date
stringlengths 24
24
| title
stringlengths 0
176
| short_title
stringlengths 10
69
| content
stringlengths 0
19.7k
|
---|---|---|---|
2018-10-22T22:26:59.000Z | චීනය හා හොංකොං යා කරමින් ඉදිකළ ලොව දිගම පාලම විවෘත කෙරේ | චීනය හා හොංකොං යා කළ ලොව දිගම පාලම විවෘත කෙරේ | හොංකොං සහ චීනයේ මැකාවු නගර යා කරමින් ඉදිකර ඇති ලෝකයේ සාගරයක් මතින් දිවෙන දිගම පාලම අද විවෘත කෙරෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. මෙම පාලමේ දිග කිලෝමීටර් 55 කින් සමන්විතය. අමෙරිකානු ඩොලර් බිලියන 20 ක වියදමින් මෙම පාලම ඉදිකෙරෙන අතර පාලම විවෘත කිරීමේ අවස්ථාවට චීන ජනපති ෂී ජින්පිං සහභාගිවීමට ද නියමිත වේ. ලෝකයේ සාගරයක් මතින් දිවෙන දිගම පාලම වන මෙය ජනතාවට විවෘත කිරීම අද දිනයේ සිදු කිරීමට නියමිත බව චීන බලධාරීන් පවසති. මෙම පාලම ඉදිකිරීම සඳහා වසර 09 ක් ගත වී ඇති අතර මෙහි වැඩ කටයුතු 2016 වසරේ නිම කිරීමට සැලසුම් කර තිබුන ද 2018 වසර දක්වා මෙහි ඉදිකිරීම් සිදු කර ඇති බව සඳහන් ය. මෙම පාලම ඉදිකිරීමත් සමග චීනයේ මැකාවු සහ හොංකොං අතර ගමන් කිරීමට ගත වන කාලය පැය 03 යි මිනිත්තු 30ක් දක්වා අඩු වන බව බලධාරීන් සඳහන් කළහ. කෘත්‍රීම දූපතක් යා කරමින් දිවෙන උමගක් හරහා ද මෙම පාලම ගමන් කිරීම විශේෂත්වයකි. |
2018-10-22T20:51:37.000Z | රුපියල් ලක්ෂ 64 ක විදෙස් මුදල් තොගයක් සමගින් ලාංකිකයෙකු රේගු දැලේ | රුපියල් ලක්ෂ 64 ක් සමග ලාංකිකයෙකු රේගු දැලේ | COLOMBO (News 1st) - විදේශ මුදල් තොගයක් නීති විරෝධි ලෙස සිංගප්පූරුව බලා රැගෙන යෑමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු කටුනායක ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, නුගේගොඩ ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි ව්‍යාපාරිකයෙකි. ඔහු සිංගප්පූරුව බලා පිටත්ව යාම සඳහා කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ ඇත. ඔහුගේ ගමන් මල්ලේ වූ පරිගණක දෘඩාංග බහාලනයක් තුළ අමෙරිකානු ඩොලර්, සිංගප්පූරු ඩොලර්, යූරෝ සහ මෙරට මුදල් තොගයක් සඟවා තිබී ඇති අතර එම මුදල් තොගයේ මුළු වටිනාකම රුපියල් හැට හතර ලක්ෂ දහතුන් දහස් දෙසිය හැත්තෑ තුනක් වනු ඇත. |
2018-10-22T20:28:00.000Z | DIG නාලක ද සිල්වා සිව්වන දිනට ත් CID ය හමුවට | DIG නාලක ද සිල්වා සිව්වන දිනට ත් CID ය හමුවට | COLOMBO (News 1st) - වැඩ තහනමට ලක් ව සිටින පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා අද හතරවන දිනටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ, නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් ඊයේ පැය 11 ක කාලයක් ප්‍රශ්න කළ බවයි. ඊයේ පෙරවරු 9.30 ට පමණ නියෝජ්‍ය පොලිස්පතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි අතර ඔහු ඉන් පිටව ගියේ රාත්‍රී 8.30 ට පමණය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් ඝාතන කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් දූෂණ විරෝධි බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර මහතා කළ හෙළිදරව්වට අදාළව ආරම්භ කර ඇති විමර්ශනයට අනුව මෙම කැඳවීම කර ඇත. |
2018-10-22T20:19:29.000Z | අඟුණකොළපැලැස්ස රැඳවියන්ගේ විරෝධතාව සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් | රැඳවියන්ගේ විරෝධතාව සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් | COLOMBO (News 1st) - අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් ක්‍රියාත්මක කළ විරෝධතාව සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදු කරන බව බන්ධනාගාර අමාත්‍යාංශය පවසයි. එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, ඒ සඳහා බන්ධනාගාර බුද්ධි අංශ නිලධාරීන් යොදවා ඇති බවයි. ඇතැම් බන්ධනාගාර නිලධාරීන්ගේ සහය ලබා ගනිමින්, මෙම විරෝධතාව පවත්වා ඇති බවට සැක කරන බව ද එම නිලධාරියා නිව්ස්ෆස්ට් වෙත අනාවරණ කළේ ය. ඔහු පැවසූවේ, අඟුණකොළපැලැස්ස බන්ධනාගාර අධිකාරිවරයා එම බන්ධනාගාරයෙන් ඉවත් කරන්නැයි විරෝධතාවයට එක්වූ රැඳවියන් ඉල්ලා සිටීම හේතුවෙන් එම සැකය තහවුරු වන බවයි. බන්ධනාගාර අධිකාරිවරයාට විරුද්ධ නිලධාරීන් පිරිසක් සැලසුම් සහගත අයුරින් මෙම ක්‍රියාව මෙහෙයවන්නට ඇතැයි සැක කරන බව ද ඔහු පැවසුවේ ය. බන්ධනාගාරයේ ආරක්ෂාවට පොලිස් විශේෂ කාර්ය බලකාය යෙදවීමට විරෝධය පළ කරමින් යැයි පෙරේ දා පෙරවරුවේ සිට අඟුණකොළපැලැස්ස බන්ධනාගාර රැඳවියන් එලෙස විරෝධතාවයේ නිරත විය. ඊයේ දහවල් වනවිටත්, 50 කට ආසන්න රැඳවියන් පිරිසක් බන්ධනාගාරයේ ආරක්ෂක නැරඹුම් කුළුණ මත නැග විරෝධතාවයේ නිරත විණි. අනතුරුව රැඳවියන් හා බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණිය මහතා ඇතුළු බන්ධනාගාර නිලධාරීන් අතර සාකච්ඡාවක් පැවත් විය. එහිදී බන්ධනාගාර අධිකාරි ඩබ්.පී.ධම්මික මහතා තාවකාලිකව මාරු කර මාතර බන්ධනාගාර අධිකාරි ඩබ්.ඒ.ඩී.සී. කරුණාසේකර මහතා බන්ධනාගාරයට කැඳවීමට තීරණය කෙරිණි. ඒ අනූව ඊයේ දහවල් 12.15 ට පමණ රැඳවියන් සිය විරෝධතාව අවසන් කළහ. මේ අතර කොළඹ මැගසින්, රිමාන්ඩ් සහ වැලිකඩ බන්ධනාගාර සඳහා ලබන 25 වන දා සිට පොලිස් විශේෂ කාර්ය බලකාය යොදවන බව බන්ධාගාර අමාත්‍යාංශය සඳහන් කර තිබේ. |
2018-10-22T19:58:27.000Z | මාලිගාවත්තේ අද දහවල් සිට රථ වාහන ධාවනය සීමා කෙරේ | මාලිගාවත්තේ රථ වාහන ධාවනය සීමා කෙරේ | COLOMBO (News 1st) - මාලිගාවත්ත පොලිස් වසමේ මාර්ග කිහිපයක රථ වාහන ගමනාගමනය අද දහවල් 12.30 සිට සීමා කරන බව පොලීසිය පවසයි. ඒ, ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත එක් දින ක්‍රිකට් තරගය හේතුවෙනි. පොලීසිය සඳහන් කළේ, ක්‍රිකට් තරගය අවසන් වන තෙක් දොස්තර බ්‍රිටෝ බබා පුල්ලේ මාර්ගය සහ ඛෙත්තාරාම මාර්ගයේ රථ වාහන ගමනාගමනය සීමා කරන බවයි. එමෙන්ම ශ්‍රී සද්ධර්ම මාවත සිට ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය දක්වාත් දොස්තර බබා පුල්ලේ මාර්ගය ග්‍රැන්ඩ්පාස් පාර දෙසට පමණක් වාහන ධාවනය කෙරෙනු ඇති. මේ අතර මාලිගාවත්ත අඩි 100 පාර එම කාල සීමාව තුළ මෛත්‍රී බෝධිරාජ මාවත පදිංචිකරුවන් සඳහා පමණක් සිමා කෙරේ. අදාළ කාල සීමාව තුළ විකල්ප මාර්ග භාවිතා කරන්නැයි පොලීසිය රියැදුරන්ගෙන් සහ ජනතාවගෙන් ඉල්ලා සිටි. |
2018-10-22T19:48:15.000Z | ශ්‍රී ලංකා - එංගලන්ත 5 වැනි එක් දින තරගය අද ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී | ශ්‍රී ලංකා - එංගලන්ත 5 වැනි එක් දින තරගය අද යි | COLOMBO (News 1st) - ශ්‍රී ලංකා - එංගලන්ත එක්දින ක්‍රිකට් තරගාවලියේ පස්වැනි තරගය කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද පැවැත්වීමට නියමිතවේ. ඒ, දිවා රාත්‍රි තරගයක් ලෙසයි. ශ්‍රී ලංකා - එංගලන්ත ක්‍රිකට් තරගාවලිය තරග 5 කින් සමන්විත අතර 3ට 0ක් ලෙස එංගලන්තය මේ වන විට එහි පෙරමුණේ පසු වනු ඇති. ඊයේ දිනයේදී දෙපිලේම ක්‍රීඩකයින් අද තරගය සඳහා සිය අවසන් පුහුණු සැසියට සහභාගී විණි. ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු නිරෝෂන් දික්වැල්ල පැවසුවේ, කණ්ඩායමේ ඉදිරිපෙළ මෙන්ම මැද පෙළ පිතිකරුවන් අතර මනා සබඳතා ගොඩනගා ගනිමින් විශාල ලකුණු සංඛ්‍යාවක් කරා ළඟාවීමට උත්සාහ කරන බවයි. නිමා වූ සිව්වැනි තරගය පරාජය වුවද අඩු ලකුණු පරතරයකින් එය පරාජයවීම නිසා කණ්ඩායමේ පිතිකරුවන් පිළිබඳව සෑහීමකට පත්විය හැකි බවට ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය. මේ අතර එංගලන්ත වේග පන්දු යවන ක්‍රීඩක මාක් වුඩ් පැවසුවේ, පසුගිය ජයග්‍රහණ හේතුවෙන් කණ්ඩායමේ සියලුම දෙනා මේ වන විට යහපත් මානසික තත්ත්වයෙන් පසුවන බවයි. එම ජයග්‍රාහී මානසික තත්ත්වය අද තරගය සඳහා ද තමන්ට ශක්තියක් බවට ඔහු සඳහන් කළේ ය. අද තරගයට එක්වන අවසන් කණ්ඩායම් පිළිබඳව තවමත් ප්‍රකාශයට පත්කර නොමැත. එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩක ජෝ රූට් එක්දින ලකුණු 5000 සීමාව පසු කිරීමට තව ත් ලකුණු 64ක් පසුපසින් සිටි. සිරස TV සහ TV1 නාලිකා අද පස්වරු 1.30 සිට තරගයේ සියලු තොරතුරු සජීව ලෙස විකාශය කිරීමට කටයුතු සූදානම් කර තිබේ. |
2018-10-22T19:19:43.000Z | ගෙවුණු දවස උණුසුම් කළ පුවත්… | ගෙවුණු දවස උණුසුම් කළ පුවත්… | දේශීය පුවත් 1. විනිසුරු ඉලංචේලියන්ගෙන් තව ත් තීරණාත්මක නඩු තීන්දුවක්: ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ජල සම්පාදන මණ්ඩලයට අයත් රුපියල් එක්කෝටි හැත්තෑ හතර ලක්ෂයක් සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාවට වරදකරු වූ ගණකාධිකාරිවරයාට ත්‍රිකුණාමලය මහාධිකරණය වසර 10 ක බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කර තිබේ. ඒ, මෙම නඩුව මහාධිකරණ විනිසුරු එම්. ඉලංචේලියන් මහතා හමුවේ විභාගයට ගත් අවස්ථාවේදීයි. 2. උතුරු – නැගෙනහිර ඉඩම්වල අයිතිය මුල් හිමිකරුවන්ට ලබා දෙන්නැයි ජනපතිගෙන් උපදෙස්: උතුරු – නැගෙනහිර ප්‍රදේශවල ආරක්ෂක අංශ සතුව පවතින ඉඩම් දෙසැම්බර් 31 වන දාට පෙර මුල් පදිංචිකරුවන් වෙත ලබාදීමට කටයුතු කරන ලෙසට ද ජනාධිපතිතුමා උපදෙස් ලබාදී තිබේ. 3. නැගෙනහිර බහලුම් පර්යන්තයට සිදු වන්නේ කුමක් ද?: කොළඹ වරාය නැගෙනහිර බහලුම් පර්යන්තය පිළිබඳව මේ වනවිට විවාදාත්මක තත්ත්වයක් නිර්මාණය වී ඇත. වරාය සේවක වෘත්තිය සමිති කියා සිටියේ, මෙම පර්යන්තය විදේශයකට පැවරීමට තමන් කිසිසේත්ම එකඟ නොවන බවයි. 4. අඟුණකොළපැලැස්ස රැඳවියන්ගේ විරෝධතාව අවසන්: අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් ආරම්භකර තිබූ විරෝධතාව ඊයේ දහවල් අවසන් විය. ඒ, රැඳවියන් සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අතර පැවති සාකච්ජාවකින් අනතුරුවයි. 5. ලේඛන නැතිව E-COMMERCE හරහා විදෙස් පාරිභෝගියන් භාණ්ඩ යැවීමට අවස්ථාවක්:ශ්‍රී ලංකා රේගුව වෙත ලේඛන ඉදිරිපත් කිරීමකින් තොරව විදේශයන්හි සිටින පාරිභෝගිකයන් හට E-COMMERCE හරහා භාණ්ඩ යැවීමට මෙරට ව්‍යාපාරිකයන් හට අවස්ථාව හිමි ව තිබේ. ඒ අනුව එක් ගනුදෙනුවක උපරිමය අමෙරිකානු ඩොලර්. 3000 ක් වටිනා භාණ්ඩ, අනුමත ව්‍යාපාරික ක්‍රමවේදය අනුව යැවීම සඳහා මෙරට ව්‍යාපාරිකයන් හට අවස්ථාව හිමිවන බව මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ ය. විදෙස් පුවත් 6. ඛෂෝගි ඝාතනය ගැන සෞදිය දැන් කියන කතාව: පසුගිය සතියේ තුර්කි කොන්සල් කාර්යාලයට ඇතුළු වීමෙන් පසු අතුරුදන් වූ සෞදි මාධ්‍යවේදීයා සම්බන්ධයෙන් කිසිවක් නොදන්නා බව පැවසූ සෞදි අරාබිය තුර්කි කොන්සල් කාර්යාලයේදී ජමාල් ඛෂෝගි ඝාතනයට ලක් වූ බව පිළිගෙන තිබේ. සෞදි අරාබිය පවසන්නේ, තුර්කියේ සෞදි අරාබි කොන්සල් කාර්යාලයේදී මාධ්‍යවේදී ජමාල් ඛෂෝගි ඝාතනය තමන් අතින් සිදුවූ බරපතළ අත්වැරදීමක් බවයි. ක්‍රීඩා පුවත් 7. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මූල්‍ය අංශ ප්‍රධානියා CID අත්අඩංගුවට: ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මූල්‍ය අංශ ප්‍රධානියා ලෙස කටයුතු කළ පියල් නන්දන දිසානායක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ. දකුණු අප්‍රිකානු තරග සංචාරයට අදාළව රූපවාහිනි විකාශන අයිතිය වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට හිමිවිය යුතු රුපියල් කෝටි 3 කට ආසන්න මුදලක් පෞද්ගලික ගිණුමකට බැර කිරීම සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගෙන ඇත. |
2018-10-22T10:54:25.000Z | විනිසුරු ඉලංචේලියන්ගෙන් තව ත් තීරණාත්මක නඩු තීන්දුවක් | විනිසුරු ඉලංචේලියන්ගෙන් තීරණාත්මක නඩු තීන්දුවක් | COLOMBO (News 1st) - ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ජල සම්පාදන මණ්ඩලයට අයත් රුපියල් එක්කෝටි හැත්තෑ හතර ලක්ෂයක් සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාවට වරදකරු වූ ගණකාධිකාරිවරයාට ත්‍රිකුණාමලය මහාධිකරණය අද අවුරුදු 10 ක බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කර තිබේ. ඒ, මෙම නඩුව අද මහාධිකරණ විනිසුරු එම්. ඉලංචේලියන් මහතා හමුවේ විභාගයට ගත් අවස්ථාවේදීයි. සාවද්‍ය පරිහරණයට ලක්කළ රුපියල් එක්කෝටි හැත්තෑ හතර ලක්ෂයක් වන මුදල මෙන් තෙගුණයක්, එනම් රුපියල් පන්කෝටි විසි දෙලක්ෂයක මුදලක් විත්තිකරුගෙන් නැවත ලබා ගැනීමට කටයුතු කරන්නැයි අධිකරණය මෙහිදී නියෝග කළේ ය. මෙම මුදල ගෙවීමට අපොහොසත් වුවහොත් තව ත් අවුරුදු 10 ක බරපතළ වැඩසහිත සිරදඬුවමකට විත්තිකරුට යටත්වීමට සිදුවන බව ද අද දින ප්‍රකාශයට පත් කළ තීන්දුවේ සඳහන් වේ. අවුරුදු 14 ක දීර්ඝ විභායකින් අනතුරුව අද මෙම නඩු තීන්දුව ප්‍රකාශයට පත් කර ඇත. රාජ්‍ය මුදල් අවභාවිතය සඳහා ගණකාධිකාරිවරයා චෙක්පත් 6 ක් භාවිතා කර ඇති බවත් ඉන් චෙක්පත් 5 ක් ඔහු තම බිරිඳගේ බැංකු ගිණුමකට බැර කර ඇති බවත් අධිකරණය හමුවේ ඔප්පු විණි. තව ත් චෙක්පතක් ඔහු විසින්ම අත්සන් තබා ත්‍රිකුණාමලයේ බැංකු ශාඛාවකින් මුදල් කර තීබිමත්, මෙම නඩු විභාගයේදී සාධාරණ සැකයකින් තොරව සනාථ විය. විත්තිකරු විසින් ලබාදිය යුතු පන්කෝටි විසිදෙලක්ෂයක් වූ මුදල යළි ලබා ගැනීම සඳහා ඔහුගේ චංචල සහ නිෂ්චල දේපල, ඉඩම්, රන් ආභරණ සහ මෙම නඩුව ගොනු කිරීමෙන් අනතුරුව ඔහුගේ දරුවන් වෙත පවරා දී තිබෙන සියලු ඉඩම් වහා අත්පත් කරගෙන ප්‍රසිද්ධ වෙන්දේසියේ විකිණීමට කටයුතු කරන්නැයි විනිසුරු එම්. ඉලංචේලියන් ලබා දුන් තීන්දුවේ සඳහන් වේ. මහජනතාවගේ බදු මුදල් අපහරණය කරන රාජ්‍ය නිලධාරීන්ට මෙම නඩුවේ තීන්දුව ආදර්ශයක් වනු ඇති බව විනිසුරුවරයා සිය තීන්දුවේ සඳහන් කර ඇත. |
2018-10-22T08:58:43.000Z | ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මූල්‍ය අංශ ප්‍රධානියා CID අත්අඩංගුවට | ක්‍රිකට් ආයතනයේ මූල්‍ය අංශ ප්‍රධානියා අත්අඩංගුවට | COLOMBO (News 1st) - ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මූල්‍ය අංශ ප්‍රධානියා ලෙස කටයුතු කළ පියල් නන්දන දිසානායක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අද පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ. දකුණු අප්‍රිකානු තරග සංචාරයට අදාළව රූපවාහිනි විකාශන අයිතිය වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට හිමිවිය යුතු රුපියල් කෝටි 3 කට ආසන්න මුදලක් පෞද්ගලික ගිණුමකට බැර කිරීම සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගෙන තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එංගලන්ත තරග සංචාරයේ විකාශන අයිතිය වෙනුවෙන් හිමිවිය යුතු මුදලේ පළමු වාරිකය පෞද්ගලික ගිණුමකට බැර කිරීමට ගත් උත්සහයක් අනාවරණයවීමෙන් පසු මෙලෙස දකුණු අප්‍රිකානු තරගාවලියේ ද මුදල් පෞද්ගලික ගිණුමකට බැරවී ඇති බවට තොරතුරු අනාවරණ විය. පියල් නන්දන දිසානායක මහතා හෙට අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත වේ. |
2018-10-22T10:18:50.000Z | අඟුණකොළපැලැස්ස රැඳවියන්ගේ විරෝධතාව අවසන් | අඟුණකොළපැලැස්ස රැඳවියන්ගේ විරෝධතාව අවසන් | COLOMBO (News 1st) - අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් ආරම්භකර තිබූ විරෝධතාව අද දහවල් අවසන් විය. ඒ, රැඳවියන් සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අතර පැවති සාකච්ජාවකින් අනතුරුවයි. පොලිස් විශේෂ කාර්ය බලකා සෝදිසි කිරීම්වලට විරෝධය පළ කරමින් අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් කුළුණක් මත නැගී ඊයේ උදෑසන සිට අද දහවල් දක්වා විරෝධතාවක නිරත විය. මෙම විරෝධතාව සම්බන්ධයෙන් සොයා බැලීමට බන්ධනාගාරයේ බුද්ධි අංශ නිලධාරීන් 45 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ඊයේ යොමු කළ අතර අද උදෑසන විරෝධතාකරුවන් සහ නිලධාරීන් අතර සාකච්ඡා පැවැත් විණි. මේ අතර රජය ගත් ප්‍රතිපත්තිමය තීරණයක් අනුව පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්, වැලිකඩ බන්ධනාගරය නව මැගසින් බන්ධනාගරය හා වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරය යන බන්ධනාගාරවල ආරක්ෂාව සඳහා ඉදිරියේදී යෙදවීමට කටයුතු යොදා තිබේ. |
2018-10-22T11:33:48.000Z | හයට් සහ හිල්ටන් විකිණීම ගැන මුදල් අමාත්‍යාංශය නිවේදනයක් | හයට් සහ හිල්ටන් ගැන මුදල් අමාත්‍යාංශය නිවේදනයක් | COLOMBO (News 1st) - හයට් සහ හිල්ටන් හෝටල්වල පවරාදීමේ ක්‍රියාවලියේදී විනිවිද භාවයෙන් යුත් ක්‍රමවේදයක් අනුගමනය කරන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. එහෙත් මේ ක්‍රියාවළිය තවදුරටත් ප්‍රශ්න සහගතයි. පසුගිය බ්‍රහස්පතින්දා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය පුවත්පත් දැන්වීමක් පළ කරමින් දැනුම් දුන්නේ, කොළඹ හිල්ටන් සහ හයට් හෝටල් සඳහා ආයෝජකයින්ට අවස්ථාව සලසා දී ඇති බවයි. ඒ සඳහා කැමැත්ත ප්‍රකාශ කිරීමේ ලියවිලි ඔක්තෝබර් 31 වන දිනට පෙර යොමු කරන ලෙස එම දැන්වීමේ සඳහන් වී තිබුණි. නිව්ස්ෆස්ට් මෙහිදී ප්‍රශ්න කිහිපයක් මතුකළ අතර නිවාඩු දිනයන් හැර අදාළ ලිපි ඉදිරිපත් කිරීමට ආයෝජකයින්ට ලබාදී තිබුනේ දින 9 ක් පමණයි. වැඩ කරන දින 9 ක් තුළ ආයෝජකයෙකුට කැමැත්ත පළ කිරීමේ ලියවිල්ලක් ඉදිරිපත් කළ හැකිදැයි ප්‍රශ්න කරමින් අප විමසා සිටියේ කිසියම් අයෙකු දැනටමත් තෝරාගෙන ආදළ ව්‍යාපෘති දෙක පැවරීමේ උත්සාහයක් ඇතැම්විට ක්‍රියාත්මක වනවා විය හැකි බවයි. අද මුදල් හා ජනමාධය අමාත්‍යාංශය මේ සම්බන්ධයෙන් දීර්ඝ පැහැදිලි කිරීමක් කරමින් නිවේදනයක් නිකුත් කර ඇත. එහි සඳහන් වන්නේ කැමැත්ත ප්‍රකාශ කිරීමේ ලියවිල්ලෙන් අදාළ ආයෝකයාගේ ව්‍යාපාර, මූල්‍ය ශක්තිය මිලදී ගැනීමට කැමති හෝටලය හා එහි වත්කම් ගැන දැන්විය යුතු බවයි. පසුව තනි පිටුවේ ඉල්ලුම් පත්‍රයක් ඔවුන්වෙත යොමු කරන බවත් එම ඉල්ලුම් පත්‍රය ලැබීමෙන් පසුව රහස්‍ය නොවන තොරතුරු සපයන බවත් මුදල් අමාත්‍යාංශය පවසයි. අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ කැමැත්ත ප්‍රකාශ කිරීමේ ලිපියේ මුදලින් ලංසු තැබීමක් අවශ්‍ය නොවන බවයි. හිල්ටන් හා හයට් හෝටල් කළමනාකරණ සමාගම්වල කළමනාකරණ ගිවිසුම්වල රහස්‍යතා වගන්ති ඇති නිසා මේ අයුරින් ක්‍රියාකරන බව ද එහි සඳහන් විය. මේ නිසා කැමැත්ත ප්‍රකාශ කරන පාර්ශව ලැයිස්තුගත කර සංවේදී තොරතුරු හා රහස්‍යභාවය හෙළිනොකරන බවට ගිවිසුමකට අත්සන් කිරීමෙන් පසු පිටු 100 ක විස්තරාත්මක මූල්‍ය තොරතුරු හා අනෙකුත් විස්තර ලබාදෙන බව මුදල් අමාත්‍යාංශය පවසයි. මේ අනුව ආයෝජකයින්ට මූල්‍ය ලංසු හා විස්තරාත්මක කොන්දේසි සකස්කර ගැනීමට ප්‍රමාණවත් කාලයක් ලබාදී ඇති බව අමාත්‍යාංශයේ මතයයි. අමාත්‍යාංශය කෙසේ පැහැදිලි කළත් ප්‍රායෝගිකව මේ කරුණු ක්‍රියාත්මක වෙයි ද? ඊට අතීත උදාහරණ ඕනෑ තරම් තිබේ. මධ්‍යම අධිවේගී මාර්ගයේ තෙවන අදියර සඳහා තරගකාරී ලංසු කැඳවීම වෙනුවට තෝරාගත් ජපාන සමාගමකට කොන්ත්‍රාත්තුව ලබාදීම. චීන සමාගමක් සමගම තරගකාරී අවස්ථාවක් තිබියදීත් හම්බන්තොට වරාය චීන සමාගමකට පැවරීමේ ගිවිසුම. කෙරවලපිටිය ද්‍රව වායු බලාගාරය ඉදිකිරීමේ කොන්ත්‍රාතුව තවමත් පිරිනැමීමට නොහැකිවීම. වොක්ස්වැගන් කම්හල හා හොරණ ටයර් කම්හල ද ජනතාවට එකක් කියා වෙනම දෙයක් ක්‍රියාත්මක කළ තව ත් කදිම අවස්ථා දෙකක්. මෙවැනි උදාහරණ ඕනෑ තරම් පසුගිය වසර 3 ක කාලය තුළ ජනතාව අත්විඳ තිබේ. මේ නිසා හයට් හා හිල්ටන් හෝටල් ව්‍යාපෘතිය පිළිබඳව ද රටේ ජනතාව අවධියෙන්. හයට් ව්‍යාපෘතිය හරහා දැනටමත් මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේ ඔහුගේ කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් ඇතුලු කණ්ඩායම සේවක අර්ථ සාධක අරමුදල ඇතුලු ජනතා මුදල් මිලියන 500 කට වඩා අහිමි කර ඇත. ඊට අදාළව දැන් නඩුවක් ද විභාගවෙමින් ඇති පසුබිමක මේවා ගැන රටේ ජනතාව දැඩි අවධානයකින් සිටින බව අප යළි යළි ත් සිහිපත් කරන්නෙමු. |
