date
stringlengths
24
24
title
stringlengths
0
176
short_title
stringlengths
10
69
content
stringlengths
0
19.7k
2022-09-29T08:06:12.000Z
22 ලබන සතියේ විවාදයට
22 ලබන සතියේ විවාදයට
COLOMBO (News 1st) – 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ලබන 6 සහ 7 විවාදයට ගැනීමට තීරණය කර තිබේ. ඒ , අද (29) පෙරවරුවේ රැස්වු පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදීයි. පාර්ලිමේන්තුව ලබන 3 වැනිදා සිට 7 වැනිදා දක්වා රැස්වීමට ද එහිදී තීරණය කර තිබේ.
2022-09-29T05:32:37.000Z
ගල් අඟුරු ප්‍රසම්පාදනයට දීර්ඝ කාලින ටෙන්ඩරය නිකුත් කිරීම ලබන සතියේ - කංචන විජේසේකර
ගල් අඟුරු ටෙන්ඩරය නිකුත් කිරීම ලබන සතියේ
COLOMBO (News 1st) - ගල් අඟුරු ප්‍රසම්පාදනය වෙනුවෙන් කෙටි කාලීන අවශ්‍යතා ටෙන්ඩර් කැඳවීම ජාත්‍යන්තර තරඟකාරී මිල ගණන් අනුව සිදු කරන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. ඔහු නිකුත් කළ ටුව්ටර් පණිවුඩයක් දැක්වෙන්නේ, ලංකා ගල් අඟුරු සමාගමේ ලියාපදිංචි සහ ලියාපදංචි නොමැති එම සැපයුම සම්පුර්ණ කළ හැකි ඕනෑම පාර්ශවයකට ඒ සඳහා සහභාගී විය හැකි බවයි. අවම දින 180 ක ණය කාලයක් සමග සැපයුම සම්පුර්ණ කළ යුතු බව එහි සඳහන් ය. දීර්ඝ කාලින ටෙන්ඩරය ද එළඹෙන සතියේ නිකුත් කරන බව අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසුවේ ය.
2022-09-29T05:26:35.000Z
පොලිස් ස්ථානාධිපතිවරු 23 කට ස්ථාන මාරු
පොලිස් ස්ථානාධිපතිවරු 23 කට ස්ථාන මාරු
COLOMBO (News 1st) - පොලිස් ස්ථානාධිපතිවරුන් 23 දෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබා දී තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දුව මහතා සඳහන් කළේ, ඔවුන් පොලිස් ස්ථානවල වෙනත් රාජකාරි සඳහා යොදාවා ඇති බවයි. පොලිස්පතිවරයාගේ නියෝග අනුව ඔවුන්ට ඊයේ (28) දිනයේ ස්ථාන මාරුවීම් ලබාදී ඇත.
2022-09-29T05:23:42.000Z
ජනපති හා පිලිපීන ජනපති අතර ද්විපාර්ශවික සාකච්ඡා
ජනපති හා පිලිපීන ජනපති අතර ද්විපාර්ශවික සාකච්ඡා
COLOMBO (News 1st) - පිලිපීනයේ සංචාරයක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පිලිපීනයේ මැනිලා නුවරදී එරට ජනාධිපති ෆර්ඩිනන්ඩ් ආර්. මාර්කෝස් සමග ද්විපාර්ශවික සාකච්ඡා පවත්වා තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ පස්වරුවේ සිය පිලිපීන නිල සංචාරය ආරම්භ කළේ ය. රනිල් වික්‍රමසිංහ මහතා එරට ජනාධිපති ෆර්ඩිනන්ඩ් ආර්. මාර්කෝස් හමුවී ද්විපාර්ෂවික සාකච්ජා පැවැත්වී ය. ජනාධිපතිවරයා මෙම සංචාරයේදී ආසියානු සංවර්ධන බැංකුවේ පාලක මණ්ඩල රැස්වීමට එක්වීමට ද නියමිතයි.
2022-09-29T03:20:06.000Z
උහන ප්‍රදේශයේ හමා ගිය දැඩි සුළඟකින් නිවාස 9කට හානි
උහන ප්‍රදේශයේ හමා ගිය දැඩි සුළඟකින් නිවාස 9කට හානි
COLOMBO (News 1st) - අම්පාර, උහන බණ්ඩාරදූව ප්‍රදේශය හරහා ඊයේ (28) පස්වරුවේ හමා ගිය දැඩි සුළඟකින් නිවාස 9 කට පමණ හානි සිදුව තිබේ. ආපදා කළමනාකරණ ඒකකයේ අම්පාර දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ එම්.ඒ.සී.එම් රියාස් මහතා සඳහන් කළේ, පුද්ගලයින් 19 දෙනෙකු ආරක්ෂිත ස්ථාන වෙත රඳවා ඇති බවයි. විදුලි රැහැන් මතට ගස් කඩා වැටීමෙන්, බණ්ඩාරදුව ප්‍රදේශයේ විදුලිය සැපයුම ද බිඳ වැටී ඇත. සබරගමුව පළාතේ මෙන්ම මහනුවර හා නුවරඑළිය දිස්ත්‍රික්කවලට විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, බස්නාහිර සහ වයඹ පළාත්වල මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල වැසි ඇති විය හැකි බවයි. ඌව පළාත සහ අම්පර, මඩකලපුව දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට අද සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
2022-09-29T01:32:42.000Z
කෝටි 5ක කොකේන් සමග විදේශිකයෙක් රේගු භාරයට
කෝටි 5ක කොකේන් සමග විදේශිකයෙක් රේගු භාරයට
COLOMBO (News 1st) - රුපියල් කෝටි 5ක් පමණ වටිනා කොකේන් මත්ද්‍රව්‍ය ගුලි ගිල මෙරටට පැමිණි උගන්ඩා ජාතිකයෙකු කටුනායක ගුවන්තොටුපොළේදී රේගු නිලධාරීන් භාරයට ගෙන තිබේ. අත්අඩංගුවට පත්ව ඇත්තේ, උගන්ඩාවේ සිට කටාර් රාජ්‍යයේ දෝහා නගරය හරහා මෙරටට පැමිණි වයස අවුරුදු 43 හැවිරිදි සැකකරුවෙකි. සැකකරු කොකේන් ගුලි 80 ක් පමණ ගිල දමා ඇති අතර මේ වනවිට කොකේන් ගුලි 17 ක ශරීරයෙන් ඉවතට ගෙන තිබේ. රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, සැකකරු සහ මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය භාරදුන් බවයි.
2022-09-29T01:22:29.000Z
අද (29) ත් පැය 2 යි විනාඩි 20 ක විදුලි කප්පාදුවක්
අද (29) ත් පැය 2 යි විනාඩි 20 ක විදුලි කප්පාදුවක්
COLOMBO (News 1st) - අදත් (29) පැය 2 යි විනාඩි 20 ක විදුලි කප්පාදුවක් සිදු කිරීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව විදුලිබල මණ්ඩලයට අවසර ලබා දී තිබේ. ඒ අනුව A සිට W දක්වා කලාපවලට දහවල් කාලයේ පැයක් විදුලි කප්පාදු කිරීමට නියමිතයි. එම කලාප සඳහා රාත්‍රී කාලයේදී පැය 1 යි විනාඩි 20 ක කාලයක් විදුලි සැපයුම විසන්ධි කෙරෙනු ඇති.
2022-09-29T01:18:35.000Z
අවුරුදු 5 ට අඩු දරුවන් 14.6%ක් අඩු බර දරුවන්
අවුරුදු 5 ට අඩු දරුවන් 14.6%ක් අඩු බර දරුවන්
COLOMBO (News 1st) - බර කිරීමට ලක් කළ මෙරට අවුරුදු 5 ට අඩු දරුවන් අතරින් 14.6% ක් අඩු බර දරුවන් ලෙස පසුගිය මාසයේ වාර්තා වී තිබේ. පවුල් සෞඛ්‍ය කාර්යංශයේ විශේෂඥ වෛද්‍ය කෞෂල්‍යා කස්තුරිආරච්චි මහත්මිය දෙමාපියන්ගෙන් ඉල්ලා සිටියේ, අවුරුදු 5 ට අඩු දරුවන් සිටි නම් ළඟම ඇති පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය හමුවී දරුවාග් උස, බර, දිග මැනගන්නා ලෙසයි. දිස්ත්‍රික්ක මට්ටමින් ගත් විට අඩු බර දරුවන්ගේ වාර්තා කිරීම වැඩිම ප්‍රතිශතයක් වාර්තා වන්නේ නුවරඑළිය දිස්ත්‍රික්කයෙනි. දෙවනුව වව්නියාව දිස්ත්‍රික්කයෙන් හා තෙවනුව අම්පාර දිස්ත්‍රික්කයෙන් වාර්තා වන බව පවුල් සෞඛ්‍ය කාර්යංශයේ විශේෂඥ වෛද්‍ය කෞෂල්‍යා කස්තුරිආරච්චි මහත්මිය පැවසීය.
2022-09-29T00:46:49.000Z
මැතිවරණ කොමිසම සහ අගමැති අතර සාකච්ඡාවක්
මැතිවරණ කොමිසම සහ අගමැති අතර සාකච්ඡාවක්
COLOMBO (News 1st) - උදෑසන 9.00 ට අග්‍රාමාත්‍ය කාර්යාලයේදී ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරීන් සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතර සාකච්ඡාවක් අද (29) පැවැත්වේ. ඉදිරි මැතිවරණය පැවැත්වීම පිළිබඳව සහ එහි කටයුතු සිදු කෙරෙන ආකාරය සම්බන්ධයෙන් මෙහිදී අවධානයට ලක් කිරීමට නියමිත බව මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා පැවසී ය. ඔහු සඳහන් කළේ, අග්‍රාමාත්‍යවරයාගෙන් කළ ඉල්ලීමක් අනුව මෙම සාකච්ඡාව ලැබුණු බවයි. එළඹෙන වසරේ මාර්තු 20 වැනි දාට පෙර පළාත් පාලන ඡන්දය පැවැත්වීම ජාතික මැතිවරණ කොමිසන් සභාවේ අරමුණයි. මේ අතර ජනතා ගැටලුවලට විසඳුම් ලබාදීමට නම් මැතිවරණයක් කැඳවිය යුතු බව ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලඇත්තන් ඊයේ අවධාරණය කළේ ය.
2022-09-28T19:11:16.000Z
මෙරට පවුල් 10 කින් 4 ක් ප්‍රමාණවත් ආහාර අනුභව කරන්නේ නැහැ - ලෝක ආහාර වැඩසටහන
ලෝක ආහාර වැඩසටහනෙන් නවතම අනාවරණයක්
COLOMBO (News 1st) - ශ්‍රී ලංකාවේ සෑම පවුල් දහයකින් පවුල් හතරක් ප්‍රමාණවත් නොවන ආහාර අනුභව කරන බව ලෝක ආහාර වැඩසටහනේ නවතම වාර්තාවෙන් අනාවරණය කර තිබේ. එම වැඩසටහන පෙන්වා දෙන්නේ, උඩු දුවන ආර්ථික අර්බුදය මෙරට ආහාර සුරක්ෂිතතාවයට දිගින් දිගටම තර්ජනයක් වන බවත්, ඉහළ යන ආහාර සහ ඉන්ධන මිල ගණන් හේතුවෙන් මෙලෙස ජනතාව ආහාර අනුභවයෙන් ඉවත්ව යමින් සිටින බව ය. ඉදිරියේදී මෙරට තත්ත්වය තවත් අයහපත් තත්ත්වයට පත්විය හැකි බවට ලෝක ආහාර වැඩසටහන අනතුරු අඟවයි. ශ්‍රී ලාංකිකයන් අතර ආහාර වේල අවිනිශ්චිත තත්ත්වයක පවතින බව අවධාරණය කරමින් ලෝක ආහාර වැඩසටහන පවසන්නේ, රට පුරා ආහාර මිල ගණන් ඉහළ මට්ටමක පැවතීම හේතුවෙන් බොහෝ දෙනා විවිධත්වයෙන් අඩු ආහාර පරිභෝජනයට නැඹුරුව ඇති බවයි.
2022-09-29T00:29:21.000Z
ජාතික සභාව අද පළමුවරට රැස්වෙයි
ජාතික සභාව අද පළමුවරට රැස්වෙයි
COLOMBO (News 1st) - ජාතික සභාවේ පළමු රැස්වීම අද (29) පැවැත්වේ. ඒ, කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙනි. පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද උදෑසන 10.30 ට රැස්වීම ආරම්භ වනු ඇති. ජාතික සභාව සඳහා පත් කෙරුණු මන්ත්‍රීවරුන්ගේ නාම ලේඛනය කතානායකවරයා පාර්ලිමේන්තුවේ දී පසුගිය දා ප්‍රකාශයට පත් කළේ ය. මේ අතර, පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ විශේෂ රැස්වීමක් ද අද පැවැත්වේ. ඒ, කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙනි. රැස්වීම උදෑසන 9.30 ට ආරම්භ වනු ඇති. පාර්ලිමේන්තුවේ ලබන සතියේ කටයුතු පිළිබඳව තීරණය කිරීම සඳහා මෙම රැස්වීම පැවැත්වෙන බව පාර්ලිමේන්තුව සඳහන් කළේ ය.
2022-09-29T00:24:18.000Z
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්
1. තඹුත්තේගම මංකොල්ලය : පොහොට්ටු ප්‍රා. සභා මන්ත්‍රීගේ පක්ෂ සාමාජිකත්වය අත්අහිටුවනවා – සාගර කාරියවසම් - තඹුත්තේගම මංකොල්ලය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පොදුජන පෙරමුණේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයාගේ පක්ෂ සාමාජිකත්වය අත්අහිටුවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් මහතා පවසයි. 2. උදැල්ලකින් පහර දී පියා ඝාතනය කර සිරුර පිළිස්සූ පාපී පුත්‍රයෙක් - හෝකන්දර දකුණ ප්‍රදේශයේදී උදැල්ලකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ. 3. රජයේ මුදලින් නිවසේ දුරකතන බිල ගෙවූ බවට චෝදනා එල්ල වූ කෙහෙළියට අධිචෝදනා - හිටපු ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල හා රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ජයම්පති හීන්කෙන්ද යන මහත්වරුන්ට කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා ඉදිරියේදි අධිචෝදනා භාරදෙනු ලැබිණ. 4. අධිආරක්ෂිත කලාප ගැසට් නිවේදනය අභියෝගයට ලක් කරමින් පෙත්සමක් - ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නිකුත් කර ඇති අධිආරක්ෂක කලාප ගැසට් පත්‍රය අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට මුලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබේ. 5. කජීමාවත්තේ අවතැන් වූ ජනතාවට කඩිනම් සහන - මෝදර, කජීමාවත්තේ වතු නිවාස පෙළක ඇති වූ ගින්නෙන් අවතැන් වූ පුද්ගලයින් 300 ක් සඳහා කඩිනමින් සහන සලසන බව කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතා පවසයි.
2022-09-28T12:15:50.000Z
චීනයේ අවන්හලක ගින්නක්,17ක් මරුට
චීනයේ අවන්හලක ගින්නක්,17ක් මරුට
COLOMBO (News 1st) - චීනයේ අවන්හලක හටගත් ගින්නකින් පුද්ගලයින් 17 දෙනෙකු මිය ගොස් තිබේ. විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ, චැංචුන් නගරයේ ආපනශාලාවක මෙලෙස ගින්න හටගෙන ඇති බවයි. කෙසේවෙතත් මේ වන විට ගින්න සම්පූර්ණයෙන්ම නිවා දමා ඇතැයි විදෙස් වාර්තාවන්හි සඳහන් ය.
2022-09-28T11:09:18.000Z
තඹුත්තේගම මංකොල්ලය : පොහොට්ටු ප්‍රා. සභා මන්ත්‍රීගේ පක්ෂ සාමාජිකත්වය අත්අහිටුවනවා - සාගර කාරියවසම්
''ප්‍රා. සභා මන්ත්‍රීගේ සාමාජිකත්වය අත්හිටුවනවා''
COLOMBO (News 1st) – තඹුත්තේගම මංකොල්ලය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පොදුජන පෙරමුණේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයාගේ පක්ෂ සාමාජිකත්වය අද අත්අහිටුවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් මහතා පවසයි. අද කොළඹ පැවති මධ්‍ය හමුවකදී ප්‍රධාන ලේකම්වරයා පැවසුවේ, ඔහුට විරුද්ධව සාක්ෂි ඇති බව ඔප්පු වුවහොත් ප්‍රාදේශීය සභා සභික ධුරය අහිමි කිරීමට පක්ෂය තීන්දු කර ඇති බවයි. තඹුත්තේගමදී සිදු වූ රුපියල් කෝටි 2 කට අධික මුදල් කොල්ලය සම්බන්ධයෙන් රාජාංගන ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු ඊයේ අත්අඩංගුවට ගැනිණ. තඹුත්තේගමදී පෞද්ගලික බැංකුවක තැන්පත් කිරීමට රැගෙන යමින් සිටි රුපියල් කෝටි 2 කට අධික මුදලක් කොල්ල කා පළා යන අවස්ථාවේදී ඒ අසලින් ගමන් ගත් තඹුත්තේගම පොලීසියේ විවිධ පැමිණිලි අංශයේ පොලිස් සැරයන් බුද්ධි කුමාර මහතා කොල්ලකරුවන් සමග පොර බදා ඔවුන් සතුව තිබු ගිනි අවිය ද උදුරා ගෙන සැකකරුවන් දෙදෙනා ද අත්අඩංගුවට ගෙන තිබිණ. සැකකරුවන් අතට පත් වූ මුදල් එම අවස්ථාවේදීම පොලීසිය භාරයට ද ගෙන තිබිණ. අත්අඩංගුවට ගත් සැකකරුවන් තඹුත්තේගම කළුන්දෑගම ප්‍රදේශයේ පදිංචි 48 හා 50 වැනි වියේ පසුවන්නන් දෙදෙනෙකි. එක් සැකකරුවෙක් එම පෞද්ගලික බැංකුවේ රාජකාරි කරන ආරක්ෂක නිලධාරියෙකු බව ද වාර්තා විය. සැකකරුවන් කොල්ල කා තඹුත්තේගම නගරයේ තොග වෙළෙඳාමේ නිරත ව්‍යාපාරියෙකුට අයත් මුදල් තොගයකි.
2022-09-28T10:30:35.000Z
උදැල්ලකින් පහර දී පියා ඝාතනය කර සිරුර පිළිස්සූ පාපී පුත්‍රයෙක්
උදැල්ලකින් පහර දී පියා ඝාතනය කළ පුත්‍රයෙක්
COLOMBO (News 1st) – හෝකන්දර දකුණ ප්‍රදේශයේදී උදැල්ලකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතීඥ නිහාල් තල්දුව මහතා සඳහන් කළේ, අද අලුයම් කාලයේදි මියගිය පුද්ගලයාගේ පුත්‍රයා මෙම පහරදීම සිදුකර ඇති බවයි. පහරදීමෙන් මියගිය සිය පියාගේ සිරුරට සැකකරු විසින් ගිනි තබා ඇති බව ද පොලිසිය පවසයි. පොලිසිය පැසුවේ, සිද්ධියෙන් තුවාල ලැබූ 50 හැවිරිදි ඔහුගේ මව ද තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවයි. පහරදීමෙන් මියගොස් ඇත්තේ 57 හැවිරිදි ත්‍රිරෝද රථ රියැදුරෙකි. සැකකාර පුත්‍රයා ප්‍රදේශයෙන් පලාගොස් තිබේ.
2022-09-28T10:13:30.000Z
රජයේ මුදලින් නිවසේ දුරකතන බිල ගෙවූ බවට චෝදනා එල්ල වූ කෙහෙළියට අධිචෝදනා
කෙහෙළිය රඹුක්වැල්ලට අධිචෝදනා
COLOMBO (News 1st) – හිටපු ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල හා රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ජයම්පති හීන්කෙන්ද යන මහත්වරුන්ට අද කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා ඉදිරියේදි අධිචෝදනා භාරදෙනු ලැබිණ. අධිචෝදනා භාරදීමෙන් අනතුරුව එම විත්තිකරුවන් දෙදෙනා රුපියල් 30,000 බැගින් වූ මුදල් ඇප හා රුපියල් තුන්ලක්ෂ පනස් දහස බැගින් වූ ශරිර ඇප 02 ක් මත මුදා හැරීමට ප්‍රධාන මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා නියෝග කළේ ය. 2011 ඔක්තෝම්බර් 13 වැනිදා හෝ ඊට ආසන්න දිනකදී රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවට අයත් රුපියල් දෙලක්ෂ තිස්දහස් නවසීය අසූ හතරයි ශත හතළිස් පහක් යොදා සිය පෞද්ගලික දුරකතන බිල ගෙවීමට එම සංස්ථාවේ සභාපතිවරයා පෙළබවීම සහ එකී දුරකතන බිල ගෙවීම ඇතුළු චෝදනා යටතේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් එම විත්තිකරුවන් දෙදෙනාට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර නඩු පවරා තිබිණ. එම නඩුව ලබන නොවැම්බර් 03 වැනිදා යළි කැඳවීමට ද විනිසුරුවරයා නියෝග කළේ ය.
