date
stringlengths 24
24
| title
stringlengths 0
176
| short_title
stringlengths 10
69
| content
stringlengths 0
19.7k
|
---|---|---|---|
2022-09-11T18:20:26.000Z | ශ්‍රී ලංකාව 06වෙනි වරටත් ආසියානු කුසලානය දිනා ගනී | ආසියානු කුසලානයේ ජය ශ්‍රී ලංකාවට | COLOMBO (News 1st): ආසියානු කුසලාන පන්දුවාර 20යි විස්ස ක්‍රිකට් ශූරතාවය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද(11) සමත් විය. ඒ පකිස්ථානයට එරෙහිව පැවති තරගය පැවැති තරගය ලකුණු 23කින් ජය ගැනීමත් සමගිනි. ඒ අනුව, ශ්‍රී ලංකාව ආසියානු කුසලානය දිනාගත් 06වෙනි අවස්ථාව මෙය වේ. අවසන් වරට ශ්‍රී ලංකාව ආසියානු කුසලානය ජයග්‍රහණය කරනු ලැබුවේ 2014 වර්ෂයේ දීය. ඩුබායිහිදී පැවති තරගයේ කාසියේ වාසිය හිමි කරගත් පකිස්ථානය ප්‍රථමයෙන් පන්දුවට පහරදීම පහර දීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළේය. එ, අනුව ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදි කඩුලු 6ක් දැවී ලකුණු 170ක් ලබා ගැනීමට සමත් විය. සුපිරි පිතිහරඹයක නිරත වූ භානුක රාජපක්ෂ ලකුණු 71ක් නොදැවී ලබා ගත්තේය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පකිස්ථාන කණ්ඩායමට නියමිත පන්දුවාර පන්දු වාර 20 අවසානයේ දී සියලු දෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 147ක් පමණි. |
2022-09-11T16:24:22.000Z | මැතිවරණ ක්‍රමය ප්‍රතිසංස්කරණය සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණීමට පාර්ලිමේන්තුවට මාස 6ක කාලයක් - ජනපති | මැතිවරණ ප්‍රතිසංස්කරණය ගැන එකඟතාවකට මාස 6ක්.. | COLOMBO (News 1st) – මැතිවරණ ක්‍රමය ප්‍රතිසංස්කරණය සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණීමට පාර්ලිමේන්තුවට මාස 6ක කාලයක් ලබා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසා ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි. ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, එසේ නැතිනම් ජනමත විචාරණයකට යන බවය. |
2022-09-11T16:09:37.000Z | බ්‍රිතාන්‍ය මහ රැජිණගේ දේහය රැගත් රිය පෙරහැර බැල්මෝර් සිට එඩින්බරෝ දක්වා ගමන් අරඹයි.. | මහ රැජිණගේ දේහය රැගත් රිය පෙරහැර එඩින්බරෝ වෙත.. | COLOMBO (News 1st) – දෙවන එළිසබෙත් මහ රැජිණගේ දේහය රැගත් රිය පෙරහැර බැල්මෝර් සිට ගමන් අරඹා තිබේ. විදෙස් වාර්තා පැවසුවේ, දේහය රැගත් රිය පෙරහැර පැය 6ක ගමනකින් පසු එඩින්බරෝ වෙත ළඟාවීමට නියමිත බවයි. ඒ අනුව දේහය රැගත් රථ පෙරහැර පර්ත්, ඇබඩීන්, ඩන්ඩි ඇතුළු නගර කිහිපයක් පසු කරමින් එඩින්බරෝ වෙත ළඟා වෙයි. දෙවැනි එළිසබෙත් රැජිණගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන 19 වැනි සඳුදා සිදු කිරීමට නියමිතය. |
2022-09-11T13:24:13.000Z | අමෙරිකාවෙන් ශ්‍රී ලංකාවට තවත් ඩොලර් මිලියන 20 ක්.. | අමෙරිකාවෙන් තවත් ඩොලර් මිලියන 20 ක් | COLOMBO (News 1st) – ආහාර සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සඳහා මානුෂීය ආධාර ලෙස අමෙරිකාව තවත් ඩොලර් මිලියන 20ක් ශ්‍රී ලංකාවට ලබා දෙන බව US AID පරිපාලක සමැන්තා පවර් සඳහන් කරයි. |
2022-09-11T13:20:38.000Z | ජනපති කුසලාන අන්තර් පාසල් පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ ශූරතාව කොළඹ ඉසිපතන විද්‍යාලයට.. | අන්තර් පාසල් රග්බි ශූරතාව ඉසිපතන විදුහලට | COLOMBO (News 1st) – ජනාධිපති කුසලාන අන්තර් පාසල් පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට කොළඹ ඉසිපතන විද්‍යාලය සමත් විය. ඒ, ලකුණු 49ට 22 කින් මරදාන ශාන්ත ජෝශප් විද්‍යාලය පරාජය කරමින් ය. |
2022-09-11T10:12:46.000Z | ආසියානු නෙට්බෝල් ශූරතාව දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමට ජනපතිගෙන් සුබ පැතුම්.. | නෙට්බෝල් කණ්ඩායමට ජනපතිගෙන් සුබ පැතුම්.. | COLOMBO (News 1st) – සිංගප්පූරුව පරදවා (63-53) ආසියානු නෙට්බෝල් ශූරතාව දිනූ අපරාජිත ශ්‍රී ලංකා කණ්ඩායමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සුබ පැතුම් එක් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි. ශ්‍රී ලංකාව 6 වැනි වරටත් ආසියානු නෙට්බෝල් ශූරතාව අද (11)දිනා ගැනීමට සමත් විය. ඒ, සත්කාරක සිංගප්පූරුවට එරෙහි අවසන් මහා තරගය ලකුණු 63ට 53ක් ලෙස ජය ගනිමින් ය. තරගයේ පළමු කාර්තුවේදී සිංගප්පූරුව ඉදිරියෙන් සිටි නමුත් ඉතිරි කාර්තු 3දීම සිය අණසක පැතිරවීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සමත් වූවාය. ශ්‍රී ලංකාව, ආසියානු නෙට්බෝල් ශූරතාව මෙවර දිනා ගත්තේ අඛණ්ඩව දෙවැනි වරට වීම විශේෂත්වයකි. |
2022-09-11T09:37:25.000Z | ශ්‍රී ලංකාව ආසියානු නෙට්බෝල් ශූරතාවය 6වැනි වරටත් දිනා ගනී.. | ශ්‍රී ලංකාවට ආසියානු නෙට්බෝල් ශූරතාවය දිනා ගනී | COLOMBO (News 1st) – ශ්‍රී ලංකාව 6 වැනි වරටත් ආසියානු නෙට්බෝල් ශූරතාව අද (11)දිනා ගැනීමට සමත් විය. ඒ, සත්කාරක සිංගප්පූරුවට එරෙහි අවසන් මහා තරගය ලකුණු 63ට 53ක් ලෙස ජය ගනිමින් ය. තරගයේ පළමු කාර්තුවේදී සිංගප්පූරුව ඉදිරියෙන් සිටි නමුත් ඉතිරි කාර්තු 3දීම සිය අණසක පැතිරවීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සමත් වූවාය. ශ්‍රී ලංකාව, ආසියානු නෙට්බෝල් ශූරතාව මෙවර දිනා ගත්තේ අඛණ්ඩව දෙවැනි වරට වීම විශේෂත්වයකි. |
2022-09-11T08:36:09.000Z | බ්‍රිතාන්‍ය මහ රැජිණගේ අවමංගල්‍ය උත්සවයට ජනපති සහභාගි වන බව දැනුම් දෙයි | රැජිණගේ අවමංගල්‍ය උත්සවයට ජනපතිත්.. | COLOMBO (News 1st) - බ්‍රිතාන්‍යයේ දෙවන එළිසබෙත් මහ රැජිණගේ අවමංගල්‍ය උත්සවය සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සම්බන්ධ වන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි. දෙවන එළිසබෙත් රැජිණගේ අවමංගල්‍ය උත්සවය ලබන 19 වැනිදා පැවැත්වීමට නියමිතය. ඒ, ලන්ඩන් නුවර, වින්සර් මාළිගයේ පිහිටි රාජකීය සුසාන භූමියේදීය. මේ අතර කොළඹ, බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලය වෙත ගිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහිදී මහ රැජිණගේ අභාවය වෙනුවෙන් ශෝක පණිවුඩයක් ද සටහන් කර තිබේ. |
2022-09-11T06:10:21.000Z | වැටලීමකදී පොලීසියට පහර දුන් දෙදෙනෙකු අත්අඩංගුවට | වැටලීමකදී පොලීසියට පහර දුන් දෙදෙනෙකු අත්අඩංගුවට | COLOMBO (News 1st) - පුත්තලම කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය ඒකකයේ නිලධාරීන්ට පහරදී රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, ආනමඩුව පොලීසියේ නිලධාරීන් විසිනි. මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටින බවට සැක කෙරෙන පුද්ගලයින් දෙදෙනෙකු පරීක්ෂා කළ විෂ මත්ද්‍රව්‍ය ඒකකයේ නිලධාරීන් ඔවුන් සමග තවත් පරීක්ෂාවක් සඳහා ගොස් තිබේ. එම අවස්ථාවේ පිරිසක් අදාල නිලධාරීන්ට පොලු වලින් සහ ආයුධ වලින් පහරදී ඇතැයි පොලීසිය සඳහන් කළේ ය. එහිදී තුවාල ලැබූ නිලධාරීන් සිව්දෙනා මේ වනවිට පුත්තලම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී. |
2022-09-11T06:08:33.000Z | නීති විරෝධීව රටින් පනින්න හැදූ 85ක් නාවික හමුදා අත්අඩංගුවට | හොරෙන් රට පනින්න හැදූ 85ක් කොටු | COLOMBO (News 1st) - නීතිවිරෝධීව විදෙස් රටකට සංක්‍රමණය වීමට උත්සාහ කළ පුද්ගලයින් 85 දෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ. ඒ, මඩකලපුවට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදීය. අත්අඩංගුවට ගත් පිරිස අතුරින් 14 දෙනෙකු කාන්තාවන් වේ. නාවික හමුදාව සඳහන් කළේ, අත්අඩංගුවට ගත් පිරිස අතර ළමුන් 11 දෙනෙකු සිටින බවය. |
2022-09-11T06:06:00.000Z | ආසියානු නෙට්බෝල් ශූරයින් කවුද? ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව අද තරග බිමට | ආසියානු නෙට්බෝල් ශූරයින් කවුද? | COLOMBO (News 1st) - 2022 ආසියානු නෙට්බෝල් ශූරතාවලියේ ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර අවසන් මහා තරගය අද (11) පැවැත්වේ. 2022 ආසියානු නෙට්බෝල් තරගාවලිය මෙවර සිංගප්පූරුවේ සත්කාරකත්වයෙන් පැවැත්වේ. එහි අවසන් පූර්ව වටයේදී ශ්‍රී ලංකාව තරග වැදුණේ හොංකොං කණ්ඩායම සමගයි. එම තරගය ලකුණු 67 ට 43 ක් ලෙස ශ්‍රී ලංකාව ජය ගනිමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තේ ය. ඒ අනුව අවසන් මහා තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම සිංගප්පූරුව සමග තරග වැදීමට නියමිතයි. මෙම ජයග්‍රහණත් සමග ශ්‍රී ලංකා සහ සිංගප්පූරු කණ්ඩායම් 2023 වසරේ දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන ලෝක කුලාන නෙට් බෝල් තරගාවලියට ද සුදුසුකම් ලබා ගත්තේ ය. |
2022-09-11T05:16:49.000Z | සමැන්තා පවර් සහ ජනපති අතර හමුවක්.. | සමැන්තා පවර් සහ ජනපති අතර හමුවක්.. | COLOMBO (News 1st) - ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතයේ (US AID) පරිපාලක, සමැන්තා පවර් මහත්මිය ජනපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී තිබේ. ජනාධිපති ලේකම් කාර්යාලය සඳහන් කරන්නේ, මේ වනවිට සමැන්තා පවර් මහත්මිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග නිල හමුව පැවැත්වෙන බවය. මෙම හමුව සිදුව ඇත්තේ ජනාධිපති කාර්යාලයේදීය. සමැන්තා පවර් මහත්මිය ඊයේ (10) උදෑසන දිවයිනට පැමිණි අතර පසුව ඇය, ජා-ඇල, ඒකල ප්‍රදේශයේදී ගොවීන් හමුවී ඔවුන්ගේ ගැටලු පිළිබඳව විමසා බැලුවේය. අනතුරුව නිව්ස්ෆස්ට් වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් ඇය පැවසුවේ මෙරට ගොවීන් වෙනුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 40ක ප්‍රදානයක් සිදු කරන බවය. ඒම ප්‍රදානයෙන් මිළඟ කන්නයට ගොවීන්ට අවශ්‍ය පොහොර ඇතුළු කෘෂිකාර්මික උපකරණ ලබාගත හැකි බව ද ඇය වැඩිදුරටත් නිව්ස්ෆස්ට් වෙත අදහස් දක්වමින් පැවසුවාය. |
2022-09-11T05:11:22.000Z | ඉඩම් ආරවුලක් නිසා අයියා අතින් මල්ලි මරුට.. | අයියා අතින් මල්ලි මරුට අයියා අතින් මල්ලි මරුට | COLOMBO (News 1st) - අකුරැස්ස, මාදොල ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ. පොලීසිය සඳහන් කළේ, ඉඩම් ආරවුලක් සම්බන්ධයෙන් ඇතිවූ බහින් බස්වීමක් දුරදිග යාමෙන් ඔහුගේ වැඩිමහල් සොහොයුරා විසින් ඝාතනය සිදුකර ඇති බවයි. මියගොස් ඇත්තේ 47 හැවිරිදි අලුබෝමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. සැකකාර වැඩිමහල් සහෝදරා මේ වනවිට ප්‍රදේශයෙන් පලාගොස් ඇති සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිස් පරික්ෂණ ක්‍රියාත්මකයි. |
2022-09-11T03:25:30.000Z | චන්ද්‍රරත්න බණ්ඩාරගේ ''ප්‍රේමානිශංස'' ස්වර්ණපුස්තක සම්මානයෙන් පිදුම් ලබයි.. | වසරේ හොඳම නවකතාව ''ප්‍රේමානිශංස'' | COLOMBO (News 1st) - චන්ද්‍රරත්න බණ්ඩාර මහතා විසින් රචිත 'ප්‍රේමානිශංස' කෘතිය, වසරේ හොඳම නවකතාවට හිමි ස්වර්ණපුස්තක සම්මානයෙන් පිදුම් ලැබුවේ ය. ඒ, ඊයේ (10) රාත්‍රියේ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති ස්වර්ණ පුස්තක සම්මාන උළෙලේදීය. මෙරට සාහිත්‍ය කලාව සුපෝෂණය කිරීමට කැපවන විශිෂ්ටයින් ඇගයීම සඳහා ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය විසින් වාර්ෂිකව මෙම සම්මාන උළෙල පවත්වනු ලබයි. එරික් ඉලයප්ආරච්චිගේ නකුල මුනි, සේපාලී මායාදුන්නේගේ හින්දොස්මාලේ, ශමෙල් ජයකොඩිගේ මගේ චිකාගෝ හදවත සහ කීර්ති වැලිසරගේ ලියූ සන්ධ්‍යානන්දය යන කෘති මෙවර ස්වර්ණ පුස්තක සම්මාන උළෙලේ අවසන් වටයට තේරීපත්වූ කෘතීන් වේ. |
2022-09-11T03:13:07.000Z | රාජ්‍ය අමාත්‍යාංශ සඳහා වෙනම ලේකම්වරු නෑ: කාර්ය මණ්ඩලය 11යි: නිල වාහන 3යි: - ජනපති ලේකම්ගෙන් නව චක්‍රලේඛයක් | රාජ්‍ය අමාත්‍යංශ සඳහා වෙනම ලේකම්වරු නෑ.. | COLOMBO (News 1st) - රාජ්‍ය අමාත්‍යංශ සඳහා වෙනම ලේකම්වරුන් පත් නොකිරීමට තීරණය කර තිබේ. ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා අමාත්‍යාංශ ලේකම්වරුන් වෙත මේ බව දැනුම් දී ඇත්තේ විශේෂ චක්‍රලේඛයක් යොමු කරමිනි. එහි දැක්වෙන්නේ රාජ්‍ය අමාත්‍යාංශ සඳහා වෙනම වැය ශිර්ෂයක් වෙන් කිරීමට අපේක්ෂා නොකරන බැවින් රාජ්‍ය අමාත්‍යවරුන්ගේ කටයුතු සම්බන්ධීකරණය සඳහා අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම්වරයකු පත්කළ යුතු බවය. අදාළ කැබිනට් අමාත්‍යාංශයේ අනුමත කාර්ය මණ්ඩලය තුළින්ම රාජ්‍ය අමාත්‍යාංශය සඳහා වන සේවා අවශ්‍යතා සම්පූර්ණ කර දිය යුතු අතර නව තනතුරු ඇති කිරීමට ඉල්ලීම් ඉදිරිපත් නොකළ යුතු වේ. රාජ්‍ය අමාත්‍යවරුන්ගේ කාර්ය මණ්ඩල පවත්වාගෙන යාම සඳහා කැබිනට් අමාත්‍යාංශයේම ගොඩනැගිලි පහසුකම් සැලසිය යුතු බව අදාළ චක්‍රලේඛයේ සඳහන් වේ. රාජ්‍ය අමාත්‍යවරුන්ගේ කාර්යාලවල සේවා සඳහා අනුයුක්ත කළ හැක්කේ උපරිම 11 දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලයක් පමණි. රාජ්‍ය අමාත්‍යවරුන්ගේ කටයුතු සඳහා උපරිම වශයෙන් නිල වාහන තුනක් වෙන් කර දිය යුතු බවට එමගින් උපදෙස් දී තිබේ. ජනාධිපති ලේකම්වරයා දැනුම්දී ඇත්තේ රාජ්‍ය අමාත්‍යවරුන්ගේ නිල වාහන සඳහා මසකට ලීටර් 500ක ඉන්ධන දීමනාවක් හිමිවන බවය. |
2022-09-11T03:00:41.000Z | බ්‍රිතාන්‍ය මහ රැජිණගේ අවසන් කටයුතු ලබන 19 වින්සර් මාළිගයේ රාජකීය සුසාන භූමියේදී.. | එළිසබෙත් රැජිණගේ අවසන් කටයුතු ලබන 19 | COLOMBO (News 1st) - දෙවැනි එළිසබෙත් රැජිණගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සැප්තැම්බර් 19 වැනි සඳුදා සිදු කිරීමට දින නියමිතය. ඒ, වින්සර් මාළිගයේ රාජකීය සුසාන භූමියේදීය. ලන්ඩන් නුවර පිහිටි වෙස්ට්මිනිස්ටර් ඇබේ දේවස්ථානයේ වත්පිළිවෙත් වලින් අනතුරුව, රාජකීය සුසාන භූමියේ දේහය තැන්පත් කිරීම සිදුකිරීමට නියමිතය. රැජිණගේ දේහය අද (11) බැල්මරෝල් මාළිගයේ සිට එඩින්බර්ග් දක්වා රැගෙන ඒමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය. රැජිණගේ දේහය සමග ඇගේ දියණිය වන ඈන් කුමරිය ද ගමන් කරන බව විදෙස් වාර්තා පෙන්වා දෙයි. දෙවැනි එළිසබෙත් රැජිණගේ දේහයට මහජන ගෞරව දැක්වීම සඳහා දින 04ක කාලයක් හිමිවෙයි. චාල්ස් පිලිප් ආතර් ජෝර්ජ්, බ්‍රිතාන්‍යයේ තුන්වැනි චාල්ස් රජු ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීම ඊයේ (10) පස්වරුවේ සිදු කෙරිණි. ඒ, ශාන්ත ජේම්ස් මාළිගයේදීය. 3 වැනි චාල්ස් රජුගේ පදවි ප්‍රාප්තිය පිළිබඳ ප්‍රකාශනය ස්කොට්ලන්තය, උතුරු අයර්ලන්තය සහ වේල්සයේදී අද (11) කියවීමට නියමිතය. |
2022-09-11T02:14:52.000Z | මුජිබර් රහුමාන් ඇතුළු සජබ මන්ත්‍රීවරු පිරිසක් ජිනීවා යයි.. | සජබ මන්ත්‍රීවරු පිරිසක් ජිනීවා යයි.. | COLOMBO (News 1st) - සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන මුජිබර් රහුමාන්, වෛද්‍ය කාවින්ද ජයවර්ධන සහ නීතිඥ එරන්ද වැලිඅංගේ යන මහත්වරුන් ජිනීවා නුවර බලා පිටත්ව ගොස් තිබේ. ඒ හෙට (12) ආරම්භ වන ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ 51 වන සැසිවාරයට සහභාගිවීම සඳහායි. |