2018-10-22T10:14:53.000Z | නැගෙනහිර බහලුම් පර්යන්තයට සිදු වන්නේ කුමක් ද? | නැගෙනහිර බහලුම් පර්යන්තයට සිදු වන්නේ කුමක් ද? | COLOMBO (News 1st) - කොළඹ වරාය නැගෙනහිර බහලුම් පර්යන්තය පිළිබඳව මේ වනවිට විවාදාත්මක තත්ත්වයක් නිර්මාණය වී තිබේ. අද වරාය සේවක වෘත්තිය සමිති කියා සිටියේ, මෙම පර්යන්තය විදේශයකට පැවරීමට තමන් කිසිසේත්ම එකඟ නොවන බවයි. කොළඹ වරාය, බහලුම් පර්යන්ත 3 කින් සමන්විතවේ. ජයබහලුම් පර්යන්තය රජය සතුවන අතර සවුත් ඒෂියා ගේට්වේ පර්යන්තය පෞද්ගලික අංශයත්, CICT පර්යන්තය රාජ්‍ය, පෞද්ගලික හවුල් ව්‍යාපාරයක් ලෙසත් ක්‍රියාත්මක වේ. කොළඹ දකුණ වරාය සංවර්ධන ව්‍යාපෘතිය යටතේ චීන, ශ්‍රී ලංකා හවුල් ව්‍යාපාරයක් ලෙස CICT පර්යන්තය ඉදිකළ අතර එම පර්යන්තය දෙපස නැගෙනහිර හා බටහිර පර්යන්ත සඳහා වෙන්කර ඇත. නැගෙනහිර පර්යන්තයේ දැනටමත් ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් රාජ්‍ය බැංකුවකින් ලබාගත් ඩොලර් මිලියන 80 ක මුදලක් වැය කර මීටර 440 ක ජැටිය ඇතුලු බොහෝ කොටස් ඉදිකර අවසන් ය. බටහිර පර්යන්තය සඳහා තවමත් සිදුකර ඇත්තේ ඉඩ වෙන්කිරීම පමණි. අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉන්දීය සංචාරයට දින කිහිපයක් තිබියදී ද හින්දු පුවත්පත වාර්තා කළේ, කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා හා අගමැතිවරයා අතර කැබිනට් රැස්වීමේදී උණුසුම් සංවාදයක් ඇති වූ බවයි. ඉන්දියාව මෙම බහලුම් පර්යන්තයේ කුමන හෝ සංවර්ධන කාර්යයක් ක්‍රියාත්මක කිරීමට සම්බන්ධවීම පිළිබඳව ජනාධිපතිතුමා විරුද්ධ වූ බව හින්දු වාර්තාවේ සඳහන් විය. නමුත් මෙම ව්‍යාපෘතිය ඉන්දියාව සමග සිදු කරන බවට නවදිල්ලියට පොරොන්දුවී ඇතැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසූ බව ද හින්දු පුවත්පත වාර්තා කර තිබුණි. හින්දු පුවත්පතේ සඳහන් වන අගමැතිවරයා පැවසූ පොරොන්දුව කුමක් ද යන්න ගැටලුවකි. පසුගිය සති අන්තයේ අගමැතිවරයාගේ ඉන්දීය සංචාරය අවසානයේ අගමැති කාර්යාලය හා ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසුවේ, 2017 අත්සන් කළ අවබෝධතා ගිවිසුමට අනුකූලව හවුල් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ ප්‍රමාදය ගැන ඉන්දීය අගමැතිවරයා කනස්සල්ලට පත් ව සිටින බවයි. නමුත් 2017 අප්‍රේල් 26 වන දා අත්සන් කළ මේ ගිවිසුමේ කිසිදු ස්ථානයක කොළඹ වරාය නැගෙනහිර පර්යන්තයක් ගැන සඳහන් වන්නේ නැත. ගිවිසුමේ 9 වන වගන්තියේ දැක්වෙන්නේ ඉන්දියාවේ ප්‍රතිනැව්ගත කිරීම් බහුතරය කොළඹ වරාය හරහා සිදුවන බැවින් ඉන්දීය ආයෝජන ඇතුළත් ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස කොළඹ වරායේ බහලුම් පර්යන්තයක් ඉදිකළ යුතු බවයි. නැගෙනහිර පර්යන්තය මේ සඳහා යොදා ගන්නා බවට නිශ්චිත සඳහන් මේ ගිවිසුමේ දක්නට නැත. මලික් සමරවික්‍රම අමාත්‍යවරයා සහ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය සුෂ්මා ස්වරාජ් මහත්මිය අතර මේ ගිවිසුම අත්සන් කිරීමට පෙර මෙරට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ඒ සඳහා ලබාගත් ආකාරය ද ප්‍රශ්නගත යි. ගිවිසුම අත්සන් කිරීමට පෙර දිනයේ ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවකින් එය අත්සන් කිරීමට අනුමැතිය ලබාගෙන තිබුණි. නමුත් කැබිනට් මණ්ඩලය එම අනුමැතිය ලබාදී තිබුනේ අවබෝධතා ගිවිසුමේ සඳහන් ව්‍යාපෘති සම්බන්ධයෙන් නිශ්චිත ගිවිසුම් අත්සන් කිරීමට පෙර විෂයයට අදාළ අමාත්‍යාංශ වෙන වෙනම කැබිනට් පත්‍රිකා ඉදිරිපත් කර අනුමැතිය ලබාගන්නා පදනම මතයි. ඉන්දීය සංචාරයෙන් පසුව අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ කළ පැහැදිලි කිරීමේදී ද මේ බව අවධාරණය කළේ ය. දැන් වරාය විෂයය භාර අමාත්‍යවරයා ජනාධිපතිතුමා ප්‍රධානත්වය දරන ජාතික ආර්ථික සභාවේ ද අනුමැතිය මත කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබේ. එහි ඉතා පැහැදිලිව සඳහන් වන්නේ නැගෙනහිර පර්යන්තය කලාපයේ ඇති ගැඹුරුතම වරායක් බැවින් මහා පරිමාණ බහලුම් නැව් මෙහෙයුම් පුලුල් කිරීම සඳහා එය අත්‍යවශ්‍ය බැවින් වරාය අධිකාරිය මුදල ආයෝජනය කර ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන බවයි. ජනාධිති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය දා නේපාලයේදී ඉන්දීය අගමැතිවරයා හමු වූ අවස්ථාවේදී ද මේ බව දැනුම්දී තිබේ. ජනාධිපතිතුමා එහිදී පවසා ඇත්තේ, බටහිර පර්යන්තය සම්බන්ධ ව්‍යාපෘතියකට ඉන්දියාව සම්බන්ධවීමේ කිසිදු ගැටලුවක් නොමැති බවයි. එසේනම් ද හින්දු පුවත්පත වාර්ත කර තිබූ පරිදි අගමැතිවරයා නවදිල්ලියට නැගෙනහිර පර්යන්තය පිළිබඳව එකඟවී ඇත්තේ කුමක් ද? එම එකඟතාව සඳහන්ව ඇත්තේ කුමන ලියවිල්ලක ද? ආණ්ඩුව එකඟනොවූ කිසිදු ලියවිල්ලක සඳහන් නොවූ කරුණක් ඉටු කිරීමට මෙතරම් උනන්දු වන්නේ ඇයි ? |
2018-10-22T06:57:38.000Z | උතුරු - නැගෙනහිර ඉඩම්වල අයිතිය මුල් හිමිකරුවන්ට ලබා දෙන්නැයි ජනපතිගෙන් උපදෙස් | උතුරු - නැගෙනහිර ඉඩම් මුල් හිමිකරුවන්ට ලබා දෙන්න | COLOMBO (News 1st) - වතුකරයේ ජනතාවට පළමු වරට ස්ථිර ඉඩම් ඔප්පු ලබාදීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මැදිහත්වී තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, අද පැවති සාකච්ඡාවකදී ඔවුන්ගේ ගැටලු පිළිබඳව විශේෂ අවධානයක් යොමු වූ බවයි. මේ අතර උතුරු - නැගෙනහිර ප්‍රදේශවල ආරක්ෂක අංශ සතුව පවතින ඉඩම් දෙසැම්බර් 31 වන දාට පෙර මුල් පදිංචිකරුවන් වෙත ලබාදීමට කටයුතු කරන ලෙසට ද ජනාධිපතිතුමා එම සාකච්ඡාවේදී උපදෙස් ලබා දුන්නේ ය. පළාත් ආණ්ඩුකාරවරුන්ට ජනාධිපතිතුමා අද පැවති සාකච්ඡාවේදී දැනුම් දුන්නේ දෙසැම්බර් 31 වැනි දාට පෙර එම කටයුතු අවසන් කිරීමට කටයුතු කරන ලෙසයි. |
2018-10-22T06:19:14.000Z | ලේඛන නැතිව E-COMMERCE හරහා විදෙස් පාරිභෝගියන් භාණ්ඩ යැවීමට අවස්ථාවක් | ලේඛන නැතිව E-COMMERCE හරහා භාණ්ඩ යැවීමට අවස්ථාවක් | COLOMBO (News 1st) - ශ්‍රී ලංකා රේගුව වෙත ලේඛන ඉදිරිපත් කිරීමකින් තොරව විදේශයන්හි සිටින පාරිභෝගිකයන් හට E-COMMERCE හරහා භාණ්ඩ යැවීමට මෙරට ව්‍යාපාරිකයන් හට අවස්ථාව හිමි ව තිබේ. ඒ අනුව එක් ගනුදෙනුවක උපරිමය අමෙරිකානු ඩොලර්. 3000 ක් වටිනා භාණ්ඩ, අනුමත ව්‍යාපාරික ක්‍රමවේදය අනුව යැවීම සඳහා මෙරට ව්‍යාපාරිකයන් හට අවස්ථාව හිමිවන බව මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ ය. මෙරට පාරිභෝගිකයන් හට විදේශ සමාගම් වෙතින් ඍජුවම භාණ්ඩ තම නිවෙස් වෙත ගෙන්වා ගැනීමට අවස්ථා තිබෙන නමුත් විදේශයන්හි සිටින පාරිභෝගිකයන් හට එසේ භාණ්ඩ යැවීම සඳහා මෙරට ව්‍යාපාරිකයටන්ට අවස්ථාව හිමි ව තිබුණේ නැත. ඉහළ යන ඉල්ලුම සපුරාලීම සඳහා සහ ව්‍යාපාරිකයාගේ සිට පාරිභෝගිකයා දක්වා ගනුදෙනු ඉලෙක්ට්‍රොනික ක්‍රමවේද හරහා පහසු කිරීම පිණිස මෙම නව යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීමට අදාළ විශේෂ ගැසට් නිවේදනය මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් පසුගිය දා නිකුත් කළේ ය. මෙසේ එක් වරකට උපරිමය අ.ඩො. 3000 දක්වා වටිනා භාණ්ඩ ඕනෑම ප්‍රමාණයකින් විදේශීය පාරිභෝගිකයන් වෙත යැවීමෙන් පසුව එසේ මසක් ඇතුළත එසේ යවන ලද සියලු භාණ්ඩ වෙනුවෙන් මාසය අවසානයේදී ඒ සඳහා වන රේගු ලේඛනය (CUSDEC) ශ්‍රී ලංකා රේගුව වෙත අපනයනකරුවන් විසින් ඉදිරිපත් කළ යුතු වනු ඇති. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ ලියාපදිංචි ආයතනයක් හෝ ව්‍යාපාරයක්, ශ්‍රී ලංකාවේ ලියාපදිංචි ව්‍යාපාර ආයතනයක් නැතහොත් අපනයනකරුවකු ලෙස ලියාපදිංචි වී ඇති පුද්ගලයෙකුට ව්‍යාපාරිකයාගේ සිට පාරිභෝගිකයා වෙත ඍජුව ඉලෙක්ට්‍රොනික ක්‍රමවේදය හරහා ගනුදෙනු කිරීමට ලබාදී ඇති මෙම පහසුකම භුක්ති විඳීමට අවසරය හිමිවනු ඇති. |
2018-10-22T05:02:43.000Z | රුපියලේ අගය තවදුරටත් අවප්‍රමාණය වෙයි | රුපියලේ අගය තවදුරටත් අවප්‍රමාණය වෙයි | COLOMBO (News 1st) - ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අද තව ත් වාර්තාගත ලෙස අවප්‍රමාණය වී තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ විනිමය අනුපාතිකය අනුව අද රුපියලේ අගය 173.38 ක් ලෙස දැක්විණි. මේ වසර තුළදී රුපියලේ අගය ඩොලරයට සාපේක්ෂව 11.99% කින් අවප්‍රමාණය වී ඇත. මේ මසදී පමණක් 1.66% කින් රුපියල අවප්‍රමාණය විය. |
2018-10-22T04:44:22.000Z | 20 යි 20 තරගයේ නායකත්වය තිසර පෙරේරාට | 20 යි 20 තරගයේ නායකත්වය තිසර පෙරේරාට | COLOMBO (News 1st) - එංගලන්තය සමග පැවැත් වෙන පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයට තිසර පෙරේරා පත්කර තිබේ. ශ්‍රී ලංකා - එංගලන්ත පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගය එළඹෙන 27 වැනි දා කොළඹ අර්. ප්‍රේමදාස පිටියේදී පැවැත්වීමට නියමිතය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද නිකුත් කළ ශ්‍රී ලංකා සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත් වේ. මෙම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම හිම ව ඇත්තේ තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරාටය. යොවුන් ක්‍රීඩක කමිඳු මෙන්ඩිස් ශ්‍රී ලංකා 20 යි 20 සංචිතයට කැඳවා ඇත. |
2018-10-22T00:18:59.000Z | ඛෂෝගි ඝාතනය ගැන සෞදිය දැන් කියන කතාව | ඛෂෝගි ඝාතනය ගැන සෞදිය දැන් කියන කතාව | News 1st : පසුගිය සතියේ තුර්කි කොන්සල් කාර්යාලයට ඇතුළු වීමෙන් පසු අතුරුදන් වූ සෞදි මාධ්‍යවේදීයා සම්බන්ධයෙන් කිසිවක් නොදන්නා බව පැවසූ සෞදි අරාබිය තුර්කි කොන්සල් කාර්යාලයේදී ජමාල් ඛෂෝගි ඝාතනයට ලක් වූ බව පිළිගෙන තිබේ. සෞදි අරාබිය පවසන්නේ, තුර්කියේ සෞදි අරාබි කොන්සල් කාර්යාලයේදී මාධ්‍යවේදී ජමාල් ඛෂෝගි ඝාතනය තමන් අතින් සිදුවූ බරපතළ අත්වැරදීමක් බවයි. කෙසේවෙතත් ජමාල් ඛෂෝගි ඝාතනය සම්බන්ධයෙන් සෞදි අරාබියේ ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු කිසිවක් නොදැන සිටි බව සෞදි විදේශ අමාත්‍ය ඇඩෙල් අල් ජූබියර් අවධාරණය කර සිටී. විදේශ අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා ඇත්තේ, ජමාල් ඛෂෝගී ඝාතනය, පුද්ගලයන් පිරිසක් බලධාරීන් සහ තමන් සතු වගකීම් ඉක්මවා ගොස් කළ ක්‍රියාවක් බවත් ඛෂෝගි ඝාතනය වූ අයුරු හෝ ඔහුගේ සිරුර ඇති ස්ථානයක් පිළිබඳ නොදන්නා බවත් ය. සිය තුර්කි ජාතික අනාගත සහකාරිය විවාහ කර ගැනීම සඳහා හිටපු සෞදි බිරිඳගෙන් දික්කසාද වූ බවට සහතික කෙරෙන ලේඛනයක් ලබා ගැනීම සඳහා පසුගිය 2 වනදා තුර්කියේ ඉස්තාන්බුල් නුවර පිහිටි සෞදි කොන්සල් කාර්යාලයට ඇතුළු වීමෙන් පසු ඛෂෝගි අතුරුදන් වූ අතර එහිදී තුර්කිය තරයේ කියා සිටියේ කොන්ස්ල් කාර්යාලය තුළදී ඔහු ඝාතනය කර ඇති බවයි. කෙසේ වෙතත් එම අවස්ථාවේ ඝාතන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරමින් සෞදිය පැවසුවේ, කොන්සල් කාර්යාලයට පැමිණි ඛෂෝගි ඉන් පිටව ගොස් ඇති බව ත් ඔහු සම්බන්ධයෙන් සිය රට කිසිවක් නොදන්නා බව ත් ය. කෙසේ වෙතත් තුර්කිය දිගින් දිගට ම සෞදි රජයට චෝදනා එල්ල කළ අතර බ්‍රිතාන්‍ය ප්‍රමුඛ ලොව අනෙකුත් රටවල් කෂෝගිට සිදු වූයේ කුමක් ද යන්න සම්බන්ධයෙන් පැහැදිලි පිළිතුරක් සපයන ලෙස සෞදි රජයට බලපෑම් කළේ ය. මීට දින කිහිපයකට පෙර තම බලධාරීන් අතින් ඔහු මියගිය බව සෞදි රජය පිළිගත්තේ ජාත්‍යන්තර ප්‍රජාවෙන් දැඩි බලපෑම් එල්ලවන පසුබිමකදීයි . කොන්සල් කාර්යාලය තුළදී ඔහු හමුවූ පුද්ගලයින් පිරිසක් සමග ඇතිවූ ගැටුමකින් මාධ්‍යවේදී ජමාල් කෂෝගි මියගොස් ඇති බව පැවසූ සෞදිය වැඩිදුරටත් සඳහන් කර සිටියේ, ඊට අදාළව සෞදි රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දෙදෙනකුගේ වැඩ තහනමට ලක් කර ඇති බව ත් සැකකරුවන් 18 දෙනෙකු අත්අඩංගුවට ගත් බවත් ය. ජාත්‍යන්තරයෙන් සෞදියට එල්ල වූ බලපෑම... කෙසේ වෙතත් ජමාල් ඛෂෝගි ඝාතනය සම්බන්ධයෙන් විශ්වසනීය සාක්ෂි ඉදිරිපත්කිරීමට සෞදි අරාබිය අපොහොසත්වීම, ලෝක ප්‍රජාව සහ සෞදි අරාබිය අතර පැවති සබඳතා පළුදු වීමට හේතු වූ අතර මේ වන විට කෂෝගි ඝාතනය කළ බව පිළිගැනීමත් සමග සෞදිය ලෝක ප්‍රජාවගේ දැඩි දෝශ දර්ශනයට ලක්වෙමින් පවතී. අමෙරිකාව සඳහන් කළේ, වොෂින්ටන් පෝස්ට් පුවත්පතේ මාධ්‍යවේදී ඛෂෝගී ගැටුමකදී ඝාතනය කෙරුණු බව සෞදි ආබිය පිලිගැනීම ප්‍රමාණවත් හේතුදැක්වීමක් නොවන බවයි. ජර්මනිය ,බ්‍රිතාන්‍යය සහ ප්‍රංශය ,මෙම ඝාතනය පිළිබඳ විශ්වාසනීය තොරතුරු සපයන ලෙසට සෞදි අරාබියට බලකර සිටියේ ය. ජර්මානු චාන්සලර් ඇන්ගෙලා මර්කල් සඳහන් කළේ, ජමාල් ඛෂෝගි ට අත්වූ ඉරණම පිළිබඳ පවතින අවිනිශ්චිතභාවය හමුවේ සෞදි අරාබියට ආයුධ අලෙවි කිරීමෙන් වළකින බවයි . තුර්කියේ ප්‍රතිචාරය.... මේ අතර තුර්කි බලධාරීන් සැක පළ කරන්නේ, සෞදි අරාබි කාර්යාලය තුළදී ජමාල් ඛෂෝගි ඝාතනය කර සෞදි අරාබි නියෝජිතයන් ඔහුගේ සිරුර කොටස්වලට වෙන්කර ඇති බවටයි . ඒ බව තහවුරු කරන හඬපටයක් තමන් සතු බව ද තුර්කිය සඳහන් කළේ ය. මේ අතර ජමාල් ඛශෝගිගේ තුර්කි ජාතික පෙම්වතියට දවසේ පැය 24 ම පොලිස් ආරක්ෂාව ලබාදීමට තුර්කිය පියවර ගෙන ඇති අතර ඊට හේතුව ඔවුන් මෙතෙක් හෙළිකර නොමැත. මේ අතර ජමාල් ඛෂෝගි ගේ පුතු වන සාලා අමතමින් සෞදි අරාබි රජු සහ ඔටුන්න හිමි කුමරු ඛශෝගිගේ ඝාතනය සම්බන්ධයෙන් ශෝකය පළ කර ඇති බව සෞදි මාධ්‍ය වාර්තා කර තිබේ. කවුද මේ ජමාල් ..? 59 හැවිරිදි ජමාල් ඛෂෝගි වොෂින්ටන් පුවත්පතේ විචාරාත්මක මාධ්‍යවේදියෙකු වන අතර ඔහු සෞදියේ ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු සම්බන්ධයෙන් විවේචනාත්මකව පුවත් පළ කළ මාධ්‍යවේදියෙකු මෙන් ම මානව හිමිකම් මෙන් ම කාන්තා අයිතීන් පිළිබඳ ක්‍රියාකාරිකයෙකු ද වේ. වසර කිහිපයක් සෞදියේ මාධ්‍ය ආයතන කිහිපයක සේවය කර ඇති ඔහු සෞදි රජ පවුල හා සමීපව කටයුතු කළ අයෙකි. තව ද ඔහු සෞදියේ ඉහළ පෙළේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ උපදේශකයෙකු ලෙස ද ක්‍රියා කර ඇත. පසු කාලීනව ඔහුගේ මිතුරන් කිහිප දෙනෙකු සෞදියේ අත්අඩංගුවට පත්ව ඇති අතර ඔහුගේ පුවත්පත් තීරු ලිපිය ද අවලංගු කර තිබේ. ට්විටර් ගිණුමේ අදහස් පළ කිරීම සම්බන්ධයෙන් ද ඔහුට අනතුරු ඇඟවීම් නිකුත් වී ඇත. මෙකී වටපිටාව හමුවේ ජමාල් ඛෂෝගි සි මව්බිම අතහැර අමෙරිකාවට පිටත්ව ගොස් එහිදී වොෂින්ටන් පෝස්ට් පුවත්පතේ මාධ්‍යවේදියෙකු ලෙස සේවය කිරීම අරඹා ඇත. පෙර පුවත් සඳහා පිවිසෙන්න.... *මාධ්‍යවේදී ජමාල් මියගොස් ඇති බව ට්‍රම්ප් පිළිගනී..? *බ්‍රිතාන්‍යයෙන් සෞදි අරාබියට අනතුරු ඇඟවීමක්...! *තුර්කියේ සෞදි කොන්සල් කාර්යාලයට ගිය මාධ්‍යවේදියාට මොකද වුණේ...? |
2018-10-21T23:19:23.000Z | ඌරුබොක්කේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරුට | ඌරුබොක්කේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරුට | COLOMBO (News 1st) : මාතර, ඌරුබොක්ක දම්පහල ප්‍රදේශයේ අද පෙරවරුවේ සිදුවූ වෙඩි තැබිමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, පස්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවය කරන 44 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස ඝාතනයට ලක්ව ඇති බවයි. ඔහු යතුරු පැදියක යමින් සිටියදී තවත් යතුරු පැදියක පැමිණි තුවක්කුකරුවන් ඔහුට වෙඩි තබා පලාගොස් ඇතැයි පොලීසිය සඳහන් කළේ ය. අද පෙරවරු 9.25 ට පමණ වෙඩි තැබීම සිදුව තිබේ. |
2018-10-21T22:55:25.000Z | DIG නාලක ද සිල්වා තෙවන දිනට ත් CIDය හමුවට | DIG නාලක ද සිල්වා තෙවන දිනට ත් CIDය හමුවට | COLOMBO (News 1st) : වැඩ තහනමට ලක්ව සිටින පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා අද තුන්වන දිනටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණියේ ය. ඒ, ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතනය කිරීමේ සැලැස්ම පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබා දීම සඳහායි. පසුගිය බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දෙදින ද නාලක ද සිල්වා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ, පැය 9කට අධික කාලයක් ප්‍රකාශ ලබා දුන්නේ ය. |
2018-10-21T22:45:10.000Z | රැකව මුහුදේ ගිලී විදේශිකයෙකු මරුට | රැකව මුහුදේ ගිලී විදේශිකයෙකු මරුට | COLOMBO (News 1st) : තංගල්ල, රැකව, වැලිවතුගොඩ මුහුදේ දිය නාමින් සිටි විදේශිකයෙකු දියේ ගිලී මියගොස් තිබේ. පොලීසිය පැවසුවේ, 35 හැවිරිදි ජර්මන් ජාතිකයෙකු එලෙස මියගොස් ඇති බවයි. මේ අතර මෝදර මුහුදු තීරයේ දියනෑමට ගිය පාසල් සිසුවෙකු දියේ ගිලි අතුරුදන්ව තිබේ. එලෙස අතුරුදන්ව ඇත්තේ, මෝදර ප්‍රදේශයේ පදිංචි 15 හැවිරිදි සිසුවෙකි. |
