදී තවත් පිරිසක් එම ස්ථානයට පැමිණිමත් සමග කළහකාරි තත්ත්වයක් ඇතිවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ ය. එහිදී මන්ත්‍රීවරයාගේ ආරක්ෂක නිලධාරියෙකු සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා ජාතික රෝහලට ඇතුළත් කෙරිණ. |
2018-11-05T19:11:43.000Z | දීපාවලී උත්සවය අදයි | දීපාවලී උත්සවය අදයි | COLOMBO (News 1st) : අඳුරින් ආලෝකයට පැමිණීම මහත් භක්තියෙන් සමරන හින්දු බැතිමතුන්ගේ දීපාවලී උත්සවය අදයි. විෂ්ණු දෙවිඳුන් නරගාසුරන් නමැති අසුරයා පරාජය කිරීම සිහිපත් කරමින් හින්දු බැතිමත්හු දීපාවලී සමරති. තමන් ආලෝකය ලබා ගත් අයුරින් ලොව සියලු දෙනාට ද ආලෝකය දැකීමට ඉඩ සළසන්නැයි පරාජයට පත් නරගාසුරන් අසුරයා විෂ්ණු දෙවිඳුන්ගෙන් ඉල්ලීමක් කර ඇති බව වේද සාහිත්‍යයේ සඳහන් ය. හින්දු බැතිමතුන් මෙම දිනය සිහිපත් කර පහන් දල්වා ආගමික වතාවත්වල නිරත වන්නේ , ඒ ආලෝකය පරිද්දෙන් සියල්ලන්ගේ සිත් සතන් තුළ ආලෝකය පැතිරේවා යන ඒකායන ප්‍රාර්ථනය පෙරදැරිව ය. අධර්මය පරදවා ධර්මය ජය ගැනීම සංඛේතවත් කරමින් පහන් මාලාවක් දැල්වීම ද දීපාවලී දිනයේ තවත් චාරිත්‍රයකි. මියගිය ඥාතීන් සිහිපත් කරමින් කෝවිල්වලට ගොස් ගිතෙල් පහන් දල්වන හින්දු බැතිමතුන් රස කැවිලි අනුභව කරමින් මෙම දිනය සතුටින් සමරයි. දීපාවලී දිනයේ හින්දු බැතිමතුන්ගේ ප්‍රාර්ථනය ධර්මය රජයන සෞභාග්‍යවත් අනාගතයකි. මේ අතර මේ අතර දීපාවලී උත්සවය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සඳහන් කළේ, අධ්‍යාත්මික ශික්ෂණය, ප්‍රඥාව බදු ගුණාංග, මිනිස් සිත් සතන් තුළ ඇතිවීමට නම් අවිද්‍යවේ අන්ධකාරය පහවිය යුතු බවයි. දශක කිහිපයක් තිස්සේ විරසකයන් විසින් හුදකලා කරනු ලැබ අනේක විධ දුක්ඛ වේදනාවන් දරා සිටි සමාජයක ජනවර්ග අතර පවත්නා විරසකය දුරලා, අනෝන්‍ය අවබෝධයත්, සහජීවනයත් ඇතිකිරීමට දීපාවලි උළෙල මනා පිටිවහලක් වනු ඇති බව ද ජනාධිපතිතුමා සිය පණිවුඩයෙන් පෙන්වා දෙයි. මේ අතර දීපාවලි උත්සවය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දෙන්නේ, හින්දු භක්තිකයින්ගේ අධ්‍යාත්මික ගුණවගාවත්, සමාජයේ ජන කණ්ඩායම් හා පුද්ගලයින් අතර අවබෝධය හා සංහිඳියාව දීපාවලි උත්සවයෙන් පිළිබිඹු වන බවයි. |
2018-11-05T09:30:30.000Z | ආණ්ඩුවට එරෙහිව එජාප වෘත්තිය සමිති කොටුවට | ආණ්ඩුවට එරෙහිව එජාප වෘත්තිය සමිති කොටුවට | COLOMBO (News 1st) - ජාතික සේවක සංගමය සංවිධානය කළ විරෝධතාවක් අද කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී පැවැත්විය. ඒ, නව රජයට විරෝධය පළ කරමිනි. එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ වෘත්තීය සමිති රැසක් මෙම විරෝධතාවයට එක් ව සිටියහ. විරෝධතාවයට සමගාමීව අත්පත්‍රිකා බෙදාදීමේ වැඩසටහනක් ද සංවිධානය කර තිබුණි. මෙම අවස්ථාවට එක්සත් ජාතික පෙරමුණේ නියෝජිතයින් සිවිල් ක්‍රියාකාරීන් ඇතුළු පිරිසක් ද එක්විය. |
2018-11-05T07:22:06.000Z | දිනේෂ් ගුණවර්ධන සභානායක ධූරයේ වැඩ අරඹයි | දිනේෂ් ගුණවර්ධන සභානායක ධූරයේ වැඩ අරඹයි | COLOMBO (News 1st) - පාර්ලිමේන්තුවේ නව සභානායකවරයා ලෙස අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද රාජකාරි ආරම්භ කර තිබේ. අද පෙරවරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේ පිහිටි සභානායක කාර්යාලයේදී මහා සංඝරත්නයේ ආශිර්වාද මැද අමාත්‍යවරයා නව ධූරයේ රාජකාරි අරඹා ඇත. මේ අවස්ථාවට අමාත්‍ය ඩග්ලස් දේවානන්ද, පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත මහතා ඇතුළු පිරිසක් එක් ව සිටියහ. |
2018-11-05T06:15:12.000Z | හේෂාන් විතානගේට හා පාලිත තෙවරප්පෙරුමට ඇප | හේෂාන් විතානගේට හා පාලිත තෙවරප්පෙරුමට ඇප | COLOMBO (News 1st) - එක්සක් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පාලිත තෙවරප්පෙරුම සහ හේෂා විතානගේ යන මහත්වරුන්ට රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදා හැරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ. ඒ, ඔවුන් අද පස්වරුවේ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි. නීතිඥ මේජර් අජිත් ප්‍රසන්න මහතාට අතින් පයින් පහරදී සුළු තුවාල සිදු කිරීමේ චෝදනා යටතේ කොල්ලුපිටිය පොලීසියට භාරවූ පසු එම මන්ත්‍රීවරුන් දෙදෙනා අද පෙරවරුවේ අත්අඩංගුවට ගනු ලැබූහ. පසුගිය 01 වන දා අරලියගහ මන්දිරය ඉදිරිපිටදී දෙපාර්ශවය අතර ඇතිවූ බහින්බස්වීමක් දුර දිග යෑමෙන් අනතුරුව සැකකාර මන්ත්‍රීවරුන් දෙදෙනා අජිත් ප්‍රසන්න මහතාට අතින් පයින් පහරදී සුළු තුවාල සිදු කර ඇතැයි විමර්ශනවලදී තහවුරු වී ඇති බව කොල්ලුපිටිය පොලීසිය අධිකරණයට දැනුම් දුන්නේ ය. සැකකරුවන්ට එරෙහිව එල්ල වී ඇත්තේ සමථ මණ්ඩලයට යොමු කර සමථ කළ හැකි චෝදනා බැවින් ඔවුන් ඇප මත මුදා හැර පැමිණිල්ල සමථ මණ්ඩලයට යොමු කරන ලෙස සැකකරුවන්ගේ නීතිඥවරුන් අධිකරණයෙන් ඉල්ලා සිටියහ. නඩුව ලබන පෙබරවාරි 14 කැඳවීමට මහේස්ත්‍රාත්වරයා එහිදී නියෝග කර තිබේ. |
2018-11-05T05:51:37.000Z | වායු දූෂණය හේතුවෙන් නව දිල්ලි නුවර ජනතාව අවදානමක | වායු දූෂණය හේතුවෙන් නව දිල්ලි නුවර ජනතාව අවදානමක | වායු දූෂණය හමුවේ ඉන්දියාවේ නව දිල්ලි නුවර දැඩි ඝන මීදුමකින් වැසී පවතින බව එරට මාධ්‍ය වාර්තාවල දැක්වේ. අගනුවර වායු ගුණාත්මකභාවය අවදානම් සහගත අන්දමින් පහතවැටෙන බව පැවසූ ඉන්දීය කාලගුණ විද්‍යා බලධාරීන් අනතුරු අඟවා සිටියේ, මේ වනවිට නගර වැසියන් ආශ්වාස කරන වාතයේ අඩංගු දූෂක කාරක ආරක්ෂිත මට්ටමට වඩා 20 ගුණයකින් ඉහළගොස් ඇති බවය. දීවාලි සැමරුමට දින දෙකක් තිබියදී නව දිල්ලි අගනුවරින් මෙවැනි තත්ත්වයක් වාර්තා වන අතර දීවාලි සැමරුම ඇරඹීමත් සමග මෙය තවදුරටත් උග්‍ර වනු ඇතැයි ද ඉන්දීය බලධාරීන් බිය පළ කර තිබේ. වායු දූෂණය හේතුවෙන් වාර්ෂිකව ඉන්දියාවේ මිලියනයකට වැඩි පුද්ගලයන් පිරිසක් මියයන අතර ලොව දූෂිතම වාතය සහිත නගරය නව දිල්ලිය බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කළේ ය. |
2018-11-05T04:05:33.000Z | ආණ්ඩුවට සහය පළ කරන ජන මහිමය - ජන රැළිය පාර්ලිමේන්තුව අසළදී ඇරඹෙයි | ජන මහිමය - ජන රැළිය ඇරඹෙයි | COLOMBO (News 1st) - ආණ්ඩුවට සහය පළකිරීමේ ජන මහිමය - ජන රැළිය මේ වන විට පාර්ලිමේන්තුව අසළදී ආරම්භ වී තිබේ. මේ සඳහා නව රජයට සහය පළ කරන මැති ඇමතිවරුන් රැසක් එක් ව සිටි. ජන මහිමය - ජන රැළිය වෙනුවෙන් පාර්ලිමේන්තුව අවට මාර්ගවල විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසයි. ජන රැළියේ ආරක්ෂාවට පොලිස් නිලධාරීන් 1200 ක් ද යොදවා ඇති බව පොලීසිය පැවසුවේය. තව ද ආණ්ඩුවට විරෝධය පළ කරමින් එජාපයට සම්බන්ධ වෘත්තීය සමිති සාමාජිකයින් ද කොළඹ කොටුවේදී විරෝධතාවක් සංවිධානය කර තිබේ. |
2018-11-05T02:32:18.000Z | අධිවේගයේ කොට්ටාව පිවිසුම අසල රථවාහන තදබදයක් | අධිවේගයේ කොට්ටාව පිවිසුම අසල රථවාහන තදබදයක් | COLOMBO (News 1st) : දක්ෂිණ අධිවේගි මාර්ගයේ කොට්ටාව පිටවීමේ දොරටුව ආශ්‍රිතව දැඩි රථවාහන තදබදයක් හට ගෙන තිබේ. අධිවේගී මාර්ග නඩත්තු හා කළමනාකරණ ඒකකයේ, අධ්‍යක්ෂ එස්. ඕපනායක මහතා පැවසුවේ, පවතින රථවාහන තදබදයත් සමග විකල්ප පිටිවීමේ දොරටු භාවිත කරන ලෙස රියැදුරන්ට දැනුම් දෙන බවයි. ඒ අනුව කොතලාවල, අතුරුගිරිය සහ කඩුවෙල හුවමාරු භාවිත කරන ලෙස අධිවේගී මාර්ග නඩත්තු හා කළමනාකරණ ඒකකය රියදුරන්ට උපදෙස් දී තිබේ. |
2018-11-05T00:55:03.000Z | හේෂාන් විතානගේ සහ පාලිත තෙවරප්පෙරුම අත්අඩංගුවට | හේෂාන් විතානගේ සහ පාලිත තෙවරප්පෙරුම අත්අඩංගුවට | COLOMBO (News 1st) : එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂාන් විතානගේ සහ පාලිත තෙවරප්පෙරුම අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසුවේ, පහරදීමක් සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලීසිය භාරවූ අවස්ථාවේදී ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගත් බවයි. මේජර් අජිත් ප්‍රසන්න මහතාට පහරදීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසී ය. |
