date
stringlengths
24
24
title
stringlengths
0
176
short_title
stringlengths
10
69
content
stringlengths
0
19.7k
2022-09-17T12:12:19.000Z
මොස්කව් - කොළඹ ගුවන් ගමන් යළි ඇරඹීමට සැලසුම්
මොස්කව් - කොළඹ ගුවන් ගමන් යළි ඇරඹීමට සැලසුම්
COLOMBO (News 1st) - මොස්කව් සහ කොළඹ අතර ගුවන් ගමන් යළි ආරම්භ කිරීමට පියවර ගෙන ඇතැයි අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. රුසියානු රූපවාහිනි නාලිකාවක් සමග සම්මුඛ සාකච්ඡාකවට එක් වෙමින් ඔහු කියා සිටියේ, ලබන මස මැද දෙරට අතර ගුවන් ගමන් යළි ආරම්භ කිරීමට රුසියානු බලධාරීන් සූදානම් බවයි. මීට මාස කිහිපයකට පෙර අධිකරණ නියෝගයකට අනුව රුසියානු එරොෆ්ලොට් සමාගමට අයත් ගුවන් යානයක් මෙරටදී රඳවා ගනු ලැබුවේ ය. එම සිද්ධියෙන් අනතුරුව කොළඹ බලා පියාසර කරන ගුවන් ගමන් අත්හිටුවීමට එරොෆ්ලොට් සමාගම තීරණය කළේ ය. අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කියා සිටියේ, යානය මෙරට රඳවා ගැනීමේ සිද්ධිය බරපතල අත්වැරැද්දක් බවයි. සිදු වූ දෙය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා බලධාරීන් සමාව ඉල්ලා ඇතැයි ද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය. මෙවැනි දෙයක් යළි ඇති නොවන බවට ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ ශ්‍රී ලංකා ආණ්ඩුව සහතික වන බව ද අමාත්‍යවරයා රුසියානු රූපවාහිනි නාලිකාව සමග කියා සිටියේ ය.
2022-09-17T12:11:23.000Z
අයෝජන මණ්ඩලය ඇතුළු ආයතන 3ක් ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය යටතට
ආයතන 3 ක් ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය යටතට
COLOMBO (News 1st) - අපනයන සංවර්ධන මණ්ඩලය, ආයෝජන මණ්ඩලය, ඇතුළු ආයතන තුනක් ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය යටතට පවරමින් ජනාධිපතිවරයා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ගැසට් නිවේදනය අනුව, ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය විෂය පථය යටතට පැවරෙන ආයතන වන්නේ, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සහ කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාවයි. මෙතෙක් එම ආයතන මුදල් අමාත්‍යාංශය විෂය පථයට ඇතුළත්ව තිබුණි. මෙම ගැසට් නිවේදනය අනුව ආදේශකයින්ට පුරවැසිභාවය ප්‍රධානය කිරීමේ විශේෂ විධිවිධාන පනත ක්‍රියාත්මක කිරීමේ බලය පැවරෙන්නේ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයටයි.
2022-09-17T10:57:48.000Z
මහ කන්නයේදී වී ගොවීන්ට කිලෝ 50ක යූරියා මිටියක් නොමිලේ - මහින්ද අමරවීර
වී ගොවීන්ට කිලෝ 50ක යූරියා මිටියක් නොමිලේ
COLOMBO (News 1st) - ඉදිරි මහ කන්නයේදී සෑම වී ගොවියෙකුටම කිලෝග්‍රෑම් 50 ක යූරියා පොහොර මිටියක් නොමිලේ ලබා දෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. ඔහු සඳහන් කළේ, ඊට ජනාධිපතිවරයාගේ අනුමැතිය හිමි වූ බවයි. අඟුණුකොළපැලැස්සේ පැවති කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර වැඩසටහනකට අද(17) එක්වෙමින් අමාත්‍ය මහින්ද අමරවීර මහතා මේ බව කියා සිටියේ ය.
2022-09-17T10:35:55.000Z
ආසියානු ක්‍රිකට් ශූරයින්, නෙට්බෝල් ශූරියන් සහ පොදුරද මඬුලු පදක්කම්ලාභීන් ජනපතිගේ ඇගයීමට
ක්‍රිකට්, නෙට්බොල් විශිෂ්ටයින් ජනපතිගේ ඇගයීමට
COLOMBO (News 1st) - ක්‍රිකට් ක්‍රීඩක දසුන් ශානක ඇතුළු කණ්ඩායම පරාජය ප්‍රයෝජනයට ගනිමින් ආසියානු කුසලානය දක්වා ඉදිරියට යාමට එය ශක්තියක් කරගත් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ජනාධිපතිවරයා පවසන්නේ, එලෙස සිතනවානම් රට ලෝකය ඉදිරියේ ජයග්‍රහණය කරවීම අසීරු කාර්යයක් නොවන බවයි. කණ්ඩායමක් ලෙස සාමුහිකව කටයුතු කිරීම ඔවුන්ගේ ජයග්‍රහණයට ඉවහල් වු බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ ය. ජනාධිපතිවරයා ඒ බව පැවසුවේ, ආසියානු කුසලාන 20යි 20 ක්‍රිකට් ශූරතාව සහ දොළොස්වන ආසියානු නෙට්බෝල් ශූරතාව හිමිකරගත් ශ්‍රී ලංකා කණ්ඩායම් දෙක සහ පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩාවලියේ පදක්කම්ලාභීන් ඇගයීම වෙනුවෙන් පැවැති උත්සවය අමතමිනි. ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ ඉල්ලීම මත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සිය සහයෝගය සංකේතවත් කරමින් ආසියානු ශූරතාවය දිනාගත් ශ්‍රී ලංකා නෙට්බෝල් කණ්ඩායමේ සාමාජිකාවන් සඳහා එක් ක්‍රීඩිකාවකට රුපියල් මිලියන 2 බැගින් සහ පුහුණුකරුවන් දෙදෙනෙකු සඳහා රුපියල් මිලියන 2 ක බැගින් පිරිනැමීම මෙහිදී සිදු කෙරුණි. බ්‍රිතාන්‍යයේ බර්මින්හැම් නුවර පසුගිය දා පැවැති 22 වැනි පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව පදක්කම් 4 ක් දිනා ගත්තේ ය. ''දසුන් වගේ අපිත් හිතුවොත්, ඇෆ්ගනිස්ථානයටත් වඩා වැටුණු රට ගොඩගන්න අපිට පුළුවන්..'' - ජනපති ''දසුන් වගේ අපිත් හිතුවොත්, ඇෆ්ගනිස්ථානයටත් වඩා වැටුණු රට ගොඩගන්න අපිට පුළුවන්..'' - ජනපති #Dasunshanaka #President #RanilWickremesinghe Posted by Newsfirst.lk on Saturday, September 17, 2022
2022-09-17T06:52:27.000Z
රුසියානු ග්‍රහණයේ සිටි ලාංකික සිසුන් 07ක් යුක්‍රේන හමුදාවෙන් බේරා ගනී..
රුසියානු ග්‍රහණයේ සිටි ලාංකික සිසුන් 07ක් බේරා ගනී
COLOMBO (News 1st) - රුසියානු ග්‍රහණයෙන් මුදාගත් යුක්‍රේනයේ හාකිව් කලාපයෙන් ශ්‍රී ලාංකිකයින් 7 දෙනෙකු බේරාගත් බව යුක්‍රේන ජනාධිපතිවරයා පවසයි. වද හිසංවට ලක්ව සිටි එම සිසුන්ට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමට පියවර ගෙන ඇතැයි ද යුක්‍රේන ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ ය. යුක්‍රේන ආරක්ෂක අංශ අනාවරණ කළේ, රුසියානු හමුදාවන්ගෙන් යළි අත්පත් කරගත් ප්‍රදේශ මේ වනවිට සෝදිසියට ලක්කරන බවය. එහිදී රුසියානු ග්‍රහණයේ පැවැති ගොඩනැගිලිවල සිරකර සිටි විදේශිකයින් අතර මෙම ශ්‍රි ලාංකික සිසුන් 7 දෙනාද වන බව යුක්‍රේන බලධාරින් සඳහන් කළේ ය. යුක්‍රේන ආරක්ෂක අංශ සඳහන් කළේ, මෙලෙස බේරාගෙන ඇත්තේ, යුක්‍රේනයේ කුප්යන්ස්ක් වෛද්‍ය විද්‍යාලයේ ඉගැනුම ලබමින් සිටි ලාංකික සිසුන් පිරිසක් බවයි. පසුගිය මාර්තු මාසයේදී රුසියානු සොල්දාදුවන් විසින් අල්ලාගත් ගොඩනැගිල්ලක බිම් මහලක මොවුන් රඳවා තබාගෙන සිට තිබේ.
2022-09-17T04:07:53.000Z
අභය භූමිවලට මුදා හැර ඇති ගවයින් පශු සම්පත් මණ්ඩලයට අයත් ගොවිපල වෙත යොමු කිරීමට තීරණයක්
ගවයින් ගැන කෘෂිකර්මයෙන් ගත් තීන්දුව
COLOMBO (News 1st) - අභය භූමිවලට මුදා හැර ඇති ගවයින් පශු සම්පත් මණ්ඩලයට අයත් ගොවිපලවලට යොමු කිරීමට කෘෂිකර්ම අමාත්‍යංශය තීරණය කර තිබේ. අමාත්‍යාංශය පැවසුවේ හම්බන්තොට, මොණරාගල, අම්පාර වැනි දිස්ත්‍රික්කවල ගව පාලනයෙහි නිරතව සිටින පුද්ගලයින් ගවයින්ට ආහාර සඳහා අවශ්‍ය තණකොළ සහිත බිම් හිඟ වීම නිසා තම සතුන් අභය භූමිවලට හා වනාන්තරවලට මුදා හරින බවයි. යාල, විල්පත්තුව, ලුණුගම්වෙහෙර, උඩවලව, කැබිලිත්ත වැනි අභය භූමි, වනාන්තර හා රක්ෂිතවලට එලෙස මී ගවයින් හා එළගවයින් මුදාහැර ඇතැයි කෘෂිකර්ම අමාත්‍යංශය පැවසුවේය. අමාත්‍යාංශය පැවසුවේ, එම ගවයින් වනාන්තරවල ඇති පැළෑටි උළාකෑමට නිසා සෙසු වන සතුන්ට අවශ්‍ය ආහාර හිඟ වී ඇති බවයි. එහි අතුරු ප්‍රතිඵලයක් ලෙස වන අලි ගම් වැදීමද ඉහළ ගොස් ඇත. දැනට කිරිගවයින් හිඟකම නිසා දෛනිකව පශු සම්පත් මණ්ඩලයට ලැබෙන කිරි ප්‍රමාණය අඩුවෙමින් පවතින අතරම පකිස්ථානය හා ඉන්දියාව වැනි රටවලින් කිරිගවයින් අලෙවි කිරීම ද අත්හිටුවා ඇතැයි කෘෂිකර් අමාත්‍යාංශය සඳහන් කළේ ය. අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසුවේ, ඉන්දියාවෙන් කිරි ගවයින් ලබා ගැනීම සම්බන්ධව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් භග්ලේ මහතා සමග අවස්ථා කිහිපයක දී සාකච්ඡා කළ අතර එම සාකච්ඡා යම් තරමකට සාර්ථකව ඇති බවයි.
2022-09-17T03:56:25.000Z
අන්තර්ජාතික වෙරළ පවිත්‍රතා දිනය අදයි..
අන්තර්ජාතික වෙරළ පවිත්‍රතා දිනය අදයි..
COLOMBO (News 1st ) - අන්තර්ජාතික වෙරළ පවිත්‍රතා දිනය අදට (17) යෙදී තිබේ. සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සදහන් කළේ, ඊට සමගාමීව අද (17) සිට සමුද්‍රීය සම්පත් සුරැකීමේ සතිය ආරම්භ වන බවයි. මේ යටතේ වෙරළබඩ දිස්ත්‍රික්ක 14 ම ආවරණය වන පරිදි හඳුනාගත් වෙරළ තීරයන් සහ කලපු ප්‍රදේශවල පවිත්‍රතා වැඩසටහන් 200 ක් පමණ ක්‍රියාත්මක බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සඳහන් කළේ ය. මෙහි ප්‍රධාන වැඩසටහන වයික්කාල, සින්දාන්ත්‍රිය වෙරළ තීරයේ දී සිදු කිරීමට නියමිතය. ශ්‍රී ලංකාව යනු මනරම් සමුද්‍රීය සහ වෙරළ පරිසරයකට උරුමකම් කියන දූපතකි. මේ නිසාම ලොව පුරා වෙසෙන සංචාරකයින්ගේ ආකර්ශනය දිනාගැනීමට මෙරටට හැකිව තිබේ. එහෙත් සමුද්‍රීය හා වෙරළ පරිසරය සම්බන්ධයෙන් ඇතිව තිබෙන අවාසනාවන්ත තත්ත්වය නම් විවිධ මිනිස් ක්‍රියාකාරකම් හමුවේ දිනෙන් දින මෙම පරිසර පද්ධතිය දූෂණය වීමයි. මේ නිසා ධීවර, සංචාරක වැනි කර්මාන්ත ක්ෂේත්‍රයන්ට පමණක් නොව සාගර ජීවින් ඇතුළු සමස්ත මානව ප්‍රජාවට ඉන් අහිතකර බලපෑම් ඇතිකරමින් පවතී. මෙම සමුද්‍රීය හා වෙරළ පරිසරය දූෂණයෙන් තොරව ආරක්ෂාව ගැනීමේ වගකීම ඇති ප්‍රධාන ආයතනය වන්නේ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියයි. එහි හිටපු සාමාන්‍යාධිකාරි රුහුණු විශ්වවිද්‍යාලයේ සාගර විද්‍යාව පිළිබඳ මහාචාර්ය, ටර්නි ප්‍රදීප් මහතා පැවසුවේ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ඇතිවූ ගින්න මෙරට වෙරළ පද්ධයට විශාල බලපෑමක් එල්ල කළ බවය.
2022-09-17T01:29:39.000Z
කොවිඩ් මර්දන එන්නත් ලබාදීම සඳහා සති අන්තයේ විශේෂ වැඩසටහනක්
කොවිඩ් මර්දන එන්නත දෙන්න විශේෂ වැඩසටහනක්
COLOMBO (News 1st) - කොවිඩ් මර්දන එන්නත් ලබාදීම සඳහා සති අන්තයේ විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. එම අමාත්‍යාංශය නිවේදනය කළේ, දැනට ක්‍රියාත්මක වැඩසටහනට අනුරූපව තෙවන හා සිව්වන බූස්ටර් එන්නත් ලබාදීම වෙනුවෙන් දිවයිනපුරා මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන බවයි. අද (17) , ලබන 24 , ඔක්තෝබර් පළමුවැනිදා සහ ඔක්තෝබර් 4 වැනිදා දිවයිනපුරා සෑම ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල හා රෝහල්වලදී මෙම වැඩසටහන පැවැත්වෙනු ඇති. මෙහිදී වයස අවුරුදු 20 සහ ඊට වැඩි පුද්ගලයින් සඳහා පළමු, දෙවන, තෙවන මාත්‍රාවත්, වයස අවුරුදු 12 සිට 19 අතර ළමුන් සඳහා පළමු හා දෙවන මාත්‍රාවත් ලබා ඇති බවට තහවුරු කිරීමෙන් අනතුරුව බූස්ටර් මාත්‍රාව ලබාදෙනු ඇති. සතියේ දිනවල ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල හා රෝහල් හරහා ලබාදෙන සාමාන්‍ය කොවිඩ් 19 එන්නත් කිරීමේ සේවාවට අමතරව මෙම වැඩසටහන පැවැත්වෙන නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කළේ ය.
2022-09-17T01:23:44.000Z
මහ රැජිණගේ දේහයට අවසන් ගෞරව දක්වන්න ජනපති එංගලන්තයට යයි..
ජනපති එංගලන්තයට
COLOMBO (News 1st) - අභාවප්‍රාප්ත දෙවන එළිසබෙත් රැජිණගේ අවමංගල්‍ය උත්සවයට සහභාගී වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (17) අලුයම දිවයිනෙන් පිටත්ව ගියේ ය. කටුනායක ගුවන් තොටුපොළ කාර්යභාර නිලධාරීවරයා පැවසුවේ,ජනාධිපතිවරයා ඇතුළු පිරිස එමිරේට්ස් ගුවන් සේවයට අයත් යානයකින් ඩුබායි බලා පිටත්ව ගිය බවයි. ඩුබායි සිට ජනාධිපතිවරයා ඇතුළු පිරිස බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර බලා යනු ඇති. මෙය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රථම නිල විදේශ සංචාරය ද වේ.
2022-09-17T01:10:07.000Z
ගෙවුණු දිනය උණුසුම් කළ පුවත්
ගෙවුණු දිනය උණුසුම් කළ පුවත්
COLOMBO (News 1st) - දේශීය පුවත් 01. කාකදූපත වෙරළ තීරයේ නාදුනන මළ සිරුරක් මෝදර, කාකදූපත වෙරළ තීරයට නාදුනන පුද්ගල මළ සිරුරක් ගොඩ ගසා තිබේ. 02.අපේක්ෂා රෝහලට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ඩොලර් ලක්ෂ 5 ක පරිත්‍යාගයක් අපේක්ෂා රෝහලට පරිත්‍යාගයක් ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඩොලර් ලක්ෂ 5 ක චෙක්පතක් ජනාධිපතිවරයා වෙත භාර දී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. 03.2022 උ/ පෙළ හා ශිෂ්‍යත්ව විභාග පැවැත්වෙන දිනවල කිසිදු වෙනසක් නැහැ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සහ අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පැවැත්වීමට සැලසුම් කළ දිනයන්හි කිසිදු වෙනසක් සිදු නොවන බව විභාග කොමසාරින් ජනරාල් එල්.එම්.ඩී ධර්මසේන මහතා පවසයි. 04. රටේ ප්‍රශ්න විසඳන්න බහුතරයකගේ සහය තියෙනවා – ජනපති රටේ ප්‍රශ්න විසඳීමට තමාට රටේ බහුතරයකගේ සහය ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. 05.විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශයේ සත්‍යාපන හා සහතික කිරීමේ සේවා නවතී පරිගණක පද්ධතියේ හදිසි බිඳවැටීමක් හේතුවෙන් විදේශ කටයුතු අමාත්‍යාංශයේ, කොළඹ කොන්සියුලර් අංශයේ සත්‍යාපන හා සහතික කිරීමේ සේවා නැවත දැණුම් දෙනතුරු අත්හිටුවා තිබේ. විදෙස් පුවත් 01.යුක්‍රේනයේ සමූහ මිනී වළක මළ සිරුරු 440ක් යුක්‍රේනයේ ඉසියුම් ප්‍රදේශයේ සමූහ මිනී වළකින් සිරුරු 440ක් සොයා ගෙන තිබේ. ක්‍රීඩා පුවත් 01.20/20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ ICC පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභගීවන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.
2022-09-16T16:01:47.000Z
අපේක්ෂා රෝහලට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ඩොලර් ලක්ෂ 5 ක පරිත්‍යාගයක්
අපේක්ෂා රෝහලට ක්‍රිකට් ආයතනයෙන් පරිත්‍යාගයක්
COLOMBO (News 1st) - අපේක්ෂා රෝහලට පරිත්‍යාගයක් ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඩොලර් ලක්ෂ 5 ක චෙක්පතක් ජනාධිපතිවරයා වෙත භාර දී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
2022-09-16T12:34:04.000Z
USAID ශ්‍රී ලංකාව සමග නව 5 අවුරුදු ගිවිසුමක් අත්සන් කරයි
USAID ශ්‍රී ලංකාව ගිවිසුමක් අත්සන් කරයි
COLOMBO (News 1st) - එක්සත් ජනපදය USAID සංවිධානය හරහා ශ්‍රී ලංකාවට වසර 5 ක කාලයක් පුරා අතිරේක ඇස්තමේන්තුගත ඩොලර් මිලියන 65 ක ආධාර ලබා දෙන බව USAID පරිපාලක සමැන්තා පවර්ගේ මෑත සංචාරය මත පදනම්ව, ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපතිනි ජුලී චන්ග් මහත්මිය පවසයි. ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ USAID දූත මණ්ඩල අධ්‍යක්ෂ ගේබ්‍රියෙල් ග්‍රෝ මහතා සහ මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා විසින් අත්සන් කරන ලද සංවර්ධන අරමුණු සහය ගිවිසුම (DOAG) යටතේ මෙම ආධාර පිරිනමනු ලැබේ. මෙම අරමුදල් ප්‍රදානය ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික හා දේශපාලන අර්බුදවලට ප්‍රතිචාර වශයෙන් පරිපාලක පවර් මහත්මිය පසුගිය සතියේ ප්‍රකාශයට පත් කරන ලද ඩොලර් මිලියන 60 ට අධික නව මානුෂීය සහ පොහොර ආධාරවලට අමතරව සපයා දෙනු ලැබේ.