2018-10-21T21:38:02.000Z | සම්බා හා නාඩු සහල් මිල පහළට | සම්බා හා නාඩු සහල් මිල පහළට | COLOMBO (News 1st) : සුපිරි සම්බා ඇතුළු සියලුම සම්බා හා නාඩු සහල් මිල පහත දැමීමට ජීවන වියදම් කමිටුව පියවර ගෙන තිබේ. හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනයේ අලෙවි ආහාර ප්‍රතිපත්ති හා කෘෂි ව්‍යාපාර අංශයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂණ නිලධාරී, කෘෂි ආර්ථික විශ්ලේෂක දුමින්ද ප්‍රියදර්ශන මහතා පැවසුවේ, නව මිල යටතේ සම්බා සහල් කිලෝග්‍රෑමයක් 108 ක් වන අතර නාඩු සහල් කිලෝග්‍රෑමයක් රුපියල් 88 ක් ද වන බවයි. කුඩා හා මධ්‍ය පරිමාණයේ සහල් මෝල් හිමියන්ගේ එකඟතාව ඒ සඳහා ලැබී ඇතැයි ද ඔහු පැවසී ය. ජෙෂ්‍ය්ඨ පර්යේෂණ නිලධාරි, කෘෂි ආර්ථික විශ්ලේෂක දුමින්ද ප්‍රියදර්ශන මහතා පැවසුවේ සුපිරි සම්බා කිලෝග්‍රෑම් 10 ක පැකට්ටුවක් රුපියල් 1080 ක් වන බවයි. ජනවාරි මාසයෙන් පසු මෙම සහල් මිල ගණන් තවදුරටත් පහළ යනු ඇතැයි ද ඔහු පැවසී ය. |
2018-10-21T21:13:10.000Z | මාලි සාම සාධක රාජකාරියේ නිරත ශ්‍රී ලාංකික අණදෙන නිලධාරියා වෙනුවෙන් අභියාචනයක් | මාලි සාම සාධක අණදෙන නිලධාරියා වෙනුවෙන් අභියාචනයක් | COLOMBO (News 1st) : මාලි රාජ්‍යයේ සාම සාධක රාජකාරියේ නිරත ශ්‍රී ලාංකික අණ දෙන නිලධාරියා සම්බන්ධයෙන් අභියාචනයක් ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇතැයි ශ්‍රී ලංකා යුද හමුදාව පවසයි. එහි මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා සඳහන් කළේ, ඔහුගේ නිර්දෝෂි ඔප්පු කිරීම සඳහා එම අභියාචනය ඉදිරිපත් කරන බවයි. මානව හිමිකම් උල්ලඝණය වීමේ පසුබිම මත එම නිලධාරියා දිවයිනට ගෙන්වා ගන්නැයි, එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙරට රජයට දැනුම් දී ඇතැයි යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය. බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා පැවසුවේ, එම ඉල්ලීම පරිදි එම නිලධාරියා ගෙන්වා ගැනීමට කටයුතු සිදු කරන අතරම එම නිලධාරියා මානව හිමිකම් කඩකිරීම් සිදුකර නොමැති බවට අභියාචනය හරහා දැනුම් දෙන බවයි. පසුගිය වසරේ 12 වැනි මස 24 වන දින මාලි රාජයේ සාම සාධක රාජකාරිය සඳහා එම අණ දෙන නිලධාරියා ඇතුළු 200 දෙනෙකුගෙන් යුත් පිරිස දිවයිනෙන් පිටව ගිය ගොස් තිබේ. එම පිරිස එළැඹෙන දෙසැම්බර් 24 වන දා දිවයිනට පැමිණිමටත් නියමිතව තිබු බව ද මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය. |
2018-10-21T20:59:36.000Z | ගෙවුණු දවස උණුසුම් කළ පුවත්… | ගෙවුණු දවස උණුසුම් කළ පුවත්… | දේශීය පුවත්... 1. විශේෂ පොලිස් මෙහෙයුමකින් සැකකරුවන් 3560ක් අත්අඩංගුවට : දිවයින පුරා ක්‍රියාත්මක කළ විශේෂ මෙහෙයුමකින් වරෙන්තුකරුවන් 1124 දෙනෙකු ඇතුළු සැකකරුවන් 3560 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. 2. කොස්ගොඩ සුජීගේ සගයෙක් සියඹලාණ්ඩුවේදී අත්අඩංගුවට : සියඹලාණ්ඩුව ප්‍රදේශයේ කළ වැටලීමකින් ටී 56 උණ්ඩ 3000ක් ඇතුළු උණ්ඩ තොගයක් සමග සංවිධානාත්මක අපරාධ ක්‍රියාවලට සම්බන්ධ සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. 3. අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් කුළුණක් මතට නැග විරෝධතාවක : පොලිස් කාර්ය බලකා සෝදිසි කිරීම්වලට විරෝධය පළ කරමින් අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් කුළුණක් මත නැගී විරෝධතාවයක නිරත වෙති. 4. ගල්ගමුවේ හා පලුගස්වැවදී දුම්රියක ගැටී සද්දන්තයින් දෙදෙනෙකු මරුට: දුම්රියක් පීලි පැනීම හේතුවෙන් මඩකලපුව මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් පවතින බව පාලක මැදිරිය පවසයි. 5. ඉන්දීය සංචාරය නිම කරමින් අගමැති යළි දිවයිනට : ඉන්දියාවේ සංචාරයක නිරත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු දූත පිරිස ඊයේ රාත්‍රියේ දිවයිනට ළඟා විය. විදෙස් පුවත් ...... 1. ජනපති ට්‍රම්ප් රුසියානු න්‍යෂ්ටික ගිවිසුමෙන් ඉවත්වීමට සැරසෙයි : රුසියාව සමග ක්‍රියාත්මක එළඹ සිටින න්‍යෂ්ටික අවි ගිවිසුමෙන් සිය රට ඉවත් වන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. |
2018-10-21T20:23:07.000Z | මහව, මොරගොල්ලාගමදී දුම්රියක් පීලි පනී | මහව, මොරගොල්ලාගමදී දුම්රියක් පීලි පනී | COLOMBO (News 1st) : මහව, මොරගොල්ලාගම ප්‍රදේශයේදී දුම්රියක් පිලීපැනීමට ලක්ව තිබේ. දුම්රිය පාලක මැදිරිය පැවසුවේ, මඩකළපවු - කොළඹ බලා ධාවනයවූ දුම්රියක් අද අලුයම එලෙස පීලිපැනීමට ලක්ව ඇති බවයි. එම දුම්රියේ ගමන් ගත් මගීන්ව මහව දුම්රිය ස්ථානයට ගෙන ඒම සඳහා කටයුතු කරමින් ඇතැයි ද දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ ය. |
2018-10-21T19:20:55.000Z | අගුණකොළපැලැස්ස රැඳවියන්ගේ විරෝධතාව තවදුරටත් | අගුණකොළපැලැස්ස රැඳවියන්ගේ විරෝධතාව තවදුරටත් | COLOMBO (News 1st) : අගුණකොළපැලැස්ස බන්ධනාගාර රැඳවියන් පිරිසක් ආරම්භ කළ විරෝධතාව මේ වන විටත් ක්‍රියාත්මක වේ. බන්ධනාගාර අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පැවසුවේ විරෝධතාවට මේ වන විට 50 දෙනෙකු පමණ එක්ව සිටින බවයි. පොලිස් කාර්ය බලකා සෝදිසි කිරීම්වලට විරෝධය පළ කරමින් අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියෝ පිරිසක් කුළුණක් මත නැගී ඊයේ උදෑසන සිට විරෝධතාවයක නිරතව සිටිති. බන්ධනාගාර අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පැවසුවේ, එම විරෝධතාව සම්බන්ධයෙන් සොයා බැලීමට බන්ධනාගාරයේ බුද්ධි අංශ නිලධාරීන් 45 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් යොමු කර ඇති බවයි. පසුගිය 17 වන දා සිට අගුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ බාහිර ආරක්ෂව සඳහා පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් යෙදවී ය. වැලිකඩ බන්ධනාගරය නව මැගසින් බන්ධනාගරය හා වැළිකඩ රිමාන්ඩ් බන්ධනාගාරයට ඉදිරියේදී පොලිස් විශේෂ කාර්ය බලකා ආරක්ෂව ලබා දීමට නියමිතයි. |
2018-10-21T09:54:08.000Z | කොස්ගොඩ සුජීගේ සගයෙක් සියඹලාණ්ඩුවේදී අත්අඩංගුවට | කොස්ගොඩ සුජීගේ සගයෙක් සියඹලාණ්ඩුවේදී අත්අඩංගුවට | COLOMBO (News 1st) : සියඹලාණ්ඩුව ප්‍රදේශයේ කළ වැටලීමකින් ටී 56 උණ්ඩ 3000ක් ඇතුළු උණ්ඩ තොගයක් සමග සංවිධානාත්මක අපරාධ ක්‍රියාවලට සම්බන්ධ සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කොස්ගොඩ සුජීගේ ප්‍රධාන පෙළේ සහයකයෙකු ද සැකකරුවන් අතර වන බවයි. ඔවුන් සන්තකයේ තිබි 9 mm වර්ගයේ පතොරෙම් 32 ක්, සුඛෝපභෝගී වෑන් රථයක් ද පොලීසිය භාරයට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර ලද්දුව රොෂාන් නමැති හිටපු නාවික හමුදා සමාජිකයෙකු ද සිටින බව පොලීසිය පවසයි. පොලීසිය පැවසුවේ, අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර කාන්තාවන් දෙදෙනෙකු ද වන බවයි. අත්අඩංගුවට ගත් පිරිස ගාල්ල හික්කඩුව ප්‍රදේශයේ පදිංචිකරුවන් ය. උණ්ඩ තොගය වෑන් රථයකින් ගාල්ල ප්‍රදේශයට ප්‍රවාහනය කරමින් තිබියදී පොලිසිය භාරයට ගෙන තිබේ. ලද තොරතුරක් මත සියඹලාණ්ඩුව පොලිස් ස්ථානාධිපති ප්‍රියන්ත බණ්ඩාර මහතාගේ මෙහෙයවීම යටතේ වැටලීම ක්‍රියාත්මක කෙරිණ. සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතයි. |
2018-10-21T07:29:23.000Z | විශේෂ පොලිස් මෙහෙයුමකින් සැකකරුවන් 3560ක් අත්අඩංගුවට | පොලිස් මෙහෙයුමකින් සැකකරුවන් 3560ක් අත්අඩංගුවට | COLOMBO (News 1st) : දිවයින පුරා ක්‍රියාත්මක කළ විශේෂ මෙහෙයුමකින් වරෙන්තුකරුවන් 1124 දෙනෙකු ඇතුළු සැකකරුවන් 3560 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, පොලිස්පතිවරයාගේ නියෝග මත අද අලුයම 3 සිට 7 දක්වා එම මෙහෙයුම ක්‍රියාත්මක කළ බවයි. මෙහිදී බීමත් රියැදුරන් 468 දෙනෙකු, විවිධ අපරාධ සම්බන්ධයෙන් සැකකරුවන් 920 කු, මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් සැකකරුවන් 992 දෙනෙකු , වෙනත් දූෂණ ක්‍රියා සම්බන්ධයෙන් 53 දෙනෙකු සහ ජීව අත්බෝම්බයක් සහ ගිනිඅවි 2ක් සමග සැකකරුවන් තිදෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබේ. රථවාහන වැරදි සම්බන්ධයෙන් රියැදුරන් 6020 එරෙහිව නඩු පවරා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය. 2018 වසරේදී පොලිස්පතිවරයාගේ නියෝග මත මෙවැනි වැටලීම් 13ක් ක්‍රියාත්මක කර ඇති අතර එහිදී අත්අඩංගුවට ගෙන ඇති වරෙන්තුකරුවන් සංඛ්‍යාව 12099කි. එම මෙහෙයුම්වලදී සැකකරුවන් 36255 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය. ඔහු පැවසුවේ, අදාළ මෙහෙයුම්වලදී රථ වාහන වැරදි සම්බන්ධයෙන් රියදුරන් 64143 දෙනෙකුට එරෙහිව නඩු පවරා ඇති බවයි. |
2018-10-21T07:01:06.000Z | ජනපති ට්‍රම්ප් රුසියානු න්‍යෂ්ටික ගිවිසුමෙන් ඉවත්වීමට සැරසෙයි | අමෙරිකාව රුසියානු න්‍යෂ්ටික ගිවිසුමෙන් ඉවත් වෙයි? | News 1st : රුසියාව සමග ක්‍රියාත්මක එළඹ සිටින න්‍යෂ්ටික අවි ගිවිසුමෙන් සිය රට ඉවත් වන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. මාධ්‍ය අමතමින් ජනාධිපතිවරයා චෝදනා කර ඇත්තේ, 1987 වසරේ එළැඹි මධ්‍ය පරිමාණ න්‍යෂ්ටික බලගැන්වීමේ ගිවිසුම රුසියාව කිහිප වරක් උල්ලංඝණය කර ඇති බවයි. අදාළ ගිවිසුම අනුව කිලෝමීටර් 500 - 5,500 පරාසයේ මධ්‍ය පරිමාණ මිසයිල අත්හදා බැලීම තහනම් වී තිබිණ. අමෙරිකානු ජනාධිපතිවරයා නවාඩා ප්‍රාන්තයේ පැවති රැළියක් අතර තුර පවසා ඇත්තේ, රුසියාව වසර කිහිපයක සිට අදාළ න්‍යෂ්ටික ගිවිසුම උල්ලංඝණය කරමින් සිටින බවයි. අමෙරිකාව අවධාරණය කරන්නේ ගිවිසුම උල්ලංඝණය කරමින් රුසියාව මධ්‍ය පරිමාණයේ Novator 9M729 හැදින්වෙන මිසයිලයක් දියුණු කර ඇති බවයි. එය භාවිත කරමින් ඉතා සුළු දැනුම්දීමකින් රුසියාවට නේටෝ සංවිධානයේ රටකට න්‍යෂ්ටික ප්‍රහාරයක් එල්ල කිරීමේ හැකියාව පවතී. මේ අතර හිටපු ජනාධිපති බැරක් ඔබාමා, රුසියාව මෙම න්‍යෂ්ටික සම්මුතිය උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා නොකිරීමට හෝ ඉන් ඉවත් වීමටට ක්‍රියා නොකළේ මන්දැයි, තමා නොදන්නා බව ද ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත. කෙසේ වෙතත් 2014 වසරේදී අදාළ න්‍යෂ්ටික සම්මුතිය උල්ලංඝණය කරමින් රුසියාව මිසයිලයක් අත්හදා බැලූ බවට බැරක් ඔබාමා ද රුසියාවට චෝදනා කළේ ය. එහෙත් ඔබාමා එම අවස්ථාවේදී ගිවිසුමෙන් ඉවත් වීමට ක්‍රියා නොකළේ, එසේ ගිවිසුමෙන් ඉවත් වුවහොත් ඉන් යළිත් වරක් අවි තරගයක් ඇති වීමට ඉඩ ඇති බවට යුරෝපා සංගමයේ නායකයින් කළ බලපෑම් හමුවේයි. 1987දී අමෙරිකාව හා සෝවියට් සංගමය විසින් අත්සන් කරන ලද අවිආයුධ පාලනය කිරීමේ ගිවිසුමට අනුව න්‍යෂ්ටික හා න්‍යෂ්ටික නොවන කෙටි හා මධ්‍ය පරිමාණයේ මිසයිල අත්හදා බැලීම තහනම් කෙරිණ. කෙසේ වෙතත් අමෙරිකානු ජනාධිපතිවරයා සම්මුතියෙන් ඉවත් වීමට ගෙන ඇති තීරණයත් සමග සම්මුතිය තුළින් න්‍යෂ්ටික අවි පාලනය සඳහා පැවති සුවිශේෂි පසුබිම ඉවත්ව යනු ඇති. |
2018-10-21T03:54:10.000Z | Dilwale Dulhania Le Jayenge සිනමා පටයට 23 වසරයි | Dilwale සිනමා පටය 23 වසක් සපුරයි | Dilwale Dulhania Le Jayenge සිනමා පටයට වසර 23 ක් සපිරීම නිමිත්තෙන් විශේෂ සැමරුම් උළෙලක් පැවැත්විණ. ඊට සිනමා පටයේ ප්‍රධාන භූමිකාව නිරූපණය කළ ෂාරුක් ඛාන් සහ කාජල් එක්ව සිටියහ. 1995 වසරේ තිරගත වීම් ආරම්භ කළ Dilwale Dulhania Le Jayenge සිනමා පටය ඉපයූ ආදායම ඉන්දීය රුපියල් කෝටි 103කි. එම සිනමා පටය, ආදිත්‍ය චොප්රාගේ අධ්‍යක්ෂණයකි. |
2018-10-21T03:09:20.000Z | මත්පෙති 2600ක් සමග ජාවාරම්කරුවෙක් ඕමන්තේදී අත්අඩංගුවට | මත්පෙති ජාවාරම්කරුවෙක් ඕමන්තේදී අත්අඩංගුවට | COLOMBO (News 1st): මත්පෙති 2600 ක් සමග මත්පෙති ජාවාරම්කරුවෙකු ඕමන්තේ පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ. පොලීසිය පැවසුවේ, මීට දින දෙකකට පෙර අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනෙකුගෙන් ලබාගත් තොරතුරු අනුව ක්‍රියාත්මක කළ වැටලීමකදී ප්‍රධාන ජාවාරම්කරු අත්අඩංගුවට ගත් බවයි. ප්‍රධාන ජාවාරම්කරු සමග තවත් සැකකරුවෙකු ද අත්අඩංගුවට ගෙන ඇති අතර මෝටර් රථයක් ද පොලිස් භාරයට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් අද වව්නියාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි. ඔවුන් යාපනය, චුන්නාක්කම් ප්‍රදේශයේ පදිංචිකරුවන් ය. මත්පෙති ජාවාරම සම්බන්ධයෙන් මීට පෙර අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා දින 7 ක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය අවසර ලබා දී තිබේ. |
2018-10-21T01:45:31.000Z | අනවසර ඉදිකිරීම් සොයා බැලීමට විශේෂ කණ්ඩායමක් | අනවසර ඉදිකිරීම් සොයා බැලීමට විශේෂ කණ්ඩායමක් | COLOMBO (News 1st) - අනවසර ඉදිකිරීම් පිළිබඳ සොයා බැලීම සඳහා විශේෂ කණ්ඩායමක් යෙදවීමට පියවර ගන්නා බව නාගරික සංවර්ධන අධිකාරිය පවසයි. එහි සභාපති ආචාර්ය ජගත් මුණසිංහ මහතා සඳහන් කළේ, 100 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ඒ සඳහා අනුයුක්ත කරන බවය. ඉදිකෙරෙමින් ඇති ගොඩනැගිලි සඳහා නිසි සැලැස්මක් තිබේ ද ඊට අනුමැතිය හිමි ව ඇතැයිද යන්න සහ එය නිසි ප්‍රමිතියකින් යුක්තව ඉදිකෙරෙනවා ද යන්න මෙහිදී සොයා බලනු ඇති. අනවසර ඉදිකිරීම් සඳහා නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නව වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කළ බව ද ඔහු පැවසුවේ ය. අනවසර ඉදිකිරීම්වලට අදාළව මේ වන විට 100 දෙනෙකුට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගෙන ඇතැයි ද ඔහු ප්‍රකාශ කර තිබේ. |
2018-10-21T01:37:30.000Z | මෙරට ආර්ථිකය ගොඩනැංවීමට එ.ජා.ප අසමත් - ටිල්වින් සිල්වා | මෙරට ආර්ථිකය ගොඩනැංවීමට එ.ජා.ප අසමත් | COLOMBO (News 1st) - මෙරට ආර්ථිකය ගොඩනැංවීමට එක්සත් ජාතික පක්ෂය අසමත් වී ඇතැයි ජනතා විමුක්ති පෙරමුණ පවසයි. මේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් මහතා මේ බව කියා සිටියේ අද කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක එක්වෙමින් ය. [audio wav="https://www.newsfirst.lk/sinhala/wp-content/uploads/2018/10/10-21-TILVIN-SILVA-SOUND-BITE.wav"][/audio] |
2018-10-21T01:18:02.000Z | වල්ලපට්ටා ගෙවතු වගාවක් ලෙස ප්‍රචලිත කිරීමට පියවර | වල්ලපට්ටා ගෙවතු වගාවක් ලෙස ප්‍රචලිත කිරීමට පියවර | COLOMBO (News 1st) - වල්ලපට්ටා ගෙවතු වගාවක් ලෙස ප්‍රචලිත කිරීමට පියවර ගෙන ඇතැයි ගාල්ල දිසා වන නිලධාරී කාර්යාලය පවසයි. ඊට අදාළ වල්ලපට්ටා පැළ තවාන් මේ වන විටත් ආරම්භ කර අවසන් ය. ගාල්ල දිසා වන නිලධාරී කාර්යාලය සඳහන් කළේ, ආර්ථික ප්‍රතිලාභ ලබාගත හැකි බැවින් ගෙවතු වගාවක් ලෙස එය ප්‍රචලිත කිරීමට තීරණය කළ බවයි. ඒ සඳහා දැනට පවතින අපනයන නීති ලිහිල් කිරීම කෙරෙහි ද ඉදිරියේදී අවධානය යොමු කෙරෙන බව ඔහු සඳහන් කළේ ය. |
2018-10-21T01:07:47.000Z | ආනයනික භාණ්ඩ නිෂ්කාශනය සඳහා බන්ධිත ගුදම් පවත්වාගෙන යාමට පෞද්ගලික අංශයට අවසර | බන්ධිත ගුදම් පවත්වාගෙන යාමට පෞද්ගලික අංශයට අවසර | COLOMBO (News 1st) - ආනයනික භාණ්ඩ නිෂ්කාශනය සඳහා බන්ධිත ගුදම් පවත්වාගෙන යාමට පෞද්ගලික අංශයට අවසර ලබාදීමට රජය තීරණය කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් මුදල් අමාත්‍යංශය සඳහන් කළේ, ඊට අදාළ රෙගුලාසි ඇතුළත් ගැසට් නිවේදනයට විෂයභාර අමාත්‍ය මංගල සමරවීර මහතා අත්සන් කළ බවයි. ඔක්තෝබර් පළමු වැනිදා සිට ක්‍රියාත්මක නව රෙගුලාසි අනුව අපනයන කටයුතු මෙන්ම ප්‍රතිඅපනයනය ද බන්ධිත ගුදම හරහා ක්‍රියාත්මක කළ හැකි වේ. ජාත්‍යන්තර වරාය හා ගුවන්තොටුපොළ සිට සාධාරණ දුර ප්‍රමාණයක් තුළ මෙන්ම භාණ්ඩ නිෂ්කාශනය කරන්නන්ට පහසුවෙන් පිවිසිය හැකි ස්ථානයක මෙම ගුදම පිහිටුවීමට මුදල් අමාත්‍යවරයාගේ අනුමැතිය යටතේ රේගු දෙපාර්තමේන්තුවෙන් බලපත්‍ර ලබාගත හැකිය. මේ සඳහා අය කෙරෙන වාර්ෂික බලපත්‍ර ගාස්තුව රුපියල් ලක්ෂ 5 කි. මේ අතර මහා පරිමාණ ඖෂධ නිෂ්පාදන, කිරි කර්මාන්තය හා කසළ කළමනාකරණය සඳහා වන අයෝජනවලට අවශ්‍ය ආනයනික ප්‍රාග්ධන භාණ්ඩ වෙනුවෙන් ද බන්ධිත ගුදම් පවත්වාගෙන යාමට අවසර හිමි ව තිබේ. එම ප්‍රාග්ධන භාණ්ඩ, බදුවලින් නිදහස් කර ඇතැයි ද මුදල් අමාත්‍යංශය නිවේදනය කළේ ය. |
2018-10-21T00:06:44.000Z | උඩරට මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් | උඩරට මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් | COLOMBO (News 1st) - උඩරට මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදු වන බව පාලක මැදිරිය පවසයි. ඒ, අද උදෑසන 6.30 ට පමණ රදැල්ල ප්‍රදේශයේදී දුම්රියක් පීලි පැනීමකට ලක්වීම හේතුවෙන් ය. මේ වනවිට පීලිගත කිරීම් ආරම්භ කර ඇතැයි පාලක මැදිරිය පවසා තිබේ. මේ අතර මඩකලපුව මාර්ගයේ දුම්රිය ධාවනය මේ වන විට යථා තත්ත්වයට පත් කර ඇත. පාලක මැදිරිය සඳහන් කළේ, මේ හේතුවෙන් උදෑසන 6.10 ට මඩකලපුව සිට කොළඹ බලා ධාවනයවීමට නියමිතව තිබු දුම්රිය අවලංගු කළ බවයි. මඩකලපුව මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුවූයේ පලුගස්වැව සහ ගල්ඔය අතරදී වන අලියෙකු දුම්රියේ ගැටීම හේතුවෙනි. |
2018-10-20T22:22:40.000Z | අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් කුළුණක් මතට නැග විරෝධතාවක | අඟුණකොළපැලැස්ස බන්ධනාගාර රැඳවියන් විරෝධතාවයක | COLOMBO (News 1st) - පොලිස් කාර්ය බලකා සෝදිසි කිරීම්වලට විරෝධය පළ කරමින් අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් කුළුණක් මත නැගී විරෝධතාවයක නිරත වෙති. බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු සඳහන් කළේ, CCTV කැමරා පද්ධතිය සවි කර ඇති කුළුණ මත රිමාන්ඩ් සිරකරුවන් 50 ක් පමණ රැඳී සිටින බවයි. ඔවුන් අද උදෑසන 7.00 ට පමණ මෙම විරෝධතාවය ආරම්භ කර ඇති බව ද ඔහු සඳහන් කළේ ය. මේ වනවිට බන්ධනාගාරයේ ආරක්ෂා තර කර තිබේ. පසුගිය සතියේ සිට බන්ධනාගාරවලට පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් අනුයුක්ත කෙරිණි. |