2018-11-05T00:37:10.000Z | හලාවතදී තරුණයෙක් කපා කොටා ඝාතනය කෙරේ | හලාවතදී තරුණයෙක් කපා කොටා ඝාතනය කෙරේ | COLOMBO (News 1st) ; හලාවත, සිප්පිකලාන ප්‍රදේශයේ කපාකොටා පුද්ගලයකු ඝාතනය කර තිබේ. පොලීසිය පැවසුවේ, පෞද්ගලික ආරවුලක් දුර දිග යාමෙන් ඝාතනය සිදුව ඇති බවයි. සිද්ධියෙන් තුවාල ලැබූ තවත් අයෙකු ජාතික රෝහලේ ප්‍රතිකාර ලබයි. එලෙස ඝාතනයට ලක්ව ඇත්තේ, 22 හැවිරිදි සිප්පිකලාන මුගුණුවටවන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. සැකකරු හඳුනා ගෙන ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීමට මෙහෙයුම් ක්‍රියාත්මක බව පොලීසිය සඳහන් කළේ ය. |
2018-11-04T23:59:05.000Z | බහුතරය පෙන්වන තුරු පෙර තත්ත්වය පිළිගැනීමට සිදු වන බව කථානායකවරයා අවධාරණය කරයි | කථානාකවරයාගෙන් විශේෂ නිවේදනයක් | COLOMBO (News 1st) : බහුතරය පෙන්වීමට හැකිවන තෙක් පෙර පැවති තත්ත්වය පිළිගැනීමට සිදුවන බව කථානායක කරූ ජයසූරිය මහතා අද පෙරවරුවේ නිවේදනය කර තිබේ. කථානායකවරයා පැවසූවේ, පාර්ලිමේන්තුවේ ඇති කළ වෙනස්වීම් සියල්ල ව්‍යවස්ථාවට සහ සම්ප්‍රදායට විරුද්ධව සිදු කර ඇති බවත් පෙර පැවති තත්ත්වය පිළිගන්නා ලෙසත් බහුතරය ඉල්ලා ඇති නිසා මෙම තීරණය ගත් බවයි. වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් දීර්ඝ පැහැදිලි කිරීමක් කරමින් කථානායක කරූ ජයසූරිය මහතා අද පෙරවරුවේ ලිපියක් ප්‍රසිද්ධ කළේ ය. එහි සඳහන් වන්නේ, විපක්ෂ නායකවරයා ඇතුළු බහුතර මන්ත්‍රීවරුන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සඳහාත්, ප්‍රජාතන්ත්‍රවාදය විනාශවීම වැළැක්වීම සඳහාත් හෘද සාක්ෂියට එකඟව ක්‍රියාකිරීම ජාතික යුතුකමක් ලෙස සලකන බවයි. එක්සත් ජාතික පක්ෂය, ද්‍රවිඩ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ සහ මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රීවරුන් 116 දෙනෙකු ජනාධිපතිතුමා ගත් තීරණය ව්‍යවස්ථා විරෝධී සහ ප්‍රජාතන්ත්‍ර විරෝධි බවත් පාර්ලිමේන්තුව වහා කැඳවන ලෙසත් කර ඇති ඉල්ලීම අතිශය සාධාරණ බව කථානායකවරයා පවසයි. ඔහුගේ ලිපියේ දැක්වෙන්නේ, නොවැම්බර් 01 වන දා ජනාධිපතිතුමා හමු වූ අවස්ථාවේ පාර්ලිමේන්තුව කැඳවන ලෙස කළ ඉල්ලීම කෙරෙහි අවධානය යොමුකර එදින රාත්‍රියේ තමන් දැනුවත් කරන බව ප්‍රකාශ කළ බවයි. එය එලෙසම සිදු නොවූ නමුත්, නොවැම්බර් 07 වන දින පාර්ලිමේන්තුව කැඳවීමට අවශ්‍ය ගැසට් නිවේදනය නිකුත් කරන බව පසු දින පෙරවරු 10.30 ට පමණ ජනාධිපතිතුමා දුරකතනයෙන් දැන්වූ බව කරූ ජයසූරිය මහතා පැවසුවේ ය. ඔහු සිය ලිපියේ සඳහන් කළේ, එදින පෙරවරුවේ ජපන්, ප්‍රංශ, අමෙරිකානු සහ ඇෆ්ගනිස්තාන තානාපතිවරුන් හමුවූ අවස්ථාවේ ද නොවැම්බර් 05 වන දින පාර්ලිමේන්තුව කැඳවන බව ජනාධිපතිතුමා දන්වා තිබූ බවය. මහින්ද රාජපක්ෂ මහතා ද විශ්වවිද්‍යාල ආචාර්යවරුන් පිරිසක් හමු වූ අවස්ථාවේ මේ බව ප්‍රකාශ කර තිබූ බව කථානායකවරයාගේ ලිපියේ සඳහන් විය. ඔහු පෙන්වා දෙන්නේ, ජනාධිපතිතුමා වාචිකව දුන් පොරොන්දුව අනුව කටයුතු කරන්නේ නම් නොවැම්බර් 07 වන දින වනවිට පාර්ලිමේන්තුව කැඳවා රට ස්ථාවර කිරීම කථානායකවරයා ලෙස තමන්ගේ යුතුකම බවයි. ඒ සඳහා සහයවීම ජනාධිපතිතුමාගේ ද යුතුකමක් බව තමන් සිතන්නේ යැයි කථානායක කරූ ජයසූරිය මහතා පැවසීය. ඔහු පෙන්වා දෙන්නේ, රට තුළ ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම බරපතළ ලෙස උල්ලංඝණය කරමින් මාධ්‍ය ආයතන ඇතුළු සෙසු රාජ්‍ය ආයතන පරිපාලනය බලහත්කාරයෙන් පැහැරගෙන මධ්‍යස්ථ සේවකයන් පිටුදකිමින් මහජන නියෝජිතයින්ට වරදාන ලබාදෙන බවට ලැබෙන තොරතුරු දෙස නිහඬව බලා සිටීම අසීරු බවය. පාර්ලිමේන්තුව නීත්‍යානුකූලව රැස්කිරීමට ඉඩ නොතබා මන්ත්‍රීවරුන්ගේ අයිතීන් පැහැරගෙන ඇතැයි බහුතරය පෙන්වා දෙනු ලැබ ඇති අවස්ථාවක යුක්තියේ හා සාධාරණත්වයේ නාමයෙන් සිය ස්ථාවරය ලෝකයට පළ කරන බව ඔහු නිකුත්කළ ලිපියේ සඳහන් වේ. ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක සිදු නොවිය යුතු මෙම සිද්ධිය අවිහරඹවලින් තොරව සිදු වූ අප්‍රසන්න සංසිද්ධියක් ලෙස කථානායකවරයා සිය ලිපියේ හඳුන්වාදී තිබේ. කථානායකවරයා නිකුත් කළ නිවේදනය පහතින්.... |
2018-11-04T22:18:19.000Z | මාරවිල අනතුරු දෙකකින් දෙදෙනෙක් මරුට | මාරවිල අනතුරු දෙකකින් දෙදෙනෙක් මරුට | COLOMBO (News 1st) : මාරවිල ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරු දෙකකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ. පොලීසිය පැවසුවේ, ඊයේ පස්වරුවේ මාරවිල, තෝප්පුව මාර්ගයේ තුඩාවැව ප්‍රදේශයේදී යතුරු පැදියක් පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන විදුලි කණුවක ගැටීමෙන් 27 හැවිරිදි තරුණයෙකු මියගොස් ඇති බවයි. එසේම තෝප්පුව මාදම්මේ මාර්ගයේ මැදපිටිය ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් පා පැදියක ගැටීමෙන් සිදු වූ අනතුරකින් තවත් පුද්ගලයෙකු මිය ගොස් තිබේ. පොලීසිය පැවසුවේ, අනතුර සිදුකර පලා ගොස් ඇති ත්‍රිරෝද රථ රියැදුරු අත්අඩංගුවට ගැනීම සඳහා වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බවයි. |
2018-11-04T21:53:41.000Z | අම්බති රයිදු පළමු පෙළ ක්‍රිකට් තරගවලින් සමු ගනී.. | අම්බති රයිදු පළමු පෙළ ක්‍රිකට් තරගවලින් සමු ගනී.. | News 1st : ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රහාරාත්මක පිතිකරු අම්බති රයිදු පළමු පෙළ ක්‍රිකට් තරගවලින් සමු ගැනීමට තීරණය කර තිබේ. සීමිත පන්දුවාර ක්‍රිකට් තරග සඳහා වැඩි අවධානයක් යොමු කිරීමේ අරමුණින් පළමු පෙළ ක්‍රිකට් තරගවලින් සමු ගැනීමට තීරණය කළ බවට ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රහාරාත්මක පිතිකරු අම්බති රයිදු සඳහන් කළේ ය. විදෙස් මාධය වාර්තා කරන්නේ රයිදු මෙම තීරණයට එළැඹීමට ආසන්නතම කරුණ එළඹෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් උපරිම දක්ෂතා දැක්වීමේ අවශ්‍යතාවය විය හැකි බවටයි. 33 හැවිරිදි රයිදු මේ දිනවල පැවැත්වෙන රංජි කුසලාන තරගාවලිය සඳහා ද ක්‍රීඩා නොකරයි. පළමු පෙළ තරග 97 කදී ඔහු ක්‍රීඩා කළ ඉණිම් සංඛ්‍යාව 156කි. පළමු පෙළ ක්‍රිකට් තරග වල ලකුණු 6151කට හිමිකම් කියන රයිදු එහීදී ශතක 16 ක් හා අර්ධ ශතක 34 ක් රැස් කරගෙන සිටී. වසර ගණනකට පසු ඉන්දීය ජාතික කණ්ඩායම නියෝජනය කිරීමට අවස්ථාව හිමිකර ගත් රයිදු මේ වන විට ඉන්දීය කණ්ඩායමේ අංක 4 ස්ථානයේ යම් ස්ථාවරත්වයක් ගොඩ නගා ගනිමින් සිටීම විශේෂත්වයකි. |
2018-11-04T20:55:08.000Z | අද පෙරවරුවේ කැබිනට් රැස්වීමක්... | අද පෙරවරුවේ කැබිනට් රැස්වීමක්... | COLOMBO (News 1st) : අද දිනයේ කැබිනට් රැස්වීමක් කැඳවා තිබේ. රජයේ වැඩබලන ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කළුවැව මහතා සඳහන් කළේ, අද පෙරවරු 9.30 ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීම පැවැත්වෙන බවයි. හෙට දිනයේ නිවාඩු දිනයක් බැවින් හෙට දිනට යෙදෙන කැබිනට් රැස්වීම අද කැඳවීමට තීරණය කර ඇති බව රජයේ වැඩබලන ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේ ය. |
2018-11-04T19:30:08.000Z | මධ්‍යම, උතුර සහ ඌවේ දමිළ පාසල්වලට අද නිවාඩුයි | මධ්‍යම, උතුර සහ ඌවේ දමිළ පාසල්වලට අද නිවාඩුයි | COLOMBO (News 1st) : මධ්‍යම, උතුර සහ ඌව පළාතේ සියලු දමිළ පාසල් අද දින වසා දැමෙන බව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු පවසයි. අද දින ලබා දෙන නිවාඩුව වෙනුවට ලබන 10 වන සෙනසුරාදා පාසල් පැවත්වෙනු ඇති. හෙටට යෙදෙන දීපවාලි උත්සවය වෙනුවෙන්, මෙලෙස එම පළාත්වල පාසල්වලට නිවාඩු ලබා දී තිබේ. |
