date
stringlengths
24
24
title
stringlengths
0
176
short_title
stringlengths
10
69
content
stringlengths
0
19.7k
2018-10-11T06:07:52.000Z
පුද්ගලයින් 6 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියකට වරදකරුවන් වූ 10 දෙනෙකුට මරණ දඬුවම
තංගල්ල මහාධිකරණයෙන් 10 දෙනෙකුට මරණ දඬුවම
COLOMBO (News 1st) - එකම පවුලේ පුද්ගලයින් 6 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියකට වරදකරුවන් වූ විත්තිකරුවන් 10 දෙනෙකුට තංගල්ල මහාධිකරණයෙන් අද මරණ දඬුවම නියම කෙරිණි. ඒ, තංගල්ල මහාධිකරණ විනිසුරු ආර්.එස්.එස්. සපුවිද මහතා විසින් අදාළ නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමිනි. විත්තිකරුවන් අගුණකොලපැලැස්ස, දික්වැව ප්‍රදේශයේ මවක සහ දරුවන් 5 දෙනෙකු ඝාතනය කර තිබුණේ 1998 වසරේදී ය. මින් එක් විත්තිකරුවෙකු අධිකරණය මගහැර සිටින බැවින් ඔහු අත්අඩංගුවට ගැනීමට විවෘත වරෙන්තු ද නිකුත් කෙරිණි.
2018-10-11T05:35:59.000Z
රාජ්‍ය ළමා නාට්‍ය උළෙලේ සම්මාන ප්‍රදානෝත්සවය ලබන 19 වන දා
රාජ්‍ය ළමා නාට්‍ය උළෙලේ සම්මාන ප්‍රදානය 19 වන දා
COLOMBO (News 1st) - රාජ්‍ය ළමා නාට්‍ය උළෙලේ සම්මාන ප්‍රදානෝත්සවය ලබන 19 වන දා පැවැත්වේ. ඒ, අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී ය. සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව උත්සවය සංවිධාන කරයි.
2018-10-11T04:17:01.000Z
දුමින්ද සිල්වාට මහාධිකරණය දුන් මරණ දඬුවම ශ්‍රේෂ්ඨාධිකරණය තහවුරු කරයි
දුමින්ද සිල්වාට දුන් මරණ දඬුවම ස්ථීරයි
COLOMBO (News 1st) - හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වා මහතා ඇතුළු විත්තිකරුවන් 3 දෙනෙකු ඉදිරිපත් කර තිබූ අභියාචනා පෙත්සම් අගවිනිසුරුවරයා ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ල විසින් අද පස්වරුවේ ඒකමතිකව නිෂ්ප්‍රභ කළේ ය. ඒ, භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව් දෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධ අධි චෝදනාවලට වරදකරුවන් කරමින් මහාධිකරණය නියම කළ මරණ දඬුවම් නියෝගය අවලංගු කර තමන් නිදොස් කොට නිදහස් කරන්නැයි ඉල්ලා ඔවුන් ගොනු කර තිබූ අභියාචනා පෙත්සම සලකා බලමිනි. එම නඩුවේ පළමු විත්තිකරු වන පොලිස් කොස්තාපල් අනුර තුෂාර ද මෙල් මහතා සියලු අධි චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට අගවිනිසුරු ප්‍රියදාස් ඩෙප්, බුවනෙක අලුවිහාරේ, නලින් පෙරේරා, ප්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මලල්ගොඩ යන පංච පුද්ගල විනිසුරු මඩුල්ල නියෝග කළේ ය. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වා, ශ්‍රී නායක පතිරණගේ චමින්ද රවී ජයනාත් හෙවත් දෙමටගොඩ චමින්ද හා දිසානායක මුදියන්සේලාගේ සරත් බණ්ඩාර යන විත්තිකරුවන් තිදෙනාට කොළඹ විශේෂ මහාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ පද්මිණි එම්. රණවක, එම්.ටී.බී.එස්. මොරායස් යන විනිසුරුවරුන් නියම කළ මරණ දඬුවම් නියෝග ක්‍රියාත්මක කිරීමට මෙම තීන්දුවට අනුව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අවසර හිමි විය. 2011 වසරේ ඔක්තෝබර් මස 08 වන දා පළාත් පාලන මැතිවරණ දිනයේදී අංගොඩ, මුල්ලේරියාව, හිඹුටාන ප්‍රදේශයේදී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර, දමිත දර්ශන ජයතිලක, ජලාඩ්ඩින් මොහොමඩ් අසීම් හා මනුවෙල් කුමාරස්වාමි යන සිව් දෙනා වෙඩි තබා ඝාතනය කිරීම ඇතුළු අධි චෝදනා 17ක් යටතේ විත්තිකරුවන් 13 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා නඩු පවරා තිබිණි. දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව එම විත්තිකරුවන් සියලු දෙනාම සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කළ යුතු බවට විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරුවරයා ලෙස කටයුතු කළ ශිරාන් ගුණරත්න මහතා තීන්දු ප්‍රකාශයක් වෙන්ව නිකුත් කළේ ය. මහාධිකරණ විනිසුරු එම්.ටී.බී.එස්. මොරායස් මහතාගේ එකඟතාව ඇතිව මහාධිකරණ විනිසුරු එම්. පද්මිණි රණවක මහත්මිය විසින් 2016 වසරේ සැප්තැම්බර් මස 08 වන දා නිකුත් කළ තීන්දුව මගින් එම විත්තිකරුවන් 13 දෙනා අතරින් 8 දෙනෙකු සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කෙරිණි. ආර්. දුමින්ද සිල්වා ඇතුළු සෙසු විත්තිකරුවන් 5 දෙනාට මරණීය දණ්ඩනය නියම කළේ ය.
2018-10-11T01:47:15.000Z
ව්‍යවස්ථා සභාවේ පුරප්පාඩු සාමාජිකයින් නම් කෙරේ
ව්‍යවස්ථා සභාවේ පුරප්පාඩු සාමාජිකයින් නම් කෙරේ
COLOMBO (News 1st) - වත්මන් අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් මහතා හෙට ධූරයෙන් විශ්‍රාම ගැනීමට නියමිත ය. නව අගවිනිසුරුවරයෙකු පත් කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව හෙට දහවල් රැස්වන බව කථානායකවරයා අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ ය. මේ අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සඳහා පත් කෙරෙන සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් තිදෙනාට පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමි විය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සිවිල් නියෝජිතයින් ලෙස ආචාර්ය ජයන්ත ධනපාල, අහමඩ් ජාවිඩ් යූසුෆ් සහ නාගනාදන් සෙල්වකුමරන් යන මහත්වරුන් පත් කෙරිණි. අග්‍රාමාත්‍යවරයාගේ නියෝජිතයා ලෙස අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මියත්, විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතාගේ නියෝජිතයා ලෙස චමල් රාජපක්ෂ මහතාත් ව්‍යවස්ථා සභාවට පත් කර තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා පත් කර ඇත්තේ සුළු පක්ෂ නියෝජිතයා ලෙස ය. ජනාධිපතිවරයාගේ නියෝජිතයා ලෙස අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා මීට පෙර යෝජනා වී තිබිණි.
2018-10-11T01:50:30.000Z
විදෙස් රැකියා පෙන්වා වාහන සොරාගත් අයෙකු පානදුරේදී කොටුවෙයි
විදෙස් රැකියා පෙන්වූ වාහන හොරා පානදුරේදී කොටුවෙයි
COLOMBO (News 1st) - විදේශ රැකියා ලබා දෙන බව පවසා පුද්ගලයින්ගෙන් මුදල් හා කුලී පදනම මත වාහන ලබා ගෙන වංචාවන් සිදුකළ සැකකරුවෙකු පානදුර, පිංවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ, සැකකරු පානදුර, බණ්ඩාරගම, මතුගම, කළුතර, ඇල්පිටිය, මාතර හා රඹුක්කන යන ප්‍රදේශවල පුද්ගලයින්ගෙන් මෙම මූල්‍ය වංචා සිදුකර ඇති බවයි. ඔහු සන්තකයේ තිබී විවිධ පුද්ගලයින්ගෙන් ලබා ගත් මොටර් රථ 04 ක් හා ජීප් රථයක් ද පොලිස් භාරයට ගෙන ඇත. අත්අඩංගුවට පත් ව ඇත්තේ 41 හැවිරිදි පානදුර පිංවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔහු අද පානදුර මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිත වේ.
2018-10-11T00:59:15.000Z
අර්ජුන් ඇලෝසියස්ගේ හා කසුන් පලිසේනගේ ඇප අයැදුම්පත් අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කරයි
ඇලෝසියස් හා කසුන්ගේ ඇප අයැදුම්පත් ප්‍රතික්ෂේප වෙයි
COLOMBO (News 1st) - මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාරගතව සිටින පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ එම සමාගමේ ප්‍රධාන විධායක කසුන් පලිසේන යන මහත්වරුන් ඉදිරිපත් කළ ඇප අයැදුම්පත් ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය තීන්දු කර තිබේ. ඒ, අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ ශිරාන් ගුණරත්න යන විනිසුරු මණ්ඩලය හමුවේ එම පෙත්සම අද කැඳවූ අවස්ථාවේදී ය. කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හා මහාධිකරණය විසින් පෙත්සම්කරුවන්ගේ ඇප ඉල්ලීම් ප්‍රතික්ෂේප කරමින් නිකුත් කළ නියෝගයන්ට එරෙහිව තමා අධිකරණය හමුවේ ගොනුකර ඇති ප්‍රතිශෝධන අයැදුම්පත් විභාගයට ගැනීමට ප්‍රමාණවත් කරුණු ඉදිරිපත්වී නොමැති බවට එකී තීන්දුව නිකුත් කරමින් අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා පෙන්වා දුන්නේ ය. මේ අතර අර්ජුන් ඇලෝසියස් සහ කසුන් පාලිසේන යන මහත්වරුන් ලබන 25 වන දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි. ඒ, ඔවුන් අද කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී ය.
2018-10-11T00:48:17.000Z
පැලවත්තේ පෞද්ගලික රෙදිපිළි වෙළෙඳ සැලක ගින්නක්
පැලවත්තේ රෙදිපිළි වෙළෙඳ සැලක ගින්නක්
COLOMBO (News 1st) - බත්තරමුල්ල, පැලවත්ත ප්‍රදේශයේ පිහිටි ප්‍රධාන පෙළේ රෙදිපිළි වෙළෙඳ සැලක ගින්නක් හටගෙන තිබේ. ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ගින්න නිවා දැමීම සඳහා සේවා රථ 3 ක් පිටත්කර යැවූ බවයි. ඒ, කොළඹ සහ කෝට්ටේ නගර සභාවේ ගිනි නිවීම් ඒකකවලිනි. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
2018-10-11T00:32:46.000Z
රොනී ලීච්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද ගල්කිස්සේදී
රොනී ලීච්ගේ අවසන් කටයුතු අද
COLOMBO (News 1st) - ජනප‍්‍රිය ගායන හා රංගන ශිල්පියකු වූ අභාවප්‍රාප්ත රොනි ලීච් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ සිදු කිරීමට නියමිත වේ. ඒ, ගල්කිස්ස පොදු සුසාන භූමියේදීයි. ඔහුගේ දේහය ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර සිට ඊයේ දහවල් දිවයිනට රැගෙන එනු ලැබීය. දේහය මහජන ගෞරවය සඳහා අද පස්වරු 2.00 දක්වා තැන්පත් කර තැබෙන්නේ බොරැල්ල පෞද්ගලික මල් ශාලාවකයි. ඉන් අනතුරුව දේහය ගල්කිස්ස ක‍්‍රිස්තුදේව දෙව් මැදුරේ තැන්පත් කර තැබෙන අතර අවසන් කටයුතු ගල්කිස්ස සුසාන භූමියේදී පස්වරු 3.00 ට සිදු කිරීමට නියමිතව වේ. මිය යන විට 65 වන වියේ පසු වූ රොනි ලීච් මහතා දරුවන් දෙදෙනෙකුගේ පියෙකි. සංගිත ප‍්‍රසංගයකට සහභාගීවීමට ඕස්ට්‍රේලියාවේ පර්ත් නගරයට ගොස් සිටි රොනී ලීච් මහතා ප‍්‍රසංගය නිමකර යළි දිවයිනට පැමිණීමට නියමිතව සිටියදී හෘදයාබාධයක් හේතුවෙන් පසුගිය දා මිය ගියේ ය. 1973 වසරේදී ගායන ක්ෂේත‍්‍රයට පිවිසි රොනී ලීච් මහතා 1981 වසරේදි සුපර් ගෝල්ඩන් චයිම්ස් සංගිත කණ්ඩායමට ගායකයකු ලෙස එක්විය. ඔහු ගායනා කළ ගීත අතර තට්ටයා, සහ කවුද බොලේ ඇලිස්, යන ගීත ද ඔහු රගපෑ චිත‍්‍රපට අතර ඇතින් ඈතට, යළි හමුවෙන්නයි, චෙරියෝ ඩාලිං, ජොලි බොයිස්, මගෝ ඩිගෝ ඩයි යන චිත‍්‍රපට ද ප්‍රේක්ෂකයින් අතර වඩාත් ජනප්‍රියත්වයක් හිමිකර ගත්තේ ය.
2018-10-10T23:58:45.000Z
ලෝටස් පාර තාවකාලිකව වසා දැමේ
ලෝටස් පාර තාවකාලිකව වසා දැමේ
COLOMBO (News 1st) - කොළඹ, ලෝටස් පාර තාවකාලිකව වසා දමා ඇතැයි පොලීසිය පවසයි. ඒ, විශ්‍රාමික හමුදා සෙබළුන්ගේ විරෝධතාවක් හේතුවෙනි. මේ හේතුවෙන් විකල්ප මාර්ග භාවිත කරන්නැයි පොලීසිය රියැදුරන්ට දැනුම්දී ඇත.
2018-10-10T22:38:43.000Z
යොවුන් ඔලිම්පික් උළෙලේ මලල ක්‍රීඩා අද ඇරඹෙයි: ලංකාවෙන් ක්‍රීඩකයින් දෙදෙනෙක්
යොවුන් ඔලිම්පික් උළෙලේ මලල ක්‍රීඩා අද ඇරඹෙයි
යොවුන් ඔලිම්පික් උළෙලේ මලල ක්‍රීඩා තරග අද ආරම්භ වේ. ඒ සඳහා ශ්‍රී ලංකාවෙන් ද ක්‍රීඩකයින් දෙදෙනෙක් සහභාගිවීමට නියමිත ය. මෙවර යොවුන් ඔලිම්පික් උළෙල ආර්ජන්ටිනාවේ බුවනෝස් එයරේස්හිදී පැවැත්වෙනු ඇති. එහි පස්වැනි දිනය සඳහා ඊයේ පැවැති තරග අතරට ශ්‍රී ලංකා ක්‍රීඩක අකලංක පීරිස් සහභාගී වූ මීටර 50 සමනලආර පිහිණුම් බාලක ඉසව්වේ දෙවැනි මූලික වටයේ තරගය ද ඇතුළත් වේ. එම තරගයේ පළමු ස්ථානය ඔහුට හිමි වූ අතර දැක්වූ දක්ෂතාව තත්පර 25යි දශම 1යි 8 කි. කෙසේ නමුත් එහි මූලික වටයේ තරග සියල්ල අවසානයේ ඉහළම දක්ෂතා දක්වන ක්‍රීඩකයින් 16 දෙනා පමණක් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබන අතර අකලංක වාර්තා කළ කාලය ඒ සඳහා ප්‍රමාණවත් නොවීය. මේ අතර මීටර 100 ය සමනලආර බාලක අවසන් තරගයට එක් වූ රුසියාවේ ඇන්ඩ්‍රේයි මිනාකොෆ් තත්පර 51යි දශම 1යි 2 ක දක්ෂතාවක් දක්වමින් එහි රන් පදක්කම දිනා ගත්තේ ය. අද දිනයේ ආරම්භ වන මලල ක්‍රීඩා තරගවලදී ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයින් දෙදෙනෙක් තරග බිමට පිවිසීමට නියමිත වේ. ඩිලාන් බෝගොඩ මීටර 400 බාලක මූලික වටයේ තරගයට සහභාගී වන අතර සෙනිරු අමරසිංහ උස පැනීම බාලක මූලික වටයේ තරගයට එක් වනු ඇති.
2018-10-10T21:37:09.000Z
'ටිට්ලි' සුළි කුණාටුව ඉන්දියාවට කඩාවදී
'ටිට්ලි' සුළි කුණාටුව ඉන්දියාවට කඩාවදී
ඉතා ප්‍රචණ්ඩ සුළි කුණාටුවක් බවට පරිවර්තනයවී ඇති ටිට්ලි සුළි කුණාටුව ඉන්දියාවේ ඔරිස්සා ප්‍රාන්තයේ ගෝපාල්පූර් නගරයට කඩා වැදුණු බව ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. හින්දි භාෂාවට අනුව ටිට්ලි යන්නෙහි අරුත සමනලයා යන්නයි. කුණාටුව මේ වනවිට ප්‍රාන්තය හරහා හමා යන්නේ පැයට කිලෝමීටර 150 ක වේගයෙනි. මේ හමුවේ ඔරිස්සා ප්‍රාන්තයේ වෙරළාශ්‍රිතව පිහිටි දිස්ත්‍රික්ක 5 ක ජනතාව ආරක්ෂිත ස්ථාන කරා යොමු කර ඇත. සුළි කුණාටුව හේතුවෙන් ඔරිස්සා ප්‍රාන්තයේ දිස්ත්‍රික්ක 4 ක සියලු පාසල් සහ විශ්වවිද්‍යාල ද වසා ඇත. ඔරිස්සා ප්‍රාන්ත රජය සඳහන් කළේ, අධික වර්ෂාව හමුවේ ගංවතුර තත්ත්වයක් හටගත හැකි බැවින් ඊට සූදානම්ව සිටින ලෙසයි. ඉන්දීය බලධාරීන් සඳහන් කළේ, ටිට්ලි සුළි කුණාටුව හේතුවෙන් එරට දුම්රිය ගමන් රැසක් අවලංගු කර ඇති බවයි. සුළි කුණාටුව ඔරිස්සා සහ ආන්ද්‍ර ප්‍රදේශ් ප්‍රාන්තවල වෙරළබඩ දිස්ත්‍රික්කවලට දැඩි බලපෑම් සිදු කරනු ඇතැයි ඉන්දීය බලධාරීන් සඳහන් කළේ ය. ඔරිස්සා ප්‍රාන්තයට ඇතුලුවීමෙන් පසු ටිට්ලි, ඔරිස්සා සහ ආන්ද්‍ර ප්‍රදේශ් ප්‍රාන්ත හරහා බටහිර බෙංගාලයට හමා ගොස් ක්‍රමයෙන් දුර්වල වනු ඇතැයි ඉන්දීය කාලගුණ බලධාරීන් සඳහන් කළේ ය. හෙට දින තෙක් මුහුදු යාමෙන් වළකින ලෙස ඔරිස්සා ප්‍රාන්ත ධීවර ප්‍රජාවට දැනුම් දුන් බවද ඉන්දීය මාධ්‍ය වාර්තාවල සඳහන් වේ. මේ අතර 4 වන කාණ්ඩයේ සුළි කුණාටුවක් වන මයිකල් අමෙරිකාවේ ෆ්ලෝරීඩා ප්‍රාන්තයට කඩා වැද ඇත. ෆ්ලෝරීඩා ප්‍රාන්තයේ පෑන්හැන්ඩ්ල් පළාතට කඩාවැදුණු එය මේ වනවිට හමායන්නේ පැයට කිලෝමීටර 250 ක වේගයෙනි. අමෙරිකානු ජාතික සුළි කුණාටු මධ්‍යස්ථානය පැවසූවේ, සුළි කුණාටු අවදානම හමුවේ පුද්ගලයන් 370,000 කට ආරක්ෂිත ස්ථාන කරා යන ලෙස දැනුම්දුන් නමුත් බහුතරයක් තවමත් සිය නිවෙස්වල සිටින බව ය. මෙය ශතවර්ෂයකින් එම ප්‍රාන්තය අත්දුටු දරුණුතම කුණාටුව වනු ඇතැයි ෆ්ලොරීඩා ප්‍රාන්ත ආණුඩුකාර රික් ස්කොට් අනතුරු ඇඟව තිබේ. සුළි කුණාටුව හේතුවෙන් ෆ්ලොරීඩා, ඇලබාමා යන ප්‍රාන්තවල හදිසි තත්ත්වයක් ද ප්‍රකාශයට පත්කර ඇත. මේ අතර පැපුවානිව්ගිනි රාජ්‍යයේ මැග්නිටියුඩ් ඒකක 7 ක ප්‍රබලත්වයෙන් යුත් භූ චලනයක් හටගෙන තිබේ. අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ඒකකය සඳහන් කළේ, ඉන් සිදු වූ ජීවිත හෝ දේපොළ හානි මෙතෙක් වාර්තා වී නැති බවයි. භූ චලනයෙන් මීටර 0.3 ක උසට වඩා අඩු සුනාමි රළ හටගත හැකි බව පැසිෆික් සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ ය.
2018-10-10T20:43:05.000Z
අද සිට දිවයිනේ නිරිතදිග කොටසේ වැසි තත්ත්වයේ අඩුවීමක්
අද සිට වැසි අඩුවන බවට අනාවැකි..
COLOMBO (News 1st) - දිවයිනේ නිරිතදිග කොටසේ පවතින තද වැසි තත්ත්වයේ තරමක අඩුවීමක් අද සිට අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එහෙත් බස්නාහිර, මධ්‍යම, දකුණ සහ සබරගමුව පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. දකුණ, ඌව පළාත්වලත් කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ක පමණ වැසි ඇතිවිය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය. දිස්ත්‍රික්ක කිහිපයකට බලපෑ වර්ෂාධික අයහපත් කාලගුණය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 12 ක් දක්වා ඉහළ ගොස් තිබේ. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ, අයහපත් කාලගුණයෙන් පීඩාවට පත් සංඛ්‍යාව 60,000 කට ආසන්න බවයි. 'ටිට්ලි' සුළි කුණාටුව හේතුවෙන් බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ තවදුරටත් ධීවර හා නාවික කටයුතුවල නිරතවීමෙන් වළකින්න ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කර ඇත. බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශ සඳහා විශේෂ කාලගුණ අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ අදාළ මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකි අතර ඉතා තද සුළං පැවතිය හැකි බවයි. 'ටිට්ලි' සුළි කුණාටුව මේ වනවිට ත්‍රිකුණාමලයට කිලෝමීටර් 1100 ක් පමණ දුරින් ස්ථානගත වනු ඇති. ඉදිරි පැය 24 තුළ එය තවදුරටත් වර්ධනය වෙමින් චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වන අතර එය දිවයිනෙන් ඉවතට වයඹ දෙසට ගමන් කරනු ඇති.
2018-10-10T20:28:43.000Z
ව්‍යවස්ථාදායක සභාවට පත් කෙරෙන සිවිල් සාමාජිකයින්ගේ නම් අද පාර්ලිමේන්තුවට
සිවිල් සාමාජිකයින් තිදෙනාගේ නම් අද පාර්ලිමේන්තුවට
COLOMBO (News 1st) - ව්‍යවස්ථාදායක සභාව සඳහා පත් කෙරෙන සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් තිදෙනාගේ නම් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. ඒ අනුව ආචාර්ය ජයන්ත ධනපාල, අහමඩ් යාවිජ් යූසුෆ් සහ නාගානන්දන් සෙල්වකුමාර් යන මහත්වරුන්ගේ නම් අග්‍රාමාත්‍යවරයා විසින් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරණු ඇති. අද පෙරවරු 10.00 ට කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත වේ.
2018-10-10T20:13:28.000Z
ෂීෂෙල්ස් රාජ්‍යයේ අත්අඩංගුවේ සිටින සියලු ශ්‍රී ලාංකික ධීවරයින්ට නිදහස
ෂීෂෙල්ස් අත්අඩංගුවේ සිටින ලාංකික ධීවරයින්ට නිදහස
COLOMBO (News 1st) - ෂීෂෙල්ස් රාජ්‍යයට අයත් මුහුදු සීමාවේ මසුන් ඇල්ලීමට ගොස් අත්අඩංගුවට පත් සියලු ශ්‍රී ලාංකික ධීවරයින් නිදහස් කර දීමට එරට ජනාධිපතිවරයා එකඟ වී තිබේ. ජනාධිපති මෛත්‍රීපාල සිරසේන මහතා පැවසුවේ, තම ෂීෂෙල්ස් නිල සංචාරයේදී එරට ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡාවේදී මෙම එකඟතාවයන්ට පැමිණි බවයි. මිරිදිය වරුණ 2018 සම්මාන ප්‍රධානෝත්සවයට එක්වෙමින් ජනාධිපතිවරයා පිළිබඳ අදහස් පළ කළේ ය.
2018-10-10T19:52:55.000Z
IOC සමාගමත් පෙට්‍රල් හා ඩීසල් මිල ගණන් ඉහළ දමයි
IOC සමාගමෙත් මිල ගණන් ඉහළට
COLOMBO (News 1st) - ලංකා IOC සමාගමද පෙට්‍රල් හා ඩීසල් මිල ගණන් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දමා තිබේ. ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 155 ක් වනු ඇති. ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 172 කි. ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක මිල වැඩි කිරීමට අනුව ලංකා IOC සමාගමේ ලංකා ඔටෝ ඩිසල් ලීටරයක නව මිල රුපියල් 129 ක් ලෙසත් සුපිරි ඩිසල් ලීටරයක නව මිල රුපියල් 141 ක් ලෙසත් සටහන් වේ.
2018-10-10T19:26:36.000Z
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
දේශිය පුවත් 1. ඇමතිවරු දැක නැති බව කී මිල සූත්‍රයට අනුව තෙල් මිල වැඩිවෙයි: අද සිට ක්‍රියාත්මක වන පරිදි පෙට්‍රල් සහ සුපිරි ඩීසල් මිල ඉහළ දමා තිබේ. මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ, ඔක්ටේන් 92 ක පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 6 කින් ඉහළ යන බවයි. රුපියල් 149 ක්ව පැවති පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 155 ක් දක්වා ඉහළ යනු ඇති. ඔක්ටේන් 95 ‍වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල ඉහළ දමා ඇත්තේ, රුපියල් 8 කිනි. 2. ඇමති පාඨලීට කොළඹ මහාධිකරණය නොතීසි: ලබන 18 වන දා අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි, අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට කොළඹ මහාධිකරණය නොතීසි නිකුත් කර තිබේ. 3. මහ මුහුදේ අතරමං ධීවරයින්ගේ දිවි බේරේ: ගාල්ල වරායට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී කාර්මික දෝෂයකට ලක් වූ යාත්‍රාවක අතරමංව සිටි ධීවරයින් 7 දෙනෙකු මුදා ගැනීමට නාවික හමුදාව සමත්ව තිබේ. ඒ, අමෙරිකානු නාවික හමුදාවේ සහය ඇතිව දකුණු නාවික විධානයට අනියුක්ත ජය සාගර නෞකාව මගින් සිදුකළ මෙහෙයුමකදීයි. 4. රතුපස්වල නඩුව කල්යයි: ගම්පහ, රතුපස්වල ජනතාව පිරිසිදු පානීය ජලය ඉල්ලා වැලිවේරිය නගරයේ සිදුකළ උද්ඝෝෂණයේදී වෙඩි තබා පුද්ගලයින් තිදෙනෙකු ඝාතනය කිරීමට අදාළ නඩුව ලබන වසරේ ජනවාරි 04 වන දා දක්වා කල් තැබිණි. ඒ, අදාළ නඩුව ගම්පහ මහේස්ත්‍රාත් ඩි.ඒ. රුවන් පතිරණ මහතා හමුවේ කැඳවීමෙන් අනතුරුවයි. 5. රොනී ලීච් මහතාගේ දේහය දිවයිනට රැගෙන එයි: ජනප‍්‍රිය ගායන හා රංගන ශිල්පියෙකු වන අභාවප්‍රාප්ත රොනී ලීච් මහතාගේ දේහය ඔස්ට්‍රේලියාවේ පර්ත් නුවර සිට දිවයිනට රැගෙනවිත් තිබේ. දේහය ගල්කිස්ස ක‍්‍රිස්තුදේව දෙව් මැදුරේ තැන්පත් කර තැබෙන අතර අවසන් කටයුතු ගල්කිස්ස සුසාන භූමියේදී අද පස්වරු 3.00 ට සිදු කිරීමට නියමිතය. 6. රජරට සරසවියේ වෛද්‍ය පීඨයේ පීඨාධිපති ඇතුළු තනතුරු 15කින් කථිකාචාර්යවරු ඉල්ලා අස්වෙති: රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පීඨාධිපති සහ අධ්‍යයන අංශ 14 ක ප්‍රධානීන් සිය තනතුරුවලින් ඉල්ලා අස්වී තිබේ. ඔවුන් මෙම තීරණයට එළැඹ ඇත්තේ, වෛද්‍ය පීඨයේ ආචාර්යවරුන්ට ලබා දුන් රඳවා ගැනීමේ දීමනාව කිසිදු පුර්ව දැනුම් දීමකින් තොරව පසුගිය මාසයේ නවතා දැමීම හේතුවෙන්ය. විදෙස් පුවත් 7. බ්‍රිතාන්‍යයෙන් සෞදි අරාබියට අනතුරු ඇඟවීමක් ! : තුර්කියේ ඉස්ථාන්බුල් නුවර පිහිටි සෞදි කොන්සල් කාර්යාලයට ඇතුළුවීමෙන් පසු අතුරුදන් වූ සෞදි ජාතික ජනමාධ්‍යවේදියාට සිදුවූයේ කුමක් ද යන්න සම්බන්ධයෙන් සිය රට දැඩි අවධානයෙන් පසුවන බව බ්‍රිතාන්‍ය අවධාරණය කරයි. බ්‍රිතාන්‍ය විදේශ අමාත්‍යවරයා උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, සිය රට ජනමාධ්‍යවේදී ජමාල් ඛෂෝගිගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් සෞදි අරාබියෙන් කඩිනම් පිළිතුරක් බලාපොරොත්තු වන බවයි. ක්‍රීඩා පුවත් 8. ශ්‍රී ලංකා – එංගලන්ත පළමු එක්දින තරගය අතහැර දැමේ: ශ්‍රී ලංකා සහ එංගලන්ත කණ්ඩායම් අතර පළමු එක්දින ක්‍රිකට් තරගය අතහැර දැමීමට විනිසුරුවරුන් තීරණය කළේ ය. ඒ තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවීම හේතුවෙනි. දවසේ සිත්තම...