2022-09-11T02:04:00.000Z | කෝප් සහ කෝපා කමිටු පිහිටුවීම මසකට වඩා ප්‍රමාදයි.. | කෝප්,කෝපා කමිටු පිහිටුවීම මසකට වඩා ප්‍රමාදයි | COLOMBO (News 1st) - පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව සහ රාජ්‍ය ගිණුම් කාරක සභාව පිහිටුවීම මාසයකට අධික කාලයක් ප්‍රමාද වී තිබේ. අගෝස්තු 03 වැනිදා පාර්ලිමේන්තුවේ නව සැසිවාරය ආරම්භ කර මාසයකට අධික කාලයක් ගතවී ඇතත්, මෙතෙක් අදාළ කාරක සභා ස්ථාපිත නොකිරීමෙන් පාර්ලිමේන්තුව සතු රාජ්‍ය මූල්‍ය අධීක්ෂණ බලයට දැඩි බලපැමක් එල්ල වී ඇතැයි සඳහන් වේ. නව වන පාර්ලිමේන්තුවේ තුන්වන සැසිවාරය අදාළව කෝප් , කෝපා ඇතුළු කාරක සභාවල සභාපතිත්වය විපක්ෂයට ලබා දෙන්නැයි පසුගියදා පැවැති පක්ෂ නායක රැස්වීම්වලදි සමගි ජන බලවේගය කතානායකවරයාගෙන් ඉල්ලීමක් කළේය. ඊට විරෝධය පළ කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කතානායකවරයාගෙන් ඉල්ලා සිටියේ කෝප් කෝපා ඇතුළු කාරක සභාවල සභාපතිත්වය එම කමිටුවල සාමාජිකයින්ගේ බහුතර කැමැත්ත මත පත් කරන ලෙසය. සම්ප්‍රදායක් ලෙස පාර්ලිමේන්තු කාරක සභාවල බහුතර සාමාජිකයින් පත් කිරීමේ අයිතිය හිමිවන්නේ ආණ්ඩු පක්ෂයටයි. රටේ වත්මන් ආර්ථික අර්බුදයට හේතු සොයා පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව ආරම්භ කිරීමට නියමිතව තිබූ විමර්ශනය සඳහා හිටපු මහබැංකු අධිපතිවරුන් වූ මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන්, අජිත් නිවාඩ් කබ්රාල්, හිටපු මුදල් අමාත්‍යාංශ ලේකම්වරුන් වන ආචාර්ය පී.බී. ජයසුන්දර සහ එස්.ආර්. ආටිගල යන මහත්වරුන් ඇතුළු පිරිසක් කැඳවීමට සැලසුම් කර තිබුණි. එහෙත් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව පිහිටුවීම කල් යාමෙන් අදාළ විමර්ශනවලට දැඩි බාධා එල්ල වී තිබේ. |
2022-09-11T01:59:08.000Z | පළාත් පාලන මැතිවරණය කල් දැමීමට සූදානමක් ගැන පැෆ්රල් සංවිධානයෙන් චෝදනාවක් | පළාත් පාලන මැතිවරණය කල් දැමීමට සූදානමක්? | COLOMBO (News1st) - විවිධ සංශෝධන ඉදිරිපත් කරමින් ආණ්ඩුව යළිත් පළාත් පාලන මැතිවරණය කල් දැමීමට සූදානම් වන බවට මැතිවරණ නිරීක්ෂණ සංවිධානය චෝදනා කරයි. නිදහස් සහ සාධාරණ මැතිවරණයක් සඳහා වන ජනතා ක්‍රියාකාරිත්වය හෙවත් පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ, ඊට එරෙහිව අධිකරණමය ක්‍රියාමාර්ගවලට එළඹෙන බවයි. නිව්ස්ෆස්ට් කළ විමසීමකදි මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා පැවසුවේ පළාත් පාලන මැතිවරණය ඇතුළු මැතිවරණ කල් දැමීමට මැතිවරණය කොමිසම කිසිසේත්ම එකඟ නොවන බවයි. මැතිවරණ කල් දැමීම තුළින් ජනතා පරමාධිපත්‍යට බරපතල හානියක් සිදු වන බව මැතිවරණ කොමිසමේ මතය බව, සභාපතිවරයා සඳහන් කළේ ය. ඔහු පැවසුවේ පළාත් පාලන මැතිවරණය පැවැත්වීමේ බලය ලබන 20 වැනිදායින් පසු මැතිවරණ කොමිසමට හිමි වන බවයි. ඒ අනූව ලබන වසරේ මාර්තු 20 වැනිදාට පෙර පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා මේ වනවිට කටයුතු ආරම්භ කර ඇතැයි මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සඳහන් කළේ ය. |
2022-09-11T01:51:46.000Z | ආසියානු ක්‍රිකට් කුසලානය කාටද? ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අද තරග බිමට.. | ආසියානු කුසලානය කාටද?තීරණය අද..? | COLOMBO (News 1st) - 2022 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (12) රාත්‍රී 7.30 ට ඩුබායිහිදී ආරම්භ වීමට නියමිතය. තරගය පැවැත්වෙන්නේ, ශ්‍රී ලංකාව සහ පකිස්ථානය අතරයි. මීට පෙර අවස්ථා 11කදී ශ්‍රී ලංකාව කණ්ඩායම ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගෙන ඇති අතර ඉන් ජය ගෙන ඇති තරග සංඛ්‍යාව 5 කි. පකිස්ථානය අවස්ථා 4 කදී අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගෙන ඇති අතර ඉන් අවස්ථා දෙකකදී අසියානු කුසලානය තමන් සතුකර ගැනීමට ඔවුන් සමත්ව තිබේ. ශ්‍රී ලංකාව මෙවර අවසන් මහා තරගයට එක් වන්නේ සුපිරි සිව්දෙනාගේ වටයේ අපරාජිත කණ්ඩායම ලෙසය. |
2022-09-10T19:00:07.000Z | ගෙවුණු දවස උණුසුම් කළ පුවත් | ගෙවුණු දවස උණුසුම් කළ පුවත් | COLOMBO (News 1st) - දේශීය පුවත් 01. මෙරට ගොවීන් වෙනුවෙන් ඩොලර් මිලියන 40ක ප්‍රදානයක් – US AID පරිපාලක සමැන්තා පවර් මෙරට ගොවි ජනතාවගේ අවශ්‍යතා වෙනුවෙන් ඩොලර් මිලියන 40 ක් ප්‍රදානය කරන බව ජාත්‍යන්තර ප්‍රවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිත ආයතනයේ පරිපාලක සමැන්තා පවර් මහත්මිය පැවසුවාය. 02.දේශීය කිරි ගොවියා කබලෙන් ලිපට ඇද දැමූ මේ තීන්දු තීරණවලට වගකිවයුත්තේ කවු ද ? දේශීය නිෂ්පාදන කඩා වැටීම අද රට මුහුණදී තිබෙන ආර්ථික අර්බුදයට ප්‍රධාන හේතුවකි. 03.චෝදනා නිරාකරණය කරන තුරු ගල් අඟුරු සපයන්න බැහැ – සැපයුම්කරු ඇමති කංචනට දන්වයි තමන්ට එල්ල කර ඇති චෝදනා නීත්‍යානුකූලව නිරාකරණය කරන තුරු ගල් අඟුරු සැපයුම් කළ නොහැකි බව අවම ලංසුව ලබා දුන් සැපයුම්කරු, දන්වා ඇතැයි අමාත්‍ය කංචන විජේසේකර පවසයි. 04.වෑන් රථයක් හා යතුරු පැදි 3ක් ගැටී තරුණයින් තිදෙනෙකු මරුට.. කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ රංවල ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා තිබේ. 05.ළහිරු වීරසේකරට ඇප වෙනසක තාරුණ්‍ය සංවිධානයේ කැඳවුම්කරු ළහිරු වීරසේකර මහතා රුපියල් ලක්ෂ 2 ක බැගින් වූ ශරීර ඇප 2ක් මත මුදා හැරීමට මාලිගාකන්ද අතිරේක මහේස්ත්‍රත්වරයා ඊයේ (10) නියෝග කර තිබේ. විදෙස් පුවත් 01.චාල්ස් පිලිප් ආතර් ජෝර්ජ්, බ්‍රිතාන්‍යයේ තුන්වැනි චාල්ස් රජු ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරේ චාල්ස් පිලිප් ආතර් ජෝර්ජ්, බ්‍රිතාන්‍යයේ තුන්වැනි චාල්ස් රජු ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීම ඊයේ (10) පස්වරුවේ සිදු කෙරිණි. 02.ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල 4%කින් ඉහළට ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් 4% කින් ඉහළ ගොස් තිබේ. ක්‍රීඩා පුවත් 01.ශ්‍රී ලංකාව ආසියානු නෙට්බෝල් ශූරතාවලියේ අවසන් මහා තරගයට ශ්‍රී ලංකාව 2022 ආසියානු නෙට්බෝල් ශූරතාවලියේ අවසන් මහා තරගයට ඊයේ (10) සුදුසුකම් ලබා ගත්තේ ය. |
2022-09-10T14:16:03.000Z | ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල 4%කින් ඉහළට | ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඉහළට | COLOMBO (News 1st) - ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් 4% කින් ඉහළ ගොස් තිබේ. ඒ, යුරෝපයට තෙල් සහ ගෑස් සැපයීම නතර කරන බවට රුසියානු ජනාධිපති විලැද්මීර් පුටින් අනතුරු අඟවා ඇති පසුබිමකදීය. ඉදිරියේදී බොරතෙල් මිල ගණන් තවත් ඉහළ යනු ඇතැයි ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙයි. |
2022-09-10T14:05:05.000Z | දේශීය කිරි ගොවියා කබලෙන් ලිපට ඇද දැමූ මේ තීන්දු තීරණවලට වගකිවයුත්තේ කවු ද ? | කිරි දෙනුන් ආනයනය මතකද? | COLOMBO (News 1st) - දේශීය නිෂ්පාදන කඩා වැටීම අද රට මුහුණදී තිබෙන ආර්ථික අර්බුදයට ප්‍රධාන හේතුවකි. කිරිවලින් රට ස්වයංපෝෂිත කිරීම ගැන පැවති ආණ්ඩු විවිධාකාරයෙන් කතා කළත්, ඉන් දේශීය කිරි ගොවියාට සිදු වූ සෙතක් නැත. මතකද කිරි දෙනුන් ආනයනය ? කිරි දෙනුන් ආනයනය කිරීමේ ව්‍යාපෘති පිළිබඳව පැවති ආණ්ඩු කිහිපයකට බරපතල චෝදනා එල්ල වේ. 2014 වසරේ අප මුල්වරට කිරි දෙනුන් විසි දහසක් ගෙන්වීමේ ව්‍යාපෘතියේ ගැටලු අනාවරණය කළෙමු. එවක පැවති රජය ගෙන් වූ මේ කිරි දෙනුන් බොහොමයක් ගොවීන්ට ලබාදීමෙන් පසුව මිය ගිය අතර ඉතිරි දෙනුන්ගෙන් ද අපේක්ෂිත කිරි අස්වැන්නක් ලබා ගැනීමට නොහැකි විය. පසුව 2015 බලයට පත් වූ යහපාලන ආණ්ඩුව ද මේ ව්‍යෘපෘතිය දිගටම ක්‍රියාත්මක කළ අතර 2017 හා 2018 වසරවල කිරි දෙනුන් 5000 ක් ආනයනය කිරීමට තීරණය කළේ ය. මේ තීරණය ගත්තේ ව්‍යාපෘතියේ බරපතල ප්‍රශ්න ගැන විගනකාධිපතිවරයා විශේෂ වාර්තාවකින් කළ නිර්දේශ පවා නොතකමිනි. සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක, නාමල් කරුණාරත්න, 06 - 04 - 19 විශේෂයෙන්ම එම ආණ්ඩුව කඩාවැටීමත් එක්ක මේ යහපාලනය කියන ආණ්ඩුව ආවා. එතකොට ඒ ආණ්ඩුවට ඕනෙනම් තිබුණා මේ ගිවිසුම ඉවත්කරගන්ඩ තිබුණා. හැබැයි එහෙම ඉවත්වෙනවා වෙනුවට මේ ගොල්ලෝ මේ වැඩේ දිගටම කරගෙන ගියා. ඇයි ඒ කරගෙන ගියේ මේකේ කුට්ටිය හොඳයි රස හොඳයි. යහපාලන රජය සමයේ පත් කළ මහා පරිමාණ වංචා දූෂණ සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ ද මෙම කිරි ගවයින් ආනයනයේදී සිදු වූ අක්‍රමිකතා හෙළිදරව් විය. අදාළ කිරි දෙනුන්ට බී වී ඩී රෝගය වැළදී ඇති බවත් එම රෝගය හඳුනාගැනීම සඳහා මෙරට පහසුකම් නොමැති බවත් අනාවරණය වූ කරුණු අතර වේ. මේ ගැන ඕස්ට්‍රේලියානු මාධ්‍යත් වාර්තා කර තිබුණි. අවස්ථා කිහිපයකදී මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට බලධාරීන් කටයුතු කළත් ඒ සෑම රජයක්ම තෝරාගෙන තිබුණේ එකම සැපයුම්කරුවෙක් ය. ඒ, ඕස්ට්‍රේලියාවේ වෙලාඩ් රූරල් එක්ස්පෝර්ට් සමගම. විගණකාධිපති වාර්තා හෙළි කළ කරුණුවලට අනුව පැවති රජයන් අදාළ සැපයුම්කරු තෝරාගෙන ඇත්තේ ටෙන්ඩර් කැඳවීමකින්ද තොරවයි. බලාපොරොත්තු වූ කිරි ධාරිතාවක් ලබා ගැනීමට නොහැකි වූ ආනයනය කළ දෙනුන් රෝගාබාධවලට ලක් වූ අතර දෙනුන්ගේ රෝග මෙරට ගවයින්ටත් බෝ වීමේ හැකියාවක් ඇති බව සත්ත්ව නිරෝධායන වාර්තා සඳහන් කළේ ය. දේශීය කිරි ගොවියා කබලෙන් ලිපට ඇද දැමූ මේ තීන්දු තීරණවලට වගකිවයුත්තෝ කවු ද? දේශීය කිරි ගොවියා කබලෙන් ලිපට ඇද දැමූ මේ තීන්දු තීරණවලට වගකිවයුත්තේ කවු ද ? දේශීය කිරි ගොවියා කබලෙන් ලිපට ඇද දැමූ මේ තීන්දු තීරණවලට වගකිවයුත්තේ කවු ද ? https://youtu.be/CTGghgnLoBY #lka #SriLanka #SLnews #News Posted by Newsfirst.lk on Saturday, September 10, 2022 |
2022-09-10T13:42:21.000Z | විදේශ ඇමති සහ අධිකරණ ඇමති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සභාපති හමුවෙයි | විදේශ ඇමති,අධිකරණ ඇමති UNHRC සභාපති හමුවෙයි | COLOMBO (News 1st) - විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි හා අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ යන මහත්වරුවන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සභාපති ෆෙඩ්රිකෝ විලේගාස් මහතා හමුව තිබේ. ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අලි සබ්රි මහතා සඳහන් කරන්නේ, මෙරට මානව හිමිකම් ආරක්ෂා කිරීමේ ක්‍රියාවලියේදී ගෘහස්ථ යාන්ත්‍රණය ශක්තිමත් කිරීමේ වැදගත්කම පිළිබඳව එහිදී සාකච්ඡා කළ බවයි. ශ්‍රී ලංකාව මානව හිමිකම් ආරක්ෂා කිරීමේ ක්‍රියාවලියේ අඛණ්ඩව නියැලෙන බවත් වත්මන් අර්බුදවලට මුහුණ දීම සඳහා එක්සත් ජාතීන්ගේ මාවන හිමිකම් කවුන්සිලය සමග අත්වැල්බැඳ ගන්නා බවත් එහි වැඩිදුරටත් සඳහන් ය. මේ අතර අලි සබ්රි හා විජයදාස රාජපක්ෂ යන අමාත්‍යවරුන් එක්සත් ජාතීන්ගේ මාවන හිමිකම් පිළිබඳ වැඩබලන මහ කොමසාරිස් නාඩා නෂීෆ් මහත්මිය හමුව තිබේ. එහිදී ඔවුන් සහතික වී ඇත්තේ, මානව හිමිකම් ආරක්ෂා කිරීමේ ක්‍රියාවලියේ අඛණ්ඩව නියැලීම සඳහා කැපවෙන බවය. 🔺විදේශ කටයුතු ඇමති හා අධිකරණ ඇමති UNHRC සභාපති හමුවෙයි.. 🔺විදේශ කටයුතු ඇමති හා අධිකරණ ඇමති UNHRC සභාපති හමුවෙයි.. https://youtu.be/CTGghgnLoBY #lka #SriLanka #SLnews #News #NLN Posted by Newsfirst.lk on Saturday, September 10, 2022 |
2022-09-10T12:31:55.000Z | චෝදනා නිරාකරණය කරන තුරු ගල් අඟුරු සපයන්න බැහැ - සැපයුම්කරු ඇමති කංචනට දන්වයි | ගල් අඟුරු සැපයුම්කරුගෙන් කංචනට දැනුම්දීමක් | COLOMBO (News 1st) - තමන්ට එල්ල කර ඇති චෝදනා නීත්‍යානුකූලව නිරාකරණය කරන තුරු ගල් අඟුරු සැපයුම් කළ නොහැකි බව අවම ලංසුව ලබා දුන් සැපයුම්කරු, දන්වා ඇතැයි අමාත්‍ය කංචන විජේසේකර පවසයි. ඊයේ පැවති සාකච්ඡාවකදී ඔහු පවසා ඇත්තේ, ඒ අනුව එම කටයුතු නීත්‍යානුකූලව නිරාකරණය කිරීමටත් ඒ අතරතුර ගල් අඟුරු ප්‍රසම්පාදනය කිරීමේ විකල්ප යෝජනා පිළිබඳවත් සාකච්ඡා කළ බවය. |
2022-09-10T12:04:43.000Z | ශ්‍රී ලංකාව ආසියානු නෙට්බෝල් ශූරතාවලියේ අවසන් මහා තරගයට | ශ්‍රී ලංකාව ආසියානු නෙට්බෝල් ශූරතාවලියේ අවසන් තරගය | COLOMBO (News 1st) - ශ්‍රී ලංකාව 2022 ආසියානු නෙට්බෝල් ශූරතාවලියේ අවසන් මහා තරගයට අද (10) සුදුසුකම් ලබා ගත්තේ ය. තරගාවලිය සිංගප්පූරුවේ සත්කාරකත්වයෙන් පැවැත්වේ. එහි අවසන් පූර්ව වටයේදී ශ්‍රී ලංකාව තරග වැදුණේ, හොංකොං කණ්ඩායම සමගයි. එහි පළවෙනි කාර්තුවේ සිටම ඉදිරියෙන් සිටි ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් කාර්තු හතරම ජය ගත්තේ ය. 17 ට 7 ක්, 32 ට 16 ක්, 47 ට 25 ක් ලෙස පළමු දෙවන සහ තුන්වන කාර්තු ජය ගත් අතර නියමිත කාලය අවසානයේ ලකුණු තත්ත්වය දැක්වුණේ 67 ට 43 ක් ලෙසයි. තරගාවලියේ අවසන් මහා තරගය හෙට(10) පැවැත්වීමට නියමිතය. |
2022-09-10T11:54:34.000Z | ළහිරු වීරසේකරට ඇප | ළහිරු වීරසේකරට ඇප | COLOMBO (News 1st) - වෙනසක තාරුණ්‍ය සංවිධානයේ කැඳවුම්කරු ළහිරු වීරසේකර මහතා රුපියල් ලක්ෂ 2 ක බැගින් වූ ශරීර ඇප 2ක් මත මුදා හැරීමට මාලිගාකන්ද අතිරේක මහේස්ත්‍රත්වරයා අද (10) නියෝග කර තිබේ. අරගලයේ ක්‍රියාකාරි සමාජිකයෙකු වූ ළහිරු වීරසේකර මහතා ඊයේ(09) පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබුවේ, කොළඹ ඩුප්ලිකේෂන් මාර්ගයේදීය. පසුගියදා මරදාන ප්‍රදේශයේ පැවති විරෝධතාවයකදී පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම, අයුතු ජන රාශියක සමාජිකයෙකු වී සිටීම ඇතුළු චෝදනා යටත් ඔහු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේ ය. මරදාන පොලීසියේ රඳවා සිටි ළහිරු වීරසේකර මහතා අද(10) උදෑසන අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණේ හදිසියේ ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙනි. මාලිගාකන්ද අතිරේක මහේස්ත්‍රත්වරයා අද පස්වරුවේ ජාතික රෝහලට පැමිණි ඔහු නිරීක්ෂණය කළේ ය. |
2022-09-10T11:22:13.000Z | චාල්ස් පිලිප් ආතර් ජෝර්ජ්, බ්‍රිතාන්‍යයේ තුන්වැනි චාල්ස් රජු ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරේ | චාල්ස් රජුගේ පදවි ප්‍රාප්තිය.. | News 1st - චාල්ස් පිලිප් ආතර් ජෝර්ජ්, බ්‍රිතාන්‍යයේ තුන්වැනි චාල්ස් රජු ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීම අද (10) පස්වරුවේ සිදු කෙරිණි. ඒ, ශාන්ත ජේම්ස් මාළිගයේදීය. රාජකීය උපදේශක කමිටුව ඉදිරියේ දිවුරුම් දීමෙන් අනතුරුව රාජකීයත්වයට පත්වීමේ ලියවිල්ලට තුන්වැනි චාල්ස් රජු අත්සන් තැබුවේ ය. අනතුරුව සම්ප්‍රදායනූකූලව ජේම්ස් මාළිගයේ සඳලුතලයේදී චාල්ස් පිලිප් ආතර් ජෝර්ජ්, බ්‍රිතාන්‍යයේ තුන්වැනි චාල්ස් රජු ලෙස නිල වශයෙන් නිවේදනය කළේ ය. එහිදී මාළිගාව අසළට රැස්ව සිටි පිරිස ප්‍රීති ඝෝෂා පවත්වමින්, 'දෙවියන් රජු රැකදේවා' යන පාඨය හඬ නගා ප්‍රකාශ කළේ ය. බ්‍රිතාන්‍ය හිටපු අග්‍රාමාත්‍යවරුන් වන ඩේවිඩ් කැමරන්, ටෝනි බ්ලෙයාර්, ගෝඩන් බ්‍රවුන්, තෙරේසා මේ සහ බොරිස් ජොන්සන් ද ඊට සහභාගි විය. අනතුරුව රාජකීය සංගීත කණ්ඩායම රජු වෙනුවෙන් ප්‍රශස්ති වාදනයක් සිදු කළේ ය. චාල්ස් රජුගේ පදවි ප්‍රාප්තිය ප්‍රකාශයට පත් කිරීමේ සමාප්ති උළෙලේදී රජු වෙනුවෙන් ආචාර වෙඩි මුර පැවැත්විය. |