2022-09-16T12:02:31.000Z
රටේ ප්‍රශ්න විසඳන්න බහුතරයකගේ සහය තියෙනවා - ජනපති
රටේ ප්‍රශ්න විසඳන්න බහුතර සහය තියෙනවා
COLOMBO (News 1st) - රටේ ප්‍රශ්න විසඳීමට තමාට රටේ බහුතරයකගේ සහය ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඔහු මේ බව සඳහන් කළේ, ඔස්ට්‍රේලියාවේ ඒ.බී.සී. ප්‍රවෘත්ති නාලිකාවේ ෆොරීන් කොරස්පොන්ඩන්ට් වැඩසටහනට එක් වෙමිනි. මේ අතර ජාත්‍යන්තර වෙළෙඳාම් සම්බන්ධයෙන් කතිකා කරන ජාත්‍යන්තර වෙළෙඳ කාර්යාලයක් ස්ථාපිත කර සංකීර්ණ ආර්ථික, තාක්ෂණික හවුල්කාරිත්වයක් දක්වා නිදහස් වෙළෙඳ ගිවිසුම යථාවත් කිරීමට පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, ඊයේ (15) පස්වරුවේ කොළඹදී පැවති “ශ්‍රී ලංකා ඉන්දියානු සමාජයේ” වාර්ෂික සුහද හමුවට එක් වෙමිනි. ඉන්දු - ශ්‍රී ලංකා ආර්ථික සබඳතාවන්හි පවතින ආයෝජන සඳහා වන බාධක සහ වෙළෙඳ ක්ෂේත්‍රය සඳහා වන තීරුබදු නොවන බාධක ජයග්‍රහණය කළ යුතු බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ ය. ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ, ඉන්දියාව ඇතුළු අසල්වැසි රටවල් වෙළෙඳ ඒකාබද්ධතාවකට පැමිණිය යුතු බවයි. විශේෂයෙන් ඉන්දු ආර්ථික සබඳතා ජයග්‍රහණය කිරීමට උත්සාහ කළ යුතු බව ද ජනාධිපතිවරයා අවධාරණය කළේ ය. 🔺 රටේ ප්‍රශ්න විසඳීමට රටේ බහුතරයකගේ සහය තමන්ට ඇතැයි ජනපති කියයි.. 🔺 රටේ ප්‍රශ්න විසඳීමට රටේ බහුතරයකගේ සහය තමන්ට ඇතැයි ජනපති කියයි.. 📌 Read More: https://news1st.lk/3Dw5Dk2 #lka #News1st #RIS Posted by Newsfirst.lk on Friday, September 16, 2022
2022-09-16T11:35:37.000Z
2022 උ/ පෙළ හා ශිෂ්‍යත්ව විභාග පැවැත්වෙන දිනවල කිසිදු වෙනසක් නැහැ
උ/ පෙළ හා ශිෂ්‍යත්ව විභාග දිනවල වෙනසක් නැහැ
COLOMBO (News 1st) - 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සහ අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පැවැත්වීමට සැලසුම් කළ දිනයන්හි කිසිදු වෙනසක් සිදු නොවන බව විභාග කොමසාරින් ජනරාල් එල්.එම්.ඩී ධර්මසේන මහතා පවසයි. නිවේදනයක් නිකුත් කරමින් ඔහු පෙන්වා දෙන්නේ, 2022 වර්ෂයට නියමිත පාසැල් වාර සටහන සමග ගලපා මෙම විභාග පැවැත්වෙන බවයි. ඒ අනුව 2022-12 -04 සැලසුම් කළ පරිදි 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙනු ඇති. උස්ස පෙළ විභාගය 2022-12-05 සිට 2023- 01-02 දක්වා පැවැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා පැවසීය. යම් හෙයකින් විභාග දෙක කල් දැමීමට සිදුවුවහොත් පාසැල් වාර සටහනට අදාළව පාසැල් පවත්වන දිනයන් වෙනස් කිරීමට සිදුවන බැවින් ඉදිරියේදී පැවැත්වීමට නියමිත 2022 අපොස සාමාන්‍ය පෙළ විභාගට ඇතුළු අනෙකුත් විභාගයන් ද කල් දැමීමට සිදු වන බව එම නිවේදනයේ සඳහන් ය. අදාළ දිනයන්හි විභාග සඳහා ඉදිරිපත් වීමට සුදානම් වන ලෙස විභාග කොමසාරිස් ජනරාල්වරයා සියලු විභාග අපේක්ෂකයින්ට දැනුම් දෙයි.
2022-09-16T11:14:49.000Z
සැප්. 17 සිට 19 දක්වා පැයක විදුලි කප්පාදුවක්
සැප්. 17 සිට 19 දක්වා පැයක විදුලි කප්පාදුවක්
COLOMBO (News 1st) – සැප්තැම්බර් 17 සිට 19 දක්වා පැයක විදුලි කප්පාදුවක් සඳහා මහජන උපයෝගීතා කොමිසම අනුමැතිය ලබා දී තිබේ. ඒ අනුව A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V,W කාණ්ඩවලට දෛනිකව සවස 6.00 සිට රාත්‍රී 9.00 දක්වා විදුලි කප්පාදුව සිදු කෙරෙනු ඇති.
2022-09-16T11:06:31.000Z
20/20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ
20/20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ
COLOMBO (News 1st) - ICC පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභගීවන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ. 20යි 20 ලෝක කුසලාන තරගාවලිය ලබන ඔක්තෝබර් 16වැනිදා සිට නොවැම්බර් 13 දක්වා ඔස්ට්‍රේලියාවේදී පැවැත්වීමට නියමිතය. සංචිතය පහත පරිදි වේ.
2022-09-16T11:04:28.000Z
2022 දෙවන කාර්තුවේදී ආර්ථික වර්ධන වේගයේ 8.4% ක පසුබැසීමක්
ආර්ථික වර්ධන වේගයේ 8.4% ක පසුබැසීමක්
COLOMBO (News 1st) – මෙම වර්ෂයේ දෙවන කාර්තුවේදී මෙරට ආර්ථික වර්ධන වේගය 8.4% ක පසුබැස්මක් සිදුව ඇතැයි, ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව නිකුත් කළ වාර්තාවක දැක්වෙන්නේ 2021 වසරේ දළ දේශීය නිෂ්පාදිතය රුපියල් මිලියන තිස් ලක්ෂ 38,855 ක් ලෙස වාර්තා වන බවයි. එහෙත් මේ වසරේ දෙවන කාර්තුවේදී එය රුපියල් මිලියන විසි හත් ලක්ෂ 82 114 ක් දක්වා අඩුවී ඇතැයි එම වාර්තාවේ සඳහන් ය. මේ වසරේ දෙවන කාර්තුවේදී කෘෂිකාර්මික ක්ෂේත්‍ර 8.4% කින්ද , කර්මාන්ත ක්ෂේත්‍රය 10% කින්ද සේවා කටයුතු 2.2% ක සෘණ වේගයක් පෙන්නුම් කරන බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
2022-09-16T10:56:27.000Z
ගිනිඅවි 2ක් හා කඩුවක් සමග පොහොට්ටු මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට
ගිනිඅවි සමග පොහොට්ටු මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට
COLOMBO (News 1st) - ගිනි අවි දෙකක් හා කඩුවක් සමග අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, බටපොල, පොල්ලැව්ව ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේදීයි. ඔහු සතුව තිබී උණ්ඩ 12 ක් ද සොයා ගත් බව පොලීසිය පවසයි. පොලිස් විශේෂ කාර්ය බලකාය හා බටපොල පොලීසිය ඒකාබද්ධව අද දහවල් කළ මෙහෙයුමකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.
2022-09-16T10:40:30.000Z
කාකදූපත වෙරළ තීරයේ නාදුනන මළ සිරුරක්
කාකදූපත වෙරළ තීරයේ නාදුනන මළ සිරුරක්
COLOMBO (News 1st) – මෝදර, කාකදූපත වෙරළ තීරයට නාදුනන පුද්ගල මළ සිරුරක් ගොඩ ගසා තිබේ. පොලිසිය පැවසුවේ, එම මළ සිරුර වයස අවුරුදු 55 ක් පමණ වයසැති පුද්ගලයෙකුගේ බවයි. මිය ගිය පුද්ගලයා කවුරුන් ද යන්න මෙතෙක් අනාවරණ වී නොමැත.
2022-09-16T10:35:53.000Z
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි, නොතීසි
හිටපු ජනපති මෛත්‍රීට අධිකරණයෙන් නොතීසි
COLOMBO (News 1st) – හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබන මස 14 වැනිදා අධිකරණය හමුවේ පෙනි සිටින ලෙස දන්වා නොතිසි යැවීමට කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද නියෝග කළේ ය. 2019 අප්‍රේල් 21 වැනිදා මුස්ලිම් අන්තවාදීන් කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයට එල්ල කළ මරාගෙන මැරෙන බෝබ්ම ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලබා පාදයක් ඉවත් කරනු ලැබූ ජේසුරාන් ගනේෂන් මහතා සහ සිරිල් ගාමිණි ප්‍රනාන්දු පියතුමා ගොනු කර තිබු නඩුවක් සලකා බැලු මහේස්ත්‍රාත්වරයා මෛත්‍රිපාල සිරිසේන මහතා නඩුවේ සැකකරුවෙකු නම් කර නොතිසි නිකුත් කරනු ලැබී ය. එවකට රටේ විධායක ජනාධිපතිවරයා හා ආරක්ෂක අමාත්‍යවරයා ලෙස කටයුතු කළ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නොසැලකිල්ල නිසා එම ප්‍රහාරය සිදුවී ඇති බවත් එබැවින් ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 298 වගන්තිය යටතේ ඔහු එම නඩුවේ සැකකරුවෙකු ලෙස නම් කර නොතිසි නිකුත් කරන ලෙසත් පැමිණිලිකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජ්‍යේෂ්ඨ ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න මහතා කළ ඉල්ලීමක් පිළිගත් මහේස්ත්‍රාත්වරයා එම නියෝගය කළේ ය.
2022-09-16T10:10:26.000Z
හොර පාරෙන් රට පනින්න හැදූ 26 ක් අත්අඩංගුවට
හොර පාරෙන් රට පනින්න හැදූ 26 ක් අත්අඩංගුවට
COLOMBO (News 1st) – නීතිවිරෝධීව මෙරටින් සංක්‍රමණය වීමට තැත් කළ පුද්ගලයින් 26 දෙනෙකු වෙත්තලකේනී ප්‍රදේශයට ඔබ්බෙන් වූ උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට ගෙන තිබේ. ඒ, නාවික හමුදාව ඊයේ රාත්‍රියේ සහ අද අලුයම ක්‍රියාත්මක කළ සෝදිසි මෙහෙයුම්වලදීයී. අත්අඩංගුවට ගත් පුද්ගලයින් අතර කාන්තාවන් 4 දෙනෙකු සහ ළමුන් පස්දෙනෙක් ද සිටිති. ඔවුන් පුනරීන්, උඩුත්තුරෙයි, ඔට්ටමාවඩු සහ වාලච්චේන යන ප්‍රදේශවල පදිංචිකරුවන් ය.
2022-09-16T09:36:08.000Z
පීලි පැනීම් නිසා මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ගමන් වාර 12 ක් අවලංගුයි
කොම්පඤ්ඤවීදියේදී දුම්රිය එන්ජිමකු ත් පිලී පනී
COLOMBO (News 1st) – මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයට තවදුරටත් බාධා එල්ල වන බව, දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. දුම්රිය ගමනාගමන අධිකාරී ගාමිණී සෙනවිරත්න මහතා සඳහන් කළේ, අද දහවල් කොම්පඤ්ඤවීදිය සහ කොල්ලුපිටිය දුම්රිය ස්ථාන අතරදී තවත් දුම්රිය එන්ජිමක් පිලී පැනීමකට ලක්ව ඇති බවයි. කොල්ලුපිටිය දුම්රිය ස්ථානය ආසන්නයේදී ඊයේ රාත්‍රියේ තවත් දුම්රියක් පිලී පැනීමෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල විය. ඉන් දුම්රිය මාර්ගයට ද හානි සිදුව තිබේ. මේ හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ අවලංගු කර ඇති දුම්රිය ගමන් වාර සංඛ්‍යාව 12කි.
2022-09-16T09:16:47.000Z
යුක්‍රේනයේ සමූහ මිනී වළක මළ සිරුරු 440ක්
යුක්‍රේනයේ සමූහ මිනී වළක මළ සිරුරු 440ක්
COLOMBO (News 1st) – යුක්‍රේනයේ ඉසියුම් ප්‍රදේශයේ සමූහ මිනී වළකින් සිරුරු 440ක් සොයා ගෙන තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, රුසියානු භාරයේ තිබූ හාර්කිව්හි ඊසානදිග ප්‍රදේශයක් වන ඉසියුම් ප්‍රදේශය යළි යුක්‍රේන් හමුදා යටතට පත්වීමෙන් පසු එම සමූහ මිනී වළ සොයා ගත් බවයි. ෂෙල් වෙඩි ප්‍රහාරවලින් සහ ගුවන් ප්‍රහාරවලින් එම පුද්ගලයින් මියගොස් ඇති බවට වාර්තා වේ. ඉසියුම් ප්‍රදේශයේ හදිසි සංචාරයක නිරත වූ යුක්‍රේන ජනාධිපතිවරයා රුසියානු හමුදාවන්ගෙන් අදාළ භූමි ප්‍රදේශය යළි අත්පත් කර ගැනීමේ වෙනුවෙන් යුක්‍රේන හමුදාවන්ට සිය ස්තුතිය ද පුද කර තිබේ.
2022-09-16T08:30:48.000Z
නෙළුම් කුළුණේ පළමු දින ආදායම රුපියල් මි. 02 පනී
නෙළුම් කුළුණේ පළමු දින ආදායම රුපියල් මි. 02 පනී
COLOMBO (News 1st) – නෙළුම් කුළුණ විවෘත කළ පළමු දිනයේ ම රුපියල් ලක්ෂ 21 ක ආදායමක් උපයාගෙන තිබේ . නෙළුම් කුළුණ පෞද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි,විශ්‍රාමික මේජර් ජනරාල් ප්‍රසාද් සමරසිංහ මහතා පැවසුවේ, ඊයේ දිනයේ කුළුණ නැරඹීමට අමුත්තත් 2,662 දෙනෙකු පැමිණි බවයි. යළිත් අද දිනයේ පස්වරු 1.00 ට කුළුණ නැරඹීම සඳහා ජනතාවට අවස්ථාව හිමි වේ. දකුණු ආසියාවේ උසම ගොඩනැගිල්ල ලෙස සැලකෙන නෙළුම් කුළුණ ඊයේ පස්වරුවේ සිට ජනතාවට විවෘත කෙරුණේ, විවෘත කිරීමේ පළමු අදියර ලෙසයි. වර්ග මීටර් 30,600 ක් වූ වපසරියක ඉදිකර ඇති නෙළුම් කුළුණේ උස මීටර් 350 කි. ප්‍රවේශ පත්‍රයක් රැගෙන පැමිණෙන අයෙකුට විනාඩි 30 ක් 7 වන මහලේ රැඳී සිටීමට අවස්ථාව ලැබෙන අතර එහි සිට සීගිරිය, ශ්‍රී පාදස්ථානය, නකල්ස් කඳුවැටිය ඇතුළු ස්ථාන රැසක් නැරඹිය හැකියි. නෙළුම් කුළුණේ දෙවන අදියර ඉදිරි මාස දෙක තුළත්, තුන්වන අදියර ලබන වසරේ මාර්තු මාසය වන විටත් විවෘත කිරීමට කොළඹ නෙළුම් කුළුණ පුද්ගලික සමාගම සැලසුම් කර තිබේ.
2022-09-16T08:10:45.000Z
කාබනික පොහොරෙන් වී වගා කළ ගොවීන්ට සහනාධාරක්
කාබනික පොහොරෙන් වී වගා කළ ගොවීන්ට සහනාධාරක්
COLOMBO (News 1st) – එළඹෙන මහ කන්නයේ කාබනික පොහොර භාවිතයෙන් වගා කරන වී ගොවීන්ට හෙක්ටයාරයකට රුපියල් 20,000 ක් සහනාධාරක් ලබාදීමට මුදල් කමිටුවේ අනුමැතිය හිමිව තිබේ. එම කන්නයේ කාබනික පොහොර සහනාධාරය වෙනුවෙන් රජය වැය කිරීමට අපෙක්ෂිත මුදල් රුපියල් බිලියන 16 කි. කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කළ යෝජනාවක් අනුව මුදල් මණ්ඩලයේ අනුමැතිය මේ සඳහා ලැබි තිබේ. කේසේ වෙතත් ගොවීන් පෙන්වා දෙන්නේ මෙවර යල කන්නයේ වී ටික මිලදී ගැනීමටවත් නිසි වැඩ පිළිවෙළක් රජය ක්‍රියාත්මක කර නොමැති බවයි.
2022-09-16T07:23:27.000Z
මුදල් ගෙවූ නැව්වලින් තෙල් ගොඩබෑම අරඹයි
මුදල් ගෙවූ නැව්වලින් තෙල් ගොඩබෑම අරඹයි
COLOMBO (News 1st) – මුදල් ගෙවූ ඉන්ධන නෞකාවල ඇති ඉන්ධන තොග අද ගොඩබෑම ආරම්භ කළ බව විදුලි බල හා බලශත්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි. අමාත්‍යවරයා සඳහන් කළේ, නැංගුරම් ලා තිබූ ඉන්ධන නෞකා තුනකට මුදල් ගෙවූ බවයි. එම නෞකාවල, බොරතෙල් මෙට්‍රික් ටොන් 100,000ක් සහ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 37 ,000 ක් අඩංගු වේ. මේ අතර, මීට දින දෙකකට පෙර ගොඩබෑම ආරම්භ කළ ඩීසල් මෙට්‍රික් ටොන් 40,000 තොගය ගොඩබෑම හෙට උදෑසන අවසන් කෙරෙන බව ද , අමාත්‍යාංශය සඳහන් කළේ ය. මේ අතර දෛනිකව ඩීසල් මෙට්‍රික් ටොන් 4000 බැගින් සහ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 3000 බැගින් දිවයින පුරා බෙදාහරිමින් ඇතැයි, ඛණිජ තෙල් සංස්ථාව සඳහන් කළේ ය.
2022-09-16T02:56:27.000Z
ලබන 19 ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විවෘත වන්නේ, කලින් දින හා වේලාවන් වෙන් කර ගත් අයදුම්කරුවන්ට පමණයි
ආගමන හා විගමන දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්
COLOMBO (News 1st) – ලබන 19 වැනිදා රජයේ විශේෂ නිවාඩු දිනයක් වුව ද ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය හා ප්‍රාදේශීය කාර්යාල එක්දින හා සාමාන්‍ය සේවා යටතේ ගමන් බලපත් ලබා ගැනීම සඳහා කලින් දින සහ වේලාවන් වෙන් කර ගත් අයදුම්කරුවන් සඳහා පමණක් විවෘතව තබන බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් අවාධාරණය කරන්නේ, අනෙකුත් සේවා එදිනට සිදු නොකරන බවත් කිසිදු හේතුවක් මත කලින් දින හා වේලාවෙන් වෙන් නොකරගත් කිසිවෙකුට මෙදින සේවා සපයනු නොලබන බවත් ය. බ්‍රිතාන්‍යයේ දෙවන එළිසෙබත් මහ රැජිණගේ අභාවය වෙනුවෙන් ජාතික ශෝක දිනයක් ප්‍රකාශයට පත් කර ඇති ලබන 19 වැනිදා පසුගිය දා රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස ද ප්‍රකාශයට පත් කෙරිණ. කෙසේ වෙතත් එදින බැංකු හා වෙළඳ නිවාඩු දිනයක් නොවනු ඇති.
2022-09-16T01:51:47.000Z
විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශයේ සත්‍යාපන හා සහතික කිරීමේ සේවා නවතී
විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් දැනුම් දීමක්
COLOMBO (News 1st) - පරිගණක පද්ධතියේ හදිසි බිඳවැටීමක් හේතුවෙන් විදේශ කටයුතු අමාත්‍යාංශයේ, කොළඹ කොන්සියුලර් අංශයේ සත්‍යාපන හා සහතික කිරීමේ සේවා නැවත දැණුම් දෙනතුරු අත්හිටුවා තිබේ. නිවේදනයක් නිකුත් කරමින් විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ මේ හේතුවෙන් යාපනය,ත්‍රිකුණාමලය,මාතර,මහනුවර ,කුරුණැගල යන ප්‍රදේශීය කාර්යාලවල සේවාද නැවත දැනුම්දෙනතුරු අත්හිටුවා ඇති බවයි. පද්ධතිය යතාතත්ත්වයට පත් කළ වහාම ජනතාවට දැනුම්දෙන බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ ය .