2018-10-10T11:35:11.000Z
ශ්‍රී ලංකා - එංගලන්ත පළමු එක්දින තරගය අතහැර දැමේ
ශ්‍රී ලංකා - එංගලන්ත පළමු එක්දින තරගය අතහැර දැමේ
ශ්‍රී ලංකා සහ එංගලන්ත කණ්ඩායම් අතර පළමු එක්දින ක්‍රිකට් තරගය අතහැර දැමීමට විනිසුරුවරුන් තීරණය කළේ ය. ඒ තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙනි. මෙම තරගය රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත් විය. තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල් පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළේ ය. ඔලී ස්ටෝන් අද එංගලන්තය වෙනුවෙන් එක්දින ජාත්‍යන්තර වරම් දිනා ගත්තේ ය. එංගලන්ත ඉනිම ආරම්භ කළේ, ජේසන් රෝයි සමගින් ජොනී බෙයාස්ටෝව් පළමු කඩුල්ලේ සබඳතාව ලකුණු 49 කට සීමා කරමින් ජොනී බෙයාස්ටෝව් ලකුණු 25 කට දැවී ගියේ ය. ජේසන් රෝයි ලකුණු 24ක් රැස් කළේ ය. තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වන විට පන්දුවට පහර දෙමින් සිටි එංගලන්ත කණ්ඩායම, පන්දුවාර 15 ක් අවසානයේ කඩුලු 2 ක් දැවී ලකුණු 92 ක් රැස් කර ගෙන සිටියේ ය්‍.
2018-10-10T10:05:09.000Z
ඇමති පාඨලීට කොළඹ මහාධිකරණය නොතීසි
ඇමති පාඨලීට කොළඹ මහාධිකරණය නොතීසි
COLOMBO (News 1st) : ලබන 18 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි, අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට කොළඹ මහාධිකරණය අද නොතීසි නිකුත් කළේ ය. රාඩා ආයතනයේ ගනුදෙනු සම්බන්ධයෙන් සිදුකරන නඩු විභාගයට අදාළව සාක්ෂි ලබාදීමට අමාත්‍යවරයාට අද පෙනී සිටින ලෙස දැනුම්දී තිබුණ ද පාර්ලිමේන්තු රැස්වීමට සහභාගී වන බව පවසමින් අද ඔහු පැමිණ නොසිටියේ ය. රාඩා ආයතනයේ ගනුදෙනු සම්බන්ධයෙන් එහි හිටපු සභාපති ටිරාන් අලස් , අධ්‍යක්ෂවරුන් වන සාලිය වික්‍රමසුරිය, ජයන්ත ඩයස් සමරසිංහ සහ එමිල් කාන්තත් යන විත්තිකරුවන් එරෙහිව ගොනු කර ඇති නඩුව මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා ඉදිරියේ අද යලි විභාගයට ගනු ලැබී ය. අද දිනයේ සාක්ෂි ලබාදීමට නියමිතව සිටියේ අමාත්‍ය පාඨලී චම්පික රණවක සහ හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග යන මහත්වරුන් ය. ලලිත් විරතුංග මහතා අද දිනයේ සාක්ෂි ලබා දුන්නේ ය. නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දීලීප පීරිස් මහතා අධිකරණයට ඉදිරිපත් කළ ලේඛනයේ, ඇති අත්සන තමාගේ බව ලලිත් වීරතුංග මහතා මෙහිදී පිළිගත්තේ ය. වීරතුංග මහතා පැවසුවේ එම ලේඛනය රාඩා ආයතනය පිහිටු වීමට හිටපු ජනාධිපතිවරයා ලබාදුන් ආඥාවක් බවයි. එම ලේඛනයේ ඡායා පිටපතක් අධිකරණයට ඉදිරිපත් කළ අතර ඊට විත්ති පාර්ශ්වය විරෝධය පළ කළේ ය. ඔහුගේ අත්සන නිවැරදි බවට පිළිගත් බැවින් එම ලේඛනය පිළිබඳව සාක්ෂි විමසීමට අධිකරණය අවසර දුන්නේ ය. නමුත් නඩුව සම්බන්ධයෙන් මින් ඉදිරියට ඡායා පිටපත් ඉදිරිපත් කිරීමේදී එය සාක්ෂි ආඥා පනතේ විධිවිධාන අනුව කටයුතු කරන ලෙස මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේ ය. නඩුව ලබන 18 වැනිදාට කල් තැබිණ.
2018-10-10T09:59:44.000Z
පීඩාවට පත් ජනතාව සොයා ගම්මැද්ද ගිය ගමන..
පීඩාවට පත් ජනතාව සොයා ගම්මැද්ද ගිය ගමන..
COLOMBO (News 1st): පවතින අයහපත් කාලගුණ තත්ත්වයත් සමග කොළඹ නගරයේ සහ ඒ ආශ්‍රිත ප්‍රදේශ රැසක ජීවත් වන ජනතාව දැඩී පීඩාවට පත්ව සිටී. ඔවුන් සොයා අදත් ගම්මැද්ද කණ්ඩායම ක්‍රියාත්මක විය. ගම්මැද්ද කණ්ඩායම අද උදෑසන ගංවතුරෙන් පීඩාවට පත්ව සිටින පිරිසක් තාවකාලිකව රදවා ඇති ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ නගර සභාවට අයත් සමුද්‍රදේවී උත්සව ශාලාවට පැමිණියේ ය. මෙම පර්යේෂණය සඳහා අදත් මොරටුව විශ්වවිද්‍යාලයේ නගර හා ග්‍රාම නිර්මානවේදය අධ්‍යන අංශයේ විද්‍යර්ථයෝ ද සහභාගී වූහ. මෙලෙස තාවකාලිකව රැඳී සිටින්නේ බුත්ගමුව පාර , කොටියාගොඩ පාලම අසල , හීන් ඇළට මායිම්ව පිහිටි පුංචි පංචිකාවත්ත ලෙස හඳුන්වන ප්‍රදේශයේ පීඩාවට පත් ජනතාව‍යි. පවුල් 40 ක පමණ 200 කට ආසන්න පිරිසක් මේ ස්ථානයේ ලැගුම්ගන සිටිති. අනතුරුව මේ මේ අයත් සමග අප කණ්ඩායම හීන් ඇළට මායිම්ව පිහිටි ඔවුන්ගේ නිවාස වෙත පැමිණියේ ය. හීන් ඇළ පිටාර ගැලීම නිසා පවුල් 40 ක පමණ පිරිස දැඩි පීඩාවට පත් ව සිටිති. දරුවන්ගේ පොත්පත් ඇඳුම් පැළඳුම් කොට්ට මෙට්ට අදී සියල්ල වැසි ජලයට යට වී තිබිණ. කලින් කලට දේශපානඥයින් විවිධාකාරයේ පොරොන්දු ලබා දුන්නත් වචන වටල පමණක් සීමා වී ඇති බවට නිවැසින් චෝදනා කරයි. https://www.youtube.com/watch?v=zPZoyWPfFOI
2018-10-10T09:53:06.000Z
අමාත්‍යතුමනි තොප්පිය හරිනම් දාගන්න...
අමාත්‍යතුමනි තොප්පිය හරිනම් දාගන්න...
COLOMBO (News 1st) : සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළද අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කළේ ය. "මම මේ ප්‍රකාශය කරන්නේ , සමාජ මාධ්‍ය හා විදුයත් මාධ්‍ය කිහිපයක් මා කෙරෙහි ඇති ගෞරවයට හානියක් කිරිමට තැත් කර ඇති බැවින් මම ජර්මනියේ නිල වැඩ කටයුත්තක යෙදෙමින් සිටියදි ,මිට දින 10 පමණ පෙර ,සිලොන් හයි ස්පිඩි රේල්වේ ලිමිටඩි ආයනයේ අධ්‍යක්ෂ වරයයෙකු, රාජ්‍ය අමාත්‍යවරයාට හා මට එරෙහිව, ඩොලර් මිලියන 25 ක කොමිස් මුදලක් ඉල්ලුවා කියලා චොදනා කරලා තියෙනවා, මෙම ආයතනය අයොජන මණ්ඩලයට අධිවෙගි දුම්රිය නිශ්පාදනය කර අපනයණය කිරිමට යොජනාවක් ඉදිරිපත් කර තිබුණා ,මේය සම්පුර්ණයෙන්ම සාවද්‍ය චොදනාවක් . මේම ක්‍රියාවලියේ කිසිදු තැනක අමාත්‍යවරු අවසර දිමේ ක්‍රියාවලියට සම්බන්ධ වුනේ නෑ. නියොජ්‍ය කතා නායකතුමනි , ඒම මාධ්‍ය ආයතනම, ගිය සතියෙ මගේ බැංකු ගිණුමට බිලියන 150 ක් , ඒ කියන්නේ ලක්ෂ 1500 ක් බැර කර ඇති බවත්, මහා බැංකුව විසින් එම මුදල අත්හිට වු බවත් වර්තා කලා . මෙය නැවතත් සාවද්‍ය චොදනාවක්. මම මහා බැංකුවෙන් මේ පිලිබදව විමසා සිටියා. ඔවුන් මට දැනුම් දුන්නා එවැනි මුදලක් කිසිදු කැබ්නට් අමාත්‍යවරයකුගේ ගිණුමට බැර කිරිමට, ලැබි නොමැති බව.මේක සම්පූරුණයෙන් බොරු චෝදනාවක්.නියෝජ්‍ය කතානායකතුමණි මේකද අපිට අවශ්‍ය මාධ්‍ය නිදහස" අමාත්‍යතුමනි, තොප්පිය හරි නම් දාගන්න. නමුත්, අපට බරපතළ ප්‍රශ්නයක් මතුවන අවස්ථාවක් තිබේ. මහබැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකයේ ප්‍රධානියා ලෙස මහබැංකු අධිපතිවරයාටවත් ලබාගත නොහැකි තොරතරු ඇමති මලික් සමරවික්‍රම ලබාගත්තේ කෙසේ ද? මහබැංකුවේ කටයුතුවලට මේ තරම් මැදිහත්වීමක් කළ හැකිනම් බැඳුම්කර වංචාවේදී ඔබගේ මැදිහත්වීම රටේ ජනතාවට සිතා ගැනීම අසීරු නොවේ. කිසිදු ඇමති තනතුරක් නොමැතිව පක්ෂයක සභාපතිවරයා ලෙස කටයුතු කරමින් සිටියදී 2015 පෙබරවාරි 26 උදෑසන සාකච්ඡාවට සහභාගිවී පසුදින බැඳුම්කර වෙන්දේසිය ගැන ඇමති මලික් සමරවික්‍රම කල බලපෑම් ගැන සිතා ගැනීමට ඔහු අද පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශයම ප්‍රමාණවත් නොවන්නේ ද? ලක්ෂ 1500 ක් පැමිණි බව කියන ගිණුම ගැන කිසිවෙක් නිශ්චිත තොරතුරක් ලබා නොදෙන්නේ ඇයි? මේ ගිනුම වසා දැමීමට, නැත්නම් ලියකියවිලි පරිගනක පද්ධතිවලින් මකා දැමීමට එසේත් නොමැති නම් සියලු තොරතුරු අතුරුදහන් කිරීමට මේ කාලය හොඳටම ප්‍රමාණවත් ය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තරග විකාශන අරමුදලට ලැබිය යුතු ඩොලර් මිලියන 5 ක් සිංගප්පූරුවේ ගිනුමකට බැරකිරීමට ගිය බව කියන සිද්ධිය ද මෙවැනිම අවස්ථාවකි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මේ ගැන විමර්ශන පැවරීම ප්‍රමාද කිරීම නිසා ගතවූ කාලය තුළ මෙම වංචාවට අදාළ සාක්ෂි විනාශ කිරීමට ඊට සම්බන්ධවූවන්ට කාලය ලැබිණ. අවසානයේ මෙය කම්පියුටර් ජිල්මාට් නමින් හඳුන්වා ඉතා සරළ කරුණක් බවට පත් කරන තැනකට ඇද දමා තිබේ. හොංකොංහි ඩොලර් මිලියන 22 ක බැංකු ගිණුමක් ගැන විමර්ශනයේදී පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය ක්‍රියාකළ අලස ප්‍රතිපත්තිය දූෂණ විරොධී සංවිධාන ප්‍රශ්න කළේ, පසුගිය සතියේයි. මේ සියල්ල අවසානයේ අභිරහස් ගනුදෙනු බවට පත්කර තිබේ. මලික් සමරවික්‍රම ඇමතිතුමනි, ඔබ තෝරාගත් අයෙකු මිස ජනතාවගෙන් තේරීපත්වූ අයෙකු නොවේ. එම නිසා ජනතා මුදල්වල ඇති වගකීම ඔබට නොදැනෙනවා විය හැකියි. පක්ෂයේ නායකයාවත් නොදැන කිහිප දෙනෙකු හමුවී මෑතකදී කළ රහසිගත සාකච්ඡාව ගැන ද රටේ ජනතාව දැන් කථාබහ කරමින් සිටී. මාධ්‍ය ඉදිරියට පැමිණ පිළිතුරු දිය නොහැකිව පලායන මලික් සමරවික්‍රම අමාත්‍යවරයා පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවාවී චෝදනා සඟවා ගැනීමට උත්සාහ දරමින් සිටී. නමුත් සත්‍යය එකින් එක ජනතාව ඉදිරියේ අනාවරණය වනු ඇති. ඔබගේ වත්කම් නුදුරේදීම ජනතාව ඉදිරියේ අනාවරණය වීම වැළැක්විය නොහැකියි. අමාත්‍යතුමනි, මාධ්‍ය නිදහස ගැනත් ඔබ අද ප්‍රකාශයක් කළේ ය. මේ තමයි ජනතාවට ඇති ඔබ අකමැති මාධ්‍ය නිදහස. මෙතරම් මාධ්‍ය නිදහසක් තිබියදීත් මෙතරම් කරුණු අනාවරණය කරද්දීත් වංචා දූෂණවල නම් අඩුවක් පෙනේනනට නොමැත. ප්‍රමාදකිරීම, මකා දැමීම හා පලායාම ඔබේ ක්‍රමවේදය බව දැන් මුළු රටම හොදින් දන්නා කරුණකි. https://www.youtube.com/watch?v=iQBoMfnwMzY
2018-10-10T08:48:47.000Z
ඇමතිවරු දැක නැති බව කී මිල සූත්‍රයට අනුව අද රෑට ත් තෙල් මිල වැඩිවෙයි
ඉන්ධන මිල අද මධ්‍යම රාත්‍රීයේ සිට ඉහළට
COLOMBO (News 1st) : අද මධ්‍යම රාත්‍රියේ ක්‍රියාත්මක වන පරිදි පෙට්‍රල් සහ සුපිරි ඩීසල් මිල ඉහළ දමා තිබේ. මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ, ඔක්ටේන් 92 ක පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 6 කින් ඉහළ යන බවයි. ඒ අනුව රුපියල් 149 ක්ව පැවති පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 155 ක් දක්වා ඉහළ යනු ඇති. ඔක්ටේන් 95 ‍වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල ඉහල දමා ඇත්තේ රුපියල් 8 කිනි. ඒ අනුව ඔක්ටේන් 95 ‍වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 169 ක් දක්වා වැඩි වනු ඇති. සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 8 කින් ඉහළ දැමීමත් සමග එහි නව මිල රුපියල් 141 කි. කෙසේ වෙතත් ඔටෝ ඩීසල් මිල සංශෝධනය කර නොමැති බව මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ ය.
2018-10-10T07:15:34.000Z
බ්‍රිතාන්‍යයෙන් සෞදි අරාබියට අනතුරු ඇඟවීමක්...!
බ්‍රිතාන්‍යයෙන් සෞදි අරාබියට අනතුරු ඇඟවීමක්...!
(News 1st) : තුර්කියේ ඉස්ථාන්බුල් නුවර පිහිටි සෞදි කොන්සල් කාර්යාලයට ඇතුළුවීමෙන් පසු අතුරුදන් වූ සෞදි ජාතික ජනමාධ්‍යවේදියාට සිදුවූයේ කුමක් ද? යන්න සම්බන්ධයෙන් සිය රට දැඩි අවධානයෙන් පසුවන බව බ්‍රිතාන්‍ය අවධාරණය කරයි. බිතාන්‍ය විදේශ අමාත්‍යවරයා උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, සිය රට ජනමාධ්‍යවේදී ජමාල් ඛෂෝගිගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් සෞදි අරාබියෙන් කඩිනම් පිළිතුරක් බලාපොරොත්තු වන බවයි. දුරකතනය ඔස්සේ සෞදි විදේශ අමාත්‍ය අඩෙල් අල් ජුබීර් අමතමින් බ්‍රිතාන්‍ය විදේශ අමාත්‍ය ජෙරමි හන්ට් අනතුරු අඟවා ඇත්තේ, මෙම සිද්ධියට අදාළව හුමාරු වන අගයන් මත දෙරටේ මිත්‍රත්වය රඳා පවතිනු ඇති බවයි. මේ අතර බ්‍රිතාන්‍ය විදේශ අමාත්‍යවරයා සිය ට්විටර් ගිණුම ඔස්සේ ප්‍රකාශයක් කරමින් පවසන්නේ, ලොව පුරා ජනමාධ්‍යවේදීන්ට එරෙහි ප්‍රචණ්ඩතවය ඉහළ යමින් පවතින බවත් එය ප්‍රකාශනයේ නිදහසට බරපතළ තර්ජනයක් වී ඇති බවත් ය. ජමාල්ගේ අතුරුදන් වීම සම්බන්ධයෙන් ට්‍රම්ප් පාලනයට වඩා දැඩි පිළිවෙතක සිට ක්‍රියා කරන බ්‍රිතාන්‍ය පවසන්නේ, ජනමාධ්‍යවේදියා ඝාතනය කර ඇති බවට පළ වන වාර්තා නිවැරදි වුවහොත් ඒ සම්බන්ධයෙන් සිය රට ඉතා බරපතළ අන්දමින් ක්‍රියා කරනු ඇති බවයි. පසුගිය සතියේ අඟහරුවාදා ජමාල් සෞදි කොන්සල් කාර්යාලයට ගොස් ඇත්තේ, සිය තුර්කි ජාතික අනාගත සහකාරිය විවාහ කර ගැනීම සඳහා හිටපු සෞදි බිරිඳගෙන් දික්කසාද වූ බවට සහතික කෙරෙන ලේඛනයක් ලබා ගැනීම සඳහායි. එලෙස කොන්සල් කාර්යාලයට ඇතුළු වූ ජමාල් ඛෂෝගි යළි ඉන් පිටතට නොපැමිණි අතර පසුව තුර්කි බලධාරීන් පැවසුවේ, ඔහු එහිදී ඝාතන කර ඇති බවත් කළු පැහැති වැන් රථයකින් සිරුර කොන්සල් කාර්යාලයෙන් ඉවතට ගෙන ගොස් ඇති බව ත් ය. කෙසේ වෙතත් එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන සෞදි අරාබිය පවසන්නේ, ඛෂෝගි කොන්සල් කාර්යාලයට ඇතුළු වී සුළු වේලාවකින් ඉන් පිටව ගොස් ඇති බවයි. ජමාල් සෙවීමේ විමර්ශන සඳහා සිය රටේ ද සහය හිමිවන බව සෞදි අරාබිය වැඩිදුරත් පවසයි. එහෙත් තුර්කිය පවසන්නේ, කොන්සල් කාර්යාලයට ඇතුළු වූ ඛෂෝගි ඉන් පිටතට නොපැමිණි බව ත් ඔහු ඉන් ඉවතට පැමිණි බව සනාථ කිරීමට සෞදියට කිසිදු සාධයක් නොමැති බව ත් ය. මේ අතර අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ සිය මිතුරු රටක් වන සෞදි ආරබියට පවසා ඇත්තේ, අතුරුදන් ජනමාධ්‍යවේදියා සෙවීමේ කටයුතුවලට සහය දක්වන ලෙසත් එම සහය විනිවිධ භාවයකින් යුක්ත විය යුතු බවයි. මේ අතර එක්සත් ජාතීන් සංවිධානය පවසන්නේ, ඛෂෝගිගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් ප්‍රමුඛ ස්වාධීන සහ අන්තර්ජාතික විමර්ශනයක් සිදුවිය යුතුබවයි. මේ අතර අතුරුදන් සිය අනාගත සහකරු සොයා ගැනීම සඳහා සහය වන ලෙස ඛෂෝගිගේ පෙම්වතිය වන හැටිස් සෙන්ගිස් අමෙරිකාවෙන් ඉල්ලීමක් කර තිබේ. ඇය Washington Postහි වාර්තාවක් පළ කරමින් පවසන්නේ, සිය අනාගත සැමියා සොයා ගැනීමට සහය වන ලෙස අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ජනපති බිරිඳ මෙලිනා ට්‍රම්ප්ගෙන් ආයාචනාත්මකව ඉල්ලීමක් සිදු කරන බවයි. මේ අතර තමන් සහ ජමාල් නුදුරේදි විවාහ වීමට සූදානමින් සිටි බවත් විවාහ මංගල්‍යයේ කටයුතු සිදුකරමින් සිටින අතරතුර මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණදීමට සිදු වූ බවත් ය. අමෙරිකාවට පැමිණීමට පෙර සෞදියේ පුවත්පතක මෙන්ම රූපවාහිනි නාලිකාවක ද සේවය කර ඇති ජමාල් සෞදියේ ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරුගේ විවේචකයෙකු ලෙස සැලකෙයි. ජමාල්ගේ මිතුරන් කිහිපදෙනෙකු සෞදියේ අත්අඩංගුවට පත් වීමෙන් පසු ජමාල් පුවත් පත් තීරු ලිපිය අත්හිටවූ අතර පසුව ඔහු සෞදි අරාබිය අතහැර අමෙරිකාවට පැමිණ ඇති අතර අතුරුදන් වන විට ඔහු Washington Post පුවත්පතේ ජනමාධ්‍යවේදියෙකු ලෙස ක්‍රියාකරමින් සිටියේ ය. කෙසේ වෙතත් ජමාල් කලක් සෞදි රජ පවුල හා සමීපව කටයුතු කළ අයෙකු වන අතර ඔහු වසර කිහිපයක් සෞදියේ ඉහළ පෙළේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ උපදේශකයෙකු ලෙස ද ක්‍රියා කර තිබේ. පෙර පුවතට පහතින් පිවිසෙන්න... *තුර්කියේ සෞදි කොන්සල් කාර්යාලයට ගිය මාධ්‍යවේදියාට මොකද වුණේ...?
2018-10-10T06:42:37.000Z
මහ මුහුදේ අතරමං ධීවරයින්ගේ දිවි බේරේ
මහ මුහුදේ අතරමං ධීවරයින්ගේ දිවි බේරේ
COLOMBO (News 1st) : ගාල්ල වරායට ඔබ්බෙන් වු මුහුදු ප්‍රදේශයේදී කාර්මික දෝෂයකට ලක් වූ යාත්‍රාවක අතරමංව සිටි ධීවරයින් 7 දෙනෙකු මුදා ගැනීමට නාවික හමුදාව සමත්ව තිබේ. ඒ අමෙරිකානු නාවික හමුදාවේ සහය ඇතිව දකුණු නාවික විධානයට අනියුක්ත ජය සාගර නෞකාව මගින් සිදුකළ මෙහෙයුමකදීයි. සුමා බාබා - 3 නමැති එම ධීවර යාත්‍රාව පසුගිය ඔක්තෝබර් 3 වනදා ගාල්ල ධීවර වරායෙන් මුහුදු ගොස් තිබේ. අදාළ යාත්‍රාව මුහුදේ අතරමං වී ඇති බවට අමෙරිකානු නාවික හමුදාවට අයත් නෞකාවක් මගින් නිරීක්ෂණය කර ලබාදුන් තොරතුරක් මත නාවික හමුදාව විසින් මුදාගෙන තිබේ. Photo Credits : Sri Lanka Navy
2018-10-10T04:10:48.000Z
රතුපස්වල නඩුව කල්යයි
රතුපස්වල නඩුව කල්යයි
COLOMBO (News 1st) : ගම්පහ , රතුපස්වල ජනතාව පිරිසිදු පානීය ජලය ඉල්ලා වැලිවේරිය නගරයේ සිදුකළ උද්ඝෝෂණයේදී වෙඩි තබා පුද්ගලයින් තිදෙනෙකු ඝාතනය කිරීමට අදාළ නඩුව ලබන වසරේ ජනවාරි 04 වන දා දක්වා කල් තැබිණ. ඒ අදාළ නඩුව ගම්පහ මහේස්ත්‍රාත් ඩි.ඒ. රුවන් පතිරණ මහතා හමුවේ අද කැඳවීමෙන් අනතුරුවයි. අදාළ ඝාතන සම්බන්ධයෙන් යුද හමුදා බ්‍රිගේඩියර්වරයකු ඇතුළු යුද හමුදා සාමාජිකයින් සිව්දෙනෙකුට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම නඩුව පවරා තිබේ. අද නඩුව කැඳවූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කියා සිටියේ නඩු ගොනුවේ උදෘත නීතිපති උපදෙස් සඳහා යොමු කර ඇතත්, එම උපදෙස් මෙතෙක් ලැබී නොමැති බවයි. 2013 අගෝස්තු පළමු වැනිදා වැලිවේරිය නගරයේදී එම වෙඩි තැබීම සිදුවූ අතර අධිකරණය හමුවේ පෙනී සිටි සැකකරුවන්ට ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ ය.
2018-10-10T03:02:50.000Z
රොනී ලීච් මහතාගේ දේහය දිවයිනට රැගෙන එයි
රොනී ලීච් මහතාගේ දේහය දිවයිනට රැගෙන එයි
COLOMBO (News 1st) - ජනප‍්‍රිය ගායන හා රංගන ශිල්පියෙකු වන අභාවප්‍රාප්ත රොනී ලීච් මහතාගේ දේහය ඔස්ට්‍රේලියාවේ පර්ත් නුවර සිට දිවයිනට රැගෙනවිත් තිබේ. පවුලේ ඥාතියෙකු පැවසුවේ, දේහය මහජන ගෞරවය සඳහා අද පස්වරු 6.00 සිට හෙට පස්වරු 2.00 දක්වා බොරැල්ල පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර තැබෙන බව ය. ඉන් අනතුරුව දේහය ගල්කිස්ස ක‍්‍රිස්තුදේව දෙව් මැදුරේ තැන්පත් කර තැබෙන අතර අවසන් කටයුතු ගල්කිස්ස සුසාන භූමියේදී හෙට පස්වරු 3.00ට සිදු කිරීමට නියමිතව තිබේ. මිය යන විට 65 වන වියේ පසු වූ රොනී ලීච් මහතා දරුවන් දෙදෙනෙකුගේ පියෙකි. සංගීත ප‍්‍රසංගයකට සහභාගී වීමට ඔස්ට්‍රේලියාවේ පර්ත් නගරයට ගොස් සිටි රොනී ලීච් මහතා ප‍්‍රසංගය නිම කර යළි දිවයිනට පැමිණීමට නියමිතව සිටියදී හෘදයාබාධයක් හේතුවෙන් පසුගියදා මිය ගියේ ය. 1973 වසරේදී ගායන ක්ෂේත‍්‍රයට පිවිසි රොනී ලීච් මහතා 1981 වසරේදි සුපර් ගෝල්ඩන් චයිම්ස් සංගීත කණ්ඩායමට ගායකයෙකු ලෙස එක්විණි. ඔහු ගායනා කළ ගීත අතර තට්ටයා හා කවුද බොලේ ඇලිස් යන ගීත ද ඔහු රඟ පෑ චිත‍්‍රපට අතර ඈතින් ඈතට, යළි හමුවෙන්නයි , චෙරියෝ ඩාලිං, ජොලි බෝයිස්, මගෝ ඩිගෝ ඩයි යන චිත‍්‍රපට ද ප්‍රේක්ෂකයින් අතර වඩාත් ජනප්‍රියත්වයක් හිමි කර ගත්තේ ය.
2018-10-10T02:33:47.000Z
ආසියානු පැරා ක්‍රීඩා උළෙලේදී ටී 64 උස පැනීම ඉසව්වේ ලෝකඩ පදක්කම ශ්‍රී ලංකාවට
පැරා ක්‍රීඩා උළෙලේදී තවත් පදක්කමක් ශ්‍රී ලංකාවට
COLOMBO (News 1st) - ශ්‍රී ලංකාවේ ලාල් පුෂ්ප කුමාර ආසියානු පැරා ක්‍රීඩා තරගාවලියේදී ටී 64 උස පැනීම ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගත්තේ ය. ආසියානු පැරා ක්‍රීඩා තරගාවලිය ඉන්දුනීසියාවේදී පැවැත්වේ. එහි තරග පැවැත්වෙන 5 වන දිනය අදයි. ලාල් පුෂ්ප කුමාර ටී 64 උස පැනීම ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීමත් සමග ශ්‍රී ලංකාව රන් පදක්කම් 2ක් ද සමගින් පදක්කම් 9ක් දිනා සිටියි.
2018-10-10T00:34:36.000Z
වයඹ පළාත් සභාවේ නිල කාලය අදින් අවසන්
වයඹ පළාත් සභාවේ නිල කාලය අදින් අවසන්
COLOMBO (News 1st) - වයඹ පළාත් සභාවේ නිල කාලය අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් වේ. ඒ අනුව එම පළාත් සභාවේ බලය ද පළාත් ආණ්ඩුකාරවරයාට පැවරෙනු ඇති. මේ වන විට තවත් පළාත් සභා 04ක නිල කාලය මේ වන විට අවසන් වී ඇති අතර ඒවායේ පාලනය ද පැවරී ඇත්තේ පළාත් ආණ්ඩුකාරවරුන්ට ය. මධ්‍යම පළාත් සභාවේ නිල කාලය පෙරේදා දිනයේ අවසන් විය. සබරගමුව, උතුරුමැද සහ නැගෙනහිර යන පළාත් සභාවල නිල කාලය ඉකුත් වසරේ සැප්තැම්බර් මාසයේදී අවසන් වූ අතර උතුරු පළාත් සභාවේ නිල කාලය ලබන 25 වන දා අවසන් වීමට නියමිතව තිබේ. සෙසු පළාත් සභා 03හි නිල කාලය අවසන් වන්නේ ලබන වසරේ ය. ලබන වසරේ අපේල් 10 වන දා දකුණු පළාත් සභාවේ නිල කාලය අවසන් වන අතර 21 වන දා බස්නාහිර පළාත් සභාවේ නිල කාලය අවසන් වේ. ඌව පළාත් සභාවේ නිල කාලය අවසන් වීමට නියමිතව ඇත්තේ ලබන වසරේ සැප්තැම්බර් මාසයේදී ය.