2018-10-20T21:30:19.000Z | මාධ්‍යවේදී ජමාල් කෂෝගි ඝාතනය සම්බන්ධයෙන් යුරෝපා සංගමය විධිමත් පරීක්ෂණයක් ඉල්ලයි | ජමාල් ඝාතනය ගැන යුරෝපා සංගමය පරීක්ෂණයක් ඉල්ලයි | මාධ්‍යවේදී ජමාල් කෂෝගි ඝාතනය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් සිදු කළ යුතු බව යුරෝපා සංගමය පවසයි. යුරෝපා සංගමයේ විදේශ ප්‍රතිපත්ති ප්‍රධානී ෆෙඩ්රිකා මොගෙරිනී බෙල්ජියමේදී මාධ්‍ය හමුවක් කැඳවමින් සඳහන් කළේ, සිද්ධිය පිළිබඳ තමුන් දැඩි කනස්සල්ලට පත් ව ඇති බවය. මෙය 1963 - කොන්සියුලර් සබඳතා පිළිබඳ වියානා සම්මුතිය උල්ලංඝණය කිරීමක් බව ද ඇය සඳහන් කළා ය. මේ හේතුවෙන් ජමාල් කෂෝගි ඝාතනය සම්බන්ධයෙන් යුරෝපා සංගමය විශ්වාසනීය මෙන්ම විධිමත් පරීක්ෂණයක් සිදු කළ යුතු බව ද ඇය පවසයි. මාධ්‍යවේදී ජමාල් කෂෝගි ඝාතනය පිළිබඳ සියලු තොරතුරු හෙළිදරව් කිරීමට සූදානම් බව තුර්කිය ඊයේ ප්‍රකාශ කර තිබේ. තුර්කි පාලක පක්ෂයේ ප්‍රකාශකවරයෙකු සඳහන් කළේ, එහි සත්‍ය තොරතුරු වසන් කිරීමට කිසි විටෙකත් ඉඩ නොදෙන බවයි. කොන්සල් කාර්යාලය තුළදී ඔහු හිතාමතාම ඝාතනය කිරීමෙන් අනතුරුව සිරුර කැබලි කර ඇතැයි තුර්කිය මීට පෙර ද ප්‍රකාශ කළේ ය. තුර්කියේ ඉස්තාන්බුල් නුවර කොන්සල් කාර්යාලයේදී සිදු වූ ගැටුමකින් මාධ්‍යවේදී ජමාල් කෂෝගී මිය ගිය බව සෞදිය ඊයේ පිළිගෙන තිබේ. |
2018-10-20T21:02:12.000Z | අධික බදු නිසා ස්වර්ණාභරණ ක්ෂේත්‍රයට දැඩි බලපෑම් - වාර්ෂික ආදායම පහළට | අධික බදු නිසා ස්වර්ණාභරණ ක්ෂේත්‍රයට දැඩි බලපෑම් | COLOMBO (News 1st) - අධික බදු පැනවීමෙන් මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රයට දැඩි බලපෑම් එල්ල වී ඇතැයි ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පවසයි. එහි සභාපති පේෂල ජයරත්න මහතා පැවසුවේ, රත්‍රං සඳහා පනවා ඇති බදු හේතුවෙන් නීති විරෝධිව මෙරටට රත්‍රං ගෙන ඒම ඉහළ ගොස් ඇති බවයි. මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රයේ අපේක්ෂිත ආදායම වාර්ෂිකව රුපියල් මිලියන 1000 ඉක්ම වුව ද පවතින බදු හමුවේ, එම ප්‍රමාණය රුපියල් මිලියන 350 ක් පමණ දක්වා පහත වැටී ඇතැයි ද ඔහු සඳහන් කළේ ය. |
2018-10-20T20:35:34.000Z | මහ කන්නයට ජලය නිකුත් කිරීම ලබන 25 වන දා සිට | මහ කන්නයට ජලය නිකුත් කිරීම ලබන 25 වන දා සිට | COLOMBO (News 1st) - එළඹෙන මහ කන්නය සඳහා 25 වන දා සිට ජලය නිකුත් කරන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. එහි ජල කළමනාකරණ හා පුහුණු අධ්‍යක්ෂ වසන්ත බණ්ඩාර පලුගස්වැව මහතා ප්‍රකාශ කළේ, ජල පාලන කමිටුව රැස්වී මෙම තීරණය ගත් බවයි. පවතින වැසි සමග වගා කටයුතු ආරම්භ කරන්නැයි ඔහු ගොවි ජනතාවට දැනුම් දී ඇත. |
2018-10-20T20:26:28.000Z | ඉන්දීය සංචාරය නිම කරමින් අගමැති යළි දිවයිනට | ඉන්දීය සංචාරය නිම කරමින් අගමැති යළි දිවයිනට | COLOMBO (News 1st) - ඉන්දියාවේ සංචාරයක නිරත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු දූත පිරිස ඊයේ රාත්‍රියේ දිවයිනට ළඟා විය. කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ කාර්යභාර කළමනාකාරවරයා සඳහන් කළේ, රාත්‍රි 10.15 ට පමණ අගමැතිතුමා ඇතුළු පිරිස මෙරටට ළඟා වූ බවයි. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි යන මහත්වරුන් අතර හමුව ඊයේ සිදු විණි. එහිදී ද්වීපාර්ශ්වික සාකච්ඡා මෙන්ම මෙරටට ඉන්දීය අනුග්‍රහයෙන් සිදු කෙරෙන ව්‍යාපෘති පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡා කළ බව ද හින්දු පුවත්පත සඳහන් කළේ ය. |
2018-10-20T20:07:57.000Z | ගල්ගමුවේ හා පලුගස්වැවදී දුම්රියක ගැටී සද්දන්තයින් දෙදෙනෙකු මරුට - මඩකලපු මාර්ගයේ දුම්රිය ප්‍රමාදයි | දුම්රියක ගැටී සද්දන්තයින් දෙදෙනෙකු මරුට... | COLOMBO (News 1st) - දුම්රියක් පීලි පැනීම හේතුවෙන් මඩකලපුව මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් පවතින බව පාලක මැදිරිය පවසයි. ඒ, පලුගස්වැව සහ ගල්ඔය අතරදී වන අලියෙකු දුම්රිය ගැටීම හේතුවෙනි. වන අලියා ගැටී ඇත්තේ කොළඹ කොටුව සිට මඩකලපුව බලා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රියේ ය. අනතුරින් වන අලියා මියගොස් ඇතැයි පාලක මැදිරිය සඳහන් කළේ ය. මේ හේතුවෙන් ත්‍රිකුණාමලය බලා ධාවනය වූ රාත්‍රි තැපැල් දුම්රිය කැකිරාව දුම්රිය ස්ථානයේ නතර කර ඇතැයි ද පාලක මැදිරිය පැවසුවේ ය. මේ අතර ගල්ගමුව මී ඔය පාලම අසළදී දුම්රියක ගැටීමෙන් ඇතින්නක් මියගොස් තව ත් ඇතින්නක් තුවාල ලබා තිබේ. ඇතින්නන් ගැටී ඇත්තේ කොළඹ කොටුවේ සිට කන්කසන්තුරේ බලා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රියේ ය. දුම්රියේ ගැටීමෙන් ඇතිනනන් දුම්රිය මාර්ගයේ දෙපැත්තට විසි වී ඇති බව ගල්ගමුව වනජීවි කාර්යාලය සඳහන් කළේ ය. එහි අඩවි ආරක්ෂක කේ. එල්.රෝහිත මහතා සඳහන් කළේ, බරපතළ තුවාල ලබා සිටින ඇතින්නට ප්‍රතිකාර කිරීමට කටයුතු ආරම්භ කරන බවයි. මියගිය ඇතිත්නගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදු කරන බව ද ඔහු සඳහන් කළේ ය. |
2018-10-20T19:42:12.000Z | ගෙවුණු දවස උණුසුම් කළ පුවත්… | ගෙවුණු දවස උණුසුම් කළ පුවත්… | දේශීය පුවත් 1. ලාංකික සිසුවාට ත්‍රස්ත චෝදනා එල්ල කිරීම පිටුපස සිටින්නේ කවුද? – ඔස්ට්‍රේලියානු පොලීසිය පරීක්ෂණ අරඹයි: සිඩ්නි ත්‍රස්ත කල්ලියට සම්බන්ධ යැයි සැක කරමින් අත්අඩංගුවට ගෙන මුදාහැරි 25 හැවිරිදි ශ්‍රී ලාංකික සිසුවාට චෝදනා එල්ල කිරීම සම්බන්ධයෙන් කීර්තිමත් ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයෙකුගේ සොහොයුරා සම්බන්ධ විය හැකි බවට සැක පළ කරයි. 2. වසරේ ගත වූ කාලය තුළ අල්ලස් ගත් රාජ්‍ය නිලධාරීන් 32 දෙනෙකු අත්අඩංගුවට: වසරේ ගත වූ කාලය තුළ අල්ලස් ලබා ගැනීම සම්බන්ධයෙන් රාජ්‍ය නිලධාරීන් 32 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි. 3. කටාර්හි ශ්‍රී ලංකා පාසල ඩැහැ ගැනීමට මාන බලන්නේ කවුද?: කටාර් රාජ්‍යයේ ශ්‍රී ලාංකිකයින්ගේ දරුවන් වෙනුවෙන් පිහිටි ස්ටැෆර්ඩ් ශ්‍රී ලංකා පාසල එරට ශ්‍රී ලංකා තානාපතිවරයාගේ අනිසි බලපෑම්වලට නතුව ඇති බව එරට වෙසෙන ශ්‍රී ලාංකිකයෝ පවසති. එහි ආසන්නතම සිදුවීම වන්නේ, එම විද්‍යාලයේ විදුහල්පතිවරයා, ගුරුවරියන් දෙදෙනෙකු සහ පුස්තකාලාධිපතිනිය තානාපතිවරයාගේ නියෝගය මත සේවයෙන් නෙරපා හැරීම ය. 4. අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල ශාසන මාමක ජනප්‍රසාදන ගෞරව සම්මානයෙන් පිදුම් ලබයි: අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ශාසන මාමක ජනප්‍රසාදන ගෞරව සම්මානයෙන් පිදුම් ලැබුවේ ය. ඒ, අස්ගිරි මහා විහාරයේ මංගල උපෝසථාගාරයේදී ය. 5. මහජන බැංකු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික ජෙහාන් අමරතුංග ඉල්ලා අස්වෙයි: මහජන බැංකු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික ජෙහාන් අමරතුංග මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාර දී තිබේ. මහජන බැංකු අධ්‍යක්ෂ මණ්ඩලයේ ලේකම් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී රොහාන් පතිරණගේ මහතා පැවසුවේ, ජෙහාන් අමරතුංග මහතා පෙරේදා සිය ලිපිය භාර දුන් බව ය. 6. මාළිගාවත්තේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබයි: මාළිගාවත්ත ජුම්මා මස්ජීන් පාර ප්‍රදේශයේදී වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ. පොලීසිය සඳහන් කළේ, අද පස්වරුවේ යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු වෙඩි තබා පළා ගොස් ඇති බව ය. විදෙස් පුවත් 7. මාධ්‍යවේදී ජමාල් කෂෝගි කොන්සල් කාර්යලය තුළ වූ ගැටුමකදී මියගිය බව සෞදිය පිළිගනි: තුර්කියේ ඉස්තාන්බුල් නුවර පිහිටි සෞදි අරාබි කොන්සියුලර් කාර්යාලයේදී ඇතිවූ ගැටුමක් අතර තුර සෞදි අරාබි මාධ්‍යවේදී ජමාල් කෂෝගි මියගොස් ඇති බව සෞදි අරාබිය පිළිගෙන තිබේ. ක්‍රීඩා පුවත් 8. ශ්‍රී ලංකාවට එරෙහිව එංගලන්තයට සිව් වැනි එක්දින තරගයෙන් ලකුණු 18ක ජයක්: ශ්‍රී ලංකාව සමග පැවති සිව් වැනි එක්දින ක්‍රිකට් තරගයෙන් එංගලන්තය ජය ගත්තේ ය. ඒ, ඩක්වත් සහ ලුවිස් න්‍යායට අනුව ලකුණු 18 කිනි. |
2018-10-20T11:35:47.000Z | ලාංකික සිසුවාට ත්‍රස්ත චෝදනා එල්ල කිරීම පිටුපස සිටින්නේ කවුද? - ඔස්ට්‍රේලියානු පොලීසිය පරීක්ෂණ අරඹයි | නිසාම්ඩීන්ව ත්‍රස්ත චෝදනාවන්ට හසු කළේ කවුද? | (News 1st) - සිඩ්නි ත්‍රස්ත කල්ලියට සම්බන්ධ යැයි සැක කරමින් අත්අඩංගුවට ගෙන මුදාහැරි 25 හැවිරිදි ශ්‍රී ලාංකික සිසුවාට චෝදනා එල්ල කිරීම සම්බන්ධයෙන් කීර්තිමත් ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයෙකුගේ සොහොයුරා සම්බන්ධ විය හැකි බවට සැක පළ කරයි. කීර්තිමත් ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයෙකු වන උස්මාන් කවාජාගේ සොහොයුරු අස්ලාන් කවාජා විසින් 25 හැවිරිදි ශ්‍රී ලාංකිය සිසුවාට වරද පැටවීම සඳහා කටයුතු කර ඇත්දැයි සොයා බැලීමට එරට පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ. ත්‍රස්ත විමර්ශන කණ්ඩායමක් අස්ලාන් කවාජාගේ නිවස වටලා ඇති අතර සිද්ධියට සම්බන්ධ තොරතුරු ලබා ගැනීමට කටයුතු කර ඇතැයි විදෙස් වාර්තාවල සඳහන් ය. වැටලීම සිදු කරන අවස්ථාවේ අස්ලාන් කවාජා නිවසේ රැඳී සිට නැතැයි විදෙස් වාර්තා පෙන්වා දෙයි. ත්‍රස්ත චෝදනා මත ඔස්ට්‍රේලියාවේදී අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකික මොහොමඩ් නිසාම්ඩීන්ට එරෙහිව ගොනු කළ චෝදනා සහ නඩුව නිව් සවුත් වේල්ස් පොලීසිය ඊයේ ඉල්ලා අස්කර ගැනිණි. විදෙස් මාධ්‍ය සඳහන් කළේ, චෝදනා තහවුරු කිරීමට ප්‍රමාණවත් සාක්ෂි නොමැති වීමෙන් නඩුව ඉල්ලා අස්කර ගෙන ඇති බව ය. මේ අතර මොහොමඩ් නිසාම්ඩීන්ට එරෙහි නඩුව පොලීසිය ඉල්ලා අස්කර ගැනීමෙන් අනතුරුව ඔහුගේ නීතිඥයා පැවසුවේ, තම සේවාදායකයාට සිදු වූ අසාධාරණයට එරෙහිව නීතිමය පියවර ගැනීමට අපේක්ෂා කරන බව ය. ඒ සඳහා වැය වූ නඩු ගාස්තු ලබා ගැනීමට අපේක්ෂා කරන බව ද ඔහු සඳහන් කළේ ය. |
2018-10-20T11:13:35.000Z | හොරොයින් සමග දෙදෙනෙක් මීටියාගොඩදී කොටුවෙති: බන්ධනාගාර නිලධාරියෙකුත් ජාවාරම්කරුවන් සමග... | හොරොයින් සමග දෙදෙනෙක් මීටියාගොඩදී කොටුවෙති | COLOMBO (News 1st) - මීටියාගොඩ පොලීසිය ඊයේ කළ හදිසි වැටලීමකදී හොරොයින් ජාවාරම්කරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ, සැකකරුවන් දෙදෙනා දින 7ක් රඳවා තබා ගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය අවසර ලබා දී ඇති බව ය. පොලීසිය පැවසුවේ, මෙම ජාවාරම්කරුවන් හෙරොයින් පැකට් කරමින් සිටියදී ඊයේ පෙරවරුවේ මීටියාගොඩ ප්‍රදේශයේ නිවසක් තුළදී අත්අඩංගුවට ගත් බව ය. ඔවුන් සන්තකයේ තිබී සොයා ගෙන ඇති හෙරොයින් ප්‍රමාණය ග්‍රෑම් 6 යි මිලිග්‍රෑම් 300කි. පොලීසිය පැවසුවේ, මෙම සැකකරුවන් දෙදෙනා සංවිධානාත්මක අපරාධකරුවෙකු වන පොඩි ලැසීගේ ගෝලයින් දෙදෙනෙකු බව ය. පොලීසිය අදාළ ස්ථානය වටලන අවස්ථාවේ ගාල්ල බන්ධනාගාරයේ ප්‍රධාන ජේලර්වරයා ද එම ස්ථානයේ සිට ඇති බව පොලීසිය සඳහන් කළේ ය. මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් ප්‍රධාන ජේලර්වරයා අත්අඩංගුවට ගෙන නැතත්, ලබන 22 වන දා පොලීසියට ප්‍රකාශයක් ලබා දෙන ලෙසට ඔහුට දැනුම් දී තිබේ. මෙම ප්‍රධාන ජේලර්වරයා පිළිබඳව බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් ද නිව්ස්ෆස්ට් විමසීමක් කළේ ය. එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, මෙම ජේලර්වරයා හෙරොයින් ජාවාරමට සම්බන්ධ බවට කරුණු තහවුරු වුවහොත් විනය ක්‍රියාමාර්ග ගන්නා බව ය. |
2018-10-20T10:43:35.000Z | වසරේ ගත වූ කාලය තුළ අල්ලස් ගත් රාජ්‍ය නිලධාරීන් 32 දෙනෙකු අත්අඩංගුවට | අල්ලස් ගත් රාජ්‍ය නිලධාරීන් 32ක් කොටුවෙති | COLOMBO (News 1st) - වසරේ ගත වූ කාලය තුළ අල්ලස් ලබා ගැනීම සම්බන්ධයෙන් රාජ්‍ය නිලධාරීන් 32 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි. එහි අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ සරත් ජයමාන්න මහතා පැවසුවේ, ඊයේ දිනයේ ද අල්ලස් ගැනීම සම්බන්ධයෙන් මහවැලි අධිකාරියේ ඒකක කළමනාකරුවෙකු වැලිකන්ද ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව ය. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා ඉතිහාසයේ අත්අඩංගුවට පත් ජ්‍යෙෂ්ඨතම රාජ්‍ය නිලධාරියා වූයේ පසුගියාද අත්අඩංගුවට ගත් ජනාධිපති කාර්ය මණ්ඩල හිටපු ප්‍රධානී අයි.කේ. මහානාම මහතායි. එමෙන් ම වසරේ ගත වූ කාලය තුළ අල්ලස් ලබා ගැනීමේ සිද්ධීන්වලට අදාළව රාජ්‍ය දැව සංස්ථාවේ සභාපති පී. දිසානායක, ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුවේ පාලක මහගමගේ ගාමිණි හා ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ සභාපති නාදන් මුත්තු විනයාගම් යන අය ද අත්අඩංගුවට ගෙන තිබේ. මෙහි ඉහළ තනතුරු දරණ පුද්ගලයින් අල්ලස් ලබා ගැනීමේ වැඩි ප්‍රවණතාවක් මේ වසර තුළ දක්නට ලැබිණි. එමෙන් ම වසරේ ගත වූ කාලය තුළ රජයේ ජ්‍යෙෂ්ඨ තක්සේරු කරුවන්, විදුලි ඉංජිනේරුවන්, රජයේ සැලසුම් ශිල්පීන්, පොලිස් පරීක්ෂකවරු, විදුහල්පතිවරුන් ඇතුළු විෂය ක්ෂේත්‍රයන් ගණනාවකට අයත් රාජ්‍ය නිලධාරීන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. |
2018-10-20T09:14:52.000Z | ක්‍රිකට් පාලක මණ්ඩලට අයත් රුපියල් කෝටි 6කට අධික මුදලක් නිලවරණය අභියස ක්‍රීඩා සමාජ හා පුද්ගලයින් අතරේ බෙදා දුන්නේ ඡන්දය අපේක්ෂාවෙන් ද? | ක්‍රිකට් නිලවරණය අභියස කළ කී දෑ... | COLOMBO (News 1st) - ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මූල්‍ය කළමනාකරණය පිළිබඳව පසුගිය කාලය පුරා විවිධ ගැටලු මතු විය. ඊට ආසන්නතම සිදුවීම වූයේ, එංගලන්ත තරග සංචාරය සඳහා විදෙස් රුපවාහිනී ආයතනයක් විසින් මෙරට ක්‍රිකට් ආයතනයට යොමු කළ අමෙරිකානු ඩොලර් මිලියන 5.5කට ආසන්න මුදලක් විදෙස් රටක පිහිටි පෞද්ගලික් ගිණුමකට බැර කිරීමට ගත් උත්සහයයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් තම ක්‍රීඩා සමාජවල අභිවෘධිය උදෙසා මූල්‍ය ප්‍රතිපාදන නිරන්තරව යොමු කරන අතර පසුගිය මැයි මස 2 වන දා ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටු රැස්වීමේදී රුපියල් මිලියන 64කට ආසන්න මුදලක් ක්‍රීඩා සමාජ කිහිපයක් අතර බෙදා දීමට අවසර හිමි විය. මෙම මුදල් බෙදා දීමට අවසර හිමිව ඇත්තේ, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරී මණ්ඩලයේ ධූර කාලය අවසන් වී දින 2ක් ගත වීමෙන් අනතුරුව ය. ඊට දින කිහිපයකට පසු එනම් මැයි 19 වන දා ක්‍රිකට් නිලවරණය පැවැත්වීමට දින වකවානු තීරණය වී තිබූ පසුබිමක නිලවරණයේ ඡන්ද හිමි ක්‍රීඩා සමාජ ගණනාවක් අතරේ විවිධ හේතු දක්වමින් මෙලෙස මුදල් බෙදා දීම බරපතළ සැකයක් ඇති කරයි. නමුත් මේ දක්වා නිලවරණය පැවැත්වීමට හැකි වී නොමැත. ගැටලුව වී ඇත්තේ, මෙම මුදල් ක්‍රීඩා සමාජවලට බෙදා දීම නොව ඒවා බෙදා දී ඇති ආකාරය සම්බන්ධව ය. මෙම ලේඛනයේ දැක්වෙන පරිදි ක්‍රිඩා සමාජ 12කට රුපියල් මිලියනයේ සිට මිලියන 10කට අධික මුදලක් බෙදා දී තිබේ. ඇතැම් ප්‍රතිපාදන ක්‍රීඩා සමාජයේ නමට යොමු කර ඇති අතර ඇතැම් ගෙවීම් ක්‍රීඩා සමාජයේ නමට අමතරව පුද්ගල නාම ද සටහන් කරමින් යොමු කර තිබෙනු දැකිය හැකි ය. එමෙන් ම මධ්‍යම පළාත් ක්‍රිකට් සමාජයට රුපියල් ලක්ෂ 3ක මුදලක් වෙසක් උත්සවය නිමිත්තෙන් පරිත්‍යාගයක් ලෙස යොමු කර තිබීම ද විමතිය දනවන්නකි. මෙම සියලු ක්‍රීඩා සමාජ මෙරට ප්‍රමුඛ පෙළේ ක්‍රීඩා සමාජ වන අතර එම ක්‍රීඩා සමාජ සඳහා වෙන වෙනම බැංකු ගිණුම් පවතිද්දී ඇතැම් ක්‍රීඩා සමාජවල නම්වලට අමතරව පුද්ගල නම් සඳහන් කර ඇත්තේ කුමක් නිසා ද යන්න ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ජනතාවට කරුණු පැහැදිලි කළ යුතු ය. තව ද මෙම මූල්‍යමය ප්‍රතිපාදන ලබා දුන් ක්‍රීඩා සමාජ හා පුද්ගලයින් සියලු දෙනා පසුගිය ක්‍රිකට් නිලවරණයේදී හිටපු සභාපති තිලංග සුමතිපාල මහතාට සහය දැක්වූවන් බව ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරයි. මෙම වංචා දූෂණ මැඩලීමට නම් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සිය ව්‍යවස්ථාව වෙනස් කළ යුතු වුවත් වත්මන් ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තෆා මහතා යටතේ ද එය සිදු වීම සැක සහිත ය. රුපියල් බිලයන ගණනක වාර්ෂික අයවැයක් හිමි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙරට දූෂිතම ආයතනයක් ලෙස වරෙක හිටපු ක්‍රීඩා ඇමතිවරයෙකු විසින් ද ප්‍රකාශ කළේ ය. එබැවින් වහාම විගණකාධිපතිවරයා කළ යුත්තේ ශ්‍රීලංකා ක්‍රිකට් ආයතනය පූර්ණ විගණනයකට ලක් කිරීම ය. එවිට මීට නොදෙවෙනි වංචා හා දූෂණ පිළිබඳ තොරතුරු මෙන් ම ඇතැම් පිරිස් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තම සදාකාලික දේපළක් සේ භුක්ති විඳීමට උත්සහ කරන්නෙ මන්ද යන කාරණා දෙකම රට හමුවේ හෙළිදරව් කරනු ඇති. විගණකාධිපතිතුමණී මේ ඔබේ අවධානය පිණිසයි... |