2022-09-10T11:06:08.000Z | පිටිගලදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කළ සැකරුවෙක් අලුත්ගමදී අත්අඩංගුවට | පිටිගල ඝාතනයක සැකරුවෙක් කොටු | COLOMBO (News 1st) - පිටිගල ප්‍රදේශයේදී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව අලුත්ගම නගරයේදී සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, ලද තොරතුරක් මත කළ වැටලීමකදී සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඉන් එක් පුද්ගලයෙකු අදාළ වෙඩි තැබීමට සම්බන්ධ බවට තොරතුරු අනාවරණ වී ඇති බවයි. සැකකරුවන් සන්තකයේ තිබී විදේශ රටක නිෂ්පාදිත බෝර 16 වර්ගයේ ගිනි අවියක් ද සොයා ගෙන ඇත. 27 හා 36 හැවිරිදි සැකකරුවන් තල්ගස්වල හා නාගොඩ ප්‍රදේශවල පදිංචිකරුවන් ය. පසුගිය 03 වැනි දා වෙඩි තබා එම මනුෂ්‍ය ඝාතනය සිදු කර තිබුණි. |
2022-09-10T10:55:04.000Z | මෙරට ගොවීන් වෙනුවෙන් ඩොලර් මිලියන 40ක ප්‍රදානයක් - US AID පරිපාලක සමැන්තා පවර් | මෙරට ගොවීන් වෙනුවෙන් ඩොලර් මිලියන 40ක ප්‍රදානයක් | COLOMBO (News 1st) - මෙරට ගොවි ජනතාවගේ අවශ්‍යතා වෙනුවෙන් ඩොලර් මිලියන 40 ක් ප්‍රදානය කරන බව ජාත්‍යන්තර ප්‍රවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිත ආයතනයේ පරිපාලක සමැන්තා පවර් මහත්මිය පැවසුවාය. ඇය ඒ බව කියා සිටියේ, නිව්ස්ෆස්ට් සමග විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමිනි. දෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටින සමැන්තා පවර් මහත්මිය අද(10) පස්වරුවේ ජා-ඇල, ඒකල ප්‍රදේශයේ පිහිටි ගොවි බිමකට ගොස් ගොවීන් මුහුණ දෙන ගැටලු සාකච්ඡා කළා ය. ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතයේ පරිපාලක, සමැන්තා පවර් මහත්මිය ඇතුළු පිරිස අද පෙරවරුවේ මෙරටට පැමිණියා ය. පවතින ආර්ථික අර්බුදය පිළිබඳව සාකච්ඡා කිරීම සහ අමෙරිකාව සහ ශ්‍රී ලංකාව අතර සංවර්ධන හවුල්කාරිත්වය ශක්තිමත් කිරීම ඇයගේ මෙම සංචාරයේ අරමුණයි. පිරිස පිළිගැනීමට ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති කාර්යාලයේ සහ ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් කටුනායක ගුවන්තොටුපොළ විශේෂ අමුත්තන්ගේ පර්යන්තය වෙත පැමිණ සිටියහ. 🔺 ගොවීන් වෙනුවෙන් අ.ඩො. මිලියන 40ක ප්‍රදානයක්.. 🔺 ගොවීන් වෙනුවෙන් අ.ඩො. මිලියන 40ක ප්‍රදානයක්.. #lka #News1st #USAID #SamanthaPower Posted by Newsfirst.lk on Saturday, September 10, 2022 |
2022-09-10T10:14:13.000Z | US AID ආයතනයේ පරිපාලක සමැන්තා පවර් ජා-ඇලදී ගොවීන් හමුවෙයි | සමැන්තා පවර් ගොවීන් හමුවෙයි | COLOMBO (News 1st) - ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතයේ (US AID) පරිපාලක, සමැන්තා පවර් ගොවීන් පිරිසක් හමුව තිබේ. ඒ, ජා-ඇල, ඒකල ප්‍රදේශයේදීය. විශේෂයෙන් අපේ රටේ ගොවි ජනතාව මුහුණ දී තිබෙන ගැටලු පිළිබඳ සාකච්ඡ කිරීම මෙහි අරමුණ වී ඇත. ඇය අද (10) පෙරවරුවේ දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණියාය. දෙදින තුළ ඇය ආර්ථික අර්බුදය හමුවේ අමෙරිකාව සහ ශ්‍රී ලංකාව අතර ඇති සබඳතා ශක්තිමත් කිරීම පිළිබඳව සොයා බලනු ඇති. සමැන්තා පවර් මහත්මිය මීට පෙර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අමෙරිකානු තානාපතිවරිය ලෙස ද කටයුතු කළා ය. |
2022-09-10T08:42:49.000Z | ජීවිතේ දැන් ඇති කියලා හිතෙනවා නම් විනාඩි කිහිපයක් අරන් මේක කියවන්න.. | ජීවිතේ දැන් ඇති කියලා හිතෙනවා නම් මේක කියවන්න.. | COLOMBO (NEWS1ST) : ඔයා ඉන්නේ දරාගන්න බැරි ප්‍රශ්නෙක, වේදනාවක නම්, ඔයාට ඩිප්‍රෙශන් වගේ නම්, ජීවිතේ දැන් ඇති කියලා හිතෙනවා නම් විනාඩි කිහිපයක් අරන් මේක කියවන්න. අද(10) ලෝක සියදිවි නසා ගැනීම වළක්වා ගැනීමේ දිනය. මෑත කාලයේ ආන්දෝලනාත්මක සියදිවි නසාගැනීම් කිහිපයක්ම ගැනම වාර්තා වුණා. උපදින සෑම අයෙකුටම මරණය නියත වුවත්, තමා විසින්ම ජීවිතය නසාගැනීම අනුමත කරන්න බෑ. කෙනෙක් ජීවිතය අතහරින්නේ දරා ගැනීමේ උපරිමයේදී. ඒ අවස්ථාවෙන් පස්සේ කෙනෙකුට ඒ ගැන විවිධ කරුණු සාධාරණීකරණය කරන්න පුළුවන් වගේම විවිධ නිගමනවලට එළඹෙන්න පුළුවන්. තමන්ගේ ජීවිතේට ආදරේ නැති මනුස්සයෙක් මිහිපිට නෑ. මරණාසන්න තත්ත්පරයේ පවා අපි අපේ ජීවිතයට ආදරෙයි. සියදිවි නසා ගැනීම්වලට එක් එක් පුද්ගලයින්ට විවිධාකාර හේතු බලපෑවත් මෙහි පොදු සාධකයක් තමයි තනිවීම නැත්නම් තනිකම. කෙනෙක් සියදිවි නසාගැනීමක් ගැන සිතීමේ සිට ක්‍රියාවලියක් දක්වා ගමන් කරන්නේ තනිකම යන සාධකය මතයි. විශාදය නැත්නම් ඩිප්‍රෙෂන් කියන මානසික රෝගී තත්ත්වය ගොඩ නැගෙන්නේත් මේ තනිකමත් එක්ක. කෙනෙක්ට ජීවිතයේ සමහර දේවල් දරාගන්න අමාරුයි, වේදනාකාරීයි. ඒ හැම වේදනාවක්ම දරාගන්න බැරි වෙනකොට ජීවිතයෙන් පලායාම හැරෙන්නට වෙනත් විසඳුමක් නැහැ කියලා සිතෙන අවස්ථා අනන්තයි. බොහොමයක් සියදිවි නසා ගැනීම්වලදී ඒ අය ජීවිතේ අත්හරින්න හේතුවක් වෙන්නේ, තවත් පුද්ගලයෙක් හෝ පුද්ගල කණ්ඩායමක් වෙන්න පුළුවන්. ඒ නිසාම අනෙක් අයට පාඩම් උගන්වන්න සියදිවි නසා ගැනීමට පෙළඹෙනවා. ඒ වගේම අනෙක් අයගේ දේවල් වෙනස් කරන්න. මිනිස් ආත්මයක් ලබා ගැනීම කණ කැස්බෑවා විය සිදුරෙන් අහස බලනවා වගේ.ඒ තරම් දුර්ලභ අවස්ථාවක් තමා අපිට ලැබිලා තියෙන්නේ. එහෙම ජීවිතය ඇයි නාස්ති කරගන්නේ? ප්‍රශ්න නැති මිනිස්සු මේ ලෝකේ නෑ. නමුත් ජීවිතේ වටිනාකම ඇත්තේ කට්ට කාගෙන ඉන්න තරමට මිසක් ජීවිතේ නැති කරගන්න විට නෙමෙයි. “හුස්ම දැන් ඉතින් නැවතියන්.මට හුඟක් මහන්සියි” කියපු පලියට ජීවිතේ ප්‍රශ්න විසඳෙන්නේ නෑ. අම්මා තාත්තා සහෝදර සහෝදරයන්ගේ ආදරය, සෙනෙහස තරාදියක එක පැත්තකට දාලා අතරමැදදී මුණගැහෙන ආගන්තුක කොල්ලෙක් කෙල්ලෙක්ගේ ආදරය තරාදියේ අනිත් පැත්තට දාලා කිරලා බලන මොහොතක් ඔබට ජීවිතේ හමුවෙලා ඇති. අවාසනාවකට ඒ මොහොත මඟ හරින්න අපි කාටවත් බෑ . තරාදියේ බර වැඩිවෙන්නේ මොන පැත්තෙද කියලා මං අහන්නේ නෑ. ජීවිතේ බොහෝ කාරණාවලදී අපිට වරදින තැන අන්න එතන.ප්‍රේම සබඳතා දෙදරා යාමේදී ආයේ කිසිම දවසක ලබා ගන්න බෑ කියන හැඟීමත් එක්ක එන වේදනාවේ උච්චතම අවස්ථාව තමයි, තමන්ගේ ජීවිතයෙන් පලිගන්න හදන එක. ''එක් වෙන්න සංසාරේ පින් මදිම නම්, අපි දෙන්නා එක තැනම මියයමු ඉතින්'' කියලා තියෙන්නේ සිංදුවල විතරයි. සැබෑ ලෝකේදී මේ කිසිවක් වලංගු වෙන්නේ නෑ. ජීවිතේ කියන්නේ ප්‍රශ්නයක් ආ සැනින් එයට මුහුණ නොදී ජීවිතයෙන් පළා යාමම නෙමෙයි. අපි වෙනුවෙන් පිරිසක් අඩයි. මාසයක් . දෙකක් . වැඩිම වුණොත් අවුරුද්දක්. ඊට පස්සේ එයාලා එයාලගේ ජීවිතේ හදාගන්නවා. ඒක එහෙම නෙමෙයි කියලා තර්ක කරන්න අපිට බෑ. එය මට නුඹට මෙන්ම සියල්ලටම පොදු ධර්මතාවක්. මේ ලෝකේ හැමදේම අස්ථීරයි. දෙමාපියන් පවා. මොනම හේතුවක් නිසා හෝ ජීවිතේ පූජා කළා කියලා අපි ජාතික වීරයෝ වෙන්නේ නෑ. අපි වෙනුවෙන් සමරු, පිළිම හැදෙන් නෑ. ප්‍රේමයේ පාරිශුද්ධ වස්තුව මෙන් ටජ්මහල් ඉදිවෙන්නේ නෑ. ඒක තමයි යතාර්ථය. තිත්ත ඇත්ත. ප්‍රශ්නය තමාගේ නොවන තාක් පිළිතුර දාර්ශනිකයි. ඒක ඇත්ත. නමුත් ප්‍රශ්නයකට විසඳුම මරණය නම් මේ ලොවම අද සොහොන් පිට්ටනියක්. ප්‍රශ්න නැති මිනිස්සු ලෝකේ නෑ. ජීවිතේ දිනපු සියල්ලම තමන්ගේ අසාර්ථක වීම් හමුවේ සාර්ථක වූ අය. දුක මාර්කට් කරන්න, ඒකේ වැරැද්දක් නෑ? හැබැයි ඒ තමාගේ ජීවිතයට ආලෝකයක් ලැබෙන විදිහට. විරහව, තනිකම සිතුවමට නගපු, පද වැල් ගොතපු, ටෙලි චිත්‍රපට හදපු මිනිස්සු මේ ලෝකේ ඉන්නවා. ඒ වේදනාව තුළින් ජය ගත්තු මිනිස්සු. ස්වාභව ධර්මයෙන්ම ආයුෂ ඉවර වෙනකන් ජීවත්වෙන්න. වටින මනුස්ස ජීවිතේ නිකරුණේ රේල් පීල්ලකට, වහ බෝතලයකට, තොණ්ඩුවකට හිලව් කරන්න එපා! ආදරයක් නිසා හෝ වෙනත් හේතුවක් නිසා ජීවිතේ නාස්ති කරගන්නවද? නැතිනම් ඒ වේදනාව ඔයාගේ Morall එක කරගෙන ජීවිතේ ජය ගන්නව ද කියන Option 2 විතරයි ඔයාට ඉතුරු වෙලා තියෙන්නේ. ඔයාගේ තෝරා ගැනීම මත තමයි ඔයාගේ අනාගතේම තීරණය වෙන්නේ. වේදනාව ජීවිතේට අභිප්‍රේරණයක් කරගන්න.ජීවිතේ දිනන්න අවස්ථාවක් කරගන්න.මහ රෑට හූල්ල හූල්ල වෙච්ච දේවල් හිත හිත අඩන්නේ නැතුව දියුණුව ගැන හිතලා හීන දකින්න. යන අයට යන්න දෙන්න. අවසානෙට කියන්නේ මෙච්චරයි. ජීවිතේ කියන්නේ අමාරුවෙන් ගොඩ දාන්න ඕන බිස්නස් එකක්. ආදරේ කියන්නේ ඒ බිස්නස් Success කරගන්න කරන පාර්ට් ටයිම් ජොබ් එකක් විතරයි. පුංචි කාලේ ඉදන්ම ජීවිතේ සාර්ථක කර ගන්න උගත්කම කියන ලේබල් එක ගහගන්න අපි හැල හැල්මේ දුවනවා. එතනදී ජීවිතේ බොහෝ දේ මහ හැරෙනවා. කවුරුත් හිතාමතාම ජීවිතේ නන්නත්තාර කරගන්නේ නෑ. ඒත් හැම ජීවිතයකම Weak Point එකක් තියෙනවා. පීඩාවක උච්චතම අවස්ථාවේ ජීවිතය අත හරින්නේ තනිකම, දුක, තරහව, වරදකාරී හැඟීම නිසා. ඒ නිසා '' එයාට කොහොමහරි දරාගෙන ඉන්න තිබුණා'' යන පසුතැවීම් වචන කියන්න ඉඩ නොතබා ආදරණීයයන්ගේ පුංචි වෙනසකට සංවේදී වෙන්න, ඇහුම්කන් දෙන්න, අගයන්න ඔවුන්ට ආදරය කරන්න ඔවුන් තනිවෙලා නැති බව දැනෙන්න දෙන්න. |
2022-09-10T08:00:45.000Z | ශ්‍රී ලංකාව පිළිබඳ අධීක්ෂණය ශක්තිමත් කරන්න - ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය එ.ජා. මානව හිමිකම් කවුන්සිලයෙන් ඉල්ලයි.. | ජාත්‍යන්තර ක්ෂමා සංවිධානයෙන් ඉල්ලීමක්.. | COLOMBO (NEWS1ST) : ශ්‍රී ලංකාව පිළිබඳ අධීක්ෂණය ශක්තිමත් කරන ලෙස ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් ඉල්ලා තිබේ. නිවේදනයක් නිකුත් කරමින් එම සංවිධානය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් ඉල්ලා සිටින්නේ, ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳව වගවීමේ ව්‍යාපෘතිය ශක්තිමත් කරන ලෙසයි. ශ්‍රී ලංකාවේ මානව හිමිකම් පිළිබඳ අධීක්ෂණය, වාර්තා කිරීම සහ නිර්දේශ සැපයීම යන අංශවලින් යුත් විශේෂඥ යාන්ත්‍රණයක් සකස් කරන්නැයි, ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් ඉල්ලා සිටි. මේ අතර මානව හිමිකම් ආරක්ෂා කිරීම සහ ප්‍රවර්ධනය කිරීමට ක්‍රියා කරන ලෙසත් ක්ෂමා සංවිධානය එක්සත් ජාතීන්ගේ සාමාජික රටවලින් ද ඉල්ලා සිටි. |
2022-09-10T00:42:19.000Z | සාමකාමී ක්‍රියාකාරීන් දිගින් දිගටම අත්අඩංගුවට ගැනීම හා සිරගත කිරීම වහාම නතර කරන්න - පවතින ක්‍රමයේ වෙනසක් සඳහා වූ වෛද්‍ය වෘත්තිකයින් රජයෙන් ඉල්ලයි.. | සාමකාමී ක්‍රියාකාරින් අත්අඩංගුවට ගැනීම නතර කරන්න | COLOMBO (NEWS1ST) : මනඃකල්පිත චෝදනාවලට මුවාවී සාමකාමී ක්‍රියාකාරීන් දිගින් දිගටම අත්අඩංගුවට ගැනීම හා සිරගත කිරීම වහාම නතර කරන ලෙස මෙඩිකල් ෆ්‍රොපෙෂනල්ස් ශ්‍රී ලංකා ෆො සිස්ටම් චේන්ජ් හෙවත් පවතින ක්‍රමයේ වෙනසක් සඳහා වූ වෛද්‍ය වෘත්තිකයින් රජයෙන් ඉල්ලා සිටී. එම වෘත්තිකයින් අතරට මහාචාර්ය අර්ජුන අලුවිහාරේ, මහාචාර්ය ලලිතා මෙන්ඩිස්, ආචාර්ය එම්.කේ. රාගුනාදන් ඇතුළු ප්‍රවීණ වෛද්‍ය වෘත්කයින් රැසක් අයත් ය. ඔවුන් ඉල්ලා සිටින්නේ, දුක්විඳින ජනතාවට සහන සැලසීමට උපරිමයෙන් කටයුතු කිරීම සඳහා උපාය මාර්ග ගැන නැවත සිතා බලන ලෙස ජනාධිපතිවරයාගෙන් හා ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බවය. බලධාරින්ට සුපුරුදු පරිදි කටයුතු කරගෙන යාමට ඉඩ නොතබා ගතහැකි සියලු සාමකාමී ක්‍රියාමාර්ග තුළින් විරෝධය දක්වන ලෙස පවතින ක්‍රමයේ වෙනසක් සඳහා වූ වෛද්‍ය වෘත්තිකයින්, සිවිල් සමාජ කණ්ඩායම් සෙසු සංවිධාන හා මහජනතාවගෙන් ඉල්ලා සිටී. ඔවුන් පෙන්වා දෙන්නේ, රජයේ වියදම් විශාල වශයෙන් කප්පාදු කළ යුතු බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිර්දේශ කර ඇති බවයි. එසේ තිබියදී ජනාධිපතිවරයා විසින් නව රාජ්‍ය අමාත්‍යවරුන් 37ක් පත්කිරීම ගැන ජනතාව පුදුමයට හා කළකිරීමට පත්ව ඇතැයි පවතින ක්‍රමයේ වෙනසක් සඳහා වූ වෛද්‍ය වෘත්තිකයින් පෙන්වා දෙයි. මන්ත්‍රී වැටුප පමණක් ලබාගන්නා බවට පැවසුවද වරප්‍රසාද හා දීමනා ඇතුළු අනිකුත් පහසුකම් සඳහා බිලියන ගණනක් වැයවනු ඇතැයි යන්න නොඅනුමාන බව අදාළ වෛද්‍යවරුන් පැවසුවේ ය. රට බංකොලොත් කිරීමට වගකිව යුතු සියලුම දූෂිත මන්ත්‍රීවරුන් යළි බලයේ පිහිටුවා ඇති බවද වෛද්‍ය වෘත්තිකයින් පෙන්වා දෙයි. |
2022-09-10T05:10:33.000Z | මානව හිමිකම් සැසිය ඇමතීමට නීතිඥ නුවන් බෝපගේ ජිනීවා යයි.. | නීතිඥ නුවන් බෝපගේ ජිනීවා යයි.. | COLOMBO (NEWS1ST) : ජීනිවාහි මානව හිමිකම් සැසිවාරය ඇමතීම සඳහා නීතිඥ නුවන් බෝපගේ මහතා අද(10) ජිනීවා නුවර බලා පිටත්ව ගියේ ය. අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය නිවේදනය කළේ, වසර ගණනාවක් සිය සංගමයේ නීතිමය කටයුතුවලට හා ගෝල්ෆේස් අරගලයේ ක්‍රියාකාරී මැදිහත්වීමත් නිසා නුවන් බෝපගේ මහතාට ජිනීවා සැසිවාරය ආමන්ත්‍රණය කිරීමට අවස්ථාවක් ලැබී ඇති බවයි. එහිදී අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයට එල්ල වී ඇති මර්දනය පිළිබඳව ඔහු ජාත්‍යන්තරය දැනුවත් කරනු ඇති. එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 51 වන සැසිය එළඹෙන 12 වෙනිදා සිට ඔක්තෝම්බර් 07 වෙනිදා දක්වා පැවැත්වෙයි. |
2022-09-10T04:49:32.000Z | US AID ආයතනයේ පරිපාලක සැමන්තා පවර් දිවයිනට.. | සැමන්තා පවර් දිවයිනට.. | COLOMBO (News 1st) – ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතයේ (USAID) පරිපාලක, සැමන්තා පවර්(Samantha Power) දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ තිබේ. දෙදින තුළ ඇය ආර්ථික අර්බුදය හමුවේ අමෙරිකාව සහ ශ්‍රී ලංකාව අතර ඇති සබඳතා ශක්තිමත් කිරීම පිළිබඳව සොයා බලනු ඇති. සැමන්තා පවර් මහත්මිය මීට පෙර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අමෙරිකානු තානාපතිවරිය ලෙස ද කටයුතු කළා ය. |
2022-09-10T03:15:47.000Z | වෑන් රථයක් හා යතුරු පැදි 3ක් ගැටී තරුණයින් තිදෙනෙකු මරුට.. | වෑන් රථයක ගැටීමෙන් තරුණයින් තිදෙනෙකු මරුට.. | COLOMBO (NEWS1ST) : කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ රංවල ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා තිබේ. පොලීසිය පැවසුවේ, කොළඹ - මහනුවර මාර්ගයේ දකුණු පසට බරව ධාවනය වූ වෑන් රථයක් ප්‍රතිවිරුද්ධ දිශාවට ධාවනය වූ යතුරුපැදි 3ක ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි. අනතුරින් යතුරුපැදි තුනෙහි ගමන් ගත් 5 දෙනෙකු බරපතල තුවාල ලබා කෑගල්ල රෝහලට ඇතුළත් කිරීමේදී පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තිබේ. එලෙස මියගොස් ඇත්තේ, තුල්හිරිය හා වේයන්ගොඩ ප්‍රදේශවල පදිංචි 27 හැවිරිදි පුද්ගලයින් තිදෙනෙක් ය. අනතුර සම්බන්ධයෙන් සැකපිට වෑන් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර පොලිසිය පැවසුවේ, අපරික්ෂාකාරි රිය ධාවනය ඊට හේතුවී ඇති බවයි. |
2022-09-10T01:48:51.000Z | සෞඛ්‍ය සේවයට පරිත්‍යාග ගන්න නව ගිණුමක්.. | සෞඛ්‍ය සේවයට පරිත්‍යාග ගන්න නව ගිණුමක්.. | COLOMBO (News 1st) – මෙරට සෞඛ්‍ය පද්ධතියට අවශ්‍ය සහය ලබා ගැනීම සඳහා ඒකාබද්ධ ගිණුමක් ආරම්භ කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි. එම ගිණුම හරහා සෞඛ්‍ය පද්ධතියට කෙරෙන පරිත්‍යාග ලබාගැනීමට නියමිතයි. ලෝක සෞඛ්‍ය සංවිධානය හා එක්ව එම ගිණුම ආරම්භ කර ඇති බව අමාත්‍යවරයා පැවසුවේ ය. මේ වනවිට රට තීරණාත්මක පරිච්ඡේදයට මුහුණදී ඇති බවද ඔහු සඳහන් කළේ . අමාත්‍යවරයා පැවසුවේ, එම තත්ත්වය තුළ ලොව පුරා රාජ්‍යයන් හා ජාත්‍යන්තර සංවිධානවල සහය අත්‍යවශ්‍ය බවයි. මෙවැනි අවස්ථාවක සෞඛ්‍ය අමාත්‍යාංශය ලෙස රටෙහි සෞඛ්‍ය පද්ධතියට අවශ්‍ය සහයෝගය වෙනුවෙන් පරිත්‍යාග ලබාගැනීම සඳහා කටයුතු කරන බවද අමාත්‍යවරයා පැවසුවේ ය. අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසුවේ රටෙහි සෞඛ්‍ය පද්ධතියට පරිත්‍යාග ඔස්සේ සියලු අවශ්‍යතාවන් සම්පුර්ණ කළ නොහැකි වුවද එම අවශ්‍යතාවයන් සම්පුර්ණ කිරීම වෙනුවෙන් උපරිම උත්සාහයක යෙදෙන බවයි. |