2022-09-16T01:39:05.000Z
කොල්ලුපිටියේදී දුම්රියක් පීලිපනී...
කොල්ලුපිටියේදී දුම්රියක් පීලිපනී...
COLOMBO (News 1st) - මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුවිය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. ඒ කොල්ලුපිටියේදී දුම්රියක් පීලී පැනීමකට ලක්වීම හේතුවෙනි. දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ, කන්කසන්තුරෙයි සිට ගල්කිස්ස බලා ධාවනය වූ දුම්රියක් ඊයේ (15) රාත්‍රීයේ එලෙස පීලී පැනීමකට ලක්ව ඇති. දුම්රිය පීලිගත කිරීමේ මෙහෙයුම් මේ වන විට ආරම්භ කර තිබේ.
2022-09-16T01:15:56.000Z
ගෙවුණු දිනය උණුසුම් කළ පුවත්
ගෙවුණු දිනය උණුසුම් කළ පුවත්
COLOMBO (News 1st) - දේශීය පුවත් 01.නෙළුම් කුළුණ අද සිට ජනතාවට විවෘතයි දකුණු ආසියාවේ උසම ගොඩනැගිල්ල ලෙස සැලකෙන නෙළුම් කුළුණ ඊයේ (15) සිට ජනතාවට විවෘත විය. 02.සති අන්තයේ කොළඹ කොටුව – බදුල්ල විශේෂ දුම්රියක් එළැඹෙන සති අන්තයේ කොළඹ කොටුව – බදුල්ල සහ බදුල්ල – කොළඹ කොටුව අතර විශේෂ දුම්රියක් ධාවනයට පියවර ගෙන ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. 03.තරුණයින් 3 ක් බේරුවල මුහුදේ ගසාගෙන යයි.. දෙදෙනෙක් මරුට බේරුවල, මාගල්කන්ද මුහුදේ දිය නෑමට ගිය තරුණයින් තිදෙනෙකු අතරින් දෙදෙනෙකු දියේ ගිලී මියගොස් තිබේ. 04. 20 යි 20 ලෝක කුසලාන ශ්‍රී ලංකා සංචිතයට ඇමතිගේ අනුමැතිය 2022 පන්දුවාර 20 යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉදිරිපත් කළ සංචිතයට අනුමැතිය ලබා දුන් බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ටුවිටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි. 05. සැප්තැම්බර් (19) සඳුදා පාසල් නිවාඩුයි ලබන 19 වැනිදා රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ. විදෙස් පුවත් 01.මහේල ජයවර්ධන මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ගෝලීය කාර්ය සාධන ප්‍රධානි තනතුරට.. මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ හිටපු ප්‍රධාන පුහුණුකරු මහේල ජයවර්ධන මහතා එම කණ්ඩායමේ ගෝලීය කාර්ය සාධන ප්‍රධානි තනතුරට පත් කර තිබේ. ක්‍රීඩා පුවත් 01.රොජර් ෆෙඩරර් ජාත්‍යන්තර ටෙනිස් පිටියට සමුදීමට සැරසෙයි හිටපු ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩක ස්විට්සර්ලන්තයේ රොජර් ෆෙඩරර් ජාත්‍යන්තර ටෙනිස් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබේ.
2022-09-15T16:58:58.000Z
රොජර් ෆෙඩරර් ජාත්‍යන්තර ටෙනිස් පිටියට සමුදීමට සැරසෙයි
ටෙනිස් පිටියට සමුදෙන විශිෂ්ටයා
COLOMBO (News 1st) - හිටපු ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩක ස්විට්සර්ලන්තයේ රොජර් ෆෙඩරර් ජාත්‍යන්තර ටෙනිස් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබේ. ඒ, මේ මස ලන්ඩන්හිදී පැවැත්වීමට නියමිත ලේවස් කුසලාන ටෙනිස් තරගාවලියෙන් අනතුරුවයි. රොජර් ෆෙඩරර් අවස්ථා 20කදී ලොව ප්‍රධානතම ග්‍රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් ශූරතා ජයග්‍රහණය කර තිබේ.
2022-09-15T14:35:55.000Z
තඹුත්තේගම නිවසකින් පිලිස්සුණු මළ සිරුරක්
තඹුත්තේගම නිවසකින් පිලිස්සුණු මළ සිරුරක්
COLOMBO (News 1st) - තඹුත්තේගම, නල්ලච්චිය නිවසක තිබී පිලිස්සුණු මළ සිරුරක් සොයාගෙන ඇති බව පොලීසිය පවසයි.
2022-09-15T12:28:37.000Z
ශ්‍රී ලංකාවේ අර්බුදය විසඳීමට පුළුල් ජාත්‍යන්තර ප්‍රවේශයක් ඉල්ලා අමෙරිකානු සෙනෙට් මණ්ඩලයට යෝජනාවක්
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සෙනෙට් මණ්ඩලයට යෝජනාවක්
COLOMBO (News 1st) - රාජපක්ෂ පවුලේ පාලනය යටතේ පැවති දුර්වල පාලනය සහ ආර්ථික ප්‍රතිපත්ති සම්බන්ධ අභියෝග ඇතුළුව ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන හා ආර්ථික අර්බුදය විසඳීම සඳහා පුළුල් ජාත්‍යන්තර ප්‍රවේශයක් ඉල්ලා අමෙරිකානු සෙනෙට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් වී තිබේ. යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ, අමෙරිකානු සෙනෙට් මණ්ඩලයේ විදේශ සබඳතා පිළිබඳ කමිටුවේ සභාපති බොබ් මෙනෙන්ඩස් මහතා සමග ඩික් ඩර්බින්, පැට්‍රික් ලීහේ සහ කොරි බූකර් යන සෙනෙට් සභිකයින් ය. ඔවුන් පෙන්වා දෙන්නේ, රාජපක්ෂ පාලනය අතිශය දූෂිත, පවුල්වාදී, විනිවිදභාවයකින් තොර එකක් බවයි. එම පාලනය යටතේ 2020 සිට මානව හිමිකම් ක්‍රියාධරයින්, නීතිඥවරුන්, ජනමාධ්‍යවේදී හා ආණ්ඩුවේ වැඩපිළිවෙළට අභියෝගයක් වන පිරිස් බිය වැද්දීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වූ බව ද සෙනෙට් සභිකයින් සිය යෝජනාවේ සඳහන් කර තිබේ. එහි දැක්වෙන්නේ, රාජපක්ෂ පවුල් පාලනය කෘෂිකර්මය සම්බන්ධයෙන් වැරදි ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම, දරාගත නොහැකි දැවැන්ත ව්‍යාපෘති සඳහා චීනයෙන් ඩොලර් බිලියන ගණනින් ණය ගැනීම හා රාජ්‍ය සම්පත් පුද්ගලික අරමුණු සදහා යොදාගෙන ඇති බවයි. වංචා දූෂණ සම්බන්ධයෙන් විනිවිදභාවයෙන් යුතු වගකීම් සහගත පරීක්ෂණ පැවැත්වීම ඇතුළු මහජන ඉල්ලීම් සලකා බැලීමට රනිල් වික්‍රමසිංහ මහතාගේ පාලනය අසමත්වී ඇතැයි අමෙරිකානු සෙනෙට් සභිකයින් සිව්දෙනා සිය යෝජනාවේ සඳහන් කර තිබේ. සාමකාමී දේශපාලන විරෝධතා මැඩ පැවැත්වීමට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යොදා ගැනීම පිළිබඳවත් අවධානය යොමුකරන ඔවුන් අමෙරිකානු සෙනෙට් මණ්ඩලයෙන් ඉල්ලා සිටින්නේ, ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සුරක්ෂිත කිරීමට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ඉදිරිපත් කර ඇති යෝජනාවලට සහය වන ලෙසයි.
2022-09-15T11:50:10.000Z
සති අන්තයේ කොළඹ කොටුව - බදුල්ල විශේෂ දුම්රියක්
සති අන්තයේ බදුල්ලට විශේෂ දුම්රියක්
COLOMBO (News 1st) - එළැඹෙන සති අන්තයේ කොළඹ කොටුව - බදුල්ල සහ බදුල්ල - කොළඹ කොටුව අතර විශේෂ දුම්රියක් ධාවනයට පියවර ගෙන ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
2022-09-15T10:44:43.000Z
තරුණයින් 3 ක් බේරුවල මුහුදේ ගසාගෙන යයි.. දෙදෙනෙක් මරුට
තරුණ ජීවිත 2 ක් බේරුවල මුහුදට බිලි..
COLOMBO (News 1st) – බේරුවල, මාගල්කන්ද මුහුදේ දිය නෑමට ගිය තරුණයින් තිදෙනෙකු අතරින් දෙදෙනෙකු දියේ ගිලී මියගොස් තිබේ. බේරා ගත් එක් තරුණයකු මේ වනවිට රෝහල්ගත කර ඇත. අප වාර්තාකරු පැවසුවේ, බේරුවල මාගල්කන්ද අලුත්හේන ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 17 සහ 18 ක තරුණයින් දෙදෙනකු එලෙස මිය ගොස් ඇති බවයි. තරුණයින් තිදෙනා මුහුදේ දිය නාමින් සිටියදී එක්වරම රළ පහරට හසුව ගසාගෙන ගොස් ඇති අතර, ප්‍රදේශවාසීන් එක්ව එක් තරුණයකු බේරාගෙන රෝහල්ගත කර තිබේ. පසුව නාවික හමුදාව සහ ප්‍රදේශවාසීන් සිදුකළ සෝදිසි මෙහෙයුමේ දී අනෙක් තරුණයින් දෙදෙනා ද සොයාගත් බවත් ඒ වන විටත් එක් තරුණයෙකු මියගොස් සිට ඇති බවත් අප වාර්තාකරු පැවසී ය.
2022-09-15T10:00:57.000Z
සැප්තැම්බර් (19) සඳුදා පාසල් නිවාඩුයි
සැප්තැම්බර් (19) සඳුදා පාසල් නිවාඩුයි
COLOMBO (News 1st) – ලබන 19 වැනිදා රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේ, එදින රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති බැවින් පාසල් සඳහා ද නිවාඩු ලබා දෙන බවයි. බ්‍රිතාන්‍යයේ දෙවන එළිසෙබත් මහ රැජිණගේ අභාවය වෙනුවෙන් ජාතික ශෝක දිනයක් ප්‍රකාශයට පත් කර ඇති ලබන 19 වැනිදා රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස ද ප්‍රකාශයට පත් කෙරිණ. කෙසේ වෙතත් එදින බැංකු හා වෙළඳ නිවාඩු දිනයක් නෙවනු ඇති.
2022-09-15T09:45:43.000Z
රුපියල් ලක්ෂ 3 දඩය ගෙවූ පසු සක්විති රණසිංහ හා බිරිඳ මුදා හරී
පසු සක්විති රණසිංහ හා බිරිඳ මුදා හරී
COLOMBO (News 1st) – අධිකරණය විසින් ඊයේ නියම කරන ලද රුපියල් ලක්ෂ 03 ක දඩ මුදල ගෙවූ පසු ප්‍රක්‍රට උපකාරක පංති ගුරුවරයෙකු වන සක්විති රණසිංහ හෙවත් චන්දන වීරකුමාර හා ඔහුගේ බිරිඳ වන කුමාරි අනුරාධිණි යන විත්තිකරුවන් දෙදෙනා මුදා හැරීමට කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා අද නියෝග කළේ ය. නීතිඥ රවීන්ද්‍ර සෙනරත් මහතා මාර්ගයෙන් එම විත්තිකරුවන් දෙදෙනා විවෘත අධිකරණය හමුවේ පෙනි සිටියහ. විනිසුරුවරයා වැඩිදුරටත් නියෝග කර සිටියේ දඩ මුදල් ගෙවීමෙන් අනතුරුව නඩු කටයුත්ත අවසන් කිරීම සඳහායි. 2010 අගෝස්තු 06 වැනිදා හෝ ඊට ආසන්න දිනයකදී වත්තලදී එලුවේලෙයි තංගවේලු නමැත්තා නමින් ඉන්දියාවේ බැංකු ආයතන කිහිපයක් විසින් නිකුත් කරන ලද ගෝල්ඩ් වීසා අන්තර්ජාතික ණය කාඩ්පත් කිහිපයක් හා අවිධිමත් විදේශ ගමන් බලපත්‍ර කිහිපයක් සන්තකයේ තබා ගැනීම ඇතුළු අධිචෝදනා සඳහා වරද පිළිගැනීමෙන් අනතුරුව වරදකරු බවට පත්කොට සක්විති රණසිංහට වසර 05 කට අත්හිටවූ සිර දඬුවම් ඊයේ නියම කරනු ලැබී ය.
2022-09-15T05:52:14.000Z
සීදුවේ හිමිනමක ඝාතනය කිරීමට සැකපිට තවත් හිමිනමක් අත්අඩංගුවට
හිමිනමක් ඝාතනය කිරීම: තවත් හිමිනමක් අත්අඩංගුවට
COLOMBO (News 1st) – සීදුව, වෑත්තෑව විහාරස්ථානයක හිමිනමක ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකපිට පොලිසිය තවත් හිමිනමක අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේ, ඩුබායි බලා පිටත්ව යෑමට සුදානම්ව සිටියදී සැකකාර 18 හැවිරිදි හිමිනම අත්අඩංගුවට ගත් බවයි. සීදුව වෑත්තෑවේ විහාරස්ථානයක නායක ස්වාමීන්වහන්සේගේ මළ සිරුර උන්වහන්සේ වැඩ සිටි කාමරයේ තිබී සොයා ගත්තේ ඊයේ පස්වරුවේයි. එම කාමරය දෙසින් දුඟදක් හමන බවට ලද තොරතුරකට අනුව පොලිසිය කර පරීක්ෂා කිරීම්වලදී සිරුර හමුවී තිබේ. පොලිසිය පැවසුවේ, අපවත්ව සිටි භික්ෂූන් වහන්සේගේ ඇස් බැඳ මුඛයට රෙදි කඩක් ඔබා දේහය සිවුරකින් වසා දමා තිබූ බවයි. අපවත් වූ භික්ෂුන් වහන්සේගේ වයස අවුරුදු 50 කි. විහාරස්ථානයේ තිබූ ජීප් රථයක් හා මෝටර් රථයක් ද අතුරුදන්ව තිබේ. මෙම සිද්ධියට අදාළ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට විමර්ශන ක්‍රියාත්මකයි.
2022-09-15T05:11:20.000Z
20 යි 20 ලෝක කුසලාන ශ්‍රී ලංකා සංචිතයට ඇමතිගේ අනුමැතිය
ශ්‍රී ලංකා සංචිතයට ඇමතිගේ අනුමැතිය
COLOMBO (News 1st) – 2022 පන්දුවාර 20 යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉදිරිපත් කළ සංචිතයට අනුමැතිය ලබා දුන් බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ටුවිටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි. එහි වැඩි දුරටත් දැක්වෙන්නේ, ජාතික ක්‍රීඩා සභාවේ නිර්දේශ අනුව එය අනුමත කළ බවයි.
2022-09-14T21:53:59.000Z
පේරාදෙණිය සරසවි සිසුන්ට විශ්වවිද්‍යාලය තුළම අර්ධ කාලීන රැකියා අවස්ථා...
පේරාදෙණිය සරසවි සිසුන්ට සරසවියේම අර්ධ කාලීන රැකියා
COLOMBO (News 1st) – පේරාදෙණිය විශ්වවිද්‍යාලය තුළ අධ්‍යාපනය ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා විශ්වවිද්‍යාලය තුළම අර්ධ කාලීන රැකියා අවස්ථා ලබාදීමට විශ්වවිද්‍යාල පරිපාලනය සැලසුම් කර තිබේ. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සහ විශේෂඥ ශල්‍ය වෛද්‍ය එම්.ඩී ළමාවංශ මහතා සඳහන් කළේ, සිසුන් 300 කට පමණ රැකියා අවස්ථා ලබාදීමට සැලසුම් කර ඇති බවයි. [audio mp3="https://cdn.newsfirst.lk/sinhala-uploads/2022/09/1-n.mp3"][/audio] [audio mp3="https://cdn.newsfirst.lk/sinhala-uploads/2022/09/2.mp3"][/audio]
2022-09-15T03:09:52.000Z
මහේල ජයවර්ධන මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ගෝලීය කාර්ය සාධන ප්‍රධානි තනතුරට..
මහේල ජයවර්ධනට නව තනතුරක් ..
COLOMBO (News 1st) – මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ හිටපු ප්‍රධාන පුහුණුකරු මහේල ජයවර්ධන මහතා එම කණ්ඩායමේ ගෝලීය කාර්ය සාධන ප්‍රධානි තනතුරට පත් කර තිබේ. එහි නිල වෙබ් අඩවියේ දැක්වෙන්නේ, ගෝලීය වශයෙන් කණ්ඩායම ඉහළ ස්ථානයකට ගෙන ඒමේ අරමුණෙන් ඔහු නව තනතුරට පත් කළ බවයි. ඒ අනුව උපාය මාර්ගික සැලසුම් සැකසීම, ඒකාබද්ධ ගෝලීය ඉහළ කාර්යසාධනයක් සහිත පද්ධතියක් නිර්මාණය කිරීම, පුහුණුකරුවන් හා සහායකයින් සමග සමීපව කටයුතු කරමින් සහයෝගීතාව සහතික කිරීම මහේල ජයවර්ධන මහතාගේ නව තනතුරේ කාර්යභාරයට අයත් ය.
2022-09-15T01:25:48.000Z
නෙළුම් කුළුණ අද සිට ජනතාවට විවෘතයි
නෙළුම් කුළුණ අද සිට ජනතාවට විවෘතයි
COLOMBO (News 1st) – දකුණු ආසියාවේ උසම ගොඩනැගිල්ල ලෙස සැලකෙන නෙළුම් කුළුණ අද(15) සිට ජනතාවට විවෘත වෙයි. ඒ , නෙළුම් කුළුණ විවෘත කිරීමේ පළමු අදියර ලෙසයි. දෙවන අදියර ඉදිරි මාස දෙක තුළත්, තුන්වන අදියර ලබන වසරේ මාර්තු මාසය වනවිටත් විවෘත කිරීමට කොළඹ නෙළුම් කුළුණ පුද්ගලික සමාගම සැලසුම් කර තිබේ. වර්ග මීටර් 30,600 ක් වූ වපසරියක ඉදිකර ඇති නෙළුම් කුළුණේ උස මීටර් 350 කි. කුළුණේ පාදම කොටස මහල් තුනකින් සමන්විත අතර එම කොටසේ ඩිජිටල් සිනමා ශාලාවක්, සම්මන්ත්‍රණ ශාලාවක්, බැංකු හා ව්‍යාපාර ආයතන සදහා කාර්යාල පහසුකම් සපයා තිබේ. තුන්වන මහලේ පිහිටි එළිමහන් පරිශ්‍රය වෙන් කර ඇත්තේ, විවිධ අංග සඳහා ය. කුළුණේ පොහොට්ටුව සහිත කොටස මහල් 7 කින් සමන්විත අතර ගුවන් විදුලි කටයුතු හා රූපවාහිනි කටයුතු සඳහා එහි පළමු හා දෙවැනි මහල් වෙන්කර තිබේ. තුන්වන හා හතරවන මහල් උත්සව ශාලා දෙකකින් සමන්විත අතර කැරකෙන අවන්හල පිහිටා ඇත්තේ පස්වන මහළේ ය. 6 වන මහලේ සුඛෝපභෝගී කාමර 6 ක් ඉදිකර ඇති අතර හත්වන මහල වෙන් වන්නේ , නැරඹුම් පරිශ්‍රය සඳහායි. ප්‍රවේශ පත්‍රයක් රැගෙන පැමිණෙන අයෙකුට විනාඩි 30 ක් මේ කොටසේ රැඳී සිටීමට අවස්ථාව ලැබෙන අතර එහි සිට සීගිරිය, ශ්‍රී පාදස්ථානය, නකල්ස් කඳුවැටිය ඇතුළු ස්ථාන රැසක් නැරඹිය හැකි ය. මේ අතර, ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිළුම් අමුණුගම මහතා ඊයේ කොළඹ නෙළුම් කුළුණ පරිශයේ නීරික්ෂණ චාරිකාවක නිරත විය.
2022-09-15T01:18:14.000Z
අද(15)ත් පැයක විදුලි කප්පාදුවක්..
අද(15)ත් පැයක විදුලි කප්පාදුවක්..