2018-10-20T08:46:58.000Z | කටාර්හි ශ්‍රී ලංකා පාසල ඩැහැ ගැනීමට මාන බලන්නේ කවුද? | ස්ටැෆර්ඩ් පාසල ඩැහැ ගැනීමට මාන බලන්නේ කවුද? | COLOMBO (News 1st) - කටාර් රාජ්‍යයේ ශ්‍රී ලාංකිකයින්ගේ දරුවන් වෙනුවෙන් පිහිටි ස්ටැෆර්ඩ් ශ්‍රී ලංකා පාසල එරට ශ්‍රී ලංකා තානාපතිවරයාගේ අනිසි බලපෑම්වලට නතුව ඇති බව එරට වෙසෙන ශ්‍රී ලාංකිකයෝ පවසති. එහි ආසන්නතම සිදුවීම වන්නේ, එම විද්‍යාලයේ විදුහල්පතිවරයා, ගුරුවරියන් දෙදෙනෙකු සහ පුස්තකාලාධිපතිනිය තානාපතිවරයාගේ නියෝගය මත සේවයෙන් නෙරපා හැරීම ය. කටාර් රාජ්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් සංඛ්‍යාව 130000ක් පමණ වේ. එම ශ්‍රී ලාංකිකයින්ගේ දරුවන් වෙනුවෙන් කටාර් රාජ්‍යයේ ඇති එකම ශ්‍රී ලාංකික පාසල වන්නේ දෝහාහි ස්ටැෆර්ඩ් ශ්‍රී ලංකා පාසලයි. එම පාසල සහ මෙරට පිහිටි ස්ටෑෆර්ඩ් ජාත්‍යන්තර පාසල අතර කිසිදු සබඳතාවක් නොමැත. සභාපතිවරයෙකු සහ අධ්‍යක්ෂ මණ්ඩලයක් මගින් පාලනය වූ මෙම විද්‍යාලයට කටාර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති ඒ.එස්.පී. ලියනගේ මහතාගෙන් දැඩි බලපෑම් එල්ල වන බව එරට වෙසෙන ශ්‍රී ලාංකිකයෝ පෙන්වා දෙති. මෙවැනි තත්ත්වයක් තුළ එම පාසලේ එතෙක් සභාපතිව කටයුතු කළ එම විද්‍යාලයේ නිර්මාතෘ කුමුදු ෆොන්සේකා මහතා සහ අධ්‍යක්ෂ මණ්ඩලය ඉවත් කරමින් නව සභාපතිවරයෙකු සහ අධ්‍යක්ෂ මණ්ඩලයක් පත් කිරීමට මෙන්ම විදුහල්පතිවරයා ඉවත් කොට නව විදුහල්පතිවරයෙකු පත් කිරීමට කටාර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපතිවරයා කටයුතු කර ඇත්තේ රාජතාන්ත්‍රික නිලධාරියෙකුට උචිත අන්දමින් නම් නොවේ. ඉන් නොනැවතුණු තානාපතිවරයා එම විද්‍යාලයේ ගුරුවරියන් දෙදෙනෙකු මෙන්ම වසර 4ක පමණ කාලයක් එම විද්‍යාලයේ සේවය කළ පුස්තකාලාධිපතිනිය ද ඉවත් කිරීමට පියවර ගෙන තිබේ. තානාපතිවරයාගෙන් දිගින් දිගටම එල්ල වන තාඩන පීඩන සම්බන්ධයෙන් කටාර් පොලීසියට පැමිණිලි කිරීමට මොවුන් පියවර ගෙන තිබූ අතර ඉකුත් ඔක්තෝබර් 14 වන දා ප්‍රශ්නගත ගුරුවරියන් දෙදෙනා සහ පුස්තකාලාධිපතිනිය පොලිස් අත්අඩංගුවට ගැනිණි. ඒ, කටාර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති ඒ.එස්.පී. ලියනගේ මහතාගේ අනුදැනුම යටතේ ය. කෙසේ වෙතත් ඔවුන්ගෙන් දෙදෙනෙකු ඔක්තෝබර් 15 වන දා නිදහස් කර තිබූ අතර අනෙක් තැනැත්තිය ඔක්තෝබර් 16 වන දා නිදහස් කිරීමට කටාර් පොලීසිය පියවර ගෙන තිබිණි. මේ අතර ප්‍රශ්නගත ගුරුවරියන් දෙදෙනාට මෙන්ම කටාර්හි ස්ටැෆර්ඩ් ශ්‍රී ලංකා පාසලේ පුස්තකාලාධිපතිනියට ඉකුත් 16 වන දා විද්‍යුත් තැපෑල ඔස්සේ දැනුම් දී තිබුණේ, ඔවුන්ගේ වාසය කිරීමේ බලපත්‍රය ද කටාර් රජය මගින් අවලංගු කර ඇති බව ය. මෙලෙස දිගින් දිගටම එල්ල වන චෝදනා සම්බන්ධයෙන් විමසීමට මේ දිනවල ශ්‍රී ලංකාවට පැමිණ සිටින කටාර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති ඒ.එස්.පී. ලියනගේ මහතා සම්බන්ධ කර ගැනීමට අප අවස්ථා ගණනාවකදී කටයුතු කළත් ඔහු දුරකතනයට ප්‍රතිචාර නොදැක්වීය. පවතින ගැටලුකාරී තත්ත්වය හමුවේ කටාර්හි ස්ටෑෆර්ඩ් ශ්‍රී ලංකා පාසලේ දරුවන්ගේ අනාගතය කෙබදු වේවි ද? මේ අතර පසුගියදා කටාර් රාජ්‍යයට ගිය මෙරට ප්‍රභූන් දෙදෙනෙකුගේ ගමන් මලු රැගෙන යාමට ඒ.එස්.පී. ලියනගේ මහතා කටාර් ගුවන්තොටුපොළට පැමිණීමෙන් කටාර්හි ශ්‍රී ලංකා තානාපතිවරයා ඉටු කළේ, පෝටර්වරයෙකුගේ රාජකාරිය යැයි මෙරට දේශපාලන වේදිකාවේදී ද වරින් වර අදහස් පළ විය. |
2018-10-20T06:36:45.000Z | මාළිගාවත්තේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබයි | මාළිගාවත්තේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබයි | COLOMBO (News 1st) - මාළිගාවත්ත ජුම්මා මස්ජීන් පාර ප්‍රදේශයේදී වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ. පොලීසිය සඳහන් කළේ, අද පස්වරුවේ යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු වෙඩි තබා පළා ගොස් ඇති බව ය. තුවාල ලැබූ පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ. 24 හැවිරිදි මොහොමඩ් නිෂාම්ඩීන් මොහොමඩ් අද්මීන් නමැති ඔහු මාළිගාවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, මොහු වෙඩි ප්‍රහාරයට ලක් වූ දෙවන අවස්ථාව මෙය බව ය. පළමු අවස්ථාවේ සිදු කළ වෙඩි තැබීමෙන් මොහු දිවි බේරාගෙන තිබිණි. මෙම වෙඩි තැබීම පාතාල කල්ලි දෙකක් අතර ගැටුමක ප්‍රතිඵලයක් ලෙස සැලකේ. තුවාලකරු, සංවිධානාත්මක අපරාධකරුවෙකු වන බයියා නමැත්තාගේ ගෝලයෙකු බව ද පොලීසිය සඳහන් කළේ ය. |
2018-10-20T06:28:15.000Z | ශ්‍රී ලංකාවට එරෙහිව එංගලන්තයට සිව් වැනි එක්දින තරගයෙන් ලකුණු 18ක ජයක් | ශ්‍රී ලංකාවට එරෙහිව එංගලන්තයට ලකුණු 18ක ජයක් | COLOMBO (News 1st) - ශ්‍රී ලංකාව සමග පැවති සිව් වැනි එක්දින ක්‍රිකට් තරගයෙන් එංගලන්තය ජය ගත්තේ ය. ඒ, ඩක්වත් සහ ලුවිස් න්‍යායට අනුව ලකුණු 18කිනි. තරග 5කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියේ තරග 3ක්ම ජය ගෙන ඇත්තේ එංගලන්තයයි. මෙම තරගය පල්ලේකැළේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. කාසියේ වාසිය දිනූ එංගලන්ත ක්‍රිකට් නායක ඔයින් මෝගන් පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළේ ය. ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළේ, නිරෝෂන් දික්වැල්ල සහ සදීර සමරවික්‍රම. දික්වැල්ල ලකුණු 52ක් රැස් කළ අතර දිනේෂ් චන්දිමාල් ලකුණු 33යි. දසුන් ශානක ලකුණු 66ක් රැස් කළේ ය. තිසර පෙරේරා ලකුණු 44 යි. අකිල ධනංජය නොදැවී ලකුණු 32ක් රැස් කළේ ය. මොයින් අලී පන්දුවාර 10කදී ලකුණු 55ට කඩුලු 2 යි. ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 7ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 273කි. ලකුණු 274ක ඉලක්කයක් වෙනුවෙන් පිටියට පිවිසි එංගලන්ත කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස ඇලෙක්ස් හේල්ස් ලකුණු 12කට දැවී ගියේ ය. ජේසන් රෝයි ලකුණු 45යි. එංගලන්ත කණ්ඩායම පන්දුවාර 27ක් අවසානයේ කඩුලු 2ක් දැවී ලකුණු 132ක් රැස් කර ගෙන සිටියදී වැසි ඇද හැළුණි. |
2018-10-20T05:19:36.000Z | අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල ශාසන මාමක ජනප්‍රසාදන ගෞරව සම්මානයෙන් පිදුම් ලබයි | ලක්ෂ්මන් කිරිඇල්ල ගෞරව සම්මානයකින් පිදුම් ලබයි | COLOMBO (News 1st) - අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ශාසන මාමක ජනප්‍රසාදන ගෞරව සම්මානයෙන් පිදුම් ලැබුවේ ය. ඒ, අස්ගිරි මහා විහාරයේ මංගල උපෝසථාගාරයේදී ය. මෙම අවස්ථාව සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද එක්ව සිටියේ ය. |
2018-10-20T04:33:29.000Z | මාතර, රොටුඹදී වෙඩි තැබීමක්: දෙදෙනෙකුට තුවාලයි | මාතර, රොටුඹදී වෙඩි තැබීමක්: දෙදෙනෙකුට තුවාලයි | COLOMBO (News 1st) - මාතර, රොටුඹ ග්‍රාමීය බැංකුව අසළදී අද පස්වරුවේ සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබේ. පොලීසිය සඳහන් කළේ, ආරක්ෂිත හිස් වැසුම් පැළඳ යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු වෙඩි තබා පළා ගොස් ඇති බව ය. තුවාල ලැබූ දෙදෙනා මාවරල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එක් අයෙකු මාතර මහ රෝහලට මාරු කර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් මාවරල පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි. |
2018-10-20T00:27:19.000Z | මහජන බැංකු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික ජෙහාන් අමරතුංග ඉල්ලා අස්වෙයි | ජෙහාන් අමරතුංග සිය ධූරයෙන් ඉල්ලා අස්වෙයි... | COLOMBO (News 1st) - මහජන බැංකු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික ජෙහාන් අමරතුංග මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාර දී තිබේ. මහජන බැංකු අධ්‍යක්ෂ මණ්ඩලයේ ලේකම් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී රොහාන් පතිරණගේ මහතා පැවසුවේ, ජෙහාන් අමරතුංග මහතා පෙරේදා සිය ලිපිය භාර දුන් බව ය. නමුත් විශේෂය වන්නේ, පසුගිය අගෝස්තු මස 31 වන දා සිට බලපැවැත්වෙන පරිදි ඔහු ඉල්ලා අස්වීමේ ලිපියට දින යොදා තිබීම ය. එමෙන් ම මහජන බැංකු අධ්‍යක්ෂ මණ්ඩලයේ තවත් සාමාජිකයෙකු වූ ක්‍රිෂ් රාජේන්ද්‍රන් මහතාගේ ධූර කාලය දීර්ඝ කර නොමැත. මේ වන විට මහජන බැංකුවේ සිටින අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් සංඛ්‍යාව 6කි. මේ අතර ජනාධිපතිවරයා හෝ විෂය භාර අමාත්‍යවරයා, තමා සහ අධ්‍යක්ෂ මණ්ඩලයට ඉල්ලා අස්වෙන්නැයි මෙතෙක් ලිඛිතව හෝ වාචිකව දන්වා නැතැයි ලංකා බැංකුවේ සභාපති රෝලන්ඩ් පෙරේරා මහතා පවසයි. ඔහු පැවසුවේ, ඒ අනුව තමා සහ අධ්‍යක්ෂ මණ්ඩලය සාමාන්‍ය පරිදි සිය රාජකාරී කටයුතු කර ගෙන යන බව ය. එවන් දැනුම් දීමක් ලැබුණහොත් ඉවත් වීමට සූදානම් බව ද ඔහු සඳහන් කළේ ය. ජනාධිපතිවරයාගේ නියෝගය ක්‍රියාත්මක කිරීම රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන හා මහනුවර සංවර්ධන අමාත්‍යංශයේ ලේකම්වරයා පැහැර හරිනවා ද? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 වන වගන්තිය අනුව අමාත්‍යංශ ලේකම්වරයා පත් කිරීමේ හා ඉවත් කිරීමේ බලය විධායක ජනාධිපතිවරයා සතුයි. එසේ නම් විධායක ජනාධිපතිවරයාගේ නියෝග ක්‍රියාත්මක කිරීමේ බලය ලේකම්වරයාට නොමැති වන්නේ කෙසේ ද? හිටපු භාණ්ඩාගාර ලේකම් පී.බී. ජයසුන්දර මහතා ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් මත ඉවත් කර තිබියදීත් යළි එම ධූරයට පත් කළේ ව්‍යවස්ථානුකූලව මෙම බලය මත ය. මේ අතර අයෝජන මණ්ඩලයේ සභාපතිවරයා සහ අධ්‍යක්ෂ මණ්ඩලය ද ඊයේ දිනයේදී සිය අස්වීමේ ලිපි ජනාධිපතිතුමා වෙත යොමු කර තිබෙන බවට එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සනාථ කළේ ය. |
2018-10-20T00:14:10.000Z | 2018 රාජ්‍ය චිත්‍ර හා මූර්ති උළෙල දෙසැම්බර් 03 වන දා | රාජ්‍ය චිත්‍ර හා මූර්ති උළෙල දෙසැම්බර් 03 වන දා | COLOMBO (News 1st) - 2018 රාජ්‍ය චිත්‍ර හා මූර්ති උළෙල දෙසැම්බර් 03 වන දා පැවැත්වීමට නියමිත වේ. ඒ, කොළඔ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී යි. සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ සංවිධායකත්වයෙන් පැවැත්වෙන උත්සවයේදී පසුගිය වර පැවැති චිත්‍ර සහ මූර්ති තරගවලින් ජයග්‍රහණය ලැබුවන්ට සම්මාන පිරිනැමීම සිදු කරනු ඇති. |
2018-10-19T23:45:15.000Z | ඇල්ල - වැල්ලවාය මාර්ගය භාවිත කිරීමේදී විමසිලිමත් වන්නැයි රියැදුරන්ට උපදෙස් ! | ඇල්ල - වැල්ලවාය මාර්ගය භාවිත කරන රියැදුරන්ට උපදෙස් | COLOMBO (News 1st) - ඇල්ල - වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආශ්‍රිතව ගල් පෙරලීමේ අවදානමක් හේතුවෙන් විමසිලිමත්ව රිය ධාවනය කරන ලෙස පොලීසිය රියැදුරන්ට දැනුම් දෙයි. පොලීසිය සඳහන් කළේ, අද පෙරවරුවේ රාවණා ඇල්ල ආශ්‍රිත බෑවුමෙන් මාර්ගය දෙසට ගල් කිහිපයක් පෙරලී ඇති බවයි. මේ වනවිට එම ගල් මාර්ගයෙන් ඉවත් කිරීම ආරම්භකර ඇති බැවින් රථ වාහන ධාවනයට බාධාවක් නොවන බව ද පොලීසිය සඳහන් කළේ ය. ඊයේ රාත්‍රියේ සිට ඇද හැලුන අධික වර්ෂාව හේතුවෙන් රාවණා ඇල්ලේ ජල මට්ටම ඉහළගොස් ඇති බැවින් රාවණා ඇල්ලේ දිය නෑමේදී ද සැලකිලිමත් විය යුතු බව පොලීසිය සඳහන් කළේ ය. |
2018-10-19T22:05:39.000Z | දිවයිනේ ප්‍රදේශ රැසකට තද වැසි | දිවයිනේ ප්‍රදේශ රැසකට තද වැසි... | COLOMBO (News 1st) - මධ්‍යම, ඌව, සබරගමු පළාත්වලටත් අම්පාර මඩලකලපුව ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලටත් මිලිමීටර් 150 කට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, දිවයිනේ සෙසු ප්‍රදේශවල ද විශේෂයෙන් උතුරුමැද සහ වයඹ පළාත් ඇතුලුව ප්‍රදේශ රැසකට මිලිමීටර් 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවය. දිවයිනේ වැසි තත්ත්වය අද හා හෙට දිනවල වැඩිවීමක් අපේක්ෂා කරන බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය. ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ද ඇතිවිය හැකිය. අකුණු මගින් සිදුවන අනතුරු අවම කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි. තව ද නෝවුඩ් නිව්වැලිගම ප්‍රදේශයෙන් නායගිය හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගය වෙනුවට නව මාර්ගයක් සකස් කිරීම ඊයේ ආරම්භ කෙරුණි. නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් රෝහණ පුෂ්පකුමාර මහතා ප්‍රකාශ කළේ, ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නිර්දේශ අනුව නව මාර්ගය මසක් තුළ ඉදිකිරීමට සැලසුම් කර ඇති බවයි. මේ අතර පසුගිය දා සිදු වූ නාය යාමෙන් අවතැන් වූ පවුල් 7 ක් සඳහා නෝවුඩ් ග්ලැන්කන් ප්‍රදේශයෙන් ඉඩම් ලබාදීමට පියවර ගන්නා බව ද දිස්ත්‍රික් ලේකම්වරදිවයිනේ ප්‍රදේශ රැසකට මිලිමීටර් 150 ඉක්මවූ ඉතා තද වැසි.යා ප්‍රකාශ කළේ ය. |
2018-10-19T21:44:00.000Z | වතු කම්කරු වැටුප වැඩි කිරීමට මැදිහත් වෙනවා - කම්කරු ඇමති කියයි | වතු කම්කරුවන්ගේ වැටුප් ගැටලු විසඳීමට මැදිහත් වෙනවා | COLOMBO (News 1st) - වතු හාම්පුතුන්ට හා වතු කම්කරුවන්ට වැටුප් ගැටලුව සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණීමට නොහැකි වුවහොත් ඊට මැදිහත් වන බව කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර මහතා පවසයි. අමාත්‍යවරයා පැවසුවේ, සාමුහික ගිවිසුමට අනුව වැටුප් වැඩි කිරීම සඳහා මේ වන විට වතු හාම්පුතුන් හා කම්කරුවන් සාකච්ඡා කරමින් සිටින බවය. වතු කම්කරුවන්ට දැනට දිනකට ගෙවන මූලික වැටුප රු 530 සිට රු 600 දක්වා වැඩි කර සියලුම දිමනා සමග වතු කම්කරුවෙකුගේ දිනක වැටුප රු 940 දක්වා වැඩි කිරීමට අවසන්වරට පැවති සාකච්ඡාවේදී වතු හාම්පුතුන් යෝජනාවක් ඉදිරිපත් කර තිබුණි. එහෙත් එම යෝජනාව ප්‍රතික්ෂේප කරමින් වතු එකාබද්ධ වෘත්තිය සමිති වතු හාම්පුතුන්ගේ සංගමයට අවධාරණය කර ඇත්තේ වතු කම්කරුවෙකුගේ මූලික වැටුප රු 1000 දක්වා වැඩි කරන ලෙසයි. මේ අතර තම දෛනික මූලික වැටුප රු 1000 දක්වා වැඩි කරන ලෙස බලකරමින් නොර්වුඩ් ප්‍රදේශයේ වතු කිහිපයක කම්කරුවන් නොර්වුඩ් මස්කෙලිය ප්‍රධාන මාර්ගයේ අයර්බි මංසන්ධියට පිවිස ඊයේ දිනයේ ද උද්ඝෝෂණයක නිරත විය. වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් වතු හාම්පුතුන්ගේ සංගමය හා වතු එකාබද්ධ වෘත්තිය සමිති අතර පසුගියදා පැවැති සාකච්ඡා එකඟතාවයකින් තොරවය. |
2018-10-19T21:07:38.000Z | ශ්‍රී ලංකා - එංගලන්ත සිව්වැනි එක් දින ක්‍රිකට් තරගය අද පල්ලේකැලේදී | ශ්‍රී ලංකා - එංගලන්ත එක් දින තරගය අද පල්ලේකැලේදී | COLOMBO (News 1st) - ශ්‍රී ලංකා - එංගලන්ත එක්දින ක්‍රිකට් තරගාවලියේ සිව්වැනි තරගය පල්ලේකැලේ අන්තර් ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද පැවැත්වේ. දිවා තරගයක් වන මෙය අද උදෑසන 9.45ට ආරම්භවීමට නියමිතය. තරගයට යහපත් ආරම්භයක් ලබා දෙමින් මැද පෙළ ශක්තිමත්ව පවත්වා ගැනීමට තම පිතිකරුවන් උත්සාහ කරන බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක සදීර සමරවික්‍රම ප්‍රකාශ කළේ ය. මේ අතර පුහුණුවීම් අතරතුර එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩක ජොනී බෙයාස්ටෝව් ආබාධයකට ලක්වීම හේතුවෙන් ඔහුගේ සහභාගීත්වය අවිනිශ්චිත බවට එංගලන්ත කණ්ඩායමෙන් ලැබෙන වාර්තාවල සඳහන් වේ. බෙයාස්ටෝව් අද තරගයට සහභාගී නොවුනහොත්, ඇලෙක්ස් හේල්ස්ට කණ්ඩායමට පිවිසීමේ වැඩි අවස්ථාවක් පවතිනු ඇති. මේ අතර සිය විවාහය හේතුවෙන් මුල් තරගවලට සහභාගී නොවූ එංගලන්තයේ ලියම් ප්ලන්කට් නැවතත් කණ්ඩායම සමග එක් ව සිටිනු ඇත. ශ්‍රී ලංකාවට අද තරගය සහ අවසන් තරගය ජය ගැනීම අතිශය වැදගත් වන්නේ එංගලන්තය මේවන විටද තරග 2ට 0ක් ලෙස පෙරමුණ ගෙන සිටීම හේතුවෙන්ය. තරගාවලිය සිරස TV සහ TV1 නාලිකා ඔස්සේ අද සජීව ලෙස විකාශය කෙරේ. |
2018-10-19T20:44:56.000Z | මාධ්‍යවේදී ජමාල් කෂෝගි කොන්සල් කාර්යලය තුළ වූ ගැටුමකදී මියගිය බව සෞදිය පිළිගනි | මාධ්‍යවේදී ජමාල් කෂෝගි මියගිය බව සෞදිය පිළිගනි ! | තුර්කියේ ඉස්තාන්බුල් නුවර පිහිටි සෞදි අරාබි කොන්සියුලර් කාර්යාලයේදී ඇතිවූ ගැටුමක් අතර තුර සෞදි අරාබි මාධ්‍යවේදී ජමාල් කෂෝගි මියගොස් ඇති බව සෞදි අරාබිය පිළිගෙන තිබේ. කොන්සල් කාර්යාලය තුළදී ඔහු හමුවූ පුද්ගලයින් පිරිසක් සමග ඇතිවූ ගැටුමකින් මාධ්‍යවේදී ජමාල් කෂෝගි මියගොස් ඇති බව එරට මාධ්‍ය අනාවරණය කළේ ය. මෙම සිදුවීම මුල් කරගනිමින් සෞදි රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දෙදෙනකුගේ වැඩ තහනමට ලක් කර තිබේ. ඒ අතරට සෞදි රජයේ ජ්‍යෙෂ්ඨ අධිකරණ උපදේශකයෙකු වන සවුත් අලි කටානි හා නියෝජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියෙකු වන අහමඩ් අල් අසීර් අයත් ය. මීට අමතරව සෞදි විමර්ශකයින් විසින් සෞදි ජාතිකයින් 18 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේ ය. මෙම සිදුවීම සම්බන්ධයෙන් දිගින් දිගටම එල්ල වූ චෝදනා ප්‍රතික්ෂේප කළ සෞදි අරාබිය එම චෝදනා ප්‍රථමවරට පිළිගැනීම විශේෂත්වයකි. සෞදි ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මන් කුමරුගේ ප්‍රබල විවේචකයකු ලෙස සැකනෙක මාධ්‍යවේදී ජමාල් කෂෝගි මීට සති දෙකකට පෙර තුර්කියේ ඉස්තාන්බුල් නුවර පිහිටි සෞදි කොන්සල් කාර්යයාලයට ඇතුළුවීමෙන් අනතුරුව අතුරුදන් වූ බවට වාර්තා පළ විය. මේ අතර මෙම සිදුවීම පිළිබඳව අදහස් පළ කරමින් අමෙරිකානු ජනාධිපති ඩොනල් ට්‍රම්ප් කියා සිටියේ, සෞදිය සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි ක්‍රියාමර්ග කොංග්‍රස් මණ්ඩලය විසින් තීරණය කරනු ඇති බවයි. |
2018-10-19T20:22:47.000Z | ඉන්දු - ශ්‍රී ලංකා අගමැතිවරුන් අතර හමුව අද නවදිල්ලියේදී | අගමැති අද ඉන්දීය අගමැති හමුවෙයි | COLOMBO (News 1st) - ඉන්දියාවේ සංචාරයක නිරත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හමුවීමට නියමිතවේ. මෙම හමුව ඉන්දියාවට මෙන් ම ශ්‍රී ලංකාවට වඩා වැදගත් වනු ඇති. එසේම ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය සුෂ්මා ස්වරාජ් මහත්මිය සහ ඉන්දීය අභ්‍යන්තර කටයුතු අමාත්‍ය රාජ්නාත් සිං මහතා සමග ද අග්‍රාමාත්‍යවරයා අද දිනයේ සාකච්ඡා පැවැත්වීමට නියමිතව ඇත. ඉන්දියාවේ නිල සංචාරයක නිරත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ නවදිල්ලි නුවරදි ඉන්දීය කොංග්‍රස් පක්ෂයේ නායකයින් හමුවිය. එම හමුවට හිටපු අග්‍රාමාත්‍ය ආචාර්ය මන්මෝහන් සිං, සෝනියා ගාන්ධි සහ රාහුල් ගාන්ධි යන මහත්ම මහත්මීන් එක් ව සිටියහ. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තෙදින සංචාරයක් සඳහා පෙරේදා ඉන්දියාව බලා පිටත්ව ගිය අතර එම සංචාරයට අග්‍රාමාත්‍යවරයා සමග 15 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් එක් ව සිටි. |