2022-09-10T01:35:24.000Z | දුම්රිය ආසන වෙන් කිරීමට පැවැති කාලය දීර්ඝ කෙරේ.. | දුම්රිය ආසන වෙන් කිරීම ගැන දැනුම්දීමක් | COLOMBO (News 1st) – දුම්රිය ආසන වෙන්කිරීම සඳහා මෙතෙක් පැවැති කාලසීමාව දින 30 ක් දක්වා දීර්ඝ කර තිබේ. දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ, ඒ අනුව ලබන මස 13 වැනිදා මධ්‍යම රාත්‍රිය දක්වා ධාවනය වීමට නියමිත සියලුම දුම්රියවල වෙන් කළ ආසන මේ මස 13 වැනිදා පෙරවරු 10.00 සිට වෙන් කරගැනීම සඳහා පහසුකම් සලසා ඇති බවයි මීට පෙර දුම්රිය ආසන වෙන්කිරීම සඳහා පැවැති කාලසීමාව දින 14 කි. |
2022-09-10T01:31:04.000Z | ළහිරු වීරසේකර අද අධිකරණයට.. | ළහිරු වීරසේකර අද අධිකරණයට.. | COLOMBO (News 1st) – අත්අඩංගුවට ගත් ළහිරු වීරසේකර අද (10) මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව බව පොලිසිය සඳහන් කළේ ය. අරගලයේ ක්‍රියාකාරි සමාජිකයෙකු වූ ළහිරු වීරසේකර ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබුවේ, කොළඹ ඩුප්ලිකේෂන් මාර්ගයේදී ය. පසුගියදා මරදාන ප්‍රදේශයේ පැවති විරෝධතාවයකදී පොලිස් නිලධාරින්ගේ රාජකාරියට බාධා කිරීම , අයුතු ජනරාශියක සාමාජිකයෙකුවී සිටීම ඇතුළු චෝදනා යටත් ඔහු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේ ය. වීරසේකර මහතා මේ වනවිට මරදාන පොලිස් ස්ථානයේ රඳවා සිටී. |
2022-09-10T01:29:51.000Z | අඩුබර පාන් ගෙඩියක් රු. 190කට: කුකුළු මස් මිලත් ඉහල යන ලකුණු.. | අඩුබර පාන් වෙළෙඳපොළට... | COLOMBO (News 1st) – නියමිත බරට අඩුවෙන් පාන් ගෙඩියක් රුපියල් 190ක මිලකට අලෙවි කිරීමට ඇතැම් බේකරි හිමියන් පියවර ගෙන ඇතැයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි. එහි සභාපති එන්.කේ.ජයවර්ධන මහතා පැවසුවේ, ඇතැම් බේකරි හිමියන් පාන් ගෙඩියක බර ග්‍රෑම් 300 හෝ 350ක ප්‍රමාණයකට අඩුකර එම මිලට අලෙවි කරන බවයි. මේ අතර වැට් බදු, විදුලි බිල හා ජල ජල ගාස්තු ඉහළ යාමට සමගාමීව ඉදිරියේ කුකුළු මස් මිළ ඉහළ යනු ඇතැයි සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයින්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර මහතා පැවසුවේ ය. |
2022-09-10T01:27:23.000Z | බිනර පුර පසලොස්වක පොහොය අදයි.. | බිනර පුර පසලොස්වක පොහොය අදයි.. | COLOMBO (News 1st) – බිනර පුර පසලොස්වක පොහොය දිනය අදට (10)යෙදී තිබේ. බෞද්ධ ශාසන ඉතිහාසයේ බිනර පොහොයට හිමි වන්නේ සුවිශේෂි ස්ථානයකි. බුදුරජාණන් වහන්සේ විශාලා මහනුවර වැඩවසන සමයේ මහා ප්‍රජාපතී ගෝතමිය ඇතුළු 500ක් කුල කාන්තාවන් තෙවන වරටත් පැමිණ පැවිදි වන්නට අවසර ඉල්ලා සිටියේ අද වැනි පුර පසලොස්වක දිනකදී ය. එහිදී ආනන්ද තෙරුන් වහන්සේගේ මැදිහත්වීම මත බුදුරජාණන් වහන්සේ විසින් භික්ෂුණීන් පිළිපැදිය යුතු ගරු ධර්ම 8 ක් පනවමින් ඊට අවසර ලබා දුන්නේ ය. මේ අතර සද්ධර්මරත්නාවලිය , පූජාවලිය , සද්ධර්මාලංකාරය , ජාතක පොත් වහන්සේ වැනි සම්භාව්‍ය ගණයට ගැනෙන ධර්ම ග්‍රන්ථ රැසක් බිනර මාසයේ රචනා කර ඇතැයි ශාසන ඉතිහාසයේ සඳහන් ය. |
2022-09-10T01:25:40.000Z | ගෙවුණු දවස උණුසුම් කළ පුවත් | ගෙවුණු දවස උණුසුම් කළ පුවත් | දේශීය පුවත් 1. සැප්තැම්බර් 19 ශෝක දිනයක් ප්‍රකාශයට පත් කෙරේ – බ්‍රිතාන්‍යයේ දෙවැනි එළිසබෙත් රැජිණගේ අභාවය වෙනුවෙන් සැප්තැම්බර් 19 මෙරට ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ. 2.ළහිරු වීරසේකර අත්අඩංගුවට – අරගලයේ ක්‍රියාකාරි සමාජිකයෙකු වූ ළහිරු වීරසේකර අත්අඩංගුවට ගෙන තිබේ. 3.සංවර්ධන ව්‍යාපෘතිවලට බාධාවක් වන චක්‍රලේඛ වහාම සංශෝධනය කරන්නැයි ජනපතිගෙන් උපදෙස් – සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී චක්‍රලේඛ බාධාවක් වී ඇත්නම් එම චක්‍රලේඛ කඩිනමින් සංශෝධනය කරන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් දී තිබේ. 4.සති අන්තයේ විදුලි කප්පාදුවක් නැහැ – මහජන උපයෝගිතා කොමිසම – හෙට (අද) සහ හෙට (11) විදුලිය කප්පාදුවක් සිදු නොකරන බව මහජන උපයෝගිතා කොමිසම පවසයි. 5.උ/පෙළ ප්‍රතිඵලවලට කිසිදු හානියක් සිදුව නැහැ – විභාග දෙපාර්තමේන්තුව – 2021 අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵලවලට කිසිදු හානියක් වී නොමැති බව විභාග දෙපාර්තමේන්තුව අවධාරණය කරයි. 6.බැසිල් අමෙරිකාව බලා පිටත්ව යයි.. : හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අමෙරිකාව බලා පිටත්ව ගොස් තිබේ. විදෙස් පුවත් 1.රැජිණගේ වියෝව නිසා බ්‍රිතාන්‍ය ජාතික ගීයේ සහ මුදල් නෝට්ටුවල වෙනසක් – අධිරාජ්‍යයේ සිට පොදු රාජ්‍ය දක්වා ලෝකවාසී ජනතාව ඒකරාශී කරමින් කිරීටයක ගෞරවය රැකදුන් දෙවැනි එළිසබෙත් මහ රැජිණ ලෝකයෙන් සමුගත් බව බකිංහැම් මාලිගය නිවේදනය කර තිබේ. |
2022-09-10T01:24:14.000Z | ශ්‍රී ලංකාව ආසියානු කුසලානයේ Super 4 වටය අපරාජිතව අවසන් කරයි.. | පකිස්ථානයට එරෙහිව පහසු ජයක්.. | COLOMBO (News 1st) – 2022 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ වටයේ පකිස්ථානය සමග පැවැති තරගය ශ්‍රී ලංකාව කඩුලු 5කින් ජය ගත්තේ ය. ඩුබායිහිදී පැවැති මෙම තරගයේ කාසියේ වාසිය හිමි කරගත් ශ්‍රී ලංකාවේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් පකිස්ථාන කණ්ඩායම පන්දුවාර පන්දුවාර 19 යි එක් පන්දුවක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 121 ක් රැස් කළේ ය. නායක බාබර් අසාම් ලකුණු 30 ක් රැස් කළ අතර මොහමඩ් නවාස් ලකුණු 26 කි. වනිදු හසරංග ලකුණු 21 කට කඩුළු 3ක් දවා ගත් අතර මහීෂ් තීක්ෂණ හා ප්‍රමෝද් මදුෂාන් කඩුළු 2 බැගින් දවා ගත්තේ ය. ජයග්‍රහණය සඳහා ලකුණු 122 ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 17 ක් අවසානයේ කඩුළු 5 ක් පමණක් දැවී ජය වාර්තා කළේ ය. භානුක රාජපක්ෂ ලකුණු 24 ක් රැස් කළ අතර නායක දසුන් ශානක ලකුණු 21 කි. පැතුම් නිස්සංක නොදැවී ලකුණු 55 ක් රැස් කරමින් ශ්‍රී ලංකාව ජයග්‍රහනය කරා රැගෙන ගියේ ය. ඒ අනුව මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ වටය අපරාජිතව අවසන් කිරීමට ශ්‍රී ලංකාවට හැකි විය. ශ්‍රී ලංකාව සහ පකිස්ථානය සහභාගී වන අවසන් මහා තරගය හෙට(11) ඩුබායිහිදී පැවැත්වීමට නියමිතය. |
2022-09-09T16:18:55.000Z | රැජිණගේ වියෝව නිසා බ්‍රිතාන්‍ය ජාතික ගීයේ සහ මුදල් නෝට්ටුවල වෙනසක් | හිරු නොබසින අධිරාජ්‍යයෙන් ගිලිහෙන මහ රැජිණ | COLOMBO (News 1st) - අධිරාජ්‍යයේ සිට පොදු රාජ්‍ය දක්වා ලෝකවාසී ජනතාව ඒකරාශී කරමින් කිරීටයක ගෞරවය රැකදුන් දෙවැනි එළිසබෙත් මහ රැජිණ ලෝකයෙන් සමුගත් බව බකිංහැම් මාලිගය නිවේදනය කර තිබේ. වසර 70 ක රාජකීයත්වයට උරුමකම් කී මහ රැජිණගේ අභාවයත් සමග චාල්ස් කුමරු බ්‍රිතාන්‍යයේ රජු ලෙස පත්ව සිටි. මහ රැජිණගේ වියෝව දැනුම් දෙන්නේ london bridge is down යන කේතයෙනි. මේ ශෝකී පුවත නිල වශයෙන් දැනුම් දීම පැවරුණේ නව අගමැතිනි ලිට් ට්‍රස් මහත්මියටයි. දෙවැනි එළිසබෙත් මහරැජිනගේ අවමංගල්‍යය සැලැස්ම හැඳින්වෙන්නේ operation london bridge යනුවෙන්. එම සැළැස්මට අනුව ඇගේ වියෝව මහ රැජිණ රාජ්‍යත්වය දැරූ රටවල් 15 ට සහ ශ්‍රී ලංකාව ඇතුළු පොදු රාජ්‍ය මණ්ඩලයේ සෙසු රටවල් 36 ට දැනුම් දුන්නේ ය. 1926 ලන්ඩනයේ මේෆෙයර්හීදී එළිසබෙත් ඇලෙක්සැන්ඩ්‍රා මේරි වින්සර් ලෙස උපත ලද කුමරිය සිය පියා වන හයවැනි ජෝර්ජ් රජු මියයාමෙන් පසුව රජ කිරුළට හිමිකම් කීවේ 1952 දී. බිලියන 7.9ක් වන ලෝක ජනගහණයෙන් බිලියන 2.5 ක ජනතාවක් ජීවත්වන පොදු රාජ්‍ය මණ්ඩලයේ රටවල් 56ක නායිකාව ඇයයි. එළිසබෙත් රැජිණ සිය මෞලි මංගල්‍යයෙන් මාස 5කට පසුව එනම් 1954 අප්‍රේල් 10 වෙනිදා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත විය. 1954 අප්‍රේල් 12 ලංකා පාර්ලිමේන්තුව නව සැසිවාරය මහ රැජිණියගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණේ නිදහස් චතුරශ්‍රයේදී යි. මේ ගමනේ විශේෂත්වයක් තිබුණි. අප්‍රේල් 21 වැනි දාට යෙදුන එළිසබෙත් රැජිණගේ 28 වැනි උපන්දිනය ගාලු මුවදොර පිටියේ දී සමරනු ලැබුවේ ය. මහ රැජිණ යළි ශ්‍රී ලංකාවට පැමිණියේ 1981 දී වික්ටෝරියා ජලාශයේ ඉදිකිරීම් ඇරඹීමට. ශ්‍රී ලංකාවට පැමිණි ආකාරයටම සාමාජික රටවලට යාම හා winston churchill ගෙන් ආරම්භ වී ගෙවුණු සතියේ බ්‍රිතාන්යයේ 15 වැනි අගමැතිවරිය ලෙස ලිට් ට්‍රස් මහත්මියට පත්වීම දීම දක්වා සෑම සතියකම රජිණ අගමැතිවරුන් හමුවීම පුරුද්දක් කර ගෙන සිටියේ ය. වසර 70 ක පාලන සමයක් සනිටුහන් කරමින් ප්ලැටිනම් ජුබිලියක් සමරූ බ්‍රිතාන්‍යයේ පළමු රාජකීයා ලෙස ඇය ඉතිහාසයට එක්විය. වසර 74 ක් මහ රැජිණගේ ප්‍රේම කිරීටය අත්පත් කරගෙන සිටී ඇගේ සැමියා වන එඩින්බරෝ ආදිපාදවරයා වයස අවුරුදු 99 දී මිය ගියේ පසුගිය අවුරුද්දේයි. මහ රැජිණ ලොවෙන් සමුගත් ඊයේ දිනයේ බකිංහැම් මාලිගයට ඉහළින් දේදුණු දෙකක් පෑයූ බවටත් එරට මාධ්‍ය වාර්තා කරයි. මහ රැජිණගේ වියෝවත් සමග බ්‍රිතාන්‍යයේ වෙනස්කම් රැසක් සිදු විය. රජිණගේ රුව සහිත මුදල් නෝට්ටු විදේශ ගමන් බලපත්‍ර සහ නිල ඇඳුම්වල ස්වරූපය වෙනස් වේ. බැංකුවලින් හා තැපැල් කාර්යාල මගින් පැරණි මුදල් නෝට්ටු එකතු කිරීම දැනටත් ක්‍රියාත්මකයි. ජාතික ගීයේ හි කියවෙන "දෙවියන් අපගේ රැජිණිය රෑක දේවා "යන්න දෙවියන් අපගේ රජු රැක දේවා" ලෙස වෙනස් වේ. රැජිණ අභාවප්‍රාප්ත වූ ස්කොට්ලන්තයේ බැල්මොරාල් මාලිගයේ සිට දේහය ලන්ඩන් නුවරට ගෙන ඒමෙන් පසුව ගෙවෙන සිව්වැනි දිනයේ රාජකීය හමුදා ගෞරවාචාර මැද පාර්ලිමේන්තුවේ වෙස්ට්මිනිස්ටර් ශාලාවේ තැන්පත් කිරීමට නියමිතයි. නව රජු ලෙස චාල්ස් කුමරු පාර්ලිමේන්තුව විසින් පිළිගැනීම සිදු කෙරෙන්නේ මේ අතරතුරය. එළිසබෙත් මහ රැජිණ සමුගන්නා දවස බ්‍රිතාන්‍යයේ ජාතික ශෝක දිනයක්. එදින උදේ 9.00 ට බිග් බෙන් ඔරලෝසුව ශෝකී රාවය නගයි. පෙරවරු 11.00 ට වෙස්ට්මිනිස්ටර් ඇබේ දේවස්ථානයේ වත්පිලිවෙත් අවසන් වීමෙන් පසු රාජකීය අවමංගල්‍යය සිදු කෙරෙන්නේ, වින්ස්ටර් මාලිගයේ රාජකීය සුසාන භූමියේ දීය. එතැන් සිට චාල්ස් කුමරු තුන්වෙනි චාල්ස් ලෙස රාජකීයත්වයට පත් වීමට නියමිතයි. බ්‍රිතාන්‍යයේ දෙවැනි එළිසබෙත් රැජිණ අභාවය හේතුවෙන් සියලු පොදු ගොඩනැගිලිවල ජාතික ධජය අඩකුඹු කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු අමාත්‍යාංශයට උපදෙස් ලබා දී තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, ලබන19 වැනි දා මෙරට ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති බවයි. මේ අතර බ්‍රිතාන්‍යයේ දෙවන එළිසබෙත් මහ රැජිණගේ අභාවය වෙනුවෙන් ශෝකය ප්‍රකාශ කිරීම සඳහා අද මෙරට පාර්ලිමේන්තුවේදී විනාඩි 2ක නිශ්ෂබ්ධතාවයක් පැවැත්විය. අධිරාජ්‍යයෙන් ගිලිහෙන කිරුළු පළන් මහ රැජිණ.. 🔺හිරු නොබසින අධිරාජ්‍යයෙන් ගිලිහෙන කිරුළු පළන් මහ රැජිණ.. 🔺රැජිණගේ වියෝව නිසා බ්‍රිතාන්‍ය ජාතික ගීයේ සහ මුදල් නෝට්ටුවල වෙනසක් #lka #SriLanka #SLnews #QueenElizabethII Posted by Newsfirst.lk on Friday, September 9, 2022 |
2022-09-09T15:18:22.000Z | අරගලය ඉවර වෙලා නෑ.. අරගලය අඛණ්ඩව ඉදිරියට යනවා - සේනාධි ගුරුගේ | අරගලය ඉවර වෙලා නෑ.. | COLOMBO (News 1st) - ජනාධිපති මන්දිරයට අයුතු ලෙස ඇතුළු වී එහි තිබූ භාණ්ඩ සොරකම් කළැයි රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සැකකරුවන් 5 දෙනා ඇප මත මුදා හැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (09) නියෝග කර තිබේ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් ලෙස නම් කර සිටි අද අධිකරණයට ඉදිරිපත් වූ සැකකරුවන් තිදෙනෙක් ද ඇප මත මුදා හැර තිබේ. කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා නියෝග කළේ, සැකකරුවන් රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප මතමුදා හැරීමටයි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඇප මත සිටින පූජ්‍ය පොකුණුවිට පියසෝම හිමි, ගරු ජීවන්ත පීරිස් පියතුමා, රොෂාන් අලි, දානිෂ් අලි, ලහිරු වීරසේකර ඇතුළු සැකකරුවන් 31 දෙනෙකු ද අද අධිකරණයේ පෙනී සිටියහ. නඩු විභාගය නොවැම්බර් මස 11 වැනි දා යළි කැඳවීමට නියමිතයි. සේනාධි ගුරුගේ, විවිද මාදිලයන් පාවිච්චි කරලා අරගලයන් අහවර කරන්න කව්රුහරි අපේක්ෂා කරනවා නම් ඒවා සිද්ධ වෙන දේවල් නෙමෙයි.මේක දැන් අරගලයේ එක්තරා පසු අදියරක්. එක් කාර්තුවක් ඉවර වෙලා වෙන කාර්තුවක ආරම්භයක්. වෙනත් ඊරාවක ආරම්භයක්. අරගලය ඉවර වෙලා නෑ. අරගලය අඛණ්ඩව අනවරතව ඉදිරියට යනවා. 🔺අරගලය ඉවර වෙලා නෑ 🔺අරගලය ඉවර වෙලා නෑ 🔺අරගලය අඛණ්ඩව ඉදිරියට යනවා - සේනාධි ගුරුගේ #lka #SriLanka #SLnews #MGM Posted by Newsfirst.lk on Friday, September 9, 2022 |
2022-09-09T15:14:07.000Z | US AID ආයතනයේ පරිපාලක සමන්තා පවර් හෙට දිවයිනට | සමන්තා පවර් හෙට දිවයිනට | COLOMBO (News 1st) - අමෙරිකාවේ ජාත්‍යන්තර සංවර්ධනය පිළිබඳ නියෝජිතායතනය හෙවත් යූඑස් ඒඩ් ආයතනයේ පරිපාලක සමන්තා පවර් මහත්මිය හෙට (10) මෙරටට පැමිණීමට නියමිතය. සෙනසුරාදා සහ ඉරිදා මෙරට සංචාරය කරන ඇය ආර්ථික අර්බුදය හමුවේ අමෙරිකාව සහ ශ්‍රී ලංකාව අතර ඇති සබඳතා ශක්තිමත් කිරීම පිළිබඳව සොයා බලනු ඇති. සමන්තා පවර් මහත්මිය මීට පෙර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අමෙරිකානු තානාපතිවරිය ලෙස ද කටයුතු කළා ය. |
