date
stringlengths
24
24
title
stringlengths
0
176
short_title
stringlengths
10
69
content
stringlengths
0
19.7k
2018-12-07T07:31:59.000Z
ආසියානු නැගීඑන තරගාවලියේ පළමු තරගයෙන්ම ශ්‍රී ලංකාවට විශිෂ්ඨ ජයක්
ආසියානු නැගීඑන තරගාවලියේ ශ්‍රී ලංකාවට පළමු ජය
ආසියානු කුසලාන නැගීඑන කණ්ඩායම් අතර එක්දින ක්‍රිකට් තරගාවලියේ ඕමාන නැගී එන කණ්ඩායමට එරෙහිව පැවැති තරගය ලකුණූ 109 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම සමත් විය. කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවති, තරගයේ කාසිය වාසිය දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක චරිත් අසලංක පලමුව පන්දුවට පහර දීමට තීරණය කළේය. ආරම්භක පිතිකරු සදුන් විරක්කොඩි ලකුණූ 29 ක් රැස් කල අතර අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 56 ක් රැස් කලේ හතරේ පහර 9 ක් සමගිනි හසිත බෝයගෝඩ හතරේ පහර 6 ක් හා එක් හයේ පහරක් සමගින් ලකුණු 80 ක් රැස් කල අතර නායක චරිත් අසලංකට අවාසනාවන්ත ලෙස ආබාදයක් හේතුවෙන් පිටියෙන් ඉවත්විමට සිදුවූයේ ලකුණූ 10 ක් රැස්කරගෙන සිටියදියි. කමිදු මෙන්ඩිස් පන්දු 62 කදී ලකුණූ 75 ක් රැස් කරද්දී, නොදැවී කඩුල්ලේ රැදි සිටි ශම්මු අශාන් හතරේ පහ හා හයේ පහර 3 බැගින් එල්ල කරමින් පන්දු 34 කදී ලකුණූ 57 ක්. ශ්‍රී ලංකා නැගී එන ක්‍රීඩකයින් නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුළු 5 ක් දැවී ලකුණූ සංඛයාව 324 ක් රැස්කිරිමට සමත්විය. පන්දු යැවීමේදී ඕමාන කණ්ඩායම වෙනුවෙන් ජේ ඔඩේරා කඩුළු 2 ක් දවා ගත් අතර බිලාල් ඛාන් කඩුළු 2 යි. ලකුණූ 325 ක ඉලක්කයක් හඹාගිය ඕමාන ඉන්ම ලකණු 215 කට සීමාවිය. පන්දු යැවීමේදී ශම්මු අශාන් හා අසේල ගුණරත්න කඩුළු 2 බැගින් දවා ගැනීමට සමත්විය.
2018-12-07T02:16:38.000Z
බලපත්‍ර නොමැති, දැව තොගයක් ගාල්ලේ දී අත් අඩංගුවට
බලපත්‍ර නොමැති, දැව තොගයක් ගාල්ලේ දී හසුවෙයි
දක්ෂිණ අධිවේගි මාර්ගයේ පින්නදුව පිවිසුමෙන් කොලඹ බලා රැගෙන යාමට උත්සහකළ දැව තොගයක් හා ලොරි රථයක් සමග පුද්ගලයින් දෙදෙනෙකු සැකපිට පොලිස් භාරයට ගෙන තිබේ. බලපත්‍ර නොමැතිව ප්‍රවාහනය කර ඇති මෙම දැව තොගය ගිංතොට ප්‍රදේයේ සිට කොළඹට ප්‍රවාහනය කිරීමට කටයුතු කර ඇතැයි පොලිසිය වැඩිදුරටත් සදහන් කළේය. පොලිස් භාරයට ගත් දැව තොගයට තේක්ක සහ බුරුත වැනි වටිනා දැව වර්ග තිබු එහි ඒවායේ වටිනාකම තවමත් තක්සේරු කර නැත. දැව තොගය ප්‍රවාහනය කළ ලොරිය පොලිස් භාරයට ගෙන ඇති අතර සැකකරුවන් දෙදෙනා වැඩිදුර පරීක්ෂණ සදහා අක්මීමන පොලිසයට භාරදී තිබේ.
2018-12-07T05:32:49.000Z
කෝටි ගණනක හෙරොයින් ගෙන ගිය යාත්‍රාවේ හිමිකරුත් කොටුවෙයි
බේරුවල හෙරොයින් ගෙන ගිය යාත්‍රාවේ හිමිකරු හසුවෙයි
බේරුවල මුහුදු තීරයේ දී, හෙරොයින් කිලෝග්‍රැම් 231 කයි ග්‍රෑම් 54 ක් ප්‍රවාහනය කළ ට්‍රෝලර් යාත්‍රාවේ හිමිකරු අද දහවල් අත්අඩංගුවට පත්ව තිබේ. යටියන්තොට ප්‍රදේශයේ දී මොහු අත් අඩංගුවට ගැනීමට උත්සාහ කරන අවස්ථාවේ දී, කැලණි ගගට පැන මිදී යෑමට උත්සාහ දරා ඇති බව පොලිසිය සඳහන් කළේය. පසුව මහත් පරිශ්‍රමයක් යොදා මෙම පුද්ගලයාව අත්අඩංගුවට ගැනීමට සමත් වූ බව ද පොලසීය පැවසුවේය. 44 හැවිරිදි බේරුවල මොරගල්ල පදිංචිකරුවෙකු වන මොහු සන්තකයේ තිබී රුපියල් ලක්ෂ 15 ක මුදලක් සොයාගැනීමට සමත් වූ බව ද පොලීසිය සදහන් කරයි. මොහු අදාළ හෙරොයින් තොගය සමග පෙරේදා රාත්‍රී අත්අඩංගුවට ගත් සැකකරුවෙකුගේ සහෝදරයෙක්.
2018-12-07T05:44:36.000Z
ප්‍රතිසංස්කරණය කළ ඉරණමඩු ජලාශය ජනපති අතින් ජනතා අයිතියට
අලුත් වුණු ඉරණමඩු ජලාශ්‍රය ජනතා අයිතියට
ප්‍රතිසංස්කරණය කළ ඉරණමඩු ජලාශ්‍රය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් අද පෙරවරුවේ ජනතා අයිතියට පත් කෙරිණ. ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ 1975 වසරෙන් පසුව ජලාශ්‍රයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකෙරුණු පළමු අවස්ථාව මෙය බවයි. අක්කර 21ල000 භුමි ප්‍රදේශයක විහිදී ඇති ඉරණමඩු ජලාශ්‍රය මගින් පවුල් 9,180 කට සෙත සැලසෙන අතර යල-මහ දෙකන්නයේම කිසිදු ගැටලුවකින් තොරව වගා කිරීමට එමගින් ජලය සැපයෙයි. ප්‍රතිසංස්කරණ සඳහා රුපියල් මිලියන 2000 කට වැඩි මුදලක් වැය කර ඇති අතර පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යාංශය සහ ආසියානු සංවර්ධන බැංකුවේ අනුග්‍රහය මත මෙම ජලාශ්‍රය ප්‍රතිසංස්කරණය කර තිබේ. ජලාශ්‍රයේ දියවර නිකුත් කිරීමෙන් අනතුරුව නිරීක්ෂණ චාරිකාවක නිරත වූ ජනාධිපතිතුමා ප්‍රකාශ කළේ, ඉරණමඩු ජලාශ්‍රයෙන් ජලය නිකුත්වීම උතුරේ සංහිඳියාව ශක්තිමත් කිරීමට සිදු කළ යුග මෙහෙවරක් ලෙස තමන් සලකන බවයි. ඉන් අනතුරුව ජනාධිපතිතුමා කිලිනොච්චි ශාන්තිකුලම් ප්‍රදේශයේ ද නිරීක්ෂණ චාරිකාවක නිරත විය. එම ප්‍රදේශවලදී හමු වූ ජනතාව සමග සුහද කථාබහක ද ජනාධිපතිතුමා නිරත වී තිබේ. [gallery columns="2" size="medium" ids="166001,166002,166003,166004"]
2018-12-07T07:27:54.000Z
රන්ජන් රාමනායක ලබන පෙබ‍රවාරි 26 නැවත අධිකරණය හමුවට
රන්ජන් රාමනායක පෙබ‍. 26 නැවත අධිකරණය හමුවට
COLOMBO (News 1st) - අධිකරණයට අපහාසයක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන්, පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට පෙබරවාරි 26 වන දා අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළේ ය. සැකකරුට එල්ල වී ඇති චෝදනා අඩංගු නොතීසි පත්‍රයේ පිටපතක් සහ ඔහු විසින් අධිකරණයට අපහාස වන පරිදි කළේ යැයි කියන සංවාදය අඩංගු සංයුක්ත තැටියේ පිටපතක් රන්ජන් රාමනායක මහතාට මෙන්ම නීතිපතිවරයාට භාර දෙන ලෙස ද විනිසුරු මඩුල්ල ශ්‍රේෂ්ඨාධිකරණ රෙජිස්ටාර්වරයාට නියෝගයක් ලබා දුන්නා ය. අද දින රන්ජන් රාමනායක මහතා අධිකරණය හමුවේ පෙනී සිටියේ මාධ්‍ය මගින් දැනගත් කරුණු අනුව බවත්, අධිකරණය නිකුත් කළා යැයි කියන නොතීසි පිටපතක් මේ දක්වා ඔහුට ලැබී නොමැති බවත් ජනධිපති නීතිඥ ෆායිස් මුස්තාෆා මහතා අධිකරණයට කරුණු දක්වමින් පැවසුවේ ය. නීතිපති වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සංජය රාජරත්නම් මහතා කරුණු දක්වමින් පෙන්වා දුන්නේ, සැකකාර රන්ජන් රාමනායක මහතා විසින් අධිකරණයට අපහාස වන අාකාරයේ ප්‍රකාශයක් මාධ්‍ය හමුවකදී කර ඇති බැවින් ඔහුට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය කළ නියෝගය අනුව තමා ඊට පෙනී සිටි බව ය. ඊවා වනසුන්දර සහ එල්.ටී.බී. දෙහිදෙණිය යන විනිසුරු මඩුල්ල හමුවේ නඩුව අද කැඳවනු ලැබීය.
2018-12-07T09:36:20.000Z
ගාමිණි සෙනරත්ට විදෙස්ගත වීමට විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයෙන් අවසර
ගාමිණි සෙනරත්ට විදෙස්ගත වීමට මහාධිකරණයෙන් අවසර
ජනාධිපති කාර්ය මණ්ඩල හිටපු ප්‍රධානී ගාමිණි සෙනරත් මහතාට වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා මෙම මස 15 වන දින සිට 31 වන දින දක්වා සිංගප්පූරුවට සහ තායිලන්තයට යාමට විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයෙන් අද අවසර ලබා දුන්නේ ය. ලිට්‍රෝ ගෑස් සමාගමට අයත් රුපියල් මිලියන 500 ක මුදලක් සාවද්‍ය සාපරාධී විශ්වාසය කඩ කිරීම ඇතුලු චෝදනා 24 ක් යටතේ ගාමිණි සෙනරත් මහතා ඇතුලු 4 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් පවරා ඇති නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය ලබන 10 වන දා දක්වා කල් තැබිණි. අද අධිකරණය හමුවේ පෙනී සිටි පැමිණිල්ලේ සාක්ෂිකරුවන්ට එදින යළි අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට ද සම්පත් අබේකෝන්, සම්පත් විජේරත්න සහ චම්පා ජානකී රාජරත්න යන විනිසුරු මඩුල්ල අවවාද කළේ ය.
2018-12-07T06:23:27.000Z
ජංගම දුරකතනය භාවිත කරමින් විභාග වංචා කළ ගුරුවරියට හා සිසුවාට ඇප
විභාග වංචා කළ ගුරුවරියට හා සිසුවාට ඇප
COLOMBO (News 1st) - ජංගම දුරකතනය භාවිත කර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සැපයීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් සිසුවා සහ ගුරුවරිය අද ඇප මත මුදා හැරිණි. ඒ, සැකකරුවන් බලංගොඩ මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ය. නඩුව ලබන වසරේ පෙබරවාරි 7 වන දා දක්වා කල් තැබූ මහේස්ත්‍රාත්වරයා අදාළ දුරකතනවල දත්ත එදිනට අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පොලීසියට දැනුම් දුන්නේ ය. ඊයේ පැවති ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රයට මුහුණ දුන් බලංගොඩ ප්‍රදේශයේ පාසලක බාහිර අයැදුම්කරුවෙකු වූ අදාළ සිසුවා වෙනත් පාසලක විභාග රාජකාරියේ යෙදී සිටි ගුරුවරියක සමග දුරකතනය ඔස්සේ පණිවුඩ හුවමාරු කර ගනිමින් විභාගයට මුහුණ දෙමින් සිටියදී අත්අඩංගුවට ගෙන තිබේ. මූලික විමර්ශනවලදී අනාවරණය වූයේ, සැකකාර ගුරුවරයා විභාග රාජකාරී අතරතුරු අයැදුම්කරුට කෙටි පණිවුඩ මාර්ගයෙන් පිළිතුරු ඒවා ඇති බව ය.
2018-12-07T06:00:05.000Z
කුරුඳු අපනයනය ඉහළ නැංවීමේ විශේෂ වැඩසටහනක්
කුරුඳු අපනයනය ඉහළ නැංවීමේ විශේෂ වැඩසටහනක්
COLOMBO (News 1st) - කුරුඳු අපනයනය ඉහළ නැංවීමේ විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක බව ජාතික කුරුඳු පර්යේෂණ ආයතනය පවසයි. ඒ සඳහා වගාකරුවන්ට අවශ්‍ය පුහුණුව සහ නව තාක්ෂණික දැනුම ලබා දෙනු ඇති. මෙහි අරමුණ වන්නේ, කුරුඳු වැඩි වශයෙන් අපනයනය කිරීම මගින් විදේශ විනිමයක් උපයා ගැනීමයි.
2018-12-07T04:07:41.000Z
ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය කුමක් වුවත් භාරගන්නවා - බන්දුල හා විජේදාස කියයි
ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය කුමක් වුවත් භාරගන්නවා-බන්දුල
පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගත් තීරණය අභියෝගයට ලක්කරමින් ගොනුකළ පෙත්සම් විභාග කිරීම සිව්වැනි දිනටත් අද ක්‍රියාත්මක වෙයි. එම අවස්ථාවට සහභාගීවූ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කුමක් වුවත් ඊට ගරු කිරීමට බැඳී සිටින බවයි. ජනාධිපතිතුමා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ අතුරු තහනම් නියෝගය ලබන 10 වන දා දක්වා දීර්ඝ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ. අදාළ වීඩියෝව https://www.youtube.com/watch?time_continue=29&v=10kUYrnQAXU
2018-12-07T05:06:36.000Z
19 වන සංශෝධනයට ඇතැම් කරුණු හොර රහසේ ඇතුළත් කරලා - ඩිලාන් පෙරේරා
"19 වන සංශෝධනයට ඇතැම් කරුණු හොර රහසේ ඇතුළත් කරලා"
COLOMBO (News 1st) - 19 වන සංශෝධනයෙන් පසුව ජනාධිපතිවරයාගේ නිල කාලය පිළිබඳව නිව්ස්ෆස්ට් Newsline වැඩසටහනේදී අදහස් පළ විය. එහිදී එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පෙන්වා දුන්නේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනයට අදාළව වූ ඇතැම් කරුණු හොර රහසේ ඇතුළත් කර ඇති බව ය.
2018-12-07T03:01:08.000Z
පාර්ලිමේන්තුව විසුරුවීම අත්හිටවූ අතුරු තහනම් නියෝගය 10 තෙක් දීර්ඝ කෙරේ
පාර්ලිමේන්තුව විසුරුවීම: අතුරු තහනම දීර්ඝ කෙරේ
COLOMBO (News 1st) - ජනාධිපතිතුමා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ අතුරු තහනම් නියෝගය ලබන 10 වන දා දක්වා දීර්ඝ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.
2018-12-07T01:34:14.000Z
බේරුවලින් සොයා ගත් හෙරොයින් පිටුපස ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක්
බේරුවලින් සොයා ගත් හෙරොයින් පිටුපස ප්‍රබලයෙක්
COLOMBO (News 1st) - බේරුවල සහ බලපිටිය අතර මුහුදේදී හෙරොයින් තොගයක් සොයා ගැනීමේ ජාවාරම රටින් පළා ගොස් සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු විසින් මෙහෙයවනු ලැබ ඇතැයි අනාවරණය වී තිබේ. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සඳහන් කළේ, සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් 5 දෙනෙකු හඳුනාගෙන ඇති බව ය. ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා කණ්ඩායම් දෙකක් විමර්ශන ආරම්භ කර ඇතැයි ද පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සඳහන් කළේ ය. සැකකරුවන්ගේ බැංකු ගිණුම් පරීක්ෂාවකට ලක් කෙරෙන බව ද එම කාර්යංශය වැඩිදුරටත් සඳහන් කළේ ය. මේ අතර හෙරොයින් සමග අත්අඩංගුවට ගත් සැකකරුවන්ට මුහුදේදී හෙරොයින් භාර දුන් ට්‍රෝලර් යාත්‍රාවක් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය භාරයට ගෙන තිබේ. හොරොයින් කිලෝග්‍රෑම් 231 යි ග්‍රෑම් 54ක් සමග බේරුවල මුහුදේදී අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වූ තොරතුරු මත මෙම යාත්‍රාව ඊයේ රාත්‍රියේ පොලිස් භාරයට ගෙන තිබේ. අප වාර්තාකරු පැවසුවේ, එම ට්‍රෝලර් යාත්‍රාව පොලිස් ආරක්ෂාව යටතේ බේරුවල වරායේ නැංගුරම් ලා ඇති බව ය. රුපියල් මිලියන 2700කට අධික වීදියේ වටිනාකමක් ඇති හෙරොයින් තොගය ඊයේ අලුයම ඒකාබද්ධ මෙහෙයුමකින් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය විසින් සොයා ගත්තේ ය. එහි බර කිලෝග්‍රෑම් 231යි ග්‍රෑම් 54කි. පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, මෙම මත්ද්‍රව්‍ය තොගය පකිස්ථානයේදී ඇසුරුම් කර ඇතැයි සැක කළ හැකි බව ය.
2018-12-07T01:19:42.000Z
බන්ධනාගාර 15ක් ආශ්‍රිතව වැටලීම්: ජංගම දුරකතන 115ක් සොයා ගැනේ
බන්ධනාගාර ආශ්‍රිතව වැටලීම්: දුරකතන 115ක් සොයා ගැනේ
COLOMBO (News 1st) - බන්ධනාගාර 15ක් ආශ්‍රිතව කළ වැටලීම්වලදී ජංගම දුරකතන ඇතුළු නීති විරෝධී උපකරණ තොගයක් සොයා ගෙන තිබේ. බන්ධනාගාර අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, ඉකුත් මාසය තුළ එම වැටලීම් ක්‍රියාත්මක කළ බව ය. එහිදී රැඳවියන් සන්තකයේ තිබී බන්ධනාගාර බුද්ධි අංශ භාරයට ගෙන ඇති ජංගම දුරකතන සංඛ්‍යාව 115කි. මීට අමතරව ඔවුන් සන්තකයේ තිබී සිම්පත් 127ක්, අමතර ජංගම දුරකතන බැටරි 57ක්, දුරකතන චාජර් 27ක් සහ කුඩා ප්‍රමාණයේ මත්ද්‍රව්‍ය පැකට් 116ක් ද බුද්ධි අංශ නිලධාරීන් භාරයට ගෙන තිබේ. නීති විරෝධී උපකරණවලින් වැඩිම ප්‍රමාණයක් කළුතර බන්ධනාගාරය ආශ්‍රිතව කළ වැටලීම්වලදී හමුවී ඇතැයි බන්ධනාගාර අමාත්‍යංශය සඳහන් කළේ ය. එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, එහි තිබී ජංගම දුරකතන 17ක් සහ සිම්පත් 13ක් බුද්ධි අංශ භාරයට ගෙන ඇති බව ය. වැලිකඩ බන්ධනාගාරයෙන් හමුවී ඇති ජංගම දුරකතන සංඛ්‍යාව 8කි. මේ අතර කළුතර බන්ධනාගාරයේ නිලධාරීන්, රැඳවියන් සමග එක්ව මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වන බවට මේ වන විට තොරතුරු අනාවරණය වෙමින් ඇතැයි ද එම අමාත්‍යංශය අනාවරණය කළේ ය. බන්ධනාගාර අමාත්‍යංශය පැවසුවේ, ඒ පිළිබඳ සිය අවධානය දැඩි ලෙස යොමු කර ඇති බව ය. මේ අතර පසුගියදා බන්ධනාගාරයෙන් පළා ගිය මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන සුනිල් ශාන්ත නමැත්තා සොයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් විශේෂ විමර්ශන ක්‍රියාත්මක බව බන්ධනාගාර අමාත්‍යංශය පවසයි. අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, බන්ධනාගාර නිලධාරීන් රාජකාරී පැහැර හැරීම හේතුවෙන් සැකකරු පළා ගොස් ඇති බවට මූලික විමර්ශනවලදී හෙළි වී ඇති බව ය. සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට බන්ධනාගාර නිලධාරීන් 8 දෙනෙකු වැඩ තහනමට ද ලක් කර තිබේ. පසුගිය 07 වන දා කෑගල්ල බන්ධනාගාරයේ සිට කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයට රැගෙන ඒමෙන් අනතුරුව සුනිල් ශාන්ත නමැති සැකකරු පළා ගොස් තිබිණි. සුනිල් ශාන්ත නමැත්තා මත්ද්‍රව්‍ය ජාවාරම් චෝදනා ඇතුළු නඩු 10ක සැකකරුවෙකි.