2018-10-10T00:17:54.000Z
රජරට සරසවියේ වෛද්‍ය පීඨයේ පීඨාධිපති ඇතුළු තනතුරු 15කින් කථිකාචාර්යවරු ඉල්ලා අස්වෙති
රජරට සරසවියේ වෛද්‍ය පීඨයේ පීඨාධිපති ඉල්ලා අස්වෙයි
COLOMBO (News 1st) - රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පීඨාධිපති සහ අධ්‍යයන අංශ 14ක ප්‍රධානීන් සිය තනතුරුවලින් ඉල්ලා අස්වී තිබේ. රජරට විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය රංජිත් විජේවර්ධන මහතා සඳහන් කළේ, ඔවුන්ගේ ඉල්ලා අස්වීමේ ලිපි ඊයේ පස්වරුවේ තමන්ට ලැබුණු බව ය. ඔවුන් මෙම තීරණයට එළැඹ ඇත්තේ, වෛද්‍ය පීඨයේ ආචාර්යවරුන්ට ලබා දුන් රඳවා ගැනීමේ දීමනාව කිසිදු පුර්ව දැනුම් දීමකින් තොරව පසුගිය මාසයේ නවතා දැමීම හේතුවෙනි අනුරාධපුරය වැනි දුෂ්කර පළාතකට වෛද්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ ආචාර්යවරුන් නොපැමිණීම හේතුවෙන් ඔවුන් දිරි ගැන්වීම සඳහා හිටපු උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා විසින් මහාචාර්යවරයෙකුට මාසිකව රුපියල් ලක්ෂයක් ද, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු සඳහා රුපියල් 80,000ක් ද කථිකාචාර්යවරයෙකු සඳහා රුපියල් 60,000ක් ද ගෙවන ලෙස විශ්වවිද්‍යාල පරිපාලනයට උපදෙස් දී තිබිණි. එහෙත් එම දීමනාව මෙතෙක් කලක් ගෙවා ඇත්තේ විශ්වවිද්‍යාල පාලක සභා අනුමැතියකින් පමණි. මේ පිළිබඳව කළ විමසීමකදී රජරට විශ්වවිද්‍යාලයේ උපකුලපති මහචාර්ය රංජිත් විජේවර්ධන මහතා ප්‍රකාශ කළේ, අදාළ දීමනාව ලබා දුන්නේ පාලක සභාවේ අනුමැතියකින් වුවත් විෂය භාර අමාත්‍යංශයේ අනුමැතියකින් නොවන බව ය. එහෙත් අමාත්‍යංශ අනුමැතියකින් තොරව එලෙස දීමනා ගෙවීම තහනම් කරමින් මුදල් අමාත්‍යංශය පසුගියදා නිකුත් කළ චක්‍රලේඛය අනුව කථිකාචාර්යවරුන්ගේ රඳවා ගැනීමේ දීමනාව ගෙවීම අත්හිටවූ බව උපකුලපතිවරයා පැවසුවේ ය. ඔහු සඳහන් කළේ, අදාළ දීමනා සඳහා අවසර දෙන ලෙස ඉල්ලා විෂය භාර අමාත්‍යංශයට ඉල්ලීමක් කර ඇති බව ය.
2018-10-10T00:04:05.000Z
පොහොට්ටුවේ මන්ත්‍රී හමුවේදී මොකද වුණේ?
පොහොට්ටුවේ මන්ත්‍රී හමුවේදී මොකද වුණේ?
COLOMBO (News 1st) - ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ගේ හමුවක් ඊයේ රාත්‍රියේ පැවැත්විණි. ඒ, එම පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාගේ නාරාහේන්පිට පිහිටි නිවසේදී ය. මෙම අවස්ථාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ, හිටපු අමාත්‍ය චමල් රාජපක්ෂ ඇතුළු පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසක් එක්ව සිටියහ.
2018-10-09T22:48:21.000Z
ටිට්ලි සුළි කුණාටුවට මුහුණ දීමට ඉන්දියාව සීරුවෙන්
ටිට්ලි සුළි කුණාටුවට මුහුණ දීමට ඉන්දියාව සීරුවෙන්
COLOMBO (News 1st) - බෙංගාල බොක්කේ ගැඹුරු අවපීඩන තත්ත්වයක් හමුවේ වර්ධනය වූ ටිට්ලි සුළි කුණාටුව මේ වන විට ඉන්දියාවේ ඔරිස්සා සහ ආන්ද්‍ර ප්‍රාන්ත වෙරළ තීරය වෙත හමා යමින් පවතින බව ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි. ඔවුන් පවසන්නේ හෙට පෙරවරුවේ සුළි කුණාටුව ඔරිස්සා සහ ආන්ද්‍රා වෙරළ හරහා හමා යනු ඇති බව ය. ඉන්දීය කාලගුණ විද්‍යා බලධාරීන් මේ හමුවේ ඔරිස්සා ප්‍රාන්තයට රතු අනතුරු ඇඟවීමේ නිවේදනයක් ද නිකුත් කර අවසන් ය. ඉදිරි පැය 24 තුළ ටිට්ලි දරුණු සුළි කුණාටුවක් දක්වා වර්ධනය වීමට ඉඩ ඇතැයි ද ඔවුහු වැඩිදුරටත් පෙන්වා දෙති. මේ වන විට ටිට්ලි සුළිකුණාටුව කේන්ද්‍රගතව ඇත්තේ ඔරිස්සාහි ගෝපාල්පූර් නගරයෙන් කිලෝමීටර් 530ක් ගිනිකොණ දෙසට වන්නට ය. මේ හේතුවෙන් අද සහ හෙට දින දෙකේදීම ඔරිස්සා ප්‍රාන්තයේ දිස්ත්‍රික්ක හතරක පාසල් සහ විශ්වවිද්‍යාල වසා දැමීමට බලධාරීහු පියවර ගත්හ. මේ අතර අමෙරිකාවේ ෆ්ලොරීඩා ප්‍රාන්තයට කඩා වැදීමට නියමිත මයිකල් සුළි කුණාටුවේ ප්‍රබලත්වය තුන්වන කාණ්ඩය දක්වා ඉහළ ගොස් ඇතැයි අමෙරිකාවේ ජාතික සුළි කුණාටු මධ්‍යස්ථානය අනතුරු අඟවයි. ඒ, පැයට කිලෝමීටර 195ක වේගයෙන් හමා යමිනි. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, අද පස්වරුවේ එම සුළි කුණාටුව ෆ්ලොරීඩා ප්‍රාන්තයට කඩා වැදීමට නියමිත බව ය. සුළි කුණාටු අවදානම හමුවේ ෆ්ලෝරීඩා ප්‍රාන්ත වෙරළාශ්‍රිතව දිවි ගෙවන දහස් ගණනක් ජනතාව ආරක්ෂාව පතා උස් බිම් වෙත ගොස් තිබේ. සුළි කුණාටුව අමෙරිකාවේ බොරතෙල් සහ ගෑස් නිෂ්පාදනයේ බිඳ වැටීමට ද හේතු වී ඇති බව සඳහන් ය. අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ෆ්ලොරීඩා ප්‍රාන්තයට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කළේ ය. ඉකුත් මාසයේ හටගත් ගංවතුර තත්ත්වයේ බලපෑම තවමත් පහව ගොස් නැති ෆ්ලෝරීඩා , ඇලබාමා, ජෝර්ජියා, උතුරු කැරොලිනා සහ දකුණු කැරොලිනා ප්‍රදේශ වෙත මයිකල් සුළි කුණාටුවේ බලපෑමෙන් අධික වර්ෂාපතනයක් ලැබෙනු ඇතැයි අමෙරිකානු කාලගුණ විද්‍යා බලධාරීහු අනතුරු ඇඟවූහ. ෆ්ලොරීඩා ප්‍රාන්ත ආණ්ඩුකාර රික් ස්කොට් සඳහන් කළේ, දශක ගණනාවකින් ප්‍රාන්තය මුහුණ පාන මාරාන්තිකම විනාශකාරීම සුළි කුණාටුව මෙය වනු ඇති බව ය.
2018-10-09T21:20:40.000Z
වැසි බර කාලගුණය තවදුරටත්: අයහපත් කාලගුණයෙන් 57,015කට පීඩා
වැසි බර කාලගුණය තවදුරටත්
COLOMBO (News 1st) - දිවයිනේ නිරිත දිග කොටසේ පවතින තද වැසි සහිත කාලගුණ තත්ත්වයේ අඩු වීමක් හෙට දිනයේ අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එහි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ සචින්තා ජයසේකර මෙනවිය පැවසුවේ, අදත් බස්නාහිර, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වලට විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව ය. දිවයිනේ සෙසු ප්‍රදේශවලට සවස 2.00න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව ඇය සඳහන් කළා ය. මේ අතර පවතින අධික වර්ෂාව හේතුවෙන් පවුල් 14,175ක පුද්ගලයින් 57,015ක් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ ය. එම මධ්‍යස්ථානය සඳහන් කළේ කළුතර, ගාල්ල, කොළඹ, කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කවලින් මරණ 09ක් වාර්තා වන බව ය. පවතින කාලගුණ තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 17 දෙනෙකු තුවාල ලබා ඇති අතර එක් පුද්ගලයෙකු අතුරුදන්ව ඇති බව ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ ය. අයපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ආරක්ෂිත ස්ථාන 28ක පුද්ගලයින් 12,000ක් රඳවා තිබේ. මේ අතර කළුතර දිස්ත්‍රික්කය සඳහා නිකුත් කළ නාය යාමේ රතු අවදානම් නිවේදනය තවදුරටත් වලංගු බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි. එහි නාය යාම් අධ්‍යයන අංශයේ වැඩ බලන අධ්‍යක්ෂ ආචාර්ය ගාමිණි ජයතිස්ස මහතා සඳහන් කළේ බදුල්ල, කෑගල්ල, රත්නපුර සහ ගාල්ල දිස්ත්‍රික්ක සඳහා පූර්ව නාය යාම් අනතුරු ඇඟවීමේ නිවේදනය තවදුරටත් වලංගු බව ය.
2018-10-09T21:04:12.000Z
ශ්‍රී ලංකා - එංගලන්ත පළමු එක්දින තරගය අද දඹුල්ලේදී
ශ්‍රී ලංකා - එංගලන්ත පළමු එක්දින තරගය අද දඹුල්ලේදී
COLOMBO (News 1st) - ශ්‍රී ලංකා - එංගලන්ත එක්දින ක්‍රිකට් තරගාවලිය රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද ආරම්භ වේ. 2016 වසරේ ජුලි 2 වන දාට පසුව ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වෙන පළමු එක්දින ක්‍රිකට් තරගාවලිය මෙය යි. ඒ අනුව දෙරට අතර මේ දක්වා එක්දින ජාත්‍යන්තර තරග 69ක් පවත්වා ඇති අතර ඉන් තරග 34ක් ජය ගත්තේ ශ්‍රී ලංකාව ය. එංගලන්තය තරග 33ක් ජය ගත්තේ ය. එක් තරගයක් ලකුණු සම වීමෙන් අවසන් වූ අතර අනෙක් තරගය අවසන් වූයේ තීරණයකින් තොරව ය. එක්දින ශ්‍රේණිගත කිරීම් අනුව පෙරමුණේ පසුවන එංගලන්තයට අභියෝගයක් එල්ල කිරීමට තමන් සූදානම් බවට ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල් පැවසුවේ ය. මේ අතර එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩක ජෝස් බට්ලර් සඳහන් කළේ, ශ්‍රී ලංකාවේදී තරග කිරීම මීට වසර කිහිපයකට පෙර තමන්ට අභියෝගයක් වුවත් මේ වන විට එම අභියෝගය ජයගෙන ඇති බවට ය. අද තරගය පස්වරු 2.30ට ආරම්භ වන අතර සිරස ටී.වී සහ TV 1 නාලිකා ඔස්සේ එය සජීව ලෙස විකාශය කිරීමට සියලු කටයුතු යොදා තිබේ.
2018-10-09T20:08:50.000Z
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
COLOMBO (News 1st) 1. ශ්‍රීලංකන් ගුවන් සමාගමේ සිදු වූ වංචා පිළිබඳව විමර්ශනය කිරීමට පත් කළ කොමිෂන් සභාව හමුවේ 2017 වසරේ එම සමාගම ලබා ගත් ණය මුදල් පිළිබඳව තොරතුරු අනාවරණය වී තිබේ. 2. ජීවන වියදමට සරිලන විශ්‍රාම වැටුපක් ඉල්ලා සමස්ත ලංකා රජයේ විශ්‍රාමිකයින්ගේ ඒකාබද්ධ ජාතික සංවිධානය ඊයේ පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගයට පැමිණියේ ය. 3. ගිනිඅවියක් අතැතිව කළහකාරී ලෙස හැසිරීම සම්බන්ධයෙන් පසුගියදා අත්අඩංගුවට ගැනුණු තෙඹුවන පොලීසියට අනුයුක්තව සේවය කළ පොලිස් සැරයන්වරයා ශරිර ඇප මත මුදා හැරීමට මතුගම මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ නියෝග කළේ ය. 4. 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ඇතැම් වගන්ති සම්මත කර ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක අනුමැතිය සහ ජනමත විචාරණයක් අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය නිගමනය කර තිබේ. 5. හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු 7 දෙනෙකුට එරෙහිව පැවැත්වෙන නඩු විභාගය ලබන දෙසැම්බර් මස 04 වන දා සිට අඛණ්ඩව දිනපතා විභාගයට ගැනීමට විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය ඊයේ තීරණය කළේ ය. විදෙස් පුවත් 6. ඔස්ට්‍රේලියාවට පැමිණෙන නව සංක්‍රමණිකයින්ට සිඩ්නි සහ මෙල්බර්න් නගරවලින් පිට ජීවත් වන ලෙසට බලපෑම් කරමින් නව යෝජනාවක් සම්මත කර ගැනීමට ඔස්ට්‍රේලියානු රජය සූදානම් වේ. ක්‍රීඩා පුවත් 7. ශ්‍රී ලංකාවේ අමිල පසන් වර්ණකුලසූරිය ආසියානු පැරා ක්‍රීඩා උළෙලේදී ටී 42 මීටර 100 පිරිමි ධාවන ඉසව්වේ රන් පදක්කම ඊයේ දිනා ගත්තේ ය.
2018-10-09T19:52:33.000Z
වැලිකන්දේදී තවත් වන අලියෙකු දුම්රියේ ගැටෙයි
වැලිකන්දේදී තවත් වන අලියෙකු දුම්රියේ ගැටෙයි
COLOMBO (News 1st) - වැලිකන්ද මොණරතැන්න ප්‍රදේශයේදී ඊයේ රාත්‍රියේ දුම්රියක ගැටී වන අලියෙකු බරපතළ තුවාල ලබා තිබේ. වනජීවී නිලධාරීන් සඳහන් කළේ, මඩකලපුව සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රියේ වන අලියා ගැටී ඇති බව ය. අලියාට ප්‍රතිකාර කිරීම සඳහා වනජීවී පශු වෛද්‍යවරුන් කැඳවා ඇති බව අප වාර්තාකරු සඳහන් කළේ ය. කෙසේ වෙතත් අලියා ගැටීමෙන් දුම්රිය ධාවනයට බාධාවක් සිදුවී නොමැති අතර අදාළ දුම්රිය මේ වන විට කොළඹට ළඟා වෙමින් ඇතැයි දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ ය.
2018-10-09T19:42:20.000Z
මිල සූත්‍රයට අනුව මාසික ඉන්ධන මිල සංශෝධනය අද
මිල සූත්‍රයට අනුව මාසික ඉන්ධන මිල සංශෝධනය අද
COLOMBO (News 1st) - මිල සූත්‍රයට අනුව මේ මාසයට අදාළ ඉන්ධන මිල සංශෝධනය සම්බන්ධ තීරණය අද ගැනීමට නියමිත ය. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කළේ, ඊට අදාළ සංඛ්‍යාලේඛන මුදල් අමාත්‍යංශයට ඉදිරිපත් කර ඇති බව ය. ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ යාම හා අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වීම හේතුවෙන් පසුගිය මස 10 වන දා සිට අද දිනය දක්වා ඩීසල් හා පෙට්‍රල් ලීටරයකින් රුපියල් 15 බැගින් අලාභයක් ලැබීමට සිදුව ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කළේ ය. මේ අතර ඊයේ පැවති මාධ්‍ය හමුවකදී මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පැවසුවේ, මිල සූත්‍ර කමිටුව විසින් ඉන්ධන මිල සංශෝධනය කිරීමේ තීරණය අද ලබා දෙන බව ය.
2018-10-09T11:14:04.000Z
ආසියානු පැරා ක්‍රීඩා උළෙලේ ටී 42 මීටර 100 ධාවන ඉසව්වේ පදක්කම් ත්‍රිත්වයම ශ්‍රී ලංකාවට
පැරා ක්‍රීඩා උළෙලේදී තවත් පදක්කම් 3ක් ශ්‍රී ලංකාවට
COLOMBO (News 1st) - ශ්‍රී ලංකාවේ අමිල පසන් වර්ණකුලසූරිය ආසියානු පැරා ක්‍රීඩා උළෙලේදී ටී 42 මීටර 100 පිරිමි ධාවන ඉසව්වේ රන් පදක්කම අද දිනා ගත්තේ ය. මේ අතර එම ඉසව්වේ රිදී සහ ලෝකඩ පදක්කම් හිමි වූයේ ද ශ්‍රී ලංකාවට ය. උපුල් ඉන්දික චූලදාස සහ සුරංග කීර්ති බණ්ඩාර එම පදක්කම් දිනා ගත්හ. ඉන්දුනීසියාවේදී පැවැත්වෙන ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව මේ වන විට දිනා සිටින මුළු පදක්කම් ගණන 8කි.
2018-10-09T09:09:54.000Z
ශ්‍රීලංකන් වංචාව පිළිබඳව තවත් අනාවරණයක්
ශ්‍රීලංකන් වංචාව පිළිබඳව තවත් අනාවරණයක්
COLOMBO (News 1st) - ශ්‍රීලංකන් ගුවන් සමාගමේ සිදු වූ වංචා පිළිබඳව විමර්ශනය කිරීමට පත් කළ කොමිෂන් සභාව හමුවේ 2017 වසරේ එම සමාගම ලබා ගත් ණය මුදල් පිළිබඳව තොරතුරු අනාවරණය වී තිබේ. 2017 පෙබරවාරි මස අමෙරිකානු ඩොලර් මිලියන 34.5ක ණය මුදලක් ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුව විසින් ශ්‍රීලංකන් එයාර් ලයින් සමාගමට ලබා දී තිබේ. මෙම ණය මුදලෙන් අමෙරිකානු ඩොලර් මිලියන 27ක් භාවිත කර තිබුණේ, ගුවන් යානා මිලදී ගැනීම සඳහා එළැඹ තිබූ කල්බදු ගිවිසුමක් අහෝසි කිරීමේ දඩ මුදල් ගෙවීම සඳහා ය. ගුවන් සමාගම, මෂ්රික් බැංකුවෙන් ලබා ගත් ණය මුදලේ එකඟ වූ කොන්දේසි සපුරාලීමට අපොහොසත්වීම හේතුවෙන් එම සමාගමට අලාභයක් දැරීමට සිදු වූ බව අද ජනාධිපති කොමිසම හමුවේ තවදුරටත් අනාවරණය විය. ඩොලර් මිලියන 150ක මෙම ණය මුදල ඉස්ලාමීය බැංකු පහසුකම් යටතේ ලබා ගෙන තිබුණේ මෙම අලාභ පියවීම සඳහා ය. මෙම ණය පහසුකම ලබා ගැනීම සඳහා අල් හිල්අල් බැංකුව, අබුඩාබි ඉස්ලාමික් බැංකුව, නූර් ඉස්ලාමික් බැංකුව, යුනයිටඩ් බැංකුව සහ ශ්‍රී ලංකාවේ කොමර්ෂල් බැංකුව අතර ණය සපයන්නෙකු ලෙස ක්‍රියා කිරීමට ශ්‍රීලංකන් සමාගම ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුවේ ලන්ඩන් කාර්යාලයට ඉල්ලීමක් කර තිබිණි. කොමිෂන් සභාවෙදී තවදුරටත් අනාවරණය වූයේ, ශ්‍රීලංකන් සමාගම අමෙරිකානු ඩොලර් මිලියන 175ක් ලබා ගැනීම සඳහා ජාත්‍යන්තර බැඳුම්කර නිකුතුවක් සඳහා ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුව ප්‍රධාන කළමනාකරු ලෙස පත් කර තිබූ බව ය. මෙම බැඳුම්කර 2019 දෙසැම්බර් මාසයේදී කල් පිරීමට නියමිතව තිබේ. මෙම ආයතනයට මෙලෙස අලාභ සිදු කර ඇත්තේ මෙම ආයතනයේම වගකිවයුතු නිලධාරීන්ගේ ක්‍රියාවන් නිසා. මොවුන්ට එරෙහිව ක්‍රියාමාර්ග නොගෙන ඇත්තේ ඇයි?
2018-10-09T08:47:01.000Z
ජීවන වියදමට සරිලන විශ්‍රාම වැටුපක් ඉල්ලා විශ්‍රාමිකයෝ පාර්ලිමේන්තු පාර අවහිර කරති
විශ්‍රාමිකයෝ පාර්ලිමේන්තු පාර අවහිර කරති
COLOMBO (News 1st) - ජීවන වියදමට සරිලන විශ්‍රාම වැටුපක් ඉල්ලා සමස්ත ලංකා රජයේ විශ්‍රාමිකයින්ගේ ඒකාබද්ධ ජාතික සංවිධානය අද පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගයට පැමිණියේ ය. දිවයින පුරා සිටින රජයේ සේවයෙන් විශ්‍රාම ගත් පිරිසක් මෙම විරෝධතාවට සහභාගී වූහ. මේ හේතුවෙන් බත්තරමුල්ල පාර්ලිමේන්තු වටරවුම ආසන්නයේ ප්‍රධාන මාර්ගය පැය 2කට ආසන්න කාලයක් අවහිර වී තිබිණි. මෙම විරෝධතාව පැය 3කට ආසන්න කාලයක් පැවති අතර අනතුරුව විරෝධතාකරුවන් අතරින් 5 දෙනෙකුට නියෝජ්‍ය කථානායකවරයා හමුවීම සඳහා පොලීසිය ඉඩ ලබා දුන් බව සමස්ත ලංකා රජයේ විශ්‍රාමිකයින්ගේ ඒකාබද්ධ ජාතික සංවිධානයේ ප්‍රධාන ලේකම් යූ.එච්. ලියනගේ මහතා සඳහන් කළේ ය. ඔවුන්ගේ ඉල්ලීම් සහිත ලිපිය නියෝජ්‍ය කථානායකවරයා භාර ගත් බවත් එය කථානායකවරයාට ලබා දෙන බවට නියෝජ්‍ය කථානායකවරයා තමන්ට පොරොන්දු වූ බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය. විශ්‍රාමිකයින් ජීවන වියදමට සරිලන විශ්‍රාම වැටුපක් ඉල්ලා සිටිද්දී විශ්‍රාම දිවිය වඩා පහසුවෙන් ගත කිරීමට ඇති සේවක අර්ථ සාධක අරමුදල ද පසුගිය කාල සීමාවේ විවිධ ආයෝජනවලට යොදවා අවභාවිත කෙරිණි. බැඳුම්කර වංචාව නිසා සේවක අර්ථ සාධක අරමුදලට සිදු කළ පාඩුව කෝටි 1800කි. 2008 - 2011 කාල සීමාවේ කොටස් වෙළෙඳපොළ සිදු කළ ආයෝජන නිසා අරමුදලට රුපියල් කෝටි 2800ක් පාඩු කළ බව පවසමින් ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය අධිකරණය හමුවට පවා ගියේ ය. පසුගියදා ශ්‍රීලංකන් ගුවන් සේවය ගැන කරුණු විමසන ජනාධිපති කොමිසමේදී අනාවරණය වූයේ, සේවක අර්ථ සාධක අරමුදල කොටස් වෙළෙඳපොළේ සිදු කළ ඇතැම් ආයෝජනවලට කිසිදු ලාභාංශයක් ලැබී නොමැති බව ය. කාගීල්ස් බැංකුවේ රුපියල් මිලියන 495ක්, කැන්විල් හෝල්ඩින්ග් සමාගමේ ආයෝජනය කළ රුපියල් බිලියන 5ක් ද ඒ අතර වේ. 2010 අරමුදල ශ්‍රීලංකන් ගුවන් සේවයේ රුපියල් මිලියන 500ක් ආයෝජනය කර ඇත්තේ එවක පැවති නීති උල්ලංඝනය කරමින් බව ද කොමිසමේදී අනාවරණය විය. සේවක අරමුදල් මේ අයුරින් විනාශ කිරීම අපරාධයක් නොවන්නේ ද?
2018-10-09T08:28:00.000Z
වැස්සකටවත් සූදානම් නැති කොළඹ නගරය...
වැස්සකටවත් සූදානම් නැති කොළඹ නගරය...
COLOMBO (News 1st) - අතිවිශාල ගොඩනැගිලි ඇතුළු දැවැන්ත ව්‍යාපෘති ගණනාවක් රටේ වාණිජ අගනගරය, කොළඹ නගරයේ මේ දිනවල ඉදිවෙමින් තිබේ. එහෙත් නගරයේ ඇතුළත මාර්ග ඔස්සේ ඇවිද ගියහොත් ඇතැම් ස්ථානවල දක්නට ඇත්තේ ඛේදනීය තත්ත්වයකි. පීඩාවට පත් ජනතාව සොයා ගම්මැද්ද කණ්ඩායම අදත් ගමන් කළේ මොරටුව විශ්වවිද්‍යාලයත් සමග එක්වයි. පවුල් 60 කට අධික සංඛ්‍යාවකට අයත් විශාල පිරිසක් දිවි ගෙවන දෙමටගොඩ මහවිල පටුමග සමන්තා වත්ත ප්‍රදේශයේ ජනතාවගේ නිවාස සියල්ල ඇද හැළුණු අධික වර්ෂාවත් සමග ජලයෙන් යට විණි. සමන්තා වත්ත ආසන්නයේ ඇති හීන් ඇළ කලකින් ප්‍රතිසංස්කරණය නොකිරීම හේතුවෙන් වැසි ජලය නිසි ලෙස බැහැර නොවීම මොවුන් නිරන්තර ජල ගැලීම්වලට ලක් වීමට ප්‍රධාන හේතුව ලෙස ප්‍රදේශවාසීහු පෙන්වා දෙති. කිසි දෙයක් කරකියාගත නොහැකිව අසරණව සිටින මෙම ජනතාවට ජලය පිරී තිබියදීත් එම නිවාසවලම රැඳී සිටීමට සිදුව ඇත්තේ නිවසින් පිටව යාමට ආරක්ෂිත ස්ථානයක් නොමැති කමිනි. ඔවුන් අප සමග පැවසුවේ, ආහාර පිස ගැනීමටවත් ප්‍රමාණවත් පහසුකමක් මේ වන විට නොමැති බව ය. පාසල් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ද මේ වන විට අඩාල වී තිබේ. සමන්තා වත්තෙහි මෙම පවුල් 60ම භාවිත කිරීමට තිබූ වැසිකිළි දෙක ද මේ වන විට උතුරා ගොස් තිබේ. ඔවුන් පැවසුවේ, සුදුසු ස්ථානයකින් නිවාස ලබා දෙන්නේ නම් මෙම ස්ථානයෙන් පිටව යාමට ඉතා කැමැත්තෙන් සිටින බව ය. මේ අතර ගම්මැද්ද කණ්ඩායම ගොතටුව ඇළහේන මාර්ගයේ ෆොන්සේකා වත්ත ද අද නිරීක්ෂණය කළේ ය. එහි පවුල් 10ක් පමණ මෙලෙස ජල ගැලීම් හේතුවෙන් පීඩාවට පත්ව ඇත්තේ අවිධිමත් සංවර්ධනය හමුවේ ගම්මානයට මායිමෙන් ගලා බසින ඇළ පිටාර ගැලීමෙනි. බ්ලුමැන්ඩල් පෙදෙසේ 478/2 වත්තෙහි පවුල් 25කට අධික සංඛ්‍යාවක ජනතාව ජල ගැලීම් හේතුවෙන් පීඩාවට පත්ව සිටියි. මෙම ජනතාව ද පීඩාවට පත්ව සිටින්නේ, වැසි ජලය නිසි ලෙස බැහැරවීමට ක්‍රමවේදයක් නොමැති හෙයිනි.
2018-10-09T06:09:57.000Z
ශ්‍රවණ ගිලිහුණු කසුන්ගේ නිපැයුම්...
ශ්‍රවණ ගිලිහුණු කසුන්ගේ නිපැයුම්...