2018-10-19T19:59:26.000Z | වසරේ ගත වූ කාලය තුළ අල්ලස් ගත් රාජ්‍ය නිලධාරීන් 31 දෙනෙකුට නඩු | රාජ්‍ය නිලධාරීන් 31 දෙනෙකුට අල්ලස් කොමිසමෙන් නඩු.. | COLOMBO (News 1st) - වසරේ ගත වූ කාලය තුළ අල්ලස් ලබා ගැනීම සම්බන්ධයෙන් රාජ්‍ය නිලධාරීන් 31 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි. එහි විමර්ශන අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රියන්ත චන්ද්‍රසිරි මහතා පැවසුවේ, ඊයේ දිනයේ ද අල්ලස් ගැනීම සම්බන්ධයෙන් මහවැලි අධිකාරියේ නිලධාරියෙකු අත්අඩංගුවට ගත් බවය. |
2018-10-19T19:45:23.000Z | ගොඩකවෙල ලොරි රථ අනතුරින් කාන්තාවන් දෙදෙනෙකු මරුට, තව ත් දෙදෙනෙකුට තුවාල | ගොඩකවෙල රිය අනතුරකින් කාන්තාවන් දෙදෙනෙකු මරුට | COLOMBO (News 1st) - ගොඩකවෙල, පල්ලෙබැද්ද ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් කාන්තාවන් දෙදෙනෙකු මියගොස් තව ත් දෙදෙනෙකු තුවාල ලබා තිබේ. පොලීසිය පැවසුවේ, ඊයේ රාත්‍රි 9.30 ට පමණ ලොරි රථයක් හා ත්‍රිරෝද රථයක් ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි. අනතුරින් ත්‍රිරෝද රථ රියැදුරු සහ පසුපස ගමන් ගත් කාන්තාවක් තුවාල ලබා රෝහල්ගත කර ඇත. පොලීසිය පැවසුවේ, අනතුර සම්බන්ධයෙන් සැකපිට ලොරි රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති බවයි. |
2018-10-19T19:33:09.000Z | ගෙවුණු දවස උණුසුම් කළ පුවත්… | ගෙවුණු දවස උණුසුම් කළ පුවත්… | දේශීය පුවත් 1. මහජන බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය ඉල්ලා අස්වීමට සූදානම්: ජනාධිපතිවරයාගේ නියෝගය අනුව තමා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය ඉල්ලා අස්වීමට සූදානමින් සිටින බව මහජන බැංකුවේ සභාපති හේමසිරි ප්‍රනාන්දු මහතා පවසයි. නිව්ස්ෆස්ට් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ, විෂයභාර අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ජනාධිපතිවරයා විසින් ලබාදුන් නියෝගය මෙතෙක් තමන්ට ලබා නොදීම ඉල්ලා අස්වීමට ගැටලුවක් ව ඇති බවයි. 2. අගමැති කොංග්‍රස් පක්ෂයේ නායකයින් හමුවෙයි: ඉන්දියාවේ නිල සංචාරයක නිරත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දීය කොංග්‍රස් පක්ෂයේ නායකයින් හමුවිය. හිටපු අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං, සෝනියා ගාන්ධි සහ රාහුල් ගාන්ධි යන මහත්ම මහත්මීන් නවදිල්ලි නුවර පැවති මෙම හමුවට එක් ව සිටියහ. 3. ශ්‍රීලනිප මාවනැල්ල සමසංවිධායකවරයා රිමාන්ඩ්: බලපත්‍ර නොමැති ගිනිඅවි සමග අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාවනැල්ල සමසංවිධායක මොහොමඩ් ඉමිතියාස් කාදර් මහතා ලබන මස 2 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි. ඒ, ඔහු කෑගල්ල මහේස්ත්‍රාත් චාමර වික්‍රමනායක මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. විදෙස් පුවත් 4. ඉන්දියාවේ දුම්රිය අනතුරකින් 100කට අධික පිරිසක් මරුට: ඉන්දියාවේ පන්ජාබ් ප්‍රාන්තයේ අම්රිට්සාහිදි සිදු වූ දුම්රිය අනතුරකින් පුද්ගලයින් 100 කට අධික පිරිසක් මියගොස් තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, නව රාත්‍රි සමාප්ති උත්සවයට සහභාගී වෙමින් සිටි පිරිසක් දුම්රියක ගැටීමෙන් අනතුරට සිදු ව ඇති බවයි. 5. මාධ්‍යවේදී ජමාල් මියගොස් ඇති බව ට්‍රම්ප් පිළිගනී..?: සෞදි අරාබි මාධ්‍යවේදි ජමාල් කෂෝගි නියත වශයෙන්ම මියගොස් ඇති බව පෙනී යන්නේ යැයි අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. අමෙරිකානු ජනාධිපතිවරයා සඳහන් කළේ, ඊට එරෙහිව සෞදියට දැඩි දඬුවම් ලබා දිය යුතු බවය. |
2018-10-19T11:01:00.000Z | ඉන්දියාවේ දුම්රිය අනතුරකින් 100කට අධික පිරිසක් මරුට | ඉන්දියාවේ දුම්රිය අනතුරින් 100ක් මරුට .. | ඉන්දියාවේ පන්ජාබ් ප්‍රාන්තයේ අම්රිට්සාහිදි සිදුවූ දුම්රිය අනතුරකින් පුද්ගලයින් 100 කට අධික පිරිසක් මියගොස් තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, නව රාත්‍රි සමාප්ති උත්සවයට සහභාගී වෙමින් සිටි පිරිසක් දුම්රියක ගැටීමෙන් අනතුරට සිදුව ඇති බවයි. මියගිය පිරිසෙන් බෝහො පිරිසක් දුම්රිය මාර්ගයේ රැඳී සිටි පිරිසක් බව සඳහන් ය. අනතුර සිදුවන විට 700කට ආසන්න පිරිසක් එලෙස දුම්රිය මාර්ගයේ රැඳී සිට තිබේ. ප්‍රදේශයේ පැවති අධික රතිඤ්ඤා ශබ්දය හේතුවෙන් දුම්රිය පැමිණෙන හඬ නිසි පරිදි ශ්‍රවණය නොවිමෙන් බහුතර පිරිසක් අනතුරට මුහුණ පා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය. අනතුරින් පුද්ගලයින් 100 කට අධික පිරිසක් මිය ගොස් ඇති අතර මිය ගිය පිරිස තවත් ඉහළ යා හැකි බව එරට මාධ්‍ය වාර්තා කළේ ය. |
2018-10-19T11:18:00.000Z | දිය බිඳක් නැතිව දුක් විඳි දියවින්නේ දරුවන්ගේ පවස නිවා ලූ ගම්මැද්ද.. | දියවින්නේ දරුවන්ගේ පවස නිවා ලූ ගම්මැද්ද.. | COLOMBO (News 1st) : ජන හදවතට සංවේදී වූ ගම්මැද්ද වැඩදහසක් අද බලංගොඩ ජනතාවගේ තවත් ගැටලුවකට විසඳුම් ලබාදීටම මුළ පිරීය. බලංගොඩ දියවින්න විදයාලය... පළමු ශ්‍රේණියේ සිට 11 වැනි ශ්‍රේණිය දක්වා දරුවන් 700කට අධික පිරිසක් මේ පාසලේ ඉගෙනුම ලබන්නේ අවම පහසුකම් යටතේයි. අනාගතය දිනන්නට පාසලට එන දරුවන්ට ඇති ප්‍රමුඛ අභියෝග පිපාසයට බොන්නට පිරිසිදු ජල බිඳක් නොමැති වීමයි. ඒ ගැටලුව හඳුනා ගනිමින්, අද විද්‍යාලයට පානීය ජල ව්‍යාපෘතියක් ලබාදීමේ කාර්යයට ගම්මැද්ද වැඩ දහස මුල පිරීය. ගම්මැද්ද සමග මේ දරුවන්ගේ පිපාසය නිවන්නට මූල්‍ය ශක්තිය ලබා දෙන්නේ බෙල්ලන්විල පදිංචි රෝසි වික්‍රමසේකර මහත්මියයි. ඒ යුද ක්‍රියාන්විතයේදී මියගිය ඇගේ ස්වාමි පුරුෂයා වන ඊ.ඒ. වික්‍රමසේකර සහ පුතු වන මේජර් ප්‍රියන්ත වික්‍රමසේකර යන මහත්වරුන් සිහි කිරීම වෙනුවෙනි. එම අවස්ථාවට නිව්ස්ෆස්ට් කළමනාකරු වසන්ත ප්‍රදීප් මාසිංහගේ ඇතුළු සාමාජිකයෝ පිරිසක් එක්ව සිටියහ. |
2018-10-19T09:32:51.000Z | BREAKING : මහජන බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය ඉල්ලා අස්වීමට සූදානම්.. | මහජන බැංකු අධ්‍යක්ෂ මණ්ඩලය ඉල්ලා අස්වීමට සූදානම්.. | COLOMBO (News 1st) : ජනාධිපතිවරයාගේ නියෝගය අනුව තමා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය ඉල්ලා අස්වීමට සූදානමින් සිටින බව මහජන බැංකුවේ සභාපති හේමසිරි ප්‍රනාන්දු මහතා පවසයි. නිවුස් ෆස්ට් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ, විෂයභාර අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ජනාධිපතිවරයා විසින් ලබාදුන් නියෝගය මෙතෙක් තමන්ට ලබා නොදීම ඉල්ලා අස්වීමට ගැටලුවක් ව ඇති බවයි. https://www.youtube.com/watch?v=yvMbM7xMcXE |
2018-10-19T08:09:37.000Z | අගමැති කොංග්‍රස් පක්ෂයේ නායකයින් හමුවෙයි | අගමැති කොංග්‍රස් පක්ෂයේ නායකයින් හමුවෙයි | COLOMBO (News 1st) : ඉන්දියාවේ නිල සංචාරයක නිරත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද ඉන්දීය කොංග්‍රස් පක්ෂයේ නායකයින් හමුවිය. හිටපු අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං, සෝනියා ගාන්ධි සහ රාහුල් ගාන්ධි යන මහත්ම මහත්මීන් නවදිල්ලි නුවර පැවති මෙම හමුවට එක්ව සිටියහ. රනිල් වික්‍රමසිංහ මහතා සමග මලික් සමරවික්‍රම, සාගල රත්නාය හා අර්ජුණ රණතුංග යන අමාත්‍යරුන් ඇතුළු පිරිසක් එක්ව සිටිති. තෙදින සංචාරයක් සඳහා පිටත්ව ගිය අග්‍රාමාත්‍යවරයා ඊයේ රාත්‍රියේ නවදිල්ලි ගුවන් තොටුපොළට ළඟා විය. ඔහු හෙට ඉන්දීය අගමැති න්රේන්ද්‍ර මෝදි මහතා හමුවීමට නියමිත ය. |
2018-10-19T06:22:25.000Z | රාත්‍රියේ සිට අනිද්දා දක්වා පළාත් රැසකට තද වැසි | රාත්‍රියේ සිට අනිද්දා දක්වා පළාත් රැසකට තද වැසි | COLOMBO (News 1st) : මධ්‍යම, ඌව, සබරගමු පළාත්වලට ත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට ත් මිලිමීටර් 150 කට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ දිවයිනේ සෙසු ප්‍රදේශවලට ද විශේෂයෙන් උතුරුමැද සහ වයඹ පළාත් ඇතුළු ප්‍රදේශ රැසකට මිලිමීටර් 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවයි. දිවයිනේ වැසි තත්ත්වය අද රාත්‍රියේ සිට අනිද්දා දක්වා වැඩිවීමක් අපේක්ෂා කරන බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය. ගිඟුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ද ඇතිවිය හැකියි. අකුණු මගින් සිදුවන අනතුරු අවම කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දී සිටී. |
2018-10-19T05:11:53.000Z | මාධ්‍යවේදී ජමාල් මියගොස් ඇති බව ට්‍රම්ප් පිළිගනී..? | මාධ්‍යවේදී ජමාල් මියගොස් ඇති බව අමෙරිකාවත් පිළිගනී | COLOMBO : සෞදි අරාබි මාධ්‍යවේදි ජමාල් කෂෝගි නියත වශයෙන්ම මියගොස් ඇති බව පෙනී යන්නේ යැයි අමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. අමරිකානු ජනාධිපතිවරයා සඳහන් කළේ, ඊට එරෙහිව සෞදියට දැඩි දඬුවම් ලබා දිය යුතු බවයි. මේ හේතුවෙන් සෞදි අරාබියට දැඩි සම්බාධක පනවන්නැයි අමරිකානු නීතිවේදින් පිරිසක් ජනාධිපති ඩොනල් ට්‍රම්ප්ට දැඩිව අවධාරණය කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. කෙසේ වෙතත් සිය මිතුරු රටක් වන සෞදියට චෝදනා එල්ල වූ ජමාල්ගේ අතුරුදන්වීම වාර්තා වූ මුල් දින කිහිපයේ අමෙරිකාව මේ සම්බනධයෙන් ප්‍රතිචාර නොදැක්වීය. මේ අතර ඝාතනයට ලක් වූ බව කියන සෞදි මාධ්‍යවේදී ජමාල් කෂෝගි සෙවීමේ තුර්කි පොලිස් මෙහෙයුම් පුළුල් කර තිබේ. අනන්‍යතාව හෙළි නොකළ තුර්කි නිලධාරියෙකු උපුටා දක්වමින් BBC ය වාර්තා කර ඇත්තේ, ජමාල්ගේ සිරුර අසල පිහිටි බෙල්ග්‍රාඩ් වනාන්තරයේ හෝ ගොවිපළකට ගෙන ගොස් දමා ඇති බවට විශ්වාස කරන බවයි. පසුගිය 2 වනදා තුර්කියේ ඉස්තාන්බුල් නුවර පිහිටි සෞදි කොන්සල් කාර්යාලයට ඇතුළු වීමෙන් පසු කෂෝගි අතුරුදන් වූ අතර තුර්කිය චෝදනා කළේ, ඔහු කොන්සල් කාර්යාලය තුළදී ඝාතනය කර ඇති බවටයි. කෙසේ වෙතත් එල්ලවන ඝාතන චෝදනා සෞදි ආරාබිය දැඩි සේ ප්‍රතික්ෂේප කරමින් පැවසුවේ, ජමාල් සම්බන්ධයෙන් සෞදිය කිසිවක් නොදන්නා බවයි. ජමාල් සෞදි කොන්සල් කාර්යාලයට ගොස් ඇත්තේ, සිය තුර්කි ජාතික අනාගත සහකාරිය විවාහ කර ගැනීම සඳහා හිටපු සෞදි බිරිඳගෙන් දික්කසාද වූ බවට සහතික කෙරෙන ලේඛනයක් ලබා ගැනීම සඳහායි. Washington Post පුවත්පතේ ජනමාධ්‍යවේදියෙකු වන ජමාල් සෞදියේ ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු දැඩිව විවේචනය කළ මාධ්‍යවේදියෙකු වන අතර ඔහු අමෙරිකාවට පැමිණිමීට පෙර සෞදියේ මාධ්‍යවේදියෙකු ලෙස ද කටයුතු කර ඇත. කෙසේ වෙතත් පසුගිය 2 වනදා තුර්කියේ පිහිටි සෞදි කොන්සල් කාර්යාලට ඇතුළු වූ සෞදි මාධ්‍යවේදියාට සිදු වූයේ කුමක් ද යන්න තවදුරටත් අභිරහසකි. පෙර පුවත්.... *බ්‍රිතාන්‍යයෙන් සෞදි අරාබියට අනතුරු ඇඟවීමක්...! *තුර්කියේ සෞදි කොන්සල් කාර්යාලයට ගිය මාධ්‍යවේදියාට මොකද වුණේ...? |
2018-10-19T04:23:15.000Z | ශ්‍රීලනිප මාවනැල්ල සම සංවිධායකවරයා රිමාන්ඩ් | ශ්‍රීලනිප මාවනැල්ල සම සංවිධායකවරයා රිමාන්ඩ් | COLOMBO (News 1st) : බලපත්‍ර නොමැති ගිනිඅවි සමග අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාවනැල්ල සම සංවිධායක මොහොමඩ් ඉමිතියාස් කාදර් මහතා ලබන මස 2 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ. ඒ, අද දහවල් ඔහු කෑගල්ල මහේස්ත්‍රාත් චාමර වික්‍රමනායක මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. කෑගල්ල , ඈෂ්ලි පීරිස් මාවතේදී පොලිස් විශේෂ කාර්ය බලකාය සිදුකළ මෙහෙයුමකදී බලපත්‍ර නොමැතිව ගිනිඅවි තුනක් සහ උණ්ඩ තොගයක් සමග ඊයේ පෙරවරුවේ සැකකරු අත්අඩංගුවට ගැනිණ. එහිදී එම්. පී. 5 කේ වර්ගයේ ගිනි අවියක්, ටි - 56 ගිනි අවියක් සහ රිපීටර් වර්ගයේ ගිනි අවියක් සොයා ගෙන තිබේ. ඊට අමතරව Nine M M වර්ගයේ උණ්ඩ 79 ක්, ටී 56 ගිනි අවි සඳහා යොදා ගන්නා උණ්ඩ 33 ක්, රිපිටර් වර්ගයේ ගිනි අවි සඳහා භාවිත කරන උණ්ඩ 17 ක් සහ සජීව පතරොම් 11 ක් ද එම මෙහෙයුමේදී පොලිස් විශේෂ කාර්ය බලකාය සොයා ගත්තේ ය. ඔහු වැඩිදුර විමර්ශන සඳහා ඊයේ සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසයට භාර දුන්නේ ය. |
2018-10-19T02:00:29.000Z | කොළඹ ප්‍රදේශ රැසකට පැය 17ක ජල කප්පාදුවක් | කොළඹ ප්‍රදේශ රැසකට පැය 17ක ජල කප්පාදුවක් | COLOMBO (News 1st) - කෝට්ටේ මහ නගර සභා බල ප්‍රදේශය, කොළඹ 05, කොළඹ 07 සහ කොළඹ 08 ප්‍රදේශවලට අද දහවල් 12 සිට පැය 17ක කාලයක් ජල සැපයුම අත්හිටවූ බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. ඒ, අඹතලේ සිට ජුබිලි ජල තටාකයට ජලය සැපයෙන ප්‍රධාන නළ මාර්ගයේ හදිසි අලුත්වැඩියාවක් හේතුවෙනි. මේ අනුව අදාළ ප්‍රදේශවලට හෙට උදෑසන 5.00 දක්වා ජල සැපයුම අත්හිටවනු ඇති. එම කාල සීමාව තුළ කොළඹ 06, බොරලැස්ගමුව සහ මහරගම නගර සභා බල ප්‍රදේශවලට අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙන බව ද ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේ ය. මේ හේතුවෙන් ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන්නැයි මණ්ඩලය ජනතාවට දැනුම් දෙයි. |
2018-10-19T01:12:02.000Z | ගෑස් මිල ඉහළ දැමීමට ඉඩ දෙන්නේ නැහැ - කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශය | "ගෑස් මිල ඉහළ දැමීමට ඉඩ දෙන්නේ නැහැ" | COLOMBO (News 1st) - ගෑස් මිල ඉහළ දැමීමට සමාගම්වලට ඉඩ නොදෙන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශය පවසන්නේ, ජාත්‍යන්තර වෙළෙඳපොළේ බොර තෙල් මිල ඉහළ ගිය ද ගෑස් මිල වැඩි කිරීමට ඉඩ ලබා දිය නොහැකි බව ය. අමාත්‍ය රිෂාඩ් බද්‍යුදීන් මහතා ඊයේ ලිට්ට්‍රෝ ගැස් සමාගමේ සහ පාරිභෝගික කටයුතු අධිකාරියේ නිලධාරීන් සමග පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මෙම තීරණය ගෙන තිබේ. ගෑස් සැපයුම්කරුවන්ගේ ගෑස් ප්‍රවාහන වියදම් තුලනය කිරීම ආශ්‍රිතව ඉල්ලීම ජීවන වියදම් කමිටුවට හා මුදල් අමාත්‍යංශයට යොමු කිරීමට පියවර ගන්නා බවත් අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේ ය. |
2018-10-18T23:21:52.000Z | ඔස්ට්‍රේලියාවේදී අත්අඩංගුවට ගත් ලාංකික සිසුවාට එරෙහි චෝදනා සහ නඩුව එරට පොලීසිය ඉල්ලා අස් කර ගනී | මොහොමඩ් නිසාම්ඩීන්ට එරෙහි චෝදනා ඉල්ලා අස් කර ගනී | (News 1st) - ත්‍රස්ත චෝදනා මත ඔස්ට්‍රේලියාවේදී අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයෙකු වන මොහොමඩ් නිසාම්ඩීන්ට එරෙහිව ගොනු කළ චෝදනා සහ නඩුව එරට පොලීසිය ඉල්ලා අස් කර ගෙන තිබේ. විදෙස් මාධ්‍ය සඳහන් කළේ, චෝදනා තහවුරු කිරීමට ප්‍රමාණවත් සාක්ෂි නොමැති වීමෙන් නඩුව ඉල්ලා අස් කර ගෙන ඇති බව ය. ඔස්ට්‍රේලියාවේ, නිව් සවුත්වේල්ස් සරසවියේ අධ්‍යාපනය හදාරන සිසුවෙකු වන මොහොමඩ් නිසාම්ඩීන් ත්‍රස්ත ක්‍රියාවලට සම්බන්ධ පුද්ගලයෙකු යැයි පවසමින් පසුගිය අගෝස්තු මාසයේදී අත්අඩංගුවට පත් විය. ඒ, එරට අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් සහ ජූලි බිෂොප් ඝාතනය කිරීමට තැත් කළ සැලසුමක් සම්බන්ධ සටහනක් ඔහුගේ සටහන් පොතක තිබූ බව පවසමිනි. විදෙස් වාර්තාවල දැක්වුණේ, සිඩ්නි නුවර ස්ථාන කිහිපයකට ත්‍රස්ත ප්‍රහාර එල්ල කිරීමට සැලසුම් කළ ලේඛනයක් ද ඔහු සතුව තිබී ඇති බව ය. හිටපු කථානායක බ්‍රොන්වින් බිෂොප්, සිඩ්නි ඔපෙරා හවුස් ඇතුළු තවත් පොලිස් ස්ථාන කිහිපයක් ද ඒ අතර වේ. කෙසේ වෙතත් සොයා ගත් සටහන්වල පැවති අත් අකුරු ඔහුගේ අත් අකුරු බවට සහතික කිරීමට පසුගිය නඩු වාරයේදී එරට පොලීසිය අපොහොසත් විය. අද මොහොමඩ් නිසාම්ඩීන්ට එරෙහි නඩුව පොලීසිය ඉල්ලා අස් කර ගැනීමෙන් අනතුරුව ඔහුගේ නීතිඥයා පැවසුවේ, තම සේවාදායකයාට සිදු වූ අසාධාරණයට එරෙහිව නීතිමය පියවර ගැනීමට අපේක්ෂා කරන බව ය. ඒ සඳහා වැය වූ නඩු ගාස්තු ලබා ගැනීමට අපේක්ෂා කරන බව ද ඔහු සඳහන් කළේ ය. |
2018-10-18T21:15:12.000Z | ජමාල් ඛෂෝගි සොයා ඉස්තාන්බුල් නුවර කැළෑ ප්‍රදේශයක මෙහෙයුමක් | ජමාල් ඛෂෝගි සොයා මෙහෙයුමක් | (News 1st) - තුර්කි පොලීසිය අතුරුදන් වූ සෞදි මාධ්‍යවේදී ජමාල් ඛෂෝගි සොයා ඉස්තාන්බුල් නුවර කැළෑ ප්‍රදේශයක් හා වෙරළ ආශ්‍රිත ප්‍රදේශයේ විශේෂ සොදිසි මෙහෙයුමක් ආරම්භ කර තිබේ. ඒ, නිර්ණාමිකව තුර්කි බලධාරියෙකු ඔහුගේ සිරුර ඉස්තාන්බුල් නුවරට යාබද කැළෑ ප්‍රදේශයක තිබෙන බවට ප්‍රකාශ කිරීමෙන් අනතුරුව ය. මීට සති දෙකකට පෙර තුර්කියේ ඉස්තාන්බුල් නුවර පිහිටි සෞදි කොන්සල් කාර්යාලයට ඇතුළු වීමෙන් අනතුරුව මාධ්‍යවේදී ජමාල් ඛෂෝගි අතුරුදන් විය. දැඩි වද හිංසාවලට ලක් කිරීමෙන් අනතුරුව හිස ගසා දමා ජමාල් ඛෂෝගි ඝාතනය කර ඇති බව තුර්කි මාධ්‍ය ඊයේ වාර්තා කළේ ය. මේ අතර නවතම බුද්ධි තොරතුරු අනුව ජමාල් ඛෂෝගි මිය ගොස් ඇති බවට වාර්තා වන බව අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිව්යෝක් ටයිම්ස් පුවත්පතට පවසා තිබේ. ඔහු පවසා ඇත්තේ, ඛෂෝගිට සැබෑ ලෙසම සිදු වූ දේ පිළිබඳව දැන ගැනීමට තමන් ඉතා ඕනෑකමින් පසුවන බව ය. |
2018-10-18T20:59:58.000Z | අල්ලස්, වත්කම් බැරකම් සහ අල්ලස් කොමිෂන් සභා පනත්, එකම පනතක් කිරීමට කැබිනට් යෝජනාවක් | පනත් කිහිපයක් එක් කොට නව පනතක් සැකසීමට යෝජනාවක් | COLOMBO (News 1st) - අල්ලස්, වත්කම් බැරකම් සහ අල්ලස් කොමිෂන් සභා යන පනත් එක් කොට නව පනතක් සකස් කිරීමට අදාළ යෝජනාවක් කැබිනට් මණ්ඩලයට යොමු කර තිබේ. ඒ, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසිනි. එහි අධ්‍යක්ෂ ජනරාල්, ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා සඳහන් කළේ, පාර්ලිමේන්තුවේදී රැස්වූ දූෂණ විරෝධී සහ මාධ්‍ය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව මෙම තීරණයට එළැඹි බව ය. |