2018-12-07T00:09:26.000Z
උත්සව සමය වෙනුවෙන් අද සිට විශේෂ දුම්රිය සේවාවක්
උත්සව සමය වෙනුවෙන් අද සිට විශේෂ දුම්රිය සේවාවක්
COLOMBO (News 1st) - උත්සව සමය වෙනුවෙන් අද සිට විශේෂ දුම්රිය සේවාවක් ආරම්භ කර තිබේ. දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේ, කොළඹ-කොටුව සහ බදුල්ල අතර එම දුම්රිය සේවාව ලබන මස 5 වන දින දක්වා ක්‍රියාත්මක බව ය. උදෑසන 7.30ට විශේෂ දුම්රියක් කොළඹ කොටුවෙන් බදුල්ල දක්වා අද සිට දවසක් හැර දවසක් ධාවනය වනු ඇති. මීට අමතරව හෙට සිට දවසක් හැර දවසක් බදුල්ලෙන් කොළඹ කොටුව දක්වා දුම්රිය ධාවනයට කටයුතු යොදවා ඇති බව ද සාමාන්‍යාධිකාරීවරයා ප්‍රකාශ කළේ ය. මේ අතර එළැඹෙන උත්සව සමය නිමිත්තෙන් ලබන 20 වන දා සිට විශේෂ බස් රථ සේවාවක් ක්‍රියාත්මක කිරීමට ලංකා ගමනා ගමන මණ්ඩලය තීරණය කර තිබේ. එහි සභාපති රමාල් සිරිවර්ධන මහතා පැවසුවේ, ලබන 15 වන දා සිට ජා-ඇළ, වෙන්නප්පුව, මීගමුව කේන්ද්‍ර කර ගනිමින් කෙටි ගමන් විශේෂ බස් රථ සේවාවක් ද ක්‍රියාත්මක කිරීමට නියමිත බව ය.
2018-12-07T00:01:59.000Z
සතුන් දඩයමේ ගිය තරුණයෙකු විදුලි සැර වැදී මරුට
සතුන් දඩයමේ ගිය තරුණයෙකු විදුලි සැර වැදී මරුට
COLOMBO (News 1st) - හසලක උඩවත්ත ගලේයාය ප්‍රදේශයේදී විදුලි සැර වැදීමෙන් තරුණයෙකු මිය ගොස් තිබේ. පොලීසිය සඳහන් කළේ, තවත් පිරිසක් සමග අද අලුයම සතුන් දඩයමේ ගොස් සිටියදී කුඹුරක අටවා තිබූ විදුලි රැහැනක ගැටී මෙම අනතුර සිදුව ඇති බව ය. අනතුරින් තුවාල ලැබූ දෙදෙනෙකු හසලක රෝහලට ඇතුළත් කර ඇති අතර, එහිදී එක් අයෙකු මිය ගොස් තිබේ. මිය ගොස් ඇත්තේ, බමුණුපුර උඩවත්ත ප්‍රදේශයේ පදිංචි 20 හැවිරිදි තරුණයෙකි. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක ය.
2018-12-06T21:19:15.000Z
කළහකාරී සිදුවීම් හේතුවෙන් පාර්ලිමේන්තුවට රු. 260,000ක අලාභයක්
පාර්ලිමේන්තුවට රු. 260,000ක අලාභයක්
COLOMBO (News 1st) - පාර්ලිමේන්තුවේ ඇති වූ කළහකාරී සිදුවීම් හේතුවෙන් පාර්ලිමේන්තුවේ දේපළවලට රුපියල් 260,000ක පමණ අලාභයක් සිදුව ඇති බවට තක්සේරු කර තිබේ පාර්ලිමේන්තු පාලනාධිකාරිය සඳහන් කළේ, මයික්‍රොෆෝනවලට සිදුව ඇති අලාභය රුපියල් 230,000 ඉක්මවන බව ය. සභාගර්භය වටා ඇති කණු දෙකකට හානි සිදුව ඇති අතර ඒ සඳහා රුපියල් 30000ක් පමණ වැය වන බවට තක්සේරු කර තිබේ. පාර්ලිමේන්තු ඉන්ජිනේරු අංශය මගින් මෙම තක්සේරු කිරීම් සිදු කර ඇතැයි ද පාර්ලිමේන්තු පාලනාධිකාරිය සඳහන් කළේ ය. කෙසේ වෙතත් කළහකාරී සිදුවීම් අතරතුර පොත්පත් කිහිපයකට හානි සිදුව ඇති අතර ඒ සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ ක්‍රියාත්මක ය. ඉතා වටිනා පොත් කිහිපයකට එලෙස හානි සිදුව ඇති බව පාර්ලිමේන්තු පාලනාධිකාරිය පැවසුවේ ය. මේ අතර පාර්ලිමේන්තුවේ ඇති වූ කළහකාරී සිදුවීම් පිළිබඳ විමර්ශනයට පත් කළ සය පුද්ගල කමිටුව ලබන 12 වන දා රැස්වේ. එම කමිටුවේ සභාපති නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා පැවසුවේ, එම හමුවේදී කළහකාරී සිදුවීම්වලට අදාළ ආරක්ෂිත කැමරා දර්ශන නැරඹීමට සැලසුම් කර ඇති බව ය. ඉන් පසු එම සිදුවීම්වලට සම්බන්ධ මන්ත්‍රීවරුන්ට එරෙහිව ගත යුතු ක්‍රියාමාර්ග තීරණය කරන බව ද ඔහු පැවසුවේ ය. කථානායක කරු ජයසූරිය මහතා පසුගිය 29 වන දා පත් කළ එම කමිටුවේ සෙසු සාමාජිකයින් වන්නේ, පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ, චන්ද්‍රසිරි ගජධීර, රංජිත් මද්දුම බණ්ඩාර, බිමල් රත්නායක, මාවෙයි සේනාධිරාජා යන මහත්වරුන් ය.
2018-12-06T20:31:53.000Z
අයිෆල් කුළුන හෙට වසා දැමේ
අයිෆල් කුළුන හෙට වසා දැමේ
(News 1st) - ප්‍රංශයේ අයිෆල් කුළුන හෙට වසා දැමීමට තීරණය කර තිබේ. ඒ, කහ කමිසකරුවන්ගේ රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ හේතුවෙනි. එරට රජය විසින් ඉන්ධන මිල ඉහළ දැමීමට ගත් තීරණය අහෝසි කිරීමට බල කරමින් මෙම උද්ඝෝෂණ පැවැත්වේ. 89000කට අධික පොලිස් නිලධාරීන් පිරිසක් හා සන්නද්ධ රථ පැරිස් අගනුවර ආරක්ෂාවට යොදවා ඇතැයි එරට අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කරයි. මේ අතර ප්‍රංශ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා සඳහන් කළේ, ලූවර් සහ ඔර්සේ ‍කෞතුකාගාර, ඔපේරා ශාලා සහ ද ග්රෑන්ඩ් පළේ සංකීර්ණය ද උද්ඝෝෂණ හේතුවෙන් වසා දැමීමට තීරණය කළ බව ය.
2018-12-06T20:22:15.000Z
දුරකතන භාවිත කරමින් විභාග වංචා කළ ගුරුවරියක හා සිසුවෙකු බලංගොඩදී අත්අඩංගුවට
විභාග වංචා කළ ගුරුවරියක හා සිසුවෙකු අත්අඩංගුවට
COLOMBO (News 1st) - ජංගම දුරකතනය උපයෝගී කර ගනිමින් අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දුන් සිසුවෙකු සහ ඊට සහය දුන් ගුරුවරියක අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, ඊයේ පැවති ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රයට මුහුණ දුන් බලංගොඩ ප්‍රදේශයේ පාසලක බාහිර අයැදුම්කරුවෙකු වෙනත් පාසලක විභාග රාජකාරියේ යෙදී සිටි ගුරුවරියක සමග දුරකතනය ඔස්සේ පණිවුඩ හුවමාරු කර ගනිමින් විභාගයට මුහුණ දෙමින් සිටියදී අත්අඩංගුවට ගෙන ඇති බව ය. සැකකාර ගුරුවරයා විභාග රාජකාරී අතරතුරු අයැදුම්කරුට කෙටි පණිවුඩ මාර්ගයෙන් පිළිතුරු ඒවා ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ. පොලීසිය පැවසුවේ, අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අද අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බව ය. මේ පිළිබඳව විභාග කොමසාරිස් ජනරාල් සනත් බී. පූජිත මහතාගෙන් නිව්ස්ෆස්ට් කළ විමසීමකදී ඔහු පැවසුවේ, විභාග ආඥා පනතේ ඇති බලතල අනුව සැකකරුවන් හට ගත හැකි උපරිම ක්‍රියාමාර්ග ගන්නා ලෙසට පොලීසිය දැනුවත් කළ බව ය.
2018-12-06T20:10:09.000Z
පාර්ලිමේන්තුව විසුරුවා හැරීම අභියෝගයට ලක් කරමින් ගොනු කළ පෙත්සම් සලකා බැලීම 4 වන දිනටත්
පාර්ලිමේන්තුව විසුරුවීමට එරෙහි පෙත්සම් විභාගය අදත්
COLOMBO (News 1st) - ජනාධිපතිතුමා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කළ ගැසට් නිවේදනය අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් අද සිව් වන දිනටත් ශ්‍රේෂ්ඨාධිකරණයේදී සලකා බැලීමට නියමිත ය. ඒ, අගවිනිසුරුවරයා ප්‍රමුඛ සත් පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේදී ය. පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපතිතුමා විසින් පසුගිය 09 වන දා නිකුත් කළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම තාවකාලිකව අත්හිටුවමින් නිකුත් කර තිබූ අතුරු තහනම් නියෝගය හෙට දක්වා දීර්ඝ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ පස්වරුවේ නියෝග කළේ ය. අගවිනිසුරු නලීන් පෙරේරා මහතා ප්‍රමුඛ සත් පුද්ගල විනිසුරු මඩුල්ල නියෝග කළේ, එම ගැසට් නිවේදනයට එරෙහිව ගොනු කර තිබූ පෙත්සම් සම්බන්ධයෙන් විභාගය 4 වන දිනටත් අද යළි පැවැත්වීමට ය.
2018-12-06T20:00:00.000Z
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
COLOMBO (News 1st) 1. පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපතිවරයා විසින් පසුගිය 9 වන දා නිකුත් කරන ලද ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම තාවකාලිකව අත්හිටුවමින් නිකුත් කර තිබූ අතුරු තහනම් නියෝගය අනිද්දා දක්වා දීර්ඝ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ පස්වරුවේ නියෝග කළේ ය. 2. ශ්‍රී ලංකාව තුළ පවතින දේශපාලන අර්බුදය කඩිනමින් විසඳාගත යුතු බව ශ්‍රී ලංකාවේ අමෙරිකා එක්සත් ජනපද තානාපතිනී අලියානා ටෙප්ලිට්ස් මහත්මිය පවසයි. 3. අමාත්‍යංශ, දෙපාර්තමේන්තු සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩල ප්‍රමුඛ රජයේ සියලුම ආයතනවල උත්සව, රැස්වීම් සහ විවිධ වැඩසටහන් පැවැත්වීමේදී පෞද්ගලික හෝටල්, සුඛෝපභෝගී හෝටල් භාවිත කිරීම සම්පූර්ණයෙන් තහනම් බව ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි සියලු රාජ්‍ය ආයතන නිලධාරීන්ට දන්වා තිබේ. 4. 19 වන සංශෝධනයේ කාර්යමය දුර්වලතා තිබේ නම් දේශපාලන වශයෙන් ගැටලු සහගත වන්නා වූ කරුණුවලට අදාළ සංශෝධන පාර්ලිමේන්තු ක්‍රියාමාර්ග අනුව සිදු කිරීමට කැප වී සිටින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කරයි. 5. මෙරටදී සොයා ගත් දෙවන විශාලතම හෙරොයින් තොගය බේරුවලට ආසන්න මුහුදේදී පොලීසිය භාරයට ගැනිණි. විදෙස් පුවත් 6. මේ වසරේ ගෝලීය කාබන්ඩයොක්සයිඩ් විමෝචන ප්‍රතිශතය වාර්තාගත ලෙස ඉහළ යනු ඇතැයි නවතම වාර්තාවක් පුරෝකථනය කරයි.
2018-12-06T19:46:32.000Z
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව අද රැස්වේ
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව අද රැස්වේ
COLOMBO (News 1st) - ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව අද රැස්වීමට නියමිතව තිබේ. පක්ෂ මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පැවසුවේ, ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති නිල නිවසේදී අද රාත්‍රී 7.00ට මධ්‍යම කාරක සභාව රැස්වන බව ය. මෙහිදී පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු සහ වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව සාකච්ඡා වනු ඇති.
2018-12-06T10:37:19.000Z
අර්බුදය කඩිනමින් විසඳා ගන්නැයි, අමෙරිකාව කියයි
අර්බුදය කඩිනමින් විසඳා ගන්නැයි, අමෙරිකාව කියයි
COLOMBO (News 1st) : ශ්‍රී ලංකාව තුළ පවතින දේශපාලන අර්බුදය කඩිනමින් විසඳාගත යුතු බව ශ්‍රී ලංකාවේ අමෙරිකා එක්සත් ජනපද තානාපතිනි අලියානා ටෙප්ලිට්ස් මහත්මිය පවසන්නී ය. ඩේලි එෆ් ටී පුවත්පත සමග සාකච්ඡාවකට එක්වෙමින් තානාපතිනිය පෙන්වා දෙන්නේ මිතුරෙකු සහ සහකරුවෙකු ලෙස ශ්‍රී ලංකාවට සහ නායකයින්ට ඉතා ඉක්මනින් විනිවිද පෙනෙන ආකාරයට හා ප්‍රජාතන්ත්‍රවාදීව වත්මන් ගැටලුව විසඳාගන්නා ලෙස ඉල්ලා සිටින බවයි. මෙම අර්බුදය තුළ තමන්ට ප්‍රියතම අයෙකු නැතැයි, ඇමරිකානු තානාපතිනිය පුවත්පතට පවසා තිබේ. ඇය සඳහන් කළේ, ව්‍යවස්ථාමය ක්‍රියාවලියට සහ විනිවිදභාවයට ගරුකරන නීත්‍යානුකූල රජයක් නිර්මාණය වීම අපේක්ෂා කරන බවයි.
2018-12-06T10:17:12.000Z
පෞ. හෝටල්වල රජ්‍ය ආයතනවල උත්සව, රැස්වීම් පැවැත්වීම සපුරා තහනම්
ජනපතිගෙන් සියලු රාජ්‍ය නිලධාරීන්ට දැනුම්දීමක්
COLOMBO (News 1st) : අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩල ප්‍රමුඛ රජයේ සියලුම ආයතනවල උත්සව රැස්වීම් සහ විවිධ වැඩසටහන් පැවැත්වීමේදී පෞද්ගලික හෝටල්, සුඛෝපභෝගී හෝටල් භාවිත කිරීම සම්පූර්ණයෙන් තහනම් බව ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි සියලු රාජ්‍ය ආයතන නිලධාරීන්ට දන්වා තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, මෙවැනි වැඩසටහන් පැවැත්වීම සඳහා රජයට සම්බන්ධ ශ්‍රවණාගාර සහ ආයතන රාශියක් තිබෙන බවයි. ඒවා භාවිත නොකර ඉතා අධික මිල ගණන් ගෙවා රජයේ උත්සව සහ වැඩසටහන් සුඛෝපභෝගී හෝටල්වල පැවැත්වීම මගින් සිදුවන අධික මුදල් නාස්තිය වැළැක්වීම හා රජයේ වියදම් පාලනය කිරීමේ පියවරක් ලෙස ජනාධිපතිවරයා මෙම තීරණය ගත් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ය.
2018-12-06T07:16:23.000Z
"19 වන සංශෝධනයේ දුර්වලතා සංශෝධනයට කැප වී සිටිනවා" - ජනපති
"19වන සංශෝධනයේ දුර්වලතා සංශෝධනයට කැප වී සිටිනවා"
News 1st (COLOMBO) : 19 වන සංශෝධනයේ කාර්යමය දුර්වලතා තිබේ නම් දේශපාලන වශයෙන් ගැටලුසහගත වන්නා වූ කරුණුවලට අදාළ සංශෝධන පාර්ලිමේන්තු ක්‍රියාමාර්ග අනුව සිදු කිරීමට කැප වී සිටින බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අවධාරණය කරයි. නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා, සඳහන් කරන්නේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 සංශෝධනයේ හරය සහ ඉන් ඇති කරනු ලැබු ප්‍රජාතන්ත්‍රවාදී සාරය ආරක්ෂා කර ගනිමින් එය තවදුරටත් පෝෂණය කරන බවයි. ඉන් ස්වාධීන කොමිෂන් සභා ස්ථාපනය කිරීම, ප්‍රජාතන්ත්‍රවාදී ආයතන ව්‍යුහය ශක්තිමත් කිරීම ඇතුළු සාධනීය ප්‍රතිඵල රැසක් මෙරට සමාජයට ලැබී ඇති බව ද ජනාධිපතිවරයා පෙන්වා දෙයි. එය ප්‍රජාතන්ත්‍රවාදය අගයන ජනතාව ලැබූ ජයග්‍රහණයක් වන අතර අප මාතෘ භූමිය නූතන යුගයකට ගෙනයාම සඳහා අත්‍යවශ්‍ය සාධකයක් බව ද ජනාධිපතිවරයා පවසයි. එම නිවේදනයෙන් ජනාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ, ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය සම්මත කර ගන්නා ලද්දේ දශක තුනක් තිස්සේ මෙරට ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් පැවති ගැටලුකාරී තත්ත්වය විසඳීම සඳහා බවයි.
2018-12-06T06:08:44.000Z
පාර්ලිමේන්තුව විසුරුවීම අත්හිටවූ අතුරු තහනම් නියෝගය 8 තෙක් දීර්ඝ කෙරේ
පාර්ලිමේන්තුව විසුරුවීම: අතුරු තහනම දීර්ඝ කෙරේ
COLOMBO (News 1st) : පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපතිවරයා විසින් පසුගිය 9 වන දා නිකුත් කරන ලද ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම තාවකාලිකව අත්හිටුවමින් නිකුත් කර තිබු අතුරු තහනම් නියෝගය අනිද්දා දක්වා දිර්ඝ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද පස්වරුවේ නියෝග කළේ ය. අගවිනිසුරු නලීන් පෙරේරා මහතා ප්‍රමුඛ සත් පුද්ගල විනිසුරු මඩුල්ල නියෝග කළේ, එම ගැසට් නිවේදනයට එරෙහිව ගොනු කර තිබු පෙත්සම් සම්බන්ධයෙන් විභාගය සිව් වන දිනටත් හෙට දිනයේ යළි පැවැත්වීමටයි. එම ගැසට් නිවේදනය අභියෝගයට ලක් කරමින් එක්සත් ජාතික පක්ෂය, ද්‍රවිඩ එක්සත් සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ඇතුළු දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන කිහිපයක් විසින් ඉදිරිපත් කළ පෙත්සම් සලකා බැලූ අගවිනිසුරුවරයා ප්‍රමුඛ විනිසුරු මඩුල්ලක් විසින් පසුගිය 13 වන දා අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබු අතර එම අතුරු තහනම් නියෝගය හෙට දක්වා බල පැවැත්වෙන පරිදි නිකුත් කිරීමට ද විනිසුරු මඩුල්ල නියෝග කර තිබිණ. ජනාධිපතිවරයාගේ ගැසට් නිවේදනය අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබු පෙත්සම්වල අතරමැදි පාර්ශ්වකරුවන් ලෙස ඉදිරිපත් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ඇතුළු පෙත්සම්කරුවන් 5 දෙනා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අද දිනයේ විනිසුරු මඩුල්ල හමුවේ කරුණු දක්වනු ලැබීය. එහිදී ජනාධිපති නීතිඥ ගාමිණි මාරපන මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පෙන්වා දුන්නේ -මාර්ග නීතිය රැකීමට ගියහොත් ලෙඩා මැරෙනවා- එම නිසා ලෙඩාට අසාධ්‍ය නම් මාර්ග නීති නොතකා රිය පැදවීමේ අයිතිය ගිලන් රථ රියැදුරෙකුට ඇති බවයි. ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැර ඇත්තේ ද පැවති ගැටුම්කාරී තත්ත්වය අවම කර ජනතාවගේ පරමාධිපත්‍ය අයිතිය සුරක්ෂිත කිරිමේ අරමුණින් බව ජනාධිපති නීතිඥවරයා එහිදී ප්‍රකාශ කළේ ය. ජනාධිපතිවරයාගේ එම ක්‍රියා කලාපය වැරදි බවට නිගමනය කර පාර්ලිමේන්තුව විසින් ගැසට් නිවේදනය බල රහිත කළ හොත් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට සිදුවනුයේ යළි පාර්ලිමේන්තුව රැස් කර එය විසුරුවා හරින ලෙසට ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටීමයි. පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කර ඇති කුමන අවස්ථාවකදී හෝ එය විසුරුවා හැර මහ මැතිවරණයක් කැදවීමේ බලය ජනාධිපතිවරයාට තිබෙන බව ද අතරමැදි පෙත්සම්කරුවෙකු වන මහාචාර්ය චන්න ජයසුමන මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ගාමිණි මාරපන මහතා එහිදී අධිකරණයට පෙන්වා දුන්නේ ය. එහිදී අතරමැදි පාර්ශ්වකරුවෙකු වන මහාචාර්ය ජගත් වැල්ලවත්තගේ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා කරුණු දක්වමින් මෙවැනිම ගැටුම්කාරි තත්ත්වයක් ඉන්දීය පාර්ලිමේන්තුව තුළ ඇති වු බවත් එරට සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එක්ව යෝජනාවක් සම්මත කර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් එකී ගැටුම්කාරී තත්ත්වය නිම කර ගැනීමට හැකි වූ බවත් එහිදී අධිකරණයට පෙන්වා දුන්නේ ය. මේ අතර පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු කරන ලෙසට පෙත්සම්කරුවන් කළ ඉල්ලීමට ඉඩ ලබාදුනහොත්, රට ආරාජික තත්ත්වයකට පත්වීමේ දැඩි අවදානමක් පවතින බව ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා මහතා අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කළේ ය. අයවැය ඉදිරිපත් කිරීමට නොහැකිවී එවැනි අරාජික තත්ත්වයකට රට පත්වීමට ඉඩ නොදී පනවා ඇති අතුරු තහනම් නියෝගය විසුරුවා හැර තමන්ට කැමති පිරිසක් ඡන්දයෙන් තෝරා පත්කර ගැනීමට අවශ්‍ය පරිසරය උදාකර දීම ශ්‍රේෂ්ඨාධිකරණයේ වගකීම හා යුතුකම බව ද පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා මහතා එහිදී පෙන්වා දුන්නේ ය. ඔහු ප්‍රකාශ කළේ, අධිකරණය ක්‍රියා කළ යුත්තේ අධිකරණය සතු සීමාව තුළ සිට පවතින නීතිරිතීවලට එකඟව බවයි. නීතියේ කුමන තත්ත්වයක් සඳහන්ව තිබුණ ද රටේ පවතින දේශපාලන තත්ත්වය සලකා සුබදායි තීරණයක් ලබාදීම අධිකරණයක් මගින් ජනතාව අපේක්ෂා කරන ක්‍රියාදාමය බව ද ජනාධිපති නීතිඥවරයා ප්‍රකාශ කළේ ය. ජනාධිපතිවරයාගේ ගැසට් නිවේදනය අභියෝගයට ලක් කරමින් ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම්වල පෙත්සම්කරුවන්ට අවශ්‍ය වී ඇත්තේ රට අරාජික තත්ත්වයට පත් කර විදේශීය බලවේගවලට අප රටේ කටයුතුවලට අයුතු ලෙස මැදිහත්වීමට අවශ්‍ය පරිසරය නිර්මාණය කිරීම බව ද ජනාධිපති නීතිඥවරයා එහිදී පෙන්වා දුන්නේ ය. ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැර ඇත්තේ එවැනි අරාජික තත්ත්වයකින් රට ගලවා ගැනීම සඳහා බවත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 ( 2) ව්‍යවස්ථාව යටතේ නියමිත කාලයට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හැරිමේ බලය 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පාදනය කළ සම්පාදකයින් විසින්ම ජනාධිපතිවරයාට හිමිකර දී ඇති බව ද එහිදී පෙන්වා දුන් ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා මහතා වර්තමාන පාර්ලිමේන්තුවේ සංයුතිය දෙස බැලීමේදී කිසිදු පක්ෂයකට හෝ සන්ධානයකට පැහැදිලි බහුතර ජනමතයක් ලැබී නොමැති බව පෙනෙන්නේ යැයි ද ප්‍රකාශ කළේ ය. එබැවින් රටට හිතැති ජනතාව අධිකරණයෙන් අපේක්ෂා කරනුයේ බහුතර ජනමතයක් දිනාගෙන ශක්තිමක් රජයක් පිහිටුවීම සඳහා වරමක් ඉල්ලා සිටීමක් බව එහිදී පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ රජයට එරෙහිව විපක්ෂය විසින් විශ්වාසභංග යෝජනා දෙකක් සම්මත කර ඇති බව ප්‍රකාශ කළ ත්, හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සම්බන්ධයෙන් විශ්වාසය තහවුරු කිරීමක් කර නොමැති බව ද පෙන්වා දුන්නේ ය. එමෙන්ම මෙම පෙත්සම් විභාග කිරීමට අධිකරණයට නීතිමය බලයක් නොමැති බවට නීතිපතිවරයා විසින් ඊයේ දිනයේ දැක්වූ නීතිමය කරුණ සම්බන්ධයෙන් තමන් ද එකඟ බව ජනාධිපති නීතිඥවරයා එහිදී ප්‍රකාශ කළේ ය. එබැවින් පෙත්සම්කරුවන් ඉල්ලා සිටින සහන ලබානොදී පෙත්සම්කරුගේ නීතිඥවරුන් කළ කරුණු දැක්වීම සලකා පසුගිය 13 වන දා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිකුත් කළ අතුරු තහනම් නියෝගය විසුරුවා හරින ලෙස ද අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය. වැඩිදුර පෙත්සම් විභාගය හෙට සිදු කිරීමට නියමිතයි. https://www.youtube.com/watch?v=b96r6UXdz7c
2018-12-06T05:39:09.000Z
මෙරටදී සොයා ගත් දෙවන විශාලතම හෙරොයින් තොගය බේරුවල මුහුදේදී පොලිස්භාරට
බේරුවලින් සොයා ගත් කුඩු රටට ආවේ පකිස්ථානයෙන් ද?