COLOMBO (News 1st) - මෙරට ජීවත් වන ජනගහණය මිලියන 21කට අධිකයි. ඉන් ලක්ෂ 3කට අධික ප්‍රමාණයක් විවිධ ආබාධවලින් පෙළෙන බව වාර්තා වේ. දෑස් නොපෙනෙන, කතා කිරීමට නොහැකි ඒ වගේම ශ්‍රව්‍යාබාධවලින් පෙළෙන බොහෝ දෙනෙකු අද අප සමාජයේ ජීවත් වුවද ඔවුන් අප මෙන්ම, අපටත් වඩා දක්ෂයින් බව අවිවාදයෙන් යුතුව පිළිගත යුතුයි. මෙවැනි ආබාධිත තත්ත්වයන්ගෙන් පෙළන පුද්ගලයෙකු සමග සාමාන්‍ය පුද්ගලයන් අදහස් හුවමාරු කර ගැනීමේදී අදාළ පිරිසට විවිධ අපහසුතාවන්ට මුහුණ දීමට සිදු වේ. මෙය දෙපාර්ශවයටම පොදු ගැටලුවක් වුව ද, ආබාධිත පිරිසට සාමාන්‍ය පුද්ගලයෙකු සමගින් සන්නිවේදන කටයුතු කිරීම හා ග්‍රහණය කර ගැනීම ඉතා අපහසු බව විශේෂඥයන්ගේ මතයයි. බොහෝ විට මෙම තත්ත්වයෙන් ශ්‍රව්‍යාබාධවලට ලක්ව සිටින පුද්ගලයින් දැඩි ලෙස පීඩා විඳියි. ශ්‍රව්‍යාබාධිත පුද්ගලයින් වෙනුවෙන් සිදු කරනු ලබන නව සොයා ගැනීමක් නොබෝ දිනකදී ම හඳුන්වා දීමට නියමිත බැවින් ඉදිරියේ දී, මෙලෙස ශ්‍රව්‍යාබාධවලට ලක්ව සිටින පුද්ගලයින්ට මෙවැනි ගැටලුවලට මුහුණ දීමට සිදු නොවෙනු ඇති. මෙම නව නිපැයුම ජංගම දුරකතනවලට යොදන මෘදුකාංගය එසේත් නැත්නම් "ඇප්" (App) ලෙස නිර්මාණය කර තිබෙන්නේ, 2015වසරේදී 'V Awards' දිනා ගත් 'අහන්න' පදනමේ නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී කසුන් ජයතුංග මහතා යි. කසුන් ජයතුංග මහතා ගැන කතා කිරීමේදී ඔහුත් ශ්‍රව්‍යාබාධිත පුද්ගලයෙකු බව විශේෂයෙන් සඳහන් කළ යුතුයි. ශ්‍රව්‍යාබාධිත පුද්ගලයින් වෙනුවෙන් ඔහු කළ සමාජ මෙහෙවර ඇගයීමට ලක් කරමින් 2015 වසරේ දී ඔහු මෙලෙස 'V සම්මානය' හිමි කර ගත්තේ ය. ඔහු විසින් නිර්මාණය කරනු ලැබූ මෙම මෘදුකාංගය (App) එක තුළින් ශ්‍රව්‍යාබාධිත පුද්ගලයෙකුට ඉතා පහසුවෙන් සාමාන්‍ය ප්‍රජාව සමග කඩිනමින් අදහස් හුවමාරු කර ගැනීමේ හැකියාව ලැබෙනු ඇත. සංඥා භාෂා මාධ්‍යයෙන් සැකසූ ශ්‍රව්‍ය සංකල්ප අඩංගු චලනය වන රූප (Sign Language GIF Animation) භාවිත කරමින් කසුන් මෙම මෘදුකාංගය (App) නිර්මාණය කර තිබේ. මෙමගින් ශ්‍රව්‍යාබාධිත පුද්ගලයා වෙතින් සාමාන්‍ය පුද්ගලයාටත්, සාමාන්‍ය පුද්ගලයා වෙතින් ශ්‍රව්‍යාබාධිත පුද්ගලයාටත් ආදී ලෙස අදහස් හුවමාරු කර ගැනීමේ හැකියාව පවතී. මෙහිදී මෙම මෘදුකාංගය (App) තුළින් ශ්‍රව්‍යාබාධිත පුද්ගලයෙකු සාමාන්‍ය පුද්ගලයෙකු සමග අදහස් හුවමාරු කර ගැනීමේදී, සාමාන්‍ය පුද්ගලයා විසින් පවසන දේ ශ්‍රව්‍යාබාධිත පුද්ගලයාගේ ජංගම දුරකතන තිරයේ එම අවස්ථාවේදීම පෙන්නුම් කරන අතර ශ්‍රව්‍යාබාධිත පුද්ගලයා පවසන දේ තුළින් වචන බවට පරිවර්තනය කොට සාමාන්‍ය පුද්ගලයා සමග අදහස් හුවමාරුව සඳහා පසුබිම සකසා දෙයි. මේ තුළින් දෙපාර්ශවයටම ඉතා පහසුවෙන් තොරතුරු හුවමාරු කර ගැනීමේ හැකියාව ලැබෙනු ඇත. කසුන්ගේ මෙම නිර්මාණයට ශ්‍රී ලංකා බිහිරිවූවන්ගේ මධ්‍යම සම්මේලනයේ සහයෝගය ලැබෙන අතර ඔවුන් හා එක්ව මෙම නිර්මාණයට අදාළ පර්යේෂණ කටයුතු සිදු කරනු ලබයි. මෙම මෘදුකාංගය (App) නිර්මාණය කිරීමේ කටයුතු සඳහා බොහෝ සෙයින් දායක වන්නේ, ශ්‍රව්‍යාබාධිත පුද්ගලයින් බව නිව්ස්ෆස්ට් වෙත අදහස් දැක්වමින් කසුන් ජයතුංග මහතා ප්‍රකාශ කළේ ය. ශ්‍රව්‍යාබාධිත පුද්ගලයින් වෙනුවෙන් නිර්මාණය වන ශ්‍රී ලංකාවේ පළමුවන මෘදුකාංගය (App) මෙය වන අතර නොබෝ දිනකින් එය හඳුන්වා දීමට කටයුතු සිදු කරමින් සිටින බව ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය. ඉහත නිර්මාණය සදහා මෙවර e-Swabhimani 2018 තරගාවලියේ INCLUSION AND EMPOWERMENT අංශයෙන් තේරී පත් වූ අවසන් නිර්මාණ කිහිපය අතරට ද, එමෙන් ම World Summit Award 2018 තරගාවලියේ රටවල් 100කට අධික සංඛ්‍යාවකින් ‍තෝරා ගත් නව නිපැයුම් 400ක් අතරින් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තේරී පත්වී ඇති අතර මෙම මෘදුකාංගය ඉදිරියේදී සමස්ත බිහිරි ප්‍රජාව වෙනුවෙන් ඔවුන්ගේ සන්නිවේදන බාධකය බිඳ හෙළීමෙහිලා ඉමහත් ලෙස උපකාරී වේ යැයි ඔහු අපේක්ෂා කරයි. කසුන්ගේ මෙම නිර්මාණයට අමතරව ඔහු ශ්‍රව්‍යාබාධිත පුද්ගලයින් වෙනුවෙන් තවත් නිර්මාණ රැසක් සිදු කර තිබේ. ශ්‍රව්‍යාබාධිත පුද්ගලයින්ගේ සාක්ෂරතාව වැඩි දියුණු කිරීම උදෙසා ඔහු සුවිශේෂී දායකත්වයක් දක්වා ඇත. කසුන් අප සමග පැවසුවේ, ශ්‍රව්‍යාබාධිත දරුවන් පාසලේදී ඉගෙන ගත යුතු ආකාරය සම්බන්ධයෙන් ඉගෙනුම් මෘදුකාංගයක් ( Windows App) මේ වන විට නිර්මාණය කර ඇති බව ය. නිවැරදිව ව්‍යාකරණාකූලව වාක්‍ය තනන ආකාරය ඉගෙනීම සඳහා ස්ව අධ්‍යයන මෘදුකාංගයක් සමගින් සිංහල ඉගෙන ගැනීම සඳහා ශ්‍රව්‍යාබාධිත දරුවන්ට මේ වන විට කසුන් අවස්ථාව උදා කර දී තිබේ. ඒ, ඔහු විසින් ඒ සඳහා නිර්මාණය කළ e-Sign Reader 'සංඥා භාෂාවෙන් ව්‍යාකරණ ඉගෙනිමු' නම් මෘදුකාංගය (App) මගිනි. එමෙන් ම ශ්‍රව්‍යාබාධිත දරුවන්ට ලබා දෙන පාසල් අධ්‍යාපනය තුළ ඔවුන්ගේ ලිඛිත හැකියාව දියුණු කිරීම සඳහා මේ දක්වා කිසිදු ක්‍රමවේදයක් නොතිබේ. මේ හේතුවෙන් එම දරුවන් විවිධ ගැටලුවලට මුහුණ දෙන අතර ඊට අත්වැලක් දෙමින් කසුන් නිසි අධ්‍යයනයක් කර ව්‍යාකරණ නිවැරදිව පහසුවෙන් ඉගෙන ගැනීම සඳහා 'සංඥා භාෂාවෙන් ව්‍යාකරණ ඉගෙනිමු' නම් ග්‍රන්ථය එළිදක්වා තිබේ. මෙම ග්‍රන්ථය පරිශීලනය කිරීම මගින් ශ්‍රව්‍යාබාධිත දරුවන්ට සිය ලිඛිත හැකියාව ස්ව ශක්තියෙන්ම දියුණු කර ගැනීමේ හැකියාව පවතී. මීට අමතරව ශ්‍රව්‍යාබාධිත දරුවන්ට ලබා දෙන පාසල් පෙළපොත්වලට සමගාමීව විධිමත්ව අධ්‍යාපනය ලබා දිය හැකි, සංඥා භාෂාවෙන් නිර්මාණය කරනු ලැබූ DVD තැටියක් කසුන් විසින් හඳුන්වා දී තිබේ. කසුන් විසින් නිර්මාණය කරනු ලැබූ මෙම නිර්මාණ සියල්ලම මෙරට සිටින සියලු ම ශ්‍රව්‍යාබාධිත පුද්ගලයින්ට නොමිලේ ලබා දීමට බලාපොරොත්තු වන බව ද ඔහු අප සමග පැවසුවේ ය. එයට අමතරව ඉහත සඳහන් මෘදුකාංග සියල්ල නොමිලයේ භාගත කිරීමට ඔහු ඉදිරියේදී තම පදනමේ නිල වෙබ් අඩවිය වන www.ahanna.org හරහා පහසුකම් සපයා දීමට ද බලාපොරොත්තු වේ. මේ මෘදුකාංග ලබා ගැනීමට කැමැත්තෙන් පසුවන අයෙක් වෙත්නම් [email protected] යන ඊමේල් ලිපිනය මගින් හෝ 071-86 86 522 යන දුරකතන අංකයට SMS පණිවුඩයක් එවීම මගින් ලබා ගත හැකි ය.
2018-10-09T04:59:32.000Z
ගිනිඅවියක් අතැතිව කළහකාරීව හැසිරුණු පොලිස් සැරයන්වරයාට ඇප
කළහකාරීව හැසිරුණු පොලිස් සැරයන්වරයාට ඇප
COLOMBO (News 1st) - ගිනිඅවියක් අතැතිව කළහකාරී ලෙස හැසිරීම සම්බන්ධයෙන් පසුගියදා අත්අඩංගුවට ගැනුණු තෙඹුවන පොලීසියට අනුයුක්තව සේවය කළ පොලිස් සැරයන්වරයා ශරිර ඇප මත මුදා හැරීමට මතුගම මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේ ය. ඒ, සැකකාර පොලිස් සැරයන්වරයා අද මතුගම ප්‍රධාන මහේස්ත්‍රාත් බී. සේනාධීර මහතා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී ය. එහිදී මහේස්ත්‍රාත්වරයා නියෝග ක‍ළේ, ලබන දෙසැම්බර් 11 වන දා යළි නඩුව කැඳවීමට ය. අදාළ පොලිස් සැරයන්වරයා විසින් නීති විරෝධීව වැලි ප්‍රවාහනය කළ බව කියන ලොරියක් අත්අඩංගුවට ගෙන තිබිණි. නමුත් පොලිස් ස්ථානාධිපතිවරයා ඊට පසුදින එම ලොරිය මුදා හැරි බව පවසමින් ඔහු සිය ගිනිඅවිය ද රැගෙන මාර්ගයට පැමිණ කළහකාරී ලෙස හැසිරීම සම්බන්ධයෙන් සැකකාර පොලිස් සැරයන්වරයා අත්අඩංගුවට ගෙන අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර සිටියේ ය.
2018-10-09T03:15:36.000Z
ඔස්ට්‍රේලියාවට එන සංක්‍රමණිකයින්ට නව නීතියක්?
ඔස්ට්‍රේලියාවට එන සංක්‍රමණිකයින්ට නව නීතියක්?
ඔස්ට්‍රේලියාවට පැමිණෙන නව සංක්‍රමණිකයන්ට සිඩ්නි සහ මෙල්බර්න් නගරවලින් පිට ජීවත්වන ලෙසට බලපෑම් කරමින් නව යෝජනාවක් සම්මත කරගැනීමට ඕස්ට්‍රේලියානු රජය සුදානම් වේ. ඕස්‍ට්‍රේලියානු නගර සහ ජනගහන අමාත්‍ය ඇලන් ටජ් සඳහන් කළේ, ඔස්ට්‍රේලියාවේ විශාලම නගර දෙකෙහි තදබදය නතරකර පළාත්බද ප්‍රදේශ දියුණු කිරීම මෙම නව නීතියේ අරමුණ බවයි . ඒ අනුව නව සංක්‍රමණිකයන් ජීවත්වන ප්‍රදේශ සීමා කිරීමට අදාළ වීසා කොන්දේසි , ඕස්ට්‍රේලියානු රජය , ඉදිරි වසර 5 තුළ හඳුන්වා දෙනු ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් ය . මේ වනවිට ඕස්ට්‍රේලියාවේ මිලියන 25 ක් වන ජනගහනයෙන් පහෙන් දෙකක්ම ජීවත්වන්නේ සිඩ්නි සහ මෙල්බර්න් නගරවලයි .
2018-10-09T02:40:12.000Z
මුරුංගා කොළ මාලෙන් උණුසුම් වූ ද. පළාත් සභාව
මුරුංගා කොළ මාලෙන් උණුසුම් වූ ද. පළාත් සභාව
COLOMBO (News 1st) : එක්සත් ජනතා නිදහස් සන්ධාන පළාත් සභා මන්ත්‍රී චන්න සාලිය මහතා මුරුංගා කොළවලින් සෑදු මාලයක් පැළද පළාත් සභාවට පැමිණීම හේතුවෙන් අද දකුණු පළාත් සභාව තුළ උණුසුම් තත්ත්වයක් ඇති විය. වත්මන් ආණ්ඩුවට විරෝධය පළ කරීම සඳහා චන්න සාලිය මන්ත්‍රීවරයා මුරුංගා කොළ මාලයක් පැළඳ සභාවට පැමිණ තිබේ. නමුත් සභා ගැබෙන් පිටත රැඳී සිටි එක්සත් ජාතික පක්ෂ දකුණු පළාත් සභා මන්ත්‍රී ටී. වී. කේ. ගාමිණී සහ අශෝක ධනවංශ ඇතුළු පිරිසක් එම අවස්ථාවේ ඔහුට සභාවට ඇතුළු වීමට ඉඩ නොදීමට උත්සහ කර තිබේ. එම අවස්ථාවේ එහි උණුසුම් තත්ත්වයක් හට ගැනිණ. අනතුරුව දකුණු පළාත් සභා සභාපති සෝමවංශ කෝදාගොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් සභා වාරය ආරම්භ විය. එහිදී තම පක්ෂයේ මන්ත්‍රීවරයෙකුට පහරදීමක් සිදුව ඇති බව එක්සත් ජනතා නිදහස් සන්ධාන දකුණු පළාත් සභා මන්ත්‍රී චම්ලි විදානආරච්චි මහතා ප්‍රකාශ කළේ ය. ඊට සහය දක්වමින් එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් සභා ගර්භය මැදට පැමිණ තිබේ. අප වාර්තාකරු පැවසුවේ, අනතුරුව ඔවුන්ට විරෝධය දක්වමින් එක්සත් ජාතික පක්ෂ දකුණු පළාත් සබා මන්ත්‍රීවරු ද සභාව මැදට පැමිණි බවයි. ඒ අවස්ථාවේ දෙපිරිස අතර උණුසුම් කතා බහක් හටගෙන ඇති අතර ගුටි බැට හුවමාරුවක් ද සිදු වූ බව අප වාර්තාකරු පැවසී ය. පසුව සභාපතිවරයා තාවකාලිකව සභාව කල් දැමීමට පියවර ගෙන ඇත. අනතුරුව සාමාන්‍ය පරිදි සභා වාරය පැවති අතර එහිදි සභාපතිවරයා සඳහන් කළේ, මින් පසුව කිසිදු බාහිර ද්‍රව්‍යයක් සභා ගර්භයට රැගෙන ඒමට නොහැකි බවයි. https://www.youtube.com/watch?v=ERur6uNwK9c
2018-10-09T02:25:18.000Z
20 වන සංශෝධනය ගැන ශ්‍රේෂ්ඨාධිකරණ නිගමනය පාර්ලිමේන්තුවට
20 වන සංශෝධනය ගැන ශ්‍රේෂ්ඨාධිකරණ නිගමනය
COLOMBO (News 1st) - 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ඇතැම් වගන්ති සම්මත කර ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක අනුමැතිය සහ ජනමත විචාරණයක් අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය නිගමනය කර තිබේ. කෙටුම්පතේ වගන්ති 6ක් තුනෙන් දෙකක අනුමැතියෙන් සම්මත කළ හැකි ය. අද පාර්ලිමේන්තුවේදී නියෝජ්‍ය කථානායකවරයා පැවසූ ආකාරයට 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ වගන්ති 6 ක් සම්මත කර ගැනීමට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක අනුමැතිය ප්‍රමාණවත් ය. සරලව පැහැදිලි කළහොත් එම වගන්තිවල සඳහන් කරුණු මේ... 1. අමාත්‍යවරයෙකු, රාජ්‍ය අමාත්‍යවරයෙකු හෝ නියෝජ්‍ය අමාත්‍යවරයෙකුට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් සම්මත වූ විට ඔහු හෝ ඇය ඉල්ලා අස්වූ බවට සැලකිය යුතු ය. 2. පාර්ලිමේන්තුව තුළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය හෝ විසර්ජන පනත් කෙටුම්පත ප්‍රතික්ෂේප කළ විට අග්‍රාමාත්‍යවරයා ඉල්ලා අස්වූ ලෙස සැලකිය යුතු ය. 3. අමාත්‍ය මණ්ඩලය විසිරුවා හැරීමට ජනාධිපතිවරයාට අවස්ථාව හිමි වන අග්‍රාමාත්‍යරයා ධූරයෙන් ඉවත් කිරීම යන වගන්තිය ඉවත් කිරීම. 4. පාර්ලිමේන්තුව පළමුව රැස්වූ අවස්ථාවේ සිට පළමු වසර දෙකක කාලය තුළ විසර්ජන පනත් කෙටුම්පත තුන් වරක් පාර්ලිමේන්තුවේදී පරාජයට පත් වුවහොත් පමණක් විසර්ජන පනත් කෙටුම්පත පරාජය වූවා සේ සැලකීම. 5. ජනමත විචාරණයකින් සම්මත වන කෙටුම්පතක් ජනාධිපතිවරයා අත්සන් කර බලාත්මක නොකළහොත් දින 14 කට පසුව එය ජනාධිපතිවරයා සහතික කලා සේ සැලකීම. 6. ජනමත විචාරණයකට යොමු කළ යුතු පනත් කෙටුම්තක් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් අනුමත කර ඇති විට දින 28 ක් තුළ ජනමත විචාරණයකට යොමු කිරීමට ජනාධිපතිවරයා අපොහොසත් වුවහොත් එය ජනමත විචාරණයකට යොමු කළ කෙටුම්පතක් ලෙස සලකා මැතිවරණ කොමිසම ක්‍රියාකළ යුතු ය. 7. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන සාමාජිකයෙකුට එරෙහිව දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් ගනු ලබන හෝ ගැනීමට යන විනය ක්‍රියාමාර්ගයකට අදාළ කරුණක් විභාග කර නිශ්චය කිරීමට කිසිදු අධිකරණයකට අධිකරණ බලයක් නොතිබිය යුතු ය. 8. ඊට අමතරව අතුරු නියෝග නිකුත් කරමින් කිසිදු සහනයක් ලබා දීමට ද අධිකරණ බලයක් නොතිබිය යුතු ය. 9. ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය ලබා ගැනීම අවස්ථාවෝචිත වන ස්වභාවයේ හා පොදු වැදගත්කමකින් යුතු කරුණු ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කර අප්‍රසිද්ධියේ විභාග කර ජනාධිපතිවරයාට වාර්තා කල යුතු බවට වන ව්‍යවස්ථා ප්‍රතිපාදනය සම්පූර්ණයෙන් ඉවත් කිරීම. 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූයේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී විජිත හේරත් මහතාගේ පෞද්ගලික යෝජනාවක් ලෙස ය.
2018-10-09T01:11:58.000Z
පීඩාවට පත් ජනතාවට කඩිනමින් සහන සලසන්නැයි ජනපතිගෙන් උපදෙස්
පීඩාවට පත් ජනතාවට සහන සලසන්නැයි ජනපතිගෙන් උපදෙස්
COLOMBO (News 1st) : වැසි සහිත කාලගුණයෙන් පීඩාවට පත් ජනතාවට කඩිනමින් සහන සලසන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ආදාළ අංශවලට උපදෙස් දී තිබේ. දෙදින රාජ්‍ය සංචාරයක් සඳහා සීෂෙල්ස් රාජ්‍යයට ගොස් සිටින, ජනාධිපවරයා ආපදා කළමනාකරණ අමාත්‍ය දුමින්ද දිසානායක මහතාට දුරකථනය ඔස්සේ, උපදෙස් ලබා දී ඇත්තේ, විපතට පත් ජනතාවට සහන සැලසීමේදී කිසිදු අවස්ථාවක මූල්‍ය ප්‍රතිපාදන ගැටලුවක් කර නොගන්නා ලෙසයි. වියළි ආහාර ද්‍රව්‍ය, පානීය ජලය සහ සෞඛ්‍ය පහසුකම් ඇතළු විපතට පත් ජනතාවට අවශ්‍ය සුබසාධන වැඩපිළිවෙල අඛණ්ඩව ක්‍රියාත්මක කරන ලෙස ද ජනාධිපතිවරයා ආපදා කළමනාකරණ අමාත්‍යවරයාට උපදෙස් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ය. ජල ගැලීම්වලින් විපතට පත් ජනතාව මුදා ගැනීමේ කටයුතු සඳහා ත්‍රිවිධ හමුදාවේ සහය ලබා ගන්නා ලෙස ජනාධිපතිවරයා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි රවීන්ද්‍ර විජේගුණරත්න මහතාට උපදෙස් දී තිබේ.
2018-10-09T00:34:47.000Z
රත්නපුරට නායයාම් අනතුරු ඇඟවීම්
රත්නපුරට නායයාම් අනතුරු ඇඟවීම්
COLOMBO (News 1st) : අධික වර්ෂාව හේතුවෙන් රත්නපුර දිස්ත්‍රික්කයට නායයාම් අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පැවසුවේ, රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන, අයගම සහ රත්නපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට එම අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර ඇති බවයි. මේ අතර නෝවුඩ් නිව්වැලිගම ප්‍රදේශයේ නායයාමේ අවදානමක් හේතුවෙන් පවුල් 5 ක පුද්ගලයින් 23 දෙනෙකු ආරක්ෂිත ස්ථාන කරා යොමුකර තිබේ.
2018-10-09T00:00:53.000Z
ගෝඨාභයට එරෙහි නඩුව දෙසැම්බර් 4 සිට අඛණ්ඩව විභාගයට
ගෝඨාභයට එරෙහිව නඩුව දෙසැම්බර් 4 සිට දිනපතා විභාගයට
COLOMBO (News 1st) : හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු 7 දෙනෙකුට එරෙහිව පැවැත්වෙන නඩු විභාගය ලබන දෙසැම්බර් මස 04 වන දා සිට අඛණ්ඩව දිනපතා විභාගයට ගැනීමට විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය අද තීරණය කළේ ය. මැදමුලන ඩී.ඒ. රාජපක්ෂ කෞතුකාගාරය ඉදිකිරීම සඳහා රාජ්‍ය මුදල් අවභාවිත කරන ලැදැයි කියන චෝදනා මත ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබේ. අද දින මෙම නඩු විභාගය සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් අධිකරණය හමුවේ පෙනී සිටියේ ය. මෙම නඩුව අද විභාගයට ගැනුණේ, විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයේදීයි.
2018-10-08T23:12:58.000Z
ආසියානු කුසලානයේ ක්‍රිකට් අනුශුරයින් මව්බිමට
ආසියානු කුසලානයේ ක්‍රිකට් අනුශුරයින් මව්බිමට
COLOMBO (News 1st) : 2018 යොවුන් ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අනුශුරයින් බවට පත් වූ ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ යොවුන් ක්‍රිකට් කණ්ඩායම යළි දිවයිනට පැමිණියේ ය. 2018 වයස අවුරුදු 19 න් පහළ යොවුන් ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය බංග්ලාදේශයේදී පැවැත්විණ. ඒ සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයින් තරගාවලිය නිමාවට පත් වූයේ, තරගාවලියේ අනුශූරයින් බවට පත් වෙමිනි. ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයින් තරගාවලියේ මූලික වටයේදී B කාණ්ඩයෙන් සත්කාරක බංග්ලාදේශය, පාකිස්ථානය හා හොං කොං කණ්ඩායම් සමග තරග වැදුණු අතර එම තරග සියල්ලම ජය ගැනීමට ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයෝ සමත් වූහ. අවසන් පූර්ව වටයේදී ගියවර ශූරයින් වූ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමග තරග වැදුණු ශ්‍රී ලංකා ක්‍රීඩකයින් එම තරගය ජය ගත්තේ ලකුණු 31 කිනි. අනතුරුව ප්‍රබල ඉන්දීය කණ්ඩායම සමග පැවති අවසන් මහා තරගයේදී ශ්‍රී ලංකාව පරාජය කොට ලකුණු 144 ක ජයක් හිමිකර ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය.
2018-10-08T21:37:48.000Z
ශ්‍රී ලංකාව - සීෂෙල්ස් අතර නව ගිවිසුම් දෙකක්
ශ්‍රී ලංකාව - සීෂෙල්ස් අතර නව ගිවිසුම් දෙකක්
COLOMBO (News 1st) : සීෂෙල්ස් රාජ්‍යයේ දෙදින නිල සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද එරට උප ජනාධිපති වින්ස්ටන්ට් මෙරිටන්ට් මහතා හමුවීමට නියමිතව තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, අද දහවල් එම හමුව සිදුවනු ඇති බවයි. ජනාධිපතිවරයා, සංචාරය අතරතුර යුනෙස්කෝ ලෝක උරුම නැරඹීමට ද එක්වනු ඇතැයි, ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ය. මේ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ පස්වරුවේ එරට ජනාධිපති ඩැනී ෆෝ මහතා හමුවිය. එහිදි දෙරටේ නායකයන් වෙළඳ සහ සංචාරක සබඳතා නව ක්ෂේත්‍ර ඔස්සේ ව්‍යාප්ත කරමින් ශක්තිමත් ලෙස ඉදිරියට ගෙන යාම පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබේ. රටවල් දෙක අතර ව්‍යාපාරික සංසදවල සබඳතා වැඩිදියුණු කර ගනිමින් ඉදිරි කටයුතු සිදු කිරිම පිළිබඳව අදාළ අංශවලට උපදෙස් ලබා දෙන බව ද ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මෙහිදි සඳහන් කර ඇත. දෙරට අතර අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් ද්වි පාර්ශික මෙන්ම කලාපිය කරුණු රැසක් පිළිබදවද මෙහිදි සාකච්ඡාවට බදුන්වී ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසී ය. එහිදි අදහස් දක්වමින් සීෂෙල්ස් ජනාධිපති ඩැනී ෆෝ මහතා ප්‍රකාශ කර ඇත්තේ , ඉන්දියානු කලාපීය කවුන්සිලයේ සාමාජිකත්වය ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාවට උපරිම සහයෝගය ලබා දෙන බවයි. මේ අතර දෙරට අතර ද්විපාර්ශවීය සබඳතා ශක්තිමත් කෙරෙන නව ගිවිසුම් දෙකකට ද ඊයේ අත්සත් තැබිණ. තොරතුරු තාක්ෂණ සහයෝගීතාව ඉහළ නංවා ගැනීම හා වෘත්තිය පුහුණු ක්ෂේස්ත්‍රයේ සහයෝගිතාව ඉහළ නංවා ගැනීමට අදාළව මෙම ගිවිසුම් අත්කර තිබේ.
2018-10-08T20:42:12.000Z
සීනි සඳහා පාලන මිලක්.. ?
සීනි සඳහා පාලන මිලක්.. ?
COLOMBO (News 1st) : සීනි සඳහා පාලන මිලක් පැනවීම කෙරෙහි රජයේ අවධානය යොමු වී තිබේ. කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශ ලේකම් රංජිත් අශෝක මහතා සඳහන් කළේ, රුපියල් 100ක පාලන මිලක් පැනවීමට ජීවන වියදම් කමිටු අනුමැතිය ලැබී ඇති බවයි. පාරිභෝගික ජනතාව වෙනුවෙන් සහන සැලසීමේ අරමුණින් එම පියවර ගැනීමට නියමිතව ඇතැයි ද ඔහු සඳහන් කළේ ය. ලේකම්වරයා පැවසුවේ, පාලන මිල පැනවීමට අදාළව කැබිනට් මණ්ඩල අනුමැතිය සඳහා යෝජනාව ඉදිරිපත් කරන බවයි. මේ අතර, සීනි සඳහා පනවා තිබූ රුපියල් 31 ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ඉවත් කර නව බදු ව්‍යුහයක් හදුන්වා දීමට පසුගිය සැප්තැම්බර් මස 17 වන දා මුදල් අමාත්‍යාංශය පියවර ගත්තේ ය. ඒ අනුව නව බදු ක්‍රමයට අනුව සීනි කිලෝග්‍රෑම් 1ක් සඳහා අද වනවිට දැරිය යුතුව ඇති මුළු බදු ප්‍රමාණය රුපියල් 43 ක් පමණ වේ. ලෝක වෙළෙඳපොළේ සීනි කිලෝග්‍රෑම් එකක් සඳහා ගෙවිය යුතු මිල පසුගිය කාලයට සාපේක්ෂව අඩුවී ඇති බැවින් මෙම පියවර ගත් බවත් සිල්ලර වෙළෙඳපොළට එමගින් බලපෑමක් නොවන බවත් මුදල් අමාත්‍යාංශය එහිදී සඳහන් කළේ ය. නමුත් බදු පැනවීමට පෙර තොග වෙළඳපොළේ රුපියල් 91 ක් වූ සීනි කිලෝග්‍රෑම් 1ක මිල මේ වනවිට රුපියල් 100 ඉක්මවා තිබේ. දළ වශයෙන් රුපියල් 15 කට වැඩි ප්‍රමාණයකින් තොග වෙළෙඳපොළේ, පමණක් සීනි කිලෝග්‍රෑම් 1ක මිල වැඩිවී තිබේ.