2018-10-18T19:42:22.000Z | ගෙවුණු දවස උණුසුම් කළ පුවත්… | ගෙවුණු දවස උණුසුම් කළ පුවත්… | COLOMBO (News 1st) 1. ඉන්දීය රෝ සංවිධානය විසින් තමා ඝාතනය කිරිමේ තැතක් සම්බන්ධයෙන් කිසිදු ප්‍රකාශයක් කර නැති බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා ප්‍රතිචාර දක්වා තිබේ. 2. වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳව සොයා බලා වාර්තාවක් සැපයීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කමිටුවක් පත් කර තිබේ. 3. අග්‍රාමාත්‍යවරයා ඇතුළු බොහෝ දෙනෙක් නොදැන සිටි ඉන්ධන මිල සූත්‍රය මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ඊයේ මාධ්‍යයට අනාවරණය කළේ ය. 4. බලපත්‍ර නොමැතිව ගිනිඅවි ළඟ තබා ගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාවනැල්ල සම සංවිධායක මොහොමඩ් ඉමිතියාස් කාදර් මහතා වැඩිදුර විමර්ශන සඳහා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසයට භාර දී තිබේ. විදෙස් පුවත් 5. ඉන්දියාවේ විදේශ කටයුතු පිළිබඳ කනිෂ්ඨ අමාත්‍ය එබ්.බී. අක්බර් මහතා සිය ධූරයෙන් ඉල්ලා අස් වීමට අදාළ ලිපිය භාර දී තිබේ. ක්‍රීඩා පුවත් 6. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සිදු වීමට ගිය මහා පරිමාණ මූල්‍ය වංචාවක තොරතුරු අනාවරණය වීමත් සමග එවකට මූල්‍ය ප්‍රධානියා මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මග හරිමින් සිටින බවට තොරතුරු වාර්තා වේ. |
2018-10-18T19:31:59.000Z | හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා අදත් CIDය හමුවට | හිටපු නි. පොලිස්පති නාලක ද සිල්වා අදත් CIDය හමුවට | COLOMBO (News 1st) - ත්‍රස්ත විමර්ශන අංශය භාරව සිට වැඩ තහනමට ලක් වූ නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා අදත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබේ. පොලීසිය සඳහන් කළේ, අද පෙරවරු 9.30ට පැමිණෙන්නැයි ඔහුට දැනුම් දී ඇති බව ය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීහු ඊයේ ඔහුගෙන් පැය 9කට ආසන්න කාලයක් ප්‍රශ්න කළහ. ඒ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් ඝාතන කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර මහතා කළ හෙළිදරව්ව හේතුවෙනි. ඔහු ඊයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියේ, දෙවන වරට කරන ලද දැනුම් දීම අනුව ය. පසුගිය 16 වන දා ද ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා නාලක ද සිල්වා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවනු ලැබුවත් පෞද්ගලික හේතුවක් සඳහන් කර ඔහු එදින නොපැමිණියේ ය. |
2018-10-18T11:31:11.000Z | හිටපු ජනපති පත් කළ ආර්ථික කමිටුවේ සිටින අයගේ කෙරුවාවන් | හිටපු ජනපති පත් කළ ආර්ථික කමිටුව | COLOMBO (News 1st) - වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳව සොයා බලා වාර්තාවක් සැපයීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කමිටුවක් පත් කර තිබේ. ඒ, අජිත් නිවාඩ් කබ්රාල්, ආචාර්ය නාලක ගොඩහේවා සහ එස්. අමරසේකර යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙනි. අජිත් නිවාඩ් කබ්රාල් * 2006 ජුලි 1 වන දා සිට 2015 ජනවාරි 9 දක්වා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයායි. * 2011 වසරේ මුළු ලෝකයම කඩා වැටෙන ආර්ථිකයක් ලෙස හඳුනාගත් ග්‍රීසියේ බැඳුම්කරවල අපේ රටේ ජනතාවගේ මුදල් ආයෝජනය කිරීම. අලාභය රුපියල් මිලියන 1257යි. * පවුල් වාදය මුලට ගෙන එමින් ආන්දෝලනාත්මක බැඳුම්කර වංචාවට සම්‍බන්ධ පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමට ප්‍රාථමික ගැනුම්කරුවෙකු ලෙස කටයුතු කිරීමට අවසර දීම මෙන්ම තම සහෝදරිය වන ශිරෝමි වික්‍රමසිංහ මහත්මිය එහි අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකාවක ලෙස කටයුතු කිරීමට සැලැස්වීම. * තම සහෝදරිය වන ශිරෝමි වික්‍රමසිංහ මහත්මිය ලංකා පුත්‍ර සංවර්ධන බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී ධූරය දරමින් අසාර්ථක මිහින් ලංකා සමාගමට රුපියල් මිලියන 300ක් ආයෝජනය කිරීමට ඉඩ ලබා දීම. * සේවක අර්ථ සාධක අරමුදලේ මුදල් යොදා ගෙන අසාර්ථක ආයෝජන කර අරමුදලට අලාභ කිරීම. * ඉහළ මිල ගණන් ගෙවා විදේශීය උපදේශන සමාගම්වල සේවය ලබා ගැනීම. මේ සියල්ල සිදු වන්නේ අජිත් නිවාඩ් කබ්රාල් මහ බැංකු අධිපතිවරයා ලෙස කටයුතු කළ සමයේදී ය. ආචාර්ය නාලක ගොඩහේවා * කුප්‍රකට පම්පින් හා ඩම්පින් ක්‍රමය භාවිත කරමින් කොටස් වෙළෙඳපොළ මිල ගණන් කෘතීම ලෙස උච්චාවචනය කරමින් අයුතු ලාභ උපයා ගැනීම. * කුප්‍රකට ක්‍රිෂ් නිවාස ව්‍යාපෘතියේ දූෂණ සම්බන්ධයෙන් නම් සඳහන් වීම. * කොටස් වෙළෙඳපොළ සතුව තිබූ මුදල් මිලියන ගණන් විවිධ හේතු දක්වමින් නාමල් රාජපක්ෂට මුදා හැරීම. වසර 4ක් තිස්සේ මේ රජයේ අමාත්‍යවරුන්ට හෝ වගකිව යුතු ආයතනවලට පම්පින් සහ ඩම්පින් වැනි අක්‍රමිකතා සම්බන්ධයෙන් කිසිදු පරීක්ෂණයක් හෝ නීතිමය ක්‍රියාමාර්ගයක් ගෙන නොමැත. හිටපු ජනාධිපතිතුමනී මේ ඔබ තුමන් පවතින ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්නට විසඳුම් සෙවීමට උපකාර පතන අයගේ කෙරුවාවෙන් බිඳකි. |
2018-10-18T11:10:24.000Z | ඉන්ධන මිල සූත්‍රය කරළියට: පාරිභෝගිකයින්ගෙන් සැඟවූ බදු ප්‍රමාණය හෙළි වෙයි | කවුරුත් ඉල්ලූ මිල සූත්‍රය | COLOMBO (News 1st) - අග්‍රාමාත්‍යවරයා ඇතුළු බොහෝ දෙනෙක් නොදැන සිටි ඉන්ධන මිල සූත්‍රය මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා අද මාධ්‍යයට අනාවරණය කළේ ය. එම මිල සූත්‍රය පහත පරිදි වේ. MRP = V i + V ii + V iii + V iv ඉහත මිල සූත්‍රය ක්‍රියාත්මක කිරීමේදී සිංගප්පූරු Platts බැරලයක මිල මෙන්ම රුපියලේ හුවමාරු වටිනාකම වෙනස් වීම පාලනය කළ නොහැකි විචල්‍යන් බවත් අනෙකුත් දර්ශක පාලනය කළ හැකි ස්ථාවර ඒවා බවත් අමාත්‍යවරයා පෙන්වා දෙයි. ඒ අනුව පාලනය කළ හැකි දර්ශකයන් මොනවා ද? මිල සූත්‍රයට අනුව 2018 ඔක්තෝබර් 10 සිට ඔක්ටෙන් 92 පෙට්‍රල් සහ ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල වෙනස් වීමට අදාළව සලකා බැලීමේදී වඩාත් පැහැදිලි වන කරුණ නම් ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් සඳහා බදු වශයෙන් රුපියල් 53.68ක් ද ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් සඳහා බදු වශයෙන් රුපියල් 61.27ක් ද බදු වශයෙන් අය කරන බව ය. ඒ අනුව මුදල් අමාත්‍යංශය පවසන පරිදි සෙසු මෙම දර්ශකයන් පාලනය කිරීමට හැකි නම් මෙලෙස අය කරන බදු ද පාලනය කිරීමට හැකියාව පවතී. මේ බදු ප්‍රමාණය ඉවත් කරන්නේ නම්, දැනට වෙළෙඳපොළේ රුපියල් 155ට අලෙවි වන ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 102කට ද, රුපියල් 169ට අලෙවි වන ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 108ක් වැනි මුදලකට ද ලබාදීමට හැකියාව පවතී. එමෙන් ම මිල සූත්‍රයට අනුව 2018 ඔක්තෝබර් 10 සිට ඔටෝ ඩීසල් ලීටරයක් සඳහා බදු වශයෙන් අය කරන ප්‍රමාණය සටහන් වන්නේ රුපියල් 25.48ක් ද, සුපර් ඩීසල් සඳහා බදු අය කිරීම රුපියල් 32.21ක් ලෙස ය. ඒ අනුව එම බදු ප්‍රමාණය ද ඉවත් කරන්නේ නම් මෙරට සාමාන්‍ය ජනතාවට දැනට රුපියල් 123ක්ව පවතින ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 98කට ද දැනට රුපියල් 141ක්ව පවතින සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 109කට ද අලෙවි කිරීමේ හැකියාව පවතී. එවන් තත්ත්වයක් තුළ රජය මිල සූත්‍ර හඳුන්වා දෙනවා වෙනුවට බදු ගැසීම අවම කර ජනතාවට සහන නොදෙන්නේ ඇයි ? |
2018-10-18T10:24:22.000Z | ශ්‍රී ලංකා ක්‍රිකට් මූල්‍ය ප්‍රධානියා CIDය මග හරියි | ශ්‍රී ලංකා ක්‍රිකට් මූල්‍ය ප්‍රධානියා CIDය මගහරියි | COLOMBO (News 1st) - ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සිදු වීමට ගිය මහා පරිමාණ මූල්‍ය වංචාවක තොරතුරු අනාවරණය වීමත් සමග එවකට මූල්‍ය ප්‍රධානියා මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මග හරිමින් සිටින බවට තොරතුරු වාර්තා වේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් මූල්‍ය අංශ ප්‍රධානියාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා නුගේගොඩ පිහිටි ඔහුගේ නිවසට කිහිප වරක් ගොස් ඇති බවට මාධ්‍ය වාර්තා පළ විය. එම තොරතුරු වාර්තා කරන්නේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා නුගේගොඩ පිහිටි ඔහුගේ නිවසට ගිය ද එහි කිසිවෙකු නොමැති බව ය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සිදු වීමට ගිය මූල්‍ය වංචාව පිළිබඳව පාර්ලිමේන්තුවේදී අදහස් පළ කළ හිටපු ක්‍රිකට් ආයතන සභාපති තිලංග සුමතිපාල මහතා පැවැසුවේ, මෙම සිදුවීම සයිබර් ප්‍රහාරයක් විය හැකි බව ය. නමුත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තොරතුරු පද්ධතියේ මෙහෙයුම් කටයුතු සිදු කරන කීර්තිමත් ජාත්‍යන්තර සමාගම තහවුරු කර ඇත්තේ එවැන් සයිබර් ප්‍රහාරයක් එල්ල වී නොමැති බව ය. එය අභ්‍යන්තර ආරංචි මාර්ගයක් ඔස්සේ සනාථ කර තිබේ. මේ පිළිබඳව පැවති මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන තාක්ෂණික අංශයේ නිලධාරියා තහවුරු කළේ ද එවැනි සයිබර් ප්‍රහාරයක් එල්ල වී නොමැති බව ය. |
2018-10-18T09:36:51.000Z | ජනපති ඝාතන තැත පිළිබඳව හින්දු පුවත්පත පළ කළ ප්‍රවෘත්තිය පිටුපස ඇත්තේ කුමක් ද? | ජනපති ඝාතන තැත.... අසත්‍ය තොරතුරු දුන්නේ කවුද? | COLOMBO (News 1st) - ඉන්දීය රෝ සංවිධානය විසින් තමා ඝාතනය කිරිමේ තැතක් සම්බන්ධයෙන් කිසිදු ප්‍රකාශයක් කර නැති බවට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා ප්‍රතිචාර දක්වා තිබේ. නිවේදනයක් මාධ්‍ය වෙත නිකුත් කරමින් ඉන්දිය අගමැති නරේන්ද්‍ර මෝදි ප්‍රකාශ කර ඇත්තේ, මෙම ඝාතන තැත සම්බන්ධයෙන් පළ කළ පුවත්පත් වාර්තා ද්වේශ සහගත බව ත් ඒ සම්බන්ධයෙන් ජනපති මෛත්‍රිපාල සිරිපාල මහතා කළ ඉක්මන් ප්‍රතිචාරය තමා අගය කරන බවයි. ඊයේ පස්වරුවේ, මේ සම්බන්ධයෙන් ජනපති සිරිසේන මහතා තමා සමග දුරකතනයෙක් සාකච්ඡා කළ බවත් මෙම නිවේදනයේ අගමැති මෝදි මහතා සඳහන් කර තිබේ. ද හින්දු පුවත්පත වාර්තා කළ අන්දමට, ඉන්දිය රෝ සංවිධානය තමා ඝාතනය කිරිමට තැත් කරන බවට කිසිදු ප්‍රකාශයක් සිදු කර නොමැති බවත් මෙම වාර්තාව දෙරටේ මිත්‍රත්වය පළුඳු කිරීම අරමුණු කර ගනිමින් පළ කළ හුදු ද්වේශ සහගත තැතක් බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා ඇති බවත් මෙම නිවේදනයේ සඳහන් ය. මේ අතර මෙම වාර්තාව පළ කළ ද හින්දු පුවත් සේවයට එරෙහිව ඉන්දීය රජය ගනු ලබන පියවර මොනවා ද යන්න ප්‍රශ්නයක් පැන නගී. මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය කාර්යාලයේ ප්‍රතිචාරය දැන ගැනීම සඳහා අප අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්ටි සහ මාධ්‍ය ලේකම් පියසේන දිසානායක යන මහත්වරුන් සම්බන්ධ කර ගත් අතර ඔවුන් පැවසුවේ, මෙය අගමැති කාර්යාලයට අදාළ කරුණක් නොවන බව ය. ඊට අදාළ කිසිදු තොරතුරක් හෝ ප්‍රතිචාරයක් ඔවුන් අප වෙත නොදැක්විය. කිසියම් පාර්ශවයක් මෙවැනි අසත්‍ය තොරතුරු විදෙස් මාධ්‍ය වෙත ලබා දීම මගින් බලාපොරොත්තු වන්නේ දෙරටේ රාජ්‍ය නායකයින් අතර අර්බුදයක් නිර්මාණය කිරීමට ද? අග්‍රාමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් තවමත් නිහඬ පිළිවෙතක් අනුගමනය කරන්නේ ඇයි? මේ පිළිබඳව විධිමත් පරීක්ෂණයක් සිදු කර රටේ ජනතාවට සත්‍ය දැන ගැනීමට අයිතියක් නැද්ද? |
2018-10-18T06:37:49.000Z | ටී - 56 ඇතුළු ගිනිඅවි දෙකක් සමග මාවනැල්ල ආසන සංවිධායකවරයෙකු අත්අඩංගුවට | මොහොමඩ් ඉමිතියාස් අපරාධ විමර්ශන කොට්ඨාසය භාරයට | COLOMBO (News 1st) - බලපත්‍ර නොමැතිව ගිනිඅවි ළඟ තබා ගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාවනැල්ල සම සංවිධායක මොහොමඩ් ඉමිතියාස් කාදර් මහතා වැඩිදුර විමර්ශන සඳහා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසයට භාර දී තිබේ. එහි උසස් නිලධාරියෙකු සඳහන් කළේ, ඔහුගෙන් මේ වන විට ප්‍රශ්න කිරීම් සිදු කරන බව ය. බලපත්‍ර නොමැතිව ගිනිඅවි 3ක් සහ උණ්ඩ තොගයක් සමග අද පෙරවරුවේ සැකකරු අත්අඩංගුවට ගැනුණේ ඔහු පදිංචි නිවසේ සිටියදී ය. ඒ, කෑගල්ල ඈෂ්ලි පීරිස් මාවතේදී පොලිස් විශේෂ කාර්ය බලකාය සිදු කළ මෙහෙයුමකිනි. එහිදී එම්. පී. 5 කේ වර්ගයේ ගිනිඅවියක්, ටි - 56 ගිනිඅවියක් සහ රිපීටර් වර්ගයේ ගිනිඅවියක් සොයා ගෙන තිබේ. ඊට අමතරව 9 MM වර්ගයේ උණ්ඩ 79ක්, ටී 56 ගිනිඅවි සඳහා යොදා ගන්නා උණ්ඩ 33ක්, රිපීටර් වර්ගයේ ගිනිඅවි සඳහා භාවිත කරන උණ්ඩ 17ක් සහ සජීව පතරොම් 11ක් ද එම මෙහෙයුමේදී පොලිස් විශේෂ කාර්ය බලකාය සොයා ගෙන තිබේ. සැකකරු මෙම ගිනිඅවි සන්තකයේ තබා ගෙන සිටියේ කුමන හේතුවක් මත ද යන්න පිළිබඳව වැඩිදුර විමර්ශන සිදු කරන ලෙස පොලිස්පතිවරයා විසින් උපදෙස් ලබා දී තිබේ. මෙම සැකකරුට එරෙහිව ගිනිඅවියක් සම්බන්ධයෙන් අධිකරණයේ නඩුවක් විභාග වෙමින් පවතින බව ද පොලීසිය ප්‍රකාශ කළේ ය. අත්අඩංගුවට ගත් සැකකරු හෙට කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය. |
2018-10-18T05:45:28.000Z | අගමැති ඉන්දියාව බලා පිටත්ව යයි | අගමැති ඉන්දියාව බලා පිටත්ව යයි | COLOMBO (News 1st) - අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද පස්වරුවේ ඉන්දියාව බලා පිටත්ව ගියේ ය. කටුනායක ගුවන්තොටුපොළ කාර්යය භාර කළමනාකරු සඳහන් කළේ, අග්‍රාමාත්‍යවරයා සමග 15 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ඉන්දියාව බලා පිටත්ව ගිය බව ය. දෙදින නිල සංචාරයක් සඳහා රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවට පැමිණෙන බව ද හින්දු පුවත්පත පසුගියදා වාර්තා කර තිබිණි. එහි වැඩිදුරටත් දැක්වුණේ, සිය සංචාරයේදී අග්‍රාමාත්‍යවරයා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හමු වීමට ද නියමිත බව ය. |
2018-10-18T01:51:47.000Z | ඇමති මණ්ඩලයේ සාකච්ඡා කළ කරුණු විකෘති කළ අය ගැන සෙවිය යුතුයි | තොරතුරු විකෘති කළ අය ගැන සෙවිය යුතුයි | COLOMBO (News 1st) : අමාත්‍ය මණ්ඩලයේ සාකච්ඡා කළ කරුණු විකෘති කරමින් තොරතුරු ලබාදුන් පුද්ගලයින් පිළිබඳව වහා සොයා බැලිය යුතු බව අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පවසයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාධ්‍ය හමුවට සහභාගීවෙමින් අමාත්‍යවරයා කියා සිටියේ මෙය අර්බුදයක් නිර්මාණය කිරීමේ අරමුණින් හිතාමතා සිදුකළ දෙයක් බවයි. |
2018-10-18T01:35:55.000Z | ජනපති මෛත්‍රීගේ ප්‍රකාශයට ඉන්දීය අගමැතිගෙන් ප්‍රතිචාර | ජනපතිගේ ප්‍රකාශයට ඉන්දීය අගමැතිගෙන් ප්‍රතිචාර | COLOMBO (News 1st) : ඉන්දීය රෝ සංවිධානය විසින් තමා ඝාතනය කිරිමේ තැතක් සම්බන්ධයෙන් කිසිදු ප්‍රකාශයක් කර නැති බවට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ප්‍රතිචාර දක්වා තිබේ. නිවේදනයක් මාධ්‍ය වෙත නිකුත් කරමින් ඉන්දිය අගමැති නරේන්ද්‍ර මෝදි ප්‍රකාශ කර ඇත්තේ, මෙම ඝාතන තැත සම්බන්ධයෙන් පළ කළ පුවත්පත් වාර්තා ද්වේශ සහගත බව ත් ඒ සම්බන්ධයෙන් ජනපති මෛත්‍රිපාල සිරිපාල මහතා කළ ඉක්මන් ප්‍රතිචාරය තමා අගය කරන බවයි. ඊයේ පස්වරුවේ, මේ සම්බන්ධයෙන් ජනපති සිරිසේන මහතා තමා සමග දුරකථනයෙක් සාකච්ඡා කළ බවත් මෙම නිවේදනයේ අගමැති මෝදි මහතා සඳහන් කර තිබේ. ද හින්දු පුවත්පත වාර්තා කළ අන්දමට, ඉන්දිය රෝ සංවිධානය තමා ඝාතනය කිරිමට තැත් කරන බවට කිසිදු ප්‍රකාශයක් සිදු කර නොමැති බවත් මෙම වාර්තාව දෙරටේ මිත්‍රත්වය පළුඳු කිරීම අරමුණු කර ගනිමින් පළ කළ හුදු ද්වේශ සහගත තැතක් බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා ඇති බවත් මෙම නිවේදනයේ සඳහන් ය. මේ අතර මෙම වාර්තාව පළ කළ ද හින්දු පුවත් සේවයට එරෙහිව ඉන්දීය රජය ගනු ලබන පියවර මොනවා ද යන්න ප්‍රශ්නයක් පැන නගී. කෙසේ වෙතත් ද හින්දු පුවත්පත සහ ශ්‍රී ලංකාවේ වර්තමාන අග්‍රාමාත්‍යවරයා අතර ඉතා දිගු කාලීන සම්බන්ධතාවක් පවතින බවත් අප සිහිපත් කළ යුතුයි. |
2018-10-18T00:46:11.000Z | නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා CID ය හමුවට | නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා CID ය හමුවට | COLOMBO (News 1st) : දෙවනි වරටත් කරන ලද දැනුම් දීම අනුව ත්‍රස්ත විමර්ශන අංශය භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා අද උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිට ඇත. අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ, පරීක්ෂණ නිලධාරීන් ඔහුගෙන් මේ වනවිට ප්‍රශ්න කරමින් සිටින බවයි. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් ඝාතන කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් දූෂණ විරෝධි බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර මහතා කළ හෙළිදරව්වකින් අනතුරුව නාලක ද සිල්වා මහතා පසුගිය 16 වැනි දා ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවනු ලැබුවත් පෞද්ගලික හේතුවක් සඳහන් කර ඔහු එදින එහි නොපැමිණියේ ය. ඒ අනුව කුරුඳුරුවත්ත පොලීසිය මගින් ඒ මහතාට දෙවැනි වරටත් කැඳවිම් යැවීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කර තිබිණ. මේ අතර අදාළ හෙළිදරව්ව කළ නාමල් කුමාර මහතා පසුගිය සඳුදා යළිත් වරක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ප්‍රකාශයක් ලබා දුන්නේ ය. |
2018-10-18T00:39:53.000Z | වැඩි මිලට ජල බෝතල් විකුණූ වෙළෙඳසල් 10කට නඩු | වැඩි මිලට ජල බෝතල් විකුණූ වෙළෙඳසල් 10කට නඩු | COLOMBO (News 1st) : ගම්පහ නගරයේ වැඩි මිලට පානිය ජල බෝතල් අලෙවි කළ ව්‍යාපාරික ස්ථාන 10කට විරුද්ධව නඩු පැවරීමට පාරිභෝගික සේවා අධිකාරියේ දිස්ත්‍රික් විමර්ශන ඒකකය කටයුතු කර තිබේ. මෙම වෙළෙඳසල් පරීක්ෂාව සිදුකර ඇත්තේ ලද තොරතුරකට අනුවයි. මෙහිදි වැඩි මිලට ජල බෝතල් විකණීම සම්බන්ධයෙන් වායපාරික ස්ථාන 10ක් වටලා තිබේ. 2018 9 28 දරණ ගැසට් නිවේදනයට අනුව පානිය ජල බෝතල් සඳහා උපරිම සිල්ලර මිලක් පනවා ඇති අතර ඒ අනුව මිලිලීටර 500 ජල බෝතලයක් රුපියල් 35ක් මිලිලිටර් 750 ජල බෝතලයක් රුපියල් 40ක් ලීටරයේ ජල බෝතලයක් රු 50ක් වනු ඇති. |
2018-10-17T23:50:54.000Z | ලබන වසරේ සිට උඳු, රටකජු ආනයනය තහනම් | ලබන වසරේ සිට උඳු, රටකජු ආනයනය තහනම් | COLOMBO (News 1st) : උඳු හා රටකජු ආනයනය ලබන වසරේ සිට තහනම් කිරීමට රජය තීරණය කර තිබේ. කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේ, බඩ ඉරිඟු හා මුං ඇට ඇතුළු ධාන්‍ය වර්ග රැසක් සඳහා දැනට පවතින බදු ලබන වසරේ සිට දෙගුණ කිරීමට සැලසුම් කර ඇති බවයි. දේශීය ආහාර භෝග ප්‍රවර්ධනය සඳහා මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක බව ද ඔහු පැවසී ය. මේ අතර රට කජු හා උඳු ආනයනය සඳහා ලබන වසරේ සිට බලපත්‍ර ලබාදීම අත්හිටුවන බව ද අමාත්‍යවරයා පැවසී ය. |