2018-11-04T19:23:05.000Z | ගෙවුණු දවස උණුසුම් කළ පුවත්… | ගෙවුණු දවස උණුසුම් කළ පුවත්… | COLOMBO (News 1st) : 1. හක්මන වෙඩි තැබීමෙන් ප්‍රා. සභා මන්ත්‍රීවරයෙක් මරුට: ඊයේ හක්මන බෙලිඅත්ත මාර්ගයේ කැඹිළියපොළ ප්‍රදේශයේ වෙඩි තැබීමකින් තුවාල ලබා රෝහල්ගත කළ හක්මන ප්‍රාදේශීය සභා මන්ත්‍රී එල්.එච්. ශාන්ත මහතා මිය ගොස් තිබේ. 2. 14 වන දා පාර්ලිමේන්තුව කැඳවීමට ජනපති තීරණය කරයි : ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ මස 14 වැනි දින බදාදා පාර්ලිමේන්තුව කැඳවීමට තීරණය කර තිබේ. 3. ධීවර දෙපාර්තමේන්තුවෙන් ධීවරයින්ට දැනුම්දීමක් : අද සිට ලබන 08 වැනිදා දක්වා එක්දින හා බහුදින ධීවර යාත්‍රාවලින් මුහුදු යන ධීවරයින් මුහුදු යාමෙන් වළකින ලෙස ධීවර දෙපාර්තමේන්තුව ඊයේ සියලු ධීවරයින්ගෙන් ඉල්ලීමක් කළේ ය. 4. එජාප මන්ත්‍රීවරයෙක් ඇතුළු තවත් 4ක් ඇමති තනතුරුවල දිවුරුම් දෙති : නව අමාත්‍යවරු දෙදෙනෙක් රාජ්‍ය අමාත්‍යවරයෙක් සහ නියෝජ්‍ය අමාත්‍යවරයෙක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ අද දිවුරුම් දුන්හ. 5. මාස 10ක් තුළ පාතාල කල්ලි සාමාජිකයින් 60ක් අත්අඩංගුවට : වසරේ ගත වූ කාලසීමාව තුළ කළ මෙහෙයුම්වලදී සංවිධානාත්මක අපරාධකරුවන් 60 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. විදෙස් පුවත්... 1. බහරේන් විපක්ෂ නායකයා ජීවිතාන්තය තෙක් සිපිරි ගෙට : බහරේන් විපක්ෂ නායක ශෙයික් අලි සල්මාන්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කිරීමට එරට අභියාචනාධිකරණය පියවර ගනු ලැබීය. |
2018-11-04T11:44:21.000Z | ධීවර දෙපාර්තමේන්තුවෙන් ධීවරයින්ට දැනුම්දීමක් | ධීවර දෙපාර්තමේන්තුවෙන් ධීවරයින්ට දැනුම්දීමක් | COLOMBO (News 1st) : හෙට සිට ලබන 08 වැනිදා දක්වා එක්දින හා බහුදින ධීවර යාත්‍රාවලින් මුහුදු යන ධීවරයින් මුහුදු යාමෙන් වළකින ලෙස ධීවර දෙපාර්තමේන්තුව සියලු ධිවරයින්ගෙන් ඉල්ලීමක් කරයි. එමෙන්ම, නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ සහ මන්නාරම් බොක්ක මුහුදු ප්‍රදේශයේ දැනට ධීවර කටයුතු වල නිරත වන ධීවරයින් හෙට රාත්‍රීයට පෙර ගොඩබිම් ප්‍රදේශ වෙත හෝ ආරක්ෂිත මුහුදු ප්‍රදේශයක් වෙත ගමන් කරන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවරයින්ට දැනුම් දෙයි. ඒ, එම ප්‍රදේශවල හෙට රාත්‍රී වනවිට අඩු පීඩන තත්ත්වයක් නිර්මාණය වන ලකුණු පහළ විමත් සමගිනි. මේ හේතුවෙන් හෙට රාත්‍රීයේ සිට දිවයිනේ සහ දිවයින අවට මුහුදු ප්‍රදේශ වල වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව ද, එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය. |
2018-11-04T11:22:27.000Z | හක්මන වෙඩි තැබීමෙන් ප්‍රා. සභා මන්ත්‍රීවරයෙක් මරුට | හක්මන වෙඩි තැබීමෙන් ප්‍රා. සභා මන්ත්‍රීවරයෙක් මරුට | COLOMBO (News 1st) : හක්මන බෙලිඅත්ත මාර්ගයේ කැඹිළියපොළ ප්‍රදේශයේ වෙඩි තැබීමකින් තුවාල ලබා රෝහල්ගත කළ හක්මන ප්‍රාදේශීය සභා මන්ත්‍රී එල්.එච්. ශාන්ත මහතා මිය ගොස් තිබේ. වෑන් රථයකින් හා යතුරුපැදියකින් පැමිණි පිරිසක් විසින් මන්ත්‍රීවරයාට වෙඩි තබා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාර රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ ය. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, මන්ත්‍රීවරයාගේ සිරුරේ කැපුම් තුවාල ද ඇති බවයි. 53 හැවිරිදි මන්ත්‍රීවරයා හක්මන නරවැල්පිට ප්‍රදේශයේ පදිංචි අයෙකි. |
2018-11-04T10:11:59.000Z | 14 වන දා පාර්ලිමේන්තුව කැඳවීමට ජනපති තීරණය කරයි | 14 වන දා පාර්ලිමේන්තුව කැඳවීමට ජනපති තීරණය කරයි | COLOMBO (News 1st) : ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ මස 14 වැනි දින බදාදා පාර්ලිමේන්තුව කැඳවීමට තීරණය කර තිබේ. අද ඒ සම්බන්ධ ගැසට් නිවේදනය නිකුත් කෙරිණ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වැනි ව්‍යවස්ථාවේ (3) i අනු ව්‍යවස්ථාවෙන් තමා වෙත පැවරි ඇති බලතල ප්‍රකාරව ජනාධිපතිවරයා විසින් මෙම තීරණය ගනු ලැබ තිබේ. ඒ අනුව මේ මස 14 වැනි දින උදෑසන 10 ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතයි. |
2018-11-04T08:15:27.000Z | මන්ත්‍රී රංගේ බණ්ඩාර මාධ්‍යට ප්‍රසිද්ධ කළ දුරකතන සංවාද | මන්ත්‍රී රංගේ බණ්ඩාර ප්‍රසිද්ධ කළ දුරකතන සංවාද | COLOMBO (News 1st) : එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගෙ බණ්ඩාර මහතා ඊයේ මාධ්‍ය හමුවක් පවත්වමින් දුරකතන සංවාද කිහිපයක් ප්‍රසිද්ධ කළේ ය. ඔහු මෙම දුරකතන සංවාද මාධ්‍ය ඉදිරියේ ප්‍රසිද්ධ කරමින් පවසන්නට උත්සහා කළේ, වරප්‍රසාද ලබාදි තමන් ආණ්ඩුවට සහය දැක්වීම සඳහා එක්කර ගැනීමට උත්සහ කළ බවයි. මේ එම මාධ්‍ය හමුවේදී මන්ත්‍රීවරයා ප්‍රසිද්ධ කළ දුරකතන සංවාද පහතින්... මෙම දුරකථන සංවාදවල සත්‍ය අසත්‍යතාවය, News 1st අපට තහවුරු කළ නොහැකි බව ප්‍රේක්ෂක ඔබට දැනුම් දී සිටින්නෙමු... https://www.youtube.com/watch?v=UVs7mxxDjSU https://www.youtube.com/watch?v=_YDmV725DeY https://www.youtube.com/watch?v=32AHLuRbf3M https://www.youtube.com/watch?v=m_ryz8SA7e4 https://www.youtube.com/watch?v=tAVFIKCte9c https://www.youtube.com/watch?v=6n9BULzijIU https://www.youtube.com/watch?v=N9O5qPEm3Lk https://www.youtube.com/watch?v=axhCCTD0osk https://www.youtube.com/watch?v=gURVUZcDvSc |
2018-11-04T07:06:34.000Z | බහරේන් විපක්ෂ නායකයා ජීවිතාන්තය තෙක් සිපිරි ගෙට | බහරේන් විපක්ෂ නායකයා ජීවිතාන්තය තෙක් සිපිරි ගෙට | COLOMBO (News 1st) : බහරේන් විපක්ෂ නායක ශෙයික් අලි සල්මාන්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කිරීමට එරට අභියාචනාධිකරණය පියවර ගනු ලැබීය. ඒ , ඔහු කටාර් රාජ්‍යය වෙනුවෙන් ඔත්තු බැලීම සහ කටාරයෙන් මුදල් ආධාර ලබාගැනීමේ චෝදනාවට වරදකරු වීම හේතුවෙනි. ඔහුට අමතරව ඔහුගේ පක්ෂයේ තවත් ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් දෙදෙනෙකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කෙරිණ. ඔවුන්ට එරෙහිව ගොනුකර තිබූ එම චෝදනාවලින් ඔවුන් නිදොස් කරමින් එරට මහාධිකරණයක් ලබාදුන් තීන්දුව අවලංගු කරමින් අභියාචනාධිකරණය ලබාදුන් මෙම නව තීන්දුව යුක්තියට එරෙහි පියවරක් බවට ජාත්‍යන්තර මානව හිමිකම් කණ්ඩායම් චෝදනා කළේ ය. |
2018-11-04T06:55:39.000Z | වැඩි මිලට භාණ්ඩ අලෙවි කරන්නන් සොයා දීප ව්‍යාප්ත වැටලීම් | වැඩි මිලට භාණ්ඩ අලෙවි කරන්නන් සොයා දීප ව්‍යාප්ත වැ | COLOMBO (News 1st) : සීනි සහ පරිප්පු ඇතුළු භාණ්ඩ රැසක මිල අඩු කිරීමත් සමග වැඩි මිලට භාණ්ඩ අලෙවි කරන්නන් සොයා දීප ව්‍යාප්ත වැටලීම් ආරම්භ කර ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි. එහි අධ්‍යක්ෂ ජනරාල් එම්.එස්.එම් ෆවුසර් මහතා සඳහන් කළේ, වැඩි මිලට භාණ්ඩ අළෙවි කරනනන් පිළිබඳ තොරතුරු 1977ට ලබා දිය හැකි බවයි. එවැනි වෙළෙඳුන්ට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරන බව ද ඔහු පැවසී ය. සීනි කිලෝවක තොග මිල මේ වන විට රුපියල් 92 ක් වන අතර උපරිම සිල්ලර මිල රුපියල් 100 ක් ලෙස අළෙවි කළ හැකි බව එම්.එස්.එම්. ෆවුසර් මහතා සඳහන් කළේ ය. පරිප්පු කිලෝග්‍රෑමයක් සඳහා වූ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රුපියල් 5කින් ද,තිරිගු කිලෝග්‍රෑමයක් සඳහා වූ බද්ද රුපියල් 9කින් ද, සීනි සඳහා වූ බද්ද රුපියල් 10කින් පහළට දැමීමට පසුගිය දා රජය කටයුතු කළේ ය. |
2018-11-04T06:07:27.000Z | හෙට පාර්ලිමේන්තුව අවට මාර්ගවල රථවාහන සැලැස්මක් | හෙට පාර්ලිමේන්තුව අවට මාර්ගවල රථවාහන සැලැස්මක් | COLOMBO (News 1st) : හෙට දහවල් 12 සිට පාර්ලිමේන්තුව අවට මාර්ගවල විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ, ආණ්ඩුවට සහය පළ කරමින් හෙට පැවැත්වීමට නියමිත රැළියක් හේතුවෙන් එම පියවර ගත් බවයි. අදාළ කාල සීමාව තුළ විකල්ප මාර්ග භාවිත කිරීමට පියවර ගන්නා ලෙස පොලීසිය රියැදුරන්ට දැනුම් දෙයි. |