2018-10-08T19:52:30.000Z
අද අලුයම සිට කොළඹට අඩු පීඩනයක් යටතේ ජලය
අද අලුයම සිට කොළඹට අඩු පීඩනයක් යටතේ ජලය
COLOMBO (News 1st) : කොළඹ මහනගර සභා බල ප්‍රදේශයට අද අලුයම සිට ජලය සැපයුම සිදු වන්නේ, අඩු පීඩනයක් යටතේ බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. ඒ, අඹතලේ ජල පවිත්‍රාගාරයේ අත්‍යාවශ්‍ය හදිසි අලුත්වැඩියාවක් හේතුවෙනි. අලුත් වැඩියා කටයුතු දැනටමත් ආරම්භ කර ඇති අතර හැකි ඉක්මනින් ජල සැපයුම යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසයි.
2018-10-08T19:34:15.000Z
විසර්ජන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට
විසර්ජන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට
COLOMBO (News 1st) : ලබන වසරේ අයවැයට අදාළ අමාත්‍යාංශවලට මුදල් වෙන් කෙරෙන ආකාරය දැක්වෙන විසර්ජන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ය. මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇති. මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය නිතුක් කළ නිවේදනයක දැක්වෙන්නේ, ලබන වසරේ ණය ආපසු ගෙවීම සඳහා රුපියල් බිලියන 2,057 ක් වැය වන බවයි. එය ඉතිහාසයේ ශ්‍රී ලංකාව ණය ආපසු ගෙවීමට වැය කරන වැඩි ම මුදල බව ද අමාත්‍යාංශය පවසයි. විසර්ජන පනත් කෙටුම්පතට අනුව අධිවේගී මාර්ග ව්‍යාපෘති සඳහා වෙන් කෙරෙන මුදල රුපියල් බිලියන 175කි. දක්ෂිණ අධිවේගී මාර්ගය මත්තල දක්වා සංවර්ධනය කිරීම, කොළඹ පිටත වටරවුම් මාර්ගයේ කඩවත කෙරවලපිටිය අතර කොටස අවසන් කිරීම, මධ්‍යම අධීවේගී මාර්ගයේ කඩවත මීරිගම කොටස හා පෑලියගොඩ සිට කොළඹ වරාය දක්වා කණුමත ඉදිවන වරාය පිවිසුම් මාර්ගය සඳහා මෙම මුදල් වෙන්කෙරෙනු ඇති. මොරගහකන්ද හා උමාඔය ව්‍යපෘති අවසන් කිරීම සඳහා තවත් රුපියල් බිලියන 75 ක් වෙන්කෙරන අතර ග්‍රාම ශක්ති, ගම්පෙරළිය හා එක ගමකට එක වැඩක් ව්‍යාපෘති සඳහා තවත් රුපියල් බිලියන 63 ක් වෙන්කර තිබේ. පෑලියගොඩ, අලුත්පාලමේ සිට ඉදිවන සැහැල්ලු දුම්රිය මාර්ගය සඳහා වෙන්කර ඇති මුදල රුපියල් බිලියන 5කි. ආරක්ෂක අමාත්‍යාංශයට රුපියල් බිලියන 306 ක් වෙන්කර ඇති අතර එය අමාත්‍යංශයක් සඳහා වෙන්කර ඇති වැඩිම මුදල බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පවසයි. පළාත් සභාවල එදිනෙදා වියදම් සඳහා වෙන්කර ඇති මුදල රුපියල් බිලියන 221කි. විසර්ජන පනත් කෙටුම්පතට අනුව ලබන වසරේ රජයේ මුළු වියදම රුපියල් බිලියන 4376 ක් වේ. මේ අතර මෙවර අයවැය යෝජනා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාවරයා විසින් නොවැම්බර් මස 5 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීමට නියමිතයි.
2018-10-08T19:17:25.000Z
දිවයින පුරා අද ත් මහ වැසි
දිවයින පුරා අද ත් මහ වැසි
COLOMBO (News 1st) : බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය මේ වන විට ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනයවී ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ හේතුවෙන් දිවයින පුරා වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසී ය. මේ අතර පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් කළුතර දිස්ත්‍රික්කය සඳහා නිකුත් කළ නායයාමේ රතු අවදානම් නිවේදනය තවදුරටත් බලපැවැත්වෙන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පැවසී ය. එහි නායයාම් අධ්‍යන අංශයේ වැඩ බලන අධ්‍යක්ෂ ආචාර්ය ගාමිණි ජයතිස්ස මහතා සඳහන් කළේ, ගාල්ල කෑගල්ල සහ බදුල්ල දිස්ත්‍රික්කවලට ද නායයාමේ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර ඇති බවයි. පසුගිය 01 වනදා සිට පැවති අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් සිදුව ඇති පුද්ගල මරණ සංඛ්‍යාව 09 දක්වා ඉහළ ගොස් ඇති අතර ඉන් මරණ 04 ක් වාර්තා වී ඇත්තේ, කළුතර දිස්ත්‍රික්කයෙනි. ගාල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කවලින් මරණ 02 බැගින් වාර්තා වී ඇත. කෑගල්ල දිස්ත්‍රික්කයෙන් එක් මරණයක් වාර්තා වන බව ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ ය. එම මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, පවුල් 12,478 ක පුද්ගලයින් 48,918 දෙනෙකු මේ වන විට පීඩාවට පත්ව සිටින බවයි. අධික වැසි සමග ඇතිවූ ජල ගැලීම් , පස් කණ්ඩි කඩා වැටීම් සහ ගස් කඩා වැටීම් හේතුවෙන් පූර්ණ හානි සිදුව ඇති නිවාස සංඛ්‍යාව 35කි. නිවාස 1668 කට අධික සංඛ්‍යාවකට අර්ධ හානි සිදුව ඇතැයි ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ ය.
2018-10-08T08:16:26.000Z
ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීම් සංස්ථාවට කොළඹ මහ නගර සභාවෙන් මිලියන 100 ක්
ඉඩම් ගොඩකිරීම් සංස්ථාවට කොළඹ මහ නගර සභාවෙන් මුදල්
COLOMBO (News 1st) - ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව අද යළි කොළඹ කසළ භාර ගැනීම ආරම්භ කළේ ය. ඒ, කොළඹ මහ නගර සභාව රුපියල් මිලියන 100 ක මුදලක් ගෙවීමෙන් අනතුරුවයි. කොළඹ මහ නගර සභාව, කැලණිය ප්‍රාදේශිය සභාව, පෑලියගොඩ නගර සභාව, වත්තල නගර සභාව ඇතුළු පළාත් පාලන ආයතන කිහිපයක කසළ බැහැර කෙරෙන්නේ, කෙරවලපිටිය පිහිටි ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාවට අයත් භූමියටයි. නමුත් ඊයේ කසළ බැහැර කිරීමට එහි ගිය කොළඹ මහා නගර සභාවේ රථවලට එම භූමියට ඇතුලුවීමට අවසර හිමි වූයේ නැත. ඒ කසළ බැහැර කිරීමට අදාළ මුදල් කොළඹ මහා නගර සභාව නිසි පරිදි නොගෙවීම හේතුවෙනි. මීතොටමුල්ල කුණු කන්ද කඩා වැටීමෙන් පසු මතු වූ තත්ත්වයත් සමග කොළඹ කසළ කළමනාකරණයේ වගකීම බස්නාහිර සංවර්ධන හා මහා නගර අමාත්‍යංශය වෙත පැවරිණි. නමුත් පසුගිය ජනවාරි පළමු වෙනිදා සිට එම වගකීම යළි ත් පළාත් පාලන අමාත්‍යාංශයට හා ඊට අනුබද්ධ මහ නගර සභා, නගර සභා සහ ප‍්‍රාදේශීය සභාවලට පැවරූ බව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කළේ ය. කෙසේවෙතත් කෙරවලපිටිය කසළ බැහැර කිරීමේ මධ්‍යස්ථානය කළමනාකරණයේ වගකීම පැවරුණේ ශ‍්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාවටයි. කොළඹ නගරාධිපති රෝසි සේනානායක මහත්මිය ප්‍රකාශ කළේ, රුපියල් මිලියන 207 හදිස්සියේ ගෙවන ලෙස ශ‍්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාව ඉල්ලා සිටීම හේතුවෙන් මෙම තත්ත්වය මතු වූ බව ය.
2018-10-08T08:25:18.000Z
ගංවතුර තත්ත්වයට විද්‍යාත්මක විසඳුම් සොයා ගම්මැද්ද කණ්ඩායම ගවේෂණයක
ගංවතුර තත්ත්වයට හේතු සොයා ගම්මැද්ද කණ්ඩායම ගවේෂණයක
COLOMBO (News 1st) - ඇද හැලුණු අධික වර්ශාවත් සමග බොරැල්ල, වනාතමුල්ල ප්‍රදේශය ජලයෙන් යට විය. මේ හේතුවෙන් පීඩාවට පත් පවුල් සංඛ්‍යාව 496 කි බොරැල්ල, වනාතමුල්ල ප්‍රදේශය ජලයෙන් යටවී පැය 12 ක් ගත වන්නටත් මත්තෙන් ඊට විද්‍යාත්මක විසඳුම් සොයා ගම්මැද්ද කණ්ඩායම එම ජනතාව සොයා ගියේ ය. කාලගුණයෙහි ඇති වන වෙනස්වීම සමග ඇද හැලෙන වර්ෂාව හේතුවෙන් කොළඹ නාගරික කලාපයේ බෙහෝ ප්‍රදේශ ජලයෙන් යටවී තිබේ. මේ අතර ඇති වන ගංවතුර හා ආපදා තත්ත්වයකදී පීඩාවට පත්වන ජනතාව ආරක්ෂිත ස්ථාන කරා යොමු කෙරුණ ද ඊට නිසි විසඳුම් තවමත් ලැබී නැත. කොළඹ නාගරික කලාපයේ බොහෝ ප්‍රදේශ ඇද හැලෙන සුළු වර්ශාවකදී වුවද ජලයෙන් යටවන්නේ ඇයි? ඊට හේතු වන කරුණු සොයා පවතින අයහපත් කාලගුණය ද නොතකා ගම්මැද්ද කණ්ඩායම අද කොළඹ නාගරීක කලායේ විශේෂ සංචාරයක නිරත වුනේ ඒ පිළිබඳව විද්‍යාත්මත සොයාබැලීමක් සිදු කරමිනි. මෙම විද්‍යාත්මක පර්යේෂණය සඳහා මොරටුව විශ්වවිද්‍යාලයේ නගර හා ග්‍රාම නිර්මාණවේදය අධ්‍යන අංශයේ විද්‍යාතරයින් ද එක් විණි. ඔරුගොඩවත්ත හරහා කැලණි ගඟට ගලාබසින හීන් ඇළට කසළ බැහර කිරීම හේතුවෙන් ගංවතුර ඇතිවීමට බලපාන ප්‍රධාන කාරණාවක් මෙහිදී අපට නිරීක්ෂණය විණි. මෙම ප්‍රදේශය වසරකදී තුන් වතාවත් ගංවතුර උවදුරට හසුවනු ඇත. මේ හේතුවෙන් කුඩා දරුවන් නිතර රෝගී වන බව ජනතාව පවසති. මෙලෙස පීඩාවට පත් ව සිටින පවුල් 496 ක සාමාජිකයින් පැවසූවේ, ආරක්ෂිත ස්ථානයක තමන්ට නිවාස ලබා දෙන්නේ නම් ඕනෑම අවස්ථාවක මෙම ස්ථානයෙන් ඉවත්වීමට සුදානම් බවයි. මේ අතර ආරක්ෂිත ස්ථානයක රඳවා සිටින මේ ජනතාවට අද පස්වරු 4.00 වන විටත් දිවා ආහාරය ලැබී නොමැත. ඔවුන් අතර කුඩා දරුවන්න රැසක් ද වේ. කොළඹ ජල ගැලීමට හේතු සොයා ගම්මැද්ද විශේෂ පර්යේෂණ කණ්ඩායම හෙට දිනයේදීත් ක්‍රියාත්මකය.
2018-10-08T05:45:57.000Z
ආසියානු පැරා ක්‍රීඩා උළෙලේ පළමු දිනයේ දී ම ශ්‍රී ලංකාවට පදක්කම් පහක්
ආසියානු පැරා:පළමු දිනයේම ශ්‍රී ලංකාවට පදක්කම් පහක්
ඉන්දුනිසීයාවේ පැවැත්වෙන ආසියානු පැරා ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා තරගවලිදී රන් පදක්කමක් ඇතුළුව පදක්කම් 5 ක් දිනා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත් විය. පාදයේ කොටසක් අප්‍රාණික හෝ ආබාදයට (T42) ලක් වූ වන් වෙනුවෙන් පැවති මීටර් 200 පිරිමි ඉසව්වේ රන් රිදී ලෝකඩ පදක්කම් තුනම හිමිවූයේ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් තිදෙනෙකුටයි. අමිල ප්‍රසන්න රන් පදක්කම දිනා ගත් අතර, ඉන්දික චූලදාස හා චරිත නිර්මල බුද්ධික පිලිවෙලින් රිදී හා ලෝකඩ පදක්කම් දිනා ගත්තේ ය. අමර ඉන්දුමතී කරුණාතිලක අතක ආබාධ සහිත (T47) ක්‍රීඩිකාවන් වෙනුවෙන් පැවැති දුර පැනීමේ ඉසව්වෙන් රිදී පදක්කම දිනා ගත්තාය. ඇය එහිදී මීටර් 4.62 ක දක්ෂතාවක් දැක්වීමට සමත් වූ අතර, එම ඉසව්වට ම සහභාගීවූ කුමුදු ප්‍රියංකාට සිව්වැනි ස්ථානය හිමිවිය. මේ අතර, පාදයක ආබාද සහිත වූවන් (F42-44) සඳහා වූ හෙල්ල විසිකිරීමේ තරගයෙන් රිදී පදක්කම දිනා ගැනීමට චමින්ද සම්පත් හෙට්ටි ආරච්චි සමත්විය. ඔහු එහිදී දැක්වූ දක්ෂතාව මීටර් 59.32 කි. එම ඉසව්වටම සහභාගීවූ සමිත දුලාන්ට සිව්වැනි ස්ථානය හිමි විය.
2018-10-08T05:27:23.000Z
කළුතර දිස්ත්‍රික්කයට නිකුත් කළ නායයෑමේ රතු නිවේදනය තවදුරටත්
කළුතර දිස්ත්‍රික්කයට තවදුරටත් රතු නිවේදන !
COLOMBO (News 1st) Update: පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් කළුතර දිස්ත්‍රික්කය සඳහා නිකුත් කළ නායයෑමේ රතු අවදානම් නිවේදනය තවදුරටත් දීර්ඝ කිරීමට පියවර ගත් බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි. එහි නායයෑම් අධ්‍යයන අංශයේ වැඩ බලන අධ්‍යක්ෂ ආචාර්ය ගාමිණි ජයතිස්ස මහතා සඳහන් කළේ, ගාල්ල, කෑගල්ල සහ බදුල්ල දිස්ත්‍රික්කවලට ද නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර ඇති බවයි. පසුගිය 01 වන දා සිට පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් සිදු ව ඇති පුද්ගල මරණ සංඛ්‍යාව 09 දක්වා ඉහළ ගොස් ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසා ඇත. එම මරණවලින් මරණ 04 ක් වාර්තා වන්නේ කළුතර දිස්ත්‍රික්කයෙනි. ගාල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කවලින් මරණ 02 බැගින් වාර්තා වේ. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ, කෑගල්ල දිස්ත්‍රික්කයෙන් එක් මරණයක් වාර්තා වන බවයි. එම මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, පවුල් 12,478 ක පුද්ගලයින් 48,918 දෙනෙකු මේ වන විට පීඩාවට පත් ව ඇති බව ය. අධික වැසි සමග ඇති වූ ජල ගැලීම්, කණ්ඩි කඩා වැටීම් සහ ගස් කඩා වැටීම් හේතුවෙන් පුර්ණ හානි සිදු ව ඇති නිවාස සංඛ්‍යාව 35 කි. නිවාස 1668 කට අධික සංඛ්‍යාවකට අර්ධ හානි සිදු ව ඇතැයි ද එම මධ්‍යස්ථානය සඳහන් කළේ ය. මේ අතර බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති අඩු පීඩන කලාපය මේ වන විට පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, එම පද්ධතිය ත්‍රිකුණාමලය සිට කිලෝමීටර් 950 ක දුරින් ස්ථානගතව පවතින බවයි. ඒ හේතුවෙන් දිවයිනට බලපා ඇති වැසි තත්ත්වය ලබන 10 වන දා දක්වා තවදුරටත් වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය. ----------------------------------------------------------------------------------------------------------------------------------------- කළු ගඟ මිල්ලකන්ද ප්‍රදේශයෙන් තවදුරටත් ජල මට්ටම ඉහළ ගොස් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. ඒ පිළිබඳ ගඟ දෙපස ජනතාව විමසිලිමත් විය යුතු බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මාලා අලවතුගොඩ මහත්මිය සඳහන් කළාය. මේ අතර ගිං ගඟ බද්දේගම ප්‍රදේශයෙන් සහ අත්තනගලු ඔය දූනමලේ ප්‍රදේශයෙන් ජල මට්ටම ඉහළ ගිය ද මේ වන විට එම තත්ත්වය පහව යමින් පවතින බව ඇය සඳහන් කළා ය. කෙසේ වෙතත් ප්‍රදේශ රැසකට වැසි ඇදහැලෙමින් පවතින බැවින් ගංගා දෙපස ජනතාව විමසිලිමත් විය යුතු බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අවධාරණය කර තිබේ.
2018-10-08T04:03:40.000Z
හලාවත - කොළඹ ප්‍රධාන මාර්ගයේ ධීවරයින් පිරිසක් විරෝධතාවයක
ඉන්ධන මිලට එරෙහිව ධීවරයින් පිරිසක් විරෝධතාවයක
COLOMBO (News 1st) - හලාවත - කොළඹ ප්‍රධාන මාර්ගය තෝප්පුව ප්‍රදේශයෙන් අවහිර කරමින් ධීවරයින් පිරිසක් අද පෙරවරුවේ සිට විරෝධතාවක නිරත විය. ඒ, ඉහළ ගොස් ඇති ඉන්ධන මිල සහ අයිස් මිල පහත දමන්නැයි බල කරමිනි. විරෝධතාව හේතුවෙන් මේ වන විට හලාවත - කොළඹ ප්‍රධාන මාර්ගයේ රථ වාහන ධාවනයට බාධා මතු ව ඇති බව පොලීසිය සඳහන් කළේ ය.
2018-10-08T02:59:56.000Z
කාලගුණෙන් ජනතාවට අවවාදාත්මක නිවේදනයක්
කාලගුණෙන් ජනතාවට අවවාදාත්මක නිවේදනයක්
COLOMBO (News 1st) : මධ්‍යම සහ ආසන්න ගිණිකොනදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශවල කැළඹිලි ස්වභාවය මේ වන විට අඩු පීඩන තත්ත්වයක් දක්වා වර්ධනය වී ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. තද වැසි, හා අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින්, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මෙම පද්ධතිය ඉදිරි පැය 24 තුළ තවදුරටත් පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙමින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ වයඹ දෙසට ගමන් කරනු ඇති බවයි. මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන්, දිවයිනේ පවතින වැසි තත්ත්වය හෙට සිට 10 වන දා දක්වා, තවදුරටත් වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කෙරෙයි. බස්නාහිර, වයඹ, මධ්‍යම, ඌව සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මිලීමීටර් 150ක පමණ තද වැසි ඇතිවිය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය. ගිඟුරුම් සහිත වැසි සමග සුළං වේගය ද පැයට කිලෝ මීටර් 70- 80 දක්වා ඉහළ යා හැකි වේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, අකුණු අනතුරු අවම කර ගැනීමට පියවර ගන්නා ලෙසයි.
2018-10-08T03:11:34.000Z
ලොකු ළුණු ගොවීන්ට වන්දි දෙන්නැයි, ඇමතිගෙන් උපදෙස්
ලොකු ළුණු ගොවීන්ට වන්දි දෙන්නැයි, ඇමතිගෙන් උපදෙස්
COLOMBO (News 1st) : පවතින අධික වර්ෂාව හේතුවෙන් අස්වනු හානි වී ඇති ලොකු ළුණු ගොවීන් සඳහා වන්දි ලබා දීමට පියවර ගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම හා ගොවිජන රක්ෂණ මණ්ඩලයට උපදෙස් දී තිබේ. ඒ අනුව අමාත්‍යවරයා උපදෙස් දී ඇත්තේ, වගා හානි වී ඇති ලොකු ළුණු ගොවීන්ට හෙක්ටයාර 1කට රුපියල් ලක්ෂය බැගින් වන්දි ලබා දීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.
2018-10-08T02:06:08.000Z
රවීට එරෙහි නඩුවේ රවි සැකකරුවෙක් නොවෙයි
රවීට එරෙහි නඩුවේ රවි සැකකරුවෙක් නොවෙයි
COLOMBO (News 1st) : දැනට ලැබී ඇති සාක්ෂි අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතාට එරෙහි අසත්‍ය සාක්ෂි ලබා දීමේ නඩුවේ සැකකරුවෙකු ලෙස ඔහු නම් කළ නොහැකි බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද කියා සිටියේ ය. ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේ, රවී කරුණානායක මහතාට එරෙහිව සිදුකරන විමර්ශන අඛණ්ඩව ක්‍රියාත්මක කරන ලෙසයි. රවී කරුණානායක මහතාට අයත් බව කියන සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල වාර්තා ලබා ගෙන ඒ සම්බන්ධයෙන් ඉදිරි පරීක්ෂණ ක්‍රියාත්මක කිරීමට අවසරය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හිමි බව ද ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා කියා සිටියේ ය. ලබන 22 වන දා මේ පිළිබඳ විමර්ශන ප්‍රගතිය පිළිබඳ අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසට විනිසුරුවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේ ය. බැඳුම්කර විමර්ශන ජනාධිපති කොමිසම හමුවේ අසත්‍ය ප්‍රකාශ ලබාදීමේ චෝදනා මත රවී කරුණානායක මහතාට එරෙහිව මෙම නඩු ගොනු කර තිබේ.
2018-10-08T01:20:59.000Z
නි. පොලිස්පති නාලක හා දූෂණ විරෝධී මෙහෙයුම් බලකායේ නාමල්ට රට යාම තහනම්
නි. පොලිස්පති නාලක හා නාමල්ට රට යාම තහනම්
COLOMBO (News 1st) : පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා සහ දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර යන මහත්වරුන්ට අධිකරණයේ අවසරයකින් තොරව විදේශගත වීම වළක්වමින් කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද තහනම් නියෝගයක් නිකුත් කළේ ය. මහේස්ත්‍රාත්වරිය වැඩිදුරටත් නියෝග කර සිටියේ, අදාළ නියෝගය වහා ම ආගමන විගමන පාලකවරයා වෙත යැවීමට පියවර ගන්නා ලෙසයි. නාලක සිල්වා මහතාගේ සහ නාමල් කුමාර මහතාගේ කටහඬ සාම්පල ලබාගෙන කළ පරීක්ෂණයේ වාර්තාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උප පොලිස් පරීක්ෂක කුමාරසිංහ මහතා භාරයේ අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස මහේස්ත්‍රාත්වරිය එහිදී රජයේ රසපරීක්ෂකවරයාට නියෝග කළා ය. පසුගිය පස්වන දා, අධිකරණය විසින් නිකුත් කළ නියෝග අනුව නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා සහ නාමල් කුමාර මහතා අද අධිකරණය හමුවේ පෙනී සිටියේ ය. සිය සේවාදායකයා මේ සම්බන්ධයෙන් සිදුකරන ඕනෑ ම පරීක්ෂණයකට සහය ලබා දීමට සූදනම් බව නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අජිත් පතිරණ මහතා කරුණු දක්වමින් කියා සිටියේ ය. කෙසේ නමුත් එම අවස්ථාවේදී නාමල් කුමාර මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා අධිකරණයට පෙන්වා දුන්නේ, සිය සේවා දායකයා විසින් කරුණු අනාවරණය කරනු ලැබුවේ, ඝාතන කුමන්ත්‍රණ සැලැස්මක් පිළිබඳව බැවින් චෝදනා එල්ල වී ඇති පුද්ගලයා ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු වීම නිසා ත් ඒ සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට බාධා එල්ලවී ඇති බවයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට විවිධ පාර්ශවවලින් බලපෑම් එල්වී ඇති බව තමන් වගකීමෙන් අධිකරණය හමුවේ පෙන්වා දෙන බව නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා අධිකරණයට පෙන්වා දුන්නේ ය. මෙම දෙදෙනාගේ කටහඬ සාම්පල පිළිබඳ රස පරීක්ෂක වාර්තාව ලද වාහ ම ඉදිරි නීතිමය පියවර ගතයුතු බව මහේස්ත්‍රාත්වරිය එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නා ය.
2018-10-07T22:50:58.000Z
ජනාධිපති නීතිඥ ශිබ්ලි අසීස් මහතා අභාවප්‍රාප්ත වෙයි
ජනාධිපති නීතිඥ ශිබ්ලි අසීස් මහතා අභාවප්‍රාප්ත වෙයි
COLOMBO (News 1st) : හිටපු නීතිපතිවරයෙකු වූ ජනාධිපති නීතිඥ ශිබ්ලි අසීස් මහතා අද උදෑසන අභාවප්‍රාප්ත විය. කලක් රෝගාතුරව සිටි ශිබ්ලි අසීස් මහතා කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අද උදෑසන අභාවප්‍රාප්ත වී තිබේ. අභාවප්‍රාප්ත වන විට ඒ මහතා 75 වන වියේ පසු විය. ජනාධිපති කොමිෂන් සභා රැසක සාමාජිකයෙකු ලෙස සේවය කර ඇති ශිබ්ලි අසීස් මහතා ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයෙක් ලෙස ද කටයුතු කළේ ය. 1968 වර්ෂයේදී නීතිඥයෙකු ලෙස දිව්රුම් දීමෙන් අනතුරුව සිය වෘත්තීය ගමන් මග ආරම්භ කළ ශිබ්ලි අසීස් මහතා කොළඹ රාජකීය විද්‍යාලයේ ආදී සිසුවෙකි. මේ අතර ශ්‍රී ලංකාවේ 37 වන නීතිපතිවරයා වූ ඒ මහතා මෙරට නීති ක්ෂේත්‍රය වෙනුවෙන් දැක් වූ දායකත්වය ද අතිමහත් ය. රාජගිරියේ පිහිටි ඒ මහතාගේ නිවසේ තැන්පත් කර තිබූ දේහයට අවසන් ගෞරව දැක්වීමට දේශපාලඥයින්, නීති ක්ෂේත්‍රයේ නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් පැමිණියහ. දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ සිදු කෙරුණේ ජාවත්ත මුස්ලිම් සුසාන භූමියේදී යි.
2018-10-07T22:42:55.000Z
Update : විජයකලාට ඇප
Update : විජයකලාට ඇප
COLOMBO (News 1st) : අත්අඩංගුවට ගත් හිටපු රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් රුපියල් ලක්ෂ 5 ක ශරීර ඇප මත මුදාහරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණ නියෝග කර තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, අද උදෑසන ප්‍රකාශයක් ලබා දීම සඳහා නිතිඥවරුන් සමග ඇය පොලිස් සංවිධානාත්මක අපරාධ කොට්ඨාසයට පැමිණි අවස්ථාවේදී ඇය අත්අඩංගුවට ගත් බවයි. LTTE සංවිධානය සම්බන්ධයෙන් ඇය කළ ප්‍රකාශයට අදාළව ඇය අද දින එලෙස ඇය පොලිස් සංවිධානාත්මක අපරාධ කොට්ඨාසය වෙත කැඳවා තිබිණ.
2018-10-07T22:05:49.000Z
යොවුන් ඔලිම්පික් උළෙල ආර්ජන්ටිනාවේදී
යොවුන් ඔලිම්පික් උළෙල ආර්ජන්ටිනාවේදී
COLOMBO (News 1st) : තුන්වන යොවුන් ඔලිම්පික් උළෙල ආර්ජන්ටිනාවේ බුවනෝස් එයරේස්හිදී ආරම්භ විය. විචිත්‍රාත්මක අංග රැසකින් වර්ණවත් වූ තුන්වැනි යොවුන් ඔලිම්පික් උළෙලේ සමාරම්භක අවස්ථාව සඳහා එරට ක්‍රීඩාලෝලීන් විශාල පිරිසක් එක්ව සිටියහ. රටවල් 206 ක් නියෝජනය කරමින් මෙවර යොවුන් ඔලිම්පික් උළෙලට එක්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් සංඛ්‍යාව 4000 කට ආසන්නයි. ක්‍රීඩා 32 ක ඉසව් 241 ක් මෙවර යොවුන් ඔලිම්පික් උළෙලදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ. තුන්වැනි යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙල නියෝජනය කිරීම සඳහා 12 දෙනකුගෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායමක් සහභාගී වේ. ඒ අනුව මලල ක්‍රීඩා, දුනු විදීම, බැඩ්මින්ටන්, පැසි පන්දු, ජිම්නාස්ටික් හා වෙඩි තැබීම යන ක්‍රීඩා ඉසව් 6ක් නියෝජනය කරමින් මෙම පිරිස යොවුන් ඔලිම්පික් තරගාවලියට එක්වීමට නියමිතයි. තරගාවලිය අරඹමින් ශ්‍රී ලංකාවේ හසිනි අම්බලන්ගොඩ කාන්තා කේවල බැඩ්මින්ටන් තරග ඉසව්වේ මූලික වටයේ සහභාගී වූ තරගයකින් ජය හිමිකර ගත්තා ය. ඇය හමුවේ වට 2 ට 0 ක් ලෙස පරාජය වූයේ ඩොමිනික් රාජ්‍යයේ ජිමෙනස් නයිරොබියි. චනිදු සේනානායන මීටර් 10 වායු රයිෆල වෙඩි තැමීමේ තරග ඉසව්වේ සුදුසුකම් ලබා ගැනීමේ තරගයක් සදහා සහභාගී වූ අතර එහීදී ඔහුට හිමිවුණේ, 17 වන ස්ථානයයි. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙවර යොවුන් ඔලිම්පික් උළෙලට සහභාගී වන එක ම පිහිණුම් ක්‍රීඩකයා වන අකලංක පීරීස් මීටර් 100 පසුපසාර පිහිණුම් තරග ඉසව්වේ පළමු අවසන් පූර්ව වටය සඳහා සහභාගී වූ අතර එහිදී ඔහුට හිමිවූයේ, අවසන් ස්ථානයයි. අකලංක එහීදී දැක්වූ දක්ෂතාව තත්පර 57.35 කි. තුන්වන යොවුන් ඔලිම්පික් උළෙලේ තරග අද දෙවන දිනටත් පැවැත්වේ. මෙවර යොවුන් ඔලිම්පික් උළෙල එළඹෙන 18 වැනිදා දක්වා ක්‍රියාත්මකයි.