2018-10-17T22:55:44.000Z | සමූහ මිනී වළෙන් හමුවූ අස්ථි කොටස් සාම්පල රට යවන්නැයි, නියෝග | සමූහ මිනී වළෙන් හමුවූ අස්ථි රට යවන්නැයි නියෝග | COLOMBO (News 1st) : මන්නාරම, සමූහ මිනී වළෙහි කැණීම්වලින් සොයා ගත් අස්ථි කොටස්වල කාලය නිර්ණය කිරීම සඳහා එහි සාම්පල අමෙරිකාවට යැවීමට මන්නාරම අධිකරණය නියෝග කර තිබේ. කැණීම් පිළිබඳව පරීක්ෂණ මෙහෙයවන මන්නාරම රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය සමින්ද රාජපක්ෂ මහතා පැවසුවේ, ඒ අනුව අදාළ සාම්පල ඇමරිකාවේ පිහිටි බීටා ඇනලයිසිස් ආයතනයට යොමු කරන බවයි. මන්නාරම සමූහ මිනී වළෙහි කැනීම්වලදී මේ වනවිට සොයා ගෙන ඇති මිනිස් ඇට සැකිලි සංඛ්‍යාව 185 කි. මෙම ස්ථානයේ කැණීම් ආරම්භ කෙරුණේ පසුගිය මාර්තු මාසයේදී මන්නාරම සතොස ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ආරම්භ කිරීම සඳහා පොළොව කැණීමේදී අස්ථි කොටසක් සොයා ගැනීමත් සමගයි. මන්නාරම අධිකරණයේ නියෝගයකට අනුව මෙම කැණීම පසුගිය මැයි මස 28 වන දා ආරම්භ කෙරිණ. ඒ සඳහා මන්නාරම රෝහලේ අධිකරණ වෛද්‍ය විශේෂඥ සමින්ද රාජපක්ෂ මහතා ඇතුළු අධිකරණ වෛද්‍ය නිලධාරින් පිරිසක් හා වෝහාරික පුරා විද්‍යා පරීක්ෂණ සඳහා ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව මහතා එක්ව සිටිති. |
2018-10-17T21:37:43.000Z | හයිබ්‍රිඩ් සුද්දා පාදුක්කේදී අත්අඩංගුවට | හයිබ්‍රිඩ් සුද්දා පාදුක්කේදී අත්අඩංගුවට | COLOMBO (News 1st) : රුපියල් මිලියන 13 කට අධික වටිනාකමින් යුත් හෙරොයින් තොගයක් සමග අපරාධ කල්ලි සාමාජිකයෙකු වන හයිබ්‍රිඩ් සුද්දා හෙවත් සමීර රංසාග ගුණසේකර නමැත්තා පාදුක්ක අංගම්පිටිය නැටිඔළුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. ඒ කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් පිරිසක් කළ මෙහෙයුමකදීයි. ලද තොරතුරක් අනුව කළ වැටලීමකදී අත්අඩංගුවට ගත් සැකකරු සතුව තිබී සොයා ගත් හෙරොයින් ප්‍රමාණය කිලෝ ග්‍රෑම් 1යි ග්‍රෑම් 100කි. මීට අමතරව රුපියල් 750000 ක මුදලක් හා මොටර් රථ දෙකක් ද සැකකරු සතුව තීබි සොයා ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ ය. හිඹුටාන අංගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන 37 හැවිරිදි ඔහු පාදුක්ක නැටිඔළුව ප්‍රදේශයේ නිවසක් කුළියට ගෙන මෙම ජාවාරම මෙහෙයවා තිබේ. පසුගිය මහ මැතිවරණ සමයේදී කොළඹ මහල් නිවාස සංකිර්ණයක් අසල හයිබ්‍රිඩ් මොටර් රථයකින් පැමිණ පුද්ගලයින් පිරිසකට වෙඩි තැබීමේ සිද්ධියේදි ආදාළ මොටර් රථය පැදවූ පුද්ගලයා මොහු වන අතර දැනට මරණ දඬුවම නියම වී සිටින දෙමටගොඩ චමින්දගේ ගෝලයෙකු බව ද පොලීසිය පැවසී ය. |
2018-10-17T20:10:22.000Z | එංගලන්තයට කඩුලු 7ක ජයක් | එංගලන්තයට කඩුලු 7ක ජයක් | ශ්‍රී ලංකාවට එරෙහි එක්දින ක්‍රිකට් තරගාවලිය තරග 2ට 0ක් ලෙස පෙරමුණ ගැනීමට එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම සමත් විය. ඒ දෙරට අතර තුන්වැනි එක්දින ක්‍රිකට් තරගය ඊයේ කඩුලු 7කින් ජය ගනිමිනි. පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවීම නිසා එය එක් පිලකට පන්දුවාර 21 බැගින් ක්‍රියාත්මක වූ තරගයක් ලෙස ක්‍රියාත්මක විය. තරගයේ කාසියේ වාසිය දිනූ එංගලන්ත කණ්ඩායම පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළ අතර ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉනිම ආරම්භ කළේ, නිරෝෂන් දික්වැල්ල සහ සදීර සමරවික්‍රමයි. ඔවුන් දෙදෙනා ශ්‍රී ලංකා පළමු කඩුල්ලට ලකුනු 57ක සබඳතාවක් ගොඩනැගූ අතර දික්වැල්ල පන්දු 20කින් ලකුණු 36ක් රැස් කළහ. සදීර සමරවික්‍රම 4 පහර 4ක් ද සමගින් ලකුණු 35යි. කුසල් මෙන්ඩිස් සහ තිසර පෙරේරාට ලකුණු රැස් කිරීමට හැකි වුයේ නැහැ. නායක දිනේෂ් චන්දිමාල් සහ දසුන් ශානක 6 වැනි කඩුල්ලට ලකුණු 28ක සබදතාවක් ගොඩනැගුවා. වේගවත් පිතිහරඹයක නිරත වූ දසුන් ශානක පන්දු 10කින් 6 පහර 2ක් ද සමගින් ලකුණු 21ක් රැස් කළේ ය. චන්දිමාල් ලකුණු 34ක් රැස් කළ අතර නියමිත පන්දුවාර 21 අවසානයේදී ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 9කට රැස් කළ ලකුණු සංඛ්‍යාව 150කි. ආදිල් රශීඩ් ලකුණු 36ට කඩුලු 4ක් දවා ගත් අතර ටොම් කරන් ලකුණු 17ට කඩුලු 3යි. එංගලන්ත පිළිතුරු ඉනිමේ මුල් පෙළ කඩුලු 2 ලකුණු 34කදී බිඳ වැටුණු නමුත් අනතුරුව ජේසන් රෝයි සමග එක් වූ නායක ඔයින් මෝගන් එංගලන්ත ඉනිම ගොඩනැගී ය. රෝයි ලකුණු 41ක් රැස් කළ අතර නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ ඔයින් මෝගන් තම 41 වැනි එක්දින අර්ධ ශතකය වාර්තාකරමින් රැස් කළ ලකුණු සංඛ්‍යාව 58කි. බෙන් ස්ටෝක්ස් නොදැවි ලකුණු 35ක් රැස් කළේ ය. අමිල අපෝන්සු ලකුණු 27ට කඩුලු 2ක් දවා ගත්තේ ය. එංගලන්තය තරගය ජය ගත්තේ පන්දුවාර 18යි පන්දු 3කදී කඩුලු 3ක් දැවී සිටියදීයි. |
2018-10-17T20:00:02.000Z | ගෙවුණු දවස උණුසුම් කළ පුවත්… | ගෙවුණු දවස උණුසුම් කළ පුවත්… | COLOMBO (News 1st) දේශීය පුවත් 1. ලංකා බැංකුව, මහජන බැංකුව සහ ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩල විසුරුවා හැරේ : ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි බැංකු දෙකක හා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලය විසුරුවා හැරිණ. 2. ජනපති මෛත්‍රීගෙන් ඉන්දීය අගමැතිට ඇමතුමක් : ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි යන මහත්වරුන් අතර ඊයේ පස්වරුවේ දුරකථන සංවාදයක් පැවැත්විණ. 3. නාලක ද සිල්වාගේ වැඩ තහනම් කරන්නැයි, පොලිස් කොමිසමෙන් උපදෙස් : පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතාගේ වැඩ තහනම් කරන ලෙස ජාතික පොලිස් කොමිසම පොලිස්පතිවරයාට උපදෙස් දී තිබේ. 4. ජොන්ස්ටන් ප්‍රනාන්දු නිදොස් කොට නිදහස් : සතොස භාණ්ඩ අවභාවිත කිරීමේ චෝදනා මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් 3 දෙනා නිදොස් කොට නිදහස් කිරීමට කුරුණෑගල මහාධිකරණය ඊයේ නියෝග කළේ ය. 5.තෙබුවන පොලිස් සැරයන්ට යුක්තිය ඉටුවෙයි : ගිනිඅවියක් අතැතිව කළහකාරීව හැසිරීමේ සිද්ධියක් මුල්කර ගෙන පසුගියදා සේවය අත්හිටවූ තෙබුවන පොලීසියට අනුයුක්තව සේවය කළ පොලිස් සැරයන් සනත් ගුණවර්ධන මහතා යළි සේවයේ පිහිටුවා තිබේ. 6. ජනාධිපති මාධ්‍ය අංශයෙන් විශේෂ නිවේදනයක් : ඉන්දීය බුද්ධි අංශ සේවාවක් තමා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ බවට කිසිදු සඳහනක් ඊයේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ජනාධිපතිවරයා සිදුකර නැතැයි ජනාධිපති මාධ්‍ය අංශය අවධාරණය කරයි. විදෙස් පුවත්.... 1. සය හැවිරිදි අන්සාරි දූෂණය කර මරා දැමූ පාපතරයා එල්ලා මරා දැමේ : පසුගිය ජනවාරි මාසයේදී 6 හැවිරිදි පකිස්ථාන දැරිය දූෂණය කර මරා දැමූ සිද්ධියේ වරදකරු වූ 24 හැවිරිදි ඉම්රාන් අලි නමැත්තාට අධිකරණය නියම වූ මරණ දඬුවම ක්‍රියාත්මක කර තිබේ. ක්‍රීඩා පුවත්.... 2.ෂෙලින්ඩා යොවුන් ඔලිම්පික් මීටර් 200 ඉසව්වේ 9 වැනි තැනට : යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළලේ මීටර් 200 බාලිකා ඉසව්වේ 9 වැනි ස්ථානයට ගේට්වේ ජාත්‍යන්තර පාසැලේ ෂෙලින්ඩා ජැන්සන් පත් වූවා ය. |
2018-10-17T19:43:33.000Z | සරසවි ආචාර්යවරුන් 485කට නඩු වැටෙන ලකුණු | සරසවි ආචාර්යවරුන් 485කට නඩු වැටෙන ලකුණු | COLOMBO (News 1st) : විදේශ ශිෂ්‍යත්ව සඳහා ලබා ගත් ණය මුදල් මෙතෙක් ගෙවා නොමැති සියලු විශ්වවිද්‍යාල ආචාර්ය හා මහාචාර්යවරුනට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය තීරණය කර තිබේ. එහි ලේකම් ජේ. ජේ. රත්නසිරි මහතා සඳහන් කළේ, විදේශීය ශිෂ්‍යත්ව සඳහා ලබා ගත් ණයවලින් රුපියල් කෝටි 81 ක් ගෙවීම් පැහැර හැර ඇති විශ්වවිද්‍යාල ආචාර්යවරුන් 485 දෙනෙකුගේ නාම ලේඛනයක් ඊයේ ප්‍රකාශයට පත් කළ බවයි. මේ පිළිබඳව දැනට ඔවුන් විදෙස්ගතව සේවය කරන ආයතනවලට දැනුම් දීමටත් අදාළ ඇප කරුවන්ට දැනුම් දීමටත් පියවර ගන්නා බව ලේකම්වරයා පැවසී ය. ඉන් ප්‍රතිඵලයක් නොලද හොත් අදාළ ඇපකරුවන්ට එරෙහිව නඩු පවරා හෝ එම මුදල් අය කරගන්නා බව ලේකම්වරයා කියා සිටියේ ය. |
2018-10-17T19:32:16.000Z | 'දනුජ පුතා' සොයා 'සමුදුර' දියඹට යයි | 'දනුජ පුතා' සොයා 'සමුදුර' දියඹට යයි | COLOMBO (News 1st) : පසුගිය 11 වන දා සිට අතුරුදන්ව ඇති දනුජ පුතා බහුදින ධීවර යාත්‍රාව සෙවීම සඳහා නාවික හමුදාවේ සමුදුර නෞකාව පිටත් කර යවා තිබේ. ධීවර දෙපාර්තමේන්තුවේ සෝදිසි මෙහෙයුම් අංශය භාර අධ්‍යක්ෂ පත්මප්‍රිය තිසේරා මහතා සඳහන් කළේ, ඉකුත් සැප්තැම්බර් මස 25 වන දා ගාල්ල වරායෙන් මුහුදු ගිය අදාළ යාත්‍රාවේ ධීවරයින් 5 දෙනෙකු ගමන් කර ඇති බවයි. එය ත්‍රිකුණාමලයට නුදුරින් ජාත්‍යන්තර මුහුදේ පවතින බවට අනුමාන කරන බව ද පත්මප්‍රිය තිසේරා මහතා ප්‍රකාශ කළේ ය. මෙම ධීවර යාත්‍රාව පිළිබඳව විදේශ අමාත්‍යංශය හරහ ආසල්වැසි රටවල් මෙන්ම වෙළෙඳ නැව් දැනුවත් කර ඇති බව ද ඔහු පැවසී ය. |
2018-10-17T10:19:11.000Z | BREAKING :ලංකා බැංකුව, මහජන බැංකුව සහ ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩල විසුරුවා හැරේ | BREAKING : බැංකු 2ක අධ්‍යක්ෂ මණ්ඩල විසුරුවා හැරේ | COLOMBO (News 1st) : අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා බැංකුව, මහජන බැංකුව සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩල විසුරුවා හැරිණ. ඒ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නියෝග මතයි. ඊට අදාළ දැනුම්දීම අද පස්වරුවේ ලිඛිතව එම අධ්‍යක්ෂ මණ්ඩල වෙත යොමු කළ බව ජනාධිපති කාර්යාලයේ ඉහළ නිලධාරියෙකු සඳහන් කළේ ය. මේ අතර අද රාත්‍රි වාර්තා වූයේ ශ්‍රී ලංකා අයෝජන මණ්ජලයේ අධ්‍යක්ෂ ජනාරාල්වරයා ද ඉල්ලා අස්වූ බවයි. |
2018-10-17T10:14:41.000Z | ජනපති මෛත්‍රීගෙන් ඉන්දීය අගමැතිට ඇමතුමක් | ජනපති මෛත්‍රීගෙන් ඉන්දීය අගමැතිට ඇමතුමක් | COLOMBO (News 1st) : ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි යන මහත්වරුන් අතර අද පස්වරුවේ දුරකථන සංදවාදයක් පැවැත්විණ. මෙහිදී නායකයින් ඉතා සුහදශිලී කථාබහක නිරත වූ අතර ශ්‍රී ලංකාවේ දැනට සිදුකෙරෙන සංවර්ධන කටයුතු පිළිබඳව ද සාකච්ඡා කර තිබේ. ශ්‍රී ලංකාවේ සෞභ්‍යගය සහ සංවර්ධනය වෙනුවෙන් අවශ්‍ය ඕනෑ ම සහයක් ලබාදෙන බව එම අවස්ථාවේදී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත. නරේන්ද්‍ර මෝදි මහතා ප්‍රකාශ කර ඇත්තේ, ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින දැඩි මිත්‍රත්වය සහ සුහදශිලීභාවය තව තවත් ශක්තිමත්ව ඉදිරියට පවතින බවයි. සමීප මිතුරේකු සහ සහෝදර රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාවේ සංවර්ධනයට සහ සාර්ථකත්වයට ඉන්දියාව ලබාදෙන සහාය ජනාධිපතිවරයා මෙහිදී විශේෂ ඇගයීමට ලක් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ය. |
2018-10-17T10:06:46.000Z | 2017 වන විට වැට් බද්ද 107.2%කින් ඉහළට | 2017 වන විට වැට් බද්ද 107.2%කින් ඉහළට | COLOMBO (News 1st) : ආර්ථිකයේ බිඳ වැටීමක් තිබියදී බැංකු පද්ධතියේ පිබිදීමක් විය හැකි දැයි ප්‍රසාද් එදිරිසිංහ මහතා ඩේලි එෆ්ටී පුවත්පතට ලිපියක් සම්පාදනය කරමින් ප්‍රශ්න කරයි. ණය සහ මූල්‍ය කටයුතු සම්බන්ධයෙන් දැඩි පියවර අනුගමනය කරමින් තිබියදී ත් අගෝස්තු මාසයේදී බැංකු මගින් නිකුත් කරන ණය වර්ධනයවී ඇතැයි මෙම පුවත්පත් වාර්තාවේ සඳහන් ය. ඩේලි එෆ් ටී වාර්තාවේ සඳහන් වන්නේ මේ අයුරින් වසරේ මුල් මාස 8 තුළ බැංකු පද්ධතිය හරහා රුපියල් බිලියන 700 ක ණය නිකුත් කර ඇති බවයි. එය පසුගිය වසරේ අදාළ කාල සීමාවට සාපේක්ෂව 10.9%ක වර්ධනයකි. ආපසු නොගෙවූ ණය අගෝස්තු මාසය වනවිට 3.4 % සිට 3.6% දක්වා වර්ධනයයී ඇති බව ද ප්‍රසාද් එදිරිසිංහ මහතාගේ ලිපියේ සඳහන් ය. පසුගිය මාස 8 තුළ ආපසු අය කර ගැනීමට නොහැකි ණය ප්‍රමාණයක බිලියන 94 සිට බිලියන 255 දක්වා වැඩිවී තිබේ. බැංකු තමන්ගේ ශේෂපත්‍රය ආකර්ෂණීය කිරීමට රුපියල් බිලියන 155 ක් වටිනා ණය නැවත සැලසුම් කර ඇති බව ද එම ලිපියේ වැඩිදුරටත් සඳහන් ය. |
2018-10-17T10:00:33.000Z | ෂෙලින්ඩා යොවුන් ඔලිම්පික් මීටර් 200 ඉසව්වේ 9 වැනි තැනට | ෂෙලින්ඩා යොවුන් ඔලිම්පික් 200m ඉසව්වේ 9 වැනි තැනට | COLOMBO (News 1st) : යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළලේ මීටර් 200 බාලිකා ඉසව්වේ 9 වැනි ස්ථානයට ගේට්වේ ජාත්‍යන්තර පාසැලේ ෂෙලින්ඩා ජැන්සන් පත් වූවා ය. ජැන්සන් එම ඉසව්වේ දෙවැනි අදියරේ මූලික වටයේ තරගයේ පළමු ස්ථානයට පත් වුණේ සිය පෞද්ගලික හොඳ ම දක්ෂාතව වාර්තා කරමිනි. ආර්ජන්ටිනාවේදී පැවති මෙම තරගයේදී ෂෙලින්ඩා ජැන්සන් තත්පර 24 .07 ක කාලයකින් තරගය අවසන් කළේ ය. ක්‍රීඩා උළලේ තරග කොන්දේසි අනුව අවසන් තරගයක් නොපවැත්වෙන අතර අදියර දෙකකින් මූලික වටයේ තරග පවත්වා, එම තරග දෙකේදී ක්‍රීඩකයෙකු හෝ ක්‍රීඩිකාවක වාර්තා කරන කාලයයේ එකතුව ගණනය කරමින් ජයග්‍රහකයා තොරා ගනු ලබයි. ඒ අනුව පැවැති තරග 2 දී ෂෙලින්ඩා ජැන්සන් තත්පර 49.07 ක කාලයක් වාර්තා කරමින් මීටර් 200 බාලිකා ඉසව්වේ 9 වැනි ස්ථානයට පත් වූවා ය. ෂෙලින්ඩා මීටර් 200 පළමු අදියරේ පළමු මූලික වටයේදී තත්පර 25.00 ක කාලයක් වාර්තා කළා ය. මෙරට මලල ක්‍රීඩා ඉතිහාසයේ මීටර් 200 බාලික කනිෂ්ඨ ඉසව්වකින් වාර්තා වූ 3 වන හොඳ ම කාලය වාර්තා කළ ක්‍රීඩිකාව වන්නේ ද ෂෙලින්ඩා ජැන්සන් ය. මීට පෙර සුසන්තිකා ජයසිංහ සහ දමයන්ති දර්ෂා ඉහළ දක්ෂතා දක්වා තිබේ. |
2018-10-17T08:45:39.000Z | ඉන්දීය විදේශ කටයුතු කනිෂ්ඨ ඇමති ඉල්ලා අස්වෙයි | ඉන්දීය විදේශ කටයුතු කනිෂ්ඨ ඇමති ඉල්ලා අස්වෙයි | ඉන්දියාවේ විදේශ කටයුතු පිළිබද කනිෂ්ඨ අමාත්‍ය එබ්. බී. අක්බර් මහතා සිය ධූරයෙන් ඉල්ලා අස් වීමට අදාළ ලිපිය භාර දී තිබේ. කාන්තා හින්සනය ම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනා මත මෙම තීරණය ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පුවත් පත් කතෘවරයෙක් වශයෙන් කටයුතු කළ අක්බර් මහතා, මී ටූ නම් ලිංගික අතවර කිරීම් සම්බන්ධ චූදිතයින් හෙළිදරව් කරන ව්‍යාපාරයේ අවධානය යොමු වූ ප්‍රධාන පුද්ගලයෙකි. මොහුට විරුද්ධව බරපතළ ලිංගික අපචාර පිළිබද චෝදනා පවා එල්ල වී තිබේ. මේ අතර අදාළ කරුණු හෙළිදරව් කල මාධ්‍යෙව්දිනියකට එරෙහිව එබ්. බී. අක්බර් මහතා නීතිමට පියවර ගෙන ඇති බව ද වාර්තා වේ |
2018-10-17T07:37:55.000Z | ඉදිරි දින කිහිපයේ දිවයින පුරා වැසි | ඉදිරි දින කිහිපයේ දිවයින පුරා වැසි | COLOMBO (News 1st) : ඉදිරි දිනවලදී දිවයින පුරා විශේෂයෙන් ම කඳුකර ප්‍රදේශවල පවතින වැසි තත්ත්වය තවදුරටත් වර්ධනය වනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මධ්‍යම, ඌව, සබරගමුව සහ උතුරු මැද පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ක පමණ තද වැසි ඇතිවිය හැකි බවයි. මේ අතර නෝවුඩ් ප්‍රදේශයේ නායයාම සම්බන්ධයෙන් පරීක්ෂණ කිරීම සඳහා මොරටුව විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය උදේනි නවගමුව මහතා ඇතුළු ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නිලධාරීහු පිරිසක් අද එම ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූහ. තමන් ලබාගත් දත්ත පදනම් කර ගනිමින් නායයාමට ලක් වූ හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගය යළිත් එම ස්ථානයේම ඉදි කිරීමට හැකි ද යන්න වාර්තාවක් ඉදිරියේදී ජාතික ගොඩනැගිලි පර්යේෂණායතනයට ලබාදෙන බව ආචාර්ය උදේනි නවරත්න මහතා සඳහන් කළේ ය. හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ නායයාමට ලක් වූ ස්ථානයට ඉහළින් සැහැල්ලු වාහන සහ ජනතාවට ගමන් කිරීම සඳහා මාර්ග සංවර්ධන අධිකාරිය මගින් දැනට තිබෙන මාර්ගය ප්‍රතිසංස්කරණය කරමින් පවතී. මේ අතර මේ අතර නායයාම් හේතුවෙන් නිවාස අහිමිවූවන් වෙනුවෙන් නව ඉඩම් ලබා දීමට කටයුතු කරන බව ගිනිගත්හේන ප්‍රාදේශීය ලේකම් ප්‍රදීප් සුමනසේකර මහතා පැවසී ය. නිවුස් ෆස්ට් කළ විමසීකදී ඔහු කියා සිටියේ, ඒ සඳහා වනවිට කටයුතු සම්පාදනය කරමින් සිටින බවයි. බගවන්තලාව, බළන්ගොඩ ,මස්කෙළිය ප්‍රධාන මාර්ගයේ නිව් වැලිගම ප්‍රදේශයෙන් නායයාමකට ලක්වූයේ ඉකුත් 15 වන දා පෙරවරුවේයි. ඉන් අනතුරුව එම මාර්ගයේ වාහන ගමනාගමනය අත්හිටුවී ය. කාසල්රී ජලාශයට තරමක් නුදුරින් පිහිටි නිවාස 5 ක් ද නායයාමට ලක්වු අතර ඉන් නිවාස 4 කටම දැඩි හානි සිදුවිය. |
2018-10-17T07:23:11.000Z | නාලක ද සිල්වාගේ වැඩ තහනම් කරන්නැයි, පොලිස් කොමිසමෙන් උපදෙස් | නාලක ද සිල්වාගේ වැඩ තහනම් කරන්න - පොලිස් කොමිසම | COLOMBO (News 1st) : පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතාගේ වැඩ තහනම් කරන ලෙස ජාතික පොලිස් කොමිසම පොලිස්පතිවරයාට උපදෙස් දී තිබේ. ජාතික පොලිස් කොමිසමේ ලේකම් සමන් දිසානායක මහතා ප්‍රකාශ කළේ, නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යවරයාගේ නිර්දේශය අනුමත කරමින් පොලිස්පතිවරයාට එම උපදෙස් ලබාදුන් බවයි. පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතාගේ වැඩ තහනම් කිරීම සඳහා නීතිය හා සාමය පිළිබද අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා තීරණය කළේ ය. ඒ සඳහා වන නිර්දේශය අමාත්‍යංශ ලේකම් පද්මසිරි ජයමාන්න මහතාගේ අත්සනින් ජාතික පොලිස් කොමිසම වෙත යවනු ලැබුවේ, ඉන් අනතුරුව ය. ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතන කුමන්ත්‍රණය සම්බන්ධයෙන් මේ වන විට පැවැත්වෙන විමර්ශනවල තොරතුරු මත පදනම්ව ඔහුගේ වැඩ තහනම් කිරීමට අමාත්‍යංශය තීරණය කර තිබිණ. |
Subsets and Splits
No saved queries yet
Save your SQL queries to embed, download, and access them later. Queries will appear here once saved.