2018-11-04T05:57:48.000Z | එජාප මන්ත්‍රීවරයෙක් ඇතුළු තවත් 4ක් ඇමති තනතුරුවල දිවුරුම් දෙති | තවත් සිව් දෙනෙක් ඇමති තනතුරුවල දිවුරුම් දෙති | COLOMBO (News 1st) : නව අමාත්‍යවරු දෙදෙනෙක් රාජ්‍ය අමාත්‍යවරයෙක් සහ නියෝජ්‍ය අමාත්‍යවරයෙක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ අද දිවුරුම් දුන්හ. මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යවරයා ලෙස දිනේෂ් ගුණවර්ධන මහතා දිවුරුම් දුන් අතර වාසුදේව නානායක්කාර මහතා දිවුරුම් දුන්නේ ජාතික ඒකාබද්ධතා සංහිඳියා සහ ජාතික භාෂා අමාත්‍යවරයා ලෙසයි. ජනමාධ්‍ය හා ඩිජිටල් යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කෙහෙළිය රඹුක්වැල්ල මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේ ය. එක්සත් ජාතික පක්ෂ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක ප්‍රියන්ත මහතා සංස්කෘතික, අභ්‍යයන්තර කටයුතු සහ වයඹ සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දී තිබේ. |
2018-11-04T00:56:40.000Z | පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේ සහයත් ආණ්ඩුවට | පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේ සහයත් ආණ්ඩුවට | COLOMBO (News 1st) - පවතින භාරකාර ආණ්ඩුවට සහය පළ කරමින් ජනාධිපතිතුමාට සිය සහයෝගය පළ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසයි. උන්වහන්සේ සඳහන් කළේ, රටේ ස්ථාවරත්වය සඳහා භාරකාර ආණ්ඩුව වෙනුවෙන් තම ඡන්දය ලබා දෙන බව ය. පූජ්‍ය අතුරලියේ රතන හිමියන් මේ අදහස් පළ කළේ කොළඹදී දැන් පැවැත්වෙන ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ය. |
2018-11-04T05:32:12.000Z | බොල්ගොඩ පාළම අසල කදින් වෙන් කළ කාන්තා හිසක් | බොල්ගොඩ පාළම අසල කදින් වෙන් කළ කාන්තා හිසක් | COLOMBO (News 1st) : බණ්ඩාරගම, බොල්ගොඩ පාළම අසල තිබී කදින් වෙන් කරන ලද කාන්තා හිසක් හමුවී තිබේ. අප වාර්තාකරු සඳහන් කළේ, අද උදෑසන 7ට පමණ බණ්ඩාරගම පොලිසියට ලද තොරතුරක් මත මෙම හිස සොයාගෙන ඇති බවයි. බංඩාරගම , බොල්ගොඩ පාළම අසල පිහිටි ළදු කැලෑවක මෙම හිස දමා ගොස් තිබේ. මෙය කාන්තා හිස 25 ත් 30 අතර වයසේ පසුවන විදේශීය කාත්තාවකගේ බවට පොලීසිය සැක පළ කරයි. සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ. |
2018-11-03T22:12:29.000Z | ඇඹුල්ගම අවන්හලකදී එහි හිමිකරු ඝාතනයට සම්බන්ධ සැකකරුවන් 7ක් අත්අඩංගුවට | ඇඹුල්ගම ඝාතනයට සම්බන්ධ 7 දෙනෙකු අත්අඩංගුවට | COLOMBO (News 1st) - හංවැල්ල, ඇඹුල්ගම ප්‍රදේශයේ අවන්හලක් තුළදී එහි හිමිකරු ඝාතනය කිරීමේ සිද්ධියට අවශ්‍ය සිටි සැකකරුවන් 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරුවන් 21, 23, 25, 36 යන වයස්වල ඇඹුල්ගම ප්‍රදේශයේ පදිංචිකරුවන් ය. ඔවුන් අද හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය. |
2018-11-03T20:31:08.000Z | තිස්සමහාරාම, ඇල්ලගල ප්‍රදේශයේ වෙඩි තැබීමක් | තිස්සමහාරාම, ඇල්ලගල ප්‍රදේශයේ වෙඩි තැබීමක් | COLOMBO (News 1st) - තිස්සමහාරාම, කුඩා ගම්මාන 04, ඇල්ලගල ප්‍රදේශයේ සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ. පොලීසිය සඳහන් කළේ, ඊයේ රාත්‍රියේ ඔහු නිවස තුළ සිටියදී වෙඩි තැබීම සිදුව ඇති බව ය. වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා හම්බන්තොට රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා කරාපිටිය රෝහලට මාරු කර යවා තිබේ. වෙඩි තැබීමෙන් තුවාල ලබා ඇත්තේ, 21 හැවිරිදි ඇල්ලගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. වෙඩි තැබීමට සම්බන්ධ සැකකරු හඳුනාගෙන ඇතැයි පොලීසිය සඳහන් කළේ ය. |
2018-11-03T20:18:43.000Z | නව දිල්ලි නුවර වායු දූෂණය අවම කරන්නැයි ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉන්දියාවට අනතුරු ඇඟවීම් | ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉන්දියාවට අනතුරු ඇඟවීම් | (News 1st) - ඉන්දියාවේ නව දිල්ලි අගනුවර දෛනික වායු දූෂණය දුම්වැටි 15ත් 20ත් අතර ප්‍රමාණයක් පානය කිරීමට සමාන බව සෞඛ්‍ය අංශ පවසයි. වෛද්‍යවරුන් පවසන්නේ, නව දිල්ලි නුවර විෂ වායු ආඝ්‍රහනයෙන් පුද්ගලයින්ගේ පෙනහළු කළු පැහැ ගැන්වී ඇති බව ය. ගත වූ වසර 30 තුළ ක්‍රම ක්‍රමයෙන් පෙනහළු කළු පැහැ ගැන්වුණු පුද්ගලයින් සංඛ්‍යාව වැඩි වෙමින් ඇතැයි වෛද්‍යවරු පවසති. ඊට අමතරව කැස්ස, උගුර ආශ්‍රිත රෝගීන් වාර්තා වීම ද ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතී. මේ අතර ඉන්දීය රජය නව දිල්ලි නුවර පවතින අධික වායු දූෂණ තත්ත්වය වෙනස් කිරීමට වහාම පියවර ගත යුතු බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි. එහි අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්රෝස් අදානොම් සඳහන් කළේ, අදාළ ගැටලුව විසඳීමට ඉන්දීය මධ්‍යම රජය හෝ නව දිල්ලි ප්‍රාන්ත රජය කටයුතු නොකිරීම කණගාටුවට කරුණක් බව ය. මෙය කඩිනම් අවශ්‍යතාවක් සේ සලකා ඉන්දියාව ප්‍රබල සැලසුමක් සකස් කළ යුතු බව ද ඔහු පවසයි. කෙසේ වෙතත් නොවැම්බර් පළමු වන දා සිට 10 වන දා දක්වා කාලය තුළ නව දිල්ලි නුවර වායු දූෂණය තවත් උග්‍ර වනු ඇති බවට මීට පෙර එරට පරිසර අංශ අනතුරු අඟවනු ලැබුවේ ය. එය අවම කිරීම සඳහා නව දිල්ලි නුවර පෞද්ගලික රථ වාහන ධාවනය නතර කිරීමේ යෝජනාවක් ද මේ වන විට ඉදිරිපත්ව තිබේ. කෙසේ වෙතත් ඉන්දියාව මේ සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක නොවුණහොත් ජන ජීවිතවලට එය දැඩි බලපෑමක් වනු ඇතැයි ද ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ ය. |
2018-11-03T20:02:30.000Z | මාස 10ක් තුළ පාතාල කල්ලි සාමාජිකයින් 60ක් අත්අඩංගුවට | මාස 10ක් තුළ පාතාල සාමාජිකයින් 60ක් අත්අඩංගුවට | COLOMBO (News 1st) - වසරේ ගත වූ කාලසීමාව තුළ කළ මෙහෙයුම්වලදී සංවිධානාත්මක අපරාධකරුවන් 60 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, පොලිස් විශේෂ කාර්ය බලකාය බස්නාහිර සහ දකුණු පළාත්වල සිදු කළ මෙහෙයුම්වලිනි. මින් වැඩි පිරිසක් බස්නාහිර පළාතේදී අත්අඩංගුවට ගෙන තිබේ. බස්නාහිර පළාතේ සිදු කළ මෙහෙයුම් 30කදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවන් සංඛ්‍යාව 45කි. දකුණු පළාතේ සිදු කළ මෙහෙයුම් 15කදී සංවිධානාත්මක අපරාධකරුවන් 15 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර ඇති සංවිධානාත්මක අපරාධකරුවන් අතරට පොඩි උණා, කුඩු නුවන්, බ්ලූමැන්ඩල් පැතුම් නෙහොත් උක්කුං, පෙතියාගොඩ සංඛ , චීටි, ජොනී, ගයියා, අගුලානේ රොෂාන්, වැල්ලේ සේනක, අරුණ ශාන්ත අත්තනායක නොහොත් පොලිස්, පොඩි විජේ, බෙබා සහ දිනූ නමැත්තන් ඇතුළත් ය. මේ අතර අත්අඩංගුවට ගැනීම් අතරතුර මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 4කි. අදාළ මෙහෙයුම් අතරතුර කඩු කිනිසි සහ මන්නා පිහි 23ක්, ටී 56 වර්ගයේ ගිනිඅවි සහ මැගසින් 11ක් ඇතුළු ගිනිඅවි 29ක්, ටී 56 උණ්ඩ 187ක් ඇතුළු උණ්ඩ 400කට අධික ප්‍රමාණයක් සිය භාරයට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ ය. ඊට අමතරව හෙරොයින්, ගංජා, අයිස් නමැති මත්ද්‍රව්‍ය ද සොයා ගැනීමට හැකි වූ බව පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේ ය. |
2018-11-03T19:48:01.000Z | ගෙවුණු දවස උණුසුම් කළ පුවත්… | ගෙවුණු දවස උණුසුම් කළ පුවත්… | COLOMBO (News 1st) 1. ව්‍යවස්ථාවට පටහැනිව අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කර ඇති මහින්ද රාජපක්ෂ මහාතා ප්‍රමුඛ රජයට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන එන්නේ නම් ඊට සහය පළ කරන බව දෙමළ ජාතික සන්ධානය පවසයි. 2. පාර්ලිමේන්තුවේ සභානායකවරයා ලෙස දිනේෂ් ගුණවර්ධන මහතා පත් කිරීමට මහින්ද රාජපක්ෂ මහතාට සහය පළ කරන මන්ත්‍රී කණ්ඩායම ඊයේ තීරණය කර තිබේ. 3. පවතින තත්ත්වය අනුව පාර්ලිමේන්තුව කැඳවීම සිදු වන්නේ, ලබන 16 වන දා බව රජය පවසයි. 4. පාර්ලිමේන්තුව නැවත කැඳවන තුරු තමන් අරලියගහ මන්දිරයෙන් බැහැරව නොයන බව රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. 5. පාර්ලිමේන්තුවේ බහුතරය තමන් සතු බවත් අග්‍රාමාත්‍යවරයා ලෙස පත් වීම නීත්‍යානුකූල බවත් අගමැති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. විදෙස් පුවත් 6. ජපානයේ සංක්‍රමණික නීති ලිහිල් කෙරෙන කෙටුම්පතක් එරට කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරනු තිබේ. |