2022-09-09T15:12:32.000Z | රටේ ආදායමෙන් අතිවිශාල කොටසක් බෙදා ගත් කිහිපදෙනාගෙන් මේවා ආපසු අයකරගන්න තවමත් අදහසක් නැද්ද? | මතකද සීනි බදු වංචාව | COLOMBO (News 1st) - රට අද මුහුණදී තිබෙන ආර්ථික අර්බුදයට ප්‍රධාන හේතුවක් වූයේ රජයේ ආදායම අඩුවීමයි. රජයට ආදායම් උපයන්න තියෙන ප්‍රධානම මාර්ගයක් වෙන්නේ බදුය. ජනතාව මත බදු බර පටවද්දී හිතමිතුරන්ට දුන්න බදු වරප්‍රසාද නිසා අන්තිමට දැන් සිදුව ඇත්තේ, රටේම ජනතාවට එහි ප්‍රතිවිපාක භුක්ති විඳීමටයි. මතකද සීනි බදු වංචාව... 2020 වසරේ ඔක්තෝබර් 14 වැනි දා සිට සීනි කිලෝග්‍රෑම් එකක් මත පනවා තිබූ රුපියල් 50 ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ශත 25 ක් දක්වා අඩු කළේ ය. ඒ වනවිට සීනි කිලෝග්‍රෑම් එකක මිල තිබුණේ රුපියල් 130ක සීමාවේයි. ආණ්ඩුව මේ තීරණය දින කිහිපයක් තුළ යළිත් වෙනස් කළේ ය. 2020 ඔක්තෝබර් 27 රුපියල් 40 ක් දක්වා සීනි ආනයන බද්ද වැඩි කිරීමට පියවර ගත්තේ ය. විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පනත අනුව වැඩි කළ බද්ද බලාත්මක වන්නේ මාසයකට පසුවයි. පසුව රජය සීනි සඳහා තිබූ පාලන මිලත් ඉවත් කළේ ය. මේ කාල සීමාවේදී වාසි ගත්තේ කවු ද? පසුව අනාවරණ වූණේ 2020 ඔක්තෝබර් 14 සිට 2021 පෙබරවාරි 20 දක්වා සීනි මෙට්‍රික් ටොන් තුන් ලක්ෂ විසි දහසක් මෙරටට ගෙන්වා ඇති බවයි. සමාගම් 67 ක් සීනි ගෙන්වා තිබූ අතර ඉන් එක් ආනයනකරුවෙක් පමණක් ගෙන්වා තිබූ සීනි තොගය මුළු තොගයෙන් 40% කට ආසන්න විය. මේ ආනයන සමාගම සත 25 ක ආනයන බද්දට ගෙන් වූ සීනි මෙට්‍රින් ටොන් දෙදහසකට අධික ප්‍රමාණයක් කිලෝග්‍රෑම් එක රුපියල් 125 ත් 127 ත් අතර මිලකට සතොසටත් නැවත අලෙවි කර තිබුණි. සතොස ජනතාවට මේ සීනි ලබා දුන්නේ රුපියල් 85 කටයි. එහිදී සිදු වුණේ දෙවරක් ජනතාවට පාඩු විඳීමට සිදුවීමයි. මේ මහා වංචාව ගැන එදා ආණ්ඩුවේ වගකිවයුත්තන් දැක්වුයේ මෙවන් ප්‍රතිචාරයකි. 2021 03 23 - පාර්ලිමේන්තුව ප්‍රාග්ධන වෙළෙඳපොළ හා මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල්, ඕන කමින් ඒ සහනය රජයෙන් ජනතාවට යන ආකාරයට එක වංචාවක් නෙවෙයි. එක ඕන කමින් රජය ජනතාවට ලබාදීලා තියෙන සහනයක්. මේ අය කියනවා රජය ඒ දුන්නු සහනය ජනතාවට ගියේ නෑ කියලා. එක දැට්ස් එ නොමල් ඉකොනොමි තියරි. මෙතන බැලුවොතින් කිසි විටෙක අයිතියක් නොමැති දෙයක් අපේ රජයෙන් කෙරිලා නෑ. 2021 08 29 පාරිභෝගික රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, 105 දහාය මට්ටමේ තිබුණ එක ඒ බද්ද අයින් කළේ නැත්තම් 150 /160 තමයි තියෙන්නේ පාරිභෝගිකයින්ට ඒ මගින් යම් සහනයක් ලැබුණේම නෑ කියන එක කාටවත් කියන්න පුළුවන් කමක් නෑ. එවක ඇමතිවරු එසේ කිවුවත් රාජ්‍ය මුදල් කාරක සභාව දිගින් දිගටම කළ දැනුම්දීම්වලින් පසුව මුදල් අමාත්‍යාංශය ඉදිරිපත් කළ වාර්තාවකින් සැබෑ තත්ත්වය හෙළි විය. එම වාර්තාවෙන් අනාවරණය වුණේ, සීනි බදු වෙනස්කම් නිසා රුපියල් මිලියන 15,000 කට අධික ආදායමක් රජයට අහිමි වී ඇති බවයි. ඉකුත් මාර්තු මස 23 වන දා නිකුත් කළ විශේෂ විගණකාධිපති වාර්තාවකිනුත් මේ ගැන අනාවරණය කළේ ය. විගණන වාර්තාවට අනුව විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ශත 25 ක් දක්වා අඩු කළ 2020 වසරේ ඔක්තෝබර් 14 වන දා සිට සීනි සඳහා පැවැති පාලන මිල ඉවත් කළ 2021 වසරේ පෙබරවාරි 8 වැන දා දක්වා මාස හතරක කාලය තුළ පමණක් අහිමි වූ බදු ආදායම රුපියල් මිලියන 16,763 කි. මෙම කාලසීමාව තුළ ලංකා සතොස ආයතනය වරින් වර පෞද්ගලික අංශයේ ආනයනකරුවන්ගෙන් වැඩි මිලට සීනි මිලදී ගෙන අඩුමිලට අළෙවි කිරීම මගින් රුපියල් මිලියන 102 ක පමණ අලාභයක් ලබා ඇතැයි ද මේ වාර්තාවෙන් හෙළිකර තිබුණි. ජාතික විගණන කාර්යාලය පෙන්වා දෙන්නේ 2020 වසරේ ඔක්තෝබර් සිට 2021 වසරේ පෙබරවාරි දක්වා වූ මාස කිහිපය තුළ පමණක් එක් සමාගමක පමණක් සිනි ආනයනය සියයට 1,222 කින් අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් ඇති බව ද වාර්තාව සනාථ කළේ ය. මෙලෙස සීනි සඳහා වූ බදු අඩු කිරීමෙන් රජය අපේක්ෂා කළ පාරිභෝගික සහන සැළසීමේ අරමුණ යටපත් වී ආනයනකරුවන් සහ වෙළෙඳුන් කිහිපදෙනෙකු පමණක් වාසියක් ලබාගත් බව විගණන වාර්තාවේ පැහැදිලිව සඳහන් කර තිබේ. සීනි බදු වංචාව සිදු වී දැන් වසර දෙකකට ආසන්නයි. අඩුම තරමේ විගණකාධිපති වාර්තාවේ නිර්දේශවත් ක්‍රියාත්මක වුණා ද? සාමාජ ආරක්ෂණ බද්ධ නමින් ඊයේ තවත් 2.5% ක බද්ධක් පාර්ලිමේන්තුවෙන් සම්මත කළේ ය. බදු පිට බදු ජනතාව මත පැටවීමට වඩා රටේ ආදායමෙන් අතිවිශාල කොටසක් බෙදා ගත් කිහිපදෙනාගෙන් මේවා ආපසු අයකරගන්න තවමත් අදහසක් නැද් ද? |
2022-09-09T15:03:09.000Z | ළහිරු වීරසේකර අත්අඩංගුවට | ළහිරු වීරසේකර අත්අඩංගුවට | COLOMBO (News 1st) - අරගලයේ ක්‍රියාකාරි සමාජිකයෙකු වූ ළහිරු වීරසේකර අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, අද (09) පස්වරුවේ කොළඹ ඩුප්ලිකේෂන් මාර්ගයේදීය. පසුගියදා මරදාන ප්‍රදේශයේ පැවති විරෝධතාවයකදී පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම, අයුතු ජන රාශියක සමාජිකයෙකු වී සිටීම ඇතුළු චෝදනා යටත් ඔහු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දුව මහතා සඳහන් කළේ ය. |
2022-09-09T11:50:28.000Z | සංවර්ධන ව්‍යාපෘතිවලට බාධාවක් වන චක්‍රලේඛ වහාම සංශෝධනය කරන්නැයි ජනපතිගෙන් උපදෙස් | සංවර්ධනයට බාධාවන චක්‍රලේඛ සංශෝධනයට උපදෙස් | COLOMBO (News 1st) - සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී චක්‍රලේඛ බාධාවක් වී ඇත්නම් එම චක්‍රලේඛ කඩිනමින් සංශෝධනය කරන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් දී තිබේ. ඒ, ඉන්දීය ආයෝජන සහයෝගීතාව මත රට තුළ ක්‍රියාත්මක සහ යෝජිත සංවර්ධන ව්‍යාපෘති කිහිපයක ප්‍රගතිය විමසා බැලීමට අද ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදීයි. සාකච්ඡාවට කොළඹ ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් විනෝද් ජේකෝබ් මහතා ද සහභාගී වූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ය. ඉන්දීය ආයෝජන මත මෙරට ක්‍රියාත්මක ව්‍යාපෘති කිහිපයක ප්‍රගතිය සම්බන්ධයෙන් මතුව ඇති බාධා කඩිනමින් නිරාකරණය කර ගැනීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා අමාත්‍යාංශ ලේකම්වරුන්ට හා රාජ්‍ය නිලධාරීන්ට එහිදී උපදෙස්දී තිබේ. |
2022-09-09T11:45:34.000Z | සති අන්තයේ විදුලි කප්පාදුවක් නැහැ - මහජන උපයෝගිතා කොමිසම | සති අන්තයේ විදුලි කප්පාදුවක් නැහැ | COLOMBO (News 1st) - හෙට (10) සහ අනිද්දා (11) විදුලිය කප්පාදුවක් සිදු නොකරන බව මහජන උපයෝගිතා කොමිසම පවසයි. මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා පැවසුවේ, ලබන12 වැනි දා ABCDEFGHIJKLPQRSTUVW කාණ්ඩ සඳහා සවස 6.00 සිට 9.00 අතර පැය 1 ක විදුලි කප්පාදුවක් සිදු කෙරෙන බවය. |
2022-09-09T11:28:39.000Z | ඛණිජ තෙල් නිෂ්පාදන විශේෂ විධිවිධාන කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය අවසන් | ඛණිජ තෙල්: පෙත්සම් විභාගය අවසන් | COLOMBO (News 1st) - ඛණිජ තෙල් නිෂ්පාදන විශේෂ විධිවිධාන පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය එහි ව්‍යවස්ථානුකූලභාවය පිළිබඳ සිය තීන්දුව කතානායකවරයා වෙත කඩිනමින් දන්වා යවන බව අද (09) ප්‍රකාශ කෙරිණ. පාර්ලිමේන්තු අනුමැතිය ලබා ගැනීම සඳහා ඉදිරිපත් කර ඇති එම පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දු කරන ලෙස ඉල්ලා පෙත්සම් තුනක් ගොනු කර තිබුණි. එම පෙත්සම් සලකා බලනු ලැබුවේ, මුර්දු ප්‍රනාන්දු, ජනක් ද සිල්වා සහ අර්ජුන ඔබේසේකර යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේදීයි. දැනට පවතින 2002 අංක 33 දරණ ඛනිජ තෙල් නිෂ්පාදන විශේෂ විධිවිධාන පනතෙහි ඇතුළත් ඇතැම් විධිවිධාන සංශෝධනය කිරීම සඳහා වන කරුණු ඇතුළත් කර ඇති ඛනිජ තෙල් නිෂ්පාදන විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත අගෝස්තු 12 වැනි දා ගැසට් නිවේදනයක් මගින් ප්‍රසිද්ධ කළේ ය. පසුගිය 31 වැනි දා එය පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් කෙරිණ. එම පනත් කෙටුම්පතේ 2,3,4,8 යන වගන්ති කිහිපයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සම්පූර්ණයෙන්ම පටහැනි බවට තීන්දු කර එය නීතියක් බවට පත් වීමට නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් සහ ජනමත විචාරණයකදී ජනතාව සම්මත කළ යුතු බවට තීන්දු කරන ලෙස ඉල්ලා පෙත්සම් ගොනු කර තිබුණි. ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය සහ එහි නිලධාරීන්, ඛනිජ තෙල් සංස්ථා විධායක නිලධාරීන්ගේ සංගමය සහ එහි නිලධාරීන් ඇතුළු පිරිසක් ගොනු කළ පෙත්සම් වෙනුවෙන් ජනාධිපති නීතිඥවරුන් වන සාලිය පීරිස් සහ මනෝහාර ද සිල්වා යන මහත්වරු කරුණු ඉදිරිපත් කළහ. පෙත්සම්වල වගඋත්තරකරු වන නීතිපතිවරයා වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ආචාර්ය අවන්ති පෙරේරා මහත්මිය කරුණු ඉදිරිපත් කර සිටියා ය. |
2022-09-09T11:22:21.000Z | බැසිල් අමෙරිකාව බලා පිටත්ව යයි.. | බැසිල් අමෙරිකාව බලා පිටත්ව යයි.. | COLOMBO (News 1st): හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අමෙරිකාව බලා පිටත්ව ගොස් තිබේ. හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද(09) උදෑසන අමෙරිකාව බලා පිටත්ව යාම සඳහා කටුනායක ගුවන්තොටුපොළෙන් ඩුබායි බලා පිටත්ව ගිය බව, කටුනායක ගුවන්තොටුපොළ කාර්ය භාර නිලධාරීවරයා සනාථ කළේ ය. ඔහු සඳහන් කළේ, උදෑසන 10.05ට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 651 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපොළෙන් ඔහු ඩුබායි බලා පිටත්ව ගිය බවයි. බැසිල් රාජපක්ෂ මහතා වෙනත් ගුවන් යානයකින් අමෙරිකාව බලා පිටත්ව යාමට නියමිතයි. |
2022-09-09T10:02:38.000Z | උ/පෙළ ප්‍රතිඵලවලට කිසිදු හානියක් සිදුව නැහැ - විභාග දෙපාර්තමේන්තුව | උ/පෙළ ප්‍රතිඵලවලට කිසිදු හානියක් නැහැ | COLOMBO (News 1st) - 2021 අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵලවලට කිසිදු හානියක් වී නොමැති බව විභාග දෙපාර්තමේන්තුව අවධාරණය කරයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, පාසල් සිසුවෙකු විභාග දෙපාර්තමේන්තු නිල වෙබි අඩවියට අනවසරයෙන් ඇතුළු වී ප්‍රතිඵල වෙනස් කර ඇතැයි පළ වන වාර්තාවල කිසිදු සත්‍යතාවක් නොමැති බවයි. අදාළ සිසුවා දෙපාර්තමේන්තු වෙබ් අඩවියෙන් ප්‍රතිඵල දත්ත ලබා ගෙන ඔහුගේ වෙබ් අඩවියකින් ප්‍රතිඵල පළ කිරීමට උත්සහ කර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල ප්‍රදේශයේ පදිංචි පාසැල් සිසුවෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන ඇති අතර වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි. |
2022-09-09T08:35:17.000Z | සැප්තැම්බර් 19 ශෝක දිනයක් ප්‍රකාශයට පත් කෙරේ | රැජිණගේ අභාවය වෙනුවෙන් ශෝක දිනයක් | COLOMBO (News 1st) – බ්‍රිතාන්‍යයේ දෙවැනි එළිසබෙත් රැජිණගේ අභාවය වෙනුවෙන් සැප්තැම්බර් 19 මෙරට ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ, ජනාධිපතිවරයා විසින් රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු අමාත්‍යාංශයට ඊට අදාළ උපදෙස් ලබා දී ඇති බවයි. ඒ අනුව ලබන 19 වැනිදා දක්වා ජාතික කොඩිය අඩකුඹු කරන ලෙස ද උපදෙස් දී ලබා දී ඇත. |
2022-09-09T07:33:47.000Z | සපුගස්කන්ද ප්ලාස්ටික් කර්මාන්ත ශාලාවක ගින්නක් | සපුගස්කන්ද ප්ලාස්ටික් කර්මාන්ත ශාලාවක ගින්නක් | COLOMBO (News 1st) – සපුගස්කන්ද ප්‍රදේශයේ ප්ලාස්ටික් කර්මාන්ත ශාලාවක ගින්නක් හටගෙන තිබේ. කොළඹ ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව පැවසුවේ, ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනිනිවීම් රථ 6ක් පිටත්කර හැරි බවයි. |
2022-09-09T06:51:56.000Z | සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ 5 ක මිල ගණන් පහළ දමයි | අත්‍යවශ්‍ය භාණ්ඩ 5 ක් අඩු මිලට සතොසෙන් | COLOMBO (News 1st) – සතොස අද (09) සිට ආනයනික සුදු කැකුළු, නාඩු, රතු පරිප්පු, සුදු සීනි, හාල්මැස්සන් යන අත්‍යවශ්‍ය භාණ්ඩ 05ක සහ තවත් භාණ්ඩ කිහිපයක මිල ගණන් පහළ දමා තිබේ. ඒ අනුව, සුදු කැකුළු කිලෝවක් - 195 සිට 185 දක්වා සුදු නාඩු කිලෝවක් - 198 සිට 194 දක්වා රතු පරිප්පු කිලෝවක් - 460 සිට 429 දක්වා සුදු සීනි කිලෝවක් - 298 සිට 279 දක්වා හාල්මැස්සන් කිලෝවක් 1375 සිට 1350 දක්වා මිල ගණන් පහළ දමා තිබේ. මීට අමතරව සුදුළුෑණු කිලෝවක් - 750 සිට 595 දක්වා සහ වටානා කිලෝවක් - 375 සිට 315 දක්වා මිල ගණන් පහත දැමූ බව සතොස සභාපති පසද යාපා අබේවර්ධන මහතා පවසයි. |
2022-09-09T05:17:03.000Z | පාසල් සිසුන් ලක්ෂ 10 කට චීන හාල් | පාසල් සිසුන් ලක්ෂ 10 කට චීන හාල් | COLOMBO (News 1st) – සිසුන් දස ලක්ෂයකට ආසන්න පිරිසකට සහල් ආධාර ලබා දීම සඳහා චීනය සහල් මෙට්‍රික් ටොන් 5,000 ක ප්‍රදානයක් සිදු කර තිබේ. අධ්‍යාපන අමාත්‍යංශය පැවසුවේ, අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් සහ චීන තානාපති කී සෙන්හොංග් ඇතුළු නිලධාරීන් පිරිසකගේ සහභාගීත්වයෙන් ඉසුරුපාය, අධ්‍යාපන අමාත්‍යාංශයේදී මෙම ප්‍රදානය සිදු කෙරුණු බවයි. ඒ අනුව තෝරාගත් පාසල් 7,925ක ක්‍රියාත්මක මෙම වැඩසටහන මගින් ශ්‍රී ලංකාවේ සමස්ත පාසල් ප්‍රමාණයෙන් 78%ක ප්‍රමාණයක් ආවරණය වන බව අධ්‍යාපන අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් ය. |
2022-09-09T04:40:05.000Z | දෙවන එළිසබෙත් රැජිණගේ අභාවය වෙනුවෙන් පාර්ලිමේන්තුවේ විනාඩි 2ක නිහඬතාවක් | පාර්ලිමේන්තුවේ විනාඩි 2ක නිහඬතාවක් | COLOMBO (News 1st) – දෙවැනි එළිසබෙත් රැජිණගේ අභාවය වෙනුවෙන් අද (09) රැස්වූ පාර්ලිමේන්තුවේදී විනාඩි 2ක නිහඬතාවක් රකිමින් ශෝකය පළ කෙරිණ. මේ අතර බ්‍රිතාන්‍යයේ දෙවැනි එළිසබෙත් රැජිණගේ අභාවය හේතුවෙන් වෙනුවෙන් ශෝකය පළ කිරීම සඳහා අද (09) දිනයේ සියලුම රාජ්‍ය ආයතනවල ජාතික ධජය අඩකුඹු කරන ලෙස ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු අමාත්‍යාංශයට උපදෙස් දී තිබිණ. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, ජාතික ශෝක කාලයක් ප්‍රකාශයට පත්කිරිමට ද පියවර ගෙන ඇති බවයි. |
2022-09-09T03:47:43.000Z | ලාංකිකයින් ලක්ෂ 2 ක් රට රැකියා හොයන් ගිහින්... | ලාංකිකයින් ලක්ෂ 2 ක් රට රැකියා හොයන් ගිහින්... | COLOMBO (News 1st) – විදේශ රැකියා සඳහා ශ්‍රී ලාංකිකයින්ගේ පවතින ඉල්ලුම ශීඝ්‍රයෙන් ඉහළ යමින් ඇතැයි, විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි. එහි මාධ්‍ය ප්‍රකාශ, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ගාමිණි සෙනරත් යාපා මහතා පවසන්නේ, වසරේ මේ දක්වා කාලය තුළ පමණක් ශ්‍රී ලාංකිකයින් 208,772 දෙනෙකු විදෙස් රැකියා සඳහා පිටත්ව ගොස් ඇති බවයි. ඒ අතරින් වැඩි පිරිස පිරිමි පුද්ගලයින් වන අතර එම සංඛ්‍යාව එක්ලක්ෂ විසිහය දහසකට අධික ය. මේ අතර වසරේ මේ දක්වා ශ්‍රී ලංකිකයින් 2858 දෙනෙකු දකුණු කොරියාවේ රැකියා සඳහා පිටත්ව ගොස් ඇති බව ද ඔහු ප්‍රකාශ කළේ ය. නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා පැවසුවේ, මේ මාසය තුළ ශ්‍රමිකයින් 480 දෙනෙකු පිටත්ව ගොස් ඇති බවත් ලබන තවත් 130 දෙනකු කොරියානු රැකියා සඳහා පිටත්ව යන බවත් ය. තව ද වසර අවසාන වන විට සමස්ත ශ්‍රමිකයින් 5,000ක් කොරියානු රැකියා සඳහා යොමු කිරීම බලාපොරොත්තු වන බව ද ඔහු සඳහන් කළේ ය. |
2022-09-09T03:14:27.000Z | ඩයමන්ඩ් ලීග් මීටර් 100 අවසන් තරගයේදී යුපුන්ගෙක් කැපී පෙනෙන සටනක්.. | යුපුන්ගෙක් කැපී පෙනෙන සටනක්.. | COLOMBO (News 1st) - 2022 ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා ශූරතාවලියේ අවසන් අදියරේ මීටර් 100 පිරිමි ධාවන ඉසව්ව සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා කෙටි දුර ධාවන ශූර යුපුන් අබේකෝන් 5 වැන්නා ලෙස තරගය අවසන් කළේ ය. මෙවර ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා ශූරතාවලියේ අවසන් අදියර ස්විට්සර්ලන්තයේ සූරික් නුවරදී දින දෙකක් පුරා පැවැත්විය. එහි මීටර් 100 පිරිමි ධාවන ඉසව්වේ අවසන් මහා තරගය පැවැත්වුණේ මෙරට වේලාවෙන් අද (09) අලුයමයි. මේ තරගයේදී යුපුන් අබේකෝන් සමගින් මීටර් 100 ඉසව්ව සඳහා මේ වසරේ හොඳම කාලය සටහන් කළ ජැමෙයිකාවේ යොහාන් බ්ලේක් ඇතුළු ලොව ප්‍රබල ක්‍රීඩකයින් රැසක් තරගයට එක්විය. යුපුන් තත්පර 10. 14 ක කාලයකින් එම තරගය අවසන් කරමින් 5 වැනි ස්ථානය හිමි කර ගැනීමට සමත් විය. තත්පර 9 .94 ක කාලයකින් තරගය අවසන් කළ අමෙරිකාවේ ට්‍රෙවොන් බ්‍රොමෙල් එහි ජය හිමි කර ගැනීමට සමත් වූ අතර ජැමෙයිකාවේ යොහාන් බ්ලේක් දෙවැන්නා ලෙස තරගය අවසන් කළේ ය, කැනඩාවේ ඒරන් බ්‍රවුන් එහි තුන්වැන්නායි. |