COLOMBO (News 1st) – අදත් දිවයිනේ කලාප වශයෙන් පැයක් විදුලිය කප්පාදු කරන බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි. ඒ අනුව A සිට L දක්වා සහ P සිට W දක්වා කණ්ඩවලට දෛනිකව සවස 6.00 සිට රාත්‍රි 9.00 අතර විදුලි කප්පාදු කිරීමට නියමිතයි.
2022-09-14T16:42:07.000Z
ජනතාව වෙනුවෙන් ගම්මැද්දෙන් තවත් පියවරක්..
ගම්මැද්දෙන් තවත් පියවරක්..
COLOMBO (News 1st) – රටේ බොහෝ ජනතාවක් පීඩාවට පත්ව සිටින මේ මොහොතේ, හැකි අයුරින් ඔවුන්ට දිරියක් වෙන්න ගම්මැද්ද කටයුතු කරයි. ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා වෛද්‍යවරුන්ගේ ආයතනයක් සමග අද (14) ගම්මැද්ද ගිවිසුම්ගත විය. රටේ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් අසරණ වී සිටින පවුල් තෝරා ගනිමින්, එවැනි පවුල්වලට දිරියක් වීමට ගම්මැද්ද පියවර ගත්තේ දීර්ඝ කලක සිටයි. ඒ, අනුන්ගේ දුකේදී උණුවන හදවත් ඇති සහෘද ජනතාවගේ සහාය ඇතිවයි. මේ වැඩපිළිවෙළට දැන් නව ශක්තියක් වන්නේ, ශ්‍රී ලංකා වෛද්‍යවරුන්ගේ ආයතනයක් වන කෝලේජ් ඔෆ් ජෙනරල් ප්‍රැක්ටිෂනර්ස් ඔෆ් ශ්‍රී ලංකා ආයතනයයි. තෝරාගත් පවුල් වෙනුවෙන් සඳහා වියළි ආහාර ද්‍රව්‍ය ලබාදීමට සහ එම පවුල්වල දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් දිරියක් වීමට මෙම වැඩ සටහනින් අපේක්ෂා කෙරේ. මේ පිළිබඳව කෝලේජ් ඔෆ් ජෙනරල් ප්‍රැක්ටිෂනර්ස් ඔෆ් ශ්‍රී ලංකා ආයතයේ සහ ගම්මැද්ද නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් අද (14)සාකච්ඡාවක් පැවැත්විණ. ව්‍යාපෘතියේ පළමු ප්‍රධානයද මෙහිදී සිදු කෙරිණි.
2022-09-14T16:36:08.000Z
ඉන්දියානු සාගර කලාපයේ ආරක්ෂාව තහවුරු කරමින් බලගතු ආසියාවක් නිර්මාණය කිරීමට සැලසුම් සකස් කළ යුතුයි - ජනපති -
බලගතු ආසියාවක් නිර්මාණයට සැලසුම් සකස් කළ යුතුයි..
COLOMBO (News 1st) – ඉන්දියානු සාගර කලාපයේ ආරක්ෂාව තහවුරු කරමින් ලෝකයට විවෘත කර, බලගතු ආසියාවක් නිර්මාණය කිරීමට සැලසුම් සකස් කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරයි. ජනාධිපතිතුමා මේ අදහස් පළ කළේ, අද(14) පස්වරුවේ ජාතික ආරක්ෂක විද්‍යායතනයේ උපාධි ප්‍රධානෝත්සවය අමතමින් ය. 2021 වසරේ ආරම්භ කෙරුණු ජාතික ආරක්ෂක විද්‍යායතනයේ ප්‍රථම උපාධි ප්‍රධානෝත්සවය අද පැවැත්වුණේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ය. එහිදී අධ්‍යයන ආයතනයේ අවශ්‍යතා සම්පූර්ණ කළ විද්‍යාර්ථයින් 31 දෙනෙකුට උපාධි ප්‍රදානය කිරීම ජනාධිපතිතුමා අතින් සිදුවිය. ත්‍රිවිධ හමුදාව පොලිසිය හා රාජ්‍ය අංශයේ ඉහළ තනතුරු දරන විධායක නිලධාරීන්ට ජාතික ආරක්ෂාව හා ක්‍රමෝපායික අධ්‍යයනය සම්බන්ධයෙන් අධ්‍යාපනය ලබා දීමේ අරමුණින් මෙරට ස්ථාපිත ප්‍රථම හා උසස් අධ්‍යයන හා පර්යේෂණ ආයතනය මෙය වේ.
2022-09-14T16:13:18.000Z
කැලණියේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරුට..
කැලණියේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරුට..
COLOMBO (News 1st) – කැලණිය, පට්ටිය හන්දිය ප්‍රදේශයේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය පවසයි.
2022-09-14T15:47:14.000Z
ප්‍රජාතන්ත්‍රවාදය සහ මිනිස් අයිතිවාසිකම් වෙනුවෙන් අමෙරිකාව දිගින් දිගටම හඬ නගනවා- ශ්‍රී ලංකාවේ අමෙරිකා තානාපති
ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් අමෙරිකාව හඬ නගනවා..
COLOMBO (News 1st) – ප්‍රජාතන්ත්‍රවාදය, මිනිස් අයිතිවාසිකම්, නීතිය, යහපාලනය. සහ විනිවිදභාවය වෙනුවෙන් අමෙරිකාව දිගින් දිගටම හඬ නගන බව ශ්‍රි ලංකාවේ එක්සත් ජනපද තානාපති ජුලි චං මහත්මිය පැවසුවාය. ඇය මේ බව පැවසුවේ, ලංකා තරුණ මුස්ලිම් සංවිධානය හමුවෙමින් ය. එහිදි ජූලි චං මහත්මිය වැඩි දුරටත් පවසා ඇත්තේ, ශ්‍රී ලංකාවේ තාරුණ ප්‍රජාව රට සාමකාමී ,එකමුතු සෞභාග්‍යමත් රටක් බවට පත් කිරීමට කටයුතු කරනු ඇති බවයි. නව පරපුරේ නායකයින් අනෙක් ප්‍රජාවන්ට ගරු කරමින් සහ ඔවුන්ගේ අවශ්‍යතා හඳුනා ගනිමින් ඔවුන් සමග එක්ව වැඩ කිරීමේ වැදගත්කම ද තානාපතිවරිය මෙහිදී පෙන්වා දී තිබේ. ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති සාලිය පීරිස් මහතා ඇතුළු නිතීඥ ප්‍රජාව සත්‍ය ප්‍රකාශ කිරීමටත් , නිතීයේ අධිපත්‍ය සුරැකීමටත් දරණ වැයම ද ඇය මෙහිදී පැසසුමට ලක් කර බව සඳහන් ය.
2022-09-14T15:41:58.000Z
වනිඳු සහ භානුක ICC 20යි 20 ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට..
වනිඳු සහ භානුක ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට..
COLOMBO (News 1st) – ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල(ICC) 20යි 20 ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවේ ඉදිරියට පැමිණ තිබේ. ඔහු 20යි 20 පන්දු යවන්නන් අතර 6 වැන්නා වී ඇත්තේ ස්ථාන 3කින් ඉදිරියට පැමිණෙමින් ය. වනිඳු හසරංග තුන් ඉරියව්වෙන්ම දක්ෂතා දක්වන ක්‍රීඩකයින් අතර ද ස්ථාන 7කින් ඉදිරියට පැමිණ තිබේ. ඔහුට හිමිව ඇත්තේ, සිව්වැනි ස්ථානයයි. මේ අතර, භානුක රාජපක්ෂ පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීම් අනුව ස්ථාන 34කින් ඉදිරියට පැමිණ ඇති අතර, ඔහු 34 වැනි ස්ථානයේ රැදී සිටී.
2022-09-14T14:33:06.000Z
ශ්‍රී ලංකාව හා නේපාලය අතර ද්විපාර්ශවික එකඟතාවකට පැමිණීම වෙනුවෙන් ජනපති ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්..
ලංකාව - නේපාලය අතර ද්විපාර්ශවික එකඟතාවකට සාකච්ජා..
COLOMBO (News 1st) – ශ්‍රී ලංකාව හා නේපාලය අතර ද්විපාර්ශවික එකඟතාවකට පැමිණීම වෙනුවෙන් වන මූලික සාකච්ජාවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (14)පැවැත්විය. ඒ, සංචාරක ක්ෂේත්‍රයේ සංවර්ධනය හා විශ්වවිද්‍යාල අධ්‍යාපන අවස්ථා ලබාදීමට අදාළවයි. නේපාල තනාපති බාෂු දේව් මිෂ්රා මහතා හා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුව පැවැත්වුණේ, ජනාධිපති කාර්යාලයේදී ය. මෙහිදී සංචාරක ක්ෂේත්‍රය හා විශ්වවිද්‍යාල අධ්‍යාපනය සම්බන්ධයෙන් දෙරට අතර තරුණ හුවමාරු වැඩසහනක් ක්‍රියාත්මක කිරීම පිළිබඳව ද සාකච්ජා වී තිබේ. ඒ සම්බන්ධයෙන් ඉදිරි කටයුතු මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශය හා නේපාල රජය අතර සිදු කිරීමට නියමිත බව ජනාධිපති කාර්යාලය නිකුත් කළ නිවේදනයේ සඳහන් ය. මේ අතර, ඔස්ට්‍රේලියානු මහකොමසාරිස් පෝල් ස්ටිවන්ස් මහතා හා එරට ආයෝජකයින් පිරිසක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී අද (14) සාකච්ජාවක නිරත විය. ඒ මෙරට පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ ආයෝජන සම්බන්ධයෙන් බව ජනාධිපති කාර්යාලය නිකුත් කළ නිවේදනයේ සඳහන් ය.
2022-09-14T14:10:32.000Z
හොර පාරෙන් ඔස්ට්‍රේලියා යන්න ප්‍රවාහන පහසුකම් සැපයූ අයෙකු STF අත්අඩංගුවට..
ඔස්ට්‍රේලියාවට යන්න බෝට්ටු දුන් අයෙකු කොටු..
COLOMBO (News 1st) – නීති විරෝධී ලෙස බෝට්ටු මගින් ඔස්ට්‍රේලියාවට යාමට ප්‍රවාහන පහසුකම් සැපයූ ප්‍රධාන සැකකරුවෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය (STF) විසින් කත්තන්කුඩි ප්‍රදේශයේ අත්අඩංගුවට ගනු ලැබ තිබේ. සැකකරු 38 හැවිරිදි මඩකලපුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් ය. පොලීසිය පැවසුවේ , පසුගිය 10 වැනිදා කල්ලඩි පාලම අසලදී නීති විරෝධී ලෙස ඔස්ට්‍රේලියාවට සංක්‍රමණයවීමට සූදානම් වූ පිරිසකට බෝට්ටු මගින් ප්‍රවාහන පහසුකම් සැපයූ සැකකරුවන් 05 ‌දෙනෙකු අත්අඩංගුවට ගත් බවය. සිද්ධිය සම්බන්ධයෙන් කාන්තන්කුඩි පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කෙරේ.
2022-09-14T13:44:14.000Z
අධිචෝදනා 11කට සක්විති රණසිංහට දඬුවම්..
අධිචෝදනා 11කට සක්විති රණසිංහට දඬුවම්..
COLOMBO (News 1st) – උපකාරක පන්ති ගුරුවරයකු වන සක්විති රණසිංහ නැමැත්තාට බරපතල වැඩසහිත වසර 22ක සිර දඬුවම් අද(14) නියම කළේ ය. ඒ, කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා විසින් ය. එම සිර දඬුවම් ක්‍රියාත්මක කිරීම වසර 5කට අත්හිටුවනු ලැබුවේ ය. එලෙස සිර දඬුවම් නියම කරනු ලැබුවේ, ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතියකින් තොරව මූල්‍ය සමාගමක් පිහිටුවා අධික පොළියක් ලබාදෙන බවට පොරොන්දු වී විවිධ පුද්ගලයින්ගේ රුපියල් ලක්ෂ ගණනින් මුදල් තැන්පතු ගැනීම ඇතුළු අධිචෝදනා 11කට වරද පිළිගැනීමෙන් අනතුරුවයි. විනිසුරුවරයා අධිචෝදනා 11ට වෙන් වෙන්ව රුපියල් 25,000 බැගින් දඩයක් ද නියම කළේ ය. එම දඩ මුදල් නොගෙවන්නේ නම් අමතර මාස හය බැගින් වූ ලිහිල් සිර දඬුවම් ලබා දීමට විනිසුරුවරයා නියෝග කළේ ය. ඊට ආධාර අනුබලදීමේ චෝදනා යටතේ වරද පිළිගත් ඔහුගේ බිරිඳටද වසර 2ක සිර දඬුවම් අධිකරණය නියෝග කළේ ය. එය වසර 5කට අත්හිටුවා රුපියල් 25000 ක දඩයක් ද නියම කෙරිණි. වරද පිළිගත් විත්තිකරුවන්ට නියම කළ දඩ මුදල් හෙට(15) ගෙවීමට ද විනිසුරුවරයා අවසර ලබා දුන්නේ ය
2022-09-14T13:36:32.000Z
අරගලකරුවන් ජනපති මන්දිරයේ භාණ්ඩවලට සිදු කළ අලාභය රු. දෙකෝටි පනස් ලක්ෂයක් - CIDය අධිකරණයට දැනුම් දෙයි..
ජනපති මන්දිරයට වූ අලාභය රු.දෙකෝටි පනස් ලක්ෂයක්
COLOMBO (News 1st) – පසුගිය ජූලි 09 වැනිදා අරගලකරුවන් බලහත්කාරයෙන් ජනාධිපති මන්දිරයට ඇතුළු වීමෙන් අනතුරුව එහි භාණ්ඩවලට සිදුකළ අලාභය මේ දක්වා සිදු කළ තක්සේරුව අනුව රුපියල් දෙකෝටි පනස් ලක්ෂයකට අධික බව අනාවරණය වී ඇතැයි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව(CID) අද (14) කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා හමුවේ කියා සිටියේ ය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේ, එම ගොඩනැගිලිවලට සිදුකර ඇති අලාභය මේ දක්වා තක්සේරු කර නොමැති බවත්, එම අලාභය තක්සේරු කරන ලෙස දිස්ත්‍රික් ලේකම්වරයා , ප්‍රාදේශීය ලේකම්වරයාට දැනුම් දී ඇති බවයි. එහි තිබූ රූපවාහිනි යන්ත්‍ර 2ක් සොරකම් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබූ සැකකරු තවදුරටත් ලබ න 28 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ද මහේස්ත්‍රාත්වරයා නියෝග ක‌ළේ ය.
2022-09-14T11:25:37.000Z
A/L නැවත සමීක්ෂණ අයදුම්පත් යොමු කිරීම හෙට(15) සිට..
A/L නැවත සමීක්ෂණ අයදුම්පත් යොමු කිරීමට අවස්ථාව
COLOMBO (News 1st) – 2021 උසස් පෙළ විභාගයේ නැවත සමීක්ෂණ අයදුම්පත් හෙට(15) සිට මාර්ගගත (Online) ක්‍රමයට යොමු කළ හැකි බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. ඒ සඳහා ලබන 28 දක්වා අවස්ථාව හිමි වනු ඇති.
2022-09-14T10:59:15.000Z
'කපුටු කාක්' රිද්මයෙන් වාහනයේ නළාව ශබ්ද කළ බවට චෝදනා ලද නීතිඥවරයා නඩුවෙන් නිදහස් ..
කපුටු කාක් රිද්මයෙන් නළාව ශබ්ද කළ නීතිඥවරයා නිදහස්
COLOMBO (News 1st) – ජන අරගලයේදී ජීවිත පූජා කළ හා තුවාල ලැබූ අරගලකරුවන් සිහිපත් කිරීම සඳහා ගාලු මුවදොර පිටියේ පැවති සැමරුමකදී තමන් සිටි මෝටර් රථයේ සවි කර තිබූ නළාව කපුටු කාක් කාක් යන රිද්මයෙන් හැඬවීමේ චෝදනාව යටතේ පවරා තිබූ නඩුවේ සැකකාර නීතිඥවරයා නිදහස් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් එස් එම් ප්‍රභාකරන් මහතා අද (14) නියෝග කළේ ය. කිසිවෙකුට එරෙහිව අධිකරණය හමුවේ නඩු පැවරීමේදී නිසි පරිදි නීතිය පිළිබඳව අධ්‍යයන කිරීමෙන් අනතුරුව නඩු පවරන ලෙසට කොටුව පොලිසියට දැඩිව අවවාද කළ මහේස්ත්‍රාත්වරයා දුෂ්මන්ත වීරරත්න නමැති සැකකාර නීතිඥවරයා නිදහස් කෙරිණ. සැකකාර නීතිඥවරයා ගාලු මුවදොර පිටියේදී සිය මෝටර් රථයේ නළාව ශබ්ද කර ඇත්තේ අරගලකරුවන් අත්අඩංගුවට ගනිමින් පොලිසිය ක්‍රියාත්මක කරන අයුතු සහගත ක්‍රියාදාමයට විරෝධය පෑම සඳහා බවත් එලෙස රටේ ජනතාවට රජයකට එරෙහිව විරෝධය දැක්වීමට ඇති අයිතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින්ම තහවුරු කර ඇති බවත් පෙන්වා දෙමින් ජනාධිපති නීතිඥ සාලිය පිරිස් , ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න යන මහත්වරුන් ප්‍රමුඛ නීතිඥවරුන් කළ කරුණු දැක්වීම හමුවේ අතිරේක මහේස්ත්‍රාත්වරයා එම නියෝග කළේ ය. වර්තමාන ජනාධිපතිවරයා මෙන්ම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද විපක්ෂයේ සිටියදී පැවති රජයන්ට එලෙස විරෝධතා පා ඇති බව ද අධිකරණයට පෙන්වා දුන් විත්තියේ නීතිඥවරුන් පොලිසිය සැකකාර නීතිඥවරයාට එරෙහිව නළා හඬවා බාධා කළේ යැයි චෝදනා කරමින් නඩු පැවරීම ජනඝෝෂා නඩුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණය මගින් තහවුරු කර ඇති ජනතාවගේ මුලික අයිතිවාසිකම් සම්පූර්ණයෙන්ම පොලිසිය උල්ලංඝණය කර ඇතැයි අධිකරණයට පෙන්වා දුන්නේ ය.
2022-09-14T10:34:08.000Z
රාජ්‍ය සේවක විශ්‍රාම වයස 60 ට සීමා කළ චක්‍රලේඛය නිකුත් වෙයි
විශ්‍රාම වයස 60 ට සීමා කළ චක්‍රලේඛය නිකුත් වෙයි
COLOMBO (News 1st) – රාජ්‍ය සේවකයින්ගේ විශ්‍රාම යාමේ වයස අවුරුදු 60 ට සීමා කිරීමට රජය ගත් තීරණය ක්‍රියාත්මක කිරීමේ චක්‍රලේඛය අද (14) නිකුත් කර තිබේ. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම් එම්. එම්. පී. කේ. මායාදුන්නේ මහතාගේ අත්සනින් නිකුත් කළ අදාළ චක්‍රලේඛය පහතින්...
2022-09-14T09:52:42.000Z
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සංවිධාන 4ක් මානව හිමිකම් කොමිසමෙන් කළ ඉල්ලීම
සංවිධාන 4ක් මානව හිමිකම් කොමිසමෙන් කළ ඉල්ලීම
COLOMBO (News 1st) – ශ්‍රී ලංකාව තුළ බරපතල මානව හිමිකම් උල්ලංඝණය වීම් සිදුවන බැවින් ,ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ශක්තිමත් යෝජනාවක් සම්මත කළ යුතු බව ජාත්‍යන්තර සංවිධාන 04 ක් මානව හිමිකම් කවුන්සිලයෙන් ඉල්ලා තිබේ. ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය, හියුමන් රයිට් වොච්, ෆෝරම් ඒෂියා සහ ජාත්‍යන්තර නීතිවේදීන්ගේ කොමිසම මානව හිමිකම් කවුන්සිලයට ලිපියක් යොමු කරමින් ඉල්ලා සිටින්නේ, ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් දැඩි ස්ථාවරයක සිට කටයුතු කරන ලෙසයි. ඉතිහාසයේ දැවැන්තම ආර්ථික, දේශපාලනික අර්බුදයකට මුහුණ දී සිටින ශ්‍රී ලංකාවේ ඇති වූ ජන විරෝධය හේතුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට සිදුවූ බව මෙම ලිපියෙන් ඔවුන් පෙන්වා දී තිබේ. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අනුප්‍රාප්තිකයා ලෙස පැමිණි රනිල් වික්‍රමසිංහ මහතා, අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සහ සාමකාමීව රැස්වීමේ අයිතිය යටපත් කරමින් විවිධ මර්දනකාරී හා පීඩාකාරී ක්‍රියාමාර්ග අනුගමනය කරමින් සිටින බව ද අදාළ ලිපියේ සඳහන් ය. ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය ඇතුළු සංවිධාන 4 , මානව හිමිකම් කවුන්සිලයෙන් ඉල්ලා සිටින්නේ, සාමාන්‍ය ජනතාව මර්දනයට යොදා ගන්නා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඇතුළු මර්දනකාරී නීති වහාම අත්හිටුවන ලෙස ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටිය යුතු බවයි.