2018-10-07T21:31:28.000Z
දක්ෂිණ අධිවේගයේ වැලිපැන්න පිවිසුම යළි විවෘතයි
දක්ෂිණ අධිවේගයේ වැලිපැන්න පිවිසුම යළි විවෘතයි
COLOMBO (News 1st) : තාවකාලිව වසා දමා තිබූ දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න පිවිසුම් දොරටුව යළි විවෘත කර තිබේ. වැලිපැන්න පිවිසුම් දොරටුව පසුගිය 6 වන දා රාත්‍රියේ සිට තාවකාලිකව වසා දමා තිබුණේ අයහපත් කාලගුණය හේතුවෙනි. එය අද උදෑසන සිට විවෘතව පවතින බව පොලීසිය සඳහන් කළේ ය.
2018-10-07T20:07:25.000Z
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
දේශීය පුවත්... 1. ජා-ඇල, රද්දොලුගම වෙඩි තැබීමක් : ජා-ඇල, රද්දොලුගම ප්‍රදේශයේ සිදු වූ වෙඩී තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, රාත්‍රි 9ට පමණ රද්දොලුගම නිවාස සංකීරණය ප්‍රදේශයේ ක්‍රීඩාංගණයක් අසලදී මෙම වෙඩි තැබීම සිදු වී ඇති බවයි. 2. කලල්පිටියේ මාරක රිය අනතුරක් : කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගයේ කලල්පිටිය ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් කාන්තාවක ඇතුළු දෙදෙනෙකු මියගොස් තවත් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා තිබේ. පොලීසිය සඳහන් කළේ, වැලි පටවා ගත් ලොරි රථයක් සහ වෑන් රථයක් මුහුණ මුහුණ ලා ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි. 3. කළු, ගිං, කැලණි ගංගාවල ජල මට්ටම් ඉහළට: දිවයිනේ කාලගුණයට බලපෑම් කළ ගිනිකොණ දිග ආරාබි මුහුදු ප්‍රදේශයේ පවතින පීඩන අවපාතය දිවයිනෙන් ඉවතට ගමන් කරමින් තිබේ. විදෙස් පුවත්.... 1. තුර්කියේ සෞදි කොන්සල් කාර්යාලයට ගිය මාධ්‍යවේදියාට මොකද වුණේ...? : තුර්කියේ පිහිටි සෞදි කොන්සල් කාර්යාලයට ඇතුළු වූ සෞදි අරාබියානු මාධ්‍යවේදියා ඝාතනය කර ඇති බවට විශ්වාස කරන බව තුර්කි පොලීසිය පවසයි. ජමාල් ඛෂෝගි නමැති වොෂින්ටන් පෝස්ට් පුවත්පතේ මාධ්‍යවේදියා එලෙස ඉස්ථාන්බුල් නුවර පිහිටි සෞදි අරාබි කොන්සල් කාර්යාලයට ඇතුළු වී ඇත්තේ, පසුගිය අඟහරුවාදා දිනයේදීයි. ක්‍රීඩා පුවත්... 1. කබීබ් නමාගොමේඩොව් UFC ලයිට් වෙයිට් ශූරතාව දිනා ගනී : යූ. එෆ්. සී හෙවත් පරම සටන්කරුවන්ගේ තරගාවලිය ලයිට් වේට් කාණ්ඩයේ ශූරතාවය තවදුරටත් තමන් සතු කර ගැනීමට වත්මන් ලයිට් වෙයිට් ශූර රුසියාවේ කබීබ් නමාගොමේඩොව් සමත් විය. ඒ, ලයිට් වෙයිට් ශූරතාවය සඳහා පැවැති තරගයේදී හිටපු ලයිට් වෙයිට් ශූර අයර්ලන්ත කෝනර් මක්ග්‍රෙගර් පරාජය කරමිනි.
2018-10-07T19:53:19.000Z
අතුරුදන් වූ Interpol ප්‍රධානියා චීන රැඳවුම් භාරයේ
අතුරුදන් වූ Interpol ප්‍රධානියා චීන රැඳවුම් භාරයේ
අතුරුදන් වූ බවට සැක පළ කෙරුණු ඉන්ටර්පෝල් හෙවත් ජාත්‍යන්තර පොලීසියේ ප්‍රධානි මෙන්ග් හොන්ග්වේ තමන් විසින් රඳවා තබා ගෙන ප්‍රශ්න කරන බව චීනය තහවුරු කර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඔහු විසින් සිදුකර ඇතැයි, පැවසෙන නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් චීන දූෂණ විරෝධි ආයතනය මෙලෙස රඳවා තබා ගෙන ප්‍රශ්න කරන බවයි. කෙසේ වෙතත් මෙන්ග් හොන්ග්වේ සිදුකර ඇති නීති විරෝධි ක්‍රියාවන් මොනවා ද යන්න චීනය නිශ්චිතව ප්‍රකාශයට පත් කර නොමැති බව සඳහන් ය. මෙ අතර ජාත්‍යන්තර පොලීසිය සඳහන් කළේ, සිය ප්‍රධානි මෙන්ග් හවාන්ගේ ඉල්ලා අස්වීමේ ලිපිය තමන් වෙත ලැබි ඇති බවයි. එ අනුව ලබන මාසයේ ඩුබායිහිදී පැවැත්වෙන ජාත්‍යන්තර පොලීසියේ ප්‍රධාන සමුළුවේදී නව ප්‍රධානියකු පත් කරගන්නා තෙක් නියොජ්‍ය ප්‍රධානියකු වන දකුණු කොරියානු ජාතික කිම් ජොන්ග් යං වැඩ බලන ප්‍රධානියා ලෙස පත් කර ඇතැයි, ජාත්‍යන්තර පොලීසිය නිවේදනය කළේ ය. චීනය බලා පිටත්ව ගිය අතර තුර ඔහු අතුරුදන්ව ඇතැයි ඔහුගේ බිරිඳ විසින් පසුගියදා ප්‍රංශ පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබිණ.
2018-10-07T19:41:06.000Z
ජනපති මෛත්‍රී ෂීෂෙල්ස් යයි
ජනපති මෛත්‍රී ෂීෂෙල්ස් යයි
COLOMBO (News 1st) : රාජ්‍ය සංචාරයක් සඳහා මෙරටින් පිටත්ව ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පෙරවරුවේ සීෂෙල්ස් රාජ්‍ය වෙත ළඟා විය. කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපළ කාර්යභාර කළමනාකාරවරයා පැවසුවේ අද අලුයම 2.10 ට ශ්‍රීලංකන් ගුවන් සේවයට අයත් යූ.එල් 707 දරණ ගුවන් යානයෙන් ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස පිටත්ව ගිය බවයි. සීෂෙල්ස් රාජ්‍යයේ ආරාධනයකට අනුව ජනාධිපතිවරයා මෙම සංචාරයේ නිරත වන අතර ජනාධිපතිවරයා සීෂෙල්ස් රාජ්‍යයේ සංචාරයක නිරත වන පළමු අවස්ථාව මෙයයි. මෙහිදී ජනාධිපතිවරයා එරට ජනාධිපතිවරයා සහ උප ජනාධිපතිවරයා සමග ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්විමට නියමිතයි. එමෙන්ම ජනාධිපතිවරයා එරට වෙසෙන ශ්‍රී ලාංකිකන් මුණගැසී සාකච්ඡා කිරීමට ද නියමිතව තිබේ. මේ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පිළිගැනීමේ රාජ්‍ය උත්සවය අද පස්වරුවේ එරට ජනාධිපති මන්දිරයේදී පැවැත්වීමට නියමිතයි.
2018-10-07T19:15:56.000Z
මහ වැසි තවම අවසන් නැහැ
මහ වැසි තවම අවසන් නැහැ
COLOMBO (News 1st) : අදත් දිවයිනේ ප්‍රදේශ රැසකට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දින කිහිපයක සිට මෙරට තද වැසි සහිත කාලගුණයක් පැවතීමට හේතු වූ ගිනිකොණ දිග ආරාබි මුහුදු ප්‍රදේශයේ පවතින පීඩන අවපාතය මේ වනවිට දිවයිනෙන් ඉවතට ගමන් කරමින් තිබේ. ඒ හේතුවෙන් ඊයේ වැසි තත්ත්වයේ යම් අඩුවක් පැවතිය ද, අද ත් දිවයිනේ දකුණු, මධ්‍යම, සබරගමුව, සහ බස්නාහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක පමණ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය. සෙසු ප්‍රදේශවලට වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව පෙන්වා දෙන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ අකුණුවලින් සිදු වන අනතුරු වළක්වා ගැනීමට ක්‍රියා කරන ලෙසයි. එමෙන්ම, ආරාබි මුහුදේ පීඩන අවපාතය දිවයිනෙන් ඉවතට ගමන් කළ ද ගිණිකොනදිග බෙංගාල බොක්ක හා උතුරු අන්දමන් දූපත් ආශ්‍රිත කලාපයේ මේ වනවිට අඩු පීඩන කලාපයක් නිර්මාණය වී තිබේ. ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තමිල්නාඩු හා කේරළ ධීවරයින්ට අනතුරු අඟවා ඇත්තේ, අද දිනයේ උතුරු බෙංගාල බොක්ක ආශ්‍රිත ප්‍රදේශයේ ධීවර කටයුතු සඳහා පිටත්ව නොයන ලෙසයි. දැනට එම මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවල නිරත යාත්‍රාවලට ගොඩබිමට පැමිණෙන ලෙස ද ඉන්දීය කාලගුණ බලධාරින් එරට ධීවරයින්ට උපදෙස් දී තිබේ. එම නිවේදනය මෙරට ධීවරයින්ට ද එලෙස ම වලංගු බව ධීවර දෙපාර්තමේන්තුවේ සෝදිසි මෙහෙයුම් අංශයේ සහකාර අධ්‍යක්ෂ පද්මප්‍රිය තිසේරා මහතා සඳහන් කළේ ය. ‍ මේ අතර කළුතර, ගාල්ල, බදුල්ල, සහ කෑගල්ල දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට නිකුත් කර ඇති නායයාම් අනතුරු ඇඟවීම් තවදුරටත් ක්‍රියාත්මක බැවින් කඳු හා නායයාමේ අවදානම් සහිත ප්‍රදේශවල ජීවත් වන ජනතාව විමසිල්ලෙන් පසුවන්නැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නායයාම් හා අවදානම් කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ ආචාර්ය ගාමිණී ජයතිස්ස මහතා ඉල්ලා සිටී. මේ අතර ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් සරත් චන්ද්‍රසිරි විතානගේ මහතා පැවසුවේ මේ වන විට පොල්ගොල්ල ජලාශයේ එක් වාන් දොරටුවක් විවෘත කර ඇති බවයි. වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ප්‍රදේශ රැසක විදුලි පාරිභෝගිකයින් 8500 කට විදුලි බලය ඇණහිට ඇතැයි විදුලි බල හා පුණර්ජනනීය බලශක්ති අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක, සුලක්ෂන ජයවර්ධන මහතා සඳහන් කළේ ය. පවතින වර්ෂාපතනය හේතුවෙන් ජල විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ධාරිතාව 80% ඉක්මවා ඇති බව ඔහු සඳහන් කළේ ය. මේ අතර ආපදා කළමනාකරණ අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පැවසුවේ, වර්ෂාපතනය වැඩිවීමත් සමග පාසල්වලට බලපෑම් ඇතිවුවහොත් ඒ සම්බන්ධයෙන් පියවර ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍යංශයෙන් ඉල්ලා සිටීමට කටයුතු කරන බවයි.
2018-10-07T18:56:02.000Z
රජරට සරසවියේ පීඨ 4ක් අද සිට යළි විවෘතයි
රජරට සරසවියේ පීඨ 4ක් අද සිට යළි විවෘතයි
COLOMBO (News 1st) : පැවති ජල හිඟය හේතුවෙන් වසා දැමූ රජරට විශ්වවිද්‍යාලයේ මිහින්තලේ පරිශ්‍රයේ පිහිටි පීඨ 4 ක් අද දිනයේ විභාග කටයුතු සඳහා විවෘත කෙරේ. ඒ අනුව සමාජීය විද්‍යා හා මානව ශාස්ත්‍ර පීඨය, කළමනාකරණ අධ්‍යයන පීඨය, තාක්ෂණ පීඨය, ව්‍යවහාරික විද්‍යා පීඨය අද විවෘත කෙරෙනු ඇති.
2018-10-07T11:14:44.000Z
ජා-ඇල, රද්දොලුගම වෙඩි තැබීමක්
ජා-ඇල, රද්දොලුගම වෙඩි තැබීමක්
COLOMBO (News 1st) : ජා-ඇල, රද්දොලුගම ප්‍රදේශයේ සිදු වූ වෙඩී තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, අද රාත්‍රි 9ට පමණ රද්දොලුගම නිවාස සංකීරණය ප්‍රදේශයේ ක්‍රීඩාංගණයක් අසලදී මෙම වෙඩි තැබීම සිදු වී ඇති බවයි. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු මෙම වෙඩි තැබීම සිදු කොට පළාගොස් තිබේ. තුවාලකරු රාගම රෝහලට ඇතුළත් කර ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ ය. තුවල ලබා ඇත්තේ සීදුව ප්‍රදේශයේ මාස 6කට පෙර සිදු වූ මනුෂ්‍ය ඝාතනයකට සම්බන්ධ සැකකරුවකු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සදහන් කළේ ය.
2018-10-07T10:15:55.000Z
කළු, ගිං, කැලණි ගංගාවල ජල මට්ටම් ඉහළට: විමසිලිමත් වන්නැයි ජනතාවට උපදෙස්...
කළු, ගිං, කැලණි ගංගාවල ජල මට්ටම් ඉහළට
COLOMBO (News 1st) : දිවයිනේ කාලගුණයට බලපෑම් කළ ගිනිකොණ දිග ආරාබි මුහුදු ප්‍රදේශයේ පවතින පීඩන අවපාතය දිවයිනෙන් ඉවතට ගමන් කරමින් තිබේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, අද රාත්‍රියෙ ත් දිවයිනේ දකුණු, මධ්‍යම, සබරගමුව, සහ බස්නාහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක පමණ තද වැසි ඇතිවිය හැකි බවයි. මේ අතර ගිනිකොණදිග බෙංගාල බොක්ක හා උතුරු අන්දමන් දූපත් ආශ්‍රිත කලාපයේ අඩු පීඩන කලාපයක් නිර්මාණය වී තිබේ. අධික වර්ෂාවත් සමග කැලණි, කළු , නිල්වලා, ගිං සහ අත්තනගලු ඔයේ ජල මට්ටම් ඉහළ ගොස් තිබේ. වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ ඒකකයේ අධ්‍යක්ෂ මාලා අලවතුවල මහත්මිය සඳහන් කළේ, ජල මට්ටම ඉහළ යාමත් සමග ගංගා දෙපස ජනතාව විමසිල්ලෙන් සිටිය යුතු බවයි. අධික වර්ෂාවත් සමග ඇති වූ ජල ගැලීම් හේතුවෙන් වාර්තා වන පුද්ගල මරණ සංඛ්‍යාව 4ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඒ අනුව කළුතර දිස්ත්‍රිකක්යේ පුද්ගල මරණ තුනක් වාර්තා වී ඇතැයි දිස්ත්‍රික් ලේකම් යූ. ඩි. සී. ජයලාල් මහතා සඳහන් කළේ ය. මේ අතර ගාල්ල වදුරඹ ඌරපහළ ප්‍රදේශයේදී ජල ගැලීමට හසුවී පුද්ගලයෙකු මියගොස් තිබේ. පොලීසිය සඳහන් කළේ, ඔහු ඊයේ පස්වරුවේ රාජකාරි නිමවා නිවසට පැමිණෙමින් සිටියදී මෙම අනතුරට මුහුණ පා ඇති බවයි. මේ අතර ඊයේ රාත්‍රියේ බෙන්තර ගගේ අතුගංඟාවක් වන මූණමල්වත්ත ගඟ පිටාර ගැලීම හේතුවෙන් වැලිපැන්න නල්ලගොඩ ප්‍රදේශයේ පුද්ගලයෙක් දියේ ගිලි මිය ගොස් තිබේ. මෙලෙස මිය ගොස් ඇත්තේ 65 හැවිරිදි අයෙකි. මේ අතර ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් කොළඹ , කළුතර , ගාල්ල , මාතර , පුත්තලම ඇතුළු දිස්ත්‍රික්කවල ප්‍රදේශ රැසක් ජලයෙන් යටවී තිබේ. මේ අතර ජල ගැලීම් තත්ත්වය හේතුවෙන්, බොරැල්ල වනාතමුල්ල හල්ගහකුඹුරවත්ත ප්‍රදේශයේ නිවාස 480කට පමණ බලපෑම් එල්ල වී තිබේ. කොළඹ නගරාධිපති රෝසී සේනනායක මහත්මිය සඳහන් කළේ, පීඩාවට පත් වූ ජනතාවට සහන සැලසීම සඳහා පියවර ගෙන ඇති බවයි. පීඩාවට පත් වූ පිරිස් කඳවුරු දෙකක රඳවා ඇතැයි ද, ඇය සඳහන් කළා ය. අප වාර්තාකරුවන් සඳහන් කළේ, ප්‍රදේශයෙන් අඩි 4ක පමණ ජල ගැලීම් වාර්තා වන බවයි. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ, කොළඹ දිස්ත්‍රික්කයේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ , මහරගම, තිබිරිගස්යාය, යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට ජල ගැලීම් හේතුවෙන්, බලපෑම් එල්ල වී තිබේ. දිස්ත්‍රික්කයේ පීඩාවට පත්ව ඇති පවුල් සංඛ්‍යාව 750කට අධිකයි. ජලගැලීම් හේතුවෙන්, නිවාස 300කට ආසන්න ප්‍රමාණයකට බලපෑම් එල්ල වී ඇතැයි ද, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ ය. මේ අතර, ගිංඟේ ජල මට්ටම ඉහළයාමත් සමග ගිං ගඟ දෙපස පහත් බිම් ජලයෙන් යටවී තිබේ. අප වාර්තාකරු පැවසුවේ මුල්කඩ, බබරැහිකඩ,කුට්ටියාවත්ත, ඉනිමංකඩ ඇතුළු ප්‍රදේශ ඒ අතර වන බවයි. ගිං ගඟේ බද්දේගම ජල මාපකය මීටර් 4.10 ලෙස වර්ධනය වී තිබේ. මේ හේතුවෙන් බද්දේගම උඩුගම මාර්ගය හා බද්දේගම අගලිය මාර්ගය ස්ථාන කිහිපයක් ජලයෙන් යටවීම නිසා එම මාර්ගවල ගමනාගමන කටයුතු ඇනහිට තිබේ. ආපදා කළමනාකරණ ඒකකය පවසන්නේ ගිං ගඟේ ඉහළ ජල පෝෂිත ප්‍රදේශයන් වන නෙළුව , තවලම හිනිදුම ආදී ප්‍රදේශවලට නොකඩවා ලැබෙන වර්ෂාව හේතුවෙන්, ගිං ගඟ දෙපස ජනතාව අවධානයෙන් සිටින ලෙසයි. වරකාගොඩ උඩෝවිට ප්‍රදේශයේ අද උදෑසන 4ට පමණ සිදුවූ නායයාමකින් පුද්ගලයන් 4දෙනෙක් තුවාල ලබා රෝහල්ගත කර තිබේ. නාය යාම හේතුවෙන් නිවාස 03කට අලාභ හානි සිදුවී ඇති අතර එක් නිවසක් සම්පූර්ණයෙන් ම විනාශ වී තිබේ. මේ අතර අගුරුවාතොට කළු ගඟේ ජලමාපකය මීටර් 10ක් දක්වා ඉහළ යාමත් සමග ගංවතුර අවදානමක් මතුව තිබේ. රෙමුණ, මදුරාවල, යාල, ආදී පහත් බිම් ප්‍රදේශ ජලයෙන් යටවී ඇතැයි අප වාර්තාකරුවෝ සඳහන් කළහ. මේ අතර කුකලේ ගඟ පිටාර ගැලීම නිසා බුලත් සිංහල මෝල්කාව ප්‍රධාන මාර්ගයේ දඹල සහ ඇටඹගස් හන්දිය සම්පූර්ණයෙන් ම ජලයෙන් යටවී වාහන ධාවනට දැඩි බාධා මතුවිය. මතුගම , අගලවත්ත , මෝල්කාව අවිත්තාව අලුත්ගම කුඩලිගම යන ප්‍රදේශ වල පහත් බිම් ජලයෙන් යටවී තිබේ. මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කළේ, දක්ෂීණ අධීවේගී මාර්ගයේ වැලිපැන්න පිවිසුම ද තවදුරටත් ජලයෙන් යටවී ඇති බවයි. වැලිපැන්න අලුත්ගම ප්‍රධාන මාර්ගය , බදුරඑලිය කලවාන ප්‍රධාන මාර්ගය , වැලිපැන්න අවිත්තාව ප්‍රධාන මාර්ගය සහ කුලිගම යන ප්‍රධාන මාර්ග අඩි 3 ක් පමණ ජලයෙන් යටවී තිබේ. කැළණි ගඟ පිටාර ගැලීම හේතුවෙන් පෑලියගොඩ ඔලියමුල්ල ප්‍රදේශයේ පහත් බිම් රැසක් ජලයෙන් යටවී තිබේ. අප වාර්තාකරුවන් සඳහන් කළේ, මේ හේතුවෙන් නිවාස 300 ක් පමණ ජලයෙන් යටවී ඇති බවයි. මාතර වැලිගම කොක්මාදුව 5 හේ කණුව ප්‍රදේශය ජලයෙන් යටවීම නිසා ,මාතර කොක්මාදුව අධීවේගි පිවිසුම අවහිර වී තිබේ. ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් පුත්තලම වනාතවිල්ලුව රාල්මඩුව වැ‍වේ , වැව් බැම්මේ කොටසක් කැඩී ගොස් ඇතැයි ප්‍රදේශවාසීහු පවසති. ඔවුන් ඊයේ රාත්‍රී කාලය වන විටත් රාල්මඩුව වැවේ ජල මට්ටම ඉතා ඉහළ මට්ටමක පැවති බවයි. මේ හේතුවෙන් කුඹුරු අක්කර 125 පමණ ජලයෙන් යටවී තිබේ. මේ අතර කලා ඔය පිටාර ගැලීම නිසා විල්පත්තු රක්ෂිතයට පිවිසෙන එළුවන්කුළම මාර්ගය අඩි තුනක් පමණ ජලයෙන් යට විය. අප වාර්තාකරු පැවසුවේ, මේ වන විට වාහන ගමනාගමනය සම්පූර්ණයෙන් ම ඇනහිට ඇති බවයි. ඒ හේතුවෙන් විල්පත්තු රක්ෂිතය නැරඹීමට පැමිණි සංචාරකයින් දැඩි අපහසුතාවයකට පත්ව තිබේ. මේ අතර කළුතර, ගාල්ල, බදුල්ල, සහ කෑගල්ල දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට නායයාම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ. මේ අතර පවතින වැසි තත්ත්වයත් සමග සහන කටයුතු සඳහා හමුදා භට පිරිස් අනුයුක්ත කර තිබේ. මේ අතර ජල ගැලීම් හේතුවෙන්, මුහුදු ඛාදනය ද ඉහළ ගොස් ඇතැයි, වෙරළ සංරක්ෂණ‍ හා වෙරළ සම්පත් සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි. එහි අධ්‍යක්ෂ ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා සඳහන් කළේ, මුහුදු ඛාදනය වැළැක්වීමට කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා බවයි. මේ අතර අධික වැසි සමග දිවයිනේ ප්‍රදේශ රැසකට විදුලි බලය ඇනහිට ඇතැයි විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය පවසයි. එහි මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, විදුලි බලය ඇනහිටීමෙන් පාරිභෝගිකයින් 8000කට අධික පිරිසක් පීඩාවට පත්ව ඇති බවයි.ෙ මේ අතර අද පෙරවරු 8.30 න් අවසන් වූ ගෙවුණු පැය 24 තුළ වැඩි ම වර්ෂාපතනය වූ මිලිමිටර් 334.1ක වාර්තා වන්නේ වන්නේ ගාල්ල දිස්ත්‍රික්කයේ පෝද්දිවෙල ප්‍රදේශයෙනි. ගාල්ල හිනිදුම ප්‍රදේශයට මිලිමිටර් 277 දශම 5 ක් ද , කළුතර දිස්ත්‍රික්කයේ වෝගන් වතුයායට මිලිමිටර් 235.7 ක වර්ෂාපතනයක් ලැබී තිබේ. බද්දේගම ප්‍රදේශයට මිලිමිටර් 195 ක්, පාදුක්ක ප්‍රදේශයට මිලිමිටර් 186.7 ක්, අංගොඩ ප්‍රදේශයට මිලිමිටර් 180 ක් හා කොළඹ ප්‍රදේශයට මිලිමිටර් 119.8 ක වර්ෂාපතනයක් ලැබී තිබේ. https://www.youtube.com/watch?v=v_g4JLeYVKA
2018-10-07T07:24:49.000Z
තුර්කියේ සෞදි කොන්සල් කාර්යාලයට ගිය මාධ්‍යවේදියාට මොකද වුණේ...?
සෞදි මාධ්‍යවේදියාට මොකද වුණේ...?
තුර්කියේ පිහිටි සෞදි කොන්සල් කාර්යාලයට ඇතුළු වූ සෞදි අරාබියානු මාධ්‍යවේදියා ඝාතනය කර ඇති බවට විශ්වාස කරන බව තුර්කි පොලීසිය පවසයි. ජමාල් ඛෂෝගි නමැති වොෂින්ටන් පෝස්ට් පුවත්පතේ මාධ්‍යවේදියා එලෙස ඉස්ථාන්බුල් නුවර පිහිටි සෞදි අරාබි කොන්සල් කාර්යාලයට ඇතුළු වී ඇත්තේ, පසුගිය අඟහරුවාදා දිනයේදීයි. කෙසේ වෙතත් කොන්සල් කාර්යාලට ඇතුළු වූ ඛෂෝගි යළි ඉන් පිටතට පැමිණ නොමැති අතර පසුව මේ සම්බන්ධයෙන් තුර්කි පොලීසිය විමර්ශනක් ආරම්භ කර ඇත. තුර්කි පොලීසිය විදෙස් මාධ්‍යට පවසා ඇත්තේ, මේ දක්වා සිදු කළ මූලික විමර්ශනවලට අනුව ඔහු ඝාතනය කර ඇති බවට පෙන්නුම් කෙරෙන බවයි. එම ඝාතනය සැලසුම් සහගතව කළ දෙයක් බව ත් මේ වන විට අදාළ මාධ්‍යවේදියාගේ සිරුර කොන්සල් කාර්යාලයෙන් ඉවත්කර ඇති බව ත් තුර්කි පොලීසිය වැඩිදුරටත් පවසා ඇත. කෙසේ වෙතත් ඝාතනය සිදුකර ඇත්තේ කෙසේ ද යන්න සම්බන්ධයෙන් තුර්කි පොලීසිය මෙතෙක් කරුණු හෙළිදරව් කර නොමැත. ඔහු කොන්සල් කාර්යාලයට ගොස් ඇත්තේ, සිය තුර්කි ජාතික අනාගත සහකාරිය විවාහ කර ගැනීම සඳහා හිටපු සෞදි බිරිඳගෙන් දික්කසාද වූ බවට සහතික කෙරෙන ලේඛනයක් ලබා ගැනීම සඳහායි. කෙසේ වෙතත් සෞදි ආරබිය තුර්කි පොලීසියෙන් එල්ල වන මෙම චෝදනා ප්‍රතික්ෂේප කරමින් පවසන්නේ, තමා ද ඛෂෝගි සෙවීමේ විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි. මේ අතර සෞදිය පවසන්නේ, සිය රටට සැඟවීමට කිසිවක් නොමැති බවත් ඔහුට සිදුවූයේ කුමක් දැයි දැන ගැනීමට උනන්දුවෙන් පසුවන බවත් ය. වොෂින්ටන් පෝස්ට් පුවත්පත මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පවසා ඇත්තේ, තුර්කිය පවසන පරිදි ඛෂෝගි ඝාතනය කර ඇත් නම් එය භයානක මෙන්ම අප්‍රකට ක්‍රියාවක් බවයි. කවුද මේ ජමාල් ..? 59 හැවිරිදි ජමාල් ඛෂෝගි වොෂින්ටන් පුවත්පතේ විචාරාත්මක මාධ්‍යවේදියෙකු වන අතර ඔහු සෞදියේ ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු සම්බන්ධයෙන් විචාරාත්මක පුවත් පළ කළ මාධ්‍යවේදියෙකු මෙන් ම මානව හිමිකම් මෙන් ම කාන්තා අයිතීන් පිළිබඳ ක්‍රියාකාරිකයෙකු ද වේ. වසර කිහිපයක් සෞදියේ මාධ්‍ය ආයතන කිහිපයක සේවය කර ඇති ඔහු සෞදි රජ පවුල හා සමීපව කටයුතු කළ අයෙකි තව ද ඔහු සෞදියේ ඉහළ පෙළේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ උපදේශකයෙකු ලෙස ද ක්‍රියා කර ඇත. පසු කාලීනව ඔහුගේ මිතුරන් කිහිප දෙනෙකු සෞදියේ අත්අඩංගුවට පත්ව ඇති අතර ඔහුගේ පුවත්පත් තීරු ලිපිය ද අවලංගු කර තිබේ. ට්විටර් ගිණුමේ අදහස් පළ කිරීම සම්බන්ධයෙන් ද ඔහුට අනතුරු ඇඟවීම් නිකුත් වී ඇත. මෙකී වටපිටාව හමුවේ ජමාල් ඛෂෝගි සි මව්බිම අතහැර අමෙරිකාවට පිටත්ව ගොස් එහිදී වොෂින්ටන් පෝස්ට් පුවත්පතේ මාධ්‍යවේදියෙකු ලෙස සේවය කිරීම අරඹා ඇත.