2022-09-09T03:07:37.000Z | සැඟවූ ගිනිඅවි ගැන ඔත්තු දුන්නොත් මුදල් තෑගි | සැඟවූ ගිනිඅවි ගැන ඔත්තු දුන්නොත් මුදල් තෑගි | COLOMBO (News 1st) – සඟවා ඇති ගිනි අවි සම්බන්ධයෙන් තොරතුරු ලබා දෙන පුද්ගලයින්ට මුදල් ත්‍යාග පිරිනැමීමට මහජන ආරක්ෂක අමාත්‍යංශය තීරණය කර තිබේ. අමාත්‍යංශ ලේකම් එස්. හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ, ලබා දෙන මුදල් ත්‍යාගවල වටිනාකම් ඉදිරියේදී ප්‍රකාශ කරන බවයි. බස්නාහිර හා දකුණු පළාත ආශ්‍රිතව සංවිධානාත්මක අපරාධ ක්‍රියා මැඩලීමට විශේෂ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක කරන්නැයි, පළාත් භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට උපදෙස් දී ඇති බව ද ලේකම් සඳහන් කළේ ය. ලේකම්වරයා පැවසුවේ, ආයුද සන්නද්ධ නිලධාරීන් හා විශේෂ පොලිස් රථ ඒ සඳහා යොදා ගැනීමට ද පියවර ගෙන ඇති බවයි. ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, විදෙස්ගත පාතාල කල්ලි සාමාජිකයින් විසින් මෙම ඝාතන ඇතුළු අපරාධ මෙහෙයවන බවට තොරතුරු ලැබී ඇති බවයි. මේ අතර පසුගිය දිනවල ඝාතන හා වෙඩි තැබීම්වලට යොදා ගත් ගිනි අවි කිහිපයක් පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇති බව ද අමාත්‍යාංශ ලේකම්වරයා සඳහන් කළේ ය. |
2022-09-09T03:02:35.000Z | නියඟයට දිය බිඳක් මෙන් දින 1020කට පසු කෝලිගෙන් විශිෂ්ට ශතකයක්: ඉන්දියාවට පහසු ජයක්.. | දින 1020කට පසු කෝලිගෙන් විශිෂ්ට ශතකයක් | COLOMBO (News 1st) - වසර ගණනකට පසු ඉන්දීය සුපිරි පිතිකරු විරාට් කෝලි ජාත්‍යන්තර තරගයකදී ශතකයක් වාර්තා කිරීමට සමත් විය. ඒ, ආසියානු කුසලාන පන්දුවාර 20යි 20 තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ වටයේදී ඊයේ(08) ඇෆ්ගනිස්ථානය සමග පැවති තරගයේදීය. දින 1,020කට පසු කෝලි වාර්තා කළ පළමු ජාත්‍යන්තර ශතකය මෙය වේ. කෝලි නොදැවී ලකුණු 122ක් ලබා ගත්තේය. එය පන්දු 61කදී ලබා ගැනීම විශේෂත්වයකි. ඩුබායිහිදී පැවැති මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රීඩකයින් පන්දුවාර 20 අවසානයේ කඩුලු 2 ක් දැවී ලකුණු 212 ක් රැස් කළේ ය. ලෝකේෂ් රාහුල් ලකුණු 62ක් ලබා ගත්තේය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී රැස් කිරීමට හැකි වුණේ ලකුණු 111 ක් පමණි. ඒ අනුව, ඉන්දියාවට ලකුණු 101ක පහසු ජයක් හිමිවිය. තරගය ජග ගත්තද ඉන්දියාවට ආසියානු කුසලානය තරගාවලියෙන් ඉවත් වීමට සිදුවිය. සුපිරි සිව්දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහ පකිස්ථානය අතර තරගය අද(09) පැවැත්වීමට නියමිතය. 2022 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට පකිස්ථානය සහ ශ්‍රී ලංකාව මේ වනවිට සුදුසුකම් ලබා සිටීම විශේෂත්වයකි. |
2022-09-09T02:41:09.000Z | ගෙවන්න මුදල් නැතිව තෙල් නැව් 3ක් අතරමග | ගෙවන්න මුදල් නැතිව තෙල් නැව් 3ක් අතරමග | COLOMBO (News 1st0 - මුදල් ගෙවීමට නොහැකි වීම හේතුවෙන් ඉන්ධන නෞකා තුනක් මේ වනවිට කොළඹ වරාය ආසන්නයේ නැංගුරම්ලා තිබේ. මෙරටට ළඟා වූ බොරතෙල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් රැගත් නෞකාවක් පසුගිය 23 වැනිදා සිට නැංගුරම්ලා ඇත්තේ කොළඹ වරාය පිටතයි. තවත් ඩීසල් නෞකා දෙකක් ද කොළඹ වරායේ මේ වනවිට දින ගණනාවක සිට නැංගුරම් ලා ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය සඳහන් කළේ ය. ඒවායේ අඩංගු ඩීසල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 76,000 කි. මෙම නෞකා සම්බන්ධයෙන් මුදල් ගෙවීම සම්බන්ධයෙන් අප විෂය භාර අමාත්‍යංශයෙන් විමසීමක් කළ අතර එහි නිලධාරියෙකු පැවසුවේ කඩිනමින් ඒ සඳහා මුදල් ගෙවීමට පියවර ගන්නා බවයි. |
2022-09-09T02:31:42.000Z | දිවි ගමනට සමුදුන් හිරු නොබසින අධිරාජ්‍යයේ කිරුළු පළන් මහ රැජිණ... | දිවි ගමනට සමුදුන් එළිසබෙත් මහ රැජිණ... | COLOMBO (News 1st) – හිරු නොබසින අධිරාජ්‍යයේ කිරුළ පළන් බ්‍රිතාන්‍යයේ දෙවැනි එළිසබෙත් මහ රැජිණ ඊයේ (08) අභවප්‍රාප්ත වූවා ය. බකිංම්හැම් මාළිගාව නිවේදනය කළේ, ඇබර්ඩීන්හි ස්කොට්ලන්ත වතුයායේ පිහිටි බල්මොරල් මාළිඟයේදි ඇය අභවප්‍රාප්ත වූ බවයි. 70 වසරකට අධික කාලයක් රජ කිරුළ දරමින් සිටි එළිසබෙත් මහ රැජිණ අභාවප්‍රාප්ත විට 96 වැනි වියෙහි පසුවූ වූවා ය. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, රෝගාතුරව සිටි දෙවැනි එළිසබෙත් රැජිණගේ අවසන් මොහොතේ බ්‍රිතාන්‍ය රජ පවුලේ සියලු ම සාමාජිකයින් ඈ වටා රැස්ව සිටි බවයි. රැජිණගේ මරණය පිළිබඳ විධිමත් දැනුම්දීම නිවේදනයක් මගින් ප්‍රකාශ කෙරුණු අතර නිවේදනයේ සඳහන් වූයේ, රැජිණ ඊයේ පස්වරුවේ බැල්මොරල්හි සමාදානයේ සැතපුන බවයි. රුජිණගේ වියෝවත් සමග බකිංහැම් මාලිගයේ බ්‍රිතාන්‍ය ධජය අඩකුඹු කෙරිණ. බැල්මෝර් සිට රාජකීය දුම්රියක් ඔස්සේ රැජිණගේ දේහය බකිංහැම් මාලිගය වෙත ගෙන ඒමට නියිත බව විදෙස් වාර්තාවන්හි සඳහන් ය. එළිසබෙත් රැජිණගේ අභාවයත් සමග මීළඟට සිහසුනට පතවන්නේ ඇගේ වැඩිමල් පුත් ඔටුන්න හිමි චාල්ස් කුමරුයි. චාල්ස් නිල වශයෙන් රජු බවට ප්‍රකාශයට පත් කිරීම සිදුවන්නේ සෙනසුරාදා ලන්ඩනයේ ශාන්ත ජේම්ස් මාලිගයේදී ය. රැජිණගේ අභාවය පිළිබඳ ලෝක නායකයින් රැසක් සිය සංගවේගය පළ කර තිබේ. මේ වසරේදී ප්ලැටිනම් ජුබිලිය සැමරූ දෙවැනි එළිසබෙත් රැජිණ ලොව දීර්ඝතම කාලයක් රාජ්‍යත්වය දැරූ රාජකීයායි. ඇය කිරුළ දැරූ කාලය අවුරුදු 70 කට අධික ය. 1926 වසරේ අප්‍රේල් 21 වැනිදා එළිසබෙත් ඇලෙක්සැන්ඩ්‍රා මේරි නමින් හයවැනි ජෝර්ජ් රජු සහ එළිසබෙත් රැජණට දාව වැඩිමහල් දියණිය ලෙස උපත ලද ඇයට මාග්‍රට් නමින් තවත් සහෝදරියක් ද සිටියා ය. දෙවැනි එළිසබෙත් රැජිණ දෙවන ලෝක යුද සමයේ ට්‍රක් රථ රියැදුරුවරියක සහ කාර්මික ශිල්පිනියක ලෙස හමුදා සේවයට එක්වූ අතර ක්‍රියාකාරී සාමාජිකාවක ලෙස හමුදා සේවයට බැඳුණු බ්‍රිතාන්‍ය රජ පවුලේ පළමු සාමාජිකාව වූයේ ද ඇයයි. 1947 පිලිප් කුමරු සමග විවාහ වූ දෙවන එළිසබෙත් රැජිණ 1952 වසරේ දී සිය පියාණන් වූ හයවන ජෝර්ජ් රජුගේ අභාවයෙන් පසුව කිරුළු පැළඳුවා ය. ඒ අනුව ඇය එක්සත් රාජධානීයේ මෙන්ම කැනඩාව , ඔස්ට්‍රේලියාව ඇතුළු තවත් රටවල් 14 රාජ්‍ය නායිකාව බවට පත්වූවා ය. එසේම පොදුරාජ්‍ය මණ්ඩලයේ නායිකාව ද වූ දෙවැනි එළිසෙබත් රැජිණ එක්සත් රාජධානියේ රාජකීයන් අතරින් වැඩිම විදෙස් සංචාරයෙ යෙදුණු රාජකීයායි. දශක ගණානවක විචිත්‍රවත්ව හැඳපැළඳි ඇය, දීප්තිමත් තනි වර්ණයෙන් සැරසීම සම්බන්ධයෙන් ලෝක ප්‍රකටයි. දරුවන් සිව්දෙනෙකුගේ මවක් වූ ඇය මුණුබුරු මිණිබිරියන් 08 දෙනෙකුගේ සහ මී මුණුබුරු මිනිබිරියන් 12 දෙනෙකුගේ මිත්තණියකි. මේ අතර 1952 පෙබරවාරි 6 දින සිට 1972 මැයි 22 දක්වා නිදහස් ලංකාවේ රාජ්‍ය නායකත්වය දැරුවේ ද ඇයයි. දෙවැනි එළිසෙබත් රැජිණ සහ එඩින්බරෝ අධිපාදවරයා 1954 වසරේ අප්‍රේල් 10 වනදා ශ්‍රී ලංකාවට පැමිණියේ පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල සංචාරයේ එක් කේන්ද්‍රස්ථානයක් ලෙසයි. එහිද ඇය ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නව සැසිවාරයක් විවෘත කිරීම සඳහා ද පෙනී සිටි අතර මහනුවර, පොළොන්නරුව වැනි ඵෙතිහාසික ස්ථානයන්හි ද සංචාරය කර තිබේ. 1981 වසරේදී ද දෙවැනි එළිසබෙත් රැජිණ ශ්‍රී ලංකාවේ සංචාරය කර තිබේ. දෙවැනි එළිසබෙත් රැජණගේ අභාවයත් සමග 73 හැවිරිදි චාල්ස් කුමරු, රජු බවට පත්වීමට නියමිතයි. ඒ අනුව ඔහු බ්‍රිතාන්‍ය ඉතිහාසයේ රජු බවට පත් වන වයස්ගතම පුද්ගලයා වනු ඇති. |
2022-09-09T02:09:04.000Z | සියලුම රාජ්‍ය ආයතනවල ජාතික ධජය අඩකුඹු කෙරේ | සියලුම රාජ්‍ය ආයතනවල ජාතික ධජය අඩකුඹු කෙරේ | COLOMBO (News 1st) - බ්‍රිතාන්‍යයේ දෙවැනි එළිසබෙත් රැජිණගේ අභාවය හේතුවෙන් වෙනුවෙන් ශෝකය පළ කිරීම සඳහා අද (09) දිනයේ සියලුම රාජ්‍ය ආයතනවල ජාතික ධජය අඩකුඹු කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු අමාත්‍යාංශයට උපදෙස් දී තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, ජාතික ශෝක කාලයක් ප්‍රකාශයට පත්කිරිමට ද පියවර ගෙන ඇති බවයි. |
2022-09-09T01:21:27.000Z | ගෙවුණු දිනය උණුසුම් කළ පුවත් | ගෙවුණු දිනය උණුසුම් කළ පුවත් | COLOMBO (News 1st) - දේශීය පුවත් 01. ජොන්ස්ටන් ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා භාරදෙයි.. හිටපු ඇමති ජොන්ස්ටන් ඇතුළු තිදෙනෙකුට කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා භාර දී තිබේ. 02.කෙසෙල්වත්තේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකුට තුවාල.. කෙසෙල්වත්ත ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබේ. 03. නව ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක වැඩ භාරගනී නව ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස පත් වූ දිනිත් චින්තක කරුණාරත්න මහතා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ඊයේ (08) වැඩ භාරගත්තේ ය. 04.සමාජ ආරක්ෂණ දායකත්වය බදු පනත් කෙටුම්පත වැඩි ඡන්දයෙන් සම්මත වෙයි.. සමාජ ආරක්ෂණ දායකත්වය බදු පනත් කෙටුම්පත වැඩි ඡන්දයෙන් සම්මත වී තිබේ. 05. රංගන ශිල්පිනි දමිතා අබේරත්න රක්ෂිත බන්ධනාගාරයට රංගන ශිල්පිනි දමිතා අබේරත්න මහත්මිය ලබන 14 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ. විදෙස් පුවත් 01. බ්‍රිතාන්‍ය මහ රැජිණ අභාවප්‍රාප්ත වෙයි.. බ්‍රිතාන්‍ය දෙවන එලිසබෙත් රැජිණ අභාවප්‍රාප්ත වූ බව බකිංහැම් මාළිගය නිවේදනය කර ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි. |
2022-09-08T17:53:38.000Z | බ්‍රිතාන්‍ය මහ රැජිණ අභාවප්‍රාප්ත වෙයි.. | බ්‍රිතාන්‍ය මහ රැජිණ අභාවප්‍රාප්ත වෙයි.. | බ්‍රිතාන්‍ය දෙවන එලිසබෙත් රැජිණ අභාවප්‍රාප්ත වූ බව බකිංහැම් මාළිගය නිවේදනය කර ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි. මිය යනවිට ඇය 96 වන වියේ පසු විය. |
2022-09-08T16:08:29.000Z | කෙසෙල්වත්තේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකුට තුවාල.. | කෙසෙල්වත්තේ වෙඩි තැබීමක්.. | COLOMBO (News 1st) – කෙසෙල්වත්ත ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබේ. පොලීසිය පැවසුවේ, ඉන් බරපතල තුවාල ලැබූ පුද්ගලයෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවයි. වෙඩි තැබීමෙන් තුවාල ලබා ඇත්තේ, 40 හැවිරිදි පුද්ගලයෙකි . සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි. |
2022-09-08T15:54:03.000Z | බ්‍රිතාන්‍ය මහ රැජිණගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත් - බකිංහැම් මාලිගය | බ්‍රිතාන්‍ය මහ රැජිණගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත්.. | COLOMBO (News 1st) – 70 වසරක ජුබිලය සැමරූ බ්‍රිතාන්‍ය මහ රැජිණගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත් බව බකිංහැම් මාලිගය නිවේදනය කරයි. බකිංහැම් මාලිගය නිවේදනය කරන්නේ, බැල්මොරල් මාලිගාවේ රැඳී සිටින රැජිණගේ සෞඛ්‍ය තත්වය පිළිබඳව වෛද්‍යවරුන් දැඩි ලෙස අවදානය යොමු කර ඇති බවයි. මේ අතර, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ , පොදු රාජ්‍ය මණ්ඩලීය ප්‍රධානියා ද වන බ්‍රිතාන්‍යයේ දෙවන එළිසබෙත් රැජිණගේ අසනීප තත්වය පිළිබදව තමන් කණගාටුව පලකරන බවයි. ඇයට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන බව ද ජනාධිපතිවරයා පවසයි |
2022-09-08T15:08:42.000Z | MTV චැනල් පුද්ගලික සමාගමේ මාධ්‍යවේදීන් 08ක් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවයි.. | MTV සමාගමේ මාධ්‍යවේදීන්ගේ පෙත්සම් කැඳවයි | COLOMBO (News 1st) – ජූලි මස 09 වැනිදා කළ පහරදීම සම්බන්ධයෙන් MTV චැනල් පුද්ගලික සමාගමේ මාධ්‍යවේදීන් 08 දෙනෙකු ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් අද(09) උදෑසන ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවනු ලැබිණි. අදාළ පෙත්සම් ඉදිරිපත් කළේ, මාධ්‍යවේදීන් වන සරසි පීරිස්, වරුණ සම්පත්, ජනිත් මෙන්ඩිස්, ටී ජූඩින් සින්දුජන්, ඉමේෂ් සදර්ලන්ඩ්, චානුක වීරකෝන්, කේ.චන්ද්‍රන් සහ ළහිරු මධුෂංකආරච්චි යන අයයි. පොලිස් නිලධාරීන්, පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් ඇතුළු පාර්ශ්ව කිහිපයක් පෙත්සම්වල වගඋත්තරකරුවන් ය. අදාළ පෙත්සම් අද කැඳවූයේ, ප්‍රියන්ත ජයවර්ධන, ඒ.එච්.එම්.ඩී. නවාස් සහ මහින්ද සමයවර්ධන යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේදී ය. පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රුමේෂ් ලියනගේ යන මහත්වරුන් සහ 8වන වග උත්තරකරු වෙනුවෙන් පෙනී සිටි නීතිපතිවරයා දැනුම් දුන්නේ, සීමිත විරෝධතා ගොනු කරන බවයි. පස්වන වගඋත්තරකරු වන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිසාම් ජමල්ඩීන් මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා දැනුම් දුන්නේ, තම සේවාදායකයා විරෝධතා ගොනු කර ඇති බවයි. ඒ අනුව එහි පිටපත් පෙත්සම්කරුවන්ට ද සපයන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දෙනු ලැබුවේ ය. එමෙන්ම ප්‍රතිවිරෝධතා ගොනු කිරීම සඳහා පෙත්සම්කරුවන්ට අධිකරණය අවසර දුන්නේ ය. නීතිඥ චරික වනිගබදුගේ මහතාගේ උපදෙස් මත ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා, දමිත කරුණාරත්න,නිරංජන් අරුල්ප්‍රගාසම්,එන්.කේ.අශෝක්බරන් සහා මියුරු ඉගලහේවා යන මහත්වරුන් පෙත්සම්කරුවන් අට දෙනා වෙනුවෙන් පෙනී සිටී. මෙම පෙත්සම් ලබන වසරේ ජනවාරි 31 වැනිදා යළි කැඳවීමට නියමිතය. |
2022-09-08T14:04:58.000Z | සමාජ ආරක්ෂණ දායකත්වය බදු පනත් කෙටුම්පත වැඩි ඡන්දයෙන් සම්මත වෙයි.. | සමාජ ආරක්ෂණ දායකත්වය බදු පනත සම්මතයි.. | COLOMBO (News 1st) – සමාජ ආරක්ෂණ දායකත්වය බදු පනත් කෙටුම්පත වැඩි ඡන්දයෙන් සම්මත වී තිබේ. ඒ අනුව පක්ෂව ඡන්ද 91 ක් හා විපක්ෂව ඡන්ද 10ක් ලැබිණ. මන්ත්‍රීවරු 123 ක් ඡන්දය විමසන අවස්ථාවේ සභාවේ සිට නොමැත. |
2022-09-08T11:22:26.000Z | නව ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක වැඩ භාරගනී | නව ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් වැඩ භාරගනී | COLOMBO (News 1st) – නව ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස පත් වූ දිනිත් චින්තක කරුණාරත්න මහතා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද වැඩ භාරගත්තේ ය. ලංකාදීප පුවත්පතේ මාධ්‍යවේදියෙකු ලෙස සිය වෘත්තීය දිවිය ආරම්භ කළ කරුණාරත්න මහතා ප්‍රවෘත්ති සමකර්තෘ ධුරය ඇතුළු වගකීම් සහිත තනතුරු රැසක් හෙඹ වූ හසල අත්දැකීම් ඇති මාධ්‍යවේදියෙකි. ජීව විද්‍යා උපාධිධාරියෙකු වන ඔහු කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි. ඇමෙරිකාවේ කැලිෆෝනියාහි සැන්ටා මොනිකා විද්‍යාලයේ සන්නිවේදනය විෂය පිළිබඳ උසස් අධ්‍යාපනයක් හදාරා ඇති කරුණාරත්න මහතා දශක 3 කට වැඩි කාලයක් ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ අභිවෘද්ධිය වෙනුවෙන් කටයුතු කළේ මනා පරිචයක් සහිත මාධ්‍යවේදියෙකු ලෙසයි. |