COLOMBO (News 1st) : මෙරටදී සොයා ගත් දෙවන විශාලතම හෙරොයින් තොගය බේරුවලට ආසන්න මුහුදේදී පොලීසිය භාරයට ගැනිණි. රුපියල් මිලියන 2700 කට අධික වීදියේ වටිනාකමක් ඇති හෙරොයින් තොගයක් අද අලුයම ඒකාබද්ධ මෙහෙයුමකින් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් සොයා ගත්තේ ය. බේරුවල හා බලපිටිය අතර මුහුදේදී සොයා ගත් මෙම හෙරොයින් තොගයේ බර කිලෝග්රෑම් 231 යි ග්රෑම් 54කි. පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මෙම මත්ද්‍රව්‍ය තොගය පාකිස්ථානයේදී ඇසුරුම්කර ඇතැයි සැක කළ හැකි බවයි . සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන් දින 7 ක් රැඳවුම් නියෝග මත ප්‍රශ්න කෙරෙන බව පොලීසිය පැවසී ය. වැටලීම් සඳහා මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරීන්ට පොලිස් විශේෂ කාර්ය බලකායේ සහ නාවික හමුදාවේ සහය ද ලැබී තිබිණ. නීති විරෝධි මත්ද්‍රව්‍ය ජාවාරම් නතර කිරීම සඳහා කඩිනමින් පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා පසුගියදා පොලිසියේ ප්‍රධානීන් කැඳවා නියෝග කළේ ය. ඉන් නොනැවතුන ජනාධිපතිවරයා මාස තුනක මත්ද්‍රව්‍ය වැටලීම් පිළිබඳව වාර්තාවක් කැඳවීමට ද පියවර ගත්තේ ය. මීට පෙර අවස්ථා ගණනාවකදී ජනාධිපතිවරයා මත්ද්‍රව්‍ය මර්දනය කිරීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග ගැන කරුණු අවධාරණය කළ අතර පොලීසිය ද ආරක්ෂක අමාත්‍යාංශය යටතට පත් කළේ ය. පසුගිය ජුලි මාසයේ ජනාධිපතිවරයා කැබිනට් පත්‍රිකාවක් පවා ඉදිරිපත් කර තිබිණ. කවුරුන් මේ අපරාධ පිටුපස සිටියත් දිනපතා මේවා භාවිත කිරීම නිසා විනාශ වෙමින් යන්නේ රටේ මානව සම්පතයි. තරුණ ජීවිත විනාශ කරමින් ටොන් ගනනින් මත්ද්‍රව්‍ය බෙදා හරින පුද්ගලයින්ට නිසි ක්‍රියාමාර්ග ගෙන රටේ අනාගතය සුරක්ෂිත කළ යුතු නොවේද?
2018-12-06T04:00:18.000Z
උත්සව සමය වෙනුවෙන් 20 සිට විශේෂ බස් සේවයක්
උත්සව සමය වෙනුවෙන් 20 සිට විශේෂ බස් සේවයක්
COLOMBO (News 1st) : උත්සව සමය ඉලක්ක කර ලබන 20 වන දා සිට විශේෂ බස්රථ සේවා ආරම්භ කරන බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි. එහි සභාපති රමාල් සිරිවර්ධන මහතා සඳහන් කළේ, එම බස් සේවය ජනවාරි 02 වන දා දක්වා ක්‍රියාත්මක බවයි. ඊට අමතරව උත්සව සමය වෙනුවෙන් ලබන 15 වන දා සිට කෙටි ගමන් සේවා බස් ද ක්‍රියාත්මක කෙරෙන බව ඔහු පැවසී ය. එම බස් රථ මීගමුව, ජා-ඇල වෙන්නප්පුව ආදී ප්‍රදේශ ඉලක්ක කර ධාවනය කෙරෙනු ඇති.
2018-12-06T01:58:56.000Z
මේ වසරේ ගෝලීය කාබන්ඩයොක්සයිඩ් විමෝචන ප්‍රතිශතය වාර්තාගත ලෙසින් ඉහළ යනු ඇතැයි වාර්තා
කාබන්ඩයොක්සයිඩ් විමෝචන ප්‍රතිශතය ඉහළ යන ලකුණු...
(News 1st) - මේ වසරේ ගෝලීය කාබන්ඩයොක්සයිඩ් විමෝචන ප්‍රතිශතය වාර්තාගත ලෙස ඉහළ යනු ඇතැයි නවතම වාර්තාවක් පුරෝකථනය කරයි. එම වාර්තාවෙන් දැක්වෙන්නේ, 2017 වසරේදී ඉන්ධන දහනයෙන් වායුගෝලයට මුසු වූ කාබන්ඩයොක්සයිඩ් ප්‍රතිශතය 1.7% ක් ලෙස සටහන් වූ අතර මේ වසරේදී එය 2.7% ක් දක්වා ඉහළ යනු ඇති බව ය. එය කාබන්ඩයොක්සයිඩ් ටොන් බිලියන 37.1කි. මෙම තොරතුරු හෙළි කෙරුණේ, ග්ලෝබල් කාබන් බඩට් නමැති වාර්ෂික වාර්තාවෙනි.
2018-12-06T01:39:21.000Z
ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් විශාල පිරිසක් රටවල් කිහිපයක තානාපති කාර්යාල රැකවරණයේ
මෙරට ගෘහ සේවිකාවන් රැසක් තානාපති කාර්යාල රැකවරණයේ
COLOMBO (News 1st) - රැකියා සඳහා විදෙස්ගත වූ ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 350කට අධික පිරිසක් විවිධ හේතු මත රටවල් රැසක තානාපති කාර්යාලවල රැකවරණය ලබමින් සිටින බව විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසයි. ඒහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, වැඩිම පිරිසක් සෞදි අරාබි සහ යේමන තානාපති කාර්යාල භාරයේ සිටින බව ය. නිසි පරිදි වැටුප් නොලැබීම, තම සේවා ස්ථානයේදී විවිධ හිංසනයන්ට ලක්වීම ඇතුළු කරුණු ගණනාවක් හේතුවෙන් මේ පිරිස දුෂ්කරතාවට පත්ව තිබේ. විදේශ සේවා නියුක්ති කාර්යංශය සඳහන් කළේ, අදාළ රටවල කම්කරු අමාත්‍යංශය සමග සාකච්ඡා කොට ඔවුන් කඩිනමින් දිවයිනට ගෙන්වා ගැනීමට කටයුතු කරන බව ය. ඊට අකමැති පිරිස් සඳහා එම රටේම වෙනත් හාම්පුතෙකු යටතේ සේවය කිරීමට පහසුකම් සලසන බව ද විදේශ සේවා නියුක්ති කාර්යංශය ප්‍රකාශ කළේ ය.
2018-12-06T01:01:19.000Z
ලක්ෂ 30ක් වටිනා ගංජා තොගයක් ගම්පොළදී පොලිස් භාරයට
ලක්ෂ 30ක් වටිනා ගංජා තොගයක් ගම්පොළදී පොලිස් භාරයට
COLOMBO (News 1st) - වැල්ලවායේ සිට මහනුවරට ප්‍රවාහනය කරමින් තිබූ ගංජා කිලෝග්‍රෑම් 13ක් අද පෙරවරුවේ පොලිස් භාරයට ගැනිණි. ඒ, ගම්පොළ නගරයේදී ය. උඩුනුවර වෙලම්බඩ පොලීසියට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කර තිබේ. පොලීසිය පැවසුවේ, පෙට්ටියක අසුරා රස කැවිලි ප්‍රවාහනය කරන මුවාවෙන් මෙම ගංජා තොගය රැගෙන ගොස් ඇති බව ය. රුපියල් ලක්ෂ 30කට අධික වටිනා කමකින් යුත් ගංජා තොගය කුඩා අසුරණ 13ක වෙන් වෙන්ව අසුරා තිබිණි. පොලීසිය පවසන්නේ, පොදු ප්‍රවාහන සේවා ඔස්සේ දිගු කලක සිට මෙම ජාවාරම සිදු කර ඇති බව ය. ගංජා සමග පුද්ගලයින් දෙදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගැනුණු අතර වැල්ලවායේ පදිංචි ඔවුන්ගේ වයස අවුරුදු 27ක් සහ 39කි. සැකකරුවන් ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.
2018-12-06T00:47:50.000Z
ඉසාක්බාසි පැය 24ක් තුළ මිලියන 24කට වැඩි වාර ගණනක් නරඹයි
ඉසාක්බාසි මිලියන 24කට වැඩි වාර ගණනක් නරඹයි
(News 1st) - සීරෝ බොලිවුඩ් චිත්‍රපටයේ දෙවන ගීතය වන ඉසාක්බාසි ඉන්ටර්නෙට් වෙත නිකුත් කර පැය 24ක් තුළ යූ ටියුබ් වෙබ් අඩවිය ඔස්සේ මිලියන 24 කට වැඩි වාර ගණනක් නරඹා තිබේ. එම ගීතයේදී සුපිරි බොලිවුඩ් නළු සල්මන් ඛාන් ආරාධිත රංගනයක නිරත වීම විශේෂත්වයකි. ශාරුක් ඛාන්, කත්‍රිනා කායිෆ් සහ අනුෂ්කා ෂර්මා ප්‍රධාන චරිත රඟන සීරෝ චිත්‍රපටය ආනන්ද් එල්. රායිගේ අධ්‍යක්ෂණයකි.
2018-12-05T22:37:15.000Z
රු. මිලියන 2778කට අධික වටිනා කමින් යුත් හෙරොයින් තොගයක් සමග දෙදෙනෙකු අත්අඩංගුවට
මිලියන 2778ක හෙරොයින් සමග 2ක් අත්අඩංගුවට
COLOMBO (News 1st) - බේරුවල සහ බලපිටිය අතර මුහුදේදී හෙරොයින් කිලෝග්‍රෑම් 231යි ග්‍රෑම් 54ක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, ඒවායේ වටිනාකම රුපියල් මිලියන 2778 කට අධික බව ය. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය කළ මෙහෙයුමකදී සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක ය. මෙවැනි මහා පරිමාණ ජාවාරම් පසුපස සිටින පුද්ගලයින් නීතියේ රැහැනට හසු කර ගැනීමට පරීක්ෂණ ක්‍රියාත්මක කළ යුතු බව නිව්ස්ෆස්ට් අවධාරණය කරන්නෙමු.
2018-12-05T20:39:43.000Z
අයහපත් කාලගුණයත් සමග අධිවේගී මාර්ග භාවිත කිරීමේදී විමසිලිමත් වන්නැයි රියැදුරන්ට උපදෙස්
අධිවේගී මාර්ග භාවිත කිරීමේදී විමසිලිමත් වන්න!
COLOMBO (News 1st) - පවතින වර්ෂාවත් සමග අධිවේගී මාර්ග භාවිත කිරීමේදී විමසිලිමත් වන්නැයි මාර්ග සංවර්ධන අධිකාරිය රියැදුරන්ට දැනුම් දෙයි. ඒ අනුව රිය ධාවනයේදී ඉදිරිපස ලාම්පුව දල්වා ගෙන යෑම සහ බඳ පටි පැළඳීම අනිවාර්ය බව ද එම අධිකාරිය සඳහන් කළේ ය. වර්ෂාව පවතින වේලාවන්වලදී අධික වේගයෙන් රිය පැදවීමෙන් වළකින ලෙස ද මාර්ග සංවර්ධන අධිකාරිය රියැදුරන්ට දැනුම් දෙයි. මේ අතර උත්සව සමය ආරම්භ වීමත් සමග අධිවේගී මාර්ග භාවිත කරන වාහන සංඛ්‍යාව ඉහළ ගොස් තිබේ. අධිවේගී මාර්ගයේ සාමාන්‍ය දිනක ධාවනය වන වාහන සංඛ්‍යාව 50,000කි. එහෙත් මේ දිනවල එම සංඛ්‍යාව 65,000 ත් 75,000 ත් දක්වා ඉහළ ගොස් ඇතැයි අධිවේගී මාර්ග නඩත්තු හා කළමනාකරණ ඒකකයේ අධ්‍යක්ෂ එස්. ඕපනායක මහතා සඳහන් කළේ ය.
2018-12-05T20:28:56.000Z
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
COLOMBO (News 1st) 1. පක්ෂය තුළ නැති ප්‍රජාතන්ත්‍රවාදයක් රට තුළ ඇති කිරීමට රනිල් වික්‍රමසිංහ මහතාට හැකියාවක් නැතැයි, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. 2. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග මහත්මිය විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම්වරයාට ලිපියක් යොමු කරනු ලැබ තිබේ. 3. ගල්කිස්ස, අඟුලාන කල්දෙමුල්ල මංසන්ධිය අසළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ. 4. 2015 – 2016 වර්ෂවලට අදාළව රනිල් වික්‍රමසිංහ මහතාගේ වත්කම් බැරකම් ප්‍රකාශ ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනයට ලබාදෙන ලෙස තොරතුරු දැන ගැනීමේ අයිතිය පිළිබඳ කොමිෂන් සභාව ජනාධිපති කාර්යාලයට නියෝග කර තිබේ. 5. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ගත් තීරණය අභියෝගයට ලක්කරමින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයට අධිකරණමය හෝ තීන්දු තීරණ ගැනීමේ බලයක් නැතැයි නීතිපති ජයන්ත ජයසුරිය මහතා ඊයේ ප්‍රකාශ කළේ ය. විදෙස් පුවත් 6. සී.අයි.ඒ. ප්‍රධානී ජීනා හැස්පෙල්ගේ කරුණු දැක්වීමට සවන් දීමෙන් පසු සෞදි අරාබියේ ඔටුන්න හිමි කුමරු මාධ්‍යවේදී ජමාල් ඛෂෝගිගේ ඝාතනයට සම්බන්ධ වී ඇති බව අමෙරිකානු සෙනෙට් සභික ලින්ඩ්සේ ග්‍රැහැම් පවසයි. ක්‍රීඩා පුවත් 7. ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ආරම්භක පිතිකරු ගෞතම් ගාම්බීර් ජාත්‍යන්තර තරග බිමෙන් සමු ගැනීමට තීරණය කර තිබේ.
2018-12-05T19:59:07.000Z
අඟුලානේදී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කළ යතුරු පැදිකරුවන් දෙදෙනා සොයා මෙහෙයුම්
අඟුලානේදී සිදුවූ වෙඩි ප්‍රහාරය:පොලීසියෙන් මෙහෙයුම්
COLOMBO (News 1st) - ගල්කිස්ස අඟුලාන කල්දෙමුල්ල මංසන්ධියේ පිහිටි නිවසක් අසළ ඊයේ රාත්‍රියේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මිය ගොස් තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, මුහුණු ආවරණ සහිතව යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු වෙඩි තබා පළා ගොස් ඇති බව ය. වෙඩි වැදීමෙන් බරපතළ තුවාල ලැබූ පුද්ගලයා කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගියේ ය. එලෙස මිය ගොස් ඇත්තේ, උදාර සඳරුවන් නමැති 30 හැවිරිදි පුද්ගලයෙකි. ඊට සම්බන්ධ සැකකරුවන් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැත. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක ය.
2018-12-05T11:29:21.000Z
හිටපු ජනපතිනියගෙන් ශ්‍රීලනිප මහ ලේකම්ට ලිපියක්
හිටපු ජනපතිනියගෙන් ශ්‍රීලනිප මහ ලේකම්ට ලිපියක්
COLOMBO (News 1st) : හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග මහත්මිය විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම්වරයාට ලිපියක් යොමු කරනු ලැබ තිබේ. චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතාට අදාළ ලිපිය යොමු කිරිමට හේතු වී ඇත්තේ, පසුගිය දිනවල පක්ෂයේ කටයුතුවලට එතුමියට ආරාධනා නොලැබීමයි. අදාල ලිපියේ දැක්වෙන්නේ, ඔක්තොම්බර් 26 වන දා සිදුවූ වෙනසින් පසුව පැවති පක්ෂ සංවිධායකවරුන්ගේ රැස්වීම සමස්ත ලංකා කාරක සභාව තමන්ට දැනුම් නොදුන් බවයි. තමන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසකවරිය බවත්, අදාළ අවස්ථා දැනුම් නොදීමට හේතු කවරේ දැයි තමන් දැගන්නට කැමති බවත් කුමාරතුංග මහත්මිය අදාළ ලිපියෙන් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතාට දන්වා තිබේ.
2018-12-05T11:22:23.000Z
කල්දෙමුල්ලේ වෙඩි තැබීමකින් අයෙකු මරුට
කල්දෙමුල්ලේ වෙඩි තැබීමකින් අයෙකු මරුට
COLOMBO (News 1st) - ගල්කිස්ස, අඟුලාන කල්දෙමුල්ල මංසන්ධිය අසළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ. පොලීසිය සඳහන් කළේ, අද රාත්‍රියේ සිදු වූ වෙඩි තැබීමෙන් බරපතළ තුවාල ලැබූ පුද්ගලයා කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගිය බවයි.
2018-12-05T10:04:06.000Z
සන්ධානය අද ත් පාර්ලිමේන්තුව වර්ජනය කරයි
සන්ධානය අද ත් පාර්ලිමේන්තුව වර්ජනය කරයි
COLOMBO (News 1st) - අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සූදානම් වූ යෝජනාව කල් දැමීමට එක්සත් ජාතික පක්ෂය පියවර ගෙන තිබේ. කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද පාර්ලිමේන්තුව රැස් වූ අතර එක්සත් ජනතා නිදහස් සන්ධානය අද ත් සභාව හා පක්ෂනායක රැස්වීම වර්ජනය කළේ ය. විශ්වාසභංග යෝජනාව සම්මතවී ඇති බැවින් ඉදිරි පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින යෝජනාවක් ගෙන ඒමට අද එක්සත් ජාතික පක්ෂය සූදානමින් සිටියේ ය.