2018-11-03T19:34:48.000Z | අගමැති මහින්දට ඇරයුමක්... | අගමැති මහින්දට ඇරයුමක්... | COLOMBO (News 1st) - ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සමස්ත ලංකා කාරක සභාවට පැමිණෙන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ආරාධනා කර තිබේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සඳහන් කළේ, එහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි වැඩ කටයුතු සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන බව ය. පක්ෂයේ සමස්ත ලංකා කාරක සභාව රැස්වන්නේ ලබන 8 වන දා ය. එහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි දේශපාලන ක්‍රියාදාමය සම්බන්ධයෙන් පාක්ෂිකයින් සහ පක්ෂ ක්‍රියාකාරීන් දැනුවත් කෙරෙනු ඇති. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සම්බන්ධයෙන් වන යෝජනාවලියක් ද එදිනට ඉදිරිපත් කිරීමට නියමිත බව මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සඳහන් කළේ ය. |
2018-11-03T11:19:12.000Z | බහුතරය මහින්දට ද? රනිල්ට ද? | බහුතරය මහින්දට ද? රනිල්ට ද? | COLOMBO (News 1st) - අද තවත් රාජ්‍ය අමාත්‍යවරයෙකු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේ ය. අද පෙරවරුවේ ජනාධිපතිතුමා ඉදිරියේ ඒ.එච්.එම්. ෆවුසි මහතා මෙලෙස දිවුරුම් දුන්නේ ජාතික සමගිය, සහජීවනය සහ මුස්ලිම් ආගමික කටුයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ය. මේ වන විට නව රජයේ කැබිනට් අමාත්‍යවරුන් 16ක්, නියෝජ්‍ය අමාත්‍යවරුන් 08ක් හා රාජ්‍ය අමාත්‍යවරුන් 06ක් දිවුරුම් දී අවසන්. ඒ අතර එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් 06 දෙනෙකු හා දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන මන්ත්‍රීවරයෙකු ද වේ. පසුගිය 26 වන දා වන විට පාර්ලිමේන්තුවේ පක්ෂ සංයුතිය පැවතියේ, එක්සත් ජාතික පක්ෂයට ආසන 106ක්, එක්සත් ජනතා නිදහස් සන්ධානයට 95ක්, ඉලංකෙයි තමිල් අරසු කච්චි ආසන 16ක්, ජනතා විමුක්ති පෙරමුණට ආසන 06ක්, ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය හෙවත් ඊ.පී.ඩී.පී. සංවිධානයට එක් ආසනයක් හා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට එක් ආසනයක් ලෙස ය. ඉන් මේ වන විට මහින්ද රාජපක්ෂ මහතාට නිල වශයෙන් සහය පළ කරන ගණන 103කි. රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂයට සහය පළ කරන සංඛ්‍යාව මේ වන විට 100ක් බවට පත්ව තිබේ. ඒ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කරන තනි මන්ත්‍රී අසුන ද ඇතුළත්ව ය. දෙමළ ජාතික සන්ධානයෙන් එක් මන්ත්‍රීවරයෙකු රාජපක්ෂ මහතාට සහය පළ කිරීමත් සමග ඔවුන්ගේ සංඛ්‍යාව 15 දක්වා අඩු වී තිබේ. ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් 06 දෙනා දෙපාර්ශවයටම සහය පළ නොකරන බව නිල වශයෙන් ප්‍රකාශ කර අවසන් ය. |
2018-11-03T11:02:40.000Z | සභානායක ධූරයට දිනේෂ් ගුණවර්ධන පත් කිරීමට ආණ්ඩු පක්ෂයෙන් තීරණයක් | සභානායක ධූරයට දිනේෂ් ගුණවර්ධන පත් කිරීමට තීරණයක් | COLOMBO (News 1st) - පාර්ලිමේන්තුවේ සභානායකවරයා ලෙස දිනේෂ් ගුණවර්ධන මහතා පත් කිරීමට මහින්ද රාජපක්ෂ මහතාට සහය පළ කරන මන්ත්‍රී කණ්ඩායම අද තීරණය කර තිබේ. ඒ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමග අද පෙරවරුවේ පැවති සාකච්ඡාවකින් අනතුරුව ය. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සහය පළ කරන පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ හමුවක් අද පෙරවරුවේ අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. සාකච්ඡාවෙන් පසු රජයේ මාධ්‍ය ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල මහතා අග්‍රාමාත්‍ය කාර්යාලයේදී මාධ්‍ය හමුවකට ද එක් විය. |
2018-11-03T09:30:22.000Z | මහින්ද ප්‍රමුඛ රජයට එරෙහිව විශ්වාසභංගයක් ගෙන එන්නේ නම් ඊට සහය පළ කිරීමට සූදානම් බව TNA කියයි | විශ්වාසභංගයක් ගෙන එන්නේ නම් සහය දෙනවා - TNA | COLOMBO (News 1st) - ව්‍යවස්ථාවට පටහැනිව අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කර ඇති මහින්ද රාජපක්ෂ මහාතා ප්‍රමුඛ රජයට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන එන්නේ නම් ඊට සහය පළ කරන බව දෙමළ ජාතික සන්ධානය පවසයි. එම සන්ධානය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ ,මෙවැනි අවස්ථාවක මධ්‍යස්ථව කටයුතු කිරීම ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවක් බව ඔවුන්ගේ ස්ථාවරය බව ය. දෙමළ ජාතික සන්ධානය ඊයේ සවස පක්ෂ නායක රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබේ. ඉතුක් 26 වන දා අග්‍රාමාත්‍යවරයා ඉවත් කිරීමත්, නව අග්‍රාමාත්‍යවරයෙකු පත් කිරීමත් පිළිබඳව ජනාධිපතිවරයා විසින් නිකුත් කළ අති විශේෂ ගැසට් නිවේදනය ව්‍යවස්ථා විරෝධී ක්‍රියාවක් බව දෙමළ ජාතික සන්ධානය අවධාරණය කර තිබේ. පාර්ලිමේන්තුව වාර අවසාන කරමින් ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනය නීති විරෝධී බව ද මෙම නිවේදනයේ සඳහන් ය. මෙම ක්‍රියාවලිය පාර්ලිමේන්තුවේ උත්තරීතර භාවයට සිදු කරන දැඩි හානියක් බව ද දෙමළ ජාතික සන්ධනය පෙන්වා දෙයි. එම නිවේදනයේ දැක්වෙන්නේ, පාර්ලිමේන්තුවේ බහුතරයක් නොමැති අයෙකු අගමැති ලෙස පත් කිරීම හා බහුතර බලය පෙන්වීමට පාර්ලිමේන්තුව රැස් කිරීම ප්‍රමාද කිරීම කඩා කප්පල්කාරී ක්‍රියාවක් බව ය. එලෙස ප්‍රමාද කිරීම හරහා ඇමති ධූර ලබා දීම, මුදල් අල්ලස් දීම මගින් බහුතරය රැස් කිරීම සදාචාරාත්මක නොවන බව ද, එය දැඩි ලෙස හෙළා දකින බව ද දෙමළ ජාතික සන්ධානය පවසයි. පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ව්‍යාලේන්ද්‍රන්ගේ ක්‍රියා කලාපය දැඩි ලෙස හෙළා දකින බවත් ඔහුට එරෙහිව ඉතා ඉක්මනින් ක්‍රියාමාර්ග ගන්නා බවත් දෙමළ ජාතික සන්ධානය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ය. |
2018-11-03T09:16:01.000Z | බහුතරය නොමැති නිසා පාර්ලිමේන්තුව කැඳවීම ප්‍රමාද කරනවා - රනිල් වික්‍රමසිංහගෙන් චෝදනා | "බහුතරය නොමැති නිසා ප්‍රමාද කරනවා" | (News 1st) - පාර්ලිමේන්තුව නැවත කැඳවන තුරු තමන් අරලියගහ මන්දිරයෙන් බැහැරව නොයන බව රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. අල් ජසීරා නාලිකාවේ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව පවසා තිබේ. මාධ්‍යවේදියා - ඔබ හිතන විදිහට ඇයි පාර්ලිමේන්තුව නැවත කැඳවීම ප්‍රමාද වෙන්නේ? රනිල් වික්‍රමසිංහ - ඔවුන්ට පිරිස නැහැ. මොකද පාර්ලිමේන්තුවට ගියා නම් ප්‍රශ්නෙ ඉවරයි. මාධ්‍යවේදියා - ඔබ හිතන්නේ ඔබට එය තිබෙනවා කියලා ද? රනිල් වික්‍රමසිංහ - ඔව්. අපිට පිරිස ඉන්නවා. මාධ්‍යවේදියා - අපිට ඇහෙනවා ගොඩාක් පාර්ලිමේන්තු මන්ත්‍රීන් මහින්ද රාජපක්ෂගේ පැත්තට නැඹුරු කර ගන්න දරණ උත්සහය ගැන ඔබ මොකද හිතන්නේ මේ ගැන? රනිල් වික්‍රමසිංහ - ඔවුන් සමහරුන්ට ඇමතිකම් දෙනවා. එහෙම නැත්තම් මුදල් ලබා දෙනවා. මාධ්‍යවේදියා - මෙම තත්ත්වය දිගටම පැවතියහොත් ලේ වැගිරීම් සිදුවිය හැකි බවට කථානායකතුමා අනතුරු අඟවලා තියෙනවා. ඔබ හිතනවා ද කථානායකවරයාගේ මේ ප්‍රකාශය සත්‍යයක් බව? රනිල් වික්‍රමසිංහ - මිනිස්සු තරහෙන් ඉන්නේ. ඇයි මේකද අපි පාර්ලිමේන්තුවේ ප්‍රජාතන්ත්‍රවාදය කියලා ඡන්දයක් භාවිත කළේ කියලා. අපි වෙනස් වැඩපිළිවෙළකටයි උත්සහ කළේ. නමුත් අපි දැන් දකිනවා මේක 2014ට වඩා හපන්. ජනතාව 2015 දී ඡන්දය භාවිත කළේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන්. නමුත් අපි ඔවුන්ගේ බලාපොරොත්තු බිද දැමීම අපේ අවසානය විය හැකියි. |