2018-10-07T06:44:03.000Z
මධ්‍යම පළාත් සභාවේ නිල කාලය හෙටින් අවසන්
මධ්‍යම පළාත් සභාවේ නිල කාලය හෙටින් අවසන්
COLOMBO (News 1st) : මධ්‍යම පළාත් සභාවේ නිල කාලය හෙටින් අවසන් වේ. මැතිවරණ කොමිසමේ නිලධාරියෙකු සඳහන් කළේ, එම පළාත් සභාවේ බලය පළාත් ආණ්ඩුකාරවරයාට පැවරෙන බවයි. මීට අමතරව ලබන 10 වන දා වයඹ පළාත් සභාවේ සහ ලබන 25 වන දා උතුරු පළාත් සභාවේ ද නිල කාලය අවසන් වීමට නියමිතව තිබේ. පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී උතුරු මැද, සබරගමුව, සහ නැගෙනහිර පළාත් සභා නිල කාලය අවසන් විය. ලබන වසරේ අප්‍රේල් මස 10 සහ 21 වන දා දකුණු පළාත් සභාව හා බස්නාහිර පළාත් සභාවල නිල කාලය අවසන් වන අතර ලබන වසරේ සැප්තැම්බර් 8 වන දා ඌව පළාත් සභාවේ නිල කාලය අවසන් වනු ඇති. මේ අතර පළාත් සභා සීමානිර්ණ සමාලෝචන කමිටු වාර්තාව ලබා දිය හැකි දිනය, තවමත් ප්‍රකාශ කළ නොහැකි බව එම කමිටුව පවසයි. එම කමිටුවේ සමාජිකයෙකු සඳහන් කළේ, වාර්තාව සමාලෝචනය කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බවයි. මේ අතර, සීමානිර්ණ සමාලෝචන කමිටුව පක්ෂ නායක අදහස් ලබා ගැනීමට පසුගිය දා පියවර ගත්තේ ය. ඒ අනුව ඉදිරි පළාත් සභා මැතිවරණය මනාප ක්‍රමයට පවත්වන්නැයි, සීමානීර්ණ සමාලෝචන කමිටුව හමුවේ පක්ෂ නායකයින් සිය අදහස් ප්‍රකාශ කර තිබේ. සමාලෝචන කමිටු සමාජිකයෙකු News 1st වෙත සඳහන් කළේ, එහිදී සීමානිර්ණ වාර්තාවට අදාළව සංශෝධන රැසක් ඉදිරිපත් වූ බවයි.
2018-10-07T04:28:36.000Z
ඇල්පිටියේ ඇළක ගිලී සිසුවෙක් අතුරුදන්: දෙදෙනෙක් බේරා ගැනේ
ඇල්පිටියේ ඇළක ගිලී සිසුවෙක් අතුරුදන්
COLOMBO (News 1st) : ඇල්පිටිය වල්අඹගල උඩුවිල ඇලේ දියනෑමට ගිය පාසල් සිසුවෙකු අතුරුදන්ව තිබේ. පොලීසිය සඳහන් කළේ, අද දහවල් තවත් සිසුන් දෙදෙනෙකු සමග මෙම සිසුවා උඩුවිල ඇළේ දියනෑමට ගොස් ඇති බවයි. එහිදී සිසුන් තිදෙනා දියේ ගිලී ඇති අතර ඔවුන්ගෙන් දෙදෙනෙකු බේරා ගැනීමට ප්‍රදේශවාසීන්ට හැකිව තිබේ. එලෙස අතුරුදන්ව ඇත්තේ, 11 හැවිරිදි වල්අඹගල පදිංචිකරුවෙකි. පොලිසිය සඳහන් කළේ, අතුරුදන් වූ සිසුවා සෙවීමේ කටයුතු ආරම්භ කර ඇති බවයි. ඒ සඳහා නාවික හමුදා සහය ලබා ගැනීමට ද කටයුතු කර ඇතැයි ද පොලීසිය පැවසී ය.
2018-10-07T03:52:22.000Z
කලල්පිටියේ මාරක රිය අනතුරක්
කලල්පිටියේ මාරක රිය අනතුරක්
COLOMBO (News 1st) : කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගයේ කලල්පිටිය ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් කාන්තාවක ඇතුළු දෙදෙනෙකු මියගොස් තවත් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා තිබේ. පොලීසිය සඳහන් කළේ, වැලි පටවා ගත් ලොරි රථයක් සහ වෑන් රථයක් මුහුණ මුහුණ ලා ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි. අනතුරින් බරපතළ තුවාල ලැබූවන් වතුපිටිවල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු දෙදෙනෙකු මියගොස් තිබේ. ඔවුන් 73 සහ 71 හැවිරිදි මක්කානිගොඩ පදිංචිකරුවන් ය.
2018-10-07T02:08:34.000Z
ගෝනපොල රාජ්‍ය බැංකුවක තිබූ තුවක්කු දෙකක් සොරා ගැනේ
රාජ්‍ය බැංකුවකින් තුවක්කු දෙකක් සොරා ගැනේ
COLOMBO (News 1st) - මොරගහහේන, ගෝනපල මංසන්ධියේ පිහිටි රාජ්‍ය බැංකුවක් බිඳ එහි තිබූ පතරොම් තුවක්කු දෙකක් සොරාගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, සැකකරුවන් කවුරුන් ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති බවයි. ඊයේ රාත්‍රියේ මෙම බැංකුව බිඳ ඇති බවට ලද තොරතුරු අනුව මොරගහහේන පොලීසිය විමර්ශන ආරම්භ කර ඇත.
2018-10-07T01:49:50.000Z
මෙවර ශිෂ්‍යත්ව ප්‍රතිඵල සම්බන්ධයෙන් අභියාචනා භාර ගැනීම 20 වන දායින් අවසන්
ශිෂ්‍යත්ව ප්‍රතිඵල සම්බන්ධයෙන් අභියාචනා භාර ගැනේ
COLOMBO (News 1st) - 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව ප්‍රතිඵල සම්බන්ධයෙන් නැවත පරීක්ෂාවක් කිරීමට අවශ්‍ය නම් ඒ සඳහා ලබන 20 වන දා තෙක් අභියාචනා ඉදිරිපත් කළ හැකි බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. විභාග කොමසාරිස් ජනරාල් සනත්. බී. පූජිත මහතා සඳහන් කළේ, 3, 4 සහ 5 ශ්‍රේණිවලදී දරුවන් ලබාගත් ලකුණු ඉහළ මට්ටමක පවතීනම් පමණක් අභියාචනා ඉදිරිපත් කරන්නැයි විදුහල්පතිවරුන්ට දැනුම් දී ඇති බවයි. ඉදිරිපත් කරන අභියාචනා සමග විදුහල්පතිවරයා විසින් සහතික කළ ලකුණු සටහන් ද යොමු කළ යුතු බව ඔහු සඳහන් කළේ ය. මේ අතර මෙවර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල පිළිබඳ පවතින ගැටලු ඉදිරිපත් කිරීම සඳහා දුරකතන අංක කිහිපයක් හඳුන්වාදී තිබේ. ඒ අනුව 1911 ක්ෂණික ඇමතුම් අංකය මගින් සහ 011 - 2 784 208, 011 -2 784 537, 011 -3 188 350, සහ 011 -3 140 314 යන දුරකතන අංක ඇමතීමෙන් ප්‍රතිඵල පිළිබඳ ගැටලු දැනුම් දිය හැකියි.
2018-10-07T01:14:36.000Z
බ්‍රෙට් කැවනෝ අමෙරිකානු අගවිනිසුරු ධූරයට
බ්‍රෙට් කැවනෝ අමෙරිකානු අගවිනිසුරු ධූරයට
බ්‍රෙට් කැවනෝ අමෙරිකානූ අගවිනිසුරුවරයා ලෙස පත් කර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඔහු අමෙරිකානු ඉහළ අධිකරණයේ 5 වන අගවිනිසුරුවරයා ලෙස දිව්රුම් දුන් බවයි. බ්‍රෙට් කැවනෝ මෙලෙස අගවිනිසුරුවරයා ලෙස පත් කර ඇත්තේ ඔහුට එරෙහිව දූෂණ චෝදනා එල්ලවී ඇති පසුබිමකදීයි. කැවනෝට එරෙහිව දැඩි විරෝධතා පවතින පසුබිමකදී ඔහු අගවිසුරුවරයා ලෙස පත්වන්නේ සෙනෙට් ඡන්ද විමසීමකින් අනතුරුවයි. එහිදී ඔහුට පක්ෂව ඡන්ද 50 ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 48 කි.
2018-10-07T00:45:20.000Z
කබීබ් නමාගොමේඩොව් UFC ලයිට් වෙයිට් ශූරතාව දිනා ගනී
කබීබ් නමාගොමේඩොව් UFC ලයිට් වෙයිට් ශූරතාව දිනා ගනී
යූ. එෆ්. සී හෙවත් පරම සටන්කරුවන්ගේ තරගාවලිය ලයිට් වේට් කාණ්ඩයේ ශූරතාවය තවදුරටත් තමන් සතු කර ගැනීමට වත්මන් ලයිට් වෙයිට් ශූර රුසියාවේ කබීබ් නමාගොමේඩොව් සමත් විය. ඒ, ලයිට් වෙයිට් ශූරතාවය සඳහා පැවැති තරගයේදී හිටපු ලයිට් වෙයිට් ශූර අයර්ලන්ත කෝනර් මක්ග්‍රෙගර් පරාජය කරමිනි. අමෙරිකාවේ ලාස් වේගාස්හිදී පැවැති යූ. එෆ්. සී ලයිට් වේට් ශූරතාව සඳහා වූ තරගයේදී අයර්ලන්ත කෝනර් මක්ග්‍රෙගර්ගේ ප්‍රතිවාදියා වූයේ රුසියාවේ කබීබ් නමාගොමේඩොව්. කෙසේ වෙතත් තරගයේ පළමු වටයේ සිටම පෙරමුණ හිමිකරගත්තේ සියාවේ කබීබ් නමාගොමේඩොව්. තරගයේ සිව්වන වටයේදී රුසියාවේ කබීබ් නමාගොමේඩොව්ගේ පහර හමුවේ අයර්ලන්ත කෝනර් මක්ග්‍රෙගර් තරගයෙන් ඉවත් විය. ඒ අනුව තරගයේ සිව්වන වටයේ මිනිත්තු 3 යි තත්පර 3 ක් අවසානයේ සිය ලයිට් වෙයිට් ශූරතාව තවදුරටත් තමන් සතුකර ගැනීමට කබීබ් සමත් විණි. රුසියාවේ කබීබ් නමාගොමේඩොව් මෙම තරගයේදී අයර්ලන්ත කෝනර් මක්ග්‍රෙගර්ගේ පරාජය කිරීමත් සමග එය වාර්තා අතට එක්වුනේ ඔහු අඛණ්ඩව වාර්තා කළ 27 වන ජයග්‍රහනය ලෙසයි. පසුගිය අප්‍රේල් මස 7 වන දා අමෙරිකාවේ නිව්යොර්න් නුවරදී පැවැති තරගයේදී අමෙරිකාවේ ඇලෙක්ස්සැන්ඩර් ජේව පරාජය කරමින් කබීබ යු එෆ්. සී. ලයිට් වෙයිට් ශුරතාව දිනා ගෙන තිබේ.
2018-10-07T00:10:28.000Z
කළුතර ඇතුළු ප්‍රදේශ රැසක විදුලි බලය ඇණහිටි
කළුතර ඇතුළු ප්‍රදේශ රැසක විදුලි බලය ඇණහිටි
COLOMBO (News 1st) - පවතින වර්ෂාවත් සමග ප්‍රදේශ කිහිපයක විදුලි බලය ඇණහිට ඇතැයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය පවසයි. එහි මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, කළුතර, බදුරලිය, මතුගම, අගලවත්ත ප්‍රදේශවල පවුල් 3500 කට පමණ විදුලිබලය ඇණහිට ඇති බවයි. ඊට අමතරව පේරාදෙණිය, කඩුගන්නාව, ගලහ, ගලගෙදර ප්‍රදේශයේ නිවාස 750 කට පමණ විදුලිබලය ඇණහිට තිබේ. මේ අතර පවතින වැසි තත්ත්වයත් සමග සහන කටයුතු සඳහා හමුදා භට පිරිස් අනුයුක්ත කර ඇත. හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා සඳහන් කළේ, පාර්ලිමේන්තු වටරවුම ආශ්‍රිත ප්‍රදේශයට සාමාජිකයින් 60 ක් යොදවා ඇති බවයි. ගාල්ල, පිටිගල, උඩුගම, යක්කලමුල්ල ප්‍රදේශවලට යොදවා ඇති හමුදා සාමාජිකයින් සංඛ්‍යාව 40 කි. කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල, වැලිපැන්න, මතුගම ප්‍රදේශවල සහන කටයුතු සඳහා හමුදා සාමාජිකයින් 85 ක් යොදාව ඇත. නාවික හමුදා ප්‍රකාශක කමාන්ඩර් දිනේෂ් බණ්ඩාර මහතා පැවසුවේ, කළුතර දිස්ත්‍රික්කයේ සහන කටයුතු සඳහා නාවික හමුදා කණ්ඩායම් කිහිපයක් යොදවා ඇති බවයි.
2018-10-06T23:52:36.000Z
ජලාශ 6 ක ජල මට්ටම් ඉහළට
ජලාශ 6 ක ජල මට්ටම් ඉහළට...
COLOMBO (News 1st) - අධික වැසි සමග ජලාශ 6 ක ජල මට්ටම් 85 % ක් ඉක්මවා ගොස් ඇතැයි මහවැලි සංවර්ධන අධිකාරිය පවසයි. එහි අධ්‍යක්ෂ ජනරාල් සරත් චන්ද්‍රසිරි විතාන මහතා සඳහන් කළේ, කොත්මලේ ජලාශයේ ජල මට්ටම 90 % ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි. රන්දෙණිගල සහ වික්ටෝරියා ජලාශයේ ජල මට්ටම් 86 % ක් සහ 85.5% ක් ලෙස ඉහළ ගොස් ඇති බව ඔහු සඳහන් කළේ ය.
2018-10-06T23:43:47.000Z
Update: ජල ගැලීම් හේතුවෙන් සිදු වූ පුද්ගල මරණ සංඛ්‍යාව 4 ක් දක්වා ඉහළට
Update: ජල ගැලීම් හේතුවෙන් පුද්ගල මරණ 4 ක්
COLOMBO (News 1st) Update: අධික වර්ෂාවත් සමග ඇති වූ ජල ගැලීම් හේතුවෙන් වාර්තා වන පුද්ගල මරණ සංඛ්‍යාව 4 ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඒ අනුව කළුතර දිස්ත්‍රිකක්යේ පුද්ගල මරණ 3 ක් වාර්තා වී ඇතැයි දිස්ත්‍රික් ලේකම් යු. ඩි. සී ජයලාල් මහතා සඳහන් කළේ ය. මේ අතර ගාල්ල වදුරඹ ඌරපහළ ප්‍රදේශයේදී ජල ගැලීමට හසුවී පුද්ගලයෙකු මියගොස් ඇත. පොලීසිය සඳහන් කළේ, ඔහු ඊයේ පස්වරුවේ රාජකාරි නිමවා නිවසට පැමිණෙමින් සිටියදී මෙම අනතුරට මුහුණ පා ඇති බවයි. මියගොස් ඇත්තේ, 61 හැවිරිදි සිව්දරු පියෙකි. ඔහු ගාල්ල කරාපිටියේ පදිංචිකරුවෙක් බව ද පොලීසිය ප්‍රකාශ කළේ ය. ----------------------------------------------------------------------------------------------------------------------------------------- පවතින වර්ෂාවත් සමග අත්තනගලු ඔයේ දූනමලේ සහ ගිංගඟේ බද්දේගම ප්‍රදේශය ආශ්‍රිතව ගංගා ජල මට්ටම ඉහළයාම හේතුවෙන් ජනතාව විමසිලිමත් විය යුතු බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. එහි සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ, ප්‍රදේශ කිහිපයක අතුරු මාර්ග රැසක් ජලයෙන් යට වී ඇති බවයි. මේ අතර අධික වර්ෂාවත් සමග ඇති වූ ජල ගැලීම් හේතුවෙන් කළුතර දිස්ත්‍රිකක්යේ පුද්ගල මරණ 2 ක් වාර්තා විය. මතුගම, වෑත්තෑව ප්‍රදේශයේදී ජල පහරකට හසුවීමෙන් 42 හැවිරිදි පුද්ගලයකු මිය ගියේ ය. මීගහතැත්න, යගිරල ප්‍රදේශයේ ජලයේ තිබී කාන්තා මළ සිරුරක් සොයාගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, මළ සිරුර ගොඩගැනීම සඳහා නාවික හමුදා කණ්ඩායම්වල සහාය ලබාගන්නා බව පොලීසිය සඳහන් කළේ ය.
2018-10-06T23:32:36.000Z
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
දේශීය පුවත් 1. ආයෝජන මණ්ඩලය මේ සිදු කරන්නේ ජනතාව නොමග යැවීමක් ද?: අධිවේගී විදුලි දුම්රිය ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ඊයේ ආයෝජන මණ්ඩලයේ නිලධාරීන් සිදු කළ පැහැදිලි කිරීමට එම ව්‍යාපෘති භාර අධ්‍යක්ෂවරයා අදහස් පළ කළේ ය. එම ව්‍යාපෘතිය භාර අධ්‍යක්ෂ ඇන්ටන් දේශප්‍රිය මහතා පැවසුවේ, ආයෝජන මණ්ඩලයේ නිලධාරීන් ජනතාව නොමග යවමින් සිටින බව ය. 2. කාසල්රි ජලාශ්‍රයේ ශ්‍රමදානය: පවතින අධික වර්ෂාවත් සමග කාසල්රි ජලාශ්‍රයේ ජල මට්ටම ද ඉහළ ගොස් තිබේ. මේ හේතුවෙන් ජලාශ්‍රයට බැහැර කර ඇති නොදිරන අපද්‍රව්‍ය ජලාශ්‍රයෙන් ඉවත් කිරීමේ ශ්‍රමදානයක් අද පැවැත්විණි. 3. පවතින වැසි තත්ත්වය තවදුරටත්: දිවයිනට බටහිර දෙසින්, ආරාබි මුහුදේ වර්ධනය වී ඇති අඩු පීඩන කලාපය හේතුවෙන් දිවයිනේ පවතින වැසි තත්ත්වය අද සහ හෙට දිනයේ තවදුරයත් වර්ධනය වනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයිනේ බොහෝ ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවනු ඇති. 4. කඳානේ කාන්තාවක් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු දඬුගම් ඔයේ ගිලී මරුට: කඳාන වැලිගම්පිටියේදී කාන්තාවක් වෙඩි තබා ඝාතනය කිරීමට සම්බන්ධ ප්‍රධාන සැකකරු පොලිස් අත්අඩංගුවෙන් මිදී පළායාමට තැත්කිරීමේදී ජාඇල දඬුගම් ඔයේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත් ව තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසුවේ ඉලන්දාරිගේ සංජීව හෙවත් අමුණුගොඩ සංජීව නැමැති සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු එළෙස මියගොස් ඇති බවයි. 5. හම්බන්තොට වරාය චීන නාවික හමුදාවේ ඉදිරිපෙළ කඳවුරක් බවට පත්වනු ඇතැයි මයික් පෙන්ස් කියයි: හම්බන්තොට වරාය නුදුරේදීම චීන නාවික හමුදාවේ ඉදිරිපෙළ කඳවුරක් බවට පත්වනු ඇතැයි අමෙරිකානු උපජනාධිපති මයික් පෙන්ස් අවධාරණය කර තිබේ. ඔහු මේ බව කියා සිටියේ, අමෙරිකානු හඩ්සන් ආයතනයේ දේශනයකට එක්වෙමිනි. 6.නිදන කාමර තුළ ජංගම දුරකතන තබා ගැනීම අවදානම් – සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි: නිදන කාමර තුළ ජංගම දුරකතන භාවිත කිරීම දැඩි සෞඛ්‍ය අවදානමකට හේතුවන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. එහි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පැවසුවේ, නිදන කාමරය තුළ ජංගම දුරකතන තබා ගැනීම මොළයට සහ ස්නායු පද්ධතියට හානි කරවිය හැකි බව ය. විදෙස් පුවත් 7. ඉරානයෙන් ඉන්ධන ආනයනය කරන රටවලට පනවා තිබූ සම්බාධක ලිහිල් කිරීමට අමෙරිකාවෙන් තීරණයක්: යම් රටක් ඉරානයෙන් බොර තෙල් ආනයනය අඩු කිරීමට පියවර ගන්නේ නම් එම රටවලට පනවා ඇති සම්බාධක ලිහිල් කිරීමට අමෙරිකාව තීරණය කර තිබේ. අමෙරිකාව ප්‍රමුඛ රටවල් කිහිපයක් ඉරානය සමග ඇති කරගත් න්‍යෂ්ටික ගිවිසුම විනාශකාරී, ඒකපාර්ශවික සැළසුමක් බවට චෝදනා කරමින් ඉන් ඉවත් වූ අමෙරිකාව, ඉරානයට එරෙහිව යළි සම්බාධක පැනවීමට පියවර ගෙන ඇත.
2018-10-06T22:03:13.000Z
වැලිකන්දේදී වනඅලි තිදෙනෙකු දුම්රියක ගැටී මරුට: පොළොන්නරුව දක්වා දුම්රිය ධාවනය සීමා කෙරේ
සද්ධන්තයින් තිදෙනෙකුට ජීවිත අහිමි කළ දුම්රිය අනතුර
COLOMBO (News 1st) - මඩකලපුව දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය මේ වනවිට පොළොන්නරුව දක්වා සීමා කර තිබේ. දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ, මඩකලපුව සිට කොටුව බලා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රියේ පුනානි සහ වැලිකන්ද අතරදී වනඅලි තිදෙනෙකු දුම්රියක ගැටී ඇති බවයි. එම අනතුරින් වනඅලි දෙදෙනා මියගිය අතර දුම්රිය පිළි පැනීමකට ලක් ව තිබේ. පාලක මැදිරිය සඳහන් කළේ, දුම්රිය මාර්ගයේ පිළිගත කිරීම් ආරම්භ කර ඇති බවයි.
2018-10-06T11:16:30.000Z
සීනි මිල ඉහළට: පාලන මිල තවම ප්‍රමාද ඇයි?
සීනි මිල ඉහළට: පාලන මිල තවම ප්‍රමාද ඇයි?
COLOMBO (News 1st) - නව බදු ක්‍රමය නිසා වෙළෙඳපොළේ සීනි මිල ගණන් වැඩි වී තිබේ. නමුත් මෙම මිල වැඩි වීමේ වාසිය ලබා ගෙන ඇත්තේ ව්‍යාපාරිකයින් 3 දෙනෙකි. සීනි සඳහා පනවා තිබූ රුපියල් 31ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ඉවත් කර නව බදු ව්‍යුහයක් හඳුන්වා දීමට පසුගිය සැප්තැම්බර් මස 17 වන දා මුදල් අමාත්‍යංශය පියවර ගත්තේ ය. ඒ අනුව නව බදු ක්‍රමයට අනුව සීනි කිලෝග්‍රෑම් එකක් සඳහා අද වන විට දැරිය යුතුව ඇති මුළු බදු ප්‍රමාණය රුපියල් 43ක් පමණ වේ. ලෝක වෙළෙඳපොළේ සීනි කිලෝග්‍රෑම් එකක් සඳහා ගෙවිය යුතු මිල පසුගිය කාලයට සාපේක්ෂව අඩුවී ඇති බැවින් මෙම පියවර ගත් බවත් සිල්ලර වෙළෙඳපොළට එමගින් බලපෑමක් නොවන බවත් මුදල් අමාත්‍යංශය එහිදී සඳහන් කළේ ය. නමුත් බදු පැනවීමට පෙර තොග වෙළඳපොළේ රුපියල් 91ක් වූ සීනි කිලෝග්‍රෑම් එකක මිල මේ වන විට රුපියල් 100 ඉක්මවා තිබේ දළ වශයෙන් රුපියල් 15කට වැඩි ප්‍රමාණයකින් තොග වෙළෙඳපොළේ පමණක් සීනි කිලෝග්‍රෑම් එකක මිල වැඩි වී තිබේ. බදු වෙනස් කිරීමට පෙර මෙරට සියලු ම සීනි තොග පිරමිඩ් විල්මර්, විල්සන් ට්‍රේඩින් සහ පල්ලෙගොඩ ට්‍රේඩින් නමැති සමාගම් 3 සතු කර ගෙන තිබිණි. ආනයනකරුවන් පැවසුවේ, පිරමිඩ් විල්මර් සමාගම තමන් සතුව තිබූ වැඩි සීනි ප්‍රමාණයක් මිලදී ගෙන තිබූ බව ය. මේ අනුව සීනී මෙට්‍රික් ටොන් 60000ක් පමණ මෙම ව්‍යාපාරිකයින් තුන් දෙනා සතුව ඇතැයි ජීවන වියදම් කමිටුවේදී අනාවරණය වී තිබේ. බදු වැඩි වීම නිසා සිදු වූ වාසිය යොදා ගෙන මෙම සමාගම් සීනී කිලෝග්‍රෑම් එකකට අඩුම තරමේ රුපියල් 10 ක පමණ ලාභයක් උපයමින් සිටින අතර මෙට්‍රික් ටොන් 60000 ලබන ලාභය අඩුම තරමේ මිලියන 600කි. ජීවන වියදම් කමිටුව මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන සීනි සඳහා පාලන මිලක් පැනවීමට තීරණය කර තිබුණේ පසුගිය දෙවන දා ය. මේ අනුව සීනි කිලෝග්‍රෑම් එකක තොග මිල රුපියල් 95ක් ද සිල්ලර මිල රුපියල් 100ක් ද විය යුතු ය. පාලන මිලක් පැනවීමට කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍යංශයට උපදෙස් ලබා දුන්න ද තවමත් එය ක්‍රියාත්මක කර නොමැත. මෙම පාලන මිල ගැසට් කිරීමේ නිසි බලධාරියා වන්නේ පාරිභෝගික අධිකාරිය යි.
2018-10-06T09:48:14.000Z
ආයෝජන මණ්ඩලය මේ සිදු කරන්නේ ජනතාව නොමග යැවීමක් ද?
ආයෝජන මණ්ඩලය මේ සිදු කරන්නේ ජනතාව නොමග යැවීමක් ද?
COLOMBO (News 1st) - අධිවේගී විදුලි දුම්රිය ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ඊයේ ආයෝජන මණ්ඩලයේ නිලධාරීන් සිදු කළ පැහැදිලි කිරීමට අද එම ව්‍යාපෘති භාර අධ්‍යක්ෂවරයා අදහස් පළ කළේ ය. එම ව්‍යාපෘතිය භාර අධ්‍යක්ෂ ඇන්ටන් දේශප්‍රිය මහතා පැවසුවේ ආයෝජන මණ්ඩලයේ නිලධාරීන් ජනතාව නොමග යවමින් සිටින බව ය. ඔහු සඳහන් කළේ, එම ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය සියලු ලියකියවිලි ආයෝජන මණ්ඩලයට ලබා දී ඇති බව ය. කෙසේ වෙතත් මෙම ව්‍යාපෘතියට ඉදිරිපත්ව ඇති ආයෝජකයින් සම්බන්ධයෙන් කිසිදු ලියවිල්ලක් ලබා දිය නොහැකි බව ඇන්ටන් දේශප්‍රිය මහතා පැවසුවේ ය. මෙරට දේශපාලන අධිකාරිය සම්බන්ධයෙන් කිසිදු විශ්වාසයක් පළ කළ නොහැකි බැවින් ආයෝජකයින් සම්බන්ධයෙන් ලියැවිලි ලබා දිය නොහැකි බව ඔහු සඳහන් කළේ ය. ඊයේ ආයෝජන මණ්ඩලයේ වැඩ බලන සභාපතිවරයා ලෙස මාධ්‍ය හමුවට සහභාගී වූ මංගල යාපා මහතා මේ වන විට ආයෝජන හා සම්බන්ධ තනතුරු ගණනාවක් දරමින් සිටියි. ආයෝජන පහසු කිරීම සඳහා පත් කර ඇති තනිකවුල කමිටුවේ සාමාජිකයෙකු වන ඔහු ආයෝන ප්‍රවර්ධන මණ්ඩලයේ අධ්‍යක්ෂවරයෙකි. මංගල යාපා මහතා ආයෝජන ප්‍රවර්ධන හා උපාය මාර්ග සංවර්ධන අමාත්‍යංශයේ තාක්ෂණික උපදේශකයෙකු බව ද ඔහුම පවසයි. මීට පෙර ශ්‍රී ලංකා සංවර්ධන ඒජන්සියේ අධ්‍යක්ෂ ජෙනරාල් ලෙස නම් කළ මේ පුද්ගයාගේ පත් කිරීම නීති විරෝධී වූයේ එම තනතුරට අදාළ පනත පාර්ලිමේන්තුවේ සම්මත නොවීම නිසා ය. මෙම පුද්ගලයා නාවික කටයුතු සම්බන්ධ ආයතනයක ද ඉහළ තනතුරක් දැරූ අතර වසර 4 කට පෙර ඔහුගේ සේවය දීර්ඝ නොකිරීමට පියවර ගෙන තිබිණි. මොහු කවරෙකු වුවත් ප්‍රශ්නය වන්නේ ආයෝජන මණ්ඩලයට පත් වී ගෙවුණු කාල සීමාවේ රටට ගෙනා ආයෝජන ප්‍රමාණයයි. රට මුහුණ දී සිටින ආර්ථික ගැටලුවෙන් ගොඩඒමට ඇති ප්‍රධානතම මාර්ගය වන්නේ සෘජු විදේශ ආයෝජන වඩ වඩා ආකර්ෂණය කර ගැනීම ය. එහෙත් ගත වූ කාලය තුළ ගෙන ආ ආයෝජන මොනවා ද යන්න පිළිබඳව මාධ්‍යවේදීන් කළ ප්‍රශ්න කිරීම්වලදී ඔහු පැවසුවේ ඒ සම්බන්ධයෙන් පිළිතුරක් දිය නොහැකි බව ය.