2022-09-28T08:32:19.000Z
අධිආරක්ෂිත කලාප ගැසට් නිවේදනය අභියෝගයට ලක් කරමින් පෙත්සමක්
අධිආරක්ෂිත කලාප ගැසට්:ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්
COLOMBO (News 1st) - ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නිකුත් කර ඇති අධිආරක්ෂක කලාප ගැසට් පත්‍රය අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට මුලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබේ. ඒ, සමගි ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හර්ෂණ රාජකරුණා සහ මුජුබර් රහුමාන් යන පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් විසිනි. මේ අතර ඇලන් මැතිණියාරාමාධිපති, පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේ ය. ඒ, හිටපු අමාත්‍ය මිලින්ද මොරගොඩ මහතා ඇතුළු පස්දෙනෙකු ගොනු කළ නඩුවක් අද කැඳවූ අවස්ථාවේදී ධම්මාලෝක හිමියන් අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙනි. අධික ශබ්දයෙන් ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කිරීමෙන් මහජනයට පීඩාවක් වන බව සඳහන් කරමින් ඔවුන් මෙම නඩුව පවරා තිබුණි. නඩුව ඔක්තෝබර් මස 31 වැනි දා යළි කැඳවීමට තීරණය කෙරුණි.
2022-09-28T04:10:27.000Z
කජීමාවත්තේ අවතැන් වූ ජනතාවට කඩිනම් සහන
කජීමාවත්තේ අවතැන් වූ ජනතාවට කඩිනම් සහන
COLOMBO (News 1st) - මෝදර, කජීමාවත්තේ වතු නිවාස පෙළක ඇති වූ ගින්නෙන් අවතැන් වූ පුද්ගලයින් 300 ක් සඳහා කඩිනමින් සහන සලසන බව කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතා පවසයි. ඔහු සඳහන් කළේ, මෙම පිරිසට නාගරික සංවර්ධන අධිකාරිය සතු නිවාස සංකීර්ණවලින් නිවාස ලබාදීම සඳහා යෝජනාවක් අද (28) දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවට ඉදිරිපත් කරන බවය. මෝදර, කජීමාවත්තේ වතු නිවාස පෙළක ඊයේ රාත්‍රි 7.30 ට පමණ ගිනනක් හට ගත්තේ ය. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර නිශ්චිත හේතු සොයා ගැනීම සඳහා අද පෙරවරුවේ රස පරීක්ෂකවරයා කැඳවීමට නියමිතයි.
2022-09-28T03:47:22.000Z
අනුරාධපුරයේ වන අලි ප්‍රහාරවලින් තිදෙනෙක් මරුට
වන අලි ප්‍රහාරවලින් තිදෙනෙක් මරුට
COLOMBO (News 1st) - අනුරාධපුරයේ ප්‍රදේශ කිහිපයක සිදු වූ වන අලි ප්‍රහාරවලින් පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් තිබේ. පොලීසිය පැවසුවේ, ඊයේ රාත්‍රි කැබිතිගොල්ලෑව පොලිස් වසමේ ස්ථාන දෙකකදී වන අලි පහරදීමෙන් කාන්තාවක හා පිරිමි පුද්ගලයෙකු මියගිය බවයි. අනුරාධපුර, මොරගොඩ කළුඑබේ ප්‍රදේශයේදී ද වන අලි පහරදීමකින් පුද්ගලයෙකු මිය ගියේ ය. ඔහු 58 හැවිරිදි කළුඑබේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඊයේ සවස ඔහු මෙම වන අලි ප්‍රහාරයට ලක්ව තිබේ. මේ අතර එප්පාවල ප්‍රදේශයේ එල්ල වූ වන අලි ප්‍රහාරවලින් 58 හා 64 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙකු පෙරේදා රාත්‍රියේ මිය ගියේ ය.
2022-09-28T02:11:45.000Z
සුදු මැස්සාගෙන් ප්‍රදේශ රැසක පොල් වගාවට දැඩි බලපෑම්
සුදු මැස්සාගෙන් ප්‍රදේශ රැසක පොල් වගාවට දැඩි බලපෑම
COLOMBO (News 1st) - සුදු මැස්සා හානිය හේතුවෙන් ප්‍රදේශ රැසක පොල් වගාවට දැඩි බලපෑම් එල්ල වී තිබේ. පොල් පර්යේෂණ ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ආචාර්ය නයනී ආරච්චිගේ මහත්මිය සඳහන් කළේ, තෙත් කලාපීය පොල් වගාවේ මෙම තත්ත්වය බහුලව දැකිය හැකි බවයි. පළිබෝධ හානිය මර්දනය කිරීම සඳහා පළිබෝධ නාශක කිහිපයක් නිර්දේශ කර ඇති බව ආචාර්ය නයනී ආරච්චිගේ මහත්මිය ප්‍රකාශ කළා ය.
2022-09-28T02:09:03.000Z
IMF සමුළුවට සහභාගී වීමට මෙරට නියෝජිතයින් ලබන 10 වැනි දා වොෂින්ටනයට
මෙරට නියෝජිත පිරිසක් ලබස මස IMF සමුළුවට
COLOMBO (News 1st) - ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හා ලෝක බැංකුවේ වාර්ෂික සමුළුවට මෙරට නියෝජිත පිරිසක් සහභාගී කරවීමට තීරණය කර තිබේ. වැඩ බලන මුදල් අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සඳහන් කළේ, තමන් ඇතුළු පිරිසක් සමුළුවට සහභාගි වන බවයි. සමුළුව ලබන මස 10 වැනි දා සිට 16 වැනි දා දක්වා අමෙරිකාවේ වොෂින්ටන් නුවරදී පැවැත්වීමට සැලසුම් කර ඇත. වැඩ බලන මුදල් අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසුවේ, සමුළුවට මහ බැංකු අධිපතිවරයා, මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු පිරිසක් ද සහභාගි වන බවය. මෙරට ණය ප්‍රතිව්‍යුහගත කිරීම් හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ලබා ගැනීම සම්බන්ධ වැඩසටහන් හේතුවෙන් මෙවර සමුළුව ශ්‍රී ලංකාවට ඉතා වැදගත් වන බව ඔහු ප්‍රකාශ කළේ ය.
2022-09-28T02:05:20.000Z
පිළියන්දල නිවසක කොල්ලයක්... කෝටියක රන් භාණ්ඩ සොරා ගනී
පිළියන්දල නිවසකින් රු. කෝටියක රන් භාණ්ඩ සොරා ගනී
COLOMBO (News 1st) - පිළියන්දල, මකුලුදූව ප්‍රදේශයේ ව්‍යාපාරික නිවසකින් රුපියල් කෝටියකට අධික වටිනාකමින් යුත් රන් භාණ්ඩ සොරා ගැනීම සම්බන්ධයෙන් පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ. පොලීසිය සඳහන් කළේ, සැකකරුවන් විසින් නිවසේ අල්මාරියේ තිබූ පවුම් 66 කට අධික බරින් යුත් රන් භාණ්ඩ එලෙස සොරාගෙන ඇති බවයි. ඊයේ දහවල් සොරකම සිදුව ඇති අතර ඒ වනවිට කිසිවෙකුත් නිවසේ සිට නොමැත.
2022-09-28T01:47:22.000Z
මෝදර, කජිමාවත්තේ ගින්නෙන් නිවාස 80 කට හානි
මෝදර, කජිමාවත්තේ ගින්නෙන් නිවාස 80 කට හානි
COLOMBO (News 1st) - මෝදර, කජිමාවත්තේ ගින්නෙන් නිවාස 80 ක් පමණ විනාශ වී ඇති බව පොලීසිය පවසයි. පොලීසිය සඳහන් කළේ, ඊයේ රාත්‍රී 7.30 ට පමණ හටගත් ගින්න කොළඹ ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් පාලනය කළ බවයි. ගින්නට නිශ්චිත හේතු සොයා ගැනීම සඳහා අද පෙරවරුවේ රස පරීක්ෂකවරයා කැඳවීමට නියමිතයි. මේ අතර කොළඹ ප්‍රාදේශීය ලේකම් නාලක රත්නායක මහතා පැවසුවේ, ගින්නෙන් නිවාස අහිමි වූ පිරිස මෝදර උයන ප්‍රජා ශාලාවේ හා විහාරස්ථානයක තාවකාලිකව රැඳවීමට පියවර ගෙන ඇති බවයි. මේ අතර ගින්නෙන් පීඩාවට පත්වූවන්ට වහාම සහන සලසන ලෙසට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජපානයේ සිට ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාට ඊයේ උපදෙස් දී තිබේ.
2022-09-28T01:39:39.000Z
සිසුන්ගෙන් 78% කට ආහාර වේලක් - අධ්‍යාපන අමාත්‍යාංශය
සිසුන්ගෙන් 78% කට ආහාර වේලක්
COLOMBO (News 1st) - මෙරට පාසල් පද්ධතියෙන් 78% ක සිසුන්ට මේ වනවිට ආහාර වේලක් ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. එහි අතිරේක ලේකම් මහින්ද යාපා මහතා සඳහන් කළේ, ඒ අනුව පාසල් 7925 ක මෙම වැඩසටහන ක්‍රියාත්මක බවයි. සෙසු පාසල්වල ද පෞද්ගලික අංශයේ දායකත්වයෙන් පෝෂණ වැඩසටහන් ආරම්භ කර ඇති බව ඔහු ප්‍රකාශ කළේ ය. පාසල් සිසුන් නිවසින් රැගෙන ආහාර වේලේ පෝෂ්‍ය ගුණය පිළිබඳ අධීක්ෂණය කරන ලෙස ගුරුවරුන්ට උපදෙස් දී ඇති බව ද අතිරේක ලේකම්වරයා ප්‍රකාශ කළේ ය.
2022-09-28T01:35:32.000Z
අද (28) විදුලි කප්පාදුව වෙන්නෙ මෙහෙමයි..
අද (28) විදුලි කප්පාදුව වෙන්නෙ මෙහෙමයි..
COLOMBO (News 1st) - අද (28) පැය 2යි විනාඩි 20 ක විදුලි කප්පාදුවක් සිදු කිරීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව විදුලිබල මණ්ඩලයට අවසර ලබාදී තිබේ. ඒ අනුව A සිට L දක්වා හා P සිට W දක්වා කලාපවලට දහවල් කාලයේ පැයක් විදුලි කප්පාදු කිරීමට නියමිතයි. එම කලාප සඳහා රාත්‍රී කාලයේදී පැය 1යි විනාඩි 20 ක කාලයක් විදුලි සැපයුම විසන්ධි කෙරෙනු ඇති. මේ අතර නොරොච්චෝලේ බලාගාරයේ තවත් ජනන යන්ත්‍රයක් අක්‍රියවීමත් සමග ඉන් ලැබෙන විදුලිය ප්‍රමාණය මෙගා වොට් 270 කට අඩු විය. විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය පැවසුවේ, එය අලුත්වැඩියා කිරීමට දින 5 ක් පමණ ගතවන බවයි.
2022-09-27T15:44:58.000Z
මෝදර නිවාස පෙළක ගින්නක්
මෝදර නිවාස පෙළක ගින්නක්
COLOMBO (News 1st) - මෝදර, කජිමාවත්තේ නිවාස පෙළක ගින්නක් හටගෙන තිබේ. කොළඹ ගිනි නිවිම් සේවා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ගින්න නිවිම සඳහා ගිනි නිවිම් රථ 11 ක් පිටත් කර යවා ඇති බවයි.
2022-09-27T08:16:39.000Z
අද (27) පැය 3ක විදුලි කප්පාදුවක්
අද (27) පැය 3ක විදුලි කප්පාදුවක්
COLOMBO (News 1st) - අද (27) දිනයේ පැය 3ක විදුලි කප්පාදුවක් සිදු කරන බව මහජන උපයෝගිතා කොමිසම පවසයි. එහි සභාපතිවරයා පැවසුවේ, හෙට (28) සිට පැය 2යි විනාඩි 20ක විදුලි කප්පාදුවක් සිදු කරන බවයි. මේ අතර දෝෂයක් හේතුවෙන් නොරොච්චෝලේ විදුලි බලාගාරයේ තුන්වන ජනන යන්ත්‍රය අක්‍රියවීමත් සමග දෛනික විදුලි කප්පාදුව සිදු කෙරෙන කාලය වැඩි කිරීමට සිදුවන බව මහජන උපයෝගිතා කොමිසම අද උදෑසන පැවසී ය. මේ වන විට නොරොච්චෝලේ විදුලි බලාගාරයේ ජනන යන්ත්‍ර තුනෙන් දෙවන ජනන යන්ත්‍රය නඩත්තු කටයුතු සඳහා අත්හිටුවා තිබේ. ඒ අනුව මෙගාවොට් 900 කින් යුත් විදුලි බලාගාරයේ මේවන විට ක්‍රියාත්මක යන්නේ මෙගාවොට් 300 කින් යුත් එක් ජනන යන්ත්‍රයක් පමණයි.
2022-09-27T05:39:39.000Z
නොරොච්චෝලේ තුන්වන ජනන යන්ත්‍රය සක්‍රිය කිරීමට දින 3 - 5 කාලයක් ගත වේවි - කංචන විජේසේකර
නොරොච්චෝලේ යළි සක්‍රිය කිරීමට දින 3 - 5 කාලයක් යයි
COLOMBO (News 1st) - දෝෂයක් හේතුවෙන් අක්‍රිය වී ඇති නොරොච්චෝලේ විදුලි බලාගාරයේ තුන්වන ජනන යන්ත්‍රය යළි යථා තත්ත්වයට පත් කිරීමට දින 3 - 5ත් කාලයක්ගත විය හැකි බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. පද්ධතිය යළි යථා තත්ත්වයට පත් කරන තෙක් විදුලි උත්පාදනය සඳහා තාප විදුලි බලාගාර යොදා ගන්නා බව ටිවිටර් පණිවුඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා පෙන්වා දෙයි.
2022-09-27T04:11:18.000Z
විදුලිය කප්පාදුව දීර්ඝ කිරීමට සිදුවෙනවා - මහජන උපයෝගිතා කොමිස⁣ම
විදුලි කප්පාදුව තවත් දීර්ඝ වෙයි?
COLOMBO (News 1st) – දෝෂයක් හේතුවෙන් නොරොච්චෝලේ විදුලි බලාගාරයේ තුන්වන ජනන යන්ත්‍රය අක්‍රියවී තිබේ. මහජන උපයෝගිතා කොමිසම පැවසුවේ ඒ හේතුවෙන් දෛනික විදුලි කප්පාදුව සිදු කෙරෙන කාලය වැඩි කිරීමට සිදුවන බවයි. මේ වන විට නොරොච්චෝලේ විදුලි බලාගාරයේ ජනන යන්ත්‍ර තුනෙන් දෙවන ජනන යන්ත්‍රය නඩත්තු කටයුතු සඳහා අත්හිටුවා තිබේ. ඒ අනුව මෙගාවොට් 900 කින් යුත් විදුලි බලාගාරයේ මේවන විට ක්‍රියාත්මක යන්නේ මෙගාවොට් 300 කින් යුත් එක් ජනන යන්ත්‍රයක් පමණයි.
2022-09-27T03:54:28.000Z
පෙට්‍රල් සහ ඩීසල්වල ප්‍රමිතිය පරීක්ෂා කිරීමට පියවර
පෙට්‍රල් සහ ඩීසල්වල ප්‍රමිතිය පරීක්ෂා කිරීමට පියවර
COLOMBO (News 1st) - පෙට්‍රල් සහ ඩීසල්වල ප්‍රමිතිය පරීක්ෂා කිරීමට පියවර ගෙන ඇතැයි මහජන උපයෝගිතා කොමිසම පවසයි. එහි සභාපති ජනක රත්නායක මහතා පැවසුවේ, ඒ සඳහා මේ දිනවල සාම්පල රැස් කරමින් පවතින බවයි. ඉන්ධනවල ප්‍රමිතිය සම්බන්ධයෙන් මේ වනවිට පැමිණිලි රැසක් ලැබී ඇති බව ඔහු පැවසුවේ ය.
2022-09-27T03:27:07.000Z
තඹුත්තේගම කෝටි 2 ක මුදල් කොල්ලය: ප්‍රා. සභා මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට
කෝටි 2 ක කොල්ලය:ප්‍රා. සභා මන්ත්‍රී අත්අඩංගුවට
COLOMBO (News 1st) - තඹුත්තේගම රුපියල් කෝටි 2 කට අධික මුදල් කොල්ලය සම්බන්ධයෙන් රාජාංගන ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. තඹුත්තේගමදී පෞද්ගලික බැංකුවක තැන්පත් කිරීමට රැගෙන යමින් සිටි රුපියල් කෝටි 2 කට අධික මුදලක් කොල්ල කා පළා යන අවස්ථාවේදී ඒ අසලින් ගමන් ගත් තඹුත්තේගම පොලීසියේ විවිධ පැමිණිලි අංශයේ පොලිස් සැරයන් බුද්ධි කුමාර මහතා කොල්ලකරුවන් සමග පොර බදා ඔවුන් සතුව තිබු ගිනි අවිය ද උදුරා ගෙන සැකකරුවන් දෙදෙනා ද අත්අඩංගුවට ගෙන තිබිණ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දුව මහතා සඳහන් කළේ, සැකකරුවන් අතට පත් වූ මුදල් එම අවස්ථාවේදීම පොලීසිය භාරයට ගෙන ඇති බවයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් තඹුත්තේගම කළුන්දෑගම ප්‍රදේශයේ පදිංචි 48 හා 50 වැනි වියේ පසුවන්නන් දෙදෙනෙකි. එක් සැකකරුවෙක් එම පෞද්ගලික බැංකුවේ රාජකාරි කරන ආරක්ෂක නිලධාරියෙකු බව ද වාර්තා වේ. සැකකරුවන් කොල්ල කා තඹුත්තේගම නගරයේ තොග වෙළෙඳාමේ නිරත ව්‍යාපාරියෙකුට අයත් මුදල් තොගයකි. සැකකරුවන් සතුව තිබූ බෝර 12 වර්ගයේ ගිනි අවියක්, අත්පළදනාවක්, මන්නා පිහියක්, ජංගම දුරකතනයක්, යතුරුපැදියක් ද පොලිස් භාරයට ගෙන ඇත.
2022-09-27T01:59:03.000Z
එප්පාවලදී වන අලි ප්‍රහාරවලින් පුද්ගලයින් දෙදෙනෙක් මරුට
වන අලි ප්‍රහාරවලින් පුද්ගලයින් දෙදෙනෙක් මරුට
COLOMBO (News 1st) - එප්පාවල ප්‍රදේශයේදී වන අලි ප්‍රහරවලින් පුද්ගලයන් දෙදෙනකු මියගොස් තිබේ. පොලීසිය පැවසුවේ, එප්පාවල කැලේගම හා රොටවැව යන ප්‍රදේශවලදි එලෙස වන අලි ප්‍රහාරවලින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇති බවයි. එලෙස මියගොස් ඇත්තේ, 58 හා 64 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙකි. එක් පුද්ගලයෙකු දර කැඩීම සඳහා නිවස ආසන්න කැළයට ගොස් සිටිදීත් අනෙක් පුද්ගලයා සිය දියණියගේ නිවස වෙත යමින් සිටිදීත් වන අලි ප්‍රහාරයට ලක්ව ඇතැයි පොලීසිය පැවසීය.
2022-09-27T01:51:04.000Z
ජනපති ජපානයේදී සිංගප්පූරු අගමැති හා ජපාන විදේශ ඇමති හමුවෙයි
ජනපති සහ ජපාන විදේශ ඇමති අතර සාකච්ඡාවක්
COLOMBO (News 1st) - ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ජපාන විදේශ අමාත්‍ය යොෂිමාසා හයාෂි අතර ටෝකියෝ නුවරදී සාකච්ඡාවක් පැවැත්වෙන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ, ජනාධිපතිවරයා සහ සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලී සියෙන් ලූන්ග් අතර ද ටෝකියෝ නුවරදී ද්විපාර්ශ්වික සාකච්ඡා ඇරඹී බවයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජපානයේ සහ පිලිපීනයේ නිල සංචාරයක් සඳහා දිවයිනෙන් පිටත්ව ගියේ, ඊයේ (26) අලුයම් කාලයේදී ය. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, මෙම දෙදින නිල සංචාරයේ දී ජනාධිපතිවරයා ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මහතාගේ අවමංගල්‍ය උත්සවයට ද සහභාගීවීමට නියමිත බවයි. අනතුරුව ආසියානු සංවර්ධන බැංකු අධිපතිවරුන්ගේ රැස්වීමේ මුලසුන දැරීමට සැප්තැම්බර් 28 වැනිදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පිලිපීනය බලා පිටත්ව යාමට නියමිත ය. එහිදී ජනාධිපතිවරයා පිලිපීන ජනාධිපති බොංබොං මාකෝස් මහතා සමග මෙන්ම ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති සත්සුගු අසකාවා මහතා සමග සාකච්ඡා පැවැත්වීමට නියමිතයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය ජපාන සහ පිලිපීන නිල සංචාරය නිම කර සැප්තැම්බර් 30 වැනිදා නැවත දිවයිනට පැමිණෙන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ය.