2018-12-05T11:20:21.000Z
රනිල්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ Transparency International ආයතනයට ලබාදෙන්නැයි නියෝගයක්
රනිල්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ සම්බන්ධයෙන් නියෝගයක්
COLOMBO (News 1st) - 2015 - 2016 වර්ෂවලට අදාළව රනිල් වික්‍රමසිංහ මහතාගේ වත්කම් බැරකම් ප්‍රකාශ ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනයට ලබාදෙන ලෙස තොරතුරු දැන ගැනීමේ අයිතිය පිළිබඳ කොමිෂන් සභාව ජනාධිපති කාර්යාලයට නියෝග කර තිබේ. 2017 වසරේ පෙබරවාරි මාසයේදී ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය තොරතුරු දැන ගැනීමේ පනත යටතේ ජනාධිපති කාර්යාලයෙන් ජනාධිපතිවරයාගේ හා වික්‍රමසිංහ මහතාගේ වත්කම් බැරකම් ප්‍රකාශ ලබා දෙන ලෙස ඉල්ලීම් ඉදිරිපත් කළේ ය. නමුත් අවස්ථා දෙකකදී ජනාධිපති කාර්යාලය එය ලබාදීම ප්‍රතික්ෂේප කර තිබේ. ඒ සම්බන්ධයෙන් තොරතුරු දැන ගැනීමේ අයිතිය පිළිබඳ කොමිෂන් සභාව හමුවේ කළ අභියාචනයක් සැලකිල්ල ගනිමින් එම කොමිසම මෙම නියෝගය නිකුත් කළ බව ට්‍රාන්ස්ප්‍රේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය සඳහන් කළේ ය. ජනාධිපතිවරයාගේ වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදීමට නියෝග නොකර රනිල් වික්‍රමසිංහ මහතාගේ වත්කම් බැරකම් ප්‍රකාශ පමණක් ලබාදීමට නියෝග කිරීම පිළිබඳව ද මෙහිදී මාධ්‍යවේදීන් ප්‍රශ්න කළේ ය.
2018-12-05T09:22:09.000Z
ජනමාධ්‍ය ලේකම් හා ගුවන් විදුලියේ සභාපති කථානායක හමුවට
ජනමාධ්‍ය ලේකම්,ගුවන් විදුලියේ සභාපති කථානායක හමුවට
COLOMBO (News 1st) - පාර්ලිමේන්තුව ලබන 12 වැනි බදාදා පස්වරු 1.00 දක්වා අද කල්තැබුණි. මේ අතර ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා හා ගුවන් විදුලි සංස්ථාවේ සභාපතිවරයා කථානායකවරයා විසින් අද පස්වරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයට කැඳවා තිබුණි. ඊට හේතුවූයේ අද සභාවේ මතු වූ කරුණු කිහිපයක් ය. මේ අනුව අද පස්වරුවේ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් සුනිල් හෙට්ටිආරච්චි සහ ගුවන් විදුලි සංස්ථා සභාපති ආචාර්ය සෝමරත්න දිසානායක යන මහත්වරුන් කථානායකවරයා හමුවට කැඳවා තිබුණි. කථානායක කාර්යාලය නිවේදනය කළේ, පවතින අර්බුදකාරී දේශපාලන වාතාවරණය තුළ පූර්ණ ස්වාධීනත්වයෙන් සහ වගකීමෙන් යුක්තව කටයුතු කිරීමේ අවශ්‍යතාවය මෙහිදී කථානායකවරයා පෙන්වා දුන් බවයි. පෙන්වා දුන් කරුණු කෙරෙහි වහාම අවධානය යොමු කොට රාජ්‍ය මාධ්‍ය ආයතන වෙත අදාළ උපදෙස් නිකුත් කරන බවට ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා එහිදී දන්වා තිබුණි.
2018-12-05T08:59:53.000Z
පාර්ලිමේන්තුව විසුරුවීම අභියෝගයට ලක් කළ පෙත්සම් විභාගයට ශ්‍රේෂ්ඨාධිකරණයට බලයක් නැතැයි, නීතිපතිගෙන් තර්කයක්
"පෙත්සම් විභාගයට ශ්‍රේෂ්ඨාධිකරණයට බලයක් නැහැ"
COLOMBO (News 1st) - පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ගත් තීරණය අභියෝගයට ලක්කරමින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයට අධිකරණමය හෝ තීන්දු තීරණ ගැනීමේ බලයක් නැතැයි නීතිපති ජයන්ත ජයසුරිය මහතා අද ප්‍රකාශ කළේ ය. අද මෙම පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ යළි සලකා බැලූ අවස්ථාවේ නීතිපතිවරයා සහ තව ත් පාර්ශව කිහිපයක් කරුණු දැක්විය. ජනාධිපතිතුමා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කළ ගැසට් නිවේදනය අභියෝගයට ලක් කරමින් ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් අගවිනිසුරුවරයා ප්‍රමුඛ සත් පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ අද සළකා බැලුනේ දෙවැනි දිනටයි. රාජ්‍ය නායකයා ලෙස තමාට හිමි බලතළ ප්‍රකාරව ජනාධිපතිවරයා මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බැවින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඒ සම්බන්ධයෙන් තීරණගත නොහැකි බව නීතිපති ජයන්ත ජයසූරිය මහතා එහිදී පෙන්වා දුන්නේ ය. ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියේ, පෙත්සම්කරුවන්ට ගැසට් නිවේදනයේ නීත්‍යානුකූලභාවය අභියෝගයට ලක් කිරීමට කිසිදු නීත්‍යානූකූල පදනමක් නොමැති බැවින් පෙත්සම් විභාගයට නොගෙන ඉවත දමන ලෙසයි. ජනාධිපතිවරයා, රාජ්‍ය නායකයා මෙන්ම දේශපාලනඥයෙකු ලෙස ද ක්‍රියා කරමින් තීන්දු ගෙන ඇති පසුබිමක ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් එම ක්‍රියාකාරිත්වයට මැදිහත්වීම යෝග්‍ය දැයි නීතිපතිවරයා විමසුවේ ය. ඔහු සඳහන් කළේ, මුලික අයිතිවාසිකම් පෙත්සම් තුළින් ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කර ඇති බවට චෝදනා කර ඇති බවයි. නීතිපතිවරයාගේ තර්කය වූයේ එවැනි තත්ත්වයකදී කළයුතු වන්නේ පාර්ලිමේන්තුවේ දෝෂාභියෝග යෝජනාවක් සම්මත කර එම යෝජනාව හරහා ජනාධිපතිවරයාට එල්ල කර ඇති චෝදනා විභාග කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කිරීම බවයි. එම ක්‍රියාදාමයෙන් බැහැරව ජනාධිපතිවරයාගේ ක්‍රියාවලිය අභියෝගයට ලක්කරමින් මුලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කිරීමට හැකියාවක් නොමැති බව ජයන්ත ජයසූරිය මහතා කියා සිටියේ ය. නීතිපතිවරයා වැඩිදුරටත් පැවසුවේ ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කර ඇත්නම් ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගගත හැක්කේ පාර්ලිමේන්තුව තුළින් පමණක් බවයි. ජනාධිපතිවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කරමින් යම් නියෝගයක් කර ඇත්නම් ව්‍යවස්ථාවේ 38 වන වගන්තිය අනුව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඒ සම්බන්ධයෙන් අර්ථ නිරූපනයක් ඉල්ලා සිටීමට කථානායකවරයාට හැකි බව ද ඔහු පැවසුවේ ය. අතරමැදි පාර්ශව වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා කියා සිටියේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අදාළ වගන්ති සියල්ල එක්කර සලකා බැලුවත් ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට හැකියාව ඇති බවයි. ව්‍යවස්ථාවේ ඉංග්‍රීසි හා සිංහල පිටපත්වල දෝෂ ඇති අවස්ථාවලදී අදාළ වන්නේ සිංහල පිටපත බව ද නීතිඥවරයා සඳහන් කළේ ය.
2018-12-05T07:38:32.000Z
පොලිස් නිලධාරීන් දෙදෙනා ඝාතනය: 30කගෙන් ප්‍රකාශ සටහන් කරගනී
පොලිස් නිලධාරීන් ඝාතනය:30කගෙන් ප්‍රකාශ සටහන් කරගනී
COLOMBO (News 1st) : මඩකලපුව, වවුනතිව් ප්‍රදේශයේ පොලිස් මුරපොළක සේවය කළ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් 30කට ආසන්න පිරිසකගෙන් ප්‍රකාශ ලබාගෙන තිබේ. පොලිස් අපරාධ විමර්ශන කොට්ඨාසය සඳහන් කළේ, වෙඩි තැබීම සම්බන්ධයෙන්, සැකකරුවන් දෙදෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බවයි. මෙම වෙඩි තැබීම සඳහා ටී 56 වර්ගයේ ගිනි අවි භාවිත කර ඇති බවට සැකකරන අතර පොලිස් නිලධාරීන් දෙදෙනා සතුව තිබී අතුරුදන් වූ පිස්තෝල දෙක මෙතෙක් සොයා ගෙන නොමැත. පොලිස් නිලධාරීන් දෙනාගේ හිසට වෙඩි තබා ඝාතනය කර ඇති බවට පශ්චාත් මරණ පරීක්ෂණයේදී තහවුරු වී ඇති අතර ඉන් එක් පොලිස් නිලධාරියෙකුගේ හිසට වෙඩි පහර 2 ක් සහ අනෙක් නිලධාරීයගේ හිසට එක් වෙඩි පහරක් තබා ඇති බව මූලික විමර්ශනවලදී හෙළි විය. පොලීසිය පැවසුවේ, එක් පොලිස් නිලධාරියෙකුගේ සිරුරේ තියුණු කැපුම් තුවාල ද ඇති බව පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේ සඳහන් බවයි.
2018-12-05T06:22:37.000Z
"පක්ෂය තුළ නැති ප්‍රජාතන්ත්‍රවාදයක් රට තුළ ඇති කිරීමට රනිල්ට හැකියාවක් නැහැ" - ජනපති
"රනිල් පසුපෙළ කිසිවෙකුට හිස එසවීමට ඉඩ දෙන්නේ නැහැ"
COLOMBO (News 1st) : පක්ෂය තුළ නැති ප්‍රජාතන්ත්‍රවාදයක් රට තුළ ඇති කිරීමට රනිල් වික්‍රමසිංහ මහතාට හැකියාවක් නැතැයි, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ, එක්සත් ජාතික පක්ෂයේ නායකයාව සිටින රනිල් වික්‍රමසිංහ මහතා එහි පසු පෙළ කිසිවෙකුට හිස එසවීමට ඉඩ නොදෙන බවයි. රටේ නීතිය හා ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ඉහළින් කථාකරන වික්‍රමසිංහ මහතා පළමුව තම පක්ෂය ප්‍රජාතන්ත්‍රවාදී කරගතයුතු බව ද, ජනාධිපතිවරටා අවධාරණය කරයි. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කළේ, අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී ය. නිලධාරීන් පිරිසක් සමග අද පෙරවරුවේ පැවති මෙම සාකච්ඡාවේදී රටේ සංවර්ධන ක්‍රියාදාමය සහ මහජන සේවාවන් අඩපණ නොවී පවත්වා ගැනීම සඳහා උපදෙස් ලබා දී තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, මූල්‍ය වර්ෂය සඳහා වෙන් කර තිබෙන, සියලු මුදල් නිසි පරිදි වැය කරමින්, ජනතා අවශ්‍යතා උපරිමයෙන් ඉටු කරන ලෙසට ද මෙහිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා උපදෙස් දුන් බවයි.
2018-12-05T05:50:27.000Z
JUST IN : ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්නට ඇප
අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්නට ඇප
COLOMBO (News 1st) : රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා රුපියල් ලක්ෂ 10 බැගින් වු ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද නියෝග කළේ ය. මහේස්ත්‍රාත්වරයා මෙහිදී තරයේ අවවාද කර සිටියේ, විමර්ශනවලට හෝ පැමිණිල්ලේ සාක්ෂිකරුවන්ට බලපෑම් කළ බවට හෙළි වුවහොත් ඇප අවලංග කර නඩු විභාගය අවසන් වන තුරු රක්ෂිත බන්ධනාගාරගත කරන බවයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කැඳවන දිනකදී එම දෙපාර්තමේන්තුව හමුවේ පෙනි සිට ඉදිරි විමර්ශන සඳහා අවශ්‍ය ප්‍රකාශ ලබා දෙන ලෙසට ද සැකකරුට එහිදී මහෙස්ත්‍රාත්වරයා අවවාද කළේ ය. මේ අතර පැමිණිල්ලේ ප්‍රධාන සාක්ෂිකරුවෙකු වන ලුතිනන් කමාන්ඩර් ලක්සිරි ගලගමගේ නමැත්තාට රවීන්ද්‍ර විජේගුනරත්න මහතා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරීන් පසුගිය 25 වන දා නාවික හමුදා මූලස්ථානය තුළදී ගිනි අවියක් පෙන්වා මරණීය තර්ජනය කිරීම හා පැහැර ගැනීමට උත්සහ දැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොටුව පොලීසිය විමර්ශන සිදු කර ඇත්තේ , ඉතාමත් අගතිකාමි ලෙස බව පෙනී යන බවද එහිදී පෙන්වා දුන් මහෙස්ත්‍රාත්වරයා එම විමර්ශන කටයුතු කොටුව පොලීසියෙන් ඉවත් කිරීමට ද නියෝග කළේ ය. එම විමර්ශන සඳහා වෙනත් නිලධාරීයෙකු නම් කරනා ලෙසට ද මහෙස්ත්‍රාත්වරයා එහිදි බස්නාහිර පළාත් භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට නියෙග කළේ ය. පෙර කී තර්ජනය කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා සැකකරුවෙකු ලෙස නම් කිරීමට මෙතෙක් සිදු කළ විමර්ශන අනුව ප්‍රමාණවත් සාක්ෂි නොමැති බව කොටුව පොලිස් ස්ථානාධිපතිවරයා මෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ද කළ කරුණු දැක්වීම ද සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා එම නියෝගය කළේ ය. තරුණයින් 11 දෙනෙකු පැහැර ගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට සම්බන්ධ නාවික හමුදා නිලධාරියෙකුට අධිකරණයට මඟහැර සිටීමට ආධාර අනුබල දීමේ චෝදනා මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මොහු අත්අඩංගුවට ගනු ලැබූමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ.
2018-12-05T05:04:17.000Z
නි. පොලිස්පති නාලක ද සිල්වා ලබන 11 වන දා තෙක් යළි රිමාන්ඩ්
නාලක ද සිල්වා ලබන 11 වන දා තෙක් යළි රිමාන්ඩ්
COLOMBO (News 1st) - අනිවාර්ය නිවාඩු දන්වා ඇති නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා හා ඉන්දියානු ජාතික තෝමස් මර්සරි නැමැත්තා ලබන 11 වන දා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද නියෝග කර තිබේ. ඒ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, සහකාර පොලිස් අධිකාරි ප්‍රසන්න අල්විස් යන මහත්වරුන් ඇතුළු පිරිසක් උතුරු නැගෙනහිර ප්‍රදේශවලදී ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වන නඩුව අද කැඳවූ අවස්ථාවේදී‍ය. සැකකාර නාලක ද සිල්වා මහතා වෙනුවෙන් කළ ඇප ඉල්ලීමේ නියෝගය ලබන 11 වන දා නිකුත් කිරීමට අධිකරණය එහිදී නියෝග කළේ ය. නඩුව කැඳවීමේදී එම සිද්ධියේ මුල් පැමිණිලිකරු වන දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර වෙනුවෙන් පෙනීසිටි නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පෙන්වා දුන්නේ, වර්තමාන පොලිස්පතිවරයා විසින් එම සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු ලැබී සිටියදිත් පොලීසිය නිසි පරිදි කටයුතු නොකිරීමෙන් ඔහු පොලිස් ආඥා පනත යටතේ හා දණ්ඩ නීති සංග්‍රහය යටතේ ගැනෙන වැරදි සිදු කර ඇති බවයි. පොලිස් නීතිය යටතේ තමන් වෙත පැවරී ඇති රාජකාරී වගකිම් ඉටු නොකිරීම ද ඉතා බරපතළ වරදක් බව නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා එහිදී පෙන්වා දුන්නේ ය. එයට පිළිතුර ලබා දුන් ප්‍රධාන පොලිස් පරීක්ෂක රංජිත් මුනසිංහ මහතා අධිකරණයට පෙන්වා දුන්නේ, පොලිස්පතිවරයාට අවස්ථා 2 කදී අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට කැඳවා ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කොට ප්‍රකාශ සටහන් කර ගෙන ඇති බවයි. ඉදිරියේදී අනාවරණය වන තොරතුරු අනුව වැඩිදුර ප්‍රකාශ ලබා ගැනීම සඳහා පොලිස්පතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට කැඳවන බව ද පොලිස් පරීක්ෂකවරයා අධිකරණයට දැනුම් දුන්නේ ය.
2018-12-05T02:42:22.000Z
පසුගිය වසරේ දේශගුණ ආපදාවලින් වැඩිම බලපෑමක් එල්ල වූ රටවල් අතර ශ්‍රී ලංකාව දෙවැනි ස්ථානයට
ශ්‍රී ලංකාව දෙවැනි ස්ථානයට
COLOMBO (News 1st) - 2019 ගෝලීය දේශගුණික අවදානම් දර්ශකය අනුව 2017 වසරේදී දේශගුණික ආපදාවන්ගෙන් වැඩිම බලපෑමක් එල්ල වූ රටවල් අතර ශ්‍රී ලංකාව දෙවැනි ස්ථානයට පත්ව තිබේ. 2019 ගෝලීය දේශගුණික අවදානම් දර්ශකය එළිදක්වනු ලැබුවේ, පෝලන්තයේ පැවැත්වෙන කෝප් 24 එක්සත් ජාතීන්ගේ පාරිසරික සමුළුවේදී ය. එම දර්ශකයට අනුව දේශගුණික විපත් හේතුවෙන් 2017 වසරේදී වැඩිම බලපෑමක් එල්ල වී ඇති රට වන්නේ, පෝටරිකෝ රාජ්‍යයයි. එම දර්ශකයේ තුන්වැනි ස්ථානය ඩොමිනිකා රාජ්‍යයට හිමිව තිබේ. ජර්මන් වොච් නමැති සංවිධානය නිකුත් කරන 2019 ගෝලීය දේශගුණික අවදානම් දර්ශකය අනුව 2017 වසරේදී මෙරට ස්වභාවික විපත් හේතුවෙන් සිදුව ඇති මරණ සංඛ්‍යාව 246 කි. 2017 වසරේ මැයි මාසයේදී ශ්‍රී ලංකාවට බලපෑ මෝසම් වැසි, ජල ගැලීම් හා නාය යෑම් අදාළ පුද්ගල මරණවලට හේතු වී තිබේ. මේ හේතුවෙන් අවතැන් වී ඇති පුද්ගලයින් සංඛ්‍යාව ලක්ෂ 6කට අධික ය. ඉන් වැඩිම බලපෑමක් රත්නපුර දිස්ත්‍රික්කයට එල්ල වී ඇති අතර එම දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 20000ක් මෝසම් වාර්ෂාවෙන් අවතැන් වී ඇති බව අදාළ වාර්තාවේ දැක්වේ.
2018-12-05T01:48:21.000Z
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ යෝජනාව එ.ජා.ප.ය ඉල්ලා අස් කර ගනී
පාර්ලිමේන්තුවට ගෙන ඒමට තිබූ යෝජනාව ඉල්ලා අස්කර ගනී
COLOMBO (News 1st) - එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් නොමැතිව අදත් පාර්ලිමේන්තුව පැවත්වේ. පාර්ලිමේන්තුව අද 10.30ට රැස් වුණේ කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙනි. පාර්ලිමේන්තුව තුළ විශ්වාසභංග යෝජනාවක් සම්මත වීම තුළ අගමැතිවරයා හා අමාත්‍ය මණ්ඩලය විසිරී ඇති බැවින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 48(2) වගන්තිය ප්‍රකාරව ඉදිරි පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටීමේ යෝජනාවක් එක්සත් ජාතික පක්ෂය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. කෙසේ වෙතත් එම යෝජනාව ඉල්ලා අස් කර ගැනීමට එක්සත් ජාතික පක්ෂය කටයුතු කළේ ය.
2018-12-05T01:06:52.000Z
සා/පෙළ විභාග වංචාවක් කළ අයෙක් අත්අඩංගුවට
සා/පෙළ විභාග වංචාවක් කළ අයෙක් අත්අඩංගුවට
COLOMBO (News 1st) - අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ අපේක්ෂකයෙකු වෙනුවෙන් විභාගයට පෙනී සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. විභාග කොමසාරිස් ජනරාල් සනත් බී. පූජිත මහතා සඳහන් කළේ, විභාග ශාලාධිපති හා නිරීක්ෂකයෙකු විසින් සැකකරු හඳුනාගෙන පොලීසියට දැනුම් දීමෙන් අනතුරුව අත්අඩංගුවට ගැනීම සිදු කළ බව ය. ඊයේ දිනයේ පැවති දෙමළ භාෂාව හා සාහිත්‍යය විෂයට සැකකරු විභාග අපේක්ෂකයා වෙනුවෙන් පෙනී සිට ඇති බව කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කළේ ය. සිද්ධිය සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුවෙන් ද වෙනම පරීක්ෂණයක් ක්‍රියාත්මක ය.