2018-11-03T09:03:47.000Z | බහුතරය හිමියි, පත්වීම නීත්‍යානුකූලයි - අගමැති මහින්ද රාජපක්ෂ | බහුතරය හිමියි, පත්වීම නීත්‍යානුකූලයි - අගමැති | (News 1st) - අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අල් ජසීරා නාලිකාවේ සාකච්ඡාවකට එක් විය. එහිදී අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතාගේ පත්වීම නීත්‍යානුකූල ද යන්න පිළිබඳව විමසා තිබේ. ඊට පිළිතුරු දෙමින් මහින්ද රාජපක්ෂ මහතා පවසා ඇත්තේ, සිය පත් වීම නීත්‍යානුකූල බව ය. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අල් ජසීරා නාලිකාවේ සාකච්ඡාවට එක්වෙමින් පළ කළ අදහස්... මාධ්‍යවේදියා : සර් ඔබගේ පත්වීම නීත්‍යානුකූල ද? අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ - ඔව්. ව්‍යවස්ථාවට අනුව එය පරිපූර්ණයි. මාධ්‍යවේදියා : යම්කිසි විවාදාත්මක තත්ත්වයක් තියෙනවා නේද? අග්‍රාමාත්‍යවරයා තීරණය කළ යුත්තේ ජනාධිපති නොව, පාර්ලිමේන්තුව බවට... අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ : නෑ.. නෑ.. ව්‍යවස්ථාව කියවන්න. එවිට ඔබට දැනගත හැකියි. මාධ්‍යවේදියා : ඔබ අග්‍රාමාත්‍ය තනතුරේ වැඩ භාර ගන්නවා ද? අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ : මම දැනටමත් වැඩ භාර ගෙනයි ඉන්නේ. මාධ්‍යවේදියා : කොහොම ද ඔබ පාර්ලිමේන්තුවෙන් ප්‍රමාණවත් සහයක් ලබා ගන්නේ, කොහොම ද ඔබ මන්ත්‍රීවරු ලබා ගන්නේ.? අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ : දැනටමත් අපිට 113ක් ඉන්නවා. මාධ්‍යවේදියා : ඉතින් ඇයි තවදුරටත් පාර්ලිමේන්තුව කැඳවීම පමා කරන්නේ? අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ : මොකද අපිට අයවැයට සූදානම් වීමට අවශ්‍යයි. මාධ්‍යවේදියා : ඔබ ඉදිරියටත් අගමැති ලෙස කටයුතු කිරීමට බලාපොරොත්තු වෙනවා ද? අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ : ඇයි නැත්තේ...? |
2018-11-03T07:06:34.000Z | හොඳම රාජ්‍ය සේවකයා ලෙස තඹුත්තේගම කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ කරුණාරත්න බණ්ඩාර සම්මානයට | හොඳම රාජ්‍ය සේවකයා ලෙස කරුණාරත්න බණ්ඩාර සම්මානයට | COLOMBO (News 1st) - දූෂණය, වංචාව දේශපාලන අධිකාරියේ සිට රාජ්‍ය යන්ත්‍රයට ද ගලාගෙන එන යුගයක අවංක රාජ්‍ය නිලධාරීන් සෙවීම දුෂ්කර කාර්යයකි. නමුත් එවන් නිලධාරීන් නැතුවා නොවේ. ඒ නිලධාරීන් ජනතාවගේ ගෞරවයට පාත්‍ර වීම යුගයේ අවශ්‍යතාවකි. ඒ මෙහෙවරට නායකත්වය දෙමින් මෙරට අවංකතම රාජ්‍ය නිලධාරියා ජනතා වරමින් තෝරා ගැනෙන සුපලිපන් ප්‍රණාම 2018 අවංකත්වයේ අභිෂේකය අද රත්මලාන ස්ටයින් මැදිරි සංකීර්ණයේදී පැවැත්විණි. එහිදී මෙරට අවංකතම රාජ්‍ය නිලධාරියා ලෙස සම්මානයෙන් පිදුම් ලැබුවේ, තඹුත්තේගම කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ කරුණාරත්න බණ්ඩාර මහතා ය. මෙරට අවංකතම රාජ්‍ය නිලධාරියා ජනතා වරමින් තෝරා ගැනෙණ සුපලිපන් ප්‍රණාම 2018 අවංකත්වයේ අභිෂේකය සඳහා නාම යෝජනා කැඳවූයේ මේ වසරේ ජුනි මාසයේදී ය. එහිදී ඉදිරිපත් වූ නාම යෝජනා 207ක් අතුරින් අවසන් 05 දෙනා දක්වා ප්‍රවීණ හා විද්වත් විනිශ්චය මණ්ඩලයක් යටතේ තෝරා ගැනිණි. අවසන් 05 දෙනා අතරට එක්වූයේ තඹුත්තේගම කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ කරුණාරත්න බණ්ඩාර, බස්නාහිර පළාත් වනජීවී සංරක්ෂණ සහකාර අධ්‍යක්ෂ උපුල් ඉන්ද්‍රජිත්, මහනුවර නගර සභාවේ පරිපාලන නිලධාරිනී ඉනෝකා කුලතුංග, සෞඛ්‍ය අමාත්‍යංශයේ පුද්ගලික සෞඛ්‍ය සංවර්ධන අංශයේ අධ්‍යක්ෂ ආචාර්ය වසන්ත දිසානායක, මහනුවර ශික්ෂණ රෝහලේ ජ්‍යෙෂ්ඨ හෙද නිලධාරිනී කමනි අශෝකා ද සිල්වා යන මහත්ම මහත්මීන් ය. ඔවුන් අතරින් මෙරට අවංකතම රාජ්‍ය නිලධාරියා ලෙස ජනතා වරමින් අද අභිෂේක ලැබුවේ, තඹුත්තේගම කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ කරුණාරත්න බණ්ඩාර මහතා ය. ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය හා නිව්ස්ෆස්ට් එක්ව මෙවන් පිරිසිදු රාජ්‍ය සේවකයින් අගයන්ට ඉදිරියටත් සූදානම්... |
2018-11-03T05:30:48.000Z | පාර්ලිමේන්තුව කැඳවීම ලබන 16 වන දා - කෙහෙළිය රඹුක්වැල්ල | "පාර්ලිමේන්තුව කැඳවීම ලබන 16 වන දා" | COLOMBO (News 1st) - පවතින තත්ත්වය අනුව පාර්ලිමේන්තුව කැඳවීම සිදු වන්නේ, ලබන 16 වන දා බව රජය පවසයි. රජයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසුවේ, 5 වන දා පාර්ලිමේන්තුව කැඳවන බවට රාවයක් පවතින බව ය. රඹුක්වැල්ල මහතා පෙන්වා දෙන්නේ, පසුගියදා ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ වාර අවසාන කළ හෙයින් 5 වන දා පාර්ලිමේන්තුව කැඳවන්නේ නම් ජනාධිපතිවරයා විසින් එය ගැසට් මගින් ප්‍රකාශයට පත් කළ යුතු බව ය. 5 වන දා පාර්ලිමේන්තුව කැඳවන බවට මේ වන තෙක් ගැසට් මගින් ප්‍රකාශයට පත් කර නොතිබීම හේතුවෙන් පවතින තත්ත්වය හමුවේ පාර්ලිමේන්තුව ලබන 16 වන දා කැඳවීම සිදු වනු ඇති බවට රඹුක්වැල්ල මහතා පවසයි. |
2018-11-03T02:44:41.000Z | විදේශිකයින්ගේ ජපන් රැකියා සිහිනය සැබෑ වන ලකණු | විදේශිකයින්ට ජපන් රැකියා සිහිනය සැබෑ වන ලකණු | COLOMBO (News 1st) : ජපානයේ සංක්‍රමණික නීති ලිහිල් කෙරෙන කෙටුම්පතක් එරට කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරනු තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, මෙම නව නීතියට අනුව නව වීසා කාණ්ඩ දෙකක් යටතේ විදේශිකයින්ට කම්කරු රැකියා සඳහා ජපානයට ඇතුළු වීමට අවස්ථාව හිමිවනු ඇති බවයි. කෙසේ වෙතත් මෙම නව නීතිය ක්‍රියාත්මක වීමට නම් අදාළ නීති කෙටුම්පත ජපාන පාර්ලිමේන්තුව තුළ සම්මත විය යුතු ය. ජපානය සංක්‍රමණික නීති ඉතා දැඩි රටක් වන අතර රැකියා සඳහා එරටට ඇතුළුවිය හැකි විදෙස් ශ්‍රමික සංඛ්‍යාව සීමා සහිත වේ. එහෙත් නව නීතිය යටතේ ඉදිකිරීම්, ගොවිතැන් සහ සෞඛ්‍ය යන අංශ සඳහා විදෙස් ශ්‍රමිකයින්ට ජපානයට ඇතුළු වීමේ නව දොරටු විවෘත වනු ඇති. අදාළ නීතියට අනුව පළමු වීසා කාණ්ඩය යටතේ සිය පවුලේ සාමාජිකයින් ද සමග විදෙස් ශ්‍රමිකයෙකුට අවුරුදු 5ක් ජපානයේ සේවය කිරීමට වීසා හිමුවනු ඇති. ඉහළ මට්ටමේ කුසලතා සහිත සේවකයින් දෙවන වීසා කාණ්ඩයට සුදුසුකම් ලබන අතර අවසනයේ ඔවුන්ට එරට පුරවැසිභාවය ලබා ගැනීම සඳහා ද අයදුම් කිරීමට ද හැකි වීම විශේෂත්වයකි. කෙසේ වෙතත් කැබින්ට් මණ්ඩලයේ සම්මත වූ මෙම නව නීතිය එරට විරුද්ධ පක්ෂවල විවේචනයට ලක්ව ඇත. ඔවුන් පවසන්නේ, නව නීතිය සම්මත වුවහොත් එය එරට වැටුප් සහ අපරාධ අනුපාතයට බලපෑමක් සිදුවනු ඇති බවයි. එහෙත් ජපාන අග්‍රාමාත්‍ය ෂින් ෂෝ අබේ අවධාරණය කළේ, යෝජිත නීති කෙටුම්පත රටේ සංක්‍රමණික ප්‍රතිපත්තිය ඉක්මවා නොයන්නක් බවයි. මේ යටතේ දැඩි කම්කරු හිඟතාවයට කඩිනමින් පිළියම් යෙදිය හැකි විශේෂ කුසලතා සහිත විදෙස් ශ්‍රමිකයින් පමණක් ජපානය විසින් පිළිගනු ඇති බව ජපාන අග්‍රාමාත්‍ය ෂින් ෂෝ අබේ වැඩිදුරටත් පවසී ය. |
2018-11-03T00:26:40.000Z | ෆවුසිට ත් රාජ්‍ය අමාත්‍ය ධුරයක් | ෆවුසිට ත් රාජ්‍ය අමාත්‍ය ධුරයක් | COLOMBO (News 1st) : ජාතික සමගිය, සංහිඳියාව හා මුස්ලිම් ආගමික කටුයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ඒ.එච්.එම්. ෆවුසි මහතා දිවුරුම් දී තිබේ. ඒ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේදීයි. |