2022-09-27T01:33:06.000Z
ජපානයේ දීර්ඝතම කාලයක් අගමැති ධූරය දැරූ ෂිංසෝ අබේගේ රාජ්‍ය අවමංගල්‍යය උත්සවය අද
ෂිංසෝ අබේගේ රාජ්‍ය අවමංගල්‍යය උත්සවය අද
News 1st - ජපානයේ දීර්ඝතම කාලයක් අග්‍රාමත්‍ය ධූරය දැරූ ෂිංසෝ අබේගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවය අද (27) පැවැත්වේ. පස්වරු 2.00 ට ආරම්භ වීමට නියමිත රාජ්‍ය අවමංගල්‍යය උත්සවයට රටවල් 217 කට අධික සංඛ්‍යාවක සහ ජාත්‍යන්තර සංවිධානවල නියෝජිතයින් සහභාගී වීමට අපේක්ෂා කරන බව සඳහන් ය. ටෝකියෝ හි නිපොන් බුඩෝකාන්හිදී අවමංගල්‍ය කටයුතු පැවැත්වේ. කෙසේ වෙතත් අමෙරිකානු ජනපති ජෝ බයිඩන් මීට සහභාගි වන්නේ නැත. නමුත් එරට උපජනාධිපති කමලා හැරිස් සහභාගී වන බව විදෙස් මාධ්‍ය පැවසුවේ ය. සිංගප්පූරු අගමැති ලී සියෙන් ලූන්ග්, ඔස්ට්‍රේලියානු අගමැති ඇන්තෝනි ඇල්බනේස් සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ද මීට සහභාගි වන බව සඳහන් වේ. කෙසේ වෙතත් විදෙස් මාධ්‍ය සඳහන් කළේ, පසුගිය සති කිහිපය තුළ රාජ්‍ය අවමංගල්‍යයට දැඩි විරෝධයක් පැවති බවයි. මැතිවරණ ප්‍රචාරණ දේශනයකදී ජූලි 8 වැනි දා ජපාන නාරා නගරයේ දී ෂිංසෝ අබේ ඝාතනයට ලක් විය.
2022-09-27T01:13:58.000Z
මහ කන්නයේ හෙක්ටයාර 845,000ක වී වගාවට සැලසුම්
මහ කන්නයේ හෙක්ටයාර 845,000ක වී වගාවට සැලසුම්
COLOMBO (News 1st) - මෙවර මහ කන්නයේ දී හෙක්ටයාර 845,000 ක ප්‍රමාණයක වී වගා කිරීමට අපේක්ෂා කරන බව ගොවිජන සේවා දෙපාර්තමේන්තුව පවසයි. ගොවිජන සේවා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, යල කන්නයේදී හෙක්ටයාර් 512,000 ක ප්‍රමාණයක වී වගා කර ඇති බවයි. යල කන්නයේදී 80% ක පමණක් අස්වැන්නක් ලැබුණු බව ද ගොවිජන සේවා දෙපාර්තමේන්තුව පැවසීය.
2022-09-27T01:03:19.000Z
ජාතික සභාව පළමු වරට අනිද්දා (29) රැස්වෙයි - කතානායක
ජාතික සභාව පළමු වරට අනිද්දා (29) රැස්වෙයි
COLOMBO (News 1st) - ජාතික සභාව බ්‍රහස්පතින්දා (29) පළමු වරට රැස්වන බව කතානායක මහින්ද යපා අබේවර්ධන මහතා පවසයි. කතානායකවරයා සඳහන් කළේ, ඉදිරි කටයුතු පිළිබඳ එහිදී සාකච්ඡා කරන බවයි. මේ අතර ජාතික සභාව සඳහා දේශපාලන පක්ෂ විසින් පසුගිය දා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නම් කතානායකවරයා වෙත ඉදිරිපත් කෙරිණ. ඒ අනුව ඩග්ලස් දේවානන්ද, නසිර් අහමඩ්, ටිරාන් අලස්, සිසිර ජයකොඩි, සිවනේසතුරේයි චන්ද්‍රකාන්තන්, ජොන්ස්ටන් ප්‍රනාන්දු, රවුෆ් හකීම්, පවිත්‍රා වන්නිආරච්චි හා වජිර අබේවර්ධන යන මහත්ම මහත්මින්ගේ නම් ඊට ඇතුළත් ය. මීට අමතරව‍ ඒ.එල්.එම් අතාවුල්ලා, තිස්ස විතාරණ, රිෂාඩ් බදියුදීන්, විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර, පලනි දිගම්බරන්, මනෝ ගනේෂන්, උදය ගම්මන්පිල හා රෝහිත අබේගුණවර්ධන මන්ත්‍රීවරුන්ගේ නම් ද ජාතික සභාවට යෝජනා කර තිබේ. නාමල් රාජපක්ෂ, ජිවන් තොණ්ඩමන්, ගජේන්ද්‍ර කුමාර්, අතුරලියේ රතන, අසංක නවරත්න, අලි සබ්රි රහිම්, සි.වී විග්නේෂ්වරන්,වීරසුමන වීරසිංහ හා සාගර කාරියවසම් යන මහත්වරුන් ද ජාතික සභාවට ඇතුළත් ය. කෙසේ වෙතත් සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය සහ ඩලස් අලහප්පෙරුම පාර්ශවය නියෝජනය කරමින් කිසිදු මන්ත්‍රීවරයෙකු ඊට නම් කර නැත.
2022-09-27T00:53:54.000Z
බිත්තර මිල ගැන යළි සමාලෝචනයක්..
බිත්තර මිල ගැන යළි සමාලෝචනයක්..
COLOMBO (News 1st) - බිත්තර මිල ගණන් සම්බන්ධයෙන් යළි සමාලෝචනය කිරීමට තීරණය කර ඇතැයි පශු සම්පත් සංවර්ධන අමාත්‍යාංශය පවසයි. රාජ්‍ය අමාත්‍ය ඩි.බි හේරත් මහතා ඒ අනුව හෙට (28) දිනයේ සියලු පාර්ශවයන්ගේ සහභාගීත්වයෙන් ඊට අදාළව සාකච්ඡාවක් පැවැත්වෙන බවයි. එහිදී ඒ පිළිබඳ නැවත සාකච්ඡා කර පාලන මිලෙහි වෙනසක් සිදු කිරීමට බලාපොරොත්තු වන බව අමාත්‍යවරයා පැවසුවේ ය. බිත්තර නිෂ්පාදකයින් ඉදිරිපත් කර ඇති නිෂ්පාදන වියදම සාධාරණ ද යන්න එම සාකච්ඡාවේදී සලකා බැලෙන බව අමාත්‍යවරයා පැවසීය.
2022-09-27T00:50:08.000Z
ත්‍රිපෝෂවල ප්‍රමිතිය සොයා ආයතන 2 කින් පරීක්ෂණ
ත්‍රිපෝෂවල ප්‍රමිතිය සොයා ආයතන 2 කින් පරීක්ෂණ
COLOMBO (News 1st) - ත්‍රිපෝෂ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත් වූ ආයතන දෙකක වාර්තා ඉදිරියේදී ලැබීමට නියමිත බව ත්‍රිපෝෂ සමාගම පවසයි. එහි සභාපති දීප්ති කුලරත්න මහතා පැවසුවේ, කාර්මික තාක්ෂණ ආයතනය හා රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ වාර්තා එලෙස ලැබීමට නියමිත බවයි. එම වාර්තා ලැබීමෙන් අනතුරුව ත්‍රිපෝෂවල ප්‍රමිතිය පිළිබඳව ඉදිරියේදී ප්‍රකාශ කරන බව සභාපතිවරයා සඳහන් කළේ ය. මේ අතර නියමිත පිරිවිතරයන්ට අනුව නිෂ්පාදනය කළ ත්‍රිපෝෂ අඛණ්ඩව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල වෙත බෙදාහරින බව ලංකා ත්‍රිපෝෂ සමාගමේ සභාපතිවරයා පැවසීය. සභාපති දීප්ති කුලරත්න මහතා සඳහන් කළේ, මින් ඉදිරියට ත්‍රිපෝෂ නිෂ්පාදනයට යොදා ගත් බඩ ඉරිඟු තොගයේ ඇෆ්ලටොක්සීන් ප්‍රතිශතය පිළිබඳ වාර්තාවක් ද යොමු කරන බවයි. මේ අතර ත්‍රිපෝෂ තොගයක ඇෆ්ලටොක්සීන් ප්‍රතිශතය නිසි ප්‍රමාණයට ඉක්මවා ඇති බවට කළ ප්‍රකාශය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය මෙහෙයවන විමර්ශනය තවදුරටත් ක්‍රියාත්මකයි. මේ අතර ත්‍රිපෝෂවල ඇෆ්ලොටොක්සීන් නමැති විෂකාරකය අඩංගු බවට තමන් ප්‍රකාශ කළේ, සියලු කරුණු වාර්තා පදනම් කරගනිමින් බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා යළිත් අවධාරණය කළේ ය.
2022-09-27T00:44:32.000Z
මැයි 9 සිදුවීම්වලට අදාළ විශේෂ කමිටු වාර්තාව ගැන පාර්ලිමේන්තුව දැනුවත් කිරීමට පියවර
මැයි 9 සිදුවීම්: වාර්තාව ඉදිරියේදී පාර්ලිමේන්තුවට
COLOMBO (News 1st) - මැයි 9 වැනි දා සහ ඊට ආසන්න දිනවලදී මෙරට සිදු වූ ප්‍රචණ්ඩකාරී සිදුවීම්වලට අදාළ විශේෂ කමිටු වාර්තාව පිළිබඳව කැබිනට් මණ්ඩලය සහ පාර්ලිමේන්තුව දැනුවත් කිරීමට පියවර ගන්නා බව රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි. ඔහු ඒ බව පැවසුවේ, නව සභාවාරයට අදාළව ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ පළමු රැස්වීමට එක් වෙමිනි. මැයි 9 වැනි දා සහ ඊට ආසන්න දිනවලදී මෙරට සිදු වූ ප්‍රචණ්ඩකාරී සිදුවීම්වලට අදාළ විශේෂ කමිටු වාර්තාව පසුගිය 8 වැනි දා ජනාධිපතිවරයාට භාර දුන් බව රාජ්‍ය අමත්‍යවරයා ප්‍රකාශ කළේ ය. ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ, හිටපු ගුවන් හමුදාපති මාෂල් ඔෆ් ද එයාර්ෆෝස් රොෂාන් ගුණතිලක සහ හිටපු හමුදාපති ජෙනරල් දයා රත්නායක යන මහත්වරුන්ගෙන් සමන්විත එම කමිටුවේ වාර්තාව අනුව ආරක්ෂක අංශවල ද යම් අඩුලුහුඩුකම් සිදුවී ඇත්නම් ඉදිරියේදී ඒ සම්බන්ධව පියවර ගන්නා බවයි. ආරක්ෂක ලේකම් ‍විශ්‍රාමික ජෙනරල් කමල් ගුණරත්න මහතා ද මේ සාකච්ඡාවට එක්ව සිටි අතර ඔහු පැවසුවේ, මෙම ප්‍රචණ්ඩකාරී සිදුවීම්වලට සම්බන්ධ වූවන්ට සහ අනුබල දුන් අයට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කරන බවයි.
2022-09-27T00:29:40.000Z
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්
1. අධිආරක්ෂිත කලාප ප්‍රකාශයට පත් කිරීමට රාජ්‍ය රහස් පනත යොදාගත නොහැකියි – මානව හිමිකම් කොමිසම - අධිආරක්ෂිත කලාප ප්‍රකාශයට පත් කිරීමට රාජ්‍ය රහස් පනත යොදාගත නොහැකි බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව අවධාරණය කරයි. 2. කිරිකැටියෙක් මුදලට විකුණූ පියා සොයා විමර්ශන - දින 7 ක් වයසැති බිළිඳෙකු රුපියල් 50,000ක මුදලකට කාන්තාවකට අලෙවි කළ පියෙකු සොයා පොලිස් පරීක්ෂණ ආරම්භ කර තිබේ. 3. තඹුත්තේගම බැංකුවක කෝටි 2 ක මුදල් කොල්ලයක් - තඹුත්තේගමදී පෞද්ගලික බැංකුවක තැන්පත් කිරීමට රැගෙන යමින් සිට රුපියල් කෝටි 2 කට අධික මුදලක් කොල්ලකා පලා යමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. 4. විදෙස් රැකියාවල නිරත ශ්‍රමිකයින්ට විශ්‍රාම වැටපු ක්‍රමයක් - විදේශ රැකියාවල නිරතව සිටින ශ්‍රමිකයින් වෙනුවෙන් නව විශ්‍රාම වැටපු ක්‍රමවේදයක් හඳුන්වා දීමට‍ පියවර ගෙන ඇතැයි කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශය පියවර ගෙන තිබේ. 5. විරෝධතා පැවැත්වීමට පැය 6 කට පෙර පොලීසියෙන් අනුමැතිය ලබා ලබාගත යුතුයි – වැඩබලන ආරක්ෂක අමාත්‍ය - විරෝධතා පැවැත්වීමට පැය 6 කට පෙර පොලීසිය දැනුවත් කර අනුමැතිය ලබාගත යුතු බව වැඩබලන ආරක්ෂක අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි.
2022-09-26T11:13:20.000Z
හෙට (27), අනිද්දා (28) විදුලි කප්දුපාදුව වෙන්නෙ මෙහෙමයි
හෙට(27),අනිද්දා(28) පැය 2කට වැඩි විදුලි කප්පාදුවක්
COLOMBO (News 1st) – හෙට (27) සහ අනිද්දා(28) පැය 2 යි විනාඩි 20 ක විදුලි කප්පාදුවක් සඳහා මහජන උපයෝගීතා කොමිසම අවසර ලබා දී තිබේ. ඒ අනුව A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V,W කාණ්ඩ සඳහා දිවා කාලයේ පැය 1 ක් සහ රාත්‍රියේ පැය 1 විනාඩි 20ක් වශයෙන් විදුලි කප්පාදුව සිදු වනු ඇති.
2022-09-26T10:49:01.000Z
අධිආරක්ෂිත කලාප ප්‍රකාශයට පත් කිරීමට රාජ්‍ය රහස් පනත යොදාගත නොහැකියි - මානව හිමිකම් කොමිසම
අධිආරක්ෂි කලාප:මානව හිමිකම් කොමිසමෙන් නිවේදනයක්
COLOMBO (News 1st) – අධිආරක්ෂිත කලාප ප්‍රකාශයට පත් කිරීමට රාජ්‍ය රහස් පනත යොදාගත නොහැකි බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව අවධාරණය කරයි. ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු රෝහිණී මාරසිංහ මහත්මිය නිවේදනයන් නිකුත් කරමින් සඳහන් කළේ, රාජ්‍ය රහස් පනත යොදා ගනමින් අධිආරක්ෂක කලාප ප්‍රකාශයක් කිරීමේ රජයේ ප්‍රවේශය රටේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් අමු අමුවේ උල්ලංඝනය කරන බවයි. එබැවින් අංක 2298/53 දරන ගැසට් පත‍්‍රය ඉල්ලා අස්කර ගැනීමට කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම රජයට උපදෙස් දී සිටී.
2022-09-26T10:21:59.000Z
කිරිකැටියෙක් මුදලට විකුණූ පියා සොයා විමර්ශන
කිරිකැටියෙක් මුදලට විකුණූ පියා සොයා විමර්ශන
COLOMBO (News 1st) – දින 7 ක් වයසැති බිළිඳෙකු රුපියල් 50,000ක මුදලකට කාන්තාවකට අලෙවි කළ පියෙකු සොයා පොලිස් පරීක්ෂණ ආරම්භ කර තිබේ. අප වාර්තාකරු පැවසුවේ, දරුවා මිලදී ගත් කාන්තාව සහ අතරමැදියා ලෙස කටයුතු කළ පුද්ගලයා ද ඊයේ සවස අනුරාධපුර පොලිසියේ ළමා හා කාන්ත කාර්යංශය නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙනු ලැබූ බවයි. මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ කැබිතිගොල්ලෑව වාහල්කඩ ප්‍රදේශයේ පදිංචි කාන්තාවක සහ ගනුදෙනුවේ අතරමැදියා ලෙස කටයුතු කළ අනුරාධපුර ත්‍රීවිල් රථ රියැදුරෙකි. දරුවාගේ මව විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුව කළ විමර්ශනයකදී බිළිඳා සමග සැකකරු සහ සැකකාරිය අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසී ය. මෙලෙස තම බිළිඳා විකුණු පියා ගනුදෙනුවෙන් පසු ප්‍රදේශය අතහැර පලා ගොස් ඇත. නීත්‍යනුකූලව විවාහ නොවී අනුරාධපුර නගරයේ විවිධ ස්ථානවල අඹු සැමියන් ලෙස නවාතැන් ගෙන සිටින මෙම යුවළේ පිරිමි පුද්ගලයා (පියා) මාතලේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවත්, කාන්තාව (මව) කොළඹ ප්‍රදේශයේ පදිංචිකරුවකු බවත් පොලිසිය පවසයි .
2022-09-26T09:45:51.000Z
තඹුත්තේගම බැංකුවක කෝටි 2 ක මුදල් කොල්ලයක්
තඹුත්තේගම බැංකුවක කෝටි 2 ක මුදල් කොල්ලයක්
COLOMBO (News 1st) – තඹුත්තේගමදී පෞද්ගලික බැංකුවක තැන්පත් කිරීමට රැගෙන යමින් සිට රුපියල් කෝටි 2 කට අධික මුදලක් කොල්ලකා පලා යමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඒ තඹුත්තේගම පොලීසියේ සැරයන් බුද්ධි කුමාර මහතාගේ මැදිහත් වීමෙනි. අත්අඩංගුවට ගත් සැකකරුවන් 50 හැවිරිදි වියේ පසුවන්නන් ය. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දුව මහතා සඳහන් කළේ, පොලිසි සැරයන්වරයා කොල්ලකරුවන් සමග පොර බදා ඔවුන් සතුව තිබූ ගිනි අවිය ද උදුරා ගෙන සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති බවයි.
2022-09-26T08:44:28.000Z
රුසියාවේ පාසලක වෙඩි තැබීමකින් 13 දෙනෙක් මරුට... තවත් 20කට තුවාල
රුසියාවේ පාසලක වෙඩි තැබීමක්...
COLOMBO (News 1st) – රුසියාවේ ඉෂෙව්ස්ක් නගරයේ පාසලක සිදු වූ වෙඩි තැබීමකින් සිසුන් 5 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 20 දෙනෙකු පමණ තුවාල ලබා තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, සිසුන් 1000 ක් පමණ අධ්‍යාපනය හදාරන එම පාසලේ ගුරුවරුන් ද 80 දෙනෙකු පමණ සිටින බවයි. වෙඩි තැබීම සිදු කළ තුවක්කුකරු ද වෙඩි තබා ගෙන සිය දිවි නසාගෙන ඇති බව වාර්තා වන අතර වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
2022-09-26T08:10:29.000Z
ඩොලරයට සාපේක්ෂව බ්‍රිතාන්‍ය පවුමක මිල වාර්තාගත ලෙස පහළට
ඩොලරයට සාපේක්ෂව බ්‍රිතාන්‍ය පවුමක මිල පහළට
COLOMBO (News 1st) – ඇමරිකානු ඩොරලයට සාපේක්ෂව බ්‍රිතාන්‍ය පවුම වාර්තාගත ලෙස 4% කින් අවප්‍රමාණයවී තිබේ. මෙරට වාණිජ බැංකුවල ද පවුමක (GBP) ගැනුම් මිල 367.98 ක් සහ විකුණුම් මිල 394.42 දක්වා පහළ ගොස් තිබේ. මම තත්ත්වයට හේතුවී ඇත්තේ වසර 50 කට පසුව බ්‍රිතාන්‍ය සිදුකිරීමට සැලසුම් කර ඇති බදු සංශෝධන බව විශ්ලේෂකයෝ පවසති.