2018-12-05T00:28:43.000Z
ඛෂෝගිගේ ඝාතනයට සල්මාන් කුමරු සම්බන්ධයි - සෙනෙට් සභික ලින්ඩ්සේ ග්‍රැහැම්
"ඛෂෝගිගේ ඝාතනයට සල්මාන් කුමරු සම්බන්ධයි"
(News 1st) - සී.අයි.ඒ. ප්‍රධානී ජීනා හැස්පෙල්ගේ කරුණු දැක්වීමට සවන් දීමෙන් පසු සෞදි අරාබියේ ඔටුන්න හිමි කුමරු මාධ්‍යවේදී ජමාල් ඛෂෝගිගේ ඝාතනයට සම්බන්ධ වී ඇති බව අමෙරිකානු සෙනෙට් සභික ලින්ඩ්සේ ග්‍රැහැම් පවසයි. ඔහු පවසන්නේ, සෞදි අරාබියේ ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු ඛෂෝගිගේ ඝාතනයට සම්බන්ධ බවට ඔහු දැඩිව විශ්වාස කරන බව ය. අමෙරිකානු සෙනෙට් සභිකයින්ගෙන් ඇතමකු පෙන්වා දෙන්නේ, සෞදි අරාබියේ ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු උමතු සහ දරුණු පුද්ගලයෙකු බව ය. ජමාල් ඛෂෝගිගේ ඝාතනයට ඔටුන්න හිමි කුමරු සම්බන්ධ බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කළ සෞදි අරාබිය , ඊට සම්බන්ධ පුද්ගලයින් 11 දෙනෙකුට එරෙහිව චෝදනා ගොනු කර තිබේ. මෙවැනි දරුණු ක්‍රියා පිළිනොගන්නා බවට අමෙරිකාව සෞදි අරාබියට පැහැදිලි පණිවුඩයක් යැවිය යුතු බව ද අමෙරිකානු සෙනෙට් සභිකයෝ වැඩිදුරටත් කියා සිටියහ.
2018-12-05T00:05:09.000Z
හෙරොයින් සමග සැකකරුවෙකු රාගමදී අත්අඩංගුවට
හෙරොයින් සමග සැකකරුවෙකු රාගමදී අත්අඩංගුවට
COLOMBO (News 1st) - හෙරොයින් ජාවාරමේ නිරත සැකකරුවෙකු රාගම පේරලන්ද පාර වැව අසළදී අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, ඔහු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 109යි මිලිග්‍රෑම් 94ක් සොයා ගත් බව ය. යතුරු පැදියකින් යමින් සිටියදී අත්අඩංගුවට ගත් සැකකරු 41 හැවිරිදි රාගම බටුවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
2018-12-04T23:08:21.000Z
ගෞතම් ගාම්බීර් ජාත්‍යන්තර තරග බිමට සමු දීමට සැරසෙයි
ගෞතම් ගාම්බීර් ජාත්‍යන්තර තරග බිමට සමුදීමට සැරසෙයි
(News 1st) - ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ආරම්භක පිතිකරු ගෞතම් ගාම්බීර් ජාත්‍යන්තර තරග බිමෙන් සමු ගැනීමට තීරණය කර තිබේ. 37 හැවිරිදි ගෞතම් ගාම්බීර් 2003 වසරේදී එක්දින ජාත්‍යන්තර වරම් දිනා ගත්තේ ය. ඉන් වසරකට පසුව ටෙස්ට් වරම් දිනූ ඔහු මේ දක්වා සහභාගී වී ඇති ටෙස්ට් තරග ගණන 58කි. ගාම්බීර් එහිදී ශතක 9ක් සහ අර්ධ ශතක 22ක් ද සමගින් ලකුණු 4154ක් රැස් කර ගෙන සිටින අතර අවසන් වරට ටෙස්ට් තරගයකට එක් වූයේ 2016 වසරේදී ය. එක්දින ජාත්‍යන්තර තරග 147කට එක් වූ ඔහු ආරම්භක පිතිකරුවෙකු ලෙස ඉන්දියාව වෙනුවෙන් විශිෂ්ට සේවයක් ඉටු කළ අතර 2011 ක්‍රිකට් ලෝක කිරුළ ඉන්දියාවට දිනා දීමට විශාල දායකත්වයක් ලබා දුන්නේ ය. පන්දුවාර 20යි 20 ජාත්‍යන්තර තරග 37කට ද ක්‍රීඩා කළ ගාම්බීර් පවසන්නේ, වසර 15කට අධික කාලයක් මව් රට වෙනුවෙන් සේවය කළ තමා ක්‍රිකට් පිටියට සමු දීමට තීරණය කළ බව ය. එම ගමනේදී තම සාර්ථකත්වයට දායක වූ සියලු දෙනාටම ස්තුති වන්ත වන බව ද ගාම්බීර් පවසයි. රංජි කුසලාන ක්‍රිකට් තරගාවලියේ ආන්ද්‍රා ප්‍රදේශ් කණ්ඩායම නියෝජනය කරන ඔහු එම තරගාවලියේ හෙට ආරම්භ වන තරගයෙන් අනතුරුව ක්‍රිකට් පිටියට සමු දෙනු ඇති.
2018-12-04T20:27:35.000Z
පාර්ලිමේන්තුව විසුරුවීමට එරෙහි පෙත්සම් විභාගය අද දෙවැනි දිනටත්
පාර්ලිමේන්තුව විසුරුවීමට එරෙහි පෙත්සම් විභාගය අදත්
COLOMBO (News 1st) - ජනාධිපතිතුමා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කළ ගැසට් නිවේදනය අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් සම්බන්ධ විභාගය අගවිනිසුරුවරයා ප්‍රමුඛ සත් පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ අද දෙවැනි දිනටත් සිදු කෙරේ. ඊයේ දිනයේ පෙත්සම්කාර පාර්ශවය නියෝජනය කරමින් පෙනී සිටි කනක ඊශ්වරම්, තිලක් මාරපන, ජයම්පති වික්‍රමරත්න යන ජනාධිපති නීතිඥවරු හා විරාන් කොරයා මහතා ඊයේ අධිකරණය හමුවේදී දීර්ඝ ලෙස කරුණු දැක්වූහ. පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් අධිකරණයට පෙන්වා දුන්නේ, පසුගිය 09 වන දා මධ්‍යම රාත්‍රියේ සිට පාර්ලිමේන්තුව විසුරුව හරිමින් ජනාධිපතිවරයා නිකුත් කර ඇති ගැසට් නිවේදනය ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනයේ 70 (1) අනු ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය ජනාධිපතිවරයාට හිමිවී ඇත්තේ, සුවිශේෂී අවස්ථාවකදී බවත්, එනම්, රටේ බලවත් ව්‍යසනයක්, කැරළි කෝලහාල ඇතුළු සාමාන්‍ය ජන ජීවිතයට පීඩා වන අන්දමේ අවස්ථාවකදී බව නීතිඥවරු පෙන්වා දුන්හ. එසේ නොමැති නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් බහුතර කැමැත්ත නොමැතිව එය විසුරුවා හැරීමේ බලයක් නොමැති බව පෙත්සම්කරුවන්ගේ නීතිඥයෝ අධිකරණය හමුවේ පැවසූහ. ජනාධිපතිතුමාගේ එකී අත්තනෝමතික, ඒකාධිපති ක්‍රියා කලාපය නිසා රටේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බව පෙන්වා දුන් පෙත්සම්කරුවන්ගේ නීතිඥයෝ විධායකය හා ව්‍යවස්ථාදායකය ජනතාවගේ පරමාධිපත්‍ය සුරැකීමේ වගකීම පැහැර හැර ව්‍යවස්ථා විරෝධී ලෙස කටයුතු කරන්නේ නම් එය සුරැකීමේ වගකීම අධිකරණයට ඇතැයි ද පෙන්වා දුන්හ. මේ අතර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහි පෙත්සම්වලට අතරමැදි පාර්ශවකරුවන් ලෙස මැදිහත් වීමට අවසර ඉල්ලා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නීතිඥවරුන් වන මන්ත්‍රීවරුන් 10 දෙනෙක් අධිකරණයෙන් අවසර ඉල්ලා ඊයේ අතරමැදි පෙත්සම් ගොනු කළහ. ඊට අනුර ප්‍රියදර්ශන යාපා, පවිත්‍රා වන්නිආරච්චි, ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න, ප්‍රියානි විජේවික්‍රම, සිසිර ජයකොඩි, චන්ද්‍රසිරි ගජධීර, ලක්ෂ්මන් වසන්ත පෙරේරා, ඩිලාන් පෙරේරා, අනුරුද්ධ ජයරත්න සහ චන්දිම වීරක්කොඩි යන මන්ත්‍රීවරුන් අයත් ය.
2018-12-04T20:14:43.000Z
පාර්ලිමේන්තුව අද පෙරවරු 10.30ට රැස්වේ
පාර්ලිමේන්තුව අද පෙරවරු 10.30ට රැස්වේ
COLOMBO (News 1st) - පාර්ලිමේන්තුව අද පෙරවරු 10.30ට කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වේ. අද පාර්ලිමේන්තුවේදී පසුගිය 14 වන දාත් 16 වන දාත් සම්මත වූ විශ්වාසභංග යෝජනාවට අනුව ආණ්ඩුව විසිරී ඇති බැවින් ඉදිරියේදී ඊට අනුකූලව පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින යෝජනාවක් සාකච්ඡාවට ගැනීමට නියමිත බව අප පාර්ලිමේන්තු වාර්තාකරු සඳහන් කළේ ය. මේ අතර ඊයේ පස්වරුවේ නිවේදනයක් නිකුත් කරමින් කථානායක කරු ජයසූරිය මහතා සඳහන් කළේ, අන්තර්ජාතික පාර්ලිමේන්තු සංගමය හා පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ පවතින ස්ථාවර නියෝග මත, මෙතෙක් පාර්ලිමේන්තුව ගත් සෑම පියවරක්ම ගෙන ඇති බව ය. කිසිවෙකු මෙම ක්‍රියා පටිපාටිය අනුමත නොකරන්නේ නම් තමාට හා පාර්ලිමේන්තුවට අපහාස කිරීම වෙනුවට නීත්‍යානුකූල හා ප්‍රජාතන්ත්‍රවාදීව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කර තමා ඉවත් කළ යුතු බව මෙම නිවේදනයෙන් පෙන්වා දෙයි. කරු ජයසූරිය මහතා පෙන්වා දෙන්නේ, මීළඟ පාර්ලිමේන්තු දිනයෙන් පසු ප්‍රචණ්ඩත්වයෙන් තොරව පාර්ලිමේන්තුව යථා තත්ත්වයට පත් කර ගැනීම සඳහා සියලු පක්ෂ නායකයින් වගකීමෙන් ක්‍රියා කළ යුතු බව ය. කෙසේ වෙතත් විශ්වාසභංග යෝජනාව හා පසුගිය දිනවල අනෙකුත් යෝජනා සම්මත කර ගැනීමේදී කථානායකවරයා අනුගමනය කළ ක්‍රියාකලාපය පිළිබඳව බරපතල විවේචන එල්ල වී තිබේ. විධිමත් ක්‍රමය අනුගමනය නොකර හඬ අනුව විශ්වාසභංගය සම්මත වූ බවට නිවේදනය කිරීම ඒ අතරින් ප්‍රධාන විවේචනයකි. එවන් පසුබිමක අදත් පාර්ලිමේන්තු සභාවට යාම ප්‍රතික්ෂේප කිරීමට එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු කණ්ඩායම ඊයේ පෙරවරුවේම තීරණය කළේ ය.
2018-12-04T20:02:43.000Z
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
COLOMBO (News 1st) 1. ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම අභියෝගයට ලක් කරමින් පාර්ශව 13 ක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගය ඊයේ ආරම්භ විය. 2. පවතින දේශපාලන අර්බුදය ඉදිරි දින 7 තුළ අවසන් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. 3. අන්තර්ජාතික පාර්ලිමේන්තු සංගමය හා පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ පවතින ස්ථාවර නියෝග මත මෙතෙක් පාර්ලිමේන්තුව ගත් සෑම පියවරක්ම ගෙන ඇතැයි කථානායක කරු ජයසූරිය මහතා නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙයි. 4. පර්පෙචුවල් ට්‍රේෂරීස් සමාගමේ හිමිකරු වන අර්ජුන් ඇලෝසියස් සහ එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන යන මත්වරුන් ලබන 18 වැනි දා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. විදෙස් පුවත් 5. සති ගණනාවක් පැවති ප්‍රචණ්ඩ විරෝධතාවලට මුල් වූ ඉන්ධන බද්ද අවලංගු කිරීමට ප්‍රංශ රජය සූදානම් වෙයි. ක්‍රීඩා පුවත් 6. නවසීලන්තය සමග පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ අලුයම දිවයිනෙන් පිටත් විය.
2018-12-04T19:50:02.000Z
බස් ගාස්තු අඩු කිරීමේ තීරණාත්මක සාකච්ඡාවක් අද
බස් ගාස්තු අඩු කිරීමේ තීරණාත්මක සාකච්ඡාවක් අද
COLOMBO (News 1st) - ඉන්ධන මිල පහළ යාමත් සමග බස් ගාස්තු අඩු කිරීමේ තීරණාත්මක සාකච්ඡාවක් අද පෙරවරු 10.00ට පැවැත්වේ. ජාතික ගමනා ගමන කොමිසමේදී පැවැත්වෙන සාකච්ඡාව සඳහා සෑම බස් සංගමයකම නියෝජිතයින් සහභාගී වීමට නියමිත ය. ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ සභාපති එම්.ඒ.පී. හේමචන්ද්‍ර මහතා සඳහන් කළේ, පසුගිය මස පළමු වැනිදා ඩීසල් මිල රුපියල් 07 කින් පහළ දැමූ අතර පසුගිය 15 වැනිදා ඩිසල් මිල රුපියල් 05 කින් අඩු කිරීමට රජය පියවර ගත් බව ය. පසුගිය මස 30 වැනිදා මධ්‍යම රාත්‍රියේ ද ඩීසල් හා පෙට්‍රල් මිල රුපියල් 05 කින් අඩු කිරීමට රජය කටයුතු කළේ ය. එවැනි තත්ත්වයක් යටතේ මසක් ඇතුළත ඩීසල් මිල මේ වන විට රුපියල් 17කින් පහළ ගොස් තිබේ. සභාපතිවරයා පෙන්වා දෙන්නේ, බස් ගාස්තු සංශෝධනයකට රුපියල් 14කින් ඩීසල් ලීටරයක මිල වෙනස් වීම ප්‍රමාණවත් බව ය. එහෙත් පසුගිය මස පළමු වැනිදා රුපියල් 07කින් ඩීසල් මිල අඩු කළ පසුව සුළු වශයෙන් බස් ගාස්තු අඩු වීමක් කළ බව ද ඔහු පැවසුවේ ය.
2018-12-04T07:33:29.000Z
කථානායකගෙන් නිවේදනයක්...!
කථානායකගෙන් නිවේදනයක්...!
COLOMBO (News 1st) - අන්තර් ජාතික පාර්ලිමේන්තු සංගමය හා පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ පවතින ස්ථාවර නියෝග මත මෙතෙක් පාර්ලිමේන්තුව ගත් සෑම පියවරක්ම ගෙන ඇතැයි කථානායක කරූ ජයසූරිය මහතා නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙයි. ඔහු කියා සිටින්නේ, කිසියම් පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් ශක්තිමත් කිරීම හෝ දුර්වල කිරීම තම ක්‍රියා කලාපය තුළින් අපේක්ෂා නොකළ බවයි. හුදෙක් ප්‍රතිපත්තිමය කාරණා මත සෑම පියවරක්ම ගත් බව කථානායකවරයා සිය නිවේදනයෙන් අවධාරණය කරනු ඇත. කිසිවෙකු මෙම ක්‍රියා පටිපාටිය අනුමත නොකරන්නේ නම්, තමාට හා පාර්ලිමේන්තුවට අපහාස කිරීම වෙනුවට නීත්‍යානුකූල හා ප්‍රජාතන්ත්‍රවාදීව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කර තමා ඉවත් කළ යුතු බව මෙම නිවේදනයෙන් පෙන්වා දෙයි. කරූ ජයසූරිය මහතා පෙන්වා දෙන්නේ, මීළඟ පාර්ලිමේන්තු දිනයෙන් පසු ප්‍රචණ්ඩත්වයෙන් තොරව පාර්ලිමේන්තුව යථා තත්ත්වයට පත් කර ගැනීම සඳහා සියලු පක්ෂ නායකයින් වගකීමෙන් ක්‍රියා කළ යුතු බවයි.
2018-12-04T10:16:56.000Z
"පවතින දේශපාලන අර්බුදය ඉදිරි දින 7 තුළ අවසන් කරනවා" - ජනපති
සතියක් තුළ දේශපාලන අර්බුදය අවසන් කරනවා...
COLOMBO (News 1st) - ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ විශේෂ නියෝජිත සම්මේලනයක් අද කොළඹදී පැවැත් විය. මෙම විශේෂ නියෝජිත සම්මේලනය අද කොළඹ සුගතදාස ගෘහස්ථ ක‍්‍රීඩාංගණයේදී පස්වරු 3.00 ට පමණ ආරම්භ වූයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙනි. මෙහිදී පක්ෂයේ නිල පුවත් වෙබ් අඩවිය ද විවෘත කෙරුණි.
2018-12-04T07:09:46.000Z
අර්ජුන් ඇලෝසියස් සහ කසුන් පලිසේන යළි රිමාන්ඩ්
අර්ජුන් ඇලෝසියස් සහ කසුන් පලිසේන යළි රිමාන්ඩ්
COLOMBO (News 1st) - පර්පෙචුවල් ට්‍රේෂරීස් සමාගමේ හිමිකරු වන අර්ජුන් ඇලෝසියස් සහ එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන යන මත්වරුන් ලබන 18 වැනි දා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. ඒ, සැකකරුවන් අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදීය. එම සැකකරුවන් දෙදෙනා වෙනුවෙන් විත්තියේ නීතිඥවරුන් කළ ඇප ඉල්ලීම සම්බන්ධයෙන් විරෝධතා ඇතිනම් එදිනට ලිඛිතව ගොනු කිරීමට පියවර ගන්නා ලෙසට ද ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය එහිදී පැමිණිල්ල මෙහෙය වන නීතිපතිවරයාට නියෝග කළේ ය. මහ බැංකු බැඳුම්කර වෙන්දේසියකදී අයුතු ලෙස මුදල් උපයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් පසුගිය පෙබරවාරි 04 වැනි දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබුණි.
2018-12-04T05:47:56.000Z
ඉන්ධන බද්ද අවලංගු කිරීමට ප්‍රංශ රජයෙන් පියවර
ඉන්ධන බද්ද අවලංගු කිරීමට ප්‍රංශ රජයෙන් පියවර
සති ගණනාවක් පැවති ප්‍රචණ්ඩ විරෝධතාවලට මුල් වූ ඉන්ධන බද්ද අවලංගු කිරීමට ප්‍රංශ රජය සූදානම් වෙයි. ඉන්ධන මිල ඉහළ දැමීම සහ ජීවන වියදම ඉහළයාමට එරෙහිව ප්‍රංශ වැසියන් නිරත වූ එම විරෝධතාවල ප්‍රතිඵලයක් ලෙස එරට ආර්ථික කටයුතු සහ ව්‍යාපාරික කටයුතු සඳහා ද දැඩි බලපෑමක් සිදු විය. ප්‍රංශ මුදල් අමාත්‍යවරයා සඳහන් කළේ, මේ හේතුවෙන් වෙළෙඳාම්, හෝටල් ව්‍යාපාර, ගිමන්හල් ආදී කර්මාන්ත ක්ෂේත්‍ර කටයුතුවල ලාභාංශ 15% - 50% ත් අතර ප්‍රතිශතයකින් පහත වැටී ඇති බවයි. ජීවන වියදම සහ ඉන්ධන මිල ඉහළයාම හේතුවෙන් මීට සති දෙකකට පමණ පෙර සිට ජනතාව වීදි බැස විරෝධතාවයේ නිරත විය. ප්‍රංශ බලධාරීන් සඳහන් කළේ, අපේක්ෂා නොකළ අන්දමින් එම විරෝධතා ප්‍රචණ්ඩ සහ නොසන්සුන් තත්ත්වයක් දක්වා වර්ධනය වූ බවයි.
2018-12-04T05:18:26.000Z
සරසවි සිසු විරෝධතාවට පොලීසියෙන් කඳුළු ගෑස්
සරසවි සිසු විරෝධතාවට පොලීසියෙන් කඳුළු ගෑස්
COLOMBO (News 1st) - සරසවි සිසුන් ආරම්භ කළ විරෝධතාව විසුරුවා හැරීමට පොලීසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාරයක් එල්ල කර තිබේ. පොලීසිය පැවසුවේ, ලෝටස් වටරවුමේදී පොලීසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කළ බවයි. විරෝධතාව සංවිධනය කර තිබුණේ, අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයයි. ඒ, අග්නිදිග විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසකගේ පන්ති තහනම් කිරීමට එරෙහිව හා විශ්වවිද්‍යාලයේ ඇති ගැටලු කිහිපයකට විසඳුම් ඉල්ලමිනි.
2018-12-04T04:36:41.000Z
අතුරු තහනමට එරෙහිව මහින්ද රාජපක්ෂගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක්
මහින්ද රාජපක්ෂගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක්
COLOMBO (News 1st) - අග්‍රාමාත්‍යවරයාට සහ කැබිනට් මණ්ඩලයට ධූර දැරීම අත්හිටුවමින් අභියාචනාධිකරණය නිකුත් කළ අතුරු තහනම් නියෝගය ට එරෙහිව මහින්ද රාජපක්ෂ මහතාගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ගොනු කර තිබේ.
2018-12-04T03:14:22.000Z
සන්ධානේ බස්නාහිර පළාත් මන්ත්‍රී දෙපළක් විපක්ෂයට
සන්ධානේ බස්නාහිර පළාත් මන්ත්‍රී දෙපළක් විපක්ෂයට
COLOMBO (News 1st) : බස්නාහිර පළාත් සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් වන නවුසර් ෆවුසි සහ කීර්ති කාරියවසම් යන මන්ත්‍රීවරුන් අද විපක්ෂයේ අසුන් ගත්හ. අනතුරුව ඔවුන් සභාව හමුවේ විශේෂ ප්‍රකාශ කරමින් සිය තීරණය පිළිබදව අදහස් පළ කළේ ය. කීර්ති කාරියවසම් මහතා කියා සිටියේ , වත්මන් පරිපාලනය සමග තමන්ට කටයුතු කිරිමට නොහැකි බැවින් විපක්ෂයට එක් වීමට තීරණය කළ බවයි. වත්මන් සන්ධානයට සහ ප්‍රතිපත්තිවලට එකඟ නොවන බැවින් ඊට විරෝධය දැක්වීමක් ලෙස විපක්ෂයට එක් වීමට තමා තීරණය කළ බව ඔහු වැඩිදුරටත් කියා සිටියේ ය.