2022-09-08T11:14:19.000Z | iPhone 14 එළිදකී... | iPhone 14 එළිදකී... | COLOMBO (News 1st); ලෝක ප්‍රකට ඇපල් සමාගම සුවිශේෂි අංගයන්ගෙන් සමන්විත සිය නවතම මාදිලියේ නිෂ්පාදන පෙළ පසුගියදා එළිදැක්වී ය. ඒ iPhone 14 Pro , iPhone 14 Pro Max , iPhone 14 සහ iPhone 14 Plus ලෙසයි. iPhone 14 Pro , iPhone 14 Pro Max... ඇපල් සමාගමට අනුව ස්මාර්ට් ජංගම දුරකතනයක මෙතෙක් හඳුන්වා දුන් වේගවත්ම චිප් එක වන A16 Bionic මගින් මෙම නවතම මාදිලියේ දුරකතන බල ගැන්වේ. මීට අමතරව iPhone 14 Pro නවතම කැමරා පද්ධතියකින් ද සමන්විත ය. ඇපල් සමාගම පවසන්නේ, iPhone හි පළමු වරට 48MP ප්‍රධාන කැමරාව quad-pixel සංවේදකයක් සහ වැඩිදියුණු අංගයන්ගෙන් සමන්විත බවයි. iPhone 14 Pro සඳහා ආකර්ෂණීය ඡායාරූප සහ වීඩියෝ ලබා ගැනීම සඳහා නව තාක්ෂණයන් සවිබල ගැන්වූ කැමරා පද්ධතියක් ද හඳුන්වා දී තිබේ. iPhone 14 Pro සහ iPhone 14 Pro Max නවතම දුරකතන දෙක deep purple, silver, gold, and space black යන අලංකාර නව නිමාවන් හතරකින් වෙළඳපොළට නිකුත් කෙරෙනු ඇති. අඟල් 6.1 සහ අඟල් 6.7 ප්‍රමාණවලින් මිලදී ගත හැකි දවස පුරා බැටරි ආයු කාලය සහිත iPhone 14 Pro සහ iPhone 14 Pro Max මළ නොබැඳෙන වානේ සහ සිත් ඇදගන්නා සුළු වර්ණ හතරකින් සමන්විත ය. ඇපල් සමාගම පවසන්නේ, 48MP ප්‍රධාන කැමරාවක් සහිත quad-pixel සංවේදකයකින් සහිත ප්‍රෝ පෙළගැස්ම අනෙකුත් ස්මාර්ට් දුරකතනවලට වඩා දැඩි ජලය සහ දූවිලි ප්‍රතිරෝධය සහිත කාන්දුවීම් සහ අනතුරුවලින් ආරක්ෂිත බවයි. iPhone 14 සහ iPhone 14 Plus...... ඇපල් සමාගම නිවේදනය කළේ,iPhone 14 සහ iPhone 14 Plus ආකාර්ෂණීය මෙන්ම ප්‍රබල කැමරාවලින් නව ආරක්ෂණ හැකියාවන්ගෙන් සමන්විත බවත් 5-core GPU සහිත A15 Bionic චිප් සහිත මෙම මාදිලි දෙක මගින් ඇදහිය නොහැකි කාර්ය සාධනයක් මෙන්ම කාර්යක්ෂමතාවක් ලබාදෙන බවත් ය. ප්‍රථම වරට චන්ද්‍රිකා තාක්ෂණය පදනම් කර ගත් SOS පණිවුඩ සේවාවකින් ද මෙම නව නිෂ්පාදන සමන්විතවීම විශේෂත්වයකි. ඇපල් සමාගම පවසන්නේ, දිගු බැටරි ආයු කාලයක් සහිත විශේෂාංග සහ වේගවත් 5G සමග මෙම iPhone පෙළ පෙරට වඩා දියුණු බවයි. iPhone 14 සහ iPhone 14 Plus මෙම නවතම ජංගම දුරකතන midnight, blue, starlight, purple, and (PRODUCT)RED1 ලෙස සිත්ඇදගන්නා සුළු වර්ණ 5 කින් හඳුන්වා දී තිබීම විශේෂත්වයකි. |
2022-09-08T11:07:50.000Z | ජොන්ස්ටන් ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා භාරදෙයි.. | ජොන්ස්ටන් ඇතුළු තිදෙනෙකුට අධිචෝදනා .. | COLOMBO (News 1st) – හිටපු ඇමති ජොන්ස්ටන් ඇතුළු තිදෙනෙකුට කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා භාර දී තිබේ. ඒ, 2012 දී සතොස සේවක පිරිසක් දේශපාලන කටයුතුවලට යෙදවීමෙන් අල්ලස් පනත යටතේ වරදක් කළේ යැයි චෝදනා කරමින් ගොනු කර ඇති නඩුවකට අදාළවයි. |
2022-09-08T09:17:11.000Z | NEWS ALERT : රංගන ශිල්පිනි දමිතා අබේරත්න රක්ෂිත බන්ධනාගාරයට | දමිතා අබේරත්න රක්ෂිත බන්ධනාගාරයට | COLOMBO (News 1st) – රංගන ශිල්පිනි දමිතා අබේරත්න මහත්මිය ලබන 14 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ. ඒ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. දමිතා අබේරත්න මහත්මිය ඊයේ (07) රාත්‍රියේ දියත උයන පරිශ්‍රයේදී අත්අඩංගුවට ගනු ලැබුවේ මැයි මස 09 වනදා ජනාධිපති ලේකම් කාර්යාලයට ඇතුළු වී දේපළවලට හානි කිරිමේ චෝදනා යටතේයි. ඒ, කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශ නිලධාරීන් විසිනි. |
2022-09-08T07:51:30.000Z | සනත් නිශාන්ත ඇතුළු වගඋත්තරකරුවන්ට අධිකරණයෙන් නොතීසි | සනත් නිශාන්තට නොතීසි | COLOMBO (News 1st) – රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා ඇතුළු වගඋත්තරකරුවන්ට ලබන 13 වැනිදා අභියාචනාධිකරණය හමුවේ පෙනී සිටින්නැයි, නොතීසි නිකුත් කර තිබේ. ඒ, අධිකරණයට අපහාස කළ බව කියන චෝදනාවට අදාළවයි. ඒ සම්බන්ධයෙන් මේ වන විට ගොනු කර ඇති පෙත්සම් දෙකක් එදිනට සලකා බැලීමට ද, අභියාචානාධිකරණය අද නියෝග කළේ ය. |
2022-09-08T07:26:51.000Z | අත්අඩංගුවට ගත් දමිතා අබේරත්න අධිකරණයට | දමිතා අබේරත්න අධිකරණය හමුවට | COLOMBO (News 1st) – අත්අඩංගුවට ගෙන කොටුව පොලිසියේ රඳවා සිටි රංගන ශිල්පිනි දමිතා අබේරත්න කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කර ඇතැයි, අප වාර්තාකරු පවසයි. දමිතා අබේරත්න මහත්මිය ඊයේ පස්වරුවේ , අත්අඩංගුවට ගත්තේ, 'කළු හොරාව' යන තේමාවෙන් පාර්ලිමේන්තු වටරවුම අසල පැවති විරෝධතාවකදීයි. පොලිසිය පැවසුවේ, ජනාධිපති ලේකම් කාර්යාලයට අයුතු ලෙස ඇතුළුවිම සහ අයුතු ජනරාශිය යන චෝදනා මත ඇය අත්අඩංගුවට ගත් බවයි. මේ අතර කොටුව පොලිසියේ රඳවා සිටි දමිතා අබේරත්න මහත්මිය හමුවීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද අද උදෑසන පොලිස් ස්ථානයට ගොස් තිබිණ. |
2022-09-07T23:11:59.000Z | ජනපති ඉදිරියේ දිවුරුම් දුන් රාජ්‍ය අමාත්‍යවරු මෙන්න.. | ජනපති ඉදිරියේ දිවුරුම් දුන් රාජ්‍ය අමාත්‍යවරු | COLOMBO (News 1st) - ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ නව රාජ්‍ය අමාත්‍යවරුන් 37 දෙනෙක් අද දිවුරුම් දුන්හ. අද දිවුරුම් දුන් රාජ්‍ය අමාත්‍යවරුන් මෙසේයි. |
2022-09-08T03:33:19.000Z | ජොන්ස්ටන්ගේ නිවසට හානි කළැයි, දෙදෙනෙක් අත්අඩංගුවට | ජොන්ස්ටන්ගේ නිවස හානි කළැයි, දෙදෙනෙක් අත්අඩංගුවට | COLOMBO (News 1st) – පසුගිය මැයි මස 09 වැනි දා පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ නිවසට හා දේපොළවලට පහරදී අලාභ හානි සිදු කර දේපළ සොරකම් කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාස නිලධාරීන් ඊයේ උදෑසන සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගෙන ඇත්තේ, 22 සහ 23 හැවිරිදි වියේ පසු වූ හෝකන්දර ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකි. මේ අතර මැයි මස 09 වැනි දා ජනාධිපති ලේකම් කාර්යාලයට ඇතුළු වී එහි දේපොළවලට හානි කළ බව කියන තවත් සැකකාරියක අත්අඩංගුවට ගෙන තිබේ. පොලිසිය පැවුසවේ, කොළඹ උතුරු කොට්ඨාසයේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරිනී ඊයේ රාත්‍රි දියත උයන ප්‍රදේශයේදී ඇය අත්අඩංගුවට ගෙන කොටුව පොලිසියට භාර දී ඇති බවයි. වයස අවුරුදු 47ක් වන සැකකාරිය බොරලැස්ගමුව ප්‍රදේශයේ පදිංචිකාරියකි. |
2022-09-08T03:26:13.000Z | අත්අඩංගුවට පත් දමිතා අබේරත්න අද අධිකරණය හමුවට | දමිතා අබේරත්න අද අධිකරණයට | COLOMBO (News 1st) - අත්අඩංගුවට පත් රංගන ශිල්පි දමිතා අබේරත්න මහත්මිය අද (08) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. පොලීසිය සඳහන් කළේ, පසුගිය මැයි මස 09 වැනි දා ජනාධිපති ලේකම් කාර්යාලයට ඇතුළු වී දේපොළවලට හානි කිරීමේ චෝදනා යටතේ ඇය ඊයේ රාත්‍රීයේ දියත උයන පරිශ්‍රයේදී අත්අඩංගුවට ගත් බවයි. ඒ, කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශ නිලධාරීන් විසිනි. |
2022-09-08T02:46:36.000Z | පියාගේ ම වෑන් රථයට යටවී අවුරුදු 2 ක් වයසැති දැරියක මියයයි | පියාගේ වෑන් රථයට යටවී කුඩා දැරිය මියයයි | COLOMBO (News 1st) – සිය පියාගේ වෑන් රථයට යටවීමෙන් සිදු වූ අනතුරකින් අවුරුදු 2 ක් වයසැති කුඩා දැරියක ජීවිතක්ෂයට පත්ව තිබේ. පොලිසිය පැවසුවේ, තඹලගමුව, නයනමාතිඩල් අතුරු මාර්ගයේදී නිවස ඉදිරිපිට නවතා තිබූ වෑන් රථය නිවස පිහිටි ඉඩමට ඇතුළු කිරීම සඳහා පිටුපසට ගැනීමේදී කුඩා දැරිය වෑන් රථයේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි. ඊයේ (07) උදෑසන සිදුවූ මෙම අනතුරින් බරපතළ තුවාල ලැබූ දැරිය මියගොස් ඇත්තේ, කෝවිල්අඩි රෝහලට ඇතුළත් කිරීමෙන් පසුවයි. අනතුර සම්බන්ධයෙන් දැරියගේ පියා අත්අඩංගුවට ගෙන තිබේ. |
2022-09-08T02:30:18.000Z | රැකියා ගිවිසුම් ඇතත් කොරියාවට යවන්නේ නැහැ.. - රැකියා අපේක්ෂකයින්ගෙන් චෝදනා | රැකියා ගිවිසුම් ඇතත් කොරියාවට යවන්නේ නැහැ | COLOMBO (News 1st) - දකුණු කොරියාවේ රැකියා සඳහා අයදුම් කර රැකියා ගිවිසුම පැමිණ ඇතත් තමන්ට මෙතෙක් රැකියා සඳහා යාමට අවශ්‍ය කටයුතු සම්පාදනය කර දී නොමැති බවට දකුණු කොරියානු රැකියා අපේක්ෂකයෝ චෝදනා කරති. ඔවුන් සඳහන් කළේ, විදේශ සේවා නියුක්ති කාර්යාංශය එම කටයුතු කඩිනමින් සිදු නොකිරීම හේතුවෙන් බොහෝ පිරිසකට දකුණු කොරියාවේ ලැබුණු රැකියා අවස්ථා පවා අහිමි වීමේ තත්ත්වයක් නිර්මාණය වී ඇති බවයි. ඇතැම් අපේක්ෂකයින්ට දෙවරක් පමණ කොරියානු රැකියා ගිවිසුම ලැබී ඇතත්, ඇති වූ ප්‍රමාදයන් හේතුවෙන් එම රැකියා ගිවිසුම් අවලංගු වූ බව ද කොරියානු රැකියා අපේක්ෂකයෝ සඳහන් කළහ. මේ සම්බන්ධයෙන් නිව්ස් ෆස්ට් විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් විමසීමක් කළේ ය. එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් සඳහන් කළේ, පසුගිය වසර දෙකක කාලය තුළ රට තුළ ඇති වූ කොවිඩ් වසංගත තත්ත්වය ඇතුළු හේතූන් මත කොරියානු රැකියා අපේක්ෂකයින්ගේ ලේඛන කටයුතුවල යම් ප්‍රමාදයක් සිදු වූ බවයි. දකුණු කොරියාවට ගුවන් ගමන් සීමා කිරීම හේතුවෙන් ද ඇතැම් අපේක්ෂකයින් කොරියානු රැකියා සඳහා යොමු කිරීමේ ප්‍රමාදයන් ඇති වූ බව ඔහු සඳහන් කළේ ය. නැව් සමාගම්, ධීවර සහ ඉදිකිරීම් ක්ෂේත්‍රවල රැකියා සඳහා යන කොරියානු අපේක්ෂකයින්ට ප්‍රමුඛතාව දී ඉදිරි කාල සීමාව තුළ 400 ක පමණ ශ්‍රමිකයින් පිරිසක් දකුණු කොරියාවට යැවීමට අවශ්‍ය කටයුතු මේ වනවිට සිදු කරමින් ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශ ප්‍රකාශ කළේ ය. |
2022-09-08T02:14:56.000Z | තවත් පෙට්‍රල් නෞකාවක් මේ සතියේ දිවයිනට.. | තවත් පෙට්‍රල් නෞකාවක් මේ සතියේ දිවයිනට.. | COLOMBO (News 1st) - පෙට්‍රල් රැගත් නෞකාවක් මේ සතිය තුළ මෙරටට ළඟාවීමට නියමිත බව බලශක්ති අමාත්‍යාංශය පවසයි. එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ, එම නෞකාව සඳහා අත්තිකාරම් මුදල් ගෙවූ බවයි. නෞකාව මෙරටට ළඟාවීමෙන් පසු සම්පූර්ණ මුදල ගෙවීමට නියමිතයි. පෙට්‍රල් මෙට්‍රික් ටොන් 35,000 ත් 40,000 ත් අතර ප්‍රමාණයක් එලෙස මේ සතිය තුළ මෙරටට රැගෙන ඒමට නියමිත බව බලශක්ති අමාත්‍යාංශයේ ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේ ය. |
2022-09-08T01:46:15.000Z | රටේ මන්දපෝෂණය වැඩි වී නැහැ... අවදානමක් පමණයි - සෞඛ්‍ය අමාත්‍යාංශය | මන්දපෝෂණය වැඩි වී නැහැ-සෞඛ්‍ය අමාත්‍යාංශය | COLOMBO (News 1st) - යුනිසෙෆ් ආයතනය පවසන ආකාරයේ මන්දපෝෂණ තත්ත්වයේ වැඩිවීමක් මෙරටින් වාර්තා නොවන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය සඳහන් කළේ, නමුත් පසුගිය දිනවල රට තුළ පැවති ආර්ථික අර්බුද මධ්‍යයේ මන්දපෝෂණ තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බවයි. ආර්ථික අපහසුතා සහිත පවුල් හඳුනා ගෙන එම පවුල් සඳහා විශේෂ හදිසි පෝෂණ සැළැස්මක් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව පිළිබඳව ද ඇය පැහැදිළි කළා ය. මෙරට මන්දපෝෂණ තත්ත්වය පිළිබඳව ඊයේ පාර්ලිමේන්තුවේ කල් තැබීමේ විවාදයේ දෙවන දිනයේ දී ද අදහස් පළ විය. |
2022-09-08T01:45:47.000Z | ඇෆ්ගනිස්ථානය, ඉන්දියාව ඉවතට: ශ්‍රී ලංකාව සහ පකිස්ථානය ආසියානු කුසලානයේ අවසන් සටනට | ශ්‍රී ලංකාව හා පකිස්ථානය අවසන් මහා තරගයට | News 1st - පකිස්ථාන කණ්ඩායම 2022 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තේය. ඒ, සුපිරි සිව්දෙනාගේ වටයේ ඇෆ්ගනිස්ථානයට එරෙහිව පැවැති තරගයෙන් එක් කඩුල්ලක තියුණු ජයක් ලබා ගනිමිනි. සාජාහිදී පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 129 කි. ඊබ්‍රහීම් සද්‍රාන් ලකුණු 35 යි. ලකුණු 130 ක ඉලක්කයක් වෙනුවෙන් පිටියට පිවිසි පකිස්ථාන කණ්ඩායමේ මුල්පෙළ කඩුලු 2 ක ලකුණු 18 කදී බිඳ වැටුණි. ශඩාබ් ඛාන් ලකුණු 36යි. ෆසාල්හක් ෆාරුකි සහ ෆරීඩ් අහමඩ් කඩුලු 3 බැගින් දවා ගත්තේ ය. කෙසේ නමුත් පන්දු 4 කින් ලකුණු 14 ක් රැස් කළ නසීම් ශා පකිස්ථාන කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියේ තරගය අවසන් වීමට පන්දු 4ක් ඉතිරිව තිබියදීය. ඒ වනවිට පකිස්ථාන කඩුලු 9ක් බිඳ වැටී තිබුණි. එම ජයග්‍රහණයත් සමග සුපිරි සිව්දෙනාගේ වටයේ ලකුණු සටහනේ දෙවැනි ස්ථානය තහවුරු කර ගත් පකිස්ථානය ලබන 11 වැනි දා ඩුබායිහිදී ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන අවසන් මහා තරගයේ ස්ථානය තහවුරු කර ගත්තේ ය. ඒ අනුව, ඇෆ්ගනිස්ථානයට සහ ඉන්දියාවට තරගාවලියෙන් ඉවත්වීමට සිදුවිය. |
2022-09-08T01:03:52.000Z | මහ කන්නයේ වගාව නිසි කලට අරඹන්න - ගොවීන්ට උපදෙස් | මහ කන්නයේ වගාව නිසි කලට අරඹන්න - ගොවීන්ට උපදෙස් | COLOMBO (News 1st) - එළඹෙන මහ කන්නයේ වගාව නිසි කාලයට ආරම්භ කරන්නැයි කෘෂිකර්ම අමාත්‍යාංශය ගොවි ජනතාවගෙන් ඉල්ලා සිටි. කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අජන්ත ද සිල්වා මහතා සඳහන් කළේ, මහ කන්නයේ හෙක්ටයාර ලක්ෂ 8 ක් පමණ වගා කිරීමට සැලසුම් කර ඇති බවයි. කෘෂිකර්ම අමාත්‍යාංශය පවසන්නේ, මහ කන්නයේ වගා කටයුතු සඳහා අවශ්‍ය පොහොර තොග ගොවි ජනතාවට අවශ්‍යතාව පරිදි ලබාදීමට සැලසුම් කර ඇති බවයි. එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, ලෝක වෙළෙඳපොළෙන් මෙරටට පොහොර තොග ලබා ගැනීමට යම් දුෂ්කරතා මතුව ඇති බවයි. රටේ ආර්ථික අර්බුදය සහ ඩොලර් හිඟකම හේතුවෙන් ඇතැම් සමාගම් පොහොර තොග ලබාදීම ප්‍රතික්ෂේප කරන බවත්, මෙරට කොන්දේසිවලට එකඟ නොවන බවත් ඔහු සඳහන් කළේ ය. කෘෂිකර්ම අමාත්‍යාංශය ප්‍රකාශ කළේ, ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ යල කන්නය සඳහා මිලදී ගෙන භාවිතයට නොගෙන ඉතිරි කර ගත් පොහොර මෙට්‍රික් ටොන් 10,000 ක සංචිතයක් අමාත්‍යාංශය සතුව පවතින බවයි. එම පොහොර සංචිත මහ කන්නයට පෙර වගා ආරම්භ කරන ගොවීන්ට ලබා දීමට සැලසුම් කර ඇත. මීට අමතරව ආසියානු සංවර්ධන බැංකුවෙන් සහ ලෝක බැංකුවෙන් ලැබුණු ණය මුදල්වලින් ඇණවුම් කළ පොහොර තොග එළඹෙන නොවැම්බර් මාසය වනවිට ලැබෙනු ඇතැයි, කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේ ය. ලෝක වෙළෙඳපොළෙන් පොහොර ඇණවුම් කිරීම සඳහා මෙරට ණයවර ලිපි විවෘත කිරීමට ද මේ වනවිට යම් බාධා එල්ල වන බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේ ය. මේ අතර යල කන්නයේ වී මිලදී ගැනීමට මුදල් නොමැති තත්ත්වයක් උද්ගතව ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඊයේ පාර්ලිමේන්තුවෙදී ප්‍රකාශ කළේ ය. |
2022-09-08T00:51:46.000Z | නව රජයේ රාජ්‍ය අමාත්‍යවරුන් පිරිසක් දිවුරුම් දීම අද | රාජ්‍ය අමාත්‍යවරුන් පිරිසක් දිවුරුම් දීම අද | COLOMBO (News 1st) - රාජ්‍ය අමාත්‍යවරුන් පිරිසක් අද (08) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දීමට නියමිත වේ. ඒ, කොළඹ ජනාධිපති කාර්යාලයේදීයි. රාජ්‍ය අමාත්‍යවරුන් 36 දෙනෙකු මෙලෙස දිවුරුම් දීමට නියමිතයි. ජ්‍යෙෂ්ඨ කැබිනට් අමාත්‍යවරයෙකු සඳහන් කළේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරුන් පිරිසක් ද ඒ අතර වන බවයි. |
2022-09-08T00:41:10.000Z | ගෙවුණු දවස උණුසුම් කළ පුවත් | ගෙවුණු දවස උණුසුම් කළ පුවත් | 1. ප්‍රවීණ රංගන ශිල්පිනී දමිතා අබේරත්න අත්අඩංගුවට - ප්‍රවීණ රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මිය බත්තරමුල්ල දියත උයන ආසන්නයේදී අත්අඩංගුවට ගෙන තිබේ. 2. පළමු ශ්‍රේණියේ සිට ඉංග්‍රීසි භාෂාව ප්‍රායෝගික භාවිතයට පියවර - 2023 වසරේ සිට නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පළමු ශ්‍රේණියේ සිට ඉංග්‍රීසි භාෂාව ප්‍රායෝගික භාවිතයට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පවසයි. 3. ඉන්දීය මහ කොමසාරිස් කතානායක මහින්ද යාපා හමුවෙයි - ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා ඊයේ (07) කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා හමුවිය. 4. ලබන සතියේ සිට යළිත් පාසල් සිසුන්ගේ බෑග් පරීක්ෂා කිරීමේ තීරණයක් - නගර ආශ්‍රිත පාසල්වල දරුවන් සතුව මත්ද්‍රව්‍ය ඇත්දැයි පරීක්ෂා කිරීම සඳහා ලබන සතියේ සිට විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත් පවසයි. 5. වැරදි බදු පනත් කෙටුම්පත සම්මත කළා නම් වෙන දේ මෙන්න... හර්ෂගෙන් අනාවරණයක් - පැවති දෝශයක් කිසිවෙකු නොදැන සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත් කෙටුම්පත සම්මත කිරීමට උත්හාස කළේ කොහොම ද? |