2022-09-26T07:54:32.000Z
විදෙස් රැකියාවල නිරත ශ්‍රමිකයින්ට විශ්‍රාම වැටපු ක්‍රමයක්
විදෙස්ගත ශ්‍රමිකයින්ට විශ්‍රාම වැටපු ක්‍රමයක්
COLOMBO (News 1st) – විදේශ රැකියාවල නිරතව සිටින ශ්‍රමිකයින් වෙනුවෙන් නව විශ්‍රාම වැටපු ක්‍රමවේදයක් හඳුන්වා දීමට‍ පියවර ගෙන ඇතැයි කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශය පියවර ගෙන තිබේ. අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවසුවේ, මනුසවි නමැති එම විශ්‍රාම වැටුප් සැලසුමට ඇතුළත්වීම සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ ලියාපදිංචිය ලබගෙන විදේශ රැකියාවක නිරතවිම අනිවාර්ය බවයි. වයස අවුරුදු 18 සිට 59 දක්වා වයස් කණ්ඩවලට අයත් විදේශගත ශ්‍රමිකයන් වෙනුවෙන් මනුසවි නමින් එම විශ්‍රාම වැටුප් සැලසුම ක්‍රියාත්මක බව ඔහු පැවසී ය.
2022-09-26T07:22:30.000Z
නීතිඥවරියක ලෙස වෙස්වලාගෙන ජැකලින් අධිකරණයට... ඇප මත මුදා හැරේ
බොලිවුඩ් නිළි ජැකලින් ෆර්නැන්ඩස්ට ඇප
COLOMBO (News 1st ) – ජනප්‍රිය බොලිවුඩ් නිළි ජැකලින් ෆර්නැන්ඩස් ඇප මත මුදා හැරීමට දිල්ලි අධිකරණයක් නියෝග කර තිබේ. අධිකරණය නියෝග කර ඇත්තේ, ඉන්දීය රුපියල් 50,000ක බැඳුම්කරයක් මත ජැකලින් මුදාහැරීමටයි. ඇය අධිකරණයේ පෙනී සිටියේ, සුකේෂ් චන්ද්‍රශේඛර් සම්බන්ධ රුපියල් කෝටි 200 ක කප්පම් නඩුවකට අදාළව විත්තිකාරියක ලෙසයි. මේ අතර සුදු කමිසයකින් සහ කළු කලිසමකින් සැරසී ජැකලින් නීතිඥවරියක ලෙස වෙස්වලාගෙන අධිකරණයට ඇතුළු වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ය. සුකේෂ් තිහාර් බන්ධනාගාරයේ සිටියදී මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන අවස්ථාවක ඔහුගෙන් කෝටි ගණන් වටිනා තෑගි ලබාගත් බවට ඇයට චෝදනා එල්ල වී තිබේ. මීළඟ නඩු විභාගය ඔක්තෝබර් 22 වැනිදාට කල් තැබිණ.
2022-09-26T05:30:33.000Z
විරෝධතා පැවැත්වීමට පැය 6 කට පෙර පොලිසියෙන් අනුමැතිය ලබා ලබාගත යුතුයි - වැඩබලන ආරක්ෂක අමාත්‍ය
විරෝධතාවලට පැය 6කට පෙර අනුමැතිය ගතයුතුයි
COLOMBO (News 1st) – විරෝධතා පැවැත්වීමට පැය 6 කට පෙර පොලිසිය දැනුවත් කර අනුමැතිය ලබාගත යුතු බව වැඩබලන ආරක්ෂක අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ මේ වන විට පැවැත්වෙන ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු අවධාරණය කළේ, සාමකාමී උද්ඝෝෂණවලට බාධාවක් නොමැති බවයි. තව ද වැඩ බලන ආරක්ෂක අමාත්‍යවරයා පැවසුවේ, අධිආරක්ෂක කලාප නම් කරනු ලැබුවේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට බවයි.
2022-09-26T03:34:35.000Z
ජනපති යටතේ ඇති අමාත්‍යාංශවල වැඩ බැලීමට රාජ්‍ය අමාත්‍යවරුන්
ජනපතිගේ අමාත්‍යාංශවල වැඩබැලීමට රාජ්‍ය අමාත්‍යවරුන්
COLOMBO (News 1st) – ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දිවයිනෙන් බැහැරව සිටින කාල සීමාව තුළදී එතුමා යටතේ පවතින අමාත්‍යාංශවල රාජ්‍ය අමාත්‍යවරුන්ට වැඩ බලන අමාත්‍ය ධූරයන්හි වගකීම් පවරා තිබේ. ඒ අනුව වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතාත්, වැඩ බලන මුදල් ආර්ථික, ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ෂෙහාන් සේමසිංහ මහතාත්, වැඩ බලන කාන්තා ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යවරයා ලෙස අනූප පැස්කුවෙල් මහතාත් , වැඩබලන තාක්ෂණ අමාත්‍යවරයා ලෙස කනක හේරත් මහතාත්, වැඩ බලන ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙස දිලුම් අමුණුගම මහතාත් පත්කර තිබේ. ජපානයේ සහ පිලිපීනයේ නිල සංචාරයක් සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද(26) අලුයම දිවයිනෙන් පිටත්ව ගියේ ය.
2022-09-26T02:04:47.000Z
සමාජවාදී තරුණ සංගමයේ සාමාජිකයින් අත්අඩංගුවට ගැනීම ගැන පොලිස්පති වාර්තාව අද...
විරෝධතාකරුවන් අත්අඩංගුවට ගැනීම: පොලිස් වාර්තාව අද
COLOMBO (News 1st) – කොළඹදී පැවති විරෝධතාව අතරතුරදී සමාජවාදී තරුණ සංගමයේ සාමාජිකයින් අත්අඩංගුවට ගැනීම ගැන පොලිස්පති වාර්තාව අද(26) දිනයේ ලැබීමට නියමිත බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම පවසයි. එම කොමිසම සඳහන් කළේ, අද පෙරවරුවේ අදාළ වාර්තාව සිය කොමිසම වෙත යොමු කරන්නැයි පොලිස්පතිවරයාට දැනුම්දී ඇති බවයි. පොලිස් ස්ථාන වෙත ගොස් අත්අඩංගුවට ගෙන සිටින පිරිසගේ තත්ත්වය පරීක්ෂා කළ බව ද මානව හිමිකම් කොමිසම සඳහන් කළේ ය. මේ අතර, සමාජවාදී ශිෂ්‍ය සංගමය සංවිධානය කළ විරෝධතාව අතරතුර අත්අඩංගුවට ගත් 82 දෙනෙකු ඊයේ පස්වරුවේ ඇප මත මුදා හැරිණ. පොලිසිය පැවසුවේ, 79 දෙනෙකු පොලිස් ඇප මත හා, එරංග ගුණසේකර මහතා ඇතුළු තිදෙනෙකු ශරීර ඇප මතත් මුදා හැරි බවයි. භික්ෂුන් වහන්සේලා දෙනමක්, පිරිමි පුද්ගලයින් 76 දෙනෙකු සහ කාන්තාවන් 04 දෙනෙකු එලෙස අත්අඩංගුවට ගෙන තිබුණි. මේ අතර , අධිආරක්ෂිත කලාප නම් කරමින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය පිළිබඳව ද අද දිනයේ සාකච්ජා කරන බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම පවසයි. අධිආරක්ෂිත කලාප රැසක් නම් කරමින් ජනාධිපතිවරයා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කළේ පෙරේදා දිනයේදී ය.
2022-09-25T20:14:12.000Z
වෙළඳපොළේ තිරිඟු පිටි මිටියක මිල රු. 21,000ක්...
තිරිඟු පිටි මිටියක මිල 21,000 ක්
COLOMBO (News 1st) – කිලෝග්‍රෑම් 50 ක තිරිඟු පිටි මිටිය වෙළෙඳපොළේ රුපියල් 21,000ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි. එහි සභාපති එන්.කේ.ජයවර්ධන මහතා පැවසුවේ, පවතින තත්ත්වය යටතේ ග්‍රාමීය ප්‍රදේශවල බේකරි රැසක් වැසී ගොස් ඇති බවයි. මේ අතර, ඇණවුම් කළ තිරිඟු පිටි තොග දිවයිනට ලැබීමත් සමග පිටි මිල අඩුකිරීමට හැකිවනු ඇතැයි වෙළෙඳ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා සඳහන් කළේ ය.
2022-09-26T01:35:11.000Z
අද (26) ත් පැය 2කට වැඩි විදුලි කප්පාදුවක්..
අද (26) ත් පැය 2කට වැඩි විදුලි කප්පාදුවක්..
COLOMBO (News 1st) – පැය දෙකයි විනාඩි 20 ක් අද(26) දිවයින පුරා කලාප වශයෙන් විදුලිය කප්පාදු කරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි. ඒ, මහජන උපයෝගිතා කොමිසමේ අනුමැතියට යටත්වයි. විදුලි බල මණ්ඩලය පැවසුවේ , A සිට W දක්වා කලාපවලට දිවා කාලයේ පැයක් සහ රාත්‍රී කාලයේ පැය එකයි විනාඩි 20 ක් විදුලිය කප්පාදු කරන බවයි. මේ අතර, ලබන ඔක්තෝම්බර් 28 වැනිදාට පෙර ගල්අඟුරු තොග ගෙන්වා ගැනීමට නොහැකිවූවහොත් පැය 10කට අධික කාලයක් විදුලිය කප්පාදු කිරීමට සිදුවිය හැකි බව මහජන උපයෝගිතා කොමිසම පවසයි. එහි සභාපති ජනක රත්නායක මහතා පැවසුවේ . අද සිට ශ්‍රී ලංකා මහ බැංකුව සහා අනෙකුත් බැංකු ගල්අඟුරු ගෙන්වීම සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ලබාදීමට එකඟතාව පළ කර ඇති හෙයින් පැය 10කට අධික කාලයක විදුලිය කප්පාදුව වළක්වා ගතහැකි බවයි.
2022-09-25T20:04:22.000Z
ජනපති නිල සංචාරයකට දිවයිනෙන් පිටව යයි..
ජනපති නිල සංචාරයකට දිවයිනෙන් පිටව යයි..
COLOMBO (News 1st) – ජපානයේ සහ පිලිපීනයේ නිල සංචාරයක් සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (26) අලුයම දිවයිනෙන් පිටත්ව ගියේ ය. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, මෙම දෙදින නිල සංචාරයේ දී ජනාධිපතිවරයා ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මහතාගේ අවමංගල්‍ය උත්සවයට ද සහභාගීවීමට නියමිත බවයි. අනතුරුව වත්මන් ජපාන අග්‍රාමාත්‍යවරයා, විදේශ අමාත්‍යවරයා මෙන්ම එරට මුදල් අමාත්‍යවරයා සමගද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වනු ඇති. අනතුරුව ආසියානු සංවර්ධන බැංකු අධිපතිවරුන්ගේ රැස්වීමේ මුලසුන දැරීමට සැප්තැම්බර් 28 වැනිදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පිලිපීනය බලා පිටත්ව යාමට නියමිත ය. එහිදී ජනාධිපතිවරයා පිලිපීන ජනාධිපති බොංබොං මාකෝස් මහතා සමග මෙන්ම ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති සත්සුගු අසකාවා මහතා සමග සාකච්ඡා පැවැත්වීමට නියමිතයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය ජපාන සහ පිලිපීන නිල සංචාරය නිමා කර සැප්තැම්බර් 30 වැනිදා නැවත දිවයිනට පැමිණෙන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ය.
2022-09-26T01:33:58.000Z
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්
දේශීය පුවත් 1.ජනපති සහ සින්ඩි මකේන් අතර සාකච්ඡා.. – ශ්‍රී ලාංකිකයින්ට පවතින ආර්ථික දුෂ්කරතාවල බලපෑම ඇතුළු කරුණු පිළිබඳව ජනාධිපතිවරයා සහ මෙරට සංචාරයක නිරත රෝමයේ එක්සත් ජාතීන්ගේ නියෝජිත ආයතන සඳහා වන අමෙරිකානු තානාපති සින්ඩි මකේන් අතර සාකච්ඡා පැවැත් වූ බව අමෙරිකානු තානාපති පවසයි. 2.A/L සිසුන්ට ජනපති අරමුදලින් මසකට රු. 5,000ක ශිෂ්‍යාධාරයක්.. – අ.පො.ස උසස් පෙළ හැදෑරීමට සුදසුකම් ලැබූ ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් ජනාධිපති අරමුදලින් මසකට රුපියල් 5,000ක ශිෂ්‍යාධාරයක් පිරිනැමීමේ වැඩසටහන නැවත ආරම්භ කිරීමට තීරණය කර තිබේ. 3.මර්දනයට එරෙහිව විරෝධතාවයේදී අත්අඩංගුවට ගත් 82කට ඇප.. – සමාජවාදී ශිෂ්‍ය සංගමය සංවිධානය කළ විරෝධතාවය අතරතුර අත්ඩංගුවට ගත් 82දෙනෙකු ඊයේ ඇප මත මුදා හැර තිබේ. 4.පෝෂණ ගැටලු හඳුනා ගන්න දීප ව්‍යාප්ත සමීක්ෂණයක් – පෝෂණ ගැටලු හඳුනා ගැනීම සඳහා දීප ව්‍යාප්ත සමීක්ෂණයක් ආරම්භ කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. 5.ඉන්දියාවෙන් නැනෝ නයිට්‍රජන් පොහොර ‌ගෙන්වීම: විශේෂ විගණන වාර්තාව කෘෂිකර්ම අමාත්‍යාංශයට – ඉන්දියාවෙන් නැනෝ නයිට්‍රජන් දියර පොහොර ආනයනය පිළිබඳ සකස් කළ විශේෂ විගණන වාර්තාව, කරුණු විමසීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය වෙත යොමු කර තිබේ. විදෙස් පුවත් 1.උතුරු කොරියාව, තවත් බැලැස්ටික් මිසයිලයක් අත්හදාබලයි.. – උතුරු කොරියාව, තවත් බැලැස්ටික් මිසයිලයක් අත්හදා බලා තිබේ.. ක්‍රීඩා පුවත් 1.පිටියට සමුදුන් ටෙනිස් දැවැන්තයා..– ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා 20ක් දිනා සිටින, සුපිරි ටෙනිස් ක්‍රීඩක ස්විට්සර්ලන්තයේ රොජර් ෆෙඩරර් තරග බිමට දුන්නේ ය.
2022-09-25T16:55:32.000Z
ජනපති සහ සින්ඩි මකේන් අතර සාකච්ඡා..
ජනපති සහ සින්ඩි මකේන් අතර සාකච්ඡා..
COLOMBO (News 1st) – ශ්‍රී ලාංකිකයින්ට පවතින ආර්ථික දුෂ්කරතාවල බලපෑම ඇතුළු කරුණු පිළිබඳව ජනාධිපතිවරයා සහ මෙරට සංචාරයක නිරත රෝමයේ එක්සත් ජාතීන්ගේ නියෝජිත ආයතන සඳහා වන අමෙරිකානු තානාපති සින්ඩි මකේන් අතර සාකච්ඡා පැවැත් වූ බව අමෙරිකානු තානාපති පවසයි. රෝමයේ එක්සත් ජාතීන්ගේ නියෝජිතායතන සඳහා වන අමෙරිකානු තානාපති සින්ඩි මකේන් මහත්මිය නිල සංචාරයක් සඳහා අද (25)දිවයිනට පැමිණියේ ය. මෙරට අමෙරිකානු තානාපති කාර්යාලය නිවේදනය කළේ, ඇය අද සිට ලබන 28 වැනිදා දක්වා මෙරට රැඳී සිටින බවයි. ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද ආහාර ආධාර වැඩසටහන්, අවධාරණය කිරීම සහ දෙරටේ දීර්ඝකාලීන හවුල්කාරිත්වය ශක්තිමත් කිරීම, මකේන් මහත්මියගේ ශ්‍රී ලංකා සංචාරයේ අරමුණ වේ ඇය සිය සංචාරයේදී ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනි ජුලී චන්ග් මහත්මිය සමග මධ්‍යම පළාතේ පාසල්, කෘෂිකාර්මික පර්යේෂණ පහසුකම් ලබන පාර්ශ්ව සහ ප්‍රජා සංවිධාන වෙත ගොස් අදාළ ප්‍රතිලාභීන් සහ ක්‍රියාත්මක කරන්නන් හමුවීමට නියමිතය.
2022-09-25T15:03:19.000Z
ජනපති ජපානයේ සහ පිලිපීනයේ නිල සංචාරයකට හෙට දිවයිනෙන් පිටත්ව යයි..
ජනපති හෙට නිල සංචාරයක් අරඹයි..
COLOMBO (News 1st) – ජපානයේ සහ පිලිපීනයේ නිල සංචාරයක් සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හෙට(26) අලුයම දිවයිනෙන් පිටත්ව යාමට නියමිත ය. ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ, එම දෙදින ජපාන නිල සංචාරයේදී ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මහතාගේ අවමංගල්‍ය උත්සවයට ද ජනාධිපතිවරයා සහභාගීවන බවය. ඉන් අනතුරුව වත්මන් ජපාන අග්‍රාමාත්‍යවරයා, විදේශ අමාත්‍යවරයා මෙන්ම එරට මුදල් අමාත්‍යවරයා සමග ද ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වනු ඇති. අනතුරුව ආසියානු සංවර්ධන බැංකු අධිපතිවරුන්ගේ රැස්වීමේ මුලසුන දැරීමට සැප්තැම්බර් 28 වැනිදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පිලිපීනය බලා පිටත්ව යාමට නියමිත ය. එහිදී ජනාධිපතිවරයා පිලිපීන ජනාධිපති බොංබොං මාකෝස් මහතා සමග මෙන්ම ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති සත්සුගු අසකාවා මහතා සමග සාකච්ඡා පැවැත්වීමට නියමිතය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය ජපාන සහ පිලිපීන නිල සංචාරය නිමාකර සැප්තැම්බර් 30 වැනිදා නැවත දිවයිනට පැමිණෙන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ය. ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ජාත්‍යන්තර කටයුතු පිළිබඳ ජනාධිපති අධ්‍යක්ෂ දිනුක් කොළඹගේ, මාධ්‍ය අධ්‍යක්ෂ ශානුක කරුණාරත්න, තිරසර සංවර්ධනය පිළිබඳ අධ්‍යක්ෂ රන්දුල අබේවීර සහ ජනාධිපති පෞද්ගලික ලේකම් සැන්ඩ්‍රා පෙරේරා යන මහත්ම මහත්මීහු මෙම සංචාරයට එක්වන අතර ජනාධිපතිවරයාගේ පිලිපීන නිල සංචාරයට මහා භාණ්ඩාගාර ලේකම්වරයා ද එක්වීමට නියමිතය. එමෙන්ම පිලිපීන නිල සංචාරය සඳහා දිනුක් කොළඹගේ සහ රන්දුල අබේවීර යන මහත්වරුන් සහභාගී නොවනු ඇති.
2022-09-25T13:27:18.000Z
A/L සිසුන්ට ජනපති අරමුදලින් මසකට රු. 5,000ක ශිෂ්‍යාධාරයක්..
A/L සිසුන්ට ජනපති අරමුදලින් රු. 5000ක ශිෂ්‍යාධාරයක
COLOMBO (News 1st) – අ.පො.ස උසස් පෙළ හැදෑරීමට සුදසුකම් ලැබූ ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් ජනාධිපති අරමුදලින් මසකට රුපියල් 5,000ක ශිෂ්‍යාධාරයක් පිරිනැමීමේ වැඩසටහන නැවත ආරම්භ කිරීමට තීරණය කර තිබේ. ඒ අනුව, අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පළමු වරට පෙනී සිට එම විභාගය සමත්වූ පිරිසට ඒ සඳහා අයැදුම් කළ හැකියි. දිවයිනේ අධ්‍යාපන කලාප කාර්යාල 99ක් අතුරින් එක් කලාප කාර්යාලයකට සුදුසුකම් ලැබූ ශිෂ්‍යත්ව ලාභීන් 30 දෙනෙකු බැගින් කලාප 99 න් ශිෂ්‍ය ශිෂ්‍යාවන් 2,970 දෙනෙකුට මේ යටතේ ශිෂ්‍යත්ව පිරිනුමෙනු ඇති. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, එලෙස තෝරාගන්නා ශිෂ්‍යත්වලාභීන්ට අ.පො.ස. උසස් පෙළට පෙනී සිටින තෙක් මසකට 5,000ක බැගින් මාස 24ක උපරිම කාල සීමාවක් සඳහා එම මුදල ලබා දෙන බවය.
2022-09-25T13:19:39.000Z
කෝටි 3ක භාණ්ඩ තොගයක් නීතිවිරෝධීව ගෙන ආ හිමිනමක් කටුනායකදී අත්අඩංගුවට..