2022-09-14T08:26:25.000Z
මිනිස් අයිතිවාසිකම් වෙනුවෙන් දිගින් දිගටම හඬ නගනවා - අමෙරිකානු තානාපතිනිය
මිනිස් අයිතීන් වෙනුවෙන් හඬ නගනවා-ජූලි චන්ග්
COLOMBO (News 1st) – ප්‍රජාතන්ත්‍රවාදය,මිනිස් අයිතාවාසිකම්,නීතිය, යහපාලනය සහ විනිවිදභාවය වෙනුවෙන් අමෙරිකාව දිගින් දිගටම හඬ නගන බව ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති ජූලි චන්ග් මහත්මිය පවසයි. ලංකා තරුණ මුස්ලිම් සංවිධානය හමුවෙමින් ජූලි චන්ග් මහත්මිය පවසා ඇත්තේ අමෙරිකානු රජය ශ්‍රී ලංකාව අනෙකුත් මුස්ලිම් රටවල් සමග පවත්වන සබඳතාව අගයන බවයි. ශ්‍රී ලංකාවේ තාරුණ ප්‍රජාව රට සාමකාමී ,එකමුතු සෞභාග්‍යමත් රටක් බවට පත් කිරීමට ඉවහල් වනු ඇති බවට තානාපතිනිය මෙහිදී පවසා තිබේ. නව පරපුරක නායකයින් අනෙක් ප්‍රජාවන්ට ගරු කරමින් සහ ඔවුන්ගේ අවශ්‍යතා හඳුනා ගනිමින් ඔවුන් සමග එක්ව වැඩ කිරීමේ වැදගත්කම ද තානාපතිවරිය මෙහිදී පෙන්වා දුන්නා ය. ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති සාලිය පීරිස් මහතා ඇතුළු නිතීඥ ප්‍රජාව සත්‍ය ප්‍රකාශ කිරීමටත්,නිතීයේ ආධිපත්‍ය සුරැකීමටත් දරණ වෑයම ද ඇය මෙහිදී පැසසුමට ලක් කළා ය.
2022-09-14T08:01:11.000Z
නාමල්ට එරෙහි නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය කල්යයි
නාමල්ට එරෙහි නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය කල්යයි
COLOMBO (News 1st) – රුපියල් මිලියන 30 ක මුදලක් අයථා ලෙස උපයා ගැනීම ඇතුළු අධිචෝදනා 11 යටතේ හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් 5 දෙනෙකුට එරෙහිව පනවා ඇති නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය ලබන දෙසැම්බර් 08 වැනිදා දක්වා කල් තැබිණ. ඒ අදාළ නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා හමුවේ කැඳවූ අවස්ථාවේදීයි. හා නාමල් රාජපක්ෂ මහතාට අයත් ගවර්ස් කෝපරේට් සර්විසස් සමාගමට එරෙහිව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ නීතිපතිවරයා විසින් මෙම නඩුව පවරා තිබේ. නාමල් රාජපක්ෂ, සුජානි බෝගොල්ලාගම සහ නිත්‍යා සේනානි සමරනායක යන විත්තිකරුවන්ට අවශ්‍යතාවයක් වුවහොත් විදේශ ගතවීමට අවසර ලබාදෙන ලෙසට විත්තියේ නීතිඥවරුන් කළ ඉල්ලීමට අද අවසර හිමිවිය. එහිදි විනිසුරුවරයා නියෝග කළේ, විදෙස්ගත වන දිනය සහ නැවත පැමිණෙන දිනය මෝසමක් මගින් අධිකරණයට දැනුම් දීමට පියවර ගන්නා ලෙසයි.
2022-09-14T07:50:33.000Z
මහ රැජිණගේ දේහය බකිංහැම් මාළිගයට..
මහ රැජිණගේ දේහය බකිංහැම් මාළිගයට..
COLOMBO (News 1st) – දෙවැනි එළිසබෙත් මහ රැජිණගේ දේහය බකිංහැම් මාලිගයේ තැන්පත් කෙරිණ. රැජිණගේ දේහය බකිංහැම් මාළිගයට රැගෙන එන අවස්ථාවේ වැසි නොතකමින් බ්‍රිතාන්‍ය ජනතාව රැදි සිටියේ 70 වසරක් සිය මව්බිමට නායකත්වය දුන් රැජිණට කරන ගෞරවයක් ලෙසයි. පැය 24 ක කාලයක් දේහය බකිංහැම් මාලිගයේ තැන්පත් කෙරෙන අතර එහිදී රාජකීය පවුලේ සමීපතමයින් ඊට ගෞරව දැක්වීමට නියමිතයි. එඩින්බරෝහි ශාන්ත ගයිල්ස් ආසන දෙව්මැදුරේ තැන්පත් කර තිබූ රැජිණගේ දේහය ස්කොට්ලන්තයේ සිට රාජකීය ගුවන් හමුදා ගුවන් යානයකින් ලන්ඩන් නුවර දක්වා රැගෙන ඒමෙන් අනතුරුව විශේෂ රථ පෙරහැරකින් බකිංහැම් මාලිගය දක්වා රැගෙන ආවේ ය. එහිදී දේහය භාර ගැනීමට තුන්වන චාල්ස් රජු ඇතුළු රාජකීයන් එක්වු බව, විදෙස් වාර්තාවන්හි සඳහන් වේ. දේහය හෙට වෙස්ට්මිනිස්ටර් ශාලාව වෙත රැගෙන එමට නියමිත අතර, ලබන 19 වනදා රාජකීය අවමංගල්‍ය උත්සවය තෙක් දේහය එම ස්ථානයේ තැන්පත් කර තැබෙනු ඇති. එහිදී පැය 24 පුරා දේහයට ගෞරව දැක්වීමට ජනතාවට අවස්ථාව සලසා දී ඇතැයි ද, විදෙස් වාර්තා සඳහන් කළේ ය. දෙවැනි එළිසබත් මහ රැජිණගේ අවමංගල්‍ය වෙනුවෙන් අමෙරිකානු ජනපති ඇතුළු රාජ්‍ය නායකයින් විශාල පිරිසක් සහභාගී වීමට නියමිතව ඇත.
2022-09-14T04:44:52.000Z
රු. මිලියන 130 ක කේරළ ගංජා සමග සැකකරුවන් 10 ක් අත්අඩංගුවට
රු.මිලියන130 ක කේරළ ගංජා අල්ලයි
COLOMBO (News 1st) - කේරළ ගංජා කිලෝග්‍රෑම් 434 ක් සමග සැකකරුවන් 10 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, නාවික හමුදාව සහ ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව පුත්තලම, කුදිර‍මලේතුඩුවට බටහිර දෙසින් මුහුදේ කළ විශේෂ මෙහෙයුමකදීයි. අත්අඩංගුවට ගනු ලැබු සැකකරුවන් අතර ඉන්දීය ජාතිකයින් 05 දෙනෙකු ද වේ. කේරළ ගංජාවල වටිනාකම රුපියල් මිලියන 130 කි. ගංජා ප්‍රවාහනය සඳහා යොදා ගත් ඩව් යාත්‍රාවක් ද නාවික හමුදාව භාරයට ගෙන තිබේ. එම යාත්‍රාවෙන් රැගෙන ආ කේරළ ගංජා තොගය මුහුදේදී හුවමාරු කර මෙරටට රැගෙන ඒම සඳහා පැමිණි බවට සැකකෙරෙන මෙරට එක්දින ධීවර යාත්‍රාවක් ද නාවික හමුදාව භාරයට ගෙන තිබේ.
2022-09-14T04:38:37.000Z
සනත්ගේ පෙරළිකාර පන්දු යැවීමෙන් එංගලන්ත ලෙජන්ඩ්ස්ට එරෙහිව ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස්ට විශිෂ්ට ජයක්..
ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් පිලට සනත් ජය ගෙනදෙයි
COLOMBO (News 1st): රෝඩ් සේෆ්ටි ලෝක ශූරතා ක්‍රිකට් තරගාවලියේ එංගලන්ත ලෙජන්ඩ්ස් කණ්ඩායමට එරෙහි තරගයෙන් ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමට කඩුලු 07ක විශිෂ්ට ජයක් හිමිවිය. මෙම තරගාවලිය ඉන්දියාවේදී පැවැත්වේ. තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් එංගලන්ත ලෙජන්ඩ්ස් කණ්ඩායමට පන්දුවාර 19ක් අවසානයේදී සියලු දෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 78 ක් පමණි. විශිෂ්ට පන්දුයැවීමක නිරත වූ සනත් ජයසූරිය පන්දුවාර 4කදී ලකුණු 3කට කඩුලු 4ක් දවා ගැනීමට සමත් විය. ඊට නිලකුණු පන්දුවාර 2ක්ද ඇතුලත් වීම විශේෂත්වයකි. නුවන් කුලසේකර සහ චතුරංග ද සිල්වා කඩුලු දෙක බැගින් ⁣දවා ගත්තේය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් පිල පන්දුවාර 14යි පන්දු 3ක් අවසානයේදී කඩුලු 3ක් පමණක් දැවී තිබියදී ජයග්‍රාහී ඉලක්කය පසු කළේය. සනත් ජයසූරියට තරගයේ වීරයා සම්මානය හිමිවිය.
2022-09-14T02:52:52.000Z
මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්
මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්
COLOMBO (News 1st) – මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් හටගෙන තිබේ. දුම්රිය පාලක මැදිරිය පැවසුවේ, දුම්රිය ප්‍රමාදයට හේතුව සංඥා දෝෂයක් බවයි.
2022-09-14T01:38:51.000Z
ගෙවන්න ඩොලර් නැතිව තෙල් නැව් අතරමග
ගෙවන්න ඩොලර් නැතිව තෙල් නැව් අතරමග
COLOMBO (News 1st) - ඩොලර් හිඟය හේතුවෙන් මෙරටට ළඟා වූ ඉන්ධන නෞකාවලටගෙවීම් කිරීමට මෙතෙක් නොහැකි වී ඇතැයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි. සති 3 කට ආසන්න කාලයක් කොළඹ වරායේ බොරතෙල් නෞකාවක් නැංගුරම් ලා තිබුණ ද ඊට මුදල් ගෙවීමට මෙතෙක් හැකි වී ‌නැත. තවත් ඩීසල් නෞකා 2 ක් සතියකට අධික කාලයක් කොළඹ වරායේ නැංගුරම්ලා තිබේ. අප කළ විමසීමකදී විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයයේ නිලධාරීයෙකු පැවසුවේ, නෞකා සඳහා මුදල් ගෙවීමට අවශ්‍ය ඩොලර් ලබා ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුව සමග සාකච්ඡා කර පියවර ගන්නා බවයි.
2022-09-14T01:34:03.000Z
පාර්ලිමේන්තුවේ අද පක්ෂ නායක රැස්වීමක්
පාර්ලිමේන්තුවේ අද පක්ෂ නායක රැස්වීමක්
COLOMBO (News 1st) - පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමක් අද (14) පැවැත්වේ. ඒ, කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙනි. අද පෙරවරු 10.30ට පාර්ලිමේන්තු සංකිර්ණයේදී එය පැවැත්වෙනු ඇති. මෙහිදී ඉදිරි පාර්ලිමේන්තු සතියේ විවාදයට ගනු ලබන අණ පනත් පිළිබඳව සාකච්ඡා කිරීමට සැලසුම් කර තිබේ.
2022-09-14T01:26:19.000Z
මෙරට ඇති ෆයිසර් එන්නත් භාවිතයට ගත හැක්කේ තවත් සති 6 ක් පමණයි...- සෞඛ්‍ය අමාත්‍යාංශය
ෆයිසර් එන්නත් භාවිතයට ගත හැක්කේ තවත් සති 6 ක් පමණි
COLOMBO (News 1st) - මෙරට පවතින ෆයිසර් කොරෝනා මර්දන එන්නත් භාවිතයට ගත හැක්කේ තවත් සති 6 ක් පමණක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. එහි කොවිඩ් රෝග පිළිබඳ සම්බන්ධීකාරක වෛද්‍ය අන්වර් හම්දානි මහතා සඳහන් කළේ, එබැවින් සිව්වැනි කොරෝනා මර්දන එන්නත් මාත්‍රාව ජනතාව කඩිනමින් ලබා ගැනීමට පියවර ගත යුතු බවයි. මෙරට ජනගහනයෙන් සිව්වැනි කොරෝනා මර්දන එන්නත් මාත්‍රාව ලබාගෙන ඇත්තේ 15% ක් පමණක් බව ද ඔහු ප්‍රකාශ කළේ ය. වෛද්‍ය අන්වර් හම්දානි ප්‍රකාශ කළේ, මේ වනවිට කොරෝනා මර්දන ෆයිසර් එන්නත් මාත්‍රා මිලියන 7 ක් මෙරට ගබඩාවල පවතින බවයි.
2022-09-14T01:20:17.000Z
රාජ්‍ය සේවක විශ්‍රාම වයස 60 ට සීමා කිරීමේ චක්‍රලේඛය අද නිකුත් කෙරේ
විශ්‍රාම වයස 60 ට සීමා කිරීමේ චක්‍රලේඛය අද
COLOMBO (News 1st) - රාජ්‍ය සේවකයින්ගේ විශ්‍රාම යාමේ වයස අවුරුදු 60 ට සීමා කිරීමට රජය ගත් තීරණය ක්‍රියාත්මක කිරීමේ චක්‍රලේඛය අද (14) නිකුත් කෙරේ. අමාත්‍යාංශ ලේකම් එම්. එම්. පී. කේ. මායාදුන්නේ මහතා සඳහන් කළේ, මේ යටතේ රාජ්‍ය සේවක විශ්‍රාම වයස් සීමාව 60 කට සීමා කෙරෙන බවයි. කෙසේ වෙතත් අත්‍යවශ්‍ය සේවා කිහිපයක එය බල නොපානු ඇති බව ද ඔහු ප්‍රකාශ කළේ ය. මේ අතර රජයේ ආයතනවල ඉංජිනේරුවරුන් පවසන්නේ, තම සේවාවට අදාළ විශ්‍රාම යාමේ වයස අවුරුදු 60 කට සීමා කිරීමට රජය තීරණය කර ඇති බවට තොරතුරු වාර්තා වන බවයි. එසේ වුවහොත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව, දුම්රිය දෙපාර්තමේන්තුව වැනි අත්‍යවශ්‍ය සේවා සපයන ආයතනවල බිඳවැටීමක් සිදුවිය හැකි බවට ඔවුන් අනතුරු අඟවයි.
2022-09-14T00:54:51.000Z
සමෘද්ධි ඇතුළු රජයේ ආධාර අපේක්ෂකයින්ගෙන් අයැදුම්පත් කැඳවීම ඇරඹේ
රජයේ ආධාර අපේක්ෂකයින්ගෙන් අයැදුම්පත් කැඳවයි
COLOMBO (News 1st) - සමෘද්ධි ඇතුළු රජයේ සහනාධාර අපේක්ෂා කරන පුද්ගලයින්ගෙන් අයදුම්පත් කැඳවීම ආරම්භ කර තිබේ. සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් බන්දුල තිලකසිරි මහතා සඳහන් කළේ, සමෘද්ධි, වැඩිහිටි, අබාධිත හා වකුගඩු සහනාධාර අපේක්ෂා කරන පුද්ගලයින්ට ග්‍රාම නිලධාරී කාර්යාල හරහා තම අයදුම්පත් ප්‍රදේශීය ලේකම් කාර්යාල වෙත ඉදිරිපත් කළ හැකි බවයි. සමෘද්ධි සංවර්ධන නිලධාරී, කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර, සංවර්ධන නිලධාරී හා ග්‍රාම නිලධාරී යන තමන් අයත් ග්‍රාම නිලධාරී වසමේ ඕනෑම නිලධාරීයෙකු හරහා අයදුම්පත යොමු කළ හැකි බව ද ඔහු ප්‍රකාශ කළේ ය. ලබන 30 වැනි දා දක්වා ඒ සඳහා අවස්ථාව පවති. අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේ, දැනට රජයේ දීමනා ලබන සියලු පුද්ගලයින් ද මෙම අයදුම්පත යොමු කළ යුතු බවයි.
2022-09-14T00:39:02.000Z
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්
1. භාණ්ඩාගාර බැඳුම්කර නිකුතු 2ක්.. - ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් දින කාණ්ඩ 2ක් යටතේ භාණ්ඩාගාර බැඳුම්කර නිකුතු 2ක් සිදුකර තිබේ. 2. උණුසුම් පිළිගැනීමක් මැද පැමිණි ක්‍රිකට් සහ නෙට්බෝල් විශිෂ්ටයින්.. - ආසියානු ක්‍රිකට් සහ නෙට්බෝල් කිරුළු දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම් දිවයිනට පැමිණියේ ය. 3. සනත් නිශාන්ත අධිකරණයට අපහාස කළාද? නැද්ද? සිතාසි නිකුත් කිරීමේ තීරණය 29 වැනිදා - අධිකරණයට අපහාස කළැයි චෝදනා නගමින් ගොනුකළ පෙත්සම් 2කට අදාළව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාට අධිකරණයේ පෙනී සිට කරුණු දක්වන්නැයි සිතාසි නිකුත් කිරීම පිළිබඳ තීරණය 29 වනදා ප්‍රකාශයට පත්කරන බව අභියාචනාධිකරණය දැනුම් දුන්නේ ය. 4. ආර්ථික ගැටලු විසඳීමට ජනපතිගෙන් ඒකාබද්ධ වැඩපිළිවෙළක්.. - ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය සහතික කිරීම සඳහා ග්‍රාමීය ආර්ථික පුනර්ජීවන කේන්ද්‍ර සවිබල ගැන්වීමේ බහු ආංශික ඒකාබද්ධ යාන්ත්‍රණයක් ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණි. 5. එ. ජා. මානව හිමිකම් කවුන්සිල සැසිවාරයේදී ශ්‍රී ලංකා සම්බන්ධයෙන් පළමුවරට ආර්ථික අපරාධ චෝදනා.. - ශ්‍රී ලංකාව තුළ සිදුව ඇති ආර්ථික අපරාධ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුසිලය තුළ මේ වනවිට දැඩි අවධානයට ලක්වී තිබේ.
2022-09-13T15:36:07.000Z
භාණ්ඩාගාර බැඳුම්කර නිකුතු 2ක්..
භාණ්ඩාගාර බැඳුම්කර නිකුතු 2ක්..
COLOMBO (News 1st) – ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් අද(13) දින කාණ්ඩ 2ක් යටතේ භාණ්ඩාගාර බැඳුම්කර නිකුතු 2ක් සිදුකර තිබේ. එහිදී 2025 ජූලි 01 දින හා 2032 ජූලි 01 දින කල්පිරෙන ආකාරයෙන් පිළිවෙලින් රුපියල් මිලියන 30,000 ක් හා රුපියල් මිලියන 45,000 ක් වශයෙන් වූ බැඳුම්කර ප්‍රමාණයක් වෙන්දේසිය සඳහා ඉදිරිපත් කර තිබුණි. එහිදී 2025 කාණ්ඩය සඳහා ලැබී තිබුණු ලංසුවලින් පිළිගෙන තිබුණේ, රුපියල් මිලියන 3,704 ක භාණ්ඩාගාර බැඳුම්කර ප්‍රමාණයක් සඳහා වූ ලංසු පමණයි. මේ අතර, 2032 කාණ්ඩය සඳහා ලැබී තිබුණු ලංසුවලින් සම්පූර්ණ නිකුතුවටම අදාළ ලංසු ප්‍රමාණයක් පිළිගැනීමට රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබුණි. මෙහිදී බර තබන ලද සාමාන්‍ය ඵලදා අනුපාතිකය හෙවත් පොළිය 2025 කාණ්ඩය සඳහා 29.16% ක් සහ 2032 කාණ්ඩය සඳහා 29.96% ක් ලෙසින් තීරණය කර තිබේ.
2022-09-13T15:02:01.000Z
උණුසුම් පිළිගැනීමක් මැද පැමිණි ක්‍රිකට් සහ නෙට්බෝල් විශිෂ්ටයින්..
උණුසුම් පිළිගැනීමක් මැද පැමිණි විශිෂ්ටයින්..