2018-10-06T09:14:47.000Z
කාසල්රි ජලාශ්‍රයේ ශ්‍රමදානය...
කාසල්රි ජලාශ්‍රයේ ශ්‍රමදානය...
COLOMBO (News 1st) - පවතින අධික වර්ෂාවත් සමග කාසල්රි ජලාශ්‍රයේ ජල මට්ටම ද ඉහළ ගොස් තිබේ. මේ හේතුවෙන් ජලාශ්‍රයට බැහැර කර ඇති නොදිරන අපද්‍රව්‍ය ජලාශ්‍රයෙන් ඉවත් කිරීමේ ශ්‍රමදානයක් අද පැවැත්විණි. හෙක්ටයාර් 285ක් පුරා පැතිර ඇති කාසල්රී ජලාශ්‍රය ජාතික විදුලිබල පද්ධතියට අයත් ප්‍රධාන ජලාශ්‍රයකි. අද පැවති ශ්‍රමදානය සඳහා නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, ආරක්ෂක අංශ, ප්‍රාදේශීය සභා නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් පිරිසක් එක්වූහ. අප වාර්තාකරු පැවසුවේ, නෝර්වුඩ් ප්‍රදේශයේ සිට ගලා බසින කෙසෙල්ගමු ඔයත්, හැටන් ප්‍රදේශයේ සිට ගලා බසින දික් ඔයේ ජලයත් ජලාශ්‍ර යට එකතු වන ස්ථාන කලක සිට ඝන අපද්‍රව්‍යවලින් පිරී පැවති බව ය. මේ සම්බන්ධයෙන් අවධානය යොමු කළ ජාතික ජල ජීවී හා වගා සංවර්ධන අධිකාරියේ නුවරඑළිය කාර්යාලය මගින් ශ්‍රමදානය සංවිධාන කර තිබිණි. ශ්‍රමදානයට සමගාමීව කෙසෙල්ගමු ඔයේ සහ දික්ඔය ඇළ අවට පදිංචි ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් ද පැවැත්විණි.
2018-10-06T02:52:37.000Z
පවතින වැසි තත්ත්වය අද සහ හෙට දිනයේත් තව දුරටත්
පවතින වැසි තත්ත්වය අද සහ හෙට දිනයේත් තව දුරටත්
COLOMBO (News 1st) UPDATE - 5.24 PM : දිවයිනට බටහිර දෙසින්, ආරාබි මුහුදේ වර්ධනය වී ඇති අඩු පීඩන කලාපය හේතුවෙන්, දිවයිනේ පවතින වැසි තත්ත්වය අද සහ හෙට දිනයේ තවදුරයත් වර්ධනය වනු ඇතැයි, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනේ බොහෝ ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවනු ඇති. මධ්‍යම, ඌව, සබරගමුව, වයඹ, සහ බස්නාහිර පලාත්වලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150ක පමණ ඉතා තද වැසි ඇතිවිය හැකියි. උතුරු මැද, දකුණු පළාත්වලත්, මන්නාරම, වව්නියාව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි වනවා. ගිඟුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළංද ඇතිවනු ඇති. මේවන විට ඇඳහැලෙන අධික වර්ෂාව හේතුවෙන්, මහරගම - පිළියන්දල මාර්ගයේ ඇරව්වල, සහ කළුතර, දොඩංගොඩ ඇතුළු ප්‍රදේශවල අතුරු මාර්ග රැසක් ජලයෙන් යටවී තිබෙනවා. මේ, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කලේ, කොළඹ, කළුතර සහ ගාල්ල දිස්ත්‍රික්ක වලින් තද වැසි වාර්තා වන බවයි. බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල හා පස්සර ප්‍රදේශවලට පැනවූ නායයෑම් පිළිබඳ අනතුරු ඇඟවීම තවදුරටත් වලංගු බවද ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළා. මේ අතර, හෙට පස්වරු 1.30 දක්වා මුහුදු යාමෙන් වලකින ලෙස, ධීවර දෙපාර්තමේන්තුව ධීවරයින්ට අනතුරු අඟවා තිබෙනවා. ----------------------------------------------------------------------------------------------------------------------------------------- ඉදිරි පැය 24 තුළ (හෙට පස්වරු 1.30 දක්වා) මන්නාරම සිට කොළඹ, ගාල්ල සහ මාතර හරහා හම්බන්තොට දක්වා ප්‍රදේශවලින් ධීවර කටයුතු සඳහා මුහුදු යාමෙන් වළකින ලෙසට ධීවරයින්ට අනතුරු ඇඟවීම්. ----------------------------------------------------------------------------------------------------------------------------------------- මන්නාරම සිට පුත්තලම කොළඹ, ගාල්ල සහ මාතර හරහා හම්බන්තොට දක්වා මුහුදු ප්‍රදේශවල තද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ගිගුරුම් සහිත වැසි සමග සුළං වේගය පැයට කිලෝමීටර් 70 - 80 දක්වා ඉහළ යාමට ඉඩ ඇති බැවින් එම මුහුදු ප්‍රදේශ ඉතා රළු වනු ඇති. කළුතර සිට ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල හෙට පස්වරුව දක්වා මුහුදු රළ මීටර් 2 - 2.5 ත් දක්වා ඉහළ යා හැකියි. මේ පිළිබඳව ධීවර ප්‍රජාව අවධානයෙන් කටයුතු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටි. මේ අතර අරාබි මුහුදු ප්‍රදේශයේ අඩු පීඩන කලාපයක් වර්ධනය වී ඇති අතර ඉදිරි පැය 36 ක කාලය තුළ එය පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී සුළු කුණාටුවක් දක්වා වර්ධනයවීමේ හැකියාව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය. එම පද්ධතිය වයඹ දිශාවට ඕමාන් වෙරළතීරය දෙසට ගමන් කරනු ඇති. පවතින තත්ත්වය පිළිබඳව ධීවර ප්‍රජාව දැනුවත් කර ඇතැයි ධීවර දෙපාර්තමේන්තුවේ සෝදිසි සහ මෙහෙයුම් අංශයේ සහකාර අධ්‍යක්ෂ පත්මප්‍රිය තිසේරා මහතා සඳහන් කළේ ය. මේ අතර මධ්‍යම, ඌව, සබරගමුව, වයඹ සහ බස්නාහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150 ක පමණ ඉතා තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව අද පස්වරුවේ නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, උතුරු මැද සහ දකුණු පළාත්වලට සහ මන්නාරම සහ වව්නියාව දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 කට වැඩි තද වැසි ඇතිවිය හැකි බවයි. දැනට පවතින වැසි තත්ත්වය හෙට දිනයේදී තවදුරටත් වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ය. ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇතිවිය හැකියි. අකුණු අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනු ඇත. පවතින සුළං තත්ත්වය හේතුවෙන් නවගත්තේගම ප්‍රදේශයේ නිවාස 10 කට පමණ හානි සිදු ව ඇතැයි ආපදා කළමනාකාරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ ය.
2018-10-06T01:25:17.000Z
එංගලන්ත - ශ්‍රී ලංකා දෙවන පුහුණු එක්දින ක්‍රිකට් තරගයට වර්ෂාවෙන් බාධා
දෙවන පුහුණු එක්දින ක්‍රිකට් තරගය අවලංගු කෙරේ
COLOMBO (News 1st) - එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතය තිබූ දෙවන පුහුණු එක්දින ක්‍රිකට් තරගය අතහැර දැමීමට විනිසුරුවන් තීරණය කර තිබේ. ඒ, තරගය පැවැත්වෙන කොළඹ පී සාරා ඕව්ල් ක්‍රීඩාංගණයට ඇද හැලෙන දැඩි වර්ෂාපතනය හේතුවෙනි. මීට සුළු මොහොතනට පෙර තරගයේ ප්‍රධාන විනිසුරුවන් දෙපළ පී සාරා ඕවල් ක්‍රීඩාංගණයේ තණතිල්ල පරීක්ෂා කිරීමේ අනතුරුව මෙලෙස තරගය අතහැර දැමීමට තීරණය කර තිබේ. කෙසේ වෙතත් ඊයේ කණ්ඩායම් දෙක අතර පැවැති පළමු පුහුණු එක්දින ක්‍රිකට් තරගය ඩක්වත් හා ලුවිස් න්‍යායාට අනුව ලකුණූ 43 කින් ජය ගැනීමට සමත් වුනේ සංචාරක එංගලන්ත කණ්ඩායමයි. එක්දින ක්‍රිකට් තරග 5 ක්, පන්දුවාර විස්සයි විස්ස තරගයක් හා ටෙස්ට් තරග තුනනික් සමන්විත ශ්‍රී ලංකා - එංගලන්ත ක්‍රිකට් තරගාවලිය එළඹෙන 10 වන දා ආරම්භ වේ. ඒ, එක්දින ක්‍රිකට් තරගාවලියෙනි. දෙරට අතර පළමු එක්දින ක්‍රිකට් තරගය දිවා රාත්‍රි තරගයක් ලෙස එළඹෙන 10 වන දා රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භවීමට නියමිත ය. මෙවර එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ නිල රූපවාහිනී විකාශන කටයුතු සිදු කරන්නේ සිරස TV සහ TV1 ප්‍රමුඛ MTV මාධ්‍ය ජාලයයි.
2018-10-06T00:33:31.000Z
අධිවේගි මාර්ගය භාවිත කිරීමේදී විමසිලිමත් වන්නැයි රියැදුරන්ට උපදෙස්
අධිවේගි මාර්ගය භාවිතයේදී විමසිලිමත් වන්නැයි උපදෙස්
COLOMBO (News 1st) - පවතින වර්ෂා තත්ත්වය හමුවේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ රිය ධාවනයේදී සැළකිලිමත් වන්නැයි මාර්ග සංවර්ධන අධිකාරිය රියැදුරන්ට දැනුම් දෙයි. එහි අධිවේගී මාර්ග නඩත්තු හා කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ එස්. ඕපනායක මහතා පැවසුවේ, පැයට කිලෝමීටර් 60 ක වේගයෙන් රිය ධාවනය කරන ලෙසයි. දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලණිගම හා දොඩංගොඩ අතරදී අද පෙරවරුවේ රිය අනතුරක් සිදු ව ඇතැයි ද ඔහු පැවසුවේ ය.
2018-10-06T00:08:41.000Z
Update: අයහපත් කාලගුණයෙන් ප්‍රදේශ රැසකට පීඩා: ඉදිරි පැය කිහිපය තුළත් මිලිමීටර 150 ඉක්ම වූ තද වැසි
Update: කොළඹ ඇතුළු ප්‍රදේශ රැසකට තද වැසි
COLOMBO (News 1st) දිවයින්ට බටහිර දෙසින් අරාබි මුහුදේ වර්ධනය වී ඇති අඩු පීඩන කලාපය හේතුවෙන් දිවයිනේ පවතින වැසි තත්ත්වය අද සහ හෙට දිනයේ තවදුරටත් වර්ධනය වනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. අද පෙරවරු 8.30 සිට මේ දක්වා කාලය තුළ වැඩිම වර්ෂාපතය කළුතර දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර කළුතර, උස්වැලි ප්‍රදේශයෙන් වාර්තා වන වර්ෂාපතනය මිලිමීටර් 199කි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ මධ්‍යම, ඌව, සබරගමුව, වයඹ සහ බස්නාහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150ක පමණ ඉතා තද වැසි ඇති විය හැකි බව ය. උතුරු මැද සහ දකුණු පළාත්වලට සහ මන්නාරම සහ වවුනියාව දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100කට වැඩි තද වැසි ඇති විය හැකි වේ. දැනට පවතින වැසි තත්ත්වය හෙට දිනයේදී තවදුරටත් වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ය. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ද ඇති විය හැකි ය. අකුණු අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි. තද වර්ෂාව හා සුළං තත්ත්වය දිවයිනට බලපෑ ආකාරය.. අනුරාධපුර තලාව , කරගහවැව ප්‍රදේශයේ කාන්තාවක අකුණු සැර වැදී ජීවිතක්ෂයට පත්ව තිබේ. අප වර්තාකරු පැවසුවේ, ඊයේ පස්වරු 6.30ට පමණ මෙම අනතුර සිදුව ඇති බව ය. ගොවිතැන් කටයුතු නිමා වී කුඹුරේ සිට නිවස බලා පැමිණෙන අතරතුර ඇය මෙම අනතුරට මුහුණ දී තිබේ.‍ෙ මේ අතර අනුරාධපුර දිස්ත්‍රික්කයේ පලාගල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් මානාකැටේ ,ඉඹුල්වැහැර , මානේරුව යන ගම්මාන හරහා හමාගිය තද සුළඟිකින් නිවාස රැසකට හානි සිදුව තිබේ. ප්‍රදේශවාසීන් පැවසුවේ, ඊයේ සවස 6ත් රාත්‍රී 8ත් අතර අවස්ථා දෙකකදී මෙම සුළං තත්ත්වය හටගෙන ඇති බව ය. ඊයේ රාත්‍රී උඩුනුවර රත්ගම, යේරම්බඩ, කිරිවවුල, ලගමුව ප්‍රදේශ හරහා හමා ගිය දැඩි සුළං තත්ත්වයක් හේතුවෙන් නිවාස 30කට අධික ප්‍රමාණයකට හානි සිදුව තිබේ. අප වාර්තාකරු පැවසුවේ, මේ හේතුවෙන් පුද්ගලයින් 120කට අධික ප්‍රමාණයක් පීඩාවට පත්ව ඇති බව ය. හමා ගිය සුළං තත්ත්වය හේතුවෙන් තුවාල ලැබූ කුඩා දරුවෙකු ඇතුළු 3 දෙනෙක් බඹරදෙණිය රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබති. උඩුනුවර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් ආපදාවට පත් ජනතාව සඳහා සහන සැලසීමේ කටයුතු මේ වන විට ආරම්භ කර තිබේ. ඇද හැළෙන අධික වර්ෂාවත් සමග ඇති විය හැකි ගංවතුර තත්ත්වය පාලනය කිරීම සඳහා පොල්ගොල්ල මහවැලි වේල්ලෙ වාන් දොරටු තුනක් විවෘත කර තිබේ. මෙමගින් තප්පරයට ඝණ අඩි 5000ක ජල ධාරීතාවක් මුදා හරිනු ලබන අතර පොල්ගොල්ල වේල්ලේ පහල කොටසේ ජනතාව මහවැලි ගඟ භාවිත කිරීමේදී පරීක්ෂාකාරී වන ලෙස පොල්ගොල්ල මහවැලි කාර්යභාර ඉන්ජිනේරු කාර්යාලය ජනතාවගෙන් ඉල්ලා සිටියි. මන්නාරම සිට පුත්තලම කොළඹ, ගාල්ල සහ මාතර හරහා හම්බන්තොට දක්වා මුහුදු ප්‍රදේශවල තද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ගිගුරුම් සහිත වැසි සමග සුළං වේගය පැයට කිලෝමීටර් 70-80 දක්වා ඉහළ යාමට ඉඩ ඇති බැවින් එම මුහුදු ප්‍රදේශ ඉතා රළු වනු ඇති. කළුතර සිට ගාල්ල , හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල හෙට පස්වරුව දක්වා මුහුදු රළ මීටර් 2 ත් 2.5 ත් දක්වා ඉහළ යා හැකි ය. මේ පිළිබඳව ධීවර ප්‍රජාව අවධානයෙන් කටයුතු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි. පවතින තත්ත්වය හේතුවෙන් මන්නාරම සිට පුත්තලම කොළඹ, ගාල්ල සහ මාතර හරහා හම්බන්තොට දක්වා මුහුදු ප්‍රදේශවලින් හෙට දහවල් 1.30 දක්වා මුහුදු යාමෙන් වළකින ලෙස ධීවර දෙපාර්තමේන්තුව ධීවරයින්ට අනතුරු අඟවා තිබේ. ----------------------------------------------------------------------------------------------------------------------------------------- Update: 1.35 pm – මන්නාරම සිට පුත්තලම කොළඹ, ගාල්ල සහ මාතර හරහා හම්බන්තොට දක්වා මුහුදු ප්‍රදේශවලට තද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිව තිබේ. සුළං වේගය පැයට කිලෝමීටර් 70 - 80 දක්වා ක්ෂණිකව ඉහළ යනු ඇති. ----------------------------------------------------------------------------------------------------------------------------------------- Update: 1.00 pm – මධ්‍යම, ඌව, සබරගමුව, වයඹ සහ බස්නාහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150 ක පමණ ඉතා තද වැසි. උතුරු - මැද සහ දකුණු පළාත්වලත් මන්නාරම, වව්නියාව දිස්ත්‍රික්කවලට මිලිමීටර් 100 ට වැඩි තද වැසි ඇදහැලෙමින් පවති. ----------------------------------------------------------------------------------------------------------------------------------------- කොළඹ ඇතුළු දිවයිනේ ප්‍රදේශ රැසකට තද වැසි ඇදහැලෙමින් තිබේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසූවේ, අද සහ හෙට දිනයේ වැසි තත්ත්වය තවදුරටත් වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කරන බවයි. දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස 2.00 පසුව වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවනු ඇති. වයඹ, මධ්‍යම, උතුරු - මැද, ඌව, සබරගමුව පළාත්වත්, මන්නාරම, වව්නියා දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි ඇති විය හැකි වේ. ගිඟුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ද ඇති විය හැකි බවයි. අකුණු අනතුරු අවම කර ගැනීම සඳහා පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටි. මේ අතර අද පෙරවරු 8.30 න් අවසන් වූ පැය 24 තුළ මතුගම - වෝගන් වතු යායෙන් මිලිමීටර් 102 වර්ෂාපතනයක් වාර්තා විය. සෝගම ප්‍රදේශයෙන් මිලිමීටර් 65 ක්, තම්බෝව ප්‍රදේශයෙන් මිලිමීටර් 54 ක්, රත්මලාන ප්‍රදේශයෙන් මිලිමීටර් 52 ක වර්ෂා පතනයක් හා පොළොන්නරුවෙන් මිලිමීටර් 47 ක වර්ෂා පතනයක් වාර්තා වී ඇතැයි කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය. මේ අතර අධික වර්ෂාව හේතුවෙන් දැඳුරුඔයේ සහ පොල්ගොල්ල ජලාශයේ වාන්දොරටු විවෘත කර තිබේ. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පලි මහතා සඳහන් කළේ, තද සුළං හේතුවෙන් නවගත්තේගම ප්‍රදේශයේ නිවාස 10 කට පමණ හානි සිදුවීම් වාර්තා වන බවයි.
2018-10-05T23:55:13.000Z
කඳානේ කාන්තාවක් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු දඬුගම් ඔයේ ගිලී මරුට
කඳානේ ඝාතනය සිද්ධිය: ප්‍රධාන සැකකරු දියේ ගිලී මරුට
COLOMBO (News 1st) - කඳාන වැලිගම්පිටියේදී කාන්තාවක් වෙඩි තබා ඝාතනය කිරීමට සම්බන්ධ ප්‍රධාන සැකකරු පොලිස් අත්අඩංගුවෙන් මිදී පළායාමට තැත්කිරීමේදී ජාඇල දඬුගම් ඔයේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත් ව තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසුවේ ඉලන්දාරිගේ සංජීව හෙවත් අමුණුගොඩ සංජීව නැමැති සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු එළෙස මියගොස් ඇති බවයි. සැකකරු කැලණිය කොට්ඨාස විමර්ශන ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් අනුරාධපුර තිරප්පනේ ප්‍රදේශයේදී ඊයේ රාත්‍රි අත්අඩංගුවට ගෙන කොළඹට රැගෙන එමින් සිටින අතරතුර ඔහු එළෙස පළායාමට තැත්කර ඇත. තමන්ට වැසිකිලි යාමට අවශ්‍ය බව සැකකරු අවස්ථා කිහිපයකදීම පොලීසියට දැනුම්දීමෙන් අනතුරුව ඒ සඳහා දඬුගම් ඔය පාලම අසළ නවතා අවස්ථාව ලබාදීමෙන් පසු පොලීසියට පහරදී ඔහු දඬුගම්ඔයට පැන තිබේ. එහිදී ඔහු දියේ ගිලී මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය. සැකකරුගේ දේහය මේ වන විට රාගම රෝහලේ තැන්පත් කර ඇත. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, දැනට බන්ධනාගාරගත ව සිටින ගනේමුල්ලේ සංජීව නැමැති අපරාධකරුගේ කොන්ත්‍රාත්තුවකට අනුව පත්අඩුවන අජිත් නැමැති අපරාධ කල්ලි සාමාජිකයා ඝාතනය කිරීමට මොහු පසුගිය 31 වන දා මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි. එහෙත් ඉලක්කය වැරදී යාම හේතුවෙන් මෝටර් රථයක ගමන් ගත් කාන්තාවක් ජීවිතක්ෂයට පත් විය. පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, හෙරොයින් කිලෝග්‍රෑම් එකකට අදාළ ඝාතනය සිදු කිරීමට ඔහු එම කොන්ත්‍රාත්තුව ලබාගෙන ඇති බවයි. සැකකරුගේ ඉලක්කය වැරදී යාමෙන් ජීවිතක්ෂයට පත්වූයේ ජාඇල වැලිකුරුඳුවත්ත ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි කාන්තාවකි.
2018-10-05T23:37:47.000Z
මාරවිල මූලික රෝහලේ වර්ජනය අවසන්
මාරවිල මූලික රෝහලේ වර්ජනය අවසන්
COLOMBO (News 1st) - දින දෙකක් පුරා පැවති වැඩ වර්ජනය හා උපවාසය අත්හිටුවීමට මාරවිල මූලික රෝහලේ කණිෂ්ඨ කාර්ය මණ්ඩලය තීරණය කර තිබේ. වාර්ෂික ස්ථාන මාරු ක්‍රියාත්මක කිරීම, සියලු සුළු සේවකයන් මෘත ශරීර කැපීමෙන් ඉවත් කිරීම, ඇතුලු ඉල්ලීම් කීපයක් මුල් කර ගනිමින් මාරවිල මුලික රෝහලේ සුළු සේවකයන් මේ වර්ජනය හා උපවාසය ආරම්භ කළේ පසුගිය 04 වන දා සිටයි. සේවකයන් පිරිසක් රෝහල් භූමියේ පිහිටි ජල ටැංකියට ද නැග උපවාසයක නිරත විය. ජනරජ සෞඛ්‍ය සේවක සංගමයේ පුත්තලම දිස්ත්‍රික් සංවිධායක උපාලි සදසිරි මහතා පැවසුවේ, ඊයේ 05 පස්වරුවේ වයඹ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක මොහොමඩ් ෆරීඩ් මහතාගේ ප්‍රධානත්වයෙන් සහ වෘත්තිය සමිති නායකයන්ගේ ප්‍රධානත්වයෙන් කුරුණෑගලදී පැවති සාකච්ඡාවකදී තම ඉල්ලීම් සඳහා විසඳුම් ලැබීම හේතුවෙන් වර්ජනය අත්හිටුවීමට පියවර ගත් බවයි.
2018-10-05T22:40:41.000Z
හම්බන්තොට වරාය චීන නාවික හමුදාවේ ඉදිරිපෙළ කඳවුරක් බවට පත්වනු ඇතැයි මයික් පෙන්ස් කියයි
මයික් පෙන්ස්ගෙන් හම්බන්තොට වරාය ගැන ප්‍රකාශයක්
COLOMBO (News 1st) - හම්බන්තොට වරාය නුදුරේදීම චීන නාවික හමුදාවේ ඉදිරිපෙළ කඳවුරක් බවට පත්වනු ඇතැයි අමෙරිකානු උපජනාධිපති මයික් පෙන්ස් අවධාරණය කර තිබේ. ඔහු මේ බව කියා සිටියේ, අමෙරිකානු හඩ්සන් ආයතනයේ දේශනයකට එක්වෙමිනි. අමෙරිකානු උපජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේ, චීනය අනුගමනය කරනු ලබන්නේ ණය උගුල් රාජ්‍ය තාන්ත්‍රික ප්‍රතිපත්තියක් බවයි.
2018-10-05T21:50:10.000Z
ඉරානයෙන් ඉන්ධන ආනයනය කරන රටවලට පනවා තිබූ සම්බාධක ලිහිල් කිරීමට අමෙරිකාවෙන් තීරණයක්
ඉරානයෙන් පළිගන්න අමෙරිකාව අලුත් උපක්‍රමයක් යොදයි
යම් රටක් ඉරානයෙන් බොර තෙල් ආනයනය අඩු කිරීමට පියවර ගන්නේ නම් එම රටවලට පනවා ඇති සම්බාධක ලිහිල් කිරීමට අමෙරිකාව තීරණය කර තිබේ. අමෙරිකාව ප්‍රමුඛ රටවල් කිහිපයක් ඉරානය සමග ඇති කරගත් න්‍යෂ්ටික ගිවිසුම විනාශකාරී, ඒකපාර්ශවික සැළසුමක් බවට චෝදනා කරමින් ඉන් ඉවත් වූ අමෙරිකාව, ඉරානයට එරෙහිව යළි සම්බාධක පැනවීමට පියවර ගෙන ඇත. එමෙන්ම ඉරනාය සමග ගනුදෙනු කරන රටවලට එරෙහිව සම්බාධක පැනවීමට අමෙරිකාව ක්‍රියා කර තිබේ. අමෙරිකාව සඳහන් කළේ, ලබන නොවැම්බර් 04 වන දා සිට ඉරානයෙන් බොර තෙල් ආනයනය සම්පුර්ණයෙන් වැළැක්වීමේ අරමුණින් නව සම්බාධක පනවන බවයි. මේ අතර මෙවන් පසුබිමක් තුළ ඉන්දියාව ලබන නොවැම්බරයේදී ඉරානයෙන් බොර තෙල් බැරල් මිලියන 9 ක් ආනයනය කිරීමට ඇනවුම් ඉදිරිපත් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය. ඉරානයෙන් බොර තෙල් ආනයනය කරන ප්‍රධාන ගැනුම්කරුවෙකු ලෙස ඉන්දියාව සැළකෙනු ඇත.
2018-10-05T20:41:09.000Z
බදුල්ලේ ප්‍රදේශ කිහිපයකට නායයාමේ අනතුරු ඇඟවීම්
බදුල්ලේ ප්‍රදේශ කිහිපයකට නායයාමේ අනතුරු ඇඟවීම්
COLOMBO (News 1st) - පවතින අධික වර්ෂා තත්ත්වය යටතේ ප්‍රදේශ කිහිපයකට නායයාමේ අනතුරු ඇඟවීම් නිවේදනයක් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ. එහි නායයාම් අධ්‍යයන හා අවදානම් කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ ආචාර්ය ගාමිණී ජයතිස්ස මහතා පැවසුවේ, ඒ අනුව බදුල්ල, පස්සර, හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට එම නායයාමේ අනතුරු ඇඟවීම නිකුත් කර ඇති බව ය.
2018-10-05T20:34:56.000Z
පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු තුනක් විවෘත කෙරේ
පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු 3 ක් විවෘත කෙරේ
COLOMBO (News 1st) - පවතින වර්ෂාවත් සමග පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු තුනක් විවෘත කර ඇතැයි මහවැලි අධිකාරිය පවසයි. එහි අධ්‍යක්ෂ ජනරාල් සරත් චන්ද්‍ර විතානගේ මහතා පැවසුවේ, පොල්ගොල්ල ජලාශය පිටාර මට්ටමට ළඟා නොවුවද ධාරිතාව ඉහළ යාම හේතුවෙන් මෙම පියවර ගත් බවයි. පවතින වර්ෂාවත් සමග දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 8 ක් විවෘත කර තිබේ. කුරුණෑගල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ, ඒ හේතුවෙන් ජලාශය පහළ දැදුරු ඔය දෙපස නිකවැරටිය, වාරියපොල, රස්නායකපුර, කොබෙයිගනේ සහ බිංගිරිය යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසවල ජනතාවට විමසිළිමත් වන ලෙසයි.
2018-10-05T20:22:09.000Z
නිදන කාමර තුළ ජංගම දුරකතන තබා ගැනීම අවදානම් - සෞඛ්‍ය අංශ අනතුරු ඇඟවයි
නිදන කාමරයේ ජංගම දුරකතන භාවිත කිරීම අවදානම් !
COLOMBO (News 1st) - නිදන කාමර තුළ ජංගම දුරකතන භාවිත කිරීම දැඩි සෞඛ්‍ය අවදානමකට හේතුවන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. එහි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පැවසුවේ, නිදන කාමරය තුළ ජංගම දුරකතන තබා ගැනීම මොළයට සහ ස්නායු පද්ධතියට හානි කරවිය හැකි බව ය. රාත්‍රි නින්දන පෙර සිය නිදන කාමරයෙන් එබඳු උපකරණ ඉවත් කර හෝ ක්‍රියා විරහිත කර තබන ලෙස සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය ජනතාවගෙන් ඉල්ලීමක් කර සිටි. මෙම කරුණු අනාවරණවී ඇත්තේ, ලෝක මානසික සෞඛ්‍ය දිනය වෙනුවෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැති සාකච්ඡාවකදීයි.