කෝටි 3ක භාණ්ඩ නීතිවිරෝධීව ගෙනආ හිමිනමක් අත්අඩංගුවට
COLOMBO (News 1st) – රුපියල් තුන් කෝටි දහ හතර ලක්ෂ හතලිස් දහසක් වටිනා භාණ්ඩ තොගයක් නීතිවිරෝධීව දිවයිනට රැගෙන ආ හිමිනමක් කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් විසින් ය. අදාළ භික්ෂූන් වහන්සේ රැගෙන ආ ගමන් මලු තුළ රුපියල් අනූ ලක්ෂයක් වටිනා ජංගම දුරකතන 218ක්, රුපියල් එක් කෝටි අනූ පන් ලක්ෂයක් වටිනා රන් බිස්කට් 08ක්, රුපියල් හය ලක්ෂ අසූ දහසක් වටිනා රන් කැබලි 06ක් සහ රුපියල් ලක්ෂ විසි දෙකක් වටිනා රන් මාල 02 ක් හමුවී තිබේ. 23 හැවිරිදි අදාළ හිමිනම ඕමානයේ සිට දිවයිනට පැමිණ තිබේ. නීතිවිරෝධීව ගෙන ආ භාණ්ඩ තොගය රාජසන්තක කර, අදාළ හිමියන් දඩ නියම කිරීමකින් තොරව නිදහස් කෙරිණි.
2022-09-25T12:15:22.000Z
මර්දනයට එරෙහිව විරෝධතාවයේදී අත්අඩංගුවට ගත් 82කට ඇප..
අත්අඩංගුවට ගත් 82කට ඇප..
COLOMBO (News 1st) – සමාජවාදී ශිෂ්‍ය සංගමය සංවිධානය කළ විරෝධතාවය අතරතුර අත්ඩංගුවට ගත් 82දෙනෙකු ඇප මත මුදා හැර තිබේ. මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ 79දෙනෙකු පොලිස් ඇප මතත්, තවත් 3 දෙනෙකු ශරීර ඇප මතත් මුදා හැරීමටයි. සමාජවාදි ශිෂ්‍ය සංගමය ඊයේ(24) දින සංවිධානය කළ විරෝධතාවය අතරතුර 82 දෙනෙකු අත්අඩංගුවට ගැනිණින. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, ඔවුන්ගෙන් ‍ඊයේ රාත්‍රියේත් ප්‍රකාශ සටහන් කර ගත් බවය. අත්අඩංගුවට ගත් පිරිස අතරට භික්ෂූන් වහන්සේලා දෙනමක්, පිරිමි පුද්ගලයින් 77 දෙනෙකු සහ කාන්තාවන් 04 දෙනෙකු ඇතුළත් විය.
2022-09-25T05:57:23.000Z
පිටියට සමුදුන් ටෙනිස් දැවැන්තයා..
පිටියට සමුදුන් ටෙනිස් දැවැන්තයා..
COLOMBO (News 1st) - ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා 20ක් දිනා සිටින, සුපිරි ටෙනිස් ක්‍රීඩක ස්විට්සර්ලන්තයේ රොජර් ෆෙඩරර් තරග බිමට දුන්නේ ය. ඒ, එංගලන්තයේ ලන්ඩන්හි පැවැති ලේවර් කුසලාන තරගාවලියට එක් වෙමිනි. වසර ගණනක් ටෙනිස් පිටිය වර්ණවත් කර තරග බිමට සමුදුන් ෆෙඩරර්ට උපහාර දැක්වීමට සර්බියාවේ නොවැක් ජොකොවිච්, ස්පාඤ්ඤයේ රෆායල් නඩාල් ඇතුළු සුපිරි ටෙනිස් ක්‍රීඩකයින් රැසක් පැමිණ සිටියේ ය.
2022-09-25T05:54:16.000Z
උතුරු කොරියාව, තවත් බැලැස්ටික් මිසයිලයක් අත්හදාබලයි..
උතුරු කොරියාව,බැලැස්ටික් මිසයිලයක් අත්හදාබලයි
COLOMBO (News 1st) - උතුරු කොරියාව, තවත් බැලැස්ටික් මිසයිලයක් අත්හදා බලා තිබේ. දකුණු කොරියාව පවසන්නේ සිය නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුද දෙසට උතුරු කොරියාව අදාළ මිසයිලය දියත් කර ඇති බවය. ඒකාබද්ධ යුධ අභ්‍යසයක් සඳහා අමෙරිකානු ප්‍රහාරක ගුවන් යානා රැගත් නෞකාවක් දකුණු කොරියාවට සේන්දු වී ඇති පසුබිමක මෙය සිදුවීම විශේෂත්වයකි. තවදුරටත් එවැනි අත්හදා බැලීම් සිදුවිය හැකි බව, ජපාන ආරක්ෂක අංශ ද ප්‍රකාශ කර තිබේ. උතුරු කොරියාව න්‍යෂ්ටික අවි රාජ්‍යයක් ලෙස පසුගියදා ප්‍රකාශයට පත් කෙරිණි.
2022-09-25T05:50:13.000Z
දහම් පාසල් විෂය නිර්දේශය සංශෝධනයට සැලසුම්
දහම් පාසල් විෂය නිර්දේශය සංශෝධනයට සැලසුම්
COLOMBO (News 1st) - දහම් පාසල් විෂය නිර්දේශය සංශෝධනය කිරීමට බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශය තීරණය කර තිබේ. අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා සඳහන් කළේ, දහමට අනුව හික්මවූ මිනිසෙකු නිර්මාණය කිරීම සඳහා එලෙස දහම් පාසල් විෂය නිර්දේශය වෙනස් කරන බවයි. ආගමික ඉගැන්වීම් ප්‍රායෝගිකව පිළිපදින පුරවැසියෙකු නිර්මාණය කිරීමට ඉන් හැකියාව ලැබෙන බව ද විදුර වික්‍රමනායක මහතා ප්‍රකාශ කළේ ය. දැනට දහම් පාසල්වල පවතින්නේ වසර ගණනාවක් පැරණි විෂය නිර්දේශයකි. විෂය නිර්දේශය සංශෝධනය කිරීමට මේ වනවිට කමිටුවක් පත්කර ඇති අතර එහි ප්‍රධානත්වය බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් දරනු ලැබේ.
2022-09-25T05:46:12.000Z
පෝෂණ ගැටලු හඳුනා ගන්න දීප ව්‍යාප්ත සමීක්ෂණයක්
පෝෂණ ගැටලු හඳුනා ගන්න දීප ව්‍යාප්ත සමීක්ෂණයක්
COLOMBO (News 1st) - පෝෂණ ගැටලු හඳුනා ගැනීම සඳහා දීප ව්‍යාප්ත සමීක්ෂණයක් ආරම්භ කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. සෞඛ්‍ය අමාත්‍ය, ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කළේ, පසුගියදා දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් වාර්තා වූ සිදුවීම් පදනම් කරගනිමින් එම පියවර ගත් බවයි. ඒ සඳහා අවශ්‍ය පියවර ගන්නැයි නිලධාරීන්ට උපදෙස් දුන් බව ද අමාත්‍යවරයා සඳහන් කළේ ය. අමාත්‍යවරයා පැවසුවේ, අදාළ සමීක්ෂණයේ දත්ත පදනම් කරගනිමින් කඩිනමින් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට අපේක්ෂා කරන බවය.
2022-09-25T05:43:49.000Z
රෝමයේ එක්සත් ජාතීන්ගේ නියෝජිත ආයතන සඳහාවන අමෙරිකානු තානාපති අද දිවයිනට
සින්ඩි මැකේන් අද දිවයිනට
COLOMBO (News 1st) - රෝමයේ එක්සත් ජාතීන්ගේ නියෝජිත ආයතන සඳහාවන අමෙරිකානු තානාපති සින්ඩි මැකේන් මහත්මිය නිල සංචාරයක් සඳහා අද(25) දිවයිනට පැමිණීමට නියමිතය. මෙරට අමෙරිකානු තානාපති කාර්යාලය නිවේදනය කළේ, ඇය අද (25) සිට ලබන 28 වැනිදා දක්වා මෙරට රැඳී සිටින බවය. ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද ආහාර ආධාර වැඩසටහන් ඉස්මතු කිරීම සහ දෙරටේ දීර්ඝ කාලීන හවුල්කාරිත්වය ශක්තිමත් කිරීම, මැකේන් මහත්මියගේ ශ්‍රී ලංකා සංචාරයේ අරමුණයි. ඇය සිය සංචාරයේ දී ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනී, ජුලී චන්ග් මහත්මිය සමග මධ්‍යම පළාතේ පාසල්, කෘෂිකාර්මික පර්යේෂණ පහසුකම් ලබන පාර්ශ්ව සහ ප්‍රජා සංවිධාන වෙත ගොස් අදාළ ප්‍රතිලාභීන් සහ ක්‍රියාත්මක කරන්නන් හමුවීමට නියමිතය.
2022-09-25T05:36:06.000Z
ඉන්දියාවෙන් නැනෝ නයිට්‍රජන් පොහොර ‌ගෙන්වීම: විශේෂ විගණන වාර්තාව කෘෂිකර්ම අමාත්‍යාංශයට
නැනෝ පොහොර:විශේෂ විගණන වාර්තාව කෘෂිකර්ම අමාත්‍යාංශ
COLOMBO (News 1st) - ඉන්දියාවෙන් නැනෝ නයිට්‍රජන් දියර පොහොර ආනයනය පිළිබඳ සකස් කළ විශේෂ විගණන වාර්තාව, කරුණු විමසීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය වෙත යොමු කර තිබේ. විගණකාධිපති, ඩබ්ලිව්.පී.සී. වික්‍රමරත්න මහතා සඳහන් කළේ, කරුණු විමසීමෙන් අනතුරුව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සඳහා අදාළ වාර්තාව කඩිනමින් පාර්ලිමේන්තුවට යොමු කරන බවය. ‍ නැනෝ නයිට්‍රජන් දියර පොහොර ලීටර්, ලක්ෂ 21 කට ආසන්න ප්‍රමාණයක් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පසුගිය වසරේ ඇනවුම් කළේ ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ, ඉන්දීය ගොවි පොහොර සමූපකාර සමාගමෙනි. ඉන්දියාවේදී ඩොලර් 3 යි ශත 23 කට අලෙවි වූ නැනෝ දියර පොහොර මිලිලීටර් 500 ක්, ශ්‍රී ලංකාව මිලදී ගෙන තිබුණේ අමෙරිකානු ඩොලර් 12 යි ශත 45 කටයි. නැනෝ නයිට්‍රජන් පොහොර මිලිලීටර් 500 ක් සඳහා ඉන්දියාවේ සිල්ලර මිලටත් වඩා රුපියල් 1,867 ක පමණ වැඩිපුර අගයක් ගෙවීමට මේ හේතුවෙන් ශ්‍රී ලංකාවට සිදුවිය. මෙම මුදල සම්පූර්ණයෙන් ඇනවුම් කළ පොහොර සඳහා වැය කළේ නම් එවක එහි වටිනාකම අනුව එය ආසන්න වශයෙන් රුපියල් මිලියන 7,841 ක පමණ අමතර වියදමකි. මෙලෙස වැඩි මිලට නැනෝ නයිටජන් පොහොර ආනයනය පිළිබඳව එල්ලවූ චෝදනා හමුවේ විගණකාධිපතිවරයා මෙම විමර්ශනය ආරම්භ කර තිබේ. මේ අතර චීන කාබනික පොහොර සඳහා ඩොලර් මිලයන 6.9 ක් ගෙවීම පිළිබඳ විශේෂ විගණන වාර්තාවේ නිර්දේශ පිළිබඳව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සදහා කමිටුවක් පත් කිරිමට පියවර ගෙන ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවිර මහතා සඳහන් කළේ ය. අමාත්‍යවරයා සඳහන් කළේ, අදාළ ගැටලුව රාජ්‍ය ත්‍රාන්ත්‍රික මටට්මින් විසදා ගැනීම සඳහා විදේශ කටයුතු අමාත්‍යවරයා ද කමිටුවට ඇතුළත් කර ඇති බවයි.
2022-09-25T01:56:06.000Z
සමාජවාදී තරුණ සංගමයේ විරෝධතාව: 83ක් අත්අඩංගුවට ගැනීම පිළිබඳව මානව හිමිකම් කොමිසම කඩිනම් වාර්තාවක් කැඳවයි..
මානව හිමිකම් කොමිසමෙන් පොලිස්පතිට දැනුම් දීමක්
COLOMBO (News 1st) - සමාජවාදී තරුණ සංගමය සංවිධානය කළ විරෝධතාව අතරතුර පුද්ගලයින් 83 දෙනෙකු අත්අඩංගුවට ගැනීම පිළිබඳව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම කඩිනම් වාර්තාවක් කැඳවා තිබේ. මානව හිමිකම් කොමිසම සඳහන් කළේ, හෙට (26) පෙරවරුවේ අදාළ වාර්තාව සිය කොමිසම වෙත යොමු කරන්නැයි පොලිස්පතිවරයාට දැනුම් දුන් බවයි. දැනට අත්අඩංගුවට ගෙන සිටින පිරිසගේ තත්ත්වය පරීක්ෂා කිරීම සඳහා මානව හිමිකම් කොමිසමේ නිලධාරීන් අදාළ පොලිස් ස්ථාන වෙත යොමු කිරීමට පියවර ගෙන ඇත. මේ අතර විරෝධතාවය අතරතුර අත්අඩංගුවට ගත් 83 දෙනා අද (25) අධිකරණයට ඉදිරිපත් කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ, නිහාල් තල්දූව මහතා සඳහන් කළේ ය. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ,ඔවුන්ගෙන් ‍ඊයේ (24) රාත්‍රියේ ප්‍රකාශ සටහන් කර ගත් බවයි. සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ සෘජු අධීක්ෂණය යටතේ සිදුකිරීමට නියමිතය. මර්දනයට එරෙහිව සමාජවාදී තරුණ සංගමය සංවිධානය කළ සාමකාමී විරෝධතා පා ගමනක් අතරතුර අත්අඩංගුවට ගත් පිරිස අතරට භික්ෂූන් වහන්සේලා දෙනමක්, පිරිමි පුද්ගලයින් 77 දෙනෙකු සහ කාන්තාවන් 04 දෙනෙකු ඇතුළත් වේ. අත්අඩංගුවට ගත් පිරිස අතර සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක, එරංග ගුණසේකර මහතා ද වේ. අත්අඩංගුවට පත් පිරිස මේ වන විට සිටින්නේ මරදාන හා කොම්පඤ්ඤ වීදිය යන පොලිස් ස්ථානවලයි.
2022-09-25T01:48:16.000Z
විදේශ අමාත්‍ය අලි සබ්රි එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අමතයි
විදේශ ඇමති එ. ජා. මහා මණ්ඩලය අමතයි..
COLOMBO (News 1st) - විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා මෙරට වෙලාවෙන් අද (25) අලුයම 2.30 ට පමණ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඇමතුවේය. එහිදී ඔහු ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් දීර්ඝ පැහැදිලි කිරීමක් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය. පසුගිය 19 වැනිදා ආරම්භ වූ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 77 වැනි සැසිවාරයේ ඉහළ මට්ටමේ සාකච්ඡා වාරය 26 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය. ඊට සහභාගිවීමට ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවර වෙත ගොස් සිටින විදේශ අමාත්‍යවරයා, එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල නියෝජිත කණ්ඩායම් නායකයින් රැසක් හමුවී ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වා ඇත. අමෙරිකානු ජනාධිපතිවරයා පිරිනැමූ රාත්‍රී භෝජන සංග්‍රහයකදී, විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා ජනාධිපති ජෝ බයිඩ්න් මහතා සහ ජිල් බයිඩ්න් මහත්මිය හමුවිය. විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කළේ, අමාත්‍ය අලි සබ්රි මහතා බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂීක් හසීනා, එක්සත් ජනපදයේ දේශපාලන කටයුතු පිළිබඳ නියෝජ්‍ය රාජ්‍ය ලේකම්, වික්ටෝරියා නූලන්ඩ් ද හමුවී සාකච්ඡා කළ බවයි. සෝමාලියාවේ විදේශ කටයුතු සහ ජාත්‍යන්තර සහයෝගිතා අමාත්‍ය, අබ්සීර් ඕමාර් ජාමා, නැමීබියාවේ ජාත්‍යන්තර සබඳතා සහ සහයෝගීතා නියෝජ්‍ය අමාත්‍ය, ජෙනලි මාතුණ්ඩු, උස්බෙකිස්තානයේ විදේශ අමාත්‍ය ව්ලැඩිමීර් නොරොව්, සෞදි අරාබියේ විදේශ අමාත්‍ය ෆයිසාල් බින් ෆර්හාන් සහ ආර්මේනියාවේ විදේශ අමාත්‍ය අරත් මිර්සෝයාන් සමග ද විදේශ අමාත්‍යවරයා ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වා තිබේ. මෙම සංචාරය තුළදී අමාත්‍ය සබ්රි මහතා නොබැඳි ව්‍යාපාරයේ අමාත්‍ය රැස්වීම, ආසියාවේ අන්තර් ක්‍රියා සහ විශ්වාසය ගොඩනැගීමේ ක්‍රියාමාර්ග පිළිබඳ සමුළුවේ අමාත්‍ය රැස්වීම සහ චීනය විසින් සත්කාරකත්වය දරන ගෝලීය සංවර්ධන මුලපිරීමේ මිතුරන්ගේ කණ්ඩායමේ අමාත්‍ය රැස්වීම ද ආමන්ත්‍රණය කර තිබේ.
2022-09-25T00:54:43.000Z
ගෙවුණු දිනය උණුසුම් කළ පුවත්
ගෙවුණු දිනය උණුසුම් කළ පුවත්
COLOMBO (News 1st) - දේශීය පුවත් 01. හැමිල්ටන් රිසර්ව් බැංකුව ගොනු කළ නඩුව නිෂ්ප්‍රභ කරන්න – රජය එක්සත් ජනපද අධිකරණයෙන් ඉල්ලයි බැඳුම්කර ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් හැමිල්ටන් රිසර්ව් බැංකුව ගොනු කළ නඩුව නිෂ්ප්‍රභ කරන ලෙස ශ්‍රී ලංකා රජය එක්සත් ජනපද අධිකරණයෙන් ඉල්ලා සිටී. 02.ලබන දෙසැම්බර් වනවිට මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් ආණ්ඩුවක් පිහිටුවනවා – මහින්දානන්ද අලුත්ගමගේ ලබන දෙසැම්බර් වනවිට රටේ අර්බුදය අවසන් කර මහින්ද රාජපක්ෂ නායකත්වයෙන් ආණ්ඩුවක් පිහිටුවන බව හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි. 03.මොනවාද මේ අධි ආරක්ෂිත කලාප? රාජ්‍ය රහස් පණතේ දෙවන වගන්තිය යටතේ ජනාධිපතිවරයා විසින් කොළඹ ස්ථාන කිහිපයක් අධි ආරක්ෂිත කලාප ලෙස ප්‍රකාශයට පත් කිරීම පිළිබඳව මේ වනවිට සමාජයේ දැඩි අවධානයක් යොමු වී තිබේ. 04.මර්දනයට එරෙහි විරෝධතාවට එක් වූ 84ක් පොලිස් භාරයට.. – මර්දනයට එරෙහිව සමාජවාදී තරුණ සංගමය සංවිධාන කළ විරෝධතාවට එක් වූ 84ක් පොලීසිය භාරයට ගෙන තිබේ. 05.මුදල් ගෙවන තුරු ඉන්ධන නෞකා 04ක් කොළඹ වරායේ.. තවත් ඉන්ධන නෞකා 04ක් මේ වනවිට කොළඹ වරායට ළඟා වී තිබේ. විදෙස් පුවත් 01.ඉබෝලා වසංගතයෙන් උගන්ඩාවේ 04ක් මරුට.. ඉබෝලා ආසාදනයෙන් උගන්ඩාවේ පුද්ගලයින් 04 දෙනෙකු මියගොස් තිබේ.
2022-09-24T16:13:25.000Z
හැමිල්ටන් රිසර්ව් බැංකුව ගොනු කළ නඩුව නිෂ්ප්‍රභ කරන්න - රජය එක්සත් ජනපද අධිකරණයෙන් ඉල්ලයි
හැමිල්ටන් රිසර්ව් බැංකුවේ නඩුව ගැන ඉල්ලීමක්
COLOMBO (News 1st) - බැඳුම්කර ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් හැමිල්ටන් රිසර්ව් බැංකුව ගොනු කළ නඩුව නිෂ්ප්‍රභ කරන ලෙස ශ්‍රී ලංකා රජය එක්සත් ජනපද අධිකරණයෙන් ඉල්ලා සිටී. හැමිල්ටන් රිසර්ව් බැංකුව, ඩොලර් බිලියන 1 ක ස්වෛරී බැඳුම්කරයක් ගෙවීම පැහැර හැරීම පිළිබඳව නීතිමය පියවර ගත්තේ ය. බ්ලූම්බර්ග් වාර්තා කළේ, ණය පැහැර හැරීම සම්බන්ධයෙන් නිව්යෝර්ක්හි පවරා ඇති නඩුව නිෂ්ප්‍රභ කරන ලෙස ශ්‍රී ලංකා රජය ඉල්ලා ඇති බවය. News 1st කළ විමසීමකදී මුදල් අමාත්‍යාංශය තහවුරු කළේ, අදාළ නඩුව සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කළ බවය.