COLOMBO (News 1st) – ආසියානු ක්‍රිකට් සහ නෙට්බෝල් කිරුළු දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම් අද(13) දිවයිනට පැමිණියේ ය. වසර ගණනාවක ජයග්‍රහණ පිපාසයෙන් සිටි මෙරට ක්‍රීඩා ලෝලීන්ගෙන් ඔවුන්ට ලැබුණේ උණුසුම් පිළිගැනීමකි. 6 වැනි වරටත් ආසියානු නෙට්බෝල් කිරුළ දිනූ ගයංජලී අමරවංශ ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායම පිළිගැනීමට විශාල පිරිසක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණ සිටියේ ය. ශ්‍රී ලංකා නෙට්බෝල් කණ්ඩායමේ නායිකා ගයංජලී අමරවංශ ''අපි මෙම තරඟාවලියට සහභාගී වුණේ 2018 වර්ෂයේ ශූරයන් ලෙස. ඉතිං ඒ පීඩනයත් අපි තුළ තිබුණා, හැබැයි අපි කණ්ඩායමක් විදියට එකට ක්‍රීඩා කරපු නිසා ඒ පීඩනය අපිට කණ්ඩායමක් වශයෙන් එකට බෙදා හදාගෙන හොඳට සෙල්ලම් කරන්න පුළුවන් වුණා. අපිට තියෙන එකම අරමුණ අපිට කොමන්වෙල්ත් ගේම්ස්වලට සිලෙක්ට් වෙන එක. ඉතිං ඒ සඳහා හොඳ පුහුණුවීමක් ඒ වගේම හොඳ සැලැස්මක් අවශ්‍යයයි. '' වසර 8කට පසුව ආසියානු කුසලාන සිහිනය සැබෑ කරගත් ශ්‍රී ලංකා විස්සයි විස්ස ක්‍රිකට් කණ්ඩායම පිළිගැනීමට ගුවන්තොටුපොලේදී උත්සවයක්ද සංවිධානය කර තිබුණි. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක දසුන් ශානක ''මම හිතනවා මේක සුබ ලකුණක් අපේ ශ්‍රී ලංකන් ක්‍රිකට්වලට කියලා. තරගයක් අතරතුර වෙන්න ඕන දේ හරියට කරනවා මං හිතන්නෙ මගේ විශේෂත්වය ඒක වෙන්න ඇති. මට ගොඩක් සපොර්ට් එක හම්බවෙනවා සිලෙක්ටර්ස්ලගෙන් කෝචින් ස්ටාරිෆ් එකෙන්, ඒ වගේම ප්ලේයර්ස්ලගෙන්. ලෝකෙම ඉන්න කවුරුත් විශ්වාස කරන්නෙ නැතුව ඇති ශ්‍රී ලංකා කණ්ඩායමට මෙච්චර දුරක් යන්න පුළුවන් වෙයි කියලා. නමුත් පොඩි කට්ටියට මාර ටැලන්ට් එකක් තියනවා ඒක හරි වෙලාවෙදි ටියුන් කර ගන්න පුළුවන් නම් අපිට ඕන දෙයක් කරගන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. ආසියානු ශූර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමත්, නෙට්බෝල් කණ්ඩායමත් කටුනායක ගුවන් තොටුපොලේ සිට කොළඹට පැමිණියේ විවෘත රථ 2කිනි. ක්‍රීඩා ලෝලීන් ආසියානු ශූරයින්ට සුබ පැතීමට මග දෙපස රැඳී සිටියේ ය. ශ්‍රී ලංකා ක්‍රිකට් සහ නෙට්බෝල් කණ්ඩායම් කොළඹට ළඟා වූයේ සීදූව, ජා-ඇල ඇතුළු ප්‍රදේශ රැසකදී ක්‍රීඩා ලෝලීන්ගෙන් හිමි වූ උණුසුම් ප්‍රතිචාර මධ්‍යයේ ය. නෙට්බෝල් කණ්ඩායම ටොරින්ටන් ක්‍රීඩා සංකීර්ණයට පැමිණි අතර, ක්‍රිකට් ක්‍රීඩකයින් පැමිණියේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයටයි. ''අපි හිතනවා වර්ල්ඩ් කප් එකත් අනිවාර්යයෙන්ම ලංකාවට ගෙනෙයි කියලා. අපි ඉතිං කොහොමත් ආසියාවේ වැඩ්ඩොනේ ශ්‍රී ලංකාව කියන්නෙ. අපිට නැතිවෙලා තිබ්බ ක්‍රිකට් ආයෙමත් ගෙනත් දුන්නට ඇත්තටම ගොඩක් ස්තූතියි'' ''ශ්‍රී ලාංකික සමස්ත හැමෝම එකතු වෙලා සුබ පැතුවා. හැමෝගෙම ඒ ආශිර්වාදයත් එක්ක ඒෂියන් කප් එක අපිට හම්බවෙලා තියනවා. නෙට්බෝල් ටීම් එකත් මතක් කරන්න ඕන මේ වෙලාවෙ. ඉතිං හදවතින්ම ආදරෙයි'' ''එදාට අපි ඒෂියා කප් දින්නා. නෙට්බෝල් කප් දින්නා. ලෙජන්ඩ්ස්ලා ඔස්ට්‍රේලියන්ස්ලා එක්කත් ගැහුවා. හරිම සංතෝෂ දවසක් ලෙවන්ත් සෙප්ටෙම්බර්. අපිට කවදාවත් අමතක වෙන්නේ නෑ.'' ''ශ්‍රී ලංකා කණ්ඩායමත් එක්ක අපි ඉන්නවා. ඔෆිස් එකේ වැඩ කරන ගමන් ආවේ. වැඩ දාලා ඔක්කෝම ආවේ. නෙට්බෝල් ටීම් එකටත් අපි සුබ පතනවා. ඇත්තටම සතුටුයි මේ වගේ අවස්ථාවක් ලැබිච්ච එක ගැන. '' '' විශේෂයෙන්ම අපි ළඟ ජාති භේදයක් නෑ.සතුටින් ආවේ. කොහොමත්ම අපේ ලංකාව දිනනවා. එච්චරයි.'' ප්‍රේක්ෂක ප්‍රතිචාර හමුවේ ක්‍රීඩකයින්ට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් පිටව යෑමටද දැඩි වෙහෙසක් දැරීමට සිදුවිය. 🔺ක්‍රිකට් සහ නෙට්බෝල් විශිෂ්ටයින්ට සුපිරි පිළිගැනීමක්.. 🔺ක්‍රිකට් සහ නෙට්බෝල් විශිෂ්ටයින්ට සුපිරි පිළිගැනීමක්.. "අපිට මෙච්චර දුරක් යන්න පුළුවන් වෙයි කියලා, ලෝකේ කවුරුත් විශ්වාස කරන්නේ නැතුව ඇති.." -දසුන් ශානක https://youtu.be/HE_cGbePS98 #lka #SriLanka #SLnews #News #UNI Posted by Newsfirst.lk on Tuesday, September 13, 2022
2022-09-13T14:40:09.000Z
සනත් නිශාන්ත අධිකරණයට අපහාස කළාද? නැද්ද? සිතාසි නිකුත් කිරීමේ තීරණය 29 වැනිදා
සනත් නිශාන්තට සිතාසි නිකුත් කිරීමේ තීරණය 29...
COLOMBO (News 1st) – අධිකරණයට අපහාස කළැයි චෝදනා නගමින් ගොනුකළ පෙත්සම් 2කට අදාළව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාට අධිකරණයේ පෙනී සිට කරුණු දක්වන්නැයි සිතාසි නිකුත් කිරීම පිළිබඳ තීරණය 29 වනදා ප්‍රකාශයට පත්කරන බව අභියාචනාධිකරණය අද(13) දැනුම් දුන්නේ ය. පසුගිය අගෝස්තු 23 වැනිදා පොදුජන පෙරමුණු පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදී සනත් නිශාන්ත මහතා නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට, ශ්‍රී ලංකා නීතිඥ සංගමයට සහ මහේස්ත්‍රාත්වරුන්ට අගතියක් සිදුවිය හැකි ආකාරයේ අපහාසාත්මක අදහස් පලකර ඇතැයි චෝදනා කරමින් මෙම පෙත්සම් 2 ගොනුකර තිබේ. ප්‍රියලාල් සිරිසේන සහ විජිත කුමාර යන නීතිඥවරුන් දෙදෙනා ගොනුකල පෙත්සම් අද විමසා බැලුවේ නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ආර්. ගුරුසිංහ යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ ය. නීතියේ ආධිපත්‍යය සුරැකීම සඳහා අධිකරණයේ ගෞරවය ආරක්ෂා කිරීම අත්‍යවශ්‍ය කරුණක් බව නීතිඥ ප්‍රියලාල් සිරිසේන මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය මහතා කියා සිටියේ ය. නීතීඥ විජිත කුමාර මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා පෙන්වා දුන්නේ, සනත් නිශාන්ත මන්ත්‍රීවරයා සිදු කළ ප්‍රකාශය හරහා මහෙස්ත්‍රාත්වරුන්ට බරපතළ බලපෑමක් සිදුකර ඇති බවයි. ඔහුගේ ප්‍රකාශය තුළින් රටේ නීතිය ක්‍රියාත්මක නොවන බවට සඳහන් කර ඇති බවත් ඒ හරහා ඔහු මෙරට අධිකරණ බලය හෑල්ලූවට ලක්කර තිබෙන බවත් ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නේ ය. මේ ප්‍රකාශය හරහා සනත් නිශාන්ත මහතා අධිකරණය කෙරෙහි පවතින මහජන විශ්වාසය පළුඳු වන ආකාරයේ අදහසක් පළකර ඇති බවද ඔහු සඳහන් කළේ ය. සිතාසි නිකුත් කිරීම පිළිබඳ තීරණය 29 වැනිදා ප්‍රකාශයට පත්කරන බව දැනුම් දුන් අභියාචනාධිකරණය නිවේදනය කළේ, විදේශ ගමන් තහනමක් පැනවීම ඇතුළු අතුරු ඉල්ලීම් පිළිබඳ නියෝග ද එදින ප්‍රකාශයට පත් කරන බවයි.
2022-09-13T14:23:28.000Z
ආර්ථික ගැටලු විසඳීමට ජනපතිගෙන් ඒකාබද්ධ වැඩපිළිවෙළක්..
ආර්ථික ගැටලු විසඳන්න ජනපතිගෙන් වැඩපිළිවෙළක්..
COLOMBO (News 1st) – ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය සහතික කිරීම සඳහා ග්‍රාමීය ආර්ථික පුනර්ජීවන කේන්ද්‍ර සවිබල ගැන්වීමේ බහු ආංශික ඒකාබද්ධ යාන්ත්‍රණයක් ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද(13) ආරම්භ කෙරිණි. මේ යටතේ, කිසිදු පුරවැසියෙක් ආහාර නොමැතිකම නිසා කුසගින්නේ නොතැබිය යුතුයි. ආහාර සුරක්ෂිතතාවට කමිටු 07 ක් මන්දපෝෂණය තුරන් කිරීමට ප්‍රමුඛත්වය ගොවි ජනතාවට සාධාරණ මිලට පොහොර මහ කන්නය සාර්ථක කර ගැනීමට කෘෂි යෙදවුම් අඛණ්ඩව 2025 වනවිට ආහාර අවශ්‍යතාව දේශීයව සපුරා ගැනීමට සැලසුම් මතුවිය හැකි ඕනෑම අර්බුදකාරී අවස්ථාවක වුවද, ජනතාවට සෞඛ්‍ය සම්පන්න ආහාර ලබා ගැනීමට හැකි සමාජ ආර්ථික පරිසරයක් තහවුරු කිරීම මෙමගින් අපේක්ෂිත බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ය. අදාළ යාන්ත්‍රණය කමිටු 7ක් හරහා ක්‍රියාවට නංවා තිබෙන අතර ජනාධිපතිවරයාගේ සභාපතිත්වය යටතේ ජාතික ආහාර සුරක්ෂිත හා පෝෂණ සභාව ක්‍රියාත්මක වේ. ආහාර සුරක්ෂිතාව හා පෝෂණය පිළිබඳ ජාතික ඒකාබද්ධ යාන්ත්‍රණය ජනාධිපති ලේකම්වරයාගේ සභාපතිත්වයෙන් ක්‍රියාත්මක අතර ආහාර සුරක්ෂිතතාව හා තාක්ෂණික උපදේශක කමිටුව අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ සභාපතිත්වයෙන් ක්‍රියාත්මක බව, ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ය. ආහාර සුරක්ෂිතතාව හා පළාත් ඒකාබද්ධ යාන්ත්‍රණය පළාත් ආණ්ඩුකාරවරුන්ගේ සභාපත්තිවයෙන් ක්‍රියාත්මක වන අතර, දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ සභාපතිත්වයෙන් ආහාර සුරක්ෂිතතාව හා පෝෂණය පිළිබඳ දිස්ත්‍රික් ඒකාබද්ධ යාන්ත්‍රණය ක්‍රියාත්මක වනු ඇති. ආහාර සුරක්ෂිතතාව හා පෝෂණය පිළිබඳ ප්‍රාදේශිය ඒකාබද්ධ යාන්ත්‍රණය ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සභාපතිත්වයෙන් ක්‍රියාත්මක කිරීමට නියමිත ය. ග්‍රාම නිලධාරි වසම් 14,022ක් තුළ ග්‍රාම නිලධාරි, සංවර්ධන නිලධාරි, කෘෂිකර්ම පරීක්ෂණ හා නිෂ්පාදන සහකාර නිලධාරි, සමෘද්ධි නියාමක, පවුල් සෞඛ්‍ය සේවිකා, ළඟම පාසලේ විදුහල්පති සහ පළාත් පාලන ආයතනයේ නියෝජිතයින් දෙදෙනෙකුගෙන් සමන්විත ආර්ථික පුනර්ජීවන හා ආහාර සුරක්ෂිතතා කමිටු පිහිටුවා එමගින් ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් ආර්ථික පුනර්ජීවයක් ඇති කොට දරිද්‍රතාව පිටුදැකීම, මන්දපෝෂණයෙන් දරුවන් මුදා ගැනීම, ප්‍රදේශයේ ආහාර සුරක්ෂිතතාව මෙන්ම ජීවන තත්ත්වය ඉහළ නංවා ගැනීමට මෙම යාන්ත්‍රණයෙන් කටයුතු කෙරෙන බව, එම නිවේදනයේ සඳහන් ය.
2022-09-13T13:58:46.000Z
එ. ජා. මානව හිමිකම් කවුන්සිල සැසිවාරයේදී ශ්‍රී ලංකා සම්බන්ධයෙන් පළමුවරට ආර්ථික අපරාධ චෝදනා..
ලංකාවට ආර්ථික අපරාධ චෝදනා..
COLOMBO (News 1st) - ශ්‍රී ලංකාව තුළ සිදුව ඇති ආර්ථික අපරාධ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුසිලය තුළ මේ වනවිට දැඩි අවධානයට ලක්වී තිබේ. මහකොමසාරිවරියගේ වාර්තාවේ මේ පිළිබඳව සඳහන්ව තිබූ අතර , ඊයේ සැසිවාරය ඇමතූ විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා අවධාරණය කළේ, ආර්ථික අපරාධ චෝදනා කොමිසමේ බලතල ඉක්මවා යාමක් බවයි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස්වරියගේ වාර්තාවෙන් පෙන්වා දුන්නේ, සියලු ප්‍රජාවන්ගේ මානව හිමිකම්වලට බලපෑමක් වී ඇති ආර්ථික අර්බුදයට තිරසර විසඳුම් ලබාගැනීමට නම් මුල් බැස ඇති දූෂණ කෙරෙහි අවධානය යොමුකළ යුතු බවයි. අතීතයේදී හා මෑතකදී ශ්‍රී ලංකාවේ සිදුවූ මානව හිමිකම් උල්ලංඝණය කිරීම් , ආර්ථික සාපරාධ සම්බන්ධයෙන්ද ක්‍රියාමාර්ග ගැනීමේ අවශ්‍යතාව ඇය අවධාරණය කර තිබුණි. 🔺මානව හිමිකම් කවුන්සිලයේ ආර්ථික අපරාධ චෝදනා බලතල ඉක්මවා යාමක්.. 🔺මානව හිමිකම් කවුන්සිලයේ ආර්ථික අපරාධ චෝදනා බලතල ඉක්මවා යාමක්.. -විදේශ ඇමති චෝදනා ප්‍රතික්ෂේප කරයි https://youtu.be/HE_cGbePS98 #lka #SriLanka #SLnews #News #UNI #MYD Posted by Newsfirst.lk on Tuesday, September 13, 2022
2022-09-13T13:52:08.000Z
මහ ජල කඳට හසුවී අවසන් ගමන් ගිය දරුවාගේ සිද්ධිය ගැන කුරුණෑගල නගර සභාවෙන් මානව හිමිකම් කොමිසම ප්‍රශ්න කෙරේ..
කුරුණෑගල අනවසර ඉදිකිරීම් ගැන අනාවරණයක්
COLOMBO (News 1st) – කුරුණෑගල නගරය ආශ්‍රිතව අනවසර ඉදිකිරීම් පවතින බවට නගර සභාව ඇතුළු රාජ්‍ය ආයතන අද(13) ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම හමුවේ පිළිගත්තේ ය. පසුගියදා ඇල මාර්ගයකට ඇඳ වැටී දරුවෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන්, සිදුකරන විමර්ශනවලට අදාළව කුරුණෑගල නගර සභාව ඇතුළු ආයතන කිහිපයක් අද ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම හමුවට කැඳවා තිබුණි. එහිදී මෙම කරුණු අනාවරණ වී ඇති අතර, අදාළ ඉදිකිරීම් සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවට ද, හෙළිවූ බව, මානව හිමිකම් කොමිසම සඳහන් කළේ ය. ඇතැම් ස්ථානවල පාලනය සම්බන්ධයෙන් ඒ, ඒ ආයතනවලට ගැටලුකාරී තත්ත්වයක් ඇතිව ඇතැයි ද, මානව හිමිකම් කොමිසමේදී අනාවරණ වී තිබේ. ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම පැවසුවේ, අදාළ විමර්ශනයට කුරුණෑගල නාගරික කොමසාරිස්වරයා, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයා සහ කුරුණෑගල මූලස්ථාන පොලිස් ස්ථානාධිපතිවරයා කැඳවා තිබූ බවයි. එම නිලධාරීන් අතුරින් කුරුණෑගල මූලස්ථාන පොලිස් ස්ථානාධිපතිවරයා පමණක් කොමිසම හමුවට පැමිණ සිටි අතර, සෙසු නිලධාරීන් වෙනුවෙන් බලය පවරන ලද නියෝජිතයින් අද කොමිසම හමුවේ පෙනී සිටි බව, මානව හිමිකම් කොමිසම සඳහන් කළේ ය.
2022-09-13T11:06:47.000Z
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්
COLOMBO (News 1st) – මාස 6ක වලංගු කාලයක් සඳහා නිකුත් කර ඇති රියැදුරු බලපත්‍ර වසරක කාලයක් සඳහා දීර්ඝ කිරීමට තීරණය කර තිබේ. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඒ සඳහා තමන් පදංචි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් කාර්යාලයට හෝ කොළඹ වේරහැර කාර්යාලයට පැමිණිය යුතු බවයි. මාස 6 ක කාලයකට නිකුත් කර ඇති බලපත්‍ර සඳහා වසරක් දක්වා කාලය දීර්ඝ කිරීමක් ලබා දෙනු ඇති. මේ අතර, දැනට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සතුව ඇති රියැදුරු බලපත්‍ර කාඩ්පත් විදෙස්ගත වන නව බලපත්‍රලාභීන්ට පමණක් නිකුත් කිරීමට පියවර ගෙන ඇතැයි, දෙපාර්තමේන්තුව පැවසී ය. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මුද්‍රණ කාඩ්පත් 450,000 ක තොගයක් ඉදිරි සති කිහිපය තුළ මෙරටට හිමිවන බවයි. ඒ ඔස්ට්‍රියානු සමාගමකින් කළ ඇනවුමකට අදාළවයි.
2022-09-13T10:57:42.000Z
ඉලෙක්ට්‍රික් වාහන බලපත්‍ර ගැන තොරතුරු විමසීමට අංක තුනක්
ඉලෙක්ට්‍රික් වාහන බලපත්‍ර ගැන විමසීමට අංක 3 ක්
COLOMBO (News 1st) – නිත්‍යනුකූල ක්‍රමවේද ඔස්සේ මෙරටට විදේශ විනිමය යොමු කරන විදෙස්ගත ශ්‍රමිකයින්ට නීත්‍යනුකූලව හිමිවන ඉලෙක්ට්‍රික් වාහන ආනයන බලපත්‍රය ලබාගැනීම සම්බන්ධයෙන් වන ගැටලු ඇතුළු තොරතුරු ලබාගැනීම සඳහා කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශය දුරකතන අංක තුනක් හඳුන්වාදී තිබේ. ඒ අනුව 0773039 034 යන ක්ෂණික ඇමතුම් අංකය හෝ 0112 368 175 , 0112 582 447 යන අංකය ඇමතිමෙන් ඒ පිළිබඳ තොරතුරු ලබාගත හැකියි. විදේශගත ශ්‍රමිකයින් නීත්‍යනුකූල ක්‍රම ඔස්සේ මෙරටට මුදල් එවීමේදී, එවනු ලබන මුදලට සාපේක්ෂව ඉලෙට්‍රික් වාහනයනක් ආනයනය කිරීම සඳහා පසුගියදා කැබිනට් අනුමැතිය හිමි විය.