2018-12-04T03:05:41.000Z
"අතුරු තහනමට එරෙහි පෙත්සම අද සවස ගොනු කරනවා" - ගම්මන්පිල
"අතුරු තහනමට එරෙහි පෙත්සම අද සවස ගොනු කරනවා"
COLOMBO (News 1st) : පස්වරුවේ ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනුකරන බව මන්ත්‍රී උදය ගම්මන්පිල කියයි. අග්‍රාමාත්‍යවරයා, අමාත්‍යවරු හා නියෝජ්‍ය අමාත්‍යවරුන්ට එම ධුර දැරීම වළක්වමින් අභියාචනාධිකරණය දුන් තීන්දුවට එරෙහිව අද පස්වරුවේ ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගමන්න්පිල මහතා පවසයි. උපරිමාධිකරණ සංකීර්ණයේදී නිව්ස් ෆස්ට් වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියේ ය. අභියාචනාධිකරණ තීන්දුවට එරෙහිව අද ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කිරිමට කටයුතු කරන බව මහින්ද රාජපක්ෂ මහතා ඊයේ රාත්‍රියේ ප්‍රකාශ කළේ ය. ඊයේ රාත්‍රියේ විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කලේ අග්‍රාමාත්‍ය ධූරය ඇතුළු කැබිනට්, රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍ය ධූර දැරීම අත්හිටුවමින් අභියාචනාධිකරණය ලබා දුන් අතුරු තහනම් නියෝගයට එකඟ නොවන බවයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අර්ථ නිරූපණය කිරීමේ සහ ඊට අදාළ තීන්දු තීරණ ගැනීමේ පරම අයිතිය ව්‍යවස්ථානුකූලව පැවරී ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණයට බව ද මහින්ද රාජපක්ෂ මහතාගේ අත්සනින් නිකුත් කළ නිවේදනයේ සඳහන් ය. මහ මැතිවරණයක් හරහා මහජනතාවගේ මතය දිනා දීම සදහාවු වැඩපිළිවෙළ වෙනුවෙන් කැපවීම මේ මොහෙතේ වඩා අවශ්‍ය බව මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දෙයි. අග්‍රාමාත්‍යවරයා ඇතුලු කැබිනට් අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් හා නියෝජ්‍ය අමාත්‍යවරුන්ට එම ධුර දැරීම අත්හිටුවමින් අභියාචනාධිකරණය ඊයේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේ ය. ඒ, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ඇතුලු මන්ත්‍රීවරුන් 122 කු, කෝ වොරොන්ටෝ රීට් ආඥාවක් නිකුත් කරන්නැයි, අභියාචානාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සම සලකා බැලීමෙන් අනතුරුවයි.
2018-12-04T01:12:16.000Z
සන්ධාන මන්ත්‍රී කණ්ඩයම හෙටත් පාර්ලිමේන්තුව වර්ජනය කරන බව කියයි
සන්ධානය හෙටත් පාර්ලිමේන්තු නොයන තීරණයක
COLOMBO (News 1st) : එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී කණ්ඩායම හෙට දිනයෙත් පාර්ලිමේන්තු රැස්වීමට සහභාගී නොවන බව සභානායක දිනෙෂ් ගුණවර්ධන මහතා පවසයි. දැන් නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පක්ෂ කාර්යාලයේ පැවැත්වෙන මාධ්‍ය හමුවකදී දිනෙෂ් ගුණවර්ධන මහතා මේ බව පැවසී ය. දිනේෂ් ගුනවර්ධන මහතා පැවැසුවේ, පාර්ලිමේන්තු රැස්වීම ව්‍යවස්ථාවට අනුකූලව නොපැවැත්වෙන බව තම කණ්ඩායමේ ස්ථාවරය බවයි.
2018-12-04T00:41:32.000Z
ලොකු ලූනු ගොවීන්ගෙන් බලධාරීන්ට චෝදනා
ලොකු ලූනු ගොවීන්ගෙන් බලධාරීන්ට චෝදනා
COLOMBO (News 1st) : ලොකු ලූනු බීජ නිෂ්පාදනය කළ ගොවීන්ට රජයෙන් ගෙවිය යුතු මුදල් ලැබී නොමැති බවට ගොවීහු චෝදනා කරති. ඒ, දඹුල්ල කෘෂිකර්ම කාර්යාලය ඉදිරිපිටට ඊයේ රැස්වෙමිනි. කැබිනට් අනුමැතිය මත කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් දේශීය ලොක ගොවීන්ට ලොකු ලූනූ බීජ ලබා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබිණ. ඒ, රුපියල් 9000ක් වන ලොකු ලූනූ බීජ කිලෝ 1ක් රුපියල් 4500ක් වැනි මුදලකට දේශීය ලොකු ලූනූ ගොවීන්ට ලබා දෙමිනි. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව දැනුවත් කර ඇති පරිදි මෙම ලොකු ලූනු බීජ මිලදී ගත යුත්තේ ද බීජ නිෂ්පාදනය කරන දේශීය ගොවීන්ගෙනි. ඒ සඳහා ඔවුන්ට රුපියල් 4500ක මුදලක් ගෙවීම ප්‍රමාණවත් වන අතර ඉදිරි මුදල් රජයෙන් ගෙවීමට තීරණය කර තිබේ. ඒ, චෙක් පත් මාර්ගයෙනි. නමුත් බීජ නිෂ්පාදනය කරන ගොවීන් චෝදනා කරන්නේ මෙම චෙක් පත් ගෙවීම නිසි ලෙස සිදු නොවන බවයි. මේ හේතුවෙන් ලොකු ලූනු නිෂ්පාදනය කරන ගොවීන් දැඩි අපහසුතාවට පත්ව ඇති බව ද ඔවුන් පෙන්වා දෙයි. පසුව මෙ පිළිබඳව පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂවරයාට දන්වා ඇති අතර ඔහු දැනුම් දී ඇත්තේ නිසි ක්‍රමවේදයක් සකස් කරන තෙක් මෙය තාවකාලිකව අත්හිටුවන බවයි.
2018-12-04T02:03:36.000Z
කැළෑ නීතියෙන් කළ විහිළුව දැන්වත් නතර කරන්න - සජිත් ප්‍රේමදාස
මේ විහිළුව දැන්වත් නතර කරන්න-සජිත් ප්‍රේමදාස
COLOMBO (News 1st) : ඔක්තෝබර් මස 26 වැනි දා සිට ක්‍රියාත්මක වූ සියලු ක්‍රියාදාමයන්, නීත්‍යානුකූල නොවන ආකාරයෙන් සිදුවූ ඒවා බවට සාක්ෂාත් වෙමින් පවතින බවත්, නැවත 26 වැනි දාට පෙර පැවති තත්ත්වයෙන් ආණ්ඩුව පවත්වා ගනිමින් ජනතාවගේ ගැටලු නිරාකරණය කරමින් ඇණහිට තිබෙන සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කිරීමට අවධානය යොමු කළ යුතු බවත් එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස පවසයි. ශ්‍රේෂ්ඨාධිකරණයේ දී විභාගයට ගත්, ආණ්ඩුව විසිරුවා හැරීමේ තීරණයට එරෙහි පෙත්සම් විභාග කිරීම අද සත් පුද්ගල විනිශ්චය මණ්ඩලයක් හමුවේ ආරම්භ වූ අතර, ඒ අවස්ථාව සඳහා ශ්‍රේෂ්ඨාධිකරණ පරිශ්‍රයට පැමිණි අවස්ථාවේ ඔහු මේ බව ප්‍රකාශ කළේය. "දවසින් දවන මේ සිදුවන දේ දිහා බැලුවම අපිට පේනව නීතිය යුක්තිය හා සාධාරණත්වය ජයගනිමින් පවතිනවා. මේ රටේ පරමාධිපත්‍යය බලය ආරක්ෂාවන ආකාරයෙන්, නීතිය රැකෙන ආකාරයට සියලුම දේ සිදුවෙයි කියා මා සිතනවා." - සජිත් ප්‍රේමදාස එක් එක් පාර්ශ්ව තම පුද්ගලික අවශ්‍යතා වෙනුවෙන්, ජනතාවගේ අවශ්‍යතා අමතක කර ක්‍රියා කිරීම මගින් මෙම තත්ත්වය උද්ගතව ඇති බව ඔහුගේ අදහසයි. "ව්‍යවස්ථාව පැත්තක දාලා රටේ නීතිය අමතක කරල, අපිට ඕන විදියට රජවෙන්න පුළුවන් කියන එක අතහැරල, නීතියට ගරු කරල නිවැරදි තීන්දුවක් ගන්න ප්‍රතිවාදී කණ්ඩායම්වලට බුද්ධිය ඥානය පහළ වේවායි කියල මම ප්‍රාර්ථනා කරනවා." - සජිත් ප්‍රේමදාස රනිල් වික්‍රමසිංහ මහතාට අග්‍රාමාත්‍යධූරය පිරිනැමීමට ජනාධිපතිවරයා අකමැත්ත පළ කළ බවට වන මාධ්‍ය වාර්තා අනුව, අග්‍රාමාත්‍ය ධූරය භාරගන්නවා ද යන ප්‍රශ්නයට පිළිතුරු දෙමින් සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේ, තුන්වැනි අගමැති කෙනෙකු පත් කිරීමෙන් ගැටලුවට පිළිතුරු නොලැබෙන බවයි. "මෙතන තියෙන්නෙ තුන්වැනි අගමැති කෙනෙක්ගෙ අවශ්‍යතාව නොවෙයි. නිත්‍යානුකූල අගමැති නීත්‍යානුකූල නොවන ආකාරයෙන් ඉවත්කිරීම. අවශ්‍යවෙන්නෙ තුන්වැනි අගමැති කෙනෙකුත් පත්කරගෙන නාඩගම් නටන එක නෙවෙයි." - සජිත් ප්‍රේමදාස රටෙහි තත්ත්වය ව්‍යාකූල නොකර හැකි ඉක්මනින්, ස්ථිර විසඳුමක් ලබා දෙන මෙන් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. "දැන්වත් මේ විහිළුව නතර කරන්න, අපි අතේ බහුතරය තියෙනවා."
2018-12-04T00:24:21.000Z
ගෝඨාභයට එරෙහි නඩු විභාගය ජනවාරි 22 සිට අඛණ්ඩව
ගෝඨාභයට එරෙහි නඩු විභාගය ජනවාරි 22 සිට අඛණ්ඩව
COLOMBO (News 1st) : රාජ්‍ය මුදල් අවභාවිතය සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු 7 දෙනෙකුට එරෙහි නඩු විභාගය ලබන වසරේ ජනවාරි 22 වන දා සිට දිනපතා විභාගයට ගැනීමට විශේෂ මහාධිකරණය අද තීරණය කළේ ය. ඩී.ඒ. රාජපක්ෂ කෞතුකාගරය ඉදිකිරීමේදී රුපියල් තුන් කෝටි 39 ලක්ෂයකට අධික රාජ්‍ය මුදල් අවභාවිතය සම්බන්ධයෙන් වන නඩුව අද පෙරවරුවේ කැඳවී ය. නඩුව කැඳවනු ලැබුවේ, විශේෂ මහාධිකරණයේ සම්පත් අබේකෝන්, සම්පත් විජේරත්න සහ චම්පා ජානකී රාජරත්න යන මහත්ම මහත්මියගෙන් සමන්විත ත්‍රීපුද්ගල විනිසුරු මඬුල්ල හමුවෙයි.
2018-12-03T22:12:23.000Z
පොලිස් නිලධාරීන් දෙදෙනා ඝාතනය : තවත් සැකකරුවෙක් අත්අඩංගුවට
පොලිස්නි නිලධාරීන් ඝාතනයේ තවත් සැකකරුවෙක් දැලේ
COLOMBO (News 1st) : මඩකලපුව, වවුනතිව් ප්‍රදේශයේ පොලිස් මුරපොළක සේවය කළ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවෙකු කිලිනොච්චියේදී අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ, 40 හැවිරිදි කදිරාමතම්බි ඉරාජකුමාරන් නොහොත් කන්නන් නමැති සැකකරු වව්නියාව පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇති බවයි. සැකකරු මඩකලපුව, කරයාකන්තිව් ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. පොලීසිය පැවසුවේ,වැඩිදුර විමර්ශන සඳහා සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදීමට නියමිත බවයි. මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් එක් සැකකරුවෙකු පසුගිය දා කිලිනොච්චියේදී ද අත්අඩංගුවට ගැනිණ. රාසනායගම් සර්වානන්දම් නමැති 48 හැවිරිදි එම සැකකරු කිලිනොච්චිය පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ කිලිනොච්චිය වට්ටකච්චිය ප්‍රදේශයේදීයි. ඔහු කිලිනොච්චිය, හඩ්සන් පාර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
2018-12-03T21:53:07.000Z
අකුරණ අනතුරින් අයෙක් මියයයි
අකුරණ අනතුරින් අයෙක් මියයයි
COLOMBO (News 1st) : මහනුවර, අකුරණ නගරයේදී කැබ් රථයක් හා ජීප් රථයක් ගැටීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබේ. පොලීසිය පැවසුවේ අනතුරින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා ඇති බවයි. ඔවුන් අකුරණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මහනවුර මහ රෝහල වෙත මාරුකර යැවූ බව පොලීසිය සඳහන් කළේ ය.
2018-12-03T21:09:27.000Z
පාර්ලිමේන්තුව විසිරවීමට එරෙහි පෙත්සම් විභාගය ඇරඹේ
පාර්ලිමේන්තුව විසිරවීමට එරෙහි පෙත්සම් විභාගය ඇරඹේ
COLOMBO (News 1st) : ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම අභියෝගයට ලක් කරමින් පාර්ශව 13 ක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගය ආරම්භ වී තිබේ. අගවිනිසුරු නලින් පෙරේරා, බුවනෙක අළුවිහාරේ, සිසිර ද ආබෘ, ප්‍රියන්ත ජයවර්ධන, ප්‍රසන්න ජයවර්ධන, විජිත් මලල්ගොඩ හා මූර්දු ප්‍රනාන්දු යන සත් පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ එම පෙත්සම් එළඹෙන 6 වනදා දක්වා විභාගයට ගැනීමට නියමිතව ඇත. ජනාධිපතිවරයා විසින් පසුගිය 9 වනදා මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි පාර්ලිමේන්තුව විසුරුවා හරින බවට නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු කරන ලෙස ඉල්ලමින් එක්සත් ජාතික පක්ෂය, දෙමල ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ, සමස්ත ලංකා මහජන කොංග්‍රසය ඇතුළු දේශපාලන පක්ෂ හා සිවිල් සන්විධාන 13 ක් මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කර තිබේ. එම පෙත්සම් මෙන්ම එම පෙත්සම්වලට අතරමැදි පාර්ශවකරුවන් ලෙස සම්බන්ධ වූ උදය ගම්මන්පිල, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී. එල්. පීරීස් ඇතුළු පිරිසක් ගොනු කර ඇති අතරමැදි පෙත්සම් ද අද සිට විභාගයට ගැනීමට නියමිතයි. පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපතිවරයා විසින් නිකුත් කළ ගැසට් නිවේදනය අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් සලකා බැලූ අගවිනිසුරු නලින් පෙරේරා, ප්‍රසන්න ජයවර්ධන හා ප්‍රියන්ත ජයවර්ධන යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල එම ගැසට් නිවේදනය කියාත්මක කිරීම ලබන 7 වනදා දක්වා බලරහිත කරමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේ පසුගිය 13 වනදා පස්වරුවේයි. පෙත්සම් විභාගයට දින නියම කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ඇතුළු පස් දෙනෙකු පෙත්සම් විභාගය සදහා පූර්ණ විනිසුරු මඩුල්ලක් නම් කරන ලෙස ඉල්ලා මෝසමක් ගොනු කර තිබූ අතර, ඒ අනුව අගවිනිසුරු නලින් පෙරේරා මහතා විසින් තමා ඇතුළු සත් පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම් විභාග කිරීමට තීරණය කළේ ය.
2018-12-03T20:51:01.000Z
ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම දිවයිනෙන් පිටත්ව යයි
ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම දිවයිනෙන් පිටත්ව යයි
COLOMBO (News 1st) : නවසීලන්තය සමග පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම අද අලුයම දිවයිනෙන් පිටත් විය. ශ්‍රී ලංකා කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර ක්‍රිකට් තරගාවලිය එළැඹෙන 15 වනදා ආරම්භ වේ. ඊට ටෙස්ට් තරග 2 ක්, එක්දින තරග 3 ක් හා පන්දුවාර 20යි 20 තරගයක් ඇතුළත් ය. දෙරට අතර ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කරන දිනේෂ් චන්දිමාල්ගේ නායකත්වයෙන් සමන්විත 17 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම අද අලුයම දිවයිනෙන් පිටත් විය. ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයේ උප නායකත්වය මෙවර හිමිව ඇත්තේ ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්නටයි. නවසීලන්තය සමග පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට එංගලන්තය සමඟ පැවති ටෙස්ට් තරගාවලිය ක්‍රීඩා නොකළ ලහිරු කුමාර, ලහිරු තිරිමාන්න, සධීර සමරවික්‍රම සහ නුවන් ප්‍රදීප් යන ක්‍රීඩකයින් ඇතුළත් කර තිබීම විශේෂත්වයකි. ළහිරු තිරිමාන්න හා නුවන් ප්‍රදීප් මේ වසර තුළ ශ්‍රී ලංකාව වෙනුවෙන් කිසිදු ටෙස්ට් ක්‍රිකට් තරගයකට සහභාගි වී නොමැත. වේග පන්දු යවන ක්‍රීඩක ලහිරු කුමාරට එල්ල වූ විනය පිළිබඳ ගැටලුව හේතු කොට ගෙන එංගලන්තය සමග පැවති ටෙස්ට් තරගමාලාව අහිමි වූ අතර ලහිරු තිරිමාන්න සහ සධීර සමරවික්‍රම අවසන් වරට ටෙස්ට් තරගයක් ක්‍රීඩා කළේ පසුගිය වසරේ ඉන්දියාව සමග පැවති ටෙස්ට් තරගාවලියේදීයි. ඔවුන් දෙදෙනාටම එංගලන්තය සමඟ පැවති ටෙස්ට් තරගමාලාව ක්‍රීඩා කිරීමට නොහැකි වූ අතර එංගලන්තය සමග පැවති එක්දින තරගවල ක්‍රීඩා කිරීමට සධීර හට අවස්ථාව හිමි විය. ආබාධවලට ලක්වීම හේතුවෙන් ටෙස්ට් සංචිතයෙන් ඉවත්ව සිටි නුවන් ප්‍රදීප් නැවත ක්‍රීඩා කළ හැකි මට්ටමට සුවය ලබා තිබීම හේතුවෙන් නැවත සංචිතයට කැඳවා තිබේ. දිමුත් කරුණාරත්න, දනුෂ්ක ගුණතිලක, ධනංජය ද සිල්වා, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, රොෂේන් සිල්වා, නිරෝෂන් දික්වැල්ල, දිල්රුවන් පෙරේරා, ලක්ෂාන් සඳකැන්, සුරංග ලක්මාල්, කසුන් රාජිත, දුෂ්මන්ත චමීර, මෙවර නවසීලන්තයත් සමග ක්‍රීඩා කරන 17 දෙනෙකුගෙන් සමන්විත ටෙස්ට් සංචිතයට ඇතුළත් වෙති. පන්දු යැව්මේ ඉරියව්ව සැක සහිත බවට චෝදනි එල්ල වූ අකිල ධනංජය මෙම සංචිතයට ඇතුළත් කර නොමැත. https://www.facebook.com/NewsfirstSL/videos/1223160161157956/
2018-12-03T19:42:03.000Z
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
COLOMBO (News 1st) : දේශිය පුවත් 1. පාර්ලිමේන්තුවේ 225 ම අත්සන් කළ ත් රනිල් අගමැති නොකරන බව ජනපති එ.ජා.පයට දැනුම් දෙයි : පාර්ලිමේන්තුවේ 225 දෙනාම අත්සන් කර තමන්ට නිර්දේශ කළත් රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධූරයට නම් නොකරන බව ජනාධිපතිතුමා පැවසු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි. 2. ජනපති TNA නියෝජිතයින් හමුවෙයි : ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඊයේ පස්වරුවේ දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයින් හමුවිය. 3. “අතුරු තහනම් නියෝගයට එකඟ වන්නේ නැහැ” – මහින්ද රාජපක්ෂ : කැබිනට් මණ්ඩලය අත්හිටවූ බව ප්‍රකාශ කරමින් ඊයේ අභියාචනාධිකරණය ලබා දුන් අතුරු තහනම් නියෝගයට එකඟ නොවන බව මහින්ද රාජපක්ෂ මහතා පවසයි. 4. අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට රන්ජන් රාමනායකට නොතිසි : එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට ලබන 07 වැනි දා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනි සිටින ලෙස දන්වා ඊයේ නොතිසි නිකුත් කර තිබේ. 5. මාතර සිසු ඝාතනයේ සැකකරුවන් තිදෙනා ලබන 10 තෙක් රිමාන්ඩ් : මාතර, ඇලවේල්ල පාරේ උපකාරක පන්තියක් අසළදී පිහියකින් ඇණ සිසුවෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා ලබන 10 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. 6. අගමැතිට සහ ඇමතිවරුන්ට ධූර දැරීම අත්හිටුවමින් අභියාචනාධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක් : අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ කැබිනට් අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් හා නියෝජ්‍ය අමාත්‍යවරුන් එම ධූර දැරීම අත්හිටුවමින් අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ. 7. රැකියා විරහිත උපාධිධාරීන්ගේ විරෝධතාවයට කඳුළු ගෑස් ප්‍රහාර : කොළඹ කොටුව, ලෝටස් වටරවුමේ පැවති රැකියා විරහිත උපාධිධාරීන්ගේ විරෝධතාවය විසුරුවා හැරීමට පොලීසිය කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළේ ය. 8. සා/ පෙළ විභාගය අද ඇරඹේ: අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඊයේ ආරම්භ ‌විය. විදෙස් පුවත්... 1. තලේබාන් සන්නද්ධ ප්‍රධානියෙකු ඇෆ්ගනිස්ථානයේදී මරුදකී : ඇෆ්ගනිස්ථානයේ තලේබාන් ජ්‍යෙෂ්ඨ සන්නද්ධ ප්‍රධානියෙකු අමෙරිකානු ගුවන් ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්ව තිබේ.