2022-09-24T14:59:17.000Z
සෞදි අරාබියේ 92 වැනි ජාතික දිනයට කොළඹදි උත්කර්ෂවත් උත්සවයක්
සෞදියේ ජාතික දිනයට කොළඹදී උත්කර්ෂවත් උත්සවයක්
COLOMBO (News 1st) - සෞදි අරාබියේ 92 වැනි ජාතික දිනය නිමිත්තෙන් එහි සැමරුම් උත්සවයක් ඊයේ (23) දිනයේ කොළඹදී පැවැත් විය. මෙම සැමරුම් උත්සවයට අමාත්‍ය අබ්දුලේලා ඔර්කෝබි මහතා, මෙරට සෞදි තානාපති කාලිද් හමව්ද් නාසර්අල් දසන් අල් කහ්ටානි මහතා හා රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්, කැබිනට් අමාත්‍යවරු, පාර්ලිමේන්තු නියෝජිතයන් ශ්‍රී ලංකා ව්‍යාපාරික ප්‍රජාව මෙන්ම පූජ්‍ය පක්ෂය ද මේ අවස්ථාවට එක් විය. ‍ සෞදි අරාබියේ සහ ශ්‍රී ලංකාවේ ජාතික ගීය ගායනා කිරීමත් සමග පිළිගැනීමේ උත්සවය ආරම්භ ආරම්භ වූ අතර සාම්ප්‍රදායික සෞදි ජන නැටුම්වලින් උත්සවය වර්ණවත් විය.
2022-09-24T14:54:06.000Z
මාස 8කට පසුව ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහළට..
ලෝක වෙළෙදපොළේ බොරතෙල් මිල පහළට
COLOMBO (News 1st) - ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් පහත වැටී තිබේ. ඒ, මාස 8 කට පසුවයි. රොයිටර් පුවත් සේවය වාර්තා කළේ, අමෙරිකානු වෙළෙඳපොළේ බොරතල් බැරලයක මිල 5.7% කින් පමණ පහළ ගොස් බැරලයක්, ඩොලර් 78.74 ක් ලෙස සටහන් වූ බවයි. බ්‍රිතාන්‍ය බ්‍රෙන්ට් වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක් 4% කින් පහළ ගොස් බැරලයක මිල සටහන් වුණේ, ඩොලර් 86යි සත 15ක් ලෙසය. පසුගිය මාස 12 ක කාලය තුළ තෙල් මිල ඉහළ යමින් තිබූ අතර පසුගිය පෙබරවාරි මාසයේ රුසියාව, යුක්‍රේන ආක්‍රමණය සිදු කිරීමත් සමග එය තවත් වේගවත් විය.
2022-09-24T14:38:55.000Z
ලබන දෙසැම්බර් වනවිට මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් ආණ්ඩුවක් පිහිටුවනවා - මහින්දානන්ද අලුත්ගමගේ
රාජපක්ෂ රජයක් බිහි කරනවා..
COLOMBO (News 1st) - ලබන දෙසැම්බර් වනවිට රටේ අර්බුදය අවසන් කර මහින්ද රාජපක්ෂ නායකත්වයෙන් ආණ්ඩුවක් පිහිටුවන බව හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂිකයින් දැනුවත් කිරීමේ වැඩසටහනක් අද මහනුවරදී පැවැත් විය. ඒ, නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ ප්‍රධානත්වයෙනි.
2022-09-24T14:27:02.000Z
මොනවාද මේ අධි ආරක්ෂිත කලාප?
මොනවාද මේ අධි ආරක්ෂිත කලාප?
COLOMBO (News 1st) - රාජ්‍ය රහස් පණතේ දෙවන වගන්තිය යටතේ ජනාධිපතිවරයා විසින් කොළඹ ස්ථාන කිහිපයක් අධි ආරක්ෂිත කලාප ලෙස ප්‍රකාශයට පත් කිරීම පිළිබඳව මේ වනවිට සමාජයේ දැඩි අවධානයක් යොමු වී තිබේ. මොනවාද මේ අධිආරක්ෂිත කලාප ? 1) පාර්ලිමේන්තු සංකීරණය පොල්දූව මංසන්දියේ සිට කතානායක නිල නිවස, කුඹක්ගහදූව පාර, රජමල්වත්ත පාර, පර්ලිමේන්තු ක්‍රීඩාංගණය කිඹුලාවල හන්දිය දක්වා කොටස, මාදිවෙල මන්ත්‍රී නිවාස, පින්නියර හන්දියේ සිට බැද්දගාන හන්දිය දක්වා වන ප්‍රදේශ දියවන්නා ජලාශය ද ඇතුළුව අධිආරක්ෂිත කළාපයට අයත්. 2) ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණය, මහාධිකරණ සංකීර්ණය, කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණ‍ය හා නීතිපති දෙපාර්තමේන්තුව වේල්ල වීදිය පාර, අලුත්කඩේ වීදිය, සාංචි ආරච්චි වත්ත පාර, පාර්සල් වට රවුම, ශාන්ත සෙබස්තියන් පාර හා මිහිදු මාවත දක්වා වන කොටත් මෙම කලාපයට ඇතුළත් කර තිබේ. 3) ජනාධිපති ලේකම් කාර්යාලය, ජනාධිපති මන්දිරය, නාවික හමුදා මූලස්ථානය හා පොලිස් මූලස්ථානය මෙම අධිආරක්ෂිත කලාපයට අයත් වන්නේ, චෛත්‍ය පාර දෙසින්, පොලිස් මූලස්ථානය දක්වා ප්‍රදේශය සහ බේරේ වැව, මෝගන් පාර, ජස්ටිස් අක්බාර් මාවත, බාලදක්ෂ මාවත, වෙරළ තීරයද ඇතුළත්ව ගාලු මුවදොර වටරවුම දක්වාවන ප්‍රදේශයයි. 4) අකුරගොඩ ආරක්ෂක අමාත්‍යාංශය හා යුද හමුදා මුලස්ථානය ආරක්ෂක අමාත්‍යාංශ මාවත, දියවන්නා උද්‍යාන මාවත, පාසල් මාවත, ඩී.ජී විජේසිංහ මාවත දක්වා වන කොටස් මෙම අධිආරක්ෂිත කලාපයට ඇතුළත් වේ. 5) ගුවන් හමුදා මූලස්ථානය බේරේ වැව, චිත්තම්පලම් ඒ. ගාර්ඩ්න් මාවත, මෝගන් පාර, ජස්ටිස් අක්බාර් මාවත, දක්වා වන ප්‍රදේශ අදාළ කලාපයට අයත්. 6) අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලය මල් පාර, ඇතුළත මල් පාර, 5වන පටුමග, 27 වන පටුමග දක්වා වන ප්‍රදේශ මෙම අධිආරක්ෂිත කළාපයට ඇතුළත් ය. 7) අරලියගහ මන්දිරය මෙම අධිආරක්ෂිත කලාපයට ඇතුළත් වන්නේ, ගාලු පාර රොටුන්ඩා හන්දියේ සිට පෙරහැර මාවත, අල්විස් හන්දිය දක්වාද, ධර්මපාල මාවත, කොල්ලුපිටිය දුම්රියපොළ මුහුදු තීරය, ලිබර්ටි වටරවුම, ගාලු පාරේ කොටස සහ කොල්ලුපිටිය හන්දිය දක්වා වන ප්‍රදේශයයි. 8) ආරක්ෂක ලේකම් හා ත්‍රිවිධ හමුදාපතිවරුන්ගේ නිවාස බෞද්ධාලෝක මවත, තුම්මුල හන්දිය, සම්බුද්ධත්ව ජයන්ති මාවත හන්දිය, දක්වා වන ප්‍රදේශ මෙම අධිආරක්ෂිත කලාපයට ඇතුළත් ය. ස්ටැමෝර් චන්ද්‍රවංකය, මැකෙන්සි පාර, පැජට් පාර හා මහගමසේකර මාවත ද මෙම ප්‍රදේශවයට අයත් ය. අදාළ ප්‍රදේශ තුළ පිහිටි තානාපති මුක්තීන් හිමි ස්ථාන අධිආරක්ෂිත කලාපයට ඇතුළත් වන්නේ නැත. මේ අධි ආරක්ෂිත කලාපවල තහනම් ක්‍රියා මොනවා ද? පොලිස්පතිවරයාගේ හෝ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරායගේ පුර්ව ලිඛිත අවසරයකින් තොරව මෙම ප්‍රදේශවල කුමන ආකාරයක හෝ ප්‍රසිද්ධ රැස්වීමක් පැවැත්වීම ඇතුළු ක්‍රියාකාරකම් රැසක් නොකළ යුතු බව අදාළ ගැසට් නිවේදනයේ සඳහන් ය.
2022-09-24T14:05:36.000Z
ප්‍රජාතන්ත්‍රවාදයට පටහැනි අමනෝඥා ක්‍රියා නවතා දමන්න - සර්ව පාක්ෂික අරගලකරුවන්
සර්ව පාක්ෂික අරගලකරුවන්ගෙන් නිවේදනයක්
COLOMBO (News 1st) - සමාජ මාධ්‍ය හා විද්‍යුත් මාධ්‍ය නියාමනය පිළිබඳ අධිකාරියක් ඇති කිරීමට කැබිනට් අනුකමිටුවක් පත් කිරීම ප්‍රජාතන්ත්‍රවාදය හැකිලීමක් බව සර්වපාක්ෂික අරගලකරුවන් අද (24) නිවේදනය කර තිබේ. ඔවුන් පෙන්වා දෙන්නේ, මෙය පුරවැසියන්ට ලබා දී ඇති අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය උල්ලංඝණය කරන ප්‍රජාතන්ත්‍රවාදය හකුලා දැමීමේ ළඳරු උත්සාහයක් බවය. වික්‍රමසිංහ ආණ්ඩුව මේ ගමන් කරන්නේ පොලිස් රාජ්‍යයකට නම් ඊට එරෙහි වීම සමස්ත සමාජයේම කාර්යක් බව ද ඔවුන් පෙන්වා දෙයි. ප්‍රජාතන්ත්‍රවාදයට පටහැනි අමනෝඥා ක්‍රියා නවතා දමන ලෙස රජයට බල කරන බව සර්ව පාර්ශික අරගලකරුවන් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
2022-09-24T12:29:00.000Z
මර්දනයට එරෙහි විරෝධතාවට එක් වූ 84ක් පොලිස් භාරයට..
විරෝධතා කළ 84ක් පොලිස් භාරයට..
COLOMBO (News 1st) - මර්දනයට එරෙහිව සමාජවාදී තරුණ සංගමය සංවිධාන කළ විරෝධතාවට එක් වූ 84ක් පොලීසිය භාරයට ගෙන තිබේ. මර්දනයට එරෙහිව සමාජවාදී තරුණ සංගමය සංවිධානය කළ විරෝධතා පාගමනක් විසුරුවා හැරීමට මරදාන ප්‍රදේශයේදී පොලීසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළේ ය. ඔවුන් පාගමන ආරම්භ කළේ, අරගලයට නව ජවයක්, තරුණ බලය යළි කොළඹට යන්න තේමා කර ගනිමිනි. කොළඹ ලිප්ටන් වටරවුම අසළින් විරෝධතා පාගමන අරම්භ වීමට සූදානම් වුවත් ඒ සඳහා අවසර දිය නොහැකි බව පොලීසිය එහිදී නිවේදනය කළේ ය.
2022-09-24T11:30:13.000Z
බිබිල නාගල වැවේ ගිලි පුද්ගලයෙක් මරුට
බිබිල නාගල වැවේ ගිලි පුද්ගලයෙක් මරුට
COLOMBO (News 1st) - බිබිල, නාගල විහාරස්ථානය අසළ වැවේ ගිලී පුද්ගලයෙකු මියගොස් තිබේ. පොලීසිය සඳහන් කළේ, වැවේ මල් කැඩීමට ගිය අවස්ථාවේදී ඔහු දියේ ගිලී මියගොස් ඇති බවයි. 62 හැවිරිදි මහියංගණය ප්‍රදේශයේ පදිංචි එම පුද්ගලයාගේ සිරුර මේ වනවිට මහියංගණය රෝහලේ තැන්පත් කර ඇත. මේ අතර පයාගල මුහුදේ දිය නෑමට ගිය තරුණයෙකු දිය පහරකට හසුව ගසාගෙන ගොස් ඇතැයි පොලීසිය ප්‍රකාශ කළේ ය. අතුරුදන් වූ 18 හැවිරිදි තරුණයා සොයා මෙහෙයුම් ක්‍රියාත්මකයි. පයාගල ප්‍රදේශයේ පැවති සාදයකට සහභාගි වීම සඳහා තවත් පිරිසක් සමග පැමිණි අවස්ථාවේ ඔහු එම අනතුරට මුහුණ පා තිබේ.
2022-09-24T10:12:07.000Z
මර්දනයට එරෙහි විරෝධතාවට ජල හා කඳුළු ගෑස් ප්‍රහාර
මර්දනයට එරෙහි විරෝධතාවට කඳුළු ගෑස් ප්‍රහාර
COLOMBO (News 1st) - මර්දනයට එරෙහිව සමාජවාදී තරුණ සංගමය සංවිධානය කළ සාමකාමී විරෝධතා පා ගමනක් විසුරුවා හැරීමට පොලීසිය අද (24) පස්වරුවේ ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දුව මහතා සඳහන් කළේ, විරෝධතාව අතරතුරදී භික්ෂුණ් වහන්සේලා දෙනමක් ඇතුළු පුද්ගලයින් 84 දෙනෙකු පොලීසිය භාරයට ගත් බවය. ඒ, අතරට කාන්තාවන් 4 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 78 දෙනෙකු ඇතුළත් වේ. අරගලයට නව ජවයක්, තරුණ බලය යළි කොළඹට - යන්න තේමා කර ගනිමින් විරෝධතා පා ගමන ආරම්භ කිරීමට සූදානම් කර තිබුණේ කොළඹ ලිප්ටන් වටරවුම අසළිනි. එහිදී පොලීසිය එම ස්ථානයට පැමිණ නිවේදනය කළේ, ඒ සඳහා අවසර දිය නොහැකි බවයි. කෙසේ වෙතත් පිරිස ලිප්ටන් වටරවුම අසළ විරෝධතාවයේ නිරත වී අනතුරු පා ගමනින් ඩීන්ස් පාර දෙසින් කොළඹ කොටුව දක්වා පැමිණීමට සූදානම් විය. පා ගමනට පොලීසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළේ, සෞඛ්‍ය අමාත්‍යාංශය ආසන්න ප්‍රදේශයේදීයි. අනතුරුව නැවත වතාවක් විරෝධතාකරුවන්ට ජල ප්‍රහාර එල්ල විය. විරෝධතාකරුවන් පිරිසක් මෙහිදී පොලිස් භාරයට ගැණුනි. මෙහිදී සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර මහතා ද පොලිස් භාරයට ගැණුනි. මේ අතර විරෝධතාවය අතරතුර තුවාල ලැබූ කිහිපදෙනෙකු කොළඹ ජාතික රෝහලට රැගෙන විත් තිබේ.
2022-09-24T09:53:45.000Z
ගල් අඟුරු මිලදී ගැනීමට නව ටෙන්ඩරයක්
ගල් අඟුරු මිලදී ගැනීමට නව ටෙන්ඩරයක්
COLOMBO (News 1st) - ගල් අඟුරු මිලදී ගැනීම සඳහා නව ටෙන්ඩරයක් කැඳවීමට විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය තීරණය කර තිබේ. ලබන සතියේ එම ටෙන්ඩරය කැඳවනු ඇති. ගල් අඟුරු මිලදී ගැනීම සඳහා පැවති ටෙන්ඩරය අවලංගු කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කළේ ය. ඒ, විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය කළ ඉල්ලීමක් අනුවයි.
2022-09-24T09:06:40.000Z
මුදල් ගෙවන තුරු ඉන්ධන නෞකා 04ක් කොළඹ වරායේ..
ඉන්ධන නෞකා 04ක් කොළඹ වරායේ..
COLOMBO (News 1st) – තවත් ඉන්ධන නෞකා 04ක් මේ වනවිට කොළඹ වරායට ළඟා වී තිබේ. විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සඳහන් කළේ, ඩීසල් නෞකා 02ක්,පෙට්ට්‍රල් නෞකාවක් හා බොරතෙල් නෞකාවක් එලෙස කොළඹ වරායේ නැංගුරම්ලා ඇති බවය. ඒවා සඳහා කඩිනමින් මුදල් ගෙවීමට කටයුතු කරන බව ද අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ය. මේ අතර, සති කිහිපයක් තිස්සේ කොළඹ වරායේ නැංගුරම්ලා තිබූ ඉන්ධන නෞකා 3කට පසුගියදා මුදල් ගෙවීමෙන් පසු එහි තොග ගොඩබෑම් මේ වනවිට ආරම්භ කර තිබේ.
2022-09-24T07:57:11.000Z
විශේෂඥ වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස 63 කිරීමේ යෝජනාව කැබිනට් මණ්ඩලයට..
විශේෂඥ වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ වෙයිද?
COLOMBO (News 1st) – විශේෂඥ වෛද්‍යවරුන්ගේ සේවා කාලය වසර 63 දක්වා දීර්ඝ කිරීමේ යෝජනාව සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයට කරුණු වාර්තා කරන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි. ඔහු ප්‍රකාශ කළේ, ඒ සම්බන්ධයෙන් ඊයේ විශේෂඥ වෛද්‍යවරුන් සමග සාකච්ඡා කළ බවයි. එහිදී ඔවුන්ගේ සැලසුම් සඳහා රාජ්‍ය සේවකයින් අවුරුදු 60න් විශ්‍රාම ගැන්වීමට රජය ගත් තීරණය බාධාවක් වී ඇති බව කරුණු සහිතව පෙන්වා දුන් බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය. මේ අතර, පසුගියදා නිවේදනයක් නිකුත් කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පැවසුවේ, රජයේ මෙම තීරණය හේතුවෙන් මේ වසර අවසානයේ විශේෂඥ වෛද්‍යවරුන් 300කට පමණ විශ්‍රාම යාමට සිදුවන බවය.
2022-09-24T07:54:51.000Z
නියමිත ප්‍රමිතියට අනුව නිෂ්පාදනය කළ ත්‍රිපෝෂ අඛණ්ඩව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල වෙත - ලංකා ත්‍රිපෝෂ සමාගම
නියමිත ප්‍රමිතියට සැදූ ත්‍රිපෝෂ අඛණ්ඩව..
COLOMBO (News 1st) – නියමිත පිරිවිතරයන්ට අනුව නිෂ්පාදනය කළ ත්‍රිපෝෂ අඛණ්ඩව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල වෙත බෙදාහරින බව ලංකා ත්‍රිපෝෂ සමාගම පවසයි. එහි සභාපති දීප්ති කුලරත්න මහතා සඳහන් කළේ, එම නිෂ්පාදන සමග ත්‍රිපෝෂ නිෂ්පාදනයට යොදා ගත් බඩඉරිඟු තොගයේ ඇෆ්ලටොක්සීන් ප්‍රතිශතය පිළිබඳ වාර්තාවක් ද යොමු කරන බවය. කෙසේ වෙතත් පවතින තත්ත්වය යටතේ සෞඛ්‍ය අමාත්‍යාංශය නිර්දේශ කර ඇති ප්‍රතිශතයන්ට අනුව ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා බඩ ඉරිඟු සොයා ගැනීමට අපහසු වී ඇති බව ඔහු ප්‍රකාශ කළේ ය. මේ අතර, ත්‍රිපෝෂ තොගයක ඇෆ්ලටොක්සීන් ප්‍රතිශතය නිසි ප්‍රමාණයට ඉක්මවා ඇති බවට කළ ප්‍රකාශය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය මෙහෙයවන විමර්ශනය තවදුරටත් ක්‍රියාත්මකයි. තම නිලධාරීන් කණ්ඩායමක් ද විමර්ශන කණ්ඩායමට ප්‍රකාශ ලබාදුන් බව සභාපතිවරයා ප්‍රකාශ කළේ ය. මේ අතර, සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කළේ, විමර්ශන වාර්තා ලැබුණු පසු ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවයි.
2022-09-24T07:21:50.000Z
ත්‍රීරෝද රථ කොල්ලකෑමේ නිරත අපරාධ කල්ලියක 5 දෙනෙකු අත්අඩංගුවට..