2022-09-13T10:48:35.000Z
දුම්රිය අනතුරු දෙකකින් පුද්ගලයෙක් මරුට.. තවත් අයෙකුට තුවාල
ගාල්ල සහ බලපිටියේ දුම්රිය අනතුරු දෙකක්
COLOMBO (News 1st) – ගාල්ල සහ බලපිටියේ අද පෙරවරුවේ සිදුවූ දුම්රිය අනතුරු දෙකකකින් පුද්ගලයෙකු මියගොස් තිබේ. පොලිසිය පැවුසවේ, බලපිටිය වෙනමුල්ල ප්‍රදේශයේදී කොළඹ බලා ධාවනය වූ දුම්රියක වෑන් රථයක් ගැටීමෙන් එහි රියැදුරු මියගිය බවයි. මියගොස් ඇත්තේ 63 හැවිරිදි පුද්ගලයෙකි. මේ අතර ගාල්ල මකුළුවේදී රජරට රැජිණ දුම්රියේ වෑන් රථයක් ගැටීමෙන් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ. පොලිසිය සඳහන් කළේ, වෑන් රථය දුම්රියේ ගැටී විසිවි ගොස් යතුරුපැදියක ද ගැටී ඇති බවයි. අනතුරින් යතුරුපැදිකරු තුවාල ලබා රෝහල්ගත කර තිබේ.
2022-09-13T06:23:22.000Z
අත්‍යවශ්‍ය ඖෂධ මිලදී ගැනීමට වෙනත් ව්‍යාපෘතිවලට වෙන් කළ ඩොලර් මි. 100ක් කඩිනමින්
අත්‍යවශ්‍ය ඖෂධ මිලදී ගැනීමට ඩොලර් මිලියන 100ක්
COLOMBO (News 1st) – රට මුහුණ පා ඇති විදේශ විනිමය අර්බුදය සැලකිල්ලට ගනිමින් අත්‍යවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය සැපයුම් ආනයනය කිරීම සඳහා වෙනත් ව්‍යාපෘතිවලට වෙන් කරන ලද ඩොලර් මිලියන 100ක මුදලක් කඩිනමින් ලබා දීමට කැබිනට් අනුමැතිය හිමි වි තිබේ. ඒ අනුව ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවේ අරමුදල් යටතේ ක්‍රියාත්මක වන කොළඹ නාගරික පුනර්ජීවන ව්‍යාපෘතියට සහාය වීමේ ව්‍යාපෘතිය සහ ආපදා අවම කිරීමේ පියවර මගින් නායයාම් අවදානම් අවම කිරීමේ ව්‍යාප්තිය යන ව්‍යාපෘති වල විෂය පථයන් සංශෝධනය කරමින් ඇමෙරිකානු ඩොලර් මිලියන 100ක අරමුදල් කඩිනමින් සලසා දීමට එම බැංකුව විසින් එකඟතාව පළ කර ඇත. ඒ අනුව, කොළඹ නාගරික පුනර්ජීවන ව්‍යාපෘතියට සහාය වීමේ ව්‍යාපෘතිය මගින් ඇමෙරිකානු ඩොලර් මිලියන 70 ක සහ ආපදා අවම කිරීමේ පියවර මගින් නායයාම් අවදානම් අවම කිරීමේ ව්‍යාපෘතිය මගින් ඇමෙරිකානු ඩොලර් මිලියන 30ක අරමුදල් අත්‍යවශ්‍ය, ඖෂධ සහ වෛද්‍ය සැපයුම් මිල දී ගැනීම සඳහා යොදා ගැනෙනු ඇති.
2022-09-13T04:56:41.000Z
රාජ්‍ය සේවයේ බඳවා ගැනීමේ ක්‍රියාවලිය සමාලෝචනයට කමිටුවක්
රාජ්‍ය සේවයේ බඳවා ගැනීම් සමාලෝචනයට කමිටුවක්
COLOMBO (News 1st) – රාජ්‍ය සේවයේ බඳවා ගැනීමේ ක්‍රියාවලිය සමාලෝචනය සඳහා අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් නිලධාරී කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව පහත සඳහන් කරුණු සමාලෝචනය කරමින්, රාජ්‍ය සේවය වඩාත් කාර්යක්ෂමව හා ඵලදායීව පවත්වාගෙන යාම සඳහා සිදු කළ යුතු අත්‍යවශ්‍ය බඳවා ගැනීම් සම්බන්ධයෙන් ප්‍රමුඛතා හඳුනාගෙන ඒ සඳහා කාලරාමු නිර්දේශ කිරීමටත්, දැනට රාජ්‍ය සේවය තුළ පැන නැඟී ඇති ගැටලු සඳහා යෝග්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීමත් මෙම කමිටුව මගින් සිදු කරනු ඇති. 🔴 පවතින ආර්ථීක තත්ත්වය යටතේ රාජ්‍ය සේවය සඳහා බඳවා ගැනීම් තාවකාලිකව අත්හිටු වීමට රජය විසින් තීරණය කරනු ලැබීම මත සේවා ව්‍යවස්ථා සහ බඳවා ගැනීම් පටිපාටීන්හි විධිවිධාන පරිදි අනුමත තනතුරු සඳහා වන පුරප්පාඩු පිරවීමේ කටයුතු සඳහා ආරම්භ කරනු ලැබ ඇති ක්‍රියාමාර්ග නතර කිරීමට සිදුවීම. 🔴 අනුමත බඳවා ගැනීමේ පටිපාටි අනුගමනය කරමින් මෙන්ම පැවති රජයන් විසින් ගනු ලැබූ ප්‍රතිපත්තිමය තීරණයන් යටතේ වරින් වර උපාධිධාරින් හා වෙනත් සේවක කණ්ඩායම් සෘජුවම රාජ්‍ය සේවය සඳහා බඳවා ගැනීම හේතුවෙන් සමස්තයක් ලෙස රාජ්‍ය සේවයේ සේවක අතිරික්තයක් පැවතිය ද ඇතැම් සේවක ගණයන්හි තනතුරුවල පුරප්පාඩු පවතින බව වාර්තා වීම. 🔴බඳවා ගැනීමේදී විවිධ ක්‍රම අනුගමනය කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් රාජ්‍ය සේවය තුළ පැන නැඟී ඇති ගැටලු සම්බන්ධයෙන් යෝග්‍ය පියවර ගැනීම.
2022-09-13T03:35:10.000Z
සැප්තැම්බර් (19) සඳුදා රජයේ විශේෂ නිවාඩු දිනයක්
සැප්තැම්බර් (19) සඳුදා රජයේ විශේෂ නිවාඩු දිනයක්
COLOMBO (News 1st) – සැප්තැම්බර් 19 වන සඳුදා රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ. රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශ සඳහන් කළේ, බිත්‍රාන්‍යයේ දෙවන එළිසෙබත් මහ රැජිණ වෙනුවෙන් එදිනට ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති බවයි. එදින රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කළ ද එය බැංකු හා වෙළඳ නිවාඩුවක් නොවන බව අමාත්‍යංශ ලේකම් ප්‍රියන්ත මායාදුන්නේ මහතා සඳහන් කළේ ය.
2022-09-13T03:04:38.000Z
වැඩි මිලට බිත්තර අළෙවි කළ 80 කට නඩු
වැඩි මිලට බිත්තර අළෙවි කළ 80 කට නඩු
COLOMBO (News 1st) - බිත්තර වැඩි මිලට අළෙවි කළ ව්‍යාපාරිකයින් 80 දෙනෙකුට නඩු පවරා ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි. එහි සභාපති ශාන්ත නිරිඇල්ල මහතා සඳහන් කළේ, බිත්තරයක් රුපියල් 50 කට වඩා වැඩි මිලට අළෙවිකරන වෙළෙඳුන් සොයා වැටලීම් සිදු කරන බව ය. දිගින් දිගටම වැඩි මිලට බිත්තර අළෙවි කරන වෙළෙඳුන් සොයා වැටලීම් සිදු කරන බව සභාපතිවරයා පැවසීය.
2022-09-13T02:07:43.000Z
දිනකට ගෙවල්බිඳීම් සහ රත්‍රං මාල කොල්ලකෑම් 25 ක් - මහජන ආරක්ෂක අමාත්‍යාංශය
දිනකට ගෙවල්බිඳීම් සහ මාල කැඩීම් 25 ක්
COLOMBO (News 1st) - දිනකට ගෙවල්බිඳීම් සහ රත්‍රං මාල කොල්ලකෑම් 25 ක් පමණ දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වාර්තාවන බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසයි. එහි ලේකම් එස්. හෙට්ටආරච්චි මහතා සඳහන් කළේ, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් විසින් ගෙවල්බිඳීම් සහ මාල කැඩීම් සිදු කරන බවට වාර්තා වන බවයි. ඉන්දියාවෙන් මුහුදු මාර්ගයෙන් මෙරටට අයිස් මත්ද්‍රව්‍ය ගෙන ඒම වැඩිවි ඇති බව ලේකම්වරයා සඳහන් කළේ ය. මේ අතර මේ දිනවල දකුණු පළාතේ සිදුවන ඝාතන මැඩ පැවැත්වීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් යොදවා ඇති බව ද එස්. හේට්ටිආරච්චි මහතා සඳහන් කළේ ය. ලේකම්වරයා සඳහන් කළේ, එම ඝාතනවලට හේතු වී ඇත්තේ සංවිධානාත්මක අපරාධකරුවන් හා මත්කුඩු ජාවාරම්කරුවන් අතර පවතින ආරවුල් බවයි.
2022-09-13T01:55:47.000Z
බන්ධනාගාර රැඳවියන් 417 කට විශේෂ රාජ්‍ය සමාවක්
බන්ධනාගාර රැඳවියන් 417 කට විශේෂ රාජ්‍ය සමාවක්
COLOMBO (News 1st) - ජාත්‍යන්තර සිරකරු සුබසාදන දිනයට සමගාමීව බන්ධනාගාරගතව සිටින රැඳවියන් 417 දෙනෙකුට විශේෂ රාජ්‍ය සමාවක් ප්‍රදානය කර තිබේ. මෙම විශේෂ රාජ්‍ය සමාව ලබා දී ඇත්තේ, ව්‍යවස්ථානුකූලව ජනාධිපතිවරයාට පැවැරි ඇති බලතල යටතේයි. නිවේදනයක් නිකුත් කරමින් බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ, 2022.09.12 වන දිනට සිර දඬුවම් විඳින රැඳවියන්හට ගත කරන ලද වසරකට හා ඉන් කොටසකට මාස 2 බැගින් 165 දෙනෙකුට සමාව ලබාදී ඇති බවයි. දඩ මුදල් ගෙවීමට නොහැකිව බන්ධනාගාරගතව සිටින රැඳවියන් 252 දෙනෙකුට සමාව ලබා දී ඇත්තේ, ගෙවමින් පවතින දඬුවමේ ඉදිරි ශේෂය අහෝසි කිරීමේ පදනම මත බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
2022-09-13T01:47:12.000Z
දෙවන පාසල් වාරය අද ඇරඹේ..
දෙවන පාසල් වාරය අද ඇරඹේ..
COLOMBO (News 1st) - 2022 වසරේ දෙවන වාරය සඳහා පාසල් අද (13) ආරම්භ වේ. ඒ අනුව මේ වසරේ දෙසැම්බර් මස දක්වා දිවයිනේ සියලුම පාසල්වල දෙවන වාරය ක්‍රියාත්මක කෙරෙනු ඇති. තෙවන වාරය 2023 ජනවාරි මස 02 වැනි දා සිට ආරම්භ කිරීමට නියමිතයි.
2022-09-13T01:32:57.000Z
දිවයින පුරා රෝහල්වල ඖෂධ හිඟය යළිත් උග්‍රවී වෙයි - සෞඛ්‍ය අංශ
ඖෂධ හිඟය යළිත් උග්‍රවී වෙයි - සෞඛ්‍ය අංශ
COLOMBO (News 1st) - දිවයින පුරා රෝහල්වල ඖෂධ හිඟය යළිත් උග්‍ර වී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. එහි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා සඳහන් කළේ, එම තත්ත්වය කොළඹ ජාතික රෝහල, පිළිකා රෝහල ඇතුළු සමස්ත රෝහල් පද්ධතියටම බලපා ඇති බවයි. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ, රෝහල්වල සියලුම ඖෂධ වර්ගවල හිඟයක් දක්නට ලැබෙන බවත් ඒ හේතුවෙන් රෝහල්වල එදිනෙදා කටයුතු සිදු කර ගැනීමට අපහසුතා මතුව ඇතැයි ද ඔහු සඳහන් කළේ ය. මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී සෞඛ්‍ය ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා සඳහන් කළේ, යම් යම් ඖෂධ වර්ගවල හිඟයක් දක්නට ලැබුණ ද රෝහල් පද්ධතිය පවත්වාගෙන යාමට ඉන් බලපෑමක් නොමැති බවයි. හිඟ ඖෂධ වර්ග මිලදී ගැනීමට ඇණවුම් කර ඇති බව ද ඔහු සඳහන් කළේ ය. මේ අතර මහරගම අපේක්ෂා රෝහලේ පිළිකා රෝගීන්ට ලබාදෙන ඖෂධ වර්ග 15 ක හිඟයක් පවතින බව එම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකර මහතා පැවසීය. ඔහු සඳහන් කළේ, බොහොමයක් ඖෂධ වර්ග පරිත්‍යාගශීලින්ගෙන් ලැබෙන බවයි. අනෙකුත් හිඟ ඖෂධ වර්ග දේශීය සැපයුම්කරුවන්ගෙන් මිලදී ගන්නා බව රෝහල් අධ්‍යක්ෂවරයා පැවසීය.
2022-09-13T01:02:54.000Z
ආසියාව ජයගත් නෙට්බෝල් ශූරියන් දිවයිනට..
ආසියාව ජයගත් නෙට්බෝල් ශූරියන් දිවයිනට..
COLOMBO (News 1st) - 2022 ආසියානු නෙට්බෝල් ශූරතාව ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම අද (13) අලුයම දිවයිනට පැමිණියේ ය. එහිදී ශ්‍රී ලංකා කණ්ඩායමට උණුසුම් පිළිගැනීමක් හිමි විය. ශ්‍රී ලංකා කණ්ඩායම පසුගිය ඉරිදා 6 වැනි වරටත් ආසියානු නෙට්බෝල් කිරුළ දිනා ගත්තේ ය. අවසන් තරගයේදී ඔවුන් පරාජය කරනු ලැබුවේ, සත්කාරක සිංගප්පූරුවයි. ශ්‍රී ලංකා කණ්ඩායම ආසියානු නෙට්බෝල් ශූරතාවලිය අඛණ්ඩව දිනූ දෙවැනි අවස්ථාව මෙය වේ. ආසියානු කලාපයේ ප්‍රබලතම නෙට්බෝල් කණ්ඩායම බවට 6 වැනි වරටත් පසක් කළ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් එම තරගාවලියේ දැක් වූ දක්ෂතා අනුව දකුණු අප්‍රිකාවේදී ලබන වසරේ පැවැත්වීමට නියමිත ලෝක කුසලාන තරගාවලියටද සුදුසුකම් ලබා අවසන් ය. ජයග්‍රාහී ශ්‍රී ලංකා කණ්ඩායම පිළිගැනීමට ක්‍රීඩා අමාත්‍යාංශයේ, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේතුවේ සාමාජිකයින් සහ ශ්‍රී ලංකා නෙට්බෝල් සම්මේලනයේ සාමාජිකාවන් රැසක් මෙන්ම ක්‍රීඩා ලෝලින් රැසක් එක්ව සිටියහ. 🔺 ආසියානු ක්‍රිකට් ශූරයින් සහ නෙට්බෝල් ශූරියන් මහත් හරසර මැද දිවයිනට.. 🔺 ආසියානු ක්‍රිකට් ශූරයින් සහ නෙට්බෝල් ශූරියන් මහත් හරසර මැද දිවයිනට.. 📌 Read More: https://news1st.lk/3d9Y0oC 📌 Read More: https://news1st.lk/3DkMVMa #lka #News1st #SL Posted by Newsfirst.lk on Monday, September 12, 2022
2022-09-13T00:56:24.000Z
ආසියානු කුසලානය ජයගත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දිවයිනට
ආසියානු ක්‍රිකට් ශූරයින් දිවයිනට
COLOMBO (News 1st) - 2022 ආසියානු ක්‍රිකට් ශූරතාවය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම අද (13) අලුයම කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් දිවයිනට පැමිණියේ ය. අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායම විශේෂ රථ පෙළපාලියකින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත රැගෙන ඒමට නියමිතය. ශ්‍රී ලංකාව ආසියානු කුසලානය දිනාගත් 06වෙනි අවස්ථාව මෙය වේ. අවසන් වරට ශ්‍රී ලංකාව ආසියානු කුසලානය ජයග්‍රහණය කරනු ලැබුවේ 2014 වර්ෂයේ දීය. ඩුබායිහිදී පැවති තරගයේ කාසියේ වාසියේ හිමි කරගත් පකිස්ථානය ප්‍රථමයෙන් පන්දුවට පහරදීම පහර දීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළේය. එ, අනුව ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදි කඩුලු 6ක් දැවී ලකුණු 170ක් ලබා ගැනීමට සමත් විය. සුපිරි පිතිහරඹයක නිරත වූ භානුක රාජපක්ෂ ලකුණු 71ක් නොදැවී ලබා ගත්තේය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පකිස්ථාන කණ්ඩායමට නියමිත පන්දුවාර පන්දු වාර 20 අවසානයේ දී සියලු දෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 147ක් පමණි. 🔺 ආසියානු ක්‍රිකට් ශූරයින් සහ නෙට්බෝල් ශූරියන් මහත් හරසර මැද දිවයිනට.. 🔺 ආසියානු ක්‍රිකට් ශූරයින් සහ නෙට්බෝල් ශූරියන් මහත් හරසර මැද දිවයිනට.. 📌 Read More: https://news1st.lk/3d9Y0oC 📌 Read More: https://news1st.lk/3DkMVMa #lka #News1st #SL Posted by Newsfirst.lk on Monday, September 12, 2022
2022-09-13T00:41:39.000Z
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්
1. හිටපු ජනපති මෛත්‍රීපාල මහ රැජිණගේ අභාවයට ශෝකය පළ කරයි - හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයට ගොස් දෙවන එළිසබෙත් මහ රැජිණගේ අභාවය සම්බන්ධයෙන් සිය ශෝකය පළ කර තිබේ. 2. අසීරු තත්ත්වයෙන් මිදීමට ආසියානු සංවර්ධන බැංකුවේ සහය - ශ්‍රී ලංකාව මුහුණ දී සිටින අසීරු තත්ත්වයෙන් මිදීම සඳහා ක්ෂේත්‍ර ගණනාවක් ඔස්සේ සහය ලබාදීමට අපේක්ෂා කරන බව ආසියානු සංවර්ධන බැංකුව පවසයි. 3. මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකරට රාජ්‍ය අමාත්‍ය ධුරයක් - පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර වරාය හා ගුවන් සේවා රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දී ති‍බේ. 4. දමිතා අබේරත්න රු. ලක්ෂ 5 ක ශරීර ඇප 2 ක් මත මුදාහරී - ප්‍රවීණ රංගන ශිල්පිනි දමිතා අබේරත්න ඇප මත මුදාහැර තිබේ. 5. අමෙරිකානු නියෝජිත සමැන්තා පවර් දිවයිනෙන් පිටත්ව යයි - අමෙරිකානු නියෝජිත සමැන්තා පවර් දිවයිනෙන් පිටත්ව යයි
2022-09-12T11:14:08.000Z
හිටපු ජනපති මෛත්‍රීපාල මහ රැජිණගේ අභාවයට ශෝකය පළ කරයි
හිටපු ජනපති මෛත්‍රී මහ රැජිණගේ අභාවයට ශෝකය පළ කරයි
COLOMBO (News 1st) – හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (12) බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයට ගොස් දෙවන එළිසබෙත් මහ රැජිණගේ අභාවය සම්බන්ධයෙන් සිය ශෝකය පළ කර තිබේ. අදාළ ග්‍රන්ථයේ ශෝක සටහන සටහන් කිරීමෙන් අනතුරුව හිටපු ජනාධිපතිවරයා මහ කොමසාරිස් සාරා හල්ටන් මහත්මිය සමග ද පිළිසඳරක නිරතව ඇත. එහිදී හිටපු ජනාධිපතිවරයා 2015 වර්ෂයේ දී තමන් ජනාධිපති වීමෙන් අනතුරුව තමන් බකිංහැම් මාලිගාවට කැඳවා මහ රැජිණ තෑගි ලබාදීම සහ සංග්‍රහ කිරීම පිළිබඳව ද මතකය ආවර්ජනය කර තිබේ. මෙහිදී බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්තුමිය පවසා ඇත්තේ ලෝකයේ බොහෝ දෙනෙකු කම්පාවට පත්ව සිටින මොහොතේ ශෝකය බෙදා ගැනීම සඳහා හිටපු ජනාධිපතිවරයාගේ පැමිණීම ගෞරවයක් බවයි. එළිසබෙත් මහ රැජිණ සමග තිබූ සම්බන්ධතාවය පිළිබඳ මතකයන් බෙදා ගැනීම සම්බන්ධව ද එහිදි මහ කොමසාරිස්වරිය ස්තුතිය පළ කර ඇත.