2018-11-02T22:06:47.000Z | බස්නාහිර ඇතුළු පළාත් කිහිපයකට අද තද වැසි | බස්නාහිර ඇතුළු පළාත් කිහිපයකට අද තද වැසි | COLOMBO (News 1st) : දිවයිනට ගිණිකොන දෙසින් වන බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශයේ අද සිට අඩු පීඩන තත්ත්වයක් වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ, කෑගල්ල, ගම්පහ සහ කුරුණෑගල දිස්ත්‍රික්ක ද ඇතුළත්ව බස්නාහිර, සබරගමුව මධ්‍යම හා වයඹ පළාත්වලට අද දිනයේ මිලීමීටර් 100 ත් 150 ත් අතර තද වැසි ඇතිවිය හැකි බවයි. තද වැසි හා ගිඟුරුම් සහිත වැසි පිළිබඳව විශේෂ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පවසන්නේ, ඌව පළාතේ මඩකලපුව, අම්පාර, පොතුවිල් සහ හම්බන්තොට ප්‍රදේශවලටත් මිලිමීටර් 75 න පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බවයි. ගිඟුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ද ඇතිවිය හැකියි. අකුණු මගින් සිදුවන අනතුරු අවම කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි. මේ අතර ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකා අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ, අඩු පීඩන තත්ත්වය හේතුවෙන් මුහුදු ප්‍රදේශවල දැඩි සුළං ඇති විය හැකි බවයි. දිවයිනට ගිනිකොන දෙසින් වන බෙංගාල බොක්ක මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරත ධීවරයින්ට එම ප්‍රදේශවලින් ඉවත් වන්නැයි උපදෙස් ලබා දී ඇති බව ධීවර දෙපාර්තමේන්තුව පවසයි. එහි සහකාර අධ්‍යක්ෂ පද්මප්‍රිය තිසේරා මහතා සදහන් කළේ, එම ප්‍රදේශයේ ධිවර කටයුතු වල නිරත ධීවරයින් නිරන්තරයෙන් කාලගුණ අනාවැකි සම්බන්ධයෙන් අවධානයෙන් සිටින ලෙසයි. මේ සම්බන්ධයෙන් ධීවර දොපර්තමේන්තුවේ සියලු ම සෝදිසි මොහයම් අංශ දැනුවත් කර ඇති බව ඔහු සඳහන් කළේ ය. |
2018-11-02T21:05:49.000Z | ඉංගිරියේදී හොර නෝට්ටු සමග දෙදෙනෙක් කොටු වෙති | ඉංගිරියේදී හොර නෝට්ටු සමග දෙදෙනෙක් කොටු වෙති | COLOMBO (News 1st) : ඉංගිරිය, බොරළුගොඩ ප්‍රදේශයේදී රුපියල් 1000 ව්‍යාජ නෝට්ටු 13 ක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ, මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු ව්‍යාජ 1000 නෝට්ටුවක් දී කාන්තාවකගෙන් එළවළු සහ පළතුරු මිලදී ගෙන ඇති අතර ඇයගෙන් ලද පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනවලදී සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි. එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, 35 හා 39 වන වයස්වල පසුවන මත්තක හා පොතුහැර ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙකි. |
2018-11-02T20:54:47.000Z | බස් ගාස්තු ත් පහළ දැමීමේ තීරණයක් | බස් ගාස්තු ත් පහළ දැමීමේ තීරණයක් | COLOMBO (News 1st) : ඉන්ධන මිල පහළ යාමට සාපේක්ෂව ඉදිරියේදී බස් ගාස්තු 2% පහළ දැමීමට පෞද්ගලික බස් වෘත්තීය සමිති තීරණය කර තිබේ. ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සමිති සම්මේලනයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා පැවසුවේ, ඉන්ධන මිල පහළ යාමේ වාසිය ජනතාවට ලබාදීමට සූදානම් බවයි. අන්තර් පළාත් බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති සරත් විජිත මහතා පැවසුවේ, බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් ඉදිරි දින කිහිපය තුළ තීරණයක් ගන්නා බවයි. මේ අතර රජය මගින් අඩු කළ ඉන්ධන මිලට සාපේක්ෂව ලංකා අයි.ඕ.සී. සමාගම ද ඊයේ මධ්‍යම රාත්‍රී සිට ඉන්ධන මිල පහළ දැමීය. පෙරේදා මධ්‍යම රාත්‍රී සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා ඛනිජ තෙල් සංස්ථාවට අයත් ඉන්ධන පිරවුම්හල්වල ඔක්ටේන් 92 පෙට‍්‍රල් ලීටරයක මිල රුපියල් 10 කින් ද ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 7 කින් ද පහත දැමිණ. ඒ අනුව ඔක්ටේන් 92 පෙට‍්‍රල් ලීටරයක නව මිල රුපියල් 145 ක් ද ඔටෝ ඩීසල් ලීටරයක නව මිල රුපියල් 116කි. මේ තත්ත්වය තුළ අයි.ඕ.සී. සමාගම ඊයේ මධ්‍යම රාත්‍රීයේ සිට ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 11කින් සහ ඔක්ටේන් 92 පෙට‍්‍රල් ලීටරයක් රුපියල් 2කින් අඩුකිරීමට පියවර ගෙන තිබේ. ඒ අනුව අයි.ඕ.සී. ඉන්ධන පිරවුම්හල්වලින් ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 118කට ද, ඔක්ටේන් 92 පෙට‍්‍රල් ලීටරයක් රුපියල් 153ටද මිලදී ගත හැකියි. |
2018-11-02T19:58:58.000Z | බත් පැකට්ටුවෙත් මිල පහත බසී | බත් පැකට්ටුවෙත් මිල පහත බසී | COLOMBO (News 1st) : අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල ගණන් පහත දැමීමත් සමගම බත් පැකට්ටුවක මිල රුපියල් 10 කින් පහළ දැමීමට සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ. එහි ජාතික සංවිධායක අසේල සම්පත් මහතා පැවසුවේ, මේ පිළිබඳව සියලු ආපන ශාලා හිමියන් දැනුවත් කිරීමට පියවර ගන්න බවයි. රජය පෙරේදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පරිප්පු සහ කඩල කිලෝග්රෑමයක් මත පනවා තිබු බදු රුපියල් 5 කින් ද උඳු කිලෝග්‍රෑමයක් මත පනවා තිබූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 25 කින්ද අඩුකිරීමට පියවර ගැනිණ. සීනි සඳහා පනවා තිබූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද අඩු කර ඇත්තේ කිලෝග්රෑමයක් රුපියල් 10 කිනි. |
2018-11-02T19:45:22.000Z | ඉරාන සම්බාධක 5 සිට පූර්ණ ලෙස ක්‍රියාත්මකයි | ඉරාන සම්බාධක 5 සිට පූර්ණ ලෙස ක්‍රියාත්මකයි | COLOMBO (News 1st) : ඉරානයට එරෙහිව ඇමරිකාව පැන වූ සම්බාධක ලබන 5 වනදා සිට පූර්ණ ලෙස ක්‍රියාත්මක වේ. කෙසේ නමුත් තවදුරටත් රටවල් 8කට ඉරානයෙන් බොර තෙල් ආනයනය කිරීමට අමරිකාව අවසර ලබා දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය. ඉන්දියාවේ, දකුණු කොරියාව, ජපානය හා චීනය ඇතුළු රටවල් 8කට මෙලෙස තවදුරටත් මාස 6ක කාලයක් බොර තෙල් ආනයනය සඳහා අවසර ලබාදීමට පියවර ගෙන ඇති බව සඳහන් ය. කේසේ වෙතත් අමෙරිකාව එම රටවල් 8 නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට පියවර ගෙන නොමැත. අන්තර්ජාතික පරමාණු බලශක්ති අධිකාරයේ නියාමනයන්ට සහ අධීක්‍ෂණයට යටත්ව බලශක්ති උත්පාදනය සඳහා පමණක් න්‍යෂ්ටික ක්‍රියාකාරකම්වල යෙදෙන බවට සහතික වෙමින් 2015 වසරේ අමරිකාව,ප්‍රංශය,ජර්මනිය,බිත්‍රාන්‍ය සමග ඉරානය න්‍යෂ්ටික ගිවිසුමකට එළඹිණ. නමුත් පසුගිය දා ඇමරිකානු ජනාධිපති ඩොනල් ට්‍රම්ප් ඉරානය එම ගිවිසුමේ කොන්දෙසි කඩ කළ බවට චෝදනා කරමින් ඉන් ඉවත්වීමට පියවර ගත්තේ ය. ගිවිසුමේ කොන්දේසි කඩ කිරීමට ප්‍රතිචාර වශයෙන්,ඉරානයට එරෙහිව ආර්ථික සම්බාධක පැනවීමට තමන් සූදානම් බව ද ජනපති ට්‍රම්ප් අවධාරණය කළේ ය. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, සම්බාධක ක්‍රියාත්මක නොකර සිටීමට ඇමරිකාව ඉරානයට කොන්දේසි 12ක් ඉදිරිපත් කර ඇති බවයි. ඒ අතර ත්‍රස්තුවාදයට සහය නොදැක්වීම,සිරියාවේ යුද මෙහෙයුම්වලට සම්බන්ධ නොවීම ඇතුළු කොන්දේසි අන්තර්ගත වී තිබිණ. |
2018-11-02T19:36:02.000Z | ගෙවුණු දවස උණුසුම් කළ පුවත්… | ගෙවුණු දවස උණුසුම් කළ පුවත්… | දේශීය පුවත්... 1. අමාත්‍යංශ කිහිපයකට නව ලේකම්වරුන් පත් කෙරේ : නව අමාත්‍යංශ ලේකම්වරුන් කිහිපදෙනෙක් ඊයේ ජනාධිපතිවරයා අතින් පත්වීම් ලබාගත්හ. 2. එජාප / TNA මන්ත්‍රී දෙපළකට ත් ඇමති තනතුරු : නව අමාත්‍යවරුන් කිහිපදෙනෙකු ඊයේ ත් ජනාධිපති කාර්යාලයේදී ඇමති තනතුරු කිහිපයක දිවුරුම් දී තිබේ. 3. ලංකා ඉන්දියන් ඔයිල් සමාගම ත් තෙල් මිල පහළ දමයි : ලංකා ඉන්දියන් ඔයිල් සමාගම ද ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල පහත දමා තිබේ. 4. නීතිපතිට STF ආරක්ෂව : නීතිපතිවරයා ඇතුළු නීතිපති දෙපාර්තමේන්තුවට පොලිස් විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව යෙදවීමට පියවර ගෙන තිබේ. 5. “පාර්ලිමේන්තුව ලබන 7 වැනි දා කැඳවිය හැකියි” – කථානායක : පාර්ලිමේන්තුව ලබන 7 වැනි දා කැඳවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේ යැයි කථානායක කරූ ජයසූරිය මහතා පවසයි. 6. ගෝඨාභය රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ අතර හමුවක් : අරලියගහ මන්දිරයේදී ගෝඨාභය රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් අතර හමුවක් සිදු ව තිබේ. 7. ජනපති සහ එක්සත් ජාතීන්ගේ මහ ලේකම් අතර දුරකතන සංවාදයක් : ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටේරස් මහතා සමග දුරකථන සංවාදයක නිරත වී තිබේ. විදේශීය පුවත්.... 1. චීන – අමෙරිකානු ජනපතිවරුන් දුරකතන සංවාදයක : අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් හා චීන ජනපති ෂී ජින් පින්ග් අතර දුරකතන සංවාදයක් පවත්වා තිබේ. විදෙස් වාර්තා අනාවරණ කළේ, විෂයන් කිහිපයක් පිළිබඳව එහිදි කරුණු සාකාච්ඡා කර ඇති අතර දෙරටේ අතර වෙළෙඳාම පිළිබඳව නායකයින් දෙපළගේ වැඩි අවධානයක් යොමු වූ බවයි. |