ත්‍රීරෝද රථ කොල්ලකෑ 5ක් අත්අඩංගුවට..
COLOMBO (News 1st) – ත්‍රීරෝද රථ කොල්ලකෑමේ නිරත වූ සංවිධානාත්මක අපරාධ කල්ලියක සැකකරුවන් 5 දෙනෙකු බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ, සැකකරුවන් හංවැල්ල, වැලිකඩ, මුල්ලේරියාව හා මීගොඩ යන ප්‍රදේශවලදී කුලී ගමන් යන මුවාවෙන් ත්‍රීරෝද රථවල නැගී ගොස් මගදී කඩු හා පිහි පෙන්වා රියැදුරන්ට පහරදී මුදල් රන් භාණ්ඩ හා ත්‍රිරෝද රථ කොල්ලකා ඇති බවය. ඔවුන් කොල්ලකන ලද ත්‍රීරෝද 2ක් හා අමතර කොටස් ද පොලිසිය භාරයට ගෙන තිබේ. එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, හංවල්ල, කොටිකාවත්ත, ඉඟිනියාගල, හා අංගොඩ ප්‍රදේශවල පදිංචි 22, 29 හා 30යන වයස්වල පසුවන පිරිසකි.
2022-09-24T01:47:33.000Z
බොරලැස්ගමුවේදී කාන්තාවක් ඝාතනය කෙරේ..
බොරලැස්ගමුවේදී කාන්තාවක් ඝාතනය කෙරේ..
COLOMBO (News 1st) – බොරලැස්ගමුව ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී කාන්තාවක් ඝාතනය කර තිබේ. පොලීසිය පැවසුවේ, බොරලැස්ගමුව විහාර මාවතේ තාවකාලිව පදිංචිව සිටි 34 හැවිරිදි කාන්තාවක් එලෙස ඝාතනයට ලක්ව ඇති බවය. හිතවතෙකු දුරකතන ඇමතුමක් ලබාදී සාදයකට පැමිණෙන්නැයි කළ දැනුම්දීමකට අනුව ඇය සිය සැමියා ද සමග යතුරුපැදියකින් ගොස් තිබේ. පොලිසිය පැවසුවේ, ඔවුන් දෙදෙනා බොරුපන පාලම අසළ රැඳී සිටියදී යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකුගෙන් එක් අයෙකු ඇයට තියුණු ආයුධයකින් පහරදී ඇති බවය. සිද්ධියෙන් බරපතල තුවාල ලැබූ කාන්තාව හා ඇයගේ සැමියා කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමේදී කාන්තාව මියගොස් තිබේ. පොලීසිය පැවසුවේ, පලායාමට උත්සාහ කළ යතුරුපැදිකරුවන්ගෙන් එක් අයෙකු ප්‍රදේශවාසීන් විසින් අල්ලාගෙන ඇති අතර ඔහු ද මේ වනවිට ප්‍රතිකාර සඳහා කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇති බවය.
2022-09-24T07:15:10.000Z
ඉබෝලා වසංගතයෙන් උගන්ඩාවේ 04ක් මරුට..
ඉබෝලා වසංගතයෙන් උගන්ඩාවේ 04ක් මරුට..
COLOMBO (News 1st) – ඉබෝලා ආසාදනයෙන් උගන්ඩාවේ පුද්ගලයින් 04 දෙනෙකු මියගොස් තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඉබෝලා ආසාදිතයින් 11 දෙනෙකු පසුගිය දින කිහිපය තුළ එරටින් වාර්තා වී ඇති බවයි. එරට කම්පාලා අගනුවරට බටහිර ප්‍රදේශයක සිදුවූ තවත් මරණ 7ක් ඉබෝලා බවට සැකකෙරන බව ද සඳහන් ය. කෙසේ වෙතත් එය තහවුරු කර ගැනීමට පරීක්ෂණ ක්‍රියාත්මකයි. 2018 සහ 2020 අතර කාලයේ එරට අසල්වැසි කොංගෝ රාජ්‍යයේ පුද්ගලයින් 2,000 කට ආසන්න සංඛ්‍යාවක් ඉබෝලා හේතුවෙන් මිය ගියේ ය.
2022-09-24T01:31:08.000Z
විශාල ප්‍රදේශයක් අධි ආරක්ෂිත කලාප ලෙස ප්‍රකාශයට පත් කිරීමට රාජ්‍ය රහස් පනතින් බලයක් නෑ - ශ්‍රී ලංකා නීතිඥ සංගමය
අධි ආරක්ෂිත කලාප ගැන නීතිඥ සංගමයෙන් නිවේදනයක්..
COLOMBO (News 1st) – ස්ථාන ගණනාවක් අධි ආරක්ෂක කලාප ලෙස නම් කරමින් ඊයේ (23) ජනාධිපතිවරයාගේ අත්සනින් අති විශේෂ ගැසට් පත්‍රයක් ප්‍රකාශයට පත් කෙරිණි. ඊට ප්‍රතිචාර දක්වමින් මීට ටික වේලාවකට පෙර ශ්‍රී ලංකා නීතීඥ සංගමය නිවේදනයක් නිකුත් කර තිබේ. ශ්‍රී ලංකා නීතිඥ සංගමය අවධාරණය කරන්නේ, විශාල ප්‍රදේශයක් අධි ආරක්ෂක කලාප ලෙස ප්‍රකාශයට පත් කිරීමට රාජ්‍ය රහස් පනතින් අමාත්‍යවරයාට බලයක් ලබා දී නොමැති බවය. රාජ්‍ය රහස් පනත යටතේ අධි අරක්ෂක කලාප ප්‍රකාශයට පත් කිරීම ගැන ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් හා ලේකම් ඉසුරු බාලපටබැදි මහත්වරුන්ගේ අත්සනින් නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය මේ බව අවධාරණය කළේ ය. එහි දැක්වෙන්නේ, 1955 අංක 32 දරණ රාජ්‍ය රහස් පනතේ දෙවන වගන්තිය යටතේ ජනාධිපති සහ ආරක්ෂක අමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා විසින් කොළඹ ඇතැම් ස්ථාන අධි ආරක්ෂක කලාප ලෙස නම් කිරීම ගැන සිය දැඩි කනස්සල්ල පල කරන බවය. ජනාධිපතිවරයාගේ එම නියෝගයෙන් අදහස් කරන්නේ, පොලිස්පතිවරයාගේ හෝ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගේ අවසරයකින් තොරව එවැනි අධි ආරක්ෂක කලාප තුළ පිහිටි භුමියක වෙරළ හෝ වෙනත් ප්‍රදේශයක මහජන රැස්වීම් හෝ පෙලපාලි සියල්ල තහනම් කිරීම වන බවය. නිසි බලධාරියා ලෙස ආරක්ෂක ලේකම්වරයා විසින් නිකුත් කරන ලද බලපත්‍රයක් යටතේ වාහන නැවැත්වීම සඳහා වෙන්කර නොමැති නම් එම කලාපය තුළ වාහන නැවැත්වීම ද තහනම් බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පෙන්වා දෙයි. රාජ්‍ය රහස් පනතේ දෙවන වගන්තිය යටතේ ඕනෑම ඉඩමක්, ගොඩනැගිල්ලක් නැවක් හෝ ගුවන් යානයක් තහනම් ස්ථානයක් ලෙස ප්‍රකාශයට පත්කිරීම ආරක්ෂක අමාත්‍යවරයාට බලතල හිමිවෙයි. එහෙත් විශාල ප්‍රදේශයක් අධි ආරක්ෂක කලාප ලෙස ප්‍රකාශයට පත් කිරීම අමාත්‍යවරයාට බලයක් ලබාදී නැතැයි ශ්‍රී ලංකා නීතිඥ සංගමය අවධාරණය කළේ ය. පනතේ දෙවන වගන්තිය යටතේ නියෝග නිකුත් කිරීමේ පරමාර්ථය වන්නේ, තොරතුරු වඩා හොදින් ආරක්ෂාකිරීම බවත් ආරක්ෂක කටයුතු සඳහා වන සංවිධාන, ආයතන හා උපකරණ සුරක්ෂිත කිරීම බවය. වෙනත් අරමුණු සඳහා දෙවන වගන්තිය යටතේ නියෝග කළ නොහැකි බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පෙන්වා දෙයි. එම නියෝග උල්ලංඝණය කරන පුද්ගලයින් රඳවා තබා ගැනීමේ විධිවිධාන සහිත එම නියෝග මගින් අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස, සාමකාමීව රැස්වීමේ නිදහස උල්ලංඝණය කරන බවත් එම සියල්ල ශ්‍රී ලංකාවේ ජනතාවට විරුද්ධත්වය දැක්වීමට ඇති අයිතියේ වැදගත් අංගයක් බව නීතිඥ සංගමය අවධාරණය කළේ ය. ඔවුන් වැඩිදුරටත් අවධාරණය කර සිටියේ, රාජ්‍ය රහස් පනත යටතේ අධි ආරක්ෂක කලාප පිහිටුවීමේ විධිවිධාන හොදින් අධ්‍යනය කර ජනතාවගේ මූලික අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම උදෙසා සුදුසු නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ශ්‍රී ලංකා නීතිඥ සංගමය කටයුතු කරන බවය.
2022-09-24T03:21:58.000Z
මැලේසියානු රැකියා දෙන බව පවසා අයැදුම්පත් හා තොරතුරු එක්රැස් කරන ජාවාරම්කරුවන්ට හසුවන්න එපා - මනූෂ නානායක්කාර
මැලේසියා රැකියා ජාවාරම්වලට හසුවන්න එපා..
COLOMBO (News 1st) – මැලේසියානු රැකියා දෙන බව පවසා අයැදුම්පත් හා තොරතුරු එක්රැස් කරන ජාවාරම්කරුවන්ට හසුනොවන ලෙස කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා ජනතාවට දැනුම් දෙයි. අමාත්‍යවරයා පැවසුවේ මැලේසියාවෙන් මෙරටට හිමිව ඇති රැකියා 10,000 සම්බන්ධයෙන් දැනටමත් ජාවාරම්කරුවන් විවිධ සම්බන්ධතාවන් හුවා දක්වමින් අයැදුම්පත් සහ තොරතුරු එකතු කිරීමට කටයුතු කරමින් සිටින බවයි. එලෙස මැලේසියාවේ රැකියා සඳහා යවන ශ්‍රී ලාංකිකයින්ගෙන් කොපමණ මුදලක් අය කරනවාද යන්න මෙතෙක් තීරණය කර නොමැති බව පැවසූ අමාත්‍යවරයා මැලේසියාවේ මානව සම්පත් ඇමතිවරයාගේ පැමිණීමෙන් පසුව ඒ සියල්ල තීරණය කෙරෙන බව සඳහන් කළේ ය. මේ අතර, මෙරටට ලැබෙන මැලේසියානු රැකියා 10,000 සඳහා සුදුසුකම් ලබන ශ්‍රී ලාංකිකයන්ට, මැලේසියානු ජාතිකයින්ට හිමි සියලු කම්කරු වරප්‍රසාද හිමි වන බවත්, මැලේසියාවේ අනුමත අවම වැටුප්ට වඩා වැඩි වැටුපක් හිමිවන බවත්, කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා සඳහන් කළේ ය.
2022-09-23T20:56:49.000Z
UPDATE: අහුංගල්ලේ වෙඩි තැබීමෙන් පුද්ගලයෙකු මරුට..
අහුංගල්ලේ වෙඩි තැබීමෙන් අයෙකු මරුට..
COLOMBO (News 1st) – අහුංගල්ල, බෝගහපිටිය ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබේ. වෙඩි තැබීමෙන් තවත් අයෙකුට තුවාල ද සිදුව ඇත. පොලිසිය පැවසුවේ, ඔවුන් මාර්ගයේ ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටියදී ඊයේ රාත්‍රියේ වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති බවයි. මියගොස් ඇත්තේ, වයස අවුරුදු 29 ක පුද්ගලයෙකි. තුවාල ලැබූ සෙසු පුද්ගලයා රෝහල්ගත කෙරිණි. පොලිසිය පැවසුවේ, ඒ සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ. පොලිසිය පැවසුවේ, ඒ සඳහා බෝර 12 වර්ගයේ ගිනි අවියක් යොදාගෙන ඇති බවට සැකකෙරෙන බවයි. වෙඩි තැබීම සිදු කළ පුද්ගලයින් සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැති බව පොලිසිය සඳහන් කළේ ය.
2022-09-24T01:47:45.000Z
විදෙස් ඇමති අද එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අමතයි..
විදෙස් ඇමති අද එ. ජා. මහා මණ්ඩලය අමතයි..
COLOMBO (News 1st) – විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා අද (24) එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඇමතීමට නියමිතව තිබේ. පසුගිය 19 වැනිදා ආරම්භ වූ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 77 වැනි සැසිවාරයේ ඉහළ මට්ටමේ සාකච්ඡා වාරය 26 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි. ඊට සහභාගිවීමට අමෙරිකාවේ නිව්යෝක් නුවර වෙත ගොස් සිටින විදේශ අමාත්‍යවරයා එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල නියෝජිත කණ්ඩායම් නායකයින් රැසක් හමුව ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වා තිබේ. අමෙරිකානු ජනාධිපතිවරයා පිරිනැමූ රාත්‍රී භෝජන සංග්‍රහයකදී, විදේශ අමාත්‍ය සබ්රි මහතා ජනාධිපති ජෝ බයිඩ්න් හා එම මහත්මිය හමුවිය. විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කළේ, අමාත්‍ය අලි සබ්රි මහතා බංග්ලාදේශ අගමැතිනි ෂීක් හසීනා, එක්සත් ජනපදයේ දේශපාලන කටයුතු පිළිබඳ නියෝජ්‍ය රාජ්‍ය ලේකම් වික්ටෝරියා නුලන්ඩ් මහත්මීන්ද හමුවී සාකච්ඡා කළ බවයි. සෝමාලියාවේ විදේශ කටයුතු සහ ජාත්‍යන්තර සහයෝගිතා අමාත්‍ය අබ්සීර් ඕමාර් ජාමා, නැමීබියාවේ ජාත්‍යන්තර සබඳතා සහ සහයෝගීතා නියෝජ්‍ය අමාත්‍ය ජෙනලි මාතුණ්ඩු, උස්බෙකිස්තානයේ විදේශ අමාත්‍ය ව්ලැඩිමීර් නොරොව්, සෞදි අරාබි රාජධානියේ විදේශ අමාත්‍ය ෆයිසාල් බින් ෆර්හාන්, සහ ආර්මේනියාවේ විදේශ අමාත්‍ය අරරත් මිර්සෝයාන් යන මහත්වරුන් සමග ද විදේශ අමාත්‍යවරයා ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වා තිබේ. විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කළේ,මෙම සංචාරය තුළ අමාත්‍ය සබ්රි මහතා නොබැඳි ව්‍යාපාරයේ අමාත්‍ය රැස්වීම, ආසියාවේ අන්තර් ක්‍රියා සහ විශ්වාසය ගොඩනැගීමේ ක්‍රියාමාර්ග පිළිබඳ සමුළුවේ අමාත්‍ය රැස්වීම සහ චීනය විසින් සත්කාරකත්වය දරන ගෝලීය සංවර්ධන මුලපිරීමේ මිතුරන්ගේ කණ්ඩායමේ අමාත්‍ය රැස්වීම ද ඇමතූ බවයි.
2022-09-24T01:20:41.000Z
නන්දිකඩාල්, නයාරු, සාම්බලතිව් කලපු වන සංරක්ෂිත කලාප බවට පත් කිරීමේ තීරණයක් - වනජීවි හා වන සංරක්ෂණ‍ අමාත්‍යාංශය
නන්දිකඩාල් කලපුව සංරක්ෂිත කලාපයක් කිරීමට සැලසුම්..
COLOMBO (News 1st) – නන්දිකඩාල්, නයාරු, සාම්බලතිව් කලපු වන සංරක්ෂිත කලාප බවට පත් කිරීමට තීරණය කර ඇතැයි වනජීවි හා වන සංරක්ෂණ‍ අමාත්‍යාංශය පවසයි. අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසුවේ , ජෛව විවිධත්වයෙන් අනූන සාම්බලතිව් කලපුව වන සංරක්ෂණ කලාපයක් ලෙස නම් කිරීම සඳහා දැනටමත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇති බවය. නයාරු සහ නන්දිකඩාල් කලපු දෙක ආරක්ෂා කර ගැනීමට කරුණු අධ්‍යයනය සඳහා විශේෂ කමිටුවක් පත් කිරීමට අමාත්‍ය මහින්ද අමරවීර මහතා පියවර ගෙන තිබේ. වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් චන්ද්‍රා හේරත්, ධීවර අමාත්‍යාංශයේ ලේකම් ඉන්දු රත්නායක මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක එම කමිටුවට වනජීවී දෙපාර්තමේන්තුව, කෘෂිකර්ම අමාත්‍යාංශය සහ ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතනයේ නියෝජිතයින්ද ඇතුළත් ය සති 02 ක් තුළ මේ සම්බන්ධ වාර්තාවක් ලබා දෙන ලෙසද අමාත්‍යවරයා දැනුම්දී තිබේ.
2022-09-24T01:19:21.000Z
මව් සතුන් ආනයනය පහළට: බිත්තර හිඟයක් ඇතිවිය හැකි බවට කුකුළු ව්‍යාපාරිකයින් අනතුරු අඟවයි..
බිත්තර හිඟයක් ඇතිවිය හැකි බවට අනතුරු ඇඟවීමක්..
COLOMBO (News 1st) – කුකුළු පාලනය සඳහා අවශ්‍ය මව් සතුන් ආනයනය පහළ යාම හේතුවෙන් ඉදිරියේදී බිත්තර හිඟයක් ද ඇතිවිය හැකි බව සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයින්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර මහතා පවසයි. ඔහු පැවසුවේ දැනට ගොවිපල සතු මව් සතුන් ද මස් පිණිස අලෙවි කෙරෙමින් පවතින බවය. කුකුළු පාලනය සඳහා අවශ්‍ය මව් සතුන් ආනයනය 80,000 සිට 10,000 දක්වා අවම වී ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. අමාත්‍යවරයා පැවසුවේ, ඒ තත්ත්වය යටතේ කුකුළු පාලන කර්මාන්තයේ අනාගතය පිළිබඳව සතුටු විය නොහැකි බවය.
2022-09-24T01:15:26.000Z
චීනයෙන් පරිත්‍යාග කළ අත්‍යවශ්‍ය ඖෂධ තොගයක් දිවයිනට..
චීනයෙන් පරිත්‍යාග කළ ඖෂධ තොගයක් දිවයිනට
COLOMBO (News 1st) – චීනය මෙරටට පරිත්‍යාග කළ අත්‍යවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය උපකරණ තොගයක් රැගත් චීන විශේෂ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය දිවයිනට පැමිණියේ ය. කටුනායක ගුවන්තොටුපොළ කාර්යභාර කළමනාකාරවරයා පැවසුවේ, චීනයේ බෙයිජිං නුවර සිට මෙම විශේෂ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය ඊයේ(23) රාත්‍රී දිවයිනට පැමිණි බවයි. වර්තමානයේ මෙරට පවතින ඖෂධ සහ වෛද්‍ය උපකරණ අවශ්‍යතාව සපුරාලීම සඳහා චීනය මෙම පරිත්‍යාග කර තිබේ.
2022-09-24T01:12:55.000Z
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්
දේශීය පුවත් 1.ගල් අඟුරු මිලදී ගැනීමේ ටෙන්ඩරය අවලංගු කිරීමට කැබිනට් අනුමැතිය.. – ගල් අඟුරු මිලදී ගැනීමේ ටෙන්ඩරය අවලංගු කිරීමට විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය කළ ඉල්ලීම මත කැබිනට් මණ්ඩලය අනුමැතිය දුන් බව අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. 2.IMF ණය පහසුකමේ පළමු වාරිකය මේ වසර අවසානයට පෙර ලබා ගැනීමට හැකිවෙයි – මහ බැංකු අධිපති – මේ වසර අවසන්වීමට පෙර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ණය පහසුකමට අදාළ පළමු වාරිකය ලබා ගැනීමට හැකිවනු ඇතැයි මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. 3.පොලිස්පති ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් 5කට නොතීසි – නොවැම්බර් 11 වැනි දා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් 5 දෙනෙකුට නොතීසි යැවීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (23) නියෝග කර තිබේ. 4.ස්ථාන කිහිපයක් අධිආරක්ෂක කලාප ලෙස ප්‍රකාශයට පත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක්– රාජ්‍ය රහස් පනතේ දෙවන වගන්තිය යටතේ ජනාධිපතිවරයා විසින් ස්ථාන කිහිපයක් අධිආරක්ෂක කලාප ලෙස ප්‍රකාශයට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. 5.විද්‍යුත් හා නව මාධ්‍ය නියාමනයට විකාශන අධිකාරියක් අවශ්‍යයි – ඇමති බන්දුලගෙන් කැබිනට් මණ්ඩලයට යෝජනාවක් – මැයි 9 වැනි දා සිදුවීම් මුල්කරගෙන පොලිස්පතිවරයා අත්අඩංගුවට ගෙන නඩු පැවරීමට පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු යෝජනා කරද්දී එම පක්ෂයේ මන්ත්‍රී ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විද්‍යුත් මාධ්‍ය නියාමනය සඳහා නව නීති පැනවිය යුතු බවට අමාත්‍ය මණ්ඩලයට යෝජනා කර තිබේ.