2018-12-03T19:24:39.000Z
තීන්දුවට එරෙහිව මහින්ද රාජපක්ෂ ශ්‍රේෂ්ඨාධිකරණයට
තීන්දුවට එරෙහිව මහින්ද රාජපක්ෂ ශ්‍රේෂ්ඨාධිකරණයට
COLOMBO (News 1st) : අභියාචනාධිකරණ තීන්දුවට එරෙහිව අද දිනයේ ආරම්භක පැයේදීම ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අභියාචනයක් ඉදිරිපත් කිරිමට කටයුතු කරන බව මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ඊයේ රාත්‍රියේ විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කළේ, අග්‍රාමාත්‍ය ධුරය ඇතුළු කැබිනට්, රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍ය ධූර දැරීම අත්හිටුවමින් අභියාචනාධිකරණය ලබා දුන් අතුරු තහනම් නියෝගයට එකග නොවන බවයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අර්ථ නිරූපණය කිරීමේ සහ ඊට අදාළ තීන්දු තීරණ ගැනීමේ පරම අයිතිය ව්‍යවස්ථානුකූලව පැවරී ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණයට බව ද මහින්ද රාජපක්ෂ මහතාගේ අත්සනින් නිකුත් කළ නිවේදනයේ සඳහන් ය. මහ මැතිවරණයක් හරහා මහජනතාවගේ මතය දිනා දීම සඳහා වු වැඩපිළිවෙළ වෙනුවෙන් කැපවීම මේ මොහෙතේ වඩා අවශ්‍ය බව මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දෙයි. අග්‍රාමාත්‍යවරයා ඇතුළු කැබිනට් අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් හා නියෝජ්‍ය අමාත්‍යවරුන්ට එම ධුර දැරීම අත්හිටුවමින් අභියාචනාධිකරණය ඊයේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේ ය. ඒ, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ඇතුළු මන්ත්‍රීවරුන් 122 දෙනෙකු, රීට් ආඥාවක් නිකුත් කරන්නැයි, අභියාචානාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සම සලකා බැලීමෙන් අනතුරුවයි.
2018-12-03T19:11:48.000Z
ශ්‍රීලනිප විශේෂ නියෝජිත සමුළුව අද ජනපති ප්‍රධානත්වයෙන්
ශ්‍රීලනිප විශේෂ නියෝජිත සමුළුවක් අද
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ නියෝජිත සමුළුව අද පැවැත්වේ. සමුළුව කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණ පරිශ්‍රෙය්දී අද පස්වරු 2 ට ආරම්භ වීමට නියමිතයි. - තීරණය රට වෙනුවෙන් - යන්න තේමා කර ගනිමින් පැවැත්වෙන මෙම විශේෂ නියෝජිත සමුළුවේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත වේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සඳහන් කළේ, වර්තමාන දේශපාලන වාතාවරණය ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් මෙම සමුළුවේදී අවධානය යොමු කෙරෙනු ඇති බවයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පළාත් සභා මන්ත්‍රීවරුන් ඇතුළු නියෝජිතයින් රැසක් මෙම සමුළුවට සහභාගී වීමට නියමිත බව මහලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.
2018-12-03T10:36:11.000Z
පාර්ලිමේන්තුවේ 225 ම අත්සන් කළ ත් රනිල් අගමැති නොකරන බව ජනපති එ.ජා.පයට දැනුම් දෙයි
රනිල් අගමැති නොකරන බව ජනපති එ.ජා.ප යට දැනුම් දෙයි
COLOMBO (News 1st) - පාර්ලිමේන්තුවේ 225 දෙනාම අත්සන් කර තමන්ට නිර්දේශ කළත් රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධූරයට නම් නොකරන බව ජනාධිපතිතුමා පැවසු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි. ඔහු මේ අදහස් පළ කළේ, ජනාධිපති ලේකම් කාර්යාලයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා එක්සත් ජාතික පෙරමුණේ නායකයින් අතර පැවති සාකච්ඡාවකින් අනතුරුවය.
2018-12-03T08:21:19.000Z
"අතුරු තහනම් නියෝගයට එකඟ වන්නේ නැහැ" - මහින්ද රාජපක්ෂ
අතුරු තහනම් නියෝගයට එකඟ වන්නේ නෑ - මහින්ද රාජපක්ෂ
COLOMBO (News 1st) - කැබිනට් මණ්ඩලය අත්හිටවූ බව ප්‍රකාශ කරමින් අද දින අභියාචනාධිකරණය ලබා දුන් අතුරු තහනම් නියෝගයට එකඟ නොවන බව මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ඔහුගේ අත්සනින් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, අභියාචනාධිකරණ තීන්දුවට එරෙහිව හෙට දින ආරම්භක පැයේදීම ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අභියාචනයක් ඉදිරිපත් කිරීමට කටයුතු කරමින් සිටින බවය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අර්ථ නිරූපණය කිරීමේ සහ ඊට අදාළ තීන්දු තීරණ ගැනීමේ පරම අයිතිය ව්‍යවස්ථානුකූලව පැවරී ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණයට බව නැවතත් අවධාරණය කරන බව එම නිවේදනයේ සඳහන් විය. මහ මැතිවරණයක් හරහා මහජනතාවගේ මතය දිනාදීම සඳහා වූ වැඩපිළිවෙළ වෙනුවෙන් කැපවීම මේ මොහෙතේ වඩා අවශ්‍ය බව මහින්ද රාජපක්ෂ මහතා පවසයි. නිවේදනය
2018-12-03T08:51:03.000Z
ජනපති TNA නියෝජිතයින් හමුවෙයි
ජනපති TNA නියෝජිතයින් හමුවෙයි
COLOMBO (News 1st) - ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද පස්වරුවේ දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයින් හමුවිය. දෙමළ සන්ධානය නියෝජනය කරමින් විපක්ෂ නායක, ආර්. සම්බන්ධන්, එම්. ඒ. සුමන්තිරන්, සෙල්වම් අඩික්කලනාදන් හා ධර්මලිංගම් සිද්ධාර්ථන් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙම හමුවට එක් ව සිටියහ. ආරක්ෂක අමාත්‍යංශ ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා සහ නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාවට සහභාගි විය. මේ අතර මෙම හමුව පැවැති අතර වාරයේ මහින්ද රාජපක්ෂ මහතා සහ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් පිරිසක් ද ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණ සිටි බව අප වාර්තාකරුවන් සඳහන් කළේ ය. කෙසේ වෙතත් ඔවුන් දෙමළ ජාතික සන්ධානය හා ජනාධිපතිවරයා අතර පැවැති සාකච්ඡාවට එක් නොවු බව දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයින් පවසති.
2018-12-03T07:27:51.000Z
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට රන්ජන් රාමනායකට නොතිසි
රන්ජන් රාමනායකට නොතිසි
COLOMBO (News 1st) - එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට ලබන 07 වැනි දා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනි සිටින ලෙස දන්වා අද නොතිසි නිකුත් කර තිබේ. ඒ, අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහායි. පාර්ලිමේන්තුව විසුරුවා හැරීම අභියෝගයට ලක් කරමින් ඉදිරිපත්ව ඇති පෙත්සම් විභාග කරන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල සම්බන්ධයෙන් රූපවාහිනි සාකච්ඡාවකදී කරන ලද ප්‍රකාශයකින් අධිකරණයට අපහාසයක් කිරීම සම්බන්ධයෙන් රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා අධිකරණය හමුවට කැඳවන ලෙසට අගවිනිසුරුවරයා ශ්‍රේෂ්ඨාධිකරණයේ ප්‍රධාන ලේඛකාධිවරයාට දැනුම්දී ඇත. නීතිපතිවරයාටද දන්වා ඇත්තේ, එදිනට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසයි. අගවිනිසුරුවරයා ප්‍රමුඛ විනිසුරු මඩුල්ල රන්ජන් රාමනායක මහතාගේ අදාළ ප්‍රකාශය ඇතුළත් සී. ඩි පට නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව ඔහුට එරෙහිව නොතිසි නිකුත් කිරීමට ද තීරණය කර තිබේ.
2018-12-03T07:18:07.000Z
ආනයනික ලොකු ළූණු සහ අර්තාපල් සඳහා ඇති විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද පහළට
ලොකු ළූණු සහ අර්තාපල් සඳහා ඇති බදු අඩුවෙයි
COLOMBO (News 1st) - ආනයනික ලොකු ළූණු සහ අර්තාපල් සඳහා පනවා ඇති විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද අද සිට පහළ දමා තිබේ. මුදල් අමාත්‍යංශ ලේකම් එස්. ආර්. ආටිගල මහතා සඳහන් කළේ, ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට මෙය ක්‍රියාත්මක බවයි. ඒ අනුව ආනයනික ලොකු ළූණු කිලෝග්‍රෑමයක් මත පනවා තිබූ රුපියල් 40.00 ක බද්ද රුපියල් 20.00 ක් දක්වා පහළ දමා ඇත. මුදල් අමාත්‍යංශ ලේකම් එස්. ආර්. ආටිගල මහතා සඳහන් කළේ, දේශිය නිෂ්පාදන අවසන්වීම සහ උත්සව සමය හේතුවෙන් මෙම පියවර ගත් බවයි.
2018-12-03T07:06:56.000Z
ගාල්ලේ සහ කොළඹ ජනහමු අවසන් වෙයි
ගාල්ලේ සහ කොළඹ ජනහමු අවසන් වෙයි
COLOMBO (News 1st) - එක්සත් ජාතික පක්ෂයේ ජනහමුවක් හා එක්සත් ජනතා නිදහස් සන්ධානයට සහය දක්වමින් ජාතික එකමුතුව සංවිධාන කළ ජනහමුවක් අද ගාල්ලේදී හා කොළඹදී පැවැත් විය. මීට ටික වේලාවකට පෙර එම ජනහමු දෙකම අවසන් විය.
2018-12-03T06:36:07.000Z
මාතර සිසු ඝාතනයට සම්බන්ධ සැකකරුවන් තිදෙනා ලබන 10 වැනි දා තෙක් රිමාන්ඩ්
මාතර සිසු ඝාතනයේ සැකකරුවන් 10 වැනිදා තෙක් රිමාන්ඩ්
COLOMBO (News 1st) - මාතර, ඇලවේල්ල පාරේ උපකාරක පන්තියක් අසළදී පිහියකින් ඇණ සිසුවෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා ලබන 10 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. ඒ, සැකකරුවන් අද මාතර අතිරේක මහේස්ත්‍රත් හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. සැකකරුවන් 17 හැවිරිදි වියේ පසුවන රිතියල, වල්ගම සහ නායිම්වල ප්‍රදේශයේ පදිංචිකරුවන් ය. ඝාතනයේ ප්‍රධාන සැකකරු ජාතූන් කන්කානම්ගේ සිතිජ සෞන්දර්ය වන අතර සෙසු සැකකරුවන් වන්නේ, කුෂාන් නම් නජිත් සමරසිංහ දිසානායක සහ තුනුරු විමුක්ති ජයවීර නැමැති අයයි. පසුගිය දා උපකාරක පන්තියක් අසළදී 19 හැවිරිදි රසිදු ගිම්හාන් නමැති සිසුවා ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඔවුන් අත්අඩංගුවට ගනු ලැබූහ.
2018-12-03T06:12:15.000Z
කොළඹ මාර්ග රැසක දැඩි රථ වාහන තදබදයක්...
කොළඹ මාර්ග රැසක දැඩි රථ වාහන තදබදයක්...
COLOMBO (News 1st) - මේ වන විට කොළඹ ආශ්‍රිත මාර්ගවල දැඩි රථ වාහන තදබදයක් ඇතැයි පොලීසිය පවසයි. ඒ, මරදාන එළිෆිස්ටන් රඟහල ඉදිරිපිට පැවැත්වෙන විරෝධතා රැලියක් හේතුවෙනි. පොලීසිය සඳහන් කළේ, ඩාර්ලි පාර, මරදාන අවට මාර්ගවල දැඩි රථවාහන තදබදයක් පවතින බවයි. ආර්මර් වීදිය, යුනියන් පෙදෙස ආශ්‍රිතව ද දැඩි රථවාහන තදබදයක් පවතින බව අප වාර්තාකරුවන් පැවසූහ. මේ හේතුවෙන් එම මාර්ගවල ගමන් ගන්නා රියැදුරන් විකල්ප මාර්ග භාවිතා කරන්නැයි පොලීසිය දැනුම්දී තිබේ.
2018-12-03T04:37:41.000Z
අගමැතිට සහ ඇමතිවරුන්ට ධූර දැරීම අත්හිටුවමින් අභියාචනාධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක්
අගමැතිට සහ ඇමතිවරුන්ට අතුරු තහනම් නියෝගයක්..!
COLOMBO (News 1st) - අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ කැබිනට් අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් හා නියෝජ්‍ය අමාත්‍යවරුන් එම ධූර දැරීම අත්හිටුවමින් අභියාචනාධිකරණය අද අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ. ඒ, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු මන්ත්‍රීවරුන් 122 දෙනෙකු අභියාචානාධිකරණයේ ගොනුකළ පෙත්සම සලකා බැලීමෙන් අනතුරුවයි. අද මෙම නියෝගය කළේ, අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සුරසේන හා අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලයි. පෙත්සම් විභාගය අවසන්කර තීන්දුව ලබාදෙන තෙක් බලපැවැත්වෙන පරිදි අතුරු තහනම් නියෝගය නිකුත් කළ අධිකරණය ලබත 12 වැනි දා වගඋත්තරකරුවන්ට අධිකරණයේ පෙනී සිටින්නැයි දන්වා නොතීසි ද නිකුත් කළේ ය. විපක්ෂයේ බහුතරයක් එනම් පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් 122 දෙදෙනෙකු, මහින්ද රාජපක්ෂ අගමැතිවරයා ප්‍රමුඛ රජය කෙරෙහි විශ්වාසයක් නොමැති බවට අවස්ථා දෙකකදී විශ්වාසභංග යෝජනා සම්මත කර තිබියදී ඔවුන් එම ධූරවල කටයුතු කරනුයේ කුමන බලයක් යටතේදැයි ලබන 12 වැනි දා අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දන්වන ලෙසට නොතිසි නියෝගය නිකුත් කරමින් විනිසුරු මඩුල්ල මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ වගඋත්තරකරුවන් 49 දෙනාට නියෝග කළහ. තම අධිකරණය, දෙපාර්ශවය ඉදිරිපත් කළ කරුණු මනාව අධ්‍යනය කළ බවත් පහසුකමේ සමබරතාව මූලධර්මය අනුව වගඋත්තරකරුවන් එම ධූරවල කටයුතු කිරීමෙන් වැඩි අගතියක් සිදුවනුයේ පෙත්සම්කාර පාර්ශවයට බව තම අධිකරණයට පෙනී යන්නේ යැයි විනිසුරු මඩුල්ල පෙන්වා දුන්නේ ය. ජාතික වැදගත්මක් ඇති කරුණක් ලෙස පෙත්සම්කරුවන් ඉදිරිපත් කළ කරුණු පැවතිය හැකි බව සඳහන් කළ විනිසුරු මඩුල්ල, අතුරු තහනම් නියෝගයක් නිකුත් කර දෙපාර්ශවයේම කරුණු විමසා අවසන් නියෝගයක් ලබාදීම සුදුසු බව පෙනී යන බැවින් තම අධිකරණය එම නියෝගය නිකුත් කරන බව කියා සිටියේ ය. පෙත්සම්කරුවන් අභියාචානාධිකරණයට පෙන්වා දී ඇත්තේ, අගමැතිවරයා ඇතුළු අමාත්‍ය මණ්ඩලය පාර්ලිමේන්තු විශ්වාසභංගයෙන් පරාජයවීමෙන් හැඟවෙන්නේ ඔවුන්ට රාජ්‍ය ආයතනවල තනතුරු දැරීම පිළිබඳ විශ්වාසයක් නොමැති බවයි. පෙත්සම තුළින් ඉල්ලා ඇත්තේ, අග්‍රාමාත්‍ය ධූරය හෝ කැබිනට් මණ්ඩලයේ ක්‍රියාකාරීත්වය නතර කිරීම නොව, තනි වශයෙන් මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු සෙසු වගඋත්තරුවන් අදාළ ධූර දැරීම වලක්වාලීම බව අධිකරණයට හැඟී යන බව ද විනිසුරු මඬුල්ල පැවසුවේ ය. මෙම ධූරවල කුමන පුද්ගලයින් සිටිය යුතු ද යන්න අධිකරණය ගත යුතු තීරණයක් නොවන බව පෙන්වා දුන් විනිසුරු මඬුල්ල, එය තීරණය කළ යුත්තේ ව්‍යවස්ථාව යටතේ බලය ඇති පිරිස බව ද අවධාරණය කර තිබේ.
2018-12-03T04:24:31.000Z
රැකියා විරහිත උපාධිධාරීන්ගේ විරෝධතාවයට කඳුළු ගෑස් ප්‍රහාර
ලෝටස් වටරවුමේ විරෝධතාවයට කඳුළු ගෑස් ප්‍රහාර
COLOMBO (News 1st) - කොළඹ කොටුව, ලෝටස් වටරවුමේ පැවති රැකියා විරහිත උපාධිධාරීන්ගේ විරෝධතාවය විසුරුවා හැරීමට පොලීසිය කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර තිබේ. අප වාර්තාකරුවන් සඳහන් කළේ, විරෝධතාකරුවන් ජනාධිපති කාර්යාලය දෙසට ඇතුළුවීමට උත්සහ කිරිමේදී පොලීසිය කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළ බවයි. මේ අතර මේ වන විට පවතින විරෝධතා හේතුවෙන් කොළඹ කොටුව ආශ්‍රිත දැඩි රථවාහන තදබදයක් පවතින බව පොලීසිය පැවසුවේ ය.
2018-12-03T03:10:41.000Z
තලේබාන් සන්නද්ධ ප්‍රධානියෙකු ඇෆ්ගනිස්ථානයේදී මරුදකී
තලේබාන් ප්‍රධානියෙකු ඇෆ්ගනිස්ථානයේදී මරුදකී
ඇෆ්ගනිස්ථානයේ තලේබාන් ජ්‍යෙෂ්ඨ සන්නද්ධ ප්‍රධානියෙකු අමෙරිකානු ගුවන් ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්ව තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, මුල්ලාහ් අබ්දුල් මනාන් නමැති මොහු තලේබාන් සංවිධානයේ ආණ්ඩුකාරවරයා සහ දකුණු හෙල්මන්ඩ් පළාතේ යුද ප්‍රධානියා ලෙස ක්‍රියා කර ඇති බවයි. තලේබාන් සංවිධානය පැවසුවේ, පසුගිය සෙනසුරාදා රාත්‍රියේ හෙල්මන්ඩ්හි නසාද් දිස්ත්‍රික්කයට එල්ල වූ ප්‍රහාරයෙන් මනාන් මියයාම සංවිධානයට විශාල පාඩුවක් බවයි‍ෙ කෙසේ වෙතත් ඇෆ්ගිනස්ථාන ස්වදේශ කටයුතු අමාත්‍යංශ ප්‍රකාශක නජීබ් ඩෙනිෂ් විදෙස් මාධ්‍යට පවසා ඇත්තේ, මනාන්ගේ මරණය තලේබාන් සංවිධානයට විශාල පහරක් බවත් ඔහුගේ ඝාතනය දකුණුදිග ඇෆ්ගනිස්ථානයේ තලේබාන් කැරලිකරුවන්ගේ ක්‍රියාකාරීත්වයේ උද්යෝගය අඩු වීමට හේතුවක් වනු ඇති බවයි. වසර 8ක් තිස්සේ ස්ථානගත කර සිටි බ්‍රිතාන්‍ය සෙබළුන් 2014 වසරේදී හෙල්මන්ඩ් පළාතෙන් ඉවත් කර ගත් අතර මේ වනවිට හෙල්මන්ඩ් පළාතේ විශාල ප්‍රදේශයක් තලේබාන් කැරළිකරුවන් ග්‍රහනයේ පවතී.
2018-12-03T02:47:05.000Z
මෙරට විශාලතම පැණි දොඩම් කලාපය පිහිටුවීමට සැලසුම්
මෙරට විශාලතම පැණි දොඩම් කලාපය පිහිටුවීමට සැලසුම්
COLOMBO (News 1st) : මොනරාගල බිබිල ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් මෙරට විශාලතම පැණි දොඩම් කලාපය පිහිටුවීමට කෘෂිකර්ම අමාත්‍යංශය සැලසුම් කර තිබේ. මේ යටතේ අක්කර 2200 ක පැණි දොඩම් වගා කෙරෙන අතර මේ යටතේ පැණි දොඩම් පැළ ලක්ෂ 4 ක් ගොවීන්ට බෙදාදීම අද සිදුකෙරෙයි. ඒ, මොනරාගල බිබිලේ ප්‍රදේශයේදී මෙරට විශාලතම පැණි දොඩම් කලාපය ආරම්භ කිරීමේ අවස්ථාවට සමගාමීවයි. වැඩි අස්වැන්නක් සහිත බිබිල ස්විට් නමැති පැණි දොඩම් ප්‍රභේදය එම කලාපයේ වගා කෙරෙන බව කෘෂිකර්ම අමාත්‍යංශය සඳහන් කළේ ය. මේ තුළින් පැණි දොඩම් කිලෝ මිලියන 30 ක අස්වැන්නක් අපේක්ෂා කෙරෙයි. කෘෂිකර්ම අමාත්‍යංශය සඳහන් කළේ, බිබිල ප්‍රදේශයේ පැණි දොඩම් වගාව යළි සක්‍රීය කිරීමේ අරමුණින් මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක බවයි.