2018-11-02T11:25:39.000Z | අමාත්‍යංශ කිහිපයකට නව ලේකම්වරුන් පත් කෙරේ | අමාත්‍යංශ කිහිපයකට නව ලේකම්වරුන් පත් කෙරේ | COLOMBO (News 1st) : නව අමාත්‍යංශ ලේකම්වරුන් කිහිපදෙනෙක් අද ජනාධිපතිවරයා අතින් පත්වීම් ලබාගත්හ. වාරිමාර්ග, ජලසම්පත් හා ආපදා කළමනාකරණ අමාත්‍යංශයේ ලේකම් ලෙස එන්.ඒ සිසිර කුමාර මහතා පත්කර තිබේ. සුනිල් හෙට්ටආරච්චි මහතා පත්කර ඇත්තේ නිපුණතා සහ වෘත්තීය පුහුණු අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙසයි. මේ අතර සංස්කෘතික, අභ්‍යන්තර කටයුතු හා ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍යංශයේ නව ලේකම් ලෙස දර්ශනා සේනානායක මහත්මිය පත්කර තිබේ. |
2018-11-02T11:03:45.000Z | අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න අධිකරණයට ඉදිරිපත් කරන්නැයි, නියෝග | ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අත්අඩංගුවට ගන්නැයි නියෝග | COLOMBO (News 1st) : ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ලබන 9 වනදා හෝ ඊට පෙර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද නියෝග කළේ ය. ඒ, අවශ්‍ය සැකකරුවෙකු වන ලුතිනන් කමාන්ඩර් ප්‍රසාද් හෙට්ටිආරච්චි නමැත්තාට අධිකරණය මගහැර සැඟව සිටීමට ආධාර උපකාර කළේ යැයි, යන චෝදනාව සම්බන්ධයෙනි. අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා සම්බන්ධයෙන් මින් පෙර අවස්ථා තුනකදී අධිකරණය විසින් ලබා දී ඇති නියෝග ක්‍රියාත්මක කිරීම අතපසු කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැඩිව දෝෂාරෝපණය කළ මහේස්ත්‍රාත්වරයා අද එම නියෝගය නිකුත් කළේ ය. රවීන්ද්‍ර විජේගුණරත්න මහතා සම්බන්ධයෙන් ඉදිරි නීතිමය පියවර නොගන්නේ නම්, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරීන්ට එරෙහිව අධිකරණය හමුවේ නඩු පැවරීමට පියවර ගන්නා ලෙසට ද අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරියට මහේස්ත්‍රාත්වරයා දැනුම් දුන්නේ ය. මෙම නඩුව පවරා ඇත්තේ 2008 වසරේදී කොළඹදී සුදු වෑන් භාවිත කරමින් තරුණයන් ඇතුළු 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පවරා ඇති නඩුවේ දහවන සැකකාර හිටපු ලුතිනන් කමාන්ඩර් ප්‍රසාද් හෙට්ටිආරච්චි නමැත්තා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට වරෙන්තු නිකුත් කර තිබීයදී නාවික හමුදා මූලස්ථානය තුළ ඔහුට සැඟව සිටීමට ආධාර අනුබල දුන්නේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙනි. |
2018-11-02T09:05:06.000Z | ලංකා ඉන්දියන් ඔයිල් සමාගම ත් තෙල් මිල පහළ දමයි | ලංකා ඉන්දියන් ඔයිල් සමාගම ත් තෙල් මිල පහළ දමයි | COLOMBO (News 1st) : ලංකා ඉන්දියන් ඔයිල් සමාගම ද අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල පහත දමා තිබේ. නිවේදනයක් නිකුත් කරමින් එම සමාගම සඳහන් කළේ, ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 11 කින් පහළ දමා ඇති බවයි. ඒ අනුව ඔටෝ ඩීසල් ලීටරයක නව මිල රුපියල් 118කි. 92 පෙට්‍රල් ලීටරයක මිල පහත දමා ඇත්තේ රුපියල් 2 කිනි. ඒ අනුව ලංකා ඉන්දියන් ඔයිල් සමාගමේ 92 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 153ක් වේ. මේ අතර ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධන පිරවුම්හල වල ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 10 කින් පහත දැමිණ. ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 145කි. ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 7 කින් පහළ දැමූ අතර ඒ අනුව ඔටෝ ඩීසල් ලීටරයක නව මිල රුපියල් 116යි. |
2018-11-02T08:00:56.000Z | එජාප / TNA මන්ත්‍රී දෙපළකට ත් ඇමති තනතුරු | එජාප / TNA මන්ත්‍රී දෙපළකට ත් ඇමති තනතුරු | COLOMBO (News 1st) : නව අමාත්‍යවරුන් කිහිපදෙනෙකු අදත් ජනාධිපති කාර්යාලයේදී ඇමති තනතුරු කිහිපයක දිවුරුම් දී තිබේ. එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රි එස්. බී. නාවින්න මහතා දිවුරුම් දුන්නේ සංස්කෘතික කටයුතු , අභ්‍යන්තර කටයුතු ප්‍රාදේශිය සංවර්ධන අමාත්‍යවරයා ලෙසයි. දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රි එස් . වියාලේන්ද්‍රන් මහතා ප්‍රාදේශීය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේ ය. |
2018-11-02T07:00:35.000Z | නීතිපතිට STF ආරක්ෂාව.... | නීතිපතිට STF ආරක්ෂාව.... | COLOMBO (News 1st) : නීතිපතිවරයා ඇතුළු නීතිපති දෙපාර්තමේන්තුවට පොලිස් විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව යෙදවීමට පියවර ගෙන තිබේ. පොලිස් විශේෂ කාර්ය බලකායේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ, තම ආරක්ෂාව තර කරන්නැයි, නීතිපතිවරයා පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගෙන් කළ ඉල්ලීමකට අනුව මෙලෙස ආරක්ෂාව ලබා දී ඇති බවයි. ඒ අනුව ඊයේ පස්වරු 6 සිට විශේෂ කාර්ය බලකායේ සෙබළුන් නීතිපතිවරයා, එහි නිලධාරීන් සහ දෙපාර්තමේන්තු පරිශ්‍රයේ ආරක්ෂාවට යොදවා ඇති බව ද එම නිලධාරියා පැවසී ය. |
2018-11-02T06:10:01.000Z | ජනපති සහ එක්සත් ජාතීන්ගේ මහ ලේකම් අතර දුරකතන සංවාදයක් | ජනපති සහ එජා මහ ලේකම් අතර දුරකතන සංවාදයක් | COLOMBO (News 1st) : ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටේරස් මහතා සමග දුරකථන සංවාදයක නිරත වී තිබේ. ජනාධිපතිවරයාගේ නිල ට්විටර් ගිණුම පවසන්නේ නව අග්‍රාමාත්‍යවරයාගේ පත් කිරීම සම්බන්ධයෙන් එහිදී එක්සත් ජාතින්ගේ සංවිධානයේ මහලේකම්වරයා දැනුවත් කළ බවයි. අදාළ පත් කිරීම ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාවට අනුකූලව සිදුකළ බවට ජනාධිපතිතුමා මෙහිදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයාට සහතික වී තිබේ. I had a very successful telephone conversation with UN Secretary General H.E. António Guterres last evening. I assured him that the appointment of the new Prime Minister has been done in keeping with the Constitution of Sri Lanka. — Maithripala Sirisena (@MaithripalaS) November 2, 2018 |
2018-11-02T05:35:24.000Z | අනිද්දා සිට වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක් | අනිද්දා සිට වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක් | COLOMBO (News 1st) : දිවයිනට ගිනිකොන දෙසින් වන බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශයේ හෙට වනවිට අඩු පීඩන තත්ත්වයක් වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මේ හේතුවෙන් එම මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකි අතර වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක් අනිද්දා සිට අපේක්ෂා කරන බව කාලගුණ අනාවැකියේ සඳහන් ය. ගොඩබිම ප්‍රදේශවල ද ලබන 5 වන දා සිට වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය. එම දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් හා ධීවර හා නාවික ප්‍රජාවගෙන් ඉල්ලා සිටින්නේ, ඉදිරි කාලගුණ නිවේදන පිළිබඳව දැඩි අවධානය යොමු කරන ලෙසයි. |
2018-11-02T04:16:19.000Z | "පළ වන වාර්තා අසත්‍යයි" - විජිත හේරත් | "පළ වන වාර්තා අසත්‍යයි" - විජිත හේරත් | COLOMBO (News 1st) : තම පක්ෂයේ මැදිහත්වීම පාර්ලිමේන්තුව කැඳවීමට බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි. එහි ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා සඳහන් කළේ, තම පක්ෂයේ සහය රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදෙන බවට පළ වන වාර්තා අසත්‍ය බවයි. මේ අනුව කිසිදු පුද්ගලයෙකුට තම පක්ෂය සහය නොදන බව ඔහු සඳහන් කළේ ය. |
Subsets and Splits
No saved queries yet
Save your SQL queries to embed, download, and access them later. Queries will appear here once saved.