2022-09-07T16:11:23.000Z | ප්‍රවීණ රංගන ශිල්පිනී දමිතා අබේරත්න අත්අඩංගුවට | දමිතා අබේරත්න අත්අඩංගුවට | COLOMBO (News 1st) - ප්‍රවීණ රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මිය බත්තරමුල්ල දියත උයන ආසන්නයේදී අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, ජනාධිපති ලේකම් කාර්යාලයට අයුතු ලෙස ඇතුළු වීම සහ අයුතු ජනරාශිය යන චෝදනා සම්බන්ධයෙන් ඇය අත්අඩංගුවට ගත් බවය. කොළඹ මධ්‍යම කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය විසින් ඇය අත්අඩංගුවට ගනු ලැබිණි. |
2022-09-07T11:27:37.000Z | පළමු ශ්‍රේණියේ සිට ඉංග්‍රීසි භාෂාව ප්‍රායෝගික භාවිතයට පියවර | පළමු ශ්‍රේණියේ සිට ඉංග්‍රීසි භාෂාව ප්‍රායෝගිකව.. | COLOMBO (News 1st) – 2023 වසරේ සිට නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පළමු ශ්‍රේණියේ සිට ඉංග්‍රීසි භාෂාව ප්‍රායෝගික භාවිතයට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පවසයි. අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේ, පාසල් දරුවන්ගේ ඉංග්‍රීසි භාෂා දැනුම වර්ධනය කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සම්පත් දායකත්වය මත ක්‍රියාවට නංවා ඇති “English is Simple” ඉංග්‍රීසි භාෂා ප්‍රවර්ධන වැඩසටහනට සහභාගි වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළ බවයි. මීට අමතරව 6 ශ්‍රේණියේ සිට ඉහළට ගණිතය සහ විද්‍යාව විෂයන් දෙක ඉංග්‍රීසි මාධ්‍යයෙන් ද ඉගැන්වීමට යෝජනා වී ඇති බව ද මෙහිදී අමාත්‍යවරයා පෙන්වා දී තිබේ. අමාත්‍යවරයා පවසා ඇත්තේ, එම විෂයන්වල බොහෝ තාක්ෂණික පද ඉංග්‍රීසි භාෂාවට අදාළව ඇති බැවින් එතරම් අපහසුවකින් තොරව දරුවන්ට ඊට හුරු විය හැකි බැවින් අසාධාරණයක් සිදු නොවන බවයි. ග්‍රාමීය ප්‍රදේශවල දරුවන්ගේ පසුබෑමට එක් හේතුවක් වී ඇති විද්‍යා, ගණිත හා ඉංග්‍රීසි ගුරුවරුන්ගේ හිඟය මගහරවා ඉංග්‍රීසි භාෂා නිපුණතාව ලබා දීමට වෙනම වැඩසටහනක් මේ වන විට ක්‍රියාත්මක වන අතර විශ්වවිද්‍යාල පද්ධතියත් අධ්‍යාපනඥ සේවයත් ගුරු උපදේශකවරුනුත් ඊට සහභාගිත්වය දක්වන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා තිබේ. “English is Simple” මෙම ඉංග්‍රීසි භාෂා ප්‍රවර්ධන වැඩසටහන අනුව පාසල් විෂය මාලා පදනමින් නිපුණතා පාදක ව සැකසූ ක්‍රියාකාරකම් අත්පොත් හා සංයුක්ත තැටි මෙරට සියලු ම ද්විතීයක පාසල්වල දරු දැරියන්ට ලබා දීමට නියමිත ය. අමාත්‍යාංශයේ ඊ- තක්සලාව වෙබ් අඩවියට පිවිසීමෙන් රටේ සියලු ම දරුවන්ට මෙම ඉංග්‍රීසි භාෂා දැනුම ලද හැකියි. |
2022-09-07T11:03:50.000Z | ඉන්දීය මහ කොමසාරිස් කතානායක මහින්ද යාපා හමුවෙයි | ඉන්දීය මහ කොමසාරිස් කතානායක මහින්ද යාපා හමුවෙයි | COLOMBO (News 1st); ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා අද (07) කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා හමුවිය. අද (07) පාර්ලිමේන්තුවේදී සිදුවූ මෙම හමුවේදී දෙරට අතර සංචාරක සබඳතා වර්ධනය කිරීම සහ උසස් අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීම පිළිබඳව සාකච්ඡා වී ඇති අතර විවිධ අංශවලින් ද්වීපාර්ශවීය සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීම පිළිබඳව ද සාකච්ඡා වී තිබේ. පාර්ලිමේන්තු මාධ්‍ය ඒකකය පැවසුවේ, ඉන්දීය රජය නිරතුරුව ශ්‍රී ලංකාවට ලබා දෙන සහය පිළිබඳව කතානායකවරයා මහ කොමසාරිස්වරයා හමුවේ ස්තුතිය පළ කළ බවයි. පාර්ලිමේන්තුව මහ ලේකම් ධම්මික දසනායක මහතා ද මේ අවස්ථාවට එක්ව සිට ඇත. |
2022-09-07T10:46:58.000Z | ලබන සතියේ සිට යළිත් පාසල් සිසුන්ගේ බෑග් පරීක්ෂා කිරීමේ තීරණයක් | පාසල් සිසුන්ගේ බෑග් පරීක්ෂා කිරීමේ තීරණයක් | COLOMBO (News 1st); නගර ආශ්‍රිත පාසල්වල දරුවන් සතුව මත්ද්‍රව්‍ය ඇත්දැයි පරීක්ෂා කිරීම සඳහා ලබන සතියේ සිට විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත් පවසයි. අමාත්‍යවරයා අද පාර්ලිමේන්තුවේදී පැවසුවේ, සියලුම පළාත් අධ්‍යක්ෂවරුන් හරහා එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම සඳහා වන චක්‍ර ලේඛය ලබන සතියේ නිකුත් කිරීමට අපේක්ෂා කරන බවයි. පාසල් සංවර්ධන සමිති, දෙමාපියන්, ආදි ශිෂ්‍යයින් හා ශිෂ්‍ය නායකයින් නාගරික පාසල් ආශ්‍රිතව උදෑසන පාසලට පැමිණෙන දරුවන්ගේ පාසල් බෑග් පරීක්ෂා කිරීමේ වැඩපිළිවෙළ මීට පෙර ක්‍රියාත්මක වුව ද වර්තමානයේ එය ක්‍රියාත්මක නොවන බව අමාත්‍යවරයා පැවසී ය. |
2022-09-07T07:53:38.000Z | වැරදි බදු පනත් කෙටුම්පත සම්මත කළා නම් වෙන දේ මෙන්න... හර්ෂගෙන් අනාවරණයක් | වැරදි බදු කෙටුම්පත සම්මත කළා නම් කුමක් වෙයි ද? | COLOMBO (News 1st) – පැවති දෝශයක් කිසිවෙකු නොදැන සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත් කෙටුම්පත ඊයේ (06)සම්මත කිරීමට උත්හාස කළේ කොහොම ද? ආචාර්ය හර්ෂ ද සිල්වා අද පාර්ලිමේන්තුවේදී හෙළි දරව්වක් කරමින් පැවසුවේ, සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත් කෙටුම්පතට අදාළව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත්තේ, වැරදි සංශෝධන බවයි. ''දේපළ වෙළඳාම හා වැඩිදියුණු කිරීමේ ව්‍යාපාරයට මේ බද්ද අයින් කරනවා කියන එක ඇත්ත වශයෙන්ම කරලා නෑ ලු.. එහෙම නම් මේක වැරදීමක් ලු, ඒ කියන්නෙ ඒ ගොල්ලො ට්‍රාන්ස්ලේෂන් එක කරද්දි වැරදිලා ලු. වැරදිලා ඒක කැපිල ලු ඒක පුදුම වැඩක්.. හැබැයි සඳුදා භාණ්ඩාගාරයෙන් මේක දැන ගත්ත ලු දැනගත්තහම සඳුදා උදේම කරෙක්ෂන් එක කරලා මේ පාර්ලිමේන්තුවට එව්ව ලු'' මන්ත්‍රීවරයා පැවසුවේ, ඊයේ සභාගත කර ඇත්තේ, එලෙස නිවැරදි කර යොමු කළ සංශෝධනය නොව වැරදි එකක් බවයි. ''සඳුදා එව්වට සභාගත කරලා තියෙන්නේ ඒ එවපු එක නෙමේලු සභාගත කරලා තියෙන්නේ වැරදිච්ච එකලු මේවා 300 ක් ගහලා බෙදුවලු මම ප්‍රශ්නෙ අහනකල් පාර්ලිමේන්තුව මේක දන්නෙත් නෑ ලු. මුදල් අමාත්‍යාංශය දන්නේත් නෑ ලු. දවසක් තිස්සෙ මෙතන තිබිලා තියෙනවා. කොහොමද එහෙම වුණේ?'' හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා පැවසුවේ, ඡන්දයකින් තොරව යම් හෙයකින් කෙටුම්පත සම්මත කළේ නම් , විශාල බදු ප්‍රමාණයක් ලබා ගැනීමට තිබූ අවස්ථාව අහිමිවී යන බවයි. ''ඕගොල්ල ඊයේ උත්සාහ කළේ, මේක ඡන්දයකින් තොරව සම්මත කරන්න ඡන්දයෙන් තොරව සම්මත කළා නම් අපි සම්මත කරන්නෙ, මේ සංශෝධන එහෙම වුණා නම් විශාල බදු ප්‍රමාණයක් අපිට ලබා ගන්න තිබුණ හැකියාව නැති වෙනවා ඒක වුණේ තාක්ෂණික දෝෂයකින් නම් ඒක හොයලා බලන්න'' |
2022-09-07T06:58:23.000Z | ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අමෙරිකාවේ සහය - අමෙරිකා එක්සත් ජනපද භාණ්ඩාගාර ලේකම් | මෙරට ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අමෙරිකාවේ සහය.. | COLOMBO (News 1st) – ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා අමෙරිකා එක්සත් ජනපදය සහය ලබාදෙන බව අමෙරිකා එක්සත් ජනපද භාණ්ඩාගාර ලේකම් දන්වා ඇතැයි, ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. එහිදී පැරිස් සමාජයේ මූලධර්මවලට අනුකූලව මූල්‍ය සහතික ලබාදීම සිදුවෙනු ඇති. ඒ අනුව එම කටයුතු සමග ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව සහ එක්සත් ජනපදයේ අනෙකුත් නියෝජිතායතනය ද සම්බන්ධ වී කටයුතු කරනු ලබයි. |
2022-09-07T06:33:31.000Z | දරාගත නොහැකි ණය සහිත රටවල් අතර ශ්‍රී ලංකාවත් - IMF ප්‍රධානී | දරාගත නොහැකි ණය සහිත රටවල් අතර ශ්‍රී ලංකාවත්... | COLOMBO (News 1st) – ශ්‍රී ලංකාව ඇතුළු රටවල් බොහොමයක ණය තත්ත්වය යහපත් තත්ත්වයක නොමැති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානී ක්‍රිස්ටලිනා ජෝර්ජිවා පවසයි. ඇය මේ බව පවසා ඇත්තේ, නෙදර්ලන්තයේ පැවැත්වෙන අප්‍රිකානු සමුළුව අමතමිනි. කෝරෝනා වසංගතයෙන් බැට කෑ ජනතාව මේ වනවිට උද්ධමනයෙන් පීඩා විඳිමින් සිටින බවත් මෙම අවස්ථාවේ සියලු මනුෂ්‍ය වර්ගයාට එකට එකතුවීම සඳහා ආරාධනා කිරීමට පසුබට නොවිය යුතු බව ද ජෝර්ජිවා මහත්මිය පවසා තිබේ. මේ අවිනිශ්චිත ත්ත්තවය සෑම කෙනෙකුටම පීඩාවක් ඇති කර තිබෙනවා.කෝරෝනා වසංගතයෙන් බැට කෑ ජනතාව දැන් උද්ධමනයෙන් දුක් විඳිනවා. ජෝර්ජිවා සමුළුව අමතමින් වැඩිදුරටත් පවසා ඇත්තේ, උද්ගතව ඇති මෙම තත්ත්වය එක් රටකට පමණක් උරුම වූ තත්ත්වයක් නොවන බව ත් ශ්‍රී ලංකාව ඇතුළු රටවල්වලට ණය බර දරාගත නොහැකි තත්ත්වයක් මතුවෙමින් පවතින බවත් ය. දිළිඳු රටවල් 60%ක් ණය ගෙවා ගත නොහැකි අවදානම් තත්ත්වයේ පසුවන බැවින් ආර්ථික ක්‍රියාදාමය පිළිබඳව සාමාන්‍ය ආකාරයට සිතිය නොහැකි බව ත් බලවත් බැංකු පද්ධතියක හා ස්ථාවර ආර්ථිකයක අවශ්‍යතාව ද ඇය එහිදී පෙන්වා දී ඇත. ''බලවත් බැංකු පද්ධතියක් හා ස්ථාවර ආර්ථිකයක් අත්‍යාවශ්‍යි. පවතින ආර්ථික අවපාතයත් සමග බැංකු ඔරොත්තු දෙන මට්ටමේ පහසුකම් සැකසීම ගැන අවධානය යොමුකර තිබෙනවා.අපිට අවශ්‍ය වන්නේ ඔරොත්තු දෙන ආර්ථිකයක් විතරක් නෙමෙයි ඔරොත්තු දෙන සමාජයක්.ඔරොත්තු දෙන ජනතාවක් අවශ්‍යයි.සාධාරණත්වය හා රැකියා උත්පාදනය ගැන සිතිය යුතුයි.කොටින්ම අපිට අවශ්‍ය වන්නේ ඔරොත්තු දෙනලෝකයක්'' |
2022-09-07T03:37:36.000Z | ''අතිබහුතරයක් ජනතාව ඉන්නෙ රාජපක්ෂවරුන්ගේ දේශපාලනය මේ රටට අවශ්‍යයි කියන ස්ථාවරයේ'' - සාගර කාරියවසම් | ''රාජපක්ෂ දේශපාලනය තමයි රටට, පක්ෂයට තියෙන ශක්තිය'' | COLOMBO (News 1st) – රාජපක්ෂවරුන්ගේ දේශපාලනය සමග ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරියට ගෙන යන බව පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් පවසයි. ඊයේ කැඳවා තිබූ (06) මාධ්‍ය හමුවකදී අදහස් පළ කරමින් මහ ලේකම්වරයා පැවසුවේ, රාජපක්ෂ දේශපාලනය රටට, පක්ෂයට ඇති ශක්තිය බවයි. මේ රටට තියෙන ශක්තිය අපේ පක්ෂයට තියෙන ශක්තිය ඒ තමයි රාජපක්ෂ දේශපාලන ශක්තිය. ඉතින් අපි පක්ෂයක් හැටියට නිර්භීතව කියනවා අපි රාජපක්ෂවරුන්ගේ දේශපාලනය සමග මේ පක්ෂය ඉදිරියට ගෙනියනවා. රාජපක්ෂවරු නැවතත් තනතුරුවලට පැමිණෙන්නේ ද සහ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී මාධ්‍යවේදීහු මහ ලේකම්වරයාගෙන් විමසා සිටියහ. මේ ඊට පිළිතුරු දුන් පක්ෂ මහලේකම්වරයා.. ''මගේ පුද්ගලික මතයත් අපේ පක්ෂයේ බහුතරයකගෙ මතයත් තියෙන්නේ රාජපක්ෂවරුන් ඒ තනතුරුවලින් ඉවත් වෙච්ච වැරදි කියන එක. මේ රටේ හැටනම ලක්ෂයක් ජනතාව ඡන්දෙ දීලා ජනාධිපතිවරයා පත්කරාම ඒ ජනාධිපතිවරයා ඉවත් කිරීමේ අයිතිය තියෙන්නේ හැටනම ලක්ෂයේ ජනතාවට මිසක් පාරට බහින ලක්ෂයක් විතර ජනතාවකට නෙවෙයි. මේ රටේ රාජපක්ෂලා ආවේ ජනතාවගේ ඡන්දෙන් මිසක් කිසිම දවසක බලහත්කාරයෙන් බලයට ඇවිල්ල නැහැ. අපේ දැඩි විශ්වාසයක් තියෙනවා. අදටත් මේ රටේ අති බහුතරයක් ජනතාව සිටින්නේ රාජපක්ෂවරුන්ගේ ජාතික දේශපාලනය මේ රටට අවශ්‍යයයි කියන ඒ ස්ථාවරයේ'' මේ අතර හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට තවදුරටත් දේශපාලනය සම්බන්ධයෙන් උනන්දුවක් ඇති බවක් පෙනෙන්නට නැතැයි ද පක්ෂ මහලේකම්වරයා පැවසී ය. ඒ හිටපු ජනාධිපතිවරයා සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කළ ප්‍රශ්න කිරීම්වලට පිළිතුරු ලෙසයි. ''අපි එතුමාව මුණ ගැහුණා. එතුමා කිසිම දේශපාලනයක් අපි සමග කතා කරේ නෑ. එතුමා එතුමාගේ විදේශගතව හිටපු කාලයයේ එතුමාගේ අත්දැකීම් සම්බන්ධයෙන් කතා කරා. අපිටනං එතුමා පෙන්නුම් කරේ නෑ. කිසිම ආකාරයකින් එතුමාට දේශපාලනය සම්බන්ධයෙන් තවදුරටත් උනන්දුවක් තියෙනවා කියන එක '' |
2022-09-07T03:08:10.000Z | අයිස් මත්ද්‍රව්‍ය සම්බන්ධ නීති දැඩි කිරීමට පියවර - මහජන ආරක්ෂක අමාත්‍යාංශය | අයිස් මත්ද්‍රව්‍ය සම්බන්ධ නීති දැඩි කිරීමට පියවර | COLOMBO (News 1st) - අයිස් මත්ද්‍රව්‍ය සම්බන්ධ මෙරට නීති දැඩි කිරීමට මහජන ආරක්ෂක අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. එහි ලේකම් එස්. හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ, ඒ සඳහා විෂ වර්ග අබිං හා අන්තරායකර ඖෂධ ආඥා පනතට කඩිනමින් සංශෝධන ගෙන එන බවයි. දැනට අයිස් මත්ද්‍රව්‍ය ළඟ තබා ගන්නන් හා අලෙවි කරන්නන් අධිකරණයට ඉදිරිපත් කළ පසු ඇප මත මුදා හැරේ. නව සංශෝධන අනුව අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 5 ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් ළඟ තබා ගන්නන් හෝ ජාවාරම් කරන්නන්ට ඇප හිමි වන්නේ නැත. ඒ සම්බන්ධයෙන් වරදකරුවන් වුවහොත් ජීවිතාන්තය දක්වා හෝ මරණ දඬුවම හිමිවන බව ද අමාත්‍යාංශ ලේකම්වරයා පැවසුවේ ය. ඔහු ප්‍රකාශ කළේ, අයිස් මත්ද්‍රව්‍ය මේ වනවිට මෙරට ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් ඇති බවයි. මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රියංගිකා අමරබන්දු මහත්මිය පැවසුවේ, අයිස් මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය 225 ගුණයකින් වැඩිවී ඇති බවයි. අයිස් මත්ද්‍රව්‍යවලට අබ්බැහිවූවන් පුනරුත්තාපනය සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව ද ඇය සඳහන් කළා ය. |
2022-09-07T02:12:09.000Z | අද (07) ත් ප්‍රදේශ රැසකට තද වැසි | අද (07) ත් ප්‍රදේශ රැසකට තද වැසි | COLOMBO (News 1st) - සබරගමුව පළාතේත් මහනුවර, නුවරඑළිය, කළුතර, ගාල්ල හා මහනුවර දිස්ත්‍රික්කවල අද (07) දිනයේ මිලිමීටර් 50 කට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර හා වයඹ පළාත්වලද වැසි වාර කිහිපයක් ඇතිවිය හැකියි. ඌව සහ නැගෙනහිර පළාත්වලට සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ස්ථාන කිහිපයක වැසි ඇතිවිය හැකි බව ද කාලගුණ අනාවැකියේ සඳහන් ය. එහි දැක්වෙන්නේ, මධ්‍ය කඳුකරයේ බටහිර බෑවුම්වල පැයට කිලෝමීටර් 50 ක පමණ තද සුළං ඇතිවිය හැකි බවයි. මේ අතර වර්ෂාවත් සමග ගංඟා කිහිපයක හටගත් ගංවතුර තත්ත්වය ක්‍රමයෙන් අඩුවෙමින් ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා අංශයේ අධ්‍යක්ෂ එස්. පී. සී. සුගීෂ්වර මහතා පැවසී ය. |
2022-09-07T01:38:41.000Z | දකුණේ ඝාතන රැල්ල මඩින්න විශේෂ කණ්ඩායම් කිහිපයක් | දකුණේ ඝාතන රැල්ල මඩින්න විශේෂ මෙහෙයුම් | COLOMBO (News 1st) - දකුණේ ඝාතන රැල්ලට සම්බන්ධ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ කණ්ඩායම් කිහිපයක් යොදවා ඇති බව පොලීසිය පවසයි. දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ, සිද්ධි 11 කට අදාළව පරීක්ෂණ ක්‍රියාත්මක බවයි. ගාල්ල මාපලගම සිරි සුනන්ද ජාතික පසලේ ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළඳවීමේ උත්සවයට ඊයේ (06) එක්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව පැවසුවේ ය. |
Subsets and Splits
No saved queries yet
Save your SQL queries to embed, download, and access them later. Queries will appear here once saved.