2018-12-03T00:54:38.000Z
නව දුම්රිය එන්ජිමක් හා බලවේග කට්ටලක් කොළඹ වරායට
නව දුම්රිය එන්ජිමක් හා බලවේග කට්ටලක් කොළඹ වරායට
COLOMBO (News 1st) : නව දුම්රිය එන්ජිමක් හා සුඛෝපභෝගී මැදිරි 2ක් සහිත බලවේග කට්ටලක් කොළඹ වරායට ළඟා වී තිබේ. දුම්රිය සාමාන්‍යාධිකාරි ඩිලන්ත ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේ, ඉන්දියාවෙන් ඇනවුම් කළ දුම්රිය එන්ජින් හා බලවේග කට්ටල තොගයේ පළමු අදියර ලෙස මෙම දුම්රිය එන්ජිම හා බලවේග කට්ටලය මෙරටට ලැබුණු බවයි. ඒවා මෙරට දුම්රිය මාර්ගවල ධාවනය කිරීමෙන් පසු ප්‍රගතිය පරීක්ෂා කර ඉන් අනතුරුව සෙසු එන්ජින් හා බලවේග කට්ටල මෙරටට ආනයනය කරනු ඇති. ඒ අනුව, මෙම බලවේග කට්ටලය මුහුදු බඩ මාර්ගයේ ඇතුළු තැනිතලා මාර්ගවල පරීක්ෂණ ධාවනවලින් පසුව ධාවන කටයුතු සඳහා එක් කිරීමට නියමිතව තිබේ. මේ යටතේ දිවයිනට ගෙන්වීමට අපේක්ෂිත දුම්රිය එන්ජින් සංඛ්‍යාව 10කි. බලවේග කට්ටල 6ක් ද දිවයිනට ගෙන්වීමට නියමිතයි. මේ වනවිට මෙරට ධාවනයේ යොදවා ඇති දුම්රිය එන්ජින් සංඛ්‍යාව 90 කට අධික ය. ඉන් එන්ජින් 13 ක්ම වසර 60 කට වඩා පැරණි බව ද දුම්රිය සාමාන්‍යාධිකාරියවරයා ප්‍රකාශ කළේ ය. මෙරට ධාවනයේ යොදවා ඇති බලවේග කට්ටල සංඛ්‍යාව 98 කි. https://www.youtube.com/watch?v=wvkW2l9uW8A
2018-12-02T23:14:33.000Z
බැසිල් රාජපක්ෂ ජනපති හමුවෙයි
බැසිල් රාජපක්ෂ ජනපති හමුවෙයි
COLOMBO (News 1st) : ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා බැසිල් රාජපක්ෂ යන මහත්වරුන් අතර ඊයේ රාත්‍රී වි‍ශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ. අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කළේ, පැය එක හමාරකට අධික කාලයක් එම සාකච්ඡාව පැවති බවයි. අමාත්‍යවරයා පැවසුවේ, රටේ වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් සහ ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් එම සාකච්ඡාවේදී වැඩි අවධානයක් යොමු වී ඇති බවයි. මේ අතර, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ එක්සත් ජාතික පෙරමුණු නියෝජිතයින් අතර හමුවක් අද රාත්‍රියේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වීමට නියමිතව තිබේ. ඊයේ රාත්‍රියේ මෙම හමුව සිදුවීමට නියමිත වුවද එක්සත් ජාතික පෙරමුණේ නියෝජිතයින් මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ, හමුව අද රාත්‍රි 8 දක්වා කල් තැබූ බවයි. පසුගිය සිකුරාදා රාත්‍රී දෙපාර්ශවය අතර පැවති සාකච්ඡාවේදී ඇති වූ එකගත්වය අනූව ඊයේ රාත්‍රී 7 ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිතව තිබිණ.
2018-12-02T22:38:38.000Z
අද සිට වැසි වැඩි වන ලකුණු...
අද සිට වැසි වැඩි වන ලකුණු...
COLOMBO (News 1st) : දිවයිනේ වැසි තත්ත්වයේ වැඩිවීමක් අද සිට අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, නැගෙනහිර,උතුරු මැද, මධ්‍යම, වයඹ සහ බස්නාහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ක පමණ තද වැසි ඇතිවිය හැකි බවයි. මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේ මීදුම් සහිත තත්ත්වයක් ඇතිවිය හැකි බව ද, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසී ය. මේ අතර, කොළඹ සිට පුත්තලම හරහා මන්නාරම දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල හා ගාල්ල සිට මාතර සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමිටර් 45 ත් 50 ත් දක්වා වැඩිවිය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
2018-12-02T21:33:36.000Z
ගිනිඅවි 3ක් සමග 21 හැවිරිදි තරුණයින් දෙදෙනෙක් අත්අඩංගුවට
ගිනිඅවි 3ක් සමග තරුණයින් දෙදෙනෙක් අත්අඩංගුවට
COLOMBO (News 1st) : නීතිවිරෝධීව ළඟ තබා ගත් ගිනි අවි 3ක් සමග සැකකරුවන් දෙදෙනෙකු අම්බලන්ගොඩදී අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, කළුතර දිසා අපරාධ ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත කළ වැටලීමකදී සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි. ඔවුන් ගාල්ල හා මොරොන්තුඩුව ප්‍රදේශවල සිදුවු අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවන් බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ. සැකකරුවන් සන්තකයේ තිබී මෙරට නිෂ්පාදිත ගිනි අවි 3 ක්, විවිධ වර්ගයේ පතොරම් 5 ක්, මෝටර් රථයක්, වෑන් රථයක්, සහ යතුරු පැදියක් ද දිසා අපරාධ ඒකකයේ නිළධාරීන් භාරයට ගෙන තිබේ. සැකකරුවන් අද කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත අතර ඔවුන් 21 වන වියේ පසුවන වතුගෙදර අම්බලන්ගොඩ පදිංචිකරුවන් දෙදෙනෙකි.
2018-12-02T20:58:00.000Z
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
COLOMBO (News 1st) : දේශිය පුවත් 1. සැරයන් ඉන්දික ප්‍රසන්න විරුවාගේ දේහයට ජනපතිගෙන් අවසන් ගෞරව : මඩකලපුව, වව්නතිව් පොලිස් මාර්ග බාධකයේ රාජකාරීයේ යෙදී සිටියදී ඝාතනයට ලක් වු පොලිස් සැරයන් නිරෝෂන් ඉන්දික ප්‍රසන්න විරුවාගේ දේහයට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ දහවල් අවසන් ගෞරව දැක්වීය. 2. අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක් : අස්ථාවර වී ඇති ප්‍රජාතන්ත්‍රවාදී රටක් නැවත ස්ථාවර කිරීමට ඇති එකම මෙවලම මහ මැතිවරණය බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි. 3. සුරක්ෂා රක්ෂණාවරණය ලබන වසර සඳහාත් දීර්ඝ කිරීමට කැබිනට් පත්‍රිකාවක් : පාසල් සිසුන් සඳහා ලබාදෙන සුරක්ෂා රක්ෂණාවරණය ලබන වසර සඳහාත් දීර්ඝ කිරීමට කැබිනට් පත්‍රිකාවක් යොමු කර ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. 4.එ.ජා.ප.යේ යුක්තියේ යාත්‍රාව අද මහියංගනයට : එක්සත් ජාතික පක්ෂය කොළඹින් ආරම්භ කළ යුක්තියේ යාත්‍රාව රථ පෙළපාලිය ඊයේ කතරගම ඔස්සේ මහියංගනයට ළඟාවිය. විදෙස් පුවත්.. 1. වෙළෙඳ යුද්ධය මැද අමෙරිකා – චීන ජනපතිවරුන් අතර හමුවක් : අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින්ග් අතර හමුවක් සිදු ව තිබේ.
2018-12-02T20:31:36.000Z
පාරිභෝගික නීත කැඩූ වෙළෙඳසල් 20,000කට නඩු
පාරිභෝගික නීත කැඩූ වෙළෙඳසල් 20,000කට නඩු
COLOMBO (News 1st) : වසරේ මේ දක්වා කාලය තුළ පාරිභෝගික නිතී උල්ලංඝනය කරමින්, වෙළඳාම් සිදුකළ ස්ථාන 21,000ක් ආශ්‍රීතව වැටලීම් ක්‍රියාත්මක කර ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි. එහි ජේෂ්ඨ නිළධාරියෙකු සඳහන් කලේ, ඉන් 20,000 වැඩි පිරිසකට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි. පසුගිය නොවැම්බර් මාසය තුළ පමණක් සිදුකර ඇති වැටලීම් ප්‍රමාණය 2,100 කට අධිකයි. අධිකරණ ක්‍රියාමාර්ග මඟින් නිතිවිරෝධී වෙළදාමේ නිරත වු වෙළදුන්ගෙන් රුපියල් ලක්ෂ 850 කට ආසන්න මුදලක් දඩ ලෙස අය කරගනෙ ඇති බව ද පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය වැඩිදුරටත් සදහන් කලා. මේ අතර, උත්සව සමයේ ආරම්භයත් සමග භාණ්ඩ මිලදී ගැනීමේදී පාරිභෝගිකයින් පත්වන අපහසුතා සැලකිල්ලට ගනිමින් විශේෂ වැටලීමක් ක්‍රියාත්මක කර ඇති බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පවසනවා. එම අධිකාරිය සදහන් කලේ, මේ සම්බන්ධයෙන්, සියලු වෙළෙදසැල් හිමියන් දැනුම්වත් කර ඇති බවයි. ඒ අනුව භාණ්ඩවල මිල ප්‍රදර්ශණය, කල් ඉකුත්වීමේ දිනය ඇතුළු භාණ්ඩ පිළිබදව සියලුම තොරතුරු ප්‍රදර්ශණය අනිවාර්ය බවද, පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය ප්‍රකාශ කළා. උත්සව සමය වෙනුවෙන් ක්‍රියාත්මක මෙම විශේෂ වැටලීම් ජනවාරි මස 15 වනදා දක්වා ක්‍රියාත්මකයි.
2018-12-02T20:27:00.000Z
සා/ පෙළ විභාගය අද ඇරඹේ
සා/ පෙළ විභාගය අද ඇරඹේ
COLOMBO (News 1st) : අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අද ආරම්භ ‌වේ. විභාග කොමසාරිස් ජනරාල් සනත් බී. පුජිත මහතා සඳහන් කළේ, ඒ සඳහා අපේක්ෂකයින් හය ලක්ෂ 56,641 ක් පෙනී සිටින බවයි. මධ්‍යස්ථාන 4661 කදී මෙවර විභාගය පැවැත්වෙනු ඇති. අද ආරම්භ වන අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අවසන් වන්නේ එළඹෙන 12 වනදා ය. විභාග කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේ, විභාග ශාලාවට ජංගම දුරකථන, ස්මාට් වොච් රැගෙන ඒම තහනම් බවයි. අද උදෑසන 8.30 ට විභාගය ආරම්භ වන අතර, අපේක්ෂකයින් උදෑසන 8 වන විට විභාග ශාලා වෙත පැමිණිය යුතු බව ද ඔහු සඳහන් කළේ ය. මේ අතර සාමාන්‍ය පෙළ විභාගය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරිමට පොලිසිය පියවර ගෙන තිබේ.
2018-12-02T05:41:16.000Z
සැරයන් ඉන්දික ප්‍රසන්න විරුවාගේ දේහයට ජනපති අවසන් ගෞරව දක්වයි
සැරයන් ඉන්දිකගේ දේහයට ජනපති අවසන් ගෞරව දක්වයි
COLOMBO (News 1st) : මඩකලපුව, වව්නතිව් පොලිස් මාර්ග බාධකයේ රාජකාරීයේ යෙදී සිටියදී ඝාතනයට ලක් වු පොලිස් සැරයන් නිරෝෂන් ඉන්දික ප්‍රසන්න විරුවාගේ දේහයට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද දහවල් අවසන් ගෞරව දැක්වීය. ගාල්ල උඩුගම ප්‍රදේශයේ පිහිටි ඒ මහතාගේ නිවසට ජනාධිපතිවරයා ඔහුගේ දේහයට අවසන් ගෞරව දැක්වීමෙන් අනතුරුව නිරෝෂන් ඉන්දික ප්‍රසන්න මහතාගේ බිරිඳ ඇතුළු පවුලේ ඥාති හිතමිත්‍රාන්දීට සහ පොලිස් දෙපාර්තමේන්තුවේ සමස්ත සහෝදර නිලධාරීන් වෙත සංවේගය පළ කර ඇත. පොලිස් සැරයන් නිරෝෂන් ඉන්දික ප්‍රසන්න මහතාගේ අවසන් කටයුතු අද සවස සිදුකෙරිණ. මේ අතර වව්නතිව් පොලිස් මුරපොළේදී ඝාතනයට ලක් වූ පොලිස් සැරයන් ගනේෂන් දිනේෂ් මහතාගේ අවසන් කටයුතු ද අද සිදු කෙරිණ. ඔහු වෙනුවෙන් ජනාධිපතිවරයා නිකුත් කළ ශෝක පණිවුඩය අවමංගල්‍ය උත්සවයේදී කියවනු ලැබීය. ගනේෂන් දිනේෂ් මහතා කල්මුණේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු 28 හැවිරිදි වියේ පසුවිය. මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු ඊයේ කිලිනොච්චියේදී අත්අඩංගුවට ගැනිණ. https://www.facebook.com/NewsfirstSL/videos/285164572204282/
2018-12-02T03:18:34.000Z
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනපතිට ඇති නීතිමය බලතළ ගැන අගමැතිගෙන් ප්‍රකාශයක්...!
පාර්ලිමේන්තුව විසිරවීමට ඇති බලතළ ගැන අගමැති කියයි
COLOMBO (News 1st) - අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද විශේෂ ප්‍රකාශයක් සිදු කර ඇත. එහිදී පැහැදිලි කෙරුණේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනපතිට ඇති නීතිමය බලතළ පිළිබඳවයි. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ විශේෂ ප්‍රකාශයේ වැඩිදුර තොරතුරු අපගේ රාත්‍රි 10.00 ප්‍රධාන ප්‍රවෘත්ති තුළින් බලාපොරොත්තු වන්න.
2018-12-02T02:30:02.000Z
ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරු සුනිල් ශාන්ත අත්අඩංගුවට ගැනීමට STF මෙහෙයුම්
සුනිල් ශාන්ත අත්අඩංගුවට ගැනීමට STF මෙහෙයුම්
COLOMBO (News 1st) - කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේදී පළාගිය ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන සුනිල් ශාන්ත නැමති සැකකරු සැඟවී සිටිනා ප්‍රදේශය තහවුරු වී ඇතැයි පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි. එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ කණ්ඩායම් කිහිපයක් මේ වනවිට එම ප්‍රදේශය ආශ්‍රිතව ස්ථානගත කර ඇති බවය. මේ අතර මෙම පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සඳහා නිලධාරීන් 10 දෙනෙකුගෙන් සමන්විත විශේෂ කණ්ඩායමක් යොදවා ඇතැයි පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ ය. පසුගිය 07 වැනි දා කෑගල්ල බන්ධනාගාරයේ සිට කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයට රැගෙන ඒමෙන් අනතුරුව සුනිල් ශාන්ත නැමැති සැකකරු පළාගොස් තිබුණි. සුනිල් ශාන්ත නැමත්තා මත්ද්‍රව්‍ය ජාවාරම් චෝදනා ඇතුළු නඩු 10 ක සැකකරුවෙකි.
2018-12-02T01:42:41.000Z
සා/පෙළ විභාගය හෙට ඇරඹෙයි
සා/පෙළ විභාගය හෙට ඇරඹෙයි
COLOMBO (News 1st) - අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය හෙට ආරම්භවීමට නියමිත වේ. විභාග කොමසාරිස් ජනරාල් සනත්. බී. පුජිත මහතා සඳහන් කළේ, මෙවර විභාගයට අපේක්ෂකයින් 656,641 ක් පෙනී සිටින බවයි. මධ්‍යස්ථාන 4661 කදී මෙවර විභාගය පැවැත්වෙනු ඇති. ලබන 12 වැනි දා දක්වා පැවැත්වෙන සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමේදී විභාග ශාලාවට ජංගම දුරකතන, ස්මාට් වොච් රැගෙන ඒම තහනම් බවද විභාග කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේ ය. සාමාන්‍ය පෙළ විභාගය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ ය.
2018-12-02T00:30:39.000Z
ධර්මසිරි ගමගේ ගුණ සමරුවට පිපෙන සිහින නෙළුම් මල
ධර්මසිරි ගමගේ ගුණ සමරුවට පිපෙන සිහින නෙළුම් මල
COLOMBO (News 1st) - ප්‍රවීණ මාධ්‍යවේදීයෙකු ගේය පද රචකයෙකු මෙන් ම ලේඛකයෙකු වන ධර්මසිරි ගමගේ මහතාගේ 15 වැනි ගුණ සමරුව නිමිත්තෙන් ලබන 4 වැනි දා පස්වරු 2.30 ට සමරු උත්සවයක් පැවැත්වීමට නියමිත වේ. කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්වෙන එම උත්සවය නම් කර ඇත්තේ සිහින නෙළුම් මල ලෙසයි. මහාචාර්ය කෝලිත භානු දිසානායක සහ මහාචාර්ය ප්‍රණිත් අබේසුන්දර යන මහත්වරුන් එහි ප්‍රධාන දෙසුම් පවත්වනු ඇති. ආචාර්ය නන්දා මාලනී, ආචාර්ය වික්ටර් රත්නායක, විශාරද දීපිකා ප්‍රියදර්ශනී, ජගත් වික්‍රමසිංහ, ජානක වික්‍රමසිංහ, කීර්ති පැස්කුවල් සහ සාරංග දිසාසේකර, සිහින නෙළුම් මල ගීතවත් කිරීමට සූදානම් වේ. එහිදී ධර්මසිරි ගමගේ මහතාගේ ගුණ සමරුව නිමිත්තෙන් සංවිධාන කළ නිර්මාණ තරගාවලියේ ජයග්‍රාහකයින්ට තිළිණ සහ සහතික පත්‍ර ප්‍රදානය කෙරෙනු ඇති. ඒ අනූව ජයග්‍රාහකයින්ගේ නිර්මාණ ඇතුළත් කාව්‍ය ග්‍රන්ථයක්, කෙටි කතා සංග්‍රහයක් සහ ළමා කතා පොත් දෙකක් ද එදිනට එළිදැක්වීමට නියමිතයි. ප්‍රවීණ කලාශිල්පී බණ්ඩාර ඇහැළියගොඩ මහතා පූරක ලෙස කටයුතු කරන මෙම උත්සවයට ඕනෑම අයෙකුට නොමිලේ සහභාගී විය හැකිය.
2018-12-01T22:29:44.000Z
දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයින් 6000 ක හිඟයක්
දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවක හිඟයක්
COLOMBO (News 1st) - සේවක හිඟයෙන් දුම්රිය දෙපාර්තමේන්තුවේ මාර්ග නඩත්තු කිරීම ඇතුළු සේවා ගණනාවක් විධිමත් ලෙස පවත්වාගෙන යාමට බාධා මතුව තිබේ. අප කළ විමසීමකදී දුම්රිය සාමන්‍යාධිකාරි ඩිලන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කළේ, දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවා කාර්යක්ෂමව පවත්වාගෙන යාම සඳහා සේවකයින් 20,000 ක් අවශ්‍ය බවයි. එහෙත් දැනට සිටින්නේ සේවකයින් 14,000 ක් පමණක් බව ද ඔහු සඳහන් කළේ ය. මෙම හිඟය දැඩිව බලපා ඇත්තේ මාර්ග පද්ධතියේ නඩත්තු කටයුතුවලට හා දුම්රිය ස්ථානවල නඩත්තු කටයුතු සඳහායි. ඒ අනුව උතුරු දුම්රිය මාර්ගයේ මෙන්ම උඩරට මාර්ගයේ නඩත්තු කටයුතු සඳහා ප්‍රමාණවත් සේවකයින් ලබාදීමට හැකිව නැත. දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ප්‍රකාශ කළේ, දුම්රිය තාක්ෂණික සහයක සේවකයින් දීප ව්‍යාප්ත පදනමින් බඳවා ගැනීමෙන් මෙම තත්ත්වයට පිළියම් ලැබෙන බවයි. මේ පිළිබඳව විෂයභාර අමාත්‍යංශය දැනුවත් කර ඇති බව ද ඔහු කියා සිටියේ ය.
2018-12-01T20:47:28.000Z
වෙළෙඳ යුද්ධය මැද අමෙරිකා - චීන ජනපතිවරුන් අතර හමුවක්
අමෙරිකා - චීන ජනපතිවරුන් අතර හමුවක්
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂි ජින්පින්ග් අතර හමුවක් සිදු ව තිබේ. ඒ, ආජන්ටිනාවේ බුවනෝස් අයර්ස් නුවර පැවැත්වෙන ජී 20 සමුළුව අතරතුරයි. දෙරටට වඩා යහපත් තේරීම අන්තර් සහයෝගීතාව බව චීන ජනාධිපති ෂි ජින්පින්ග් එහිදී ප්‍රකාශ කළේ ය. අමෙරිකානු ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ, විශේෂ සබඳතාවක් පවත්වා ගැනීම දෙරටේම අනාගතයට වැදගත් වනු ඇති බවයි. ලොව විශාලතම ආර්ථිකයකට හිමිකම් කියන අමෙරිකානු සහ චීන නායකයින් දෙපළ අතර හමුව රාත්‍රී භෝජන සංග්‍රහයකින් අවසන් ව ඇත්තේ වෙළෙඳ යුද්ධය පිළිබඳ එකඟතාවකින් තොරව බව විදෙස් මාධ්‍ය සඳහන් කළේ ය.