2022-09-24T01:11:17.000Z
පසුගිය සතියේ ආනයනය කළ සහල්වල බැර ලෝහ නෑ - සෞඛ්‍ය අමාත්‍යාංශය
පසුගිය සතියේ ගෙනා සහල්වල බැර ලෝහ නෑ..
COLOMBO (News 1st) – පසුගිය සතිය තුළ ආනයනය කළ සහල්වල බැර ලෝහ නොමැති බවට පරීක්ෂණවලදී අනාවරණ වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. එහි නිලධාරියෙකු පැවසුවේ, එලෙස ආනයනය කළ සහල්වලින් සාම්පල 120කට අධික සංඛ්‍යාවක් පරීක්ෂණ සඳහා යොමු කළ බවයි. ඉන් සාම්පල 35කම බැර ලෝහ අඩංගු නොමැති බවට අනාවරණවී ඇතැයි ඔහු පැවසුවේ ය. මේ අතර, ආනයනය කළ බඩඉරිඟු කන්ටේනර් ද පරීක්ෂාවට ලක් කළ බව සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ ය. සෙසු සාම්පලවල පරීක්ෂණ වාර්තා ලැබීමට නියමිතයි.
2022-09-23T16:36:49.000Z
අහුංගල්ලේ වෙඩි තැබීමක්
අහුංගල්ලේ වෙඩි තැබීමක්
COLOMBO (News 1st) - අහුංගල්ල, බෝපිටිය ප්‍රදේශය අද (23) රාත්‍රියේ වෙඩි තැබීමක් සිදු ව තිබේ. පොලීසිය පැවසුවේ, පුද්ගලයින් දෙදෙනෙක් තුවාල ලබා රෝහල්ගත කර ඇති බවයි.
2022-09-23T14:42:12.000Z
IMF ණය පහසුකමේ පළමු වාරිකය මේ වසර අවසානයට පෙර ලබා ගැනීමට හැකිවෙයි - මහ බැංකු අධිපති
IMF පළමු වාරිකය මේ වසර අවසානයට පෙර?
COLOMBO (News 1st) - මේ වසර අවසන්වීමට පෙර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ණය පහසුකමට අදාළ පළමු වාරිකය ලබා ගැනීමට හැකිවනු ඇතැයි මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. නමුත් ඔහු කියා සිටියේ, එය ණය හිමියන්ගේ සහයෝගය සහ සහතිකය මත රඳාපවතිනු ඇති බවයි. ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණයට සහය ගැනීම සඳහා එක්කරගත් ලසාර්ඩ් හා ක්ලිෆර්ඩ් චාන්ස් උපදේශන සමාගම් මූලික වී ණයහිමියන් සමග අද (23) විශේෂ සාකච්ඡාවක් සංවිධානය කර තිබුණි. මහ බැංකු අධිපතිවරයා සහ මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා එහිදී රටේ වත්මන් ණය තත්ත්වය පිළිබඳව ණය හිමියන් දැනුවත් කළ අතර ප්‍රතිව්‍යුහගතකරණ සැලසුම් ද සාකච්ඡාවට ලක් විය.
2022-09-23T14:23:01.000Z
ගල් අඟුරු මිලදී ගැනීමේ ටෙන්ඩරය අවලංගු කිරීමට කැබිනට් අනුමැතිය..
ගල් අඟුරු ටෙන්ඩරය අවලංගු කිරීමට කැබිනට් අනුමැතිය
COLOMBO (News 1st) - ගල් අඟුරු මිලදී ගැනීමේ ටෙන්ඩරය අවලංගු කිරීමට විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය කළ ඉල්ලීම මත කැබිනට් මණ්ඩලය අනුමැතිය දුන් බව අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. අමාත්‍යවරයා නිකුත් කළ ට්විටර් පණිවුඩයක සඳහන් වූයේ, නීතිමය ක්‍රියාවළියක් ආරම්භවීමත්, මුදල් ගෙවීම සම්බන්ධයෙන් සෑහීමකට පත්විය හැකි වගකීමේ සහතිකයක් නොලැබීමත් නිසා ටෙන්ඩරය ක්‍රියාත්මක කළ නොහැකිබව තෝරාගත් සැපයුම්කරු දැනුම්දී ඇති බවයි. ගල් අඟුරු තොග සඳහා සඳුදා මුදල් ගෙවීමට නොහැකි වුවහොත් ඔක්තෝම්බර් 25 වන දා සිට රටේ විදුලිය කප්පාදුව පැය 10 කට පමණ දීර්ඝ කිරීමට සිදුවනු ඇතැයි පාර්ශව කිහිපයක් ඊයේ ප්‍රකාශ කළේ ය. ප්‍රශ්නය උද්ගත වූයේ ගල් අඟුරු මිලදී ගැනීමේ දිගුකාලීන ටෙන්ඩරය සම්බන්ධයෙන් ඇති වූ අර්බුදයකි. ප්‍රශ්නය ඊයේ කැබිනට් මණ්ඩලයේ සාකච්ඡා කිරීමෙන් පසුව ටෙන්ඩරය අත්හිටුවා ලබන සතියේ නව ජාත්‍යන්තර ටෙන්ඩරයක් කැඳවීමට තීරණය කර තිබේ. කංචන විජේසේකර අමත්‍යවරයා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේ, එතෙක් දැනට ගල් අඟුරු සපයන සමාගම විසින් සැපයීමට ඇති නැව් 19 ට අත්තිකාරම් ගෙවා ලබා ගැනීමට තීරණය කළ බවයි. විදුලි ඉංජිනේරු සංගමය අනතුරු අඟවන්නේ නියමිත කාලසීමාවේ ගල් අඟුරු නොලැබුනොත් විදුලිය කපන කාලය දීර්ඝ කිරීමට සිදුවන බවයි. මේ අතර අදත් පැය 2 යි විනාඩි 20 ක් දිවයින පුරා කලාප වශයෙන් විදුලිය කප්පාදු කරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි. විදුලි බල මණ්ඩලය පැවසුවේ, A සිට L දක්වාත්, P සිට W දක්වාත් කලාපවලට දිවා කාලයේ පැයක් සහ රාත්‍රී කාලයේ පැය එකයි විනාඩි 20 ක් විදුලිය කප්පාදු කරන බවයි.
2022-09-23T14:09:14.000Z
පොලිස්පති ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් 5කට නොතීසි
පොලිස්පති ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 5 කට නොතීසි
COLOMBO (News 1st) - නොවැම්බර් 11 වැනි දා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් 5 දෙනෙකුට නොතීසි යැවීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (23) නියෝග කර තිබේ. ඒ, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කරන ලද නියෝගයක් නොසලකා හැරීමෙන් අධිකරණයට කරන ලද අපහාසය පිළිබඳ කරුණු විමසීමටයි. හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතාට එරෙහිව අසත්‍ය සාක්ෂි නිර්මාණය කළේ යැයි චෝදනා කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබූ එම දෙපාර්තමේන්තුවේ හිටපු පොලිස් පරීක්ෂක සුගත් මෙන්ඩිස් මහතාට වහාම හිඟ වැටුප් ගෙවන ලෙසට පසුගිය මැයි 08 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබුණි. එම නියෝගය අනුව වගඋත්තරකාර පොලිස්පතිවරයා ඇතුළු නිලධාරීන් කටයුතු කර නොමැති බව පෙන්වා දෙමින් නීතිඥ විරාන් කොරයා මහතා කළ කරුණු සලකා බැලු ප්‍රියන්ත ජයවර්ධ, ශිරාන් ගුණරත්න සහ මහින්ද සමයවර්ධන යන විනිසුරු මඩුල්ල එම නියෝගය කළේ ය. පොලිස්පති චන්දන වික්‍රමරත්න, නියෝජ්‍ය පොලිස්පති මහින්ද ගුණරත්න, නියෝජ්‍ය පොලිස්පති ජේ.එස්. වීරසිංහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එම්.එස්.එස් මෙන්ඩිස් හා සහකාර පොලිස් අධිකාරි ශාන්ත කුමාර යන නිලධාරීන් 5 දෙනාට එලෙස නොතිසි නිකුත් කෙරිණි.
2022-09-23T08:28:45.000Z
ස්ථාන කිහිපයක් අධිආරක්ෂක කලාප ලෙස ප්‍රකාශයට පත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක්
අධිආරක්ෂක කලාප ප්‍රකාශ කරමින් ගැසට් නිවේදනයක්
COLOMBO (News 1st) - රාජ්‍ය රහස් පනතේ දෙවන වගන්තිය යටතේ ජනාධිපතිවරයා විසින් ස්ථාන කිහිපයක් අධිආරක්ෂක කලාප ලෙස ප්‍රකාශයට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. එම ගැසට් නිවේදනයට අනුව පාර්ලිමේන්තු සංකීර්ණය අවට ප්‍රදේශය, ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණය, මහාධිකරණ සංකීර්ණය, කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණ‍ය හා නීතිපති දෙපාර්තමේන්තුව අවට ප්‍රදේශය, ජනාධිපති ලේකම් කාර්යාලය, ජනාධිපති මන්දිරය, නාවික හමුදා මූලස්ථානය හා පොලිස් මූලස්ථානය අවට ප්‍රදේශ ද අධිආරක්ෂක කලාප ලෙස නම් කර තිබේ. අකුරගොඩ ආරක්ෂක අමාත්‍යාංශය හා යුද හමුදා මුලස්ථානය, ගුවන් හමුදා මුලස්ථානය, අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලය, අරලිය ගහ මන්දිරය, ආරක්ෂක ලේකම් හා ත්‍රිවිධ හමුදාපතිවරුන්ගේ නිවාස පිහිටි ප්‍රදේශ ද මේ ගැසට් නිවේදනයට අනුව අධිආරක්ෂක කලාපයි. මෙම ගැසට් නිවේදනයේ අධි ආරක්ෂක කලාපයට ඇතුළත් වන ප්‍රදේශ ද නිශ්චිතව නම් කර තිබේ. පොලිස්පතිවරයාගේ හෝ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරායගේ පුර්ව ලිඛිත අවසරයකින් තොරව මෙම ප්‍රදේශවල කුමන ආකාරයක පෙරහැරක් හෝ ප්‍රසිද්ධ රැස්වීමක් පැවැත්වීම හෝ නොකළ යුතු බව ද අදාළ ගැසට් නිවේදනයේ සඳහන් ය. මෙම ගැසට් නිවේදනයට අනුව නියෝග ක්‍රියාත්කමක කිරීමේ නිසි බලධාරියා ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයායි. අධි ආරක්ෂිත කලාප පිළිබඳ අති විශේෂ ගැස⁣ට් නිවේදනය
2022-09-23T13:43:31.000Z
මැයි 9 සිද්ධීන්ට අදාළව පොලිස්පති අත්අඩංගුවට ගන්න - අමල් චින්තක මායාදුන්න
පොලිස්පති අත්අඩංගුවට ගන්න..
COLOMBO (News 1st) - පසුගිය මැයි 09 වැනි දා දිවයින පුරා සිදු වූ කලහකාරී සිදුවීම් සම්බන්ධයෙන් පොලිස්පතිවරයා අත්අඩංගුවට ගත යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අමල් චින්තක මායාදුන්නේ මහතා අද (23) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබේ. අමරකීර්ති අතුකෝරල මන්ත්‍රීවරයා පිළිබදව ශෝකය පළ කිරීමේ විවාදයට එක්වෙමින් මායාදුන්නේ මන්ත්‍රීවරයා ඇතුළු පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුම චෝදනා කළේ, පොලීසිය හා හමුදාව නිසි ක්‍රියාමාර්ග නොගැනීම නිසා මැයි 9 වැනි දා සිදුවීම් ඇති වූ බවයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පා.ම, මහින්දානන්ද අලුත්ගමගේ මහතා, මොන තරම් තුච්ච විදිහට ඒ මන්ත්‍රීවරයා ඝාතනය කළේ කියන එක සමාජ මාධ්‍ය තුළ අපි දැක්කා. සාමාන්‍යයෙන් සතෙක්වත් තිරිසනෙක්වත් ඝාතනය කරන්නේ නැති ආකාරයට තමයි අමරකීර්ති අතුකෝරල මන්ත්‍රීතුමාව ඝාතනය කළේ. අපි කියන්නේ නැහැ ගෝල්ෆේස් එකට ගිහිල්ලා ගහපු එක හරි කියලා කොහොම අවස්ථාවකවත්. මැයි මාසේ 9 වෙනිදා මේ ගෙවල් ටික ගිනි තියන්න, බස් ටික ගිනි තියන්න පුද්ගලයන් ඝාතනය කරන්න, මරන්න ජනතා විමුක්ති පෙරමුණ, පෙරටුගාමී පක්ෂය ඇතුළු පක්ෂ ගණනාවක් සංවිධානය වුණා. මේ සිදුවීම්වලට මේ රටේ ත්‍රිවිධ හමුදාවත් වග කියන්න ඕන. 9 වෙනිදා සිද්ධිය පාලනය කළේ නැහැ. ඒකට පොලිස්පතිවරයා, හමුදාපතිවරයා ඇතුළු ඒ සියලු දෙනා වගකියන්න ඕන. ඒ අය තමන්ගේ රාජකාරිය හරියට ඉෂ්ට කළේ නැහැ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පා.ම, ජයරත්න හේරත් මහතා, පොලීසිය නීතිය හා සාමය ආරක්ෂා කරන්න ඉන්න පොලීසිය ඔවුන්ගේ වගකීම හරියාකාරව ඉෂ්ට කෙරුවද කියලා අපි දැන් පසුවිපරමක් කරන්න වෙනවා. ඒ වගේම හැට නව ලක්ෂයක් ඡන්දෙ දීලා මේ රටේ බලයට පත් කරපු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාටත් වගකීමක් තියෙනවා, මේ රටේ නීතිය හා සාමය සුරක්ෂිත කරන්න. මේ සියල්ල හරියාකාරව කෙරුණ ද කියලා අපිට ප්‍රශ්නාර්ථයක් තියෙනවා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පා.ම, ඩබ්ලිව්.ඩී.ජේ සෙනෙවිරත්න මහතා, නීතිය උල්ලංඝණය කරපු උදවිය පොලීසියෙන් අත්අඩංගුවට අරගෙන ඉදිරිපත් කරපු වෙලාවල්වලදී සමහර නීතිඥවරුන් හැසිරෙච්චි ආකාරය ගැන අපි කනගාටු වෙනවා. නීතිඥ වෘත්තීය සම්පූර්ණයෙන් බිම දාලා පාගපු අවස්ථාවන් අපිට දැනගන්නට ලැබුණා උසාවිය නීතිඥවරු විසින්ම. විනිශ්චයකාරවරු බය වුණා. ඇයි නීතිඥවරු 50, 60 එක මනුස්සයා වෙනුවෙන් පෙනී හිටිනවා. ඒ නීතිඥවරයා දන්නේ නෑ. මොකද්ද මොහුට තිබෙන චෝදනාව. ඒ නීතිඥවරයා දන්නේ නැහැ මොහු වෙනුවෙන් ඉදිරිපත් කරන කරුණු කියලා. ඇයි ඔහුව ඒවාට සවන් දීලා නෙමෙයි, පේලියට ඇවිල්ලා අර පෙරහැරේ යන්න වගේ ඇවිල්ලා පෙනී ඉඳලා ඊට පස්සේ ඒ අයට ඇප ඉල්ලුවාම නීතිඥවරුත් බය වෙනවා. මොකද මගේ ගෙටත් ගිනි තියයි කියලා. ඉතින් ඇප දෙනවා. එහෙම ඇප දුන්නාම මොකද කරන්නේ නීතිඥවරු අත්පුඩි ගහනවා. උසාවියේ අත්පුඩි ගහනවා. ගොඩනැගිල්ලෙන් එළියට ගියාම උසාවිය බිම තුළදීම මල් මාලා දලා පිළි ගන්නවා. ඒවාටත් නීතිඥවරු සම්බන්ධ වෙලා තියෙනවා. ඉතින් මේ විදිහට නීතිඥ වෘත්තිය ම විශාල විදිහට පහත් තත්ත්වයකට ඇද දැම්මා මේ කාලය තුළදී. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පා.ම අමල් චින්තක මායාදුන්න මහතා, පාස්කු ඉරිදා සිද්ධියත් එක්ක ගත්තහම හිටපු පොලිස්පතිව අත්අඩංගුවට අරගෙන නීතියේ රැහැනට ගෙනාවා නම් මේ පොලිස්පතිතුමාවත් අනිවාර්යෙන්ම නීතියේ රැහැනට ගේන්න ඕනි. මොකද හේතුව අමානුෂික විදිහට මනුස්සයෝ මරනකොට, ගෙවල් ගිනි තැබීම් කරනකොට, මංකොල්ලකෑම් කනකොට පොලිස් දෙපාර්තමේන්තුවේ ප්‍රධානීන් හැටියට එතුමා අහක බලන් හිටියා. දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට අණ දෙන්නේ නැහැ. ඒ නිසා ඒ වගකීම විශේෂයෙන් පොලිස්පතිවරයා එය දරන්න ඕන. ඒ වගේම යුද හමුදාපතිවරයා දරන්න ඕන. හිටපු යුධ හමුදාපතිවරයා. හොඳ වේලාවට පාර්ලිමේන්තු ක්වාටස්වල හිටියේ යුද හමුදාපතිතුමාගේ නැන්දම්මා. නැන්දම්මා හිටියේ නැත්නම් පාර්ලිමේන්තු ක්වාටස් වලටත් ගහලා. එතෙන්ට ආරක්ෂාව දාලා එතුමාට ආරක්ෂාව කරන්න පුළුවන්කමක් ලැබුණා. ඒ නිසා මම කියනවා මේ වගකීම්වලින් බැහැර වෙන්න බැහැ. මේ වෙනකොටත් ඔය පොලිස්පතිතුමාගේ ඔය පොලිස් පත්වීම පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. මේ වෙනකොටත්. ඔහුගේ උපාධිය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. තව නොබෝ කාලයකින් මම මේ ගරු පාර්ලිමේන්තුවටත් එතුමාගේ ඔය පත්වීම පිළිබඳවත් මම කතා කරනවා. ඒ නිසා අපි කියනවා මේ රටේ සාමය ආරක්ෂා කරන ඉහළම නිලධාරීන් ඉහළම පුරුක පොලිස්පති නම් ඒ වගකීම ඉෂ්ට කරාද කියන එක අපිට ප්‍රශ්නයක් වෙලා තියෙනවා. පොලිස්පතිවරයා අත්අඩංගුවට අරගෙන නීතියේ රැහැනට ගෙන්න කියන කාරණාව මතක් කරමින් අමරකීර්ති මන්ත්‍රීතුමාගේ ඒ අවසානය වෙනුවෙන් එතුමාගේ අභාවය වෙනුවෙන් එතුමාට අජරාමර නිවන් සම්පත්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පශු සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.බී හේරත් මහතා, මේකේ මහමොළකරු තාමත් හැංගිලා ඉන්නවා. අපේ ආරක්ෂක අංශවලට මේක හොයන්න බැරි වුණා. මේ ආරක්ෂක අංශවල දුර්වලතාවය හින්දා තමයි අමරකීර්ති අතුකෝරල මැතිතුමා අපට අහිමි වුණේ. මහජනතාවගේ වැටුප් ලබන මහජනතාවට සේවය කරනවා කියලා දිවුරුම් දීලා ඒත් වගකීම් භාර ගත්ත උදවිය ඒ වගකීම හරියට ඉටු කළේ නැහැ. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා මේ පිළිබඳව හොයන්න කමිටුවක් පත් කළා. කමිටුව දුන්නා තීන්දුවක් මේ රටේ ආරක්ෂක අංශ ස්වකීය වගකීම හරියට ඉටු කළේ නැහැ කියලා. එහෙම කමිටුවක් දීලා තියෙද්දි තාමත් මේ වෙනුවෙන් වගකිවයුතු නිලධාරීන් ඒ පුටුව ඒ විදිහටම ඉන්නවා. මේක බරපතළ ප්‍රශ්නයක්. හරි නම් කවුරුවත් අස් කරන්න ඉස්සෙල්ලා මේගොල්ලො ඉල්ලා අස් වෙන්න ඕන