2022-09-12T11:00:21.000Z
අසීරු තත්ත්වයෙන් මිදීමට ආසියානු සංවර්ධන බැංකුවේ සහය
ශ්‍රී ලංකාවට සහය දීමට ADB සූදානම්
COLOMBO (News 1st) – ශ්‍රී ලංකාව මුහුණ දී සිටින අසීරු තත්ත්වයෙන් මිදීම සඳහා ක්ෂේත්‍ර ගණනාවක් ඔස්සේ සහය ලබාදීමට අපේක්ෂා කරන බව ආසියානු සංවර්ධන බැංකුව පවසයි. එහි දකුණු ආසියානු දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජනරාල් කෙනිචි යොකොයමා මහතා ඇතුළු නියෝජිත පිරිස අද(12) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වූ අවස්ථාවේ මේ බව පවසා ඇත. ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ, ආසියානු සංවර්ධන බැංකුව හා ශ්‍රී ලංකා රජය අතර ද්වීපාර්ශ්වික සහයෝගීතාවට එළැඹිය හැකි ක්ෂේත්‍ර කිහිපයක් පිළිබඳ මෙහිදී අවධානය යොමු කළ බවයි. ආසියානු සංවර්ධන බැංකුවේ නේවාසික දූත මණ්ඩල අධ්‍යක්ෂ චෙන් චෙන්, නියෝජ්‍ය අධ්‍යක්ෂ උත්සව් කුමාර් යන මහත්වරු සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිට ඇත.
2022-09-12T08:45:14.000Z
දිල්ෂාන්ගේ විශිෂ්ට ශතකයෙන් ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් පිලට සුපිරි ජයක්
ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් පිලට සුපිරි ජයක්
COLOMBO (News 1st) –රෝඩ් සේෆ්ටි ලෝක ශූරතා ක්‍රිකට් තරගාවලියේ ඔස්ට්‍රේලියා ලෙජන්ඩ්ස් කණ්ඩායමට එරෙහි තරගය ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම ලකුණු 38 කින් ජය ගත්තේ ය. මෙම තරගාවලිය ඉන්දියාවේ පැවැත්වේ. ඔස්ට්‍රේලියාව සමග පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් ක්‍රීඩකයින් පන්දුවාර 20 අවසානයේ එක් කඩුල්ලක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 213 කි. තිලකරත්න දිල්ෂාන් ලකුණු 107 ක් රැස් කළ අතර ඩිල්ෂාන් මුණවීර ලකුණු 94 යි. ජයග්‍රහණය සඳහා ලකුණු 214 ක ඉලක්කයක් හඹා ගිය ඔස්ට්‍රේලියා ලෙජන්ඩ්ස් ක්‍රිඩකයින්ට පන්දුවාර 18 අවසානයේ සියලු දෙනා දැවී රැස් කළ හැකි වුයේ, ලකුණු 180 ක් පමණි. ශේන් වොට්සන් ලකුණු 39 ක් රැස් කළේ ය. පන්දු යැවීමේදී නුවන් කුලසේකර කඩුලු 4 ක් බිඳ හෙළු අතර ජීවන් මෙන්ඩිස් කඩුලු 2 ක් දවා ගත්හ.
2022-09-12T08:20:59.000Z
සමාවෙන්න... පරාජයේ වගකීම මම භාර ගන්නවා - ෂාදාබ් ඛාන්
සමාවෙන්න.. පරාජයේ වගකීම මම භාර ගන්නවා - ෂාදාබ්
COLOMBO (News 1st) – ආසියානු කුසලාන අවසන් තරග පරාජයෙන් පසු පකිස්ථාන ක්‍රීඩක ෂාදාබ් ඛාන් සිය ට්විටර් ගිණුමේ තැබූ සටහනක් මේ වනවිට බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්ව තිබේ. ඔහු එහි සඳහන් කර ඇත්තේ,උඩ පන්දු රැක ගැනීම තරග ජයග්‍රහණය කරවන බව ත් ඊයේ තරග පරාජයේ වගකීම තමන් භාර ගන්නා බවත් ය. නසීම් ශාහ්, හරීස් රවුෆ්, මොහොමඩ් නවාෆ්, ඇතුළු පන්දු යවන්නන් හොඳින් පන්දු යැවූ බව පවසන ෂාදාබ් එහි වැඩිදුරටත් දක්වා ඇත්තේ, මොහොමඩ් රිස්වාන් සටන්කාමී ඉනිමක් ක්‍රීඩා කළ බවයි. කෙසේ වෙතත් ඔහු සිය සටහන අවසන් කර ඇත්තේ,ආසියානු කුසලානය ජය ගත් ශ්‍රී ලංකා කණ්ඩායමට සුභාශිංසන ද එක් කරමිනි. ෂාදාබ් අතින් භානුක රාජපක්ෂගේ පහසු උඩ පන්දුවක් ගිලිහී ගිය අතර තවත් උඩ පන්දුවක් අසීෆ් අලී හා ඔහු වෙතින් ගිලිහිණ. ඊයේ රාත්‍රී පැවති අවසන් මහා තරගයේදී පකිස්ථානය ලකුණු 23 කින් පරාජය කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම ආසියානු කුසලාන ක්‍රිකට් ශූරතාව දිනා ගත්තේ ය. ශ්‍රී ලංකාව, ඉන්දියාව, පාකිස්ථානය, බංගලාදේශය, ඇෆ්ගනිස්තානය හා හොංකොන් මෙවර ආසියානු කුසලානය වෙනුවෙන් තරග වැදුණු අතර අවසන් තරගයට සුදුසුකම් ලබාගැනීමට සමත්වූයේ, පාකිස්ථානය හා ශ්‍රී ලංකාවයි.
2022-09-12T07:33:01.000Z
මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකරට රාජ්‍ය අමාත්‍ය ධුරයක්
ප්‍රේමලාල් ජයසේකරට රාජ්‍ය අමාත්‍ය ධුරයක්
COLOMBO (News 1st) – පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර වරාය හා ගුවන් සේවා රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දී ති‍බේ. ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදි අද (12) පෙරවරුවේ දිවුරුම් දීම සිදුවූ බවයි. පුද්ගල ඝාතනයකට අදාළව මරණීය දණ්ඩනය නියමව සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර ඇතුළු විත්තිකරුවන් තිදෙනා නිදොස් කොට නිදහස් කෙරුණේ, පසුගිය 2022 වසරේ මාර්තු 31 වනදායි. අභියාචනාධිකරණය එම නියෝගය නිකුත් කළේ, පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් රත්නපුර මහාධිකරණය නියමකළ මරණ දඬුවම ඉවත් කරන ලෙස ඉල්ලා විත්තිකරුවන් ඉදිරිපත් කළ අභියාචන පෙත්සම සලකා බැලීමෙන් අනතුරුවයි. විත්තිකරුවන් ගිනිඅවි අතැතිව සිටි බවට හෝ වෙඩි තැබීමක් සිදුකළ බවට රත්නපුර මහාධිකරණය හමුවේ විභාග වූ නඩුවෙන් සාධාරණ සැකයකින් තොරව ඔප්පුකර නොමැති බව ප්‍රකාශ කළ අභියාචනාධිකරණය විත්තිකරුවන් ඔවුන්ට එරෙහි සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට නියෝග කළේ ය. රත්නපුර කහවත්ත ප්‍රදේශයේ දී 2015 ජනාධිපතිවරණ සමයේ කහවත්ත ප්‍රදේශයේ මැතිවරණ ප්‍රචාරක රැලියකට හානි කර ශාන්ත දොඩංගොඩ නමැත්තා වෙඩි තබා මරා දැමීම සම්බන්ධයෙන් වරදකරුවන් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර ඇතුළු විත්තිකරුවන්ට රත්නපුර මහාධිකරණය මගින් 2020 ජූලි 31වැනිදා මරණීය දණ්ඩනය නියම කර තිබිණ. විත්තිකරුවන් මෙම අභියාචන පෙත්සම් ගොනු කර තිබුණේ, එකී නඩු තීන්දුව දෝෂ සහිත බැවින් එය බල රහිත කරන ලෙස ඉල්ලමිනි. තව ද තමන්ට මරණීය දණ්ඩනය නියම කර ඇති ආකාරය නීතියට පටහැනි යැයි පෙන්වා දී ඇති ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීවරයා ඇතුළු විත්තිකරුවන් තමන්ම එම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලමින් මෙම අභියාචනා පෙත්සම් ඉදිරිපත් කර තිබිණ.
2022-09-12T06:48:44.000Z
NEWS ALERT : දමිතා අබේරත්න රු. ලක්ෂ 5 ක ශරීර ඇප 2 ක් මත මුදාහරී
දමිතා අබේරත්න ඇප මත මුදා හරී
COLOMBO (News 1st) – ප්‍රවීණ රංගන ශිල්පිනි දමිතා අබේරත්න ඇප මත මුදාහැර තිබේ. කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා නියෝග කර ඇත්තේ, රුපියල් ලක්ෂ 5ක ශරීර ඇප 2 ක් මත ඇය මුදා හරින ලෙසයි. දමිතා අබේරත්න පසුගිය (07) වනදා රාත්‍රී කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශ නිලධාරීන් විසින් දියත උයන පරිශ්‍රයේදී අත්අඩංගුවට ගනු ලැබුවේ මැයි මස 09 වනදා ජනාධිපති ලේකම් කාර්යාලයට ඇතුළු වී දේපළවලට හානි කිරිමේ චෝදනා යටතේයි.
2022-09-12T06:22:19.000Z
ඉඩම් ආරවුලක් දුරදිග ගොස් මරණ දෙකක්
ඉඩම් ආරවුලක් දුරදිග ගොස් මරණ දෙකක්
COLOMBO (News 1st): කටාන, පහළ කඳවල ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ. පොලීසිය සඳහන් කළේ, ඉඩම් ආරවුලක් දුරදිග යාමෙන් මෙම පහරදීම සිදුකර ඇති බවයි. ඝාතනය සිදුකර සැකකරු ද නිවස පිහිටි ඉඩමේ ඇති මඩුවක ගෙල වැළලාගෙන මිය ගොස් තිබේ. මිය ගිය පුද්ගලයින් අවුරදු 62 ක සහ 58 යන වයස්වල පසුවේ.
2022-09-12T02:46:35.000Z
දෙවන එළිසබෙත් රැජිණගේ දේහය එඩින්බරෝ වෙත
දෙවන එළිසබෙත් රැජිණගේ දේහය එඩින්බරෝ වෙත
COLOMBO (News 1st): දෙවන එළිසබෙත් රැජිනගේ දේහය රැගත් රිය පෙරහර එඩින්බරෝහි හොලිරූඩ්හවුස් මාළිගයට ළඟා විය. ඒ බැල්මරෝල් මාලිගයේ සිට පැය 6 ක ගමනකින් පසුවයි. රැජිණට අවසන් ගෞරව දැක්වීම සඳහා දහස් සංඛ්‍යාත පිරිසක් මග දෙපස රැඳි සිටිනු දක්නට ලැබිණ. ඔවුහු රැජිණ වෙනුවෙන් පුෂ්පෝපහාර පුද කළහ. රිය පෙරහරේ ඇගේ දියණිය වන ඈන් කුමරිය ද ගමන් කරන අයුරු දක්නට ලැබිණ. 96 වැනි වියේ පසු වූ බ්‍රිතාන්‍යයේ දෙවන එළිසබෙත් රැජින පසුගිය බ්‍රහස්පතින්දා අභාවප්‍රාප්ත වූ අතර දේහය පිළිබඳ අවසන් කටයුතු සැප්තැම්බර් 19 වැනි සඳුදා සිදු කිරීමට නියමිතයි. ඒ වින්සර් මාළිගයේ රාජකීය සුසාන භූමියේදීයි.
2022-09-12T02:31:31.000Z
අන්තර් පාර්ලිමේන්තු සංගමයේ මහ ලේකම් හා අගමැති අතර හමුවක්
මාටින් චුන්ගොන් හා අගමැති අතර හමුවක්
COLOMBO (News 1st): දෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි අන්තර් පාර්ලිමේන්තු සංගමයේ මහලේකම් මාටින් චුන්ගොන් මහතා අද (12) අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවී සාකච්ඡා කිරීමට නියමිතව තිබේ. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා ඊට අමතරව ඔහු කතානායක මහින්ද යාපා අබේවර්ධන, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යන මහතවරුන් ද හමුවී සාකච්ඡා කිරීමට නියමිතව තිබේ. අන්තර් පාර්ලිමේන්තු සංගමයේ මහලේකම් මාටින් චුන්ගොන් මහතා හෙට දිනයේ ජනාධිපතිවරයා හමුවීමට නියමිතයි. මාටින් චුන්ගොන් මහතා ඊයේ දිනයේ මෙරටට පැමිණයේ ය. ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසුවේ, එමිරේට්ස් ගුවන් සේවයට අයත් යානයකින් ඊයේ මෙරටට පැමිණි ඒ මහතා පිළිගැනීම සඳහා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා කටුනායක ගුවන් තොටුපළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටි බවයි. අන්තර් පාර්ලිමෙන්තු සංගමයේ සාමාජික රටවල් සංඛ්‍යාව 178 කි.
2022-09-12T02:20:07.000Z
මානව හිමිකම් කවුන්සිලයේ 51 වන සැසිය ඇරඹේ... විදේශ ඇමති ත් අද සැසිය අමතයි.
මානව හිමිකම් කවුන්සිලයේ 51 වන සැසිය ඇරඹේ...
COLOMBO (News 1st): එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 51 වන සැසිය අද සුවිස්ටර්ලන්තයේ ජිනීවා නුවරදී ආරම්භ වේ. සැසිය ලබන මස 07 වෙනිදා දක්වා පැවැත්වෙනු ඇති. විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා අද දිනයේ එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 51 වන සැසිය ඇමතීමට නියමිතයි. එම සැසියට සහභාගිවීම සඳහා ජිනීවා නුවරට ගොස් සිටින විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතාගේ නායකත්වයෙන් යුත් කණ්ඩායමට අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ , නීතිපති දෙපාර්තමේන්තුවේ හා විදේශ අමාත්‍යංශයේ නිලධාරින් පිරිසක් ද ඇතුළත් වෙති. මේ අතර එම සැසියට සහභාගිවීම සඳහා සමග ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මුජිබර් රහ්මාන්, වෛද්‍ය කාවින්ද ජයවර්ධන සහ නීතිඥ එරන්ද වැලිඅංගේ යන මහත්වරු ද ජිනීවා නුවර බලා පිටත්ව ගියහ. මේ අතර අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය නිවේදනය කළේ, වසර ගණනාවක් සිය සංගමයේ නීතිමය කටයුතුවලට හා ගෝල්ෆේස් අරගලයේ ක්‍රියාකාරී මැදිහත්වීමත් නිසා නුවන් බෝපගේ මහතාට ජිනීවා සැසිවාරය ආමන්ත්‍රණය කිරීමට අවස්ථාවක් ලැබී ඇති බවයි. ඒ සඳහා නුවන් බෝපගේ මහතා පෙරේදා ජිනීවා නුවර බලා පිටත්ව ගියේ ය. එහිදී අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයට එල්ල වී ඇති මර්දනය පිළිබඳව ඔහු ජාත්‍යන්තරය දැනුවත් කරනු ඇති.
2022-09-12T02:11:36.000Z
අමෙරිකානු නියෝජිත සමැන්තා පවර් දිවයිනෙන් පිටත්ව යයි
සමැන්තා පවර් දිවයිනෙන් පිටත්ව යයි
COLOMBO (News 1st): දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතයේ පරිපාලක, සමැන්තා පවර් මහත්මිය ඇතුළු පිරිස දිවයිනෙන් පිටත්ව ගියහ. කටුනායක ගුවන් තොටුපළ කාර්යභාර කළමනාකාරවරයා පැවසුවේ, අද අලුයම 3.50 ට පමණ කටාර් ගුවන් සේවයට අයත් යානයකින් ඇය පිටත්ව ගිය බවයි. පවතින ආර්ථික අර්බුදය පිළිබඳව සාකච්ඡා කිරීම සහ අමෙරිකාව සහ ශ්‍රී ලංකාව අතර සංවර්ධන හවුල්කාරිත්වය ශක්තිමත් කිරීම අරමුණු කර ගනිමින් සමැන්තා පවර් මහත්මිය ඇතුළු පිරිස පෙරේදා දිවයිනට පැමිණියහ. පෙරේදා ජා - ඇල ඒකල ප්‍රදේශයේ පිහිටි ගොවි බිමකට ගොස්, ගොවීන් මුහුණ දෙන ගැටලු සාකච්ඡා කළ සමැන්තා පවර් මහත්මිය පැවසුවේ, මෙරට ගොවි ජනතාවගේ අවශ්‍යතා වෙනුවෙන් ඩොලර් මිලියන 40 ක් ප්‍රදානය කරන බවයි. ආහාර සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සඳහා මානූෂීය ආධාර ලෙස අමෙරිකාව තවත් ඩොලර් මිලියන 20 ක් මෙරටට ලබා දෙන බව ද සමැන්තා පවර් මහත්මිය ඊයේ කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකදි සඳහන් කළා ය. සමැන්තා පවර් මහත්මිය ඊයේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද හමුවී සාකච්ඡා කළා ය. ඇය මීට පෙර 2015 වසරේ මෙරටට පැමිණියේ මංගල සමරවීර මහතා විදේශ අමාත්‍යවරයාව සිටියදීයි.
2022-09-12T01:00:11.000Z
ආසියානු ක්‍රිකට් කුසලානය හිමිකරගත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ජනපතිගෙන් උණුසුම් සුබ පැතුම්..!
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ජනපතිගෙන් සුබ පැතුම්
COLOMBO (News 1st): 2022 ආසියානු ක්‍රිකට් කුසලානය හිමිකරගත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය උණුසුම් සුභාශිංසන පිළිගන්වා තිබේ. ආසියානු ක්‍රිකට් තරගාවලියේ පකිස්ථානයට එරෙහිව අවසන් මහා තරගයෙන් වාර්තාගත විශිෂ්ට ජයග්‍රහණයක් අත්කර ගනිමින් අපේ ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකා කීර්තිනාමය නැවත ජාත්‍යන්තරය හමුවේ ඔසවා තබා ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක සඳහන්ය. මෙම සියලු ජයග්‍රහණයන්ට නායකත්වයේ සහ කණ්ඩායමේ සෙසු සාමාජිකයන්ගේ එකමුතුව සහ අසීමාන්විත කැපවීම ඉවහල් විය. ඒ වෙනුවෙන් කැප වූ පුහුණුකරුවන්ට, කළමණාකාරිත්වයට හා පරිපාලනයටද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ස්තූතිය පුද කර සිටී. ශ්‍රී ලංකාව මුහුණ දී සිටින අභියෝගකාරී තත්ත්වය හමුවේ වුවද මාතෘ භූමිය වෙනුවෙන් එක්සිත්ව ජයග්‍රහණය තෙක් සියලුදෙනා කළ පොදු කැපවීම ක්‍රිකට් ලෝකයට පමණක් නොව සෙසු ක්ෂේත්‍රවල දෙවන පරපුරට ද මහඟු ආදර්ශයක් බව සඳහන් කරන ජනාධිපතිතුමා මෙම විශිෂ්ට ජයග්‍රහණය වෙනුවෙන් කැපවූ සියලුදෙනා වෙත හෘදයාංගම ස්තූතිය පිරිනමන බවද මෙම නිවේදනයේ සඳහන්ය.